date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2022-10-13T05:21:02.000Z | 20/20 කාන්තා ආසියානු කුසලාන අවසන් තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි.. | ශ්‍රී ලංකාව කාන්තා ආසියානු කුසලාන අවසන් තරගයට.. | COLOMBO ( News 1st ): ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වසර 14කට පසුව අද (13)ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේය. ඒ, පකිස්ථානය සමග පැවති අවසන් පූර්ව තරගයෙන් තියුණු ජයක් ලබමින් ය. ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර දෙවැනි අවසන් පූර්ව තරගය අද පැවැත්වුණේ සිලෙට්හිදී ය. කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 2 ලකුණු 39කදී බිඳ වැටුණි. අනුෂ්කා සංජීවනී ලකුණු 26කි. නිලක්ෂි ද සිල්වා සහ හර්ෂිතා සමරවික්‍රම බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගුවේ තුන් වැනි කඩුල්ලට ලකුණු 50ක සබඳතාවක් සමගින් ය. නිලක්ෂි ලකුණු 14ක් රැස් කළ අතර හර්ෂිතා ලකුණු 35කි. හසිනි පෙරේරා ලකුණු 13ක් රැස් කළේ ය. නෂ්රා සන්ධු ලකුණු 17ට කඩුලු 3ක් දවාගත්තේ ය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 122ක් රැස් කළේ ය. පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි පකිස්ථානයේ මුල් පෙල කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 65කදී ය. මුනීබා අලී ලකුණු 18ක් රැස් කළ අතර සිද්රා අමීන් ලකුණු 9කට දැවී ගියේ ය. නායිකා බිස්මා මහරුෆ් සහ නයිඩා ඩාර් අතර පකිස්ථාන සිව්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 42කි. බිස්මා මහරුෆ් ලකුණු 42ක් රැස් කළේ ය. පකිස්ථාන 5 වැනි කඩුල්ල ලකුණු 110දී බිඳ වැටීමත් සමග තරගය තියුණු ස්වරූපයක් ගත්තේ ය. දක්ෂ පන්දු යැවීමක සහ පන්දු රැකීමක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හමුවේ පකිස්ථානයට තරගයේ ජය තහවුරු කර ගැනීමට හැකිවූයේ නැහැ. තරගයේ අවසන් පන්දුවේදී ලකුණු 26ක් රැස් කරගෙන සිටි නයිඩා ඩාර් ලබා දුන් උඩ පන්දුව යොවුන් ක්‍රීඩිකා කවීෂා දිල්හාරිගෙන් ගිලිහුණේ ය. කෙසේ නමුත් ගිලිහුණු පන්දුවෙන් දුවද්දී දැවී යාමකට පාකිස්ථානු ක්‍රීඩිකාවන් හසු කර ගැනීමට කවීශාගේ වේගවත් පන්දු රැකීමට හැකිවීමත් සමග ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයේ ස්ථානය තහවුරු විය. ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය එක් දින තරගාවලියක් ලෙස ක්‍රියාත්මක වූ අවධියේ 2008 වසරේදී ශ්‍රී ලංකාව අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගැනීමෙන් අනතුරුව අවසන් තරගයකට පිවිසි පළමු අවස්ථාව මෙය යි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තරගයේදී ලොකු පීඩනයක් තිබුණා. මං හැම වෙලාවෙම මගේ පන්දු යවන්නන් විශ්වාස කළා. ඔවුන් හොඳ අත්දැකීම් තිබෙනවා. මට ඉන්නේ අත්දැකීම් බහුල පන්දු යවන්නන් පිරිසක්. විශේෂයෙන්ම ඉනෝකා, අචිනි සහ ඕෂධී හොඳින් පන්දු යැව්වා. කවීෂාත් ඒ වගේමයි. අපි පිතිකරු ලැයිස්තුවේ වෙනස්කම් කිහිපයක් වගේ පොඩි පොඩි දේවල් කළා. අපි සතුටු වෙනවා මේ ජයග්‍රහණය ගැන. මොකද ජයග්‍රහණය කියන්නේ ජයග්‍රහණයට. අවුරුදු 14කට පස්සේ අපි ආසියානු කුසලාන තරගාවලියක අවසන් තරගයට යන්නේ. එය කණ්ඩායමක් විදහට වගේම රටක් විදිහටත් ගොඩාක් හොඳ දෙයක්. කවීෂා කියන්නේ යොවුන් ක්‍රීඩිකාවක්. ඇය පීඩනයට හොඳින් මුහුණ දුන්නා. උඩ පන්දුව ගිලිහුණත් ඇයට පුළුවන් වුණා දුවද්දී දැවී යාමක් ලබා ගන්න. එය ඉතාම හොඳ දෙයක්. තරගයේ වීරයා කඩුලු 2ක් දවා ගත් ඉනෝකා රණවීරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා ඉනෝකා රණවීර මං ගොඩක් සතුටුයි. ඒ වගේවම මට කියන්න ඕනේ මං මේ ලබා ගත්ත දේ මගේ කණ්ඩායමේ සහයෝගය. මං මේක ශෙයා කර ගන්න කැමතියි අචිනි කුලසූරිය එක්ක. පටන් ගත්ත දවසේ ඉදලා අපි කණ්ඩායමක් විදිහට ගොඩක් එකමුතුව හිටියා. මං හිතන්නේ ඒකේ ප්‍රතිඵලය තමයි මේක. තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බංග්ලාදේශයේ සිලෙට්හිදී අනිද්දා පැවැත්වීමට නියමිතය. |
2022-10-13T09:56:36.000Z | කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්... | කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්... | COLOMBO (News 1st) – කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (15) රාත්‍රී 10 සිට ඉරිදා උදෑසන 10 දක්වා පැය 12 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළඹ 02,03,04,05,07,08,09 සහ 10 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලැබේ. |
2022-10-13T09:52:27.000Z | නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත 15ක් දැලේ.. | නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත 15ක් දැලේ.. | COLOMBO (News 1st) – තහනම් දැල් භාවිත කරමින් නීති විරෝධීව ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 15 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. ඒ, යාපනය පේදුරුතුඩුව, අම්පන් සහ චුන්ඩිකුලම් යන මුහුදු ප්‍රදේශවලදී ය. ඩිංගි යාත්‍රා 6ක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැඩිදුර විමර්ශන සඳහා යාපනය ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාරදී තිබේ. වසරේ මේ දක්වා කාලය තුළ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරතවීමේදී නාවික හමුදා භාරයට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 396 කි. |
2022-10-13T05:23:32.000Z | දිස්ත්‍රික්ක 10ක ඩෙංගු අධිඅවදානමක් | දිස්ත්‍රික්ක 10ක ඩෙංගු අධිඅවදානමක් | COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක 10 ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ, කළුතර, මහනුවර, ගම්පහ, මාතලේ, ගාල්ල, යාපනය, මුලතිව්, පුත්තලම හා කෑගල්ලයි. මෙම දිස්ත්‍රික්කවලින් පසුගිය සතියේ ඩෙංගු රෝගීන් 1,152 දෙනෙකු වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ වාර්තාවේ සඳහන් ය. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 59, 317 කි. |
2022-10-13T05:07:40.000Z | රාජ්‍ය ඇමති සනත් නිශාන්ත අත්අඩංගුවට ගන්නැයි නියෝග | සනත් නිශාන්ත අත්අඩංගුවට ගන්නැයි නියෝග | COLOMBO (News 1st) - අභියාචනාධිකරණය හමුවේ අද (13) දිනයේ පෙනී නොසිටීමේ චෝදනාව මත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය මීට ටික වේලාවකට පෙර නියෝග කර තිබේ. පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සනත් නිශාන්ත මහතා අධිකරණයට හා මහේස්ත්‍රාත්වරුන්ට අපහාසවන අන්දමේ ප්‍රකාශයක් කළ බවට චෝදනා කරමින් අධිකරණ සේවා සංගමය හා නීතිඥවරුන් පිරිසක් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබුණි. පෙත්සම්වල සඳහන් පරිදි අධිකරණයට අපහාස කලැයි නැගෙන චෝදනාවට අදාළව දඬුවම් නියම නොකිරීමට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට අභියාචනාධිකරණය නියෝග කර තිබුණි. නිශ්ශංක බන්දුල කරුණාරත්න හා ආර්. ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද පෙත්සම් යළි විමසා බැලුණු අතර එහිදී සනත් නිශාන්ත මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. ඔහු අත්අඩංගුවට ගෙන වහා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළේ ඒ අනුවයි. |
2022-10-13T03:38:28.000Z | ශ්‍රී ලංකා - අයර්ලන්ත 20/20 පුහුණු තරගය අතහැර දමයි.. | ශ්‍රී ලංකා - අයර්ලන්ත පුහුණු තරගය අතහැර දමයි.. | COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබු පුහුණු තරගය අතහැර දමා තිබේ. ඒ, අහයපත් කාලගුණය හේතුවෙනි. අද(13) තරගය මෙරට වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණි. මීට පෙර ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව සහභාගි වූ පුහුණු තරගයෙන් ලකුණු 33ක ජයක් ලබා ගත්තේය. පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 16 වැනිදා ආරම්භ වීමට නියමිතය. එදින ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පළමු තරගය පැවැත්වෙයි. මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV තුළින් ඔබට සජීව ලෙස නැරඹිය හැකිය. |
2022-10-13T01:44:15.000Z | යුක්‍රේනයේ මිසයිල ආරක්ෂාව වැඩි කිරීමට නේටෝ රටවල් සැරසේ | යුක්‍රේනයේ මිසයිල ආරක්ෂාව වැඩි කිරීමට සැරසේ | News 1st - රුසියාවෙන් එල්ල වන ප්‍රහාර තීව්‍ර වීම මධ්‍යයේ යුක්රේනයේ මිසයිල ආරක්ෂාව වැඩි කිරීමට නේටෝ රටවල් සූදානම් වෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නේටෝ ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයින් විසින් යුක්‍රේනයට අධිතාක්ෂණික ගුවන් ආරක්ෂක අවි ලබා දෙන බව නිවේදනය කළ බවයි. ඒ අනුව එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය සහ නෙදර්ලන්තය ඇතුළු රටවල් ආයුධ සැපයීමට පොරොන්දු වී ඇති අතර මිසයිල සහ රේඩාර් පද්ධති ද ඊට ඇතුළත් ය. අමෙරිකාව සහ ජර්මනිය දැනටමත් යුක්‍රේනය සඳහා අවශ්‍ය අවි ආයුධ සපයා තිබේ. |
2022-10-13T01:32:07.000Z | නිදහස් අධ්‍යාපනයේ පියාණන් වූ කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 138 වැනි ජන්ම දිනය අදයි | කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 138 වැනි ජන්ම දිනය අදයි | COLOMBO (News 1st) - නිදහස් අධ්‍යාපනයේ පියාණන් වූ ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ 138 වැනි ජන්ම දිනය අදට (13) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වූ සැමරුම් උත්සවයක් අද (13) පැවැත්වෙන්නේ මතුගම, ඉත්තෑපාන ගලතර සණස ශ්‍රවණාගාරයේදීය. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන ක්‍රමය ආරම්භ කළේ, 1940 දශකයේදී ය. මෙරට සාමාන්‍ය ජනතාවගේ දූ දරුවන්ට අධ්‍යාපනය නිදහසේ ලබා ගැනීම සඳහා මහඟු අවස්ථාවක් හිමි කර දුන් කන්නන්ගර මහතා මෙලොව එළිය දුටුවේ, 1884 වසරේ ඔක්තෝබර් මස 13 වන දා ය. ඔහු ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. |
2022-10-13T01:22:29.000Z | අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ට වැඩි තද වැසි | අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ට වැඩි තද වැසි | COLOMBO (News 1st) - බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද දිනයේදී මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මේ අතර මුතූර්, කාමුවේදී ප්‍රදේශයේ පුද්ගලයෙකු අකුණු සැර වැදී මියගොස් තිබේ. කුඹුරක වැඩ කරමින් සිටියදී එලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර බේරුවල සිට ගාල්ල, හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමග සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 60 ත් 70 ත් අතර දක්වා ඉහළ යා හැකියි. එම මුහුදු ප්‍රදේශ භාවිත කිරීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම් දෙයි. |
2022-10-13T01:00:03.000Z | සංවිධානාත්මක අපරාධ මැඩලීමට විශේෂ වැඩපිළිවෙළක් | සංවිධානාත්මක අපරාධ මැඩලීමට විශේෂ වැඩපිළිවෙළක් | COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඒ සඳහා විශේෂ කණ්ඩායම් අනියුක්ත කර ඇති බවයි. |
2022-10-13T00:50:27.000Z | ගෝඨාභය රජයේ වැරදි ආර්ථික කළමනාකරණ තීන්දු ගැන විගණනයක් ඇරඹේ.. | ගෝඨාභය රජයේ වැරදි: විශේෂ විගණනයක් ඇරඹේ.. | COLOMBO (News 1st) - ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ ගත් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ නිසා ජනාතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක විභාගයට අවසර දෙමින් කළ නියෝගය මත විශේෂ විගණනයක් ආරම්භ කළ බව ජාතික විගණන කාර්යාලය පවසයි. විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා සඳහන් කළේ, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මත පදනම්ව අදාළ විමර්ශනය ක්‍රියාත්මක බවය. ඒ සඳහා නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් අනියුක්ත කර තිබේ. ඩොලරය රුපියල් 203 සීමාවේ පවත්වාගෙන යාම මෙන්ම ජාත්‍යන්ර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමේ ප්‍රමාදය, මේ වසරේ ජනවාරි 18 වැනි දා අමෙරිකානු ඩොලර් මිලියන 500ක ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීම සම්බන්ධයෙන් එහිදී විගණනයට ලක් කෙරෙනු ඇති. අදාළ විගණනයට අදාළ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ මහා භාණ්ඩාගාරයෙන් ලබා ගන්නා බව විගණකාධිපතිවරයා සඳහන් කළේ ය. |
