date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2022-10-20T05:47:58.000Z
රටේ අනාගතය ගැන සිතා 22 වැනි සංශෝධනයට සහය දෙනවා - විපක්ෂ නායක
22 වැනි සංශෝධනයට සහය දෙනවා
COLOMBO (News 1st) - කොන්දේසිවලට යටත්ව රටේ අනාගතය පිළිබඳ සිතා සත්භාවයෙන් 22 වැනි සංශෝධනය සඳහා සහය ලබාදෙන බව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී පවසයි.
2022-10-20T05:43:35.000Z
යල කන්නයේ වී මිලදී ගැනීම තවදුරටත් සිදුකළ නොහැකියි - කෘෂිකර්ම අමාත්‍යාංශය
යල කන්නයේ වී මිලදී ගැනීම තවදුරටත් සිදුකළ නොහැකියි
COLOMBO (News 1st) - වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් ඉල්ලා ඇති ණය මුදල් මෙතෙක් නොලැබීම හේතුවෙන් යල කන්නයේ වී මිලදී ගැනීම තවදුරටත් සිදුකළ නොහැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසුවේ, අදාළ ණය මුදල් ලැබෙන නිශ්චිත දිනයක් මෙතෙක් දන්වා නොමැති බවය. කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පෙන්වා දෙන්නේ, ණය මුදල් සඳහා පොලී ප්‍රතිශතය 28% ක් ලෙස අදාළ බැංකු දැනුම් දී ඇති බවය. කෙසේ වෙතත්, එම පොලී ප්‍රතිශතය ඉහළ බැවින් එය අඩු කර ගැනීමට බැංකු සමග තවදුරටත් සාකච්ඡා කරමින් පවතින බව රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කළේ ය. යල කන්නයේ නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 120 කටත්, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125 කටත්, කීරී සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130 කටත් ගොවීන්ගෙන් මිලදී ගැනීමට මීට පෙර මිල නියම කෙරිණි.
2022-10-20T05:32:29.000Z
පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතෙන් සටන්කාමීන්, ප්‍රචණ්ඩකාරීන් යන වචන ඉවත් කළ යුතුයි - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
පුනරුත්ථාපන කාර්යාංශ පනත ගැන දැනුම්දීමක්
COLOMBO (News 1st) - පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත සටන්කාමීන්, ප්‍රචණ්ඩකාරීන් යන වචන පනත් කෙටුම්පතින් ඉවත් කළ යුතු බවත් එය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට පමණක් අදාළ කරගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. ඒ, අද (20) පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමිනි. මෙම පනත් කෙටුම්පතට එරෙහිව නීතිඥ අමිල එගොඩවත්ත මහතා, පසුගිය සැප්තැම්බර් 29 වැනි දා පළමුවරට ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනුකළ අතර ඉන්පසු තවත් පාර්ශව කිහිපයක් ද එම පෙත්සම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සම් කිහිපයක් ගොනු කර තිබුණි. මෙම පෙත්සම් සම්බන්ධයෙන් විභාගය පසුගිය 04 වැනි දා අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය තම අධිකරණයේ නිගමනය කතානායකවරයා වෙත යොමු කර තිබුණි. ඒ අනුව අදාළ තීන්දුව කතානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
2022-10-20T02:58:41.000Z
රුසියානු මිසයිල ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ විදුලි සැපයුම බිඳ වැටෙයි
යුක්‍රේනයේ විදුලි සැපයුමට බාධා
News 1st - රුසියානු මිසයිල ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ විදුලි සැපයුමට බාධා එල්ල වී ති‌බේ. විදෙස් වාර්තා පැවසුවේ, සියලු විදුලි උපාංග ආරෝපණය කරගන්නැයි එරට ජාතික බලශක්ති සමාගම පුරවැසියන්ගෙන් ඉල්ලා ඇති බවයි. වරකට පැය 4 බැගින් විදුලිය කප්පාදු කෙරෙන අතර එය සමස්ත යුක්‍රේනයට ම බලපානු ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය. පසුගිය 10 වන දා සිට රුසියාව එල්ල කරන මිසයිල ප්‍රහාර හමුවේ, යුක්‍රේනයේ බලාගාරවලින් 30% ක් පමණ හානි වී ඇතැයි එරට ජනාධිපති වොලොදිමියර් සෙලෙන්ස්කි මීට පෙර ප්‍රකාශ කළේ ය.
2022-10-20T02:47:44.000Z
නිසි පෝෂණයක් නොලැබීම හමුවේ මෙරට ඔස්ටියෝපොරෝසිස් රෝගීන් ඉහළ යයි ද?
මෙරට ඔස්ටියෝපොරෝසිස් රෝගීන් ඉහළ යයි ද?
COLOMBO (News 1st) - ඔස්ටියෝපොරෝසිස් රෝගී තත්ත්වය මෙරට තුළ ප්‍රබල රෝගී තත්ත්වයක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. හෝමෝන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සහ භිශඝ්වේදය පිළිබඳ මහාචාර්ය සචිත් අභයරත්න මහතා මේ බව සඳහන් කළේ, අදට යෙදෙන ඔස්ටියෝපොරෝසිස් දිනයට සමගාමීව නිව්ස්ෆස්ට් සමග සංවාදයකට එක්වෙමිනි. වර්තමානයේ රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ බොහෝ පිරිසකට නිසි පෝෂණයක් නොලැබීම නිසා අනාගතයේ ඔස්ටියෝපොරෝසිස් රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බව ද මහාචාර්යවරයා සඳහන් කළේ ය.
2022-10-20T02:04:34.000Z
20යි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තීරණාත්මක තරගය අද
ශ්‍රී ලංකාව - නෙදර්ලන්ත තීරණාත්මක තරගය අද
COLOMBO (News 1st) - පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර සුදුසුකම් ලැබීමේ තරගය ඔස්ට්‍රේලියාවේ ජීලෝන්ග්හිදී අද (20) පැවැත්වේ. ශ්‍රී ලංකාව මේ වනවිට A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 2ක් ලබා ගනිමින් පසුවන්නේ තුන්වැනි ස්ථානයේයි. නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමින් A කාණ්ඩයේ පෙරමුණේ රැඳී සිටී. සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාව අද තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතුයි. අද තරගයට වර්ෂාවෙන් බාධා මතුවුවහොත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තුව රැඳී තිබෙන්නේ නැමීබියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර අද (20) පස්වරුවේ පැවැත්වෙන තරගයේ ප්‍රතිඵල මතයි. ඔස්ට්‍රේලියාවේ ජීලෝන්ග් ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය අප විමසා බැලුවෙමු. එරට කාලගුණ බලධාරීන් පවසන්නේ, අද දිනය පුරා ජීලෝන්ග් ප්‍රදේශයට පැහැබැර කාලගුණයක් පවතින බවය. පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV තුළින් ඔබට සජීව ලෙස නැරඹිය හැකිය.
2022-10-20T01:33:07.000Z
අද සහ හෙට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අද සහ හෙට වැසි තත්ත්වයේ වැඩිවීමක්
COLOMBO (News 1st) - ඊයේ (19) දිනයට සාපේක්ෂව අද (20) සහ හෙට (21) වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. කාලගුණ පුරෝකතයේ දැක්වෙන්නේ, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන් ය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් දකුණු පළාතෙත් විටින් විට හමන පැයට කිලෝමීටර් (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2022-10-20T00:40:00.000Z
මහපොළ ශිෂ්‍යාධාරය ලබාදීම සම්බන්ධයෙන් සමාලෝචනයට අනුකමිටුවක්
මහපොළ ලබාදීම ගැන සමාලෝචනයට අනුකමිටුවක්
COLOMBO (News 1st) - මහපොළ ශිෂ්‍යාධාරය ලැබිය යුතුම ශිෂ්‍යයින් සම්බන්ධයෙන් නැවත සමාලෝචනය සඳහා අනුකමිටුවක් පිහිටුවන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මහපොළ ශිෂ්‍යාධාරය ලැබිය යුත්තන්ට නොලැබෙන බවට දෝෂාරෝපණයක් පවතින බවයි. එබැවින් ලබන ජනවාරි මාසයට පෙර අනුකමිටුවක් හරහා මහපොළ ශිෂ්‍යාධාරය නිසැකවම ලැබිය යුතු ශිෂ්‍ය ප්‍රජාව හඳුනාගැනීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා නිව්ස්ෆස්ට් සමග ප්‍රකාශ කළේ ය. තෝරාගත් සරසවි සිසුන් සඳහා පිරිනැමෙන මහපොළ ශිෂ්‍යාධාර මුදල 50% වැඩි කරන ලෙස ද උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා ඊයේ ඉල්ලීමක් කළේ ය. ඒ, වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින මහපොළ භාරකාර අරමුදලෙනි. රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ආර්ථික අස්ථාවරභාවය සහ උද්ධමනය හමුවේ විශ්වවිද්‍යාල සිසුන් බොහෝ පිරිසක් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පා ඇති බවයි.
2022-10-20T00:33:41.000Z
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී විවාදයට
22 අද විවාදයට
COLOMBO (News 1st) - 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (20) සහ හෙට (21) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ජා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රැස්වීමක් ද ඊයේ (19) පැවැත් විය. ඒ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටු ශාලාවකදීයි. රැස්වීම අතරතුර එම අවස්ථාවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද රැස්වීමට ආරාධනා කර තිබේ. මතුවන ගැටලු කළමනාකරණය කරගෙන ඉදිරියට යාමට තමන් සුදානම් බව මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව සඳහන් ය. ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉල්ලා ඇත්තේ, පනත් කෙටුම්පත සඳහා සිය සංශෝධන, කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කළ හැකි බැවින් මේ අවස්ථාවේ පනත් කෙටුම්පත සඳහා සහය ලබා දෙන ලෙසයි.
2022-10-20T00:15:56.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
1. දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිතත්, ධනුෂ්ක ගුණතිලක වෙනුවට අශේන් බණ්ඩාරත් ශ්‍රී ලංකා සංචිතයට.. - පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ආබාධවලට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට ICC තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. 2. තිළිණි ප්‍රියමාලි සහ ඇගේ ව්‍යාපාරික සහකරු ලබන 02 දක්වා රිමාන්ඩ්.. - සැකපිට අත්අඩංගුවට ගෙන සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය සහ ඇගේ ව්‍යාපාරික හවුල්කරු යැයි පැවසෙන ඉසුරු බණ්ඩාර නැමැත්තාව ලබන 2 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය නියෝග කළාය. 3. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබන දෙසැම්බර් 15 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නේ ය. 4. යක්කලමුලලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට.. - ගාල්ල, යක්කලමුල්ල, කළුවලගල ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් කුඩා ළමයෙකු ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා තිබේ. 5. දුෂ්මන්ත චමීරට 20/20 ලෝක කුසලානය අහිමි වෙයි - වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර පන්දුවාර 20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ.
2022-10-19T16:34:26.000Z
දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිතත්, ධනුෂ්ක ගුණතිලක වෙනුවට අශේන් බණ්ඩාරත් ශ්‍රී ලංකා සංචිතයට..
කසුන් රාජිත හා අශේන් බණ්ඩාර ශ්‍රී ලංකා සංචිතයට..
COLOMBO (News 1st) – පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ආබාධවලට ලක් වූ දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට ICC තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. මේ අතර, ආබාධයකට ලක්ව සිටින ධනුෂ්ක ගුණතිලක වෙනුවට අශේන් බණ්ඩාර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබේ. ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය හෙට(20) පැවැත්වේ.
2022-10-19T15:09:36.000Z
තිළිණි ප්‍රියමාලි සහ ඇගේ ව්‍යාපාරික සහකරු ලබන 02 දක්වා රිමාන්ඩ්..
තිළිණි සහ ඇගේ ව්‍යාපාරික සහකරු රිමාන්ඩ්..
COLOMBO (News 1st) – සැකපිට අත්අඩංගුවට ගෙන සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය සහ ඇගේ ව්‍යාපාරික හවුල්කරු යැයි පැවසෙන ඉසුරු බණ්ඩාර නැමැත්තාව ලබන 2 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය නියෝග කළාය. ලෝක වෙළද මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කුලියට ගෙන ව්‍යාපාර කිහිපයක් ආරම්භ කර ඒවායේ මුදල් අයෝජනය කර පුද්ගලයින් රැසක් රවටා රුපියල් කෝටි ගණනක් ලබාගෙන චංවා කිරීමේ සහ ඒ සඳහා ආධාර අනුබල දීමේ සිද්ධිය සම්බන්ධයෙ
2022-10-19T13:52:54.000Z
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි..
ගෝඨාභය රාජපක්ෂට නොතීසි..
COLOMBO (News 1st) – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබන දෙසැම්බර් 15 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(19) අවසර දුන්නේ ය. ඒ, 2011 වසරේ යාපනයේදී සමාජ ක්‍රියාකාරින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජා හා කුගන් මුරුගානන්දන් යන දෙදෙනා අතුරුදන්වීමේ සිදුවීමට අදාළ නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී ය. ලලිත් වීරරාජා හා කුගන් මුරුගානන්දන් යන දෙදෙනා යාපනය අධි ආරක්ෂක කලාපය තුළදී 2011 වසරේදී අතුරුදන්වීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට නිකුත් කර තිබූ නියෝගයක් ක්‍රියාත්මක කිරිම වළක්වමින් අභියාචනාධිකරණය දුන් නියෝගයකට එරෙහිව පවරා තිබූ නඩුවක් අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී විමසා බැලිණි. එවක ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට අද අධිකරණය හුමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි යැවීමට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය පැමිණිලිකාර පාර්ශවයට අවසර ලබාදී තිබුණි. නමුත් ඔහු මිරිහාන නිවසේ පදිංචිය අතහැර යාමේ පදනම මත අධිකරණය හමුවේ පෙනී නොසිටින බව දැන ගන්නට ලැබී ඇති බැවින් මේ වනවිට පදිංචි කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසට ගොස් සිතාසිය භාර දීමට අවසර දෙන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනි සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. එම ඉල්ලීම සලකා බැලු ගාමිණි අමරසේකර , යසන්ත කෝදාගොඩ හා ඒ.එච්.එම්.ඩී නවාස් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම අවසරය ලබා දුන්නේ ය.
2022-10-19T12:30:52.000Z
යක්කලමුලලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට..
යක්කලමුලලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට..
COLOMBO (News 1st) – ගාල්ල, යක්කලමුල්ල, කළුවලගල ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් කුඩා ළමයෙකු ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි. මියගොස් ඇත්තේ අවුරුදු 33 ක පුද්ගලයෙකි. සිද්ධියෙන් තුවාල ලැබූ වයස අවුරුදු 04 ක් සහ 24 හැවිදිරි පුද්ගලයෙක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
2022-10-19T11:51:03.000Z
සිම්බාබ්වේට එරෙහි තීරණාත්මක තරගයෙන් කොදෙව්වන්ට ලකුණු 31ක ජයක්
කොදෙව්වන්ට ලකුණු 31ක ජයක්
COLOMBO (News 1st) – පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි⁣යේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති සුදුසුකම් ලැබීමේ තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 31කින් අද(19) ජය ගත්තේ ය. ලකුණු 154ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 122ක් පමණි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජොන්සන් චාල්ස් ලකුණු 45ක් රැස් කළේ ය. රෝමන් පවෙල් ලකුණු 28කි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 153ක් රැස් කළේ ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නායක රෙජිස් චකබ්වා පිටියෙන් ඉවත් වුණේ ලකුණු 13කටයි. ශෝන් විලියම්ස් එක් ලකුණකට දැවී ගියේ ය. ආරම්භක පිතිකරු වෙස්ලි මධවේරේ ලකුණු 27කි. ලකුණු 64ක් තුළ සිම්බාබ්වේ පළමු කඩුලු 5 බිඳ වැටුණි.
