date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-03-05T05:30:04.000Z
මෙරට නිෂ්පාදිත සිමෙන්ති වර්ග දෙකක මිල ඉහළට
මෙරට නිෂ්පාදිත සිමෙන්ති වර්ග දෙකක මිල ඉහළට
COLOMBO (News 1st) - දේශීයව නිෂ්පාදන කෙරෙන සිමෙන්ති වර්ග දෙකක මිල රුපියල් 30.00කින් ඉහළ දමා තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, පසුගිය බදාදා සිට මිල වැඩි කිරීමට අවසර ලබා දුන් බවයි. ඒ අනුව රුපියල් 930ක් ව පැවති සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 960ක් දක්වා ඉහළ යනු ඇත. සිමෙන්ති නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට අධික පිරිවැයක් දැරීමට සිදුවන බවට නිෂ්පාදකයින් කළ ඉල්ලීමක් අනුව මිල වැඩි කිරීමට අවසර දුන් බව ද එම අධිකාරිය ප්‍රකාශ කළේ ය.
2018-03-05T05:16:46.000Z
පසුගිය වසර 5 තුළ ලෝක ආර්ථිකයට චීනයේ දායකත්වය 30%ක් - චීන අගමැති
පසුගිය වසර 5 තුළ ලෝක ආර්ථිකයට චීනයේ දායකත්වය 30%ක්
13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු වන සැසිවාරය අද (05) බෙයිජිං මහජන මහ ‍ශාලාවේදී ආරම්භ විය. ෂී ජින් පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂ සහ රාජ්‍ය නායකයෝ ඊට එක් වූහ. එය චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන ජාතික නි‍යෝජිත සම්මේලනයෙන් පසු චීනයේ උත්තරීතර බලායතනය පවත්වන ප්‍රථම රැස්වීම ය. ගෙවී ගිය වසර 5 තුළ චීනය ලෝක ආර්ථික වර්ධනය වෙනුවෙන් 30%කට වැඩි දායකත්වයක් ලබා දී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ. එම වසර 5 තුළ චීනයේ දළ ‍දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 54 සිට ට්‍රිලියන 82.7ක් දක්වා වැඩි වී තිබේ. එහි වාර්ෂික වර්ධන අනුපාතය 7.1%කි. එබැවින් එම කාලයේ චීන ආර්ථිකය ලෝකයේ සමස්ත ආර්ථික ධාරිතාවෙන් 11.4% සිට 15%ක් දක්වා වර්ධනය වී ඇත. එමෙන් ම ගෙවී ගිය වසර 5 තුළ චීනයේ අයවැය හිඟය 3%කට අඩු මට්ටමින් පාලනය වී තිබෙන බව එම වාර්තාව පවසයි. ලෝකයේ වැඩි ම ජනගහණයක් සහිත මධ්‍යම ආදායම් ලබන රටක් බවට චීනය පත් කිරීමට හැකි වූ බව චීන අග්‍රාමාත්‍යවරයා පැවසීය. ඔහු සඳහන් කළේ ගත වූ වසර 5 තුළ, 6 කෝටි 80 ලක්ෂයකට වැඩි පිරිසක් දිළිදුකමින් මුදවාගත් බව යි. චීන ජනතාවගේ වාර්ෂික ආදායම දළ වශයෙන් සියයට 7.4කින් වර්ධනය වී ඇති අතර එය ආර්ථික වර්ධන අනුපාතය ඉක්මවා ගොස් තිබේ. චීන වැසියන් විදේශ රටවල සංචාරය කළ වාර ගණන 8 කෝටි 30 ලක්ෂයේ සිට කෝටි 13ක් දක්වා වර්ධනය වී ඇත. කෝටි 90කට අධික පිරිසක් සමාජ විශ්‍රාම රක්ෂණයෙන් ආවරණය වී ඇති අතර මූලික වෛද්‍ය රක්ෂණයෙන් බිලියන 1.35ක් ආවරණය කර ඇත. ලෝකයේ විශාලතම සමාජ ආරක්ෂන ජාලයක් ඉන් නිර්මාණය වී ඇති බව ද චීන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. මෙම වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 6.5කින් වර්ධනය වනු ඇතැයි මෙම රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් වේ. මෙම වසරේ චීනයේ මිලියන 10කට වැඩි පිරිසක් දිළිඳුකමින් මුදවා ගැනීමට සැලසුම් කර තිබේ. එමෙන්ම දිළිඳුකම තුරන් කිරීම සඳහා පුද්ගලයින් මිලියන 2.8ක් නව ස්ථාන වෙත යොමු කිරීමට සමත් වනු ඇතැයි එම වාර්තාවේ සඳහන් වෙයි. විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රවල නිර්මාණශීලිත්වයෙන් යුත් වැදගත් ව්‍යාපෘති මාලාවක් ආරම්භ කරන බව එහි සඳහන් වේ. වායු දූෂණය පාලනය කිරීම, පිළිකා ඇතුළු බරපතල රෝග වැළැක්වීම හා ප්‍රතිකාර කිරීම ඊට ඇතුළත් වෙයි. ජනතාව වෙත සෙත සැලසීමට විද්‍යා හා තාක්ෂණය යොදවා ගත යුතු බව ද චීන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. මහ ජනතාවගේ ක්‍රියාශීලිත්වය හා නිර්මාණශීලිත්වයට මුල් තැන දෙමින් රටේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්ති අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බව මෙමගින් අවධාරණය කරයි. සිය ප්‍රදේශවල සැබෑ තත්ත්වයන්ට සරිලන ආකාරයෙන් ඉමහත් ධෛර්යයෙන් යුතුව ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්ති තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස චීන රජය විවිධ මට්ටමේ පළාත් රජයන්ගෙන් ඉල්ලීමක් කර ඇත. චීනය සමස්ත ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතියට අනුව පාලනය කිරීම ඉදිරියට ගෙන යනු ඇත. එමෙන්ම නීතිමය පාලනය තවදුරටත් ශක්තිමත් කිරීම හා රජයේ සඵලතාව සමස්ත ලෙස වර්ධනය කරන බව එම වාර්තාවේ සඳහන් වේ. ඉහළ මට්ටමක විවෘතභාවයකින් ගුණාත්මක වර්ධනය ඉදිරියට මෙහෙයවීමට චීනය දායකවන බව එහි සඳහන් වෙයි. අන්තර්ජාතික දැවැන්ත ආර්ථික කොරිඩෝ ඉදි කිරීම ප්‍රවර්ධනය කිරීම, අසල්වැසි රටවල් සමඟ පවත්වන සහයෝගතා ශක්තිමත් කිරීම, නිෂ්පාදන ධාරිතාව පිළිබඳ ජාත්‍යන්තර සහයෝගතා පුළුල් කිරීම මෙන්ම අසල්වැසි ප්‍රදේශවල පවතින විවෘතභාවය ගැඹුරු කිරීම ඔස්සේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල සඳහා වන ජාත්‍යන්තර සහයෝගතා ඉදිරියට මෙහෙයවන බව චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා පැවසීය. විවිධ රටවල් සමග එක්ව පොදු ඉරණමක් සහිත ජගත් ප්‍රජාවක් ගොඩ නැගීමට චීනය කැමැත්ත පළ කරයි. චීනය සෑම විට ම සාමකාමී සංවර්ධන මාවතේ ගමන් කරමින් නව ආකාරයේ ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩ නැගීමට කැප වන බව ද රාජ්‍ය කාර්ය වාර්තාවේ සඳහන් වෙයි. චීනය ගෝලීය කළමනාකරණයට සක්‍රිය ව එක් වෙමින් විවෘත ලෝක ආර්ථිකයක් සංවර්ධනය කරනු ඇත. බලවත් රටවල් අතර සම්බන්ධීකරණය ඉදිරියට ගෙන යාමටත්, අසල්වැසි රටවල් සමග ඇති සුහද සම්බන්ධතා හා පොදු සංවර්ධනය ශක්තිමත් කිරීමටත්, සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග සමගිය හා සහයෝගතා වර්ධනය කිරීමටත් චීනය ඉදිරිපත් වන බව එම වාර්තාව පවසයි. 13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතවරුන් සංඛ්‍යාව 2980 දෙනෙකි. න්‍යාය පත්‍ර දහයක් මෙවර සැසිවාරයට සම්බන්ධ වෙයි. චීන රාජ්‍ය කාර්ය වාර්තාව පරීක්ෂා කිරීම, සැලසුම් වාර්තාව හා අයවැය වාර්තාව පරීක්ෂා කිරීම, චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධිත කෙටුම්පත සහ අධීක්ෂණ නීති කෙටුම්පත පරීක්ෂා කිරීම, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ කාර්ය වාර්තාව, චීන ජනතා උපරිමාධිකරණයේ කාර්ය වාර්තාව සහ චීන උපරිම ජනතා පැමිණිලි සැපයුම් මණ්ඩලයේ කාර්ය වාර්තාව පරීක්ෂා කිරීම, චීන රාජ්‍ය මණ්ඩලයේ ආයතන ප්‍රතිසංස්කරණ වැඩසටහන පරීක්ෂා කිරීම, චීන රාජ්‍ය ආයතන මණ්ඩලය තෝරා ගෙන ධුරයට පත් කිරීම යනාදිය ඊට ඇතුළත් වෙයි. එළඹෙන 20 වැනිදා මෙවර සැසිවාරය නිමාවට පත් වීමෙන් පසු, අලුතින් තෙරී පත් වීමට නියමිත චීන අග්‍රාමාත්‍යවරයා දෙස් විදෙස් මාධ්‍යවේදීන් හමු වෙමින් එම අවස්ථාවේදී නගන ප්‍රශ්න වලට පිළිතුරු දෙයි.
2018-03-05T04:38:08.000Z
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය
COLOMBO (News 1st) - මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. පොලීසිය පැවසූවේ, මේ මොහොතේ සිට හෙට උදෑසන 6.00 දක්වා එය ක්‍රියාත්මක බවයි. https://www.youtube.com/watch?v=-cde98ySIbc
2018-03-05T03:31:37.000Z
ඔස්කා සිනමා අඹරේ පෑයු තරු මෙන්න....
ඔස්කා සිනමා අඹරේ පෑයු තරු මෙන්න....
ජගත් සිනමාවේ මෞලි මංගල්‍යය, ඔස්කා සිනමා සම්මාන රාත්‍රිය අමෙරිකාවේ ඩොල්බි රඟහලේදී උත්කර්ෂවත් ලෙස පැවිත්විණ. ලොව පැරණිතම සිනමා සම්මාන උළෙල වන ඔස්කා සම්මාන උළෙල ආරම්භ වූයේ, 1929 වසරේදී යි. හොලිවුඩ් චිත්‍රපට වෙනුවෙන් වෙන් වූ ඔස්කා උළෙලේ මෙවර පැවැත්වුණේ, 90 වැනි වරට යි. 90 වන ඔස්කා සම්මාන හිමි කර ගත් සිනමා ශිල්පීන්ගේ නම් ලැයිස්තුව පහතින්.... හොඳ ම චිත්‍රපටය Guillermo del Toro සහ J. Miles Dale අධ්‍යක්ෂණය කළ The Shape of Water හොඳ ම නළුවා Darkest Hour චිත්‍රපටය වෙනුවෙන් Gary Oldman හොඳ ම නිළිය Three Billboards outside Ebbing, Missouri චිත්‍රපටය වෙනුවෙන් Frances McDormand හොඳ ම සහය නළුවා Three Billboards outside Ebbing, Missouri චිත්‍රපටය වෙනුවෙන් Sam Rockwell හොඳ ම සහය නිළිය I, Tonya චිත්‍රපටය වෙනුවෙන් Allison Janney හොඳම සජීවීකරණ චිත්‍රපටය Coco චිත්‍රපයට හොඳම සිනමාරූපණය Blade Runner 2049 චිත්‍රපටය වෙනුවෙන් Roger A. Deakins හොඳ ම වේශ නිරූපණ ශිල්පියා Phantom Thread චිත්‍රපටය වෙනුවෙන් Mark Bridges හොඳ ම ගීතය Coco චිත්‍රපටයේ "Remember Me" ගීතය හොඳම සිනමා සංස්කරණය Dunkirk චිත්‍රපටය වෙනුවෙන් Lee Smith දිනා ගනී හොඳම විදේශීය භාෂා චිත්‍රපටය A Fantastic Woman (චිලී රාජ්‍යය)
2018-03-05T02:15:40.000Z
සිංහල සාහිත්‍යයේ නන්දිමිත්‍ර යෝධයා...
සිංහල සාහිත්‍යයේ නන්දිමිත්‍ර යෝධයා...
ඔහු නමින් නන්දිමිත්‍ර වුව ද ගතින් යෝධයෙකු නොවීය. උස් හීන්දෑරි සිරුරකින් හෙබි ඔහු සිංහල සාහිත්‍ය වංශ කතාවට නම් යෝධයෙකු වීය. මහරගම, ඇරැව්වල කුඩා ග්‍රාමය ලෝක ප්‍රසිද්ධ වූයේ, මේ පුංචි මිනිසාගේ යෝධ නිර්මාණශීලී මනස නිසා ය. 1939 ජුනි මස පස් වන දින උපත ලැබූ ඔහු, කෙටි කතාකරුවෙකු ලෙස සාහිත්‍ය ක්‍ෂේත්‍රයට එක්වූයේ හැටේ දශකයේ අග භාගයේදී යි. ඔහු පළ කළ පළමු කෘතිය 'කය මිස සිත නැති දන' කෘතිය යි. ඔහු රචනා කළ නවකතා මෙසේ ය. පියවතී සහ ඇගේ පුත්තු ජීවිතයේ කොටස්කාරයෝ මල්දෙණියේ සිමියොං මම ඔබ සිඹිමි පද්මාවතී ජීවිතය සුන්දරය මිහිසරණ ගිනි කඳුලක් සිනාසෙයි ඊට අමතරව, කෙටිකතා සංග්‍රහ රැසක් ද ඇරැව්වල නන්දිමිත්‍රයෝ සිංහල සාහිත්‍යයට දායාද කළහ. රෝස මලේ රේණු හැලේ සුදු කොඩි ස්ත්‍රී පුංචි කුමාරි හාමි රත්තරං නෙළුම් මල් සුද්දො සහ කොයින් මැණිකේ ඇරැව්වල නන්දිමිත්‍රයන්ගේ කෘති පාදක කර ගනිමින් සෙක්කුගෙදර, වතුර මල, ජීවිතය සුන්දරයි වැනි ටෙලිනාට්‍ය නිෂ්පාදනය වූ අතර, ස්ත්‍රී, මල්දෙණියේ සිමියොන් වැනි කෘති පසුකලෙක චිත්‍රපට ලෙස ප්‍රතිනිර්මාණය විය. නන්දිමිත්‍රයන් රචනා කළ කෘති වෙනුවෙන් රාජ්‍ය, ස්වර්ණ පද්ම, විද්‍යෝදය, ගොඩගේ ඇතුළු සාහිත්‍ය සම්මාන රැසක් හිමි වී තිබේ. යථාර්ථවාදී රීතිය අනුගමනය කළ ඇරැව්වල නන්දිමිත්‍ර සමාජයේ විවිධ පැතිකඩ පිළිබඳ අර්ථවත් අනුභූතීන් ප්‍රතිනිර්මාණය කිරීමට සමත් විය. ඔහුගේ විශේෂත්වය වූයේ, තමන් අනුභූතිය කරගත් අත්දැකීමට සම්බන්ධ පරිසරය පසුබිම් කරගත් භාෂා ශෛලියක් භාවිත කිරීම යි. ඔහුගේ නිර්මාණ රැසක මිනිස් සිතේ පවතින ගූඪ තැන් ස්පර්ශ කරමින් මිනිස් සිතෙහි ක්‍රියාකාරීත්වය සියුම් ලෙස විදාරණය කිරීමට ඔහු තුළ පැවති හැකියාව මනාව පිළිබිඹු වෙයි. මෙවන් ලේඛකයෙකු නිහඬ වීම සමස්ත ශ්‍රී ලංකාවට ම බලපානුයේ, සිංහල සාහිත්‍යය සුපෝෂණය කළ ලේඛක පරපුරක තවත් පුරුකක් ගැළවී යාම හේතුවෙනි. කෙසේ වෙතත්, ඇරැව්වල නන්දිමිත්‍ර යෝධයාට වුව ද යථාර්ථයට එරෙහි විය නොහැක. ඔහු යථාර්ථායට හිස නැමීය. ඔහුගේ පාඨකයින් වන අප යථාර්ථය වටහා ගැනීමට උත්සහ කළ යුතු ය. ඇරැව්වල නන්දිමිත්‍ර සාහිත්‍ය යෝධයාණෙනි, ඔබට නිවන් සුව! සටහන: කුමුදු චම්පික ජයවර්ධන
2018-03-05T01:23:49.000Z
තඹුත්තේගම කැළඹූ උද්ඝෝෂකයෝ මුදා හැරෙති
තඹුත්තේගම කැළඹූ උද්ඝෝෂකයෝ මුදා හැරෙති
COLOMBO (News 1st) : තඹුත්තේගම පොලීසියට ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයින් 51 දෙනෙකු ඇප මත මුදාහැර තිබේ. පොලීසිය පැවසුවේ, එම සැකකරුවන් අද තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප මත මුදාහැරි බවයි. අප්‍රේල් 2 වන දා යළි නඩුව කැඳවීමට නියමිත අතර සෑම මසක ම අවසන් ඉරු දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද සැකකරුවන්ට නියෝග කර තිබේ. රාජාංගනය ජලාශයේ දියවරින් පෝෂණය වන ප්‍රදේශ රැසක ගොවි ජනතාව පසුගිය දා කලා ඔය පාලම අසල විරෝධාතාවක් පවත්වා පසුව පොලීසිය ඉදිරියට පැමිණ විරෝධතාවේ නිරත විය. ඔවුන් එලෙස විරෝධතාවේ නිරත වුණේ රාජාංගනය ජලාශයේ ජලය, පානීය ජල ව්‍යාපෘතියකට ලබාදීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමිනි. උද්ඝෝෂණය අතරතුර ඇති වූ නොසන්සුන් ත්ත්තවයට අදාළ දර්ශන පෙළ පහතින්.....
2018-03-05T00:55:51.000Z
දැරියන් 5 දෙනෙකු කෙළෙසූ අපයෝජකයෙක් අත්අඩංගුවට
දැරියන් 5 දෙනෙකු කෙළෙසූ අපයෝජකයෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : හබරාදූවේ ළමා නිවාසයක ළමුන් 5 දෙනෙකු අපයෝජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, එම ළමා නිවාසයේ ම සේවය කළ 53 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරු මාසයකට අධික කාලයක් තිස්සේ වරින් වර එකොළොස් හැවිරිදි දැරියන් දෙදෙනෙකු ද පහළොස් හැවිරිදි දැරියන් දෙදෙනෙකු හා දහතුන් හැවිරිදි දැරියක එලෙස අපයෝජනයට ලක්කර තිබේ. සැකකරු ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
2018-03-04T22:03:03.000Z
වරාය බහලුම් ප්‍රවාහකයෝ වර්ජනයක් අරඹති
වරාය බහලුම් ප්‍රවාහකයෝ වර්ජනයක් අරඹති
COLOMBO (News 1st) : අද සිට වරාය බහලුම් ප්‍රවාහන කටයුතුවලින් ඉවත්වීමට සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන සේවක සංගමය තීරණය කර තිබේ. එහි ප්‍රධාන ලේකම් බී.අයි. ආබ්දීන් මහතා පැවසුවේ, බහලුම් ප්‍රවාහන පරීක්ෂණ කටයුතු පිටස්තර ආයතනවලට යොමු කිරීමට විරෝධය පළ කරමින් මෙම තීරණයට එළැඹි බවයි. බහලුම් ප්‍රවාහන පරීක්ෂණ කටයුතු පිටස්තර ආයතනවලට යොමු කිරීම හේතුවෙන් උදෑසන කාලයේ විශාල රථවාහන තදබදයක් හටගන්නා බව ද ඔහු පැවසී ය. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක මහතා පැවසුවේ, එවැනි වැඩවර්ජනයක් සම්බන්ධයෙන් තමන් දැනුවත් කර නොමැති බවයි.
