date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2022-11-12T03:15:18.000Z | ඩීසල් මිල වැඩි වුවද බස් ගාස්තු සංශෝධනයක් නෑ.. - ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය - | ඩීසල් මිල වැඩි වුවත් බස් ගාස්තු සංශෝධනයක් නෑ.. | COLOMBO (News 1st) – ඩීසල් මිල වැඩිවුවද , බස් ගාස්තු සංශෝධනය නොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ , ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු වැඩි නොකරන බව ය. ඊයේ (12)මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ දමා තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් ඉහළ දමා ඇත්තේ රුපියල් 15 කින් ය. එහි නව මිල රුපියල් 430 කි. ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 365 දක්වා ඉහළ ගියේ රුපියල් 25 ක මිල සංශෝධනයක් සමගයි. ලංකා සුපිරි ඩීසල්, පෙට්‍රල් සහ කාර්මික භූමිතෙල් මිල ගණන් නොවෙනසන්ව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ ය. |
2022-11-12T03:02:44.000Z | ලාංකිකයින් 8ක් සමග ඉක්වදෝරය මගින් අත්අඩංගුවට ගත් නෞකාව නයිජීරියාව භාරයට.. | ඉක්වදෝරයෙන් අත්අඩංගුවට ගත් නැව නයිජීරියාව භාරයට | COLOMBO (News 1st) - ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු සමග ඉක්වදෝරය මගින් අත්අඩංගුවට ගෙන සිටි හීරෝ ඉට්ක් ඉඳුන් නෞකාව නයිජීරියාවට භාරදී තිබේ. හීරෝ ඉට්ක් ඉඳුන්, නෝර්වේ ධජය යටතේ යාත්‍රා කරන නෞකාවක් වන අතර එම නෞකාව අගෝස්තු 14 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉන්ධන රැගෙන යාමට නයිජීරියාව බලා ගොස් ආපසු යාත්‍රා කරමින් සිටියදීය. තමන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඉක්වදෝරයට රැගෙන ගොස් මාස තුනක් එහි රඳවාගෙන සිටි බවත් මේ වනවිට තමන් ඇතුළු පිරිස නයිජීරියාව බලා රැගෙන යමින් ඇති බවත් නෞකාවේ සිට නිව්ස්ෆස්ට් වෙත අදහස් පලකළ අශාන් නිමේධ වනිගරත්න මහතා පැවසුවේ ය. |
2022-11-12T02:02:12.000Z | පළමු වසරේ සිට දරුවන් තුළ ඉංග්‍රීසි කථනය ශක්තිමත් කිරීමට පියවර.. - සුසිල් ප්‍රේමජයන්ත - | 1 වසරේ සිට ඉංග්‍රීසි කථනය ශක්තිමත් කිරීමට පියවර.. | COLOMBO (News 1st) – පළමු වසරේ සිට දරුවන් තුළ ඉංග්‍රීසි කථනය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, ලබන වසරේ සිට ක්‍රියාත්මක එම වැඩපිළිවෙළ සඳහා සියලු පළාත් නියෝජනය වන පරිදි රජයේ පාසැල් වල පළමු සහ දෙවැනි ශ්‍රේණි නියෝජනය කරන ගුරු භවතුන් 13,500කට ආසන්න පිරිසක් ජාතික අධ්‍යාපන ආයතනය විසින් පුහුණු කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බවයි. අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය කාරක සභාව එහි සභාපති අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්විය. ඉංග්‍රීසි මාධ්‍ය පාසැල් පෙළ පොත්වල පවතින ව්‍යාකරණ දෝෂ පිළිබඳ එහිදි අවදානය යොමුව ඇති අතර අමාත්‍යවරයා ජාතික අධ්‍යාපන ආයතනයට උපදෙස් ලබාදී ඇත්තේ, එසේ ව්‍යාකරණ දෝෂ පවතින්නේද යන්න සොයා බලන ලෙසයි. විශ්වවිද්‍යාලවල ඇතැම් පාඨමාලාවන් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ඉගැන්වීම පිළිබඳවද එහිදි සාකච්ඡා වී තිබේ. |
2022-11-12T01:19:57.000Z | කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ගොස් අතරමංව සිටි අයෙකු මරුට.. | කන්දකාඩුවෙන් පැන ගොස් අතරමංව සිටි අයෙකු මරුට.. | COLOMBO (News 1st) – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගොස් සිටි සැකකරුවෙකු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි. මෙම පුද්ගලයා සිංහපුර කැළෑබද ප්‍රදේශයේ අතරමංව සිටියදී සොයා ගෙන ඇති අතර, රෝහල් ගත කිරීමෙන් පසු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ය. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ පසුගිය 07 වැනිදා රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති විය. එහිදී ගැටුම අතරතුර පිරිසක් පලාගොස් තිබේ. |
2022-11-12T01:19:09.000Z | සෞදියේදී ශ්‍රී ලාංකික කාන්තාවක් ලිංගික අපයෝජනයට | සෞදියේදී ලාංකික කතක් ලිංගික අපයෝජනයට | COLOMBO (News 1st) - නිකවැරටිය ප්‍රදේශයේ සිට ගෘහ සේවිකාවක් ලෙස සෞදියේ රැකියා සඳහා ගිය කාන්තාවක් එම රටේදී, ලිංගික අපයෝජනයට ලක්ව තිබේ. ඇයගේ ස්වාමි පුරුෂයා නිව්ස්ෆස්ට් වෙත පැවසුවේ කුරුණෑගල පෞද්ගලික විදේශ රැකියා ආයතනයක් මාර්ගයෙන් මීට මාස 5 කට පෙර සෞදිය බලා ගිය බවයි. සේවය කළ නිවසේ හාම්පුතා විසින් තමන්ව ලිංගික අපයෝජනයට ලක් කළ බවට බිරිඳ ලබාදුන් පණිවුඩයක් අනුව ඒ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කල බව ද ඔහු පැවසුවේ ය. ස්වාමිපුරුෂයා තවදුරටත් පැවසුවේ පැමිණිලි කර මසකට ආසන්න කාලයක් ගතව ඇතත් ඇයව දිවයිනට ගෙන්වා ගැනීමට හෝ ඇයට සාධාරණයක් ඉටුකිරීමට බලධාරින් පියවර ගෙන නොමැති බවයි. මේ අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය. |
2022-11-12T01:11:35.000Z | මහ කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි දීමට රු. මිලියන 800ක මුදලක්.. - මහින්ද අමරවීර - | ගොවීන්ට වන්දි දෙන්න රු. මිලියන 800ක මුදලක්.. | COLOMBO (News 1st) – මහ කන්නයේ වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබා දීම සඳහා රුපියල් මිලියන 800ක මුදලක් වෙන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් එම මුදල් වෙන්කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය. අමාත්‍යවරයා පැවසුවේ ඊයේ(11) දිනයේදි කුරුණෑගල ගොවීන් 2535 දෙනෙකු සඳහා රුපියල් මිලියන 33 ක මුදලක් වන්දි වශයෙන් ලබාදීම ආරම්භ වූ බවයි. කුරුණෑගල දිස්ත්‍රික්කයට අවශ්‍ය පොහොර, කෘමිනාශක සහ වල්නාශක බෙදාහැරීම, ඉන්ධන ලබාදීම සහ පශු සම්පත් ක්ෂේත්‍රය යනාදී කරුණු ගණනාවක් පිළිබඳවද අමාත්‍යවරයා අදාළ අංශ සමග සාකච්ඡා කර තිබේ. |
2022-11-12T01:09:47.000Z | කොළඹ නගරය තුළ ක්ෂය රෝගීන් වාර්තා වීම ඉහළට.. | කොළඹ නගරය තුළ ක්ෂය රෝගීන් වාර්තා වීම ඉහළට.. | COLOMBO (News 1st) – කොළඹ මහ නගර සභාව ආශ්‍රිත ක්ෂය රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ක්ෂය රෝග මර්ධන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඔනාලි රාජපක්ෂ මහත්මිය පැවසුවේ, මේ වසරේ මුල් මාස 6 තුළදී මෙරටින් ක්ෂය රෝගීන් 4,000ක් පමණ වාර්තාවී ඇති බවයි. විශේෂඥ වෛද්‍යවරිය පැවසුවේ ඒ අතරින් 20 % ත් 25% ත් අතර සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති බවයි. ඉන් 2/3 කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තාවී ඇතැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඔනාලි රාජපක්ෂ මහත්මිය සඳහන් කළා ය. |
2022-11-12T01:03:23.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | දේශීය පුවත් 1.සාමකාමීව මතය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පිළිගන්නවා – හැනා සිංගර් – සාමකාමීව මතය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පිළිගන්නා බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය ඊයේ (11) අවධාරණය කර තිබේ. 2.ජනපතිගේ නිදන කාමරයට කෝටි ගණනක් ආවේ කොහොමද? ගෝඨාභයගෙන් ප්‍රශ්න කරන්නැයි අධිකරණ නියෝගයක්.. – පසුගිය ජුනි 9 වැනිදා කොටුව ජනාධිපති මන්දිරයට ජනතාව ඇතුළු වූ අවස්ථාවේ සොයාගත් රුපියල් එක් කෝටි අසූ ලක්ෂයකට අධික මුදල ලැබුණු ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන විමර්ශනය කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (11) නියෝග කර තිබේ. 3.ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළට.. – ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ දමා තිබේ. 4. අලුත් ව්‍යවස්ථාවක් හදන්න කෝටි ගණනක් වියදම් කරලා – විගණන වාර්තාවක් හෙළි කරයි – රට බරපතල ණය අර්බුදයක සිර වී සිටියදීත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා අවශ්‍යතාවය ද හඳුනා නොගෙන වසර 3 කට රුපියල් මිලියන 158 ක ප්‍රතිපාදන සලසාගෙන ඇතැයි අනාවරණය වී තිබේ. 5.රාජ්‍ය ඇමති ඩයනාට 17 තෙක් රට යන්න බැහැ... – රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ලබන 17 වැනිදා දක්වා විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (11) තහනම් නියෝගයක් නිකුත් කළේ ය. විදෙස් පුවත් 1. ඉන්දීය කාර්මික හා තාක්ෂණික නගර යාකළ අධිවේගී දුම්රිය මාර්ගය..– දකුණු ඉන්දියාවේ සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉන්දීය රුපියල් කෝටි 25,000 කට අධික වටිනාකමින් යුත් ව්‍යාපෘති ජනතා අයිතියට පත් කර තිබේ. ක්‍රීඩා පුවත් 1. දිලංක ඉසුරු කුමාරගෙන් බර ඉසිලීම වාර්තා 2 ක් – ශ්‍රී ලංකාවේ දිලංක ඉසුරු කුමාර බර ඉසිලීම කිලෝග්‍රෑම් 55 බර පන්තියේ පොදු රාජ්‍ය මණ්ඩල වාර්තා 2 ක් ඊයේ (11) පිහිටුවා තිබේ. |
2022-11-11T16:27:20.000Z | සාමකාමීව මතය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පිළිගන්නවා - හැනා සිංගර් | සාමකාමීව මතය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පිළිගන්නවා | COLOMBO (News 1st) - සාමකාමීව මතය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පිළිගන්නා බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය අද (11) අවධාරණය කර තිබේ. ඇය මේ බව අවධාරණය කළේ, කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටට පැමිණි විරෝධතාකරුවන් පිරිසක් හමුවෙමිනි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 83 ක කාලයක් රඳවාගෙන සිටීම පිළිබඳව එක්සත් ජාතීගේ සංවිධානයේ අවධානය යොමුකරමින් අද (11) පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ විය. ඊට එක්ව සිටියේ, ගාලු මුවදොර ජනතා අරගලයේ ක්‍රියාකාරීන් පිරිසකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය අවට අද පෙරවරුවේ සිට පොලිස් කණ්ඩායම් යොදා තිබූ අතර මෙරට නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් මහත්මිය කාර්යාලයට ඇතුළුවීමට පැමිණීයේ මේ අතරතුරයි. සිය මෝටර් රථයෙන් පිටතට පැමිණි ඇය විරෝධතාකරුවන් සහ පොලීසියේ නිලධාරීන් ද හමුවිය. විරෝධතාකරුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරකවරියට සංදේශයක් ද භාර දුන්නේ ය. අනතුරුව පිරිස පස්වරු 5.00 දක්වා සත්‍යග්‍රහක් අරම්භ කළේ ය. එහිදී පැමිණි උසස් පොලිස් නිලධාරීන් පිරිසක් විරෝධතාකරුවන් ඉවත් කිරීමට අවස්ථා කිහිපකදී උත්සාහ කර තිබේ. පස්වරුවේ පිරිස සත්‍යග්‍රහය අවසන් කර ඇත. |
2022-11-11T16:26:43.000Z | ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළට.. | ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළට.. | COLOMBO (News 1st) – අද(11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ දමා තිබේ. ඒ අනුව, ලංකා සුදු ඩීසල් ලීටරයක් ඉහළ දමා ඇත්තේ රුපියල් 15 කින් ය. එහි නව මිල රුපියල් 430 කි. ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා තිබේ. ඒ අනුව නව මිල රුපියල් 365කි. ලංකා සුපිරි ඩීසල් , පෙට්‍රල් සහ කාර්මික භූමිතෙල් මිල ගණන් නොවෙනසන්ව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ ය. |
2022-11-11T16:08:39.000Z | ජනපතිගේ නිදන කාමරයට කෝටි ගණනක් ආවේ කොහොමද? ගෝඨාභයගෙන් ප්‍රශ්න කරන්නැයි අධිකරණ නියෝගයක්.. | ජනපතිගේ නිදන කාමරයට කෝටි ගණනක් ආවේ කොහොමද? | COLOMBO (News 1st) - පසුගිය ජුනි 9 වැනිදා කොටුව ජනාධිපති මන්දිරයට ජනතාව ඇතුළු වූ අවස්ථාවේ සොයාගත් රුපියල් එක් කෝටි අසූ ලක්ෂයකට අධික මුදල ලැබුණු ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන විමර්ශනය කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කර තිබේ. මේ මුදල් තොගය හමුවී තිබුණේ, එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිදන කාමරයේ තිබියදීය. එම මුදල් කූඨ අල්ලසක් ලෙස හෝ වෙනත් කාරණාවක් සඳහා ලැබුණේදැයි විමර්ශන කළ යුතුව ඇතැයි පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා කළ කරුණු දැක්වීම සලකා බලමින් කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය කළේ ය. හිටපු ජනාධිපතිවරයා මිරිහානේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේ නොමැති බව දැන ගන්නට ලැබී ඇතැයි එහිදී පොලීසිය දැනුම් දුන්නේ ය. මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේ, එම නිවසේ නොමැති නම් ඔහු රැඳී සිටින වෙනත් නිවසකට ගොස් හෝ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසය. කොටුව පොලීසියට ලබාදී තිබූ එම මුදල් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට භාරදෙන ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කොටුව පොලිස් ස්ථානාධිපති සාගර ලියනගේ මහතාට දුරකතන මගින් දන්වා තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එස්. වික්‍රමසිංහ මහතා අද (11) අධිකරණයට දැනුම් දුන්නේ ය. එම දුරකතන ඇමතුම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අධිකරණයට දන්වනු ලැබීය. |
2022-11-11T15:14:03.000Z | ආර්ථික ස්ථායීකරණය පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුවේ පළමු වාර්තාව කතානායකට | අනු කමිටු වාර්තාවක් කතානායකට | COLOMBO (News 1st) - ආර්ථික ස්ථායීකරණය සඳහා පත්කළ පාර්ලිමේන්තු අනු කමිටුවේ පළමු වාර්තාව, කතානායකවරයාට භාර දී තිබේ. එම කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේ, ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු අර්බුධකාරී ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් නවීන විසදුම් මෙම වාර්තාවේ ඇතුළත් බවය. |
2022-11-11T15:12:07.000Z | ගිනි අවි 03ක් හා ජීව උණ්ඩ 630ක් සමග පුද්ගලයෙකු පොලිස් දැලේ.. | ගිනි අවි 03ක්,උණ්ඩ 630ක් සමග අයෙකු කොටු | COLOMBO (News 1st) - ගිනි අවි 03 ක් හා ජීව උණ්ඩ 630 ක් සමග බේරුවල, දීනගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, බේරුවල දුම්රියපොළ ආසන්නයේ සැකකටයුතු ලෙස හැසිරෙමින් සිටි පුද්ගලයෙකු පරික්ෂා කිරිමේ දී ඔහු සතුව ගිනි අවි සදහා යොදන උණ්ඩ කිහිපයක් තිබී සොයාගත් බවයි. සැකකරුගෙන් ලද තොරතුරුවලට අනුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදි නිවසේ සඟවා තිබූ රිපීටර් ෂොට්ගන් වර්ගයේ ගිණි අවියක්,පොයින්ට් ටු.ටු, වර්ගයේ ගිනි අවියක්, මෙරට නිෂ්පාදිත හඳුනා නොගත් ටු,ටු 22 වර්ගයේ ගිණි අවියක්, සොයාගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, බෝර 12 ගිනි අවි උණ්ඩ 101ක් ,පොයින්ට් ටු,ටු වර්ගයේ ගිනි අවි උණ්ඩ 489ක් සැකකරු සතුව තිබි සොයා ගෙන ඇති බවය. |
2022-11-11T15:10:35.000Z | ඉන්දීය කාර්මික හා තාක්ෂණික නගර යාකළ අධිවේගී දුම්රිය මාර්ගය.. | ඉන්දියාවේ නව අධිවේගී දුම්රිය මාර්ගය.. | COLOMBO (News 1st) - දකුණු ඉන්දියාවේ සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉන්දීය රුපියල් කෝටි 25,000 කට අධික වටිනාකමින් යුත් ව්‍යාපෘති ජනතා අයිතියට පත් කර තිබේ. එසේම අග්‍රාමාත්‍යවරයා අද (11) චෙන්නායි- බැංගලෝරය අතර සීඝ්‍රගාමී දුම්රිය සේවයක් ද ආරම්භ කළ අතර එය දකුණු ඉන්දියාවේ මේ ආකාරයේ පළමු අධිවේගී දුම්රිය සේවයයි. මෙය චෙන්නායි හි කාර්මික කේන්ද්‍රස්ථානය සහ බැංග්ලෝරයේ තාක්ෂණික නගරය හා සුප්‍රසිද්ධ සංචාරක නගරයක් වන මයිසුරු අතර සම්බන්ධතාවය වැඩි දියුණු කරනු ඇතැයි ද ඉන්දීය වාර්තා අනාවරණය කර තිබේ. |
2022-11-11T15:00:28.000Z | චාර්ල්ස් රජු සහ කැමිලා ආර්යාවට බිත්තර ප්‍රහාරයක් | චාර්ල්ස් රජුට බිත්තර ප්‍රහාරයක්.. | News 1st - එංගලන්තයේ චාර්ල්ස් රජු සහ කැමිලා ආර්යාවට බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඒ, පසුගිය බදාදා උතුරු එංගලන්තයේ යෝර්ක් නගරයේ පැවති වැඩසටහනකට සහභාගි වී සිටි අතරතුරදීය. නගරවාසීන් විසින් රාජකීය යුවළ එම වැඩසටහනට පිළිගන්නා අවස්ථාවේ මෙලෙස බිත්තර ප්‍රහාරයකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ප්‍රහාරය සිදු කිරීම සම්බන්ධව බ්‍රිතාන්‍ය හරිත පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. |
