date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-03-14T22:02:32.000Z | රුසියාවට බ්‍රිතාන්‍යයෙන් රතු එළියක් | රුසියාවට බ්‍රිතාන්‍යයෙන් රතු එළියක් | COLOMBO (News 1st) - රුසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 23 දෙනෙකු පිටුවහල් කිරීමට බ්‍රිතාන්‍යය සුදානම් වෙමින් සිටි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ සඳහන් කළේ, ඔවුන්ට රටින් පිටවීමට සතියක කාලයක් ලබාදී ඇති බවයි. හිටපු රුසියානු ඔත්තුකරුවකු සහ ඔහුගේ දියණියට රුසියාවේ නිෂ්පාදිත විෂ රසායනකයක් ශරීරගත කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීම, රුසියාව ප්‍රතික්ෂේප කළ පසු බ්‍රිතාන්‍යය මෙම තීරණය ගෙන තිබේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ, මේ හේතුවෙන් මේ වසර අවසානයේ රුසියාවේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක ශූරතාවයට ද බ්‍රිතාන්‍ය රජ පවුල සහභාගී නොවන බවයි. යුද්ධයේදී පවා භාවිතය තහනම් කළ දරුණු අවියක්, සාමකාමී නගරයකදී භාවිත කිරීමට රුසියාව පෙළඹී ඇතැයි සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් බ්‍රිතාන්‍ය, එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම්දී තිබුණි. කෙසේ වෙතත් අදාළ රුසියානු ඔත්තුකරුවා ඝාතනය කිරීමට තැත්කළ බවට එල්ලවන චෝදනා රුසියාව ප්‍රතික්ෂේප කළේ ය. |
2018-03-14T20:49:04.000Z | වර්ජනයේ නිරත අනධ්‍යයන සේවකයින් සරසවිවල අත්‍යවශ්‍ය රාජකාරිවලින් ද ඉවතට | විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය තවදුරටත් | COLOMBO (News 1st) - රජයේ මිනින්දෝරු සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය අද දිනයේ ද ක්‍රියාත්මක වනු ඇත. ඔවුන් මෙම වැඩ වර්ජනය ඊයේ ආරම්භ කළේ, ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව අමෙරිකානු සමාගමක් වෙත මිනින්දෝරු දෙපාර්තමේන්තුව නතු කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට චෝදනා කරමිනි. මේ අතර විශ්වවිද්‍යාලවලට දැනට සිදුකරන ස්වේච්ඡා රාජකාරිවලින් අද සිට ඉවත් වන බව වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් පවසා තිබේ. ඒ අනුව පශූ වෛද්‍ය පීඨවල ඇති කරන සතුන්ට ආහාර ලබාදීම වැනි රාජකාරිවලින්ද ඔවුන් ඉවත් වනු ඇති. මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 16ක් වනු ඇත. මේ හේතුවෙන් සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුවලට එල්ලවී ඇත්තේ දැඩි බලපෑමකි. https://www.youtube.com/watch?v=7V3EcRuG3bI |
2018-03-14T20:29:17.000Z | පළාත් පාලන සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය අද මුද්‍රණයට | පළාත් පාලන සභික නාම ලේඛන ගැසට් පත්‍රය අද මුද්‍රණයට | COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය අද දිනයේ මුද්‍රණය කරන බව රජයේ මුද්‍රණාලය පවසා තිබේ. රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනි ලියනගේ මහත්මිය සඳහන් කළේ, සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන භාෂාවන්ගේ එය මුද්‍රණය කරන බවයි. ගැසට් පත්‍රයේ සෝදු පත් බලා මැතිවරණ කොමිසම ඊයේ දිනයේ මුද්‍රණාලය වෙත භාරදුන් බව ද ඇය සඳහන් කළා ය. ඒ අනුව මාර්තු 09 වන දා දිනයෙන් ගැසට් පත්‍රය නිකුත් කරන අතර සභිකයින් 8356 ක නම් එහි ඇතුළත් වේ. https://www.youtube.com/watch?v=mw52w6BUHp8 |
2018-03-14T20:02:37.000Z | Facebook තහනම ඉවත් කිරීම ගැන ජනපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් අද තීරණාත්මක සාකච්ඡාවක් | Facebook තහනම ඉවත් කිරීම ගැන තීරණාත්මක සාකච්ඡාවක් | COLOMBO (News 1st) - Facebook සමාගමේ නියෝජිතයින් සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනු ඇත. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එමගින් Facebook වෙබ් අඩවියට තාවකාලිකව පනවා ඇති වාරණය ඉවත් කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂණය සහ ආවේක්ෂණය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි. එම නියෝජිත පිරිස සමග අද දිනයේ සාකච්ඡා තුනක් පැවැත්වීමට නියමිත බව ද විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර WhatsApp සඳහා තාවකාලිකව පැන වූ සීමාවන් ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. Viber සඳහා තිබූ සීමාවන් ද පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරිණි. |
2018-03-14T11:35:27.000Z | බංග්ලාදේශය පරාජය කළ ඉන්දියාව නිදහස් කුසලානයේ අවසන් තරගයට | ඉන්දියාව නිදහස් කුසලානයේ අවසන් තරගයට | COLOMBO (Newsfirst) - නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඉන්දියාවට ලකුණු 17ක ජයක් හිමිවිය. ඒ අනුව ලබන 18 වනදා පැවැත්වෙන අවසන් මහා තරගයට ඉන්දියාව අද සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් බංග්ලාදේශ නායක මහමුදුල්ලා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් දැවී ලකුණු 176ක් ලබා ගත්තේය. ඉන්දීය ඉනිමේ නායක රෝහිත් ෂර්මා සහ ශ්‍රීකර් ධවාන් අතර පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 70කි. ධවාන් ලකුණු 35කට දැවී ගියේය. අනතුරුව ෂර්මා සමග එකතු වූ සුරේෂ් රයිනා දෙවෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 102ක සබඳතාවක් ගොඩනැංවීමට සමත් විය. රයිනා ලකුණු 47ක් ලබා ගත්තේය. නායකත්වයේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ෂර්මා පන්දුවාර 20යි 20 ක්‍රිකට් දිවියේ 13වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව ඔහු පන්දු 61කදි හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 89ක් ලබා ගත්තේය. රූබල් හුසේන් පන්දුවාර 4යි ලකුණු 27කදී කඩුලු 2ක් දවා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 159ක් පමණි තමිම් ඉක්බාල් ලකුණු 27ක් ලබා ගත්තේය. නායක මහමුදුල්ලා ලකුණු 11කට දැවී ගියේය. මුෂිෆිකර් රහීම් පන්දුවාර 20යි 20 ක්‍රිකට් දිවියේ 3වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. මුෂිෆිකර් රහීම් නොදැවී ලකුණු 72ක් ලබා ගත්තේය. සබ්බීර් රහමන් ලකුණු 27යි. වොෂිංටන් සුන්දර් පන්දුවාර 4කදී ලකුණු 22කට කඩුලු 3ක් දවා ගත්තේය. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක මීළඟ තරගය ලබන 16වනදා පැවැත්විමට නියමිතය. එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ඉන්දියාව සමග අවසන් මහා තරගයට ක්‍රීඩා කිරිමට අවස්ථාව හිමිවෙයි. |
2018-03-14T09:48:29.000Z | සර්වාගමික නායකයින් පිරිසක් අද සාම පා ගමනක | සර්වාගමික නායකයින් පිරිසක් අද සාම පා ගමනක | COLOMBO (News 1st) - ජාතික සංහිඳියාවේ වැදගත්කම අවධාරණවය කරමින් අද නුගේගොඩදී පා ගමනක් පැවැත් විය. මිරිහාන පොලිස්ථානය අසළින් ආරම්භ වූ සාම පා ගමන නුගේගොඩ ගුවන් පාලම දක්වා ගමන් කර තිබේ. මෙම අවස්ථාවට සර්වාගමික නායකයින් මිරිහාන සහ මහරගම පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් එක් ව සිටිය හ. මෙම සාම පාගමන සංවිධානය කළේ, මිරිහාන පොලිස් ප්‍රජා ඒකකයේ මූලිකත්වයෙනි. https://www.youtube.com/watch?v=C5CAP_67DR8 |
2018-03-14T09:36:33.000Z | සිරස - ජෝන් කීල්ස් වෙසක් කලාපය පිළිබඳව මහ නාහිමිවරු දැනුවත් කෙරෙති | සිරස වෙසක් කලාපය ගැන මහ නාහිමිවරු දැනුවත් කෙරෙති | COLOMBO (News 1st) : සිරස - ජෝන් කීල්ස් වෙසක් කලාපය පිළිබඳව අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන් දැනුවත් කර ආශිර්වාද ලබා ගැනීම අද සිදුවිය. සිරස - ජෝන් කීල්ස් වෙසක් කලාපය මෙවර පැවැත්වෙන්නේ, 8 වන වරටයි. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ, ජෝන් කීල්ස් සමාගමේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජිතයින් අද මහ නාහිමිවරුන් බැහැ දැක මෙවර වැඩසටහන පිළිබඳව කරුණු පැහැදිලි කළහ. සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටු පිරිස අනතුරුව සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නැහිමියන් බැහැදුටුවෝ ය. එහිදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියෝ මෙවර වෙසක් කලාපය සාර්ථකව සිදු කිරීම සඳහා ආශිර්වාද කළහ. පසුව පිරිස සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්හි අනුනාහිමිවරුන් ද බැහැ දුටුවෝ ය. අප්‍රේල් 29, 30 සහ මැයි 1 යන දිනයන්හිදී කොළඹ, බ්‍රේබෲක් පෙදෙසේ පිහිටි සීමාසහිත කැපිටල් මහාරාජා මූලස්ථාන පරිශ්‍රෙය්දී මෙවරත් සිරස වෙසක් කලාපය පැවැත්වේ. https://www.youtube.com/watch?v=9DTOlWsUBA0 |
2018-03-14T08:28:22.000Z | ජර්මන් කන්තා පාපන්දු පුහුණුකාරිය තනතුරින් නෙරපයි | ජර්මන් කන්තා පාපන්දු පුහුණුකාරිය තනතුරින් නෙරපයි | ජර්මනිය එරට ජතික කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිය වන ස්ටෙෆි ජෝන්ස්ගේ සේවය අත්හිටුවා තිබේ. ජර්මන් පාපන්දු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, හිටපු ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩක හෝස්ට් හ්රූබෙෂ් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස පත් කර ඇති බවයි. ඇය මෙලෙස තනතුරින් පහ කර ඇත්තේ, SheBelieves Cup තරගාවලියේ එකදු තරගයක් හෝ ජය ගැනීමට කාණ්ඩයම අසමත් වීමේ පසුබිමක් තුළදී ය. එමෙන් ම වසර 8ක් යුරෝපීය කාන්තා ශූරතාව දිනූ ජර්මන් කාණ්ඩායමට පසුගිය වසරේදී අවසන් පූර්ව වටයට හෝ සුදුසුකම් ලැබීමට නොහැකි විය. මේ අතර ජර්මානු පාපන්දු සංගමයේ ප්‍රධානි රයින්හාර්ඩ් ග්‍රයින්ඩල් පැවසුවේ, කණ්ඩායම නව දිශාවකට යොමු කළ යුතුව ඇති බවයි. |
2018-03-14T07:17:12.000Z | 'ඇන්ගෙලා' සිව්වන වරටත් ජර්මානු චාන්සලර් ධූරයට | 'ඇන්ගෙලා' සිව්වන වරටත් ජර්මානු චාන්සලර් ධූරයට | COLOMBO (News 1st) - ඇන්ගෙලා මර්කල් සිව්වන වරටත් ජර්මානු චාන්සලර්වරිය ලෙස තේරී පත් විය. විදෙස් වාර්තා සඳහන් කළේ, මෙය ඇයගේ අවසන් ධූර කාලය වනු ඇති බවයි. පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී ඇන්ගෙලා මර්කල් චාන්සලර් ධූරයට තේරී පත්වූයේ ඡන්ද 364 ට 315ක් ලෙසිනි. |
2018-03-14T06:22:16.000Z | Facebook නියෝජිතයින් සහ ජනපති ලේකම් අතර සාකච්ඡාවක් හෙට | Facebook නියෝජිතයින් සහ ජනපති ලේකම් අතර සාකච්ඡාවක් | COLOMBO (Newsfirst) : Facebook සමාගමේ නියෝජිතයින් සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් හෙට ජනාධිපති කාර්යාලයේදී පැවැත් වේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එමගින් Facebook වෙබ් අඩවියට තාවකාලිකව පනවා ඇති වාරණය ඉවත් කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂණය සහ ආවේක්ෂණය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි. මේ අතර රට තුළ නොසන්සුන්තාවක් යළි ඇතිවීමට ඉඩ නොතබමින් සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස ත් එවැනි ක්‍රියාවලට වරදකරුවන් වන අයට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. මේ අතර WhatsApp සඳහා තාවකාලිකව පැන වූ සීමාවන් අද මධ්‍යම රාත්‍රියෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි. Viber සඳහා තිබූ සීමාවන් ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරිණ. විදුලි සංදේශ නියාමන කොමිසම පසුගිය 7 වන දා සමාජ ජාල වෙබ් අඩවිවලට පිවිසීම තාවකාලිකව අවහිර කරනු ලැබුවේ, මහනුවර ඇති වු කළහකාරී තත්ත්වයත් සමග සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු පැතිර යාම වැළැක්වීමේ අරමුණිනි. https://www.youtube.com/watch?v=cJO4-Y9vSHY |
2018-03-14T05:48:44.000Z | අල්ලස් දැලේ පැටළුණු සීදුව අපරාධ ස්ථානාධිපති රිමාන්ඩ් | අල්ලස් දැලේ පැටළුණු සීදුව අපරාධ අංශයේ OIC රිමාන්ඩ් | COLOMBO (Newsfirst) : සීදුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පැමිණිලිකරුවෙකුගෙන් රුපියල් 25,000ක අල්ලසක් හා විදේශීය මත්පැන් බෝතලයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරයා ඊයේ සැකපිට අත්අඩංගුවට ගැනිණ. ඔහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඊයේ පස්වරුවේ සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසිනි. සීදුව පොලිසියේ අපරාධ අංශයට ලද පැමිණිල්ලක් විභාග කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන පැමිණිල්ලට වාසි සහගත ලෙස නීතිමය කටයුතු කිරීම සඳහා ඔහු එලෙස අල්ලස් ලබා ගෙන තිබිණ. |
2018-03-14T04:52:14.000Z | WhatsApp සඳහා පැන වූ සීමාව අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන් | WhatsApp සඳහා පැන වූ සීමාව අද රාත්‍රීයෙන් අවසන් | COLOMBO (News 1st) - WhatsApp සඳහා පැන වූ සීමාවන් අද රාත්‍රියෙන් අවසන් වනු ඇත. විදුලි සංදේශ නියාමන කොමිසමේ සභාපති කියා සිටියේ, මෙම පැන වූ තහනම අද මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බවයි |
2018-03-14T03:06:23.000Z | අද මැදියම් රැයේ සිට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකාබද්ධ කමිටුව ස්වෙච්ඡා සේවාවලින් ඉවත් වෙයි | සරසවි වෘත්තීය සමිති, ස්වෙච්ඡා සේවාවලින් ඉවත් වෙයි | Colombo (Newsfirst) - අද මධ්‍යම රාත්‍රියේ සිට ස්වෙච්ඡා සේවාවලින් ද ඉවත් වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පවසයි. අනධ්‍යයන සේවකයින්ගේ වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට දින 15ක් සියලු ම විශ්වවිද්‍යාලවල කටයුතු අඩපණ වී තිබේ. 15000කට අධික අනධ්‍යයන සේවකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ, මාසික හිලව් දීමනාව ඇතුළු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන්නැයි රජයට බල කරමිනි. ඔවුන් ඉල්ලා සිටින්නේ 2016 වසරේ ගිවිසුම්ගත වූ එකඟතාව ක්‍රියාත්මක කරන ලෙස ය. මේ පිළිබඳව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතාගෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු පැවසුවේ, පසුගිය වසරේ අනධ්‍යයන සේවකයින් හට ලැබුණු වැටුප් වැඩිවීම් සහ අනෙකුත් වැටුප් වර්ධක ඇතුළු දීමනා හේතුවෙන් මේ වන විට ඔවුන්ගේ වැටුප් වැඩි කිරීමේ අපහසුතාවක් තිබෙන බව ය. භාණ්ඩාගාරයෙන් අනුමැතිය ලැබුණු වහාම ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසුවේ ය. |
2018-03-14T01:39:15.000Z | Facebook සමාගමේ විශේෂඥ කණ්ඩායමක් අද දිවයිනට | Facebook සමාගමේ විශේෂඥ කණ්ඩායමක් අද දිවයිනට | Colombo (Newsfirst) - ෆේස්බුක් සමාගමේ විශේෂඥ කණ්ඩායමක් අද දිවයිනට පැමිණේ. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, ෆේස්බුක් සම්බන්ධයෙන් යාන්ත්‍රණයක් ගොඩනගා ගැනීම පිළිබඳව එම කණ්ඩායම සමග සාකච්ඡා කරන බව ය. ජනවාර්ගික අර්බුද ඇති කිරීමේ පුවත් සහ රටේ ජාතික ආරක්ෂාවට හානි වන දේවල් ෆේස්බුක් තුළින් ඒ මොහොතේදී ම ඉවත් කිරීමේ අයිතිය ලබා ගැනීම මේ තුළින් සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ය. |
2018-03-14T01:13:13.000Z | සෞදියේදී ඝාතනය වූ ලාංකික කතගේ පශ්චාත් මරණ පරීක්ෂණය පිළිබඳ සොයා බැලීමට නිලධාරීන් පිරිසක් අල්රාස් රෝහලට | සෞදියේදී ඝාතනය වූ ලාංකික කතගේ දේහය ගෙන්වීමට පියවර | Colombo (Newsfirst) - සෞදියේදී වෙඩි තබා ඝාතනය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පිළිබඳව සොයා බැලීමට දේහය තැන්පත් කර ඇති අල්රාස් රෝහල වෙත එරට ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ගොස් තිබේ. එමෙන් ම විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ, ඇයගේ දේහය දිවයිනට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන බව ය. ගාල්ල, වදුරඹ ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය විදේශගත වන්නේ, දැඩි ආර්ථික දුෂ්කරතා නිසා ය. අවස්ථා ගණනාවකදී විදේශගතව ගෘහ සේවයේ නිරත වූ ඇය අවසන් වරට විදේශගතව ඇත්තේ, මීට මාස 9කට පමණ පෙර ය. 38 හැවිරිදි ප්‍රියංකා ගැහැණු දරුවන් තිදෙනෙකුගේ මවකි. ඉන් එක් ගැහැණු දරුවෙකුගේ හෘදයේ සිදුරක් පවතින බැවින් ඇයට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය මුදල් ලබා ගැනීම, ඇය විදේශ ගතවීමේ එක් අරමුණකි. ඇයගේ ස්වාමි පුරුෂයා ප්‍රදේශයේ ගල් කොරියක සේවයේ නිරත අයෙකි. ඔහු පැවසුවේ, සාමාන්‍යයෙන් ප්‍රියංකා මසකට වරක් ඔවුන් සමග දුරකතනයෙන් කතා බස් කරන අතර ඇයට ගැටලුවක් ඇති බව කිසි විටෙක නොපැවසූ බව ය. විදේශ රැකියා අමාත්‍යංශය පැවසුවේ, ඇයට රක්ෂණ සමාගම හරහා වන්දි මුදල් ලබා දීමට පියවර ගන්නා බව ය. පසුගිය සෙනසුරාදා මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ඉන් අනතුරුව අදාළ සෞදි ජාතික සැකකරු ද වෙඩි තබාගෙන සිය දිවි නසා ගෙන තිබේ. 30 හැවිරිදි ඝාතන සැකකරු මානසික රෝගයකින් පෙළෙන්නෙකු බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය. |