2022-10-13T00:31:17.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | 1. අහුංගල්ල වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල - අහුංගල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. 2. හිටපු ජනපතිගේ රීට් පෙත්සමට අදාළ නියෝගය ලබන 14 වැනිදා - පාස්කු නඩුවක සැකකරුවකු ලෙස නම් කරමින්, කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමාව ලබන 14 වැනිදා අධිකරණයට කැඳවමින් නිකුත් කළ නොතීසි නියෝගය, බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර ඇති රීට් ආඥා පෙත්සම සම්බන්ධයෙන් නියෝගය ලබන 14 වැනිදා පෙරවරු 9.30 ට නිකුත් කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේ ය. 3. පාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමට සැලසුම් - පාසල් ළමුන්ගේ පෝෂණ ව්‍යාපෘති සඳහා ආධාර ලබා ගැනීමට විශේෂ අරමුදලක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 4. දුම්රිය ආරක්ෂාව දැඩි කෙරේ - දුම්රියවල ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 5. බොරතෙල් නැව දවස් 32ක් තිස්සේ මුහුදේ: ගෙවන්න ඩොලර් නැහැ.. – විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය - කොළඹ වරාය ආසන්නයේ නැංගුරම්ලා ඇති බොරතෙල් නෞකාවට මෙතෙක් මුදල් ගෙවීමට නොහැකි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. |
2022-10-12T12:27:16.000Z | අහුංගල්ල වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල | අහුංගල්ල වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල | COLOMBO (News 1st) - අහුංගල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු අද (12) දහවල් වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ 45 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකි. තුවාලකරු මේවන විට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි. පොලීසිය සඳහන් කලේ, ඔහුගේ පාදයට වෙඩි වැදී ඇති බවයි. වෙඩි තැඹීම සිදුවූ ස්ථානයේ තිබී T 56 වර්ගයේ උණ්ඩ 5ක් පමණ හමුවූ බව පොලීසිය සඳහන් කළේ ය. |
2022-10-12T12:16:10.000Z | හිටපු ජනපතිගේ රීට් පෙත්සමට අදාළ නියෝගය ලබන 14 වැනිදා | හිටපු ජනපතිගේ රීට් පෙත්සමට අදාළ නියෝගය ලබන 14 | COLOMBO (News 1st) - පාස්කු නඩුවක සැකකරුවකු ලෙස නම් කරමින්, කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමාව ලබන 14 වැනිදා අධිකරණයට කැඳවමින් නිකුත් කළ නොතීසි නියෝගය, බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර ඇති රීට් ආඥා පෙත්සම සම්බන්ධයෙන් නියෝගය ලබන 14 වැනිදා පෙරවරු 9.30 ට නිකුත් කිරීමට අභියාචනාධිකරණය අද (12) තීරණය කළේ ය. සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොළ යන විනිසරුමඩුල්ල එම නියෝගය නිකුත් කළේ, ඉදිරිපත් කළ පෙත්සම අද පස්වරුවේ සලකා බැලීමෙන් අනතුරුවයි. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ, ෆයිස් මුස්තාපා, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ එම පැමිණිල්ල ගොනුකළ සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා ඇතුළු පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ, රියන්සි අර්සකුලරත්න මහතා මෙන්ම නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිස්ටර් ජනරාල්, රෝහාන්ත අබේසුරිය මහතාද එහිදී දිර්ඝ ලෙස අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවේ ය. |
2022-10-12T04:32:13.000Z | තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි | චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි | News 1st - බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය ලබන වසරේ මැයි 6 වැනි දා සිදු කෙරෙන බව බකිංහැම් මාළිගය නිවේදනය කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වසර 900කට වඩා පැරණි දීර්ඝ සම්ප්‍රදායකට අනුව 73 හැවිරිදි චාල්ස් රජු ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී නිල වශයෙන් කිරුළු පැළඳීමට නියමිතව ඇති බවය. රජුගේ භාර්යාව වන 75 හැවිරිදි කැමිලා රැජිණ ද කිරුළු පැළඳීමට නියමිත බව මාළිගය තහවුරු කළේ ය. පසුගිය සැප්තැම්බර් 8 වැනි දා එළිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකුලව චාල්ස් කුමරු එරට රජු ලෙස නම් කරනු ලැබුවේ ය. |
2022-10-12T02:13:44.000Z | පාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමට සැලසුම් | පාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් අරමුදලක් | COLOMBO (News 1st) - පාසල් ළමුන්ගේ පෝෂණ ව්‍යාපෘති සඳහා ආධාර ලබා ගැනීමට විශේෂ අරමුදලක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අමාත්‍යාංශය සඳහන් කළේ, එම අරමුදල සඳහා දෙස් විදෙස් ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ආධාර කිරීමට හැකියාව පවතින බවයි. මෙම අරමුදලේ ප්‍රතිපාදන මගින් පාසල් ළමුන්ගේ පෝෂණ ගැටලු විසඳීම සඳහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරන බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. අදාළ අරමුදල පිහිටුවීම සඳහා කඩිනමින් කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිතය. |
2022-10-12T01:42:22.000Z | ප්‍රදේශ කිහිපයකට අද තද වැසි.. | ප්‍රදේශ කිහිපයකට අද තද වැසි.. | COLOMBO (News 1st) - මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. |
2022-10-12T01:29:24.000Z | දුම්රිය ආරක්ෂාව දැඩි කෙරේ | දුම්රිය ආරක්ෂාව දැඩි කෙරේ | COLOMBO (News 1st) - දුම්රියවල ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩි.එස්. ගුණසිංහ මහතා පැවසුවේ, දුම්රිය ආරක්ෂක නිලධාරීන් හා ප්‍රවේශ පත්‍ර පරීක්ෂකයින්ට ඒ සඳහා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවයි. ඒ අනුව කෙටි ගමන් සේවා දුම්රිය අහඹු ලෙස පරීක්ෂා කිරීමට නියමිතය. දුර ගමන් සේවා දුම්රියවලට දුම්රිය ආරක්ෂක නිලධාරීන් යොදවා ඇති බව ද ඔහු පැවසුවේ ය. මෑත කාලයේ දුම්රිය මගින්ගේ මුදල් හා ස්වර්ණාභරණ පැහැර ගැනීමේ සිද්ධි රැසක් වර්තා වීමත් සමග නව ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. ඒ සඳහා සිවිල් ආරක්ෂක බලකායෙන් ද සහය ඉල්ලා තිබේ. |
2022-10-12T01:20:59.000Z | තෑගි ලබා දෙන පවසා රු. කෝටියකට වැඩි මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට | කෝටියකට අධික මුදල් වංචාවක් කළ අයෙක් කොටු | COLOMBO (News 1st) - රුපියල් එක් කෝටි 16 ලක්ෂ 27, 175 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසිනි. සැකකරු සමාජ මාධ්‍ය භාවිත කරමින් තෑගි ලබා දෙන පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා එම මුදල් බැංකු ගිණුම් වෙත තැන්පත් කර ඇතැයි පොලීසිය පැවසීය. 30 හැවිරිදි සැකකරු අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අද (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. |
2022-10-12T01:14:43.000Z | යූරියා ටෙන්ඩරය ගැන ජවිපෙ සහ සජබ සමග අදත් සාකච්ඡාවට සූදානම් - මහින්ද අමරවීර | යූරියා ටෙන්ඩරය ගැන සාකච්ඡාවට සූදානම් | COLOMBO (News 1st) - යූරිය පොහොර මිලදී ගැනීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් තමන් අද (12) දිනයේත් ජනතා විමුක්ති පෙරමුණ හා සමගි ජන බලවේගයේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි. ඔහු සඳහන් කළේ, ඊයේ මේ පිළිබඳ සාකච්ඡා කිරීමට තමන් ඔවුන්ට ඇරයුම් කළ ද කිසිවෙකුත් නොපැමිණි බවයි. මේ අතර යූරියා පොහොර ආනයනය කිරීමේ ටෙන්ඩරය පිළිබඳ අභියාචනා මණ්ඩලය ඊයේ රැස්විය. එහි තීන්දුව අද තමන් වෙත ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. |
2022-10-12T01:01:03.000Z | බොරතෙල් නැව දවස් 32ක් තිස්සේ මුහුදේ: ගෙවන්න ඩොලර් නැහැ.. - විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය | බොරතෙල් නැවට ගෙවන්න ඩොලර් නැහැ | COLOMBO (News 1st) - කොළඹ වරාය ආසන්නයේ නැංගුරම්ලා ඇති බොරතෙල් නෞකාවට මෙතෙක් මුදල් ගෙවීමට නොහැකි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. පසුගිය මස 10 වැනි දා මෙරටට සේන්දු වූ මෙම නෞකාවෙන් බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මෙරටට රැගෙන එනු ලැබුවේ ය. ඒ අනුව මේ වනවිට එම නෞකාව මෙරටට ළඟා වී දින 32 කි. අමාත්‍යාංශය සඳහන් කළේ, රුසියාවෙන් ආනයනය කළ එක්ස්ටෝ නැමති මෙම බොරතෙල් මගින් ඩීසල් හා පෙට්‍රල් වැඩි වශයෙන් නිෂ්පාදනය කළ හැකි බවයි. මේ අතර මෙරටට ළඟා වූ මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් පෙට්‍රල් නෞකාවට මුදල් ගෙවීමෙන් අනතුරුව එහි තොග ගොඩබෑම මේ වනවිට ආරම්භ කර තිබේ. |
2022-10-12T00:40:21.000Z | සිසුන්ට පාසල් වේලාවෙන් පසු වෘත්තීය අධ්‍යාපනය | සිසුන්ට පාසල් වේලාවෙන් පසු වෘත්තීය අධ්‍යාපනය | COLOMBO (News 1st) - පාසල් කාලයෙන් අනතුරුව සිසුන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදීමේ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය ආරම්භ කර තිබේ. එහි අතිරේක ලේකම් මහින්ද යාපා මහතා පැවසුවේ, නියමු ව්‍යාපෘතිය ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 7 ක ආරම්භ කළ බවය. එම සිසුන්ට දිවා ආහාරය ලබාදීමට ද පියවර ගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කළේ, මීට සමගාමීව පාසල් වේලාවෙන් අනතුරුව සිසුන්ගේ විනෝදාස්වාදය සඳහා ද විවිධ වැඩසටහන් සකස් කර ඇති බවය. |
2022-10-11T08:00:29.000Z | ලාෆ්ස් ගෑස් මිල පහළට | ලාෆ්ස් ගෑස් මිල පහළට | COLOMBO (News 1st) - ලාෆ්ස් සමාගම ගෑස් මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500 කින් සහ කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් අඩුකර ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,300වන අතර කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,120 ලෙස නව මිල සටහන් වනු ඇති. |
2022-10-11T13:37:51.000Z | සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 33ක ජයක් | පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 33ක ජයක් | COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැති සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පුහුණු තරගය, ලකුණු 33 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් විය. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් සිම්බාබ්වේ ක්‍රීඩකයින් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේ ය. ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 188කි. කුසල් මෙන්ඩිස් පන්දු 29 කදී ලකුණු 54 ක් රැස් කළේ ය. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වනිඳු හසරංග හතරේ පහර 4 ක් සහ හයේ පහර 2ක් සමගින් පන්දු 14 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 37 කි. ලකුණු 189 ක ඉලක්කයන් හඹා ගිය සිම්බාබ්වේ ක්‍රීඩකයන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 155 ක් පමණි. සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් වෙස්ලි මධවේරේ ලකුණු 43 ක් රැස් කළේ ය. මහීෂ් තීක්ෂණ ලකුණු 44 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය. චාමික කරුණාරත්න ලකුණු 26 කට කඩුලු 2 යි. |
