date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-04-01T22:46:09.000Z | චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් පෘථිවියට.... | චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් පෘථිවියට.... | COLOMBO (News 1st) : චීනයේ ටියැංගොන් -1 අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් අද අලුයම 5. 45 ට පමණ පෘථිවි අවකාශයට ඇතුළු වූ බව චීන අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ පවසයි. එම ඒජන්සිය සඳහන් කළේ, අඩි 40 ක දිගකි යුත් දිව්‍ය මාලිඟය හෙවත් ටියැංගොන්- 1 නම් එම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් දකුණු පැසිෆික් කලාපය ඉහළින් පෘථිවි අවකාශයට ඇතුළු වූ බවයි. 2016 වසරේ මාර්තු මාසයේදී ටියැංගොන් - 1 අක්‍රිය වූ අතර එම වසරේ සැප්තැම්බර් මාසයේදී චීනය ටියැංගොන් - 1 නැමති සිය දෙවන අභ්‍යවකාශ විද්‍යාගාරය පිහිටුවීය. ටියැංගොන් - 1 අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2011 වසරේදී කක්ෂගත කෙරුණු අතර ඉන් 5 වසරකට පසු එහි මෙහෙයුම් නිමා විය. 2016 වසරේදී චීනය කියා සිටියේ, ටියැංගොන් - 1 අභ්‍යවකාශ මධ්‍යස්ථානය සිය පාලනයෙන් ගිලිහි ගොස් ඇති බව ත් එහි අවසානය කුමක් වේ දැයි තමාට නිශ්චිතව පැවසිය නොහැකි බවයි. පෙර පුවත් පහතින්.... ඉදිරි පැය කිහිපයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක සුන්බුන් මහ පොළොවට කඩා වැටෙයි |
2018-04-01T20:53:13.000Z | දඹුල්ලේ මාරක අනතුරකින් දරුවෙකු ඇතුළු සිව් දෙනෙක් මරුට | දඹුල්ලේ මාරක අනතුරක් : සිව් දෙනෙක් මරුට | COLOMBO (News 1st) : දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ යටිගල්පොත්ත ප්‍රදේශයේදී සිදු රිය අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ ත්‍රීරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් අද උදෑසන අනතුර සිදුව ඇති බවයි. අනතුරින් ත්‍රිරෝද රථයේ පැමිණි පිරිමි පුද්ගලයින් දෙදෙනකු, ගැහැනු දරුවෙකු සහ කාන්තාවක් එලෙස මියගොස් තිබේ. අනතුරට ලක්වූ පුද්ගලයින් කුමන් ප්‍රදේශයේ පදිංචිකරුවන් දැයි මෙතෙක් අනාවරණය වී නොමැත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ අනතුර සම්බන්ධයෙන් සැකපිට ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/1897288816998034/ |
2018-04-01T20:40:33.000Z | අගමැතිට එරෙහි විශ්වාසභංගයට සහය දෙන පා ගමන අද නෙළුම්දෙණියෙන් ඇරඹෙයි | විශ්වාසභංගයට සහය වන පාගමන අද නෙළුම්දෙණියෙන් ඇරඹෙයි | COLOMBO (News 1st) : අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට සහය දක්වමින් ක්‍රියාත්මක පා ගමන තුන්වැනි දිනටත් අද පැවැත්වේ. මහනුවරින් ආරම්භ වූ පා ගමන ඊයේ පස්වරුවේ ගලිගමුව ප්‍රදේශයට නගරයට ළඟා විය. එය අද දිනයේ නෙළුම්දෙණියෙන් ගමන් ආරම්භ කරයි. පාගමන නම් කර ඇත්තේ, ඒකාධිපති ගජ මිතුරු වියරුව පරදන ජන බල අරගලය ලෙසයි. එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය හා එක්සත් ජාතික නිදහස් පෙරමුණ එක්ව මෙම පාගමන සංවිධානය කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/1897202890339960/ |
2018-04-01T20:47:03.000Z | ප්‍රවේසම් වන්න...! උෂ්ණාධික කාලගුණෙන් සිරුරට අහිතකරයි | පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය තවදුරටත් | COLOMBO (News 1st) : පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය ලබන මස අග දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ සුළඟේ වේගය අඩුවීම ඇතුළු කාලගුණ සංසිද්ධි කිහිපයක් මීට බලපා ඇති බවයි. මේ අතර පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් සිරුරට අහිතකර බලපෑම් එල්ල විය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ, කායික රෝග විශේෂඥ වෛද්‍ය දිල්හාර් සමරවීර මහතා පැවසුවේ, අධික හිරු රශ්මිය හේතුවෙන් පහසුවෙන් ම සිරුර විජලයට හෙවත් වියළි තත්ත්වයට පත්විය හැකි බවයි. අධික හිරු රශ්මිය හේතුවෙන් මතුවන අපහසුතා මග හරවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ද ඔහු සඳහන් කළේ ය. අහිතකර බලපෑම්වලින් වැළැකීම සඳහා දිනකට ජලය ලිටර් 3 කට ආසන්න ප්‍රමාණයක් පානය කරන සෞඛ්‍ය අංශ දැනුම් දෙයි. මේ අතර දිවයින බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් විදුලි ජනනය සඳහා දෙ ආකාරයෙන් බලපෑම් එල්ලවී ඇතැයි, විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, පවතින උණුසුම් තත්ත්වය දෛනික විදුලි අවශ්‍යතාව ද ඉහළ ගොස් ඇති බවයි. ජල විදුලි නිෂ්පාදනය පහළ ගිය ද විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් මතුවී නැතැයි ද ඔහු පැවසී ය. |
2018-04-01T20:33:36.000Z | පොලීසියට එරෙහි විරෝධතාවෙන් උණුසුම් වූ ගාන්ධිපුරම් | පොලීසියට එරෙහි විරෝධතාවෙන් උණුසුම් වූ ගාන්ධිපුරම් | COLOMBO (News 1st) : උප්පුවේලී පොලීසියට විරෝධය පළ කරමින් ඊයේ රාත්‍රීයේ ප්‍රදේශවාසීන් පිරිසක් වීදි බැසීම හේතුවෙන් ත්‍රිකුණාමලය - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගාන්ධිපුරම් ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇති විය. ඊයේ රාත්‍රී 10.30ට පමණ ත්‍රිකුණාමලය , ගාන්ධිපුරම් ප්‍රෙදේශයේ ජනතාව ප්‍රධාන මාර්ගයට එක්ව පොලීසියට එරෙහිව විරෝධය පළ කර සිටියේ, ප්‍රදේශයේ ක්‍රියාත්මක අපරාධ කල්ලියක් අත්අඩංගුවට නොගන්නා බවට චෝදනා කරමිනි. මෙම කල්ලිය ඊයේ සවස කඩු සහ ආයුද රැගෙන ගාන්ධිපුරම් ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එම නිවැසියන්ට පහර දී තිබේ. අනතුරුව නිවසේ තිබූ ත්‍රී රෝද රථයකට සහ තවත් භාණ්ඩ කිහිපයකට ද හානි සිදු කර පළා ගොස් ඇති බව ප්‍රදේශවාසූහු පැවසූහ. මෙම සිද්ධිය පිළිබඳව උප්පුවේලි පොලීසියට පැමිණිලි කළ ද , සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියාත්මක නොවන බව පවසමින් ප්‍රදේශවාසීන් විරෝධය පළ කිරීමත් සමග නොසන්සුන් තත්ත්වයක් ඇති විය. ප්‍රදේශවාසීන් පවසන්නේ, මෙම කල්ලිය කලක පටන් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සහ තවත් අපචාරවලට සම්බන්ධ බවයි. මේ පිළිබඳ කිහිප විටක් පොලීසිය දැනුවත් කළ ද තවමත් මෙම කල්ලිය අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු නොකරන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති. කෙසේ වෙතත් පසුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බවට පොලීසිය ලබා දුන් පොරොන්දුවත් සමග උද්ඝෝෂකයෝ විසිර ගියහ. |
2018-04-01T10:32:03.000Z | 36 දෙනෙකුගේ ශ්‍රී පාද ගමන් අධිකරණයට හැරවූ කෝරා.. | 36 දෙනෙකුගේ ශ්‍රී පාද ගමන් අධිකරණයට හැරවූ කෝරා.. | COLOMBO (News 1st) : ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම සඳහා පසුගිය දින දෙක තුළ පැමිණි පිරිස් අතුරින් මත්ද්‍රව්‍ය රැගෙන ගිය 36 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය රැගෙන එන්නේ දැයි, පරීක්ෂා කෙරුණේ හැටන් - දියගල ප්‍රදේශයේදී ය. හැටන් පොලීසිය මෙම වැටලීමට යොදා ගත්තේ පොලිස් නිල සුනඛ අංශයේ -කෝරා- නමැති සුනඛයායි. සැකපිට අත්අඩංගුවට ගැනුණු 36 දෙනා සතුව විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තිබූ බව පොලිසිය පැවසී ය. අප වාර්තාකරු පැවසුවේ, සැකකරුවන් අද හැටන් වැඩ බලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය හමුවට ඉදිරිපත් කළ බවයි. ඔවුන්ට ලබන අඟහරුවාදා නැවත අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, දන්වා ඇප මත මුදා හැර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. |
2018-04-01T10:25:07.000Z | අගමැතිට එරෙහි විශ්වාසභංගය ගැන ඇසූ පැනයට හිටපු ජනපතිනිය දුන් පිළිතුර... | විශ්වාසභංගය ගැන හිටපු ජනපතිනිය දුන් පිළිතුර... | COLOMBO (News 1st) - ඉදිරියේදී ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව පිළිබඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යාපනයේදී දැක් වූයේ මෙවන් අදහසකි. මාධ්‍යවේදී ප්‍රශ්නය - 4 වෙනිදාට ගේන්න තියන විශ්වාසභංගය ගැන කියන්න මැඩම්? හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරතුංග - ඒක ගැන මම දන්නෑ මුකුත්... මාධ්‍යවේදී ප්‍රශ්නය - විශ්වාසභංග යෝජනාව පැරදුනොත් හරි වැරදුනොත් හරි ආණ්ඩුවට දිගටම ගෙනියන්න පුලුවන් තත්ත්වයක් තියනව ද? හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරතුංග - ඔව් ඔව් ඒ අගමැති විතරනේ නමුත්... https://www.youtube.com/watch?v=5rI3Rf6LQQg |
2018-04-01T09:30:06.000Z | ලක්ෂ 90ක හෙරොයින් නේපාල ජාතිකයාගේ උදරයෙන් ඉවතට ගනී | නේපාල ජාතිකයාගේ උදරයෙන් එළියට ආ හෙරොයින්... | COLOMBO (News 1st) : හෙරොයින් ගිලදමා දිවයිනට පැමිණි නේපාල ජාතිකයාගේ උදරයේ තිබී හෙරොයින් ගුලි 90 ක් පිටතට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, එලෙස පිටතට ගත් හෙරොයින්වල බර ග්‍රෑම් 800 ක් වන බවයි. ඒ අනුව එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 90 පමණ වේ. පෙරේදා පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ, කටුනායක ගුවන් තොටුපොළ ඒකකය විසින් ඩුබායි සිට පැමිණි මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබිණ. සැකකරු පෙරේදා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7 ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා දුන්නේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, හෙරොයින් ගිල මෙරටට පැමිණි අයගෙන් වැඩි ම හෙරොයින් ප්‍රමාණයක් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි. |
2018-04-01T09:15:58.000Z | විශ්වාසභංගයේදී දෙමළ ජාතික සන්ධානය කුමක් කළ යුතු ද? | පීපල් පවර් මහජන මත විමසුම ? | COLOMBO (News 1st) - පීපල් පවර් මහජන මත විමසුම දැන් අපගේ newsfirst.lk නිල ෆේස් බුක් පිටුව හරහා ක්‍රියාත්මකයි. මෙවර අප ඔබගෙන් විමසන මතය වන්නේ, අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේදී දෙමළ ජාතික සන්ධානය කුමක් කළ යුතු ද? අගමැතිට සහය දිය යුතුයි? අගමැතිට සහය නොදිය යුතුයි? අද රාත්‍රි 8.00 වන විට අගමැතිට සහය නොදිය යුතුයි යන්න 52% ක් සහ අගමැතිට සහය දිය යුතුයි යන්න 48% ක් සිය මතය ප්‍රකාශ කර තිබේ. තව දුරට ත් ඔබගේ මතය ප්‍රකාශ කිරීම සඳහා අපගේ newsfirst.lk නිල ෆේස් බුක් පිටුවට පිවිසෙන්න... |
2018-04-01T09:00:42.000Z | කිතු සමිදානන් මරණයෙන් උත්ථානය වීම සැමරෙන පාස්කු ඉරිදා දිනය අද යි | පාස්කු ඉරිදා දිනය අද යි | COLOMBO (News 1st) - කිතු සමිඳානන් මරණයෙන් උත්ථානවීම සැමරෙන පාස්කු ඉරිදා දිනය අදට යෙදී තිබේ. වසර 1990 කට පමණ පෙර ජෙරුසලම් නුවර කල්වාරි කන්දේදී කුරුසියේ පත් ජේසූස් ක්‍රිස්තූස් වහන්සේ අද වැනි දිනක උත්ථාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බව කිතුණු විශ්වාසයයි. ඒ අනුව ලොව පුරා කිතුණු ජනතාව පාස්කුව සමරනුයේ ජේසු සමිඳානන් සිය පූජාවෙන් ලෝකයා ගලවා ගැනීම සිහිපත් කරණු පිණිස ය. කුරුසයේ ඇණ ගැසීමේ දුක්ප්‍රාප්තියේ සිට පාස්කු ඉරිදා උත්ථානය දක්වා වන පාස්කු මංගල්‍යය අදින් අවසන් වන අතර දිවයින පුරා දේවස්ථානවලදී අද විශේෂ දේව මෙහෙයන් පැවැත්විණි. මේ අතර පාස්කු ඉරිදා විශේෂ දේව මෙහෙය වතිකානුවේදී පැවැත් වූයේ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි. පවතින අමිහිරි අත්දැකිම් මධ්‍යයේ ලෝකයට නව නැගිටීමක් අවශ්‍ය බව, ශුද්ධෝත්තම හිමිපාණන් මෙහිදී පවසා ඇත. පාස්කු දිනය නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ස්වර්ග රාජයයක් උදෙසා පාස්කුව විසින් අපට විවිර කර දෙනු ලබන කවුළුවෙන් අලුත් හෙටක් දකින්නටත් මනුෂත්වය පිළිබඳව අලුතින් සිතන්නටත් අප සෑම අදිටන් කරගත යුතු බවයි. ජාති ආගම් කුල පක්ෂ පන්ති ලෙසින් පිල් බෙදී ඇන කොටා ගැනීම වෙනුවට ක්‍රිස්තූන් වහන්සේ පෙන්වා දුන් විමුක්තිදායක ප්‍රේමය තුළ ජීවත්වන්නට අදිටන් කර යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය පාස්කු දින සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කර ඇත. මේ අතර විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ද පාස්කු දිනය නිමිත්තෙන් සුබ පැතුම් එක් කර තිබේ. පාස්කු පණිවිඩය තුළින් පිළිඹිඹු වන අපේක්ෂාව ජීවිත නැවත ගොඩ නගා ගැනීම සහ දයානුකම්පාව වැනි ගුණාංග අප තුළට එක්කර ගනිමින් විවිධත්වය සහ සමානාත්මතාවය තහවුරු වූ රටක් ගොඩනගාගත යුතු බව ඔහු සිය පණිවිඩයෙන් පෙන්වා දෙනු ඇත. |
2018-04-01T08:08:50.000Z | මාකඳුරේ පාතාල මධුෂ් අල්ලා ගැනීමට ජාත්‍යන්තර රතු නිවේදනයක් | පතාල මධුෂ් අල්ලා ගැනීමට ජාත්‍යන්තර රතු නිවේදනයක් | COLOMBO (News 1st) - පාතාල නායක මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදනයක් ලබා ගැනීමට පොලීසිය සුදානම් වෙමින් සිටි. පොලිස් විශේෂ කාර්යය බලකායේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊට අදාළ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ය. මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරමට ඉහළ පෙළේ ව්‍යාපාරිකයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ. පොලිස් විශේෂ කාර්යය බලකායේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ, පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පාතාල නායකයින්ගේ අනුගාමිකයින් රැසක් පිළිබඳ විමර්ශන සිදු කරන බවයි. මේ අතර ප්‍රබල පාතාල නායකයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසා ඇත. එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ සඳහා විශේෂ කණ්ඩායම් රැසක් කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලට යොමු කර ඇති බව ය. මේ වසරේ ගත වූ කාල සීමාව තුළ පමණක් පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින් ගණන 8කි. ප්‍රධාන පාතාල කණ්ඩායම් 3 ක් අතර ගැටුම මෙම ඝාතනවලට හේතුවී ඇතැයි පරීක්ෂණ කණ්ඩායම් සඳහන් කළේ ය. |
2018-04-01T08:09:56.000Z | ශ්‍රීලංකන් ගුවන් ගමන් ප්‍රමාදයට හේතු මොනවා ද? | ශ්‍රීලංකන් ගුවන් ගමන් ප්‍රමාදයට හේතු මොනවා ද? | COLOMBO (News 1st) - ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ගමන් ආරම්භයේදී ම ප්‍රමාදවීමට හේතුව ඊ - ටොප් හෙවත් පියාසර කිරීමේ ධාරිතා පහසුකම අහිමිවීම බව එම සමාගමේ නියමුවන්ගේ සංසදය පවසා ඇත. කටුනායක ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කළ ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා ගමන් ආරම්භයේ ප්‍රමාදවීම් 900 ක් වාර්තා වී ඇති අතර ඉන් ගමන්වාර 280 ක් පමණ පැයකට වැඩි කාලයක් ප්‍රමාදවී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් පත අද අනාවරණ කළේ ය. ජනවාරි මාසයේ ගුවන් ගමන් වාර 840 ක් පමණ ප්‍රමාද වී ඇති අතර ඉන් ගමන් වාර 121 ක් පමණ පැයකට වැඩි කාලයක් ප්‍රමාද වී තිබේ. දිගින් දිගටම සිදුවන මෙම ගුවන් ගමන් ප්‍රමාදයන් මග හරවා ගැනීම සඳහා නව ගුවන් කාල සටහන් හඳුන්වාදිය යුතු බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නියමු සංසදය පවසා ඇත. |