2018-03-14T00:41:37.000Z | සංචාරක වීසා මත මෙරටට පැමිණ රැකියාවල නිරත වූ ඉන්දීය ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට | සංචාරක වීසා මත රැකියාවල නිරත වූ 23ක් අත්අඩංගුවට | Colombo (Newsfirst) - සංචාරක වීසා මත මෙරටට පැමිණ විවිධ වෘත්තීන්වල නිරත වූ ඉන්දීය ජාතිකයින් 23 දෙනෙකු අද අලුයම ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් විය. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු සඳහන් කළේ, ලැබුණු තොරතුරු කිහිපයක් මත කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බව ය. ඒ අතරින් 9 දෙනෙකු ජ්‍යෝතිෂ කටයුතුවල නිරත වූවන් ය. තවත් 9 දෙනෙකු රෙදි වෙළෙඳාමේ නිරතව සිටි අය බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එහි නිලධාරියෙකු පැවසුවේ, අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රටින් පිටුවහල් කිරීමට පියවර ගන්නා බව ය. |
2018-03-14T00:18:04.000Z | මහනුවර වස විෂෙන් තොර එළවළු වගාව සාර්ථකයි | මහනුවර වස විෂෙන් තොර එළවළු වගාව සාර්ථකයි | Colombo (Newsfirst) - මහනුවර දිස්ත්‍රික්කයේ වස විෂෙන් තොර එළවළු වගාව දිරි ගැන්වීමේ ව්‍යාපෘතිය සාර්ථක වී ඇති බව මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පාතදුම්බර ප්‍රදේශයේ ආදර්ශ ව්‍යාපෘතියක් ලෙස එළවළු වගාව ප්‍රචලිත කළ බව ය. ප්‍රදේශයේ එළවළු මිළ පහළ ගොස් ඇති අතර වස විෂෙන් තොර එළළු වගාවට ගෘහණියන් පෙළඹී සිටින බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. |
2018-03-13T22:48:00.000Z | භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වෙයි | භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වෙයි | (Newsfirst) - බ්‍රිතාන්‍ය ජාතික භෞතික විද්‍යාඥයෙකු වූ ස්ටීවන් හෝකින් අභාවප්‍රාප්ත වී තිබේ. 76 වන වියේ පසුවූ හෝකින්, අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතීන් දැනුම් දෙයි. මහත් ප්‍රසිද්ධියට පත් කළු කුහර සහ සාපේක්ෂතාවාදය ඇතුළු විද්‍යා තාක්ෂණ ග්‍රන්ථ රැසක් හෝකීන් විසින් රචනා කරන ලදී. 1942 ජනවාරි මස 08 වන දින උපත ලැබූ හෝකීන්ට, 1959දී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ස්වභාවික විද්‍යාව පිළිබඳව හැදෑරීමට අවස්ථාවක් ලැබුණි. ඔහුට එම අවස්ථාව හිමි වුණේ, කේම්බ්‍රිජ් සරසවියෙන් සිය පශ්චාත් උපාධිය හැදෑරීමට පෙර ය. ස්ටීවන් හෝකීන් දුර්ලභ ස්නායු රෝගයකින් ද පෙළුණි. |
2018-03-13T22:28:04.000Z | ඉඩම් මැනීමේ ව්‍යාපෘතියක් ඇමෙරිකානු සමාගමකට, මිනින්දෝරු සංගමයත් වර්ජනයකට සැරසෙයි | මිනින්දෝරු නිලධාරීන් අද සිට වැඩ වර්ජනයක | Colombo (Newsfirst) - රජයේ මිනින්දෝරු සංගමය අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යෑමට සූදානම්වී තිබේ. ඔවුන් පවසන්නේ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව අමෙරිකානු සමාගමක් වෙත මිනින්දෝරු දෙපාර්තමේන්තුව නතුකිරීමට කටයුතු කරමින් ඇති බවයි. දියර දෙකක් යටතේ රටේ ඉඩම් මැනුම්කර දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය යෝජනා කර තිබුණි. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක සඳහන් වූයේ ඒ සඳහා අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ට්‍රිම්බල් නැවිගේෂන් ලිමිටඩ් නමැති සමාගමක් අමෙරිකානු ඩොලර් මිලියන 170 ක ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි. ඊට අදාළව යෝජනාව අග්‍රාමාත්‍යවරයා මූලිකත්වය දැරූ ආර්ථික කළමනාකරණ කැබිනට් අනුකමිටුව හරහා ඉදිරිපත්වී තිබුණි. සාකච්ඡා කමිටුව මේ පිළිබඳව අදාළ සමාගම සමග සාකච්ඡා කිරීමෙන් පසුව එම මුදල අමෙරිකානු ඩොලර් මිලියන 154 ක් දක්වා අඩුකර ගැනීමට හැකි වූ බව ගයන්ත කරුණාතිලක මහතාගේ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ. මේ අතරවාරයේ අදාළ සමාගම කැලිෆෝනියා ප්‍රාන්තයේ සිට ඩෙලවෙයා ප්‍රාන්තයේ යළි ලියාපදිංචිකර එය ට්‍රිම්බල් අයිඑන්සී ලෙස නම වෙනස් කර තිබේ. මෙම යෝජනාවට අදාළව අමාත්‍ය මණ්ඩලයට නිරීක්ෂණ ඉදිරිපත්කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමාගමේ නම් වෙනස්වීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක අවශ්‍යතාව සඳහන් කර තිබුණි. මුදල් අමාත්‍යවරයා යෝජනාකර තිබුනේ අවම වියදමක් දරමින් නියමු ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබාදිය හැකි බවයි. කෙසේවෙතත් 2017 ඔක්තෝම්බර් 11 වන දා මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. ඒ අනුව පළමු අදියර යටතේ ට්‍රිම්බල් සමාගම බස්නාහිර හැර සෙසු පළාත්වල ඉඩම් කැබලි මිලියන 2.5 ක් මැනීම, කැබලි වියමන සැකසීම හා දත්ත පද්ධතියක් සකස් කිරීමට නියමිත වේ. දෙවන අදියරේදී බස්නාහිර පළාතේ ඉඩම් කැබලි මිලියන 2.5 ක එම කටයුතු සිදු කරණු ඇත. රජයේ මිනින්දෝරු සංගමය පෙන්වා දෙන්නේ, අමෙරිකානු සමාගම ඩොලර් මිලියන 154ක ඇස්තමේන්තුවක් සකස් කළ ද ඩොලර් මිලියන 40 කටත් අඩුවෙන් මෙම ව්‍යාපෘතිය සිදු කළ හැකි බවයි. https://www.youtube.com/watch?v=tl9PaEXCRhY |
2018-03-13T22:10:18.000Z | අදින් පසු වැසි තත්ත්වයේ යම් අඩු වීමක් අපේක්ෂා කළ හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව | අදින් පසු වැසි තත්ත්වයේ යම් අඩු වීමක් | Colombo (Newsfirst) - ශ්‍රී ලංකාවට ආසන්නයේ පැවති අඩු පීඩන තත්ත්වය දැනට දිවයිනට නිරිත දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, එය දිවයිනෙන් ඉවතට එනම් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇති බව ය. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය අද දිනයෙන් පසුව යම් ප්‍රමාණයකට අඩු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. උතුරු මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය. සෙසු ප්‍රදේශවල සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට විශේෂයෙන් වයඹ සහ ඌව පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ මිලිමිටර 75-100 අතර තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි ය. |
2018-03-13T21:58:19.000Z | ධූරයෙන් පහ කෙරූ ටිලර්සන්ගෙන් රුසියාවට අනතුරු ඇඟවීම් | ධූරයෙන් පහ කෙරූ ටිලර්සන්ගෙන් රුසියාවට අනතුරු ඇඟවීම | (Newsfirst) - හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් රුසියාවට අනතුරු අඟවා තිබේ. රෙක්ස් ටිලර්සන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ, රුසියාවේ කරදකාරී හැසිරීම සහ ක්‍රියාකලාපය පිළිබඳව තමන් රුසියාවට අනතුරු ඇඟවීමක් සිදු කරන බව ය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ රෙක්ස් ටිලර්සන් ධූරයෙන් ඉවත් කළ බවත්, සී.අයි.ඒ. අධ්‍යක්ෂ මයික් පොම්පියෝ රාජ්‍ය ලේකම් ධූරයට පත් කර ඇති බවත් ට්විටර් පණිවුඩයකින් නිවේදනය කළේ ය. එම නිවේදනයේ හිටපු ලේකම් රෙක්ස් ටිලර්සන්ගේ සේවයට ස්තුති කර ඇති බව ද සඳහන් ය. මේ අතර සී.අයි.ඒ. අධ්‍යක්ෂ ධූරයට ජීනා හොස්පල් පත් කර ඇති අතර අමෙරිකානු ඉතිහාසයේ එම ධූරයට පත් වූ ප්‍රථම කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක්වනු ඇති. ඊයේ දිනයේ මාධ්‍ය අමතමින් ජනපති ට්‍රම්ප් පවසා ඇත්තේ, තමා සහ ටිලර්සන අතර පැවති නොගැලපීම් පෞද්ගලික මට්ටමට පැමිණි බව ය. ඔවුන් හොඳින් කටයුතු කළ ද බොහෝ අවස්ථාවලදී එකිනෙකාට එකඟ නොවූ බව ද ජනපතිවරයා වැඩිදුරටත් පැවසුවේ ය. ඉරානය සම්බන්ධයෙන් ද ජනපති ට්‍රම්ප් සහ ටිලර්සන් අතර නොගැලපෙන අදහස් පැවති බව ද සඳහන් ය. |
2018-03-13T20:32:19.000Z | අනධ්‍යයන සේවක වර්ජනය දැඩි වන ලකුණු | අනධ්‍යයන සේවක වර්ජනය දැඩි වන ලකුණු | Colombo (Newsfirst) - වැඩ වර්ජන ක්‍රියාමාර්ගය දැඩි කිරීම සඳහා තවත් සාකච්ඡාවක් අද පැවැත්වෙන බව විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව පවසයි. එහි සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා සඳහන් කළේ, වැඩ වර්ජනයට අදට දින 15ක් ගත වුවත් උසස් අධ්‍යාපන විෂය භාර කිසිදු බලධාරියෙකු තම වෘත්තීය සමිතිය සමග සාකච්ඡා නොකළ බව ය. මේ හේතුවෙන් මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය දැඩි ගැටලුවකට මුහුණ දී ඇති බව ද ඔහු සඳහන් කළේ ය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල 15ක්, මණ්ඩප තුනක් හා උසස් අධ්‍යාපන ආයතන 18ක අධ්‍යයන කටයුතුවලට මෙම වැඩ වර්ජනයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබේ. ඒ හේතුවෙන් දුෂ්කරතාවට පත්ව ඇති මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අභ්‍යන්තර හා භාහිරව අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව ලක්ෂ 2කට ආසන්න ය. උසස් අධ්‍යාපන විෂය තවදුරටත් භාරව කටයුතු කරන ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා එම අමාත්‍යංශයේ ලේකම්වරයා හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව දැන ගැනීමට සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඔවුහු දුරකතනවලට ප්‍රතිචාර නොදැක්වූහ. |
2018-03-13T20:17:37.000Z | විගණන පනත් කෙටුම්පත ඉදිරි දින 2ක තුළ ගැසට් කිරීමට සැලසුම් | විගණන පනත් කෙටුම්පත ගැසට් කිරීමට සැලසුම් | Colombo (Newsfirst) - පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වූ විගණන පනත් කෙටුම්පත ඉදිරි දින 2ක ඇතුළත ගැසට් කිරීමට සැලසුම් කර තිබේ. විගණකාධිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ, එම පනත් කෙටුම්පත මේ වන විට ආග්‍රාමාත්‍ය කාර්යාලයේ පවතින බව ය. 24 වතාවක් සංශෝධනය කළ විගණන පනත් කෙටුම්පතට පසුගිය 09 වන දා කැබිනට් අනුමැතිය හිමි විය. කැබිනට් අනුමැතිය ලැබුණු පනත් කෙටුම්පතින් යම් රාජ්‍ය නිලධාරියෙකු රජයට කළ අලාභයකට එරෙහිව අධිභාර පැනවීමේ බලය අමාත්‍යංශ ලේකම්වරුන්ට පවරනු ලැබී ය. |
2018-03-13T19:54:06.000Z | ජනපති හා ජපාන අගමැති අතර ද්විපාර්ශවික සාකච්ඡා අද | ජනපති හා ජපාන අගමැති අතර ද්විපාර්ශවික සාකච්ඡා අද | Colombo (Newsfirst) - ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද එරට අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ, ටෝකියෝ නුවර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ය. මේ අතර සමාජ මාධ්‍ය නිසි ලෙස භාවිත කිරීම පිළිබඳව නව වැඩපිළිවෙළක් ඉදිරි සති කිහිපය තුළ රටට හඳුන්වා දීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජපාන රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ඊයේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් අමතමිනි. |
2018-03-13T11:35:33.000Z | සමාජ මාධ්‍ය භාවිත කිරීම ගැන නව වැඩපිළිවෙළක් හඳුන්වාදෙනවා - ජනපති | සමාජ මාධ්‍ය භාවිත කිරීම ගැන නව වැඩපිළිවෙළක් | COLOMBO (News 1st) - සමාජ මාධ්‍ය නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව නව වැඩපිළිවෙළක් ඉදිරි සති කිහිපය තුළ රටට හඳුන්වාදීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ. ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමග සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් පවසා ඇත්තේ, ෆේස්බුක් සමාජ ජාල තහනම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවයි. |
2018-03-13T11:25:18.000Z | අනුරාධපුරයේදී මහාසංඝරත්නයට පිණ්ඩපාත දානය පිළිගැන්වූ මුස්ලිම් වැසියන් | මහාසංඝරත්නයට පිණ්ඩපාත දානය දුන් මුස්ලිම් වැසියන් | Colombo (Newsfirst) - ජාතීන් අතර සමගිය වර්ධනය කරගනිමින් කටයුතු කිරීමේ පූර්වාදර්ශය අද අනුරාධපුරයේ දී දක්නට ලැබුණි. තායිලන්තයේ සිට මෙරටට වැඩම කළ භික්ෂුන් වහන්සේ හතලිස් පස් නමක් අද අනුරාධපුර පූජා භූමියට වැඩම කළහ. උන්වසන්සේලා බහුතරයක් මුස්ලිම් ජාතිකයින් වෙසෙන අනුරාධපුර, නීරාවිය ගම්මානය ආසන්නයෙන් වැඩම කරන විට ගම්වැසියන් මහා සංඝරත්නයට පිණ්ඩපාත දානය ලබා දුන්නේ සහජීවනය පිළිබඳ රටට සිහිපත් කරමිනි. https://www.youtube.com/watch?v=1tBq6ura6O0 |
2018-03-13T11:00:41.000Z | අමාරුවේ වැටී සිටින එජාපයේ දික්වැල්ල ප්‍රදේශිය සභාවේ නියෝජිතයින් | අමාරුවේ වැටී සිටින එජාපයේ නියෝජිතයින් | COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් මුහුණදී ඇති ගැටළු මතුකරමින් පසුගිය දින කිහිපයේ දිවයින පුරා ස්ථාන ගන්නාවකදී විවිධ අදහස් පළ විය. මේ අද දික්වැල්ලේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජිතයින් පළ කළ අදහස්.... https://www.youtube.com/watch?v=4ArokpOD8yU https://www.youtube.com/watch?v=N_EqrSOO9RE |
2018-03-13T11:02:07.000Z | Facebook ආයතනය සමග රජය ගනුදෙනු කළ යුත්තේ කෙසේද? | Facebook ආයතනය සමග රජය ගනුදෙනු කළ යුත්තේ කෙසේද? | COLOMBO (Newsfirst) - Facebook සමාජ ජාලය හරහා සිදුවන අගතියක් එම Facebook ආයතනයට දැනුම් දී ඊට විසඳුම් ලබාගත හැකි ප්‍රවේශයක් ආණ්ඩුව විසින් සකස් කර ගතයුතු බව සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ ඩිජිටල් අංශ ප්‍රධානී ශ්‍රී ලංකා පරිගණක සංගමයේ විධායක කමිටු සාමාජික බුද්ධික සේනසේකර මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ නිව්ස්ෆස්ට් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. https://www.youtube.com/watch?v=-ZSMSBxFvIY&feature=youtu.be |
2018-03-13T09:34:41.000Z | VPN පාවිච්චි කරපු අය අත්අඩංගුවට ගන්න බැහැ - ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා | VPN පාවිච්චි කරපු අය අත්අඩංගුවට ගන්න බැහැ | COLOMBO (Newsfirst) - Facebook, Viber, WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය රජය විසින් පසුගියදා තහනම් කිරීමත් සමග ඒවා භාවිත කරන පුද්ගලයින් VPN හරහා සමාජ මාධ්‍ය වෙත පිවිසීමට පුරුදු වී තිබේ. මේ පිළිබඳව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ VPN භාගත කර ගැනීම තහනම් බව ය. ඒ අනුව අප මේ පිළිබඳව ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවේ පවතින පරිගණක අපරාධ වැළැක්වීමේ පනත යටතේ විකල්ප ක්‍රම භාවිත කරමින් අන්තර්ජාලයට පිවිසෙන පුද්ගලයින් අත්අඩංගුවට ගත නොහැකි බව ය. එබැවින් VPN හරහා Facebook ඇතුළු සමාජ මාධ්‍යට පිවිසි පුද්ගලයින් කිසිසේත් අත්අඩංගුවට ගත නොහැකි බව නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතා වැඩි දුරට ත් සඳහන් කළේය. https://www.youtube.com/watch?v=mtHzpN8ZcEk |
