date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-02-20T06:07:07.000Z | සුරාබදු නඩු පැවරීමට පොලීසියට තනි බලයක් නැහැ | සුරාබදු නඩු පැවරීමට පොලීසියට තනි බලයක් නැහැ | COLOMBO (Newsfirst) - සුරාබදු නිලධාරියෙකුගේ වාර්තාවක් නොමැතිව සුරාබදු නඩු පැවරීමට පොලීසියට නෛතික බලයක් නොමැති බව ගාල්ල මහාධිකරණය අද තීරණය කර ඇත. ඒ, සුරාබදු නඩු පැවරීමට පොලීසියට බලතල ඇති බවට 2017 අප්‍රේල් 27 වන දා ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ලබා දුන් තීන්දුව නිෂ්ප්‍රභ කරන ලෙසට ඉල්ලමින් ඉදිරිපත් කළ අභියාචනය සළකා බැලීමෙන් අනතුරුව ය. අභියාචනය සලකා බැලු ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා කියා සිටියේ, සූරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට පොලීසියට නීතිමය බලයක් නොමැති බවයි. අහංගම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින්, බියර් බෝතල් 48 ක් ප්‍රවාහනය කරමින් සිටියදී අහංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නඩු පැවරීමට එරෙහිව මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි. |
2018-02-20T04:21:46.000Z | උ/පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට Tablet ලබා දීමේ වැඩපිළිවෙළ නැවැත්වීමට කැබිනට් මණ්ඩලයේ තීරණයක් | උ/පෙළ සිසුන්ට Tablet ලබා දීම අත්හිටුවයි | Colombo (Newsfirst) උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට පරිගණක ටැබ් ලබා දීමේ වැඩපිළිවෙළ තාවකාලිකව නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි බී.බී.සී. සිංහල සේවය පවසයි. බී.බී.සී.ය වාර්තා කළේ, ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇති බව ය. රුපියල් බිලියන 4ක් වැනි විශාල මුදලක් වැය කර මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක නොකළ යුතු බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට කැබිනට් මණ්ඩලය එකඟතාව පළ කර ඇතැයි බී.බී.සී. වාර්තාවේ සඳහන් ය. මේ අතර නායකත්ව පුහුණු වැඩසටහනකදී විදුහල්පතිවරියක මිය යාමේ සිද්ධියේ පරීක්ෂණ අවසන් වන තෙක් විදුහල්පතිවරුන් සඳහා වන නායකත්ව පුහුණු වැඩපිළිවෙළ අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී ඇති බව ය. https://youtu.be/ZeiErNG3TXg |
2018-02-20T03:09:40.000Z | විවාදය අතරමග නවතා පාර්ලිමේන්තුව හෙටට කල් තබයි | භාෂා ප්‍රශ්නයක් නිසා පාර්ලිමේන්තුව හෙටට කල් යයි | COLOMBO (Newsfirst) : අද පස්වරු 6.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය හෙට පස්වරු 1.00 දක්වා කල් තබා තිබේ. ඒ භාෂා ප්‍රශ්නයක් මුල් කර ගනිමිනි. බරපතළ වංචා විමර්ශන වාර්තාව ඉංග්‍රීසි භාෂාවෙන් හෝ නොමැති වීම නිසා විවාදයට සක්‍රිය සහභාගී වීමට ඇති අපහසුතාවක් ඇති බව සුමන්දිරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පවසා ඇත. කථානායක කනගාටුව පළ කරමින් කියා සිටියේ, පිටු 8,000කින් පමණ සමන්විත මෙම වාර්තාව පරිවර්තනයේ ගැටලුවක් ඇති බවයි. බැඳුම්කර වංචා විමර්ශන වාර්තාවේ පිටපත් ඇති බව දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුව ද අවසානයේ පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබීමට තීරණය වී ඇත. |
2018-02-20T02:23:43.000Z | "කියන තරම් යකා කළු නැහැ" - විජයමුණි සොයිසා | "කියන තරම් යකා කළු නැහැ" - විජයමුණි සොයිසා | COLOMBO (Newsfirst) : වත්මන් දේශපාලනය තුළ අර්බුදයක් නොමැති බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා පවසයි. කැබිනට් හමුවෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ලිච්ඡවි න්‍යායට ආණ්ඩුවේ කටයුතු සිදු වන බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද කැබිනට් මණ්ඩලය රැස් විය. |
2018-02-19T23:01:38.000Z | වන්දි දීමෙන් ගොවි ගැටලු විසඳෙයි ද? | වන්දි දීමෙන් ගොවි ගැටලු විසඳෙයි ද? | COLOMBO (Newsfirst) : වගා හානි වූ ගොවින්ට වන්දි ලබා ගැනීමේ අයැදුම් පත්‍ර අද සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යොමු කරන බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසයි. එහි සභාපති සිඩ්නි ගජනායක මහතා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. මේ වනවිට දිවයින පුරා වගා හානි වූ ගොවීන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට විශේෂ දුරකථන අංකයක් ද හඳුන්වා දී තිබේ. කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති සිඩ්නි ගජනායක මහතා ප්‍රකාශ කළේ, එම අංකයට දිනකට ඇමතුම් 5000 ත් 6000 ත් අතර ප්‍රමාණයක් ලැබෙන අතර ඉන් වැඩි ම ප්‍රමාණයක් වී සහ බඩ ඉරිඟු සම්බන්ධයෙන් වන පැමිණිලි බවයි. රක්ෂණ ක්‍රමය සඳහා ලියාපදිංචි නොවූ ගොවීන්ට රුපියල් 10,000ක දීමනාවක් දීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-02-19T22:27:41.000Z | කැනඩාව අයිස් හොකී ශීත ඔලිම්පික් අවසන් සටනට | කැනඩාව අයිස් හොකී ශීත ඔලිම්පික් අවසන් සටනට | කැනඩාව අඛණ්ඩව 6 වන වරටත් ශීත ඍතු ඔලිම්පික් උළෙලේ කාන්තා අයිස් හොකී තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ මෙවර ශීත ඍතු ඔලිම්පික් උළෙලේ අවසන් පූර්ව තරගයේදී රුසියාවේ ඔලිම්පික් ක්‍රීඩකයින්ගේ කණ්ඩායම පරාජය කරමිනි. 2018 ශීත ඍතු ඔලිම්පික් උළෙල පසු ගිය 9 වන දා ආරම්භ විය. එහි කාන්තා අයිස් හොකි තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වුණේ, කැනඩාව හා රුසියාවේ ඔලිම්පික් ක්‍රීඩකයින්ගේ කණ්ඩායම අතරයි. එහිදී කැනඩා කණ්ඩායම ගෝල 5 ට 0 ක් ලෙස තරගය ජය ගත්තේ ය. ඔවුන් වාර්තා අතරට එක් වන්නේ ශීත ඍතු ඔලිම්පික් උළෙලට අයිස් හොකී ක්‍රීඩාව හඳුන්වා දුන් 1998 වර්ෂයේ සිට මේ දක්වා අවසන් තරගයට අඛණ්ඩව 6 වන වරටත් සුදුසුකම් ලබා ගත් කණ්ඩායම ලෙසයි. පසුගිය වසර 5 තුළ ඔවුන් අවස්ථා 4 කදී කාන්තා අයිස් හොකි ශූරතාවය දිනාගෙන තිබේ. කාන්තා අයිස් හොකි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ජය ගත්තේ අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමයි. ඒ අනුව කැනඩාව අවසන් මහා තරගයේදී අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමත් සමග 2018 ශීත ඍතු ඔලිම්පික් උළෙලේ කාන්තා අයිස් හොකි ශූරතාවයට තරග වදීයි. ඔවුන් මේ දක්වා අවසන් මහා තරග 4 කදී එකිනෙකා හමුවී ඇති අතර ඒ අවස්ථා 4 දීම ජයගෙන ඇත්තේ කැනඩා කණ්ඩායමයි. |
2018-02-19T22:09:04.000Z | 'BAFTA' හොඳ ම නළුවාට හිමි සම්මානය ගැරී ඕල්ඩ්මන්ට | BAFTA උළෙලේ හොඳ ම නළුවා ගැරී ඕල්ඩ්මන් | පසුගිය දා නිමාවට පත්වූ බැෆ්ටා සිනමා සම්මාන උළෙලේ හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගැනීමට බ්‍රිතාන්‍ය රංගන ශිල්පී ගැරී ඕල්ඩ්මන් සමත් විය. ඒ Darkest Hour හොලිවුඩ් සිනමා පටයේ රංගනය වෙනුවෙනි. 59 හැවිරිදි ගැරී සිනමාවට සේම වැඩසටහන් ඉදිරිපත් කිරීමට සැබෑ දක්ෂයෙකු බව හොලිවුඩ් තොරතුරු වාර්තා කළේ ය. |
2018-02-19T20:39:59.000Z | අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියෝ අපවත් වෙති | අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියෝ අපවත් වෙති | COLOMBO (Newsfirst) : ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, අනුරාධපුර ශ්‍රී සාරානන්ද පරිවේණාධිපති අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමියන් අපවත් වී තිබේ. රෝගී තත්ත්වයක් හේතුවෙන් දින කිහිපයක සිට ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්රතිකාර ලබමින් සිටි අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමියෝ අද අලුයම අපවත් වනවිට 80 වන වියේ පසුවූහ. අපවත් වී වදාළ ගිරාඹේ ආනන්ද නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සම්බන්ධයෙන් අද දිනය තුළ තීරණය කිරීමට නියමිතයි. |
2018-02-19T20:36:44.000Z | සිම්බාබ්වේ හමුවේ ඇෆ්ගනිස්ථානයට විශිෂ්ට ජයක් | සිම්බාබ්වේ හමුවේ ඇෆ්ගනිස්ථානයට විශිෂ්ට ජයක් | තරග 5 කින් යුතු ඇෆ්ගනිස්ථාන සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 4 ට 1 ක් ලෙස ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය. ඒ ඊයේ දිනයේ සිම්බාබ්වේ කණ්ඩායමත් සමග පැවති පස්වන හා අවසන් තරගය ලකුණු 146 කින් ජය ගැනිමත් සමගයි. කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 241 කි. ජාවෙඩ් අහමඩ් ලකුණු 76 ක් රැස් කළේ ය. රහමට් ශහා රැස් කළ ලකුණු කළ සංඛ්‍යාව 59කි. ලකුණු 242 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 32 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ, ලකුණු 95 ක් පමණි. ක්‍රෙග් අර්වින් ලකුණු 34 යි. පන්දු යැවීමේදී රහීඩ් ඛාන් ලකුණු 13 ට කඩුලු 3 ක් දවා ගත්තේ ය. |
2018-02-19T20:45:29.000Z | ෆ්ලොරීඩා ප්‍රහාරයෙන් පසු අමෙරිකාවේ ගිනිඅවි යළි කරළියට | මරණ 17කින් යළි කරළියට ආ අමෙරිකානු ගිනිඅවි | ගිනි අවි ළඟ තබා ගැනීම සඳහා වන අණ පනත් සංශෝධනයට තමන් සිය සහය දෙන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, ගිනි අවියක් මිලදී ගැනිමේදී පසුබිම් පරීක්ෂා සිදු කිරීමේ ක්‍රමවේදය තවදුරටත් තර කිරීමට ජනාධිපති ට්‍රම්ප් සිය සහයෝගය ලබා දීමට සූදානම් බවයි. මේ පිළිබඳව ඔහු රිපබ්ලිකන් සෙනෙට් සභික ජෝන් කෝර්නින් සමග සාකාච්ඡා කර ඇති අතර එහිදී කිසියම් පුද්ගලයෙකු ගිනි අවියක් මිල දී ගැනීමට පෙර කළ යුතු පසුබිම් පරීක්ෂණ සම්බන්ධයෙන් ද්විපාර්ශවීය පනතක් සැකසිය යුතු බවට යෝජනා කර ඇති බව වාර්තා වේ. මේ අතර පුද්ගලයින් 17 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය දා ෆ්ලෝරිඩාහි පාසලක සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු වන නිකලොස් කෘස් සතු ගිනි අවිය, නීත්‍යානුකූලව මිල දී ගත් එකක් බවට වාර්තා වේ. මින් පැහැදිලි වන්නේ, 2016 වර්ශයේ නිකොලස් කෘස් මානසික සෞඛ්‍යය පරීක්ෂාවට ලක් වුව ද පසුගිය වසර තුළ ඔහු හට ගිනි අවි 7ක් මිල දී ගැනීමට හැකියාව ලැබී ඇති බවයි. ගිනි අවි පාලනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පාසල් සිසුන් රජයෙන් ඉල්ලා සිටීමත් සමග මේ පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ. |
2018-02-19T22:02:21.000Z | මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ යයි | මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ යයි | COLOMBO (Newsfirst) : 2017 වසරේ ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වූ කාල සීමාව තුළ මෙරට සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙක්ට්‍රික් ටොන් 389,500ක් වූ බව ධීවර අමාත්‍යාංශයේ කාර්යය සාධන වාර්තාව පෙන්වා දෙයි. එම වාර්තාවට අනුව 2016 වසරේ අදාළ කාල සීමාවට අනුව මෙය 2.3% ක වර්ධනයකි. මෙම වර්ධනය සඳහා මෙරට ධීවර කර්මාන්තයේ ප්‍රධාන උප අංශයක් වන කරදිය ධීවර අංශය 86.2% ක දායකත්වයක් ද මිරිදිය හා ජලජීවී වගාව 13.8%ක දායකත්වයක් ද ලබා දී තිබේ. |
2018-02-19T10:00:15.000Z | ජන දුක නිවන ඔබේ ගම්මැද්ද නොනැවතී ඉදිරියට | ජන දුක නිවන ඔබේ ගම්මැද්ද නොනැවතී ඉදිරියට | COLOMBO (Newsfirst) - මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ විශිෂ්ටතම මහජන සත්කාරක ව්‍යාපෘතිය ලෙස සැලකෙන ගම්මැද්ද වැඩසටහන ඉදිරියටම ගමන් කරමින් සිටින්නේ දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ නොමසුරු සහයෝගය සහ මහජන ආශීර්වාද මධ්‍යයේ ය. ඉකුත් සමයේ නොවිසඳුණු මහජන ගැටලු විශාල ප්‍රමාණයක් විසඳා දෙමින් ජනතාව සමග ජනතාව වෙනුවෙන් ඉදිරියට ගිය ගම්මැද්ද කණ්ඩායම දැන් සිය මෙහෙවර තව ත් පුළුල් කරමින් සිටි. ජන දුක විමසමින් ජන දුකට කන්දෙමින්, හඬක් නැති මිනිසුන්ට හඬක් වෙමින් ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහන අප ආරම්භ කළේ, දිවයිනම ආවරණය කරමිනි. එහිදී අපට ශ්‍රී ලංකාවේ සිව්දෙස ජනතාව මුහුණ දෙන පොදු ප්‍රශ්න හොඳින් අවබෝධ විය. ඒ අනුව පේරාදෙණිය සරසවි සිසුන් සහ අත්වැල් බැඳගත් නිව්ස්ෆස්ට් සාමාජිකයින් ගම්නියම්ගම් පසුකරමින් ඔබේ ගෙමිදුලට පිවිසියේ දේශපාලන පොරොන්දුවලින් හෙම්බත් වූ මොහොතකදීයි. අප ගමින් ගමට එක්රැස් කළ දත්ත හා තොරතුරු ඇතුළත් කොට පර්යේෂණ වාර්තා දෙකක් සකස් කළෙමු. එහිදී ඒ, ඒ, ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුු පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගත්තේ ය. ඔබ එදින අවදිකළ හඬ අප රටට පමණක් නොව ලෝකයටම රැගෙන ගියේ පළමු ලෝක මානූෂීය සමුළුවේදී ගම්මැද්ද අවසන් වාර්තාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට භාරදෙමිනි. තම වැටුප හෝ විශ්‍රාම වැටුප පිරිමසා ගනිමින් කුඩා මුදලක් ගම්මැද්ද ගිණුමට බැර කළ මිනිසුන් මෙන් ම මිලියන ගණන් වෙන්කළ මහාපරිමාණ ව්‍යාපාරිකයින් ද, වෙළෙඳ සමාගම් ද, ගම්මැද්ද ශක්තිමත් කළේ ය. ගෙවුණු දෙවසර තුළ ගම්මැද්ද මහජන ක්‍රියාන්විතයෙන් පොදුජන යහපත උදෙසා ව්‍යාපෘති රැසක් අවසන් කිරීමට හැකි වූයේ ජනතාව අප වෙත දැක් වූ මහත් අනුග්‍රහය හා ආශිර්වාදය නිසාවෙනි. අනුරාධපුර, පදවිය බී යාය ගම්මානයට ආසන්නව ඇති බුද්දංගල, 40 කොළණිය හා සී යාය ආදී ගම්මානවල පවුල් 1300 කට ආසන්න පිරිසක් පානීය ජලය නොමැති කමින් පීඩා වින්දේ දශක ගණනාවක සිට ය. ජනතාව සමග ජනතාව වෙනුවෙන් පෙරටත් වඩා ශක්තිමත්ව අප රටේ අහිංසක මිනිසුන්ගේ ජනදුක සොයා ගම්මැද්ද මහජන ක්‍රියාන්විතය ව්‍යාප්ත වන බව අප සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු . |
2018-02-19T10:11:11.000Z | නායකත්ව පුහුණුවක් අතරතුරදී විදුහල්පතිවරියක් මරුට | නායකත්ව පුහුණුවක් අතරතුරදී විදුහල්පතිවරියක් මරුට | COLOMBO (Newsfirst) - නායකත්ව පුහුණුවක් අතරතුර කඹයක එල්ලී ක්‍රියාකාරකමක් සිදු කිරීමට ගොස් හම්බන්තොට විදුහල්පතිවරික් මිය ගොස් තිබේ. ඒ, හම්බන්තොට සුචී විද්‍යාලයේ විදුහල්පතිවරිය ලෙස කටයුතු කරන වයස 53 හැවිරිදි රෝහිනි කුමාර අතපත්තු මහත්මිය ය. වැඩිහිටි ගැහැණු දරුවන් 4 දෙනකුට අම්මා වූ ඇය හම්බන්තොට සුචී විද්‍යාලයේ දරු දැරියන්ට ද සෙනෙහෙබර මවක් වූවා ය. පසුගිය දිනකදී අධ‍්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයුමෙන් සිදු කෙරෙන විදුහල්පතිවරුන් සඳහා ක්‍රියාත්මක නායකත්ව පුහුණුවකට කැඳවීමක් රෝහීණි මහත්මියට ලැබී තිබුණි. ඒ අනූව විදුහල්පතිතුමිය වාරියපොල වයඹ නායකත්ව පුහුණුව සඳහා පිටත් ව ගොස් ඇත්තේ ඉකුත් 16 වන දායි. නමුත් 17 වන දා පුහුණුවේදී ඇයට අනපේක්ෂිත සිදුවීමකට මුහුණදීමට සිදු විය. පුහුණුව අතරතුරදී කඹයක එල්ලී ක්‍රියාකාරකමක් සිදු කිරීමට රෝහිණි මහත්මියට උපදෙස් ලැබී ඇති බවත්, කඹය අතහැරී, හිස බිම වැදිමෙන් හිසට තුවාල සිදුවී ඇති බවත් ඇයගේ සැමියා පැවසුවේ ය. ඔහු පැවසුවේ , තුවාල ලැබූ සිය බිරිඳ වරකාපොල රෝහලටත් ඉන්පසු කුරුණෑගල ශික්ෂණ රෝහලටත් ඇතුළු කර තිබූ බවයි. තත්ත්වය බරපතළ බැවින් ඇය කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී ඇය මිය ගොස් ඇත. ගැහුණු දරුවන් සිව්දෙනෙකුට මවක් හා සැමියාට සෙනෙහෙබර බිරිඳක් අහිමි කරමින් රෝහිණි මහත්මිය දෙනෙත් පියා ගත්තේ මෙවැනි නායකත්ව පුහුණු පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනි. |