2022-11-11T14:52:34.000Z | දිලංක ඉසුරු කුමාරගෙන් බර ඉසිලීම වාර්තා 2 ක් | දිලංක ඉසුරු කුමාරගෙන් බර ඉසිලීම වාර්තා 2 ක් | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ දිලංක ඉසුරු කුමාර බර ඉසිලීම කිලෝග්‍රෑම් 55 බර පන්තියේ පොදු රාජ්‍ය මණ්ඩල වාර්තා 2 ක් අද පිහිටුවා තිබේ. 2022 ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය පොළොන්නරුව ක්‍රීඩා සංකීර්ණයේදී අද (11) දෙවැනි දිනටත් පැවැත්වේ. දිලංක ඉසුරු කුමාර එහිදී ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 116ක බරක් එස වූ අතර ඒ අනුව එම අංශයේ පොදු රාජ්‍ය මණ්ඩල සහ ශ්‍රී ලංකා වාර්තා බිඳ වැටුණි. ඔහු ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට එස වූ බර කිලෝග්‍රෑම් 141කි. දිලංක කිලෝග්‍රෑම් 257ක මුළු බරක් එස වූ අතර එය ද පොදු රාජ්‍ය මණ්ඩල සහ ශ්‍රී ලංකා වාර්තා වේ. |
2022-11-11T14:43:29.000Z | අල්කයිඩා සංවිධානයට මූල්‍යමය ආධාර ලබා දුන් බවට ශ්‍රී ලාංකිකයකුට සම්බාධක | අල්කයිඩාට මූල්‍ය ආධාර දුන් ලාංකිකයකුට සම්බාධක | COLOMBO (News 1st) - අමෙරිකාවේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශීය වත්කම් පාලන කාර්යාංශය විසින් අල්කයිඩා සංවිධානයට මූල්‍යමය ආධාර ලබා දුන් බවට චෝදනා නැගෙන ශ්‍රී ලාංකිකයකුට සම්බාධක පනවා තිබේ. මොහොමඩ් ඉර්ෂාඩ් මොහොමඩ් හාරිස් නිසාර් (Hariz Nizar) නමැති 51 හැවිරිදි මෙම පුද්ගලයා බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අල්කයිඩා සංවිධානයේ මෙහෙයුම් සංවිධායකයෙකු සහ මූල්‍ය ප්‍රතිපාදන සපයන්නෙකු ලෙස ක්‍රියා කළ 2021 වසරේ ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත් අහමඩ් ලුක්මන් තලීබ් නමැත්තාගේ ව්‍යාපාර සහකරුවෙකු ලෙස හරිස් නිසාර් කටයුතු කර තිබේ. ඔවුන් දෙදෙනාම 2018 වසරේ සිට මෙරට දී සිදු කළ ව්‍යාපාරවලින් ලැබූ ලාභ මෙලෙස අල්කයිඩා සංවිධානය වෙත යවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. |
2022-11-11T14:36:34.000Z | අලුත් ව්‍යවස්ථාවක් හදන්න කෝටි ගණනක් වියදම් කරලා - විගණන වාර්තාවක් හෙළි කරයි | අලුත් ව්‍යවස්ථාවක් හදන්න කෝටි ගණනක් වියදම් කරලා | COLOMBO (News 1st) - රට බරපතල ණය අර්බුදයක සිර වී සිටියදීත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා අවශ්‍යතාවය ද හඳුනා නොගෙන වසර 3 කට රුපියල් මිලියන 158 ක ප්‍රතිපාදන සලසාගෙන ඇතැයි අනාවරණය වී තිබේ. විගණකාධිපතිවරයාගේ වාර්තාවකින් අනාවරණය කර ඇත්තේ, 2020 වසරේ ඔක්තෝබර් 9 වැනිදා සිට 2021 දෙසැම්බර් 12 වන දා දක්වා කමිටු රැස්වීම් වාර 38 ක් හා බාහිර පාර්ශ්ව සමග රැස්වීම් වාර 9 ක් පැවැත්වීමට රුපියල් දෙකෝටි අට ලක්ෂ හතලිස් තුන්දහස් හත්සිය අනූ අටක් වියදම් කර ඇති බවයි. මේ බව අනාවරණය වන්නේ, 2021 දෙසැම්බර් 31 න් අවසන් වර්ෂයේ අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට අදාළව විගණකාධිපතිවරයා නිකුත් කළ විගණන වාර්තාවෙනි. ප්‍රයෝජනයට නොගත් කාර්යාල කාමර තුනක් සඳහා රුපියල් අටලක්ෂ දහසය දහස් හාරසිය අසූවක් වියදම් කර ඇති අතර තවත් රුපියල් හාරලක්ෂ තිස්පන්දහස් තුන්සිය හතලිස් අටක් කාර්යාල උපකරණ සඳහා වැයකර ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පිහිටුවන ලද කමිටුවේ විශේෂඥවරුන් සඳහා එක් රැස්වීම් වාරයකට රුපියල් විසිපන්දහස බැගින් ගෙවා ඇති අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ තිස් එකකි. විශේෂඥවරුන්ගේ ගමන් වියදම් සඳහා තවත් රුපියල් එක්ලක්ෂ විසිදහක් වැයකර තිබේ. මේ අතර කමිටු ලේකම්වරයාට රුපියල් ලක්ෂ දෙක බැගින් ගෙවූ මාසික දීමනාව සමග පර්යේෂණ සහකාර දීමනා ඇතුළු දීමනා සඳහා රුපියල් එක්කෝටි එක්ලක්ෂ අසූදහසක මුදලක් ගෙවා ඇති අතර ඊට අනුමැතිය ලබාගෙන නැතැයි ද විගණන වාර්තාවේ සඳහන් ය. 2020 ඔක්තෝබර් සිට 2021 දෙසැම්බර් දක්වා කාලසීමාවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ කාර්යාල හා ශාලා පහසුකම් සඳහා වැයකර ඇති මුදල රුපියල් හතලිස් හත් ලක්ෂ හැට අට දහස් දෙසීයකි. 2021 දෙසැම්බර් 31 වන දාට කමිටුව පත්කර මාස 15 ක් ගතවී තිබියදීත් එහි කාර්යය භාරය අවසන්කර නොතිබූ බව ද විගණකාධිපතිවරයාගේ වාර්තාව පෙන්වා දී ඇත. |
2022-11-11T13:33:41.000Z | 5 වසරේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයා රිමාන්ඩ් | සිසුවියකට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයා රිමාන්ඩ් | COLOMBO (News 1st) - හුංගම පාසලක 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට එම පාසලේ ගුරුවරයෙකු අමානුෂික ලෙස පහරදීමක් සම්බන්ධයෙන් එම ගුරුවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, දැරියගේ මව විසින් හුංගම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙම පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවු. 49 ක පුද්ගලයෙකි. ඒ අනුව සිදු කළ විමර්ශනයේදී දැරියගේ පිට ප්‍රදේශයේ හා හිසේ පිටුපස තැලීම් ලකුණු නිරීක්ෂණය වීමෙන් පසු දැරිය මව් භාරයේ තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. දැරිය මේ වනවිට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා අතර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට නියමිතව ඇත. ඒ අනුව සැකකාර ගුරුවරයා අඟුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මේ සම්බන්ධයෙන් හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇති. |
2022-11-11T11:10:38.000Z | නව තානාපතිවරු 7ක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනපතිට අක්ත පත්‍ර භාරදෙති | තානාපතිවරු පිරිසක් අක්ත පත්‍ර භාරදෙති | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් වූ නව තානාපතිවරු 7 දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අක්ත පත්‍ර භාර දුන්හ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඔවුන් සිය අක්ත පත්‍ර භාර දුන් බවයි. මෙක්සිකෝ, භූතානය, පැරගුවා, ලක්ෂම්බර්ග්, රුසියාව, ඕමානය සහ ප්‍රංශය සඳහා නව තානාපතිවරු ද ඝානා රාජ්‍ය සඳහා මහ කොමසාරිස්වරයෙක් ද පත් ව සිටිති. |
2022-11-11T10:59:07.000Z | මැණික් බවට සැකකරන මල්ලක් සමග පුද්ගලයෙක් STF අත්අඩංගුවට | මැණික් මල්ලක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - මැණික් බවට සැකකරන මල්ලක් සමග පුද්ගලයෙකු ගල්ලෑල්ල, තමන්කඩුව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අක්කරපත්තු ප්‍රධාන මාර්ගයේ වැටලීමක් සිදු කළ බවයි. එහිදී මැණික් යැයි සැක සිතිය හැකි විවිධ වර්ණයෙන් යුතු පාෂාණ 188 ක්, මැණික් ගල් පරීක්ෂා කිරීමේ උපකරණයක් සන්තකයේ තබාගෙන සිටි අයෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 27 ක් වන ගල්ලෑල්ල, තමන්කඩුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. |
2022-11-11T09:40:35.000Z | රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් 6 දෙනා නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග | රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් 6 නිදහස් | News 1st - රජිව් ගාන්ධි ඝාතන නඩුවේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි නලිනි ශ්‍රී හරන් සහ ආර්. පී. රවිචන්ද්‍රන් ඇතුළු වරදකරුවන් 6 දෙනා නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ඒ, අදාළ නඩුව අද (11) කැඳ වූ අවස්ථාවේදීයි. 1991 වසරේදී ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ඝාතනයට ලක් විය. ඒ, එල්ටීටීඊ සංවිධානය විසින් මැතිවරණ රැළියක් ඉලක්ක කර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකිනි. |
2022-11-11T09:17:43.000Z | වැසි තත්ත්වය තවදුරටත්.. | වැසි තත්ත්වය තවදුරටත්.. | COLOMBO ( News 1st ) - උතුරු සහ උතුරුමැද පළාත්වලට මෙන්ම පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලංකාව ආසන්නයේ ඇති අඩු පීඩන කලාපය හේතුවෙන් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බවය. මේ අතර උතුරු, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලවලට විටින් විට පැයට කිලෝමීටර් 40 -50 ක පමණ තරමක තද සුළං ද ඇති විය හැකිය. එසේම ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව වෙත නිවේදනය කර තිබේ. මේ අතර ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ භාවිතයෙන් වළකින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට උපදෙස් ලබා දී ඇත. |
2022-11-11T09:06:51.000Z | අමරිකානු තානාපතිනිය සහ ඉන්දීය මහ කොමසාරිස් ලංකා IOC ත්‍රීකුණාමලය සංකීර්ණයට | අමරිකානු තානාපතිනිය ලංකා IOC ත්‍රී'මලෙ සංකීර්ණයට | COLOMBO (News 1 st ) - ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී, ජුලි චෑන්ග් මහත්මිය හා මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ(LIOC) ත්‍රිකුණාමල සංකීර්ණයට ඊයේ (10) පැමිණියේය. ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවයට දක්වන දායකත්වය හා මෙහෙයුම් පිළිබඳව පැමිණි පිරිස දැනුවත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි. ත්‍රිකුණාමලය පර්යන්තයෙන් මෙරට වෙළෙඳපොළට නිකුත් කරන පළමු ලංකා සුපර් ඩීසල් තොගය පිටත් කිරීම ද එහිදි සිදු විය. |
2022-11-11T07:52:47.000Z | වසන්ත හා සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි සත්‍යග්‍රයක් | වසන්ත හා සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි සත්‍යග්‍රයක | COLOMBO ( News 1 st ) - අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අද (11) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටදී සත්‍යග්‍රයක් පැවැත්විණ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හැනා සිගර් මහත්මිය කාර්යාලයට පැමිණෙන අතරතුර සත්‍යග්‍රහයේ නිරත වූ පිරිස වෙත පැමිණ කථා බහක නිරත වූ අතර පිරිස තම ඉල්ලීම් ඇතුළත් සංදේශයක් ද ඇය වෙත බාර දීමට ක්‍රියා කළහ. |
2022-11-11T06:51:12.000Z | රාජ්‍ය ඇමති ඩයනාට 17 තෙක් රට යන්න බැහැ... | රාජ්‍ය ඇමති ඩයනාට රට ගමන් තහනම් | COLOMBO (news 1 st) – රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ලබන 17 වැනිදා දක්වා විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (11) තහනම් නියෝගයක් නිකුත් කළේ ය. ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා මෙම වාරණ නියෝගය නිකුත් කළේ , ගුණරත්න වන්නිනායක මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර මෝසමක් මගින් නඩුව කැඳවා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. මේ වන විට ඩයනා ගමගේ ගේ විදෙස් ගමන් බලපත්‍රව සම්බන්ධයෙන් විමර්ශනයක් පවතින බැවින් ඇය විදෙස් ගතවීමේ තර්ජනයක් පවතින බව එහිදී නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය. |
2022-11-11T06:09:50.000Z | ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට උද්‍යානවලට ඇතුළුවීම තහනම් | ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට උද්‍යානවලට ඇතුළුවීම තහනම් | COLOMBO ( News 1 st ) – තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට උද්‍යානවලට ඇතුළුවීම තහනම් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තලේබාන් පාලනය එරට කාන්තාවන් තවදුරටත් සමාජීය ජීවන රාටාවෙන් ඈත් කරමින් මෙලෙස කාබුල් නුවර උද්‍යානවලට ඇතුළුවීම තහනම් කර ඇති බවයි. පසුගිය 2021 වසරේ අගෝස්තු මාසයේදී තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය සියතට ගැනීමෙන් පසු එරට කාන්තා අයිතීන් සහා කාන්තාවන්ගේ නිදහස ඉතා දැඩි ලෙස සීමා කිරීමවලට ලක් කෙරිණ. තලේබාන් නීතිය යටතේ කාන්තාවන්ට ඉරිදා, සඳුදා සහ අඟහරුවාදා උද්‍යාන වෙත ඇතුළු වීමට අවසර හිමි වූ අතර ඉතිරි දින 4 වෙන් කර තිබුණේ පිරිමි පුද්ගලයින් සඳහායි. කෙසේ වෙතත් නව නියෝගය යටතේ සමීපතම ඥාති පිරිමියෙකු සමග හෝ ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට උද්‍යාන සඳහා ඇතුළුවීමට අවසර හිමි නොවනු ඇති. තලේබාන් ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, උද්‍යානවලට ඇතුළුවන ජනතාව නීතියට ගරු නොකිරීමේ හැසිරීම් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. මේ වනවිට කාබුල් අගනුවර සඳහා පමණක් පනවා ඇති මෙම නීතිය නොබෝ දිනකදීම අනෙකුත් නගර සඳහා පැනවෙනු විදෙස් වාර්තාවල සඳහන් ය. |
2022-11-11T05:48:44.000Z | අතුරු භෝගයක් ලෙස කිරි අල වගා කිරීම ඇරඹේ... | අතුරු භෝගයක් ලෙස කිරි අල වගා කිරීම ඇරඹේ... | COLOMBO ( News 1 st ) - පොල් වගා බිම්වල අතුරු බෝගයක් ලෙස, කිරි අල වගා කිරීම දිරිමත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. පොල් වගා කිරීමේ මණ්ඩලය පැවසුවේ, මේ යටතේ රෝපණය කර වසර 5 ට අඩු පොල් වගා බිම්වල මෙම කිරි අල වගාවන් ආරම්භ කිරීමට නියමිතයි. මෙම කිරිඅල වගාවන් සඳහා අක්කරයකට රුපියල් 15,000 ක උපරිමයකට යටත්ව මූල්‍යාධාර සපයන බවත් ,අක්කර 5 ක උපරිමයකට යටත්ව මෙම සහනාධාරය ලබා දෙන බවත් පොල් වගා කිරීමේ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර තිබේ. |
2022-11-11T04:52:29.000Z | යූරියා පොහොර තොගයක් ලබන සතියේ දිවයිනට.. | යූරියා පොහොර තොගයක් ලබන සතියේ දිවයිනට.. | COLOMBO (news 1 st) - යූරියා පොහොර නෞකාවක් ලබන සතියේ මෙරටට ළඟා වන බව පොහොර ලේකම් කාර්යාලයේ, අධ්‍යක්ෂ චන්දන ලොකු ලියන මහතා සඳහන් කළේ ය. මැලේසියාවේ සිට රැගෙන එන අදාළ නෞකාවේ යුරියා මෙට්‍රික් ටොන් 22,000 ක් අන්තර්ගත බවත් එම පොහොර මහ කන්නයේ වී වගාව සඳහා ගොවින්ට බෙදා දිමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. මීට පෙර යුරියා මෙට්‍රික් ටොන් 13,000 ක් මෙරටට රැගෙන ආ අතර එම පොහොර මේ වන විට මහ කන්නයේ වී වගාව සඳහා ගොවීන්ට බෙදා දී තිබේ. |
2022-11-11T04:46:35.000Z | තවත් ගල් අඟුරු නැවක් එයි | තවත් ගල් අඟුරු නැවක් එයි | COLOMBO ( News 1 st ) - තවත් ගල්අඟුරු නෞකාවක් මෙරටට රැගෙන විත් ඇතැයි, ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමුනි පවසයි. ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60,000 ක් මෙලෙස දකුණු අප්‍රිකාවේ සිට මෙරටට රැගෙන විත් තිබේ. එම නෞකාවේ ගල්අඟුරු ගොඩබෑම ඊයේ දිනයේ දී (10) ආරම්භ කළ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ මේ වනවිට ගල්අඟුරු නෞකා 03 ක් මෙරටට රැගෙන විත් ඇති බවයි. |
2022-11-11T04:07:58.000Z | පළාත් 7ක කොට්ඨාස රැසක් ඩෙංගු අධිඅවදානම් | පළාත් 7 ක් ඩෙංගු අධිඅවදානමේ..... | COLOMBO ( News 1 st ) - පළාත් 07 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස රැසක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ, නවතම වාර්තාවට අනුව බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල , හෝමාගම, මහරගම , පිටකෝට්ටේ , කඩුවෙල සහ ගොතටුව ඩෙංගු අධිඅවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ලෙස හඳුනා ගෙන ඇත. බස්නාහිර පළාතේම ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළත් ඩෙංගු අධිඅවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස සංඛ්‍යාව 13 කි. අත්තනගල්ල , බියගම , දිවුලපිටිය , ජා - ඇල හා කැලණිය ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ඒ අතර වේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ වාර්තාවට අනුව කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල සහ කළුතර ඩෙංගු අධිඅවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ලෙස නම් කර තිබේ. මධ්‍යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 03 ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර තිබෙන අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 03 ක ද ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ වාර්තාවේ සඳහන් ය. වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත , කල්පිටිය , වෙන්නප්පුව සහ මහවැව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ද ඩෙංගු අධිඅවධානම් කලාප ලෙස දක්වා තිබේ. ඌව පළාතේ, බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය ද ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇති අතර සබරගමුව පළාතේ,කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය ද ඩෙංගු අධිඅවදානම් කලාපයක් ලෙස නම් කර ඇත. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,549 ක් වන අතර වැඩිම රෝගින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. |