2022-10-11T11:22:14.000Z | පළමු බැඳුම්කර නඩුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10දෙනා නිදහස් | පළමු බැඳුම්කර නඩුවේ විත්තිකරුවන් 10දෙනා නිදහස් | COLOMBO (News 1st) - හිටපු මහ බැංකු අධිපති, අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඇතුළු පළමුවන බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති පොදු දේපොළ පනත යටතේ ගැනෙන චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට නිගමනය කළ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල, එම චෝදනාවලින් විත්තිකරුවන් 10 දෙනාව නිදහස් කිරීමට අද(11) නියෝග කළේ ය. ඒ විනිසුරු මඩුල්ල තුනෙන් දෙකක බහුතර තීන්දුවකිනි. චමත් මොරායස්, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන විනිසුරු මඩුල්ල හමුවේදී අද නඩුව කැඳවිය. එම නඩුවේ විත්තිකරුවකු ලෙස පර්පෙචුවෙල් ට්‍රේෂරීස් සමාගම ද නම් කර ඇති බවත්, භෞතික පුද්ගලයෙකු නොවන සමාගමකට පොදු දේපොළ පනත යටතේ චෝදනා ගොනු කිරීමේ නීතිමය හැකියාවක් නොමැති බවත්, විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ, ගාමිණි මාරපන මහතා අධිකරණයට මූලික විරෝධතාවයක් ගොනුකර තිබුණි. එම මූලික විරෝධතාවය අධිකරණය විසින් පිළිගැනීමෙන් අනතුරුව සෙසු විත්තිකරුවන් බහුතරයක් ද, එකී සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන බැවින් ඔවුනට එරෙහිව ද එකී චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තියෙන් විරෝධතා ඉදිරිපත් විය. ඒ අනුව පොදු දේපොළ පනත යටතේ නැගෙන චෝදනා නොමැතිව, සෙසු චෝදනා සම්බන්ධයෙන් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන දෙසැම්බර් 16 වැනිදා පැවැත්වීමට ද විනිසුරු මඩුල්ල දින නියම කළේ ය. 2015 වසරේ පෙබරවාරි 27 වැනිදා පැවති බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් මිලියන 688 ක පාඩුවක් රජයට සිදුකිරීම ඇතුළු අධිචෝදනා 23 ක් යටතේ එම නඩුව පවරා තිබිණි. ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන්, පත්තිනිගේ සමරසිරි, පර්පෙචුවෙල් සමාගම, අර්ජුන් ජෝෂප් ඇලෝසියස්, කසුන් පලිසේන, ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස්, පුෂ්ප චන්ද්‍ර ගුණවර්ධන, චිත්ත රන්ජන්, හුලුගල්ලේ මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්ධිය පුංචිහේවා එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබේ. |
2022-10-11T07:24:40.000Z | 2022 ICC 20යි 20 ලෝක කුසලානයේ නිල රූපවාහිනී විකාශන අයිතිය සිරස TV හිමිකර ගනී | 2022 ICC 20 යි 20 ලෝක කුසලානය සිරසෙන් | COLOMBO (News 1st) - 2022 ICC 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය MTV චැනල් පුද්ගලික සමාගමට හිමිවිය. ඒ අනුව, ඔක්තෝම්බර් 16 වැනිදා සිට නොවැම්බර් 13 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ තරග 45ක් යුත් සම්පූර්ණ තරගාවලිය සජීවීව සිරස TV ඔස්සේ විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන විශේෂ මාධ්‍ය හමුව අද (11) පෙරවරුවේ කොළඹදී පැවැත්විය. මෙම විශේෂ මාධ්‍ය හමුව සඳහා කැපිටල් මහරාජා සමූහයේ විධායක සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් මහතා සහ MTV ප්‍රධාන විධායක නිලධාරී නීතිඥ සුසාර දිනාල් මහතා ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී විය. |
2022-10-11T05:15:03.000Z | නීතිවිරෝධී ක්‍රම මගින් මුදල් ඉපයූ තරුණයෙක් අත්අඩංගුවට | නීතිවිරෝධීව මුදල් ඉපයූ තරුණයෙක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - නීති විරෝධී ක්‍රම මගින් අයථා ලෙස මුදල් ඉපයීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, එලෙස උපයාගත් මුදල් යොදවා රුපියල් ලක්ෂ 65 ක් වටිනා මෝටර් රථයක් සහ රුපියල් ලක්ෂ 250 ක් වටිනා ජීප් රථයක් මීලදී ගැනීමක් සම්බන්ධව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. මෙම පුද්ගලයාගේ පියා විසින් නීති විරෝධි ක්‍රම මගින් උපයා ගන්නා ලද මුදලින්, මෙම වාහන මිලදී ගෙන ඇති බව මෙහිදී අනාවරණය වී ඇත. ඒ අනුව 20 හැවිරිදි සැකකරු මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනතේ, වැරදී සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. සැකකරු අද(11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. |
2022-10-11T03:49:28.000Z | මහ කන්නයට අවශ්‍ය දියවර නිකුත් කිරීම ලබන 20 වැනිදා සිට - මහවැලි අධිකාරිය | මහ කන්නයට දියවර නිකුත් කිරීම 20 වැනිදා | COLOMBO (News 1st) - මහ කන්නයේ වී වගා කිරීම සඳහා මේ මස 20 වැනිදා ජලය නිකුත් කරන බව මහවැලි අධිකාරිය පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සංවර්ධන නෙවිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, වැලිකන්ද, ගිරාඳුරුකොට්ටේ, සහ කලාවැව යටතේ මහවැලි H කලාපයටත් ජලය නිකුත් කරන බවයි. ඊට අමතරව නාච්චාදුව සහ රාජාංගනය වැව් සඳහාද ජලය නිකුත් කරන බව ඔහු සඳහන් කළේ ය. කලාවැව මේ වන විට 85% ක් ප්‍රමාණයක් ජලයෙන් පිරි තිබේ. මෙවර හෙක්ටයාර් අනු හය දහස් හාරසිය තිස් අටක ප්‍රමාණයක වී වගා කිරීමට සැලසුම් කර ඇති බව නෙවිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ය. |
2022-10-11T03:26:08.000Z | යූරියා ටෙන්ඩර සම්බන්ධයෙන් ලැබී ඇති අභියාචනා විභාග කිරීම අද ජනපති කාර්යයාලයේදී | යූරියා ටෙන්ඩර: අභියාචනා විභාගය අද | COLOMBO (News 1st) - මහ කන්නයේ යූරියා පොහොර මිලදී ගැනීම සඳහාවූ ටෙන්ඩරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ඊයේ (10) දිනයේ තීරණයක් ගෙන නොමැත. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ටෙන්ඩරය සම්බන්ධයෙන් ලැබී ඇති අභියාචනා විභාග කිරීම සඳහා අද (11) දිනයේ ජනාධිපති කාර්යාලයේ දී අභියාචනා කමිටුව රැස්වී තීන්දුවක් ගන්නා බවයි. මේ අතර ලෝක බැංකු ණය යටතේ මිලදී ගැනීමට යෝජිත යූරියා පොහොර ටෙන්ඩරය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපලඥයින් හා වෘත්තීය සමිති සමග විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන තිබේ. යුරියා පොහොර මිලදී ගැනීමේ වැඩ පිළිවෙළේ යම් අඩුපාඩු ඇත්නම් ඒවා හඳුනා ගැනීමට හා කෘෂිකර්මාන්තයේ උන්නතිය උදෙසා ක්‍රියාත්මක වැඩ පිළිවෙළට අදාලව අදහස් හා යෝජනා ලබාගැනීම එම සාකච්ඡාවේ අරමුණවී තිබේ. අද(11) පෙරවරුවේ බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග ගොවි සංවිධානයේ ලේකම් පුංචිරාල රත්නායක මහතා පැවසුවේ, එළැඹෙන මහ කන්නය සාර්ථක කරගැනීමට නම් පොහොර සහ කෘෂි රසායන අත්‍යවශ්‍ය බවයි. |
2022-10-10T19:35:58.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | COLOMBO (News 1st) - දේශීය පුවත් 01.ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක්ට අධිචෝදනා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට කොළඹ මහ අධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේ ඊයේ (10) දින අධිචෝදනා භාර දී තිබේ. 02.තිළිණි ප්‍රියමාලි සතුව තිබී හමු වූ දුරකතනය CID යට මූල්‍ය වංචා හේතුවෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සන්තකයේ තිබී හමු වූ ජංගම දුරකතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) භාරදී තිබේ. 03.මාස 4කට පසු රුසියාව හා මෙරට අතර ගුවන් ගමන් යළිත්.. මාස 4කට පසු රුසියාව හා මෙරට අතර ගුවන් ගමන් ඊයේ (10)ආරම්භ විය. 04.එරික් සෝල්හයිම් දිවයිනට එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහතා ඊයේ (10) පස්වරුවේ දිවයිනට පැමිණියේ ය. 05.පළාත් කිහිපයකට මිලිමීටර් 100ක තද වැසි ඇතිවිය හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. |
2022-10-11T02:04:52.000Z | මෝටර් රථ රියැදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ.. | මෝටර් රථ රියැදුරු බලපත්‍ර ගාස්තුවල වෙනසක් | COLOMBO (News 1st) - මෝටර් රථ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. |
2022-10-10T11:43:53.000Z | එරික් සෝල්හයිම් දිවයිනට | එරික් සෝල්හයිම් දිවයිනට | COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එරික් සෝල්හයිම් මහතා අද (10) පස්වරුවේ දිවයිනට පැමිණියේ ය. ඒ, ඉන්දියාවේ චෙන්නායි සිටයි. ගුවන්තොටුපොළේ කාර්ය භාර කළමනාකාරවරයා සඳහන් කළේ, ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 271 දරන ගුවන් යානයෙන් අද පස්වරු 2.13 ට ඔහු කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ බවයි. එරික් සෝල්හයිම් මහතා පසුගිය යුධ සමයේ නෝර්වේ හි සාම නියෝජිතවරයා ලෙස ශ්‍රී ලංකාවට කීපවරක්ම පැමිණ තිබේ. |
2022-10-10T10:46:22.000Z | තිළිණි ප්‍රියමාලි සතුව තිබී හමු වූ දුරකතනය CID යට | තිළිණි ප්‍රියමාලි සතුව තිබී හමු වූ දුරකතනය CID යට | COLOMBO (News 1st) - මූල්‍ය වංචා හේතුවෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සන්තකයේ තිබී හමු වූ ජංගම දුරකතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) භාරදී තිබේ. බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක මහතා පැවසුවේ, ඊයේ රාත්‍රී 9.30 ට පමණ ඇය සන්තකයේ තබාගෙන සිටි දුරකතනය බන්ධනාගාර හදිසි ප්‍රතිකාර උපක්‍රමික බලකාය භාරයට ගෙන ඇති බවයි. ඒ සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. |
2022-10-10T10:42:23.000Z | ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක්ට අධිචෝදනා | ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක්ට අධිචෝදනා | COLOMBO (News 1st) - අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට කොළඹ මහ අධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේ අද (10) දින අධිචෝදනා භාර දී තිබේ. එලෙස අධිචෝදනා භාරදීමෙන් අනතුරුව අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු, සතොස හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකු වන කජා මොහිදීන් මොහොමඩ් සාකිර් යන විත්තිකරුවන් තිදෙනාව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබු පෙර ඇප මත මුදා හැරීමට ද විනිසුරුවරයා නියෝග කළේ ය. එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් එම අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් සහ විමර්ශන සිදුකිරීම සම්බන්ධයෙන් මුලික විරෝධතා ගොනු කිරීමට අපේක්ෂා කරන බව අධිකරණයට පෙන්වා දුන් අතර ඒ අනුව මුලික විරෝධතා ගොනු කිරීම සඳහා එම නඩුව නොවැම්බර් 01 දා යළි කැඳවීමට ද මහධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය. 2011 වර්ෂයේදී සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කොට දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීමෙන් රජයට අලාභයක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දුෂණ කොමිසන් සභාව විසින් එම විත්තිකරුන් තිදෙනාට එරෙහිව එම නඩුව පවරා තිබුණි. |
2022-10-10T09:38:08.000Z | ගාලු මුවදොර විරෝධය වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි | ගාලුමුවදොර විරෝධයට එරෙහි ඉල්ලීම ප්‍රතික්ෂේපයි | COLOMBO (News 1st) - අද (10) පස්වරුවේ ගාලු මුවදොරදී නීතිඥ සහ වෘත්තිකයින් පැවැත්වීමට සුදානම් කර ඇති විරෝධතාව නවත්වන්නැයි ඉල්ලා කොටුව පොලීසිය කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රත් තිලිණ ගමගේ මහතා ප්‍රතික්ෂේප කර තිබේ. නීතිඥවරුන්ගේ සහ වෘත්තිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා පෙන්වා දුන්නේ සාමකාමීව විරෝධතා දැක්වීම අනූල්ලංඝණීය අයිතිවාසිකමක් බවය. දේශපාලන පක්ෂ අවස්ථා ගණනාවකදී ගාලුමුවදොරට රැස්වී දේශපාලන රැස්වීම් පවත්වා ඇති බව ද ජනධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ ය. කරුණු සලකා බලමින් කොටුව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ, මෙම විරෝධතාවය සම්බන්ධයෙන් නීතිවිරෝධී හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන බවට සාක්ෂි නොමැති බවයි. අන්අයගේ අයිතීන්ට බාධාවක් නොවන අයුරින් උද්ඝෝෂණ කිරීමට බාධාවක් නොමැති බව පෙන්වාදුන් මහේස්ත්‍රාත්වරයා ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති වන්නේ නම් එය වැළැක්වීමට පොලීසියට බලය ඇති බව ද ප්‍රකාශ කළේ ය.. |
