date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-03-26T05:50:50.000Z | මෙවර සා/පෙළ අයැදුම්කරුවන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල අවලංගු කෙරේ | සා/පෙළ අයැදුම්කරුවන් 969 කගේ ප්‍රතිඵල අවලංගු කෙරේ | COLOMBO (News 1st) - 2017 පැවති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට තීරණය කර තිබේ. විභාග කොමසාරිස් ජෙනරාල් සනත්. බී. පූජිත මහතා ප්‍රකාශ කළේ, නවීන තාක්ෂණික උපකරණ භාවිත කර විභාග නීති රීති උල්ලංඝණය ඇතුළු තව ත් විභාග අක්‍රමිකතා කිහිපයක් පසුගිය කාලයේදී වාර්තා වූ බව ය. විභාග සම්බන්ධව පැමිණිලි 2,804 ක් ලැබී ඇති අතර ඉන් පැමිණිලි 2,798 ක් අයැදුම්කරුවන් සම්බන්ධ සිද්ධින් වන බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කර තිබේ. ඒ පිළිබඳ මූලික විමර්ශනවලින් 1,829 දෙනෙකු නිදහස්වී ඇති අතර ඉතිරි 969 දෙනෙකුගේ ප්‍රතිඵල මේ අනුව අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනිද්දා නිකුත් කිරීමට නියමත ව තිබේ. |
2018-03-26T03:46:56.000Z | ඇතැම් පොලිස් නිලධාරීන් අල්ලස් ගන්නේ ඇයි? | ඇතැම් පොලිස් නිලධාරීන් අල්ලස් ගන්නේ ඇයි? | පොලිස් නිලධාරීන් යනු අව් වැසි නොතකා සිය රාජකාරිය කරන ගරු කළ යුතු රාජ්‍ය සේවකයින් පිරිසකි. ඔවුන්ගේ එම මිල කළ නොහැකි සේවයට ජනතාව නිරන්තරයෙන් ගෞරව කරති. එහෙත්, පොලිස් නිලධාරීන්ට සහ නිල ඇඳුමට ජනතාව අතර පවතින ගෞරවය ඇතැම් නිලධාරීන්ගේ අල්ලස් ගැනීම් වැනි අක්‍රමිකතා හේතුවෙන් විනාශ වී යයි. බොහෝ විට පොලිස් නිලධාරීන් එම තත්ත්වයට පත් කරනු ලබන්නේ ද, මහ ජනතාව විසින් ම ය. යමෙකු යම් වරදකට පොලීසියට හසු වූ විට ඉන් පහසුවෙන් ගැලවීම සඳහා පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබා දීම පිරිසුදු පොලිස් සේවාවකට බාධාවකි. පවත්නා ක්‍රමයට බනිමින් එම ක්‍රමයට ම නතු නොවී දැන්වත් නිවැරදිව සිතා බලමු! ඇතැම් පොලිස් නිලධාරීන් අල්ලස් ගැනීමට පෙළඹෙන්නේ ඇයි? අපට මහ මග හමුවන පොලිස් නිලධාරීන්ගෙන් බහුතරය මැදි වයසේ පසුවන්නන් වන අතර බොහෝ විට ඔවුන් වසර 10කට අධික කාලයක් පොලිස් සේවයේ නිරතව සිටින්නන් ය. එම පොලිස් නිලධාරීන් ද ඔබ සහ මා වැනි සාමාන්‍ය පුද්ගලයෝ වෙති. වසර 10 ත් 20 ත් අතර කාලයක් සේවා පළපුරුද්ද සහිත පොලිස් කොස්තාපල්වරයෙකුට හිමි වන මූලික වැටුප රු. 25,000 - රු. 30,000 අතර වේ. කොස්තාපල්වරයා පමණක් නොව පොලිස් පරීක්ෂකවරුන්ගේ තත්ත්වය ද ඊට දෙවැනි නැත. පොලිස් පරීක්ෂක යනු පොලිස් සේවයේ මධ්‍යම පන්තියේ තනතුරකි. වසර 10 ත් 20 ත් අතර කාලයක් සේවා පළපුරුද්ද සහිත පොලිස් පරීක්ෂකවරයෙකුගේ මූලික වැටුප පවතින්නේ, රු. 30,000 සහ රු. 35,000 අතර ය. එම වැඔටුප වසර 20ක පළපුරුද්දක් සහිත කොස්තාපල්වරයෙකුගේ වැටුපට සමාන ය. ඔවුහු වැටුපට අමතරව බටා සහ වෙනත් දීමනා හිමිකම් කියති. එහෙත්, ඔවුන්ට පවුලක්, මහලු දෙමාපියන්, බිරිඳක් සහ දරුවන් රැකබලා ගැනීමට තිබේ. ඊටත් ඉහළින් ඔවුන් සිය කුටුම්භය නඩත්තු කිරීමට තිබේ. බිල් ගෙවීමට තිබේ. ණය ගෙවීමට තිබේ. ඔවුන්ගේ දරුවන්ට පොත්, පාසල් නිල ඇඳුම් සහ වෙනත් ලිපි ද්‍රව්‍ය අවශ්‍ය වේ. මෙය සාධාරණ ද? දිවා රෑ නොතකා මහ ජනතාව සුරැකීමට වෙහෙසෙන පිරිසකට එම ගෙවීම් ප්‍රමාණවත් ද? සැලකිය යුතු වැටුප් වර්ධකයක් ලබා දීමෙන් ඔවුන්ගෙන් වඩා හොඳ සේවාවක් ලබා ගත නොහැකි ද? අල්ලස් ගැනීම අවම කළ නොහැකි ද? අසාර්ථක ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යපෘති වෙනුවෙන් රජය බිලියන ගණනින් මුදල් වැය කරයි. විදෙස් සංචාර සඳහා දේශපාලනඥයෝ මිලියන ගණන් මුදල් වියදම් කරති. දේශපාලකයින්ට සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම සඳහා මිලියන ගණන් මුදල් වෙන් කරයි. සෑම පාර්ලිමේන්තු සැසියක් සඳහා ම විශාල ධන සම්භාරයක් වැය කෙරේ. මෙවැනි අනවශ්‍ය මහාපරිමාණ වියදම් කපා හැර, රට වෙනුවෙන් දිවා රෑ නොබලා සේවය කරන අපේ ම මිනිසුන් පිරිසකට සාධාරණ වැටුපක් ලබා දීමට අපට නොහැකි ද? සිතන්න... |
2018-03-26T00:59:06.000Z | ක්‍රිකට් ඝාතකයින් ලැබූ දඬුවම ප්‍රමාණවත් ද? | ක්‍රිකට් ඝාතකයින් ලැබූ දඬුවම ප්‍රමාණවත් ද? | මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස විරුදාවලි ලත් ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය කෙළෙසී යමින් පවතින බව පසුගිය සිකුරාදා (23) අපි ප්‍රශ්න කළෙමු. (ක්‍රිකට් තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ද?) එම ලිපියෙන් අප ඉදිරිපත් කිරීමට උත්සහ කළේ, ක්‍රිකට් තරග අතරතුර දිගින් දිගට ම සිදුවෙමින් පවතින අපහාස, උපහාස සහ ගැටුම් පිළිබඳව ය. එවන් වටපිටාවක කිසිසේත් අපේක්ෂා කළ නොහැකි කනගාටුදායක තත්ත්වයක් දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයෙන් වාර්තා විය. දකුණු අප්‍රිකාවෙන් වාර්තා වුව ද, මෙම කනගාටුදායක සිදුවීම වාර්තා වූයේ, ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙනි. මෙය එසේ මෙසේ සිදුවීමක් නොව, කණ්ඩායමේ නායකයා ඇතුළු පිරිසකගේ පූර්ව සැලැස්මක් අනුව ක්‍රියාත්මක වූ අවාසනාවන්ත සිදුවීමකි. පන්දුව පළුදු කර දකුණු අප්‍රිකානුවන්ට පීඩනයක් එල්ල කිරීම ඔවුන්ගේ උපක්‍රමය වී තිබිණි. මෙම පූර්ව සැලැස්ම නායක ස්ටීවන් ස්මිත් ඇතුළු නායකත්ව කණ්ඩායමක් හරහා සිදුවුණු බවත් කැමරන් බැන්ක්‍රොෆ්ට් එම වරද කිරීම සඳහා යෙදවූ බවත් ඔවුහු ප්‍රසිද්ධියේ පිළිගත්හ. දඬුවම කුමක් ද? ඒ අනුව, ඔවුන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දුන් දඬුවම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්ට එක් ටෙස්ට් තරග තහනමක් සහ තරග ගාස්තුව අහිමි කිරීම ත්, කැමරන් බැන්ක්‍රොෆ්ට්ට තරග ගාස්තුවෙන් 75%ක් අත්හිටුවීම ත් ය. දඬුවම පිළිබඳව සෑහිමකට පත් විය හැකි ද? මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස සැලකෙන ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය සහ මහත්මා ගුණය කෙළෙසූ මෙම සැලසුම්සහගත ක්‍රියාවලියට එරෙහිව ක්‍රිකට් කවුන්සිලය දුන් දඬුවම ප්‍රමාණවත් ද? යන්න ගැටලුවකි. යම් වරදක් කළ ක්‍රීඩකයෙකුට තරගයක් තහනම් කිරීම හෝ තරග ගාස්තුව අහිමි කිරීම එම ක්‍රීඩකයාට දැනෙන දඬුවමක් ද? එම දඬුවම හරහා එම ක්‍රීඩකයාගේ ප්‍රතිරූපයට යම් හානියක් විය හැකි නමුත් මෙම බරපතළ වරදට එරෙහිව දුන් දඬුවම අතිශය සුඵ එකකි. එය එසේ වූයේ, ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් මෙම වරදට සම්බන්ධ වූ හෙයින් ද? ඔස්ට්‍රේලියානු බලධාරීන්ගේ ප්‍රතිචාරය මෙම වරද සම්බන්ධයෙන් බැලූ බැල්මට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බව පෙනුණ ද, ඔස්ට්‍රේලියානු බලධාරීන් මේ සම්බන්ධයෙන් දැක්වූ ස්ථාවරය අගය කළ යුතු ය. ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය මෙම සිද්ධියෙන් පසුව තීරණය කළේ, ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් දකුණු අප්‍රිකාවට එරෙහි තුන්වන ටෙස්ට් තරගයේ නායක සහ උප නායක තනතුරු වලින් ඉවත් කිරීමට ය. ඒ අනුව වැඩබලන නායක ලෙස ටිම් පේන් පත් කළ බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ය. මේ අතර, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මේ සම්බන්ධයෙන් ඝෘජුව සිය විරෝධය පළ කළේ ය. ඔහු සඳහන් කළේ, මේ පිළිබඳව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය දැඩි පියවරක් ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ය. මේ අතර, ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් බොහො දෙනෙක් මෙම ක්‍රියාව හෙළ දකිමින් අදහස් පළ කළහ. කුමුදු ජයවර්ධන |
2018-03-26T00:11:09.000Z | අතුරුගිරිය ජෝතිපාල මාවතේ නිවසකට වෙඩි ප්‍රහාරයක් | අතුරුගිරිය ජෝතිපාල මාවතේ නිවසකට වෙඩි ප්‍රහාරයක් | COLOMBO (Newsfirst) - අතුරුගිරිය, මාලඹේ ජෝතිපාල මාවතේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අද අලුයම 2.40ට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර එමගින් කිසිදු පුද්ගලයෙකු තුවාල ලබා නොමැති බව ය. කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරයෙන් නිවසේ ජනෙල් හා බිත්තිවලට අලාභ හානි සිදුව ඇතැයි ඔහු පැවසුවේ ය. ටී56 වර්ගයේ ගිනිඅවියක් භාවිත කරමින් වෙඩි තැබීම කර ඇති බවට සැක කරන බව පොලීසිය සඳහන් කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර ඇති බව ය. මේ අතර මාලඹේ සයිටම් හන්දියේදී සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. ඊයේ රාත්‍රී 7.00ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් හිඹුටාන මුල්ලේරියාවේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියේ ය. |
2018-03-25T23:40:31.000Z | දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ බලය එ.ජා.ප.යෙන් ගිලිහෙයි | දෙහිවල ගල්කිස්ස නගර සභාවේ බලය එ.ජා.ප.යෙන් ගිලිහෙයි | COLOMBO (Newsfirst) - එක්සත් ජාතික පක්ෂය තවදුරටත් අවුලට පත් කරමින් පළාත් පාලන ආයතන කිහිපයක බලය ද ගිලිහෙමින් තිබේ. මේ අනුව අද උදෑසන දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාව සතු බලය එක්සත් ජාතික පක්ෂයෙන් ගිලිහී ගියේ ය. අද උදෑසන රැස්වූ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ සභිකයින් අතර පැවැති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමි කර ගත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා යි. ඔහුට ඡන්ද 23 ක් හිමි වූ අතර හිටපු නගරාධිපතිනී සුනේත්‍රා රණසිංහ මහත්මියට හිමි වුණේ ඡන්ද 21ක් පමණි. පසුගිය පළාත් පාලන ඡන්දයේදී දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ ආසන 19ක් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණට ද ආසන 19ක් හිමවී තිබිණි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 6ක් සහ ජනතා විමුක්ති පෙරමුණට ආසන 4 බැගින් හිමිවී තිබිණි. මේ අතර කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය ද පොදුජන පෙරමුණ විසින් අද පිහිටුවනු ලැබී ය. අද පැවැති ඡන්ද විමසීමේදී එක් වැඩි ඡන්දයකින් ජය ලබමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවනු ලැබුවේ ය. |
2018-03-25T23:05:14.000Z | වලාන දූෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් පිරිසකට බේරුවලදී ප්‍රහාරයක් | වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක් | COLOMBO (Newsfirst) - වලාන දූෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරීන් පිරිසකට බේරුවලදී ප්‍රහාරයක් එල්ල වී තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ නිලධාරීන් බේරුවල ප්‍රදේශයේ වැටලීමකට ගිය අවස්ථාවේ එම ප්‍රහාරය එල්ල වී ඇති බව ය. ඉන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මේ වන විට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබති. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. |
2018-03-25T22:33:11.000Z | ජනතාවට සහන මිලට ඉන්ධන ලබා දෙන්නේ රජය විශාල පාඩුවක් විඳිමින් - ඛනිජ තෙල් සම්පත් අමාත්‍යංශය | ''ජනතාවට සහන මිලට ඉන්ධන දෙන්නේ රජය පාඩු ලබමින්" | COLOMBO (Newsfirst) - ජනතාවට සහන මිලට ඉන්ධන ලබා දෙන්නේ රජය විශාල වශයෙන් පාඩු විඳිමින් බව ඛනිජ තෙල් සම්පත් අමාත්‍යංශය පවසයි. එහි ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසුවේ, ඩීසල් ලීටරයකින් රුපියල් 6ත් 7ත්, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 14ත් 16ත් භූමිතෙල් ලීටරයකින් රුපියල් 48ක් රජයට පාඩු සිදු වන බව ය. මේ අතර ලංකා IOC සමාගම පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක් රුපියල් 5කින් සහ පෙට්‍රල් ලීටර්යක් රුපියල් 9කින් මිල ඉහළ දැමුවේ ය. ලංකා IOC සමාගමේ උප සභාපති සිද්ධාර්ත් අග්‍රවාල් මහතා ප්‍රකාශ කළේ, රජය මිල සූත්‍රයක් හඳුන්වා දීම සඳහා අපොහොසත් වීම මත තමන්ට ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට සිදුවූ බව ය. මේ අතර ඛනිජ තෙල් සම්පත් අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසුවේ, නුදුරේදී ම රජය මිල සූත්‍රයක් හඳුන්වා දෙනු ඇති බව ය. |
2018-03-25T21:17:00.000Z | අක්මීමන එ.ජා.ප.ය සුරැකීමේ සංවිධානය කළ තොවිලය | අක්මීමන එ.ජා.ප.ය සුරැකීමේ සංවිධානය කළ තොවිලය | COLOMBO (Newsfirst) - ගාල්ල බටදූව පොදු සුසාන භූමියේදී ඊයේ පස්වරුවේ තොවිලයක් පැවැත්විණි. මෙය සංවිධාන කර තිබුණේ, අක්මීමන ආසනයේ එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය යි. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ගාල්ල අක්මීමන ආසනයට තරග කළ අපේක්ෂකයින් ඇතුළු පිරිසක් මෙම තොවිලය සංවිධාන කර තිබිණි. තොවිලයට සහභාගී වූ පිරිස පවසන්නේ, මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පසු මන්ත්‍රී ධූර පිරිනැමීමේදී එක්සත් ජාතික පක්ෂ අක්මීමන ආසන සංවිධායක විජේපාල හෙට්ටිආරච්චි මහතා අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බව ය. |
2018-03-25T20:10:39.000Z | අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද න්‍යාය පුස්තකයට | අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද න්‍යාය පුස්තකයට | COLOMBO (Newsfirst) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව අද නිල වශයෙන් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට නියමිතව තිබේ. පසුගියදා පාර්ලිමේන්තුවට භාර දුන් විශ්වාසභංග යෝජනාව වැඩ කරන දින 5ක් තුළදී න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට නියමිතව තිබිණි. ඒ අනුව දින 5 අද දිනයේ සම්පූර්ණ වේ. මෙම විශ්වාසභංග යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම සඳහා කටයුතු සම්පාදනය වේ. |
2018-03-25T19:42:43.000Z | රුසියාවේ වෙළෙඳ සංකීර්ණයක ඇති වූ ගින්නකින් 37ක් මරුට | රුසියාවේ වෙළෙඳ සංකීර්ණයක ගින්නකින් 37ක් මරුට | (Newsfirst) - රුසියාවේ වෙළෙඳ සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. ගින්න ඇති වී තිබෙන්නේ, සයිබීරියාවේ කෙමෙරොවෝ නගරයේ පිහිටි වින්ටර් චෙරි නමැති වෙළෙඳ සංකීර්ණය තුළ යි. වෙළෙඳ සංකීර්ණයේ ඉහළ මහලේ ගින්න හටගෙන ඇති අතර මිය ගිය බහුතරය එහි සිනමා ශාලාවේ සිටි අය බවට සඳහන් ය. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 67ක්, හදිසි සේවා සෙබලුන් 288 දෙනෙකු සහ ගුවන් මුදවා ගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මක බව වාර්තා වේ. හදිසි සේවා මෙහෙයුම්වලින් මේ වන විට පුද්ගලයින් 120 දෙනෙකු මුදාගෙන ඇති බව සඳහන් ය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. |
2018-03-25T19:26:51.000Z | මැණික් තොගයක් සමග චීන ජාතිකයෙකු ගුවන්තොටුපොළ රේගු අත්අඩංගුවට | මැණික් තොගයක් සමග චීන ජාතිකයෙකු රේගු අත්අඩංගුවට | COLOMBO (Newsfirst) - රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් මැණික් තොගයක් සමග චීන ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. වැඩ බලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසුවේ, හොංකොං සිට මෙරටට පැමිණි අවස්ථාවේදී අද අලුයම එම චීන ජාතිකයාව අත්අඩංගුවට ගත් බව ය. |
2018-03-25T05:07:05.000Z | ප්‍රබල පතාල සමාජික 'කුඩු නුවන්' අත්අඩංගුවට | ප්‍රබල පතාල සමාජික 'කුඩු නුවන්' අත්අඩංගුවට | COLOMBO (Newsfirst) - ප්‍රබල පතාල සමාජික 'කුඩු නුවන්' නොහොත් නුවන් ගුණතිලක පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අද අත්අඩංගුවට ගෙන තිබේ. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සැකකරු අත්අඩංගුවට පත් වනවිට ඔහු සතුව තිබු අත්බෝම්බයක් ද සිය භාරයට ගත් බව ය. ඔහු මිනීමැරුම්, ලිංගික අපයෝජන සහ මත්ද්‍රව්‍ය ජවාරම් ඇතුළු වැරදි කිහිපයක් සඳහා පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකි. ඉදිරි විමර්ශන සඳහා සැකකරු කඩවත පොලිස් ස්ථානයට භාර දුන් බව ද එම නිලධාරියා ප්‍රකාශ කළේය. |
2018-03-25T10:06:31.000Z | මාලඹේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට | මාලඹේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට | COLOMBO (Newsfirst) - මාලඹේ සයිටම් හන්දියේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ සවස 7 ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් හිඹුටාන මුල්ලේරියාවේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව ය. ඝාතනයට ලක්වු පුද්ගලයා ජීප් රථයකින් පැමිණ එම ප්‍රදේශයේ පාගමනින් යමින් සිටියදී වෙඩි තැබීමට ලක්ව තිබේ. පොලීසිය පැවසුවේ ඔහුගේ මල සිරුර මේ වනවිට පුද්ගලික රෝහලක තැන්පත් කර ඇති බව ය. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි. |