2018-02-19T09:23:40.000Z | ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනපතිට ලැබෙන තුරු ආණ්ඩුවේ වෙනසක් නැහැ - තිලංග සුමතිපාල | අධිකරණ තීන්දුව ලැබෙන තුරු ආණ්ඩුවේ වෙනසක් නැහැ | ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනාධිපතිතුමා වෙත ලැබෙන තෙක්, ආණ්ඩුව වෙනසකින් තොරව ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පවසයි. තිලංග සුමතිපාල මහතා මේ බව පැවසුවේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේදී අද පැවති විවාදයට එක් වෙමිනි. https://www.facebook.com/NewsfirstSL/videos/1848219291904987/ |
2018-02-19T09:14:06.000Z | කුලියාපිටියේ සිසුවා මියගියේ විදුහල්පතිගේ වරද නිසා ද? | කුලියාපිටියේ ගැටුමකින් සිසුවකු මරුට | COLOMBO (Newsfirst) - කුලියාපිටිය, ඇපලදෙණිය විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු අතර සිදු වූ ගැටුමකින් අනතුරුව එක් සිසුවෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත. ඒ, පසුගිය 17 වන දා කුලියාපිටිය ඇපලදෙණිය විද්‍යාලයේ 8වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු අතර සිදු වූ ගැටුමක් හේතුවෙනි. අප වාර්තාකරු පැවසුවේ, ගැටුමේදී එක් සිසුවෙකු රෝගාතුරවී ඇති බවයි. එම සිසුවා අනතුරුව කුලියාපිටිය රෝහලටත් පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලටත් ප්‍රතිකාර සඳහා යොමු කර ඇත. දින දෙකක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ සිසුවා ඊයේ පස්වරුවේ අවසන් සුසුම් හෙළුවේ සියල්ලන් කම්පාවට පත් කරමිනි. මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස 12 හැවිරිදි පී. එම්. සචින්ත දයාන් ය. ඔහු දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියා වේ. ඥාතීන් චෝදනා කරනු ඇත්තේ, දරුවා වැටී සිටියදී විදුහල්පතිවරයා ඒ පිළිබඳව කිසිදු සැළකිල්ලක් නොදැක් වූ බව ය. ඊයේ පස්වරුවේ මියගිය සිසුවාගේ නිවසට පාසලේ විදුහල්පතිවරයා ද පැමිණ ඇත. මියගිය සිසුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 21 වන දා ඇපලදෙණිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත වේ. https://www.youtube.com/watch?v=V0n2YQ6JCpg |
2018-02-19T06:25:19.000Z | කවුඩුල්ල ජාතික උද්‍යානයේ ආදායම මිලියන 191 ඉක්මවයි | කවුඩුල්ල ජාතික උද්‍යානයේ ආදායම මිලියන 191 ඉක්මවයි | COLOMBO (Newsfirst) - 2017 වසර තුළ කවුඩුල්ල ජාතික උද්‍යානයට සංචාරකයින් 159,394ක් පැමිණ ඇති බව වාර්තා වේ. තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කළේ, ඒ තුළින් රුපියල් මිලියන 191.11ක ආදායමක් ලැබී ඇති බවයි. කවුඩුල්ල ජාතික උද්‍යානයට දේශීය සංචාරකයින් 72,959ක් පැමිණ ඇති අතර එයින් මිලියන 2.87ක ආදායමක් ලැබී තිබේ. එමෙන් ම එම වසරේදී විදේශීය සංචාරකයින් 86,435ක් පැමිණ ඇති අතර ඉන් රුපියල් මිලියන 126.23ක ආදායමක් උපයා ඇත. මෙම සංචාරකයින්ගේ පැමිණීමට අමතර ව රුපියල් මිලියන 62.01ක ආදායමක් ද උපයාගෙන තිබේ. |
2018-02-19T05:49:48.000Z | එජාපයට තව දුරට ත් ආණ්ඩු කරන්න බලයක් නැහැ - දිනේෂ් ගුණවර්ධන | එජාපයට තව දුරට ත් ආණ්ඩු කරන්න බලයක් නැහැ | COLOMBO (Newsfirst) - එක්සත් ජාතික පක්ෂයට තව දුරට ත් ආණ්ඩුවක් කිරීමට බලයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන විවාදයේදී ය. https://www.youtube.com/watch?v=q0q41TrD3b8&feature=youtu.be |
2018-02-19T05:18:18.000Z | ජයග්‍රහණයේ රහස හෙළි කළ චන්දිමාල් | ජයග්‍රහණයේ රහස හෙළි කළ චන්දිමාල් | COLOMBO (Newsfirst) - කැපවීම සහ පුහුණුවීම් තුළින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ඒමට හැකි වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසා ඇත. ඔහු මේ බව ප්‍රකාශ කළේ, බංග්ලාදේශය සමග පැවැති පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමෙන් අනතුරුව ය. බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගාවලිය තරග 2 ට 0 ක් ලෙස ජය ගැනීමත් සමග වසරකට පසුව පන්දුවාර 20/20 තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය. සිලෙට් ක්‍රීඩාංගණයේ පැවැති එහි අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 210 කි. ධනුෂ්ක ගුණතිලක ලකුණු 42 ක් රැස් කළ අතර තිසර පෙරේරා ලකුණු 31ක් වේ. කුසල් මෙන්ඩිස් ලකුණු 70 ක් රැස් කර ඇත. ලකුණු 211 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 18 යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 135 ක් පමණි. https://www.facebook.com/NewsfirstSL/videos/1847985058595077/ |
2018-02-19T04:33:47.000Z | ඕනනම් අපට ආණ්ඩුවක් හදන්න පුළුවන් - එස්.බී.දිසානායක | ඕනනම් අපට ආණ්ඩුවක් හදන්න පුළුවන් - එස්.බී.දිසානායක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අවශ්‍යනම් බහුතර ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය. https://www.facebook.com/NewsfirstSL/videos/1847942971932619/ |
2018-02-19T03:38:47.000Z | රට හරහා දිවීමේ තරගයේ ජය චන්ද්‍රදාසන්ට | රට හරහා දිවීමේ තරගයේ ජය චන්ද්‍රදාසන්ට | මධ්‍යම පළාතේ S. චන්ද්‍රදාසන් 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවති රට හරහා දිවීමේ තරගයේ පිරිමි අංශයේ ජය වාර්තා කළේ ය. එහි කාන්තා අංශයේ ජය වාර්තා කළේ, නැගෙනහිර පළාතේ H.M.N.M. නන්දසේනයි. 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරග නුවරඑළියේදී ඊයේ පැවැත්විණ. මෙම තරගය පැවැත්වුණේ ක්‍රීඩා අමාත්‍යංශ අතිරේක ලේකම් කේ.පී. සිරිබද්ධන , ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක ක්‍රීඩා අධ්‍යකෂ ජනරාල් සනත් බණ්ඩාර හා නුවරඑළිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාර් මහින්ද දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. ආසියානු ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියට එක් වූ නිලානි රත්නායක සහ සමන්ත පුෂ්පකුමාර මෙම තරගාවලිය සඳහා නියමිත කාලය තුළ අයදුම් පත් ඉදිරිපත් කිරීමට අසමත්වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා ස්වාධීන ක්‍රීඩකයෝ ලෙස තරග කළහ. අදාළ ඉසව් දෙකෙන් ඔවුන් දෙදෙනා වේගවත් ම කාලය සටහන් කළ නමුත් ස්වාධීන ක්‍රීඩකයින් ලෙස තරග කළ නිසා ජයග්‍රහණය හිමි වූයේ දෙවැනියට තරගය අවසන් කළ ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවටයි. ඒ අනුව තරගයේ පිරිමි අංශයේ ජය වාර්තා කළ මධ්‍යම පළාතේ එස් චන්ද්‍රදාසන් විනාඩි 33 යි 25 කින් තරගය නිම කළේ ය. එහි දෙවන ස්ථානය විනාඩි 33යි තත්පර 31 කින් තරගය අවසන් මධ්‍යම පළාතේම ලයනල් සමරජීවට හිමි විය. එහි තුන්වන ස්ථානය හිමි වූයේ විනාඩි 33.33 කින් තරගය නිමා කළ ඌව පළාතේ T.M. එරන්ද තෙන්නකෝන්ටයි. විනාඩි 39යි තත්පර 49 කින් තරගය නිමාකළ නැගෙනහිර පළතේ H.M.N. නන්දසේන තරගයේ කාන්තා කේවල අංශයේ ජයග්‍රහණය වාර්තා කළේ ය. ඌව පළාතේ ශාමලී අනූෂා විනාඩි 40 යි තත්පර 11 කින් තරගය නිමා කරමින් කාන්තා අංශයේ දෙවන ස්ථානය හිමිකර ගත් අතර විනාඩි 40 යි තත්පර 19 කින් තරගය නිමා කළ මධ්‍යම පළාතේ බී. ජී. එල්. අනුරාදීට හිමි වූයේ එහි තුන්වන ස්ථානයයි. රට හරහා දිවීමේ තරගයේ පිරිමි කණ්ඩායම් අංශයේ ශූරතාව මධ්‍යම පළාතට හිමිවූ අතර එහි අනුශූරතාව හිමිවුනේ ඌව පළාතටයි. මධ්‍යම පළාතම එහි කාන්තා කණ්ඩායම් අංශයේ ශූරතාවය දිනා ගත් අතර බස්නාහිර පළාතට එහි අනුශූරතාව හිමි විය. |
2018-02-19T02:31:08.000Z | රාමඤ්ඤ මහා නිකායෙන් අවවාදාත්මක නිවේදනයක්... | රාමඤ්ඤ මහා නිකායෙන් අවවාදාත්මක නිවේදනයක්... | COLOMBO (Newsfirst) : රාමඤ්ඤ මහානිකායේ මහානායක අග්‍ග මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි නාහිමියන් වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ. සිය ප්‍රකාශය මගින් උන්වහන්සේ අවධාරණය කර සිටින්නේ, පාලකයින් සියලු දෙනා සාකච්ඡා මාර්ගයෙන් උද්ගතව ඇති අර්බුදය විසඳා ගත යුතුව ඇති බවයි. වර්තමානය වන විට ජනතාව විවිධ අපහසුතා මධ්‍යයේ ජීවන ගමන ගෙන යන බවක් පෙන්නුම් කරන බව ද උන්වහන්සේ සිහිපත් කර සිටිති. ඒ අනුව පාලක - පාලිත දෙපක්ෂයම එක් ව විවාද පසෙක ලා සමගිය අදාර්ශවත් ලෙස රට ඉදිරිගමන වෙනුවෙන් ක්‍රියා කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටිති. |
2018-02-19T01:59:25.000Z | ජනපති සහ ශ්‍රීලනිප මන්ත්‍රීන් අතර තවත් සාකච්ඡාවක් | ශ්‍රීලනිප මන්ත්‍රීහු ජනපති හමුවෙති | COLOMBO (Newsfirst) : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර සකච්ඡාවක් ආරම්භ වී තිබේ. මේ අතර රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අද පස්වරු 4 සිට පස්වරු 7 දක්වා පාර්ලිමෙන්තුවේ විවාදයක් පැවැත්වීමට නියමිත ය. අද දින මෙම විවාදය සඳහා යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවේ, ඒකාබද්ධයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසිනි. |
2018-02-19T01:35:05.000Z | අනියම් ඇසුරක් නිසා අවදානමක වැටුණු ඔස්ට්‍රේලියා නි. අගමැති | ඔස්ට්‍රේලියා නි. අගමැතිට ධුරය අහිමිවෙයි ද? | ඔස්ට්‍රේලියානුවන්ගෙන් 3/2ක පිරිසකට ම එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය බාර්නබී ජොයිස් ධූරයෙන් ඉවත් කිරීමට අවශ්‍ය බවට නවතම මත විමසුමකින් හෙළිවී තිබේ. ඒ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා , සිය විවාහක බිරිඳට රහසින් තම හිටපු මාධ්‍ය ලේකම්වරිය සමග පැවැත්වූ සබඳතාවේ ප්‍රතිඵලයක් ලෙස ඇය ගැබිණියක වී ඇතැයි හෙළිවීමෙන් අනතුරුවයි. සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී පවුල් ජීවිතයේ වටිනාකම් වෙත වැඩි අවධානයක් දුන් ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළේ ය. |
2018-02-19T00:36:03.000Z | 'මහර (බඩල්)ගම' අපූරු නගර සභාව අධිකරණය හමුවට | මහර (බඩල්)ගම නගර සභාව අධිකරණය හමුවට | COLOMBO (Newsfirst) : මහරගම නගර සභාව ජයග්‍රහණය කළ ස්වාධීන කණ්ඩායමේ අපේක්ෂකයින් එම බල ප්‍රදේශය තුළ පදිංචිකරුවන් නොවන තත්ත්වය පිළිබඳව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාව පවතින බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. එහි නීතී නිලධාරීනි ගයනි ප්‍රේමතිලක මහත්මිය පෙන්වා දෙන්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ පවතින සුදුසුකම්වලට යටත් නොවන අයෙකුට සභිකයෙකු වශයෙන් පිවිසීමේ හැකියාව නොපවතින බවයි. මෙවර මැතිවරණයේදී ප්‍රදේශයේ අපේකෂකයින් නොවන පිරිසක් ස්වාධීන කණ්ඩායමක් හරහා මහරගම නගර සභාවට තරග කර ජය ගැනීම මැතිවරණ නීති උල්ළංඝණය කිරීමක් බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති. මහරගම නගර සභාව මෙවර ජය ගනු ලැබුවේ, ස්වාධීන කණ්ඩායමක් විසිනි. නාම යෝජනා භාර දෙන අවස්ථාවේ පොදුජන පෙරමුණේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම නිසා ඔවුන්ගේ සහාය මෙම ස්වාධීන කණ්ඩායමට හිමිවිය. එහෙත් මේ ජයග්‍රාහකයින්ගෙන් දෙදෙනෙකු හැර සෙසු සියලු දෙනා වෙනත් ප්‍රදේශවල පදිංචිකරුවන් වන ලෙස සඳහන් වේ. ඉන් 20 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයේ, දිවුලපිටිය, බඩල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර තිදෙනකු වැල්ලවත්තේ පදිංචිකරුවන් ය. මෙම ස්වාධීන කණ්ඩායමේ ලැයිස්තුවේ අවුරුදු 80 ඉක්ම වූ සභිකයින් ති දෙනෙකු සිටින අතර ඉන් එක් අයෙකු මේ වනවිට ආඝාත රෝගියෙකි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, ඒ සඳහා අධිකරණ තීන්දුවක් ලබාගත යුතු හෙයින් කොමිෂන් සභාවට ගතහැකි පියවරක් නොමැති බවයි. |
2018-02-18T23:42:19.000Z | මන්ත්‍රී දිනේෂ්ගේ ඉල්ලීමට පක්ෂ නායකයෝ එකඟ වෙති | මන්ත්‍රී දිනේෂ්ගේ ඉල්ලීමට පක්ෂ නායකයෝ එකඟ වෙති | Update : ඒකාබද්ධ විපක්ෂයේ යෝජනාව අනුව අද පස්වරු 4 සිට රාත්‍රී 7 දක්වා රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විවාදයක් කිරීම සඳහා පක්ෂ නායකයින් එකඟ වී තිබේ. අද උදෑසන සභාව ආරම්භයේදී ප්‍රකාශයක් කරමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ විවාදයක් අවශ්‍ය බවයි. ඒ සඳහා මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගේ අත්සනින් යුත් යෝජනාවක් කථානයාකවරයා වෙත භාර දී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. ඒ අනුව ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවූ කථානායකවරයා පාර්ලිමේන්තුව මිනිත්තු 15කට කල්තබනු තැබී ය. පසුව පක්ෂ නායක රැස්වීමේදී අද පස්වරුවේ විාවදයක් පැවැත්වීම සඳහා පක්ෂ නායකයින් එකඟ වී ඇත. |
2018-02-18T22:46:57.000Z | කථානායකගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් | පාර්ලිමේන්තුවේ හදිසි පක්ෂ නායක රැස්වීමක් | COLIMBO (newsfirst) : ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සදහන් කළේ, කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බවයි. මේ අතර අද උදෑසන 10.30ට සමාන්‍ය පරිදි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව ද නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ ය. |
