date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2022-09-23T13:14:56.000Z | විද්‍යුත් හා නව මාධ්‍ය නියාමනයට විකාශන අධිකාරියක් අවශ්‍යයි - ඇමති බන්දුලගෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් | සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය නියාමනයට කරන්න යන දේ.. | COLOMBO (News 1st) - මැයි 9 වැනි දා සිදුවීම් මුල්කරගෙන පොලිස්පතිවරයා අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු යෝජනා කරද්දී එම පක්ෂයේ මන්ත්‍රී ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා නව නීති පැනවිය යුතු බවට අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර තිබේ. ඊයේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා යෝජනා කර ඇත්තේ, රූපවාහිනී, ගුවන් විදුලි හා නව මාධ්‍යය නියාමනය සඳහා විකාශන අධිකාරියක් පිහිටුවිය යුතු බවයි. ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට ඊයේ තීරණය කර තිබේ. රූපවාහිනී, ගුවන් විදුලි හා නව මාධ්‍ය අන්තර්ගතයන් නියාමනය කිරීමට මෙරට තුළ මූලික නීතියක් නොමැති නිසා එවැනි මාධ්‍ය සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදීත් ඒවායේ අන්තර්ගතයන් විකාශය කිරීමේදීත් ඇතැම් විට විවිධ පාර්ශවයන්ට ගැටලුවලට මුහුණදීමට සිදුව ඇතැයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ මතයයි. ඇතැම් මාධ්‍ය සදාචාර විරෝධී අයුරින් ජනතාව තුළ වෛරී අදහස් ඉස්මතුවන අකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් මෑත කාලයේදී රට තුළ විවිධ ගැටලු මතුව ඇති බව ද අමාත්‍යවරයා ඊයේ ඉදිරිපත් කළ යෝජනාවෙන් පෙන්වා දී තිබේ. ඒ අනුව ජනතාවට වග වන මාධ්‍ය සංස්කාතියක් හා විද්‍යුත් මාධ්‍ය සඳහා අචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට හැකි අයුරින් නව විකාශන නීතියක් හඳුන්වා දිය යුතු බව බන්දුල ගුණවර්ධන මහතාගේ මතයයි. කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, පසුගිය දා පැවැත්වුණු රුසියානු සංචාරයේදී එහිදී මට ලෝකයේ විවිධ රටවල විවිධ තරාතිරම්වල පුද්ගලයන් රාශියක් පෞද්ගලිකව මුණ ගැසෙන්න අවස්ථාව ලැබුණා. ඔවුන් හැම දෙනෙක්ම මගෙන් අහපු පොදු ප්‍රශ්නයක් තිබුණා. ඔබේ රටට බයෙන් හා සැකෙන් තොරව ගමන් කරන්න පුළුවන්කමක් තිබෙනවා ද කියන ප්‍රශ්නය. ඔහු මාව ප්‍රශ්න කළා. ඔබේ රටේ මිනීමැරුම් ප්‍රචණ්ඩ ක්‍රියා විශාල ප්‍රමාණයක් තිබෙනවා. සංචාරකයින් පැමිණියාම ගුවන් තොටුපොළට එන පාර හරස් කරනව ද ගමන් බලපත්‍රය පාස්පෝට් එක අරගෙන බලය නැති වෙනත් පාර්ශව පරීක්ෂා කරනවා ද දිනපතාම මෙවැනි ප්‍රචණ්ඩත්වයක් තුළ ඉතාම විශාල ම්ලේච්ඡ, ඉතාම නොදියුණු සංස්කෘතිකමය හර පද්ධතියක් තියෙන රටක් ලෙස සන්නිවේදනයක් වෙලා තියෙනවා ලෝකය තුළ. අපි කැමති වුණත් අකමැති වුණත් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට විශාල හානියක් සිද්ධ වෙන ආකාරයේ සිදුවීම් නිවැරදි කිරීමේ ශක්තිය තිබෙන්නේ වැඩි ශක්තියක් තිබෙන්නේ අපේ රටේ සමාජ මාධ්‍ය හා ජාතික තලයේ මාධ්‍ය ආයතනවලට කියලා අපි විශ්වාස කරනවා. මේ අතර විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකාරී පනතක් සකස් කිරීමට පත්කර ඇති කැබිනට් අනුකමිටුවේ සභාපති අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ, නීතිමය දැනුමක් ඇති පුද්ගලයෙකු මෙම කාර්ය සඳහා ප්‍රමුඛත්වය ගත යුතු බවට අමාත්‍ය මණ්ඩලයෙන් ආ යෝජනාව මත තමා ඒ සඳහා පත්කළ බවයි. නමුත් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ නියෝජිතයින් හෝ එහි කාර්ය භාරය, පිළිබඳව මෙතෙක් සාකච්ඡා කර නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. |
2022-09-23T11:15:32.000Z | නාවික හමුදාව කිලෝ 150 කට වැඩි කේරල ගංජා අල්ලයි | නාවික හමුදාව කිලෝ 150 කට වැඩි කේරල ගංජා අල්ලයි | COLOMBO (News 1st) - කේරල ගංජා කිලෝග්‍රෑම්155 කට අධික තොගයක් සමග සැකකරුවන් 2 ක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, නොරොච්චෝලේ, ඉලන්තඩිය ප්‍රදේශයේ කළ මෙහෙයුමකදීයි. නාවික හමුදාව පැවසුවේ, එම කේරල ගංජා තොගයේ වටිනාකම රු. මිලියන 46 කට අධික බවයි. සැකකරුවන් දෙදෙනා අවුරුදු 35 සහ 40 යන වයසේ පසුවන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. එම කේරල ගංජා තොගය සහ සැකකරුවන් දෙදෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝලය පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතයි. |
2022-09-23T10:39:24.000Z | සතොසේ බඩු මිල අඩුවෙයි | සතොසේ බඩු මිල අඩුවෙයි | COLOMBO (News 1st) - ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල අඩු කර තිබේ. එලෙස මිල අඩු කර ඇත්තේ, ලොකු ලූනු, සුදු සීනි, සුදු කැකුළු, නාඩු සහල් සහ රතු පරිප්පු සඳහායි. අදාළ මිල පහත හෙළීම ලබන 30 වැනි දා දක්වා ක්‍රියාත්මක බව ලංකා සතොස ආයතනය සඳහන් කළේ ය. |
2022-09-23T10:34:23.000Z | ජාතික සභාවට මන්ත්‍රීවරු නම් කෙරෙති | ජාතික සභාවට මන්ත්‍රීවරු නම් කෙරෙති | COLOMBO (News 1st) - ජාතික සභාවට මෙතෙක් නම් කෙරුණු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. එම මන්ත්‍රීවරුන් වන්නේ, 1. ඩග්ලස් දේවානන්ද 2. නසීර් අහමඩ් 3. ටිරාන් අලස් 4. සිසිර ජයකොඩි 5. ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් 6. ජොන්ස්ටන් ප්‍රනාන්දු 7. රවුෆ් හකීම් 8. පවිත්‍රා දේවී වන්නිආරච්චි 9. වජිර අබේවර්ධන 10. ඒ.එල්.එම් අතාවුල්ලා 11. මහාචාර්ය තිස්ස විතාරණ 12. රිෂාඩ් බදියුදීන් 13. විමල් වීරවංශ 14. වාසුදේව නානායක්කාර 15. පලනි දිගම්බරම් 16. මනෝගනේෂන් 17. උදය ගම්මන්පිල 18. රෝහිත අබේගුණවර්ධන 19. නාමල් රාජපක්ෂ 20. ජීවන් තොන්ඩමන් 21. ජි.ජි පොන්නම්බලම් 22. අසංක නවරත්න 23. අලි සබ්රි 24. සි.වි. විග්නේෂ්වරන් 25. වීරසුමන වීරසිංහ 26. සාගර කාරියවසම් 27. පූජ්‍ය අතුරලියේ රතන හිමි ඊට ඇතුළත් වන තවත් මන්ත්‍රීවරුන් පිරිසකගේ නම් ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ ජාතික සභාව පිළිබඳ යෝජනාව පසුගිය 20 වැනි දා පාර්ලිමේන්තුවේදී විරෝධතාවයකින් තොරව සම්මත විය. කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා සියලු පක්ෂවල එකඟතාවයෙන් මග පෙන්වීම ජාතික සභාවේ පුමුඛ කාර්යයකි. මෙරට පිළිගත් දේශපාලන පක්ෂවලින් 9 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 35 කට නොවැඩි සංඛ්‍යාවකින් ජාතික සභාව සමන්විත විය යුතු වේ. |
2022-09-23T09:43:59.000Z | කතරගම ප්‍රදේශීය සභාව විසුරුවා හරී | කතරගම ප්‍රදේශීය සභාව විසුරුවා හරී | COLOMBO (News 1st) - කතරගම ප්‍රදේශීය සභාව ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැර තිබේ. ඒ, ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම් මුසම්මිල් මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි. කතරගම ප්‍රාදේශීය සභාවේ බලතල ක්‍රියාත්මක කිරීමට හා කාර්යය ඉටු කිරීමට මොනරාගල සහකාර පළාත් පලාන කොමසාරිස්වරයාට ගැසට් නිවේදනය මගින් බලය ලබා දී තිබේ. කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු එහි මන්ත්‍රීවරුන් විවිධ වංචා හා දුෂණ චෝදනාවලට සම්බන්ධ බව සිදු කළ විමර්ශනයකදී කරුණු හෙළිවීම නිසා කතරගම ප්‍රාදේශීය සභාව විසුරුවා හැරී බව ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා නිව්ස්ෆස්ට් කළ විමසුමකදී සඳහන් කළේ ය. |
2022-09-23T09:39:42.000Z | හොර පාරේ රට පනින්න හැදූ 12 ක් මන්නාරමදී නාවික හමුදා භාරයට | හොර පාරේ රට පනින්න හැදු 12 ක් නාවික හමුදා භාරයට | COLOMBO (News 1st) - නීති විරෝධිව මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ 12 දෙනෙකු මන්නාරම ඔලුතුඩුවායි වෙරළ තීරයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, ඔළුතුඩුවායි වෙරළ තීරයේ ඊයේ රාත්‍රීයේ දී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. සංක්‍රමණය වීම සඳහා රැඳී සිටි බවට සැකකෙරෙන වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු, කාත්තාවන් තිදෙනෙකු ඇතුළු 12 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ, වෙඩිතලතිව් ප්‍රදේශයේ පදිංචි පිරිසකි. |
2022-09-23T08:22:45.000Z | සජබ, ජාතික ජන බලවේගය සහ ඩලස්ගේ කණ්ඩායමේ කිසිවෙක් ජාතික සභාවට නම් කර නැහැ | ජාතික සභාවට මන්ත්‍රීවරුන් නම් කෙරේ | COLOMBO (News 1st) – ජනතා අරගලයෙන් මතුවූ ප්‍රධාන ඉල්ලීමක් වූ සර්ව පාක්ෂික ආණ්ඩු පාලනයක් පිළිබඳ අදහසට අදාළව පිහිට වූ ජාතික සභාවට නියෝජිතයින් පත්කර තිබේ. කෙසේ වෙතත් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ඩලස් අලහප්පෙරුම මහතා නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමේ කිසිවෙකු මෙම සභාවට නම් කර නොමැත. මෙම සභාව පිහිටුවීමට අදාළ යෝජනාව පසුගිය දා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. කෙටි, මධ්‍ය සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පොදු ප්‍රමුඛතා නියම කිරීම, ආර්ථික ස්ථායිකරණයට අදාළ කෙටි සහ මධ්‍යම කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවය ඇති කිරීම සහ අමාත්‍යවරුන්, විශේෂ කාරක සභාවල සභාපතිවරුන් සහ යොවුන් සංවිධානවල යොවුන් නිරීක්ෂකයින් සහභාගිවන විශේෂ රැස්වීම් වෙනුවෙන් කටයුතු සංවිධානය කිරීම මේ සභාවට පැවරී ඇති වගකීම් වේ. දැනට ක්‍රියාත්මක කාරක සභාවලින් වාර්තා කැඳවීමේ හැකියාව ද එය සතුයි. |
2022-09-23T06:05:39.000Z | අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණයි... ජනපතිගේ යෝජනාවට අනුමැතිය | ඇමතිවරුන්ගේ විදෙස් සංචාර සීමා කෙරේ | COLOMBO (News 1st) – අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර සීමා කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එවැනි සංචාරයන් සඳහා අත්‍යවශ්‍යම නිලධාරියා හෝ අදාළ සංචාරයේ රාජකාරි කටයුතු සඳහා අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය කිහිප දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම පමණක් සහභාගි කරවා ගත යුතුයි. ජනාධිපතිවරයා මෙම යෝජනාව ඉදිරිිිි කර ඇත්තේ, රට මුහුණ පා ඇති අසීරු ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන, රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුුණිනි. |
2022-09-23T05:41:40.000Z | බඩඉරිඟු හෝ ධාන්‍ය වර්ග මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනයට අනුමැතිය.. | සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු ආනයනයට අනුමැතිය.. | COLOMBO (News 1st) – සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරිඟු හෝ වෙනත් සුදුසු ධාන්‍ය වර්ග මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, කෘෂිකර්ම අමාත්‍යවරයා විසිනි. අදාළ යෝජනාවට අනුව සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා වාර්ෂිකව බඩඉරිඟු මෙට්‍රික් ටොන් 600,000ක් පමණ අවශ්‍ය වුව ද මේ වන විට වෙළෙඳපොළේ උග්‍ර බඩ ඉරිඟු හිඟයක් පවතී. තව ද දේශීය වෙළෙඳ පොළෙහි බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක මිල රුපියල් 220/- ක් දක්වා වැඩිවීම හමුවේ සත්ත්ව ආහාර මිල ගණන්ද ඉහළ ගොස් ඇති අතර කුකුළු මස් හා බිත්තර මිල ගණන් ද වැඩි වී තිබේ. උද්ගතව ඇති තත්ත්වය හමුවේ කුකුළු පාලනයේ නිරත වන්නන් කුකුළු පැටව් අභිජනනය කිරීමෙන් තොරව බිත්තර විකිණීම සහ කුකුළු පාලනයෙන් ඉවත්වීම හේතුවෙන් ඉදිරි කාලය තුළ සත්ත්ව පාලන ක්ෂේත්‍රයේ දැඩි අර්බුදයක් ඇති විය හැකි බවට නිරීක්ෂණය වීම හමුවේ බඩ ඉරිඟු හෝ වෙනත් සුදුසු ධාන්‍ය වර්ග මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනය කිරීමට අනුමැතිය හිමිව ඇත. |
2022-09-23T04:50:05.000Z | රාජ්‍ය සේවකයින්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට එන්න අවස්ථාවක් | රාජ්‍ය සේවකයින්ට දැනුම්දීමක් | COLOMBO (News 1st) – රාජ්‍ය සේවකයින්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට හැකිවන පරිදි නව චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි. රාජ්‍ය සේවකයින්ට සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට හැකිවන පරිදි ලබන සඳුදා (26) චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි. එහි ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා සඳහන් කළේ, මේ අනුව දැනට නිර්දේශ කර ඇති ඇඳුමෙන් පරිබාහිරව සුදුසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමට සේවකයින්ට හැකියාව ලැබෙන බවයි. සාරි ඇතුළු ඇඳුම්වල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාම පිළිබඳ සැලකිල්ලට ගෙන මෙම චක්‍රලේඛය නිකුත් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. අමාත්‍යංශ ලේකම්වරයා පැවසුවේ, රාජ්‍ය සේවකයින්ගේ කාර්යාලයීය ඇඳුම් සම්බන්ධයෙන් දැනට නිකුත් කර ඇති චක්‍රලේඛයට මේ අනුව සංශෝධනය කරන බවයි. |
2022-09-23T03:52:40.000Z | අත්‍යවශ්‍ය ඖෂධ රැගත් යානයක් චීනෙන් අද (23) එයි | අත්‍යවශ්‍ය ඖෂධ රැගත් යානයක් චීනෙන් අද (23) එයි | COLOMBO (News 1st) – අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් රැගත් ගුවන් යානයක් අද (23) චීනයේ සිට මෙරටට පැමිණිමට නියමිතව තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාත්‍යන්තර ඖෂධ ප්‍රදාන පිළිබඳ සම්බන්ධිකාරක වෛද්‍ය අන්වර් හම්ද්‍රානි මහතා සඳහන් කළේ, මාස 06 කට ප්‍රමාණවත් ජලභීතිකා එන්නත් තොගයක් ද එම ඖෂධ තොගයට ඇතුළත් බවයි. වකුගඩු රෝගීන්ට සහ පිළිකා රෝගීන්ට ලබාදෙන අත්‍යවශ්‍ය ඹෟෂධ තොගයක් ද එම ගුවන් යානයෙන් මෙරටට රැගෙන එනු ලබයි. සෞඛ්‍ය අමාත්‍යාංශය චීන රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව එම ඖෂධ තොගය මෙරටට ලබා දී ඇති බව වෛද්‍ය අන්වර් හම්ද්‍රානි මහතා සඳහන් කළේ ය. එහි වටිනාකම රුපියල් මිලියන 500 කට ආසන්නයි. |
2022-09-23T03:18:40.000Z | පූර්ණ අධීක්ෂණයක් යටතේ ග්ලයිෆොසේට් ආනයනයට අවසර | ග්ලයිෆොසේට් ආනයන සීමා ලිහිල් කෙරේ | COLOMBO (News 1st) - ග්ලයිෆොසේට් වල් නාශකය ආනයනය සඳහා පණවා තිබූ සීමා ලිහිල් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව පූර්ණ අධීක්ෂණයක් යටතේ ග්ලයිෆොසේට් ආනයනයට අවසර හිමිවනු ඇත. ගොවීන්ගෙන් ලැබුණු පැමිණිලි රැසක් සලකා බලා ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මීට පෙර තේ වගාව සඳහා පමණක් ගල්යිපොසෙට් ආනයනයට රජය අවසර දී තිබිණ. |
