date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2022-11-02T10:27:02.000Z
'මර්දනයට එරෙහි ජනතා විරෝධය' මරදානෙන් ඇරඹේ
රාජ්‍ය මර්දනයට එරෙහි පා ගමන ඇරඹේ
COLOMBO (News 1st) – රාජ්‍ය මර්දනයට එරෙහිව වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන විරෝධතා රැලිය සහ පා ගමන මරදානෙන් ආරම්භ විය. සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, 43 වන සේනාංකය, නිදහස් ජනතා සභාව ඇතුළු දේශපාලන පක්ෂ 20 කට ආසන්න සංඛ්‍යාවක් සහ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන 150 කට ආසන්න සංඛ්‍යාවක් විරෝධතාවට සහය පළ කර තිබේ. පිරිස මරදානේ සිට කොළඹ කොටුව දුම්රියපොළ දක්වා පා ගමනින් ගොස් එහි විරෝධතා රැළියක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
2022-11-02T09:56:59.000Z
වසන්ත මුදලිගේ සායනයක් සඳහා ජාතික රෝහලට
වසන්ත මුදලිගේ සායනයක් සඳහා ජාතික රෝහලට
COLOMBO (News 1st) – දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සායනයක් සඳහා ජාතික රෝහලට රැගෙන එනු ලැබී ය. ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, සායනයට පැමිණ ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව ඔහු නැවත රෝහලින් රැගෙන ගිය බවයි. වසන්ත මුදලිගේ මහතා දින 90 ක රැඳවුම් නියෝග මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා සිටී.
2022-11-02T08:44:15.000Z
බොරැල්ලේ සිරිසුමන හිමියන් රක්ෂිත බන්ධනාගාරයට
බොරැල්ලේ සිරිසුමන හිමියන් රක්ෂිත බන්ධනාගාරයට
COLOMBO (News 1st) –අද (02) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බොරැල්ලේ සිරිසුමන හිමියන් ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් සිරිසුමන හිමියන් ඊයේ අත්අඩංගුවට ගනු ලැබිණ. සිරිසුමන හිමියන් අත්අඩංගුවට ගෙන තිබුණේ, තිලිණි ප්‍රියමාලි නැමති කාන්තාව සිදුකළ බව කියන රුපියල් කෝටි ගණනක මුදල් වංචා සිද්ධිය සම්බන්ධයෙනි.
2022-11-02T08:05:15.000Z
අමෙරිකාවෙන් තෑගි දුන් නැව කොළඹට සේන්දු වෙයි
අමෙරිකාවෙන් තෑගි දුන් නැව කොළඹට සේන්දු වෙයි
COLOMBO (News 1st) – ඇමෙරිකාව විසින් මෙරටට පරිත්‍යාග කරන ලද P 627 ගැඹුරු සාගර ආවේක්ෂණ නෞකාව අද පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය. නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ, ඇමෙරිකානු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව එම නෞකාව මෙරට නාවික හමුදාවට ප්‍රදානය කළ බවයි. නෞකාව පිළි ගැනීමේ උත්සවයක් කොළඹ වරායේ පැවැත්විණ. මෙරට අන්‍ය ආර්ථික කලාපයේ ඇති සාගර සම්පත් ආරක්ෂා කිරීම , සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරිම නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම ඇතුළු කාර්යයන් රැසක් එම නෞකාවෙන් සිදු කිරීමට අපේක්ෂිත බව නාවික හමුදාව සඳහන් කළේ ය.
2022-11-02T07:32:53.000Z
පානදුර පාසලක සිසුන් පිරිසක් රෝහල්ගත කෙරේ
පානදුර පාසලක සිසුන් පිරිසක් රෝහල්ගත කෙරේ
COLOMBO (News 1st) - පානදුර නගරයේ පාසලක සිසුන් පිරිසක් දුමක් ආග්‍රහණය වීමෙන් පසු ඇතිවූ ශ්වසන අපහසුතා හේතුවෙන් රෝහල්ගත කර තිබේ. පොලිසිය පැවසුවේ, ඔවුන් පානදුර රෝහලට ඇතුළත් කළ බවයි. පාසල අසල පිහිටි නිවසක වයර් පිළිස්සිමේදී සිසුන්ට එම දුම ආග්‍රහණය වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
2022-11-02T05:02:36.000Z
ආනයන සීමා ලිහිල් කිරීමේ තවත් ගැසට්ටුවක් ලබන සතියේ
ආනයන සීමා ලිහිල් කිරීමේ ගැසට්ටුවක් ලබන සතියේ
COLOMBO (News 1st) - ආනයන සීමා ලිහිල් කිරීමේ තවත් ගැසට් පත්‍රයක් ලබන සතියේ නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු සඳහන් කළේ, වාහන අමතර කොටස්, තෝරාගත් රූපලාවන්‍ය නිෂ්පාදන හා අපනයන සමාගම්වලට අවශ්‍ය අයිතම ඇතුළු රැසක ආනයන සීමා මේ යටතේ ඉවත් කරන බවයි. මුදල් අමාත්‍යාංශය මෙම තීරණයට එළඹ තිබෙන්නේ අදාළ ක්ෂේත්‍රවල නියෝජිතයින් අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම් සලකා බලමිනි. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, රටතුළ පවතින ඩොලර් හිඟය ඇතුළු ආර්ථික අර්බුදය පිළිබඳ සලකා බලා භාණ්ඩ 2000 ක් ආනයන සීමා කිරීමට පසුගිය අගෝස්තු 23 වැනි දා පියවර ගත් බවයි. ඉන් 700 ක තහනම පසුගිය සැප්තැම්බර් මාසයේ 9 වැනි දා ඉවත් කළේ ය.
2022-11-02T04:54:46.000Z
බෙන්ජමින් නෙත්න්යාහු ඊශ්‍රාලයේ යළි බලය තහවුරු කිරීමට සැරසේ
ඊශ්‍රාලය මහ මැතිවරණයේ ප්‍රතිඵල අද
COLOMBO (News 1st) - ඊශ්‍රාලය මහ මැතිවරණයේ ප්‍රතිඵල අද (02) නිකුත් කිරීමට නියමිතයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දැනට ලැබෙමින් ඇති නිල නොවන ප්‍රතිඵලවලට අනුව එරට හිටපු අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉදිරියෙන් පසුවන බවයි. හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දක්ෂිණාංශික කණ්ඩායම සුළු ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කරනු ඇතැයි දේශපාලන චිචාරකයින් පෙන්වා දෙන බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් ය. මහ මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල ඉදිරි පැය කිහිපය තුළ නිකුත් කෙරෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
2022-11-02T04:16:17.000Z
IMF අපේක්ෂා කරන මූල්‍ය රක්ෂණාවරණය ගැන හෙට සාකච්ඡා..
මූල්‍ය රක්ෂණාවරණය ගැන සාකච්ඡා
COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) නිලධාරීන් හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ(01) පස්වරුවේ Online පැවැත්විය. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරනු ලැබුවේ හෙට(03) පැවැත්වෙන සාකච්ඡා වටයට පෙර සූදානමක් ලෙස මෙම සාකච්ඡා වටය පැවත් වූ බවයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් හා මුදල් අමාත්‍යාංශ නියෝජිතයින් අතර හෙට(03) ආරම්භ වන සාකච්ඡා වටයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන මූල්‍ය රක්ෂණාවරණය ලබා දීමේ එකඟතාවකට පැමිණීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
2022-11-02T04:11:52.000Z
අද (02) විරෝධතාවට අවසර නොදෙන බව දන්වමින් පොලීසියෙන් ලිපියක්
විරෝධතාවට අවසර නොදෙන බව කියමින් පොලීසියෙන් ලිපියක්
COLOMBO (News 1st) – දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධානය ඒකාබද්ධව අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට සූදානම් විරෝධතාව කොටුව දුම්රියපොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර නොදෙන බව ඊට සහභාගීවන පාර්ශ්වවලට දැනුම් දෙමින් පොලිසිය ලිපියක් නිකුත් කර තිබේ. කොළඹ මධ්‍යම 2 කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී කේ.ඒ.ඊ. එන්. දිල්රුක් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මේ ලිපිය භාර දීම සඳහා අද අලුයම සිට පොලිස් නිලධාරීන් විරෝධතාවට සහභාගීවීමට සූදානම් වන පාර්ශව සිටින නිවාස සහ කාර්යාලවලට ගොස් තිබිණ. අප කළ විමසීමකදී මෙවැනි ලිපියක් යැවූ බව පොලිසිය තහවුරු කළේ ය. සහකාර පොලිස් අධිකාරීවරයාගේ ලිපියේ සඳහන් වන්නේ, මෙම විරෝධතාව පැවැත්වෙන කාල සීමාවේ මාර්ග අවහිර වීම නිසා රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය අවසන් කර යන ජනතාවට මෙන්ම කොටුව සහ පිටකොටුව තොග වෙළඳාමට ද අවහිරතා ඇති විය හැකි බවයි. විරෝධතාව නිසා ඇතිවන වාහන තදබදයෙන් ප්‍රවාහන කටයුතු අඩාල වීම නිසා කටුනායක , බියගම , වතුපිටිවල හා මහනුවර ආදි ආර්ථික කලාපවල සිට කොළඹ වරායට බහාලුම් රැගෙන ඒමේදී ,, නියමිත කාලයට නැව් ගතකර නොහැකි වීමෙන් ආර්ථික බලපෑමක් ඇතිවන බව ද මෙම ලිපියේ සඳහන් ය. ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ , විරෝධතාවය නිසා මාර්ග අවහිර වීමෙන් සංචාරකයින්ට ද පීඩාවක් හා අවහිරයක් සිදුවන බවයි. පොලිස් අඥා පනතේ 80 වැනි වගන්තිය යටතේ ග්‍රැමෆෝනයක් , ශබ්ධ විකාශන යන්ත්‍රයක් හෝ මෙගාෆෝනයක් හෝ ඇම්ප්ලිෆියරයක් හෝ යන්ත්‍රාණුසාරයෙන් හෝ ශබ්ධය නිපදවන හෝ නැවත නිපදවන හෝ විශාලකරන වෙනත් උපකරණයක් භාවිත කිරීමට සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ අවසරය ගත යුතු උවත් එවැනි අවසරයක් ද ලබා ගෙන නැතැයි මෙම ලිපියේ සඳහන් ය. එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මාර්ග අවහිර වීමක් හෝ බාධා වීමක් සිදු වුවහොත් ජනතාවට වන පීඩා ඉවත් කිරීමට පොලිස් අඥා පනතේ සහ වෙනත් නීති යටතේ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි.
2022-11-02T04:03:08.000Z
පෘථිවියේ ගැටෙන යෝධ ග්‍රහකයක් ගැන අනාවරණයක්
පෘථිවියේ ගැටෙන යෝධ ග්‍රහකය..
COLOMBO (News 1st) - අනාගතයේ දිනක පෘථිවියේ ඝට්ටනය වීමට ඉඩ ඇති බවට සැලකෙන යෝධ ග්‍රහකයක් හඳුනා ගැනීමට තාරකා විද්‍යාඥයින් සමත්ව තිබේ. 2022 ඒ.පී.7 යනුවෙන් නම් කළ කිලෝ මීටර් 1.5 ක් පළල මෙම ග්‍රහකය සොයා ගෙන නීරීක්ෂණය කර තිබුණේ චිලී රාජ්‍යයේ ඉදි කර ඇති අධි තාක්ෂණික දුරේක්ෂයක ආධාරයෙනි. ග්‍රහකයේ ගමන්මග වැටී ඇත්තේ පෘථිවිය හරහා බව ගණනය කිරීම්වලදී තහවුරු වූ බව පවසන විද්‍යාඥයන් පවසන්නේ, තමන් නිරතුරුව මේ පිලිබඳව විමසිල්ලෙන් පසුවන බවය.
2022-11-02T03:51:02.000Z
රුවන්වැල්ලේ නිවසක් තුළ පුද්ගල ඝාතනයක්
රුවන්වැල්ලේ නිවසක් තුළ පුද්ගල ඝාතනයක්
COLOMBO (News 1st) – රුවන්වැල්ල මැදගොඩ ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලිසිය පැවසුවේ, ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ගෙලෙහි කැපුම් තුවාල දක්නට ලැබෙන බවයි. ඝාතනයට ලක්වූ පුද්ගලයා , ඔහුගේ සහෝදරයා සහ තවත් පුද්ගලයෙකු සමග මත්පැන් පානය කර ඇති අතර එහිදි ඇතිවූ බහින්බස් වීමක් දුර දිගයාම ඝාතනයට හේතුව බව පොලිසිය සිදුකල විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ 33 හැවිදිරි පුද්ගලයෙකි. ඝාතනය සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.
2022-11-02T02:45:15.000Z
විරෝධතාවේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කළොත් රටට බරපතළ ප්‍රතිවිපාක ඇතිවිය හැකියි - HRCSL පොලිසියට අවධාරණය කරයි
රාජ්‍ය මර්දනයට එරෙහිව දැවන්ත විරෝධතාවක් කොළඹදී
COLOMBO (News 1st) - රාජ්‍ය මර්දනයට එරෙහිව වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන විරෝධතා රැලියක් සහ පා ගමනක් අද (02) පස්වරුවේ කොළඹදී පැවැත්වේ. මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මෙම පා ගමන අධීක්ෂණය කිරීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් යෙදවීමට අපේක්ෂා කරන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය වන බව පොලීසියට සිහිපත් කරන මානව හිමිකම් කොමිසම පෙන්වා දෙන්නේ, මෙම අවස්ථාවේ යම් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සිදුවුවහොත් එය රටට බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකි බවයි. පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කළ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සඳහා භාවිත නොකරන ලෙස ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලීසියට යළි අවධාරණය කරයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙම නිවේදනය නිකුත් කළේ, අද පැවැත්වීමට නියමිත විරෝධතාව පිළිබඳව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ලකට ප්‍රතිචාර දක්වමිනි. තම සාමකාමී පා ගමනට අවසර ලබාගන්නැයි පොලීසිය නීති විරෝධී ලෙස දැනුම් දී ඇති බවට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන මෙම පැමිණිල්ල ගොනු කර තිබුණි. මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු යන මැයෙන් අද පස්වරුවේ විරෝධතාව ආරම්භ වන්නේ මරදානේ සිටයි. සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, නිදහස ජාතික සභාව හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් මෙන්ම ශිෂ්‍ය සංවිධාන, වෘත්තිය සමිති ඇතුළු බහුජන සංවිධාන රැසක නියෝජිතයින් ඊට සහභාගී වනු ඇත. පිරිස කොළඹ කොටුව දුම්රියපොළ දක්වා පා ගමනින් ගොස් එහි විරෝධතා රැළියක් ද පැවැත්වීමට නියමිතයි.
2022-11-02T02:10:32.000Z
ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම ඉදිරි දෙසතියේ
ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම ඉදිරි දෙසතියේ
COLOMBO (News 1st) - ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත පිහිටුවන බව අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, කතානායකවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සිදු කරන බවයි. පසුගියදා සම්මත වූ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කතානායකවරයා පෙරේදා අත්සන් තැබීමත් සමග එය නීතියක් බවට පත් විය. ව්‍යවස්ථාදායක සභාව සමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විතයි. මේ අතර 21 වැනි සංශෝධනය බලාත්මක වීමත් සමග අධිකරණ සේවා කොමිෂන් සභාව හැර සෙසු කොමිෂන් සභා වැඩබලන තත්ත්වයෙන් පවත්වා ගෙන යාමට කටයුතු කළ යුතු බව ද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, ව්‍යවස්ථාදායක සභාව පත් කළ පසු ස්වාධීන කොමිෂන් සභා සඳහා නියෝජිතයින් පත් කිරීමට නියමිත බවයි.