2022-10-19T10:59:23.000Z
කැලණි සරසවිය ඉදිරිපිට උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් පිරිසට ඇප..
ඊයේ උද්ඝෝෂණයේදී අත්අඩංගුවට 8ට ඇප..
COLOMBO (News 1st) – කැලණිය සරසවිය ඉදිරිපිට උද්ඝෝෂණයකදී ඊයේ (18) අත්අඩංගුවට ගත් 8 දෙනා ඇප මත මුදා හැර තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අද අධිකරණයට ඉදිරිපත් කළ පසු රු.50,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.
2022-10-19T10:42:01.000Z
ස්කොට්ලන්තයට එරෙහිව අයර්ලන්තයට කඩුලු 6ක පෙරළිකාර විශිෂ්ට ජයක්..
අයර්ලන්තයට කඩුලු 6ක පෙරළිකාර විශිෂ්ට ජයක්..
COLOMBO (News 1st) – 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තයට එරෙහිව අද(19) පැවති සුදුසුකම් ලැබීමේ තරගයෙන් අයර්ලන්තය කඩුලු 6 පෙරළිකාර විශිෂ්ට ජයක් වාර්තා කළේය. තරගයේ B කාණ්ඩයේ සුදුසුකම් ලැබීමේ වටයේ තරගයක් වූ මෙය හෝබාර්ට්හීදි පැවැත්විය. පළමුවෙන් පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත ක්‍රීඩකයින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 176 කි. මයිකල් ජෝන්ස් ලකුණු 86 ක් රැස් කළේ ය. නායක රිචී බෙරින්ටන් ලකුණු 37 කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත ක්‍රීඩකයන් පන්දුවාර 19 අවසානයේ කඩුලු 4ක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කර්ටිස් කැම්පර් නොදැවී ලකුණු 72ක් ලබා ගත්තේය. ජෝර්ජ් ඩොක්රෙල් ලකුණු 39ක් රැස් කළේය.
2022-10-19T07:34:25.000Z
ආර්ථික අර්බුදය දීර්ඝ කාලයක් පැවතියහොත් පෞද්ගලික ආයතනවලට දැඩි බලපෑම් එල්ල කළ හැකියි - ෆිච් රේටින්ස් ආයතනය
ෆිච් රේටින්ස් ආයතනයෙන් දැනුම්දීමක්
COLOMBO (News 1st) - ආර්ථික අර්බුදය දීර්ඝ කාලයක් පැවතියහොත් ඉන් ශ්‍රේණිගත කර ඇති පෞද්ගලික ආයතනවලට දැඩි බලපෑම් එල්ල කළ හැකි බව ෆිච් රේටින්ස් ආයතනය පවසයි. ෆිච් රේටින්ස්ට් ආයතනය පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය පාරිභෝගික භාණ්ඩ, විදුලිබල කේෂ්ත්‍රය සහ නිවාස ඉදිකිරීම් යන ක්ෂේත්‍රවලට අදාළ සමාගම්වලට දැඩිව බලපා හැකි බවයි.
2022-10-19T03:38:03.000Z
දුෂ්මන්ත චමීරට 20/20 ලෝක කුසලානය අහිමි වෙයි
දුෂ්මන්ත චමීරට 20/20 ලෝක කුසලානය අහිමි වෙයි
COLOMBO (News 1st) - වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර පන්දුවාර 20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ. ඒ, ආබාධයක් හේතුවෙනි. ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේ, දුෂ්මන්ත තරගාවලියෙන් ඉවත් කර ඇත්තේ, කළව ආශ්‍රිත අබාධයක් හේතුවෙන් බව ය.
2022-10-19T02:31:34.000Z
මහපොළ ශිෂ්‍යාධාර වැඩි කිරීමට සැලසුම්
මහපොළ ශිෂ්‍යාධාර වැඩි කිරීමට සැලසුම්
COLOMBO (News 1st) - මහපොළ ශිෂ්‍යාධාර දීමනාව වැඩි කිරීමට සැලසුම් කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි. ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශය හා මහපොළ භාරකාර අරමුදල සමග සාකච්ඡා කරන බවය. දැනට විශ්වවිද්‍යාල සිසුන් සඳහා මහපොළ කුසලතා මාසික ශිෂ්‍යාධාරය රුපියල් 5500 කි. මහපොළ සාමාන්‍ය මාසික ශිෂ්‍යාධාරය 5000 ක් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ය. උද්ධමනය ඉහළ යාමත් සමග මෙම ප්‍රමණය 50% කින් ඉහළ නැංවීමට ‍අපේක්ෂිතයි. ආචාර්ය සුරේන් රාඝවන් මහතා ප්‍රකාශ කළේ, ලබන ජනවාරි මස සිට ශිෂ්‍යාධාරය වැඩි කිරීමට සැලසුම් කර ඇති බවයි.
2022-10-19T01:51:14.000Z
අයර්ලන්තය, ස්කොට්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ කණ්ඩායම් අද ලෝක කුසලාන තරග බිමට
20යි 20 ලෝක කුසලානය: අදත් තරග 2 ක්
COLOMBO (News 1st) - පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයේ තවත් තරග දෙකක් අද (19) ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට්හී දී පැවැත්වේ. එක් තරගයක් පැවැත්වෙන්නේ, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය අතරයි. දෙවැනි තරගය බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වේ. පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තුන්වන සුදුසුකම් ලැබීමේ තරගය හෙට (20) ජීලෝන්ග්හී දී පැවැත්වේ. ඒ, නෙදර්ලන්තය සමගයි. පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV තුළින් ඔබට සජීව ලෙස නැරඹිය හැකිය.
2022-10-19T01:27:00.000Z
ජනාධිපති මන්දිරයේ දේපොළවලට හානි කිරීම: සැකකරුවන් 9ක් අත්අඩංගුවට
ජනාධිපති මන්දිරයට හානි: සැක 9ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - පසුගිය ජුලි 09 වැනි දා කොටුව ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. 22, 23, 24, 25, 28 සහ 43 වයස්වල පසුවන සැකකරුවන් නිකදළුපොත, කුරුණෑගල, ගෝනගම හා කොළඹ 10 ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
2022-10-19T01:05:29.000Z
ප්‍රදේශ රැසකට අදත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි
ප්‍රදේශ රැසකට අදත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි
COLOMBO (News 1st) - බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, මන්නාරම, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. මේ අතර පවතින අධික වර්ෂාව හමුවේ කළුතර, කෑගල්ල, රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පැන වූ නාය යෑමේ නිවේදනය ද තවදුරටත් බලාත්මකයි. අධික වර්ෂාව සමග ජලයෙන් යටවී තිබූ බොහෝ ප්‍රදේශවල ජලය මේ වනවිට පහව යමින් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
2022-10-19T00:51:22.000Z
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ අපවත් වෙති
පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ අපවත් වෙති
COLOMBO (News 1st) - අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් අපවත් විය. ඒ, කොළඔ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. අපවත් වන විට 69 වන වියෙහි පසු වූ සිරිනිවාස නා හිමියන් උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ධුරය ද හෙබවිය. කරුණාසේන මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාර නිලමේතුමාට හා දුක්ගන්නා වලව්වේ අනුලා කුමාරිහාමි යුවළට දාව දඹුල්ල පල්ලේගමදී 1953 ජනවාරි 02 වැනි දා උපත ලැබූ පල්ගේලම සිරිනිවාස හිමියන් පැවිදි දිවියට ඇතුළත් වූයේ, 1968 මැයි මස 09 වැනි දායි. මාලිගාකන්ද පිරිවෙන සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙන, හුණුපිටිය ගංගාරාමයේ ජිනරතන පිරිවෙනේ අධ්‍යාපනය හැදැරූ සිරිනිවාස හිමියන් කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධාරියෙකි. උන්වහන්සේ තායිලන්ත රජය මගින් පිරිනමන ආචාර්ය උපාධියකින් ද පිදුම් ලැබීය. 1975 වසරේදී උපසම්පදාව ලැබූ සිරිනිවාස හිමියන් අටමස්ථානාධිපතිධුරයට පත් වුයේ, 1997 වසරේදීය. එතැන් සිට මේ දක්වා වසර 25 කට අධික කාලයක් අටමස්ථානයේ සංවර්ධනය වෙනුවෙන් විශිෂ්ට සේවාවක නිරත වූ පල්ලේගම සිරිනිවාස හිමියන් අටමස්ථානයට අයත් ඉපැරණි සිද්ධස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක නිරත විය. අනුරාධපුරයට පැමිණෙන සැඳැහැවතුන් වෙනුවෙන් විවිධ පොදු පහසුකම් සංවර්ධනය උදෙසා සිරිනිවාස නායක හිමියන් දැක්වුයේ දැඩි කැපවීමකි. මෙරට මහ තෙරවරුන් අතර ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කරමින් සිය පැවිදි දිවිය අර්ථවත්ව ගත කළ පල්ලේගම සිරිනිවාස නා හිමියන් රජරට ජනතාවගේ සුබසෙත උදෙසා නිරින්තරව කැප විය. උන්වහන්සේගේ දේහය අද (19) පස්වරුවේ අනුරාධපුරයට වැඩම කරවීමට නියමිත අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව රුවන්වැලි සෑ විහාරාධිකාරි පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් ප්‍රකාශ කළහ.
2022-10-19T00:38:03.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
1. ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ රතු නිවේදන.. - පවතින වර්ෂාව හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය,වලල්ලාවිට,පාලින්ද නුවර සහ බුලංත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබේ. 2. එක්සත් අරාබි එමීර් රාජ්‍යට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 79ක දැවැන්ත ජයක්.. - පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට(UAE) එරෙහි තරගය ශ්‍රී ලංකාව ලකුණු 79කින් ඊයේ (18) ජය ගත්තේ ය. 3. නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 5ක ජයක් - 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියාවට එරෙහි සුදුසුකම් ලැබීමේ තරගය නෙදර්ලන්තය කඩුලු 5 කින් ජය ගත්තේය. 4. ජලය පිරුණු ගල් වලක ගිලී ළමුන් දෙදෙනෙක් මරුට - නවගමුව, අක්බාර්වත්ත තුන්අඳහේන, කොරතොට ප්‍රදේශයේදී ජලය පිරි තිබූ ගල් වලක ගිලීමෙන් ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ. 5. 2022 බුකර් සම්මානය: ප්‍රබන්ධ සඳහා වූ බුකර් සම්මානය ෂෙහාන් කරුණාතිලකට - ශ්‍රී ලාංකේය ලේඛක ෂෙහාන් කරුණාතිලක විසින් රචනා කළ "ද සෙවන් මූන් ඔෆ් මාලි අල්මේදා" කෘතිය මෙවර ප්‍රබන්ධ සඳහා වන බුකර් සම්මානයෙන් පිදුම් ලැබීය.
2022-10-18T15:12:48.000Z
ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ රතු නිවේදන..
ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ රතු නිවේදන..
COLOMBO (News 1st) – පවතින වර්ෂාව හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය,වලල්ලාවිට,පාලින්ද නුවර සහ බුලංත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ,රුවන්වැල්ල සහ දෙහිඕවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලටත් කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ ,හොරණ,බණ්ඩාරගම ,මිල්ලනිය ,මතුගම සහ අගලවත්ත ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට දෙවන කාණ්ඩයේ අනතුරු ඇගවීම් නිකුත් කළ බවයි. මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙ කළවාන,රත්නපුර,නිවිතිගල,කිරිඇල්ල,අයගම,ඇහැලියගොඩ,කුරුවිට,සහ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් දෙවන කාණ්ඩයේ නායයාම් අනතුරු ඇඟවීම නිකුත් කෙරිණ.
2022-10-18T14:04:15.000Z
එක්සත් අරාබි එමීර් රාජ්‍යට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 79ක දැවැන්ත ජයක්..
UAE පිලට එරෙහිව ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්..
COLOMBO (News 1st) – පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට(UAE) එරෙහි තරගය ශ්‍රී ලංකාව ලකුණු 79කින් අද(18) ජය ගත්තේ ය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 152ක් රැස් කළේ ය. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 60කින් ලකුණු 74කි. ධනංජය ද සිල්වා ලකුණු 33ක් ලබා ගත්තේ ය. දඟ පන්දු යවන ක්‍රීඩක කාර්තික් මෙයියප්පන් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තේය. ඒ, භානුක රාජපක්ෂ, චරිත් අසලංක සහ දසුන් ශානකගේ කඩුලු ලබා ගනිමිනි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ මුල් පෙල පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට දුෂ්මන්ත චමීර ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ මුල් පෙල කඩුලු 3ම දවා ගත්තේ දුෂ්මන්ත චමීර යි. වනිඳු හසරංග ලකුණු 8ට කඩුලු 3කි. දුෂ්මන්ත චමීර ලකුණු 15ට කඩුලු 3ක් දවා ගත්තේ ය. පන්දුවාර 17යි පන්දුවක් අවසානයේදී එක්සත් අරාබි එමිර් කණ්ඩායමේ සියලු දෙනා දැවී ගියේ ය. තරගයේ වීරයා සම්මානය පැතුම් නිස්සංකට හිමිවිය.
2022-10-18T08:33:55.000Z
නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 5ක ජයක්
නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 5ක ජයක්
COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියාවට එරෙහි සුදුසුකම් ලැබීමේ තරගය නෙදර්ලන්තය කඩුලු 5 කින් ජය ගත්තේය. තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පන්දුවට පහරදීමට පිටියට පිවිසි නැමීබියා ක්‍රීඩකයින්ට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 121 ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත ක්‍රීඩකයන් පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේ කඩුලු 5ක් දැවී එම ඉලක්කය පසු කළේ ය. පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV තුළින් ඔබට සජීව ලෙස නැරඹිය හැකිය.
2022-10-18T03:06:02.000Z
ජලය පිරුණු ගල් වලක ගිලී ළමුන් දෙදෙනෙක් මරුට
ජලය පිරුණු ගල් වලක ගිලී ළමුන් දෙදෙනෙක් මරුට
COLOMBO (News 1st) - නවගමුව, අක්බාර්වත්ත තුන්අඳහේන, කොරතොට ප්‍රදේශයේදී ජලය පිරි තිබූ ගල් වලක ගිලීමෙන් ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (17) පස්වරුවේ මෙම ළමුන් දෙදෙනා ජලය පිරි ගල් වලෙහි ක්‍රීඩා කරමින් සිටියදී එම අනතුරට ලක්ව ඇති බවය. ප්‍රදේශවාසීන් විසින් දරුවන් දෙදෙනා ගොඩට ගෙන ඔරුවල රෝහලට ඇතුළත් කළ ද ඒ වනවිටත් ඔවුන් ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලීසිය ප්‍රකාශ කළේ ය. මියගොස් ඇත්තේ, අවුරුදු 14ක් සහ 15ක් වයසැති කඩුවෙල ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමුන් දෙදෙනෙකි. මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංවතුරේ සහ ජලය පිරි ස්ථානවල දරුවන් ක්‍රීඩා කටයුතු සහ විනෝද කටයුතු සඳහා යොමු කිරීමෙන් වළකින්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙයි.