2018-03-25T09:36:22.000Z | ස්මිත්ටට සහ කැමරන්ට ICC ය පාඩමක් උගන්වයි | ස්මිත්ටට සහ කැමරන්ට ICC ය පාඩමක් උගන්වයි | ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්ට එක් ටෙස්ට් තරග තහනමක් සහ තරග ගාස්තුව කප්පාදුව කර තිබෙන අතර කැමරන් බැන්ක්‍රොෆ්ට් තරග ගාස්තුවෙන් 75%ක් අත්හිටුවා තිබෙන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. දකුණු අප්‍රිකාවට එරෙහිව 3වන ටෙස්ට් තරගයේ 3වන දිනයේදී පන්දුව පළුදු කිරීමේ සිද්ධියක් හේතුවෙන් මෙම තිරණය ගෙන තිබේ. මේ අතර ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් දකුණු අප්‍රිකාවට එරෙහි තුන්වන ටෙස්ට් තරගයේ නායක සහ උප නායක තනතුරු වලින් ඉවත් කළ බව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව වැඩබලන නායක ලෙස ටිම් පේන් පත් කළ බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසයි. https://www.facebook.com/NewsfirstSL/videos/1888490661211183/ |
2018-03-25T07:37:29.000Z | බලධාරීන්ට නොදැනෙන මහියංගණයේ ගොවි දුක | බලධාරීන්ට නොදැනෙන මහියංගණයේ ගොවි දුක | COLOMBO (Newsfirst) - මහියංගණයේ ප්‍රදේශ රැසක පවතින වන අලි උවදුර නිසා ගම්වැසියන්ගේ දෛනික කටයුතු අඩපණන වී තිබේ. දම්බරාව, රඹුක්යායය සහ දෙහිගොල්ල එවැනි ගම්මාන කිහිපයකි. පවුල් 2000ක් පමණ ඡීවත් වන මෙම ගම්මානවල ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැනයි. "මහත්තයා මේ බලන්න මේ අපේ කුඹුර, බලධාරීන්ගේ ඇස් ඇරෙන්නේ නැහැ. අලියෙක් මැරුවොත් අවුරුදු 05කට මනුස්සයෙක් හිරේ, මිනිහෙක් මැරුවොත් බල්ලෙක්වත් නැහැ. ඒක තමා බලධාරීන්ගේ නීතිය. මැති ඇමතිවරු ඒ.සී. කාමරවල ඉන්නවා අපි බල්ලෝ කුකුලෝ වගේ මෙව්වගේ මේ වැඩ කරලා කිසිම හවුහරණක් නැහැ අපිට" කුඹුරු අක්කර 500 කට අධික ප්‍රමාණයක් වන අලින් කඩාවැදී විනාශ කර ඇති බව ඔවුන් පවසයි. වනඅලි රංචු පිටින් පිවිසෙන්නේ රන්දෙණිගල රක්ෂිතයෙනි. බෝග වර්ග සහ කුඹුරු රැසක් විනාශ වී ඇත්තේ ප්‍රදේශවාසීන් බෙහෙවින් අසරණ කරමිනි. අලි වෙඩිවලට පවා මෙල්ල නොවන මේ සද්දන්තයින් නිසා ගම්වැසියන්ට සිදු ව ඇත්තේ, දිවා රෑ නොබලා ආරක්ෂකාරී පියවර අනුගමනය කිරීමයි. "අපිට රාත්‍රියේ නිදාගන්න නැහැ, ළමයෙක් අරගෙන බඩදරු අම්මා කෙනෙක් අරගෙන රෑක යන්න නැහැ ඒ තරමට අලි පාරවල්වල" සවස් කාලය වන විට නිවෙස්වලින් බැහැරට යාමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ. මහියංගණය වන අලින්ට පවරා නොදී, ගම්වැසියන්ට අත් වූ ඉරණම ගැන බලධාරීන් අවධානය යොමු කළ යුතු නොවේ ද? https://www.facebook.com/NewsfirstSL/videos/1888393357887580/ |
2018-03-25T05:08:16.000Z | ස්මිත්ට සහ වෝනර්ට නායක සහ උප නායක තනතුරු අහිමි වෙයි | ස්මිත්ට සහ වෝනර්ට නායක / උප නායක තනතුරු අහිමි වෙයි | ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් දකුණු අප්‍රිකාවට එරෙහි තුන්වන ටෙස්ට් තරගයේ නායක සහ උප නායක තනතුරු වලින් ඉවත් කළ බව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසයි. දකුණු අප්‍රිකාවට එරෙහිව 3වන ටෙස්ට් තරගයේ 3වන දිනයේදී පන්දුව පළුදු කිරීමේ සිද්ධියක් හේතුවෙන් මෙම තිරණය ගෙන තිබේ. ඒ අනුව වැඩබලන නායක ලෙස ටිම් පේන් පත් කළ බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසයි. [caption id="attachment_125892" align="alignnone" width="700"] ඔස්ට්‍රේලියා වැඩබලන නායක ටිම් පේන්[/caption] |
2018-03-25T04:41:55.000Z | EXCLUSIVE - ඔස්ට්‍රේලියානු ක්‍රිඩකයින් පන්දුව පළුදු කිරිම අවාසනාවන්ත සිදුවීමක් - සංජය මන්ජේකාර් | පන්දුව පළුදු කිරිම අවාසනාවන්ත සිදුවීමක් | COLOMBO (Newsfirst) - ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කිරීම අවාසනාවන්ත සිදුවීමක් බව හිටපු ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩක හා ප්‍රවීන විස්තර විචාරක සංජය මන්ජේකාර් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, නිව්ස්ට්ෆස්ට් වෙත සිය අදහස් පල කරමින්ය. මෙම ක්‍රියාව සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය උපරිම ක්‍රියා මාර්ග ගනීවියැයි තමන් බලාපොරොත්තුවන බව සංජය මන්ජේකාර් වැඩි දුරට ත් සඳහන් කළේය. https://www.facebook.com/NewsfirstSL/videos/1888258871234362/ |
2018-03-25T04:20:35.000Z | ජපාන අගමැති ජනතාවගෙන් සමාව ඉල්ලයි | ජපාන අගමැති ජනතාවගෙන් සමාව ඉල්ලයි | COLOMBO (Newsfirst) - ගජමිතුරු සංග්‍රහය පිළිබඳ තමන්ට එල්ලවන චෝදනා හේතුවෙන් රජය පිළිබඳ විශ්වාසය බිඳ වැටීම සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අද ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, එරට කම්කරු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වාර්ෂික සම්මේලනයට එක්වෙමිනි. මෙවර පක්ෂ වාර්ෂික සම්මේලනය පැවැත්වුණේ සම්මේලන භූමිය ආසන්නයේ විරෝධතා ද පැවැත්වෙමින් තිබියදී ය. විරෝධතාකරුවන් පාලනය සඳහා කැරළි මර්දන පොලීසිය ද කැඳවා තිබුණි. විරෝධතාකරුවන් එහිදී ඉල්ලා සිටියේ අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ය. රජයට අයිති ඉඩමක්, සිය බිරිඳට හිතවත් පාර්ශවකයට විශාල වට්ටම් මුදලක් මත, අලෙවි කිරීමේ සිද්ධියක් අනාවරණය වීමත් සමඟ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ දැඩි දේශපාලන අර්බුදයකට මුහුණ දීමට සිදුවිය. විදෙස් වාර්තා පවසන්නේ අග්‍රාමාතයවරයාගේ ජනප්‍රියත්වය මේ වනවිට ශීඝ්‍රයන් පහත වැටී ඇති බව ය. |
2018-03-25T00:16:55.000Z | පන්දුව පළුදු කිරීම ගැන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විමර්ශනයක් අරඹයි | පන්දුව පළුදු කිරීම ගැන විමර්ශනයක් අරඹයි | COLOMBO (News 1st) - දකුණු අප්‍රිකා සංචාරය තුළදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් පන්දුව පළුදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසා තිබේ. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඩ් මහතා ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් තමා තැති ගැනීමටත්, මහත් කනස්සල්ලටත් පත් වූ බවයි. ඊයේ කේප් ටවුන්හිදී පැවැති තරගයේදී තමා පන්දුව පළුදු කළ බව ඔස්ට්‍රේලියා ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් පිළිගෙන තිබේ. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීව් ස්මිත් පවසා ඇත්තේ, එම සැළැස්ම පිළිබඳ තමා පුර්ව ලෙස දැන සිටි බව ය. මේ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු දකුණු අප්‍රිකාව බලා පිටත්වයාමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළේ ය. කෙසේ වෙතත් ස්ටීව් ස්මිත් තවදුරටත් ඔස්ට්‍රේලියානු නායකත්වයේ කටයුතු කරනු ඇති. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයා ප්‍රකාශ කළේ, ස්ටීව් ස්මිත් කණ්ඩායමේ නායකත්වය දරන අතර තමන් යම් ක්‍රියාවලියකට අනුව කටයුතු කරන බවයි. කරුණු පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලද පසු මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන බව ඔහු කියා සිටියේ ය. |
2018-03-24T22:50:00.000Z | කාන්තා අවසන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය පකිස්ථානයට | කාන්තා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ ජය පකිස්ථානයට | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස ජයගැනීමට පකිස්ථාන කාන්තා කණ්ඩායම සමත්වී තිබේ. තුන් වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ඔවුන් ජයගත්තේ ලකුණු 108 කින් ය. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන ක්‍රීඩිකාවන් පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 215 කි. ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වෙමින් නහීඩා ඛාන් ලකුණු 46 ක් රැස් කළේ ය. ජවේරියා ඛාන් ලකුණු 30 කි. ශෂිකලා සිරිවර්ධන සහ අමා කාන්චනා කඩුලු 2 බැගින් දවා ගත්තා ය. ජයග්‍රහණය සඳහා ලකුණු 216 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 41 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 107 ක් පමණි. නිපුනි හංසිකා ලකුණු 35 ක් රැස් කළේ ය. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 7දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ නැත. ශ්‍රී ලංකා සහ පකිස්ථාක කාන්තා කණ්ඩායම් අතර තරග 3 කින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන බදාදා ආරම්භවීමට නියමිත වේ. |
2018-03-24T22:27:15.000Z | ශ්‍රීලංකන් ගුවන් සේවයේ අර්බුදය පිළිබඳ මහජන මත විමසීම ඇරඹේ | ගුවන් සේවයේ අර්බුදය ගැන මහජන මත විමසීම ඇරඹේ | COLOMBO (News 1st) - ශ්‍රීලංකන්, මිහින් ලංකා හා ශ්‍රීලංකන් කේටරින් යන ආයතවල සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීමේ ජනාධිපති කොමිසම ඒ පිළිබඳ මහජන තොරතුරු විමසීම ආරම්භ කර තිබේ. එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඒ සඳහා ලබන 12 වන දා දක්වා මහජනතාවට අවස්ථාව ලබාදී ඇති බව ය. මේ අතර සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීම සඳහා කොමිසම විසින් මූලික කටයුතු ආරම්භ කර ඇති බව ද එම ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ශ්‍රීලංකන් හා මිහින් ලංකා හා ශ්‍රීලංකන් කෙටරින් යන ආයතවල සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සොයා බැලීමේ ජනාධිපති කොමිසම සඳහා පසුගිය 14 වන දා නිලධාරීන් පත් කෙරිණි. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා එහි සභාපතිවරයා ලෙස පත්කොට ඇති බව ය. සෙසු සමාජිකයන් වන්නේ අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර, විශ්‍රාමලත් මාහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමලත් විගණකාධිපති ඇම්.ඩී.ඒ. හැරල් යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සංගමයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව්.ජේ.කේ. ගීගනගේ මෙනවිය යි. ශ්‍රීලංකන් එයාලයින්, සීමා සහිත ශ්‍රීලංකන් කෙටරින් සහ සීමා සහිත මිහින් ලංකා සමාගම්වල 2006 ජනවාරි මස 06 වැනි දින සිට 2018 ජනවාරි 31 දක්වා වූ කාලය තුළ සිදුවුවායැයි සැලකෙන අක්‍රමිකතා පිළිබඳව විමර්ශන හා පරීක්ෂාකර වාර්තා කිරීම මෙම ජනාධිපති කොමිසමේ කාර්යභාරය වනු ඇති. |
2018-03-24T20:58:56.000Z | එළවළු මිල ගණන් ඉහළට | එළවළු මිල ගණන් ඉහළට | COLOMBO (News 1st) - එළවළු මිල ගණන් තරමක් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසා තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට, යාපනයෙන් ලැබෙන එළවළු තොග අඩුවීම මීට හේතුවයි. යාපනයට ගොස් වෙළෙඳුන්, ගොවීන්ගෙන් ඝෘජුව එළවළු මිලදී ගැනීම මීට බලපෑ තව ත් හේතුවකි. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු සඳහන් කළේ, ඉදිරි සති කිහිපය තුළ එළවළු මිල තව ත් ඉහළ යනු ඇති බවයි. |
2018-03-24T20:41:11.000Z | නීති විරෝධී ගිනි අවි භාවිතයට එරෙහිව අමෙරිකාව හඬ නගයි | ගිනි අවි භාවිතයට එරෙහිව අමෙරිකාව හඬ නගයි | COLOMBO (News 1st) - නීති විරෝධී ගිනි අවි භාවිතයට එරෙහිව අමෙරිකාවේ නගර 800 ක් කේන්ද්‍ර කරගනිමින් විරෝධතා ආරම්භවී තිබේ. ඒ, සරසවි සිසුන්, ගුරුවරුන් මෙන් ම සිවිල්වැසියන් දහස් ගණනකගේ සහභාගිත්වයෙනි. එය නම් කර ඇත්තේ, අපගේ ජීවත්වීමේ හිමිකම වෙනුවෙන් වූ පාගමන ලෙසයි. අමෙරිකාවේ ක්‍රියාත්මක විරෝධතාවලට සහය පළ කරමින්, ලන්ඩන්, ජිනීවා, සිඩ්නි, ටෝකියා ඇතුලු ලොව ප්‍රධාන නගර රැසක ද විරෝධතා ක්‍රියාත්මක වේ. ෆ්ලෝරීඩාහි පාසලක සිදු වූ වෙඩි තැබීමකින් සිසුන් 17 දෙනෙකු මියයාම මෙවැනි විරෝධතාවක් සංවිධානය කිරීමට ආසන්නතම හේතුවවී තිබේ. |
2018-03-24T20:23:40.000Z | කළුතරට හෙට පැය 11 ක ජල කප්පාදුවක් | කළුතරට හෙට පැය 11 ක ජල කප්පාදුවක් | COLOMBO (News 1st) - කළුතර ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 8.00 සිට රාත්‍රි 7.30 දක්වා පැය 11.30 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා තිබේ. ඒ අනුව කළුතර උතුර හා දකුණ, වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝම්බුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර සහ මොරගල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු ඇති. ඊට අමතරව අලුත්ගම, දර්ගානගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසා ඇත. විදුලිබල මණ්ඩලයේ නඩත්තු කටයුත්තක් මීට හේතුවී තිබේ. |
2018-03-24T20:04:27.000Z | දුම්මලසුරිය රිය අනතුර:තරුණයින් තිදෙනෙකු ජීවිතක්ෂයට | දුම්මලසුරිය රිය අනතුර:තරුණයින් තිදෙනෙකු ජීවිතක්ෂයට | COLOMBO (News 1st) - දුම්මලසූරිය, උඩබද්දාව ප්‍රදේශයේදී අද අලුයම සිදු වූ රිය අනතුරකින් තරුණයින් තුන්දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි. අනතුරින් මියගොස් ඇත්තේ, එකම යතුරුපැදියක ගමන් ගත් 19 වන වියෙහි පසු වූ තරුණයින් දෙදෙනෙකු සහ 18 වන වියෙහි පසු වූ තරුණයෙක් ය. ඔවුන් උඩබද්දාව ප්‍රදේශයේ ම පදිංචිකරුවන් වේ. මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර කුලියාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත වේ. https://www.facebook.com/NewsfirstSL/videos/1888095057917410/ |
2018-03-24T19:49:51.000Z | මුතුරාජවෙල අභය භූමියේ ඉඩම් යළි විශේෂ පරීක්ෂාවකට | මුතුරාජවෙල අභය භූමියේ ඉඩම් යළි විශේෂ පරීක්ෂාවකට | COLOMBO (News 1st) - මුතුරාජවෙල අභය භූමිය පිළිබඳ යළි විශේෂ පරීක්ෂාවක් සිදු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ. එහි අධ්‍යක්ෂ ජෙනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා ප්‍රකාශ කළේ, මීට පෙර සිදු කළ පරීක්ෂාවට අනුව එම පරිසර පද්ධතියට විශාල හානියක් සිදු ව ඇති බවට වාර්තා වන බවයි. කෙසේ වෙතත් පරිසරයට හානි වන පරිදි ක්‍රියාකර ඇති පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පෙර එම භූමිය වනජීවි දෙපාර්තමේන්තුවට අයත් වනවා ද යන්න තහවුරු කර ගැනීමට සිදු ව ඇත. ඒ සඳහා මේ වන විට එම අමාත්‍යාංශය මගින් කරුණු විමසා ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. එම තොරතුරු තහවුරු වු පසු පරිසර නීතිය අනුව ක්‍රියාත්මක වන බව ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ ය. |
2018-03-24T19:30:51.000Z | මුහුදු ඛාදනය හේතුවෙන් කළු ගඟට ලවණ ජලය මුසුවීමේ අවදානමක් | මුහුදු ඛාදනයෙන් කළු ගඟට ලවණ ජලය මුසුවීමේ අවදානමක් | COLOMBO (News 1st) - කළුතර, ආශ්‍රිතව සිදුවන මුහුදු ඛාදනයත් සමග කළු ගඟට ලවණ ජලය මුසුවීමේ අවදානමක් මතු ව තිබේ. වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කළේ, සිදුවන වෙරළ ඛාදනය ද යළි වර්ධනයවී ඇති බවයි. 2017 වසරේ ගං වතුර බැස යාම සඳහා කළු ගඟ මෝය කට පුළුල් කිරීම හේතුවෙන්, කළුතර වෙරළ ආශ්‍රිතව මෙම වෙරළ ඛාදන තත්ත්වය හටගෙන ඇත. එම තත්ත්වය වැළැක්වීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ද ඔහු පැවසුවේ ය. එහි සමාන්‍යාධිකාරි ඩී. යු. සුමනසේකර මහතා ප්‍රකාශ කළේ, ජල සැපයුමට මෙතෙක් බාධා එල්ලවී නොමැති බවයි. කෙසේ වෙතත්, ජලයේ ගුණාත්මක තත්ත්වය පිළිබඳ දෛනිකව පරීක්ෂාවන් සිදු කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු පැවසුවේ ය. කළු ගඟට ලවණ ජලය මිශ්‍රවීමක් සිදුවුවහොත්, පීඩාවට පත් වන ජල පාරිභෝගිකයින් සංඛ්‍යාව 250,000 ඉක්මවනු ඇත. |
2018-03-24T11:38:36.000Z | රයිගම් සම්මාන උළලේදී නිව්ස්ෆස්ට්, සිරස, TV 1 නාලිකාවලට සම්මාන රැසක් | නිව්ස්ෆස්ට්, සිරස TV, TV 1 රයිගම් සම්මාන දිනා ගනී | COLOMBO (Newsfirst) - 2017 රයිගම් සම්මාන උළලේදී නිව්ස්ෆස්ට්, සිරස ටී.වී. සහ TV 1 නාලිකා සම්මාන රැසකින් පිදුම් ලබුවේ ය. 14 වන රයිගම් ටෙලි සම්මාන උළෙල අද පස්වරුවේ ආරම්භ වූයේ, ශ්‍රේෂ්ඨ කලාකරුවන් රැසකගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය වෙනුවෙන් ජූරියේ කුසලතා සම්මානය TV 1 නාලිකාවේ විකාශය වූ ප්‍රභූන් බන්ධනාගාර රෝහලට ඇතුළත් වීමේ රහස විශේෂාංගය වෙනුවෙන් නුවන් චතුරංග සම්මානයෙන් පිදුම් ලැබුවේ ය. වසරේ විශිෂ්ටතම ක්‍රිඩා වැඩසටහනට හිමි සමිමානය හිමි කර ගත්තේ නිව්ස්ෆස්ට්හි ගමට ක්‍රීඩා වැඩසටහන වෙනුවෙන් සජිත් ගෝවින්න යි. වසරේ විශිෂ්ටතම ප්‍රශ්න විචාරක වැඩසටහනට හිමි සම්මානය සිරස ටි.වි. නාලිකාවේ විකාශය වන පෙන්ටත්ලන් සීසන් 2 හිමි කර ගත්තේ ය. වසරේ විශිෂ්ටතම ඉංග්‍රීසි නිවේදිකා සම්මානය TV 1 රූපවාහිනියේ බර්නඩින් ජයසිංහ විසින් හිමි කර ගත්තා ය. |
