date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-03-20T08:50:10.000Z | ශ්‍රී ලංකාවට එරෙහි කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ජය පකිස්ථානයට | ශ්‍රී ලංකාවට එරෙහි පළමු තරගයේ ජය පකිස්ථානයට | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් පකිස්ථාන කාන්තා කණ්ඩායම ලකුණු 69ක ජයක් වාර්තා කර තිබේ. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 250කි. ජැවේරියා ඛාන් නොදැවී ලකුණු 113 කි. ශශිකලා සිරිවර්ධන ලකුණු 40ට කඩුලු 2ක් දවා ගත් අතර චමරි අතපත්තු ලකුණු 48ට කඩුලු 2ක් දවා ගත්තා ය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් නායිකා චමරි අතපත්තු ලකුණු 46ක් රැස් කර ඇත. ශශිකලා සිරිවර්ධන ලකුණු 44 කි. බිස්මා මහරූෆ් ලකුණු 17ට කඩුලු 3ක් දවා ගත්තා ය. පන්දුවාර 42යි පන්දු 2කදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 181කට දැවී ගොස් තිබේ. |
2018-03-20T06:29:07.000Z | ලංකාවට මිලියන 2.5 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට හැකිවනු ඇතැයි ජෝන් අමරතුංග කියයි | ලංකාවට මිලියන 2.5 ඉක්ම වූ සංචාරක ආකර්ෂණයක් | COLOMBO (News 1st) - මේ වසරේදී ශ්‍රී ලංකාවට මිලියන 2.5 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට හැකිවනු ඇතැයි සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග පවසා තිබේ. අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය කාලසීමාව තුළ උද්ගත වූ කැළඹිලි සහගත තත්ත්වය නිමාවීමෙන් අනතුරුව මෙරටට එරෙහිව පනවා තිබූ සංචාරක අනතුරු ඇඟවීමේ නිවේදන ඉවත්කර ගන්නා ලෙස චීන පුවත් ඒජන්සියට ද දැනුම් දුන් බවයි. ජාත්‍යන්තර ගෝල්ෆ් තරගාවලියක් සහ ජාත්‍යන්තර කලාකරුවන්ගේ ඉදිරිපත් කිරීම් ඇතුළත් සංදර්ශන ඇතුලු විවිධ අවස්ථා ගණනාවක් ඔස්සේ මේ වසරේ විදේශික සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බව ද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය. |
2018-03-20T05:35:28.000Z | ලොව අවසන් උතුරු සුදු පිරිමි රයිනෝ මිය යයි | ලොව අවසන් උතුරු සුදු පිරිමි රයිනෝ මිය යයි | COLOMBO (News 1st) - ලොව ජීවත්ව සිටි අවසාන උතුරු සුදු පිරිමි රයිනෝ සත්වයා මියගොස් තිබේ. සුඩාන් නමැති මෙම සුදු රයිනෝ මාස ගණනාවක් ගිලන් ව සිටි බව විදෙස් වාර්තාහි සඳහන් ය. වයස්ගතවන විට ඇති වූ සංකූලතා උග්‍රවීම හේතුවෙන් සුඩාන් නිද්‍රාවට පත් කිරීමට ඔහු රැකබලාගත් සත්වෝද්‍යානයේ බලධාරීන් පියවර ගෙන තිබේ. විදෙස් වාර්තා පැවසුවේ, මිය යන විට සුඩාන් 45 වැනි වියේ පසු වූ බවයි. සුඩාන් මියයන තෙක් කෙන්යාවේ ඔඑල් පිජෙටා සංරක්ෂණ සේවා ස්ථානයේ රැඳී සිටියේ ය. සුඩාන්ගේ මිය යාමත් සමග උතුරු සුදු රයිනෝ සත්ත්ව විශේෂයේ ලොව ඉතිරිව ඇත්තේ තව ත් ගැහැණු රයිනෝ සතුන් දෙනෙකු පමණි. IVF ක්‍රමය ඔස්සේ කෘතිමව එම ගැහැණු රයිනෝවන් ගැබ් ගන්වා මෙම සත්ත්ව විශේෂය රැක ගැනීමට සත්ත්ව සංරක්ෂකයින් බලාපොරොත්තුවන බව විදෙස් වාර්තාවල සඳහන් වේ. |
2018-03-20T03:58:32.000Z | කොදෙව් ක්‍රීඩකයෝ පකිස්ථානයෙන් ඩොලර් 25,000ක් ඉල්ලති | කොදෙව් ක්‍රීඩකයෝ පකිස්ථානයෙන් ඩොලර්25,000ක් ඉල්ලති | බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානය සමග පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලියට සහභාගී වීම සඳහා එක් තරයක් සඳහා අමෙරිකානු ඩොලර් 25,000ක් ඉල්ලා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගී වන ක්‍රීඩකයින්ගෙන් පකිස්ථාන සංචාරය සඳහා 13 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කිරීමට කොදෙව් ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි. මෙම තරගාවලිය අප්‍රේ 1,2,3 දිනවලදී පකිස්ථානයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. මීට පෙර 2009 වසරේදී ලාහෝර්හිදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එරට අවදානම් සහගත ආරක්ෂිත තත්ත්වය හේතුවෙන් සංචාරය කිරීමට ජාත්‍යන්තර කණ්ඩයම් එක් නොවී ය. 2015 වසරේදී පාකිස්ථානයේ සංචාරය කළ සිම්බාබ්වේ ක්‍රීඩකයින් වෙනුවෙන් පකිස්ථාන ක්‍රිකට් ආයතන අමෙරිකානු ඩොලර් 12,500ක් ගෙවීමට කටයුතු කළේ ය. |
2018-03-20T03:21:22.000Z | ජා-ඇළ ඒකල කර්මාන්ත ශාලාවේ ගෑස් කාන්දුව හේතුවෙන් තවත් 30 දෙනෙකු රෝහල්ගත කෙරේ | ජා-ඇළ ගෑස් කාන්දුව හේතුවෙන් තවත් 30ක් රෝහලේ | COLOMBO (Newsfirst) - ජා-ඇළ ඒකල කර්මාන්ත ශාලාවේ ගෑස් කාන්දුව හේතුවෙන් තවත් පුද්ගලයින් 30 දෙනෙකු අද රෝහල්ගත කර තිබේ. ගම්පහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මුදිත කරුණාතිලක මහතා පැවසුවේ, අදාළ පිරිස අද පෙරවරුවේ රෝහල්ගත කළ අතර ඔවුන් මේ වන විට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ය. ඔවුන් අසාධ්‍ය තත්ත්වයේ නොවන බව ද ඔහු පැවසුවේ ය. මේ අතර ඊයේ සිදුවූ එම ගෑස් කාන්දුව හේතුවෙන් අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයින් 42 දෙනෙකු පමණ ඊයේ දිනයේ ද රාගම රෝහලට ඇතුළත් කෙරිණි. https://www.youtube.com/watch?v=OzoeCG0vb70 |
2018-03-20T02:09:48.000Z | දියවන්නාවට පෙරළුණු BMW මෝටර් රථයේ හිමිකරු රිමාන්ඩ් | දියවන්නාවට පෙරළුණු BMW මෝටර් රථයේ හිමිකරු රිමාන්ඩ් | COLOMBO (Newsfirst) - තලවතුගොඩදී දියවන්නා ඔයට පෙරළුණු BMW i8 මෝටර් රථයේ හිමිකාර ෆසීල් මොහොමඩ් හුසේන් මහතා ලබන 27 වන දා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. ඊයේ නීතිඥවරයෙකු මාර්ගයෙන් ඔහු තලංගම පොලිස් ස්ථානය වෙත භාර වීමෙන් අනතුරුව අද ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි. ෆසීල් මොහොමඩ් හුසේන් මහතා මාදිවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ සුඛෝපභෝගී මෝටර් රථය මේ වන විට තලංගම පොලීසිය භාරයේ ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, එම රථයේ ලියාපදිංචි අයිතිකරු විසින් ම අනතුරට පත් වන අවස්ථාවේදී රථය පදවා ඇති බව ය. ඒ බව සිදු කළ විමර්ශනවලදී සටහන් කර ගත් ප්‍රකාශ සහ CCTV දර්ශනවලින් තහවුරු වී ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය. |
2018-03-20T02:24:37.000Z | යාන් ඔයට යටවෙන ගෝමරණ්කඩවලින් මතු වූ ඉතිහාසයේ සලකුණු | යාන් ඔයට යටවෙන ගෝමරණ්කඩවලින් මතු වූ ඉතිහාසයේ සලකුණ | COLOMBO (Newsfirst) - ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරණ්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පඹුරුගස්වැව ගම්මානයෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් සොහොන් කොත් 131ක් හමුවී තිබේ. පුරාවිද්‍යාත්මක දෙපාර්තමේන්තුව සිදු කළ කැනීම්වලදී මෙය සොයාගෙන තිබේ. පුරාවිද්‍යාත්මක දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම සොහොන් කොත් මෙගලිතික යුගයට අයත් බව ය. සාමාන්‍යයෙන් මෙතෙක් සොයා ගනු ලැබූ සොහොන් කොත් සියල්ල ම පොළොවෙන් යට තිබූ ඒවා ය. නමුත් පඹුරුගස්වැවින් හමු වූ මෙගලිතික යුගයට අයත් මෙම සොහොන් කොත් පොළොවෙන් මතුපිට තිබීම විශේෂත්වයකි. කෙසේ වෙතත් ඉතා නුදුරේදී ම යාන් ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මෙම පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් සොහොන් කොත් ජලයෙන් යටවීමට නියමිත ය. |
2018-03-20T00:15:50.000Z | නුවරඑළියේ පානීය ජලයට අසූචි මිශ්‍ර වෙයි | නුවරඑළියේ පානීය ජලයට අසූචි මිශ්‍ර වෙයි | COLOMBO (Newsfirst) - නුවරඑළිය නගර සීමාවට බෙදා හැරෙන පානීය ජලයෙහි වැඩි බහුතරයක් අසූචි මිශ්‍ර වී ඇති බවට වාර්තා වේ. නුවරඑළිය නගර සීමාවට ජලය සැපයෙන්නේ පිදුරුතලාගල රක්ෂිතයේ ඇති ජල මූලශ්‍ර 8කිනි. එම ජලය ටැංකිවලට එක්රැස් කර ක්ලෝරීන් එක්කර බෙදා හැරීම සිදු කෙරේ. නමුත් පසුගිය දිනවල දිගින් දිගටම මේ පානීය ජලයේ අසූචි මිශ්‍ර වී ඇති බවට වාර්තා වේ. නුවරඑළිය ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මෙහි ජල සාම්පල වල සිදු කළ පරීක්ෂාවේදි අනාවරණය වී ඇත්තේ, ඉකෝලයි නම් අසූචිවල හට ගන්නා බැක්ටීරියාවක් ජලයට එක්ව ඇති බව ය. උද්ගතව ඇති තත්ත්වය හමුවේ සෞඛ්‍ය නිලධාරීන් ප්‍රකාශ කළේ, ජල මූලාශ්‍රයන්ගෙන් අසුචි මිශ්‍ර වීමේ සම්භාවිතාවක් නොමැති බව ය. නගරයේ ඇතැම් ව්‍යාපාරික ස්ථානයන්හි නිසි පරිදි මළ අපවහන ක්‍රියාවලියක් නොමැති අතර මළ ද්‍රව්‍ය සෘජුවම ඇළ මාර්ග වෙත මුදාහරින බව වාර්තා වේ. සෞඛ්‍ය නිලධාරීන් පැවසුවේ, මෙම ප්‍රදේශයන්හි භූගත ජල නළ පද්ධතිය දැඩි ලෙස පලදු වී ඇති අතර එම අසූචි පානීය ජලයට මිශ්‍ර වන බව ය. ඊයේ පස්වරුවේ නුවරඑළිය නගරයේ පොලීසිය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව සංචාරයක නිරත වූහ. එහිදී නගරයේ ව්‍යාපාරික ස්ථානවලින් සෘජුව ම ඇළ මාර්ග වෙත මළ අපද්‍රව්‍ය මුදා හැරෙන බව අනාවරණය විය. පොලීසියේ මැදිහත් වීමෙන් මෙම ස්ථානයට නුවරඑළිය නාගරික කොමසාරිස් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කැඳවනු ලැබී ය. එහිදී මෙම තත්ත්වයට විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. |
2018-03-19T23:09:26.000Z | අනෙකුත් රාජ්‍යයන් සමග ඵලදායී සංවාදයක් අරඹන බවට පුටින්ගෙන් ප්‍රකාශයක් | අනෙක් රාජ්‍යයන් සමග ඵලදායී සංවාද අරඹනවා - පුටින් | (Newsfirst) - අනෙකුත් රාජ්‍යයන් සමග ඵලදායී සංවාදයක් ආරම්භ කරන බව අති බහුතර ඡන්දයෙන් යළිත් රුසියාවේ ජනපති ලෙස තේරීපත් ව්ලැදිමීර් පුටින් පවසයි. අවි තරගයක් නොමැති බව පවසමින් ආරක්ෂක වියදම් කපා හරින බවට ද ඔහු ප්‍රතිඥා දුන් බව විදෙස් වාර්තා සඳහන් කළේ ය. මේ අතර ඓතිහාසික ජනපතිවරණ ජයග්‍රහණය හමුවේ ලෝක නායකයින්ගෙන් පුටින්ට සුබ පැතුම් පිරිනැමෙන බව ද වාර්තා වේ. ජර්මනියේ චාන්සලර් ඇන්ජිලා මර්කෙල් ඔහුට සුබ පතමින් කියා සිටියේ, ජාත්‍යන්තර අභියෝගයන්ට තිරසර විසඳුම් සෙවිය යුතු බව ය. |
2018-03-19T22:05:47.000Z | උරුමයේ අරුමය සමග මුහුදට බිලි වන Easter දූපත | උරුමයේ අරුමය සමග මුහුදට බිලි වන Easter දූපත | පැසිෆික් සාගරයේ පිහිටි ලෝක උරුමයක් වන ඊස්ටර් දිවයින මුහුදට බිලිවීමේ අවදානමක් ඇතැයි, යුනෙස්කෝ සංවිධානය පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, දේශගුණ විපර්යාස හමුවේ වසර ගණනාවක සිට ඊස්ටර් දූපත සමුද්‍ර ඛාදනයට ලක්වීමේ අවදානමකට මුහුණදී ඇති බවයි. යම් දිනෙක ඊස්ටර් දූපත සමුද්‍ර ඛාදනයට ගොදුරු වුව හොත් එහි පිහිටි පෞරාණික වටිනාකමින් යුත් දැවැන්ත පිළිම ද අතුරුදන්ව යනු ඇති. සංචාරක පරාදීසයක් වන ඊස්ටර් දූපතට පෞරාණික වටිනාකමක් එක් කර ඇත්තේ, දශක ගණනාවක් පෙර රපා නියු ජනතාව විසින් ඉදි කරන ලද පෞරාණික ස්මාරකයි. වර්ග කිලෝමීටර් 163.6ක භූමි ප්‍රදේශයකින් යුත් 7,700ක පමණ ජනතාවක් ජීවත් වන ඊස්ටර් දූපතේ සුන්දරත්වය අත්විඳීමට පැමිණෙන වාර්ෂික සංචාරක සංඛාව 100,000කට අධික ය. ඊස්ටර් දූපතේ මුල් පදිංචිකරුවන් වන රපා නියු ජනතාව විසින් වර්ෂ 1250 සහ 1500 අතරදී නිර්මාණය කරන ලද Moai පිළිම හේතුවෙන් ඊස්ටර් දූපත ලෝක උරුමයක් ලෙස නම් කෙරිණ. දැනට සිදුවන කාලගුණික විපර්යාසයන්ට අනුව විද්‍යාඥයින් මත පළ කරන්නේ, 2100 වන විට මුහුදු මට්ටම අඩි 5කින් හෝ 6කින් පමණ ඉහළ යනු ඇති බවටයි. ඊස්ටර් දූපතට අමතරව කිරිබාති දිවයින ද මුහුදු ඛාදයට ලක්වීමේ අවදාමට මුහුණ දී සිටින තවත් දූපතකි. කිරිබාති වැසියන් ලොව පළමු දේශගුණික විපර්යාස සරණාගතයින් වනු ඇති බවට බවට බොහෝ දෙනා මත පළ කරති. සංචාරකයින් මෙන් ම පෞරාණික වශයෙන් අතිශය වැදගත් ඊස්ටර් දූපතේ රැක ගැනීමට ක්‍රියා නොකළ හොත් රපා නිය්‍යු ජනතාව දුන් ඉතිහාසයේ පණිවුඩය දුරේදීම මහපොළොවෙන් අතුරුදන්ව යනු ඇති. |
2018-03-19T22:12:23.000Z | අනධ්‍යයන සේවකයින්ට විසඳුම් ලබා දෙනවා - උසස් අධ්‍යාපන අමාත්‍යංශය | අනධ්‍යයන වර්ජනයට අදට දින 21ක් | COLOMBO (Newsfirst) - විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනයට අදට දින 21ක් සපිරේ. උසස් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අද ඔවුන්ට සාධනීය විසඳුමක් ලබා දීමට බලාපොරොත්තු වන බව ය. මෙම නිවේදනයේ දැක්වෙන්නේ, උසස් අධ්‍යාපන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ උපදෙස් පරිදි රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා සියලු පාර්ශව සමග සාකච්ඡා කොට විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව ය. වර්ජනය හේතුවෙන් මේ වන විට දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල කටයුතු ඇණහිට තිබේ. මේ අතර මෙම ගැටලු සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා උසස් අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් සහ විශ්වවිද්‍යාලීය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයෝ මෙම සාකච්ඡාවකට එක්වූහ. සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණ ද කිසිදු එකඟතාවකට එළැඹීමට නොහැකි වී ඇති බව විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති එකමුතුව සඳහන් කළේ ය. එහි සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පැවසුවේ, අද දිනයේ තම ගැටලුවලට විසඳුමක් නොලැබුණොත් ඉදිරි දිනවලදී තවත් අත්‍යවශ්‍ය සේවාවන්වලින් ඉවත් වීමට තීරණය කරන බව ය. |
2018-03-19T20:42:33.000Z | ගාල්ල, දොඩන්දූවේ ඇති වූ ටොනේඩෝව | ගාල්ල, දොඩන්දූවේ ඇති වූ ටොනේඩෝව | COLOMBO (Newsfirst) - ගාල්ල, දොඩන්දූව ආසන්න මුහුදේ ටොනේඩෝ තත්ත්වයක් ඇතිව තිබේ. ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ, සවස 5.45ට පමණ මෙම ටොනේඩෝ තත්ත්වය ඇති වූ බව ය. එය විනාඩි 15ක් පමණ පැවැති බව ද වාර්තා වේ. ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ, ටොනේඩෝව සමග විශාල ජල කඳක් ඉහළට යන ආකාරය දුටු බව ය. මෙම අවස්ථාවේදී සුළං තත්ත්වයක් ද ප්‍රදේශය පුරා පැවැති බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කළහ. ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ, මින් පෙර මෙවන් විශාල ටොනේඩෝවක් දැක නැති බව ය. මේ ටොනේඩෝව ඇති වන අවස්ථාවේ ජංගම දුරකතනයකින් පටිගත කළ දර්ශන කිහිපයක්. |
2018-03-19T20:21:17.000Z | අතුරුගිරිය වෙඩි තැබීමේ සුලමුල හෙළිවෙයි | අතුරුගිරිය වෙඩි තැබීමේ සුලමුල හෙළිවෙයි | COLOMBO (Newsfirst) - අතුරුගිරිය ඔරුවල ගල්වරුස පාර ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් සමයන් නමැති පාතාල කල්ලි සමාජිකයාගේ ගෝලයෙකු මිය ගොස් ඇති බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, අංගොඩ ලොක්කා නමැති පාතාල කල්ලි සමාජිකයාගේ කණ්ඩායමෙන් එම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව ය. ඊයේ පස්වරුවේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය ගියේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, යතුරු පැදියක යමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා ඇති බව ය. වෙඩි තැබීමෙන් මිය ගියේ, කඩුවෙල කොරතොට පුවක්දෙණිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි. |
2018-03-19T19:48:24.000Z | අගමැතිට එරෙහි විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට ගෙන එයි ද? | අගමැතිට එරෙහි විශ්වාසභංගය අද ගෙන එයි ද? | COLOMBO (Newsfirst) - අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. කාරණා කිහිපයක් සම්බන්ධයෙන් මෙම පාර්ලිමේන්තු සතිය කාගේත් අවධානයට යොමු වෙයි. කෙසේ වෙතත් වැඩි දෙනාගේ අවධානයට යොමු වන විශේෂ කාරණාව වන්නේ, අගමැතිට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව යි. එමෙන් ම එළැඹෙන සිකුරාදා දින බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තව ඇතුළු තවත් වාර්තා විවාදයට ගැනීමට නියමිත ය. |
2018-03-19T11:43:07.000Z | මේ සතියේ දේශපාලනය පිළිබඳ විමසා බලන Inside Politics | මේ සතියේ දේශපාලනය පිළිබඳ විමසා බලන Inside Politics | COLOMBO (Newsfirst) – ලැබූ සතියේ දේශපාලනයේ වෙන්න යන දේ පිළිබඳ විමසා බලන ‘Inside Politics’ විශේෂාංගය https://www.facebook.com/NewsfirstSL/videos/1881550561905193/ |
2018-03-19T11:33:41.000Z | පසුගිය මාස 4 ඇතුළත සමහර නිර්දේශවල වර්ධනයක් පෙන්නුම් කරනවා - රවිනාථ ආරියසිංහ | රවිනාථ ආරියසිංහ ජගත් මානව හිමිකම් මණ්ඩලය අමතයි | COLOMBO (Newsfirst) - ජිනිවාහී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා අද ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 37 වැනි සැසිවාරය ඇමතුවේය. "ශ්‍රී ලංකාව සම්බන්ධව පසුගිය නොවැම්බර් මාසයේ ඉදිරිපත් කළ විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාවට අනුව පසුගිය මාස 4 ඇතුළත සමහර නිර්දේශවල වර්ධනයක් පෙන්නුම් කරනවා. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවල පසුගිය දින වල ඇති වු ගැටුම්කාරි තත්වයන් පිලිබඳව. රටේ මෙවන් ක්‍රියාවල නිතරවන සංවිධානාත්මක කණ්ඩායම්වලට අපේ ප්‍රජාතන්ත්‍රවාදි රටේ කිසි ඉඩක් නැහැ. නීතිඥානුකුලව එවැනි පුද්ගලයින් එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට අප සුදානම්" https://www.facebook.com/NewsfirstSL/videos/1881537325239850/ |