2022-10-18T01:40:49.000Z
UAE සමග තීරණාත්මක තරගයකට ශ්‍රී ලංකාව අද පිටියට..
ලෝක කුසලාන සටන වෙනුවෙන් අද තරග 2ක්
COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20යි 20 යි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ A කාණ්ඩයේ තරග දෙකක් ඔස්ට්‍රේලියාවේ ජිලොන්ග්හිදී අද (18) පැවැත්වේ. එහි පළමු තරගය පැවත්වෙන්නේ, නැමීබියාව සහ නෙදර්ලන්තය අතරයි. එම කණ්ඩායම් දෙකම සුදුසුකම් ලැබීමේ වටයේ එක් තරගය බැගින් ජය ගෙන සිටී. එම තරගය මෙරට වේලාවෙන් උදෑසන 9. 30ට ආරම්භ වීමට නියමිතය. මේ අතර අද දිනයේ දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගය ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම් අතර පැවැත්වේ. සුදුසුකම් ලැබීමේ වටයේ සහභාගී වූ පළමු තරගය පරාජය වූ ශ්‍රී ලංකාවට මෙන්ම එක්සත් අරාබි එමීර් කණ්ඩායමට ද සුපිරි 12 දෙනාගේ වටයේ ස්ථානය වෙනුන් මෙම තරගයේ ජයග්‍රහණය අතිශය වැදගත් ය. පන්දුවාර 20යි 20 තරග බිමේදී මෙම කණ්ඩායම් දෙක මීට පෙර එක් අවස්ථාවක ද මුණ ගැසී ඇති අතර ශ්‍රී ලංකාව එම තරගය ජය ගත්තේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න මාධ්‍ය හමුවේ පැවසුවේ, නැමීබියාවට එරෙහිව පැවැති තරගයේදී වූ දුර්වලතා මඟහරවාගෙන මෙම තරගයට මුහුණ දෙන බවයි. මෙරට වේලාවෙන් දහවල් 1.30ට ආරම්භ කිරීමට නියමිතය. පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස ටී.වී ඔස්සේ ඔබට සජීවීව නැරඹීමට හැකිය.
2022-10-18T01:25:49.000Z
ඛනිජ තෙල් සේවකයින් අද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක
ඛනිජ තෙල් වෘත්තිය සමිති අද ලෙඩ නිවාඩු
COLOMBO (News 1st) - ඛනිජ තෙල් වෘත්තිය සමිති අද (18) අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටිමට තීරණය කර තිබේ. ඒ, අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිවයි. වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඛනිජ තෙල් බෙදා හැරිමේ කටයුතුවලට බාධා මතුවිය හැකි බව ඛනිජ තෙල් වෘත්තීය සමිති ඒකාබද්ධ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අශෝක රංවල මහතා සඳහන් කළේ ය.
2022-10-18T01:20:17.000Z
2023 අයවැය කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
2023 අයවැය කෙටුම්පත අද පාර්ලිමේන්තුවට
COLOMBO (News 1st) - 2023 වර්ෂය සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, අද සිට ලබන 21 වැනි දා දක්වා පාර්ලිමේන්තුව පැවැත්වෙන බවය. අද පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියැවීමේ විවාදය ද පැවැත්වේ. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වෙන්නේ ලබන 20 සහ 21 යන දිනවලයි.
2022-10-18T01:16:47.000Z
ඇතැම් ස්ථානවලට තවදුරටත් තද වැසි...
ඇතැම් ස්ථානවලට තවදුරටත් තද වැසි...
COLOMBO (News 1st) - බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම පුත්තලම, මන්නාරම, කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 51,430 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. වැසි සමග ඇති වූ ආපදාවලින් දිවි අහිමි වූ පුද්ගලයින් සංඛ්‍යාව 5 කි. මේ අතර ගංවතුර තත්ත්වයක් පැවති බොහෝ ප්‍රදේශවල ජලය මේ වනවිට පහව යමින් ඇතැයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළහ. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට පැන වූ නායයම් පිළිබඳ රතු නිවේදනය තවදුරටත් බලාත්මකයි.
2022-10-18T00:55:35.000Z
2022 බුකර් සම්මානය: ප්‍රබන්ධ සඳහා වූ බුකර් සම්මානය ෂෙහාන් කරුණාතිලකට
ෂෙහාන් කරුණාතිලක බුකර් සම්මානයෙන් පිදුම් ලබයි
COLOMBO (News 1st) - ශ්‍රී ලාංකේය ලේඛක ෂෙහාන් කරුණාතිලක විසින් රචනා කළ "ද සෙවන් මූන් ඔෆ් මාලි අල්මේදා" කෘතිය මෙවර ප්‍රබන්ධ සඳහා වන බුකර් සම්මානයෙන් පිදුම් ලැබීය. "ද සෙවන් මූන් ඔෆ් මාලි අල්මේදා" ෂෙහාන් කරුණාතිලක රචිත දෙවැනි කෘතිය වීම විශේෂත්වයකි. බ්‍රිතාන්‍යයේ පැවැති සම්මාන ප්‍රධානොත්සවයේදී ෂෙහාන් කරුණාතිලක මහතාට සම්මානය සහ මුදල් ත්‍යාගය පිරිනැමුවේ බ්‍රිතානයේ කැමිලා පාකර් රැජිණ විසින් ය. බුකර් ත්‍යාගය සඳහා සුදුසුකම් ලබන්නේ, එක්සත් රාජධානිය සහ අයර්ලන්තය තුළ දී ඉංග්‍රීසි බසින් ප්‍රකාශිත නවකතායි. ෂෙහාන් කරුණාතිලක විසින් රචිත Chinaman: The Legend of Pradeep Mathew නම් නවකතාව 2008 දී ග්‍රේෂියන් ත්‍යාගය, 2010 දී පොදු රාජ්‍ය මණ්ඩලීය කෘති සඳහා වූ ත්‍යාගය සහ 2012 දී දකුණු ආසියානු සාහිත්‍ය සඳහා පිරිනැමෙන DSC ත්‍යාගය ද හිමි කරගත්තේ ය. “The seven Moons of Maali Almeida” ඔහුගේ දෙවැනි නවකතාවයි. ෂෙහාන් කරුණාතිලක 1975 දී ගාල්ලේ උපත ලැබූවෙකි.
2022-10-18T00:41:07.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
1. රත්නපුර හා නුවරඑළියට නිකුත් කළ රතු නිවේදන ඉවත් කෙරේ: නමුත් ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් - වර්ෂාව අඩුවීමත් සමග රත්නපුර හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට නිකුත් කළ රතු නිවේදන ඉවත් කර තිබේ. 2. අහුංගල්ලේ වෙඩි තැබීම: සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට - අහුංගල්ලේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 3. පෙට්‍රල් හා ඩීසල් මිල පහළට.. - ඊයේ (17) රාත්‍රී 9.00 සිට පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 40 කින් සහ ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් අඩු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. 4. අයර්ලන්තයට එරෙහිව සිම්බාබ්වේ පිලට ලකුණු 31ක ජයක්.. - 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායමට එරෙහි තරගය සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ (17) ලකුණු 31කින් ජය ගත්තේය. 5. ප්‍රබල කොදෙව්වන් ඉදිරියේ ස්කොට්ලන්තයට පෙරළිකාර ජයක්.. - 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගය ස්කොට්ලන්තය ලකුණු 42 කින් ජය ගත්තේය.
2022-10-17T15:33:05.000Z
අයර්ලන්තයට එරෙහිව සිම්බාබ්වේ පිලට ලකුණු 31ක ජයක්..
අයර්ලන්තය පැරදූ සිම්බාබ්වේ..
COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායමට එරෙහි තරගය සිම්බාබ්වේ කණ්ඩායම අද(17) ලකුණු 31කින් ජය ගත්තේය. ලකුණු 175ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තයට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 143ක් පමණි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 174ක් රැස් කළේ ය. වේගවත් පිතිරහරඹයක නිරත වූ සිකන්දර් රාසා ලකුණු 82යි. ලකුණු 175ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි අයර්ලන්තයේ මුල් පෙළ කඩුලු 4 ලකුණු 22කදී බිඳ වැටුණි. පෝල් ස්ටර්ලින්ට ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැත. ලෝකන් ටකර් ලකුණු 11යි. හැරී ටෙක්ටර් එක් ලකුණකට පිටියෙන් ඉවත් වූ අතර නායක ඇන්ඩි බැල්බර්නි ලකුණු 3කට දැවී ගියේ ය.
2022-10-17T12:22:04.000Z
ශ්‍රී ලංකාව හෙට UAE සමග තරග බිමට: "මොනවා වුණත් ඊළඟ තරග දෙක දිනන්නම වෙනවා" - චාමික කරුණාරත්න
"මොනවා වුණත් ඊළඟ තරග දෙක දිනන්නම වෙනවා"
COLOMBO (News 1st): ඊළඟ තරග දෙක අනිවාර්යෙන්ම ජයග්‍රහණය කළ යුතු බව ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න පවසයි. ඔහු මේ බව පැවසුවේ පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී හෙට(18) පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර කණ්ඩායමට පෙර අද(17) පැවති මාධ්‍ය හමුවේදීය. ඔහු පැවසුවේ ඉදිරි තරග දෙක 100%කින් හොඳින් ක්‍රීඩා කළ යුතු බවත් ඒ පිළිබඳව කණ්ඩායමේ ක්‍රීඩකයින් හොඳ අව‌බෝධයකින් සිටින බවය. චාමික එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. "තවමත් කණ්ඩායම් හතරම හොඳ ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ඊයේ පැවති අවසන් තරගයේදීත් UAE නෙදර්ලන්තය අවසන් පන්දුවේදී අවසන් පන්දුවට මුහුණ දුන්නා. මොකද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ, මොකද මේ තරගය හැමවිටම උද්වේගකරයි. ඕනම දෙයක් වෙන්න පුළුවන්, අපි බලමු." ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගය හෙට(18) ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 1.30ට ආරම්භ වීමට නියමිතය. එය ඔස්ට්‍රේලියාවේ ජීලොන්ග්හිදී පැවැත්වේ. ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය 20යි 20 ලෝක කුසලානයකදී ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය වේ. මීට පෙර දෙරට අතර එක් පන්දුවාර 20යි 20 තරගයක් වර්ෂ 2016දී පවත්වා ඇති අතර එය ශ්‍රී ලංකාව ජයගෙන ඇත. ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට නැමීබියාව හමුවේ ලකුණු 55ක අනපේක්ෂිත පරාජයක් අත්විය. ඒ හේතුවෙන් හෙට පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාවට තීරණාත්මත තරගයක් වේ. ශ්‍රී ලංකාව මේ වනවිට A කාණ්ඩයේ සිව්වන ස්ථානයේ පසුවේ. පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV තුළින් ඔබට සජීව ලෙස නැරඹිය හැකිය.
2022-10-17T11:58:34.000Z
රත්නපුර හා නුවරඑළියට නිකුත් කළ රතු නිවේදන ඉවත් කෙරේ: නමුත් ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්
ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්
COLOMBO (News 1st) - වර්ෂාව අඩුවීමත් සමග රත්නපුර හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට නිකුත් කළ රතු නිවේදන ඉවත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, රතු නිවේදන ඉවත් කළ නමුත් ඇතැම් ප්‍රදේශවලට නිකුත් කළ අවදානම් නිවේදන එලෙසම පවතින බවය. කළුතර දිස්ත්‍රික්කය ඉංගිරිය, වළල්ලාවිට, පාලින්ද නුවර සහ බුලත්සිංහල යන ප්‍රදේශිය ලේකම් කොට්ඨාසවලට නිකුත් කළ රතු නිවේදන එලෙසම පවති. ඒ අනුව, අදියර II යටතේ අවදානම් නිවේදන නිකුත් කර ඇත්තේ, 🔺 කළුතර දිස්ත්‍රික්කය අගලවත්ත, මතුගම, දොඩංගොඩ, මිල්ලනිය, හොරණ සහ බණ්ඩාරගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 🔺 කෑගල්ල දිස්ත්‍රික්කය රුවන්වැල්ල, දෙහිඔ්විට, වරකාපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 🔺 නුවරඑළිය දිස්ත්‍රික්කය අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 🔺 රත්නපුර දිස්ත්‍රික්කය රත්නපුර, කලවාන, කිරිඇල්ල, ඇළපාත, නිවිතිගල, අයගම, ඇහැළියගොඩ, කුරුවිට හා පැල්මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අදියර I යටතේ විමසිලිමත්ව සිටින්නැයි අවදානම් නිවේදන නිකුත් කර ඇත්තේ, 🔺 කොළඹ දිස්ත්‍රික්කය සීතාවක සහ පාදුක්ක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 🔺 ගාල්ල දිස්ත්‍රික්කය බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය 🔺 කෑගල්ල දිස්ත්‍රික්කය බුලත්කොහුපිටිය, දැරණියගල, මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අනෙකුත් ප්‍රදේශවල සිටින ජනතාව සැළකිලිමත්ව සිට අවශවුවහොත් ආරක්ෂිත ස්ථාන කරා යන මෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටි.
2022-10-17T11:00:50.000Z
අහුංගල්ලේ වෙඩි තැබීම: සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
අහුංගල්ලේ වෙඩි තැබීම: සැකකරුවන් දෙදෙනෙකු කොටු
COLOMBO (News 1st) - අහුංගල්ලේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, මීගහතැන්න ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අදාළ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අහුංගල්ල පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති බවයි. ටී 56 වර්ගයේ ගිනි අවියක් ලබාදී එම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු පසුගිය 16 වැනි දා කිලිනොච්චි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීගහතැන්න හා මැල්සිරිපුර ප්‍රදේශවල පදිංචි 41 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගැනීම නියමිත බව පොලීසිය සඳහන් කළේ ය. පසුගිය 12 වැනි දා අහුංගල්ලේදී මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත්කර තිබුණි.
2022-10-17T10:33:46.000Z
ප්‍රබල කොදෙව්වන් ඉදිරියේ ස්කොට්ලන්තයට පෙරළිකාර ජයක්..
ස්කොට්ලන්තයට පෙරළිකාර ජයක්..
COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගය ස්කොට්ලන්තය ලකුණු 42 කින් ජය ගත්තේය. ලකුණු 161ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්ට පන්දුවාර 18 යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 118 ක් පමණි. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් බටහිර ඉන්දීය කොදෙව් නායක නිකලස් පූරන් තීරණය කළේ, පළමුවෙන් පන්දු යැවීමටයි. ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ස්කොට්ලන්ත ක්‍රීඩකයන් පන්දුවාර 5 යි පන්දු 3 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 52 ක් රැස් කරගෙන සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට සිදු විය. තරගය නැවත ආරම්භ කිරීමෙන් අනතුරුව ස්කොට්ලන්ත ඉනිම ආරම්භ කළ ජෝර්ජ් මන්සි සහ මයිකල් ජෝන්ස් පළමු කඩුල්ලට ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 55 කි. ජෝර්ජ් මන්සි නොදැවී ලකුණු 66ක් රැස් කළේ ය. මයිකල් ජෝන්ස් ලකුණු 20යි. ජේසන් හෝල්ඩර් කඩුලු 2 ක් දවා ගත්තේ ය. ස්කොට්ලන්ත ක්‍රීඩකයන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 160 කි.