2022-11-11T03:56:26.000Z | එක්සත් ආරාබියේ හා ඕමානයේ රැකියාවලට ඒජන්සි හරහා ලියාපදිංචිය අත්හිටුවයි | විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම්දීමක් | COLOMBO ( News 1 st ) - එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ හා ඕමානයේ රැකියා සඳහා යන පුද්ගලයින්ට විදේශ රැකියා නියෝජිත ආයතන මගින් ලියාපදිංචි වීම අද (11) සිට තාවකාලිකව අත්හිටුවා තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ගෘහස්ත රැකියා හා පිරිසිදු කිරීමේ රැකියා සඳහා කාන්තාවන් ලියාපදිංචිය, කාන්තාවන් සංචාරක වීසා ලබාගෙන ඕමාන් රාජ්‍යයේ රැකියා සඳහා යාමේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිට වූ බවයි. දින 45 ක් ඇතුළත රැකියා සඳහා මෙරටින් පිටව යන අයගේ විස්තර විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට ලබාදිය යුතුව තිබුණ ද, ඇතැම් විදේශ රැකියා නියෝජිතායතන ඒ පිළිබඳව විස්තර ලබානොදීම ඇතුළු කාරණා කිහිපයක් මුල්කරගෙන ඒවායෙහි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබේ. මේ අතර ගෘහ සේවය ඇතුළු රැකියා සොයා යන ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයේදී ප්‍රදර්ශනයට තබමින් ලිංගික කටයුතු සඳහා අලෙවිකිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භකර ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඕමානය වෙත ගොස් පරීක්ෂණ සිදුකළ බවයි. සංචාරක වීසා භාවිත කරමින් ඕමානයේ රැකියා ලබාදෙන බවට පවසා ඇතැම් විදේශ රැකියා නියෝජිතායතන තරුණියන් සහ කාන්තාවන් එරටට රැගෙන ගොස් තිබේ. පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ, අනතුරුව එරට රැකියා නියෝජිත ආයතනයේදී කාන්තාවන් පෙළට තබා වයස හා පෙනුම අනුව ලිංගික කටයුතු සඳහා අලෙවිකර ඇති බවයි. |
2022-11-11T01:55:48.000Z | අමෙරිකාවෙන් ගාල්ලට ආ කෝටියක ''කුෂ්'' රේගු දැලේ | අමෙරිකාවෙන් ගාල්ලට තැපැල් මගින් ආ ''කුෂ්'' | COLOMBO ( News 1 st ) - අමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ සිට තැපැල් මගින් මෙරටට එවන ලද ''කුෂ්'' නමැති මත්ද්‍රව්‍ය පාර්සලයක්, ගාල්ල තැපැල් කාර්යාලයේදී රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ. අදාළ පාර්සලය ලබා ගැනීමට පැමිණි ගාල්ල, පෝද්දල ප්‍රදේශයේ කාන්තාවක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි. මෙම පාර්සලයේ ''කුෂ්'' මත්ද්‍රව්‍ය කිලෝ 1 යි ග්‍රෑම් 900ක් තිබී ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටියකට අධික බව රේගු නිලධාරීන් සඳහන් කළේ ය. |
2022-11-11T01:45:43.000Z | නාය යෑම් පිළිබඳව අවධානයෙන් පසුවන්න - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය | නාය යෑම් පිළිබඳව අවධානයෙන් පසුවන්න | COLOMBO ( News 1 st ) - පසුගිය පැය 24 තුළ මිලිමීටර 75ට වැඩි තද වැසි ඇති වීම නිසා වර්ෂාව තව දුරටත් පවතී නම් නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම් ,පස් කණ්ඩි කඩා වැටීම් හා පොළොව ගිලා බැසීම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහජනතාවට දැනුම් දී තිබේ. බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර , නුවරඑලිය සහ රත්නපුරය යන දිස්ත්‍රික්ක සඳහා නායයාම් අනතුරු ඇගවීම් ද නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙන්නේ , රත්නපුර දිස්ත්‍ර්කයේ කොලොන්න ප්‍රදේශයේ ජනතාව නාය යාම් පිලිබඳව වැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි. මේ අතර දිවයිනට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය වයඹ දෙසට බරව ගමන් කර, ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ක්‍රමයෙන් තමිල්නාඩු ප්‍රදේශය දක්වා ගමන් කිරීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ, මේ හේතුවෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවත්නා වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථානවලට මි.මී 100 වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. |
2022-11-11T01:18:04.000Z | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | ගෙවුණු දිනය උණුසුම් කළ පුවත් | COLOMBO (News 1st) - දේශීය පුවත් 01. මෙරට ආහාර අර්බුදය තවදුරටත් උග්‍ර විය හැකියි – එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීම් පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදය තවදුරටත් උග්‍ර විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. 02.නවක වධ සිද්ධීන් පිළිබඳ විමර්ශන CID යට.. නවක වධ සිද්ධීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ. 03.හිමිනමකට පහර දීමේ සිද්ධියකට මහියංගණය ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට මහියංගණය ප්‍රාදේශීය සභාවේ, සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 04.වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත්වරයෙක් හමුවට ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා වහාම මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. 05.කොප් – 27 සමුළුවට සහභාගී වීමට ඊජිප්තු ගිය ජනපති දිවයිනට ඊජිප්තුවේ පැවති කොප් – 27 ලෝක දේශගුණ සමුළුවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (10) උදෑසන දිවයිනට පැමිණ තිබේ. විදෙස් පුවත් 01.ට්විටර් සේවකයින්ගේ අනපේක්ෂිත අනාගතය.. ට්විටර් සේවකයින්ගේ දුරස්ථ රාජකාරි අවසන් කරන ලෙස එහි හිමිකරු ඉලෝන් මස්ක් නියෝග කර තිබේ. 02.රුසියානු – යුක්‍රේන යුධ ගැටුමෙන් ලක්ෂ 2කට ජීවිත හානි.. රුසියානු – යුක්‍රේන යුද්ධයෙන් ලක්ෂ දෙකක පමණ පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇතැයි අමෙරිකාව ප්‍රකාශ කර තිබේ. ක්‍රීඩා පුවත් 01.ඉන්දියාවේ සිහින බොඳ කරමින් එංගලන්තය අවසන් සටනට.. එංගලන්ත කණ්ඩායම 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ඊයේ (10) සුදුසුකම් ලබා ගත්තේ ය. |
2022-11-10T15:23:49.000Z | රුසියානු - යුක්‍රේන යුධ ගැටුමෙන් ලක්ෂ 2කට ජීවිත හානි.. | රුසියානු - යුක්‍රේන යුධ ගැටුමෙන් ලක්ෂ 2ක් මරුට.. | COLOMBO ( News 1 st ) - රුසියානු - යුක්‍රේන යුද්ධයෙන් ලක්ෂ දෙකක පමණ පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇතැයි අමෙරිකාව ප්‍රකාශ කර තිබේ. අමෙරිකානු ජ්‍යෙෂ්ඨ ජනරාල්වරයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍යය මේ බව වාර්තා කර ඇත. රුසියානු සහ යුක්‍රේන හමුදා භටයින් ලක්ෂය බැගින් සමස්ත හමුදා භටයින් ලක්ෂ 2 ක් පමණ මෙලෙස මියගොස් හෝ තුවාල ලබා ඇතැයි අමෙරිකානු වාර්තා පෙන්වා දී තිබේ. යුද්ධයට මැදිවූ සිවිල් වැසියන් 40,000 ක් පමණ මියගොස් ඇති බවද අමෙරිකානු වාර්තාවේ සඳහන් වේ. |
2022-11-10T15:03:34.000Z | හිමිනමකට පහර දීමේ සිද්ධියකට මහියංගණය ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට | මහියංගණය ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට | COLOMBO (News 1 st ) - මහියංගණය ප්‍රාදේශීය සභාවේ, සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඒ, මහියංගණය ප්‍රදේශයේ දී හිමිනමකට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙනි. |
2022-11-10T14:56:00.000Z | ඉන්දියාවේ සිහින බොඳ කරමින් එංගලන්තය අවසන් සටනට.. | එංගලන්තය අවසන් සටනට | COLOMBO ( News 1 st ) - එංගලන්ත කණ්ඩායම 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට අද(10) සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ, ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි අවසන් පූර්ව තරගය කඩුලු 10කින් විශිෂ්ට ලෙස ජය ගනිමින් ය. ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේ තරගයේ කාසියේ වාසිය හිමි කරගක් එංගලන්ත නායක ජෝස් බට්ලර් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය ඉනිම ආරම්භ කළේ නායක රෝහිත් ශර්මා සහ ලෝකේෂ් රාහුල් ය. ඔවුන් දෙදෙනාට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ අතර රාහුල් ලකුණු 5කි. විරාත් කෝලි සහ ශර්මා අතර දෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 47කි. ශර්මා ලකුණු 27 කි. සූර්යකුමාර් යාදෙව් ලකුණු 14කට දැවී ගියේ ය. විරාත් කෝලි අද වාර්තා අතරට එක් වූයේ පන්දුවාර 20යි 20 අංශයේ ලකුණු 4,000 සීමාව පසු කළ ලොව පළමු පිතිකරු ලෙසය. ඔහු පන්දු 40කින් ලකුණු 50ක් රැස් කළේ ය. හර්ඩික් පාන්ඩ්‍යා ඉන්දීය ලකුණු පුවරුව වේගවත් ලෙස ඉහළ නැංවූයේ පන්දු 33කින් ලකුණු 63ක් රැස් කරමින් ය. 6 පහර 5කින් සහ 4 පහර 4කින් ඔහුගේ ඉනිම වර්ණවත් විය. ක්‍රිස් ජෝඩන් කඩුලු 3කි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6කට ලකුණු 168ක් රැස් කළේ ය. ලකුණු 169ක ඉලක්කයකින් එංගලන්ත ඉනිම ආරම්භ කළේ , නායක ජෝස් බට්ලර් සහ ඇලෙක්ස් හේල්ස් ය. ආරම්භයේ සිටම ඉන්දීය ප්‍රබල පන්දු යවන්නන් අසරණ කළ ඔවුන් දෙදෙනා පන්දුවාර 4යි පන්දු 5කදී එංගලන්ත ලකුණු පුවරුව 50ක් දක්වා ඉහළ නැංවිය. ඉන් නොනැවතුණු බට්ලර් සහ හේල්ස් පන්දුවාර 16ක් තුළ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ආරම්භක පිතිකරු යුගලයේ වගකීම මැනවින් ඉටු කරමින් ය. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 170ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැගුවේ ය. එය 20යි 20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ඕනෑම කඩුල්ලකට පිතිකරුවන් දෙදෙනෙකු ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාවයි. බට්ලර් පන්දු 49කින් නොදැවී ලකුණු 80ක් රැස් කළ අතර 4 පහර 9ක් සහ 6 පහර 3ක් ඊට ඇතුළත් විය. හේල්ස් පන්දු 47කින් නොදැවී ලකුණු 86ක් රැස් කළේ, 6 පහර 7ක් සහ 4 පහර 4ක් ද සමගින් ය. එංගලන්තය 2010 වසරේදී 20යි 20 ලෝක ශූරයින් වූ අතර 2016 වසරේදී අනුශූරතාවයෙන් සෑහීමට පත් වීමට සිදු විය. ඒ අනුව 2009 වසරින් අනතුරුව 20යි 20 ලෝක කිරුළක් දිනා ගැනීමේ පිපාසයෙන් පෙළෙන පකිස්ථානයට එරෙහිව එංගලන්තය, ලබන ඉරිදා මෙල්බන්හිදී තරග බිමට පිවිසීමට නියමිතය. |
2022-11-10T11:47:23.000Z | ට්විටර් සේවකයින්ගේ අනපේක්ෂිත අනාගතය.. | ට්විටර් සේවකයින්ගේ අනපේක්ෂිත අනාගතය.. | COLOMBO ( News 1 st ) - ට්විටර් සේවකයින්ගේ දුරස්ථ රාජකාරි අවසන් කරන ලෙස එහි හිමිකරු ඉලෝන් මස්ක් නියෝග කර තිබේ. ඒ ට්විටර් සේවකයින් සඳහා සිය පළමු ඊ - මේල් පණිවුඩය යොමු කරමිනි. ඔහු සිය ට්විටර් පණිවුඩයෙන් සිය සේවකයින්ට වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ, ඉදිරියේදි අසීරු කාල වකවානුවකට සුදානම් වන ලෙසයි. ලොව ධනවත් ම පුද්ගලයා සේ සැළකෙන ඉලෝන් මස්ක් පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී ට්විටර් සමාගම මිලදී ගත් ගත්තේ ය. අමරිකානු ඩොලර් බිලියන 44 කට සිදුවු මෙම ගනුදෙනුව හේතුවෙන් ට්විටර් සමාගමේ සේවකයින්ට සිය රැකියා අහිමී වීමේ අවදානමක් මේ වන විට මතුව ඇති බව ජාත්‍යාන්තර මාධ්‍ය වාර්තා කර ඇත. මේ අතර සමාගමේ විධායක නිලධාරීන් ඇතුළු පිරිසක් සේවයෙන් ඉවත් කරමින් මස්ක් මේ වනවිට ගෙන ඇති තීන්දුව මේ වන විට දැඩි කතාබහට ලක් වී තිබේ. ට්විටර් සමාගමේ සේවය ලබා ගන්නා සත්‍යාපිත ගිණුම් හිමියන්‍ගෙන් මාසික ගාස්තුවක් අය කිරීමට ද නව කළමනාකාරීත්වය තීරණය කර ඇත. |
2022-11-10T10:23:42.000Z | නවක වධ සිද්ධීන් පිළිබඳ විමර්ශන CID යට.. | නවක වධ සිද්ධීන් පිළිබඳ විමර්ශන CID යට.. | COLOMBO (News 1st) – නවක වධ සිද්ධීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, නවක වද සිද්ධීන් සම්බන්ධයෙන් ලැබෙන සහ ලැබී ඇති පැමිණිලි පිළිබඳව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන්නැයි, පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි. පොලිස් ස්ථාන වෙත ලැබෙන පැමිණිලි විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ යුතු බවට ද පොලිස්පතිවරයා උපදෙස් ලබාදි ඇතැයි පෙලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක සඳහන් ය. පසුගිය දින කිහිපය තුළ විශ්වවිද්‍යාලවල සිසුන්ට නවක වධය ලබාදීමේ සිද්ධීන් කිහිපයක් පිළිබඳ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී තිබුණි. කැලණිය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට ශිෂ්‍ය සංගමයක සිසුන් පහරදී නවක වධය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබේ. පොලිසිය සඳහන් කළේ, ඊට උපදෙස් දුන්නා යැයි කියැවෙන සිසුන් 06 දෙනෙකු නේවාසිකාගාරයක් තුළ තවත් සිසුන් පිරිසක් විසින් රඳවා තබා ගනිමින්, ප්‍රශ්න කරමින් පහරදී ඇති බවට කැලණිය පොලිස් ස්ථානය වෙත පැමිණිලි ලැබී ඇති බවයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකුට සමාජ මාධ්‍ය භාවිතා කර අසභ්‍ය දර්ශන යොමුකර නවක වධය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇතැයි, පොලිසිය ප්‍රකාශ කළේ ය. |
2022-11-10T10:17:39.000Z | කන්දකාඩු ගැටුම අතරතුර පලා ගිය තවත් රැඳවියන් 09 දෙනෙකු අත්අඩංගුවට.. | කන්දකාඩු ගැටුම:පලා ගිය රැඳවියන් 09 ක් අත්අඩංගුවට.. | COLOMBO (News 1st) – වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුම අතරතුර පලා ගිය තවත් රැඳවියන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ , සේරුනුවර මහින්දපුර හා පුලස්තිගම ප්‍රදේශවලදී ය. මහින්දපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබු රැඳවියන් 05 දෙනා මුතූර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුම අතරතුර පලා ගිය තවත් රැඳවියෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ සේරුනුවර නගරයේදී ය. පලා ගිය තවත් රැඳවියන් 03 දෙනෙකු පුලස්තිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ගැටුම අතරතුර පලා ගිය සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොළොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සිදු කරයි. |
2022-11-10T08:46:04.000Z | වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත්වරයෙක් හමුවට ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග | මුදලිගේ:මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන්නැයි නියෝග | COLOMBO (News 1st) - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා වහාම මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ දැක්වුණේ, ඔහු කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ද ඉදිරිපත් කරන ලෙසයි. වසන්ත මුදලිගේ මහතා ගොනු කර ඇති පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ය. ඒ අනුව, පෙත්සම විභාගය ජනවාරි 31 වන දා ආරම්භ වේ. පෙත්සම අද කැඳවුණේ විජිත් මලල්ගොඩ සහ එස් තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල හමුවේයි. වසන්ත මුදලිගේ මහතා වෙනුවෙන්, ජනාධිපති නීතිඥ සාලිය පිරීස් මහතා පෙනී සිටි. |