2018-03-19T11:00:19.000Z | ධීවරයින්ට විමසිල්ලෙන් සිටින්නැයි උපදෙස් | ධීවරයින්ට විමසිල්ලෙන් සිටින්නැයි උපදෙස් | COLOMBO (News 1st) - නිරිත දිග කලාපයේ වළාකුළු සක්‍රීයවීම හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ තද වැසි හා සුළං ඇති විය හැකි බැවින් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ධීවර සහ නාවික ප්‍රජාවට දැඩි විමසිල්ලෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 - 80 ත් අතර වේගයක් පැවැතිය හැකි බවයි. |
2018-03-19T09:59:19.000Z | මිග් ගනුදෙනුව: තව ත් සිව්දෙනෙකු ගැන අනාවරණයක් | මිග් ගනුදෙනුව: තව ත් සිව්දෙනෙකු ගැන අනාවරණයක් | COLOMBO (News 1st) - රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය කරන පුද්ගලයකු බවට ඩුබායි බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කර ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා තිබේ. පෙරේදා ඔවුන්ට දැනුම් දුන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියලු හෝටල්, ගුවන්තොටුපොළ ආදිය මේ පිළිබඳව දැනුවත් කර ඇති බව එරට බලධාරීන් දන්වා ඇති බවයි. මේ අතර මෙම ගනුදෙනුව පිටිපස සිටින සිංගප්පූරු හා යුක්‍රේන ජාතිකයින් සිව්දෙනෙකු පිළිබඳව මේ වනවිට කරුණු අනාවරණයවී තිබේ. 2006 වසරේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 වර්ගයේ ප්‍රහාරක යානා 4 ක් අලුතින් මිළදී ගැනීම සහ තව ත් එවැනි යානා 3 ක් හා මිග් 23 යානයක් අලුත්වැඩියා කිරීමට අදාළ ගනුදෙනුවෙන් බරපතළ මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවට උදයංග වීරතුංග මහතාට එරෙහිව චෝදනා එල්ලවී ඇත. පරීක්ෂණවලින් අනාවරණය වූයේ, බෙලිමිස්සා නමැති ව්‍යාජ සමාගමක් හරහා මුදල් ගනුදෙනු සිදු කර යුක්‍රේනයේ, යුක්‍රේන් මාෂ් නමැති රාජ්‍ය සමාගමෙන් මෙම යානා මිලදී ගැනීම හා අලුත්වැඩියාව සිදු කර ඇති බවයි. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙම ගනුදෙනුවට අදාළව විමර්ශන ප්‍රගතිය පසුගිය සිකුරාදා අධිකරණයට වාර්තා කළේ ය. එහිදී අනාවරණය වූයේ 2000 වසරේ ශ්‍රී ලංකාවට මිග් යානා මිලදී ගැනීමට මැදිහත් වූ සිංගප්පූරුවේ ඩී. එස්. එලායන්ස් සමාගම මෙම ගනුදෙනුව පිටුපස ද සිටින බව ය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුක්‍රේන් මාෂ් හා බෙලිමිස්සා හෝල්ඩින් සමාගම් අතර 2006 ජුලි 26 වන දා අත්සන් කර තිබූ ගිවිසුම යුක්‍රේන් මාෂ් සමාගමේ ලියාපදිංචි කර නැතැයි පරීක්ෂණවලදී තහවුරුවී තිබේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය බෙලිමිස්සා සමාගම පිළිබඳව බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් හි මධ්‍යම මූල්‍ය විමර්ශන ඒජන්සියෙන් කළ විමසීම්වලදී අනාවරණයවී ඇත්තේ, ලී තෙයින් සෝ සහ න්ග්ලේ කිම් සෝ නමැති දෙදෙනෙකු බෙලිමිස්සා සමාගමේ අධ්‍යක්ෂවරුන් හා කොටස්කරුවන් ලෙස නම්කර ඇති බවයි. ලී තෙයින් සෝ සිංගපුරුවේ පිහිටි කුප්‍රකට යුධ උපකරණ ගනුදෙනු කරන සමාගමක් වූ ඩී. එස්. එලායන්ස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකුවන අතර න්ග්ලේ කිම් සෝ ඔහුගේ බිරිඳයි. මේ අතර ප්‍රශ්නගත මිග් යානා ගනුදෙනුව සඳහා ගුවන් හමුදාව අත්සන්කළ ගිවිසුම යුක්‍රේන් මාෂ් සමාගමේ ලියාපදිංචිකර නොතිබූ අතර ඒ වෙනුවටඩී. එස්. එලාන්ස් සමාගම එළැඹි ගිවිසුම් දෙකක් එහි ලියාපදිංචි කර තිබුණි. යුක්‍රේන් මාෂ් සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂවරයෙකු වූ ඩී. ඒ. පැරගුඩොව් හා ඩී. එස්. එලායන්ස් සමාගම වෙනුවෙන් ලී සේයින් සෝ එම ගිවිසුම්වලට අත්සන් කර තිබේ. විමර්ශන කණ්ඩායම් අනාවරණ කරගෙන ඇත්තේ, මෙම ගිවිසුමි ව්‍යාජ ලෙස සකස් කර යුක්‍රේන් මාෂ් සමාගමේ ලියාපදිංචි කර තිබූ බවයි. මෙම ගිවිසුම්වලට අනුව ඩී. එස්. එලායන්ස් සමාගම යුක්‍රේන් මාෂ් සමාගමට ගෙවා ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 7. 83 ක් පමණි. එහෙත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම ගනුදෙනුව සඳහා බෙලිමිස්සා සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 15. 66 ක් ගෙවා තිබුණි. මේ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 6.83 කට ආසන්න මුදලක් මෙම ගනුදෙනුවෙන් වංචාකර ඇතැයි පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ. එම මුදලින් ප්‍රතිලාභ ලැබුවේ කවු ද? කරුණු තවදුරටත් අනාවරණය කර ගැනීම සඳහා ඩී. ඒ. පැරගුඩොව් හා මයිකොලා කුල්දෙයිර්කිව් නමැති යුක්‍රේන් ජාතිකයින්ගෙන් සහ ලී තෙයින් සෝ හා න්ග්ලේ කිම් සෝ නමැති සිංගප්පූරු ජාතිකයින්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසට අධිකරණයෙන් අවසර ඉල්ලා තිබේ. https://www.youtube.com/watch?v=9mdrzPAOSXs |
2018-03-19T09:41:07.000Z | අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අත්සන් කරයි ද? | විශ්වාසභංග යෝජනාවට මහින්ද රාජපක්ෂ අත්සන් කරයි ද? | COLOMBO (Newsfirst) - අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව. මේ දිනවල දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකාවකි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ දිනවල විශ්වාසභංග යෝජනාවට එරෙහිව සිය අත්සන් තබමින් සිටින බවට අපට තොරතුරු වාර්තා වෙයි. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවට එරෙහිව අත්සන් තබයිද? මේ පිළිබඳව මාධ්‍යවේදීන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කළේය. "ඔව් ඉතින් ඒවා තීන්දු කරන්න ඕනේනේ. අපි තීන්දු කරලා තියෙන්නේ. හැමෝම අත්සන් කරනවා නායකයින්. කිසි ගැටළුවක් නැතුව කරනවා" https://www.facebook.com/NewsfirstSL/videos/1881423025251280/ |
2018-03-19T10:54:15.000Z | ජගත් මානව හිමිකම් සැසියට ගිය ලංකාවේ ධූත පිරිස | ජගත් මානව හිමිකම් සැසියට ගිය ලංකාවේ ධූත පිරිස | COLOMBO (News 1st) - ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 37 වැනි සැසිවාරයට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ධූත පිරිස අද ජිනිවා නුවර බලා පිටත් ව ගොස් තිබේ. විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, විශේෂ කාර්යයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඇතුලු පිරිසක් මෙවර සමුළුව සඳහා සහභාගීවනු ඇත. විදේශ කටයුතු අමාත්‍යංශය, නීතිපති දෙපාර්තමේන්තුව හා සංහිදියාව යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද මෙවර සමුළුවට එක් ව සිටි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ඒ. එම්. බායිස් මහතා ජිනිවා නුවර බලා පිටත්ව ගොස් ඇත. 2017 වසරේ මාර්තු 23 වන දා ජිනිවා මානව හිමිකම් සැසිවාරයේදී සම්මත කරගත් 30/1 යෝජනාවට අනුව මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත වේ. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව පිළිබඳව වාර්තාවක් අනිද්දා ඉදිරිපත් කරන බව ජිනිවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කළේ ය. එම යෝජනාව හැඳින්වෙන්නේ, ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය ලෙස ය. මේ අතර අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවීමට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ. දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, මෙම සංචාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පැවැත්වෙන සැසිවාරය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය පිළිබඳව අමෙරිකාවට පැහැදිලි කිරීම නියමිත බවයි. https://www.youtube.com/watch?v=-GdNRJfaJSc |
2018-03-19T11:01:39.000Z | පළාත් පාලන ආයතන 15ක තේරී පත්වූවන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කෙරේ | පුංචි ඡන්දයෙන් තේරී පත්වූවන්ගේ නාම ලේඛනය මෙන්න | COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක 11ක පළාත් පාලන ආයතන 15ක් සඳහා නගරාධිපතිවරුන්, නියෝජ්‍ය නගාරාධිපතිවරුන් සහ සභාපති උපසභාපති යන තනතුරු සඳහා පත් කරන ලද පුද්ගලයින්ගේ නාමලේඛනය ප්‍රසිද්ධියට පත් කර තිබේ. මැතිවරණ කොමිසම පසුගිය සෙනසුරාදා මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කළේ ය. කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර සභාවේ නගරාධිපති ලෙස රෝසි සේනානායක මහත්මිය හා නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස මොහොමඩ් ඉක්බාල් මහතා නම් කර ඇත. කොළොන්නාව නගර සභාවේ සභාපතිවරයා ලෙස ගුප්තිල සිල්වා සහ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස අනුර නන්දන කීර්ති මහතා නම් කෙරිණි. ස්වාධීන කණ්ඩායමක් ජයග්‍රහණය කළ මහරගම නගර සභාවේ සභාපතිවරයා ලෙස ලක්රුවන් පියරත්න මහතා නම් කර ඇති අතර උපසභාපතිවරයා ලෙස සඳහන් වන්නේ ආර්. එම්. කරෝලිස් මහතායි. වත්තල, මාබෝල නගර සභාවේ සභාපතිවරයා ලෙස ෆොන්සේකා ගුණසේකර මහතාත් උපසභාපතිවරයා ලෙස විජය රාජා ප්‍රකාශ් මහතාත් නම් කර ඇත. කළුතර දිස්ත්‍රික්කයේ පානදුර නගර සභාව සඳහා නන්දන ගුණතිලක මහතා සභාපතිවරයා ලෙස ත් පී. විල්මන් මහතා උපසභාපතිවරයා ලෙස ත් නම් කර ඇති බව අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් ය. බේරුවල නගර සභාවේ සභාපතිවරයා ලෙස මොහොමඩ් මසාහිම් මහතා ත් උපසභාපතිවරයා ලෙස මොහොමඩ් මුනව්වීර් මහතාත් නම් කර කර ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය මහනගර සභාව සඳහා නගරාධිපතිවරයා ලෙස චන්දන ලාල් සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස යදර්ෂනා පුත්තිර සිගාමණි යන මහත් ම මහහත්මින් නම් කෙරිණි. එම දිස්ත්‍රික්කයේ ම නොර්වුඩ් ප්‍රාදේශීය සභාව සඳහා තංගරාජ් කිශෝකුමාර් සභාපතිවරයා ලෙස ත් කාලිමුත්තු සිවසාමි උපසභාපතිවරයා ලෙසත් ගැසට් පත්‍රයේ සඳහන් ය. යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් ප්‍රාදේශීය සභාවේ සභාතිවරයා ලෙස එම්. ජෙයකාන්තන් මහතා පත්කර ඇති අතර කුණසීලන් කිලාරන්ස් උපසභාපතිවරයා වේ. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනාකරී ප්‍රාදේශිය සභාවේ සභාපති සහ උපසභාපතිවරුන් ලෙස පිළිවෙලින් අරුණාසලම් අය්යම්පිල්ලයි සහ සිවකුමාරන් ශ්‍රී රන්ජන් නම් කර ඇත. මුලතිව් දිස්ත්‍රික්කයේ පුතුකුඩිඉරුප්පු ප්‍රාදේශිය සභාව සඳහා සභාපතිවරයා ලෙස එස්. ප්‍රේමකාන්ත් සහ උපසභාපතිවරයා ලෙස කේ. ජනමේයන්ත් යන මහත්වරුන් නම් කෙරිණි. අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තු මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස අතාවුල්ලා අහමඩ් සහි නම් කර ඇති අතර අබ්දුල් ගෆුර් අස්මි නියෝජ්‍ය නගරාධිපතිවරයා ය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙරුගල් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කදීර්ගාමර්තම්බි සුන්දරලිංගම් සහ උපසභාපතිවරයා ලෙස දේවනායගම් සංගර් යන මහත්වරුන් නම් කර තිබේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නගර සභාවේ සභාපතිවරයා ලෙස ලක්ෂ්මන් අදිකාරී මහතා ත් උපසභාපතිවරයා ලෙස ෂෙල්ටන් නිමල් පීරිස් මහතාත් ගැසට් පත්‍රයෙන් නම් කර ඇත. බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස නලින් ප්‍රියන්ත සුරියගේ මහතාත් නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ජනක නිශාන්ත රත්නායක මහතා ත් නම් කර කෙරුණි. https://www.youtube.com/watch?v=MCmrFLKR3is |
2018-03-19T07:27:36.000Z | අතුරුගිරියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට | අතුරුගිරියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට | COLOMBO (News 1st) - අතුරුගිරිය ඔරුවල ගල්වරුස ප්‍රදේශයේදී අද පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, යතුරුපැදියක යමින් සිටියදී තව ත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා ඇති බවයි. වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ, කඩුවෙල කොරතොට පුවක්දෙණිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් ය. ඝාතකයින් පිළිබඳ හෝ ඝාතනයට හේතුව පිළිබඳ මෙතෙක් අනාවරණවී නොමැත. https://www.facebook.com/NewsfirstSL/videos/1881527595240823/ |
2018-03-19T07:14:57.000Z | ඇවන්ට්ගාඩ් නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි | ඇවන්ට්ගාඩ් නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි | COLOMBO (News 1st) - ඇවන්ට්ගාඩ් ගනුදෙනුවට අදාළ නඩුවේ සාක්ෂි විභාගය ජුනි මස 26 වන දා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද දින නියම කර තිබේ. මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට සහ මේජර් නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා ඇත්තේ, අල්ලස්දීම හා අල්ලස් ලබා ගැනීම යන චෝදනා යටතේ ය. ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසරදීම සඳහා ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා රුපියල් ලක්ෂ 355ක් ලබාදීම හා ලබා ගැනීම අදාළ චෝදනාව වේ. නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති සමාගම් රෙජිස්ටාර්වරයා ඇතුලු සාක්ෂිකරුවන් පිරිසකට එදින අධිකරණය හමුවේ, පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට ද විනිසුරුවරයා නියෝග කළේ ය. මේ අතර අධිකරණය දැනුම් දුන්නේ, විත්තිකරුවන් දෙදෙනාට විදේශගත වීම වළක්වමින්, පනවා ඇති නියෝගය නඩුවේ සාක්ෂි විභාගය පැවැත්වෙන ජුනි මස 26 වන දා තෙක් අත්හිටුවන ලෙසයි. එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා වෙත යැවීමට ද විනිසුරුවරයා නියෝග කළේ ය. මේ අතර මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසුවෙකුව සිටි නිපුණ රාමනායක නැමැත්තාව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු 8 දෙනාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන ජුනි 13 වන දා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා අද දින නියම කර තිබේ. අධිකරණය නියෝග කළේ, එම නඩු පැමිණිල්ලේ 30 වැනි සාක්ෂිකරුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ය. |
2018-03-19T05:17:11.000Z | පකිස්ථානයට එරෙහි කාන්තා ක්‍රිකට් තරගාවලියේ නායකත්වය චමරි අතපත්තුට | පකිස්ථාන තරගාවලියේ නායකත්වය චමරි අතපත්තුට | COLOMBO (News 1st) - හෙට ආරම්භ වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්ථානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි ව තිබේ. ඒ අනුව එහි නායකත්වය හිමි ව ඇත්තේ, චමරි අතපත්තු හට ය. උපනායිකාව ලෙස නිපුනි හංසිකා කටයුතු කරණු ඇත. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවන් වන ශෂිකලා සිරිවර්ධන, ඉනෝකා රණවීර ද මෙම සංචිතයට ඇතුළත් වේ. ශ්‍රීපාලි වීරක්කොඩි, ප්‍රසාදිනි වීරක්කොඩි, දිළිණි මනෝදරා යන ප්‍රබල ක්‍රිඩිකාවක් ද සංචිතයට ඇතුළත් වේ. |
2018-03-19T04:38:09.000Z | දියවන්නා ඔයට පෙරළුණු මෝටර් රථයේ හිමිකරු අත්අඩංගුවට | දියවන්නා ඔයට පෙරළුණු මෝටර් රථයේ හිමිකරු අත්අඩංගුවට | COLOMBO (News 1st) - තලවතුගොඩ ප්‍රදේශයෙදී රිය අනතුරිකින් පසු දියවන්නා ඔයට පෙරළුණු අධිසුඛෝපභෝගී මෝටර් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ. රිය අනතුරින් පසු ඔහු පළා ගොස් තිබුණි. අද දිනයේ නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට භාරවීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ අනතුරුව අදාළ පුද්ගලයා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අංගොඩ මුලික රෝහලට යොමු කර බවයි. අදාළ වාහනයේ හිමිකරු අද පස්වරුවේ, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ. |