2018-04-01T07:08:57.000Z | ඉදිරි පැය කිහිපයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක සුන්බුන් මහ පොළොවට කඩා වැටෙයි | චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් මහ පොළොවට.... | News 1st : ටියැංගොන් - 1 චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිරි පැය 24 තුළදී පෘථිවියට කඩා වැටෙනු ඇතැයි, එය නිරීක්ෂණය කරන විද්‍යාඥයෝ පවසති. යුරෝපීය අභ්‍යවකාශ ඒජනසියේ අනාවැකිවැකි උපුටා දක්වමින් චීන අභ්‍යවකාශ ආයතනය පවසන්නේ, ඉදිරි පැය 24 තුළදී අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් පෘථිවි වායුගෝලයට ඇතුළු වනු ඇති බවයි. අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2011 වසරේදී කක්ෂගත කෙරුණු අතර වසර 5කට පසු එහි මෙහෙයුම අවසන් කෙරිණ. 2016 වසරේදී චීනය කියා සිටියේ, ටියැංගොන් - 1 අභ්‍යවකාශ මධ්‍යස්ථානය සිය පාලනයෙන් ගිලිහි ගොස් ඇති බව ත් එහි අවසානය කුමක් වේ දැයි තමාට නිශ්චිතව පැවසිය නොහැකි බවත් ය. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියේ නවතම අනාවැකි පවසන්නේ, අභ්‍යකාශ මාධ්‍යස්ථානය බීජිං වේලාවෙන් අප්‍රේල් 2 වන දා 7.25ට පෘථිවි වායු ගෝලයට ඇතුළු විය හැකි බවයි. එහෙත් එම වේලාව ඉරිදා සවස් කාලයේ සිට සඳුදා උදෑසන දක්වා විය හැකි බවට ද මත පළ වී ඇත. යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය වැඩිදුරටත් පවසන්නේ, පැයට කිලෝමීටර් 26,000ක වේගයෙන් පෘථිවිය වායුගෝලයට ඇතුළු වන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් නවසීලනත්යේ සිට මධ්‍යම අමෙරිකාව අතර ප්‍රදේශයට ම කඩා වැටෙනු ඇති බවයි. අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බන් පෘථිවි වායු ගෝලයට ඇතුළු වත්ම ගිනිගෙන විනාශ වනු ඇති.එහෙත් තෙල් ටැංකි, රොකට් එන්ජින් වැනි සම්පූර්ණයෙන් ගිනි නොගන්නා ඇතැම් සුන්බුන් කොටටස් පෘථිවියට කඩා වැටිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. විද්‍යාඥයින් පවසන්නේ, මිනිස් වාසය සහිකත ප්‍රදේශවලට සුන්බුන් පතිත වීමේ අවදානමක් නොමැති බවයි. චීන අභ්‍යවකාශ මෙහෙයුම්වල ඇරඹුම... 2001 වසරේදී සතුන් යොදා ගනිමින් චීනය පළමු වරට අභ්‍යවකාශ මෙහෙයුම් ඇරඹී ය. අමෙරිකාව සහ සෝවියට් රුසියාවෙන් පසු චීන ප්‍රථම වරට ගඟනගාමියෙකු සහිත අභ්‍යවකාශය යානයක් වෙත පිටත් කර හැරියේ 2003 වසරේදී ය. චීනයේ පළමු කාන්තා ගඟනගාමිනිය වන ලියු යෑන් 2012 වසරේදී අභ්‍යවකාශ ගමනක නිරකත වූවා ය. චීනය මේ වනවිට ටියැංගොන් - 2 අභ්‍යවකාශ මෙහෙයුමේ නිරතව සිටින අතර චීනයේ ඔවුන්ගේ අපේක්ෂාව 2022 වන විට මිනිසුන් සහිත අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කක්ෂගත කිරීමයි. |
2018-04-01T06:31:36.000Z | අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කෙරේ | අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කෙරේ | COLOMBO (News 1st) - උත්සව සමය වෙනුවෙන්, අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු මිලට ලබාදීමට රජය තීරණය කර තිබේ. අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, හිඟයකින් තොරව ජනතාවට භාණ්ඩ මිලදී ගැනීමේ අවකාශය සලසන්නැයි නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි. ලබන සතියේ සිට වසර අවසන් වනතෙක් ස්ථාවර මිලකට ධීවර සංස්ථාව මගින් මාළු අළෙවි කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. මේ අතර පොල් අපනයනය සීමා කිරීමට රජය තීරණය කර ඇත. අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, පොල් සඳහා පාලන මිලක් පනවා තිබුණ ද එය සාර්ථකව ක්‍රියාත්මක නොවන බවට තොරතුරු ලැබී ඇති බැවින් මෙම පියවර ගත් බවයි. |
2018-04-01T03:57:32.000Z | අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේදී දෙමළ ජාතික සන්ධානය කුමක් කළ යුතුද? | පීපල් පවර් මහජන මත විමසුම? | COLOMBO (Newsfirst) - පීපල් පවර් මහජන මත විමසුම දැන් අපගේ newsfirst.lk නිල ෆේස් බුක් පිටුව හරහා ක්‍රියාත්මකයි. මෙවර අප ඔබගෙන් විමසන මතය වන්නේ, අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේදී දෙමළ ජාතික සන්ධානය කුමක් කළ යුතුද? අගමැතිට සහය දිය යුතුයි? අගමැතිට සහය නොදිය යුතුයි? අද පස්වරු 2.30 වන විට අගමැතිට සහය නොදිය යුතුයි යන්න 51% ක් සහ අගමැතිට සහය දිය යුතුයි යන්න 49%ක් සිය මතය ප්‍රකාශ කර තිබේ. තව දුරට ත් ඔබගේ මතය ප්‍රකාශ කිරීම සඳහා අපගේ newsfirst.lk නිල ෆේස් බුක් පිටුවට පිවිසෙන්න. |
2018-04-01T03:46:00.000Z | රත්නපුර බස් රථ සේවක වර්ජනයක් | රත්නපුර බස් රථ සේවක වර්ජනයක් | COLOMBO (Newsfirst) - රත්නපුර නගරයෙන් ගමන් ආරම්භ කරන පෞද්ගලික බස් රථ සේවකයින් අද පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ. සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගයේ ගමන් කරන බස් රථ සේවකයින්ට පහරදීමක් සිදුකර ඇති බව ය. ඊට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බව ඔහු සඳහන් කළේය. |
2018-04-01T01:30:22.000Z | අගමැතිට එරෙහි විශ්වාසභංගයට සහාය දක්වන පාගමන නතර කරන බවට ගෙනයන ප්‍රචාර අසත්‍යක් - මෛත්‍රී ගුණරත්න | පාගමන නතර කරන බවට ගෙනයන ප්‍රචාර අසත්‍යක් | COLOMBO (Newsfirst) - අගමැතිට එරෙහි විශ්වාසභංගයට සහාය දක්වන පාගමන නතර කරන බවට ගෙන යන ප්‍රචාර අසත්‍යක් බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ පාගමන දෙවන දිනටත් මාවනැල්ලේ සිට ආරම්භ කරමිනි. අද දිනට පාගමන නෙළුම්දෙණියෙන් අවසන් වීමට නියමිත ය. මෙම පාගමන නම් කර ඇත්තේ 'ඒකාධිපති ගජ මිතුරු වියරුව පරදන ජන බල අරගලය' ලෙස ය. ඊයේ මහවනුවරින් ආරම්භ කළ මෙම පාගමන විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙන අප්‍රේල් 4 වැනිදා පාර්ලිමේන්තුව ආසන්නයට ළඟා වීමට නියමිත ය. https://www.facebook.com/NewsfirstSL/videos/1896297013763881/ |
2018-03-31T21:43:19.000Z | ලෝකයට නව නැගිටීමක් අවශ්‍යයි - ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ | ලෝකයට නව නැගිටීමක් අවශ්‍යයි | පවතින අමිහිරි අත්දැකිම් මධ්‍යයේ ලෝකයට නව නැගිටීමක් අවශ්‍ය බව, ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ පවසයි. යේසුස් වහන්සේගේ උත්ථානය සිහි ගන්වමින් වතිකානයේ ශාන්ත බැසිලිකා දේවස්ථානයේ පැවති පාස්කු ඉරිදා ප්‍රධාන දේව මෙහෙයට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය. ලොව සිව්දෙසින් නිරන්තරයෙන් අසන්නට ලැබෙන අමිහිරි සිදුවීම් වළක්වාලීම සඳහා ලෝකය එකම පවුලක් ලෙස නැගී සිටිය යුතු බව ද උන්වහන්සේ එහිදී වැඩි දුරට ත් පවසයි. යේසුස් වහන්සේගේ උත්ථානය සිහි ගන්වමින් පැවති ලොව ප්‍රධාන දේව මෙහෙය සඳහා ශාන්ත බැසිලිකා දේවස්ථානයට කිතුනු බැතිමතුන් දහස් ගණනක් රැස්ව සිටියහ. |
2018-03-31T20:52:48.000Z | ඩේවිඩ් වෝනර් හඬා වැළපෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී | ඩේවිඩ් වෝනර් ක්‍රිකට් පිටියෙන් සමුගනී | හිටපු ඔස්ට්‍රේලියා ක්‍රිකට් උප නායක ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර තරග බිමෙන් සමු ගත්තේය. ඔහු මේ බව නිල වශයෙන් නිවේදනය කළේ සිඩ්නිහිදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරත ඔස්ට්‍රේලියා කණ්ඩායම නිමා වූ තුන්වැනි ටෙස්ට් තරගය අතරතුර පන්දුව පළුදු කළ බවට තහවුරු වීමත් සමග එම කණ්ඩායම පිළිබඳව ලොව පුරා අවදානය යොමු විය. ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය එරට හිටපු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්, උප නායක ඩේවිඩ් වෝනර් සහ පන්දුව පළුදු කිරීම සිදු කළ කැමරන් බැන්ක්‍රොෆ්ට් තරග තහනමකට ලක් කළේ ඉන් අනතුරුවයි. එම සිදුවීමෙන් අනතුරුව ඩේවිඩ් වෝනර් ඊයේ මාධ්‍ය හමුවේ අදහස් පල කළේය. "එම අවස්ථාවේදී මං සිදු කළ වරද පිළිබඳව වගකීම මම භාර ගන්නවා. සමාව අයැදිනවා. ඔස්ට්‍රේලියා ක්‍රිකට් උප නායක ලෙස මගේ වගකීම ඉටු කරන්න මට බැරි වුණා. කවදාහරි දවසක මගේ රට නැවත නියෝජනය කරන්න ලැබෙයි කියන බලාපෙරොත්තුව මට තියෙනවා. නමුත් මං තරග බිමෙන් සමුගන්නේ එවැනි අවස්ථාවක් නොමැති බවට හොඳින්ම අවබෝධ කරගෙනයි. අපේ රටේ බලාපොරොත්තු බිඳ දැමුවා. වැරදි තීරණ ගත්තා. මමත් එහි කොටස්කරුවෙක් වුණා. අපිට නැතිවුණ ගෞරවය ඔස්ට්‍රේලියා ජනතාවගෙන් නැවත දිනා ගන්න අපිට ගොඩාක් කල් යයි. මෙම අවස්ථාවේ මෙතෙන වාඩි වෙලා ඉන්න එකත් අමාරුයි. මගේ පවුලෙන්, විශේෂයෙන්ම බිරිඳගෙන් සහ දියණියන්ගෙන් සමාව ගන්න මට අවශ්‍යයි" https://www.facebook.com/NewsfirstSL/videos/1896111743782408/ 31 හැවිරිදි ඩේවිඩ් වෝනර් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වසර 9ක පමණ කාලයක් ජාත්‍යන්තර තරග නියෝජනය කර තිබේ. ඔහු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරම් වර්ෂ 2009දී දකුණු අප්‍රිකාවට එරෙහිව දිනා ගත්තේය. ඔහු සිය මංගල ජාත්‍යන්තර ටෙස්ට් තරගය 2011 වර්ෂයේදී නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කළේය. ඒ අනුව ටෙස්ට් තරග 74කට ක්‍රීඩා කර ඇති වෝනර් ලබා ඇති ලකුණු ගණන 6363කි. ඊට අර්ධ ශතක 29ක් සහ ශතක 21ක් ඇතුළත්ය. ටෙස්ට් ඉනිමක ඔහුගේ වැඩිම ලකුණු ගණන 253කි. එක්දින ජාත්‍යන්තර තරග 106ක් ක්‍රීඩා කර ඇති වෝනර් ලබා ඇති ලකුණු ගණන 4343ක් වන අතර ඊට අර්ධ ශතක 17ක් සහ ශතක 14ක් ඇතුළත්ය. එක්දින තරගයක ඔහුගේ වැඩිම ලකුණු ගණන 179කි. වෝනර් පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග 70ක් ක්‍රීඩා කර ලබා ඇති ලකුණු ගණන 1792කි. ඊට අර්ධ ශතක 13ක් ඇතුළත් අතර ඉනිමක වැඩිම ලකුණු ගණන 90කි.ஈ |
2018-03-31T20:30:28.000Z | උදයංග වීරතුංග පිටුවහල් කරන්නැයි රජය එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලයි | උදයංග මෙරටට එවන්න - රජය එමීර් රාජ්‍යයෙන් ඉල්ලයි | COLOMBO (Newsfirst) - රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පිටුවහල් කරන්නැයි රජය එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, ඔහු සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු සඳහා මෙරටට එවන ලෙස එමීර් රාජ්‍යයෙන් ඉල්ලා ඇති බව ය. ඒ අනුව එමීර් රාජ්‍යයෙන් ලැබෙන ප්‍රතිචාර අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කරමින් ඇති බව ද පොලීසිය ප්‍රකාශ කළේය. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනේ පසුගිය 26 වනදා ය. මීට පෙර අවස්ථාවකදී ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒම සඳහා ඩුබායි වෙත ගිය ද ඔහු මෙරටට රැගෙන ඒමට නොහැකි විය. ශ්‍රී ලංකාවට රුසියාවෙන් මිග් යානා මිලදී ගැනීමේදී සිදුවු මුදල් වංචාවක් සම්බන්ධයෙන් උදයංග වීරතුංග මහතා විභාගවන නඩුවක සැකකරුවෙකි. ඒ, සම්බන්ධයෙන් පවතින නඩු විභාගයට පැමිණෙන්නැයි අවස්ථා කිහිපයකදී දැනුම් දුන්න ද ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටියේ ය. අධිකරණය ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කරනු ලැබුවේ ඉන් අනතුරුවයි. |
2018-03-31T20:08:46.000Z | අගමැතිට එරෙහි විශ්වාසභංගයට නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ සහාය දෙනවා - එස්. බී. දිසානායක | විශ්වාසභංගයට නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ සහාය | COLOMBO (Newsfirst) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා සන්ධානයේ සහය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. එහි භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ, ලබන 02 වනදා ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ය. ලබන 04 වනදායින් පසු නව කැබිනට් මණ්ඩලයක් පත් කිරිමට නියමිත බව ද ඔහු වැඩි දුරට ත් සඳහන් කළේය. https://www.facebook.com/NewsfirstSL/videos/1896084900451759/ |
2018-04-01T00:00:24.000Z | අගමැතිට එරෙහි විශ්වාසභංගයට සහාය දක්වන පාගමන මාවනැල්ලෙන් ගමන් අරඹයි | විශ්වාසභංගයට සහාය දක්වන පාගමන දෙවැනි දිනටත් අරඹයි | COLOMBO (Newsfirst) - අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට සහාය දක්වමින් ක්‍රියාත්මක පාගමන අද දෙවැනි දිනට ත් ආරම්භ විය. ඒ අනුව පාගමන මාවනැල්ලේ සිට නෙළුම්දෙණිය දක්වා ගමන් ආරම්භ කළේය. මහනුවරින් ආරම්භ වූ පාගමන පේරාදෙණිය, කිරිබත්කුඹුර, පිලිමතලාව හා කඩුගන්නාව පසුකරමින් ඊයේ පස්වරුවේ මාවනැල්ලට නගරයට ළඟා විය. මෙම පාගමන නම් කර ඇත්තේ 'ඒකාධිපති ගජ මිතුරු වියරුව පරදන ජන බල අරගලය' ලෙස ය. එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය හා එක්සත් ජාතික නිදහස් පෙරමුණ එක්ව මෙම පාගමන සංවිධානය කර තිබේ. පාගමන හෙට නෙළුම්දෙණියේ සිට නිට්ටඹුවට ත් අනිද්දා නිට්ටඹුවේ සිට කිරිබත්ගොඩට ත් පැමිණීමට නියමිත ය. පා ගමන පාර්ලිමේන්තුව ආසන්නයට ළඟා වන්නේ, විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙන අප්‍රේල් 4 වැනිදා යි. https://www.facebook.com/NewsfirstSL/videos/1896260023767580/ |
2018-03-31T10:26:08.000Z | උපයන විට ගෙවීම් ඇතුළු බදු සංශෝධන හෙට සිට | උපයන විට ගෙවීම් ඇතුළු බදු සංශෝධන හෙට සිට | COLOMBO (News 1st) : නව බදු සංශෝධන කිහිපයක් හෙට සිට බලාත්මක වීමට නියමිත බව මුදල් අමාත්‍යංශය පවසයි. මෙම නව බදු සංශෝධන ක්‍රියාත්මක වන්නේ නව දේශීය ආදායම් පනත හෙට සිට බලාත්මක කිරීමට සමගාමීවයි. මේ යටතේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ශ්‍රමිකයින්ගේ වැටුපෙන් අයකරනු ලබන උපයන විට ගෙවීම් බද්දද හෙට සිට සංශෝධනය වනු ඇති. ඒ අනුව දැනට අයකරනු ලබන උපයන විට ගෙවීම් බදු සීමාව, වාර්ෂික වැටුප රුපියල් ලක්ෂ හතහාමාරේ සිට ලක්ෂ 12 දක්වා ඉහල දමා තිබේ. වාර්ෂික ආදායම ලක්ෂ 12 සිට වැඩිවන පළමු ලක්ෂ 6ට 4%ක බද්දක් අයකරනු ඇති. එතැන් සිට වැඩිවන සෑම ලක්ෂ 6කට පිළිවෙලින් 8%, 12%, 16%, 20%, 24% ලෙස බදු මුදල් ඉහළ යන බව මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මීට පෙර මෙහි උපරිම බදු මුදලේ ප්‍රතිශතය වූයේ, 16%යි. මීට අමතරව විදේශයන්හි සේවය කරන ශ්‍රමිකයින් මෙරට බැංකුවල තැන්පත් කරන ඉතුරුම්වලට ලැබෙන පොලියට 5% ක බද්දක් අයකිරීමට නියමිතයි. එහෙත් විදෙස්ගත ශ්‍රමිකයින් තම නිවෙස්වලට හා ඥාතීන් වෙත එවනු ලබන මුදල් සඳහා කිසිදු බද්දක් අය නොකරන බවද මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ය. ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා පොලී ආදායම ලක්ෂ 15 දක්වා බද්දෙන් නිදහස් වනු අතර ඉතිරිය 5%ක බද්දක් අයකරනු ඇති. බදු සහන හා බදු විරාම ලබාදීම සඳහා මුදල් අමාත්‍යවරයාට පැවැති අවස්ථා 200 ක් අහෝසි කර තිබීම ද විශේෂත්වයකි. |
2018-03-31T08:01:28.000Z | ගිනිඅවි සමග අත්අඩංගුවට ගත් මෛත්‍රී ගුණරත්න ඇප මත මුදා හැරේ | මෛත්‍රී ගුණරත්න ඇප මත මුදා හැරේ | COLOMBO (News 1st) : ගිනිඅවි දෙකක් සමග කඩුගන්නාවේදී අත්අඩංගුවට ගැනුණු එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඇප මත මුදාහැර තිබේ. ඔහු මුදා හැර ඇත්තේ, නිත්‍යනුකූල ගිනි අවි බලපත්‍ර ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. |
2018-03-31T09:43:24.000Z | ස්ථානාධිපතිවරුන් වහා ම ස්ථාන මාරු කළේ, දේශපාලකයින් සැනසීමට ද? | ස්ථානාධිපතිවරු මාරු කළේ දේශපාලකයින් සැනසීමටද? | COLOMBO (News 1st ) : වහා ම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ද ඇතිව සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බවයි. ඒ අනුව ස්ථානමාරුවීම් ලබා දී ඇත්තේ, නාවලපිටිය,හෙට්ටිපොල, බුලත්සිංහල, කොත්මලේ පොලිස් ස්ථානාධිපතිවරුන්ටයි. මේ අතරින් නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කරන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතා පසුගිය 10 වන දා නාවලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක ද නිරත විය. ඒ, වසා තිබූ ඉන්ධන පිරවුම්හලක් විවෘත කර මන්ත්‍රීවරයාට ඉන්ධන ලබාදීමට පොලීසිය කටයුතු නොකළ බවට චෝදනා කරමිනි. එම අවස්ථාවේ ඔහු රජයේ යම් ප්‍රධානියෙකුට දුරකතනය ඇමතුමක් ද ලබා දී තිබිණ. නව ස්ථානමාරු වීම් ලබා දී ඇති බුලත්සිංහල පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාද පෙබරාවරි මස 10 වන දා සිට දින 05ක කාලයක් බුලත්සිංහල නගර මධ්‍යෙය් විරෝධතාවක නිරත විය. |
