date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-04-25T05:36:57.000Z
'ශ්‍රීලංකන්' වංචාවල සාක්ෂි විමසීම ඉදිරි සති දෙක තුළ
ශ්‍රීලංකන් වංචාවල සාක්ෂි විමසීම ඉදිරි සති දෙක තුළ
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සිදූ වූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතුවලට අදාළ තොරතුරු හා සාක්ෂි සටහන් කර ගැනීම ඉදිරි සති 2ක තුළදී ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා ඒ බව සඳහන් කළේ, ශ්‍රීලංකන් ගුවන් සමාගමට අනුබද්ධ වෘත්තීය සමිති සන්ධානය සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව ය. ශ්‍රීලංකන් ගුවන් සේවාව පිළිබඳ අන්තර්ජාතිකව පවතින පිළිගැනීම ආරක්ෂා කර ගනිමින් ගුණාත්මක සේවාවක් ලෙස එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා එහිදී පෙන්වාදී තිබේ. ශ්‍රීලංකන් ගුවන් සාමාගමට අනුබද්ධ වෘත්තීය සමිති 6 න් 5 ක් නියෝජනය කරමින් නියෝජිතයින් මෙම හමුවට එක් ව සිටියහ. ඔවුන් එහිදී සමාගමේ දැනට පවතින තත්ත්වය සහ මතුව ඇති ගැටලු විසඳා ගනිමින් සමාගමේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව ඔවුන් දිර්ඝ වශයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් කර ඇත. https://www.youtube.com/watch?v=uWV6JE00y0g
2018-04-25T04:58:06.000Z
සරත් කුමාර ගුණරත්න ඇතුළු 6 දෙනෙකුට මහාධිකරණයෙන් අධිචෝදනා
සරත් කුමාර ගුණරත්නට මහාධිකරණයෙන් අධිචෝදනා
COLOMBO (News 1st) - හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට අද කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා භාරදී තිබේ. විත්තිකරුවන්ට විදේශගත වීම වළක්වන නියෝගයක් නිකුත් කළ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා රුපියල් 25,000 බැගින් මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් නියම කළේ ය. නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත්තේ, හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති පියල් අබේසේකර, ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති උපාලි ලියනගේ, චන්දන පැල්පිට, උපුල් චමින්ද පෙරේරා කුමාරසිංහ සහ ලක්මින මුනිදාස යන විත්තිකරුවන් 6 දෙනාට එරෙහිවයි. ඒ, මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වෙන්කළ රුපියල් මිලියන 11 කට අධික මුදලක් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම ඇතුළු අධිචෝදනා හයක් යටතේ ය. 2014 වසරේ දෙසැම්බර් 30 වන දා මීගමුව නගර සභාවේ පැවති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන රැස්වීමක උත්සව කටයුතු සඳහා මෙම මුදල් වැයකර තිබුණි. අධිකරණය විසින් නිකුත් කරන ලද නොතීසි නියෝග අනූව එම විත්තිකරුවන් හය දෙනා අද මහාධිකරණය හමුවේ පෙනී සිටියහ. නඩුව ලබන ජුනි 4 වන දා යළි කැඳවීමට නියමිත වේ.