2018-03-19T04:17:15.000Z | ළමා අපයෝජන ගැන ඔබ දන්නේ මොනවා ද? පුදුම හිතෙන කරුණු රැසක් | ළමා අපයෝජන ගැන ඔබ දන්නේ මොනවාද? පුදුම හිතෙන කරුණු | ළමා අපයෝජනය නිරන්තයෙන් අපට අසන්නට ලැබෙන දු:ඛිත ප්‍රවෘත්තියක් බවට පත්ව තිබේ. බොහෝ විට අපට අසන්නට ලැබෙනුයේ, ලිංගික අපයෝජනවලට ගොදුරු වූ අසරණ දරුවන් පිළිබඳව ය. ළමා අපයෝජකයින්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක විය යුතු ය යන කථිකාවතක් ද මේ වන විට සමාජය තුළ පවතී. කෙසේ වෙතත්, සමාජය තුළ ළමා අපයෝජනය යන්නෙහි නියම අර්ථය දන්නා අය සිටී නම් එය අතළොස්සකි. ළමා අපයෝජන සිදු විය හැකි ක්‍රම මොනවා ද? ළමා අපයෝජන යනු ලිංගික අපයෝජන පමණ ද? ඇතැම් විට මෙම ලිපිය කියවූ විට ළමා අපයෝජන යනු මොනවාදැයි දැන ගැනීමෙන් ඔබ මවිතයට පත් වනු ඇත. ළමා අපයෝජන සිදු වන ක්‍රම කිහිපයකි. 1. මානසික අපයෝජනය 2. නොතකා හැරීම 3. ශාරීරික අපයෝජනය 4. ගෘහස්ත හා පවුල් ප්‍රචණ්ඩත්වය 5. ලිංගික අපයෝජනය 6. සැලසුම්සහගත ලිංගික අපයෝජනය මෙම ක්‍රම එකින් එක විමසා බලමු. 1. මානසික අපයෝජනය මානසිකව දරුවන් අපයෝජනයට ලක් විය හැකි අවස්ථා රැසක් පවතී. එමගින් දරුවාගේ පෞරුෂත්වය සහ විශ්වසනීයත්වය බරපතළ ලෙස කඩා වැටේ. මානසික වශයෙන් අපයෝජනයට ලක් විය හැකි අවස්ථා මෙසේ ය. * දරුවන් ප්‍රතික්ෂේප කිරීම * දරුවන්ට අපහාස කිරීම * ඉටු කළ නොහැකි බලාපොරොත්තු දීම * ළමුන්ට ඉගෙනීමට ඇති අවස්ථා අවහිර කිරීම * ආදරය නොදැක්වීම 2. නොතකා හැරීම දෙමාපියන් හෝ වැඩිහිටියන් නොදැනුවත්කමින් ළමුන් අපයෝජනය වන ක්‍රමයකි, නොතකා හැරීම. ළමුන්ගේ අවශ්‍යතා නොසලකා හැරීම, ඔවුන් අනාරක්ෂිතව තැබීම ආදී කරුණු මෙම අපයෝජනවලට අයත් වේ. එහි අවස්ථා කිහිපයක් පහත පරිදි ය. * ආහාර, ඇඳුම්, නිවාස ආදී මූලික අවශ්‍යතා නොසැපයීම * අවශ්‍යතාව අනුව වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදීම * ළමුන්ට ආදරය නොඇඟවීම * රැකවරණය සහ සහය ලබා නොදීම * ක්‍රමවත්ව මගපෙන්වීම් නොකිරීම * අධ්‍යාපනය ලබා නොදීම * හොඳ නරක කියා නොදීම * ළමුන්ට ඇහුම්කන් නොදීම 3. ශාරීරික අපයෝජනය ශාරීරික අපයෝජනය යනු ළමා අපයෝජනය සම්බන්ධයෙන් පවතින බරපතළ කරුණකි. මෙය ද බොහෝ විට වැඩිහිටියන්ගේ නොදැනුවත්කම නිසා සිදු වේ. * අනවශ්‍ය ලෙස දරුවන් ස්පර්ශ කිරීම * වැඩිපුර උත්තේජනය වන ස්ථාන පිරිමැදීම * අනවශ්‍ය ලෙස චුම්භනය (kissing) කිරීම ඉහත දක්වා ඇති කරුණු හේතුවෙන් දරුවාට ශාරීරික අපයෝජනයක් සිදුවේ. 4. ගෘහස්ත හා පවුල් ප්‍රචණ්ඩත්වය ගෘහස්තව එසේ නැතහොත් දරුවන් ඉදිරියේ දෙමාපියන් හෝ වැඩිහිටියන් අතර සිදුවන ප්‍රචණ්ඩත්වය ළමා අපයෝජනයකි. එම ප්‍රචණ්ඩකාරී සිද්ධි හේතුවෙන් ළමයින් මානසික ව්‍යාකූලතාවන්ට ගොදුරු වනු ඇත. 5. ලිංගික අපයෝජනය දරුවන්ට එරෙහිව සිදුවන බරපතළ ම අපයෝජනය වන්නේ, ලිංගික අපයෝජනය යි. වැඩිහිටියන් විසින් කුඩා දරුවන් ලිංගිකව අපයෝජනට ලක් කළ අවස්ථා රැසක් ප්‍රවෘත්ති හරහා මේ වන විට අනාවරණය වී තිබේ. ඇතැම් වෛද්‍යවරුන්ගේ මතය අනුව ඇතැම් වැඩිහිටියන් තුළ පවතින මානසික රෝගී ස්වභාවයන් හේතුවෙන් මෙවැනි අපරාධවලට ඔවුහු යොමු වෙති. මෙවැනි සිද්ධිවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම සෑම දෙමාපියෙකුගේ ම වගකීමකි. 6. ආදරය නොදැක්වීම දෙමාපියන් සිය දරුවන්ට ආදරය දැක්වීම දරුවන්ගේ මානසික වර්ධනයට ප්‍රබලව බලපායි. එහෙත්, කාර්යබහුල ඇතැම් දෙමාපියන්ට සිය දරුවන් සමග ආදරයෙන් කාලය ගත කිරීමට වේලාවක් නැත. ඉන් සිදුවන්නේ, දරුවන් දෙමාපියන්ගෙන් ඈත්ව යාම යි. 7. ශාරීරික දඬුවම් කිරීම ‘හැඳි නොගා හදන හොද්ද ත් - නොගහ හදන දරුවා ත් දෙදෙනා ම එක ය‘ යනු අතීතයේ පැවති අදහසකි. එහෙත්, ළමා මනෝ වෛද්‍යවරු එම අදහස තරයේ බැහැර කරති. ඔවුන් පවසන්නේ, දඬුවම් කිරීමෙන් නොව සෙනෙහසින් තේරුම්කර දීමෙන් දරුවන් යහ මග යැවිය හැකි බව ය. ඒ අනුව, ශාරීරික දඬුවම් දීම ද ළමා අපයෝජනයකි. ඉහත සඳහන් කරුණු වටහාගෙන දරුවන් නිසි මග යැවීම සියලු දෙමාපියන්ගේ සහ වැඩිහිටියන්ගේ පරම වගකීමකි. සටහන: කුමුදු චම්පික ජයවර්ධන |
2018-03-19T04:06:23.000Z | කසළ වෙන් නොකරන කොළඹ ජනතාව නීතිය හමුවට | කසළ වෙන් නොකරන කොළඹ ජනතාව නීතිය හමුවට | COLOMBO (News 1st) : මින් ඉදිරියට සිය සභා බල ප්‍රදේශය තුළ වෙන් නොකරන ලද කසළ භාර නොගැනීමට කොළඹ මහනගර සභාව තීරණය කර තිබේ. වැඩබලන නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ, වෙන් කීරීමකින් තොරව පරිසරයට කසළ මුදා හරින පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඒ සඳහා පරිසර පොලීසිය මෙන්ම නගර අලංකරණ හමුදා ඒකකය විශේෂ වැටලීම් කණ්ඩායම් අනුයුක්ත කරන බව ද ඔහු පැවසී ය. පසුගිය දින 10ක පමණ කාලයක් වෙන් නොකළ කසළ භාර නොගැනීම නිසා මරදාන, මාලිගාවත්ත, පංචිතාවත්ත , කොම්පඤ්ඤ වීදිය, බොරැල්ල ඇතුළු කොළඹ නගරයේ තැන තැන කසල ගොඩ ගැසී තිබෙනු දක්නට ලැබිණ. එහෙත් එම සියලු කසළ ගොඩවල් ඊයේ ඉවත් කළ බව ත් මින් ඉදිරියට වෙන් නොළ කසළ භාර නොගන්නා ලෙස සියලු සේවකයින්ට උපදෙස් දුන් බව ත් වැඩ බලන නාගරික කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසී ය. දිරන නොදිරන ලෙස කසළ වෙන් කර භාර නොදුන හොත් නීතිමය වශයෙන් මෙන් ම පාරිසරිකව ද ජනතාවට දැඩි අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවන බැවින් කසළ වෙන් කර ලබා දෙන ලෙස කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජනතාවට දැනුම් දී සිටී. |
2018-03-19T01:58:25.000Z | ඒකල කර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක්: 45ක් රෝහලේ | ඒකල කර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක්: 45ක් රෝහලේ | COLOMBO (News 1st) : ජා-ඇල, ඒකල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක් හේතුවෙන් 30 දෙනෙකු රෝහල්ගත කර තිබේ. ඉන් වැඩි දෙනෙකු කාන්තාවන් වන බව පොලීසිය ප්‍රකාශ කළේ ය. කර්මාන්ත ශාලාව මේ වනවිට තාවකාලිකව වසා දමා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට පියවර ගෙන තිබේ. https://www.youtube.com/watch?v=I1ZPOrRJQa0 |
2018-03-19T01:47:28.000Z | තලවතුගොඩ ඔයේ තිබූ රථය පැදවූ පුද්ගලයා හඳුනාගැනේ | තලවතුගොඩ ඔයේ තිබූ රථය පැදවූ පුද්ගලයා හඳුනාගැනේ | COLOMBO (News 1st) : පසුගිය දා තලවතුගොඩ ප්‍රදේශයේදී ඔයකට පෙරලුණු සුඛෝපභෝගී මෝටර් රථය , මාදිවෙල පදිංචි අයෙකු වන ෆාහිම් මොහොමඩ් හුසේන් නමැත්තාගේ බවට තහවුරු වී තිබේ. එම රථය මේ වනවිට තලංගම පොලීසිය භාරයේ ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ එම රථයේ ලියාපදිංචි අයිතිකරු විසින් ම අනතුරට සිදුවන අවස්ථාවේ රථය පදවා ඇති බවයි. ඒ බව බව සිදුකළ විමර්ශනවලදී සටහන් කරගත් ප්‍රකාශ සහ cctv දර්ශනවලින් තහවුරු වී ඇති බව ද පොලSසිය සඳහන් කලා. රිය අතුරක් සිදුකර පලා යාම සම්බන්ධයෙන් එම තැනැත්තා අත්අඩංගුවට ගැනීමට සඳහා තලංගම පොලීසිය මේ වනවිට විමර්ශන සිදුකරන බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-03-19T00:52:35.000Z | මැසෙන්ජර් වීදියේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ | කොළඹ මැසෙන්ජර් වීදියේ වෙඩි තැබීමක් | COLOMBO (News 1st) : කොළඹ, මැසෙන්ජර් වීදියේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අද පෙරවරු 10.55 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු එම මෝටර් රථයේ ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයා මියගොස් තිබේ. ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ, කාන්තාව මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෝටර් රථයකට වෙඩි තබා පලා ගොස් ඇති බව ද පොලීසිය පැවසී ය. සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලීසිය සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1881359785257604/ |
2018-03-19T00:43:31.000Z | විමල් වීරවංශ හා ජයන්ත සමරවීරට වරෙන්තු | විමල් වීරවංශ හා ජයන්ත සමරවීරට වරෙන්තු | COLOMBO (News 1st) : ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ හා ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද වරෙන්තු නිකුත් කළේ ය. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණිමට විරුද්ධත්වය දක්වමින් 2016 පෙබරවාරි 6 වනදා මහජන පීඩාවක් වන පරිදි උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීම් ඇතුළු චෝදනා යටතේ පැවති නඩුවක් අද කැඳ වූ අවස්ථාවේ එම සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනි නොසිටීම ඊට හේතවෙනි. |
2018-03-18T23:18:18.000Z | මෙරට මානව හිමිකම් පිළිබඳ ඉදිරි සැලැස්ම ජිනීවා කොමිසම හමුවට | මානව හිමිකම් සැලැස්ම ජිනීවා කොමිසම හමුවට | COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ඉදිරි පස් අවුරුදු සැලැස්ම අද ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවීනාථ ආරියසිංහ මහතා පැවසුවේ, මූලික සැලැස්ම පසුගිය නොවැම්බර් මාසයේදී කොමිසම හමුවට ඉදිරිපත් කළ බවයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ඉදිරි පස් අවුරුදු සැලැස්ම පසුගිය සිකුරාදා සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබුණ ද එහි සේවකයින් වැඩ වර්ජනයක නිරතවීම හේතුවෙන් අද දිනය කල් ගිය බව ඔහු පැවසී ය. රවීනාථ ආරියසිංහ මහතා පැවසුවේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාවේ පිළිබඳ වාර්තාව අනිද්දා සාකච්ඡාවට බඳුන් කිරීමට නියමිත බවයි. |
2018-03-18T22:21:03.000Z | මතුගම - කොළඹ බස් වර්ජනයක් | මතුගම - කොළඹ බස් වර්ජනයක් | COLOMBO (News 1st) : මතුගම - කොළඹ පෞද්ගලික බස් සේවකයින් බස් රථ ධාවනයෙන් ඉවත්ව තිබේ. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, බස් රථ සේවකයින් දෙදෙනෙකුට පිරිසක් පහරදීමට විරෝධය පළ කරමින් ඔවුන් බස් ධාවනයෙන් ඉවත්ව ඇති බවයි. පසුගිය සෙනසුරාදා පාසල් දරුවෙකු බස් රථයෙන් බැසීමට උත්සාහ කිරිමේදී අනතුරට ලක්වීමට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් බස් රථ සේවකයින් දෙදෙනෙකුට පහර දී තිබේ. අප වාර්තාකරු පැවසුවේ බස් රථ සේවකයින්ගේ අපරීක්ෂාකාරි ධාවනය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දොඩංගොඩ පොලීසියට පැමිණිල්ලක් ද කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් පහර දීමට ලක් වූ සේවකයින් දෙදෙනාගෙන් අද දිනයේ ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව ත් පොලීසිය සඳහන් කළේ ය. |
2018-03-18T20:12:08.000Z | සාකච්ඡා අසාර්ථකයි, අනධ්‍යන වර්ජනය තවදුරටත් | සාකච්ඡා අසාර්ථකයි, අනධ්‍යන වර්ජනය තවදුරටත් | උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමග ඊයේ රාත්‍රී පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති එකමුතුව පවසයි. එහි සම සභාපති එව්ඩව් මල්වත්තගේ මහතා පැවසුවේ, සිය වැඩ වර්ජනය අද දිනයේත් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි. "ඊයේ සාකච්ඡාව අසාර්ථකයි, අද දිනයේත් සාකච්ඡාවක් පැවැත්වෙනවා ඒ අනුව තමයි වැඩවර්ජනය සම්බන්ධයෙන්න අවසන් තීරණයට එළැඹෙන්නේ" කෙසේ වෙතත් අද දිනයේත් තවත් සාකච්ඡාවක් පැවැත්වෙන බව ත් එහිදී එළැඹෙන තීරණ අනුව සිය වැඩ වර්ජනය සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළැඹෙන බව ද ඔහු සඳහන් කළේ ය. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අදට දින 20 ක් වේ. ඒ හේතුවෙන් මේ වන විට දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල කටයුතු අඩාලවී තිබේ. අධ්‍යයන කටයුතු හැරුණු විට ඇතැම් විශ්වවිද්‍යාල ආශ්‍රිතව සිදුකෙරෙන පශු වෛද්‍යය පීඨයන්ගේ ගොවිපොළ සායනික කටයුතු ද දින20 ක අනධ්‍යයන සේවක වර්ඡනයත් හේතුවෙන් ඇනහිට තිබේ. |
2018-03-18T19:06:14.000Z | රුසියානු ජනපතිවරණ සටනේ ජය ව්ලැද්මීර් පුටින්ට | ජනපති පුටින් ඉතිහාසගත වෙයි... | රුසියානු ජනාධිපතිවරණයෙන් ව්ලැදිමීර් පූටින් ජයග්‍රහණය කරනු ඇතැයි එරට මැතිවරණ කොමිසම මෙතෙක් ප්‍රකාශිත ජන්ද ප්‍රතිඵල අණාවරණය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙතෙක් ප්‍රකාශිත නිල ජන්ද ප්‍රතිඵල අනුව 76% ක වැඩි ජන්ද ප්‍රතිශතයක් හිමිකරගනිමින් ව්ලැදිමීර් පූටින් පෙරමුණේ පසුවන බවයි. ඒ අනුව 2012 වසරේදී 64% ක ජන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ජනාධිපතිවරණයෙන් ජයගත් පුටින් මේ වසරේ ඊට වඩා වැඩි ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන් ය. පුටින් පළමු වරට රුසියාවේ වැඩබලන ජනාධිපති ධුරයට පත්වුණේ 1999 වසරේ දෙසැම්බර් 31 වැනිදායි. 2000 වසරේ මැයි 7 වන දා ඔහු රුසියානු සමූහාණ්ඩුවේ දෙවැනි ජනපති බවට පත්විය. අනතුරුව ඔහු යළිත් වරක් රුසියානු ජනපති බවට පත්වූයේ 2012 වසරේදීයි. එම වසරේදී 64% ක ජන්ද ප්‍රතිශතයක් හිමිකරගනිමින් ජනාධිපතිවරණයෙන් ජයගත් පූටින් , මේ වසරේ ඊට වඩා වැඩි ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවන්හි සඳහන් ය. ඒ අනුව සිව් වරක්ම රුසියානු රාජ්‍යයේ පාලන බලය සියතට ගැනීමට සමත්වු නායකයෙකු ලෙස ජනාධිපති පුටින් ඉතිහාසගතවනු ඇති. මෙවර ජනාධිපතිවරණයේ පූටින්ට ආසන්නතම ප්‍රතිවාදියා වන පාවෙල් ගෘඩිනින් ඔහුට සාපේක්ෂව හිමිකරගැනීමට සමත්ව ඇත්තේ 12.1% ක ජන්ද ප්‍රතිශතයක් පමණි. සෙසු ප්‍රතිවාදීන් හත් දෙනා 2% වඩා ජන්ද ප්‍රතිශතයක් හිමිකරගැනීමට සමත් නොවී ය. පසුගිය වසර කිහිපය තුළ තම නායකත්වය යටතේ අත්පත්කරගත් ජයග්‍රහණ රුසියානු ජනතාව හඳුනාගෙන ඇති බව මින් තහවුරු වන බව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශය හමුවේ ජනතාව ඇමතූ ව්ලැදිමීර් පූටින් කියා සිටියේ ය. තවත් වසර 6කට පසු යළිත් රුසියානු ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ ද යනුවෙන් මාධ්‍යවේදීන් නැගූ පැනයට , සිනාමුසුව ප්‍රතිචාර දැක්වූ පූටින් ප්‍රකාශ කළේ, වයස අවුරුදු 100 ක් වන තෙක් ජනාධිපතිධූරයේ රැඳී සිටීමට තමන්ට කිසිඳු අපේක්ෂාවක් නොමැති බවයි. මෙවර ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ පූටින් , 2024 වන තෙක් බලයේ රැඳී සිටිනු ඇති. එරට විපක්ෂ නායක ඇලෙක්සියි නවෙල්නිට මෙවර රුසියානු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නොහැකි විය. දූෂණ චෝදනා හමුවේ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුකම් නොලැබූ ඔහු සැලකෙන්නේ රුසියානු ජනාධිපතිවරයාගේ දැඩි විවේචකයකු ලෙසයි. මෙවර ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට සවන්දීමෙන් පසු ඇලක්සෙයි නවෙල්නිට සිය කෝපය පාලනය කරගැනීමට අපහසු වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. |
2018-03-18T11:56:55.000Z | තියුණු තරගයකින් පසු නිදහස් කුසලානයේ ශූරතාව ඉන්දියාවට | නිදහස් කුසලානයේ ශූරතාව ඉන්දියාවට | COLOMBO (News 1st) - ඉන්දීය කණ්ඩායම නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව අද දිනා ගත්තේ ය. ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති අවසන් තරගයේදී බංග්ලාදේශය කණ්ඩායම කඩුලු 4 කින් පරාජයට පත් කරමිනි. ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ ය. |
2018-03-18T10:26:39.000Z | තලවතුගොඩදී අනතුරට ලක්වූ සුඛෝපභෝගී මෝටර් රථයේ හිමිකරු කවු ද? | අනතුරට ලක්වූ සුඛෝපභෝගී මෝටර් රථයේ හිමිකරු කවු ද? | COLOMBO (News 1st) - තලවතුගොඩ ප්‍රදේශයේදී අනතුරට ලක් වූ සුඛෝපභෝගී මෝටර් රථය පැදවූයේ කවුරන් ද යන්න මෙතෙක් හඳුනාගැනීමට නොහැකිවී ඇතැයි පොලීසිය පවසා තිබේ. අද සන්ඩේ ටයිම්ස් පුවත්පත ද එම සිද්ධිය පිළිබඳ තොරතුරු වාර්තා කර තිබුණි. සන්ඩේ ටයිම්ස් පුවත්පත සඳහන් කර ඇත්තේ, වාර්තාවන පරිදි මෙම මෝටර් රථය, එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨයකු මෙන් ම කැබිනට් අමාත්‍යවරයකු ද වන අයකුගේ පුතෙකු විසින් පදවා ඇති බව ය. නමුත් මේ වනතෙක් වාහනයේ නිශ්චිත හිමිකරුවකු හෝ රියැදුරු පොලීසියට ඉදිරිපත්වී නොමැත. මෙතරම් අධික මිලකින් යුතු අතිසුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරට ලක් වූ පසු එම ස්ථානයේ ම දමාගොස් මෙතෙක් හිමිකරුවෙකු සොයා ගැනීමට නොහැකිවීම ගැටලුවකි. මේ අතර අනතුරට පත් මොටර් රථය පැදවුයේ, තමාගේ ඥාතියෙකු බව පවසා උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා අද පස්වරුවේ නිවේදයක් නිකුත් කළේ ය. https://www.youtube.com/watch?v=hV9Ugxx2Aio |