2018-03-13T09:51:22.000Z | "මෙරට වරායන් යුදමය කටයුතු සඳහා චීනයට ලබාදීමේ එකඟත්වයක් නැහැ" - ජනපති | "ලංකාවේ වරායන් චීන යුදමය කටයුතුවලට දෙන්නේ නැහැ" | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ වරායන් චීන යුදමය කටයුතු සඳහා ලබාදීමට කිසිදු එකඟතාවක් ඇතිකරගෙන නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබේ. ජපානයේ සංචාරයක නිරත ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ, එරට NHK රූපවාහිණිය සමග සාකච්ඡාවකට එක්වෙමිනි. වෙනත් රටවල කලාපීය ආරක්ෂාව හෝ ජාත්‍යන්තර වශයෙන් තර්ජනාත්මක නොවන ආකාරයෙන් කටයුතු කිරීම වගේ ම කිසිදු බලපෑමකින් තොරව කටයුතු සිදුකිරීම යන අංශවලට අවධානය යොමු කරමින් තමයි අපි චීනය සමග ගිවිසුමකට එළඹුනේ. අපේ වරායන් ඔවුන්ගේ යුදමය ආරක්ෂක කටයුතුවලට ලබා දෙන්න එතනදී එකඟ වුනේ නැහැ. අපි කවදාවත් එවැනි දේවල්වලට එකඟ වෙන්නේත් නැහැ. මහජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමේ වගකීම අප සතුව තියෙනවා. ජාතික හෝ ජාත්‍යන්තර වැඩසටහන් වෙනුවෙන් වැඩකටයුතු කරන්න අපි රජයක් විදිහට වගකීමක් තිබෙනවා. අපි වෙනත් දේශපාලන වාතාවරණයන් සහ බාහිර සාධක ගැනවත් සැළකිලිමත් වෙන්නේ නැහැ අද ටෝකියෝ නුවර පිහිටි අධිරාජ්‍ය මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අකිහිතෝ අධිරාජ්‍යයා සහ මිචිකෝ රැජිණ හමු විය. මෙම හමුවේදී ජනාධිපතිතුමා පැවසුවේ, දෙරටේ අතීතයේ සිට පැවති සබඳතා ශක්තිමත් කිරීම තම අරමුණ බවයි. 1981 වසරේ ජපාන අධිරාජ්‍යයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බවත් එහිදී ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉහළ පිළිගැනීමක් ලැබුණු බව එහිදී සිහිපත් කෙරිණි. මෙම හමුවෙන් අනතුරුව ජනාධිපතිතුමා අධිරාජ්‍ය මන්දිරය ද නැරඹිය. අනතුරුව ටෝකියෝ නුවරදී ජනාධිපතිතුමා ආයෝජන සමුළුවකට ද සහභාගි විණි. https://www.youtube.com/watch?v=zLJrryo4q78 |
2018-03-13T09:18:43.000Z | 'මයික් පොම්පියෝ' අමෙරිකාවේ නව රාජ්‍ය ලේකම් ධූරයට | 'මයික් පොම්පියෝ' අමෙරිකාවේ නව රාජ්‍ය ලේකම් ධූරයට | COLOMBO (News 1st) - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට නව රාජ්‍ය ලේකම්වරයා ලෙස මධ්‍යම බුද්ධි අංශ ප්‍රධානී මයික් පොම්පියෝ පත් කර තිබේ. ඒ, එතෙක් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කල රෙක්ස් ටිලර්සන් ධූරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව ය. මයික් පොම්පියෝ නව රාජ්‍ය ලේකම්වරයා ලෙස විශිෂ්ට කාර්යයක් ඉටුකරනු ඇතැයි ද අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ ය. රෙක්ස් ටිලර්සන්ගේ සේවයට ස්තූතිවන්ත වන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් එහිදී කියා සිටියේ ය. |
2018-03-13T08:52:15.000Z | Viber තහනම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් | Viber තහනම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් | COLOMBO (Newsfirst) - වයිබර් (Viber) සමාජ ජාලය වෙත තාවකාලිකව සීමාකර තිබූ ප්‍රවේශය අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත ලබා දීමට රජය තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා නිකුත් කළ නිවේදනයක දැක්වුණේ විදේශගත ශ්‍රමිකයින්ගේ අපහසුතා සානුකම්පිතව සළකා බලා මෙම පියවර ගත් බව ය. මීට අමතරව සංචාරකයින්ට හා කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ට මුහුණදීමට සිදුවූ අපහසුතා ද එහිදී සැළකිල්ලට ගෙන තිබේ. මේ අතර සියලු සමාජ මාධ්‍ය සඳහා පනවා ඇති තහනම සිකුරාදා වන විට ඉවත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ජනාධිපතිතුමා සහ සෙසු පාර්ශව සමග පැවති සාකච්ඡාවලින් පසුව එම තීරණය ගත් බව ය. |
2018-03-13T08:43:15.000Z | අනුරාධපුර පොලීසියට පැමිණි අමුත්තා | අනුරාධපුර පොලීසියට පැමිණි අමුත්තා | COLOMBO (News 1st) - අනුරාධපුර පොලීසියට අද උදෑසන කිඹුලෙක් පැමිණ තිබේ. අප වාර්තාකරු පැවසුවේ, කිඹුලා අඩි 10 පමණ දිගකින් යුක්ත බව ය. පසුව අනුරාධපුර වනජීවි කාර්යාල නිලධාරීන් පැමිණ කිඹුලා විල්පත්තු ජාතික වනෝද්‍යානයට මුදා හැරීම සඳහා රැගෙන ගොස් තිබේ. https://www.youtube.com/watch?v=riNARp6mYNQ |
2018-03-13T06:53:11.000Z | සමාජ මාධ්‍ය තහනම සිකුරාදා අවසන් - හරීන් ප්‍රනාන්දු | සමාජ මාධ්‍ය තහනම සිකුරාදා අවසන් - හරීන් ප්‍රනාන්දු | COLOMBO (News 1st) - සියලු සමාජ මාධ්‍ය සඳහා පනවා ඇති තහනම සිකුරාදා වන විට ඉවත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබේ. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඒ බව ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපතිතුමා සහ සෙසු පාර්ශව සමග පැවති සාකච්ඡාවලින් පසුවය. https://www.youtube.com/watch?v=SY9z8BBpyWs |
2018-03-13T06:33:27.000Z | අල්ලස් ගත් පොලිස් ස්ථානාධිපතිවරයෙක්ට වැඩ වරදී | අල්ලස් ගත් පොලිස් ස්ථානාධිපතිවරයෙක්ට වැඩ වරදී | COLOMBO (News 1st) - සීදුව පොලිස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා රුපියල් 25,000ක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් අංශයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, පැමිණිල්ලකට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට සහ පැමිණිලිකරුට පක්ෂපාතිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහු අල්ලස් මුදල් ලබා ගෙන ඇති බව ය. අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා හෙට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව අල්ලස් කොමිසම ප්‍රකාශ කළේ ය. |
2018-03-13T06:06:03.000Z | මහනුවර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 280ක් අත්අඩංගුවට | මහනුවර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්280ක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - මහනුවර ඇතුළු ප්‍රදේශවල සාපරාධී ක්‍රියාවන්හි නිරතවීම සම්බන්ධයෙන් සැකකරුවන් 280 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව පැවසුවේ, අද මාධ්‍ය හමුවක් කැඳවමිනි. |
2018-03-13T05:44:32.000Z | ව්‍යාපාරිකයින් රැසක් අාදායම් බදු ගෙවීම මග හරිමින් සිටින බව දේශීය අදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුව කියයි | ව්‍යාපාරිකයින් රැසක් අාදායම් බදු ගෙවීම මග හරි | COLOMBO (News 1st) - ව්‍යාපාරිකයින් රැසක් බදු ගෙවීම මග හරිමින් සිටින බව දේශීය අාදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසා තිබේ. එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් අයිවන් දිසානායක මහතා සඳහන් කළේ, අාදායම් බදු ගෙවීම පැහැර හරින ව්‍යාපාරිකයින්ගෙන් බදු අයකර ගැනීම සඳහා ඉදිරි මාස 3ක කාලය තුළ නව බදු ගොනු ලක්ෂ 3ක් පමන විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ය. දැනට අාදායම් බදු ගෙවන අය ලක්ෂ 15ක් පමණ සිටින බව ද ඔහු සඳහන් කළේ ය. කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ, පසුගිය මසයේදී රුපියල් බිලියන 53ක අාදායමක් උපයාගත් බවයි. |
2018-03-13T04:53:01.000Z | "ශ්‍රීදේවි සහ ජාන්වී කපූර් සංසන්දනය කිරීම අසාධාරණයි" - සෝයා අක්තර් | ශ්‍රීදේවි සහ ජාන්වී කපූර් සංසන්දනය කිරීම අසාධාරණයි | COLOMBO (News 1st) - පසුගිය දා අභාවප්‍රාප්ත ප්‍රවීණ බොලිවුඩ් නිළි ශ්‍රීදේවි සහ ඇයගේ වැඩිමහල් දියණිය වන ජාන්වී කපූර්ගේ රංගන කුසලතා සංසන්දනය කිරීම අසාධාරණ බව ප්‍රවීණ බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ සෝයා අක්තර් පවසා තිබේ. සෝයා අක්තර් මේ බව සඳහන් කළේ, ජාන්වී කපූර්, ධදක් චිත්‍රපටය ඔස්සේ බොලිවුඩ් සිනමාවට අවතීරණයවීමට සුදානමින් සිටින පසුබිමකදී ය. රංගන ශිල්පියෙකුගේ රංගන ප්‍රතිභාව තව ත් අයෙකුගෙන් වෙනස් වන බැවින් ඔවුන් සැසඳීමෙන් තොරව ඔවුන්ගේ හැකියාව අගය කළ යුතු බව ද සෝයා අක්තර් වැඩිදුරටත් පවසා ඇත. |
2018-03-13T03:08:26.000Z | මන්ත්‍රී පුත් රමිත් රඹුක්වැල්ලගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි | රමිත් රඹුක්වැල්ලගේ රියැදුරු බලපත්‍රය අත්හිටුවයි | COLOMBO (Newsfirst) : පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ලගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද නියෝග කළේ ය. විනිසුරුවරයා නියෝගය කළේ, රමිත් රඹුක්වැල්ල මහතා නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත යොමුකර කායික හා මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් අධීකරණයට ඉදිරිපත් කරන ලෙසයි. බීමත්ව රිය පැදවීම ඇතුළු චෝදනා 4 ක් යටතේ නාරාහේන්පිට පොලීසිය රඹුක්වැල්ල මහතාට එරෙහිව නඩු පවරා තබේ. එහිදී රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත සැකකාර රඹුක්වැල්ල මහතා මුදාහැරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. අදාළ චෝදනාවන්ට තමා නිවැරදිකරු බව ප්‍රකාශ කිරීම හේතුවෙන් වැඩිදුර නඩු විභාගය ජුනි මස 19 වන දා දක්වා කල් තැබිණ. https://youtu.be/4ZyRX-Jvb0w |
2018-03-13T01:57:11.000Z | නේපාල ගුවන් අනතුරට හේතුව තවම ත් අභිරහසක් | නේපාල ගුවන් අනතුරට හේතුව තවම ත් අභිරහසක් | පුද්ගලයින් 49 දෙනෙකුට මරු කැඳවූ නේපාල ගුවන් අනතුරට හේතුව මෙතෙක් අනවරණ වී නොමැත. කෙසේ වෙතත් විමර්ශනවලදී බංග්ලාදේශයේ පෞද්ගලික ගුවන් සේවයකට අයත් යානය සහ පාලක මැදිරිය අතර සබඳතා ඇණහිටීම පිළිබඳව විමර්ශකයින්ගේ දැඩි අවධානයක් යොමු වී තිබේ. නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපොළට ගොඩ බෑමට උත්සාහ කිරීමේදී යානය කඩා වැටුණු අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 67ක් ඇතුළු 71 දෙනෙක් සිටියහ. ඊයේ පස්වරුවේ කත්මන්ඩු ගුවන් තොටුපොළේ ධාවන පථයෙන් ඉවතට ඇදී ගිය යානය ගිනි ගැනීමකට ලක්විය. යානය අයත් ගුවන් සමාගම පාලක මැදිරියට චෝදනා එල්ල කරයි. එහෙත් ගුවන්තොටුපොළ පවසන්නේ, යානය වැරදි දිශාවෙන් යානය ගොඩ බැස්ස වූ බවයි. අනතුර සම්බන්ධයෙන් ගුවන් පාලක මැදිරිය වගකිව යුතු බව ගුවන් සේවය පවසන නමුත් නේපාල බලධාරීන් පවසන්නේ, යානය ගොඩබැස්වීමේදී වැරදි දිශාවකට ප්‍රවේශ වූ බවයි. ගුවන් අනතුරින් දිවි බේරාගත් 22 දෙනා අතුරින් 11 දෙනෙකු නේපාල ජාතිකයින් වන අතර ඉතිරි 11 දෙනා බංග්ලාදේශ ජාතිකයෝ වෙති. නේපාලයේ මෑත කාලීනව සිදුවූ දරුණුතම ගුවන් අනතුර මෙය ලෙස සැලකෙන අතර එරට ගුවන් ගමන් ආරම්භය සිදු වූ 1949 වසරේ සිට මේ දක්වා ගුවන් යානා සහ හොළිකොප්ටර් අනතුරු 70කට අධික සංඛ්‍යාවක් සිදුව තිබේ. ඉන් බහුතරයක් සිදුව ඇත්තේ, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනි. |
2018-03-13T00:18:35.000Z | පාතාලේ 'බැරල් සංඛ' පෑලියගොඩ STF අත්අඩංගුවට | පාතාලේ 'බැරල් සංඛ' STF අත්අඩංගුවට | COLOMBO (Newsfirst) : පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකින් පාතාල කල්ලි නායක 'බැරල් සංඛ' නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පෑලියගොඩ, මිරිස්වත්ත මාර්ගයේදී ඊයේ රාත්‍රියේ මොහු අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වත්තල පොලීසිය වෙත භාර දෙනු ලැබ තිබේ. මේ අතර පසුගිය දා පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීමකදී තවත් පාතල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට පත්විය. මොවුන් දෙදෙනා සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන මධූෂ් නමැත්තාගේ අපරාධ කල්ලියේ ප්‍රබල සමාජිකයින් දෙදෙනෙකු වන බව පොලීසිය පැවසී ය. |
2018-03-12T23:51:52.000Z | අනධ්‍යන සේවක වර්ජනයෙන් සරසවි අඩපණ වෙයි | අනධ්‍යන සේවක වර්ජනයෙන් සරසවි අඩපණ වෙයි | COLOMBO (Newsfirst) : අනධ්‍යන කාර්ය මණ්ඩල ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන 30ක අධ්‍යයන කටයුතු අද 14 වන දිනටත් අඩාල වී තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලක්ෂමන් දිසානායක මහතා පැවසුවේ, අනධ්‍යයන කාර්ය මණ්ඩල වැඩ වර්ජනය හේතුවෙන් සියලුම පීඨවල සිසුන්ගේ දේශන කටයුතු අඩාල වී ඇති බව යි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා ප්‍රකාශ කළේ, අනධ්‍යන සේවක වැඩ වර්ජනය හේතුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ද සියලු කටයුතු මේ වන විට අඩාල වී ඇති බව ය. 15000 අධික අනධ්‍යන සේවකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ, මාසික හිලව් දීමනාව ඇතුළු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන්නැයි ඉල්ලමිනි. 2016 වසරේ ගිවිසුම්ගත වු එකඟතාව ක්‍රියාත්මක කරන ලෙස වෘත්තීය සමිති ඉල්ලා සිටියි. ගැටලු විසඳීම සඳහා වත්මන් උසස් අධ්‍යාපන අමාත්‍ය කබීර් හෂීම් මහතා රාජකාරී ආරම්භ කිරීමට පෙර සාකච්ඡාවක් ලබා දී තිබූ අතර ඉන් අනතුරුව මේ දක්වා කිසිදු සාකච්ඡාවක් ලබා දී නැතැයි වෘත්තීය සමිති චෝදනා කළේ ය. වර්තමානයේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව සිසුන් ලක්ෂ 2කට අධික ය. https://www.youtube.com/watch?v=K1q5kY0YtGg |
2018-03-12T23:04:01.000Z | අඩු පීඩන කලාපය දිවයිනෙන් බැහැරව අරාබි මුහුදු තීරයට | අඩු පීඩන කලාපය දිවයිනෙන් බැහැරව අරාබි මුහුදු තීරයට | Colombo (Newsfirst) - දිවයිනට නිරිත දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් හම්බන්තොට සිට ගාල්ල සහ කොළඹ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා ඉහළ යාමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේ, එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති වන අතර ම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට හැකියාව පවතින බව ය. දිවයිනට දකුණු දෙසින් පැවැති අඩු පීඩන තත්ත්වය දැනට දිවයිනට නිරිත දෙසින් පවතින බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙම අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතට එනම් අරාබි මුහුද දෙසට ගමන් කරන බව ය. |
2018-03-12T22:08:17.000Z | මුලතිව් මුහුදේ ධීවරයින් 3ක් සමග බෝට්ටුවක් අතුරුදන් | මුලතිව් මුහුදේ ධීවරයින් 3ක් සමග බෝට්ටුවක් අතුරුදන් | COLOMBO (News 1st) : මුලතිව්, නයාරු ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා ගිය ධීවරයින් 3 දෙනෙකු රැගත් බෝට්ටුවක් අතුරුදන්ව තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ, හලාවත බංගදෙණිය ප්‍රදේශයේ පදිංචි 50, 48 සහ 24 හැවිරිදි ධීවරයින් තිදෙනෙකි. අතුරුදන් වූ පුද්ගලයින් සොයා නාවික හමුදාවේ සහය ඇතිව මෙහෙයුම් ආරම්භ කර ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය. මේ අතර මාතර සිට ගාල්ල හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමිටර් 60 දක්වා වැඩි විය හැකි බැවින් ධීවර කටයුතුවලදී ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දර්ශන චමිල් ප්‍රේමතිලක මහතා ජනතාවට දැනුම් දෙයි. මේ අතර පැවති අඩු පීඩන කාලාපය දිවයිනෙන් බැහැරව වයඹ දිශාවට ගමන් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන විය හැකි බව ත් ඒ හේතුවෙන් දිවයින වටා ඇති බස්නාහිර,දකුණු සහ නිරත දිග පළාත්වල මුහුදු තීරවල විටින් විට ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව ත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර සිටී. |
2018-03-12T22:38:31.000Z | තේවලට සීනි කලවම් කෙරූ කර්මාන්ත ශාලාවලට වැඩ වරදින ලකුණු | තේවලට සීනි කලවම් කෙරූ කර්මාන්ත ශාලාවලට වැඩ වරදියි | Colombo (Newsfirst) - තේවලට සිනි කලවම් කරන ලද කර්මාන්ත ශාලා 53කට නිදහසට කරුණු දක්වන ලෙසට ලිපි යැවූ බව තේ මණ්ඩලය පවසයි. තේ මණ්ඩලයේ සභාපති රෝහාන් පෙතියාගොඩ මහතා සඳහන් කළේ, වංචනික ලෙස තේවලට සීනි කලවම් කර එම කර්මාන්ත ශාලා හසුවී ඇති බව ය. පසුගිය 23 වන දා තම නිලධාරීන් හදිසියේ කරන ලද පරීක්ෂා කිරීම්වලදී ලබා ගත් සාම්පල් පරීක්ෂා කිරීමේදී තේවලට සීනි කලවම් කර ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව එම කර්මාන්ත ශාලාවලට නිදහසට කරුණු දැක්වීම සඳහා සතියක කාලයක් ලබා දී තිබෙන බව සභාපතිවරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, නිදහසට කරුණු දැක්වීමට අපහසු වන කර්මාන්ත ශාලාවල වැඩ තහනම් කරන බව ය. තේවලට සීනි කලවම් කිරීමෙන් විවිධ රෝග සෑදෙන බව සභාපතිවරයා පැවසුවේ ය. |
