date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2022-11-07T05:03:48.000Z | ධනුෂ්ක ගුණතිලකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි.. | ධනුෂ්ක ගුණතිලකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි.. | COLOMBO (News 1st) – ධනුෂ්ක ගුණතිලකගේ ඇප ඉල්ලීම සිඩ්නි අධිකරණය ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ, ඔහු අද වීඩියෝ තාක්ෂණ ඔස්සේ සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එරට මාධ්‍ය වාර්තා කළේ, ඔහුට අත්විලංගු දමා සිටින අයුරු දිස්වූ බවය. |
2022-11-07T04:23:29.000Z | ධනුෂ්ක ගුණතිලකගේ ඇප අයැදුම විභාගයට පෙර නඩුව කෙටි වේලාවකට කල් තබයි - ඔස්ට්‍රේලියා මාධ්‍ය | ධනුෂ්ක ගුණතිලක සිඩ්නි අධිකරණයට.. | COLOMBO ( News 1st ) – ධනුෂ්ක ගුණතිලක වීඩියෝ තාක්ෂණ ඔස්සේ අද (07)සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එරට මාධ්‍ය වාර්තා කළේ, ඔහුට අත්විලංගු දමා සිටින අයුරු දිස්වූ බවය. ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආනන්ද අමරනාත් අධිකරණයනේ ඔහුට ඇප ඉල්ලීමක් කර තිබේ. මහේස්ත්‍රාත් රොබට් විලියම්ස් ඇප අයැදුම විභාගයට ගැනීමට පෙර නඩුව කෙටි වේලාවකට කල්තබා ඇතැයි එරට මාධ්‍ය අනාවරණය කළේ ය. |
2022-11-07T04:15:31.000Z | හම්බන්තොට මුහුදින් මතු වූ මත්ද්‍රව්‍ය.. | හම්බන්තොට මුහුදින් මතු වූ මත්ද්‍රව්‍ය.. | COLOMBO ( News 1st ) - හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 ක් හම්බන්තොට මුහුදේ කළ මෙහෙයුමකදී සොයාගත් බව නාවික හමුදාව පවසයි. ඒ සමග ධීවර යාත්‍රා දෙකක් හා සැකකරුවන් 10 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව නාවික හමුදාව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. |
2022-11-07T03:36:59.000Z | T20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි දිවයිනට | ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට | COLOMBO (News 1st) – ඔස්ට්‍රේලියාවේ පැවති පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(07) දිවයිනට පැමිණියේය. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයෙන් ඉවත්වීමට සිදුවිය. |
2022-11-07T03:24:37.000Z | කන්දකාඩු කඳවුරේ ගැටුම අතරතුර රැඳවියන් 75ත් 100ත් අතර පිරිසක් පැනයයි.. - යුද හමුදාව | කන්දකාඩුවේ රැඳවියන් 75ත් 100ත් අතර පිරිසක් පනී.. | COLOMBO (News 1st) – කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ඇතිවූ ගැටුම අතරතුර රැඳවියන් 75ත් 100ත් අතර පිරිසක් පලාගොස් ඇතැයි යුද හමුදාව පවසයි. යුද හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසුවේ ඉන් 25කට ආසන්න පිරිසක් මේ වනවිට සෝමාවතිය - කන්දකාඩු මාර්ගයේ යුද හමුදාව මගින් තාවකාලික ස්ථානගතකර ඇති මාර්ග බාධකයට භාරවෙමින් ඇති බවය. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රී ගැටුමක් හටගත්තේ ය. සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියෙකු හා යුද හමුදා සාමාජිකයෙකු තුවාල ලබා පොලොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ. යුද හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසුවේ, රැඳවියන් පිරිසක් කදවුර තුළ ඇති ආයුධ ගබඩාව වෙත ඇතුළුවීමට තැත් කිරීම, කලහකාරි තත්ත්වය දුරදිග යාමට හේතු වී ඇති බවය. ආයුධ ගබඩාවේ ආරක්ෂාවට සිටි 9 වන කාලතුවක්කු හමුදා සාමාජියින් එය ව්‍යවර්ථ කොට ආයුධ ගබඩාව මේ වනවිට සම්පූර්ණයෙන්ම සුරක්ෂිත කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. |
2022-11-07T02:27:27.000Z | ගුරුවරියකගේ මුදල් පසුම්බිය නැතිවීම සම්බන්ධයෙන් මිල්ලනිය පාසලක 5 වසර සිසුන් පිරිසකට පහරදීම ගැන පරීක්ෂණයක්.. | සිසුන් පිරිසකට පහරදීමක් ගැන පරීක්ෂණයක්.. | COLOMBO (News 1st) – ගුරුවරියකගේ මුදල් සොරකම් කළ බවට සැකපිට හොරණ, මිල්ලනිය, කණිෂ්ඨ විද්‍යාලයක 05 වසර සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පානදුර කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ එම පරීක්ෂණ ක්‍රියාත්මක කෙරෙන බවය. ගුරුවරියගේ බෑගයේ තිබූ මුදල් පසුම්බියක් සොරකම් කළ බවට චෝදනා කරමින් අදාළ විද්‍යාලයේ විදුහල්පතිනිය හා ගුරුවරියක් විසින් ළමුන් පුස්තකාලය වෙත රැගෙන ගොස් පහර දී තිබුණු බවට වාර්තා වෙයි. අනතුරුව එම ළමුන් පිරිස පොලිස් නිලධාරින් පැමිණ පොලිසිය වෙත ගෙන ගොස් ඇත්තේ, විදුහල්පතිනියගේ දැනුම්දීම අනුවයි. පොලීසිය වෙත රැගෙන යන අතරතුර ජීප් රථයේදී ළමුන් තුන් දෙනෙකුට විදුලි සැර වැදී ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ ඒ අයුරින් ළමුන්ව පොලිස් ස්ථානය වෙත රැගෙන ගිය ජීප් රථය වැඩිදුර විමර්ශන සඳහා සිය පොලිස් ඒකකය භාරයට ගත් බවය. |
2022-11-07T01:43:38.000Z | අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි.. | අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි.. | COLOMBO (News 1st) – අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තද වැසි ලැබෙනි ඇති. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ , බස්නාහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බවය. මේ අතර, දිස්ත්‍රික්ක 07කට නිකුත් කළ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම තවදුරටත් බලාත්මක වේ. එම දිස්ත්‍රික්ක වන්නේ මහනුවර, බදුල්ල. කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල සහ නුවරඑළියයි. ඒ අතරින් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ ගඟවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කෙරිණි. |
2022-11-07T01:32:22.000Z | උතුම් ඉල් පුර පසලොස්වක පොහෝ දිනය අදයි.. | ඉල් පුර පසලොස්වක පොහෝ දිනය අදයි.. | COLOMBO (News 1 st ) – බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා පරිදි රහතන් වහන්සේ සැට නමක්, ලෝ සතුන්ගේ හිත සුව පිණිස ධර්ම ප්‍රචාරයේ යෙදුණු ඉල් පුර පසලොස්වක පොහෝ දිනය අදයි. අවබෝධ කරගත් ධර්මය ලෝක සත්වයාගේ හිතසුව පිණිස දේශනා කරන්නැයි වදාරා, බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ සැට නමක් ගම් නියම් ගම්වෙත පිටත්කර හැරියේ, අද වැනි පුර පසළොස්වක පොහෝ දිනකදී ය. උරුවෙල් දනව්වේදී බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයින් ඇතුළු පිරිසට ධර්මය දේශනා කළේ ද ඉල් පුර පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් ය. මෛත්‍රී බෝධි සත්ත්වයන් ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම ද අද වැනි පොහෝ දිනක සිදුවූ තවත් අසිරිමත් සිද්ධියකි. වප් පොහෝ දින පෙරවස් පවාරණය කළ උපසපන් භික්ෂූන්ට කඨින චීවර පූජා කිරීමේ චීවර මාසය නිමාවන්නේ ද ඉල් පුර පසළොස්වක පොහෝ දිනයෙන් ය. එමෙන්ම පසුවස් සමාදන් වූ උපසපන් භික්ෂූන් ඉල් පොහෝ දිනයේදී වස් පවාරණය කරයි. |
2022-11-07T01:31:08.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | දේශීය පුවත් 1.කුලී ත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළට.. – කුලී ත්‍රීරෝද රථ සඳහා සතියකට ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දමන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 2.ජනපති එක්සත් ජාතීන්ගේ මහලේකම් හමුවී ජාතික පාරිසරික ප්‍රතිපත්තිය ගැන රජයේ සැලසුම් දැනුවත් කරයි.. – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊජිප්තුවේ, කයිරෝ නුවරදී එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා හමුවී තිබේ. 3.අන්තර්ජාතික වෙළෙඳාමේ තරඟකාරිත්වයට ගැළපෙන පරිදි දේශීය කර්මාන්තවලට රුකුලක් වීම සඳහා වෙළෙඳ ගැළපුම් වැඩසටහනක් – ජනපති– අන්තර්ජාතික වෙළෙඳාමේ තරගකාරිත්වයට ගැළපෙන පරිදි දේශීය කර්මාන්තවලට රුකුලක් වීම සඳහා වෙළෙඳ ගැළපුම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 4.පුහුණු ශ්‍රමිකයින්ට ද. කොරියාවේ ධීවර රැකියා අවස්ථා – ධීවර කර්මාන්තයේ පළපුරුද්ද සහිත ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා විවෘත කරදීමට රජයේ අවධානය යොමු වී තිබේ. 5.ඇමති ධුර 4 ක් තමා භාරයේ තබා ගනිමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් – අමාත්‍ය ධුර හතරක් තමා භාරයේ තබා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ක්‍රීඩා පුවත් 1.කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. |
2022-11-07T01:06:09.000Z | කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක්: පිරිසක් පලායයි.. | කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ගැටුමක්.. | COLOMBO (News 1st) : කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ඊයේ(07) රාත්‍රී ගැටුමක් හටගෙන තිබේ. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසුවේ , රැඳවියන් දෙපිරිසක් අතර ගැටුම හටගෙන ඇති බවය. ගැටුම අතරතුර රැඳවියන් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් පලාගොස් ඇතැයි ද ඔහු පැවසුවේ ය. තුවාල ලැබූ රැඳවියන් වැලිකන්ද රෝහලටත් වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව රෝහලටත් ඇතුළත් කර තිබේ. |
2022-11-06T16:01:57.000Z | කුලී ත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළට.. | කුලී ත්‍රීරෝද රථ ඉන්ධන කෝටාව ඉහළට.. | COLOMBO (News 1st) - කුලී ත්‍රීරෝද රථ සඳහා සතියකට ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දමන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ අනුව අද(06) රාත්‍රියේ සිට මෙම ඉන්ධන කෝටාව ලීටර් 10 දක්වා ඉහළ දැමෙනු ඇති. මීට පෙර එම කෝටාව මගින් කුලී ත්‍රිරෝද සඳහා සතියකට ලබා දී තිබුණේ ඉන්ධන ලීටර් 5ක් මගිනි. |
2022-11-06T14:34:22.000Z | අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලකගේ ක්‍රිකට් අනාගතයට කුමක් සිදුවෙයිද? | ධනුෂ්කගේ ක්‍රිකට් අනාගතයට කුමක් සිදුවෙයිද? | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ, තමන්ට ලිංගික අතවර කළ බවට කාන්තාවක් ඔහුට එරෙහිව ගොනුකළ පැමිණිල්ලකට අදාලවයි. 2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක් වූ ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කළ ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණේ ඊයේ(05) දිනයේදී ඔස්ට්‍රේලියාවේ සසෙක්ස් වීදියේ හෝටලයක රැඳී සිටියදීය. ඒ, සිඩ්නිහි නැගෙනහිර ප්‍රදේශයේදී ධනුෂ්ක ගුණතිලක තමන්ව ලිංගික අතවරයකට ලක්කළ බවට 29 හැවිරිදි කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුවයි. ඒ, තරුණ තරුණියන් ආදරය හා කැමැත්ත හුවමාරු කරගන්නා 'ඩේටින්' ඇප් එකක් හරහා ඇති වූ සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙසය. ඒ හරහා අදාල තරුණිය ධනුෂ්ක ගුණතිලක සමග පළමුව සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ ය. මේ ඇප් එක හරහා අහඹු ලෙස මිස විශේෂිත පුද්ගලයෙකු නම්කර සෙවිය නොහැකි අතර අහඹු ලෙස තමන් කැමති කාන්තාවක හෝ පිරිමියෙකු සොයා යන අයෙකුට තවත් එවැනි කෙනෙකු තමන් අවට ප්‍රදේශයෙන් මුණ ගැස්වීම මෙම ඇප් එක මගින් සිදු කෙරේ. මෙලෙස හඳුනා ගැනීමෙන් පසුව අවස්ථා කිහිපයකදී මෙම කාන්තාව හා ධනුෂ්ක ගුණතිලක අතර ඇමතුම් හුවමාරු වී ඇති බවත් ඒ අතර වීඩියෝ ඇමතුම් ද වන බවත්, ඒ අනුව ඇතිවුණු සබඳතාව මත පසුව ඔහු ඉකුත් නොවැම්බර් 02 වැනිදා, සිඩ්නි නුවර රෝස් බේහි පිහිටි අදාළ කාන්තාවගේ නිවසට ගොස් ඇති බවත් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ ය. මෙම තරුණිය විසින් ඔස්ට්‍රේලියානු පොලීසියට පැමිණිලි කර තිබුණේ තම නිවස තුළදී සිය කැමැත්තෙන් තොරව සිව්වරක් ධනිෂ්ක ගුණතිලක විසින් තමන්ව දූෂණයට ලක් කළ බවය. පසුව කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගය ඇතුළු චෝදනා 04 කට ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටි හෝටලයේදීය. අද ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ සිඩ්නි සිටි පොලීසිය විසින් පැරමැට්ටා පොලිස් උසාවියට ඉදිරිපත් කර ඇති අතර අදාල චෝදනා සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු නීති ප්‍රධානී, නීතිවේදී ආචාර්ය චානක සේනානායක මහතා සඳහන් කළේ, ප්‍රවීණ නීතිවේදියෙක් වන ආනන්ද අමරනාත් මහත්මයා අද උදේ සිඩ්නි නුවර මහසේත්‍රාත් අධිකරණයේදී, ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටි බවත් මෙහිදී බේල් ඇප්ලිකේෂන් එකක් ඉදිරිපත් කළ නමුත් මහේස්ත්‍රාත්වරයා විසින් බේල් ඇප්ලිකේෂන් එක නිෂ්ප්‍රභා කළ බවය. නැවතත් ධනුෂ්ක ගුණතිලකව සිඩ්නි නුවර මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් අතර එහිදි අනිවාර්යෙන් ඔහුට ඇප ලැබේවි යැයි බලාපොරොත්තු වන බව නීතිවේදී ආචාර්ය චානක සේනානායක මහතා පවසයි. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අත්ඩංගුවට ගෙන තිබෙන අතර ඔහුට රටින් පිටවීම තහනම් බවත්, ඇප ලැබුණ ද අදාල නඩුව අවසන් වනතුරු ඔහුට රටෙන් පිටවිය නොහැකි බව නීතිවේදී ආචාර්ය චානක සේනානායක මහතා සඳහන් කළේය. ධනුෂ්ක පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් නීතිවේදී ආචාර්ය චානක සේනානායක මහතා කියා සිටියේ, තවමත් ඔහු සැකකරුවෙකු පමණක් වන බවත් නඩු තීන්දුව අනුව ඔහුගේ ක්‍රිකට් අනාගතය තීරණය වන බවය. අදාල සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රාජ්‍ය අපරාධ විධානයේ ලිංගික අපරාධ අංශය සහ ඔස්ට්‍රේලියානු නැගෙනහිර පොලිස් ප්‍රදේශ විධානයේ රහස් පරීක්ෂකයින් විසින් ඒකාබද්ධ විමර්ශනයක් ද ආරම්භ කර තිබේ. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට පත්වූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් දැනුම් දී තිබෙන අතර ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ අදාළ සිදුවීම පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් කර ධනුෂ්ක වරදකරු වුවහොත් ඔහුට විරුද්ධව දැඩි පියවර ගන්නා බවය. එමෙන්ම ඔහු අදාළ චෝදනාවට වරදකරු වුවහොත් ඔස්ට්‍රේලියානු නීතිය අනුව ද සිරදඬුවමකට යටත් වෙනු ඇති. 2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලානය සඳහා ඔස්ටේලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ධනුෂ්ක ගුණතිලක ඇතුළත් වුවත් ඔහු ක්‍රීඩා කළේ පළමු තරගය සඳහා පමණි. තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට ඉතිරි තරග අහිමි විය. |
2022-11-06T12:39:05.000Z | දකුණු අප්‍රිකාවට එරෙහිව නෙදර්ලන්තයට පෙරළිකාර ජයක්: ඉන්දියාව Semi Final යයි.. | ද.අප්‍රිකාවට එරෙහිව නෙදර්ලන්තයට පෙරළිකාර ජයක් | COLOMBO (News 1 st ) – 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහි තරගය නෙදර්ලන්තය ලකුණු 13කින් පෙරළිකාර ජයක් වාර්තා කළේය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත ක්‍රීඩකයින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 158කි. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකා ක්‍රීඩකයන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 145ක් පමණි. දකුණු අප්‍රිකාව නෙදර්ලන්තය හමුවේ ලැබූ අනපේක්ෂිත පරාජයත් සමග ඉන්දියාවට දෙවන කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට අවස්ථාව හිමිවිය. |