2018-03-31T06:46:14.000Z | මාරකයකින් බේරුණු මලාලා යළි මව් රට එයි | මාරකයකින් බේරුණු මලාලා යළි මව් රට එයි | News 1st : ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව ජීවිතය බේරා ගත් නොබෙල් සාම ත්‍යාගලාභීනි මලාලා යූසෆ්සායි පළමු වරට යළි මව් රටට පැමිණ තිබේ. 2012 වසරේ ඔක්තෝබර් මාසයේදී තලේබාන් කැරලිකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් බරපතළ තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා බ්‍රිතාන්‍යයට රැගෙන ගිය ඇය අද සිය මව් රට වන පාකිස්ථානයට පැමිණියා ය. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මලාලා සහ ඇයගේ පවුලේ සාමාජිකයින් රැගත් හෙළිකොප්ටර් යානය දැඩි රැකවල් මධ්‍යයේ ඇය ජීවත් වූ නගරයට සමීපයේ පිහිටි මින්ගෝරා වෙත ගොඩ බැස්ස වූ බවයි. 2012 වසරේ යුද බලකොටුවක් වූ ස්වාත්හිදී තලේබාන් කැරළිකරුවන් ඉලක්කයක් බවට පත් වූ ඇය අද යළි මව් රට පැමිණෙන්නේ, 20 හැවිරිදි තරුණියක ලෙසිනි. යළි මව් රට යාමට හැකි වීම පිළිබඳ අදහස් දක්වමින් මාලාලා පවසා ඇත්තේ, උපන් බිමේ යළි පා තැබිමට අවස්ථාව උදා වීම පිළිබඳ මහත් සේ සතුටට පත්ව සිටින බවයි. මලාලාට වෙඩි..... පකිස්ථානයේ ගැහැනු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටි මලාලා තලේබාන් සංවිධානයේ වෙඩි ප්‍රහාරයට ලක් වූයේ ඇය පාසල් ගොස් යළි එමින් සිටියදී ය. ප්‍රසිද්ධියේ පවා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කිරිමට නොපැකිළුණු ඇය 2012 වසරේ ඔක්තෝබර් මස දිනක පාසල නිමවී යළි නිවසට යාම සඳහා බස් රථයට ගොඩ වූවා ය. පසුව එකවර බස් රථයට කඩා වැඳුණු ත්‍රස්තවාදීන් මාලාලා කවුදැයි, අසමින් ඇයගේ හිසට වෙඩි තබා තිබිණ. මෙම ප්‍රහාරයෙන් බස් රථයේ සිටි ඇයගේ තවත් යෙහෙළියන් දෙදෙනෙක් ද තුවාල ලැබූහ. පසුව තලේබාන් සංවිධානය පැවසුවේ, මලාලා පකිස්ථානය තුළ බරහිට සංස්කෘතිය ප්‍රචාරය කිරිමට ක්‍රියා කිරීම හේතුවෙන් ඇයට මෙම ඉරණම අත් වූ බවයි. මලාලා යූසෆ්සායි 2014 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ අතර ඒ අනුව 17 වියේදී සාම ත්‍යාගලාභිනියක වන ඇය එම ත්‍යාගය ලැබූ ලාබාලතම පුද්ගලයා ලෙස ඉතිහාසයට එක්ව සිටින්නී ය. බරපතළ තුවාල ලබා සුව වූ ඇය තවදුරටත් සිය අරමුණ වෙනුවෙන් ක්‍රියා කිරීම අත්හැර නොමැති අතර බ්‍රිතාන්‍යයේ ජීවත් වෙමින් මලාලා පදනම පිහිටුවන්නේ, ලොව ඕනෑම තැනක ගැහුණු දරුවන්ට කිසිදු බියකින් තොරව අධ්‍යාපනය හැදෑරිම සහ ඉදිරියට යාමේ අයිතිය රැක දීම වෙනුවෙනි. උපාධිය නිම කිරීමෙන් පසු යළි පකිස්ථානයේ ස්ථීර පදිංචියට පිටත්ව යන බව මලාලා පවසන්නේ, උපන් බිමේදී ඝාතනයට ලක්වන්නට ගොස් අනූනවයෙන් ජිවීතය බෙරුණු ත් ඇය අදට ත් උපන් බිමට පෙම් කරන්නියක වන නිසා ය. |
2018-03-31T05:35:36.000Z | ගිං ගඟේ ගිලී මවක, දියණියක ඇතුළු සිව් දෙනෙක් මරුට | ගිං ගඟේ ගිලී කාන්තාවන් සිව් දෙනෙක් මියැදෙති | COLOMBO (News 1st) : ගාල්ල , හිනිඳුම නුගගල මාවත ප්‍රදේශයේදී ගිං ගඟේ ගිලී කාන්තාවක, සහ ගැහැනු දරුවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ගාල්ල , හිනිඳුම නුගගල මාවත ප්‍රදේශයේදී ගිං ගඟේ ගිලී කාන්තාවක, සහ ගැහැනු දරුවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසීය පැවසුවේ, මවක, දියණියක සහ දියණියගේ යෙහෙළියන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. අනතුරින් මිය ගිය මව 39 වන වියේ පසු වන අතර ගැහැනු දරුවන් තිදෙනො ම 14 වැනි වියේ පසු වන සිසුවියෝ වෙති. මව සහ දියණිය හිනිඳුම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් දරුවන් දෙදෙනා තංගල්ල හා මාපලගම පදිංචිකාරියන් ය. අද පස්වරුවේ දිය නෑමට ගිය අවස්ථාවේ මියගිය ඔවුන්ගේ මෘත ශරීර හිනිඳුම රෝහලේ තැන්පත් කර ඇතැයි, පොලීසිය පැවසී ය. |
2018-03-31T05:28:49.000Z | ත්‍රිකුණාමල මුහුදේ ගිනිගෙන මුහුදුබත් වූ නෞකාව යළි ගොඩ ගැනේ | 75 වසරකට පසු ත්‍රිකුණාමල මුහුදෙන් මතු වූ ‘සගයින්’ | COLOMBO (News 1st) : ත්‍රිකුණාමල වරායේ නැංගුරම්ලා තිබියදී දෙවන ලෝක යුද සමයේ ජපනුන් හෙළූ බෝම්බ ප්‍රහාරවලින් මුහුදු බත්වූ නෞකාවක් නාවික හමුදාව විසින් යළි ගොඩගනු ලැබ තිබේ. නාවික හමුදාව පැවසුවේ, 1942 අප්‍රේල් මස 9 වන දා ජපාන ගුවන් යානා මගින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් මෙම නෞකාව ගිනිගෙන පසුව මුහුදුබත් වී ඇති බවයි. මීටර් 138 ක දිගින් යුත් මෙය මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගැනුණකි. නාවික හමුදාව පැවසුවේ, නැගෙනහිර නාවික විධානය මගින් 2017 සැප්තැම්බර් මස 11 වන දා ආරම්භ කර මාස 5 ක් පුරා සිදුකළ මෙහෙයුමකින් අනතුරුව නෞකාව යළි ගොඩගත් බවයි. අඩි 35 ක් පමණ මුහුදු පතුලට වන්නට ගිල්වා තිබූ මෙම නෞකාව ගොඩ ගැනීමේ මෙහෙයුම් ආරම්භ කෙරුණේ, ත්‍රිකුණාමලය වරාය පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාවය පැන නැගීම හේතුවෙනි. රාජකීය නාවික සේවයට අයත් 'සගයින්' නමැති මෙම නෞකාව වසර 75 කට පසු මෙලෙස ගොඩනැගීම මෙරට නාවික හමුදාවේ සුවිශේෂී කාර්යභාරයක් බව නාවික හමුදාව සඳහන් කළේ ය. |
2018-03-31T03:06:12.000Z | වීසා ලබා දීමේදී සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ ඉතිහාසය සොයා බැලීමට අමෙරිකාව සැරසෙයි | වීසා ලබා දීමේදී අමෙරිකාවේ නවතම කොන්දේසිය | අමෙරිකාවට ඇතුළුවීම සඳහා වීසා ලබා දීමේදී අයැදුම්කරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ ඉතිහාසය සොයා බැලීමට අමෙරිකාව සූදනම් වේ. ඒ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේනතුවේ යොජනාවකට අනුවයි. මේ යටතේ අමෙරිකානු වීසා අයැඳුම්කරුවන් සිය ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් පිළිබඳ තොරතුරු ලබා දිය යුතු වේ. විදෙස් වාර්තා සඳහන් කළේ, වසර පහක කාලයක් සඳහා සියලු සමාජ මාධ්‍යන්ගේ භාවිතය පිළිබඳ ඉතිහාසය මේ යටතේ දැක්විය යුතු බව ය. |
2018-03-31T01:56:57.000Z | අගමැතිට එරෙහි විශ්වාසභංගයට සහාය දක්වන පාගමන මහනුවරින් ඇරඹෙයි | විශ්වාසභංගයට සහාය දක්වන පාගමන මාවනැල්ලට | COLOMBO (Newsfirst) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට සහය දක්වමින් අද මහනුවර සිට කොළඹ දක්වා පා ගමනක් ආරම්භ විය. ඒකාධිපති ගජ මිතුරු වියරුව පරදන ජන බල අරගලය නමින්, එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය හා එක්සත් ජාතික නිදහස් පෙරමුණ එක්ව මෙම පා ගමන සංවිධානය කර තිබේ. මහනුවර, ගැටඹේ දියකපනාතොට ඓතිහාසික විහාරස්ථානයේ ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු ගැටඹේ ක්‍රීඩාංගණය අසලින් පා ගමන ආරම්භ විය. පා ගමන, පේරාදෙණිය, කිරිබත්කුඹුර, පිළිමතලාව, කඩුගන්නාව, පසුකරමින් අද පස්වරුවේ මාවනැල්ලට ළඟා විය. පා ගමන හෙට මාවනැල්ල නගරයේ සිට නෙළුම්දෙණිය දක්වා ගමන් කිරීමට නියමිතයි. |
2018-03-30T21:41:53.000Z | ගෝඩා බැරල් 7ක් සමග 21 හැවිරිදි තරුණයෙකු පොලිස් දැලේ | ගෝඩා බැරල් 7ක් සමග 21 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට | COLOMBO (Newsfirst) - ඒකල, ඔතේකැලේ ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් පෙරීමට උපයෝගී කර ගන්නා ගෝඩා බැරල් 7ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණයක් වන තඹ දඟරයක් ද තම භාරයට ගත් බව පොලීසිය පවසයි. පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් වැටලීම සිදු කරනු ලැබ තිබේ. අත්අඩංගුවට පත් සැකකරු 21 හැවිරිදි නෙළුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ජා-ඇල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. |
2018-03-30T21:26:01.000Z | මතුගමදී ටී 56 ගිනි අවියක් සමග හමුදා සෙබළෙකු සහ තව ත් පුද්ගලයෙකු අත්අඩංගුවට | ටී 56ක් සමග හමුදා සෙබළෙකු සහ තවත් අයෙකු කොටුවෙයි | COLOMBO (Newsfirst) - මතුගම, කටුගහහේන, සොල්දොරකඩේ හන්දිය ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ එම උණ්ඩ 28ක් පිරවු මැගසින් එකක් සන්තකයේ තබා සිටි හමුදා සෙබළෙකු සහ තව ත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර දිසා අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කළ බව පොලීසිය පවසයි. සැකකරුවන් සමග මෝටර් රථයක් ද අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 40 හා 41 වයසේ පසුවන අතර ඔවුන් මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ය. සැකකරුවන් අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ. |
2018-03-30T20:41:03.000Z | මම යළිත් ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැතිවෙයි - ඩේවිඩ් වෝනර් | ඩේවිඩ් වෝනර්ගේ ක්‍රිකට් අවසන් වෙයිද? | තමා නැවත වතාවක් ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් ක්‍රිකට් තරගවලට ක්‍රීඩා නොකරනු ඇතැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් පවසයි. ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පසුගියදා සිය ටෙස්ට් කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත්ට සහ උප නායක ඩේවිඩ් වෝනර්ට මාස 12 ක තරග ගහනමක් පැනවිය. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහි තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ වරදට අදාළවයි. මෙම තරග තහනම හේතුවෙන් එළඹෙන අප්‍රේල් මස 7 වනදා ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ද ඩේවිඩ් වෝනර්ට අහිමි විය. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පන්දුව පළුදු කළ බවට ඕස්ට්‍රේලියානු හිටපු නායක ස්ටීවන් ස්මිත්ට, උප නායක ඩේවිඩ් වෝනර්ට හා කැමරන් බ්‍ර්රැන්කොෆ්ට චෝදනා එල්ල විය. ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කැමරන් බැන්ක්‍රොෆ්ට් මෙම වරද සිදු කළ අතර, ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සිදු කළ පරීක්ෂණයේදී නායක ස්ටීවන් ස්මිත් සහ උප නායක ඩේවිඩ් වෝනර් ඒ පිළිබඳව දැනුවත්ව සිටි බවට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පසුගියදා කළ නිවේදනයේ සඳහන් ය. ඒ අනුව ස්මිත්ට සහ වෝනර්ට වසරක තරග තහනමක් පැනවිය. 31 හැවිරිදි ඩේවිඩ් වෝනර් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වසර 9ක පමණ කාලයක් ජාත්‍යන්තර තරග නියෝජනය කර තිබේ. ඔහු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරම් වර්ෂ 2009දී දකුණු අප්‍රිකාවට එරෙහිව දිනා ගත්තේය. ඔහු සිය මංගල ජාත්‍යන්තර ටෙස්ට් තරගය 2011 වර්ෂයේදී නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කළේය. ඒ අනුව ටෙස්ට් තරග 74කට ක්‍රීඩා කර ඇති වෝනර් ලබා ඇති ලකුණු ගණන 6363කි. ඊට අර්ධ ශතක 29ක් සහ ශතක 21ක් ඇතුළත්ය. ටෙස්ට් ඉනිමක ඔහුගේ වැඩිම ලකුණු ගණන 253කි. එක්දින ජාත්‍යන්තර තරග 106ක් ක්‍රීඩා කර ඇති වෝනර් ලබා ඇති ලකුණු ගණන 4343ක් වන අතර ඊට අර්ධ ශතක 17ක් සහ ශතක 14ක් ඇතුළත්ය. එක්දින තරගයක ඔහුගේ වැඩිම ලකුණු ගණන 179කි. වෝනර් පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග 70ක් ක්‍රීඩා කර ලබා ඇති ලකුණු ගණන 1792කි. ඊට අර්ධ ශතක 13ක් ඇතුළත් අතර ඉනිමක වැඩිම ලකුණු ගණන 90කි. ඩේවිඩ් වෝනර් මේ වනවිට මාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශය අනුව යළි කිසිඳු දිනෙක ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරනු දැකගත නොහැකි වෙයි. |
2018-03-30T20:31:27.000Z | UPDATE:- නේපාල ජාතිකයාගේ උදරයේ හෙරොයින් ගුලි 40 ක් | නේපාල ජාතිකයාගේ උදරයේ හෙරොයින් ගුලි 40 ක් | COLOMBO (Newsfirst) - හෙරොයින් ගිල දිවයිනට පැමිණි නේපාල ජාතිකයාගේ උදරයේ තිබී හෙරොයින් ගුලි 40 ක් පිටතට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ, එහි බර ග්‍රෑම් 400 ක් වන බව ය. සොයා ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 45 කි. ඊයේ පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ, කටුනායක ගුවන් තොටුපොළ ඒකකය මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ, ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදී ය. සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ මීගමුව රෝහලේ රඳවා තිබේ. සැකකරු ඊයේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7 ක් රදවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර හිමිවිය. |
2018-03-30T20:16:04.000Z | බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ බක්පුර පසළොස්වක පොහොය අදයි | බුදුරදුන්ගේ දෙවන ලංකාගමනය සිදු වූ බක් පොහොය අදයි | COLOMBO (Newsfirst) - බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවූ බක්පුර පසළොස්වක පොහෝ දිනය අදයි. මිණි පළඟක් වෙනුවෙන් චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමතයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කාළේ, අදවන් බක්පුර පසළොස්වක පොහෝ දිනකයි. එමෙන් ම බුදුන් වහන්සේට කැලණියට වැඩම කරන ලෙස මණිඅක්ඛිත නා රජුන් විසින් ආරාධනා කරණු ලැබ ඇත්තේ ද අද වන් දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් ය. එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහෝ දිනකයි. බක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් අද උදැසන සිට ම දිවයිනේ වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් පැවැත්වේ. |
2018-03-30T19:42:55.000Z | මී කිරි කනවනම් මේ ගැන ත් දැනුවත් වෙන්න? | මී කිරි කනවනම් මේ ගැන ත් දැනුවත් වෙන්න? | COLOMBO (Newsfirst) - මී කිරි කල්තබා ගැනීම සඳහා ජෙලටින් මිශ්‍ර කිරීමේ සිද්ධින් රැසක් ප්‍රදේශ ගණනාවකින් වාර්තා වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප්‍රකාශ කළේ, මී කිරි සඳහා එවැනි සංඝටක එක් කිරීම නීති විරෝධි බව ය. එවැනි ස්ථාන වැටලීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල්වරයාගේ උපදෙස් මත හෙට සිට වැටලීම් ආරම්භ කරන බව ද ඔහු සඳහන් කළේය. මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් අප විමසීමක් කළේය. ඔහු සඳහන් කළේ, අහාර පනත යටතේ ස්වභාවික ආහාර සඳහා විවිධ රසායනික සංඝටක එක් කිරීම නීති විරෝධී බව ය. ඒ හේතුවෙන් මී කිරි නිෂ්පාදනය සඳහා ජෙලටින් මිශ්‍ර කර ඇත්දැයි සොයා වැටලීම් ආරම්භ කිරීමට නියෝග කර ඇති බව ද ඔහු සඳහන් කළේය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ මී කිරි කල් තබා ගත හැක්කේ සතියක කාලයක් පමණක් බව ය. ඊට වැඩි කාලයක් කල් තබා ගත හැකි මී කිරි නිෂ්පාදන වෙළඳපොලේ පවතී නම් එම නිෂ්පාදන මිලදි ගැනීමෙන් වළකින ලෙස ද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටී. |
2018-03-30T11:41:15.000Z | මේ දවස්වල රස්නේ වැඩි ඇයි? | මේ දවස්වල රස්නේ වැඩි ඇයි? | COLOMBO (Newsfirst) - මේ දිනවල බොහෝ ප්‍රදේශවලට දැඩි රශ්මියක් දැනෙන්නේ ඇයි? මීට සැබෑ හේතුව කුමක්ද? මේ පිලිබඳව අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතාගෙන් විමසීමක් කළේය. https://www.facebook.com/NewsfirstSL/videos/1894570287269887/ මේ අතර පවතින වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක අයත් පුද්ගලයින් ලක්ෂ 4 කට අධික සංඛ්‍යාවක් පිඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. https://www.facebook.com/NewsfirstSL/videos/1894568003936782/ |
2018-03-30T10:40:43.000Z | අඩි 220 ක් උස කසළ කන්ද නිසා ලංකාවේ දිගම ගඟට මහනුවරදී තර්ජනයක් | අඩි 220 ක් උස කසළ කන්ද නිසා මහවැලි ගඟට තර්ජනයක් | COLOMBO (Newsfirst) - මහනුවර නගරයේ අපද්‍රව්‍ය ගෙනවිත් දමන තේක්කවත්ත කසළ කන්දට නගර සභාවේ ගලි බවුසර් වලින් අපද්‍රව්‍ය මුදා හැරීම නිසා මහවැලි ගඟ අපවිත්‍ර වන බවට ප්‍රදේශවාසීන් චෝදනා එල්ල කරයි. මීතොටමුල්ලට නොදෙවෙනි මහනුවර, ගොහාගොඩ, තේක්කවත්තේ කසළ කන්ද ගැන වසරකට පෙර අප වාර්තා කළේය. කඩා වැටෙන අවස්ථාවේ මීතොටමුල්ලේ කසළ කන්දේ උස අඩි 300ක් වූ අතර තේක්කවත්ත කසළ කන්ද ඒ වන විට ත් අඩි 220 ක් උසට වර්ධනය වී තිබුණි. ප්‍රදේශවාසීන් පැවසුවේ මේ කන්ද අසළ ජනතාවට දැඩි අවදානමක් මෙන්ම සෞඛ්‍ය ගැටලු රැසක් ද පැවති බව ය. අප එදා කළ අනාවරණයෙන් පසු මේ ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු කළ බලධාරීන් මේ ආසන්නයේ ඇති නිවාස කිහිපයකින් ජනතාව ඉවත් කර වන්දි ලබා දී තිබුණි. නමුත් ප්‍රදේශයේ කසළ මේ කන්දට බැහැර කිරීම නතර නොවීය. ප්‍රදේශවාසීන් පවසන්නේ මේ වනවිට මහනුවර නගර සභාවේ ගලි බවුසර් සියල්ල මෙම ස්ථානයට යොමු කර අපද්‍රව්‍ය බැහැර කර යන බව ය. ඒ වගේම ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් ද පවතී. පසුගිය වසරේද අප මෙම ගැටලුව වාර්තා කිරීමෙන් අනතුරුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය කසළ කන්ද නිරීක්ෂණය කළා ය. අනතුරුව ඇය මාධ්‍ය වෙත පැවසුවේ මෙලෙස අප ද්‍රව්‍ය බැහැර කළ නොහැකි බව ත් මෙම තත්ත්වය නිරීක්ෂණය කර ජනාධිපතිතුමාට කඩිනම් වාර්තාවක් ලබාදෙන බව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1894398770620372/ |