2018-02-18T21:58:07.000Z | ඉරාන ගුවන් අනතුර මියගිය මගීන්ගේ සිරුරු සෙවීම අතරමග නවතී | ඉරාන යානයේ සිටි මගීන්ගේ සිරුරු සෙවීම අතරමග නවතී | අයහපත් කාලගුණය හේතුවෙන් ඉරාන ගුවන් අනතුරෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු සොයා ආරම්භ කර ඇති මෙහෙයුම්වලට බාධා එල්ලවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දැඩි මීදුම් තත්ත්වය හමුවේ මෙහෙයුම් සඳහා පිටත් කර යැවූ ගුවන් යානා යළි පැමිණ ඇති බවයි. ඉරානයේ ටෙහෙරාන් නුවර මෙහෙරාබාද් ගුවන් තොටුපොළෙන් අභ්‍යන්තර ගුවන් ගමනක් සඳහා නික්මුණු මගී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පිරිස ජීවිතක්ෂයට පත්විය. අනතුරින් මිය ගිය අය අතර මගීන් 60 දෙනෙක් ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් ගුවන් සේවිකාවන් දෙදෙනෙක් සහ නියමුවෝ දෙදෙනා ද වූහ. යානය සග්රෝස් කඳුකර ප්‍රදේශයේ දේනා කඳුවැටිය මතදී අනතුරට පත්වන විට එය ටෙහෙරාන් නුවර සිට යසූජ් නගරය බලා පියාසර කෙරෙමින් තිබිණ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යානය ගුවන්ගත වී පැයකට පමණ පසු එය රේඩාර් පථයෙන් ගිලිහී ගිය බවයි. කෙසේ වෙතත් අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව තහවුරු නොමැත. |
2018-02-18T21:45:16.000Z | ලැට්වියා මහබැංකු අධිපති දූෂණ මර්දන බලකායේ රැඳවුම් භාරයට | ලැට්වියා මහබැංකු අධිපති රැඳවුම් භාරයට | ලැට්වියා මහබැංකු අධිපති ඉල්මාර්ස් රිම්සෙවික්ස් එරට දූෂණ මර්දන බලකාය විසින් රැඳවුම් භාරයට ගනු ලැබ තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලැට්වියා මහ බැංකුව ආශ්‍රිතව පිහිටි ඔහුගේ නිවස සහ කාර්යාලය නිලධාරීන් විසින් දැඩි පරීක්ෂාවට ලක්කරනු ලැබ ඇති බවයි. කෙසේ වෙතත් ලැට්වියා දූෂණ මර්දන කාර්යාංශය එම පරීක්ෂණ හෝ වැටලීම් පිළිබඳ කිසිඳු තොරතුරක් ප්‍රසිද්ධියට පත්කර නොමැත. ලැට්වියා අග්‍රාමාත්‍යවරයා අද හදිසි කැබිනට් අමාත්‍ය හමුවක් කැඳවා ඇති නමුත් ලැට්වියා මූල්‍ය ක්‍රමයට කිසිඳු අවදානමක් නොමැති බව ඔහු පවසා ඇත. ලැට්වියා මහ බැංකු අධිපතිවරයාට එරෙහි විමර්ශන පිළිබඳ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ මහබැංකුව කියා සිටියේ දූෂණ වංචා ඇතුළු නීතිවිරෝධි ක්‍රියා තමන් කිසිවිටෙකත් දරා නොසිටින බවයි. |
2018-02-18T21:29:45.000Z | Bafta උළෙලට කළු ඇඳුමින් සැරසුණු හෙලිවුඩ් නිළියන් | හොලිවුඩ් නිළියන්ගෙන් Bafta උළෙලේදී පණිවුඩයක් | හොලිවුඩ් නිලියන් රැසක් කළු පැහැති ඇඳුමින් සැරසී මෙවර Bafta සිනමා උළෙල සඳහා සහභාගී වී තිබේ. ඔවුන් එලෙස කළු පැහැති ඇඳුමින් සැරසී පැමිණ ඇත්තේ, Time's Up ව්‍යාපාරයට සහය දැක්වීම සඳහායි. සිනමා උළෙලේ හොඳම නිලිය ලෙස සම්මාන ලැබුවේ, ෆ්රාන්ස් මැක්ඩෝරන්ඩ් ය. සිනාමා උළෙල සඳහා වෙනත් වර්ණයක ඇඳුමකින් සැසරී පැමිණි ය ද ඇය උත්සවයේදී පවසා ඇත්තේ තමා සිය සහෝදර නිළියන් සමග සහයෝගයෙන් යුතුව එක්ම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් නැගී සිටින බවයි. කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන කේට් කුමරිය ද සිනමා සම්මාන උළෙල සඳහා සහභාගී වී ඇති අතර ඇය තද කොළ පැහැති ඇඳුමකින් සැරසී සිටියා ය. Time's Up සිනමා කර්මාන්තය තුළ සහ අනෙකුත් සෑම ස්ථානයකදී ම කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරවලට එරෙහිව නැගී සිටීම අරමුණු කර ගත් මෙය හොලිවුඩ් නිළියන් පිරිසකගේ මූලිකත්වයෙන් අරඹි ව්‍යාපෘතියකි. ලිංගික අපයෝජන සම්බන්ධයෙන් චිත්‍රපට නිෂ්පාදක හාවි වයින්ස්ටෙයින්ට එරෙහිව ඉහළ පෙළේ නිළියන් රැසකගෙන් චෝදනා එල්ල කිරීමත් සමග මෙම වැඩසටහන ඇරඹිණ. |
2018-02-18T20:49:51.000Z | ඉන්දීය - ද. අප්‍රිකා පළමු තරගයේ ජය ඉන්දියාවට | ඉන්දීය - ද. අප්‍රිකා පළමු තරගයේ ජය ඉන්දියාවට | තරග තුනකින් සමන්විත ඉන්දීය - දකුණු අප්‍රිකා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 28 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරගය ජොහැන්ස්බර්ග්හිදී පැවැත්විණ. පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 3 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 203 කි. ශිකර් ධවාන් සිය සිව්වන 20 යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 72 කට දැවී ගියේ ය. නායක විරාත් කෝලි ලකුණු 26ක් රැස් කළේ ය. නොදැවී කඩුල්ලේ රැඳී සිටි මනීෂ් පාන්ඩේ ලකුණු 29 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී සිය මංගල පන්දුවාර 20 යි 20 තරගයට ක්‍රීඩා කළ ජුනියර් ඩාලා ලකුණු 47 ට දවා ගත් කඩුළු ගණන 2 කි. ලකුණු 204 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9 ක් දැවී රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 175 ක් පමණි. ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්රික්ස් සිය මංගල 20 යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 70 කට දැවී ගියේ ය. පන්දු යැවීමේදී බුවනේෂ්වර් කුමාර් ලකුණු 24 ට දවාගත් කඩුළු ගණන 5 කි. බුවනේෂ්වර් කුමාර් තරගයේ වීරයා විය. |
2018-02-18T20:12:07.000Z | නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වෙයි ද? අවසන් තීරණය අද | නිදහස් සන්ධානය ආණ්ඩුව හැර යයි ද? | COLOMBO (Newsfirst) : පවතින ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වන්නේ ද, නැද්ද යන්න පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. රට තුළ මතුව ඇති දේශපාලන තත්ත්වය සහ අද පාර්ලිමේන්තුවේදී කටයුතු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැති ඇමතිවරු කණ්ඩායමක් ඊයේ රාත්‍රි 7.30ට පමණ ජනාධිපති නිල නිවසට පැමිණියහ. පැය දෙකක පමණ කාලයක් පිරිස ජනාධිපතිතුමා සමග සාකච්ඡා පැවැත්වු අතර, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ, ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව එම සාකච්ඡාවේ දී බහුතරයක මතය වූ බවයි. කෙසේවෙතත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය අද දහවල් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී ගන්නා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. අදාළ සාකච්ඡාව සදහා සහභාගී වූ තවත් මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අද පාර්ලිමේන්තු සැසිය සඳහා සහභාගි නොවීමට ද තීරණය කළ බවයි. මෙම සාකච්ඡාව පෙර අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදි පැවැත්විණ. සවස 6.30 සිට පැයක පමණ කාලයක් පැවති මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂිම් මහතාද එක්ව සිටියේ ය. එම සාකච්ඡාව අවසන් වනවිට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අරලියගහ මන්දිරයට කැදවා තිබුණේ විශේෂ සාකච්ඡාවක් සහා රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහායි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැය එකහාමාරක පමණ වේලාවක් පැවති බව අප වාර්තාකරුවෝ සඳහන් කළහ. ඊට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට අමතරව එක්සත් ජාතික පෙරමුණ යටතේ එක්සත් ජාතික පක්ෂයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ද එක්ව සිටි බව අප වාර්තාකරුවෝ වැඩිදුරටත් සඳහන් කළහ. |
2018-02-18T19:52:56.000Z | අස්ථාවර දේශපාලන වටපිටාව හමුවේ ශ්‍රීලනිප මන්ත්‍රීන් පාර්ලිමේන්තු නොපැමිණෙන ලකුණු.... | ශ්‍රීලනිප මන්ත්‍රීන් පාර්ලිමේන්තු නොපැමිණෙන ලකුණු | COLOMBO (Newsfirst): රට තුළ මතුව ඇති අර්බූදකාරී දේශපාලන වතාවරණය හමුවේ අද පළමු වරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ අද උදෑසන 10.30ටයි. ඊට පෙර උදෑසන 9.00 ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇතැයි, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ ය. |
2018-02-18T10:17:02.000Z | ජනපති-අගමැති හමුව අතරතුර ශ්‍රීලනිප ඇමති දයාසිරි ජනපති හමුවීමට ආවේ ඇයි? | රනිල් - කරූ පිටව යද්දී දයාසිරි ජනපති මැදුරට එයි | COLOMBO (Newsfirst) : අග්‍රාමාත්‍යවරයා සහ කථානායකවරයා ජනපති නිල මන්දිරයෙන් පිටව ගිය වහා ම අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ජනපති නිල නිවසට පැමිණ ඇති බව වාර්තා වේ. වාර්තා වන ආකරයට දයාසිරි ජයසේකර ප්‍රමුඛ මන්ත්‍රීවරුන් ජනපති මන්දිරයට පැමිණ ඇත්තේ, නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට 113ක බහුතර බලයක් ලබා ගත් බව සැලකිරීම සඳහායි. |
2018-02-18T20:36:19.000Z | යාලේ ආදායම මිලියන 700 පනී | යාලේ ආදායම මිලියන 700 පනී | COLOMBO (Newsfirst) : යාල ජාතික වනෝද්‍යානය 2017 වසරේදී වාර්තාගත ආදායමක් උපයා තිබේ. තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය පවසන්නේ, යාල ජාතික වනෝද්‍යානය මෙරට පිහිටි ජාතික උද්‍යාන අතුරින් 2017 වසරේ වැඩි ම ආදායමක් උපයා ඇති බවයි. ඒ අනුව 2017 වසරේ යාල ජාතික වනෝද්‍යානය රුපියල් මිලියන 700.58ක ආදායමක් උපයාගෙන ඇත. එමෙන් ම එම වසරේ වැඩි ම සංචාරකයින් පිරිසක් වන 397,122ක පිරිසක් පැමිණ ඇත්තේ ද යාල ජාතික වනෝද්‍යානයට වන අතර මේ අතරින් 207,927ක පිරිසක් දේශීය සංචාරකයින් වන අතර 189,195ක් විදේශ සංචාරකයින් ය. එමෙන් ම රුපියල් මිලියන 358.44ක ආදායමක් උපයා ගනිමින් උඩවලව ජාතික වනෝද්‍යානය දෙවන ස්ථානයේ පසුවන අතර එම උද්‍යානයට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 236,867කි. හෝටන් තැන්න ජාතික උද්‍යානය රුපියල් මිලියන 361.09ක් උපයාගෙන ඇත. 2017 වසරේ දී ජාතික උද්‍යාන සඳහා සංචාරක පැමිණීම 1635,467ක් වන අතර ඒ හරහා රුපියල් මිලියන 2,040.51ක ආදායමක් උපයාගෙන ඇත. |
2018-02-18T09:21:39.000Z | පතාලය මර්දනයට විශේෂ වැඩපිළිවෙළක් | පතාලය මර්දනයට විශේෂ වැඩපිළිවෙළක් | COLOMBO (Newsfirst) - පතාලය මර්දනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසා තිබේ. එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, දකුණු පළාතේ ක්‍රියාත්මක වූ පතාල කණ්ඩායම් බස්නාහිර පළාත තුළ ද විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බවයි. පළාත් පාලන මැතිවරණයෙන් පසු, පතාල නායකයින් කිහිප දෙනෙකු සහ ප්‍රධාන පෙළේ පතාල සමාජිකයින් කිහිපදෙනෙකු ද මේ වන විට විදෙස්ගත ව සිට මෙරටට යළි පැමිණ ඇති බවට අනාවරණවී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. එම පිරිස් අත්අඩංගුවට ගැනීමට සහ සිදුවන පතාල ක්‍රියාකාරම් මැඩලීම සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රීව විශේෂ කණ්ඩායම් 6ක් යොදවා ඇති බව ද විශේෂ කාර්ය බලකාය පැවසුවේ ය. එම කණ්ඩායම් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වනු ඇත. මේ අතර පසුගිය සිකුරාදා පස්වරුවේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසළදී සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ අද තලංගම වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් මේ වන විට හඳුනා ගෙන ඇති බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. එම පිරිස් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක වනු ඇත. |
2018-02-18T07:32:09.000Z | රනිල් - කරූ හදිසියේ ම ජනපති නිල නිවසට..? | රනිල් - කරූ හදිසියේ ම ජනපති නිල නිවසට..? | COLOMBO (Newsfirst) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරූ ජයසුරිය මහතා මීට සුළු වේලාවකට පෙර ජනාධිපති නිල නිවසට පැමිණ ඇත. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ, පවතින දේශපාලන වතාවරණය සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි. මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු නියෝජිතයින් අද රාත්‍රියේ අරලියගහ මන්දිරයට කැඳවීමට නියමිත ව ඇත. |
2018-02-18T07:18:16.000Z | 2017 වසරේ සත්ත්වෝද්‍යානවල ආදායම මි. 762 ක් | සත්ත්වෝද්‍යානවල ආදායම මි. 762 ඉක්මවයි | COLOMBO (Newsfirst) - 2017 වසරේදී ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 762.06 දක්වා ඉහළ ගොස් ඇති බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය පවසයි. එම ආදායමෙන් දේශීය සංචාරකයින් පැමිණීම හේතුවෙන් රුපියල් මිලියන 177.42ක් ද, විදේශීය සංචාරකයින්ගේ පැමිණීමෙන් මිලියන 564.25ක් ද, වෙනත් කටයුතු හේතුවෙන් රුපියල් මිලියන 20.39ක ආදායමක් උපයා ඇත. 2017 වසරේදී ජාතික සත්ත්වෝද්‍යාන වෙත පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 2,219,841කි. ඒ අතරින් 1,942,519ක් දේශීය සංචාරකයින් වන අතර 277,322ක් විදේශ සංචාරකයින් ය. |
2018-02-18T07:41:57.000Z | ලිංගික අතවරයන්ට එරෙහිව එමාගෙන් පවුම් මිලියනයක දායකත්වයක් | එමා වොස්ටන්ගෙන් මිලියනයක පරිත්‍යාගයක් | ජනප්‍රිය හොලිවුඩ් නිලි එමා වොට්ස්න් ලිංගික හිරිහැර කිරීම් නිසා පීඩාවට පත්වූවන්ට සහන සැලසීම වෙනුවෙන් වන Time’s Up වැඩසටහන සඳහා පවුම් මිලියන 1ක මුදලක් පරිත්‍යාග කර තිබේ. මෙය ලිංගික අතවරයන්ට එරෙහිව හොලිවුඩ් නිළියන් පිරිසකගේ මූලිකත්වයෙන් අරැඹි වැඩසටහනක් වන අතර ඊට හොලිවුඩ් නිළියන් 300කට අධික පිරිසක්, පිටපත් රචකයින් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරු එක්ව සිටිති. මෙම වැඩසටහනේ අරමුණ චිත්‍රපට කර්මාන්තය තුළ සහ අනෙකුත් සෑම ස්ථානයකදී ම කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරවලට එරෙහිව නැගී සිටීමයි. ලිංගික අපයෝජන සම්බන්ධයෙන් චිත්‍රපට නිෂ්පාදක හාවි වයින්ස්ටෙයින්ට එරෙහිව ඉහළ පෙළේ නිළියන් රැසකගෙන් චෝදනා එල්ල කිරීමත් සමග මෙම වැඩසටහන ඇරඹිණ. එමා තොම්සන්, කීරා නයිට්ලි ඇතුළු ප්‍රධාන පෙළේ නිලියන් 200කට වැඩි පිරිසක් මෙම වැඩසහන ආරම්භ කරමින් විවෘත ලිපියට අත්සන් තැබුවෝ ය. |
2018-02-18T06:36:57.000Z | චිත්‍රපට කලාකරුවන්ගේ විශ්‍රාම වැටුප් ඉහළට | චිත්‍රපට කලාකරුවන්ගේ විශ්‍රාම වැටුප් ඉහළට | COLOMBO (Newsfirst) : චිත්‍රපට කලාකරුවන් හා කාර්මිකයන් සඳහා වන විශ්‍රාම වැටුප් දීමනාව ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. මේ යටතේ මසකට රුපියල් 2,000/- බැගින් වූ දීමනාව ලබන විශ්‍රාමික චිත්‍රපට කලාකරුවන් සහ කාර්මිකයින් සංඛ්‍යාව 57 කි. ඊට අමතරව තවත් අයැදුම්කරුවන් 106 දෙනෙක් එම දීමනාව අපේක්ෂාවෙන් සිටිති. එම මාසික විශ්‍රාම දීමනාව රුපියල් 5,000/- ක් දක්වා වැඩි කිරීමට ත්, විශ්‍රාමික චිත්‍රපට කලාකරුවන් සහ කාර්මිකයින් 163 දෙනෙකු සඳහා එම දීමනාව ගෙවීමට හැකිවන පරිදි චිත්‍රපට සංස්ථා භාරය වෙත රුපියල් මිලියන 10ක භාණ්ඩාගාර ප්‍රදානයක් ලබා ගැනීමටත් පසුගිය දා කැබිනට් අනුමැතිය ලැබී ඇත. අවුරුදු 60 ඉක්ව මූ චිත්‍රපට කලාකරුවන් හා කාර්මිකයින් සඳහා මාසික විශ්‍රාම දීමනාවක් ලබාදීමේ මෙම වැඩපිළිවෙළ 1986 අංක 03 දරන පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපනය කරනු ලැබිණ. 'ජාතික චිත්‍රපට සංස්ථා භාරය' විසින් 1987 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරනු ලබයි. |