2022-11-06T12:34:49.000Z | පකිස්ථානය Semi Final යයි.. | පකිස්ථානය Semi Final යයි.. | COLOMBO (News 1 st ) – පකිස්ථානය 2022 පන්දුවාර 20යි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට අද සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ, සුපිරි 12 දෙනාගේ වටයේ දෙවැනි කාණ්ඩයේ බංග්ලාදේශය එරෙහි තරගය කඩුලු 5කින් ජය ගැනීමත් සමගිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 127 රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානය පන්දුවාර 18යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 5ක් දැවී සිටියදී නියමිත ඉලක්කය පසු කළේ ය. |
2022-11-06T12:19:37.000Z | සිම්බාබ්වේට එරෙහිව ඉන්දියාවට ලකුණු 71ක පහසු ජයක්.. | සිම්බාබ්වේට එරෙහිව ඉන්දියාවට පහසු ජයක්.. | COLOMBO (News 1 st ) – 2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ඉන්දියාව ලකුණු 71 කින් ජය ගත්තේ ය . ලකුණු 187ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 17යි පන්දු 2 ක් අවසානයේ සියලු දෙනා දැවි රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 115 ක් පමණි. මෙල්බන්හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 186ක් රැස් කළේ ය. ලෝකේෂ් රාහුල් සහ විරාත් කෝලි දෙවැනි කඩුල්ලට ලකුණු 60ක සබඳතාවක් ගොඩනැගුවේ ය. රාහුල් ලකුණු 51ක් රැස් කළේ ය. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ සුර්ය කුමාර් යාදෙව් නොදැවී ලකුණු 61 රැස් කළේ හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක්ද සමගින් ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සිම්බාබ්වේ පළමු කඩුලු තුන බිඳ වැටුණේ ලකුණු 28 කදී ය. වෙස්ලි මධවේරේ සහ රෙජිස් චකබ්වා ලකුණු රැස් කිරීමට පෙර දැවී ගියේ ය. ශෝන් විලියම්ස් ලකුණු 11කි. |
2022-11-06T11:42:27.000Z | ජනපති එක්සත් ජාතීන්ගේ මහලේකම් හමුවී ජාතික පාරිසරික ප්‍රතිපත්තිය ගැන රජයේ සැලසුම් දැනුවත් කරයි.. | ජනපති එක්සත් ජාතීන්ගේ මහලේකම් හමුවෙයි.. | COLOMBO (News 1 st ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊජිප්තුවේ, කයිරෝ නුවරදී එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා හමුවී තිබේ. ඒ, COP 27 සමුළුවට සහභාගීවීමට ගිය අවස්ථාවේදී ය. ජාතික පාරිසරික ප්‍රතිපත්තිය පිළිබඳ රජයේ සැලසුම් ජනාධිපති රනිල් වික්‍රමිසිංහ මහතා එහිදී අන්තෝනියෝ ගුටේරස් මහතාව දැනුවත් කර තිබේ. ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ( Sharm El Sheikh)හිදී නොවැම්බර් 6 සිට 18 දක්වා COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව පැවැත්වෙනු ඇති. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා දේශගුණික විපර්යාස ගැටලු පිළිබඳ සමුළුවේ කටයුතු සඳහා 07 සහ 08 දෙදින තුළ සහභාගී වන අතර එම සමුළුව ඇමතීමට ද නියමිත ය. මෙයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය ආහාර සුරක්ෂිතතා සමුළුවට සහ ලෝක නායකයින්ගේ සමුළුවට ද සහභාගී වනු ඇත. COP 27 හි දී, පැරිස් ගිවිසුම සහ සම්මුතිය යටතේ එකඟ වූ පරිදි ලෝකයේ සාමූහික දේශගුණික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට රටවල් එකතු වේ. පසුගිය වසරේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ (Glasgow) හි පැවැති COP 26 හි සමුළුවේදී සාකච්ඡා කළ සම්මුතීන් පැරිස් ගිවිසුමට අනුකූලව ඉටු කර ගැනීමට හා ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරිමට නියමිත ය. පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහූ ද මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා එක්වූහ. Online ක්‍රමයට පහසුකම් සලසා ඇති බැවින් ජනාධිපති මාධ්‍ය අංශයේ (PMD) කිසිදු මාධ්‍ය නිලධාරියෙකු ඡායාරූප ශිල්පියෙකු හෝ වීඩියෝ ශිල්පියෙකු මෙම සමුළුවට සහභාගී නොවනු ඇත. කෙසේ වෙතත්, අදාළ තොරතුරු හා ප්‍රවෘත්ති නිවේදන දේශීය මාධ්‍ය ආයතනය වෙත බෙදා හැරීමට ජනාධිපති මාධ්‍ය අංශය(PMD) විසින් සියලු කටයුතු සූදානම් කර ඇත. |
2022-11-06T10:31:43.000Z | අන්තර්ජාතික වෙළෙඳාමේ තරඟකාරිත්වයට ගැළපෙන පරිදි දේශීය කර්මාන්තවලට රුකුලක් වීම සඳහා වෙළෙඳ ගැළපුම් වැඩසටහනක් - ජනපති | අන්තර්ජාතික වෙළෙඳාමට ගැළපෙන වෙළෙඳගැළපුම් වැඩසටහනක් | COLOMBO (News 1 st ) – අන්තර්ජාතික වෙළෙඳාමේ තරගකාරිත්වයට ගැළපෙන පරිදි දේශීය කර්මාන්තවලට රුකුලක් වීම සඳහා වෙළෙඳ ගැ ළපුම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ය. අපනයන මූලික සෘජු විදේශ ආයෝජන වැඩිදියුණු කිරීම සඳහා කලාපීය හා ගෝලීය සැපයුම් දාමයන් වෙත පිවිසීම හා ගෝලීය ආර්ථිකය සමග නැවත සම්බන්ධවීම, දේශීය ආර්ථිකය යළි ගොඩනැංවීමේ රජයේ ආර්ථික වැඩපිළිවෙළේ මූලිකාංගයකි. ඒ අනුව ඇමරිකාව හා යුරෝපය යන ප්‍රධාන අපනයන වෙළෙඳපොළ තුළට තවදුරටත් අවතීර්ණ වන අතරේ අපනයන වර්ධනය කර ගැනීම සඳහා විස්තීර්ණ නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමේ ප්‍රයත්නයක රජය නිරත වෙයි. රජය පියවර ගෙන ඇත්තේ, ඒ වෙනුවෙන් ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවක් පිහිටුවීමටයි. රට තුළට පුළුල් ලෙස සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා අවශ්‍ය සේවා අංශයේ ක්‍රමානුකූලව සිදුකළ යුතු ලිහිල් කිරිම් හා කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා එහිදී සාකච්ඡා කළේ ය. නිදහස් වෙළෙඳ සාකච්ඡා, ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වන ඉදිරි දැක්ම සහ ඊට අදාළව ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා පෙළගැස්විය යුතු ආකාරය පිළිබඳ එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය. |
2022-11-06T09:59:13.000Z | උතුරු මාර්ගයේ තවත් දුම්රියක් අවලංගුයි.. | උතුරු මාර්ගයේ තවත් දුම්රියක් අවලංගුයි.. | COLOMBO (News 1 st ) – උතුරු මාර්ගයේ අද(06) දිනයේ ධාවනය වීමට නියමිත තවත් දුම්රියක් අවලංගු කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කන්කසන්තුරෙයි සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමතව තිබූ දුම්රිය එලෙස අවලංගු කළ බවයි. යාල් දේවී දුම්රිය පූනෑව ප්‍රදේශයේදී ඊයේ දිනයේ පීලි පැනීමත් සමග උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතු විය. මේ හේතුවෙන් ඊයේ උතුරු මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය 02ක් අවලංගු කෙරිණ. පීලිපැනීමට ලක්වූ දුම්රිය මෙතෙක් පීලිගත කර නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, අද දිනය තුළ දුම්රිය පීලිගත කිරීම් අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ, මහව සිට වව්නියාව දක්වා දුම්රිය මාර්ගයේ කොටස ඉදිකළ දා සිට එනම් වසර 150කින් පමණ පූර්ණ ප්‍රතිසංස්කරණයක් සිදුකර නොමැති බවයි. ඒ අනුව එම මාර්ගය පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක්කිරීම ලබන ජනවාරී මාසයේ සිට අදියර දෙකකින් සිදුකිරීමට පියවර ගෙන ඇතැයි එම නිලධාරීයා සඳහන් කළේ ය. මහව සිට වව්නියාව අතර මාර්ග කොටසේ දුර කිලෝමීටර් 128 කි. |
2022-11-06T09:14:14.000Z | මහවැලි ගඟ පහළ කොටස භාවිත කරන ජනතාවට විමසිල්ලෙන් පසු වෙන්නැයි උපදෙස් | වික්ටෝරියා, රන්ටැඹේ වාන් දොරටු විවෘත කිරීමට නියමිය | COLOMBO (News 1 st ) - වික්ටෝරියා, රන්ටැඹේ ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට නියමිත බැවින් මහවැලි ගඟ පහළ කොටස භාවිත කරන ජනතාවට විමසිල්ලෙන් පසු වෙන්නැයි, රන්දෙනිගල රන්ටැඹේ ජලාශ, කාර්යභාර ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස මහතා පවසයි. ඔහු පවසන්නේ , රාත්‍රී කාලයේ දී ජල මට්ටම ඉහළ යා හැකි බැවින් පහත් බිම් අවට ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි . එසේම, දිවයිනේ දිස්ත්‍රික්ක 7 කට නිකුත් කළ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකයි. ඒ අනුව මහනුවර, බදුල්ල, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොරනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක සඳහා මෙම පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන බල පැවැත්වෙනු ඇත. ඒ අතරින් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ ගඟවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබේ. මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර, සුදුහම්පොල, පතනවත්ත ප්‍රදේශයේදී පස්කන්දක් කඩා වැටීමෙන් මවක සහ දියණියක තුවාල ලබා ඇති අතර පොලීසිය සඳහන් කළේ ඔවුන් ඊයේ රාත්‍රීයේ නිදා සිටියදී කාමරයට පස්කන්දක් කඩා වැටී ඇති බවයි. නිවසේ තවත් 16 හැවිරිදි දැරියක නිදාසිට ඇති අතර පසුව ඇය පැමිණ ප්‍රදේශවාසීන්ගේ ආධාර උපකාර ඉල්ලා සිටිය ද, වර්ෂාව හේතුවෙන් කිසිවෙකුටත් එය ඇසී නොමැත. ඒ අනුව එම දියණිය තනිවම දැඩි ප්‍රයත්නයක් දරා පස් කඳුවලට යටව සිටි සිය මව සහ 05 හැවිරිදි නැඟණිය බේරාගෙන තිබේ. තුවාල ලැබූ 42 හැවිරිදි මව සහ අනෙක් දියණිය මේ වන විට පේරාදේණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. තව ද සුදුහම්පොල, පහළ පතනවත්ත ප්‍රදේශයේදී තවත් පස්කන්දක් නිවස කඩා වැටීමෙන් පුද්ගලයෙකු ද සුළු තුවාල ලබා තිබේ. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, මධ්‍යම, දකුණ සහ සබරගමුව පළාත්වලට මිලිමීටර 75 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඒ සමඟ ඇතිවිය හැකි අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ. |
2022-11-06T08:25:17.000Z | පුහුණු ශ්‍රමිකයින්ට ද. කොරියාවේ ධීවර රැකියා අවස්ථා | පුහුණු ශ්‍රමිකයින්ට ද. කොරියාවේ ධීවර රැකියා අවස්ථා | COLOMBO ( News 1 st ) - ධීවර කර්මාන්තයේ පළපුරුද්ද සහිත ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා විවෘත කරදීමට රජයේ අවධානය යොමු වී තිබේ. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ දකුණු කොරියානු බලධාරින් අතර සාකච්ඡාවක් පැවැත් වූ බවයි. ඒ අනුව ධීවර රැකියා සම්බන්ධයෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද දෙපාර්ශවයේ අවධානය යොමුව තිබේ. |
2022-11-06T07:03:06.000Z | ණය හිමියන් සමග සාකච්ඡා සුබවාදී අවසානයක.. IMF අනුමැතිය මේ වසර අග ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකියි - ශෙහාන් සේමසිංහ | ''ණය හිමියන් සමග සාකච්ඡා සුබවාදී අවසානයක..'' | COLOMBO (News 1st) – ණය හිමියන් සමග දෙවැනි වටයේ සාකච්ඡා සුබවාදී අවසානයක් කරා එළැඹි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, චීනය, ඉන්දියාව සහ ජපානය ඇතුළු බහුතර ණය හිමියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට නීති උපදේශකයන් සහ මූල්‍ය උපදේශකයන්ගේ සහය ද ලැබුණු බවයි. මේ අතර ණය ප්‍රතිව්‍යුහගත කරණයට අදාළව කිසිදු රටක් ශ්‍රී ලංකාවට කොන්දේසි පනවා නොමැති බවත් ණය හිමි රටවල් ශ්‍රී ලංකාවට පිටුපානු ඇතැයි රජය විශ්වාස නොකරන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. මූල්‍යමය සහතික වීම ලබා දුන් විගස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය අදාළ අනුමැතිය ලබා දීමට සුදානමින් සිටින බවත් ඒ අනුව වසර අවසාන වනවිට IMF අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබෙනු ඇතැයි විශ්වාය තැබිය හැකි බවත් අමාත්‍යවරයා නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. |
2022-11-06T05:29:48.000Z | ඇමති ධුර 4 ක් තමා භාරයේ තබා ගනිමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් | අමාත්‍ය ධුර හතරක් ජනපති යටතට | COLOMBO ( News 1st) - අමාත්‍ය ධුර හතරක් තමා භාරයේ තබා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුවයි. ඒ අනුව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති, තාක්ෂණ, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුර ජනාධිපතිවරයා යටතේ පවතිනු ඇති. |
2022-11-06T05:29:26.000Z | අද (06) සිට ගෑස් මිල ගණන් වැඩි වෙන්නේ මෙහෙමයි | අද (06) සිට ගෑස් මිල වැඩි වෙන්නේ මෙහෙමයි | COLOMBO (News 1st) – අද (06) සිට ඉහළ දැමූ ගෑස් මිල ගණන්වලට අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,360ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඒ සිලින්ඩර් වර්ගය අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ගෑස් මිල ගණන් ඉහළ දමා ඇති ආකාරය පහතින් දැක්වේ. ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, මිල සූත්‍රයට අනුව මෙම මිල ඉහළ දැමීම සිදු කරන බවයි. |
2022-11-06T05:25:20.000Z | ලිට්‍රෝ ගෑස් මිල ඉහළට | ලිට්‍රෝ ගෑස් මිල ඉහළට | COLOMBO (News 1st) - අද(06) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා ඇතැයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව නව මිල ගණන් මෙසේය. |
2022-11-06T04:22:32.000Z | කොත්මලේදී දියේ ගිලී දැරියක මියයයි | කොත්මලේදී දියේ ගිලී දැරියක මියයයි | COLOMBO (News 1st) - කොත්මලේ,වෙදමුල්ලවත්ත ප්‍රදේශයේදී 10 හැවිරිදි දැරියක දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබේ. පොලීසිය සඳහන් කරන්නේ, ඇය සිය සහෝදරිය සමග කැමිල්දන් ඇළෙන් එගොඩ වෙමින් සිටියදී ඇය මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.. දිය පහරට හසුවීමෙන් පසු බේරා ගත් දැරිය නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. |
2022-11-06T03:43:04.000Z | අද (06) සිට ගෑස් මිල රු. 200 - 250 ත් අතර අගයකින් ඉහළට | අද (06) සිට ගෑස් මිල ඉහළට - ලිට්‍රෝ සභාපති | COLOMBO (News 1st) – අද (06) සිට රුපියල් 200 ත් 250 ත් අතර අගයකින් ගෑස් මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ. ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, මිල සූත්‍රයට අනුව මෙම මිල ඉහළ දැමීම සිදු කරන බවයි. |
2022-11-06T02:35:48.000Z | කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුව ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට | ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඒ, දූෂණ චෝදනාවක් සම්බන්ධයෙනි. 29 හැවිරිදි කාන්තාවක් විසින් නිව්සවුත්වේල්ස් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි, වාර්තා වේ. විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ, සිඩ්නි නුවර සසෙක්ස් වීදියේ හෝටලයකදී අත්අඩංගුවට ගෙන ඇති ධනුෂ්ක ගුණතිලක මේ වන විට සිඩ්නි සිටි පොලීසියේ රඳවා සිටින බවයි. පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදීම ආබාධයකට ලක්වීම හේතුවෙන් නවාතැන් ගත් හෝටලයේම ඔහු විවේකගන්වනු ලැබිණ. |
