date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-02-06T01:17:18.000Z | මැන්චෙස්ටර් යුනයිඩට් ක්‍රීඩකයින් 8ක් මියගිය ගුවන් අනතුරට වසර 60යි | 60 වසක් ගෙවුණු ඛේදචාචකයක මතක සැමරුම | COLOMBO (Newsfirst) : 1958 වසරේ මැන්චෙස්ටර් යුනයිඩට් කණ්ඩායමේ ක්‍රීඩකයින් රැගත් ගුවන් යානය අනතුරට ලක්වී වසර 60 ක් ගත වීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් පැවැත්විය. එංගලන්ත පාපන්දු ක්‍රීඩා සමාජයක් වන මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ ක්‍රීඩකයින් හා අනෙකුත් පිරිස රැගත් ගුවන් යානය අනතුරට ලක් වූයේ 1958 වසරේ පෙබරවාරී මස අද වැනි දිනකයි. යානය ජර්මනියේ මියුනික්හි මියුනික් රියම් ගුවන් තොටුපොළින් ගුවන්ගත කරන අවස්ථාවේ අනතුරට ලක්විය. අනතුරට ලක් වූයේ යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට සූදානම්ව සිටි මැන්චෙස්ටර් කණ්ඩායමයි. මෙම අනතුරින් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ඒ අතර ක්‍රීඩකයින් 8 දෙනෙක්, ජනමාධ්‍යවේදීහු සහ සමාන්‍ය පුද්ගලයෝ ද සිටියහ. අනතුරින් ගුවන් යානයේ ගමන් ගත් පුද්ගලයින් 21 දෙනෙක් ජීවිත බේරා ගත්හ. අනතුර සිහි කරමින් මෙම උත්සවය පැවැත්වුණේ, එංගලන්තයේ මැන්චෙස්ටර් පාපන්දු සමාජ ක්‍රීඩාංගණයේදීයි. මැන්චෙස්ටර් කණ්ඩායමේ කළමනාකරු මෙන්ම නායක මයිකල් කැරික් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. |
2018-02-05T23:57:42.000Z | රජය කොන්දේසි කඩ කළා යැයි, සරසවි අනධ්‍යයන සේවකයින් වර්ජනයේ | සරසවි අනධ්‍යයන සේවා ඇණහිටී | COLOMBO (Newsfirst) : ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ අද සිට වර්ජනයක නිරතව සිටිති. ඒ දීමනා කිහිපයක් ලබාදීම සම්බන්ධයෙන් 2016 වසරේ අත්සන් කළ එකඟතා ගිවිසුමේ කොන්දේසි රජය ඉටු නොකළ බව පවසමිනි. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රි ලංකා විවෘත විශ්ව විශ්ව විද්‍යාලය පවසන්නේ අද සහ හෙට දෙ දින තුළ පැවැත්වීමට නියමිතව තිබූ සියලු අධ්‍යයන කටයුතු අවලංගු කර ඇති බවයි. |
2018-02-05T21:52:01.000Z | බැඳුම්කර විවාදය ඇරඹෙයි... විනීතව හැසිරෙන්නැයි, කථානායකගෙන් උපදෙස් | බැඳුම්කර විවාදය ඇරඹෙයි | COLOMBO (Newsfirst) : මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතළ වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ වී තිබේ. අද විවාදයෙන් අනතුරුව පෙබරවාරි 21 සහ 22 යන දිනයන්හිදී ද යළි මෙම විවාදය පැවැත්වීමට තීරණය කර තිබේ. බරපතළ වංචා දූෂණ පිළිබඳ වාර්තා 34 කට අදාළ පිටු 7000 ක් පමණ වන ලිපි ගොනු CD තැටිවලට ඇතුළත් කර අද දිනයේ මන්ත්‍රීවරුන් වෙත ලබා දෙනු ඇති. මේ අතර විවාදය කෙරෙහි පුළුල් ජනතා අවධානයක් යොමුවු ඇති බැවින් ඉතා වගකීමකින් යුක්තව විවාදයට සහභාගී වන ලෙස කථානායකවරයා සියලු පාර්ශවන්ගෙන් ඉල්ලා සිටියේ ය. පසුගිය කාලයේ පාර්ලිමේන්තුව තුළ දක්නට ලද අප්‍රසන්න අවස්ථාවන් නිර්මාණයවීමට යළි ඉඩ නොතබන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද කථානායකවයා මෙහිදී සඳහන් කළ බව කථානායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. |
2018-02-05T19:15:28.000Z | මාලදිවයින් අර්බූදය උග්‍රඅතට : අගවිනිසුරුවරයා ත් පොලිස් අත්අඩංගුවට | මාලදිවයින නොසන්සුන්: පොලීසිය නීතිය අතට ගනී | COLOMBO (Newsfirst) : මාලදිවයින් පොලීසිය එරට අගවිනිසුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මාලදිවයින් ජනාධිපතිවරයා රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර පැය කිහිපයකට පසුවයි. මාලදිවයින් පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, විමර්ශන සඳහා අගවිනිසුරු අබ්දුල්ලා සයිඩ් සහ තවත් විනිසුරුවරයෙකු සිය භාරයට ගත් බවයි. එහෙත් විමර්ශනය කුමක් ද සහ ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳ එරට පොලීසිය වැඩිදුර තොරතුරු හෙළි කර නොමැත. මාලදිවයින් ජනාධිපතිවරයා රට තුළ දින 15ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඉන් පසුව හිටපු ජනාධිපතිවරයා ද අත්අඩංගුවට ගැනිණ. ආණ්ඩුව එම නිවේදනය කළේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය මත සිරගත කර සිටින විරුද්ධ පක්ෂ දේශපාලාන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා මාලදිවයින් විරුද්ධ පක්ෂ ආධාරකරුවන් දිවා රාත්‍රි උද්ඝෝෂණවල නිරතව සිටින අතරවාරයේදීයි. මාලදිවයිනේ මෙම අර්බුදකාරී තත්ත්වය උද්ගත වූයේ, අත්අඩංගුවේ පසු වූ විපක්ෂ දේශපාලනඥයින් 9 දෙනා වහාම නිදහස් කර යළි නඩු විභාගයක් පවත්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ දුන් නියෝගය ජනපති අබ්දුල්ලා යාමීන් ක්‍රියාත්මක කිරීමට එකඟ නෙවීම හමුවේයි. සිය පළමු නියෝගයට අනුව රටේ ව්‍යවස්ථාවට ගරු කරමින් විරුද්ධ පක්ෂ දේශපාලනඥයන් 9 දෙනා නිදහස් කරන මෙන් ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ පාලනයෙන් ඉල්ලා සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණය දෙවන වරටත් නිවේදනයක් ද නිකුත් කළේ ය. ඔවුන්ට එරෙහිව පැවැත්වූ නඩු විභාග දෝෂසහගත සහ දේශපාලන අරමුණකින් දියත් වූවක් බව අධිකරණයේ නිගමනය විය. එහෙත් එම නියෝගය පිළිබඳව ප්‍රශ්න කරන මාලදිවයින් ආණ්ඩුව එය ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළේ ය. ඒ හේතුවෙන් මේ වන විට මාලදිවයින තුළ අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී තිබේ. |
2018-02-05T09:43:40.000Z | එස්. පදුමනාදන්ගේ පෙත්සම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ | එස්. පදුමනාදන්ගේ පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ | බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව කළ ප්‍රශ්ණ කිරීමේදී සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බවට මහ බැංකුවේ සේවක අර්ථසාධක අංශයේ සහකාර අධිකාරි එස්. පදුමනාදන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දීමකින් තොරවම ප්‍රතික්ෂේප කළේය. ඒ, පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදී ය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරුන් කළ කරුණු දැක්වීම සළකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ගත් බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. |
2018-02-05T09:10:11.000Z | හෙට විවාදයේදී විනීතව හැසිරෙන්න - කතානායක | හෙට විවාදයේදී විනීතව හැසිරෙන්න - කතානායක | මහ බැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට පැවැත්වේ. හෙට පැවැත්වෙන විවාදයෙන් අනතුරුව පෙබරවාරි 21 සහ 22 යන දිනයන්හී මහ බැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබඳ විවාදය යළි පැවැත්වීමට ද මෙහිදී තීරණය කර තිබේ. බරපතල වංචා දූෂණ පිළිබඳ වාර්තා 34 කට අදාළ පිටු 7,000 ක් පමණවන ලිපි ගොනු සී.ඩී. තැටි වලට ඇතුළත් කර මන්ත්‍රීවරුන් වෙත හෙට ලබා දීමට බලාපොරොත්තුවෙන බව ද එම නිවේදනයේ දැක්වේ. එහිදී බැඳුම්කර සිද්ධියට අදාළ පාර්ශවකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාදාමයක් ඇරඹී ඇති බැවින් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේදී විවාද කිරීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු වී තිබේ. එහෙත් කතානාය කරූ ජයසුරිය මහතාගේ ස්ථාවරය වී ඇත්තේ රිචඩ් ද සොයිසා නඩුව පැවති සමයේ එය පාර්ලිමේන්තුවේ විවාද කිරීම පිළිබඳ එකල කතානායකවරයා දුන් තීන්දුව පූර්වාදර්ශයක් ලෙස ගනිමින් විවාදය පැවැත්වීමට බාධාවක් නොමැති බව ය. මෙම විවාදය කෙරෙහි පුළුල් ජනතා අවධානයක් යොමු වී ඇති බැවින් ඉතා වගකීමකින් යුක්තව විවාදයට සහභාගිවන ලෙස සියලු පාර්ශවන්ගෙන් ඉල්ලා සිටින බව ද කතානායකවරයා මෙහිදි දැනුම් දී තිබේ. පසුගිය කාලයේ පාර්ලිමේන්තුව තුළ දක්නට ලැබුණු අප්‍රසන්න අවස්ථාවන් නිර්මාණය වීමට යළි ඉඩ නොතබන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද කථානායකවරයා එහිදි සඳහන් කළ බව කතානායක මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් අදහස් පල කළේය. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා "හෙට දිනය ඉතාම දුෂ්කර දිනයක් ටී.එන්.ඒ. සංවිධානය ලිඛිතවම දන්වා තිබෙනවා. ඔවුන්ට කිසිසේත්ම සහභාගි වෙන්න බැහැ මේ දුෂ්කර කාලය අනුව ඒ අනුව හෙට දින දිවා ආහාරයක් නොමැතිව පසුවරු 4 තෙක් වාද කිරිමටත් අනතුරුව තවත් දින දෙකක් වාද කිරිමටයි තමයි තිරණ වුණේ." එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම. දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රශ්නය - මන්ත්‍රීතුමා අර්ජුන් ඇලෝසියස් හා තව කෙනෙක් අත්අඩංගුවට ගත්තා මේකෙන් සෑහීමකට පත්වෙන්න පුළුන්ද ඇත්තටම ? පිළිතුර - "පෙකෙනි වැල ඉවර වෙන තැන රටම දන්නවා ඒ නිසා ආරම්භයක් කියලා කියනවා නම් හොඳයි හැබැයි ආරම්භය නැවතීම වෙන්න බැහැ ඒ නිසා මේ රටේ වුණ බරපතලම බැංකු වංචාව පිළිබඳව නීත්‍යානුකූලව කටයුතු කිරිමට රජය බොහොම අලසයි. අවුරුදු දෙක හමාරක් ගතවුණා මේ අලස කම" |
2018-02-05T08:22:10.000Z | විගණන පනත තිබුණානම් බැඳුම්කර වංචාවේ පරීක්ෂවලට සම්බන්ධ වෙන්න තිබුණා - විගණකාධිපති | විගණන පනත ප්‍රමාද බැඳුම්කර වංචාව නිසාද? | විගණන පනත තිබුණානම් බැඳුම්කර අක්‍රමිකතා සොයන පරීක්ෂණවලට සම්බන්ධ වීමට, අවස්ථාව තිබූ බව විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසයි . නිව්ස්ෆස්ට් කළ විමසීමකදී විගණකාධිපතිවරයා ප්‍රකාශ කළේ, පනත් කෙටුම්පතට නීතිපති අනුමැතිය ද ලැබී ඇති බව ය. යහපාලන රජයේ ප්‍රබල මැතිවරණ පොරොන්දුවක් වූ විගණන පනත එම රජයේ පළමු දින 100 තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණි. 2015 මැයි මස 15 වන දින සම්මත වූ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිට වූ කොමිෂන් සභා අතරට විගණන කොමිසම ද ඇතුළත් වුණ අතර එම කොමිසම සඳහා සමාජිකයින් පවා පත් කෙරිණි. නමුත් එතැන් සිට මේ දක්වා ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබේ. විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා "19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන අවස්ථාවේ පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා මේ කොමිසන් සභා පැහැදිලිවම අවශ්‍ය පහසුකම් සැපයීම ජනාධිපතිවරයාගේ කාර්ය භාර්යක් කියලා. නමුත් විගණන පනත සම්මත කිරීමේ වගකීම අගමැති කාර්යාලය විසින් භාර අරගෙන කැබිනට් අනුමැතියක් ලබා ගත්තා. මෙතන තමයි මේ පනත ප්‍රමාද වීමට ප්‍රධානම හේතුව. 23 වතාවක් මේක සංශෝධනය කිරීම සඳහා විශාල කාලයක් අපිට ගියා . මේක අවුරුදු 2ක් තිස්සේ මේක තියෙනවා. මාසෙට රුපියල් 20 ලක්ෂයක් විතර වියදම් කරනවා. 21 දෙනෙක් සේවය කරනවා. හැබැයි කිසිම රටට ඵලදායි දෙයක් වෙලා නැහැ පනත මේ වන විට නීති කෙටුම්පත් කරලා අගමැති කාර්යාලයට භාරදීලා තියෙනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා .ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේක අනුමත කරගැනීම සූදානම් බව දැනගන්න ලැබිලා තියෙනවා " නිව්ස්ෆස්ට් ප්‍රශ්නය - කවුද මේක අගමැති කාර්යාලයෙන් පරක්කු කරන්නේ ? විගණකාධිපතිගේ පිළිතුර - "මේක මං කැමති නැහැ දේශපාලන අධිකාරියට යොමු කරන්න. නමුත් මේකේ ඉන්නවා දූෂිත ලේකම්වරු පිරිසක්. ඔවුන් තමයි හැමවෙලාවෙම මේ පනත පිටිපස්සට දාන්නේ. උදාහරණයක් විදිහට මේ පනත පළමුවෙන් සම්මත කිරීමට මුදල් අමාත්‍යාංශයෙන් තමයි ලිපිය යෙමු කළේ. පනතේ මූලික හරයක් කඩා වැටෙන ආකාරයට එවකට හිටපු මුදල් ඇමතිවරයාගේ අත්සනින් කැබිනට් එකට පළමු ලිපිය යැව්වේ. ඒ හරහා ඒ පනතේ තිබුණු හරයන් ගැලවිලා ගියා. ගල්අඟුරු සම්බන්ධයෙන් අප සකසපු වාර්තාව ඉදිරිපත් කළා නමුත් අද වෙනකම් ඒක ගැන සාකච්ඡා කළේ නැහැ .ඒ වගේම හාල් ගෙන්වීමේදී බිලියන 15ක අලාභය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළා . ඒ ගැන අද වෙනකම් සාකච්ඡාවක් නැහැ .ගිං ගඟ හෑරීමේ ව්‍යාපාරය සම්බන්ධයෙන් කතා කළා .ඒකත් සිල් රෙදි කේස් වගේම මූල්‍ය අවභාවිතයක් වෙච්ච ව්‍යාපෘතියක් . ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරයේ සම්බන්ධයෙන් කතා කළා නමුත් තවමත් ඒ ගැන සාකච්ඡා කළේ නැහැ .දැන් බැඳුම්කර සිදුවීමේදී අප අදරගත්තා මහ බැංකු අධිපතිවරයාගේ වැරදි තීරණ නිසා රටට වෙලා තියෙන අලාභය .විගණන පනත තිබුණනම් අපට මීට සම්බන්ධ නීති ඉදිරිපත් කරන්න තිබුණා " නිව්ස්ෆස්ට් ප්‍රශ්නය - එතකොට විගණන පනත ඇත්තටම නතර වෙලා තියෙන්නේ මේ හේතුව නිසාද ? විගණකාධිපතිගේ පිළිතුර - "අපිට එහෙමත් හිතන්න පුළුවන් මොකද මේක මෙහෙම ප්‍රමාද වීම සඳහා කිසිම හේතුවක් නැහැනේ" |
2018-02-05T07:55:23.000Z | ලොරියක ගැටීමෙන් දුම්රිය පාපුවරුවේ ගිය 4ක් මරුට | ලොරියක ගැටීමෙන් දුම්රිය පාපුවරුවේ ගිය 4ක් මරුට | අඟුලාන දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් ලොරි රථයක් ගැටීමෙන්, දුම්රිය පාපුරුවේ ගමන්ගත් මගීන් 4 දෙනෙකු මිය ගොස් තිබේ පොලීසිය සඳහන් කළේ, අනතුරින් තවත් මගීන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව ය. අද පස්වරුවේ සිදුවූ අනතුර හේතුවෙන්, එම දුම්රිය මද වේලාවක් ප්‍රමාද වී ධාවනය වූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය. |
2018-02-05T07:27:53.000Z | ලංකාවට නාවොත් මහේන්ද්‍රන්ට වැඩ වරදී | ලංකාවට නාවොත් මහේන්ද්‍රන්ට වැඩ වරදී | හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලබන 15 වනදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ, ප්‍රකාශයක් ලබා දීම සඳහා මෙරටට නොපැමිණියහොත්, අධිකරණය මගින් ඔහුට එරෙහිව නිතීමය ක්‍රියාමාර්ග ගන්නා බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා නිව්ස්ෆස්ට් කළ විමසීමකදී සඳහන් කළේය. අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර වංචාව පිළිබඳව නඩුවේ පළමු සැකකරු වේ. එම වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පර්පෙචුවල් ට්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 16 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කළේය. |
2018-02-05T07:07:22.000Z | කොළඹ නගරයේ තිබෙන මුදල් සම්බන්ධ ආයතන හැර අනිත් සියලුම ආයතන බත්තරමුල්ලට - පාඨලී චම්පික | කොළඹ වෙනස් වෙන්නේ මෙහෙමයි - පාඨලි | බත්තරමුල්ල පරිපාලන සැලැස්මේ දෙවන අදියර ජනගත කිරීමේ වැඩසටහනක් අද බත්තරමුල්ලේදී පැවැත්විය. ඒ, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ කොළඹ නගරයේ තිබෙන මුදල් සම්බන්ධ ආයතන හැර අනිත් සියලුම ආයතන බත්තරමුල්ලේ ඉදිරියේදී ස්ථාපනය කරන බව ය. |
2018-02-05T03:36:01.000Z | ජනපති කොමිෂන් සභා වාර්තා පාර්ලිමේන්තු විවාදය හෙට | ජනපති කොමිෂන් සභා වාර්තා පාර්ලිමේන්තු විවාදය හෙට | ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට, පෙරවරු 10.30 සිට සවස 4.00 දක්වා පැවැත්වීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟ වී තිබේ. |
2018-02-04T22:49:43.000Z | ඇලෝසියස් සහ පාලිසේන යළි රක්ෂිත බන්ධනාගාරයට | ඇලෝසියස් සහ පාලිසේන යළි රක්ෂිත බන්ධනාගාරයට | පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යළි ත් ලබන 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ අද උදෑසන ඔවුන් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. ඊයේ උදෑසන 6 .30ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබිණ. ඔවුන්ගේ නිවෙස් වැටලීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබී ය. ඔවුන් අත්අඩංගුවට ගැනුණේ, කොළඹ මල්පාරේ පිහිටි අරජුන් ඇලෝසියස් මහතාගේ නිවසට හා වැල්ලවත්ත අර්තුසා පාරේ පිහිටි කසුන් පාලිසේන මහතාගේ නිවෙස් වටලමිනි. පසුව ඔවුන් ඊයේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුනු අතර එහිදී නියෝග කෙරුණේ, සැකකරුවන් අද උදෑසන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. |
2018-02-04T21:09:33.000Z | මාලදිවයින් දේශපාලන අර්බූදය උග්‍ර වෙයි | මාලදිවයින් දේශපාලන අර්බූදය උග්‍ර වෙයි | ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට හෝ ඔහු අත්අඩංගුවට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ හොත් ඊට එරෙහි වන ලෙස මාලදිවයින් රජය එරට ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබේ. ඒ විපක්ෂ දේශපාලනඥයින් බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට අධිකරණය දුන් අධිකරණ නියෝගය මාලදිවයින් ජාධිපතිවරයා නොසලකා හැරීම හමුවේ ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට අධිකරණය සුදානම් වන පසුබිමකදීයි. හිටපු මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ්ට එරෙහි නඩු විභාගය ව්‍යවස්ථා විරෝධී බවත් බන්ධනාගාරගතව සිටින විපක්ෂ මන්ත්‍රීවරුන් 9 දෙනා වහා ම නිදහස් කරන ලෙසත් අධිකරණය ඉකුත් සිකුරාදා නියෝග කළේ ය. එම නියෝගයට අනුව විපක්ෂ මන්ත්‍රීවරුන් නිදහස් කළ හොත් මාලදිවයින් පාර්ලිමේන්තුව තුළ විපක්ෂයට බහුතර බලය හිමිවනු ඇති. එම නියෝගයට එකඟ වනු වෙනුවට මාලදිවයින් ආරක්ෂක අංශ ඊයේ එරට පාර්ලිමේන්තුව වටලා විපක්ෂ දේශපාලනඥයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබී ය. එරට නීතිපති මොහොමඩ් අනිල් ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට ප්‍රයත්න දැරීම නීතිවිරෝධී බැවින් ඊට ඓරෙහි වන ලෙස තමන් ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටි බවයි. ඉන් අනතුරුව හමුදා සහ පොලිස් නිලධාරීන් සිය දිවි පුදා මාලදිවයින් රජය රැකගන්නා බවට දිවුරුම් දෙන ආකාරය සජීවීව රූපවාහිනීය ඔස්සේ විකාශය කෙරිණ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ රාත්‍රියේ මාලේ අගනුවරට රැස්වූ විපක්ෂ ආධාරකරුවන් සිය ගණනක් දේශපාලන සිරකරුවන් නිදහස් කර රටේ ව්‍යවස්ථාවට ගරු කරන ලෙස ඉල්ලා විරෝධතාවල නිරත වූ බවයි. අල්ලස් ගත් බවට චෝදනා කරමින් මාලදිවයින් අගවිනිසුරු ඇතුළු ප්‍රමුඛ පෙළේ විනිසුරුවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය තැත් කරමින් සිටින බව මාලදිවයින් විපක්ෂය ප්‍රකාශ කළේ ය. මේ අතර විපක්ෂය චෝදනා කරන්නේ, රජය අධිකරණ බලතල ග්‍රහණයට ගැනීමට තැත් කරන බවයි. |