2018-02-18T04:32:21.000Z | BREAKING : ඇමති රංගේ බණ්ඩාර එජාප සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි | BREAKING : පාලිත රංගේ බණ්ඩාර ඉල්ලා අස්වෙයි | COLOMBO (Newsfirst) : රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර එක්සත් ජාතික පක්ෂයේ ආණමඩුව සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. නිවේදනයක්රා නිකුත් කරමින් අමාත්‍ය රංගේ බණ්ඩාර පවසන්නේ, ජීවිත අවදානම ද නොතකා, කැප කිරිම් රැසක් මැද ලබාදුන් ජයග්‍රහණ එක්සත් ජාතික පක්ෂයට කිසිදු අවස්ථාවක නොපෙණුන අතර අගය කිරීමක් ද සිදු නොවීම පිළිබඳව තමා දැඩි කන්ස්සල්ලකට පත්ව සිටින බවයි. දේශපාලන වශයෙන් මව් පක්ෂයෙන් කිසිදු ඇගයීමක් හෝ දායකත්වයක් නොමැති තත්ත්වයක් තුළ ආණමඩුව ජනතාවට උපරිම සේවයක් කිරීමට කළ කැපවීම් ද රංගේ බණ්ඩාර මහතා සිහිපත් කරයි. නායකයින්ට අමතක වූ ජනතාවට දැනගත යුතු මගේ ලියවිල්ල නමින් මාධ්‍ය වෙත දීර්ඝ නිවේදනයක් නිකුත් කරමින් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසූවේ, ජීවිතයේ ඉතිරි කාලය ඉතා සුවපහසුවෙන් සහ විවේකීවගත කිරීමට තමා ඉතා කැමැත්තෙන් සිටින බවයි. බලහත්කාරයෙන් එල්ලී සිටිමේ අවශ්‍යතාවක් ද තමාට නොමැති බව පෙන්වා දෙන ඔහු අවධාරණය කරන්නේ ජනතාව වෙනුවෙන් සේවය කරද්දී එක්සත් ජාතික පක්ෂයේම සිටින ප්‍රබලයින් තමන් ඝාතනය කිරීමට සැලසුම් කළ බවයි. දීර්ඝ කල්පනාවකින් පසුව එක්සත් ජාතික පක්ෂයේ ආණමඩුව සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතාට භාරදුන් බව පාලිත රංගේ බණ්ඩාර මහතාගේ නිවේදනයේ සඳහන් ය. එම අවස්ථාවේ කබීර් හෂ්ම් මහතාගේත්, රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙත් දෑස්වල තිබු වේදනාව තමන් දුටු බව පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කෙරුණත්, ගතවන සෑම මොහොතකම වටිනාකම මිල කළ නොහැකි තරමට ම වටිනා බව පාලිත රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා තිබේ. |
2018-02-18T03:10:41.000Z | ඉරාන යානයේ සිටි සියලු මගීන් ජීවිතක්ෂයට | ඉරාන යානයේ සිටි සියලු මගීන් ජීවිතක්ෂයට | Update : කඩා වැටුණු ඉරාන ගුවන් යානයේ සිටි සියලු මගීන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ටෙහෙරාන් සහ යසුජු නගර අතර පියාසර කරමින් තිබූ යානය සැග්රෝස් කඳුවැටියේදී අනතුරට ලක්විය. 60 දෙනෙකු පමණ රැගත් මගී ගුවන් යානයක් මධ්‍යම ඉරානයේ කඳුකර ප්‍රදේශයකදී කඩා වැටී තිබේ. මෙම ගුවන් යානය ටෙහෙරාන් සහ වයඹ දෙසින් පිහිටි යසුජු නගරය අතර පියාසර කරමින් සිටියදී ඉස්ෆාන් පළාතේ අර්ධිරෝම් නගරය ආසන්නයේ සැග්රෝස් කඳුවැටියේදී අනතුරකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. අයහපත් කාලගුණය හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා එම ස්ථානයට හෙලිකොප්ටරයක් පිටත් කර යැවිය නොහැකි බව විදෙස් වාර්තා වල දැක්වේ. එබැවින් පුද්ගලයින් ජීවතුන් අතර සිටී ද යන්න පිළිබඳ තවම ත් තොරතුරු වාර්තා වී නොමැත. ATR 72-500 නමැති එම ගුවන් යානය අසමං එයාර්ලයින්ස් විසින් මෙහෙයවන ලද්දකි. |
2018-02-18T02:06:23.000Z | දිස්ත්‍රික්ක 5ක රබර් වගා කිරීමට සැලසුම් | දිස්ත්‍රික්ක 5ක රබර් වගා කිරීමට සැලසුම් | COLOMBO (Newsfirst) - දිස්ත්‍රික්ක 5ක හෙක්ටයාර් 605 ක රබර් වගා කිරීමට සැලසුම් කර ඇතැයි රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කෑගල්ල, ගම්පහ, කුරුණෑගල, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල නව වගාව ආරම්භ කරන බව ය. මින් හෙක්ටයාර 375 ක් නව වගාව යටතේ සහ හෙක්ටයාර 230 ක් නැවත වගාව යටතේ වගා කෙරෙනු ඇති. |
2018-02-18T01:47:44.000Z | හෙළ සංගීතයේ විශිෂ්ට සංගීතඥයෙකු වූ ආචාර්ය වික්ටර් රත්නායකයන් 76 වැනි වියට පාතබයි | ඔබට සුබ උපන් දිනයක්..! | COLOMBO (Newsfirst) - හෙළ සංගීතයේ භාවමය ලකුණ, ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ 76 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ. 1942 වසරේ පෙබරවාරි මස අද වැනි දිනක කඩුගන්නාවේදී උපන් වික්ටර් රත්නායකයන් සංගීත චාරිකාව සඳහා පාර තනා ගත්තේ කඩුගන්නාව නගර සභා ක්‍රීඩාංගණයේ පැවති ප්‍රසංග වලින් අහුලා ගත් ගී කණ්ඩ ඔස්සේය. බොදු බැති ගී ගායනයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ජනප්‍රියත්වයට පත්වූ පළමු ගීතය වන්නේ 'සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ' ගීතයයි. https://www.youtube.com/watch?v=zwGfxslii3w ගීතය තුළින් ජන හදවත් වලට ආමන්ත්‍රණය කළ ඔහු, පසුව ගී තනු ඔස්සේ ද ජන හදවත් තුළ නිධන්ගත විය. මාතර ආරච්චි සිනමා පටය වෙනුවෙන් 'සඳකඩ පහනක කැටයම් ඔපලා' ගීතයේ තනු නිර්මාණය හරහා සිනමා සංගීත අධ්‍යක්ෂවරයෙකු වූ වික්ටර් රත්නායකයන් සප්ත ස්වරයේ අපූර්වත්යෙන් රිදී තිරය වර්ණවත් කළේ, සිනමා සංගීතයේ විවිධ හැඩතල මවමිනි. සිරිබෝ අයියා, පොඩි මල්ලි, සරුංගලේ, හුලවාලි සහ අතුරු මිතුරු ඔහුගේ ස්වර රටා වලින් හැඩවුණු සිනමා පට වේ. මෙරට වැඩිම වාර ගණනක් ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පැවැත්වූ සංගීතඥයා වන්නේ ද ඔහුයි. ඒ 'ස' ප්‍රසංගය 1450 වාරයක් පවත්වමිනි. ගුවන් විදුලිය, වේදිකාව, රිදී තිරය මෙන්ම පුංචි තිරය ද ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ මධුර හඬින් රස ගැන්විය. අඩ සියවසකට අධික කාලයක් හෙළ සංගීතය ගීයෙන් මෙන්ම තනුවෙන් ද සුපෝෂණය කළ ආචාර්ය වික්ටර් රත්නායකයන්, අමරදේවයන්ගෙන් පසු මෙරට බිහිවූ අග්‍රගණ්‍ය සංගීතවේදීන්ගේ ලැයිස්තුවේ ප්‍රථම පෙළ නියෝජනයකි. ජීවන චාරිකාවේ 76 වැනි පියවරට පා තබන ආචාර්ය වික්ටර් රත්නායකයන්ට නිව්ස්ෆස්ට් චිර ජීවනය ප්‍රාර්ථනා කර සිටිනවා. |
2018-02-18T00:28:27.000Z | Update: තලංගම වෙඩි තැබීමෙන් එක් අයෙකු මරුට | Update: තලංගම වෙඩි තැබීමෙන් එක් අයෙකු මරුට | COLOMBO (Newsfirst) - තලංගම, බලපත, විමලතිස්ස මාවතේ නිවසක සිදුවු වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද අලුයම යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු දොරගුළු කඩා අදාළ නිවසට ඇතුළු වී නිවසේ සිටි අඹු-සැමි යුවලකට වෙඩි තබා පලාගොස් ඇති බව ය. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 51 හැවිරිදි ස්වාමි පුරුෂයායි. තුවාල ලැබු 48 හැවිරිදි ඔහුගේ බිරිඳ තව දුරට ත් ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටී. පොලීසිය පැවසුවේ වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තීබී පිස්තෝල වර්ගයේ අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ දෙකක් සහ හිස් පතරොම් කොපු තුනක් සොයාගත් බව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1846495218744061/ |
2018-02-18T00:07:12.000Z | උදයංග වීරතුංග මෙරටට ගෙන්වා ගැනීමේ උත්සාහය | උදයංග වීරතුංග මෙරටට ගෙන්වා ගැනීමේ උත්සාහය | COLOMBO (Newsfirst) - රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු සිදු කරන බව නිතීය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කළේ, විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් සිදු කරන අදාළ කටයුතුවලට සහාය වීම සඳහා තම අමාත්‍යාංශයෙන් ද විශේෂ කණ්ඩායමක් යොමු කර ඇති බව ය. මේ අතර සිදුවන එම රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා සහාය වීමට සිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ද පත්කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. නීතිපති ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළේ, එරට නීතිය අනුව මෙරටට ගෙන ඒමේ කටයුතු සම්බන්ධයෙන් නීතිමය කරුණු අධ්‍යයනය කරමින් සිටින බව ය. |
2018-02-17T22:16:15.000Z | 14කට මරු කැඳවූ මෙක්සිකෝ හෙලිකොප්ටර් අනතුර | 14කට මරු කැඳවූ මෙක්සිකෝ හෙලිකොප්ටර් අනතුර | මෙක්සිකෝ භූ කම්පනයෙන් විපතට පත්වූවන්ගේ සුවදුක් බැලීම සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටි ඔකාසා ආණ්ඩුකාරවරයා ගමන් කළ හෙලිකොප්ටරයක අනතුරට ලක් වීමෙන් මියගිය සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අනතුරින් ආණ්ඩුකාරවයාට කිසිඳු හානියක් නොමැත. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, තුවාල ලැබූ කිහිප දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ය. ඊයේ උදෑසන මෙක්සිකෝවේ සිදු වූ මැග්නිටියුට් ඒකක 7.2 ක ප්‍රබල භූ කම්පනයෙන් නිවාස රැසකට හානි සිදුවිය. |
2018-02-17T22:00:17.000Z | නරේන්ද්‍ර මෝදි සහ ඉරාන ජනපති එකඟතාවක | නරේන්ද්‍ර මෝදි සහ ඉරාන ජනපති එකඟතාවක | ඇෆ්ගනිස්ථානයට ස්ථාවර සාමයක් උදාකිරීම වෙනුවෙන් සහාය දැක්වීමට ඉන්දීය සහ ඉරාන නායකයින් එකඟතාවකට පැමිණ තිබේ. ඒ, ඉන්දියාවේ සංචාරයක නිරත ඉරාන ජනාධිපති හසන් රුහානි, නවදිල්ලි නුවරදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවූ අවස්ථාවේදී ය. ත්‍රස්තවාදය, අන්තවාදය, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සහ සයිබර් අපරාධ තුරන් කරමින්, ඇෆ්ගනිස්ථානයට සාමය උදාකළ යුතු බව එහිදී අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථානයට සහාය දක්වන්නේ මූල්‍යමය වශයෙන් ද , නැත්නම් අවි ආයුධ සැපයිමෙන් ද යන්න මෙතෙක් තීරණය කර නොමැත. ඇෆ්ගනිස්ථානයට සාමය උදා කිරීම, ලෝකයෙන් ත්‍රස්තවාදය තුරන් කිරීමේ මෙහෙයුමේ ප්‍රබල සංධිස්ථානයක් වන බව ද නරේන්ද්‍ර මෝදි එහිදි ප්‍රකාශ කළේය. 2001 වසරේ සිට ඉන්දියාව ත්‍රස්තවාදය තුරන් කිරීම වෙනුවෙන් ඇෆ්ගනිස්ථානයට අමෙරිකානු ඩොලර් බිලියන 2 ක පමණ මුදලක් ලබා දී තිබේ. 2016 වසරේ ද ඉන්දියාව, ඇෆ්ගනිස්ථානයට අමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය ආධාරයක් ලබා දුන්නේ අධ්‍යාපන , සෞඛ්‍ය සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල සංවර්ධන කටයුතු වෙනුවෙනි. |
2018-02-17T21:21:51.000Z | පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් කිරීමට ශ්‍රී ලංකාවට මහඟු අවස්ථාවක් | ශ්‍රී ලංකා - බංග්ලාදේශ තීරණාත්මක තරගය අදයි | COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකා - බංග්ලාදේශ තීරණාත්මක දෙවන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය සිල්හෙට් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. දෙරට අතර විස්සයි 20 තරග 2ක් පැවැත්වෙන අතර පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිවිය. පසුගිය වසර පුරාවටම අසාර්ථක වූ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ තරග සංචාරයේදී යළි ත් සුපුරුදු දක්ෂතා අතර පැමිණියේය. බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමග තුන්කොන් තරගාවලිය සහ බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලියේ ශූරතාවය ද දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. චන්දික හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරග සංචාරය ද මෙය වීම විශේෂත්වයකි. හතුරුසිංහ කණ්ඩායම තුළ සිදු කර ඇති වෙනස තුළින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැඩි විශ්වාසයකින් තරග කරන ආකාරය මේ වනවිට අපට දැකගත හැකිය. අද තරගයට පෙර අදහස් දැක්වූ චන්දික හතුරුසිංහ පැවසුවේ කණ්ඩායමේ ශක්තිය ගැන තමා සතුටට පත්වෙන බව ත් ශ්‍රී ලංකාවට තවත් ගොඩාක් දුරක් යාම තිබෙන බව ය. අන්තර්ජාතික ක්‍රිකට් තරගවලදී හොඳින් කටයුතු කිරීම එතරම් පහසු දෙයක් නොවන බව බංග්ලාදේශ නායක මහමුදුල්ලා පවසයි. දෙරට අතර මේ වනවිට පන්දුවාර 20 තරග 8ක් පවත්වා ඇති අතර ඉන් තරග 6ක ජය ශ්‍රී ලංකාවට සහ තරග 2ක ජය බංග්ලාදේශයට හිමිව තිබේ. කලකට පසු පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් කිරීමට ශ්‍රී ලංකාවට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකිය. |
2018-02-17T20:26:26.000Z | තලංගම වෙඩි තැබීමකින් අඹු-සැමි යුවලකට තුවාලයි | තලංගම නිවසක් තුළ වෙඩි තැබීමක් | COLOMBO (Newsfirst) - තලංගම, බලපත, විමලතිස්ස මාවතේ නිවසක සිදුවූ වෙඩි තැබීමකින් අඹු-සැමි යුවලක් තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, අද අලුයම යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු දොරගුළු කඩා අදාළ නිවසට ඇතුළු වී වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව ය. ඉන් තුවාල ලැබුවේ නිවසේ නිදා සිටි 51 හැවිරිදි පුද්ගලයෙක් සහ 48 හැවිරිදි ඔහුගේ බිරිඳයි. තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තීබී පිස්තෝල වර්ගයේ අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ 2ක් සහ හිස් පතරොම් කොපු 3ක් සොයාගත් බව පොලීසිය සඳහන් කළේය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. |
2018-02-17T19:47:43.000Z | නව සභිකයින් ගැසට් කිරීම තව දුරට ත් ප්‍රමාදයි | නව සභිකයින් ගැසට් කිරීම තව දුරට ත් ප්‍රමාදයි | COLOMBO - (Newsfirst) - පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සභිකයින් ගැසට් කිරිම තව දුරට ත් ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාව සඳහන් කළේ, පක්ෂ ලේකම්වරුන් වෙත, නම් කළ යුතු සභික ප්‍රමාණය නිශ්චිතව දන්වා යැවීමට පළාත් පාලන ආයතන වලට අදාළව ගණනය කිරිම් සිදුකළ යුතුව ඇති බව ය. පළාත් පාලන පනතේ පවතින සංකීර්ණතාව හේතුවෙන්, ගණනය කිරිම් සඳහා වැඩි කාලයක් ගතවන බව ද කොමිෂන් සභාව පවසයි. මේ වන විටත්, අදාළ ගණනය කිරිම් ආරම්භ කර තිබෙන අතර ඒ සඳහා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් පමණක් ක්‍රියාත්මක වන බව ද කොමිෂන් සභාව සඳහන් කළේය. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසු කාන්තා නියෝජනය ද ඇතුළත්ව පළාත් පාලන ආයතන වෙත සභිකයින් පත් කිරිමට නියමිත බැවින්, මැතිවරණ ප්‍රතිඵල මත එම ගණනය කිරිම් සිදුවන බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසයි. කොමිෂන් සභාව සඳහන් කළේ, පළාත් පාලන ආයතන 340ක් සඳහා සභිකයින් ප්‍රමාණ ගණනය කර ඉදිරි සතිය ඇතුළත පක්ෂ ලේකම්වරුන් වෙත ලිඛිතව දැන්වීමට පියවර ගන්නා බව ය. |