2018-03-12T20:39:49.000Z | ලාංකික ගෘහ සේවිකාව වෙඩි තබා ඝාතනය කර සැකකරු ත් දිවි නසා ගනී | ලාංකික ගෘහ සේවිකාවක සෞදියේදී වෙඩි තබා ඝාතනය කෙරේ | COLOMBO (News 1st) : සෞදියේ සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක වෙඩි තබා ඝාතනය කර තිබේ. සෞදි මාධ්‍ය වාර්තා කරන්නේ, ගෘහ සේවිකාව වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු අදාළ සෞදි ජාතික සැකකරු ද වෙඩි තබාගෙන සිය දිවි නසා ගෙන ඇති බවයි. පසුගිය සෙනසුරාදා සිදු ව ඇති මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, ප්‍රියංකා ජයශංකර් නමැති 42 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවකි. සෞදි මාධ්‍ය වාර්තා කරන්නේ, ගෘහ සේවිකාව වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු අදාළ සෞදි ජාතික සැකකරු ද වෙඩි තබාගෙන සිය දිවි නසා ගෙන ඇති බවයි. ඉදිරි නීතිමය කටයුතු සඳහා ඇයගේ මෘත දේහය අල්-රාස්හි රෝහලක තැන්පත් කර ඇතැයි, එම වර්තාවේ වැඩිදුරටත් සඳහන් ය. සෞදි පොලීසිය උපුටා දක්වමින් එරට මාධ්‍ය වර්තා කරන්නේ, ඇය සේවය කළ නිවස තුළදී ම මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. 30 හැවිරිදි ඝාතන සැකකරු මානසික රෝගයකින් පෙළෙන්නෙකු බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය. විදේශ රැකියා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. |
2018-03-12T20:43:25.000Z | ජනපති අද ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා හමුවෙයි | ජනපති අද ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා හමුවෙයි | Colombo (Newsfirst) - ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා සහ මිචිකෝ රැජිණ හමුවීමට නියමිතව තිබේ. ජනාධිපතිවරයා සහ ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා හෙට පැවැත්වෙන අතර එහිදී දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් පුළුල්ව අවධානය යොමු කරනු ඇත. එමෙන් ම විශේෂ ව්‍යාපාරික හා ආයෝජන සමුළුවකට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වීමට නියමිත අතර ජයිකා ආයතනයේ සභාපතිවරයා මෙන් ම ජපාන වාණිජ මණ්ඩලය සහ ජපාන විදේශ වෙළෙඳ සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක නියෝජිතයින් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත ය. සිය ජපාන සංචාරය තුළදී ජපානයේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ සිද්ධස්ථානයන්හි ප‍්‍රධාන සංඝනායක හිමිවරුන් බැහැදැකීමට ද ජනාධිපතිවරයා අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයා ජපානයේ නවීන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට ද නියමිත බව ය. විදේශ අමාත්‍ය තිලක් මාරපන, නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග මෙම සංචාරයට එක්ව සිටිති. |
2018-03-12T19:49:56.000Z | අද පෙරවරු 9 සිට කොළඹ ප්‍රදේශ කිහිපයක ජලය කැපේ | අද පෙරවරු 9 සිට කොළඹ ප්‍රදේශ කිහිපයක ජලය කැපේ | Colombo (Newsfirst) - අද පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ කොළඹ තදාසන්න ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කැලණිය, බියගම, පෑලියගොඩ සහ වත්තල නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇති. හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය. |
2018-03-12T19:43:17.000Z | ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි තරගයේ ජය ඉන්දියාවට | ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි තරගයේ ජය ඉන්දියාවට | COLOMBO (News 1st) : ඉන්දීය කණ්ඩායම නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණට පැමිණ සිටී. ඒ, ඊයේ ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක ජයක් ලබා ගැනීමත් සමග ය. කොළඹ ආර්. ප්‍රේමදාස පිටිය අවට පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරග ආරම්භය පැයක පමණ කාලයක් ප්‍රමාද විය. එක් කණ්ඩායමටක හිමි වූ පන්දුවාර ගණන 19කි. තරගයේ කාසියේ වාසිය දිනු ඉන්දීය නායක රෝහිත් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නේ ය. දිනේෂ් චන්දිමාල්ට පනවා ඇති තහනම හේතුවෙන් ඔහු වෙනුවට සුරංග ලක්මාල් කණ්ඩායමට කැඳවූ අතර ඊයේ දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූයේ තිසර පෙරේරායි. ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් එක්ව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළහ. පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 25 කට සීමා කරමින් ගුණතිලක ලකුණු 17 කට දැවී ගියේ ය. උපුල් තරංග ලකුණු 22ක් රැස් කළ අතර තිසර පෙරේරා ලකුණු 15ක් ලබා ගත්හ. කුසල් මෙන්ඩිස් ඊයේ වාර්තා කළේ, 20 යි 20 දිවියේ සිව්වැනි අර්ධ ශතකයයි. දකුණතින් මද වේග පන්දු යවන ක්‍රීඩක ශර්දුල් ථාකූර් ලකුණු 27ට කඩුලු 4ක් දවා ගත්තේ ය. නියමිත පන්දුවාර 19 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 152කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නායක රෝහිත් ශර්මා ලකුණු 11ට දැවී ගිය අතර ශිඛර් ධවාන් ලකුණු 8ක් රැස් කළහ. අනතුරුව පිටියේ ස්ථාවර වූ මනීෂ් පාන්ඩේ සහ දිනේෂ් කාර්තික් පස්වැනි කඩුල්ලට ලකුණු 68ක නොබිඳුනු සබඳතාවක් ගොඩනැගූහ. පාන්ඩේ පන්දු 31කින් ලකුණු 42ක් රැස් කිරීමට සමත්විය. කාර්තික් පන්දු 25කදී රැස් කළ ලකුණු 39ට 4 පහර 5ක් ඇතුළත් විය. අඛිල ධනංජය ලකුණු 19ට කඩුලු 2ක් ලබා ගත්තේ ය. ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 3කදී කඩුලු 4ක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය. ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ශර්දුල් ථාකූර් තරගයේ වීරයා විය. https://www.youtube.com/watch?v=leW4CN4mUwY මේ අතර පසුගිය දා ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 5 ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ විය. තුන්කොන් තරගාවලියේ ඉන්දියාව සමග පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5ක විශිෂ්ට ජයක් වාර්තා කළේ ය. |
2018-03-12T11:43:43.000Z | ආණ්ඩුව ඇතුලෙත් වෘකයෝ ඉන්නවා - රවී කරුණානායක | ආණ්ඩුව ඇතුලෙත් වෘකයෝ ඉන්නවා - රවී කරුණානායක | COLOMBO (Newsfirst) - මහනුවර, දිගන හා රටේ ඇතැම් ප්‍රදේශවල ඇති වූ ගැටලුකාරි තත්ත්වයට වගකිව යුත්තේ කවුද? මැති ඇමතිවරු ඒ පිළිබඳව අදහස් පළ කළේය. වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා "මෙවැනි මේ සිද්ධියක් ඇතිවෙන්න හේතුව පෙබරවාරි මාසේ 10 වැනිදා මැතිවරණයේ ප්‍රතිඵල කියන එක ඉතාමත් පැහැදිලියි. මං මේක වගකීමෙන් කියන්නේ ආනමඩුවේ මේ සිද්ධියේදී අත්තඩංගුට අරන් තියෙන හත්දෙනා මේ සියලුම දෙනා පසුගිය පෙබරවාරි 10 වැනිදා මැතිවරණයේ පොහොට්ටුව ජයග්‍රහනය කරවීමට ආණමඩුවේ නගරයේ අපෙක්ෂකයා ජයග්‍රහනය කරවන්නට මහන්සි වෙච්චි කැපවෙච්චි කැන්වසින් කරපු මැතිවරණ ව්‍යාපාරයේ උදවිය තමයි මේ අටදෙනාම බොහොම පැහැදිලියෙන් මම වගකීමෙන් කියනවා" එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා "මහසෝන් බලකාය කියලා බලකායක් හදාගෙන අපිට ආරංචියේ හැටියට නුවර කුරුණෑගල, ගලගෙදර කියන ප්‍රදේශවල මේක ක්‍රියාත්මක වෙනවලු .මේ මහසෝන් බලකාය පිටුපස්සෙ කැබිනට් ඇමතිවරයෙක් ඉන්නවා කියන එක ප්‍රසිද්ධයි මේ මහාසෝන් බලකායේ ප්‍රධානියා අණ දෙන නිලධාරියා කැබිනට් එකේ ඉන්න උසම මහසෝනා කියලා මම කියන්න කැමතියි" එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා "අපේ ආණ්ඩුව ඇතුලෙත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. වෘකයෝ බැටළු හම ඇඳගෙන" |
2018-03-12T11:26:54.000Z | මේ සතියේ දේශපාලනය පිළිබඳ විමසා බලන Inside Politics | මේ සතියේ දේශපාලනය පිළිබඳ විමසා බලන Inside Politics | COLOMBO (Newsfirst) - ලැබූ සතියේ දේශපාලනයේ වෙන්න යන දේ පිළිබඳ විමසා බලන 'Inside Politics' විශේෂාංගය https://www.youtube.com/watch?v=lwwII2RnDiM |
2018-03-12T10:48:38.000Z | හිසට සෙවණ නොමැතිව මහ වැස්සට ගසක් යටට වී සිටි පවුලක කඳුළු කතාව | මහ වැස්සට ගසක් යටට වී සිටි පවුලක කඳුළු කතාව | COLOMBO (News 1st) - ඊයේ මහ වැසි ඇද හැලෙද්දී ගසක් යට සිටි මව්පිය දෙදෙනෙකු සහ දරු දෙදෙනෙකු අද බිබිල පොලීසියට පැමිණියහ. ඔවුන් පැවසුවේ, කවුරුන්හෝ තම කුඩා නිවස කඩා දමා තිබු බවයි. 9 හැවිරිදි දියණියත් 3 හැවිරිදි පුත්‍රයාත් සමග මේ යුවළ බිබිල පොලීසියට පැමිණියේ තමන් නිවසේ නොසිටි අතුරතුර ඊයේ දහවල් සිදු වූ සිද්ධිය ගැන දැනුම්දීමේ අරමුණිනි. කුඩා දියණිය දහම් පාසලෙන් රැගෙන ඒමට ගොස් සිටියදී නිවස කඩාබිඳ දමා තිබු බවත් ඊයේ රාත්‍රිය පුරා ගසක් යට තෙමි තෙමි සිටි බවත් ඔවුන් පැවසූහ. ඔහු පොලිස් නිලධාරීන් ද සමග නිවස පිහිටි ස්ථානයට ගියේ ය. බිබිල පොලිස්ථානාධිපතිවරයා අප සමග පැවසුවේ, නිවසට හානි කළේ කවුරුන්දැයි සොයා ගැනීම සඳහා කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කළ බවයි. ඔවුන් සිව් දෙනා තාවකාලිකව මව්පියන් වෙසෙන නිවසට යැවීමට පියවර ගෙන ඇත. අප කළ විමසීමකදී බිබිල ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් කුලතිලක මහතා පැවසුවේ, හැකි ඉක්මනින් ස්ථීර ඉඩමක් ලබාදීමට පියවර ගන්නා බව ය. https://youtu.be/bjIUjcWJjU0 |
2018-03-12T10:45:20.000Z | ශ්‍රී ලංකාවේ Facebook තහනම ගැන Facebook සමාගම ප්‍රතිචාර දක්වයි | Facebook තහනම ගැන Facebook සමාගම ප්‍රතිචාර දක්වයි | COLOMBO (Newsfirst) - "ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට ත් කිරීමට කළ නොහැකි දෙයක් කර තිබෙනවා: ද්වේෂ සහගත අන්තර්ගතයන් ඇති ප්‍රවෘත්ති සහ ව්‍යාජ ප්‍රවෘත්ති මැඩලීමට ෆේස්බුක් සහ සමාජ මාධ්‍ය තහනමක් පනවයි" මේ අමෙරිකාවේ CNBC ප්‍රවෘත්ති ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ෆේස්බුක් තහනම පිළිබඳව පල කර තිබූ ශීර්ෂ පාඨයකි. CNBC ආයතනයට ඊමේල් පණිවුඩයක් මගින් ශ්‍රී ලංකාව පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කරන ෆේස්බුක් ආයතනය මෙසේ පවසා තිබේ. "වෛරීසහගත ප්‍රකාශ සහ ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට අනුබල දීම පිළිබඳව අප ආයතනයේ ඉතාමත් පැහැදිලි නීතිරීති තිබෙන අතර එවැනි දේ අපගේ පද්ධතියෙන් බැහැර කිරීමට අප වෙහෙස වී කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ සිදුවීම පිළිබඳව අප ප්‍රතිචාර දක්වා තිබෙනවා. අපි ශ්‍රී ලංකා රජයේ සහ රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව වැඩ කරනවා මෙවැනි වෛරී ප්‍රකාශ අපගේ වෙබ් අඩවියෙන් ඉවත් කරන්න" මෙම ෆේස්බුක් තහනම පිළිබඳව අප ජනතාවගෙන් ද විමසීමක් කළේය. "ෆේස්බුක් තහනම් කරපු එක හොඳයි" "අපිට හරි පාඩුවක්" "තහනම් කරපු එක ගොඩාක්ම නරකයි" "ෆේස්බුක් තහනම් කරා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ" "සෝචනීයයි" "කට්ටිය VPN පාවිච්චි කරලා යනවා" "වැරදි විදිහට පාවිච්චි කරන කට්ටියව බ්ලොක් කරලා හෝ එහෙම දෙයක් කරලා මං හිතන්නේ නෑ තහනම් කරපු එක හොඳ දෙයක් කියලා" "ඒක ප්‍රශ්නයක් උඩ තහනම් කරපු හින්දා ඒක අවුලක් නැහැ පොඩ්ඩක් දුකකුත් තියෙනවා" "තහනම් කරාට වැඩක් නැහැ" "මම ඒකේ හොඳ තත්ත්වයක් දකිනවා" "සාමයට බාධාවක් වෙනවනම් දැන් මේ වෙනකොට වෙන්න ඕන මොකද ඒක නැවැත්තුවාට නැවතීමක් වෙලා නැහැ මේ වර්චුවල් ප්‍රයිවට් නෙට්වර්ක් හරහා" "සෙනසුරාදා දෙනවා කියලා කිව්වා. සෙනසුරාදා දෙනවනම් දෙන්න එපැයි" ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ පරිගණක ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා "අපි කල්පනා කරලා බලන්න ඕන මෙවන් සිද්ධි අවම කරගන්න පුළුවන්කමක් තියනවද කියලා අපි ඕනම අවස්ථාවලදි සමාජජාලා වෙබ් අඩවියකදි යම් පුද්ගලයෙක් ෂෙයාර් කරන බෙදදා හදාගන්නා තොරතුර නිවැරදි ද සත්‍යය ද යම් පුද්ගයෙකුට හානියක් වෙනවා නම් එවන් සිද්ධි වලින් වැළකිලා සිටින්න ඕන" කෙසේවෙතත් මේ වනවිට මෙම සමාජ මාධ්‍ය තහනම සංචාරක මෙන්ම අන්තර්ජාල ඔස්සේ සිදු කරන ව්‍යාපාරවලට ද දැඩිව බලපා තිබේ. ශ්‍රී ලංකා තොරුතුරු තාක්ෂණ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති අචාර්ය කිත්සිරි මංචනායක මහතා "රජයේ මතය වෙලා තියෙන්නේ මේ තහංචිය ඉවත් කරන්නට නම් ඒ සමාජා ජාලා වෙඩි අඩවි මෙහෙයවන සමාගම් විසින් යම් කිසි ආකාරයක රජයට වගකිමක් දෙන්න ඕන මේවා මින් ඉදිරියට නොවෙන්න වග බලාගන්නා බවට සහ ඒවා මර්ධනය කරන්නට දායක වෙන බවට. අද ගත්තාම මේක විශාල පාඩුවක් රටට විදේශිකයින් මේරටට පැමිණෙනවා ඉගෙන ගන්න දරුවන් ඉන්නවා මම සම්බන්ධ වුණා ආසියානු පැසිෆික් ප්‍රදේශයේ අධ්‍යක්ෂක ෆේස්බුක් ප්‍රතිපත්ති සැලසුම් අධ්‍යක්ෂකට ඔහු ඉන්දියාවේ. ඔහු අපට සහයෝගය පල කළා ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ ඕනෑම දේකට සහයෝගය පල කරන බවට. අද හවස් වෙනකටෙ ඔවුන් කියයි කෙටිකාලීන හා දිගු කාලීනව කොහොමද වාරණයක් නැතුව නිරීක්ෂණයකට හා අධීක්ෂණයකට යටත්ව ක්‍රියාත්මක කරන්නේ කියලා අද ලොකු ගැටලුවක් කියනවා සෑම ක්ෂේත්‍රයකම ඉන්නා සියලු දෙනාට මේක විශාල ගැටලුවක් වෙලා තියනවා. අපේ ඉල්ලයක් තියනවා වසර 2022 වනකොට අමෙරිකානු ඩොලර් බිලියන 5 ආර්ථිකයක් ලංකාවේ තොරුතරු තාක්ෂණය තුළින් නිර්මාණය කරන්න ඒවාට විශාල ගැටලුවක් වෙනවා මේ වාරණය" වෘත්තිකයෙක් "මම අයිටී එකේ වැඩ කරන්නේ ඩිජිටල් මාර්කට්න් කම්පැනි එකක ෆේස්බුක් තහනම් කලා කියලා කියන්නේ ගොඩක්ම අමාරුයි අපි වගේ කම්පැනි එකකට ස්වයිවෙන්න මොකද ෆේස්බුක් හරහා තමයි ගොඩක්ම අපේ කම්පැනි එකේ බිස්නස් රන් වෙන්නේ. වට්ස්අප් කෝල් එහෙම අපට ගන්න විදිහක් නෑ මොකද අපේ කොම්පැනි එකේ ගොඩක්ම යන්නේ පිටරට ක්ලයන්ලත් එක්ක තමයි සම්බන්ධකම් පවත්වන්නේ ඒ වගේ කොල්ස් ගන්න බෑ කියන්නේ අපට ගොඩක් අමාරුයි" විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ ලේකම් සුභාෂන සුබවික්‍රම මහතා "ජනතාවගේ එදිනෙදා ජිවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා තියන අවස්ථාවකත් ඇයි මේ වගේ සංනිවේදනය කප්පාදු කරලා තියන එකට අපි දැඩි විරුද්ධත්වය ප්‍රකාශකරනවා මොකද මේකෙන් වැඩි අසාධාරණයට ලක්වෙන්නේ විදෙස්ගත ශ්‍රමිකයා ඔවුන් ඉන්නේ සැතපුම් ගණන් දුර විනාඩියක් කතා කරන්න රුපියල් 100 යි 150 යි අපට වියදම් වුණේ අද පවුල් අතර සම්බන්ධතාවය ගොඩක් ලංවෙලා තියනවා මේ සන්නිවේදන ක්‍රමය නිසා ඉතිං මේ රජය ඒ අවස්ථාව නැති කරලා තියනවා රජයට අවශ්‍යතාවයක් තිබුණා අපට දැනෙන හැටියට මේ සන්නිවේදන ක්‍රමය පාලනය කරන්න අර අඬන්න ඉන්න කෙනාට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ" විදේශ සංචාරකයින් ද සමාජ මාධ්‍ය තහනම පිළිබඳ සිය අදහස් පළ කළේය. "හුඟක් අමාරුයි සමාජ මාධ්‍ය නැතුව මගේ පවුලේ අයත් එක්ක සම්බන්ධවෙන්න" "මම හිතන්නේ ඒක වැදගත් එකිනෙකා සමග කතාබහ කරන්න" සමාජ මාධ්‍ය තහනම පිළිබඳ අදහස් පළ කළ හෝටල් ව්‍යාපාරිකයින් "විශේෂයෙන්ම දකුණු පළාතේ ගත්තොත් සංචාරක කලාපයක් මේ සංචාරක කර්මාන්තය විශාලම හානියක් සිද්ධ වුණා. හොටෙල්වල බුකින් පවා කැන්සල් වෙලා තිබුණා" "තහනම් කරල ද කියලා ඒ ගොල්ලෝ අහනවා අපි කියනවා කදරකාරි දින කිහිපය තුළ එහෙම වුණත් ඉක්මණින්ම මේක රජය අයින් කරයි කියලා සංචාරක ව්‍යාපාරය විදිහට සංචාරකයින් එහෙම අහන එකත් අපට පුංචි අඬුවක් විදිහටයි මං සළකන්නේ" මේ අතර නීතීඥ සංවිධාන ජාතික එකමුතුව අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත වෙත සමාජ්‍ය මාධ්‍ය තහනමට එරෙහිව පැමිණිල්ලක් සිදු කළේය. නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ කැඳවුම්කරු නීතීඥ මනෝජ් ගමගේ මහතා "අපි දකිනවා මෙම ක්‍රියාමාර්ගය සම්පුර්ණයෙන් ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තුන්වෙන පරිච්චේදයේ 14 වන ඡේදය ඒ වගේම එක ආ වගන්තියේ භාෂණයේ හා ප්‍රකාශණයේ අදහස් ප්‍රකාශ කිරිමේ නිදහසට සෘජු ලෙසම එල්ල කරන ලද තර්ජනයක් ලෙස තමයි අපි මේ බාධාව දකින්නේ" සමාජ ජාලා වෙඩ් අඩවි තහනම් කිරීමට ගත් තීරණය හේතුවෙන් මිලියන 4.5 ඉක්ම වූ සමාජ ජාලා වෙබ් අඩවි භාවිතා කරන්නන්ගේ මානව හිමිකම් කඩකිරීමක් සිදුකර ඇති බැවින් ඊට එරෙහිව ජිනිවාහී පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණිල්ලක් සිදු කිරීමට ඊයේ පියවර ගත් බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ. මේ අතර ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙත පිවිසීමට ඇති අවහිරතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. මේ පිළිබඳව අප නීතීය හා සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් විමසීමක් කළේය. "අපි ඉතා ඉක්මනින් මේ ප්‍රශ්ණය විසඳුනායින් පස්සේ ඉතා ඉක්මණින් නැවත මේ සඳහා තියන තහනම ඉවත් කරනවා වාතාවරණය හොඳ පැත්තට හැරුණට පස්සේ" |