2018-02-04T20:11:25.000Z | ජල සම්පාදන සේවකයෝ වර්ජනයක් අරඹති | ජල සම්පාදන සේවකයෝ වර්ජනයක් අරඹති | අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර තිබේ. එහි කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ, වැටුප් වර්ධක ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනයට එළැඹි බවයි. විෂය භාර අමාත්‍යවරයා සමග ඊයේ පැවති සාකච්ඡා ආසාර්ථක වීමෙන් පසු මෙම තීරණයට එළැඹි බව රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. ඔහු වැඩි දුරටත් සඳහන් කළේ, අද පෙරවරු 9 සිට 6, 7 දින දෙක පුරා අඛණ්ඩව වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. |
2018-02-04T21:17:31.000Z | මහ බැංකු බැඳුම්කර මගඩිය: අර්ජුන් ඇලෝෂියස් හා කසුන් පාලිසේන රක්ෂිත බන්ධනාගාරයට | ඇලෝෂියස් සහ පාලිසේන රක්ෂිත බන්ධනාගාරයට | පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා හෙට උදෑසන දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනිණ. අද උදෑසන 6 .30 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් 2ක් කොළඹ මල්පාරේ පිහිටි අරජුන් ඇලොසියස් මහතාගේ නිවසට හා වැල්ලවත්ත අර්තුසා පාරේ පිහිටි කසුන් පාලිසේන මහතාට නිවෙස් වැටලූහ. කසුන් පාලිසේන මහතාගේ නිවස පිහිටි භූමියට නිලධාරින්ට ඇතුළු වීමට සිදුවූයේ ආරක්ෂක බැම්ම මතිනි. ඇලෝසියස් මහතාගේ නිවසට ඇතුළු වීමට ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයින් පොලිස් නිලධාරීන්ට එක්වර ඉඩ නොදුන් නමුත් පසුව ඊට අවනතවීමට සිදුවිය. පැයකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතාගේ නිවසේ රැඳී සිටි අතර පෙරවරු 7.30 ට පමණ ඔහු අත්අඩංගුවට ගත්තේ ය. ඒ අවස්ථාව වන විට කසුන් පාලිසේන මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව සිටි අතර දෙදෙනා ම පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන එනු ලැබී ය. |
2018-02-04T08:04:10.000Z | මාලදිවයින් ආරක්ෂක අංශය එරට පාර්ලිමේන්තුව වටලයි | මාලදිවයින් ආරක්ෂක අංශය පාර්ලිමේන්තුව වටලයි | මාලදිවයින් ආරක්ෂක අංශ සාමාජිකයින් පාර්ලිමේන්තුව වට කර විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය අනාවරණය කළේ, විපක්ෂ ක්‍රියාකාරීන් නිදහස් කිරීමට අධිකරණය ලබා දුන් නියෝගය ක්‍රියාත්මක නොකිරීමෙන් මාලදිවයිනේ දේශපාලනික අර්බුදය උග්‍ර වී ඇති බවයි. පසුගියදා මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ, දැනට අත්අඩංගුවේ සිටින විපක්ෂ නායකයින් 09 දෙනෙකු නිදහස් කර ඔවුන්ට එරෙහි නඩු විභාග යළි පවත්වන ලෙසයි. කෙසේ වෙතත් මෙම තීන්දුවට අනුව මෙතෙක් මාලදිවයින් ආණ්ඩුව ක්‍රියාකර නොමැත. මෙම තත්ත්වය තුළ මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යාමීන් ධූරයෙන් ඉවත්කිරීමට එරට ශ්‍රේෂඨාධිකරණය සූදානම් වන බව ත් අධිකරණයේ නියෝගයට අනූකූලව කටයුතු නොකරන ලෙසත්, එරට නීතිපතිවරයා ආරක්ෂක අංශවලින් ඉල්ලා තිබේ. |
2018-02-04T05:56:26.000Z | ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් | ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය අවසන් | තරග දෙකකින් යුතු ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. චිතගොංහිදී පැවති තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 513 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 9 ක් දැවී ලකුණු 713 ක් රැස් කරගෙන සිටියදී සිය පළමු ඉණිම අත්හිටුවීය. තරගය ජය පැරදුමෙන් තොරව අද නිමාවන විට සිය දෙවන ඉණිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 307 කි. දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය එළඹෙන 8 වන දා මිර්පූර් හීදී ආරම්භ වේ. |
2018-02-04T02:30:31.000Z | සීගිරිය කැටපත් පවුරේ දිලීරයක් පැතිරෙයි | සීගිරිය කැටපත් පවුරේ දිලීරයක් පැතිරෙයි | සීගිරිය කැටපත් පවුරේ යළි ත් වරක් දිලීරයක් පැතිරී ගොස් තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කැටපත් පවුරේ ස්ථාන කිහිපයක මෙම දිලීරය වර්ධනය වී ඇති බව ය. ඒ සඳහා කැලිණිය විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යා ඒකකයේ ආචාර්යවරුන්ගේ උපදෙස් මත මේ වනවිට පිළියම් ආරම්භ කර තිබේ. සීගිරි පර්වතය වටා ඇති ගස්වල වර්ධනය වූ දිලිරයක් මෙලෙස කැටපත් පවුරේ වර්ධනය වී ඇති බව ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. |
2018-02-03T20:45:42.000Z | උදයංග වීරතුංග අත්අඩංගුවට | උදයංග වීරතුංග අත්අඩංගුවට | රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සඳහන් කළේ, අද අලුයම තමන්ට ඒ පිළිබඳ තොරතුරු වාර්තා වූ බව ය. උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත්ව සිටින වීරතුංග මහතා ශ්‍රී ලංකා භාරයට ගැනීම සඳහා අදාළ අංශවලින් උපදෙස් ලැබෙන තෙක් සිටින බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පවසයි. වීරතුංග මහතා නමට ඇති විදෙස් ගමන් බලපත්‍රය භාවිතය තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝගයක් නිකුත් කළේ, පසුගිය වසරේ ජුනි 30 වැනිදා ය. ඒ, වරෙන්තු නිකුත් කර සිටින අයෙකු වන උදයංග වීරතුංග මහතා අදාළ විදෙස් ගමන් බලපත්‍රය භාවිත කර විදෙස් රටවල සැරිසරන බවට තොරතුරු වාර්තා වී ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් අනතුරුවයි. උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට යුක්ක්‍රේනයෙන් මිග් යානා මිලදී ගැනීමේදී මැදිහත් වී අයුතු ලාභයක් ලැබීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල සැකකරුවෙකි. |
2018-02-04T08:05:17.000Z | BREAKING අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පාලිසේන අත්අඩංගුවට | අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පාලිසේන අත්අඩංගුවට | පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. අර්ජුන් ඇලෝසියස් මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ කොල්ලුපිටිය, මල්පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේදී ය. කසුන් පාලිසේන මහතා වැල්ලවත්ත, අර්තුසා මාර්ගයේ පිහිටි නිවසකදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය . පසුගිය සිකුරාදා අධිකරණය කරුණු වාර්තා කරමින් මහ බැංකු භාණ්ඩාගාර සම්බන්ධ විමර්ශනයන්ට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අර්ජුන් ඇලෝසියස්, කසුන් පාලිසේන සහ අර්ජුන් මහේන්ද්‍රන් යන තිදෙනා සැකකරුවන් ලෙස නම් කළේය. අර්ජුන මහේන්ද්‍රන් මහතාට 15 වෙනිදාට පෙර මෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස එදින නියෝග කෙරිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් සිදුකළ වැරදි කිහිපයක් හඳුනාගෙන ඇති අතර අභ්‍යන්තර රහස්‍ය මූල්‍ය සංවේදීතාවක් ඇති තොරතුරු භාවිත කිරීම, කුමන්ත්‍රණය කිරීම හා අනුබල දීම ඉන් එක් වරදක් ලෙස හඳුනාගෙන තිබේ. |
2018-02-03T10:54:49.000Z | පිළිසරණක් නොමැතිව කටුගස්තොට පාලම යට දිවි ගෙවන පවුලක් (Video) | පිළිසරණක් නොමැතිව කටුගස්තොට පාලම යට දිවි ගෙවන... | වසර 4ක් පුරා කාගේවත් පිළිසරණක් නොමැතිව පාලමක් යට දිවි ගෙවන පවුලක් පිළිබඳව අපට තොරතුරු වාර්තා විය. දහසකුත් ප්‍රශ්න සමඟ මිනිස්සු මේ ලෝකෙට බිහිවෙයි. බොහෝ වෙලාවට සුඛෝපභෝගී මන්දිරවල මිනිස්සු සව්දිය පුරන කොට, ජීවිතේ බොහො දේ අහිමි වූ මිනිස්සු මහමඟ කදුළු සලමින් සිටිති. යාපනය - නුවර ඒ නවය මාර්ගයේ කටුගස්තොට ප්‍රදේශයෙන් වැටී ඇති පාලම උඩින් දිනකට දහස් ගණන් ජනතාව පාලම උඩින් ගමන් කළ ත් කාටවත් නොඇසුණු කතාවක් එම පාලම යට තිබේ. . 51 හැවිරිදි අබ්දුල් රහීම් සහ ඔහුගේ බිරිඳ සිත්ති කුරේශියා සිය පවුල සමග මේ පාලම යට ජීවත් වන්නේ මිනිසාට තිබිය යුතු අවම පහසුකම්වත් නොමැතිවයි . සිත්ති කුරේශියා දරුවන් තිදෙනෙකුගේ මවකි. සිඟමනේ ගොස් එදිනෙදා වේල සරිකරගන්නා අබ්දුල්, කොහු මෝලකදී අනතුරකට ලක්වීම නිසා අතක කොටසක් අහිමී වී තිබේ . අබ්දුල් රහීම් [quote]දරුවෝ තුන්දෙනෙක් මට ඉන්නවා. ඒ දරුවෝ තුන්දෙනා අපිව සළකන්නේ නෑ. වයසක අම්මා කෙනෙක් ඉන්නවා. ඒ අම්මාටයි අපිටයි කාලා බීලා ජීවත් වෙන්න තමයි කීයක් හරි ඉල්ල ගන්නේ . අපිට ඉන්න තැනකුත් නෑ , යන්න තැනකුත් නෑ කීයක් හරි ඉල්ලගෙන තමයි අපි ජීවත් වෙන්නේ .අපිට බැරි නිසා තමයි අපි මේ දුක් විඳින්නේ. කී දෙනෙක් අපිව මග අරිනවාද? කවුරුත් සළකන්නේ නෑ අපිට.[/quote] සිත්ති කුරේශියා [quote]මගේ සල්ලි ඔක්කොම හොරකම් කර ගත්තා .මගේ ගෙවල් ඔක්කෝම ගත්තා .මේ අත බැරි මිනිහෙක් , ඇස් පේන්නේ නැති අම්මෙක් තියාගේන අපි ජීවත් වෙන්නෙ[/quote] ඔවුන් සිටින ස්ථානය වැසි දිනට ක්ෂණිකව ජලයෙන් යට වෙන අතර ඔවුන්ගේ එකම බලාපොරොත්තුව හිසට සෙවනකි. [youtube url="https://www.youtube.com/watch?v=CcXTqgSEEcY" width="560" height="315"] |
2018-02-03T20:30:25.000Z | BREAKING අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පාලිසේනගේ නිවාස රහස් පොලීසියෙන් වටලයි | ඇලෝසියස් සහ පාලිසේනගේ නිවාස රහස් පොලීසියෙන් වටලයි | පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන්ගේ නිවාස මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වටලනු ලැබිණි. කොල්ලුපිටිය, මල්පාරේ අර්ජුන් ඇලෝසියස් මහතාගේ නිවස පිහිටා තිබේ. කසුන් පාලිසේන මහතාගේ නිවස පිහිටා තිබෙන්නේ වැල්ලවත්ත, අර්තුසා මාර්ගයේය. |
2018-02-03T19:40:25.000Z | 70 වන අභිමානවත් ජාතික නිදහස් දිනය අදයි | 70 වන අභිමානවත් ජාතික නිදහස් දිනය අදයි | 70 වන අභිමානවත් ජාතික නිදහස් සැමරුම් දිනය අදට යෙදී තිබේ. නිදහස් දින ප්‍රධාන සැමරුම් උළෙල අද පෙරවරු 8 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිත ය. 'එකම දැයක්' යන තේමාව යටතේ මෙවර නිදහස් උත්සවය සැමරේ. නිදහස් සමරු උළෙල බ්‍රිතාන්‍ය රජ පවුල නියෝජනය කරමින් වෙසෙක්ස් හි ආධිපාද එඩ්වඩ් කුමරු හා එම ආධිපාදවරිය සහභාගිවීමට නියමිත ය. උළෙල සංස්කෘතික පෙරහැරකින් ද සමන්විත බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. නිදහස් සැමරුම් උළෙල හමුදා උත්තමාචාර පෙලපාලියකින්ද සමන්විත ය. ඊට ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරින් 3798 දෙනෙකු සහභාගීවන බව හමුදා ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේය. |
2017-10-20T03:26:11.000Z | බයිසිකලෙන් ගමන් යන කොඳු ඇට හයිය නෙදර්ලන්ත අගමැති.... (VIDEO) | බයිසිකලෙන් ගමන් යන කොඳු ඇට හයිය නෙදර්ලන්ත අගමැති | 'රථ ගාය..' වෛද්‍ය විද්‍යාත්මකව හඳුනා නොගත්ත ද 'රථ ගාය' විශේෂයෙන් මෙරට දේශපාලනඥයින් පිළිබඳ සඳහන් කිරිමේදී හඳුනා ගත හැකි අමුතු ම ආකාරයේ රෝගී තත්ත්වයකි. රථවාහන පිරිවරා ගත් මැති ඇමතින්ගේ ගමන් බිමන් අපේ රටේ මහා මාර්ගවල නිතර දෙවේලේ දැකගත හැකි සුලභ දසුන් ය. අහිංසක ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණ මහමග පයින් යන ජනතාවගේ ගමන ද නවතා ඔවුන් මග දෙපසට කර, අපේ රටේ දේශපාලනඥයින් යන ගමන්වල හදිසිය කෙතරම් ද කිව හොත් එය ජීවිතයත් මරණයත් අතර සටනක නිරත රෝගියෙකු රැගත් ගිලන් රථයක වේගයටත් වඩා වේගවත් ය. අපේ රටේ දේශපාලනඥයින් ගිය ඒ ගමනේ වේගයට සාපේක්ෂව රට සංවර්ධනයක් කරා ගියේ නම් අද රට ඇති තැන කොතැන දැයි, හෝ සිතා ගත නොහැකි වනු ඇත. ඡන්ද දායකයා සිය ඡන්දයෙන් ජනතා නියෝජිතයින් පත් කරන්නේ, නිසි ප්‍රතිපත්ති සකසා රට සංවර්ධනයක් කරා ගෙන යාමට වුව ද අසා ඇති කාලයක සිට ශ්‍රී ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටකි. ලංකාවේ එහෙම වුණත්, නෙදර්ලන්තෙ එහෙම වෙලා නෑ... අපේ රටේ දේශපාලනඥයින්ට පයින් ගමන් හෝ ගමනාගමනයට පොදු ප්‍රවාහන සේවය අකැප වූවාට ලොව සංවර්ධිත රටවල ඇතැම් නායකයින්ගේ සරළ ජීවන රටාවන්ගෙන් අප රටේ දේශපාලනඥයින්ට පාඩම් උගත හැකි ය. ලොව සංවර්ධිත රටවල් අතරින් ප්‍රමුඛ පෙළේ රටක් වන නෙදර්ලන්තයේ අග්‍රාමාත්‍ය මාර්ක් රට් (Mark Rutte) බයිසිකලයකින් එරට විලියම් ඇලෙක්සැන්ඩර් රජතුමා හමුවීම සඳහා රජ මාලිගයට පිටත්ව යන අයුරු පසුගිය දා විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ. අග්‍රාමාත්‍යවරයා සිය බයිසිකලයෙන් මෙලෙස රජ මාලිගයට පිටත්ව ගොස් ඇත්තේ, නව ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව රජතුමා දැනුවත් කිරීම සඳහායි. රජ මාලිගයට පැමිණෙන අග්‍රාමාත්‍යවරයා මාළිගාව තුළට ඇතුළු වන්නේ, බයිසිකලය ලොක් කර එය ආරක්ෂිත බව තමා විසින් ම තහවුරු කර ගනු ලැබීමෙන් අනතුරුව ය. පෞද්ගලික ගුවන් යානයක් හෝ යොදා ගත හැකි ගමනක් සඳහා බයිසිකලයක් පැදගෙන ගිය නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙම ගමනට ආරක්ෂක භටයින් පිරිවරා ගත් රථ පෙළපාළි කිසිවක් දක්නට නොවී ය. අපේ රටේ දුප්පත් ඡන්දදායකයා සිය ගමනාගමනය සඳහා භාවිත කරන බයිසිකලය ලොව ධනවත් ම රටක අග්‍රාමාත්‍යවරයෙකුගේ රාජකීය ගමනක් සඳහා භාවිත කිරීම තුළ බොහෝ දේ කියවේ. මේ අතර පසුගිය දිනක නෙදර්ලන්තයේ නිල සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා බයිසිකලයක් තෑගි කළේ ය. සරළ දිවි පෙවතක් ගෙවන නෙදර්ලන්ත ජනාධිපතිවරයා ජීවත් වන්නේ සුඛෝපභෝගී නිවසක නොවන අතර ඔහු ජීවත් වන්නේ, උපාධිධාරියෙකු වීමෙන් පසු 1992 වසරේ ඔහු මිලදී ගත් මහල් නිවාස සංකීරණයක පිහිටි නිවාසයකයි. එමෙන් ම සිය කාර්ය බහුලත්වය අතරතුර සතියකට එක් පැයක් එරට අඩු සංවර්ධනයක් සහිත හේග් පළාතේ පාසලක ඉගැන්වීම් කටයුතු සඳහා ද නෙදර්ලන්ත අගමැතිවරයා සිය කාලය වැය කරයි. ජනගහනය මිලියන 17ක් සිටින නෙදර්ලන්තය යනු ලොව ධනවත් ම රටවල් අතරින් එකක් වන අතර එරට අගමැතිවරයාට කොතරම් සැප සම්පත් විඳිමින් සැපවත් ජීවිතයක් ගත කළ හැකි ද යන්න රට තොට ගැන තතු දත් ඕනෑ ම අයෙකුට සිතා ගත හැකි ය. [youtube url="https://www.youtube.com/watch?v=tkgAnUXbH8E" width="560" height="315"] පසුවදන මෙම සටහන තබන්නේ නෙදර්ලන්ත අගමැති සේ ගමන්බිමන් සඳහා බයිසිකලයක් භාවිත කරන ලෙස ඉල්ලීමට නොව වටිනා ඡන්දය ලබා දී අපේ රටේ දේශපාලනඥයාට 'රථ ගාය' සෑදවීමට ඉඩ ලබා දෙන ඡන්දදායකයාට ත්, මහජන ඡන්දයෙන් බලයට පත්ව රටේ බර අදිමින් පයින් ගමන් යන සාමන්‍ය ජනතාව මග දෙපසට කරවා සැප වාහනවල සැප ගමන් යන දේශපාලනඥයින්ට ත් සිතන්නට යමක් ඉතිරිව ඇති බව පසක් කිරීම සඳහා ය. |
2017-10-12T06:13:02.000Z | ජීවිත 239ක් සමග ලොවින් සැඟව ගිය සියවසේ අභිරහස (MH 370..?) | ජීවිත 239ක් සමග ලොවින් සැඟව ගිය සියවසේ අභිරහස | MH 370.... තාක්ෂණික අතින් 21 වන සියවස ලොව දියුණුවේ හිනිපෙත්තට නැග ඇතැයි, ඇතැම් විට ඔබ සිතනවා විය හැකියි. එහෙත් එකී තාක්ෂණයට හසුවන්නට සාක්ෂියක ඉඟියක් හෝ ඉතිරි නොකර ලොවින් සැඟව ගිය අභිරහසක් ලෙස MH 370 ගුවන් යානයේ අතුරුදන්වීම අද වන විට ඉතිහාසයට එක්වී හමාර ය. තවදුරටත් ලෝකය පාලන කරනු ලබන්නේ, අභ්‍යවකාශය පවා ජය ගත් මිනිසා විසින් ම ද යන්නට තවදුරටත් ප්‍රශ්නාර්ථයක් එක් කළ සිදුවීමක් ලෙස මෙය හඳුන්වා දිය හැකි ය. ගුවන් ඉතිහාසයට පිළිතුරක් නැති ප්‍රශ්නයක් ඉතිරි කර දෙමින් MH 370 ගුවන් යානය අතුරුදන් වීමට අදාළ විමර්ශන කළ ඔස්ට්‍රේලියානු විමර්ශකයින්ගේ අවසන් වාර්තාව පසුගිය දා නිකුත් කෙරිණ. වාර්තාව නිකුත් කරමින් ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ අධිකාරිය පැවසුවේ, යානය සොයා ගැනීමට නොහැකි වීම පිළිබඳව තමන් දැඩි ලෙස කනගාටුවට පත්වන බව ය. යානයට සිදුවූයේ කුමක් දැයි සිතා ගැනීමට හෝ පිළිගත හැකි සාක්ෂියක් නොමැතිවීම අදහාගත නොහැකි සිදුවීමක් බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව තිබුණේ මෙලෙසිනි. ''දෛනිකව මිලියන 10ක් තරම් මගීන් ගුවන් ගමන්වල යෙදෙන මෙවන් නූතන යුගයක මෙවන්නක් කිසිසේත් සිදුවිය නොහැකියි. එසේම පිළිගත නොහැකියි, විශාල ගුවන් යානයක් අතුරුදන්වීම, සහ සත්‍ය ලෙස ම යානයට සිදුවූයේ, කුමක් ද? එහි සිටි මගීන්ට සිදුවූයේ, කුමක් ද? යන්න දැන ගැනීමට නිශ්චිත ඉඟියක් හෝ නොමැතිවීම පුදුමයට කරුණක්'' MH 370 අවසන් ගුවන් ගමන... මගීන් 239 දෙනෙකු සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර ගමන ඇරඹූ MH370 දරන ගුවන් යානය අතුරුදන් වූයේ 2014 වසරේ මාර්තු 8 වන දා ය. යානය අතුරුදන් වන අවස්ථාවේ එහි සිට මගීන්ගෙන් 154 දෙනෙක් චීන ජාතිකයෝ වූහ. යානය රේඩාර් පද්ධතියෙන් ගිලිහී ඇතැයි, සන්නිවේදනය වූ මොහොතේ ගුවන් යානයක් අතුරුදන් වූ බවට වන පුවත ලොවපුරා ලැව් ගින්නක් සේ පැතිරිණ. මැලේසියාව, ඔස්ට්‍රේලියාව, චීනය ඇතුළු ලොව රටවල් රැසක් ගුවන් යානයට සිදුවූයේ කුමක් දැයි, සෙවීමට යානය අතුරුදන් වූ බව පැවසෙන මුහුදු කලාපය සිසාරා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළේ ය. කෙසේ වෙතත් මෑතක් වන තුරු ම බොහෝ රටවල් මෙහෙයුම් කටයුතුවලට සම්බන්ධ වී සිටි අතර මැලේසියාව සහ චීනය සෝදිසි මෙහෙයුම්වලින් ඉවත් වූයේ, පසුගිය ජනවාරි මාසයේදී ය. සිදුවීමෙන් දින 52කට පසුව ගුවන් මෙහෙයුම් අතහැර දැමුණු අතර පසුව යානය පිළිබඳ හෝඩුවාවක් සොයා සාගර කලාපයේ මෙහෙයුම් ආරම්භ කෙරිණ. MH370 යානය සෙවූ මෙහෙයුම ගුවන් ඉතිහාසයට එක්වන්නේ, ගුවනේ සහ මුහුදු පතුලේ සිදුකළ අතිදැවැන්ත මෙහෙයුමක් ලෙසිනි. අතුරුදන් යානය සෙවීම සඳහා කුඩා රොබෝ සබ්මැරීනයක් ඇතුළු අතිනවීන තාක්ෂණික උපකරණ ද භාවිත කෙරිණ. යානය කඩා වැටෙන්නට ඇතැයි, අනුමාන කෙරුණු වර්ග කිලෝමීටර් 120,000 ක තරම් ප්‍රදේශයක සෝදිසි කළ ද අද වන තෙක් යානය පිළිබඳ වූ බලාපොරොත්තු පුස්සක් බවට පත් ව ඇත. 2015 සහ 2016 වසරවලදී MH 370 යානයේ බවට සැක කෙරුණු සුන්බුන් කොටස් අප්‍රිකාවට නැගෙනහිරින් වූ මුහුදු කලාපයේ මෙන් ම ඉන්දීය සාගර කලාපයේ ද පාවෙමින් ඇති බවට අවස්වාථා කිහිපයකදී ම වාර්තා පළ විය. පසුව විමර්ශකයෝ සුන්බුන් ගසාගෙන යන දිශාව සහ ඒවායේ චන්ද්‍රිකා ඡායාරූප උපයෝගී කර ගනිමින් එම ප්‍රදේශවල ද මෙහෙයුම් දියත් කළහ. 2014 වසරෙන් පසු විවිධ මුහුදු කලාපවලින් හමු වූ සුන්බුන් කොටස් මෙම යානයේ බවට සැක පළ වුවත් ඒ කිසිවක් අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානයේ බවට සනාථ නොවී ය. මහ මුහුද සිසාර සිදුකළ සෝදිසි මෙහෙයුම් පළක් නොවූ තැන යානය කඩා වැටී නැති බවටත් එය කිසියම් හෝ ස්ථානයකට එය ගොඩ බස්වා ඇති බවට ද වාර්තා පළ විය. එහෙත් එම වාර්තා සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති කල එය ද හුදු මතයක් පමණක් වී ඇති බව සඳහන් කළ යුතු ය. ලෝකයේ ප්‍රබල රටවල් රැසක් එක්ව අතිවිශාල මුදල් ප්‍රමාණයක් වැය කරමින් නවීන තාක්ෂණය ද යොදා ගනිමින් සාගරය පීරමින් සෙවූ අතුරුදන් MH 370 ගුවන් අනතුර ගුවන් ඉතිහාසයේ සදාකාලික අභිරහසක් ලෙස ලෝකයෙන් සැඟවී යනු ඇති. |