2018-04-25T04:39:18.000Z
වෙසක් සතියේ කොළඹ ආරක්ෂාවට පොලීසියෙන් 3000 ක්
වෙසක් සතියේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 3000 ක්
COLOMBO (News 1st) - වෙසක් සතිය වෙනුවෙන් කොළඹ නගරයේ ආරක්ෂාවට නිලධාරීන් 3000 ක් යොදවන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා වෙසක් සතියේ ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳ සඳහන් කළේ පොලිස් මූලස්ථානයේදී අද දහවල් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
2018-04-25T04:27:41.000Z
අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියෙන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ජය
ලීග් රග්බි තරගාවලියෙන් ශාන්ත තෝමස් විද්‍යාලයට ජය
COLOMBO (News 1st) - අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලය සමග පැවැති තරගය ජය ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමත්වී තිබේ. තරගය නිත්තවෙලදී පැවැත් විය. ආරම්භයේ සිටම උණුසුම් වූ තරගයේ පළමු අර්ධය නිමාවූයේ ලකුණූ 24 ට 15 ක් ලෙස ශාන්ත තෝමස් ක්‍රීඩකයින්ට පෙරමුණ හිමිකර දෙමිනි. ශාන්ත තෝමස් ක්‍රීඩකයින් එම ලකුණු 24 රැස් කළේ උත්සහක දිනුම් 4 ක් හා ප්‍රවර්ථන 2 ක් මගිනි. ප්‍රතිවාදී ශාන්ත අන්තෝනි ක්‍රීඩකයින් උත්සහක දිනුම් 3 ක් මගින් ඔවුන්ගේ ලකුණු 15 රැස් කළේ ය. තරගයේ දෙවන අර්ධයේදී අන්තෝනි ක්‍රීඩකයින්ගෙන් ප්‍රතිවාදී ශාන්ත තෝමස් ක්‍රීඩකයින්ට දැඩි අභියෝගයක් එල්ල වූවත් එය සාර්ථකව මැඩපවත්වමින් එම අර්ධයේදී උත්සහක දිනුමක් හා ප්‍රවර්ථනයක් මගින් තව ත් ලකුණූ 7 ක් රැස් කිරීමට තෝමස් ක්‍රීඩකයින් සමත් විණි. ශාන්ත අන්තෝනි ක්‍රීඩකයින් උත්සහක දිනුම් 2 ක් හා ප්‍රවර්ථන දෙකක් මගින් එම අර්ධයේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 14 කි. ඒ අනුව අවසන් ලකුණු සටහන දැක්වූයේ ලකුණු 31 ට 29 ක් ලෙස ගල්කිස්ස ශාන්ත තෝමස් ක්‍රීඩකයින්ට ජය හිමිකර දෙමිනි.
2018-04-25T03:11:44.000Z
කැලණිය සරසවිය ඉදිරිපිට පැවති සිසු උද්ඝෝෂණය අවසන්
කැලණිය සරසවිය ඉදිරිපිට පැවති සිසු උද්ඝෝෂණය අවසන්
COLOMBO (News 1st) - මාර්ගය අවහිර කරමින් කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති සිසු උද්ඝෝෂණය අවසන් කර තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබිණි. ඔවුන් පවසන්නේ, මිලිටරි බලය යොදාගෙන නිදහස් අධ්‍යාපනයට, නිදහස් සෞඛ්‍ය සේවයට බලපෑම් කිරීමට ඉදිරිපත් කර ඇති පනත වහා ඉවත් කර ගන්නා ලෙස ය. අද පෙරවරුවේ ආරම්භ කළ මෙම විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාව හේතුවෙන් මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ද හට ගත්තේ ය. ඒ, විරෝධතාවයේ නිරත වූ සිසුන් නුවර - කොළඹ මාර්ගය කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් අවහිර කිරීම හේතුවෙනි. මේ හේතුවෙන් පැයක පමණ කාලයක් නුවර දෙසට දැඩි රථ වාහන තදබදයක් ද පැවති බව අප වාර්තාකරු පැවසුවේ ය.
2018-04-25T02:18:02.000Z
සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය සඳහා වැඩම කරවන අග්‍රශ්‍රාවක මහරහත් ධාතූන් වහන්සේලා බානගල විහාරස්ථානය වෙත වැඩම කරවයි
අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා බානගල විහාරස්ථානය වෙත
COLOMBO (News 1st) - සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය සඳහා වැඩම කර වීමට නියමිත අග්‍රශ්‍රාවක මහරහත් ධාතූන් වහන්සේ මොරවක බානගල විහාරස්ථානය වෙත වැඩම කර වීම අද පෙරවරුවේ සිදු කෙරිණි. මරදාන මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන සැරියුත්, මුගලන් මහරහතුන් වහන්සේලාගේ ධාතූන් වහන්සේ අද පෙරවරුවේ බානගල විහාරස්ථානය වෙත වැඩම කර වූයේ ආගමික වතාවත්වලින් අනතුරුව ය. අද පස්වරුවේ විහාරස්ථානයට වැඩම කර වීමෙන් අනතුරුව දින 2ක් පුරා ප්‍රදේශයේ ජනතාවට ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව හිමිවේ. ධාතූන් වහන්සේ සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයට‍ වැඩම කරවන්නේ ඉන් අනතුරුව ය. සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය අප්‍රේල් මස 29, 30 සහ මැයි 1 වන දින කොළඹ සිරස ටී.වී. මූලස්ථාන පරිශ්‍රයේ පැවැත්වේ. https://www.youtube.com/watch?v=Tp8csyyeFRk