2022-10-17T10:22:06.000Z
සත්කාරක ඔස්ට්‍රේලියාවට එරෙහි පුහුණු තරගයෙන් ඉන්දියාව‌ට ජය
ඔස්ට්‍රේලියාව පැරදූ ඉන්දියාව‌ට ජය
COLOMBO (News 1st) - පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති පුහුණු තරගය ඉන්දීය කණ්ඩායම අද(17) ලකුණු 6කින් ජය ගත්තේය. බ්‍රිස්බන්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 7 කට ලකුණු 186ක් රැස් කළේ ය. ආරම්භක පිතිකරු ලෝකේශ් රාහුල් ලකුණු 57යි. සූර්යකුමාර් යාදෙව් අර්ධ ශතකයක් ලබා ගත්තේ ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට නියමිත පන්දුවාර 20 අවසානයේදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ, ලකුණු 180ක් පමණි. නායක ඒරන් ෆින්ච් ලකුණු 76ක් රැස් කළේ ය. මිචෙල් මාෂ් ලකුණු 35යි.
2022-10-17T08:30:43.000Z
පෙට්‍රල් හා ඩීසල් මිල පහළට..
පෙට්‍රල් හා ඩීසල් මිල පහළට..
COLOMBO (News 1st) – අද (17) රාත්‍රී 9.00 සිට පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 40 කින් සහ ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් අඩු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි. එ් අනුව පෙට්‍රල් 92 ලීටරයක නව මිල රුපියල් 370කි. ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 415කි. අනෙකුත් ඉන්ධන වර්ගවල මිල වෙනස් නොවේ. මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව එම අගයන්ගෙන්ම ඉන්ධන මිල ගණන් පහළ දැමූ බව ලංකා IOC සමාගම පවසයි.
2022-10-16T21:21:00.000Z
කොදෙව්වන්, ස්කොට්ලන්තය, අයර්ලන්තය සහ සිම්බාබ්වේ අද T20 ලෝක කුසලානයේ තරග බිමට..
T20යි ලෝක කුසලානය: අද තරග 2ක්..
COLOMBO (News 1st) – 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ B කාණ්ඩයේ තරග 2ක් ඔස්ට්‍රේලියාවේ හෝබාට්හිදී අද (17) පැවැත්වෙයි. එහි පළමු තරගය පැවැත්වෙන්නේ, ස්කොට්ලන්තය සහ අවස්ථා දෙකකදී 20යි 20 ක්‍රිකට් ලෝක කිරුළ දිනා සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි. පන්දුවාර 20යි 20 ලෝක ශ්‍රේණිගතකිරීම් අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 7 වැනි ස්ථානයේ රැදී සිටින අතර ස්කොට්ලන්තයට 15 වැනි ස්ථානය හිමිව තිබේ. මෙම කණ්ඩායම් පන්දුවාර 20යි 20 තරගයකදී හමුවන පළමු අවස්ථාව මෙය වන අතර, මෙම තරගය මෙරට වේලාවෙන් උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතය. මේ අතර , අද දිනයට නියමිත දෙවැනි තරගය අයර්ලන්ත සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙයි. සිම්බාබ්වේ කණ්ඩායම 20යි 20 අන්තර් ජාතික ශ්‍රේණිගතකිරීම් අනුව 11 වැනි ස්ථානයේ පසු වන අතර එහි 12වැනි ස්ථානයේ රැඳී සිටින්නේ අයර්ලන්තයයි. දෙරට අතර මේ දක්වා පවත්වා ඇති පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග 8න් තරග 5ක් අයර්ලන්තය ජය ගත්තේ ය. අනෙක් තරග 3 ජය ගත්තේ සිම්බාබ්වේ කණ්ඩායමයි. මෙම තරගය මෙරට වේලාවෙන් දහවල් 1.30ට ආරම්භ කිරීමට නියමිතව තිබේ. පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV තුළින් ඔබට සජීව ලෙස නැරඹිය හැකිය.
2022-10-17T02:16:33.000Z
නිවාස 15,000ක් නායයාමේ අධි අවදානම් කලාපවල- ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නිවාස 15,000ක් නායයාමේ අධි අවදානම් කලාපවල
COLOMBO (News 1st) – දිවයින පුරා නිවාස 15,000ක් පමණ නායයාමේ අධි අවදානම් කලාපවල පිහිටුවා ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි නායයාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පැවසුවේ, ඒ සියලු පවුල් ආරක්ෂිත ස්ථානවල පදිංචි කිරීමේ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි. ඔහු පැවසුවේ, මේ වනවිට ඉන් 3500කට ආසන්න පිරිසක ආරක්ෂිත ස්ථානවල නිවාස ඉදිකර දී ඇති බවයි. මේ අතර, කළුතර,නුවරඑළිය ,රත්නපුර වරකාපොල ,කෑගල්ල,කොළඹ ඇතුළු දිස්ත්‍රක්කවලට නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක වෙයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, ඉංගිරිය , වලල්ලාවිට, පාලින්දනුවර සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලද නායයෑම් පිළිබඳ රතු අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි.
2022-10-17T01:47:58.000Z
ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි..
ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි..
COLOMBO(News 1st) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.. මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසුවේ ඉදිරි වැසි සමග ගංගා ආශ්‍රිත පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවයි. මේ අතර, දිස්ත්‍රික්ක 11කට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 15,632කට අයත් පුද්ගලයින් 61,792 ක් පීඩාවට පත්ව සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, පවුල් 1661කට අයත් පුද්ගලයින් 5460 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 33ක රඳවා සිටින බවයි. ආපදා තත්ත්වයෙන් නිවාස 5කට පූර්ණ හානි සිදුවිය. අර්ධ හානි වී ඇති නිවාස සංඛ්‍යාව 207 කි. මේ අතර, ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේ ය.
2022-10-16T20:13:38.000Z
පළාත් පාලන ආයතනවල මන්ත්‍රී ගණන අඩු කිරීමට සාකච්ඡා..
පළාත් පාලන ආයතනවල මන්ත්‍රී ගණන අඩු කිරීමට සාකච්ඡා.
COLOMBO(News 1st) – ඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සඳහා තෝරාගන්නා මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමට අවධානය යොමුවී ඇතැයි පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. ඔහු ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග ද සාකච්ඡා කරන බවයි. ඉදිරි මැතිවරණවලදි තරුණ පිරිස් සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමට අවදානය යොමුව ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.
2022-10-17T01:37:58.000Z
රත්‍රං මිල ඉහළට..
රත්‍රං මිල ඉහළට..
COLOMBO(News 1st) – ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව රන් අවුන්සයක මිල දැක්වුණේ, අමෙරිකානු ඩොලර් 1,648 සත 25 ක් ලෙසය. අමෙරිකානු ඩොලර් 1,649 යි සත 30 ක් ලෙස පසුගිය සිකුරාදා දින වනවිට රත්‍රං අවුන්සයක මිල දැක්විණි.
2022-10-17T00:57:04.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
දේශීය පුවත් 1.මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන චීනය සමගත් සාකච්ඡා කළා – ජනපති – ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සාර්ථක වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2. නාවලපිටියේදී අත්අඩංගුවට ගත් 15 දෙනාට ඇප.. – නාවලපිටියේ ඊයේ(16)පැවති විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් උද්ඝෝෂකයින් 15 දෙනා ශරීර ඇපමත මුදා හැර තිබේ. 3.කොත්තුවක මිල රුපියල් 50 අඩු කෙරේ..– ඊයේ(16) සිට ක්‍රියාත්මක වන පරිදි කොත්තුවක මිල රුපියල් 50 කින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කරයි. 4.කැලණි, කළු ගංඟා සහ අත්තනගලු ඔය තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයේ.. – කැලණි, කළු ගංඟා සහ අත්තනගලු ඔය තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. විදෙස් පුවත් 1 . චීන ජනපතිගෙන් උතුරු කොරියානු නායකයාට ලිපියක් – චීන ජනපති ෂී ජින්පිංග් , උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වෙත ලිපියක් යවා තිබේ. ක්‍රීඩා පුවත් 1. ඊළඟ තරග දෙක ජය අරන් රට ජයග්‍රහණය කරවීමට අපේක්ෂා කරනවා – දසුන් ශානක – තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ඉදිරි තරග දෙක ජයගෙන රට ජයග්‍රහණය කරවීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි.
2022-10-16T16:44:34.000Z
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන චීනය සමගත් සාකච්ඡා කළා - ජනපති
ජනපති ගොවි බිමට..
COLOMBO (News 1st) – ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සාර්ථක වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පසුගියදා තමන් චීන මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බවත් අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් වනු ඇති බව තම අපේක්ෂාව බවය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ සියඹලාණ්ඩුව, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රතුමඩ, වීරකඳවල අවට වගා භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණේ හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සමගිනි. මොණරාගල දිස්ත්‍රික්කය තුළ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය හා කෘෂිකර්මාන්තයට අදාළව පවතින වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡාවකට එක්වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ, වොෂින්ටන් නුවරට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ නියෝජිත පිරිස ද ඊයේ ප්‍රථම වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මෙරටට ණය ලබාදී ඇති ප්‍රධාන රටවල් 3 වන චීනය, ඉන්දියාව සහ ජපානය සමඟ මූලික සාකච්ඡා කළ බවය.
2022-10-16T16:42:27.000Z
නාවලපිටියේදී අත්අඩංගුවට ගත් 15 දෙනාට ඇප..
නාවලපිටියේදී අත්අඩංගුවට ගත් 15 දෙනාට ඇප..
COLOMBO (News 1st) – නාවලපිටියේ පැවති විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් උද්ඝෝෂකයින් 15 දෙනා ශරීර ඇපමත මුදා හැර තිබේ. අද (16) පෙරවරුවේ එම විරෝධය පැවැත්වූයේ නාවලපිටිය නගරයේදීය. විරෝධතාව අතරතුර ඊට සහභාගි වූ පුද්ගලයින් 15 දෙනෙක් පොලිස් භාරයට ගත්තේය. මේ පිළිබදව අප කළ විමසීමකදී නාවලපිටිය පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් පුද්ගලයින් පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය. පොලිස් භාරයට ගත් පිරිස අතර, නාවලපිටිය සමගි ජනබලවේග ආසන සංවිධායකවරයා ද සිටියේය.
2022-10-16T12:51:23.000Z
ඊළඟ තරග දෙක ජය අරන් රට ජයග්‍රහණය කරවීමට අපේක්ෂා කරනවා - දසුන් ශානක
රට ජයග්‍රහණය කරවීමට අපේක්ෂා කරනවා - දසුන්
COLOMBO (News 1st) – තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ඉදිරි තරග දෙක ජයගෙන රට ජයග්‍රහණය කරවීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි. දසුන් එම අදහස් පළ කළේ, අද පැවති තරගය අවසානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ''චරිත් අසංලක ඉන්නවා. ඔහු ගියපාර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගත්ත ක්‍රීඩකයා. ඔහුට හොඳ අවස්ථාවක් තියෙනවා ඊළග අවස්ථාවලදී ඉදිරියට ඇවිල්ලා ක්‍රීඩා කරලා හොඳින් කරන්න. ලෝක කුසලානයක් කියන්නේ අනිවාර්යෙන්ම චැලෙන්ජ් එක වැඩියි. කන්ඩිෂන්ස් වෙනස්. ඉතිං මං හිතනවා අපිට කන්ඩිෂන්ස්වලට හරියන ක්‍රීඩකයෝ ඉන්නවා. එකම දේ අපි ඒ දවසේ හරියට පර්ෆෝම් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඒ තරග දෙක ජයග්‍රහණය කරලා ඉස්සරහට ගිහිල්ලා හොඳට තරගාවලිය ක්‍රීඩා කරලා රට ජයග්‍රහණය කරන්න තමා අපි බලාපොරොත්තු වෙන්නේ. මෙවර පන්දුවාර 20 යි 20 යි ක්‍රිකට් තරගාවලිය අරඹමින් පැවති පළමු තරගය ශ්‍රී ලංකාව පරදා ලකුණු 55කින් ජය ගැනීමට ගැනීමට නැමීබියාව සමත් විය. ⁣පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV තුළින් ඔබට සජීව ලෙස නැරඹිය හැකිය.
2022-10-16T12:40:32.000Z
එක්සත් අරාබී එමීර් රාජ්‍යයට එරෙහිව නෙදර්ලන්තයට කඩුලු 3ක තියුණු ජයක්
නෙදර්ලන්තයට කඩුලු 3ක තියුණු ජයක්
⁣COLOMBO (News 1st) – 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එක්සත් අරාබී එමිර් කණ්ඩායමට එරෙහි සුදුසුකම් ලැබීමේ තරගය නෙදර්ලන්තය කඩුලු 3 කින් ජය ගත්තේ ය. ඔස්ට්‍රේලියාවේ ජීලොන්ග්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් එක්සත් අරාබී එමිර් ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. නියමිත පන්දුවාර 20 අවසානයේ එක්සත් අරාබී එමිර් රාජ්‍ය ක්‍රීඩකයන්ට කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 111ක් පමණි. මුහම්මද් වසීම් රැස් කළ ලකුණු සංඛ්‍යාව 41 කි. බස්ඩ ලීඩ කඩුලු 3 කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3 ලකුණු 59 කදී බිද වැටුණි. මැක්ස් ඔ'ඩවුඩ් ලකුණු 23 කි. නෙදර්ලන්ත ක්‍රීඩකයින් නියමිත ඉලක්කය පසු කළේ, තරගය අවසන් වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී ය. ඒ වනවිට ඔවුන්ගේ කඩුලු 7ක්දැවී තිබුණි. ජුනයිඩ් සිද්ධික් කඩුලු 3කි. පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV තුළින් ඔබට සජීව ලෙස නැරඹිය හැකිය
2022-10-16T08:00:16.000Z
ආසියානු ශූරයින්ට නැමීබියාව ඉදිරියේ අමිහිරි පරාජයක්
ආසියානු ශූරයින්ට නැමීබියාව ඉදිරියේ අමිහිරි පරාජයක
COLOMBO (News 1st) - 2022 ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි සුදුසුකම් ලැබීමේ තරගය නැමීබියාව අද ලකුණු 55 කින් ජය ගත්තේය. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි නැමීබියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 163කි. නායක ගෙර්හාඩ් ඉරැස්මස් සහ ස්ටීවන් බරාඩ් අතර සිව්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 41යි. ජෑන් ෆ්‍රීලින්ක් පන්දු 28 කදී ලකුණු 44 ක් රැස් කළේය. ප්‍රමෝද් මධුෂාන් කඩුලු 2ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙල කඩුලු 4 ලකුණු 40කදී බිඳ වැටුණි. කුසල් මෙන්ඩිස් ලකුණු 6කට පිටියෙන් ඉවත් වූ අතර ධනුෂ්ක ගුණතිලකට ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැහැ. නායක දසුන් ශානක ලකුණු 29 ක් රැස් කළ අතර භානුක රාජපක්ෂ ලකුණු 20 යි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සියලුදෙනා පන්දුවාර 19 ක් අවසානයේ ලකුණු 108කට දැවී ගියේය. ශ්‍රී ලංකාව සහභාගීවන මීළඟ තරගය ලබන 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග පැවැත්වීමට නියමිතය. ⁣පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV තුළින් ඔබට සජීව ලෙස නැරඹිය හැකිය
2022-10-16T07:51:49.000Z
නාවලපිටියේ විරෝධතාවක් අතරතුර 15 දෙනෙකු පොලිස් අත්අඩංගුවට
නාවලපිටියේ විරෝධතාවක් අතරතුර 15ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - නාවලපිටියේ පැවති විරෝධයක් අතරතුර පුද්ගලයින් 15 දෙනෙක් පොලිස් භාරයට ගෙන ඇතැයි අප වාර්තාකරු පවසයි. අද (16) පෙරවරුවේ මේ විරෝධය පැවැත්වූයේ නාවලපිටිය නගරයේදීය. අප වාර්තාකරු සඳහන් කළේ, විරෝධතාව අතරතුර ඊට සහභාගි වූ පුද්ගලයින් 15 දෙනෙක් පොලිස් භාරයට ගත් බවය. මේ පිළිබදව අප කළ විමසීමකදී නාවලපිටිය පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් පුද්ගලයින් පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය. පොලිස් භාරයට ගත් පිරිස අතර, නාවලපිටිය සමගි ජනබලවේග ආසන සංවිධායකවරයා ද වන බව අප වාර්තාකරු පැවසුවේ ය.