2022-10-10T07:26:25.000Z | මෙවැනි වාතාවරණයක් මීට පෙර දැක නැහැ - ගම්මැද්ද 2022 ක්‍රියාන්විතය | මෙවැනි වාතාවරණයක් මීට පෙර දැක නැහැ | COLOMBO (News 1st) – මෙරට ප්‍රමුඛතම ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියක් වන ගම්මැද්ද ක්‍රියාන්විතය මුළු රටම ආවරණය වන පරිදි 6 වන වරටත් ගෙයින් ගෙට යාමේ ක්ෂේත්‍ර චාරිකාව පසුගිය සතියේ ආරම්භ කළේ ය. පේරාදෙණිය සරසවිය හා එක්ව සිදු කරන මෙම ක්ෂේත්‍ර පරීක්ෂාව හරහා දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් තොරතුරු රැස් කරයි. ගම්මැද්ද ක්‍රියාන්විතයේ ප්‍රධානී ශෙවාන් ඩැනියෙල් මහතා මේ වනවිට ක්‍රියාත්මක ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය ගැන මෙලෙස අදහස් පල කළේ ය. ''අපගේ ස්වේචඡා කණ්ඩායම් හරහා ලැබෙන තොරතුරු ගැන අපි අවදානයෙන් පසුවනවා. ඒ තොරතුරු අසතුටුදායක විය හැකි බව අප දැන සිටියා. නමුත් දැන් අපිට භූමියේ සැබෑ තත්ත්වය හා සැබෑ සංඛ්‍යා දත්ත ලැබෙමින් පවතිනවා...'' ක්‍රියාන්විතය ආරම්භ වී ගත වී ඇති දින 5 තුළ ගම්මැද්ද කණ්ඩායම් ඔවුන් හමුවූ ජනතාව අතර දරිද්‍රතාවයෙන් පෙළෙන්නන්ගේ දැවැත්ත වර්ධනයක් වාර්තා කර තිබේ. ආදායම් අහිමි වීම, ජීවන වියදම සීඝ්‍ර ලෙස ඉහළ යාම හමුවේ පවුල් දැඩි අසීරුතාවයට පත්ව දෛනික වියදම් පවා කළමනාකරණය කර ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇත. පසුගිය දින කිහිපයේ මුලතිව්හි ගම්මැද්ද ගෙයින් ගෙට ගිය සාමාජිකයෙකු තම අත්දැකීම විස්තර කළේ මෙලෙසින්. ''අපට මුණ ගැසෙන බොහෝ දරුවන් පවසන්නේ ඔවුන් කුසගින්නෙන් පෙළෙන බවයි. එවැනි තත්ත්වයක් යටතේ අපිට ඔවුන් තනිකර යාම පවා අපහසු ය....'' '' ගම්මැද්ද ගෙයින් ගෙට ගමනේදී දැක ගැනීමට අපහසුම කරුණක් වූයේ තරුණ ප්‍රජාවට අවස්ථා අහිමි වීමයි. ඔවුන් නිකන්ම ගෙවල්වල. මෙය ලාංකීය ජාතියේ අනාගතය ගැන ඉතා භයානක තත්ත්වයකි. '' මෙය රත්නපුරයේ දී ගම්මැද්ද ගෙයින් ගෙට ගිය සාමාජිකයෙකු සිය අත්දැකීම විස්තර කළ අයුරුයි. ගම්මැද්ද වාර්ෂිකව දියත් කරන ගෙයින් ගෙට යාමේ ක්ෂේත්‍ර පර්යේෂණ ක්‍රියාන්විතයෙන් පසු සංඛ්‍යා දත්ත භාවිතා කරමින් වාර්තාවක් සකස් කරනු ලබයි. පසුව එය භාවිත කරමින් ප්‍රශස්ත මට්ටමේ ග්‍රාමිය සංවර්ධන හා ප්‍රජා ව්‍යාපෘති තෝරා ගැනීම සඳහා භාවිතා කරනු ලබයි. 100% ක්ම ශ්‍රී ලාංකීය ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතියක් වන ගම්මැද්ද මේ වනවිට මානුෂීය ක්‍රියාකාරකම් සඳහා වන නව්‍ය ප්‍රවේශයක් ලෙස ගෝලීය වශයෙන් පිළි ගැනීමට ලක් ව ඇති ව්‍යාපෘතියකි. ගම්මැද්ද ගෙයින් ගෙට යන ක්ෂේත්‍ර පර්යේෂණයේදී හඳුනා ගැනීමෙන් පසු අනුමත කරන ව්‍යාපෘති පමණක් ක්‍රියාත්මක කෙරේ. ඒ මෙරට වෙසෙන ලාංකිකයින්ගෙන් හා විදෙස් රටවල වෙසෙන ලාංකිකයින්ගෙන් ලැබෙන අරමුදල්වල දායකත්වයෙනි. ගම්මැද්ද ගෙයින් ගෙට ක්ෂේත්‍ර පර්යේෂණයේ දර්ශන සඳහා පිවිසෙන්න.. https://youtu.be/mUE3hinGIuc https://youtu.be/VmLQQiMtR1Y https://youtu.be/DNdA8nmCs88 https://youtu.be/apHZ8KsbNow https://youtu.be/5u3qI5KKE08 https://youtu.be/V3vfOrBgLDs |
2022-10-10T06:10:22.000Z | මාස 4කට පසු රුසියාව හා මෙරට අතර ගුවන් ගමන් යළිත්.. | රුසියාව හා මෙරට අතර ගුවන් ගමන් යළිත්.. | COLOMBO (NEWS1ST): මාස 4කට පසු රුසියාව හා මෙරට අතර ගුවන් ගමන් අද (10)ආරම්භ වෙයි. ඒ අනුව, අද පෙරවරුවේ රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් යානයක් මෙරටට ළඟා වීමට නියමිතය. සතියකට දින 2ක් එම ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ ය. අධිකරණ නියෝගක් අනුව රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් රඳවා ගැනීමට මෙරට බලධාරින් පියවර ගැනිමට විරෝධය පල කරමින් පසුගිය ජුනි මාසයේ සිට මෙරට සහ මොස්කව් අතර ගුවන්ගමන් අත්හිටුවනු ලැබුවා. රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් සේවාවට අයත් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේ පසුගිය ජුනි 02 වැනිදායි. ඒ, අයර්ලන්තයේ පිහිටි සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං ලිමිටඩ් නමැති සමාගම විසින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුවයි. ශ්‍රී ලංකා බලධාරීන් විසින් එරොෆ්ලොට් ගුවන් යානයක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය රුසියානු විදේශ අමාත්‍යාංශයට කැඳවා සිය අප්‍රසාදය පළ කර තිබුණි. |
2022-10-10T05:06:56.000Z | පළාත් කිහිපයකට මිලිමීටර් 100ක තද වැසි ඇතිවිය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව | පළාත් කිහිපයකට මිලිමීටර් 100ක තද වැසි.. | COLOMBO (NEWS1ST): ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. |
2022-10-10T02:25:45.000Z | දූෂණ මර්දන කොමිෂන් සභා පනත් කෙටුම්පත නීතිපති වෙත - අධිකරණ ඇමති - | දූෂණ මර්දන කොමිෂන් සභා පනත කෙටුම්පත නීතිපතිට.. | COLOMBO (News 1st) – දූෂණ මර්දන කොමිෂන් සභා පනත් කෙටුම්පත මේ වනවිට නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ , එහි ව්‍යවස්ථානුකුල භාවය තහවුරු කිරීම සඳහා නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවයි. ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත දූෂණ මර්දන කොමිෂන් සභාව හරහා අවශ්‍ය අවස්ථාවන්හි පරීක්ෂණ කටයුතු සඳහා අත්අඩංගුවට ගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවේ ය. |
2022-10-10T01:52:56.000Z | ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම්ලාභී රටක් බවට පත් කිරීමේ යෝජනාවක් අද කැබිනට් මණ්ඩලයට.. | ශ්‍රී ලංකාව ගැන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට.. | COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම්ලාභී රටක් බවට පත් කිරීමේ යෝජනාවක් අද(10) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ය. ඒ , ලෝක බැංකුවේම ශාඛාවක් වන ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) සහනදායි අරමුදල් ලබා ගැනීමේ අරමුණින් ය. මෙම තීරණය සඳහා සවිස්තරාත්මක හේතු දැක්වීමක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිත අතර ඉන් අනතුරුව ලෝක බැංකුව වෙත දැනුම් දීමට නියමිතයි. ජාත්‍යන්තර ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන බැංකුවෙන් (IBRD) ණය ලබා ගැනීමේදී මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර පැවතීම නොසුදුසු කමක් ලෙස සැලකීම ඊට හේතුවී තිබේ. මේ අතර, මහ කන්නය සදහා අවශ්‍ය යුරියා මෙට්‍රික් ටොන් එක් ලක්ෂ 25000 ක් ආනයනය කිරිමට අදාළ ටෙන්ඩර් අනුමැතිය සඳහා හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ලෝක බැංකු ආධාර යටතේ එම පොහොර තොගය ආනයනය කිරීමට නියමිත ය. මේ යටතේ පොටෑසියම් මෙට්‍රික් ටොන් 45000 ක් ගෙන්වීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කළේ ය. |
2022-10-10T01:45:31.000Z | IMF සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද.. | IMF සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද.. | COLOMBO (News 1st) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුලුව අද(10) අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ආරම්භ වේ. එම සමුලු ලබන 16 වැනිදා දක්වා පැවැත්විමට නියමිතයි. එම සමුලු සඳහා මෙරටින් 08 දෙනෙකුගෙන් යුත් මෙරට කණ්ඩායමක් සහභාගි වෙයි. එහි ප්‍රධානත්වය මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා දරණු ඇති. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ පෙලේ නිලධාරින් පිරිසක් මෙම දූත කණ්ඩායමට ඇතුළත් ය. |
2022-10-10T01:41:28.000Z | ජන අරගල විරු සැමරුමේදී පොලීසිය භාරයට ගත් පාසල් සිසුවෙකු මුදාහැරේ.. | ගාලු මුවදොරදී අත්අඩංගුවට ගත් සිසුවා මුදා හැරේ.. | COLOMBO (News 1st) – අරගලයේ විරුවන් සැමරුමේදී ඊයේ(09) පස්වරුවේ පොලිසිය භාරයට ගත් 16 හැවිරිදි සිසුවා මුදාහැර තිබේ. සෙසු පිරිස මේ වනවිටත් කොටුව පොලිස් ස්ථානයෙහි රඳවා තබාගෙන සිටී. ජන අරගල විරු සැමරුම ඊයේ පස්වරුවේ පැවැත්වුණේ, කොළඹ ගාලු මුවදොරදී ය. අරගලයේ සාමාජිකයින් පිරිසක් විසින් සංවිධාන කර තිබූ එම සැමරුම ආරම්භයේදීම පොලිසියෙන් බාධා මතු විය. එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර පසුව අදාළ පුද්ගලයින් පොලිස් භාරයට ගැණින. |
2022-10-10T01:39:45.000Z | ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි.. | ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි.. | COLOMBO (News 1st) – ලෝක මානසික සෞඛ්‍ය දිනය අදට(10) යෙදී තිබේ. සියලු දෙනාගේ මානසික සෞඛ්‍ය හා යහපැවැත්ම ගෝලීය ප්‍රමුඛතාවක් බවට පත් කරමු යන්නයි. ඒ වෙනුවෙන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ. පවතින අර්බුදකාරි වාතාවරණය හමුවේ මෙරට ජනතාවගෙන් 5% ත් 15% අතර සංඛ්‍යාවක් විශාදය සඳහා ප්‍රතිකාර ලබාගන්නා බව කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා සඳහන් කළේ ය. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසුවේ, මේ වනවිට මානසික උපකාරක සේවා සඳහා යොමුවන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි. |
2022-10-10T01:34:32.000Z | අද රජයේ නිවාඩුවක් නොවේ.. - රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ - | අද රජයේ නිවාඩුවක් නොවේ.. | COLOMBO (News 1st) – අද(10) රජයේ නිවාඩුවක් නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා පවසයි. කෙසේ සියලුම බැංකු හා කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ වසා තැබෙනු ඇති. ඒ, ඊයේ දිනට යෙදුන මිද් උල් නබි හෙවත් නබි නායකතුමාගේ උපන් දිනය වෙනුවෙන් ලබන අද විශේෂ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කර තිබීම හේතුවෙන් ය. |
2022-10-10T01:33:19.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | දේශීය පුවත් 1.පළාත් පාලන ආයතන ගැන ජනපතිගෙන් නිවේදනයක්.. - පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරිම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරිම් කාරක සභාව විසින් ලබන වසරේ ජූලි මාසය වන විට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2.ගාලු මුවදොර විරු සැමරුමේදී 5ක් අත්අඩංගුවට.. – අරගලයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් ගාලු මුවදොර පැවති විරු සැමරුමේදී පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. 3.බුවනෙක අලුවිහාරේ වැඩබලන අගවිනිසුරු ධුරයට - වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ බුවනෙක අලුවිහාරේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. 4.උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට.. – උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබේ. 5.දුරදිග ගිය පරණ කෝන්තරය ඝාතනයකින් කෙළවර වෙයි.. – නාවලපිටිය, ඉඟුරුඔය උතුර ප්‍රදේශයේදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. |
2022-10-09T16:39:46.000Z | පළාත් පාලන ආයතන ගැන ජනපතිගෙන් නිවේදනයක්.. | පළාත් පාලන ආයතන ගැන ජනපතිගෙන් නිවේදනයක්.. | COLOMBO (News 1st) – පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය ගැන තීරණය කිරීමට තේරිම් කාරක සභාවක් යෝජනා කරන බවත්, එම තේරිම් කාරක සභාව විසින් ලබන වසරේ ජූලි මාසය වන විට තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, වෘත්තීයවේදීන් සමග අද(09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ය. රටේ බහුතරය, පවතින දේශපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරන බැවින් ඔවුන් බලාපොරොත්තු වන දේශපාලන වෙනස ඇති කළ යුතු බවත්, ඒ අනුව මීළඟ මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන වන ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා සඳහා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කර “ජන සභා” වැඩසටහන ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය. එසේම ප්‍රාදේශීය සභාවේ විධායක බලය තනි සභාපති කෙනෙක් වෙනුවට සභාපති මුල්කරගත් කමිටුවකට ලබා දිය යුතු බව ද මීළඟ ප්‍රාදේශීය සභා මැතිවරණවලට පෙර මෙම සංශෝධන සිදු කිරීම සඳහා නීති කෙටුම්පත් සකස් කිරීමට කටයුතු කරන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ. දේශපාලන දූෂණයට ප්‍රධාන හේතුව මනාප ක්‍රමය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අප කඩිනමින් මනාප නැති ලැයිස්තු ක්‍රමය හෝ මිශ්‍ර ක්‍රමයක් සමඟ මැතිවරණ ක්‍රමයට යා යුතු බවත්, මැතිවරණයට වියදම් කරන මුදල් සඳහා ඡන්ද නීතිය මගින් සීමාවන් පැනවිය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය. |