2018-04-25T01:04:19.000Z
සංජු පිළිබඳව ප්‍රේක්ෂකයින්ගේ දැඩි බලාපොරොත්තු
සංජු පිළිබඳව ප්‍රේක්ෂකයින්ගේ දැඩි බලාපොරොත්තු
(News 1st) - සංජු බොලිවුඩ් චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය නිකුත් වීමත් සමගින් ප්‍රේක්ෂකයින් ඒ සම්බන්ධයෙන් දැඩි බලාපොරොත්තුවෙන් පසුවේ. බොලිවුඩ් රංගන ශිල්පී සංජය දත්ගේ ජීවිත කතාව ඇසුරින් නිමැවුණ සංජු සිනමා පටයෙහි සංජය දත්ගේ චරිතය නිරූපණය කරන්නේ, බොලිවුඩ් නළු රන්බීර් කපූර් විසිනි. සංජු, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ රාජ්කුමාර් හිරානිගේ අධ්‍යක්ෂණයක්. https://www.youtube.com/watch?v=rRr1qiJRsXk
2018-04-25T00:42:15.000Z
හොරණ රබර් කර්මාන්ත ශාලාවේ කළමනාකරුට සහ රසායනාගාර පාලකවරියට ඇප අහිමි වෙයි
හොරණ රබර් කර්මාන්ත ශාලාවේ කළමනාකරු යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) - හොරණ, බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින එහි කළමනාකරු සහ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය ලබන 27 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, අද පෙරවරුවේ ඔවුන් හොරණ වැඩබලන මහේස්ත්‍රාත් චන්දන විජේසූරිය මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. අදාළ කර්මාන්ත ශාලාවේ පසුගිය 19 වන දා පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තවත් 15 දෙනෙකු සිහිසුන්ව හොරණ රෝහලට ඇතුළත් කෙරිණි.
2018-04-25T00:23:59.000Z
ඉන්දුනීසියාවේ බොරතෙල් ආකරයක හටගත් ගින්නකින් 10ක් මරුට
ඉන්දුනීසියාවේ බොරතෙල් ආකරයක ගින්නක්
(News 1st) - ඉන්දුනීසියාවේ බොරතෙල් ආකරයක හටගත් ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, අචේ පළාතේ පිහිටි නීති විරෝධී බොරතෙල් ආකරයක එම ගින්න හටගෙන ඇති අතර එහිදී තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා තිබේ. ආකරයෙන් බොරතෙල් වහනය වීමත් සමග නිවාස 3කට පමණ ගින්න පැතිරගොස් ඇති බව ද සඳහන් ය.
2018-04-24T23:06:11.000Z
කැනඩාවේ ටොරොන්ටෝහි පදිකයින් අතරට වෑන් රථයක් කඩාවැදීමෙන් මිය ගිය පිරිස අතර ශ්‍රී ලාංකික කාන්තාවක්
ලාංකික කාන්තාවකට මරු කැඳවූ කැනඩාහි සිදුවීම
COLOMBO (News 1st) - කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිකයින් පිරිසක් අතරට වෑන් රථයක් කඩාවැදීමෙන් මිය ගිය පුද්ගලයින් අතර ශ්‍රී ලාංකික කාන්තාවක ද සිටින බව අද අනාවරණය විය. කැනඩාවේ ටොරොන්ටෝ නුවර බෞද්ධ මහා විහාරවාසී පූජ්‍ය ලුණුගම්වෙහෙර රේවත හිමියන් සඳහන් කළේ, ඇය හොරණ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක බව ය. අදාළ කාන්තාව සිය 7 හැවිරිදි දරුවා සමග ටොරොන්ටෝ නුවර වාසය කළ බව උන්වහන්සේ සඳහන් කළේ ය. මිය ගිය කාන්තාවගේ දේහය ටොරොන්ටෝ නුවර බෞද්ධ මහා විහාරස්ථානයේ දායක සභාව විසින් භාර ගැනීමට සැලසුම් කර ඇතැයි ද උන්වහන්සේ පැවසුවේ ය. කැනඩාවේ ටොරොන්ටෝ නුවර පදිකයින් පිරිසක් අතරට වෑන් රථයක් කඩාවැදීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලැබුවේ, පෙරේදා රාත්‍රියේ ය. සිද්ධිය සම්බන්ධයෙන් ඇලෙක් මිනැසියන් නම් 25 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිණි. ඔහු පුද්ගල ඝාතන 10ක් සම්බන්ධයෙන් සහ පුද්ගල ඝාතනයට තැත් කිරීම් 13ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවෙකි.