2022-10-16T05:38:53.000Z
චීන ජනපතිගෙන් උතුරු කොරියානු නායකයාට ලිපියක්
චීන ජනපතිගෙන් උ.කොරියා නායකයාට ලිපියක්
COLOMBO (News 1st) - චීන ජනපති ෂී ජින්පිංග් , උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වෙත ලිපියක් යවා තිබේ. එම ලිපිය යොමු කර ඇත්තේ , පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ ‌‌ඓතිහාසික සම්මේලනය ආරම්භ වීමට පෙරයි. දෙරට අතර සන්නිවේදන සබඳතා සහ සහයෝගීතාවය පුළුල් කර ගැනීමට කටයුතු කරන්නැයි චීන ජනාධිපතිවරයා උතුරු කොරියානු නායකයාගෙන් ඉල්ලා තිබේ. ඔහු සිය ලිපියෙන් අවධාරණය කර ඇත්තේ, දෙරට අතර සබඳතා පුළුල් කර ගැනීම අන් කවරදාටත් වඩා වැදගත් වන බවයි.
2022-10-16T05:34:36.000Z
කොත්තුවක මිල රුපියල් 50 අඩු කෙරේ..
කොත්තුවක මිල රුපියල් 50 අඩු කෙරේ..
COLOMBO (News 1st) - අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි කොත්තුවක මිල රුපියල් 50 කින් අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කරයි. එහි සභාපති අසේල සම්පත් මහතා පැවසුවේ, වෙළෙඳපොළේ ආනයනික තිරිඟු පිටි මිල අඩු වීමත් සමග මෙම තීරණය ගත් බවයි. මේ අතර ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 290 දක්වා අඩු වූවත්, පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ නොහැකි බව, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන් .කේ .ජයවර්ධන මහතා සඳහන් කළේ, බේකරි නිෂ්පාදන සඳහා තිරිඟු පිටි සපයන ප්‍රධාන සමාගම් ‍දෙක මෙතෙක් සිය මිල ගණන් අඩු කර නොමැති බවයි. ඒ හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අඩු කළ නොහැකි බව ඔහු පැවසුවේ ය.
2022-10-16T05:31:24.000Z
ලෝක ආහාර දිනය අදයි
ලෝක ආහාර දිනය අදයි
COLOMBO (News 1st) - සෑම වසරකම ඔක්තෝබර් 16 වැනිදා ලෝක ආහාර දිනය සමරනු ලබයි. ඒ, 1945 වසරේදී එක්සත් ජාතීන් විසින් ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හඳුන්වාදීම සිහිපත් කරමින් 1979 වසරේ සිටයි. ලොව පුරා මිලියන 828ක ජනතාවක් සෑම රාත්‍රියකම කුසගින්නේ නින්දට යන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවල සඳහන් වේ. ලොව පුරා උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයකට මුහුණපා ඇති සංඛ්‍යාව මිලියන 345 කි. කොරෝනා වසංගතය, යුධ ගැටුම් , යුක්රේන රුසියා අර්බුදය සමඟ ආහාර මිල ඉහළ යාම ඇතුළු ගෝලීය අභියෝග රැසක් මධ්‍යයේ මෙවර ලෝක ආහාර දිනය සමරනු ලබයි. ශ්‍රී ලංකාවේ ළමා මන්ද පෝෂණය මෙන්ම දිලිඳුබව සියයට 15 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2022-10-16T04:27:14.000Z
කැලණි, කළු ගංඟා සහ අත්තනගලු ඔය තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයේ..
කැලණි, කළු තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයේ
COLOMBO (News 1st) - කැලණි, කළු ගංඟා සහ අත්තනගලු ඔය තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු , එස්. පී. සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ, ඒ දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කළයුතු බවය. කොළඹ , ගාල්ල , කළුතර , කෑගල්ල , නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මක වේ. දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණත් සමග පවුල් 13,902 කට අයත් පුද්ගලයින් 55,435 දෙනෙකු පීඩාවට පත්ව ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ,මේ වනවිට පුද්ගල මරණ 03ක් වාර්තා වී ඇති බවයි. ආපදා තත්ත්වය හේතුවෙන්, නිවාස පහකට පූර්ණ හානි සිදුව ඇත. අර්ධ හානිවූ නිවාස සංඛ්‍යාව 178කි. මේ අතර වායුගෝලයේ කැලඹිලි සහිත ස්වභාවය තවදුරටත් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකියි.
2022-10-16T04:14:53.000Z
ඩිල්ෂාන් මධුශංකට 20යි 20 ලෝක කුසලානය අහිමි වෙයි..
මධුශංකට 20යි 20 ලෝක කුසලානය අහිමි වෙයි..
COLOMBO (News 1st) - ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකට 20යි 20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබේ. මෙම ආබාධය සිදුව තිබෙන්නේ ඊයේ(15) පැවති පුහුණුවීම් අතරතුරදීය. ඒ අනුව, 22 හැවිරිදි වියේ පසුවන මධුශංකට සිය කුළුදුල් ලෝක කුසලාන තරගාවලිය අහිමි විය. මේ අතර ලෝක කුසලානය ආරම්භ කරමින් දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා නැමීබියා තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් විය. ඒ අනුව, ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළේ ය. ⁣පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV තුළින් ඔබට සජීව ලෙස නැරඹිය හැකිය.
2022-10-16T01:35:47.000Z
20යි 20 ලෝක කුසලානය අරඹමින් ශ්‍රී ලංකාව සහ නැමීබියාව අද තරග බිමට
ශ්‍රී ලංකාව සහ නැමීබියාව අද තරග බිමට..
COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20යි 20 ලෝක ක්‍රිකට් ශූරයින් සොයා යන අසිරිමත් චාරිකාව ඔස්ට්‍රේලියාවේ ජීලොන්ග්හිදී ආරම්භ වීමට ඉතිරිව ඇත්තේ තවත් පැය කිහිපයක් පමණි. මෙවර තරගාවලිය ආරම්භ වන්නේ ආසියානු කලාපයේ අණසක පැතිරවූ වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතරයි. කණ්ඩායම් 16ක් එක් කුසලානයක් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ 7කදී තරග 45කට සහභාගී නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ වටයේ A කාණ්ඩයෙන් තරග කරන අතර නැමීබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ නෙදර්ලන්තයට එරෙහිව ඔවුන් තරග කිරීමට නියමිතය. නැමීබියාවට එරෙහිව මේ දක්වා සහභාගී වූ එකම තරගය ශ්‍රී ලංකාව කඩුලු 7කින් ජය ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී සහභාගී වූ පුහුණු තරගයේදී ද විශිෂ්ට දක්ෂතා දැක්විය. අද (16) තරගය මෙරට වේලාවෙන් උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ දේශීය තරග විකාශන අයිතිය හිමි සිරස ටී.වී ඔස්සේ සජීවීව තරගාවලියේ සියලු තරග තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ස්පෝර්ට්ස් ෆස්ට් කණ්ඩායම සූදානමින් ඇත. ඒ අනුව තරගයට පෙර විශ්ලේෂණාත්මක තොරතුරු ඇතුළත් සජීව විකාශය අද(16) උදෑසන 8.00 සිට සිරස TV ඔස්සේ ඔබට නැරඹිය හැකිය. මේ අතර පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ තවත් තරගයක් අද සවස පැවැත්වේ. ඒ, නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතරයි. එම තරගයත් සවස 1.30සිට සිරස TV තුළින් ඔබට නැරඹීය හැකියි.
2022-10-15T16:39:52.000Z
T20 ලෝක කුසලානය අරඹමින් නැමීබියාව සමග ශ්‍රී ලංකාව හෙට තරග බිමට..
තවත් හෝරා කිහිපයකින් ඇරඹෙන T20 ලෝක කුසලානය
COLOMBO (News 1st) - පන්දුවාර 20යි 20 ක්‍රිකට් පිටියේ ලෝක ශූරයින් තීරණය කරන 2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී හෙට (16) ආරම්භ නියමිතය. තරගාවලියේ පළමු තරගයට එක් වන්නේ වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකාව සහ නැමීබියා කණ්ඩායමයි. ප්‍රවේගකාරී තරඟ විලාසයත් ,පන්දුවෙන් පන්දුව ගැටෙන උද්වේගයත් , වැඩි ප්‍රේක්ෂක ආරක්ෂණයත් මුල් කරගමින් පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය 2007 වසරේ ආරම්භ වන්නේ එතෙක් පැවති එක්දික තරඟ රටාව මුළුමනින්ම වෙනස් කරමිනි. 2007 වසරේ සිට මේ දක්වා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන 07 ක් පවත්වා ඇති අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 20යි 20 ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම බවට පත් වන්නේ 2012 සහ 2016 ලෝක ශුරයින් බවට පත් වෙමිනි. ශ්‍රී ලංකාව 2009 සහ 2012 වසරේදී තරගාවලියේ අනුශූරයින් බවට පත් වන්නේ, මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ ලෝක කුසලාන තරඟ ජයග්‍රහණ පිපාසය තව තවත් තීව්‍රකර දෙමිනි. කෙසේ වෙතත් බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් 2014 වසරේදී පැවැති පන්දුවාර 20යි20 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනාගන්නේ ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයින්ට එහි අනුශූරතාවය වෙන් කර දෙමින්. 1996 වසරේදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් අනතුරුව පළමුවරට ක්‍රිකට් ලෝක කිරුළක් මෙරටට දිනා දුන් කණ්ඩායම ලෙස, ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වාර්තා අතරට එක් වූයේ එතෙක් පැවති ලෝක කුසලාන සිහින නියඟය නිම කරමිනි. 2016 සහ 2021 වසරවලදී බටහිර ඉන්දීය කොදෙව් සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් 20යි 20 ලෝක කුසලානය ශූරයින් බවට පත් විය. පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය හෙට (16) ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වන්නේ එහි 08 වන ශූරයින් කවුරුන් ද? යන්න පිළිබඳව ලෝක ක්‍රීකට් ලෝලීන් තුළ උන්මාදයක් ඇති කරමින් ය. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, එංගලන්තය, සහ ඔස්ට්‍රේලියාව එක් අවස්ථාවක දී ශූරතාවය ජයග්‍රහණය කර තිබේ. මෙවර තරගාවලිය සඳහා රටවල් 16 ක් තරග වදින අතර ජාත්‍යන්තර 20යි 20 තරග ආකෘතියේ වැඩිම ප්‍රසාද ලකුණු ලබා සිටින කණ්ඩායම් 12 නිතරගයෙන් තරගාවලියට එක් වේ. අනෙක් කණ්ඩායම් 2 තෝරා ගනු ලබන්නේ සුදුසුකම් ලබා ගැනීමේ තරගවලදී ප්‍රදර්ශනය කරන දක්ෂතා අනුවයි. ඔස්ට්‍රේලියාවේ වේගවත් තණතීරුවලදී 2022 20 යි 20 ලෝක ශූරයින් තීරණය වනු ඇත. හෙට ආරම්භ වන සුදුසුකම් ලැබීමේ වටයට එක් වන්නේ, ශ්‍රී ලංකාව, නැමීබියාව, නෙදර්ලන්තය, එක්සත් අරාබි එමීර්, ස්කොට්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ කණ්ඩායම් ය. තරඟාවලිය ආරම්භ කරමින් ආසියානු ශූරයින් ලෙස ශ්‍රී ලංකාව සහ නැමීබියාව හෙට තරග බිමට පිවිසෙන්නේ කාර්ඩිනියා පාර්ක් හී ජිලෝන්ග් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි. එම ක්‍රීඩාංගණයේ පවත්වා ඇත්තේ එක් පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරඟයක් පමණක් වන අතර එම තරගයෙන් ශ්‍රී ලංකාව හමුවේ ඔස්ට්‍රේලියාව පරාජය විය. මැද පෙරදිග සත්කාරකත්වයෙන් පැවැති 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේදී නැමීබියාව සමග පැවැති තරගය ශ්‍රී ලංකාව කඩුලු 7කින් ජය ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ තරඟවටයේදී එක්සත් අරාබි එමීර් සහ නෙදර්ලන්ත කණ්ඩායම්වලට එරෙහිව ද තරඟ කිරීමට නියමිත වේ. ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්, ගැබා, ජීලොන්ග්, හෝබාට්, මෙල්බන් , පර්ත් සහ සිඩ්නි යන ක්‍රීඩාංගණ හෙට සිට 2022 පන්දුවාර 20යි 20 ක්‍රිකට් උන්මාදයෙන් සහ උණුසුමෙන් වැසි යනු ඇති. තරගාවලියේ දේශිය තරග විකාශන අයිතිය හිමි සිරස ටී.වී ඔස්සේ සජීවීව තරගාවලියේ සියලු තරග තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ස්පෝර්ට්ස් ෆස්ට් සූදානම්.
2022-10-15T13:17:29.000Z
කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක 6කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්
COLOMBO (News 1st) - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක් සඳහා නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු අඟවීම් නිකුත් කර තිබේ. ඒ, ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධාන විසිනි. ඒ අනුව එම දිස්ත්‍රික්ක මෙසේය. කොළඹ, ගාල්ල, කළුතර, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල
2022-10-15T13:04:23.000Z
වැසිබර කාලගුණය තවදුරටත්: ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
වැසිබර කාලගුණය තවදුරටත්
COLOMBO (News 1st) - දිවයිනට බලපා ඇති කාලගුණික තත්ත්වය, තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර, සබරගමු සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි. එසේම දිවයිනේ සෙසු ප්‍රදේශ සඳහා රාත්‍රී කාලයේ හෝ සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, තාවකාලිකව ඇතිවිය හැකි තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා අවශය පියවර ගන්නා ලෙසය.