2022-09-23T03:10:03.000Z | විදේශ ඇමති සබ්රි අමෙරිකානු ජනපති බයිඩන් හමුවෙයි | විදේශ ඇමති සබ්රි අමෙරිකානු ජනපති බයිඩන් හමුවෙයි | COLOMBO (News 1st) – විදේශ අමාත්‍ය අලි සබ්රි අමෙරිකානු ජනපති ජෝ බයිඩන් හමුවී තිබේ. විදේශ අමාත්‍යාංශය නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වෙන එක්සත්ජාතින්ගේ මහාමණ්ඩලයේ 77 වැනි සැසිවාරය නිමිත්තෙන් අමෙරිකානු ජනාධිපති පිරිනමන ලද පිළිගැනිමේ උත්සවයේදී මෙම හමුව සිදූවූ බවයි. විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා හෙට (24) දිනයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සැසිය ඇමතීමට නියමිතයි. |
2022-09-23T02:26:53.000Z | රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට | රැජිණගේ අභාවය:ශෝකය පළ කිරීමේ යෝජනාවක් | COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනාවක් අද (23) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. ඒ සඳහා අද පෙරවරු 9.30 ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වනු ඇත. ඊට අමතරව අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතා පිළිබඳ ශෝක යෝජනාව ද අදත් විවාදයට ගැනීමට නියමිත වේ. අතුකෝරල මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව මීට පෙරද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිණි. |
2022-09-22T19:30:44.000Z | වී මිල දී ගන්න ගොවි භාර අරමුදලෙන් සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් රු.මි 500ක් | වී මිල දී ගන්න රුපියල් මිලියන 500ක් | COLOMBO (News 1st) - වී මිල දී ගැනීම සඳහා ගොවි භාර අරමුදලෙන් සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් රුපියල් මිලියන 500 ක් ලබා ගැනීමට සැලසුම් කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්, රෝහණ පුෂ්ප කුමාර මහතා සඳහන් කළේ, කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹි බවයි. ඒ අනුව ගොවි භාර අරමුදලෙන් රුපියල් මිලියන 200 ක් ලබා ගැනීමට නියමිතයි. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන්ද රුපියල් මිලියන 300 ක් ලබා ගැනීමට නියමිත බව ලේකම්වරයා සඳහන් කළේ ය. මෙම මුදල වී අලෙවි මණ්ඩලයට ණයක් ලෙස ලබා දෙනු ඇත. ලේකම්වරයා පැවසුවේ, මෙම මුදල් ලැබීමත් සමග යළ කන්නයේ වී මිල දී ගැනීම යළි ආරම්භ කළ හැකි බවයි. කෙසේ වෙතත් අඛණ්ඩව වී මිළදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් ලබාදීමට පෙරොන්න්දු වූ රුපියල් මිලියන 2,000 ක ණය මුදල කඩිනමින් ලබාදිය යුතුව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, ඊයේ (22) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී රාජ්‍ය බැංකු ලබාදීමට එකඟ වූ ණය මුදල කොටස් වශයෙන් කඩිනමින් ලබාගැනීමට තීරණය වූ බවයි. කෙසේ වෙතත් තම අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව වී ගොවින් තවදුරටත් දැඩි පීඩාවට පත්ව ඇත. |
2022-09-22T19:00:17.000Z | ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ යෝජනා ඉදිරිපත් කිරීමේ සාකච්ඡාවක් | ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡාවක් | COLOMBO (News 1st0 - ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ යෝජනා ඉදිරිපත් කිරීමේ සාකච්ඡාවක් අද (22) පැවැත්වීමට නියමිත වේ. ඒ ඔන්ලයින් ඔස්සේයි. මුදල් අමාත්‍යංශයේ ලේකම්, මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළේ ,මෙරටට ණය ලබාදුන් සියලු රටවල නියෝජිතයින් ඊට සහභාගි වන බවයි. එහිදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ සැලසුම් පිළිබඳ ඔවුන්ට අවබෝධයක් ලබාදීමට සැලසුම් කර ඇති බව ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේ ය. මුදල් අමාත්‍යංශයේ හා මහ බැංකු නිලධාරීන් මෙරට නියෝජනය කරමින් අදාළ සාකච්ඡාව සඳහා සහභාගී වීමට නියමිතව ඇත. මේ අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් පිළිබඳව තානාපතිවරුන්ගේ සමුළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ පැවැතිවිය. අදාළ සාකච්ඡාව සඳහා කොළඹ සිටින තානාපතිවරුන් සහ නවදිල්ලියේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ නියෝජිතයින් සම්බන්ධ වී තිබේ. |
2022-09-22T18:10:36.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | COLOMBO (News 1st) - දේශීය පුවත් 01.තවත් අවශ්‍ය දේ ඇත්නම් ලැයිස්තුවක් දෙන්න... චීන තානාපති අගමැතිගෙන් ඉල්ලයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව තම රට සෑහීමකට පත්වන බව මෙරට චීන තානාපති කී සෙන්හොන්ග් මහතා පවසයි. 02.ජනපති රනිල් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ.. ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට ගෙන ගොස් ඇති දුර්ලභ සහ ඓතිහාසික වටිනාකමකින් යුතු ග්‍රන්ථ හා ලිපි ලේඛන ඇතුළත් විශේෂ පොත් ප්‍රදර්ශනයක් 75 වන නිදහස් සමරුවට සමගාමීව සංවිධානය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 03.ත්‍රිපෝෂ සමාගමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තාවක් ත්‍රිපෝෂ සම්බන්ධව එල්ල වී තිබෙන චෝදනාව පිළිබඳව ත්‍රිපෝෂ සමාගමේ ස්ථාවරය පැහැදිලි කරන වාර්තාවක් එහි සභාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 04.දුම්රිය සේවකයින් 7,000 කගේ හිඟයක්.. පිළියමක් නොදුන්නොත් මෙහෙයුම් අඩපණ වනු ඇති බවට අනතුරු ඇඟවීම් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් 7,000 කගේ පමණ හිඟයක් පවතින බැවින් මෙහෙයුම් කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි. 05.මේ දිනවල දරුවන් අතරේ පැතිරෙන අත් පා මුඛ රෝගය.. ළමුන් අතර නැවතත් අත් පා මුඛ රෝගය පැතිරෙමින් ඇතැයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. |
2022-09-22T16:20:31.000Z | සැප්. 23 සිට 25 දක්වා පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් | පැය 2ක විදුලි කප්පාදුවකට අවසර.. | COLOMBO (News 1st) - සැප්තැම්බර් 23 සිට 25 දක්වා පැය 2 විනාඩි 20 ක විදුලිය කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම(PUCSL) අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව A - W දක්වා කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට දිවා කාලයේදී පැය 1 සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20ක් ලෙස විදුලිය කප්පාදු කරනු ඇති. |
2022-09-22T11:20:27.000Z | තවත් අවශ්‍ය දේ ඇත්නම් ලැයිස්තුවක් දෙන්න... චීන තානාපති අගමැතිගෙන් ඉල්ලයි | අවශ්‍ය දේ ඇත්නම් ලැයිස්තුවක් දෙන්න-චීන තානාපති | COLOMBO (News 1st) – අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව සිදු කරන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව තම රට සෑහීමකට පත්වන බව මෙරට චීන තානාපති කී සෙන්හොන්ග් මහතා පවසයි. චීන තානාපතිවරයා මේ බව පවසා ඇත්තේ, ඊයේ (21) අරලිගහගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදීයි. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, චීනය ද මූල්‍ය අරමුදලේ සාමාජිකයෙකු බැවින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අවශ්‍ය සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවට තානාපතිවරයා අග්‍රාමාත්‍යවරයා හමුවේ සහතික වූ බවයි. දැනටමත් ශ්‍රී ලංකාවට ඩොලර් 400,000 වටිනා ආහාර හා අනෙකුත් මානුෂීය ආධාර ලබාදී ඇති බව සිහිපත් කර ඇති තානාපතිවරයා පවසා ඇත්තේ, තවත් අවශ්‍ය දේ ඇත්නම් ඊට අදාළ ලයිස්තුවක් ලබාදෙන ලෙසයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත චීන ජාතික දින සැමරුම් උත්සවයට අගමැතිවරයා එහිදී උපහාර පිරිනමා තිබේ. චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහය ඉතා ඉහළින් අගය කරන බව පවසා ඇති අගමැතිවරයා විශේෂයෙන් වත්මන් ආර්ථික අර්බුදය සමනය කිරීමට චීනය ලබා දෙන සහයට ද එහිදී ස්තූතිය පළ කර ඇත. ආර්ථික ප්‍රශ්නවලට දීර්ඝ කාලීන විසඳුම් ලබාදීම සඳහා සෘජු පෞද්ගලික ආයෝජන මෙන්ම කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, වාරිමාර්ග සහ ජල සම්පාදන ක්ෂේත්‍රවල ආයෝජන ශ්‍රී ලංකාව පිළිගන්නා බව ද චීන තානාපතිවරයා හමුවේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. |
2022-09-22T10:44:17.000Z | ජනපති රනිල් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ.. | ජනපති රනිල් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ.. | COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට ගෙන ගොස් ඇති දුර්ලභ සහ ඓතිහාසික වටිනාකමකින් යුතු ග්‍රන්ථ හා ලිපි ලේඛන ඇතුළත් විශේෂ පොත් ප්‍රදර්ශනයක් 75 වන නිදහස් සමරුවට සමගාමීව සංවිධානය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ, අද (22) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා එක්වූ අවස්ථාවේදී ය. නිදහස් සමරු පොත් ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ ද සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මෙවර පොත් ප්‍රදර්ශනය සඳහා දෙස් විදෙස් පොත් ප්‍රකාශකින්ගේ කුටි 400කට වැඩි ප්‍රමාණයක් ඇතුළත්ව ඇති බවත් එම ප්‍රදර්ශන කුටි වෙත යමින් ඒවා නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පොත් ප්‍රකාශකයින් සහ ලේඛකයින්ගේ තොරතුරු විමසමින් කෙටි කථා බහක ද නිරත වූ බවයි. |
2022-09-22T08:47:48.000Z | මත්තල ගුවන් තොටුපළටත් ආයෝජකයෙක් එනවා නම් අපි කැමති.. - නිමල් සිරිපාල | මත්තල ගුවන් තොටුපළටත් ආයෝජකයෙක් එනවා නම් අපි කැමති | මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සඳහා ආයෝජකයෙකු ඉදිරිපත් වන්නේ නම්, ඊට අවස්ථාව ලබා දෙන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මේ බව පැවසී ය. |
2022-09-22T07:11:10.000Z | IMF ගිවිසුම තවම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නැහැ.. ජනපති කතානායකට කියයි | IMF ගිවිසුම තවම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නැහැ. | COLOMBO (News 1st) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් මාණ්ඩලික මට්ටමේ ගිවිසුම පිළිබඳව තවමත් කැබිනට් මණ්ඩලය දැන්වත් කර නොමැති බව ජනාධිපතිවරයා කතානායකවරයාට දැනුම් දී තිබේ. අද (22) පාර්ලිමේන්තුවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ ය. කාතානායකවරයා පැවසුවේ, නිලධාරී මට්ටමේ සාකච්ඡා සිදුවෙන බව පැවසුව ද ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය බවත් ඊට පෙර ණය දෙන අනෙක් රටවල් සමග සාකච්ඡා කර එම රටවල්වල් ලබා දෙන වාර්තාව ද ඊට එකතු කළ යුතුව ඇති බවයි. ''අධ්‍යක්ෂ මණ්ඩලය තාම අවසන් අනුමැතිය දීලත් නැහැ. සංශෝධනය කරන්න තවත් දේවල් තියෙනවා. ඒක නිසා කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන තුරු ඉන්න'' |
2022-09-22T05:36:10.000Z | මේ දිනවල දරුවන් අතරේ පැතිරෙන අත් පා මුඛ රෝගය.. | ළමුන් අතර නැවතත් අත් පා මුඛ රෝගය | COLOMBO (News 1st) – ළමුන් අතර නැවතත් අත් පා මුඛ රෝගය පැතිරෙමින් ඇතැයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, උණත් සමග හෝ උණ නොමැතිව දරුවන්ට පහත සඳහන් රෝග ලක්ෂණ තිබේ නම්, වැඩිහිටියන් ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. කට වටේ රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි අත්වල රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි කකුල්වල රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි වැලමිටේ රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි තට්ටම් ප්‍රදේශයේ රතු ළප එසේත් නොමැති නම්, සුදු වතුර පිරුණු බිබිලි ළඳරු වයසේ සිට අවුරුදු 6 , 7 දක්වා දරුවන් අතරේ මෙම රෝගය පැතිරෙන බැවින් මෙවැනි රෝග ලක්ෂණ තිබේ නම් පිටතට නොයවා දින කිහිපයක් දරුවා නිවසේ තබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටී. |
2022-09-22T03:24:51.000Z | රංජනගමුව වැවේ නාඳුනන පිරිමි මළ සිරුරක් | රංජනගමුව වැවේ නාඳුනන පිරිමි මළ සිරුරක් | COLOMBO (News 1st) - කුරුණෑගල, වීරඹුගෙදර, රංජනගමුව වැවේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ. මිය ගිය පුද්ගලයා අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත. අවුරුදු 50 ක් පමණ වයසැති එම පුද්ගලයාගේ මළ සිරුර මේ වනවිට කුරුණෑගල රෝහලේ තැන්පත් කර තිබේ. |
2022-09-22T01:49:04.000Z | ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් තරගය කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී | ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් තරගය ඕවල්හිදී | COLOMBO (News 1st) - 2023 ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් තරගය පිළිබඳව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ. ඒ අනුව එහි අවසන් තරගය එංගලන්තයේ කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. 2021 වසරේ අගෝස්තු මස 4 වැනි දා සිට 2023 වසරේ මාර්තු 31 වැනි දා දක්වා කාලය තුළ මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලිය ක්‍රියාත්මක ය. කණ්ඩායම් 9 ක් සහභාගී වන එය ක්‍රියාත්මක වන්නේ ලීග් ක්‍රමයටයි. අදාළ කාලය අවසානයේදී දක්වන දක්ෂතා අනුව අවසන් මහා තරගය සඳහා කණ්ඩායම් තෝරා ගැනේ. 2023 මාර්තු 17 වැනි දා නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර වෙලිංටන්හිදී ආරම්භ වන තරගය මෙවර ටෙස්ට් ලෝක ශූරතාවලියේ ලීග් අංශයේ අවසන් තරගය වනු ඇති. ඒ අනුව එහි අවසන් මහා තරගය ලබන වසරේ ජූනි මාසයේදී එංගලන්තයේ කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇතැයි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. නවතම ලකුණු සටහනට අනුව ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසු වන අතර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ තුන්වැනි ස්ථානයයි. |
2022-09-22T01:29:33.000Z | දුම්රිය සේවකයින් 7,000 කගේ හිඟයක්.. පිළියමක් නොදුන්නොත් මෙහෙයුම් අඩපණ වනු ඇති බවට අනතුරු ඇඟවීම් | දුම්රිය සේවකයින් 7,000 කගේ හිඟයක්.. | COLOMBO (News 1st) - දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් 7,000 කගේ පමණ හිඟයක් පවතින බැවින් මෙහෙයුම් කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනවිරත්න මහතා සඳහන් කළේ, සේවකයින් 21,000 ක් පමණ සිටිය යුතු දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට සිටින්නේ සේවකයින් 14,000 ක් පමණක් බවයි. එළඹෙන දෙසැම්බර් මාසය වනවිට 250 කට වැඩි සේවක පිරිසක් විශ්‍රාම යාමට නියමිත බව ඔහු පෙන්වා දෙයි. ඒ අනුව එළඹෙන දෙසැම්බර් මාසය වනවිට සේවක හිඟයට පිළියමක් නොයෙදුව හොත් ජනවාරි මාසයේ සිට දුම්රිය මෙහෙයුම් කටයුතු දැඩි බලපෑමකට ලක්වනු ඇතැයි, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනවිරත්න මහතා අවධාරණය කළේ ය. |