2022-11-02T02:02:54.000Z
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලය කැළඹෙයි : තවදුරටත් වැසි
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි
COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ, ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පැවතීම හේතුවෙනි. මේ අතර බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතර, මොණරාගල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය අද (02) පස්වරුව දක්වා ක්‍රියාත්මකයි. අධික වර්ෂාවත් සමග වික්ටෝරියා, මාවුස්සැකැළේ, කාසල්රි ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු ද විවෘත කෙරුණි.
2022-11-02T01:39:19.000Z
නෙදර්ලන්ත - සිම්බාබ්වේ, ඉන්දියාව - බංග්ලාදේශය අද ලෝක කුසලාන තරග බිමට
සුපිරි 12 දෙනාගේ වටය: අදත් තරග 2 ක්
COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ දෙවැනි කාණ්ඩයේ තරග දෙකක් අද (02) පැවැත්වේ. පළමු තරගයට එක් වන්නේ, නෙදර්ලන්ත සහ සිම්බාබ්වේ කණ්ඩායම්ය. මේ අතර ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අනෙක් තරගයට පැවැත්වේ. මෙම තරග දෙකම ඔස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ්හිදී පැවැත්වීමට නියමිතය. මේ වනවිට සුපිරි 12 දෙනාගේ වටයේ දෙවැනි කාණ්ඩයේ සෑම කණ්ඩායමක්ම තරග 3 කට සහභාගී වී ඇති අතර එහි පෙරමුණේ පසු වන්නේ දකුණු අප්‍රිකාවයි. අද දිනයේ පළමු තරගයට එක්වන සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසු වේ. සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියක සුපිරි 12 දෙනාගේ වටයට පිවිසි පළමු අවස්ථාව මෙය වන අතර එම කණ්ඩායමේ නායක ක්‍රෙයිග් අර්වින් පවසන්නේ, තමන් ධනාත්මක ලෙස මෙම තරගයට එක් වන බවයි. මේ අතර ප්‍රතිවාදී නෙදර්ලන්තය සහභාගී වූ තරග 3 න්ම පරාජය වූ බැවින් ඔවුන් එහි ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවේ. එම කණ්ඩායමේ ලෝගන් වෑන් බීක් පවසන්නේ, පැවැති තරග තුනේදීම දක්ෂතා අතරට පිවිසීමට නොහැකි වූ නිසා ඉදිරි තරග දෙක ජය ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි. තරගය පවතින ඇඩිලේඩ් ක්‍රීඩාංගණය ආශ්‍රිතව සුළු වශයෙන් වර්ෂාව ඇති විය හැකි බවට විදෙස් වාර්තා පවසයි. මෙම තරගය මෙරට වේලාවෙන් උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතය. ආසියානු කලාපයේ රටවල් දෙකක් අතර පැවැත්වෙන අද දිනයේ දෙවැනි තරගය කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. දෙවැනි කාණ්ඩයේ දෙවැනි ස්ථානය ඉන්දියාවට හිමිව ඇති අතර බංග්ලාදේශය එහි රැඳී සිටින්නේ තුන් වැනි ස්ථානයේය. ‍ දෙරට අතර මීට වසර තුනකට පෙර පැවැති තරගාවලියෙන් අනතුරුව දෙපිලම පන්දුවාර 20යි 20 තරගයකදී හමුවන පළමු අවස්ථාව මෙයයි. මෙම කණ්ඩායම් දෙකම ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේ තරගය බැගින් ජයගෙන සිටීම විශේෂත්වයකි. අද තරගයේදී ඉන්දීය කණ්ඩායම පරාජය කිරීමට හැකි වුවහොත් එය විශාල පෙරළියක් බව බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් පවසයි. මෙම තරගය මෙරට වේලාවෙන් දහවල් 1.30ට ආරම්භ වීමට නියමිතය. පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV තුළින් ඔබට සජිවීව නැරඹිය හැකිය.
2022-11-02T00:58:31.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
1. කැබිතිගොල්ලෑවේ නොසන්සුන්තාව අතරතුර පහරකෑමට ලක් වූ පොලිස් සැරයන් මරුට - අනුරාධපුර, කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේදී කුපිත වූ පිරිසකගේ පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා මියගොස් තිබේ. 2. තිලිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සිද්ධියට පූජ්‍ය බොරැල්ලේ සිරි සුමන හිමි අත්අඩංගුවට - පූජ්‍ය බොරැල්ලේ සිරි සුමන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 3. හෙරොයින් සන්තකයේ තබා ගත්තාට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් - හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ජීවිතාන්තය දක්වා සිර දඬුුවම් නියම කරනු ලැබී ය. 4. ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 6ක විශිෂ්ට ජයක් - 2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය ශ්‍රී ලංකාව කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්තා කළේය. 5. පාර්ලිමේන්තු රැස්වීම හා අය – වැය දිනවලදී මැති – ඇමති රට ගමන්වලට සීමාවක් - පාර්ලිමේන්තු රැස්වීම පවත්වන දිනවලදී හා අය – වැය විවාදය පවත්වනු ලබන කාල සීමාව තුළ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා රජයේ පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විදේශගතවීම සීමා කර තිබේ.
2022-11-01T15:29:47.000Z
තිලිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සිද්ධියට පූජ්‍ය බොරැල්ලේ සිරි සුමන හිමි අත්අඩංගුවට
පූජ්‍ය බොරැල්ලේ සිරි සුමන හිමි අත්අඩංගුවට
COLOMBO (News 1st) - පූජ්‍ය බොරැල්ලේ සිරි සුමන හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ, නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, තිලිණි ප්‍රියමාලි නැමැති කාන්තාව සිදුකළ බව කියන රුපියල් කෝටි ගණනක මුදල් වංචා සිද්ධිය සම්බන්ධයෙන් හිමියන් අත්අඩංගුවට ගත් බවය.
2022-11-01T13:34:38.000Z
අපරාජිත නවසීලන්තය එංගලන්තය ඉදිරියේදී දණ නමයි..
නවසීලන්තයට අමිහිරි පරාජයක්..
COLOMBO (News 1st) - පළමු කාණ්ඩයේ අපරාජිතව සිටි නවසීලන්තයට එරෙහි තරගය එංගලන්තය ලකුණු 20කින් ජය ගැනීමට අද (01) සමත් විය. බ්‍රිස්බන්හිදී පැවති තරගයේ කාසියේ වාසිය එංගලන්ත නායකයා හිමිකර ගත්තේ ය. එංගලන්තය කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 179කි. ඇලෙක්ස් හේල්ස් ලකුණු 52ක් රැස්කළ අතර , නායක ජෝස් බට්ලර් ලකුණු 73යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත නායක කේන් විලියම්සන් ලකුණු 40කට දැවී ගිය අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ග්ලෙන් ෆිලිප්ස් ලකුණු 62ක් රැස් කිරීමට සමත් විය. ලකුණු 180ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කිරීමට හැකි වූයේ, ලකුණු 159ක් පමණි. කෙසේ නමුත් නවසීලන්තය තරගාවලියේ පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ තව දුරටත් පෙරමුණේ පසු වන අතර එංගලන්තය එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටී. පිළිවෙලින් තුන්වැනි සහ සිව්වැනි ස්ථාන හිමි කරගෙන සිටින්නේ ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාවයි.
2022-11-01T10:14:45.000Z
ණය ප්‍රතිව්‍යුහගතකරණය ප්‍රමාද වුණොත් IMF එකඟතා ජනවාරි තෙක් කල්යා හැකියි - ජනපති
IMF එකඟතා ජනවාරි තෙක් කල් යයි ද?
COLOMBO (News 1st) – චීනය හා ඉන්දියාව සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ප්‍රමාද වුවහොත් IMF අධ්‍යක්ෂ මණ්ඩලය සමග එකඟතා ඇතිකර ගැනීම ජනවාරි මාසය දක්වා කල් යනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. ජනාධිපතිවරයා ඊයේ ශ්‍රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් ජනාධිපතිවරයා පැවසුුුවේ,ප්‍රථමයෙන් බංකොළොත්භාවයෙන් මිදිය හැහි බවට සහතික විය යුතු බවයි. ''මම දැනටමත් ජපානය සමග සාකච්ජා පටන් අරන් තියන්නේ. දැන් චීනය හා ඉන්දියාව සමග අපිට මේ ප්‍රශ්නය විසඳන්න පොදු මතයකට එන්න නම් රටවල් දෙකටම බලපාන ද්විපාර්ශ්වික කාරණා ගැන සාකච්ජා කරන්න ඕන. මේ ක්‍රියාවලිය දැන් අනුගමනය කරමින් ඉදිරියට යන්න ඕන. එහෙම වුණොත් අපිට ගිවිසුමකට එන්න පුළුවන් දෙසැම්බර් වෙනකොට. ඒ කියන්නේ නොවැම්බර් මැද අපි එකඟතාවට ඇවිල්ලා IMF අධ්‍යක්ෂ මණ්ඩලයට යන්න ඕන දෙසැම්බර් මාසේ මැද වෙනකොට'' තවද ජනාධිපතිවරයා පවසන්නේ, කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයෙන් පසු චීනය මේ පිළිබඳව අවධානය යොමු කරනු ඇති බවයි. ''චීනය මේ ගැන අවධානය යොමු කරන්නේ කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයෙන් පස්සේ. එහෙම වුණොත් අපිට ඉලක්ක කරන්න වෙන්නේ ජනවාරි වෙනකොට එකඟතාවකට එන්න. ඒක තමා අපේ අරමුණ. අපි පෙන්වන්න ඕන අපිට අවශ්‍ය ආදායම දැන් තියෙනවා කියලා. එතැනින් පටන් අරන් අපිට ඉදිරියට යන්න පුළුවන්. ඊට පස්සේ අපිට සහතික කරන්න පුළුවන් ඉදිරි වසරේ දී මේක මීට වඩා සාර්ථකව කරන්නේ කොහොමද කියන එක''
2022-11-01T08:31:10.000Z
හෙරොයින් සන්තකයේ තබා ගත්තාට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්
හෙරොයින් ළඟ තබා ගත්තාට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්
COLOMBO (News 1st) – හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද ජීවිතාන්තය දක්වා සිර දඬුුවම් නියම කරනු ලැබී ය. එම චෝදනාවට අමතරව හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කරණු ලැබු ඔහුට රැපියල් 25000 ක දඩයක් ද විනිසුරුවරයා නියම කළේ ය. 2016 ජූනි මස 29 වැනිදා මහාබාගේ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 4යි ක් සමග එම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් මත්ද්‍රව්‍යය නාශක කාර්යංශයයි. පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව නගා ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව නිගමනය කළ විනිසුරුවරයා ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේ ය.
2022-11-01T07:58:19.000Z
ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 6ක විශිෂ්ට ජයක්
ශ්‍රී ලංකාවට කඩුලු 6ක විශිෂ්ට ජයක්
COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය ශ්‍රී ලංකාව අද(01) කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්තා කළේය. ලකුණු 145ක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම එම ඉලක්කය පසු කළේ, පන්දුවාර 18යි පන්දු 3ක් අවසානයේ කඩුලු 4 ක් දැවී සිටියදීය. බ්‍රිස්බේන්හීදි පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඇෆ්ගනිස්ථාන නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 144ක් රැස් කළේ ය. උස්මාන් ඝානි සහ රහ්මානුල්ලා ගුර්බාස් ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 42 කි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රහ්මානුල්ලා ගුර්බාස් ලකුණු 28කට දැවී ගියේ ය. සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 13කට කඩුලු 3යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 12කදී බිඳ වැටුණි. කුසල් මෙන්ඩිස් ලකුණු 25යි. ඉන් අනතුරුව පිටියේ එක් වූ ධනංජය ද සිල්වා සහ චරිත් අසලංක තුන්වන කඩුල්ලට එක් කළ සබදතාව ලකුණු 54 කි. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 66ක් රැස් කළේ ය.
2022-11-01T07:56:55.000Z
බාල කාබනික පොහොර සැපයුවොත් සමාගම අසාදු ලේඛනයට - ඇමති
බාල කාබනික පොහොර සැපයුවොත් සමාගම අසාදු ලේඛනයට
COLOMBO (News 1st) – තත්ත්වයෙන් බාල කාබනික පොහොර සපයන සමාගම් අසාදු ලේඛනගත කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, ඔවුන්ට කිසිදු ගෙවීමක් නොකිරීමටත් පියවර ගන්නා බවයි. දිවයිනේ සියලුම කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් කැඳවා මෙවර මහ කන්නයේදී කාබනික පොහොර සැපයීමේ වැඩපිළිවෙළ පිළිබඳව අමාත්‍යවරයා සාකච්ඡා කර තිබේ. මේ අතර මහ කන්නයේ වී වගාවේදී 30%ක් කාබනික පොහොර ද, 70%ක් රසායනික පොහොර ද යොදා ගනිමින් වී වගා කිරීමට නිර්දේශවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ ය. ඒ අනුව මෙවර මහ කන්නයේ දී වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 150,000 කි. නමුත් මේ වනවිට කාබනික පොහොර නිෂ්පාදන සමාගම් සතුව පවතින පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 80,000 ක් වන බව කෘෂිකර්ම අමාතශ්‍යංශය සඳහන් කළේ ය.
2022-11-01T07:40:35.000Z
ජනපතිගේ ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට මන්ත්‍රී දොලවත්තගෙන් පෞ. මන්ත්‍රී යෝජනාවක්
මන්ත්‍රී දොලවත්තගෙන් පෞ. මන්ත්‍රී යෝජනාවක්
COLOMBO (News 1st) – තරුණ ප්‍රජාව රාජ්‍ය පාලනයට දායක කර ගැනීමේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මේ පිළිබඳ දැනුවත් කිරීමේ හමුවක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවති බවයි. තම පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පවසන්නේ, තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් ලබා දීම මගින් ව්‍යවස්ථාවට නව අගයක් එකතු කරන බවයි. 25%ක තරුණ නියෝජනය තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙම කෙටුම්පතෙහි ඇතුළත් වේ.
2022-11-01T06:43:52.000Z
පාර්ලිමේන්තු රැස්වීම හා අය - වැය දිනවලදී මැති - ඇමති රට ගමන්වලට සීමාවක්
මැති - ඇමති රට ගමන්වලට සීමාවක්
COLOMBO (News 1st) – පාර්ලිමේන්තු රැස්වීම පවත්වන දිනවලදී හා අය - වැය විවාදය පවත්වනු ලබන කාල සීමාව තුළ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා රජයේ පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විදේශගතවීම සීමා කර තිබේ. ඒ, අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. ඒ අනුව හදිසි වෛද්‍යමය අවස්ථාවකදී හෝ රජයේ ඉතා හදිසි කාර්යක් සම්බන්ධයෙන් වන අවස්ථාවකදී හැර අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ට විදෙස්ගතවීම සීමාවනු ඇති. 2023 වසරට අදාළ අය - වැය විවාදය සඳහා වැඩසටහන් ඉදිරිපත් කරමින් අග්‍රමාත්‍යවරයා එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. ලබන 14 වැනිදා අය-වැය කතාවෙන් පසු දෙවන වර කියවීමේ විවාදය ලබන 15 වැනිදා සිට දෙසැම්බර් 07 වැනිදා තෙක් පැවැත්වෙනු ඇති. අය-වැය ඡන්ද වීමසීම පවත්වනු ලබන්නේ ලබන මස 8 වැනිදායි.