2022-10-09T14:23:03.000Z | ගාලු මුවදොර විරු සැමරුමේදී 5ක් අත්අඩංගුවට.. | ගාලු මුවදොර විරු සැමරුමේදී 5ක් අත්අඩංගුවට.. | COLOMBO (News 1st) – අරගලයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් ගාලු මුවදොර පැවති විරු සැමරුමේදී පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. මෙම සැමරුම අද(09) පස්වරුවේ පැවැත්වුණේ කොළඹ, ගාලු මුවදොරදී ය. අරගලයේ සාමාජිකයින් පිරිසක් විසින් සංවිධාන කර තිබූ එම සැමරුම ආරම්භයේදී ම පොලිසියෙන් බාධා මතුවිය. |
2022-10-09T10:22:53.000Z | උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට.. | උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට.. | COLOMBO (News 1st) – උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පීලිපැනිමට ලක්ව තිබූ උත්තරදේවි නගරාන්තර දුම්රිය යළි පීලිගත කළ බවය. කන්කසන්තුරය සිට කොළඹ බලා ධාවනය වූ උත්තරදේවි දුම්රිය, තඹුත්තේගම හා සෙනරත්ගම අතරදී ඊයේ(09) උදෑසන පීලි පැනීමකට ලක්විය. ඒ හේතුවෙන්, උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබුණි. |
2022-10-09T10:21:14.000Z | පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි සමග අකුණු ඇතිවිය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව | පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි සමග අකුණු ඇතිවිය | COLOMBO (NEWS1ST): ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට 100mm පමණ තද වැසි ද ඇති විය හැකි බවයි. |
2022-10-09T09:26:12.000Z | බුවනෙක අලුවිහාරේ වැඩබලන අගවිනිසුරු ධුරයට | බුවනෙක අලුවිහාරේ වැඩබලන අගවිනිසුරු ධුරයට | COLOMBO (News 1st) - වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ බුවනෙක අලුවිහාරේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ඒ, අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදීයී. බුවනෙක අලුවිහාරේ මහතා වැඩබලන අගවිනිසුරු ධුරයට පත් කෙරුණේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විදෙස්ගත වීම හේතුවෙනි. ඒ අනුව ලබන 13 වැනිදා දක්වා බුවනෙක අලුවිහාරේ මහතා වැඩබලන අගවිනිසුරු ධුරයේ කටයුතු කරනු ඇති. |
2022-10-09T07:14:13.000Z | දුරදිග ගිය පරණ කෝන්තරය ඝාතනයකින් කෙළවර වෙයි.. | දුරදිග ගිය පරණ කෝන්තරය ඝාතනයකින් කෙළවර වෙයි.. | COLOMBO (News 1st) - නාවලපිටිය, ඉඟුරුඔය උතුර ප්‍රදේශයේදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, තුවාල සහිතව වැටී සිටි යුවලක් නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවය. ඉන් එක් අයෙකු මහනුවර ජාතික රෝහලේ වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මියගොස් ඇත්තේ නාවලපිටියේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි. පැරණි අමනාපයක් මත ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ප්‍රදේශයෙන් පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි. |
2022-10-09T06:26:31.000Z | නබිනායකතුමන්ගේ ජන්ම දිනය අදයි.. | නබිනායකතුමන්ගේ ජන්ම දිනය අදයි.. | COLOMBO (News 1st) - නබිනායකතුමන්ගේ ජන්ම දිනය අදට (09) යෙදී තිබේ. ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන් මෙම දිනය සමරන්නේ ඉමහත් බැතියෙනි. ක්‍රිස්තු වර්ෂ 571 දී නබිනායකතුමාගේ උපත සිදුවූයේ සෞදි අරාබියේ මක්කම නගරයේදීය. ආමිනාතුමියට හා අබ්දුල්ලා යන අයටදාව උපන් දරුවා මුහම්මද් විය. උපදින්ට පෙරම මෙම දරුවාගේ පියා මිය ගිය අතර වයස අවුරුදු 06 දී ඔහුගේ මව ද මියගියේ ය. කුඩා කළ නිසි අධ්‍යාපනයක් නොලද මේ දරුවා තරුණ වියේදී එඩේර ජීවිතයක් ගත කළ අතර පසුව ව්‍යාපාරිකයෙකු ලෙස විවිධ ප්‍රදේශවල සංචාරය කළේ ය. අන් අය අතර විශ්වාස ගොඩ නගාගත් එතුමන් අල් අමීන් හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන්ද ප්‍රචලිතයි. මුහම්මද්නබිතුමන්, සුවිශේෂි කරුණු මත අන් අය අතර ප්‍රචලිත වූ අතර ඉස්ලාම් දහම ලොවපුරා ව්‍යාප්ත කරමින් ඔහුට හතලිස් වැනි වියේදී අල්ලා දෙවියන්ගේ පණිවුඩකරුවීමේ වරම ලැබුණි. අනතුරුව අරාබිකරයේ ප්‍රජාව නිවැරදි මගට යොමු කිරීමට කටයුතු කළ එතුමන් වසර 23ක් තිස්සේ දෙවිදුන්ගෙන් ලැබුණු මෙහෙවර ඉටුකළේ ය. |
2022-10-09T04:21:01.000Z | බෞද්ධ ජනතාව මහත් බැතියෙන් සමරණ උතුම් වප් පොහොය දිනය අදයි...! | උතුම් වප් පොහොය දිනය අදයි...! | COLOMBO (News 1st) - බුද්ධත්වයෙන් සත්වන වස් කාලය තව්තිසා දෙව්ලොවඩ වැඩම කළ බුදුරජාණන්වහන්සේ නැවතත් වස් පවාරණය කොට මනුෂ්‍ය ලොවට වැඩම කළ දිනය වප් පොහොය ලෙස බෞද්ධ ඉගැන්වීම තුළ හඳුන්වනු ලබයි. බෞද්ධ දේශනාවේ සඳහන් වන පරිදි ,සිරිවර්ධන නම් තරුණයෙකු සමයේ මතුබුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදුරදුන් හමුවේ පැවැදි වීම සිදුවූයේද අදවන් වූ වප් පොහොය දිනයකදී ය. එසේම ඇසළ පොහොය දිනයේ දී වස් සමාදන් වූ සංඝයා වහන්සේලා පෙරවස් සමාදන්වන පොහොය දිනය ලෙසත් මේ වප් පොහොය දිනයේදී හැඳින් විය හැක. අදින් ඇරඹෙන ඉදිරි මාසයක කාලය තුළදී මුළු මහත් බෞද්ධ ජනතාව කඨින මහා පිංකම් කරමින් උතුම් කඨින පූජා පිංකම්වල නිරත වේ. උතුම් වූ වප් පොහොය දිනය වෙනුවෙන් දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථානවල ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් විවිධ පිංකම් සංවිධාන කර තිබේ. |
2022-10-09T04:18:27.000Z | ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් පවතින නීති වෙනස් වෙයිද? | ශබ්ද විකාශන යන්ත්‍ර ගැන ඇති නීති වෙනස් වෙයිද? | COLOMBO (News 1st) - ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් පවතින නීති, අධිකරණයට හමුවට ගොස් වෙනස් කරගන්නා බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය. ඇය මේ බව සඳහන් කළේ, වැලිගම ප්‍රදේශය කේන්ද්‍ර කරගමින් පැවති සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමිනි. |
2022-10-09T02:28:05.000Z | රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් සේවය අද සිට යළි ගුවන් ගමන් අරඹයි.. | ඒරෝෆ්ලොට් අද සිට යළි ගුවන් ගමන් අරඹයි.. | COLOMBO (News 1st) - මාස පහකට පමණ පසුව රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් සේවය අද(09) සිට යළි මෙරට ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ. මේ අනුව ඉදිරියේදී සැම සතියකටම දින දෙකක් ගුවන් සේවය මෙරට ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ඇති. අධිකරණ නියෝගක් අනුව රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් රඳවා ගැනීමට මෙරට බලධාරීන් පියවර ගැනීමට විරෝධය පල කරමින් පසුගිය ජුනි මාසයේ සිට මෙරට සහ මොස්කව් අතර ගුවන් ගමන් අත්හිටුවනු ලැබුවේ ය. රුසියානු "ඒරෝෆ්ලොට්" ගුවන් සේවාවට අයත් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේ පසුගිය ජුනි 02 වැනිදායි. ඒ අයර්ලන්තයේ පිහිටි සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං ලිමිටඩ් නමැති සමාගම විසින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුවයි. ශ්‍රි ලංකා බලධාරීන් විසින් එරොෆ්ලොට් ගුවන් යානයක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රුසියාවේ ශ්‍රි ලංකා තානාපතිනිය රුසියානු විදේශ අමාත්‍යාංශයට කැඳවා සිය අප්‍රසාදය පළ කර තිබුණා. |
2022-10-09T02:15:18.000Z | IMF සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට මෙරට නියෝජිත කණ්ඩායම යයි | IMF,ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට 8 දෙනෙක් යයි | COLOMBO (News 1st) - අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව සඳහා සහභාගී වීමේ අරමුණින් මෙරට නියෝජිතයින් කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. අට දෙනෙකුගෙන් යුත් මෙරට දූත පිරිසේ ප්‍රධානත්වය හිමිව ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාටයි. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙම දූත කණ්ඩායමට ඇතුළත් වේ. හෙට(10) ආරම්භ වන සමුළුව ලබන 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. |
2022-10-09T01:49:05.000Z | රටවල් සමග ඇති කරගෙන ඇති වෙළෙඳ ගිවිසුම් 35ක් යළි සක්‍රීය කිරීමට පියවර - වෙළෙඳ අමාත්‍යාංශය | වෙළෙඳ ගිවිසුම් 35ක් යළි සක්‍රීය කිරීමට පියවර | COLOMBO (News 1st) - විවිධ රටවල් සමග අත්සන් තබා තිබෙන, එහෙත් දැනට අක්‍රීය මට්ටමේ පවතින වෙළෙඳ ගිවිසුම් 35ක් පමණ යළි කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. අමාත්‍යංශ ලේකම්, එස්.ටී. කොඩිකාර මහතා සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේ පිහිටුවා ඇති ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, වෙළෙඳ අමාත්‍යාංශයේ වාණිජ දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශය යන ආයතන ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි. 2018 වසරෙන් පසුව ඇතැම් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් පැවැති සාකච්ජා රැසක් විවිධ හේතු මත බිඳ වැටී ඇතැයි ලේකම්වරයා සඳහන් කළේ. වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්, එස්.ටී. කොඩිකාර මහතා සඳහන් කළේ, පවතින බදු පදනම් නිදහස් කළ රටවල් අතර වෙළෙඳ කටයුතු ප්‍රවර්ධන කර ගැනීමේ අරමුණින් මෙම ගිවිසුම් ක්‍රියාත්මක කරන බවය. මේ යටතේ සිංගප්පුරුව සමග දැනට ක්‍රියාත්මක නිදහස් වෙළෙඳ ගිවිසුම තවදුරටත් සක්‍රීය කිරීමට අපේක්ෂා කරයි. ඊට අමතරව ඉන්දියාව , තායිලන්තය, චීනය සමග අත්සන් තබා ඇති එහෙත් දැනට අක්‍රිය වී තිබෙන වෙළෙඳ ගිවිසුම් යළි කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ. ඉන්දුනීසියාව සමග නව නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇතිකර ගැනීම සඳහා මේ වන විට සාකච්ජා ආරම්භ කර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය. |
2022-10-08T08:10:30.000Z | 'හරක් කටා' ඩුබායි පොලීසිය මුදාහැරි බවට පළවන වාර්තා අසත්‍යයයි - ආරක්ෂක අමාත්‍යාංශය | 'හරක් කටා' මුදාහැරි බවට පළවන වාර්තා අසත්‍යයයි | COLOMBO (News 1st) - අත්අඩංගුවේ සිටින මත්ද්‍රව්‍ය ජාවරම්කරුවකු වූ නඳුන් චින්තක නොහොත් 'හරක් කටා' නමැත්තා ඔක්තෝබර් මස 03 වැනි දා ඩුබායි පොලීසිය විසින් මුදාහැරි බවට පළ වන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණේ, ඔහුට එරෙහි අපරාධ චෝදනා සම්බන්ධ ගොනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රමාදය හේතුවෙන් මෙරටින් ඩුබායි බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට නොහැකිවීම හේතුවෙන් එලෙස මුදාහැර ඇති බවය. අපරාධ දෙපාර්තමේන්තුව යටතේ ඇති ජාතික මධ්‍යම කාර්යාංශය නිකුත් කළ රතු නිවේදනවලට අනුව පසුගිය අගෝස්තු මස 19 වැනි දා ඩුබායි රාජ්‍යයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව ඉහත සඳහන් පුද්ගලයා මෙරටට ගෙන්වා දෙන්නැයි ඉල්ලමින් සැප්තැම්බර් 12 දිනැති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ලිපිය ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත භාරදී තිබුණි. අනතුරුව අදාළ පුද්ගලයා සම්බන්ධයෙන් සකස් කළ ලිපිය සහ ඊට අදාළ ලේඛන පසුගිය 13 වැනි දා ආරක්ෂක අමාත්‍යාංශයේ නීති නිලධාරීන් විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට භාරදී තිබේ. අනතුරුව විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ පිළිබඳව නීතිපති උපදෙස් ඉල්ලා ඇත්තේ සැප්තැම්බර් 14 වැනි දායි. සැප්තැම්බර් 26 වැනි දා ඊට අදාළ නීතිපති උපදෙස් ලැබී තිබුණි. ඒ අනුව සැකකරු නිදහස් නොකරන ලෙස දන්වමින් සැප්තැම්බර් 30 වැනි දා කරන ලද ඉල්ලීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිසි බලධාරීන් වෙත ඉදිරිපත් කරන්නැයි එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දී තිබේ. ඒ අනුව ලිපි ලේඛන ප්‍රමාදවීමකින් තොරව පැය 24 කට අඩු කාලයකදී විදේශ කටයුතු අමාත්‍යාංශයට භාරදී ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කළේ ය. එවැනි දරුණු ගණයේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය ජනතාවට දැනුම්දෙන්නේ මුද්‍රිත හා සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන එවැනි පදනම් විරහිත අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසයි. |