2018-03-24T08:37:52.000Z | කොළඹ දේශපාලනඥයින් බලෙන් ගෞරව ලබා ගැනීමේ උත්සහයක | කොළඹ දේශපාලනඥයින් බලෙන් ගෞරව ලබා ගැනීමේ උත්සහයක | COLOMBO (Newsfirst) - කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලය කොළඹ කලාපයේ පළාත් සභා පාසල්වලට යැවූ අපූරු ලිපියක් පිළිබඳවයි මේ තොරතුරු... කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ අත්සනින් යුතුව පසුගිය පෙබරවාරි 20 වන දා කොළඹ කලාපයේ පළාත් සභා සහ පළාත් පාසල්වල විදුහල්පතිවරුන් වෙත මෙම ලිපිය යොමු කර තිබේ. එහි දැක්වෙන්නේ, විද්‍යාලයේ පැවැත්වෙන විශේෂ උත්සව, විවෘත කිරීම්, මුල්ගල් තැබීම් වැනි පොදු උත්සව අවස්ථා සඳහා ප්‍රදේශය නියෝජනය කරන සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ආරාධනා පත්‍ර ලබා දිය යුතු බව ය. එමෙන් ම ඔවුන් උත්සවයට පැමිණි පසු නිසි ගෞරව දැක්වීම රාජ්‍ය නිලධාරියෙකු ලෙස විදුහල්පතිවරුන් විසින් අනිවාර්යයෙන් කළ යුතු බව ද මෙම ලිපියේ සඳහන් ය. මෙම ලිපිය සමග කොළඹ කලාපයේ පළාත් මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ද අමුණා තිබේ. එහි දැක්වෙන නම් වන්නේ නවුසර් ෆවුසි, ජයන්ත ද සිල්වා, මොහොමඩ් ෆයිරූස්, අනුරාධ විමලරත්න, අර්ෂාඩ් නිසාම්දීන්, මොහොමඩ් ෆායිස්, එස්. කුහරවර්ධන්, කේ.ටී. කුරුසාමී, මොහොමඩ් අක්‍රම්, සුසිල් කිඳෙල්පිටිය, සුනිල් වටගල, හෙක්ටර් බෙත්මගේ. කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මෙම මන්ත්‍රීවරුන් නම් කර ඇත්තේ, කොළඹ කලාපයේ සංවර්ධන ව්‍යුහ කමිටු රැස්වීමේ නියෝජිතයින් යන පදනම මත පිහිටා ය. දේශපාලනඥයින්ට ගෞරවයක් තිබේ නම් ඔවුන්ට ආරාධනා කිරීමට කිසිවෙක් පැකිලෙන්නේ නැත. නමුත් මේ ආකාරයට ගෞරවයක් බලහත්කාරයෙන් ලබා ගන්නට උත්සහ දැරීම ලැජ්ජා සහගත ක්‍රියාවක් නොවේ ද.? |
2018-03-24T06:48:51.000Z | පොලීසිය දිවයින පුරා කළ මෙහෙයුමකදී සැකකරුවන් 2879ක් අත්අඩංගුවට | පොලීසිය කළ මෙහෙයුමකින් 2879ක් අත්අඩංගුවට | COLOMBO (Newsfirst) - පොලීසිය අද අලුයම 4.00 සිට පෙරවරු 8.00 දක්වා දිවයින පුරා සිදු කළ වැටලීමකින් වරෙන්තුකරුවන් 1031 දෙනෙකු ඇතුළු සැකකරුවන් 2879 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, විවිධ අපරාධයන්ට සම්බන්ධ පුද්ගලයින් 800ක් ද අත්අඩංගුවට ගත් බව ය. එම මෙහෙයුමේදී බීමතින් රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 266කි. සැකකරුවන් 667 දෙනෙකු හෙරොයින්, වෙනත් මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මධ්‍යසාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස්පතිවරයාගේ නියමයෙන් ක්‍රියාත්මක කළ එම දීප ව්‍යාප්ත මෙහෙයුමේදී රථ වාහන වැරදි සම්බන්ධයෙන් ද පුද්ගලයින් 7516 දෙනෙකුට එරෙහිව නඩු පැවරූ බව ද පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය. |
2018-03-24T06:15:23.000Z | ඉන්ධන මිල ඉහළ දැමීමේ කිසිදු තීරණයක් නැහැ - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව | "ඉන්ධන මිල ඉහළ දැමීමේ කිසිදු තීරණයක් නැහැ" | COLOMBO (Newsfirst) - ඉන්ධන මිල ඉහළ දැමීමේ කිසිදු තීරණයක් ගෙන නැතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, එවැන්නක් කිරීමේදී සියලු කරුණු අධ්‍යයනය කර රජය සමග දීර්ඝව සාකච්ඡා කර තීරණවලට එළැඹීම සංස්ථාවේ පටිපාටිය බව ය. ඒ අනුව ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළේ ය. |
2018-03-24T02:49:29.000Z | සම්මානනීය සිනමා අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස්ගේ 83 වැනි ජන්ම දිනය අද යි | සුමිත්‍රා පීරිස්ගේ 83 වැනි ජන්ම දිනය අද යි | COLOMBO (News 1st) - හෙළ සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස් මහත්මිය අද සිය 83 වැනි ඡන්ම දිනය අදට යෙදී තිබේ. 1978 දී සිනමා අධ්‍යක්ෂවරියක ලෙස ඇය කරළියට පැමිණෙන්නේ, ගැහැණු ළමයි සිනමා පටයෙනි. ගඟ අද්දර, සුමිත්‍රා පීරිස් මහත්මියගේ සිනමා චාරිකාවේ සංධිස්ථානයක් වනු ඇත. යහළු යෙහෙළි, සාගර ජලය මදි හැඬුවා ඔබ හින්දා, දුවට මවක මිස, සක්මන් මළුව ඇති සිනමා පට 10 ක් ඇය හෙළ සිනමාවට දායාද කර තිබේ. අද සුමිත්‍රා පීරිස් මහත්මිය සිය 83 වැනි ඡන්ම දිනය සමරන්නේ, සිනමාලෝලීන් වෙනුවෙන් සිය නවතම සිනමා තිළිණය ලබාදීමට සූදානම් වන පසුබිමක් තුළ ය. මේ අනූව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ කතා සංකල්පයකට අනූව සුමිත්‍රා පීරිස් මහත්මියගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කෙරුණු වෛශ්නාවී සිනමා පටය ලබන 5 වන දා සිට තිරගතවීමට නියමිතව ඇත. |
2018-03-24T01:19:52.000Z | පොළොන්නරුවෙන් හමු වූ ගල් පුවරු පරීක්ෂාවට විශේෂඥ කණ්ඩායමක් | පොළොන්නරුවෙන් හමු වූ ගල් පුවරු පරීක්ෂාවකට | COLOMBO (News 1st) - පොළොන්නරුව, මඩකලපුව ප්‍රධාන මාර්ගයේ සංවර්ධන කටයුතුවලදී හමු වූ ගල් පුවරු සහිත කොටස් පරීක්ෂා කිරීමට විශේෂඥයින් කණ්ඩායමක් එහි යැවීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එහි අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාලවල මහතා සඳහන් කළේ, මෙය ගල් පාලමක් හෝ ඉපැරණි මාර්ගයක් බවට සැකකරන බවයි. හමු වූ පුරා විද්‍යාත්මක සාධක විශේෂඥයින්ගේ පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු අවසන් නිගමනය පැමිණිය හැකි බව ද ඔහු සඳහන් කළේ ය. |
2018-03-24T00:53:31.000Z | ශ්‍රී ලංකා - පකිස්ථාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් දිනය අද යි | කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් දිනය අද යි | COLOMBO (News 1st) - පකිස්ථාන කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත වේ. තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ මුල් තරග දෙකම ජයගත් පකිස්ථාන කාන්තා කණ්ඩායම මේ වනවිට තරග 02 ට 0 ලෙස එක්දින තරගාවලියේ ජය හිමිකර ගෙන තිබේ. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල කාන්තා ශූරතා තරගාවලිය යටතේ ය. |
2018-03-24T00:32:03.000Z | යකඩ කිලෝ 7000 සොරා ගත් චීන ජාතිකයා දැලේ | යකඩ කිලෝ 7000 සොරා ගත් චීන ජාතිකයා දැලේ | COLOMBO (News 1st) - ඉදි කෙරෙමින් පවතින මාතර - හම්බන්තොට අධිවේගි මාර්ගයේ යකඩ සොරා ගත් චීන ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සූරියවැව කඳවුරේ නිලධාරින් පිරිසක් වැලිවිටිය ප්‍රදේශයේ කළ මෙහෙයුමකිනි. සැකකරුවන් සතුව තිබී සොයා ගත් යකඩ ප්‍රමාණය කිලෝග්‍රෑම් 7000 කි. යකඩ තොගය ප්‍රවාහනයට යොදා ගත් ලොරි රථය ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා සුරියවැව පොලිස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. |
2018-03-23T23:51:34.000Z | වී ගොවීන් සඳහා නොමිලේ රක්ෂණාවාරණයක් | වී ගොවීන් සඳහා නොමිලේ රක්ෂණාවාරණයක් | COLOMBO (News 1st) - වී ගොවීන් සඳහා යල කන්නයේ සිට නොමිලේ රක්ෂණාවාරණයක් ලබාදීමට කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ. එහි සභාපති සිඩ්නි ගජනායක මහතා පැවසුවේ, යල කන්නයේ සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි. මෙතෙක් කලක් වී ගොවීන්ට ලබාදුන් රක්ෂණය වෙනුවෙන් කන්නයක් සඳහා දායක මුදලක් ගෙවීමට සිදු වූ බව ද ඔහු සඳහන් කළේ ය. |
2018-03-23T21:05:20.000Z | වැලිගම සභාපති ධූරය රෙහාන් ජයවික්‍රම පත් කෙරේ | වැලිගම සභාපති ධූරය රෙහාන් ජයවික්‍රම පත් කෙරේ | COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයට බලය හිමි, වැලිගම නගර සභාවේ සභාපති ලෙස රෙහාන් ධනුෂ්ක විජේරත්න ජයවික්‍රම මහතා පත් කෙරේ. එහි උපසභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ, මොහොමඩ් ජබිර් මොහොමඩ් මින්හාජ් තේරි පත්වී ඇත. |
2018-03-23T20:48:13.000Z | ලංකා IOC සමාගම පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් දමයි | ඩීසල් හා පෙට්‍රල් මිල ඉහළට | COLOMBO (News 1st) - ලංකා IOC සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදී ඩීසල් හා පෙට්‍රල් මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව ඩිසල් ලීටර්යක් රුපියල් 5 කින් සහ පෙට්‍රල් ලීටර්යක් රුපියල් 9 කින් මිල ඉහළ දමා ඇති බව එම සමාගම පවසා ඇත. මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ නීල් ජයසේකර මහතා පැවසුවේ, ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් තම ආයතනය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. ලංකා IOC නව ඉන්ධන මිල ගණන් වන්නේ, පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටර්යක් රුපියල් 126.00 හා ඩීසල් ලීටර්යක් රුපියල් 100.00 ලෙසයි. |
2018-03-23T20:28:03.000Z | ඉරානයේ දත්ත සොරකම් කළ අයට ඇමෙරිකාවෙන් සම්බාධක | ඉරානයේ දත්ත සොරකම් කළ අයට ඇමෙරිකාවෙන් සම්බාධක | COLOMBO (News 1st) - ඉරානයේ පරිගණක දත්ත සොරුන්ට එරෙහිව ඇමෙරිකාව සම්බාධක පනවා තිබේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, විශ්වවිද්‍යාල සිය ගණනකට සයිබර් ප්‍රහාර එල්ල කළ ඉරාන සමාගමක් සහ පුද්ගලයින් 10 දෙනෙකුට එරෙහිව එළෙස සම්බාධක පනවා ඇති බවයි. ටෙරා බයිට් 31ක බුද්ධිමය දේපොළ සහ දත්ත සොරකම් කළ බවට අදාළ සමාගමට චෝදනා එල්ල විය. ලොව පුරා විශ්වවිද්‍යාල 320කට සහ ඇමෙරිකානු රජයට අනුබද්ධ සමාගම් රැසක දත්ත ඔවුන් සොරකම් කර ඇති බව එරට අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එමෙන් ම සම්බාධක පැන වූ පුද්ගලයින් 10 දෙනාගෙන් 9 දෙනෙකුට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පවරා ඇති බව ද සඳහන් වේ. සම්බාධක පැන වූ ඉරාන සමාගමේ නිර්මාතෘවරුන් දෙදෙනාට අයත් වත්කම් රජයට පවරා ගන්නා බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. |
2018-03-23T20:10:14.000Z | ආනයනික වාහන මිල ඉහළට | ආනයනික වාහන මිල ඉහළට | COLOMBO (News 1st) - විදේශ මුදල්වලට සාපේක්ෂව රුපියල අවප්‍රමාණයවීම හේතුවෙන් ආනයනික වාහන මිල ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසා තිබේ. එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්ජිගේ මහතා පැවසුවේ, පසුගිය සති දෙක තුළ වාහන මිල 5% කින් ඉහළ ගොස් ඇති බවයි. සාමාන්‍ය වාහනවල මිල ගණන් රුපියල් 50,000 - 70,000 ත් අතර මිලකින් ඉහළ යනු ඇතැයි ඔහු පැවසුවේ ය. |
2018-03-23T20:01:47.000Z | කතරගමදී පොලිස් බුද්ධි අංශ නිලධාරියාට වෙඩි තැබූ දෙදෙනෙකු අත්අඩංගුවට | කතරගම වෙඩි තැබීම: පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට | කතරගම බස් නැවතුම්පොළ භූමියේදී පොලිස් බුද්ධි අංශ නිලධාරියාට වෙඩි තබා තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ සැකකරුවන් නීතිඥයෙකු මාර්ගයෙන් කතරගම පොලීසියට භාරවීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී වෙඩි තැබීම සඳහා යොදා ගත් බව කියන ගල්කටස් වර්ගයේ ගිනි අවිය හා ත්‍රිරෝද රථය ද පොලීසිය භාරයට ගෙන තිබේ. පසුගිය 21 වන දා සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියා මේ වන විට රෝහල්ගත ව ප්‍රතිකාර ලබනු ඇත. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ. |
2018-03-23T19:27:13.000Z | ජනපති හා පකිස්ථාන අගමැති අතර ද්වීපාර්ශවීය සාකච්ඡා | ජනපති හා පකිස්ථාන අගමැති අතර ද්වීපාර්ශවීය සාකච්ඡා | COLOMBO (News 1st) - පකිස්ථානයේ නිල සංචාරයක නිතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එරට අග්‍රාමාත්‍ය ෂහීද් ඛාන් අබ්බාසී මහතා අතර නිල සාකච්ඡා ඊයේ රාත්‍රියේ පැවැත් විය. ඒ, ඉස්ලාමාබාද් නුවර අග්‍රාමාත්‍ය නිල නිවසේදී ය. එහිදී ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර අවබෝධතා ගිවිසුම් තුනකට ද අත්සන් තබා තිබේ. |
2018-03-23T12:16:14.000Z | රුසියාව තලේබාන් සංවිධානයට අවි සපයන බවට අමෙරිකාවෙන් චෝදනා | අමෙරිකාවෙන් රුසියාවට චෝදනාවක් | රුසියාව තලේබාන් සංවිධානයට සහාය දක්වමින් අවි සපයන බවට ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම්වල නිරත අමෙරිකානු හමුදා ප්‍රධානියා පවසයි. ජෙන් ජෝන් නිකල්සන් පැවසුවේ සහාය දැක්වීමේ ක්‍රියාකාරකම් ඔහු සියැසින් දැක ඇති බව ය. කෙසේවෙතත් අමෙරිකාව එල්ල කරන මෙම චෝදනා රුසියාන තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. |
2018-03-23T11:57:41.000Z | එළවළු මිල ඉහළට | එළවළු මිල ඉහළට | COLOMBO (Newsfirst) - ගිය සතියට සාපේක්ෂව මේ සතියේ එළවළු මිල ඉහළ ගොස් ඇති බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පවසයි. එහි මෙහෙයුම් කාර්යාලය පැවසුවේ ලීක්ස්, කැරට්, මාළු මිරිස්, රාබු, නොකෝල්, වැටකොළු, වම්බටු. දෙහි, දඹල, එළ බටු සහ තිබ්බටු වැනි එළවළු වල මිල ඉහළ ගොස් ඇති බව ය. උත්සව සමය ආසන්න වනවිට ත් එළවළු මිල ඉහළ යා හැකි බවට අපේක්ෂා කරන බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පවසයි. ඉල්ලුම සහ සැපයුම අනුව එළළුව මිල ගණන් තීරණය වන බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මෙහෙයුම් කාර්යාලය වැඩි දුරට ත් සඳහන් කළේය. |
2018-03-23T11:21:49.000Z | එජාපය දිනා සිටි ගාල්ල සහ මීගමුව මහ නගර සභාවල නගරාධිපති ධූර ශ්‍රීලනිප දිනා ගනී | ගාල්ල සහ මීගමුව නගරාධිපති ධූර එජාපයට අහිමි වෙයි | COLOMBO (Newsfirst) - එක්සත් ජාතික පක්ෂය වැඩි ආසන දිනා සිටි ගාල්ල මහ නගර සභාව හා මීගමුව මහ නගර සභාවේ නගරාධිපති ධුර අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දිනා ගත්තේය. ගාල්ල මහ නගර සභාවේ අද පැවති රහස් ඡන්දයෙන් වැඩි ඡන්ද 9 කින් නගරාධිපති ධුරයට පත් වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතායි. ඔහුට ඡන්ද 20 ක් හිමිවිය. නියෝජිත ආසන 35 කින් සමන්විත ගාල්ල නගර සභාවේ ආසන 14ක් එක්සත් ජාතික පක්ෂය දිනා තිබුණ ද එම පක්ෂයේ නගරාධිපති අපේක්ෂක ජිලිප් නිශාන්ත මහතාට අද ලැබුනේ ඡන්ද 11 ක් පමණි. ගාල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙස එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ශව්සුල් නියාස් මහතා නිතරගයෙන් පත්විය. මේ අතර මීගමුව නගර සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ දයා ලන්සා මහතා තේරී පත්විය. මෙම නගර සභාව වෙනුවෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත්ජාතික පක්ෂය ආසන 19 ක් දිනා ගත් අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබුනේ ආසන 16 ක් පමණි. නමුත් අද පැවති ඡන්දයෙන් ඡන්ද 25 ක් දිනාගත් දයා ලන්සා මහතා නගරාධිපති ලෙස පත්විය. නියෝජ්‍ය නගරාධිපති ලෙස බහුතර ඡන්දයෙන් පත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ මොහොමඩ් ෆාරිස් මහතායි. https://www.facebook.com/NewsfirstSL/videos/1886241568102759/ |
2018-03-23T09:43:05.000Z | ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවති පකිස්ථාන ජනරජ දින සැමරුම | පකිස්ථාන ජනරජ දින සැමරුම ජනපතිගේ ප්‍රධානත්වයෙන් | COLOMBO (Newsfirst) - පකිස්ථාන 62 වැනි ජනරජ දින සැමරුම් උළෙල අද පෙරවරුවේ ඉස්ලාම්බාද් නුවරදී ඉතා අභිමානවත් අයුරින් පැවැත්විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. පකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලට පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ එරට අග්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි මහතා විසිනි. දෙරටේ ජනාධිපතිවරුන්ගේ පැමිණිමෙන් පසු උත්සවය ආරම්භ විය. ජනරජ දිනය හමුදා උත්තමාචාර පෙලපාලියෙන් හා ගුවන් සංදර්ශනයකින් වර්ණවත් විය. උත්සවයට පකිස්ථාන, බහරේන්, ජෝර්දාන්, එක්සත් ආරාබි එමීර් රාජ්‍ය යන රටවල හමුදාවන් එක්ව සිටියහ. අලංකාර සංස්කෘතාංගවලින් ද උත්සවය වර්ණවත් විය. https://www.facebook.com/NewsfirstSL/videos/1886178701442379/ |
2018-03-23T06:52:58.000Z | රනිල්ගේ දකුණු අත මෙන් සිටි පුද්ගලයා 33 වසරකට පසු ඉල්ලා අස්වෙයි | රනිල්ගේ දකුණු අත මෙන් සිටි පුද්ගලයා ඉල්ලා අස්වෙයි | COLOMBO (Newsfirst) - එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ සහායක ලෙස කටයුතු කළ සුදත් චන්ද්‍රසේකර මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. ඔහු මින් ඉහත අග්‍රාමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම්වරයකු ලෙස ද කටයුතු කර තිබේ. සුදත් චන්ද්‍රසේකර මහතා රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිටු 7කින් සමන්විත ලිපියක් යොමු කරමින් සිය ඉල්ලා අස්වීමට හේතු පැහැදිලි කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපය පිළිබඳව ඔහු එම ලිපියෙන් දිර්ඝ පැහැදිලි කිරීමක් කර තිබෙන්නේ තමන්ට ඇති වු සිත් වේදනාවන් සහ කළකිරීම්වලට උදාහරණ සපයමිනි. ඔහු තම ලිපියෙන් පෙන්වා දෙන්නේ රට සහ පක්ෂය ඛේදනීය ස්ථානයකට පැමිණ තිබීමට වගකිවයුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා බව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1886147768112139/ එම ලිපිය පහතින් දැක්වේ. ^NM |