2022-11-06T01:52:05.000Z | සීමා නිර්ණ කමිටුවේ ක්‍රියාකාරීත්වය පළාත් පාලන මැතිවරණයට අදාළ තීන්දුවලට බාධාවක් ද ? මැතිවරණ කොමිසම නීති උපදෙස් පතයි | මැතිවරණ කොමිසම නීති උපදෙස් පතයි | COLOMBO (News 1st) - පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණය සඳහා පත්කළ ජාතික කමිටුවේ ක්‍රියාකාරීත්වය හමුවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ තීන්දු තීරණ ගැනීම ඇතුළු සිය ඉදිරි කටයුතුවලට බාධා වන්නේදැයි, නීතිපතිපති උපදෙස් ලබා ගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. එම කොමිසම සඳහන් කළේ, සිය අපේක්ෂාව පරිදි මාර්තු 20 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සැලසුම් සකස් කිරීමේදී නව කමිටුවේ තීරණවලින් බලපෑමක් වන්නේ ද යන්න සම්බන්ධයෙන් උපදෙස් ලබාගන්නා බවයි. නීතිපතිවරයාගේ මතය අනුව සිය ඉදිරි කටයුතු සැලසුම් කරන බව ද මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. මැතිවරණ කොමිසම සඳහන් කළේ, සීමා නිර්ණය සඳහා පත්කළ ජාතික කමිටුවේ නිර්දේශ ලබන වසරේ පෙබරවාරි 28 වැනිදා වන විට ලබා දිය යුතුව ඇති බවයි. ලබන වසරේම මාර්තු 20 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම කළ සැලසුම අතර පරස්පරතාවක් ඇති වන්නේදැයි එහිදී අවධානය යොමු කිරීමට නියමිතව ඇත. මේ අතර මැතිවරණ කොමිසම පැවසුවේ, 21 වන සංශෝධනය සම්මත වීමත් සමග කොමිෂන් සභා සඳහා යළි සාමාජිකයින් පත් කළයුතුව ඇති බවයි. එම තත්ත්වය තුළ කොමිසමේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම පිළිබඳවත් නීතිපති උපදෙස් විමසීමට අපේක්ෂා කරන බව, මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. මේ අතර පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව වැඩි වීම හමුවේ, වාර්ෂිකව රුපියල් ලක්ෂ 32,000 ක පමණ අතිරේක පිරිවැයක් දැරීමට රජයට සිදුව ඇතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. මේ අතර පළාත් පාලන ආයතන කොට්ඨාස සීමානිර්ණ ජාතික කමිටුවේ ඉදිරි කටයුතු පිළිබඳව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැහැදිලි කිරීමක් සිදු කළේ ය. එම මහතා පැවසූවේ, විෂයභාර අමාත්‍යවරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් මටට්මින් ද ඉදිරියේදි සිමා නිර්ණ අනුකමිටු පත් කරනු ඇති බවයි. මේ අතර විවිධ හේතු සාධක ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට එළැඹීමට තීරණය කර ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මතුව ඇති තත්ත්වය පිළිබඳව ලබන අඟහරුවාදා මැතිවරණ කොමිසම සමග සාකච්ජා කිරීමට සැලසුම් කර ඇති බවයි. |
2022-11-06T01:50:29.000Z | ජනපති රනිල් ඊජිප්තුව බලා පිටත්ව යයි | ජනපති රනිල් ඊජිප්තුව බලා පිටත්ව යයි | COLOMBO (Newsn1st) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (06) අලුයම ඊජිප්තුව බලා පිටත්ව ගියේ ය. ඒ, ෂාම් අල් ෂෙයික් නුවරදී අද ආරම්භ වන දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුති පාර්ශවයන්ගේ 27 වන සමුළුවට සහභාගවීම සඳහායි. ජනාධිපතිවරයා සමුළුව ඇමතීමට ද නියමිතව තිබේ. |
2022-11-06T01:46:13.000Z | 20යි 20 ලෝක කුසලාන තරග බිමේ අදත් තීරණාත්මක තරග 3 ක් | අදත් තීරණාත්මක තරග තුනක් | COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය මේ වන විට ඇඩිලේඩ්හී පැවැත්වේ. තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා නායක ටෙම්බා බවුමා තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි. 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (06)ට නියමිත දෙවන තරගය බංග්ලාදේශය සහ පකිස්ථානය අතර පැවැත්වෙනු ඇති. ඇඩිලේයිඩ්හීදි පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතයි. අද දිනයේ පැවැත්වීමට නියමිත තුන්වන තරගය ලෙස ඉන්දීය සහ සිම්බාබ්වේ කණ්ඩායම් තරග බිමට පිවිසෙනු ඇති. මෙල්බන්හීදි පැවැත්වෙන තරගය ආරම්භ වන්නේ මෙරට වෙලාවෙන් පස්වරු 1. 30ටයි. 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස ටී.වී. ඔස්සේ මෙම සියලු තරග සජීව ලෙස විකාශය කෙරෙනු ඇත. |
2022-11-06T00:47:03.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | COLOMBO (News 1st) - දේශීය පුවත් 01.ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් 8ක් මරුට ගත වූ පැය 24 තළ වාර්තා වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා තිබේ. 02.ශ්‍රී ලංකාවේ මිලියන 5.7ක ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍යයි – රතු කුරුස සංවිධානයෙන් විශේෂ අණාවරණයක් ශ්‍රී ලංකාවේ මිලියන 5.7 ක ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වාර්තාවකින් හෙළි කළේ, රටේ බරපතල ආහාර සහ සෞඛ්‍ය ගැටලු පැන නැගෙන පසුබිමකදීය. 03.දිස්ත්‍රික්ක 5කට නාය යෑමේ අනතුරු ඇඟවීම් බදුල්ල (පස්සර), මහනුවර (උඩුදුම්බර), නුවරඑළියට (අඹගමුව) 2 වැනි මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ. 04.මන්කිෆොක්ස් ආසාදිත ලාංකිකයා මගින් රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් නෑ – සෞඛ්‍ය අමාත්‍යාංශය දැනට ප්‍රතිකාර සඳහා යොමුකර ඇති මන්කිෆොක්ස් ආසාදිතයාගෙන් වෙනත් අයෙකුට රෝගය බෝවීමේ අවදානමක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 05.මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට ජාතික කමිටුවක්.. පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවක් පත්කර තිබේ. ක්‍රීඩා පුවත් 01.ශ්‍රී ලංකාව කඩුලු 4කින් පරාජය කළ එංගලන්තය Semi Final යයි පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය එංගලන්තය කඩුලු 4 කින් ජය ගත්තේය. 02.කලකිරුණු මොහොමඩ් නබී ඇෆ්ගනිස්ථාන T20 නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි ඇෆ්ගනිස්ථාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් නායක මොහොමඩ් නබී සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. |
2022-11-05T15:53:41.000Z | රු. මිලියන 85,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 09 වැනිදා.. | භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 9වැනිදා | COLOMBO (News 1st) - රුපියල් මිලියන 85,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 09 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ. ඒ සඳහා වන ලංසු එදින පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකියි. භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා වන ගෙවීම් නොවැම්බර් 11 වැනිදා කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය. |
2022-11-05T15:50:52.000Z | ගතවූ පැය 24 තුළ රිය අනතුරුවලින් 8ක් මරුට | පැය 24ක් තුළ රිය අනතුරුවලින් 8ක් මරුට | COLOMBO (News 1st) - ගත වූ පැය 24 තළ වාර්තා වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා තිබේ. ඉන් තුන්දෙනෙකුම මියගියේ වව්නියාවේ දී සිදු වූ බස් රථ අනතුරකිනි. යාපනය සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් වව්නියාව නොච්චිමොටේ ප්‍රදේශයේ දී පාලමක ගැටී අනතුරක් සිදු වුණේ අද අලුයම 2.00 ට පමණය. අනතුර සිදුවන අවස්ථාවේ තවත් බස් රථයක් පසුපසින් පැමිණ ඇති අතර එම බස් රථය අසළ තිබු ගසක ගැටී තිබුණි. පාලමේ ගැටුණු බස් රථය මාර්ගයේ පෙරළී ගොස් ඇති අතර රියැදුරු ඇතුළු 20 දෙනෙකු මේ අනතුරින් තුවලා ලැබීය. ඒ අතරට කාන්තාවන් 09 දෙනෙකු ඇතුළත් ය. රෝහල්ගත කිරීමෙන් පසු බස් රථයේ රියැදුරු සහ තරුණියක් ඇතුළු තිදෙනෙකු මිය ගොස් තිබේ. බස් රථයේ රියැදුරු 33 හැවිරිදි වැල්විටිතුරේ පදිංචිකරුවෙකි. අනතුරින් මියගිය තරුණිය යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක් බව පොලීසිය තහවුරු කර ගෙන තිබේ. 23 හැවිරිදි ඇගේ නම රාමක්‍රිෂ්ණන් සයාගරී. නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි සයාගරී දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දරුවයි. ඇගේ මව සහ පියා කථනාබාධිත යුවළකි. අනතුරින් තුවාල ලැබූ තවත් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතල බව පොලීසිය පැවසීය. පුස්සැල්ලාව, හෙල්බොඩ කටුකිතුල ප්‍රදේශයේදී ඉන්ධන රැගත් බවුසර් රථයක් අනතුරට ලක්වීමෙන් එහි රියැදුරා මිය ගොස් තිබේ. අද අලුයම 4.00 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ පටු වංගුවක දී බවුසර් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙනි. මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය 05 කණුව ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි. තවත් අනතුරක් සිදු වුණේ, බලංගොඩ - බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ කැම්පියන් වත්ත ප්‍රදේශයේදීයි. ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 30 ක පමණ ප්‍රපාතයට පෙරළිමෙන් සිදු වූ මේ අනතුරින් සිව්දෙනෙකු තුවාල ලැබීය. මෙලෙස තුවාල ලබා ඇත්තේ විවාහ මංගල්‍යයකට ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසකි. තුවාලකරුවන් මේ වනවිට දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබනු ඇත. |
2022-11-05T14:26:57.000Z | ශ්‍රී ලංකාවේ මිලියන 5.7ක ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍යයි - රතු කුරුස සංවිධානයෙන් විශේෂ අණාවරණයක් | මෙරට මිලියන 5.7ක ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍යයි | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ මිලියන 5.7 ක ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය වාර්තාවකින් හෙළි කළේ, රටේ බරපතල ආහාර සහ සෞඛ්‍ය ගැටලු පැන නැගෙන පසුබිමකදීය. ශ්‍රී ලංකාවේ මුළු ජනගහණයේ 26% මිලියන 5.7ක ජනතාවගේ මෙම තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ විශේෂ වර්තාවෙන් අනාවරණය කර තිබේ. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය වන බවය. එසේ නොවුණහොත් අර්බුදය තව තවත් උග්‍රවිය හැකි බව එම සංවිධානය පෙන්වා දෙයි. එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලාංකික ජනතාව ආහාර, ඉන්ධන, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය භණ්ඩවල උග්‍ර හිඟයකට මුහුණු දෙමින් සිටින බවය. |
2022-11-05T14:19:13.000Z | ඔයාලම හදලා එයාලම වෙනස් කරන පළාත් පාලන ඡන්ද ක්‍රමය | ඔයාලම හදලා එයාලම වෙනස් කරන පළාත් පාලන ඡන්ද ක්‍රමය | COLOMBO (News 1st) - 2017 වසරේදී එවක විපක්ෂයේ සිටි වත්මත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් ලබා දෙන නිර්දේශ පදනම් කර ගනිමින් පළාත් පාලන මැතිවරණ සමානුපාතික හා කොට්ඨාස ක්‍රමයට එනම් මිශ්‍ර ක්‍රමයක් යටතේ පැවැත්වීමට අදාළ සංශෝධන පාර්ලිමේන්තුවේදී සම්මත විය. 2018 පෙබරවාරි මාසයේ පළාත් පාලන මැතිවරණ පැවැත් වූයේ එම මිශ්‍ර ක්‍රමය යටතේයි. මිශ්‍ර ක්‍රමය යටතේ තෝරා ගැණුන සභිකයින්හට අසුන් පැනවීමට ඇතැම් පළාත් පාලන ආයතනවල සභා රැස්වීම් ශාලා පුළුල් කරන්නට ද සිදු විය. මිශ්‍ර ක්‍රමයේ ප්‍රතිඵලය වූයේ, පළාත් පාලන ආයතනවල සභිකයන් සංඛ්‍යාව දෙගුණයක් වීමයි. ඒ අනුව ඊට පිලියම් යෙදීමේ අරමුණින් පළාත් පාලන ආයතන සඳහා සීමා නිර්ණ කමිටුවක් පත් කෙරුණු අතර එහි ද සභාපතිවරයා වූයේ, වත්මන් අග්‍රාමාත්‍යවරයායි. අදාළ කමිටුවට වසර 3 ක් සම්පූර්ණ වුව ද සීමා නිර්ණ කාර්යය සම්පූර්ණ වූයේ නැත. එබැවින් පසුගිය සැප්තැම්බර් මාසයේදී නිල කාලය සම්පුර්ණ වූ පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දික් කිරීමට විෂයභාර අමත්‍යවරයා ගැසට් නිවේදනයක් නිකුත් කළේ ය. විෂයභාර ඇමතිවරයා එලෙස දිගු කරන කාලය සම්පූර්ණ වූ පසු පළාත් පාලන මැතිවරණය කැඳවීමේ බලය මැතිවරණ කොමිසමට පැවරේ. එහෙත් 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉකුත් 21 වෙනිදා සිට බලාත්මක වීමත් සමග මැතිවරණ කොමිසම පවතිනුයේ සංක්‍රාන්තී සමයකයි. එවැනි පසුබිමක පළාත් පාලන ආයතන සීමා නීර්ණ ජාතික කමිටුවක් නැවත පත් කර තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයා විසිනුයි. ඊට පසුබිම සැකසමින් දෝ ජනාධිපතිවරයා පසුගිය දා පළාත් පාලන අයාතනවල සභික සංඛ්‍යාව අඩු කිරීමේ අවශ්‍යතාවක් අවධාරණය කළේ ය. ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්තවාදීන් ලෙස පෙනී සිටින්නන් වේ. නමුත් මේ පළාත් පාලන ඡන්ද ක්‍රමය සංශෝධනයට අගමැතිවරයා ලෙස දායක වූ රනිල් වික්‍රමසිංහ මහතා අද ජනාධිපතිවරයායි. එදා නායකත්වය දුන් දිනේෂ් ගුණවර්ධන මහතා අද අගමැති හා විෂය භාර අමාත්‍යවරයායි. තමන්ම ඇති කළ ක්‍රමය වෙනස් කරන්නට යනක්නෙත් ඒ දෙදෙනායි. |
2022-11-05T13:58:40.000Z | දිස්ත්‍රික්ක රැසක යළි ඉන්ධන පෝලිම්: ඉන්ධන හිඟයට හේතුව කුමක් ද? | ඉන්ධන හිඟයට හේතුව කුමක් ද? | COLOMBO (News 1st) - ටික කාලකට සිට ඉන්ධන පෝලිම් දක්නට නොලැබුණ ද අද (05) දිනයේ නැවතත් දිවයිනේ දිස්ත්‍රික්ක රැසක ඉන්ධන පෝලිම් දක්නට ලැබුණි. කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසන්නේ, ඉදිරි දින දෙක තුළ මේ ගැටලුව විසඳි යනු ඇති බවයි. මීගමුව නගරයේ සිපෙට්කෝ හා අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට පෝලිම් දක්නට ලැබුණි. අප වාර්තාකරු සඳහන් කළේ, දින දෙකක සිට එම ප්‍රදේශයේ ඉන්ධන හිඟයක් දක්නට ඇති බවයි. ගම්පහ නගරයේත් අද පෙරවරුවේ සිපෙට්කෝ හා අයි.ඕ.සී ඉන්ධන හල් ඉදිරිපිට පෝලිම් දක්නට ලැබුණි ගාල්ල කොටුව සිපෙට්කෝ ඉන්ධන හළ හා පෙට්ටිගලවත්ත සිපෙට්කෝ ඉන්ධන හළ අද වසා තිබෙනු දක්නට ලැබුණි. මාතර නගරයේත් ඇතැම් අයි.ඕ.සී හා ඇතැම් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්හී පෙට්‍රල් හා ඩීසල් හිඟයක් දක්නට ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය. මෙම ඉන්ධන හිඟයට හේතුව කුමක් ද? ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පැහැදිලි කිරීමක් කළේ ය. ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සමලේකම්, ශාන්ත සිල්වා මහතා, ඉන්ධන ඇණවුම් කිරීමේ ප්‍රමාදයක් නිසා ඉන්ධන පිරවුම්හල්වල තදබදයක් ඇති වුණා. ඉන්ධන තොගවල අඩුපාඩුවක් නෙමෙයි ඇතිවුණේ. සෑම මාසෙකම 15 වැනි දා සහ 30 වැනි දා ඉන්ධන මිල අඩු වැඩි කිරීමේ තත්ත්වයක් තියෙන නිසා අන්තිම දවසේ තමන්ගේ තියෙන ඉන්ධන තොග අවසන් වන තුරු ඉඳලා මෙම තත්ත්වය බලලා ඉන්ධන ඇණවුම් කිරීමට ඔවුන් කටයුතු කළේ. ඒ තත්ත්වය යටතේ ඊට පෙරේදා තත්ත්වයකට මුහුණ දුන්නේ නමුත් ඊයත් අදත් ඉන්ධන ඇණවුම් කරලා අද හෙට වෙනකොට මේ තදබදය නිමාවට පත් වෙන්න පුළුවන්. ඉන්ධන පෝලිම් තත්ත්වය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබා තිබේ. ඔහු පවසන්නේ, ඉන්ධන මිල සංශෝධනයක් සිදුවේයැයි සිතා පිරවුරවුම්හල් හිමියන් ඇණවුම් සිදු කර නොමැති බවයි. කෙසේ වෙතත් මෙම සතියේ කිසිදු ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. තෙල් තොග අවශ්‍ය පමණින් පවතින බව ද ඔහු සිය ට්විටර් සටහනේ දක්වා තිබේ. |