2022-11-10T04:20:23.000Z | කොප් - 27 සමුළුවට සහභාගී වීමට ඊජිප්තු ගිය ජනපති දිවයිනට | කොප් - 27 සමුළුවට ගිය ජනපති දිවයිනට | COLOMBO (News 1st) - ඊජිප්තුවේ පැවති කොප් - 27 ලෝක දේශගුණ සමුළුවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) උදෑසන දිවයිනට පැමිණ තිබේ. සමුළුව සඳහා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය ඉරිදායි. සමුළුව අතරතුර ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍යවරයා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂවරිය ඇතුළු පිරිසක් සමග ද සාකච්ඡා කළේ ය. |
2022-11-10T03:37:37.000Z | නිවාඩු නැතිව රට ගිය හමුදා සමාජිකයින්ට සේවයෙන් ඉවත් වීමට පොදු සමාකාලයක් | නිවාඩු නැතිව රට ගිය හමුදා සමාජිකයින්ට දැනුම්දීමක් | COLOMBO (News 1st) - නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර දැනට විදේශගතව සිටින හමුදා සමාජිකයින්ට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. ලබන 15 වැනි දා සිට දෙසැම්බර් 31 වැනි දා දක්වා එම පොදු සමාකාලය ක්‍රියාත්මකයි. මෙම පොදු සමා කාලය ලබා ගත හැකි වන්නේ, මේ වසරේ ඔක්තෝබර් 25 වැනි දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ හමුදා සමාජිකයින් සඳහා පමණක් බව ද ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය. මේ සඳහා නීති විරෝධි ක්‍රම මගින් විදේශගත වූ හෝ විදේශගත වීමේදී වංචනික ලෙස විදේශ ගමන් බලපත්‍ර සහ අනෙකුත් ලේඛන සකස් කර විදේශගත වී නොමැති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් තහවුරු කරගත යුතු බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. |
2022-11-10T02:09:41.000Z | අවසන් සටනට යන්නේ ඉන්දියාවද? එංගලන්තයද? තීරණාත්මක දෙවැනි Semi Final සටන අද.. | ඉන්දියාව - එංගලන්තය Semi Final සටන අද | COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ එංගලන්තය අතර ඇඩිලේඩ්හිදී අද (10)පැවැත්වේ. තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ කිරීමට නියමිතය. ඔස්ට්‍රේලියාව සත්කාරකත්වය දරන 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහි අවසන් මහා තරගයට සුදුසකම් ලබන අනෙක් කණ්ඩායම තීරණ වන මෙම තරගය කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. එංගලන්ත කණ්ඩායමෙන් ලැබෙන වාර්තා පවසන්නේ, ආබාධවලට ලක් වූ මාක් වුඩ් සහ ඩාවිඩ් මලාන් මේ වනවිට පූර්ණ ලෙස සුවය ලබා නොමැති බවය. ඉන්දීය කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙස යොදා ගන්නා ක්‍රීඩකයා රිශාබ් පාන්ට් හෝ දිනේෂ් කාර්තික් යන දෙදෙනාගෙන් කව්රුන් ද යන්න නිශ්චිතව සඳහන් කර නැත. ප්‍රතිවාදී කණ්ඩායම සහ තණතිල්ල පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායම ඒ පිළිබඳ අවසන් තීරණයට එළැඹෙනු ඇති. එංගලන්තයට එරෙහිව අවසන් වරට පැවැති පන්දුවාර 20යි 20 තරගාවලි 4 ම ඉන්දියාව ජයගෙන තිබේ. 2014 වසරෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා නැත. එංගලන්තය 2016 වසරේදී 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය. මේ අතර ඉන්දීය නායක රෝහිත් ශර්මා පවසන්නේ එංගලන්ත කණ්ඩායම පසුගිය තරගවලදී හොඳින් ක්‍රීඩා කර ඇති නිසා තමන්ට අභියෝගයක් එල්ල වනු ඇති බවයි. ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගාවලියේ අවසන් මහා තරගයක් දැකීමට තමන්ට අවශ්‍ය නොවන බවත්, එය වළක්වාලීමට ගත හැකි උපරිම පියවර ගන්නා බවත් එංගලන්ත නායක ජෝස් බට්ලර් පවසයි. පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සියලු තරග ඔබට සිරස ටී.වී. ඔස්සේ සජිවීව නැරඹිය හැකියි. |
2022-11-10T01:30:03.000Z | රියැදුරු බලපත්‍ර මුද්‍රණය ලබන සඳුදා සිට යළි ඇරඹේ | රියැදුරු බලපත්‍ර මුද්‍රණය ලබන සඳුදා සිට යළි ඇරඹේ | COLOMBO (News 1st) - රියැදුරු බලපත්‍ර මුද්‍රණය ලබන සඳුදා (14) සිට යළි ආරම්භ කරන බව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ, ඒ සඳහා හිඟව පැවති කාඩ් පත් ලක්ෂ 5 ක් පෙරේදා මෙරටට ආනයනය කළ බවයි. කාඩ්පත් නොමැතිවීමෙන් පුද්ගලයින් ලක්ෂ 6 කට පමණ පසුගිය කාලයේදී රියැදුරු බලපත්‍ර නිකුත් කෙරුණේ කඩදාසියකයි. |
2022-11-10T01:25:59.000Z | පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනයක්.. තවදුරටත් ප්‍රදේශ රැසකට තද වැසි... | පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් | COLOMBO (News 1st) - උතුරු, උතුරුමැද, නැගෙනහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව ය. පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය මේ වනවිට අඩු පීඩන කලාපය දක්වා වර්ධනය වී පවතින බව කාර්යයේ නියතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා පවසයි. මේ අතර මඩකළපුව සිට ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ භාවිතයෙන් වළකින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට උපදෙස් දෙයි. |
2022-11-10T01:14:41.000Z | පනත් කෙටුම්පත් හා සංශෝධන කිහිපයක් අද විවාදයට | පනත් කෙටුම්පත් හා සංශෝධන කිහිපයක් අද විවාදයට | COLOMBO (News 1st) - අද (10) පෙරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වේ. අද දිනයේදි අධිකරණ අමාත්‍යාවරයා විසින් සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය, අධිකරණ සංවිධාන සංශෝධන, පළාත්බද මහාධිකරණ විශේෂ විධිවිධාන සංශෝධන, සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන, උඩරට විවාහ හා දික්කසාද සංශෝධන, විෂ වර්ග අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග සංශෝධන හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන ඉදිරිපත් කිරීමට නියමිතය. ළමයින් සහ තරුණ තැනැත්තන් සංශෝධන සහ අන්තරායකර සත්ත්ව සංශෝධන යන පනත් කෙටුම්පත් මෙන්ම බන්ධනාගාර ආඥාපනත යටෙතේ නීති සහ 1996 අංක 02 දරන ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග 3ක් දෙවන වර කියවීම සඳහා විවාදයට ගැනීමට නියමිත වේ. මීට අමතරව කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යංශිය උපදේශක කාරක සභාව සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව අද රැස් වනු ඇත. |
2022-11-10T01:06:31.000Z | මෙරට ආහාර අර්බුදය තවදුරටත් උග්‍ර විය හැකියි - එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීම් | මෙරට ආහාර අර්බුදය තවදුරටත් උග්‍ර විය හැකියි | COLOMBO (News 1st) - පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදය තවදුරටත් උග්‍ර විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. නවතම වාර්තාවකින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ, මෙරට මානුෂීය අධාර අවශ්‍ය ප්‍රමාණය කෙටි කාලීනව දෙගුණයක් වී ඇති බවයි. එම සංඛ්‍යාව මිලියන 3. 4 කි. ගැබිණි මව්වරු, කුඩා දරුවන් ඇතුළු මිලියන 2.4 කට අහාර ලබා දීමටත් ගොවි සහ ධීවර ජනතාව මිලියන 1.5 කට අනුබල දීමටත් සැලසුම් කර ඇති බව එකසත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. |
2022-11-10T00:58:27.000Z | මන්කිෆොක්ස් ආසාදිතයින් IDH රෝහලට | මන්කිෆොක්ස් ආසාදිතයින් IDH රෝහලට | COLOMBO (News 1st) - මන්කිෆොක්ස් ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීම සඳහා ජාතික බෝවන රෝග විද්‍යා ආයතනය හෙවත් අයි.ඩි.එච් රෝහල සූදානම් කර ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි. ඒ, මෙරටින් මන්කිෆොක්ස් ආසාදිතයින් දෙදෙනෙකු හමුවීමත් සමගයි. වාර්තා වූ ආසාදිතයින් දෙදෙනාම ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයින් ය. පළමු වරට මෙරටින් සොයා ගත් මන්කිෆොක්ස් රෝගියා සහ ඊයේ හමු වූ රෝගියා ද මේ වනවිට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. |
2022-11-10T00:27:38.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | 1. ඕමාන් යන ලාංකික කාන්තාවන් ලිංගික කටයුතු සඳහා විකුණන ජාවාරමක් - ගෘහ සේවය ඇතුළු රැකියා, සොයා යන ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයේදී ප්‍රදර්ශනයට තබමින් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 2. මාධ්‍ය වාරණය අවසන්: ධනුෂ්කගේ නඩුවේ විශේෂ තොරතුරු රැසක් එළියට.. - ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ නඩුවේ කරුණු ප්‍රසිද්ධ කිරීමට සිඩ්නි මහේස්ත්‍රාත්වරයා ඊයේ (09) මාධ්‍ය වෙත අවසර ලබා දුන්නේ ය. 3. දෙවැනි මන්කිෆොක්ස් ආසාධිතයාත් මෙරටින් වාර්තා වෙයි - මන්කිෆොක්ස් හෙවත් වඳුරු උණ වැළඳුණු දෙවන රෝගියාත් මෙරටින් වාර්තා වෙයි. 4. ගාලු මුවදොර ජනතා විරු සැමරුවට පොලීසියෙන් බාධා - අරගලයේ ක්‍රියාකාරීන් ඊයේ කොළඹ ගාලු මුවදොරදී සංවිධානය කර තිබූ ජනතා විරු සමරුවට පොලීසියෙන් දැඩි බාධා එල්ල විය. 5. මර්දනයට එරෙහි රට පුරා විරෝධතා - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු මහජනතාව විසින් මර්දනයට එරෙහිව ඊයේ (09) දිවයින පුරා ස්ථාන කීපයකදීම විරෝධතා ක්‍රියාත්මක කළහ. |
2022-11-09T16:40:08.000Z | පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය ඉදිරියටත්: වැසි තත්ත්වයේ වැඩි වීමක්.. | වැසි තත්ත්වයේ වැඩි වීමක්.. | COLOMBO ( News 1 st ) - ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පහළ වායු ගෝලයේ කැළඹිලි තත්ත්වය මේ වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එය ඉදිරි පැය 48 තුළ තවදුරටත් වර්ධනය විය හැකි බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බවයි. ඒ අනුව උතුරු , උතුරුමැද , නැගෙනහිර , සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ. මේ අතර මඩකලපුව සිට ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු වලින් වැළකි සිටින ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම ප්‍රජාවට අවධාරණය කර තිබේ. |
2022-11-09T16:34:51.000Z | ඕමාන් යන ලාංකික කාන්තාවන් ලිංගික කටයුතු සඳහා විකුණන ජාවාරමක් | ඕමාන් යන කාන්තාවන් විකුණන ජාවාරමක් | COLOMBO (News 1 st ) - ගෘහ සේවය ඇතුළු රැකියා, සොයා යන ශ්‍රී ලාංකික කාන්තාවන් ඕමානයේදී ප්‍රදර්ශනයට තබමින් ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඕමානය වෙත ගොස් පරීක්ෂණ සිදුකළ බවයි. ඕමානයේ රැකියා ලබාදෙන බව පවසා ඇතැම් විදේශ රැකියා නියෝජිත ආයතන මෙම තරුණියන් සහ කාන්තාවන් එරටට රැගෙන ගොස් තිබෙන අතර බොහෝ දෙනෙකු රැගෙන ගොස් ඇත්තේ සංචාරක වීසා භාවිත කරමිනි. අනතුරුව එරට රැකියා නියෝජිත ආයතනයේදී කාන්තාවන් පෙළට තබා වයස හා පෙනුම අනුව ලිංගික කටයුතු සඳහා අලෙවි කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. ඕමානයේදී ලිංගික අතවරයන්ට ලක්වූ කාන්තාවක් සමාජ මාධ්‍ය ඔස්සේ පල කළ ප්‍රකාශයකින් කියැවෙන්නේ ඇයට සිය තාමරයේදී ලිංගික අතරවරයකට ලක් වූ බවයි. ඇය කියා සිටියේ මේ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයටත්, සී.අයි.ඩීයටත් දැනුම් දුන් බවයි. සිය දෙමව්පියන් අදාළ ආයතන වෙත ගියත් තමාට සාධාරණයක් ඉටු නොවූ බව ඇය ප්‍රකාශ කළාය. ඇය මේ සම්බන්ධයෙන් හිතවත් කාන්තාවකට ද දැනුම් දී තිබේ. තමාගේ අතින් අල්ලන බවත් නිරුවතින් සිය කාමරයට පුද්ගලයින් පැමිණෙන බවත් ඇය ප්‍රකාශ කළ ද අදාළ කාන්තාව පවසා ඇත්තේ එය සාමන්‍ය සිදුවීමක් බවය. එසේම මෙහි රැකියාවකට පැමිණෙනවා නම් ඒ සියල්ලට හුරු වන්නැයි ද ඇය පැවසූ බව මෙම කාන්තාව සමාජ මාධ්‍ය ඔස්සේ කළ ප්‍රකාශයේ දැක්වේ. ඇය මේ ගැටලුව පිළිබඳ ඕමානයේ තානාපති කාර්යාලයට මෙය දැන්වූවත් සංචාරක වීසා මත පැමිණී අය භාර නොගන්නා බව පවසා තිබේ. මෙම ජාවාරම හෙළිදරව් කළ නිශ්සංක ප්‍රියදර්ශන නමැති පුද්ගලයා අනාවරණය කළේ, ඇතැම් ඒජන්සි හිමියන් වයස අඩු ගැහැණු ළමුන්ගේ වයස වැඩියෙන් සඳහන් කර ඕමානයට රැගෙන ගොස් රට තුළ ඒජන්සි කාර්යාලවල රඳවා ගෙන එරට පුද්ගලයින්ට ගැහැණු ළමයි මුදලට අලෙවි කරන බවයි. මේ සම්බන්ධයෙන් කිසිම බලධාරියෙකු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් වංචනික ඒජන්සි හිමිකරුවන් වෙත යවා තමන්ගේ දරුවන්ට මෙවන් තත්වයක් උදා නොකරන්නැයි සඳහන් කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා මේ පිළිබඳව අදහස් පල කරමින් කියා සිටියේ, මෙම නියෝජිත ආයතන මගින්ම ගමන් බලපත්‍ර සකස් කර සංචාරක වීසා මත මොවුන්ව විදෙස් ගතකොට ඇති බවය. මෙම කාර්ය තැරැව්කරුවන් මගින් ශ්‍රී ලංකාව තුළත් ඕමාන් රාජ්‍යය තුළත් සිදු කෙරෙන බවත් මේ කාන්තාවන් සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක මිනිස් ජාවාරමක් ක්‍රියාත්මක වී ඇත්දැයි වගේම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පවත්වන බවය. විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව ලැබුණු පසු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි. විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සිය කාර්යාංශය පූර්ණ මැදිහත්වීමක් සිදුකොට ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවයි.ඔවුන්ගේ නිර්දේශ හා නිගමන අවස්ථාවේ ඉදිරිපත් කර ඇති අතර යම් යම් කරුණු සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමර්ග ගැනීමට ක්‍රියා කරන බවද ඔහු සඳහන් කළේය. අප කළ විමසීමකදී තානාපති කාර්යාලය තහවුරු කළේ ,ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පවත්වාගෙන යන ආරක්ෂක නිවස්නයේ සිටින 90 කට වැඩි කාන්තාවන් පිරිස අතර මෙම ජාවාරමට හසුවූ කාන්තාවන් සිටින බවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්ෂණය සදහා සිය දායකත්වය ද ලබාදුන් බව තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ. |
2022-11-09T16:28:11.000Z | මාධ්‍ය වාරණය අවසන්: ධනුෂ්කගේ නඩුවේ විශේෂ තොරතුරු රැසක් එළියට.. | ධනුෂ්කගේ නඩුවේ තොරතුරු රැසක් එළියට.. | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ නඩුවේ කරුණු ප්‍රසිද්ධ කිරීමට සිඩ්නි මහේස්ත්‍රාත්වරයා අද (09) මාධ්‍ය වෙත අවසර ලබා දුන්නේ ය. ඒ මාධ්‍ය ආයතන කිහිපයක් ගොනුකළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුවයි. අධිකරණය ලබාදුන් අවසරයත් සමග අනාවරණය කිරීම වළක්වා තිබූ තොරතුරු, ඔස්ට්‍රේලියානු මාධ්‍ය හෙළිකර තිබේ. එම මාධ්‍ය වාර්තාවලට අනුව ධනුෂ්ක ගුණතිලක අදාල තරුණිය මුණගැසී, සිඩ්නි හි ඔපෙරා අවන්හලේ දී මත්පැන් පානය කර ඇති අතර පසුව දෙදෙනා බෝට්ටු සවාරියක නිරත වී ඇත. පසුව දෙදෙනා තරුණියගේ නිවෙසට ගොස් ඇති අතර, එහිදී ද ධනුෂ්ක ගුණතිලක අදාල තරුණිය සමග බලහත්කාරයෙන් ලිංගිකව එක්ව පසුව ඇගේ ගෙල වටා අතදමා තත්පර 30 ක පමණ කාලයක් මිරිකා තද කර අල්ලා ඇතැයි චෝදනාවල සඳහන් වේ. අධිකරණයේදී ප්‍රකාශ වී ඇත්තේ, දෙවතාවක් තරුණියගේ ගෙල ධනුෂ්කගේ ග්‍රහණයට හසු වී ඇති බවය. තෙවැනි වරද එම කාන්තාවගේ ගෙල ප්‍රදේශය ධනුෂ්ක ගුණතිලක විසින් තදකර අල්ලා ගැනීමේදී ඇය එය ඉවත් කිරීමට උත්සාහ කර ඇති අතර එහිදී තවත් ඔහුගේ ග්‍රහණයට හසුවී තිබේ. ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ, අනාරක්ෂිතව ලිංගික ක්‍රියාකාරකමක නිරත වීම සහ අස්වාභාවික හැසිරීම් පිළිබඳව ද තරුණිය චෝදනා නගා ඇති බවයි. තරුණිය මේ පිළිබඳව තවත් මිතුරියන් දෙදෙනෙකු දැනුවත් කිරීමෙන් පසුව මනෝ උපදේශකවරයෙකු හමුවී ඇති අතර පසුව වෛද්‍යවරයෙකු ද හමුවී ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පොලීසියේ පැමිණිල්ලක් ගොනුකර ඇත්තේ ඉන් අනතුරුවයි. පසුව තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර ඇති අතර එහිදී ඇගේ මොලයට බලපෑමක් සිදුවී ඇත්දැයි පරීක්ෂා කර ඇති බව ද මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. මේ අතර ලබන අඟහරුවාදා හෝ බදාදා ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ඉහළ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඔහුගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. එම නඩුව ජනවාරි 12 වැනි දින යළි කැඳවීමට නියමිතය. |
