date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2022-10-06T01:20:07.000Z | රාජ්‍ය ආයතන 3ක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් | රාජ්‍ය ආයතන 3ක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට | COLOMBO (News 1st) - රාජ්‍ය ආයතන කිහිපයක්, මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් ය. ඒ අනුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර තිබේ. |
2022-10-06T01:13:39.000Z | 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට | ජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් | COLOMBO (News 1st) - 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව පසුගිය දා රැස් වූ අවස්ථාවේ 22 වැනි සංශෝධනය විවාදයට ගැනීමට එකඟතාව පළ කර තිබුණි. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් ද සිදු කරන බව වාර්තා වේ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති තෝරා ගැනීම ද අද සිදු වේ. |
2022-10-06T01:04:29.000Z | ශ්‍රී ලංකාව ගැන තවත් යෝජනාවක් අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට | ශ්‍රී ලංකාව ගැන තවත් යෝජනාවක් අද UNHRC යට | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අද (06) ඉදිරිපත් කෙරේ. ජිනීවා නුවර සිටින විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයේ(05) මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ප්‍රකාශ කළේ, බලවත් රටවල් රැසක් එක්ව මේ යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි. ඔවුන් මානව හිමිකම් ආයුධයක් ලෙස යොදාගෙන ශ්‍රී ලංකාව ජීවිතාන්තය දක්වා පාලනය කිරීමට උත්සාහ කරන බව විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ ය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය හමුවේ අද කරුණු දැක්වීමට සූදානම් වන විදේශ කටයුතු අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළත් මෙවර ඉදිරිපත්ව ඇති යෝජනාවේ ඇත්තටම සඳහන් වන්නේ මොනවා ද? අමෙරිකාව, එංගලන්තය, කැනඩාව, උතුරු අයර්ලන්තය, උතුරු මැසඩෝනියාව, ජර්මනිය, මලාවි සහ ලක්සර්ම්බර්ග් යන රටවලින් සමන්විත මධ්‍යගත කණ්ඩායම මේ යෝජනාවේ කෙටුම්පත ප්‍රසිද්ධ කර තිබේ. එහි කරුණු 19 ක් ඇතුළත් ය. ඉන් මුල් කරුණු දෙකෙන්ම මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර අගය කර ඇත. යෝජනාවේ ඇතුළත් කරුණු 19 න් 9 ක්ම වෙන්කර ඇත්තේ ආර්ථික අර්බුදය හා මෑත කාලීනව සිදු වූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙනි. ආහාර සුරක්ෂිතාවය බිඳවැටීම, බරපතල ඉන්ධන හිඟය, අත්‍යවශ්‍ය ඖෂධ හිඟය සහ පවුල් ඒකකවල ආදායම් අඩුවීම වැනි කරුණු කෙරෙහි අදාල යෝජනාවලියෙන් දැඩි අවධානයක් යොමුකර තිබේ. එහි සඳහන් වන්නේ ආර්ථික අවපාතය හේතුවෙන් මානව අයිතිවාසිකම්වලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි. සාමකාමී විරෝධතාවලට එල්ල වූ බාධා ඊට සහභාගීවූවන් අත්අඩංගුවට ගැනීම මෙන්ම ආණ්ඩුවට සහය දක්වන්නන්ට එරෙහිව උද්ගත වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී සිදු වූ මරණ තුවාලවීම් හා දේපොළ විනාශ කිරීම පිළිබඳව ද මේ යෝජනාවේ අවධානය යොමු කර තිබේ. මානව හිමිකම් කවුන්සිලයට මධ්‍යගත කණ්ඩායම යෝජනා කරන්නේ, වත්මන් ආර්ථික අර්බුදය වහා විමර්ශනය කර ඊට වගකිව යුතු වත්මන් හා හිටපු රාජ්‍ය නිලධාරීන් පිළිබඳව අවශ්‍ය ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවයි. මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවී සිටින සිවිල් ක්‍රියාකාරීන් පසුපස ලුහුබැදීම නවත්වා ඔවුන්ට එරෙහිව ගෙන යන ප්‍රහාරයන් පිළිබඳව ද වහා විමර්ශනය කරන ලෙස මේ යෝජනාවේ ඉල්ලා තිබේ. මෙවර සැසිවාරයට මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවේ අවධාරණය කර තිබුණේ, ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවයි. මානව හිමිකම් උල්ලංඝණය කිරීම ඇතුළු අපරාධ විමර්ශනය කර වගවීම ඉටුකර ගැනීම සඳහා මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට සාක්ෂි රැස් කිරීමට හා විශ්ලේෂණය කිරීමට ශ්‍රී ලංකාව අවසර දිය යුතු බව කෙටුම්පත් කළ යෝජනාවේ 8 වන කරුණේ සඳහන් ය. එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකාවේ සිදු වූ ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝණය වීම් විමර්ශනය කර ඊට අනුබද්ධව සිදු කරන අධිකරණමය හෝ ඒ ආශ්‍රිත ක්‍රියාවළියට සාමාජික රටවල සහාය දිය යුතු බවයි. මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයට රටවල් 47 ක් සහභාගීවන අතර ඉන් රටවල් 30 ක් දැනටමත් යෝජනාවට සහය දෙන බව ප්‍රකාශ කර ඇත. |
2022-10-06T00:46:44.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | 1. අඩු කළ පසු ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න - කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 271 කින් පහළ දමා තිබේ. 2. ශ්‍රී ලංකාව ගැන තවත් යෝජනාවක් හෙට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට.. - ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අද (06) ඉදිරිපත් වෙයි. 3. ආර්ථික අර්බුදයේ බලපෑමෙන් මෙරට ජනතාව කුසගින්නේ – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් - ආර්ථික අර්බුදයේ බලපෑමෙන් මෙරට ජනතාව අතර කුසගින්න සහ දුප්පත්කම පැතිරීම ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වීමක් බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය වාර්තාවක් නිකුත් කරමින් පෙන්වා දෙයි. 4. දුරකතන ගාස්තු යළි ඉහළට.. - ඊයේ (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකතන සමාගම් සිය ගාස්තු යළිත් ඉහළ දැමීමට තීරණය කර තිබේ. 5. සනත් නිශාන්තට සිතාසි.. - අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ලබන 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා අභියාචනාධිකරණය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට සිතාසි නිකුත් කළේ ය. |
2022-10-05T15:25:00.000Z | යාපනය , මාතලේ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ඇරඹි ගම්මැද්ද ගෙයින් ගෙට 06වැනි අදියර.. | ජනතාව අතරට ගිය ගම්මැද්ද ගෙයින් ගෙට 06වැනි අදියර.. | COLOMBO (News 1st) – රටේ ක්ෂේත්‍ර ගණනාවක ගැටලු මතුව ඇති පසුබිමක් තුළ රට නගන ජන පවුර ගම්මැද්ද මේ රටේ ගම් නියම්ගම්වල ජීවත්වන ජනතාව සොයා ගියේ ය. ඒ ගම්මැද්ද ගෙයින් ගෙට, මහජන සේවා ක්‍රියාන්විතයේ 06 වැනි අදියර අරඹමින් ය. ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය අද(05) ආරම්භ කෙරුණේ යාපනය, මාතලේ හා කළුතර යන දිස්ත්‍රික්කවලින් ය. මෙරට ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව විද්‍යාත්මකව දත්ත රැස්කොට, විශ්ලේෂණය කරමින් විසඳුම් යෝජනා කිරීම ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතයේදී සිදුවෙයි. මෙවරත් ඒ සඳහා ගම්මැද්ද සමගින් අත්වැල් බැඳගෙන සිටින්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. කොවිඩ් ව්‍යාප්තියත්, ආර්ථික අර්බුදයත් හමුවේ රටේ ජනතාව මුහුණ දී ඇති සැබෑ තත්ත්වය හඳුනා ගැනීම මෙවර සමීක්ෂණයේ ප්‍රමුඛ අරමුණකි. මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මානවල ජනතාවගේ ජීවන තත්ත්වය ගැන අද ගම්මැද්ද එක් කණ්ඩායමක් විමසා බැලුවේ ය. ගම්මැද්ද යාපනය දිස්ත්‍රික්කයට ගිය ගම්මැද්ද කණ්ඩායම අද , සන්ඩිලිප්පායි, උයරප්පුලම්, ඉලවාලෙයි, සිල්ලාලෙයි , චුලිපුරම් ඇතුළු ප්‍රදේශවල සංචාරය කළේ ය. බොහෝ ගම්මානව තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් වුනේ , ඉන්ධන නොමැතිකමින්, ගොවිතැන් බතක් කරගන්නට නොහැකි වීමයි. පවතින ආර්ථික අර්බුදය හමුවේ බොහෝ දෙනෙකුට කූලි වැඩක් පවා සොයා ගැනීම අසීරු කටයුත්තක් වෙලා. බීමට පිරිසිදු වතුර බිඳක් සොයා ගැනීම ද මේ ජනතාව මුහුණ දී ඇති තවත් ගැටලුවකි. මේ නිසාම මෙම ප්‍රදේශය තුළ වකුගඩු රෝගය ද සීඝ්‍රයෙන් ව්‍යාප්ති වී තිබේ. ගම්මැද්ද තවත් කණ්ඩායමක් අද කළුතර දිස්ත්‍රික්කයේ සංචාරය කළේ ය. එහිදි ඔවුන් මිල්ලනිය, උඩුවර, මුවපට්ටිය ඇතුළු ගම්මාන රැසක ජන ගැටලු සොයා බැලුවේ ය. මුවපට්ටිය ගම්වාසීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වුණේ විදිමත් මාර්ග පහසුකම් නොමැතිකමයි. පුංචි බොක්කුවක් හදාගන්න තිබුණා නම් කිලෝ මීටරයකින් යන ගමන අද ඔවුන්ට යන්න වෙලා තියෙන්නේ , කිලෝමීටර් 9 ක රවුමකින් ය. මේ නිසා පාසල් සිසුන් ඇතුළු ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවට මුහුණ දී සිටී. ගම්වාසීන් - බෝක්කුව හදලා දුන්නා නම් කිලෝමීටරයක් විතර යන්න තියෙන්නේ. ඕකේ බයිසිකල් කීපයක් වැටිලා තුවාල වෙලා තියෙනවා. ඔන්න ඕය බොක්කුව තමයි ලොකුම ප්‍රශ්නේ. පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම ප්‍රදේශවල ජනතාව මුහුණ දී ඇත්තේ දැඩි පීඩාවටකටයි. හෙට දිනයේත් යාපනය , මාතලේ සහ කළුතර දිස්ත්‍රික්කවල අප කණ්ඩායම් ඔබ සොයා පැමිණෙනු ඇති. |
2022-10-05T14:44:30.000Z | ශ්‍රී ලංකාව ගැන තවත් යෝජනාවක් හෙට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට.. | ලංකාව ගැන යෝජනාවක් UN මානව හිමිකම් කවුන්සිලයට.. | COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට හෙට(06) ඉදිරිපත් වෙයි. ජිනීවා නුවර සිටින විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද(05) මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ප්‍රකාශ කළේ, බලවත් රටවල් රැසක් එක්ව මේ යෝජනාව ඉදිරිපත් කර ඇති බවය. ඔවුන් මානව හිමිකම් ආයුධයක් ලෙස යොදාගෙන ශ්‍රී ලංකාව ජීවිතාන්තය දක්වා පාලනය කිරීමට උත්සාහ කරන බව විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ ය. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මේකෙන් උත්සාහ කරන්නේ මානම හිමිකම් කියන මේ ආයුධය උපයෝගී කරගෙන ජීවිතාන්තය දක්වා අපිව පාලනය කිරීමට යොදා ගැනීමට උත්සාහා කිරීම දිගින් දිගටම ඔවුන් ආයුධයක් හැටියට පාවිච්චි කරලා මේ රටේ ස්වාධිපත්‍යට හා ස්වාධිනත්වයට හානි කිරිමට යොදා ගන්නවා. අවාසනාවට වගේ රට තුළ පත්වෙලා තියන මේ ව්‍යාකූලත්වය තුළ ශ්‍රී ලාංකිකයෝ බෙදුම්වාදී ඇජෙන්ඩාවක් ඉදිරියට ගෙන යන අය විරුද්ධව පෙල ගැහෙන ශ්‍රී ලාංකිකයෝ තුළ වෙනසක් බෙදීමක් වෙලා තියනවා අපට නෑ කියන්න බෑනේ. ඒ බෙදීම ඉතාමත් ලස්සනට බෙදුම්වාදී ප්‍රවාහයේ සිටින අය ප්‍රයෝජනයට අරන් තියනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරට හමුවේ හෙට කරුණු දැක්වීමට සූදානම් වන විදේශ කටයුතු අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළත්, මෙවර ඉදිරිපත්ව ඇති යෝජනාවේ ඇත්තටම සඳහන් වන්නේ මොනවාද? අමෙරිකාව, එංගලන්තය, කැනඩාව, උතුරු අයර්ලන්තය, උතුරු මැසඩෝනියාව, ජර්මනිය, මලාවි සහ ලක්සර්ම්බර්ග් යන රටවලින් සමන්විතය මධ්‍යගත කණ්ඩායම මේ යෝජනාවේ කෙටුම්පත දැන් ප්‍රසිද්ධ කර තිබේ. එහි කරුණු 19 ක් ඇතුළත් ය. ඉන් කරුණු මුල් කරුණු දෙකෙන්ම මානව හිමකම් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර අගය කර තිබේ. යෝජනාවේ ඇතුළත් කරුණු 19 න් 9 ක්ම වෙන්කර ඇත්තේ ආර්ථික අර්බුදය හා මෑත කාලීනව සිදුවූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ය. ආහාර සුරක්ෂිතාවය බිඳ වැටීම, බරපතල ඉන්ධන හිඟය, අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය සහ පවුල් ඒකකවල ආදායම් අඩුවීම වැනි කරුණු කෙරෙහි අදාළ යෝජනාවලියෙන් දැඩි අවදානයක් යොමු කර තිබේ. එහි සඳහන් වන්නේ, ආර්ථික අවපාතය හේතුවෙන් මානව අයිතිවාසිකම්වලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි. සාමකාමී විරෝධතාවලට එල්ල වූ බාධා ඊට සහභාගීවූවන් අත්අඩංගුවට ගැනීම මෙන්ම ආණ්ඩුවට සහය දක්වන්නන්ට එරෙහිව උද්ගත වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී සිදුවූ මරණ තුවාලවීම් හා දේපොළ විනාශ කිරීම පිළිබඳව ද මේ යෝජනාවේ අවධානය යොමුකර තිබේ. මානව හිමිකම් කවුන්සිලයට මධ්‍යගත කණ්ඩායම යෝජනා කරන්නේ, වත්මන් ආර්ථික අර්බුදය වහා විමර්ශනය කර ඊට වගකිව යුතු වත්මන් හා හිටපු රාජ්‍ය නිලධාරීන් පිළිබඳව අවශ්‍ය ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවයි. මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවී සිටින සිවිල් ක්‍රියාකාරීන් පසුපස ලුහුබැදීම නවත්වා ඔවුන්ට එරෙහිව ගෙන යන ප්‍රහාරයන් පිළිබඳව ද වහා විමර්ශනය කරන ලෙස මේ යෝජනාවේ ඉල්ලා තිබේ. මෙවර සැසිවාරයට මහකොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවේ අවධාරණය කර තිබුණේ, ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවයි. |
2022-10-05T14:32:02.000Z | හෙට සහ අනිද්දා විදුලි කප්පාදුව පැය 2යි විනාඩි 20යි.. | හෙට සහ අනිද්දා විදුලි කප්පාදුව පැය 2යි විනාඩි 20යි | COLOMBO (News 1st) – හෙට(06) සහ අනිද්දා දින දෙකේ පැය 2 යි විනාඩි 20 ක කාලයක් සදහා විදුලිය කප්පාදු කිරිමට අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව A සිට W දක්වා කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1ක් සහ රාත්‍රියේ පැය 1යි විනාඩි 20ක් විදුලිය කප්පාදු කරනු ඇති. |