2022-11-05T13:36:02.000Z | වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත වෙයි.. | වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත වෙයි.. | COLOMBO (News 1st) - වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත වී තිබෙන බව කාර්යභාර ඉන්ජිනේරුවරයා පවසයි. මේ අතර දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4 ක් අඩි 4 බැගින් තවදුරටත් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.. එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කිඹුල්වාන ජලාශය හා අම්පාර දිස්ත්‍රික්කයේ කළුගල් ඔය ජලාශ ද සුළු වශයෙන් වාන් දමන බවයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල ධාරිතාව මේ වනවිට 41% කි. |
2022-11-05T12:21:18.000Z | ශ්‍රී ලංකාව කඩුලු 4කින් පරාජය කළ එංගලන්තය Semi Final යයි | එංගලන්තය Semi Final යයි | COLOMBO (News 1st) - පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය එංගලන්තය කඩුලු 4 කින් ජය ගත්තේය. ඒ අනුව, එංගලන්තය මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසියේය. ලකුණු 142 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය තරගය ජය ගත්තේ කඩුලු 6 ක් දැවී තිබියදීය. සිඩ්නිහීදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 141 ක් රැස් කළේ ය. ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 3 ලකුණු 84කදී බිඳ වැටුණි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 45 කින් ලකුණු 67ක් රැස් කළේ, හයේ පහර 5ක් සහ හතරේ පහර 2 ක් ද සමගිනි. මාක් වුඩ් කඩුලු 3යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ ජෝස් බට්ලර් සහ ඇලෙක්ස් හේල්ස් පළමු කඩුල්ලට ලකුණු 75ක සබඳතාවක් එක් කළේ ය. ඇලෙක්ස් හේල්ස් ලකුණු 47ක් රැස් කළේ, හතරේ පහර 7ක් සහ හයේ පහරකිනි. ජෝස් බට්ලර් ලකුණු 28යි. හැරී බෲක් ලකුණු 4කට දැවී ගියේ ය. එංගලන්ත මුල් පෙළ කඩුලු 4 බිඳ වැටුණේ ලකුණු 106කදීය. |
2022-11-05T12:16:17.000Z | දිස්ත්‍රික්ක 5කට නාය යෑමේ අනතුරු ඇඟවීම් | දිස්ත්‍රික්ක 5කට නාය යෑමේ අනතුරු ඇඟවීම් | COLOMBO (News 1st) - බදුල්ල (පස්සර), මහනුවර (උඩුදුම්බර), නුවරඑළියට (අඹගමුව) 2 වැනි මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ, බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මොණරාගල දිස්ත්‍රික්කවලට විමසිලිමත් වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළ බවය. |
2022-11-05T11:58:23.000Z | උතුරු මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය 2ක් අවලංගු කෙරේ | යාල්දේවී පීලි පනී:උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් | COLOMBO (News 1st) - උතුරු මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය 2 අවලංගු කර තිබේ. මෙලෙස අවලංගු කර ඇත්තේ, කොළඹ කොටුවේ සිට කන්කසන්තුරෙයි දක්වා සහ කන්කසන්තුරෙයි සිට කොළඹ කොටුව දක්වා අද (05) රාත්‍රියේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය දෙකයි. කන්කසන්තුරෙයි සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ යාල්දේවී සීඝ්‍රගාමි දුම්රිය පූනෑව ප්‍රදේශයේදී පීලි පැනීම මීට හේතුවයි. මේ හේතුවෙන් අද පස්වරුවේ උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ද හට ගත්තේ ය. දුම්රිය පීලිගත කිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ය. |
2022-11-05T11:31:46.000Z | ජානකී සිරිවර්ධන යළි රිමාන්ඩ් | ජානකී සිරිවර්ධන යළි රිමාන්ඩ් | COLOMBO (News 1st) - ජානකී සිරිවර්ධන මහත්මිය ලබන 16 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඇය අද (05) දහවල් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සිලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංවාවලට සම්බන්ධ බව කියමින් ජානකී සිරිවර්ධන මහත්මිය ඊයේ දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. |
2022-11-05T10:54:38.000Z | ත්‍රිකුණාමලය - කොළඹ ප්‍රධාන මාර්ගයට දඹුල්ලේදී ගස් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා | ත්‍රිකුණාමලය - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා | COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය - කොළඹ A-6 මාර්ගයේ දඹුල්ල, පැල්වෙහෙර ප්‍රදේශයෙන් ගස් කිහිපයක් කඩා වැටීමෙන් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. අප වාර්තාකරු පැවසුවේ, මේ වනවිට දඹුල්ල මහ නගර සභාව පොලීසිය හා ප්‍රදේශවාසීන් සමග එක්ව ගස් ඉවත් කිරීමට කටයුතු කරන බවයි. මේ හේතුවෙන් ත්‍රිකුණාමලය - කොළඹ A-6 මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබේ. |
2022-11-05T09:44:05.000Z | ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්.. | ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි.. | COLOMBO (News 1st) - මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වලට මෙන්ම අම්පාර, කුරුණෑගල, පොළොන්නරුව, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති විය හැකියි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. |
2022-11-05T09:34:11.000Z | ජනපති හෙට ඊජිප්තුවට.. | ජනපති හෙට ඊජිප්තුවට.. | COLOMBO (News 1st) - දේශගුණික විපර්යාස පිළිබඳ කොප් -27 සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (06) ඊජිප්තුව බලා පිටත්ව යාමට නියමිතව තිබේ. ඊජිප්තුවේ ෂාම් එල් ෂෙයික්හිදී හෙට (06) ආරම්භ වන මෙම සමුළුව 18 දක්වා පැවැත්වීමට නියමිතය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළුව ඇමතීමට ද නියමිතව ඇත. |
2022-11-05T08:17:35.000Z | පේරාදෙණිය සරසවියේ නවක වදය සිද්ධියක් ගැන පොලිස් විමර්ශන.. | පේරාදෙණිය සරසවියේ නවක වදය සිද්ධියක් ගැන විමර්ශන.. | COLOMBO (News 1st) – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ සිසුවෙකුට නවක වදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. පොලීසිය පැවසුවේ, තමන්ට සමාජ මාධ්‍ය ඔස්සේ ඇමතුම් ලබා ගනිමින් නවක වදය ලබාදුන් බවට අදාළ සිසුවා විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවිය වෙත පැමිණිලි කර ඇති බවය. ඒ සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ විනයාරක්ෂක නිලධාරියා පොලීසියට පැමිණිලි කර තිබේ. මාර්ගගත ක්‍රමය ඔස්සේ නිවසේ සිට අධ්‍යාපනය ලබන අතරතුර සමාජ මාධ්‍ය ඔස්සේ ඇමතුම් ලබා ගනිමින් තමන්ට නවක වදය ලබාදුන් බවට අදාළ සිසුවා විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවිය වෙත යොමුකර ඇති පැමිණිල්ලේ දැක්වේ. පොලීසිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් වන හඬපට සහ වීඩියෝ පටද සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ විනයාරක්ෂක නිලධාරියා තමන් වෙත ඉදිරිපත් කර ඇති බවයි. සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කළේ ය. |
2022-11-05T08:05:43.000Z | මන්කිෆොක්ස් ආසාදිත ලාංකිකයා මගින් රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් නෑ - සෞඛ්‍ය අමාත්‍යාංශය | මන්කිෆොක්ස් ආසාදිතයා මගින් රෝගය ව්‍යාප්තියක් නෑ.. | COLOMBO (News 1st) – දැනට ප්‍රතිකාර සඳහා යොමුකර ඇති මන්කිෆොක්ස් ආසාදිතයාගෙන් වෙනත් අයෙකුට රෝගය බෝවීමේ අවදානමක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පැවසුවේ, මේ වනවිටත් රෝගය ව්‍යාප්තිය පාලනයට ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක්කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ඔහුගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බවයි. මේ අතර, රෝග ලක්ෂණ පවතී නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා දැනුම් දෙයි. මේ වසරේ මැයි මාසයේ සිට මන්කිෆොක්ස් වෛරසය ලොව පුරා ව්‍යාප්ත වීම ආරම්භ විය. දකුණු ආසියාතික රටවලින් මෙම වෛරසය ආසාදිත රෝගීන් මේ වනවිට 23 දෙනෙකු පමණ වාර්තා වී ඇති අතර ඉන් එක් අයෙකු මියගොස් තිබේ. ලෝකය පුරා මන්කිෆොක්ස් අසාදිතයින් 73,434 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 29 දෙනෙකු මියගොස් තිබේ. |
2022-11-05T06:23:46.000Z | කැලණි ගඟේ ගංවතුර තත්ත්වය පාලනයට ඉදි කර ඇති ඇල වේලි කඩිනමින් පිළිසකර කිරීමට පියවර - වාරිමාර්ග දෙපාර්තමේන්තුව | කැලණි ගඟේ ඇල වේලි කඩිනමින් පිළිසකර කිරීමට පියවර.. | COLOMBO (News 1st) – කැලණි ගඟේ ගංවතුර තත්ත්වය පාලනය සඳහා ඉදිකර ඇති ඇල වේලි කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එහි අධ්‍යක්ෂ ජනරාල් නිහාල් සිරිවර්ධන මහතා පැවසුවේ, කඩුවෙල හා හංවල්ල අතර අලුතින් වේලි ඉදිකිරීමට ද පියවර ගෙන ඇති බවයි. එමෙන්ම ලෝක බැංකු ආධාර මත කැලණි ගඟේ ගංවතුර තත්ත්වය පාලනය සඳහා දැරණියගල ඔය හා මී ඔය නමින් නව ජලාශ 2ක් ඉදිකිරීමට නියමිත බව ඔහු සඳහන් කළේ ය. මහජන විරෝධතා හේතුවෙන් එම ජලාශ දෙකේ ඉදිකිරීම් නතර වී තිබේ. කෙසේ වෙතත් එම ජලාශ ඉදිකිරීමට වෙන්වන ඉඩම්වල පදිංචි ජනතාව වෙනත් ප්‍රදේශයක පදිංචි කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ. |
2022-11-05T06:08:21.000Z | ශ්‍රී ලංකාව 2024 T20 ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබයි.. | ශ්‍රී ලංකාව 2024 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබයි.. | COLOMBO (News 1st) – සුපිරි සිව්දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී අවසන් වුවද, 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුව සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වී තිබේ. 2024 පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී සහ අමෙරිකාවේදී පැවැත්වීමට නියමිතය. මේ අතර 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය එංගලන්තයට එරෙහිව අද පැවැත්වේ. එංගලන්තය මෙම තරගය ජයගතහොත්, අවසන් පූර්ව වටයේ ඔවුන්ගේ ස්ථානය තහවුරු කර ගත හැකියි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගැනීමට සමත් වුවහොත් ඔස්ට්‍රේලියා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසිය හැකි ය. තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයේ රැදී සිටින අතර එංගලන්තය එහි තුන්වන ස්ථානයේ පසුවෙයි. සිඩ්නිහීදි පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය. 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තරග තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස TV ඔස්සේ ඔබට සජිවීව නැරඹිය හැකියි. |
2022-11-05T05:02:57.000Z | කලකිරුණු මොහොමඩ් නබී ඇෆ්ගනිස්ථාන T20 නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි | මොහොමඩ් නබී නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.. | COLOMBO (News 1st) – ඇෆ්ගනිස්ථාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් නායක මොහොමඩ් නබී සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ, මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වීමත් සමගිනි. තම ක්‍රීඩාලෝලීන් අපේක්ෂා නොකළ ප්‍රතිඵලයක් සමගින් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවීම පිළිබඳව කලකිරීමෙන් පසුවන බවට 37 හැවිරිදි ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් නායකයා පවසයි. |
2022-11-05T03:34:36.000Z | කොළඹ, ගම්පහ ගංවතුර පාලන කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන QR ක්‍රමවේදයෙන් බැහැරව ලබාදීමට පියවර.. | ගංවතුර පාලන කටයුතු: ඉන්ධන QR ක්‍රමයෙන් බැහැරව | COLOMBO (News 1st) - කොළඹ හා ගම්පහ ගංවතුර පාලනය කිරිමේ කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන QR ක්‍රමවේදයෙන් බැහැරව ලබාදීමට තීරණය කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් කළ ඉල්ලීමට බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශයේ එකඟතාව පලවූ බවය. කොළඹ හා ගම්පහ ගංවතුර පාලනය සඳහා ජලය බැස යා හැකි පරිදි කඩිනමින් ඇලවේලි ශුද්ධ පවිත්‍ර කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන ඒකාබද්ධව කඩිනමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත්, නැවත ගංවතුර තත්ත්වයක් ඇතිවීමට පෙර මෙම කාර්යය අවසන් කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඒ සඳහා අදාළ දිස්ත්‍රික්කවල, දිස්ත්‍රික් ලේකම්වරු සමග සාකච්ඡා කරන ලෙස ද අමාත්‍යවරයා නිළධාරින්ට උපදෙස් දී තිබේ. |
2022-11-05T03:18:41.000Z | 2024 අප්‍රේල් දක්වා ගෑස් ඇණවුම් කරලා තියෙන්නේ: ගෑස් නැව් දෙකක් අද සහ හෙට දිවයිනට.. - ලිට්‍රෝ සභාපති | ගෑස් නැව් දෙකක් අද සහ හෙට දිවයිනට.. | COLOMBO (News 1st) - ගෑස් රැගත් නෞකා දෙකක් අද(05) සහ හෙට(06) දිවයිනට ළගාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේ, එම නෞකා මගින් ගෑස් මෙට්‍රික් ටොන් 3,750ක් සහ 3,780ක් මෙරටට රැගෙන එන බවය. මේ අතර 2024 වසරේ අප්‍රේල් මාසය දක්වා ප්‍රමාණවත් ගෑස් ඇණවුම් කර ඇති බව ද මුදිත පීරිස් මහතා සඳහන් කළේ ය. එමෙන් ම ජනවාරි මාසයේ මැද භාගය දක්වා ගෑස් මෙට්‍රික් ටොන් 28,000ක් ඇණවුම් කර ඇති බව ද සඳහන් කළේ ය. මේ අතර කහපාට සිලින්ඩර්වල නිල්පාට ගල්වා ගෑස් මිලදී ගැනීමේ සිද්ධීන් පිළිබඳ වාර්තා වී ඇතැයි ද එවැනි කටයුතුවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද මුදිත පීරිස් මහතා පවසයි. ලිට්‍රෝ ගෑස් සමාගම නව සිලින්ඩර් තොග ජනවාරි මාසයෙන් පසු වෙළෙඳපොළට නිකුත් කරන බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ය. |
2022-11-05T03:00:36.000Z | මන්කිෆොක්ස් ආසාදිත ශ්‍රී ලාංකිකයා සුව අතට: ආශ්‍රිතයින් නිරෝධායනයට.. | මන්කිෆොක්ස් ආසාදිත ලාංකිකයා සුව අතට.. | COLOMBO (News 1st) - මන්කිෆොක්ස් ආසාදිත ශ්‍රී ලාංකිකයා මේ වනවිට සුවය ලබමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ වනවිට ඔහු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක්කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය. මෙරට පළමු මක්නිෆොක්ස් ආසාදිතයා පෙරේදා හඳුනා ගනු ලැබූ අතර ඔහු මේ මස පළමුවැනිදා ඩුබායි සිට මෙරටට පැමිණි වයස අවුරුදු 19 ක පුද්ගලයෙකි. කොවිඩ් රෝගය මෙන් නොව මෙය මිනිසුන් අතර ව්‍යාප්තිය අවම නමුත් ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්ට මෙම වෛරසය ආසාදනය වීමේ අවදානම වැඩි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ ය. මේ අතර මන්කිෆොක්ස් සම්බන්ධයෙන් වන රෝග අවේක්ෂණ පද්ධතිය නිවැරදිව ක්‍රියාත්මක වන බවත් ඒ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා වෛද්‍ය පර්යේෂණායතනයේ සියලු පහසුකම් සහ ඖෂධ පවතින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ ය. සෞඛ්‍ය ආයතන ප්‍රධානීන්ට මේ වනවිට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති අතරම සැකසහිත රෝගීන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන බව ද තවදුරටත් ඔහු පැවසුවේ ය. මේ වසරේ මැයි මාසයේ සිට මන්කිෆොක්ස් වෛරසය ලොවපුරා ව්‍යාප්ත වීම ආරම්භ වූ අතර දකුණු ආසියාතික රටවලින් මෙම වෛරසය අසාදිත රෝගීන් මේ වනවිට 23 දෙනෙකු පමණ වාර්තා වී ඇති අතර ඉන් එක් අයෙකු මියගොස් තිබේ. |