2018-02-17T09:20:07.000Z | ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා ඉවත් කළ හැකියි | ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා ඉවත් කළ හැකියි | Colombo (Newsfirst) රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ, ව්‍යවස්ථාව අනුව තමන් ධූරයෙන් ඉවත් වීමේ අවශ්‍යතාවක් නොමැති බව ය. ප්‍රශ්නය - අගමැතිතුමනි ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාගෙන් උපදෙස් විමසලා තියෙනවා කියලා වාර්තා වෙනවා අගමැතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන්. ඒ පිළිබඳව මොක්ක ද ඔබතුමාගේ අදහස? ඔබතුමා තවදුරටත් මේ ආණ්ඩුව පවත්වාගෙන යා යුතුයි කියනවා රනිල් වික්‍රමසිංහ - මම ආණ්ඩුව ගෙනියනවා ඉතින් ප්‍රශ්නය - ජනාධිපතිවරයා මේ ආකාරයට කටයුතු කරද්දී ඔබතුමා ආණ්ඩුව ගෙනියන්න සූදානම් ද? රනිල් වික්‍රමසිංහ - මම ව්‍යවස්ථාව අනුව වැඩ කටයුතු කරනවා. ව්‍යවස්ථාව සම්බන්ධ කරමින් අගමැතිවරයා මේ කියන ප්‍රකාශය සත්‍යයක් ද? නීති විශාරදයින්ගෙන් අප මේ ගැන විමසුවේ ය. මෙහිදී ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පැවසුවේ, ව්‍යවස්ථාව තුළ අගමැතිවරයා ඉවත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබෙන බව ය. ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය "අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42/4 ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන අයෙකු අගමැතිවරයා ලෙස පත් කළ හැක. එලෙසම ව්‍යවස්ථාවේ 43/2 වගන්තිය යටතේ අගමැතිවරයාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලයක් ජනාධිපතිවරයාට පත් කළ හැකි නමුත් 43/3 වගන්තිය යටතේ මේ ජනාධිපතිවරයාට මේ කැබිනටි ඇමති ධූර ඕනම අවස්ථාවක වෙනස් කළ හැක. එසේ නම් 43/3 වගන්තිය යටතේ ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ නම් මුළු කැබිනට් මණ්ඩලයම ඉවත් කළ හැක. මේ සඳහා අගමැතිවරයාගේ අදහස් විමසිය යුතු නොමැත එලෙසම 46/2 වගන්තිය යටතේ අගමැතිවරයා එම කැබිනටි මණ්ඩලය පවත්වාගෙන යන කාලය තුළ අගමැතිවරයා ලෙස කටයුතු කළ හැක. ඔහුට එම ධූරය නැති වෙන්නේ ඔහුගේ මන්ත්‍රී ධූරය නැතිවුණොත් හෝ මෙම ධූරයෙන් ඉල්ලා අස්වුණොත් පමණි. එහෙත් අගමැතිවරයා විසින් පත් කරන ලද ඇමති මඩුල්ල ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවේ මම දැක්වූ පරිදි ඇමති ධූරවලින් ඉවත් කළ හොත් පන්නා දැමුවොත් එසේ නම් අගමැතිවරයාට තවත් එම කැබිනට් මණ්ඩලයේ තවදුරටත් ක්‍රියා කළ නොහැක. එවිට අගමැතිවරයාගේ සම්පූර්ණ බලය ප්‍රහීන වී යනවා. ඒ අවස්ථාවේදී අගමැතිවරයාට ජනාධිපතිවරයාට 42/ 4 වගන්තිය යටතේ නව අගමැතිවරයෙකු පත් කළ හැක. මේ 19 වන ව්‍යවස්ථාවේ සඳහන් දෙයයි. මෙහි ඉතා කෙටියෙන් කියා තිබෙන්නේ ජනාධිපතිවරයාට සියලු ම කැබිනට් ඇමතිවරුන් පහ කළ හැක පහ කළ වහාම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා වටේ සිටින අගමැතිවරයාට තවදුරටත් අගමැති ධූරයේ කටයුතු කළ නොහැක. එසේ නම් ඔහු නිතතින්ම එම කැබිනට් ඇමතිවරු ඉවත් කළ පසු අගමැති ධූරය ද නැති වනු ඇත. ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයාට නව අගමැතිවරයා පත් කළ හැක." |
2018-02-17T07:47:47.000Z | රට අස්ථාවර තත්ත්වයක, මාතෘ භූමියට ප්‍රමුඛත්වය දී කටයුතු කරන්න - පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි | මාතෘ භූමියට ප්‍රමුඛත්වය දී කටයුතු කරන්න | Colombo (Newsfirst) රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමට සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් අද මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. එහිදී උන්වහන්සේ පැවසුවේ, පළාත් පාලන මැතිවරණය නිමාවට පත් වීමෙන් පසු රටේ අස්ථාවර තත්ත්වයක් දක්නට ඇති බව ය. රටේ වගකිව යුතු පාර්ශව මහජනතාවගේ සුබ සිද්ධිය සහ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව දැඩි අවධානය යොමු කර කටයුතු කළ යුතු බව උන්වහන්සේ මෙහිදී අවධාරණය කළේ ය. |
2018-02-17T04:47:48.000Z | නව මැතිවරණය දිනපු අය පරදින, පැරදුන අය දිනන ක්‍රමවේදයක් - සුසිල් කිඳෙල්පිටිය | ඡන්ද ක්‍රමය ගැන කතා කරන සුසිල් කිඳෙල්පිටිය | Colombo (Newsfirst) බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරු පිරිසක් අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. ඔවුන් පෙන්වා දුන්නේ, නව මැතිවරණ ක්‍රමයේ පවතින ගැටලු සහගත තත්ත්වය යි. එහිදී අදහස් දක්වමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතා පැවසුවේ, නව මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු කිහිපයක් දක්නට ඇති බව ය. මෙම මැතිවරණය ජයග්‍රාහකයින් පරාජිතයින් බවටත් පරාජිතයින් ජයග්‍රාහිකයින් බවටත් පත් වන ක්‍රමවේදයක් බවට පරිවර්තනය වී ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය. |
2018-02-17T03:38:21.000Z | සංජේ දත් සහ ශ්‍රීදේවිගෙන් නව වෙනසක් | සංජේ දත් සහ ශ්‍රීදේවිගෙන් නව වෙනසක් | ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පී යුවලක් වන සංජේ දත් සහ ශ්‍රීදේවි වසර 25 කට පසු එකම සිනමා පටයකට රංගන දායකත්වය ලබාදීමට සූදානම් වේ. ගුම්රා නැමති එම සිනමා පටය මහේෂ් බාත් ගේ අධ්‍යක්ෂණයක් වන අතර එය නිර්මාණය කරන්නේ කරන් ජොහාර් සමඟින් සජීද් නද්වාලායි. ශ්‍රී දේවි සහ සංජේ දත් අවසන් වරට එකම සිනමා පටයකට රංගන දායකත්වය ලබාදුන්නේ 1993 වසරේදී ය. |
2018-02-17T03:23:27.000Z | මාතර, උඩ අපරැක්ක කණිෂ්ඨ විද්‍යාලයට ගම්මැද්දෙන් පානිය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් | ගම්මැද්දෙන් තව ත් ප්‍රජා සත්කාරයක් | COLOMBO (Newsfirst) - සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමටවත් පහසුකම් නොමැතිව අකුරු කළ මාතර උඩ අපරැක්ක කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන්ගේ බලාපොරොත්තු යථාර්ථයක් කරන්නට ගම්මැද්ද වැඩ දහස ක්‍රියාන්විතයට අද හැකි විය. සිසුන් 100කට අධික ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන මාතර උඩ අපරැක්ක කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන් අකුරු කළේ, ගැටලු රැසක් මධ්‍යයේ ය. ඒ අතර, පානීය ජල පහසුකම් නොමැති වීම මෙන් ම සනීපාරක්ෂක පහසුකම් නොමැතී වීම ද දරුවන්ට තිබූ ප්‍රධාන බාධකයන් බවට පත් විණි. ඒ සියල්ල මැද දිරියෙන් අකුරු කරන මේ දරු පරපුරට ඒ ගැටලු විසඳා දෙන්නට ගම්මැද්ද වැඩ දහස ක්‍රියාන්විතය මැදිහත් වූයේ, ඊ.එම්.ඩබ්ලිව් ජයසූරිය අනුස්මරණ පදනමේ අනුග්‍රාහකත්වය ද සමගිනි. ලොවට වැඩදායී නායකයින් බිහි කිරීමේ අරමුණින් ලොව පුරා ක්‍රියාත්මක අයිසන් හවර් සංවිධානයේ ප්‍රධානී ජෝජ් ඩිලාමා මහතා සහ එම මැතිණිය, කැපිටල් මහරාජා සංවිධානයේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. |
2018-02-17T01:47:00.000Z | රු. කෝටියක මත්ද්‍රව්‍ය රේගු දැලේ | රු. කෝටියක මත්ද්‍රව්‍ය රේගු දැලේ | COLOMBO (Newsfirst) - කෝකේන් බවට සැක කරන මත්ද්‍රව්‍ය අඩංගු කැප්සූල් තොගයක් ගිල දිවයිනට පැමිණි බ්‍රසීල ජාතිකයෙකු රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ ශරීරය තුළ තිබූ මත්ද්‍රව්‍ය අඩංගු කැප්සූල් 45 ක් පිටතට ගත් බව ය. එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්නප බව ඔහු සඳහන් කළේය. |
2018-02-17T01:26:13.000Z | ධීවර අංශයේ නව රැකියා අවස්ථා 50,000 ක් | ධීවර අංශයේ නව රැකියා අවස්ථා 50,000 ක් | COLOMBO (Newsfirst) - ධීවර අංශයේ නව රැකියා අවස්ථා 50,000 ක් ලබා දීමට සැලසුම් කර ඇතැයි ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 2016 සහ 2017 වසර වල ධීවර අංශයෙන් ලබා දී ඇති නව රැකියා ප්‍රමාණය 8,665කි. මීට සමගාමීව නව තාක්ෂණික ක්‍රමවේද ධීවර ක්ෂේත්‍රය සඳහා හඳුන්වා දීම කෙරෙහි ද අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ. |
2018-02-17T01:07:28.000Z | විරාට් කෝලී වාර්තා පොත් අලුත් කරයි | විරාට් කෝලී වාර්තා පොත් අලුත් කරයි | දකුණු අප්‍රිකාවට එරෙහි 6වන එක්දින තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය. ඒ අනුව තරග 6කින් සමන්විත වූ තරගාවලිය තරග 5ට 1ක් ලෙස ජය ගැනීමට ඉන්දියාව සමත් විය. දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඉන්දියාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාවට පන්දුවාර 46යි පන්දු 5ක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 204ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 32යි පන්දු 1ක් තුළ කඩුලු 2ක් පමණ දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඉන්දීය නායක විරාට් කෝලී පන්දු 96කදී ලකුණු නොදැවී ලකුණු 129ක් ලබා ගත්තේය. දෙපිලක් අතර පැවති එක්දින තරගාවලියකදී මුළු ලකුණු 500ක් හෝ ඊට වැඩි ගණනක් ලබාගත් පළමු පිතිකරුවා බවට කෝලී පත්විය. මෙම තරගාවලියේදී ශතක 3ක් සමගින් කෝලි රැස් කළ ලකුණු ගණන 558කි. |
2018-02-17T00:36:44.000Z | යක්කල රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට | යක්කල රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට | COLOMBO (Newsfirst) - කොළඹ - නුවර මාර්ගයේ යක්කල, හේන්පිටමුල්ල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පදිකයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ අදාළ පදිකයා මාර්ගය හරහා ගමන් කිරීමේදී කාර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය. අනතුරින් බරපතල තුවාල ලැබු ඔහු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය. එලෙස මියගොස් ඇත්තේ, යක්කල ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකි. |
2018-02-16T21:54:07.000Z | කොළඹට පැය 24ක ජල කප්පාදුවක් | කොළඹට පැය 24ක ජල කප්පාදුවක් | COLOMBO (Newsfirst) - කොළඹ ප්‍රදේශ රැසකට අද පෙරවරු 9 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ඊට හේතු වී ඇති බව ය. ඒ අනුව කෙළඹ 01, 02 ,03, 04, 07, 08, 09,, 10 සහ 11 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. මීට අමතරව කොළඹ 12 හා 13 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයිමට සිදුවන බව ද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය. |
2018-02-16T21:46:11.000Z | රුධිරය හිඟ වීමේ ප්‍රවාණතාවක් | රුධිර පරිත්‍යාගශීලිත්වය අඩුම ප්‍රදේශය මඩකලපුව | COLOMBO (Newsfirst) - රුධිරය හිඟ වීමේ ප්‍රවාණතාවක් මතුවී ඇතැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් මහබෙල්ලන මහතා පැවසුවේ සතියට ලැබෙන රුධිරය ප්‍රමාණයට වඩා රුධිර නිකුත් කිරීම ඊට හේතු වී ඇති බව ය. රුධිර පරිත්‍යාගශීලිත්වය අඩුම ප්‍රදේශය ලෙස මඩකලපුව හඳුනාගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේය. |
2018-02-16T21:36:10.000Z | දකුණු අප්‍රිකානු නව ජනපතිගේ "නව උදාව" | දකුණු අප්‍රිකානු නව ජනපතිගේ "නව උදාව" | නව දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රාමෆෝසා ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පළමු වරට ජාතිය අමතමින් "නව උදාව" පිළිබඳ කතා කර තිබේ. නව උදාවත් සමගින් අපට පිටුපසින් ඇති සියලු අහිතකර දේවල් ඉවත දැමිය යුතු බව රාමෆෝසා ජනාධිපතිවරයා ජනතාව අමතමින් කියා සිටියේය. දූෂණ චෝදනා රැසක් එල්ල වීම හේතුවෙන් දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති ජෙකොබ් සූමා ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග 65 හැවිරිදි සිරිල් රාමෆෝසා නව ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය. |
2018-02-16T21:21:11.000Z | මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක් | මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක් | මැග්නිටියුට් ඒකක 7.2ක ප්‍රබල භූ කම්පනයක් මෙක්සිකෝවේ සිදුව තිබේ. භූ කම්පනය සිදුව තිබෙන්නේ කිලෝමීටර 43 ක් පොළව අභ්‍යන්තරයට වන්නට මෙක්සිකෝ අගනුවර ආශ්‍රිතවයි. ඒ සමගම නිවාස සහ ගොඩනැගිලි විනාඩි කිහිපයක් සෙලවී ඇති අතර ඉන් සිදුවූ හානි මෙතෙක් වාර්තා වී නොමැත. |
2018-02-16T21:06:58.000Z | අගමැතිගේ ඉල්ලා අස්වීමත් සමග ඉතියෝපියාවේ හදීසි තත්ත්වයක් | ඉතියෝපියාවේ හදීසි තත්ත්වයක් | අග්‍රාමාත්‍ය හෙයිල්මරියම් ඩිසැලින්ගේ ඉල්ලා අස්වීමත් සමඟ ඉතියෝපියාවට හදීසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක විරෝධතා තවත් වර්ධනය වී ඇති බව ය. නගර කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පැවති විරෝධතා මේ වනවිට සමස්ත ඉතියෝපියාව පුරාම ක්‍රියාත්මක වේ. 2015 වසරේ සිට ක්‍රියාත්මක විරෝධතා හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 500 ඉක්මවයි. පොලිස් නිලධාරීන් 90 දෙනෙකු ද ගැටුම් අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති අතර අත්අඩංගුවට පත්ව ඇති සංඛ්‍යාව සිය ගණනකි. කෙසේ වෙතත් ජනතාවගෙන් සහ විපක්ෂයෙන් එල්ල වූ විරෝධතා මධ්‍යයේ හෙයිල්මරියම් ඩිසැලින් ඊයේ සිය ධුරයෙන් ඉල්ලා අස්විය. 2012 වසරේ ඔහු ඉතියෝපියානු අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ අතර ඉන් වසර තුනකට පසුව ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ආරම්භ වූයේ ජනතාව හෙයිල්මරියම්ගේ පාලනය ප්‍රතික්ෂේප කිරීමත් සමගිනි. ඔහුගේ පාලන කාලය තුළ ඉතියෝපියාවේ ආර්ථිකය තව ත් කඩාවැටීමකට ලක්විය. නියඟය සහ ගංවතුර හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමට රජය කිසිඳු පියවරක් නොගැනීමෙන් ඉතියෝපියානුවන් විශාල පිරිසක් මියගොස් තිබේ. මානව හිමිකම් උල්ලංඝණය කිරීම, ජනතා ඉඩම් රජයට පවරා ගැනීම සහ විපක්ෂ ආධාරකරුවන් පොලිස් භාරයට ගැනීම යන කරුණු ද හෙයිල්මරියම් රජය ප්‍රතික්ෂේප කිරීමට හේතු විය. කෙසේ වෙතත් ඉතියෝපියාවට මෙතෙක් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර නොමැත. |
2018-02-16T20:16:29.000Z | කඩා වැටුණු ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලේ වාර්තාව දින 2ක් තුළ පොලීසියට | ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලේ වාර්තාව ළඟදීම පොලීසියට | COLOMBO (Newsfirst) - කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදි පසුගියදා කඩා වැටුණු ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වන වාර්තාව ඉදිරි දින දෙක තුළ පොලීසියට භාර දීමට අපේක්ෂා කරන බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂිකා කුමුදුනි ජයවර්ධන මහත්මිය පැවසුවේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බව ය. එම ගොඩනැගිල්ලට යාබද ගොඩනැගිල්ලෙහි කොන්ත්‍රාත්කරු විසින් එය අනාරක්ෂිත ලෙස ඉවත් කිරිමට යෑමෙන් මෙය සිදුව ඇති බව නිරීක්ෂණය වූ බව ඇය වැඩි දුරට ත් සඳහන් කළා ය. සිද්ධිය සිදුවූ ස්ථානයට ගොස් නිරීක්ෂණය කිරිමේදි අදාළ ගොඩනැගිල්ලෙහි එක් කොටසක් පමණක් කඩා වැටී ඇති ආකාරය නිරික්ෂණය වූ බව ත් ඇය වැඩි දුරට ත් පැවසුවා ය. පසුගියදා සිදුවූ මෙම අනතුරින් එම ස්ථානයේ සේවය කළ 09 දෙනෙක් බරපතල ලෙස තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව 07 දෙනෙකු ජිවිතක්ෂයට පත් විය. මෙලෙස කඩා වැටිමට ලක් වුණේ කුළු බඩු අපනයනය කරන වෙළෙඳ මධ්‍යස්ථානයක් සහිත ගොඩනැගිල්ලකි. |