2022-10-05T08:59:42.000Z | ආර්ථික අර්බුදයේ බලපෑමෙන් මෙරට ජනතාව කුසගින්නේ - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් | ආර්ථික අර්බුදය නිසා මෙරට ජනතාව කුසගින්නේ.. | COLOMBO (News 1st) – ආර්ථික අර්බුදයේ බලපෑමෙන් මෙරට ජනතාව අතර කුසගින්න සහ දුප්පත්කම පැතිරීම ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වීමක් බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය වාර්තාවක් නිකුත් කරමින් පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සෞඛ්‍ය, ආහාර හා සමාජ ආරක්ෂණ අයිතීන් සුරැකීම පිළිබඳව ඔවුන් සකස් කළ මේ වාර්තාව පිටු 57කින් සමන්විතයි. එහි දැක්වෙන්නේ, මෙරට ආහාර ද්‍රව්‍ය මිල ගණන් සැලකීමේදී වසරක් තුළ බිත්තර මිල 124.1% කින්ද , පරිප්පු මිල 185.9% කින්ද , අර්තාපල් 125.3% කින්ද, සීනි මිල 151.1% කින්ද ඉහළ ගොස් ඇති බවයි. පසුගිය අප්‍රේල් මාසයේ දී මෙරට ඖෂධ මිල 40%කින් ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා දුන් අතර, අගෝස්තු මාසය වනවිට ජීවිතාරක්ෂක ඖෂධ 2ක් ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 188ක හිඟයක් පැවැති බවද අදාළ වාර්තාවේ සඳහන් ය. අත්‍යාවශ්‍ය ශල්‍ය උපාංග 2,724 ක් හිඟව පැවැති බව ද ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වාර්තාවේ දැක්වෙයි. මිලියන 6.2 ක් එනම් ජනගහනයෙන් 28% ක් දැඩි ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව පවසන ඇම්නෙස්ටි ඉන්ටර් නැෂනල් වාර්තාවේ සදහන් වන්නේ, මිලියන 5.7 කට එනම් ජනගහණයෙන් හතරෙන් එකකට මානුෂීය ආධාර අවශ්‍ය බවයි. මෙරට ළමා මන්දපෝෂණය ඉහළ යාම සම්බන්ධයෙන් වාර්තාවේ පරිච්ඡේදයක් වෙන්කර ඇති අතර එහි දැක්වෙන්නේ ඉහළ යන ළමා මන්දපෝෂණය මගින් දිර්ඝ කාලීන බලපෑමක් ඇතිකරන බවයි. මේ වසරේ ජූනි මාසය වනවිට කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහලට ඇතුළු කළ ළමුන්ගෙන් පහෙන් එකක් ඌණ පෝෂණයෙන් පෙළුණු අය බව ද ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වාර්තාව පෙන්වා දෙයි. |
2022-10-05T11:43:10.000Z | ආහාර විෂ වීමකින් පාසල් සිසුන් 18 දෙනෙකු රෝහල්ගත කෙරේ.. | ආහාර විෂ වීමකින් පාසල් සිසුන් 18ක් රෝහලට.. | COLOMBO (News 1st) – ආහාර විෂ වීමකින් බුත්තල, පැල්වත්ත ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 18 දෙනෙකු රෝහල්ගත කර තිබේ. පොලීසිය පැවසුවේ, එම සිසුන්ගෙන් මේ වනවිට දෙදෙනෙකු පමණක් වැල්ලවාය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවය. ඔවුන් 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකි. අනෙකුත් සිසුන් ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව රෝහලින් පිටව ගොස් තිබේ. |
2022-10-05T11:28:54.000Z | සනත් නිශාන්තට සිතාසි.. | සනත් නිශාන්තට සිතාසි.. | COLOMBO (News 1st) – අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ලබන 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා අභියාචනාධිකරණය අද (05) රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට සිතාසි නිකුත් කළේ ය. ඒ , ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි. නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඔහුට සිතාසි නිකුත් කළේ ය. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ඉකුත් අගෝස්තු මස 23 වැනිදා වග උත්තරකාර නිශාන්ත මහතා කළ ප්‍රකාශයකින් මහේස්ත්‍රාත්වරුන්ගේ ඇප ලබාදීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කර ඇති බවයි. ඇප ලබාදීමේ ක්‍රියාවලිය නිසා නීතියේ ආධිපත්‍ය බිඳ වැටෙන බවට ඔහු විසින් අවධාරණය කර ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙය අධිකරණයට සිදු කළ බරපතල අපහාසයක් බවත් අවධාරණය කළේ ය. ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සෑහීමකට පත්වූ විනිසුරු මඩුල්ල වගඋත්තරකාර සනත් නිශාන්ත මහතාට ඔක්තෝම්බර් මස 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස නියෝග කරනු ලැබුවේ ය. එම චෝදනාව සම්බන්ධයෙන්ම තවත් නීතිඥවරු දෙදෙනෙකු විසින් ගොනු කළ පෙත්සම් දෙකක්ද ඔක්තෝබර් මස 13 වැනිදා කැඳවීමට නියමිත ය. එම පෙත්සම්වලට අදාළව ද සනත් නිශාන්ත මහතාට එදින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අභියාචනාධිකරණය විසින් දැනටමත් සිතාසි නිකුත් කර තිබේ. |
2022-10-05T08:11:19.000Z | දුරකතන ගාස්තු යළි ඉහළට.. | දුරකතන ගාස්තු යළි ඉහළට.. | COLOMBO (News 1st) - අද(05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකතන සමාගම් සිය ගාස්තු යළිත් ඉහළ දැමීමට තීරණය කර තිබේ. 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයකිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බව දුරකතන සමාගම් නිවේදනය කළේය. ඒ අනුව නව ගාස්තු මෙසේය. Dialog - https://dlg.dialog.lk/revision Mobitel - https://www.mobitel.lk/Price-Revisions-October-2022 Airtel - https://www.airtel.lk/price-change/ Hutch - https://hutch.lk/price-revision/ |
2022-10-05T06:18:14.000Z | අඩු කළ පසු ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න | අඩු කළ පසු ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න | COLOMBO (News 1st) - කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 271 කින් පහළ දමා තිබේ. ඒ අනුව, එහි නව මිල රුපියල් 4,280 කි. මීට අමතරව කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 107 කින් පහළ දමා තිබේ. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 1,720කි. කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩර්වල මිල රුපියල් 48 කින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 800කි. ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා මේ බව සඳහන් කළේ, අද පැවති මාධ්‍ය හමුවකදීය. |
2022-10-05T05:29:43.000Z | ජාතික සභාවේ ජීවන් තොණ්ඩමන්ගෙන් හිස්වූ පුටුව එම්. රාමේෂ්වරන්ට | ජාතික සභාවේ තොණ්ඩමන්ගෙන් හිස්වූ පුටුව රාමේෂ්වරන්ට | COLOMBO (News 1st) - ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා ජාතික සභාවෙන් ඉවත්වීමෙන් වූ පුරප්පාඩුවට එම පක්ෂයේ සභාපති එම්. රාමේෂ්වරන් මහතා පත් කර තිබේ. |
2022-10-05T05:00:27.000Z | මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඉන්ධන බලපත්‍රයක් - හරීන් ප්‍රනාන්දු | මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඉන්ධන බලපත්‍රයක් | COLOMBO (News 1st) - මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා ඉන්ධන බලපත්‍රයක් අද (05) සිට නිකුත් කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, අද පාර්ලිමේන්තුවේදීය. |
2022-10-05T03:52:30.000Z | මනුෂ්‍ය ඝාතනවලට අදාළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට | මනුෂ්‍ය ඝාතන: සැකකරුවන් 2ක් කොටු | COLOMBO (News 1st) - මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු කොළඹ සේදවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන් පසුගිය 28 වැනි දා ග්‍රැන්ඩ්පාස් නව කැලණි පාලම අසළදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවන් බවයි. සැකකරුවන් සන්තකයේ තිබී රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්, අංක තහඩු වෙනස් කළ යතුරුපැදියක් හා ජංගම දුරකතන 4 ක් පොලීසිය භාරයට ගෙන ඇත. පොලීසිය ප්‍රකාශ කළේ, එක් සැකකරුවෙකු ජින්තුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ද වන බවයි. 29 හා 32 හැවිරිදි සැකකරුවන් අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. |
2022-10-05T01:13:22.000Z | නව සභාපතිවරයෙක් පත් කර ගැනීමට කෝපා කමිටුව අද රැස්වෙයි | කෝපා කමිටුව අද රැස්වෙයි | COLOMBO (News 1st) - නව සභාපතිවරයෙකු තෝරා ගැනීමට කෝපා කමිටුව අද (05) රැස් වෙයි. මේ අතර පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය සඳහා වූ විවාදය අද දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනු ඇත. |
2022-10-05T00:52:11.000Z | උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට | උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට | COLOMBO (News 1st) - දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, වැල්ලව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමෙන් ඊයේ(04) රාත්‍රි උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගත් බවයි. අද (05) අලුයම දුම්රිය පීලිගත කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඊයේ රාත්‍රි එලෙස පීලි පැනීමට ලක්වූයේ අනුරාධපුරයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියකි. |
2022-10-05T00:49:24.000Z | මැයි 9 ප්‍රහාර: ස්ථාන මාරුවීම් දුන් පොලිස් ස්ථානාධිපතිවරුන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව | පොලිස් ස්ථානාධිපතිවරුන්ට අභියාචනා දීමට අවස්ථාව | COLOMBO (News 1st) - මැයි 9 ප්‍රහාර සම්බන්ධයෙන් ස්ථාන මාරුවීම් ලබාදුන් පොලිස් ස්ථානාධිපතිවරුන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදී තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙටිට්ආරච්චි මහතා සඳහන් කළේ, මැයි 9 ප්‍රහාර වළක්වා ගැනීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරුන්ට චෝදනා එල්ල වූ බවයි. මේ අතර නව පොලිස් ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අවසන් කර ඇත. ලේකම්වරයා සඳහන් කළේ, ලබන 10 වෙනි දායින් පසුව ස්ථානාධිපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි. මේ අතර පොලිස් ස්ථානාධිපතිවරුන් 23 දෙනෙකුට පසුගිය දා ස්ථාන මාරුවීම් ලබා දී ඇත. |
2022-10-05T00:34:36.000Z | කොමිස් ගැටලුව අවසන්: ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය පරිදි | ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය පරිදි | COLOMBO (News 1st) - අද (05) සිට සාමාන්‍ය පරිදි ඉන්ධන ඇණවුම් කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. එහි ලේකම් කපිල නාඔටුන්න මහතා සඳහන් කළේ, කොමිස් මුදල් ගැටලුව විෂයභාර අමාත්‍යවරයා විසින් ඊයේ දිනයේදී විසඳු බවය. ඒ අනුව සෑම පිරවුම්හලකම සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදා හැරීම අද සිදු කරන බව ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර ඊයේ(04) උදෑසන වනවිට කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඇතැම් සිපෙට්කෝ පිරවුම්හල්වල ඉන්ධන තිබුණේ නැත. ඉන්ධන පැවති සිපෙට්කෝ සහ අයි.ඕ.සී පිරවුම්හල්වල තරමක් දිගු පෝලිම් දක්නට ලැබුණි. |
2022-10-05T00:30:21.000Z | ජනතා ගැටලු සොයා යන ගම්මැද්ද ගෙයින් ගෙට 6වන අදියර අද සිට ක්‍රියාත්මකයි.. | ගම්මැද්ද ගෙයින් ගෙට 6වන අදියර අද සිට.. | COLOMBO (News 1st) - ජනතා ගැටලු සොයා යන මහජන ක්‍රියාන්විතය ගම්මැද්ද ගෙයින් ගෙට 06 වන අදියර අද (05) ආරම්භ වේ. යාපනය, මාතලේ සහ කළුතර දිස්ත්‍රික්ක ආවරණය කරමින් අද (05) ගම්මැද්ද කණ්ඩායම් ජනතා ගැටලු සොයා සංචාරය කරනු ඇති. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහාය ද මීට හිමිවනු ඇත. ගම්මැද්ද, අද වනවිට රටේ ලොකු කුඩා කවුරුත් හඳුනන්නේ ගමට වැඩක් කරන රට නගන ජන පවුර ලෙසය. ජනතාව සමග ජනතාව උදෙසා ගම්මැද්ද ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ සැබෑ අවශ්‍යතා සොයා බලමිනි. |
2022-10-05T00:23:10.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | 1. පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට.. - පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ. 2. ගම්මැද්ද ගෙයින් ගෙට 06 වන අදියර හෙට සිට.. - ගම්මැද්ද ජනතාව වෙනුවෙන් තවත් පියවරක් තැබුවේ ය. 3. CID අධ්‍යක්ෂකට ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද කමිටුව හමුවේ පෙනි සිටින්නැයි දැනුම්දීමක් - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයාට ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද කමිටුව හමුවෙ පෙනී සිටින්නැයි දැනුම් දී තිබේ. 4. වසන්ත මුදලිගේගේ ආරක්ෂාව තහවුරු කරන්න – මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිට උපදෙස්.. - දැනට රැඳවුම් භාරයේ පසුවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේගේ ජිවිත ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගත යුතු බව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි. 5. තිරිඟු පිටි මිල ඉහළට.. - ප්‍රධාන සමාගම් දෙකම තිරිඟු පිටි මිල ඉහළ දමා ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. |
2022-10-04T16:10:25.000Z | උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්.. | උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්.. | COLOMBO (News 1st) – වැල්ලවදී දුම්රියක් පීලි පැනීමෙන් උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. |