2018-04-24T22:21:15.000Z
එ.ජා.ප. දේශපාලන මණ්ඩලය අද යළි රැස්වෙයි
එ.ජා.ප. දේශපාලන මණ්ඩලය අද යළි රැස්වෙයි
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ ප්‍ර‍තිසංවිධානය සඳහා පත් කළ දේශපාලන මණ්ඩලය අද පස්වරුවේ යළි රැස්වේ. ඒ, අරලියගහ මන්දිරයේදී ය. පක්ෂයේ තනතුරු පත් කිරීම සම්බන්ධයෙන් අද රැස්වන දේශපාලන මණ්ඩලයේදී අවසන් තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ ය. ඊයේ පස්වරුවේ ද එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලය රැස්වී පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළේ ය.
2018-04-24T22:07:56.000Z
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට
(News 1st) - ඉරානය සහ අමෙරිකාව අතර ඉහළ යමින් පවතින දේශපාලන උණුසුම සහ මැද පෙරදිග උණුසුම් දේශපාලන වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල වාර්තාගත මට්ටමින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 75කට අධික ය. වසර 3කට පසුව තෙල් මිල මෙතරම් ඉහළ ගිය පළමු වතාව ද මෙය වේ. අවසන් වරට බොරතෙල් මිල මෙතරම් ඉහළ ගියේ, 2015 මාර්තු මාසයේදී ය. පසුගිය දින 6 මුළුල්ලේ තෙල් මිල ක්‍රමයෙන් ඉහළ යමින් පැවති අතර මේ වසර මුලදී පැවති පහළ මට්ටමේ තෙල් මිලට සාපේක්ෂව මේ වන විට මිල 20% කින් ඉහළ ගොස් තිබේ. දෙපාර්ශවය අතර ගැටුම් උණුසුම ඉහළ යාමත් සමග අමෙරිකාව ඉරානයේ ඛනිජ තෙල්වලට එරෙහිව යළිත් වරක් සම්බාධක පැණවීමට ඉඩ ඇති බවට පළවන බිය තෙල් මිල එතරම් ඉහළ යාමට ප්‍රධානම හේතුව යි.
2018-04-24T20:46:21.000Z
හමුදාව භාරයේ පැවති උතුරු පළාතේ ඉඩම්වලින් 80%ක් මුල් පදිංචිකරුවන්ට
උතුරු පළාතේ ඉඩම්වලින් 80%ක් මුල් පදිංචිකරුවන්ට
COLOMBO (News 1st) - උතුරු පළාතේ හමුදාව භාරයේ පැවති ඉඩම්වලින් 80%ක් මුල් පදිංචිකරුවන්ට ලබා දී ඇතැයි රජය පවසයි. හමුදා මාධ්‍ය ප්‍ර‍කාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, මේ වන විට ඉඩම් අක්කර 56000ක් මුල් පදිංචිකරුවන්ට ලබා දී ඇති බව ය. නිදහස් කළ හැකි අනෙක් ඉඩම් සම්බන්ධයෙන් අධ්‍යයනයක් ආරම්භ කර ඇතැයි ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
2018-04-24T20:23:05.000Z
ශ්‍රී.ල.නි.ප. ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තීන්දු තීරණ රැසක්
ශ්‍රීලනිප ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීන්දු රැසක්
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ රැස්වූ මධ්‍යම කාරක සභාව තීන්දු තීරණ රැසක් ගෙන තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ජනපති නිල නිවසේදී රැස්වුණේ ඊයේ රාත්‍රී 8.00ට පමණ ය. රාත්‍රී 10.30 පමණ වන තෙක් පැවති සාකච්ඡාවේදී ගත් තීන්දු තීරණ පිළිබඳව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට මැති ඇමතිවරුන් කිහිප දෙනෙක් අදහස් පළ කළහ. එහිදී අදහස් දැක්වූ රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය පැවසුවේ, ආණ්ඩුව සාර්ථකව ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා වූ බව ය. මේ අතර මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පැවසුවේ, මෙම හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළිය පිළිබඳව සාකච්ඡා වූ බව ය. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළිය ලබන 7 වන දා මඩකලපුවේදී පැවැත්වීමට මෙහිදී තීරණය වූ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පැවසුවේ ය.
