date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-04-13T10:30:10.000Z
සිරස කාර්යාලය ඉදිරිපිට කලහකාරී හැසීරීම සම්බන්ධයෙන් කිත්සිරි රාජපක්ෂගෙන් පොලීසිය ප්‍රශ්න කරයි
කිත්සිරි රාජපක්ෂගෙන් පොලීසිය ප්‍රශ්න කරයි
COLOMBO (Newsfirst) - සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය අද යළි ත් ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණි. අග්‍රාමාත්‍යවරයා විශ්වාසභංග යෝජනාව ජයගෙන විනාඩි කිහිපයකට පසුව පැමිණි පිරිසක් කොළඹ බේබෘක් පෙදෙසේ පිහිටි සිරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණේය. සිද්ධියට සම්බන්ධ පිරිස මෙහෙය වූ බවට සැක කරන ප්‍රධාන පුද්ගලයෙකු වන එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ නමැත්තා අද කොළඹ අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ පෙරවරු 11 සිට පැය දෙකකට අධික කාලයක් පොලීසිය ඔහුගෙන් ප්‍රකාශ ලබා ගත් බව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1911295718930677/
2018-04-13T09:22:18.000Z
අලුත් අවුරුද්දේ ජනපතිට සුබ පතන්න ජනතාවට අවස්ථාව
අලුත් අවුරුද්දේ ජනපතිට සුබ පතන්න ජනතාවට අවස්ථාව
COLOMBO (Newsfirst) - සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ ජනාධිපතිතුමාට සුබ පැතීමට ජනතාවට අවස්ථාව සලසා දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය අද නිවේදනය කළේ, හෙට දිනයේ අවුරුදු නැකැත් චාරිත්‍ර කොළඹ, මහගම සේකර මාවතේ පිහිටි නිල නිවසේදී සිදුකිරීමට ජනාධිපතිතුමා සූදානමින් සිටින බව ය. එහිදී ජනාධිපතිතුමාට සුබ පැතුම් එක් කිරීමට ජනතාවට ද එක්විය හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
2018-04-13T08:42:38.000Z
ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලක ලබාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව දිනා ගනී
ඔස්ට්‍රේලියාවේදී ලක් මව ඉහළට ඔසවා තැබූ සිංහ පැටව්
COLOMBO (Newsfirst) - ඔස්ට්‍රේලියාවේ, ගෝල්කොස්හිදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව අද තව ත් ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්තේය. මේ වනවිට ශ්‍රී ලංකාව එක් රිදී පදක්කමක් සමග ලෝකඩ පදක්කම් 5 ක් දිනාගෙන සිටී. එය පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියකදී ශ්‍රී ලංකාව දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව වීමද විශේෂත්වයකි. 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ 9 වැනි දිනය වූ අද බොක්සිං ක්‍රීඩාවේ කිලෝග්‍රෑම් 46 - 49 බර පන්තියෙන් ශ්‍රී ලංකාවේ තිවංක රණසිංහ එංගලන්තයේ ගලාලා යෙෆා සමඟ අවසන් පූර්ව තරගයට සහභාගි විය. ගලාලා යෙෆා මෙම බර පංතියේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ සිටින ක්‍රීඩකයා වේ. යෙෆා මෙහිදී අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ තිවංක රණසිංහට හිමිවිය. වට 5 කින් සමන්විත තරගයේ මුල් වට 4 ම 16 - 20 ක් ලෙස සටහන් වී තිබුණි. අවසන් වටයේ ලකුණු සටහන දැක්වුවේ 18 ට 20 ක් ලෙසය. තරගයෙන් පසු නිව්ස්ෆස්ට් වෙත අදහස් දැක්වූ බොක්සිං ක්‍රීඩක තිවංක රණසිංහ "ලංකාවට කොමන්වෙල්ත් ගේම්ස් වලින් බ්‍රොවුන්ස් මෙඩල් එකක් දිනා ගැනීමට හැකි වීම පිළිබඳව ඇත්තටම මම සතුටු වනවා. ඒකට හුඟක් කට්ටිය මට උදවු කළා. වචනෙකින් හරි උදවු කළ ලංකාවේ හැමෝටම මේ මොහොතේදී දද ස්තූතිවන්ත වනවා" අද දිනයේ දෙවැනි පදක්කම දිනා දුන්නේ කිලෝ ග්‍රෑම් 52 බර පංතියෙන් තරග කළ බොක්සිං ක්‍රීඩක ඉශාන් බණ්ඩාරයි. ඉන්දීය ක්‍රීඩක ගෞරව් සොලන්කි සමඟ පැවැති අවසන් පූර්ව තරගය තියුණු මුහුණුවරක් ගත්තේය. අවස්ථා දෙකකදීම ඉන්දීය ක්‍රීඩකයා ඇද වැටෙන අයුරුද දැකගත හැකි විය. මුල් වට දෙකම ලකුණු 29 ට 28 ක් ලෙස ඉන්දීය ක්‍රීඩකයා ඉදිරියෙන් සිටියේය. තුන්වන වටය ලකුණු 28 බැගින් ලබාගෙන සම තත්ත්වයේ පසුවූ අතර 4 වන වටය අවසන් වූයේ 28 ට 27 ක් ලෙස ඉන්දීය ක්‍රීඩකයා ඉදිරියෙන් සිටිමිනි. අවසන් වටය ලකුණු 29 ට 28 ක් ලෙස අවසන් වූයේ ඉන්දියාවේ ගෞරව් සොලන්කි අවසන් වටයට සුදුසුකම් ලබමිනි. මේ අනුව ඉෂාන් බණ්ඩාරට ලෝකඩ පදක්කම හිමිවිය. ශ්‍රී ලංකාවට මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩා තරගාවලියේ බොක්සිං ඉසව්වෙන් හිමිවූ තුන්වන පදක්කම මෙයයි. තරගයෙන් පසු නිව්ස්ෆස්ට් වෙත අදහස් දැක්වූ බොක්සිං ක්‍රීඩක ඉශාන් බණ්ඩාර "ඇත්තටම අද තරගය මම පරාජය වුණා. ඒක ගැන මට දුකයි. ඒත් මට ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට පුළුවන් වුණ එක ගැන මට සතුටුයි. ඇත්තටම මේ තරගයට සහභාගී වීමට හැකි වීම ගැන හුඟක් සතුටු වනවා" 1950 වසරේදී ශ්‍රී ලංකාව පදක්කම් 3ක් දිනා ගත් අතර මෙවර මේ වන විට ශ්‍රී ලංකාව රිදී පදක්කමක්ද ඇතුළුව මුළු පදක්කම් 6ක් දිනා සිටී. ඒ, බර ඉසිලීම ඉසව්වෙන් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් සහ බොක්සි ඉසව්වෙන් ලෝකඩ පදක්කම් තුනක් ලෙසිනි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව මෙතෙක් දිනූ ඉහළම පදක්කම වන්නේ ඉන්දික දිසානායක බර ඉසිලීම ඉසව්වෙන් දිනූ රිදී පදක්කමයි. චතුරංග ලක්මාල් සහ දිනූෂා ගෝමස් බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම් 2ක් දිනා ගැනීමට සමත් විය. පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ බර ඉසිලීම කාන්තා ඉසව්වකින් ශ්‍රී ලංකාව පදක්කමක් දිනූ පළමු අවස්ථාව මෙය වේ. බොක්සිං ඉසව්වකින් ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දිනා ගත් පළමු ක්‍රීඩිකාව ලෙස අනූෂා කොඩිතුවක්කු වාර්තා අතරට එක් විය. අද පැවැති තරගවලදී තිවංක රණසිංහ සහ ඉශාන් බණ්ඩාර දිනූ ලෝකඩ පදක්කම් ද සමගින් බොක්සිං ක්‍රීඩාවෙන් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලෙකදී මෙරටට වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනා දුන් අවස්ථාව ලෙස ද වාර්තා අතරට එක් වේ. මේ අතර අද පැවැති තරගවලදී මලල කීඩා හා කිමිඳුම් ඉසව් වලින් ද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂතා දැක්වූහ. සම්පත් රණසිංහ, හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ මූලික තරගයේදී මීටර 74යි දශම 7යි 2ක දක්ෂතාවක් සමග 9 වන ස්ථානයට පත්වෙමිනි. අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිත ය. මීටර 100 පිරිමි සහය ධාවන ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකාව අද සුදුසුකම් ලබා ගත්තේ මූලික වටයේ තරගය තත්පර 39යි දශම 4යි 7කින් අවසන් කරමිනි. මෙම තරගයේදී ශ්‍රී ලංකාවට තුන්වැනි ස්ථානය හිමිවිය. එහි අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිත ය. රිද්මයානුකූල ජිම්නාස්ටික් කාන්තා අවසන් තරගයට එක් වූ ශ්‍රී ලංකාවේ ඇනා මේරි ඔන්ඩච්චි 6 වැනි ස්ථානට පත් වූවාය. යශෝධා ද සිල්වා 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මීටර් 1 ස්ප්‍රිං බෝඩ් කාන්තා කිමිදුම් ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා ය. ඒ, එහි මූලික වටයේ තරගයේදී ලකුණු 117යි දශම 9ක් රැස් කරමිනි. https://www.facebook.com/NewsfirstSL/videos/1911223938937855/
2018-04-13T03:50:07.000Z
පකිස්ථාන හිටපු අගමැති නවාස් ෂරීෆ්ට ජීවිතාන්තය තෙක් දේශපාලනය තහනම්
නවාස් ෂරීෆ්ට ජීවිතාන්තය තෙක් දේශපාලනය තහනම්
පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ජීවිතාන්තය තෙක් දේශපාලන කටයුතුවල නිරත වීමට නුසුදුස්සෙකු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ, වත්කම් උපයාගත් අකාරය හෙළි නොකිරීමට අදාළව ෂරීෆ්ට එරෙහිව ගොනුකර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. අගමැති ධුරයෙන් ඉල්ලා අස් වුව ද ෂරීෆ්, පකිස්ථානයේ පාලක පක්ෂය වන පකිස්ථාන් මුස්ලිම් ලීගයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය. 67 වැනි වියේ පසුවන ෂරීෆ්, සිය වත්කම් උපයාගත් අකාරය හෙළි නොකිරීමට අපොහොසත් වීම හමුවේ එල්ල වූ චෝදනා හේතුවෙන් ඉකුත් ජුලි මාසයේදී අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය.
2018-04-13T06:42:03.000Z
දිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි පැය 8 තුළ මහ වැසි
දිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි පැය 8 තුළ මහ වැසි
COLOMBO (Newsfirst) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලට ඉදිරි පැය 8 තුළ ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි ස්වභාවික විපත් පිළිබද පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, එම අවස්ථාවල පැයට කිලෝමිටර් 70 ත් 80 පමණ තද සුළං ද ඇතිවිය හැකි බව ය. ඇතිවිය හැකි අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. ඒ අනුව එම අවස්ථාවල එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැදී සිටිය යුතු වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කුඹුරු, තේ වතු , ක්‍රිඩා පිටි, මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී නොසිටිය යුතු බව ය. රැහැන් සහිත දුරකතන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිත කිරීමෙන් වළකින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේය. පාපැදි, ට්‍රැ ක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහනවල ගමන් කිරීමෙන් වළකින ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මේ අතර පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේය. බදුල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මේ වනවිට මිලිමිටර් 100 ඉක්ම වූ වැසි ලැබී ඇති බැවින් ජනතාව වඩාත් සැළකිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්. උදය කුමාර මහතා පවසයි.
2018-04-13T04:53:29.000Z
හෝමාගම ඇළකින් නාඳුනන පිරිමි මළ සිරුරක්
හෝමාගම ඇළකින් නාඳුනන පිරිමි මළ සිරුරක්
COLOMBO (Newsfirst) - හෝමාගම, නියඳගල ප්‍රදේශයේ ඇළක පාවෙමින් තිබූ නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු අවුරුදු 35 ත් 40 ත් අතර වයසේ පසුවන අයෙකු බව ය. සැක සහිත ලෙස මියගොස් ඇති එම පුද්ගලයාගේ ගෙල පෙදෙස රෙදි කඩකින් බැඳ තිබූ බව ද අප වාර්තාකරු සඳහන් කළේය. මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා හෝමාගම රෝහලට ගෙනගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ.
2018-04-13T04:16:56.000Z
කිතුල්ගල නිවසක තිදෙනකු තියුණු ආයුධයකින් කපා දමයි
කිතුල්ගල නිවසක තිදෙනකු තියුණු ආයුධයකින් කපා දමයි
COLOMBO (Newsfirst) - කිතුල්ගල, කලුකොවුතැන්න ප්‍රදේශයේ නිවසක තිදෙනකු තියුණු ආයුධයකින් කපා දමා තිබේ. මෙම නිවසට ඊයේ රාත්‍රියේ පැමිණි පුද්ගලයෙකු විසින් නිවසේ හිමිකරු, ඔහුගේ බිරිඳ සහ නැගණිය කඩුවක් ආධාරයෙන් මෙලෙස කපා කොටා තිබේ. තවත් අයෙකු නිවසට ජීව අත්බෝම්බයක් ද විසි කර ඇති අතර එය පිපිරී නොමැති බව වාර්තා වේ. තුවාල ලැබු දෙදෙනෙක් මේ වනවිට කරවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර හිමිකරු කිතුල්ගල දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. පොලිසිය පවසන්නේ පෞද්ගලික ආරවුලක් මත මෙය සිදු ව ඇති බව ය. එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු පලාගොස් තිබේ. මේ සම්බන්ධයෙන් කිතුල්ගල පොලීසිය විසින් පරීක්ෂණ පවත්වනු ලැබේ. https://www.facebook.com/NewsfirstSL/videos/1910943148965934/
2018-04-13T02:47:48.000Z
නීති විරෝධීව මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් සමග විදේශිකයින් දෙදෙනෙකු රේගු භාරයට
දුම්වැටි තොගයක් සමග විදේශිකයින් දෙදෙනෙකු රේගු දැලේ
COLOMBO (Newsfirst) - නීති විරෝධීව මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් සමග විදේශිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. වැඩ බලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, චීනයේ සිට මෙම දුම්වැටි තොගය මෙරටට ගෙනැවිත් ඇති බව ය. ඔවුන් සන්තකයේ තිබී දුම්වැටි කාටුන් 45600ක් සොයාගෙන ඇති අතර ඒහි වටිනාකම රුපියල් ලක්ෂ 22කට අධික බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
2018-04-13T01:16:46.000Z
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමේ වෙන්දේසියක් පැවැත්වීමට මහ බැංකුව කටයුතු යොදයි
සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමේ වෙන්දේසියක්
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමේ වෙන්දේසියක් පැවැත්වීමට මහ බැංකුව කටයුතු යොදා තිබේ. මහ බැංකුව නිවේදනය කළේ, අමෙරිකානු ඩොලර්වලින් නාමනය කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සඳහා වන වෙන්දේසියට ලබන 18 වන දා පෙරවරු 11.00 සිට 24 වන දා පෙරවරු 10.00 දක්වා ලංසු ඉදිරිපත් කළ හැකි බව ය. මැයි මස 1 වන දා ඒ සඳහා ගෙවීම් කළ යුතු වන අතර පොලී ගෙවීම අර්ධ වාර්ෂිකව සිදු කෙරෙන බව ද එහි සඳහන් ය. අවම ආයෝජනය අමෙරිකානු ඩොලර් 10,000 හා එහි ගුණිතයන්ගෙන් බව ද මහ බැංකුව නිකුත් කළ නිවේදනයෙහි දැක්වේ.
2018-04-13T01:06:16.000Z
රුසියාව අමෙරිකාවට අනතුරු අඟවයි
රුසියාව අමෙරිකාවට අනතුරු අඟවයි
(Newsfirst) - රසායනික අවි ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස අමෙරිකාව රුසියාවට ගුවන් ප්‍රහාර එල්ල කළ හොත් එය අමෙරිකාව සහ රුසියාව අතර යුද්ධයක් ඇති වීමට හේතුවනු ඇති බවට රුසියාව අනතුරු අඟවයි. එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති වසිලී නොබෙන්සියා කියා සිටියේ, මෙම භයානක යුද්ධය වැළැක්වීමට පළමුව කටයුතු කළ යුතුව ඇති බව ය. පවතින තත්ත්වය ඉතා භයානක බවත් ලෝක සාමය කඩ වීමේ අවදානමක් පවතින බවත් වොෂින්ටනයට චෝදනා කරමින් ඇය කියා සිටියා ය. එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති වසිලී නොබෙන්සියා එසේ පැවසුවේ, සිරියාව සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත ආරක්ෂක කවුන්සිල හමුවට පෙර පැවති හමුවකට එක් වෙමිනි. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ බටහිර බලවතුන් එක්ව සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල කළ ද සිය මිත්‍ර පාර්ශවය වෙනුවෙන් රුසියාව ක්‍රියාත්මක වනු ඇති බව ය.
2018-04-13T00:52:34.000Z
රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ලබන 16 සිට
රැකියා විරහිත උපාධිධාරීන්ට සම්මුඛ පරීක්ෂණ ලබන 16
COLOMBO (Newsfirst) - රජයේ රැකියා අපේක්ෂාවෙන් උපාධිධාරීන් 52000ක් තම අමාත්‍යංශයේ ලියාපදිංචි වී ඇති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි. එහි අතිරේක ලේකම් අසංක දයාරත්න මහතා සඳහන් කළේ, ඉන් 20,000ක් මේ වසරේදී රාජ්‍ය සේවයේ රැකියා සඳහා බඳවා ගන්නා බව ය. ඔවුන් වසර දෙකක පුහුණුවකින් පසුව රැකියා සඳහා අනියුක්ත කෙරෙනු ඇති. පුහුණුව කාලය තුළ මසකට රුපියල් 20,000ක දීමනාවක් ද ලබා දෙන බව අතිරේක ලේකම්වරයා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ ලබන 16 වන දා සිට 20 වන දා දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී පැවැත්වෙන බව ය. වසර දෙකක පුහුණුවේදී රාජ්‍ය සේවකයින්ට අදාළ ක්ෂේත්‍ර රැසක නිපුණතාව ලබා දීමට නියමිත බව අසංක දයාරත්න මහතා ප්‍රකාශ කළේ ය. අතිරේක ලේකම්වරයා පැවසුවේ, මෙතෙක් ලියාපදිංචි නොවූ රැකියා විරහිත උපාධිධාරීන්ට ද ලබන 16 වන දා සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ලියාපදිංචි විය හැකි බව ය.
2018-04-12T23:16:37.000Z
රෙජිනෝල්ඩ් කුරේ යළිත් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දෙයි
රෙජිනෝල්ඩ් කුරේ යළිත් උතුරු පළාත් අණ්ඩුකාර ධූරයට
COLOMBO (Newsfirst) - මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ඊයේ දිවුරුම් දුන් රෙජිනෝල්ඩ් කුරේ මහතා අද උදෑසන යළිත් උතුරු පළාත් අණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වු මධ්‍යම පළාත් ආණ්ඩුකාර තනතුරෙහි පී.බී. දිසානායක මහතා දිවුරුම් දුන් බව ය. ඔහු ඊයේ දිවුරුම් දුන්නේ, ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස යි. මේ අතර දැනට පුරප්පාඩුව පවතින ඌව පළාත් ආණ්ඩුකාර තනතුරට පුද්ගලයෙකු පත් කරන තෙක් දිසානායක මහතා එම පළාත් ආණ්ඩුකාර ධූරයේ වැඩ බලනු ඇති බව ද ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ ය.