2022-11-09T16:27:13.000Z | අමෙරිකාවේ මධ්‍ය කාලීන මැතිවරණය: ට්‍රම්ප් සහ බයිඩ්න්ගේ පක්ෂය අතර තියුණු තරගයක්.. | ලෝක බලවතාගේ බල තුලනය.. | COLOMBO (News 1 st ) - අමෙරිකාවේ මධ්‍ය කාලීන මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල මේ වනවිට නිකුත් කරමින් පවතී. බී.බී.සී. ලෝක සේවය වාර්තා කළේ, දැනට ප්‍රකාශිත ප්‍රතිඵල මත හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂය සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩේන්ගේ පාලක පක්ෂය අතර තියුණු තරගයක් පවතින බවය. මේ වන විට ඩිමොක්‍රටික් පක්ෂය සෙනට් සභික ආසන 48 ක් සහ රිපබ්ලිකන් පක්ෂය සෙනට් සභික ආසන 47 බැගින් හිමි කරගෙන තිබේ. මේ අතර නියෝජිත මන්ත්‍රී මණ්ඩල සභික ධුර 173 ක් ඩිමොක්‍රටික් පක්ෂය දිනා ඇති අතර රිපබ්ලිකන් පක්ෂය දැනට හිමිකරගෙන ඇති නියෝජිත මන්ත්‍රී මණ්ඩල සභික ධූර සංඛ්‍යාව 199කි. මෙම මධ්‍ය කාලීන මැතිවරණය මගින් ඇමරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයින් 435ක් සහ සෙනෙට් සභිකයින් 100 දෙනෙකු තොරා ගැනෙනු ඇති. මෙම මැතිවරණයේ ප්‍රතිඵල මගින් ඉදිරි වසර දෙක සඳහා කොංග්‍රසය පාලනය කරන්නේ කවුරුන්ද යන්න තීරණය කරනු අතර කෙසේ වෙතත් ජනාධිපති ජෝ බයිඩන්ගේ ඉදිරි සැලසුම් ව්‍යර්ථ කිරීමට රිපබ්ලිකන් පක්ෂයේ මෙම වැඩි සභික සංඛ්‍යාවක් දිනා ගැනීම හේතුවෙන් තර්ජනයක් මතුව ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දී තිබේ. |
2022-11-09T15:48:34.000Z | නවසීලන්තය කඩුලු 7කින් පරාජය කළ පකිස්ථානය 3වන වරටත් T20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට | පකිස්ථානය අවසන් මහා තරගයට.. | COLOMBO (News 1st) - පකිස්ථානය පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් බලා ගැනීමට අද (09) සමත් විය. ඒ, නවසීලන්තයට එරෙහිව පැවැති පළමු අවසන් පූර්ව තරගය, කඩුලු 7කින් ජය ගනිමිනි. පන්දුවාර 20යි 20 ලෝක කුසලානයක පකිස්ථානය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ තුන්වන අවස්ථාව මෙය වේ. මීට පෙර 2007 සහ 2009දී සුදුසුකම් ලබා ගත්තේය. 2009 වර්ෂයේදී ශූරතාවය දිනා ගැනීමට ද සමත් විය. සිඩ්නිහිදී අද පැවති තරගයේ, කාසියේ වාසිය හිමි කරගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 49කදීය. ඩෙවෝන් කෝන්වේට ලකුණු 21කට දැවී ගියේ ය. ග්ලෙන් ෆිලිප්ස් ලකුණු 6යි. නායක කේන් විලියම්සන් සමග එක් වූ ඩැරල් මිචෙල්, නවසීලන්ත ඉනිම ගොඩනැගුවේ ය. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 68කි. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ විලියම්සන් පන්දු 41කින් ලකුණු 46ක් රැස් කළේ ය. ඩැරල් මිචෙල් පන්දු 35කින් 4 පහර 3ක් සහ 6 පහරක් සමගින් නොදැවී ලකුණු 53යි. පකිස්ථානය වෙනුවෙන් ශහීන් ශා අෆ්‍රිඩි කඩුලු 2ක් දමා ගැනීමට සමත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 152යි. නායක බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් පකිස්ථාන පිළිතුරු ඉනිමට ශක්තිමත් ආරම්භයක් ලබා දීමට සමත් විය. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 105යි. බාබර් අසාම් පන්දු 42කින් 4 පහර 7ක්ද සමගින් ලකුණු 53 රැස් කළේ ය. රිස්වාන් පන්දු 43කින් ලකුණු 57 රැස් කළ අතර ඔහුගේ ඉනිම 4 පහර 5කින් වර්ණවත් විය. පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී පකිස්ථාන පිතිකරුවන් සිය ජයග්‍රාහී ලකුණු සීමාව පසුකිරීමට සමත් විය. පකිස්ථානයට එරෙහිව අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම කවුරුන්ද?, යන්න තීරණය කරන දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (10) සවස 1.30ට පැත්වීමට නියමිතය. ඒ, ඇඩිලේඩ්හිදී ඉන්දියාව සහ එංගලන්තය අතරයි. පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සියලු තරග සිරස TV ඔස්සේ සජීව ලෙස ඔබට නැරඹිය හැකිය. |
2022-11-09T15:33:27.000Z | ICC ''හෝල් ඔෆ් ෆේම්'' සම්මාන ලැයිස්තුවට එක්වූ නවතම විශිෂ්ටයින් තිදෙනා.. | 'හෝල් ඔෆ් ෆේම්' ලැයිස්තුවට එක්වූ විශිෂ්ටයින් | COLOMBO ( News 1 st ) - ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකළ ප්‍රවීණයින් ඇගයීම සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) ප්‍රදානය කරන ''හෝල් ඔෆ් ෆේම්'' සම්මාන ප්‍රදානෝත්සවය අද සිඩ්නිහිදී පැවැත්විය. ඒ, පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ පකිස්ථානය අතර පැවති පළමු අවසන් පූර්ව තරගයට සමගාමීවයි. ඒ අනුව මෙවර එම සම්මායෙන් පිදුම් ලැබුවේ, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ශිවනරීන් චන්ද්‍රපෝල්, පකිස්ථානයේ දඟ පන්දු යවන ක්‍රීඩක අබ්දුල් කදීර් සහ හිටපු එංගලන්ත ක්‍රිකට් නායිකා චාලට් එඩ්වඩ්ස් 'හෝල් ඔෆ් ෆේම්' සම්මාන ලැයිස්තුවට එක්වූ විශිෂ්ටයින් තිදෙනා.. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකළ ප්‍රවීණයින් ඇගයීම සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) ප්‍රදානය කරන ''හෝල් ඔෆ් ෆේම්'' සම්මාන ප්‍රදානෝත්සවය අද සිඩ්නිහිදී පැවැත්විය. ඒ, පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ පකිස්ථානය අතර පැවති පළමු අවසන් පූර්ව තරගයට සමගාමීවයි. ඒ අනුව මෙවර එම සම්මායෙන් පිදුම් ලැබුවේ, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ශිවනරීන් චන්ද්‍රපෝල්, පකිස්ථානයේ දඟ පන්දු යවන ක්‍රීඩක අබ්දුල් කදීර් සහ හිටපු එංගලන්ත ක්‍රිකට් නායිකා චාලට් එඩ්වඩ්ස් |
2022-11-09T15:25:53.000Z | දෙවැනි මන්කිෆොක්ස් ආසාධිතයාත් මෙරටින් වාර්තා වෙයි.. | දෙවැනි මන්කිෆොක්ස් ආසාධිතයාත් මෙරටින් වාර්තා වෙයි | COLOMBO ( News 1 st ) - මන්කිෆොක්ස් හෙවත් වඳුරු උණ වැළඳුණු දෙවන රෝගියාත් මෙරටින් වාර්තා වෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එම රෝගියා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති බවය. ඔහු ඊයේ (08) දිනයේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණ ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ජාතික රෝහලින් එම රෝගියා පසුව අයි.ඩී.එච්. රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යවා ඇති බවය. අයි.ඩී.එච්. රෝහලේදී කරන ලද පරීක්ෂා කිරීමේදී, එම රෝගියාට මන්කිෆොක්ස් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී, ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ ය. ශ්‍රී ලංකාවෙන් පළමු වරට මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වැළඳුණු රෝගියෙකු හමුවුණේ පසුගිය 04 වැනිදායි. ඔහු ද ඩුබායි සිට මෙරටට පැමිණි, වයස අවුරුදු 20ක තරුණයෙකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ඊයේ (08) වනවිට ලොවපුරා තහවුරු කරන ලද වඳුරු උණ රෝගීන් සංඛ්‍යාව 78,599 කි. මන්කිෆොක්ස් වැළඳීමෙන් ලොව සිදුව ඇති මරණ සංඛ්‍යාව 44 කි. ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය ජුලි මාසයේදී මන්කිෆොක්ස් වෛරසය පිළිබඳ ගෝලීය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කළේ ය. දෙවැනි මන්කිෆොක්ස් ආසාධිතයාත් වාර්තා වෙයි.. මන්කිෆොක්ස් හෙවත් වඳුරු උණ වැළඳුණු දෙවන රෝගියාත් මෙරටින් වාර්තා වෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එම රෝගියා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති බවය. ඔහු ඊයේ (08) දිනයේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණ ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ජාතික රෝහලින් එම රෝගියා පසුව අයි.ඩී.එච්. රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යවා ඇති බවය. අයි.ඩී.එච්. රෝහලේදී කරන ලද පරීක්ෂා කිරීමේදී, එම රෝගියාට මන්කිෆොක්ස් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී, ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ ය. ශ්‍රී ලංකාවෙන් පළමු වරට මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වැළඳුණු රෝගියෙකු හමුවුණේ පසුගිය 04 වැනිදායි. ඔහු ද ඩුබායි සිට මෙරටට පැමිණි, වයස අවුරුදු 20ක තරුණයෙකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ඊයේ (08) වනවිට ලොවපුරා තහවුරු කරන ලද වඳුරු උණ රෝගීන් සංඛ්‍යාව 78,599 කි. මන්කිෆොක්ස් වැළඳීමෙන් ලොව සිදුව ඇති මරණ සංඛ්‍යාව 44 කි. ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය ජුලි මාසයේදී මන්කිෆොක්ස් වෛරසය පිළිබඳ ගෝලීය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කළේ ය. |
2022-11-09T15:09:23.000Z | මර්දනයට එරෙහි රට පුරා විරෝධතා | මර්දනයට එරෙහි රට පුරා විරෝධතා | COLOMBO ( News 1 st ) - අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු මහජනතාව විසින් මර්දනයට එරෙහිව අද(09) දිවයින පුරා ස්ථාන කීපයකදීම විරෝධතා ක්‍රියාත්මක කළහ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරනු ලැබූ විරෝධතාවක් පොළොන්නරුව,කඳුරුවෙල නගරයේදී පැවැත් වූ අතර ඔවුන් ඉල්ලා සිටියේ මේ මර්දනය නවත්වා ජනතාවට වහා සහන සෙන ලෙසය. එසේම වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු සියලු අරගලකරුවන් වහා නිදහස් කරන හා ත්‍රස්ත පනත වහා හකුලා ගනු" යන්න තේමා කර ගනිමින් අද අනුරාධපුර නව බස්නැවතුම් පොළ ඉදිරිපිටදී ද මහජනතාව සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය මණ්ඩලය එක්ව විරෝධතාවක් සංවිධානය කර තිබුණි. වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය විසින් ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් අද දහවල් තංගල්ල රෝහල මංසන්ධියේ දී විරෝධතාවයක් පැවැත්වීය. මේ අතර තවත් විරෝධතාවයක් අද කෑගල්ල මධ්‍යම වෙළඳ සංකීර්ණය ඉදිරිපිට දී පැවැත්වුණ අතර ත්‍රස්ත පණත වහා අහෝසි කරන ලෙසත් බඩු මිල පහත දමන ලෙසත් බල කරමින් මෙය සංවිධානය කර තිබුණි. මේ අතර අද පෙරවරුවේ කළුතර නගර මධ්‍යයේදී ද විරෝධතාවක් පැවැත් වූ අතර පසුව පිරිස රථ පෙළපාලියකින් වාද්දුව දක්වා පැමිණ විරෝධතාවයක නිතර වූහ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු මහජනතාව විසින් මර්දනයට එරෙහිව අද(09) දිවයින පුරා ස්ථාන කීපයකදීම විරෝධතා ක්‍රියාත්මක කළහ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරනු ලැබූ විරෝධතාවක් පොළොන්නරුව,කඳුරුවෙල නගරයේදී පැවැත් වූ අතර ඔවුන් ඉල්ලා සිටියේ මේ මර්දනය නවත්වා ජනතාවට වහා සහන සෙන ලෙසය. එසේම වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු සියලු අරගලකරුවන් වහා නිදහස් කරන හා ත්‍රස්ත පනත වහා හකුලා ගනු" යන්න තේමා කර ගනිමින් අද අනුරාධපුර නව බස්නැවතුම් පොළ ඉදිරිපිටදී ද මහජනතාව සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය මණ්ඩලය එක්ව විරෝධතාවක් සංවිධානය කර තිබුණි. වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය විසින් ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් අද දහවල් තංගල්ල රෝහල මංසන්ධියේ දී විරෝධතාවයක් පැවැත්වීය. මේ අතර තවත් විරෝධතාවයක් අද කෑගල්ල මධ්‍යම වෙළඳ සංකීර්ණය ඉදිරිපිට දී පැවැත්වුණ අතර ත්‍රස්ත පණත වහා අහෝසි කරන ලෙසත් බඩු මිල පහත දමන ලෙසත් බල කරමින් මෙය සංවිධානය කර තිබුණි. මේ අතර අද පෙරවරුවේ කළුතර නගර මධ්‍යයේදී ද විරෝධතාවක් පැවැත් වූ අතර පසුව පිරිස රථ පෙළපාලියකින් වාද්දුව දක්වා පැමිණ විරෝධතාවයක නිතර වූහ. |
2022-11-09T15:01:53.000Z | ගාලු මුවදොර ජනතා විරු සැමරුවට පොලීසියෙන් බාධා. | ජනතා විරු සැමරුවට පොලීසියෙන් බාධා. | COLOMBO (News 1 st ) - අරගලයේ ක්‍රියාකාරීන් අද කොළඹ ගාලු මුවදොරදී සංවිධානය කර තිබූ ජනතා විරු සමරුවට පොලීසියෙන් දැඩි බාධා එල්ල විය. කොළඹ ගාලු මුවදොර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ මහජන අරගලය සිහි කරමින් මෙම ජනතා විරු සැමරුමට ශිෂ්‍ය ක්‍රියාකාරීන් , සිවිල් සංවිධාන , වෘත්තිකයින් සහ සාමාන්‍ය පොදු මහජනතාව සහාභාගී වූහ. අද දවහල් සිටම ගාලු මුවදොරට විශාල පොලිස් නිලධාරීන් පිරිසක් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් කැඳවා තිබුණි. පොලිස් නිලධාරීන් පැමිණ සැමරුම ගාලු මුවදොර එක් කොටසක සිදු කරන ලෙස කළ ඉල්ලීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් හට ගැනිණි. කෙසේ වෙතත් , මහා සංඝරත්නය ප්‍රමුඛ අරගලකරුවන් ගාලු මුවදොර ඉදිරිපිට පදිකවේදිකාවේ සිය මියගිය අරගල ක්‍රියකාරීන් සිහිපත් කරමින් පැන් වැඩීම සිදු කළ අතර ආගමික වතාවත් සිදුකරන අවස්ථාවේදී පොලිසිය යළි මැදිහත්ව පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී යළි උණුසුම් තත්ත්වයක් ඇති විය. පොලිසියේ බාධා කිරීම් හමුවේත් මහා සංඝරත්නය සහ අරගල ක්‍රියාකාරීන්, මියගිය අරගලයේ විරුවන් සිහි කරමින් ආගමික වාතාවත් සිදු කළහ. ඉන් අනතුරව අරගලකරුවන් ගාලු මුවදොර එක් ප්‍රදේශයකට ගොස් පහන් දල්වා සැමරුම් උත්සවය |
2022-11-09T09:21:35.000Z | සැමියෙක් මන්නා පිහියකින් පහරදී බිරිඳ ඝාතනය කරයි | සැමියෙක් මන්නා පිහියකින් පහරදී බිරිඳ ඝාතනය කරයි | COLOMBO (News 1st) – හක්මණ, කැඹිලියපොල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් සිය බිරිඳ ඝාතනය කර තිබේ. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිදිරි කාන්තාවකි. සැමියා සමග ඇතිවූ පුද්ගලික ආරවුලක් ඝාතනයට හේතුවයි. සිය බිරිඳ සේවය කරන ස්ථානයට පැමිණි සැකකරු මන්නා පිහියකින් බිරිඳගේ හිසට හා ගෙළට පහරදී ඝාතනය සිදු කර ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේ ය. සැකකාර සැමියා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර කිලිනොච්චිය පුදුමුරිප්පු ඇලෙහි තිබි සැක කටයුතු ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ. පොලිසිය පැවසුවේ කෝනාවිල් නැගෙනහිර කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ මළ සිරුරක් එලෙස හමුව ඇති බවයි. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර මේ වන විට කිලිනොච්චිය රෝහලේ තැන්පත් කර තිබේ. මේ අතර බදුල්ල බදුලු ඔයේ අන්දෙනිය පාලම අසල ගල්පරයක තිබී පිරිමි මළ සිරුරක් හමුව තිබේ. මිය ගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැත. |
2022-11-09T08:08:54.000Z | IMF ඇග්‍රිමන්ට් එකේ එකඟවුණු කාරණා අපි ළඟ තියෙනවා.. - හර්ෂ | IMF ඇග්‍රිමන්ට් එකේ එකඟවුණු කාරණා අපි ළඟ තියෙනවා.. | COLOMBO (News 1st) – මුදල් කාරක සභාවට ලබා නොදුන් IMF කාර්ය මණ්ඩල එකඟතාවන් ජනාධිපතිවරයාගේ ඇතැම් කමිටුවල නොයෙකුත් පුද්ගලයින්ට ලබා දී ඇතැයි, මන්ත්‍රී හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය. මන්ත්‍රීවරයා කියා සිටියේ, එම එකඟතා ලේඛනය මේ වනවිට තමන් අතට ද පත්ව ඇති බවයි. මන්ත්‍රීවරයා කියා සිටියේ, කළ යුතුව ඇති සියලු දේ එහි සඳහන්ව ඇති බවයි. ''මම කියවන්නේ, නෑ ඒක හොඳ නැති නිසා මේකෙ ඔක්කොම තියෙනවා.කොහොමද ටැක්ස් වැඩි කරන්න ඕන. කොහොමද පර්සනල් ඉන්කම් ටැක්ස් එක වැඩි කරන්න ඕන... '' |
2022-11-09T06:50:59.000Z | ගුවන් තොටුපොළේ පරිගණක පද්ධතියේ දෝෂයක් | ගුවන් තොටුපොළේ පරිගණක පද්ධතියේ දෝෂයක් | COLOMBO (News 1st) – කටුනායක ගුවන් තොටුපොළේ පරිගණක පද්ධතියේ දෝෂයක් හටගෙන ඇතැයි, වාර්තා වේ. කෙසේ වෙතත් ආගමන විගමන සේවාවන්ට බාධාවක් නොවන ලෙස කටයුතු පවත්වාගෙන යන බව ආගමන විගමන පාලක ජනරාල්වරයා පවසයි. |