2018-02-16T19:59:55.000Z | මහින්ද දේශප්‍රිය සහ කතානායක අතර සාකච්ඡාවක් | මහින්ද දේශප්‍රිය සහ කතානායක අතර සාකච්ඡාවක් | COLOMBO (Newsfirst) - මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හා කතානායක කරූ ජයසුරිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්විය. ඒ, ආණුඩුක්‍රම ව්‍යාවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස කතානයකවරයා දැනුවත් කිරීම සඳහායි. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමේදී ප්‍රායෝගිකව මුහුණ දීමට සිදුවු ගැටළු පිළිබඳව එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කරුණු පැහැදිලි කළේය. 25% ක කාන්තා නියෝජනය තහවුරු කිරීමේදී මතුව ඇති ප්‍රායෝගික ගැටලු එහිදී මහින්ද දේශප්‍රිය මහතා විසින් කතානායකවරයාට පෙන්වා දෙනු ලැබිණි. අනාගතයේ මැතිවරණ සඳහා විද්‍යුත් ක්‍රමයක් යොදා ගැනීම පිළිබඳව අධ්‍යන කරන ලෙස ද කතානායකවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් එහිදී ඉල්ලා සිටී. |
2018-02-16T11:12:27.000Z | මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වෙනස් නොකිරීමට පියවර: දේශපාලන ස්ථාවරත්වයත් ඉල්ලා සිටිනවා - මහ බැංකු අධිපති | මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වෙනස් නොකිරීමට පියවර | COLOMBO (Newsfirst) - වර්ෂ 2017 දී අයහපත් කාලගුණය හේතුවෙන් ආර්ථික වේගය අඩපණ වූවත් වර්තමානය වනවිට එය හොඳ තත්ත්වයට ගමන් කරන ලකුණු පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ, හේතුවෙන් දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය එලෙසම පවත්වාගෙන යාමට තීරණය කළ බව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේය. "ආර්ථිකය යහපත් ලෙස ස්ථාවර වී ඇති බව සැළකිය යුතු තෘප්තියක් සඳහා හේතු වී තිබුණා" යැයි මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 7.25% හා නිත්‍ය ණය පහසුකම් අනුපාතය (SLFR) 8.75% මට්ටමේ පවත්වා ගැනීමට මූල්‍ය මණ්ඩලයට හැකි වී තිබේ. 2017 දෙවැනි කාර්තුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4% කින් වර්ධනය වී එම වර්ෂයේ තුන්වැනි කාර්තුවේ 3.3% ක් දක්වා ආර්ථික වර්ධනය පහත බැස තිබේ. 2017 වර්ෂ තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 6.0% සිට 5.5% දක්වා පහත වැටෙනු ඇති බවට විශ්වාසය පල කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මුදල් මණ්ඩලය පවසන්නේ ආර්ථිකය වර්තමානයේ සිය හැකියාවන්ට වඩා පහළ මට්ටමකට වැටෙනු ඇති බව ය. පවත්නා දර්ශකයන් අනුව, පසුගිය වසර දෙක තුළ අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත්ව ඇති අතර, විදේශීය ඉල්ලුම සහ විදේශීය ඍජු ආයෝජන ලැබීම්වල අපේක්ෂිත වර්ධනයට වාසි වන බව මහ බැංකුව පවසයි. මේ වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව 5% සිට 5.5% දක්වා ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන අතර, ස්ථාවර අනුපාතිකය පවත්වා ගැනීම සඳහා තීරණය වන්නේ, පාලක සභාග ආණ්ඩුව විසින් අත්විඳි පරාජයෙන් පසු ඇති වූ දේශපාලන අවිනිශ්චිතතාවයෙන් පසුව ගනු ලබන තීරණ මතයි. මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසුවේ, දේශපාලන අවිනිශ්චිතතාවය ආයෝජන හා වර්ධනය අඩු කිරීමට හේතු විය හැකි බව ය. "තරඟකාරී තත්ත්වයක් ඇති වුවහොත් එය ඉතා ඉක්මණින් ස්ථාවර විය යුතු බව ත්, එය ඉතා හොඳ තත්ත්වයක තිබිය යුතු බව ත්, එය ඉදිරියට ගෙන යා යුතු ය" යනුවෙන් දැන්ම පැවසීම කල් වැඩි බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය. |
2018-02-16T09:21:57.000Z | වර්ෂ 1815 වගේම 2018 පෙබරවාරි මාසයත් තීරණාත්මක වේවීද? | වර්ෂ 1815 වගේම 2018 පෙබරවාරි ත් තීරණාත්මක වේවීද? | COLOMBO (Newsfirst) - පෙබරවාරි මාසය වර්තමානයේ මෙන්ම 1815 වසරේදීත්, ශ්‍රී ලංකාවේ පාලන කටයුතු සම්බන්ධයෙන් බෙහෙවින් තීරණාත්මක මාසයක් විය. ශ්‍රී ලංකාවේ අවසාන රජතුමා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින් විසින් යටත් කරගනු ලැබුවේ ද 1815 වසරේ පෙබරවාරි මාසයේදී ය. ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය කොළඹදී ඊයේ පැවැත්වූ සම්මන්ත්‍රණයකදී සම්මානිත මහාචාර්ය එම්. යූ. ද සිල්වා මහතා එදා පෙබරවාරියේ මතකය මෙලෙස ආවර්ජනය කළේය. "රජ්ජුරුවෝ අල්ලා ගත්තේ පෙබරවාරි 18 වෙනිදා, අල්ලගෙන කියනවා ඩොයිලි රදලයන්ට, හා හරි දැන් අපි මේ කෘර රජ්ජුරුවෝ ආර්ය සිංහලයන්ගේ ලේ හොල්ලපු මේ මිලේජ්ජ කෘර රජ්ජුරුවෝ අපි අල්ලගත්තා. දැන් ඔයගොල්ලන්ගෙන් රජෙක් තෝරගන්න. ඉතින් ඩොයිලි දන්නවා මේ ගොල්ලෝ අතර තිබ්බ අසමගිය නිසා එකමුතු කමක් ඇති වෙන්නේ නෑ. පෙබරවාරි 18 වෙනිදා රජ්ජුරුවෝ අල්ලගත්තේ.පෙබරවාරි 27 වෙනකන් බලන් හිටියා අනුප්‍රාප්තිකයෙක් පත් කරන්න තෝරනකන්. එතකොට කාටවත් බැරිවුණා ඒ වැඩේ කරන්න. ඒ නිසා 27 වෙනිදා කියනවා ඩොයිලි, තමුසෙලාට එකමුතුකමක් නෑ ඒ නිසා අපි රජකම නැති කරනවා. ලංකාවේ රජකම නැති කරනවා. මොකක්ද ඩොයිලිට තිබුණ අයිතිය ලංකාවේ රජකම නැති කරන්න?. ඊළඟට මේ කට්ටියට මොකක්ද තිබිච්ච අයිතිය රජ්ජුරුවෝ ඔහොම මේවා කරන්න? ඊළගට මඟුල් මඩුවට මේ රදලයෝ ටික රැස් කරනවා.ඒ කියන්නේ මාර්තු 2 වැනිදා. ඒ වෙනකොට අර උඩරට ආක්‍රමණය කරපු හමුදාවල් ඔක්කෝම හමුදා කණ්ඩ මේ රජ මිදුලේ පේලි ගස්සලා ඉන්නවා.ඒ අතර තමයි මේ එක් එක්කෙනා එන්නේ රදලයෝ, තමන්ගේ ආවතේව කාරයොත් එක්ක. මුලින්ම ඇවිල්ලා තියෙන්නේ ඇහැලේපොල. ඇහැලේපොල බොහොම ආදරයෙන් පිළිගැනලා මේ වාඩි කළා. ඒ වාඩි කරනකොට වෙනදා රජ්ජුරුවෝ හිටපු තැන සිංහාසනේ වහලා සුදු රෙද්දක් දාලා තියනවා. ඒ සුදු රෙද්දට උඩින් තියනවා මහ රජ්ජුරුවන්ගේ - ජෝර්ජ් මහ රජ්ජුරුවන්ගේ පින්තූරයක්. ඉතින් මේ රැස්වීම් ශාලාවට මඟුල් මඩුවේ තිබුණේ ,රැස්වීම් ශාලාවට ඇතුල් වෙනකොට හැම කෙනෙක්ම ජෝර්ජ් මහ රජ්ජුරුවන්ට හිස නමලා ගරු කරන්න ඕනි. ඊළගට සුහඳ කතා බහ කරලා මේ බ්‍රවුන්රිග් කියනවා තමුන්නාන්සේලා ඉතාම විශිෂ්ඨ වැඩක් කරේ . මේ කෘර දුෂ්ඨ රජ්ජුරුවෝ අපි ඔන්න අයින් කරලා දැම්මා. ඊළඟට අපි දැන් මේ උඩරට පාලනය කරන්න සැලැස්මක් හදලා තියනවා" https://www.facebook.com/NewsfirstSL/videos/1844512952275621/ |
2018-02-16T08:21:16.000Z | අගමැති ධුරයේ තව දුරට ත් කටයුතු කරනවා - රනිල් වික්‍රමසිංහ | අගමැති ධුරයේ තව දුරට ත් කටයුතු කරනවා | COLOMBO (Newsfirst) - අග්‍රාමාත්‍ය ධුරයේ තව දුරට ත් කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකදී ය. මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නය - අගමැතිතුමා ඔබතුමා වසර 24ක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දරලා තියනවා. ඔබතුමා හිතන්නේ නැද්ද දැන් කාලේ හරි කියලා අලුත් නායකත්වයකට රට භාර දෙන්න? අග්‍රාමාත්‍යවරයාගේ පිළිතුර - ඉතිං අලුත් නායකත්ව පරපුරක් බිහි කරන්න ඉන්නේ. ඒකයි මම දැන් කිව්වේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නය - ඒ කියන්නේ? කවද්ද ඔබතුමා-- අග්‍රාමාත්‍යවරයාගේ පිළිතුර - ඒ වැඩකටයුතු සාකච්ඡා කරලා අපි දැන් බලාපොරොත්තු වෙන්නේ. සාකච්ඡා කෙහොමත් මේ මැතිවරණ කොමිසමට ලයිස්තු එව්වයින් පස්සේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. පැය 24න් වෙන්නේ නෑ. පරිවර්තනය අපි දැන් කරගෙන යනවා.-- මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නය - දැන් ඔබතුමාට චොදනාවක් එල්ලවනවා අගමැති ධූරයෙන් ඉවත් වෙන්න කියලා. විශේෂයෙන්ම නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය එතකොට ජනාධිපතිවරයාත් ඒ ඉල්ලීමම කරනවා කියලා තමයි ඔවුන් කියන්නේ. මොකද්ද ඔබතුමා ඒකට දෙන ප්‍රතිචාරය? අග්‍රාමාත්‍යවරයාගේ පිළිතුර - මම ව්‍යවස්ථාව අනුව වැඩකටයුතු කරනවා.-- මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නය - අගමැතිතුමා දැනට වාර්තා වෙමින් පවතිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඒකාබද්ධ විපක්ෂය එකට එකතු වෙලා එක්සත් ජාතික පක්ෂයේ පිරිසකුත් සමග ආණ්ඩුවක් හදන්න යනවා කියලා.හ් පිලිබදව ඔබතුමා දැනුවත්ද? අග්‍රාමාත්‍යවරයාගේ පිළිතුර - එක්සත් ජාතික පක්ෂයේ සමහර මන්ත්‍රීවරු මට කිව්වා ඒ අයට කතා කරලා තිබුණා කියලා.ඒ අදහසට එකඟ වෙලා නැහැ.අපේ කණ්ඩායම ඊයෙත් රැස්වුණා.අපි අඟහරුවාදා රැස් වුණා. ආපහු බ්‍රහස්පතින්දා රැස් වුණා. ආපහු රුස්වෙන්න කියලා තව දවස් දෙක තුනකින්. අපි රැස් වෙලා ඉදිරියට යනවා. මේ එකඟත්වය ඉවත්වීමක් ගැන එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම කියලා නෑ. මම අනිත් පක්ෂ නායකයින්ටත් කතා කලා පෙරමුණේ. ඒ අයත් කිව්වා ප්‍රශ්නයක් නෑ කියලා. මොකද අපි ඔක්කම එකට ඉන්නේ. https://www.facebook.com/NewsfirstSL/videos/1844447948948788/ |
2018-02-16T06:56:54.000Z | අලුත්කඩේදී අයෙකුට වෙඩි තබයි: දෙදෙනෙක් මරු දකිති | අලුත්කඩේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට | COLOMBO: කොළඹ , අලුත්කඩේ අධිකරණ සංකීර්ණ ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, වෙඩි වැදුණු පුද්ගලයා සහ වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා යන දෙදෙනා යි. වෙඩි වැදී මිය ගිය පුද්ගලයා 39 හැවිරිදි කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුට වෙඩි තැබීමට පැමිණි පුද්ගලයා ජනතාව විසින් අල්ලා පොලිසියට භාර දී ඇති අතර බරපතළ තුවාල ලබා සිටි සැකකරු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. https://www.youtube.com/watch?v=ZbLCtG3eTrw |
2018-02-16T05:17:15.000Z | අර්ජුන මහේන්ද්‍රන් අතුරුදන් | අර්ජුන මහේන්ද්‍රන් අතුරුදන් | COLOMBO (Newsfirst) - මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට ලබන 08 වැනිදාට පෙර දිවයිනට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙස දන්වා අද යළි නොතීසි නිකුත් කෙරිණි. කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළේ, එම නොතීසිය අධිවේගී තැපෑල සහ පෞද්ගලික ලිපි බෙදා හැරීමේ සේවයක් හරහා අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙත යොමු කරන ලෙස ය. සිංගප්පුරුවේ ඔහුගේ ලිපිනයේ අර්ජුන මහේන්ද්‍රන් මහතා පදිංචිව සිටින බව මෙහිදි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට දැනුම් දුන්නේය. ඒ බව තහවුරු වී ඇත්තේ ජාත්‍යන්තර පොලීසිය හරහා සිදුකළ පරික්ෂණවලින් බව ද ඔහු සඳහන් කළේය. මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව අර්ජුන මහේන්ද්‍රන් මහතා ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා හමුවේ ප්‍රකාශයක් ලබා දීමට නියමිතව තිබුණි. නමුත් ඔහු එම ප්‍රකාශය ලබා දීම සඳහා දිවයිනට පැමිණියේ නැත. |
2018-02-16T05:01:17.000Z | ඇලෝසියස්ට සහ පලිසේනට ඇප නැහැ | ඇලෝසියස්ට සහ පලිසේනට ඇප නැහැ | COLOMBO (Newsfirst) - පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් ඇප ඉල්ලා කළ ඉල්ලීම ද කොටුව මහේස්ත්‍රාත්වරිය අද ප්‍රතික්ෂේප කළා ය. ඒ අනුව ඔවුන් ලබන 02 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. |
2018-02-16T05:22:27.000Z | නවසීලන්තය 243 යි; 20/20 න් ඔස්ට්‍රේලියාව ලෝක වාර්තාවක් පිහිටුවයි | 20/20 ඉතිහාසයේ ඉහළම ලකුණු හඹායාම ඔස්ට්‍රේලියාවෙන් | නවසීලන්තයේ දී, එංගලන්තය හා ඔස්ට්‍රේලියාව සහභාගීත්වයෙන් පැවැත්වෙන තුන්කොන් පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගය වාර්තා අතරට එක්වූ තරගයක් වේ. නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවති තරගයේ දී, වාර්තා වූ මුළු ලකුණු සංඛ්‍යාව වාර්තා අතරට එක්වූයේ එක් තරගයක දී වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසය. නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දෙමින් පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 243 ක් රැස්කිරීමට සමත්විය. මාටින් ගප්ටිල් පන්දු 54 ක දී ලකුණු 105 ක් රැස්කළ අතර, කොලින් මොන්රෝ පන්දු 33 කින් ලකුණු 76 ක් රැස්කරමින් පළමු කඩුල්ලට ලකුණු 132 ක සබඳතාවක් වාර්තා කළේය. පිළිතුරු ඉනිම ඔස්ට්‍රේලියාව නියමිත ඉලක්කය පසුකළේ පන්දු 7 ක් ඉතිරිව තිබියදී වීම විශේෂත්වක් විය. පන්දු 24 ක දී ලකුණු 59 ක් රැස්කළ නායක ඩේවිඩ් වෝනර් ජෝන් මැතිව් ශෝට් සමගින් පළමු කඩුල්ලට ලකූණු 121 ක සබඳතාවක් ගොඩනැගුවේ පන්දුවාර 8.3 තුනක දීය. ශෝට් පන්දු 44 ක දී ලකුණු 76 ක් ලබා ගත් අතර, එරොන් ෆින්ච් පන්දු 14 ක දී නොදැවී ලකුණු 36 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයයග්‍රහණය කරා රැගෙන ගියේය. පන්දුවාර 20-20 ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹායාම මෙය ලෙසද වාර්තා වේ. එ් අනුව ඔස්ට්‍රේලියාව මේවනවිට තරගාවලියේ ක්‍රීඩා කළ තරග 4 ම ජය ගනමින් පෙරමුණේ රැඳී සිටී. |
2018-02-16T02:20:48.000Z | ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධූරය තොණ්ඩමන්ට | කම්කරු කොංග්‍රසයේ සභාපති ධූරය තොණ්ඩමන්ට | Colombo (Newsfirst) නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. අද දහවල් කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් එම පක්ෂයේ උප සභාපති එම්. රාමේෂ්වරන් මහතා මේ බව සඳහන් කළේ ය. මේ අනුව ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධූරය සහ ලේකම් ධූරය ආරුමුගන් තොණ්ඩමන් මහතාට හිමිව තිබේ. මුත්තු සිවලිංගම් මහතා එම පක්ෂයේ අනුශාසකවරයා ලෙස කටයුතු කරනු ඇති. |
2018-02-16T01:55:49.000Z | ඒකාබද්ධය ජනපති හමුවෙයි: සුසිල් හිටපු ජනපති හමුවීමට යයි | ඒකාබද්ධය ජනපති හමුවෙයි: සුසිල්, මහින්ද හමුවීමට යයි | Colombo (Newsfirst) ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කරමින් සිටිති. අද උදෑසන කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අනතුරුව ජනාධිපතිවරයා හමුවීමට පිටව ගියහ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. අද පෙරවරුවේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට පාර්ශව කිහිපයක්ම පැමිණියේ ය. මේ අතර නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ද අද පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවිය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළේ ය. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් අදත් අරලියගහ මන්දිරයට පැමිණියහ. අද උදෑසන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, අමාත්‍ය සාගල රත්නායක ඇතුළු පිරිසක් මෙලෙස අරලියගහ මන්දිරයට පැමිණි බව අප වාර්තාකරු පැවසුවේ ය. |