2018-04-12T23:02:30.000Z
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග ඉසව්වෙන් ඉෂාන් බණ්ඩාර ලෝකඩ පදක්කම දිනා ගනී
ඉෂාන් බණ්ඩාර ලෝකඩ පදක්කම දිනා ගනී
COLOMBO (Newsfirst) - 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අද දිනයේදී දෙවන පදක්කමත් ශ්‍රී ලංකාවට හිමි විය. එම පදක්කම හිමි වූයේ බොක්සිං කිලෝග්‍රෑම් 52 පිරිමි අවසන් පූර්ව තරගයට එක්වූ ඉෂාන් බණ්ඩාරට යි. මෙම තරගයෙන් ඉන්දීය ක්‍රීඩක ගෞරව් සොලන්කි හමුවේ ඉෂාන් පරාජය වූ අතර තරගාවලියේ රීතිවලට අනුව ඉෂාන්ට ලෝකඩ පදක්කම හිමි විය. ඒ, අවසන් පූර්ව වටයට ලෝකඩ පදක්කම සඳහා වෙනම තරගයක් නොපැවැත්වෙන අතර එම පදක්කම අවසන් පූර්ව වටයේ තරග දෙකෙන් ඉවත් වන ක්‍රීඩකයින්ට හිමි වීම හේතුවෙනි. අද උදෑසන පැවති කිලෝග්‍රෑම් 46 -49 බර පන්තියේ බොක්සිං තරගයෙන් තිවංක රණසිංහ ද ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ ය. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං ඉසව්වෙන් හිමිවූ තුන්වන පදක්කම මෙයයි.
2018-04-12T22:23:52.000Z
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග ඉසව්වෙන් තිවංක රණසිංහ ලෝකඩ පදක්කම දිනා ගනී
තිවංක රණසිංහ ලෝකඩ පදක්කම දිනා ගනී
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකාවේ තිවංක රණසිංහ 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං කිලෝග්‍රෑම් 46 - 49 බර පන්තියේ පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම අද දිනා ගත්තේ ය. ඒ, අද පැවති අවසන් පූර්ව තරගයෙන් අනතුරුව ය. ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී පැවැති අවසන් පූර්ව තරගයේදී එංගලන්තයේ ගලාලා යෙෆා හමුවේ තිවංක පරාජය විය. කෙසේ නමුත් තරගාවලියේ රීතිවලට අනුව ලෝකඩ පදක්කම සඳහා වෙනම තරගයක් නොපැවැත්වෙන අතර එම පදක්කම හිමි වන්නේ අවසන් පූර්ව වටයේ තරග දෙකෙන් ඉවත් වන ක්‍රීඩකයින්ට ය. ශ්‍රී ලංකාව මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං ඉසව්වෙන් දිනූ දෙවන ලෝකඩ පදක්කම මෙය වේ. මේ වන විට ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 4ක් ජයගෙන තිබේ.
2018-04-12T21:36:30.000Z
අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට අදත් විශේෂ ප්‍රවාහන සේවා
අදත් විශේෂ ප්‍රවාහන සේවා
COLOMBO (Newsfirst) - අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අදත් ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබේ. ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, අද දිනයේ අමතර ගමන් වාර 3000ක් පමණ යොදවා ඇති බව ය. මේ අතර දෛනික දුර ගමන් සේවා ගමන් වාරවලට අමතරව අදත් අතිරේක බස් රථ 337ක් ධාවනය සඳහා යොදවා ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළේ ය. මගීන්ගේ පසුව සඳහා විශේෂ දුම්රිය කිහිපයක් අද දිනයේ ධාවනය සඳහා සැලසුම් කර ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. දුම්රිය සාමාන්‍යධිකාරී විජය සමරසිංහ මහතා පැවසුවේ අද සිට 17 වන දින දක්වා මරදාන සිට ගාල්ල දක්වාත් ගාල්ල සිට මරදාන දක්වාත් විශේෂ දුම්රියක් ක්‍රියාත්මක බව ය. මාතර සිට මරදාන දක්වා ද මරදාන සිට මාතර දක්වා ද අද සිට ලබන 17 වන දා දක්වා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක ය. මේ අතර කොළඹ කොටුව සිට මහව දක්වාත් මහව සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක ය.
2018-04-12T20:08:39.000Z
පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමග ඇති වන තත්ත්වය කෙබඳු ද?
වාර අවසාන කිරීම නිසා පාර්ලිමේන්තුවේ ඇති වන තත්ත්වය
COLOMBO (Newsfirst) - අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තුවේ වාර අවසාන කළේ ය. පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමග ඇති වන තත්ත්වය කෙබදු ද? පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පෙන්වා දුන්නේ, මේ හේතුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන යෝජනා සහ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තු සැසිවාරය නැවතත් ආරම්භ කිරීමෙන් පසු ඉදිරිපත් කළ යුතු බව ය. ඒ අනුව මේ වන විට ඉදිරිපත් කර තිබෙන යෝජනා සහ පනත් කෙටුම්පත් අහෝසි වනු ඇති. එමෙන් ම පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය ගිනුම් කාරක සභාව, පොදු ව්‍යාපාර කාරක සභාව ඇතුළු අනෙකුත් සියලු ම කාරක සභා පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමග අහෝසි වී යයි. කෙසේ වෙතත් උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අහෝසි වීමක් සිදු නොවේ. පාර්ලිමේන්තුවට අලුතින් හඳුන්වා දුන් ආංශික අධීක්ෂණ කාරක සභා 16 ඒ ආකාරයෙන් ම පවත්වාගෙන යන බව නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ ය. නැවතත් පාර්ලිමේන්තුව මැයි මස 08 වන දින රැස්වීමට නියමිත ය.
2018-04-12T19:42:39.000Z
සිංහල - දෙමළ අලුත් අවුරුදු උදාව තවත් පැය කිහිපයකින්
සිංහල-දෙමළ අලුත් අවුරුදු උදාව තවත් පැය කිහිපයකින්
COLOMBO (Newsfirst) - සිංහල - දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා දිවයිනේ සෑම ප්‍රදේශයක ම ජනතාව මේ වන විට සූදානම් වෙමින් සිටියි. චිරාගත සම්ප්‍රදායනුකූලව අද දිනය හඳුන්වන්නේ පරණ අවුරුද්ද හෙවත් පුරාණ කෝණම් දිනය ලෙස ය. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම සමරනු වස් පැවැත්වෙන සිංහල - දෙමළ අලුත් අවුරුද්ද හෙට උදා වේ. ඒ අනුව පුණ්‍ය කාලය හෙට අලුයම 1.49 ට ආරම්භ වී පස්වරු 2.37 න් අවසන් වීමට නියමිත ය. ඒ අනුව හෙට අලුයම 1.49 ට පෙර සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම යහපත් බව ජෝතිෂ්‍යයේ සඳහන් ය. නව අවුරුදු උදාව යෙදී ඇත්තේ හෙට උදෑසන 8.13 ට යි. අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත හෙට පෙරවරු 10.40 ට යෙදී තිබේ. ජෝතිෂ්‍යයේ දැක්වෙන්නේ නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා හකුරු මිශ්‍ර කිරිබතක් ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවි බව ය. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභව නැකත හෙට පෙරවරු 11.53 ට යෙදී ඇති අතර නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි බව ජෝතිෂ්‍යයේ සඳහන් ය. නව වසරේ හිසතෙල් ගෑමේ නැකත ලබන 16 වන සඳුදා පෙරවරු 10.16 ට යෙදී තිබේ. ජෝතිෂ්‍යයේ දැක්වෙන්නේ උතුරු දිශාව බලා හිසට දිවුල්පත් ද, පයට ඉඹුල්පත් ද තබා සුදුපැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී තෙල් සහ දිවුල් මිශ්‍ර නානු ද ගා ස්නානය මැනවි බව යි. අලුත් අවුරුද්දේ රැකි රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත යෙදී ඇත්තේ ලබන 19 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 6.03 ට ය. කහ සහ රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ්‍ර කිරිබත් හා කැවිලි වර්ගයක් අනුභව කොට නැගෙනහිර දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්ව යාම මැනවි බව ජෝතිෂ්‍යයෙහි දැක්වේ. https://www.youtube.com/watch?v=Hn2JUKWncZM
2018-04-12T11:37:24.000Z
මාර්ක් සකර්බර්ග්ගෙන් අමෙරිකානු සෙනෙට් සභාව අද පැය 10කට ආසන්න කාලයක් ප්‍රශ්න කරයි
සකර්බර්ග්ගෙන් පැය 10කට ආසන්න කාලයක් ප්‍රශ්න කෙරේ
(Newsfirst) - ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් අද පැය 10කට ආසන්න කාලයක් අමෙරිකානු සෙනෙට් සභාවේදී ප්‍රශ්න කෙරිණි. මෙහීදී සෙනෙට් සභිකයින් ප්‍රශ්න කළේ, ෆේස්බුක් භාවිත කරන්නන්ගේ දත්ත කොතෙක් දුරට ෆේස්බුක් සමාගම විසින් ලබාගෙන ඇත් ද යන්න පිළිබඳව ය. ලන්ඩනයේ පිහිටි කෙම්බ්‍රිජ් ඇනලිටිකා නමැති දේශපාලන උපදේශන සමාගමට එරෙහිව බරපතල චෝදනාවක් පසුගියදා එල්ල වුණේ, ෆේස්බුක් ගිනුම් හිමිකරුවන්ගෙන් මිලියන 50කගේ පමණ පෞද්ගලික දත්ත කිසිදු අවසරයකින් තොරව භාවිත කිරීම නිසා ය. මාර්ක් සකර්බර්ග්ට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියෝග කළ අතර අදත් අමෙරිකානු සෙනෙට් සභාව හමුවේ පෙනී සිටියේ ද ඒ අනුව ය.
2018-04-12T11:05:49.000Z
පැවති පාර්ලිමේන්තු වාර අවසන් කරමින් නව පාර්ලිමේන්තු සැසිවාරයක් සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක්
නව පාර්ලිමේන්තු සැසිවාරයක් සඳහා ගැසට් නිවේදනයක්
COLOMBO (Newsfirst) - පැවති පාර්ලිමේන්තු වාර අවසන් කරමින් නව පාර්ලිමේන්තු සැසිවාරයක් සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිතුමා විසින් නිකුත් කර තිබේ. ඒ අනුව නව පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය මැයි මස 08 වන අඟහරුවාදා ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ය.
2018-04-12T10:09:52.000Z
මධ්‍යම අධිවේගී මාර්ගයෙන් පීඩාවට පත් ජනතාව කඩිනමින් වන්දි ඉල්ලයි
මධ්‍යම අධිවේගයෙන් පීඩාවට පත් ජනතාව වන්දි ඉල්ලයි
COLOMBO (Newsfirst) - ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය නිසා කුරුණැගල, දම්බොක්ක, රක්ගල්ල ඇතුළු ගම්මාන රැසක ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටියි. ඔවුන් පවසන්නේ බොහෝ දෙනෙකුට මෙතෙක් වන්දි ලැබී නොමැති අතර ඇතැමුන්ට ලැබුණු වන්දි මුදල් කිසිසේත් ප්‍ර‍මාණවත් නොමැති බව ය. මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටසෙහි ඉදිකිරීම් මේ වන විට ක්‍රියාත්මක වේ. මෙම මාර්ගය ඉදිකිරීම සඳහා බොහෝ වශයෙන් භාවිත කෙරුණේ කුඹුරු ඉඩම් ය. නිවාස හානි වෙනුවෙන් නිසි පරිදි වන්දි මුදල් ලබා දෙන බවට බලධාරීන් මේ ව්‍යාපෘතියේ ආරම්භයට පෙර සිටම දුන් පොරොන්දු ගැන දැන් කිසිදු කතාබහක් නැතැයි ජනතාව පවසයි.
2018-04-12T06:50:24.000Z
පුරප්පාඩු වූ ඇමති ධූරවලට නව අමාත්‍යවරුන් පත් කෙරේ
පුරප්පාඩු වූ ඇමති ධූරවලට නව අමාත්‍යවරුන් පත් කෙරේ
COLOMBO (Newsfirst) - පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුවන තෙක් තාවකාලිකව අමාත්‍යවරුන් සිව් දෙනෙකු අද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබී ය. මේ අනුව ආචාර්ය සරත් අමුණුගම මහතා නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු හා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස මීට ටික වේලාවකට පෙර දිවුරුම් දුන්නේ ය. රංජිත් සියඹලාපිටිය මහතා දිවුරුම් දුන්නේ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස යි. ෆයිසර් මුස්තෆා මහතා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසත්, මලික් සමරවික්‍රම මහතා සමාජ සවිබල ගැන්වීම් හා කන්ද උඩරට උරුමය සහ කම්කරු සබඳතා අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්හ. නව අමාත්‍යවරු සිව් දෙනා ඔවුන් දැනට දරණ තනතුරුවලට අමතරව මෙම අමාත්‍ය ධූරවල කටයුතු කරනු ඇති. https://www.youtube.com/watch?v=cFUlt9P6cUU
2018-04-12T06:12:11.000Z
පවතින වැසි තත්ත්වයත් සමග කඳුකර ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි
වැසි නිසා කඳුකර ප්‍රදේශවල ජනතාවට අනතුරු ඇඟවීම්
COLOMBO (Newsfirst) - පවතින වැසි තත්ත්වයත් සමග කඳුකර ප්‍රදේශවල ඉවුරු හා කණ්ඩි ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ය. මේ වන විට දිවයිනේ ප්‍රදේශ ගණනාවකට තද වැසි ඇද හැලෙමින් තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මීට ටික වේලාවකට පෙර නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වුණේ බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව ය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එහි සඳහන් ය. https://www.youtube.com/watch?v=k3N1-_ib1GE&feature=youtu.be
2018-04-12T05:46:21.000Z
අංගොඩ ලොක්කාගේ තවත් සගයෙකු පොලිස් දැලේ
අංගොඩ ලොක්කාගේ තවත් සගයෙකු පොලිස් දැලේ
COLOMBO (Newsfirst) - පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කාගේ සගයෙකු වන කොතලාවල ලියනගේ හර්ෂ චතුරංග කුමාර පෙරේරා නොහොත් පෙතියාගොඩ සංඛ නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ, ඔහු බලංගොඩ ප්‍රදේශයේ සැඟව සිටියදී ය. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, සැකකරු මංකොල්ලකෑම, මිනිමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව ය. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් පවතින බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ ය.
2018-04-12T04:37:54.000Z
අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අවසන්
අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අවසන්
COLOMBO (Newsfirst) - අනධ්‍යයන සේවක වැඩ වර්ජනය මේ වන විට අවසන් කර තිබේ. පසුගියදා ඇරඹි අනධ්‍යයන සේවක වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල සියලු ම කටයතු අඩපණ විය. 15000කට අධික අනධ්‍යයන සේවකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ, මාසික හිලව් දීමනාව ඇතුළු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන්නැයි රජයට බල කරමිනි. ඒ අනුව පසුගිය 2 වන දා බලධාරීන් සමග කළ සාකච්ඡාවේදී අනධ්‍යන සේවක ඉල්ලීම් ලබා දීමට ඔවුහු එකඟතාව පළ කළහ. කෙසේ වෙතත් මේ දක්වා අන්‍යයන සේවකයින් වැඩ වර්ජනය අඛණ්ඩව සිදු කළේ, බලධාරීන් එකඟ වූ පොරොන්දු ලිඛිතව චක්‍රලේඛයක් මගින් තමන්ට ලබා දෙන ලෙසට ඉල්ලා සිටිමිනි.
2018-04-12T02:08:54.000Z
පුළුල් සන්ධානයකින් ඉදිරියට යන බව ආණ්ඩුව හැර ගිය ශ්‍රීලනිප මන්ත්‍රීවරු කියති
ආණ්ඩුව හැරගිය මන්ත්‍රීවරුන්ගේ ඉදිරි ගමන කොතැනට ද?
COLOMBO (News 1st) : විශ්වාසභංගයේදී අගමැතිට එරෙහිවු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා විපක්ෂයේ සිට සහය දෙන බවත් ජනාධිපතිතුමා සමග සිටින බවත්, පුළුල් සංධානයක් ලෙස ඉදිරියට පැමිණෙන බවත්, එස්. බී. දිසානායක පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද මාධ්‍ය හමුවක් කැඳවමිනි. විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා ඊයේ රාත්‍රියේ ජනාධිපතිතුමා හමුවීමෙන්, අනතුරුව ප්‍රකාශ කළේ, ආණ්ඩුවේ සියලු තනතුරු අත්හරින බවයි.
2018-04-12T01:53:08.000Z
නව ආණ්ඩුකාරවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති
නව ආණ්ඩුකාරවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති
COLOMBO (News 1st) : පළාත් 7ක් සඳහා පත් කෙරුණු නව ආණ්ඩුකාරවරුන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පෙරවරුවේ එලෙස දිවුරුම් දුන් ආණ්ඩුකාරවරුන්ගේ මෙසේයි. හේමකුමාර නානයක්කාර - බස්නාහිර පළාත කේ.සී. ලෝගේස්වරන් - වයඹ පළාත නිලූකා ඒකනායක - සබරගමුව පළාත රෙජිනෝල්ඩ් කුරේ - මධ්‍යම පළාත මාර්ෂල් පෙරේරා - දකුණු පළාත එම්.පී. ජයසිංහ - උතුරු මැද පළාත් පී.බී. දිසානායක - ඌව පළාත
2018-04-12T00:51:51.000Z
සතොසේ හිටපු සභාපති ඇප මත මුදා හැරේ
සතොසේ හිටපු සභාපති ඇප මත මුදා හැරේ
COLOMBO (News 1st) : රජයට අයත් රුපියල් මිලියන 39 ක මුදලක් අවභාවිත කළේ, යැයි චෝදනා ලැබ සිටින සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු මහතා අද ඇප මත මුදාහැරිණ. ඒ රුපියල් 25000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. සැකකරු සභාපති ධූරය දැරූ සමයේ කැරම් හා දාම් ක්‍රීඩා උපකරණ තොගයක් ආනයනය කිරීමට සතොසේ මුදල් වැය කර ඇති බැවින් පොදු දේපළ පනත යටතේ ඔහුට එරෙහිව නීතිමය කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවට විත්තිය කළ කරුණු දැක්වීම සළකා බලමින් ඇප නියම කරනු ලැබී ය. සැකකරුට විදේශගත වීම වළක්වන නියෝගයක් ද නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය විදේශ ගමන් බලපත්‍රය අධිකරණය හමුවේ තැන්පත් කරන ලෙසට ද නියෝග කළේ ය. විමර්ශනවල ප්‍රගතිය මැයි 11 වන දා අධිකරණය හමුවේ ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට දැනුම් දුන්නේ ය.
2018-04-12T00:09:15.000Z
ඇල්ජීරියාවට තෙ දිනක ශෝක කාලයක්
ඇල්ජීරියාවට තෙ දිනක ශෝක කාලයක්
COLOMBO (News 1st) : ඇල්ජීරියාවේ සිදු වූ මාරාන්තික ගුවන් අනතුර හේතුවෙන් එරට රජය දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. එරට බලධාරීන් පවසන්නේ ඇල්ජීරියාවේ සිදුවූ දරුණුතම ගුවන් ආපදාව වන මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් මියගිය 257 දෙනා අතුරින් බහුතරය හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් බවද ඇල්ජීරියානු බලධාරීන් ය. විදෙස් වාර්තා අනාවරණ කළේ, යානය ඇල්ජීරියාවේ, ඇල්ජියස් අගනුවර පිහිටි හමුදා කඳවුරෙන් ගුවන්ගතකර මද වේලාවකට පසු අනතුර සිදුව ඇති බවයි. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ඇල්ජීරියා හමුදා ප්‍රධානියා සඳහන් කළේ, අනතුරට හේතුව සොයා විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බවයි. එමෙන්ම මියගිය පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන් වෙත කනගාටුව ප්‍රකාශ කරමින් ඇල්ජීරියා ආරක්ෂක අංශ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. 2014 පෙබරවාරි මාසයේදී ද ඇල්ජිරියාවේ සිදුවූ ගුවන් යානා අනතුරින් 77 දෙනෙකු මියගිය අතර එක් අයකු දිවි බේරා ගැනීමට සමත් විය.