2022-11-01T06:04:39.000Z
පළාත් රැසකට යළිත් ධාරාණිපාත වැසි.... කාලගුණය අනාවැකි කියයි
පළාත් රැසකට යළිත් ධාරාණිපාත වැසි....
COLOMBO (News 1st) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 150ක ට වැඩි ඉතා තද වැසි ද, දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට මි.මී 100කට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බවය බවයි. තව ද උතුරු, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
2022-11-01T06:00:15.000Z
කාර්මික දෝෂයකින් කුකුළේගඟ වාන් දොරටු විවෘත වෙයි..
කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි
COLOMBO (News 1st) - කාර්මික දෝෂයක් හේතුවෙන් කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හදිසියේ විවෘත වී තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ නිසා තත්පරයට ඝන මීටර් 500ක පමණ විශාල ධාරාවක් පහළට ගලාගෙන එන බවයි. මේ හේතුවෙන් කුඩා ගඟ ආශ්‍රිතව බුලත්සිංහල, අයගම සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ක්ෂණික ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
2022-11-01T05:27:35.000Z
පොල්ගොල්ලේ වාන් දොරටු 4 ක් විවෘත කරයි
පොල්ගොල්ලේ වාන් දොරටු 4 ක් විවෘත කරයි
COLOMBO (News 1st) - මහනුවර හා තදාසන්න ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ ඇද හැලුණු අධික වැසි හේතුවෙන් පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු හතරක් විවෘත කර තිබේ. මේ හේතුවෙන් වේල්ලෙන් පහළ මහවැලි ගඟ පරිහරණයේදී විමසිලිමත් වන්නැයි, මහවැලි වේල්ල කාර්ය භාර ඉන්ජිනේරුවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
2022-11-01T05:01:56.000Z
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
COLOMBO (News 1st) - මරදාන හා කොටුව අතරදී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබේ. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රියක් එලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි. ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව පාලක මැදිරිය සඳහන් කළේ ය.
2022-11-01T04:02:10.000Z
කැබිතිගොල්ලෑව පොලිස් සැරයන්ගේ ඝාතනයට සැකපිට 4ක් අත්අඩංගුවට
පොලිස් සැරයන්ගේ ඝාතනයට සම්බන්ධ 4ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - කැබිතිගොල්ලෑවේ නොසන්සුන්තාවක් අතරතුර පහරදී පොලිස් සැරයන්වරයෙකු ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, එම ප්‍රදේශයේ පදිංචි අවුරඅදු 20, 29, 30 හා 37 යන වයස්ව පසුවන සිව් දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. කැබිතිගොල්ලෑව, රඹකැපූවැව නොසන්සුන්තාවක් අතරතුර සිදු වූ පහරදීමෙන් පොලිස් සැරයන්වරයෙකු ඝාතනයට ලක් විය. එලෙස ඝාතනයට ලක්වූයේ 54 හැවිරිදි වාරියපොල පදිංචි පොලිස් සැරයන්වරයෙකි.
2022-11-01T02:38:11.000Z
ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක නෞකාවක් දිවයිනට
ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක නෞකාවක් දිවයිනට
COLOMBO (News 1st) - නොරෝච්චෝලේ බලාගාරයට ගල්අඟුරු රැගත් නෞකාවක් අද (01) දිනයේ පැමිණෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කළේ, දකුණු අප්‍රිකාවේ සිටි මෙරටට පැමිණෙන එම නෞකාවෙන් ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක් රැගෙන එන බවයි. මේ අතර පසුගිය දා ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක් රැගත් නෞකාවක් මෙරටට ළඟා විය. සතියට එක බැගින් ගල්අඟුරු මෙට්‍රික් ටොන් 2.2 ක් මෙරටට රැගෙන ඒමට නියමිතයි.
2022-11-01T02:31:19.000Z
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 කට වැඩි තද වැසි
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 කට වැඩි තද වැසි
COLOMBO (News 1st) - බදුල්ල, කෑගල්ල, මාතර, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ජනතාව, කණ්ඩි කඩාවැටීම්, නායයෑම්, ගල් පෙරළීම් සහ පොළෙව ගිලා බැසීම් සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු බවයි. මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌවසහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක ට වැඩි තද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
2022-11-01T02:27:31.000Z
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවා ගාස්තු ඉහළට
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු ඉහළට
COLOMBO (News 1st) - ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවා ගාස්තු අද (01) සිට ඉහළ දමා තිබේ. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ, පළමුවරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන අයැදුම් පත්‍රයකට අද (01) සිට රුපියල් 200 ක ගාස්තුවක් ගෙවිය යුතු බවයි. අවුරුදු 15 ට එළැඹෙන ළමුන් මුල්වරට ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා ගෙවිය යුතු රුපියල් 100 ගාස්තුව රුපියල් 200 ක් දක්වා වැඩි කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය. ඔහු සඳහන් කළේ, නැතිවු හැඳුනුම්පතක් වෙනුවට අනුපිටපතක් ලබා ගැනීම සඳහා රුපියල් 500 ක්ව පැවැති ගාස්තුව රුපියල් 1000 ක් දක්වා වැඩිකර ඇති බවයි. සංශෝධිත පිටපතක් ලබා ගැනීම සඳහා රුපියල් 250 ක් ව පැවැති ගාස්තුව රුපියල් 500 ක් දක්වා ඉහළ දමා තිබේ. ඡායාරූපාගාර ලියාපදිංචි කිරීම සඳහා රුපියල් 15000 ක් ද අයකරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවා ගාස්තු සංශෝධනය අද (01) ක්‍රියාත්මක වන බව පසුගිය 14 වැනි දා ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ය.
2022-11-01T02:18:09.000Z
බණ්ඩාරවෙල නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙක් මරුට
පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙක් මරුට
COLOMBO (News 1st) - බණ්ඩාරවෙල, හම්පරාව ප්‍රදේශයේ නාය යාමකින් පුද්ගලයෙකු මියගොස් කාන්තාවක් තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, නායයාමත් සමග ඊයේ (31) රාත්‍රීයේ නිවස මතට කොන්ක්‍රීට් බැම්මක් හා පස් කණ්ඩියක් කඩා වැටී ඇති බවයි. සිද්ධිය වන අවස්ථාවේ නිවසේ හිමිකරු, බිරිඳ, පුතා සහ ඥාති කාන්තාවක් එහි සිට තිබේ. පොලීසිය පැවසුවේ, අනතුරින් තුවාල ලැබූ නිවසේ හිමිකරු හා ඥාති කාන්තාව තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු 73 හැවිරිදි හිමිකරු මියගොස් ඇති බවයි.
2022-11-01T01:33:20.000Z
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අද T20 ලෝක කුසලාන තරග බිමට
ශ්‍රී ලංකාව - ඇෆ්ගනිස්ථානය අද තරග බිමට
COLOMBO (News 1st) - පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තරග දෙකක් ඔස්ට්‍රේලියාවේ, බ්‍රිස්බන්හිදී අද (01) පැවැත්වේ. ඒ අනුව සුපිරි 12 දෙනොගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (01) සිය සිව්වැනි තරගයට මුහුණ දෙනු ඇත. ඒ, ඇෆ්ගනිස්ථානය සමගයි. මෙම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය. අද දිනයේ දෙවැනි තරගය එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වේ. මෙම තරගය මෙරට වේලාවෙන් දහවල් 1.30ට ආරම්භ වීමට නියමිතයි. පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV තුළින් ඔබට සජිවීව නැරඹිය හැකිය.
2022-11-01T01:10:14.000Z
කැබිතිගොල්ලෑවේ නොසන්සුන්තාව අතරතුර පහරකෑමට ලක් වූ පොලිස් සැරයන් මරුට
පහරකෑමට ලක් වූ පොලිස් සැරයන් මරුට
COLOMBO (News 1st) - අනුරාධපුර, කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේදී කුපිත වූ පිරිසකගේ පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඔහුගේ දේහය මේ වනවිට මැදවච්චිය රෝහලේ තැන්පත් කර ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි වාරියපොල පදිංචි පොලිස් සැරයන්වරයෙකි. වන අලියෙකු පහරදීමෙන් ඊයේ (31) පස්වරුවේ එම ප්‍රදේශයේ පුද්ගලයෙකු මිය ගියේ ය. ඊට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ නිරත වන බවට ලද තොරතුරක් අනුව කැබිතිගෝලෑව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සහ තවත් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, එම අවස්ථාවේදී මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුට කුපිත වූ ප්‍රදේශවාසින් මුඟුරකින් පහර දී ඇති බවයි. ඇති වූ තත්ත්වය පාලනයට පොලීසිය අහසට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, පහරකෑමට ලක් වූ පොලිස් නිලධාරියා බේරා ගැනීමට පොලීසියට අහසට වෙඩි තැබීමට සිදු කළ බවය.
2022-11-01T00:41:03.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
1. වන අලියෙකු පහරදී පුද්ගලයෙකු මිය යෑමෙන් කැබිතිගොල්ලෑව උණුසුම්: තත්ත්වය පාලනයට පොලීසියෙන් අහසට වෙඩි: කැබිතිගොල්ලෑව, රඹකැපූ වැව මන්සන්ධියේ පැවති විරෝධතාවක් පාලනය කිරීමට පොලීසිය වෙඩිතැබීමක් සිදුකර තිබේ. 2. නො. 1 සිට 4 දක්වා පැය 2 ක විදුලි කප්පාදුවක් - නොවැම්බර් 1 සිට 4 දක්වා දෛනිකව පැය 2 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබාදී තිබේ. 3. පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පහළට - ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. 4. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඊයේ (31) සිට බලාත්මකයි: පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගිය දා සම්මත වූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඊයේ (31) සිට බලාත්මකයි. 5. අයර්ලන්තයට එරෙහිව ඔස්ට්‍රේලියාවට ලකුණු 42ක පහසු ජයක් - 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහි තරගය ඔස්ට්‍රේලියාව ලකුණු 42කින් ජය ගැනීමට සමත් විය.
2022-10-31T18:02:31.000Z
වන අලියෙකු පහරදී පුද්ගලයෙකු මිය යෑමෙන් කැබිතිගොල්ලෑව උණුසුම්: තත්ත්වය පාලනයට පොලීසියෙන් අහසට වෙඩි
කැබිතිගොල්ලෑවේ උණුසුම් තත්ත්වයක්
COLOMBO (News 1st) - කැබිතිගොල්ලෑව, රඹකැපූ වැව මන්සන්ධියේ පැවති විරෝධතාවක් පාලනය කිරීමට පොලීසිය වෙඩිතැබීමක් සිදුකර තිබේ. ප්‍රදේශවාසීන් පිරිසක් අද රාත්‍රියේ විරෝධතාවක නිරතවී තිබුණේ ප්‍රදේශයේ පුද්ගලයකු වන අලි ප්‍රහාරයකට ගොඳුරු වීමෙන් අනතුරුවයි. අද පස්වරුවේ ප්‍රදේශයේ අයෙක් වන අලි ප්‍රහාරයට ලක්ව මියගොස් තිබුණි. පසුව අදාළ ස්ථානයට පොලිස් නිලධාරීන් පැමිණී අවස්ථාවේදී ඔවුන්ට ප්‍රදේශවාසීන් පහරදුන් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, එම ස්ථානයට ගිය කැබිතිගොල්ලෑව පොලීසියේ කොස්තාපල්වරයෙකුට පිරිසක් මුගුරකින් පහරදී බරපතල තුවාල සිදුකර ඇති බවය. අදාළ පොලිස් නිලධාරියා බේරාගැනීමට සහ ඇතිවූ තත්ත්වය පාලනය කිරීමට අහසට වෙඩි තැබීමට සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. පසුව තුවාල ලැබූ නිලධාරියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
2022-10-31T12:11:21.000Z
අයර්ලන්තයට එරෙහිව ඔස්ට්‍රේලියාවට ලකුණු 42ක පහසු ජයක්..
ඔස්ට්‍රේලියාවට ලකුණු 42ක පහසු ජයක්..
COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහි තරගය ඔස්ට්‍රේලියාව ලකුණු 42කින් ජය ගැනීමට අද(31) සමත් විය. ලකුණු 180ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි, අයර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 137ක් පමණි. බ්‍රිස්බන් පිටියේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන්, සත්කාරක ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 179ක් රැස් කළේ ය. ඔස්ට්‍රේලියාව වෙනුවෙන්, නායක ඒරන් ෆින්ච් සහ මිචෙල් මාෂ් අතර දෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 52කි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක ෆින්ච් පන්දු 44කින් ලකුණු 63යි. බැරී මකාති කඩුලු 3ක් දවා ගත්තේ ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි, අයර්ලන්ත පළමු කඩුලු 5 බිඳ වැටුණේ ලකුණු 25කදීය. මිචෙල් මාෂ් අයර්ලන්ත ඉනිමේ පළමු කඩුලු 2 තමාගේ නම ඉදිරියෙන් සටහන් කර ගැනීමට සමත් විය. නායක ඇන්ඩි බැල්බර්නි ලකුණු 6කට දැවී ගිය අතර පෝල් ස්ටර්ලින් ලකුණු 11යි. කර්ටිස් කැම්පර් සහ ජෝර්ජ් ඩොක්රල්ට ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැත.
2022-10-31T10:36:48.000Z
නො. 1 සිට 4 දක්වා පැය 2 ක විදුලි කප්පාදුවක්
නො. 1 සිට 4 දක්වා පැය 2 ක විදුලි කප්පාදුවක්
COLOMBO (News 1st) – නොවැම්බර් 1 සිට 4 දක්වා දෛනිකව පැය 2 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව A - W කාණ්ඩවලට දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ පැය බැගින් විදුලි කප්පාදුව සිදු වනු ඇති.
2022-10-31T09:34:26.000Z
පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පහළට
පාන් ගෙඩියක මිල රුපියල් 10කින් පහළට
COLOMBO (News 1st) - අද(31) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව ග්‍රෑම් 450 පාන් ‌ගෙඩියට මිල රුපියල් 10කින් පහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කළේ ය. එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ, තිරිඟු පිටි මිල පහළ යාමට සාපේක්ෂව මෙම තීරණය ගත් බවයි.
2022-10-31T07:45:04.000Z
මැචු ගඟේ ඛේදවාචකය : මියගිය ගණන 141ක් දක්වා ඉහළට
මැචු ගඟේ ඛේදවාචකය : මියගිය ගණන 141ක් දක්වා ඉහළට
COLOMBO (News 1st) – ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් මිය ගිය පිරිස 141 ක් දක්වා ඉහළ ගොස් තිබේ. සිද්ධියෙන් සිය දෙනෙකුට අධික පිරිසක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 177 දෙනෙකු පමණ බේරාගත් බවයි. ගුජරාට් ප්‍රාන්තයේ මැචු ගඟට පාලම කඩා වැටෙන අවස්ථාව වන විට පුද්ගලයින් 500 ක් පමණ සිට තිබේ. විදෙස් මාධය වාර්තා කළේ, බ්‍රිතාන්‍ය යුගයට අයත් කේබල් පාලමක් වන මෙය මීට වසර 150 කට පමණ පෙර ඉදිකරන ලද්දක් බවයි. සංචාරකයින්ගේ වැඩි අවධානයක් හිමිකරගත් මෙම පාලමට ඇතුළු වීමට එක් අයෙකුගෙන් අය කරගන්නා මුදල ඉන්දියානු රැපියල් 17 කි. ප්‍රතිසංස්කරණය සඳහා මාස 7 ක කාලයක් වසා දමා තිබූ පාලම , යළි විවෘත කර දින 4 කට පසු මෙම ඛේදජනක සිදු වීම සිදු විය. පළාත් පාලන ආයතන ප්‍රධානීයා පවසන්නේ පැරණි පාලම ප්‍රතිසංස්කරණය කර එය නැවත විවෘත කිරීමට පෙර ආරක්ෂිත සහතිකයක් ගෙන නොතිබූ බවයි.