2018-03-18T09:35:49.000Z | වංචනික මිග් යානා ගනුදෙනුවේ වැදගත් තොරතුරු රැසක් හෙළි වෙයි | මිග් යානා ගනුදෙනුවේ වැදගත් තොරතුරු රැසක් හෙළි වෙයි | COLOMBO (News 1st) - මිග් යානා ගනුදෙනුව සම්බන්ධ ගිවිසුම රජයන් දෙකක් අතර අත්සන් කරණු ලැබු ගිවිසුමක් බවට හැඟවූව ද එය හමුදා භාණ්ඩ අපනයන සමාගමක් වන යුක්‍රේන් මාෂ් සමාගම සහ එවක ගුවන් හමුදාපතිවරයා සමග ඇතිකරගත් දුෂිත ගිවිසුමක් බවට පත් ව ඇති බව පොලිස් මූල්‍ය අපාරාධ කොට්ඨාසය අනාවරණය කරගෙන ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වර්තා කර තිබේ. එම පුවත්පත පෙන්වා දෙන්නේ, යුක්‍රේන් නීතිපතිවරයා මෙම ගනුදෙනුවේදී මූල්‍ය අපරාධයක් සිදු ව ඇති බවට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට තහවුරු කර ඇති බවයි. පසුගිය වසෙර් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කණ්ඩායමක් යුක්‍රේනයේ කිව් නගරයට ගොස් එරට නීතිපතිවරයා සහ යුක්‍රේන් මාෂ් සමාගමේ ඉහළ නිලධාරීන් සමග හමුවක් පවත්වා තිබෙන බව සන්ඩේ ටයිම්ස් වාර්තා කළේ ය. එහිදී මිග් 27 ශ්‍රී ලංකාවට අළෙවි කිරීම සහ පුහුණුකරුවෙකු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසයේ කණ්ඩායම් නායක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා යුක්‍රේන් මාෂ් හී ඉහළ නිලධාරියෙකු විමසා ඇති බව ද පුවත්පත් වාර්තාවේ සඳහන් වේ. එහි සඳහන් වන්නේ එවිට යුක්‍රේන් මාෂ් පෙරලා යළි විමසා ඇත්තේ, මොන විකිණිම ද යනුවෙන් සහ කිසිදු මිග් 27 යානයක් ශ්‍රී ලංකාවට අළෙවිකර නොමැති බව තහවුරු කර තිබේ. ඒ අනුව සන්ඩේ ටයිම්ස් පෙන්වා දෙන්නේ වසර තුනක පරීක්ෂණ තුළින් හෙළි වූ කරුණු අනුව 2006 ජුලි 26 වන දා ඇතිකර ගත් ගිවිසුම ව්‍යාජ එකක් බවයි. එමෙන් ම යුක්‍රේන් මාෂ් ශ්‍රී ලංකාවට යානා අළෙවි නොකළ බව පැවසුව ද ඔවුන් ඒවා අළෙවිකර ඇත්තේ, බෙල්මිස්සා හෝල්ඩින්ග්ස් සමාගමට බවත් ය. මෙම කරුණු තහවුරු කරමින් වොර්ෂින්ටන් හී ඩර්ක් වෝල්ටර්ස් නැමති මූල්‍ය පරීක්ෂණ ආයතන ද මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත වාර්තාවක් සපයා තිබේ. බෙල්මිස්සා හෝල්ඩින්ග්ස් හී අධ්‍යක්ෂ සිංගප්පුරු ජාතික ලී තියෑන් සූ ඩී. එස්. එලයන්ස් නැමති සිංගප්රු සමාගමේ එ කළමනාකාර අධ්‍යක්ෂකරවයා යි. සන්ඩේ ටයිම්ස් පුවත් පත පැවසූවේ, පරීක්ෂණවලින් අනාවරණයවී ඇත්තේ බෙල්මිස්සා හෝල්ඩින් හරහා යුක්‍රේන් බලධාරීන් ඩී. එස්. එලයන්ස් සමාගම සමග ගිවිසුම් දෙකක් අත්සන් කර ඇති බවට සහ එම ගිවිසුම් දෙකටම ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුදල් ගෙවා ඇති බවයි. මූල්‍ය අපරාධ කොට්ඨාසයේ වාර්තාවට අනුව යුක්‍රේන් මාර්ෂ් හී අධ්‍යක්ෂකවරයෙක් වන දිමිත්‍රි ඇලෙක්සැන්ඩෝරවිච්ච්, ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංග, ඩීස්. එලයන්ස් කළමනාකාර අධ්‍යක්ෂ, ලි තියැන් සූ ,බෙල්මිස්සා හෝල්ඩින්ග්ස් ලිමිටට් හී නියෝජිතයෙක්වන කියුකොලා කුල්ඩික්‍රයිව් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් මෙම මූල්‍ය අපරාධය, කුමන්ත්‍රණය සහ මුදල් විශ්‍රද්ධිකරය සඳහා දායකවී ඇති බවයි. මෙම ව්‍යාජ ගිවසුමේ මුල්පිටපත ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයෙන් අතුරුදන් වී ඇති බවත් ඊට වගකිව යුතු නිලධාරියාව හඳුනාගෙන ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඔහු පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසය උපදෙස් ඉල්ලා සිටි බවත් සන්ඩේ ටයිම්ස් පවසා ඇත. කෙසේ වෙතත් එම ව්‍යාජ ගිවිසුමේ තව ත් සහතික කළ පිටපතක් සොයාගෙන අතර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය එය අධිකරණයට භාරදී තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙම ගනුදෙනුවට අදාළව මුදල් බෙලිමිස්සා හෝල්ඩින් ලිමිටට් සමාගමට මුදල් ගෙවා ඇති අතර එම සමාගමේ ලන්ඩනහී ඇත්තේ ලිපිනයක්, පුටුවක් සහ මේසයක් පමණක් බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කළේ ය. එම සමාගම මුදල් බ්‍රිතාන්‍යයේ වර්ජින් අයිලන්ඩ්හී රහසිගත ගිණුමකට මෙම මුදල් බැරකර ඇති බව ද සන්ඩේ ටයිම්ස් වාර්තාවේ සඳහන් ය. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පරීක්ෂණ අනුව යුක්‍රේන් මාෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන දිමින්ත්‍රී ඇලෙක්සැන්ඩ්‍රොවිච් මෙම ගිවිසුමට අත්සන් කර ඇති බව ත් පසු ව ඔහු යුක්‍රේනයට පැනගොස් ඇති බවත් එම වාර්තාවේ සඳහන් ය. පසු ව යුක්‍රේන බලධාරින් ඔහුව පැරිසියේදී අත්ඩඩංගුවට ගෙන ඇත. https://www.youtube.com/watch?v=d5hRA67gImA |
2018-03-18T20:12:32.000Z | යෞවන සම්මාන සඳහා අයදුම්පත් භාර ගැනීම ඇරඹෙයි | යෞවන සම්මාන සඳහා අයදුම්පත් භාර ගැනීම ඇරඹෙයි | ජාතික තරුණ සේවා සභාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන යෞවන සම්මාන උළෙල සඳහා අයදුම්පත් භාර ගැනීම මේ දිනවල සිදුකෙරෙයි. මේ යටතේ යෞවන සමාජවල සාමාජිකත්වය දරණ තරුණ තරුණියන්ට සිය ගායන , වාදන ,රංගන , නිවේදන ආදී කුසලතා අවස්ථාව හිමිවනු ඇති. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 011 - 2850 986 යන දුරකථන අංකයෙන් හෝ සහකාර අද්‍යක්ෂ, සෞන්දර්ය කුසලතා සංවර්ධන අංශය , ජාතික තරුණසේවා සභාව .මහරගම යන ලිපිනයෙන් ලබාගත හැකියි. |
2018-03-18T07:46:32.000Z | පේරාදෙණියේ උපකුලපති ලෙස මහාචාර්ය උපුල් දිසානායක පත්වෙයි | උපුල් දිසානායක යළිත් පේරාදෙණියේ උපකුලපති ධූරයට | COLOMBO (News 1st) - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස මහාචාර්ය උපුල් දිසානායක මහතා යළි තේරී පත් ව තිබේ. ඒ, නව උපකුලපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ පැවති ඡන්ද විමසීමේදී ඡන්ද 23 ක් ලබා ගනිමිනි. ඔහු සමග තරග වැදුණු මහාචාර්ය සමත් ධර්මරත්න මහතා ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 07කි. මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඡන්ද 06ක් ලබා ගෙන තිබේ. ඡන්ද විමසීම පැවැත්වුයේ පාලක සභාව රැස්වීමෙන් පසුව ය. ඒ අනුව, අගෝස්තු 01 වන දා නව උපකුලපතිවරයා පත්වීමට නියමිතව තිබේ. උපකුලපති ධූරයට තරග වැදුණු අපේක්ෂක නාමලේඛනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කිරීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම පත් කිරීම සිදු කරණු ලැබීය. |
2018-03-18T06:33:02.000Z | ජනපතිවරණය අතරතුර රුසියාවට සයිබර් ප්‍රහාරයක් | ජනපතිවරණය අතරතුර රුසියාවට සයිබර් ප්‍රහාරයක් | රුසියානු ජනාධිපතිවරණ ඡන්ද විමසීම අතරතුර එරට මධ්‍යම මැතිවරණ කොමිසමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබේ. රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසම සඳහන් කළේ, සිය තොරතුරු දෙපාර්තමේන්තුවට සහ මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියට මෙම සයිබර් ප්‍රහාරය එල්ලවී ඇති බවයි. රුසියානු බලධාරින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, රටවල් 15 කින් එම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බවයි. අද පැවැත්වෙන රුසියානු සමූහාණ්ඩුවේ 5 වන ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 111 කි. අද උදෑසන 8 ට ආරම්භ වූ ඡන්ද විමසීම රාත්‍රි 8 ට අවසන් වීමට නියමිත අතර ජන්දදායකයන් දැඩි උනන්දුවකින් යුතුව ජන්දය ප්‍රකාශ කරන ආකාරයක් දක්නට ලැබෙන බව, එරට මාධ්‍ය වාර්තා කලා. ස්වදේශිකත්වය මූලික කරගත් පුටින්ගේ ප්‍රතිපත්ති හේතුවෙන් ජනාධිපති විලැද්මීර් පුටින්ට මෙවර මැතිවරණයේදී 70%ක ජන්ද ප්‍රතිශතයක් හිමි වනු ඇති බවට මැතිවරණ විශ්ලෙෂකයෝ මත පළ කරති. මෙවර රුසියානු ජනාධිපතිවරණය සඳහා ජනපති විලැද්මීර් පුටින් ඇතුළු අපේක්ෂකයෝ 8 දෙනෙක් තරග වැද සිටිති. ඊට එරට සිවිල් ආරම්භක පක්ෂය නියෝජනය කරමින් කෙසියා සොර්බක්, කාන්තා අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත්ව සිටින්නී ය. මේ අතර රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිට ජනාධිපතිවරණ අපේක්ෂක ධූරය අහිමි වීම මෙවර ජනාධිපතිවරණයේ විශේෂත්වයකි. ජනාධිපති විලැද්මීර් පුටින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ සිව්වැනි වරටත් ලොව විශාලතම රාජ්‍යයේ බලය සියතට ගැනීමේ අරමුණිනි. 1999 වසරේ දෙසැම්බර් 31 වන දා පුටින් පළමු වරට රුසියාවේ වැඩබලන ජනාධිපති ධුරයට පත්වූ අතර 2000 වසරේ මැයි 7 වන දා ඔහු රුසියානු සමූහාණ්ඩුවේ දෙවැනි ජනපති බවට පත්විය. අනතුරුව ඔහු යළිත් වරක් රුසියාවේ නායකයා බවට පත්වූයේ 2012 වසරේදීයි. |
2018-03-18T05:34:01.000Z | මහේන්ද්‍රන් සොයන රහස් පොලීසියේ මීළඟ උපක්‍රමය | මහේන්ද්‍රන් සොයන රහස් පොලීසියේ මීළඟ උපක්‍රමය | COLOMBO (News 1st) - මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට භාර දෙන ලෙස සිංගප්පූරු අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලිමක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ, අනයෝන්‍ය නීතිමය සහයෝගිතාව මත ය. ඒ යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිංගප්පූරු අධිකරණ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ. මහබැංකු බැඳුම්කර වංචා සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින අර්ජුන මහේන්ද්‍රන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අවස්ථා දෙකකදී ම අධිකරණය දැනුම් දුන්න ද ඔහු මේ දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට නොමැත. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය මගින් වරෙන්තු නිකුත් කළේ ය. |
2018-03-18T04:21:28.000Z | සිංහල කතා කරන ඉන්දියාවේ රෝහිත් ෂර්මා | සිංහල කතා කරන ඉන්දියාවේ රෝහිත් ෂර්මා | COLOMBO (Newsfirst) - ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ රෝහිත් ෂර්මා සිංහල කතා කරනවා කිව්වොත් ඔබ පුදුම වේවී. නමුත් ඔහු මේ දිනවල නිදහස් කුසලාන තුන්කොන් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක නිරත ඔහු සිංහ භාෂාව ඉගෙන ගැනීමට දැරූ උත්සාහයක් පිළිබඳ තොරතුරු අපට වාර්තා විය. මෙම තරග සංචාරය තුළ ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන රෝහිත් ෂර්මා සිංහල ඉගෙන ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්හී ප්‍රසිද්ධ ක්‍රීඩා ලෝලීන් දෙදෙනෙකු වන ගයාන් සේනානායක සහ නිලාම් මොහොමඩ්ගෙනි. මෙවැනි භාෂාවක මූලික දේවල් ඉගෙන ගැනීම ඉතාම වැදගත් බව ෂර්මා එම අවස්ථාවේදී පවසා තිබේ. ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට තමන් කැමති බව ත් එබැවින් භාෂාව ද තමන්ට ඉතා වැදගත් බව ෂර්මා සඳහන් කළේය. මේ පිළිබඳව තම කණ්ඩායමේ අනිකුත් සගයින්ට ද අවබෝධ කර දෙන බව රෝහිත් ෂර්මා වැඩි දුරට ත් කියා සිටියේය. https://www.youtube.com/watch?v=R5XCjD24Mmk |
2018-03-18T00:16:29.000Z | පාතාල නායක මධූෂ්ගේ ගෝලයින් දෙදෙනෙකු අත්අඩංගුවට | පාතාල නායක මධූෂ්ගේ ගෝලයින් දෙදෙනෙකු අත්අඩංගුවට | COLOMBO (Newsfirst) - මාතර, කඹුරුපිටියේදි පතාල කල්ලි සමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන් දෙදෙනා මධූෂ් නැමැති පාතාල කල්ලි සමාජිකයාගේ ගෝලයින් බව ය. මධූෂ්ගේ ඥාතියෙකුගේ නිවසේ සැඟව සිටියදි ඊයේ රාත්‍රියේ ඔවුන් අත්අඩංගුවට ගැනිණි. පොලීසිය සඳහන් කළේ, ඔවුන් තවත් අපරාධවලට සම්බන්ධ ද යන්න පිළිබඳව වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක බව ය. |
2018-03-17T22:39:27.000Z | ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල පහළට | ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල පහළට | COLOMBO (Newsfirst) - පසුගිය සතිය තුළ ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල අඩුවීමක් දක්නට ලැබේ. ඒ අනුව ලෝක වෙළෙඳපොළේ මේ වන විට රත්‍රං අවුන්සයක මිල සටහන් වන්නේ අමරිකානු ඩොලර් 1,313 ක් ලෙස ය. අමරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ පොලී අනුපාතය ඉහළ යාම හේතුවෙන් මෙලෙස රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳ පොළ විශ්ලේෂකයින් පවසයි. |
2018-03-17T22:24:36.000Z | රුසියාවේ 5 වැනි ජනාධිපතිවරණය අදයි | රුසියාවේ 5 වැනි ජනාධිපතිවරණය අදයි | ලොව විශාලතම රාජ්‍ය වන රුසියානු සමූහ ආණ්ඩුවේ 5 වැනි ජනාධිපතිවරණය අද පැවැත්වේ. ඒ, සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 111කි. උදෑසන 8 ට ආරම්භ වන ඡන්ද විමසීම රාත්‍රි 8 ට අවසන් වීමට නියමිත ය. මෙවර රුසියානු ජනාධිපතිවරණය සඳහා ජනාධිපති විලැද්මීර් පුටින් ඇතුළු අපේක්ෂකයින් 8 දෙනෙකු තරග වදී. ඊට එරට සිවිල් ආරම්භක පක්ෂය නියෝජනය කරමින් කෙසියා සොර්බක්, කාන්තා අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත්ව සිටී. රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිට ජනාධිපතිවරණ අපේක්ෂක ධූරය අහිමි වීම ද විශේෂත්වයකි. ජනාධිපති විලැද්මීර් පුටින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ සිව්වැනි වරටත් ලොව විශාලතම රාජ්‍යයේ බලය සියතට ගැනීමේ අරමුණිනි. පුටින් පළමු වරට රුසියාවේ වැඩබලන ජනාධිපති ධුරයට පත්වුණේ 1999 වසරේ දෙසැම්බර් 31 වැනිදා ය. 2000 වසරේ මැයි 7 වැනිදා ඔහු රුසියානු සමූහ ආණ්ඩුවේ දෙවැනි ජනපති බවට පත්විය. අනතුරුව ඔහු යළිත් වරක් රුසියාවේ හිමිකරු බවට පත්වූයේ 2012 වසරේදීයි. හිතුවක්කාර, ඝෘජු තීරණ ගන්නා නායකයෙකු ලෙස ලෝක ප්‍රකට 65 හැවිරිදි විලැද්මීර් පුටින්ට 60% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයකින් යළි රුසියාවේ බලය හිමිවනු ඇති බවට දේශපාලන විචාරකයින් මත පල කරයි. |
2018-03-17T20:57:57.000Z | නිදහස් කුසලානයේ ජය කාටද? තීරණය අද රාත්‍රියේ? | නිදහස් කුසලානයේ ජය කාටද? | COLOMBO (Newsfirst) - නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අවසන් මහා තරගය කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී අද පැවැත්වේ. අද තරගය රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිත ය. මේ අතර අද තරගයේදී පන්දු යැවීමේ අංශයෙන් ඉහළ දක්ෂතා දක්වන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා වැඩි අවස්ථාවක් පවතින බව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් කාර්තික් පවසයි. ඔහු වැඩි දුරට ත් සඳහන් කළේ, ප්‍රතිවාදී බංග්ලාදේශ කණ්ඩායම තමන්ට අභියෝගයක් වනු ඇති බව ය. මේ අතර බංග්ලාදේශයේ මොහොමඩ් මහමුදුල්ලාහ් පන්දුවාර 20යි 20 ලකුණු 1000 සීමාව ආසන්නව සිටින අතර එම කඩඉම පසු කිරීමට ඔහු තවත් ලකුණු 4ක් රැස් කළ යුතුව තිබේ. මෙම තුන්කොන් තරගාවලියේ සත්කාරත්වය දැරූ ශ්‍රී ලංකාවට පසුගියදා බංග්ලාදේශය සමල පැවති තරගයෙන් පරාජයට පත්වීම සමග අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව අහිමි විය. ඉන්දියාව මෙම තරගාවලියේ සහභාගි වූ තරග 4න් තරග 3ක් ජයගෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. බංග්ලාදේශය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ තරග 4න් තරග 2ක් ජය ගැනීම හේතුවෙනි. ඉන්දියාව සහ බංග්ලාදේශය පන්දුවාර 20යි 20 තරග 7කට ක්‍රීඩා කර ඇති අතර එම තරග 7ම ඉන්දියාව ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයකි. |
2018-03-17T20:15:30.000Z | වෙන් නොකළ කසළ අද සිට භාර ගන්නේ නැහැ - කොළඹ මහ නගර සභාව | වෙන් නොකළ කසළ අද සිට භාර ගන්නේ නැහැ | COLOMBO (Newsfirst) - කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ වෙන් නොකරන ලද කසල අද සිට භාර නොගැනීමට තීරණය කර තිබේ. වැඩබලන නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ, කසල වෙන් කීරීමකින් තොරව පරිසරයට මුදා හරින පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ය. ඒ සඳහා විශේෂ වැටලීම් කණ්ඩායම් අනුයුක්ත කරන බව ද ඔහු සඳහන් කළේය. කොළඹ නගරයේ තැන තැන පසුගිය දින කිහිපයේ කසළ ගොඩගැසී තිබෙන ආකාරය දක්නට ලැබුණි. මේ වනවිට එම කසළ තොග ඉවත් කිරීමට කටයුතු යොදා තිබේ. නමුත්, අද සිට වෙන් නොකරන ලද කසළ භාර නොගන්නා ලෙස සියලු සේවකයින්ට උපදෙස් දුන් බව ද කොළඹ මහ නගර සභාවේ වැඩ බලන නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය. |
2018-03-17T20:04:52.000Z | පළාත් පාලන ආයතන පිහිටුවීමේ දිනයේ කිසිඳු වෙනසක් නැහැ - ඇමති ෆයිසර් මුස්තාෆා | පළාත් පාලන ආයතන පිහිටුවීමේ දිනයේ වෙනසක් නැහැ | COLOMBO (Newsfirst) - පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරිමේ දිනයේ කිසිඳු වෙනසක් සිදු නොකරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේ, අනිද්දා වනවිට පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරිම සඳහා අවශ්‍ය උපදෙස් පළාත් කොමසාරිස්වරුන් වෙත ලබා දී ඇති බව ය. පෙබරවාරි 10 වනදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් දිස්ත්‍රික්ක 24 ක් සඳහා තේරී පත්වූ සභිකයින්ගේ නාම ලේඛණය ඇතුළත් ගැසට් නිවේදනය මේ වනවිටත් ප්‍රකාශයට පත් කර අවසන්. රජයේ මුද්‍රණාලායාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, මහනුවර දිස්ත්‍රික්කයේ සභික නාම ලේඛණය ඊයේ පස්වරුවේ තම දෙපාර්තමේන්තුවට ලැබුණු බව ය. එම නාම ලේඛණය පසුවිපරම් සිදු කිරිමෙන් පසු අනිද්දා වනවිට ගැසට් නිවේදනය නිකුත් කිරිමට අපේක්ෂා කරන බව ද රජයේ මුද්‍රණාලායාධිපතිනිය ප්‍රකාශ කළා ය. |