2018-03-12T09:26:57.000Z | එ.ජා.ප නායකත්වයට එරෙහිව හඬ නගන පක්ෂ ක්‍රියාකාරීන් | එ.ජා.ප නායකත්වයට එරෙහිව හඬ නගන පක්ෂ ක්‍රියාකාරීන් | COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් පසුගිය දින කිහිපයේ පක්ෂයට හා නායකත්වයට එරෙහිව හඬ අවදි කළේ, මෙවර මැතිවරණයේදී තමන් නොසලකා හැර ඇති බව පවසමිනි. අද ත් පොල්ගහවෙල ආසනයේ එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය පාළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් පිරිසක් මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කළහ. පොල්ගහවෙල දකුණ කොට්ඨාසයේ අපේක්ෂක අයි. එම්. එම්. ඉමිටියාස්, අපි පොල්ගහවෙල ආසනයේ ක්‍රියාකාරි දේශපාලඥයෝ පහුගිය මැතිවරණයේ මම පොල්ගහවෙල දකුණු කොට්ඨාසයෙන් තරඟ වැදුණු අපේක්ෂකයා මම තරග කරලා 1200 ඡන්ද ලබාගත්තු පුද්ගලයෙක් මේ පළාත් පාලන මැතිවරණයෙන් ප්‍රසාද මන්ත්‍රීකම් ලබාදෙනකොට මන්ත්‍රීකම් ලබාදීලා තියෙන්නෙ නුසුදුසු ආකාරයට එක් එක් පුද්ගලයන්ගේ හිතු මනාපෙට මුදලට එහෙමත් නැත්නම් තමන්ගේ හිතවත්කම්වලට එහෙමයි ගරු ලේකම්තුමනි අග්‍රාමාත්‍යතුමනි මේවා දීලා තියෙන්නේ මේක වැරදයි මෙහෙම ගියොත් පොල්ගහවෙල ආසනය එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද වැඩසටහන්වලට කිසිම කෙනෙක් එකතු කරගන්න බැරිවෙනවා අපිට ලැයිස්තු අපේක්ෂක,නෙයිනා මොහොමඩ්, ගරු නායකතුමනි මේ පක්ෂය අද පරදින්ට හේතුව මේ නොහොබිනා පුද්ගලයින් දමා මේ එක්සත් ජාතික පක්ෂය අපිට මින් ඉදිරියට ගෙනියන්න නම් මේකට සැකසුමක් කරලා දෙන්න එහෙම නැත්නම් අපි සියලු දෙනාම එක්සත් ජාතික පක්ෂයෙන් සමුගන්නා බව ඔබතුමාට මා ඉතා කණගාටුවෙන් ඉල්ලා සිටිනවා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ හා සීතාවක ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටි පිරිසක් පසුගිය 9 වන දා සිරිකොත පක්ෂ මුලස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත විය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ හිටපු උපනගරාධිපති, චින්තක උදයශාන්ත, මට තරග කරන්න දුන්නේ නැහැ, මම අංක 4 කොට්ඨාසයේ, ඒකට දැම්මා පැරදිච්ච කෙනෙක්. නමුත් මම ඉවසන් හිටියා. දැන් ලයිස්තුවට දාලා තියනවා කෝට්ටේ ආසනයේ ඡන්දය නැති පුද්ගලයෙකුත් කඩුවෙල මහානගර සභාවේ හිටපු විපක්ෂ නායක, ප්‍රියන්ත පත්බේරිය, එක්සත් ජාතික පක්ෂය මං වගේ පක්ෂය රැක්ක, අමාරු වේලාවේ නායකයා රැක්ක, මට මෙහෙම කරානම් සලකනවානම්, තව මොන කවර කතාද? කියලා මම අහනවා. මම අහනවා එක්සත් ජාතික පක්සයේ මහලේකම්තුමාගෙන් විලි ලැජ්ජ නැද්ද මේ තීරණ තීන්දු ගන්න? ඔබතුමා නෙමෙයි ද මේකේ තීන්දු තීරණ ගන්නේ? එක්සත් ජාතික පකෂයේ වයඹ පළාත් සභා මන්ත්‍රී, අජිත් රෝහණ, අපේ එක්සත් ජාතික පක්ෂ නායකතුමනි මට බලවත් අසාධාරණයක් කරලා තියනවා. අපි ඉන්නේ ටිකට් බෙදන්නයි, කොළඹට සෙනග ගේන්නයි කොඩි වැල් එල්ලනයි ස්ටේජ් ගහන්නයි විතර ද කියලා නායකතුමාගෙන් අහනවා https://youtu.be/EcyyGmNm5WE |
2018-03-12T08:52:16.000Z | කාලගුණයේ වෙනසක්: ධීවරයින්ට මුහුදු නොයන්නැයි උපදෙස් | කාලගුණයේ වෙනසක්: ධීවරයින්ට මුහුදු නොයන්නැයි උපදෙස් | COLOMBO (Newsfirst) - දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් සියලු අංශයන් මේ වනවිට සුදානම්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේය. කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිවයිනට බලපා ඇති කැළඹිලි ස්භාවය හෙට දිනයෙන් පසු දිවයිනෙන් පහව යනු ඇති බව ය. ඊයේ පස්වරුවේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇඳ හැලෙමින් පවතී. ඒ අනුව අද පෙරවරු 8.30 න් අවසන්වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා විය. එහි අගය මිලිමීටර් 135 යි දශම 6 කි. ඇඳහැලෙන අධික වැසි හේතුවෙන් හැඩඔය හා මහ වැව පිටාර මට්ටමට පැමිණ ඇති බව ද අප වාර්තාකරු සඳහන් කළේය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ද මේ වනවිට තද වැසි ඇද හැලෙමින් පවතී. අයහපත් කාලගුණය හේතුවෙන් අද දහවල් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 8ක් විවෘත කෙරිණි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව තත්පරයට ඝණ අඩි 1,120 ක් බැගින් පරාක්‍රම සමුද්‍රයේ ජලය අඹන් ගඟ හරහා මහවැලි ගඟට මුදා හැරෙන බව ය. වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර වාරී ඉංජිනේරු කේ.කේ.ඩී. ද සිල්වා මහතා - පොළොන්නරුව "වැවේ මුළු ධාරිතාව අක්කර අඩි එක් ලක්ෂ දාසයදාහක ප්‍රමාණයක් මේ වන විට පවතිනවා. විශේෂයෙන්ම වාන් ඇල සහ ගඟ පරිහරණය කරන පුද්ගලයින්ට කියා සිටිනවා ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස" මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේද ස්ථාන කිහිපයකට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල විය . ඊයේ පස්වරුවේ හම්බන්තොටින්, පිටත්ව ගිය ධීවරයින් නැවත වරායට පැමිණ තිබෙන බව ද අප වාර්තාකරු සඳහන් කළේය. මේ අතර වැසි සහිත කාලගුණයත් සමඟ මඩකලපුව, වාලච්චේන ප්‍රදේශයේ සුළු ගංවතුර තත්වයක් හටගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ පවුල් 15ක පිරිස් මේ හේතුවෙන් සිය නිවාස වලින් ඉවත් වී ඇති බව ය. ත්‍රීකුණාමලයට ද තද වැසි ඇඳ හැලෙමින් පවතින අතර ධීවරයින් මුහුදු යාමෙන් වැළකී සිටි බව අප වාර්තාකරු සඳහන් කළේය. මේ අතර මාස ගණනාවක් තිසේසේ මුහුණ දුන් නියං තත්ත්වය නිමා කරමින් අද දහවල් අනුරාධපුරයේ ස්ථාන කිහිපයකට මහ වැසි ඇඳ හැළුණි. අප වාර්තාකරු සඳහන් කළේ, පැයක පමණ කාලයක් තද වැසි ඇදහැළුණු බව ය. මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද දහවල් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පවතින අයහපත් කාලගුණය සම්බන්ධයෙන් අදහස් පල කළේය. කාලගුණ විද්‍යා දෙපාර්කමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ අතුල කරුණාරත්න මහතා "මේක වයඹට බරව දිවයිනෙන් බැහැරව යනවා බස්නාහිර දිශාවට.එතකොට මේක දැන් ඇතුල්වෙන්න හදන්නේ බොහෝ විට අරාබි මුහුදු තීරයට. එතකොට මේක අපි බලාපොරොත්තු වෙනවා හෙට දිනයේ මෙවැනි වළාකුලින් බර වර්ෂාපතනයක් තියෙයි කියලා. හැබැයි හෙටින් පස්සේ මෙය ක්‍රමක්‍රමයෙන් අඩුවෙලා යයි කියලා විශ්වාස කරන්න පුළුවන්. හැබැයි මේ සිස්ටම් එක ඇරබියන් මුහුදේ තව දුරට ත් පීඩන අවපාතයක් ලෙස වර්ධනය වෙන ලකුණු සාමාන්‍යයෙන් අපිට ඉන්දියාවෙන් දැනුවත් කරළත් තියෙනවා" ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා "උදෑසන ලද වාර්තා අනුව අපි විශේෂයෙන්ම ධීවර ජනතාව එම කලාපයෙන් මුහුදු කටයුතුවලින් වළකින ලෙස දැනුම් දීමක් කරනු ලැබුවා. ඉතින් ධීවර දෙපාර්තමේන්තුව හරහා මේ තත්ත්වය දිගින් දිගටම ධීවර ජනතාවට දැනුම් දීලා තියෙනවා. විශේෂයෙන්ම ධීවර බෝට්ටු පාලනය කිරීම සහ ඒ කටයුතු සම්පූරණයෙන්ම ධීවර අමාත්‍යංශය හරහා තමයි සිදුකරන්නේ. ඒ එක්කම අපි ත්‍රිවිධ හමුදාව දැනුවත් කිරීම සියලුම පොලිස් ස්ථානයන් දැනුවත් කරලා ස්ථානගත කරලා ඉදිරි යම් කටයුත්තක් රට ඇතුළත හෝ එක්කෝ නාවික හමුදාව හරහා කළ යුතු කාර්ය භාරයක් සම්බන්ධයෙන් එම සියලුම කටයුතු අපි සුදානම් කළා" |
2018-03-12T08:41:15.000Z | නිල සංචාරයක් සඳහා ජනපති ජපානයට: ද්විපාර්ශික සාකච්ඡා හෙට | නිල සංචාරයක් සඳහා ජනපති ජපානයට | COLOMBO (News 1st) - රාජ්‍ය සංචාරයක් අරඹමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ජපානයට ළඟා විය. විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සිට දින 5 ක් ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත වන බවයි. ජනාධිපතිතුමා හෙට දිනයේදී ජපානයේ අකිහිතෝ අධිරාජයා බැහැදැකීමට නියමිත අතර අනිද්දා සමුළු සාකච්ඡා සඳහා ජපාන අග්‍රාමාත්‍යවරයා මුණගැසීමට නියමිත වේ. සාකච්ඡාවලින් අනතුරුව ජපන් අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපතිතුමා වෙනුවෙන් රාජ්‍ය රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වනු ඇත. නායකයන් දෙපළ ශ්‍රී ලංකාව හා ජපානය අතර සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත වේ. සෞඛ්‍ය හා වෛද්‍ය සේවාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා රජය හා ජපන් අන්තර් ජාතික සහයෝගිතා නියෝජිතායතනය අතර යෙන් ණය ගිවිසුමක් අත්සන් කිරීමට ද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය. ජපන් විදේශ වෙළෙඳ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික රැස්වීමකට ද ජනාධිපතතුමා මෙම සංචාරයේදී සහභාගී වනු ඇති. එසේම මෙම රාජ්‍ය සංචාරය අතරතුරදී ජනාධිපතිතුමා ජපානයේ සිටින ශ්‍රී ලාංකික ජනතාව ද මුණගැසීමට නියමිතව වේ. https://youtu.be/iT3Xt2eicWc |
2018-03-12T08:26:06.000Z | Facebook මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ සිසුවා රිමාන්ඩ් | FB මගින් වැරදි තොරතුරු ප්‍රචාරය කළ සිසුවා රිමාන්ඩ් | COLOMBO (News 1st) - ජාතීන් අතර අසමගිය ඇති කරන ආකාරයේ තොරතුරු Facebook මගින් පළ කළ කොළඹ ප්‍රධාන පාසලක සිසුවෙක් ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, සැකකාර සිසුවා කොළඹ මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. වයස 18 හැවිරිදි අදාළ සිසුවා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇත. |
2018-03-12T05:57:41.000Z | සා/පෙළ සිසුන්ට හැඳුනුම්පත් නිකුත් කිරීම ලබන මස සිට ඇරඹෙයි | සා/පෙළ සිසුන්ට හැඳුනුම්පත් නිකුත් කිරීම ලබන මාසයේ | COLOMBO (News 1st) - මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයැදුම්කරුවන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම අප්‍රේල් මාසයේ සිට ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා පවසා ඇත. ඒ අනුව ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට අවශ්‍ය කෙරෙන විස්තර සහිත ඉල්ලුම්පත්‍ර මාර්තු මස 31 දිනට පෙර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලබා දිය යුතු වේ. මේ පිළිබඳව උපදෙස් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සියලුම පාසල්වල විදුහල්පතිවරුන් වෙත චක්‍රලේඛනයක් මගින් දන්වා යවා ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. ඒ අනුව වයස අවුරුදු 15 සම්පූර්ණ වී ඇති සිසුන්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට පියවර ගෙන ඇත. චක්‍රලේඛනයේ සඳහන් පරිදි සිසුන් විසින් දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් සහතික කරන ලද සිය උප්පැන්න සහතිකයේ පිටපතක් සහ අදාළ ඡායරූප ඇතුළත් අයදුම්පත් 2018 මාර්තු මස 31 දිනට පෙර විදුහල්පතිවරුන් මගින් බත්තරමුල්ලේ, ඉසුරුපායේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යලයට එවිය යුතු වනු ඇත. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, මේ වසරේදී පාසල් සිසුන් සඳහා නව ජාතික හැඳුනුම්පත් 350,000ක් පමණ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ය. |
2018-03-12T05:08:37.000Z | බිත්තර ආනයනය කිරීම නතර කෙරේ | බිත්තර ආනයනය කිරීම නතර කෙරේ | COLOMBO (News 1st) - බිත්තර ආනයනය නතර කිරීමට තීරණය කර තිබේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, දේශීය අවශ්‍යතාවය ඉක්ම වූ බිත්තර නිෂ්පාදනයක් රට තුළ පවතින බැවින් බිත්තර ආනයනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි. එහි අධ්‍යක්ෂ ජෙනරාල් නිහාල් වෙඩිසිංහ මහතා ඒ බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා වෙත දන්වා ඇති බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් වරාය හා රේගුව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. ඉදිරි උත්සව කාලයට ප්‍රමාණවත් තරම් බිත්තර නිෂ්පාදනයක් පවතින බැවින් බිත්තර ආනයනට කිසිදු අනුමැතියක් ලබා නොදෙන ලෙස තමන් විෂය භාර අමාත්‍යවරයාට උපදෙස් දුන් බව ද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එම නිවේදනයේ සඳහන් කළේ ය. |
2018-03-12T04:38:11.000Z | බංග්ලාදේශ ගුවන් යානා අනතුරින් මගීන් 50 ක් මරුට | බංග්ලාදේශ ගුවන් යානා අනතුරින් මගීන් 50 ක් මරුට | COLOMOBO (News 1st) - UPDATE නේපාලයේ කත්මණ්ඩු ගුවන්තොටුපොළේදී අද සිදු වූ ගුවන් අනතුරින් මගීන් 50 දෙනෙකු මිය ගිය අතර තව ත් 17 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට නේපාල සහන සේවා කණ්ඩායම් සමත්වී තිබේ. යානය අනතුරට ලක්වන විට එහි මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 71 දෙනෙකු සිටි බව මේ වන විට වාර්තා වේ. මගීන් 67 දෙනෙකු රැගත් බංග්ලාදේශ ගුවන් සමාගමකට අයත් ගුවන් යානයක් නේපාලයේදී අනතුරට ලක්වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නේපාලයේ කත්මණ්ඩු ගුවන්තොටුපොළට ගොඩබෑමට යාමේදී ගුවන් යානය කඩා වැටී ඇති බවයි. ගුවන් යානයේ සිටි මගීන් 17 දෙනෙකු මේ වන විට මුදා ගෙන ඇති අතර සෙසු පුද්ගලයින් පිළිබඳ තොරතුරක් මෙතෙක් වාර්තාවී නොමැත. ගුවන්තොටුපොළ බලධාරීන් ප්‍රකාශ කළේ, ගුවන් යානය කඩා වැටීමෙන් පසු එය ගිනි ගත් බවත් මේ වන විට ගින්න පාලනය කරමින් සිටින බවත් ය. |
2018-03-12T03:58:07.000Z | විවේකයට අකමැති හොළිවුඩ් නිළිය... | විවේකයට අකමැති හොළිවුඩ් නිළිය... | කාර්ය බහුල දිවි පෙවෙතින් මිදී විවේකීව කල්ගත කිරීමට තමා කිසිඳු කැමැත්තක් දක්වන්නේ නැතැයි, සුපිරි හොළිවුඩ් නිළියක සහ අධ්‍යක්ෂවරියක වන ඇන්ජලිනා ජොලි පවසන්නී ය. ඇය සඳහන් කළේ, එවැනි අවිවේකී දිවි පිවෙතකින් විනෝදයට පත්වන්නියක ලෙස ලෙස තමා හැඳින්විය හැකි බවයි. විවේකීව කල් ගත කරන ලෙස අන් අය තමාට පවසනු ඇසීමට ද තමා අකමැති බව ඇය වැඩිදුරටත් සඳහන් කළා ය. ඇන්ජලිනා ජොලි මේ වන විට සිය සහකරු වූ හොළිවුඩ් නළු බ්‍රැඩ් පිට්ගෙන් වෙන්ව ජීවත් වේ. |
2018-03-12T03:33:29.000Z | "රටේ ජනතාවට මහ ප්‍රශ්නෙ අමතක වුණා"- හිටපු ජනපති | "රටේ ජනතාවට මහ ප්‍රශ්නෙ අමතක වුණා" - හිටපු ජනපති | COLOMBO (News 1st) : පසුගිය දා මහනුවර ඇති වූ සිදුවීමත් සමග මහ බැංකු වංචාව වැනි මහා ප්‍රශ්න ජනතාවට අමතකව ගොස් ඇතැයි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. "රටේ මහා බැංකුවේ මහ කොල්ලය පිළිබඳ තිබිච්ච කතාව කෙලින්ම යට ගියා. එහි පළවෙනියා පැනලා ගිහිල්ලා තියන එක අමතක වෙලා තියනවා. රටේ තිබිච්ච මහා ප්‍රශ්න මිනිස්සුන්ට අමතක වුණා. මේ ඉතාම සියුම් ලෙස මේ රටට රටේ තිබිච්ච ප්‍රශ්න පිළිබඳව ජනතාව අමතක කරලා දාලා මේ මහනුවර සිද්ධිය මහා ලොකු සිද්ධියක් වශයෙන් මුළු රටේ ම කතා බහට ලක් කරන්න පියවරක් ගත්තා" එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, නුවර සිදුවීම එතරම් දුරදිග යාමට හේතුව බලධාරීන් එම අවස්ථාවේ නිසි පියවර නොගැනීම නිසා බවයි. "රටේ තියන තත්වයන් පිළිබදව මම අමුතුවෙන් කියන්න ඔනේ නැහැ. අද මහනායක හාමුදුරුවනේ මම පසුගිය දවසේ හිටියේ නුවර ප්‍රදේශයේ එහි ඇති වි ඇති තත්වය ඉතාම කානගාටුදායක තත්වයක්. මේ තරම් දුරදිග යන්න එක හේතුවක් වුණේ ඒ අවශ්ශ්‍ය වෙලාවට අවශ්ශය කාර්ය ඉටු නොකිරිම වගකිය යුත්තන්" හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ඇල්පිටිය, නවදගල ශෛලයතිලකාරාමයේ උත්සවයකට සහභාගී වූ අවස්ථාවේදී ය. එහිදි චෛත්‍ය කොත හා තෙමහල් සංඝවාස ගොඩනැගිල්ල විවෘත කිරීම ද එතුමා අතින් සිදු කෙරිණ. https://www.youtube.com/watch?v=RCKJ-68ND0I |
2018-03-12T03:01:59.000Z | කැලණිය, බියගම සහ පෑලියගොඩට ජල කප්පාදුවක් | කැලණිය, බියගම සහ පෑලියගොඩට ජල කප්පාදුවක් | හෙට පෙරවරු 9 සිට පැය 9යක කාලයක් කොළඹ තදාසන්න ප්‍රදේශවල ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කැලණිය, බියගම, පැලියගොඩ සහ වත්ත නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටු වනු ඇති. අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසී ය. |