2018-02-16T01:42:48.000Z | සැනසිලි ජයක් බලාපොරොත්තුවෙන් ද. අප්‍රිකාව තරග බිමට | ඉන්දු - ද. අප්‍රිකා 6 වන තරගය අද | Colombo (Newsfirst) ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණයක් සමගින් අවසන් කිරීමට උත්සහ කරන බව දකුණු අප්‍රිකා ආරම්භක පිතිකරු හෂීම් අම්ලා පවසයි. ඉන්දු - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ 6 වන සහ අවසන් තරගය සෙන්චූරියන්හිදී අද පැවැත්වේ. සංචාරක ඉන්දීය කණ්ඩායම මේ වන විට තරග 4ට 1ක් ලෙස තරගාවලියේ ජය තහවුරු කරගෙන අවසන් ය. දකුණු අප්‍රිකා ආරම්භක පිතිකරු හෂීම් අම්ලා පවසන්නේ තරගාවලිය පරාජය වුව ද ජයග්‍රහණයක් සමගින් එය අවසන් කිරීමට උත්සහ ගන්නා බව ය. අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 4.30ට ආරම්භ වීමට නියමිත ය. |
2018-02-16T00:05:10.000Z | කුරුණෑගල වී වගාවට මොරගහකන්දෙන් දියවර සැපයීමට පියවර | කුරුණෑගල වී වගාවට මොරගහකන්දෙන් දියවර | Colombo (Newsfirst) කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී වගාවට යල මහ දෙකන්නය සඳහා ප්‍රමාණවත් ලෙස මොරගහකන්ද ජලාශ්‍රයෙන් දියවර සැපයීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ, ඉදිකෙරෙමින් පවතින වයඹ මහ ඇළ ව්‍යාපෘතිය අවසන් වූ වහාම ජල සැපයුම ආරම්භ කරන බව ය. වයඹ ඇළ යටතේ මහ වැව් සහ කුඩා වැව් 300කට ජලය සැපයීමට සැලසුම් කර ඇති බව ද අධිකාරිය සඳහන් කළේ ය. |
2018-02-15T22:38:49.000Z | අජේ දේව්ගන්ගේ රේඩ් චිත්‍රපටය මාර්තු 18 වන දා සිට | අජේ දේව්ගන්ගේ රේඩ් චිත්‍රපටය මාර්තු 18 | (Newsfirst) අජේ දේව්ගන් රඟන රේඩ් බොලිවුඩ් චිත්‍රපටය ලබන මාර්තු 18 වන දා සිට තිරගත කිරීමට නියමිත ය. බොලිවුඩ් නළු අජේ දේව්ගන් එහි නිරුපණය කරන්නේ, එරට දැවැන්තම වැටලීමක් මෙහෙයවන ආදායම් බදු නිලධාරියෙකුගේ චරිතයකි. රේඩ් බොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රථම පූර්ව ප්‍රචාරක පටය පසුගියදා ඉන්ටර්නෙට් වෙත මුදා හැරිණි. |
2018-02-15T20:58:59.000Z | අර්ජුන මහේන්ද්‍රන් මෙතෙක් දිවයිනට පැමිණ නැතැයි තොරතුරු | මහේන්ද්‍රන් මෙතෙක් දිවයිනට පැමිණ නැතැයි තොරතුරු | Colombo (Newsfirst) ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙතෙක් දිවයිනට පැමිණ නැතැයි තොරතුරු වාර්තා වේ. ඔහු ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා හමුවේ ප්‍රකාශයක් ලබා දීමට නියමිතව තිබිණි. ඒ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම මස 15 වන දාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දෙන්නැයි කළ නියෝගය ද නොතකමිනි. පසුගිය 2 වන දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් හරහා කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ, විමර්ශන කටයුතු සඳහා අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වීමේ අවශ්‍යතාවක් ඇති බව ය. ඒ අනුව ඊයේ දිනට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස අධිකරණය ජාත්‍යන්තර පොලීසිය හරහා අර්ජුන මහේන්ද්‍රන් මහතාට නියෝග කළේ ය. අර්ජුන මහේන්ද්‍රන් මහතා නිශ්චිත දිනට මෙරටට නොපැමිණිය හොත් ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් මීට පෙර නීතිපති ජයන්ත ජයසූරිය මහතාගෙන් නිව්ස්ෆස්ට් වීමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීමට දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ය. මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුව අද යළි කැඳවීමට නියමිතව තිබේ. |
2018-02-15T20:23:42.000Z | කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය අද රාත්‍රී 8.00 සිට තාවකාලිකව අත්හිටුවයි | කැලණිවැලියේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවේ | Colombo (Newsfirst) අද රාත්‍රී 8.00 සිට ලබන 19 වන දා අලුයම 4.00 දක්වා කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය ගමනා ගමන අධිකාරී විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේ, හදිසි නඩත්තුවක් හේතුවෙන් මෙම පියවර ගත් බව ය. කැලණිවැලි දුම්රිය මාර්ගයේ දෛනිකව ක්‍රියාත්මක වන දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 20කට ආසන්න ය. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, සති අන්තයේ දුම්රිය ගමන් වාර 15ක් පමණ ක්‍රියාත්මක වන බව ය. |
2018-02-15T20:01:01.000Z | පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද | ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද | Colombo (Newsfirst) රටේ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ. අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, අද උදෑසන 8.30ට ජනාධිපති කාර්යාලයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවීමෙන් පසු එම ප්‍රකාශය සිදු කරනු ඇති බව ය. |
2018-02-15T19:45:18.000Z | ඉතියෝපියානු අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි | ඉතියෝපියානු අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි | (Newsfirst) ජනතාවගෙන් සහ විපක්ෂයෙන් එල්ල වූ අඛණ්ඩ විරෝධතා මධ්‍යයේ ඉතියෝපියානු අග්‍රාමාත්‍ය හෙයිල්මරියම් ඩිසැලින් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, රට තුළ තිරසර සාමය ස්ථාපිත කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය කරා ගෙන යා හැකි ප්‍රතිසංස්කරණවලට ඉඩ ලබා දෙමින් තමා ඉල්ලා අස්වන බව ය. හෙයිල්මරියම් ඩිසැලින් ඉතියෝපියාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වුණේ 2012 වසරේ අගෝස්තු 20 වන දා ය. එහෙත් ඔහුගේ පාලන කාලය තුළ පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් සිය ගණනක් ජීවිතක්ෂයට පත්ව තිබේ. සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් ඉතියෝපියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පවතින දේශපාලන අර්බුදයත් සමග ඇති වූ නොසන්සුන්තාවෙන් රටට ජීවිත සිය ගණනක් අහිමි වී ඇති බව ය. ඔහු අද ඉල්ලා අස්වුණේ එය තවදුරටත් සිදු නොවිය යුතු බව අවධාරණය කරමිනි. |
2018-02-15T11:51:56.000Z | අතීතය වර්තමානය සහ තිත්ත ඇත්ත | අතීතය වර්තමානය සහ තිත්ත ඇත්ත | Colombo (Newsfirst) : එක්සත් ජාතික පක්ෂය යනු මෙරට පොදු ජනතාවගේ පක්ෂයක් වන අතර එය වසර 70 කට වැඩි ඉතිහාසයක් ඇති රටට බොහෝ වටිනා දේ දායාද කළ පක්ෂයක් ද වේ. ජනතාවගේ අපේක්ෂාවන් වෙනුවෙන් ඔවුන්ගේ දුර්වලතා අපි අනාවරණය කරන්නෙමු. ජනතාවගේ එක ම අපේක්ෂාව ශ්‍රේෂ්ඨ නායකයින්ගේ මග පෙන්වීමෙන් ජනතා පැතුම් ඉටුකල මේ පක්ෂය තුළ යළිත් ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවනු දැකීමයි. එහෙත් අත්තනෝමතික තීරණ නිසා පක්ෂය ජනතාවගෙන් ඈත්වී ක්ෂයවෙමින් යන බව පක්ෂයේ වත්මන් නායකයින් හා නිලධාරීන් තේරූම් නොගැනීම කනගාටුවට කරුණකි. මේවා අනාවරණ කරමින් අප කරුණු වාර්තා කිරීමේදී අපට ද විවිධ අවලාද, අසත්‍ය චෝදනා නගමින් විවේචනය කරන බව අප හොදින් දන්නා කරුණකි. ඒවායේ ඇත්ත නැත්ත විශ්වාස කිරීම ජනතාව සතු කාර්යයකි. ජනතාව වෙනුවෙන්, රටවෙනුවෙන් ඇත්ත හෙළි කිරීම වැදගත් බව අපි හොදින් අවබෝධ කරගෙන සිටින්නෙමු. බැඳුම්කර වංචාවේදී අප ඇත්ත හෙළ කර ඇත. එය දැන් ජනතාව ඉදිරියේ තහවුරුවී ඇත. සත්‍යය රටේ ජනතාව වෙනුවෙන් ඉදිරියේදීත් හෙළි කිරීමට අපි පසුබට නොවන්නෙමු. |
2018-02-15T11:19:24.000Z | ජනපති සූමා හැර ගිය පුටුවේ අයිතිය රමපෝසාට | ජෙකොබ් සූමාගේ ජනපති පුටුව රමපෝසාට | දකුණු අප්‍රිකානු නව ජනාධිපතිවරයා ලෙස එරට හිටපු උප ජනාධිපති සිරිල් රමපෝසා පත්කර තිබේ. ඒ දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති ජෙකොබ් සූමා දූෂණ චෝදනා එල්ල වීම හමුවේ ජනමතයට ගරු කරමින් ජනපති ධූරයෙන් ඉවත් වීම හේතුවෙනි. ඡන්ද විමසීමකින් තොරව එරට ප්‍රධාන විනිසුරුවරයා විසින් නව ජනාධිපතිවරයා පත් කරනු ලැබ ඇති බව විදෙස් වාර්තවන්හි සඳහන් ය. අද ධුරයෙන් ඉල්ලා අස් වූ ජෙකොබ් සුමා අප්‍රිකානු ජාතික කොංග්‍රසය නියෝජනය කරමින් පළමු වරට දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වූයේ 2009දී ය. 2014 දී ඔහු යළිත් වරක් ජනපති පුටුව හිමි කරගත්තේ ය. කල්ක්‍රියාව යහපත් නොවූ බැවින් ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනා 9 ක් ගෙන ආ නමුත් ඉන් එකකින් හෝ ඔහු පරාජය නොවී ය. ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඔහුට විපක්ෂයෙන් එල්ල වූ බලපෑම අඛණ්ඩව සිදු වූ අතර , 12 වනදා අප්‍රිකානු ජාතික කොංග්‍රසය රැස්ව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වීය . ධුරය අත්හැරිමට සූමාට බලකිරීම මුඛ්‍ය පරමාර්ථය වූ හමුවෙන් පසු ,පාලක පක්ෂය වන අප්‍රිකානු ජාතික කොංග්‍රසය ජනපතිගෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළේ ය. මීට පෙර කළ යුතුව තිබූ ඉල්ලා අස් වීම වහා ම සිදු කරන ලෙස ත් , එසේ නොකළ හොත් නැවත වරක් විශ්වාස භංගයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ත් , එය අනිවාර්යයෙන් අවසන් වන්නේ අන්ත පරාජයකින් බවත් එරට පාලක පක්ෂය ,සුමාට දැනුම් දුන්නේ ය. නියමිත කාලයට පෙර මැතිවරණයකට යා යුතු බව පවසමින් , උප ජනපති සිරිල් රම්පෝසා ප්‍රමුඛ අප්‍රිකානු ජාතික කොංග්‍රසය කළ ඉල්ලීමට ජෙකොබ් සූමා පිළිතුරු දුන්නේ ඊයේ රාත්‍රියේයි. හදිසියේ ජනමාධ්‍ය කැඳවූ ජනපතිවරයා සිය තීන්දුව ප්‍රකාශ කළේ ය. එම ඉල්ලා අස්විම , අප්‍රිකානු ජාතික කොංසය හා විපක්ෂය ලද ඓතිහාසික ජයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ අතර අප්‍රිකානු ජාතික කොංසය පවසන්නේ 2019 මහමැතිවරණයට පෙර සිදුවූ මේ දේශපාලන පෙරළිය රටට සුබවාදී අයුරින් යොදාගන්නා බවයි. සූමාට එල්ල වූ චෝදනා... 75 හැවිරිදි දකුණු අප්‍රිකා ජනාධිපති ජෙකොබ් සූමාට එරෙහිව පසුගිය වසරේ ,දෝෂාභියෝගයක් ඉදිරිපත් වුණේ ඩොලර් මිලියන 23 ක මුදලක් අවභාවිත කිරිමේ චෝදනා හේතුවෙනි. පෞද්ගලික නිවසක් නවිකරණය කිරීමට රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් භාවිත කිරිම සම්බන්ධව ඔහුට දිගින් දිගටම චෝදනා එල්ල විය. ඒ අනුව ඔහුට නඩු පැවරුණු අතර , 2016 වසරේ අප්‍රේල් මාසයේදී ,අධිකරණය තිරණය කළේ ජනපති ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවයි. ජනතා මුදලින් ඔහු නවීකරණය කළ නිවසට අයත් පිහිනුම් තටාකය , රංග ශාලාව ,අමුත්තන්ගේ අංගනය ,සතුන් ගාල් කර තබන ස්ථානය යන කොටස් සඳහා වැය වූ මුදල් නැවතත් ලබා දිය යුතු බව අධිකරණය තීරණය කළේ ය. රාජ්‍ය භාණ්ඩාගාර මුදල් අවභාවිත කිරීමට අමතරව මුදල් විශුද්ධිකරණය හා වංචා හා දූෂණ චෝදනා ද ජනාධිපතිවරයාට එල්ල වූයේ ඔහුට එරෙහි නඩු සංඛ්‍යාව දහස දක්වා ඉහළ දමමිනි. ඊට අමතරව , අප්‍රිකාවේ ජිවත් වන ඉන්දියානු , ධනවත් පවුලක් වන ගුප්තා පවුල සමග සමිප සම්බන්ධතා පවත්වන්නේ යැයි පවසමින් සූමාට තවත් චෝදනාවක් එල්ල විය. අජේ, අතුල්, රාජේෂ් නැමැති ගුප්තා පවුලේ සහෝදරයින් සතු , පතල් , මාධ්‍ය ආයතන ,ගුවන් ගමන් සේවා , තාක්ෂණික සේවා වැනි ව්‍යාපාර වල අතරින් පතර ජේකොබ් සුමාගේ නම ද ගෑවී තිබූ බව නොරහසකි. ගුප්තා පවුලේ පතල් ව්‍යාපාරයකට සුමාගේ එක් බිරිඳකගේ නම ඈඳී තිබු අතර , තවත් ව්‍යාපාර කිහිපයකට ම , ඔහුගේ දියණියක හා පුතෙකු සම්බන්ධ වී තිබු බව ද හෙළි විය. මෙම රහස් සබඳතා පිළිබඳව ප්‍රසිද්ධියේ කිසිවක් නොකීමට වග බලා ගත් ජනපතිවරයා , සැමවිටම පැවසුවේ තමා නිර්දෝෂී බවයි. |
2018-02-15T10:34:57.000Z | සාගල හදිසියේ ම ඉල්ලා අස්වෙන්නේ ඇයි...? | සාගල හදිසියේ ම ඉල්ලා අස්වෙන්නේ ඇයි...? | COLOMBO (Newsfirst) : මහජන ආරක්ෂාව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් වුණේ ද? මෙය අද පස්වරුවේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ තවත් කරුණකි. අමාත්‍ය සාගල රත්නායක මහතා අද දහවල් සිය Facebook ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තුවක් නැතැයි අද පැවති පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කළ බවයි. එහෙත් පක්ෂ නායකත්වය ලබාදෙන ජනතාවට සේවය කළ හැකි වෙනත් ඕනෑ ම වගකීමක් භාර ගන්නා බව සාගල රත්නායක මහතා සිය සටහනේ සඳහන් කර තිබිණ. සාගල රත්නායක මහතාගේ මෙම සටහන සම්බන්ධයෙන් අද සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ. නීතිය හා සාමය අමාත්‍ය ධුරය රාජිත සේනාරත්න මහතාට භාර දීමේ සූදානමක් පිළිබඳව ද මෙහිදී ප්‍රශ්න කළ අතර ඊට අමාත්‍යවරයා ලබා දුන්නේ මෙවන් පිළිතුරකි. "නෑ නෑ නෑ. මට දොස්තරලයි, පොලිසියයි දෙක එකට ගන්න බෑ. මොක ද පොලීසිය දොස්තර කෙනෙක්ට ගැහුවොත් මම කොයි පැත්ත ගන්න ද?" |
2018-02-15T09:29:15.000Z | යහපාලනයට ආණ්ඩුවට වැරදුණු තැන... | යහපාලනයට ආණ්ඩුවට වැරදුණු තැන... | COLOMBO (Newsfirst ) : යහපාලන ආණ්ඩුවේ මුග්ධ බල උවමනාවේ ප්‍රතිඵල අද භුක්ති විඳිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක අද බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව පැවසී ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, යහපාලන ආණ්ඩුවේ දෙපාර්ශවය ම ජනවාරි 8 වන දා ජනතාව අපේක්ෂා කළ පොදු දේශපාලන අවශ්‍යතා වෙනුවට පෞද්ගලික බල වුවමනාවන් ඉටු කර ගැනීම වෙනුවෙන් ක්‍රියා කළ බවයි. "අග්‍රාමාත්‍යවරයා ඔහුට ඒ ලැබුනු බලය හරහා ඔහු කල්පනා කරමින් තිබුණා එළඹෙන ජනාධිපතිවරණයේදී අගමැති පුටුව වෙනුවට ජනාධිපති පුටුවේ වාඩිවීම සදහා දේශපාලන බල සැලැස්මක් හැදුවා.ඒ නිසා මේ පාර්ශව දෙකම 2015 ජනවාරි 8 වැනිදා ජනතාව ඉල්ලු පොදු දේශපාලන අවශ්‍යතා වෙනුවට තමන්ගේ පෞද්ගලික දේශපාලන බල වුවමනාවලට අනුගත වුණා. එදා යහපාලන පොදු වුවමනාවන් බිදවට්ටමින් බල පොරයට අවතීර්ණ වුණා.මුග්ධ බල වුවමනාවේ ප්‍රතිඵල තමයි අද මේ අත්ව තියෙන ඉරණම" |