2018-03-17T19:46:30.000Z | හදිසි තත්ත්වය ඉවත් කිරීමේ ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි - ජනාධිපති ලේකම් | හදිසි තත්ත්වය ඉවත් කෙරේ | COLOMBO (Newsfirst) - හදිසි අවස්ථා තත්ත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරිමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අත්සන් තබා තිබේ. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, ජපාන සංචාරය නිමවා ඊයේ රාත්‍රි දිවයිනට පැමිණි ජනාධිපතිතුමා අදාළ ගැසට් නිවේදනයට අත්සන් කළ බව ය. ජනාධිපතිතුමා විසින් දින 10 කාලයක් සඳහා හදිසි අවස්ථා තත්ත්වය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇති වු සාපරාධි ක්‍රියා හේතුවෙනි. |
2018-03-17T11:15:46.000Z | ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට පිවිසෙයිද? | ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට පිවිසෙයිද? | COLOMBO (Newsfirst) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට පිවිසීමේ සූදානමක් තිබේද? මේ පිළිබඳව මාධ්‍ය ඔහුගෙන් ඊයේ විමසීමක් කළේය. ප්‍රශ්නය - ඔබතුමා දේශපාලනයට එන්න අදහසක් තියෙනවාද? හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා "එහෙම සූදානමක් නෑ. ඒක ඒ අවස්ථාවේදී බලන්න ඕනේ" ප්‍රශ්නය - ඒ කියන්නේ දැන් ටිකක් කැමතියි වගේ? හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා "මම ඊට වඩා කැමතියි යම්කිසි ආකාරයකින් ඕනම ආකාරයකින් රටට සේවය කරන්න පුළුවන්නේ. ඉතිං ඒක දේශපාලනයට ඇවිල්ල ද නැතුව ද පළවෙනිය ද දෙවනිය ද තුන්වෙනි ද කියන ප්‍රශ්නයක් නෑ. ඒ කාර්ය කරන්න ඕනේ " https://www.facebook.com/NewsfirstSL/videos/1879093375484245/ |
2018-03-17T10:52:50.000Z | දියවන්නා ඔයට පෙරළුණු සුඛෝපභෝගී මෝටර් රථයේ සැබෑ හිමිකරු කවුද? | දියවන්නාවට පෙරළුණු මෝටර් රථයේ හිමිකරු කවුද? | COLOMBO (Newsfirst) - තලවතුගොඩ ප්‍රදේශයේදී දියවන්නා ඔයට පෙරලී තිබුණු සුඛෝපභෝගී මෝටර් රථය කොළඹ 5 ප්‍රෙද්ශයේ පිහිටා ඇති මෝටර් අලෙවි කරන සමාගමට අයත් එකක් බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ. නමුත් අද පස්වරුව වනතෙක් වාහනයේ හිමිකරු හෝ රියැදුරු පොලීසියට ඉදිරිපත්වී තිබුනේ නැහැ. පොලිසිය පැවසුවේ තව ත් මෝටර් රථ දෙකක ගැටීමෙන් අනතුරුව අදාළ මෝටර් රථය මෙලෙස ඔයට පෙරළී ඇති බව ය. අනතුරින් කිසිවෙකුත් තුවාල ලබා නැතැයි පොලීසිය සඳහන් කළේය. ඇසින් දුටුවන් "උදේ 6ට විතර ඇති ආවේ මේ පැත්තේ ඉදලා ගොඩක් වේගයෙන් ආවා කාර් එක් ආපු ගමන් කේලින්ම වැවට ගියා මේහෙන් තව ආව වහන දෙක්ක ඒ දෙකේත් වද්දගෙන තමා ගියේ දෙන්න ත්‍රිවිල් ඒක පැනලා ගිහිල්ලා" "කලබ් ඒකේ ඉදලා එළියට එනවා මං ලඟට එනකමි දැක්කේ නැහැ හුගක් වේගයෙන් ආවේ ඒකේ පිකප් එක් වැඩියි. මං බේරේක් කළා බේරේක් කළාට පස්සේ මගේ කාර් එක් අංශක 90ක් හැරුණා. අනෙත් වහනේ ආවේ තලවතුගොඩ පැත්තේ ඉදලා ඒකෙත් වැදිලා කේලින්ම ඇළට වැටුනා " https://www.facebook.com/NewsfirstSL/videos/1879098492150400/ |
2018-03-17T09:24:24.000Z | බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලයි | බංග්ලාදේශය ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලයි | COLOMBO (Newsfirst) - නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලා තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඔවුන්ගේ විනය විරෝධී හැසිරීම හේතුවෙන් බංග්ලාදේශ නායක ශකිබ් අල්-හසන්ට හා අතිරේක ක්‍රීඩක නූරූල් හසන්ට තරග ගාස්තුවෙන් සියයට 25 ක දඩයක් සහ කුසලතා ලකුණු 01 බැගින් පහළ දැමීමටත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නීති සහ රෙගුලාසි උල්ලංඝනය කිරීම හේතුවෙන්, ක්‍රීඩකයින් වෙත මෙම කුසලතා ලකුණු අඩු කිරීම සිදු කරනු ලැබේ. අදාළ දඩුවම මාස 24 ක කාලයක් දක්වා බලපැවැත්වෙන අතර කුසලතා ලකුණු 3 ක් අඩු වුවහොත් ක්‍රීඩකයා සතු සමස්ත ලකුණු ප්‍රමාණයෙන් එක් ලකුණක් අඩු වනු ඇති. එම තරගය අතරතුර ඇතිවූ සිදුවීමක් මත බංගලාදේශ ක්‍රීඩකයින් කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ විවේකාගාරයේ දේපළවලට හානිකර ඇති බවට තොරතුරු වාර්තා විය. ඊයේ පැවති තරගයේ බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාරයේදී දෙපිලේ ක්‍රීඩකයින් අතර බහින්බස් වීමක් ද සිදුවිය. ඒ, හේතුවෙන් තරගය සුළු වේලාවකට නතර කිරීමට ද සිදු වූ අතර මෙවැනි අවාසනාවන්ත සිදුවීම් තුළින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට හානියක් වනවා නොඅනුමානයි. තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 2ක තියුණු ජයක් හිමි වූ අතර ඔවුන් ඉන්දියාව සමග පැවැත්වෙන අවසන් මහා තරගයට ද සුදුසුකම් ලබා ගත්තේය. නිදහස් කුසලානයේ අවසන් මහා තරගය බංග්ලාදේශය සහ ඉන්දියාව අතර හෙට කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය. https://www.facebook.com/NewsfirstSL/videos/1878793718847544/ |
2018-03-17T08:05:03.000Z | අනියම් සබඳතාවක් හේතුවෙන් වැලිපැන්නේ ඝාතනයක් | අනියම් සබඳතාවක් හේතුවෙන් වැලිපැන්නේ ඝාතනයක් | COLOMBO (Newsfirst) - මතුගම, වැලිපැන්න, සිසිලැල්තැන්න ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, අද උදෑසන 9.00ට පමණ එම ඝාතනය සිදුව ඇති බව ය. මියගොස් ඇත්තේ 37 හැවිරිදි කාන්තාවකි. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව ඇයගේ සිරුර කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර තිබේ. පොලීසිය සඳහන් කළේ, අනියම් සබඳතාවක් මත මෙම ඝාතනය සිදුව ඇති බව ය. වැලිපැන්න පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලැබේ. |
2018-03-17T07:48:59.000Z | ප්‍රදේශ රැසක උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළට | ප්‍රදේශ රැසක උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළට | COLOMBO (Newsfirst) - දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව අද උපරිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයෙනි. එය සෙල්සියස් අංශක 35.0 කි. කොළඹ, ගාල්ල, කටුගස්තොට, පුත්තලම, රත්මලාන සහ වව්නියාව ප්‍රදේශවල රාත්‍රි කාලය තුළ අවම උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 03 කින් ඉහළ ගොස් තිබේ. අනුරාධපුරය, බදුල්ල, මඩකලපුව, කටුනායක, කුරුණෑගල, මහඉලුප්පල්ලම, මන්නාරම සහ රත්නපුර ප්‍රදේශවල උෂ්ණත්වය ද සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 02 කින් ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙලෙස උෂ්ණත්වය ඉහළ යෑමට හේතු කිහිපයක් මුල් වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි. බෙංගාල බොක්ක කැළඹිලි ස්වභාවය අනුව මෙම තත්ත්වය වෙනස් විය හැකි බව ද ඔහු සඳහන් කළේය. |
2018-03-17T07:09:13.000Z | මහනුවර සිදුවීමේ රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවන් 10 දෙනා රිමාන්ඩ් | මහනුවර සිදුවීමේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට | COLOMBO (Newsfirst) - මහනුවර ප්‍රදේශයේ පසුගියදා සිදුවූ සාපරාධි ක්‍රියාවලට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවන් 10 දෙනා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරුවන් අද තෙල්දෙණිය හා ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. අමිත් ජීවන් වීරසිංහ ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර සුරේ ද සුරවීර ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය. පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ තිබුණි. |
2018-03-17T06:51:59.000Z | රාජකීය විද්‍යාලයට එරෙහි එක්දින තරගයේ ජය ශාන්ත තෝමස් විද්‍යාලයට | මස්ටෑන්ග් කුසලානයේ ජය ශාන්ත තෝමස් විදුහලට | COLOMBO (Newsfirst) - කොළඹ, රාජකීය කණ්ඩායම පරදා 43 වැනි වරට පැවති මස්ටෑන්ග් කුසලානය ලකුණු 131කින් ජය ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් කණ්ඩායම අද සමත් විය. තරගය පැවැත් වුණේ කොළඹ එස්.එස්.සී පිටියේදී ය. කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් ක්‍රීඩකයින් පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 216 ක් රැස් කළේය. එම ඉලක්කය හඹා ගිය රාජකීය ක්‍රීඩකයින්ට පන්දුවාර 33 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 85 ක් පමණි. |
2018-03-17T04:43:59.000Z | විනය විරෝධීව හැසිරුණු බංග්ලාදේශ නායකයාට සහ නූරූල් හසන්ට දඩ | ශකිබ් අල්-හසන්ට සහ නූරූල් හසන්ට දඩ | COLOMBO (Newsfirst) - බංග්ලාදේශ නායක ශකිබ් අල්-හසන්ට හා අතිරේක ක්‍රීඩක නූරූල් හසන්ට තරග ගාස්තුවෙන් සියයට 25 ක දඩයක් සහ කුසලතා ලකුණු 01 බැගින් පහළ දැමීමටත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ, ශ්‍රී ලංකාව සමග ඊයේ පැවති නිදහස් කුසලාන තුන්කොන් තරගාවලියේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී හැසිරුණු ආකාරය හේතුවෙනි. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නීති සහ රෙගුලාසි උල්ලංඝනය කිරීම හේතුවෙන්, ක්‍රීඩකයින් වෙත මෙම කුසලතා ලකුණු අඩු කිරීම සිදු කරනු ලැබේ. අදාළ දඩුවම මාස 24 ක කාලයක් දක්වා බලපැවැත්වෙන අතර කුසලතා ලකුණු 3 ක් අඩු වුවහොත් ක්‍රීඩකයා සතු සමස්ත ලකුණු ප්‍රමාණයෙන් එක් ලකුණක් අඩු වනු ඇති. මේ අතර තරගය අතරතුර ඇතිවූ සිදුවීමක් මත බංගලාදේශ ක්‍රීඩකයින් කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ විවේකාගාරයේ දේපළවලට හානිකර ඇති බවට තොරතුරු වාර්තා විය. ඊයේ පැවති තරගයේ බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාරයේදී දෙපිලේ ක්‍රීඩකයින් අතර බහින්බස් වීමක් ද සිදුවිය. ඒ, හේතුවෙන් තරගය සුළු වේලාවකට නතර කිරීමට ද සිදු වූ අතර මෙවැනි අවාසනාවන්ත සිදුවීම් තුළින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට හානියක් වනවා නොඅනුමානයි. තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 2ක තියුණු ජයක් හිමි වූ අතර ඔවුන් ඉන්දියාව සමග පැවැත්වෙන අවසන් මහා තරගයට ද සුදුසුකම් ලබා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයත් සමගින් නිදහස් කුසලාන තරගාවලියෙන් ඉවත් විමට සිදුවිය. https://www.facebook.com/NewsfirstSL/videos/1878793718847544/ |
2018-03-17T03:08:55.000Z | ෂී ජින්පිං 2 වන වරටත් චීනයේ ජනාධිපති ධූරයට තේරී පත් වෙයි | ෂී ජින්පිං යළිත් චීනයේ ජනපති ලෙස තේරී පත් වෙයි | (Newsfirst) - ෂී ජින්පිං මහතා චීනයේ නව රාජ්‍ය නායකයා ලෙසට තේරී පත් වෙයි. ඒ අනුව ඔහු චීනයේ ජනාධිපති ධූරයට පත් වන්නේ 2 වන වරටයි. ඡන්ද විමසීමේදී ඒකමතිකව ෂී ජින්පිං මහතා චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති හා චීන මහජන සමූහාණ්ඩුවේ මධ්‍යම යුද කමිටු සභාපති ධූරයට තේරී පත් විය. 13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ 5 වන පූර්ණ සැසිය අද (17) පෙරවරුවේ බෙයිජිං මහජන මහ ශාලාවේදී පැවැත්විණි. මීට අමතරව, ලී චැන් ෂූ මහතා 13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපතිවරයා වශයෙනුත් වාං චී ෂැන් මහතා චීන මහජන සමූහාණ්ඩුවේ උප ජනාධිපති වශයෙනුත් එම අවස්ථාවේදී තේරී පත් වූහ. 5 වන පූර්ණ සැසියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දිවුරුම් දීමේ උත්සවය පැවැත්විණි. එය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දිවුරුම් දීමේ ක්‍රමය ස්ථාපිත වීමෙන් පසු චීන නායකයින් චීන ජාතික මහජන කොංග්‍රසයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කළ ප්‍රථම දිවුරුම් දීම ය. |
2018-03-17T02:44:31.000Z | 2017 සා/පෙළ ප්‍රතිඵල ලබන 28 නිකුත් කෙරේ | 2017 සා/පෙළ ප්‍රතිඵල ලබන 28 | COLOMBO (Newsfirst) - 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 28 වන දා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, විභාග ප්‍රතිඵල ලේඛන සකස් කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව ය. පසුගිය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 685,000කි. මේ අතර 2018 දහම් පාසල් අවසන් විභාගය ලබන 24 හා 25 යන දිනවල දිවයින පුරා මධ්‍යස්ථාන 654කදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. |
2018-03-17T02:26:14.000Z | ශ්‍රී ලංකාව 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන අදට වසර 22යි | ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 22යි | COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකාව 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන අදට වසර 22ක් සපිරේ. පකිස්ථානයේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේදී තරග වැදුණේ ඔස්ට්‍රේලියාව සමග යි. තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 241කි. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ මාර්ක් ටේලර් පන්දු 83කදී ලකුණු 74ක් රැස් කළේ ය. ඊට හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් ඇතුළත් ය. රිකී පොන්ටින් ලකුණු 45ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී අරවින්ද ද සිල්වා කඩුලු 3ක් දවා ගත්තේ ය. සනත් ජයසූරිය, කුමාර ධර්මසේන, මුත්තයියා මුරලිදරන් සහ චමින්ද වාස් අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියහ. ලකුණු 242ක ඉලක්කයක් කරා හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 2කදී තරගයේ ජයග්‍රාහී සීමාව පසු කළේ කඩුලු 7ක විශිෂ්ට ජයක් අත්කර ගනිමිනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් අරවින්ද ද සිල්වා නොදැවී ලකුණු 107ක් රැස් කළේ ය. ඊට හතරේ පහර 13ක් ඇතුළත් ය. නායක අර්ජුන රණතුංග නොදැවී ලකුණු 47ක් රැස් කළේ ය. එම තරගයේ වීරයා ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ තරගය ජයග්‍රහණය කරා ගෙන ගිය අරවින්ද ද සිල්වා යි. සනත් ජයසූරිය තරගාවලියේ වීරයා ලෙසින් සම්මානයට පාත්‍ර විය. සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ බලාපොරාත්තු මල්ඵල ගන්වමින් එදා ශ්‍රී ලංකා කණ්ඩායම 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත්තේ ශ්‍රී ලංකාවේ අභිමානය ජාත්‍යන්තරය තුළ යළිත් පසක් කරමිනි. එදා පටන් මේ දක්වා ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණ රැසක් මෙරටට හිමි කර දෙමින් ලක් මාතාවගේ කීර්ති නාමය බැබළවීමට කටයුතු කරමිනි සිටියි. 1996 ක්‍රිකට් ලෝක කිරුළ මෙරටට දිනා දුන් සිංහ පැටවුන්ට අපගේ උත්තමාචාරය....! |
2018-03-17T00:11:00.000Z | ලබන මාසයේ සිට දුම්රිය ගාස්තු වැඩි වෙයි | ලබන මාසයේ සිට දුම්රිය ගාස්තු වැඩි වෙයි | COLOMBO (Newsfirst) - ලබන මාසයේ සිට දුම්රිය ගාස්තු 15% කින් වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය සාමාන්‍යාධිකාරී එම්. අබේවික්‍රම මහතා පැවසුවේ, ඒ සඳහා අවසරය ලැබී ඇති බව ය. ඊට අදාළ ගැසට් නිවේදනය මේ මස අගදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේ ය. දුම්රිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, අවම ගාස්තුව වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී නොමැති බව ය. මේ වන විට දුම්රිය අවම ගාස්තුව රුපියල් 10කි. රුපියල් 10කින් ගමන් කළ හැකි දුර ප්‍රමාණය වෙනස් කිරීමට අවධානය යොමු වී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-03-16T23:05:20.000Z | වීදි ළමුන් සිඟමනේ යොදවන්නන් සොයා දීප ව්‍යාප්ත වැටලීම් | වීදි ළමුන් සිඟමනේ යොදවන්නන් සොයා වැටලීම් | COLOMBO (Newsfirst) - වීදි ළමයින් ඇතුළු මෙරට ආනාරක්ෂිත ළමයින් සුරක්ෂිත පරිසරයකට යොමු කිරීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි. පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණය කිරීමේ කාර්යංශයේ මෙහෙය වීමෙන් එය ක්‍රියාත්මක ය. පොලීසිය සඳහන් කළේ, පසුගිය කාලයේ දිවයින පුරා කළ සමීක්ෂණයකින් එවැනි ළමයින් 600කට අධික සංඛ්‍යාවක් හඳුනාගත් බව ය. අනාරක්ෂිත තත්ත්වයට පත් වූ ළමයින් අතර මව් පිය රැකවරණය අහිමිවූවන් මෙන් ම මව් පියන් රැකි රක්ෂා සඳහා විදෙස් ගතවීම හා විවිධ ප්‍රදේශවලට යාම වැනි සිද්ධි හේතුවෙන් පීඩාවට පත්වූවන් ද සිටින බව හෙළිව තිබේ. මේ අතුරින් වීදි ළමයින් සම්බන්ධයෙන් පොලීසිය විශේෂ අවධානයක් යොමු කර තිබේ. එවැනි ළමයින් සිඟමන් යැදීම ආදී විවිධ කටයුතු සඳහා යොදා ගන්නා පිරිස් අත්අඩංගුවට ගැනීමේ දීප ව්‍යාප්ත මෙහෙයුමක් ද මේ වන විට ක්‍රියාත්මක ය. පොලීසිය පැවසුවේ, කොළඹ නගරයේ පමණක් පසුගිය කාලයේ එවැනි වැටලීම් 28ක් කළ බව ය. ඉන් තම භාරයට ගත් ළමයින් පරිවාස භාරයට යොමු කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව වීදි ළමයින් විවිධ කටයුතු සඳහා යොදා ගන්නා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සෑම පොලිස් ස්ථානයක් හරහා ම මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට උපදෙස් දී තිබේ. |