2022-09-22T01:21:05.000Z | දෙසැම්බර් තෙක් අලුත් සිලින්ඩර් වෙළෙඳපොළට එන්නේ නැහැ - ලිට්‍රෝ | දෛනික ගෑස් ඉල්ලුම සුළු වශයෙන් පහළට... | COLOMBO (News 1st) - මේ වසරේ දෙසැම්බර් දක්වා නව ගෑස් සිලින්ඩර් දේශීය වෙළෙඳපොළට නිකුත් නොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි. ඒ, ලිට්‍රෝ සමාගමේ දැනට ක්‍රියාත්මක විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරට වෙසෙන සිය ඥාතීන් වෙනුවෙන් නව සිලින්ඩර් ඇණවුම් කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙනි. රට මුහුණ පා ඇති ඩොලර් අර්බුදයට පිළියමක් ලෙස ලිට්‍රෝ සමාගම පසුගිය දා මෙම ක්‍රමවේදය හඳුන්වා දුන්නේ ය.. ඒ අනුව, මේ වනවිට විදේශගත ශ්‍රී ලාංකිකයින් සැලකිය යුතු පිරිසක් ඩොලර් ගෙවා නව සිලින්ඩර් ඇණවුම් කර ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේ ය. ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවේ, ගෑස් සඳහා පැවති දෛනික ඉල්ලුම සුළු වශයෙන් පහළ ගොස් ඇති බවයි. ජනතාව ගෑස් අරපිරිමැස්මෙන් භාවිත කිරීම ඊට හේතු වී ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය. |
2022-09-22T01:15:14.000Z | දඹුල්ලට එන ලොකු ලූනු අස්වැන්න කිලෝ ලක්ෂ 10 කින් පහළට | දඹුල්ලට එන දේශීය ලොකු ලූනු කිලෝ ලක්ෂ 10 කින් පහළට | COLOMBO (News 1st) - පසුගිය වසරට සාපේක්ෂව යල කන්නයේ දේශීය ලොකු ලූනු ඇස්වැන්න කිලෝග්‍රෑම් ලක්ෂ 10 කින් පමණ පහත වැටී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසයි. එහි වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා සඳහන් කළේ, පසුගිය වසරේ මේ කාල සීමාවේ යල කන්නයේ අස්වැන්න ලෙස ලොකු ලූනු කිලෝග්‍රෑම් ලක්ෂ 10 ත් 15 ත් අතර ප්‍රමාණයක් දෛනිකව ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු බවයි. නමුත් මෙවර යල කන්නයේ අස්වැන්න ලෙස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව ලැබෙන්නේ දේශීය ලොකු ලූනු කිලෝග්‍රෑම් ලක්ෂ 2 ත් දෙකහාමාරත් අතර ප්‍රමාණයකි. ආනයනික ලොකු ලූනු සඳහා බදු පැනවීමක් සිදු නොකිරීම නිසා දේශීය ලොකු ලූනු අස්වැන්න කුණු කොල්ලයට විකිණීමට ගොවීන්ට සිදුව ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා පෙන්වා දෙයි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ලොකු ලූණු කිලෝග්‍රෑමයක නිෂ්පාදන පිරිවැය රුපියල් 250 ක් පමණ වුවත් ගොවීන්ට කිලෝග්‍රෑමයක් සඳහා ලැබෙන්නේ රුපියල් 80 ත් 120 ත් අතර මිලක් බවයි. |
2022-09-22T01:00:40.000Z | ත්‍රිපෝෂ සමාගමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තාවක් | ත්‍රිපෝෂ සමාගමෙන් වාර්තාවක් කැඳවයි | COLOMBO (News 1st) - ත්‍රිපෝෂ සම්බන්ධව එල්ල වී තිබෙන චෝදනාව පිළිබඳව ත්‍රිපෝෂ සමාගමේ ස්ථාවරය පැහැදිලි කරන වාර්තාවක් එහි සභාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලීද සිල්වා මහත්මිය ප්‍රකාශ කළේ, එම වාර්තාවෙන් හෙළිවන කරුණු අනුව මෙතෙක් බෙදා හැර ඇති ත්‍රිපෝෂ යළි එකතු කිරීම හෝ එකතු නොකිරීම පිළිබඳව තීරණය කරන බවයි. මේ අතර ත්‍රිපෝෂ සම්බන්ධයෙන් එල්ල වන චෝදනාව පිළිබඳව මව්වරුන් කරුණු විමසන බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලබාදිය යුතු බව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. එම සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළේ, මව්වරුන්ට සහ දරුවන්ට බෙදා දුන් ත්‍රිපෝෂ නැවත එකතු කරන්නැයි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දැනුවත් කර නොමැති බවයි. |
2022-09-22T00:44:15.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | 1. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ දරුවන් තිදෙනෙකුට වංචා නඩුවක් - හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ දරුවන් තිදෙනෙකුට එරෙහිව පවුලේ ව්‍යාපාර සම්බන්ධ පරීක්ෂණයකින් පසු වංචා නඩුවක් ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 2. අතුරුදන්ව සිටි පේරාදෙණිය සරසවි සිසුවාගේ සිරුර හමුවෙයි - දින කිහිපයක සිට අතුරුදන්ව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුවාගේ මළ සිරුර සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. 3. පැය 2 විදුලි කප්පාදුවකට ලංවිම කළ ඉල්ලීම මහජන උපයෝගිතා කොමිසම ප්‍රතික්ෂේප කෙරේ - අද (22) සිට විදුලි කප්පාදුව පැය 2 යි විනාඩි 20 දක්වා දීර්ඝ කිරීමට ලංවිම කළ ඉල්ලීම අනුමත කිරීම මහජන උපයෝගිතා කොමිසම (PUCSL) විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. 4. ජනමාධ්‍යවේදීන්ට පහර දීම හා මාධ්‍ය ආයතන බිය ගැන්වීම ගැන ශ්‍රී ලංකා රජය දක්වන ප්‍රතිචාරය අඛණ්ඩව ඉතා සමීපව නිරීක්ෂණය කරනවා – ලෝක විකාශකයින්ගේ සංගමය - ජනමාධ්‍යවේදීන්ට පහරදීම හා මාධ්‍ය ආයතන බිය ගැන්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන ප්‍රතිචාරය අඛණ්ඩව ඉතා සමීපව නිරීක්ෂණය කරන බව ලෝක විකාශකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. 5. ජනපතිගේ නිවසින් විදේශ මත්පැන් බෝතල් සොරකම් කළ 4ක් යළි රිමාන්ඩ් - පසුගිය ජූලි මස 09 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට අයුතු ඇතුළු වීමක් සිදුකර එහි තිබූ විදේශ මත්පැන් බෝතල් සොරකම් කළ පුද්ගලයන් සිව් දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. |
2022-09-21T16:50:33.000Z | ඩොනල්ඩ් ට්‍රම්ප් සහ දරුවන් තිදෙනෙකුට වංචා නඩුවක් | ඩොනල්ඩ් ට්‍රම්ප් සහ දරුවන් තිදෙනෙකුට වංචා නඩුවක් | COLOMBO (News 1st) – හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ දරුවන් තිදෙනෙකුට එරෙහිව වංචා නඩුවක් ගොනු කර තිබේ. ඒ, ඔවුන්ගේ පවුලේ ව්‍යාපාර සම්බන්ධ පරීක්ෂණයකින් පසුවයි. ට්‍රම්ප් සංවිධානය ණය ලබා ගැනීමට සහ අඩු බදු ගෙවීම සඳහා දේපොළවල සැබෑ වටිනාකම බිලියන ගණනින් අඩු කර පෙන්වීමට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බවට චෝදනා එල්ල වෙයි. නීතිඥයින් පවසන්නේ, ට්‍රම්ප් සංවිධානය 2011 සහ 2021 අතර කාලසීමාවේ බොහෝ වංචනික ක්‍රියා සිදු කර ඇති බවයි. ගොනු කර ඇති මෙම නඩුව තවත් දඩයමක් බව මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය. |
2022-09-21T16:37:01.000Z | අතුරුදන්ව සිටි පේරාදෙණිය සරසවි සිසුවාගේ සිරුර හමුවෙයි.. | අතුරුදන් සරසවි සිසුවාගේ සිරුර හමුවෙයි.. | COLOMBO (News 1st) – දින කිහිපයක සිට අතුරුදන්ව සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුවාගේ මළ සිරුර සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. ඒ , ගන්නොරුව ප්‍රදේශයේදී මහවැලි ගඟේ තිබියදී ය. |
2022-09-21T16:26:25.000Z | පැය 2 විදුලි කප්පාදුවකට ලංවිම කළ ඉල්ලීම මහජන උපයෝගිතා කොමිසම ප්‍රතික්ෂේප කෙරේ | පැය2 විදුලි කප්පාදුවට කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි | COLOMBO (News 1st) – හෙට(22) සිට විදුලි කප්පාදුව පැය 2 යි විනාඩි 20 දක්වා දීර්ඝ කිරීමට ලංවිම කළ ඉල්ලීම අනුමත කිරීම මහජන උපයෝගිතා කොමිසම (PUCSL) විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. ඒ අනුව අනුමැතිය හිමිව ඇත්තේ දැනට පවතින පැය 1 සහ මිනිත්තු 20ක විදුලි කප්පාදුවට පමණක් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. |
2022-09-21T13:25:32.000Z | ජනමාධ්‍යවේදීන්ට පහර දීම හා මාධ්‍ය ආයතන බිය ගැන්වීම ගැන ශ්‍රී ලංකා රජය දක්වන ප්‍රතිචාරය අඛණ්ඩව ඉතා සමීපව නිරීක්ෂණය කරනවා - ලෝක විකාශකයින්ගේ සංගමය | ලෝක විකාශකයින්ගේ සංගමයෙන් දැනුම් දීමක්.. | COLOMBO (News 1st) - ජනමාධ්‍යවේදීන්ට පහරදීම හා මාධ්‍ය ආයතන බිය ගැන්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන ප්‍රතිචාරය අඛණ්ඩව ඉතා සමීපව නිරීක්ෂණය කරන බව ලෝක විකාශකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. ජාත්‍යන්තර විකාශකයින් අතර සම්බන්ධීකරණ ආයතනයක් ලෙස 1922 වසරේ ආරම්භ කළ ලෝක විකාශකයින්ගේ සංගමය සිය සාමාජිකයින් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවලට ගෝලීය වශයෙන් විසඳුම් ලබාදීමට මැදිහත්වන සංවිධානයකි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අවධානය යොමුකරමින් ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ පසුගිය ජූලි 9 වැනිදා පොලීසිය හා ආරක්ෂක අංශ විසින් මාධ්‍යවේදීන් වෙත එල්ල කළ ප්‍රහාරය සාධාරණීකරණය කළ නොහැකි බව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමද නිල වශයෙන් පිළිගෙන ඇති බවය. මෙම දිනයේ සිදුකළ ප්‍රවෘත්ති වාර්තාකරණය හා එවක අගමැතිවරයාගේ නිවසට පහර දීමේ සිද්ධිය මුල්කරගෙන පහරකෑමට ලක්වූ මාධ්‍යවේදීන් සේවය කරන එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගමේ ඉහළ කළමනාකාරීත්වයේ සාමාජිකයින් කිහිප දෙනෙකු ප්‍රකාශ ලබා ගැනීම සඳහා අත්තනෝමතික ලෙස කැඳවීම් කර ඇතැයි ද ලෝක විකාශකයින්ගේ සංගමය සිය නිවේදනයේ පෙන්වා දී තිබේ. පසුගිය ජුලි 9 වැනිදා සිදුවූ සිද්ධිය විමර්ශනය කිරීම සදහා අපක්ෂපාතී යාන්ත්‍රණයක් පත් කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින එම සංවිධානය අවධාරණය කරන්නේ, අදාළ මාධ්‍යවේදීන්ට හා ඔවුන් සේවය කල මාධ්‍ය ආයතනයේ ඕනෑම නිලධාරියෙකුට පොලිසිය හෝ ආරක්ෂක විසින් කිසිදු ආකාරයක බිය වැද්දීමක්, තර්ජනය කිරීමක් හෝ ප්‍රහාරයක් එල්ල නොවීමට වගබලාගත යුතු බවයි. ආසියා පැසිෆික් විකාශකයින්ගේ සංගමයේ සාමාජිකයෙකු වන එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම හිමි සීමාසහිත කැපිටල් මහාරාජ සමූහය වෙනුවෙන් සෘජුවම පෙනී සිටින බව ද ලෝක විකාශකයින්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ අවධාරණය කර තිබේ. ආසියා පැසිෆික් විකාශකයින්ගේ සංගමය, ආරාබි රාජ්‍ය විකාශකයින්ගේ සංගමය, අප්‍රිකානු විකාශකයින්ගේ සංගමය, කැරිබියානු විකාශකයින්ගේ සංගමය, යුරෝපා විකාශකයින්ගේ සංගමය, විකාශකයින්ගේ ජාත්‍යන්තර සංගමය සහ උතුරු අමෙරිකානු විකාශකයින්ගේ සංගමය ලෝක විකාශකයින්ගේ සංගමයේ සාමාජිකයින් වේ. උතුරු අමෙරිකානු විකාශයකයින්ගේ සංගමය එහි වත්මන් ලේකම් ධුරය දරනු ලබයි. |
2022-09-21T12:12:55.000Z | ජනපතිගේ නිවසින් විදේශ මත්පැන් බෝතල් සොරකම් කළ 4ක් යළි රිමාන්ඩ්.. | ජනපති නිවසින් මත්පැන් බෝතල් සොරකම් කළ 4ක් රිමාන්ඩ් | COLOMBO (News 1st) – පසුගිය ජූලි මස 09 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට අයුතු ඇතුළු වීමක් සිදුකර එහි තිබූ විදේශ මත්පැන් බෝතල් සොරකම් කළ පුද්ගලයන් සිව් දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය කරනු ලැබුවේ, ජනාධිපතිවරයාගේ නිවසට ගිනි තැබූ සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ය. ජනාධිපතිවරයාගේ නිවසේ තිබූ සමපෝෂ පැකට්ටුවක් සොරකම් කළ බවට දින 51 කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පුද්ගලයා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. ඇප ලබා දුන් සැකකරුවන් දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම, අවුරුදු 22-29 අතර වයස්වල පසුවීම සහ විමර්ශන බොහෝ දුරට සිදු කර තිබීම ඇතුළු කරුණු ගණනාවක් සැළකිල්ලට ගෙන සැකකරුවන්ට ඇප ලබා දෙන බව මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ ය. බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රකාශ ගැනීමටත් ඔවුන්ගේ ගිණුම් වාර්තා මෙන්ම දුරකතන කුළුණු වාර්තා ලබා ගැනීමටත් පොලීසිය සිදු කළ ඉල්ලීම් සදහා අවසර ලබා දුන්නේ ය. සිද්ධිය සම්බන්ධයෙන් නඩුව අද කැඳවූ අවස්ථාවේදී නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය විමර්ශන ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් දක්වනු ලැබුවා ය. |
2022-09-21T12:09:24.000Z | මැයි 09 වැනිදා පොලිස් ට්‍රක් රථයකට හා පෞද්. බස් රථයකට පහර දුන් සැකකරුවෙක් අත්අඩංගුවට.. | මැයි09:පොලිස් ට්‍රක් රථයකට හානි කළ අයෙකු කොටු.. | COLOMBO (News 1st) – පසුගිය මැයි 09 වැනි දින යක්කල නගරයේදි පොලිස් ට්‍රක් රථයකට පහරදී අනර්ථයක් සිදුකිරීම හා පුද්ගලික බස් රථයකට හා කැබ් රථයකට පහර දී අලාභානි කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ, 41 හැවිරිදි මුදුන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. සැකකරු ඊයේ(20) දිනයේ යක්කල පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ය. |
2022-09-21T10:59:23.000Z | ජනපති රනිල් ලන්ඩන් බෞද්ධ විහාරය වැඳ පුදාගනී | ජනපති රනිල් ලන්ඩන් බෞද්ධ විහාරය වැඳ පුදාගනී | COLOMBO (News 1st) – දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) පස්වරුවේ ලන්ඩනයේ බෞද්ධ විහාරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, අනතුරුව මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක, ලන්ඩන් බෞද්ධ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෝගොඩ සීලවිමල නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරතව ඇති බවයි. නායක හිමිපාණන් වහන්සේ මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද කර තිබේ. |
2022-09-21T10:33:16.000Z | බදු අඩු වුණ ගමන් සනීපාරක්ෂ තුවා පරණ මිලට විකුණන්න වෙනවා - රාජ්‍ය ඇමති ගීතා | සනීපාරක්ෂක තුවා සඳහා වන බදු අඩු කිරීමේ තීරණයක් | COLOMBO (News 1st) – සනීපාරක්ෂක තුවා සඳහා අය කෙරෙන බදු අඩු කිරීමට ජනපතිගෙන් උපදෙස් ලැබුණු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි. අමාත්‍යවරිය අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, කාන්තාවන්ගේ ප්‍රධාන අවශ්‍යතාවක් වන සනීපාරක්ෂක තුවා සඳහා පනවා ඇති බදු අඩු කර දෙන මෙන් තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි. සිය ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඒ සඳහා පනවා ඇති වරාය ගුවන් සේවා සංවර්ධන බද්ද, සෙස් බද්ද සහ රේගු ගාස්තු අඩු කර දෙන බවට ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි, අමාත්‍යවරිය සඳහන් කළා ය. ඒ අනුව බදු අඩු කළ වහාම අලෙවිකරුවන්ට පෙර පැවති මිල ගණන්වලට සනීපාරක්ෂක තුවා අලෙවි කිරීමට සිදුවනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා ය. රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවේ, බදු අඩු කළ ද දේශීය නිෂ්පාදකයා රැකගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. |