2022-10-04T15:22:13.000Z | පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට.. | පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට.. | COLOMBO (NEWS1ST): පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතා පා ගමන අතරතුරදී ය. පුජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් මේ වනවිට කඩවත පොලීසියට රැගෙන විත් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය. |
2022-10-04T14:24:53.000Z | ගම්මැද්ද ගෙයින් ගෙට 06 වන අදියර හෙට සිට.. | ගම්මැද්ද ගෙයින් ගෙට 06 වන අදියර හෙට සිට.. | COLOMBO (NEWS1ST): ගම්මැද්ද ජනතාව වෙනුවෙන් අද(04) තවත් පියවරක් තැබුවේ ය. ඒ, ජනතා ගැටලු සොයා යන මහජන ක්‍රියාන්විතය ගම්මැද්ද ගෙයින් ගෙට 06 වන අදියර දියත් කරමින් ය. ගම්මැද්ද ගෙයින් ගෙට 6 වන අදියර අද දියත් කෙරුණේ කොළඹදී පැවැති සර්ව ආගමික් වතාවත්වලින් පසුවයි. මෙවරත් ගම්මැද්ද ගෙයින් ගෙට ගමනට පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක්ව සිටී. ගම්මැද්ද , අද වනවිට රටේ ලොකු කුඩා කවුරුත් හඳුනන්නේ ගමට වැඩක් කරන රට නගන ජන පවුර ලෙසය. ජනතාව සමග ජනතාව උදෙසා ගම්මැද්ද ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ සැබෑ අවශ්‍යතා සොයා බලමින් ය. එම සැබෑ අවශ්‍යතා ගම්මැද්ද හඳුන්ගත්තේ පස්වරක්ම පේරාදෙණිය සරසවිය සමග ක්‍රියාත්මක කළ ගම්මැද්ද ගෙයින් ගෙට විධිමත් අධ්‍යයනයකින් පසුවයි. කොවිඩ් ව්‍යාපෘතියත්, ආර්ථික දුෂ්කරතා මත මේ වනවිට රටේ ජනතාව විවිධාකාර ගැටලුවලට මුහුණ දෙමින් සිටී. එම ජනතාවගේ සමාජ, ආර්ථික ඇතුළු ප්‍රශ්න හඳුනා ගැනීමට ගම්මැද්ද යළි සූදානම්. ගම්මැද්ද ගෙයින් ගෙට 06 වන අදියර හෙට උදෑසන යාපනය , මාතලේ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ආරම්භ වේ. |
2022-10-04T08:31:44.000Z | 2022 වසරේ භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් 3කට.. | භෞතික විද්‍යාවේ නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් 3කට.. | COLOMBO (NEWS1ST): 2022 වසරේ භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට හිමිව තිබේ. ඒ , ඇලන් ඇස්පෙක්ට්, ජෝන් එෆ්. ක්ලෝසර් සහ ඇන්ටන් සයිලින්ගර්ටයි. ඔවුන් තිදෙනා පිළිවෙන් ප්‍රංශ, අමෙරිකානු හා ඔස්ට්‍රියානු ජාතිකයින් වේ. නොබෙල් ත්‍යාගය හිමිව ඇත්තේ, ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පිළිබඳව සිදු කළ අත්හදා බැලීම් සම්බන්ධවයි. |
2022-10-04T13:45:53.000Z | CID අධ්‍යක්ෂකට ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද කමිටුව හමුවේ පෙනි සිටින්නැයි දැනුම්දීමක්.. | CID අධ්‍යක්ෂකට දැනුම්දීමක්.. | COLOMBO (NEWS1ST): අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂවරයාට ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද කමිටුව හමුවෙ පෙනී සිටින්නැයි දැනුම් දී තිබේ. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතාගේ දුරකතනය අනවසරයෙන් සවන් දී ඇතැයි මන්ත්‍රීවරයා කළ පැමිණිල්ලකට අදාළව කෙරෙන විමර්ශනයකට අදාළවයි. මන්ත්‍රි වරප්‍රසාද කඩ කිරීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පාර්ලිමේන්තුවේ බලතල සහ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන බව, එහි සභාපති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ ය. |
2022-10-04T13:13:41.000Z | වසන්ත මුදලිගේගේ ආරක්ෂාව තහවුරු කරන්න - මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිට උපදෙස්.. | මුදලිගේගේ ආරක්ෂාව තහවුරු කරන්න.. | COLOMBO (NEWS1ST): දැනට රැඳවුම් භාරයේ පසුවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේගේ ජිවිත ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගත යුතු බව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය සඳහන් කළේ, පොලීසිය වගකීමෙන් කටයුතු කළ යුතු බවට පොලිස්පතිට උපදෙස් දී සිටින බවය. සියලුම පුද්ගලයින්ට නීතියේ සමාන ආරක්ෂාව හිමිවී ඇති අතර දේශපාලන මතය මත කිසිදු පුරවැසියෙකු වෙනස්කොට සැලකීම නොකළ යුතු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි. මාධ්‍යවල පලවූ තොරතුරු පදනම් කර ගනිමින් පොලිස්පතිවරයා වෙත එම උපදෙස් නිකුත් කළ බව මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කළේ ය. |
2022-10-04T12:47:55.000Z | තිරිඟු පිටි මිල ඉහළට.. | තිරිඟු පිටි මිල ඉහළට.. | COLOMBO (NEWS1ST): ප්‍රධාන සමාගම් දෙකම තිරිඟු පිටි මිල ඉහළ දමා ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 13කින් ඉහළ දමා තිබේ. |
2022-10-04T12:32:58.000Z | දේශීය කිරි පිටි මිල ගණන් ඉහළට.. | දේශීය කිරි පිටි මිල ගණන් ඉහළට.. | COLOMBO (NEWS1ST): දේශීය කිරි පිටි මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ , අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි. ඒ අනුව ග්‍රෑම් 400 දේශීය කිරි පිටි පැකට්ටුවක් වැඩි කර ඇත්තේ රුපියල් 100කින් ය. කිලෝග්‍රෑම් 01 ක දේශීය කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 230 කින් වැඩි කර තිබේ. මේ අතර, මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා මහතා සඳහන් කළේ, රු.850කට තිබූ ග්‍රෑම් 400ක කිරි පිටි පැකට්ටුවක් 950 කටත්, 2120කට තිබූ කිලෝග්‍රෑම් 01ක කිරි පැකට්ටුවක් 2350ක් දක්වා මිල ඉහළ යනු ඇති බවය. |
2022-10-04T12:31:25.000Z | අන්තරේ පාගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර.. | අන්තරේ පාගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර.. | COLOMBO (NEWS1ST): අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය හා බහුජන සංවිධාන එකමුතුව සංවිධානය කළ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලිසිය අද(04) පස්වරුවේ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේ ය. ඒ , කැලණිය විශ්ව විද්‍යාලය ආසන්නයේදී ය. මර්දනයට එරෙහිව සංවිධානය කර තිබු මෙම විරෝධතා පා ගමන කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කර කිරිබත්ගොඩ නගරය දක්වා ගමන් කිරිමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් පැය 6කට පෙර විරෝධතා කිරීම සඳහා අවසර ලබා නොගැනීම නිසා පිරිසට විසිර යන්නයි පොලිසිය අවස්ථා දෙකකදී දැනුම් දුන්නේ ය. එම නිවේදන නොසලකා පිරිස ඉදිරියට ගමන් කිරීමත් සමග පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය. |
2022-10-04T10:19:00.000Z | සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කෙරේ.. | සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩු කෙරේ.. | COLOMBO (NEWS1ST): අද (04) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල පහළ දමා තිබේ. ඒ අනුව INSEE සංස්ථා සහ INSEE මහවැලි මැරීන් ප්ලස් කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක් රු.100කින් අඩු කෙරෙනු ඇති. |
2022-10-04T06:55:40.000Z | ගෑස් සිලින්ඩරයක මිල රු. 200 - 300 කින් පහත දමනවා - ලිට්‍රෝ සමාගම | ගෑස් සිලින්ඩරයක මිල රු. 200 - 300 කින් පහත දමනවා | COLOMBO (News 1st) - ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 ත් 300 ත් අතර අගයකින් පහත දමන බව ලිට්‍රෝ සමාගම පවසයි. එම සමාගම සඳහන් කළේ, නව මිල ගණන් හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන බවය. සංශෝධිත නව මිල ගණන් හෙට පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ද ලිට්‍රෝ සමාගම සඳහන් කළේ ය. |
2022-10-04T05:39:53.000Z | හර්ෂ ද සිල්වාගෙන් හිස් වූ කෝප් කමිටුවේ පුටුව චරිත හේරත්ට | හර්ෂගෙන් හිස් වූ කෝප් කමිටුවේ පුටුව චරිත හේරත්ට | COLOMBO (News 1st) - කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ සාමාජිකත්වයට එහි හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, අද (04) පාර්ලිමේන්තුවේදීය. සමගි ජන බලවේගය විසින් අදාළ කාරක සභාවට නම් කළ ආචාර්ය හර්ෂ ද සිල්වා එම සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවට දැනුම් දී ඇති බැවින් චරිත හේරත් මහතා ඊට නම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසුවේ ය. |
2022-10-04T04:46:34.000Z | බඩ ඉරිඟු ආනයනයට අවසර | බඩ ඉරිඟු ආනයනයට අවසර | COLOMBO (News 1st) - බඩ ඉරිඟු ආනයනයට අවසර දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ඒ අනුව ඉන්දියාවෙන් බඩ ඉරිඟු මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ විසි පන්දහසක් ආනයනයට අවසර දී ඇති බවයි. එම අවසරයට යටත්ව මේ වන විටත් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයකට අධික තොගයක් මෙරටට ආනයනය කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසුවේ. අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දෙන්නේ, එම තත්ත්වය තුළ සත්ත්ව ආහාර මිල ගණන් යම් ප්‍රමාණයකින් හෝ අඩු වනු ඇති බවයි. ඉන්දියාවේ බඩ ඉරිඟු මිල ඉහළ අගයක පැවතීම හමුවේ ආනයන අවසර දී තිබුණ ද ආනයනය ප්‍රමාද වූ බව අමාත්‍යවරයා පැවසුවේ ය. |
2022-10-04T02:58:00.000Z | සේවා 3ක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක් | සේවා 3ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ.. | COLOMBO (News 1st) - සේවා 3 ක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබේ. ඒ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි. මේ අනුව, විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්වල, සාත්තු නිවාස වල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම ඇතුළු සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කරනු ලැබ තිබේ. |
2022-10-04T02:04:12.000Z | වසර 05කට පසු උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිලයක් එල්ල කරයි | ජපාන බලධාරීන්ගෙන් එරට පුරවැසියන්ට අනතුරු ඇඟවීමක් | News 1st - උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිලයක් එල්ල කර තිබේ. ඒ, වසර 5 කට පමණ පසු වීම විශේෂත්වයකි. අත්හදා බැලීමක් සඳහා මෙම බැලැස්ටික් මිසයිලය එල්ල කර ඇති අතර මේ හේතුවෙන් උතුරු ජපානයේ දුම්රිය මෙහෙයුම් ද තාවකාලිකව අත්හිටුවා ඇත. මේ පිළිබඳව වාර්තා කළේ, දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් සහ ජපාන වෙරළාරක්ෂක බලකාය විසිනි. එම වාර්තාවලට අනුව උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඉහළින් මෙම අත්හදා බැලීමේ මිසයිලය දියත් කර ඇතැයි සඳහන් ය. මිසයිලය පැසිෆික් සාගරයට පතිත වීමට පෙර තම භූමිය හරහා පියාසර කරන බැවින් ආවරණය වී සිටින්නැයි ජපාන බලධාරීන් එරට පුරවැසියන්ට අනතුරු ඇඟවිය. ජපානය අවධාරණය කළේ, 2017 වසරෙන් පසු ජපානයට ඉහළින් පියාසර කළ පළමු මිසයිලය වන මෙය විනාශ කිරීමට කිසිදු ආරක්ෂක උපක්‍රමයක් භාවිත නොකළ බවයි. |
2022-10-04T01:45:39.000Z | ජනතා ගැටලු සොයා යන ගම්මැද්ද ගෙයින් ගෙට 6වන අදියර හෙට සිට.. | ගම්මැද්ද ගෙයින් ගෙට 6වන අදියර හෙට සිට | COLOMBO (News 1st) - ගම්මැද්ද ගෙයින් ගෙට 6වන අදියර හෙට(05) ආරම්භ වේ. දිවයිනම ආවරණය වන පරිදි සිදු කරන මේ ක්‍රියාන්වියෙහි සමාරම්භක උත්සවය අද (04) පෙරවරුවේ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ. හෙට සිට මාසයක් පුරාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් සමග එක්ව ගම්මැද්ද කණ්ඩායම් ගෙයින් ගෙට යමින් ජන ගැටලුවලට සවන් දෙනු ඇති. |
2022-10-04T01:37:53.000Z | දිස්ත්‍රික්ක 3කට යූරියා පොහොර පළමු තොගය බෙදා හැරේ | දිස්ත්‍රික්ක 3කට යූරියා පොහොර පළමු තොගය බෙදා හැරේ | COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක 3 කට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 175,000ක පළමු තොගය බෙදා හැරි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ, මහ කන්නයේ බඩඉරිඟු වගාව වෙනුවෙනි. කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව මොණරාගල, කුරුණෑගල හා අනුරාධපුරය යන දිස්ත්‍රික්ක 3කට යූරියා බෙදා හැරීම මේ වනවිට ආරම්භ කළ බවය. ඒ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත කොමර්ෂල් පොහොර සමාගම විසිනි. මේ අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව, ඇතිමලේ හා දඹගල්ල ප්‍රදේශවල බඩඉරිඟු වගාව සඳහා යුරියා පොහොර මෙට්‍රික් ටොන් 75,000ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රදේශයට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ, ගලෙන්බිඳුණුවැව හා යකල්ල ප්‍රදේශවලට යූරියා මෙට්‍රික් ටොන් 75,000ක් ද වශයෙන් මේ වනවිට බෙදා හැර ඇතැයි සඳහන් වේ. |