2022-10-15T11:37:03.000Z
ශ්‍රී ලංකාව පැරද වූ ඉන්දියාව ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනා ගනී..
ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාව ඉන්දියාවට..
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වසර 14කට පසුව අද (15) ආසියානු ක්‍රිකට් අනු ශූරයින් බවට පත් විය. තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ ඉන්දීය කාන්තා කණ්ඩායමයි. සිලෙට්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි, ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 65ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ මුල්පෙළ කඩුලු 8, ලකුණු 32කදී බිඳ වැටුණි. ඉන්දියාව වෙනුවෙන් රේනුකා සිං කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි, ඉන්දීය ක්‍රීඩිකාවන් පන්දුවාර 8යි පන්දු 3ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී පහසුවෙන් නියමිත ඉලක්කය පසු කිරීමට සමත් විය. ඉන්දියාව ජයග්‍රහනය කරා රැගෙන ගිය ස්ම්‍රිති මන්දනා අර්ධ ශතයක් රැස්කීරීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඇය වැය කළේ පන්දු 25ක් පමණි. හර්මන් ප්‍රීට් කෞර් නොදැවී ලකුණු 11 ක් රැස් කරගෙන සිටියේය. ඉන්දීය කණ්ඩායම ආසියානු කුසලානය දිනූ 7 වැනි අවස්ථාව මෙය වේ. ශ්‍රී ලංකාව ආසියානු ක්‍රිකට් අනුශූරතාව දිනූ සිව්වැනි අවස්ථාව මෙය වන අතර ඔවුන් පන්දුවාර 20යි 20 ආකෘතියේ අනු ශූරතාවට හිමිකම් කී පළමු අවස්ථාව මෙයයි.
2022-10-15T10:08:16.000Z
A9 මාර්ගයේ බස් රථයක් සහ ටිපර් රථයක ගැටෙයි: 42ක් රෝහලට
බස්-ටිපර් අනතුරකින් 42ක් රෝහලේ
COLOMBO (News 1st) - පලෙයි, මුහමාලෙයි ප්‍රදේශයේ A9 මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 42ක් තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, කිලිනොච්චි සිට යාපනය දක්වා ධාවනය වූ බස් රථයක් ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. තුවාලකරුවන් කිලිනොච්චි, යාපනය හා පාලෙයි යන රෝහල්වල ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසීය.
2022-10-15T06:57:03.000Z
රාජ්‍ය අමාත්‍යාංශ 4ක විෂයන් ගැසට් කෙරේ..
රාජ්‍ය අමාත්‍යාංශ 4ක විෂයන් ගැසට් කෙරේ..
COLOMBO (News 1st) - එලෙස ගැසට් කර ඇත්තේ, විදුලිබල හා බලශක්ති, ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග සහ සෞඛ්‍ය යන රාජ්‍ය අමාත්‍යාංශවලට අදාළ විෂය පථයන් ය. විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය යටතට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම, ත්‍රීකුණාමලය ඛනිජ තෙල් පර්යන්ත සමාගම, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන කිහිපයකට අදාළ විෂය පථයන් ඇතුළත් ය. තැපැල් දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ඇත. සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට පෞද්ගලික වෛද්‍ය නියාමන සභාව, 1990 සුවසැරිය පදනම, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය යන ආයතන අයත් වේ. මීට අමතරව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය යටතට ආයුර්වේද දෙපාර්තමේන්තුව, ආයුර්වේද වෛද්‍ය සභාව, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව යන ආයතනවලට අයත් විෂයන් නව ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර තිබේ. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය යටතට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව හා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඇතුළු ආයතන 4 ක් පවරා ඇත. මහාමාර්ග රාජ්‍ය අමාත්‍යාංශයට පවරා ඇත්තේ, මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති පාලිත සමාගම් හා සහස්යා ඉන්වෙස්ට්මනට් ලිමිටඩ් ආයතනයයි. ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතට මග නැගුම අංශය හා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව පවරා ඇත. මීට අදාළ ගැසට් නිවේදන නිකුත් කර ඇත්තේ, එක් එක් විෂයට අදාළ කැබිනට් අමාත්‍යවරුන් විසිනි.
2022-10-15T06:37:56.000Z
මාපාකඩ වැවේ ගිලී වෛද්‍යවරයෙක් මරුට
මාපාකඩ වැවේ ගිලී වෛද්‍යවරයෙක් මරුට
COLOMBO (News 1st) - මහියංගනය, මාපාකඩ වැවේ ගිලීමෙන් වෛද්‍යවරයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, මහියංගනය හා කරවනැල්ල රෝහල්වල වෛද්‍යවරුන් දෙදෙනෙකු ඊයේ (14) සවස් කාලයේදී මාපාකඩ වැවේ දිය නාමින් සිටියදී එක් අයෙකු දියේ ගිලී ඇති බවයි. ප්‍රදේශවාසීන් විසින් ඔහු මුදාගෙන මහියංගනය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිදී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ, දිවුලපිටිය, වෙලගාන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මහියංගනය රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකි.
2022-10-15T06:28:48.000Z
කිඹුලාඇලේ ගුණාගේ මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන සාමාජිකයෙක් අත්අඩංගුවට
කිඹුලාඇලේ ගුණාගේ ප්‍රධාන සාමාජිකයෙක් කොටු
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලාඇලේ ගුණාගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ග්‍රැන්ඩ්පාස්හි පින්තු නිවස, සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. ඒ අතර සිටි මෝදර පදිංචි 40 හැවිරිදි පුද්ගලයා කිඹුලාඇලේ ගුණා නැමැත්තාගේ ගෝලයෙකු බවට හඳුනාගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 26 මිලිග්‍රෑම් 100 ක් සොයා ගැනිණි. මේ අතර ඔහු සමග අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සැකකරු සන්තකයේ ද තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26 මිලිග්‍රෑම් 150 සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ අටකට ආසන්නයි.
2022-10-15T05:02:40.000Z
වරකාපොළ පස් කන්දට යට වූ 24 හැවිරිදි පුත්‍රයාගේ සිරුරත් හමුවෙයි
පස් කන්දට යට වූ පුත්‍රයාගේ සිරුරත් හමුවෙයි
COLOMBO (News 1st) - වරකාපොළ, තුඹලියද්ද ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිරවී සිටි පුත්‍රයාගේ සිරුර සොයාගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුධ හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ක කළ මෙහෙයුමේදී පස් කන්දට සිරවී සිටි 24 හැවිරිදි පුත්‍රයාගේ සිරුර සොයාගත් බවයි. පස් කන්දට සිරවී සිටි 48 හැවිරිදි මවගේ සිරුර අද අලුයම සොයා ගැනිණි. නිවසේ සුන්බුන්වලට සිරවී සිටි පියා සොයාගෙන රෝහල්ගත කිරීමට ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන් ඊයේ(14) සමත් විය.
2022-10-15T04:57:23.000Z
වර්ෂාවත් සමග මාර්ග කිහිපයක රථ වාහන ධාවනයට බාධා
වර්ෂාවත් සමග මාර්ග රැසක් අවහිර වෙයි
COLOMBO (News 1st) - අධික වර්ෂාවත් සමග ඇති වූ ජල ගැලීම් හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක කිහිපයක මාර්ග රැසක් අවහිර වී තිබේ. කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් අරවින්ද අමරසේකර මහතා සඳහන් කළේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළ අලුත්ගම - මතුගම මාර්ගය අඩි එකහාමාරක් පමණ ජලයෙන් යටවී ඇති බවය. මේ හේතුවෙන් සැහැල්ලු වාහන ධාවනයට බාධා මතුව ඇත. කුකුළේ ගඟ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මෝල්කාව - බුලත්සිංහල මාර්ගය පරගොඩ ප්‍රදේශයෙන් අඩි 10 ක් පමණ ජලයෙන් යට වී තිබේ. මීට අමතරව වලල්ලාවිට - අවිත්තාව මාර්ගය, වලල්ලාවිට - පැලවත්ත මාර්ගය ඇතුළු මාර්ග ගණනාවක් ද ජලයෙන් යටවී ඇති බව ලුතිනන් කර්නල් අරවින්ද අමරසේකර මහතා පැවසුවේ ය. ගම්පහ දිස්ත්‍රික් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, කොළඹ - බියගම පාර පටිට්විල ජල පවිත්‍රාගාරය අසළින් ජලයෙන් යටවී ඇති බවයි. බියගම - මල්වාන පාර ද මේ වනවිට ජලයෙන් යටවී ඇති බව එම මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය. මේ අතර කොළඹ දිස්ත්‍රික් ඔරුගොඩවත්ත, කොටුවිල ප්‍රදේශයේ අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බව කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.
2022-10-15T03:38:58.000Z
ආසියානු ක්‍රිකට් ශූරියන් ශ්‍රී ලංකාව ද? ඉන්දියාව ද? තීරණය අද..
ආසියානු ක්‍රිකට් ශූරියන් කවුද?
COLOMBO (News 1st) - ආසියානු කුසලාන පන්දුවාර 20/20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (15) පැවැත්වේ. ඒ, බංගලාදේශයේ සිලෙට්හීදීයි. තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.00 ට ආරම්භ වීමට නියමිතය. අද පැවැත්වෙන අවසන් මහා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගතහොත් ආසියානු කුසලාන කාන්තා ශූරතාවලියක් ජය ගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.
2022-10-15T03:12:58.000Z
ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ලට
වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ලට
COLOMBO (News 1st) - අද (15) පෙරවරු 6.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා විය. එම අගය මිලිමීටර් 174 කි. කිරිඳිවැල ප්‍රදේශයෙන් මිලිමීටර් 153 ක් හා වරකාපොළ ප්‍රදේශයෙන් මිලිමීටර් 147 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ප්‍රීතිකා ජයකොඩි මහත්මිය සඳහන් කළා ය.
2022-10-15T03:03:56.000Z
පිටිගලදී ජල පහරකට හසුවී පුද්ගලයෙක් මරුට
පිටිගලදී ජල පහරකට හසුවී පුද්ගලයෙක් මරුට
COLOMBO (News 1st) - පිටිගල, බංගමුකන්ද ප්‍රදේශයේදී ජල පහරකට හසුවීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, කලුදොල පිටාර ගලා තිබියදී යතුරුපැදියකින් ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු එලෙස ජල පහරට හසුවී මියගොස් ඇති බවය. එලෙස මියගොස් ඇත්තේ, බංගමුකන්ද, ගොඩාමුන පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර පවතින වර්ෂාවත් සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ. පොලීසිය පැවසුවේ, වෙන්නවත්ත ඇතුළු ප්‍රදේශවල අතුරු මාර්ග එලෙස ජලයෙන් යටවී ඇති බවයි. ඇළ මාර්ග පිටාර ගැලීම අනවසර ඉදිකිරීම් ජල ගැලීම් තත්ත්වය හටගෙන ඇත.
2022-10-15T02:59:12.000Z
මාරවිලදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි
අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි
COLOMBO (News 1st) - මාරවිල ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය වෙඩි තබා තිබේ. පොලීසිය පැවසුවේ, නීති විරෝධී මත්පැන් රැගෙන ධාවනය කරමින් සිටි මෝටර් රථයකට එලෙස වෙඩි තබා ඇති බවයි. මෝටර් රථය, නීති විරෝධි මත්පැන් තොගය හා සැකකරු පොලීසිය භාරයට ගෙන තිබේ.
2022-10-15T02:49:22.000Z
සමෘද්ධි ඇතුළු රජයේ ආධාර අපේක්ෂකයින්ගෙන් අයැදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ
රජයේ ආධාර: අයැදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ
COLOMBO (News 1st) - සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ වැඩසටහනේ අයැදුම් භාරගැනීම ලබන 28 දක්වා දීර්ඝ කර තිබේ. සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ, ඒ සඳහා අයැදුම්පත් භාරගැනීම අද (15) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ බවය. එබැවින් සහනාධාර අපේක්ෂාවෙන් සිටින සහ තවමත් අයැදුම්පත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූවන් සඳහා අවස්ථාව තවමත් විවෘතව පවතින බව ද ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි. මේ අතර සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ, සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත පුද්ගලයින් සහ වකුගඩු රෝග සහනාධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබන සියලුම පවුල් හෝ පුද්ගලයින් සහ සහනාධාර අපේක්ෂාවෙන් සිටින පොරොත්තු ලේඛනයේ සිටින පුද්ගලයින් නව ව්‍යාපෘතිය යටතේ අයැදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය බවය. අදාළ අයැදුම්පත්‍රය සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙබ් අඩවියෙන් (www.wbb.gov.lk) බාගත කළ හැකිය. නියමිත පරිදි පුරවන ලද අයැදුම්පත, අයැදුම්පතෙහි සඳහන් අදාළ නිලධාරීන්ගේ අවසරය ඇතිව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතු වේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0112151481 හෝ 1919 දුරකතන අංක අමතා ලබාගත හැකියි. මේ අතර දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමාජ සේවා අංශ වෙත මෙතෙක් ඒ සම්බන්ධයෙන් අයැදුම්පත් මිලියන 2.4 ක් ලැබී ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ ය. එම මණ්ඩලය පැවසුවේ, ඉන් අයැදුම්පත් 1,083,724 ක් දැනටමත් පද්ධතියට ඇතුළත් කර ඇති බවයි. මෙම සමාජ සුබසාධන වැඩසටහන සඳහා පවුල් මිලියන 3.9 ක් අයැදුම් කරනු ඇතැයි අපේක්ෂිතය.
2022-10-15T02:39:50.000Z
කොළඹ ප්‍රදේශ රැසකට පැය 12 ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ රැසකට පැය 12 ක ජල කප්පාදුවක්
COLOMBO (News 1st) - අද (15) රාත්‍රී 10.00 සිට කොළඹ ප්‍රදේශ රැසකට පැය 12 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එලෙස ජල සැපයුම අත්හිටුවන්නේ, කොළඹ 2 සිට කොළඹ 10 දක්වා ප්‍රදේශවලටයි. මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ පද්ධතියේ අලුත්වැඩියාවක් ඊට හේතු වී තිබේ. ඒ හේතුවෙන් ජලය රැස්කර තබා ගන්නා ලෙස ජාතික ජල සම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.
2022-10-15T02:35:46.000Z
අද සහ හෙට විදුලි කප්පාදුව පැය 1 යි විනාඩි 20 යි
අද සහ හෙට විදුලි කප්පාදුව පැය 1 යි විනාඩි 20 යි
COLOMBO (News 1st) - අද (15) සහ හෙට (16) විදුලි කප්පාදුව පැයයි විනාඩි 20 කට සීමා කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර දී තිබේ. ඒ අනුව A සිට L දක්වා කලාපවලට සහ P සිට W දක්වා කලාපවලට සති අන්තයේ රාත්‍රී කාලයේදී පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති. මේ අතර අනිද්දා පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් කිරීමට ද මහජන උපයෝගීතා කොමිසම අවසර දී ඇත. ඒ යටතේ දහවල් කාලයේ පැයක් සහ රාත්‍රීයේ පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.