2022-10-31T07:02:56.000Z
21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද (31) සිට බලාත්මකයි
21 අද (31) සිට බලාත්මකයි
COLOMBO (News 1st) – පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගිය දා සම්මත වූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (31) සිට බලාත්මකයි. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කිරීමත් සමගයි. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2022 අගෝස්තු 10 වැනිදා අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. අනතුරුව ඊට එරෙහිව පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී සංශෝධන සිදුකොට අනුමතිය ලබාගැනීම සිදුවිය. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වුණේ, පසුගිය ඔක්තොබර් 20 සහ 21 යන දෙදිනයි. දෙවන වර කියවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 179 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 1ක් ලැබිණ. ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන එක්වීමෙන් අනතුරුව පනත් කෙටුම්පත තෙවන වර කියවීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 174 ක් ද විපක්ෂව එක් ඡන්දයක් ද හිමිවිය. ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස අද සිට බලාත්මක වනු ඇති.
2022-10-31T06:17:38.000Z
මහ දවල් වෙඩි පත්තුවෙයි... දෙදෙනෙක් මහමග මරුදකී
මහ දවල් වෙඩි පත්තුවෙයි... දෙදෙනෙක් මහමග මරුදකී
COLOMBO (News 1st) – අද (31) උදෑසන හික්කඩුව, තිරාණගමදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. පොලිසිය පැවසුවේ, යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදි මිය ගොස් ඇති තුවාලකරුවන් අවුරුදු 26 හා 47 වයස්වල පසුවන කළුපේ, හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. අධිකරණ කටයුත්තක් සඳහා යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති මොවුන් දෙදෙනා මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් බව ද පොලීසිය පැවසී ය. වෙඩි තැබීම සඳහා සැකකරුවන් යතුරු පැදියකින් පැමිණෙන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
2022-10-31T04:59:10.000Z
හික්කඩුවේ වෙඩි තැබීමක් : දෙදෙනෙකුට තුවාල
හික්කඩුවේ වෙඩි තැබීමක්
හික්කඩුව, නාරිගම ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි, පොලිසිය පවසයි .
2022-10-31T03:23:49.000Z
සෝමාලියාවේ බෝම්බ පිපිරීම්වලින් 100 ක් මරුට
සෝමාලියාවේ බෝම්බ පිපිරීම්වලින් 100 ක් මරුට
COLOMBO (News 1st) – සෝමාලියාවේ මොගඩිෂු අගනුවර සිදු වූ බෝම්බ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 100 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ. එරට ජනාධිපතිවරයා පවසන්නේ, අගනුවර කාර්යබහුල මංසන්ධියක සිදු වූ මෙම බෝම්බ පිපිරීම්වලින් 300කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි. මේ අතර තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා සහය වන ලෙස ජනාධිපතිවරයා ජාත්‍යන්තර සහය ඉල්ලා තිබේ. එරට වෙබ් අඩවියක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අල් ෂබාබ් කැරලිකරුවන් ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇති බවයි. එක් බෝම්බයක් පිපිරී මිනිත්තු කිහිපයකට පසු අනෙක් බෝම්බය පිපිරී ගොස් ඇති අතර පිපිරීම්වලින් වාහන මෙන්ම ගොඩනැගිලි ද විනාශ වී ඇතැයි, වාර්තා වේ.
2022-10-31T03:22:47.000Z
ෆයිසර් මාත්‍රා මිලියන 7ක් අද කල් ඉකුත් වෙයි - සෞඛ්‍ය අමාත්‍යාංශය -
ෆයිසර් මාත්‍රා මිලියන 7ක් අද කල් ඉකුත් වෙයි..
COLOMBO (News 1st) – ෆයිසර් මාත්‍රා මිලියන 7ක පමණ තොගයක් අද(31) දිනයේ කල් ඉකුත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ, අද දිනය තුළ වුවද පැමිණ අදාළ එන්නත ලබා ගත හැකි බවයි. අද රාත්‍රී 12.00 ට ෆයිසර් එන්නත් තොගය කල් ඉකුත් වෙයි. මේ වන විට මෙරට ජනතාවගෙන් 52% ක් පුර්ණ එන්නත් කරණයට ලක්වී ඇති බව සඳහන් ය. කෙසේනමුත් සයිනෝෆාම් එන්නත් භාවිත කිරීමට මෙරට ජනතාවට තවමත් හැකිව පවතින බව විශේඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේ ය.
2022-10-31T02:44:28.000Z
දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක්..
දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක්..
COLOMBO (News 1st) – පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට 100mm ක පමණ තද වැසි ඇති විය හැකි ය. ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා විය. එම අගය මිලිමීටර් 106 කි. මුලතිව් ප්‍රදේශයට මිලමීටර් 102 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඒ , ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය වර්ධනය වෙමින් පැවතීම හේතුවෙනි.
2022-10-31T02:27:54.000Z
ගොවීන්ට අද සිට නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්..
ගොවීන්ට නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්..
COLOMBO (News 1st) – ගොවීන් සඳහා නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් අද(31) සිට ආරම්භ වන බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පැවසුවේ, ගොවීන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට සාමාජිකයින් බඳවා ගැනීම 2010 වසරේ සිට අත්හිටුවා තිබූ බවයි.
2022-10-31T02:07:06.000Z
බෝ නොවන රෝග හේතුවෙන් මියයන සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට..
බෝ නොවන රෝග නිසා මියයන සංඛ්‍යාව ඉහළට..
COLOMBO (News 1st) – මෙරට මරණවලින් 83% කටම බෝ නොවන රෝග හේතුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය ශාන්ත ගුණවර්ධන මහත්මිය පැවසුවේ , දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකා වැනි රෝගවලින් පුද්ගලයින් එලෙස මරණයට පත්ව ඇති බවයි. දිනකට අවශ්‍ය ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5 ක් පමණක් වුවද බොහෝ පිරිස් අධික ලෙස ලුණු පරිභෝජනය නිසා පුද්ගලයින් අධික රුධිර පීඩනයට ගොඳුරු වන බව ද ඇය පැවසුවා ය.
2022-10-31T01:15:08.000Z
ඔස්ට්‍රේලියා - අයර්ලන්ත තීරණාත්මක තරගය අද..
ඔස්ට්‍රේලියා - අයර්ලන්ත තීරණාත්මක තරගය අද..
COLOMBO (News 1st) – 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ඔස්ට්‍රේලියාව සහ අයර්ලන්තය අතර තීරණාත්මක තරගය අද (31)පැවැත්වෙයි. බ්‍රිස්බන්හීදි පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය. මෙය පළමු කාණ්ඩයේ තරගයක් බැවින් මෙම තරගයේ තීරණය ශ්‍රී ලංකා කණ්ඩායමටද වැදගත් වේ. යම් හෙයකින් මෙම තරගයෙන් අයර්ලන්තය ජය ගතහොත් එය ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිසහගත වනු ඇති. පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV තුළින් ඔබට සජිවීව නැරඹිය හැකිය.
2022-10-31T01:13:19.000Z
ද. කොරියාවේදී තෙරපීමකින් මිය ගිය මහනුවර තරුණයාගේ සිරුර දිවයිනට රැගෙන ඒමට කටයුතු කරනවා - විදේශ ඇමති
ද. කොරියාවේදී මියගිය තරුණයා ගැන නිවේදනයක්
COLOMBO (News 1st) : දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් උත්සවයකදී ඇතිවූ තෙරපීමකින් මිය ගිය ශ්‍රී ලාංකික තරුණයාගේ සිරුර දිවයිනට ගෙනඒම සඳහා කටයුතු කරමින් ඇතැයි විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, මියගිය තරුණයාගේ සිරුර දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය බවට ඔහුගේ ඥාතීන් දැනුම් දී ඇති බවයි. අදාළ සිදුවීමෙන් තවත් ලාංකිකයින්ට බලපෑමක් සිදුව ඇද්දැයි සෙවීම සඳහා සෝල් නුවර පොලීසීයට සහ රෝහල් වෙත නියෝජිතයින් යොමුකර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය. එම අමාත්‍යාංශය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා වැඩිදුර තොරතුරු සොයාබලමින් සිටින බවයි. මේ අතර, අදාල සිද්ධියෙන් මියගිය තරුණයා රැකියා සඳහා ගිය අයෙකු නොවන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ විමලවීර මහතා සඳහන් කළේ ය. ලේකම්වරයා පැවසුවේ, ඔහු අධ්‍යාපන කටයුතු සඳහා ගොස් ඇති අයෙකු වන බවයි. එලෙස මියගියේ මහනුවර, උඩතලවින්න මඩිගේ ප්‍රදේශයේ පදිංචි මුනව්වර් මුහම්මඩ් ජිනාත් නැමැති 27 හැවිරිදි තරුණයෙකි. දකුණු කොරියාවේ සෝල් අගනුවර ඉතේවොන් ඩොන්ග් (Itaewon - dong) ප්‍රදේශයේ පැවැති හැලොවීන් උත්සවයේ සිදුවූ තෙරපීමකින් මේ වනවිට 154 දෙනෙකු මියගොස් තිබේ.
2022-10-31T01:00:44.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
දේශීය පුවත් 1.රේගු අංගන ආශ්‍රිතව ඇති වාහන රජයේ අවශ්‍යතා සඳහා නිදහස් කිරීමට පියවර – විවිධ නීතිමය හේතු මත රේගු අංගන ආශ්‍රිතව රඳවාගෙන ඇති වාහන, රජයේ අවශ්‍යතා සඳහා නිදහස් කිරීමට තීරණය කර තිබේ. 2.සිසුවෙකුට වෙඩි වැදීම පිළිබඳ පරීක්ෂණ පූර්ණ නියාමනයකට – ජාතික ළමාරක්ෂක අධිකාරිය - මාතර, තිහගොඩදී පාසල් සිසුවෙකුට පොලීසියෙන් වෙඩි වැදීම පිළිබඳ පරීක්ෂණ පූර්ණ නියාමනයකට ලක් කරන බව, ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි. 3.ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරු සොයා විශේෂ විමර්ශනයක් – ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පරික්ෂා කිරීම සඳහා මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි 4.මන්ත්‍රී නිල නිවාස අවභාවිත කිරීම පිළිබඳව වහා සොයා බලන්න – කතානායකගෙන් උපදෙස් – මන්ත්‍රී නිල නිවාස අවභාවිත කිරීම පිළිබඳව වහාම සොයා බලන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. විදෙස් පුවත් 1.දකුණු කොරියාවේ සෝල් නුවර තෙරපීමෙන් මියගිය පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයෙක්..– දකුණු කොරියාවේ, සෝල් නුවර උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමෙන් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇත. ක්‍රීඩා පුවත් 1.ඉන්දියාවට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 5ක විශිෂ්ට ජයක් – පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායමට එරෙහි තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 5ක විශිෂ්ට ජයක් හිමිවිය.
2022-10-31T00:58:19.000Z
විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ගෝලීය හරිත වර්ධන ආයතනයේ උප සභාපතිවරයෙකු ලෙස පත් කෙරේ..
වෛද්‍ය අනිල් ජාසිංහට නව තනතුරක්
COLOMBO (News 1st) – ගෝලීය හරිත වර්ධන ආයතනයේ උප සභාපතිවරයෙකු ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත්කර තිබේ. ඒ පසුගියදා දකුණු කොරියාවේ සෝල් නගරයේ පැවති ගෝලීය හරිත වර්ධන ආයතනයේ 11 වැනි සමුළුවේදී ය. මෙම අන්තර්ජාතික සංවිධානයේ වර්තමාන සභාපතිත්වය දරනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් මහතා ය. ගෝලීය හරිත වර්ධන ආයතනය සභාපතිවරයකුගෙන් හා උපසභාපතිවරු දෙදෙනෙකුගෙන් සමන්විත අතර උප සභාපති තනතුරු සඳහා ශ්‍රී ලංකාව හා දකුණු කොරියාවේ නියෝජිතයින් පත්ව තිබේ. සාමාජිකයන් 44කින් සමන්විත අන්තර්ජාතික සංවිධානයක් ගෝලීය හරිත වර්ධන ආයතනය සාමාජික රටවල හරිත සංවර්ධනය හා හරිත මූල්‍යකරණයේ පහසුකම් සපයන්නෙකු ලෙස කටයුතු කරයි. දැනට ශ්‍රී ලංකාව මෙම ආයතනය සමග දේශගුණ විපර්යාස, විදුලි ප්‍රවාහනය යන ක්ෂේත්‍රවල ප්‍රධාන වශයෙන් කටයුතු කරනු ලබන බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කළේ ය.
2022-10-31T00:55:21.000Z
මෙරට පවුල්වලින් 60%ක් ජීවත්වීමට රජයේ ආධාර අපේක්ෂා කරනවා - රංජිත් සියඹලාපිටිය
මෙරට පවුල් 60%ක් රජයේ ආධාර අපේක්ෂා කරනවා ..
COLOMBO (News 1st) : මෙරට පවුල්වලින් 60%ක් ජීවත්වීම සඳහා රජයේ ආධාර අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, රජයේ සුබසාධන වැඩපිළිවෙළ සඳහා පවුල් ලක්ෂ 40කට අධික සංඛ්‍යාවක් අයදුම්කර ඇති බවයි. සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පවුලක එක් පුද්ගලයෙකුට මසක් ජීවත්වීම සඳහා රුපියල් 13,460 ක් අවශ්‍ය බව ද අමාත්‍යවරයා පැවසුවේ ය.
2022-10-30T10:26:26.000Z
ඉන්දියාවේ පාලමක් ගඟකට කඩා වැටී 35ක් මරුට..
ඉන්දියාවේ පාලමක් කඩා වැටී 35ක් මරුට..
COLOMBO (News 1st) – ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධය වාර්තා කළේ, පාලම කඩා වැටෙන අවස්ථාව වනවිට පුද්ගලයින් 400 ක් පමණ පාලම මත සිට ඇති බවයි . අදාල පාලම ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු නැවත ජනතාව සඳහා විවෘත කර ඇත්තේ මින් දින 4කට පෙරයි. එවැනි පසුබිමක් තුළ මෙවැන්නක් සිදු වූයේ කෙසේද යන්න පිළිබඳව සෙවීමට විමර්ශන ආරම්භ කර තිබේ. ගලවා ගැනීමේ අංශ සැක පළ කරන්නේ, බොහෝ පිරිසක් තවමත් ජලයේ සිරවී ඇති බවය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සිද්ධියෙන් මියගිය පිරිසට සිය ශෝකය පළ කළේ ය.