2022-10-04T01:30:04.000Z | නිසි විශ්ලේෂණයක් ලබාදීමට අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට | ආයෝජන මණ්ඩලය මුදල් කාරක සභාව හමුවට | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට අද (04) කැඳවා තිබේ. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයන්ට සිය අනුමැතිය හිමි නොවන බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ඊයේ දැනුම් දුන් බවයි. ඒ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් ලබා නොදීම හේතුවෙනි. මෙරට ආයෝජනය සිදු කරන සමාගමකට වසර 12ක බදු සහන ලබාදීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ මෙම නියමය හරහා මෙරට ආර්ථිකයට හිමිවන ප්‍රතිලාභ සම්බන්ධයෙන් කාරක සභා සභාපතිවරයා, ආයෝජන මණ්ඩලයෙන් විමසා ඇත. එහිදී ඊට අදාළව ප්‍රමාණවත් තොරතුරු ලබා දීමට ආයෝජන මණ්ඩලය අපොහොසත් වීම හේතුවෙන් සිය බලවත් අප්‍රසාදය පළ කළ කමිටු සභාපතිවරයා මේ මොහොතේ ඊට අනුමැතිය ලබා දිය නොහැකි බව ප්‍රකාශ කළේ ය. මේ අනුව අද පෙරවරු 9.00 වන විට සියලු දත්ත සහ විශ්ලේෂණ සහිතව කමිටුවට පැමිණෙන ලෙස ආයෝජන මණ්ඩලයට දැනුම් දී තිබේ. එසේ පැමිණීමට නොහැකි නම් අදාළ ගැසට් පත්‍රයට මුදල් කාරක සභාවේ අනුමැතිය හිමි නොවන බව ද දැනුම් දී ඇත. 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ අංක 2291/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ නියමයන් අද (04) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. |
2022-10-04T01:02:58.000Z | පුද්ගලයින් ලක්ෂ 5 කට ස්ථිර රියැදුරු බලපත්‍ර කාඩ්පත් නැහැ - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව | මෙරට ලක්ෂ 5 කට ස්ථිර රියැදුරු බලපත්‍ර කාඩ්පත් නැහැ | COLOMBO (News 1st) - පුද්ගලයින් ලක්ෂ 5කට පමණ මේ වනතෙක් ස්ථිර රියැදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කිරීමට නොහැකි වී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ, අදාළ කාඩ්පත් මෙරට නොමැති වීම හේතුවෙන් ඔවුන්ට තාවකාලික රියැදුරු බලපත්‍ර ලබා දීමට කටයුතු කර ඇති බවයි. මේ වනවිට අදාළ කාඩ්පත් ලක්ෂ 10ක් පමණ ඇණවුම් කර ඇති අතර එහි ලක්ෂ 5ක කාඩ්පත් පළමු තොගය මේ මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ ය. ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 43කි. |
2022-10-04T00:57:58.000Z | ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියට බාධාවක් නැහැ...- ඇමති කංචන | ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියට බාධාවක් නැහැ... | COLOMBO (News 1st) - දැනට ඇණවුම් කර ඇති තොග පමණක් අද (04) දිනයේ බෙදා හරින බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි. විදුලිබල හා බලශක්ති ආමත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ, ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලියට බාධාවක් ඇති නොවන බවය. නොමඟ යවනසුළු ප්‍රකාශ මගින් කලබල නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. මේ අතර අද(04) උදෑසන 8.00 සිට දිවයින පුරා ඉන්ධන ඇණවුම් කිරීමේ කටයුතුවලින් ඉවත්වීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ, බෙදුම්කරුවන් වෙත ලබාදුන් වට්ටම් මුදලින් 45% ක ප්‍රමාණයක් නැවත අය කර ගැනීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගැනීමට විරෝධය පළ කරමිනි. ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ ලේකම් කපිල නාඔටුන්න මහතා සඳහන් කළේ, ඛනිජ තෙල් සංස්ථාව ආරම්භ වූ දා පටන් බෙදුම්කරුවන්ට 2.5%ක මාසික පරිහරණ ගාස්තුවක් ගෙවන බවය. එසේ තිබියදී මාසිකව ගෙවූ වට්ටම් මුදලින් 45%ක මාසික පරිහරණ ගාස්තුවක් නැවත අය කර ගැනීමට ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන ඇත. ඔහු සඳහන් කළේ, ඊයේ සිට එම ගාස්තුව අය කර ගැනීමට සංස්ථාව කටයුතු කළ බවය. ඒ අනුව ඊට විරෝධය පළ කරමින් ඉන්ධන ඇණවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව කපිල නාඔටුන්න මහතා සඳහන් කළේ ය. |
2022-10-04T00:50:12.000Z | ඩීසල් සහ බොරතෙල් නෞකා 02කට මෙතෙක් මුදල් ගෙවා නැහැ - විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය | ඩීසල්,බොරතෙල් නෞකා 02කට මෙතෙක් මුදල් ගෙවා නැහැ | COLOMBO (News 1st) - මෙරටට සේන්දු වූ ඩීසල් සහ බොරතෙල් නෞකා 2 කට මේ වනතෙක් මුදල් ගෙවා නැතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ, එම ඩීසල් නෞකාවේ මෙට්‍රික් ටොන් 40,000ක් සහ බොරතෙල් නෞකාවේ මෙට්‍රික් ටොන් ලක්ෂයක් අඩංගු බවය. මීට අමතරව තවත් ප්‍රෙටල් මෙට්‍රික් ටොන් 37,000 ක් රැගෙන පැමිණ නොකාවේ තොග ගොඩබෑම ඊයේ (03) අවසන් කර තිබේ. තවත් ගුවන්යානා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් එකොලොස් දහසක් සහිතව මෙරටට ළඟා වූ නොකාවේ තොග මේ වනවිට ගොඩබාමින් ඇතැයි ද විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය. |
2022-10-04T00:36:57.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | 1. හෙට උදේ 8 සිට ඉන්ධන බෙදාහැරීමෙන් ඉවත් වෙනවා – ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය - අද (04) උදෑසන 8.00 සිට දිවයින පුරා ඉන්ධන ඇණවුම් කිරීමේ කටයුතුවලින් ඉවත්වීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. 2. ලිට්‍රෝ ගෑස් මිල ලබන 5 වැනිදා සිට පහළට - ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ලබන 05 වැනි බදාදා මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ. 3. තඹුත්තේගම මංකොල්ලකරුවන් අත්අඩංගුවට ගෙන වීර ක්‍රියාවක් කළ පොලිස් සැරයන්ට උසස්වීමක් - තඹුත්තේගමදී බැංකු කොල්ලකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් බී.ඒ.බුද්ධික කුමාර මහතා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර තිබේ. 4. කොප් සහ කෝපා කමිටුවලට මන්ත්‍රීවරු නම් කෙරේ. චරිත හේරත්ගේ නම හැලේ - පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව සඳහා නම් කළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කෙරිණ. 5. අර්බුදය ජය ගැනීමට සහය වනවා.. නමුත් ප්‍රකාශනයේ සහ රැස්වීමේ නිදහස තිබිය යුතුයි – යුරෝපා කොමිසම - අදහස් ප්‍රකාශ කිරීම හා රැස්වීමේ නිදහස මෙන්ම මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීමේ අත්‍යවශ්‍යව පවතින බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩලේ මහත්මිය පවසයි. |
2022-10-03T16:48:32.000Z | හෙට උදේ 8 සිට ඉන්ධන බෙදාහැරීමෙන් ඉවත් වෙනවා - ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය | හෙට උදේ 8 සිට ඉන්ධන බෙදාහැරීමෙන් ඉවත් වෙනවා | COLOMBO (News 1st) - හෙට(04) උදෑසන 8.00 සිට දිවයින පුරා ඉන්ධන ඇණවුම් කිරීමේ කටයුතුවලින් ඉවත්වීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ බෙදුම්කරුවන් වෙත ලබාදුන් වට්ටම් මුදලින්, සියයට 45ක ප්‍රමාණයක් නැවත අයකර ගැනීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගැනීමට විරෝධය පළ කරමිනි. මේ විරෝධතාව පංල කෙරෙන කාලය තුළ ඉන්ධන ඇණවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව කපිල නාඔටුන්න මහතා සඳහන් කළේ ය. |
2022-10-03T09:20:21.000Z | ලිට්‍රෝ ගෑස් මිල ලබන 5 වැනිදා සිට පහළට | ලිට්‍රෝ ගෑස් මිල ලබන 5 වැනිදා සිට පහළට | COLOMBO (News 1st) – ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල ලබන 05 වැනි බදාදා මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ. ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරීස් මහතා සඳහන් කළේ, මිල සූත්‍රයට අනුව මිල අඩු කරන බවයි. සෑම මසකම 05 වැනිදා මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කරන අතර, පසුගිය සැප්තැම්බර් 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහළ දැමිය. ඒ අනුව, කිලෝග්‍රෑම් 12 .5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,551 ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,827 කි. කිලෝග්‍රෑම් 2 . 3 ලිට්‍රෝ ගැස් සිලින්ඩරයක් මේ වන විට අලෙවි කෙරෙන්නේ, රුපියල් 848 ක මිලකටයි. |
2022-10-03T08:40:25.000Z | තඹුත්තේගම මංකොල්ලකරුවන් අත්අඩංගුවට ගෙන වීර ක්‍රියාවක් කළ පොලිස් සැරයන්ට උසස්වීමක් | තඹුත්තේගමදී පොලිස් සැරයන්ට උසස්වීමක් | COLOMBO (News 1st) – තඹුත්තේගමදී බැංකු කොල්ලකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් බී.ඒ.බුද්ධික කුමාර මහතා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර තිබේ. පසුගිය මස 26 වැනිදා තඹුත්තේගමදී ව්‍යාපාරිකයෙකු පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යමින් තිබූ රුපියල් කෝටී 2 කට අධික මුදලක් කොල්ලකා පලා යමින් සිටියදී කොල්ලකරුවන් සමග පොරබදා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට බුද්ධික කුමාර මහතා සමත් විය. ඒ කොල්ලකරුවන් සතුව තිබූ ගිනි අවිය ද උදුරා ගනිමිනි. |
2022-10-03T06:43:24.000Z | කොප් සහ කෝපා කමිටුවලට මන්ත්‍රීවරු නම් කෙරේ. චරිත හේරත්ගේ නම හැලේ... | කොප් කමිටුවේ හිටපු සභාපති චරිත හේරත්ගේ නම හැලේ... | COLOMBO (News 1st) – පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව සඳහා නම් කළ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කෙරිණ. ඒ කතානායක මහින්ද යපා අබේවර්ධන මහතා විසිනි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා නැවතත් අවධාරණය කළේ, මෙම කාරක සභාවල සභාපතිකම් විපක්ෂයට හිමි විය යුතු බවයි. මෙවර කෝප් කමිටුව සඳහා නම්කළ මන්ත්‍රීවරුන් අතරට කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත් හේරත් නම් කර නොමැත. මේ අතර පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා මෙවර එම කමිටුවෙන් ඉවත්කර තිබේ. ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වූ චරිත හේරත් මහතා මේ වනවිට අසුන්ගන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙසයි. තමන් අනුමාන කළ ආකාරයටම මාස දෙකක පමණ කාලයක් ප්‍රමාද වී ප්‍රකාශයට පත්කළ ලැයිස්තුවෙන් තම නම ඉවත්කර ඇති බව මේ සම්න්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ට්විටර් පණිඩයක් නිකුත්කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ ය. දූෂිත ක්‍රමයට පක්ෂව සිටින හොරු සහ ඩීල්කාරයින් දවකට ජයගෙන ඇතැයි, පවසන මහාචාර්ය චරිත හේරත් මහතා අවධාරණය කර ඇත්තේ ආර්ථික අපරාධ පිටුපස සිටි අයට අවශ්‍ය වූයේ තමන් ඔවුන්ගේ මාර්ගයෙන් ඉවත් කිරීම බවයි. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පිළිබඳව ලැජ්ජා වන බව ද ඔහු සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබේ. |
2022-10-03T06:37:38.000Z | අර්බුදය ජය ගැනීමට සහය වනවා.. නමුත් ප්‍රකාශනයේ සහ රැස්වීමේ නිදහස තිබිය යුතුයි - යුරෝපා කොමිසම | ''ප්‍රකාශනයේ සහ රැස්වීමේ නිදහස තිබිය යුතුයි'' | COLOMBO (News 1st) – අදහස් ප්‍රකාශ කිරීම හා රැස්වීමේ නිදහස මෙන්ම මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීමේ අත්‍යවශ්‍යව පවතින බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩලේ මහත්මිය පවසයි. ඇය කියා සිටියේ ආර්ථික අර්බුදය ජය ගනිමින් සෞභාග්‍ය කරා ගමන් කිරීමට යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට සහය වන බවයි. GSP ප්ලස් සහනය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබඳ ප්‍රගතිය යුරෝපා සංගමය ඉතා ඉක්මනින් තක්සේරු කරනු ඇති බව ද ඇය සඳහන් කළා ය. එම වාර්තාව මේ වසරේ අගභාගයේදී හෝ 2023 මුල් භාගයේදී නිකුත් කිරීමට නියමිතයි. එමගින් සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ කෙටි හා දිගුකාලීන අවශ්‍යතා සහතික කෙරෙන ප්‍රතිපත්ති හඳුන්වාදීමට හා මෙහෙයවීමට අපේක්ෂා කරයි. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන් විශේෂ සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් යුරෝපා කොමිසමේ සභාපතිනිය මේ බව දන්වා ඇති බවයි. |
2022-10-03T03:04:55.000Z | ඉදිකිරීම්වලට අදාළව රු. බිලියන 150 ක් රජයෙන් අයවිය යුතුයි- ජාතික ඉදිකිරීම් සංගමය | ඉදිකිරීම්වලට රු. බිලියන 150ක් රජයෙන් අයවිය යුතුයි. | COLOMBO (News 1st) – පසුගිය කාලය තුළ ක්‍රියාත්මක ඉදිකිරීම් ව්‍යාපෘතිවලට අදාළව රුපියල් බිලියන 150 ත් 200 අතර මුදලක් රජයෙන් අයවීමට ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි. එහි සභාපති එම්.ඩී.පෝල් මහතා පැවසුවේ, වසරක පමණ කාලයක සිට එම මුදල් ලැබීම ප්‍රමාදවී ඇති බවයි. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඔවුන් සම්බන්ධයෙන් සහන ගෙවීම් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි. |
2022-10-03T01:23:55.000Z | ලෝක ජනාවාස දිනය අදයි.. | ලෝක ජනාවාස දිනය අදයි.. | COLOMBO (News 1st) – ලෝක ජනාවාස දිනය අදට(03) යෙදී තිබේ. සෑම වසරකම ඔක්තෝබර් මස පළමු සඳුදා ලෝක ජනාවාස දිනය ලෙසින් ප්‍රකාශයට පත් කළේ 1986 වසරේ සිටයි. වෙනසක් නොකරමු - කිසිවෙක් කිසිතැනක අත්නොහරිමු යන්න මෙවර එහි තේමාව වී තිබේ. ලෝක ජනාවාස දිනයේ ප්‍රධාන උත්සවය අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරගලියහ මන්දිරයේදී අද පැවැත්වෙයි. මේ අතර, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජිව් සූරියාරච්චි මහතා පැවසුවේ, පැවැති කොවිඩ් අර්බුදය හා මෙරට වත්මන් වාතාවරණය හමුවේ පසුගිය කාලය තුළ මෙරට නිවාස සම්බන්ධයෙන් නිසි සංගණනයක් කිරීමට නොහැකි වූ බවයි. |