2018-03-23T04:29:05.000Z | අල්ලස් ගත් හිටපු විදුහල්පතිනියට වසර 5ක සිර දඬුවමක් | අල්ලස් ගත් හිටපු විදුහල්පතිනියට වසර 5ක සිර දඬුවමක් | COLOMBO (Newsfirst) - පළමු වසරට සිසුවෙකු ඇතුළත් කර ගැනිම සඳහා රුපියල් 150,000 ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු අධිචෝදනා 4 කට වරදකරු කරනු ලැබු මාතලේ ප්‍රදේශයේ පාසලක හිටපු විදුහල්පතිනියකට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද බරපතල වැඩ සහිත වසර 5ක සිර දඬුවම් නියම කළේය. ඊට අමතරව රුපියල් 60,000ක දඩයක් ගෙවීමට ද විනිසුරුවරයා නියෝග කළ අතර අල්ලස් ලෙස ලබා ගත්තේ යැයි කියන රුපියල් 150,000 ක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමට ද නියෝග කළේය. 2014 පෙබරවාරි 08 වැනිදා සිසුවාගේ පියාගෙන් අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන විමර්ශන කොමිසම් සභාව ඇය අත්අඩංගුවට ගෙන තිබුණි. රුපියල් ලක්ෂ 2 ක අල්ලසක් ඉල්ලා, ඉන් රුපියල් 150,000 ක මුදලක් ලබා ගැනීම ඇතුළු අධිචෝදනා 4 ක් යටතේ විත්තිකාරියට එරෙහිව පවරා තිබු නඩුවක් විභාග කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාරිය එම චෝදනා 4 ටම වරදකාරිය බවට නිගමනය කළේය. |
2018-03-23T03:25:31.000Z | විෂ වායුවක් ආග්‍රහණය වීමෙන් දඹුල්ලේ දෙදෙනෙකු මරුට | විෂ වායුවක් ආග්‍රහණය වීමෙන් දඹුල්ලේ දෙදෙනෙකු මරුට | COLOMBO (Newsfirst) - දඹුල්ල, පන්නම්පිටිය ප්‍රදේශයේ කුළු බඩු නිෂ්පාදන ආයතනයක සේවකයින් දෙදෙනෙකු විෂ වායුවක් ආග්‍රහණය වීමෙන් මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ ද මෙලෙස වායු කාන්දු තත්ත්වයක් ඇතිවූ වී ඇති අතර එමගින් අදාළ ආයතනයේ කුළු බඩු නිෂ්පාදනය කරමින් සිටි සේවකයින් සිහිසුන්ව ඇද වැටීමකට ලක්ව තිබේ. අප වාර්තාකරු පැවසුවේ, පසුව ඔවුන් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව ය. ඒ වන විටත් ඔවුන් මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය. විෂ වායු අග්‍රහණයෙන් මිය ගොස් ඇත්තේ, 19 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකු සහ 30 හැවිරිදි එක් දරු මවකි. ඔවුන් දඹුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් ය. මේ වන විට අදාළ ආයතනය තාවකාලිකව වසා දමා තිබේ. https://www.youtube.com/watch?v=h5CT0U3FyZU |
2018-03-23T03:12:19.000Z | මොහොතකට ගිලිහුණු දෙමව්පිය අවධානය නිසා මල් කැකුළකට අත්වූ ඉරණම | දෙමාපිය අවධානය ගිලිහුණු මොහොතේ මල් කැකුළකට වුණ දේ | COLOMBO (Newsfirst) - දෙමාපිය අවධානයෙන් ගිලිහිණු ඇසිල්ලක් වුවද කුඩා දරුවකුට මහා විපතක් ගෙන දිය හැකි යි. අවිස්සාවේල්ල ප්‍රදේශයේ කුඩා දැරියක නිවසේ තිබූ බංකුවකින් ඇද වැටී මිය ගොස් තිබේ. අවුරුදු 3යි මාස 4ක් වූ ළහිරුණී මේධාවී නම් පුංචි සිඟිත්තිය පදිංචිව සිටියේ, ඇස්වත්ත උතුර ග්‍රාමයේ ය. ඊයේ මේ පුංචි සිඟිත්තිය මව රෙදි සෝදමින් සිටි අවස්ථාවේ බංකුව මතට වී ඉඳ තිබේ. බංකුවේ ඇති උස පුංචි දැරියට අවදානමක් බව මවට නොසිතෙන්නට ඇති. හදිසියේම පුංචි ළහිරුණී ඉඳ සිටි බංකුවෙන් බිමට ඇද වැටී තිබේ. අප වාර්තාකරු පැවසුවේ, දරුවා කඩිනමින් අවිස්සාවේල්ල රෝහලට ගෙන ගොස් ඇති අතර පසුව රෝහල් බලධාරීන් දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මාරුකර යවා ඇති බව ය. එහෙත් දැරියගේ දිවි බේරාගත නොහැකි විය. නිවසේ, මගතොටේ සෑම තැනකම කුඩා දරුවන්ට ඇති අවදානම ගැන දෙමාපිය අවධානය නිරන්තරයෙන්ම යොමු විය යුතු බව නැවත නැවතත් මතක් කරමින් ඊයේ රාත්‍රියේ ඇය සදහටම දෙනෙත් පියා ගත්තා ය. https://www.youtube.com/watch?v=tsAjjs_vsDE |
2018-03-23T01:54:32.000Z | නාගවිල්ලුවේදී වෑන් රථයක තිබී මත්කුඩු තොගයක් වටලයි | නාගවිල්ලුවේදී වෑන් රථයක තිබී මත්කුඩු තොගයක් වටලයි | COLOMBO (Newsfirst) - නාගවිල්ලුව ප්‍රදේශයේදී වෑන් රථයක තිබී මත්කුඩු තොගයක් වටලා තිබේ. මුන්දලම පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කරනු ලැබුවේ ය. නාගවිල්ලුව ප්‍රදේශයේ සිට මීගමුව දක්වා ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක තිබී මත්කුඩු කිලෝ 2කට ආසන්න ප්‍රමාණයක් පොලීසිය මෙලෙස සිය භාරයට ගෙන තිබේ. මෙහිදී සැකකරුවන් 3 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. |
2018-03-23T01:41:55.000Z | ක්‍රිකට් තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ද? | ක්‍රිකට් තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ද? | ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස හැඳින්වෙන්නේ, අදක ඊයේක සිට නොවේ. ක්‍රිකට් පසෙක තබමු. සමස්තයක් ලෙස ක්‍රීඩාව මිනිසුන්ට අවශ්‍ය වන්නේ, ජය පරාජය හමුවේ නොසැලී සිටීමට අවශ්‍ය මානසික ශක්තිය සපයන හෙයිනි. ක්‍රීඩාවන්හි බොහෝ විට දක්ෂයා එසේ ත් නොමැති නම් වඩා ත් කැපවීම් කළ පුද්ගලයා හෝ කණ්ඩායම ජයග්‍රහණය ලබයි. ක්‍රිකට් ක්‍රීඩාවෙහිදී නම් ඇතැම් විට වාසනාව යන කරුණ ද ඊට බලපායි. මේ කෙසේ වෙතත්, ක්‍රීඩා කරන්නන් තුළ විනයක් පැවතීම අත්‍යවශ්‍ය කරුණකි. ආපසු ක්‍රිකට් ක්‍රීඩාව දෙසට හැරුණහොත්, මහත්වරුන්ගේ ක්‍රීඩාවක් වුව ද කලින් කලට එහි කුකුල් කේන්තිකාරයින් අපට හමුවී තිබේ. පකිස්ථානයේ ජවේඩ් මියන්ඩාඩ්, ඔස්ට්‍රේලියාවේ මිෂෙල් ස්ටාර්ක්, බටහිර ඉන්දීය කොදෙව්හි කයිරන් පොලාර්ඩ් ආදී ක්‍රීඩකයින් උදාහරණ වශයෙන් දැක්විය හැකි ය. IPL තරගයක් අතරතුර තමන් සූදානම් වීමට පෙර සිය සිරුර දෙසට අපරික්ෂාකාරී ලෙස පන්දුවක් යොමු කළ මිෂෙල් ස්ටාර්ක්ට කයිරන් පොලාර්ඩ් සිය පිත්තෙන් දමා ගැසීම මෑත ඉතිහාසයේ සිදුවූ කනගාටුදායක සිද්ධියක් විය. මේ අතර, තරගයක් අවසානයේ පරාජය වීමෙන් පසු කඳුළු සැලූ ප්‍රතිවාදී කණ්ඩායමේ සාමාජිකයින් සැනසූ නවසීලන්ත ක්‍රීඩකයින් පිිබඳව ද අප දැක තිබේ. කෙසේ වෙතත්, මේ වන විට මහත්වරුන්ගේ ක්‍රීඩාව තුළ එම මහත්මා ගුණය කෙළෙසන ආකාරයේ සිදුවීම් නිරන්තරයෙන් වාර්තා වෙමින් පවතී. ඊට හොඳ ම උදාහරණය නම් පසුගිය දා මෙරටදී පැවැත්වුණු නිදහස් කුසලාන තුන් කොන් ක්‍රිකට් තරගාවලිය යි. එහිදී, බංග්ලාදේශ කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් හැසිරුණු ආකාරය ත්, ඊට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ ප්‍රතිචරය ත් අතිශය කනගාටුදායක ය. වරද කාගේ වුව ද, එම වරදට සහභාගි වූ දෙපාර්ශවය ම මත්වරුන්ගේ ක්‍රීඩාවේ ලක්ෂණ විද්‍යාමාන නොකළේ ය. අවසන් තරගයේදී සුනිල් ගවස්කාර් නයි සලකුණ ප්‍රදර්ශනය කරමින් හාස්‍ය පිණිස හෝ කළ රංගනය ද නොකළ යුතුව තිබිණි. මෙම තත්ත්වය උග්‍ර අතට පත්වුවහොත් එය ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට අහිතකර ලෙස බලපානු ඇත. මේ අතර, ක්‍රීඩා ලෝලීන් ද මීට වඩා වගකීම්සහගත ලෙස ක්‍රියා කළ යුතු ය. - කුමුදු ජයවර්ධන |
2018-03-23T01:37:03.000Z | ඇලෝසියස් හා පාලිසේනගේ ඇප අයැදුම්පත සලකා බැලීම 29 වන දා | ඇලෝසියස් හා පාලිසේනගේ ඇප අයැදුම්පත සලකා බැලීම 29 | COLOMBO (Newsfirst) - අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන අයැදුම්පත සලකා බැලීම සඳහා ලබන 29 වන දා කැඳවීමට අභියාචනාධිකරණය අද තීරණය කළේ ය ඒ, විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසිනි. අර්ජුන් ඇලෝසියස් හා කසුන් පාලිසේන යන මහත්වරුන් මේ වන විට මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි. |
2018-03-23T01:16:19.000Z | නීති විරෝධීව මෙරටට රැගෙන ආ රත්‍රන් තොගයක් සමග සැකකරුවෙකු රේගු භාරයට | රත්‍රන් තොගයක් සමග සැකකරුවෙකු රේගු භාරයට | COLOMBO (Newsfirst) - නීති විරෝධීව මෙරටට රැගෙන ආ රත්‍රන් තොගයක් සමග සැකකරුවෙකු රේගු භාරයට ගෙන තිබේ. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ දර්ශන සිල්වා මහතා ප්‍රකාශ කළේ, සැකකරු සන්තකයේ තිබී රත්‍රන් කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 366ක් සොයා ගත් බව ය. එහි වටිනාකම රුපියල් එක් කෝටි තිස් ලක්ෂ දහඅටදහස් හැටකට අධික වන බවට ගණන් බලා තිබේ. රේගු නිලධාරීන් පැවසුවේ, ඔහු සිය අත් බෑගයේ සූක්ෂම අයුරින් මෙම ස්වර්ණාභරණ තොගය සඟවා තිබූ බව ය. අද අලුයම සිංගප්පූරුවේ සිට සැකකරු මෙරටට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගැනිණි. ඔහු මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක ය. |
2018-03-23T00:11:06.000Z | ලෝක කාලගුණ දිනය අදයි | ලෝක කාලගුණ දිනය අදයි | COLOMBO (Newsfirst) - අව්, වැසි, සුළං නියඟ ආදී සාධක ලොව ශාක හා සත්ත්ව සංහතියේ පැවැත්මට අතීතයේ සිට බලපානු ලැබුවේ ය. මේ හේතුවෙන් පුරාණ මිනිසා මේ පිළිබඳව සැලකිලිමත් වූයේ තම ජීවන රටාව ඒ ඔස්සේ සකසා ගැනීමට හැකි සෑම උත්සහයක්ම දරමිනි. අතීතයේදී අහස, ගහකොළ හා සතා සිව්පාවාගේ හැසිරීම අනුව කාලගුණයේ වෙනස්කම් තේරුම් ගත් මිනිසා, සංකීර්ණ ලෝකයට පෙළ ගැස්වීමේ අරමුණින් ලෝක කාලගුණ විද්‍යා සම්මේලනය මගින් 1950 වසරේදී ලෝක කාලගුණ දිනය ප්‍රකාශයට පත් කර තිබේ. මෙවර එහි තේමාව වන්නේ, කාලගුණයට සූදානම තුළින් දේශගුණයට ඥානාන්විත අනුහුරුවීම් යන්න යි. මෑත දශක කිහිපය දෙස බලන විට මෙරට කාලගුණයේ දැඩි වෙනස්කම් රැසක් සිදුව තිබේ. නිසි කලට වැසි නොලැබීමත් අකලට වැසි ලැබීම මෙන් ම විවිධ අවස්ථාවල ඇති වන අනපේක්ෂිත දැඩි සුළං හේතුවෙන් ජනතාව පීඩාවට පත් වූ වාර අනන්ත ය. |
2018-03-22T22:48:13.000Z | මුතුරාජවෙල ඇළ මාර්ගයක සිදු කර ඇති කැනීම් නිසා කොළඹ පිටත වටරවුම් අධිවේගයට බලපෑම් | මුතුරාජවෙල කැනීමක් නිසා අධිවේගයට බලපෑම් | COLOMBO (Newsfirst) - මුතුරාජවෙල අභය භූමියේ ඇළ මාර්ගයක සිදු කර ඇති කැනීම් හේතුවෙන් ඉදිවෙමින් පවතින කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයට විශාල බලපෑමක් එල්ල වීමේ අවදානමක් මතුව තිබේ. අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ සිදු කළ ස්ථානීය පරීක්ෂාවේදී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඒ බව තහවුරු කළ බව ය. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ කුඹුරු ඉඩම් ගොඩකිරීම සඳහා නිකුත් කර ඇති සියලු බලපත්‍ර අත්හිටුවා තිබේ. අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ, ඉඩම් ගොඩකිරීම සඳහා ලැබෙන ඉල්ලීම් ඉහළ ගොස් ඇති බව ය. මුතුරාජවෙල අභය භූමියේ පරිසර විනාශයට හේතු වන සියලු ක්‍රියාකාරකම් වහාම තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ අදාළ අංශවලට නියෝග කළේ, මුතුරාජවෙල අභය භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව ය. පරිසර විනාශයන්ට අනුග්‍රහය දක්වන හෝ දැක්වූ රාජ්‍ය නිලධාරීන් සිටී නම් ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ද ජනාධිපතිතුමා එහිදී උපදෙස් ලබා දුන්නේ ය. https://www.youtube.com/watch?v=O79IgmCC4L8 |
2018-03-22T20:52:24.000Z | බියගම, රුක්ගහවිල පොළිතීන් අමුද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක් | බියගම කර්මාන්ත ශාලාවක ගින්නක් | COLOMBO (Newsfirst) - බියගම, රුක්ගහවිල පොළිතීන් අමුද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. ඊයේ රාත්‍රී 8.00ට පමණ ආරම්භ වූ ගින්නෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. රාත්‍රී 12.00 පමණ වන තුරු පැවැති ගින්න නිවා දැමීම සඳහා කොළඹ සහ ගම්පහ ගිනි නිවීම් ඒකක කටයුතු කළේ ය. ගින්නට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත. |
2018-03-22T20:31:17.000Z | පළාත් පාලන ආයතන 59ක තනතුරු නාම ලේඛන ලබා දී නැහැ - මැතිවරණ කොමිෂන් සභාව කියයි | පළාත් පාලන ආයතන 59ක තනතුරු නාම ලේඛන ලබා දී නැහැ | COLOMBO (Newsfirst) - පළාත් පාලන ආයතන සඳහා සභාපති, උප සභාපති ඇතුළු තනතුරු පත් කිරීම තවදුරටත් ප්‍රමාද වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, දේශපාලන පක්ෂ එම තනතුරු සඳහා තෝරා ගත් සභික නාම ලේඛන මෙතෙක් යොමු නොකිරීම ඊට හේතු වී ඇති බව ය. මේ අනුව පළාත් පාලන ආයතන 59ක තනතුරු සඳහා පත් කරන සභික නාම ලේඛන මෙතෙක් ලබා දී නොමැත. ඉන් ආයතන 57ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතු වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද, හපුතලේ සහ පොළොන්නරුව පළාත් පාලන ආයතනවලට පත් කරන සභාපති ඇතුළු තනතුරු ලේඛනය මෙතෙක් ලබා දී නොමැත. නාම ලේඛන කඩිනමින් ලබා දෙන්නැයි දන්වා අදාළ පක්ෂවලට යළි සිහිකැදවීම් ලිපි යොමු කරන බව ද ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය. මේ වන විට පළාත් පාලන ආයතන 15ක තනතුරු ඇතුළත් ගැසට් නිවේදන නිකුත් කර අවසන් ය. තවත් ආයතන 98ක් සඳහා නාම ලේඛන ඉදිරිපත්ව ඇති අතර ඒවා කඩිනමින් ගැසට් කිරීමට පියවර ගන්නා බව ද කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය. මේ අතර පළාත් පාලන ආයතන 170ක් සඳහා තනතුරු තෝරා ගැනෙන්නේ පළමු සභා රැස්වීමේදී ය. පළාත් කොමසාරිස්වරුන් එම නාම ලේඛන ලබා දීමෙන් අනතුරුව ගැසට් කරනු ඇති. |
2018-03-22T19:51:07.000Z | පකිස්ථානයේ 62 වන ජනරජ දින උළෙල අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් | පකිස්ථාන ජනරජ දින උළෙල අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් | COLOMBO (Newsfirst) - පකිස්ථානයේ 62 වන ජනරජ දින උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වේ. පකිස්ථානය ජනරජයක් බවට පත් වුණේ, 1956 වසරේ අද වැනි දිනක ය. ශ්‍රී ලංකා - පකිස්ථාන මිතුදමේ තවත් ඉදිරි පියවරක් තබමින් ජනාධිපතිතුමා ජනරජ දින උළෙලට එක්වන්නේ එවැනි උළෙලක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන පළමු රාජ්‍ය නායකයා වෙමිනි. පකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මහතාගේ නිල ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපතිතුමා පකිස්ථානය බලා පිටත්ව ගියේ ඊයේ පෙරවරුවේ ය. ජනරජ දින සැමරුමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආධාර ඇතිව ප්‍රතිසංස්කරණය කෙරුණු ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වේ. ඉන් අනතුරුව ජනාධිපතිතුමා පකිස්ථානු අග්‍රාමාත්‍ය ෂහීද් කබාන් අබ්බාසි මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා පවත්වනු ඇති. එහිදී ජනාධිපතිතුමා සහ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අතර අවබෝධතා ගිවිසුම් 4කට අත්සන් තැබීමට නියමිත ය. ඒ, දේශපාලන, වාණිජ, තරුණ පුහුණුව සහ ආර්ථීක යන ක්ෂේත්‍ර ආවරණය කරමිනි. |
2018-03-22T11:46:55.000Z | ගුවන් ගමනාන්ත 4ක් වසා දමා ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානා 3ක් තුර්කි ගුවන් සමාගමට බදු දීමට ගෙන ඇති තීරණයට වෘත්තීය සමිතිවල විරෝධය | ශ්‍රීලංකන් ගුවන් සේවයේ අර්බුදය | COLOMBO (News 1st) - ගුවන් ගමනාන්ත 4 ක් වසා දමා එම ගුවන්සේවයට අයත් යානා තුනක් තුර්කි ගුවන් සමාගමට බදුදීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව ගුවන් සේවා වෘත්තිය සමිති පවසා තිබේ. මේ අතර අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් සිව්දෙනෙකු ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයාට යොමු කළ ලිපියක දැක්වෙන්නේ, මෙම තීරණ සමාගමේ සේවා ව්‍යවස්ථාවට ද පටහැනි බවයි. ලේකම්වරයා පෙන්වා දෙන්නේ, ශ්‍රීලංන්කන් ගුවන් සමාගමේ ස්ථාවර වියදම් අමෙරිකානු ඩොලර් මිලියන 21 ක් බැවින් තුර්කි ගුවන් සමාගම සමග හැකි ඉක්මනින් සාකච්ඡා කර එකඟතාවයකට පැමිණිය යුතු බව ආර්ථික කළමනාකරණ කැබිනට් අනුකමිටුව තීරණය කර ඇතැයි පසුගිය පෙබරවාරි 22 වන අගමැති ලේකම්වරයා සමාගමේ සභාපතිවරයාට දන්වා තිබුණි. එහෙත් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු සභාපතිවරයාට ලිපියක් යොමුකරමින් මෙම තීරණයට දැඩි ලෙස විරෝධය පළ කර තිබේ. ඔවුන් යැවූ ලිපියේ දැක්වූයේ, පසුගිය මාර්තු මස 6 වන දා තිබු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී ප්‍රධාන විධායක නිලධාරීවරයා තුර්කි ගුවන් සමාගම හමුවීම පිළිබඳව ප්‍රශ්න කළ බවයි. බාහිර ආරංචිමාර්ගවලින් ශ්‍රීලංකන් ගුවන් යානා 3 ක් තුර්කි ගුවන් සමාගමට බදුදීමට තීරණය කර ඇති බව දැන ගන්න ලැබුනු බව ද එම අධ්‍යක්ෂවරුන් පෙන්වා දේ. මාර්තු 6 පැවති රැස්වීමේදී සභාපතිවරයා, පෙරවාරි 22 වන දා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙන් ලැබුනු ලිපියක් සභාගත කළ බව ත් එහි සඳහන් ඇති ඩොලර් මිලියන 21 ක ස්ථාවර වියදම පිළිබඳ තමන් දැනුවත්වී නොමැති බවත් අධ්‍යක්ෂරුන් සිව්දෙනාගේ ලිපියේ සඳහන් වේ. මේ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය මේ පිළිබඳ දැනුවත්වී නොමැති හෙයින් තුර්කි ගුවන් සමාගමට යානා බදුදීම ගැන පිළිබඳ තමන්ගේ කිසිදු සම්බන්ධවයක් නොමැති බවත් එය ගුවන් සමාගමේ සේවා ව්‍යවස්ථාවට පටහැනි බවත් අධ්‍යක්ෂවරුන් සිය ලිපියෙන් පෙන්වා දේ. ශ්‍රීලංකන් ගුවන් සේවය 2008 වසරේදී ලැබූ ලාභය රුපියල් බිලියන 4.8 ක් වන අතර එය 2009 වසරේදී රුපියල් බිලියන 9.9 ක අලාභයක් බවට පත්ව ඇති අතර එතැන් සිට එම ගුවන් සේවය දිගින් දිගටම ලබා ඇත්තේ අලාභයක් පමණි. 2015 වර්ෂයේදී රුපියල් බිලියන 16.3 ක් වූ අලාභය 2016 වසරේ රුපියල් බිලියන 12 ක් වූ අතර පසුගිය වසරේ රුපියල් බිලියන 28.5 ක් දක්වා එම අලාභය ඉහළ ගොස් ඇත. සමාගමේ අභ්‍යන්තර තොරතුරු අනුව මෙම මූල්‍ය වර්ෂය අවසානයේ අප්‍රේල් මාසයේ සිට දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා යළි ත් මහාභාණ්ඩාගාරය මගින් මුදල් සම්පාදනය කළ යුතු වේ. |