2017-09-27T08:04:24.000Z | දින 898කට පසු විද්‍යාට යුක්තිය ඉටුවෙයි : විද්‍යාගේ ශෝකාන්තය දෙස ආපසු හැරී බැලීමක් | විද්‍යාගේ ශෝකාන්තය දෙස ආපසු හැරී බැලීමක් | යාපනය පුංකුඩිතිව්හි සිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වූ ස්විස් කුමාර් ඇතුළු චූදිතයින් හත් දෙනෙකුට යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල මරණ දඬුවම නියම කළේ ය. යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලියන්, ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේම්ශංකර් හා වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් සශීමහේන්ද්‍රන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතික තීන්දුවක් ලෙසින් එය ප්‍රකාශයට පත් කළේ ය. සිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතන සිද්ධීයේ චුදිතයින් නව දෙනා අද උදෑසන 8 .30 ට පමණ යාපනය අධිකරණ පරිශ්‍රයට රැගෙන ආ අතර එම අවස්ථාවේ අවට ආරක්ෂාව ද තර කර තිබිණ. නඩු විභාගයේ කටයුතු ආරම්භ කෙරුණේ, පෙරවරු 10.5ට පමණ ය. පස්වරු 1.25 ට අධිකරණයේ විදුලි පහන් නිවා දැමුණේ, තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සඳහායි. දඬුවම් නියම කිරීමට පෙර විත්කරුවන්ට යම් ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අවස්ථාව දුන් අතර එහිදී ඔවුහු තමන් නිවැරදිකරුවෝ බව ප්‍රකාශ කළෝ ය. නඩුවේ 4 වන විත්තිකරු තමන් නිවරදිකරු බවට ප්‍රකාශකරනවාත් සමග විද්‍යා දැරියගේ මව අධිකරණ භූමියේ ක්ලාන්තව ඇද වැටීම සංවේදී සිදුවීමක් විය. සභාපති විනිසුරු බාලේන්ද්‍රන් ශෂිමහේන්ද්‍රන් මහතා පස්වරු 1.25 ට තින්දුව ප්‍රකාශයට පත්කළ අතර එහිදී නඩුවේ දෙවැනි තෙවන , සිව්වන, පස්වන සහ හයවන, අටවන , නවවන සැකකරුවන් වරදකරුවන් බවට පත්කරමින් මරණ දඬුවම නියම කෙරිණ. මෙහිදී අද අදාළ වරදකරුවන්ට ලබාදෙන සෙසු දඬුවම් වෙන වෙනම ප්‍රකාශයට පත්කෙරුණු අතර මරණ දඬුවමට අමතරව ඔවුන් සත්දෙනාට ම බරපතළ වැඩසහිත අවුරුදු 30 ක සිරදඬුවම් නියම කෙරුණු අතර දෙවන, තුවන්වන, පස්වන, හයවන, අටවන වරදකරුවන්ට රුපියල් 40,000 බැගින් දඩයක් ද සිව් වන සහ නව වන සැකකරුවන්ට රුපියල් 70,000 බැගින් වූ දඩයක් ද නියම කෙරිණ. ඔවුන්ට එය ගෙවීමට නොහැකි වුවහොත් අතිරේක මාස 4 ක සිර දඩුවමක් පැනවෙනු ඇති. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ තවත් සුවිශේෂි තීරණයක් වනුයේ සිවලෝගනාදන් විද්‍යා දැරියගේ පවුලේ අය සඳහා අදාළ වැරදිකරුවන් සත්දෙනාට රුපියල් මිලියන බැගින් ගෙවිය යුතු වීමයි. එය නොගෙවනු ලැබුවහොත් ඔවුන්ට තවත් වසර දෙක බැගින් වූ සිර දඩුවම් පැනවෙනු ඇති. පළමු වන සහ සත් වන සැකකරුවන් මෙහිදී නිදොස් කොට නිදහස් කෙරිණ. ඒ, අධිචෝදනා ලබා සිටි එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපහොසත් වී යැයි, තීරණය කරමිනි. 1. බුබාලසිංහම් ඉන්ද්‍රකුමාර් 2. බුබාලසිංහම් ජෙයකුමාර් 3. බුබාලසිංහම් තවකුමාර් 4. මහාලිංගම් ශසිදරන් 5. තිලේනාදන් චන්ද්‍රහාසන් 6. ශිවනේෂන් දුෂාන්තන් 7. පලනි රූපසිංහම් කුගනාදන් 8. ජෙයනාදන් කෝකිලන් 9. ස්විස්කුමාර් හෙවත් මහාලිංගම් ශෂීකුමාර් මෙහි චූදිතයින් වූ අතර ඔවුන් අතරින් පළමු වන හා සත් වන විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කෙරිණ. මෙහිදී මහාධිකරණ විනිසුරු එම්. ඉලංචෙලියන් මහතා ප්‍රකාශ කළේ, ඝාතන නඩුව වසර දෙකක පමණ කාලයක් ගතවීමට හේතු වූයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ ක්‍රියා කලාපය බවයි. විද්‍යා ඝාතන නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. වසර දෙකකට ආසන්න කාලයක් අධිකරණයේ පැවති විද්‍යා ඝාතන නඩු විභාගයට නව ප්‍රවේශයක් ලැබුණේ, පසුගිය මැයි මාසේ 05 වනදා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එය විභාග කරන ලෙස නීතීපති දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් අනුවයි. ඒ අනුව නඩු විභාගය සඳහා එම මස 23 වෙනිදා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත්කෙරිණ. ජුනි මස 28 දා සිට ඉදිරියට පැවති නඩු විභාග කටයුතුවලදී අනාවරණයන් රැසක් සිදුකර ගැනීම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සමත්විය. මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් සශීමහේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විද්‍යා ඝාතන නඩුව විභාග කිරීම ඇරඹීමට පෙර එය විභාග කෙරුණේ, කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදීයි. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සාක්ෂි විභාගය ඇරඹෙයි... ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව පළමු වරට විභාගයට ගත් දිනයේ වැඩබලන නීතිපති දප්පුල ඩී. ලිවේරා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේ, ප්‍රධාන සැකකරු ස්විස් කුමාර් විද්‍යා අපයෝජනයට ලක් කරන දර්ශන පටිගත කිරීමේ අදහසින් ස්විට්සර්ලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බවයි. ඔහු පෙන්වා දුන්නේ ස්විට්සර්ලන්තයේ පිහිටි ආයතනයකට අදාළ දර්ශන අලෙවි කර මුදල් ලබා ගැනීම සැකකරුගේ අරමුණ වී තිබූ බවයි. ස්විස් කුමාර් දකුණු ආසියානු රටවල මෙවැනි අපරාධ කර ඒවා අලෙවි කර මුදල් ලබා ගන්නා පුද්ගලයෙකු බව ද එහිදී හෙළි විය. සැකකරුවන් නව දෙනා දැරිය සමූහ ලෙස අපයෝජනයට ලක්කර ඝාතනය කළ බවට සාක්ෂි ඇති බව ද එදින වැඩබලන නීතිපතිවරයා පැවසී ය. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යොමු කළ නඩු භාණ්ඩ දහසයක් විද්‍යාගේ මව ඉදිරියේ වෙන වෙන ම හඳුනා ගැනීමට ඉදිරිපත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණ. ඝාතයට ලක්වන අවස්ථාවේ දැරිය ඇඳ සිටි පාසල් නිල ඇඳුම හඳුනාගත් මව එම අවස්ථාවේ බොහෝ වේලාවක් අධිකරණය හමුවේ හඬා වැටිණ. එතෙක් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් යාපනය බන්ධනාගාරයට මාරු කරන ලෙස අධිකරණය එහිදී නියෝග කළේ ය. 2017. 8 . 29 වන දා විද්‍යා ඝාතනයට අදාළව විත්තිකරුවන්ගෙන් සාක්ෂි විමසීම අවසන් කෙරිණ. ප්‍රධාන සැකකරු ස්විස් කුමාර්ගේ සාක්ෂිය.... නඩුවේ ප්‍රධාන විත්තිකරු වූ ස්විස් කුමාර්ගේ බිරිඳ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ, සිද්ධිය වූ දිනයේ සිය සැමියා තමන් සමග කොළඹ ලැගුම්හලක සිටි බවයි. මේ අතර 2015 මැයි මස 17 වන දා පුන්කුඩුතිව් ප්‍රදේශයට යමින් සිටියදී තමන් වේලනෙයි ප්‍රදේශයේ ජනතාව කණුවක බැඳ පහර දුන් බව ස්විස් කුමාර් එදින අධිකරණය හමුවේ කියා සිටියේ ය. එදින රාත්‍රියේ අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය තමන් ඔවුන්ගෙන් මුදා ගැනීමට කටයුතු කළ බව ද විත්තිකරු ප්‍රකාශ කළේ ය. එසේ කිරීමට හේතුව ඇයගෙන් ම විමසිය යුතු බව විත්තිකරු වැඩිදුරටත් කියා සිටියේ ය. උප පොලිස් පරීක්ෂක ශ්‍රී ගජන් තමා යාපනය පොලීසියට කැඳවා ගොස් පසුව නිදහස් කළ බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සිදු වූ නඩු විභාගයේ තෙවන දිනයේදී (2017.06.30) යළිත් කරුණු රැසක් අනාරවණය විය . මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වූ තවත් නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෘදුකාංග ඉංජිනේරුවරයෙකු විද්‍යා ඝාතන නඩුවට අදාළව සාක්ෂි ලබා දුන්නේ ය. ස්විස් කුමාර් නමැති ප්‍රධාන සැකකරු සහ මොහු අතර සම්බන්ධතාවක් තිබූ බව ද එදින අධිකරණය හමුවේ අනාවරණ වී තිබේ. එහිදී දිගින් දිගට ම කළ සාක්ෂි විමසීම් හමුවේ හෙළි වී තිබුණේ, අදාළ ඉංජිනේරුවරයා සහ වව්නියාව බන්ධනාගාරයේ සිටින විට ස්විස් කුමාර් හමුවී ඇති බවයි. සැකකරු සඳහන් කර ඇත්තේ, තරුණියක් දූෂණ කරන ආකාරය පටිගත කළ වීඩියෝ පටයක් ස්විට්සර්ලන්තයේ මාෆියා කණ්ඩායමකට එවන ලෙසට ඉල්ලීමක් කර ඇතැයි, ස්විස් කුමාර් තමාට පැවසූ බවයි. හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට ත් චෝදනා .... විද්‍යා ඝාතන සිද්ධියේ සැකකරුවෙකුට පළා යාමට අධාර අනුබල ලබා දීමේ චෝදනා මත එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ 2017 .06. 15 වන දා අත්අඩංගුවට ගැනිණ. පසුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර පොලිස් කොමිෂන් සභාව විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සේවය (2017.06.21) දා අත්හිටුවීය. රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දින 57 කට පසුව කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය දැඩි කොන්දේසි මත දා ඇප ලබා දුන්නේ ය. ලලිත් ජයසිංහ සේවයෙන් ඉවත් කර ඇති බැවින් පරීක්ෂණවලට මැදිහත්වීමට අවස්ථාවක් නොමැති බව පෙන්වා දෙමින් මහේස්ත්‍රාත්වරයා එහිදී ඔහු මුදා හැරීමට නියෝග කළේ ය. 42 වන සාක්ෂිකරුගේ සාක්ෂිය.... නඩුවේ 42 වන සාක්ෂිකරු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී පියාගම සිසිර තිසේරා මහතා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේ, ස්විස් කුමාර් හෙවත් සසිකුමාර් සිද්ධියෙන් පසු බේරී පලායාමේ සිදුවීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ දුරකතනයෙන් තමා දැනගත් බවයි. සැකකරු යාපනය පොලිස් ස්ථානයට රැගෙන ගොස් නිදහස් වූ බවත් තමා දැනගත් බව ඔහු ප්‍රකාශ කළේ ය. ස්විස් කුමාර් යළි අත්අඩංගුවට පත්කර කයිට්ස් අධිකරණය හමුවට ඉදිරිපත් කරන විට ඔහුට දැඩි ආරක්ෂාව ලබාදී තිබූ බව අනාවරණය කළ සාක්ෂිකරු ජනතාව කම්පනයට පත්කරන ආකාරයෙන් දැරියගේ දේහය නිරුවත්ව තිබීම තුළින් මෙය පළිගැනීමේ අරමුණකින් සිදුකළ සිද්ධිය කැයි තමා දැනගත් බව ද කියා සිටියේ ය. අධිකරණයේදී සාක්ෂිකරු ස්විස් කුමාර් හඳුනාගත් අතර ඔහු කියා සිටියේ සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගත් ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක මොරටුව විශ්වවිද්‍යාලයට යවා පරීක්ෂා කළ බවයි. මේ අතර ස්විස් කුමාර් මෘදුකාංග ඉංජිනේරුවරයෙකුට අල්ලස් ලබාදීමට උත්සාහ දැරූ බව ද එදින (2017.06.20) හෙළිවිය. පරීක්ෂණය සිදු කළ නිශාන්ත ද සිල්වා මහතාට රුපියල් මිලියන 20ක් ලබාදී තමා සහ තමාගේ සහෝදරයාව රජයේ සාක්ෂීකරු ලෙස පත්කරන ලෙස මෘදුකාංග ඉංජිනේරුවරයාට ස්විස් කුමාර් පවසා ඇති බව සාක්ෂිකරු කියා සිටියේ ය. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ සාක්ෂිය යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී මයුරන් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේ, දැරියගේ දේහයේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අවස්ථාවේ තුවාල 8ක් දැකගත හැකි වූ බවයි. දැරියගේ ලිංගික ප්‍රදේශවල තුවාල තිබූ බවත් එය අතවරයකින් වූ බව සනාථ කිරීමට හැකි වූ බවත් ඔහු අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් වැඩිදුරටත් පැවසී ය. තරුණයාගේ සාක්ෂිය නඩුවේ 5 වන සාක්ෂිකරු ලෙස නම් කර සිටි තරුණයෙකු 2017. 06.29 වන දා අධිකරණය හමුවේ සාක්ෂි දුන් අතර ඔහු සිද්ධියේ 10 වන සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන පසුව රජයේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කළ අයෙකි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුමර රත්නම් හරස් ප්‍රශ්න නගමින් සැකකරු මිය ගිය දැරිය සමග ප්‍රේම සම්බන්ධයක් පැවතියේ දැයි, විමසා තිබේ. පුංකුඩුතිව් ප්‍රාදේශීය සභාවේ රියැදුරෙකු ලෙස කටයුතු කළ පෙරියතම්බි හෙවත් උපෂාන්තන් නමැති පස් වන සැකකරු එහිදී පවසා ඇත්තේ, මෙම දැරියට ඒක පාර්ශවික ප්‍රේමයක් ප්‍රකාශ කළ බවයි. නමුත් සැකකරුගේ ඉල්ලීම ඇය දිගින් දිගට ම ප්‍රතික්ෂේප කළ බව සාකාෂිකරු සඳහන් කළේ ය. විද්‍යා දැරිය පාසල් යන එන වේලවන්හිදී ඇය පසුපසින් යතුරු පැදියෙන් යන පෙරියතම්බි සමග තමන් ද අවස්ථා ගණනාවකදී ගමන් කළ බව සාක්ෂිකරු පැවසී ය. ඔහු විවෘත අධිකරණයයේදී කියා සිටියේ අපාරාධය සිදුවීමට මාස එකහමාරකට පෙර සැකකරුට විද්‍යා සෙරෙප්පු පහරක් එල්ල කළ බවයි. එම සිද්ධියෙන් පසුව පෙරියතම්බි විද්‍යා සමග අමනාපයෙන් සිටි බවයි. විද්‍යා පැහැර ගැනීමට රුපියල් 20000ක පමණ මුදලක් ලබාදීමට හැකි බව සැකකරු තවත් අයෙකුට පවසා ඇතැයි, ද අනාවරණය විය. පසුගිය 13 වන දා සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම සම්පූර්ණයෙන් අවසන් කෙරිණ. විද්‍යාගේ ශෝකාන්තය 2015.05.13 වනදා පාසල් යාමට නිවසින් පිටවන විද්‍යා යළි නිවස වෙත නොපැමිණෙන අතර ඇය අතුරුදන් වී ඇති බවට තතු පළ වීමත් සමග ගම්දනව් පීරමීන් ප්‍රදේශවාසීහු ඇය සොයන්නට වූහ. පසුව එනම් 2015.05.14 වන දා කැලෑ සහිත ප්‍රදේශයක තිබී විද්‍යාගේ නිරුවත් සිරුර හමුවීය. දැරියගේ සිරුර හමුවීමෙන් පසු රටේ බොහෝ ප්‍රදේශවල විරෝධතා ක්‍රියාත්මක වූ අතර අපරාධයට සැකපිට තිදෙනෙකු අත්අඩංගුවට පත් වන්නේ, 2015.05.15 වනදා ය. අධිකරණයට මල් මිටක් ප්‍රේමවතී මනම්පේරී, රීටා ජොන්ස් ,සේයා සදෙව්මි වන ඉතිහාසයේ සිදූවූ මෙවන් මිලේච්ඡ ඝාතන අපරාධ රැසක් සම්බන්ධව යුක්තිය පසඳලීම වෙනුවෙන් සෑම අවස්ථාවකදී ම අධිකරණය ඉටුකළ කාර්භාර්ය අතිශයින් ම පැසසිය යුත්තකි. කඩතොලු තුළින් විවිධ බලපෑම් උපයෝගි කරගනිමින් නීතියෙන් රිංගායාමට අපරාධකරුවන් දැරූ සියලු උත්සහායන් ව්‍යර්ථ කරමින් ඓතිහාසික නඩු තීන්දු රැසක් මෙරට අධිකරණ ඉතිහාසයට එක්කිරීමට එම විනිසුරුවරු සමත් වූහ. පසුගිය මාස කිහිපය තුළ යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචෙලියන්, ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේම්ශංකර් හා වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂිමහේන්ද්‍රන් යන ත්‍රිපුද්ගල විසනිසුරු මඩුල්ල මෙන්ම නීතීපති දෙපාර්තමේන්තුව , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිවලෝගනාදන් විද්‍යා දැරියට යුක්තිය ලබාදීම වෙනුවෙන් ඉටු කළේ ද එවැනි ඓතිහාසික කාර්යභාරයකි. මරණ දඬුවම ක්‍රියාත්මක නොවන හෙයින් විද්‍යාගේ ඝාතකයින් ජීවිත කාලය පුරා ම බන්ධනාගාරගතව සිටිනු ඇති. සියල්ල අවසානයේ ඝාතකයින් නඩත්තු වන්නේ, මලක් මෙන් රැක ගත් සිය දයාබර දියණියගේ වියෝව වෙනුවෙන් ජීවිත කාලය පුරාවටම විඳවන විද්‍යාගේ අසරණ දෙමාපියන් ද ඇතුළු රටේ නිවැරදි ජනතාව ගෙවන බදු මුදලින් බව ද සඳහන් කළ යුතු ය... [youtube url="https://www.youtube.com/watch?v=7LoyDS61Tqo" width="560" height="315"] |
2022-11-16T06:30:57.000Z | 2024 දී අමෙරිකානු ජනපතිවරණයට තරග කිරීමට ට්‍රම්ප් සූදානම් | 2024 දී ට්‍රම්ප් ජනපතිවරණ තරග බිමට | COLOMBO (News 1st) – අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග වදින බව අද නිවේදනය කළේ ය. 76 හැවිරිදි ට්‍රම්ප්ගේ සහයකයින් 2024 ජනපතිවරණයට අදාළව අවශ්‍ය ලිපි ගොනු ෆෙඩරල් මැතිවරණ කොමිසමට භාර දී ඇතැයි, විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් එරට රිපබ්ලිකන් පක්ෂයෙන් මීළඟ ජනපතිවරයට ඉදිරිපත්වන අපේක්ෂකයා වනු ඇති. සිය ආධාරකරුවන් අමතමින්, ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඇමෙරිකාවේ නැවත පැමිණීම දැන් ආරම්භ වන බවයි. |
2022-11-16T04:55:32.000Z | වනිඳු, භානුක, මහීෂ් සහ මතීෂගේ IPL කණ්ඩායම්වල වෙනසක් නෑ:චාමික සහ දුෂ්මන්ත ක්‍රීඩා කළ IPL කණ්ඩායම්වලින් නිදහස් | වනිඳු ඇතුළු 4කගේ IPL කණ්ඩායම්වල වෙනසක් නෑ | COLOMBO (News 1st) - ලොව අංක එකේ 20යි 20 පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිව්දෙනෙකු 2023 IPL තරගාවලිය සඳහා පසුගිය වසරේදී ක්‍රීඩා කළ කණ්ඩායම් තුළම රඳවා ගෙන තිබේ. 2023 IPL තරගාවලියට අදාළ මූලික ක්‍රීඩක වෙන්දේසියේ තොරතුරු මේ වනවිට නිකුත් කර තිබේ. ඒ අනුව රෝයල් චැලෙන්ජස් බැංගලොර් කණ්ඩායම විසින් පසුගිය වසරේදී මෙන්ම මෙම වසරේදී ද වනිඳු හසරංගව රඳවා ගෙන ඇති අතර භානුක රාජපක්ෂව රඳවා ගෙන ඇත්තේ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම විසිනි. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට පසුගිය වසරේදී එක් කරගත් මහීෂ් තීක්ෂණට සහ මතීෂ පතිරණට මෙම වසරේදී ද එම කණ්ඩායමටම ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවේ. කෙසේ වෙතත් පසුගිය වසරේදී කොල්කටා නයිඩ් රයිඩර්ස් කණ්ඩායමට තෝරාගත් චාමික කරුණාරත්න සහ ගුජරාට් ටයිටය්ස් කණ්ඩායම තෝරාගත් දුෂ්මන්ත චමීරව ඔවුන් ක්‍රීඩා කළ කණ්ඩායම්වලින් නිදහස් කර තිබීම විශේෂත්වයකි. |