2018-03-04T21:37:12.000Z
ඔස්කා සම්මාන ප්‍රදානය ඇරඹෙයි
ඔස්කා සම්මාන ප්‍රදානය ඇරඹෙයි
ජගත් සිනමාවේ මෞලී මංගල්‍යය ඔස්කා සම්මාන උළෙලේ සම්මාන ප්‍රදානය මේ වනවිට ආරම්භ වී තිබේ. මෙවර 90 වන ඔස්කාර් සිනමා සම්මාන උළෙල පැවැත්වෙන්නේ, ලෝස්ඇන්ජලීස් නුවර හොලිවුඩ් පුරවරයේ ඩොල්බි රගහලේදීයි. ඒ අනුව මෙවර හොඳ ම සහය නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ ත්‍රී බිල්බෝර්ඩ්ස් අවුට්සයිඩ් එබින් , මිසොරි චිත්‍රපටය වෙනුවෙන් සෑම් රොක්වෙල් ය. ඔස්කාර් සම්මාන උලෙලේ හොඳ ම වේෂ නිරූපණයට හිමි සම්මානය ඩාර්කස්ට් අවර් චිත්‍රපටය වෙනුවෙන් කසුහිරෝ ලුසී සහ ඩේවිඩ් යන අය දිනාගත්තේ ය.
2018-03-04T22:37:12.000Z
ඝවුටාහි තත්ත්වය දැඩි අවදානමක...
ඝවුටාහි තත්ත්වය දැඩි අවදානමක...
කැරලිකරුවන් සහ රජයේ හමුදාව අතර ගැටුම් හේතුවෙන් සිරියාවේ ඝවුටා ප්‍රදේශයේ තත්ත්වය දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාවල දැක්වෙන්නේ මේ හේතුවෙන් ප්‍රදේශවාසීන් එම ප්‍රෙද්ශයෙන් පලා යමින් සිටින බවයි. මේ වනවිට සිරියානු රජයේ හමුදාව කැරලිකරුවන්ගේ ග්‍රහණයේ තිබූ ඝවුටා ප්‍රදේශයෙන් හතරෙන් එකක කොටසක් යළි අත්පත්කර ගෙන අවසන් ය. ඊයේ එම ප්‍රෙද්ශයට ආධාර රැගෙන යාමට නියමිතව තිබූ එක්සත් ජාතීන්ගේ ආධාර රැගත් රථ පෙළට තවමත් එහි යාමට නොහැකිව ඇත. ඉකුත් පෙබරවාරි 18 වන දින ආරම්භ වූ ගැටුම්වලින් මේ වනවිට මියගොස් ඇති පිරිස 600 ඉක්මවයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඝවුටා ප්‍රදේශයේ ලක්ෂ 4 කට ආසන්න පිරිසක් ගැටුම්වලට මැදිවී පලා යාමට නොහැකිව සිරව සිටින බවයි.
2018-03-04T21:38:54.000Z
පුත්තමේ පුපුරා ගියේ ක්ලේමෝ බෝම්බයක් දැයි සැකයක්
පුත්තමේ පුපුරා ගියේ ක්ලේමෝ බෝම්බයක් දැයි සැකයක්
COLOMBO (News 1st) : පුත්තලම, පාලවිය ප්‍රදේශයේ අබලි යකඩ එක්රැස් කරන ගබඩාවක සිදු වූ පිපිරීම ක්ලේමෝ බෝම්බයක් විය හැකි බවට පොලීසිය සැක පළ කරයි. ඊයේ පෙරවරු 10ට පමණ සිදුවූ එම පිපිරීමෙන් එහි සේවය කළ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය. මිය ගිය පුද්ගලයා 27 හැවිරිදි නසීර් මොහොමඩ් ආදිල් නමැති පුත්තලම පාලවිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි. යාපනය, වව්නියාව, මන්නාරම වැනි ප්‍රදේශවලින් අබලි යකඩ රැගෙන මෙම ස්ථානයේ ගබඩා කර තිබෙන බව ද අප වාර්තකරු සඳහන් කළේ ය. පිපිරීම සිදුවූ ස්ථානය රජයේ රස පරීක්ෂකවරයා විසින් අද පරීක්ෂා කිරිමට නියමිතව ඇත. ස්ථානයේ ආරක්ෂාවට විශේෂ පොලිස් කණ්ඩායමක් යොමුකර ඇති අතර සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.
2018-03-04T20:36:09.000Z
කෝලි, දෝණි නැතිව ඉන්දීය කණ්ඩායම දිවයිනට එයි
කෝලි, දෝණි නැතිව ඉන්දීය කණ්ඩායම දිවයිනට එයි
COLOMBO (News 1st) : නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේ ය. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඉන්දීය කණ්ඩායම් සහභාගී වන නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වීමට නියමිතයි. ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක විරාත් කෝලි, මහේන්ද්‍ර සිං දෝණි , හර්දික් පාන්ඩ්‍යා, බුවනේෂ්වර් කුමාර් හා ජස්ප්‍රිට් බුම්රා යන ප්‍රධාන ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලියට සහභාගී නොවීම විශේෂත්වයකි. ඉන්දීය කණ්ඩායම සහභාගී වන පළමු තරගය එළඹෙන 6 වන දා ශ්‍රී ලංකාවත් සමග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙදී පැවැත්වේ. නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය සංචිතය පහතින්.... රෝහිත් ශර්මා - නායක ශිකර් ධාවාන් දිනේෂ් කාර්තික් මනීෂ් පාන්ඩේ අක්සාර් පටෙල් සුරේෂ් රයිනා ශාර්දුල් තාකූර් වොශින්ටන් සන්ඩර් යුස්වෙන්දර් චහාල් දීපක් හූඩා මොහොමඩ් සිරාජ් ලෝකේෂ් රාහුල් විජේ ශන්කර් ජේදේව් උනඩ්කඩ්
2018-03-04T10:57:31.000Z
ප්‍රතිසංවිධාන කළ ප්‍රතිපත්ති අනුව කටයුතු කරනවා - අගමැති
ප්‍රතිසංවිධාන කළ ප්‍රතිපත්ති අනුව කටයුතු කරනවා
COLOMBO (News 1st) - අයෝජකයින්ගේ සමුළුවේ න්‍යාය පත්‍රයට අනුව මෙන් ම ප්‍රතිසංවිධාන කළ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව බැඳි සිටින බව සිංගප්පූරුවේ පැවැත්වෙන ආයෝජකයන්ගේ සංසදයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ව්‍යාපාර සඳහා ආකර්ෂණිය ස්ථානයකට පත්වෙමින් පවතින බව ද අග්‍රමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුන් බවයි. සිංගප්පුරුවේ ආදර්ශ අනුව යමින් ලෝකයේ වේගයෙන් දියුණු වෙමින් පවතින දකුණු ආසියානු කලාපයේ ශ්‍රී ලංකාව වැදගත් භූමිකාවක් උසුලන බව ද අග්‍රමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය. ආණ්ඩුව බලයට පත්වීමත් සමග රටේ ආර්ථිකය වර්ධනය කිරීම හා ශක්තිමත් කිරීමට කටයුතු කර ඇති බවත් එහි ප්‍රථිපල නුදුරේදී ම දැකිය හැකි බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වාදී ඇත.
2018-03-04T09:11:29.000Z
ගුවන් නාවික සොහොයුරෝ ගුවන් පාපැදි ශූරතාව දිනාගනී
ගුවන් නාවික සොහොයුරෝ ගුවන් පාපැදි ශූරතාව දිනාගනී
COLOMBO (News 1st) - 19 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ ශූරතාව ගුවන් හමුදාවේ මදුංශක ප්‍රනාන්දු ජය ගෙන තිබේ. අද නිමා වූ අවසන් අදියර ජය ගෙන ඇත්තේ, ගුවන් හමුදාවේ සමන්ත ලක්මාල් ය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව පැවැති ගුවන් පාපැදි සවාරියට නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ ස්පෝර්ට්ස් ෆස්ට් , ප්‍රමුඛ චැම්පියන්ස් නෙට් වර්ක් ය. මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය අදියර තුනක් යටතේ පැවැත් විණි. දෙස් විදෙස් ක්‍රීඩකයින් ද ඇතුළුව ඊට එක් වූ පිරිස 170කට අධික වේ. කිලෝමීටර 150ක දුරකින් යුතු එහි අවසන් අදියර පොළොන්නරුවේ සිට අම්පාර දක්වා අද පැවැත් විය. එම අදියර ජය ගත්තේ පැය 3යි මිනිත්තු 36යි තත්පර 5ක කාලයක් සටහන් කළ ගුවන් හමුදාවේ සමන්ත ලක්මාල් වේ. යුද හමුදාවේ චරිත් ප්‍රනාන්දු සහ වරාය අධිකාරියේ සජිත් හසන්ත එහි දෙවැනි සහ තුන්වැනි ස්ථාන හිමිකර ගෙන ඇත. මේ අතර ස්ප්‍රින්ට් අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ, වරාය අධිකාරියේ සජිත් හසන්ත වේ. 19 වන ගුවන් හමුදා පාපැදි සවාරියේ හොඳම යොවුන් ක්‍රීඩකයා ශ්‍රී ලංකා යුද හමුදාවේ තරිඳු සඳරුවන් ය. කිලෝමීටර 440ක දුරකින් යුතු සමස්ත සවාරිය ජය ගත්තේ පැය 10යි මිනිත්තු 45යි තත්පර 8ක කාලයක් සටහන් කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මදුශංක ප්‍රනාන්දු වේ. ඔහුට වඩා තත්පර 7ක් පසූපසින් තරගය අවසන් කළ ඔහුගේ ම සොහොයුරු නාවික හමුදාවේ දර්ශන ප්‍රනාන්දු එහි දෙවැනි ස්ථානයට පත් විය. තුන්වැන්නා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නිශාන්ත පෙරේරා වේ. සමස්ත කණ්ඩායම් ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිනා ගත් අතර දෙවැනි ස්ථානය නාවික හමුදාවටත් තුන්වැනි ස්ථානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාවටත් හිමි වුණි. මෙම සවාරියට සමගාමීව පැවැති කාන්තා තරගය මඩකලපුව සිට අම්පාර දක්වා පැවැත් විය. කිලෝමීටර 65යි දශම 2ක දුරකින් යුතු ඉන් ජය ගත්තේ සිවිල් ආරක්ෂක බලකායේ නිලූකා ශ්‍යාමලී ය. දෙවැනි ස්ථානය ගුවන් හමුදාවේ නිරෝෂනී පෙරේරාට හිමි වූ අතර තුන්වැන්නා සිවිල් ආරක්ෂක බලකායේ සන්ධ්‍යා කුමාරි වේ.
2018-03-04T08:13:40.000Z
හලාවත දරුවා මරා දැමූ කාමාතුරයා කොටු වූ හැටි
හලාවත දරුවා මරා දැමූ කාමාතුරයා කොටු වූ හැටි
COLOMBO (News 1st): හලාවත, ඉරණවිලදී පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අද මුලතිව්හිදී පොලිස් අත්අඩංගුවට පත්විය. ඝාතනය සිදුවූ ප්‍රදේශයේ සිට කිලෝමීටර් 260කට අධික දුරකින් පිහිටි මුලතිව් නයාරු ධීවර ගම්මානයේ සැඟවී සිටියදී සැකකරු අද (4)උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. ලිංගික අපයෝජනයට ලක් කර දරුවා ඝාතනය කළ සැකකරු මුලතිව් ප්‍රදේශයට පලාගොස් ඇත්තේ මීට දින 4කට පෙරදීයි. එහිදී සැකකරු මුලතිව් මාදැල් වාඩිවල රැකියාවක් සොයමින් නයාරු ධීවර ගම්මානයේ ඇවිද ගොස් ඇත. ගමට ආ මෙම අමුත්තා පිළිබඳ සැක පළ වූ ගම්වාසීන් ඔහු පිළිබඳව මුලතිව් වැඩබලන මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාට දැනුම් දෙන්නේ ඉන් අනතුරුවයි. ගම්වාසීන්ගෙන් ලද තොරතුර අනුව පොලීසිය අද උදෑසන සුසිත් නිර්මාල් දරුවා ඝාතන සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. දරුවා අතුරුදන් වීම..... හලාවත ඉරණවිල විද්‍යාලයේ 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ජුවාන් ජොඩිගේ සුසිත් නිර්මාල් අතුරුදන්වූයේ, පෙබරවාරි 25 වනදා ය. ඊට දින දෙකකට පසුව අතුරුදන් වූ දරුවාගේ සිරුර සඳුන්ගම කඩොලාන රක්ෂිතයේ තිබියදී සොයා ගැනිණ. පසුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වූයේ, දරුවා ලිංගික අපයෝජනයට ලක් කර ඝාතනය කර ඇති බවයි. ඝාතනය සිදුවූ දින සිට මෙම අපරාධයට වගකිව යුතු සැකකරු සොයා පොලීසිය මෙහෙයුම් දියත් කළේ, දරුවා ගෙන යන ආකාරය සටහන්ව තිබූ CCTV දර්ශන ද උපයෝගී කර ගනිමිනි.
2018-03-04T07:46:14.000Z
2018 ජාතික සාහිත්‍ය උත්සවය හෙටයි
2018 ජාතික සාහිත්‍ය උත්සවය හෙටයි
COLOMBO (News 1st) - 2018 ජාතික සාහිත්‍ය උත්සවය හෙට පැවැත්වීමට නියමිතව තිබේ. ඒ, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්නගේ සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ ප්‍රධානත්වයෙන් හෙට (05) පෙ.ව 10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව ඇත. අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙවර ජාතික සාහිත්‍ය උත්සවය සංවිධානය කෙරෙණු ඇත.
2018-03-04T07:13:33.000Z
ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
COLOMBO (News 1st) - යුරෝපා සංගමයේ රටවලින් ආනයනය කරන මෝටර් රථ සඳහා බද්දක් පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, තම රටේ අඥාන වෙළඳ ගිවිසුම්වලින් වෙනත් රටවල් වසර ගණනාවක් වාසි ලබාගෙන ඇති බව ය. අමෙරිකානු ජනාධිපතිවරයා වානේ සහ ඇලුමිනියම් අපනයන සඳහා විශාල බද්දක් පනවන බව ඉකුත් බ්‍රහස්පතින්දා නිවේදනය කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක වෙළඳ සංවිධානය ඊට දැඩි විරෝධය පල කළේය.
2018-03-04T06:37:54.000Z
ජාතික හැඳුනුම්පත අයැදුම් කිරීමේ වයස වෙනස් වෙයි
ජාතික හැඳුනුම්පත අයැදුම් කිරීමේ වයස වෙනස් වෙයි
COLOMBO (News 1st) - ජාතික හැඳුනුම්පතක් අයැදුම් කිරීම සඳහා වූ වයස් සීමාව සංශෝධනය කර තිබේ. ඒ අනුව අවුරුදු 15 සම්පූර්ණ වූ පුද්ගලයින්ට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා අයැදුම් කළ හැකි ය. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සඳහන් කළේ, 2017 වසරේ සිට මෙය ක්‍රියාත්මක බවයි. පාසල් අයැදුම්කරුවන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබේ. මීට පෙර ජාතික හැඳුනුම්පත සඳහා පුරවැසියෙකු අවුරුදු 16 සම්පූර්ණ කළ යුතු ය. එලෙස වයස සම්පූර්ණ නොවීම හේතුවෙන් සිසුන් පීඩනයකට ලක්වීම පිළිබඳ සලකා බලා මෙම වයස් සීමාව අඩු කර ඇත. කෙසේ වෙතත් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමේ ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇති. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුන් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේදී සිය උප්පැන්න සහතිකයේ පැහැදිලි ඡායා පිටපතක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් බව ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. මේ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සහතික කළ හෝ රෙජිස්ට්‍රා ජෙනරාල් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ උප්පැන්න සහතික පිටපතක් මේ සඳහා ඉදිරිපත් කළ යුතු ය. මේ අතර නව හැඳුනුම්පතේ, පෙර භාවිතා වූ ඉලක්කම් 9කින් යුත් අංකය වෙනුවට සියලු ම පුද්ගලයන්ගේ හැඳුනුම්පත්වල පෙර භාවිත වූ අංකය අවසානයේ ඇති ඉංග්‍රීසි අක්ෂරය ඉවත් වන අතර එය ඉලක්කම් 12කින් යුතු අංකයක් ලෙස සංශෝධනය කර තිබේ.
2018-03-04T03:51:21.000Z
'නිල් මහා සටන' කල් යයි
'නිල් මහා සටන' කල් යයි
COLOMBO (News 1st) - ලබන බ්‍රහස්පතින්දා ආරම්භ වීමට නියමිතව තිබූ කොළඹ රාජකීය - ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර 139 වන (නිල් මහා සටන) වාර්ෂික මහා ක්‍රිකට් තරගය කල් දමා ඇත. ක්‍රිකට් තරගය එලෙස කල් දමා ඇත්තේ, අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම හිමියන්ගේ ආදහන පූජෝත්සවය එදිනට යෙදී ඇති බැවිනි. ඒ අනුව තරගය 9, 10 සහ 11 යන දිනවලදී කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය.
2018-03-04T03:35:29.000Z
කළුතර, රත්මලේ බටහිර ජල ව්‍යාපෘතිය ගම්මැද්දෙන් ජනතා අයිතියට
ගම්මැද්දෙන් පවුල් 300කට පානීය ජල පහසුකම්
COLOMBO (Newsfirst) - ගම්මැද්ද වැඩ දහසක් ක්‍රියාන්විතය යටතේ කළුතර, රත්මලේ බටහිර ජල ව්‍යාපෘතිය අද ජනතා අයිතියට පත් කෙරිණි. ඒ, වසර ගණනාවක් ජල ගැටලුවෙන් පිඩාවිඳි රත්මලේ ප්‍රදේශයේ පවුල් 300 කට පමණ පානීය ජල පහසුකම් සපයමිනි. ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වනු ලැබුවේ ඉන්දීය ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංගමයයි.
2018-03-04T03:10:06.000Z
ප්‍රවීණ සාහිත්‍යධර ඇරැව්වල නන්දිමිත්‍ර අභාවප්‍රාප්ත වෙයි
සාහිත්‍යධර ඇරැව්වල නන්දිමිත්‍ර අභාවප්‍රාප්ත වෙයි
COLOMBO (Newsfirst) - ප්‍රවීණ සාහිත්‍යධරයෙකු මෙන්ම ගත් කතුවරයෙකු වූ ඇරැව්වල නන්දිමිත්‍ර මහතා අද අභාවප්‍රාප්ත විය. දෙදරු පියෙකු වන නන්දිමිත්‍ර මහතා මිය යනවිට 79 වන වියේ පසු විය. ඇරැව්වල නන්දිමිත්‍ර මහතා රචනා කළ මල්දෙණ්යේ සිමියොන්, ගිනි වැනි නව කතා මෙන් ම සුදුකොඩි සහ නංගි වැනි කෙටි කතා ද පාඨකයින් අතර ඉතා ජනප්‍රිය විය. හොඳ ම නව කතාව, හොඳ ම කෙටි කතාව සඳහා රාජ්‍ය සම්මාන මෙන්ම හොඳම ළමා සාහිත්‍ය, හොඳ ම යෞවන සාහිත්‍යය සඳහා ද අරැව්වල නන්දිමිත්‍ර මහතා රාජ්‍ය සම්මාන ලබා ගත්තේ ය. ඔහුගේ දේහය අද පස්වරුවේ මහරගම, ඇරැව්වල පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන ඒමට නියමිතව ඇත.