2022-10-03T01:18:57.000Z | මත්ද්‍රව්‍ය ජාවාරම මඩින්න කාර්ය සාධක බලකායක්.. | මත්ද්‍රව්‍ය ජාවාරම මඩින්න කාර්ය සාධක බලකායක්.. | COLOMBO (News 1st) – මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් පත් කිරීමට පියවර ගෙන ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, අරක්ෂක අමාත්‍යාංශය, යුද හමුදාව පොලිසිය හා තවත් ආයතන කිහිපයක දායකත්වයෙන් එම කාර්ය සාධක බලකාය පිහිටුවන බවයි. |
2022-10-03T01:11:38.000Z | පාසල් දරුවන්ට ඔසු කැඳ වීදුරුවක්.. | පාසල් දරුවන්ට ඔසු කැඳ වීදුරුවක්.. | COLOMBO (News 1st) – අද (03) සිට පාසල් දරුවන්ට ඔසු කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවේ, පාසල් දරුවන්ගේ පෝෂණ ඌණතා මගහැරවීම මෙහි අරමුණ බවයි ප්‍රථමයෙන් පාසල් 1000ක මෙම වැඩසටහන ක්‍රියාත්මක බව ඔහු පැවසුවේ ය. |
2022-10-03T01:10:13.000Z | මඩකළපුව, උන්නච්චිය වැවේ ගිලී පුද්ගලයෙකු මරුට.. | මඩකළපුව, උන්නච්චිය වැවේ ගිලී පුද්ගලයෙකු මරුට.. | COLOMBO (News 1st) – මඩකළපුව, අයිත්තමලේ, උන්නච්චිය වැවේ ගිලීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව තිබේ. පොලිසිය පැවසුවේ එම වැවේ දිය නෑමට ගොස් සිටි වවුනතිව් ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මෙම අනතුරට මුහුණපා ඇති බවයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ, 16 හැවිරිදි පුද්ගලයෙකි. අතුරුදන්ව ඇති 35 හැවිරිදි පුද්ගලයා සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මකයි. |
2022-10-03T01:09:07.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | දේශීය පුවත් 1.ශ්‍රී ලංකාව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට.. – ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබේ. 2.දේශීයව නිෂ්පාදිත සනීපාරක්ෂක තුවා සඳහා ආනයනික අමුද්‍රව්‍ය මත පැනවූ බදු ඉවතට.. – දේශීයව නිෂ්පාදිත සනීපාරක්ෂක තුවා සඳහා ආනයනික අමුද්‍රව්‍ය මත පනවා ඇති බදු ඉවත් කර තිබේ. 3.දංඕවිට වෙඩි තැබීමකින් 29 හැවිරිදි කාන්තාවක් මරුට – ඊයේ(02) අලුයම දංඕවිට ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ. 4.විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවාවලට ඊ චැනලින් පද්ධතියක්.. – විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කාර්යාල අංශයේ සත්‍යාපන සේවා කටයුතු වෙනුවෙන් ඊ චැනලින් පද්ධතියක් හඳුන්වා දී තිබේ. 5.මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් 93,000 ක් – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව – මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් 93,000 ක් පමණ ලැබී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. 6.බස් ගාස්තුවේ අඩුවක් නෑ – බස් සංගම්: පෙට්‍රල් මිල අඩු වුණත් ආහාර මිල ගණන්වල අඩුවක් නැහැ – ආපන ශාලා හිමියන්ගේ සංගමය– ඩිසල් මිල ගණන්වල කිසිදු අඩුවක් සිදුවී නොමැති බැවින් මෙම අවස්ථාවේ කිසිදු ආකාරයකින් බස් ගාස්තු අඩු කිරීමක් නොකරන බව බස් සංගම් පවසයි. විදෙස් පුවත් 1. ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර සිදු වූ තෙරපීමකින් 127ක් මරුට – ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර, පාපන්දු තරගයක් අතරතුර සිදු වූ තෙරපීමකින් 127 දෙනෙකු මියගොස් තිබේ. |
2022-10-02T16:48:15.000Z | ශ්‍රී ලංකාව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට.. | ශ්‍රී ලංකාව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට.. | COLOMBO (News 1st) – ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබේ. ලෝක ආහාර වැඩසටහනේ වාර්තාවක් උපුටා දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව බරපතල ආහාර අර්බුදයකින් පෙළෙන බවයි. ලෝක ආහාර වැඩසටහන මගින් පසුගිය ජූනි මාසයේ දී පළමුවරට උග්‍ර කුසගින්නෙන් පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කළේ ය. ඒ අනුව ඔවුන් පසුගිය සැප්තැම්බර් මාසයේ නිකුත් කළ නව වාර්තාව මගින් ද ශ්‍රී ලංකාව එම ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර අදාළ වාර්තාව උපුටා දක්වමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද පෙන්වාදෙන්නේ මේ වසරේ ඔක්තොම්බර් මාසයේ සිට ලබන වසරේ ජනවාරි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 19ක ආහාර අනාරක්ෂිතභාවය තවදුරටත් පිරිහෙනු ඇති බවයි. උග්‍ර ආහාර අනාරක්ෂිතතාව සහිත රටවල් අතර ඇෆ්ගනිස්තානය, ඉතියෝපියාව, නයිජිරීයාව, දකුණු සුඩානය, සෝමාලියාව සහ යේමනය නම් කර ඇති අතර ශ්‍රී ලංකාව ද එම අවදානමට ළංවෙමින් පවතින බව සඳහන් කර තිබේ. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම දේශගුණික විපර්යාස, කලාපීය ගැටුම් සහ වසංගත තත්ත්වයන් එම ආහාර අර්බුදයට හේතු වී ඇති බව ජාත්‍යන්තර මුද්‍ය අරමුදල පෙන්වා දෙයි. |
2022-10-02T15:40:58.000Z | විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවාවලට ඊ චැනලින් පද්ධතියක්.. | කොන්සියුලර් සේවාවලට ඊ චැනලින් පද්ධතියක්.. | COLOMBO (News 1st) – විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කාර්යාල අංශයේ සත්‍යාපන සේවා කටයුතු වෙනුවෙන් ඊ චැනලින් පද්ධතියක් හඳුන්වා දී තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ, සත්‍යාපන සේවා ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට ජංගම දුරකතනයෙන් 225 හෝ ස්ථාවර දුරකතන පරීශීලකයින් 1225 ඇමතිමෙන් අවස්ථාවක් වෙන්කරගත හැකි බවයි. ඊට අමතරව www.echannelling.com වෙබ් අඩවිය ඔස්සේ ද සත්‍යාපන සේවා ලබා ගැනීමට අවස්ථාව සැලසෙයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ද එම සේවාව ලබා ගැනීමට අවස්ථාවක් වෙන්කර ගත හැකියි. |
2022-10-02T15:28:39.000Z | දේශීයව නිෂ්පාදිත සනීපාරක්ෂක තුවා සඳහා ආනයනික අමුද්‍රව්‍ය මත පැනවූ බදු ඉවතට.. | සනීපාරක්ෂක තුවා: බදු ඉවතට.. | COLOMBO (News 1st) – දේශීයව නිෂ්පාදිත සනීපාරක්ෂක තුවා සඳහා ආනයනික අමුද්‍රව්‍ය මත පනවා ඇති බදු ඉවත් කර තිබේ. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මතයි. ඒ අනුව 15%ක රේගු ආනයන බද්ද, 10%ත් 15%ත් අතර පැවති සෙස් බද්ද සහ 10% ක් වූ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද අමුද්‍රව්‍ය 5ක් ආනයනය කිරීමේදී හා අතරමැදි භාණ්ඩ ආනයනය කිරීමේදී ඉවත් කර තිබේ. දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා වැට් බද්ද ශුන්‍ය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. නිමි සනීපාරක්ෂක තුවා ආනයනය කරන්නන්ට ද ශුන්‍ය අනුපාත වැට් බද්දේ ප්‍රතිලාභ හිමියි. මෙම බදු සහනයත් සමග සනීපාරක්ෂක තුවා 10 ක් සහිත පැකැට්ටුවක මිල රුපියල් 50 ත් 60 ත් අතර මිලකින් අඩුවීමට නියමිත ය. ඒ අනුව, එහි උපරිම සිල්ලර මිල රුපියල් 260 ත් 270 ත් අතර මිලක් දක්වා පහළ යනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. නිෂ්පාදකයින් එම අමුද්‍රව්‍ය ආනයනයේදී අදාළ බදු සහන ලබා ගැනීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශ ලබාගත යුතු බැවින් ඊට අදාළ වැඩපිළිවෙළ ද මේ වනවිට ක්‍රියාත්මක වේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මෙම සියලු ප්‍රතිලාභ අර්බුද කාලසීමාවට බලපැවැත්වෙන පරිදි ලබාදෙන බවය. |
2022-10-02T14:02:01.000Z | ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීමක්.. | ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීමක්.. | COLOMBO (News 1st) – ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ප්‍රදේශවල මුහුදු යාමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි. ඒ, අදාළ ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.5 ත් මීටර 3 ත් දක්වා ඉහළයාම හේතුවෙන් ය. ගාල්ල සිට කොළඹ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල කටයුතු කිරීමේදී අවදානයෙන් පසුවන්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එම ප්‍රදේශවල මුහුදු රළ මීටර 2 ත් 2.5 ත් දක්වා ඉහළ යා හැකියි. ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි වේ. මේ අතර, බස්නාහිර, සබරගමුව පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 100ක පමණ වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. ඒ අනුව දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල, උතුරු මැද සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පැයට කිලෝමීටර 55 ක පමණ තද සුළං ඇතිවිය හැකි ය. |
2022-10-02T05:38:16.000Z | දංඕවිට වෙඩි තැබීමකින් 29 හැවිරිදි කාන්තාවක් මරුට | දංඕවිට වෙඩි තැබීමකින් 29 හැවිරිදි කාන්තාවක් මරුට | COLOMBO (News 1st) - අද(02) අලුයම දංඕවිට ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබේ. මෙම වෙඩි තැබීමෙන් බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවක් මිය ගොස් ඇත. පොලීසිය සඳහන් කළේ, මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි කාන්තාවක් බවය. |
2022-10-02T04:19:31.000Z | ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් ජීවන රඟමඩලින් සමුගනී.. | දර්ශන් ධර්මරාජ් ජීවන රඟමඩලින් සමුගනී.. | COLOMBO (news 1st) - ප්‍රවීණ රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අද (02) උදෑසන හෘදයාබාධයක් හේතුවෙන් දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වූ බවයි. මියයන විට ඔහුගේ වයස අවුරුදු 41 කි. රක්වානේදී උපත ලද ඔහු කලා කේෂත්‍රයට අවතීර්ණ වන්නේ, සිඩ්නි චන්ද්‍රසේකරයන් අධ්‍යක්ෂණය කළ ''A-9'' ටෙලි නාට්‍යයෙනි. 2008 වසරේ 'ප්‍රභාකරන්' සිනමා පටයෙන් දර්ශන් ධර්මරාජ්ගේ සිනමා ආගමනය සිදුවිය. එතැන් සිට හෙළ සිනමාවේ ප්‍රතිභාන්විත තරුවක් වූ ඔහු මචං, ඉනිඅවන්, මාතා, සුනාමි, කෝමාලි කිංග්ස් ඇතුළු සිංහල සහ දෙමළ සිනමා පට රැසකට රංගන දායකත්වය ලබාදුන්නේ ය. තාත්වික රංග කෞෂල්‍යයෙන් සපිරි රංගන ශිල්පියෙකු ලෙස නිරන්තරයෙන් විචාරක පැසසුමට ලක්වූ ඔහු, දෙමළ මෙන්ම සිංහල රසික ප්‍රජාව අතර අතිශය ජනප්‍රිය කලාකරුවෙකි. |
2022-10-02T03:16:37.000Z | කාලගුණයෙන් ධීවරයින්ට දැනුම් දීමක්.. | කාලගුණයෙන් ධීවරයින්ට දැනුම් දීමක්.. | COLOMBO (News 1st) - ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වූ වෙරළට ඔබ්බෙන්වන ප්‍රදේශවල මුහුදුයාමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි. ඒ, අදාළ ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.5 ත් මීටර 3 ත් දක්වා ඉහළයාම හේතුවෙනි. ගාල්ල සිට කොළඹ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල කටයුතු කිරීමේදී අවදානයෙන් පසුවන්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එම ප්‍රදේශවල මුහුදු රළ මීටර 2 ත් 2.5 ත් දක්වා ඉහළ යා හැකියි. ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකිවේ. |
2022-10-02T03:08:18.000Z | මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් 93,000 ක් - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව | මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් 93,00ක් | COLOMBO (News 1st) - මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් 93,000 ක් පමණ ලැබී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ,ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, ඒ අතරින් 45,000 කට ආසන්න සිසුන් පිරිසක් මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂා කරන බවය. ඒ අනුව වෛද්‍ය පීඨවලට බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 2,035 කට ආසන්න පිරිසකි. සිසුන් 2,238කට ආසන්න ප්‍රමාණයක් ඉංජිනේරු පීඨ සඳහා බඳවා ගැනීමට නියමිතය. 2021 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිපල අනුව සිසුන් 171,497 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. |
2022-10-02T03:04:15.000Z | නොරොච්චෝල තුන්වැනි ජනන යන්ත්‍රය හැදුවත් විදුලි කප්පාදු කාලයේ වෙනසක් නැහැ - මහජන උපයෝගිතා කොමිසම | විදුලි කප්පාදු කාලයේ වෙනසක් නැහැ | COLOMBO (News 1st) - කාර්මික දෝෂයකට ලක්ව තිබූ නොරෝච්චෝලේ ලක්විජය බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අලුත් වැඩියාවෙන් පසුව යළි ජාතික පද්ධතියට එක් කළ ද, විදුලි කප්පාදු කාලසිමාවේ අඩුවක් සිදු නොවනු ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුව ඉදිරියටත් පවත්වා ගැනීමට සිදු වනු ඇති බවයි. මේ අතර ඉන්ධනවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි ඉහළ යාමත් සමග ආරම්භ කළ පිරවුම්හල් ආශ්‍රිත පොම්ප පරික්ෂා කිරිම් අඛණ්ඩව සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ. |