2022-11-16T03:58:55.000Z | පෝලන්තයට මිසයිලයක් පතිත වෙයි.. යුක්‍රේනය රුසියාවටත් රුසියාව යුක්‍රේනයටත් චෝදනා කර ගනී | පෝලන්තයට මිසයිලයක් පතිත වෙයි.. | COLOMBO (News 1st) - පෝලන්තයට මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, රුසියානු නිෂ්පාදිත මිසයිලයක් එලෙස එල්ල වී ඇතැයි යුක්‍රේනය චෝදනා කරන බවයි. එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් දෙදෙනෙකු මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ක්ෂණික සවිස්තරාත්මක පැහැදිලි කිරීම් සඳහා පෝලන්තයේ රුසියානු තානාපතිවරයා කැඳවා ඇති බව පෝලන්තයේ විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා උපුටා දක්වමින් විදෙස් වාර්තා පැවසීය. සිය මිසයිලයක් පෝලන්තයට පතිත වූ බවට රුසියාව කරන චෝදනා යුක්‍රේනය ප්‍රතික්ෂේප කරයි. යුක්‍රේනය පවසන්නේ, එය රුසියානු ක්‍රමන්ත්‍රණයක් බවයි. |
2022-11-16T02:34:07.000Z | පූන්තොට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 5 ක් පළා යයි | පුන්තොට්ටම් රැඳවියන් 5 ක් පළා යයි | COLOMBO (News 1st) - වව්නියාව, පූන්තොට්ටම් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 5 දෙනෙකු පළාගොස් තිබේ. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, අවුරුදු 22 - 30 වයස්වල පසුවන රැඳවියන් 5 දෙනෙකු ඊයේ (15) පස්වරුවේ එලෙස පළා ගොස් ඇති බවයි. ඔවුන් සෙවීමේ මෙහෙයුම් මේ වනවිට ක්‍රියාත්මකයි. මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථනයේ පසුගියදා ඇති වූ ගැටුමෙන් පසු අතුරුදන් වූ තවත් රැඳවියන් 7 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රැඳවියන් 225 ක් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි. |
2022-11-16T01:16:55.000Z | කන්දේ විහාරයේ" මුතුරාජා" හිරිහැරවලට ලක්ව ඇත්තේ ඇත්ගොව්වාගේ අමනෝඥ හැසිරීමෙන් බවට හෙළිවෙයි | හිරිහැරවලට ලක් වූ මුතුරාජා ගැන හෙළිදරව්වක් | COLOMBO (News 1st) - අලුත්ගම කන්දේ විහාරස්ථානයේ මුතුරාජා හස්තියා දැඩි හිරිහැරවලට ලක්ව ඇත්තේ, ඇත්ගොව්වාගේ අමනෝඥ හැසිරීම නිසා බව වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි. තායිලන්ත රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු මුතුරාජා හස්තියා කන්දේ විහාරයට පරිත්‍යාග කළේ, එවක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසිනි. මේ හේතුවෙන් මෙරට තායිලන්ත තානාපතිවරයා හිරිහැරවලට ලක්ව සිටි මුතුරාජා හස්තියා කන්දේ විහාරස්ථානයෙන් රැගෙනවිත් දෙහිවල සත්ත්වෝද්‍යානයට පසුගිය දා භාර දුන්නේ ය. අමාත්‍යාංශය පැවසුවේ, දෙහිවල සත්වෝද්‍යානයේ කාර්ය මණ්ඩලයේ සත්කාර මැද මේ වනවිට එම හස්තියා ඉතාමත් ආරක්ෂිතව පසුවන බවයි. කෙසේ වෙතත් මුතුරාජා හස්ථියා නැවත තායිලන්තය රැගෙන යාමට මෙරට තායිලන්ත තානාපතිවරයා තීරණය කර තිබුණි. නමුත් දෙහිවල සත්ත්වෝද්‍යානයේ තබා ගෙන හස්තියා රැක බලා ගැනීමට ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව එකඟත්වය පළ කර ඇති බැවින් තායිලන්ත තානාපතිවරයා සමග සාකච්ඡා කර ඊට අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් දුන් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. |
2022-11-16T00:50:03.000Z | සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඖෂධ සැපයුම්කරුවන්ට රු. බිලියන 23 ක හිඟ බිල්පත් | ඖෂධ හිඟයට ප්‍රධාන හේතුවක් අමාත්‍යාංශය කියයි | COLOMBO (News 1st) - ඖෂධ මිලදී ගැනීමට අදාළව රුපියල් බිලියන 23 හිඟ බිල්පත් සැපයුම්කරුවන්ට ගෙවීමට ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යේෂ්ඨ නිලධාරීයෙකු සඳහන් කළේ, මේ හේතුවෙන් ඔවුන්ට නව ඖෂධ ඇණවුම් භාරදීමට නොහැකි වී ඇති බවයි. එය මෙරට ඖෂධ හිඟය ඇතිවීමට එක් ප්‍රධාන හේතුවක් බව ද ඔහු පෙන්වා දෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දුන්නේ, හිඟ බිල්පත් ගෙවීම සඳහා කඩිනමින් ප්‍රතිපාදන ලබා දෙන්නැයි මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බවයි. මේ අතර ඉන්දියානු ණය යෝජනා ක්‍රමය මගින් තවත් ඖෂධ වර්ග 53 ක් පසුගිය සතියේ මෙරටට ආනයනය කරනු ලැබීය. තවත් අදියර ගණනාවකදී ඉන්දීය ණය ආධාර ක්‍රමයෙන් ඇණවුම් කළ ඖෂධ හා ශල්‍ය උපකරණ මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය. |
2022-11-16T00:41:20.000Z | යළිත් බිත්තර හිඟයක්... ආපනශාලා හා බේකරි හිමියන් දැඩි අර්බුදයක | යළි බිත්තර හිඟයක් ඇතිවූයේ ඇයි? | COLOMBO (News 1st) - වෙළෙඳපොළේ යළි දැඩි බිත්තර හිඟයක් මතුව තිබේ. ආපනශාලා හා බේකරි හිමියන් පවසන්නේ, මේ හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවයි. බිත්තර හිඟය නිසා එළෙඹෙන උත්සව සමයේ කේක් ඇතුළු ඒ ආශ්‍රිත නිෂ්පාදන රැසක් ඉල්ලුමට සරිලන ලෙස නිෂ්පාදනය කිරීමට නොහැකි වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ය. යළි බිත්තර හිගයක් ඇතිවූයේ ඇයි? මේ පිළිබඳව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, රුපියල් 50 ට වැඩියෙන් බිත්තර අලෙවි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරීය පියවර ගැනිමත් සමග වෙළෙඳුන් බිත්තර අලෙවිය නතර කර ඇති බවයි. මේ තත්වයත් සමග විවෘත වෙළෙඳපොළේ බිත්තර හිඟයක් මතුව ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. |
2022-11-16T00:35:49.000Z | අයවැය දෙවැනිවර කියවීම: විවාදයේ දෙවැනි දිනය | අයවැය දෙවැනිවර කියවීම: විවාදයේ දෙවැනි දිනය | COLOMBO (News 1st) - අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අදයි. ඒ සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වෙනු ඇති. ඊයේ (15) දිනයේ පක්ෂ විපක්ෂ දේශපාලඥයින් කිහිපදෙනෙකුම අයවැය විවාදයට එක්විය. අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ලබන 22 වැනි දා පැවැත්වීමට නියමිතයි. |
2022-11-16T00:33:08.000Z | මාර්තු 20 වන දා වනවිට පළාත් පාලන මැතිවරණය පවත්වා සභිකයින් ප්‍රකාශයට පත් කරනවා - මැතිවරණ කොමිසම | පළාත් පාලන මැතිවරණය මාර්තු 20 ට පෙර... | COLOMBO (News 1st) - ලබන වසරේ මාර්තු 20 වැනි දා වනවිට පළාත් පාලන මැතිවරණය පවත්වා නව සභිකයින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ලබන මාර්තු මස 20 වැනි දා වනවිට පළාත් පාලන ආයතනවල නව සභාවාරයන් ආරම්භ කිරීමට හැකි පරිදී එම කටයුතු සිදු කරන බවය. ඒ සඳහා නෛතික ප්‍රතිපාදන තම කොමිසම සතුව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණය සඳහා කොමිසමක් පත් කිරීමත් සමග පළාත් පාලන මැතිවරණය මාර්තු 20 වැනි දා පැවැත්වීමට නොහැකි බව මේ වනවිට විවිධ මත පළ වේ. මේ අතර පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට කොමිසමක් පත් කිරීමෙන් පළාත් පාලන මැතිවරණය මාර්තු 20 වැනි දාට පෙර පැවැත්වීමේ කිසිදු බාධාවක් නොමැති බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගිය දා පැවසීය. මෙරට ක්‍රියාත්මක පළාත් පාලන ආයතන සංඛ්‍යාව 341 කි. |
2022-11-16T00:16:14.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | 1. ඩයනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් - රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ. 2. ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා අග්නිදිග විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට - ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා අග්නිදිග විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත්කර තිබේ. 3. ජනගහනයෙන් 20%කට දියවැඩියාව වැළදීමේ අවදානමක් - වසර 08ක් ඇතුළත ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් 20%ක් දියවැඩියා රෝගීන් බවට පත්වීමේ අවදානමක් ඇතැයි සමීක්ෂණයකින් හෙළි වී තිබේ. 4. ලෝක ජනගහනය බිලියන 8 ට ළඟාවෙයි - ලෝක ජනගහනය බිලියන 8 ට ආසන්න වී තිබේ. 5. හිරුණිකා ඇතුළු 15 දෙනාට ඇප - අත්අඩංගුවට ගෙන සිටි සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන අමරසිංහ මහතා ඊයේ නියෝග කළේ ය. |
2022-11-15T16:11:57.000Z | ඩයනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් | ඩයනාට එරෙහිව පෙත්සමක් | COLOMBO (News 1st) - රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා, අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ. පෙත්සම ගොනුකර තිබෙන්නේ, සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල ලක්මාල් හේරත් මහතා විසිනි. ඕෂල ලක්මාල් හේරත් මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන්නේ, රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, ආගමන හා විගමන පාලක, මහජන ආරක්ෂක ඇමතිවරයා, සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු පිරිසකි. රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බව පෙත්සම්කරු කියා සිටියේ ය. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවැනි තැනැත්තියකට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බවත්, එය නීතියට පටහැනි බවත් අදාළ පෙත්සමෙන් පෙන්වා දෙයි. ඒ හේතුවෙන් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ, ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කොට එය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කර ලෙසය. එමෙන්ම ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය පිළිබඳ සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබේ. |
2022-11-15T15:49:48.000Z | කොදෙව් 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් | ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට විශිෂ්ට ජයක් | COLOMBO (News 1st) - වයස අවුරුදු 19න් පහළ බාලිකා පන්දුවාර 20යි 20 සිව්කොන් ක්‍රිකට් තරගාවලියේ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගය ශ්‍රී ලංකාව කඩුලු 6කින් අද (15) ජය ගත්තේ ය. තරගය පැවැත්වූයේ ඉන්දියාවේ විසාකාපට්නම් හීදීය . තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3කට ලකුණු 95ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 15යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය. |
2022-11-15T15:47:24.000Z | ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා අග්නිදිග විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට | අග්නිදිග සරසවියට නව කුලපතිවරයෙක් | COLOMBO (News 1st) - ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා අග්නිදිග විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත්කර තිබේ. ඒ, වසර 5ක කාලයක් සඳහායි. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකළ බවය. |
2022-11-15T08:49:52.000Z | ජනගහනයෙන් 20%කට දියවැඩියාව වැළදීමේ අවදානමක් | ජනගහනයෙන් 20%කට දියවැඩියාව වැළදීමේ අවදානමක් | COLOMBO (News 1st) – වසර 08ක් ඇතුළත ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් 20%ක් දියවැඩියා රෝගීන් බවට පත්වීමේ අවදානමක් ඇතැයි සමීක්ෂණයකින් හෙළි වී තිබේ. වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා දියවැඩියාවෙන් වැළැකීමට පියවර ගත යුතු බවයි. දියවැඩියා රෝගය නිසි පරිදි කළමනාකරණය නොකළ හොත් එය සෘජුව ඇස්වලට බලපෑම් කළ හැකි බව මෙහිදී ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ විශේධෂඥ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆික් මහතා අවධාරණය කළේ ය. |
2022-11-15T08:40:55.000Z | ලෝක ජනගහනය බිලියන 8 ට ළඟාවෙයි | ලෝක ජනගහනය බිලියන 8 ට ළඟාවෙයි | COLOMBO (News 1st) – ලෝක ජනගහනය බිලියන 8 ට ආසන්න වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ, ඊට වසර 11 ක පමණ කාලයක් ගත වූ බවයි. 20 වන ශතවර්ෂයේ දෙවන භාගයේ විශාල ජනගහන වර්ධනයක් පෙන්නුම් කළත්, මේ වනවිට එය මන්දගාමී වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. ලෝක ජනගහනය බිලියන 9 ට ආසන්න වීමට තවත් වසර 15 ක් පමණ ගතවනු ඇතැයි පුරෝකථනය කරන හම සංවිධානය පවසන්නේ, 2080 වන විට ලෝක ජනගහනය බිලියන 10 ඉක්මවනු ඇති බවයි. |
2022-11-15T06:52:55.000Z | හිරුණිකා ඇතුළු 15 දෙනාට ඇප... | හිරුණිකා ඇතුළු 15 දෙනාට ඇප... | COLOMBO (News 1st) – අත්අඩංගුවට ගෙන සිටි සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දන අමරසිංහ මහතා අද නියෝග කළේ ය. ඇය ඇතුළු පිරිස ඊයේ අත්අඩංගුවට ගැණුනේ ජනාධිපතිවරයාගේ නිවසට යන මාර්ගයේ වීදි නාට්‍යයක් රඟ දැක්වීමට ගිය අවස්ථාවේයි. කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද පෙරවරුවේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණ. |
2022-11-15T04:08:28.000Z | හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණය හමුවට | හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණය හමුවට | COLOMBO (News 1st) – කුරුඳුවත්ත පොලීසිය චෝදනා කිහිපයක් මත ඊයේ අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිවරයාගේ නිවසට යන මාර්ගයේ විරෝධතාවක නිරතවූ හිටපු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනෙකු එහිදි පොලිසිය අත්අඩංගුවට ගත්තේ ය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිස ඊයේ පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රය අසලින් පාගමනක් ආරම්භ කළේ, කාන්තා හිංසනයට එරෙහිවයි. පාගමන ආරම්භ කර ඉදිරියට ගමන් කරද්දී ඊට මැදිහත්වූ පොලිසිය ගමන වැළැක්වීමට උත්සාහ කළේ ය. පසුව පිරිස කොළඹ එකස්ත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිටට පාගමනින් පැමිණි අතර පොලිසිය වරින් වර ඊට බාධා කරමින් ප්‍රකාශ කළේ, එක් අයෙකු පසුපස තවත් අයෙකු ලෙස පදික වේදිකාවේ ගමන් කරන ලෙස දන්වමිනි. එක්සත් ජාතිනීන්ගේ කාර්යාලය ඉදිරිපිට පැමිණි පිරිස වීදි නාට්‍යයක් රඟ දැක්වීමට පියවර ගත්තේ ය. අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රමුඛ පිරිස ජනාධිපතිවරයාගේ නිවස දෙසට පැමිණි අතර මහගමසේකර මාවත ඉදිරිපිටින් පොලිසිය මාර්ග බාධක යොදා ඔවුන්ගේ ගමන අවහිර කළේ ය. එහිදී පිරිස නැවතත් වීදි නාට්‍යය රඟ දැක්වී ය. පොලිසිය කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමත් සමග නැවතත් ඇතිවුනේ සංවාධාත්මක තත්ත්වයක්. මේ අතර වාරයේ වීදි නාට්‍යයේ රගපෑ කාන්තාවක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. එම කාන්තාව අත්අංගුවට ගත් බව දැනගත් වහාම හිරුණීකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලිසිය දෙසට දිවගියා ය. කුරුඳුවත්ත පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණි පිරිස විරෝධතාවක් ආරම්භ කරමින් කියා සිටියේ අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කරන ලෙසයි. අනතුරුව පොලිසිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කිහිප දෙනෙක් අත්අඩංගුගවට ගැනීමට පියවර ගත්තේ ය. |
2022-11-15T03:33:25.000Z | කඩුවකින් කළ පහර දීමකින් කුඩා දරුවෙක් මියයයි... මව ඇතුළු තවත් දරු දෙදෙනෙක් රෝහලේ | එකම පවුලේ සිව් දෙනෙකුට කඩු ප්‍රහාරයක්... | COLOMBO (News 1st) – මාතලේ, රබිමගම නිවසක පදිංචිව සිටි එකම පවුලේ සිව් දෙනෙකුට අසල්වැසියෙකු කඩුවකින් කළ පහරදීමකින් අවුරුදු තුනහමාරක පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය පැවසුවේ, අසල නිවසක පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද මෙම පහරදීමෙන් තුවාල ලැබූ මව, දියණිය සහ පුතුන් දෙදෙනා මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පිරිමි දරුවෙකු එලෙස මිය ගොස් ඇති බවයි. වයස අවුරුදු 38 ක් වූ මව, අවුරුදු 19 ක් වන දියණිය සහ අවුරුදු 15 ක් වූ පිරිමි දරුවා මේ වන විට මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම පවුල සහ යාබද නිවසක පවුලක් අතර කලක් තිස්සේ පැවති පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි. අපරාධය සඳහා යොදා ගත් කඩුව ද සමගින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. |
2022-11-15T03:03:37.000Z | පස්යාලේ මාරක අනතුරක්... පියා සහ දියණිය මරුට | පස්යාලේ මාරක අනතුරක්... පියා සහ දියණිය මරුට | COLOMBO (News 1st) - මීරිගම, පස්යාල මාර්ගයේ කොටකන්ද ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් පියෙකු සහ දියණියක මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ සවස මීරිගම සිට පස්යාල දෙසට ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් ඔවුන් දෙදෙනා මියගොස් ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 14 හා 54 යන යන වයස්වල පසුවන පියෙක් සහ දියණියකි. උපකාරක පන්ති අවසන්වීමෙන් පසු පියා දියණිය නිවසට කැඳවාගෙන එමින් සිටියදී අනතුරට මුහුණ පා තිබේ. පොලීසිය පැවසුවේ, අනතුරින් පසු පළා ගිය මොටර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි. |
2022-11-15T02:39:27.000Z | පොලීසියේ අත්තනෝමතික ක්‍රියා නිසා මානව හිමිකම් උල්ලංඝණය සිදුවෙනවා - මානව හිමිකම් කොමිසම | මානව හිමිකම් කොමිෂන් සභාවෙන් දැනුම්දීමක් | COLOMBO (News 1st) - පොලීසිය විසින් මේ දිනවල සිදු කරන අත්තනෝමතික ක්‍රියාත්මකවීම් නිසා ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝණයන් නිරන්තරයෙන් සහ දිගින් දිගටම සිදුවන බව නිරීක්ෂණය වී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. කොමිෂන් සභාව සඳහන් කළේ, එම තත්ත්වයන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවගුණයට හා නීතියේ ආධිතපත්‍යට බලවත් තර්ජනයක් බව මානව හිමිකම් කොමිෂන් සභාවේ මතය බවයි. නීතිය ආරක්ෂා කිරීමට බැඳී ඇති නිලධාරීන් මෙලෙස හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව කොමිසම පෙන්වා දෙයි. ඒ හේතුවෙන් මේ පිළිබඳව කරුණු විමසීමට ලබන 21 වැනි දා පෙරවරු 10.00 ට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට පැමිණෙන ලෙස දන්වා ඇත. |