2018-03-04T02:51:37.000Z
ගුවන් හමුදා පාපැදි සවාරිය තුන්වන අදියරේ ජය ගුවන් හමුදාවේ සමන්ත ලක්මාල්ට
ගුවන් හමුදා පාපැදි සවාරිය සාර්ථකව අවසන්
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව 19 වන වරටත් ක්‍රියාත්මක කරන ගුවන් හමුදා පාපැදි සවාරිය තුන්වන හා අවසන් අදියර අද නිමාවට පත්විය. කිලෝමීටර 150 ක දුරකින් යුත් පාපැදි සවාරියේ තුන්වන හා අවසන් අදියර ක්‍රියාත්මක වූයේ පොළොන්නරුවේ සිට අම්පාර දක්වායි. මේ සඳහා පුර්ණ විද්‍යුත් මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ ක්‍රීඩාවේ ප්‍රමුඛයා ස්පෝර්ට්ස් ෆස්ට් ප්‍රමුඛ චැම්පියන්ස් නෙට්වර්ක්. සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර් 440ක් වන ගුවන් හමුදා පැපැදි සවාරිය පසුගිය 2වනදා කොළඹදී ආරම්භ කෙරිණි. පොලොන්නරුවේ සිට අම්පාර දක්වා පැවති 3වන සහ අවසන් අදියරේ ජයග්‍රාහකයින් 2018-03-04 1 වන ස්ථානය: ශ්‍රී ලංකා ගුවන් හමුදාව - සමන්ත ලක්මාල් 2 වන ස්ථානය: ශ්‍රී ලංකා යුද හමුදාව - චරිත් ප්‍රනාන්දු 3 වන ස්ථානය: ශ්‍රී ලංකා වරාය අධිකාරිය - සජිත් අසන්ත පුත්තලම සිට හිඟුරක්ගොඩ දක්වා පැවති 2වන අදියරේ ජයග්‍රාහකයින් 2018-03-03 1 වන ස්ථානය: ශ්‍රී ලංකා නාවික හමුදාව - ජනක හේමන්ත 2 වන ස්ථානය: ශ්‍රී ලංකා යුද හමුදාව - ලක්ෂමන් විජේරත්න 3 වන ස්ථානය: ශ්‍රී ලංකා ගුවන් හමුදාව - බුද්ධික වර්ණකුලසූරිය කොළඹ සිට පුත්තලම දක්වා පැවති 1වන අදියරේ ජයග්‍රාහකයින් 2018-03-02 1 වන ස්ථානය: ශ්‍රී ලංකා වරාය අධිකාරිය - සජිත් හසන්ත 2 වන ස්ථානය: ශ්‍රී ලංකා යුධ හමුදාව - සුපුන් ප්‍රදීප් 3 වන ස්ථානය: ශ්‍රී ලංකා පොලීසිය - සූධීර නිලංග ගුවන් හමුදා පාපැදි සවාරියේ සමස්ත ප්‍රතිඵලය බලාපොරොත්තුවන්න... https://www.facebook.com/SportsFirstLK/videos/1731321336932629/ https://www.facebook.com/SportsFirstLK/videos/1731508233580606/ https://www.facebook.com/SportsFirstLK/videos/1731208673610562/
2018-03-04T01:55:57.000Z
පාලවියේ යකඩ භාණ්ඩ එක්රැස් කරන ස්ථානයක පිපිරීමකින් තරුණයෙකු මරුට
පාලවියේ පිපිරීමකින් තරුණයෙකු මරුට
COLOMBO (Newsfirst) - පුත්තලම, පාලවිය යකඩ භාණ්ඩ එක්රැස් කරන ස්ථානයක අද පෙරවරුවේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මිය ගියේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, 27 හැවිරිදි තරුණයෙකු එලෙස මියගොස් ඇති බව ය. සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම පොලීසියේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ක්‍රියාත්මක අතර විමර්ශන සඳහා රජයේ රස පරික්ෂණවරයා ද කැඳවීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය. මියගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත ය. https://www.facebook.com/NewsfirstSL/videos/1862802053780044/
2018-03-04T02:05:04.000Z
ඉරණවිල දරුවා ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
ඉරණවිල දරුවා ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
COLOMBO (Newsfirst) - ඉරණවිලදී 09 හැවිරිදි පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කර ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු මුලතිව්, නයාරු ධීවර ගම්මානයේ සැඟව සිටියදී අද අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එම දරුවා ලිංගික අපයෝජනයට ලක්කර ඝාතනය කර ඇති බවට හලාවත රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වූ බව ය. අත්අඩංගුවට ගත් සැකකරු පොල් කඩන පුද්ගලයෙකු වේ. නිවස අසල වෙළඳසැළක සිටියදී සැකකරු විසින් දරුවා රැගෙන ගිය බවට සිද්ධිය දුටු පුද්ගලයින් පොලීසියට ප්‍රකාශ කර තිබුණි. ඊට පසු දින ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී දරුවාගේ මළ සිරුර සොයා ගැනුණේ සඳුන්ගම කඩොලාන රක්ෂිතයේ තිබියදී ය.
2018-03-03T21:55:57.000Z
අද සිට සෑම ඉරු දිනකම ග්‍රහලෝකාගාරය නැරඹීමට අවස්ථාව
සෑම ඉරු දිනකම ග්‍රහලෝකාගාරය නැරඹීමට අවස්ථාව
COLOMBO (Newsfirst) - අද සිට සෑම ඉරු දිනකම ග්‍රහලෝකාගාරය නැරඹීමට අවස්ථාව උදා වී තිබේ. විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සඳහන් කළේ, තාරකා විද්‍යාව පිළිබඳ දැනුම ප්‍රචලිත කිරිම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කර, ග්‍රහලෝකාගාරය ඉරිදා විවෘත කිරිමට පියවර ගත් බව ය. සමාජයට සහ පාසල් ළමුන් සදහා දැනුම ගවේෂණය කිරිමට මෙමගින් අවස්ථාව උදාවන බව ද අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව, මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ විශේෂ දේශනයක් ද අද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
2018-03-03T20:35:56.000Z
දෛනික ජල පරි‍භෝජනය 20% කින් ඉහළට
දෛනික ජල පරි‍භෝජනය 20% කින් ඉහළට
COLOMBO (Newsfirst) - දෛනික ජල පරි‍භෝජනය 20% කින් ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. එහි සමාන්‍යාධිකාරි දීප්ති සුමනසේකර මහතා සඳහන් කළේ, පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල පරිභෝජනය ඉහළ මට්ටමක පවතින බව ය. ඉදිරි කාලගුණික තත්ත්වය පිළිබද අවධානය යොමු කර ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ද සමාන්‍යාධිකාරිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. https://www.facebook.com/NewsfirstSL/videos/1862639417129641/
2018-03-03T20:13:09.000Z
ගුවන් හමුදා පාපැදි සවාරියේ පොළොන්නරුවේ සිට අම්පාර දක්වා අවසන් අදියර අදයි
ගුවන් හමුදා පාපැදි සවාරියේ අවසන් අදියර අදයි
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව 19 වන වරටත් ක්‍රියාත්මක කරන ගුවන් හමුදා පාපැදි සවාරිය තුන්වන හා අවසන් දිනට ත් අද පැවැත්වේ. https://www.facebook.com/SportsFirstLK/videos/1731321336932629/ https://www.facebook.com/SportsFirstLK/videos/1731208673610562/ කිලෝමීටර 150 ක දුරකින් යුත් පාපැදි සවාරියේ තුන්වන හා අවසන් අදියර ක්‍රියාත්මක වන්නේ පොළොන්නරුවේ සිට අම්පාර දක්වායි. මේ සඳහා පුර්ණ විද්‍යුත් මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ ක්‍රීඩාවේ ප්‍රමුඛයා ස්පෝර්ට්ස් ෆස්ට් ප්‍රමුඛ චැම්පියන්ස් නෙට්වර්ක්. ගුවන් හමුදා පැපැදි සවාරියේ සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර් 440 කි. ඊයේ පුත්තලමේ සිට හිඟුරක්ගොඩ දක්වා පැවති දෙවන අදියරේ පළමු ස්ථානය නාවික හමුදාවේ ජනක හේමන්තට හිමිවිය. දෙවන ස්ථානය යුද හමුදාවේ ලක්ෂමන් විජේරත්න දිනාගත් අතර 3 වන ස්ථානය ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරිය විසින් දිනාගනු ලැබිණි. මේ අතර පෙරේදා කොළඹ සිට පුත්තලම දක්වා පැවති පළමු අදියරේ පළමු ස්ථානය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සජිත් හසන්ත දිනා ගත් අතර දෙවන ස්ථානය ශ්‍රී ලංකා යුධ හමුදාවේ සුපුන් ප්‍රදීප් දිනා ගත්තේය. තුන්වන ස්ථානය ශ්‍රී ලංකා පොලිසීය නියෝජනය කළ සූධීර නිලංගට හිමිවිය.
2018-03-03T10:49:51.000Z
Facebook Explore Feed ඉවතට
Facebook Explore Feed ඉවතට
Colombo (Newsfirst) - ෆේස්බුක් භාවිත කරන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 06ක අත්හදා බැලුණු එක්ස්ප්ලෝ ෆීඩ් අංගය ඉවත් කිරීමට ෆෙස්බුක් ආයතනය තීරණය කර තිබේ. මෙම අත්හදා බැලීම මගින් හඳුන්වා දුන් එක්ස්ප්ලෝ ෆීඩ් නම් අමතර උපාංගයෙන් සිදු වූයේ ෆේස්බුක් ගිණුම් හිමිකරු විසින් සිය කැමැත්ත පළ කර ඇති ෆේස්බුක් පිටු පළ කරන තොරතුරු ප්‍රසිද්ධ කිරීම යි. මීට පෙර සියලු තොරතුරු ෆේස්බුක් ගිණුම් හිමිකරුට සපයනු ලැබුවේ නිවුස් ෆීඩ් හරහා ය. සිදු කළ සමීක්ෂණවලට අනුව මේ වන විට අනාවරණය වී ඇත්තේ, එම නව උපාංගය කෙරෙහි එතරම් සතුටුදායක ප්‍රතිචාර නොලැබී ඇති බව ය.
2018-03-03T07:35:31.000Z
රාජාංගනයේ පානීය ජල ව්‍යාපෘතිය ගැන පොදු එකඟතාවකට පැමිණිය යුතුයි - ජල සම්පාදන මණ්ඩලය කියයි
පොදු එකඟතාවකට පැමිණිය යුතුයි - ජල සම්පාදන මණ්ඩලය
Colombo (Newsfirst) - ගැටලුවකට තුඩු දී ඇති රාජාංගනය ජලාශ්‍රයේ ජලය යොදා ගෙන සිදු කිරීමට යෝජිත පානීය ජල ව්‍යාපෘතිය සඳහා ජලය ලබා ගැනීම පිළිබඳව පොදු එකඟතාවකට පැමිණිය යුතු බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. තාවකාලිකව අත්හිටුවා ඇති අදාළ ජල ව්‍යාපෘතිය ප්‍රදේශයේ අධික ජල ඉල්ලුම හා වකුගඩු ආශ්‍රිත රෝගීන්ට සහනයක් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කළ එකක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පෙන්වා දෙයි. රාජාංගන ජලාශ්‍රයේ ජල ධාරිතාවය අඩු කාලවලදී ගොවි ජනතාවට වන අපහසුතාවයන් සැලකිල්ලට ගෙන පානීය ජල සැපයුම පැය 24 පුරාම ක්‍රියාත්මක නොවන බව ද මෙහි සඳහන් ය. සීමිත පැය ගණනක් පමණක් පානීය ජලය ලබා දීමෙන් ජල සම්පාදන ක්‍රමය සඳහා ලබා ගන්නා ජල ප්‍රමාණය අඩු කිරීමේ හැකියාව පවතින බව ජල සම්පාදන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. පසුගියදා යෝජිත පානීය ජල ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් රාජාංගනය ජලාශ්‍රයේ ජලය භාවිත කරන ගොවීන් පිරිසක් තඹුත්තේගම නගරයේ විරෝධතාවක නිරත වූහ. එහිදී පොලීසිය හා විරෝධතාකරුවන් අතර නොසන්සුන්තාවක් ඇති විය. සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතාකරුවන් 59 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගත් අතර ඉන් 57 දෙනෙකු ලබන 05 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
2018-03-03T07:52:43.000Z
සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙළ ඉදිරි මාස 6 තුළ - ජනපතිගෙන් ප්‍රකාශයක්
උපාධිධාරීන්ට රැකියා ලබා දීම ඉදිරි මාස 6 තුළ
Colombo (Newsfirst) - රැකියා නොමැති සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙළ ඉදිරි මාස 6 තුළ ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද පස්වරුවේ මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ය. උපාධිධාරීන් 200 දෙනෙකුට සහ ඩිප්ලෝමාධාරීන් 40 දෙනෙකුට මෙහිදී ගුරු පත්වීම් සංකේතාත්මකව ප්‍රදානය කෙරිණි. මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
2018-03-03T06:15:01.000Z
අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන ජූජෝත්සවය ලබන 8 වන දා
දරණාගම කුසලධම්ම හිමියන්ගේ ආදාහන ජූජෝත්සවය ලබන 8
Colombo (Newsfirst) - අපවත් වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 8 වන දා රාජ්‍ය අනුග්‍රහය සහිතව නිදහස් චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිත ය. කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමියන් අද අලුයම අපවත් විය. වර්ෂ 1963 ජුලි මස 29 වන දින මාකොළ දරණාගම උපත ලැබූ උන්වහන්සේ අපවත් වන විට පසු වුණේ 54 වන වියේ යි. ධර්ම ප්‍රචාරය හරහා මෙරට බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ කුසලධම්ම හිමියන් ධර්ම දේශකයාණන් වහන්සේලා ජාතිය වෙනුවෙන් බිහි කිරීමට විශාල මෙහෙවරක් ඉටු කළේ ය. මෙරට බෞද්ධ පුනර්ජීවය වෙනුවෙන් පුරෝගාමීව කැපවූ උන්වහන්සේට රාමඤ්ඤ මහා නිකාය විසින් සම්බුද්ධ ශාසන විශ්ව කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ සම්මානය ද පිරිනමනු ලැබී ය. උන්වහන්සේ එංගලන්තයේ ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ ද විහාරාධිපති ධූරයේ කටයුතු කළේ ය.
2018-03-03T05:20:38.000Z
හෝමාගම සහ වලස්මුල්ල රෝහල් කාර්ය මණ්ඩල විරෝධතාවක
හෝමාගම සහ වලස්මුල්ල රෝහල් කාර්ය මණ්ඩල විරෝධතාවක
Colombo (Newsfirst) - හෝමාගම සහ වලස්මුල්ල රෝහල්වල කාර්ය මණ්ඩල අද දහවල් විරෝධතාවල නිරත විය. ඒ, තම කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට පහර දීමට විරෝධය පළ කරමිනි. හෝමාගම රෝහලේ ගිලන් රථ රිය සහයකයෙකුට පහර දීමේ සිද්ධියක් මුල්කර ගනිමින් අද දහවල් කාර්ය මණ්ඩල සාමාජිකයින් විරෝධතාවක නිරත වූ අතර ඔවුන් පැවසුවේ, සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ය. මෙලෙස පහර දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. වලස්මුල්ල රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බීමතින් පැමිණි පිරිසක් පහර දීම හේතුවෙන් තුවාල ලබා ඇත්තේ, එහි සෞඛ්‍ය කාර්ය සහයකවරයෙකි. සිද්ධියට විරෝධය පළ කරමින් අද උදෑසන සිට දහවල් දක්වා රෝහලේ වැඩ වර්ජනයක් හා විරෝධතාවක් පැවැත්විණි. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලීසිය සඳහන් කළේ ය.
2018-03-03T05:01:53.000Z
හැරී කුමරුගේ සහ මෙගාන් මර්කල්ගේ විවාහ මංගල්‍යයට මහජනතාවටත් ඇරයුම්
හැරී කුමරුගේ විවාහ මංගලෝත්සවයට මහජනතාවටත් ඇරයුම්
(Newsfirst) - සිය විවාහ මංගල්‍යය සඳහා මහජනතාවට ද ආරාධනා කරන බව බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ අමෙරිකානු නිළි මෙගාන් මර්කල් නිවේදනය කර තිබේ. ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එය මංගල උත්සවයක් ලෙස නොව සුහද හමුවක් ලෙස පැවැත්වෙන බව ය. ඒ අනුව තෝරාගත් පුද්ගලයින් 2640 දෙනෙකු ඒ සඳහා සහභාගී වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් ය.
2018-03-03T03:22:02.000Z
ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවැනි දිනයේ ජය නාවික හමුදාවේ ජනක හේමන්තට
ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවැනි දිනය
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව 19 වන වරටත් පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන දිනයේ පළමු ස්ථානය නාවික හමුදාවේ ජනක හේමන්තට හිමිවිය. දෙවන ස්ථානය යුද හමුදාවේ ලක්ෂමන් විජේරත්න දිනාගත් අතර 3 වන ස්ථානය ගුවන් හමුදාවේ බුද්ධික වර්ණකුලසූරිය විසින් දිනාගනු ලැබිණි. ගුවන් හමුදා පාපැදි සවාරිය සඳහා විද්‍යුත් මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ ක්‍රීඩාවේ ප්‍රමුඛයා ස්පෝර්ට්ස් ෆස්ට් ප්‍රමුඛ චැම්පියන්ස් නෙට් වර්ක්. පුත්තලමේ සිට හඟුරන්කෙත දක්වා කිලෝමීටර් 165.1ක් වූ දෙවන අදියර අද ක්‍රියාත්මක විය. මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය අදියර 3ක් යටතේ පැවැත්වේ. 3 වන සහ අවසන් අදියර හෙට පොලොන්නරුවේ සිට අම්පාර දක්වා පැවැත්වීමට නියමිත ය. මේ සඳහා සහභාගීවන දෙස් විදෙස් ප්‍රමුඛ පෙලේ පාපැදි තරගකරුවන් සංඛ්‍යාව 170 කට අධික ය. ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, වරාය අධිකාරිය හා දෙහිවල ගල්කිස්ස නගර සභාව ඇතුළු කණ්ඩායම් මෙවර තරගාවලියට එක්ව සිටිති. ගුවන් හමුදා පැපැදි සවාරියේ සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර් 440 කි. කොළඹ සිට පුත්තලම දක්වා ඊයේ පැවති පළමු අදියරේ පළමු ස්ථානය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සජිත් හසන්ත දිනා ගත් අතර දෙවන ස්ථානය ශ්‍රී ලංකා යුධ හමුදාවේ සුපුන් ප්‍රදීප් දිනා ගත්තේය. තුන්වන ස්ථානය ශ්‍රී ලංකා පොලිසීය නියෝජනය කළ සූධීර නිලංගට හිමිවිය. https://www.facebook.com/NewsfirstSL/videos/1861707407222842/
2018-03-03T02:43:11.000Z
අතුරුගිරියේ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට: 5ක් තුවාලයි
අතුරුගිරියේ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට
COLOMBO (Newsfirst) - අතුරුගිරිය නගරයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ අතුරුගිරිය සිට මාලඹේ දෙසට ධාවනය වූ ලොරි රථයක්, මොටර් රථයක හා ත්‍රිරෝද රථයක ගැටීමෙන් ඊයේ රාත්‍රියේ අනතුර සිදුව ඇති බව ය. අනතුරින් ලොරි රථයේ දෙදෙනෙකු, මෝටර් රථයේ එක් අයෙකු සහ ත්‍රිරෝද රථයේ තුන් දෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් කළ කාන්තාවක් මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය. එලෙස මියගොස් ඇත්තේ, යටියන්තොට ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි කාන්තාවකි.