2018-04-12T00:00:03.000Z
ඇලෝසියස් සහ පලිසේන යළි ත් රක්ෂිත බන්ධනාගාරයට
ඇලෝසියස් සහ පලිසේන යළි ත් රක්ෂිත බන්ධනාගාරයට
COLOMBO (News 1st) : පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 26 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි. නඩුවේ සිව් වන සැකකරු වන පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතාගේ අත්සන චෙක්පත් දෙකකට ලබාගැනීමට අවසර ලබාදෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරින්ට අද නියෝග කළේ ය. පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ වැඩිදුර වාර්තාවක් ලබන 26 වන දා ලබා දෙන්නැයි ද මහේස්ත්‍රාත්වරිය මූල්‍ය අපරාධ කොට්ඨාසයට නියෝග කළා ය.
2018-04-11T22:19:23.000Z
කැබිනට් සංශෝධනය ත් කල් යන ලකුණු...
කැබිනට් සංශෝධනය ත් කල් යන ලකුණු...
COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදුන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි. මේ ඒ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ, ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ද ඉවත් වන බවයි. තමන් නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත් වන බව තිලංග සුමතිපාල මහතා එහිදී ප්‍රකාශ කළේ ය. මේ අතර අද සිදුකිරිමට නියමිතව තිබු කැබිනට් සංශෝධනය තවදුරටත් කල් යනු ඇතැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ වු පසු නව කැබිනට් මණ්ඩලය නම් කිරිමට නියමිත බවයි. මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමේ නිශ්චිත දිනයක් තීරණය කර නොමැති බවයි. මධ්‍යම කාරක සභාවේදී ගනු ලබන තීරණ අනුව, ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
2018-04-11T20:48:00.000Z
තානාපතිවරු 4ක් සහ මහකොමසාරිස්වරයක් අක්තපත්‍ර භාරදෙති
තානාපතිවරු 4ක්, මහකොමසාරිස්වරයක් අක්තපත්‍ර භාරදෙති
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරුන් 4 දෙනෙකු සහ මහකොමසාරිස්වරයකු ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මොරොක්කෝව, ඔස්ට්‍රියාව, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, පෝලන්තය ටැන්සානියාව යන රටවල් සඳහා එලෙස නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරයකු පත් වූ බවයි. එම අවස්ථාවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටියේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1909337195793196/
2018-04-11T20:19:44.000Z
සරසවි වර්ජකයින්ගේ අවසන් තීරණය අද
සරසවි වර්ජකයින්ගේ අවසන් තීරණය අද
අද පෙරවරුවේ රැස්වී වැඩවර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව පවසයි. එහි සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා සඳහන් කළේ, තම ගැටලුවලට රජයේ විසඳුම් ඇතුළත් ලිපිය ඊයේ පස්වරුවේ ලැබුණු බවයි. මේ අතර ප්‍රධාන ඉල්ලීම් ලබා දී ඇති බැවින්, වැඩ වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් ලබන 17 වන දා හෝ ඊට පෙර සේවයට වාර්තා කළ යුතු බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. එහි ලේකම් ඩී.සි දිසානායක සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතාගේ ඒකාබද්ධ අත්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ මුලික ඉල්ලීම වු මාසික හිලව් දිමනාව තවදුරටත් මූලික වැටුපෙන් 10% ක ප්‍රතිශයකින් වැඩි කිරීමට මහා භාණ්ඩාගාරය එකඟ වී ඇති බවයි. එසේ ම අනධ්‍යයන සේවකයින්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම, පොදු රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම, වැනි අනෙකුත් ඉල්ලීම් සම්බන්ධයෙන් ස්වාධීන කමිටුවක් පත් කිරීමට ද එකඟ වී ඇති බව ද එම නිවේදනයේ සඳහන් ය. ඒ අනුව වැඩ වර්ජනයේ යෙදී සිටින සියලු ම සේවකයින් වහා ම සේවයට පැමිණිය යුතු බවත්, 17 වැනි දිනට හෝ ඊට පෙර සේවයට වාර්තා නොකරන පරිවාස, අනියම්, තාවකාලික, ආදේශක, පුහුණු වන සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන අනධ්‍යයන කාර්ය මන්ඩල සේවකයින් සේවය හැරගියා සේ සලකන බව ද උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, සේවයට වාර්තා නොකර තවදුරටත් වැඩ වර්ජනයේ යෙදී සිටින ස්ථිර සේවකයින්ට වර්ජනය යෙදී සිටින කාල සීමාව වැටුප් රහිත කාල සීමාවක් සේ සැලකීමට පියවර ගන්නා බවයි.
2018-04-11T10:51:08.000Z
සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය වෙනුවෙන් කප් සිටුවීමේ චාරිත්‍රය ඉටු කෙරේ
සිරස වෙසක් කලාපය වෙනුවෙන් කප් සිටුවීම අද යි
COLOMBO (News 1st) - සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත. ඒ වෙනුවෙන් කප් සිටුවීමේ චාරිත්‍රය අද පස්වරුවේ සිරස මුලස්ථාන පරිශ්‍රයේදී සිදු කළේ ය. අප්‍රේල් මස 29, 30 සහ මැයි 01 වන දින සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධාන මූලස්ථාන පරිශ්‍රෙය්දී සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ. වෙසක් කලාපය මෙවර පැවැත්වෙන්නේ 8 වැනි වරට ය. ඒ වෙනුවෙන් කප්සිටුවීමේ චාරිත්‍රය අද පස්වරු 4. 46ට යෙදුනු සුබ මොහොතින් සිදු විය. https://www.youtube.com/watch?v=RPeMrGRzR94
2018-04-11T10:22:33.000Z
BREAKING : මැති ඇමතිවරු 16ක් ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වෙති
මැති ඇමතිවරු 16ක් ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වෙති
COLOMBO (News 1st) : අගමැතිට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළ සන්ධාන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් 16 දෙනා ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වූ බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි. ජනාධිපතිවරයා සමග පැවති සකච්ඡාවෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු ඒ බව සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1908787639181485/ https://www.facebook.com/NewsfirstSL/videos/1908877795839136/
2018-04-11T09:51:15.000Z
සිරස කාර්යාලය ඉදිරිපිට සිදුවීම IFJ සංවිධානය හෙළා දකි
සිරස ඉදිරිපිට සිදුවීම IFJ සංවිධානය හෙළා දකි
COLOMBO (News 1st) - සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට පැමිණ සිදු කළ කළහකාරී හැසිරීම ජාත්‍යන්තර ජනමාධ්‍යව්දීන්ගේ සම්මේලනය හෙවත IFJ සංවිධානය දැඩි ලෙස හෙළා දකිනු ඇත. ජාත්‍යන්තර ජනමාධ්‍යව්දීන්ගේ සම්මේලනය නිකුත් කළ නිවේදනයක දැක්වූයේ, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පරාජයවී සුළු වේලාවකින් සිදු කළ මෙම ක්‍රියාව පිළිබඳව තමන්ට කරුණු වාර්තාවී ඇති බව ය. මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළා දකින එම සංවිධානය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා වගකිවයුත්තන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටි. https://www.youtube.com/watch?v=fHDf6m4y5O0
2018-04-11T08:59:18.000Z
ලක් මවට අභිමානයක් ගෙනා දූ පුතුන් හරසරින් පිළිගැනේ
ලක් මවට අභිමානයක් ගෙනා දූ පුතුන් හරසරින් පිළිගැනේ
COLOMBO (News 1st) - වසර 68 කට පසුව බොක්සිං තරග ඉසව්වකින් ශ්‍රී ලංකාවට පොදු රාජ්‍ය මණ්ඩලයීය පදක්කමක් හිමිකරදීමට අනුෂා කොඩිතුවක්කු අද සමත් විය. මීට පෙර 1950 වසරේදී කේ. එඩ්වින් සහ ඇල්බර්ට් පෙරේරා බොක්සිං තරග ඉසව්වෙන් පදක්කම් දෙකක් ජයග්‍රහණය කර ඇත. ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් හි පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 45- 48 බර පන්තියේ කාන්තා බොක්සිං තරග ඉසව්වේ අවසන් පූර්ව වටය අද උදෑසන පැවැත් විය. ඒ, ශ්‍රී ලාංකික ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු සහ ඉන්දීය ක්‍රීඩිකා මේරි කොම් අතර ය. වට 3ට 0ක් ලෙස මේරි කොම් තරගය ජය ගත් නමුත් වට 3 දීම ලකුණු 30 ට 27 ක් ලෙස ලබා ගනිමින් ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට අනුෂා කොඩිතුවක්කු සමත් විණි. ඒ අනුව අනූෂා කොඩිතුවක්කුට මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි විය. අනූෂා වාර්තා අතරට එක්වන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේ බොක්සිං තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දුන් පළමු ක්‍රීඩිකාව ලෙසයි. මීට පෙර බොක්සිං තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩකයින් තිදෙනෙක් පදක්කම් දිනා තිබේ. ඒ, 1938 වසරේදී බාර්නි හෙන්රිකස් දිනා ගත් රන් පදක්කම, 1950 වසරේදී කේ. එඩ්වින් දිනාගත් රිදී පදක්කම හා එම වර්ෂයේම ඇල්බට් පෙරේරා දිනාගත් රිදී පදක්කමයි. බොක්සිං ක්‍රීඩක ඉෂාන් බණ්ඩාර කිලෝග්‍රෑම් 52 ක බර පන්තියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී ලෙසතෝ රාජ්‍යයේ තාබො මොලොෆො සමග අද තරග වැදුණි. තරගය ජය ගත් ඉෂාන් බණ්ඩාර අවසන් පූර්ව තරගය පරාජය වුව ද මේ වන විටද ලෝකඩ පදක්කමක් සඳහා සිය ස්ථානය තහවුරු කරගෙන අවසන් ය. කිලෝග්‍රෑම් 51 ක බොක්සිං කාන්තා ඉසව්වේ අද පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකාවේ දුලානි ජයසිංහ පරාජය විය. ඒ කෙන්යාවේ ක්‍රිස්ටීන් ඔන්ගාරේ සමග පැවැති තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙනි. හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වට සහභාගී වූ දිල්හානි ලේකම්ගේ පස්වැනි ස්ථානයට පත් වූයේ, මීටර 56. 02ක දක්ෂතාවක් දක්වමින් ය. මීටර 200 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ රුමේෂිකා රත්නායකගෙන් අද ගිලිහි ගියා ය. එහි පළමු මූලික තරගයේදී තත්පර 23.6 ක දක්ෂතාවක් දැක් වූ ඇයට හිමි වූයේ 6 වැනි ස්ථානයයි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මේ දක්වා පැවති තරගවලදී ශ්‍රී ලංකාව එක් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් තුනක් හිමිකරගෙන සිටිනු ඇත. පසුගිය 2014 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බර ඉසිලීමේ ඉසව්වකින් ශ්‍රී ලංකාවට එක් ලෝකඩ පදක්කමක් පමණක් හිමි විය. මේ අතර බර ඉසිලීමේ ඉසව්වෙන් මෙවර පදක්කම් දිනූ ක්‍රීඩකයින් අද පෙරවරුවේ යළි මව් බිමට පැමිණියහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් පදකක්ම් දිනාගත් ඉන්දික දිසානායක, චතුරංග ලක්මාල් හා දිනුෂා ගෝමස් ඇතුළු බර ඉසිලීමේ කණ්ඩායම අද උදෑසන දිවයිනට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපොළේදී උණුසුම් අයුරින් පිළි ගනු ලැබිණි. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී බර ඉසිලීමේ ඉසව්වෙන් මෙරට වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනා ගත්තේ මේ වසරේදී ය. මෙම ඉසව්වෙන් පොදු රාජ්‍ය මණ්ඩලයීය පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස දිනූෂා ගෝමස් මෙවර වාර්තා අතරට එක් විය. කටුනායක සිට කොළඹ බලා පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීමට මග දෙපස ද උත්සව සංවිධානය කර තිබුණි. ඔවුන් පිළිගැනීමේ ප්‍රධාන උත්සවය පැවැත්වුණේ ක්‍රීඩා අමාත්‍යංශයේදී ය. https://www.facebook.com/NewsfirstSL/videos/1908674849192764/
2018-04-11T07:51:03.000Z
දේශපාලකයින්ට හැරී-මේගන් රාජකීය විවාහයේ දොරටු වැසේ
දේශපාලකයින්ට හැරී-මේගන් රාජකීය විවාහයේ දොරටු වැසේ
COLOMBO (News 1st) - බ්‍රිතාන්‍යයේ හැරී - මේගන් රාජකීය විවාහ මංගල උත්සවයට දේශපාලන නායකයින් කිසිවකුට ආරාධනා නොකිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විවාහ මංගල උත්සවයට සහභාගී වන දේශපාලනඥයින්ගේ නිල ලැයිස්තුවක් නොමැති අතර ඒ අනුව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ද එම රාජකීය විවාහයට ඇරයුම් නොකෙරෙනු ඇති. ඒ අනුව හැරී කුමරුගේ මිතුරන් වන අමරිකාවේ හිටපු ජනපති බැරැක් සහ මිෂෙල් ඔබාමාට ද විවාහ උත්සවයට ඇරයුම් නොලැබෙනු ඇති. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ බ්‍රිතාන්‍ය අගමැති තෙරේසා සහ එරට විපක්ෂ නායක ජෙරමි කෝබියන්ට ද විවාහ මංගල්‍යට ආරාධනා ලැබි නොමැති බව ය. ඒ අනුව හැරී කුමරු සහ මේගන් මාකල්ගේ විවාහ මංගල්‍ය මැයි මස 19 වන දින පැවැත්වීමට නියමිත අතර මංගල්‍යය උත්සවයට ආරාධනා කරන ලැයිස්තුවේ 1200 ක පමණ පිරිසක් සිටී. කෙසේ වෙතත් 2007 වර්ෂයේ මැන්චෙස්ටර් ඇරේනා ප්‍රහාරයෙන් තුවාල ලැබූ 12 හැවිරිදි දැරියක මෙම රාජකීය විවාහයට ඇරයුම් ලබා සිටීම විශේෂත්වයකි.
2018-04-11T06:28:40.000Z
"එජාප මන්ත්‍රීවරු පිරිසක් තම පක්ෂය සමග එක්වීමට සූදානමින්" - දයාසිරි ජයසේකර
එජාපයේ පිරිසක් තම පක්ෂය සමග එක්වීමට සූදානම්
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තම පක්ෂය සමග එක්වීමට සුදානමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද අනාවරණය කර ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/1908530585873857/
2018-04-11T06:01:28.000Z
ඇල්ජීරියාවේ හමුදා ගුවන් යානයක් කඩා වැටී සිය ගණනක් මරුට
ඇල්ජීරියාවේ ගුවන් යානයක් කඩා වැටී සිය ගණනක් මරුට
News 1st : ඇල්ජීරියානු හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ 257 දෙනෙකු මියගොස් තිබේ. ඇල්ජීරියානු ගුවන් හමුදාවට අයත් යානය බුෆාරික් ගුවන් කඳවුරෙන් ගුවන් ගත වී විනාඩි කිහිපයක් තුළ අනතුරට ලක්වී තිබේ. ඇල්ජීරියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 247 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ 10 දෙනෙකු යානයේ රැඳී සිටි බවයි. යානයේ ගමන් කළ පිරිස අතර බටහිර සහරා ප්‍රදේශයේ වෙනම පාලනයක් වෙනුවෙන් අරගලයක නිරත පොලිසාරියෝ පෙරමුණ නමැති සංවිධානයේ 26 දෙනෙකු ද සිට ඇතැයි ඇල්ජීරියාවේ පාලක පක්ෂය උපුටා දක්වන එරට රූපවාහිනී වාර්තා කර තිබිණ. බටහිර සහරා තම පාලනයට අයත් බව මොරොක්කෝ රාජ්‍යය පවසන අතර ඔවුන් චෝදනා කරන්නේ වෙනම පාලනයක් වෙනුවෙන් සටන් කරන කණ්ඩායම්වලට ඇල්ජීරියාව සහය දෙන බවටයි. ගුවන් හමුදා යානය අනතුරට පත් වන විට මොරොක්කෝ දේශ සීමාව සමීපයේ පිහිටි බටහිර ඇල්ජීරියාවේ බේෂාර් වෙත පියසර කරමින් තිබූ බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබිණ. යානයේ හමුදා සාමාජිකයින් හා යුද උපකරණ ද තිබූ බව එම වාර්තාවල සඳහන් ය.
2018-04-11T05:47:32.000Z
මහනුවර සිද්ධියෙන් ජීවිතය අහිමිවූවන්ට වන්දි දීමට කැබිනට් අනුමැතිය
මහනුවර සිද්ධියෙන් ජීවිතය අහිමිවූවන්ට වන්දි....
COLOMBO (News 1st) - මහනුවර ප්‍රදේශයේ ඇති වූ කළහකාරී සිදුවීම්වලින් මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 ක වන්දි මුදලක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ. ඒ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී. එම්. ස්වාමිනාදන් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනූව ය. එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් 250,000 ක වන්දි මුදලක් ලබාදීමත් කැබිනට් අනුමැතිය හිමි විය. වෛද්‍ය වාර්තා පදනම් කර ගනිමින් අදාළ වන්දි මුදල ලබාදෙනු ඇති.
2018-04-11T02:46:48.000Z
සයිප්‍රසයේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කතක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 07ක මුදලක් වංචා කළ කතක් අත්අඩංගුවට
COLOMBO (Newsfirst) - සයිප්‍රසයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ, සැකකාරිය සයිප්‍රස් රාජ්‍යයේ රියැදුරු රැකියාවක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 07ක මුදලක් ලබාගෙන පුද්ගලයෙකු සයිප්‍රස් රාජ්‍ය වෙත යවා ඇති බව ය. එහිදී පොරොන්දු වූ රැකියාව නොලැබීම හේතුවෙන් එම පුද්ගලයා යළි දිවයිනට පැමිණ මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කර තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එප්පාවල, මැඩියාව හන්දිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
2018-04-11T01:52:28.000Z
අධිවේගයේ අතහැර දමා ගිය මෝටර් රථයක තිබී හොරොයින් පාර්සලයක්
දක්ෂිණ අධිවේගයෙන් හමුවූ හෙරොයින් පාර්සලය
COLOMBO (Newsfirst) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතහැර දමා ගිය මෝටර් රථයක තිබී හොරොයින් අඩංගු පාර්සලයක් සෙයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අදාළ මෝටර් රථය කඩුවෙල පිවිසුමේදී පොලිස් අණ නොතකා මාතර දෙසට ධාවනය කිරීමෙන් අනතුරුව පොලීසිය කළ පරීක්ෂා කිරීමේදි එය අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව ය. මොටර් රථයේ තීබී සොයා ගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 56යි මිලිග්‍රෑම් 100 කි. මෝටර් රථය මේ වන විට අතුරුගිරිය පොලීසියට භාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
2018-04-11T00:48:28.000Z
මෙවර කාන්ස් සිනමා උළෙල සඳහා සෞදි අරාබියාවේ සහභාගීත්වය
කාන්ස් සිනමා උළෙල සඳහා සෞදි අරාබියාවේ සහභාගීත්වය
(Newsfirst) - මෙවර කාන්ස් සිනමා උළෙල සඳහා තමන් සහභාගී වන බව සෞදි අරාබිය නිවේදනය කර තිබේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ එහිදී කෙටි චිත්‍රපට 9ක් ද ප්‍රදර්ශනය කිරීමට නියමිත වන බව ය. කාන්ස් සිනමා උළෙල මැයි මස 8 වන දා සිට 19 වන දා දක්වා ප්‍රංශයේ කාන්ස්හිදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
2018-04-10T22:57:17.000Z
ඉෂාන් බණ්ඩාර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග ඉසව්වේ අවසන් පූර්ව තරගයට
ඉෂාන් බණ්ඩාර බොක්සිං තරග ඉසව්වේ අවසන් පූර්ව තරගයට
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකාවේ ඉෂාන් බණ්ඩාර 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 52 පිරිමි බොක්සිං තරග ඉසව්වේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ, මීට ටික වේලාවකට පෙර පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ලෙසතෝ රාජ්‍යයෙහි තාබො මොලොෆෙ ක්‍රීඩකයා පරාජය කරමිනි. බොක්සිං තරගවල 3 වන ස්ථානය සඳහා තරගයක් නොපැවැත්වීම හේතුවෙන් දැනටමත් ඉෂාන් බණ්ඩාර පදක්කමක් සඳහා සුදුසුකම් ලබා අවසන් ය. අවසන් පූර්ව තරගය ජය ගතහොත් ඔහු අවසන් තරගයට සුදුසුකම් ලබන අතර යම් හෙයකින් පරාජය වුවහොත් ලෝකඩ පදක්කමට සුදුසුකම් කියනු ඇති.