2022-11-09T05:44:40.000Z | මේ වෙලාවෙ තෙල්වලින් පාඩුයි... ලාභයක් නෑ.... ලාභයක් තිබුණා නම් නොදී ඉන්නෙ නෑ - ඩී.වි. චානක | ඩීසල්, භූමිතෙල්වලින් රජයට තාමත් පාඩුයි - චානක | COLOMBO (News 1st) – ඩීසල් හා භූමිතෙල්වලින් රජය තවමත් පාඩු ලබන බව විදුලි බලහා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක පවසයි. අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ඩීසල් ලීටරයකින් රුපියල් 12 ක සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 22 ක් රජය පාඩු ලබන බවයි. ලෝක වෙළඳපොළේ බොර තෙල් ඇතුළු ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් ඇති පසුබිමක වුවත් මිල වැඩි කිරීමක් සිදු නොකර පාරිභෝගිකයින්ට ඉන්ධන ලබා දෙන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, යම් ලාබයක් තිබුණේ නම්, ජනතාවට එය ලබා දීමට කටයුතු කරන බවයි. |
2022-11-09T05:42:56.000Z | වනිඳු හසරංග T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ට | වනිඳු අංක 01 ට | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිඳු හසරංග අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ( ICC) පන්දුවාර 20යි 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළවෙනි ස්ථානයට පැමිණ තිබේ. මීට පෙර එහි පළමු ස්ථානයේ රැඳී සිටි ඇෆ්ගනිස්ථානයේ රෂිඩ් ඛාන් දෙවන ස්ථානය දක්වා පසුබැස තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාවේ මහිෂ් තීක්ෂණ පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 10 වැනි ස්ථානයේ රැඳී සිටි. ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පළමු 10 දෙනාගේ නාමලේඛනය මෙසේය. මේ අතර වනිඳු හසරන්ග මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා පවත්වා ඇති තරගවල වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා ලෙස පළමු ස්ථානයේ රැඳී සිටි. ඔහු ලබාගත් කඩුලු සංඛ්‍යාව 15 කි. |
2022-11-09T05:12:18.000Z | වතුර වළකට වැටී කුඩා දරුවෙක් මරුට | වතුර වළකට වැටී කුඩා දරුවෙක් මරුට | COLOMBO (News 1st) - උහන, මහකණ්ඩිය ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ ජලය පිරි වළකට වැටීමෙන් කුඩා ළමයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අවුරුද්දයි මාස 2 ක පිරිමි දරුවෙක් එලෙස මිය ගොස් ඇති බවයි. අදාළ වළ වැසිකිළි වළක් සඳහා කපා ඇති අතර දරුවා ඊට වැටී ඇත්තේ සිය මව පසුපස යෑමේදීයි. දෙමාව්පියන් විසින් දරුවා ගොඩට ගෙන රෝහල් ගත කළ ද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය. |
2022-11-09T04:28:36.000Z | නේපාල දේශසීමාවේ ප්‍රබල භූ කම්පනයක්.. | නේපාල දේශසීමාවේ ප්‍රබල භූ කම්පනයක්.. | COLOMBO (News 1st) - නේපාල දේශසීමාවේ හිමාල කඳුවැටියට ආසන්න ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. අද අලුයම ඇතිවූ එම භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6 . 3කි. ඉන්දීය භූ කම්පන විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානය සඳහන් කළේ, භූ කම්පනයේ අපිකේන්ද්‍රය නේපාලයට මායිම්ව කිලෝමීටර් 90ක් දුරන් පිහිටා ඇති බවයි. භූ කම්පනයේ ප්‍රබලත්වය නේපාලයට, දිල්ලියට සහ ලක්නව් ආශ්‍රිත ප්‍රදේශයන්ට දැනී තිබේ. භූ කම්පනයෙන් පසු උතුරු ඉන්දියාව පුරා ප්‍රබල පසු කම්පන ඇති වූ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළ නමුත් මෙම කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මේ වන තෙක් කිසිදු තොරතුරක් විදෙස් මාධ්‍ය වාර්තා කර නැත. |
2022-11-09T03:56:54.000Z | රට ගොඩනැගීමේ ජනපතිගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් - සාගල රත්නායක | ජනපතිගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් | COLOMBO (News 1st) - රට ගොඩනැගීම සඳහා වන ජනාධිපතිවරයාගේ දැක්ම ජාත්‍යන්තර නිර්නායක ඉක්මවා යන්නක් බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ, ඊයේ (08) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය නිලධාරීන් සහ ලෝක බැංකු සාමාජිකයින් හමු වූ අවස්ථාවේදීයි. මෙම හමුවට ලෝක බැංකුවේ දේශීය කළමනාකරු චියෝ කන්දා සහ ලෝක බැංකු කණ්ඩායමේ සාමාජිකයින් ද එක්ව සිට ඇත. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ලෝක බැංකු අයවැය සහය සහ සංවර්ධන ප්‍රතිපත්ති සූදානම් කිරීමේ මෙහෙයුම ආරම්භ කිරීම වෙනුවෙන් මෙම හමුව පැවැත් වූ බවයි. රට ආර්ථික වශයෙන් ස්ථාවර කිරීම සඳහා ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් ඇති කර ගැනීමට මෙය හොඳම අවස්ථාව බව සාගල රත්නායක මහතා මෙහිදී පවසා ඇත. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඉදිරි සති දෙක අවසානයේදී රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වූ ප්‍රතිපත්තිමය රාමුවක් සැකසීමට අදාළ අවසන් වාර්තාව සකස් කිරීම, එහි මාර්ග සිතියම සැකසීම සහ ඒ අනුව සියලු දෙනා කැපවී කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙහිදී සාගල රත්නායක මහතා පෙන්වා දුන් බවයි. අපේක්ෂිත සංවර්ධන මූල්‍ය අවශ්‍යතා සමග කටයුතු කිරීමට ඉඩ සැලසීම සඳහා වේගවත් මූල්‍ය ආධාර සැපයීම, මූල්‍ය පාලනය පරිවර්තනය කිරීම, තරගකාරීත්වය ඉහළ නැංවීම යන කරුණු 3 ක් යටතේ මෙම මෙහෙයුම් සැලසුම් කර ඇත. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, ජාතික තීරුබදු ප්‍රතිපත්තියේ අපනයන විරෝධී නැඹුරුව අඩු කිරීම, විදේශ ආයෝජන සඳහා ඇති බාධා ඉවත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බවයි. ණය කළමනාකරණය සහ විනිවිදභාවය, මූල්‍ය අධීක්‍ෂණය, බදු පරිපාලන ප්‍රතිපත්තිය වැඩිදියුණු කිරීම, මුදලෙහි වටිනාකම වැඩි කිරීම, ස්වෛරී මූල්‍ය අංශයේ සම්බන්ධය බිඳ දැමීම සහ ක්‍රමානුකූල අවදානම අවම කිරීම යන ක්ෂේත්‍ර පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබුණි. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, ජනාධිපතිවරයාගේ රට වෙනුවෙන් වූ ක්‍රියාකාරී ප්‍රතිපත්තියට සහය දැක්වන බව මෙහිදී මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරීස් හඩඩ් ස්වෝස් මහතා පැවසූ බවයි. |
2022-11-09T03:42:07.000Z | ජනපති රනිල් IMF ප්‍රධානියා හමුවෙයි | ජනපති රනිල් IMF ප්‍රධානියා හමුවෙයි | COLOMBO (News 1st) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අතර හමුවක් සිදුව තිබේ. මෙම හමුව සිදුව තිබුණේ, ඊජිප්තුවේ පැවත්වෙන කොප් 27 දේශගුණික සමුළුව අතරතුරයි. එහිදී ණය කළමනාකරණය සම්බන්ධයෙන් සාර්ථක සාකච්ඡාවක නිරත වූ බව රුවන් විජේවර්ධන මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසී ය. මෙම අවස්ථාවට ගානාවේ මුදල් අමාත්‍ය හොන් කෙන් ඔෆොරි ඇටා සහ මාලදිවයින් කතානායක මොහොමඩ් නෂීඩ් ද එක්ව සිට ඇත. |
2022-11-09T03:36:14.000Z | වැසි අඩු නැහැ... නායයෑමේ අනතුරු ඇඟවීම තවදුරටත් | වැසි තත්ත්වයේ වැඩි වීමක්. | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් පවතින පහළ වායු ගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල නායයෑමේ අනතුරු ඇඟවීම් අද පස්වරුව දක්වා දීර්ඝ කර තිබේ. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, තවදුරටත් වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි. නැගෙනහිර, ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි. දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මේ අතර වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් අද පස්වරුව දක්වා දීර්ඝ කර තිබේ. |
2022-11-09T01:45:54.000Z | නවසීලන්ත - පකිස්ථාන තීරණාත්මක පළමු Semi Final සටන අද.. | නවසීලන්ත - පකිස්ථාන පළමු Semi Final සටන අද.. | COLOMBO (News 1st) - පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (09) ආරම්භ වේ. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ, පකිස්ථානය සහ නවසීලන්තය අතරයි. සිඩ්නිහිදී පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වේ. පකිස්ථානය 2008 වසරේදී 20යි 20 ලෝක ශූරයින් බවට පත් වූ අතර නවසීලන්තය තවමත් ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමේ පිපාසයෙන් පසුවනු ඇති. කණ්ඩායම් දෙකෙන්ම ලැබෙන වාර්තා පවසන්නේ, බොහෝ දුරට අද දිනයේදී ක්‍රීඩකයන්ගේ වෙනසක් සිදු නොවිය හැකි බවය. පකිස්ථානය සතුව ශක්තිමත් වේග පන්දු බල ඇණියක් සතු වන බවත්, ඔවුන්ගේ අනෙකුත් ක්‍රීඩකයින් ද දක්ෂතා අතර සිටින බැවින් හොඳ තරගයක් අපේක්ෂා කරන බව නවසීලන්ත නායක කේන් විලියම්සන් පවසයි. දෙරට අතර මේ දක්වා පවත්වා ඇති පන්දුවාර 20යි 20 තරග 28න් තරග 17ක් ජය ගත්තේ පකිස්ථානයයි. නවසීලන්තය තරග 11ක් ජයගෙන තිබේ. පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සියලු තරග ඔබට සිරස ටී.වී. ඔස්සේ සජිවීව නැරඹිය හැකියි. |
2022-11-09T01:41:26.000Z | විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සාමාන්‍ය පරිදි | විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සාමාන්‍ය පරිදි | COLOMBO (News 1st) - විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (09) දිනයේ සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ආයතනයේ පරිගණක පද්ධතියේ දෝෂය ඊයේ රාත්‍රි යථාතත්ත්වයට පත් කළ බවය. අදාළ දෝෂය හේතුවෙන් ඊයේ දිනයේ ගමන් බලපත්‍ර නිකුත් කෙරුණේ නැත. |
2022-11-09T01:33:16.000Z | කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් අද ඇරඹේ | කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් අද ඇරඹේ | COLOMBO (News 1st) - කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් අද (09) ආරම්භ කෙරේ. වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ, මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා හා විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධාන්තයෙන් එම කටයුතු ආරම්භ වන බවයි. බටහිර පර්යන්තය සඳහා ආයෝජනය කරන්නේ ඉන්දියාවේ අදානි සමාගමයි. වසර 3 ක් ඇතුළත එහි ඉදිකිරීම් නිම කිරීමට සැලසුම් කර ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. අදානි සමාගම විසින් ඒ සඳහා ආයෝජනය කරන මුදල ඩොලර් මිලියන 700 කි. |
2022-11-09T01:25:23.000Z | මිල්ලනිය සිසුන්ට පහරදීමේ සිද්ධිය: විදුහල්පතිනියගේ වැඩ තහනම් | සිසුන්ට පහරදුන් විදුහල්පතිනියගේ වැඩ තහනම් | COLOMBO (News 1st) - මුදල් සොරකම් කළ බවට චෝදනා කරමින් හොරණ, මිල්ලනිය ගංගමුව කනිෂ්ඨ විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එහි විදුහල්පතිනියගේ වැඩ තහනම් කිරීමට පියවර ගන්නා බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ශ්‍රිලාල් නෝනිස් මහතා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කළ බවයි. එම විමර්ශන කණ්ඩායමට මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරියෙකු ද ඇතුළත් ය. සිද්ධියට සම්බන්ධ විදුහල්පතිනිය, පොලිස් පරීක්ෂකවරයා හා පොලිස් සැරයන්වරයා ලබන 16 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය ඊයේ (08) පස්වරුවේ නියෝග කළේ ය. ඒ, ඔවුන් ඇතුළු පිරිසක් ළමාරක්ෂක අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. එහිදී එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරිය හා පොලිස් කොස්තාපල් රියැදුරා ඇප මත මුදා හැරුණි. ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ, ඊට යොදාගත් බව කියන දැනට තම අධිකාරිය භාරයේ ඇති පොලිස් ජීප් රථය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගන්නා බවයි. ඒ, සිසුන්ගේ ප්‍රකාශවලින් කියැවෙන පරිදි ඔවුන්ට ජීප් රථය තුළදී විදුලි සැර වැදීමට සැලැස් වූ බව කියන සිද්ධිය සනාථ කර ගැනීම සඳහායි. පාසලේ 5 වැනි ශ්‍රේණියේ සිසුන් පිරිසක් මෙලෙස කායික දණ්ඩනයට ලක්වූයේ එම පාසලේ ගුරුවරියගේ මුදල් පසුම්බියක් නැතිවීමේ සිද්ධියක් පාදක කර ගනිමිනි. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණය යටතේ ද පරීක්ෂණයක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර ළමයින් පාසල් තුළ කෲරත්වයට ලක්වීමේ සිද්ධි වැළැක්වීමේ නීති ඉදිරි මාස 3 ඇතුළත සම්පාදනය කරන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි. එහි සභාපති උදය කුමාර අමරසිංහ මහතා ප්‍රකාශ කළේ, ඒ සඳහා කමිටුවක් ද පත් කර ඇති බවයි. පාසල තුළ ළමයින් කෲරත්වයට පත්වීමේ සිද්ධි වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ද ඔහු ප්‍රකාශ කළේ ය. පාසල තුළ ළමයින් කෲරත්වයට පත්වීමේ සිද්ධි සම්බන්ධයෙන් අංශ දෙකක් ඔස්සේ ළමාරක්ෂක අධිකාරිය මැදිහත් වන වන බව උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ ය. |
2022-11-09T00:58:21.000Z | බදු පනත් කිහිපයක නියෝග අද විවාදයට | බදු පනත් කිහිපයක නියෝග අද විවාදයට | COLOMBO (News 1st) - අද (09) උදෑසන පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, අද බදු පනත් කිහිපයක නියෝග විවාදයට ගැනීමට නියමිත බවයි. මේ අතර ලංකා ගල් අඟුරු සමාගම අද කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. |
2022-11-09T00:37:27.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | 1. මිල්ලනියේ 05 වසර සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධිය: පොලීසියේ තිදෙනෙකු, විදුහල්පතිනිය ඇතුළු ගුරුවරියක් අත්අඩංගුවට.. - ආචාර්යවරියකගේ මුදල් සොරකම් කිරීමේ චෝදනාවකට හොරණ, මිල්ලනිය, කණිෂ්ඨ විද්‍යාලයක පහ වසර සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු, විදුහල්පතිනිය ඇතුළු ගුරුවරියක අත්අඩංගුවට ගෙන තිබේ. 2. දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේත් ඊට අනුබද්ධ ආයතනයක් මාලදිවයිනේත් පිහිටුවන්න – ජනපති - දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේත් ඊට අනුබද්ධ ආයතනයක් මාලදිවයිනේත් පිහිටුවන ලෙස ඊජිප්තුවේ පැවැත්වෙන 27 වැනි එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා යෝජනා කරයි. 3. ගිංගඟ මෝයකට අසල මුහුදු වෙරළේ දිය නාමින් සිටි සිසුන් දෙදෙනෙක් මරුට - ගිංතොට, ගිංගඟ මෝයකට අසල මුහුදු වෙරළේ දිය නාමින් සිටි සිසුන් දෙදෙනෙක් ඊයේ (08) දහවල් දියේ ගිලි මියගොස් තිබේ. 4. ඊයේ (8) අර්ධ චන්ද්‍රග්‍රහණයක් - මෙරට වැසියන්ට ඊයේ (8) දිනයේ අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් දැක බලා ගැනීමට අවස්ථාව හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. 5. රුසියාව සමග අවි ගනුදෙනු නොකළ බවට උතුරු කොරියාවෙන් ප්‍රකාශයක් - රුසියාව සමග අවි ගනුදෙනු සිදු කළ බවට නැගෙන චෝදනා උතුරු කොරියාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. |
2022-11-08T16:21:45.000Z | මිල්ලනියේ 05 වසර සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධිය: පොලීසියේ තිදෙනෙකු, විදුහල්පතිනිය ඇතුළු ගුරුවරියක් අත්අඩංගුවට.. | සිසුන්ට පහර දීමට සැක පිරිසක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - ආචාර්යවරියකගේ මුදල් සොරකම් කිරීමේ චෝදනාවකට හොරණ, මිල්ලනිය, කණිෂ්ඨ විද්‍යාලයක පහ වසර සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු, විදුහල්පතිනිය ඇතුළු ගුරුවරියක අත්අඩංගුවට ගෙන තිබේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් අය අතර පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු වන බවත් ඔවුන් එම අධිකාරියට අද කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනිමෙන් අනතුරුව ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව සභාපතිවරයා සඳහන් කළේ ය. හොරණ, මිල්ලනිය, ගුංගමුව කණිෂ්ඨ විද්‍යාලයේ පහ වසර දරුවන් පි |
2022-11-08T16:00:01.000Z | දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේත් ඊට අනුබද්ධ ආයතනයක් මාලදිවයිනේත් පිහිටුවන්න - ජනපති | කොප් 27 සමුළුවේදී ජනපතිගෙන් යෝජනාවක් | COLOMBO (News 1st) - දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේත් ඊට අනුබද්ධ ආයතනයක් මාලදිවයිනේත් පිහිටුවන ලෙස, ඊජිප්තුවේ පැවැත්වෙන 27 වැනි එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා යෝජනා කරයි. කොප් 27 හෙවත් එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේ 27වන සැසිවාරයේ රාජ්‍ය නායකයින්ගේ දේශන අද පැවැත්විණි. |