2022-11-15T01:34:54.000Z | පළාත් පාලන මැතිවරණය ගැන විපක්ෂය හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡා | විපක්ෂය හා මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් | COLOMBO (News 1st) - සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම් කිහිපයක් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් අද (15) පැවැත්වේ. ඒ, අද දහවල් 12.30 ට මැතිවරණ කොමිෂන් සභාවේදීයි. මෙයට පොදුජන පෙරමුණේ විපක්ෂයේ අසුන්ගෙන සිටින ජී.එල්.පීරිස් සහ ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායම සහ අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා ඇතුළු පිරිස නියෝජනය කරන කණ්ඩායම ද සහභාගී වනු ඇති. එහිදී පළාත් පාලන මැතිවරණය කල් නොදමා පවත්වන ලෙස මැතිවරණ කොමිසම දැනුවත් කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ ය. මේ අතර පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අප කළ විමසීමකදී කියා සිටියේ, තම පක්ෂය ද මැතිවරණ කල් නොදමා පවත්වන ලෙස මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බවයි. |
2022-11-15T01:22:47.000Z | පොලීසියට එරෙහිව පොලිස් කොමිසමට පැමිණිලි 1200 ක් | පොලීසියට එරෙහිව පොලිස් කොමිසමට පැමිණිලි 1200 ක් | COLOMBO (News 1st) - මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට මේ දක්වා කාලය තුළ පොලීසියට එරෙහිව මහජනතාවගෙන් පැමිණිලි 1200 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි ජාතික පොලිස් කොමිසම පවසයි. එහි සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන අරම්භ කර ඇති බවය. එවැනි පැමිණිලි 1960 ට යොමුකළ හැකි බව ද ඔහු පැවසුවේ ය. |
2022-11-15T01:18:43.000Z | දිස්ත්‍රික්ක 7 කට නායයෑම් අනතුරු ඇඟවීම් | දිස්ත්‍රික්ක 7 කට නායයෑම් අනතුරු ඇඟවීම් | COLOMBO (News 1st) - ඊයේ (14) දිනයේ සිට ඇද හැළෙන වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 7 කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඒ අනුව බදුල්ල, කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, මාතර හා රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, අදත් දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි අපේක්ෂා කරන බවය. අකුරැස්ස, පානදුගම ප්‍රදේශයෙන් නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා අද (15) අලුයම සිට අකුරැස්ස - පිටබැද්දර මාර්ගය ජලයෙන් යටව ඇත. ඊයේ රාත්‍රියේ සිට හැදහැලෙන වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ ඇතැම් ස්ථාන ද ජලයෙන් යටව තිබුණි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය වසන්නේ, කොළඹ නගරයේ පාදුක්ක සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව නාය යෑම් පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි. |
2022-11-15T00:56:59.000Z | අයවැය දෙවැනි වර කියවිමේ විවාදය අද සිට | අයවැය දෙවැනි වර කියවිමේ විවාදය අද සිට | COLOMBO (News 1st) - අයවැය දෙවැනි වර කියවීම හෙවත් අයවැය කතාවට අදාළ පාර්ලිමේන්තු විවාදය අද (15) ආරම්භ වේ. එම විවාදය ලබන අඟහරුවාදා (22) දක්වා පැවැත්වෙනු ඇති. එක් එක් මුදල් ශිර්ෂ පිළිබඳ විවාදය හෙවත් අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වැනි බදාදා සිට දෙසැම්බර් 8 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතයි. අයවැය තුන්වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 8 වැනි දා පස්වරුවේ පැවැත්වීමෙන් පසු 2023 අයවැයට අදාළ පාර්ලිමේන්තු ක්‍රියාවලිය නිමාවට පත්වනු ඇති. නව ආර්ථික ක්‍රමවේදයක් යටතේ රට ඉහළට ඔසවා තැබීමට සහය දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කළේ ය. ඒ, 2023 අයවැය විසර්ජන පනත් කෙටුම්පත ඊයේ (14) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි. |
2022-11-15T00:45:18.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | 1. 2023 – අයවැය යෝජනා සැකෙවින්...: මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14 ) සවස 2023 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. 2. වසන්ත මුදලිගේ තංගල්ල මහේස්ත්‍රාත් හමුවට - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබේ. 3. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15ක් පොලිස් අත්අඩංගුවට - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනෙකු කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 4. දියවැඩියා රෝගීන් වාර්තාවීම දෙගුණයකින් ඉහළට - ලෝක දියවැඩියා දිනය ඊයේ (14) යෙදී තිබේ. 5. ධනුෂ්කට ඇප ඉල්ලා නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇප අයැදුම්පතක් - ඔස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබේ. |
2022-11-13T15:30:01.000Z | පොහොට්ටුවෙන් තරග කර පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරු 6ක් සමගි ජන සන්ධානයට.. | පොහොට්ටුවේ මන්ත්‍රීවරු 6ක් සමගි ජන සන්ධානයට.. | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු අද පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන සන්ධානයට එක්විය. විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කළ ආකාරයට එලෙස එක්වී ඇත්තේ, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජයරත්න හේරත්, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ජෝන් සෙනෙවිරත්න හා ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රීවරුන්ය. |
2022-11-14T03:27:27.000Z | හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15ක් පොලිස් අත්අඩංගුවට | හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15ක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනෙකු කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, චෝදනා කිහිපයක් මත අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවය. සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අද(14) පෙරවරුවේ විරෝධතාවයක් සිදු කළේ, කාන්තා අයීතින් සුරකින ලෙස රජයට බලකරමිනි. විරෝධතාව අතරතුර පොලිස් භාරයට ගත් කාන්තාවන් පිරිසක් නිදහස් කරන ලෙස ඉල්ලා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිස කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත පැමිණියේ ය. එහිදි කුරුඳුවත්ත පොලීසිය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. |
2022-11-14T05:35:07.000Z | වසන්ත මුදලිගේ තංගල්ල මහේස්ත්‍රාත් හමුවට | වසන්ත මුදලිගේ තංගල්ල මහේස්ත්‍රාත් හමුවට | ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, ඔහු තංගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ බවයි. |
2022-11-14T04:34:12.000Z | 2023 - අයවැය යෝජනා සැකෙවින්... | 2023 - අයවැය යෝජනා සැකෙවින්... | COLOMBO (News 1st): මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(14 ) සවස 2023 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. 🛑 ආර්ථිකයට හා සේවක දෙපාර්ශවයටම ප්‍රතිලාභ ලැබෙන පරිදි නව යාවත්කාලීන කළ තනි කම්කරු නීතියක් බලාත්මක කිරීම. 🛑 මධ්‍යසාරවල නිෂ්පාදනවලට අදාළ පරීක්ෂණ කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ නව රසායනාගාරයක් ස්ථාපනය කිරීමට රුපියල් මිලියන 100ක්. 🛑 විද්‍යුත් මෝටර් රථ මෙරට දී නිෂ්පාදනය කිරීමට පහසුකම් සැලසීම සඳහා යෝජනා. 🛑 ත්‍රෛලෝක විජය පත්‍ර බෝගය (ගංජා) අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමේ හැකියාව සොයා බැලීම හා විශේෂඥ කමිටුවක් පත්කිරීම. 🛑 විදේශ රැකියා අවස්ථා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරිමට ජාතික තරණ සේවා සභාව වෙත රුපියල් මිලියන 50 ක්. 🛑 බන්ධනාගාරගත රැඳවියන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 100 ක්. 🛑 සෞඛ්‍යමය ගැටලු අඩු කර පවත්නා ළමා පෝෂණ අතිරේක තවදුරටත් ශක්තිමත් කිරීමටත් රුපියල් මිලියන 500ක්. 🛑සමෘද්ධි, වැඩිහිටි, විවිධ හැකියා ඇති පුද්ගලයින්ගේ හා වකුගඩු රෝගීන්ගේ දීමානාවල ප්‍රතිලාභීන්ට ගෙවනු ලබන වැඩි කරන ලද දීමනා අඛණ්ඩව ලබා දීම. 🛑 ක්ෂුද්‍ර මූල්‍ය හා ණය දෙනු ලබන ව්‍යාපාරවල පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරියක්. 🛑 දේශගුණික විපර්යාස සඳහා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට සැලසුම්. මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 100ක්. 🛑 රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමට යෝජනා (පළමු අදියර ලෙස ජාතික හා මූලික රෝහල්වල). 🛑 බදුල්ල, කුරුණෑගල හා පොළොන්නරුව රෝහල් ශික්ෂණ රෝහල් ලෙස උසස් කිරීම. 🛑 පානීය ජල බෝතල් සඳහා ආරක්ෂිත මුද්‍රාවක් හඳුන්වා දීමට හා පසුවිපරම් කිරීම. 🛑 විදේශ මුලාශ්‍ර සහ රජයේ දායකත්වයෙන් ආගමික ස්ථානවලට සූර්ය පැනල ලබාදීම. 🛑 පළාත් සහ ජාතික පාසල්වල සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 200 ක්. 🛑 පොල් ඉඩම් කැබලි කිරීම අක්කර 1 ට හෝ ඊට වඩා අඩු පොල් ඉඩම් සඳහා පමණක් සීමා කිරීම. 🛑 කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 10 ක් ස්ථාපනය කිරීම. 🛑 ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී වාහනයකට රුපියල් 100 කට නොඅඩු වාර්ෂික ගාස්තුවක් අය කිරීම මගින් මාර්ග නඩත්තු අරමුදලක් ස්ථාපනය කිරීම. 🛑 මත්ත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාවල ධාරිතාවය ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 100 ක්. 🛑 ආහාර සුරක්ෂිතතාව පිළිබඳ මාර්ගගත විද්‍යුත් පද්ධතියක්. 🛑දුෂ්කර ප්‍රදේශවල පිහිටි ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ද්විතියික පාසල් 1000කට නොමිලේ අන්තර්ජාල පහසුකම්. 🛑 විශ්වවිද්‍යාලවල පවත්වන උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය සහ ප්‍රතීතනය පිළිබඳ තහවුරු කිරීමට තත්ත්ව සහ ප්‍රතීතන මණ්ඩලයක්. 🛑 ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම්, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස්එජ් , ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ඒවායේ පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහගත කරණය සඳහා පියවර. 🛑 විශේෂ කාණ්ඩ හැරැණු කොට සන්නද්ධ හමුදා සාමාජිකයින් සඳහා අවුරුදු 18 ක සේවා කාලයකින් පසු විශ්‍රාම යාමට ඉඩ. 🛑 බදු නොගෙවීම හෝ වෙනත් හේතූ මත , ශ්‍රී ලංකා රේගුව මගින් රඳවාගත් වාහන අදාළ බදු හා දඩ ගෙවීමට යටත්ව නිදහස් කිරීම. 🛑 'බුකීකරු' යන්නෙහි අර්ථය මාර්ගගත ඔට්ටු ඇල්ලීම් ද ඇතුළත්ව සියලු ආකාරවල ක්‍රීඩා සඳහා ඔට්ටු ලබාගන්නා හා තැනැත්තන් ආවරණය වන පරිදි පුළුල් කිරීම. 🛑 2023/24 අධ්‍යයන වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි දීප ව්‍යාප්ත කුසලතා පදනමෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා ප්‍රතිශතය 40% සිට 50% දක්වා පියවරෙන් පියවර ඉහළ නැංවීම. 🛑 දුෂ්කර ප්‍රදේශවල පිහිටි ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ද්විතීයික පාසල් 1000 කට නොමිලේ අන්තර්ජාල පහසුකම්. 🛑 සූදු /කැසිනෝ යන්නෙහි අර්ථ නිරූපණයට මාර්ගගත සූදු කැසිනෝ ද ඇතුළත් වන පරිදි පුළුල් කිරීම 🛑 බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම. 🛑 පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා පෞද්ගලික දත්ත සැකසීම නියාමනයට දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීම. 🛑 බීඩියක් මත රුපියල් 2 ක බද්දක් පැනවීම. 🛑 පෞද්ගලික අංශයේ රැකියාවල නිරත වන සේවකයින්ට රැකියා අහිමිවුවහොත් මස 3කට දීමනාවක් ලබා දීමට හැකි රක්ෂණාවරණයක් හා රක්ෂණ අරමුදලක් පිහිටුවීම. 🛑 2022 වසරේ උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්නා සිසුන් 75 දෙනෙකුට විදේශ ශිෂ්‍යත්ව ලබා දීම. 🛑 ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට යෝජනා. මිලියන 200ක්. 🛑 පේරාදෙණිය, රුහුණ, යාපනය විශ්වවිද්‍යාලවලත් වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි ආරම්භ කිරීම 🛑 ජලය මත ලිස්සායාම වැනි ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය සඳහා යෝජනා. 🛑 භාවිත නොකරන ඉඩම් අපනයන භෝග වගාවට ලබා දීමටත්, කෘෂිකාර්මික ඉඩම් බදු දීමට පහසු වන පරිදි නව නීතියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. 🛑 කුරුඳු කර්මාන්තයේ සංවර්ධනය සඳහා කරන්දෙණිය ප්‍රදේශයට නව දෙපාර්තමේන්තුවක් 🛑 සියලු ජාත්‍යන්තර වෙළෙඳ සම්බන්ධතා පිළිබඳ කටයුතු කිරීමට ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම. 🛑 විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ආර්ථික බස්නාහිර, වයඹ, පළාත් සහ ත්‍රිකුණාමලය ආශ්‍රිතව නව ආර්ථික කලාප ඇති කිරීම. එක් ආර්ථික කලාපයක් අක්කර 1000ක් 🛑 සූර්ය බලශක්තිය නිපදවීමට යොදා ගන්නා පැනල සහ ප්‍රතිවර්තක ආනයනය කිරීමේදී අය කරන වරාය හා සමාජ ආරක්ෂණ බද්ද ලබන ජනවාරි 1 සිට ඉවතට. 🛑 අය- වැය 2023 ආර්ථික පරිවර්තනය සඳහා අවශ්‍ය නීති සංශෝධන සහ නව පනත් නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට 🛑 2023 වසර අග වන විට රාජ්‍ය සේවකයින්ට සහ විශ්‍රාමිකයින්ට සැලකිය යුතු සහනයක් ලබා දීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා - ජනපති 🛑 2023 අය වැය යෝජනා ඔස්සේ 21 වන සියවසේ නව ලෝකයට ගැළපෙන නව ආර්ථිකයක් ගොඩ නැංවීමේ ක්‍රියාවලිය ඇරඹෙන බව ජනපති කියයි. 🛑 ආර්ථික ප්‍රතිසංස්කරණය, IMF සමග එකඟතාවයකට පැමිණි ප්‍රතිසංස්කරණවලට සීමා වන්නෙ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කළ ප්‍රතිසංස්කරණ සීමා වන්නේ ආර්ථික ස්ථායීකරණය සඳහා පමණයි- ජනපති |
2022-11-14T07:13:30.000Z | දියවැඩියා රෝගීන් වාර්තාවීම දෙගුණයකින් ඉහළට | ගර්භණී මව්වරුන්ගෙන් 10% කට දියවැඩියාව .. | COLOMBO ( News 1 st ) - ලෝක දියවැඩියා දිනය අද (14) යෙදී තිබේ. ''දැනුවත් වී ආරක්ෂා වෙමු ''යන්න මෙවර දියවැඩියා දිනයේ තේමාව වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ, විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය සඳහන් කළේ 2015 වසරට සාපේක්ෂව 2021 වසර වෙන විට මෙරටින් දියවැඩියා රෝගීන් වාර්තාවීම දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි. වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ ගර්භනී මව්වරුන්ගෙන් 10% කට දියවැඩියාව පවතින බව හඳුනා ගෙන ඇති බවයි. |
2022-11-14T05:08:27.000Z | කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 24 ක ජල කප්පාදුවක්... | කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් | COLOMBO (News 1 st ) - කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා (16) බදාදා පෙරවරු 8.30 සිට පැය 24ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව අදාළ කාලය තුළ වාද්දුව, වස්කඩුව පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර (උතුර/ දකුණ), කටුකුරුන්ද /නාගොඩ,බෝම්ඹුවල,පිලමිනාවත්ත යන ප්‍රදේශවලට ජල කප්පාදුව සිදු කෙරෙනු ඇති. ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. |
2022-11-14T04:32:48.000Z | ධනුෂ්කට ඇප ඉල්ලා නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇප අයදුම්පතක්.. | ධනුෂ්කට ඇප ඉල්ලා ඇප අයදුම්පතක්.. | COLOMBO ( News 1 st ) – ඔස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබේ. ඔස්ට්‍රේලියානු මාධ්‍ය අනාවරණ කළේ, ලබන 8 වැනිදා එම අයැදුම්පත සලකා බැලෙනු ඇති බවයි. කාන්තාවක සමග කැමැත්තෙන් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට චෝදනා 4 ක් ගොනුකර තිබේ. ලෝක කුසලාන 2020 ක්‍රිකට් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින අතරතුර ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවරදී අත්අඩංගුවට පත්විය. එහිදී සිඩ්නි අධිකරණයෙන් ඔහු ඇප ඉල්ලීමක් කළත්, එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වීම නිසා ඔහුගේ නීතිඥවරුන් නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. |
2022-11-14T01:39:18.000Z | ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (14) | ආණ්ඩු පක්ෂය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් | COLOMBO ( News 1 st ) - ආණ්ඩු පක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්විමක් අද පැවැත් වීමට නියමිතයි. ඒ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද(14) පස්වරු පහට අරලියගහ මන්දිරයේදීයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ, මෙහිදි අයවැය යෝජනා පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට විශේෂ පැහැදිලි කිරීමක් සිදු කිරීමට නියමිතව ඇති බවයි. මේ අතර අය-වැය යෝජනා සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා අද පස්වරුවේ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්විමක් කැඳවා ඇතැයි ද සමගි ජන බලවේගය සඳහන් කරයි. එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී, රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ අද(14) පස්වරුවේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදි එම රැස්වී ම පැවැත්වෙන බවයි. මේ අතර අයවැය යෝජනා පිළිබඳව සාකච්ජා කිරිම සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිසංස්කරණවාදි කණ්ඩායම නියෝජනය කරන, නිදහස ජනතා සභාවේ මන්ත්‍රී කණ්ඩාමේ රැස්විමක් අද (14) පස්වරු 5 ට පැවැත්වෙන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ ය.. |