2018-03-30T10:24:02.000Z | රුපියල් මිලියන 957 ක් තැම්පත් කර ඇති සැක කටයුතු බැංකු ගිණුම් 3ක් පිළිබඳ FCID විමර්ශන අරඹයි | සැක කටයුතු බැංකු ගිණුම් 3ක් පිළිබඳ FCID විමර්ශන | COLOMBO (Newsfirst) - පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය රුපියල් මිලියන 957 ක් තැම්පත් කර ඇති සැක කටයුතු බැංකු ගිණුම් 3ක් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබේ. චීන ජාතිකයින් තිදෙනෙකුගේ නමින් ඇති මෙම ගිණුම් මුදල් විෂුද්ධිකරණ පනත යටතේ විමර්ශනය කෙරේ. බී වර්තාවක් හරහා අධිකරණයට කරුණු වාර්තා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පවසන්නේ පසුගිය මාර්තු 15 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් කොළඹ පෞද්ගලික බැංකු ශාඛාවක පවත්වාගෙන යන සැක කටයුතු මෙම ගිණුම් පිළිබඳව පැමිණිල්ලක් සිදු කළ බව ය. ඉන් අනතුරව කළ විමර්ශනයන් හරහා කොළඹ මහාධිකරණය එම ගිණුම් අත්හිටුවීමට නියෝග කර තිබුණි. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පවසන්නේ එක් චීන ජාතිකයකු අසත්‍ය තොරතුරු ලබාදී මෙරට පැමිණීමට නේවාසි විසා ලාබාගෙන ඇති බව ය. අනිත් චීන ජාතියන් දෙදෙනාගේ වීසා බලපත්‍ර මේ වනවිට විමර්ශනය කරමින් තිබේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය එම චීන ජාතිකයින් තිදෙනාට ඊයේ දිනයේදී කොට්ඨාශයට පැමිණ ප්‍රකාශයක් ලබා දීමට දැනුම් දී තිබුණ ද ඔවුන් පැමිණ තිබුනේ නැහැ. අනතුරුව කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එක් චීන ජාතිකයෙකු රටින් පිටව ගොස් ඇති බව ය. අනිත් චීන ජාතියින් දෙදෙනා රටින් පිටවීම වළක්වමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වාරණයක් ලබාගෙන තිබේ. රුපියල් මිලියන 957 ක මුදලක් චීන ජාතිකයක් තිදෙනෙකු විසින් උපයාගත් ආකාරය සෙවීමට ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විමර්ශනයක් ආරම්භ කරනු ලැබ තිබේ. මේ වසර මුලදී යුරෝපා පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 04 ක් යුරෝපා කොමිසමේ මුදල් විශුද්ධිකරණයට අදාළ අසාඳු ලේඛනයට ඇතුළත් කරනු ලැබිණි. ඊට අමතරව අන්තර් රාජ්‍ය මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ද ශ්‍රී ලංකාව එවැනි ලැයිස්තුවකට ඇතුළත් කර තිබුණි. https://www.facebook.com/NewsfirstSL/videos/1894448767282039/ |
2018-03-30T05:03:47.000Z | හෙරොයින් ගුලි 8ක් සමග විදේශිකයෙකු කොටුවෙයි | හෙරොයින් ගුලි 8ක් සමග විදේශිකයෙකු කොටුවෙයි | COLOMBO (Newsfirst) - හෙරොයින් ගිල දිවයිනට පැමිණි විදේශිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ගුවන් තොටුපොළ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පෙරවරුවේ ඔහු පකිස්තානයේ සිට ඩුබායි හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ය. එම සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගෙන් හෙරොයින් ගුලි 08 ක් පිටතට ගෙන තිබේ. නේපාල ජාතික එම සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත ය. |
2018-03-30T02:46:18.000Z | අගමැතිට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමට ජනපතිගේ සහය හිමි වන බවට පළ වන වාර්තා අසත්‍යයි - ලක්ෂ්මන් යාපා | විශ්වාසභංගය පරාජය වුවහොත් කුමක් වෙයි ද? | COLOMBO (Newsfirst) - විශ්වාසභංගය පරාජය කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ඊයේ අගමැතිවරයා හමුවී ප්‍රකාශ කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අවධාරණය කරයි. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, විශ්වාසභංගය ජයග්‍රහණය කරවීමට පියවර ගන්නා බව ය. ලබන 02 වන දා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ය. ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ, යම් හෙයකින් ලබන 04 වන දා විශ්වාසභංගය පරාජය වුවහොත් සම්මුතිවාදී ආණ්ඩුවක් ඉන් ඉදිරියට නොමැති බව ය. |
2018-03-30T01:54:49.000Z | මව් කුස තුළ සිටින දරුවෙකුට පේරාදෙණිය රෝහලේදී සාර්ථක සැත්කමක් | මව් කුස තුළ සිටින දරුවෙකුට කළ සාර්ථක සැත්කම | COLOMBO (Newsfirst) - පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රථම වතාවට තවත් විශේෂ ශල්‍යකර්මයක් සාර්ථකව සිදු කරනු ලැබුවේ ය. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කළ මෙම විශේෂ සැත්කම වූයේ, ගර්භනී කාන්තාවකගේ කුස තුළ සිටින දරුවෙකුගේ ගෙල ප්‍රදේශයේ පැවති ගෙඩියක් ඉවත් කිරීම යි. සැත්කම නිම කිරීමට වෛද්‍යවරුන්ට පැය 4ක් ගතව තිබේ. වෛද්‍ය විද්‍යාවේ මෙම රෝගය හඳුන්වන්නේ ටෙරටෝමා ලෙස යි. මව් කුස තුළදී ම දරුවාට මෙම ශල්‍යකර්මය සිදු කර ඇත්තේ දරුවා ඉපදුණු පසු එය සිදු කළ හොත් ජීවිත අවදානමක් මතුවීම හේතුවෙන් බව වෛද්‍යවරු ප්‍රකාශ කළහ. අදාළ සැත්කම සිදු කර තිබුණේ, පේරාදෙණිය සහ සිරිමාවෝ බණ්ඩාරනායක යන රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්. එම ශල්‍යකර්මයේ තවත් කොටසක් අද සිදුකෙරෙන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේදී ය. |
2018-03-30T01:19:12.000Z | සිසුන් 9960කට සා/පෙළ සියලු ම විෂයන් සඳහා A සාමාර්ථ | සිසුන් 9960කට සා/පෙළ සියලු ම විෂයන් සඳහා A සාමාර්ථ | COLOMBO (Newsfirst) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල 27 වන දා රාත්‍රියේ නිකුත් විය. මෙවර ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථාන හිමිකර ගැනීමට සිසුවියන් 5 දෙනෙකු සහ එක් සිසුවෙකු සමත්ව තිබේ. විභාග ප්‍රතිඵල www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි ය. මෙවර ප්‍රතිඵල අනුව ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයේ කසුනි හංසනා තත්සරණි සෙනෙවිරත්න, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ම චමෝදි රවීසා සුබසිංහ සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ නවෝද්‍යා ප්‍රභාවී රණසිංහ පළමු ස්ථාන දිනා ගත්හ. මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ලිමාෂා අමන්දි දිව්‍යාංජනා , මාතර සුජාතා විද්‍යාලයේ රන්දි ලක්ප්‍රියා සහ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ කවීශ ප්‍රතිභාත් දිවයිනේ පළමු ස්ථාන ලබාගත් සිසුන් අතරට ඇතුළත් ය. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී සිසුන් 9 දෙනෙක් සම ලකුණු සමගින් දිවයිනේ දෙවන ස්ථාන ලබා ගෙන සිටිති. ඒ අනුව කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ නිපුනි ඉන්දීවරී හේරත්, කොළඹ සී.එම්.එස් බාලිකා විද්‍යාලයේ අනීෂා ගීතාංජලී ගුණවර්ධන, නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ රිසිනි දිනාරා කුමාරසිංහ දෙවන ස්ථාන ලබා ගෙන තිබේ. කොළඹ ශාන්ත ජෝසෆ් විද්‍යාලයේ කවින් සන්දීප සිරිවර්ධන, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ තිමන්ත සමාධි වික්‍රමසිංහ, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සෙනුරි දිල්රූ මල්ලිකාරච්චි සහ යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ මිරුති සුරේෂ්කුමාර් ද දෙවන ස්ථාන ලබා ගත් සිසුන් අතරට ඇතුළත් ය. මීට අමතරව මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ නිසංසා කසුන්දි ගොකරැල්ල සහ මාතර සුජාතා විද්‍යාලයේ අමන්දි නයනතාරා ජයසූරිය දෙවන ස්ථාන ලබා ගත්හ. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 688,573 කි. මේ අතර මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 9 සඳහා ම A සාමාර්ථ ලබා ගත් සිසුන් සංඛ්‍යාව 9960කි. මෙවර ප්‍රතිඵල අනුව උසස් පෙළ විභාගය සඳහා සිසුන් 73.05%ක් සුදුසුකම් ලබා තිබේ. එය පසුගිය වසරට සාපේක්ෂව වර්ධනයක් සිදු වී ඇති අතර එම වසරේ උසස් පෙළ විභාගය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් සංඛ්‍යාව 69.94%කි. ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් 1911 ක්ෂණික ඇමතුම් අංකයෙන් විභාග දෙපාර්තමේන්තුව ඇමතීමෙන් ලබා ගත හැකි ය. ඊට අමතරව 011- 2 784208 හෝ 011- 2 784 537 යන දුරකතන අංක හරහා පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව ඇමතීමෙන් ද ප්‍රතිඵල පිළිබඳ තොරතුරු දැනගත හැකි ය. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයැදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අප්‍රේල් 7 වන දා දක්වා අවස්ථාව ලබා දෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. පෞද්ගලික අයැදුම්කරුවන්ට නැවත සමීක්ෂණ සඳහා අයැදුම් කිරීමට අප්‍රේල් 12 වන දා දක්වා අවස්ථාව ලබා දී ඇත. |
2018-03-29T23:16:23.000Z | ක්‍රියාවිරහිත වූ Tiangong -1 අභ්‍යවකාශ විද්‍යාගාරය ගෙන්වා ගැනීමට චීනය සැරසෙයි | Tiangong -1 ගෙන්වා ගැනීමට චීනය සැරසෙයි | (Newsfirst) - ක්‍රියාවිරහිත වූ අභ්‍යවකාශ විද්‍යාගාරයක් නැවත ගෙන්වා ගැනීමට චීනය සූදානම් වේ. ටියැන්ගොන්ග් වන් නමින් හැඳින්වෙන අභ්‍යවකාශ විද්‍යාගාරය මෙම සති අන්තයේදී පෘතුවියට පැමිණීමට නියමිත ය. ඒ, චීනය සමග පැවති සන්නිවේදන සබඳතා ඇණහිටීම හේතුවෙනි. විද්‍යාඥයින් පවසන්නේ ටියැන්ගොන්ග් වන් අභ්‍යවකාශ විද්‍යාගාරය පෘතුවියට පැමිණීමේදී එය ගිනි ගැනීමට ඇති සම්භාවිතාව අඩු බව ය. මෙම අභ්‍යවකාශ විද්‍යාගාරය මුහුදු ප්‍රදේශයකට පතිත කිරීමට බලාපොරොත්තු වන බව ද විද්‍යාඥයෝ පවසති. |
2018-03-29T21:52:41.000Z | අලුත් අවුරුද්දෙන් පසු දුම්රිය ගාස්තු ඉහළට | අලුත් අවුරුද්දෙන් පසු දුම්රිය ගාස්තු ඉහළට | COLOMBO (Newsfirst) - සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු දුම්රිය ගාස්තුව 15% කින් ඉහළ දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි වාණිජ අධිකාරී එන්.ජේ. ඉඳිපොළගේ මහතා ප්‍රකාශ කළේ, ඊට අදාළ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ය. 2008දී සිදු කළ ගාස්තු සංශෝධනවලට අදාළ ගැසට් නිවේදනය පරිදි දුම්රිය ගාස්තු සංශෝධන සිදු කිරීමට නියමිත ය. එහිදී ඇතැම් ගාස්තු සංශෝධන 15% ඉක්මවා යා හැකි බව ද ඉඳිපොළගේ මහතා සඳහන් කළේ ය. මෙහිදී අවම ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවේ. මේ අතර ආසන වෙන් කිරීමේ ගාස්තු ද සංශෝධන කෙරෙනු ඇති. ඒ පිළිබඳ අවසන් වාර්තාව ලබන සතියේ දුම්රිය සමාන්‍යාධිකාරීවරයාට භාර දීමට නියමිත ය. දුම්රිය ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු පංච පුද්ගල කමිටුවේ නිර්දේශ මත නව ගාස්තු සංශෝධන සකස් කිරීම සිදුවේ. |
2018-03-29T21:41:36.000Z | ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ දිවි පිදූ මහ සිකුරාදා දිනය අදයි | මහ සිකුරාදා දිනය අදයි | COLOMBO (Newsfirst) - ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ දිවි පිදූ මහ සිකුරාදා දිනය අදට යෙදී තිබේ. එය සිහි කරමින් ලොව පුරා කිතුණු බැතිමත්හු අද දිව්‍ය පූජාවල නිතර වෙති. පසුගිය ඉරිදා එනම් ගොබ් ඉරිදා ජේසුස් වහන්සේ ජෙරුසෙලමට ඇතුළු වීම සිහිපත් කරමින් කිතුණු බැතිමතුන් ශුද්ධ වූ සතිය ආරම්භ කළේ ය. අනතුරුව ඊයේ, ජේසුස් වහන්සේ සිය ගෝලයන් 12 දෙනා සමග අවසන් රාත්‍රී භෝජනය වැළඳූ අවස්ථාව සිහිපත් කරනු ලැබුවේ විශේෂිත දේව මෙහෙයකිනි. ඉන් පසුව ජේසුස් වහන්සේගේ උත්ථානය හෙවත් මළවුන් පරදා නැගිටීම ලබන ඉරිදා එනම් පාස්කු ඉරිදා කිතු බැතිමත්හු උත්සවශ්‍රීයෙන් සමරනු ලබති. |
2018-03-29T19:56:15.000Z | පැපුවා නිව් ගිනියාහි දූපත් ආශ්‍රිත වෙරළ තීරයන්ට සුනාමි ඇනතුරු ඇඟවීම් | පැපුවා නිව් ගිනියාවට සුනාමි අනතුරු ඇඟවීම් | (Newsfirst) - එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් පැපුවා නිව් ගිනියාහි දූපත් ආශ්‍රිත වෙරළ තීරයන්ට සුනාමි ඇනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පැපුවා නිව් ගිනියාවට ඔබ්බෙන් පිහිටි නිව් බ්‍රිටෙයින් දූපත ආශ්‍රිත ප්‍රදේශයට මැග්නිටියුඩ් ඒකක 6.9ක භූ කම්පනයක් හටගෙන තිබෙන බව ය. එරට වේලාවෙන් අද උදෑසන 7.25ට පමණ මෙම භූ කම්පනය හටගෙන තිබේ. මේ හේතුවෙන් මෙතෙක් දේපල හෝ ජීවත හානි කිසිවක් වාර්තා වී නොමැත. |
2018-03-29T19:36:13.000Z | බන්ධනාගාර කොමසාරිස්වරයාව අනිවාර්ය නිවාඩු යවයි: පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට විනය පරීක්ෂණ | බන්ධනාගාර කොමසාරිස්වරයාව අනිවාර්ය නිවාඩු යවයි | COLOMBO (Newsfirst) - වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින, බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළේ, විමර්ශනවලින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ය. මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ය. වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හා බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන දෙදෙනා ලබන 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම නියෝග කළේ, ඔවුන් ප්‍රතිකාර ලැබූ ජාතික රෝහලට පැමිණ යි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රෝගී තත්ත්වයක් ඇතැයි පැවසීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළේ ය. ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ඔවුන් රෝහලෙන් පිටත් කළ පසු ඊයේ පස්වරුවේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව ද තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ ය. ඔවුන් අත්අඩංගුවට ගැනුණේ 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළදී රැඳවියන් හා සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි. |
2018-03-29T11:19:32.000Z | සරසවි අනධ්‍යන සේවකයෝ තොවිල් නටති | සරසවි අනධ්‍යන සේවකයෝ තොවිල් නටති | COLOMBO (News 1st) : විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වැඩවර්ජනයේ 30 වන දිනය වන අද අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් කොළඹදී තොවිලයක් නටනු දක්නට ලැබිණ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට පැමිණි මේ පිරිස ශාන්තිකර්මය ඇරඹුවේ අද පෙරවරුවේයි. ඉල්ලීම්වලට විසඳුම් නොදීම නිසා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 16000කට අධික පිරිසකුත්, සිය වැඩවර්ජනය නිසා සිසුන් ලක්ෂ ගණනකුත් බරපතළ ගැටලුවකට මුහුණ පා සිටින බව ඔවුහු පැවසූහ. මේ අතර ගැටලු සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වේවායි, ශන්තිකර්මය පවත්වමින් ඔවුහු පාර්ථනා කළහ. අප වාර්තාකරු පැවසුවේ, මොවුන් ශාන්ති කර්මයෙන් අනතුරුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට දක්වා සත්‍යග්‍රහයක්ද ආරම්භ කළ බවයි. මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයෝ අද පෙරවරුවේ ගලහ මංසන්ධියේදී දේව කන්නලව්වක නිරත වූහ. ඊයේ රජරට විශ්වවිද්‍යාලයේ අනධ්‍යන සේවකයින්ද තම ගැටලුවලට විසඳුම් ඉල්ලමින් පොල් ගසා දේව කන්නලව්වක් පැවැත්වුවේ මිහින්තලය කටු සෑය ඉදිරිපිටදීයි. |
2018-03-29T10:43:35.000Z | කිරිපිටි හා ගෑස්මිල ත් ඉහළ යන ලකුණු....? | කිරිපිටි හා ගෑස් මිල ත් ඉහළ යන ලකුණු....? | COLOMBO (News 1st) : කිරිපිටි හා ගෑස්මිල සංශෝධනය පිළිබඳව නුදුරේදීම තීරණය කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි. එහි අධ්‍යක්ෂිකා ඉන්දිකා රණතුංග මහත්මිය අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී මේ බව අනාවරණය කළා ය. ඇය පැවසුවේ, කිරිපිටි මිල සහ ගෑස් මිල වැඩි කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවයි. මැති ඇමතිවරුන්ට අධික මිල ගණන්වලට සුඛෝපභෝගී වාහන. අධිවේගී මාර්ග ව්‍යාපෘතිවලට අධික පොළියට වාණිජ ණය. ගෑස් සමාගමේ මුදල් වෙන වෙන බොරු ව්‍යාපෘතිවල ආයෝජනය කරමින් ජනතා මුදල් සොරා ගැනීම. රාජ්‍ය සමාගම්වලට අදක්ෂ අකාර්යක්ෂම පුද්ගයින් පත්කර දිගින් දිගටම ඒවා පාඩු ලබන නාස්තිකාර තත්ත්වයට පත්කිරීම. අවසානයේ කිරිපිටි පැකට්ටුවෙන් , ගෑස් සිලින්ඩරයෙන් මේවාට වන්දි ගෙවිය යුත්තේ රටේ ජනතාව ද? |
2018-03-29T09:57:14.000Z | අගමැතිට එරෙහි විශ්වාසභංගයේදි කුමක් සිදුවෙයි ද? | අගමැතිට එරෙහි විශ්වාසභංගයේදි කුමක් සිදුවෙයි ද? | COLOMBO (News 1st) : අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ලබන 4 වනදා පැවැත්වීමට නියමිතයි. ප්‍රධාන කරුණු 14 කින් යුත් විශ්වාසභාංගය ගෙන එනු ලැබුවේ, ඒකාබද්ධ විපක්ෂය විසිනි. කෙසේ වෙතත් මෙම විශ්වාස භංග යෝජනාවට මහින්ද රාජපක්ෂ අත්සන් කර නොතිබිණ. එහෙත් නිශාන්ත මුතුහෙට්ටිගම, ටී බී ඒකනායක, කේ.කේ.මස්තාන් යන ආණ්ඩු පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීන් තිදෙනා මෙම විශ්වාස භංග යෝජනාවට අත්සන් කර තිබිණ. මේ අතර අගමැතිට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ විවිධ ප්‍රකාශ නිකුත් වී තිබිණ. වරෙක රංගෙ බණ්ඩාර පවසා තිබුණේ, එම පක්ෂයේ 27 දෙනෙක් අගමැතිට විරුද්ධව ඡන්දෙ දීමට ඉඩකඩ තිබෙන බවයි. කරුණු කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදී කුමක් සිදුවෙයි ද? මේ ඒ සම්බන්ධයෙන් තබන විශේෂ සටහනක්... |