2018-03-03T01:15:46.000Z
අපරාධ රැසකට සම්බන්ධ 'පස් පොඩ්ඩා' කොටුවෙයි
අපරාධ රැසකට සම්බන්ධ 'පස් පොඩ්ඩා' කොටුවෙයි
COLOMBO (Newsfirst) - අපරාධ රැසකට සම්බන්ධ හඳුන්ගේ සමන් රෝහිත පෙරේරා නොහොත් 'පස් පොඩ්ඩා' නැමැත්තා ඇතුළු සැකකරුවන් තුන් දෙනෙකු ගම්පහ, නැදගමුව, කොටුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අද උදෑසන 6.30 ට පමණ කොටුගොඩ ප්‍රදේශයේදී ගම්පහ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් නිවාස කිහිපයක් පරීක්ෂා කිරීමේදී එහි සැඟව සිටි සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූ බව ය. ඔවුන් සතුව තිබී ටී. 56 ගිනි අවියක්, ඒ සඳහා යොදන උණ්ඩ 58 ක්, මැගසින් එකක්, අමෙරිකාවේ නිෂ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝලයක්, ඒ සඳහා යොදන උණ්ඩ 8 ක් ත්‍රි එයිට් වර්ගයේ රිවෝල්වරයක් හා ඒ සඳහා යොදන උණ්ඩ 3 ක් ද සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි 'අලයා' නැමැති සැකකරු ද වේ. 41 හැවිරිදි 'පස් පොඩ්ඩා' නැමැත්තා නැදගමුව, කොට්ගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
2018-03-03T00:45:00.000Z
කාලා කරිකාලන් අප්‍රේල් 27 සිනමා ශාලා වෙත
කාලා කරිකාලන් අප්‍රේල් 27 සිනමා ශාලා වෙත
ප්‍රවීණ දමිළ නළු රැජිනි ඛාන්ත් රංගනයෙන් දායකවන 'කාලා කරිකාලන්' චිත්‍රපටය ලබන අප්‍රේල් 27 වන දින සිනමාශාලා වෙත නිකුත් කිරීමට සැලසුම් කර තිබේ. රැජිනි ඛාන්ත් සමගින් ඊට රංගනයෙන් එක්වන්නේ නානා පටේකාර් සහ හූනා කුරේෂී ඇතුළු නළු නිළියන් පිරිසකි. 'කාලා කරිකාලන්' චිත්‍රපටයට සංගීතය නිර්මාණය කර ඇත්තේ සංතෝෂ් නාරායනන් විසිනි.
2018-03-03T00:06:30.000Z
යුරෝපයේ අධික ශීත කාලගුණය 60කට මරු කැඳවයි
යුරෝපයේ අධික ශීත කාලගුණය 60කට මරු කැඳවයි
යුරෝපයට බලපා ඇති අධික හිම සහිත ශීත කාලගුණික තත්ත්වය තව දුරට ත් උග්‍රවීම හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ යුරෝපයේ රටවල් ගණනාවක පුද්ගලයිනට හිම සහ අයිස් මගින් ඇතිවන බාධාවන්ට අඛණ්ඩව මුහුණ දීමට සිදුව ඇති බව ය. මේ වනවිට යුරෝපය පුරා පුද්ගල මරණ 60 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. පෝලන්තයෙන් පමණක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 23කි. එරට බලධාරීන් පවසන්නේ මේ වනවිට පෝලන්තයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක බිංදුවටත් වඩා පහළ ගොස් ඇති බව ය. අයහපත් කාලගුණය හේතුවෙන් යුරෝපය පුරා ප්‍රවාහන සේවා සහ ගුවන් ගමන් තව දුරට ත් අත්හිටුවා තිබේ. විදුලිය විසන්දි වීමෙන් අයර්ලන්තයේ දහස් සංඛ්‍යාත පිරිසක් පීඩාවට පත්ව සිටින බව ද විදෙස් වාර්තා පවසයි. සයිබීරියානු කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇති වූ මෙම අසාමාන්‍ය ශීත කාලගුණය මධ්‍යධරණී දකුණු ප්‍රදේශයට ද බලපා ඇති බව වාර්තා වේ. මේ අතර ප්‍රංශයේ හිම කදු කඩා වැටීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළේය. එරට පොලීසිය පවසන්නේ එහිදී එක් අයෙකු තුවාල ඇති අතර තවත් අයෙකු අතුරුදන්ව ඇති බව ය. [gallery size="full" ids="119801,119804,119807,119810,119813,119816"]
2018-03-02T22:51:31.000Z
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න 25% කාන්තා නියෝජනය අනිවාර්යයි - මැතිවරණ කොමිසමේ සභාපති
25% කාන්තා නියෝජනය අනිවාර්යයි
COLOMBO (Newsfirst) - පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී 25% ක් වූ කාන්තා නියෝජනය අනිවාර්ය බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සමග ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම සහ එහි 25% කාන්තා නියෝජනය තහවුරු කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී තිබේ. මෙම හමුව සිදුවුණේ රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී ය. https://www.facebook.com/NewsfirstSL/videos/1861016600625256/
2018-03-02T21:21:57.000Z
කොළඹ, සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් අපවත් වෙයි
පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වෙයි
COLOMBO (Newsfirst) - දෙස් විදෙස්හි ධර්ම ප්‍රචාරය සඳහා සුවිශේෂි මෙහෙයක් ඉටුකළ කොළඹ සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති ජූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අද අලුයම අපවත් විය. රොගී තත්ත්වයක් හේතුවෙන් කෙටි කලක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ අපවත් වනවිට 54 වැනි වියේ පසුවිය. අද පෙරවරු 9.30 ට පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකදී අදාහන පූජෝත්සවය පැවැත්වෙන දිනය තිරීණය කිරීමට නියමිතය.
2018-03-02T20:57:02.000Z
ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු දිනයේ ජය වරාය අධිකාරියේ සජිත් හසන්තට
ගුවන් හමුදා පාපැදි සවාරිය දෙවන දිනටත්
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව 19 වන වරටත් පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන දිනය අදයි. මේ සඳහා විද්‍යුත් මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ ක්‍රීඩාවේ ප්‍රමුඛයා ස්පෝර්ට්ස් ෆස්ට් ප්‍රමුඛ චැම්පියන්ස් නෙට් වර්ක්. මේ සඳහා සහභාගීවන දෙස් විදෙස් ප්‍රමුඛ පෙලේ පාපැදි තරගකරුවන් සංඛ්‍යාව 170 කට අධික ය. ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, වරාය අධිකාරිය හා දෙහිවල ගල්කිස්ස නගර සභාව ඇතුළු කණ්ඩායම් මෙවර තරගාවලියට එක්ව සිටිති. මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය අදියර 3ක් යටතේ පැවැත්වේ. ඒ අනුව, ගුවන් හමුදා පාපැදි සවාරියේ කිලෝමීටර 165 ක දුරකින් යුත් දෙවන අදියර අද පුත්තලම සිට හිඟුරක්ගොඩ දක්වා ක්‍රියාත්මකයි. සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර් 440 ක් වූ තරගයේ ඊයේ පැවති පළමු අදියර කොළඹ සිට පුත්තලම දක්වා කිලෝමීටර 124 ක දුරකින් සමන්විත විය. පළමු අදියරේ පළමු ස්ථානය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සජිත් හසන්ත දිනා ගත් අතර දෙවන ස්ථානය ශ්‍රී ලංකා යුධ හමුදාවේ සුපුන් ප්‍රදීප් දිනා ගත්තේය. තුන්වන ස්ථානය ශ්‍රී ලංකා පොලිසීය නියෝජනය කළ සූධීර නිලංගට හිමිවිය.
2018-03-02T20:29:23.000Z
අභියෝග නොසළකා ජනතාව වෙනුවෙන් වගකීම් ඉටු කරනවා - ජනපති
අභියෝග නොසළකා ජනතාව වෙනුවෙන් වගකීම් ඉටු කරනවා
COLOMBO (Newsfirst) - අභියෝග පැවතියත් ජනතාව එය පසෙකලා ජනතාව වෙනුවෙන් වගකීම් ඉටු කිරීමට කැපවෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා ඒ බව පැවසුවේ මැදිරිගිරිය, දිවුලන්කඩවල ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමිනි. 'පිබිදෙමු පොලොන්නරුව' දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතියේ පිරිවෙන් සංවර්ධන වැඩසටහන යටතේ මෙම පිරිවෙන් ගොඩනැගිල්ල ඉදිකර තිබෙන අතර ඊට ඇස්තමේන්තුගත මුදල රුපියල් ලක්ෂ 120 ක් වුව ද ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්යෙන් කළ ඉදිකිරීම් සඳහා වැය වී ඇත්තේ රුපියල් ලක්ෂ 69 ක් පමණි. එහිදී වැඩි දුරට ත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා පැවසුවේ යහපත් සමාජයක් සහ උගත් මෙන්ම බුද්ධිමත් අනාගත පරපුරක් ගොඩනැගීමේ වගකීම් ඉටුකිරීමට සියලු දෙනා කැපවිය යුතු බව ය. යහපත් සමාජයක් ගොඩනැගීමේදී වැදගත් වන කරුණක් වන පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීමට රජය සුවිශේෂී වැඩ කොටසක් ඉටුකළ බව පැවසූ ජනාධිපතිතුමා දිවයිනපුරා පිරිවෙන් රැසක අඩුපාඩු සම්පූර්ණ කරමින් ඒවාට අවශ්‍ය සම්පත් ලබාදීමට කටයුතු කළ බව ද කියා සිටියේය. https://www.facebook.com/NewsfirstSL/videos/1861442920582624/
2018-03-02T20:00:21.000Z
කැකිරාවේ නිවසක පිපිරීමක්
කැකිරාවේ නිවසක පිපිරීමක්
COLOMBO (Newsfirst) - කැකිරාව, මල්දෙණියපුර නිවසක සිදුවූ පිපිරීමකින් 18 හැවිරිදි තරුණියක් තුවාල ලබා රෝහල් ගතකර තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ පස්වරුවේ පිපිරීම සිදුව ඇති බව ය. වෙඩි බෙහෙත් වැනි පුපුරණ ද්‍රව්‍යයක් යොදා සාදන ලද යම් භාණ්ඩයක් එහිදී පුපුරා ගොස් ඇතැයි ද පොලීසිය පවසයි. පිපිරීමෙන් තුවාල ලැබූ තරුණිය කැකිරාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරු කර යැවූ බව පොලීසිය සඳහන් කළේය. පුපුරා ගොස් ඇත්තේ හක්කපටස් බව ට සැක කරන බව ද පොලීසිය පවසයි.
2018-03-02T08:22:40.000Z
රාහුල සැදෑව 2018 සංගීත රාත්‍රියට සියල්ල සූදානම්
රාහුල සැදෑව 2018 සංගීත රාත්‍රියට සියල්ල සූදානම්
COLOMBO (Newsfirst) - මාතර, රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව සංවිධානය කරන රාහුල සැදෑව 2018 සුහද හමුව හා සංගීතමය රාත්‍රිය හෙට පැවැත්වේ. ඒ, බත්තරමුල්ල වෝටර්ස්ඒජ් පරිශ්‍රයේදී ය. 12 වැනි වරට ත් පැවැත්වෙන රාහුල සැදෑවට දිවයිනේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වන සන්ෆ්ලවර් විසින් සංගීතමය රසාස්වාදය සැපයීමට නියමිත ය. ජනප්‍රිය නර්තන කණ්ඩායම්වල ද සහභාගීත්වයෙන් පැවැත්වෙන රාහුල සැදෑව තවත් විචිත්‍රාංග රැසකින් සමන්විත වනු ඇති බව එහි සංවිධායක මණ්ඩලය ප්‍රකාශ කළේය.
2018-03-02T05:45:02.000Z
කොළඹ නාගරික කොමසාරිස් ධුරයෙන් ඉවතට
කොළඹ නාගරික කොමසාරිස් ධුරයෙන් ඉවතට
Colombo (Newsfirst) - කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ. එම තීරණය ගෙන තිබෙන්නේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ. ශ්‍රී ලෝගේෂ්වරන් මහතා විසිනි. මෙම තීරණය ගෙන තිබෙන්නේ, කොළොන්නාව මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීම පිළිබද සොයා බැලු ජනාධිපති කොමිසමේ නිර්දේශ වලට අනුවයි. විශ්‍රාමලත් අභියාචානාධීකරණ විනිසුරු අචාර්ය චන්ද්‍රදාස නානායක්කාර මහතා විසින් සකස් කළ එම වාර්තාව පසුගිය 6 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදෙනු ලැබිණි.
2018-03-02T03:54:16.000Z
SriLankan සහ Mihin Lanka අක්‍රමිකතා සෙවීමට පත් කළ ජනපති කොමිසමේ සහයට නීතිඥ කණ්ඩායමක්
ශ්‍රී ලංකන් වංචා විමර්ශන කොමිසමට නීතිඥ කණ්ඩායමක්
Colombo (Newsfirst) - ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සේවාවල සිදුව ඇති අක්‍රමිකතා සෙවීමට පත් කළ ජනපති කොමිසමේ සහයට විශේෂ නීතිඥ කණ්ඩායමක් පත් කර තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම කමිටුවට සාමාජිකයින් 8 දෙනෙකු ඇතුළත් බව ය. අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතා එහි ප්‍රධානියා ලෙස කටයුතු කරයි. විමර්ශන සඳහා අවශ්‍ය නෛතික උපදෙස් ලබා ගැනීම මෙම කමිටුව පත් කිරීමේ අරමුණ ය. ශ්‍රී ලංකන්, මිහින් හා ශ්‍රී ලංකන් කෙටරින් යන ආයතනවල සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 14 වන දා විශේෂ කොමිසමක් පත් කළේ ය. ඒ, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙනි. එහි අනෙක් සමාජිකයින් වන්නේ, අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමලත් විගණකාධිපති ඇම්.ඩී.ඒ. හැරල් යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ජේ.කේ. ගීගනගේ මෙනවිය යි. ශ්‍රී ලංකන් එයාර්ලයින්, සීමා සහිත ශ්‍රී ලංකන් කේටරින් සහ සීමා සහිත මිහින් ලංකා සමාගම්වල 2006 ජනවාරි මස 06 වන දින සිට 2018 ජනවාරි 31 දක්වා වූ කාලය තුළ සිදුවුවා යැයි සැලකෙන අක්‍රමිකතා පිළිබඳව විමර්ශන හා පරීක්ෂා කර වාර්තා කිරීම මෙම ජනාධිපති කොමිසමේ කාර්ය භාරය වේ.
2018-03-02T01:42:54.000Z
ඇලෝසියස් සහ පලිසේන යළි රිමාන්ඩ්
ඇලෝසියස් සහ පලිසේන යළි රිමාන්ඩ්
Colombo (Newsfirst) - මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් ලබන 15 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, ඊට අදාළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ය. එම සැකකරුවන්ගෙන් මේ මස 5 වන දා සිට 15 වන දා දක්වා බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන්නැයි ද මහේස්ත්‍රාත්වරිය වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා ය.
2018-03-02T01:32:43.000Z
ලෝකයේ ඕනෑම ස්ථානයක් ඉලක්ක කර හැකි න්‍යෂ්ටික අවි රුසියාව සතුයි - ව්ලැදිමීර් පුටින්
රුසියාවේ න්‍යෂ්ටික අවි ගැන පුටින්ගෙන් ප්‍රකාශයක්
(Newsfirst) - ලෝකයේ ඕනෑම ස්ථානයක පිහිටි ඉලක්කයකට විදිය හැකි න්‍යෂ්ටික ආයුධ තමන් සතුව ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. ජනාධිපතිවරණයට පෙර ජාතිය අමතමින් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කළේ, මිසයිල නාශක පද්ධතිවලට හසු නොවන ආකාරයේ නව න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි මිසයිල දැන් රුසියාව සතුව පවතින බව ය. සබ්මැරීනවල සිට න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කළ හැකි ආකාරයේ ඩ්‍රෝන යානා අත්හදා බලමින් සිටින බව ද පුටින්ගේ මෙම දේශනයේදී හෙළි කර තිබේ. රුසියාව සතුව තිබෙන න්‍යෂ්ටික ආයුධවලට වඩා බලගතු ආයුධ නිපදවීමට ප්‍රථම අමෙරිකා එක්සත් ජනපදයේ මිලිටරි වැඩසටහනට තමන් ප්‍රතිචාර දක්වන බව රුසියානු ජනාධිපතිවරයා පවසා තිබේ. රුසියාව සතු මිසයිල පිළිබඳව වීඩියෝ උපුටා දක්වමින් පැහැදිළි කළ ජනාධිපතිවරයා, එහිදී ප්‍රදර්ශනය කළ එක කෘස් මිසයිලයකට ලෝකයේ ඕනෑම තැනකට ළඟා විය හැකි යැයි පැවසූ බව විදෙස් වාර්තාවල සඳහන් ය. එමෙන් ම යුරෝපයේ හෝ ආසියාවේ පිහිටි කිසිදු මිසයිල නාශක පද්ධතියකට එය නැවැත්විය නොහැකි බව ද ජනාධිපති පුටින් අවධාරණය කර තිබේ. දේශපාලන විචාරකයින් විශ්වාස පළ කරන්නේ, සිව් වන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ව්ලැදිමීර් පුටින් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනු ඇති බව ය. මාර්තු 18 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඔහුට විරුද්ධව අපේක්ෂකයන් 7 දෙනෙකු තරග වදින අතර විරුද්ධ පක්ෂයේ ප්‍රධාන ම අපේක්ෂකයා වන අලෙක්සේයි නවාල්නිට මැතිවරණයට තරග වැදීම තහනම් වීම විශේෂත්වයකි. මේ හේතුවෙන් ජනාධිපතිවරණය වර්ජනය කරන මෙන් විපක්ෂ නායකවරයා ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මේ වන තුරු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් නොකළ ජනාධිපති පුටින් ඉදිරි වසර 6 සඳහා සිය සැලසුම් පිළිබඳව කිසිවක් සඳහන් කොට නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.
2018-03-02T00:54:30.000Z
රබර් වතුවල අන්නාසි සහ කෙසෙල්
රබර් වතුවල අන්නාසි සහ කෙසෙල්
Colombo (Newsfirst) - රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෑගල්ල ප්‍රාදේශීය කාර්යාලය මගින් රබර් වගාවේ අතුරු බෝගයක් ලෙස හෙක්ටයාර 110ක කෙසෙල් හා අන්නාසි වගා කිරීමට කටයුතු යොදා තිබේ. දෙපාර්තමේන්තුව සඳහන් කළේ කෑගල්ල, මහනුවර, ගම්පහ, කුරුණෑගල හා මාතලේ යන දිස්ත්‍රික්කවල එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ය. මෙම අතුරු බෝග වගාව සඳහා හෙක්ටයාර එකකට රුපියල් 9880ක ආධාර මුදලක් ලබා දීමට ද නියමිත ය.
2018-03-02T00:27:37.000Z
මෙවර Oscar සිනමා සම්මාන උළෙල සඳහා චිත්‍රපට 9ක් නිර්දේශ වෙයි
Oscar සම්මාන උළෙල සඳහා චිත්‍රපට 9ක් නිර්දේශ වෙයි
(Newsfirst) - මෙවර ඔස්කාර් සිනමා සම්මාන උළෙලේ හොඳ ම චිත්‍රපටයට හිමි සම්මානය වෙනුවෙන් චිත්‍රපට 9ක් නිර්දේශ වී තිබේ. Call me by your name, Darkest hour, Dunkirk, Get out, Lady bird, Phantom thread, The post, The shape of water, Three billboards outside ebbing,missouri යන චිත්‍රපට එම ලැයිස්තුවට ඇතුළත් ය. මෙවර ඔස්කාර් සිනමා සම්මාන උළෙලේ හොඳ ම සජීවීකරණ චිත්‍රපටය සඳහා The boss baby, The breadwinner, Coco, Ferdinand, Loving vincent යන චිත්‍රපට 5 නිර්දේශ විය.