2018-03-16T22:06:25.000Z | බිබිල නාය යාමේ අවදානමකින් පවුල් 51ක් ආරක්ෂිත ස්ථාන වෙත | බිබිල නාය යාමේ අවදානම සම්බන්ධයෙන් පරීක්ෂණ | COLOMBO (Newsfirst) - බිබිල, මලබටුහෙළ කඳු යායේ පවතින නාය යාමේ අවදානම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පරීක්ෂණ ආරම්භ කර තිබේ. එහි නාය යාමේ අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා පැවසුවේ, ඒ සඳහා පුද්ගලයින් කණ්ඩායමක් අද එම ප්‍රදේශයට පිටත් කර හරින බව ය. ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, නාය යාමේ අවදානම හේතුවෙන් ඉවත් කළ පවුල් 51ක සාමාජිකයින් මේ වන විට ප්‍රදේශයේ විහාරස්ථානයක රඳවා සිටින බව ය. එම පුද්ගලයින්ට සහන සැලසීම මේ වන විට ආරම්භ කර ඇති බව කොඩිප්පිලි මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-03-16T20:21:27.000Z | අකුණු සැර වැදීමෙන් බලංගොඩ දරුවෙකු මරුට | අකුණු සැර වැදීමෙන් බලංගොඩ දරුවෙකු මරුට | COLOMBO (Newsfirst) - බලංගොඩ, ගුරුතවිලගම ප්‍රදේශයේ 13 හැවිරිදි දරුවෙකු අකුණු සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබේ. පොලීසිය සඳහන් කළේ, ප්‍රදේශයට පැවති අධික වර්ෂාවත් සමග ඊයේ පස්වරු 5.00ට පමණ මෙම අනතුර සිදුවී ඇති බව ය. ඔහුගේ දේහය බලංගොඩ මූලික රෝහලේ තැන්පත් කර තිබේ. |
2018-03-16T20:04:48.000Z | පොළොන්නරුව බන්ධනාගාරයේදී රැඳවියෙකු මිය යාම සම්බන්ධයෙන් විමර්ශනයක් | පොළොන්නරුව බන්ධනාගාරයේදී රැඳවියෙකු ගෙල වැළලා ගනී | COLOMBO (Newsfirst) - පොළොන්නරුව බන්ධනාගාරය තුළදී රැඳවියෙකු හදිස්සියේ මිය යාම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ පස්වරුවේදී ඔහු බන්ධනාගාරය තුළ ගෙල වැළලාගෙන සිටියදී පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව ය. එලෙස මිය ගොස් ඇත්තේ, මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි. මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත ය. |
2018-03-16T19:43:45.000Z | VPN භාවිතයෙන් මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ පුද්ගලික දත්ත අනාරක්ෂිත තත්ත්වයට | VPN නිසා විශාල පිරිසකගේ පුද්ගලික දත්ත අනාරක්ෂිතයි | COLOMBO (Newsfirst) - අනාරක්ෂිත VPN භාවිතය හේතුවෙන් මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ පුද්ගලික දත්ත අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇතැයි සයිබර් ආරක්ෂණ විශේෂඥයෝ පවසති. සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යලංකාර මහතා පැවසුවේ, පසුගිය කාලය තුළ බොහෝ පිරිස් VPN හරහා සමාජ ජාල මාධ්‍ය භාවිත කළ බව ය. විදුලි සංදේශ නියාමන සභාවේ දත්ත අනුව පුද්ගලයින් 880,000ක පමණ පිරිසක් මෙලෙස VPN භාවිත කර තිබේ. මෙලෙස VPN භාවිත කිරීම තුළින් තමන්ගේ පෞද්ගලික තොරතුරු මෙන් ම බැංකු තොරතුරු ද අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව අසේල වෛද්‍යලංකාර මහතා පැවසුවේ ය. තවදුරටත් පුද්ගලික දත්ත අනාරක්ෂිත වීමෙන් වැළැක්වීම සඳහා කඩිනමින් තම ජංගම දුරකතනයෙන් VPN APP ඉවත් කරන ලෙස ද ඔහු පෙන්වා දෙයි. |
2018-03-16T15:52:51.000Z | ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් පසු බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් ක්‍රීඩා විවේකාගාරයට ප්‍රහාරයක්? | බංග්ලාදේශයෙන් ක්‍රීඩා විවේකාගාරයට ප්‍රහාරයක්? | COLOMBO (Newsfirst) - නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව තරගය අතරතුර ඇතිවූ සිදුවීමක් මත බංගලාදේශ ක්‍රීඩකයින් කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ විවේකාගාරයේ දේපළවලට හානිකර ඇති බවට තොරතුරු වාර්තා විය. ඊයේ පැවති තරගයේ බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාරයේදී දෙපිලේ ක්‍රීඩකයින් අතර බහින්බස් වීමක් දක්නට ලැබුණි. ඒ, හේතුවෙන් තරගය සුළු වේලාවකට නතර කිරීමට ද සිදු විය. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් තුළින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට හානියක් වනවා නොඅනුමානයි. තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 2ක තියුණු ජයක් හිමි වූ අතර ඔවුන් ඉන්දියාව සමග පැවැත්වෙන අවසන් මහා තරගයට ද සුදුසුකම් ලබා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයත් සමගින් නිදහස් කුසලාන තරගාවලියෙන් ඉවත් විමට සිදුවිය. https://www.facebook.com/NewsfirstSL/videos/1878011705592412/ |
2018-03-16T11:43:33.000Z | නිදහස් කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය අවසන් මහා තරගයට | නිදහස් කුසලානයේ බංග්ලාදේශය අවසන් මහා තරගයට | COLOMBO (Newsfirst) - නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය මීට සුළු වේලාවකට පෙර නිමා විය. ජයග්‍රහණය සඳහා ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ ජයග්‍රාහී සීමාව පසු කළේ ය. තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, ධනුෂ්ක ගුණතිලක සමගින් කුසල් මෙන්ඩිස්. පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 15 කට සීමා කරමින් ධනුෂ්ක ගුණතිලක ලකුණු 4 කට දැවී ගියේ ය. කුසල් මෙන්ඩිස් ලකුණු 11යි. පන්දුවාර 20 යි 20 දිවියේ 10 වන අර්ධ ශතකය වාර්තා කළ කුසල් ජනිත් පෙරේරා ලකුණු 61 ක් රැස් කළේ ය. නායක තිසර පෙරේරා අද වාර්තා කළේ පන්දුවාර 20 යි 20 දිවියේ මංගල අර්ධ ශතකයයි. තිසර පෙරේරා ලකුණු 58 ක් රැස් කළේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 159 කි. |
2018-03-16T11:13:42.000Z | අයහපත් කාලගුණය හේතුවෙන් බිබිල, මලබටුහෙළ ප්‍රදේශයට නාය යාමේ අවදානම් නිකුත් කෙරේ | බිබිල, මලබටුහෙළට නාය යාමේ අවදානම් නිකුත් කෙරේ | COLOMBO (Newsfirst) - පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග බිබිල මලබටුහෙළ ප්‍රදේශයට නාය යාමේ අවදානම් නිකුත් කර තිබේ. මේ වන විට එම ප්‍රදේශයේ පවුල් 51ක පුද්ගලයින් 189 දෙනෙකු සිය නිවාසවලින් ඉවත් කර ඇති අතර ඔවුන්ව බිබිල උණගොල්ල රජමහා විහාරස්ථානයේ රඳවා තිබේ. මේ අතර වවුනියාව, මන්නාරම, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමිටර් 75ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි ය. |
2018-03-16T10:56:10.000Z | අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම් විභාගය ඇරඹේ | අභියෝගයට ලක් වූ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත | COLOMBO (Newsfirst) - අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ කෙරිණි. එම පෙත්සම් ඉදිරිපත් කර තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා යන මහත්වරුන් විසිනි. අදාළ පෙත්සම් අගවිනිසුරු ප්‍රියදාස් ඩෙප්, බුවනෙක අලුවිහාරේ සහ නලීන් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනිණි. මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, අදාළ පනත සම්මත වුවහොත් විශේෂ මහාධිකරණ පිහිටුවීමේ බලය විෂය භාර අමාත්‍යවරයාට හිමි වන බව ය. අධිකරණය සතු විය යුතු එවැනි බලතල දේශපාලනඥයෙකු වන අමාත්‍යවරයාට හිමි වීම අහිතකර බවත්, එමගින් නීතිය දේශපාලනීකරණය විය හැකි බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය. ඔහු පෙන්වා දුන්නේ, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වැනි පොලිස් ඒකක මගින් සිදු කරන විමර්ශන මත අමාත්‍යවරයාගේ කැමැත්ත පරිදි නඩු පැවරීමේ අයිතිය නීතිපතිවරයා හා අල්ලස් කොමිසම වැනි ආයතනවලට හිමි වීමෙන් තෝරා ගත් පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමක් එම අධිකරණ හමුවේදී සිදුවිය හැකි බව ය. එය දේශපාලන පළි ගැනීම්වලට හේතු විය හැකි බව ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය. පෙත්සම් සම්බන්ධ විභාගය ලබන 19 වන දා කල් තැබූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්වලට අතරමැදි පාර්ශවකරුවන් ලෙස සම්බන්ධ වූ අයගේ සහ නීතිපතිවරයාගේ දේශන එදින දක්වා කල් තැබුවේ ය. පසුගිය මාර්තු 06 වන දාත් අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලැබුවේ, 1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ ඇතැම් වගන්ති වෙනස් කිරීමට යෝජනා කරමිනි. අදාළ කෙටුම්පතට අනුව නඩු කඩිනම් කිරීම සඳහා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් යෝජනා කර තිබේ. මේ සම්බන්ධයෙන් මීට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අදාළ පෙත්සම් ඉදිරිපත් වූ අතර ඊයේ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු 11 දෙනෙක් එම පෙත්සම්වලට එරෙහිව මැදිහත්වීම සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියහ. |
2018-03-16T08:36:56.000Z | අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ ගේනවා - මහින්ද රාජපක්ෂ | "අගමැතිව ඉවත් කිරීම එ.ජා.ප.ය විසින් ම සිදු කරයි" | COLOMBO (Newsfirst) - අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේ ගෙන ඒමට නියමිත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන බව බී.බී.සී. සිංහල සේවය වාර්තා කළේ ය. එම වාර්තාවේ දැක්වුණේ, අද කොළඹදී ශ්‍රී ලංකා විදේශ වාර්තාකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් හමුවූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා මේ කරුණ අනාවරණය කළ බව ය. අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම එක්සත් ජාතික පක්ෂයේ ම මන්ත්‍රීවරුන් විසින් සිදු කරනු ඇති බවත් තමන්ට කිරීමට දෙයක් නැති වනු ඇති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම හමුවේදී ප්‍රකාශ කර තිබේ. බී.බී.සී. සිංහල සේවය වාර්තා කළේ, එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් යෝජිත විශ්වාසභංගයට අත්සන් කරනු ඇතැයි රාජපක්ෂ මහතා අපේක්ෂා කරන බව ය. එම පක්ෂයේ තවත් පිරිසක් ඡන්දයේදී සහය දෙනු ඇතැයි ද ඔහු පවසා තිබේ. නමුත් විශ්වාසභංගයට පෙර රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි සිතෙන බව පවසා ඇති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ආරක්ෂා කරන්නේ ඔහු නේදැයි විමසූ පැනයට පිළිතුරු දී ඇත්තේ සිනහවකිනි. ආණ්ඩුව භාර ගැනීමට සූදානම් නොමැති බව ද ඔහු මෙහිදී පවසා තිබේ. රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ, විපක්ෂයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැතිවරයෙකුට සහය දීමට සූදානම් බව ය. කෙසේ වෙතත් තමන් ඉල්ලන්නේ ඉක්මන් මහ මැතිවරණයක් බව ද මහින්ද රාජපක්ෂ මහතා මෙම හමුවේදී යළිත් අවධාරණය කර තිබේ. |
2018-03-16T08:17:56.000Z | ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් පිළිබඳ විශ්වාසයක් නැහැ - ගුවන් නියමුවන්ගේ සංසදයෙන් ජනපතිට ලිපියක් | ශ්‍රීලංකන් ගුවන් සමාගම ගැන ජනපතිට ලිපියක් | COLOMBO (Newsfirst) - ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශ්වාසයක් නැතැයි ශ්‍රීලංකන් ගුවන් නියමුවන්ගේ සංසදය ලිපියක් මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා තිබේ. මෙම ලිපිය ජනාධිපතිතුමා වෙත යොමු කර ඇත්තේ, ශ්‍රීලංකන් ගුවන් නියමුවන්ගේ සංසදය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ගුවන් සහයකයින්ගේ සංගමය හා ශ්‍රී ලංකා ගුවන් සේවා විධායක සංගමය ඒකාබද්ධව ය. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ දූෂණ අක්‍රමිකතා සෙවීමට ජනාධිපතිතුමා පත් කළ ජනාධිපති කොමිසමට මෙම ලිපියෙන් ශ්‍රීලංකන් ගුවන් නියමුවන්ගේ සංසදය සිය ප්‍රසාදය පළ කළේ ය. ප්‍රධාන වශයෙන් ගුවන් නියමුවන්ගේ සංසදය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගත් පටුබද ගුවන් යානා තුනක් සඳහා ආරක්ෂිත ගුවන් ගමනකට අවශ්‍ය යෝග්‍යයතා සහතිකයක් වන එටොප්ස් (etops) සහතිකය ලබාගෙන නොමැති බව ය. එටොප් සහතිකය නොමැති වීමෙන් අදාළ ගුවන් යානා සියලු ම ගමනාන්ත සඳහා යෙදවීමේ හැකියාව අහිමි වන අතර උපරිම කාර්යක්ෂමතාවයෙන් යානා භාවිත කර අදායම් ඉපයීමේ හැකියාව සීමා කරගෙන තිබේ. එමෙන් ම දැඩි ලෙස පාඩු ලබමින් සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ යානා නිසි ප්‍රයෝජනයකින් තොරව ගුවන්තොටුපොළෙහි ගාල් කර තැබීමට සිදුවීම සමාගමේ පාඩුව තවත් තිව්‍රර කරන බව ද ඔවුහු පෙන්වා දෙති. ගුවන් නියමුවන්ගේ සංසදය ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ, ආයතනික ව්‍යුහය හෝ ගුවන් ගමන් ගමනාන්ත පිළිබඳව කිසිදු වෙනස්කමක් කිරීමට වත්මන් ප්‍රධාන විධායක නිලධාරීට හෝ අධ්‍යක්ෂ මණ්ඩලයට කිසිදු අවසරයක් ලබා නොදෙන ලෙස ය. තව ද ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුහගත කිරීම්වලට අදාළ උපදේශන සමාගමක් වන නයිරාස් සමාගමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිදු විශ්වසනීය භාවයක් නොමැති බව ද ශ්‍රීලංකන් ගුවන් නියමුවන්ගේ සංදසය ලිපිය මගින් ජනාධිපතිතුමා වෙත දැනුම් දී තිබේ. |
2018-03-16T08:58:35.000Z | මතභේදයට ලක්ව ඇති මුතුරාජවෙල ප්‍රදේශයේ ඉඩම ගොඩ කරන්නේ කවුද? | මතභේදයට ලක්ව ඇති මුතුරාජවෙල ඉඩම ගොඩ කරන්නේ කවුද? | COLOMBO (Newsfirst) - මතභේදයට ලක්ව ඇති මුතුරාජවෙල ප්‍රදේශයේ ඉඩම් ගොඩ කිරීම තාවකාලිකව නවතා පරීක්ෂණයක් ඇරඹීමට ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල්වරයා තීරණය කර තිබේ. මෙම පරීක්ෂණ වාර්තාව ඉදිරි දින කිහිපයේ ජනාධිපතිවරයාට භාරදෙනු ඇති. මුතුරාජවෙල ප්‍රදේශයේ අක්කර 406ක ප්‍රදේශයක් ගොඩ කිරීම අරඹා ඇති අයුරු පසුගිය දිනක නිව්ස්ෆස්ට් අනාවරණය කළේ ය. පරිසර සංවිධාන චෝදනා කළේ, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පෞද්ගලික සමාගමකට නීති විරෝධී අයුරින් මෙම ඉඩම ගොඩ කිරීමට අනුමැතියක් දී ඇති බව ය. අදාළ සමාගමට මෙම ඉඩම ලබා ගැනීමට අවසර ලබා දී තිබුණේ, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරිය යි. එහෙත් එම දෙපාර්තමේන්තුවේ පමුණුගම ප්‍රාදේශීය කළමනාකාරිණිය ඊට විරෝධය පළ කර තිබේ. අද ඇය පමුණුගම පොලීසියට පැමිණ පැමිණිලි කර සිටියේ, මෙම කාර්යයට මැදිහත් නොවන ලෙස දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරිය තමන්ට තර්ජනය කළ බව ය. මෙම ඉඩම ගොඩ කරන්නේ කවුද? ඒ සඳහා අවසර දුන්නේ කවුද? |
2018-03-16T06:43:53.000Z | ඥානසාර හිමි ජනපති සමග ජපානයේ ගියේ නැහැ - ජනාධිපති මාධ්‍ය අංශය | "ඥානසාර හිමි ජනපති සමග ජපානයේ ගියේ නැහැ" | COLOMBO (Newsfirst) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජපාන සංචාරය සඳහා ගිය නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහභාගී නොවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්, ජනාධිපතිතුමාගේ රාජ්‍ය සංචාරයේ නියෝජිත කණ්ඩායම සමග ජපානයට පැමිණි බවට සමාජ මාධ්‍ය හා ඇතැම් වෙබ් අඩවි ඔස්සේ තොරතුරු ප්‍රචාරය වෙමින් ඇති බව ය. එය සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරයි. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපතිතුමාගේ ජපාන සංචාරයට පෙර, ජපානයට පැමිණ ඇත්තේ පෞද්ගලික සංචාරයක් සඳහා බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. එහි දැක්වෙන්නේ, ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවට උන්වහන්සේ ද එක්ව ඇති බව ය. එය සංවිධාන කළේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බවත්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊට පැමිණ ඇත්තේ ජපානයේ විහාරස්ථානවල භික්ෂූන් වහන්සේ සමග බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. එම නිවේදනයේ දැක්වෙන්නේ, අදාළ උත්සවයේ ඡායාරූප කිහිපයක් ලබා ගනිමින් සකස් කරන ලද ප්‍රවෘත්තියක් හරහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපතිතුමාගේ නියෝජිත කණ්ඩායම සමග ජපානයට පැමිණි බවට සමාජ මාධ්‍ය හා ඇතැම් වෙබ් අඩවි හරහා ගෙන යන ප්‍රචාර අසත්‍ය බව ය. |