2018-04-24T20:00:56.000Z
අ.ඩො. සාපේක්ෂව රුපියලේ අගය පහළ යාම නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීම්
රුපියලේ අගය පහළ යාම: භාණ්ඩ රැසක මිල වැඩි වන ලකුණු
COLOMBO (News 1st) - අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ යාමෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු අපනයන භාණ්ඩ රැසක මිල ඉහළ යා හැකි බව ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති. ඒ අනුව ගෑස්, කිරිපිටි, පරිප්පු ඇතුළු භාණ්ඩ රැසක මිල ඉහළ යා හැකි බව වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සීල මහතා සඳහන් කළේ ය. ආචාර්ය අමින්ද මෙත්සීල මහතා පෙන්වා දෙන්නේ, පවතින තත්ත්වය අනුව භාණ්ඩ ආනයනය කිරීමේදී දෙගුණයක ගාස්තු ගෙවීමට සිදුවන බව ය. මේ හේතුවෙන් මෙරටට ආනයනය කරන භාණ්ඩවල මිලෙහි වැඩි වීමක් ද සිදු විය හැකි බව ඒ මහතා පෙන්වා දෙයි. කෙසේ වෙතත් යම් කිසි හේතුවක් මත මෙලෙස ආනයනය කරන භාණ්ඩවල මිලෙහි වැඩි කිරීමක් රජය විසින් සිදු නොකර සිටියහොත් එමගින් රජයට විශාල පාඩුවක් දැරීමට ද සිදුවෙයි. රුපියලේ අගය පහළ යාම මෙරට ණය සඳහා ඇති කරන බලපෑම කෙබදු විය හැකි ද ? මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පැවසුවේ, මෙලෙස රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් විදේශ ණය ගෙවීම්වලදී වැඩි මුදල් ප්‍රමාණයක් ගෙවීමට සිදුවන බව ය. ඊයේ දිනය වන විට ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සටහන් වුණේ, රුපියල් 158.69ක් ලෙස ය.
2018-04-24T11:37:16.000Z
නන්දන ලොකුවිතානගේ දුරකතන සංවාදයක් සහිත වීඩියෝවක් අසාද් සාලි මාධ්‍යට නිකුත් කරයි
නන්දන ලොකුවිතානගේ දුරකතන සංවාදය
COLOMBO (News 1st) - ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා අද මාධ්‍ය හමුවක් කැඳවා වීඩියෝ දර්ශන පෙළක් ප්‍රදර්ශනය කරමින් අනාවරණයක් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1923810761012506/
2018-04-24T11:17:46.000Z
තෙල් සංස්ථාවේ දිනක පාඩුව රුපියල් මිලියන 39 ක්
තෙල් සංස්ථාවේ දිනක පාඩුව රුපියල් මිලියන 39 ක්
COLOMBO (Newsfirst) - කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත්ව ස්වයංක්‍රියව ඉන්ධන හා විදුලිය මිල ගණන් තීරණය වන ක්‍රමවේදයක් සකසන්න මූල්‍ය අරමුදල පසුගිය අගෝස්තුවල උපදෙස් දුන්නේය. ඔවුන් මාර්තු දක්වා කල් දී තිබුණි. නමුත් දැන් එම කාලය අවසන් වුවත් අන්තිමට ප්‍රකාශ වූයේ නිලධාරී මට්ටමේ එකඟතාවලට අනුව ජුනි මාසය අවසන් වනවිට මේ පිළිබඳ විසඳුමකට පැමිණෙන බව ය. මේ අතර වර්තමානය වනවිට තෙල් සංස්ථාවේ දෛනික පාඩුව රුපියල් මිලියන 39 කි. https://www.facebook.com/NewsfirstSL/videos/1923908411002741/