2018-03-01T23:25:09.000Z
නූතන ගුවන්විදුලි කලාවේ මහ ගෙදර සිරස FM 24 වන වියට එළැඹෙයි
සිරස FM 24 වන වියට එළැඹෙයි
Colombo (Newsfirst) - ලාංකේය ගුවන්විදුලි කලාවට නවමු අත්දැකීම් රැසක් එක් කළ සිරස එෆ්.එම් 24 වන සංවත්සරය අදට යෙදී තිබේ. මෙරට සන්නිවේදන ක්ෂේත්‍රයට නැවුම් ජීවයක් ලබා දෙමින් සිරස ගුවන්විදුලිය ආරම්භ කෙරුණේ, 1994 වසරේ මාර්තු 2 වන දා ය. 1995 වසරේ ජනවාරි 24 වන දින වන විට මෙරට පැය 24 පුරා විකාශය කෙරෙන ප්‍රථම සිංහල ගුවන්විදුලිය ලෙස ද, සිරස එෆ්.එම් සටහන් කළේ නොමැකෙන සංධිස්ථානයකි. රූපවාහිනිය වටා එක්ව සිටි පිරිස යළි ගුවන් විදුලිය දෙසට යොමු කළ හැරවුම් ලක්ෂය වූයේ ද, සිරස එෆ්.එම් ය. ශ්වේත රාත්‍රිය, මියැසි තටාකය, මියැසි අරණ, රම්‍ය තීර්ථය තුළින් රස පූර්ණ හා භාව පූර්ණ ගෘහස්ථ ප්‍රසංග කලා‍වේ නව මානයක් මතු කිරීමට ද සිරස එෆ්.එම් ගුවන්විදුලියට හැකි විය. සිරස එෆ්.එම් ආරම්භ කළ වසරේ ම එනම් 1994 වසරේ ජනප්‍රිය ම ගුවන්විදුලියට හිමි සම්මානය වන උන්ඩා ගුවන්විදුලි සම්මානය සිරස එෆ්.එම් වෙත පිරිනැමීම ද විශේෂත්වයකි. සිරස එෆ්.එම් මෙරට ගුවන්විදුලි නාලිකාවක් ලෙස සංවිධාන කළ විප්ලවීය ඉසව් බොහොමයක් ඇති අතර ගිනස් වාර්තා පොතට ඇතුළත් වීම සඳහා සෑදු ලෝකයේ දිගම කිරිබත එනම් රජ මහ කිරිබත ඒ අතරින් ප්‍රමුඛ ය. සද්ධන්ත කුලයේ සිරස ලෙස ලංකාවේ හීලෑ අලි ඇතුන් එක් ස්ථානයකට ඒකරාශී කළ දැවැන්ත සංදර්ශනය තවත් සුවිශේෂී අවස්ථාවකි. සිරස එෆ්.එම් නමින් වරක් උඩවැඩියා මලක් ද නම් කෙරිණි. ගුවන්විදුලියෙන් ඔබ්බට යමින් මහජන සේවය වෙනුවෙන් කැපවූ සිරස එෆ්.එම් ජනතා සම්මානයෙන් ඉදිරියටත් පෙරමුණේ රැඳෙනු නොඅනුමාන යි. අදට යෙදෙන 24 වන සංවත්සරය වෙනුවෙන් සිරස එෆ්.එම් විශේෂ වැඩසටහන් රැසක් සංවිධාන කර ඇත්තේ, එදා මෙදා තුර සිරස එෆ්.එම් වටා සිටින ශ්‍රාවක ප්‍රජාවට කෘතගුණ දැක්වීමක් ලෙස ය.
2018-03-01T21:48:23.000Z
පළාත් පාලන ආයතනවලට අදාළ සභික නාම ලේඛන ලබා දීමට දී තිබූ කාලය දීර්ඝ කෙරේ
පුංචි ඡන්දයෙන් තේරීපත්වූවන්ගේ නම් 9 ගැසට් කෙරේ
Colombo (Newsfirst) - පළාත් පාලන ආයතනවලට අදාළ සභික නාම ලේඛන ලබා දීම සඳහා දේශපාලන පක්ෂවලට ලබා දී තිබූ කාලය ලබන 8 වන දා දක්වා දීර්ඝ කර තිබේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් කළ ඉල්ලීම් සලකා බලා එම තීරණය ගත් බව ය. ඒ අනුව සභික නාම ලේඛන ලබන 9 වන දා ගැසට් කරනු ඇති. මේ අතර පළාත් පාලන ආයතනවල කටයුතු මාර්තු 2 වන සතියෙන් පසු දිනක ආරම්භ කරන ලෙස දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන අමාත්‍යංශයට ලිඛිත දැනුම් දීමක් ද කර තිබේ. කෙසේ වෙතත් පළාත් පාලන ආයතනවල කටයුතු මාර්තු මස 20 වන දා ආරම්භ කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කළේ ය.
2018-03-01T20:01:37.000Z
උදයංග වීරතුංග ඩුබායිහි සිටින බවට තොරතුරු
උදයංග වීරතුංග ඩුබායිහි සිටින බවට තොරතුරු
Colombo (Newsfirst) - රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි රාජ්‍යයේ සිටින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඔහු මෙරටට රැගෙන ඒම සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග සාකච්ඡා පැවැත්වූ බව ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින නීතිමය ක්‍රමවේදයන්ට අනුව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය දැනුම් දී ඇතැයි පොලීසිය පවසයි. උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් වන විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විශේෂ නිලධාරී කණ්ඩායමක් පත් කර ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ජාත්‍යන්තර පොලීසිය විසින් පසුගියදා අත්‍යවශ්‍ය අපරාධකරුවෙකු ලෙස නම් කළේ ය. ඒ යුද මෙහෙයුම් සඳහා මිග් යානා 4ක් මිලදී ගැනීම සහ තවත් යානා 4ක් සම්බන්ධව අමෙරිකානු ඩොලර් මිලියන 7ක වංචාවක් සම්බන්ධයෙනි.
2018-03-01T10:31:01.000Z
අධ්‍යාපන අමාත්‍යාංශ ඉහළ නිලධාරින් 2ක් තනතුරුවලින් ඉවතට
අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරින් 2ක් තනතුරුවලින් ඉවතට
COLOMBO (News 1st) : නායකත්ව පුහුණුව අතරතුර හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් දෙදෙනෙකු එම තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කර තිබේ. එම තීරණය ගෙන ඇත්තේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කළ කමිටුව ලබාදුන් වාර්තාවේ නිර්දේශ මතයි. තනතුරුවලින් ඉවත් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මානව සම්පත් අධ්‍යක්ෂවරයා සහ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයායි. මීට අමතරව සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් දෙදෙනෙකු ඇතුළු නිලධාරීන් 11 දෙනෙකුට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වීමට ද තීරණය කර තිබේ. ඒ අතර අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරයා සහ ප්‍රසම්පාදන කටයුතු පිළිබද අතිරේක ලේකම්වරයා ද වෙති. අමාත්‍යංශය සඳහන් කළේ, ප්‍රසම්පාදන අංශයේ ගණකාධිකාරිවරිය ඇතුළු තවත් නිලාධරීන් කිහිපදෙනෙකු ද විනය පරීක්ෂණ පැවැත්වෙන පිරිසට ඇතුළත් බවයි. මේ අතර අමාත්‍යංශය පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරයා යටතේ පැවති මානව සම්පත් සංවර්ධන අංශය තාවකාලිකව ඉන් ඉවත් කිරීමට ද තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. අදාළ නායකත්ව පුහුණුව පැවැත්වූ ආයතනය අසාදු ලේඛනගත කිරීමටත් මියගිය විදුහල්පතිවරිය වෙනුවෙන් කඩිනම් වන්දි මුදලක් ලබා දීමටත් එම කමිටුව නිර්දේශ කර තිබේ.
2018-03-01T10:38:10.000Z
තඹුත්තේගම කැළඹූ ජල ව්‍යාපෘතිය තාවකාලිව අත්හිටුවයි
තඹුත්තේගම කැළඹූ ජල ව්‍යාපෘතිය තාවකාලිව නවතී
COLOMBO (News 1st) : රාජාංගණය ජලාශයේ ජලය යොද ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා සඳහන් කළේ ය. රාජාංගණය ජලාශයෙන් ප්‍රධාන නගර 5කට ජලය සැපයීම සඳහා යෝජිත පානිය ජල ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් ගොවීන් උද්ඝෝෂණය කළේ මීට මාසයකට පෙරදීයි. එම ගොවීන් ඊයේ තඹුත්තේගම නගරයේ මාර්ග අවහිර කරමින් විරෝධතාවක නිරත වු අතර නොසන්සුන් තත්ත්වයෙන් පසු පොලිසිය කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් ද එල්ල කළේ ය. මෙහිදී 59 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර තඹුත්තේගම මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසුව 57 දෙනෙකු මේ මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ජාතික පොලිස් කොමිසම පවසන්නේ පොලීසිය කදුළුගෑස් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවීමට පියවර ගත් බවයි. ගොවීන් පොලීසියට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම දක්වා ඇති වූ තත්ත්වය මෙන් ම පොලීසියේ බලය යෙදවීම සම්බන්ධ ගැටලු පිළිබඳව ද කරුණු විමසා ඇති බව කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේ ය. මෙය රජයේ 2011 වසරේදී ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලත් පානීය ජල ව්‍යාපෘතියක් බව දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේ ය. අදාළ ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවරයාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ, ව්‍යාපෘතිය යටතේ මාසයකට අක්කර අඩි 1500කට නොඅඩු ජල ප්‍රමාණයක් පමණක් ලබා ගැනීමට නියමිතව තිබූ බවයි. එබැවින් අධික නියඟයකදී හැරුණු කොට මේ ව්‍යාපෘතිය නිසා ගොවි ජනතාවට ජල හිඟයක් ඇති නොවන බව ද ඔහු පැවසී ය.
2018-03-01T07:38:06.000Z
ගුවන් හමුදා පාපැදි සවාරිය හෙට
ගුවන් හමුදා පාපැදි සවාරිය හෙට
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව 19 වන වරටත් ක්‍රියාත්මක කරන ගුවන් හමුදා පාපැදි සවාරිය හෙට උදෑසන 9 ට ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වේ. ක්‍රීඩාවේ ප්‍රමුඛයා Sports 1st ප්‍රමුඛ Champions Network මේ සඳහා මාධ්‍ය දායකත්වය ලබා දෙයි. අදියර තුනක් යටතේ පැවැත්වෙන ගුවන් හමුදා පාපැදි සවාරිය හෙට සිට දින තුනක් පැවැත් වීමට නියමිතයි. මේ සඳහා දෙස් විදෙස් ප්‍රමුඛ පෙළේ පා පැදි තරගකරුවන් 150 කට අධික් සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතයි. ත්‍රිවිද හමුදාව කණ්ඩායම් සහ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම මෙන් ම දෙහිවල ගල්කිස්ස නගර සභාව නියෝජනය කරමින් කණ්ඩායම් ගුවන් හමුදා සවාරියට එක් වේ. හෙට ආරම්භ වන පාපැදි සවාරියේ, පළමු අදියර කොළඹ සිට පුත්තලම දක්වාත්, දෙවැනි අදියර පුත්තලම සිට හිඟුරක්ගොඩ දක්වා ක්‍රියාත්මකයි. පාපැදි සවාරියේ තුන් වැනි සහ අවසන් අදියර පොළොන්නරුවේ සිට අම්පාර දක්වා පැවැත් වේ. තරගයේ සමස්ත දුර ප්‍රමාණය කිලෝ මීටර් 440 කි. මාර්තු මස 04 වන දා ගුවන් හමුදා කාන්තා පාපැදි තරගය මඩකළපුව කල්ලඩි පාලම අසලින් ආරම්භ වී අම්පාර නගරයෙන් අවසන් වීමට නියමිතයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය එක්ව පාපැදි සවාරය සංවිධානය කරනු ලබයි.
2018-03-01T06:41:05.000Z
හෝප් ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂ ධුරයෙන් සමුගනී
හෝප් ධවල මන්දිරයෙන් සමුගනී
හෝප් හික්ස් ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂ තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. 29 හැවිරිදි ඇය සන්නිවේදන අධ්‍යක්ෂ තනතුරට හෝප් හික්ස් පත්වූයේ, පසුගිය වසරේ අගෝස්තු 16 වනදායි. හික්ස් එම තනතුරට පත් වූයේ, දින 10 ක් පමණක් ධුරය දැරූ ඇන්ටනි ස්කැරමුචිට ධුරය අහිමි වීමත් සමගයි. ස්කැරමුචිට පෙර ශෝන් ස්පයිසර් එම ධුරය දැරූ අතර ඔහුගේ ධුර කාලය ද දින 49කට සීමා විය. දීර්ඝ කාලීන් ට්‍ර‍ම්ප් හිතවතියක ලෙස ප්‍ර‍කටව සිටි හික්ස් , ජනපති ට්‍ර‍ම්ප්ගේ ව්‍යාපාර කටයුතුවලට ද සම්බන්ධව කටයුතු කළා ය. ට්‍ර‍ම්ප්ගේ පදවිප්‍රාත්තියෙන් පසු ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වූ ඇය ඉන්පසු ධවල මන්දිර කාර්ය මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කළා ය. හික්ස්ට පසුගිය දා පසුගිය ජනපතිවරණයේදී රුසියානු අතපෙවීම් පිළිබඳ සොයා බලන අමරිකානු බුද්ධි නිලධාරීන් හා නීතිඥ කොමිසම ඉදිරියේ පැය 9 ක ප්‍ර‍ශ්න කිරීම්වලට මුහුණ දීමට සිදුවූවා ය. එලෙස ප්‍ර‍ශ්න කර තිබුණේ එවක සිදූ වූයැයි පැවසෙන ට්‍රම්ප්ගේ දෙටු පුතු හා රුසියානු නීතිඥ හමුව පිළිබඳවයි‍. කෙසේ වෙතත්, මෙම ප්‍ර‍ශ්න කිරීම් අවසන් වී පැය 24 ක් යාමටත් ප්‍ර‍ථම හෝප් හික්ස් නිවේදනය කළේ, තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව යි.
2018-03-01T05:22:45.000Z
මිරිජ්ජවිල බස් මගියා ඝාතනය කළ වෙඩික්කරු තවමත් නිදැල්ලේ
මිරිජ්ජවිල වෙඩික්කරු තවමත් නිදැල්ලේ
COLOMBO (News 1st) : මිරිජ්ජවිලදී බස් රථයක් තුළ පුද්ගලයෙකුගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනය සඳහා සැකකරු පැමිණි මෝටර් රථය පැදවූ පුද්ගලයායි. ඔහු දෙහිඕවිට, හිඟුරලකන්ද ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. ඝාතනය සඳහා පැමිණි මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු අද තංගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් ක‍ළේ ය.
2018-03-01T04:46:03.000Z
පොලීසියේ 14කට වහා ම ස්ථාන මාරුවීම්
පොලීසියේ 14කට වහා ම ස්ථාන මාරුවීම්
COLOMBO (News 1st) : සහකාර පොලිස් අධිකාරීවරයෙකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් හා පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකු වහා ම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් කර තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බවයි. ඒ අනුව සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්. එල්. ජේ. ආර්. ද සොයිසා මහතා කොළඹ උතුර කොට්ඨාසයේ සිට පොලිස් විශේෂ කොට්ඨාසයට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
2018-03-01T02:00:47.000Z
FIFA ලෝක කුසලාන තරගාවලියට රුසියාව සූදානම් වෙයි
FIFA ලෝක කුසලාන තරගාවලියට රුසියාව සූදානම් වෙයි
COLOMBO (News 1st) - එළඹෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සූදානම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් රුසියාවේ සෝචිහිදී පැවැත් විය. ඒ, තරගාවලියේ ප්‍රධාන සංවිධායකයින්ගේ ප්‍රධානත්වයෙනි. 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය එළඹෙන ජූනි මස 14 වන දා රුසියාවේදී ආරම්භවීමට නියමිත ව තිබේ. කණ්ඩායම් 32 ක් සහභාගී වන තරගාවලියේ අදාළ තරග රුසියාවේ නගර 11 ක ක්‍රීඩාංගණ 12 ක පැවැත්වීමට නියමිත ය. ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ක්‍රීඩා කරන කණ්ඩායම් 32 ක පුද්ගලයින් 250 කට ආසන්න පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වූ බව විදෙස් මාධ්‍යවල සඳහන් වේ. ඒ අතර එම කණ්ඩායම්වල පුහුණුකරුවන්, කණ්ඩායමේ වෛද්‍යවරුන් හා ක්‍රීඩකයින් ද වේ. ජූනි මස 14 වන දා ආරම්භ වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ජූලි මස 15 වන දා දක්වා ක්‍රියාත්මක ය.
2018-03-01T01:04:09.000Z
අමෙරිකාවේ බොරතෙල් නිෂ්පාදනය ඉහළට
අමෙරිකාවේ බොරතෙල් නිෂ්පාදනය ඉහළට
COLOMBO (News 1st) - ඉකුත් නොවැම්බර් මාසයේ අමෙරිකාවේ බොරතෙල් නිෂ්පාදනය වාර්තාගත අන්දමින් ඉහළ ගොස් ඇතැයි එරට වෙළෙඳපොළ විශ්ලේෂකයින් පෙන්වාදී තිබේ. ඔවුන් පැවසූවේ, ඒ අනුව එම කාලසීමාව තුළ දෛනිකව අමෙරිකාව නිෂ්පාදනය කළ බොරතෙල් බැරල සංඛ්‍යාව මිලියන 10 ඉක්මවන බවයි. මීට පෙර අමෙරිකාවෙන් දෛනිකව එවැනි වාර්තාගත බොරතෙල් නිෂ්පාදනයක් වාර්තා වූයේ 1970 වසරේ දී බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
2018-02-28T23:35:38.000Z
හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනපතිගේ බිරිඳ අත්අඩංගුවට
හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනපතිගේ බිරිඳ අත්අඩංගුවට
COLOMBO (News 1st) - දූෂණ චෝදනා හේතුවෙන් හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනපතිගේ භාර්යාව අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනපති පොර්ෆිරියෝ ලොබෝගේ භාර්යාව වන රොසා එලේනා ය. 2010 සිට 2014 දක්වා කාලය තුළ පොර්ෆිරියෝ ලොබෝ ජනපතිධූරය හෙබවා තිබේ. එම කාලය තුළ මධ්‍යම අමෙරිකාවේ අඩු ආදායම්ලාභීන්ගේ දරුවන් සඳහා පාවහන් ලබාදීමේ ව්‍යාපෘතියකින් මුදල් වංචා කිරීම ඇයට එල්ලවන චෝදනායි. අමෙරිකානු රාජ්‍යයන්ගේ සංවිධානයේ දූෂණ විරෝධි කාර්යාලය සඳහන් කළේ, ඇය තම සැමියාගේ නිල කාලය අවසන් වීමත් සමග ජනපති ආර්යා කාර්යයාලය සතු මුදල් තම පෞද්ගලික ගිණුමට බැර කිරීමට කටයුතු කර ඇති බවයි. කෙසේවෙතත් රොසා එලේනාගේ සහ ඇගේ නීතිඥයින් ඇයට එරෙහිව ඇති චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා වේ.