2018-03-22T11:35:47.000Z | මන්ත්‍රී නාමල් රාජපක්ෂට අමෙරිකාවට යාමට එරට රජය අවසර ලබා නොදුන්නේ ඇයි? | නාමල්ට අමෙරිකාවට යාමට එරට රජය අවසර නොදුන්නේ ඇයි? | COLOMBO (Newsfirst) - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අමෙරිකාවේ හුස්ටන් බලා යාමට සුදානමින් සිටියදී ඊට අවසර නොදීමට අමෙරිකානු රජය පියවර ගෙන තිබේ. රාජපක්ෂ මහතා රුසියාවේ සංචාරයක නිරත අතරතුර මෙම ගමන යොදාගෙන තිබිණි. රුසියානු ජනාධිපතිවරණයේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රුසියාවට ගොස් සිටියේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අද උදෑසන අමෙරිකාවේ හුස්ටන් නගරයට යාම සඳහා මන්ත්‍රීවරයා මොස්කව් ගුවන්තොටුපොළට පැමිණියත් එමිරේට්ස් ගුවන් සමාගමේ නිලධාරීන් ඔහුට දන්වා ඇත්තේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අදාළ ගමනට අවසර දී නොමැති බව ය. මේ අතර රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, අමෙරිකාවට මෙවැනි තීරණ ගැනීමට ස්වාධිපත්‍යක් ඇති බව ය. කෙසේ වෙතත් ඊට හේතුව කුමක් ද යන්න පිළිබඳව නිසි ආකාරව තමන් දැනුවත් නොකළ බව ද මන්ත්‍රීවරයා සිය ට්විටර් පණිවුඩයේ දක්වා තිබේ. |
2018-03-22T11:20:58.000Z | ජනපති පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට ළඟා වෙයි | ජනපති පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට ළඟා වෙයි | COLOMBO (News 1st) - හෙටට යෙදෙන පකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමට නියමිත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර නුර් ඛාන් ගුවන්තොටුපොළට ළඟා විය. පකිස්ථාන ජනාධිපති මම්නුන් හුසෙන් මහතා විසින් ගුවන්තොටුපොළේදී ජනාධිපතිවරයා පිළිගත් අතර එහිදී හමුදා උත්තමාචාර ද ජනාධිපතිවරයාට පිරිනැමුණි. දෙදින නිල සංචාරය තුළ ජනාධිපතිතුමා පකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මහතා මෙන් ම අග්‍රාමාත්‍ය ෂහීද් කබාන් අබ්බාසි මහතා සමග ද ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත. ශ‍්‍රී ලංකා – පාකිස්ථාන මිතුදමේ සුවිශේෂී සටහනක් තබමින් ජනාධිපතිතුමා මෙම අවස්ථාවට එක්වන අතර මෑත කාලයේ ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට මෙවන් නිල ඇරයුමක් හිමි වූ පළමු අවස්ථාව ද මෙය වේ. ජනාධිපතිතුමාගේ මෙම සංචාරයට සමගාමීව දෙරට අතර අධ්‍යාපන සහ සංචාරක ක්ෂේත‍්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් 04 කට ද අත්සන් තැබීමට නියමිත ය. https://www.facebook.com/NewsfirstSL/videos/1885097631550486/ |
2018-03-22T10:57:12.000Z | පේරුහි එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ | පේරුහි එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ | COLOMBO (News 1st) - තමාට එරෙහි දෝෂාභියෝගයක් ඉදිරිපත් වී පැය 24 ක් ඇතුළත පේරු ජනපතිවරයා ඉල්ලා අස්වී තිබේ. පේරු ජනපති, පේඩ්‍රෝ පැබ්ලෝ කුසෙන්ස්කි අද ඉල්ලා අස්වූයේ, ඊයේ ඔහුට විරුද්ධව කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු දෝෂාභියෝගයෙන් පසුව ය. 79 හැවිරිදි පේඩ්‍රෝ එම ධූරයට පත්වූයේ 2016 වසරේ ජූලි 28 ව නදා ය. උදේබ්‍රෙෂ් ලෙස හඳුන්වන බ්‍රසීල ඉදිකිරීම් සමාගමකින්, අමෙරිකානු ඩොලර් මිලියන 4 ක අල්ලසක් ලබා ගෙන ඇති පේඩ්‍රෝ, පේරු ජනපති ධූරයට නුසුදුසු බව පවසමින් දෝෂාභියෝගයක් ගෙන ඒමට කොංග්‍රස් මණ්ඩලය පියවර ගෙන තිබේ. පැය 24 ක් ගතවීමටත් පෙර ජනපති ජාතිය අමතා පැවසුවේ, තමා ධූරයෙන් ඉල්ලා අස්වන බවයි. දෝෂාභියෝගයේ සඳහන් කිසිදු කරුණකට තමා වරදකරු නොවූවත්, රටේ සාමය හා යහපැවැත්මට බධාව තමා නම් සතුටින් ඉල්ලා අස්වන බව ඔහු පැවසුවේ ය. තමා දේශපාලන කුමන්ත්‍රණයක ගොදුරක් බවට පත්ව ඇති බවත්, රටේ අස්ථාවරභාවය අවසන් කිරීමට හා පවුලේ ආරක්ෂාව තහවුරු කිරීමටගත යුතු හොඳම පියවර මෙය බවත් ඔහු පැවසූ බව විදෙස් වාර්තාවල සඳහන් වේ. එසේ වුවත්, ඔහුගේ ඉල්ලා අස්වීමට බලපෑ තව ත් කරුණක් ද තිබුණි. එනම් ජනපතිගේ අධාරකරුවෙකු වන කෙන්ජි ෆූජිමෝරි, කොංග්‍රස් මණ්ඩලයේ නීති සම්පාදකයින් හමුවන වීඩියෝවක් ය. එහි දැක්වෙන්නේ, යම් යම් දීමනාවලට හිලව් ලෙස දෝෂාභියෝගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්නැයි, ජනපති හිතවතා නීති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටින ආකාරයයි. අල්ලස් ගැනීම මෙන්ම, අල්ලස් දීම ද සාක්ෂි සහිතව ඔප්පු වෙද්දී දෝෂාභියෝගයකට ද පසුව තව ත් බලයේ රැඳී සිටීම අසීරු යැයි පේරු ජනපතිවරයා තේරුම් ගෙන ඇති ආකාරයක් පෙනෙන බව විචාරකයින් පවසූහ. පේරු රාජ්‍යයේ ජනපති අතීතයේ සිටම දූෂණ අල්ලස් චෝදනාවලින් පිරී අයෙකි. පේරු රාජ්‍යයේ හිටපු ජනපති ඔලන්තෝ හුමාලා සහ ඔහුගේ බිරිඳ මේ වන විටත් සිටින්නේ සිර අඩස්සියේ ය. උදේබ්‍රෙෂ් සමාගමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 13.5 ක අල්ලසක් ලබා ගත් බව ඔවුන්ට එල්ල වූ චෝදනාව වේ. එමෙන් ම හිටපු ජනපති ඇලහැන්ඩ්‍රෝ ටොලේඩෝ ද ජාත්‍යන්තර පොලීසිය විසින් 2017 වසරේදී අත්‍යවශ්‍ය පුද්ගලයෙකු ලෙස නම් කරණු ලැබිණි. ඊට හේතු ඔහු බලයේ සිටි කාලයේදී, උදේබ්‍රෙෂ් සමාගමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 20 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමයි. එහෙත්, ඔහු අමෙරිකාවට පැන ගිය බව පසු ව හෙළි වුණි. පේඩ්‍රෝ ඇලහැන්ඩ්‍රෝගේ රජයේ, අගමැති හා මුදල් ඇමති වශයෙන් කටයුතු කළ කාලයේදී, උදේබ්‍රෙෂ් සමාගම සමග සිදුකළ අමෙරිකානු ඩොලර් මිලියන 800ක නීති විරෝධී ගනුදෙනුවකට පැටලුණු බව සඳහන් වේ. ඇලහැන්ඩ්‍රෝගෙන් පසු බලයට ආ සෑම ජනපතිවරයෙකුම අඩුවැඩි වශයෙන් මෙම ගනුදෙනුවේ කොටස්කරුවන් බව එරට වාර්තාවල දක්වා ඇත. බ්‍රසීලයේ හිටපූ ජනපති, ලුලා ද සිල්වාට වසර 12 ක අත්හිටවු සිරදඬුවමක් හිමිවූයේ ද උදේබ්‍රෙෂ් සමාගමෙන් අල්ලස් ගැනීම හේතුවෙනි. |
2018-03-22T08:44:07.000Z | විශ්වාසභංගයට හිටපු ජනපති ඡන්දය ප්‍රකාශ කරයි ද? | විශ්වාසභංගයට හිටපු ජනපති ඡන්දය ප්‍රකාශ කරයි ද? | COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට අත්සන් කර තිබුනේ නැත. ඔහු මෙම විශ්වාසභාංගයේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරයි ද? අප ඒ පිළිබඳව ජනතා මතය විමසුවෙමු. නිව්ස්ෆස්ට් Facebook පිටුව හරහා අද පස්වරු 7.00 වනනවිට ඊට ලැබුන ප්‍රතිචාරයයි මේ. අගමැතිවරයාට එරෙහිව ඡන්දය නොදෙනු ඇතැයි 70% ක් ප්‍රකාශ කර තිබුණි. අගමැතිවරයාට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි පවසා තිබුනේ 30% ක් පමණ ය. https://www.youtube.com/watch?v=No7YcvXYHdE |
2018-03-22T08:17:05.000Z | අගමැතිට එරෙහි විශ්වාසභංගය අප්‍රේල් 4 වන දා විවාදයට | විශ්වාසභංගය අප්‍රේල් 4 වන දා විවාදයට | COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව අප්‍රේල් මස 4 වන දා විවාදයට ගැනීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා ප්‍රකාශ කළේ, අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළැඹුණු බවයි. අග්‍රාමාත්‍යවරයාට එරෙහි කරුණූ 14කින් සමන්විත විශ්වාසභංග යෝජනාව ඊයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කථානායකවරයාට භාර දුන්නේ ය. එම යෝජනාවට මන්ත්‍රීවරුන් 55 දෙනෙකු අත්සන් කර තිබූ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊට අත්සන් කර තිබුනේ නැත. මේ අතර අද එක්සත් ජාතික පෙරමුණෙන් මෙවර තරග කර තේරීපත් වූ මන්ත්‍රීවරුන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූහ. |
2018-03-22T07:11:11.000Z | මැණික් තොගයක් සමග පුද්ගලයෙකු රේගු භාරයට | මැණික් තොගයක් සමග පුද්ගලයෙකු රේගු භාරයට | COLOMBO (News 1st) - නීති විරෝධි ලෙස මලයාසියාවට මැණික් තොගයක් රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, කැරට් 388 ක් බරැති එහි වටිනාකම රුපියල් ලක්ෂ 20කට අධික බවයි. සැකකරු හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මැණික් තොගය රාජසන්තක කර සැකකරුට රුපියල් 25,000ක දඩයක් නියම කර ඇත. |
2018-03-22T06:28:04.000Z | කොළඹ ප්‍රථම පුරපතිනිය ධූරයේ වැඩ අරඹයි | කොළඹ ප්‍රථම පුරපතිනිය ධූරයේ වැඩ අරඹයි | COLOMBO (News 1st) - කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනිය ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ රෝසි සේනානායක මහත්මිය අද සිය ධූරයේ වැඩ ආරම්භ කර තිබේ. කොළඹ මහනගර සභාවට නගරාධිපතිනියක් පත්වන්නේ ඉතිහාසයේ ප්‍රථම වරට වේ. මෙම අවස්ථාවට රජයේ මැතිඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් එක් ව සිටිය හ. මහා සංඝරත්නය සහ ආගමික පූජකවරුන්ගේ ආශිර්වාදය මධ්‍යයේ රෝසි සේනානායක මහත්මිය සිය ධූරයේ වැඩ භාර ගත්තාය. https://www.youtube.com/watch?v=FtKCrLNHCf8 |
2018-03-22T04:31:29.000Z | පසුගිය වසර 2ට සාපේක්ෂව මේ වසරේ වාහන ලියාපදිංචිය ඉහළට | මේ වසරේ වාහන ලියාපදිංචිය ඉහළට | COLOMBO (News 1st) - පසුගිය වසර දෙකට සාපේක්ෂව මෙම වසරේ මුල් කාර්තුවේ වාහන ලියාපදිංචිය ඉහළ ගොස් ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසා තිබේ. ඒ අනූව වසරේ මේ දක්වා කාලය තුළ ලියාපදිංචි කර ඇති රථ වාහන ප්‍රමාණය 81,871 කි. ඉන් වැඩිම සංඛ්‍යාවක් යතුරුපැදි වන අතර එම සංඛ්‍යාව 59,464 කි. කුඩා මෝටර් රථ 11,728 ක් ද ඊට ඇතුළත් වේ. මේ අනූව දෛනිකව නව වාහන 1926 ක් ලියාපදිංචි වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසා ඇත. පසුගිය අය වැයෙන් වාහන සඳහා පැන වූ බදු අඩු කිරීම වාහන ලියාපදිංචිය ඉහළ යාමට හේතුවී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. පසුගිය වසරේ ලියාපදිංචිවී ඇති සමස්ත රථ වාහන ප්‍රමාණය 73,910 ක් වේ. |
2018-03-22T03:36:42.000Z | සපත්තුවෙනුත් ගසා කෑමට සැරසුණු අධිවේගී මගඩියේ අලුත් ම හෙළිදරව්ව | සපත්තුවෙනුත් ගසාකෑමට ගිය අධිවේගී මගඩියේ හෙළිදරව්ව | COLOMBO (News 1st) : මාර්ග සංවර්ධන අධිකාරියේ සිදුවූ සපත්තු මගඩියක් පිළිබඳව එහි සේවකයින් පිරිසක් චෝදනා කරති. අධිවේගී මාර්ග සේවක වෘත්තිය සමිති චෝදනා කරන්නේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවකයින් සඳහා මෙවර ලබා දුන් සපත්තු පැළඳ දින දෙක තුනක් ඇතුළතදී ඒවා කැඩී ගොස් ඇති බවත් ඇතැම් සපත්තු පළුඳු වී ඇති බවත් ය. නිසි ප්‍රමිතියකින් තොර බාල වර්ගයේ සපත්තු ලබා දී ඇති බවට ඔවුහු මැසිවිලි නගති. මේ සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සහ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණිලි කිරීමෙන් පසු යළි අදාළ සපත්තු එක්රැස් කර ගැනීමට පලනාධිකාරිය ක්‍රියාකර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අධිවේගි මාර්ග මෙහෙයුම් අධ්‍යක්ෂවරයා පැවසුවේ, සැපයුම්කරු විසින් සපත්තු සඳහා වඩාත් හොඳ නිමාවක් ලබාදීමට යොදා ඇති අමතර ආලේපනයක් හේතුවෙන් මෙවැනි ත්ත්තවයක් උද්ගතව ඇති බවයි. සේවකයින් පවසන්නේ, ලොරි රථ යොදා ගනිමින් අමතර වියදමක් දරා යළි මෙම සපත්තු එකතු කළ බවයි. එහෙත් අධ්‍යක්ෂවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ, සැපයුම්කරුගේ සම්පූර්ණ වියදමින් සපත්තු එකතු කර ඇති බව ත් මාර්ග සංවර්ධන අධිකාරිය ඒ සඳහා කිසිදු වියදමක් නොදැරූ බව ත් ය. මේ අතර සේවකයින් පවසන්නේ, සැයපුම්කරුට යළි යොමු කරන බව පවසමින් එක්රැස් කර ගත් සපත්තු තමවත් කාර්යාල තුළ ගොඩා ගසා ඇති බවයි. තව ද තොග නිකුත් කිරීමට පෙර අදාළ සැපයුම්කරු ලබා දුන් සාම්පල නිසි ප්‍රමිතියකින් තිබූ බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය. අධිවේගී මාර්ග සේවකයින් සඳහා මෙම සපත්තු තොග මිලදී ගැනීමට ප්‍රථම තාක්ෂණික කමිටුව විසින් සාම්පල පරීක්ෂාවකින් අනතුරුව අදාළ සැයපුම වෙනුවෙන් අනුමැතිය දීම සාමන්‍ය ක්‍රමවේදයයි. මෙම මතභේදාත්මක ගනුදෙනුව සම්බන්ධයෙන් නැගෙන ප්‍රශ්න කිහිපයකි... සාම්පල නියමිත ප්‍රමිතියකින් තිබුණේ නම් සේවකයින්ට ලබා දීමට ගෙනා තොග නිසි පරීක්ෂාවකට ලක් නොකළේ මන් ද? වඩාත් හොඳ නිමාවක් ලබා දීමට සැපයුම්කරු ආලේපනයෙන් එක් කළේ නම්, ඉන් සිදුවිය යුතුතේ වෙනදාටත් වඩා වැඩි කාලයක් අබලන්වීමකින් තොරව සපත්තු පැළඳීමට හැකිවීමයි. එය එසේ නොවී අදාළ සපත්තු දින කිහිපයක් ඇතුළත අබලන් වූයේ කෙසේ ද? තාක්ෂණික කමිටුවේදී ප්‍රමිතියක් ඇතැයි, තෝරා ගත් සැපයුම්කරුගේ සපත්තු, තොග ලැබෙද්දී සැපයුම්කරුගේ ප්‍රමිතියට සිදුවූයේ කුමක් ද? සැපයුම්කරු නඩත්තුවෙන් පසු ලබා දෙන එම සපත්තුවල ද ප්‍රමිතියක් තිබේ යැයි, විශ්වාසය තැබිය හැකි ද? යම් හෙයකින් සැපයුම්කරුගේ සපත්තු යළි ලබා ගැනීම ප්‍රතික්ෂේප වුව හොත් නැවතත් ඩෙනටර් කැඳවා සැපයුම්කරුවන් තොරා ගැනීමේදි වියදම් වන්නේ මහජන මුදල් ම නොවේ ද? මේවා අත්වැරදීම් හෝ අහඹු සිදුවීම් යැයි, කියා බලධාරීන් වගකීමෙන් පැන යා හැකි ද? මෙවැනි මගඩිවලට සම්බන්ධ වූ බලධාරීන්ට එරෙහිව ගන්නා පියවර ගත යුතු නොවේ ද? |
2018-03-22T01:49:32.000Z | අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදයට දින නියමවෙයි | අගමැතිට එරෙහි විශ්වාසභංග විවාදයට දින නියමවෙයි | COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව අප්‍රේල් මස 4 වන දා විවාදයට ගැනීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා ප්‍රකාශ කළේ, අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළැඹි බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඊයේ කථානායක කරු ජයසූරිය මහතාට භාර දුන්නේ ය. කෙසේ වෙතත් ඊයේ ඉදිරිපත් කළ විශ්වාසභංගයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කර නෙතිබිණ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමග අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කථානායක කාර්යාලයට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාර දුන්නේ ය. කරුණු 14 ක් ඇතුළත් විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් 55 දෙනෙකු අත්සන් කර තිබිණ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ සිටින රාජ්‍ය ආමාත්‍ය ටී. බී. ඒකනායක, නියෝජ්‍ය අමාත්‍යවරුන්වන සුසන්ත පුංචි නිලමේ හා නිශාන්ත මුතුහෙට්ටිගම සමග පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් යන මහත්වරුන් විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තිබුණි. |
2018-03-22T00:46:24.000Z | දුක ම පමණක් උරුම වූ අසරණ ජීවිත..... | දුක ම පමණක් උරුම වූ අසරණ ජීවිත..... | COLOMBO (News 1st) : කිසියම් පවුලක සාමාජිකයින් මූලික අවශ්‍යතා අතරින් එකක් වන නිවසක් ඉදිකරගනු ලබන්නේ ආරක්ෂිතව ජීවත්වීමේ අරමුණ පෙරදැරිවයි. ඉදි කරගනු ලබන නිවසේ ප්‍රමාණය කෙසේ වෙතත් ආරක්ෂිතබව නිවසක තිබිය යුතුම ලක්ෂණයයි. එහෙත් යම් පවුලකට සිය නිවස තුළදීම අනාරක්ෂිතව ජීවත් වෙන්න සිද්ධ වුණොත්, එය කෙතරම් ඛේදනීය තත්ත්වයක් ද? කුරුණෑගල, වලව්වත්තේ පදිංචි කුඩා බණ්ඩාට තමන්ගෙ ආදරණීය බිරිඳ ද සමගින් කටුමැටියෙන් තැනූ කුඩා නිවහනේ ජීවත්වීමට සිදුව ඇත්තේ, ඉතා දුක්ඛිත ජීවිතයක් ඔවුන් දෙදෙනාගේ එක ම අදායම් මාර්ගය වන්නේ, නිවස තුළ ම සදා ගත් පුංචි අලෙවිසලෙන් ලැබෙන සොච්චම් මුදල පමණයි. දරාගත නොහැකි ජීවන වියදමක් ඇති මෙවන් යුගයක මෙම අසරණ දෙමව්පියන් එක වේලක් හෝ කටට රහට ආහාර වේලක් ගනු ඇතැයි, සිතිය නොහැකි ය. ඔවුන් පවසන්නේ, වැසි දිනවලට නිවසට ඉහළින් පිහිටි ඉවුර කඩාගෙන ඇවිත් ගේ යට වෙන බවයි. ඒ හේතුවෙන් දෙවතුන් වතාවක් ගරා වැටුණු නිවස තුළ ඔවුන් රැය පහන් කරන්නෙ, මොන යම් මොහොතක හෝ යළි එවැනි සිද්ධියක් සිදුවීමකට මුහුණ දීමට සිදුවනු ඇතැයි, යන අවිනිශ්චිත බියෙන් යුතුවයි. රට ම විදුලි බලයෙන් අලෝකවත් වුණ ත්, මේ අහිංසක මිනිසුන්ගේ ජීවිතවලට තවමත් පුංචි හෝ අලෝකයක් ලැබෙන්නෙ කුප්පි ලාම්පු එළියෙනි. කුරුණෑගල කැප්පිටිගල පිහිටි මේ ගමේ නම වලව්වත්ත වුණාට කටුමැටි ගේක අසරණව ජීවත් වෙන, මේ වියපත් දෙමව්පියන්ට යමෙකුට පිළිසරණක් විය හැකි නම් එය මහගු පින්කමක් වනු ඇති. https://www.facebook.com/NewsfirstSL/videos/1884566674936915/ |