2022-11-14T01:35:16.000Z | එම්.වී. හෙරොයික් ඉන්දුන් නැවේ ලාංකිකයින් මුදා ගැනීමට සාකච්ජා... | ඉන්දුන් නැවේ ලාංකිකයින් මුදා ගැනීමට සාකච්ඡා. | COLOMBO ( News 1 st ) - අත්අඩංගුවේ පසුවන එම්.වී. හෙරොයික් ඉන්දුන් නෞකාවේ සිටින ශ්‍රි ලංකිකයින් මුදාගැනීමේ සාකච්ඡා සඳහා කෙන්යාවේ, ශ්‍රී ලංකා තානාපති වේලුපිල්ලේ කන්නනාදන් මහතා නයිජීරියාව බලා පිටව ගොස් තිබේ. ඒ අනුව අද(14) දිනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා, නයිජීරියාවේ ජනාධිපතිවරයා සහ නාවික හමුදාපතිවරයා හමුවී ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. සමකාසන්න ගිනී රාජ්‍යයේ දී මීට මාස 3 කට පෙර ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු සමග අත්අඩංගුවට ගෙන සිටි එම්.ටී හෙරොයික් ඉඳුන් නෞකාව පෙරේදා දිනයේදී නයිජීරියාවට භාරදී තිබෙන අතර එම නෞකාව අගෝස්තු 14 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉන්ධන රැගෙන යාමට නයිජිරියාව බලා ගොස් ආපසු යාත්‍රා කරමින් සිටියදීයි. මේ වන විට නයිජීරියාවේ නැංගුරම් ලා ඇති නෞකාවේ සේවයේ නියුතු 16 දෙනෙකු නෞකාවෙන් බැහැරට රැගෙන ගොස් ඇති අතර එහි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයෙකු නිව්ස්ෆස්ට් වෙත සඳහන් කළේ විමර්ශන සඳහා යැයි පවසමින් ඔවුන්ව නෞකාවෙන් බැහැරට රැගෙන ගිය බවයි. මේ අතර අදාළ ශ්‍රී ලාංකිකයින් කඩිනමින් මුදාගැනීම සඳහා කටයුතු කරමින් ඇතැයි සමස්ත ලංකා වෙළෙඳ නාවිකයින්ගේ සංගමයේ ලේකම් රන්ජන් පෙරේරා මහතා සඳහන් කළේය. මේ අතර නයිජිරියාව භාරයට ගෙන ඇති එම්.ටී හෙරොයික් ඉඳුන් නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කරමින් ඇතැයි වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයද නිවේදනය කර තිබේ. |
2022-11-13T19:53:59.000Z | පොලිස් නිලධාරියෙක් නිලධාරිනියන්ට හිරිහැර කිරීම ගැන SLHRC වාර්තාවක් කැඳවයි | පොලිස්නිලධාරිනියන්ට හිරිහැරකිරීම: වාර්තාවක් කැඳවයි | COLOMBO (NEWS1ST): පොලිස් නිලධාරියෙක් පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුට හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි. එහි සභාපති විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය පැවසුවේ, එම වාර්තාව අද(14) දිනයේ ලැබීමට නියමිත බවයි. අදාළ වාර්තාව ලද වහාම ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ඇය සඳහන් කළා ය. |
2022-11-14T01:20:23.000Z | යූරියා පොහොර ගොඩබෑම ඇරඹේ.. | යූරියා පොහොර ගොඩබෑම ඇරඹේ.. | COLOMBO (News 1st) – මැලේසියාවේ සිට යූරියා රැගෙන දිවයිනට ආ නෞකාවේ පොහොර ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබේ. යූරියා මෙට්‍රික් ටොන් 22,000ක් රැගත් එම නෞකාව ඊයේ(13) පස්වරුවේ කොළඹ වරායට සේන්දු විය. කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ, මෙවර මහ කන්නයේ වී හා බඩඉරිඟු වගාවන් සඳහා අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනිමට ලෝක බැංකුව විසින් ලබා දෙන ලද ඇමරිකානු ඩොලර් මිලියන 105 ක මුල්‍ය ප්‍රතිපාදන යටතේ මෙටට පැමිණි දෙවන නෞකාව මෙය වන බවයි. මේ වනවිට ලෝක බැංකු ණය ප්‍රතිපාදන යටතේ මෙවර මහ කන්නය සඳහා ලැබී ඇති යුරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 35,000 කි. පසුගිය යල කන්නයේ දී ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් යටතේ මිලදි ගත් පොහොර මෙට්‍රික් ටොන් 65,000න් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 34,000ක් දැනට ඉතිරිව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය. එම අමාත්‍යාංශය පැවුසවේ, එම පොහොර ප්‍රමාණයද මේ වනවිට මහ කන්නයේ වී වගාවේ පළමු යුරියා පොහොර මුරය සඳහා සියලුම ගොවිජන මධ්‍යස්ථාන වෙත බෙදා හැර ඇති බවයි. මෙම මස 28 වැනිදා තවත් යුරියා පොහොර නැවක් මෙරටට ළඟා වෙයි. ලබන මස පළමු සතියේදී බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නැවක් කොළඹට පැමිණීමට නියමිත ය. |
2022-11-14T01:19:44.000Z | ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා... | ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා... | COLOMBO ( News 1 st ) - අයහපත් කාලගුණය හේතුවෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 12 කණුව ප්‍රදේශයේ මාර්ගයට ගල් සහ පස් කඩා වැටී ගමනා ගමනයට බාධා මතුව තිබේ. පොලිසිය පැවසුවේ එම ගල් සහ පස් ඉවත් කරන තෙක් ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රථවාහන ගමනා ගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බවයි. මේ අතර පස් කඳු කඩාවැටීමෙන් පස්සර , ලුණුගල මාර්ගය කිලෝමීටර් 156 කණුව අසලින් තවදුරටත් අවහිර වී තිබෙන අතර පොලිසිය පැවසුවේ, එම පස් කඳු ඉවත් කරන තෙක් පස්සර හා ලුණුගල අතර රථවාහන ධාවනය තාවකාලිකව නවතා දමා ඇති බවයි. මේ අතර දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ක පමණ තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. |
2022-11-13T19:46:53.000Z | 2023 අය වැය අද (14) පාර්ලිමේන්තුවට.. | 2023 අය වැය අද (14) පාර්ලිමේන්තුවට.. | COLOMBO ( News 1 st ) - ස්ථාවර හා දිගු කාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අය - වැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ , ප්‍රාග්ධන වෙළෙඳපොළ, අපනයන වෙළෙඳපොළ, ශ්‍රම වෙළෙඳපොළ සහ ඩිජිටල් ආර්ථිකය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් 2023 අය වැය මගින් යොමු කර ඇති අතර සමාජ වෙළෙඳපොළ ආර්ථිකය ඔස්සේ අය වැය ඉලක්ක සපුරා ගැනීමට අපේක්ෂා කෙරෙන බවයි. සමාජ සුබසාධන ප්‍රතිලාභ නිශ්චිතවම අවශ්‍ය වන ජනතාව වෙත පිරිනැමීමටත්, පුද්ගලික අංශය මෙරට ආර්ථිකයේ ගාමක බලවේගය ලෙස ගොඩනැගීම සඳහා වන ප්‍රතිපත්තිමය පරිසරයක් සකස් කිරීම කෙරෙහි ද මෙවර අය වැයෙන් වැඩි අවධානයක් යොමු කර තිබේ. අය- වැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 සිට දෙසැම්බර් 8 වනදා දක්වා පැවැත්විමට නියමිත අතර අයවැය තුන්වර කියවීමේ ජන්ද විමසිම දෙසැම්බර් 8 වනදා පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. මේ අතර ලබන වසරේ රජයේ වියදම රුපියල් කෝටි හත් ලක්ෂ අසූ හත් දහස් නවසිය හතළිස් නවය ඉක්මවා තිබේ. ලබන වසරේ වැටුප් ගෙවීම් ඇතුළු එදිනෙදා කටයුතුවලට අවශ්‍ය වන පුනරාවර්තන වියදම් සඳහා වෙන්කර ඇති මුදල රුපියල් කෝටි හාරලක්ෂ හැටතුන්දහස් හාරසියයකට අධික වන අතර ලබන වසර සඳහා වැඩිම මුදලක් වෙන් කෙරෙන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත්පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය වෙනුවෙනි. එම මුදල රුපියල් කෝටි අසූ පන් දහස් හයසිය විසි පහකි. මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි හැට එක් දහස් තුන්සිය අනූ තුනකට අධිකව වෙන් කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් කෝටි හතළිස් එක් දහසකි. |
2022-11-13T16:47:08.000Z | තුර්කියේ ස්ථාන්බුල් නුවර පිපිරීමකින් 06ක් මරුට | තුර්කියේ පිපිරීමකින් 06ක් මරුට | COLOMBO ( News 1 st ) - තුර්කියේ ඉස්තාන්බුල් නුවර ජනාකීර්ණ ප්‍රදේශයක සිදු වූ පිපිරීමකින් 06 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. පිපිරීමට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති අතර විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, මේ වනවිට පුද්ගලයින් 38 දෙනෙකු තුවාල ලබා ඇති බවය. මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට සැක පළ කරන බව ද විදෙස් මාධ්‍ය පවසයි. |
2022-11-13T16:10:39.000Z | 2023 අය - වැය හෙට (14) පාර්ලිමේන්තුවට | 2023 අය - වැය හෙට (14) පාර්ලිමේන්තුවට | COLOMBO ( News 1 st ) - ස්ථාවර හා දිගුකාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අය - වැය හෙට දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 2023 අය වැය ප්‍රකාශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , මුදල් අමාත්‍යවරයා ලෙස හෙට (14) 2023 අය වැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. |
2022-11-13T16:08:14.000Z | පස් කඳු කඩා වැටීමෙන් පස්සර සිට ලුණුගල දක්වා ගමනා ගමනයට බාධා... | පස්සර - ලුණුගල මාර්ගයට පස් කඳු කඩා වැටෙයි | COLOMBO (News 1st ) - පස් කඳු කඩා වැටීම හේතුවෙන් පස්සර සිට ලුණුගල දක්වා මාර්ගය අවහිර වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ පස්සර සිට ලුණුගල දක්වා වූ මාර්ගයේ 156km කණුව අසලින් මෙම අවහිර වීම සිදුව ඇති බවයි. ඒ අනූව එම මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. |
2022-11-13T13:41:13.000Z | පකිස්ථානය පරාජය කළ එංගලන්තය දෙවන වරටත් T20 ලෝක කුසලානය දිනාගනී.. | එංගලන්තය දෙවන වරටත් T20 ලෝක කුසලානය දිනාගනී.. | COLOMBO ( News 1 st ) - එංගලන්තය දෙවැනි වරටත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය අද(13) ජය ගැනීමට සමත් විය. ඒ, පකිස්ථානයට එරෙහි අවසන් මහා තරගය කඩුලු 5කින් ජය ගනිමිනි. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථානය කඩුලු 8ක් දැවී ලකුණු 137ක් රැස් කළේය. නායක බාබර් අසාම් ලකුණු 32ක් ගත් අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශාන් මසූඩ් පන්දු 28කින් ලකුණු 38ක් රැස් කිරීමට සමත් විය. ශඩාබ් ඛාන් ලකුණු 20 ක් ලබා ගත් අතර පකිස්ථාන පිතිකරුවන් 6 දෙනෙක්ම අඩු ලකුණු සංඛ්‍යාවකට පිටියෙන් ඉවත් වූ අතර සුපිරි පන්දු යැවීමක නිරත වූ සෑම් කරන් කඩුලු 3ක් දවා ගත්තේය. ලකුණු 138ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 2 බිඳ වැටුණේ ලකුණු 32කදීය. නායක ජෝස් බට්ලර් ලකුණු 26ක් රැස් කළ අතර බෙන් ස්ටෝක්ස් පන්දු 49කින් ලකුණු 52ක් රැස් කළේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින්. එංගලන්තය තරගය ජය ගත්තේ පන්දුවාර 19ක් අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී තිබියදීය. එංගලන්තය 2010 වසරේදී ද පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැන්මට සමත් වූ අතර ඒ අනුව එංගලන්තය මේ වනවිට එක්දින සහ පන්දුවාර 20යි 20 යන අංශ දෙකේම ශූරයින් බවට ලත් වීමද විශේෂත්වයකි. මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ වීරයා සම්මානය එංගලන්තයේ සෑම් කරන්ට හිමිවිය. ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත්විය. තරග 8කදී වනිඳු දවාගත් කඩුලු ගණන 15කි. |
2022-11-13T13:21:18.000Z | ගමක දුක දැක හිත් උණු වූ කොළඹ පාසලක දරුවන් පිරිසකගේ මනුෂ්‍යත්වය.. | ගමක දුක දැක හිත් උණු වූ මනුෂ්‍යත්වය.. | COLOMBO ( News 1 st ) - කොළඹ පාසලක දරුවන් පිරිසක් එක් වී කරුවලගස්වැව පිටිසර ගමක ජනතාවගේ පවස නිවන්න අද(13) මූලාරම්භය ගනු ලැබුවේය. මහකරඹෑව ගම්මානය, පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සුන්දර ගම්මානයකි. මේ ගම්මානයේ පවුල් 500කට වැඩි ප්‍රමාණයක් ජීවත් වූවත්, අවුරුද්දේ වැඩි කාලයක් රටට බත සපයන්න මහන්සි වුණත්, මේ අයට බොන්න පිරිසිදු වතුර නොමැති වීම නිසා කිවුල් සහ ලවන අධික වතුර, ගමේ බොහෝ පිරිසක් සදාකාලික රෝගීන් කර හමාරයි. ගොවිතැනින් උපයාගත් සොච්චම, මේ අය විදයම් කරන්නේ සල්ලිවලට වතුර ලබා ගැනීමටයි. බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ 4,500ක් වූ දරුවන් සහ ගුරුවරුන් ගම්මැද්ද සමග මේ ප්‍රශ්නය විසඳන්න අත්වැල් බැඳගත් අතර බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ විදුහල්පති, ගරු රෝහිත රොද්‍රිගෝ පියතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් විද්‍යාලයේ දරුවන් ටිකෙන් ටික එකතු කරපු මුදල මහකරඹෑවේ මිනිස්සුන්ගේ පවස නිවන දිය පොදක් වී ඔවුන්ගේ දෝතට ලැබෙන ප්‍රතිආශැත ජල ව්‍යාපෘතිය අද ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික දායකත්වයෙන් ඉදිකෙරෙන මෙම ජල පෙරණ පද්ධතිය මහකරඹෑව ග්‍රාමයේ සහ ආසන්න ගම්මානවල විශාල පිරිසකගේ පානීය ජල ගැටළුවට ස්ථීර විසඳුමක් වනු නිසැකයි. මෙම අවස්ථාවට ගම්මැද්ද නායක ශෙවාන් ඩැනියෙල්, නිව්ස්ෆස්ට් අධ්‍යක්ෂ සමාන්‍ය අධිකාරී යසරත් කමල්සිරි , බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ විදුහල්පති ගරු රෝහිත රොද්‍රිගෝ පියතුමන්, ලුතිනන් කමාන්ඩර් අසංක නවරත්න, කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති සුජීව අලවත්ත , පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. |
2022-11-13T10:52:24.000Z | අමෙරිකාවේ මධ්‍යකාලින මැතිවරණයේ ජය ජනපති බයිඩ්න් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පක්ෂයට. | මධ්‍යකාලින මැතිවරණයේ ජය ඩිමොක්‍රටික් පක්ෂයට.. | COLOMBO ( News 1 st ) - අමෙරිකාවේ මධ්‍යකාලින මැතිවරණයේ ජය ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පක්ෂය හිමි කරගෙන තිබේ. නෙවාඩා ප්‍රාන්තයේ තීරණාත්මක අවසන් ප්‍රතිඵලයත් සමග නිල වශයෙන් ඩිමොක්‍රටික් පක්ෂය මැතිවරණ ජයගත් බව, විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. අවසන් ප්‍රතිඵලයට අනුව ඩිමොක්‍රටික් පක්ෂය සෙනට් සභාවේ මන්ත්‍රී ආසන 50ක් ජය ගෙන ඇති අතර රිපබ්ලිකන් පක්ෂය හිමිකරගෙන ඇති ආසන ගනණ 49 කි. තවත් එක් මන්ත්‍රී ආසනයක් ජෝර්ජියාව සඳහා ඉතිරි වී ඇති අතර ඊට අදාල මන්ත්‍රී ධුරය එළඹෙන දෙසැම්බර් මාසයේදී තෝරාපත් කර ගැනීමට නියමිතය. වසර 20 කට පසුව ඩිමොක්‍රටික් පක්ෂය ලැබූ ඉහළම ජයග්‍රහණය මෙයයි. මෙම මැතිවරණයෙන් පසුව රිපබ්ලිකන් පක්ෂය, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය පවත්වාගෙන යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. එසේ වුවහොත් ජනපති ජෝ බයිඩ්න්ට සිය දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීමට අපහසු වනු ඇතැයි එරට වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි. |
2022-11-13T10:30:34.000Z | සූරියවැවදී ඔරුවක් පෙරළීමෙන් අතුරුදන්ව සිටි දැරියන් දෙදෙනාගේ සිරුරුත් හමුවෙයි | අතුරුදන් දැරියන් දෙදෙනාගෙත් සිරුරු හමුවෙයි | COLOMBO ( News 1 st ) - සූරියවැව, මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළීමෙන් අතුරුදන්ව සිටි අනෙක් දැරියන් දෙදෙනාගේ සිරුරුත් හමුවී තිබේ. පොලිසීය සඳහන් කළේ අද(13) උදෑසන එම සිරුරු සොයාගත් බවයි. එලෙස මියගොස් ඇත්තේ, කුරුණෑගල රිදීගම, පිහිඹිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 ක සහ 18 ක එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකි. ඔරුව පෙරළීමෙන් අතුරුදන්ව සිටි 10 හැවිරිදි දැරියකගේ සිරුර ඊයේ(12) පස්වරුවේ සොයා ගැනිණි. ඔරුව පෙරළෙන විට එහි පුද්ගලයින් 08 දෙනෙකු සිට ඇති අතර දිවි බේරාගත් පුද්ගලයින් අතරට මාස 08 ක බිළිදෙකු ද සිටී. පොලීසිය පැවසුවේ ඔවුන් සූරියවැව ප්‍රදේශයේ ඥාතී නිවසක පැවති දානමය පිංකමකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ එම වැවට ගොස් ඇති බවය. |
2022-11-13T09:59:42.000Z | ලාංකික ධීවරයින් 11ක් යාත්‍රා 02ක් සමග ඉන්දීය මුහුදු කලාපයේදී අත්අඩංගුවට.. | ලාංකික ධීවරයින් 11ක් ඉන්දීය මුහුදු කලාපයේදී කොටු.. | COLOMBO ( News 1 st ) - නීතිවිරෝධීව ඉන්දීය මුහුදු කලාපයට ඇතුළුවීමේ චෝදනා යටතේ ශ්‍රී ලාංකික ධීවරයින් 11 දෙනෙකු යාත්‍රා 02ක් සමග ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ශ්‍රීකාකුලම් දිස්ත්‍රික්කයේ කාලිංගපට්නම් වෙරළට නාවික සැතපුම් 175 ක් ඔබ්බෙන් ඉන්දීය මුහුදු සීමාවේ ඔවුන් එම අවස්ථාවේ මසුන් අල්ලමින් සිට තිබේ. අත්අඩංගුවට ගත් ධීවරයින් වැඩිදුර විමර්ශන සඳහා කාකිනද පොලිස් ස්ථානය වෙත භාරදී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. |
2022-11-13T09:49:58.000Z | බොරතෙල් නෞකාවේ තොග ගොඩබෑම ඇරඹේ - ඇමති කංචන | බොරතෙල් නෞකාවේ තොග ගොඩබෑම ඇරඹේ.. | COLOMBO ( News 1 st ) - දිවයිනට සේන්දු වූ බොරතෙල් නෞකාවේ තොග ගොඩබෑම ආරම්භ කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එහි අඩංගු බොරතෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 99,978 කි. ඊට අමතරව දිවයිනට සේන්දු වූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් රැගත් නෞකාවේ තොග ගොඩබෑම ද ආරම්භ කළ බව අමාත්‍යවරයා පවසයි. එලෙස ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් තොග පැමිණියේ අප්‍රේල් මාසයෙන් පසුවයි. ඉන් ගොඩබෑමට නියමිත පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 19,505 කි. |
2022-11-13T09:12:32.000Z | ශෂී හෙට්ටිආරච්චිගේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධයට එජාපයේ කිසිදු සම්බන්ධයක් නැහැ - පක්ෂ මහ ලේකම් | චීන තානාපති කාර්යාලය:විරෝධයට එජාපයේ සම්බන්ධයක් නෑ. | COLOMBO ( News 1 st ) - සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශෂී හෙට්ටිආරච්චි මෙනවිය කොළඹ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට පසුගිය සිකුරාදා රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පැවති විරෝධතාවට සහභාගීවීම පිළිබඳව පක්ෂයේ කිසිදු සම්බන්ධතාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ, ඇය ඒ පිළිබඳව තමාගෙන් හෝ පක්ෂයෙන් කිසිදු විමසීමක් නොකළ බවය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණය, කිසියම් දේශපාලන පක්ෂයකට හෝ කිසියම් පුද්ගලයෙකුට අයත් කාරණයක් නොවන බව, එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා අවධාරණය කරයි. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ මුදල් අමාත්‍යාංශය රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත් වී කරන කටයුත්තකට පක්ෂයක් ලෙස සම්බන්ධ නොවන බවය. පක්ෂයේ අනුදැනුමකින් තොරව අදාළ විරෝධතාවට සම්බන්ධ වීම පිළිබඳව ශෂී හෙට්ටිආරච්චි මෙනවිය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග, පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය ඉදිරියේදී තීරණය කරනු ඇතැයි පාලිත රංගෙ බණ්ඩාර මහතා තවදුරටත් පැවසුවේ ය. |