2022-10-30T15:53:51.000Z
ඉන්දියාවට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 5ක විශිෂ්ට ජයක්
ඉන්දියාවට එරෙහිව ද. අප්‍රිකාවට විශිෂ්ට ජයක්
COLOMBO (News 1st) – පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායමට එරෙහි තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 5ක විශිෂ්ට ජයක් හිමිවිය. පර්ත්හීදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ මුල් පෙල කඩුලු 5 ලකුණු 49කදී බිඳ වැටුණි. නායක රෝහිත් ශර්මා ලකුණු 15කි. ලෝකේශ් රාහුල් ලකුණු 9කට දැවී ගිය අතර විරාත් කෝලි ලකුණු 12කට පිටියෙන් ඉවත් විය. ඉන්දීය පිතිකරුවන් රැසක් අඩු ලකුණු සංඛ්‍යාවකට පිටියෙන් ඉවත් වෙද්දී හුදකලා සටනක නිරත වූ සූර්ය කුමාර් යාදෙව් ලකුණු 68ක් රැස් කළේ පන්දු 40කින් ය. 4 පහර 6ක් සහ 6 පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය. ලුන්ගි එන්ගීඩි කඩුලු 4යි. පන්දුවාර 20 අවසානයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 9කට ලකුණු 133ක් රැස් කළේ ය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකාවේ මුල් පෙළ කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 24කදී ය. එයිඩන් මාක්‍රම් සමග එක් වූ ඩේවිඩ් මිලර් දකුණු අප්‍රිකා ඉනිම ගොඩනැගුවේ ය. මාක්‍රම් පන්දු 41කින් ලකුණු 52කි. මිලර් පන්දු 46කින් නොදැවී ලකුණු 59ක් රැස් කළේ ය. දකුණු අප්‍රිකාව තරගය ජය ගත්තේ, පන්දුවාර 19යි පන්දු 4කදී කඩුලු 5ක් දැවී සිටියදී ය.
2022-10-30T09:22:01.000Z
සිම්බාබ්වේට එරෙහිව බංග්ලාදේශයට ලකුණු 3ක තියුණු ජයක්
බංග්ලාදේශයට ලකුණු 3ක තියුණු ජයක්
COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගය බංග්ලාදේශය ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කළේය. තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩකයින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 150ක් රැස් කළේ ය. නජ්මුල් හොසේන් පන්දු 55කදී ලකුණු 71යි. සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන්, රිචඩ් එන්ගරාවා සහ බ්ලෙසින් මුසරබානි කඩුලු 2 බැගින් බිඳ හෙලුවේ ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සිම්බාබ්වේ ක්‍රීඩකයන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 147 ක් පමණි. හුදකලා සටනක නිරත වූ ෂෝන් විලියම්ස් පන්දු 42කදී ලකුණු 64 ක් රැස් කළේ ය. ටස්කින් අහමඩ් කඩුලු 3යි. අවසන් පන්දුවට ලකුණු 4ක් අවශ්‍ය වී තිබූ නමුත් ඒ අවස්ථාවේ එම අන්තයේ සිටි බ්ලෙසින් මුසරබානිට එම ලකුණ ලබා ගැනීම හැකි වූයේ නැත.
2022-10-30T06:56:44.000Z
අද සිට වැසි තත්ත්වයේ යළි වැඩි වීමක් ..
අද සිට වැසි තත්ත්වයේ යළි වැඩි වීමක් ..
COLOMBO (News 1st) - අද(30) සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ, ශ්‍රී ලංකාව ආසන්නේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පැවතීම හේතුවෙනි. උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර 50 ට වැඩි වැසි ඇතිවිය හැකි වේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි අකුණු අනතුර අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
2022-10-30T05:23:20.000Z
දකුණු කොරියාවේ සෝල් නුවර තෙරපීමෙන් මියගිය පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයෙක්..
සෝල් නුවර තෙරපීමෙන් ලාංකිකයෙකුත් මරුට
COLOMBO (News 1st) - දකුණු කොරියාවේ, සෝල් නුවර උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමෙන් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇත. නිවුස්ෆස්ට් කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍ය, අලි සබ්රි මහතා සඳහන් කළේ, 27 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු එලෙස මියගොස් ඇති බවය. අදාළ සිදුවීමෙන් තවත් ලාංකිකයින්ට බලපෑමක් සිදුව ඇද්දැයි සෙවීම සඳහා සෝල් නුවර පොලීසීයට සහ රෝහල් වෙත නියෝජිතයින් යොමුකර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය. අමාත්‍යවරයා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය සහ දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා වැඩිදුර තොරතුරු සොයාබලමින් සිටින බවය.
2022-10-30T04:24:45.000Z
සිසුවෙකුට වෙඩි වැදීම පිළිබඳ පරීක්ෂණ පූර්ණ නියාමනයකට - ජාතික ළමාරක්ෂක අධිකාරිය
සිසුවෙකුට වෙඩි වැදීම පිළිබඳ පරීක්ෂණ පූර්ණ නියාමනයක
COLOMBO (News 1st)- මාතර, තිහගොඩදී පාසල් සිසුවෙකුට පොලීසියෙන් වෙඩි වැදීම පිළිබඳ පරීක්ෂණ පූර්ණ නියාමනයකට ලක් කරන බව, ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි. එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, උදය කුමාර අමරසිංහ මහතා සඳහන් කළේ, ඒ සඳහා සිය අධිකාරියට අනුයුක්ත පොලිස් නිලධාරීන් යොමු කර ඇති බවයි. මේ අතර අදාළ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් මූලික විමර්ශන වාර්තාවක් සකස් කර තිබේ. ඒ, ඊයේ(29) මානව හිමිකම් කොමිසමේ නිලධාරින් සිදුකළ ස්ථානීය පරීක්ෂණයකින් අනතුරුවයි. අදාළ සිසුවා මේ වනවිට කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. මේ අතර වෙඩි තැබීම සිදුකළ උප පොලිස් පරීක්ෂකවරයා ලබන දෙවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. ඒ, ඊයේ පස්වරුවේ මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
2022-10-30T04:19:17.000Z
රේගු අංගන ආශ්‍රිතව ඇති වාහන රජයේ අවශ්‍යතා සඳහා නිදහස් කිරීමට පියවර
රේගුවේ ඇති වාහන රාජ්‍ය අවශ්‍යතා සඳහා නිදහස් කෙරේ
COLOMBO (News 1st) - විවිධ නීතිමය හේතු මත රේගු අංගන ආශ්‍රිතව රඳවාගෙන ඇති වාහන, රජයේ අවශ්‍යතා සඳහා නිදහස් කිරීමට තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, ඒ යටතේ දැනට උග්‍ර වාහන හිඟයකට මුහුණ පා ඇති පොලීසිය ඇතුළු දෙපාර්තමේන්තු සහ රජයේ ආයතන කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන බවයි. ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවි ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
2022-10-30T04:14:44.000Z
ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරු සොයා විශේෂ විමර්ශනයක්
ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරු සොයා විමර්ශන
COLOMBO (News 1st) - ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පරික්ෂා කිරීම සඳහා මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමෙන්තුව සඳහන් කළේ, පාර්ලිමේන්තුවෙන් යොමුකර ඇති මන්ත්‍රීවරුන්ගේ උපන්දින , නම සහ ජාතික හැඳුනුම්පත් අංක සහිත ලේඛනයක් පදනම් කරගන අදාල විමර්ශනය සිදුකෙරෙන බවය. සිය දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තුව විසින් අදාළ ලේඛනය යොමු කර ඇතැයි ආගමන විගමන දෙපාර්තමෙන්තුව සඳහන් කළේ ය. මේ අතර මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසියභාවය හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මන්ත්‍රී ධුරයක් දැරීම සඳහා ඔවුන්ට ඇති සුදුසුකම් පරික්ෂා කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට නොව මැතිවරණ කොමිසමට බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ ය. ඒ පිළිබඳව නිව්ස්ෆස්ට් මැතිවරණ කොමිසමෙන් විමසීමක් කළ අතර, එහිදී මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ, නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඉවත් කිරීමේ බලයක් මැතිවරණ කොමිසමට නොමැති බැවින්, එය අධිකරණය ක්‍රියාවලියක් මගින් පමණක් සිදු කළ යුතු බවය. ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දැරීමට නොහැකි වන වගන්තිය ඇතුළත් විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පසුගියදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
2022-10-30T04:05:23.000Z
මන්ත්‍රී නිල නිවාස අවභාවිත කිරීම පිළිබඳව වහා සොයා බලන්න - කතානායකගෙන් උපදෙස්
මන්ත්‍රී නිල නිවාස අවභාවිතා වෙනවා?
COLOMBO (News 1st) - මන්ත්‍රී නිල නිවාස අවභාවිත කිරීම පිළිබඳව වහාම සොයා බලන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. කතානායකවරයා සඳහන් කළේ, මාලඹේ මන්ත්‍රී නිවාස සංකිර්ණයේ ඇතැම් නිල නිවාස අවභාවිතයට ලක්ව ඇති බවට විවිධ පාර්ශ්වවලින් නිරන්තරයෙන් පැමිණිලි ඉදිරිපත් වන බවය. ඇතැම් මන්ත්‍රී නිල නිවාසවල දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිර්ඝ කාලයක් තිස්සේ රැඳී සිටින බවට පැමිණිලි ලැබී තිබේ. ඇතැම් පැමිණිලිවල සඳහන්ව ඇත්තේ මන්ත්‍රීවරුන් සඳහා වෙන්කර ඇති ඇතැම් නිල නිවාසවල කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ආරක්ෂකයින් රැඳී සිටින බවය. නිරත වාර්තාවන එවැනි පැමිණිලි සැළකිල්ලට ගෙන, වහාම ඒ පිළිබඳව සොයා බලා කරුණු වාර්තා කරන්නැයි වගකිවයුතු නිලධාරින්ට උපදෙස් දුන් බව කතානායකවරයා පවසයි. නිදන කාමර 03 ක්, මුළුතැන්ගෙයක්, විසිත්ත කාමරයක්, කෑම කාමරයක්, සේවක වැසිකිළියක් සහ වාහන නවතා තැබීමේ ඉඩ පහසුකම් සහිත මන්ත්‍රී නිල නිවාසයක වපසරිය වර්ග අඩි 900 කි. කුලී පදනමින් මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන නිවාස ඒකක 120 කින් මාදිවෙල මන්ත්‍රි නිවාස සංකීර්ණය සමන්විතය.
2022-10-30T01:49:27.000Z
බංග්ලාදේශය - සිම්බාබ්වේ, නෙදර්ලන්තය - පකිස්ථානය, ඉන්දියාව - දකුණු අප්‍රිකාව අද T20 ලෝක කුසලානයේ තරග බිමට..
T20 ලෝක කුසලානයේ අද තරග 3ක්
COLOMBO (News 1st) - 2022 20යි 20යි ලෝක කුසලාන තරගාවලියේ දෙවන කාණ්ඩයට අයත් තරග 3ක් අද (30) දිනයේ පැවැත්වීමට නියමිතය. ඒ අනුව දෙවන කාණ්ඩයේ කණ්ඩායම් 6ම අද දින තරග බිමට පිවිසෙනු ඇත. අද දිනයට නියමිති පළමු තරගය ලෙස බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර තරගය බ්‍රිස්බේන් ක්‍රීඩාංගණයේදී උදෑසන 8.30ට පැවැත්වීමට නියමිතය. දෙවන තරගය ලෙස පකිස්ථානය සහ නෙදර්ලන්තය තරග බිමට පිවිසෙනු ඇති. මෙම තරගය පකිස්ථාන කණ්ඩායමට ඉතාමත් වැදගත් තරගයකි. සුපිරි 12 වටයේ ප්‍රසාද ලකුණු පුවරුවේ ඉදිරියට පැමිණීමටනම්, මෙම තරගය ජය ගැනීමට පකිස්ථානයට අනිවාර්ය වේ. අද දිනයට නියමිත අවසාන තරගය ලෙස ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව පර්ත්හිදී තරග බිමට පිවිසෙනු ඇති.
2022-10-30T01:42:16.000Z
දකුණු කොරියාවේ හැලොවීන් උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් පුද්ගලයින් 149ක් මරුට
ද.කොරියාවේ උත්සවයක තෙරපීමකින් 149ක් මරුට
COLOMBO (News 1st) - දකුණු කොරියාවේ, සෝල් අගනුවර හැලොවීන් උත්සවයක් අතරතුර සිදු වූ තෙරපීමකින් පුද්ගලයින් 149 දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් පුද්ගලයින් 76 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මියගිය අය අතරට විදේශිකයින් දෙදෙනෙකු ද ඇතුළත් බවයි. මිය ගිය හා තුවාල ලැබූවන් බහුතරයක් නව යෞවන වියෙහි පසුවන්නන් වේ. කොරෝනා වසංගතයෙන් පසු මුව ආවරණ නොමැතිව පැවැත්වූ පළමු හැලොවීන් උත්සවය මෙය වේ.
2022-10-30T01:39:29.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
COLOMBO (News 1st) - දේශීය පුවත් 01. මාතරදී පාසල් සිසුවෙකුට වෙඩි වැදීමේ සිද්ධියේ සැකකාර SI රිමාන්ඩ් මාතර, තිහගොඩදී දරුවෙකුට වෙඩි වැදීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. 02.ගෑස් හිඟයක් නැහැ: ලබන 05 වැනිදා යළිත් ගෑස් මිල අඩු කරනවා – ලිට්‍රෝ සමාගම මෙරට ගෑස් හිඟයක් නොමැති බව ලිට්‍රෝ සමාගම පවසයි. 03.ලබන වසරේ පෙළපොත්වලින් 55% ක් මුද්‍රණය පෞද්ගලික අංශයට ලබන වසරට අවශ්‍ය පෙළපොත්වලින් 55% ක් මුද්‍රණය පෞද්ගලික අංශයට භාර දීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි. 04.රන්ජන් රාමනායක අමෙරිකාව බලා පිටත්ව යයි රන්ජන් රාමනායක මහතා ඊයේ (29) අලුයම අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ. 05.ඉන්දීය ණය ආධාර යටතේ ඇණවුම් කළ ඖෂධ වර්ග 1,300ක් දෙසැම්බර් දිවයිනට මෙරට හිඟව පවතින ඖෂධ ඇතුළු, ඖෂධ වර්ග 1,300ක් ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ ගෙන්වා ගැනීමට ඇණවුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. විදෙස් පුවත් 01‘නාල්ගේ’ සුළි කුණාටුව පිලිපීනයට කඩා වදී 'නාල්ගේ' සුළි කුණාටුව නැගෙනහිර කැටන්ඩුවාන්ස් පළාතෙන් පිලිපීනයට කඩාවැදී තිබේ. ක්‍රීඩා පුවත් 01දුර්වල පන්දු රැකීම හමුවේ නවසීලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක් පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තීරණාත්මක තරගයෙන් ලකුණු 65ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට නවසීලන්තය ඊයේ (29) සමත් විය. 02.ශ්‍රී ලංකා කරාතේ ජාතික තේරීම් කමිටුව පත් කෙරේ.. ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකා කරාතේ ජාතික තේරීම් කමිටුව පත් කර තිබේ.