2018-03-16T06:02:14.000Z | බැසිල් ඇතුළු විත්තිකරුවන් 4ට එරෙහි නඩුව කල් යයි | බැසිල් ඇතුළු විත්තිකරුවන් 4ට එරෙහි නඩුව කල් යයි | COLOMBO (Newsfirst) - හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ලබන මැයි 03 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නියෝග කළේ ය. ඔවුන්ට එරෙහිව එම නඩුව පවරා ඇත්තේ, පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2991ක් වැය කර සෙවිලි තහඩු බෙදා දීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ය. නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වෙනත් නඩුවකට පෙනී සිටින බව පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේ ය. නඩුවේ සාක්ෂි විභාගය අද පළමු දිනයට පැවැත්වීමට නියමිතව තිබිණි. පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දීම සඳහා කැඳවා තිබූ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් ටි.බී. ජයසුන්දර මහතා ඇතුළු සාක්ෂිකරුවන්ට එදිනට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කළේ ය. |
2018-03-16T05:32:44.000Z | විශ්වවිද්‍යාල වෘත්තීය සමිති නියෝජිතයින් සමග අගමැති කාර්යාලයේ පැවති සාකච්ඡා අසාර්ථකයි | සාකච්ඡා අසාර්ථකයි | COLOMBO (Newsfirst) - විශ්වවිද්‍යාල වෘත්තීය සමිති නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් අතර පැවති සාකච්ඡා අසාර්ථක වී තිබේ. විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පැවසුවේ, ඒ අනුව වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව ය. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද දහවල් එම සාකච්ඡාව පැවැත්විණි. |
2018-03-16T03:38:45.000Z | මුහුදු සීමා උල්ලංඝණය කළ ලාංකික ධීවරයින් 5 දෙනෙකු ඉන්දීය අත්අඩංගුවට | ලාංකික ධීවරයින් 5 දෙනෙකු ඉන්දීය අත්අඩංගුවට | COLOMBO (Newsfirst) - නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු ඉන්දීය අත්අඩංගුවට පත්ව තිබේ. ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ත්‍රීකුණාමලයෙන් ධීවර කටයුතු සඳහා ගිය පිරිසක් එලෙස අත්අඩංගුවට පත්ව ඇති බව ය. ඔවුන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. ඉන්දීය අත්අඩංගුවට පත් ධීවරයින් පිරිස මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගනිමින් සිටින බව ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. ධීවර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා පැවසුවේ, මත්ද්‍රව්‍ය ජවාරමට සම්බන්ධ ශ්‍රී ලංකිකයින් 4 දෙනෙකු ද ඉන්දීය අත්අඩංගුවට පත් ව ඇති බව ය. මේ අතර කාලගුණ නිවේදන නොතකා මුලතිව් නයාරු ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පසුගිය 12 වනදා පිටත්ව ගිය ධීවරයින් පිළිබඳ මෙතෙක් කිසිඳු තොරතුරක් ලැබී නැතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නාවික හමුදාවේ ඩෝරා යාත්‍රා කිහිපයක් යොදවා ධීවරයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ය. එලෙස අතුරුදන් වූයේ හලාවත ප්‍රදේශයේ ධීවරයින් තුන්දෙනෙකි. |
2018-03-16T03:29:49.000Z | මහනුවර සිද්ධියේ වන්දි දීම අමාත්‍යාංශ 4ක් යටතට | මහනුවර සිද්ධියේ වන්දි දීම අමාත්‍යාංශ 4ක් යටතට | COLOMBO (Newsfirst) - මහනුවර පැවැති වාතාවරණය තුළ සිදුවු අලාභ හානි වෙනුවෙන් වන්දි ලබාදීම අමාත්‍යාංශ 4ක් යටතට පවරා තිබේ. ඒ, බුද්ධ ශාසන අමාත්‍යංශය, තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය , පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ යන අමාත්‍යාංශවලටයි. මාස 4ක් ඇතුළත මෙම කටයුතු නිම කිරීමට බලාපොරොත්තුවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මීට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල මූලිකත්වයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අතර ඊට ප්‍රතිපාදන අනුයුක්ත කෙරුණේ ජනාධිපති ලේකම් කාර්යාලයෙනි. |
2018-03-16T03:18:37.000Z | උත්සව සමය ඉලක්ක කර ගනිමින් විශේෂ වෙළෙඳ සල් පරීක්ෂාවක් | උත්සව සමය හේතුවෙන් විශේෂ වෙළෙඳ සල් පරීක්ෂාවක් | COLOMBO (Newsfirst) - උත්සව සමය ඉලක්ක කර ගනිමින් විශේෂ වෙළෙඳ සල් පරීක්ෂාවක් ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. ඊට අදාළව සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි විමර්ශන නිලධාරීන් අනුයුක්තර කර ඇතැයි ද එම අධිකාරිය සඳහන් කළේ ය. මේ යටතේ තොග අලෙවි සල් සහ ගබඩා පරීක්ෂා කෙරෙනු ඇති. අප්‍රේල් පළමු වන දා සිට 12 වන දා දක්වා සිල්ලර වෙළෙඳ සල් වැටලීම් ද ක්‍රියාත්මක ය. ජංගම වෙළඳ සල් ද විශේෂ පරීක්ෂාවකට ලක් කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය. |
2018-03-16T02:57:47.000Z | රජයේ මිනින්දෝරු සංගමයේ විරෝධතාවක් නිසා ගාලු පාර කොල්ලුපිටියෙන් වැසෙයි | ගාලු පාර කොල්ලුපිටියෙන් වැසෙයි | COLOMBO (Newsfirst) - ගාලු පාරේ කොළඹින් පිටවීමේ මංතීරුව කොල්ලුපිටිය මංසන්ධියෙන් වසා දමා තිබේ. ඒ, මිනින්දෝරුවන්ගේ සංගමය ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙනි. පොලීසිය සඳහන් කළේ, කොල්ලුපිටිය මංසන්ධියෙන් කොළඹට ඇතුළුවීමේ මංතීරුව පමණක් මේ වනවිට විවෘතව ඇති බව ය. මේ හේතුවෙන් කොළඹින් පිටවන වාහන, ගෝල්ෆේස් වටරවුමෙන්, අක්බාර් මාවත හරහා කොම්පඤ්ඤවීදිය ඔස්සේ ගමන් කළ යුතු බව පොලීසිය පවසයි. මෙරට ඉඩම් මැනීමේ කටයුතු අමෙරිකානු සමාගමකට ලබා දීමට රජය පියවර ගෙන ඇති බව පවසමින් රජයේ මිනින්දෝරු සංගමය කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක නිරත විය. පසුව ඔවුන් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි අතර ඒ හේතුවෙන් ගාලුමුවදොර පිවිසුම් මාර්ගය ලෝටස් වටරවුම තාවකාලිකව වසා දැමීමට පොලිසිය පියවර ගැනිණි. මේ හේතුවෙන් දැඩි රථවාහන තද බදයක් ද ඇතිවිය. ඔවුන් මේ වනවිට පාගමනින් අග්‍රාමාත්‍ය කාර්යලය දෙසට ගමන් කරමින් සිටින බව වාර්තා වෙයි. https://www.facebook.com/NewsfirstSL/videos/1877402152320034/ |
2018-03-16T02:44:22.000Z | උදයංග වීරතුංගට එරෙහිව විවෘත වරෙන්තුවක් | උදයංග වීරතුංගට එරෙහිව විවෘත වරෙන්තුවක් | COLOMBO (Newsfirst) - රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද විවෘත වරෙන්තු නිකුත් කළේ ය. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යුක්‍රේනයෙන් මිග් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳවීය. උදයංග වීරතුංග මහතා අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර ඇත්තේ එම ගණුදෙනුවට මැදිහත් වී රුපියල් කෝටි ගණනක් අයුතු ලෙස උපයා ඇති බවට චෝදනා නගමිනි. ජාත්‍යන්තර පොලීසියට යැවීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද අධිකරණයේදී ඉල්ලීමක් කළේ ය. මීට අමතරව යුක්‍රේනයේ පදිංචිකරුවන් 5 දෙනෙකු සහ එහි පිහිටි සමාගමක් නඩුවේ සැකකරුවන් ලෙස නම් කර, ඔවුන්ට ද නොතීසි නිකුත් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. එම පුද්ගලයින් හා අදාළ සමාගම කර ඇති වැරදි හෝ ඔවුන්ට එල්ල කළ හැකි චෝදනා පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර කරුණු තහවුරු කරන ලෙසට පොලීසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය නඩුව ලබන 26 වන දා යළි කැඳවීමට දින නියම කළා ය. |
2018-03-16T02:05:37.000Z | ගින්නක් නිසා ගාල්ලේ පවුල් 24,000 කට ජල සැපයුම අත්හිටුවයි | ගින්නක් නිසා ගාල්ලේ පවුල් 24,000 කට ජල කප්පාදුවක් | COLOMBO (Newsfirst) - වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ ඇති වූ ගින්නක් හේතුවෙන් ගාල්ල නගරයේ පවුල් 24,000 කට අධික සංඛ්‍යාවකට ජල සැපයුම අත්හිටුවා තිබේ. ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි දීප්ති සුමනසේකර මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ ජල පවිත්‍රාගාරයේ ප්‍රධාන විදුලි පරිපථයේ ගින්නක් හටගෙන ඇති බව ය. මේ හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහල, මහ මෝදර මහ රෝහල මෙන්ම නගරයේ පිහිටි සියලු රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන වලට බලපෑම් එල්ල වී තිබේ. කරාපිටිය රෝහලට වෙනත් ජල පවිත්‍රාගාරයකින් ජලය ලබා දීමට පියවර ගෙන ඇති බව ගාල්ල ප්‍රාදේශිය ඉංජිනේරු එම්. කේ. ලෙස්ති මහතා සඳහන් කළේය. මහ මෝදර රෝහලට ජලය සැපයෙන්නේ බවුසර් මගිනි. මේ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටී. https://www.youtube.com/watch?v=iSeJGsLppgI |
2018-03-15T22:49:45.000Z | පළාත් පාලන ඡන්දයෙන් තේරී පත්වූ සභිකයින්ගේ නාම ලේඛනය ගැසට් කෙරේ | පුංචි ඡන්දයෙන් දිනපු සභිකයින්ගේ නම් ගැසට් කෙරේ | COLOMBO (Newsfirst) - පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ සභික නාම ලේඛන ඇතුලත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, 2018 මාර්තු 9 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයක් මගිනි. රජයේ මුද්‍රණාලයාධිපති ගංඟා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ, දිස්ත්‍රික්ක 11 ක පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ සභික නාමලේඛන මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති බව ය. අනෙක් දිස්ත්‍රික්වලට අදාළ පළාත් පාලන ආයතන සභික නාම ලේඛන අද දිනය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ද ඇය සඳහන් කළා ය. ඒ, දිස්ත්‍රික් මැතිවරණ ප්‍රධානීන් පැමිණ අදාළ ලේඛන නිවැරදි බව තහවුරු කිරිමෙන් අනතුරුවයි. |
2018-03-15T22:36:16.000Z | රුසියානුවන් 19 දෙනෙකුට අමෙරිකාවෙන් සම්බාධක | රුසියානුවන් 19 දෙනෙකුට අමෙරිකාවෙන් සම්බාධක | 2016 ජනපතිවරණයට මැදිහත්වීම සහ සයිබර් ප්‍රහාර එල්ල කළ බවට චෝදනා කරමින් අමෙරිකාව රුසියානුවන් 19 දෙනෙකුට එරෙහිව සම්බාධක පනවා තිබේ. අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුවේ විශේෂ උපදේශක රොබර්ට් මුලර් විසින් පසුගිය මාසයේදී චෝදනා එල්ල කළ පුද්ගලයින් 13 දෙනො ද සම්බාධක පැනවූවන් අතරට ඇතුලත් ය. මෙලෙස සම්බාධක පැනවූ පුද්ගලයින් අතර රුසියානු හමුදා බුද්ධි අංශ ආයතනයේ නිලධාරීන් සහ රුසියාවේ සෙන්පීටස්බර්ග් හි අන්තර්ජාල සමීක්ෂණ ආයතනයක ප්‍රධානී යෙව්ජිනී ප්‍රිගෝජින් ඇතුළු 12 දෙනෙකු වේ. යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් සහ විනාශකාරී ලෙස සයිබර් ප්‍රහාර එල්ල කිරීම රුසියානුවන් කළ බරපතල ආක්‍රමණයක් බවට අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් ම්නුචින් චෝදනා කළේය. අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා වැඩි දුරට ත් සඳහන් කළේ, මෙම සම්බාධක මගින් රුසියාව ඉදිරියේදී එල්ල කරන ප්‍රහාර ද ඉලක්ක කෙරෙන බව ය. |
2018-03-15T22:02:16.000Z | නේපාලයට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරම් | නේපාලයට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරම් | නේපාලය පළමු වරට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා ගත්තේය. ඒ, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙහෙය වූ ලෝක කුසලාන ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙනි. එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග වටය බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වේ. එහි 7වැනි සහ 8 වැනි ස්ථාන තීරණය කිරීමට පැවැත්වෙන තරගය සඳහා නේපාලය සුදුසුකම් ලැබුවේ පැපුවා නිව් ගිනි කණ්ඩායම සමග ඊයේ පැවැති තරගය කඩුලු 6කින් ජය ගැනීමත් සමගිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පැපුවා නිව් ගිනි කණ්ඩායම රැස් කළ ලකුණු 114ට පිළිතුරු ලෙස කඩුලු 4ක් පමණක් දැවී නේපාලය එම ඉලක්කය පසු කළේය. නේපාල ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වනවිට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් තහනම් කර ඇති අතර එම කණ්ඩායම මේ වන ඇතුලත්ව ඇත්තේ ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි කොටසටයි. ලෝක කුසලාන ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරග වටයේ එක් තරගයක් හෝ ජය ගැනීමට අසමත් වූ පැපුවා නිව් ගිනි කණ්ඩායමට එක්දින වරම් අහිමි වන බවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ දැක්වේ. එහි වැඩි දුරට ත් සඳහන් වනේනේ පැපුවා නිව්ගිනි කණ්ඩායම සමග ඊයේ පැවැති තරගය ජය ගත් නේපාලයට පළමු වරට එක්දින වරම් හිමිවන බව ය. ලෝක කුසලාන ක්‍රිකට් සුදුසුකම් ලැබීමේ තරග වටයේ 7 වැනි සහ 8 වැනි ස්ථාන තීරණය කිරීම සඳහා නෙදර්ලන්තය සහ නේපාලය අතර තරගය හෙට පැවැත්වේ. |
2018-03-15T21:51:55.000Z | වැලිකඩ ගැටුම පිළිබඳ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව දෙන්නැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමට ප්‍රතිචාර නැහැ - මානව හිමිකම් කොමිසම | වැලිකඩ ගැටුමේ කමිටු වාර්තාව ඉල්ලුවට ලැබුණේ නැහැ | COLOMBO (Newsfirst) - වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් සකස් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ලබා දෙන්නැයි ඉල්ලා තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලිමට මෙතෙක් ප්‍රතිචාර ලැබී නැතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය සඳහන් කළේ, පොලිස් දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරීන්ට අදාළ වාර්තාව ලබාදෙන ලෙස ලිඛිත ඉල්ලීම් ඉදිරිපත් කළ බව ය. තොරතුරු දැනගැනීමේ පනත යටතේ යම් තොරතුරක් ඉල්ලා සති දෙකක් ඇතුළත එය ලබාදිය යුතු වේ. එහෙත් එහි ඇති බැරෑරුම් ස්වභාවය මත එම කාලසීමාව දින 21 දක්වා දීර්ඝ කරගත හැකි ය. ඉන් අනතුරුව අදාළ තොරතුරු ලබා නොදෙන්නේ නම්, ඊට බලපෑ හේතු ද අදාළ පාර්ශවයට දැනුම් දීම, තොරතුරු නිලධාරියාගේ වගකීමකි. කෙසේ වෙතත් අදාළ ඉල්ලීම කර සති 3ක කාලයක් ඉක්මවා ඇතත්, පොලිස් දෙපාර්තමේන්තුව හෝ නීතිපති දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් කිසිඳු දැනුම්දීමක් කර නැතැයි, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය දීපිකා උඩුගම මහත්මිය සදහන් කළා ය. යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව එවකට අධිකරණ අමාත්‍යවරයා වූ විජයදාස රාජපක්ෂ මහතා විසින් වැලිකඩ ගැටුම පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කෙරුණේ 2015 වසරේ ජනවාරි 22 වැනිදා ය. විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට විශ්‍රාමලත් පරිපාලන නිලධාරී නීතිඥ එස්.කේ. ලියනගේ සහ විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක යන මහත්වරුන් ඇතුළත් ය. පිටු 600 කට අධික සංඛ්‍යාවකින් සමන්විත කමිටුවේ අවසන් වාර්තාව 2015 වසරේ ජුනි 9 වැනිදා ඔවුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දුන්නේය. අග්‍රාමාත්‍යවරයාට වාර්තාව භාර දුන්න ද, මෙතෙක් එහි නිර්දේශ ක්‍රියාත්මක කිරිමට හෝ වාර්තාවේ පිටපත් අදාළ අංශවලට යොමු නොකිරීම පිළිබඳ කනගාටු වන බව කමිටු සාමාජික විශ්‍රාමලත් පරිපාලන නිලධාරී නීතිඥ එස්.කේ. ලියනගේ මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට තොරතුරු දැන ගැනීමේ පනත යටතේ වාර්තාවක් ඉල්ලීමට සිදුව ඇත්තේ ද එය තවමත් වගකිවයුතු ආයතනවලට නොලැබීම හේතුවෙනි. 2012 වසරේ නොවැම්බර් මස 9 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ගැටුමින් රැදවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලැබූ රැඳවියන් සංඛ්‍යාව 20 කි. එය, හඳුනාගත් පිරිසක් ඝාතනය කිරීමේ අරමුණින් සැලසුම් කළ එකක් බව මේ වන විටත් අනාවරණය වී අවසන් ය. https://www.facebook.com/NewsfirstSL/videos/1877110565682526/ |
2018-03-15T21:22:29.000Z | මඩු ප්‍රදේශයේදී වගා ළිඳකට වැටීමෙන් දරුවන් දෙදෙනෙකු මරුට | වගා ළිඳකට වැටීමෙන් දරුවන් දෙදෙනෙකු මරුට | COLOMBO (Newsfirst) - මඩු, ඉරගොඉරුප්පුකුලම් ප්‍රදේශයේදී වගා ළිඳකට වැටීමෙන් ළමුන් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ ක්‍රීඩා කරමින් සිටියදී ඔවුන් මෙලෙස අනතුරට ලක්ව ඇති බව ය. මියගොස් ඇත්තේ අවුරුදු 5 සහ අවුරුදු 7 යන වයස්වල පසුවන එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකි. |
2018-03-15T19:25:13.000Z | බොරැල්ල සිරිසර උයන නිවාස සංකිර්ණයේ ගින්නක් | බොරැල්ල සිරිසර උයන නිවාස සංකිර්ණයේ ගින්නක් | COLOMBO (Newsfirst) - බොරැල්ල, සහස්පුර, සිරිසර උයන නිවාස සංකිර්ණයේ ගින්නක් හටගෙන තිබේ. ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්නෙන් එම නිවාස සංකිර්ණයේ 5 වන මහලේ නිවසක් මුළුමනින්ම විනාශ වී ඇති බව ය. ඊයේ පස්වරු 7.30 ට පමණ මෙම ගින්න හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ රථ 5ක් යොදවා තිබුණි. කෙසේ වෙතත්ත් ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ. |