2018-03-12T02:02:37.000Z | පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කෙරේ | පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු විවෘත කෙරේ | COLOMBO (News 1st) : පවතින අධික වර්ෂාව හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 4 ක් විවෘත කර තිබේ. වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතා පැවසුවේ, ඉන් තත්ත්පරයට ඝන අඩි 600 බැගින් ජලය මුදා හරින බවයි. මේ අතර මාතර දිස්ත්‍රික්කයේ වැසි සහ තද සුළං තත්ත්වය නිසා ධීවරයන් ධීවර කටයුතුවලින් ඉවත් වී තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, ඊයේ පෙරවරුවේ සිට මාතරට වැසි ඇදහැළෙන බවයි. හම්බන්තොට දිස්ත්‍රක්කයේ ස්ථාන කිහිපයකට ඊයේ උදේ සිට වැසි සහ සුළං තත්ත්වයක් පැවතිණ. අප වාර්තාකරු පැවසුවේ, අද දිනය වන විට සුළං තත්ත්වය යම් තාක් දුරට පහව ගොස් තිබුණ ද නොකඩවා වර්ෂාව පවතින බවයි. අම්පාර දිස්ත්‍රක්කයේ පොතුවිල්, ලාහුගල සියබලාණ්ඩුව වැනි ප්‍රදේශවල ඊයේ පෙරවරුවේ සිට වැසි තත්ත්වයක් පවතී. හැඩ ඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමග මහවැව පිටාර මට්ටමට පැමිණීමට ආසන්න බව ද අප වාර්තාකරු පැවසී ය. නොනවත්වා වැසි ඇද හැළුණහොත් මහ වැව පිටාර ගැලීමෙන් ලාහුගල,බෝගහලන්ද ,පරණ ගොවිපොළ යන ප්‍රදේශවලට ගංවතුර අවදානමක් පවතින බව ද වාර්තා වේ. මේ අතර අද පෙරවරු 8.30 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ වැඩි ම වර්ෂාපතනයක් පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා විය. එම අගය මිලිමීටර් 135.6 කි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව අම්පාර දිස්ත්‍රික්කයේ ලොග්ගල් ඔය ප්‍රදේශයෙන් මිලිමීටර් 111 ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ. මේ අතර අද දිනයේදී ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. |
2018-03-12T00:23:54.000Z | ගිනි අවියක් සමග මහනුවරදී තිදෙනෙක් අත්අඩංගුවට | ගිනි අවියක් සමග මහනුවරදී තිදෙනෙක් අත්අඩංගුවට | COLOMBO (News 1st) : මහනුවර, හන්තානකන්ද ප්‍රදේශයේදී ගිනි අවියක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, නිට්ටඹුව සහ ගම්පහ යන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් ති දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් මනුෂ්‍ය ඝාතනයකට සහ ඝාතනයකට තැත් කිරීමේ සිද්ධීන් කිහිපයකට සම්බන්ධ බවට අනාවරණ වී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. |
2018-03-11T23:40:22.000Z | දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද තද වැසි | දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද තද වැසි | COLOMBO (News 1st) : අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින ආසන්නයේ පැවති තරංගකාරි කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන තත්ත්වයක් බවට පත්ව ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණනායක මහතා පැවසුවේ, එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. මේ අතර වැසි සහිත අවස්ථාවල සුළඟේ වේගය ද පැයට 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි. |
2018-03-11T22:09:55.000Z | අමෙරිකාවේ ඊස්ට් ගඟට හෙළිකොප්ටර් යානයක් කඩා වැටෙයි | අමෙරිකාවේ ඊස්ට් ගඟට හෙළිකොප්ටර් යානයක් කඩා වැටෙයි | නිව්යොක් නගරයේ ඊස්ට් ගංඟාවට හෙළිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ගලවා ගැනීමේ කිමිඳුම්කරුවන් විසින් පුද්ගලයින් තිදෙනෙකු බේරාගෙන රෝහල්ගත කර ඇති අතර මොවුන්ගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. යානයේ නියමුවා දිවි බේරාගෙන තිබේ. බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අනතුර සිදුවන අවස්ථාවේ යානයේ පුද්ගලයින් 6 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවයි. රූස්ට්වෙල්ට් දිවයින අසල ඊස්ට් ගංඟාවට මෙලෙස කඩා වැටී ඇත්තේ, ඡායාරූපගත කිරීමක් සඳහා ගිය පිරිසක් රැගත් යානයකි. අනතුරු සම්බන්ධයෙන් එරට ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබේ. https://www.youtube.com/watch?v=STl91Ha6wb8 |
2018-03-11T21:24:42.000Z | Facebook තහනම ඉවත් වන්නේ කවදා ද? | Facebook තහනම ඉවත් වන්නේ කවදා ද? | COLOMBO (News 1st) : Facebook ඇතුළු සමාජ ජාල වෙත පිවිසීමට ඇති අවහිරතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ, සභාපති ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඒ බව පැවසුවේ අද දිනයේදී ෆේස්බුක් අවහිරතාව ඉවත් කරන්නේ ද යන්න පිළිබඳව News 1st කළ විමසුමකදී ය. යථා කාලයේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව ද ජනාධිපති ලේකම්වරයා පැවසී ය. Facebook ඇතුළු සමාජ ජාල වෙබ් අඩවිවලට පිවිසීම තාවකාලිකව අවහිර කරනු ලැබුවේ, පසුගිය 7 වන දා ය. විදුලි සංදේශ නියාමන කොමිසම එලෙස සමාජ ජාල වෙබ් අඩවිවලට පිවිසීම තාවකාලිකව අවහිර කරනු ලැබුවේ, මහනුවර ඇති වු කළහකාරී තත්ත්වයත් සමග සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු පැතිර යාම වැළැක්වීම සඳහායි. Facebook තහනම කොයිබට ද..? |
2018-03-11T20:29:23.000Z | තුන්කොන් සටනේ ඉන්දීය - ශ්‍රී ලංකා දෙවන තරගය අද | තුන්කොන් සටනේ ඉන්දීය - ශ්‍රී ලංකා දෙවන තරගය අද | COLOMBO (News 1st) : තුන්කොන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අද පැවැත්වේ. අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිව ඇත්තේ තිසර පෙරේරාටයි. නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැති තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට අසමත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුවාර 20 යි 20 තරග 2 ක තහනමක් පැනවීය. ඒ අනුව ඉදිරි තරග දෙකේදී ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීම හිමිව ඇත්තේ තිසර පෙරේරාටයි. මේ වන විට තරගාවලියේ කණ්ඩායමේ තුනම එක් තරගය බැගින් ජය ගෙන තිබීම විශේෂත්වයකි. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම හිමිව ඇති අතර දෙවන ස්ථානය ඉන්දීය කණ්ඩායමට ද බංග්ලාදේශ කණ්ඩායම තෙවන ස්ථානයට ද පත්ව සිටී. ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා තරගයට පෙර සහභාගී වන අවසන් පුහුණු සැසියට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ සහභාගී විය. |
2018-03-11T19:40:56.000Z | මහනුවර පාසල් අද සිට යළි විවෘතයි | මහනුවර පාසල් අද සිට යළි විවෘතයි | COLOMBO (News 1st) : මහනුවර ඇති වූ නොසන්සුන් තත්ත්වයත් සමග දින නියමයක් නොමැතිව වසා දැමුණු මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් අද යළි විවෘත කෙරෙයි. මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් වසා දැමුණේ, පසුගිය අඟහරුවාදා සිටයි. මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසුවේ ඒ සඳහා සුදුසු පරිසරයක් පවතින බැවින් අද දිනයේ යළි පාසල් විවෘත කරන ලෙස අධ්‍යාපන බලධාරින්ට උපදෙස් දී ඇති බවයි. ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, පාසල් නොපැවැත්වුණු දිනවලට අදාළව අතිරේක දිනවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ග්නනා බවයි. |
2018-03-11T19:19:35.000Z | ඉන්දීය සංචාරය නිම කළ ජනපති ජපානයට | ඉන්දීය සංචාරය නිම කළ ජනපති ජපානයට | COLOMBO (News 1st) : රාජ්‍ය සංචාරයක් අරඹමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ජපානයට ළඟා විය. විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ජපන් අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද සිට 17 වන දින දක්වා ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත වන බවයි. ජනාධිපතිවරයා හෙට දිනයේදී ජපානයේ අකිහිතෝ අධිරාජයා බැහැදැකීමට නියමිත අතර අනිද්දා සමුළු සාකච්ඡා සඳහා ජපාන අග්‍රාමාත්‍යවරයා මුණගැසීමට නියමිතව තිබේ. සාකච්ඡාවලින් අනතුරුව ජපන් අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනපතිවරයා වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වනු ඇති. නායකයන් දෙපළ ශ්‍රී ලංකාව හා ජපානය අතර සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අනෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. ජපන් විදේශ වෙළෙඳ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන, ව්‍යාපාරික රැස්වීමකට ද ජනාධිපතිවරයා මෙම සංචාරයේදී සහභාගී වනු ඇති. එසේම මෙම රාජ්‍ය සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ජපානයේ සිටින ශ්‍රී ලාංකික ජනතාව ද මුණගැසීමට නියමිතව තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රොන් යන මහත්වරුන්ගේ ඒකාබද්ධ ආරාධනයෙන් ඊයේ සහ පෙරේදා ඉන්දියාවේ ද සංචාරයක නිරත විය. |
2018-03-11T11:21:01.000Z | Facebook තහනම කොයිබට ද..? | Facebook තහනම කොයිබට ද..? | COLOMBO (News 1st) : සමාජ ජාල මාධ්‍ය තහනම ඉවත් වන්නේ කවදා ද ? මෙය මේ වන විට මෙරට තරුණ පරම්පරාව ප්‍රමුඛ බොහෝ දෙනෙකු අසන ප්‍රශ්නයක් වී තිබේ. පවතින තත්ත්වය යටතේ සමාජ මාධ්‍ය තවදුරටත් තහනම් කර තැබීමට විරෝධය පළ කිරීමට අද තරුණ කණ්ඩායම් කිහිපයක් කොළඹ දී නිහඬ විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබිණ. එහෙත් රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති හෙයින් විරෝධතා පැවැත්විය නොහැකි බව පොලීසිය ඔවුන්ට දැනුම් දුන්නේ ය. සමාජ ජාල වෙබ් අඩවි කිහිපයක් තාවකාලිකව අත්හිටුවා තිබීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන සමාජ ජාල ක්‍රියාකරුවෙකු වන විමුක්ති දුෂාන්ත පැවසුවේ, ජාතික ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකි වූ තැන ආණ්ඩුව ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අවස්ථාව අවහිර කිරීමට දැඩි ලෙස විරෝධය පළ කරන බවයි. "පැය 72ක් Facebook ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි තහනම් කලා. ඒ සම්බන්ධයෙන් අපි විරෝධතාව පළ කළේ, නෑ. ඒ අවස්ථාවේ රටේ ජාතික ප්‍රශ්නයක් මතු වෙලා තිබ්බ හින්දා. නමුත් ඒ මතු වෙච්ච ජාතික ප්‍රශ්න විසඳ ගන්න බැරි වුණා ම මේ ජනතාව තොරතුරු දැන ගැනීමේ මාධ්‍ය, ජනතාව අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍ය අවහිර කරන එක අපි දැඩි ලෙස විරෝධය පළ කරනවා" කෙසේ වෙතත් ඇතැම් වෙබ් අඩවි අත්හිටුවීම සම්බන්ධයෙන් රජය පාර්ශවයෙන් නැගෙන්නේ ඊට වඩා වෙනස් වූ අදහසකි. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේගුණවර්ධන පැවසුවේ, වෙබ් අඩවිවලට හා මාධ්‍යට අවශ්‍ය කරන නීති රිති සම්පාදනය කළ යුතුව ඇති බවයි. "විශේෂයෙන් වෙබ් අඩවි බැලුවාම ලංකාවට යුරෝපයෙන් ආදර්ශ අරගෙන ජර්මනිය වගේ ලංකාවෙත් වෙබි අඩවි වලට හා මාධ්‍යට අවශ්‍ය කරන තිති රිති සමිපාදනය කල යුතුව තිබෙනවා. ඇත්තවශයෙන් මැතිවරණ වලදි කඩදාසියක් බෙදා හරින්නනම් කාගේ හරි නමින් මුද්‍රණය කර බෙදා හරි කියලා තියෙන්න ඕනි එතකොට වෙබි අඩවි වල යමක් ප්‍රකාශ කරනවනම් කවුරු හරි ඔහුගේ දුරකතන අංකයෙන් හා ඔහුගේ නමින් ලිපිනයෙන් ඔහු බාර ගත යුතුව තිබෙනවා. වගකිම තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හරහා ලෝකයෙත් ලංකාවෙත් ත්‍රස්තවාදය නිර්මානය කරන්න බෑ. ඒ සඳහා අවශ්‍ය සියලු නීති රීති නිර්මාණය කළ යුතුව තිබේ" අමාත්‍ය පී.හැරිසන් පවසන්නේ, සමාජ ජාල වෙබ් අඩවි හරහා රටට අහිතකර, ජාතීන් අතර අසමගිය ඇති වන ඉහළ පෙළේ නායකයින්ට විරුද්ධව පරිභව වන ආකාරයේ වැඩසටහන්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි. "මින් පස්සේ ෆෙස්බුක් හරහාවත් වෙනත් සමාජ වෙබ් අඩවි හරහාත් රටට අහිතකර දෙයක්, ජාතීන් අතර අසමගියක් ඇතිවෙන දේවල් රටේ ඉහළ පෙලේ නායකයින්ට විරුද්ධව පරිභව කරන විදියේ වැඩසටහන් යනවා නම් ඒ අයට විරුද්ධව සම්පුර්ණම නීතිමය ක්‍රීයාමාර්ග ගන්න දැන් අපි කටයුතු කරගෙන යනවා" මහින්ද අමරවීර අමාත්‍යවරයා පැවසුවේ, Facebook තහනම් කිරීමේ අදහසක් රජයට නැතත් ඉදිරියේදී යම් කිසි පාලනයකින් යුතුව ක්‍රියාත්මක වනු ඇති බවයි. "ඒක කණ්ඩායමක් කියනවා මේක අවශ්‍ය නෑ කියලා තව කණ්ඩායමක් කියනවා නැවත ක්‍රිියාත්මක කරන්න ඔනි යම් පාලනයක් ඇති කරන්න ඔනි කියලා ඔ පිලිබදව රජය වැඩ පිලිවෙලක් හදනවා. හැබැයි රජයේ අදහසක් නෑ මේක දිගට තහානම් කිරමක් කරන්න යම් පාලනය කිරිමක් කරලා තමයි නැවත මේක ඉස්සරහට දාන්න එනි කියලා ඉන්නේ" Facebook ඇතුළු සමාජ ජාල වෙබ් අඩවිවලට පිවිසීම තාවකාලිකව අවහිර කරනු ලැබුවේ, පසුගිය 7 වන දා ය. විදුලි සංදේශ නියාමන කොමිසම එලෙස සමාජ ජාල වෙබ් අඩවිවලට පිවිසීම තාවකාලිකව අවහිර කරනු ලැබුවේ, මහනුවර ඇති වු කළහකාරී තත්ත්වයත් සමග සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු පැතිර යාම වැළැක්වීම සඳහායි. https://www.youtube.com/watch?v=OUmUnuhWnIE |
2018-03-11T09:48:26.000Z | මහනුවර සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 161ක් අත්අඩංගුවට | මහනුවර සිද්ධියට සම්බන්ධ 161 දෙනෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) : මහනුවර සහ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වූ සාපරාධී ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් 230 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, ඉන් සැකකරුවන් 161දෙනෙකු මහනුවර දිස්ත්‍රික්කයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව ය. තව ත් සැකකරුවන් 69 දෙනෙකු දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර මහනුවර දිස්ත්‍රික්කයයේ තත්ත්වය මේ වනවිට සාමකාමී බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. ඔහු සඳහන් කළේ, තවදුරටත් එම ප්‍රදේශයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ත්‍රිවිධ හමුදාව අනුයුක්ත කර ඇති බවයි. මේ අතර මහනුවර සිදුවීම් හේතුවෙන්, දේපළ හානි සිදුව ඇත්නම් ඒ පීළිබඳ දේපළ පිහිටි ස්ථානයට අයත් පොලිස් ස්ථානය වෙත කඩිනමින් පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. |
2018-03-11T11:09:06.000Z | මධ්‍යම අධිවේගයේ තත්ත්වය ගැන විශේෂ විශ්ලේෂණයක් | මධ්‍යම අධිවේගයේ තත්ත්වය ගැන විශේෂ විශ්ලේෂණයක් | COLOMBO (News 1st) - මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල සිදුවන අක්‍රමිකතා රැසක් අප පසුගිය කාලය තුළ ඔබට හෙළිදරව් කළෙමු. මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ වත්මන් තත්ත්වය පිළිබඳව ගෙනෙන විශේෂ විශ්ලේෂණයක්..... https://www.youtube.com/watch?v=TLzo-D2_wRE |
2018-03-11T08:45:25.000Z | වව්නියාවෙන් අතුරුදන්වූ දරුවා මවට භාර දෙයි | වව්නියාවෙන් අතුරුදන්වූ දරුවා මවට භාර දෙයි | COLOMBO (News 1st) : වව්නියාව රෝහලේදී පැහැර ගැණුනු දින දෙකක් වයසැති බිළිඳා DNA පරීක්ෂණයකින් තොරව දෙමාපියන් වෙත භාර දී තිබේ. ඒ වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුවයි. පොලීසිය සඳහන් කළේ, බිළිඳා පැහැරගත් කාන්තාව වරද පිළිගැනීම සහ බිළිඳාගේ මව යැයි, සැලකෙන කාන්තාව දරු ප්‍රසූතියක් සිදුකර ඇති බවට තහවුරු වූ නිසා DNA පරීක්ෂණයකින් තොරව බිළිඳා දෙමාපියන්ට භාරදුන් බවයි. බිළිඳා පැහැර ගත් බව කියන කාන්තාව රු. ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමට ද අධිකරණය නියෝග කළේ ය. පසුගිය 9වන දා වවුනියාව රෝහලේදී අතුරුදන් වූ බිළිඳා ඊට පසු දා සොයා ගැනුණේ, අනුරාධපුර රෝහලේ සිටියදීයි. එහිදී සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකාරියක අත්අඩංගුවට පත් විය. වවුනියාව බෝගස්වැව පදිංචි එම්.එම්. කල්‍යාණි මහත්මිය පසුගිය 5 වන දා දරු ප්‍රසූතිය සඳහා වවුනියාව රෝහලට ඇතුළත්ව ඇති අතර පසුව ඇය එහිදී පිරිමි දරුවෙකු ප්‍රසූත කර ඇත. දරුවා අතුරුදන් වීමට පෙර සිය බිරිඳ සමග කාන්තාවක මිතුරු වී ඇති බවත් බිරිඳ වැසිකිළියට ගොස් නැවත පැමිණීමේදී දරුවා ද අදාළ කාන්තාව ද අතුරුදන්ව සිට බවත් කල්‍යාණි මහත්මියගේ ස්වාමි පුරුෂයා වන ඒ.ආර්. රාමනායක මහතා සඳහන් කළේ ය. |