2022-10-08T08:00:12.000Z | ඉරිදා පෝය නිසා සියලුම බැංකු සහ කොළඹ කොටස් වෙළෙඳපොළ සඳුදා වැසේ.. | බැංකු සහ කොටස් වෙළෙඳපොළ සඳුදා වැසේ.. | COLOMBO (News 1st) - සියලුම බැංකු සහ කොළඹ කොටස් වෙළෙඳපොළ සඳුදා (ඔක්තෝබර් 10) වසා තැබේ. ඒ, ඔක්තෝබර් 09වැනි ඉරිදා පෝය දිනයට යෙදෙන බැංකු නිවාඩුව වෙනුවෙනි. සඳුදා රජයේ නිවාඩුවක් නොවේ. |
2022-10-08T06:26:39.000Z | උත්තරදේවි තඹුත්තේගමදී පීලි පනී | උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා | COLOMBO (News 1st) - කන්කසන්තුරය සිට කොළඹ බලා ධාවනය වූ උත්තරදේවි නගරාන්තර දුම්රිය තඹුත්තේගම හා සෙනරත්ගම අතරදී පීලි පැනීමකට ලක්ව තිබේ. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, ඒ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව ඇති බවයි. |
2022-10-08T06:00:20.000Z | වේයන්ගොඩ හා ගම්පොළ පස් කඳු කඩා වැටෙයි: පුද්ගලයෙක් මරුට සිව්දෙනෙකුට තුවාල | පස් කඳු කඩා වැටී පුද්ගලයෙක් මරුට සිව්දෙනෙකුට තුවාල | COLOMBO (News 1st) - වේයන්ගොඩ හා ගම්පොළ, ඇත්ගාල යන ප්‍රදේශවලදී පස් කඳු කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ වේයන්ගොඩ, මාරපොල ප්‍රදේශයේ කුකුළු ගොවිපලක, පැරණි ළිඳක් ප්‍රතිසංස්කරණය කරමින් සිටියදී පස් කන්දක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බවය. එලෙස මියගොස් ඇත්තේ, වේයන්ගොඩ, මගලේගොඩ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර ගම්පොළ, ඇත්ගාල ප්‍රදේශයේ ඉදිකරමින් ඇති ගොඩනැගිල්ලක් ආසන්නයට පස් කන්දක් කඩා වැටීමෙන් එහි සේවය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා ගම්පොල රෝහලට ඇතුළත් කර ඇති බවය. |
2022-10-08T05:40:52.000Z | කටුබැද්දේ ද්විත්ව ඝාතනයකට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට | කටුබැද්දේ ද්විත්ව ඝාතනය:සැකකරුවෙක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - කටුබැද්ද ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනයට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, මොරටුව ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 6 ක් හා ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග 21 හැවිරිදි අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි. අදාළ ඝාතනය විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙහෙයවා තිබේ. පොලීසිය පැවසුවේ, ඩුබායි සිටින වෙනත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු කළ දැනුම්දීමකට අනුව එම ඝාතන සිදු කිරීමෙන් පසු වෙඩික්කරුවන් ප්‍රවාහනය හා වෙඩි තැබීම සඳහා යොදගන්නා ලද ගිනි අවිය සැඟවීමට සැකකරු ආධාර අනුබල ලබාදී ඇති බවයි. පසුගිය ජුනි 29 වැනි දා අදාළ ඝාතන සිදුව තිබුණි. |
2022-10-08T04:25:30.000Z | ප්‍රධාන සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් | ප්‍රධාන සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් | COLOMBO (News 1st) - ප්‍රධාන සහ මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුව බලා දුම්රිය ධාවනයේදී ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය පවසයි. සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් එලෙස දුම්රිය ප්‍රමාද වන බව පාලක මැදිරිය සඳහන් කළේ ය. |
2022-10-08T03:21:58.000Z | එරික් ප්‍රසන්න ජාතික ජන බලවේගයට එක්වෙයි | එරික් ප්‍රසන්න ජාතික ජන බලවේගයට එක්වෙයි | COLOMBO (News 1st) - හිටපු නියෝජ්‍ය අමාත්‍ය එරික් ප්‍රසන්න වීරවර්ධන ජාතික ජන බලවේගය සමග එක්ව තිබේ. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ලේකම් ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙංකඩගල ආසන්නයේ හිටපු සංවිධායකවරයා ද වේ. |
2022-10-08T02:46:14.000Z | පිය-පුතු ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් වසර 31කට පසු අත්අඩංගුවට | වසර 31කට පසු හෙළි වූ අභිරහස | COLOMBO (News 1st) - මහරගම හා පානදුර ප්‍රදේශවලදී පිය-පුතු දෙපළක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු වසර 31කට පසු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ අදාළ ඝාතන දෙක සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි. එම ඝාතනවලට අදාළව මොල්ලිගොඩ, වාද්දුව ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි සැකකරුවෙකු ද ඊයේ (07) අත්අඩංගුවට ගැනිණි. පොලීසිය පැවසුවේ, අදාළ සැකකරු පුද්ගලයින් කිහිපදෙනෙකු සමග මත්පැන් සාදයක් පවත්වා එම සාදය අතරතුර පානදුර ජනප්‍රිය මාවතේ පදිංචි පුත්‍රයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර මළ සිරුර බොල්ගොඩ ගඟ අසළ මඩ වඟුරක දමා ගොස් තිබූ බවයි. 1991 වසරේදී මහරගම නාවින්න හා පානදුර ජනප්‍රිය මාවතේ පදිංචි එම පිය-පුතු දෙපළ ඝාතනයට ලක්ව තිබුණි. |
2022-10-08T01:49:13.000Z | ඉම්රාන් ඛාන් යළි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් | ඉම්රාන් ඛාන් යළි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් | COLOMBO (News 1st) - පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් යළි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පිළිබඳ වාර්තා වේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, විදේශ අරමුදල් සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත්විය හැකි බවයි. පකිස්ථානයේ ටෙහෙරීක් ඉ ඉන්සාෆ් පක්ෂයේ ක්‍රියාකාරීන් 3 දෙනෙකු අදාළ චෝදනාව හේතුවෙන් මේ වන විටත් අත්අඩංගුවේ පසුවන බව ද එම වාර්තාවල සඳහන් ය. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව නඩු පවරන්නැයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා නියෝගයක් ද නිකුත් කර ඇති බවයි. ටෙහෙරික් ඉ ඉන්සාෆ් පක්ෂයේ ප්‍රධානියෙකු ෆෙඩරල් විමර්ශන ඒජන්සියේ සයිබර් අපරාධ අංශය අත්අඩංගුවට ගෙන ඇත්තේ, නීතිවිරෝධී අරමුදල් රැස්කිරීම සඳහා භාවිත කරන 'අනවසර' වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේ චෝදනාව මත බව විදෙස් වාර්තා සඳහන් කළේ ය. |
2022-10-08T01:38:40.000Z | පළාත් කිහිපයකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි | පළාත් කිහිපයකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි | COLOMBO (News 1st) - ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, එම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. |
2022-10-08T01:30:53.000Z | ගල් අඟුරු ටෙන්ඩරයට අදාළ නිලධාරීන් කොප් කමිටුවට කැඳවීමට පියවර | ගල්අඟුරු ටෙන්ඩරයේ නිලධාරීන් ළඟදීම කොප් කමිටුවට | COLOMBO (News 1st) - මතභේදාත්මක ගල් අඟුරු ටෙන්ඩරයට අදාළ නිලධාරීන් කොප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබේ. ඒ, කෝප් කමිටුවේ නව සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව ඊයේ(07) රැස් වූ අවස්ථාවේදීය. |
2022-10-08T01:26:14.000Z | අද සිට සෑම සතිඅන්තයකම අනුරාධපුරයට විශේෂ දුම්රියක්.. | අනුරාධපුරයට විශේෂ දුම්රියක්.. | COLOMBO (News 1st) - අද(08) සිට සෑම සතිඅන්තයකම අනුරාධපුරය දක්වා විශේෂ සීඝ්‍රගාමී දුම්රියක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ, අනුරාධපුරය දක්වා ගමන් ගන්නා සංචාරකයින් සහ වන්දනාකරුවන් වෙනුවෙනි. ඒ අනුව සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9.20 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය පස්වරු 1.42 ට අනුරාධපුරයට ළඟාවීමට නියමිතය. අනුරාධපුරයෙන් පස්වරු 5.00 ට ගමන් අරඹන දුම්රිය රාත්‍රී 9.14 ට කොළඹ කොටුවට ළඟා වේ. වායුසමනය කළ මැදිරි 10කින් සමන්විත දුම්රියේ සම්පූර්ණ ආසන ධාරිතාව 480 කි. |
2022-10-08T01:22:32.000Z | කුකුළු ගොවිපොළ හිමියන් 50%ක් බිත්තර නිෂ්පාදනයෙන් ඉවත් වෙයි | උත්සවය සමයේ බිත්තර හිඟයක් ඇති වෙයි ද? | COLOMBO (News 1st) - 50% ක පමණ ගොවිපොළ හිමියන් පිරිසක් මේ වනවිට බිත්තර නිෂ්පාදනයෙන් ඉවත්ව ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ, බිත්තර සඳහා පාලන මිලක් පැනවීම හා සත්ත්ව ආහාර හිඟවීම ඊට හේතුවී ඇති බවයි. උත්සවය සමයේ ඉදිරියේදී බිත්තර හිඟයක් ඇතිවිය හැකි බව ඔහු පැවසුවේ ය. |
2022-10-08T01:18:16.000Z | පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක් | පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක් | COLOMBO (News 1st) - පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් එම කාර්ය සාධක බලකාය පිහිටුවනු ඇති. රට තුළ ජනතාවගේ පෝෂණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබේ. එම කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ලෙස පෝෂණවේදය ඇතුළු ඒ, ඒ ක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුම ඇති වෛද්‍යවරුන් පිරිසක් පත්කිරීමට නියමිතය. ඊට සමගාමීව 2022 -2024 හදිසි පෝෂණ සැලැස්ම ද විවිධ කාණ්ඩ ඔස්සේ දිවයින පුරා කෙරෙනු ඇති. එහි මූලික පියවර ලෙස ඉදිරි සතිය තුළ දිවයිනේ එක් පළාතක් තෝරා ගනිමින් පෝෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර අනතුරුව එය දිවයිනපුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය. |
2022-10-08T01:17:10.000Z | ලකුණු නියාමන පාසල් සඳහා ළමුන් ඇතුළත් කිරීමේදී නව ක්‍රමවේදයක් | ජාතික පාසල් වෙනුවට ප්‍රමුඛ පාසල් | COLOMBO (News 1st) - ලකුණු නියාමන පාසල් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේදී නව ක්‍රමවේදයක් අනුගමනය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, ඒ අනුව අදාළ පාසල් සඳහා පළමු ශ්‍රේණියෙන් පසු උසස් පෙළ දක්වා ළමුන් ඇතුළත් කර ගැනීමේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩි ලකුණු ලබා ගන්නා සිසුන්ට පමණක් ප්‍රමුඛතාව ලබාදෙන බවය. ජාතික පාසල් වෙනුවෙන් ප්‍රමුඛ පාසල් හඳුන්වා දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. |
2022-10-07T15:46:04.000Z | නාමල් රාජපක්ෂට ජාතික සභා අනුකමිටුවේ සභාපති ධුරය | නාමල් රාජපක්ෂට සභාපති ධුරයක් | COLOMBO (News 1st) - කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනුකමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පත් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා විසින් නාමල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ අතර එය ස්ථිර කළේ, අලි සබ්‍රි රහීම් මහතායි. මෙහිදී රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳ සමාජික මන්ත්‍රීවරුන් විසින් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ. සමාජික මන්ත්‍රීවරුන් එහිදී එකඟ වී ඇත්තේ, රාජ්‍ය පරිපාලනය, සෞඛ්‍යය ප්‍රතිපත්ති, අධ්‍යපන ප්‍රතිපත්ති, ධීවර හා ආහාර ප්‍රතිපත්ති, විදුලිබල සහ බලශක්ති ප්‍රතිපත්ති, දේශගුණික විපර්යාසයන් පිළිබඳ ප්‍රතිපත්ති සහ ව්‍යවසායකත්වය පිළිබඳ ප්‍රතිපත්ති නවිකරණය කිරීමට අදාළ අදහස් සහ යෝජනා ලබා ගැනීමට අදාළ ක්ෂේත්‍රයන්හි විශේෂඥයින් අනුකමිටුව හමුවට කැඳවීමටයි. එම අදහස් හා යෝජනා අනුව කෙටි කාලීන යෝජනා මසක් ඇතුළතත්, මධ්‍යම කාලීන යෝජනා මාස දෙකක් ඇතුළතත් දීර්ඝ කාලීන යෝජනා මාස 3 ක් අතුළතත් ජාතික සභාව වෙත ඉදිරිපත් කිරීමට අනුකමිටු සාමාජිකයින් එකඟවී තිබේ. |