2018-03-29T08:36:31.000Z | හානි වූ මුදල් නෝට්ටු 31න් පසු ත් මාරු කළ හැකියි | හානි වූ මුදල් නෝට්ටු 31න් පසු ත් මාරු කළ හැකියි | COLOMBO (News 1st) : සිතා මතා විකෘති කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු මාර්තු 31 වනදායින් පසු ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය කාර්යාලවලින් හුවමාරු කිරීමට අවස්ථාව ලබා දී තිබේ. ශ්‍රි ලංකා මහබැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මහජනතාව මුහුණ දෙන අපහසුතා හා ඔවුන්ගේ බලවත් ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළැඹි බවයි. එවැනි මුදල් නෝට්ටු මාර්තු මස 31 වන දාට පෙර මහබැංකුවෙන් හෝ වාණිජ බැංකුවලින් හුවමාරු කරගත යුතු බව ශ්‍රි ලංකා මහබැංකුව මීට පෙර දැනුම් දී තිබිණ. මේ අනුව වාණිජ බැංකුවලින් එම මුදල් නෝට්ටු හුවමාරු කර ගැනීමේ අවස්ථාව මාර්තු මස 31 වනදායින් අවසන් වේ. ශ්‍රී ලංකා මහබැංකුව අද නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අත්වැරදීමකින් කුඩා ඉරක් හෝ තිතක් වැනි සලකුණක් සටහන් වී ඇති ව්‍යවහාර මුදල් නෝට්ටු ගනුදෙනු සඳහා තවදුරටත් භාවිත කළ හැකි බවයි. විකෘති කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටුවක් ATM යන්ත්‍රයක් හරහා තමන් අතට පත්වුවහොත් එය ළඟ ම ඇති බැංකු ශාඛාවෙන් හුවමාරු කරගත හැකි බව ද ශ්‍රී ලංකා මහබැංකුවේ ව්‍යාපාර මුදල් දෙපාර්තමේන්තුව නිකුත් නිවේදනයේ සඳහන් ය. |
2018-03-29T06:44:46.000Z | ඔස්ට්‍රේලියා හිටපු නායක ස්ටීවන් ස්මිත් හඬා වැටෙයි....! | ස්ටීවන් ස්මිත් හඬා වැටෙයි....! | වසරක තරග තහනමෙන් පසු මව්බිමට පැමිණි ඔස්ට්‍රේලියා හිටපු ටෙස්ට් නායක ස්ටීවන් ස්මිත් කඳුළු සලමින් සමාව අයැද තිබේ. ඔහු මෙලෙස කඳුළු සලමින් සමාව අයැද ඇත්තේ, වසරක තරග තහනමකට ලක්වීමෙන් පසුව සිය රටට පැමිණ පැවැත්වූ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය. තම කණ්ඩායමේ ක්‍රීඩකයින් පන්දුව පළුදු කිරීමට අදාළ සිදුවීමේ සියලු වගකීම් තමා භාර ගන්නා බව ද ඔස්ට්‍රේලියා හිටපු ක්‍රිකට් නායකයා එහිදී පවසා ඇත. දකුණු අප්‍රිකාවට එරෙහි තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කළ බවට අනාවරණ විය. පසුව හෙළි වූයේ, හිටපු නායක ස්ටීවන් ස්මිත් මෙන්ම උප නායක ඩේවිඩ් වෝනර් ද මේ පිළිබඳව දැනුවත්ව සිටි බවයි. ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ඊයේ එම ක්‍රීඩකයින් තිදෙනාට තරග තහනමක් පැනවූයේ ඒ හේතුවෙනි. 28 හැවිරිදි ස්මිත් අද මාධ්‍ය හමුවේදී පැවසුවේ, සිදු වූ දෙය සිය නායකත්වයේ දුර්වලතාවක් බවයි. "එය මගේ නායකත්වයේ දුර්වලතාවයක්.... මට සමාවෙන්න.... මම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි... මම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩා කිරිමට බලාපොරොත්තුවෙන් සිටින දරුවන්ට මං ආදරෙයි. ඔබ සැක සහිත තීරණයක් ගැනීම සිතන ඕනෑම වෙලාවක එය ඔබේ ආදරණීයයන්ට බලපාන ආකාරය ගැන සිතන්න... මගේ පියා සහ මව මේ ගැන වේදනා විඳිනු දැකීම දුකක්. ඇත්තටම මම ඔස්ට්‍රේලියාවට, මගේ ක්‍රීඩා ලෝලීන්ට, ජනතාවට ගෙන දුන් වේදනාව සම්බන්ධයෙන් සමාව අයැද සිටිනවා" මේ අතර සාමජ මාධ්‍ය ඔස්සේ, පණිවුඩයක් නිකුත් කරමින් ස්මිත් පවසන්නේ, තමා බරපතළ වරදක් කළ බව ත් එම වරද නිවැරදි කිරීම සඳහා හැකි සෑම පියවරක් ම ගන්නා බව ත් ය. මීට අමතරව ඩේවිඩ් වෝනර් හා බ්‍රැන්කොෆ්ට් ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද තිබේ. මේ අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ උප නායක ඩේවිඩ් වෝනර්ට නැවත කිසිදිනක සිය කණ්ඩායමේ නායකත්වය දැරීමට නොහැකි බවත් ස්මිත්ට හා බ්‍රැන්කොෆ්ට කන්ඩායමේ නායකත්වය දැරීමට හැකිවන්නේ තරග තහනම නිමා වී මාස 12 කට පසුව බවයි. තවද ස්මිත් , වෝනර් හා බ්‍රරැන්කොෆ්ට් තරග තහනමට ලක්ව සිටින කාලය තුළ පැය 100 ක කාලයක් සිය රට තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සදහා සමාජ සේවයේ නිරත විය යුතු බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. මෙම තරග තහනම හේතුවෙන් වෝනර්,ස්මිත්ට හා බ්‍ර්රැන්කොෆ්ට එළැඹෙන අප්‍රේල් මස 7 වනදා ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ද අහිමි වනු ඇති. |
2018-03-29T06:31:32.000Z | අමිතාබ් බච්චන් සහ රිශී කපූර් රංගනයෙන් දායක වන 102 Not Out චිත්‍රපටය එළිදැක්වීම මැයි 4 වන දා | 102 Not Out චිත්‍රපටය එළිදැක්වීම මැයි 4 | (Newsfirst) - අමිතාබ් බච්චන් සහ රිශී කපූර් රංගනයෙන් දායක වන 102 නොට් අවුට් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ඉන්ටර්නෙට් වෙත නිකුත් කර තිබේ. උමේෂ් ශුක්ලා අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට පාදක වන්නේ 102 හැවිරිදි පියෙකු සහ 75 හැවිරිදි පුතෙකු අතර පවතින සබඳතාවය යි. ප්‍රහසන චිත්‍රපටයක් වන 102 නොට් අවුට් ලබන මැයි 4 වන දින එළිදැක්වීමට නියමිත ය. https://www.youtube.com/watch?v=2hkhKftPcIY |
2018-03-29T05:15:23.000Z | IPL තරගාවලියට වෝනර් වෙනුවට කුසල්ට ඇරයුම්! | IPL තරගාවලියට වෝනර් වෙනුවට කුසල්ට ඇරයුම්! | පන්දුව පළුදු කිරීමේ සිද්ධිය පිළිබඳව චෝදනා ලබා සිටින ඔස්ට්‍රේලියානු හිටපු නායක ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර්ට එරෙහිව එරට ක්‍රිකට් ආයතනය පනවා ඇති මාස 12ක තරග තහනමට අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය සඳහා ඔවුන් සහභාගි කර නොගැනීමට රාජස්ථාන් රෝයල්ස් සහ සන්රයිසර්ස් හයිදරාබාද් යන කණ්ඩායම්වල ප්‍රධානීන් තීරණය කර තිබේ. ස්ටීවන් ස්මිත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වයට පත් කර තිබූ අතර ඒ වෙනුවට අජින්ක්යා රහානේ පත් කෙරිණි. මේ වන විට සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම ද ගැටලුවකට මුහුණ දී සිටී. ඒ ඔවුන් ප්‍රවේගකාරී පිතිකරු ඩේවිඩ් වෝනර් කණ්ඩායමට අහිමි වීම හේතුවෙනි. මෙම ගැටලුවට පිළියමක් ලෙස ඔවුන් තීරණය කර ඇත්තේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී වමත් පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඒ සඳහා යෙදවීමට ය. මේ සම්බන්ධයෙන් ට්විටර් හරහා දැනටමත් සන්රයිසර්ස් හයිදරාබාද් බලධාරීන් කුසල් ජනිත් පෙරේරාගෙන් ඉල්ලීමක් කර ඇත. කෙසේ වෙතත්, මේ වන තෙක් ඔහුගේ සහභාගිත්වය තහවුරු කර නැතැයි වාර්තා වේ. කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් පන්දු වාර 20 තරග 34කට ක්‍රීඩා කර ලකුණු 1020ක් රැස් කර ඇති අතර එක්දින තරග 73කදී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 1856කි. |
2018-03-29T04:44:54.000Z | අර්ජුණ මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් නිකුත් කරන්නැයි, ඉල්ලීමක් | අර්ජුණ මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමේ තවත් උත්සහයක් | COLOMBO (News 1st) -හිටපු මහබැංකු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනයක් ලබා ගැනීමට ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කළ බව පැමිණිලි පාර්ශ්වයේ නීතිඥවරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්හ. මේ අතර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා මීට පෙර වරෙන්තු නිකුත් කර තිබූ අර්ජුණ මහේන්ද්‍රන් මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද යළි වරෙන්තු නිකුත් කරනු ලැබිණ. ඒ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි. එම නඩුවට අදාළව අද අධිකරණයට ඉදිරිපත් කළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් ලබන 12 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් සියලු දේපළ හා වත්කම්වල විස්තර වහාම අධිකරණයට ලබාදෙන ලෙසට ද එහිදී පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සභාපතිවරයාට අධිකරණය නියෝගයක් නිකුත් කරනු ලැබී ය. එමෙන්ම අර්ජුන් ඇලෝසියස් හා කසුන් පාලිසේන යන දෙදෙනාගේ නමින් පවතින සියලුම වත්කම් හා දේපොළ පිළිබඳ සවිස්තර වාර්තාවක් සහ ඔහුගේ පවුල් සාමාජිකයන්ගේ නමින් පවතින සියලුම වත්කම් හා දේපොළවල විස්තර අධිකරයට ඉදිරිපත් කරන ලෙසට ද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එහිදී නියෝග කළා ය. එමෙන්ම පර්පෙවුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල වාර්තා සහ වාර්ෂික මහාසභා රැස්වීම්වල ප්‍රකාශවල පිටපත් එම සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ තොරතුරු සහිතව ලබාදෙන ලෙසට ද පර්පෙවුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලේකම්වරියට අධිකරණය නියෝග කරනු ලැබී ය. එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයට දැනුම් දුන්නේ පර්පෙවුචල් ට්‍රෙෂරීස් සමාගම පසුගිය 20 වන දා සිට සම්පුර්ණයෙන් වසා දමා ඇති බවයි. එහි සේවකයින්ට වැටුප් නොගෙවීම නිසා ඔවුන් සියලු දෙනා රාජකාරිවලින් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය. මහේස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, විමර්ශන ප්‍රගතිය ලබන 10 වන දා අධිකරණයට වාර්තා කරන ලෙසයි. |
2018-03-29T04:37:34.000Z | ව්‍යාජ Facebook ගිණුම් ඇරයුම්වලින් ප්‍රවේසම් වන්න... | ව්‍යාජ Facebook ගිණුම් ඇරයුම්වලින් ප්‍රවේසම් වන්න | COLOMBO (News 1st) - වසරේගත වූ කාලය තුළ Facebook ගිණුම් 720ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යේෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව 80% ක් ව්‍යාජ Facebook ගිණුම් බව තහවුරු කර ගත් බවයි. එම ගිණුම් අත්හිටුවන ලෙස Facebook ආයතනය වෙත දැනුම් දී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. Facebook ඇතුළු ඉන්ටර්නෙට් ගැටලු සම්බන්ධයෙන් මහජනතාවට ඇති පැමිණිලි 011 2 691 692 යන දුරකතන අංකයට යොමු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය දැනුම් දෙයි. ව්‍යාජ Facebook ගිණුමක් හඳුනාගන්නේ කෙසේ ද? පහත දැක්වෙන කරුණු පිළිබඳව සැලකිලිමත් වෙමින් ව්‍යාජ Facebook ගිණුම් හඳුනාගැනීම පහසුවෙන් කර ගත හැකිය. 1. Profile Pictures සඳහා ව්‍යාජ ජායාරූප භාවිතය. 2. මුහුණුවරට සමාන නොවන ජායාරූප පැවතීම. 3. පෞද්ගලික තොරතුරු විශ්වාසනීයත්වයෙන් තොරවීම. මීට අමතරව යම් Facebook ගිණුමක් හරහා මිත්‍රයින් (Friend Request) එකක් එවා තිබුණහොත් එම ගිණුම සහ තම ගිණුම ට පොදු මිත්‍රයින් කවුරුන්දැයි විමසා බැලීමෙන් ද අදාළ Facebook ගිණුම තහවුරු කරගත හැකි ය. |
2018-03-28T23:46:03.000Z | හානි වූ මුදල් අද මාරු නොකළොත් අමාරුවේ ! | හානි වූ මුදල් අද මාරු නොකළොත් අමාරුවේ ! | COLOMBO (News 1st) - හානි වී ඇති මුදල් නෝට්ටු මාරු කර ගැනීම සඳහා ජනතාවට ලබා දී තිබූ කාලය මාර්තු 31 වන දායින් අවසන් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසා තිබේ. මුදල් නෝට්ටු මාරු කිරීමේ අවසන් දිනය මාර්තු 31 ලෙස නම් කළ නමුත් ඉදිරි දින දෙක එනම් 30 සහ 31 දෙදින රජයේ නිවාඩු දිනයන් ලෙස නම් කර ඇති බැවින් අද දිනයේ මුදල් නොට්ටු මාරු කිරීම කළ යුතු වනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව පැවසූවේ, විකෘති මුදල් නොට්ටු වාණිජ බැංකු වෙත භාරදී පිරිසිදු මුදල් නෝට්ටු ලබා ගන්නා ලෙසත් මාර්තු 31 වන දා තෙක් දී තිබු කාලය කුමන හේතුවක් නිසාවත් දීර්ඝ නොකරන බවත් ය. නෝට්ටුවේ අනුක්‍රමික අංකය, අත්සන, නිකුත් කළ දිනය, දිය සලකුණ යන මුදල් නෝට්ටුවක තිබිය යුතු ලක්ෂණවලට හානි පැමිණ තිබේ නම් එය භාවිතයෙන් ඉවත් කළ යුතු බව මහ බැංකුව පවසා තිබේ. https://www.youtube.com/watch?v=6tMCVB0ZiRg |
2018-03-28T22:54:22.000Z | මෙරට රබර් සඳහා ස්ලෝවැකියාවෙන් ඉහළ ඉල්ලුමක් | රබර් සඳහා ස්ලෝවැකියාවෙන් ඉහළ ඉල්ලුමක් | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ රබර් සඳහා ස්ලෝවැකියාවෙන් ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බව ස්ලෝවැකියානු උපඅග්‍රාමාත්‍ය පීටර් කසීමර් ප්‍රකාශ කර තිබේ. ඔහු සඳහන් කළේ, මේ හේතුවෙන් ස්ලෝවැකියාවේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයට, ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදන යොදා ගැනීමට කැමැත්තෙන් පසුවන බවයි. මේ වනවිට ශ්‍රී ලංකාව සහ ස්ලෝවැකියාව අතර පවතින වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම, අමෙරිකානු ඩොලර් මිලියන 45.7 කි. ස්ලෝවැකියාවේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයට රබර් අපනයනය කිරීමෙන් එම ගනුදෙනු ප්‍රමාණය වර්ධනය කර ගැනීමට අවස්ථාවක් උදා වනු ඇත. |
2018-03-28T20:41:00.000Z | සූර්යයා වෙත යෑමට අමෙරිකානු විද්‍යාඥයින්ගේ සූදානමක් | සූර්යයා වෙත යෑමට අමෙරිකානු විද්‍යාඥයින්ගේ සූදානමක් | COLOMBO (News 1st) - පෘථිවියේ සිට සූර්යයා වෙත ගමන් කිරීම සඳහා නව අභ්‍යවකාශ යානයක් කක්ෂගත කිරීමට විද්‍යාඥයින් පිරිසක් සූදානම් වනු ඇත. අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව විදෙස් වාර්තා පවසා ඇත. පාර්කර් සොල්ර් ප්රෝබ් නමින් හැඳින්වෙන මෙම යානය මේ වන විට මේරි ලෑන්ඩ්හි තිබෙන අතර එය සෙනසුරාදා ෆ්ලෝරිඩා බලා පිටත් කිරීමට සූදානම් වේ. මෙම මෙහෙයුම සඳහා සියලු වියදම් නාසා ආයතනය මගින් දරණ අතර එය අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වන බව විදෙස් වාර්තාවල සඳහන් ය. මෙම යානය සූර්යයාට සැතපුම් මිලියන 4 ක් දුරින් එය වටා වට 24ක් භ්‍රමණය කිරීමට නියමිත වේ. එහිදී සූර්යයා මගින් පෘථිවියේ උෂ්ණත්වයට කරන බලපෑම් ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද තොරතුරු සෙවීමට නියමිත බව විදෙස් වාර්තාවල සඳහන් ය. යානය ලබන ජූලි මාසයේදී සූර්යයා වෙත ගමන් කිරීමට නියමිත වේ. |
2018-03-28T20:08:29.000Z | ජනපති රුසියානු තානාපති නිලධාරීන් හමුවෙති | ජනපති රුසියානු තානාපති නිලධාරීන් හමුවෙති | COLOMBO (News 1st) - රුසියාවේ, කොමරෝවො හී වෙළෙඳ සංකීර්ණයක් තුළ ඇති වූ ගින්නෙන් සිදු වූ ජීවිත හානි පිළිබඳව ශෝකය පළ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් හමු විය. ජනාධිපතිතුමා රුසියානු තානාපති කාර්යාලයට ගියේ ඊයේ පස්වරුවේදී යි. එහිදී ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති, යූරි මැටරි මහතා සහ කාර්ය මණ්ලය විසින් ජනාධිපතිතුමාට හිමි වූයේ උණුසුම් පිළිගැනීමකි. මෙහිදී ජනාධිපතිතුමා රුසියානු තානාපති කාර්යාලයේදී විශේෂ සමරු සටහනක් තබමින්, රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් වෙත සිය ශෝකය පළ කර තිබේ. කොමරෝවො හී වෙළෙඳ සංකීර්ණයක් තුළ වූ සිදුවීම හේතුවෙන් මෙම කණගාටුදායක අවස්ථාවේ ශ්‍රී ලංකා රජයත්, ජනතාවත්, රුසියානු රජය සහ එම මිත්‍ර ජනතාව සමග සිය සංවේගය බෙදා ගන්නා බව ජනාධිපතිතුමාගේ ශෝකි පණිවුඩයේ දක්වා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. ජනාධිපතිතුමා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අදාළ සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් සියලුදෙනාගේ පවුල්වල ඥාතීන්ට, සිය ශෝකය පළ කරන බවත්, තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි. |
2018-03-28T19:47:38.000Z | පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අද අධිකරණයට | පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අද අධිකරණයට | COLOMBO (News 1st) - අත්අඩංගුවට ගනු ලැබු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක, නියෝමාල් රංගජීව මහතා අද අධිකරණයට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක, නියෝමාල් රංගජීව මහතා ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ, 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව යි. තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලමින් නියෝමාල් රංගජීව මහතා ඉදිරිපත් කළ පෙත්සම ද ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ඉන් අනතුරුව ය. 2012 වසරේ නොවැම්බර් මස 09 වන දා වැලිකඩ බන්ධනාගාරය තුළදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේදී ඝාතනයට ලක් වූ රැඳවියන් හඳුනාගැනීම සඳහා නියෝමාල් රංගජීව මහතා මූලිකත්වය ගෙන ඇති බව, අදාළ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් අනාවරණය විය. එම වාර්තාවට අනූව නියෝමාල් රංගජීව මහතා වැලිකඩ ගැටුමේ ප්‍රධාන සැකකරුවෙකි. පසුගිය වසරේ පිළියන්දලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදු වූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ නියෝමාල් රංගජීව මහතා සුවය ලබා සිටියේ ය. |