2022-11-08T14:27:29.000Z | ගිංගඟ මෝයකට අසල මුහුදු වෙරළේ දිය නාමින් සිටි සිසුන් දෙදෙනෙක් මරුට.. | මුහුදේ ගිලී සිසුන් දෙදෙනෙක් මරුට.. | COLOMBO (News 1st) - ගිංතොට, ගිංගඟ මෝයකට අසල මුහුදු වෙරළේ දිය නාමින් සිටි සිසුන් දෙදෙනෙක් අද(08) දහවල් දියේ ගිලි මියගොස් තිබේ. ඔවුන් මොරගොඩ හා හිරිඹුර ප්‍රදේශවල පදිංචි 14 හැවිරිදි සහ 15 හැවිරිදි වියේ පසු වූ සිසුන් දෙදෙනෙකි. පොලීසිය සඳහන් කළේ, ප්‍රදේශවාසින් විසින් ළමුන් දෙදෙනා බේරාගෙන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි. එහිදි ඔවුන් දෙදෙනා මියගොස් තිබේ. සිසුන් 04 දෙනෙකු දිය නෑම සඳහා ගොස් ඇති අතර එහිදි සිසුන් දෙදෙනෙකු දියේ ගසාගෙන ගොස් තිබේ. |
2022-11-08T10:42:53.000Z | අද (8) අර්ධ චන්ද්‍රග්‍රහණයක් | අද (8) අර්ධ චන්ද්‍රග්‍රහණයක් | COLOMBO (News1st) : මෙරට වැසියන්ට අද (8) දිනයේ අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් දැක බලා ගැනීමට අවස්ථාව හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. ඔහු පැවසුවේ, නැගෙනහිර ක්ෂිතිජයෙන් පස්වරු 5.48 ට චන්ද්‍රයා උදාවීමත් සමග 6.19 දක්වා ශ්‍රී ලාංකිකයින්ට මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය නැරඹීමට හැකියාව පවතින බවයි. මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවුසවේ, මෙය පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස ලොව බොහෝ රටවලට දිස්වන බවයි. පස්වරු 1.31ට ආරම්භ වන ග්‍රහණ මධ්‍ය පසුවරු 4.29ට විනාඩි 85ක් කාලයක් පූර්ණ චන්ද්‍රගණය පවතින අතර ග්‍රහණයේ අවසානය 7.26ටයි. යළි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෝකයට දිස් වන්නේ, 2025 මාර්තු 14 වැනිදා බවත් මහාචාර්යවරයා පැවසී ය. |
2022-11-08T09:56:51.000Z | කන්දකාඩු ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 217 ක් රිමාන්ඩ් | කන්දකාඩු රැඳවියන් 217 ක් රිමාන්ඩ් | COLOMBO (News 1st) – කන්දකාඩු ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රැඳවියන් 217 දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ එම රැඳවියන් පොළොන්නරුව හා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයන්ට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි. මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවු ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, කන්දකාඩු ගැටුම පිළිබඳ පරීක්ෂණය පැවැත්විමට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 5 දෙනෙකුන් සමන්විත මණ්ඩලයක් පත්කර ඇති බවයි. මෙම මණ්ඩලයෙන් සකස් කෙරන වාර්තා ඉදිරියේදී අධිකරණ අමාත්‍යවරයාට ලබාදිමට නියමිතයි. බාල්දියක් මුල්කරගනිසින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පෙරේදා පස්වරුවේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයකින් පසු රැඳවියන් පිරිසක් පලා ගොස් තිබිණ. ගැටුම ඇතිවූ අවස්ථාවේ පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් 547 ක් රැඳී සිට තිබිණ. මේ අතර කන්දකාඩු ගැටුමේ සිදුවූ දේපල හානි තක්සේරු කිරීමේ කටයුතු අද ආරම්භ කරන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි. ඔහු පැවසුවේ ඒ සඳහා රජයේ නිලධාරින් කැඳවා ඇති බවයි. මේ අතර මිට පෙර පසුගිය ජුනි මස 29 වෙනිදාත් මෙම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙ නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය. එහිදි රැඳවියන් 400 ක පමණ පිරිසක් පලා ගිය අතර එහිදී රැඳවියෙක් ජීවිතක්ෂයට පත්විය. එම තත්ත්වය ඇතවූයේ රැඳවියෙකු සතුව දුම්කොළ ප්‍රමාණයක් තිබී හසුවීමෙන් පසුව උපදේශකයෙකු සමග ඇතිවූ බහින්බස්වීමකි. මේ අතර කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍යවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබේ. |
2022-11-08T08:55:27.000Z | රංජිත් සියඹලාපිටිය වැඩබලන මුදල් අමාත්‍ය ධූරයට | රංජිත් සියඹලාපිටිය වැඩබලන මුදල් අමාත්‍ය ධූරයට | COLOMBO (News 1st) – රංජිත් සියඹලාපිටිය මහතා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති වැඩබලන අමාත්‍ය ධූරයට පත්කර තිබේ. ඒ, ජනාධිපතිතුමා විදෙස්ගතවීම හේතුවෙනි. දේශගුණික විපර්යාස පිළිබඳ කොප් -27 සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා 6 වැනිදා ඊජිප්තුව බලා පිටත්ව ගියේ ය |
2022-11-08T08:40:32.000Z | ධනුෂ්කගේ සිද්ධිය හා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ සිටියදී වාර්තා වූ සිද්ධීන් පිළිබඳව පුළුල් පරීක්ෂණයක් | ධනුෂ්කගේ සිද්ධිය ගැන පරීක්ෂණ සඳහා කමිටුවක් | COLOMBO (News 1st) – ධනුෂ්ක ගුණතිලක කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ. නීතිඥ නිරෝෂණ පෙරේරා සහ අසේල රැකව සෙසු සාමාජිකයින් වන මෙම කමුවේ ප්‍රධානියා වන්නේ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතායි. එම සිද්ධියට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි කාලය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත වාර්තා වූ විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් ද මෙම කමිටුව පුළුල් පරීක්ෂණයක් සිදු කරනු ඇති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ, මෙම ත්‍රිපුද්ගල කමිටුව කණ්ඩායම් කළමනාකරුගෙන් කරුණු පැහැදිගි කිරීමක ඉල්ලා සිටිනු ඇති බවත් කළමනාකරුගේ වාර්තාව එම මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු, යම් ක්‍රීඩකයකු අතින් වරදක් හෝ නොසැලකිළිමත් ලෙස හැසිරී ඇති බවට චෝදනා ඔප්පු වුවහොත් එම ක්‍රීඩකයින් සහ නිලධාරීන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පියවර ගනු ඇති බවයි. ලිංගික අතවර චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සියලු ආකාරයේ ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඊයේ තීරණය කළේ ය. ඒ අනුව ඔහුව ඉදිරියේ දී කිසිදු සංචිතයකට තෝරා නොගනු ඇත. |
2022-11-08T05:52:01.000Z | පද්ධතියේ දෝෂයක් ... විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාදයි | විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාදයි | COLOMBO (News 1st) – පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අද දිනයේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයක් ඇතැයි, ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවේ, අයදුම්පත්‍ර භාරගැනීම ද සිදුනොවූ බවයි. පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු ක්‍රියාත්මක බව ඇය සඳහන් කළා ය. |
2022-11-08T03:53:37.000Z | රුසියාව සමග අවි ගනුදෙනු නොකළ බවට උතුරු කොරියාවෙන් ප්‍රකාශයක් | රුසියාව සමග අවි ගනුදෙනු කළේ නැහැ - උ. කොරියාව | News 1st - රුසියාව සමග අවි ගනුදෙනු සිදු කළ බවට නැගෙන චෝදනා උතුරු කොරියාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඔවුන් පවසන්නේ, එවන් කිසිදු සැළැස්මක් ද නොමැති බවයි. කෙසේ නමුත් අමෙරිකාවේ ධවල මන්දිර ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි පසුගිය සතියේ කියා සිටියේ, උතුරු කොරියාව රහසිගතව රුසියාවට කාලතුවක්කු උණ්ඩ ප්‍රමාණයක් සැපයු බවය. උතුරු කොරියාව මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවේ රටවල් හරහා සිදු කරන අවි ආයුධ සැපයීම නිරීක්ෂණය කරන බවත් බව ධවල මන්දිරය පවසා තිබේ. උතුරු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පැවසුවේ, මෙම චෝදනා කටකතාවක් බවයි. |
2022-11-08T03:38:24.000Z | මහ මුහුදේ පාවෙමින් තිබූ කුඩු බෙදා ගෙන ගොඩබීමදී කොටු වූ ධීවරයින් | මහ මුහුදේ පාවෙමින් තිබූ කුඩු එක්ක ධීවරයින් කොටු | COLOMBO (News 1st) – බේරුවල, අඹේපිටියේ නිවසක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් කිලෝ 08 යි ග්‍රෑම් 304 ක් සහිත පාර්සල් 07ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ, අවුරුදු 42 ක් වන බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු ඊයේ (07) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක රැඳවුම් නියෝග ලබා ගත් බවයි. පසුගිය 6 වැනිදා තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 544 මිලිග්‍රෑම් 300ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 43ක් වන නාකුළුගමුවේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු ද මේ වනවිට රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටී. පසුගිය මස 11 වැනිදා කුඩාවැල්ල ධීවර වරායෙන් පිටත්ව ගිය ධීවර යාත්‍රාවකට ගැඹුරු මුහුදේ පාවෙමින් තිබූ එකට ගැට ගැසූ පොලිසැක් උර 02ක් හමු වී ඇති අතර එය පරීක්ෂා කිරීමේදී පාර්සල් 25 ක තිබූ හෙරොයින් යාත්‍රාවේ සිටි පුද්ගලයින් 06 දෙනෙකු සහ යාත්‍රාවේ හිමිකරු බෙදා ගෙන ඇති බවට අනාවරණය වී තිබේ. ඒ අනුව බේරුවලදී සහ කුඩාවැල්ලේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම ධීවර යාත්‍රාවේ සිට හෙරොයින් බෙදා ගත් දෙදෙනෙකු බවට අනාවරණය වී ඇත. ඉතිරි සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. |
2022-11-08T01:24:38.000Z | ඉන්ධන කෝටාව ඉහළ දමන්නැයි ධීවරයින්ගෙන් ඉල්ලීම් | ඉන්ධන කෝටාව ඉහළ දමන්නැයි ධීවරයින්ගෙන් ඉල්ලීම් | COLOMBO (News 1st) - ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට සමගාමීව තම ඉන්ධන කෝටාව ද ඉහළ දමන්නැයි ධීවරයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ, සලාක ක්‍රමයට ලැබෙන භූමිතෙල් ප්‍රමාණය කිසිසේත් තම රැකියාව කරගැනීමට ප්‍රමාණවත් නොවන බවයි. තංගල්ල, ඔරුවැල්ල ධීවර තොටුපොළ කේන්ද්‍ර කරගනිමින් ධීවර ඔරු සහ එක් දින යාත්‍රා 100 ක් පමණ ධීවර කටයුතුවල නිරත වේ. මින් යැපෙන ධීවර පවුල් සංඛ්‍යාව 500 කට අධිකයි. ඉන්ධන අර්බුදය මැද ධීවරයින් ගැටලු රැසකට මුහුණ පා සිටි. |
2022-11-08T01:17:42.000Z | පසුගිය දිනවල ඉන්ධන නිකුත් නොකළ පිරවුම්හල් ගැන පරීක්ෂණයක් | ඉන්ධන නිකුත් නොකළ පිරවුම්හල් ගැන පරීක්ෂණයක් | COLOMBO (News 1st) - පාරිභෝගිකයින් වෙත පසුගිය දිනවල ඉන්ධන නිකුත් නොකළ පිරවුම්හල් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එලෙස ඉන්ධන අළෙවි නොකළ පිරවුම්හල්වලට එරෙහිව පියවර ගන්නා ලෙසට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී ඇති බවයි. මේ අතර ඇතැම් ඉන්ධන පිරිවුම්හල් පසුගිය දිනවල ඉන්ධන අළෙවි කිරීමෙන් වැළකි සිටියේ ය. ඒ හේතුවෙන් පරිභෝගිකයින් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී සිටනු දක්නට ලැබුණි. |
2022-11-08T01:14:14.000Z | වෙළෙඳපොළේ බිත්තර හිඟයක්... වැඩි මිලට බිත්තර අලෙවිකරන්නන් සොයා වැටලීම්... | වැඩි මිලට බිත්තර අලෙවිකරන්නන් සොයා වැටලීම් | COLOMBO (News 1st) - වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා අද (08) සිට වැටලිම් ක්‍රියාත්මක බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, සත්ත්ව ආහාර මිල ද මේ දිනවල පහළ ගොස් ඇති බවයි. බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් ගැසට් පත්‍රයක් ද නිකුත් කර තිබේ. ඒ අනුව වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය වැටලීම් සිදු කරන බව අමාත්‍යවරයා පැවසීය. මේ අතර වෙළෙඳපොළේ බිත්තර හිඟයක් ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ, බොහෝ කුකුළු ව්‍යාපාරිකයින් ගොවිපොළ වසා දැමීම ඊට හේතු වී ඇති බවයි. පවතින ආර්ථික තත්ත්වය මත මේ වනවිට කුකුළු ගොවිපොළ 50% ක් පමණ වැසී ගොස් ඇතැයි ඔහු පැවසුවේ ය. |
2022-11-08T01:06:01.000Z | දකුණු මුහුදේ හෙරොයින් ජාවාරම: හරක් කටාගේ ගෝලයෙක් මෙරටට එවා ඇතැයි හෙළිවෙයි | දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් එව්වේ කවුද? | COLOMBO (News 1st) - දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරෝයින් තොගය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙකු මෙරටට එවා ඇතැයි පොලීසිය පවසයි. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අනුව අදාළ හෙරොයින් තොගය ඩුබායිහි රාජ්‍යයේ රැඳී සිටින රන්මල්ලි නැමැති පුද්ගලයා විසින් මෙරටට ඒවා ඇති බවය. දකුණු මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 300 ක්, සැකකරුවන් 10 දෙනෙක් හා ධීවර යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගනු ලැබීය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය මස 11 වැනිදා දෙවිනුවර ධීවර වරායෙන් පිටත්ව ගිය කවිඳු පුතා නමැති බහුදින යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනෙකු, ඒවා ගොබිමට රැගෙන ඒමට සූදානම් කර තිබූ ඩිංගි යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනකු සහ ඒවා ලබා ගැනීමට ගොඩබිමේ සූදානමින් සිටි යුවළකි. අත්අඩංගුවට ගත් පුද්ගලයින් කෝට්ටගොඩ, තලල්ල සහ මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ, නාවික හමුදාවට ලද තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමග එක්ව කළ සෝදිසියකදීයි. එහි වීදි වටිනාකම රුපියල් මිලියන 6622 ක් පමණ වන ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනය කළේ ය. අත්අඩංගුවට ගත් ධීවරයින් පවසා ඇත්තේ, පකිස්ථාන මුහුදු සීමාවේදී පසුගිය මස 24 වැනි දා පකිස්ථාන යාත්‍රාවක් මගින් එම පාර්සල් තොගය ලබාදුන් බවයි. |
2022-11-08T00:49:24.000Z | කන්දකාඩු ගැටුම ගැන විමර්ශනයට පරීක්ෂණ මණ්ඩලයක් | කන්දකාඩු ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් | COLOMBO (News 1st) - කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි. ඔහු පැවසුවේ, එම පරීක්ෂණය පැවැත්වීම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකුන් සමන්විත මණ්ඩලයක් පත්කර ඇති බවයි. එම වාර්තා අධිකරණ අමාත්‍යවරයාට ඉදිරියේදී ලබාදීමට නියමිතව බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ය. මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රැඳවියන් 201 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා ඊයේ පැවසීය. පොලීසිය පැවසුවේ, ගොඩනැගිල්ලක් අත්පත්කර ගෙන සිටි රැඳවියන් පිරිස ඊයේ (07) පස්වරුවේ පොලීසිය වෙත භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බවයි. මේ අතර සිද්ධිය අතරතුර පළාගිය රැඳවියන් 30 දෙනෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ පෙරේදා පස්වරුවේ ඇති වූ නොසන්සුන් තත්ත්වයකින් පසු රැඳවියෝ පිරිසක් පළා ගියහ. ඊට හේතුවූයේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ නෑමට භාවිත කරන බාල්දියක් මුල්කරගනිමින් ඇති වූ තත්ත්වයකි. ගැටුම ඇතිවන අවස්ථාවේ පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් 547 ක් රැඳී සිටියහ. රැඳවියන් ස්නානය කරන ස්ථානයේදී බල්දිය ලබාගැනීමට ගාල්ල ප්‍රදේශයේ රැඳවියෙකු සහ කොළඹ ප්‍රදේශයේ රැඳවියෙකු අතර මත ගැටුමක් නිර්මාණය වී තිබුණි. මේ අතර මීට පෙර පසුගිය ජුනි මස 29 වෙනි දාත් මෙම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙ නොසන්සුන් තත්ත්වයක් ඇති විය. එහිදී රැඳවියන් 400 ක පමණ පිරිසක් පළා ගිය අතර එහිදී රැඳවියෙකු මිය ගියහ. එම තත්ත්වය ඇතිවූයේ රැඳවියෙකු සතුව දුම්කොල ප්‍රමාණයක් තිබී හසුවීමෙන් පසුව උපදේශකයෙකු සමග ඇති වූ බහින්බස්වීමකි. මේ අතර කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍යවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබේ. |