2022-10-07T13:34:59.000Z | 2022 ශිෂ්‍යත්වය සහ උ/ පෙළ විභාගය කල් දැමේ | 2022 ශිෂ්‍යත්වය සහ උ/ පෙළ විභාගය කල් දැමේ | COLOMBO (News 1st) - 2022 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස් පෙළ විභාගය කල් දමා තිබේ. ඒ අනුව දෙසැම්බර් මස 04 වැනි දා පැවැත්වීමට සැලසුම් කර තිබු ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 18 වැනි දින දක්වා කල්දමා ඇත. මේ අතර අ.පො.ස. උසස් පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මස 23 වැනි දා දක්වා කල්දමා තිබේ. එය ජනවාරි 23 සිට පෙබරවාරි මස 17 දක්වා පැවැත්වෙනු ඇති. |
2022-10-07T13:30:55.000Z | විශාලතම ප්‍රශ්නය සමාජ මාධ්‍යයෙන් - ජනපති මාධ්‍ය ලේකම්වරුන්ට කියයි | ''විශාලම ප්‍රශ්නේ තියෙන්නේ සමාජ මාධ්‍යයෙන්'' | COLOMBO (News 1st) - හොඳ නරක දෙකම ඇති නිසා විශාලතම ප්‍රශ්නය සමාජ මාධ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (07) ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩමුළුවකට සහභාගී වෙමිනි. කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ආණ්ඩුකාරවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන් වෙනුවෙන් පැවති වැඩමුළුවට ජනාධිපතිවරයා අද සහභාගී වුණේ පෙර දැනුම්දීමකින් තොරවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මම මෙතන්ට ආවේ කතාවක් කරන්න නෙවෙයි දැන් මං කතාකලා ඇති කතාවේ එකේ හරය දැන් යවන්න තියෙන්නේ ආණ්ඩුව කරන වැඩ කටයුතු රටට දන්වන්න තියනවා. හැම මට්ටමම දැනගන්න ඕන මොකක්ද ආණ්ඩුව කරන්නේ කියලා. අපි යන්නේ හුඟාක් ආමාරු කාලයකට ඒකෙන් අපි ගොඩ එන්න ඕන. රටේ අස්ථාවරභාවය තිබ්බොත් ගොඩ එන්න බැහැ. විද්‍යුත් මාධ්‍යයෙන් මුද්‍රිත මාධ්‍යයෙන් පමණක් නෙවෙයි විශාලම ප්‍රශ්නේ තියෙන්නේ සමාජ මාධ්‍යයෙන්. හොඳයි නරකයි දෙකම එනවා. ඔබ වගකීම් ඉෂ්ට කරන්නේ නැත්තම් තවත් අරගලයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ප්‍රචාරය නැතුව ව්‍යාපාරය සාර්ථක වෙන්නේ නැහැ. |
2022-10-07T12:32:06.000Z | රැඳවුම් නියෝග මත සිටි හෂාන් ජීවන්ත මුදා හැරේ | රැඳවුම් නියෝග මත සිටි හෂාන් ජීවන්ත මුදා හැරේ | COLOMBO (News 1st) - රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටි හෂාන් ජීවන්ත මුදා හැරීමට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කර තිබේ. ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දුන්නේ, සැකකරු රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටිමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. ඔහු මුදා හරින්නැයි ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එම කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ ය. හෂාන් ජීවන්ත වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි ඇතුළු නීතිඥවරු කිහිපදෙනෙක්ම පෙනී සිටියහ. මේ අතර සමාජවාදී තරුණ සංගමයේ ක්‍රියාකාරින් ඇතුළු 82 දෙදෙනෙකු සම්බන්ධයෙන් වන නඩුව ලබන වසරේ ජනවාරි 25 වැනි දා දක්වා කල් තැබුණි. ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ, සමාජවාදී තරුණ සංගමය මරදාන ප්‍රදේශයේ පැවැත් වූ විරෝධතා ව්‍යාපාරයකදී හා විරෝධතා පා ගමනකදී පොලිස් අණ නොතකා කටයුතු කළේ යැයි චෝදනා කරමිනි. |
2022-10-07T11:50:49.000Z | මහ කන්නයට ලබාදෙන පොහොර ගැන කෘෂිකර්ම ඇමතිගෙන් පණිවුඩයක් | කෘෂිකර්ම ඇමතිගෙන් පණිවුඩයක් | COLOMBO (News 1st) - කාබනික පොහොර ලෙස වැව්වල පස් හා අපද්‍රව්‍ය ගොවි ජනතාවට සැපයීමට මෙවර මහ කන්නයේ දී කිසිවෙකුට ඉඩක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, ඊයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමිනි. මෙවර මහ කන්නයේ දී 70% ක් රසායනික පොහොරත්, 30% ක් කාබනික පොහොර වී වගාව සඳහා යෙදවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ. අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ යටතේ හොඳම කාබනික පොහොර ගොවීන්ට ලබාදීමට පියවර ගන්නා බවයි. ඉදිරි මහ කන්නයේ දී වී වගාවට කාබනික පොහොර යොදන ගොවීන් සඳහා රුපියල් 20,000 ක සහනාධාරයක් ලබා දීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. යුරියා පොහොර භාවිත කරන ගොවීන්ට වෙනම සහනාධාරයක් ලබා නොදෙන බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය. |
2022-10-07T11:12:40.000Z | ආර්ථික ස්ථායීකරණ අනුකමිටුවේ සභාපතීත්වය පාඨලී චම්පිකට | ආර්ථික ස්ථායීකරණ අනුකමිටුවේ සභාපතීත්වය පාඨලීට | COLOMBO (News 1st) - ආර්ථික ස්ථායිකරණ අනුකමිටුවේ සභාපතීත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නිතරගයෙන් පත්වී තිබේ. මසක් ඇතුළත ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිකරණ වැඩපිළිවෙළ හඳුන්වා දීම අනුකමිටුවේ අරමුණයි. ආර්ථික ස්ථායිකරණ අනුකමිටුවේ සභාපතීත්වයට පාඨලි චම්පික රණවක මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා යෝජනා කළේ ය. එය ස්ථිර කළේ, නසීර් අහමඩ් සහ මනෝ ගනේෂන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ය. |
2022-10-07T11:08:25.000Z | හෙට සිට ලබන 10 වැනි දා දක්වා පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් | සඳුදා තෙක් පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් | COLOMBO (News 1st) - හෙට (08) සිට ලබන 10 වැනි දා දක්වා පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. ඒ අනුව A සිට L දක්වා කලාපවලට දිවා කාලයේ පැයක් සහ රාත්‍රි කාලයේ පැයයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. P සිට W දක්වා කලාපවලට ද දිවා කාලයේ පැයක් විදුලිය කප්පාදු කෙරෙන අතර රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව පැයයි විනාඩි 20 කි. |
2022-10-07T10:57:33.000Z | 22 සංශෝධන කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට දින නියම වෙයි | 22 කෙටුම්පත දෙවැනි වර කියවීමට දින නියම වෙයි | COLOMBO (News 1st) - 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවනවර කියැවීමේ විවාදය ලබන 20 සහ 21 දෙදින පැවැත්වීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (07) පස්වරුවේ රැස්ව මෙම තීරණයට එළැඹුණි. 2022 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සිදු වන්නේ ලබන 18 වැනි දායි. |
2022-10-07T06:03:35.000Z | මහින්ද, බැසිල්, කබ්රාල් ඇතුළු 39ක් වගඋත්තරකරුවන් කළ පෙත්සම් 02ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර | මහින්ද ඇතුළු 39කට එරෙහි පෙත්සම් 02ක් විභාගයට අවසර | COLOMBO (News 1st) - හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ, අලි සබ්‍රි, හිටපු මහ බැංකු අධිපතිවරුන්වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්.ඩී. ලක්ෂමන් හා වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු 39 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම 02 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) අවසර දුන්නේ ය. පෙත්සම් ගොනුකර ඇත්තේ, අක්‍රමවත් මූල්‍ය කළමණාකරණය හේතුවෙන් අප රට තුළ ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ඉල්ලමිනි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ දින ගණනාවක් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ඒවා විභාගය සඳහා විනිසුරු මඬුල්ල අද අවසර ලබා දුන්නේ ය. |
2022-10-07T03:53:26.000Z | රටක් ලෙස වරින් වර ස්ථාවරයන් වෙනස් කිරීම ජිනීවා යෝජනාව සම්මත වීමට හේතුවයි - ඇමති විජයදාස | ජිනීවා යෝජනාව ගැන ඇමති විජයදාස කතා කරයි | COLOMBO (News 1st) - රටක් ලෙස වරින් වර ගත් ස්ථාවරයන් වෙනස් කිරීම හා නායකයින් පිළිබඳව ඇති විශ්වාසය බිඳ වැටීම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් සම්ම්ත වීමට හේතු වූ බව අධිකරණ හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. . ඔහු නිව්ස්ෆස්ට් වෙත මේ අදහස් පළ කළේ, යෝජනාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ කළ විමසීමේදීය. අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ, විදේශ අමාත්‍යාංශය සමග එක්ව මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කඩිනමින් ඇති කිරීමට අවශ්‍ය පියවර ගනිමින් ජාත්‍යන්තරය සමග මනාඅවබෝධයකින් කටයුතු කරන බවය. ඊයේ (06) සම්මත වූ යෝජනාව හේතුවෙන් රට බරපතල තත්ත්වයකට පත්වීමේ අවදානමක් පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. ඔහු ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදීමට යෝජිත ණය මුදල හා ජී.එස්.පී. ප්ලස් සහනයට ද බලපෑම් එල්ල විය හැකි බවයි. කරුණු 19 කින් සමන්විතවූ අදාළ යෝජනාවේ කරුණු 9 ක සඳහන්ව තිබුනේ ආර්ථික අර්බුදය හා මෑත කාලීනව සිදුවූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධ කරුණුයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව වගවීමේ ක්‍රියාවළියේදී සාක්ෂි රැස්කිරීම සඳහා භාහිර යාන්ත්‍රණයක් සකස්කිරීමටද අද (07) සම්මතවූ යෝජනාවෙන් අවස්ථාව හිමිවේ. කෙසේවෙතත් යෝජනාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍යවරයා මානව හිමකම් කවුන්සිලයට දැනුම් දුන්නේ ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඊයේ ඉදිරිපත්වූ යෝජනාවේදී , රටවල් 20 ක් ඊට සහය දුන් අතර රටවල් 7 ක් විරුද්ධ විය. තවත් රටවල් 20 ඡන්දය දීමෙන් වැළකී සිටීම විශේෂත්වයකි. |
2022-10-07T03:48:19.000Z | තායිලන්ත වෙඩි ප්‍රහාරයෙන් විපතට පත්වුවන් හමුවීමට රජු සහ රැජිණිගේ සූදානමක්.. | විපතට පත්වූවන් හමුවීමට තායිලන්ත රජු සැරසෙයි | COLOMBO (News 1st) - තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ අවමංගල්‍ය වියදම් එරට රජය දැරීමට තීරණය කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, තුවාල ලැබූවන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීමට ද, රජය තීරණය කර ඇති බවයි. මේ අතර, සිද්ධියෙන් තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසීමට, එරට මහා වජිරලොංකෝන් රජු සහ සුතිඩා රැජිණ ද එහි පැමිණීමට ද, නියමිතය. මේ අතර, දිවා සුරැකුම් මධ්‍යස්ථානයට එල්ලවූ ප්‍රහාරය ලෝක නායකයින් ද, දැඩි ලෙස හෙළා දැක තිබේ. එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් පවසා ඇත්තේ, "බිහිසුණු සමූහ වෙඩි තැබීමෙන් කම්පනයට සහ කණගාටුවට පත් වූ" බවය. "විපතට පත් වූවන්ගේ පවුල්වලට සිය ශෝකය පළ කරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන" ඔහු පැවසූ බව, මහලේකම්වරයාගේ ප්‍රකාශකවරයා සඳහන් කළ බව විදෙස් වාර්තාවල සඳහන් වේ. තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට හිටපු පොලිස් නිලධාරියෙකු ඊයේ (06) මෙම වෙඩි තැඹීම සිදුකළ අතර වෙඩි තැබීමෙන් 37 දෙනෙකු මරණයට පත් විය. |
2022-10-07T03:43:23.000Z | කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමාවෙයි.. | කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමාවෙයි.. | COLOMBO (News 1st) - මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (07) රාත්‍රි 8:30 සිට ලබන සඳුදා උදෑසන 6.00 දක්වා කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරෙනු ඇති. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය මාර්ගය වසා තැබෙන බවය. එම කාල සීමාව තුළ මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට කොස්ගම දක්වා පමණක් සිදු කෙරෙන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. |
2022-10-07T03:40:45.000Z | 'ගම්මැද්ද ගෙයින් ගෙට'' 06 වැනි අදියරේ තෙවැනි දිනය අදයි | 'ගම්මැද්ද ගෙයින් ගෙට'' 06 වැනි අදියරේ තෙවැනි දිනය | COLOMBO (News 1st) - ජනතා ගැටලු සොයා යන මහජන ක්‍රියාන්විතය ''ගම්මැද්ද ගෙයින් ගෙට'' 06 වන අදියරේ තුන්වැනි දිනය (07) අදයි. යාපනය, මාතලේ සහ කළුතර දිස්ත්‍රික්ක අවරණය කරමින්, අදත් ගම්මැද්ද කණ්ඩායම් ජනතා ගැටලු සොයා සංචාරය කරනු ඇති. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින්ගේ සහය ද මීට හිමිවේ. |