2018-03-28T19:09:24.000Z | සා/පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි: දිවයිනේ පළමු ස්ථානය සිසුන් 6 දෙනෙකුට | සා/පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි | COLOMBO (News 1st) - 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් විය. මෙවර ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථාන හිමිකර ගැනීමට සිසුවියන් 5 දෙනෙකු සහ එක් සිසුවෙකු සමත් ව තිබේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි. කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවලට අයත් පාසල්වල විදුහල්පතිවරුන්ට අද පෙරවරු 10 න් පසු විභාග දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රතිඵල ලේඛන ලබාගත හැකි වනු ඇත. අනෙක් සියලු පාසල්වල ප්‍රතිඵල ලේඛන, අද තැපෑලට යොමුකරන බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනූව සිසුන් 6දෙනෙකු දිවයිනේ පළමු ස්ථාන දිනාගෙන තිබේ. මේ අනූව ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයේ කසුනි හංසනා තත්සරණි සෙනෙවිරත්න, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේම, චමෝදි රවීසා සුබසිංහ සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ නවෝද්‍යා ප්‍රභාවී රණසිංහ පළමු ස්ථාන දිනා ගත්හ. මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ලිමාෂා අමන්දි දිව්‍යාංජනා , මාතර සුජාතා විද්‍යාලයේ රන්දි ලක්ප්‍රියා සහ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ කවීශ ප්‍රතිභාත් දිවයිනේ පළමු ස්ථාන ලබාගත් සිසුන් අතරට ඇතුළත් වේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී සිසුන් 9දෙනෙකු සම ලකුණු සමගින් දිවයිනේ දෙවැනි ස්ථාන ලබාගෙන සිටි. ඒ අනූව කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ නිපුනි ඉන්දීවරී හේරත්, කොළඹ සී. එම්. එස් බාලිකා විද්‍යාලයේ අනීෂා ගීතාංජලී ගුණවර්ධන, නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ රිසිනි දිනාරා කුමාරසිංහ දෙවැනි ස්ථාන ලබා ගෙන ඇත. කොළඹ ශාන්ත ජෝසෆ් විද්‍යාලයේ කවින් සන්දීප සිරිවර්ධන, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ තිමන්ත සමාධි වික්‍රමසිංහ, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සෙනුරි දිල්රූ මල්ලිකාරච්චි සහ යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ මිරුති සුරේෂ්කුමාර් ද දෙවැනි ස්ථාන ලබාගත් සිසුන් අතරට ඇතුළත් ය. ඊට අමතරව මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ නිසංසා කසුන්දි ගොකරැල්ල සහ මාතර සුජාතා විද්‍යාලයේ අමන්දි නයනතාරා ජයසූරිය දෙවැනි ස්ථාන ලබා ගත්හ. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 688,573 කි. ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් 1911 ක්ෂණික ඇමතුම් අංකයෙන් විභාග දෙපාර්තමේන්තුව ඇමතීමෙන් ලබාගත හැකි වනු ඇති. ඊට අමතරව 011- 2 784208 හෝ 011- 2 784 537 යන දුරකතන අංක හරහා පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව ඇමතීමෙන් ද ප්‍රතිඵල පිළිබඳ තොරතුරු දැනගත හැකි වනු ඇති. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයැදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අප්‍රේල් 7 වන දා දක්වා අවස්ථාව ලබාදෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. පෞද්ගලික අයැදුම්කරුවන්ට, නැවත සමීක්ෂණ සඳහා අයැදුම් කිරීමට අප්‍රේල් 12 වන දා දක්වා අවස්ථාව ලබාදී ඇත. |
2018-03-28T10:14:47.000Z | පන්නල, ජයසිරිගම ජනතාවගේ ජල සිහිනය ගම්මැද්දෙන් යථාර්ථයක් වූ වගයි..! | ජයසිරිගම ජනතාවගේ ජල සිහිනය යථාර්ථයක් වූ වගයි..! | COLOMBO (News 1st) : තම ළිං වල ජලය , සිඳීයාම හේතුවෙන් පන්නල ජයසිරිගම ගම්මානයේ ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටියේ දීර්ඝ කාලය සිටයි. ගම්මානයේ පවුල් 260කට වැඩි පිරිසකට පානීය ජල අවශ්‍යතාව සපුරාගැනීමට සිදුවූයේ පන්නල ප්‍රාදේශීය සභාව සතියකට වරක් බවුසර් මගින් ලබාදුන් ජලයෙනි. නිසි විසඳුමක් නොලැබුණු තැන තමන් විඳි කටුකත්වයේ වේදනාව ගම්මැද්ද දින 100යට දන්වනු ලැබී ය. මේ ගැටලුවට කඩිනම් විසඳුමක් ලෙස පානීය ජල ව්‍යාපෘතියක් ඉදිරිකර දීම සඳහා MAS ආයතනය ඉදිරිපත් වුණේ ඉන් අනතුරුවයි. අද එම ජල ව්‍යාපෘතිය ජන සතු කෙරුණේ මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයින්ගේ ආශීර්වාද මධ්‍යයේයි. මේ අවස්ථාවට සීමාසහිත කැපිටල් මහාරජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් මහතා, MAS ඉන්ටිමේටස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. https://www.youtube.com/watch?v=GAdi18_eP8w |
2018-03-28T08:41:30.000Z | වැලිකඩ ගැටුමේ පරීක්ෂණවලට අදාළව පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව CID අත්අඩංගුවට | පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව CID අත්අඩංගුවට | COLOMBO (News 1st) : පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක, නියෝමාල් රංගජීව මහතා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ වැලිකඩ බන්ධනාගාරයේ 2012 ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරික්ෂණවලට අදාළවයි. තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලමින් රංගජීව මහතා ඉදිරිපත් කළ පෙත්සම ද ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය. ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. 2012 වසරේ නොවැම්බර් මස 09 වනදා වැලිකඩ බන්ධනාගාරය තුළදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේදී ඝාතනයට ලක්වූ රැඳවියන් හඳුනා ගැනීම සදහා නියෝමාල් රංගජීව මහතා මූලිකත්වය ගෙන ඇති බව අදාළ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් අනාවරණය විය. එම වාර්තාවට අනූව නියෝමාල් රංගජිව මහතා වැලිකඩ ගැටුමේ ප්‍රධාන සැකකරුවෙකි. පසුගිය වසරේ පිළියන්දලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ වෙඩි තැබීමකින් නියෝමාල් රංගජීව මහතා බරපතළ තුවාල ලබා සුවය ලබා සිටියේ ය. |
2018-03-28T07:48:20.000Z | අගමැතිට අයත්ව තිබූ අමාත්‍යංශ විෂය පථයන් රැසක් ඉවතට | අගමැතිට අයත්ව තිබූ අමාත්‍යංශ විෂය පථයන් රැසක් ඉවතට | COLOMBO (News 1st) : අග්‍රාමාත්‍යවරයා ඇමති ධූරය දැරූ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ තිබූ විෂයයන් සහ ආයතන කිහිපයක් වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් අද ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබිණ. මේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම, වහා ම ක්‍රියාත්මක වන පරිදි යළි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට පවරා ඇත. නව ගැසට් නිවේදනයට අනුව ලිට්‍රෝ ගෑස් සමාගම, පවරා ඇත්තේ රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශය යටතටයි. කන්තලේ සීනී සමාගම ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය යටතට පවරා තිබේ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා පාලිත සමාගම් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතට පවරා ඇත. මුල්‍ය නීති පනත සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත, ක්‍රියාත්මක කිරීමේ බලය පැවරුනේ මුදල් අමාත්‍යංශයටයි. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ පැවති ජාතික තරුණ සේවා සභාව සහ ජාතික යොවුන් සේනාංකය, ව්‍යාපෘති කළමනාකරණ , තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය යටතට පවරා තිබේ. මීට අමතරව ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය, මහජන උපයෝගිතා කොමිසම, සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල, ජාතික රක්ෂණ භාර අරමුදල, යන ආයතන ද පැවරී ඇත්තේ තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය යටතටයි. |
2018-03-28T08:52:49.000Z | ගුටි කෙළියකින් කෙළවර වූ මස්කෙළියේ මංගල සැසිය | ගුටි කෙළියකින් කෙළවර වූ මස්කෙළියේ මංගල සැසිය | COLOMBO (News 1st) : පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී මතුව ඇති ගැටලු මේ වන විට උග්‍ර වෙමින් තිබේ. බලය පිහිටුවීමේදී තීරණාත්මක සාධකය වන මන්ත්‍රීවරුන් මුදලට අලෙවි වෙද්දී , ඇතැම් පළාත් පාලන ආයතනවල බල අරගලය වෙනුවෙන් පිරිස් අතර ගැටුම් ද නිර්මාණය වී අති අයුරු දැකිය හැකියි. අද මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේදී ඇති වූයේ එවන් තත්ත්වයකි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය ප්‍රාදේශීය සභාව සඳහා ලංකා කම්කරු කොංග්‍රසයෙන් නියෝජිතයින් 7 දෙනෙක් , එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 7 දෙනෙක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයෙක් හා එක්සත් ජාතික නිදහස් පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වූහ. ඒ අනුව අද ප්‍රාදේශීය සභා බලය පිහිටුවීමේදී ලංකා කම්කරු කොංග්‍රසයට පොදුජන පෙරමුණේ නියෝජිතයා සහය දැක්වූ අතර එක්සත් ජාතික පක්ෂයට එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයා සහය පළ කළහ. බලය සම සමව බෙදීගිය ද එක්සත් ජාතික පක්ෂයේ එක් මන්ත්‍රීවරියක් අද සභාවට පැමිණ නොසිටියා ය. මේ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු අද සභාවේ බලය පිහිටුවීමේ කටයුතු නතර කරන ලෙස පළාත් පාලන කොමසාරිස්වරයාගේ ඉල්ලීමක් කළහ. නමුත් සභාවේ ඝන පූර්ණයේ ගැටලුවක් නොමැති වීම නිසා බලය පිහිටුවීමට හැකි බව පළාත් පාලන කොමසාරිස්වරයා ප්‍රකාශ කිරීමත් සමග සභාවේ නොසන්සුන්තාවක් හට ගැනිණ. මන්ත්‍රීවරුන්ගේ විරෝධය මත පැවති ඡන්ද විමසීමේදී බහුතර ආසන සංඛ්‍යාවක් හිමිකරගත්, ලංකා කම්කරු කොංග්‍රසයේ කේ සෙන්මුගවල්ලි මහතා සභාපතිවරයා ලෙස පත්කර ගැනිණ. මේ අතර සභාවේ ගැටලු පවතින අවස්ථාවේ ඉන් පිටත සිටි පිරිසක් සභාව පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කළේ, සභාවේ කටයුතු නැවැත්වීමේ අරමුණිනි. පොලිසියේ මැදිහත්වීමෙන් මෙම පිරිස සභාව පරිශ්‍රයට ඇතුළුවීමට ගත් උත්සාහය වැළැක් වුවද සභාව අවසන් වී මන්ත්‍රීවරුන් පිටතට පැමිණීමෙන් අනතුරුව දෙපාර්ශවයේ මන්ත්‍රීවරුන් හා ආධාරකරුවන් අතර ගැටුමක් ඇති විය. පසුව පොලීසියේ මැදිහත්වීමෙන් පිරිස පාලනය කිරීමට පියවර ගැනිණ. මේ අතර අද පස්වරු 5.30ට පමණ දෙපාර්ශවයේ ආධාරකරුවන් අතර යළිත් නෝවුඩ් නගරයේදී ගැටුමක් හටගෙන තිබේ. ගැටුමෙන් තුවාල ලැබූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු මේ වනවිට රෝහල් ගත කර ඇති අතර, වාහන දෙකකට දැඩි අලාභහානි සිදුව තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/1892012524192330/ |
2018-03-28T06:00:55.000Z | 1985 වසරේ සිදුවූ ඝාතනයක වරදකරුවන්ට 2018දී මරණ දඬුවම | 1985 වසරේ සිදුවූ ඝාතනයක වරදකරුවන්ට මරණ දඬුවම | COLOMBO (News 1st) : තරුණයෙකුට පිහියකින් ඇණ බරතපතළ තුවාල සිදුකිරීම සහ තවත් තරුණයෙකු ඝාතනය කිරීම යන චෝදනා දෙකට වරදකරුවන් වූ පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද මරණ දඬුවම නියම කළේ ය. ඒ අදාළ ඝාතනය සිදුව ඇත්තේ, මීට වසර 32 කට පෙරදී ය. 1985 වසරේ දෙසැම්බර් මස 6 වන දින එවකට තරුණයන් වූ විත්තිකාර ඥාති සහෝදරයන් දෙදෙනා ඇතුළු 5 දෙනෙකු අඟුලාන මහජන පුස්තකාලයේදී අදාළ පුද්ගලයා සමග ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියකින් ඇණ ඔහු ඝාතනය කර තිබිණ. අනතුරුව ඔහු බේරා ගැනීමට ඉදිරිපත් වූ අනෙක් තරුණයා ද කපා කොටා බරපතළ තුවාල සිදුකර ඇති බව ගල්කිස්ස පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙම නඩුවේ අනෙක් විත්තිකරුවෝ තිදෙනා නඩු විභාගය අතරතුර ජීවිතක්ෂයට පත් වූහ. මරණ දඬුවම නියම වූයේ, අඟුලාන ප්‍රදේශයේ ම පදිංචි අවුරුදු 52 සහ 55 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකුටයි. |
2018-03-28T05:15:08.000Z | හම්බන්තොට මහ නගර සභාවේ මංගල රැස්වීම කල්යයි | හම්බන්තොට මහ නගර සභාවේ මංගල රැස්වීම කල්යයි | COLOMBO (News 1st) : හම්බන්තොට මහ නගර සභාවේ නගාරාධිපතිවරයා හා නියොජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා අද පැවති මංගල රැස්වීම ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් කල් දමා තිබේ. අද උදෑසන 10 ට දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම කැඳවා තිබිණ. එහිදී මන්ත්‍රීවරුන් 21 දෙනොගෙන් පැමිණ සිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රිවරුන් 09 දෙනෙකු හා ජනතා විමුක්ති පෙරමුණෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයා පමණක් බව හම්බන්තොට නාගරික කොමසාරිස් කසුන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ ය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් 07 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු සිවු දෙනා සභාවට පැමිණ නොසිටියහ. මේ පිළිබඳව කළ විමසීමකදී දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් රනිල් වික්‍රමසේකර මහතා පැවසුවේ, ප්‍රථම රැස්වීම පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනතට අනුව පැවැත්විය යුතු බව ත් ඒ සඳහා 50% ක ඝන පූරණය අත්‍යවශ්‍ය සාධකයක් බවත් ය. https://www.facebook.com/NewsfirstSL/videos/1891748704218712/ |
2018-03-28T04:09:46.000Z | කේ.ටී. චිත්‍රසිරි වැඩ බලන අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි | කේ.ටී. චිත්‍රසිරි වැඩ බලන අගවිනිසුරු තනතුරට | COLOMBO (News 1st) : ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි වැඩ බලන අගවිනිසුරු ලෙස දිවුරුම් දී තිබේ. විනිසුරු කේ.ටී. චිත්‍රසිරි වැඩ බලන අගවිනිසුරු ලෙස දිවුරුම් දී ඇත්තේ, අග්‍රවිනිසුරු ප්‍රියසාත් ඩෙප් විදෙස්ගත වීමට නියමිත බැවිනි. |
2018-03-28T03:30:23.000Z | ස්මිත්, වෝනර් හා බැන්ක්‍රොෆ්ට්ට තරග තහනමක් පනවයි | ස්මිත්, වෝනර් හා බැන්ක්‍රොෆ්ට්ට තරග තහනමක් පනවයි | (Newsfirst) - ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්ට සහ උප නායක ඩේවිඩ් වෝනර්ට එරට ක්‍රිකට් ආයතනය මගින් මාස 12ක තරග තහනමක් පැනවීමේ සූදානමක් ඇති බවට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩවිය පවසයි. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහි 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ වරදට අදාළව ය. ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කැමරන් බැන්ක්‍රොෆ්ට් මෙම වරද සිදු කළ අතර, ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සිදු කළ පරීක්ෂණයේදී නායක ස්ටීවන් ස්මිත් සහ උප නායක ඩේවිඩ් වෝනර් ඒ පිළිබඳව දැනුවත්ව සිටි බවට තහවුරු වී තිබේ. ස්මිත්ට සහ වෝනර්ට මාස 12ක තරග තහනමක් පනවා ඇත්තේ ඒ හේතුවෙනි. මේ අතර පන්දුව පළුදු කිරීමේ වරද සිදු කළ කැමරන් බැන්ක්‍රොෆ්ට් මාස 9ක තරග තහනමකට ලක් කිරීමට ද ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩවියේ සඳහන් ය. මීට පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් ස්මිත්ට සහ බැන්ක්‍රොෆ්ට්ට දඩ මුදල් නියම කළේ ය. |
2018-03-28T03:48:02.000Z | සිංහල බෙහෙත් අලෙවි සලට පැනපු හොරා | සිංහල බෙහෙත් අලෙවි සලට පැනපු හොරා | COLOMBO (Newsfirst) - කොට්ටාව මංසන්ධියේ පිහිටි සිංහල බෙහෙත් බඩු අලෙවි සලකට ඊයේ රාත්‍රියේ සොරෙකු පැන තිබේ. එම වෙළෙඳ සලේ හිමිකරු පැවසුවේ එම සොරා වෙළෙඳ සලේ පිටුපස දොරටුවෙන් ඇතුළු වී ඇති බව ය. මෙහිදී එම සොරා රුපියල් 3000ක මුදලක් සහ වෙළෙඳ සලේ සවි කර ඇති CCTV කැමරා පද්ධතියේ රවුටරය සොරා ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලීසිය පරීක්ෂණ පවත්වයි. https://www.youtube.com/watch?v=kGzpVGB1-pg&feature=youtu.be |