2022-10-29T12:48:01.000Z
මාතරදී පාසල් සිසුවෙකුට වෙඩි වැදීමේ සිද්ධියේ සැකකාර SI රිමාන්ඩ්
සිසුවෙකුට වෙඩි වැදීමේ සිද්ධියේ සැකකාර SI රිමාන්ඩ්
COLOMBO (News 1st) - මාතර, තිහගොඩදී දරුවෙකුට වෙඩි වැදීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ ඔහු අද (29) මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 15 හැවිදිරි සිසුවා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඔහු ඊයේ (28) රාත්‍රියේ ශල්‍යකර්මයකට ද යොමු කළ බවය. මාතර, තිහගොඩ, මිදෙල්ලවල අතුරු මාර්ගයකදී ඊයේ පස්වරු 4.30 ට පමණ මෙම වෙඩි වැදීම සිදුව ඇත. වෙඩි ප්‍රහාරයට ලක්වූ සිසුවා ඇතුළු සිසුන් 6 දෙනෙකු ත්‍රීරෝද රථයකින් මොණර පිහාටු එකතු කිරීම සඳහා ගොස් තිබුණේ විහාරස්ථානයේ කඨින චීවර පූජා පෙරහැරට සහභාගී වීම සඳහායි. එම අවස්ථාවේදී 15 හැවිරිදි හරේෂ් හංසක දේශාන්ත සිසුවාට වෙඩි වැදී ඇත. මෙම සිදුවීමට විරෝධය පල කරමින් ඊයේ(28) රාත්‍රියේ ප්‍රදේශවාසීන් තිහගොඩ පොලිසියට පැමිණි අතර එහිදී උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය . එම ස්ථානයට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා ද පැමිණි‌යේ ය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ. අද පෙරවරුවේ මානව හිමිකම් කොමිසමේ මාතර කාර්යාලයේ නිලධාරීන් පැමිණ එහි ස්ථානීය පරීක්ෂණක් සිදුකර සාක්ෂි සටහන් කර ගැනීමට කටයුතු කළේ ය.
2022-10-29T12:22:16.000Z
දුර්වල පන්දු රැකීම හමුවේ නවසීලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
COLOMBO (News 1st) - පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තීරණාත්මක තරගයෙන් ලකුණු 65ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට නවසීලන්තය අද(29) සමත් විය. සිඩ්නි ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත ආරම්භක පිතිකරු යුගලයට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අබියස සාර්ථක වීමට හැකි වූයේ නැත. ෆින් ඇලන් එක් ලකුණකට පිටියෙන් ඉවත් වූයේ, මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේයි. ඩෙවෝන් කෝන්වේටද ලකුණු අතරට පිවිසීමට ධනංජය ද සිල්වා අවස්ථාව ලබා දුන්නේ නැත. නවසීලන්ත නායක කේන් විලියම්සන් ලකුණු 8යි. කෙසේ නමුත් සිව්වැනි කඩුල්ලට ලකුණු 84ක සබඳතාවක් පිහිටවූ ,ග්ලෙන් ෆිලිප්ස් සහ ඩැරල් මිචෙල් බිඳ වැටුණු නවසීලන්ත ඉනිම ගොඩනැගුවේය. මිචෙල් ලකුණු 22යි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ෆිලිප්ස් පන්දු 64 ක් තුළදී ලකුණු 104 ක් රැස් කළේ,ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට පහර පිට පහර එල්ල කරමිනි. ග්ලෙන් ෆිලිප්ස් ලකුණු 13දී ලබා දුන් පහසු උඩපන්දුව පැතුම් නිස්සංක අතින් ගිලිහීයාම අවසානයේ ෆිලිප්ස්ට ශතකයක් ලබා ගැනීමට මහත් රුකුලක් විය. ගිණිකෙලි සංදර්ශනයක් වූ ෆිලිප්ස් ඉනිම 4 පහර 10ක් සහ 6 පහර 4කින් වර්ණවත් විය. එය මෙවර තරගාවලියේ වාර්තා වූ දෙවැනි ශතකයයි. කසුන් රාජිත කඩුලු 2යි. මෙම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දුර්වල පන්දු රැකීම් දිගින් දිගටම දක්නට ලැබීම විශේෂත්වයකි. ඒ අනුව, නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 167ක් රැස් කිරීමට සමත් විය. ලකුණු 168ක ජයග්‍රාහී ඉලක්කයකින් පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම සුනු විසුනු කිරීමට ට්‍රෙන්ට් බෝල්ට් ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නන් සමත් විය. ශ්‍රී ලංකා මුල් පෙල කඩුලු 4 බිඳ වැටුණේ ලකුණු 8කදීයි. පැතුම් නිස්සංක සහ ධනංජය ද සිල්වා ලකුණු රැස් කිරීමට පෙර දැවී ගිය අතර චරිත් අසලංක ලකුණු 4යි. භානුක රාජපක්ෂ පන්දු 22කින් ලකුණු 34ක් රැස් කළේ ය. නායක දසුන් ශානක ලකුණු 35ක් රැස් කළේ, 4 පහර 2ක් සහ 6 පහරක්ද සමගිනි. ශ්‍රී ලංකා පිතිකරුවන් 8 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ නැත. ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 13ට කඩුලු 4යි. ලකුණු 168ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවට සියලු දෙනා ලකුණු 102කට දැවී ගි‌යේ ය. තරගාවලියේ සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයේ නවතම ලකුණු සටහනට අනුව නවසීලන්තය පෙරමුණේ පසු වන්නේ ප්‍රසාද ලකුණු 5ක් ලබා ගනිමිනි.
2022-10-29T08:06:55.000Z
ගෑස් හිඟයක් නැහැ: ලබන 05 වැනිදා යළිත් ගෑස් මිල අඩු කරනවා - ලිට්‍රෝ සමාගම
ලබන 05 යළිත් ගෑස් මිල අඩු කරනවා - ලිට්‍රෝ සමාගම
COLOMBO (News 1st) - මෙරට ගෑස් හිඟයක් නොමැති බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, තවත් ගෑස් නෞකාවක් අද(29) අලුයට මෙරටට ළඟා වූ බවයි. එහි ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් ගොඩබෑම හෙට (30) ආරම්භ කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. සභාපතිවරයා පැවසුවේ, මේ වනවිට ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලේ යම් අඩුවීමක් පවතින බවය. එහි වාසිය ජනතාවට ලබා දීමේ අරමුණෙන් ලබන 05 වැනිදා සිට යළිත් ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට තීරණය කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
2022-10-29T06:58:00.000Z
බදුල්ල - කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක
බදුල්ල - කොළඹ පෞ. බස් වර්ජනයක්
COLOMBO (News 1st) - මාර්ග අංක 99 බදුල්ල - කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් ධාවනයෙන් ඉවත්ව තිබේ. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසුවේ, බස් රථ සේවකයෙකුට පහරදීමට විරෝධය පළ කරමින් එලෙස ධාවනයෙන් ඉවත් වූ බවයි. සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පැවසීය
2022-10-29T06:30:45.000Z
ෆයිසර් මාත්‍රා මිලියනයකට අධික සංඛ්‍යාවක් ලබන සඳුදා කල් ඉකුත් වෙයි
ෆයිසර් මාත්‍රා මිලියනයක් සඳුදා කල් ඉකුත් වෙයි
COLOMBO (News 1st) - මෙරට සතු ෆයිසර් මාත්‍රා තොගය කල් ඉකුත් වූ පසු නිසි පරිදි බැහැර කිරීම හැර වෙන විකල්පයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, මෙරට පවතින ෆයිසර් මාත්‍රා මිලියනයකට අධික සංඛ්‍යාවක් ලබන සඳුදා කල් ඉකුත්වීමට නියමිත බවය.
2022-10-29T06:27:10.000Z
ලබන වසරේ පෙළපොත්වලින් 55% ක් මුද්‍රණය පෞද්ගලික අංශයට
පෙළපොත්වලින් 55% ක් මුද්‍රණය පෞද්ගලික අංශයට
COLOMBO (News 1st) - ලබන වසරට අවශ්‍ය පෙළපොත්වලින් 55% ක් මුද්‍රණය පෞද්ගලික අංශයට භාර දීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි. අධ්‍යාපන කොමසාරිස් ජනරාල් පී. එන්. අයිලප්පෙරුම මහතා මහතා පැවසුවේ, ඉතිරිය රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් සිදු කෙරෙන බවය. මේ දිනවල 2023 පෙළපොත් මුද්‍රණයට අදාළ සෝදුපත් බැලීමේ කටයුතු අවසන් කරමින් ඇතැයි ද ඔහු පැවසුවේ ය.
2022-10-29T04:06:41.000Z
රාජ්‍ය සේවකයින්ගේ කාර්ය සාධනය මැනීමට KPI
රාජ්‍ය සේවකයින්ට KPI
COLOMBO (News 1st) - රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය මැනීම සඳහා KPI දර්ශකය හඳුන්වා දීමට ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනුකමිටුව කර තිබේ. අදාළ අනුකමිටුව එම තීරණය ගෙන ඇත්තේ, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීය. රාජ්‍ය යාන්ත්‍රණය වඩාත් ඵලදායි සහ කාර්යක්ෂම කිරීම සඳහා රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රගතිය සමාලෝචනය සඳහා මිනුම් දඩු සකස් කිරීමේ අවශ්‍යතාව කමිටුවේදී අවධාරණය කර තිබේ. පරිපාලන සේවය ඇතුළු අනෙකුත් දීපව්‍යාප්ත සියලු සේවාවන් එක්වී මේ පිළිබඳව ඉදිරි සතියේ සාකච්ඡා කර ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ කටයුතු ඇරඹීමට ද නියමිතයි. එම රැස්වීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නියෝජනය කරමින් නිලධාරීන් සහභාගි විය.
2022-10-29T03:59:20.000Z
ශ්‍රී ලංකා කරාතේ ජාතික තේරීම් කමිටුව පත් කෙරේ..
ශ්‍රී ලංකා කරාතේ ජාතික තේරීම් කමිටුව පත් කෙරේ..
COLOMBO (News 1st) - ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකා කරාතේ ජාතික තේරීම් කමිටුව පත් කර තිබේ. සෙන්සේ ටී.ඩී. තරංග ප්‍රනාන්දු එහි සභාපති ලෙස කටයුතු කරන අතර ඊට තවත් සාමාජිකයන් සිව්දෙනෙක් ඇතුළත් ය. ශ්‍රී ලංකා කරාතේ සංගමයේ ලේකම් බී.එම්. කීර්ති කුමාර මහතා අදාළ පත්වීම් ලිපි ප්‍රධානය කළේ ය.
2022-10-29T02:44:43.000Z
පොලීසියෙන් වෙඩි වැදුණු මාතර සිසුවා ICU: සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්
සිසුවාට වෙඩි වැදීම:මානව හිමිකම් කොමිසම විමර්ශනයක්
COLOMBO (News 1st) - මාතර, තිහගොඩදී වෙඩි වැදී සිසුවෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව අද (29) දිනයේ මානව හිම්කම් කොමිසමේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ කණ්ඩායමක් එම ස්ථානයට යාමට නියමිතය. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සිසුවා කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී. රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ, අදාළ සිසුවා ඊයේ රාත්‍රියේ ශල්‍යකර්මයකට ද යොමු කළ බවය. තිහගොඩ ප්‍රදේශයේදී ඊයේ (28) පස්වරුවේ වෙඩි වැදීමකින් 15 හැවිරිදි සිසුවෙකු තුවාල ලබුවේ ය. පොලිසීය පැවසුවේ, පොලිස් නිලධාරීයෙකු සමග පොර බැදීමේදී නිලධාරීයා සතු ගිනි අවිය ක්‍රියාත්මක වී වෙඩි වැදීමෙන් සිසුවා තුවාල ලබා ඇති බවයි. මෙම සිද්ධියට අදාළව 57 හැවිදිරි උපපොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ වැඩ තහනම් ද කර තිබේ.
2022-10-29T01:49:26.000Z
'නාල්ගේ' සුළි කුණාටුව පිලිපීනයට කඩා වදී
'නාල්ගේ' පිලිපීනයට කඩා වදී
News 1st - 'නාල්ගේ' සුළි කුණාටුව නැගෙනහිර කැටන්ඩුවාන්ස් පළාතෙන් පිලිපීනයට කඩාවැදී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද (29) අලුයම පැයට කිලෝමීටර් 160 වේගයකින් සුළි කුණාටුව කඩා වැදුණු බවයි. කුණාටුවත් සමග ඇති වූ ගංවතුර සහ නායයෑම්වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 72 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ පිලිපීනයේ දකුණු ප්‍රදේශයෙනි. එම සංඛ්‍යාව 67 කි. අපදාවන්ගෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 33ක් වන අතර තවත් පුද්ගලයින් 14ක් අතුරුදන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. කුණාටුව ලුසොන් දූපත හරහා දකුණු චීන මුහුද දෙසට ගමන් කරනු ඇතැයි එරට කාලගුණ අංශ පුරෝකතනය කර ඇත.
2022-10-29T01:27:52.000Z
T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා - නවසීලන්ත තීරණාත්මක තරගය අද..
ශ්‍රී ලංකා - නවසීලන්ත තීරණාත්මක තරගය අද
COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තීරණාත්මක තරගය අද (29) සිඩ්නිහිදී පැවැත්වේ. එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට අරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මේ වනවිට පන්දුවාර 20යි 20 තරග 19ක් පවත්වා ඇත. ඉන් තරග 10ක් නවසීලන්තය ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව තරග 7ක් ජයගෙන තිබේ. එක් තරගයක ලකුණු සම වී ඇති අතර තවත් තරගයක් විසඳුමකින් තොරව නිමා වී ඇත. පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සියලු තරග ඔබට සිරස ටී.වී. ඔස්සේ නැරඹිය හැකියි.
2022-10-29T01:21:36.000Z
රන්ජන් රාමනායක අමෙරිකාව බලා පිටත්ව යයි
රන්ජන් අමෙරිකාවට
COLOMBO (News 1st) - රන්ජන් රාමනායක මහතා අද (29) අලුයම අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ. කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර නිලධාරිවරයා පැවසුවේ, අද අලුයම කටාර් ගුවන් සේවයට අයත් යානයකින් ඔහු කටාර් බලා පිටත්ව ගිව බවයි. එරට සිට ඔහු අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතය. රන්ජන් රාමනායක මහතා පෙරේදා රාත්‍රී අමෙරිකාව බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණිය ද ඔහු වෙත පනවා තිබූ ගුවන් ගමන් තහනමක් හේතුවෙන් එම ගමන ව්‍යවර්ථ විය.