2022-11-13T08:33:02.000Z | 2024 අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට | 2024 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවේදී | COLOMBO ( News1 st ) - 2024 වයස අවුරුදු 19න් පහළ බාලක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදී ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) අද(13) නිවේදනය කළේ ය. 2027 වසර වනතෙක් පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සඳහා, බාලිකා ලෝක කුසලාන තරගාවලි දෙකක් ඇතුළත් වේ. ඊට අමතරව බාලක අංශයේ ලෝක කුසලාන තරගාවලි 02ක් ද පැවැත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සැලසුම් කර තිබේ. |
2022-11-13T04:17:29.000Z | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් සමාජ නියෝජිතයින් වෙනුවෙන් අයැදුම්පත් කැඳවයි | සිවිල් සමාජ නියෝජිතයින් වෙනුවෙන් අයැදුම්පත් කැඳවයි | COLOMBO (News 1st) - 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සිවිල් සමාජ නියෝජිතයින් ලෙස සාමාජිකයින් පත් කිරීමට අදාළව සුදුසුකම් සහිත පුද්ගලයින්ගෙන් අයැදුම්පත් කැඳවා තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, ලබන 28 වැනිදාට පෙර ඊට අදාල අයැදුම්පත් පාර්ලිමේන්තුව වෙත යොමු කළ යුතුව ඇති බවයි. විශිෂ්ටත්වයෙන් සහ අවංකභාවයෙන් යුතු පොදු හෝ වෘත්තිය ජිවිතයේදි කීර්තියට පත් කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයින් නොවන තැනැත්තන්ට ඒ සඳහා අයදුම් කළ හැකියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීම පිළිබඳ සාකච්ජා කිරීම සඳහා පසුගිය සතියේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්, නිල බලයෙන් එහි සාමාජිකත්වය ලබන කතානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කර සිටින අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේදි සාකච්ජාවක් පැවැත්විණි. කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපතිවරයා පත් කරන මන්ත්‍රීවරයෙක්, අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්, විපක්ෂ නායකවරයා නියෝජනය කරන පක්ෂයේ මන්ත්‍රීවරයෙක්, පාර්ලිමේන්තුව නියෝජනය කරන වෙනත් දේශපාලන පක්ෂයක මන්ත්‍රීවරයෙක් සහ සිවිල් සමාජ නියෝජිතයින් 3 දෙනෙකු ඇතුලු සාමාජිකයින් 10 දෙනකුගෙන් ව්‍යවස්ථාදායක සභාව සමන්විත වේ. 21 වන සංශෝධනය අනුව අගවිනිසුරු ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපති සහ විනිසුරුවරුන්, නීතිපතිවරයා, මහ බැංකු අධිපතිවරයා, විගණකාධිපතිවරයා , පොලිස්පතිවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඔම්බුඩ්ස්මන් මෙන්ම ස්වාධින කොමිෂන් සභා සඳහා සභාපතිවරුන් සහ සාමාජිකයින් පත්කළ යුත්තේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව වේ. මේ අතර පාර්ලිමේන්තුවේ ස්ථාපිත ආංශික අධීක්ෂණ කාරක සභා 17 සඳහා සභාපතිවරුන් පත් කිරීම ලබන සතියේ අවසන් කිරිමට අපේක්ෂා කරන බව, කතානායකවරයා සදහන් කළේ ය. මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, සමග දුරකතන සංවාදයක් පවත්වා තිබේ. එහිදී ප්‍රවාහන හා සැපයුම් ක්ෂේත්‍රය ඇතුළුව දේශපාලන, වෙළෙඳ සහ ආර්ථික ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. |
2022-11-13T03:56:07.000Z | ඉරානයේ විරෝධතා අතරතුර මියගිය ගණන 326 දක්වා ඉහළට | ඉරානයේ විරෝධතා:මියගිය ගණන 326ක් | COLOMBO (News 1st) - ඉරානයේ ක්‍රියාත්මක විරෝධතා අතරතුර මියගිය සංඛ්‍යාව 326 දක්වා ඉහළ ගොස් තිබේ. විරෝධතා ක්‍රියාත්මක වන්නේ අත්අඩංගුවේ පසුවූ තරුණියක් මියයාමට එරෙහිවයි. ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින් අතර ළමුන් 43 ක් සහ කාන්තාවන් 25 දෙනෙකු සිටී. මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, සමග දුරකතන සංවාදයක් පවත්වා තිබේ. එහිදී ප්‍රවාහන හා සැපයුම් ක්ෂේත්‍රය ඇතුළුව දේශපාලන, වෙළෙඳ සහ ආර්ථික ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. |
2022-11-13T03:32:51.000Z | දූෂණ විරෝධී පනත් කෙටුම්පත සියලු පක්ෂ නායකයින් සහ සිවිල් සංවිධාන වෙත යොමු කිරිමට පියවර - විජයදාස රාජපක්ෂ | දූෂණ විරෝධී පනත් කෙටුම්පත පක්ෂ නායකයින් වෙත | COLOMBO (News 1st) - දූෂණ විරෝධී පනත් කෙටුම්පත සියලු පක්ෂ නායකයින් සහ සිවිල් සංවිධාන වෙත යොමු කිරිමට පියවර ගෙන ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, පනත් කෙටුම්පත පිලිබඳව සියලු පාර්ශ්වවල අදහස් හා යෝජනා ලබා ගැනිමේ අරමුණින් එලෙස යොමු කළ බවව. සියලු පාර්ශ්වවල අදහස් ලබා ගැනීමෙන් අනතුරුව පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමෙන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව, අමාත්‍යවරයා කියා සිටියේ ය. දුෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පදනම් කර ගනිමින් එම නව පනත් කෙටුම්පත සකස් කර තිබේ. |
2022-11-13T02:22:50.000Z | බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අද මහ වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව | බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අද මහ වැසි | COLOMBO (News1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වලට අද(13) පස්වරුවේ මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේ තරමක වැසි ඇති විය හැකියි. වැසි පවතින අවස්ථාවල ඇතිවිය හැකි අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. |
2022-11-13T01:47:08.000Z | 2022 T20 ලෝක ශූරයින් පකිස්ථානයද? එංගලන්තයද? තීරණය අද.. | T20 ලෝක ශූරයින් කවුද? | COLOMBO (News 1st) - 2022 පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක ශූරයින් තීරණය වන තීරණාත්මක අවසන් මහා තරගය පකිස්ථානය සහ එංගලන්තය අතර අද(13) පැවැත්වීමට නියමිති. තරගය ඔස්ට්‍රේලියාවේ මෙල්බන්හිදී පැවැත්වේ. තරගයට ලක්ෂයකට ආසන්න ප්‍රේක්ෂක සහභාගීත්වයක් අපේක්ෂා කෙරේ. පකිස්ථානය අද තරග බිමට පිවිසෙන්නේ 2009 වසරින් අනතුරුව 20යි 20 ලෝක කිරුළක් දිනා ගැනීමේ අපේක්ෂාවෙනි. එංගලන්තය 2010 වසරේදී විස්සයි විස්ස ලෝක ශූරයින් ලෙස කිරුළු පැළැඳි නමුත් 2016 වසරේදී අනුශූරතාවයට හිමිකම් කී අතර පකිස්ථානය තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසියේ සුපිරි 12 දෙනාගේ වටයේදී ඉහළ දක්ෂතා දක්වමින් බොහෝ දෙනෙකු බලාපොරොත්තු තබා සිටි නවසීලන්තය පරාජය කරමිනි. මේ අතර පකිස්ථානයට එරෙහි අවසන් තරගයට පිවිසීමේ සිහිනය ඉන්දියාවට අහිමි කළ එංගලන්තය අද පැවැත්වෙන තරගයේ ස්ථානය තහවුරු කර ගත් අතර එංගලන්ත නායක ජෝස් බට්ලර් පවසන්නේ අවසන් පූර්ව තරගය ඇතුළු පෙර පැවැති තරගවලදී තම කණ්ඩායම දැක්වූ දක්ෂතා මෙම අවසන් තරගයේදී ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කරන බවයි. තරගාවලිය ආරම්භයේදී දක්ෂතා අතර නොසිටි නමුත්, ඉන් අනතුරුව අවසන් මහා තරගය තෙක් පැමිණි අයුරින්ම මෙම තරගයේදී දක්ෂතා දැක්වීමට අපේක්ෂා කරන බව පකිස්ථානය නායක බාබර් අසාම් ප්‍රකාශ කර තිබේ. මෙම කණ්ඩායම් දෙක 20යි 20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ අවස්ථා දෙකකදී මේවන විට හමු වී ඇති අතර එම තරග 2ම ජය ගත්තේ එංගලන්තයයි. තරගාවලි සංවිධායකයින් මෙම අවසන් තරගයේ ඇතැම් නීති වෙනස් කර ඇත්තේ මෙල්බන් ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශයට අද දිනයේදී වර්ෂාව ඇති වීමට ඉඩ ඇති බවට පලවන වාර්තා හේතුවෙනි. ඒ අනුව අතිරේක දිනයක් ලෙස නම් කර ඇති හෙට(14) තරග පැවැත්විය හැකි කාලය පැය දෙකකින් දීර්ඝ කර තිබේ. නමුත්, පන්දුවාර 10ක තරගයක් ලෙස හෝ එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත්, එංගලන්තයට සහ පකිස්ථානයට සම ශූරතා පිරිනමනු ඇති. අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිත තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස ටී.වී. ඔස්සේ මෙම තරගය සජීව ලෙස විකාශය කෙරේ. |
2022-11-12T16:56:48.000Z | හැනෝයි ජාත්‍යන්තර සිනමා උළෙල: මාරියා චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ශ්‍රී ලාංකික රංගන ශිල්පීන් 7 ක් සම්මානයෙන් පිදුම් ලබයි | ලාංකික රංගන ශිල්පීන් 7 ක් සම්මානයෙන් පිදුම් ලබයි | COLOMBO (News 1st) - හැනෝයි ජාත්‍යන්තර සිනමා උළෙලේදී අරුණ ජයවර්ධනගේ මාරියා චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ශ්‍රී ලාංකික රංගන ශිල්පීන් 7 දෙනෙකු හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබේ. වියට්නාමයේ පැවති හැනෝයි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 6 වැනි වරටයි. සම්මානයට පාත්‍රවූවන් අතර පසුගියදා අභාවප්‍රාප්ත වූ රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් මහතා ද වේ. හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ සෙසු රංගන ශිල්පීන් වන්නේ හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, දසුන් පතිරණ, ප්‍රියන්තසිරි කුමාර, අශාන් ඩයස් සහ සුරන් දසනායක යන මහත්වරුන් ය. ඔවුන් වෙනුවෙන් සම්මානය ලබාගත්තේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන මහතායි. |
2022-11-12T16:37:17.000Z | IMF සහය දෙනවා නම් පක්ෂයේ පිරිස් චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා කරන්නේ ඇයි? - හිරුණිකා ජනපතිගෙන් විමසයි | මේ සැරේ IMF එකේ එන මුදල හම්බ වෙන්නේ නෑ | COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශෂි හෙට්ටිආරච්චි මෙනෙවිය ඇතුළු කිහිපදෙනෙක් ඊයේ (11) චීන තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ ණය ප්‍රතිව්‍යුහගත කරන්නැයි බලකරමින් පැවැත් වූ විරෝධතාව පිළිබඳව මේ වනවිට විවිධ පාර්ශ්ව අදහස් දක්වමින් සිටී. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය ඇතුළු පිරිස චීන තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ ඊයේ ප්‍රකාශ කළේ, රාජපක්ෂ පාලනයට අසීමිතව ණය දුන් චීනය ණය ප්‍රතිව්‍යුහගතකර මෙරට ජනතාවට සහනයක් දිය යුතු බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා, තානාපතිවරු රටවල්වල නායකයෝ හම්බෙන පුළුවන්නම් ගිහිල්ලා එහි කිසි වැරද්දක් නෑ. ඉතින් ජනාධිපතිතුමා අපිත් එකක් කතා කරනකොට කියලා තියෙන්නේ චීනයේ සහයෝගය ගන්න පුළුවන් කියන කරනය. චීනය ඉන්දියාව ප්‍රධාන වශයෙන්. එයාලා තවත් ණය දිපු රටවල් අතර ලෝකේ තව තියනවා ඒවා කළමනාකරණයේදී ගැටලු තියෙන්න පුළුවන්. ඒ අයගේ සහයෝගය අපි මේ වැටිච්ච තැනෙන් මුහුණ දෙන්න ලැබෙයි කියන විශ්වාසය තියෙනවා. සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, පාර්ලිමේන්තුවේ කලිසමත් උස්ස උස්ස ඉන්ග්ලිශ්වලින් කතාවක් කරනවා මෙයා එතනදී කියනවා චීනය එකඟ වුණා දැන් අයි එම් එෆ් එකේ ඔක්කොම වැඩ ඉවර විදිහටනේ කතාව. චීනය එකඟවුණා ණය ප්‍රතිව්‍යුහගත කරලා දැන් ඒ ගොල්ලන් එකඟ වෙලා තියෙන්නෙ කියලා මෙන්න එදා හවස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කෙනෙකුයි ඔය අරගලය කාලේ හිටිය එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරපු අරගලකරුවන් සෙට් එකක් දැන් එයාලා අරගලයෙ නැහැ. එයාලට ඕන දේ උනානේ එයාලගේ එක්කෙනා ජනාධිපති වුණානේ. එයාලා දැන් අරගලයෙන් අයින් වෙලා ඉන්නේ ඒ දෙතුන් දෙනෙකුයි අරගෙන චීන එම්බසි එක ඉස්සරහට ගිහිල්ලා ලියුමක් භාරදෙන්න අයි.එම්.එෆ්. එකේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න එකඟ වෙන්න කියලා. දැන් ජනාධිපති පාර්ලිමේන්තුවේ කියනවා එකඟ වුණා කියලා එහෙනම් අහවල් දේකට ද චීන එම්බසි එක ඉස්සරහට ගිහිල්ලා ගෝලයෝ ටිකක් යවලා එකඟ වෙන්න කියලා කියන්නේ. ඔබ ලියලා තියාගන්න මේ සැරේ අයි.එම්. එෆ්. එකේ එන මුදල හම්බ වෙන්නේ නෑ මේ රටට. එතකොට මේ මාස 03 ඉතාමත් අමාරුවෙන් ගිහිල්ලා මේ රට අය හරවන්න බැරි තැනකට ඉතාමත් භයංකාර තැනකට වැටෙනවා දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා, ඊයේ උද්ඝෝෂණය බලනකොට අපිට හිනා ගියා. ඒකට හේතුව රටේ ජනාධිපතිතුමාගේ පක්ෂය, තනාපති කාර්යාලය ඉස්සරහට ගිහින් උද්ඝෝෂණය කරනවා, ජනාධිපතිතුමාගේ නොහැකියාව තමයි මේකෙන් පෙන්නුම් කරන්නේ. ජාත්‍යන්තර දේශපාලනය කළමනාකරණය කර ගැනීමේදී මේ අය පරාජය වෙලා තියෙනවා කියලා මෙවැනි කාරණා තුළින් මනාව පැහැදිලි වෙනවා. මේ අකාරයේ උද්ඝෝෂණය කරලා ඉදිරියේදී ඒ අයගේ සහාය ලබා ගන්නේ කොහොමද කියන එක ප්‍රශ්නාර්ථයක්? රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය පසුගිය කාලයේ ඉන්දියාවට පක්ෂපාතිව ඇතැම් තීන්දු ගන්න නිසා, දැන් ඊට චිනය ප්‍රතිවිරෝධය දක්වමින් සිටිනවා. මේ අය තීන්දුවලට ප්‍රතිචාර පළ වන්නේ මෙන්න මේ විදිහටයි. |
2022-11-12T16:22:07.000Z | පකිස්ථානයට සහ එංගලන්තයට 2022 T20 ලෝක කුසලානයේ සම ශූරතාවය හිමි වෙයිද? | අවසන් සටනට සියල්ල සූදානම් | COLOMBO ( News 1 st ) - 2022 පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක ශූරයින් තීරණය වන තීරණාත්මක තරගය හෙට(23) පැවැත්වීමට නියමිතය. එම තරගය පකිස්ථානය සහ එංගලන්තය අතර මෙල්බන්හිදී පැවැත්වේ. තරගයට ලක්ෂයකට ආසන්න ප්‍රේක්ෂක සහභාගීත්වයක් අපේක්ෂා කෙරේ. පකිස්ථානය හෙට තරග බිමට පිවිසෙන්නේ 2009 වසරින් අනතුරුව 20යි 20 ලෝක කිරුළක් දිනා ගැනීමේ අපේක්ෂාවෙන්. එංගලන්තය 2010 වසරේදී විස්සයි විස්ස ලෝක ශූරයින් ලෙස කිරුළු පැළැඳි නමුත් 2016 වසරේදී අනුශූරතාවයට හිමිකම් කී අතර පකිස්ථානය තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසියේ සුපිරි 12 දෙනාගේ වටයේදී ඉහළ දක්ෂතා දක්වමින් බොහෝ දෙනෙකු බලාපොරොත්තු තබා සිටි නවසීලන්තය පරාජය කරමිනි. මේ අතර පකිස්ථානයට එරෙහි අවසන් තරගයට පිවිසීමේ සිහිනය ඉන්දියාවට අහිමි කළ එංගලන්තය හෙට පැවැත්වෙන තරගයේ ස්ථානය තහවුරු කර ගත් අතර එංගලන්ත නායක ජෝස් බට්ලර් පවසන්නේ අවසන් පූර්ව තරගය ඇතුළු පෙර පැවැති තරගවලදී තම කණ්ඩායම දැක්වූ දක්ෂතා මෙම අවසන් තරගයේදී ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කරන බවය. තරගාවලිය ආරම්භයේදී දක්ෂතා අතර නොසිටි නමුත්, ඉන් අනතුරුව අවසන් මහා තරගය තෙක් පැමිණි අයුරින්ම මෙම තරගයේදී දක්ෂතා දැක්වීමට අපේක්ෂා කරන බව පකිස්ථානය නායක බාබර් අසාම් ප්‍රකාශ කර තිබේ. මෙම කණ්ඩායම් දෙක 20යි 20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ අවස්ථා දෙකකදී මේවන විට හමු වී ඇති අතර එම තරග 2ම ජය ගත්තේ එංගලන්තයයි. තරගාවලි සංවිධායකයින් මෙම අවසන් තරගයේ ඇතැම් නීති වෙනස් කර ඇත්තේ මෙල්බන් ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශයට හෙට දිනයේදී වර්ෂාව ඇති වීමට ඉඩ ඇති බවට පලවන වාර්තා හේතුවෙනි. ඒ අනුව අතිරේක දිනයක් ලෙස නම් කර ඇති අනිද්දා(14) තරග පැවැත්විය හැකි කාලය පැය දෙකකින් දීර්ඝ කර තිබේ. නමුත්, පන්දුවාර 10ක තරගයක් ලෙස හෝ එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත්, එංගලන්තයට සහ පකිස්ථානයට සම ශූරතා පිරිනමනු ඇති. හෙට තරගය මෙරට වේලාවෙන් පස්වරු 1යි 30ට ආරම්භ වීමට නියමිත තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි සිරස ටීවී ඔස්සේ මෙම තරගය සජීව |
2022-11-12T15:48:51.000Z | වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි ඉල්ලා පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් 5 දෙනාට ඇප | පානදුරේදී අත්අඩංගුවට ගත් 5දෙනාට ඇප | COLOMBO ( News 1 st ) - වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා පානදුරේ පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් 5 දෙනා පොලිස් ඇප මත මුදා හැර තිබේ. අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අද (12) කළුතරින් අරම්භ වූ අම්මාවරුන්ගේ පා ගමනට පානදුරේදී පොලීසියෙන් බාධා එල්ල විය. කළුතර බෝධිය අසළින් අද පෙරවරු 9.30 ට පමණ මෙම විරෝධතා පා ගමන ආරම්භ විය. කෙසේ වෙතත් කළුතර පාලම අසලදී කාන්තාවන් දෙදෙනාට පොලීසිය බාධා කළේ, මග හරස් කරමිනි. පැය භාගයක් පමණ එම ස්ථානයේ රැදී සිටි විරෝධතාකරුවන් කළුතර උතුර ප්‍රදේශය දක්වා බස් රථයකින් පැමිණ පසුව වාද්දුව දක්වා පාගමනින් ගමන් කළහ. වාද්දුව පොලීසිය ද පිරිසට බාධා කළේ, ඒ අතරතුරයි. පිරිස පොලීසියේ බාධාවන් ද නොතකමින් පා ගමනින් මෙන්ම යතුරුපැදි භාවිතයෙන් පානදුර නගරය දක්වා පැමිණියහ. පානදුර නගරයේදී නැවතත් පොලීසිය කාන්තාවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කළහ. මේ පිළිබඳව අප කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ, විරෝධතාකරුවන් පැමිණෙමින් සිටියදී ඒ පිළිබඳව සොයාබැලීම සඳහා පානදුර දකුණ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගිය බවයි. එහිදි එම ස්ථානයට පැමිණි මෝටර් රථයකින් විරෝධතාවයේ නිරත කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයට නංවාගෙන පළායාමට තැත්කර ඇතැයි පොලීසිය පැවසීය. එහිදී පොලීසිය ඔවුන් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබේ. |