2018-03-28T02:36:25.000Z | අගමැතිට එරෙහි විශ්වාසභංග ඡන්ද විමසීමට ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිත නොකිරීමට පක්ෂ නායකයින්ගේ එකඟත්වය | අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව | COLOMBO (Newsfirst) - අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීමට අද පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්විණි. ඒ, කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට අදාළ ඡන්ද විමසීමේදී ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිත නොකිරීමට පක්ෂ නායකයෝ මෙහිදී එකඟ වූහ. අප්‍රේල් මස 4 වන දා මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිත ය. එදින උදෑසන 10.30 සිට රාත්‍රී 9.30 දක්වා විවාදය පවත්වා රාත්‍රී 9.30ට ඡන්ද විමසීම පැවැත්විය යුතු බවට පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ. |
2018-03-28T01:22:11.000Z | උතුරු කොරියානු නායකයා න්‍යෂ්ඨික අවිහරණය කරන බවට ප්‍රතිඥා දෙයි | කිම් ජොන් උන් සහ චීන ජනපති අතර හමුවක් | (Newsfirst) - උතුරු කොරියානු නායකයා න්‍යෂ්ඨික අවිහරණය කරන බවට ප්‍රතිඥා දුන් බව චීනය පවසයි. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීන ජනපති ෂී ජින්පින් සමග පැවති ඓතිහාසික හමුවේදී කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ඨික අවිහරණය කිරීමට පොරොන්දු වූ බවට විදෙස් වාර්තාහි දැක්වේ. කිම් ජොන් උන් චීනයේ සංචාරයක නිරත වන බවට පසුගිය දින කිහිපයේ මත පළ වූ අතර ඊට දින 2කට පසු එනම් අද දින එම මත සත්‍යයක් බවට චීන සහ උතුරු කොරියානු මාධ්‍ය තහවුරු කළේ ය. චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ආරාධනයක් මත දින 4ක නිල නොවන සංචාරයක් සඳහා කිම් ජොන් උන් සිය බිරිඳ සමග දුම්රිය මගින් චීනයට පැමිණි බව සඳහන් ය. විදෙස් වාර්තාහි දැක්වෙන්නේ, 2011 වර්ෂයේ කිම් ජොන් උන් සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු කළ ප්‍රථම විදේශ සංචාරය මෙය බව ය. මෙම සංචාරය එළැඹෙන මැයි මස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර සිදුවීමට නියමිත හමුව අතරතුර සිදුවීම සුවිශේෂී කාරණයක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. |
2018-03-28T00:39:48.000Z | මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම අතරවාරයේ උණුසුම් තත්ත්වයක් | මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ නොසන්සුන් තත්ත්වයක් | COLOMBO (Newsfirst) - මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම අතරවාරයේ උණුසුම් තත්ත්වයක් ඇති විය. එම ප්‍රාදේශීය සභාවට සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු තෝරා පත් කර ගනු ලැබුවේ නොසන්සුන්තා මධ්‍යයේ බව අප ප්‍රාදේශීය සභා වාර්තාකරු පැවසුවේ ය. එක්සත් ජාතික පක්ෂයෙන් මස්කෙළිය ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ ලියනආරච්චිගේ රංජිනී මහත්මිය සභාපතිවරයා තේරීමේ නිලවරණයට සහභාගී නොවීම හේතුවෙන් එම ප්‍රාදේශීය සභාවේ බලය හිමි වූයේ ලංකා කම්කරු කොංග්‍රසයට යි. මේ හේතුවෙන් දෙපාර්ශවය අතර නොසන්සුන් තත්ත්වයක් ඇති විය. අප වාර්තාකරු පැවසුවේ දෙපාර්ශවය අතර පැන නැගි ගැටුම විනාඩි 30ක් පමණ පැවැති බව ය. සිද්ධිය මේ වන විට පාලනය කිරීමට පොලීසිය සමත් වී තිබේ. |
2018-03-27T23:49:24.000Z | විදේශ මුදල් සහ මැණික් තොගයක් සමග චීන ජාතිකයෙකු රේගු භාරයට | විදේශ මුදල් සහ මැණික් තොගයක් සමග අයෙක් රේගු දැළේ | COLOMBO (Newsfirst) - රුපියල් එක් කෝටි තිස් හතර ලක්ෂයක් වටිනා විදේශ මුදල් සහ මැණික් තොගයක් නීති විරෝධී ලෙස මෙරටින් රැගෙන යාමට තැත් කළ චීන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 61 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයෙකි. සැකකරුගේ කලිසම් සාක්කු තුළ හා ගමන් මල්ලේ සඟවා තිබියදී මෙම මැණික් හා විදේශ මුදල් තොගය සොයා ගත් බව රේගුව සඳහන් කළේ ය. අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක ය. |
2018-03-27T21:52:02.000Z | අගමැතිට එරෙහි විශ්වාසභංගය පිළිබඳ අදත් පක්ෂ නායක රැස්වීමක් | අගමැතිට එරෙහි විශ්වාසභංගය:අදත් පක්ෂ නායක රැස්වීමක් | COLOMBO (Newsfirst) - අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. ඒ, කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. කථානායක කරු ජයසූරිය මහතා විසින් අද උදෑසන 9.00ට සියලුම පක්ෂ නායකයින්ට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබේ. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පසුගිය සඳුදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට නිල වශයෙන් ඇතුළත් කෙරිණි. ඒ අනුව අප්‍රේල් මස 4 වන දින විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇති. අනතුරුව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත ය. |
2018-03-27T20:53:03.000Z | ස්ටීවන් ස්මිත්,ඩේවිඩ් වෝනර්,කැමරන් බැන්ක්‍රොෆ්ට්ට ඔස්ට්‍රේලියාවෙන් ක්‍රිකට් තහනමක් | ස්මිත්,වෝනර්,බැන්ක්‍රොෆ්ට්ට තහනමක් | COLOMBO (Newsfirst) - ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්, උප නායක ඩේවිඩ් වෝනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට්ට එරට ක්‍රිකට් ආයතනය මගින් තහනමක් පනවා තිබේ. ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැති 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ සිදුවීමට ඔවුන් වරදකරුවන් බවට තීරණය කිරීම හේතුවෙනි. මේ අතර කඩුලු රකින ක්‍රීඩක ටිම් පෙයින්, ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කර තිබේ. දකුණු අප්‍රිකාවට එරෙහි 3වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කළ බවට චෝදනා එල්ල විය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඔස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත්ට සහ කැමරන් බැන්ක්‍රොෆ්ට්ට දඬුවම් නියම කළේ, ඔවුන් දෙදෙනා තම ආයතන රීති උල්ලංඝණය කළ බවට චෝදනා එල්ල කරමිනි. ඒ අනුව අදාළ ක්‍රීඩකයින් දෙදෙනාටම දඩ මුදල් නියම කළ අතර ස්මිත්ට එක් ටෙස්ට් තරගයක තහනමක් ද පැනවිය. කෙසේ නමුත් මෙම සිදුවීමට අදාළව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ද පරීක්ෂණයක් පවත්වන අතර එම ආයතන ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඩ් දකුණු අප්‍රිකාවට යවා ඇත්තේ ද ඒ හේතුවෙනි. ඔහු දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හිදී මාධ්‍ය හමුවකට සහභාගී විය. එහිදී ඔහු පැවසුවේ පන්දුව පළුදු කිරීමේ සිද්ධිය සඳහා කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් සම්බන්ධ වී නොමැති බවට තහවුරු වී ඇති බව ය. මේ අතර අදාළ ක්‍රීඩකයින් තිදෙනා නැවතත් ඔස්ට්‍රේලියාවට පිටත් කර හරින බව ද ජේම්ස් සදර්ලන්ඩ් ප්‍රකාශ කළේ ය. ඔවුන් වෙනුවට මැට් රෙන්ෂොව්, ග්ලෙන් මැක්ස්වෙල් සහ ජෝ බර්න්ස් ඔස්ට්‍රේලියා ටෙස්ට් කණ්ඩායමට කැඳවා තිබේ. මේ අතර ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ අදාළ ක්‍රීඩකයින් තිදෙනා පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව ය. |
2018-03-27T20:24:26.000Z | මධුෂ් ඇතුළු පාතාල නායකයින් කිහිප දෙනෙකුගේ ගැටුම් පසුගිය ඝාතන රැසකට හේතුව බව හෙළිවෙයි | පසුගිය ඝාතන රැසක පසුපස සිටින්නේ කවුද? | COLOMBO (Newsfirst) - පසුගිය කාලයේ සිදුවූ වෙඩි තැබීම් හා පුද්ගල ඝාතනවලට මධුෂ්, අංගොඩ ලොක්කා සහ ඝාතනයට ලක්වූ සමයන් නමැති පාතාල නායකයාගේ සාමාජිකයින් සම්බන්ධ බව පරීක්ෂණවලදී හෙළිව ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ස්ථානවල පාතාල කල්ලි අතර ගැටුම්වල ප්‍රතිඵල ලෙස පුද්ගලයින් 08 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බව ය. තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව ද ඔහු සඳහන් කළේ ය. මෙම පිරිස පාතාල කල්ලි සමග විවිධ සබඳතා පැවැත්වූවන් බව පරීක්ෂණවලදී හෙළිව ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය. ලැබී ඇති බුද්ධි තොරතුරු අනුව මධුෂ් නමැත්තා දැනට ඩුබායිහි රැඳී සිට මෙරට අපරාධ මෙහෙයවන බව පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ ඒකකය සඳහන් කළේ ය. මධුෂ් ඇතුළු විදේශවලට පළා ගොස් ඇති කණ්ඩායම් ජාත්‍යන්තර පොලීසියේ සහය ඇතුව අත්අඩංගුවට ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ද මේ වන විට ක්‍රියාත්මක ය. එම ඒකකය පැවසුවේ, ඒ අනුව මෙම පාතාල ගැටුම් හා ඊට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට සිවිල් ඇඳුමින් සැරසුන් පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් රැසක් පැය 24 පුරා සේවයට යොදවා ඇති බව ය. මීට අමතරව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධ මෙහෙයුම් ද ක්‍රියාත්මක කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ ය. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පාතාල කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත විශේෂ ඒකකයක් පිහිටුවා ඇති අතර ඉන් පාතාලය මර්දනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් වරින්වර අවශ්‍ය පරිදි පොලීසියට හා පොලිස් විශේෂ කාර්ය බලකායට ලබා දෙන බව ය. මීට අමතරව පාතාලය මර්දනය සඳහා බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 10ටම ක්ෂණික මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීම් මෙන් ම ඒ සඳහා විශේෂ පුහුණුවක් ලත් කණ්ඩායම් යෙද වීමට ද පියවර ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ය. |
2018-03-27T19:44:51.000Z | 2017 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කෙරේ | සා/පෙළ ප්‍රතිඵල අද පස්වරුවේ | COLOMBO (Newsfirst) - 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, එම ප්‍රතිඵල www.donets.lk යන වෙබ් අඩවියට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ය. රට පුරා මධ්‍යස්ථාන 5,116කදී විභාගයට පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 688,573කි. ඔවුන්ගෙන් 429,493ක් පාසල් අයැදුම්කරුවන් වන අතර පෞද්ගලික අයැදුම්කරුවන් සංඛ්‍යාව 259,080ක් බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ය. |
2018-03-27T09:45:41.000Z | UPDATE - උදයංග වීරතුංග අබුඩාබිහි මධ්‍යම බන්ධනාගාරයක රඳවා සිටින බවට විශ්වසනීය තොරතුරු | උදයංග වීරතුංග අබුඩාබිහි මධ්‍යම බන්ධනාගාරයට | COLOMBO (News 1st) - රුසියාවේ හිටපු තනාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන අබුඩාබිහි මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටින බව රජයේ විශ්වසනීය ආරංචිමාර්ග දැන් තහවුරු කර තිබේ. වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය සෙනසුරාදා ය. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ බලධාරින් සහ මෙරට බලධාරින් සිදු කළ එකාබද්ධ මෙහෙයුමකින් පසුවයි. මේ වන විට උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන විත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රජයේ ඉහළ මට්ටමේ නිලධාරීන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද රජයේ විශ්වසනීය ආරංචිමාර්ග තහවුරු කළේ ය. |
2018-03-27T09:28:24.000Z | සිපෙට්කෝ තෙල් මිල වැඩි කළොත් බස් ගාස්තු වැඩි කරනවා - බස් සංගම් | තෙල් මිල සහ බස් ගාස්තුව | COLOMBO (Newsfirst) - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් මිල වැඩි කළහොත් බස් ගාස්තු වැඩි කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි. බස් සංගම් කිහිපයක් සමග කළ සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළැඹි බව ඔහු සඳහන් කළේය. ඔහු වැඩි දුරටත් සඳහන් කළේ, බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව එම තීරණයට එළැඹෙන බව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1890840584309524/ මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ ලංකා IOC සමාගම පමණක් ඉන්ධන මිල වැඩිකර ඇති බැවින් බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් දැනට තීන්දුවක් ගෙන නොමැති බව ය. නමුත් ඉදිරියේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් මිල වැඩි කළහොත් බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් සළකා බලන බව ද ඔහු වැඩි දුරට ත් සඳහන් කළේය. පසුගියදා ලංකා IOC සමාගම ඩිසල් ලීටරයක් රුපියල් 5 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 9 කින් මිල ඉහළ දැමීමට පියවර ගැනිණි. මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ නීල් ජයසේකර මහතා පැවසුවේ, ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් තම ආයතනය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ය. |
2018-03-27T09:18:14.000Z | අගමැතිට එරෙහි විශ්වාසභංගය ගැන නිදහස් පක්ෂයේ ස්ථාවරය | විශ්වාසභංගය ගැන නිදහස් පක්ෂයේ ස්ථාවරය | COLOMBO (News 1st) - විශ්වාසභංග යෝජනාව ගැන සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් හෙට රැස්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් මේ පිළිබඳව ඔවුන්ගේ නිල ස්ථාවරය ප්‍රකාශයට පත්කර නොමැත. අද පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් දෙදෙනෙකු ඒ පිළිබඳව පළ කළේ මෙවන් අදහසකි... https://www.youtube.com/watch?v=QEe8p1wJwIQ |
2018-03-27T11:37:05.000Z | පළාත් පාලන ප්‍රධානීන් පත් කර ගැනීමට මහාපරිමාණයෙන් සිදුවන මුදල් ගනුදෙනු | පළාත් පාලන බලය සහ මහාපරිමාණ මුදල් ගනුදෙනු | COLOMBO (News 1st) - පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් හා උපසභාපතිවරුන් පත්කර ගැනීම සඳහා මහාපරිමාණයෙන් මුදල් හා වරප්‍රසාද හුවමාරු වෙමින් තිබේ. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පැවසූවේ, ඇතැම් ස්ථානවල රුපියල් ලක්ෂ 10 සිට කෝටිය දක්වා මුදල් ලබාදී ඇති බව ය. මනාප ක්‍රමය වෙනුවට කොට්ඨාසයට වගකියන නියෝජිතයෙකු පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සම්මත කරගත් අනපනත්වලින් ඇති කළ ඡන්ද ක්‍රමය ගැන විෂයයභාර ඇමතිවරයා දරන මතය එසේ වුවත් ප්‍රායෝගික තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්වී ඇත. අද පුත්තලම නගර සභාවේ සභාපතිවරයා පත් කර ගැනීම සිදු වූයේ උණුසුම් වට පිටාවක ය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කේ. ඒ. බායිස් මහතා සභාපති ධූරයට පත් වූ අතර පොදුජන පෙරමුණේ සුසන්ත පුෂ්පකුමාරට උපසභාපති අසුන හිමි විය. ඡන්දයේදී මුස්ලිම් කොංග්‍රසයට හා එක්සත් ජාතික පක්ෂයට ආසන 7 බැගින් හිමිවී තිබිණි. පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරු දෙදෙනෙක්, නිදහස් පක්ෂයෙන් එක් මන්ත්‍රීවරයෙක් හා ස්වාධීන කණ්ඩායම්වලින් තව ත් දෙදෙනෙක් මෙම සභාවට තේරී පත් ව සිටි. මේ අතර හලාවත නගර සභාවට අද සභාපතිවරයෙකු තෝරා ගැනීමට නොහැකි වූයේ ඝණ පූර්ණය නොමැතිවීම හේතුවෙනි. සභිකයන් 20කගෙන් සමින්විත හලාවත නගර සභාවේ ජන්ද විමසීම පැවැත්වීම සඳහා අවම වශයෙන් සභිකයන් 10 දෙනෙකු සිටිය යුතු වනු ඇත. නමුත් අදාළ අවස්ථාව වන විට සභාවේ සිටියේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු පමණි. ජන්ද විමසීම කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් විරෝධය පළ කිරීම හේතුවෙන් පළාත් පාලන කොමසාරිස්වරයා සභාවෙන් පිටතට ගෙනගියේ පොලිස් ආරක්ෂාව යටතේයි. මේ අතර අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩි ආසන ප්‍රමාණයක් දිනා සිටි තලවකැලේ ලිදුල නගර සභාවේ බලය ස්වාධින කණ්ඩායමක් හිමිකර ගත්තේ ය. ඒ සභාපතිවරයා තොරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂය හා ස්වාධීන කණ්ඩයාමක් තව ත් ස්වාධීන කණ්ඩායමකට සහාය පළ කිරීම හේතුවෙනි. මෙවර පළාත් පාලන මැතිවරණයේදී ලැබුණු ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 340 න් අඩකට පමණ සභා පිහිටුවීමේ බලය තනි පක්ෂයකට හිමිවී නොමැත. මේ නිසා බොහෝ පළාත් පාලන ආයතනවල නගාරාධිපතිවරයා හෝ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සිදු වූයේ ඡන්ද විමසීමෙනි. ඊයේ පැවති අරණායක ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා තේරීමේ ඡන්ද විමසීමේදී තමා අල්ලස් ලබාගෙන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට ජන්දය ලබාදුන් බව ප්‍රාදේශිය සභා මන්ත්‍රී ඉෂාරා මධුෂාණි මහත්මිය අද පිළිගත්තා ය. https://www.youtube.com/watch?v=XPUcU2F1KuU |