2018-03-15T10:39:04.000Z | නිදහස් කුසලානයේ තීරණාත්මක තරගය හෙට | නිදහස් කුසලානයේ තීරණාත්මක තරගය හෙට | COLOMBO (News 1st) : නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ සමග හෙට පැවැත් වෙන තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මනා සුදානමකින් පසුවන බව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසයි. තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට නම් හෙට පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත යුතුයි. නිදහස් කුසලන පන්දුවාර 20 යි 20 තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තීරණාත්මක තරගය හෙට රාත්‍රී 7 ට ආරම්භ වීමට නියමිතයි. ඒ සඳහා සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පුහුණුවීම් සඳහා එක් විය. මාධ්‍ය හමුවේදී ලසිත් මාලිංග සම්බන්ධයෙන් කළ විමසීමකදී ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙලෙස අදහස් පළ කළේ ය. ඔහු හොඳ ක්‍රීඩකයෙක් එකම දේ තියෙන්නේ එයාව මේ සංචිතයට තෝර ගත්තේ නෑ ඉතින් ඊට එහාට මට දෙයක් කරන්න අමාරුයි මේ අතර ආබාධයකට ලක්ව සිටි බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් හෙට පැවැත්වෙන තරගය සඳහා සහභාගී වීමට අද ශ්‍රී ලංකාවට පැමිණි බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1876518682408381/ |
2018-03-15T09:05:52.000Z | ලසන්ත ඝාතන අභිරහස ගැන අධිකරණයේදී හෙළිදරව්වක් | ලසන්ත ඝාතන අභිරහස ගැන අධිකරණයේදී හෙළිදරව්වක් | COLOMBO (News 1st) : ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ සටහන් පොත හා පොලිස් සටහන් පොතේ තිබු පිටු ඉවත් කළේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතාගේ බලපෑම් මත බව අද අධිකරණයේදී හෙළි විය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේදී පැවසුවේ හිටපු පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහතාගෙන් පසුගිය දා ලබාගත් ප්‍රකාශයකදී මෙම කරුණු අනාවරණ කර ඇති බවයි. ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායකක්කාර සහ හිටපු පොලිස් පරික්ෂක තිස්ස සුගතපාල යන මහත්වරුන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණ. නඩුවේ දෙවන සැකකරු වන තිස්ස සුගතපාල මහතා එවක ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේ ය. අද නඩුව කැඳ වූ අවස්ථාවේ පරීක්ෂණ ප්‍රගතිය දැනුම් දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ වික්‍රමතුංග මහතාගේ ඝාතකයින් පැමිණි බව කියන යතුරු පැදිය සම්බන්ධයෙන් අපරාධ යුද හමුදා බුද්ධි අංශයේ යතුරුපැදි අංශයේ නිලධාරින් 7 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගත් බවයි. මීට පෙර ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ලබාගත් බව ද ඔවුහු දැනුම් දුන්හ. ලසන්ත වික්‍රමතුංග මහතාගේ ජංගම දුරකථනය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික අංශය මගින් වාර්තාවක් ලබා ගැනීමට කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අද අවසර ලබා දී තිබේ. පසුගිය 8 වන දා නඩුවේ තුන්වන සැකකරු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට බන්ධනාගාරයට ගිය ද ඔහු ක්ලාන්තවීම හේතුවෙන් එය ලබා ගැනීමට නොහැකි වූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට කියා සිටියේ ය. |
2018-03-15T08:50:51.000Z | මාධ්‍යවේදිනී චේතනා ලියනගේ 'නොකියූ ප්‍රවෘත්ති' එළිදකී | චේතනා ලියනගේ 'නොකියූ ප්‍රවෘත්ති' එළිදකී | COLOMBO (News 1st) : ප්‍රවීණ ජනමාධ්‍යවේදීනි චේතනා ලියනගේ මහත්මිය විසින් රචිත නොකියූ ප්‍රවෘත්ති කෘතිය අද එළිදැක්විය. ඒ, ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදීයි. නොකියූ ප්‍රවෘත්ති කෘතිය දොරට වැඩීමේ උත්සවය අද පැවැත්වුණේ, මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. සිරස News 1st ඔස්සේ ඔබට සමීප වූ චේතනා ලියනගේ මහත්මිය ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදී ගත් කතුවර ගුණදාස ලියනගේ මහතාගේ කනිටු දියණිය වනර අතර අද උත්සවය ආරම්බ කෙරුණේ එතුමන් පිළිබඳ මතකය අවදි කරමිනි. නොකියූ ප්‍රෘවෘත්ති කෘතිය එළිදැක් වූයේ ගුණදාස ලියනගේ මහතාගේ 20 වන ගුණ සමරුවට සමගාමීවයි. මෙම අවස්ථාවට ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදීහු, දේශපාලනඥයෝ, කලාකරුවෝ ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. https://www.facebook.com/NewsfirstSL/videos/1876578245735758/ |
2018-03-15T08:22:46.000Z | සමාජ මාධ්‍ය අවහිරයෙන් වූ අපහසුව ගැන රජයේ කනගාටුව | Facebook අවහිරයෙන් වූ අපහසුව ගැන රජයේ කනගාටුව | COLOMBO (News 1st) : Facebook සමාජ ජාලය සඳහා පනවා තිබූ තාවකාලික අවහිර කිරීම අද දහවල් ඉවත් කෙරිණ. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදුලි සංදේශ නියාමන කොමිසම වෙත කළ නියෝගයක් අනුවයි. මෙම තාවකාලික සමාජ මාධ්‍ය අවහිරය හේතුවෙන් ජනතාවට සිදුවූ අපහසුතාවය පිළිබඳව රජය කනගාටුව පළ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය අද දහවල් නිවේදනය කළේ ය. මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ සිදුවීම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය 7 වන දා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය අවහිර කිරීමට රජය පියවර ගත්තේ ය. ඊයේ දිනය වනවිට Viber හා Whatsapp සඳහා පැනවූ සීමා ලිහිල් කර තිබූ අතර අද Facebook සීමාවන් ලිහිල් කළේ, එම සමාගමේ නියෝජිතයින් සමග කළ සාකච්ඡාවකින් පසුවයි. Facebook සමාගමේ ඉන්දීය හා දකුණු ආසියානු කලාපයේ ප්‍රජා සම්මතයන් පිළිබඳ කළමනාකරු බහිරව් ආචාරියා සහ එහි අධ්‍යක්ෂ ශිව්නාත් තුක්රාල් යන මහත්වරුන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා හමුවිය. මෙම සාකච්ඡාවෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ Twitter පණිවුඩයේ සඳහන් වූයේ තම උපදෙස් මත ලේකම්වරයා සිදු කළ මෙම සාකච්ඡාවේදී වෛරී ප්‍රකාශ හා උසිගැන්වීම් සඳහා තම වේදිකාව පරිහරණය නොකරන බවට Facebook සමාගමේ නියෝජිතයින් එකඟතාව පළ කළ බවයි. ඒ අනුව Facebook වෙත පනවා තිබූ තාවකාලික තහනම වහා ඉවත් කරන්නැයි තමන් විදුලි සංදේශ නියාමන කොමිසමට උපදෙස් දුන් බව ජනාධිපතිවරයාගේ Twitter පණිවුඩයේ සඳහන් ය. මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, වර්ගවාදී, ආගම්වාදී .වෛරී ප්‍රකාශ පැතිරීයාම නියාමනය කිරීම සඳහා ක්‍රමවේද සහ ආයතනික ව්‍යුහයන් ස්ථාපනය කිරීම සඳහා Facebook බලධාරීන් එකඟතාව පළ කළ බවයි. ඒ අනුව රජය සිවිල් ජනතාව හෝ අපරාධ පරීක්ෂණ ආයතන කරන කරුණු දැක්වීම් පිළිබඳව කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට හා ක්‍රීයාත්මක වීමට Facebook නියෝජිතයින් ඉදිරියේදී කටයුතු කරනු ඇති. Facebook සමාජ වෙබ් අඩවිය භාවිත කරමින් වෛරී ප්‍රකාශ පතුරුවා හැරීම ශ්‍රී ලංකාවේ නීතීය යටතේ වරදක්වන බැවින් එවැනි කාර්යන්හි නිරතවෙන ඕනෑ ම කෙනෙකු පිළිබඳව තම ප්‍රජා සම්මතයන් අනුව කටයුතු කිරිමට Facebook සමාගම කැමැත්ත පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. එහි දැක්වුණේ, මෙම එකඟතා පිළිබඳ ප්‍රගති සමාලෝචනයක් නියමිත කාල නියමයන් තුළ සිදුකිරීමටත් ඒ මගින් වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි පියවර සැලසුම් සහගතව අනාගතයේදී ක්‍රියාත්ම කිරීමටත් දෙපාර්ශ්වය එකඟ වූ බවයි. ඇතැම් සමාජ මාධ්‍ය තාවකාලිකව අවහිර කිරීමට ගත් තීරණයෙන් ජාතික සමගියට හා මහජන ආරක්ෂාවට බාධා වන අයුරින් පැතිර ගිය කළහකාරී සිදුවීම් සමනය කිරීමට හැකියාවක් ලැබුණු බව ද ජනාධිපති මාධ්‍ය අංශය සිහිපත් කර තිබේ. |
2018-03-15T06:07:01.000Z | ලක්ෂ 18ක හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට | ලක්ෂ 18ක හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට | රුපියල් ලක්ෂ 18 ක් වටිනා හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු කොටහේන ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඔහු සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 150 යි මිලි ග්‍රෑම් 600 ක් සොයා ගත් බවයි. සැකකරු 65 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. |
2018-03-15T06:00:34.000Z | දකුණේ වී මිල දී ගැනීම ඇරඹෙයි | දකුණේ වී මිල දී ගැනීම ඇරඹෙයි | COLOMBO (News 1st) දකුණු පළාත තුළ වී මිලදී ගැනීමේ කටයුතු අද ආරම්භ වන බව වී අලෙවි මණ්ඩලය පවසයි. රජයේ පුවත් වෙබ් අඩවියේ දැක්වෙන්නේ මෙවර මහ කන්නය සඳහා රජය රුපියල් මිලියන 500ක් වී අලෙවි මණ්ඩලය වෙනුවෙන් වෙන් කර ඇති බවයි. ඊයේ දිනය වන විට නැගෙනහිර පළාත තුළ වී මෙට්‍රික් ටොන් 200ක් වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගෙන තිබේ. මේ අතර, මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය යටතේ පවතින ගබඩා 200 ක් මේ වන විට සූදානමින් පවතින බව වී අලෙවි මණ්ඩලයේ සභාපති බණ්ඩාර දිසානායක මහතා පවසයි. ඒ අනුව රජයේ සහතික මිල වන නාඩු රුපියල් 38 ක මිලකට සහ සම්බා රුපියල් 41 ක මිලකට වී අලෙවි මණ්ඩලය මගින් මිල දී ගනු ඇති. |
2018-03-15T01:53:18.000Z | Facebook සඳහා පනවා තිබු තහනම ඉවතට | Facebook සඳහා පනවා තිබු තහනම ඉවතට | COLOMBO (News 1st) - Facebook සමාජ ජාලය සඳහා පනවා තිබු තාවකාලික තහනම ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබේ. ඒ, අද පෙරවරුවේ දිවයිනට පැමිණි Facebook සමාගමේ සාමාජිකයින් සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ය. එහිදී Facebook මගින් වෛරී සහගත සහ ප්‍රකෝපකාරී මත ප්‍රකාශ කිරීමේ ඉඩ කඩ ඉවත් කරන බවට Facebook සමාගමේ නියෝජිතයින් එකඟ වී තිබේ. |
2018-03-15T01:46:16.000Z | අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ | අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ | COLOMBO (News 1st) - හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද වරෙන්තු නිකුත් කළේ ය. නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරිය එම නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර තිබෙන අර්ජුන මහේන්ද්‍රන් මහතා අධිකරණය මගහැර සිටින පුද්ගලයකු යැයි පෙනී යන බව නිගමනය කරමින් එම වරෙන්තුව නිකුත් කළේ ය. වරෙන්තු ඉල්ලා සිටිමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සාක්ෂි ලබාදුන් පොලිස් පරික්ෂක සංජීවනී කැප්පෙටිගේ මහත්මිය අධිකරණයට පෙන්වා දුන්නේ සැකකාර හිටපු මහබැංකු අධිපතිවරයා ලබාදුන් රහස්‍ය තොරතුරු හේතුවෙන් රජයට රුපියල් බිලියන 688 ක අලාභයක් සිදුවී ඇති බව මේ දක්වා සිදුකළ පරික්ෂණවලදී අනාවරණය වී ඇති බවයි. එමෙන්ම සැකකාර මහේන්ද්‍රන් මහතාට එල්ල වී ඇත්තේ වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි බව එහිදී පෙන්වා දුන් පොලිස් පරීක්ෂකවරිය ඔහුට පසුගිය 08 වැනි දින හෝ ඊට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය විසින් නිකුත් කළ නොතිසි හා විවිධ ආකාරයෙන් කළ දැනුම්දීම් නොසලකා හැර ඇති බවට පෙනී යන බවද ප්‍රකාශ කළේ ය. එම නඩුවේ දෙවැනි සහ සිව්වන සැකකරුවන් වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 29 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධණාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළේ ය. එම සැකකරුවන් දෙදෙනාට අයත් වත්කම් හා බැරකම් පිළිබඳ වාර්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස නියෝගයක් කරන්නැයි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. එම ඉල්ලීමට විත්තියේ නීතිඥවරයා දැඩි විරෝධය පළ කරමින් පැවසුවේ ඔවුන් රජයේ සේවකයින් නොවන නිසා එවැනි නියෝගයක් නිකුත් කිරිමේ හැකියාවක් අධිකරණයට නොමැති බවයි. එම ඉල්ලීම සම්බන්ධයෙන් මීළග නඩු දිනයේදී නියෝගයක් නිකුත් කරන බව මහේස්ත්‍රාත්වරිය අද දැනුම් දුන්නා ය. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් වත්කම් හා බැරකම් පිළිබඳ සවිස්තර වාර්තාවක් ද ලබාදෙන ලෙසට නියෝගයක් කරන්නැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එහි අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. එම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයද මිළඟ නඩු දිනයේදී නිකුත් කරන බව අධිකරණය දැනුම් දුන්නේ ය. එම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කර තිබෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම නියෝජනය කිරීම සදහා නියෝජිතයෙකු එවන ලෙසට අධිකරණය විසින් පසුගිය නඩු දිනයේදී කළ නියෝගය එදින විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා විසින් භාරගත් නමුත් අද දින අධිකරණය හමුවේ කිසිදු නියෝජිතයෙකු පෙනී සිටියේ නැහැ. මේ අනුව විත්තිකරුවන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ එම නඩුවේ හතරවන සැකකරු වන කසුන් පාලිසේන මහතාටම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටීමට අවසර ලබාදෙන ලෙසයි. එම ඉල්ලීමට නීතිපති දෙපාර්තමේන්තුව විරෝධය පළ කළේ ය. ප්‍රශ්ණගත මහබැංකු බැදුම්කර වෙන්දේසිය පැවති සමයේදී සහ ඊට පසුව අර්ජුන් ඇලෝසියස්, කසුන් පාලිසේන සමග සබදතා පවත්වා ඇති පිරිසකගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කළ නීතිපති දෙපාර්තමේන්තුව එම දුරකථන වාර්තා සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට නියෝග කරන්නැයි ද ඉල්ලා සිටියේ ය. එම ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරිය දුරකථන සමාගම් කිහිපයකට අදාළ වාර්තා සපයන ලෙස නියෝග කළේ ය. |
2018-03-15T02:13:33.000Z | දියවැඩියා රෝගීන්ගේ උපකරණවල මිල නියාමනය කෙරේ | දියවැඩියා රෝගීන්ගේ උපකරණවල මිල නියාමනය කෙරේ | COLOMBO (News 1st) - දියවැඩියා රෝගීන් භාවිත කරන උපකරණවල මිල නියාමනයට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, දැනට මෙම උපකරණ සහ ඒ සඳහා භාවිත කරන උපාංග විවිධ මිල ගණන් යටතේ වෙළෙඳපොළේ අළෙවි කරන බව ය. දියවැඩියා රෝගීන්ගේ රුධිරගත සීනි ප්‍රමාණය පරීක්ෂා කිරීම සඳහා භාවිත කරන ග්ලුකෝ මීටර් සහ ඒ සඳහා භාවිත කරන ග්ලුකෝ මාපක තීරු වෙළෙඳපොළේ ඉහළ මිලකට අළෙවි කෙරෙණු ඇත. අමාත්‍යාංශය සඳහන් කළේ, පෞද්ගලික රෝහල්වල ද මේ සඳහා විවිධ මිල ගණන් අය කරන බවයි. ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය සමග සාකච්ඡා කර එම උපකරණ සඳහා කඩිනමින් මිල නියාමනයක් කෙරෙනු ඇති. |
2018-03-15T01:25:07.000Z | ජනපතිට ජපාන අගමැතිගෙන් පැසසුම් | ජනපතිට ජපාන අගමැතිගෙන් පැසසුම් | COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ජපාන ශ්‍රී ලංකා සබඳතා නැවුම් මුහුණුවරකින් ඉදිරියට පැමිණ තිබෙන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා පවසා තිබේ. ජපාන අගමැතිවරයා මේ බව සඳහන් කළේ, එරට සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඊයේ ටෝකියෝ නුවර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයේදී ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජපාන අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, දෙරට අතර සබඳතා ශක්තිමත් මිත්‍රශීලි මෙන් ම විශ්වසනීයත්වයෙන් ඉදිරියට යන බවයි. ජනාධිපතිතුමා සඳහන් කළේ, පසුගිය දිනවල පැවති සාකච්ඡාවලදී දෙරට අතර ආයෝජන හා සහයෝගිතා වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් වූ බව ය. ජපානය සෑම විටම ශ්‍රී ලංකාවේ අවංක මිතුරෙකු ලෙස කටයුතු කරන අතර ඉදිරියේදී සෑම ක්ෂේත්‍රයක් තුළින් ම එය වැඩිදියුණු කර ගැනීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා එම උත්සවයේදී සඳහන් කළේ ය. |
2018-03-15T00:25:02.000Z | දකුණු පළාතේ වී මිලදී ගැනීම අද සිට ඇරඹේ | දකුණු පළාතේ වී මිලදී ගැනීම අද සිට ඇරඹේ | COLOMBO (News 1st) - දකුණු පළාතේ වී මිලදී ගැනීම අද සිට ආරම්භ කරන බව වී අළෙවි මණ්ඩලය පවසා තිබේ. වී මිලදී ගැනීම සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 500කි. ඊයේ දිනය වන විට නැගෙනහිර පළාත තුළ වී මෙට්‍රික් ටොන් 200ක් වී අළෙවි මණ්ඩලය මගින් මිලට ගෙන ඇත. මේ අතර මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා වී අළෙවි මණ්ඩලය යටතේ පවතින ගබඩා 200 ක් මේ වන විට සූදානමින් පවතින බව වී අළෙවි මණ්ඩලයේ සභාපති එම්. බී. දිසානායක මහතා පවසා තිබේ. නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 38 ක මිලකටත් සහ සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 41 කටත් මිලදී ගැනීමටත් වී අළෙවි මණ්ඩලය කටයුතු යොදා තිබේ. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.