2018-03-21T22:36:55.000Z | ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව ඉදිරිපත් වෙයි | ශ්‍රී ලංකාව ගැන වාර්තාව මානව හිමිකම් කවුන්සියලට | COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් සකස් කරන ලද යාවත්කාලීන වාර්තාව ඊයේ ජගත් මානව හිමිකම් කවුන්සියලට ඉදිරිපත් කර තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙන්ම පසුගිය දා ඇති වූ සිද්ධිය පිළිබඳව ද අවධානය යොමුව තිබිණ. අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමට කොමිසමක් පත්කිරීමේ ක්‍රියාවලිය එම වාර්තාව මගින් පැසසුමට ලක් කර තිබේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් මෙරට ප්‍රතිචාරය දක්වමින් එහිදි අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සඳහන් කළේ, සියලු පුරවැසියන්ට සාමකාමි, ස්ථාවර හා සංහිඳියාවෙන් යුක්ත රටක් ගොඩනැගීමට රජය කැපවී සිටින බවයි. සංහිඳියාවෙන් පිරුණු රටක් ගොඩනැගීමට ජනතාවට දුන් ප්‍රතිඥාව වළක්වාලීමට කිසිවෙකුටත් නොහැකි බව ත් රජය, ඒ සඳහා අවංකභාවයෙන් යුතුව කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ. සිය අදහස් දැක්වීමේදී පශ්චාත් යුද සමයේ මෙරට සංහිඳියා යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා වත්මන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග රැසක් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුකර තිබේ. ශ්‍රී ලංකාවට අමතරව බුරුන්දි, ග්වතමාලා, හොන්ඩුරාස්, කොලොම්බියා, සයිප්‍රස් සහ ඉරානය යන රටවල මානව හිමිකම් තත්ත්වය පිළිබඳ වාර්තා ද ඊයේ ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරිණ. මෙම වාර්තා පිළිබඳ විවාදය අද දෙවැනි දිනටත් පැවැත්වේ. |
2018-03-21T22:07:40.000Z | කොදෙව්වෝ 2019 ලෝක කුසලයට සුදුසුකම් ලබති | කොදෙව්වෝ 2019 ලෝක කුසලයට සුදුසුකම් ලබති | බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා පවත්වන තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයේ සහභාගී වූ තරග 5 න් 4 ක් ජය ගනිමිනි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගී වූ පස්වැනි තරගය ස්කොට්ලන්තයට එරෙහිව හරාරේහිදී පැවැත්විණ. පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 48 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 198 ක් පමණි. එවින් ලුවිස් ලකුණු 66 ක් රැස් කළ අතර මාලන් සැමුවල්ස් ලකුණු 51 ක් රැස් කළහ. පන්දු යැවීමේදී බ්‍රැඩ් වීල් හා සෆ්යාන් ශරීෆ් කඩුළු 3 බැගින් දවා ගත්හ. ලකුණු 199 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 35 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 125 ක් රැස් කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. රිචි බෙරින්ටන් ලකුණු 33 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී කෙමාර් රොච් හා ඇශ්ලි නර්ස් කඩුළු 2 බැගින් දවා ගත්තේ ය. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඩක්වත් හා ලුවිස් න්‍යායට ලකුණු 5 ක ජයක් හිමිවිය. |
2018-03-21T21:51:59.000Z | Facebook නිර්මාතෘ සකර්බර්ග් වරද පිළිගනී | මාර්ක් සකර්බර්ග් වරද පිළිගනී | කේම්බ්‍රිජ් ඇනලිටිකා සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගෙන් අත්වැරදීමක් සිදුවු බව Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මුල්වරට පිළිගෙන තිබේ. දේශපාලන උපදේශන සමාගමක් වන කේම්බ්‍රිජ් ඇනලිටිකා ආයතනයට එරෙහි චෝදනාව වන්නේ Facebook ගිණුම්හිමියන් මිලියන 50ක ගේ පෞද්ගලික තොරතුරු අවභාවිත කිරීමයි. 2016 වසරේ අමෙරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කරවීමට ජනතාව පෙළඹවීමට එම දත්ත යොදාගත් බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. අමෙරිකානු ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවීමට අදාළ පර්යේෂණ , දත්ත එක් රැස්කිරීම ,විශ්ලේෂණය සහ ප්‍රජාව ඉලක්ක කිරීම ඇතුළු සමස්ත ඩිජිටල් මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියේ තම ආයතනය බව කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇලෙක්සැන්ඩර් නික්ස් හෙළි කළේ ය. ඒ බව දැක්වෙන වීඩියෝ පටයක් , කිසියම් මාධ්‍ය ආයතනයක් අන්තර්ජාලයට නිකුත්කිරීමෙන් පසු නික්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්විය. මෙම හෙළිදරව්ව සමඟ ලොව පුරා Facebook ගිණුම් හිමියෝ සිය තොරතුරුවල රහස්‍යභාවය පිළිබඳ ප්‍රශ්න කරමින් සිටිති. Facebook වෙබ් අඩවියට ප්‍රකාශයක් නිකුත්කරමින් , අනුගාමිකයින්ගේ විශ්වාසය කඩ කල බව මාර්ක් සකර්බර්ග් පිළි ගත්තේ ය. බ්‍රිතාන්‍යය සඳහන් කළේ, ෆේස්බුක් ආයතනයේ එම නිදහසට කරුණු දැක්වීම විනාශකාරී පරාජයක් ලෙසයි. මින්පසු Facebook වෙබ්අඩවිය භාවිතකරන්නන්ගේ තොරතුරු ලබාගැනීම අපහසු වන ලෙස වෙනස්කම් මාලාවක් හඳුන්වාදෙන බව ද සකර්බර්ග් කියා සිටියේ ය. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන සඳහා කරුණු ඉදිරිපත්කිරීමට කොංග්‍රසය ඉදිරියේ පෙනී සිටින ලෙස සකර්බර්ග්ට අමෙරිකානු සෙනෙට් සභිකයින් නියෝග කර තිබේ. |
2018-03-21T20:38:13.000Z | බදුල්ලේදී දුම්රියක් පීලි පනී | බදුල්ලේදී දුම්රියක් පීලි පනී | කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඇල්ල - දෙමෝදර ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්ව තිබේ. දුම්රිය සාමාන්‍යධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේ, තැපැල් දුම්රියේ මැදිරි දෙකක් පමණක් පීලි පැනීමකට ලක්ව ඇති බවයි. දුම්රිය යලි පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට සුදානම් කෙරෙමින් පවතින බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. |
2018-03-21T19:47:18.000Z | සරසවි විධායක නිලධාරිනු ත් වර්ජනයක.. | සරසවි විධායක නිලධාරිනු ත් වර්ජනයක.. | COLOMBO (News 1st) : වැටුප් ගැටලුවක් ඇතුළු ඉල්ලීම් 14 ක් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය අද සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. එම සංගමයේ ලේකම් දයාල් අභයසිංහ මහතා ප්‍රකාශ කළේ, සියලු ගැටලු සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බලධාරීන් දැන්වත් කළ ද ඊට ප්‍රතිචාරයක් නොලද හෙයින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කළ බවයි. මේ අතර සිය ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වැඩ වර්ජනය අද 23 වන දිනටත් ක්‍රියාත්මක වේ. විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා සඳහන් කළේ, තම ඉල්ලිම් සම්බන්ධයෙන් මෙතෙක් සාධනීය පිළිතුරක් නොලැබුණු බවයි. අනධ්‍යයන සේවක වැඩවර්ජනය හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල 15 ක සහ උසස් අධ්‍යාපන ආයතන රැසක කටයුතු අඩාල වී ඇති අතර විශ්වවිද්‍යාල සිසුන් රැසක් ඉන් පීඩාවට පත්ව සිටිති. |
2018-03-21T19:15:24.000Z | පකිස්ථාන ජනරජ දින සැමරුම වෙනුවෙන් ජනපති මෛත්‍රී අද පකිස්ථානයට | ජනපති මෛත්‍රී අද පකිස්ථානයට | COLOMBO (News 1st) : පකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි. ඒ, පකිස්ථාන ජනාධිපති මම්නුන් හුසෙන් මහතාගෙන් ලද විශේෂ නිල ආරාධනයකට අනුවයි. සිය දෙදින නිල සංචාරය තුළ දී ජනාධිපතිවරයා පකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මහතා මෙන්ම අග්‍රාමාත්‍ය ෂහීද් කබාන් අබ්බාසි මහතා සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වනු ඇති. ශ‍්‍රී ලංකා – පකිස්ථාන මිතුදමේ සුවිශේෂී සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක්වන අතර මෑත කාලයේ ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට මෙවන් නිල ඇරයුමක් ලද පළමු අවස්ථාව මෙය වේ. ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට සමගාමීව දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයන්හි සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ විශේෂ අවධානය යොමු කරනු ඇති. එමෙන්ම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට සමගාමීව දෙරට අතර අධ්‍යාපන සහ සංචාරක ක්ෂේත‍්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් 04 කට ද අත්සන් තැබීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. 1956 මාර්තු 23 වන දින පකිස්ථානය ජන රජයක් බවට පත්වූ අතර එදා සිට සෑම වසරකම මාර්තු මස 23 වන දිනය ජන රජ දිනය ලෙස උත්කර්ෂවත් අන්දමින් සමරයි. |
2018-03-21T11:21:05.000Z | සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ 82 වන ඡන්ම දිනය අද යි | ගාමිණී ෆොන්සේකාගේ 82 වන ඡන්ම දිනය අද යි | COLOMBO (News 1st) - හෙළ සිනමාවේ විශිෂ්ටතම රංගධරයා ලෙස සැළකෙන සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතාගේ 82 වැනි ඡන්ම දිනය අද ට යෙදී තිබේ. 1936 මාර්තු 21 වන දා උපන් සෙම්බුගේ ගාමිණි ෂෙල්ටන් ෆොන්සේකා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් තම මූලික අධ්‍යාපනය හැදැරුවේ ය. ගාමිණිගේ සිනමාව තරණය සිදුවන්නේ ලෝක පූජිත සිනමා අධ්‍යක්ෂ ඩේවීඩ් ලීන්ගේ බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටය සහ සිංහල සිනමාවේ හැරවුම් ලක්ෂය ලෙස සැළකෙන ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටය සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කිරීමෙනි. ඉන් පසු රගපෑමට පිවිසෙන ගාමිණී ෆොන්සේකා ලාංකීය සිනමා වංශ කතාවේ අති විශිෂ්ට රංගන චාරිකාවක නිරත විය. ගම්පෙරළිය, නිධානය, යුගාන්තය, පරසතුමල්, සංදේශය, රන්මතුදූව, සරුංගලය, ගැටවරයෝ සහ වැලිකතර ඉන් බිඳක් පමණි. චිත්‍රපට අධ්‍යක්ෂණයට ද පිවිසෙන ගාමිණි ෆොන්සේකා පරසතු මල්, උතුමාණෙනි, සාගරයක් මැද, කොටි වලිගය, නොමියෙන මිනිසුන් වැනි අමරණීය සිනමා කෘති රැසක් ද සිංහල සිනමාට දායාද කළේ ය. කලාකරුවෙකු ලෙස ජන හද දිනු ගාමිණි ෆොන්සේකා මහතා 1989 වසරේදී දේශපාලනයට පිවිසුණේ එක්සත් ජාතික පක්ෂයෙනි. එම වසරේදී මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහුට නියෝජ්‍ය කථානායක ධූරය ද හිමි විය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාලන සමයේදී උතුරු නැගෙනහිර ආණ්ඩුකාරවරයා වූයේ ද ගාමිණී ෆොන්සේකා මහතායි. ෆොන්සේකා මහතා සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළේ ය. ගාමිණී ෆොන්සේකා මහතා වයස අවුරුදු 68 දී මීට වසර 14 කට පෙර එනම් 2004 සැප්තැම්බර් 30 වන දා දැයෙන් සමුගත්තත් ඔහු අදටත් ජන හදවත් තුළ ජීවමාන ය. https://www.youtube.com/watch?v=GiVgwJWTVZ8 |
2018-03-21T10:42:35.000Z | අවිස්සාවේල්ල, කුඩගම ප්‍රදේශයෙන් කැලණි ගඟට අපද්‍රව්‍ය | කැලණි ගඟේ ජලය කළු පැහැ වෙයි | COLOMBO (News 1st) - අවිස්සාවේල්ල, කුඩගම ප්‍රදේශය ආශ්‍රිතව කැලණි ගඟට අපද්‍රව්‍ය එක්වීමෙන් ජලය කළු පැහැයක් ගෙන තිබේ. ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ, සීතාවක ආයෝජන කලාපයෙන් බැහැර කෙරෙන අපවිත්‍ර ජලය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගවී ඇති බවයි. කැලණි ගඟේ ජලය මෙලෙස කළු පැහැ ගැන්වී ඇත්තේ, කුඩගම ඇළ ගංගාවට එක්වන ස්ථානය ආසන්නයේ ය. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, එම ඇළ මාර්ගය සීතාවක ආයෝජන කලාපය ආසන්නයෙන් වැටී ඇති බවයි. මෙම ස්ථානේ සිට කිලෝමීටර් 10 ක් පහළ ප්‍රදේශයේ පුගොඩ ජල පොම්පාගාරය ද පිහිටා තිබේ. https://www.youtube.com/watch?v=iy5rtN5SyXU |
2018-03-21T09:15:39.000Z | අගමැතිට එරෙහි විශ්වාසභංගය කථානායකට: හිටපු ජනපතිගේ අත්සන නැහැ | විශ්වාසභංගය කථානායකට: හිටපු ජනපතිගේ අත්සන නැහැ | COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය අත්සන් කරන්නේදැයි නිව්ස්ෆස්ට් අප මේ පිළිබඳව මහජන මතය විමසීමට ලක් කළෙමු. මෙම මතවිමසුමේදී 65% ක් ප්‍රකාශ කළේ, ඔහු ඊට අත්සන් නොකරනු ඇති බවයි. අත්සන් තබනු ඇතැයි පැවසූ ප්‍රමාණය 35% කි. ඒ අනුව නිව්ස්ෆස්ට් මතවිමසුමේ බහුතර ජනතා මතයවූයේ මහින්ද රාජපක්ෂ මහතා අත්සන් නොකරනු ඇති බවයි. නිව්ස්ෆස්ට් මත විමසුමේදී පළ වූ ජනතා මතය සත්‍යයක් බවට පත් කරමින් අද ඉදිරිපත් කළ විශ්වාසභංගයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කර තිබුනේ නැත. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් නොකළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එය කථානායකවරයාට භාරදීමේ අවස්ථාවට සහභාගි විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමග අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කථානායක කාර්යාලයට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාර දුන්නේ ය. කරුණු 14 ක් ඇතුළත් විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් 55 දෙනෙකු අත්සන් කර තිබුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ සිටින රාජ්‍ය ආමාත්‍ය ටී. බී. ඒකනායක, නියෝජ්‍ය අමාත්‍යවරුන්වන සුසන්ත පුංචි නිලමේ හා නිශාන්ත මුතුහෙට්ටිගම සමග පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් යන මහත්වරුන් විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තිබුණි. අද ඉදිරිපත් කළ විශ්වාසභංගයෙන් අග්‍රාමාත්‍යවරයා කෙරෙහි විශ්වාසය කඩවීමට හේතු 14 ක් ඉදිරිපත් කර ඇත. බැඳුම්කර වංචාවක් සිදු කිරීමේ කූඨ අරමුණින් සම්මතයට පටහැනිව මහබැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත්කර අගමැතිවරයා යටතට පත්කර ගැනීම. බැඳියාවන් අතර ගැටුමක් ඇති රටේ පුරවැසියෙකු ද නොවූ අප කීර්තිමත් ඉතිහාසයක් ඇති අර්ජුන මහේන්ද්‍රන් මහතා මහබැංකුවේ අධිපති ධූරයට පත්කිරීම. මෑත යුගයේ ලෝකයේ සිදු වූ දැවැන්තම මූල්‍ය වංචාව වන බැඳුම්කර වංචාවට ඉතා පැහැදිලි ලෙස සම්බන්ධවීම. තම දේශපාලන හිතවතුන්ගෙන් සමන්විතව පිටිපන කමිටුව පත් කර වංචනිකයින් බේරා ගැනීමට උත්සාහ කිරීම. සැබෑ කරුණු යටපත් කරමින් වංචනිකයින් ආරක්ෂා කර ගැනීමට 2015 මාර්තු 17 වන දින විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුව නොමග යැවීම. වංචාව පිළිබඳව විමර්ශනය කරමින් තිබියදී සාමාජිකයෙකු වෙනස් කර තව සාමාජිකයෙකු කෝප් කමිටුවට පත් කර චූදිතයින් නිදොස් කිරීමට අවිනීත උත්සාහයක් දැරීම. කෝප් කමිටුවේ කටයුතු කළ යුතු ආකාරය ගැන විමර්ශනය සිදු වූ කාලසීමාවේ එහි සාමජිකයින්ට බලපෑම් කිරීම. බැඳුම්කර වංචාවව සම්බන්ධ බවට ජනාධිපති කොමිසම හමුවේ හෙළි වූ මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරිට මුදල් අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් දෙන්නැයි අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ කිරීම. වෙනත් අධිපතිවරයෙකු මහබැංකුවට පත්කිරීමට ජනාධිපතිතුමා කටයුතු කරද්දී නැවතත් අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත්කිරීමට වෑයම් කිරීම. බැඳුම්කර වංචාව නිසා ධූරය අහිමිවීමෙන් පසුවත් අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සිය අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් ලබාදීම. අධිකරණ නියෝගයක් නොගෙන මහේන්ද්‍රන් මහතාට රටින් පිටවී අධිකරණය මග හැරීමට අවස්ථාව සැලසීම. මුදල් අමාත්‍යවරයාට පමණක් බලතල ක්‍රියාත්මක කළ හැකි පනත් 9 ක් මහබැංකුව සිය අමාත්‍යාංශය යටතට ගැනීම හරහා ක්‍රියාත්මක කර එම පනත් උල්ලංඝණය කිරීම. ආර්ථික කටයුතු අමාත්‍යාංශය, ආර්ථික කළමනාකරණ අනුකමිටුව හරහා මුදල් අමාත්‍යාංශය ද මහබැංකුව ද තමන්යටතට ගෙන ජාතික ආර්ථිකය මෙහෙයවීමේ ප්‍රතිඵලයක් ලෙස දැවැන්ත ආර්ථීක අර්බුදයක් නිර්මාණය කර ජනතාව පීඩාවට පත් කිරීම. නීතිය හා සාමය ඇමතිධූරය දරමින් මහනුවර සිදුවීම්වලදී රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ක්ෂණික පියවර ගැනීමට අසමත් වීම. එම කරුණූ 14 යි. මෙම කරුණු නිසා අගමැතිධූරයෙත් කැබිනට් ඇමතිධූරයෙත් කටයුතු කිරීමේ හැකියාව පිළිබඳවත් ඔහු අගමැති ධූරය දරන ආණ්ඩුවට කටයුතු කිරීමේ හැකියාව පිළිබඳවත් විශ්වාසයක් නැතැයි අද ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් වේ. https://www.youtube.com/watch?v=s28d-VJizsM |