2022-11-04T20:11:56.000Z | ඔස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ ඉරණම තීරණය කරන ශ්‍රී ලංකා - එංගලන්ත තීරණාත්මක තරගය අද | ශ්‍රී ලංකා - එංගලන්ත තීරණාත්මක තරගය අද | COLOMBO (News 1st) – 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන අවසන් තරගය අද(05) එංගලන්තයට එරෙහිව පැවැත්වේ. එය මෙරට වෙලාවෙන් පස්වරු 1.30ට පැවැත්වෙනු ඇති. ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය ඔස්ට්‍රේලියාව ඊයේ ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුවිය. අද පැවැත්වෙන එංගලන්තය සමග තරගය ශ්‍රී ලංකාව ජය ගත්ත ද, අවසන් පූර්ව වටය සඳහා ශ්‍රී ලංකාවට පිවිසීමට අවස්ථාවක් නොමැත. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහි තරගය අද ජය ගතහොත් ඔස්ට්‍රේලියාවට අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට අවස්ථාව හිමිවේ. ඒ, පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දැනටමත් තමන් සතු දෙවන ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට හිමිවන බැවිනි. අද තරගය ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය ජය ගතහොත් සත්කාරක ඔස්ට්‍රේලියාවේ ලෝක කුසලාන සිහිනය බොඳ කරවමින් එංගලන්තය අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව බොහෝ දුරට උදාවෙයි. ඊට හේතුව වන්නේ එංගලන්තය ජයගත් විට ඔස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ ප්‍රසාද ලකුණු සමාන වීමයි. එවිට දල ලකුණු වේගය (Net Run Rate) සලකා බලා දෙවන ස්ථානය තීරණය කරනු ලැබේ. දැනට ඔස්ට්‍රේලියාවේ දල ලකුණු වේගය සෘණ අගයක් ගන්නා අතර එංගලන්තයේ දල ලකුණු වේගය ධන අගයක පවතී. පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සියලු තරග ඔබට සිරස ටී.වී. ඔස්සේ නැරඹිය හැකියි. |
2022-11-05T01:25:56.000Z | මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට ජාතික කමිටුවක්.. | පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට ජාතික කමිටුවක්.. | COLOMBO (News 1st) – පළාත් පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවක් පත්කර තිබේ. ඒ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන විෂය හොබවන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි. නොවැම්බර් 01වැනිදා සිට ලබන වසරේ පෙබරවාරි 28 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම කමිටුව පත්කර තිබේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පණත යටතේ ජාතික කමිටුව පත්කිරීමේ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (04)රාත්‍රී නිකුත් කෙරිණි. මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සාමාජිකයින් වන්නේ, ජයලත් රවි දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරි, කේ තවලිංගම් හා අයි.ඒ.හමීඩ් යන මහත්ම මහත්මීන් ය. |
2022-11-05T01:01:09.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | දේශීය පුවත් 1.IMF ණය තවදුරටත් ප්‍රමාද වෙයිද? – හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරන ආකාරයට මේ ණය මුදල ලබා ගැනීම ප්‍රමාදවීමේ අවදානමක් දැන් මතු වී තිබේ. 2.මාතරදී පාසල් සිසුවෙකුට වෙඩි වැදීමේ සිද්ධියේ SI යළි රිමාන්ඩ්: සිසුවා තවමත් ICU– මාතර, තිහගොඩදී පාසල් සිසුවෙකුට වෙඩි වැදීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් උපපොලිස් පරීක්ෂකවරයා ලබන 18 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 3.රටවල් 6 කින් ඒවා තිබූ පාර්සල් 13 ක් තුළ රු. මිලියන 73ක මත්ද්‍රව්‍ය – පසුගිය කාලය තුළ බ්‍රිතාන්‍ය, ජර්මනිය, කැනඩාව, අමෙරිකාව, බෙල්ජියම හා නෙදර්ලන්තය යන රටවල්වලින් එවන ලද තැපැල් පාර්සල් 13 ක තිබී මත්පෙති, කූෂ්, මැන්ඩි, අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ. 4.සරසවි සිසු ගැටුම: තුවාල ලැබූ 5 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගනී – කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 5.ගෑස් මිල අඩුවෙයි ද? වැඩි වෙයි ද? තීරණය ඉරිදා... – මිල සූත්‍රය අනුව ගෑස් මිල සංශෝධනය වන නිසා අලෙවි නියෝජිතයින් තොග මිලදී නොගැනීම මතුව ඇති ගෑස් හිඟයට හේතුව බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසයි. විදෙස් පුවත් 1. ඉම්රාන් ඛාන් ඉලක්කය වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මරුට, තවත් 5කට තුවාල... – පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා කර තිබේ. ක්‍රීඩා පුවත් 1. ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඔස්ට්‍රේලියාවට ලකුණු 4ක තියුණු ජයක්: ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානයෙන් ඉවතට – 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලානයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (04) සිදුවිය. |
2022-11-04T19:22:15.000Z | වව්නියාවේදී බස් රථයක් පාලමක ගැටී තිදෙනෙකු මරුට.. | බස් රථයක් පාලමක ගැටී තිදෙනෙකු මරුට.. | COLOMBO (News 1st) – වව්නියාව, නොච්චමෝට්ටෙයි පාලමේ බස් රථයක් ගැටීමෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් වේගය පාලනය කරගත නොහැකිව පාලමක ගැටී ඇති බව පොලීසිය සඳහන් කළේ ය. බස් රථයේ රියැදුරු ඇතුළු තිදෙනෙක් එම ස්ථානයේදීම මියගොස් තිබේ. බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් 4 දෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. මේ අතර, මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ධාවනය කළ තවත් සුඛෝපබෝගී බස් රථයක් සිදුවීමට ගිය තවත් අනතුරක් වළක්වා ගැනීමට එහි රියැදුරු එම බස් රථය මාර්ගය අයිනට මහත් පරිශ්‍රමයක් දරා හරවා තිබේ. |
2022-11-04T16:25:27.000Z | IMF ණය තවදුරටත් ප්‍රමාද වෙයිද? | IMF ණය තවදුරටත් ප්‍රමාද වෙයිද? | COLOMBO (News 1st) - හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරන ආකාරයට මේ ණය මුදල ලබා ගැනීම ප්‍රමාදවීමේ අවදානමක් දැන් මතු වී තිබේ. පුවත්පත පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන IMF ණය මුදල දෙසැම්බර් මාසයේදී ලබා ගැනීමට නොහැකි වනු ඇති බවයි. කොමියුනිස්ට් පක්ෂයේ 20 වන සම්මේලනය හේතුවෙන් චීනය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සාකච්ඡා කෙටි කාලයකට නැවතීම හේතුවෙන් IMF ණය ප්‍රමාදවනු ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණේ වොෂින්ටන් නුවර මූල්‍ය විශ්ලේෂකයින් උපුටා දක්වමිනි. මේ අනුව ලබන වසරේ මාර්තු මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ විධාය මණ්ඩල රැස්වීම පැවැත්වෙන තෙක් ශ්‍රී ලංකාවට බලා සිටීමට සිදුවනු ඇතැයි එම පුවත්පත් වාර්තාව අනාවරණය කර තිබුණි. IMF ණය ගන්න චීනය වැදගත් වුණේ ඇයි? අපි දැන් ද්වීපාර්ශ්වික හා විවෘත වෙළෙඳපොළෙන් ගත් විදේශීය ණය ගෙවීම අත්හිටුවා ඇති රටකි. ඊට හේතුවුණේ ණය ගෙවන්න අවශ්‍ය විදේශ විනිමය අපේ රටට නොමැතිවීම. මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය කියන ආකාරයට මේ වනවිට නොගෙවා සිටින ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 36 කි. මේ ණය ප්‍රමාණයට ඇතුළත් ද්වීපාර්ශ්වික ණයවලින් 52% ක්ම අපි අරන් තියෙන්නේ චීනයෙනි. ද්වීපාර්ශ්වික ණයවලින් 19.5% ක් ජපානයෙනුත් 12% ක් ඉන්දියාවෙනුත් අපි අරන් තිබේ. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක් ලබාදෙන්න අවශ්‍ය ප්‍රධානම කරුණ ලෙස කියන්නේ නොගෙවා තිබෙන මේ ණය ප්‍රමාණය ආපසු ගෙවන ක්‍රමයක් සකස්කරන්න කියා ය. ද්වීපාර්ශ්වික ඒ කියන්නේ රටවල් දෙකක් අතර ණය ගනුදෙනු ගැන කතාකරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේත් සහය ඇතිව ක්‍රියාත්මක වන ආයතනයක් ඇත. ඒකට කියන්නේ පැරිස් සමාජය කියලා. අපි වැඩිම ණය ප්‍රමාණයක් අරන් තියෙන රටවල් තුනෙන් පැරිස් සමාජයේ ඉන්නේ ජපානය පමණයි. චීනය හා ඉන්දියාව එතන නැත. ඉන්දියාව IMF වැඩපිළිවෙළට සහය දෙන නිසා ඔවුන් සමග ණය ගැන කතාකරන්න මාර්ගයක් දැන් ඇත. නමුත් ප්‍රශ්නය චීනය. චීනය අපිට දීල තියෙන ණය ආපසු ගෙවන ක්‍රමයක් ගැන කතාකරන් වෙන්නෙ චීනයත් එක්කමයි. චීනයෙන් ගත්ත ණයවලින් අපි මොනවද කරලා තියෙන්නේ ? හම්බන්තොට වරයා, මත්තල ගුවන්තොටුපොළ, කොළඹ නෙලුම් කුළුණ, අධිවේගී මාර්ග මේවා තමයි අපි චීනවලින් කරපු ආයෝජනයි. ප්‍රශ්නය මේ ආයෝජනවලින් අපි ගත්ත ණය ගෙවන්න තරම් ආදායමක් ලැබුණේ නැත. කිහිපයක් දැන් ආයෝජන කියලා ආපහු චීනයටම දීලා තිබේ. ඒත් ණය ආපසු ගෙවලා නැත. දැන් IMF කියන්නේ මේ ණය ගෙවන්න පුළුවන් ආකාරයට රටේ ආදායම වැඩිකරගන්න කියාය. රජයේ වියදම් අඩුකර ගැනීම, වියදමට ගැලපෙන ගාස්තු ක්‍රම හඳුන්වාදීම වගේම දූෂණය වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ගත් IMF ණය දෙන්න කලින් සලකා බලයි. දැන් IMF ණය මුදලට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ගන්න අවශ්‍ය ප්‍රධාන සාධක තුනක් බලපාලා තිබේ. * චීනයෙන් ගත්ත ණය කප්පාදු කර සහනයක් ලබා ගැනීම * දූෂණය වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම * සැබෑ ජනමතය තියෙන සුජාත ආණ්ඩුවක් තිබීම මේ සාධක තුනයි. ආදායම්, වියදම් ගැන ප්‍රශ්නය කොහොම විසඳාගත්තත් මේ කරුණු තුන සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි ද? මේ පසුබිම තුළ IMF මතම විශ්වාසය තබා තවදුරටත් ආර්ථිකය කළාමනාකරණය කළ හැකි ද? |
2022-11-04T15:20:51.000Z | මාතරදී පාසල් සිසුවෙකුට වෙඩි වැදීමේ සිද්ධියේ SI යළි රිමාන්ඩ්: සිසුවා තවමත් ICU | සිසුවෙකුට වෙඩි වැදීම:SI යළි රිමාන්ඩ් | COLOMBO (News 1st) - මාතර, තිහගොඩදී පාසල් සිසුවෙකුට වෙඩි වැදීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් උපපොලිස් පරීක්ෂකවරයා ලබන 18 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඔහු අද (04) මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා අද හඳුනා ගැනීමේ පෙරට්ටුකට ඉදිරිපත් කළ අතර සිදුවීමට අදාළව සිසුන් 04 දෙනෙකු විසින් ඔහු හඳුනා ගනු ලැබීය. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 15 හැවිදිරි හරේෂ් හංසක දේශාන්ත සිසුවා මේ වන විටත් කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. මාතර, තිහගොඩ, මිදෙල්ලවල අතුරු මාර්ගයකදී පසුගිය 28 වැනි දා පස්වරුවේ මෙම වෙඩි වැදීම සිදු විය. |
2022-11-04T07:47:08.000Z | ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඔස්ට්‍රේලියාවට ලකුණු 4ක තියුණු ජයක්: ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානයෙන් ඉවතට | ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානයෙන් ඉවතට | COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලානයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(04) සිදුවිය. ඒ, ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය ඔස්ට්‍රේලියාව අද ලකුණු 4 කින් ජය ගැනීමත් සමගිනි. ඒ අනුව හෙට ශ්‍රී ලංකාව සහභාගීවන එංගලන්තය සමග තරගය ශ්‍රී ලංකාව ජය ගත්ත ද, අවසන් පූර්ව වටය සඳහා ශ්‍රී ලංකාවට පිවිසීමට අවස්ථාව නොමැත. නමුත් හෙට ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහි තරගය ජය ගතහොත් ඔස්ට්‍රේලියාවට අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට අවස්ථාව හිමිවේ. ඒ, එවිට පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දැනටමත් තමන් සතු දෙවන ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට හිමිවන බැවිනි. හෙට තරගය ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය ජය ගතහොත් සත්කාරක ඔස්ට්‍රේලියාවේ ලෝක කුසලාන සිහිනය බොඳ කරවමින් එංගලන්තය අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව බොහෝ දුරට උදාවෙයි. ඊට හේතුව වන්නේ එංගලන්තය ජයගත් විට ඔස්ට්‍රේලියාවේ සහ එංගලන්තයේ ප්‍රසාද ලකුණු සමාන වීමයි. එවිට දල ලකුණු වේගය (Net Run Rate) සලකා බලා දෙවන ස්ථානය තීරණය කරනු ලැබේ. දැනට ඔස්ට්‍රේලියාවේ දල ලකුණු වේගය සෘණ අගයක් ගන්නා අතර එංගලන්තයේ දල ලකුණු වේගය ධන අගයක පවතී. ඇඩිලේඩ්හිදී අද පැවති ඇෆ්ගනිස්ථාන - ඔස්ට්‍රේලියා තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 168ක් රැස් කළේ ය. ග්‍රේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 54 ක් රැස් කළේ, හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් ද සමගිනි. නවීන් උල් හක් කඩුලු 3ක් දවා ගත්තේ ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පළමු කඩුලු 2 බිඳ වැටුණේ ලකුණු 40 කදීයි. තුන්වන කඩුල්ලට ගුලාබ්දීන් නයීබ් සහ ඊබ්‍රහීම් සද්රාන් ලකුණු 23ක සබඳතාවක් ගොඩ නැගුවේ ය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රශීඩ් ඛාන් පන්දු 23කින් නොදැවී ලකුණු 48යි. ලකුණු 169 ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී රැස් ගත් ලකුණු සංඛ්‍යාව 164 කි. ඒ සමගින් ඇෆ්ගනිස්ථානයටද මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුවිය. |
2022-11-04T12:17:20.000Z | රටවල් 6 කින් ඒවා තිබූ පාර්සල් 13 ක් තුළ රු. මිලියන 73ක මත්ද්‍රව්‍ය | තැපැල් පාර්සල් 13ක් තුළ මිලියන 73ක මත්ද්‍රව්‍ය | COLOMBO (News 1st) - පසුගිය කාලය තුළ බ්‍රිතාන්‍ය, ජර්මනිය, කැනඩාව, අමෙරිකාව, බෙල්ජියම හා නෙදර්ලන්තය යන රටවල්වලින් එවන ලද තැපැල් පාර්සල් 13 ක තිබී මත්පෙති, කූෂ්, මැන්ඩි, අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසුවේ, එය රුපියල් මිලියන 73කට අධික වටිනාකමින් යුතු බවයි. රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් විසින් රඳවා ගනු ලැබූ සැක සහිත පාර්සල් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන්, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව ඊයේ (3) පරීක්ෂා කිරීමේ දී එම පාර්සල් තුළ ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබුණ මත්ද්‍රව්‍ය තොගය එලෙස සොයා ගනු ලැබිණි. මෙම පාර්සල් සම්බන්ධයෙන් තැපැල් නිලධාරීන් වෙත ලබාදී තිබූ ලේඛනවල සඳහන්ව ඇත්තේ ඒවායේ පුද්ගලික භාණ්ඩ අඩංගු බවටයි. මේ පිළිබඳව මූලික විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා නඩු භාණ්ඩ ශ්‍රී ලංකා පොලීසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් හට භාර දී තිබේ. |
2022-11-04T11:29:30.000Z | දීර්ඝ සති අන්තයේ විදුලි කප්පාදුවේ වෙනසක් | දීර්ඝ සති අන්තයේ විදුලි කප්පාදුවේ වෙනසක් | COLOMBO (News 1st) - දීර්ඝ සති අන්තයේ පැය 1ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබාදී තිබේ. මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් පැවසුවේ, නොවැම්බර් 8 වැනි දින පැය 2 ක විදුලි කප්පාදුවකට අනුමැතිය ලබා දුන් බවයි. ඒ අනුව 8 වැනි දා A – W කාණ්ඩවලට දිවා කාලයේ පැය 1 සහ රාත්‍රී කාලයේ පැය 1 බැගින් විදුලි කප්පාදුව සිදු වනු ඇති. |