2022-10-15T02:30:56.000Z
කළු, කැලණි සහ අත්තනගලු ඔය ආශ්‍රිත සුළු ගංවතුර තත්ත්වයක්
කළු, කැලණි සහ අත්තනගලු ඔය සුළු ගංවතුර මට්ටමකට
COLOMBO (News 1st) - කළු, කැලණි ගංඟා සහ අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක මේ වනවිට සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා සඳහන් කළේ, අද දිනයේ ලැබෙන වැසි අනුව මෙම ගංවතුර මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බවය. මේ අතර කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
2022-10-15T02:14:11.000Z
පස් කන්දක් කඩා වැටී වරකාපොළ නිවසක සිරවී සිටි මවගේ සිරුර සොයා ගනී.. පුත්‍රයා සොයා තවදුරටත් මෙහෙයුම්..
පස් කන්දට යට වූ මවගේ සිරුර සොයා ගනී
COLOMBO (News 1st) - වරකාපොළ, තුඹලියද්ද ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිරවී සිටි 48 හැවිරිදි මවගේ සිරුර සොයා ගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුධ හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ක පස්කන්දට සිරවී සිටින 24 හැවිරිදි පුත්‍රයා සෙවීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. නිවසේ සුන්බුන්වලට යටව සිටි පියා සොයාගෙන රෝහල්ගත කිරීමට ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන් සමත් විය. ඊයේ (14) පස්වරුවේ පැවති අධික වර්ෂාවත් සමග නිවස මතට පස් කන්ද කඩා වැටී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ය. අනතුරට ලක්ව ඇත්තේ, එකම පවුලේ පියා, මව සහ පිරිමි දරුවෙකි. අනතුරකට ලක්ව සිටි ‍එම පිරිමි දරුවා බැලීමට පැමිණි ඔහුගේ මිත්‍රයෙකු ද සුන්බුන් අතර සිරව ඇතැයි සැකකරන බව කෑගල්ල ප්‍රාදේශිය ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
2022-10-14T16:29:34.000Z
ඉදිරි පැය 48 තුළ පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් - වාරිමාර්ග දෙපාර්තමේන්තුව
ඉදිරි පැය 48 තුළ පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක්
COLOMBO (News 1st) - ඉදිරි පැය 48 තුළ කළු, කැලණි ගංඟා සහ අත්තනගලු ඔය ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගඟ දෙපස පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකියි. ඊට අමතරව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇළ, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්න දෙපස පහත්බිම්වල ජනතාවට සුළු ගංවතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට අධික වැසි ලැබෙමින් පවතින බැවින් ජල බස්නා මාර්ග අවහිර වීමෙන් ඇතැම් ස්ථානවල ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. පාලින්දනුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟ දෙපස පහත්බිම්වල ද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ පිළිබඳ විමසිලිමත් වන්නැයි අදාළ ගංඟා නිම්න ආශ්‍රිත ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. කුකුලේ ගඟ සහ පොල්ගොල්ල ජලාශවල ද වාන් දොරටු විවෘත කෙරිණි.
2022-10-14T15:50:07.000Z
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්
COLOMBO (News 1st) - ඉදිරි පැය 24 තුළ කොළඹ, කළුතර, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, ගාල්ල හා දිස්ත්‍රික්වල ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව අවදානම් ප්‍රදේශවලින් ඉවත්වන ලෙස දන්වන රතු නිවේදන නිකුත් කර ඇත්තේ, 🔺 කළුතර දිස්ත්‍රික්කය ඉංගිරිය, වලල්ලාවිට, පාලින්දනුවර, බුලත්සිංහල වර්ෂාව පවතින්නේ නම් ඉවත් වීමට සූදානම් වන ලෙස දන්වන දෙවන මට්ටමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත්තේ, 🔺 කෑගල්ල දිස්ත්‍රික්කය රුවන්වැල්ල 🔺 කළුතර දිස්ත්‍රික්කය දොඩංගොඩ, හොරණ, බණ්ඩාරගම, මිල්ලනිය, මතුගම, අගලවත්ත 🔺 නුවරඑළිය දිස්ත්‍රික්කය අඹගමුව වර්ෂාව පවතින්නේ නම් අවදානම පිළිබඳව විමසිලිමත්වන පළමුවන මට්ටමේ අවදානම් නිවේදන නිකුත් කර ඇත්තේ, 🔺 කොළඹ දිස්ත්‍රික්කය සීතාවක, පාදුක්ක 🔺 ගාල්ල දිස්ත්‍රික්කය බද්දේගම 🔺 කළුතර දිස්ත්‍රික්කය කළුතර, බේරුවල, පානදුර, මදුරාවල 🔺 කෑගල්ල දිස්ත්‍රික්කය දෙහිඕවිට, දැරණියගල, යටියන්තොට 🔺 රත්නපුර දිස්ත්‍රික්කය ඇළපාත, පැල්මඩුල්ල, කුරුවිට, නිවිතිගල, ඇහැළියගොඩ, කලවාන, අයගම, කිරිඇල්ල, රත්නපුර
2022-10-14T15:22:56.000Z
ශ්‍රී ලංකාව ඇතුළු රටවලට ලබාදෙන ආධාර ප්‍රමාණය ඉහළට - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාව ඇතුළු රටවලට ලබාදෙන ආධාර ප්‍රමාණය ඉහළට
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව ඇතුළු රටවලට ලබාදෙන ආධාර හා පහසුකම් පුළුල් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි. එම අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා මහත්මිය මේ බව ප්‍රකාශ කළා ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ, ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා, ආහාර අර්බුදයෙන් පෙලෙන රටවල් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හදිසි මුල්‍යමය පහසුකම් ලබාදීමට කටයුතු කරලා තියෙනවා. ණය ගැන කතා කරන විට අපි G 20 සමුළුව හරහා විවිධ රටවල්වල ණය ප්‍රශ්නය විසඳීමට ක්‍රියාදාමයක් ස්ථාපිත කරමින් සිටිනවා. අපි සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන ණය හිමියන් සමග එකම ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි ශ්‍රී ලංකාව වැනි මැදි අදායම් ලබන රටවල්වලට ලබාදෙන ආධාර හා පහසුකම් පුළුල් කිරීමට බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුල හා ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීමට සමගාමීව පැවති මාධ්‍ය හමුවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා මහත්මිය මේ බව ප්‍රකාශ කළා ය. මේ අතර එම වාර්ෂික සමුළුවට එක්වීමට වොෂින්ටන් නුවරට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උපසභාපති මාර්ටින් රයිසර් මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් හමුවී තිබේ. ශ්‍රී ලංකාවට ණය පහසුකම් ලබා ගැනීමේ ඇති හැකියාව විමසා බැලීම පිළිබඳව මෙහිදී මුලික අවධානය යොමු වූ බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය. ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව මගින් ණය පහසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නොමැති බවත් ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ සහය ඒ සඳහා ලබාගත යුතු බවත් මෙහිදී අවධාරණය වූ බව සඳහන් ය. අතරමැදි සහනදායි ණය වැඩසටහන් ක්‍රමවේදය යටතේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් සහනදායී ණය පහසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට සුදුසුකම් ඇතැයි ද එහි දැක්වේ. එම ණය පහසුකම් ලබාගැනීමට නම් ශ්‍රී ලංකා රජය විසින් නව ආර්ථික ප්‍රතිස්සංකරණ සිදු කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම ඇතුළු පියවරගත යුතු බව ලෝක බැංකු නියෝජිතයින් මෙහිදී පෙන්වා දී තිබේ. මේ අතර පැරිස් ක්ලබ් ණයහිමි රටවල් සමූහය පසුගිය මාසයේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනය හා ඉන්දියාව සමග සාකච්ජා කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ය. එම රටවලින් මේ සඳහා මෙතෙක් පිළිතුරක් ලැබි නොමැති බව රොයිටර් වාර්තාවේ සඳහන් ය. පසුගිය සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාණ්ඩලීක මට්ටමේ එකඟතාවට එළැඹීමෙන් පසුව පැරිස් ක්ලබ් නයෝජිතයින් ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නන් වන චීනය හා ඉන්දියාව සමග සාකච්ජා ආරම්භ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
2022-10-14T15:09:45.000Z
නාවිකයින් 6ක් සමග යාත්‍රාවක් අතුරුදන්
නාවිකයින් 6ක් සමග යාත්‍රාවක් අතුරුදන්
COLOMBO (News 1st) - සැකකටයුතු යාත්‍රා පරීක්ෂා කිරීම සඳහා දකුණු මුහුදු තීරයේ මෙහෙයුම්වල නිරතව සිටි නාවිකයින් 6 දෙනකු සමග යාත්‍රාවක් දින 20 ක පමණ කාලයක සිට අතුරුදන්ව ඇතැයි නාවික හමුදාව පවසයි. නාවික හමුදා ප්‍රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ, පසුගිය 16 වැනි දා ඔවුන් මෙහෙයුමක් සඳහා දකුණු මුහුදු තීරයට ගොස් ඇති බවයි. එහෙත්, 17 වැනි දා සිට අදාළ නාවික යාත්‍රාව හා පැවති සියලු සන්නිවේදන සබඳතා බිඳවැටී ඇතැයි නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. එලෙස අතුරුදන්ව ඇත්තේ, දකුණු නාවික විධානයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටි පිරිසකි. නාවික හමුදාව මෙතෙක් ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී ඒ පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නැත.
2022-10-14T15:06:13.000Z
වරකාපොළ පස් කන්දට සිරවූ පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම්
පස් කන්දට සිරවූ පුද්ගලයින් සොයා මෙහෙයුම්
COLOMBO (News 1st) - වරකාපොළ, තුඹලියද්ද මායිම්නොළුව ප්‍රදේශයේදී නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිර වූ පුද්ගලයින් තිදෙනෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුධ හමුදාව එක්ව සිටින බවයි. අද පස්වරුවේ අධික වර්ෂාවත් සමග නිවස මතට පස් කන්ද කඩා වැටී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ය. අනතුරට ලක්ව ඇත්තේ, එකම පවුලේ පියා, මව සහ පිරිමි දරුවෙකි. අනතුරකට ලක්ව සිටි ‍එම පිරිමි දරුවා බැලීමට පැමිණි ඔහුගේ මිත්‍රයෙකු ද සුන්බුන් අතර සිරව ඇතැයි සැකකරන බව කෑගල්ල ප්‍රාදේශිය ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. නිවසේ සුන්බුන්වලට යටව සිටි පියා සොයාගෙන රෝහල්ගත කිරීමට ආරක්ෂක අංශ සහ ප්‍රදේශවාසීන් සමත් විය.
2022-10-14T12:37:11.000Z
වරකාපොළ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිර වූ තිදෙනෙක් සොයා මෙහෙයුම්
වරකාපොළ පස් කන්දට යට වූවන් සොයා මෙහෙයුම්
COLOMBO (News 1st) - වරකාපොළ, අඟුරුවැල්ල පාරේ තුඹලියද්ද ප්‍රදේශයේදී නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිර වූ පුද්ගලයින් තිදෙනෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුධ හමුදාව එක්ව සිටින බවයි. අද (14) පස්වරුවේ ඇති වූ අධික වර්ෂාවත් සමග මෙම පස් කන්ද කඩා වැටී ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ය.
2022-10-14T10:58:20.000Z
වී ගොවීන්ට මහ කන්නයේ හෙක්ටයාරයකට යූරියා කිලෝ 176 ක් - මහින්ද අමරවීර
මහ කන්නයේ හෙක්ටයාරයකට යූරියා කිලෝ 176 ක්
COLOMBO (News 1st) - මෙවර මහ කන්නයේදී වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට යූරියා පොහොර කිලෝග්‍රෑම් 176 ක් ලබාදීමට නිර්දේශ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා එම අදහස් පළ කළේ, නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී වගා ණය නිකුත් කිරීමේ වැඩසටහනට එක්වෙමිනි. යල කන්නයේදී වී ගොවීන්ට පොහොර ලබාදුන්නේ, හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 100 ක් ලෙසය. එහෙත්, මෙවර මහ කන්නයේදී 70% ක් රසායනික පොහොර සහ 30% ක් කාබනික පොහොර යෙදීමට තීරණය විය. ඒ අනුව මහ කන්නයේදී වී ගොවීන්ට යූරියා පොහොර කිලෝග්‍රෑම් 176 ක් ලබාදීමට නිර්දේශ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ ය. අමාත්‍යවරයා පැවසුවේ, පොළොන්නරුව වැනි ගොවි ජනපදවල එක් ගොවියෙකුට කුඹුරු හෙක්ටයාර දෙක බැගින් පැවතීම හේතුවෙන් යූරියා පොහොර කිලෝග්‍රෑම් 352 ක් හිමිවන බවයි.
2022-10-14T10:49:36.000Z
මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති අතර සාකච්ඡාවක්
මුදල් රාජ්‍ය ඇමති සහ මාර්ටින් රයිසර් අතර සාකච්ඡාවක
COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) හා ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම් අතරතුර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් මහතා ඇතුළු නියෝජිත පිරිසක් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ස්ථාවර කිරීම සඳහා ඇති විකල්ප පිළිබඳ සාකච්ඡාවක නිරත ව තිබේ. මෙම සාකච්ඡාවේදී මූලික අවධානය යොමු වී ඇත්තේ, ශ්‍රී ලංකාවට ණය පහසුකම් ලබාගැනීමේ ඇති හැකියාව පිළිබඳවයි. වත්මන් මූල්‍ය අර්බුදය හමුවේ ණය ආපසු ගෙවීමට ඇති හැකියාව පහළ යාම හේතුවෙන් ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව (IBRD) මගින් ණය පහසුකම් ලබා ගැනීමට ලංකාව තවදුරටත් හිමිකම් නොලබයි. ඒ හේතුවෙන් සහනදායී ණය පහසුකම් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) හි සහය අපේක්ෂා කළ යුතු බවට එම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
2022-10-14T09:48:50.000Z
සති අන්තයේ විදුලි කප්පාදුව අඩු කරනවා - කංචන විජේසේකර
සති අන්තයේ විදුලි කප්පාදුව අඩු කරනවා
COLOMBO (News 1st) - සති අන්තයේ විදුලි කප්පාදුව අඩු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වර්ෂාපතනයත් සමග ජල විදුලි නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවය. විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට මේ වනවිට තද වැසි ඇඳ හැළෙමින් පවතී. මේ හේතුවෙන් ඉදිරියේදී අවම කාල සීමාවකට විදුලි කප්පාදුව සිදු කිරීමට හැකිවෙතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.