2018-02-28T20:42:16.000Z
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ අවසන් මහා පෙරහැර අදයි
ගංගාරාම විහාරයේ අවසන් මහා පෙරහැර අදයි
COLOMBO (News 1st) - ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. ඒ නිමිත්තෙන් දිනයිනේ සියලු වෙහෙර විහාරස්ථානවල විවිධ පින්කම් සංවිධාන කර තිබේ. මේ අතර කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද රාත්‍රි වීදි සංචාරය කීරීමට නියමිත වේ. පෙරහැර හේතුවෙන් පස්වරු 5.00 සිට විහාරස්ථානය ආශ්‍රිත මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව, පොලිස් මූලස්ථානය පවසා ඇත. පෙරහර ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, නවම් මාවත, පෙරහැර මාවත, ඩබ්ලිව්. ඒ. ඩී. රාමනායක මාවත, මුත්තයියා පාර, සිරි ජිනරතන මාවත, හුණුපිටිය වැව පාර, බේබෘෘක් පෙදෙස, පාර්ක් වීදිය, ස්ටෙපල් මාවත ඔස්සේ ගමන් කිරීමට නියමිත වේ. පොලීසිය පැවසුවේ, එම මාර්ගවල රථවාහන ගාල් කිරීම සම්පූර්ණයෙන් සීමා කෙරෙන අතර වාහන ධාවනය ද පෙරහර ගමන් ගන්නා කාලය තුළ නවතා දැමෙන බවයි. රථවාහන ගාල් කිරීම සඳහා එෆ්. ආර්. සේනානායක මාවත, ආනන්ද කුමාරස්වාමි මාවත සහ වොක්ෂෝල් වීදිය යන මාර්ග වෙන්කර ඇති බව ද පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1859060484154201/
2018-02-28T20:20:37.000Z
තඹුත්තේගම විරෝධතාව: 57දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට
තඹුත්තේගම විරෝධතාව: 57දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට
COLOMBO (News 1st) - තඹුත්තේගම පොලීසියට ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයින් 57 දෙනෙකු ලබන මස 05 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොලීසිය පැවසුවේ, ඔවුන් ඊයේ රාත්‍රි තඹුත්තේගම මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි රක්ෂිත බන්ධනාගාරගත කළ පිරිස අතර කාන්තාවන් 5 දෙනෙකු ද වේ. ඊයේ පස්වරුවේ රාජාංගනය පොලීසියට මෙම පිරිස ගල් මුල් ප්‍රහාර එල්ල කළේ, මාර්ගය අවහිර කරමින් පැවති උද්ඝෝෂණයක් විසුරුවා හැරීමට උත්සාහ කිරීමත් සමග ය. රාජාංගනය ජලාශයේ දියවරින් පෝෂණය වන ප්‍රදේශ රැසක ගොවි ජනතාව ඊයේ පෙරවරුවේ කලා ඔය පාලම අසළ විරෝධාතාවක් ආරම්භ කර ඇත. ඒ, ජලාශයේ ජලය, පානීය ජල ව්‍යාපෘතියකට ලබාදීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමිනි. අනතුරුව ඔවුන් මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නිරතවීමත් සමග පොලීසිය එම පිරිස විසුරුවා හැරීමට කටයුතු කළේ ය. මේ අතර වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් සිසිර කුමාර මහතා සඳහන් කළේ, රාජාංගනය ජලාශයේ ජලය පෞද්ගලික අංශයට ලබාදීමක් සිදුකර නොමැති බවයි. රාජාංගනය ජලාශයෙන් දිනකට ඝණ අඩි 41,000ක් ජලය ලබා ගැනීමට 2015 වසරේ ජල සම්පාදන හා ජල පවාහන මණඩලයට අවසර ලබාදී ඇති බව ද ඔහු පැවසුවේ ය.
2018-02-28T19:58:58.000Z
"ඉන්වෙස්ට් ශ්‍රී ලංකා" සමුළුව සඳහා අගමැති අද සිංගප්පූරුවට
අගමැති සිංගප්පූරුව බලා පිටත්ව යයි
COLOMBO (News 1st) - "ඉන්වෙස්ට් ශ්‍රී ලංකා" සමුළුව සඳහා සහභාගිවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද සිංගප්පූරුව බලා පිටත් ව යාමට නියමිතව තිබේ. එම සමුළුව සංවිධානය කරනු ලබන්නේ කොළඹ කොටස් වෙළෙඳපොළ මගිනි. ශ්‍රී ලංකාවේ ආයෝජනය ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් හෙට පැවත්වෙන සමුළුවේදී අග්‍රාමාත්‍යවරයා දේශනයක් පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ ය. සිංගප්පූරුවේ ෆෝ සීසන්ස් හෝටලයේ පැවැත්වීමට නියමිත සමුළුවට කලාපයේ ප්‍රමුඛ පෙළේ අයෝජකයින් රැසක් සහභාගි වීමට නියමිත වේ. https://www.facebook.com/NewsfirstSL/videos/1859033817490201/
2018-02-28T19:47:06.000Z
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට නිලධාරීන් පත් කෙරේ
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට නිලධාරීන් පත් කෙරේ
COLOMBO (News 1st) - අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 7 දෙනෙකුගෙන් සමන්විත නිලධාරී මණ්ඩලයක් පත් කර තිබේ. ඒ අනුව එහි සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ය. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සඳහා පත් කළ සෙසු සමාජිකයින් ලෙස ජයදීපා පුන්‍යමූර්ති, මේජර් ජනරාල් මොහාන්. පී. පීරිස්, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, මිරාක් රහීම්, නීතිඥ සෝමසිරි ලියනගේ හා කනපතිපිල්ලෙයි වෙන්දන් යන මහත් ම මහත්මින් අයත් ය. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේ, කාර්යාලයේ සාමාජිකයින්ගේ පත්වීම් ලිපි ඊයේ ජානධිපතිතුමා විසින් ලබාදුන් බවයි. ඒ අනුව ඉදිරි සතියේ සාමාජිකයින් රැස්වී ඉදිරි කටයුතු සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු පැවසුවේ ය. 2016 වසරේදී අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පතට අනුමැතිය හිමි විය. මෙම කාර්යාලය මගින් පසුගිය කාලයේ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් සොයා බලා ඔවුන්ට සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳ තහවුරු කර ගැනීමටත්, ඥාතීන්ට සාධාරණය ඉටු කිරීමටත් නියමිත බව සාලිය පීරිස් මහතා ප්‍රකාශ ක‍ළේ ය.
2018-02-28T10:47:35.000Z
ඇලෝසියස්ගේ ඇප අයැදුමේ නොතීසි කවදා ද?
ඇලෝසියස්ගේ ඇප අයැදුමේ නොතීසි කවදා ද?
COLOMBO (News 1st) - පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අලෝසියස් මහතාට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධිත අයැදුම්පතේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම සම්බන්ධ නියෝගය මාර්තු මස 9 වන දා ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද නියෝග කර තිබේ. සැකකරුවන් ඉදිරිපත් කළ ඇප අයැදුම්පත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පසුගිය 16 වන දා ප්‍රතික්ෂේප කළ අතර ඒ අනුව ඔවුන් මාර්තු මස 03 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඉන් අනතුරුව සැකකරුවන් ඇප ඉල්ලා ප්‍රතිශෝධිත අයැදුම්පතක් මහාධිකරණය හමුවේ ගොනු කර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 04 වන දා ය. https://www.facebook.com/NewsfirstSL/videos/1858534727540110/
2018-02-28T09:41:26.000Z
ජනාධිපති මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීන් අතර සකච්ඡා
ජනාධිපති මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීන් අතර සකච්ඡා
COLOMBO (News 1st) - ජාතික ආර්ථික සභාව මගින් යෝජනා කර ඇති ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම 100 පිළිබඳව ජනාධිපතිතුමා අද මුදල් අමාත්‍යාංශයේ, මහබැංකුවේ හා රාජ්‍ය බැංකු ප්‍රධානීන් කැඳවා සාකච්ඡා කර තිබේ. දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් නගා සිටුවීම සඳහා මෙම ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම 100 ආර්ථික සභාව මගින් හඳුන්වාදී ඇත. ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත මෙම වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාවක් ඉදිරි සති දෙකක කාලය තුළ තමා වෙත ලබා දෙන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී මුදල් අමාත්‍යාංශයට උපදෙස්දී තිබේ. ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කර ඇත්තේ, රාජ්‍ය බැංකු මගින් උපයා ගන්නා ලාභ කොතෙක් දුරට මහජනතාව වෙත ගලායනවා ද යන්න පිළිබඳව අවධානය යොමු විය යුතු බවයි. අදාළ ප්‍රතිලාභ ආර්ථික ක්‍රියාදාමයන් තුළ සාමාන්‍ය ජනතාව මෙන් ම ව්‍යවසායකයින් වෙත ද ගලා යාමට සැලැස්වීම ඉතා වැදගත් බව ද මෙහිදී පෙන්වාදී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසූවේ, ණය ලබා ගැනීමේ කොන්දේසි, සුරැකුම්පත් සහ ඇප ලියවිලි අවම මට්ටමින් පවත්වා ගනිමින් අපහසුතාවයකින් තොරව ව්‍යවසායකයින්ට ණය ලබා ගැනීමට අවශ්‍ය පසුබිම සකසාදීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළ බවයි.
2018-02-28T08:47:58.000Z
ඇමති සරත් ෆොන්සේකා ජනපති හමුවෙයි
ඇමති සරත් ෆොන්සේකා ජනපති හමුවෙයි
COLOMBO (News 1st) - අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා අද පෙරවරුවේ ජනාධිපතිතුමා හමුවී සාකච්ඡා කර තිබේ. විදෙස්ගත ව සිට ආපසු පැමිණි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමු විය. හමුවෙන් අනතුරුව අමාත්‍යවරයා පිටව ගියේ මාධ්‍යයට කිසිදු ප්‍රකාශයක් නොකිරිමෙන් ය. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරයට පසුගිය දිනවල සරත් ෆොන්සේකා මහතාගේ නම ද යෝජනාවී තිබිණි. නීතිය හා සාමය ඇමතිධූරය පිළිබඳ ප්‍රශ්න කර විට අමාත්‍ය රාජිත සේනාරත්න ලබා දුන් පිළිතුර,
2018-02-28T07:20:45.000Z
හෝමාගම නිවසකින් පියෙකුගේ සහ දියණියගේ මළ සිරුරු හමුවේ
හෝමාගමින් පියෙකුගේ සහ දියණියගේ මළ සිරුරු හමුවේ
COLOMBO (Newsfirst) - හෝමාගම, වෑකන්ද පාරේ නිවසක මියගොස් සිටි පියෙකුගේ සහ දියණියකගේ මළ සිරුරු දෙකක් සොයා ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන්ගේ මළ සිරුරු අද දහවල් නිවසේ තිබියදී සොයා ගත් බවයි. මළ සිරුරු දෙක හෝමාගම මුලික රෝහලට රැගෙන විත් ඇත. පොලීසිය සඳහන් කළේ, මියගොස් ඇති පුද්ගලයා රන් භාණ්ඩ සකස් කළ අයෙකු බවයි. මියගොස් ඇත්තේ වයස අවුරුදු 3 1/2 දියණියක් සහ වයස 41 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
2018-02-28T06:38:59.000Z
ගංගාරාමයේ නවම් පෙරහැර හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක්
ගංගාරාමයේ පෙරහැර හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
COLOMBO (Newsfirst) - ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් පෙරහැර මංගල්‍ය හේතුවෙන් අද සහ හෙට පස්වරු 5.00 සිට විහාරස්ථානය ආශ්‍රිත මාර්ග කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසා තිබේ. පෙරහැර ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, නවම් මාවත, පෙරහැර මාවත, ඩබ්ලිව්. ඒ. ඩී රාමනායක මාවත, මුත්තයියා පාර, සිරි ජිනරතන මාවත, හුණුපිටිය වැව පාර, බේබෘෘක් පෙදෙස, පාර්ක් වීදිය, ස්ටෙපල් මාවත ඔස්සේ ගමන් කිරීමට නියමිත ය. පොලීසිය පැවසුවේ, එම මාර්ගවල රථවාහන ගාල් කිරීම සම්පූර්ණයෙන් සීමා කෙරෙන අතර වාහන ධාවනය ද පෙරහැර ගමන් ගන්නා කාලය තුළ නවතා දැමෙන බවයි. රථවාහන ගාල් කිරීම සඳහා එෆ්. ආර්. සේනානායක මාවත, ආනන්ද කුමාරස්වාමි මාවත සහ වොක්ෂෝල් වීදිය යන මාර්ග වෙන්කර ඇති බව ද පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.
2018-02-28T05:12:17.000Z
තඹුත්තේගම පොලීසියට ගල් ගැසූ ගොවීන්ට පොලීසියෙන් කදුළුගෑස්
තඹුත්තේගම නොසන්සුන් : පොලීසියට ගල්මුල්
COLOMBO (Newsfirst) : තඹුත්තේගම පොලීසියට ගල් මුල් ප්‍රහාර එල්ල කළ විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ නිරත පිරිස විසුරුවා හැරීමට පොලීසිය තැත් කිරීමත් සමග ඔවුන් පොලීසිය දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කළ බවයි. අනතුරුව පිරිස විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ. රාජාංගනය ජලාශයේ දියවරින් පෝෂණය වන ප්‍රදේශ රැසක ගොවි ජනතාව අද පෙරවරුවේ කලා ඔය පාලම අසල විරෝධාතාවක් පැවැත්වීමෙන් අනතුරුව ඔවුහු පොලීසිය ඉදිරියට පැමිණ මෙලෙස විරෝධතාවේ නිරත වූහ. ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වුණේ රාජාංගනය ජලාශයේ ජලය, පානීය ජල ව්‍යාපෘතියකට ලබාදීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමිනි. විරෝධතාව අතරතුර ඇතිවු නොසන්සුන්තාව හේතුවෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් 5 දෙනෙකු ඇතුළු 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
2018-02-28T03:33:08.000Z
අයහපත් කාලගුණයෙන් අමෙරිකාවේ ඔහායෝ නිම්නය ආශ්‍රිත ප්‍රදේශ ජලයෙන් යටවෙයි
අයහපත් කාලගුණයෙන් අමෙරිකාවට දැඩි බලපෑම්
(Newsfirst) - අයහපත් කාලගුණය හේතුවෙන් අමෙරිකාවේ ඔහායෝ නිම්නය ආශ්‍රිත ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ කෙන්ටකි, ටෙනසි ඇතුළු ප්‍රදේශ රැසක ජන ජීවිතය මේ හේතුවෙන් අඩාල වී ඇති බව ය. ප්‍රදේශයේ සහන සේවා ඒකකය බෝට්ටු මාර්ගයෙන් ජලයෙන් යටවී සිටින ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමට කටයුතු කර තිබේ. එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙම සති අන්තය වන විට ඔහායෝ ගංගාවේ ජල මට්ටම අඟල් 2 සිට 4 දක්වා තවදුරටත් ඉහළ නගිනු ඇති බව ය. මේ වන විට ඔහායෝ නිම්නය ආශ්‍රිතව ඇති ප්‍රදේශවල ජනතාවට ඉදිරි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් අවධානයෙන් පසුවන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
2018-02-28T03:03:06.000Z
වෙලේ සුදා නඩුවකින් නිදහස්
වෙලේ සුදා නඩුවකින් නිදහස්
Colombo (Newsfirst) - මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින වෙලේ සුදා නොහොත් විදාන පතිරණගේ සමන්ත කුමාර නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ තවත් නඩුවකින් අද නිදොස් කොට නිදහස් කෙරිණි. ඒ, නඩුවේ සාක්ෂි පරස්පර වීම හේතුවෙනි. හෙරොයින් ග්‍රෑම් 6.7ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි. නඩුවේ සාක්ෂි දීම සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ගේ සාක්ෂි පරස්පර වීම සහ අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය සහ රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දුන් හෙරොයින් ප්‍රමාණය අතර වෙනසක් පවතින බව අධිකරණයේදී හෙළි වී තිබේ. මෙම නඩුවට අදාළ වාර්තා අස්ථානගත වී ඇති බව ද අධිකරණය හමුවේ හෙළිව තිබූ අතර මේ හේතුවෙන් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කර සිටියේ ය.
2018-02-28T01:17:58.000Z
දුර්ලභ ඝණයේ පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමට පියවර
දුර්ලභ ඝණයේ පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමට පියවර
Colombo (Newsfirst) - දුර්ලභ ඝණයේ පුස්කොළ පොත් 3600ක් ඇතුළු පෞරාණික ග‍්‍රන්ථ රැසක් සංරක්ෂණය කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගෙන තිබේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේ, පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ මෙම පුස්කොළ පොත් සංරක්ෂණය කළ බව ය. නියමු ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සල් ආශ්‍රිතව ක්‍රියාත්මක කළ බව ද ඔහු සඳහන් කළේ ය. මහාචාර්යවරයා පැවසුවේ, මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් විධිමත් පුහුණුවක් ලබා ඇති නිලධාරීන් කණ්ඩායමක් මෙම කාර්යය සඳහා යොදවා ඇති අතර ඔවුන් විසින් නියමිත තාක්ෂණික ක‍්‍රමවේදයන්ට අනුව සංරක්ෂණ කටයුතු සිදු කරන බව ය.
2018-02-28T00:15:39.000Z
මහනුවර රෝහලට පැමිණි රෝගීන් මුහුණ දුන් අලකලංචිය
මහනුවර රෝහලට පැමිණි රෝගීන් මුහුණ දුන් අලකලංචිය
Colombo (Newsfirst) - මහනුවර රෝහලේ අද පැවැත්වෙන පිළිකා සායන ඇතුළු සායන කිහිපයකට සහභාගී වීම සඳහා දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි රෝගීන් රැසක් ඊයේ රාත්‍රියේ රෝහල් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට එහි ආරක්ෂක අංශ පියවර ගත්තේ ය. ඒ, රෝහල් භූමියේ රැඳී සිටීම නීති විරෝධී යැයි පවසමිනි. රෝගීන් පැවසුවේ, උදෑසන පැවැත්වෙන සායන සඳහා නිසි වේලාවට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් තමන් පෙර දින පැමිණ රෝහලේ බාහිර රෝගී අංශයේ රැඳී සිටින බව ය. රෝහලෙන් පිටත රැඳී සිටීම සඳහා ප්‍රමාණවත් මුදලක් වැය කිරීමට නොහැකි තමන්ට රෝහල තුළ රැඳී සිටීමට අවසර දෙන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මේ පිළිබඳව මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි එම රෝගීන් සමග යාචකයින් මෙන් ම මත්පැන් පානය කළ පුද්ගලයින් ද රාත්‍රී කාලයේ රෝහල් භූමියේ රැඳී සිටින බව ය. එම නිසා මෙම පියවර ගත් බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ ය.
2018-02-27T23:50:50.000Z
හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා රු. කෝටි 250ක් ඉල්ලා කැබිනට් සංදේශයක්
හදිසි විදුලිය මිලදී ගැනීම්වලට රු.කෝටි 250ක්
Colombo (Newsfirst) - හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා රුපියල් කෝටි 250ක් ඉල්ලා විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශය කැබිනට් සංදේශයක් ඉදිරිපත් කර තිබේ. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, පවත්නා නියං තත්ත්වයත්, නව බලාගාර ඉදිකිරීමේ ප්‍රමාදයත් හේතුවෙන් මෙසේ පෞද්ගලික අංශයෙන් විදුලිය මෙගාවොට් 100ක් පමණ හදිසියේ මිලදී ගැනීමට සිදුව ඇති බව ය. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/02/02-28-SULAKSHANA-JAYAWARDANA-online-audio-converter.com_.mp3
2018-02-27T21:48:01.000Z
ශ්‍රීදේවිගේ දේහය මුම්බායිහි ඇගේ නිවසට රැගෙන එයි
ශ්‍රීදේවිගේ දේහය ඉන්දියාවට රැගෙන එයි
(Newsfirst) - අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ දේහය ලක්ෂ සංඛ්‍යාත රසික රසිකාවියන්ගේ සෝ සුසුම් මැද මුම්බායි නුවර පිහිටි ඇයගේ නිවසට ඊයේ මධ්‍යම රාත්‍රියේ රැගෙන එනු ලැබුවේ ය. එම අවස්ථාවට සුපිරි සිනමා තරු රැසක් එක්ව සිටියහ. අද පෙරවරු 9.30 සිට දහවල් 12.30 දක්වා මහජන ගෞරවය සඳහා දේහය තැන්පත් කර තැබෙන්නේ, ඇගේ නිවස ආසන්නයේ පිහිටි ක්‍රීඩාංගණයක ය. ඉන් අනතුරුව දේහය පස්වරු 2.00ට මුම්බායිහි විලේ පාල් ආදාහනාගාරය වෙත රැගෙන යාමට නියමිත ය. දේහය නිවස වෙත රැගෙන ඒමෙන් අනතුරුව කලාකරුවන්, දේශපාලනඥයින්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙමින් සිටිති. මේ අතර ශ්‍රීදේවිගේ හදිසි වියෝවෙන් සංවේගයට පත් රසික රසිකාවියන් දහස් සංඛ්‍යාත පිරිසක් සිද්ධිය සැලවූ මොහොතේ පටන් මේ වන විටත් ඇයගේ නිවස ඉදිරිපිට රැස්ව සිටිති. විවාහ මංගල උත්සවයකට සහභාගී වීම සඳහා ඩුබායි වෙත ගිය ශ්‍රීදේවි හදිසියේ අභාවප්‍රාප්ත වූයේ, පසුගිය 25 වන දා ය. සිහිසුන් වීමෙන් පසු නාන බේසමේ ගිලීමෙන් ඇයගේ මරණය සිදුවූ බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ. තමාටම අනන්‍ය වූ රංග විලාසයකින් රිදී තිරය හැඩ කළ ශ්‍රීදේවි ඉන්දීය සිනමාවේ පුරාවෘත්තයකි.