2018-03-11T07:23:22.000Z | 'නිල් මහා සටන' ජය පරාජයකින් තොරව අවසන් වෙයි | 'නිල් මහා සටන' ජය පරාජයකින් තොරව අවසන් වෙයි | COLOMBO (News 1st) - දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය අද ජය පරායෙන් තොරව අවසන් විය. තරගය මෙවර පැවැත් වූයේ 139 වැනි වරටයි. ජයග්‍රහණය සඳහා ලකුණු 216 ක ඉලක්කයක් හඹා ගිය රාජකීය ක්‍රීඩකයින් අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 143 කි. කොළඹ එස්. එස්. සී පිටියේ පැවති තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ගල්කිස්ස ශාන්ත තෝමස් ක්‍රීඩකයින් කඩුලු 9 ක් දැවී ලකුණු 166 ක් රැස් කර ගෙන සිටියදී ඉනිම අත්හිටු විය. ඊට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩ කළ රාජකීය ක්‍රීඩකයින් ඊයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 178 කි. තරගය අද තුන් වැනි දිනය සඳහා ආරම්භ කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ගල්කිස්ස ශාන්ත තෝමස් ක්‍රීඩකයින් කිසිවෙකු නොදැවී ලකුණු 3 ක් රැස් කර ගෙන සිටියේ ය. දුලිත් ගුණවර්ධන ලකුණු 59 කි. ශලින් ද මැල් 57 ක් රැස් කළ අතර සිතාර හපුහින්න ලකුණු 47 ක් රැස් කළේ ය. ශාන්ත තෝමස් ක්‍රීඩකයින් දෙවැනි ඉනිමට කඩුලු 6 ක් දැවී ලකුණු 227 ක් රැස් කර ගෙන සිටියදී ඉනිම අත්හිට විය. ඒ අනුව රාජකීය ක්‍රීඩකයින්ට හිමි වූ ඉලක්කය ලකුණු 216 කි. රාජකීය දෙවැනි ඉනිම වෙනුවෙන් කවිඳු මදරසිංහ නොදැවී ලකුණු 58 ක් රැස් කළේ ය. අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට රාජකීය ක්‍රීඩකයින් කඩුලු 6 ක් දැවී ලකුණු 143 ක් රැස් කර ගෙන සිටියේ ය. https://youtu.be/OKv8DT41G2g |
2018-03-11T06:52:55.000Z | පාතාල මධුෂ්ගේ ගෝලයින් දෙදෙනෙක් කොටු වෙයි | පාතාල මධුෂ්ගේ ගෝලයින් දෙදෙනෙක් කොටු වෙයි | COLOMBO (News 1st) : සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන මධූෂ් නමැත්තාගේ අපරාධ කල්ලියේ ප්‍රබල සමාජිකයින් දෙදෙනෙකු අද පස්වරුවේ මාතරදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අත්අඩංගුවට ගැනුණේ, පොලිස් විශේෂ කාර්ය බලකාය අද මාතර, වැලිගම, මිදිගම ප්‍රෙද්ශවල කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, සැකකරුවන් සන්තකයේ ඇති අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්, සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පරික්ෂණ සිදුකරනු ලබන බවයි. https://www.youtube.com/watch?v=8LDN8VCAOa8 |
2018-03-11T07:13:09.000Z | මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා වන්දනාවේ ගිය පිරිසක් අත්අඩංගුවට | මත්ද්‍රව්‍ය ගෙන ශ්‍රී පාද වන්දනාවේ ගිය 24ක් දැලේ | COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කෙළඹ, කුරුණෑගල, මාතලේ, මීගමුව,ගලේවෙල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 - 35ත් අතර වයස්වල පසුවන්නන් ය. සැකකරුවන් හැටන් මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. |
2018-03-11T06:08:59.000Z | මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් හෙට විවෘත වෙයි | මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් හෙට විවෘත වෙයි | COLOMBO (News 1st) - මහනුවර සිදුවීම් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ වසා දැමුණු සියලු පාසල් හෙට සිට යළි විවෘත කෙරේ. මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සඳහන් කළේ, පාසල් නොපැවැත්වුණු දිනවලට අදාළව අතිරේක දිනවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කරන බවයි. සිදුවීම් කිහිපයක් හේතුවෙන්, මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් වසා දැමුණේ පසුගිය අඟහරුවාදා සිට ය. |
2018-03-11T05:38:12.000Z | පානදුරෙන් සැක කටයුතු මළ සිරුරක් හමුවේ | පානදුරෙන් සැක කටයුතු මළ සිරුරක් හමුවේ | COLOMBO (News 1st) - පානදුරේදී සැක කටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, එම පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරුවී නොමැති බවයි. ඔහුගේ නිකටේ කැපුම් සළකුණක් සහ නළලේ තැලුම් තුවාල දක්නට ලැබෙන බව පොලීසිය ප්‍රකාශ කළේ ය. වයස අවුරුදු 60 ක් පමණ විය හැකි එම පුද්ගලයාගේ සිරුර මේ වන විට පානදුර රෝහලේ තැන්පත් කර තිබේ. |
2018-03-11T05:17:59.000Z | එළවළු මිල පහළට | එළවළු මිල පහළට | COLOMBO (News 1st) - වෙළදපොළේ එළවළු මිල ගණන් 10% පමණ පහළ ගොස් තිබේ. මැනිං වෙළෙඳපොළේ ලේකම් ගාමිණි හඳුන්ගේ මහතා සඳහන් කළේ, පසුගිය වසරේ දෙසැම්බර් මාසයෙන් පසු ව වෙළෙඳපොළ තුළ එළවළු මිල පහළ ගොස් ඇති බවයි. ඒ අනුව පවතින මිල ගණන් වන්නේ, බෝංචි කිලෝවක් රුපියල් 70.00 ලීක්ස් කිලෝවක් රුපියල් 100.00 බීට් කිලෝවක් රුපියල් 20.00 කැරට් කිලෝවක් රුපියල් 60.00 ගෝවා කිලෝවක් රුපියල් 25.00 අමුමිරිස් කිලෝවක් රුපියල් 60.00 තක්කාලි කිලෝවක් රුපියල් 50.00 වම්බටු කිලෝවක් රුපියල් 60.00 පිපිඤ්ඤා කිලෝවක් රුපියල් 40.00 මාළුමිරිස් කිලෝවක් රුපියල් 100.00 කරවිල කිලෝවක් රුපියල් 60.00 |
2018-03-11T03:54:44.000Z | චීන ජනපතිට ජීවිතාන්තය දක්වාම ජනපති ධුරය දැරීමට අවස්ථාව | චීන ජනපතිට ජීවිතාන්තය දක්වාම ජනපති ධුරය | COLOMBO (Newsfirst) - චීන ජනාධිපතිවරයකුට ජීවිතාන්තය තෙක් ධූරයේ රැඳී සිටීමට හැකි පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට එරට කොංග්‍රසය අනුමැතිය පලකර තිබේ. ඒ, චීන ජනාධිපතිවරයකුට ධුරයේ රැඳී සිටිය හැකි වාර සංඛ්‍යාවේ සීමාව ඉවත් කිරීමට පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි. මේ අනුව චීන ජනාධිපති ෂි ජින්පිං ට සිය ජීවිත කාලය අවසන් වනතෙක් චීන ජනාධිපතිවරයා ලෙස ධූරයේ රැඳී සිටීමට හැකියාව ලැබෙනු ඇති. චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සම්මේලනයේදී මෙම නව ව්‍යවස්ථා සංශෝධන අනුමත කෙරිණි. චීන මාධ්‍ය වාර්තා කළේ, 2959 ක සාමාජික පිරිසකගේ ජන්දයෙන් මෙම සංශෝධන අනුමත කෙරුණු බව ය. |
2018-03-11T03:35:11.000Z | ජනපති සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශවික සාකච්ඡා | ජනපති සහ ඉන්දීය අගමැති අතර ද්විපාර්ශවික සාකච්ඡා | COLOMBO (Newsfirst) - ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා හමුවී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, අද දහවල් රාජ්‍ය නායකයින් දෙපළ අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වුණු බව ය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගීතාව ඉහළ නැංවීමේ හැකියාවන් පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. මේ අතර බලශක්ති අර්බුදය ලොව දියුණු රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද බලපා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නවදිල්ලි නුවරදී කියා සිටියේය. ජනාධිපතිතුමා එම අදහස් පල කළේ, ඉන්දියාවේ නවදිල්ලි නුවර රාෂ්ටපතිභවන්හිදී අද පෙරවරුවේ පැවති ජාත්‍යන්තර සුර්ය බලශක්ති සංවිධානයේ සමාරම්භක උළෙළ අමතමිනි. ඊට පුර්ව සූදානමක් ලෙස සූර්යබල සංග්‍රාමය නම් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ක්‍රියාත්මක කිරිමට කටයුතු කර ඇති බව ජනාධිපතිතුමා සඳහන් කළේය. මෙවැනි සමුළු සඳහා ශ්‍රී ලංකාව කැපවන බව සඳහන් කළ ජනාධිපතිතුමා මෙම සමුළුව සඳහා ලබාදෙන නායකත්වය පිළිබඳ ප්‍රංශ ජනාධිපතිවරයාට සහ ඉන්දිය අග්‍රාමාත්‍යවරයාට සිය ප්‍රසාදය පල කළේය. බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට සූර්ය බලශක්ති තාක්ෂණය වැඩි දියුණු කර ගැනීම, සුර්ය බල ව්‍යෘපෘති සඳහා යන පිරිවැය අවම කරලිම ඇතුළු ක්ෂේත්‍රයේ සංවර්ධනයට අදාළ වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කිරිම වෙනුවෙන් ප්‍රථම වරට මෙම සමුළුව පැවැත්වේ. සමුළුවට ලොව රටවල් රැසක් නියෝජනය කරමින් රාජ්‍ය නායකයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් එක්ව සිටිය හ. |
2018-03-11T03:23:42.000Z | නිලාවේලි, පෙරියකුලම් වැවේ ඔරුවක් පෙරලීමෙන් 5ක් මරුට | පෙරියකුලම් වැවේ ඔරුවක් පෙරලීමෙන් 5ක් මරුට | COLOMBO (Newsfirst) - ත්‍රිකුණාමලය, නිලාවේලි පෙරියකුලම්වැවේදී ඔරුවක් පෙරළීමෙන් කුඩා දරුවන් 4 දෙනෙකු හා වැඩිහිටි පුද්ගලයෙකු මිය ගොස් තිබේ. අද උදෑසන ආගමික කටයුත්තක් සඳහා පෙරියකුලම වැව ආසන්නයට පැමිණි නිලාවේලි ප්‍රදේශයේ ඥාති පවුල් 3ක පිරිසක් මෙම අනතුරුට මුහුණ පා තිබේ. දේව පූජාවක් සඳහා අහාර පිසීමෙන් අනතුරුව මෙම පිරිස නෙළුම් කොළ කැඩීම සඳහා වැවට ගොස් ඇත. අනතුරෙන් 42 හැවරිදි ධර්මලිංගම් සංඝදුරේ ජීවිතක්ෂයට පත් විය. ඔහු වෘතියෙන් බස් රියැදුරෙක් වන අතර ඔහුගේ දියණිය ද සිද්ධියෙන් මිය ගියේ ය. ඇය නව හැවරිදි සංඝදුරේ සංඝවි නම් වේ. ඔවුන්ගේ ඥාති පවුලක දරුවන් දෙදෙනකුගේ ද ජීවිත මෙම අනතුරින් අහිමි විය. ඒ, 9 හැවරිදි සුරේශ් කේසිරාජ් සහ 7හැවරිදි සුරේශ් උදේශාන් යන සොහොයුරන් ය. අනතුරින් මිය ගිය අනෙක් දරුවා වන්නේ, 7හැවරිදි සුගන්දන් ගෘහවි යි. මෙම දරුවන් ත්‍රිකුණාමලය නිලාවේලි රෝමානු කතෝලික විද්‍යාලයේ අධ්‍යාපනය ලබණු ඇත. https://www.youtube.com/watch?v=SM2vEFfmjQA |
2018-03-11T01:34:59.000Z | ආහාර විෂ වීමක් හේතුවෙන් රෝගී වූ 110 ක් කයිට්ස් රෝහලට | ආහාර විෂ වීමක් නිසා රෝගී වූ 110 ක් කයිට්ස් රෝහලට | COLOMBO (Newsfirst) - ආහාර විෂවීමක් හේතුවෙන් රෝගී වූ පුද්ගලයින් 110 දෙනෙකු යාපනය, කයිට්ස් රෝහලට ඇතුලත් කර තිබේ. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අද පෙරවරුවේ එම පිරිස රෝහල් ගතකළ බව ය. තවත් පිරිසක් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි ඔහු සඳහන් කළේය. ආගමික ස්ථානයකදී ආහාර ගැනීමෙන් පසු මෙම පිරිස රෝගී වී තිබේ. මොවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද කයිට්ස් රෝහල් බලධාරීන් සඳහන් කළේය. |
2018-03-10T23:47:34.000Z | ඉන්දු - ශ්‍රී ලංකා ජනාධිපතිවරුන් අතර හමුවක් | ඉන්දු - ශ්‍රී ලංකා ජනාධිපතිවරුන් අතර හමුවක් | COLOMBO (Newsfirst) - සාමය සහ සංහිඳියාව ඇති කරමින් ශ්‍රී ලංකාවට දීර්ඝ කාලීන ප්‍රතිලාභ අත්කර දීමට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකි වී ඇති බව ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවීන් මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ පස්වරුවේ රාෂ්ට්‍රපති භවන් හිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවු අවස්ථාවේදී ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත් වු පසු දෙරට අතර පැවති ආර්ථීක, සංස්කෘතික සහ වෙළඳ සබඳතාවලට නව ජවයක් ලැබුණු බව ද ඉන්දීය ජනපතිවරයා එහිදී සඳහන් කළේය. එම හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය ජනපතිවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා කළ ආරාධනය පිළිගත් රාම් නාත් කෝවින් මහතා නුදුරේදීම මෙරට සංචාරයක් සඳහා පැමිණෙන බව ද ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මේ අතර ඉන්දීයාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ අන්තර්ජාතික සුර්ය බලශක්ති එකමුතුව ඇමතීමට නියමිත ය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රොන් යන මහත්වරුන්ගේ ඒකාබද්ධ ආරාධනයෙන් ජනාධිපතිතුමා එම සමුළුවට සහභාගී වේ. සමුළුවට සහභාගී වන රාජ්‍ය නායකයින් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් පිරිනමන දිවා භෝජන සංග්‍රහයට ද ජනාධිපතිතුමා සහභාගී වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය. ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා පැවැත්වේ. මේ අතර ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට සිට ලබන 17 වැනි දින දක්වා ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත වන බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. |
2018-03-10T22:07:58.000Z | අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයෙන් චෝදනා | අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යමින් ඇතැයි චෝදනා | COLOMBO (Newsfirst) - අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගික අයිතින් සුරැකීමේ සංවිධානය පවසයි. එහි කැඳවුම්කරු රංජිත් විතානගේ මහතා ප්‍රකාශ කළේ, පොල් සඳහා රුපියල් 75ක පාලන මිලක් නියම කර තිබුණ ද වෙළදුන් වැඩි මිලට ඒවා අලෙවි කරන බව ය. සීනි රුපියල් 120ක පමණ මිලට අලෙවි වන බව ත් සහල් ඉතා ඉහළ මිලකට අලෙවි වන බව ත් රංජිත් විතානගේ මහතා සඳහන් කළේය. ඊට අමතරව දඹුල්ලේ එළවළු ඉවත දමද්දී අනෙකුත් නගරවල එළවළු මිල ද ඉතා ඉහළ ගොස් ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට චෝදනා කරමින් රංජිත් විතානගේ මහතා පවසයි. මේ තුළින් පාරිභෝගිගකයා දැඩි සූරා කෑමකට ලක්වන බව පාරිභෝගික අයිතින් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු රංජිත් විතානගේ මහතා වැඩි දුරට ත් කියා සිටියේය. මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අප විමසීමක් කළේය. එහි සභාපති හසිත තිලකරත්න මහතා ප්‍රකාශ කළේ, දිවයින පුරා වැටලීම් කණ්ඩායම් අනුයුක්ත කර ඇති බව ය. |
2018-03-10T21:20:54.000Z | ඩීසීස් එක්ස් නැමති මාරාන්තික වෛරසයක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් | මාරාන්තික වෛරසයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් | ලොව පුරා පැතිර යා හැකි ඩිසීස් එක්ස් (Disease X) නැමති නව මාරාන්තික වසංගයක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ, වාර්ෂික රෝග අවධානම පිළිබද වාර්තාව එළි දක්වමිනි. මෙය ඊබෝලා H1N1 වැනි මාරාන්තික මට්ටමේ වසංගතයක් විය හැකි බව විදෙස් වාර්තා පවසයි. ඩීසීස් එක්ස් වෛරසය ආසාදනය වූ රෝගියෙකු මෙතෙක් හඳුනා නොගත්ත ද මේ වසරේ එය ලෝකයට ප්‍රබල අවධානමක් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේය. |
2018-03-10T20:57:57.000Z | Facebook ගිණුම් 186 ක් පිළිබඳ විමර්ශන: මෙරට සමාජ මාධ්‍ය භාවිතයට චීනයේ සහ ජර්මනියේ සහාය | Facebook ගිණුම් 186 ක් පිළිබඳ විමර්ශන | COLOMBO (Newsfirst) - සමාජ ජාල මාධ්‍ය භාවිත කර, අසත්‍ය ප්‍රචාර කළ Facebook ගිණුම් 186ක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසයි. එහි සයිබර් අපරාධ පිළිබඳ ඒකකය සඳහන් කළේ, පසුගිය දිනවල රටතුළ නිර්මාණය වූ කලහාකාරී තත්ත්වයට සෘජුව සම්බන්ධ සැකකරුවන් රැසක් සමාජ ජාල මාධ්‍ය භාවිත කර අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බව ය. එවැනි ක්‍රියාවලට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලීසිය විශේෂ මෙහෙයුම් ද ආරම්භ කර තිබේ. සයිබර් අපරාධ පිළිබඳ ඒකකය සඳහන් කළේ, Facebook සම්බන්ධයෙන් විශේෂ අභ්‍යන්තර පරීක්ෂණ තව දුරට ත් සිදුකරමින් පවතින බව ය. Facebook සමාගම සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති සයිබර් අපරාධ පිළිබඳ ඒකකය පවසයි. මෙරට නීතිය අනුව Facebook භාවිත කිරිමේ ක්‍රමවේද සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කිරිමට නියමිත ය. මේ අතර WhatsApp Group කිහිපයක් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර තිබේ. එම කණ්ඩායම් විවිධ අසත්‍ය ප්‍රචාර සිදුකළ දුරකතන අංක ඔස්සේ, ඉදිරි විමර්ශන සිදුකරමින් ඇති බව ද එම ඒකකය පවසයි. මෙවැනි තත්ත්වයක් ඉදිරියට ඇති නොවීම සදහා ජාත්‍යන්තර තාක්ෂණික සහාය ලබාගෙන සමාජ ජාල මාධ්‍ය නිසි ආකාරයෙන් භාවිතයට ගැනීමට ක්‍රියා කරන බව ද එම ඒකකය ප්‍රකාශ කළේය. ඒ සඳහා සහාය වීමට මේ වන විට ත් චීන සහ ජර්මන් රජයන් සිය කැමැත්ත පළ කර තිබේ. |