2018-03-21T07:39:10.000Z | මාතර වෙළෙඳසැලක සිදු වූ මුදල් සොරකම (CCTV) | මාතර වෙළෙඳසැලක සිදු වූ මුදල් සොරකම (CCTV) | COLOMBO (News 1st) - මාතර මුලටියන ප්‍රදේශයේ වෙළෙඳසැලකට ඇතුළු වූ පුද්ගලයෙකු මුදල් සොරකම් කරන අයුරු එහි තිබු CCTV කැමරාවල සටහන් වී තිබුණි. මෙම සිදුවී ඇත්තේ, පසුගිය 19 වන දා ය. මාවරල පොලීසිය විසින් ඊයේ දිනයේ සොරකම සම්බන්ධයෙන් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ගොන්බද්දල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. ඔහු කළ පාපොච්ඡාරණයට අනුව හෙළිවී ඇත්තේ, මෙම සොරකම සිදු කිරීමට පසුගිය වසරේ සැප්තැම්බර් මස සිට සැළසුම් කළ බවයි. පරීක්ෂණ කටයුතු සිදු කළ මාවරල පොලීසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ. https://www.youtube.com/watch?v=wu-ucrdhMxs |
2018-03-21T07:14:29.000Z | හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු මාතරදී අත්අඩංගුවට | හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු මාතරදී අත්අඩංගුවට | COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල සිට මාතර දක්වා හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අද අලුයම 2.00 ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 7 ක් හා රම්බෝ වර්ගයේ පිහියක් ද පොලීසිය භාරයට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, දැනට සිරගතව සිටින මහා පරිමාන හෙරොයින් ජාවාරම්කරුවකු වන කුඩාව සුද්දා නැමැති පුද්ගලයාගේ ආධාරකරුවෙකි. මාතර කොට්ඨාසයේ දූෂණ මර්දන එ්කකයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත. පොලීසිය පැවසුවේ, සැකකරු මාතර අධිවේගී මාර්ගයේ පිටවීම් දොරටුවෙන් පළා යාමට තැත් කිරීමේදී මාර්ග බාධක යොදා අත්අඩංගුවට ගත් බවයි. සිද්ධියට සම්බන්ධ සැකකරු 43 හැවිරිදි මාතර නාදුගල ප්‍රදේශයේ පුද්ගලයෙකි. https://www.youtube.com/watch?v=uObGU0_GNt8 |
2018-03-21T06:36:23.000Z | නිල සංචාරයක් සඳහා ජනපති හෙට පකිස්ථානයට | නිල සංචාරයක් සඳහා ජනපති හෙට පකිස්ථානයට | COLOMBO (News 1st) - පකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට පකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතව ඇත. ඒ, පකිස්ථාන ජනාධිපති මම්නුන් හුසෙන් මහතාගෙන් ලද විශේෂ නිල ආරාධනයකට අනුව ය. සිය දෙදින නිල සංචාරය තුළදී ජනාධිපතිතුමා පකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් මහතා මෙන් ම අග්‍රාමාත්‍ය ෂහීද් කබාන් අබ්බාසි මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති. ජනාධිපතිතුමාගේ මෙම සංචාරයට සමගාමීව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 4කට අත්සන් තැබීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. පකිස්ථාන ජනරජ දිනය මාර්තු මස 23 වන දාට යෙදී තිබේ. https://www.youtube.com/watch?v=6Bx7NAr3YTo |
2018-03-21T06:23:47.000Z | ආනයනික උඳු සඳහා රුපියල් 50 ක බද්දක් | ආනයනික උඳු සඳහා රුපියල් 50 ක බද්දක් | COLOMBO (News 1st) - උඳු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 50 ක ආනයන බද්දක් පැනවීමට රජය තීරණය කර තිබේ. ඒ, දේශීය උඳු ගොවියා ආරක්ෂා කිරීම සඳහා ය. ජීවන වියදම් කමිටුවේ සාමාජිකයෙකු සඳහන් කළේ, ඊයේ රැස් වූ ජීවන වියදම් කමිටුව එම තීරණයට එලඹි බවයි. දැනට ආනයනික උඳු කිලෝග්‍රෑම් එකක් සඳහා අය කරන බද්ද රුපියල් 100 ක් වේ. ඒ අනුව නව බදු සංශෝධන යටතේ අනයන කරන උඳු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 150ක බද්දක් පැනවෙනු ඇත. |
2018-03-21T04:34:52.000Z | කෝප් සභාවේ 05 වන කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට | කෝප් සභාවේ 05 වන කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට | COLOMBO (News 1st) - කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ 05 වන කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කර තිබේ. ඒ, කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසිනි. කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්, සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ, විමර්ශනය කළ රාජ්‍ය ආයතනවලට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් ලබා දුන් නිර්දේශ සඳහා එම ආයතන ලබා දුන් ප්‍රතිචාර ද මෙවර වාර්තාවට අමුණා ඇති බවයි. මේ යටතේ රාජ්‍ය ආයතන 05 ක් 100% ක් ප්‍රතිචාර දක්වා ඇති බවත්, ආයතන 04ක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ ය. |
2018-03-21T03:35:12.000Z | හිටපු ජනපති අගමැතිට එරෙහි විශ්වාසභංගය කථානායකට භාර දෙයි | BREAKINGඅගමැතිට එරෙහි විශ්වාසභංගය කථානායකට භාරදෙයි | COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් මීට ටික වේලාවකට පෙර කථානායක කරු ජයසූරිය මහතාට භාර දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කථානායක කාර්යාලය සඳහන් කළේ, ඊට මන්ත්‍රිවරුන් 55 දෙනෙකු අත්සන් තබා ඇති බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රි කණ්ඩායමක් එම අවස්ථාවට එක් ව සිටියහ. |
2018-03-21T03:08:50.000Z | ලෝක වනාන්තර හා වෘක්ෂලතා පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි | ලෝක වනාන්තර හා වෘක්ෂලතා පිළිබඳ ජාත්‍යන්තර දිනය අද | COLOMBO (Newsfirst) - ලෝක වනාන්තර හා වෘක්ෂලතා පිළිබඳ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ, වනාන්තර සහ නගර අතර ඇති අන්‍යෝන්‍ය පැවැත්ම සහ සුබසාධනයේ වැදගත්කම පැහැදිලි කිරීම ය. මාර්තු 21 ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නිවේදනය කරනු ලැබුවේ 2012 වර්ෂයේදී ය. ඒ අනුව 2013 වසරේ සිට සෑම වර්ෂයකම ලෝක වනාන්තර දිනය සමරනු ලබයි. ශ්‍රී ලංකාව අන්තර්ජාතික වනාන්තර දිනය සමරන්නේ 2014 වසරේ සිට ය. වර්තමානයේදී ජාතික උරුම වන භූමි ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන එකම ප්‍රදේශය සිංහරාජ වනාන්තරය යි. නකල්ස් සංරක්ෂණ වනාන්තරය, සමනල අඩවිය රක්ෂිත ප්‍රදේශය හා හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය, ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ලෝක උරුමයට අයත් වනාන්තර වේ. ලෝකයේ දේශගුණික විපර්යාස කෙරෙහි බලපාන ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ, වනාන්තර හායනයෙන් වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු විමෝචනය යි. සංවර්ධිත රටවල්වල සිට තුන්වන ලෝකයේ රටවල්වල සුවිසල් නගර දක්වා සිය පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමේ මූලාශ්‍ර ලෙස භාවිත කරනු ලබන්නේ වනාන්තර ආශ්‍රිත ප්‍රදේශයන් ය. දිනෙන් දින නාගරීකරණය වීම හා ජනගහණය වර්ධනය වීම සිදු වුව ද ඒ හා සාපේක්ෂව අදාළ ජල මූලාශ්‍ර රැඳි වනාන්තර ප්‍රදේශ වර්ධනය නොවීම සලකා බැලිය යුතු කරුණක් බවට පත්ව තිබේ. අතීත මුතුන් මිත්තන් පරිසරය සමග ජීවත් වෙමින් දැක්වූ ආදරය කොතරමි ද යන්න පැවසීමට හොඳ ම උදාහරණය වන්නේ ශ්‍රේෂ්ඨ රතු ඉන්දියානු නායක සියැටල්ගේ ලෝකප්‍රකට ප්‍රකාශය යි. ඔහු අමෙරිකානු ජනාධිපතිවරයා වෙත ලියූ ලියුමෙහි පරිසරය සම්බන්ධයෙන් දැක්වූ අදහස් නිසා අදත් ලෝකයේ සම්භාවනාවට පත්‍රව සිටියි. "වොෂින්ටන් නගරයේ සිටින ශ්‍රේෂඨ නායකයාණන් අපගේ ජන්ම භූමිය මිලදී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරමින් අප වෙත හසුන්පත් එවා ඇත. මේ මිහිතලයේ සෑම බිම් අඟලක්ම මගේ පරපුරට ශුද්ධ වූ වස්තුවකි. දිලිසෙන දේවදාර ගසක හැම කිනිත්තක්ම, වැලිතලාවලින් පිරී ගිය සෑම වෙරළක්ම, අඳුරු වනාන්තරවල තිබෙන සෑම මිහිදුම් වළාවක්ම, සිහින් හඬින් ගී ගයන සෑම කුඩා ප්‍රාණයක්ම මගේ මිනිසුන්ගේ මතකයේ හා අත්දැකීම් සමුදායේ පූජනීය වස්තූහු වන්නෝය. අපි මිහිතලයේ කොටසක් වන්නෙමු. මිහිතලය ද අපගේ ම කොටසක් වන්නේ ය. සුගන්ධවත් පුෂ්පයෝ අපගේ සොහොයුරියෝ ය. පිනිමුවා, අශ්වයා, මහා රාජාලියා, මේ සියල්ලෝ ම අපගේ සහෝදරයෝ වෙති. ගිරිශිඛර ද, තණ බිම්වල තෙතමනය ද, පෝනියාගේත් මිනිසාගේත් සිරුරේ උණුසුම ද යන මේ සියල්ල ම එකම පවුලකට අයත් වන්නේ ය. වොෂින්ටනයේ ශ්‍රේෂඨ නායකයාණන් අපගේ භූමිය මිලට ගැනීමට කැමැත්ත පළ කරමින් කරන ඉල්ලීම අපට දරා ගන්නට නොහැක්කකි. එය අපට එතරම් සුවදායී කාර්යයක් නොවන්නේ මේ භූමිය අපට පූජනීය වස්තුවක් වන හෙයිනි. ගංගා දිගේ ගලා බස්නා දිදුලන දිය දහර හුදු ජලයම නොව අපගේ මුතුන් මිත්තන්ගේ රුධිරය යි." මේ අතර ශ්රී ලංකා ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ගේ ද ප්‍රකාශය තුළ අන්තර්ගත වන්නේ පරිසරයේ ඇති වැදගත්කම යි. "මම කුඩා කාලයේ ජීවත් වුණ ලෝකෙයි, අද ලෝකෙයි අතර තියෙන්නේ ලෝක දෙකක වෙනසක්. එදා පායපු ඉර හඳ නෙවෙයි අද පායන්නේ. එදා දැක්ක අහස නෙවෙයි අද දකින්නේ. එදා හිටපු මිනිස්සු නෙවෙයි අද ජීවත් වෙන්නේ. මේ සියල්ල ගත්තහම මට හිතෙන්නේ මම ජීවත් වෙන්නේ ලෝක දෙකක කියලයි. ඒත් අපේ ආත්තිල ඇත්තෝ, මුත්තිල ඇත්තෝ ජීවත් වුණෙත්, මිය ගියෙත් එකම ලෝකයකම යි. අවුරුදු 60 ක් තරම් කෙටි කාලයකදී මේ වගේ වෙනසක් වෙන්න හේතුව මිනිස්සුන්ගේ ඔලූගෙඩි නරක් වීම. මං මේ කැළේ ඉපදුන නිකම්ම නිකං වැද්දෙක්. මං හිතන්නේ නැහැ මං කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගනියි කියලා. ඒත් දන්න දේ, දැනෙන දේ, හිතන දේ කියන්න ඕනේ. දැන් වෙච්ච දේ වෙලා ඉවරයි. ගහ කොළ ඉවරයි. සතා සීපාව ඉවරයි. ඊළඟට මිනිස්සු." https://www.youtube.com/watch?v=3uywlmuM_Yw |
2018-03-21T01:08:13.000Z | ඇප ඉල්ලා ඇලෝසියස්ගෙන් හා පලිසේනගෙන් ඇපෑලක් | ඇප ඉල්ලා ඇලෝසියස්ගෙන් හා පලිසේනගෙන් ඇපෑලක් | COLOMBO (Newsfirst) - බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන සැකකරුවන් තමන්ට ඇප ලබා දෙන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඇපෑලක් යොමු කර තිබේ. සැකකරුවන් එම ඇපෑල මගින් ඉල්ලා ඇත්තේ, මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ මහාධිකරණයෙන් තමන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බැවින් තමන්ට ඇප ලබා දෙන ලෙස ය. එම සැකකරුවන් දෙදෙනා ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. |
2018-03-21T01:26:55.000Z | 154 වන පොලිස් දින සැමරුම අද | 154 වන පොලිස් දින සැමරුම අද | COLOMBO (Newsfirst) - 154 වන පොලිස් දින සැමරුම අදට යෙදී තිබේ. ඒ වෙනුවෙන් ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වුණේ, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙනි. 1864 වසරේ අද වැනි දිනක උතුවන්කන්දේ සූර සරදියෙල්ගේ මිත්‍රයා වූ මම්මලේ මරික්කාර් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පොලිස් කොස්තාපල් පී.සී. සබාන් මහතා දිවි පිදීමේ සිද්ධිය මුල්කර ගනිමින් පොලිස් විරු සැමරුම් දිනය වාර්ෂිකව පැවැත්වේ. ඒ, වඩාත් සුරක්ෂිත සමාජයක් බිහි කිරීම වෙනුවෙන් තම දිවිය කැප කළ පොලිස් නිලධාරීන් සිහි කිරීම සඳහා ය. පොලිස් විරුවන් අනුස්මරණ දින ප්‍රධාන සැමරුම් උත්සවය බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාපිටියේදී පැවැත්විණි. නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවි පිදූ පොලිස් නිලධාරීන් සිහි කිරීමෙන් පසුව පොලිස් රණවිරු ස්මාරකයට උත්තමාචාර පුද කිරීම ද මෙහිදී සිදු කෙරිණි. මේ අතර අම්පාර පොලිස් අධිකාරී කාර්යාල පරිශ්‍රයේ පිහිටි රණවිරු සැමරුම් ස්මාරකය අභියසදී ද අද තවත් සැමරුම් උත්සවයක් පැවැත්විණි. මෙහිදී 1990 වර්ෂයේ ත්‍රස්තවාදීන් විසින් සමූල ඝාතනය කළ පොලිස් නිලධාරීන් 600 දෙනා සිහිපත් කෙරිණි. https://www.youtube.com/watch?v=7k-_aQFcX_Q |
2018-03-21T00:46:13.000Z | පාසල් සිසුන් භාවිත කරමින් ගිනස් වාර්තාවක් තැබීමට ගිය සිද්ධියට අදාළව සකස් කළ වාර්තාව ගැටලු සහගත බව නීතිපති දෙපාර්තමේන්තුව කියයි | ලොව දිගම ඔසරි පොට: වාර්තාව ගැටලු සහගතයි | COLOMBO (Newsfirst) - ලොව දිගම ඔසරි පොට සඳහා ගිනස් වාර්තාව තැබීමට මහනුවර, ගන්නෝරුවේදී පැවති උත්සවයට පාසල් සිසුවියන් පිරිසක් යොදා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සකස් කළ වාර්තාවේ සාක්ෂි ලබා ගැනීම නිසි පරිදි සිදු කර නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. පසුගිය වසරේ සැප්තැම්බර් මස 21 වන දා පැවති උත්සවයේදී මනාළිය ඇඳ තිබූ ඔසරියේ මීටර් 2800ක් දිග පොට ඇල්ලීම සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ උපදෙස් මත යොදා ගත්තේ, අලවතුගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ 2 වන, 3 වන හා 4 වන ශ්‍රේණිවල ඉගෙනුම ලැබූ සිසුවියන් පිරිසකි. එහිදී සිසුවියන්ට සිදුවූ පීඩාකාරී සිදුවීම් පිළිබඳ සලකා බලා ළමා ආරක්ෂක අධිකාරිය මෙම පරීක්ෂණය පවත්වනු ලැබුවේ ය. එහි සභාපති නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය සඳහන් කළේ, මේ සිද්ධිය සම්බන්ධයෙන් තම අධිකාරියේ නිලධාරීන් පිරිසක් හා පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව වාර්තාව සකස් කළ බව ය. ඒ සඳහා සාක්ෂි ගොනු කිරීම සිදු කළේ ද පලපුරුදු නිලධාරීන් පිරිසක් විසින් බව ඇය සඳහන් කළා ය. එහෙත් එවැනි තත්ත්වයක් මත වාර්තාවේ සාක්ෂි ලබා ගැනීම වැරදි යැයි පැවසීම ගැටලු සහගත බව සභාපතිවරිය ප්‍රකාශ කළා ය. ඒ අනුව වාර්තාවේ ඇති අඩුපාඩු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා ඇති අතර එම සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත ය. මේ අතර සිද්ධිය පිළිබඳ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය විසින් ද පරීක්ෂණයක් පැවැත්වූ අතර ඉන් හෙළිවූ කරුණු සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග මෙතෙක් හෙළි කර නොමැත. |
2018-03-20T20:56:09.000Z | ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රියේ රැස්වෙයි | ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව ඊයේ රැස්වෙයි | COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. ඒ, ජනපති නිල නිවසේදී ය. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා පැවසුවේ මෙම හමුවේදී කාරණා 2ක් සම්බන්ධයෙන් අවධානය යොමු වූ බව ය. පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධව සහ මැයි දින රැලිය පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=ocbPFiPOz_0&feature=youtu.be |
2018-03-20T20:17:51.000Z | මෙරට සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ අල් හුසේන් කුමරුගේ වාර්තාව අද මානව හිමිකම් කවුන්සිලයට | ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට | COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ යාවත්කාලීන වාර්තාව අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත ය. මේ අතර සැසිවාරය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිස මේ වන විට ජිනීවා වෙත ගොස් සිටින අතර විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා යන අමාත්‍යවරුන් ඊට ඇතුළත් ය. මීට අමතරව විදේශ කටයුතු අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව, සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය හා ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය යන අයතනවල නිලධාරීන් ද මෙම නියෝජිත පිරිසට ඇතුළත් වන බව විදෙස් වාර්තාවන්හි සඳහන් ය. |
2018-03-20T19:46:25.000Z | අමෙරිකානු ෆෙඩරල් වෙළෙඳ කොමිසමෙන් Facebook විමර්ශනයක් | Facebook පිළිබඳ විමර්ශනයක් | (Newsfirst) - අමෙරිකානු ෆෙඩරල් වෙළෙඳ කොමිසම ෆේස්බුක් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. දේශපාලන උපදේශක සමාගමක් විසින් ෆේස්බුක් ගිණුම් මිලියන 50ක හිමිකරුවන්ගේ පෞද්ගලික තොරතුරු භාවිත කර ඇති බවට එල්ල වන චෝදන හමුවේ මෙම විමර්ශන ක්‍රියාත්මක බව සඳහන් ය. ලන්ඩනයේ පිහිටි කෙම්බ්‍රිජ් ඇනලිටිකා නමැති දේශපාලන උපදේශන සමාගමට එරෙහිව මෙම චෝදනා එල්ල වී ඇති අතර 2016 වර්ෂයේ පැවති අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරණ කටයුතු භාර දී ඇත්තේ, මෙම සමාගමට බව වාර්තා වේ. එහිදී කෙම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම මිලියන 50කගේ ෆේස්බුක් දත්ත එම ගිණුම් හිමිකරුවන්ගේ අනු දැනුමකින් තොරව භාවිත කර ඇති බවට චෝදනා එල්ල වේ. විදෙස් වාර්තාහි දැක්වෙන්නේ, කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමේ ප්‍රධානී ඇලෙක්සැන්ඩර් නික්ගේ සේවය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අත්හිටුවා ඇති බව ය. අමෙරිකානු ජනාධිපතිවරණ නීති කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම විසින් කඩ කර ඇති බවට වන චෝදනා හමුවේ මෙම තීරණය ගෙන තිබේ. මේ අතර බ්‍රිතාන්‍ය සහ යුරෝපා පාර්ලිමේන්තු විසින් ෆේස්බුක් සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් හට මේ සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙන ලෙස ඉල්ලා ඇති අතර අද දින ෆේස්බුක් සමාගම කොංග්‍රස් සභිකයින් සමග සාකච්ඡා කිරීමට නියමිත ය. |