2022-11-08T00:37:46.000Z | දිස්ත්‍රික්ක 7 කට නායයෑම් අනතුරු ඇඟවීම් | දිස්ත්‍රික්ක 7 කට නායයෑම් අනතුරු ඇඟවීම් | COLOMBO (News 1st) - ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ක පමණ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිස්ත්‍රික්ක හතකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොණරාගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයි. බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරලේ සහ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවැනි මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, එම ප්‍රදේශවල වෙසෙන ජනතාව, කණ්ඩි කඩා වැටීම්, ගල් පෙරළීම් සහ පොළොව ගිලාබැසීම් සම්බන්ධයෙන් විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවයි. මේ අතර වාරි ජලාශවල ජල මට්ටම 44% ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය. එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඩී අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ, ජලාශ කිහිපයක් තවදුරටත් වාන් මට්ටමේ පවතින බවය. |
2022-11-08T00:28:46.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | 1. ධනුෂ්ක වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇප අයැදුම්පතක් ඉදිරිපත් කරනවා – නීතිඥ ආනන්ද අමරනාත් - කාන්තාවක අපයෝජනය කළැයි, චෝදනා 4 ක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ධනුෂ්ක ගුණතිලක වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (07) අධිකරණයට ඉදිරිපත් කෙරිණ. 2. බාල්දියේ ගැටුමෙන් නොසන්සුන් වූ කන්දකාඩු දැන් සන්සුන්... රැඳවියන් 201ක් අත්අඩංගුවට - කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රැඳවියන් 201 දෙනෙකු අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. 3. ඩුබායි සිට මෙහෙය වූ දකුණු මුහුදේ මහා හෙරොයින් ජාවාරම - දකුණු මුහුදේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 300 කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා, වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදී තිබේ. 4. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අවසානයේදී.. - 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පවසයි. 5. T20 ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යළි දිවයිනට - ඔස්ට්‍රේලියාවේ පැවති පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (07) දිවයිනට පැමිණියේය. |
2022-11-07T14:41:07.000Z | ධනුෂ්ක වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කරනවා - නීතිඥ ආනන්ද අමරනාත් | ධනුෂ්කට ඇප ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ සූදානමක් | COLOMBO (News 1st) –කාන්තාවක අපයෝජනය කළැයි, චෝදනා 4 ක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ධනුෂ්ක ගුණතිලක වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (07) අධිකරණයට ඉදිරිපත් කෙරිණ. එහිදි ඔහුට ඇප ලබාදීම සිඩ්නි අධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය. ඔහු විදේශිකයෙකු වීම සහ ඔහුට එරට පදිංචිය තහවුරු කිරීමට නොහැකි වීම මත එය සිදුවු බව විදෙස් වාර්තාවල සඳහන් ය. ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥ ආනන්ද අමරනාත් මහතා පවසන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි. ''ඔහු හොඳින් ඉන්නවා. මෙය පිළිගත නොහැකි අවදානමක් නැති බවට අපි උසාවියට පෙන්වා දුන්නා. නමුත් උසාවිය එය පිළි ගත්තේ නැහැ. ඒ හේතුව නිසා ඔහු ගොඩක් කල කිරිලා ඉන්නේ. නමුත් අපිට ඒ තීරණය පිළි ගන්න වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා '' ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී ඊයේ පොලිස් අත්අඩංගුවට පත්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග යළි මව් බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් ඔස්ට්‍රේලියාවේ සසෙක්ස් වීදියේ හෝටලේ රැඳී සිටියදී ය. තරුණ තරුණියන් ආදරය හා කැමැත්ත හුවමාරු කරගන්නා ජංගම දුරකථන ඇප් එකක් හරහා ආදාළ ඕස්ට්‍රෙලියානු කාන්තාව හා ධනුෂ්ක ගුණතිලක අතර සම්බන්ධතාවක් ඇතිවී තිබෙන බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. ඒ හරහා ඔවුන් හඳුනා ගැනීමෙන් පසුව අවස්ථා කිහිපයකදී ඇමතුම් හුවමාරු කරගෙන ඇති බවත් ඒ අතර වීඩියෝ ඇමතුම් ද වන බවත් එරට මාධ්‍ය වාර්තා කළේ ය. පසුව ඔහු පසුගිය නොවැම්බර් 02 වනදා සිඩ්නි නුවර රෝස්බේහි පිහිටි අදාළ කාන්තාවගේ නිවසට ගොස් ඇති බව ද සඳහන් ය. කෙසේ වෙතත් අදාළ කාන්තාව ඔස්ට්‍රේලියානු පොලිසියට පැමිණිලි කර තිබුණේ, තම නිවසේදී ඔහු තමන්ව අපයෝජනය කළ බවයි. මෙම චෝදනා එල්ලවීමත් සමග ධනුෂ්ක ගුණතිලකට සියලු ආකාරයේ ක්‍රිකට් තරග අත්හිටුවීමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පියවර ගත්තේ ය. ඊට අමතරව ධනුෂ්ක සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඔහු සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව කරන පරීක්ෂණයන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ ය. |
2022-11-07T14:11:25.000Z | බාල්දියේ ගැටුමෙන් නොසන්සුන් වූ කන්දකාඩු දැන් සන්සුන්... රැඳවියන් 201ක් අත්අඩංගුවට | කන්දකාඩු රැඳවියන් 201ක් අත්අඩංගුවට... | COLOMBO (News 1st) – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රැඳවියන් 201 දෙනෙකු අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තත්ත්වය පාලනය කර ඇති බවයි. අද (07) පස්වරුව දක්වා ගොඩනැගිල්ලක් අත්පත්කර ගෙන සිටි රැඳවියන් පිරිස අද පස්වරුවේ පොලිසිය වෙත භාරවීමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ය. මේ අතර යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රවී හේරත් මහතා ප්‍රකාශ කළේ, සිද්ධිය අතරතුර පලාගිය රැඳවියන් 33 දෙනෙකු සොයා මෙහෙයුම් ආරම්භකර ඇති බවයි. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ ඊයේ පස්වරුවේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයකින් පසු රැඳවියන් පිරිසක් පලා ගියහ. ඊට හේතු වූයේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ නෑමට භාවිත කරන බාල්දියක් මුල්කරගනිමන් ගැටුම්කාරි තත්ත්වයකි. ගැටුම ඇතිවන අවස්ථාවේ පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් 547 ක් රැඳී සිටියහ. රැඳවියන් ස්නානය කරන ස්ථානයේදී බල්දිය ලබාගැනීමට ගාල්ල ප්‍රදේශයේ රැඳවියෙකු සහ කොළඹ ප්‍රදේශයේ රැඳවියෙකු අතර මත ගැටුමක් නිර්මාණය වී තිබිණ. පසුව ගාල්ල සහ කොළඹ ලෙස රැඳවියන් කණ්ඩායම් දෙකකට බෙදී ගැටුමට යොමුවූ බව යුද හමුදාව පවසයි. පසුව ගැටුමට මුල්වූ එක් පාර්ශවයක් විසින් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අවි ගබඩාවට පිවිසිමට උත්සහ දැරූ බවත් එය වැළැක්වීමට මැදිහත් වූ බවත් හමුදාව ප්‍රකාශ කළේ ය. එම අවස්ථාවේ යුද හමුදාව අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කර තිබිණ. මෙම මධ්‍යස්ථාන ආරක්ෂාව භාරව සිටින්නේ යුද හමුදා 9 වෙනි කාල තුවක්කු රෙජිමේන්තුවයි. ගැටුමට සම්බන්ධ වූ 200 කට අධික පිරිසකගෙන් සමන්විත එක් පාර්ශවයක් අද පස්වරුව වන තුරුත් ආරක්ෂක අංශවලට යටත් නොවි ගොඩනැගිල්ලක් අත්පත්කරගෙන සිටියේ ය. මේ අතර තුර කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් තුන්සිය දෙනෙකු ආරක්ෂක අංශ භාරයට ගැණුන අතර තවත් පිරිස් පලාගොස් තිබිණ. මීට පෙර පසුගිය ජුනි මස 29 වෙනිදාත් මෙම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙ නොසන්සුන් තත්ත්වයක් ඇති විය. එහිදි රැඳවියන් 400 ක පමණ පිරිසක් පලා ගිය අතර එහිදී රැඳවියෙක් මියගියේ ය. ඒ රැඳවියෙකු සතුව දුම්කොළ ප්‍රමාණයක් තිබී හසුවීමෙන් පසුව උපදේශකයෙකු සමග ඇතිවූ බහින්බස්වීමක් පසුව ගැටුමක් දක්වා දුරදිග යාමෙන් එම තත්ත්වය ඇතිවි තිබිණ. මේ අතර ඊයේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍යවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබේ. අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සකස් කරන්නැයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන් බවයි. |
2022-11-07T12:53:38.000Z | ඩුබායි සිට මෙහෙය වූ දකුණු මුහුදේ මහා හෙරොයින් ජාවාරම | ද. මුහුදේ මහා හෙරොයින් ජාවාරම | COLOMBO (News 1st) – දකුණු මුහුදේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 300 කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා, වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදී තිබේ. ඔවුන් අද උදෑසන ගාල්ල නාවික හමුදා කඳවුර වෙත රැගෙනවිත් තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය මස 11 වැනිදා දෙවිනුවර ධීවර වරායෙන් පිටත්ව ගිය 'කවිඳු පුතා' නමැති බහුදින යාත්‍රාවේ සිටි ධීවරයින් 6 දෙනෙකු, ඒවා ගොඩබිමට රැගෙන ඒමට සුදානම් කර තිබු ඩිංගි යාත්‍රාවේ සිටි ධීවරයින් 2 සහ ඒවා ලබා ගැනීමට ගොඩබිමේ සූදානමින් සිටි යුවළකි. අත්අඩංගුවට ගත් පුද්ගලයින් කෝට්ටගොඩ, තලල්ල සහ මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ නාවික හමුදාවට ලද තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සමග එක්ව කළ සෝදිසියකදීයී. එහිදී අත්අඩංගුවට ගැණුනු හෙරොයින් තොගයේ බර කිලෝ 331 යි ග්‍රෑම් 110 කි. එහි වීදි වටිනාකම රුපියල් මිලියන 6622.2 ක් පමණ වන ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනය කළේ ය. අත්අඩංගුවට ගත් ධීවරයින් පවසා ඇත්තේ පකිස්ථාන මුහුදු සීමාවේදි පසුගිය මස 24 වැනිදා පකිස්ථාන යාත්‍රාවක් මගින් එම පාර්සල් තොගය ලබාදුන් බවයි. ඩුබායි සිටින පුද්ගලයෙකු විසින් කෝට්ටගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු මගින් මෙම ජාවාරම සම්බන්ධිකරණය කර ඇතැයි, අනාවරණය වී තිබේ. මෙම වසර තුළ නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය තොගයේ වීදී වටිනාකම රු. බිලියන 23.12 කි. |
2022-11-07T08:34:31.000Z | ද. කොරියානු ආරක්ෂණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන බවට ජනපති යෝල්ගෙන් ප්‍රතිඥා | ද. කොරියානු ජනපතිගෙන් ප්‍රතිඥාවක් | COLOMBO (News 1st) – දකුණු කොරියාවේ ආරක්ෂණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන බවට ජනාධිපති යෝ සුක් යෝල් ප්‍රතිඥා දී තිබේ. ඒ පසුගිය 29 වැනි දින සෝල් නුවර හැලොවින් උත්සවයකදී පුද්ගලයින් මියයෑමේ සිදුවීමත් සමගයි. දකුණු කොරියානු ජනාධිපති යෝ සුක් යෝල් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව අයැද සිටියේ ය. එමෙන්ම ජනතාවට යුක්තිය ඉටුකිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා පවසා තිබේ. හැලොවීන් උත්සවයේදී පුද්ගලයින් 156 දෙනෙක් මිය ගිය අතර 197 දෙනෙක් තුවාල ලැබූහ. |
2022-11-07T07:40:37.000Z | ජනපති රනිල් අද (7) COP-27 සමුළුව අමතයි | ජනපති රනිල් අද (7) COP-27 සමුළුව අමතයි | COLOMBO (News 1st) – ඊජිප්තුවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද කොප් COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව ඇමතීමට නියමිතව තිබේ. කොප් COP-27 සමුළුව ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් හිදී පෙරේදා ආරම්භවිය. ඊට සමගාමීව පැවැත්වෙන ගෝලීය ආහාර සුරක්ෂිතතා සමුළුවට සහ ලෝක නායකයින්ගේ සමුළුවට ද ජනාධිපතිතුමා සහභාගී වීමට නියමිතයි. මේ අතර ජනාධිපතිතුමා ඊජිප්තුවේ, කයිරෝ නුවරදී එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් හමුවී සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකා රජය ජාතික පරිසර ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගෙන ඇති සැලසුම් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කර ඇත. |
2022-11-07T07:19:15.000Z | සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අවසානයේදී.. | සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අවසානයේදී.. | COLOMBO (News 1 st ) - 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පවසයි. විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ, ප්‍රතිඵල මේ මස අවසානයේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බවය. සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මාසයේදී පැවැත්වුණ අතර දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 3,844 කදී විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව පන් ලක්ෂ 17,486 කි. |
2022-11-07T06:58:33.000Z | ධනුෂ්ක ගුණතිලක සියලු ආකාරයේ ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කිරීම වහාම අත්හිටුවයි - ශ්‍රී ලංකා ක්‍රිකට් | ධනුෂ්ට ගුණතිලකට ක්‍රිකට් තහනමක් | COLOMBO (News 1st) - ලිංගික අතවර චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සියලු ආකාරයේ ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව ඔහුව ඉදිරියේ දී කිසිදු සංචිතයකට තෝරා නොගනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ, අදාළ ක්‍රීඩකයා සිදු කරන ලද බව කියන වරද සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගන්නා බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ඕස්ට්‍රේලියානු බලධාරීන්ට අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටී. මේ අතර ලිංගික අතවර කළ බවට කාන්තාවක විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අදාළව පසුගියදා සිඩ්නි නුවරදී අත්අඩංගුවට පත් ධනුෂ්ක ගුණතිලක ඇප ඉල්ලීම සිඩ්නි අධිකරණය අද ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔහු අද වීඩියෝ තාක්ෂණ ඔස්සේ සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කෙරෙණු අතර ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ, ඔහුට අත්විලංගු දමා සිටින අයුරු දිස්වූ බව ය. 2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක් වූ ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කළ ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණේ පසුගිය (05) වැනිදායි. ඒ, සිඩ්නිහි නැගෙනහිර ප්‍රදේශයේදී ධනුෂ්ක ගුණතිලක තමන්ව ලිංගික අතවරයකට ලක්කළ බවට 29 හැවිරිදි කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුවයි. ඒ, තරුණ තරුණියන් ආදරය හා කැමැත්ත හුවමාරු කරගන්නා 'ඩේටින්' ඇප් එකක් හරහා ඇති වූ සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙස ය. ඒ හරහා අදාළ තරුණිය ධනුෂ්ක ගුණතිලක සමග පළමුව සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ ය. මෙම ඇප් එක හරහා අහඹු ලෙස මිස විශේෂිත පුද්ගලයෙකු නම්කර සෙවිය නොහැකි අතර අහඹු ලෙස තමන් කැමති කාන්තාවක හෝ පිරිමියෙකු සොයා යන අයෙකුට තවත් එවැනි කෙනෙකු තමන් අවට ප්‍රදේශයෙන් මුණ ගැස්වීම මෙම ඇප් එක මගින් සිදු කෙරේ. මෙලෙස හඳුනා ගැනීමෙන් පසුව අවස්ථා කිහිපයකදී මෙම කාන්තාව හා ධනුෂ්ක ගුණතිලක අතර ඇමතුම් හුවමාරු වී ඇති බවත් ඒ අතර වීඩියෝ ඇමතුම් ද වන බවත්, ඒ අනුව ඇතිවුණු සබඳතාව මත පසුව ඔහු ඉකුත් නොවැම්බර් 02 වැනිදා, සිඩ්නි නුවර රෝස් බේහි පිහිටි අදාළ කාන්තාවගේ නිවසට ගොස් ඇති බවත් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ ය. මෙම තරුණිය විසින් ඔස්ට්‍රේලියානු පොලීසියට පැමිණිලි කර තිබුණේ තම නිවස තුළදී සිය කැමැත්තෙන් තොරව ධනුෂ්ක ගුණතිලක සිව්වරක් තමා දූෂණයට ලක් කළ බවය. පසුව කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගය ඇතුළු චෝදනා 04 කට ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටි හෝටලයේදීය. 2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලානය සඳහා ඔස්ටේලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ධනුෂ්ක ගුණතිලක ඇතුළත් වුවත් ඔහු ක්‍රීඩා කළේ පළමු තරගය සඳහා පමණි. තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට ඉතිරි තරග අහිමි විය. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.