2018-04-24T11:08:53.000Z
අලුත්ම සන්ධානයක් ගැනයි මේ අනාවරණය
අලුත්ම සන්ධානයක් ගැනයි මේ අනාවරණය
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මරදාන, සුදුවැල්ල ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකට සහභාගී වූ බව අද ජාතික පුවත්පත් බොහොමයක් ප්‍රමුඛ ස්ථානයක්දී වාර්තා කර තිබුණි. කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතා මේ උත්සවය සංවිධානය කර තිබූ අතර ඔහු අගමැතිවරයා සමීපයේම සිටිමින් ඔවු නොවුන් තෑගි භෝග ද හුවමාරු කරගන්නා අයුරු පුවත්පත් වාර්තාකර තිබුණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසභංග යෝජනාව ජයගෙන පසුගිය 04 වන දා රාත්‍රියේ කොළඹ, ගංගාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ ද ඔහු සමීපයේම සිටියේ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතායි. ඊට පසුදින පහන්වන විට කොළඹ නගරය පුරා අගමැතිවරයාට සුබපතා දැවැන්ත පුවරු විශාල ප්‍රමාණයක් සවිකිරීමට ද මේ නාගරික මන්ත්‍රීවරයා පියවර ගෙන තිබුණි. කිත්සිරි රාජපක්ෂ නාගරික මන්ත්‍රීවරයා ද වරක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ද අත්අඩංගුවට පත් වූ අයෙකි. https://www.youtube.com/watch?v=wOhwLAzYWfo
2018-04-24T10:31:40.000Z
කොළඹ තදබදයට පිළියම් සොයා ඉදිවන නව කැලණි පාලම‍
කොළඹ තදබදයට පිළියම් සොයා ඉදිවන නව කැලණි පාලම‍
COLOMBO (News 1st) - කැලණි පාලමෙන් කොළඹට ඇතුළුවන හා පිටවන වාහනවලට කාර්ය බහුල වේලාවලදී දැඩි තදබදයකට මුහුණදීමට සිදු වනු ඇත. ඊට විසඳුම් ලෙස ආරම්භ කළ කිලෝමීටර් 3 ක පමණ දිගකින් යුක්ත නව කැලණි පාලම ව්‍යාපෘතිය මෙරට ප්‍රථම අති නවීන එල්ලෙන පාලම් ව්‍යාපෘතියයි. අවශ්‍ය හුවමාරු මධ්‍යස්ථාන හා ප්‍රවේශ මාර්ග සහිත මංතීරු 6 කින් සමන්විත මෙම පාලම කැලණි ගඟ හරහා ඉඳි වනු ඇත. ඒ සඳහා ජපන් සහයෝගීතා ආයතනයේ ණය ආධාර මත වැය කෙරෙන මුදල ජපන් යෙන් මිලියන 35020ක් වනු ඇති. මේ සඳහා රජය අත් කරගෙන ඇති මුළු භූමිය හෙක්ටයාර 12.9 ක් වන අතර නව පාලම ක්‍රියාකරනුයේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය හා කුළුණු මත ඉදිවන මාර්ග ව්‍යාපෘතිවල සම්බන්ධක පාලම ලෙසිනි. මෙහි ඉදිකිරීම් 2020 වසරේදී අවසන් කිරීමට නියමිතව තිබේ. https://www.youtube.com/watch?v=uE-U8pe9vRk
2018-04-24T10:51:35.000Z
රනිල්ගේ සමීපතම තානාපතිවරුන් උදංග වීරතුංග සහ අර්ජුන මහේන්ද්‍රන් යළි ගෙන්වා ගැනීමට සහය වෙයි ද?
උදංග සහ මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට හැකි වේද?