2022-09-21T07:10:05.000Z | ජනපති සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරිය අතර හමුවක් | ජනපති පොදු රද මඩුළු මහ ලේකම්වරිය හමුවෙයි | COLOMBO (News 1st) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රිසියා ස්කොට්ලන්ඩ් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටි ජනාධිපතිවරයා ඊයේ (20) පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය හමුවී ඇති බවයි. පොදු රාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ. මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය විදේශ සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකට ද ජනාධිපතිවරයා පසුගිය 18 වැනිදා සහභාගී වි ඇත. එහිදී ජනාධිපතිවරයාට ලෝක නායකයින් සමග සුහදව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසී ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. |
2022-09-21T06:26:59.000Z | මහීෂ් ඇතුළු යුද හමුදා ක්‍රීඩා විශිෂ්ටයින්ට උසස්වීම් | මහීෂ් ඇතුළු යුද හමුදා විශිෂ්ටයින්ට උසස්වීම් | COLOMBO (News 1st) – මෙවර ආසියානු ක්‍රිකට් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක යුද හමුදාවේ මහීෂ් තීක්‍ෂණ සැරයන් නිලය දක්වා උසස් කර තිබේ. යුද හමුදාව නිවේදනය කළේ, මීට අමතරව මෙරව ආසියානු දැල්පන්දු ශූරතාව ජය ගත් ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම නියෝජනය කළ යුද හමුදා සාමාජිකාවන්ටද උසස්වීම් ලබාදුන් බවයි. ඒ අනුව, සාමාන්‍ය සෙබළ ටී.ටී අල්ගම කෝප්‍රල් නිලයටත්, සාමාන්‍ය සෙබළ කේ.බී.වයි. ද සිල්වා කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබළ එම්.ඒ.අයි.ජේ. පෙරේරා කෝප්‍රල් නිලයටත් වශයෙන් එම ක්‍රීඩිකාවන් වෙත උසස්වීම් ලබාදී ඇත. ඊයේ (20) එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් යුද හමුදාධිපති කාර්යාලයට කැඳවා යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ සුරතින් මූල්‍යමය දිරි දීමනා ලබාදී සුබපැතුම් ද පිරිනමා තිබේ. මෙම අවස්ථාවට සහභාගී වූ මෙවර ආසියානු කායවර්ධන ශූරතාවලියේදී ලෝකඩ පදක්කම දිනාගත් යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් ආර්.ඒ.ඩී.පී. රාජපක්‍ෂ වෙත ද මෙහිදී මූල්‍ය දිරිගැන්වීම් ප්‍රදානය කර ඇත. මෙම අවස්ථාව සඳහා යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා ඇතුළු ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉහළ නිලධාරීන් රැසක් ද සහභාගී වී සිට ඇත. |
2022-09-21T05:03:45.000Z | දෙමටගොඩ ඇළක කාන්තා මළ සිරුරක් | දෙමටගොඩ ඇළක කාන්තා මළ සිරුරක් | COLOMBO (News 1st) - දෙමටගොඩ,මස්වත්ත ඇළක තිබී කාන්තා මළ සිරුරක් හමුව තිබේ. මිය ගොස් සිටින කාන්තාව කවුරුන්ද යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැත. මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දෙමටගොඩ පොලීසිය විසින් සිදු කරනු ලබයි. |
2022-09-21T04:56:07.000Z | කාන්තාවක බේරා ගන්න ගිය පුද්ගලයෙක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කෙරේ | ගම්පහ පුද්ගල ඝාතනයක්... | COLOMBO (News 1st) - ගම්පහ, අකරවිට ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මියගොස් ඇත්තේ, යතුරු පැදියකින් පැමිණ කාන්තාවගේ අත්බෑගයක් සොරකම් කිරීමට දැරූ උත්සහයක් අතරතුර කොල්ලකරුවෙකු එල්ල කළ පිහි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකි. ඔහු අකරවිට ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක් බව පොලීසිය පැවසීය. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු හා කාන්තාවක් මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුගේ ගමන් බෑගයක් කොල්ලකෑමට උත්සහ කර තිබේ. පොලීසිය පැවසුවේ, එම අවස්ථාවේදී යතුරු පැදියේ සිටි පුද්ගලයා සහ කාන්තාව බිම ඇඳ වැටී ඇති බවයි. පසුව එම ස්ථානයේ නිවසක පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බිම ඇඳ වැටුණු කාන්තාව අල්ලා ගැනීමේදී යතුරු පැදිකරු විසින් කාන්තාව මුදා ගැනීම සඳහා අදාළ පුද්ගලයින් දෙදෙනාට පිහියකින් ඇණ තිබේ. එහිදී තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය. සැකකරු කාන්තාව සමග යතුරු පැදිය සහ කොල්ලකන ලද බවට සැකකරන අත් බෑග 3ක් දමා පළා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර මුතූර් භාරතිපුරම් ප්‍රදේශයේ දී ද පිහියකින් ඇණ 50 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, විහිළුවක් දුරදිග ගොස් ඝාතනය සිදු වී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් 48 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඝාතනය සිදු කරන අවස්ථාවේදී බීමතින් සිට ඇතැයි, පොලීසිය ප්‍රකාශ කළේ ය. |
2022-09-21T04:38:59.000Z | බෑණාගේ උදලු පහරින් මාමණ්ඩිය සහ ඥාති පුතා මරුට | බෑණාගේ උදලු පහරින් මාමණ්ඩිය සහ ඥාති පුතා මරුට | COLOMBO (News 1st) - ගල්ගමුව ට්‍රැක් 05 පළුකන්දෑව ප්‍රදේශයේදී උදැල්ලකින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ, අවුරුදු 16 ක් හා 67 ක් වයසැති දෙදෙනෙකි. ඝාතනය සිදු කළ පුද්ගලයා ඊයේ උදෑසන සිට බීමත්ව නිවසේ ඇති භාණ්ඩ විනාශ කරමින් සිට ඇති අතර සවස් කාලයේදී බිරිඳගේ පියා හා නිවස අසල පදිංචි බිරිඳගේ සහෝදරියකගේ පුතෙකු සමග ගැටුමක් ඇති කර ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරු උදැල්ලෙන් පහර දීම නිසා බිරිඳගේ පියා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. 16 හැවිරිදි ඥාති පුත්‍රයා බරපතල තුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබේ. සිද්ධියට සම්බන්ධයෙන් 42 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. |
2022-09-21T03:50:11.000Z | පැඟිරිවත්තේදී මෝටර් රථයක් දුම්රියක ගැටෙයි | පැඟිරිවත්තේදී මෝටර් රථයක් දුම්රියක ගැටෙයි | COLOMBO (News 1st) - අද උදෑසන කැලණිවැලි දුම්රිය මාර්ගයේ දෙල්කඳ, පැඟිරිවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ අනතුරක් සිදු විය. අප වාර්තාකරු පැවසුවේ, මේ වනවිට කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බවයි. අනතුර සිදු වුණේ මෝටර් රථයක් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමේදී දුම්රියේ ගැටීමෙනි. අනතුරෙන් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කෙරුණි ලයිට් කණුත් බිමට පතිත වූ බිහිසුණු දුම්රිය අනතුරක් ලයිට් කණුත් බිමට පතිත වූ බිහිසුණු දුම්රිය අනතුරක් ''සිග්නල් තිබ්බට, බෙල් තිබ්බට වැඩක් නෑ ගේට්ටුවක් තමයි ඕන..'' Posted by Newsfirst.lk on Tuesday, September 20, 2022 |
2022-09-21T02:00:04.000Z | ජපානයට බලපෑ සුළි කුණාටුවෙන් මිලියන 9ක් ආරක්ෂිත ස්ථාන වෙතට | ජපාන සුළිකුණාටුවෙන් මිලියන 9 ක් ආරක්ෂිත ස්ථානවලට | COLOMBO (News 1st) - ජපානයට බලපෑ නන්මඩෝල් සුළිකුණාටුවෙන් මිලියන 9 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කියුෂූ දිවයිනට බලපා ඇති සුළිකුණාටුව අද හොන්ෂු දිවයිනට කඩා වදිනු ඇතැයි ජපාන කාලගුණ බලධාරීහු පැවසූහ. විදෙස් මාධ්‍ය පැවසුවේ, මේ දක්වා සුළිකුණාටුව හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බවයි. |
2022-09-21T01:30:02.000Z | වී මිලදී ගැනීම යළි ඇරඹීමට අද සාකච්ඡාවක් | වී මිලදී ගැනීම යළි ඇරඹීමට අද සාකච්ඡාවක් | COLOMBO (News 1st) - වී මිලදී ගැනීම යළි ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද (21) පැවැත්වේ. ඒ, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්යෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. මෙම සාකච්ඡාවට රාජ්‍ය බැංකු නිලධාරීන් ද සහභාගී වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර වී මිලදී ගැනීම රජය නතර කිරීමත් සමග වී ගොවිහු රැසක් සිය අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව දැඩි පීඩාවට පත්ව සිටිති. |
2022-09-21T01:24:50.000Z | ආනයනික සහල් ඇතුළු ආහාර වර්ගවල බැර ලෝහ ඇත්දැයි සොයා පරීක්ෂාවක් | ආනයනික සහල්වල බැර ලෝහ ඇත්දැයි පරීක්ෂාවක් | COLOMBO (News 1st) - මෙරටට ආනයනය කරන සහල් ඇතුළු ආහාර වර්ගවල බැර ලෝහ ඇද්දැයි පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එහි පාරිසරික හා වෘත්තිය සෞඛ්‍ය සහ ආහාර ආරක්ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කළේ, මීට පෙර එම ආහාර ද්‍රව්‍යවල තෝරාගත් නියදි පමණක් පරීක්ෂා කළ බවයි. පරීක්ෂණවලදී මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරු වූ සහල් කන්ටේනර් 15 ක් පසුගිය කාලයේ ප්‍රතිනැව්ගත කළ බව ද ඔහු ප්‍රකාශ කළේ ය. |
2022-09-21T00:56:05.000Z | රාජ්‍ය සේවකයින් 300 ක් විදෙස් රැකියාවලට | රාජ්‍ය සේවකයින් 300 ක් විදෙස් රැකියාවලට | COLOMBO (News 1st) - රජය නිකුත් කළ චක්‍රලේඛයට අනුව රාජ්‍ය සේවකයින් 300 කට ආසන්න පිරිසක් මේ වනවිට විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යංශය පැවසුවේ, එක් එක් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවට අනුයුක්ත පිරිස් එලෙස විදේශගතව ඇති බවය. මීට අමතරව රාජ්‍ය අනුබද්ධ ව්‍යවස්ථාපිත මණ්ඩලවල පිරිසක් ද විදේශ රැකියා සඳහා යොමුව තිබේ. අමාත්‍යාංශය සඳහන් කළේ, පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට අනුව විදේශ රැකියා සඳහා යොමුවන පිරිසකට වසර 5 ක වැටුප් රහිත නිවාඩු ලබා දෙන බවයි. |
2022-09-21T00:51:33.000Z | රජයේ ආදායම වැඩි කිරීම සඳහා යෝජනා කිහිපයක් අද පාර්ලිමේන්තුවට | රජයේ ආදායම වැඩි කිරීමේ යෝජනා අද පාර්ලිමේන්තුවට | COLOMBO (News 1st) - රජයේ ආදායම වැඩි කිරීම සඳහා යෝජනා කිහිපයක් අද (21) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත වේ. අද පාර්ලිමේන්තුව උදෑසන 9.30 ට රැස්වීමට නියමිතය. මේ අතර ළමයින් සඳහා වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය අද ආරම්භ වනු ඇති. |
2022-09-21T00:47:41.000Z | ආණ්ඩුවේ තනතුරු ගත් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂ තනතුරුවලින් හා මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීමට පියවර.. | ආණ්ඩුවේ තනතුරු ගත් ශ්‍රීලනිප මන්ත්‍රීවරු ගැන තීරණය | COLOMBO (News 1st) - පක්ෂයේ මතයට එරෙහිව යමින් ආණ්ඩුවේ තනතුරු ලබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් පක්ෂයේ දැරූ දිස්ත්‍රික් නායකත්ව, ආසන සංවිධායක ධුර ඇතුළු සියලුම තනතුරුවලින් සහ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කිරීමට පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ. එම පක්ෂය සඳහන් කළේ, මේ බව අදාළ මන්ත්‍රීවරුන්ට ලිපි මගින් දැනුම්දීමට කටයුතු කර ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 14 දෙනකු පාර්ලිමේන්තුව නියෝජනය කරති. ඒ අතරින් මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න, ශාන්ත බණ්ඩාර, සුරේන් රාගවන්, චාමර සම්පත් දසනායක, ජගත් පුෂ්පකුමාර, රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් ආණ්ඩුවට සම්බන්ධ වෙමින් අමාත්‍ය ධුර ලබා ගත්හ. ඒ අනුව ඔවුන් නිදහස් පක්ෂයේ මෙතෙක් දැරූ සියලු තනතුරු සහ මධ්‍යම කාරක සභාවේ සමාජිකක්වයෙන් ඉවත් කරනු ඇති. දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, සාරති දුෂ්මන්ත මිත්‍රපාල, ශාන් විජයලාල් ද සිල්වා සහ අංගජන් රාමනාදන් යන මහත්වරුන් තවදුරටත් නිදහස් පක්ෂය සමග රැඳී සිටී. |
2022-09-21T00:39:43.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | 1. දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට ජනපති සහභාගි වීම ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්.. - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ ලන්ඩන් නුවර පැවති දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූයේ ලැබුණු නිල ආරාධනයකට අනුව බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. 2. සතොස හිටපු සභාපති වෙනුර රක්ෂිත බන්ධනාගාරයට - සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන අද (21) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 3. ජනපති රනිල් තෙවැනි චාල්ස් රජු සමග සුහද කතා බහක - දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෙවැනි චාල්ස් රජු සමග සුහද කතා බහක නිරතව තිබේ. 4. ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් හැර යයි.. - ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරයට අදාළ කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වීමට ටොම් මූඩි එකඟත්වය පළ කළ බවට ක්‍රිකට් ආයතනය පවසයි. 5. ආර්ථික අර්බුදයේ වගකිවයුත්තන් සොයන්න විශේෂ කාරක සභාවක් පත්කරන්න... මන්ත්‍රීවරු 35ක් කතානායකගෙන් ඉල්ලති - 2019 වසරේ නොවැම්බර් සිට රටේ ආර්ථිකයේ පසුබෑම පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ස්ථාපනය කරන්නැයි, ඉල්ලමින් විපක්ෂ නායකවරයා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් 35 දෙනෙකුගේ අත්සනින් කතානායකවරයාට ලිපියක් භාර දී තිබේ. |
2022-09-20T17:11:11.000Z | දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට ජනපති සහභාගි වීම ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්.. | ජනපති එංගලන්තයට යාම ගැන පැහැදිලි කිරීමක්.. | COLOMBO (News 1st) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ ලන්ඩන් නුවර පැවති දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූයේ ලැබුණු නිල ආරාධනයකට අනුව බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. මෙම නිල ගමන සඳහා ජනාධිපතිතුමන් සමග නිලධාරීන් දෙදෙනෙකු සහ ජනාපතිවරයාගේ නිල වෛද්‍යවරයා සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. ජනාධිපති භාර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇයගේ පෞද්ගලික වියදමින් මේ සඳහා එක්වූ බවත් රුවන් විජේවර්ධන මහතා ඊයේ (19) පැවති ශ්‍රී ලාංකික හමුවට එක් වූයේ ඔහුගේ පෞද්ගලික සංචාරයක් අතර තුර බව ද අදාල නිවේදනයේ සඳහන් වේ. |
2022-09-20T11:16:25.000Z | සතොස හිටපු සභාපති වෙනුර රක්ෂිත බන්ධනාගාරයට | සතොස හිටපු සභාපති වෙනුර රක්ෂිත බන්ධනාගාරයට | COLOMBO (News 1st) – සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන හෙට (21) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගනු ලබුවේ, රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් වංචා කිරිමේ චෝදනා මතයි. |