2022-10-02T02:56:05.000Z | බස් ගාස්තුවේ අඩුවක් නෑ - බස් සංගම්: පෙට්‍රල් මිල අඩු වුණත් ආහාර මිල ගණන්වල අඩුවක් නැහැ - ආපන ශාලා හිමියන්ගේ සංගමය | පෙට්‍රල් අඩු වුණත් බේකරි නිෂ්පාදන මිලේ අඩුවක් නෑ | COLOMBO (News 1st) - ඩිසල් මිල ගණන්වල කිසිදු අඩුවක් සිදුවී නොමැති බැවින් මෙම අවස්ථාවේ කිසිදු ආකාරයකින් බස් ගාස්තු අඩු කිරීමක් නොකරන බව බස් සංගම් පවසයි. සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ සභාපති, අංජන ප්‍රියන්ජිත් මහතා ද සඳහන් කළේ, ඩීසල් මිල අඩු නොවු පසුබිමක කිසිදු ආකාරයක බස් ගාස්තු අඩුවීමක් සිදු නොකරන බවයි. මේ අතර පෙට්‍රල් මිල පහළ දැමූවත්, ත්‍රිරෝද රථ ගාස්තුවල කිසිදු අඩුවීමක් නොවන බව ත්‍රිරෝද රථ වෘත්තිය සමිති පවසයි. සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති, ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේ, රජය මගී ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් තරම් පෙට්‍රල් ලබානොදෙන බවය. මේ අතර පෙට්‍රල් මිල අඩු වූවත් ආපන ශාලාවල ආහාර මිල ගණන්වල අඩුවක් නොවන බව, ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ, වෙළෙඳපොළේ අනෙකුත් සේවා මිල ගණන් අඩු වන්නේ නම් පමණක් කිරි තේ ඇතුළු ආහාර පාන මිල ගණන් අඩු කළ හැකි බවයි. ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටෙන් 92 පෙට්‍රල් ලිටරයක මිල රුපියල් 40 කින් පහත දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 410 කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 30 කින් පහත දැමීමට කටයුතු කර ඇති අතර එහි නව මිල රුපියල් 510 ක්වේ . කෙසේ වෙතත් ඔටෝ ඩිසල්, සුපර් ඩිසල් සහ භුමිතෙල්වල මිල ගණන් කිසිදු ආකාරයකින් සංශෝධනයට ලක් වී නැත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අඩුකළ මිල ගණන්වලින්ම පෙට්‍රල් මිල පහත හෙලීමට පියවර ගන්නා බව ලංකා අයි.ඕ.සී. සමාගම සඳහන් කළේ ය. ඉන්ධන මිල සූත්‍රය අනුව සෑම මසකම පළමු වැනිදා සහ 15 වැනිදා ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට රජය පසුගියදා ප්‍රතිපත්තිමය තීරණයක් ලබා ගන්නා ලදී. |
2022-10-02T02:22:58.000Z | මෙරට ආර්ථික අර්බුදයක් ඇති වීමට හේතු සොයා මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක් | ආර්ථික අර්බුදය ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශන | COLOMBO (News 1st) - මෙරට ආර්ථික අර්බුදයක් ඇතිවීමට හේතු සොයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. එම කොමිසම සඳහන් කළේ, විවිධ දේශපාලනික හේතූන් මත ජාතික ප්‍රතිපත්ති වරින්වර වෙනස් වීම හරහා මෙරට ආර්ථිකයට සිදුවූ බලපෑම පිළිබඳව එහිදී දැඩි අවදානයක් යොමුකරන බවය. වගකිව යුතු බලධාරීන් ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දු තීරණ ගැනීමේදී, වගකීම් විරහිතව ක්‍රියාකර ඇති ආකාරය අමාත්‍යංශ,විෂය පථයෙන් වෙන් කිරීමේදී ජාතික අවශ්‍යතාව පසෙකලා කටයුතු කිරීම ඇතුලු කරුණු හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුවූ බලපෑම පිිළිබඳව ද මෙම විමර්ශනයේදී අවධානයට යොමු කිරීමට නියමිතව ඇත. එහිදී මෙරට ආර්ථිකයට සෘජුවම සම්බන්ධ ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යංශය, ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අදාළ අමාත්‍යාංශවල දැනට කටයුතු කරමින් සිටින සහ මීට පෙර කටයුතු කළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට අපේක්ෂා කරන බව ද, කොමිසම සඳහන් කළේ ය. ඒ සඳහා ආර්ථික විශේෂඥයින් කිහිපදෙනෙකුගේ සහාය ද ලබාගනු ඇති. ආර්ථිකය බිඳ වැටීම හරහා රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතීන් උල්ලංඝණය වීම යන කරුණ මත පදනම්ව මෙම විමර්ශනය සිදුකරන බව මානව හිමිකම් කොමිසම සඳහන් කළේ ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය පසුගියදා පැවති ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් කළ වාර්තාවෙන් ද ශ්‍රී ලංකාවේ සිදුවූ ආර්ථික අපරාධ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබුණි. එම වාර්තාවෙන් ඇය පෙන්වා දුන්නේ සියලු ප්‍රජාවන්ගේ මානව හිමිකම්වලට බලපෑමක් වී ඇති ආර්ථික අර්බුදයට ස්ථිර විසඳුමක් ලබා ගැනීමට නම් මෙරට මුල් බැස ඇති දූෂණය කෙරෙහි අවධානය යොමුකළ යුතු බවයි. අතීතයේ සහ මෑතකදී ශ්‍රී ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ ආර්ථික සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ද ඇය සිය වාර්තාවෙන් අවධාරණය කළා ය. |
2022-10-02T02:19:47.000Z | ගෙවුණු දශක දෙක තුළ පියයුරු පිළිකා රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් | පියයුරු පිළිකා රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් | COLOMBO (News 1st) - සෑම දිනකම පියයුරු පිළිකා රෝගීන් 12 දෙනෙකු මෙරටින් වාර්තා වන බව, ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි. එහි විශේෂඥ වෛද්‍ය, හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ, පසුගිය දශක දෙකක කාලය තුළ මෙරට පියයුරු පිළිකා රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවය. පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ඊයේ (01) දිනයෙන් ආරම්භ විය. එය පාදක කරගනිමින් ප්‍රාදේශීය මට්ටමින් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමටත් හඳුනාගන්නා රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමටත් පියවර ගැනෙනු ඇති. |
2022-10-02T02:05:48.000Z | ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පරාජය කළ ඉන්දීය ලෙජන්ඩ්ස් දෙවන වරටත් රෝඩ් සේෆ්ටි ශූරතාවය දිනාගනී.. | රෝඩ් සේෆ්ටි ශූරතාවය ඉන්දීය ලෙජන්ඩ්ස්ට | COLOMBO (News 1st) - ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම දෙවන වරටත් රෝඩ් සේෆ්ටි ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් විය. ඒ, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිව, රායිපූර් හී දී පැවති තරගය ලකුණු 33කින් ජය ගනිමිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 195 ක් රැස් කිරීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 162ක් පමණි. |
2022-10-02T02:03:13.000Z | ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර සිදු වූ තෙරපීමකින් 127ක් මරුට | ඉන්දුනීසියාවේදී සිදුවූ තෙරපීමකින් 127ක් මරුට | COLOMBO (News 1st) - ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර, පාපන්දු තරගයක් අතරතුර සිදු වූ තෙරපීමකින් 127 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, තරගය අවසානයේ ක්‍රීඩා පිටියට යාමට උත්සාහ කිරීමේදී සිදු වූ තෙරපීමකින් ක්‍රීඩාලෝලීන් එලෙස මියගොස් ඇති බවයි. එහිදී තවත් 180 දෙනෙකුට තුවාල සිදුවිය. |
2022-10-01T19:28:11.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | COLOMBO (News 1st) - දේශීය පුවත් 01.අධිආරක්ෂිත කලාප ගැසට් නිවේදනය අහෝසි කෙරේ.. කොළඹ නගරය අවට අධිආරක්ෂිත කලාප කිහිපයක් නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 23 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ. 02.යාපනයේ නිවසක් තුළ ගින්නකින් යුවලක් මරුට.. යාපනය, වැල්වැටිතුරෙයි, පොලිකණ්ඩි ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ හටගත් ගින්නකින් යුවලක් මියගොස් තිබේ. 03. පාසල් දරුවන්ට ඔසු කැඳ වීදුරුවක් දීමේ වැඩපිළිවෙළක් – සිසිර ජයකොඩි පාසල් දරුවන්ට ඔසු කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පවසයි. 04.පෙට්‍රල් මිල පහළට.. ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල ගණන් අඩු කර තිබේ. 05.සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවසන් කිරීම ගැන විශේෂ විමර්ශනයක්.. ක්‍රියාත්මක වෙමින් පැවති සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය විසින් ඒකපාර්ශ්වීය අවසන් කිරීම පිළිබඳ විගණකාධිපතිවරවයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. විදෙස් පුවත් 01.හමුදා කුමන්ත්‍රණයකින් බුර්කිනා ෆාසෝහි හමුදා නායකයා බලයෙන් පහ කෙරේ.. බුර්කිනා ෆාසෝහි හමුදා නායක ලුතිනන් කර්නල් පෝල්-හෙන්රි දමිබා බලයෙන් පහ කර තිබේ. |
2022-10-01T15:27:57.000Z | අධිආරක්ෂිත කලාප ගැසට් නිවේදනය අහෝසි කෙරේ.. | අධිආරක්ෂිත කලාප ගැසට් නිවේදනය අහෝසි කෙරේ.. | COLOMBO (News 1st) - කොළඹ නගරය අවට අධිආරක්ෂිත කලාප කිහිපයක් නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 23 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ. ඒ, ජනාධිපතිවරයාගේ අත්සනින් අද(01) නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි. එහි දැක්වෙන්නේ, රාජ්‍ය රහස් පනත යටතේ පසුගිය 23 වැනිදා අධිආරක්ෂිත කලාප නම් කරමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කරන බවය. |
2022-10-01T11:51:32.000Z | පෙට්‍රල් මිල පහළට.. | පෙට්‍රල් මිල පහළට.. | COLOMBO (News 1st) - අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල ගණන් අඩු කර තිබේ. ඒ අනුව, ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් අඩු කර ඇත්තේ රුපියල් 40 කිනි. ඒ අනුව එහි නව මිල රුපියල් 410 කි. ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 30 කින් අඩු කර ඇත. ඒ අනුව ඔක්ටෙන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 510කි. අනෙකුත් ඉන්ධන මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මනෝජ් ගුප්තා මහතා නිව්ස්ෆස්ට් වෙත සඳහන් කළේ, ලංකා ඛනිජ තෙල් සංස්ථාව මිල ගණන් අඩු කිරීමට සාපේක්ෂව තමන්ද මිල ගණන් පහළ දමන බවය. |
2022-10-01T08:18:48.000Z | හමුදා කුමන්ත්‍රණයකින් බුර්කිනා ෆාසෝහි හමුදා නායකයා බලයෙන් පහ කෙරේ.. | බුර්කිනා ෆාසෝහි හමුදා නායකයා බලයෙන් පහ කෙරේ.. | COLOMBO (News 1st) – බුර්කිනා ෆාසෝහි හමුදා නායක ලුතිනන් කර්නල් පෝල්-හෙන්රි දමිබා බලයෙන් පහ කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හමුදා කපිතාන්වරයෙකු ජාතික රූපවාහිනියෙන් ඒ බව නිවේදනය කළ බවය. ඉස්ලාමීය ජිහාඩ් කැරැල්ලක් මැඩපැවැත්වීමට කටයුතු කිරීමට ලුතිනන් කර්නල් දමිබාට ඇති නොහැකියාව ඔහුව ඉවත් කිරීමට හේතුව බව සඳහන් ය. දේශ සීමා දින නියමයක් නොමැතිව වසා දමා සියලු දේශපාලන කටයුතු අත්හිටුවන බව ද හමුදා කපිතාන්වරයා නිවේදනය කළේ ය. ලුතිනන් කර්නල් දමිබා, පසුගිය ජනවාරි මායේදී කුමන්ත්‍රණයකින් බුර්කිනා ෆාසෝහී බලයට පත්විය. |
2022-10-01T08:12:05.000Z | යාපනයේ නිවසක් තුළ ගින්නකින් යුවලක් මරුට.. | යාපනයේ නිවසක් තුළ ගින්නකින් යුවලක් මරුට.. | COLOMBO (News 1st) – යාපනය, වැල්වැටිතුරෙයි, පොලිකණ්ඩි ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ හටගත් ගින්නකින් යුවලක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ අද(01) අලුයම ගින්න හටගෙන ඇති බවය. මියගොස් ඇත්තේ, 29 හැවිරිදි කාන්තාවක් හා 36 හැවිරිදි පුද්ගලයෙකි. පොලීසිය සඳහන් කළේ, කාමරය තුළ පෙට්‍රල් තිබී ඇති බවට තොරතුරු ලැබී ඇති බවය. නිවසේ ගින්න හටගන්නා අවස්ථාව වනවිට තවත් යුවලක් හා ඔවුන්ගේ දියණිය ද එහි සිට තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැල්වැටිතුරෙයි පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. |
2022-10-01T08:10:41.000Z | පාසල් දරුවන්ට ඔසු කැඳ වීදුරුවක් දීමේ වැඩපිළිවෙළක් - සිසිර ජයකොඩි | පාසල් දරුවන්ට ඔසු කැඳ වීදුරුවක්.. | COLOMBO (News 1st) – පාසල් දරුවන්ට ඔසු කැඳ වීදුරුවක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පාසල් දරුවන්ගේ පෝෂණ ඌණතා මග හැරවීම මෙහි අරමුණ බවය. නියමු ව්‍යාපෘතිය පාසල් 1,000ක ලබන සඳුදා දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙනු ඇති. ආයුර්වේද, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් සිටින ප්‍රජා සෞඛ්‍ය සංවර්ධන නිලධාරීන් සහභාගී කරගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. |
2022-10-01T04:03:36.000Z | අද සිට සෑම සති අන්තයකම කොළඹ කොටුව සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී දුම්රිය සේවයක්.. | මහනුවර සිට කොළඹ කොටුවට විශේෂ දුම්රියක් | COLOMBO (News 1st) – අද(01) සිට සෑම සති අන්තයකම කොළඹ කොටුව සිට මහනුවර දක්වා විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රියක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, නව සංචාරක දුම්රිය පෙ.ව. 6.30ට කොළඹ කොටුවෙන් පිටත්වන අතර පෙරවරු 9.18ට මහනුවරට ළඟා වීමට නියමිතය. පස්වරු 4.50ට මහනුවරින් පිටත් වන දුම්රිය රාත්‍රී 7.40ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිතව තිබේ. එහි පළමු පන්තියේ ටිකට් පතක මිල රුපියල් 2,000ක් වන අතර 2 වන පන්තියේ ටිකට් පතක මිල රුපියල් 1500 කි. |