2018-04-10T21:01:42.000Z
21 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී අනූෂා කොඩිතුවක්කු ලෝකඩ පදක්කම දිනා ගනී
අනූෂා කොඩිතුවක්කු ලෝකඩ පදක්කම දිනා ගනී
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කු 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 45 - 48 කාන්තා බොක්සිං තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා ය. ඒ, අද පැවැති අවසන් පූර්ව තරගයේදී ඔලිම්පික් ලෝකඩ පදක්කම් ලාභී වෘත්තීමය බොක්සිං ක්‍රීඩිකා මේරි කොම් සමග පැවැති තරගයේදී ය. වැඩි දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ මේරී කොම් තරගයේ ජය තහවුරු කර ගත්තා ය. බොක්සිං තරගවල තුන්වන ස්ථානය සඳහා තරගයක් නොපැවැත්වීම හේතුවෙන් අවසන් පූර්ව වටයේදී පරාජය වන ක්‍රීඩකයින් හා ක්‍රීඩිකාවන්ට ලෝකඩ පදක්කම හිමි වේ. ඒ අනුව අනූෂා කොඩිතුවක්කු අවසන් පූර්ව වටයේදී පරාජය වුව ද ඇයට ලෝකඩ පදක්කම හිමි වනු ඇති. ඒ අනුව අනූෂා කොඩිතුවක්කු වාර්තා අතරට එක් වන්නේ, 1950 වසරෙන් පසු මෙරට බොක්සිං ක්‍රිඩිකාවක් ශ්‍රී ලංකාවට පළමු වරට පදක්කමක් දිනා ගැනීමට සමත් වූ ක්‍රීඩිකාව ලෙස යි.
2018-04-10T20:35:31.000Z
රුසියානු ක්‍රියාකරුවන් සමග තම සමාගම නිරන්තර අරගලයක යෙදී සිටින බව මාර්ක් සකර්බර්ග් කියයි
රුසියානු ක්‍රියාකරුවන් සමග ෆෙස්බුක් සමාගම අරගලයක
(Newsfirst) - සමාජ මාධ්‍ය ජාලය ගසා කෑමට උත්සහ දරණ රුසියානු ක්‍රියාකරුවන් සමග තම සමාගම නිරන්තර අරගලයක යෙදී සිටින බව ෆෙස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් පවසයි. අමෙරිකානු සෙනෙට් සභිකයින් හමුවේ ඔහු එසේ කියා සිටියේ, කේම්බ්‍රිජ් ඇනලිටිකා සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන ප්‍රශ්න කිරීම් හමුවේ ය. එය අවි තරගයක් බවත් ඔවුන් යහපත් තත්ත්වයකට ගෙන ඒමට අවැසි බවත් ෆෙස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් එහිදී වැඩිදුරටත් කියා සිටියේ ය. ෆේස්බුක් සමාගමේ කාර්ය මණ්ඩලය මෙලෙස ප්‍රශ්න කිරීම්වලට භාජනය කෙරුනේ, 2016 වසරේ පැවති අමෙරිකානු ජනපතිවරණයේදී ඊට රුසියාව මැදිහත් වූ බවට අනාවරණය වීමෙන් අනතුරුව ය.
2018-04-10T20:18:41.000Z
මැයි පළමු වන දා ලබා දී තිබූ නිවාඩුව අවලංගු කෙරේ
මැයි 1 නිවාඩුව අවලංගු කෙරේ
COLOMBO (Newsfirst) - මැයි පළමු වන දා ලෝක කම්කරු දින නිවාඩුව අවලංගු කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිත ය. රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගා කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළේ බැංකු, වෙළෙඳ, රජයේ නිවාඩු සියල්ල අවලංගු කරමින් ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කෙරෙන අදාළ ගැසට් නිවේදනය මේ වන විට මුද්‍රණය සඳහා ලබා දී ඇති බව ය. පළමු වන දාට නියමිත වූ එම නිවාඩු සියල්ල 7 වන දාට ලබාදෙන බව ද අදාළ ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. මැයි පළමු වන දාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය මෙවර මැයි 7 වන දා සැමරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළේ වෙසක් සතිය යෙදී තිබීම හේතුවෙන් මහා සංඝරත්නය කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි.
2018-04-10T19:49:24.000Z
අද පැවැත්වීමට නියමිතව තිබූ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම අත්හිටුවයි
නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම අත්හිටුවයි
COLOMBO (Newsfirst) - අද පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම අත්හිටුවා තිබේ. එහි මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ, මධ්‍යම කාරක සභාව පැවැත්වෙන නිශ්චිත දිනයක් මේ දක්වා තීරණය කර නොමැති බව ය. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව පෙරේදා ප්‍රථම වරට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්විණි. එහිදී විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් 16 දෙනා අමාත්‍ය ධූරවලින් ඉවත් වීමට මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ඉල්ලා සිටියහ. ඒ සඳහා අනුමැතිය ලබා දීම පිණිස අද මධ්‍යම කාරක සභාව රැස්වීමට මීට පෙර තීරණය කර තිබිණි.
2018-04-10T19:35:46.000Z
කැබිනට් සංශෝධනය හෙට
කැබිනට් සංශෝධනය හෙට
COLOMBO (Newsfirst) - කැබිනට් මණ්ඩල සංශෝධනය හෙට දිනයේ සිදු වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ බව තහවුරු කළේ ය. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඊයේ පැවති කැබිනට් හමුවේදී ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වූ බව ය. https://www.youtube.com/watch?v=QQS5IpeRNbQ
2018-04-10T11:36:45.000Z
නකල්ස් කඳු පන්තියෙන් උපන් බඹර කිරි ඇල්ලවත් අනාගත පරපුර වෙනුවෙන් රැක ගනිමු...!!
බඹර කිරි ඇල්ල අනාගත පරපුර වෙනුවෙන් රැක ගනිමු...!!
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගන්නේ රට තුළ පවතින විවිධාකාර මනස්කාන්ත පරිසර පද්ධතිය හේතුවෙනි. එවන් සුන්දර දිය ඇල්ලක් වන බඹර කිරි ඇල්ල සොයා නිව්ස්ෆස්ට් ඩිජිටල් අප මාතලේ ප්‍රදේශයේ සංචාරයක නිරත වූහ. මාතලේ, රත්තොට සිට රිවර්ස්ටන් දක්වා වූ ගමන් ගන්නා මාර්ග අතරතුර බඹර කිරි ඇල්ල පිහිටා තිබේ. බඹර කිරි ඇල්ලේ සුන්දරත්වය නැරඹීමට වැල් පාලමක් හරහා ගමන් කළ යුතු වේ. එම වැල පාලමේ ගමන් කිරීම විටෙක එය බයංකර මෙන්ම සුන්දර ගමන් ලෙස ද හැඳින්විය හැකිය. බඹර කිරි ඇල්ල සුන්දර වුවත් එහි ජල පහරේ වේගය කොතරම්දැයි වැල් පාලමේ උඩ සිටින්නෙකුට හොඳින් බලාගත හැකි වෙයි. මෙම දිය ඇල්ලේ උල්පත් ආරම්භ වන්නේ නකල්ස් කඳු පන්තියෙනි. බඹර කිරි ඇල්ල ලෙස නම පටබැඳී ඇත්තේ, ඇල්ල අසල පර්වතයක බඹර බැඳ තිබු නිසා බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙහි දිය ඇලි 2ක් තිබේ. එක් ඇල්ලකින් වැටෙන ජලය අනෙක් ඇල්ල ඔස්සේ පහල පිහිටා ඇති විශාල තටාකයට වැටී ගලා යයි. ආරක්ෂාව සහ පවිත්‍රතාව පිළිබඳ අවධානය යොමු කරමින් මෙහි එන නරඹන්නන්⁣ට උපදෙස් මාලාවක් දී තිබේ. බඹර කිරි ඇල්ල වෙත පහසුවෙන් ළඟා වීමට තිබෙන වැල් පාලමේ අනතුරක සේයාවක් ද අපට දක්නට ලැබුණි. ඒ, වැල් පාලමේ අතුරා ඇති ලෑලි තැනින් තැන කැඩී ගොස් තිබීම හේතුවෙනි. එබැවින් මෙවැනි අඩුපාඩු පිලිසකර කිරීම කඩිනම් අවශ්‍යතාවකි. මධ්‍යම කඳුකරයේ සුන්දරත්වය ලොවට විදහාපාන බඹර කිරි ඇල්ල අසුන්දර කර ඇති දසුන් ද නැතුවා ද නොවේ. ඒ අනුව ඇල්ල අවට පරිසරයට අපද්‍රව්‍ය මුදා හැර ඇති අයුරු අපගේ කණ්ඩායමට එහිදී නිරීක්ෂණය විය. සුන්දර පරිසර පද්ධතියක පිහිටා ඇති මෙම බඹර කිරි ඇල්ලේ සුන්දරත්වය විඳ ගන්න ගමන් මෙම පරිසර පද්ධතිය අපවිත්‍ර නොකර අපේ අනාගත පරපුර වෙනුවෙන් එය ඉතිරි කරන්නැයි අපි ඔබෙන් ඉල්ලා සිටින්නෙමු. https://www.facebook.com/NewsfirstSL/videos/1907421139318135/
2018-04-10T09:40:12.000Z
කුඩා ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට ගෙනියන්න තැපැල් දෙපාර්තමේන්තුවෙන් ක්‍රමවේදයක්
කුඩා ව්‍යවසායකයින්ට දියුණු වෙන්න තැපෑලෙන් උදව්වක්
COLOMBO (Newsfirst) - සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට ගෙන යාමට අවශ්‍ය වෙළඳපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳ තැපැල් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ. ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන bepost (Beyond the post) නමැති ව්‍යාපාර ක්‍රමවේදය තුළින් ජනතාව අතරට ගෙන යාමට නියමිත ය. අද තැපැල් දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී තැපැල් සේවා අමාත්‍ය එච්.එම්.ඒ. හලීම් මහතා පැවසුවේ ජාතික ව්‍යවසායකත්ව අධිකාරිය සමග එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බවය. ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන bepost.lk නමැති වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලය හරහා ඇනවුම් කර ජනතාවට මිලදී ගැනිමට අවස්ථාව හිමිවෙයි. තැපැල්පති රෝහණ අභයරත්න මහතා පැවසුවේ අහාර පාන, රෙදි පිළි, විසිතුරු භාණ්ඩ, අත්කම් නිර්මාණ, බෑග්, සපත්තු වැනි භාණ්ඩ ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කළ හැකි බව ය. අදාළ නිෂ්පාදනවල ප්‍රමිතිය ජාතික ව්‍යවසායකත්ව අධිකාරිය මගින් තහවුරු කරන බව ද එම මාධ්‍ය හමුවේදී අනාවරණය විය. තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම පුළුල් කිරීම මෙම වැඩපිළිවළේ තව ත් අරමුණක් බව තැපැල්පතිවරයා වැඩි දුරට ත් සඳහන් කළේය.
2018-04-10T11:05:47.000Z
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රිඩකයින්ගෙන් කැපී පෙනෙන දක්ෂතා
ශ්‍රී ලංකා ක්‍රිඩකයින්ගෙන් කැපී පෙනෙන දක්ෂතා
COLOMBO (News 1st) - 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ තරග පැවැති 6 වැනි දිනය වූ අද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ දක්ෂතා කැපී පෙනීය. ඒ, මලල ක්‍රීඩා සහ බොක්සිං ඉසව්වලිනි. අද පැවැති දුර පැනීම පිරිමි ඉසව්වට සහභාගී වූ ජනක ප්‍රසාද් විමලසිරි මීටර 7.84ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ අවසන් තරගයට අද සුදුසුකම් ලබා ගත්තේ ය. රුමේෂිකා රත්නායක මීටර 200 කාන්තා ධාවන ඉසව්වේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තේ එහි දෙවැනි මූලික වටයේ තරගයේදී තත්පර 23.43ක දක්ෂතාවක් දක්වමිනි. මේ අතර අද පැවැති බොක්සිං අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගි වූ තිවංක රණසිංහ කිලෝග්‍රෑම් 46 - 49 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගෙන ඇත. බොක්සිං තරගවල තුන්වන ස්ථානය සඳහා තරගයක් නොපැවැත්වීම හේතුවෙන් අවසන් පූර්ව වටයේදී පරාජය වන ක්‍රීඩකයින්ට ලෝකඩ පදක්කමක් හිමිවන බැවින් තිවංක මේවන විට ද බොක්සිං ඉසව්වෙන් පදක්කමකට හිමිකම් කියා අවසන් ය. ඒ අනුව 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මේ දක්වා පැවැති තරගවලට අනුව බොක්සිං ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම් දෙකක් සඳහා ශ්‍රී ලංකාව සිය ස්ථානය තහවුකරු කරගෙන සිටි. කිලෝග්‍රෑම් 45 - 48 බර පන්තියෙන් තරග කරන අනුෂා කොඩිතුවක්කු ද මේවන විට ලෝකඩ පදක්කමක් සඳහා සුදුසුකම් ලබා සිටින අතර 1950 වසරෙන් අනතුරුව පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී බොක්සිං ඉසව්වෙන් මෙරටට පදක්කමක් හිමි වන්නේ පළමුවැනි වරට වේ. ඔලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී ක්‍රීඩිකා ඉන්දියාවේ මේරි කොම් සමග අනුෂා මෙරට වේලාවෙන් හෙට උදෑසන 7.32ට තරග බිමට පිවිසිමට නියමිත ව ඇත. ඔවුන් දෙදෙනා හමුවෙන දෙවැනි අවස්ථාව මෙය වන අතර 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 48 - 51 බර පන්තියේ අවසන් තරගයේදී අනුෂාට රන් පදක්කම ගිලිහුනේ පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙනි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මේ දක්වා පැවති තරගවලදී ශ්‍රී ලංකාව එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා සිටින අතර එම පදක්කම් සියල්ලම දිනා දීමේ ගෞරවය හිමි වන්නේ බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ය. ඒ අනුව 2014 වසරෙන් අනතුරුව පළමු වරට පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දීමට ඉන්දික දිසානායක, චතුරංග ලක්මාල් සහ දිනූෂා ගෝමස් සමත් විණි.
2018-04-10T09:20:16.000Z
මැදපෙරදිගට යන කාන්තාවන් ගැබ්ගෙන නොමැති බවට සහතික කරන ගිවිසුම ගැන වහාම වාර්තාවක් කැඳවනවා - හරීන් ප්‍රනාන්දු
ගෘහ සේවිකාවන්ගේ ගිවිසුම ගැන වහාම වාර්තාවක් කැඳවනවා
COLOMBO (Newsfirst) - මැදපෙරදිග ගෘහ සේවයේ සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික කාන්තාවන් ගැබ්ගෙන නොමැති බවට විදේශ නියෝජිත ආයතන විසින් ඔවුන්ව ගිවිසුමකට එකඟ කර ගන්නා බවට සන්ඩේ ඔබ්සවර් පුවත් පත පසුගියදා වාර්තා කර තිබුණි. එහි දැක්වුණේ එම ගිවිසුමට අනුව මාස 3ක කාලයක් සඳහා සේවිකාව ගැබ්ගෙන නොමැති බවට සේවා යෝජකයාට සහතිකයක් ලබාදෙන බව ය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන 6ක් විසින් මෙම සහතිකය ලබාදෙන බව අදාළ පුවත්පත් වාර්තාවේ දැක්වේ. ඒ වගේම ඔවුන් ඩෙපෝ ප්‍රොවේරා (Depo-Provera) නමැති ඖෂධය ද එම කාන්තාවන් සඳහා භාවිත කරන බව වාර්තා වී ඇතැයි එම පුවත් පත වාර්තා කර තිබුණි. මේ පිළිබඳව අප විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගෙන් විමසීමක් කළේය. අමාත්‍යවරයා පැවසුවේ තමන් ද මේ පිළිබඳව තොරතුරු දැන ගත්තේ මාධ්‍යයෙන් බව ය. එබැවින් වහාම විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මේ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවූ බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියා සිටියේය. මෙය බොහෝ දුරට රැකියා ඒජන්සිකරුවන් විසින් පෞද්ගලික සිදු කරනු ලබන කටයුත්තක් බවට තමාට හැඟී යන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. එබැවින් විදේශ රැකියා සඳහා දිවයිනෙන් පිටත්ව යාමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී තම සුරක්ෂිතභාවය තහවුරු කර ගන්නැයි අමාත්‍යවරයා ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියේය. ඒ වගේම විදේශ රැකියා ඒජන්සි ඉදිරියේදී ශ්‍රේණිගත කිරීමකට ලක් කරන බව ත් සේවය නිසි පරිදි ලබා නොදෙන ඒජන්සි අසාඳු ලේඛන ගත කිරීමටත් පියවර ගන්නා බව ත් විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වැඩි දුරට ත් සඳහන් කළේය. https://www.youtube.com/watch?v=SLujDmgjmwk&feature=youtu.be
2018-04-10T09:13:19.000Z
නිදහස් පක්ෂය කැබිනට් රැස්වීම වර්ජනය කරයි: ළගදීම ඇමති මණ්ඩලයෙත් වෙනසක්වන ලකුණු
නිදහස් පක්ෂය කැබිනට් රැස්වීම වර්ජනය කරයි
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ඇමතිවරුන් අද පැවති කැබිනට් රැස්වීම වර්ජනය කළහ. අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසුවේ, එළැඹෙන අලුත් අවුරුද්දට පෙර අමාත්‍ය මණ්ඩලයේ වෙනසක් සිදුවීමට ඉඩ ඇති බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද අමාත්‍ය මණ්ඩලය රැස් විය. අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් ඊට සහභාගි වූ අතර නිදහස් පක්ෂයේ කිසිදු ඇමතිවරයෙකු පැමිණ සිට නැත. මේ අතර කැබිනට් රැස්වීම අවසන්වීමෙන් පසුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා වෙනම සාකච්ඡා කර ඇතැයි වාර්තා වූ අතර අද කැබිනට් රැස්වීමට සහභාගි නොවීමට නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් තීරණය කර ඇත්තේ ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ය. ඊයේ මධ්‍යම රාත්‍රියට ආසන්න වනතෙක් මධ්‍යම කාරක සභා රැස්වීම පැවැති අතර විශ්වාසභංග යෝජනාවට සහය දුන් 16 දෙනා ආණ්ඩුවෙන් ඉවත්වීමට එහිදී යළිත් ඉල්ලීම් කර ඇත. https://www.youtube.com/watch?v=Ady7a2WjbGY
2018-04-10T10:42:09.000Z
ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල වෙනස් වෙයි ද?
ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල වෙනස් වෙයි ද?