2022-09-20T09:44:40.000Z | ජනපති රනිල් තෙවැනි චාල්ස් රජු සමග සුහද කතා බහක | ජනපති රනිල් තෙවැනි චාල්ස් රජු සමග සුහද කතා බහක | COLOMBO (News 1st) – දෙවැනි එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍යයට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෙවැනි චාල්ස් රජු සමග සුහද කතා බහක නිරතව තිබේ. ඒ පසුගිය 18 වැනිදා ලෝක නායකයින් සහ තෙවැනි වාල්ස් රජු අතර බකිංහැම් මාළිගයේදී පැවති හමුවේදී ය. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද එම අවස්ථාවට එක්ව සිටි බවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා ලන්ඩන් නුවර බලා පිටත්ව ගියේ, ඊයේ (19) මිහිදන් කෙරුණු දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍යයට සහභගී වීම සඳහායි. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වෙස්ට්මිනිස්ටර් ශාලාවේදී පසුගිය 18 වැනිදා දෙවැනි එළිසබෙත් රැජිණගේ දේහයට සිය අවසන් ගෞරව දැක්වූහ. |
2022-09-20T08:09:55.000Z | ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් හැර යයි.. | ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් හැර යයි.. | COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරයට අදාළ කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වීමට ටොම් මූඩි එකඟත්වය පළ කළ බවට ක්‍රිකට් ආයතනය පවසයි. ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඕස්ට්‍රේලියා ජාතික ටොම් මූඩි මහතා සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව තවදුරටත් ඔහුගේ සේවය අවශ්‍ය නොවන බවට තීරණය වී ඇති බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටුවේ නිර්දේශයක් මත 2021 වසරේ මාර්තු 01 වැනිදා සිට වසර 3 ක කාලයකට ටොම් මූඩි මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ තනතුරට පත් කෙරිණි ටොම් මූඩි මහතාගේ කාර්යභාරය අතරට ඉදිරි තරග සංචාර සැලසුම් කිරීම, දේශීය තරග ව්‍යුහය පිළිබඳව අවධානය යොමු කිරීම, ක්‍රීඩක සුබසාධනය සහ අධ්‍යාපනය ද ඇතුළත් බවට එම පත්වීම සිදු කළ අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසී ය. |
2022-09-20T07:23:47.000Z | ආර්ථික අර්බුදයේ වගකිවයුත්තන් සොයන්න විශේෂ කාරක සභාවක් පත්කරන්න... මන්ත්‍රීවරු 35ක් කතානායකගෙන් ඉල්ලති | මන්ත්‍රීවරු 35 ක් අත්සන් කළ ලිපියක් කතානායකට | COLOMBO (News 1st) – 2019 වසරේ නොවැම්බර් සිට රටේ ආර්ථිකයේ පසුබෑම පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ස්ථාපනය කරන්නැයි, ඉල්ලමින් විපක්ෂ නායකවරයා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් 35 දෙනෙකුගේ අත්සනින් කතානායකවරයාට ලිපියක් භාර දී තිබේ. එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ, i. මෙරට ආර්ථික පරිහානියන්ට හේතු වූ බදු සහන ණය වාරික නොගෙවා සිටීම, ආනයන සීමා පැනවීම, රුපියල ශීඝ්‍ර ලෙස අවප්‍රමාණය වීමට ඉඩ සැලසීම, නිල සංක්‍රමණික ප්‍රේෂණ පහත වැටීම, රටේ උද්ධමනය අධිඋද්ධමන තත්ත්වයක් දක්වා වැඩි වීම. ජීවන වියදම වැඩිවීම හේතුවෙන්, ii. මෙතෙක් මුහුණ නොදුන් ආර්ථික අර්බුදයකට රට මුහුණ දෙමින් තිබෙන්නේ, ඒ සම්බන්ධයෙන් අදාළ කාලසීමාවන්හි වගකීම් දරන ලද පුද්ගලයන් තම කාර්යභාරය නිසි පරිදි ඉටු නොකිරීමට අපොහොසත් වීම හේතුවෙන් ද යන්නත්, iii. ආර්ථීක අර්බුදයේ බලපෑම වැළැක්වීමට සහ / හෝ අවම කිරීමට අදාළ බලධාරීන් ප්‍රමාණවත් පියවර ගත්තේ ද යන්නත්, iv. ආර්ථීක අර්බුදයේ බලපෑම වැළැක්වීමට සහ/ හෝ අවම කිරීමට නොහැකි වීමට හේතු වූ රාජ්‍ය යාන්ත්‍රණයේ අඩුපාඩු තිබුණේද යන්නත්, v. එවැනි ආර්ථික අර්බුදයන්ට මුහුණ දීමට දායක වූ වෙනත් කරුණු තිබේ ද යන්නත්, vi. අනාගතයේදී එවැනි ආර්ථික අර්බුදයන්ට රට පත් වීමට දායක වන්නා වූ වෙනත් කරුණු තිබේද යන්නත්, vii. අනාගතයේදී එවැනි ආර්ථික පරිහානියන් අවම කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්නත්, සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙසයි. තව ද එම කාරක සභාව 12කට නොවැඩි සාමාජික සංඛ්‍යාවකින් සමන්විත විය යුතු බවත් කතානායකවරයා විසින් එහි සභාපතිවරයා පත් කරනු ලැබිය යුතු බවත් එහි සඳහන් ය. මේ අතර ඉහත සඳහන් කර ඇති කරුණු පූර්ණ වශයෙන් සලකා බැලීම සඳහා කාරක සභාව අවශ්‍ය යැයි තීරණය කරන පරිදි, ඕනෑම පුද්ගලයෙකු එම කාරක සභාව ඉදිරියට කැඳවීමට ද, ඕනෑම ලියවිල්ලක් හෝ වාර්තාවක් ලබා දෙන ලෙසට ඕනෑම පුද්ගලයෙකුට නියම කිරීමට ද එකී සියලු සාක්ෂි ලිඛිතව හෝ වාචිකව, ලබා දීමට හෝ ලබා ගැනීමට ද, කාරක සභාවට සහාය වීම පිණිස අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ සහ ප්‍රවීණයින්ගේ සේවය ලබා ගැනීමට ද බලය තිබිය යුතු ය. මීට අමතරව කලින් සිදු කළ අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමටද, පාර්ලිමේන්තුව කල් තබන ලද්දේ වුවද රැස්වීම් පවත්වාගෙන යාමට ද, බලය තිබිය යුතුයි. අදාළ ලිපියේ සඳහන් වන්නේ, සිය පළමු රැස්වීම් දිනයේ සිට මාස තුනක කාලයක් තුළ කාරක සභාව විසින් සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි. |
2022-09-20T06:05:10.000Z | යුක්‍රේන හමුදාව බේරා ගත් ලාංකිකයින් නීතිවිරෝධිව යුරෝපයට යන්න උත්සාහ කළ පිරිසක් - විදේශ කටයුතු රාජ්‍ය ඇමති | යුක්‍රේන හමුදාව බේරා ගත් ලාංකිකයින් කවුරුන්ද? | COLOMBO (News 1st) – රුසියානු සොල්දාදුවන් ග්‍රහණයේ සිටියදී යුක්‍රේන හමුදාව විසින් බේරා ගනු ලැබූ බව කියන ශ්‍රී ලාංකිකයින් 7 දෙනා නීතිවිරෝධිව යුරෝපයට සංක්‍රමණයවීමට උත්සාහ කළ පිරිසක් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසයි. ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම පිරිස පසුගිය මාර්තු මාසයේදී රුසියානු හමුදා ග්‍රහණයට හසුව ඇති බවයි. කෙසේ වෙතත් මේ වනවිට පිරිස යහපත් සෞඛ්‍ය තත්ත්වයනේ පසුවන බව ද රාජ්‍ය ආමත්‍යවරයා සඳහන් කළේ ය. රුසියානු දේශසීමාව ආසන්නයේ කාර්කිව් ප්‍රදේශයේදී රුසියානු සොල්දාදුවන් විසින් අල්ලාගෙන වධ හිංසනයට ලක් කළ බව කියන ශ්‍රී ලාංකිකයන් 7 දෙනා පිළිබඳව බිහිසුණු තොරතුරු යුක්‍රේන මාධ්‍යවේදියෙක් ට්විටර් ඔස්සේ පළ කර තිබිණ. එම ශ්‍රී ලාංකිකයින් පිරිස දැනට දැනට රඳවා සිටින්නේ යුක්රේන පුනරුත්ථාපන මධ්‍යස්ථානයකයි. කාර්කිව් ප්‍රදේශයේ පොලිසියේ විමර්ශන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සර්ජි බොල්විනොව්, එක්සත් රාජධානියේ සිට වාර්තා කරන යුක්රේන මාධ්‍යවේදිනී මාරියා රොමෙනෙන්කෝට පවසා ඇත්තේ මෙම පිරිමි පුද්ගලයින් 6 දෙනාට සහ කාන්තාවට රැසියානු හමුදාව විසින් අමානුෂික ලෙස වධහිංසා කර ඇති බවයි. රුසියානු සෙබළුන් ශ්‍රී ලාංකිකයන්ගෙන් කප්පම් ගැනීමට ද උත්සාහ කර ඇති අතර කාර්කිව් පොලිසිය යුද නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. වයස 20 ත් 40 ත් අතර වූ මෙම පුද්ගලයින් 7 දෙනාගෙන් වැඩිදෙනෙක් ශිෂයින් වන අතර ඔවුන් රුසියාවේ යුකේරන ආක්‍රමණයට සති තුනකට පෙර එරටට ගොස් ඇති බව වාර්තා වේ. ආක්‍රමණයෙන් පසු මොවුන් නිවසක සැඟව සිට ඇති අතර කාර්කිව් ප්‍රදේශයේන් පලා යාමට උත්සහ කිරීමේදී රුසියානු සොල්දාදුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබිණ. අනතුරුව යුක්රේන හමුදාව මෙම ප්‍රදේශය අත්පත් කරගැනීමෙන් පසු පිරිස මුදාගත් බවට වාර්තා විය. මේ අතර යුක්‍රේන බලධාරීන් අදාළ කණ්ඩායමේ සාමජිකයින්ට සිය පවුල් සමග අදහස් හුවමාරු කර ගැනීමට ද අවස්ථාව ලබාදී තිබේ. |
2022-09-20T05:05:31.000Z | රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් 750 ක් ලබන මාසයේ දකුණු කොරියාවට | ශ්‍රී ලාංකිකයින් 750 ක් ලබන මාසයේ දකුණු කොරියාවට | COLOMBO (News 1st) - කොරියාවේ රැකියා සඳහා ලබන මාසයේ තවත් 750 දෙනෙකු යැවීමට පියවර ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සෙනරත්යාපා මහතා සඳහන් කළේ, කොරියන් භාෂාව සමත්ව ඇති අය එරට රැකියාවන් සඳහා යවන බවයි. වසරේ මේ දක්වා කාලය තුළ කොරියාවේ රැකියා 3100 දෙදෙනෙකු පිටත්කර යවා තිබේ. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ, නිෂ්පාදන, ඉදිකිරීම් සහ ධීවර ක්ෂේත්‍ර සඳහා කොරියාවට මෙරටින් ශ්‍රමිකයින් යැවීම සිදු කරන බවයි. මේ අතර ඊශ්‍රායලයේ රැකියා සඳහා ද පිටත්වීම සඳහා සුදුසුකම් ලබා ඇති පිරිස 500 කි. |
2022-09-20T04:00:46.000Z | පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළ දෙදෙනෙක් අත්අඩංගුවට | වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කරන්න හැදු 2ක් කොටු | COLOMBO (News 1st) - කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, කොළඹ අපරාධ කොට්ඨාසය කළ විමර්ශනවලට අනුව කොලොන්නාව ප්‍රදේශයේ සැඟවී සිටියදී හෙරොයින් ග්‍රෑම් 7 යි මිලිග්‍රෑම් 945 ක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි. වෙඩි තැබීම සඳහා ඔහු භාවිත කළ රිවෝල්වර් වර්ගයේ ගිනි අවිය හා ජීව උණ්ඩ 2 ක් ද සඟවා තිබියදී සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, අදාළ වෙඩි තැබීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සෙසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 720 ක් සිය භාරයට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 26 හැවිරිදි වියේ පසුවන කෙසෙල්වත්ත හා ගුණසිංහපුර පදිංචිකරුවන් දෙදෙනෙකි. සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය 9 වැනි දා කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අදාළ වෙඩි තැබීම සිදුව තිබුණි. |
2022-09-20T03:44:28.000Z | කඩුවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක් | කඩුවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක | COLOMBO (News 1st) – හෙට (21) පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 16 ක් පහත සඳහන් ප්‍ර දේශවලට ජල සැපයුම් අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි. ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ: කහහේන, හංවැල්ල, ජල්තර - රණාල, කඩුවෙල, මාපිටිගම, දොම්පෙ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙන්නේ, ලබුගම ජල පවිත්‍රාගාරයේ භූගත ජල ටැංකිය පිරිසිදු කිරීමේ කටයුතු හේතුවෙන් අදාළ ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. |
2022-09-20T02:08:09.000Z | දෙවන එළිසබෙත් රැජිණගේ දේහය මිහිදන් කෙරේ | දෙවන එළිසබෙත් රැජිණගේ දේහය මිහිදන් කෙරේ | News 1st - හිරු නොබසින අධිරාජ්‍යයේ දීර්ඝතම කාලයක් රජ කිරුළ දැරූ දෙවන එළිසබෙත් රැජිණගේ දේහය මිහිදන් කෙරුණි. ඒ, ශාන්ත ජෝර්ජ් දෙව්මැදුරේ පිහිටි රැජිණගේ පියා වූ 06 වන ජෝර්ජ් රජුගේ අනුස්මරණ සුසානයේය. එඩින්බරෝ ආදිපාදවරයා වන රැජිණගේ ස්වාමියා වූ පිලිප් කුමරුගේ දේහය මිහිදන් කර ඇති සමීපයේ මෙරට වේලාවෙන් ඊයේ (19)මධ්‍යම රාත්‍රී 12.00 ට රැජිණගේ දේහය තැන්පත් කෙරුණි. ඊට පෙර ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ රැජිණ වෙනුවෙන් වූ අවසන් දේව මෙහෙය පැවැත්වුණේ, රාජකීය පවුලේ සාමාජිකයින්ගේ සහ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් ය. රාජ්‍ය නායකයින්ට සහ සාමාන්‍ය ජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා රැජිණගේ දේහය වෙස්ට්මින්ස්ටර් ශාලාවේ තැන්පත් කර තිබූ අතර ආගමික වතාවත් සඳහා දේහය වෙස්ට්මින්ස්ටර් ඇබී දේවස්ථානයට රැගෙන ආවා ය. දේව මෙහෙයකින් පසු දේහය වෙලින්ටන් ආරුක්කුව දක්වා රාජකීය ගෞරව සහිත පා ගමනකින් රැගෙන ආ අතර පසුව වින්ඩ්සර් මාළිගයට රැගෙන ආ දේහය අවසන් වශයෙන් රැගෙන ආවේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයටයි. ඒ මොහොත දක්වා එළිසබෙත් රැජිණට අවසන් ගෞරව සහ ආචාරය පිරිනැමීමට දහස් සංඛ්‍යාත ජනතාවක් මඟ දෙපස රැඳී සිටියහ. |
2022-09-20T00:50:49.000Z | විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සේවා යළි ඇරඹේ | කොන්සියුලර් අංශයේ සහතික කිරීමේ සේවා යළි ඇරඹේ | COLOMBO (News 1st) - අත්හිටුවා තිබූ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය, සහතික කිරීමේ සහ සත්‍යාපනය කිරීමේ සේවාව අද (20) සිට යළි ආරම්භ වේ. නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, බිඳ වැටුණු පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත්කර ඇති බවයි. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රධාන කාර්යාලයේ සහ යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණෑගල, මාතර යන ප්‍රාදේශීය කාර්යාලවල සේවා ද අද සිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙනු ඇති. |
2022-09-20T00:46:59.000Z | රෝහල්වලට හිඟ ඖෂධ ලැබෙමින් පවතිනවා - සෞඛ්‍ය අමාත්‍යාංශය | රෝහල්වලට හිඟ ඖෂධ ලැබෙමින් පවතිනවා | COLOMBO (News 1st) - රෝහල් සඳහා ඇණවුම් කළ ඖෂධ වර්ග මේ වනවිට ලැබෙමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, ඖෂධ හිඟයෙන් කිසිදු රෝහලක රෝගී සත්කාරක සේවා අණහිට නොමැති බවයි. ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර ලියනගේ මහතාගෙන් ද මේ පිළිබඳව නිව්ස් ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, යම් යම් අඩුපාඩු පැවතිය ද සැත්කම් සාමාන්‍ය ලෙස සිදු කරන බවයි. හිඟ ඖෂධ වර්ග ලැබෙමින් පවතින බව ද රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය. |
2022-09-20T00:41:07.000Z | දුම්රිය පීලි පැනීම් ඉහළ යාමට හේතුව මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීමයි - දුම්රිය වෘත්තීය සමිති | ඩොලර් හිඟයෙන් දුම්රිය මාර්ග අලුත්වැඩියාවටත් බාධා | COLOMBO (News 1st) - මාර්ග නිසි ලෙස නඩත්තු නොකිරීම මුහුදු බඩ මාර්ගයේ දුම්රිය පීලි පැනීම් ඉහළ යාමට හේතු වී ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසයි. ලෝකොමොටිවු ඉංජිනේරු වෘත්තීය සමිති සංගමය ප්‍රධාන සභාපති කේ.ඒ.යු කොන්තසිංහ මහතා සඳහන් කළේ, ඊට නිසි විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී මගීන්ට තවත් ගැටලු ඇති විය හැකි බවය. ඊයේ දිනයේ කොළඹ මහලේකම් කාර්යාලය අසළ දුම්රිය එන්ජිමක් පිලී පැනීමට ලක්විය. පසුගිය දා කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ වායු සමනය කරන ලද දුම්රිය කොල්ලුපිටියේදී පීලි පැනීමට ලක් වූ අතර එහිදී දුම්රිය වාර කිහිපයක් අවලංගු කිරීමට සිදු වුණි. මේ සම්බන්ධයෙන් නිව්ස් ෆස්ට් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, මාර්ග නඩත්තුවට අවශ්‍ය අමුද්‍රව්‍ය හීඟය හේතුවෙන් දුම්රිය පීලි පැනීමට ලක්වන බවයි. ඩොලර් හිඟය හේතුවෙන් එම අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට දුෂ්කර වී ඇති බව ඔහු පැවසීය. |
2022-09-20T00:25:57.000Z | මහ කන්නයේ යුරියා පළමු වැනිදා සිට ගොවීන්ට | මහ කන්නයේ යුරියා පළමු වැනිදා සිට ගොවීන්ට | COLOMBO (News 1st) - ලබන 01 වැනි දා සිට මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය යුරියා පොහොර ලබාදීම ආරම්භ කරන බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි. ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඊ.එච්.එම්.එල් අබේරත්න මහතා පැවසුවේ, ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙන්වා ඉතිරි වී පවතින යුරියා තොගය ගොවීන්ට වෙත ලබාදෙන බව ය. පළමු අදියරේදී හෙක්ටයාර එකක් සඳහා යුරියා පොහොර කිලෝග්‍රෑම් 20 ක් ලබාදීමට නියමිතයි. කුරුණෑගල, අම්පාර, මඩකලපුව, වව්නියාව, මුලතිව්, යාපනය යන දිස්ත්‍රික්කවල ගොවීන්ට පොහොර ලබාදීම සිදු කරන බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. |