2018-03-20T11:28:12.000Z | ප්‍රංශයේ හිටපු ජනපති නිකලොස් සාර්කෝසි අත්අඩංගුවට | ප්‍රංශයේ හිටපු ජනපති නිකලොස් සාර්කෝසි අත්අඩංගුවට | COLOMBO (News 1st) - හිටපු ප්‍රංශ ජනාධිපති නිකලස් සාර්කෝසි එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා හිටපු ලිබියානු නායක කර්නල් මුවමර් ගඩාෆිගෙන් ආධාර මුදල් ලබාගැනීමේ චෝදනා මත ය. 2007 වසරේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ගඩාෆිගෙන් මුදල් ආධාර ලබාගෙන ඇතැයි ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලොස් සාර්කෝසිට චෝදනා එල්ලවී තිබේ. හිටපු ජනපතිවරයාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මුල්වරට විමර්ශන ආරම්භ කළේ, 2013 වසරේදී ය. නීතිවිරෝධී අයුරින් මැතිවරණ ප්‍රචාරණ ක්‍රියා සඳහා මුදල් ලබාගත් බවට එල්ලවන මෙම චෝදනා සාර්කෝසි ප්‍රතික්ෂේප කරන බව ද විදෙස් වාර්තාවල සඳහන් වේ. සාර්කෝසිගේ හිටපු ආධාරකුරුවෙකු වන ඇලෙක්සැන්ඩ්ර් ඩෝරි ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත. ලිබියානු විමර්ශන සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු මෙන්ම සාර්කෝසිගේ සමීපතමයකු වන බ්‍රයිස් හෝර්ටිෆෝක්ස් ගෙන් ද මේ වන විට ප්‍රශ්න කෙරෙන බව විදෙස් වාර්තාවල සඳහන් වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2009 වසරේ අප්‍රේල් හා සැප්තැම්බර් මාසවල අවස්ථා දෙකකදී ලිබියාවේ සංචාරය කරමින් කර්නල් මුවමර් ගඩාෆි හමු විය. මෙම කාසීමාවේ ඔවුන් අතර සිදු වූ දුරකතන සංවාදයක් ද ජාත්‍යන්තර මාධ්‍යවල අවධානයට ලක්වී තිබුණි. |
2018-03-20T11:34:47.000Z | නිමක් නොමැති පාතාලය | නිමක් නොමැති පාතාලය | COLOMBO (Newsfirst) - මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ පමණක් පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් 8 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තිබේ. ප්‍රධාන පාතාල කණ්ඩායම් 3 ක් අතර ගැටුම මෙම ඝාතනවලට හේතු වී ඇතැයි පරීක්ෂණ කණ්ඩායම් සඳහන් කළේය. ඊයේ දහවල් කොළඹ, කොටුව, මැසේන්ජර් විදියේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝතනය කළ අතර තව ත් අයෙකු පස්වරුවේ අතුරුගිරිය ප්‍රදේශයේදි වෙඩි තබා ඝතනය කළේය. මෙම ඝාතන දෙකටම දැනට විදේස්ගතව සැඟවි සිටින මාකඳුරේ මධුෂ් නමැත්තා සම්බන්ධ බවට පොලීසිය විසින් සැක කරනු ලැබේ. 2016 වසරේ රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේදී මාකඳුරේ මධුෂ්ගේ සහෝදරයකු වූ මාකඳුරේ හර්ෂ, රණාලේ සමයං නමැත්තා විසින් ඝතනය කිරිමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර විරසකයක් හටගෙන තිබුණි. තනිල් බණ්ඩාර නොහොත් බණ්ඩා නැමැත්තා අතුරුගිරිය ප්‍රදේශයේදි සමයංගේ පිරිසක් විසින් වෙඩි තබා ඝතනය කළේ, අනතුරුව 2017 ජනවාරි 17 වැනිදා ය. මේ අතර වාරයේ 2017 පෙබරවාරි 27 වැනිදා සමයං ඇතුළු ඔහුගේ සගයින් 5 දෙනෙකු කළුතර දී බන්ධනාගාර බස් රථයට එල්ල වූ ප්‍රහාරයේදී ඝාතනය ලක්විය. එම ඝාතනවලට අංගොඩ ලොක්කා හා මාකඳුරේ මධුෂ් නමැත්තා සම්බන්ධ බවට පසුව පොලීසිය ප්‍රකාශ කළේය. එම ඝාතනයෙන් අනතුරුව ඊට සම්බන්ධ වූ අංගොඩ ලොක්කා සහ ඔහුගේ සගයකු වු ලැඩියා නැමැත්තා රටින් පලාගොස් තිබුණි. මාකඳුරේ මධුෂ් හා අංගොඩ ලොක්කා නැමැත්තන් එක්ව සමයංගේ පිරිස් වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කර තිබුණේ මෙවැනි පසුබිමක් තුළයි. තනිල බණ්ඩාර නැමැත්තා ඝාතනය කිරීමට තොරතුරු ලබා දුන් බව කියන අතුරුගිරියේ රුපලාවන්‍ය ශිල්පිණියක වූ මංජුලා සදුනි ද පසුගිය වසරේ ඝාතනයට ලක්විය. ඉන් අනතුරුව ස්ථාන කිහිපයකදි පුද්ගලයින් ඉලක්ක කර වෙඩි තැබිමි සිදු වු අතර පසුගිය පෙබරවාරි මස 16 වැනිදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ ද කුලීරථ සැපයුම් සමාගමක හිමිකරුවෙකු ඝාතනයට ලක්විය. ඔහු සැළකෙන්නේ මාකඳුරේ මධුෂ් නමැත්තාගේ සමීපතයෙකු ලෙස ය. මෙම මරණය සම්බන්ධයෙන් සමයං නමැත්තාගේ ගෝලයින්ට චෝදනා එල්ල වූ අතර වෙඩි තැබීමට පැමිණි එක් අයෙකු එම ස්ථානයේම පහරකෑමට ලක්ව මිය ගියේය. එම ස්ථානයෙන් පලා ගිය සමයංගේ අනෙක් සගයා වූ කොස් මල්ලී නමැත්තාගේ හිම පසුගිය 7 වනදා කොළඹ අධිකරණ සංකීර්ණය අසළින් හමුවූ අතර සිරුර ඊයේ අඟුණුකොලපැලැස්සෙන් සොයා ගැනිණි. එමෙන්ම පසුගිය වසරේ නොවැම්බර් මස 19 වැනිදා බොරැල්ල ප්‍රදේශයේදි වෙඩි තබා ඝතනය කළ අසිත කුමාර නොහොත් ආමි අසිත නමැත්තා ද මාකඳුරේ මධුෂ්ගේ සොහොයුරා වු මාකඳුරේ හර්ෂ ඝාතනය කළ සමයං පාර්ශවයේ අයෙකු බව ද සඳහන් ය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා (අණ දෙන නිලධරී - විශේෂ කාර්ය බලකාය) "මේ සිද්ධීන් පසුතලය බැලුවාම අන්තිමට සිදුවිමක් තිබුණා පෙබරවාරි 23 වැනිදා විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත වත්තල ප්‍රදේශයේ සිදුවිමක් සිදු විය. මෙම සිදුවිමි දෙස බලන අවස්ථාවේදි රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවන් ඇවිල්ලා ඇප මත එලියට ආපු පුද්ගලයින් කිහිප දෙනෙකු මැතකදි ආපු පැය 48 ඇතුලත ආපු පුද්ගලයින් සම්බන්ධ වෙලා තියෙනවා. විශේෂ කාර්ය බලකාය ප්‍රාදේශිය පොලිසිය සමඟ එකතු වෙලා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමඟ" මේ අතර ගතවූ මාස කිහිපය තුල නීතිය හා සාමය අමාත්‍ය ධූරයට තුන්දෙනෙකු පත්විය. වත්මන් රජය බලයට පත්විමෙන් අනතුරුව නිතිය හා සාමය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතා පසුගිය පෙබරවාරි 26 වනදා දක්වා එම ධුරය කටයුතු කළේය. අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයේ දිවුරුම් දුන් අතර මාර්තු මස 8 වනදා සිට රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් නීතිය හා සාමය ඇමතිවරයා ලෙස කටයුතු කරනු ලැබේ. https://www.youtube.com/watch?v=HkvukYqAxp8 |
2018-03-20T11:13:53.000Z | කිරිබත්ගොඩ පෞද්ගලික බැංකුවක වූ මුදල් කොල්ලය | කිරිබත්ගොඩ පෞද්ගලික බැංකුවක වූ මුදල් කොල්ලය | COLOMBO (News 1st) - කිරිබත්ගොඩ පෞද්ගලික බැංකුවකට කඩා වැදුණු පුද්ගලයෙකු එහි තිබු රුපියල් මිලියනයකට ආසන්න මුදලක් කොල්ල කා පළා ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පස්වරු 1.20 ට පමණ පැමිණි කොල්ලකරු තියුණු ආයුධයක් පෙන්වා සේවකයින් බිය ගන්වා මුදල් කොල්ල කා ඇති බවයි. කොල්ලකරු යතුරුපැදියකින් පළා ගොස් තිබෙන බව පොලීසිය සඳහන් කළේ ය. කොල්ලකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. https://www.youtube.com/watch?v=UDzms2eM3TY |
2018-03-20T10:58:03.000Z | විශ්වාසභංගයෙන් උණුසුම් වූ රටේ දේශපාලනය | විශ්වාසභංගයෙන් උණුසුම් වූ රටේ දේශපාලනය | COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට සූදානම්වන බව කියන විශ්වාසභංග යෝජනාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබයි ද? අප මේ පිළිබඳව මහජන මතය විමසීමට ලක් කළෙමු. අද රාත්‍රි 8.00 වනවිට එහි ප්‍රතිඵල මෙසේයි. 65 % පවසා තිබුනේ මහින්ද රාජපක්ෂ මහතා විශ්වාසභාංගයට අත්සන් නොකරනු ඇති බවයි. තව ත් 35% ඔහු ඊට අත්සන් තබනු ඇතැයි පවසා තිබුණි. විශ්වාසභාංගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කරයි ද නැත් ද යන්න පිළිබඳ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් විමසීමක් කළේ ය. මේ ඊට දුන් පිළිතුර, අ...... අද දවස ඇතුළත පණිවිඩ දෙන්නම්. විශ්වාසභාංගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කරයි ද නැත් ද යන්න පිළිබඳ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන මහතාගෙන් විමසීමක් කළේ ය. මේ ඊට දුන් පිළිතුර, විශ්වාසභංග යෝජනාව අකුලාගෙන නැහැ. විශ්වාසභංග යෝජනාව ආරම්භ කළේ රංගේ බණ්ඩාර මන්ත්‍රිතුමා සහ වසන්ත සේනානායක කියන ඇමතිවරු, එකේ ඒගොල්ලෝ නොකරන නිසා අපට කරන්න කියලා කිව්වා ඒ අනුව අපි දැන් කරාගෙන යනවා. ඒකාබද්දේ ඔක්කොම අපි අත්සන් කරලා ඉවරයි. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්සන් කරන්න පටන්ගන්නවා. මං හිතන්නේ මේ සියලු දෙනාම එකතුවෙලා මේ කටයුත්ත කරයි කියලා බලාපොරොත්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන දෙදෙනෙකු දැනටමත් මේ විශ්වාසභංග යෝජනාවට අත්සන් කර ඇත. පසුගිය දා රාජ්‍ය අමාත්‍ය ටී. බී ඒකනායක මහතා ඒ බව විවෘතව ප්‍රකාශ කළ අතර නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතා ද යෝජනාවට අත්සන් කළ බව ප්‍රකාශ කළේ ය. විශ්වාසභාංගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කරයි ද නැත් ද යන්න පිළිබඳ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ මහතාගෙන් විමසීමක් කළේ ය. මේ ඊට දුන් පිළිතුර, ඊයේ ත්‍රිකුණාමලයේ ඉඳන් තකහනියක්ම ගිහිල්ලා 14 වෙනියට අත්සන් කළා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ, මේ කාලසීමාව තුළ කරලා තියන ජනතා විරෝධී ක්‍රියාකාරකම් නිසා එතුමාව ඉවත් කළ යුතු නිසා ඒක මං ස්වකීය කැමැත්තෙන්ම කරනවා. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා BBC සිංහල සේවය සමග පවසා තිබුනේ, පක්ෂය මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බවයි. විශ්වාසභංගය ගැන නිල වශයෙන් පක්ෂය තීන්දුවක් අරගෙන නැහැ. සාකච්ඡාවක් පවත්වලත් නැහැ. ඒ වගේම විශ්වාසභංගයට මුල්වෙලා කටයුතු කරන කණ්ඩායම නිල වශයෙන් අපට ආරාධනාවක් කරලා හෝ සාකච්ඡාවක් පවත්වලා නැහැ. පුද්ගලිකව ගත්තොත් එහෙම මේ විශ්වාසභංග යෝජනාවට මම පැහැදිලිවම විරුද්ධයි. මේ ආණ්ඩුවට යම්කිසි උත්තරයක් ලැබිලා තියනවා නම් මේ මැතිවරණයෙන් ඒ උත්තරේ දුමින්දත් වගකියන්න ඕන. රනිල් වික්‍රමසිංහ මහත්තයත් වගකියන්න ඕන. ඒ වගේම ජනාධිපතිවරයා ඇතුලු මේ පක්ෂ දෙකම වගකියන්න ඕන කම තියනවා තනි පුද්ගලයෙක් මේ වගකීම භාරගන්න පුලුවන්කමක් නැහැ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමෙන් පිරිසක් ඊයේ අරලියගහ මන්දිරයට රැස්වී තීරණය කර තිබුනේ නිදහස් පක්ෂයේ ආණ්ඩු පක්ෂ නියෝජිතයින් විශ්වාසභංගයට අත්සන් කරන්නේ නම් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවයි. විශ්වාසභාංගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කරයි ද නැත් ද යන්න පිළිබඳ විදුලි බල හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගෙන් විමසීමක් කළේ ය. මේ ඊට දුන් පිළිතුර, එහෙම දැක්වුවොත් අපි තාම දැකලා නෑනේ එහෙම දැක්වුවොත් ඔවුන් මේ රජය තුළ ඉන්න බෑ ඔවුන් යා යුතුයි. ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගය අත්සන් කරලා ආණ්ඩුවේ ඉන්න බෑනේ. අත්සන්කලොත් බලාගමු තව ද කැබිනට් මණ්ඩලය අද රැස් වූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ විශ්වාසභාංගය හා ආණ්ඩුවේ අනාගතය පිළිබඳව අවධානය යොමුවී තිබේ. කැබිනට් රැස්වීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර අගමැතිවරයා ද ඊට සහභාගිවී සිටියේ ය. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩුවේ ගමන පිළිබඳව කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්කර තිබූ අතර රාජිත සේනාරත්න මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණි. මේ ඒ පිළිබඳ ජාතික භාෂා සහ සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් දැක් වූ අදහස, 59 වන කැබිනට් සංදේශය හැටියට අපේ චම්පික රණවක ඇමතිතුමා රජයේ ස්ථාවරත්වය හා රටේ අනාගය සම්බන්ධව ක්‍රියාමාර්ග මොකද කරන්න ඕන කියලා යෝජනා කළා. ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ ඇතිවුනේ නැත්තම් අපි කඩා වැටෙනවා කියලා කිව්වා. එතුමාට එකඟව කතා කළා අපේ රාජිත සේනාරත්න ඇමතිතුමා එතුමා කිව්වා නැත්තම් අපි වෙනම තීන්දුවක් ගන්න වෙනවා කියලා කිව්වා. මමත් කියන්නේ එහෙමයි මේ ආණ්ඩුව යන පාර යන ගමන යන විදිහ හොඳ නැහැ. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඉඳලා කතා කරලා වැඩක් කරගන්න ඕන. නැත්තම් වෙනසක් වෙනවා. වෙනසක් වෙනවා කියන්නේ අනාගතයේ මැතිවරණ වෙනසක් නෙවෙයි ඒ යන්ඩ ඉස්සර අපිත් වෙන තීන්දුවක් ගන්න වෙනවා. නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පළ කළ අදහස, වෙනම ආණ්ඩු හැදෙන්නේ නෑ. එක ආණ්ඩුවයි තියෙන්නේ. ඒක යන්න ඕන මිනිසුන්ගේ සුබ සිද්ධිය උදෙසා ගොවියන්ට දෙන පොහොර සහනාධාරය දෙන්න ඕන වෙනදා දෙන ආකාරයට. ගොවීන් ඉල්ලන ආකාරයට. පාසල් නිල ඇඳුම දෙන්න ඕන. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ලබාදුන්න ආකාරයට ගෙවල් ටික හැදෙන්න ඕන පාරවල් ටික හැදෙන්න ඕන රැකියා බිහිවෙන්න ඕනා. නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පළ කළ අදහස, ජනාධිපතුමාත් එක්ක මං කතා කරද්දි අගමැතිතුමාත් එක්ක තව ත් සාකච්ඡාවක් දැනට කරන්න තීරණය කරලා තියනවා කියලා කිව්වා. විශ්වාසභංගය අතහැරිය යුතුයි කියන අන්දමින් තමයි මේ දෙපලම කතා කළේ. තරුණ මන්ත්‍රීවරුන් පිරිසකට අලුත් ගමනක් යාම සඳහා ඒ බලතල ලබාදීලා රජයේ අලුත් වැඩපිළිවෙළක් සකස්කල යුතුයි කියන එක පිළිබඳව අවධාරණය කළා. අපිටත් වෙන ගමන් යන්න සිදුවේවී කියන යම් අනාවැකියන් ගැනත් කිව්වා. https://www.youtube.com/watch?v=pjsYkLmvp6A |
2018-03-20T08:39:11.000Z | පසුගිය වසරේ ආර්ථික වර්ධනය 3.2% ක් දක්වා පහළට | පසුගිය වසරේ ආර්ථික වර්ධනය 3.2% ක් දක්වා පහළට | COLOMBO (News 1st) - 2017 වසරේ සිව්වන කාර්තුවේ මෙරට ආර්ථික වර්ධන වේගය 3.2% දක්වා අඩුවී තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ මෙම දත්ත පසු ව ඉවත්කරගත් අතර අද නිවැරදි සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කර තිබේ. අද ප්‍රකාශයට පත් වූ සංඛ්‍යා දත්ත අනුව පසුගිය වසරේ කෘෂි ආර්ථික කටයුතු -0.8% ක පසුබෑමක් පෙන්නුම් කර ඇත. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසූවේ, අයහපත් කාලගුණ තත්ත්වය ඊට බලපාඇති බවයි. පසුගිය වසරේ කර්මාන්ත කටයුතු 3.9% ක් ලෙස වර්ධනයවී ඇති අතර සේවා අංශය 3.2% කින් වර්ධනයවී තිබේ. |
2018-03-20T07:32:30.000Z | විමල් වීරවංශ හා ජයන්ත සමරවීර ට නිකුත් කළ වරෙන්තුව යළි කැඳ වෙයි | විමල්ට හා ජයන්තට නිකුත් කළ වරෙන්තුව යළි කැඳ වෙයි | COLOMBO (News 1st) - ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හා ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නිකුත් කළ වරෙන්තුව යළි කැඳවීමට, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද නියෝග කර තිබේ. ඒ, ඊයේ අධිකරණය හමුවේ පෙනි නොසිටි විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ අධිකරණය හමුවේ පෙනී සිටීම හේතුවෙනි. ඒ අනුව වරෙන්තුව යළි කැඳ වූ මහේස්ත්‍රාත්වරයා නියමිත දිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරුන් දෙදෙනාට අවවාද කළේ ය. ඔවුන් දෙදෙනාට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වෙන්නේ, එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ මෙරට සංචාරයට විරෝධය දක්වමින් 2016 පෙබරවාරි 06 වන දා මහජන පීඩාවක් වන පරිදි උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීම ඇතුලු චෝදනා මත වේ. |
2018-03-20T08:59:53.000Z | ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය කල් යයි | ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය කල් යයි | COLOMBO (News 1st) - ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ලබන මස 2 වන දා දක්වා කල් දැමූ බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය පවසා තිබේ. ඒ, තරග පැවැත්වීම සඳහා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ අලුත්වැඩියා කටයුතු තවමත් අවසන් නොවීම හේතුවෙනි. මීට පෙර මාර්තු 25 සිට 28 දක්වා දින 4ක් මෙම තරග පැවැත්වීමට නියමිතව තිබුණි. කෙසේ නමුත් ලබන මස 2 වන දා ආරම්භ වන ශූරතාවලියේ තරග පැවත්වෙන ක්‍රීඩාංගණය පිළිබඳව තවමත් තීරණය කර නොමැති අතර ශ්රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය සඳහන් කළේ, සුගතදාස ක්‍රීඩාංගණයේ අලුත්වැඩියා කටයුතු අවසන් නොවනුහොත් අදාළ තරග දියගම ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති බවයි. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.