2018-02-27T20:28:37.000Z
වර්ෂාපතනයත් සමග ජල මට්ටම ඉහළ යාමෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් විවෘත කෙරේ
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් විවෘත කෙරේ
Colombo (Newsfirst) - අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලීමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දර්හන චමිල් ප්‍රේමතිලක මහතා සඳහන් කළේ, වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව ය. මාස කිහිපයක් පුරා පැවති අධික වියළි කාලගුණ තත්ත්වය නිමා කරමින් ඊයේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇඳ හැලුණි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ තවදුරටත් නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ය. මේ අතර ඊයේ සවස් කාලය වන විට බස්නාහිර, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විවිධ ස්ථානවලට මිලීමීටර් 100 දක්වා තද වැසි ඇද හැලුණ ද මේ වන විට තත්ත්වය පහව ගොස් තිබේ. ඊයේ දිනයේ පැවති සුළං තත්ත්වය හේතුවෙන් හැටන්, බෑන්බාර් ප්‍රදේශයේ නිවාස 6කට අලාභ හානි සිදුව තිබේ. මේ අතර පසුගිය දින 2ක කාලය තුළ පැවති වර්ෂාපතනය හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි 114,600ක් ලෙස ඉහළ යාමත් සමග ඊයේ දිනයේදී වාන් දොරටු 4ක් විවෘත කෙරුණු අතර මේ වන විට එය වාන් දොරටු 8ක් දක්වා ඉහළ නංවා තිබේ. පරාක්‍රම සමුද්‍රයේ වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතා සඳහන් කළේ, මේ වන විට පරාක්‍රම සමුද්‍රයෙන් මුදාහරින ජල ධාරිතාව තත්පරයට ඝන අඩි 1380ක් බව ය.
2018-02-27T19:51:39.000Z
ගෑස් මිල ඉහළ යයි ද?
ගෑස් මිල ඉහළ යයි ද?
Colombo (Newsfirst) - ගෑස් මිල ඉහළ දැමීම සඳහා කළ ඉල්ලීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ. ජීවන වියදම් කමිටුව ඊයේ පස්වරුවේ රැස්වූ අවස්ථාවේ ගෑස් සමාගම් කළ අදාළ ඉල්ලීම සලකා බලා ඇති අතර එහිදී ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි පවතින වෙනස්කම් හා මෙරට ගෑස් වෙළෙඳපොළ පිළිබඳව අධ්‍යයනය කර වාර්තාවක් සපයන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් ලබා දෙනු ලැබුවේ ය. අදාළ වාර්තාව ලැබීමෙන් පසු ගෑස් මිල වැඩි කිරීමට කළ ඉල්ලීම් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත ය. පසුගියදා මෙරට ගෑස් සමාගම් 2ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300ත් 400ත් අතර අගයකින් ඉහළ නංවන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කළේ ය.
2018-02-27T11:08:41.000Z
නොච්චියාගම දෙහැවිරිදි දියණියක් වතුර භාජනයකට වැටී මරුට
දෙහැවිරිදි දියණියක් වතුර භාජනයකට වැටී මරුට
COLOMBO (Newsfirst) - නොච්චියාගම ප්‍රදේශයේ වයස අවුරුදු 2ක දැරියක් නිවසේ වතුර භාජනය ගිලීමෙන් අද දහවල් ජීවිතක්ෂයට පත් විය. අනුරාධපුර, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 2යි මාස 2ක් වූ දැරිය නිවසේ ජීවත් වූයේ සිය මව සමගිනි. මවගේ අවධානයෙන් ගිලිහුණු දරුවා නිවස ආසන්නයේ ම පිහිටි මවගේ සහෝදරියගේ නිවසට ගොස් තිබේ. පසුව දරුවා මෙම වතුර භාජනය තුළ වැටී මියගොස් සිටිනු දැක ඇත්තේ මවගේ සහෝදරියයි. නොච්චියාගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර මෘත දේහය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/1857531564307093/
2018-02-27T10:35:01.000Z
අර්ජුන මහේන්ද්‍රන් අතුරුදන්
අර්ජුන මහේන්ද්‍රන් අතුරුදන්
COLOMBO (Newsfirst) - හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේද්‍රන් මහතා මෙරට බලධාරීන් වෙත ලබාදී තිබූ සිංගප්පුරු ලිපිනයේ වාසය නොකරන බව අනාවරණයවී තිබේ. එම මුලාශ්‍රවලට අනුව අධිකරණය මගින් නිකුත් කළ නොතීසි පෞද්ගලික ලිපි ප්‍රවාහනය කරන ආයතනයක් මගින් සිංගප්පුරුව වෙත යවා තිබුන ද එම ආයතනය පැවසූවේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා එම ලිපිනයේ නොමැති බවයි. එම නිවාස සංකීර්ණයෙන් ඔහු ඉවත්ව ගොස් ඇති බව පරීක්ෂණ සම්බන්ධයෙන් සමීපව කටයුතු කරන නිලධාරියෙකු ප්‍රකාශ කළේ ය. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන් මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත ප්‍රකාශක් ලබාදෙන ලෙසත් නියෝග ලබාදී තිබේ. ඒ සඳහා පෙබරවාරි 16 වන දා දින නියමකර තිබුනත් එදින හිටපු මහබැංකු අධිපතිවරයා පැමිණියේ නැත. https://www.facebook.com/NewsfirstSL/videos/1857335254326724/
2018-02-27T09:19:58.000Z
මහ බැංකු බැඳුම්කර වංචාවට වසර 3 යි
මහ බැංකු බැඳුම්කර වංචාවට වසර 3 යි
COLOMBO (Newsfirst) - මහබැංකු බැඳුම්කර වංචාව සිදුවී අදට වසර 3 ක් ගත වනු ඇත. මෙම වංචාව සිදු වූයේ 2015 පෙබරවාරි 27 වන දායි. තෙවසරකට පෙර, අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකුවේ අධිපතිධූරය දරද්දී වසර 30 කින් කල් පිරෙන රුපියල් බිලියනක බැඳුම්කර නිකුත් කිරීමට දැන්වීම් පළ කර ඇත. වෙන්දේසිය අවසන් වනවිට 20 ගුණයක් වැඩි කරමින් රුපියල් බිලියන 20 ක් දක්වා බැඳුම්කර නිකුත් කිරීමට අධිපතිගෙන් තීරණයක්. මහබැංකු නිලධාරීන්ගේ විරෝධය මත රුපියල් බිලියන 10 ක් දක්වා අඩු කෙරේ. රුපියල් බිලියන 10 න් වැඩි ප්‍රමාණයක් 12.05% අසාමාන්‍ය පොලී අනුපාතයකට පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට. එවක පැවති සාමාන්‍ය පොලී අනුපාතය 9.85% කි. තව ත් ප්‍රාථමික ගැණුම්කරුවෙකු වන ලංකා බැංකුවත් පර්පෙචුවෙල් සමාගම වෙනුවෙන් ලංසු තැබීම ගැන විද්වතුන්ගේ මවිතය. මාධ්‍ය අනාවරණ හා මහජන විරෝධට මැද අගමැතිවරයා පාර්ලිමේන්තුවට කරුණු පහදයි. පසුගිය රජයේ දූෂණ අක්‍රමිකතා හේතුවෙන් තමන් බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනස් කළ බව අගමැතිවරයා කියයි. ඩිව්. ගුණසේකර සභාපතිත්තවය දරණ කෝප් කමිටුව බැඳුම්කර ගනුදෙනුව ගැන විමර්ශන අරඹයි. වාර්තාව එළි දැක්වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවයි, විමර්ශන ඇන හිටී. බැඳුම්කර වෙන්දේසියේදී අගමැතිවරයා දුන් උපදෙස් අනුව ක්‍රියා කළ බව අර්ජුන් මහේන්ද්‍රන් ඩි. ගුණසේකර කෝප් කමිටුවේදී කියා ඇතැයි හෙළි වෙයි. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව සුනිල් හඳුන්නෙත්ති මහතාගේ කෝප් කමිටුව විමර්ශන අරඹයි. කෝප් කමිටු වාර්තාවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් පාද සටහන්. පාද සටහන් නිර්දේශවලට බලපෑමක් එල්ල කර ඇතැයි විද්වතුන් පෙන්වා දෙති. විරෝධතා හමුවේ ජනාධිපතිවරයා ජනාධිපති කොමිසමක් පත් කරයි. මාස 11 ක් තුළ කොමිසමේ අනාවරණය වූ කරුණු රටම මවිතයට පත් කරයි. පසුගිය දෙසැම්බර් 30 වන දා වාර්තාව ජනපති අතට. ජනපති කථානායකවරයාට යොමු කරයි. වාර්තාවෙන් අනාවරණ රැසක්. අර්ජුන් මහේන්ද්‍රන් පර්පෙචුවල් ‍ට්‍රෙෂරීස් සමාගමට වාසිවන අයුරින් කටයුතු කිරීම. ඔහුගේ බෑනාවන අර්ජුන් ඇලෝසියස් එම සබඳතාව පදනම් කරගෙන වෙන්දේසියෙන් විශාල ප්‍රතිලාභ ලබා ගැනීම. රවී කරුණානායකටත් අල්ලස් චෝදනා. කොමිසමේ හෙළි වූ කරුණුවලින් පසුව රවී කරුණානායක අමාත්‍යධුරය අත්හරියි. අර්ජුන් මහේන්ද්‍රන් සහ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි අගමැතිවරයාට වැරදි උපදෙස් ලබාදීම. වෝහාරික විගණනයක් සහ වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීමටත් කොමිසමේ නිර්දේශ. අර්ජුන් මහේන්ද්‍රන්ට අධිකරණයෙන් නොතීසි. අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පාලිසේන රක්ෂිත බන්ධනාගාරයට. රවී කරුණානායකට පසුපෙළ මන්ත්‍රී අසුනක්. රනිල් වික්‍රමසිංහට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය. රටේ සිදු වූ බරපතළ ම මූල්‍ය වංචාවට වසර 3 යි. මහ මොළකරුවන් කෝ? https://www.facebook.com/NewsfirstSL/videos/1857358780991038/
2018-02-27T08:33:33.000Z
වසර 3 ක් ප්‍රමාද වූ ජාතික විගණන පනතට කැබිනට් අනුමැතිය
ජාතික විගණන පනතට කැබිනට් අනුමැතිය
COLOMBO (Newsfirst) - ප්‍රමාදවී තිබූ විගණන පනත් කෙටුම්පත අද අමාත්‍ය මණ්ඩලය අනුමත කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා තිබේ. ඔහු සඳහන් කළේ, සංශෝධන සහිතව අනුමත කළ කෙටුම්පතට කිසිවෙක් විරුද්ධ නොවූ බවයි. රජයේ මූල්‍ය කටයුතු වඩාත් විනිවිද භාවයකින් සිදු කිරීම සඳහා ජාතික විගණන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන බවට දින සියයයේ වැඩපිළිවෙළ යටතේ පොරොන්දු විය. එහි සඳහන් වූයේ, 2015 පෙබරවාරි 19 වන දා කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර එම වසරේ මාර්තු 19 වන දා සම්මත කර ගන්නා බවයි. එහෙත් දින සියයේ ආණ්ඩුව තුළ ජාතික විගණන පනත ඉදිරිපත් නොවූ අතර 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ජාතික විගණන කොමිසම පිහිටුවනු ලැබීය. කොමිසම ආරම්භ කළ ද එයට ක්‍රියාත්මකවීමට නොහැකි වූයේ, ජාතික විගණන පනත සම්මත කර ඊට අදාළ බලතළ පැවරීම දිගින් දිගටම ප්‍රමාදවීම නිසා ය. ජාතික විගණන පනත් කෙටුම්පතට ඇතුළත් වූ ඇතැම් කරුණුවලට එකඟතාවක් ඇතිකර ගැනීමට නොහැකිවීම නිසා මෙම ප්‍රමාදය ඇති ව තිබුණි. විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පසුගිය දා පැවසුවේ, අවස්ථා 20 කදී පමණ කෙටුම්පත වෙනස්කම්වලට ලක් වූ බවයි. මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේ රාජ්‍ය මුදල් අවභාවිතයකදී නැවත අයකර ගැනීමට හැකි අයුරින් විගණකාධිපතිවරයාට බලතළ ඇති අධිභාරයක් මෙම කෙටුම්පතින් යෝජනාවීම ය. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් කැබිනට් අනුකමිටු කිහිපයක් ද පත්කර මේ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කෙරුණි. වසර 3 කට පසුව කැබිනට් මණ්ඩලය අද ජාතික විගණන පනත් කෙටුම්පත අනුමත කර ඇති අතර එය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සම්මත විය යුතු ය. ජාතික විගණන පනත් කෙටුම්පතින් ජනතාව අපේක්ෂා කළ මූල්‍ය විනයක් ඇති වෙයිද? නිව්ස්ෆස්ට් අවධානයෙන්... https://www.facebook.com/NewsfirstSL/videos/1857481157645467/
2018-02-27T06:43:37.000Z
කොළඹ - හොරණ මාර්ගයේ ගසක් වැටීමෙන් රථවාහන ධාවනයට බාධා
කොළඹ-හොරණ මාර්ගයේ ගසක් වැටීමෙන් රථවාහන ධාවනයට බාධා
COLOMBO (Newsfirst) - කොළඹ - හොරණ 120 ප්‍රධාන මාර්ගයේ පාමංකඩ පාලම අසළ ගසක් කඩා වැටීමෙන් මාර්ගයේ රථවාහන ධාවනයට බාධා මතුවී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, මේ වන විට එම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බව ය. විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලිමක් කර ඇත. මේ වන විට එම ස්ථානයෙන් ගස ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ. ගස කඩා වැටීම හේතුවෙන් මෝටර් රථයකට අලාභ හානි සිදු ව ඇති අතර එක් පුද්ගලයෙකු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. අද රාත්‍රියෙත් බස්නාහිර, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මාතලේ, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත. තව ද උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40 පමණ දක්වා තද සුළං ද පැවති හැක.
2018-02-27T06:49:15.000Z
ගෝඨාභය රාජපක්ෂට නිකුත් කළ අතුරු තහනම යළි දීර්ඝ කෙරේ
ගෝඨාභයට නිකුත් කළ අතුරු තහනම යළි දීර්ඝ කෙරේ
COLOMBO (Newsfirst) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ නීතිමය පියවර ගැනීම වළක්වමින්, නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන 23 වන දා දක්වා යළි දීර්ඝ කිරීමට අභියාචානාධිකරණය අද නියෝග කර තිබේ. එම නියෝගය නිකුත් කළේ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ලයි. අද දිනයේ පෙත්සම සලකා බැලු අවස්ථාවේදී නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා දීර්ඝ කරුණු දැක්වීමක් කර ඇත. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය ලබන 22 වන දා දක්වා කල් තබා ඇත.
2018-02-27T05:50:01.000Z
ආරක්ෂක අමාත්‍යාංශයට සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානයක්
ආරක්ෂක අමාත්‍යාංශයට සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානයක්
COLOMBO (Newsfirst) - ආරක්ෂක අමාත්‍යාංශයේ සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය ගුවන් හමුදා මුලස්ථානයේදී අද විවෘත කෙරිණි. ඒ, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ය. ගුවන් හමුදා මුලස්ථානය සඳහන් කළේ, මෙම සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානයේ ත්‍රිවිධ හමුදාවට අයත් සයිබර් ආරක්ෂක විශේෂඥයින් පැය 24ක් පුරා රාජකාරිවල නිරත වන බවයි. මෙම සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය අධීක්ෂණ මධ්‍යස්ථානයකින් සහ සයිබර් ආරක්ෂක විශ්ලේෂණ විද්‍යාගාරයකින් ද සමන්විත වන බව ගුවන් හමුදා මුලස්ථානය සඳහන් කළේ ය.
2018-02-27T03:18:44.000Z
විගණන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය
විගණන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය
Colombo (Newsfirst) - සංශෝධන සහිත විගණන පනත් කෙටුම්පතට අද පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ, කෙටුම්පත අනුමත කිරීම සඳහා කිසිවෙකුගෙන් විරෝධයක් එල්ල නොවූ බව ය. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද කැබිනට් රැස්වීම පැවැත්වුණේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය. අද පැවති කැබිනට් රැස්වීම සඳහා කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ම සහභාගී වී නොමැත. ඒ අතරට අර්ජුණ රණතුංග, සුසිල් ප්‍රේමජයන්ත, රංජිත් සියඹලාපිටිය, තලතා අතුකෝරළ, හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් අයත් ය.
2018-02-27T03:06:16.000Z
නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ
නිදහස් කුසලානයට තරග වදින බංග්ලාදේශ සංචිතය නම් කෙරේ
(Newsfirst) - නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන බංග්ලාදේශ සංචිතය නම් කර තිබේ. බංග්ලා‍දේශ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ, ආබාධයකට ලක්ව සිටි ශකීබ් අල් හසන්ට ය. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඉන්දීය කණ්ඩායම් සහභාගී වන නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන මස 6 වන දා ආරම්භ වේ. බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසන් මහතා ප්‍රකාශ කළේ, ශකිබ් අල් හසන්ව කණ්ඩායමේ නායකයා ලෙසින් නම් කර සිටිය ද තවමත් ඔහුගේ ඇඟිල්ලේ ආබාධය පූර්ණ වශයෙන් සුව වී නොමැති බව ය. ඒ හේතුවෙන් ඔහුගේ සේවය ලබා ගත හැකි වන්නේ, තරගාවලියේ තරගයකට හෝ තරග 2කට පමණක් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ බංග්ලාදේශය අතර පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අතරතුර පන්දු රැකීමේ නිරත වීමේදී ආබාධයකට ලක්වීම නිසා ශකීබ් අල් හසන්ට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය සහ 20යි 20 තරගාවලිය ද අහිමි විය. නිදහස් කුසලානය සඳහා බංග්ලාදේශ කණ්ඩායම සහභාගී වන්නේ, ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති 20යි 20 තරගාවලියට ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමේ වෙනස්කම් 5ක් සිදු කරමිනි. ශකීබ් අල් හසන්ට අමතරව ටමීම් ඉක්බාල්, ඉම්රුල් කායිස්, නුරුල් හසන් සහ මෙහෙදි හසන් ද බංග්ලාදේශ කණ්ඩායමට කැඳවා තිබේ.