2022-09-20T00:23:44.000Z | විදුලි කප්පාදුව විනාඩි 20 කින් දීර්ඝ කෙරේ | විදුලි කප්පාදුව විනාඩි 20 කින් දීර්ඝ කෙරේ | COLOMBO (News 1st) - විදුලි කප්පාදුව තව ත් විනාඩි 20 කින් දීර්ඝ කර තිබේ. ඒ අනුව අද (20) සහ අනිද්දා (22) පැය 1 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති. මේ යටතේ A සිට L දක්වා සහ P සිට W දක්වා කලාපවලට සහ පස්වරු 6.00 ත් රාත්‍රී 10.00 ත් අතර කාල සීමාවේදී විදුලිය කප්පාදු කිරීමට නියමිතය. |
2022-09-20T00:22:14.000Z | ජාතික සභාව පිහිටුවීම ගැන යෝජනාව අද පාර්ලිමේන්තුවට | ජාතික සභාව පිහිටුවීම ගැන යෝජනාව අද විවාදයට | COLOMBO (News 1st) - ජාතික සභාව පිහිටුවීම පිළිබඳ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ. අද පස්වරු 5.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිතයි. |
2022-09-20T00:15:54.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | 1. තවත් දුම්රිය පීලි පැනීමක්: මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය එක් මාර්ගයකට සීමා කෙරේ.. - හික්කඩුව බලා ධාවනය කළ දුම්රියක් මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැන තිබේ. 2. ඉන්දීය අත්අඩංගුවෙන් තරුණයින් නිදහස් කර ගන්නා බව ඇමති දේවානන්ද කියයි - ඉන්දීය අත්අඩංගුවේ පසුවන සියලු තරුණයින් කඩිනමින් නිදහස් කරගැනීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි. 3. දෙවන එළිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය ඇරඹේ - හිරු නොබසින අධිරාජ්‍යයේ දීර්ඝතම කාලයක් කිරීටය දැරූ දෙවන එළිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය ලන්ඩන් නුවර වෙස්මිනිස්ටර් ඇබේහීදී ආරම්භ වී තිබේ. 4. රුසියානු ග්‍රහණයෙන් මුදා ගත් ලාංකික සිසුන්ගේ ඡායාරූපයක් නිකුත් වෙයි - රුසියානු ග්‍රහණයේ සිට යුක්‍රේනයේ ඉසියුම් නගරයේ දී බේරාගත් බව පැවසෙන ශ්‍රී ලාංකිකයින් 7 දෙනාගේ ඡායාරූපක් යුක්‍රේන මාධ්‍යවේදිනියක සිය ටුවිටර් ගිණුමට එක්කර තිබේ. 5. සීමා ලිහිල් වෙයි... ජනතාවට යළිත් පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව - පාර්ලිමේන්තුව නැරඹීම සඳහා මහ ජනතාවට පනවා තිබූ සීමා කිරීම් ලිහිල් කිරීමට පාර්ලිමේන්තු පරිපාලනය තීරණය කර තිබේ. |
2022-09-19T13:20:35.000Z | තවත් දුම්රිය පීලි පැනීමක්: මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය එක් මාර්ගයකට සීමා කෙරේ.. | මුහුදුබඩ මාර්ගයේ තවත් දුම්රිය පීලි පැනීමක්.. | COLOMBO (News 1st) - හික්කඩුව බලා ධාවනය කළ දුම්රියක් මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලිපැන තිබේ. ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය එක් මාර්ගයකට පමණක් සීමා කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරිය පවසයි. මේ අතර මීට දින කිහිපයකට පෙර ද මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීලි පැනීම් 2ක් වාර්තා විය. ඒ, කොම්පඤ්ඤවීදිය - කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතරදී සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්යේදීය. |
2022-09-19T10:48:37.000Z | ඉන්දීය අත්අඩංගුවෙන් තරුණයින් නිදහස් කර ගන්නා බව ඇමති දේවානන්ද කියයි | ඉන්දීය අත්අඩංගුවෙන් තරුණයින් නිදහස් කර ගන්නවා | COLOMBO (News 1st) – ඉන්දීය අත්අඩංගුවේ පසුවන සියලු තරුණයින් කඩිනමින් නිදහස් කරගැනීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි. ඒ, නීතිවිරෝධීව විදෙස්ගතවීමට උත්සහ කිරීමේදී ඉන්දීය නාවික හමුදා අත්අඩංගුවට පත් දෙමළ තරුණයින් 69 දෙනෙකුගේ ඥාතීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීයී. පවතින ආර්ථික අර්බුද හමුවේ ධීවර රැකියා කරගෙන යාමට නොහැකිවීම හේතුවෙන් ඔවුන් එලෙස විදෙස්ගත වීමට උත්සහ කළ බව, මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති හමුවේදී ඥාතීහු ප්‍රකාශ කළහ. අත්අඩංගුවට පත් තරුණයින් මේ වන විට රඳවා සිටින්නේ බැංගලෝර් බන්ධනාගාරයේයී. එලෙස නීතිවිරෝධීව වෙනත් රටකට යාමට උත්සහ දැරීම කිසිසේත් අනුමත නොකරන බව පැවසූ අමාත්‍යවරයා, සබඳතා උපයෝගී කරගනිමින් අදාළ තරුණයින් නිදහස් කරගැනීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළේ ය. |
2022-09-19T10:19:36.000Z | හෙට (20) සහ අනිද්දා (21) පැය 1කට වැඩි විදුලි කප්පාදුවක් | හෙට සහ අනිද්දා පැය 1කට වැඩි විදුලි කප්පාදුවක් | COLOMBO (News 1st) – හෙට (20) සහ අනිද්දා (21) පැය 1 යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ යටතේ සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති. |
2022-09-19T10:07:12.000Z | දෙවන එළිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය ඇරඹේ | දෙවන එළිසබෙත් රැජිණගේ රාජකීය අවංගල්‍ය ඇරඹේ | COLOMBO (News 1st) – හිරු නොබසින අධිරාජ්‍යයේ දීර්ඝතම කාලයක් කිරීටය දැරූ දෙවන එළිසබෙත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය උත්සවය ලන්ඩන් නුවර වෙස්මිනිස්ටර් ඇබේහීදී ආරම්භ වී තිබේ. වර්ෂ 1952 දී බ්‍රිතාන්‍යයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාව ලෙස පත්වූ දෙවන එළිසබෙත් රැජිණ පසුගිය දා අභාවයට පත්වන තුරු වසර 70 කුත් දින 214 ක් එම තනතුරේ නායක වගකීම නොපිරිහෙළා ඉටුකරමින් පසුගිය 08 වෙනිදා ගමන නිමා කළා ය. එතැන් සිට මේ දක්වා විවිධ චාරිත ඉටුකරමින් මහ රැජිණගේ දේහයට අවසන් ගෞවර දැක්වීම සිදු කෙරිණ. දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වීම සඳහා ලොව පුරා රාජ්‍ය නායකවරු රැසක් ද ලන්ඩන් නුවරට පැමිණ සිටිති. |
2022-09-19T08:13:02.000Z | රුසියානු ග්‍රහණයෙන් මුදා ගත් ලාංකික සිසුන්ගේ ඡායාරූපයක් නිකුත් වෙයි | ලාංකික සිසුන්ගේ ඡායාරූපයක් නිකුත් වෙයි | COLOMBO (News 1st) – රුසියානු ග්‍රහණයේ සිට යුක්‍රේනයේ ඉසියුම් නගරයේ දී බේරාගත් බව පැවසෙන ශ්‍රී ලාංකිකයින් 7 දෙනාගේ ඡායාරූපක් යුක්‍රේන මාධ්‍යවේදිනියක සිය ටුවිටර් ගිණුමට එක්කර තිබේ. අදාළ මාධ්‍යවේදිනිය එහි සඳහන් කර ඇත්තේ කාන්තාවක සහ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු ඒ අතර වන බවයි. ඔවුන් අවුරුදු 20 - 40 ත් වයස්වල පසුවන්නන් බව ඇය පෙන්වා දෙයි. යුක්‍රේනයේ කුප්යන්ක්ස් ප්‍රදේශයට පැමිණ සති තුනක් අතර කාල සිමාවක දී මොවුන් රුසියානූ ග්‍රහණයට හසුව ඇති බව සිය ටුවිටර් පණිඩිවයෙන් මෙම මාධ්‍යව්දීනිය පවසයි. ඒ ඔවුන් කුප්යන්ක්ස් සිට කරකිව් ප්‍රෙද්ශයට යෑමට උත්සාහ කිරීමේදී ය. ඉන්පසු මේ සිසුන් හත් දෙනා හඳුනානොගත් ප්‍රදේශයක රඳවා ගෙන සිටි බව ඇය වැඩිදුරටත් පවසයි. |
2022-09-19T07:48:35.000Z | සීමා ලිහිල් වෙයි... ජනතාවට යළිත් පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව | ජනතාවට යළිත් පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව | COLOMBO (News 1st) – පාර්ලිමේන්තුව නැරඹීම සඳහා මහ ජනතාවට පනවා තිබූ සීමා කිරීම් ලිහිල් කිරීමට පාර්ලිමේන්තු පරිපාලනය තීරණය කර තිබේ. ඒ අදාළ අදාළ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබීමෙන් පසුවයි. මහජනතාවට පාර්ලිමේන්තුව නැරඹීමේ අවස්ථා සීමා කෙරුණේ කොවිඩ් තත්ත්වය හා ආරක්ෂක හේතූන් මතයි. මූලික පියවරක් ලෙස හෙට (20)සිට රැස්වීම් නොපැවැත්වෙන දිනයන්හීදී පසල් සිසුන්ට පාර්ලිමේන්තුව නැරඹීමේ අවස්ථාව උදාවේ. ඒ සඳහා පෙර පරිදි පාරිලිමේන්තුවෙන් පූර්ව අනුමැතිය ලබා ගත යුතුයි. විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම්, උසස් අධ්‍යාපන ආයතන සිසුන් සඳහා මෙන්ම විදේශීය සංචාරකයින්ට ද මෙම අවස්ථාව හිමි වේ. මේ අතර පාර්ලිමේන්තුවේ අභිනවයෙන් ස්ථාපනය කිරීමට යෝජිත ජාතික සභාව පිළිබඳ යෝජනාව, හෙට විවාදයට ගැනීමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ. ඔවුන් මෙම තීරණයට එළැඹ ඇත්තේ පසුගිය දා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේදී ය. ඒ අනුව අදාළ යෝජනාව විවාද කිරිමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිතයි. |
2022-09-19T07:08:45.000Z | කිරීටයක ගෞරවය රැක දුන් මහ රැජිණ අද අවසන් ගමනේ... | කිරීටයක ගෞරවය රැක දුන් යුගයක නිමාව | COLOMBO (News 1st) – හිරු නොබසින අධිරාජ්‍යයේ දීර්ඝතම කාලයක් කිරීටය දැරූ දෙවන එළිසබෙත් මහ රැජිණ අද (19) බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර වෙස්මිනිස්ටර් ඇබේහීදී අවසන් ගමන් යයි. වර්ෂ 1952 දී බ්‍රිතාන්‍යයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාව ලෙස පත්වූ දෙවන එළිසබෙත් රැජිණ පසුගිය දා අභාවයට පත්වන තුරු වසර හැත්තෑවකුත් දින දෙසියය දාහතරක් එම තනතුරේ නායක වගකීම නොපිරිහෙළා ඉටුකරමින් පසුගිය 08 වෙනිදා ගමන නිමා කළා ය. එතැන් පටන් අද දක්වා විවිධ චාරිතවාරිත්‍ර ඉටුකරමින් මහ රැජිණගේ දේහයට අවසන් ගෞවර දැක්වීම සිදු කෙරිණ. දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍යය උත්සවයට සහභාගී වීම සඳහා ලොව පුරා රාජ්‍ය නායකවරු රැසක් ලන්ඩන් නුවරට පැමිණ සිටිති. රැජිණගේ දේහය තැන්පත් කර ඇති වෙස්මින්ස්ටර් ශාලාවේ විශේෂ පීඨිකාවක දී අමරිකානූ ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු රාජ්‍ය නායකයින් සිය අවසන් ගෞරව දැක්වීම සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් දෙවැනි එළිසබෙත් රැජිණගේ දේහයට සිය අවසන් ගෞරව දැක්වීය. රැජිණට ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් දිගු පෝලිම්වල රැඳී සිටිය ද දේහයට අවසන් ගෞරව දැක්වීමට ලබාදී තිබූ කාලය මේවන විට අවසන් වී තිබේ. පිරිමින් ආධිපත්‍යය දරන ලෝකයක “තමන්ගේම භූමිකාවක් දෙවන එළිසබෙත් රැජිණ කැටයම් කළ බව තුන්වන චාල්ස් රජුගේ කැමිලා බිසව දෙවන එළිසබෙත් රැජිණට උපහාර පුද කරමින් පැවසුවා ය. රැජිණගේ දේහය තැන්පත් කර ඇති වෙස්මිනිස්ටර් ශාලාවේ සිට වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය කරා රැගෙන යන අවමංගල්‍ය පෙරහැර එරට වේලාවෙන් උදෑසන 10.35 ට ආරම්භ වීමට නියමිතයි. තෙවන චාර්ල් රජු ප්‍රමුඛ රාජකීයන් අවමංගල්‍ය පෙරහැරේ පෙරටුව ගමන් ගැනීම සිදු වේ. වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ දී රාජ්‍ය අවමංගල්‍ය දේව මෙහෙය ආරම්භ වන්නේ උදෑසන 11.00 ටයි. එහි දී එක්සත් රාජධානිය පුරා විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කරමින් රැජිණ සිහිපත් කිරිම සිදු වේ. වෙස්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ ආගමික වතාවත්වලින් අනතුරුව රැජිණගේ දේහය රැගැත් විශේෂ රථ පෙරහැර වින්සර්ඩ් මාළිගය කරා ගමන් කරනු ඇති. වින්සර්ඩ් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පැවැත්වෙන අවමංගල්‍යය දේව මෙහෙයට සහභාගි වීමට අවස්ථාව උදා වන්නේ රාජකීය පවුලට සහ ළඟම ඥාතීන්ට පමණි. හිරු බැස යන සන්ධ්‍යාවේ දෙවැනි එළිසබත් රැජිණගේ දේහය ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ රාජකීය සොහොන් ගැබේ තැන්පත් කෙරෙන්නේ වසර 70 ක් පුරා කිරීටයක ගෞරවය රැක දුන් යුගයක නිමාව සටහන් කරමිනි. |
2022-09-19T03:44:59.000Z | අද (19) ආගමන හා විගමන සේවා කලින් වේලාවන් වෙන් කර ගත් අයදුම්කරුවන්ට පමණයි | ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් | COLOMBO (News 1st) – කලින් දින සහ වේලාවන් වෙන්කරගත් පුද්ගලයින් වෙනුවෙන් පමණක් අද (19) දිනයේ සේවා සපයන බව, ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. ඒ, අද රජයේ විශේෂ නිවාඩු දිනයක් වීම හේතුවෙනි. ඒ අනුව කලින් වේලාවක් වෙන්කරගත් අයදුම්කරුවන් වෙනුවෙන් ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාලවල, එක්දින සහ සාමාන්‍ය සේවා යටතේ ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කෙරෙන අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් සැපයෙන අනෙකුත් සේවා සිදුනොවනු ඇති. වේලාවක් වෙන්කරගත් අයදුම්කරුවන් හැර වෙනත් කිසිදු පුද්ගලයෙකු වෙනුවෙන් අද සේවා සැපයීමක් සිදුනොවන බව, ආගමන විගමන දෙපාර්තමේන්තුව අවධාරණය කළේ ය. |
2022-09-19T03:14:28.000Z | ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා IMF ණය වැඩසටහන පිළිබඳ සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත් කිරීමට පියවර | IMF ණය වැඩසටහන ජාත්‍යන්තර ණය හිමියන්ට ? | COLOMBO (News 1st) – ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන පිළිබඳ සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇතැයි රොයිටර් පුවත් වාර්තා කරයි. රොයිටර් පුවත් වාර්තා කළේ, ලබන 23 වැනිදා අදාළ සැලසුම් ජාත්‍යන්තර ණය හිමියන්ට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇති බවයි. රොයිටර් පුවත් ඒ පිළිඳව වාර්තා කර ඇත්තේ, මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමිනි. |
2022-09-19T01:58:25.000Z | එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගිවීමට අලි සබ්රි නිව්යෝර්ක් නුවරට.. | අලි සබ්රි නිව්යෝර්ක් නුවරට.. | COLOMBO (News 1st) – එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගිවීම සඳහා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා අද(19) අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබේ. විදේශ අමාත්‍යවරයා ලබන 24 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි. එසේම විදේශ අමාත්‍යවරයා මෙම සංචාරය තුළ ජාත්‍යන්තර සමුළු කිහිපයක් ඇමතීමට නියමිතව තිබේ. එම සමුළු වන්නේ නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ අමාත්‍ය සැසිය, ආසියාවේ අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම සහ ගෝලීය සංවර්ධනයට මුල පිරීමේ මිත්‍ර කණ්ඩායමේ අමාත්‍ය රැස්වීම යන සැසියි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේ ඉහළ මට්ටමේ සාකච්ඡාවාරය හෙට සිට 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ ය. |