2018-02-15T09:28:16.000Z | බංග්ලාදේශයේ අසීරු ඉලක්කය ශ්‍රී ලංකාව පහසුවෙන් පසු කරයි | බංග්ලාදේශයට එරෙහි පළමු 20/20 ජය ශ්‍රී ලංකාවට | Colombo (Newsfirst) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු 20යි 20 තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඩකාහි පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 193කි. බංග්ලාදේශය වෙනුවෙන් මුෂ්ෆික රහීම් ලකුණු 66ක් සහ මහ්මුදුල්ලා ලකුණු 43ක් රැස් කළහ. පන්දු යැවීමේදී ජීවන් මෙන්ඩිස් කඩුලු 2ක් දවා ගත්තේ ය. ශෙහාන් මධුසංක, ධනුෂ්ක ගුණතිලක, ඉසුරු උදාන සහ තිසර පෙරේරා අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියහ. ලකුණු 194ක ඉලක්කයක් කරා හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී තරගයේ ජයග්‍රහණය වාර්තා කළේ ය. ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 53ක් සහ දසුන් ශානක නොදැවී ලකුණු 42ක් රැස් කළහ. පන්දු යැවීමේදී බංග්ලාදේශයේ නස්මුල් ඉස්ලාම් කඩුලු 2ක් දවා ගත්තේ ය. |
2018-02-15T08:39:01.000Z | ඒකාබද්ධ විපක්ෂය මොක ද කියන්නේ..? | ඒකාබද්ධ විපක්ෂය මොක ද කියන්නේ..? | COLOMBO (Newsfirst) : ආණ්ඩුවකට සහය දීම පිළිබඳ තීරණය කිරීමට පෙර නිදහස් පක්ෂය , එක්සත් ජාතික පක්ෂය සමග ඇති කරගත් එකඟතාවෙන් ඉවත්විය යුතු බව ඒබද්ධ විපක්ෂය පවසයි. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළේ ය. මෙම හමුවෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසුවේ, එක්සත් ජාතික පක්ෂය නොමැතිව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, ඒකාබද්ධ විපක්ෂය ඊට සහය දක්වන බවයි. මෙහිදී මාධ්‍යවේදීන් නැගූ පැනයන්ට පිළිතුරු දෙමින් මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු..... ජොන්ස්ටන් ප්‍රනාන්දු - : අපි බලමු ඉදිරි පැය 24 දී මොකද වෙන්නේ කියලා ප්‍රශ්නය - : දැන් ඔබතුමන්ලා හැංගි හැංගි ආණ්ඩු හදනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු - : හැංගිලා නැහැ. අපි හැංගිලා නැහැ. අපි එළිපිට ගේම් ගහන්නේ මෙහිදී නාමල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින් පැවසුවේ, කඩිනමින් ආණ්ඩුවක් පිහිටුවන බවයි. ''ආණ්ඩුව පෙරළිලා තිබෙන්නේ. ආණ්ඩුව පිහිටුවන්න විතරයි දැන් තිබෙන්නේ. ආණුව පෙරලිලා ඉවරයි. දැන් ආණ්ඩුවක් පිිටුවන්න වන්න තියෙන්නේ අපි ආන්ඩුවකට ගිහිල්ලා කඩිනමින් අපි ආණ්ඩුවක් පිහිටුවනවා'' මෙහිදී අදහස් දක්වමින් සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පැවසුවේ, එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටවීමට දැනට එක්සත් ජාතික පක්ෂය සමග ඇති ආණ්ඩුව අවසන් විය යුතු බවයි. |
2018-02-15T07:21:03.000Z | පද්මාවත් වාර්තාගත ආදායමක් උපයයි | පද්මාවත් වාර්තාගත ආදායමක් උපයයි | සංජේ ලීලා බන්සාලිගේ ආන්දෝලනාත්මක පද්මාවත් සිනමා පටය තිරගතවීම් ආරම්භ කර සති තුනක් ඇතුළත ඉන්දීය රුපියල් කෝටි 484.53 ක ආදායමක් උපයා තිබේ. එය චිත්‍රපට නිෂ්පාදන පිරිවැය මෙන් දෙගුණය ඉක්මවූ සංඛ්‍යාවකි. සංජේ ලීලා බන්සාලි ප්‍රකාශ කළේ, මේ වන විට පද්මාවත් බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරමින් ලොවපුරා තිරගත වන බවයි. සිනමා පටයේ රූගත කිරීම් ආරම්භ කළ අවස්ථාවේ පටන් එය තිරගත කරන අවස්ථාව දක්වා පැමිණි අභියෝග දෙස බැලීමේදී මෙය තමා ලැබූ සුවිශේෂි ජයග්‍රහණයක් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත. |
2018-02-15T06:20:16.000Z | අවසන් කඩුල්ලෙන් තීරණය වූ නේපාලයේ ඓතිහාසික ජය | අවසන් කඩුල්ලෙන් තීරණය වූ නේපාලයේ ඓතිහාසික ජය | COLOMBO (Newsfirst) : 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ලබන මස ආරම්භ වීමට නියමිත ය. ඊට සුදුසුකම් ලබන කණ්ඩායම් තෝරා ගැනීමේ තරගාවලි කිහිපයක් පසුගිය දා පැවති අතර එහි ලීග් කොටසේ දෙවැනි තරගාවලිය කෙරෙහි ක්‍රිකට් විචාරකයන්ගේ වැඩි අවධානය යොමු ව ඇත. ක්‍රිකට් ලොව වැඩි අවධානයක් නොලබන කණ්ඩායමක් වන නේපාල කණ්ඩායම ලැබූ ජයග්‍රහණය හේතුවෙන් එය විශේෂ තරගයක් ලෙස අවධානයට ලක්ව තිබේ. මින් ඉහත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි කිහිපයකට ම සහභාගීවී ඇති දෙවැනි පෙළ කණ්ඩායම් අතර ප්‍රබල කණ්ඩායමක් වන කැනඩාව පරාජය කරමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සුදුසුකම් ලබා ගැනීමට නේපාලය සමත්විය. පරාජයේ දොරටුව වෙත පියනගා සිටි නේපාල කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයන් දෙදෙනා ලකුණු 51 ක සබඳතාවක් වාර්තා කරමින් සිය කණ්ඩායම ඓතිහාසික ජයග්‍රහණයක් කරා රැගෙන ගියහ. සන්ධිප් ලමිච්හාන් (Sandeep Lamichhane) හා කේ. සී. කරන් (Karan KC) මෙම ඓතිහාසික අවස්ථාව සලසා දී ඇත. තරගයෙන් පසුව සිය ජයග්‍රහණය සමරමින් නේපාල කණ්ඩායම් නායක පරාස් කඩ්කා (Paras Khadka) පවසා ඇත්තේ, ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිතබව හා සුන්දරත්වය විඳ ගැනීමට අවස්ථාව හිමිවූ බවයි. "මට කතා කරගන්න බෑ. අවසන් කඩුල්ලට ලකුණු 50 ක සබඳතාවක් ලැබුණ. අද ජයග්‍රාහකයා ක්‍රිකට් ක්‍රීඩාවයි." - පරාස් කඩ්කා තරගයෙන් පසුව නේපාල කණ්ඩායම ජයග්‍රහණය සැමරූ ආකාරය අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ට්විටර් ගිණුම හරහා පළ කර තිබුණේ මේ ආකාරයටයි. වීඩියෝව නරඹන්න "කැනඩාව වගේ රටක් පරාජය කිරීමට ලැබෙන්නේ, තරග මිලියනයකට එක් වරක් පමණක් විය හැකියි. මෙය අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ලැබූ විශාල ජයග්‍රහණයක්. පසුගිය කාලය පුරාම අප මෙවන් ජයග්‍රහණයක් ලබා ගැනීමට සිහින දැක්කා. මට කිසිවක් සිතාගන්න බැහැ." - පරාස් කඩ්කා කැනඩාව පන්දුවාර 50 ක දී ලබා දුන් ලකුණු 195 ක ඉලක්කයක් හඹාගිය නේපාලය කණ්ඩායම, තරගය අවසන් වීමට පන්දුවාර 7 පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 9 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 144 කි. ඒ අනුව නේපාලයට ජයග්‍රහණය පහසු කාර්යයක් වූයේ නැහැ. නමුත් අවසන් පිතිකරුවන් දෙදෙනා නේපාල කණ්ඩායමට එම ඓතිහාසික අවස්ථාව හිමිකරදීමට සමත්විය. දරුණු භූ කම්පනයකින් පසුව නැගී සිටි නේපාලයේ ක්‍රිකට් ක්‍රීඩාවේ පිබිදීමට එරට ක්‍රිකට්ලෝලීන්ගෙන් විශාල පිටිවහලක් ලැබිණ. වැටුණු රට යළි ගොඩ නැගීම සඳහා එරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ද විශාල සහයක් ලැබුණු බවට විචාරක මතය වී ඇත. https://cricketaustralia-a.akamaihd.net/rtmp/807051129001/201506/807051129001_4306877057001_Nepal-Edit-3.mp4 |
2018-02-15T05:58:04.000Z | තේවල තත්ත්වය පරීක්ෂාවට යන්ත්‍රයක් | තේවල තත්ත්වය පරීක්ෂාවට යන්ත්‍රයක් | COLOMBO (Newsfirst) : මෙරට තේවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා නව යන්ත්‍රයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය පියවර ගෙන තිබේ. එහි අධ්‍යක්ෂ ආචාර්ය සරත් අබේසිංහ මහතා සඳහන් කළේ, ජපානයේ ජයිකා ආයතනයේ ආධාර මත මෙම යන්ත්‍රය මෙරටට හඳුන්වා දෙන බවයි. අදාළ යන්ත්‍රය හරහා තේ නිෂ්පාදනවල රාසායනික සංයුතිය පිළිබඳ නිවැරදි දත්ත ලබා ගත හැකියි. ඒ අනුව එක් එක් රටවල් ප්‍රියකරන තේ වර්ග පහසුවෙන් හඳුනාගෙන අපනයනය සඳහා සකස් කිරීමට හැකියාව ඇති අතර එමගින් තේ සඳහා වන ඉල්ලුම තවත් ඉහළ යනු ඇති බව ද තේ පර්යේෂණායතනය කියා සිටී. දැනට පරීක්ෂණ මට්ටමේ ඇති මෙම යන්ත්‍රය නුදුරේදී ම තේ නිෂ්පාදන පරීක්ෂා කිරීම සඳහා යොදා ගැනීමට නියමිතයි. |
2018-02-15T05:32:34.000Z | මුත්තු සිවලිංගම්ට නි. ඇමති ධූරයක් | මුත්තු සිවලිංගම්ට නි. ඇමති ධූරයක් | Colombo (Newsfirst) සුළු හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති මුත්තු සිවලිංගම් මහතා පත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඔහු අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ය. මුත්තු සිවලිංගම් මහතා මීට පෙර කටයුතු කළේ, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ය. |
2018-02-15T05:29:42.000Z | සාරියක් නිසා හොට බිම ඇණගත් මුකර්ජී | සාරියක් නිසා හොට බිම ඇණගත් මුකර්ජී | ඉන්දීය මෝස්තර නිර්මාණ ශිල්පී සබියාසාච්චි මුකර්ජී ඉන්දීය කාන්තාවන්ගේ ඇඳුම් පිළිබඳ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාව අයැද තිබේ. ඔහු එම ප්‍රකාශය සිදු කර ඇත්තේ, හාර්වඩ් විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයකදී ය. සිය සාම්ප්‍රදායික ඇඳුම වන සාරිය ඇඳීමට නොදන්නා ඉන්දීය කාන්තාවන් ඒ සම්බන්ධයෙන් ලැජ්ජාවට පත්විය යුතු බව ඔහු එහිදී පවසා තිබිණි. ඔහු කළ එම ප්‍රකාශය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි ලෙස කථාබහට ලක් වූ අතර විශේෂයෙන් ඉන්දීය කාන්තාවන් එය තරයේ හෙළා දැක තිබිණ. පසුව Instagram ඔස්සේ විවෘත සටහනක් තබමින් මුකර්ජී ඒ සම්බන්ධයෙන් සමාව අයැද ඇති අතර තමා ඒ අවස්ථාවේ, භාවිත කළ වචන සම්බන්ධයෙන් දැඩි ලෙස කනගාටුවට පත් වන බව ද පවසා ඇත. මුකර්ජී යනු බොලිවුඩයේ ප්‍රසිද්ධ නළු නිළියන් රැසකගේ මෝස්තර නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කරන්නෙකි. |
2018-02-15T04:50:19.000Z | ඉදිරි සතිය තුළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් | ඉදිරි සතිය තුළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් | Colombo (Newsfirst) ඉදිරි සතිය තුළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු වන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය. |
2018-02-15T02:08:53.000Z | යහපාලන ආණ්ඩුවේ දිගටම රැඳී සිටිනවා - කබීර් හෂිම් | යහපාලන ආණ්ඩුවේ දිගටම රැඳී සිටිනවා - කබීර් හෂිම් | COLOMBO (Newsfirst) - එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස් විය. එහිදී ගත් තීරණ පිළිබඳ මාධ්‍යයට අදහස් දැක් වූ පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂිම් මහතා ප්‍රකාශ කළේ, නව වැඩපිළිවෙළක් සමගින් යහපාලන ආණ්ඩුව දිගටම පවත්වාගෙන යන බව යි. https://www.facebook.com/NewsfirstSL/videos/1843004739093109/ |
2018-02-15T01:18:03.000Z | කොළඹ ප්‍රදේශ රැසකට පැය 24 ක ජල කප්පාදුවක් | කොළඹ ප්‍රදේශ රැසකට පැය 24 ක ජල කප්පාදුවක් | COLOMBO (Newsfirst) - අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා (17) පෙරවරු 9.00 සිට පසු දා පෙරවරු 9.00 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසා තිබේ. ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපති අලහුදීන් අන්සාර් මහතා ප්‍රකාශ කළේ, කෙළඹ 01, 02 ,03, 04, 07, 08, 09, 10 සහ 11 යන ප්‍රදේශවලට එළෙස ජල සැපයුම අත්හිටුවන බවයි. මීට අමතරව කොළඹ 12 හා 13 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ අදාළ කාලය තුළ ජලය සැපයීමට සිදුවන බව ද ඔහු සඳහන් කළේ ය. |
2018-02-15T00:45:23.000Z | අසේල ගුණරත්න 20/20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට | අසේල ගුණරත්න 20/20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට | COLOMBO (Newsfirst) - ආබාධයකට ලක් වූ අසේල ගුණරත්න බංග්ලාදේශයට එරෙහිව අද ආරම්භ වන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයක දැක්වූයේ, අතේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුව ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිත බව ය. කෙසේ නමුත් අසේල වෙනුවට කණ්ඩායමට කැඳවන ක්‍රීඩකයා පිළිබඳව තවමත් තීරණයකට පැමිණ නොමැති බවට අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. ශ්‍රී ලංකා - බංග්ලාදේශ පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඩකාහිදී අද සවස පැවැත්වීමට නියමිතව ය. එම තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 4.30ට ආරම්භවීමට වේ. |
2018-02-15T00:07:22.000Z | එ.ජා.ප යේ තව ත් සාකච්ඡාවක් | එ.ජා.ප යේ තව ත් සාකච්ඡාවක් | COLOMBO (Newsfirst) - එක්සත් ජාතික පක්ෂයේ තව ත් අභ්‍යන්තර සාකච්ඡාවක් මේ වන විට අරලියගහ මන්දිරයේදී පැවැත් වෙයි. එහිදී පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය ගැන සාකච්ඡා කර තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇත්තේ පියවර දෙකක් අනුගමනය කරමින් අර්බුදයට විසඳුම් සෙවිය යුතු බවයි. රජය ස්ථාවර කිරීම පළමු පියවර ලෙසත් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම දෙවන පියවර ලෙසත් එහිදී යෝජනා කර ඇත. |
2018-02-14T23:30:04.000Z | කැලණිවැලි දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දැමේ | කැලණිවැලි දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දැමේ | COLOMBO (Newsfirst) - හෙට පස්වරු 8.00 සිට ලබන 19 වන දා පෙරවරු 4.00 දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනය තාවකාලිකව වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා තිබේ. දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේ, හදිසි නඩත්තු කටයුතු රැසක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි. |
2018-02-14T19:43:51.000Z | ද. අප්‍රිකා ජනපති ජෙකොබ් සූමා ධූරයෙන් ඉවතට | ද. අප්‍රිකා ජනපති ජෙකොබ් සූමා ධූරයෙන් ඉවතට | COLOMBO (Newsfirst) - දකුණු අප්‍රිකානු ජනාධිපති ජෙකොබ් සූමා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ, රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් ය. ජෙකොබ් සූමාට ජනාධිපති ධූරයෙන් ඉවත් වන්නැයි අප්‍රිකානු පාලක පක්ෂය බල කර සිටියේ පසුගිය දෙසැම්බර් මාසයේ සිට ය. 1999 වසරේ සිට 2005 වසර දක්වා කාලය තුළ දකුණු අප්‍රිකාවේ උපජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජෙකොබ් සූමා 2009 වසරේදී එරට ජනාධිපති ධූරයට පත් විය. ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ඔහුට දූෂණ චෝදනා රැසක් එල්ල විණි. ජෙකොබ් සූමා ගේ දූෂණ ක්‍රියාවලියට ඝෘජුව සම්බන්ධ යැයි සැළකෙන එරට ප්‍රබල ප්‍රභූ පැලැන්තියක් වන ගුප්තා පවුලේ නිවසක් ද ඊයේ වටලනු ලැබුවේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රාජ්‍ය රහස් රාජ්‍ය කොන්ත්‍රාත් මෙන් ම කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම සහ අමාත්‍යවරුන් ධූරයෙන් නෙරපීමේ බලය ද ජෙකොබ් සූමා, ගුප්තා පවුලට පවරා තිබූ බවයි. අප්‍රිකානු ජාතික කොංග්‍රසය ජෙකොබ් සූමාට ධූරයෙන් ඉවත් වන්නැයි බල කළේ, ඔහුට එරෙහිව එල්ල වන චෝදනා දිනෙන් දින ඉහළ යාමත් සමග වේ. එහෙත් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් සූමා තවදුරටත් ජනාධිපති ධූරයේ රැදී සිටියේ අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ චෝදනා අභියෝග කරමිනි. එහෙත් එල්ල වන බලපෑම් හමුවේ තමා ධූරයෙන් ඉවත්වීමට තීරණය කළ බව, ජෙකොබ් සූමා රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ය. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.