2022-11-04T10:31:38.000Z | ගෑස් මිල අඩුවෙයි ද? වැඩි වෙයි ද? තීරණය ඉරිදා... | ගෑස් මිල අඩුවෙයි ද? වැඩි වෙයි ද? තීරණය ඉරිදා... | COLOMBO ( News 1 st ) - මිල සූත්‍රය අනුව ගෑස් මිල සංශෝධනය වන නිසා අලෙවි නියෝජිතයින් තොග මිලදී නොගැනීම මතුව ඇති ගෑස් හිඟයට හේතුව බව ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා අද උදෑසන මාධ්‍ය හමුවකට එක්වමින් පැවසුවේ නව මිල සංශෝධනයන් පිළිබඳව ලබන ඉරිදා දැනුම් දෙන බවයි. මිල සුත්‍රයට අනුව මිල වෙනස්වීම නිසා ඇතැම් අලෙවි නියෝජිතයින් ගෑස් තොග මිලට ගැනීමට මැලිකමක් දක්වන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, 2024 අප්‍රේල් දක්වා කිසිදු හිඟයකින් තොරව ගෑස් සැපයීමට හැකි බවයි. |
2022-11-04T10:21:01.000Z | සරසවි සිසු ගැටුම: තුවාල ලැබූ 5 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගනී | සරසවි සිසු ගැටුම ගැන පොලීසිය පරීක්ෂණ | COLOMBO (News 1st) - කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් පස්දෙනෙකුගේ ප්‍රකාශ ඊයේ (03) රාත්‍රී සටහන් කර ගත් බවයි. පසුගිය දෙවැනි දා අලුයම මෙම ගැටුම සිදුව තිබේ. ඒ, නවක වධ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් පිරිසක් කිරිබත්ගොඩ පොලීසියට කළ පැමිණිල්ලක් ඉල්ලා අස්කර ගන්නැයි බලකරමිනි. විශ්වවිද්‍යාලයේ සාමාජ විද්‍යා පීඨයේ සිව්වැනි වසරේ සිසුන් පිරිසක් විසින් දෙවැනි වසරේ සිසුන් පිරිසකට එහිදී පහරදී ඇති බව පොලීසිය පැවසීය. තුවාල ලැබූවන් හෝමාගම මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ රෝහලෙන් කළ දැනුම් දීමක් මතයි. |
2022-11-04T10:14:43.000Z | ඇතැම් ස්ථානවලට අදත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි | ඇතැම් ස්ථානවලට අදත් මිලිමීටර් 100 ට වැඩි තද වැසි | COLOMBO (News 1st) - උතුරු , උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ, ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පැවතීම හේතුවෙනි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. |
2022-11-04T08:55:27.000Z | අයර්ලන්තය පරාජය කළ නවසීලන්තය අවසන් පූර්ව වටයට | නවසීලන්තය අවසන් පූර්ව වටයට | COLOMBO (News 1st) - අයර්ලන්තයට එරෙහි තරගය ලකුණු 35 කින් ජය ගත් නවසීලන්තය අද 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබී ය. ඇඩිලේඩ්හීදි පැවැති තරගයේ කාසිය වාසිය දිනූ, අයර්ලන්තය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ඒ අනුව පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රීඩකයන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 185කි. නායක කේන් විලියම්සන් පන්දු 35කදී ලකුණු 61ක් රැස් කළේ ය. අයර්ලන්තය වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ජොෂ් ලිට්ල් කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තේ ය. එය තරගාවලිය තුළ වාර්තා වූ දෙවන කඩුලු ත්‍රිත්වයයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩකයන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 150ක් පමණයි. පෝල් ස්ටර්ලින් පන්දු 27කදී ලකුණු 37ක් රැස් කළේ ය. නවසීලන්තය වෙනුවෙන් ලොකී ෆර්ගසන් කඩුලු 3යි. |
2022-11-04T08:44:01.000Z | බලාපොරොත්තු වූ IMF ණය මුදල දෙසැම්බරයේ නොලැබෙයි ද? | බලාපොරොත්තු වූ IMF ණය දෙසැ. නොලැබෙයි ද? | COLOMBO (News 1 st ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ ණය මුදල දෙසැම්බර් මාසයේදී ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. ආර්ථික විශේෂඥයින් උපුටා දක්වමින්, හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පත පෙන්වා දෙන්නේ, චීනය තවමත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා ආරම්භ නොකිරීම මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි. මේ නිසා ලබන මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක් ලබා ගැනීම සඳහා වන කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වනු ඇති බව අදාළ වාර්තාවේ සඳහන් වේ. ඒ නිසා මෙම ණය මුදල ලබා ගැනීමට ලබන මාර්තු මාසය වන තෙක් බලා සිටීමට සිදුවිය හැකි බව මෙම වාර්තාව පවසයි. හින්දුස්ථාන ටයිස්ම් වාර්තාව පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ විධායක මණ්ඩලයේ සාකච්ඡා ලබන මාර්තු මාසයේ පැවැත්වෙන බවයි. මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සමබන්ධයෙන් තවත් සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත බවයි. මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ,මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිසක් සාකච්ඡාව සහභාගි වන මෙම සාකච්ඡාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ඇතුළු ණය හිමියන් සමග ඊයේ පැවති සාකච්ඡාවලදී ගත් තීරණ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත ය. |
2022-11-04T07:56:56.000Z | ප්‍රියමාලිගේ මූල්‍ය වංචාව : ජානකී සිරිවර්ධනත් අත්අඩංගුවට | ජානකී සිරිවර්ධන CID අත්අඩංගුවට | COLOMBO( News 1st ) – තිළිණි ප්‍රියමාලි සිදු කළේ යැයි, කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ජානකී සිරිවර්ධන අපරාධ පාරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසලදී අද දහවල් ඇය අත්අඩංගුවට ගත් බවයි. මේ අතර තිලිණි ප්‍රියමාලි සිදුකළ බව කියන මුදල් වංචා සම්බන්ධයෙන් පසුගිය දා CIDය අත්අඩංගුවට ගත් බොරැල්ලේ සිරි සුමන හිමියන් ද රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. |
2022-11-04T07:33:26.000Z | ගෙවන්න සල්ලි නෑ... දවස් 53ක් තිස්‌සේ තෙල් නැවක් මහ මුහුදේ | දවස් 53ක් තිස්‌සේ තෙල් නැවක් මහ මුහුදේ | COLOMBO (News 1 st ) - දිවයිනට ළඟා වූ බොර තෙල් නෞකාවක් දින 53 ක් තිස්සේ කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා තිබේ. මේ පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයෙන් නිවුස් ෆස්ට් කළ විමසීමකදී,එහි නිලධාරියෙකු සඳහන් කළේ මෙම බොර තෙල් නෞකාව හිමි සමාගමෙන් මින් පෙර මිලදී ගත් බොර තෙල් නෞකා දෙකක් සඳහා මුදල් ගෙවීමට නොහැකි වීම මීට හේතු වී ඇති බවයි. මෙම නෞකාවේ තොග ගොඩබෑමට නම් මීට පෙර ලබා ගත් බොර තෙල් නෞකා සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය බවත්, ඒ සඳහා ප්‍රමාණවත් ඩොලර් සොයා ගැනීමට අපහසු වී ඇති බවත් ඔහු කියා සිටියේ ය. |
2022-11-04T06:28:06.000Z | වියළි කලාපයේ ගොවීන්ට නොමිලේ යූරියා | වියළි කලාපයේ ගොවීන්ට නොමිලේ යූරියා | COLOMBO( News 1st ) - වියලි කලාපයේ ගොවින්ට පමණක්, මහ කන්නයේදී අක්කර 01ට අඩු වී වගාවන්ට යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 50 ක් නොමිලයේ ලබා දීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ප්‍රකාශ කළේ, පසුගිය කන්න දෙකක් පොහොර ඇතුළු යෙදවුම් නොමැතිවීම නිසා ගොවින් පත්වූ දුෂ්කරතා මග හැරවීමේ අපේක්ෂාවෙන් මෙය සිදු කෙරෙන බවයි. එම පොහොර තොගය දෙසැම්බරයට පෙර ගොවින් අතට පත් කෙරෙනු ඇති යි. මෙම සහනාධාරය සඳහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව ලක්ෂ දෙකකට අධික ය. |
2022-11-04T05:19:09.000Z | විපක්ෂ නියෝජිතයින් පත් නොකිරීම නිසා ආංශීක අධීක්ෂණ කාරක සභා සක්‍රිය කිරීමට නොහැකියි - කතානායක | ජනපතිගේ ලිපියට කතානායකගෙන් ප්‍රතිචාර | COLOMBO (News1 st) - ආංශීක අධීක්ෂණ කාරක සභා සක්‍රීය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වූවත්, විපක්ෂයෙන් ඒ පිළිබඳව සුබවාදී ප්‍රතිචාරයක් නොලැබිම නිසා අදාළ කටයුතු අඩාල වී ඇතැයි කතානායකවරයා පවසයි. කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර ඇත්තේ, ආංශික අධීක්ෂණ කාරක සභා 17 ත් පිහිටුවිය යුතු වුවත්, ඒ සඳහා සභාපතිවරු පත්කර නොමැති බවයි. මේ හේතුවෙන් දිගු කාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුව ප්‍රමාද බව, ජනාධිපතිවරයා එම ලිපියෙන් කථානායකවරයාට පෙන්වා දී තිබේ. එළැඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීමෙන් පසු අදාළ නියෝජිතයින් පත් කිරීමේ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බව කථානායකවරයා පැවසී ය. |
2022-11-04T05:12:41.000Z | අම්බලන්තොට, කොග්ගල්ලෙන් පසු අගුණුකොළපැලැස්සෙනුත් හෙරොයින් මතුවෙයි | අගුණුකොළපැලැස්සෙනුත් හෙරොයින් මතුවෙයි | COLOMBO (News 1st) – අම්බලන්තොට, අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් ක්‍රිලෝගෑම් 03 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ, ඊයේ කොග්ගල්ල ප්‍රදේශයේ නිවසක තිබී පොලිස් භාරයට ගත් හෙරොයින් තොගයට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් අනුව අද උදෑසන මෙම හෙරොයින් තොගය සොයා ගත් බවයි. අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 25 ක් සමග කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබිණ. පොලිසිය පැවසුවේ, එම නිවසේ සිටි මැදිවියේ කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් බවයි. අප වාර්තාකරු පැවසුවේ, පරණ යකඩ බඩු එකතු කරන අදාළ කාන්තාවගේ ඥාති පුත්‍රයෙකු සහ තවත් අයෙක් මෙම හෙරොයින් වී මලු තුළ සඟවා පිං වී මලු දෙකක් ලෙස නිවසේ තබන ලෙස දැනුම් දෙමින් තම ඥාති නිවසක තබා ඇති බවයි. මෙම නිවසේ රඳවා තැබීමට රැගෙන ගිය එක් පුත්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රදේශයෙන් පළා ගොස් ඇති ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබේ. මෙම වැටලීම සිදු කර ඇත්තේ, අම්බලන්තොට පොලිසියට ලද තොරතුරක් මතයි. |
2022-11-04T03:56:09.000Z | ඉම්රාන් ඛාන් ඉලක්කය වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මරුට, තවත් 5කට තුවාල... | වෙඩි වැදුණු ඉම්රාන් ඛාන්ට සැත්කමක්.. | COLOMBO (News1st) - පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා කර තිබේ. වෙඩි තැබීමෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පාදයකට හානි සිදුව ඇති අතර, ඔහු සැත්කමකට භාජනය කිරීමට සිදුවනු ඇතැයි, ඉම්රාන් ඛාන්ගේ සහකයින් උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කරයි. කඩිනම් මැතිවරණයක් ඉල්ලා ගුජ්රන්වාලා ප්‍රදේශයේදී ඊයේ(03) පස්වරුවේ පැවති දේශපාලන රැළියක් අතරතුරදී ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක් විය. හිටපු අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ජනතාව නොමග යවන සුලු ප්‍රකාශ හේතුවෙන් තමන් මෙම වෙඩි තැබීම සිදුකළ බව සැකකරු පොලීසියට ප්‍රකාශ කර තිබේ. |
2022-11-04T02:23:16.000Z | මෙරටින් මන්කිෆොක්ස් ආසාදිතයෙක් හමුවෙයි | මෙරටින් මන්කිෆොක්ස් ආසාදිතයෙක් හමුවෙයි | COLOMBO (News 1st); මන්කිෆොක්ස් ආසාදිතයෙකු මෙරටින් හමුවී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ඔහු ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි. |
2022-11-04T02:19:38.000Z | ප්‍රතිපාදන නොමැතිකමින් ගැබිනි මව්වරුන්ට හා කිරිදෙන මව්වරුන්ට පෝෂණ මල්ල ලබා දීම ඇණහිටී.. | මව්වරුන්ට පෝෂණ මල්ල ලබාදීම ඇණ හිටී.. | COLOMBO (News 1st) - පෝෂණ මල්ල ලබාදීමේ ව්‍යාපෘතිය මාස ගණනාවක සිට ඇණහිට ඇති බව ගැබිනි මව්වරුන් සහ කිරිදෙන මව්වරුන් සඳහන් කළාය. ඔවුන් සඳහන් කළේ, භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාමත් සමග තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවය. මේ පිළිබඳව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, නීල් බණ්ඩාර හපුහින්න මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළ අතර එහිදී ඔහු සඳහන් කළේ, ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන් ගර්භනී හා කිරිදෙන මව්වරුන්ට පෝෂණ මල්ල ලබාදීමේ ව්‍යාපෘතිය මේ වනවිට ඇණහිට ඇති බවයි. එය යළි ආරම්භ කිරීම සඳහා ප්‍රතිපාදන ඉල්ලා ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. එම ප්‍රතිපාදන මේ මාසය තුළ ලැබෙනු ඇති බවත් ඉන් අනතුරුව කඩිනමින් එය ආරම්භ කරන බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ, මෙම පෝෂණ ව්‍යාපෘතිය යටතේ ගැබිනි හා කිරිදෙන මව්වරුන් එක් ලක්ෂ පනස් පසදහසකට අධික පිරිසකට රුපියල් 4,500 ක් වටිනා පෝෂණ මල්ලක් ලබාදීමට පියවර ගන්නා බවයි. |
2022-11-04T01:55:41.000Z | ශ්‍රී ලංකාවේ Semi Final බලාපොරොත්තුවට කුමක් වෙයිද? අදත් තීරණාත්මක තරග 2ක්.. | අදත් තීරණාත්මක තරග දෙකක් | COLOMBO (News 1st) - පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තීරණාත්මක තරග දෙකක් අද (04) පැවැත්වීමට නියමිතය. අවසන් පූර්ව වටයේ තම ස්ථාන තහවුරු කර ගැනීම සඳහා කරට කර තරගයක නිරත වන ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම්වලට මෙම තරග දෙකේ ප්‍රතිඵල අතිශය වැදගත් වේ. අද දිනයට නියමිත තරග දෙකම ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන නවසීලන්තය සහ එහි පස්වැනි ස්ථානය හිමි අයර්ලන්තය අද දිනට නියමිත පළමු තරගයේ ප්‍රතිවදීන් ලෙස එකිනෙකා මුණගැසෙනු ඇති. පළමු කාණ්ඩයේ ලකුණු සටහනට අනුව පිළිවෙළින් පළමු, දෙවැනි සහ තුන්වැනි ස්ථානවල පසු වන්නේ නවසීලන්තය, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාවයටයි. ඔවුන් ලකුණු 5 බැගින් ලබා ඇති අතර ශූද්ධ ලකුණු රැස් කිරීමේ වේගය මත ඉහත ස්ථානවල රැඳී සිටී. ප්‍රසාද ලකුණු 5ක් ලබා සිටින නවසීලන්තය මෙම තරගය ජය ගැනීමට සමත් වුවහොත්, අවසන් පූර්ව වටයේ ස්ථානය වෙනුවෙන් ඔවුන්ගේ බලාපොරොත්තු ඉහළ යනු ඇති. එමෙන්ම ඔවුන් එම තරගයෙන් පරාජය වුවහොත්, අවසන් පූර්ව වටයේ ස්ථානය වෙනුවෙන් වෙහෙසෙන අනෙකුත් කණ්ඩායම්වලටද කිසියම් වාසිදායක තත්ත්වයක් උදාවේ. දෙරට අතර මේ දක්වා පැවැති එකම පන්දුවාර 20යි 20 තරගය ජයගත්තේ නවසීලන්තයයි. මෙම තරගය මෙරට වෙලාවෙන් උදෑසන 9යි 30ට ආරම්භ වීමට නියමිතව ඇත. මේ අතර අද දිනයේ පැවැත්වීමට නියමිත දෙවැනි තරගය ඔස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වේ. ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන ඇෆ්ගනිස්ථානය මේ දක්වා කිසිදු තරගයක් ජය ගෙන නොමැත. ඔස්ට්‍රේලියාවට මෙම තරගයේ ජයග්‍රහණය අතිශය වැදගත් වන්නේ සත්කාරක දේශය සහ පසුගියවර ලෝක ශූරයින් ලෙස අවසන් පූර්ව වටයට පිවිසීමේ සිය අභිමානය රැක ගත යුතු බැවිනි. මේ අතර ඔස්ට්‍රේලියා නායක ඒරන් ෆින්ච් සහ ටිම් ඩේවිඩ් ආබාධවලට ලක්ව ඇති බව වාර්තාවල සඳහන් වේ. ඔස්ට්‍රේලියාව සහ ඇෆ්ගනිස්ථානය පන්දුවාර 20යි 20 තරග බිමකදී පළමුව මුණගැසෙන්නේ මෙම තරගයෙදී වීම විශේෂත්වයකි. මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිත අතර විදෙස් වාර්තා පවසන්නේ අද තරග පැවැත්වෙන ඇඩිලේඩ් ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශයට යහපත් කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවයි. කෙසේ නමුත් මෙම තරග දෙකෙන් ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ජය ගැනීමට සමත් වුවද අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් තීරණය වීමට ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයේ ප්‍රතිඵලය ද බලපෑමක් එල්ල කරනු ඇති. |