COLOMBO (News 1st) - ඛනිජ තෙල් ගෙන්වීම සඳහා රජයට දැරීමට සිදු ව ඇති වියදම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවති. ජනවාරි මාසයේදී පමණක් මෙරට බොරතෙල් ගෙන්වීමට දැරූ වියදම පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 147% කින් ඉහළ ගොස් ඇතැයි මහ බැංකු දත්තවල සඳහන් ය. මේ පසුබිම තුළ ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ඉදිරි සති කිහිපයේ තීරණයක් ගැනීමට සිදුවෙයි ද? 2015 ජනවාරි මාසයේදී යහපාලන රජය බලයට පත්වීමත් සමග ඛනිජ තෙල් මිල ගණනන් පහළ දැමීමට පියවර ගත්තේ ය. ඊට හේතුවුයේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ගණන් කළින් වසරවලට සාපේක්ෂව අඩු මිලක පැවතීමයි. නමුත් පසුගිය මාස කිහිපය තුළ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණනන් ඉහළ යාමේ ප්‍රවනතාවක් නිර්මාණය විය. ලංකා ඉන්දීය ඔයිල් සමාගම පසුගිය පෙබරවාරි 23 වැනි දා සිට ඩීසල් ලීටරයක් රුපියල් 5.00 කින් හා පෙට්‍රල් ලීටරයක් රුපියල් 9.00 කින් ඉහළ දැමීමට පියවර ගත්තේ මේ පසුබිම තුළ ය. ලංකා ඛනිජ තෙල් සංස්ථාව තවදුරටත් පවතින මිලට ඛනිජ තෙල් ලබාදෙන්නේ දිනකට රුපියල් මිලියන 33 ක පමණ පාඩුවක් ලබමිනි. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය වසරේ අගෝස්තු මාසයේ නිකුත් කළ වාර්තාවකින් ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට මේ වසරේ මාර්තු මාසය දක්වා කල්දී තිබුණි. මූල්‍ය අරමුදල ලබාදෙන විස්තීරණ ණය පහසුකමට අදාළ දෙවන වාරිකය මුදා හැරීමට පෙර නිකුත් කළ සමාලෝචන වාර්තාවේ ස්වයංක්‍රීයව මිල තීරණය වන සූත්‍රයක් සකස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත. එහි දැක්වූයේ මෙම මිල සූත්‍රය ප්‍රමාදවීම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබනු ඇති බවයි. මෙම මිල සූත්‍රය සම්බන්ධයෙන් අප්‍රේල් මාසයේ 20 වන දා ආරම්භ වන සාකච්ඡා වටයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද ඩේලි එෆ්ටී පුවත්පතට පවසා තිබුණි. වොෂින්ටන් නුවරදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිත වේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා උපුටා දක්වමින් පුවත්පත වාර්තාකර ඇත්තේ, ඛනිජ තෙල් හා මුදල් අමාත්‍යාංශ ඒකාබද්ධව මිල සූත්‍රය ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බව ය. https://www.youtube.com/watch?v=U9SniFRyQhA
2018-04-10T07:46:36.000Z
ගම්පොළ ත්‍රිරෝද රථ අනතුරකින් තිදෙනෙකු මරුට
ගම්පොළ ත්‍රිරෝද රථ අනතුරකින් තිදෙනෙකු මරුට
COLOMBO (News 1st) - ගම්පොළ, තුන්දෙණිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් අනතුරකට ලක් වීමෙන් තිදෙනෙකු මියගොස් ඇත. පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ සිදු වූ අනතුරින් තව ත් අයෙකු තුවාල ලබා ඇති බවයි. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
2018-04-10T06:39:41.000Z
සරසවි අනධ්‍යන සේවකයින් විරෝධතාවක
සරසවි අනධ්‍යන සේවකයින් විරෝධතාවක
COLOMBO (News 1st) - වැඩවර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් අද කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත විය. ඒ, ඔවුන්ගේ ඉල්ලිම්වලට බලධාරීන් මෙතෙක් විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමිනි. විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා සඳහන් කළේ, තම වර්ජනය තවදුරටත් සිදු කරන බවයි. වර්ජනයට අදට දින 42 කි වනු ඇති.
2018-04-10T06:04:13.000Z
ලොව වයස්ගතම පුද්ගලයා ජපානයෙන් ගිනස් පොතට
ලොව වයස්ගතම පුද්ගලයා ජපානයෙන් ගිනස් පොතට
COLOMBO (News 1st) - ලොව වයස්ගතම පුද්ගලයා පිළිබඳ ජපානයෙන් වාර්තා වනු ඇත. ජපානයේ හොකයිඩෝහි ජීවත් වන මසාඔ නොනකා ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තා පොතට අද සිය නම එක් කළේ ය. 1905 වර්ෂයේ ජුලි 25 වන දා උපත ලබා ඇති නොනාකා මේ වනවිට ගත කරන්නේ, සිය 112 වැනි වසරයි. දරුවන් තිදෙනෙකුගේ දයාබර පියෙකු වන නොනකාගේ ජීවිකාව ගොවිතැනයි. පිරිසිදු උණුසුම් උල්පතක ගිලි සිටීම, නොනාකගේ දින චර්යාවේ එක් අංගයක් වන අතර ඔහු පැණි රස ආහාරවලට දැඩි ඇල්මක් ද දක්වන බව සඳහන් කර ඇත.
2018-04-10T05:39:52.000Z
එමිල් රංජන් හා නියෝමාල් රංගජීව ලබන 24 වන දා තෙක් යළි රිමාන්ඩ්
එමිල් රංජන් හා නියෝමාල් රංගජීව යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) - බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා හා පොලිස් මත්ද්‍ර‍ව්‍ය නාශක කාර්යංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ලබන 24 වැනිදා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, අදාළ නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී ය. එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට බලපෑම් හා තර්ජන කිරීම සම්බන්ධයෙන් වහාම විධිමත් විමර්ශනයක් සිදු කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ද අතිරේක මහේස්ත්‍රාත්වරයා එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය. එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍ර‍කාශ ලබා දුන් එම අපරාධය ඇසින් දුටු සාක්ෂිකරුවන් කිහිප දෙනෙකුට බලපෑම් හා තර්ජන එල්ලවී ඇති බව පෙන්වා දෙමින් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ කරණු දැක්වීම සලකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1907310449329204/
2018-04-10T05:10:58.000Z
දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
COLOMBO (News 1st) - ලබන 16 වන දා දක්වා දිවයිනේ බොහෝ පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත. ඒ අනුව කඳු ආශ්‍රිත ප්‍රදේශවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවනු ඇති. ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු සහ අකුණු සමග පැයට කිලෝමීටර් 70 - 80 ක පමණ කෙටිකාලීන තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය. මේ දිනවල දිවයිනට‍ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පරාක්‍ර‍ම සමුද්‍රයේ වාන් දොරටු 6 ක් අඩිය බැගින් විවෘත කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පරාක්‍ර‍ම සමුද්‍රයේ ජල මට්ටම ඉහළ යාමත් සමග ඊයේ සවස වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/1907286352664947/
2018-04-10T01:32:36.000Z
සිරියානු දරුවන් මේ ගෙවන්නේ කාගේ පවක් ද?
සිරියානු දරුවන් මේ ගෙවන්නේ කාගේ පවක් ද?
News 1st : මිනිසා විසින් මිනිසා වැනසීම වෙනුවෙන් නිර්මාණය කර ගත් කුරිරු යුද්ධයකට මැදිව සිටින අසරණ සිරියානුවන්ගේ ජීවිතවලට සැනසීමක් හිමි වන්නේ කවදා ද යන්න, සිහිනයක් බවට පත්ව ඇති තරමට ම සිරියානු සිවිල් යුද්ධය ව්‍යසනයක් බවට පත්ව තිබේ. වසන්තයක් උදා නොවුවත් අසල්වැසි රටවල් කිහිපයක් පොළවට සමතලා කර වූ අරාබි වසන්තයත් සමග ඇරඹි කුරිරු යුද්ධයේ ප්‍රතිවිපාක සිරියානු වැසියෝ තවමත් අත්විඳිමින් සිටිති. පසුගිය සෙනසුරාදා ඩමස්කස් අගනගරයට සමීපයේ පිහිටි නැගෙනහිර ගූටා පළාතේ ඩූමා නගරයට රසායනික අවි ප්‍රහාරයක් එල්ල වීම සිරියාව දෙස මුළු ලෝකයේ ම අවධානය යොමු කර වූ නවතම සිදුවීමයි. එම රසායනික අවි ප්‍රහාරයෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට වර්තා වූ අතර අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මේ සිදුවීමත් සමග දැඩි නොසන්සුන් ත්ත්ත්වයකට පත්ව සිටින අතර ඔවුහු මේ සම්බන්ධයෙන් සිරියානු ජනාධිපතිවරයා ප්‍රමුඛ සිරියාවේ මිතුරු රටවලට දැඩි ලෙස චෝදනා කරමින් සිටිති. මේ අතර අමෙරිකානු ජනපති ට්‍රම්ප් පවසන්නේ, සිරියාවට එරෙහිව බලය යෙදවීම සම්බන්ධයෙන් බටහිර බලවතුන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් සිරියාවට මෙන්ම සිරියාවට සහය දෙන රුසියාවට සහ ඉරානයට ද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි. තව ද සිරියානු ජනපති බෂාර් අල් අසාද් සත්ත්වයෙකුට සම කරමින් ට්‍රම්ප් පවසන්නේ, රුසියාවට මෙන් ම ඉරානය ද මෙහි වගකීම භාර ගත යුතු බවයි. මේ අතර රුසියානු විදේශ අමාත්‍යවරයා අමෙරිකාවේ මෙම චෝදනාව හෙළා දකිමින් පවසන්නේ, එම ප්‍රදේශයට රසායනික අවි ප්‍රහාරයක් එල්ල වූ බවට පිළිගත හැකි කිසිදු සාධකයක් නොමැති බවයි. සිය රටේ විශේෂඥයින් සහ සහන සේවකයින් අදාළ ප්‍රදේශයේ සංචාරය කළ බව ත් රසායනික අවි ප්‍රහාරයක් එල්ල වී ඇති බවට කිසිදු සාධකයක් එහි දක්නට නොමැති බවත් ඔහු විදෙස් මාධ්‍යට පවසා ඇත. කෙසේ වෙතත් අනෙකුත් වාර්තාවල දැක්වෙන්නේ, පසුගිය සෙනසුරාදා එල්ල වූ රසායනික අවි ප්‍රහාර හේතුවෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එහෙත් එය සංඛ්‍යාත්මක කොපමණ පිරිසක් ද යන්න සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී නොමැත. එල්ල වූ බව කියන රසායනික අවි ප්‍රහාරයෙන් පසු ඊයේ හෝම්ස් නගරාසන්නයේ පිහිටි Tiyas හමුදා මූලස්ථානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය කිසිදු ප්‍රතිචාරයක් නොදැක් වුවත් සිරියාව පවසන්නේ, ඊශ්‍රායලය සිරියාවට එල්ල කරන ප්‍රහාර පිටුපස අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය සිටින බවයි. කෙසේ වෙතත් මෙය පසුගිය සෙනසුරාදා එල්ල වූ බව කියන රසායනික අවි ප්‍රහාරයට එකට එක කිරීමක් ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි නැත. පසුගිය සෙනසුරාදා සිරියානු රජයේ හමුදාව විසින් ඩූමා නගරයට රසායනික අවි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු රෝගී වූ දරුවන් ඇතුළු පුද්ගලයින්ට යම් ස්ථානයකදී ප්‍රතිකාර කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාතික මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. එහෙත් එම දර්ශනවල නිර්වද්‍යතාව සහ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව සම්බන්ධයෙන් මේ වන තෙක් පිළිගත හැකි ආකාරයේ තොරතුරු වාර්තා වී නොමැත . සිරියානු යුද්ධයේ ඇරඹුම... අඛණ්ඩව ජනාවාස වි පැවති පැරණිතම නගර අතරින් එකක් වන ඩමස්කස් අගනගරය වන සිරියානු වැනසුමේ ඇරඹුම සනිටුහන් කෙරෙන සිරියානු යුද්ධයේ පළමු ගිනිපුපුරු මතු වන්නේ 2011 වසරේදී ය. අවසානයක සලකුණක් හෝ නොපෙනෙන කුරුරි යුද්ධයට මැදි වී උපන් බිමේ මිහිදන් වූ සිරියානු ජීවිත ගණන 35,0000කට වැඩි වනු මිස අඩු නොවන බව විදෙස් වාර්තාවල සඳහන් ය. 2011 වසරේ ආණ්ඩු විරෝධි උද්ඝෝෂණ ලෙස ඇරඹුණු මෙම උද්ඝෝෂණ එකල විරැකියාව, වංචා දූෂණ, නිදහස සීමා වීම වැනි චෝදනා බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව ආරම්භ වූ විරෝධතා ඉතා කෙටි කාලයක් තුළදී රට පුරා පැතිර ගිය උද්ඝෝෂණ බවට පත් විය. එවක මැදපෙරදිග ආරම්භ වී තිබූ ආරාබි වසන්නතයේ යම් යම් බලපෑම් සිරියාවේ ද ඇති වූ අතර මෙම වටපිටව තුළ සිරියානු ආණ්ඩුව උද්ඝෝෂකයින් ඇතුළු විරුද්ධවාදීන්ට එරෙහිව සිය බලය යොදවන්ට විය. ආණ්ඩුවෙන් එල්ල වූ මර්දනය හමුවේ, බෂාර් අල් අසාද්ට ධුරයෙන් ඉවත් වන ලෙස බල කෙරෙන උද්ඝෝෂණ රට පුරා පැතිර ගිය අතර ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ පසුව අවි අතට ගත් අතර පසුව සිය ආරක්ෂාව පසෙක ලා ඔවුන් ආණ්ඩුවේ හමුදාව සමග ගැටුම් ඇති කර ගන්නට විය. එහෙත් සිරියානු හිටපු ජනපති හාෆෙස්ගේ අභාවයෙන් පසු 2000 වසරේදී බලයට පැමි‍ණෙන බෂාර් අල් අසාද් ආණ්ඩු බලය අත්හැරීමට සූදානමක් ඇති බවක් පෙනෙන්නට නැත. ආණ්ඩුව විරෝධී මහජන උද්ඝෝෂණවලින් ඇරඹුණු සිරියානු යුද්ධය නිසා අද ජීවිත කැප කිරිමට සිදුව ඇත්තේ, අසරණ දරුවන් ඇතුළු සිරියානු ජනතාවටයි. කාගේ අවශ්‍යතාවකට සිදු වුව ද අරාබි වසන්තයෙන් අරාබියට වසන්තය කෙසේ වෙතත් මුළු අරාබිකරයේ ව්‍යසනයක් කර ගෙන ගිය බව ඊජිප්තුව, ලිබියාව, යේමනයේ වත්මන් තත්ත්වය දෙස අවධානය යොමු කිරීමේදී මොනවට පැහැදිලි වන්නකි. එදා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නැගී සිටි සිරියානු ජනතාවට අද සිදුව ඇත්තේ, උපන් බිමේ ම පණ පිටින් වැළලී යන්නට ය. රුසියාව සහ ඉරානය සිරියානු ජනපති බෂාර් අල් අසාද්ගේ ආණ්ඩුවේ ප්‍රධාන යුද සහයකයින් ය . රුසියාව අමෙරිකාවේ ප්‍රතිවාදියා ය. ලෝකයේ හෙට දවස කුමක් වුවත් අවි නිපදවන්නන්ට සහ අවි ජවාරම්කරුවන්ට යුද්ධය යනු සම්පතක් බව සඳහන් කළ යුතුව ඇත. ලෝක බලවතුන්ගේ බල අරගලයට මැදිව සිටින සිරියානු දරුවන් ඇතුළු අහිංසක වැසියන්ගේ සිරුරු පසාරු කර ගැලූ රුධිරයෙන් සිරියානු පොළොව දැන් තෙත් ව අවසන් ය.
2018-04-10T01:11:36.000Z
"වැඩි ම විදේශ විනිමය සංචිත ඇත්තේ චීනයටයි" - චීන ජනපති
"වැඩි ම විදේශ විනිමය සංචිත ඇත්තේ චීනයටයි"
බෝආඕ ආසියා සාකච්ඡා මණ්ඩපයේ වාර්ෂික සමුළුව චීනයේ හයිනැන් පළාතේ බෝ ආඕහිදී ඇරඹිණි. “විවෘතභාව හා නිර්මාණශීලිත්ව ආසියාව සහ සමෘද්ධිමත් හා සංවර්ධනාත්මක ලෝකය”මෙවර වාර්ෂික සමුළුවේ ප්‍රධාන තේමාව ය. චීන ජනාධිපතිවරයා හා විදේශ නායකයින් ඇතුළු ලෝකයේ විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයෝ 2000කට වැඩි පිරිසක් ඊට එක්ව සිටිති. අද (10) උදෑසන පැවති සමාරම්භක උත්සවය අමතමින් චීන ජනාධිපති ෂි ඡිං පින් මහතා පැවසුවේ, බෝආඕ ආසියා සාකච්ඡා සභාවෙන් බොහෝ වටිනා සැලසුම් ලෝකයට ඉදිරිපත් කර ඇති බවයි. ආසියා කලාපීය සහයෝගිතා ශක්තිමත් කරමින් ආර්ථික ගෝලීයකරණය ඉදිරියට ගෙන යමින් පොදු මානව ඉරණමක් සහිත ජගත් ප්‍රජාවක් ‍ගොඩ නැගීම, එහි ප්‍රධාන තේමා වී ඇත. මෙය බෝආඕ ආසියා සාකච්ඡා සභාව ලෝකයට දී ඇති සක්‍රීය දායකත්වය බව චීන ජනාධිපතිවරයා සඳහන් කළේය. චීනය ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ව්‍යාප්ත කළ වසර 40 තුළ දළ ජාතික නිෂ්පාදිත වාර්ෂික වර්ධන අනුපාතය සියය‍ට 9.5ක් බව හෙ‍තෙම පෙන්වා දෙයි. මේ වන විට චීනය ලෝකයේ දෙවන ආර්ථිකය, කර්මාන්ත වැඩි ම රට, වැඩි ම වෙළෙඳ භාණ්ඩ නිෂ්පාදිත රට හා වැඩි ම විදේශ විනිමය සංචිත හිමි රට බවට පත්ව ඇත. පසුගිය වසර 40 තුළ විදේශ රටවල් වෙත චීනය සිදු කළ වෙළඳාම වාර්ෂිකව සියයට 14.5කින් වර්ධනය වී තිබේ. මේ වන විට චීනයේ පුද්ගලයන් කෝටි 70කට වැඩි පිරිසක් දිළිඳු තත්ත්වයෙන් බේරා ගෙන තිබේ. එම අගය ලෝකයේ දිළිඳුකම තුරන් කළ යුතු ජනගහනයෙන් 70%කි. නවීකරණය සදහා එක ම මාර්ගයක් නොමැති බවත් ඒ සඳහා විවිධ මාර්ග පවතින බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය. ගෙවී ගිය වසර 40 තුළ චීනය ස්වාධිනත්වය හා ස්වෛරීභාවය පදනම් කොට ගනිමින් විවෘතභාවය සහ සහයෝගීතා හා පොදු ජයග්‍රහණය වැදගත් කොට සලකා තිබේ. සමාජවාදී ක්‍රමවේදයේ හා සමාජවාදී වෙළඳ ආර්ථික ප්‍රතිසංස්කරණයේ නියැළී සිටින චීනය, චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදී මාර්ගයක් සාර්ථක ලෙස සොයා ගෙන ඇතැයි හෙතෙම සඳහන් කළේය.නවීකරණය සදහා පවතින්නේ එක ම මාර්ගයක් නොවන බව චීනයේ සාර්ථකත්වයෙන් පිළිබිඹු වන බව ද ෂී ජින් පිං මහතා පැවසීය. චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තිය ලෝකයට ගැඹුරු බලපෑම් සිදුකර ඇතැයි හෙතෙම පෙන්වා දෙයි. ගෙවී ගිය වසර 40 තුළ චීනය සංවෘත රටක සිට සම්පූර්ණයෙන් විවෘත රටක් දක්වා පරිවර්තනය වී ඇත. සිය ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තිය අනුගමනය කරමින්, චීනය ආසියා මූල්‍ය අර්බූදය හා ගෝලීය මූල්‍ය අර්බූදය වැනි විවිධ බැරූරුම් අවස්ථාවලදී ප්‍රබල රටක තිබිය යුතු මෙහෙවර මනා ව ඉටු කර තිබෙන බව ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේ ය. මේ වන විට ලෝක ආර්ථිකය සඳහා චීනය 30%කට වැඩි දායකත්වය ලබා දී ඇත. චීනය ලෝක ආර්ථික වර්ධනයේ ප්‍රධාන එන්ජිම බවට පත් ව ඇතැයි හෙතෙම පවසයි. චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය පිළිබඳ ප්‍රතිපත්තිය චීන ජනතාවට පමණක් නොව ලෝකවාසීන්ට ද සංවර්ධන අභිවෘද්ධිය ගෙනැවිත් තිබෙන බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. සාමකාමීව සහයෝගිතා පැවැත්වීම, විවෘතභාවය, ප්‍රතිසංස්කරණය හා නව්‍යකරණය ලෝකයේ ප්‍රධාන ප්‍රවණතා බව චීන ජනාධිපතිවරයා පවසයි. සාමය හා සංවර්ධනය ලෝකයේ සියළු රටවල්වල ජනතාවගේ පොදු අදහස් බවට පත්ව තිබේ. විවිධ රටවල්වල ආර්ථික හා සමාජ සංවර්ධනය ක්‍රමයෙන් සමීප ලෙස සම්බන්ධ කරමින් පවතී. පොදු සමෘද්ධිමත් සංවර්ධනය සඳහා අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ කිරීම හා සංකලන සංවර්ධනය කඩිනම් කළ යුතු ය. ප්‍රතිසංස්කරණය හා නව්‍යකරණය මිනිස් ප්‍රජාව ඉදිරියට ගෙන යන මූලික බලය බවට පත් වන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. සාමය, සන්සුන් බව, සමෘද්ධිමත් බව, විවෘතභාවය හා සුන්දර ආසියාවක් හා ලෝකයක් පොදුවේ නිර්මාණය කළ යුතු බව චීන ජනාධිපතිවරයා පවසයි. විවිධ රටවල් ‍අන්‍යෝන්‍ය වශයෙන් ගරු කොට සමානත්වයෙන් සැලකීමේ නියැලි සිටිමින් සංවාද හා සාකච්ඡා පවත්වා වගකීම් පොදුවේ දැරිය යුතු බව හෙතෙම සඳහන් කළේය. විවෘතභාවයකින් ‍ලෝක ආර්ථිකය සංවර්ධනය කොට වෙළඳ හා ආයෝජන නිදහස්කරණය හා පහසුකරණය ඉදිරිය‍ට මෙහෙයවමින් බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමවේද ආරක්ෂා කළ යුතු බව ද හෙතෙම පැවසීය. මේ වසරේ චීන වෙළඳ‍පොළට ප්‍රවේශ වීමේ මාර්ග ලිහිල් කරනු ඇතැයි චීන ජනාධිපතිවරයා පැවසීය. චීන වෙළඳ‍පොළට ප්‍රවේශ වීමේ මාර්ගය ලිහිල් කිරීම සඳහා මේ වසරේ චීනය වැදගත් පියවර කීපයක් ඉදිරිපත් කිරීමට නියමිත ය. මූල්‍ය ක්ෂේත්‍රය ඊට ඇතුළත් ය. එසේම චීනයේ සංවර්ධනයෙන් වත්මන් ජාත්‍යන්තර පද්ධතියට කිසිදු අහිතකර බලපෑමක් සිදු නොවන බව චීන ජනපති පවසයි.චීනය කොපමණ දුරට සංවර්ධනය වුව ද කිසිදු රටකට තර්ජනයක් නොවන බවත් චීනයේ සංවර්ධනයෙන් වත්මන් ජාත්‍යන්තර පද්ධතියට කිසිදු අහිතකර බලපෑමක් සිදු නොවන බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය. ලෝක සාමය හා සංවර්ධනය මෙන් ම ජාත්‍යන්තර පටිපාටිය සඳහා චීනය සෑම විට ම දායකත්වය ලබා දෙයි. පොදු ජයග්‍රහණ අරමුණ කරගෙන චීනය අඛණ්ඩ ව සෙසු රටවල් සමග වෙළෙඳ සහයෝගතා පවත්වනු ඇතැයි චීන ජනපතිවරයා අවධාරණය කළේ ය. “එක් තීරයක් එක් මාවතක්”පුළුල්තම ජාත්‍යන්තර සහයෝගීතා වේදිකාව ගොඩනැගිය යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමෙන් පසුව වසර 5ක් රටවල් 50ට වැඩි සංඛ්‍යාවක් හා ජාත්‍යන්තර සංවිධාන චීනය සමඟ අදාළ සහයෝගීතා ගිවිසුම්වලට අත්සන් තබා ඇති බව ඔහු සඳහන් කළේය. විවිධ පාර්ශ්ව පොදු සාකච්ඡා, පොදු සංවර්ධනය හා ප්‍රතිලාභ පොදුවේ බෙදාදීම යන මූලධර්මය මත “එක් තීරයක් එක් මාවතක්”ආර්ථික ගෝලීයකරණයට අනුකූල වන පුළුල්තම ජාත්‍යන්තර සහයෝගීතා වේදිකාව ගොඩනැගිය යුතු බව ද චීන ජනපතිවරයා එහිදී අවධාරණය කළේය.