2022-10-29T01:18:29.000Z
යූරියා කිලෝ 50ක මල්ලක් රු. 10,000 කට ලබාදීමට රජයේ තීරණයක්
යූරියා කිලෝ 50 ක් රු. 10,000 කට ලබාදීමට තීරණයක්
COLOMBO (News 1st) - වී ගොවීන්ට යූරියා කිලෝග්‍රෑම් 50 ක මල්ලක් රුපියල් 10,000 කට ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, අමෙරිකානු ඩොලර් මිලියන 110 ක ලෝක බැංකු සහනදායී හදිසි ණය ප්‍රතිපාදන යටතේ යූරියා ටොන් 13,000 ක පළමු තොගය කෘෂිකර්ම අමාත්‍යාංශයට ඊයේ ලැබී ඇති බවය. ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය වැනි අනෙකුත් සංවර්ධන හවුල්කරුවන්ගේ ආධාරවලට අමතර සහයක් වශයෙන් මෙම ලෝක බැංකු ණය ප්‍රතිපාදන හිමිව තිබේ. මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය වන යූරියා පොහොර ප්‍රමාණය ටොන් 150,000කට ආසන්නයි. ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා වී ගොවීන්ට මෙම පොහොර සෘජුවම බෙදා හරිනු ඇති. අවම හෙක්ටයාර 2 ක් දක්වා වී ගොවීන්ට තමන් සකස් කර ඇති ප්‍රදේශය අනුව යූරියා පොහොර මිලදී ගැනීමට හැකිය. සෑම ගොවියෙකුටම මිලදී ගත හැකි උපරිම පොහොර ප්‍රමාණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත කෘෂි පාරිසරික කලාපය අනුව වෙනස් වේ. බඩඉරිඟු ගොවීන්ගේ වගා බිම් හෙක්ටයාර් 60,000ක් සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 12,000ක් ලබාදීමට නියමිත අතර එහි කිලෝග්‍රෑම් 50ක මිල රුපියල් 15,000 කි. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් යූරියා මෙට්‍රික් ටොන් 12,500 ක්, මෙට්‍රික් ටොන් 50,000 ක් සහ මෙට්‍රික් ටොන් 45,000 ක් සැපයීමේ ගිවිසුම් තුනකට අදියර තුනකදී අත්සන් කළේ ය. තවත් යූරියා මෙට්‍රික් ටොන් 25,000 ක් ලබා ගැනීම සඳහා වූ ගිවිසුමට ඉදිරියේ දී අත්සන් තැබීමට නියමිතයි. ඉන්දීය සහන ණය පදනම යටතේ මේ වන විටත් මහ කන්නය සඳහා යූරියා මෙට්‍රික් ටොන් 21,000ක් කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන් වෙත බෙදාහැර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, වරායේ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල සිට ගොවීන් වෙත පොහොර බෙදා හැරීම නිරීක්ෂණය කිරීම සඳහා භූ සක්‍රීය අධීක්ෂණ පද්ධතියක් යෙදවීමට ද පියවර ගෙන ඇති බවයි. පාරිසරික හා සමාජීය අවදානම් කළමනාකරණය, දුක්ගැනවිලි විසඳීම සහ බලපෑම නිරීක්ෂණය කිරීම සඳහා ද එම පද්ධතිය භාවිත කරනු ලැබේ.
2022-10-29T01:10:35.000Z
ඉන්දීය ණය ආධාර යටතේ ඇණවුම් කළ ඖෂධ වර්ග 1,300ක් දෙසැම්බර් දිවයිනට
අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 120ක හිඟයක්
COLOMBO (News 1st) - මෙරට හිඟව පවතින ඖෂධ ඇතුළු, ඖෂධ වර්ග 1,300ක් ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ ගෙන්වා ගැනීමට ඇණවුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, මීට අමතරව ශල්‍ය උපකරණ 1,200කට අධික සංඛ්‍යාවක් ද එම ණය යෝජනා ක්‍රමයෙන් ඇණවුම් කර ඇති බවය. එම තොගය ලබන දෙසැම්බර් මාසය වනවිට දිවයිනට ලැබීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා පැවසුවේ, මේ වනවිට දිවයින තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 120 ක පමණක් හිඟයක් පවතින බවයි. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මිලදී ගැනීම සඳහා සියලු ඇණවුම් මේ වනවිට භාරදී ඇතත් ඒවා ලැබීමේ යම් ප්‍රමාදයක් පවතින බව ද ඔහු සඳහන් කළේ ය. අමාත්‍යවරයා අවධාරණය කළේ, ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 14 හිඟයකින් තොරව රටතුළ පවතින බවයි. මේ අතර ග්‍රෝස් හිඟයක් ඇති බවට ඇතැම් වෘත්තීය සමිති නැගූ චෝදනාව සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ මාස 6 කට ප්‍රමාණවත් ග්‍රෝස් මීටර් මිලියන 6 ක් ගබඩාවල පවතින බවයි. ඇතැම් ඖෂධ ගබඩාවල පැවතිය ද සන්නිවේදන ගැටලු හේතුවෙන් ඒවා බෙදා හැරීමේදි ගැටලු සහගත තත්ත්වයන් ඇතැම් අවස්ථාවල හටගෙන ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ ක‌ළේ ය.
2022-10-29T01:01:52.000Z
නීති විරෝධී ගිනි අවි රජයට භාරදීමට පොදු සමා කාලයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්
නීති විරෝධී ගිනි අවි භාරදීමට පොදු සමා කාලයක්?
COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවන් සතු ගිනි අවි භාරදීම සඳහා පොදු සමා කාලයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම බස්නාහිර හා දකුණු පළාත්වලින් වැඩිවශයෙන් වාර්තා වන බවයි. මේ අතර ඉන්ධන අර්බුදය හේතුවෙන් ආවේක්ෂණ රාජකාරි රැසකට බාධා මතු වූ බව ද ඔහු පැවසුවේ ය.
2022-10-29T00:49:13.000Z
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
1. මාතරදී සිසුවෙකුට වෙඩි වැදීම: SI ගේ වැඩ තහනම් - මාතර, තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේ ඊයේ (28) පස්වරුවේ සිදු වූ වෙඩි වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් 57 හැවිදිරි උපපොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 2. අද තරග දෙකම වැස්සට සේදෙයි: ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 5වැනි ස්ථානයට - පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (28) පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකටම වර්ෂාවෙන් බාධා එල්ල විය. 3. සති අන්තයේ පැය 1ක විදුලිය කප්පාදුවක් - සති අන්තයේ (29, 30) විදුලි කප්පාදුව පැය 1කට සීමා කර තිබෙන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළේ ය. 4. ජපානයෙන් රුපියල් බි. 1.76ක වෛද්‍ය උපකරණ ප්‍රදානයක් - ජපානයේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා වන වැඩසටහන යටතේ ජපානය රුපියල් බිලියන 1.76 ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට පරිත්‍යාග කර තිබේ. 5. ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන)(සංශෝධන) පනත බලාත්මක‍යි - ජාත්‍යන්තර ඛණිජ තෙල් නිෂ්පාදන සිල්ලර සැපයුම්කරුවන්ට මේ වසර අග වන විට දේශීය වෙළඳපොළට ඇතුළුවීමට අවසර හිමි බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
2022-10-28T16:11:36.000Z
මාතරදී සිසුවෙකුට වෙඩි වැදීම: SI ගේ වැඩ තහනම්
සිසුවෙකුට වෙඩි වැදීම: SI ගේ වැඩ තහනම්
COLOMBO (News 1st) - මාතර, තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේ අද (28) පස්වරුවේ සිදු වූ වෙඩි වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් 57 හැවිදිරි උපපොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ අදාල උපපොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇති බවයි. අද පස්වරුවේ මාතර, තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේ වෙඩි වැදීමකින් 15 හැවිදිරි පාසල් සිසුවෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කෙරිණි. පොලීසිය ප්‍රකාශ කළේ, පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අද පස්වරුවේ සැකකටයුතු පිරිසක් පරීක්ෂා කිරීමට යාමේදී ඇති වූ සිද්ධියකදී වෙඩි වැදීමකින් එම දරුවා තුවාල ලබා ඇති බවය. මෙම සිද්ධියෙන් අනතුරුව තිහගොඩ පොලිස් ස්ථානය අසළ උණුසුම් තත්ත්වයක් ඇති වූ බව අප වාර්තාකරු පැවසුවේ ය. ඒ සිද්ධියට විරෝධය පළ කරමින් පිරිසක් පොලිස් ස්ථානයට රැස්වීම හේතුවෙනි.
2022-10-28T13:41:02.000Z
පොලිස් නිලධාරියෙක් සමග පොරබැදූ 16 හැවිරිදි සිසුවෙකුට වෙඩි වදී..
පොලීසිය සමග පොරබැදූ සිසුවෙකුට වෙඩි වදී..
COLOMBO (News 1st) - මාතර, තිහගොඩ ප්‍රදේශයේ අද (28) සවස සිදු වූ වෙඩි වැදීමකින් තුවාල ලැබූ අවුරුදු 16 ක පාසල් සිසුවෙක් රෝහල්ගත කර තිබේ. පොලීසිය පැවසුවේ, පොලිස් නිලධාරියෙකු සමග පොර බැදීමේදී නිලධාරීයා සතු ගිනි අවිය ක්‍රියාත්මක වී වෙඩි වැදීමෙන් එම සිසුවා තුවාල ලබා ඇති බවයි. තිහගොඩ, නාඉඹුල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමට යාමේදී ඒතුළ සිටි තුන්දෙනෙකු දිවගොස් ඇති අතර දෙදෙනෙකු පොලිස් භාරයේ සිටියදී එක් අයෙකු පොලිස් නිලධාරියෙකු සමග පොරබදා තිබේ. එහිදී මෙම වෙඩි වැදීම සිදුව ඇතැයි පොලීසිය පැවසුවේ ය. තුවාල ලැබූ සිසුවා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගත් බව ද පොලීසිය පැවසීය.
2022-10-28T12:53:03.000Z
අද තරග දෙකම වැස්සට සේදෙයි: ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 5වැනි ස්ථානයට
අද තරග දෙකම වැස්සට සේදෙයි..
COLOMBO (News 1st) - පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකටම වර්ෂාවෙන් බාධා එල්ල විය. සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය මෙල්බර්න්හිදී පැවැත්වීමට නියමිතව තිබුණි. දෙපිලටම එක් ප්‍රසාද ලකුණු බැගින් හිමි වූයේ, වර්ෂාව නිසා තරගය අතහැර දැමූ බැවින් ය. මේ අතර සත්කාරක ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අද දිනයේ දෙවැනි තරගය නැරඹීමට ප්‍රවේශපත්‍ර මිලදී ගත් 50,000කට අධික ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු ද වර්ෂාවෙන් සේදී ගියේය. එම තරගය ද පැවැත්වීමට තිබුණේ මෙල්බර්න්හිදීය. තරගය අත්හැර දැමීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 1 බැගින් හිමිවිය. ඒ අනුව 1 වන කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව 5 වැනි ස්ථානය දක්වා පහත වැටී තිබේ. ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ නවසීලන්තය රැඳී සිටින අතර දෙවන ස්ථානයේ රැඳී සිටින්නේ එංගලන්තයයි. මේ අතර ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තීරණාත්මක තරගය හෙට(28) සිඩ්නිහිදී පැවැත්වීමට නියමිතය. පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සියලු තරග ඔබට සිරස ටී.වී. ඔස්සේ නැරඹිය හැකියි.
2022-10-28T12:34:35.000Z
සති අන්තයේ පැය 1ක විදුලිය කප්පාදුවක්
සති අන්තයේ පැය 1ක විදුලිය කප්පාදුවක්
COLOMBO (News 1st) - සති අන්තයේ (29, 30) විදුලි කප්පාදුව පැය 1කට සීමා කර තිබෙන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළේ ය. ඒ අනුව, A-W කාණ්ඩවලට සවස 5.30 සිට රාත්‍රී 8.30 දක්වා පැය 1 ක් වශයෙන් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. . මේ අතර ඔක්තෝබර් 31 වැනි දා පැය 2 ක් විදුලි කප්පාදුව සිදු කරනු ඇති. එය දිවා කාලයේ පැය 1 සහ රාත්‍රී කාලයේ පැය 1 ක් වශයෙන් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
2022-10-28T11:09:53.000Z
ජපානයෙන් රුපියල් බි. 1.76ක වෛද්‍ය උපකරණ ප්‍රදානයක්
ජපානයෙන් රුපියල් බි. 1.76ක වෛද්‍ය උපකරණ ප්‍රදානයක්
COLOMBO (News 1st) – ජපානයේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා වන වැඩසටහන යටතේ ජපානය රුපියල් බිලියන 1.76 ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට පරිත්‍යාග කර තිබේ. මෙම වෛද්‍ය උපකරණ අතරට CT ස්කෑන් යන්ත්‍රයක් , MRI ස්කෑන් යන්ත්‍රයක් , එන්ජියෝග්‍රැෆි යන්ත්‍ර දෙකක් හා බහු පරාමිති මොනිටර් 09 ක් ද ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි මහතා විසින් කොළඹ ජාතික රෝහල් නව බාහිර රෝගී ගොඩනැගිලි පරිශ්‍රයේදී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට මෙම පරිත්‍යාගයන් ලබාදී තිබේ.
2022-10-28T09:47:28.000Z
ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන)(සංශෝධන) පනත බලාත්මක‍යි
ඛනිජ තෙල් නිෂ්පාදන පනත බලාත්මක‍යි
COLOMBO (News 1st) – ජාත්‍යන්තර ඛණිජ තෙල් නිෂ්පාදන සිල්ලර සැපයුම්කරුවන්ට මේ වසර අග වන විට දේශීය වෙළඳපොළට ඇතුළුවීමට අවසර හිමි බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ ටුව්ටර් පණිවුඩයක දැක්වෙන්නේ , ඛණිජ තෙල් නිෂ්පාදන විධි විධාන සංශෝධන පනත් කෙටුම්පත ඔක්තොම්බර් 26 වැනිදා සිට බලාත්මක බවයි. අදාළ පනත් කෙටුම්පත පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ අනුව මෙරට ඉන්ධන වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමට ජාත්‍යන්තර ඛනිජ තෙල් නිෂ්පාදන බෙදා හරින සමාගම්වලට අවස්ථාව හිමිවනු ඇති.
2022-10-28T08:30:29.000Z
දේශීය ආදායම් සංශෝධන කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්
දේශීය ආදායම් සංශෝධන කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක්
COLOMBO (News 1st) – දේශීය ආදායම් සංශෝදන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ගොනු කර තිබේ. මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත්තේ, වරලත් ගණකාධිවරයෙකු වන ප්‍රසාද් දසනායක මහතා විසිනි. කෙටුම්පතේ අඩංගු සමහර වගන්ති මගින් ව්‍යාපාර ක්ෂේත්‍රයට විශේෂයෙන්ම ආනයන අපනයන ක්ෂේත්‍රයට විශාල හානියක් , එනම් අධික බදු බරක් පැටවීම මගින් එම ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටිය හැකි බව ඔහු පෙත්සමෙන් පෙන්වාදී තිබේ. පෙත්සම්කරු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ එහි වගන්ති පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර ඡන්දයකින් හෝ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙසයි. පසුගිය 21 වැනිදා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මීට පෙර ද පාර්ශව තුනක් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සම් 03 ක් ගොනු කළේ ය.
2022-10-28T07:54:42.000Z
‍ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතීන් සහ නිදහස තහවුරු කරන වගන්තිවලට බලපෑමක් වන ලෙස පොලිස් ආඥා පනත යොදා ගැනීමට අවසර නැහැ... - මානව හිමිකම් කොමිසම
මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්
COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සහ නිදහස තහවුරු කරන වගන්තිවලට බලපෑමක් වන ආකාරයෙන් පොලිස් ආඥා පනත යොදා ගැනීමට අවසර නොමැති බවට පොලිස්පතිට උපදෙස් දෙන්නැයි, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මහජන ආරක්ෂක අමාත්‍යවරයාට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහීණී මාරසිංහ මහත්මිය මේ බව දැනුම් දී ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමිනි. මානව හිමිකම් කොමිසම, එම ලිපියෙන් පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවේ 14(1) අ, ආ, යන වගන්තිවලට බලපෑමක් වන ආකාරයෙන් පොලිස් ආඥා පනත යොදා ගැනීමෙන් වැළකිය යුතු බවයි. භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට සහ සාමකාමීව රැස්වීමේ නිදහසට සෑම පුරවැසියෙකුට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ මෙම වගන්තිවලින් තහවුරු කර තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත මේ බව දන්වා ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වූ නඩු කිහිපයක තීන්දු උපුටා දක්වමිනි. රටේ නීති සහ පරිපාලන ක්‍රියාකාරකම් ජාත්‍යන්තර මානව හිමිකම් නීති සහ ප්‍රමිතීන්ට අනුකූළව, සිදුකිරීම සඳහා අවශ්‍ය මග පෙන්වීම් නිර්දේශ කිරීමේ බලය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතෙන් තම ආයතනය වෙත පැවරී ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරිය මෙම ලිපියෙන් අවධාරණය කර තිබේ.