2022-09-18T18:40:20.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | දේශීය පුවත් 1.බ්‍රිතාන්‍ය මහ රැජිණගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.. - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය දෙවැනි එළිසබෙත් රැජිණගේ දේහයට වෙස්ට්මිනිස්ටර් ශාලාවේදී ඊයේ (18)සිය අවසන් ගෞරව දැක්වූහ. 2.ජනපති ලන්ඩන් නුවරට: අමාත්‍යාංශවල වැඩබලන වගකීම රාජ්‍ය අමාත්‍යවරුන්ට.. – ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශවල වැඩබලන අමාත්‍ය ධූර රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා තිබේ. 3.වසරේ ගතවූ කාලය තුළ 221,000 ක් රැකියා සඳහා විදෙස් ගතවෙයි.. – පුද්ගලයින් 221,023 ක් වසරේ මේ දක්වා කාලය තුළ විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 4.යුරෝපයේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට.. – යුරෝපා රටවලට විශාල වැටුප් ලැබෙන රැකියාවලට යැවීමේ පොරොන්දුව මත කෝටි 05කට අධික මුදලක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් ලබාගෙන මුදල් වංචාකළ කාන්තාවක් මීගමුව කොට්ඨාස විශේෂ වංචා විමර්ශන අංශය විසින් පෙරේදා (17) අත්අඩංගුවට ගෙන තිබේ. 5.දින 3ක් තුළ නෙළුම් කුළුණේ ආදායම රු. මිලියන 7.5ක් – නෙළුම් කුළුණ ජනතාවට විවෘත කිරීමෙන් දින 3ක් තුළ රුපියල් මිලියන 7.5 ක ආදායමක් උපයා තිබේ. 6.පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බලය ලබන අඟහරුවාදා සිට මැතිවරණ කොමිසමට..– පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බලය ලබන අඟහරුවාදායින් පසුව මැතිවරණය කොමිසමට හිමිවේ. විදෙස් පුවත් 1.තායිවානය ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 7.2 භූචලනයක් – තායිවානය ආශ්‍රිතව ඊයේ (18) පස්වරුවේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් පසු දකුණු දිග ජපානයට නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර තිබේ. |
2022-09-18T19:00:32.000Z | අද (19)රජයේ විශේෂ නිවාඩු දිනයක්.. | අද (19)රජයේ විශේෂ නිවාඩු දිනයක්.. | COLOMBO (News 1st) – අද(19) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ සඳහන් කළේ, බිත්‍රාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා අද විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි. කෙසේ වෙතත් එය බැංකු හා වෙළඳ නිවාඩුවක් නොවන බව අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා සඳහන් කළේ ය. මේ අතර , අද දිනයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ද නිවාඩු දිනයක් සේ සලකා කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ ය. |
2022-09-19T01:30:29.000Z | කොල්ලුපිටිය - කොම්පඤ්ඤවීදිය අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට.. | මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට | COLOMBO (News 1st) – කොල්ලුපිටිය හා කොම්පඤ්ඤවීදිය අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබේ. පසුගියදා කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පිළි පැනීමෙන් දුම්රිය මාර්ගයට හානි සිදුවිය. ඒ හේතුවෙන් කොළඹ කොටුවේ සිට වැල්ලවත්ත දක්වා දුම්රිය ධාවනය සිදුවූයේ එක් මාර්ගයක පමණි. මේ වනවිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. |
2022-09-19T01:14:25.000Z | අමුද්‍රව්‍ය හිඟයෙන් මෙරට ඉදිකිරීම් 95%ක් ඇණහිටී.. | මෙරට ඉදිකිරීම් 95%ක් ඇණහිටී.. | COLOMBO (News 1st) – අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් මේ වනවිට ඉදිකිරීම් ව්‍යාපෘති 95% ක්ම ඇණිහිට ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි. එහි උප සභාපති එම්.ඩී.පෝල් මහතා පැවසුවේ, භාණ්ඩ ආනයනය සීමාවීම ද ඊට තවත් ගැටලුවක් වන බවයි. ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු විශාල පිරිසකගේ ආර්ථිකයට මේ වනවිට දැඩි බලපෑම් එල්ලවී ඇති බව ඔහු පැවසුවේ ය. |
2022-09-19T01:12:31.000Z | අඹේවෙල රජයේ කිරි කර්මාන්ත ශාලාවේ ඉන්ධන වංචාවක් ගැන මිල්කෝ සභාපතිගෙන් අද CIDයට පැමිණිල්ලක්.. | මිල්කෝ සභාපතිගෙන් අද CIDයට පැමිණිල්ලක්.. | COLOMBO (News 1st) – අඹේවෙල රජයේ කිරි කර්මාන්ත ශාලාවේ සිදුව ඇති ඉන්ධන වංචාවක් සම්බන්ධයෙන් අද(19) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) පැමිණිලි කරන බව මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා පවසයි. ඔහු පැවසුවේ 2019 වසරේ අග භාගයෙත් , 2020 සහ 2021 වසරවලත් බරපතල ලෙස එම වංචාව සිදුව ඇති බවයි. එහිදි ඩීසල් ලීටර් එක්ලක්ෂ තිස් දෙදහසකට අධික ප්‍රමාණයක් වංචනික ලෙස අලෙවි කර ඇති බව ඔහු සඳහන් කළේ ය. වංචාවට සෘජුව සම්බන්ධ පුද්ගලයාගේ සහ එය අධික්ෂණය කළ නිලධාරියාගේ වැඩ තහනම් කිරීමටත් , එම අංශයේ නිලධාරියෙකු තොරතුරු සඳහන් නොකිරීම නිසා ස්ථාන මාරු කිරීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වනවිට අරගෙන ඇතැයි රේණුක පෙරේරා මහතා පැවසුවේ ය. |
2022-09-18T16:58:27.000Z | බ්‍රිතාන්‍ය මහ රැජිණගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි.. | රැජිණගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි | ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය දෙවැනි එළිසබෙත් රැජිණගේ දේහයට වෙස්ට්මිනිස්ටර් ශාලාවේදී සිය අවසන් ගෞරව දැක්වුවේ ය. දෙවැනි එළිසබෙත් රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා රාජ්‍ය නායකයින් 100 කට අධික පිරිසක් පැමිණ සිටියේ ය . ඒ අනුව එළිසබෙත් රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසංහ මහතා අද ලන්ඩන් නුවර වෙත ළඟා විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මෙරට වේලාවෙන් රාත්‍රි 7.30 ත් 7.40 අතර කාලයේදී දෙවැනි එළිසබෙත් රැජිණගේ දේහයට වෙස්ට්මිනිස්ටර් ශාලාවේදී සිය අවසන් ගෞරව දැක්වුවේ ය. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා තානාපතිනි සරෝජා සිරිසේන මහත්මිය ද එක් වූ බවයි. අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් රැජිණගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට දින වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ දී සිදුකිරීමට නියමිත ය. |
2022-09-18T11:24:46.000Z | යුරෝපයේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට.. | යුරෝපයේ රැකියා:මුදල් වංචා කළ කාන්තාවක් කොටු.. | COLOMBO (News 1st) – යුරෝපා රටවලට විශාල වැටුප් ලැබෙන රැකියාවලට යැවීමේ පොරොන්දුව මත කෝටි 05කට අධික මුදලක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් ලබාගෙන මුදල් වංචාකළ කාන්තාවක් මීගමුව කොට්ඨාස විශේෂ වංචා විමර්ශන අංශය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේදී ය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ පදිංචි 46 හැවිරිදි දෙදරු මවකි. එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 50 සිට ලක්ෂ 70 දක්වා මුදල් ලබාගෙන ඇති බවත් දැනට මෙම කාන්තාවගේ වංචාවට හසුවූ මීගමුවේ පුද්ගලයින් 6 දෙනකුගෙන් පැමිණිලි ලැබී ඇති බව ද පොලීසිය පවසයි. සිදු කළ මූලික විමර්ශනවලදී හෙළිවී ඇති තොරතුරු අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල කුලියට ගත් නිවෙස්වල සිට සැකකාරිය මෙම මුදල් වංචාව සිදුකර ඇති බවත් මිරිහාන, මාරවිල ප්‍රදේශවල විශාල පිරිසක් මෙම කාන්තාවගේ වංචාවට ගොඳුරු වී ඇති බව ද පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් එම කාන්තාව මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මේ අතර මෙම කාන්තාවගේ වංචාවට අසුවී ඇත්නම් විස්තර සහිතව පැමිණිලි කරන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. යුරෝපයේ ලොකු, ලොකු Job පෙන්වා කෝටි ගාණක් වංචා කළ කාන්තාවකට වැඩ වරදී යුරෝපයේ ලොකු, ලොකු Job පෙන්වා කෝටි ගාණක් වංචා කළ කාන්තාවකට වැඩ වරදී #Europe #Job කැනඩාව ඇතුළු යුරෝපා රටවලට විශාල වැටුප් ලැබෙන රැකියාවලට යැවීමේ පොරොන්දුව මත කෝටි 05කට අධික මුදලක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් ලබාගෙන මුදල් වංචාකළ කාන්තාවක් මිගමුව කොට්ඨාශ විශේෂ වංචා විමර්ශන අංශය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේදීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ පදිංචි 46 හැවිරිදි දෙදරු මවකි. එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 50 සිට ලක්ෂ 70 දක්වා මුදල් ලබාගෙන ඇති බවත් දැනට මෙම කාන්තාවගේ වංචාවට හසුවූ මීගමුවේ පුද්ගලයින් 6 දෙනකුගෙන් පැමිණිලි ලැබී ඇති බව ද පොලීසිය පවසයි. සිදුකල මූලික විමර්ශනවලදී හෙළිවී ඇති තොරතුරු අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල කුලියට ගත් නිවෙස්වල සිට සැකකාරිය මෙම මුදල් වංචාව සිදුකර ඇති බවත් මිරිහාන, මාරවිල ප්‍රදේශවල විශාල පිරිසක් මෙම කාන්තාවගේ වංචාවට ගොඳුරු වී ඇති බවද පොලීසිය පවසයි. මෙම කාන්තාවගේ වංචාවට අසුවී ඇත්නම් විස්තර සහිතව පැමිණිලි කරන්නැයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. Posted by Newsfirst.lk on Sunday, September 18, 2022 |
2022-09-18T10:58:48.000Z | ජනපති ලන්ඩන් නුවරට: අමාත්‍යාංශවල වැඩබලන වගකීම රාජ්‍ය අමාත්‍යවරුන්ට.. | ජනපති ලන්ඩන් නුවරට.. | COLOMBO (News 1st) – ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශවල වැඩබලන අමාත්‍ය ධූර රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා තිබේ. ඒ, දෙවැනි එළිසබෙත් රැජිණගේ අවමංගල්‍ය වෙනුවෙන් ජනාධිපතිතුමා දිවයිනෙන් බැහැරව සිටින කාලසීමාව සඳහා ය. ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය, වැඩබලන කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ලෙස ගීතා කුමාරසිංහ යන මහත්ම මහත්මීන් පත්කර තිබේ. වැඩබලන තාක්ෂණ අමාත්‍ය ධුරයේ කනක හේරත් මහතා සහ වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිලුම් අමුණුගම යන මහත්වරුන් කටයුතු කරනු ඇති. මේ අතර දෙවැනි එළිසබෙත් රැජිණගේ අවමංගල්‍ය වෙනුවෙන් ඊයේ(17) දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවරට ළඟා වී තිබේ. |
2022-09-18T10:53:35.000Z | වසරේ ගතවූ කාලය තුළ 221,000 ක් රැකියා සඳහා විදෙස් ගතවෙයි.. | 221,000 ක් රැකියා සඳහා විදෙස් ගතවෙයි.. | COLOMBO (News 1st) – පුද්ගලයින් 221,023 ක් වසරේ මේ දක්වා කාලය තුළ විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එහි පුහුණු සහ බඳවා ගැනීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා සඳහන් කළේ, ඉන් වැඩි පිරිසක් මැදපෙරදිග රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවය. එම රටවල් වන්නේ, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර් සහ සෞදි අරාබියයි. විදෙස් රැකියා සඳහා පිටත්ව ගිය පිරිසෙන් වැඩි ප්‍රතිශතයක්, පිරිමි පුද්ගලයින් ය. මෙම වසරේ පුද්ගලයින් තුන් ලක්ෂයක් විදෙස් රැකියා සඳහා යොමු කිරීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉලක්කය වී ඇතැයි සෙනරත් යාපා මහතා සඳහන් කළේ ය. |
2022-09-18T10:20:41.000Z | දින 3ක් තුළ නෙළුම් කුළුණේ ආදායම රු. මිලියන 7.5ක් | දින 3ක් තුළ නෙළුම් කුළුණේ ආදායම රු. මිලියන 7.5ක් | COLOMBO (News 1st) – නෙළුම් කුළුණ ජනතාවට විවෘත කිරීමෙන් දින 3ක් තුළ රුපියල් මිලියන 7.5 ක ආදායමක් උපයා තිබේ. කොළඹ, නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා සඳහන් කළේ, එම කාලසීමාව තුළ පුද්ගලයින් 14,000ක් පමණ කුළුණ නැරඹීමට පැමිණ ඇති බවය. නෙළුම් කුළුණ නැරඹීම සඳහා ජනතාවට ලබාදුන් කාලසීමාව ද ඊයේ(17) සිට දීර්ඝ කර තිබේ. ඒ අනුව දහවල් 12.00 සිට රාත්‍රි 11.00 දක්වා එය නැරඹිය හැකි ය. එහෙත්, ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරෙන්නේ රාත්‍රී 10.00 දක්වා පමණක් බව, විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා සඳහන් කළේ ය. |
2022-09-18T04:00:45.000Z | ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේ වෙඩි තැබීම: සැකකරුවන් සොයා පොලීසිය මහජන සහය පතයි.. | ගල්කිස්ස වෙඩි තැබීම: සැකකරුවන් සොයා මහජන සහය පතයි. | COLOMBO (News 1st) - 2022 අගෝස්තු 04 වැනිදා ගල්කිස්ස අධිකරණ සංකීරණය තුළ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි. ඒ අනුව ඔවුන්ගේ චිත්‍ර දෙකක් පොලීසිය මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. මේ අතර සැකකරුවන් පලාගිය බවට සැක මෝටර් රථයක ඡායාරූපයක් ද නිකුත් කර තිබේ. ඒ අනුව, අදාල සැකකරුවන් සහ මෝටර් රථය සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් පහත දැක්වෙන දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය - 011-2717526 ගල්කිස්ස පොලිස් ස්ථානය - 071-8597664 |
2022-09-18T08:44:34.000Z | තායිවානය ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 7.2 භූචලනයක් | තායිවානය ආශ්‍රිතව භූචලනයක් | COLOMBO (News 1st) - තායිවානය ආශ්‍රිතව අද (18) පස්වරුවේ සිදුවූ ප්‍රභල භූ කම්පනයෙන් පසු දකුණු දිග ජපානයට නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර තිබේ. සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණේ ජපානයේ මියකොජිමා සහ යයේයාමා දූපත්වලටයි. තායිවානයේ හටගත් භූ කම්පනයේ ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 7.2 කි. ඉන්, තායිවානයේ ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර දුම්රිය පීලි පැනීම් ද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය අණාවරණය කළේ ය. ආසියානු පැසිපික් කලාපයේ ජපානය, පිලිපීනය, තායිවානය හා චීනය යන රටවලට බලපෑම් එල්ල විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. |
2022-09-18T07:25:15.000Z | හොර පාරෙන් මෙරටට ගෙන්වා මත්තලක නිවසක සඟවා තිබූ සැප ජීප් රථයක් මාට්ටු.. | මත්තලක නිවසක සඟවා තිබූ සැප ජීප් රථයක් මාට්ටු.. | COLOMBO (News 1st) - රජයේ තීරුබදු හා රේගු බදු නොගෙවා වංචා සහගත ලෙස හොර පාරෙන් මෙරටට ගෙන්වා මත්තල ප්‍රදේශයේ නිවසක ඉතා සූක්ෂම ලෙස සඟවා තිබියදී අත්අඩංගුවට පත් රුපියල් කෝටි දෙකක් පමණ වටිනා මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයක අයිතිකරු අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග මත පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මත්තල පොලීසිය පවසයි. මත්තල, අලුත්ගම්ආර ප්‍රදේශයේ නිවසක සැක කටයුතු ජීප් රථයක් සඟවා ඇති බවට පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකල වැටලිමකදී මෙම ජීප් රථය පොලිස් භාරයට ගෙන තිබේ. පානදුර ප්‍රදේශයේ පදිංචි තමන්ට දුරින් ඥාතිවන පුද්ගලයෙකු කතරගම යාමට පැමිණි අවස්ථාවේ ඔවුන් පැමිණි වාහනය කාර්මික දෝෂයකට ලක්වීම නිසා එය සකස් කර රැගෙන යනතෙක් තම නිවසේ නවතා තබන බව පවසා මෙම ජීප් රථය සිය නිවසේ නවතා දමා ගිය බව පොලිස් ප්‍රශ්න කිරීමේදි ජීප් රථය නවතා තිබූ නිවෙසේ හිමිකරු පොලීසියට පවසා තිබේ. කෙසේ නමුත් අදාල වාහනයේ අයිතිකරු සම්බන්ධයෙන් නිසි අනන්‍යතාවයක් තහවුරු කිරීමට නිවෙස් අයිතිකරු අපොහොසත් විම නිසා අදාල ජීප් රථය පොලිස් භාරයට ගෙන සිදුකල මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ මෙම ජීප් රථය තීරු බදු හෝ රේගු බදු කිසිවක් නොගෙවා වංචා සහගත ලෙස හොර පාරෙන් මෙරටට ගෙන්වා ඇති බවය. වාහනය සඳහා අදාල ලිපිගොනු සකස් කරනතුරු වෙනත් වාහනයක අංක තහඩු යොදාගෙන මෙම ජීප් රථය මත්තල ප්‍රදේශයට රැගෙනවිත් සඟවා තබා ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ. වාහනය පොලිස් භාරයට ගන්නා අවස්ථාව වන විට වාහනයේ පැවති ලියාපදිංචි සහතික ද ව්‍යාජව සකස් කර තබූ එකක් බවට අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මත්තල පොලිසිය තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය කරුණු වාර්තා කර ඇති අතර රේගු නිලධාරීන් හා රජයේ රස පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන්ගේ ද සහය ඇතිව විමර්ශන කටයුතු සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලෙසට එහිදී තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා මත්තල පොලීසියට නියෝග කර තිබේ. |