2018-04-10T02:35:29.000Z
මහනුවර, තෙල්දෙණිය සිද්ධියට අදාළව අත්අඩංගුවට පත් වූවන් ලබන 23 දක්වා රිමාන්ඩ්
මහනුවර සිද්ධිය: අත්අඩංගුවට පත් වූවන් යළි රිමාන්ඩ්
COLOMBO (Newsfirst) - මහනුවර, තෙල්දෙණිය සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී අත්අඩංගුවට ගත් 23 දෙනා යළි අප්‍රේල් මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබී ය. මහසොහොන් බලකායේ ප්‍රධානියෙකු යැයි සැක කෙරෙන පුද්ගලයෙකු ද ඒ අතර වේ. මේ වන විට තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව තර කර තිබේ.
2018-04-09T23:06:03.000Z
රජවැල්ලේ නිවසක ඇති වූ ගින්නකින් 3 දෙනෙකු මරුට
රජවැල්ලේ නිවසක ඇති වූ ගින්නකින් 3 දෙනෙකු මරුට
COLOMBO (Newsfirst) - මැණික්හින්න, රජවැල්ල, රම්බොඩවත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 3 දෙනෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ අද පෙරවරුවේ ඇති වූ ගින්නෙන් 36 හැවිරිදි පියා, 13 හැවිරිදි දියණිය හා 05 හැවිරිදි පුතා මිය ගොස් ඇති බව ය. ඒ පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත ය. පොලීසිය පැවසුවේ ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ය.
2018-04-09T22:25:51.000Z
ඩුබායිහි රැකියා කරන්න චරිත සහතික ඕන නැහැ
ඩුබායිහි රැකියා කරන්න චරිත සහතික ඕන නැහැ
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකිකයින්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා වීසා ලබා ගැනීමේදී යහපත් චරිත සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට වන නීතිය තාවකාලිකව අත්හිටුවා ඇතැයි ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය පවසයි. එම කාර්යාලය පැවසුවේ එමීරයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ අමාත්‍යංශය විසින් මෙම තීරණය නිල වශයෙන් ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය වෙත දැනුම් දුන් බව ය. ඒ අනුව වීසා ලබා ගැනීමේදී යහපත් චරිත සහතිකයක් ඉදිරිපත් කිරීම සඳහා වන අවශ්‍යතාව නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇතැයි ද එම කාර්යාලය පවසයි. ලාංකිකයින්ට ඇතුළු සියලු ම විදෙස් ශ‍්‍රමිකයින් එරට රැකියා වීසා ලබා ගැනීමේදී යහපත් චරිත සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට එරට අමාත්‍ය මණ්ඩලය විසින් ඉකුත්දා තීන්දුවක් ගෙන තිබූ අතර මෙම නව නීතිය නිසා එරට පිහිටි බොහෝ තානාපති කාර්යාලවලට අපහසුතාවට මුහුණ දීමට සිදුවූ බව ද එරට මාධ්‍ය වාර්තා කළේ ය. රැකියා ලබා ගැනීමේදී චරිත සහතිකය අනිවාර්ය කිරීමේ නීතිය එරට මානව සම්පත් අමාත්‍යංශය විසින් ගෙන තිබූ අතර තම පුරවැසියන් එමීර් රාජ්‍යයේ රැකියාවලට ඉල්ලුම් කිරීමේදී චරිත සහතික අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් ගෙන එන ලද නීතිය නිසා බොහෝ තානාපති කාර්යාල විවිධ අපහසුතාවලට මුහුණ දීම සැලකිල්ලට ගනිමින් මෙම නීතිය නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට එරට මානව සම්පත් අමාත්‍යංශය තීරණය කර තිබෙන බව ද එරට මාධ්‍යන්හි වැඩිදුරටත් සඳහන් ය. ඒ පිළිබඳව ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් චරිත් යත්තල්ගොඩ මහතා සඳහන් කළේ ය.
2018-04-09T22:05:38.000Z
රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා පැනවූ නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත්
රත්නපුර හා කෑගල්ලට නාය යාම් අනතුරු ඇඟවීම් තවදුරටත්
COLOMBO (Newsfirst) - රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා පැනවූ නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක යි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශය එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළේ, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, ඇහැළියගොඩ, කිරිඇල්ල, අයගම, රත්නපුර, කොළොන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා ය. ඒ අනුව ඉදිරි කාලය තුල අධික වැසි සමග නයා යාම්, කණ්ඩි කඩා වැටීම්, ගල් පෙරළීම් සිදු විය හැකි බැවින් විමසිල්ලෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි. මේ අතර අද දිනයේත් බස්නාහිර, සබරගමුව, වයඹ ඇතුළු පළාත් රැසකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක මහතා සඳහන් කළේ ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ බොහෝ පළාත්වලට සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ය.
2018-04-09T21:42:13.000Z
හෂීස් තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දියානු ජාතික කාන්තාවක රේගු අත්අඩංගුවට
හෂීස් තොගයක් මෙරටට රැගෙන ආ කාන්තාවක අත්අඩංගුවට
COLOMBO (Newsfirst) - හෂීස් තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ ඉන්දියානු ජාතික කාන්තාවක කටුනායක ගුවන‍්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසුවේ, එහි බර කිලෝග්‍රෑම් 8ක් වන අතර වටිනාකම රුපියල් මිලියන 3.5ක් වන බව ය. නවදිල්ලියේ සිට මෙරටට පැමිණි අදාළ කාන්තාව සිය යටිපතුලේ සඟවා හෂීස් තොගය මෙරටට ගෙනැවිත් තිබේ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බව සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ ය.
2018-04-09T20:22:36.000Z
මහනුවර කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට
මහනුවර කලහකාරී සිද්ධිය: තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
COLOMBO (Newsfirst) - මහනුවර පසුගියදා ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, සැකකරුවන් දෙදෙනා සේවයේ නියුතු යුද හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනෙකු බව ය. 34 හා 38 හැවිරිදි සැකකරුවන් කහවත්ත, අඹතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. ඔවුන් අද පූජාපිටිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
2018-04-09T20:02:44.000Z
ඉන්දියාවේ බස් රථ අනතුරකින් මිය ගිය පාසල් සිසුන් සංඛ්‍යාව 30ක් දක්වා ඉහළට
සිසුන් 30කට මරු කැඳවූ ඉන්දීය බස් රථ අනතුර
(Newsfirst) - ඉන්දියාවේ බස් රථ අනතුරකින් මිය ගිය පාසල් සිසුන් සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ උතුරු ඉන්දියාවේ, හිමාචල් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව ය. බස් රථය අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පාසල් සිසුන් 40ක් පමණ ගමන් කර ඇති බව සඳහන් ය. අනතුරට පත්වූ සිසුන් බහුතරයක් වයස අවුරුදු 10ට අඩු දරුවන් බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කරයි. අනතුරින් මෙම පාසල් ළමුන් රැගත් බස් රථයේ රියැදුරු සහ ගුරුවරුන් දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබේ.
2018-04-09T19:25:48.000Z
අද කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට නිදහස් පක්ෂ අමාත්‍යවරු තීරණය කරති
ශ්‍රී.ල.නි.ප. ඇමතිවරු කැබිනට් රැස්වීම වර්ජනය කරති
COLOMBO (Newsfirst) - අද පැවැත්වෙන කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් තීරණය කර තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී ඒ පිළිබඳව ඒකමතිකව තීරණය කළ බව ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ රාත්‍රියේ ජනාධිපති නිල නිවසේ පැවැත්විණි. රජය සමග තවදුරටත් කටයුතු කරනවා ද නැතහොත් ඉන් ඉවත් වනවා ද යන්න පිළිබඳව හෙට දිනයේ මධ්‍යම කාරක සභාව රැස්වී සාකච්ඡා කිරීමට නියමිත ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු මෙන් ම මැයි දින රැලිය පිළිබඳව ද ඊයේ පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කර තිබේ.
2018-04-09T11:24:53.000Z
බොක්සිං ඉතිහාසය අලුතින් ලියන අනූෂා කොඩිතුවක්කු රිදී පදක්කමක් අභියස
අනූෂා කොඩිතුවක්කු රිදී පදක්කමක් අභියස
COLOMBO (News 1st) - ශ්‍රී ලාංකීය බොක්සිං ක්‍රීඩාවේ ස්වර්ණමය අවස්ථාවක් උදා කිරීමට ඊයේ අනූෂා කොඩිතුක්කු සමත් විය. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී බොක්සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා පදක්කමක් හිමි කර ගෙන ඇත්තේ දශක 4 කට පමණ පසුව වේ. ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට්හී දී පැවැත්වෙන පොදුරද මඩුළු ක්‍රීඩා උළෙලේ, ‍බොක්සිං කිලෝග්‍රෑම් 45 - 48 බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටය අනූෂා ජය ගත්තේ, ප්‍රතිවාදී ක්‍රීඩිකාවට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමිනි. කේමන් දුවත් නියෝජනය කළ බ්රැන්ඩි බාර්න්ස් පළමු වටයෙන්ම ඉවත් විය. 39 වැනි වියේ පසු වන අනුෂා කොඩිතුවක්කු ශ්‍රී ලංකා වංශකතාවට එක් වන්නේ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලක බොක්සිං පදක්කමක් දිනු පළමු ක්‍රීඩිකාව ලෙසිනි. අනුෂා කොඩිතුවක්කු ආසියානු ශූරතා බොක්සිං ලෝකඩ පදක්කම් තුනක් හිමි කර ගෙන සිටි. ගිරිඋල්ල බටපොතැල්ල ඇත පිටිසර ප්‍රදේශයකින් ක්‍රීඩාවට පැමිණි අනුෂා දුක දිනා ජය ගත් ක්‍රීඩිකාවකි. ඇය ජාතික සහ ජාත්‍යන්තර බොක්සිං වලල්ල ජය ගත්තේ එම්. ඒ. එස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ය. පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළලේ අවසන් පුර්ව වටයේ තරගයේදී ඉන්දියාවේ මේරි කොම් සමග අනුෂා තරග වැදීමට නියමිත වේ. අනුෂාගේ ප්‍රතිවාදිනිය වන මේරී කොම් 2012 ලන්ඩන් ඔලිම්පික් උළලේදී ලෝකඩ පදක්කමක් දිනා ගත්තා ය. මේරිකොම් සහ අනුෂා අතර පැවැති තරගයක අඳුරු මතකයක් ද ඇත. 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළලේ කිලෝග්‍රෑම් 48 - 51 බර පංතියේ අවසන් තරගයේදී අනුෂා තරග වැදුණේ මේරී කොම් සමගයි. එම තරගයේදී අනුෂාට කණගාටුදායක අද්දැකීමකට මුහුණ පෑමට සිදු විය. එදා පාදයේ ආබාදයකට ලක් වූ අනුෂා මෙදා යලි මේරී කොම් සමග මුහුණට මුහුණ තරග වැදීමට සුදානම් වනු ඇත. 36 හැවිරිදි මේරි කොම් සහ අනුෂා අතර අවසන් පුර්ව තරගය ලබන 11 වන දා පැවැත් වීමට නියමිත වේ. https://www.facebook.com/NewsfirstSL/videos/1906423876084528/
2018-04-09T11:16:59.000Z
සුගතදාස ක්‍රීඩාංගණයේ නවීකරණය කළ කෘතීම ධාවන පථය විවෘත කෙරේ
නවීකරණය කළ සුගතදාස කෘතීම ධාවන පථය විවෘත කෙරේ
COLOMBO (Newsfirst) - සුගතදාස ක්‍රීඩාංගණයේ කෘතීම ධාවන පථය නවීකරණය කර විවෘත කිරීම හා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ කාර්ය මණ්ඩලය සඳහා ඉදිකරන ලද පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම අද ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙහි ඉදි කිරීමට වැයවූ මුළු මුදල රුපියල් මිලියන 244.85කි. මෙම ධාවන පථයට අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමයේ පළමු පෙළේ සහතිකයක් ලබා ගෙන ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. https://www.facebook.com/NewsfirstSL/videos/1906482612745321/
2018-04-09T11:08:49.000Z
කඹුරුපිටිය මූලික රෝහලට ගම්මැද්දෙන් ජල ව්‍යාපෘතියක්
කඹුරුපිටිය මූලික රෝහලට ගම්මැද්දෙන් ජල ව්‍යාපෘතියක්
COLOMBO (News 1st) - ගම්මැද්ද වැඩ දහස ව්‍යාපෘතිය යටතේ කඹුරුපිටිය මුලික රෝහලේ පානීය ජල ව්‍යාපෘතියක් සඳහා අද මුල්ගල තැබිණි. මෙම ජල ව්‍යාපෘතිය සිදු කර ඇත්තේ එස්ලෝන් ලංකා පුද්ගලික සමාගමේ මූල්‍යමය දායකත්වයෙනි. කඹුරුපිටිය මුලික රෝහලට ප්‍රමාණවත් පරිදි ජලය නොමැතිකමින් එහි කාර්ය මණ්ඩලය මෙන් ම රෝගීන්ද දැඩි අපහසුතාවයට පත් ව සිටින බව පසුගිය දා ගම්මැද්ද මහලේකම් කාර්යාලයට වාර්තා විය. ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් කඹුරුපිටිය මුලික රෝහලේ නළ ළිඳක් සාදා එහි පැමිණෙන රෝගීන්ට මෙන්ම කාර්ය මණ්ඩලය අවශය ජල සැපයුම ලබාදීමට අද උදෑසන කටයුතු ආරම්භ කළේ ය. එස්ලෝන් ලංකා පුද්ගලික් සමාගමේ ලක්ෂ 11 ක මූල්‍යමය දායකත්වයක් ඊට ලබා දුනි. https://www.facebook.com/newsfirst.gammadda/videos/1739416409447931/
2018-04-09T10:13:37.000Z
කැලණියේ ඉඩම් ජාවාරමක් ගැන පොලීසියෙන් හෙළිදරව්වක්
කැලණියේ ඉඩම් ජාවාරමක් ගැන පොලීසියෙන් හෙළිදරව්වක්
COLOMBO (News 1st) - ව්‍යාජ ඉඩම් ඔප්පු සකස් කර කැලණිය ප්‍රදේශයේ ඉඩම් අළෙවි කර රුපියල් කෝටි 4 කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු ව්‍යජ ඔප්පු සහ ජාතික හැඳුනුම්පත් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද පෑලියගොඩදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව අනාවරණ කළේ ය. පසුගිය දා සිරස මාධ්‍ය ආයතනය ඉදිරිපිට කළහාකාරී ලෙස හැසිරිනු පුද්ගයින් සම්බන්ධයෙන් මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අදහස් පළ කර ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/1906396192753963/ https://www.facebook.com/NewsfirstSL/videos/1906399426086973/
2018-04-09T08:54:04.000Z
මහ බැංකු බැඳුම්කර වංචාව ගැන ආපසු හැරී බලමු...