2022-11-04T01:15:07.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | COLOMBO (News 1st) - දේශීය පුවත් 01. දිගු කාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුව ප්‍රමාදයි.. – ජනපති දිගු කාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුව ප්‍රමාද බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. 02.මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් නැහැ... ඇමති කියයි මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු නෙවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 03.ටයිල් සහ නාන කාමර උපාංග ආනයනය අත්හිටුවීමේ ගැසට්ටුවෙන් පාරිභෝගිකයා පීඩා නොවිය යුතුයි -මුදල් කාරක සභාව ටයිල් සහ නාන කාමර උපාංග ආනයනය තාවකාලිකව අත්හිටුවීමට අදාළ ගැසට් නිවේදනය සඳහා අනුමැතිය ලබා දීමට පෙර ඒ පිළිබඳව තවදුරටත් විශ්ලේෂණාත්මක සාකච්ඡා වටයන් පැවැත්විය යුතු බව රජයේ මුදල් කාරක සභාවේදී සාකච්ඡාවට ලක්ව තිබේ. 04.රේගුව රුපියල් මිලියන 50 ක මත්පෙති අල්ලයි රේගුවේ තැපැල් තක්සේරු අංශයට ලද විදේශ තැපැල් පාර්සලයක් විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමේදී කාඩ්බෝඩ් බහලුමක ඉතා සූක්ෂමව සඟවා මෙරටට එවන ලද රුපියල් මිලියන 50 කට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති තොගයක් ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන තිබේ. 05.විදේශිකයින් සහ ලාංකිකයින් අතර විවාහ ලියාපදිංචියට තිබූ සීමා ලිහිල් කිරීමේ සූදානමක් විදේශිකයින් සහ ලාංකිකයින් අතර විවාහ ලියාපදිංචියට පැවති සීමා ලිහිල් කිරීමට සූදානමක් පවති. ක්‍රීඩා පුවත් 01.දකුණු අප්‍රිකාවට එරෙහි තරගයෙන් පකිස්ථානයට ජය.. 2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහි තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව පකිස්ථානය ලකුණු 33කින් ජය ගත්තේ ය. |
2022-11-03T16:11:29.000Z | දිගු කාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුව ප්‍රමාදයි.. - ජනපති | ජනපතිගෙන් කතානායකට ලිපියක | COLOMBO (News 1st ) - දිගු කාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තුව ප්‍රමාද බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. අදාළ යෝජනා අතරින් මේ වනවිට ක්‍රියාත්මක කර ඇත්තේ ජාතික සභාව පිහිටුවීම පමණක් බවත්, බැංකු කටයුතු සහ මුල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, ආර්ථික ස්ථායිකරණ කාරක සභාව සහ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව යන සභා පත් කිරීමට යෝජනා වුවත්, එය මෙතෙක් සිදුවී නොමැති බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. මීට අමතරව ආංශික කාරක සභා සඳහා තරුණ නියෝජිතයින් 5 දෙනෙකු පත් කිරීමට හා පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් පිහිටුවීමට ඉදිරිපත් කළ යෝජනා ද, ක්‍රියාත්මකව නොමැති බව ජනාධිපතිවරයා කතානායකවරයාට යොමුකල ලිපියේ දැක්වේ. එහි දැක්වන්නේ ආංශික කාරක සභා 17ක් පිහිටුවිය යුතු වුවත්, ඒ සඳහාද සභාපතිවරු පත්කර නොමැති බවය. |
2022-11-03T15:28:54.000Z | අටමස්ථානාධිපති ධුරය භාර ගැනීමේ උත්සවයට දේශපාලනඥයින්ට සහ ප්‍රභූන්ට ආරාධනා නැහැ - අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් | අටමස්ථානාධිපති ධුරය පල්ලේගම හේමරතන නාහිමියන්ට | COLOMBO (News 1st) - හිටපු අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ අනුරාධපුර අටමස්ථානාධිපති ධුරය සඳහා අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති, අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් පත්කර තිබේ. අටමස්ථාන කාරක සභාවේ ඒකමතික තීරණයකට අනුව උන්වහන්සේ එළැඹෙන 11 වැනිදා එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය. ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ඉතා චාම්ලෙස සිය ධුරයෙහි වැඩ භාරගන්නා බවත්, එම අවස්ථාවට දේශපාලනඥයින් හෝ වෙනත් ප්‍රභූන් කිසිවෙකුටත් ආරාධනා නොකරන බවත්, මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් අභිනව අටමස්ථානාධිපති හිමියන් සදහන් කළේය. |
2022-11-03T13:03:06.000Z | දකුණු අප්‍රිකාවට එරෙහි තරගයෙන් පකිස්තානයට ජය.. | දකුණු අප්‍රිකාවට එරෙහි තරගයෙන් පකිස්තානයට ජය.. | COLOMBO (News 1st) – 2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහි තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව පකිස්තානය ලකුණු 33කින් ජය ගත්තේ ය. සිඩ්නිහිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් හමුවේ සාර්ථක සබඳතා අතරට පිවිසීමට හැකි වූයේ නැහැ. මොහොමඩ් හාරිස් පන්දු 11කින් ලකුණු 28කි. නායක බාබර් අසාම් ඇතුළු මුල් පෙළ ප්‍රබල පිතිකරුවන් සිව් දෙනෙක් ලකුණු 43ක් තුළ දැවී ගියේ ය. ඉෆ්තිකාර් අහමඩ් සහ මොහොමඩ් නවාස් පකිස්ථාන ඉනිමට ස්ථාවරත්වයක් ගොඩනැගුවේ පස්වැනි කඩුල්ලට ලකුණු 52ක සබඳතාවක් පිහිටුවමින්. නවාස් පන්දු 22කින් ලකුණු 28කි. අනතුරුව පිටියේ ස්ථාවර වූ ඉෆ්තිකාර් අහමඩ් සහ ශඩාබ් ඛාන්, පකිස්ථාන 6 වැනි කඩුල්ලට ලකුණු 82ක සබඳතාවක් ගොඩනැගූ අතර ඔවුන් දෙදෙනාම අර්ධ ශතක රැස් කළේ ය. අන්රික් නොකියා කඩුලු 4කි. පකිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9කට ලකුණු 189ක් රැස් කළේ ය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 2 බිඳ වැටුණේ ලකුණු 16කදී ය. ක්වින්ටන් ඩී කොක් ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගිය අතර, රයිලි රුසොව් ලකුණු 7කට පිටියෙන් ඉවත් විය. නායක ටෙම්බා බවුමා ලකුණු 36ක් රැස් කළේ පන්දු 19කින් ය. එයිඩන් මාක්‍රම් ලකුණු 20කි. ශහීන් අෆ්‍රිඩි කඩුලු 3ක් දවා ගත්තේ ය. වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා දකුණු අප්‍රිකාවට පන්දුවාර 14කදී ලකුණු 142ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන්ට නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසානයේදී කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 108ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායමේත් තරගාවලියේ ඉදිරි ගමන තීරණය කරන පළමු ඛාණ්ඩයේ තරග 2ක් හෙට පැවැත්වෙයි. පළමුව නවසීලන්ත - අයර්ලන්ත තරගයත් දෙවනුව ඔස්ට්‍රේලියා - ඇෆ්ගනිස්ථාන තරගයත් ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. |
2022-11-03T09:00:42.000Z | ටයිල් සහ නාන කාමර උපාංග ආනයනය අත්හිටුවීමේ ගැසට්ටුවෙන් පාරිභෝගිකයා පීඩා නොවිය යුතුයි -මුදල් කාරක සභාව | රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්වෙයි | COLOMBO (News 1st) - ටයිල් සහ නාන කාමර උපාංග ආනයනය තාවකාලිකව අත්හිටුවීමට අදාළ ගැසට් නිවේදනය සඳහා අනුමැතිය ලබා දීමට පෙර ඒ පිළිබඳව තවදුරටත් විශ්ලේෂණාත්මක සාකච්ඡා වටයන් පැවැත්විය යුතු බව රජයේ මුදල් කාරක සභාවේදී සාකච්ඡාවට ලක්ව තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙම අනුමතිය ලබාදීම මගින් පාරිභෝගිකයාට සාධාරණයක් සිදුවනවාද යන්න පිළිබඳව සැලකිල්ලට බඳුන් කළ යුතු බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස්විය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, එහිදී 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සඳහන් 2296/30 ගැසට් පත්‍රය පිලිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගත් බවයි. මෙම ගැසට් පත්‍රය මඟින් Squatting pans සහ සින්ක් ඇතුළු නාන කාමර උපකරණ ආනයනය තාවකාලිකව අත්හිටුවීමත් ටයිල් ආනයනය තහනම් කිරීමත් යෝජනා කර තිබිණි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ආනයන සීමා පනවා ඇති සමයක වෙළඳපොළ තුළ ඇතිව තිබෙන ඒකාධිකාරිය හා ටයිල් ඇතුළු නාන කාමර උපාංගයන්හී මිළ පාරිභෝගිකයාට අසාධාරණයක් වන පරිදි ඉහළ යාම මෙන්ම ඉල්ලුමට අනුව සැපයුම නොමැති වීම පිළිබඳව මෙහිදී කමිටු සාමාජිකයන්ගේ අවධානයට ලක්වූ බවයි. එම නිසා මේ සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යංශයට කමිටුව නිර්දේශ කර තිබේ. |
2022-11-03T08:50:03.000Z | මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් නැහැ... ඇමති කියයි | ''ඉන්ධන මිල සංශෝධනයක් නැහැ'' | COLOMBO (News 1st) - මේ සතියේ ඉන්ධන මිල සංශෝධනයක් සිදු නෙවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. අමාත්‍යවරයා පවසන්නේ, ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය මගින් සහතික කර ඇති අවශ්‍යතා සපුරාලීම සඳහා CPC සහ LIOC සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවයි. |
2022-11-03T08:35:53.000Z | ලොකු ළූණු මිල ඉහළට | දේශීය සහ ආනයනික ලොකු ළූණු මිල ඉහළට | COLOMBO (News 1st) - දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දේශීය සහ ආනයනික ලොකු ළූණු මිල ඉහළ ගොස් තිබේ. රුපියල් 180 ත් 210 ත් අතර පැවති දේශීය ලොකුළූණු මිල අද සටහන් වූයේ, රුපියල් 240 ත් 260 ත් අතර මිලකටයි. එමෙන්ම රුපියල් 160 ත් 170 ත් අතර මිලක පැවති ආනයනික ලොකු ළූණු මිල අද සටහන් වන්නේ, රුපියල් 225 ත් 240 ක් ලෙස බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක මහතා පැවසී ය. |
2022-11-03T08:11:15.000Z | රුසියාවේ 'අසූර් එයාර්' ශ්‍රී ලංකාව වෙත යළි ගුවන් ගමන් අරඹයි | ශ්‍රී ලංකාවට යළිත් 'අසූර් එයාර්' ගුවන් ගමන් | COLOMBO (News 1st) - රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් සේවය වන අසූර් එයාර් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත යළි ගුවන් ගමන් ආරම්භ කර තිබේ. කටුනායක ගුවන්තොටුපළේ, කාර්යභාර නිලධාරිවරයා සඳහන් කළේ, අද උදෑසන 9.47 ට රුසියාවේ සිට එම ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළට පැමිණි බවයි. අදාළ යානයෙන් මෙරටට පැමිණ ඇති මගීන් සංඛ්‍යාව 335 කි. ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ, සතියකට ගුවන්ගමන් වාර 04 ක් එම ගුවන් සමාගම විසින් සිදුකරනු ලබන බවයි. ඒ අනුව සඳුදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනයන්වලදි එම ගුවන්ගමන් සිදු කෙරෙනු ඇති. රුසියානු සංචාරකයින්ට මෙරටට පැමිණීමට වැඩි අවස්ථාවක් ලබා දෙමින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් මෙය ක්‍රියාත්මකයි. |
2022-11-03T06:33:58.000Z | වැලිගම නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරක් | බිරිඳ මරුට .. දෙවැනි විවාහයේ සැමියා අතුරුදන් | COLOMBO (News 1st) - වැලිගම, වැලිහිඳ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවී තිබේ. පොලිසිය පැවසුවේ, 29 හැවිරිදි දෙදරු මවක් මෙලෙස මිය ගොස් ඇති බවයි. පළමු විවාහයෙන් වෙන්වි සිට ඇති අදාළ කාන්තාව දෙවැනි විවාහක සැමියා සමග අදාළ නිවසේ වාසය කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, පෙරේදා රාත්‍රී නිවසේ විදුලි පහන් දල්වා නොතිබූ බැවින් ඇයගේ මව නිවසට ගොස් විපරම් කර බැලීමේදී ඉදිරිපස දොරට ඉබ්බෙක් දමා තිබී ඇති බව ත් පසුව එය ඉවත් කර දොර හැර බලන විට දියණියගේ සිරුර ඇඳ මත තිබෙනු දැක ඇති බවත් ය. මියගිය කාන්තාවගේ ඥාතීන් පවසන්නේ, අදාළ කාන්තාවගේ දෙවන විවාහක සැමියා දින කිහිපයක සිට අතුරුදන් බවයි. පළමු විවාහයේ දරුවන් දෙදෙනා ඒ අසල පිහිටි මියගිය කාන්තාවගේ මව්පියන් ජීවත් වන නිවසේ වාසය කර ඇති බව ද අප වාර්තාකරු පැවසී ය. |
2022-11-03T05:44:37.000Z | අධිකරණයේදී පොලිස් නිලධාරියෙකුට බැණ වැදී, පහරදුන් පුද්ගලයෙක් රිමාන්ඩ් | අධිකරණ රාජකාරියේ සිටි පොලිස් නිලධාරීයාට ප්‍රහාරයක් | COLOMBO (News 1st) - අධිකරණ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීයෙකුට සාපරාධී බලහත්කාරයපෑම සම්බන්ධයෙන් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොලීසිය සඳහන් කළේ, නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ රාජකාරීයේ සිටි පොලිස් නිලධාරීයා අදාළ පුද්ගලයාට අධිකරණයේදී නිශ්ශබ්ද වන ලෙසට ත් අධිකරණ කටයුතු අවසන් නම්, අධිකරණයෙන් පිටව යන ලෙසටත් දැනුම් දී ඇති බවයි. එහිදී එම පුද්ගලයා පොලිස් නිලධාරියාට බැණ වැදී පහරදීමක් සිදුකර ඇති බව, පොලිසිය පවසයි. පොලිසිය සඳහන් කළේ, එම අවස්ථාවේ අධිකරණ පරිශ්‍රයේ සිටි සෙසු පොලිස් නිලධාරීන් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 43 ක් වන නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. |
2022-11-03T05:28:38.000Z | ඝෘජුවම ඉන්දීය සැපයුම්කරුවන්ගෙන් ඖෂධ මිලදී ගැනීමේ තීරණයක් | ඖෂධ වර්ග 150 ක් තවමත් හිඟයි | COLOMBO (News 1st) - මෙරටට අවශ්‍ය ඖෂධ ඉන්දීය සැපයුම්කරුවන්ගෙන් සෘජුව මිලදී ගැනීමට තීරණය කර ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්තා මහතා පවසයි. ලේකම්වරයා පැවුසවේ, ඊට අදාළ ඇනවුම් කිරීමේ කටයුතු ද මේ වන විට සිදුකර ඇති බවයි. දැනට ඖෂධ වර්ග 150 ක පමණ හිඟයක් රට තුළ පවතී. ලේකම්වරයා පැවසුවේ, ලබා දුන් ඇනවුම් අනුව ඉදිරි දින 14 තුළ අදාළ ඖෂධ වර්ග මෙරටට ලැබෙනු ඇති බවයි. ඉන්දීය ණය පහසුකම යටතේ, ඖෂධ වර්ග ඇතුළු අයිතම 1700 ක් පමණ මෙරටට ලැබීමට නියමිත වුවත්, හටගෙන ඇති ප්‍රමාදයක් හේතුවෙන් මෙම ගැටලුව නිර්මාණය වී ඇතැයි, ඔහු පැවසී ය. මේ අතර, දැනට කල්ඉකුත්ව ඇති ෆයිසර් එන්නත් සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සලකා බැලීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් විද්වත් කමිටුවක් පත්කර තිබේ. අදාළ කමිටුවේ නිර්දේශ මත ඉදිරි තීරණ ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. |
2022-11-03T05:00:36.000Z | විදේශිකයින් සහ ලාංකිකයින් අතර විවාහ ලියාපදිංචියට තිබූ සීමා ලිහිල් කිරීමේ සූදානමක් | විදේශිකයින් සහ ලාංකිකයින් අතර විවාහ ලියාපදිංචිය | COLOMBO (News 1st) - විදේශිකයින් සහ ලාංකිකයින් අතර විවාහ ලියාපදිංචියට පැවති සීමා ලිහිල් කිරීමට සූදානමක් පවති. රෙජිස්ට්‍රාල් ජනරාල් පී.එස්.පි.අබේවර්ධන මහතා සඳහන් කළේ, ඒ අනුව 2021 අංක 18 දරණ චක්‍ර ලේඛය අහෝසි වනු ඇති බවයි. අදාළ චක්‍රලේඛයට අනුව ශ්‍රී ලාංකිකයා විවාහ වීමට සුදානම් වන විදේශිකයා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවට වූ සෞඛ්‍ය වාර්තාවක් ලබා ගත යුතු වේ. ඊට අමතරව අපරාධමය වරදකට සම්බන්ධ වී නොමැති බවට ආරක්ෂක වාර්තාවක් ලබා ගැනීම ද අනිවාර්ය වී තිබුණි. කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් දී ඇත්තේ, එම සීමා ලිහිල් කරන ලෙසයි. මේ අනුව ඊට ගත හැකි විකල්ප ක්‍රමවේද සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි, ආරක්ෂක අමාත්‍යාංශයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ වනවිට දැනුම් දී ඇතැයි රෙජිස්ට්‍රාල් ජනරාල් දෙපාර්තමේන්තුව පැවසීය. රෙජිස්ට්‍රාල් ජනරාල් පි.එස්.පි. අබේවර්ධන මහතා සඳහන් කළේ, එම සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ද දැනුවත් කර ඇති බවයි. ඉතා කඩිනමින් අදාළ සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව ඔහු පැවසුවේ ය. |