2022-10-01T04:00:55.000Z | සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවසන් කිරීම ගැන විශේෂ විමර්ශනයක්.. | සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවසන්කිරීම ගැන විමර්ශන | COLOMBO (News 1st) – ක්‍රියාත්මක වෙමින් පැවති සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය විසින් ඒකපාර්ශ්වීය අවසන් කිරීම පිළිබඳ විගණකාධිපතිවරවයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා සඳහන් කළේ, කඩිනමින් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය. ජපන් තාක්ෂණය භාවිත කරමින් කිලෝමීටර් 15.7ක දුම්රිය ස්ථාන 16 ක් ඇතුළත් කර ඉදිකිරීමට නිමිතව තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අගනුවර තදබදයට "ලාභදායී විසඳුමක්" නොවන බව පවසමින් අහෝසි කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කරනු ලැබුවේ ය. |
2022-10-01T02:59:12.000Z | සමාජ ආරක්ෂණ බද්ද අද සිට බලාත්මකයි.. | සමාජ ආරක්ෂණ බද්ද අද සිට බලාත්මකයි.. | COLOMBO (News 1st) – 2.5% ක සමාජ ආරක්ෂණ බද්ද අද(01) සිට ක්‍රියාත්මක වේ. මේ හරහා යම් භාණ්ඩ ප්‍රමාණයක මිල ඉහළ යාමක් සිදුවිය හැකි බව ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ය. |
2022-10-01T01:29:05.000Z | අද රාත්‍රි 10 සිට කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ වැල්ලම්පිටියේ සිට කොටිකාවත්ත දක්වා කොටසේ වාහන ගමනාගමනය සීමා කෙරේ.. | වාහන ගමනාගමනය සීමාවක් ගැන නිවේදනයක්.. | COLOMBO (News 1st) – අද(01) රාත්‍රී 10.00 සිට පසු දින සවස 5.00 දක්වා කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්දිය දක්වා කොටසේ වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසයි. ඒ, ජල නල එලීමක් ඇතුළු අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ය. ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ, මාර්ගය වසා තැබෙන කාලය තුළ විකල්ප මාර්ග ලෙස වැල්ලම්පිටිය මංසන්දියේ සිට කොළොන්නාව හරහා ගොතටුව නගරය, කොටිකාවත්ත මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගය ඇතුළු වීම සිදුකළ හැකි බව පොලිසිය පැවසුවේ ය. |
2022-10-01T01:21:45.000Z | ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදයි.. | ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදයි.. | COLOMBO (News 1st) – ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ. “සිහින දකින අපේ ලොවක්” යන්න මෙවර ලෝක ළමා දිනයේ තේමාව වේ. ළමා අයිතීන් සුරැකීම සඳහා ප්‍රමුඛතාව දීම සියලුම මානව වර්ගයාගේ අතිමහත් යුතුකම ලෙස සළකමින් ලෝකයේ සියලුම රටවල ලෝක ළමා දිනය සමරනු ලබයි. එක් එක් රටවල වර්ෂයේ විවිධ දිනයන්හිදී මෙම ලෝක ළමා දිනය සැමරීම විශේෂත්වයකි. වර්ෂ 1856 දී ජුනි දෙවැනි ඉරිදායින් ඇරඹි ලෝක ළමා දින සැමරුම ලොව පුරා රටවල් ජුනි පළවෙනි දින, නොවැම්බර් විසිවන දින ආදී ලෙස විවිධ දිනයන්හිදී යොදා ගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ලෝක ළමා දිනය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් 01 වැනිදා ය. 1955 ඔක්තෝම්බර් මස පළමු වැනිදා ලොව පුරාම ලෝක ළමා දිනය ප්‍රථම වරට එක්ව සමරනු ලැබුවේ ය. පෙර නොවූ විරූ පරිදි මෙරට ළමා ප්‍රජාව මේ වන විට ගැටලු රැසකට මුහුණදී සිටී. ඒ අතරින් ප්‍රමුඛ වන්නේ, සමබර ආහාර වේලක් ලබාගැනීමේ ගැටලුවයි. අවස්ථා ගණනාවකදි ජාත්‍යන්තර ළමා අරමුදල මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමුකරමින් පැවසුවේ කුසගින්නේ සිටින ළමුන් සංඛ්‍යාව ඉහළ යමින් ඇති බවි. මීට අමතරව සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජනයට පත්වීම, පාසල තුළ ළමුන් කෘරත්වයට පත්වීම වැඩි ප්‍රවණතා මේ වනවිට මෙරට ළමුන් කෙරෙහි අහිතකර අන්දමින් බලපා තිබේ. මෙවැනි අභියෝග හමුවේ මෙරට ළමා පරපුර රැකගැනීමට සමස්ත සමාජයටම ඇත්තේ, දැඩි වගකීමකි. මේ අතර 'වෙනස් වන ලෝකයට ශක්තිමත් වැඩිහිටියෙක්' යන්න මෙවර ලෝක වැඩිහිටි දිනයේ තේමාව වේ. දියුණු රටවල වයස අවුරුදු 65ට වැඩි ජනගහනය වැඩිහිටි ජනගහණය ලෙසත් සැලකෙන අතර දියුණු වෙමින් පවතින රටවල වැඩිහිටි ජනගහණය ලෙස සැලකෙන්නේ, අවුරුදු 60ට වැඩි පිරිසයි. මේ අතර, වැඩිහිටි දිනය වෙනුවෙන් අද දිනයේ වැඩසටහන් රැසක් සංවිධානය කර ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය සඳහන් කළේ ය. මෙරට මුහුණපාන ප්‍රබල සමාජ ගැටලු අතර වැඩිහිටි ජනගහනය ඉහළ යාමද අවධානයට ලක් කළ යුත්තකි. ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කපිල ලැනරෝල් මහතා පැවසුවේ, මෙරට වැඩිහිටියන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් වැඩිහිටි නිවාස 300 කට අධික සංඛ්‍යාවක දිවි ගෙවන බවය. |
2022-10-01T01:15:05.000Z | දරුවන්ට සහ වැඩිහිටියන්ට අද සත්වෝද්‍යානවලට නොමිලේ ඇතුළු වීමට අවසර.. | අද සත්වෝද්‍යානවලට නොමිලේ ඇතුළු වීමට අවසර.. | COLOMBO (News 1st) – ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් අද (01) දිනයේ ළමුන්ට හා වැඩිහිටියන්ට සත්වෝද්‍යානවලට නොමිලේ ඇතුළු වීමට අවසර ලබා දී ඇතැයි වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, ඒ අනුව පාසල් දරුවන්ට හා අවුරුදු 60 ඉක්ම වූ වැඩිහිටියන්ට සියලුම සත්වෝද්‍යානවලට නොමිලේ ඇතුළු වී විනෝද වීමට අවස්ථාව සලසන්නැයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බවයි. සත්වෝද්‍යානවල දී දරුවන්ට සතුන් පිළිබඳ අධ්‍යාපනික දැනුම ලබා දීම සඳහා අධ්‍යාපනික වැඩසටහන් රැසක්ද එහි සංවිධානය කර තිබේ. අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, වැඩිහිටියන්ට විනෝද වීමට අවස්ථාව ලබා දෙමින් සතුන්ට ආහාර දීමට හා සතුන් සමග ඡායාරූප ගැනීමට ද අවස්ථාව සලසා දී බවය. |
2022-09-30T19:42:09.000Z | ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරය අවසන් කරමින් ජනපති යළි දිවයිනට.. | ජනපති යළි දිවයිනට.. | COLOMBO (News 1st) – ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(01) අලුයම යළි දිවයිනට පැමිණියේ ය. මෙම නිල සංචාරයේදී ජනාධිපතිවරයා ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි විය. අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේද සංචාරයක නිරත වූයේ ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමටයි. |
2022-10-01T01:09:19.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | දේශීය පුවත් 1.අධිආරක්ෂක කලාප ගැසට් නිවේදනයට එරෙහිව ෆොන්සේකාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.. – අධිආරක්ෂක කලාප ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම බල රහිත කරන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. 2. ඇඹිලිපිටිය නගර සභා සභාපති ඇතුළු 4ක් රිමාන්ඩ්.. – පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ඇතුළු 4 දෙනෙක් ලබන මස 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ . 3.සැප්තැම්බර් මාසයේ ආහාර උද්ධමනය 94.9% දක්වා ඉහළට – සැප්තැම්බර් මාසයේ ආහාර මිල ගණන්වල වැඩිවීම 94.9 % ක් බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 4.සමෘද්ධි ඇතුළු රජයේ ආධාර අපේක්ෂකයින්ගෙන් අයැදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ– සමෘද්ධි දීමනාව ඇතුළු රජයේ අනෙකුත් සහනාධාර අපේක්ෂා කරන පුද්ගලයින්ගෙන් අයැදුම්පත් කැඳවීමට ලබාදුන් කාලය ලබන 15 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ. 5.හිටපු ජනපති මෛත්‍රීගෙන් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අභියාචානාධිකරණය හමුවේ රීට් ආඥා පෙත්සමක් ගොනු කෙරිණ. විදෙස් පුවත් 1.යුක්‍රේනයේ කලාප 4ක් සිය රටට ඈඳා ගත්තා – ව්ලැඩ්මීර් පුටින් – යුක්‍රේනයේ කලාප 4ක් නිල වශයෙන් සිය රටට ඈඳා ගනිමින්, එම කලාපවල ජනතාව රුසියානුවන් සේ සලකන බව ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. |
2022-09-30T15:51:46.000Z | අධිආරක්ෂක කලාප ගැසට් නිවේදනයට එරෙහිව ෆොන්සේකාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.. | සරත් ෆොන්සේකාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.. | COLOMBO (News 1st) – අධිආරක්ෂක කලාප ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම බල රහිත කරන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. |
2022-09-30T15:45:17.000Z | යුක්‍රේනයේ කලාප 4ක් සිය රටට ඈඳා ගත්තා - ව්ලැඩ්මීර් පුටින් - | යුක්‍රේනයේ කලාප 4ක් සිය රටට ඈඳා ගත්තා | COLOMBO (News 1st) – යුක්‍රේනයේ කලාප 4ක් නිල වශයෙන් සිය රටට ඈඳා ගනිමින්, එම කලාපවල ජනතාව රුසියානුවන් සේ සලකන බව ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. |
2022-09-30T12:00:35.000Z | සැප්තැම්බර් මාසයේ ආහාර උද්ධමනය 94.9% දක්වා ඉහළට | මෙරට උද්ධමනය තවත් ඉහළට.. | COLOMBO (News 1st) – සැප්තැම්බර් මාසයේ ආහාර මිල ගණන්වල වැඩිවීම 94.9 % ක් බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. උද්ධමනය පිළිබඳ නවතම දත්ත ප්‍රකාශයට පත්කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව අනාවරණ කළේ ය. කොළඹ පරිභෝගික මිල දර්ශකයට අනුව කරන ගණනය කිරීමේදී පසුගිය අගොස්තු මාසයේ මෙරට අහාර මිල ගණනවල වැඩිවීම දැක්වුණේ 93.7% ක් ලෙසයි. මේ මාසයේ එය 94.9% ක් දක්වා ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ මස්, මාළු, කරවල , එළවලු, අල හා ,ළූණු ඇතුළු අහාර ද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ යාම බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩ හා සේවාවල මිල මෙම මාසය තුළ 57.6 % ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ සඳහා ප්‍රවාහන , ජලය, විදුලිය, ගෙවල් කුලී මෙන්ම භූමිතෙල් මිල ගණන් ඉහළ යාම ද ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. මේ අනුව සැප්තැම්බර් මාසයේ සමස්ත බඩු මිල වැඩිවීමේ වේගය හෙවත් උද්ධමනය 69.8% කි. |
2022-09-30T11:43:40.000Z | ඇඹිලිපිටිය නගර සභා සභාපති ඇතුළු 4ක් රිමාන්ඩ්.. | ඇඹිලිපිටිය නගර සභා සභාපති ඇතුළු 4ක් රිමාන්ඩ්.. | COLOMBO (News 1st) – පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ඇතුළු 4 දෙනෙක් ලබන මස 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ . |
2022-09-30T11:36:18.000Z | දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සරසවියක් මෙරට පිටුවන්න - ජනපති ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලයි.. | දේශගුණික විපර්යාස ගැන ජා.සරසවියක් මෙරට පිටුවන්න.. | COLOMBO (News 1st) – දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් මෙරට පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආසියානු සංවර්ධන බැංකුවට යෝජනා කර තිබේ. ඒ, එම බැංකුවේ සභාපති සත්සුගු අසකාවා මහතා හමුවූ අවස්ථාවේදී ය. පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේදී මෙම හමුව සිදුවිය. එහිදි ජනාධිපතිතුමා පසුගිය කාලය තුළ ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ලබාදුන් හදිසි ආධාර පිළිබඳව සභාපතිවරයා වෙත ස්තූතිය පුද කර තිබේ. ශ්‍රී ලංකාව සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා මහතා පවසා තිබුණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදු කරන කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා දැනුවත් කර තිබේ. |
2022-09-30T08:19:10.000Z | හිටපු ජනපති මෛත්‍රීගෙන් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් | හිටපු ජනපති මෛත්‍රීගෙන් රීට් පෙත්සමක් | COLOMBO (News 1st) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අභියාචානාධිකරණය හමුවේ රීට් ආඥා පෙත්සමක් ගොනු කෙරිණ. ඒ මෙම නඩුවට අදාළව තමන් සැකකරුවකු ලෙස නම් කරමින් ලබන මස 14 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පසුගිය 16 වැනිදා නිකුත් කළ නොතීසි නියෝගයට බල රහිත කරන්නැයි ඉල්ලමිනි. කොටුව මහේස්ත්‍රාත්වරයා හා එහි රෙජිස්ටාර්වරිය එම රිට් ආඥා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ. |
2022-09-30T04:35:45.000Z | තරුණයෙකුට පිහියෙන් ඇන කාන්තාවකගේ අත් බෑගයක් කොල්ල කෑ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට | ගම්පහදී තරුණායට පිහියෙන් ඇන්න සැකකරු මරුට | COLOMBO (News 1st) - ගම්පහ, පහලගමදී කාන්තාවකගේ අත්බෑගයක් කොල්ල කෑ සැකකරු පොලිස් වෙඩි පහරින් මියගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන ඇත. කාන්තාවගේ අත්බෑගය කොල්ලකෑම වැළැක්වීමට ගිය 29 හැවිරිදි රසික විනෝද් ප්‍රනාන්දු නමැති තරුණයෙකු පසුගිය දා ගම්පහ පහළගමදී පිහිඇනුමකින් ජීවිතක්ෂයට පත් විය. එලෙස පිහි ඇනුමෙන් මියගියේ රාජ්‍ය බැංකුවක සේවය කරන තරුණයෙකි. සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ඊයේ රාත්‍රී ගම්පහ මදුරුවිට ප්‍රදේශයට ගොස් තිබූ අතර එම අවස්ථාවේදී සැකකරු පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදීමට උත්සාහ කර තිබේ. පොලීසිය සඳහන් කළේ, එම අවස්ථාවේ පොලීසිය කළ වෙඩි තැබිමෙන් සැකකරු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවයි. මියගොස් ඇත්තේ, ජනක ලසන්ත නමැති ගනේමුල්ල කොස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු මත්ද්‍රව්‍යා ජාවාරම්කරුවෙකු බවත් ඔහු බිරිඳ සමග ගම්පහ පහලගම ප්‍රදේශයේ කාන්තාවගේ අත්බෑගය කොල්ලකෑමට පැමිණි තිබූ බවත් පොලිසිය පැවසී ය. බිරිඳ ද මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවේ. |