2018-02-27T02:24:26.000Z
දන්නා සමන් දෙවොල ගැන නොදත් කරුණු
දන්නා සමන් දෙවොල ගැන නොදත් කරුණු
Colombo (Newsfirst) - සෑම ආගමකටම අයත් භක්තිකයින් ආගම් භේද නොසලකා මහත් වූ භක්තියෙන් යුතුව ගමන් කරන ස්ථානයක් ලෙස රත්නපුර සමන් දේවාලය පෙන්වා දිය හැකි ය. රත්නපුර සමන් දේවාලය පිළිබඳව කතා කිරීමේදී මෙහි ඉතිහාසය ඈත අතීතයට දිව යයි. කාගේත් ගෞරවයට සහ විශ්වාසයට පාත්‍ර වූ රත්නපුර සමන් දේවාලය සහ එම භූමියේ ඇති බෞද්ධ විහාරස්ථානය පිළිබඳ ඓතිහාසික කතාවයි මේ... ආර්යකාමදේව නමින් හැඳින්වූ අධිකරණ ඇමතිවරයෙකු මැණික් ගැරීම සඳහා රත්නපුරයට පැමිණ ඇති බව පුරාවෘත්තවල සඳහන් වේ. ඔහු මෙම කාර්යය සඳහා භාරයක් ද වී තිබේ. ඒ, මැණික් ගැරීම සම්බන්ධයෙන් ඔහු සිදුකරන මෙම ගවේෂණය සාර්ථක වුවහොත් සමන් දෙවියන්ගේ පිළිරුවක් තැන්පත් කිරීම සඳහා එහි දේවාලයක් කරවන බවට ය. ආර්යකාමදේවගේ මෙම ගවේෂණය සාර්ථක වී ඇති අතර අනතුරුව ඔහු ප්‍රථමයෙන් ම රත්නපුර සමන් දේවාලය කරවීමට කැපවූ බව ඉතිහාසයේ සඳහන් ය. මෙම දේවාලය සඳහා හින්දු ආගමික ඇදහිලි බොහෝ සේ බලපා තිබේ. 1505දී ගාලු කොටුව හරහා මෙරටට පැමිණි පෘතුගීසීන් සීතාවක රාජසිංහ රජුගේ අභාවයෙන් පසු එම ප්‍රදේශයේ වෙහෙර විහාර විනාශ කර තිබේ. මේ අතර 1618-1620 කාලය අතරතුරදී පෘතුගීසින් විසින් රත්නපුර සමන් දේවාලය වටා රත්නපුර කොටුව සහ දේවස්ථානය ඉදිකරන ලදී. කෙසේ වෙතත් පසුව උඩරට රාජධානියේ පාලකයා වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජු (1747-1781) රත්නපුර අත්පත් කර ගැනීමට කටයුතු කළේ ය. ඒ වන විට රත්නපුර සමන් දේවාලය වටා ඉදිකර තිබූ රත්නපුර කොටුව සහ දේවස්ථානය විනාශ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු එම භූමියේ බෞද්ධ විහාරස්ථානයක් ඉදිකර තිබේ. අද රත්නපුර සමන් දේවාල භූමියේ දක්නට ඇති බෞද්ධ විහාරස්ථානය කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් ඉදිකරන ලද්දක් බවට විශ්වාස කෙරේ.
2018-02-27T01:20:15.000Z
මීළඟ පරම්පරාවේ නායකයින්ට වගකීම් පැවරීමට සිංගප්පූරු අගමැති සූදානම් වෙයි
සිංගප්පූරු අගමැති බලය අත්හැරීමේ සූදානමක
(Newsfirst) - මීළඟ පරම්පරාවේ නායකයින්ට වැඩි වගකීම් පැවරීම වෙනුවෙන් තම කැබිනට් මණ්ඩලය ඉදිරියේදී සංශෝධනය කරන බව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සෙන් ලූන් පවසයි. අග්‍රාමාත්‍ය ලී සෙන් ලූන් සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූගේ වැඩිමහල් පුත්‍රයා ය. 1965 වසරේ නිදහස ලැබීමෙන් පසු සිංගප්පූරුවේ අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත් වූ 3 වන නායකයා ඔහු වන අතර ඔහු කියා සිටියේ, තමා ද නුදුරේදී ධූරයෙන් නික්ම යාමට සූදානම් බව ය. වත්මන් පාර්ලිමේන්තුවේ කාලය 2021 වසරේදී අවසන් වීමට පෙර නව මහ මැතිවරණයක් පවත්වන බව ද ඔහු සඳහන් කළේ ය. තම වත්මන් කැබිනට් මණ්ඩලය තුළින් ම අග්‍රාමාත්‍ය ධූරය සඳහා සුදුස්සෙකු තෝරා පත් කර ගන්නා බවත් මීළඟ පරම්පරාවේ නායකයින් සඳහා වැඩි වගකීම් පැවරීමටත් නවකයින් සඳහා වැඩි අවස්ථාවක් ලබා දීමටත් කැබිනට් මණ්ඩලය සංශෝධනය කරන බව ඔහු කියා සිටියේ ය.
2018-02-27T01:51:45.000Z
අසරණ දරුවා දෙපයින් නගා සිටුවීමට මහමග සිඟමන් යදින මවකගේ අනුවේදනීය කථාව...
දරුවා දෙපයින් නගා සිටුවීමට සිඟමන් යදින අම්මා....
COLOMBO (Newsfirst) : ඇතැමෙක් පොහොසත්ව උපදිති. ඇතැමෙක් දිළින්දන්ව උපදිති. කෙලෙස උපත ලැබුව ද, සිරුරේ අංග අඩුවක් නැතිව ඉපදීමට ලැබීම භාග්‍යයකි. තරාතිරම කුමක් වුවත් දෙපයින් නැගී සිටීම මනුෂ්‍යයෙකුට අත්‍යවශ්‍ය කරුණක් වන හෙයිනි. දෙපයින් නැගී සිටීමට නම් දෙපා ශක්තිමත් ය යුතු ය. දරුවන් යනු 'නළියන්ට ම හිත' ඇත්තන් ය. දුව පැන සෙල්ලම් කිරීමට නොහැකි ළමා කාලයක් කුමකට ද? දිළිඳුකම පොදි බැඳගෙන උපන් එවන් අසරණ දරුවෙකු පිළිබඳව මොරටුව, කටුබැද්ද ප්‍රදේශයෙන් වාර්තා විය. මොරටුව කටුබැද්දේ ලෑලිවලින් තැනූ ගෙයක ජීවත් වන හේෂාන්ගේ දැන් වයස අවුරුදු 8කි. උපතින් රෝගී දරුවෙකු ලෙස මෙළොව එළිය දුටු පුංචි හේෂාන්ට අනෙක් දරුවන් මෙන් දුව පැන ඇවිදින්නට වරම් නැත. දෙපා ඇදවී උපත ලැබූ මෙම දරුවා නැගී සිටින්නට උත්සහ කරන සෑම අවස්ථාවකදී ම දෙපා කැඩී යාමේ රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ ය. දරුවාට අවුරුදු 5ක් වන විට 26 හැවිරිදි ඇය තවත් අසරණ වූයේ, සැමියා ඇය අතහැර යාමෙන් පසු හේෂාන් සහ තවත් දියණියක සමග මෙලොව තනි වෙමිනි. පසුව රෝද පුටුවේ තබා ගත් දරුවා ද සමගින් ඇය මහ පාරට එන්නේ, සිඟමන් යැදීම හැර වෙන කරන්නට යමක් නොමැති නිසාවෙනි. තම අදාරණීය දරුවන් සමාජයේ ඉහළට යනු දැකීමට සිහින දකින අම්මාවරුන් අතරේ දරු දෙදෙනා ජීවත් කරවන්නට අපා දුක් විඳින මේ අම්මාගේ එක ම අධිෂ්ඨානය සිය දරුවා දෙපයින් නැගිට සිටිනු දැකීම පමණි.
2018-02-27T00:37:11.000Z
සවුදි හමුදාවේ ඉහළ නිලධාරීන් ධූරවලින් ඉවතට
සවුදි හමුදාවේ ඉහළ නිලධාරීන් ධූරවලින් ඉවතට
(Newsfirst) - සවුදි අරාබියා හමුදාවේ ඉහළ නිලධාරීන් ධූරවලින් පහ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාවල සඳහන් වන්නේ ඊයේ රාත්‍රියේ මෙය සිදු කර ඇති බව ය. තනතුරුවලින් පහ කර දැමූවන් අතර එරට කාර්ය මණ්ඩල ප්‍රධානියා ද සිටී. මේ අනුව සවුදි රජු සල්මාන් විසින් අදාළ තනතුරු සඳහා එරට පාබල සහ ගුවන් හමුදාවේ ඉහළ නිලධාරීන් පිරිසක් අනුයුක්ත කර තිබේ. සවුදි පුවත් ඒජන්සිය මේ පිළිබඳව තහවුරු කර ඇති නමුත් එලෙස හමුදාවේ ඉහළ නිලධාරීන්ව ධූරයෙන් පහ කිරීමට හේතු වූ කාරණා වාර්තා කර නොමැත.
2018-02-26T23:10:57.000Z
කහගොල්ලේ සිද්ධිය සම්බන්ධයෙන් හමුදා සාමාජිකයෙකුගෙන් ප්‍රශ්න කිරීම් අරඹයි
කහගොල්ල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් ඇරඹේ
Colombo (Newsfirst) - දියතලාව, කහගොල්ල ප්‍රදේශයේදී බස් රථයක් තුළ අත් බෝම්බයක් පුපුරා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම අත් බෝම්බය රැගෙන ආ බවට සැක කරන යුද හමුදා සමාජිකයාගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළ බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, ඊයේ දිනයේ ඔහු බැලීමට දියතලාව රෝහලට පැමිණි ඔහුගේ බිරිඳගෙන් ද පොලීසිය ප්‍රකාශයක් සටහන් කර ගත් බව ය. බෝම්බය රැගෙන ආ බවට සැක කරන යුද හමුදා සමාජිකයා මේ වන විට දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පොලීසිය පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි. මේ අතර සිද්ධිය සොයා බැලීමට යුද හමුදාපතිවරයාගේ නියෝගය මත විශේෂ කමිටුවක් පත් කර තිබේ. ඒ, මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙනි. අදාළ කමිටුවට සාමාජිකයින් 5 දෙනෙකු ඇතුළත් ය. හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේ, සිද්ධිය පිළිබඳ පූර්ණ වාර්තාවක් දෙන්නැයි යුද හමුදාපතිවරයා අදාළ කමිටුවට උපදෙස් ලබා දී ඇති බව ය. බස් රථයේ සිටි යුද හමුදා සාමාජිකයෙකු සතුව තිබූ අත් බෝම්බයක් පුපුරා යාමෙන් අනතුර සිදුව ඇති බව මේ වන විටත් තහවුරු වී තිබේ. පිපිරීමෙන් පුද්ගලයින් 19 දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කළේ ය.
2018-02-26T22:48:57.000Z
හලාවත අතරුදන්ව සිටි දරුවාගේ සිරුර සොයා ගනී
හලාවත අතරුදන්ව සිටි දරුවාගේ සිරුර සොයා ගනී
Colombo (Newsfirst) - හලාවත, ඉරණවිල ප්‍රදේශයේ දින දෙකකට පෙර සිට අතුරුදන්ව සිටි 9 හැවිරිදි සිසුවාගේ මළ සිරුර රක්ෂිතයක තිබී සොයාගෙන ඇති බව පොලීසිය පවසයි. හලාවත, ඉරණවිල විද්‍යාලයේ 4වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම දරුවා අතුරුදන් වූයේ පසුගිය ඉරිදා යි. නිවස අසල වෙළෙඳ සලක සිටියදී කිසියම් පුද්ගලයෙකු යමක් ලබා දී එම දරුවා රැගෙන ගොස් ඇති බව වාර්තා වේ. වෙළෙඳ සලෙහි සවි කර තිබූ CCTV කැමරාවේ එම දර්ශන සටන්ව තිබිණි. ඉරණවිල සමිදුගම ප්‍රදේශයේ පදිංචිව සිට මිය ගිය සුසින් නිර්මාල් සිසුවා 5 දෙනෙකුගෙන් යුත් පවුලේ 3 වන දරුවා ය. පොලීසිය පැවසුවේ, දරුවා අතුරුදන් වන අවස්ථාවේ ඔහු සමග සිටි බව කියන පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1857304790996437/
2018-02-26T21:50:11.000Z
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 2ක් අවලංගු කෙරේ
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 2ක් අවලංගු කෙරේ
Colombo (Newsfirst) - කැලණිවැලි මාර්ගයේ කොට්ටාව හා මහරගම අතරදී දුම්රියක් පීලි පැනීමකට ලක් වීමෙන් දුම්රිය ගමන් වාර 2ක් අවලංගු කර තිබේ. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, පාදුක්ක සහ අවිස්සාවේල්ල සිට පැමිණෙන දුම්රිය ගමන් වාර 2ක් එලෙස අවලංගු කර ඇති බව ය. පෙරවරු 7.30ට පමණ දුම්රියක් එලෙස පීලි පැනීමට ලක්ව ඇතැයි පාලක මැදිරිය පැවසුවේ ය.
2018-02-26T21:30:50.000Z
ශ්‍රීදේවිගේ දේහය ඉන්දියාවට රැගෙන ඒම තවදුරටත් ප්‍රමාදයි
ශ්‍රීදේවිගේ දේහය ඉන්දියාවට රැගෙන ඒම ප්‍රමාදයි
(Newsfirst) - සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රීදේවිගේ දේහය ඩුබායි සිට මුම්බායි නුවරට රැගෙන ඒම තවදුරටත් ප්‍රමාද වී තිබේ. ඒ, ඇයගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් නොවීම හේතුවෙනි. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, ශ්‍රීදේවිගේ සැමියා වන බොනී කපූර්ගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ලබා ගත් කටඋත්තර එකිනෙකට පරස්පර විරෝධී වීම එම ප්‍රමාදයට හේතුව වන බව ය. ඒ අනුව ශ්‍රීදේවිගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ සැමියාගෙන් තවදුරටත් කටඋත්තර ලබා ගනිමින් පවතින බව වාර්තා වේ. එමෙන් ම ඩුබායි පොලීසිය ශ්‍රීදේවි නවාතැන්ගෙන සිටි ඩුබායිහි ජුමෙයිරාහ් එමිරේට්ස් ටවර්ස් හෝටලයේ CCTV කැමරා දර්ශන අනුසාරයෙන් ද තවදුරටත් විමර්ශන සිදු කරන බව විදෙස් වාර්තාවන්හි සඳහන් ය. සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රීදේවිගේ මරණය දියේ ගිලීමේ අනතුරකින් සිදුව ඇති බව ඩුබායි මරණ පරීක්ෂණ වාර්තා උපුටා දක්වමින් බී.බී.සී. පුවත් සේවය ඊයේ වාර්තා කළේ ය. ඊට පෙර ඇය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවූයේ හෘදයාබාධයක් හේතුවෙන් හදිසියේ අභාවප්‍රාප්ත වූ බවට ය. කෙසේ වෙතත් බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේ, ඩුබායිහි ඇය නවාතැන් ගෙන සිටි ප්‍රසිද්ධ හෝටලයක නාන කාමරයේදී ඇය නාන බේසමේ ගිලීමෙන් අනතුරට පත්ව ඇති බව ය. ශ්‍රීදේවිගේ සිරුර ඊයේ රාත්‍රියේ මුම්බායි නුවරට රැගෙන විත් පැය කිහිපයක් තුළ අවසන් කටයුතු සිදු කිරීමට කටයුතු යොදා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය. මේ අතර දේහය රැගෙන ඒම සඳහා ඉන්දියාවේ කෝටිපති ව්‍යාපාරික අනිල් අම්බානිට අයත් පෞද්ගලික ජෙට් යානයක් ඩුබායි වෙත ඊයේ පෙරවරුවේ පිටත්ව ගොස් තිබේ. සුපිරි බොලිවුඩ් තාරකාවක වූ ශ්‍රීදේවි ඇගේ ඥාති පුත් බොලිවුඩ් නළු මෝහිත් මර්වාගේ විවාහ මංගල උත්සවය සඳහා ඩුබායි වෙත ගොස් තිබුණේ, සිය ස්වාමියා වූ බොනී කපූර් සහ බාල දියණිය කුෂී කපූර් සමග ය. 22 වන දා පැවැත්වූ එම මංගල උත්සවයට පසුව ද ශ්‍රීදේවි ඩුබායිහි ජුමෙයිරාහ් එමිරේට්ස් ටවර්ස් හෝටලයේ නවාතැන්ගෙන සිටියා ය. උත්සවයෙන් පසු මුම්බායි වෙත ගොස් සිටි ඇගේ සැමියා බොනී කපූර් 24 වන දා බිරිඳට නොදන්වා ඩුබායි වෙත පැමිණ තිබුණේ, ඇය පුදුම කරවීමේ අටියෙනි. කලක් ඉන්දීය සිනමාවේ ගිනි සිළුව ලෙස කිරුළ පලන් ශ්‍රීදේවිය වෙනුවෙන් ඉන්දීය ජනපති, අගමැති සහ බොලිවුඩ් කොලිවුඩ් තාරකා රැසක් සිය ශෝකය පළ කරමින් ට්විටර් පණිවුඩ නිකුත් කර ඇති අතර සුපිරි තරු රැසක් සහ ඇයගේ රසිකයින් විශාල පිරිසක් මේ වන විට ශ්‍රීදේවිගේ මුම්බායි නිවස අසලට රැස්ව සිටිති.
2018-02-26T21:01:34.000Z
වැඩි මිලට පොල් අලෙවි කරන්නන් සොයා දිවයින පුරා වැටලීම්
වැඩි මිලට පොල් අලෙවි කරන්නන් සොයා වැටලීම්
Colombo (Newsfirst) - පොල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කළේ, පොල් ගෙඩියක් අලෙවි කළ යුතු උපරිම මිල රුපියල් 75ක් බව ය. එම මිල ඉක්මවා ඇතැම් වෙළඳුන් පොල් අලෙවි කරන බව ඔහු සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, එලෙස වැඩි මිලට පොල් අලෙවි කළ පුද්ගලයින්ට එරෙහිව නඩු පවරා ඇති බව ය. වැඩි මිලට පොල් අලෙවි කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා නිරන්තරයෙන් වැටලීම් සිදු කරන බව පොලීසිය සඳහන් කළේ ය.
2018-02-26T20:15:32.000Z
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් ගමන් ප්‍රමාද වීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි
ගුවන් ගමන් ප්‍රමාද වීම ගැන වාර්තාවක් කැඳවයි
Colombo (Newsfirst) - ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් ගමන් ප්‍රමාද වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය පවසයි. ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශ ලේකම් රවීන්ද්‍ර හේවා විතාරණ මහතා සඳහන් කළේ, අද උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සමාගම එම වාර්තාව ලබා දීමට නියමිත බව ය. එම වාර්තාවෙන් ගුවන් ගමන් ප්‍රමාද වීමට හේතුව සහ සිදු වූයේ කුමක් ද යන්න අමාත්‍යංශය විමසා තිබේ. යානා 2ක හටගෙන ඇති තාක්ෂණික දෝෂ හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් ගමන් ප්‍රමාද වන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි. එහි මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් විදෙස්ගත වීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට පෙර ඔන්ලයින් මගින් ගුවන් ගමන් විස්තර පරීක්ෂා කරන ලෙසත්, නැතහොත් පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයේ දුරකතන අංකය වෙත අමතන ලෙස ය. එම අංකය වන්නේ, 0197331979. ඉන්දියාවේ කොචින් ගුවන්තොටුපොළේදී එක් යානයක කුරුල්ලෙකු ගැටීම හා තවත් යානයක් දෝෂයකට ලක් වීම ඇතුළු සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ ය. ගුවන් සේවා කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා තම කාර්ය මණ්ඩලය පැය 24 පුරා කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
2018-02-26T19:56:39.000Z
හම්බන්තොට, මිරිජ්ජවිල වෙඩි තැබීමේ සිද්ධියේ පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් 5ක්
මිරිජ්ජවිල සිද්ධියේ පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් 5
Colombo (Newsfirst) - හම්බන්තොට, මිරිජ්ජවිලදී පෞද්ගලික බස් රථයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් 5ක් යොදවා තිබේ. පොලීසිය සඳහන් කළේ, දෙපාර්ශවයක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස එම ඝාතනය සිදුව ඇති බව ය. ඊයේ වෙඩි තැබීමෙන් මිය ගිය පුද්ගලයා මීට පෙර රන්න ප්‍රදේශයේ සිදූ වූ පුද්ගල ඝාතනයකට සැකකරුවෙකු බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් මේ වන විට හඳුනාගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, තංගල්ල මහාධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිට නැවත යමින් සිටි පුද්ගලයෙකු මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බව ය. වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් මෝටර් රථයකින් බස් රථය පිටුපස හඹා ගොස් බස් රථයට නැග වෙඩි තබා ඇති බවත් ඉන් පසු මෝටර් රථයට නැග පළා ගොස් ඇති බවට වාර්තා වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. වෙඩි තැබීම සිදුව ඇත්තේ, මාතර සිට අම්පාර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකදී ය. ඝාතනයට ලක්වූ පුද්ගලයා තංගල්ල රන්න ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු තාවකාලිකව සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර හම්බන්තොට රෝහලේ තැන්පත් කර තිබේ.