මහ බැංකු බැඳුම්කර වංචාව ගැන ආපසු හැරී බලමු
COLOMBO (News 1st) - බැඳුම්කර ගනුදෙනුවලට අදාළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව පදනම් කරගනිමින් නීතිපතිවරයාට අධිකරණ ක්‍රියාමාර්ගගත හැකි බව නීති විශාරධයින් පෙන්වා දෙනු ඇත. මේ ඒ මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳව යළි මතක් කිරීමකි... 2017 දෙසැම්බර් 30 බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ජනපතිට භාර දෙයි. වංචා කළ මුදල් අයකරගැනීමටත්, වැරදිකරුවන්ට දඬුවම් කිරීමටත් පියවර ගන්නැයි නිර්දේශ. 2017 ජනවාරි 23 වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. 2017 පෙබරවාරි 06 කොමිෂන් වාර්තාව ගැන පාර්ලිමේන්තුවේ විවාදයක්. පෙබරවාරි 20 සහ 21 අතිරේක දින දෙකක් ලෙස නම් කරයි. 2017 පෙබරවාරි 20 දෙමළ පරිවර්තනයක් නොමැති නිසා විවාද කළ නොහැකි බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්. ඒ සුමන්දිරන්ගෙන් විරෝධයක්. පරිවර්තනය සකස්කරන තෙක් විවාදය කල් යයි. 2017 මාර්තු 21 අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්. චෝදනා 14 න් 11 ක්ම බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන්. 2017 අප්‍රේල් 05 අගමැතිවරයා විශ්වාසභංගය ජය ගනියි, දෙමළ ජාතික සන්ධානයත් සහය දෙයි. 2017 පෙබරවාරි 04 මහබැංකු අධිපතිවරයාගේ පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණට කරුණු දැක්වීමෙන් පසු පර්පෙචුවෙල් සමාගමේ හිමිකරු සහ ප්‍රධාන විධායක අත්අඩංගුවට. 2017 මාර්තු 29 මහ බැංකුවේ හිටපු අධිපති අත්අඩංගුවට ගැනීමටත් වරෙන්තු, රතු නිවේදනයකුත් ඉල්ලයි. එහෙත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව නිකුත් කර මාස 3 ක් ඉක්ම යයි. කොමිෂන් වාර්තාව පදනම්කර ගෙන නීතිමය ක්‍රියාමාර්ග නොගන්නේ ඇයි? ජ්‍යේෂ්ඨ නීතිඥ, ගෝමින් දයස් ශ්‍රී, පාර්ලිමේන්තුවට යැවීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. නීතිමය වශයෙන් මේ ගැන ක්‍රියාත්මක කිරීමේ බලය රජයට තිබෙනවා. රජය කළ යුත්තේ දැනටමත් මේ සම්බන්ධයෙන් චෝදනා ගණනාවක්ම පාර්ලිමේන්තුවේ සාකච්චා වී ඇති හෙයින් පාර්ලිමේන්තුවට නැවත යෝජනාවක් වශයෙන් ගේම වගේම මං හිතන්නෙ කල් ගෙවීමේ කල්ගත කිරීමේ හා හැකිනම් අමතක කිරීමේ වෑයමක්. ඒ නිසා අපි යටත් නොවී මෙය අපි අමතක නොකර සීඝ්‍රව ආණ්ඩුවට කියන්න ඕන වැරදි කරුවන්ට චෝදනා කර රජයට අහිමි වූ මුදල වහාම ලබා ගන්නැයි කියලා. මෙය දැනට ඇති වරදවල්වලට සම්බන්ධ කර හැකිනම් නීතිපති දෙපාර්තමේන්තුවට මං හිතන්නේ නඩුවක් පවරලා වරදකරු කලාට පස්සෙ පමණක් දඬුවමට යොමු කිරීමේ බලය තියනවා.
2018-04-09T09:50:12.000Z
ජනාධිපති සහ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අතර විශේෂ සාකච්ඡාවක්
ජනපති හා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අතර සාකච්ඡාවක්
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක සාකච්ඡාවක් අද පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත. රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ, අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දැක් වූ නිදහස් පක්ෂයේ 16 දෙනා ආණ්ඩුවෙන් ඉවත්වීමට අද රැස්වීමේදී ද ඉල්ලීමක් කරන බවයි. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳව ඡන්ද විමසීමේදී ආණ්ඩු පක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනෙකු සිය සහයෝගය පළ කළේ ය. නිදහස් පක්ෂයේ හා සන්ධානයේ මහලේකම්වරුන් දෙදෙනා ඇතුලු පක්ෂයේ 23 දෙනෙකු එදින පාර්ලිමේන්තුවට නොපැමිණියේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1906358982757684/ https://www.facebook.com/NewsfirstSL/videos/1906366466090269/
2018-04-09T06:09:41.000Z
නකල්ස් රක්ෂිතයේදී අතුරුදන්වූවන් හමුවෙති
නකල්ස් රක්ෂිතයේදී අතුරුදන්වූවන් හමුවෙති
COLOMBO (News 1st) - නකල්ස් රක්ෂිතයේ සංචාරයක නිරතව සිටියදී අතුරුදන්ව සිටි තරුණයින් 7 දෙනා හමුවී ඇත. පොලීසිය සඳහන් කළේ, ඔවුන් අද පස්වරුවේ බඹරැල්ල ප්‍රදේශයේදි සොයා ගත් අතර ඔවුන්ගේ ජංගම දුරකතනවල සංඥා ක්‍රියා නොකිරීම හේතුවෙන් ඔවුන් සමග පැවැති සබඳතා ඇනහිට ඇති බවයි. අතුරුදන් වූ පුද්ගලයින් හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. පොලීසිය ප්‍රකාශ කළේ, පසුගිය 06 වන දා ඔවුන් නකල්ස් රක්ෂිතය තරණය කිරීමට පිටත්ව ගොස් ඇති බවයි. ඔවුන් සොයා යුද හමුදාව සහ පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේ ය.
2018-04-09T04:51:29.000Z
ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්ධ කර්නල් රිමාන්ඩ්
ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්ධ කර්නල් රිමාන්ඩ්
COLOMBO (News 1st) - ඇවන්ගාඩ් නෞකාවේ නීති විරෝධි ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයා තවදුරටත් ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. නිශාන්ත පිරිස් මහතා අද නියෝග කර ඇත. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරණු ලැබුවේ, එම අවි ගබඩාවේ භාරකරු ලෙස කටයුතු කරන ලද කර්නල් දොන් තෝමස් ඇල්බට් විජේතුංග තිලකරත්න නමැති සැකකරුයි. පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා වැඩිදුර වාර්තා ඉදිරිපත් කරමින් කියා සිටියේ, නීති විරෝධි ලෙස ගිනි අවි ප්‍රවාහනය කොට සන්තකයේ තබා ගැනීමට මෙම සැකකරු සම්බන්ධ බවයි. එහි තිබු ගිනිඅවි සහ පුපුරණ ද්‍රව්‍ය කුමන ස්ථනයෙන් රැගෙන ආවේද යන්න නොදන්නා බවත් ඒවාට බලපත්‍ර නොමැති බවත් රජයේ රස පරීක්ෂක වාර්තාව අනුව ගිනිඅවි 204 අංක වෙනස්වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා ප්‍රකාශ කළේ ය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙය මහාධිකරණයේ නඩු පැවරිය යුතු චෝදනාවක් වන අතර විමර්ශන කටයුතු තවමත් අවසන් නොමැති බවයි.
2018-04-09T03:26:04.000Z
ගම්මැද්දෙන් තවත් ජල ව්‍යාපෘතියකට මුල පිරූ වගයි!
ගම්මැද්දෙන් තවත් ජල ව්‍යාපෘතියකට මුල පිරූ වගයි!
COLOMBO (News 1st) : ගම්මැද්ද වැඩ දහස යටත් තවත් ව්‍යාපෘතියක් අද මාතර කඹුරුපිටිය රෝහලේදී ආරම්භ විය. මාතර කඹුරුපිටිය රෝහලට අවශ්‍ය තරම් ජලය නොලැබීම හේතුවෙන් එහි රෝගීන් හා එහි කාර්යය මණ්ඩලය දැඩි දුශ්කරතාවට පත්ව සිටිති. මේ පිළිබඳව ගම්මැද්ද මහ ලේකම් කාර්යාලය දැනුවත් වීමෙන් පසු අද දින ගම්මැද්ද කණ්ඩායම එහි ගොස් රෝහලේ ජල ව්‍යාපෘතියක් සඳහා අද කටයතු ආරම්භ කළේ ය. ව්‍යාපෘතිය සඳහා එස්ලෝන් ආයතනය අනුග්‍රය දක්වන අතර ව්‍යාපෘතිය සඳහා වැය වන මුළු මුදල ලක්ෂ 11කි. අද උදෑසන 10ට ව්‍ය්‍යපෘතියයේ කටයුතු ආරම්භ කළ අතර ඒ සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති කිතිසිරි දයානන්ද, ගම්මැද්ද සංවිධායක කෙනෙත් වීරක්කොඩි හා එස්ලෝන් ආයතනයේ සන්නාම කළමනාකරු ඉසුරු ජයවීර ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. https://www.facebook.com/newsfirst.gammadda/videos/1739104836145755/
2018-04-09T01:21:21.000Z
රට පනින්න, තැත් කරද්දී අත්අඩංගුවට ගත් සතොස හිටපු සභාපති යළි රිමාන්ඩ්
සතොස හිටපු සභාපති යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) : සතොස හිටපු සභාපති නලීන් රුවන්ජීව ප්‍රනාන්දු මහතා ලබන 12 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය. ඒ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ කැඳ වූ අවස්ථාවේදීයි. නලීන් රුවන්ජිව ප්‍රනාන්දු මහතා එහිදී ඇප ලබා දෙන්නැයි, කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් වන නියෝගය ලබන 12 නිකුත් කරන බව සඳහන් කළේ ය. රජයට අයත් රුපියල් මිලියන 39 ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් නලීන් රුවන්ජිව මහතා කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගවට ගත්තේ, විදේශගත වීමට උත්සහ කිරීමේදීයි. 2014 වසරේදී ක්‍රිඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා දුන් වාචික නියෝගය අනුව ලංකා සතොස ආයතනය මගින් කැරම් හා දාම් බෝඩ් 28,000 ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සභාපතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
2018-04-09T00:18:40.000Z
රෑ 8.30න් පසු තේ දළු භාර ගැනීම අත්හිටුවේ
රෑ 8.30න් පසු තේ දළු භාර ගැනීම අත්හිටුවේ
COLOMBO (News 1st) : තේ කර්මාන්ත ශාලා වෙත රාත්‍රී 8.30න් පසු තේ දළු භාර නොගැනීමට තීරණය කර තිබේ. තේ මණ්ඩලයේ කොමසාරිස් ජයන්ත එදිරීවීර මහතා පැවසුවේ, ඉහළ ප්‍රමිතියෙන් යුතු තේ නිෂ්පාදනය සඳහා මෙම තීරණය ගත් බවයි. ඒ සම්බන්ධයෙන් වන චක්‍රලේඛය මේ වන විට නිකුත් කර අවසන් බව ද ඔහු සඳහන් කළේ ය. ඒ අනුව මින් ඉදිරියට නොතැළුණු නොමේරු තේ දළු නිසි වේලාවට කර්මාන්ත ශාලා වෙත භාරදිය යුතු වේ. නව නීති සඳහා කර්මාන්ත ශාලාවලින් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද තේ මණ්ඩලය ප්‍රකාශ කළේ ය. එබැවින් පොලීසියේ ද සහය ඇතිව වැටලීම් කිරීමට තීරණය කර ඇති බව තේ කොමසාරිස්වරයා පැවසී ය.
2018-04-09T00:48:25.000Z
මැතිව් අබේසිංහගෙන් තවත් ශ්‍රී ලංකා වාර්තාවක්
මැතිව්ගෙන් තවත් ශ්‍රී ලංකා වාර්තාවක්
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පිහිනුම් ඉසව් සඳහා අද දිනයේ ද ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කිහිප දෙනෙක් සහභාගී වූහ. එහි දී පිරිමි මීටර් 50 නිදහස් ආර මූලික වටයට සහභාගී වූ මැතිව් අබේසිංහ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් අවසන් පූර් වටයේ සිය ස්ථානය තහවුරු කර ගත්තේ ය. මැතිව් අද වාර්තා කළ කාලය තත්පර 22.65 කි. https://www.facebook.com/KillerWhalesSriLanka/videos/1772408712781570/ මීටර් 50 නිදහස් ආර පිරිමි ඉසව්වෙන් ශ්‍රී ලාංකිකයෙකු තත්පර 23 ට අඩු කාලයක් වාර්තා කළ දෙවැනි අවස්ථාව ලෙස ද මෙය සටහන් වේ. මීට පෙර 2013 වසරේදී මැතිව් තත්පර 22.98 ක කාලයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කර ගත්තේ ය. මැතිව් සහභාගී වන නිදහස්ආර මීටර් 50 අවසන් පූර්ව තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 4 ට පැවැත්වේ. මැතිව් අබේසිංහ මෙම තරගාවලියේ දී මීටර් 100 නිදහස්ආර පිරිමි ඉසව්වේදී ද ශ්‍රී ලංකා වාර්තාව තමා සතු කරගත්තේ තත්පර 49.11 ක කාලයක් වාර්තා කරමිනි. ඔහු දින දෙකක් තුළ තත්පර 50 කට අඩු කාලයකින් නිදහස්ආර මීටර් 100 සීමාව සිව්වරක් පසු කිරීම විශිෂ්ට දක්ෂතාවක් ලෙසද සැලකිය හැක. මීටර් 100 නිදහස් ආර සහාය පිරිමි ඉසව්වේ මූලික වටයේදී, 49.51 එහි අවසන් තරගයේදී 49.53 ක් ලෙස හා මීටර් 100 නිදහස්ආර කේවල ඉසව්වේ මූලික වටයේදී, 49.11 හා අවසන් පූර්ව තරගයේදී 49.43 ක් ලෙස එම දක්ෂතාව දැක්විය හැකි ය. මැතිව්ට පෙර තත්පර 50 සීමාව අතික්‍රමණය කිරීමට මෙරට ක්‍රීඩකයෙකු සමත්වූයේ නැත. අද පිහිනුම් ක්‍රීඩාවෙන් අනෙකුත් ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා අකලංක පීරිස් - මීටර් 200 පසුපස ආර මූලික වටය - 8 වැනි ස්ථානය විනෝලී කළුආරච්චි - මීටර් 50 පසුපස ආර මූලික වටය - 8 වැනි ස්ථානය කයිල් අබේසිංහ - මිටර් 50 නිදහස් ආර මූලික වටය - 4 වැනි ස්ථානය (අවසන් පූර් ව වටයට සුදුසුකම් ලබා ගත්තේ නැත) චෙරන්ත සිල්වා - මීටර් 50 නිදමස් ආර මූලික වටය - 8 වැනි ස්ථානය
2018-04-09T00:00:48.000Z
20 වැනිදා සිට මීටරය අනිවාර්යයි..
20 වැනිදා සිට මීටරය අනිවාර්යයි...
COLOMBO (News 1st) : ලබන 20 වන දා සිට ත්‍රිරෝද රථ සඳහා ගාස්තු මීටරය අනිවාර්යය කිරීමට රජය තීරණය කර තිබේ. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා ප්‍රකාශ කළේ, මගී ආරක්ෂාව සහ ත්‍රිරෝද රථ සේවයේ ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරිමේ අරමුණින් එම පියවර ගත් බවයි. ගාස්තු මීටරය පසුගිය පළමු වනදා සිට අනිවාර්යය කර තිබුණ ද රියැදුරන් ඇතුළු පාර්ශව කිහිපයකම ඉල්ලීම අනුව එම කාල සීමාව දීර්ඝ කිරීමට පියවර ගත් බව ඔහු ප්‍රකාශ කළේ ය.
2018-04-08T22:21:02.000Z
නකල්ස් රක්ෂිතයේ සංචාරය කළ 7 දෙනෙක් අතුරුදන්
නකල්ස් රක්ෂිතයේ සංචාරය කළ 7 දෙනෙක් අතුරුදන්
COLOMBO (News 1st) : මහනුවර පන්විල ප්‍රදේශයෙන් නකල්ස් රක්ෂිතයේ සංචාරයේ නිරත පුද්ගලයින් 7 දෙනෙකු අතුරුදන්ව තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, හෝමගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අතුරුදන්ව ඇති බවයි. ඔවුන් සොයා යුද හමුදාව සහ පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
2018-04-08T21:45:53.000Z
සිරියාවට එල්ල වූ විෂ වායූ ප්‍රහාරය ට්‍රම්ප් හෙළා දකී
සිරියාවට එල්ලවූ විෂ වායූ ප්‍රහාරය ට්‍රම්ප් හෙළාදකී
COLOMBO (News 1st) : සිරියාවේ - ගවුටාහි - ඩවුමා නගරයට එල්ල වූ විෂ වායූ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද අද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේ ය. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ සඳහන් කළේ, සිරියාවේ - ඩවුමා නගරයට එල්ල වූ විෂ වායු ප්‍රහාරයේ වගකීම රුසියාව සහ සිරියාව භාරගත යුතු බවයි. තම රටවැසියන්ට එරෙහිව රසායනික අවි භාවිත කිරීම පිළිකුල් සහගත ක්‍රියාවක් බව ද අදාළ නිවේදනයේ සඳහන් ය. නැගෙනහිර ගවුටා ප්‍රදේශයේ ඩවුමා නගරය ඉලක්ක කරගනිමින් එල්ල වූ විෂ රසායන ප්‍රහාරයෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 150ක් පමණ වන බව විදෙස් වාර්තාවල සඳහන් ය. තවත් පුද්ගලයින් විශාල පිරිසක් ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.
2018-04-08T19:51:56.000Z
විශ්වාසභංගයෙන් පසු පළමු ශ්‍රීලනිප රැස්වීම අද
විශ්වාසභංගයෙන් පසු පළමු ශ්‍රීලනිප රැස්වීම අද
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති නිල නිවසේදී පැවැත්විමට නියමිතව තිබේ. පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ, අද රාත්‍රී 7 ට මධ්‍යම කාරක සභාව රැස්විමට නියමිත බවයි. පසුගිය 4 වන දා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා,සුසන්ත පුංචිනිලමේ, ටී. බී. ඒකනායක, අනුරාධ ජයරත්න, තාරානාත් බස්නායක, ලක්‍ෂ්මන් වසන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, එස් . බී. දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන,සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජී. ජයසේන යන මහත්ම මහත්මීහු විශ්වාසභංගයට පක්ෂය ඡන්දය ප්‍රකාශ කළහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරු දෙදෙනා ඇතුළු 26 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ. එවන් පසුබිමක විශ්වාසභංගයට පක්ෂ වූ මන්ත්‍රීවරුන් 16 දෙනා පෙරේදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දුන්නේ, තම කණ්ඩායම තනතුරුවලින් හා ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම් බවයි.
2018-04-08T19:31:26.000Z
සරසවි අනධ්‍යන වර්ජනය නිමා වන ලකුණු
සරසවි අනධ්‍යන වර්ජනය නිමා වන ලකුණු
COLOMBO (News 1st) : විෂය භාර අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු සම්බන්ධයෙන් වන චක්‍රලේඛය අද නිකුත් කරන බවට තමන්ට දැනුම් දී ඇති බව විශ්වවිද්‍යාල ඒකබද්ධ වෘත්තීය සමිති කමිටුව පවසයි. එහි සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පැවසුවේ, චක්‍රලේඛනය නිකුත් වූ විගස තමන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලින් ඉවත් වීමට සැලසුම් කර ඇති බවයි. තම ඉල්ලීම් සම්බන්ධයෙන් පසුගිය 2 වන දා උසස් අධ්‍යාපන අමාත්‍යංශ බලාධාරීන් සමග සකාච්ඡා පැවති අතර එහිදි ඉල්ලීම් ලබාදීම සම්බන්ධයෙන් එකඟත්වය පළ කළ බව ද ඔහු පැවසී ය. දින 43ක් පුරා ක්‍රියාත්මක අන්‍යධන වැඩ වර්ජනය හේතුවෙන් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන් ම අකර්මන්‍ය වි ඇති බව විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එහි සභාපති මහාචාර්ය කේ.කේ.අයි යු. අරුණ කුමාර මහතා සඳහන් කළේ,, ඒ හේතුවෙන්, විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යන කටයුතු මෙන් ම අචාර්යවරුන්ගේ පර්යේෂණ කටයුතු ද ඇන හිට ඇති බවයි.
2018-04-08T11:36:34.000Z
මලික් සමරවික්‍රම එජාප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..?