2022-09-30T02:48:34.000Z | සමෘද්ධි ඇතුළු රජයේ ආධාර අපේක්ෂකයින්ගෙන් අයැදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ | රජයේ ආධාර සඳහා අයැදුම්පත් කැඳවීම දීර්ඝ කෙරේ | COLOMBO (News 1st) - සමෘද්ධි දීමනාව ඇතුළු රජයේ අනෙකුත් සහනාධාර අපේක්ෂා කරන පුද්ගලයින්ගෙන් අයැදුම්පත් කැඳවීමට ලබාදුන් කාලය ලබන 15 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ. සමෘද්ධි සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ, එම කාලය අදින් අවසන්වීමට නියමිතව තිබූ බවයි. වැඩි පිරිසකට රජයේ සහනාධාර සඳහා අයැදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දීම මෙම තීරණයේ අරමුණ බව ඔහු ප්‍රකාශ කළේ ය. මේ යටතේ සමෘද්ධි, වැඩිහිටි, අබාධිත හා වකුගඩු සහනාධාර අපේක්ෂා කරන පුද්ගලයින්ට ග්‍රාම නිලධාරී කාර්යාල හරහා තම අයැදුම්පත් ප්‍රදේශීය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කළ හැකියි. ඒ අනුව සමෘද්ධි සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර, සංවර්ධන නිලධාරී හා ග්‍රාම නිලධාරී යන තමන් අයත් ග්‍රාම නිලධාරී වසමේ ඕනෑම නිලධාරීයෙකු හරහා අයදුම්පත යොමු කළ හැකි බව ද ඔහු සඳහන් කළේ ය. අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, දැනට රජයේ දීමනා ලබන සියලු පුද්ගලයින් ද මෙම අයැදුම්පත යොමු කළ යුතු බවයි. |
2022-09-30T01:50:26.000Z | ගම්මැද්ද V- Force තවත් ක්‍රියාන්විතයක් අද දිගනදී | ගම්මැද්ද V- Force තවත් ක්‍රියාන්විතයක් අද දිගනදී | COLOMBO (News 1st) - ගම්මැද්ද V- Force තවත් ක්‍රියාන්විතයක් අද පැවැත්වේ. ඒ, මහනුවර දිගන අපේක්ෂා ළමා නිවාසය කේන්ද්‍ර කර ගනිමිනි. ඒ සඳහා තරුණ නායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටිති. |
2022-09-30T01:30:28.000Z | 9 වැනිදා ජනාධිපති මන්දිරයේ සිදුවීම් ගැන පුරාවිද්‍යා විමර්ශනය අවසන්: වාර්තාව කඩිනමින් පොලීසියට | ජනාධිපති මන්දිරය ගැන කළ විමර්ශනය අවසන් | COLOMBO (News 1st) - පසුගිය ජූනි 9 වැනි දා අරගලකරුවන්ගේ ග්‍රහණයට ගත් ජනාධිපති මන්දිරය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ විමර්ශනය අවසන් කර තිබේ. දෙපාර්තමේන්තුව පැවසුවේ, එහි වාර්තාව කඩිනමින් පොලීසියට භාර දෙන බවයි. විමර්ශනවලදී ජනාධිපති මන්දිර ගොඩනැගිල්ලට මෙන්ම එහි තැන්පත් කර තිබූ පුරා විද්‍යාත්මක ස්මාරක හා චිත්‍රවලට හානි වූයේදැයි සොයා බැලූ බව ද පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. මේ අතර අරගලකරුවන්ගේ ග්‍රහනයට පත් අරලියගහ මන්දිරයට හා අග්‍රාමාත්‍ය කාර්යාලයට හානි සිදූවූයේද යන්න පිළිබඳ පොලීසියට මේ වනවිට වාර්තා ලබා දී ඇති බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. |
2022-09-30T01:06:46.000Z | මහ කන්නයේ වගාව ආරම්භ වූ ප්‍රදේශවලට යූරියා... | මහ කන්නයේ වගාව ආරම්භ වූ ප්‍රදේශවලට යූරියා... | COLOMBO (News 1st) - මහ කන්නයේ වැඩ ආරම්භ කළ දිස්ත්‍රික්ක සඳහා යූරියා පොහොර යවා ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. එහි කොමසාරිස් ජනරාල් ඒ. එච්. එම්. එල් අබේරත්න මහතා සඳහන් කළේ, යාපනය, කිලිනොච්චි ඇතුළු උතුරු පළාතේ දිස්ත්‍රික්ක වෙත යූරියා පොහොර තොග මේ වනවිට පිටත් කර හැර ඇති බවයි. අම්පාර, ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා පොහොර තොග යැවීමට පියවර ගෙන ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. වී ගොවින්ට කිලෝග්‍රෑම් 50 පොහොර මිටියක් රුපියල් 10,000 කට නිකුත් කෙරෙනු ඇති. පළමු අදියරේදී ලබා දෙන්නේ හෙක්ටෙයාරයකට පෙහොර කිලෝග්‍රෑම් 33 ක් පමණි. මේ අතර බඩ ඉරිඟු වගා කෙරෙන දිස්ත්‍රික්ක 5 ක් සඳහා ද යූරියා පොහොර බෙදා හැරීම මේ වනවිට ආරම්භ කර ඇත. ඒ අනුව අනුරාධපුර, මොනරාගල, අම්පාර, බදුල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්කවල බඩ ඉරිඟු ගොවීන්‍ට පෙහොර ලබාදීමට නියමිතයි. කිලෝග්‍රෑම් 50 යූරියා පොහොර මිටියක් රුපියල් 15,500 ක මිලකට බඩ ඉරිඟු ගොවීන්ට නිකුත් කරන බව ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසුවේ ය. |
2022-09-30T00:48:41.000Z | කැලණිතිස්සේ විදුලි ජනන යළි ඇරඹේ | කැලණිතිස්සේ විදුලි ජනන යළි ඇරඹේ | COLOMBO (News 1st) - කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ විදුලි ජනන කටයුතු යළි ආරම්භ කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය ඩීසල් හා දැවි තෙල් තොග ලබා දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත් බවය. නොරොච්චෝලේ බලාගාරයේ කාර්මික දෝෂයකට ලක් වූ ජනන යන්ත්‍රයේ අලුත්වැඩියාව මේ වනවිට ආරම්භ කර ඇති අතර එය ලබන සඳුදා යළිත් ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ ය. මේ අතර කෙරවලපිටිය යුග දනවි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු යළි ආරම්භ කර තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ඒ සඳහා අවශ්‍ය දැවි තෙල් තොග ලබාදුන් බවයි. ඒ අනුව මෙගාවොට් 300 ක් දෛනිකව එමගින් ජාතික පද්ධතියට එක් කෙරෙනු ඇති. නොරොච්චෝලේ කාර්මික දෝෂයකට ලක් වූ ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා අවසන් වන තෙක් විදුලි කප්පාදු කාලය වැඩි නොකොට පවත්වාගෙන යාමට මෙමගින් හැකියාව ලැබෙන බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. මේ අතර අදත් දිවයින පුරා කලාප වශයෙන් පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ඒ අනුව A සිට W දක්වා කලාපවලට දහවල් කාලයේ පැයක් විදුලි කප්පාදු කිරීමට නියමිතයි. එම කලාප සඳහා රාත්‍රී කාලයේදී පැය 1 යි විනාඩි 20 ක කාලයක් විදුලි සැපයුම විසන්ධි කෙරෙනු ඇති. |
2022-09-30T00:40:29.000Z | තෙල් නැවකට මුදල් ගෙවයි.. මුදල් නොගෙවූ නැව් 3 ක් කොළඹ වරායේ | තවත් පෙට්‍රල් නෞකාවකට මුදල් ගෙවයි | COLOMBO (News 1st) - කොළඹ වරායේ රඳවා තිබූ මෙට්‍රික් ටොන් 36000 පෙට්‍රල් නෞකාවකට මුදල් ගෙවා තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, එහි තොග ගොඩබෑම අද (30) ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. කෙසේ වෙතත් ඩීසල් නෞකා දෙකක් හා පෙට්‍රල් නෞකාවක් මුදල් නොගෙවීම හේතුවෙන් තවදුරටත් කොළඹ වරායේ නැංගුරම් ලා තිබේ. මේ අතර අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ලබන නොවැම්බර් මාසයේ මෙරටට ළඟාවීමට නියමිත බොරතෙල් නෞකාවක් සඳහා මූලික ගෙවීම් කළ බවයි. |
2022-09-30T00:32:04.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | 1. පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනත් කෙටුම්පතක් බවට නිගමනය කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.. : පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත රට හමුදාකරණයකට ඇද දමන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනත් කෙටුම්පතත් බවට නිගමනය කරන්නැයි ඉල්ලා නීතීඥ අමිල එගොඩමහවත්ත මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේ ය. 2. කොළඹ සිට මහනුවරට සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවාවක්: කොළඹ සහ මහනුවර අතර, විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවාවක් හෙට (01) සිට ආරම්භ වේ. 3. මෙරටට අවශ්‍ය යූරියා සැපයීමට ඉරානයේ එකඟතාව..: මෙරට කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යූරියා පොහොර ලබා දීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළකට ඉරානය සිය එකඟත්වය පළ කළේ ය. 4. ඉන්ධන නෞකා මෙරට මුහුදු සීමාවේ, පෙට්‍රල් නැවකට මුදල් ගෙවීම අද: තවත් පෙට්‍රල් නෞකාවකට ඊයේ (29) මුදල් ගෙවීමට කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව පවසයි. 5. 22 ලබන සතියේ විවාදයට: 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 6 සහ 7 විවාදයට ගැනීමට තීරණය කර තිබේ. |
2022-09-29T16:05:45.000Z | පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනත් කෙටුම්පතක් බවට නිගමනය කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.. | ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.. | COLOMBO (News 1st) – පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත රට හමුදාකරණයකට ඇද දමන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනත් කෙටුම්පතත් බවට නිගමනය කරන්නැයි ඉල්ලා නීතීඥ අමිල එගොඩමහවත්ත මහතා අද(29) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේ ය. එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ, නීතීපතිවරයායි. නීතීඥ මංජුල බාලසුරිය මහතා මගින් එම පෙත්සම ගොනුකර තිබුණි. රටේ ජනතාව සතු අධිකරණ බලය අධිකරණමය නියෝගයකින් තොරව එම කාර්යාංශය වෙත පැවරෙන කෙටුම්පත සම්මත වුවහොත් අධිකරණ බලය සොරා ගැනිමකට ලක්වන බව පෙත්සමෙන් පෙන්වාදී තිබේ. එහි දැක්වෙන්නේ, නොමගගිය සටන්කරුවන් පුනරුත්ථාපන කිරීම යැයි පූර්විකාවේ සඳහන් වුවත්, ඊට නිශ්චිත නිර්වචනයක් ඇතුළත්කර නොතිබීම නිසා පසුගිය සමයේ අයුතු ක්‍රියාදාමයට එරෙහිව අරගලයක නිරතව සිටි පිරිස වුවද හමුදාව යොදවා පුනරුත්ථාපනය කිරිමේ බලය ලැබෙනු ඇති බවයි. ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මෙන්ම සාමකාමීව විරෝධතා දැක්වීමේ නිදහස සම්පුර්ණයෙන්ම පාහේ මර්ධනය කර අහිමිකරන එම කෙටුම්පත නීතියක් බවට පත්කරන්නේනම් පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබේ. |
2022-09-29T15:56:08.000Z | කොළඹ සිට මහනුවරට සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවාවක්.. | කොළඹ සිට මහනුවරට සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවාවක්. | COLOMBO (News 1st) – කොළඹ සහ මහනුවර අතර, විශේෂ සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවාවක් අනිද්දා(01) සිට ආරම්භ වේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනවල පමණක් එම දුම්රිය ධාවනය වන බවයි. මගී ඉල්ලුම සැළකිල්ලට ගනිමින්, මෙම දුම්රිය ධාවනයට එක් කෙරෙනු ඇති. දුම්රිය සෙනසුරාදා සහ ඉරිදා උදෑසන 6.30ට ගමන් ආරම්භ කරන අතර, යළි පස්වරු 4.50ට මහනුවරින් ගමන් ආරම්භ කිරීමට නියමිත බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. වෙන් කළ ආසන මගීන්ට පමණක් එම දුම්රියේ ගමන් කළ හැකි වේ. |
2022-09-29T13:42:35.000Z | මෙරටට අවශ්‍ය යූරියා සැපයීමට ඉරානයේ එකඟතාව.. | මෙරටට අවශ්‍ය යූරියා සැපයීමට ඉරානයේ එකඟතාව.. | COLOMBO (NEWS1ST): මෙරට කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යූරියා පොහොර ලබා දීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළකට ඉරානය අද(29) සිය එකඟත්වය පළ කළේ ය. ඒ, ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා හා අමාත්‍ය මහින්ද අමරවීර අතර අද පැවති සාකච්ඡාවකදී ය. සාකච්ඡාවේදී යූරියා පොහොර අවශ්‍යතාවය සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා වගාවට අවශ්‍ය යූරියා පොහොර සපයා ගැනීමට සහයෝගය ලබා දෙන්නැයි ඉල්ලා සිටියේ ය. ඒ සම්බන්ධව අදහස් පළ කළ ඉරාන තානාපතිවරයා ඉදිරි කාලය තුළ රජයකින් රජයකට ලබා දෙන ක්‍රමයට යූරියා පොහොර ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළ බව, අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. ඊට අදාළ මූලික වැඩපිළිවෙළ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කළ යුතු බව ද තානාපතිවරයා පෙන්වා දී තිබේ. අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, ලබන වසරට අවශ්‍ය යූරියා පොහොර ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය හා මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවය. |
2022-09-29T13:02:38.000Z | ඉන්ධන නෞකා මෙරට මුහුදු සීමාවේ: පෙට්‍රල් නැවකට මුදල් ගෙවීම අද.. | පෙට්‍රල් නැවකට මුදල් ගෙවීම අද.. | COLOMBO (NEWS1ST): තවත් පෙට්‍රල් නෞකාවකට අද(29) මුදල් ගෙවීමට කටයුතු කරන බව, ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව පවසයි. එම සංස්ථාව සඳහන් කළේ, ඊයේ මෙරටට ළඟා වූ පෙට්‍රල් රැගත් නෞකාවකට එලෙස මුදල් ගෙවීමට පියවර ගන්නා බවයි. ඊට අමතරව මෙරටට ළඟා වී ඇති ඩීසල් නෞකාවකට ලබන සතිය තුළ ගෙවීම් කිරීමට කටයුතු කරන බව ද, සංස්ථාව සඳහන් කළේ ය. අදාළ නෞකාව මෙරටට පැමිණ ඇත්තේ, මීට දින 10 කට පෙරයි. මේ අතර, බොරතෙල් රැගෙන පසුගිය 20 වැනිදා මෙරටට පැමිණි බොරතෙල් නෞකාවකට ද, නව ක්‍රමවේදයක් යටතේ, මුදල් ගෙවීමට සැලසුම් කරමින් ඇතැයි ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාන සඳහන් කළේ ය. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.