2022-09-18T07:11:55.000Z | කඩෙත් නැති බඩු හොරෙක් ළඟ... | කඩෙත් නැති බඩු හොරෙක් ළඟ... | COLOMBO (News 1st) - සොරකම් රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ඊයේ (17) දෙමටගොඩදී පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ, අත්බෝම්බයක් සහ කඩුවක් ද සමගිනි. මීටඅමතරව, කොටස් ඉවත් කරන ලද ජංගම දුරකථන 125ක්, ලැප්ටොප් පරිගණක 10ක්, කොටස් ගලවන ලද ඔරලෝසු 520ක් රූපවාහිනී යන්ත්‍ර 03ක්, පියානෝ 1ක් සහ ගිටාර් 1ක් සොයා ගැනීමට පොලීසිය සමත්විය. මෙලෙස අත්අඩංගුවට ගැනුණේ, දෙමටගොඩ ආරාම පාර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අද (18) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. |
2022-09-18T04:21:15.000Z | විස සහිත සහල් ලංකාවට ගෙනා බවට පළවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යයි - ජනාධිපති මාධ්‍ය අංශය | විස සහිත සහල් කතාව අසත්‍යක් | COLOMBO (News 1st) - විස සහිත සහල් ලංකාවට ගෙනා බවට පළවන පුවත් සම්පූර්ණයෙන් අසත්‍ය බව, ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරන්නේ,මෙම වසරේ මේ දක්වා කාලය තුළ පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයෙන් එවැනි පර්යේෂණයක් සිදුකර නොමැති බවයි. පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ, වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්, ලසන්ත රත්නවීර මහතා උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ, 2017 වසරේ සිදුකළ පර්යේෂණයකට අදාළ වාර්තාවක් උපයෝගී කරගනිමින් අදාළ වැරදි පුවත සකස් කර ඇති බවය. එහි අන්තර්ගත කරුණු ද දෝෂ සහිත බව, වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්, රත්නවීර මහතා සඳහන් කළේ ය. මෙවැනි සාවද්‍ය පුවත් හරහා මහජන කැළඹීම් ද ඇතිවිය හැකි බැවින්, එවැනි සංවේදී කරුණු වාර්තා කිරීමේදී අදාළ පාර්ශ්වයන්ගෙන් නිසි විමසීමක් කරන්නේනම් වඩාත් උචිත බව ද වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් ප්‍රකාශ කළ රත්නවීර මහතා පවසා ඇත්තේ, මෙය 2017 වසරේ දී නුවර ප්‍රදේශයේ සාම්පල 68 ක් ලබා ගනිමින් කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් බවයි. එම පර්යේෂණ තොරතුරු ද වැරදි ලෙස වාර්තා කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය. පර්යේෂණ වාර්තාව නිසි පරිදි අධ්‍යයනයකින් තොරව වාර්තා කර ඇති බවත්, වැරදි අදහස් ඉස්මතුවන ලෙස තොරතුරු සමාජගත කිරීම නිසා මහජන කැළඹීමක් දක්වා මෙය පරිවර්තනය විය හැකි බවත් වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා පවසා ඇත්තේ 2022 ජනවාරි මාසයේ සිට පරීක්ෂා කළ සහල්වලට එය අදාළ නොවන්නේ නම් එලෙස වාර්තා කිරීමේ කිසිදු පදනමක් නොමැති බවය. මේ සිදුවීම හා පුවත්පත් වාර්තාව වෙනුවෙන් වැරදි මූලාශ්‍ර ලබාදෙමින් ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම පිළිබඳව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනුකිරීමට වෙළෙද, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය කටයුතු කරන බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වැඩි දුරටත් සඳහන් වේ. |
2022-09-18T04:14:55.000Z | පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බලය ලබන අඟහරුවාදා සිට මැතිවරණ කොමිසමට.. | පළාත් ඡන්දය පැවැත්වීමේ බලය අඟහරුවාදා සිටමැ.කොමිසමට | COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ බලය ලබන අඟහරුවාදායින් පසුව මැතිවරණය කොමිසමට හිමිවේ. ඒ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතේ ඇති ප්‍රතිපාදන අනුවයි. මැතිවරණ කොමිසමේ සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ලබන වසරේ මාර්තු 20 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිය කොමිසම මේ වනවිට ආරම්භ කර ඇති බවය. ඔක්තොබර් 31 වැනිදා වනවිට 2022 ඡන්ද හිමි නාමලේඛණය සහතික කිරීමේ කටයුතුවලින් පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කරන බව සභාපතිවරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග සාකච්ජා කිරීමට ද අපේක්ෂා කරන බවයි. දැනට ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා ඇතුළු පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කරමින් මැතිවරණය ලබන වසරේ මාර්තු දක්වා කල් දැමීමට විෂයභාර අමාත්‍යවරයා පියවර ගෙන තිබේ. |
2022-09-18T04:10:50.000Z | නන්මඩෝල් සුළි කුණාටුවෙන් ජපානයේ කියුෂු දූපත් ආශ්‍රිත මිලියන 2 ජනතාවට ඉවත් වෙන්නැයි නියෝග.. | ජපාන කියුෂු දූපතේ මිලියන 2කට ඉවත් වෙන්නැයි නියෝග | COLOMBO (News 1st)- ජපානයේ කියුෂු දූපත් ආශ්‍රිත ප්‍රදේශයෙන්, මිලියන 2 කට ආසන්න ජනතාවට ඉවත් වන්නැයි නියෝග කර තිබේ. නන්මඩෝල් ප්‍රබල සුළි කුණාටුවේ බලපෑම මෙම නිවේදනය සඳහා හේතු වී තිබේ. පැයට කිලෝමීටර 270 ක වේගයෙන් සුළි කුණාටුව හමායන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. ජපාන ආපදා අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ, සුළි කුණාටුවෙන් කගෝෂිමා, මියසාකි සහ ඒමකුසා නගරවලට වැඩි බලපෑමක් එල්ල විය හැකි බවය. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 500ක පමණ වැසි ඇතිවිය හැකි බවට ද පුරෝකථනය කර තිබේ. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, සුළි කුණාටුව හේතුවෙන් ඉරිදා සහ සඳුදා යන දෙදින ඇතැම් දුම්රිය සේවාවන් ද තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බවයි. ඒ හේතුවෙන් ගුවන් ගමන්වාර රැසක් අවලංගු කෙරිණි. |
2022-09-18T04:01:46.000Z | ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වන තේරීම් තරගාවලිය අද දෙවැනි දිනටත් දියගමදී.. | තේරීම් තරග දෙවැනි දිනටත් දියගමදී.. | COLOMBO (News 1st) - එළඹෙන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වන තේරීම් තරගාවලිය අද (18) දෙවැනි දිනටත් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අද දිනයේදී මීටර 5,000 කාන්තා, මීටර් 1,500 කාන්තා, යගුලිය විසි කිරීම පිරිමි, තුන් පිම්ම පිරිමි, මීටර 200 පිරිමි සහ කාන්තා යන ඉසව්ව ඇතුළු තරග රැසක් පැවැත්වීමට නියමිතය. තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (17) ශ්‍රී ලංකා යුද හමුදාවේ ඒ.පුවිතරන් රිටි පැනීම පිරිමි ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවීමට සමත් විය. |
2022-09-18T01:56:26.000Z | රාජ්‍ය ආයතන සතු ගොඩනැගිලි 87ක් තක්සේරු දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් තොරව බදු දීලා - විගණන වාර්තාවකින් හෙළිවෙයි | විගණකාධිපති වාර්තාවකින් හෙළිදරව්වක් | COLOMBO (News 1st) - රජයේ ගොඩනැගිලි පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් ස්ථාපිත කළ යුතු බවට විගණකාධිපතිවරයා නිර්දේශ කර තිබේ. ඒ රාජ්‍ය ආයතන සඳහා ගොඩනැගිලි අවශ්‍යතාව සපුරා ගැනීම සහ උපයෝජනය සම්බන්ධයෙන් සිදුකළ විගණනයේ වාර්තාව ඉදිරිපත් කරමිනි. 2021 වර්ෂයේ මාර්තු 31 වැනිදා වන විට සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන, විශ්වවිද්‍යාල, රාජ්‍ය සමාගම් හා ව්‍යාපෘති ඇතුළු රජයේ ආයතන 142 ක ගොඩනැගිලි භාවිත කිරිම් 1,166 ක් ඇසුරින් අදාළ විගණනය සිදු කර තිබේ. එහිදි අනාවරණය වී ඇත්තේ, 2016 සිට 2020 දක්වා කාලය තුළ අදාල ආයතන වෙනුවෙන් රුපියල් බිලියන 720 ක් වූ රජයේ මූල ධන ප්‍රතිපාදන තුළින් රුපියල් බිලියන 482 ක් වැය කර ඇත්තේ එම ගොඩනැගිලිවල අවශ්‍යතා සඳහා බවයි. එය රජයේ මුළු ධන ප්‍රතිපාදන ප්‍රමාණයෙන් 14% ත් 16 % අතර ප්‍රමාණයක් වන බව විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ. රජයේ කාර්යන් සඳහා ගොඩනැගිලි බදු පදනම මත ලබා ගැනීමේදී රජයේ තක්සේරු දෙපාර්තමෙන්තුවේන් ලබා ගන්නා තක්සේරුව නොතකා බදු කුලි ගෙවීම සහ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් අනුමත බදුකුලියට වඩා වැඩි බදුකුලියක් ගෙවූ අවස්ථා නිරීක්ෂණය වී ඇතැයි විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් අනාවරණය කර තිබේ. එම වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ රජයේ ගොඩනැගිලි ඇතුළු මූල්‍ය නොවන වත්කම් පිළිබදව පූර්ණ මධ්‍යගත තොරතුරු පද්ධතියක් පවත්වාගනිමින් අදාළ වත්කම් කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා 2017 වසරේ මාර්තු මාසයේදී මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටවනු ලැබූ කොම්ප්ටෝලර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් අපේක්ෂිත අරමුණ ඉටු වී නොමැති බවයි. විගණනයට ලක් කළ ආයතන 144 අතරින්, තම ගොඩනැගිලි පිළිබඳ සියලු දත්ත සහිත ආයතන තිබී ඇත්තේ 7 ක් පමණි. අදාල ආයතන 144න් 71 ක්ම බදු පදනම මත ගොඩනැගිලි භාවිත කරන බව, විගණනයේදී අනාවරණය වී ඇත. අදාල ආයතන 144 අතරින්, 118 ක් අනුකූලතා සහතිකය නොමැති ගොඩනැගිලි වේ. විගණනයට ලක් වූ ආයතන 144 න් ආයතන 10 ක්ම තමන් සතු ගොඩනැගිලි 87 ක් බාහිර පාර්ශවයන් වෙත බදු පදනම මත ලබාදී ඇත්තේ අදාල බදු කුලිය රජයේ තක්සේරු දෙපාර්තමේනතුවෙන් තක්සේරු කර ගැනීමකින් තොරවයි. ඊට අමතරව රාජ්‍ය ආයතන 8 ක් සිය ගොඩනැගිලි පෞද්ගලික අංශය වෙත බදු පදනම මත ලබාදී ඇත්තේ අදාළ බදු කුලිය තක්සේරු කිරීමකින් තොරව බව ද හෙළිවී තිබේ. |
2022-09-18T01:49:08.000Z | මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තවදුරටත් - දුම්රිය පාලක මැදිරිය | මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තවදුරටත් | COLOMBO (News 1st) - මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තවදුරටත් පවතින බව, දුම්රිය පාලක මැදිරිය පවසයි. කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පිලී පැනීමෙන් දුම්රිය මාර්ගයට හානි සිදුවීම මෙම ප්‍රමාදයට හේතුවී තිබේ. අදාළ අනතුර සිදුවී අදට දින තුනක් ගතවී අවසන්ව ඇත. ඒ හේතුවෙන් මේ වනවිට දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය. පසුගිය දුම්රිය පීලිපැනීමෙන් හානි වූ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේවන විටත් අඛණ්ඩව සිදුවෙමින් පවතී. |
2022-09-18T01:44:31.000Z | එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදු වූ හානියේ වන්දි අයකර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ පරික්ෂා කරන්න - විගණකාධිපතිගෙන් උපදෙස් | එක්ස්ප්‍රස් පර්ල් ගැන විගණකාධිපතිගෙන් දැනුම්දීමක් | COLOMBO (News 1st) - මෙරට මුහුදු සිමාවේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය සඳහා වන්දි අයකර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව පරීක්ෂා කර බලන්නැයි විගණකාධිපතිවරයා උපදෙස් දී තිබේ. විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා සඳහන් කළේ, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හානිය තක්සේරු කිරීම සහ වන්දි අයකර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව විවිධ පාර්ශව වලින් ඉදිරිපත් වූ කරුණු සැළකිලල්ට ගෙන එම පියවර ගත් බවයි. ඒ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂාවේදී අනාවරණය වන තොරතුරු අනුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවු හානිය සඳහා වන්දි අයකර ගැනිමේ ක්‍රියාවලිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව විගණකාධිපතිවරයා සඳහන් කළේ ය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදේ ගිලී මේවනවිට වසරකුත් මාස තුනකට අධික කාලයක් ගතවී තිබේ. එම නෞකාවේ අනතුරුදායක භාණ්ඩ බාහලුම් 81 ක් ප්‍රවාහනය කරමින් තිබු අතර නයිට්‍රික් අම්ලය ටොන් 25 ක් අන්තර්ගත විය. නෞකාවේ ගින්නෙන් මන්නාරම සිට හම්බන්තොට, කිරින්ද වෙරළ කලාපය දක්වා ,කිලෝ මීටර් 746 ක් වපසරියක් බලපෑමට ලක්විය. |
2022-09-18T01:24:23.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | COLOMBO (News 1st) - දේශීය පුවත් 01. මොස්කව් – කොළඹ ගුවන් ගමන් යළි ඇරඹීමට සැලසුම් මොස්කව් සහ කොළඹ අතර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 02.ආසියානු ක්‍රිකට් ශූරයින්, නෙට්බෝල් ශූරියන් සහ පොදුරද මඬුලු පදක්කම්ලාභීන් ජනපතිගේ ඇගයීමට ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම පරාජය ප්‍රයෝජනයට ගනිමින් ආසියානු කුසලානය දක්වා ඉදිරියට යාමට එය ශක්තියක් කරගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 03.අයෝජන මණ්ඩලය ඇතුළු ආයතන 3ක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට අපනයන සංවර්ධන මණ්ඩලය, ආයෝජන මණ්ඩලය, ඇතුළු ආයතන තුනක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතට පවරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 04.මහ රැජිණගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ජනපති එංගලන්තයට යයි.. අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේ ය. 05.කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සඳහා සති අන්තයේ විශේෂ වැඩසටහනක් කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සඳහා සති අන්තයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. විදෙස් පුවත් 01.රුසියානු ග්‍රහණයේ සිටි ලාංකික සිසුන් 07ක් යුක්‍රේන හමුදාවෙන් බේරා ගනී.. රුසියානු ග්‍රහණයෙන් මුදාගත් යුක්‍රේනයේ හාකිව් කලාපයෙන් ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකු බේරාගත් බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.