2022-11-03T04:34:29.000Z | උතුරු කොරියාව යළිත් මිසයිල අත්හදාබලයි... ජපන් වැසියන්ට අවධානෙන් ඉන්නැයි, උපදෙස් | උතුරු කොරියාව යළි මිසයිල අත්හදාබලයි. | COLOMBO (News 1st) - උතුරු කොරියාවේ මිසයිල දියත් කිරීම් හේතුවෙන් ජපාන වැසියන්ට නිවෙස් තුළටම වී සිටින්නැයි, ජපාන රජය දැනුම් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජපානයේ භූමි ප්‍රදේශවලට ඉහළින් පැසිෆික් සාගරය වෙත උතුරු කොරියාව මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇතැයි වාර්ථා වන බවයි. මේ හේතුවෙන් ජපාන රජය මියාගි, යමගටා සහ නිගාටා ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට විමසිලිමත් බවින් සිටින්නැයි දැනුම් දී තිබේ. උතුරු කොරියාව ඊයේ මිසයිල ප්‍රහාර 23 ක් මුහුදට දියත් කර තිබෙන අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් එක් මිසයිල ප්‍රහාරයක් දකුණු කොරියාවේ වෙරළාශ්‍රිත ප්‍රදේශයට ඔබ්බෙන් පතිත වී ඇති බවයි. එතරම් ආසන්නයට උතුරු කොරියානු මිසයිල ප්‍රහාරයක් පතිත වූ පළමු අවස්ථාව මෙය බව දකුණු කොරියානු බළධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්ථා කළේ ය. අමෙරිකාව සහ දකුණු කොරියාව ඒකාබද්ධව සිදුකිරීමට සූදානම්වන මහපරිමාණ යුධ අභ්‍යාස නතර කරන්නැයි උතුරු කොරියාව ඉල්ලා පැය කිහිපයකට පසු මෙම මිසයිල ප්‍රහාර දියත් කර තිබේ. |
2022-11-03T03:48:26.000Z | ගංගා අවට ජනතාවට තවදුරටත් අවධානයෙන් පසුවන්නැයි, උපදෙස් | දිස්ත්‍රික් කීපයකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම් | COLOMBO (News 1st) - මහවැලි ගංගා ද්‍රෝණිය, කැලණි ගංගා ද්‍රෝණිය සහ දැදුරු ඔය ගංගා ද්‍රෝණිය භාවිත කිරීමේ දී මහජනතාව තවදුරටත් විමසිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව එලෙස අනතුරු අඟවන්නේ, එම ගංඟා ද්‍රෝණි ආශ්‍රිත ප්‍රධාන ජලාශවල ජල මට්ටම් තවමත් උපරිම මට්ටමේ පැවතීම හේතුවෙනි. ඊයේ දිනයට සාපේක්ෂව මේ වනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ලැබෙන වර්ෂාපතනයේ යම්කිසි අඩුවක් දකින්නට ලැබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන මහතා පවසයි. කෙසේ වෙතත් කෘෂිකාර්මික කටයුතු සඳහා, විශේෂ බිම් සැකසීමේ කටයුතු සඳහා බොහෝ ජලාශ වල ජලය නිකුත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබුණ ද කෘෂිකර්මාන්තයට යොදාගන්නා ප්‍රධාන වාරි ජලාශවල සමස්ත ජල ධාරිතාව තවමත් 40% සීමාවේ පසුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ අතර ශ්‍රී ලංකාව ආසන්න පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන්, උතුර, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 කට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. බදුල්ල, මහනුවර කෑගල්ල, මාතර, මොනරාගල, නුවරඑළිය, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි. |
2022-11-03T03:30:45.000Z | රේගුව රුපියල් මිලියන 50 ක මත්පෙති අල්ලයි | රුපියල් මි. 50 ක මත්පෙති රේගු භාරයට | COLOMBO (News 1st) - රේගුවේ තැපැල් තක්සේරු අංශයට ලද විදේශ තැපැල් පාර්සලයක් විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමේදී කාඩ්බෝඩ් බහලුමක ඉතා සූක්ෂමව සඟවා මෙරටට එවන ලද රුපියල් මිලියන 50 කට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති තොගයක් ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන තිබේ. මෙම පාර්සලය ජර්මනියේ සිට අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකුගේ නමට එවා ඇත්තේ, පෞද්ගලික භාණ්ඩ අඩංගු බවට සඳහන් කරමිනි. අදාළ පාර්සලය තුළ කාඩ්බෝඩ් පෙට්ටියක බිත්ති අතර ඉතා සූක්ෂම ලෙස අසුරා තිබියදී මෙලෙස හමුව ඇත්තේ මෙතෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය පෙති 4,956 ක් වන අතර, එහි බර ග්‍රෑම් 2,387 කි. රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා සඳහන් කරනු ලැබුවේ, එම මත්පෙති තොගයේ වටිනාකම රුපියල් මිලියන 49.56 ක් ලෙස ගණන් බලා ඇති බවයි. මුලික විමර්ශන කටයුතුවලින් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා නඩු භාණ්ඩ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් හට භාර දී තිබේ. |
2022-11-03T02:45:58.000Z | කොට්ඨාස 21 ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානමේ | කොට්ඨාස 21 ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානමේ | COLOMBO (News 1st) - සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 21 ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම ඒකකය නිවේදනය කළේ, අධිඅවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතරින් කොට්ඨාස 9 ක ඩෙංගු රෝගීන් වාර්තාවීම තවදුරටත් ඉහළ යමින් ඇති බව ය. පිළියන්දල, හාරිස්පත්තුව, උකුවෙල, බදුල්ල, කෑගල්ල සහ මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අලුතින් හඳුනාගත් අධිඅවදානම් කලාප බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළේ ය. මේ වසරේ 43 වන සතියේ වැඩිම ඩෙංගු රෝගීන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම අගය 143 කි. පසුගිය වසරේ මේ කාලසීමාවේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7,296 ක් වුවත්, මේ වසරේ එය රෝගීන් 14,937 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය රෝගීන් 7,641 දෙනෙකුගේ වැඩිවීමකි. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තාවන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,435 ක් වන අතර එය පසුගිය වසරේ මේ කාලසීමාවට සාපේක්ෂව රෝගීන් 40,248 දෙනෙකුගේ වැඩිවීමක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසී ය. |
2022-11-03T02:34:57.000Z | සංචාරක වීසා මත විදෙස් රැකියා සඳහා ලියාපදිංචිය අත්හිටුවයි | සංචාරක වීසා මත රට රැකියා ලියාපදිංචිය අත්හිටුවයි | COLOMBO (News 1st) - සංචාරක වීසා මත රට රැකියා සඳහා පිටත්ව නොයන්නැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ, එක්සත් අරාබි එමීර් සහ ඕමානය සඳහා සංචාරක වීසා මත ගොස් රැකියා නොමැතිව පිරිසක් අසරණ වී ඇති බවයි. සංචාරක වීසා මත විදෙස් රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තු වන පුද්ගලයින් ලියාපදිංචිය ද මේ වනවිට නතර කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2022-11-03T02:22:31.000Z | පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ? | පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ? | COLOMBO (News 1st) - පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ, කපුවත්ත ප්‍රදේශයේදී දුම්රියක එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙනි. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද අලුයම 5.00 ට ගමන් ආරම්භ කළ දුම්රියක් එලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි. |
2022-11-03T02:09:05.000Z | T20 ලෝක කුසලානයේ තීරණාත්මක පකිස්ථාන - දකුණු අප්‍රිකාව තරගය අද | පකිස්ථානය සහ දකුණු අප්‍රිකාව අද තරග බිමට | COLOMBO (News 1st) - පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක පකිස්ථාන - දකුණු අප්‍රිකා තරගය අද (03) පැවැත්වේ. ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහිදී පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ දෙවැනි කාණ්ඩයෙන් මෙම තරගය පැවැත්වේ. කණ්ඩායම් දෙකම මේ වනවිට දෙවැනි කාණ්ඩයේ තරග 3 බැගින් ක්‍රීඩා කර අවසන් ය. සහභාගී වූ තරග 3 න් 2 ක් ජය ගත් දකුණු අප්‍රිකාවට එම කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිව තිබේ. ඒ, ලකුණු 5ක් ද සමගිනි. පකිස්ථානයට දෙවැනි කාණ්ඩයේ ජය ගැනීමට හැකි වූයේ එක් තරගයක් පමණි. ඔවුන් තරග 2කින් පරාජය වීම නිසා ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ පසු වෙයි. ඔවුන්ට හිමිව ඇත්තේ, ලකුණු 2ක් පමණි. දකුණු අප්‍රිකාව මෙම තරගය ජය ගැනීමට සමත් වුවහොත් ඔවුන්ට තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු වේ. ඔවුන් සුපිරි 12 දෙනාගේ වටයේ අපරාජිත කණ්ඩායම වන නමුත් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගය වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා දෙපිලටම එක් ලකුණ බැගින් හිමි වීම හේතුවෙනි. කෙසේ නමුත් අවසන් වරට දකුණු අප්‍රිකාවට එරෙහිව සහභාගී වූ තරග 2ම ජය ගෙන තිබීම පකිස්ථානයට ද වාසිදායක තත්ත්වයක් බව ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙයි. මේ අතර දකුණු අප්‍රිකා කණ්ඩායමෙන් ලැබෙන වාර්තා පවසන්නේ, ඔවුන්ගේ පිතිකරු ලැයිස්තුවේ වෙනසක් සිදු නොවිය හැකි නමුත් පන්දු යවන්නන්ගේ කිසියම් වෙනසක් සිදු විය හැකි බවයි. පකිස්ථාන ක්‍රීඩක ෆකර් සමාන් ආබාධයකට ලක් වී ඇති බැවින් එම කණ්ඩායමේ වෙනසක් අපේක්ෂා කෙරෙනු ඇත. මේ අතර පකිස්ථාන කණ්ඩායමේ නසීම් ෂා පවසන්නේ, ඉන්දීය කණ්ඩායමට එරෙහි තරගය පරාජය වුවද වෘත්තීය ක්‍රීඩකයින්ගෙන් සමන්විත තම කණ්ඩායම ඉදිරි තරගවලදී දක්ෂතා අතරට පිවිසීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි. පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV තුළින් ඔබට සජිවීව නැරඹිය හැකිය. |
2022-11-03T01:21:00.000Z | ද්විපාර්ශවික ණයකරුවන් සහ රජය අතර සාකච්ඡාවක් | ද්විපාර්ශවික ණයකරුවන් සහ රජය අතර සාකච්ඡාවක් | COLOMBO (News 1st) - ද්විපාර්ශවික ණයකරුවන් සහ රජය අතර අද (03) තවත් සාකච්ඡාවක් පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අද පැවැත්වෙන සාකච්ඡාව සඳහා සියලුම ද්විපාර්ශ්වික ණයකරුවන් සහභාගී වීම තහවුරු කර ඇති බවයි. |
2022-11-03T00:38:23.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | 1. කොරෝනා ආසාදිතයින් 15ක් අද හඳුනා ගනී.. - කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු ඊයේ (02) දිනයේදී අලුතින් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2. අදත් දුම්රියක් පීලි පනී: මරදාන සහ කොටුව අතර දින 02ක් තුළ පීලි පැනීම් 03 ක් - මරදාන සහ කොටුව දුම්රිය ස්ථාන අතර දින 02 ක් ඇතුළත දුම්රිය පීලි පැනීම් 03 ක් වාර්තා විය. 3. ‘මර්දනයට එරෙහි ජනතා විරෝධය’ මරදානෙන් ඇරඹේ - රාජ්‍ය මර්දනයට එරෙහිව වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන විරෝධතා රැලිය සහ පා ගමන මරදානෙන් ආරම්භ විය. 4. වසන්ත මුදලිගේ සායනයක් සඳහා ජාතික රෝහලට - දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සායනයක් සඳහා ජාතික රෝහලට රැගෙන එනු ලැබී ය. 5. බොරැල්ලේ සිරිසුමන හිමියන් රක්ෂිත බන්ධනාගාරයට - ඊයේ (02) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බොරැල්ලේ සිරිසුමන හිමියන් ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. |
2022-11-02T15:37:01.000Z | කොරෝනා ආසාදිතයින් 15ක් අද හඳුනා ගනී.. | තවත් කොරෝනා ආසාදිතයින් 15ක්.. | COLOMBO (News 1st) - කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු අද(02) දිනයේදී අලුතින් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 671,125 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි බවය. |
2022-11-02T14:09:38.000Z | තියුණු සටනකින් පසු බංග්ලාදේශයට එරෙහිව ඉන්දියාවට ලකුණු 5ක ජයක් | බංග්ලාදේශයට එරෙහිව ඉන්දියාවට ලකුණු 5ක ජයක් | COLOMBO (News 1st) බංග්ලාදේශයට එරෙහිව ඉන්දීය කණ්ඩායම, ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 5කින් අද(02) ජය ගත්තේ ය. ඇඩිලේඩ්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම, කඩුලු 6කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 184කි. ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් සහ විරාත් කෝලි, දෙවැනි කඩුල්ලට ලකුණු 67ක සබඳතාවක් ගොඩනැගුවේ ය. ලෝකේෂ් රාහුල් පන්දු 32කින් ලකුණු 50යි. සූර්ය කුමාර් යාදෙව් ලකුණු 30ක් රැස් කළේ ය. ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි පන්දු 44 කින් ලකුණු 64ක් රැස් කළ අතර ඔහුගේ ඉනිම 4 පහර 8ක් සහ 6 පහරකින් වර්ණවත් විය. හසාන් මහමුද් කඩුලු 3යි. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලිටන් ඩාස් සහ නජ්මුල් හුසේන් ශක්තිමත් ආරම්භයක් ලබා දුන්නේ ය. ලිටන් ඩාස් ලකුණු 60යි. පන්දුවාර 7ක් අවසානයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා බංග්ලාදේශයට පන්දුවාර 16කදී හිමි වූ ඉලක්කය ලකුණු 151කි. එම ඉලක්කය හඹා ගිය බංග්ලාදේශයට කඩුලු 6ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 145ක් පමණි. |
2022-11-02T14:05:16.000Z | සිම්බාබ්වේට එරෙහිව නෙදර්ලන්තයට කඩුලු 5ක පහසු ජයක් | සිම්බාබ්වේට එරෙහිව නෙදර්ලන්තයට පහසු ජයක් | COLOMBO (News 1st) - පන්දුවාර 20යි 20යි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරගය නෙදර්ලන්තය කඩුලු 5කින් ජය ගැනීමට සමත් විය. තරගය අද(02) පැවැත්වුණේ ඇඩිලේඩ්හී පිටියේදීය. කාසියේ වාසිය හිමි කරගත් සිම්බාබ්වේ නායකයා, පන්දුවට පහරදීමට තීරණය කළේය. සිම්බාබ්වේ කණ්ඩායමට සිය ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 117ක් පමණි. සිම්බාබ්වේ කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3 දැවී ගියේ ලකුණු 20 කදීය. සිව්වන කඩුල්ල වෙනුවෙන් සිකන්දර් රාසා සහ ෂෝන් විලියම්ස් ලකුණු 48ක සබඳතාවක් ගොඩනැගුවේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නෙදර්ලන්ත ඉනිමේ පළමු කඩුල්ල දැවී ගියේ ලකුණු පුවරුව ලකුණු 17ක් ලෙස දිස්වන විටදීය. මැක්ස් ඔ'ඩවුඩ් සහ ටොම් කූපර් දෙවන කඩුල්ලට ලකුණු 73ක අනගි සබඳතාවක් ගොඩනැගුවේ ය. මැක්ස් ඔ'ඩවුඩ් ලකුණු 52යි. ලකුණු 118ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්තය පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 5ක් දැවී තිබියදී එම ඉලක්කය පහසුවෙන් පසු කිරීමට සමත් විය. |
2022-11-02T14:01:49.000Z | අදත් දුම්රියක් පීලි පනී: මරදාන සහ කොටුව අතර දින 02ක් තුළ පීලි පැනීම් 03 ක්.. | නොමග ගිය දුම්රිය. | COLOMBO (News 1st) - මරදාන සහ කොටුව දුම්රිය ස්ථාන අතර දින 02 ක් ඇතුළත දුම්රිය පීලි පැනීම් 03 ක් වාර්තා විය. එහි ආසන්නතම සිදුවීම ලෙස කන්කසන්තුරේ සිට කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේදි අද(02) දහවල් පීලි පැනිමකට ලක්වූ බව දුම්රිය පාලක මැදරිය සදහන් කළේය. ඒ හේතුවෙන් දුම්රිය ධාවනයට ද බාධා මතුවිය. මේ අතර මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රියක් සහ තවත් බලවේග කට්ටල දුම්රියක් ද, ඊයේ(01) පීලි පැනීමකට ලක් විය. සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම්, සුමේධ සෝමරත්න මහතා අදහස් දක්වමින් සඳහන් කළේ, පීලිපැනීමට හේතු මෙතෙක් අනාවරණ වී නොමැති බවයි. දුම්රිය සාමාන්‍යාධිකාරි, ඩබ්ලිව්.ඩී .එස් ගුණසිංහ මහතා සඳහන් කළේ, ඊයේ පීලි පැනිමට ලක්වූ එක් දුම්රියක පෙට්ටියක පවතින ගැටළුවක් හේතුවෙන් මෙය සිදුව ඇති බවයි. අනෙක් දුම්රිය පීලි පැනීමට හේතු මෙතෙක් අනාවරණ වී නැතැයි, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.