2022-10-28T07:37:13.000Z
"කුරුල්ලා නිදහස් කර ඇත" ඊලොන් මස්ක්ගේ ට්විටර් ගනුදෙනුව අවසන්...
ට්විටර් සමාගම දැන ලෝක ධනවතා අතේ
COLOMBO (News 1st)- ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලොන් මස්ක් ට්විටර් සමාගම මිලදී ගැනීමේ ගනුදෙනුව සම්පූර්ණ කර තිබේ. ඔහු ට්විටර් සමාගම මිලදී ගැනීමට වැය කර ඇති මුදල ඩොලර් බිලියන 44 කි. " කුරුල්ලා නිදහස් කර ඇත" යනුවෙන් ට්විටර් සටහනක් තබමින්, ඒලොන් මස්ක් සිය ගනුදෙනුව අවසන් කළ බව සඳහන් කර ඇතැයි, විදෙස් වාර්තාවල සඳහන් ය. ඔහු සමාගමේ අයිතිය හිමිකර ගැනීමත් සමග සමාගමේ ප්‍රධානියා ඇතුළු ප්‍රමුඛ පෙළේ, විධායක නිලධාරීන් කිහිපදෙනෙකු සේවයෙන් පහකර ඇතැයි, එම වාර්තාවල සඳහන්වේ. ඒලොස් මස්ක් ට්විටර් සමාගම පවරා ගත් බව, සමාගම මෙතෙක් තහවුරු කර නොමැති නමුත්, අයෝජකයෙකු උපුටා දක්වමින් මෙම ගනුදෙනුව අවසන් කර ඇති බව විදෙස් වාර්තා අනාවරණ කළේ ය.
2022-10-28T05:32:51.000Z
රියැදුරු බලපත්‍ර කාඩ් පත් නිකුත් කිරීම ළඟදීම යළි ඇරඹේ
රියැදුරු බලපත්‍ර කාඩ් පත් නිකුත් කිරීම ළඟදීම
COLOMBO (News 1st)- ලබන සතියේ සිට රියැදුරු බලපත් කාඩ් මුද්‍රණය කිරීම ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත විරසිංහ මහතා සඳහන් කළේ, ලබන සතියේ ජර්මනියේ සිට කාඩ්පත් ලක්ෂ 5 ක් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි. මේ වන විට රියදුරු බලපත්‍ර ලක්ෂ 06 ක් මුද්‍රණය කර බෙදා හැරීමට නියමිතව ඇතැයි මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය. ඔවුන්ට මේ වන විට තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කර තිබේ. කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, එහෙත් විදේශගත වන්නන් සඳහා පමණක් දැනට කාඩ් පත්වල මුද්‍රණය කර ස්ථිර රියැදුරු බලපත්‍රය ලබාදෙන බවයි.
2022-10-28T04:48:15.000Z
සමෘද්ධි ඇතුළු සහනාධාර සඳහා අයදුම් කිරීම අදින් අවසන්
සහනාධාර සඳහා අයදුම් කිරීම අදින් අවසන්
COLOMBO (News 1st)- සමෘද්ධි ඇතුළු අනෙකුත් රජයේ සහනාධාර අපේක්ෂා කරන පුද්ගලයින්ට ඒ සඳහා අයදුම්පත් භාරදීමට ලබාදී තිබූ කාලය අදින් අවසන් වේ. සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ, මේ යටතේ වැඩිහිටි, වකුගඩු, හා අබාධිත අනෙකුත් සහනාධාර සඳහා ද ඉල්ලුම් කිරීමට ජනතාවට අවස්ථාව පවතින බවයි. දැනට අදාළ සහනාධාර ලබා ගන්නා පුද්ගලයින්ටද එම අයදුම්පත යොමු කිරීම අනිවාර්ය බව සමාජ ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළේ ය. එම මණ්ඩලය පැවසුවේ, අදාළ අයදුම්පත් තම ප්‍රදේශයේ සිටින ග්‍රාම නිලධාරී සමෘද්ධි සංවර්ධන නිලධාරී, සංවර්ධන නිලධාරී හා කෘෂිකර්ම නිෂ්පාදන හා ගොවිජන සහකාර යන ඕනෑම නිලධාරියෙකු මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දිය හැකි බවයි.
2022-10-28T04:35:25.000Z
මග පෙන්වන්නෙක් නැතිව පෞ. වාහනවලට ජාතික වනෝද්‍යානවලට ඇතුළුවීම අත්හිටුවයි
ජා. වනෝද්‍යානවලට ඇතුළු වීම තහනම්
COLOMBO (News 1st) - ජාතික වනෝද්‍යානවලට ඇතුළු වීමට අදාළව දැනුම්දීමක් වනජීවි දෙපාර්තමේන්තුවේ මග පෙන්වන්නන් නොමැතිව පෞද්ගලික වාහනවලට ජාතික වනෝද්‍යානවලට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවා තිබේ. කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, යාල වනෝද්‍යානය තුළ සතුන්ට හිංසාවක් ඇතිවන අයුරින් රිය ධාවනය කළ බව කියන සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අවසන් වන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක බවයි. වනජීවි දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට තිස්සමහාරාම අධිකරණයට කරුණු වාර්තා කර අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි සංචාරක මග පෙන්වන්නන් 6 හා වනජීවි නියාමක නිලධාරියා සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටිමක් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි. පසුගිය සෙනසුරාදා යාල වනෝද්‍යානයට ජිප් රථ 30 කින් ඇතුළු 100 කට ආසන්න පිරිසක් උද්‍යානය තුළ රිය ධාවනය කරමින් සිටින අයුරු දැක්වෙන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විමත් සමග මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කෙරිණ.
2022-10-28T04:18:02.000Z
කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්
කොළඹට ජල කප්පාදුවක්
COLOMBO (News 1st) - කොළඹ ප්‍රදේශ රැසකට අද (28) රාත්‍රි 10 සිට හෙට (29) පෙරවරු 10 දක්වා පැය 12 ක ජල කප්පාදුවක් සිදුකරන බව, ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව එම කාලය තුළ කොළඹ 02 , 03 , 04 , 05, 07 ,08 සහ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත. අදාළ ප්‍රදේශවල ජනතාව කල්වේලා ඇතිව ජලය රැස්කර තබා ගන්නා ලෙස ජාතික ජල සම්පාදන මණ්ඩලය ඉල්ලීමක් කරයි.
2022-10-28T03:48:29.000Z
ඇෆ්ගනිස්ථාන - අයර්ලන්ත, ඔස්ට්‍රේලියාව - එංගලන්තය කණ්ඩායම් අද තරග බිමට
සුපිරි 12 දෙනාගේ වටය: අදත් තරග 2ක්
COLOMBO (News 1st) – පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තරග දෙකක් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී අද පැවැත්වේ. ඇෆ්ගනිස්ථාන සහ අයර්ලන්ත කණ්ඩායම් අද දිනයේ පළමු තරගයට එක් වේ. සහභාගී වූ තරග 2න් එක් තරගයක් ජය ගත් අයර්ලන්තය පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසු වන්නේ ප්‍රසාද ලකුණු 2ක් ලබා ගනිමිනි. ඇෆ්ගනිස්ථානය සුපිරි 12 දෙනාගේ වටයේ සහභාගී වූ තරග දෙකෙන්ම පරාජය වූ නිසා ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවේ. මෙම තරගය මෙරට වේලාවෙන් උදෑසන 9. 30ට ආරම්භ වීමට නියමිතයි. අද දිනයේ දෙවැනි තරගය සත්කාරක ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවත්වේ. සහභාගී වූ තරග 2න් තරගයක් ජයගෙන අනෙක් තරගය පරාජය වූ එංගලන්තය පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ පසු වන්නේ තුන්වැනි ස්ථානයේයි. මේ අතර ඔස්ට්‍රේලියාව පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ පසුවන අතර එම කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක මැතිව් වේඩ්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට විදෙස් වාර්තා පවසයි. ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගයට පෙර ඔස්ට්‍රේලියාවේ ඇඩම් සම්පා ද කොවිඩ් 19 ආසාදිතයෙක් බවට තහවුරු විය. මෙම තරගය මෙරට වේලාවෙන් දහවල් 1.30ට ආරම්භ වීමට නියමිතයි.
2022-10-28T02:24:02.000Z
සේවක හිඟය දුම්රිය ප්‍රමාදයට ප්‍රධාන හේතුවක් - දුම්රිය දෙපාර්තමේන්තුව
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක හිඟයක්
COLOMBO (News 1st) - පවතින සේවක හිඟය දුම්රිය ප්‍රමාදයට ප්‍රධාන හේතුවක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, මේ හේතුවෙන් පරීක්ෂා කිරීම්වලින් පසු දුම්රිය අංගනවලින් නිදහස් කිරීම ප්‍රමාද වී ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් දුම්රිය ගමන් වාර ආරම්භ කිරීම ප්‍රමාද වන බව ඔහු පැවසුවේ ය.පවතින ගැටලුව පිළිබඳ මුදල් අමාත්‍යංශය ඇතුළු සියලු පාර්ශවලට කරුණු ඉදිරිපත් කර ඇත. ඒ අනුව දෙපාර්තමේන්තුවේ සේවා අවම වශයෙන් පවත්වා ගෙන යාමට හෝ නිලධාරීන් පිරිසක් බඳවා ගැනීමට අවසර දෙන ලෙස මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ බව ඔහු ප්‍රකාශ කළේ ය. දැනට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් 8,000 ක පමණ හිඟයක් පවතී. මේ හේතුවෙන් දෛනික දුම්රිය ගමන්වාර 400ක් සැලසුම් කළ පරිදි ධාවනයට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ. දුම්රිය ප්‍රමාදයට අනෙක් හේතුව වන්නේ මාර්ග පද්ධතියේ ඇති දුර්වලතායි. මේ අතර දුම්රිය මාර්ග නඩත්තුව සඳහා අවශ්‍ය රේල් පීලි ඇතුළු අනෙකුත් උපාංග ඇණවුම් කර ඇති අතර ඉදිරි මාස කිහිපය තුළ එම උපකරණ ලැබීමත් සමග මාර්ග අලුත්වැඩියා කටයුතු ආරම්භ කරන බව දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ දිනවල බොහෝ දුම්රිය ගමන්වාර ප්‍රමාද වී ධාවනය වන බවට මගීන් මැසිවිලි නගන අතර ඔවුන් පවසන්නේ ඒ හේතුවෙන් තම රාජකාරි රැසක් අතපසු වන බවයි.
2022-10-28T02:21:06.000Z
රට යන්න ගිය රන්ජන් කටුනායකදී ආපසු හරවා යවයි...
රට යන්න ගිය රන්ජන් කටුනායකදී ආපසු හරවා යවයි...
COLOMBO (News 1st) - විදේශගතවීමට ගිය රන්ජන් රාමනායක මහතා කටුනායක ගුවන්තොටුපළේ දී ආගමන විගමන නිලධාරීන් ඊයේ (27) පස්වරුවේ ආපසු හරවා යවා තිබේ. කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන ඒකකය සඳහන් කළේ, ඔහුට විදෙස් ගමන් තහනමක් තිබීම හේතුවෙන් එලෙස හරවා යැවූ බවයි. මේ පිළිබඳව රන්ජන් රාමනායක මහතාගෙන් නිවුස් ෆස්ට් විමසීමක් කළ අතර ඔහු පැවසුවේ, පසුගිය කොරෝනා සමයේ සහල් බෙදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැනවූ නඩුවකට අදාළව තමන්ට විදෙස් ගමන් තහනමක් පනවා තිබූ බවයි. නඩුව මේ වන විට අවසන්ව ඇතත් පැන වූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබුණ ද ඒ පිළිබඳව අදාළ අංශ දැනුවත් කර නොමැති බව ද රන්ජන් රාමනායක මහතා සඳහන් කළේ ය. අද(28) දිනයේ එම ගැටලුව නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව රන්ජන් රාමනායක මහතා සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, මෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සඳහා තමන් ඊයේ(27) විදෙස්ගත වීමට ගිය බවයි.
2022-10-28T02:15:19.000Z
යූරියා පොහොර නොලැබුණු ගොවීන් සිටී නම් වහාම දැනුවත් කරන්න - ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
ගොවීන්ට දැනුම් දීමක්
COLOMBO (News 1st) - යූරියා පෙහොර නොලැබුණු ගොවීන් සිටී නම් වහාම ඒ පිළිබඳ ප්‍රාදේශීය ගොවිජන සංවර්ධන කාර්යාලවලට දැනුම් දෙන ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි. ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්, ඒ. එච්. එම්. එල්. අබේරත්න මහතා සඳහන් කළේ මේ වනවිට යූරියා පොහොර තොග බෙදා හැරීමේ පළමු අදියර සියයට 90 කින් පමණ අවසන් බවයි. ඒ අනුව වී වගාව ආරම්භ කර ඇති බොහෝ ප්‍රදේශ වෙත යූරියා පොහොර යොමු කර ඇති බව ඔහු සඳහන් කළේ ය. පළමු අදියරේදී හෙක්ටෙයාරයකට යූරියා පෙහොර කිලෝ ග්‍රෑම් 35 ක් ලබා දෙනු ඇති. ඒ සඳහා ලෝක බැංකුවේ මැදිහත්වීම මත පෙරේදා මෙරටට ආනයනය කළ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 12,500 ද ඒ සඳහා වෙන් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර ලෝක බැංකුවේ මැදිහත්වීමෙන් ආනයනය කළ තවත් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000 ක් ලබන මාසයේදි ‍මෙරටට ලැබීමට නියමිතයි. මෙවර මහ කන්නය සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් එක් ලක්ෂ 20000 ක් ආනයනයට සැලසුම් කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. මීට අමතරව එම්. ඕ. පී. පොහොර මෙට්‍රික් ටොන් 40,000 ක් කැනඩාවෙන් ආනයනය කිරීමට නියමිත බව ජාතික පොහොර ලේකම් කාර්යාලය ප්‍රකාශ කළේ ය. එම කාර්යාලය පැවසුවේ, මහ කන්නයේ වී වගා කරන ගොවින්ට සහන මිලක් ‍යටතේ මෙම පොහොර ලබාදිමට නියමිත බවයි‍.
2022-10-28T01:40:44.000Z
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ඝාතනවල ඉහළ යෑමක්
මෙම වසරේ ඝාතනවල ඉහළ යෑමක්
COLOMBO (News 1st) - පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පුද්ගල ඝාතනවල වැඩිවීමක් වාර්තා වන බව පොලීසිය සඳහන් කරයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ, නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පසුගිය වසරේ මුල් මාස 09 තුළ පුද්ගල ඝාතන 403 ක් වාර්තා වන බවය. මේ වසරේ මුල් මාස 09 තුළ පුද්ගල ඝාතන 435 ක් වාර්තා වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර පසුගිය වසරට සාපේක්ෂව වාහන සොරකම් කිරීම්ද ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ඔහු සඳහන් කළේ, පසුගිය වසර තුළ වාහන සොරකම් කිරීම් 1,405 ක් වාර්තා වි ඇති බවයි. මේ වසරේ මුල් මාස 9 තුළ පමණක් වාහන සොරකම් කිරීම් 1,406 ක් වාර්තා වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, මේ වසරේ යතුරුපැදි සොරකම් පමණක් 1,016 ක් සිදුව ඇති බවයි.