මලික් සමරවික්‍රම එජාප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද භාර දී තිබේ. එක්සත් ජාතික පක්ෂය ඊයේ පත් කර ගත්, පුර්ණ බලැති දේශපාලන මණ්ඩලයේ සමාජිකයෙකු වන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිවුස්ෆස්ට් වෙත මේ බව තහවුරු කළේ ය. අමාත්‍යවරයා පැවසුවේ, ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගෙන නොමැති බවයි. ලබන 30 වන දා තෙක්, ධූරයේ රැදී සිටින්නැයි, මලික් සමරවික්‍රම මහතාට දැනුම් දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
2018-04-08T10:49:44.000Z
දේශපාලන පළි ගැනීම්වලට ලක්වූවන්ට සරණක් නැත් ද?
දේශපාලන පළි ගැනීම්වලට ලක් වූවන්ට සරණක් නැත් ද?
COLOMBO (News 1st) : එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳ නිව්ස් ෆස්ට් කරන හෙළිදරව්වක් මේ.... එක්සත් ජාතික පක්ෂය තුළන් පසුගිය විසිවසර පුරාම අසන්නට ලැබුණේ, පක්ෂය තුළ ඇතිවූ අර්බුදයි. නායකත්වයේ වෙනසක් වෙනුවට නායකත්වය ලබාදුන් පැලැස්තර විසඳුම් හේතුවෙන් එම තත්ත්වය ඇතිවිය. මෙම අර්බුදවලට විසඳුම් සොයනවා මිස පාක්ෂිකයින් වෙනුවෙන් යමක් සිදුකිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව මෙම ගැටලු පිළිබඳ විමර්ශනය කිරීමේදී පෙනි යයි. 1994 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීමට එක්සත් ජාතික පක්ෂය අපොහොසත්ව ඇති බව පාක්ෂිකයෝ පෙන්වා දෙති. ඔවුන් පෙන්වාදෙන්නේ පක්ෂය තුළම සිටින අමාත්‍යවරුන්ගේ කඹ ඇදිල්ල නිසා පළිගැනීමට ලක්වූ පාක්ෂිකයන්ට සහන සැලසීම දිනෙන් දින ප්‍රමාද වන බවයි . 2016 වසරේ ජනවාරි 15 වෙනිදාට අවසන් කරනු ලැබූ දේශපාලන හේතුන් මත විවිධ ගැටලුවලට මුහුණ දුන් අයට සහන සැලසීමේ කමිටුවට ලද අභියාචනා විමර්ශනය කිරීමේ සාරංශ සටහනේදී 1994 වසරේ සිට 2014 වසර දක්වා 31 666 දෙනෙකු තමන්ට සහන සලසන ලෙස අභියාචනා ඉදිරිපත් කර තිබේ. එම සටහනට අනුව වැඩිම අභියාචනා සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පිරිසයි එය ගණනින් 13 947කි. ප්‍රවාහන අමාත්‍යංශය නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය , විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශය, පුනරුප්ථාපන හා නැවත පදිංචි කිරීම් ඇතුළු රාජ්‍ය අමාත්‍යංශ 43ක රාජ්‍ය සේවකයින් 31 666 දෙනෙකු තමන් දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බවත් ඊට සහන සලසන ලෙස අභියාචනා ඉදිරිපත් කර තිබේ. ඉන් බහුතරය එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම ලද මැතිවරණ පරාජයත් සමග දේශපාලන පළිගැනීම්වලට ලක්වූ එම පක්ෂයට ලැදි රාජ්‍ය නිලධාරීන් සහ සේවකයින් ය. පත්කිරීමේදී , උසස්වීම් හා ස්ථාන මාරුවීම් ලබාදීමේදී දේශපාලනික වශයෙන් ඔවුන් පළිගැනීමට ලක්ව තිබේ. සෑම මැතිවරණයකදීම එක්සත් ජාතික පක්ෂ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පිරිසට සහන සලසන බවට පොරොන්දු ඉදිරිපත් කළ ද , ඒ පිළිබඳ සොයා බැලීමට විටින් විට කමිටු පත් කළ ද ඉන් පීඩාවට පත්වූ පිරිසට යුක්තිය ඉටුවී නැහැ. පොලීසිය භාර අමාත්‍යවරුන් එක්සත් ජාතික පක්ෂයෙන් පත්වූව ද පොලීසියේ පමණක් මේ වන විට 333 දෙනෙකු හා බන්ධනාගාර නිලධාරීන් 18 අතුළු 351 දෙනෙකු දේශපාලන පළිගැනීම්වලට ලක්ව සහන බලාපොරොත්තුවෙන් කල්මරමින් සිටී. පීඩාවට පත්වූ පිරිස ඉල්ලා සිටින්නේ , පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කළ තමන් වෙත පක්ෂ නායකත්වයෙන් හෝ බලය ලබාගත් අමාත්‍යවරන්ගෙන් සාධාරණය ඉටුකර දෙන ලෙසයි . https://www.facebook.com/NewsfirstSL/videos/1905203166206599/
2018-04-08T10:58:55.000Z
රත්නාවලී කැකුණවෙල මහත්මිගේ අවසන් කටයුතු හෙට
රත්නාවලී කැකුණවෙල මහත්මිගේ අවසන් කටයුතු හෙට
මුවන්පැලැස්සේ මැණිකේ... අභාවප්‍රාප්ත රංගන ශිල්පිනි, රත්නාවලී කැකුණවෙල මහත්මිගේ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. රත්නාවලී කැකුණවෙල... මුවන්පැලැස්ස ගුවන් විදුලි නාට්‍යයේ මැණිකේගේ භූමිකාව තුළින් ඇය ජනාදරයට පත්වූවා ය. ඇය මෙරට ගුවන්විදුලි ශ්‍රාවක හදවත් තුළ නොමැකෙන චරිතයක් බවට පත්වුයේ පුරා වසර 52 ක් මුවන්පැලැස්සට සම්බන්ධ වෙමිනි. සත් සමුදුර චිත්‍රපටයෙන් රිදී තිරයට පිවිසි ඇය, මුවන්පැලැස්ස චිත්‍රපට තුනෙහි ද මැණිකේ ගේ භූමිකාවට පණ දුන්නා ය. දියමන්ති ,කරුමක්කාරයෝ ,ආරාධනා ,දඩයම ,බට්ටි ඇතුළු සිනමා සිත්තම්වල රත්නාවලී ලකුණ රැඳුණේ සදාතනික මතකයක් ලෙස සහෘද මනසේ තැන්පත් වෙමිනි. කලක් රෝගාතුරව සිටි රත්නාවලී කැකුණවෙල මහත්මිය ඊයේ පස්වරුවේ කිරිබත්ගොඩ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වන විට ඇය 88 වන වියේ පසු වූවා ය. කැකුණවෙල මහත්මියගේ දේහය මේ වන විට රත්මලාන වෙඩිකන්ද පාරේ පිහිටි දියණියගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ. අභාවප්‍රාප්ත රත්නාවලී කැකුණවෙල මහත්මියගේ අවසන් කටයුතු හෙට පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.
2018-04-08T07:51:23.000Z
අලුත් අවුරුද්දට කලින් කැබිනට් වෙනසක්
අලුත් අවුරුද්දට කලින් කැබිනට් වෙනසක්
COLOMBO (News 1st) : සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් සිදුකරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින්, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය ද ලබන 30 වනදා ට පෙර පත් කරන බවයි. පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුව පත් කරගැනීම සඳහා ඊයේ රහස් ඡන්දයක් පැවැත්වූ බවත්, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරී මණ්ඩලයට හැර සෙසු සියලු මන්ත්‍රීවරුන්ට ඒ සඳහා අවස්ථාව ලබාදුන් බව ද අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. https://www.facebook.com/NewsfirstSL/videos/1905192266207689/
2018-04-08T11:41:06.000Z
ජාතික අලුත් සහල් මංගල්‍යය ජයශ්‍රී මහ බෝසමිදුන් අභියසදී
අලුත් සහල් මංගල්‍යය ජයශ්‍රී මහ බෝසමිදුන් අභියසදී
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික අලුත් සහල් මංගල්‍යය අද පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන් අබියසදී පැවැත්විණ. "හෙළයේ මහා ගොවි පිළිවෙත" මෙවර අලුත් සහල් මංගල්‍යයයේ තේමාවයි. ජනාධිපතිවරයා පළමුව ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වැද පුදා ගෙන රිදී කාසී පූජාව සිදු කර ආශිර්වාද ලබා ගත්තේ ය. මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නේ නොයිදුල් සහල් ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ට පූජා කිරීම සංකේතවත් කරමින් පාත්‍රය වෙත සහල් පූජා කිරීම ජනාධිපතිතුමන් අතින් සිදු කෙරුනේ ඉන් අනතුරුවයි. සාම්ප්‍රදායිකව ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වෙත පූජා කරන මී පැණි බදුන උරූවරිගේ වන්නිල ඇත්තන් විසින් ජනාධිපතිවරයා වෙත පැළිගැන්වීය. ඉන් අනතුරුව සබරගමුව ඓතිහාසික මහා සමන් දේවලයෙන් රැගෙන ආ ගිතෙල් බදුන ජනාධිපතිවරයා අතින් ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වෙත පූජා කිරීම සිදුවිය. වතාවත්වලින් අනතුරුව අලුත් සහල් මංගල්‍ය පිළිබඳ සමරු කලාපය ජනාධිපතිතුමන් වෙත පිළිගන්වනු ලැබුවේ, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහාතා විසිනි. ඉන් අනතුරුව ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ සාමාජිකයින් වෙත එහි හැඳුනුම්පත් ලබා දීම සහ ගොවීන් වෙත බීජ බෙදා දිම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ. https://www.facebook.com/NewsfirstSL/videos/1905061896220726/
2018-04-08T07:36:50.000Z
උතුරේ තවත් ඉඩම් අක්කර 650ක් මුල් පදිංචිකරුවන්ට
උතුරේ තවත් ඉඩම් අක්කර 650ක් මුල් පදිංචිකරුවන්ට
COLOMBO (News 1st) : උතුරු පළාතේ යුද හමුදාව යටතේ පවතින ඉඩම් අක්කර 650ක් යළි මුල් අයිතිකරුවන්ට පවරාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි මහජනතාව වෙත ලබා දිය හැකි ඉඩම් පිළිබඳව ආරක්ෂක අංශ විසින් සලකා බැලීමක් කළ බවයි. 1990 වසරේ සිට රජයේ ආරක්ෂක හමුදා යටතේ පවතින උතුරු පළාතේ ඉඩම් අක්කර 650ක් පෞද්ගලික හිමිකරුවන්ට පැවරීමට තීරණය කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත අද වාර්තා කර තිබිණ. පලාලි අධිආරක්ෂිත කලාපයට අයත් වලිකාමම් උතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම් ඊට ඇතුළත් ය. ඊට අමතරව පේදුරු තුඩුවේ සිට කන්කසන්තුරේ දක්වා කිලෝ මීටර් 20ක මාර්ගය ද අප්‍රේල් 16 වන දා සිට උදෑසන 6 සිට සවස 6 දක්වා විවෘත කිරීමට නියමිතයි. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරිම්, හා හින්දු කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමීනාදන් මහතා උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන්නේ සංහිඳියාව වර්ධනය කිරිම වෙනුවෙන් මෙම තීරණයට එළැඹි බවයි. අමාත්‍යවරයා උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පෙන්වා දෙන්නේ එම ප්‍රදේශවල ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් එම තිරණවලට එළැඹීමට ආරක්ෂක අංශ ද සහය පළ කරන බවයි. දැනට ආරක්ෂක අංශ භාරයේ ඇති පලාලි අවට ඉඩම්වලින් අක්කර 683ක් මහජනතාව වෙත භාර දීමට සැලසුම් කර ඇති බව මේ පිළිබඳව නිවුස්ෆස්ට් කළ විමසීමකදී හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ ය. ඔහු කියා සිටියේ ලබන 16 වන දා යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත අදාළ ඉඩම් යළි භාර දෙන බවයි. මේ යටතේ තෙල්ලිපලෛ, මයිලෙට්ටි උතුර, තයියෙට්ටි නැගෙනහිර, මයිලෙට්ටිතුරෛ උතුර, යන ප්‍රදේශවල ඉඩම් මුදා හැරෙනු ඇති.
2018-04-08T06:22:57.000Z
මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවන් 12ක් ගල්කිස්සේදී STF දැලේ
මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවන් 12ක් STF දැලේ
COLOMBO (News 1st) : පොලිස් විශේෂ කාර්ය බලකාය ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ අද උදෑසන ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍ර‍ව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද අලුයම 4.00 සිට උදෑසන 09 දක්වා සෝදිසි මෙහෙයුම සිදු කළ බව පොලීසිය සඳහන් කළේ ය. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවෝ සිව් දෙනෙක් ද වෙති. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් තොගයක් කේරළ ගංජා ,නීති විරෝධි මත්පැන් ඇතුළු තවත් නඩු භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් 20 -50 වයස් අතර පසුවන එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෝ ය. මේ අතර සැකකරුවන් සන්තකයේ තිබි ජංගම දුරකථන 09 ක් , සිම් කාඩ්පත් 08 ක්, ඩිජිටල් කැමරාවක්, මුදල් රුපියල් 81, 240 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
2018-04-08T04:59:16.000Z
රියැදුරු බලපත‍් ලිඛිත පරීක්ෂණය අලුත් ක්‍රමයකට
රියැදුරු බලපත‍් ලිඛිත පරීක්ෂණය අලුත් ක්‍රමයකට
COLOMBO (News 1st) : රියැදුරු බලපත‍්‍රය ලබා ගැනීම සඳහා වන ලිඛිත පරීක්ෂණය ලබන මස සිට Online ක්‍රමයට පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රකාශ කළේ, ලිඛිත පරීක්ෂණයේදී සිදුවිය හැකි අක‍්‍රමිකතා වැළැක්වීම සහ ඉතා ඉක්මනින් විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීමට හැකිවීම යන කරුණු සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවයි. නව ක්‍රමය සම්බන්ධයෙන්, මූලික කටයුතු අධ්‍යනය කරමින් සිටින බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මෙහිදී අයැදුම්කරුවන් 150කට පමණ එකවර විභාගයට පෙනී සිටිය හැකි වේ. නව ක්‍රමවේදයේ මූලික අදියර මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ප්‍රධාන කාර්යාලයේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
2018-04-08T04:47:08.000Z
කෑගල්ලේ නිවසක නිධන් හැරූ කතක් ඇතුළු 3ක් අත්අඩංගුවට
නිවසක නිධන් හැරූ කතක් ඇතුළු 3ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : කෑගල්ල, කුරුඳුහින්න ප්‍රදේශයේ නිවසක නිධන් හාරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඒ අතර කාන්තාවක ද වන බවයි. සැකකරුවෝ කෑගල්ල උදුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. ඔවුන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
2018-04-08T03:43:25.000Z
මිහිලියා මෙත්සරණිට පළඟ අනුශූරතාවය
මිහිලියා මෙත්සරණිට පළඟ අනුශූරතාවය
COLOMBO (Newsfirst) - මිහිලියා මෙත්සරණි 21වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ස්කොෂ් කාන්තා කේවල පළඟ අනුශූරතාවය දිනා ගැනීමට සමත් වූවාය. එහි ස්කොෂ් කාන්තා කේවල පළඟ ශූරතාව වෙනුවෙන් අවසන් තරගයේදී මිහිලියා මෙත්සරනි තරග වැදුණේ බාර්බඩෝස්හී මේගන් බෙස්ට් සමගිනි. ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු වටය ලකුණු 6 ට 11 ක් ලෙස මිහිලියා පරාජයට පත් වූවත් එහි දෙවන වටය මිහිලියා ජය ගත්තේ ලකුණු 13 ට 11 ක් ලෙස ය. නමුත් බාර්බඩොස් හී මේගන් බෙස්ට් තුන්වන වටය ලකුණු 11 ට 8 ක් ලෙස ජය ගත්තා ය. තියුණු මුහුණුවරක් ගත් සිව්වන වටය ද බාර්බඩොස් හී මේගන් බෙස්ට් ලකුණු 12 ට 10 ක් ලෙස ජය ගැනීමට සමත් වූවාය. ඒ අනුව මිහිලියා මෙත්සරණිට පළග අනුශුරතාවය හිමිවිය. 21වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හිදී ය.
2018-04-07T20:35:27.000Z
පිටිගලදී බස් රථයක ගැටුණු යතුරු පැදිකරුවෙකු මරුට
පිටිගලදී බස් රථයක ගැටුණු යතුරු පැදිකරුවෙකු මරුට
COLOMBO (Newsfirst) - ඇල්පිටිය - පිටිගල මාර්ගයේ තල්ගස්පේ කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව ය. මියගිය පුද්ගලයා 34 හැවිරිදි නාරංඕවිට, පොරවගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
2018-04-07T23:46:02.000Z
අනූෂා කොඩිතුවක්කු බොක්සිං ඉතිහාසය වෙනස් කරයි
අනූෂා කොඩිතුවක්කු බොක්සිං ඉතිහාසය වෙනස් කරයි
COLOMBO (Newsfirst) - 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ අද පැවති කාන්තා බොක්සිං ඉසව්වකදී ශ්‍රී ලංකාවට තව ත් පදක්කමක් තහවුරු කිරීමට අනූෂා කොඩිතුවක්කු සමත් වූවා ය. අනූෂා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයට සහභාගි වෙමින් කේමන් දූපත් නියෝජනය කළ බාන් බ්‍රැන්ඩි ක්‍රීඩිකාව පරාජය කරමිනි. බොක්සිං තරගවල තුන්වන ස්ථානය සඳහා තරගයක් නොපැවැත්වීම හේතුවෙන් අවසන් පූර්ව වටයේදී පරාජය වෙන ක්‍රීඩකයින් හා ක්‍රීඩිකාවන්ට ලෝකඩ පදක්කම හිමිවෙයි. ඒ අනුව අනූෂා කොඩිතුවක්කු අවසන් පූර්ව වටයේදී පරාජය වුව ද ඇයට ලෝකඩ පදක්කම හිමිවනු ඇති. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ශ්‍රී ලංකාව බොක්සිං ක්‍රීඩාවෙන් හිමි කර ගන්නා පළමු පදක්කම ලෙස මෙය වාර්තා වේ. මේ අතර අනූෂා අවසන් පූර්ව වටයේදී ඉන්දියාවේ වෘත්තීය බොක්සිං ක්‍රීඩිකාවක් වන මේරි කොම්ට එරෙහිව තරග කරනු ඇති. 2016 වසරේ ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ද අනූෂාට මේරි කොම්ට එරෙහිව අවසන් තරගයේදී ක්‍රීඩා කිරීමට සිදු වූවත් මේරි කොම්ගේ නීති විරෝධී තරග රටාව හේතුවෙන් ඇයට පාදයේ ආබාධයකට ලක්වීම සිදුවිය. අනූෂා මෙම තරගාවලියට සහභාගි වූයේ වසරක පමණ කාලයක් එම ආබාධයට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුවයි.
2018-04-07T21:54:00.000Z
බ්‍රසීල හිටපු ජනපති ලුලාද සිල්වා පොලීසියට භාරවෙයි
බ්‍රසීල හිටපු ජනපති ලුලාද සිල්වා පොලීසියට භාරවෙයි
දූෂණ චෝදනා එල්ල වී සිටින බ්‍රසීල හිටපු ජනාධිපති ලුලාද සිල්වා පොලීසියට භාර වී තිබේ. ඒ, පොලීසියට භාර වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය කළ දැනුම්දීමට අනුවයි. දූෂණ චෝදනා රැසකට වරදකරු වූ ලුලාද සිල්වාට පසුගිය ජූලි මාසයේදී වසර 12 ක සිර දඬුවම් නියම විය. එහෙත් අභියාචනය සළකා බලන තුරු නිදැල්ලේ සිටීමට අධිකරණය ඔහුට අවසර දුන්නේය. අභියාචනය සළකා බැලෙන කාලසීමාවේදී ද ඔහු සිරගත කළ හැකි බව ප්‍රකාශයට පත් කරමින් පොලීසියට භාර වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 5 වැනි දා නියෝග කළේය.