2022-10-14T05:58:42.000Z
හිටපු ජනපති මෛත්‍රීපාලට එරෙහි පාස්කු ප්‍රහාරයේ නඩුව: අද සිට සති 10 ක් යනතුරු කටයුතු කිරීමෙන් වළකින්නැයි අධිකරණයෙන් නියෝගයක්
මෛත්‍රීපාලට එරෙහි පාස්කු ප්‍රහාරයේ නඩුව ගැන නියෝගය
COLOMBO (News 1st) - හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගොනුකර ඇති පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව අද (14) සිට සති 10 ක් යනතුරු කටයුතු කිරීමෙන් වළකින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළේ ය. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද (14) දින පෙනී සිටින්නැයි දන්වා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිකුත් කළ සිතාසි නියෝගය බල රහිත කරන්නැයි ඉල්ලා ඔහු ඉදිරිපත් කළ රීට් ආඥා පෙත්සම සලකා බලමින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ ය. අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොළ යන විනිසුරු මඩුල්ල නියෝග කළේ, රිට් පෙත්සම සම්බන්ධයෙන් විවාදය දෙසැම්බර් මස 06 වැනිදා ආරම්භ කිරීමටයි. එමෙන්ම නොවැම්බර් 30 වැනිදා ඒ සම්බන්ධයෙන් ලිඛිත දේශන ගොනු කරන ලෙසට ද විනිසුරුවරුන් නියෝග කළේ ය. කෙසේ වෙතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටි සිතාසි නියෝගය බල රහිත කිරීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම අද දින සිදුවූයේ නැහැ.
2022-10-14T03:56:51.000Z
පළමු වරට හැඳුනුම්පත ගන්නා පුද්ගලයින් නොවැම්බර් 01සිට රු. 200ක් ගෙවිය යුතුයි..
පළමුවරට NIC ගන්නවනම් නොවැ. 01සිට රු.200ක්
COLOMBO (News 1st) - පළමුවරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනිම සඳහා ඉදිරිපත් කරන අයදුම්පත්‍රයකට නොමැම්බර් මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි රුපියල් 200ක ගාස්තුවක් ගෙවිය යුතු බවට අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ අත්සනින් යුතුවයි.
2022-10-14T03:35:37.000Z
බලපා ඇති අධික වර්ෂාව හමුවේ ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක ජනතාවට ඉවත් වෙන්නැයි නියෝග
මහ වැස්සෙන් ඕස්ට්‍රේලියාවට දැඩි බලපෑම්
COLOMBO (News 1st) - ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක දහස් ගණන් ජනතාවට සිය නිවෙස්වලින් ඉවත් වන්නැයි, දැනුම් දී තිබේ. ඒ, දින දෙකක සිට ඇඳහැලෙන අධික වැසි සමග හටගත් ජලගැලීම් තත්ත්වය උග්‍ර වීම හේතුවෙනි. විදෙස් වාර්තා පැවසුවේ, වික්ටෝරියා දකුණු නිව්සවුත් වේල්ස් සහ ටස්මේනියා යන ප්‍රාන්තවලට දැඩි වර්ෂාවක් පතිත වී ඇති බවය. නිවෙස්වල සිටින සිය සුරතල් සතුන් සමග ජල ගැලීම් මධ්‍යයේ ගමන් කරන ආකාරය දැක්වෙන දර්ශන ද, සමාජ මාධ්‍යයට එක් කර තිබේ. ඇතැම් පුද්ගලයින් බෝට්ටු උපයෝගී කරගනිමින් ද, සිය නිවෙස්වලින් ඉවත් වෙමින් ඇතැයි, එම වාර්තා පෙන්වා දෙයි. දැඩි වර්ෂාව හමුවේ, ගංගා ජල මට්ටම් ගංවතුර මට්ටමට ළඟා වී ඇතැයි ද විදෙස් වාර්තාවල සඳහන් වේ.
2022-10-14T03:31:57.000Z
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය අවම කරන්න නව කාලසටහනක්
මුහුදුබඩ මාර්ගයට නව දුම්රිය කාලසටහනක්
COLOMBO (News 1st) - මුහුදුබඩ මාර්ගයේ සිදුවන දුම්රිය ප්‍රමාදය අවම කිරීම සඳහා නව කාලසටහනක් සකස් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එය ඉදිරියේදී ප්‍රසිද්ධ කර, ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවයි. පවතින තත්ත්වය තුළ මාර්ග අලුත්වැඩියා කටයුතු ප්‍රමාද වුවහොත්, දුම්රිය ධාවනයේ හටගන්නා ප්‍රමාදවීම් තවදුරටත් සිදුවිය හැකි බවද, දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙම තත්ත්වය හමුවේ, මුහුදුබඩ මාර්ගයේ මාර්ගයේ දුම්රිය ධාවනයට බලපෑම් එල්ල වෙමින් ඇති බවයි.
2022-10-14T03:29:26.000Z
දකුණු පළාත ආශ්‍රිතව විශේෂ අපරාධ මර්ධන කොට්ඨාස 02ක්
දකුණට විශේෂ අපරාධ මර්ධන කොට්ඨාස 02ක්
COLOMBO (News 1st) - දකුණු පළාත ආශ්‍රිතව විශේෂ අපරාධ මර්ධන කොට්ඨාස 02ක් පිහිටුවා තිබේ. පොලීසිය සඳහන් කළේ, ගාල්ල අපරාධ කොට්ඨාසය සහ මාතර අපරාධ කොට්ඨාසය ලෙස එම ඒකක ක්‍රියාත්මක බවය. මාතර කොට්ඨාශය මගින් මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක ආශ්‍රිතව සිදුවන විශේෂ ගණයේ අපරාධ ක්‍රියාමැඩලීමට ක්‍රියාත්මක වනු ඇති. ගාල්ල අපරාධ කොට්ඨාසය මගින් ගාල්ල දිස්ත්‍රික්කය ආශ්‍රිත විශේෂ ගණයේ අපරාධ ක්‍රියාමැඩලීමට නිලධාරීන් අනියුක්ත කෙරෙන බව පොලීසිය පැවසුවේ ය. පොලීසිය සඳහන් කළේ, මාතර අපරාධ කොට්ඨාසය අද(14) මිරිස්ස ප්‍රදේශයේදී විවෘත වන බවය. ඒ, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙනි. නව ඒකකය විශේෂ පුහුණුව ලද නිලධාරීන් 30 දෙනෙකුගෙන් සමන්විත වේ. පොලීසිය පැවසුවේ, විශේෂ අවි ආයුධ පුහුණුවකින් නිලධාරීන් බල ගන්වා ඇති බවයි. අදාළ ඒකකයට අධි සන්නිවේදන තාක්ෂණික උපකරණ සම්බන්ධ කර ඇති අතර, හඹාගෙන ගොස් අත්අඩංගුවට ගැනීම සඳහා ද, අදාළ නිලධාරීන් පුහුණුව ලැබූවන් වේ. මේ අතර, ගාල්ල අපරාධ කොට්ඨාශය ඉතා කෙටිකාලයක් ඇතුළත අම්බලන්ගොඩදී විවෘත කිරිමට නියමිත බව ද, පොලීසිය පැවසුවේය .
2022-10-14T03:28:09.000Z
STF වෙඩි පහරින් මියගිය අහුගංල්ල වෙඩික්කරුගේ තොරතුරු රැසක් එළියට..
අහුගංල්ල වෙඩික්කරුගේ තොරතුරු රැසක් එළියට..
COLOMBO (News 1st) - අහුංගල්ලේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ(STF) වෙඩි තැබීමෙන් මිය ගියේ තණමල්විල, දෙවුරම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මහේෂ් ඉන්දික ප්‍රභාත් නැමැති පුද්ගලයෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, අහුංගල්ල පොලිස් වසමේ දික්වැල්ල ප්‍රදේශයේ මෙහෙයුමකදී පෙරේදා (12) අහුංගල්ලේදී වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් බවය. පසුව සඟවා ඇති ආයුධ කිහිපයක් සෙවීම සඳහා බලපිටිය ප්‍රදේශයට රැ‌ගෙන ගොස් ඇති අතර එම අවස්ථාවේදී සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන්ට වෙඩි තබා තිබේ. එම අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වෙඩි තැබීමෙන් සැකකරු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමේදි සැකකරු මිය ගිය බව පොලීසිය සඳහන් කළේ ය. මිය ගිය සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුවන, කරන්දෙනියේ සුද්දා නැමැත්තා ඇතුළු කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙකු බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවයි.
2022-10-14T03:21:15.000Z
ලබන සති දෙක ඇතුළත ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක නැවක්
ලබන සති දෙක ඇතුලත මෙරටට ගල් අඟුරු නැවක්
COLOMBO (News 1st) - ගල් අඟුරු රැගත් පළමු නෞකාව දකුණු අප්‍රිකාවෙන් පිටත්ව ඇතැයි, ලංකා ගල් අඟුරු සමාගම පවසයි. එම සමාගම සඳහන් කළේ, නෞකාව ලබන 24 හෝ 25 යන දිනයක මෙරටට ළඟාවීමට නියමිත බවය. අදාළ නෞකාවේ ගල් අඟුරු මෙට්ට්‍රික් ටොන් 60,000ක් රැගෙන එන බව වාර්තා වේ. ලංකා ගල් අඟුරු සමාගම සඳහන් කළේ, එවැනි තවත් ගල් අඟුරු නෞකා තුනක් ලබන 25 වැනිදායින් පසු, දින 10 ක් තුළ මෙරටට ළඟාවන බවයි. අදාළ නෞකාවලත් , මෙට්ට්‍රික් ටොන් 60,000 බැගින් ගල් අඟුරු තොග පවතින බව වාර්තා වේ. ඒ අනුව, මෙරටට අවශ්‍ය ගල් අඟුරු තොග ප්‍රමාණවත් පරිදි නියමිත කාල සීමාවන්ට මෙරටට ලැබෙමින් ඇතැයි, ගල් අඟුරු සමාගම සඳහන් කළේ ය. මේ අතර, හදිසි මිලදී ගැනීම් සඳහාවන ටෙන්ඩර් කැඳවීම ලබන 20 වැනිදා සිදු කිරීමට නියමිතය. ලංකා ගල් අඟුරු සමාගම පැවසුවේ, ඒ සඳහා දැනටමත් සමාගම් කිහිපයක් සිය තොරතුරු ඉදිරිපත් කරමින් ඇති බවයි.
2022-10-14T02:21:22.000Z
මහ කන්නයේ මූලික බිම් සකස් කිරීම් වැසි ජලයෙන් සිදු කරන්න - වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගොවීන්ට දැනුම් දෙයි...
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ගොවීන්ට පණිවිඩයක්
COLOMBO (News 1st) - එළැඹෙන මහ කන්නයේ වී වගාව සඳහා වූ මූලික බිම් සකස් කිරීම් වැසි ජලයෙන් සිදුකරන්නැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ගොවි ජනතාවට දැනුම් දෙයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉන්ජිනේරු, D අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ , දැනට ජලාශවල පවතින ජල ධාරිතාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් එම පියවර ගත් බවයි.
2022-10-14T02:12:57.000Z
පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත්: ප්‍රදේශ කිහිපයකට අධික වැසි
අධික වැසි තත්ත්වය තවදුරටත්..
COLOMBO (News 1st) - දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රිකක්වලටත් මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර 75 ක පමණ තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු වලින් ආරක්ෂා වන්නැයි, කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුෂ්කා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනතාවට දැනුම් දෙයි. මේ අතර රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලට පැනවූ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ ය. රත්නපුර දිස්ත්‍රික්කයේ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත්තේ ඇහැළියගොඩ, කුරුවිට, රත්නපුර, ඇලපාත, අයගම, කිරිඇල්ල, පැල්මඬුල්ල, නිවිතිගල සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහායි. කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, වලල්ලාවිට, පාලින්දනුවර සහ දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි. මේ අතර දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්න පිවිසුමෙන් පිටත අතුරුමාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් සැහැල්ලු වාහනවලට අධිවේගි මාර්ගයට ඇතුළුවීමට සහ පිටවීමට බාධා මතුව ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
2022-10-13T19:00:22.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
COLOMBO (News 1st) - දේශීය පුවත් 01.රාජ්‍ය ඇමති සනත් නිශාන්ත අත්අඩංගුවට ගන්නැයි නියෝග අභියාචනාධිකරණය හමුවේ ඊයේ (13) දිනයේ පෙනී නොසිටීමේ චෝදනාව මත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය මීට ටික වේලාවකට පෙර නියෝග කර තිබේ. 02.අහුංගල්ලේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු STF වෙඩි පහරින් මරුට.. අහුංගල්ල ප්‍රදේශයේ පෙරේදා (12) සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබේ. 03.කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්... කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (15) රාත්‍රී 10 සිට ඉරිදා උදෑසන 10 දක්වා පැය 12 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 04.දිස්ත්‍රික්ක 10ක ඩෙංගු අධිඅවදානමක් දිස්ත්‍රික්ක 10 ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 05. සංවිධානාත්මක අපරාධ මැඩලීමට විශේෂ වැඩපිළිවෙළක් සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. විදෙ පුවත් 01.යුක්‍රේනයේ මිසයිල ආරක්ෂාව වැඩි කිරීමට නේටෝ රටවල් සැරසේ රුසියාවෙන් එල්ල වන ප්‍රහාර තීව්‍ර වීම මධ්‍යයේ යුක්රේනයේ මිසයිල ආරක්ෂාව වැඩි කිරීමට නේටෝ රටවල් සූදානම් වෙයි. ක්‍රීඩා පුවත් 01.20/20 කාන්තා ආසියානු කුසලාන අවසන් තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි.. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වසර 14කට පසුව ඊයේ (13)ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේය.
2022-10-13T09:53:28.000Z
අහුංගල්ලේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු STF වෙඩි පහරින් මරුට..
අහුංගල්ලේ වෙඩි තැබීම: සැකකරු වෙඩි පහරින් මරුට..
COLOMBO (News 1st) - අහුංගල්ල ප්‍රදේශයේ ඊයේ(12) සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය(STF) එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ , අහුංගල්ල ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක් අසළදී වෙඩි තැබීම සිදුව ඇති බවයි. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු ඊයේ දහවල් ත්‍රීරෝද රථ රියැදුරෙකුට වෙඩි තබා පලාගොස් තිබුණි. ඉන් තුවාල ලැබූ 45 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරු බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.
2022-10-13T12:27:13.000Z
හිටපු ජනපති මෛත්‍රීට සහ දයාසිරිට නොතීසී..
හිටපු ජනපති මෛත්‍රීට සහ දයාසිරිට නොතීසී..
COLOMBO ( News 1st ): ලබන 19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන්ට නොතිසී යැවීමට කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය අද (13) නියෝග කළා ය. ඒ, තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරු වලින් ඉවත් කිරීමට ගත් තීරණයට එරෙහිව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගොනුකළ නඩුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ය. වරාය, නාවික සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගොනුකර තිබූ නඩුවකදී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කළ කරුණු දැක්වීම සළකා බැලූ විනිසුරුවරිය එම නියෝගය නිකුත් කළා ය. විනිසුරුවරිය වැඩිදුරටත් නියෝග කළේ ඔවුන් දෙදෙනා ඇතුලු වගඋත්තරකරුවන් වෙත අතුරු තහනම් දැන්වීම් සහ නොතිසී යැවීමටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මධ්‍යම කාරක සභා සාමාජික, දේශපාලන මණ්ඩල සාමාජික සහ බදුල්ල දිස්ත්‍රික් නායක ඇතුළු තමන් දැරූ සියලු තනතුරු තවමත් දරන බවට ප්‍රකාශයක් නිකුත් කරන්නැයි නිමල් සිරිපාල ද සිල්වා මහතා නඩුවෙන් ඉල්ලා තිබේ.