2018-03-27T06:49:34.000Z | ගෝඨාභය රාජපක්ෂට නිකුත් කළ අතුරු තහනම දීර්ඝ කෙරේ | ගෝඨාභය රාජපක්ෂට නිකුත් කළ අතුරු තහනම දීර්ඝ කෙරේ | COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ නීතිමය පියවර ගැනීම වළක්වමින් නිකුත්කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන 06 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබේ. එම අතරු තහනම් නියෝගය අහෝසි කරන්නේද නැද්ද යන නියෝගය ලබන 05 වන දා නිකුත් කරන බව ද අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී. පද්මන් සූරසේන හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල අද දැනුම්දී ඇත. තංගල්ල වීරකැටිය ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ දේපොළ භාවිතා කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාට එරෙහිව නීතිමය පියවර ගැනීමට දරන උත්සහය වළක්වන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනුකර තිබු පෙත්සමක් සලකා බැලු අභියාචානාධිකරණය පසුගිය නොවැම්බර් 29 වන දා මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කොට තිබුණි. |
2018-03-27T05:39:23.000Z | නව අපනයන සැකසුම් කලාප 4ක් පිහිටුවීමට පියවර | නව අපනයන සැකසුම් කලාප 4ක් පිහිටුවීමට පියවර | COLOMBO (News 1st) - ආයෝජන මණ්ඩලයේ නව අපනයන සැකසුම් කලාප හතරක් පිහිටුවීමට තීරණය කර තිබේ. මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ආයෝජන මණ්ඩලය සඳහන් කළේ, නව අපනයන සැකසුම් කලාප හතරක් ස්ථාපිත කෙරෙන බවයි. ඒ අනුව නව කලාප සඳහා රු. බිලියන 2.5 ක් වෙන් කර ඇත. නව කලාපයන් බිංගිරිය, මාවතගම, මිල්ලනිය සහ චාලිම්ටන් (මාතර) යන ස්ථානවල ඉදිකිරීමට නියමිතව වේ. |
2018-03-27T05:23:47.000Z | ග්ලයිෆෝසෙට් තහනම සෙවීමට විද්වත් කමිටුවක් | ග්ලයිෆෝසෙට් තහනම සෙවීමට විද්වත් කමිටුවක් | COLOMBO (News 1st) - ග්ලයිෆෝසෙට් තහනම පිළිබඳව සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් කර තිබේ. ඇමති දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ, මෙම පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි. |
2018-03-27T04:50:13.000Z | මෙවර මැයි දින සැමරුම මැයි 7 වන දා | මෙවර මැයි දින සැමරුම මැයි 7 වන දා | COLOMBO (News 1st) - මැයි දින සැමරුම පැවැත්විය යුත්තේ, මැයි මස 7 වන දා බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ. දැන් කොළඹ පැවැත්වෙන උත්සවයකදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, මැයි 1 වන දා වෙසක් සැමරුම් පැවැත්වෙන බැවින් මහා සංඝරත්නයෙන් කළ ඉල්ලීම් අනුව මේ තීරණය ගත් බවයි. |
2018-03-27T03:27:38.000Z | මෙරට තෙල් හා ගෑස් ගවේෂණයට ලංසු කැඳවීම මැයි මාසයේ | මෙරට තෙල් හා ගෑස් ගවේෂණයට ලංසු කැඳවීම මැයි මාසයේ | COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් ගවේෂණය සඳහා නව ලංසු කැඳවීම් සිදු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය පවසයි. අප කළ විමසීමකදී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය පැවසුවේ, ලංසු කැඳවීම් සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බව ය. ඒ අනුව මැයි පළමුවන සතිය තුළදී නව ලංසු කැඳවීම් සිදු කිරීමට නියමිත ය. මන්නාරම් ද්‍රෝණියේ දැනට සොයා ගෙන ඇති වායු නිධි සහිත භූමිය මේ සඳහා වෙන් කිරීමට සැලසුම් කර ඇති අතර කාවේරි ද්‍රෝණියේ ස්ථාන කිහිපයක් ද කැණීම් සඳහා නිදහස් කිරීමට නියමිත ය. |
2018-03-27T01:22:25.000Z | පන්දුව පළුදු කිරීම හරහා ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පළුදු වන ලකුණු | පන්දුව පළුදු කළ ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පළුදු වෙයි | ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පන්දුව පළුදු කිරීමට කළ උත්සහය පිළිබඳව මේ වන විට ක්‍රිකට් ලැදි සැමගේ දැඩි අවධානයට ලක්ව තිබේ. එම සිද්ධිය කෙරෙහි මේ වන විට සියලු පාර්ශවවල අප්‍රසාදය පළ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනුගමනය කළ ලිහිල් ප්‍රතිපත්තිය කෙරෙහි ද ක්‍රිකට් ලෝලීහු පමණක් නොව විශ්ලේෂකයින් ද කණස්සල්ල පළ කරති. මේ අතර, මෙම සිද්ධිය හේතුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ද විවිධ ගැටලු මතු වෙමින් පවතී. එහි නවතම පුවත වන්නේ, ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඩැරන් ලීමන් සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබීම ය. පන්දුව පළුදු කිරීමේ සිද්ධිය පිළිබඳව ඔහු මෙතෙක් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර ඔහු ඒ පිළිබඳව දැන නොසිටි බව වාර්තා වේ. මේ අතර, මෙවර IPL තරගාවලියේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වය ද ස්ටීවන් ස්මිත්ට අහිමි විය. ස්ටීවන් ස්මිත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයෙන් ද ඉවත් කෙරිණි. - කුමුදු ජයවර්ධන |
2018-03-27T01:12:22.000Z | උදයංග වීරතුංග ඩුබායිහිදී අත්අඩංගුවට | උදයංග වීරතුංග ඩුබායිහිදී අත්අඩංගුවට | COLOMBO (Newsfirst) - රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා අනාවරණය කරයි. ඩේලි නිව්ස් පුවත්පත මේ බව වාර්තා කරන්නේ, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා උපුටා දක්වමිනි. ඔහු ප්‍රකාශ කර ඇත්තේ, උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකා බලධාරීන් භාරයට ලබා ගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ වන විට ඩුබායි බලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව ය. ඩුබායි බලධාරීන් විසින් ඊයේ උදෑසන උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන ඇති බව ද රවී වෛද්‍යාලංකාර මහතා වැඩිදුරටත් අනාවරණය කර තිබේ. මීට පෙර අවස්ථාවකදී ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒම සඳහා ඩුබායි වෙත ගිය අවස්ථාවේදී එය ව්‍යර්ථ විය. උදයංග වීරතුංග මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් විභාග වන නඩුවේ සැකකරුවෙකු වන අතර ඔහු ඊට අදාළව අධිකරණයේ පෙනී නොසිටියේ ය. මේ හේතුව මත අධිකරණය ඔහුට වරෙන්තු නිකුත් කළේ ය. |
2018-03-26T21:42:48.000Z | ප්‍රාදේශීය සභා 5කට සභාපතිවරුන් තවදුරටත් පත් කර නොමැති තත්ත්වයක් | සභාපතිවරුන් පත් කර නොමැති ප්‍රාදේශීය සභා මෙන්න | COLOMBO (Newsfirst) - ප්‍රාදේශීය සභා 5ක සභාපතිවරුන් අදාළ පක්ෂ විසින් නම් කොට එවා නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාව සඳහන් කළේ විල්ගමුව, ආනමඩුව, වෙන්නප්පුව, නියාගම, බලපිටිය යන ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් අදාළ දේශපාලන පක්ෂ විසින් නම් කොට එවා නොමැති බව ය. ඒ හේතුවෙන් චක්‍ර ලේඛන මුද්‍රණය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව කොමිෂන් සභාව සඳහන් කළේ ය. |
2018-03-26T20:35:42.000Z | හන්තාන කන්දේ ගින්නක් | හන්තාන කන්දේ ගින්නක් | COLOMBO (Newsfirst) - හන්තාන කන්දේ ගින්නක් හටගෙන තිබේ. මහනුවර නාගරික කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ගින්න කදු මුදුනේ හටගෙන ඇති හෙයින් ගින්න මැඩපැවැත්වීම අසීරු බව ය. ගින්නෙන් අක්කර ගණනාවක් විනාශ වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. |
2018-03-26T20:05:59.000Z | ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ්‍රවල ජල මට්ටම ඉහළට | ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ්‍රවල ජල මට්ටම ඉහළට | COLOMBO (Newsfirst) - ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ්‍රවල ජල මට්ටම 50%ක් දක්වා පහළ ගොස් ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, පසුගිය නොවැම්බර් මාසයේ එම ජලාශ්‍රවල ජල ධාරිතාව 73%ක මට්ටමක පැවති බව ය. ජල විදුලි නිෂ්පාදනය 15%ක මට්ටමක පවතින බව සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ය. |
2018-03-26T19:35:22.000Z | ගෑස් සහ කිරිපිටි මිල ගණන් වැඩි කිරීම පිළිබඳ තීරණය අද | ගෑස්, කිරිපිටි මිල වැඩි කිරීම පිළිබඳ තීරණය අද | COLOMBO (Newsfirst) - ගෑස් සහ කිරිපිටි මිල ගණන් වැඩි කිරීම පිළිබඳ අද පස්වරුවේ රැස්වන ජීවන වියදම් පිළිබඳ කමිටුවේදී තීරණයක් ගැනීමට නියමිතව තිබේ. අද පස්වරු 1.30ට මුදල් අමාත්‍යංශයේදී ජීවන වියදම් පිළිබඳ කමිටුව රැස්වීමට නියමිත ය. පසුගිය සතියේ පැවැති ජීවන වියදම් කමිටුවේදී ගෑස් මිල ගණන් වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි. ගෑස් මිල වැඩි කරන ලෙස ගෑස් නිෂ්පාදන සමාගම් රජයෙන් ඉල්ලා තිබේ. ඔවුන් ඉල්ලා ඇත්තේ, රුපියල් 270කින් ගෑස් මිල ගණන් වැඩි කරන ලෙස ය. එහෙත් පසුගිය ජීවන වියදම් කමිටුවේදී යෝජනා කර ඇත්තේ, රුපියල් 175කින් ගෑස් මිල වැඩි කිරීමට අවස්ථාවක් ලබා දිය හැකි බව ය. ඒ පිළිබඳව පසුගිය සතියේ ස්ථීර තීරණයක් ගැනීමට නොහැකි විය. අද රැස්වන ජීවන වියදම් කමිටුවේදී මිල වැඩි කරනු ලබන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමට නියමිත ය. මේ අතර කිරිපිටි ආනයනකරුවන් ද කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල වැඩි කරන ලෙසට රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ පිළිබද තීරණය අද රැස්වන ජීවන වියදම් පිළිබඳ කමිටුවේදී ගැනීමට නියමිත ය. තමන්ට පාඩු ලැබීමට සිදුව ඇතැයි කිරිපිටි ආනයනකරුවන් පෙන්වා දී තිබේ. |
2018-03-26T11:14:09.000Z | ක්‍රීඩා මාධ්‍යවේදී සුනිල් අබේවර්ධන අභාවප්‍රාප්ත වෙයි | සුනිල් අබේවර්ධන අභාවප්‍රාප්ත වෙයි | COLOMBO (News 1st) - ගුවන් විදුලි, රූපවාහිනී සහ මුද්‍රිත මාධ්‍යයේ, ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වූ සුනිල් අබේවර්ධන මහතා අද සවස අභාවප්‍රාප්ත විය. උදරයේ ශෛල්‍ය කර්මයකින් පසු කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඒ මහතා මිය යන විට 69 වැනි වියේ පසු විය. සුනිල් අබේවර්ධන මහතා 70 දශකයේ ගුවන් විදුලියට සම්බන්ධ වූ අතර 80 දශකයේ මැද භාගයේ සිට ලේක් හවුස් ආයතනයේ ක්‍රීඩා මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර තිබේ. සිරස මාධ්‍ය ආයතනයේ ද නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ඒ මහතා මලල ක්‍රීඩා වොලිබෝල්, පාපැදි ක්‍රීඩා අවාරණයේ ප්‍රවීණත්වයක් ඉසිලූ අතර සුනිල් අබේවර්ධන මහතා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් රටට හඳුන්වා දුන්නේ ය. |
2018-03-26T10:59:07.000Z | එජාපයේ තීරණ තීන්දු ගනු ලබන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තව ත් 10 දෙනෙකුගේ ලැයිස්තුව | කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තව ත් 10 දෙනෙකුගේ ලැයිස්තුව | COLOMBO (News 1st) - මෙරට විශාලතම සහ ප්‍රධානතම තනි දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ තීන්දු තීරණ ගන්නා ප්‍රධානතම කමිටුවක් වන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය යි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් තීරණය ගනු ලබන්නේ, කෘත්‍යාධිකාරී මණ්ඩලය හරහා ය. එක්සත් ජාතික පක්ෂය දිනෙන් දිනම පරිහානියට පත්වීමට පක්ෂ නායකත්වය මෙන්ම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ක්‍රියාකලාපයත් හේතු වූ බව නොරහසකි. එබැවින් කෘත්‍යාධිකාරී මණ්ලයේ සාමාජිකයින් කවුරුන්දැයි ජනතාව දැණගත යුතු වේ. මන්ද ගසට ගසක් මොරටුවේදී හමුවනවා සේ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයින් ජනතාව අතර හමුවන නිසා ය. එකී කෘත්‍යාධිකීරි මණ්ඩලයේ 10 දෙනෙකුගේ නම් මීට පෙර අප ජනතාගත කළ අතර අද තව ත් නම් 10 ක් ජනතාගත කරන්නට අප සූදානම් ය. 1. ඩී.එම්.ස්වාමීනාදන් 2. විජයකලා මහේෂ්වරන් 3. කාවින්ද ජයවර්ධන 4. පී.හැරිසන් 5. චන්ද්‍රානි බණ්ඩාර 6. නිරෝෂන් පෙරේරා 7. රුවන් විජේවර්ධන 8. රවී කරුණානායක 9. රවින්ද්‍ර සමරවීර 10. මංගල සමරවීර https://www.youtube.com/watch?v=s1AVK6f6vTA |
2018-03-26T09:14:12.000Z | නොසන්සුන් වූ කෝට්ටේ මහනගර සභාව | නොසන්සුන් වූ කෝට්ටේ මහනගර සභාව | COLOMBO (News 1st) - කෝට්ටේ මහනගර සභාවේ අද දිනට නියමිතව තිබු කටයුතු අප්‍රේල් 02 දක්වා කල්දැමීට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය පියවර ගෙන තිබේ. ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමග නොසන්සුන්තාවක් ඇති විය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ සභාපති පත් කිරීම ඇතුළු පළමු සභාවාරයේ කටයුතු අද පස්වරු 1.00 කට ආරම්භ කිරීමට නියමිතව තිබුණි. එහෙත් සභාවට පැමිණිම සඳහා දැණුම්දීම් ලැබී නොමැති බව මන්ත්‍රීවරුන් පිරිසක් පවසා ඇති නිසා අදට නියමිත නගරාධිපති පත්කිරීම ඇතුළු කටයුතු පැවැත්විය නොහැකි බව පළාත් පාලන කොමසාරිස්වරිය සභාවට දැනුම් දුන්නා ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් මේ පිළිබඳව සිය අප්‍රසාදය පළ කරද්දී පළාත් පාලන කොමසාරිස්වරිය සභාව ලබන අප්‍රේල් 02වන දාට කල් දමා සභාවෙන් පිටව ගියා ය. බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය පිටව යන අවස්ථාවේ සභාවෙන් පිටත සිටි පිරිසක් ද ඇය පිටව යෑම වැලැක්වීමට කටයුතු කර තිබේ. කෙසේ වෙතත් පොලීසියේ මැදිහත්වීම තුළ පළාත් පාලන කොමසාරිස්වරිය ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් ව ගියා ය. https://www.youtube.com/watch?v=kIGaLLHWUHs |
2018-03-26T08:50:00.000Z | කොදෙව්වන් පරජය කළ ඇෆ්ගනිස්ථානය පෙරළිකාර ජයක් | කොදෙව්වන් පරජය කළ ඇෆ්ගනිස්ථානය පෙරළිකාර ජයක් | COLOMBO (News 1st) - 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත් වූ තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්වී තිබේ. ඒ අවසන් මහා තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුළු 7 කින් පරාජය කරමිනි. තරගය සිම්බාබ්වේ හරාරේ හීදී පැවැත් විය. කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 46 යි පන්දු 5 ක් අවසානයේ සියළු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 204 කි. රොව්මන් පවෙල් ලකුණු 44 කි. පන්දු යැවීමේදී මුජීබ් රහමාන් කඩුළු 4 ක් දවා ගත්තේ ය. ලකුණු 205 ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජයග්‍රාහී සීමාව පසු කළේ පන්දුවාර 40 යි පන්දු 4 ක් අවසානයේ කඩුළු 3 ක් පමණක් දැවී සිටියදී ය. ආරම්භක පිතිකරු මොහොමඩ් ශාසාඩ් ලකුණු 84 ක් රැස් කළේ ය. රහමට් ශා ලකුණු 51 කි. පන්දු යැවීමේදී ක්‍රිස් ගේල් කඩුළු 2 ක් දවා ගත්තේ ය. කෙසේ වෙතත් 2019 වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඇෆ්ගනිස්ථා කණ්ඩායම් හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් මේ වන විට සුදුසුකම් ලබා අවසන් ය. |
2018-03-26T07:55:24.000Z | KPගේ නැවක් නාවික හමුදාව මුහුදුබත් කරයි | KPගේ නැවක් නාවික හමුදාව මුහුදුබත් කරයි | LTTE සංවිධානය භාවිතා කරන ලද KP හෙවත් කුමරන් පද්මනාදන්ට අයත්, වෙලින් හෙවත් A522 නෞකාව අද නාවික හමුදාව විසින් මුහුදුබත් කර තිබේ. ඒ දිවයිනට බටහිර මුහුදේදී ය. නාවික හමුදාව පැවසුවේ, එම නෞකාව යුද සමයෙන් පසු නාවික හමුදා භාරයට ගත් බවයි. අබලන් තත්ත්වයේ පැවති එම නෞකාව යකඩ සඳහා අළෙවි කිරීමට සැලසුම් කර තිබුණත්, ප්‍රමාණවත් ලංසු මුදලක් නොලැබීම හමුවේ එය ගිල්වා දැමීමට පියවර ගෙන තිබේ. එම නෞකාව කොරල්පර සහ ජලජ ජීවින් බහුලව ගැවසෙන ස්ථානය බවට පත් ව තිබු බවත් නෞකාව මුහුදුබත් කළ ප්‍රදේශය සංචාරක ආකර්ශන කලාපයක් ලෙස පවත්වාගෙන යාමට සැලසුම් කර ඇත. මෙම නෞකාවට අමතරව, ප්‍රභූ ආරක්ෂාව සඳහා භාවිත කළ අබලන් තත්ත්වයට පත් වෙඩි නොවදින පැරණි මෝටර් රථ 8 ක් ද මුහුදුබත් කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/1889796704413912/ |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.