2022-10-07T02:57:22.000Z | රබර් කර්මාන්තය අර්බුදයක | රබර් කර්මාන්තය අර්බුදයක | COLOMBO (News 1st) - ප්‍රදේශ රැසක රබර් නිෂ්පාදන මිලදී ගැනීම අත්හිටුවා ඇති බව රබර් වගාකරුවන් පවසයි. ඔවුන් සඳහන් කරන්නේ, මේ හේතුවෙත් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවයි. ඉන් දැඩි බලපෑම් එල්ලවී ඇත්තේ කළුතර ඇතුළු රබර් බහුල ලෙස වගා කර ඇති දිස්ත්‍රික්කවල රබර් වගාකරුවන්ටයි. ඔවුන් පෙන්වා දෙන්නේ රබර් මිල ගණන්ද සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවය. මේ පිළිබඳව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාධව වර්ණකුලසූරිය මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළ අතර එම මහතා සඳහන් කළේ, රබර් සඳහා වන ඉල්ලුම අඩුවීමට හේතු කිහිපයක් බලපා ඇති බවයි. පවතින තත්ත්වය හේතුවෙන් ගොවීන් සතුව රබර් මෙට්‍රික් ටොන් 150කට අධික තොගයක් අලෙවි කර ගැනීමට නොහැකිව ඇති බවද රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, ගොවීන් සතුව ඇති රබර් තොග මිලදී ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බවය. |
2022-10-07T02:20:14.000Z | ආහාර වර්ගවල ප්‍රමිතිය පරීක්ෂාවට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තීරණයක් | ආහාර වර්ගවල ප්‍රමිතිය ගැන පරීක්ෂණයක් | COLOMBO (News 1st) - මෙරට ජනතාව පරිභෝජනයට ගන්නා ආහාර වර්ගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමීක්ෂණයක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. එහි ආහාර පාලන ඒකකය සඳහන් කළේ, මේ යටතේ ආනයනික හා දේශීයව නිෂ්පාදනය කරන ආහාර වර්ගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයාබලන බවයි. අත්‍යවශ්‍ය ආහාර වර්ග 25කට අධික සංඛ්‍යාවක් මෙම සමීක්ෂණය සඳහා තෝරා ගන්නා බව ද එම ඒකකය පැවසුවේය. ඒවායේ සාම්පල ලබා ගැනීම ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිතය. පසුගිය කාලයේ මෙරටට ආනයනය කරන ආහාර වර්ගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුවූ අතර, ඒ පිළිබඳ සලකා බලා මෙම තීරණයට එළඹි බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. |
2022-10-07T02:18:38.000Z | අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 110ක් තවමත් හිඟයි - සෞඛ්‍ය අමාත්‍යාංශය | අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 110 ක් තවමත් හිඟයි | COLOMBO (News 1st) - අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 110ක හිඟයක් තවදුරටත් රටතුළ පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි ජාත්‍යන්තර ඖෂධ ප්‍රධාන පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය, අන්වර් හම්දානි මහතා සඳහන් කළේ, හිඟව පවතින ඖෂධ කළමනාකරණය කරමින් රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යන බවය. ඖෂධ හිඟය වැළැක්විම සඳහා නව වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක බව ද වෛද්‍ය, අන්වර් හම්දානි මහතා සඳහන් කළේ ය. |
2022-10-07T02:15:50.000Z | තියුණු ආයුධයකින් පහර දී දුම්රියේදී රන් මාලයක් සහ රුපියල් ලක්ෂ දෙකක් කොල්ලකයි | දුම්රියට පැන්න කොල්ලකරුවන් | COLOMBO (News 1st) - තියුණු ආයුධයකින් පහර දී කොළඹ කොටුවේ සිට වාද්දුව දක්වා ධාවනය වූ දුම්රියේ සිටි අඹුසැමි යුවලකගේ රන් මාලය සහ මුදල් රුපියල් ලක්ෂ 2 ක් කොල්ලකා තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (06) අලුයම කොල්ලකරුවන් දෙදෙනෙකු දුම්රියට ගොඩවී ඇති බවයි. කොල්ලකරුවන් දුම්රියේ ගමන්ගත් කාන්තාවගේ සැමියාට තියුණු ආයුධයකින් පහරදී බියගන්වා රුපියල් ලක්ෂ 02 ක් හා කාන්තාවගේ ගෙලබැඳි රන් මාලය කොල්ලකා අඟුලානේදි දුම්රියෙන් බැස පලාගොස් ඇත. පලායෑමට උත්සාහ කළ එක් සැකකරුවෙකු දුම්රියෙන් අඳවැටි සිටි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. අත්අඩංගුවට පත් සැකකරු,මොරටුව කොරලවැල්ලේ පදිංචි මත්කුඩු පානයට ඇබ්බැහි වූවෙකු බව වාර්තා වේ. පොලීසිය සඳහන් කළේ, කොල්ලකරුවන් පහරදීමෙන් සැමියාගේ අතෙහි ඇගිල්ලකට තුවාල සිදුව ඇති බවය. තුවාල ලැබූ පුද්ගලයා පසුව පානදුර රෝහලට ගොස් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ. |
2022-10-06T12:16:44.000Z | UNHCRහිදී ශ්‍රී ලංකාව ගැන යෝජනාව සම්මත වෙයි.. | UNHCRහිදී ශ්‍රී ලංකාව ගැන යෝජනාව සම්මත වෙයි.. | COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. යෝජනාවට පක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 20 කි. ඊට විපක්ෂව ඡන්ද 07 ක් හිමිවිය. රටවල් 20 ක් අදාළ යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය. |
2022-10-06T12:15:19.000Z | හිටපු ජනපති මෛත්‍රී ගොනු කළ රීට් පෙත්සම සලකා බැලේ.. | හිටපු ජනපති මෛත්‍රී ගොනු කළ රීට් පෙත්සම සලකා බැලේ | COLOMBO (News 1st) – පාස්කු නඩුවක සැකකරුවෙකු ලෙස තමාව නම් කර කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් අධිකරණයට කැඳවීමෙන් නිකුත් කර ඇති නොතීසි නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය 30 වැනිදා අභියාචනාධිකරණයට ගොනු කළ රීට් ආඥා පෙත්සම සලකා බැලීම සඳහා ලබන 10 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (06)තීරණය කළේ ය. එම නියෝගය නිකුත් කරනු ලැබුවේ, සෝභිත රාජකරුණා සහ දම්මික ගනේපල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම රිට් ආඥා පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ය. මුස්ලිම් අන්තවාදීන් විසින් 2019 අප්‍රේල් 21 වැනිදා කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ වින්දිතයෙකු හා සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලු කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ලබන 14 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තමාට නොතීසි නිකුත් කර ඇති බව පෙත්සම්කාර හිටපු ජනාධිපතිවරයා අභියාචනාධිකරණයට පෙන්වා දී තිබුණි. පාස්කු ප්‍රහාර මාලාවට තමාගේ කිසිදු සම්බන්ධතාවයක් නොතිබී තිබියදීත්, එවකට රටේ විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ තමා රාජකාරි වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනු කර තිබූ පෞද්ගලික නඩුවක සැකකරුවෙකු ලෙස නම් කර අධිකරණයට කැදවීම යුක්ති සහගත නොවන කරුණක් මෙන්ම ස්වභාවිකයුක්ත ධර්මයට පටහැනි ක්‍රියාවක් වන්නේද පෙන්වා දෙමින් ගොනුකර තිබූ එම පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස කොටුව මහේස්ත්‍රාත් වරයා සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලේකඛාධිවරිය නම් කර තිබේ. |
2022-10-06T11:08:54.000Z | යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ධූරයට බ්‍රිගේඩියර් රවී හේරත්.. | යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ධූරයට බ්‍රිගේඩියර් රවී | COLOMBO (News 1st) – යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ධූරයට බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පත් කර ඇතැයි යුද හමුදාව සඳහන් කරයි. |
2022-10-06T09:58:05.000Z | කිරි තේ එකක මිල සහ ප්ලේන්ටියක මිල පහළට.. | කිරි තේ එකක මිල සහ ප්ලේන්ටියක මිල පහළට.. | COLOMBO (News 1st) – කිරි තේ එකක මිල සහ ප්ලේන්ටි එකක මිල අද(06) සිට පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව, කිරි තේ එකක මිල රුපියල් 100 සහ ප්ලේන්ටි එකක මිල රුපියල් 30 දක්වා පහළ දමන ඇති. |
2022-10-06T09:35:17.000Z | මිනුවන්ගොඩ තිදෙනෙකු ඝාතනය: තිදෙනෙකු අත්අඩංගුවට.. | මිනුවන්ගොඩ තිදෙනෙකු ඝාතනය: තිදෙනෙකු අත්අඩංගුවට.. | COLOMBO (News 1st) – මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 03 දෙනෙකු ගලේවෙළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් විසින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. අනුරාධුපර 57 මාර්ගයේ බස්රථයක ගමන් කරමින් සිටියදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. මෝටර් රථයකින් හා යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු කළ වෙඩි තැබීමකින් එකම පවුලේ තිදෙනෙකු අද උදෑසන මිය ගියේ ය. |
2022-10-06T07:28:19.000Z | 22වැනි ව්‍යස්ථා සංශෝධනය මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයකදී විවාදයට - කතානායක | 22වැනි ව්‍යස්ථා සංශෝධන විවාදයට බාලගිරි දෝෂය | COLOMBO (News 1st) - 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරයකදී විවාදයට ගැනීමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඒ බව දැනුම් දුන්නේ ය. පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය ලබන 18 වැනි දා ආරම්භ වේ. පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව පසුගිය දා රැස් වූ අවස්ථාවේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට මීට පෙර එකඟතාව පළ කර තිබුණි. |
2022-10-06T04:19:48.000Z | කිඹුලාඇළේ ගුණාගේ සමීපතමයෙක් STF අත්අඩංගුවට | කිඹුලාඇළේ ගුණාගේ සමීපතමයෙක් STF අත්අඩංගුවට | COLOMBO (News 1st) - විදේශගතව සිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන සින්නයියා ගුණසේකර හෙවත් කිඹුලාඇළේ ගුණාගේ සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය ග්‍රෑන්ඩ්පාස්, වදුල්ලවත්ත ප්‍රදේශයේ කළ මෙහෙයුමකදීයි. සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 76ක් පොලීසිය භාරයට ගෙන තිබේ. 43 හැවිරිදි සැකකරු ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. |
2022-10-06T02:59:07.000Z | මිනුවන්ගොඩ වෙඩි තැබීමක්: පියා සහ පුතුන් දෙදෙනෙක් මරුට | වෙඩි තැබීමකින් පියා සහ පුතුන් දෙදෙනෙක් මරුට | COLOMBO (News 1st) - මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ වෙඩි තැබීමකින් එකම පවුලේ තිදෙනෙකු මිය ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, යතුරු පැදියකින් හා මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙකු වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවයි. වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ 51 හැවිරිදි පියා සහ 23 හා 24 හැවිරිදි ඔහුගේ පුතුන් දෙදෙනායි. |
2022-10-06T02:23:09.000Z | ප්‍රතිපත්ති පොලි අනුපාත නොවෙනස්ව පවත්වා ගැනීමට මහ බැංකුවේ තීරණයක් | ප්‍රතිපත්ති පොලි අනුපාත: මහ බැංකුවෙන් තීරණයක් | COLOMBO (News 1st) - ප්‍රතිපත්ති පොලි අනුපාත නොවෙනස්ව පවත්වා ගැනීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 14.5% ක්. නිත්‍ය ණය පහසුකම් අනුපාතය 15.5% ක මට්ටමේ නොවෙනස්ව පවත්වා ගෙන යනු ඇති. |
2022-10-06T01:37:18.000Z | ජනතා ගැටලු සොයා යන ගම්මැද්ද කණ්ඩායම් අදත් යාපනය, මාතලේ සහ කළුතර දිස්ත්‍රික්කවලට | ජනතා ගැටලු සොයා යන ගම්මැද්ද ගෙයින් ගෙට 2 වැනි දිනට | COLOMBO (News 1st) - ජනතා ගැටලු සොයා යන මහජන ක්‍රියාන්විතය ගම්මැද්ද ගෙයින් ගෙට 06 වන අදියරේ දෙවන දිනය අදයි. යාපනය, මාතලේ සහ කළුතර දිස්ත්‍රික්ක අවරණය කරමින් අදත් ගම්මැද්ද කණ්ඩායම් ජනතා ගැටලු සොයා සංචාරය කරනු ඇති. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහාය ද මීට හිමිවනු ඇත. ගම්මැද්ද, අද වනවිට රටේ ලොකු කුඩා කවුරුත් හඳුනන්නේ ගමට වැඩක් කරන රට නගන ජන පවුර ලෙසය. ජනතාව සමග ජනතාව උදෙසා ගම්මැද්ද ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ සැබෑ අවශ්‍යතා සොයා බලමිනි. |
2022-10-06T01:28:07.000Z | මේ මාසයේ කල් ඉකුත්වන ෆයිසර් එන්නත් මිලියන 7 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ | ෆයිසර් එන්නත් මිලියන 7 ක් මේ මාසයේ කල් ඉකුත් වෙයි | COLOMBO (News 1st) - ඔක්තෝබර් 31 වැනිදා යින් කල් ඉකුත් වීමට නියමිත ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 7 ක් පමණ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, කොවිඩ් ආසාදිත රෝගීන් සහ කොවිඩ් මරණ වාර්තාවීමේ අඩුවක් ඇති බැවින් ජනතාව එන්නත්කරණයට යොමු නොවන බවය. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.