2018-03-10T20:00:11.000Z | ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයට පෙරළිකාර ජයක් | ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයට පෙරළිකාර ජයක් | COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඉන්දීය කණ්ඩායම් අතර පැවැත්වෙන නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 5 ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් විය. කොළඹ, අර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් බංග්ලාදේශ නායක මහමුදුල්ලා ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 214 කි. කුසල් ජනිත් පෙරේරා සිය 9 වන 20යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 74 කට දැවී ගියේය. ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සිය තුන්වන 20යි 20 අර්ධ ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 57 කි. නොදැවී කඩුල්ලේ රැදී සිටි උපුල් තරංග ලකුණු 32 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී මුස්ටෆිසර් රහමන් ලකුණු 48 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය. අනතුරුව ලකුණු 215 ක දැවැන්ත ඉලක්කයක් සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දුවාර 19 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය. සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ මුශ්ෆිකර් රහීම් පන්දු 35 කදී හතරේ පහර 5 ක් හා හයේ පහර 4 සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 72 කි. ආරම්භක පිතිකරු ටමිම් ඉක්බාල් ලකුණු 47 ක් ලබා ගත්තේය. පන්දු යැවීමේචී නුවන් ප්‍රදීප් ලකුණු 37 ට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් විය. තරග වාර්තා : * මෙම ලකුණු 215 පන්දුවාර 20යි 20 තරගයක ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ගණන වේ. * ඒ වගේම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පන්දුවාර 20යි 20 තරගයක කණ්ඩායමක් හඹාගොස් ජයග්‍රහණය කළ වැඩිම ලකුණු ගණන වේ. * ඊට අමතරව ශ්‍රී ලංකාවට එරෙහිව පන්දුවාර 20යි 20 තරගයකදී ප්‍රතිවාදී කණ්ඩායමක් හඹාගොස් ජයග්‍රහණය කළ වැඩිම ලකුණු ගණන ලෙස ද මෙය වාර්තා වේ. * ඊට අමතරව බංග්ලාදේශ කණ්ඩායමක් පන්දුවාර 20යි 20 තරගයක ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු ගණන ලෙස ද මෙය ඉතිහාසගත වේ. (මීට පෙර 193/5 ශ්‍රී ලංකාවට එරෙහිව 2018-02-15 ඩකා හිදී) https://www.facebook.com/NewsfirstSL/videos/1871179959608920/ |
2018-03-10T10:59:43.000Z | Sirasa Junior Super Star කිරුළ රොවෙන් අර්ල්ට | Sirasa Junior Super Star කිරුළ රොවෙන් අර්ල්ට | COLOMBO (Newsfirst) - ලාංකේය ළමා ගායන තරු අභිෂේක ගන්වන 'සිරස ජුනියර් සුපර් ස්ටාර්' කිරුළ හිමිකර ගැනීමට රොවෙන් අර්ල් සමත් විය. ඒ, අද රාත්‍රියේ රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේ පැවති අවසන් මහා තරගයේදී ය. තරගකරුවන් විශාල පිරිසක් අතුරින් මෙවර 'සිරස ජූනියර් සුපර් ස්ටාර්' තරගයේ අවසන් මහා තරගයට රොවෙන් අර්ල් සමගින් සුදුසුකම් ලබා ගත්තේ ඉෂිණි තමෝද්‍යා, පින්සර මධුභාෂණ හා සුමීරක අදීප යි. කිරුළ හිමි කරගත්, රොවෙන් අර්ල්ට රුපියල් ලක්ෂ 20 ක මුදල් ත්‍යාගයක් පිරිනැමුණේ සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂවරුවන් වන ශාන්ති භගිරදන් සහ නීඩ්‍රා වීරසිංහ යන මහත්මින්ගේ සුරතිනි. එම අවස්ථාවට සිරස ටී.වී. නාලිකා ප්‍රධානි චන්දන සූරියබණ්ඩාර මහතා ද එක්විය. 'සිරස ජුනියර් සුපර් ස්ටාර්' තරගාවලියේ ජනප්‍රියම ගායන තරුවට හිමි සම්මානය සුමීරක අදීප දිනා ගත්තේය. එහි අනු ශූරයින් ලෙස, ඉෂිණි තමොද්‍යා, පින්සර මධුභාෂණ සහ සුමීරක අදීප සම්මානයට පාත්‍ර විය. අනු ශූරයින් සදහා පිරිනැමුණු මුදල් ත්‍යාගය රුපියල් ලක්ෂ 5කි. ලාංකේය රියැලිටි වැඩසටහන් කලාවේ පුරෝගාමියා වෙමින් ்සිරස සුපර් ස්ටාර් වැඩසටහන' හරහා ප්‍රතිභාපූර්ණ ගායන තරු ලාංකීය සංගීත කේෂත්‍රයට හඳුන්වා දුන් අප, සිරස ජූනියර් සුපර් ස්ටාර් වැඩසටහන ආරම්භ කළේ, දිවයිනේ සිව්දෙස සිටින දුවා දරුවන්ගේ ගායන කුසලතා ඉදිරිපත් කිරීමට අලුත් වේදිකාවක් නිර්මාණය කරමිනි. එහි කූට ප්‍රාප්තිය සනිටුහන් කරමින් සිරස ජූනියර් සුපර් ස්ටාර් අවසන් මහා තරගය නිමාවට පත්වුණේ ප්‍රතිභාපූර්ණ ළමා ගායන තරු රැසක් හෙළ සංගීත කේෂත්‍රයට දායාද කරමිනි. අවසන් මහා තරගය නැරඹීමට විශාල පිරිසක් පැමිණ සිටි අතර උත්කර්ෂවත් අංග රැසකින් ද එය සමන්විත විය. https://www.facebook.com/NewsfirstSL/videos/1870352916358291/ |
2018-03-10T09:28:34.000Z | වැරදි කරපු අයට විරුද්ධව ක්‍රියා කරන්න - අගමැති මහනුවරදී කියයි | මහනුවරට ගිය අගමැති | COLOMBO (Newsfirst) - දින කිහිපයකට පෙර ඇති වූ නොසන්සුන් තත්ත්වයෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරත විය. මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ මහනුවර නගර සභා බල ප්‍රදේශයට හැර අනෙකුත් සියලුම ප්‍රදේශවල බල පැවැත්වෙන පරිදි පැනවූ ඇදිරි නීතිය අද අලුයම 5 න් අවසන් විය. මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ ජන ජීවිතය සාමාන්‍ය අතට පත්ව ඇති අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මහනුවරට පැමිණියේ ප්‍රදේශයේ වත්මන් තත්ත්වය පිළිබදව සොයා බැලීමේ අරමුණිනි. අග්‍රාමාත්‍යවරයා කලහාකාරී සිදුවීම් වාර්තාවුණු මහනුවර දිස්ත්‍රික්කයේ දිගන, අකුරණ, අකුරණ 7 කණුව ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කළේය. එම අවස්ථාවට පොලිස්පති පූජිත් ජයසුන්දර, යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ. අනතුරුව අග්‍රාමාත්‍යවරයා මහනුවර දිස්ත්‍රික් විශේෂ ආරක්ෂක කමිටු සාකච්ඡාවකට එක්වුණේ, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ය. https://www.facebook.com/NewsfirstSL/videos/1870197749707141/ |
2018-03-10T08:02:17.000Z | 139 වැනි නිල් මහා සටනේ පළමු ඉනිමේ වැඩි ගෞරව රාජකීය විද්‍යාලයට | පළමු ඉනිමේ වැඩි ගෞරව රාජකීය විද්‍යාලයට | COLOMBO (Newsfirst) - කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර 139 වැනි නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි. කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන තරගය අද දිනය සඳහා නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය කිසිවෙකු නොදැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 3 කි. තරගය අද දෙවැනි දිනය සඳහා ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොළඹ රාජකීය විද්‍යාල කණ්ඩායම කඩුලු 3 ක් දැවී රැස් කරගෙන සිටින ලකුණූ සංඛ්‍යාව 33කි. පසිඳු සූරියබණ්ඩාර ලකුණු 46ක් ලබා ගත්තේය. කවිඳු මදාරසිංහ ලකුණු 37 ක් රැස් කළ අතර ඩිමල් විජේසේකර ලකුණු 23 ක් රැස් කළේය. රාජකීය විද්‍යාල කණ්ඩායම කඩුලු 9 ක් දැවී රැස් ලකුණු සංඛ්‍යාව 151 ක් රැස් කර ගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. වර්ෂාවෙන් අනතුරුව රාජකීය ක්‍රීඩකයින් සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 178 ක් රැස් කළේය. කලණ පෙරේරා ලකුණු 57 කට කඩුලු 5 ක් දවා ගත්තේය. ඩෙලන් පීරිස් ලකුණු 40 ට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටවූයේ පන්දුවාර 64 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 166 ක් රැස් කරගෙන සිටියදී ය. හෙට තරගයේ 3වන සහ අවසන් දිනයයි. |
2018-03-10T07:23:22.000Z | ජනපති ඉන්දියාවේදී මහත් හරසරින් පිළිගනී | ජනපති ඉන්දියාවේදී මහත් හරසරින් පිළිගනී | COLOMBO (Newsfirst) - ඉන්දියාවේ නවදිල්ලි නුවරදී හෙට ආරම්භ වීමට නියමිත ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙලට සහභාගී වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් එරටට ළඟාවිය. එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර කොට්ඨාශය භාර ලේකම් රුචිගන් ෂාම් මහත්මිය විසින් ගුවන් තොටුපොළේදී ජනාධිපතිතුමා මහත් හරකසරින් යුතුව පිළිගනු ලැබූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං මහතා සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මිය ද ඒ අවස්ථාවට එක්ව සිටිය බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. ජනාධිපතිතුමා නවාතැන් ගන්නා හෝටලයේදී ද තානාපති කාර්ය මණ්ඩලය විසින් ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් චාම් උත්සවයක් සූදානම් කර තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපතිතුමාගේ මෙම දෙදින නිල සංචාරය සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද එක්ව සිටී. https://www.facebook.com/NewsfirstSL/videos/1870303209696595/ |
2018-03-10T06:33:43.000Z | ශ්‍රී ලංකාවට යළි Facebook ලැබෙන්නේ මෙහෙමයි | ශ්‍රී ලංකාවට යළි Facebook ලැබෙන්නේ මෙහෙමයි | COLOMBO (Newsfirst) - මහනුවර, දිගන ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයත් සමග තාවකාලිකව අත්හිටවූ සමාජ මාධ්‍ය ඉදිරි දින දෙක තුළ යථා තත්ත්වයට පත් වනු ඇතැයි තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි. තොරතුරු තාක්ෂණ කර්මාන්තකරුවන්ගේ මණ්ඩලයේ සභාපති කිත්සිරි මංචනායක මහතා "අද වෙනකොටත් අයි පී රිලීස් කරලා තියෙනවා WhatsApp ක්‍රියාත්මක වෙමින් තියෙනවා මම හිතන්නේ හෙට වෙනකොට Viber සම්පූර්ණයෙන්ම රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා රජයක් හැටියට" සමාජ මාධ්‍ය ඔස්සේ ජාතිවාදය හා අසත්‍ය තොරතුරු පැතිර යාම වැළැක්වීමට රජය ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එහිදි මංචනායක මහතා අදහස් පළ කළේය. "රජයට කියනවා සම්පූර්ණ සහාය දෙන්න සුදානම් මේ සඳහා පත් කරන්න කම්ටුවක් ශ්‍රී ලංකා පොලිසිය CID එක පෞද්ගලික අංශ ඒ වගේම අමාත්‍යාංශ ICT එක වගේ කම්ටුවක් පත් කරලා මේ පිළිබඳ නිරන්තරයෙන් නිරීක්ෂණය කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්න ඕන. ඒ වගේම රජයකට පුළුවන් මේ සමාජ වෙබ් අඩවි නිර්මාණය කරලා තියෙන ජාත්‍යන්තර සමාගම් සමග සාකච්ඡා කරලා මේ අකාරයේ පහත් මට්ටටේ ප්‍රසිද්ධ කරන්නා වූ දෙවල් ජාතිවාදය ප්‍රචලිත කරන්නා වූ නිවේදන විඩියෝ ක්ලිප්ස් දාන්නා වූ පොස්ට් සියල්ලක්ම අයින් කරන්න පුළුවන් සිංගප්පුරුවේ ඉතාම ලස්සනට මේක මෙහෙයවමින් තියෙනවා චීනය මේක මෙහෙයවමින් ඉන්නවා අමෙරිකාව ලස්සනට මේක මෙහෙයවනවා" https://www.facebook.com/NewsfirstSL/videos/1870292529697663/ |
2018-03-10T03:54:46.000Z | අම්පාර හා මහනුවර සිදුවීම්වලට සම්බන්ධ වූවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට විශේෂ මෙහෙයුම් මැදිරියක් | පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් | Colombo (Newsfirst) - පසුගිය දිනවල අම්පාර හා මහනුවර ප්‍රදේශයන්හි සිදුවූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට සම්බන්ධ වූ පුද්ගලයින් සහ කණ්ඩායම් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ. මෙම මෙහෙයුම් මැදිරිය මගින් ලබා ගන්නා තොරතුරු විශ්ලේෂණය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ අංශ වෙත යොමු කරන බව නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසයි. අදාළ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් හෝ කණ්ඩායම් පිළිබඳ තොරතුරු 011 - 3024892, 011 - 3024883 යන දුරකතන අංක මගින් හෝ [email protected] යන විද්‍යුත් තැපෑල ඔස්සේ ලබා දිය හැක. |
2018-03-10T02:11:58.000Z | වවුනියාව රෝහලේදී අතුරුදන් වූ බිළිඳා අනුරාධපුර රෝහලෙන් සොයා ගැනේ | වවුනියාව රෝහලේදී අතුරුදන් වූ බිළිඳා සොයා ගැනේ | Colombo (Newsfirst) - වවුනියාව රෝහලේදී අතුරුදන් වූ දින 2ක් වයසැති බිළිඳා අනුරාධපුර රෝහලෙන් සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, එම කාන්තාව අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකාරියක බව ය. ඇය අද වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. වවුනියාව රෝහලේදී උපත ලැබූ එම බිළිඳා ඊයේ දිනයේදී මෙලෙස අතුරුදන් විය. එලෙස අතුරුදන්ව වූයේ, වවුනියාව බෝගස්වැව පදිංචි එම්.එම්. කල්‍යාණි මහත්මිය මීට දින 2කට පෙර බිහි කළ පිරිමි දරුවෙකි. ඇය පසුගිය 05 වන දා දරු ප්‍රසූතිය සඳහා වවුනියාව රෝහලට ඇතුළත්ව තිබේ. දරුවා අතුරුදන් වීමට පෙර සිය බිරිඳ සමග කාන්තාවක මිතුරු වී ඇති බවත් බිරිඳ වැසිකිළියට ගොස් නැවත පැමිණීමේදී දරුවා ද අදාළ කාන්තාව ද අතුරුදන්ව සිට බවත් කල්‍යාණි මහත්මියගේ ස්වාමි පුරුෂයා වන ඒ.ආර්. රාමනායක මහතා සඳහන් කළේ ය. |
2018-03-10T01:50:59.000Z | ජනපති නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යයි | ජනපති නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යයි | Colombo (Newsfirst) - නිල සංචාරයක් අරඹමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේ ය. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රොන් යන මහත්වරුන්ගේ ඒකාබද්ධ ආරාධනයෙන් නව දිල්ලියේ හෙට පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සූර්ය සංධානයේ ආරම්භක සාමාජික රටවල ප්‍රථම සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා ඉන්දියාව බලා පිටත්ව ගිය බව ය. රාජ්‍ය නායකයන් හා ඉහළ පෙළේ නියෝජිතයින් 30 දෙනෙකුට අධික පිරිසක් මෙම ජාත්‍යන්තර සූර්ය සංධාන සමුළුවට සහභාගී වීමට නියමිත ය. ශ්‍රී ලංකාව මේ වසරේ පෙබරවාරි 12 වන දින ජාත්‍යන්තර සූර්ය සංධානයේ ආරම්භක සාමාජිකයෙකු බවට පත් විය. ජාත්‍යන්තර සූර්ය සංධානයේ ප්‍රධාන අරමුණ වන්නේ, විකල්ප බලශක්ති මූලාශ්‍රයක් වශයෙන් සූර්ය බලශක්තිය වඩා ප්‍රශස්ත ආකාරයෙන් භාවිතයට ගැනීම සහ කර්කටක නිවර්තනය හා මකර නිවර්තනය අතර පිහිටා තිබෙන සූර්ය සම්පතින් පොහොසත් රටවල සූර්ය තාක්ෂණයේ සුවිශේෂී යෙදවුම් අවශ්‍යතාවලට පිළියම් සෙවීම ය. මෙම ව්‍යාපෘතිය හරහා සූර්ය ශක්තිය නිෂ්පාදනය කරන පරිසර පද්ධතිවල පවතින අඩුපාඩු පිළිබඳව සොයා බැලීමටත් සූර්ය ශක්තියෙන් පොහොසත් බහුතරයක් රටවල් මුහුණ දෙන පොදු ගැටලු වන සියලු දෙනාට ම බලශක්තිය ලබා ගැනීම, බලශක්ති සාධාරණත්වය සහ දරා ගැනීමට හැකි බලශක්ති වියදම යන කරුණු ගැන වගබලා ගැනීමටත් ජාත්‍යන්තර සූර්ය සංධානය තවදුරටත් අපේක්ෂා කරයි. ජනතාවගේ මූලික බලශක්ති අවශ්‍යතා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හරහා සපුරා ගැනීමට හැකි පසුබිමක් රට තුළ සකස් කිරීම සඳහා වූ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර සූර්ය සංධානය හා එක්ව තිබෙනවා. මේ අතර ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනිද්දා සිට 17 වැනි දින දක්වා ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත වන බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. |
2018-03-10T01:17:45.000Z | කෙහෙළියගේ පුත් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට | රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට | Colombo (Newsfirst) - පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, නාරාහේන්පිට ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පසු තරුණයින් දෙදෙනෙකුට ගිනිඅවියක් පෙන්වා තර්ජනය කර පහර දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි. පොලීසිය පැවසුවේ, රමිත් රඹුක්වැල්ල මහතා අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ය. |
2018-03-10T00:48:50.000Z | සියලු ම විලවුන් වර්ග අද සිට නියාමනය කිරීමට පියවර | සියලු ම විලවුන් වර්ග අද සිට නියාමනය කෙරේ | Colombo (Newsfirst) - අද සිට මෙරට තුළ නිෂ්පාදනය කරනු ලබන හා ආනයනය කරනු ලබන සියලු ම විලවුන් වර්ග නියාමනය කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන තිබේ. එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා පැවසුවේ, අදාළ තත්ත්වය යටතේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව විලවුන් ආනයනය, නිෂ්පාදනය සහ බෙදාහැරීම නොකළ යුතු බව ය. එලෙස අවසරයකින් තොරව විලවුන් ආනයනය, නිෂ්පාදනය සහ බෙදාහැරීම සිදු කරන ආයතන පරීක්ෂා කිරීමට ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බව ද ප්‍රධාන විධායක නිලධාරීවරයා සඳහන් කළේ ය. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.