2022-11-12T15:19:03.000Z | තෙල් මිල පිටුපස අපි නොදන්න ප්‍රිමියම් කතාව.. | තෙල් මිල පිටුපස අපි නොදන්න ප්‍රිමියම් කතාව.. | COLOMBO (News 1st) - ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල යළිත් ඉහළ දැමීය. ලංකා සුදු ඩීසල් ලීටරයක් වැඩි කළ මිල රුපියල් 15 කි. මේ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් දැන් අලෙවි කරන්නේ රුපියල් 430 කටයි. ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25 කින් ඉහළ දැමූ අතර නව මිල රුපියල් 365 කි. සිපෙට්කෝ මිල වැඩි කිරීමට සමගාමීව අයි.ඕ.සී සමාගම ද මිල ගණන් සංශෝධනය කළේ ය. ඩීසල් සහ භූමිතෙල් මිල වැඩි කිරීම සෘජුවම බලපා ඇති ප්‍රධාන පාර්ශ්වයක් වන්නේ ධීවරයින් ය. මේ මිල වැඩි කිරීම බස් ගාස්තුවට බලපායි ද? සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, අංජන ප්‍රියන්ජිත් මහතා, කෙටි දුර බස් ධාවකයාට දෛනිකව රු 1500 ක පාඩුවක් අද දිනයේ සිට සිද්ධ වෙනවා. අන්තර් පළාත් බස් රථයකට රු 3000 ක පාඩුවක් අද සිට සිද්ධ වෙනවා. මේක කිසිසේත් දරාගන්න බෑ. මේ තත්ත්වයන් තුළ බස් ටිකට් එකේ මිල වැඩි කිරීමේ හැකියාවක් නෑ. හැබැයි නැවත වතාවක් ඩීසල් මිල වැඩි වුණොත් බස් ගාස්තු වැඩි කරනවා කියන එකත් වගකීමෙන් කියන්න ඕනි. ඩීසල් ලීටරයකින් රුපියල් 12 ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 22 ක් පාඩු ලබන බව විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා ප්‍රකාශ කළේ, පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදීය. ඛනිජතෙල් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ, මිල වැඩි කිරීම පිටුපස බරපතල ගනුදෙනු ඇති බවයි. මොකක්ද මේ ප්‍රිමියම් කියන්නේ? සරලවම කියනවා නම් මේක තමයි අතරමැදි ලාභය. අන්තිමට ඛනිජතෙල් ඇමතිවරයාගේ ට්විටර් ගිණුමේ ප්‍රසිද්ධ කළ මේ ලියවිල්ලෙන් ඔක්තෝම්බර් 2 වැනි දා වනවිට ඛනිජතෙල් මිල නියම කරන ආකාරය පැහැදිලි කළේ ය. මේ ලියවිල්ලේ භූමිතෙල් නැත. නමුත් සුදු ඩීසල් ගැන අදහසක් ගන්න පුළුවනි. අපි තෙල් මිලදී ගන්න ප්ලෙට්ස් කියන වෙළෙඳපොළේ ඒ වනවිට සුදු ඩීසල් බැරයක් ලබාගෙන තිබුණේ ඩොලර් 133 සත 6 කටයි. ඒ වනවිට ප්‍රිමියම් ලෙස බැරලයකට ගෙවූ මුදල ඩොලර් 20 යි සත 2 කි. සාමාන්‍යයෙන් මේ අගය ඩොලර් 5 ක් 6 ක් වගේ උපරිමයකට අයකරන්නේ. ඒත් දැන් අපිට ඒ වගේ දෙතුන් ගුණයක් ගෙවන්න වී ඇත. නැව් ගාස්තු, සැකසුම් ගාස්තු, බදු, ලාභය මේ සේරටම අමතරවයි මේ ඩොලර් විස්ස ඒ වෙනකොට ඩීසල් බැරලයකට ගෙව්වේ. මේ මුදල කාටද යන්නේ? මේක තමයි අතරමැදියන්ට යන ලාභය. භූමිතෙල් තත්ත්වය ඊටත් වඩා බරපතලයි. අපේ රටේ භූමිතෙල් නිෂ්පාදනය කළේ, සපුගස්කන්ද පිරිපහදුවෙනි. බොරතෙල් නැහැ කියලා පිරිපහදුව වහලා දැම්මේ ඔක්තෝම්බර් 7 වෙනි දා. පිරිපහදුවට ගෙනාව බොරතෙල් නැව දැන දවස් 54 ක් ප්‍රමාද ගාස්තු ගෙවමින් මුහුදේ තියාගෙන සිටි. ප්‍රමාද ගාස්තු විතරක් මේ නැවට ගෙවන්න වෙලා තියෙවා රුපියල් කෝටි 275 කට අධික ප්‍රමාණයකි. එහෙම තියෙද්දි දැන් කරන්නේ ගුවන්යානා තෙල් භූමිතෙල් ලෙස භාවිත කිරීම සදහා රටින් ගෙන්වනවා. එක පැත්තකින් ඩොලර් නෑ කියන ගමන් තවත් පැත්තකින් විශාල මුදලක් ප්‍රිමියම් ලෙස ගෙවා දමා පිරිපහදුකල තෙල් ගෙන්වන අතරේ තවත් පැත්තකින් සල්ලි නෑ කියලා දැන දැන ගෙන්වපු බොරතෙල් නැවකට ප්‍රමාද ගාස්තු ගෙවනවා. ජනතාවගේ සාක්කුවෙන් හූරාකන මේ සල්ලි යන්නේ කිහිප දෙනෙකුගේ සාක්කුවලට. මේවා දැන්වත් නතර නොකළොත් අපේ රට අර්බුදයෙන් අර්බුදයට යන්න වැඩි කලක් ගතවෙන එකක් නැහැ. |
2022-11-12T15:06:33.000Z | මහවැලිකඩආර වැවේ ගිලුණු දැරියකගේ සිරුරක් සොයා ගැනේ: අනෙක් දෙදෙනා සොයා මෙහෙයුම්.. | වැවේ ගිලුණු දැරියකගේ සිරුරක් සොයා ගැනේ | COLOMBO( News 1 st ) - සූරියවැව, මහවැලිකඩආර වැවේදී ඔරුවක් අනතුරට ලක්වීමෙන් අතුරුදන් වූ ගැහැණු දරුවන් තිදෙනා අතරින් 10 හැවිරිදි දැරියගේ සිරුර අද(12) පස්වරුවේ සොයාගෙන තිබේ. වලව වම් ඉවුර යෝජනා ක්‍රමය යටතේ ජලය සැපයෙන මහවැලිකඩආර වැව මේ දිනවල ඉහළ ජල මට්ටමකින් යුක්ත වන අතර කුරුණෑගල, පිහිඹුව ප්‍රදේශයේ සිට සුරියවැව ඥාතී නිවසක දානමය පිංකමක් සඳහා පැමිණි 08 දෙනෙකු අද (12) පෙරවරු 10.00 ට පමණ ඔරුවේ නැගී වැව මධ්‍යයට ගමන් කර තිබුණේ වැවේ සිරි නැරඹීමටයි. සුරියවැව ප්‍රදේශයේම තරුණයෙකු ඔරුව පැද තිබූ අතර හදිසියේ ඇති වූ ආපදා තත්ත්වයක් හේතුවෙන් ඔරුවේ සිටි පිරිස් වැවට ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. ගම්වාසීන්ගේ මෙහෙයවීමෙන් අනතුරට පත් පිරිස අතර සිටි මාස 8ක බිළිඳියක හා ඇය ඇතුළු 05දෙනෙකු බේරාගෙන තිබේ. කෙසේ වෙතත් වයස අවුරුදු 18, 17 සහ 10 වයසේ පසුවන ගැහුණු දරුවන් තිදෙනෙකු අද පස්වරුව වනතෙක්ම අතුරුදන්ව සිටි අතර 10 හැවිරිදි දැරියගේ සිරුර සොයා ගැනීමට හැකිවූයේ අද පස්වරු 4.40 ට පමණයි. සුරියවැව පොලිසියේ පොලිස් ජීවිතාකරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදාවේද මැදිහත්වීමෙන් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පෑ සෙසු දැරියන් දෙදෙනා සෙවීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මකයි. https://www.youtube.com/watch?v=xSrprFE__RQ&ab_channel=NewsfirstSriLanka |
2022-11-12T14:24:11.000Z | 16 හැවිරිදි දැරියගේ අබිරහස් මරණය ගැන තොරතුරු රැසක් එළියට.. | ඛේදවාචකයකින් අවසන් වූ පෙම් හබය | COLOMBO (News 1st) - ගම්පහ, බෙම්මුල්ල ප්‍රදේශයේ නව යොවුන් වියේ දැරියක් මිය යෑම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන පුළුල් කර තිබේ. වේයන්ගොඩ, කටුවස්ගොඩ ගම්මානයේ පදිංචිව සිටි වයස අවුරුදු 16 ක නව යොවුන් වියේ දැරියක් මිය ගොස් තිබුණේ, ඇය දිවි ගෙවූ බෙම්මුල්ල බුලත්ගංගොඩ ප්‍රදේශයේදීයි. මෙම දැරිය, දෙමාපියන්ගෙන් වෙන්ව තරුණයෙකු සමග අදාළ නිවසේ වාසය කර ඇතැයි ඇගේ ඥාතීන් සඳහන් කළහ. ඇගේ දෙමාපියන් සඳහන් කළේ, බාලවයස්කාර දැරියක් වීම හේතුවෙන් අදාළ දැරිය අධිකරණය වෙත යොමු කර තීන්දුව ලැබෙන තෙක් රන්මුතුගල පිහිටි රජයේ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තබා පසුව නාරාහේන්පිට පිහිටි පරිවාසයකට යොමුකළ බවයි. පසුව ඇය පාසල් අධ්‍යාපනයට ද යොමු කර ඇත්තේ, නාරාහේන්පිට පරිවාසයේ සිටියදීයි. එම කාලය තුළ පෙර සබඳතාව පවත්වාගෙන ගිය 26 හැවිරිදි තරුණායා පැමිණ අදාළ දැරිය යළිත් බෙම්මුල්ලේ පිහිටි නිවස වෙත රැගෙන ගොස් ඇතැයි දැරියගේ ඥාතීන් පැවසීය. ඇය මියගොස් ඇත්තේ ද එවන් පසුබිමකදීය. ඊයේ (11) පෙරවරුවේ මෙම දැරිය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටි බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් 26 හැවිරිදි තරුණයෙකු සහ තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණේ ඊයේ දිනයේදීය. අදාළ සැකකරුවන් අද (12) දහවල් ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත්කර නොවැම්බර් 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. |
2022-11-12T14:08:52.000Z | විදුලි බල මණ්ඩලයේ රැකියා පෙන්වා මුදල් ගැරූ යුවලක් පොලිස් දැලේ.. | ලංවිම රැකියා පෙන්වා මුදල් ගැරූ යුවලක් කොටු.. | COLOMBO ( News 1 st ) - තලංගම ප්‍රදේශයේදී විදුලි බල මණ්ඩලයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අවුරුදු 27 සහ 33 යන වයස්වල පසුවන තලංගම දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔවුන් අද (12) දිනයේ දී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ. |
2022-11-12T14:04:47.000Z | මිලින්ද මොරගොඩ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමුවෙයි | මිලින්ද මොරගොඩ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමුවෙයි | COLOMBO ( News 1 st ) -ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක, අජිත් දොවාල් මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා හමුවී තිබේ. ඒ , ඉන්දියාවේ නව දිල්ලිහි දී යි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතාවල වත්මන් තත්ත්වය එහිදි සමාලෝචනය කර තිබේ. දෙරටේ අන්‍යෝන්‍ය අවශ්‍යතා මෙන්ම අනාගත සහයෝගීතාවයේ ප්‍රමුඛතා ක්ෂේත්‍රවලට අදාළව කරුණු රැසක් ද එහිදි සාකච්ඡා කර ඇත. |
2022-11-12T13:55:41.000Z | සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරු 2ක්.. | සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරු 2ක්.. | COLOMBO ( News 1 st ) - ඇල්ල හා මතුගම යන ප්‍රදේශවලදී සැක කටයුතු ලෙස මියගිය පුද්ගල මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ. ඇල්ල, අඹදණ්ඩේගම මාර්ගයක සැකකටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරක් මෙසේ සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කරන්නේ මියගිය කාන්තාව එම ප්‍රදේශයේම පදිංචි 49 හැවිරිදි කාන්තාවක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවය. මේ අතර මතුගම පින්නගොඩ, අගලවත්ත පොදු සුසාන භූමිය පිටුපස වෙල්යායක තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන ඇති අතර පොලීසිය සඳහන් කළේ, වයස අවුරුදු 60 ක පමණ පුද්ගලයෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගෙන ඇති අතර අනන්‍යතාව මෙතෙක් අනාවරණ වී නොමැති බවය. මේ අතර පොලීසිය සඳහන් නාඋල, කොන්ගහවෙල ප්‍රදේශයේ ළිඳක තිබී 65 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ද සොයාගෙන ඇති බවය. |
2022-11-12T13:49:17.000Z | ධීවරයින්ට භූමිතෙල් සහනාධාරයක් ලැබෙයිද? | ධීවරයින්ට භූමිතෙල් සහනාධාරයක් ලැබෙයිද? | COLOMBO ( News 1 st ) - භුමිතෙල් මිල වහා අඩු කරන්නැයි සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය රජයට බලකර සිටී. එහි ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පැවසුවේ භුමිතෙල් මිල වැඩිවීමෙන් ධීවර කර්මාන්තය කරගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවය. මේ සම්බන්ධයෙන් ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මියගෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ලේකම්වරිය පැවසුවේ සඳුදා දිනයේදී අමාත්‍යවරයා සමග සාකච්ජා කර ධීවරයින්ට සහනයක් ලබාදිමට කටයුතු කරන බවය. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 430 ක්. රුපියල් 25 ක මිල සංශෝදනයක් සමග ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 365 දක්වා ඉහළ ගොස් ඇත. ලංකා සුපිරි ඩීසල් , පෙට්‍රල් සහ කාර්මික භූමිතෙල්වල මිල ගණන් නොවෙනස්ව පවතින බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කළ නිවේදනයේ දැක්වේ. |
2022-11-12T13:45:30.000Z | ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අතර හමුවක් | ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක - මිලින්ද අතර හමුවක් | COLOMBO ( News 1 st ) - ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක, අජිත් දොවාල් මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා හමුවී තිබේ. ඒ , ඉන්දියාවේ නව දිල්ලිහි දී යි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතාවල වත්මන් තත්ත්වය එහිදි සමාලෝචනය කර තිබේ. දෙරටේ අන්‍යෝන්‍ය අවශ්‍යතා මෙන්ම අනාගත සහයෝගීතාවයේ ප්‍රමුඛතා ක්ෂේත්‍රවලට අදාළව කරුණු රැසක් ද එහිදි සාකච්ඡා කර ඇත. |
2022-11-12T13:38:58.000Z | පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨය සඳුදා සිට විවෘතයි | පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨය සඳුදා සිට විවෘතයි | COLOMBO ( News 1 st ) - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු ලබන සදුදා යළි ආරම්භ කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පවසයි. |
2022-11-12T13:23:16.000Z | රට හීන පෙන්වා සල්ලි කඩාගත් අයෙක් පොලිස් දැලේ.. | රට හීන පෙන්වා සල්ලි කඩාගත් අයෙක් කොටු.. | COLOMBO ( News 1 st ) - විදෙස් රටවල් සඳහා පිටත් කර හරින බව පවසා රුපියල් ලක්ෂ 77 කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, විශේෂ අපරාධ විමර්ශන අංශය ත්‍රිකුණාමලයේදී කළ මෙහෙයුමකදීය. අදාළ සැකකරු 33 හැවිදිරි වියේ පසුවන නිලාවෙලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරේ. |
2022-11-12T12:43:17.000Z | ඉන්දික දිසානායකගෙන් බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක් | ඉන්දිකගෙන් බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක් | COLOMBO (News 1st) - පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභී බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක අද (11) නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ, පොළොන්නරුවේදී පැවැත්වෙන ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේදීය. ඉන්දික දිසානායක ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 135 ක බරක් එස වූ අතර එය 2019 වසරේ ඔහු විසින්ම තබා තිබූ වාර්තාව අලුත් කිරීමක් වේ. ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 292 ක බරක් ඔහු එස වූ අතර ඒ අනුව මුළු බර දැක්වුණේ කිලෝග්‍රෑම් 292ක් ලෙසය. මේ අතර ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම, ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ කුසලානය සඳහා වන අවසන් පූර්ව වටයට අද සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ, දකුණු කොරියාවේ පැවැති එහි මූලික වටයේ සහභාගී වූ තරග 3 න් 2 ක් ජය ගනිමිනි. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පළමු තරගයේදී හොංකොං කණ්ඩායම හමුවේ පරාජය වුව ද එක්සත් අරාබි එමීර් සහ චීන කණ්ඩායම්වලට එරෙහි තරග ජය ගත්තේ ය. ඒ අනුව ඔවුන් කුසලාන අවසන් පූර්ව වටයේදී සත්කාරක දකුණු කොරියාවට එරෙහිව තරග කිරීමට නියමිතය. මේ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (11) පැවැති මූලික වටයේ තරග 3 න්ම පරාජය විය. ආසියානු රග්බි සම්මේලනයේ අවසර මත ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් මෙම තරගාවලියට එක් වන්නේ ඔලිම්පික් ධජය යටතේයි. |
2022-11-12T12:36:03.000Z | සම්මාන අරන් ඩුබායි සිට යළි ඉන්දියාවට පැමිණි ෂාරුක්ට ගුවන් තොටුපොළේදී ඉන්දීය රුපියල් ලක්ෂ 6ක දඩයක් | ෂාරුක්ට ගුවන් තොටුපොළේදී දඩයක් | COLOMBO (News 1st ) - නීති විරෝධීව ඔරලෝසු කිහිපයක් රැගෙන ඒම සම්බන්ධයෙන් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්, මුම්බායි ගුවන් තොටුපොළේ රඳවා ගෙන තිබේ. ඩුබායි රාජ්‍යයේ සාජා නුවර පැවති උත්සවයකට සහභාගී වූ ඔහු, පෞද්ගලික ජෙට් යානයකින් මුම්බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී ඔහුගේ ගමන් මලු තුළ තිබී මිල අධික ඔරලෝසු කිහිපයක් හමුවීමත් සමග ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් ඔහුව රඳවාගෙන තිබෙන අතර ඉන්දීය රුපියල් හය ලක්ෂ අසූ තුන්දහසක දඩයක් අයකර ගැනීමෙන් පසුව ඔහුව මුදා හැර තිබේ. ආරක්ෂක නිලධාරියා ඇතුළුව ෂාරුක් ඛාන් සමග පැමිණි තවත් කිහිපදෙනෙකු පැය ගණනාවක් ගුවන් තොටුපොළේ රඳවා ගෙන ප්‍රශ්න කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඔවුන්ගේ ගමන් මලු තුළ තිබී සොයාගත් ඔරලෝසුවල වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 18ක් වන අතර ෂාරුක් ඛාන් ඩුබායි රාජ්‍ය වෙත ගොස් තිබුණේ සාජා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගී වීමටයි. එහිදී සිනමාව සහ සංස්කෘතිය වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් ඔහුට ගෞරව සම්මානයක් ද පිරිනැමුණි. |
2022-11-12T08:37:12.000Z | පෑලියගොඩ, වත්තල ඇතුළු ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්.. | පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්.. | COLOMBO (News 1st) – පෑලියගොඩ, වත්තල ඇතුළු ප්‍රදේශ රැසකට හෙට(13) පෙරවරු 8.30 සිට පැය 8 හමාරක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලයේ පැවසුවේ, සපුගස්ක්ද ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවීම ඊට හේතුවී ඇති බවයි. ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පෙ, කටාන, මිනුවන්ගොඩ, ප්‍රදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. |
2022-11-12T08:30:49.000Z | සුරියවැව, මහවැලිකඩාර වැවේ ගිලුණු තිදෙනෙකු අතුරුදන්.. | මහවැලිකඩාර වැවේ ගිලුණු තිදෙනෙකු අතුරුදන්.. | COLOMBO (News 1st) – සූරියවැව, මහවැලිකඩාර වැවේ ගිලීමෙන් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන්ව තිබේ. පොලීසිය පැවසුවේ, බෝට්ටුවක් පෙරළීමෙන් එලෙස තිදෙනෙකු අතුරුදන්ව ඇති බවය. අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ පුද්ගලයින් 5 දෙනෙකු ගමන් කර තිබේ. අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය. |
2022-11-12T03:54:00.000Z | පළාත් කිහිපයකට තද වැසි.. | පළාත් කිහිපයකට තද වැසි.. | COLOMBO (News 1st) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ , ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. |
2022-11-12T03:18:06.000Z | ලෝක බලවතුන්ගේ බල අරගලවලට ශ්‍රී ලංකාව මැදිහත් වෙන්නේ නැහැ - ජනපති | බල අරගලවලට අපි මැදිහත් වෙන්නේ නැහැ | COLOMBO (News 1st) - ලෝක බලවතුන්ගේ බල අරගලවලට කිසිවිටකත් ශ්‍රී ලංකාව මැදිහත් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ(11) පැවැති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගි වූ අවස්ථාවේදීය. මෙහිදී ජනාධිපතිවරයා තවදුරටත් අදහස් දැක්වීය. "අමෙරිකාව හා රුසියාව අතර තිබූ තරගය දැන් අමෙරිකාව සහ චීනය අතරට ගිහින් තියෙනවා. රුසියාවේ වර්තමාන තත්ත්වය එක පැත්තක් විතරයි, මේ කාලාපයේ වෙන දේ ඊට වඩා වැදගත්. අපි ඒකට සුදානම් වෙන්න ඕන. අපි තරඟකරුවන් නෙවේ. අපි අනාගතයේ දී වින්දිතයින් වෙනවා. අපි ඒක වළක්වාගන්න ඕන. ලංකාවේ ස්ථාවරය තමයි අපි ලෝක බලවතුන්ගේ බල අරගල වලට කිසිවිටකත් මැදිහත් වෙන්නේ නැ කියන එක. අමෙරිකාව ඉන්දියන් සාගරයේ ඉන්න එක අපිට ප්‍රශ්ණයක් නෙවේ. ඒ වගේම එදිරිවාදීකම් නැති තාක් කල් ජපානය හා චීනය ඉන්න එකත් අපිට ගැටලුවක් නෙවේ. අපි තමයි ඇත්තටම මේ කලාපයේ ඉන්න රටවල්. අපි අපේ අවශ්‍යතාවලට මුල් තැන දෙන්න ඕන. මේ කාලාපයේ ලොකුම රට ඉන්දියාව ඒක නිසා ඔවුන් කැමති ඔවුන්ට මේ කාලාපයේ තර්ජනයක් නැතුව තියනවාට. ඒත් අපි හැමෝම පිළිගන්න දෙයක් තමයි මේ කාලාපයේ ඇත්තටම ඉන්න රටවල් වලට තර්ජනයක් නැ කියන එක. තරඟය හෝ තර්ජනයක් එදිරිවාදිකමක් දක්වා වර්ධනය වෙන්න හොඳ නෑ." |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.