COLOMBO (News 1st) - බරපතළ වංචා දූෂණ සම්බන්ධයෙන් මෙරට අධිකරණවල විභාගවන නඩු සඳහා අත්‍යවශ්‍යව ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ හිටපු තානාපති උදයංග වීරතුංග යන මහත්වරුන් යළි ගෙන්වා ගැනීමට තවමත් නොහැකිවී තිබේ. ඔවුන් දෙදෙනාටම ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කර ඇති අතර වීරතුංග මහතා මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය අත්අඩංගුවට ගෙන රඳවා සිටි. රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වා ගැනීමට ඉල්ලීම් කර ඇතත් එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැමැත්ත මත තීරණය වන්නක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේ ප්‍රකාශ කළේ ය. පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ ඔහු අත්අඩංගුවට ගත් කරුණට අදාළව එරට තුළ නීතිමය පියවර ගතහොත් ශ්‍රී ලංකාවට ඒ සඳහා බලපෑමක් කළ නොහැකි බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වඩා වෙනස් තත්ත්වයක් සිංගප්පූරුවේ ඇති බැවින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඉදිරි දින කිහිපයේ අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය විශ්වාසය පළ කළේ ය. මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් අධිකරණයේ සිදුවන නඩු විභාගයේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස නම්කර සිටින උදයංග වීරතුංග මහතා පසුගිය මාර්තු 26 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අත්අඩංගුවට ගනු ලැබිණි. අප කළ විමසීම්වලදී අනාවරණය වූයේ වීරතුංග මහතා පිටුවහල් කරන්නැයි ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට උදර්පනය කිරීම සඳහා වන ඉල්ලීමක් ඉදිරිපත් කරන්නැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් දන්වා ඇති බවයි. දෙරට අතර උදර්පන ගිවිසුමකට 2009 වසරේ අත්සන්කර ඇතත් තවමත් එය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ අනුමත කර නොතිබීම නිසා මෙම ක්‍රියාවළියට බාධා මතුව ඇත. රජයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ, උදර්පන ගිවිසුම නොමැති වුවද එක්සත් ජාතීන්ගේ දූෂණ වැළැක්වීමේ ප්‍රඥප්තිය යටතේ වුව ද උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වා ගැනීමට උත්සාහ කළ හැකි බවයි. ඒ සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදුවන නීතිමය ක්‍රියාවළියේදී පැහැදිලිව කරුණු දැක්වීමට සිදු ව තිබේ. එහිදී එරට සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා සුවිශේෂී කාර්යය භාරයක් ඉටුකළ යුතු වුවත් තානාපති සුලෙයිමාන් ජිෆ්රි මොහිදීන් මහතාගෙන් ඊට ප්‍රමාණවත් සහයක් නොලැබෙන බව පරීක්ෂණ කණ්ඩායම් පවසා ඇත. රුපියල් මිලියන 12 ක පමණ මුදලක් වැය කර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික නීතිඥවරුන්ගේ සහය ලබා ගැනීමට සිදුව ඇත්තේ තානාපති සහය ප්‍රමාණවත්ව නොලැබීමේ ප්‍රතිඵලයක් ලෙසයි. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව තානාපති ධූරයට පත්කළ සුලෙයිමාන් ජිෆ්රි මොහිදීන් මහතා කලක් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකි. සිංගප්පූරු ජාතිකයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව ඇත්තේ මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනුකළ නඩුවට අදාළවයි. ඔහු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගැනීම සඳහා දැනටමත් සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර උදර්පන ගිවිසුමක් නීතිගතව ඇති අතරම එය නොමැති වුවත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් නිසා පහසුවෙන් මෙම ක්‍රියාවළිය සිදුකළ හැකි බව නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පෙන්වා දේ. නමුත් මහේන්ද්‍රන් මහතා සොයා ගැනීම, අත්අඩංගුවට ගැනීම හා යළි ගෙන්වා ගැනීමේ ක්‍රියාවළිය පහසුවෙන් සිදු කර ගැනීම සඳහා සිංගප්පූරුවේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. මේ වනවිට එහි මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන නීතිඥ නිමල් වීරරත්න මහතා ද කෙටි කලක් එක්සත් ජාතික පක්ෂයේ භාණ්ඩාගාරික තනතුරක් දැරූ අයෙකි. මහ බැංකුවේ අධිපතිධූරය අහිමිවීමෙන් පසුව පසුගිය 2016 වසරේ පස් අවුරුදු සැලැස්මේ ප්‍රධානියා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා අගමැතිවරයා සමග සිංගප්පූරුවේ කළ සංචාරය සම්බන්ධීකරණය කළේ ද නිමල් වීරරත්න මහතා ය. ඔහු වාර්නස් නමැති නීතිඥ සමාගමේ ප්‍රධාන හවුල්කරුවෙකි. සමාගමේ නිල වෙබ් අඩවියට අනුව මහින්ද හරදාස මහතා එහි තව ත් ප්‍රධාන හවුල්කරුවෙකි. මහින්ද හරදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු වන අතර ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ද කටයුතු කළේ ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හා සිංගප්පූරුවේ තානාපතිවරුන් ලෙස කටයුතු කරන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයින් උදංග වීරතුංග හා අර්ජුන් මහේන්ද්‍රන් යළි ගෙන්වා ගැනීමට සහය වෙයි ද? ඔවුන්ගේ ප්‍රමාණවත් සහයක් නොමැතිව සැකකරුවන් ගෙන්වා ගැනීමට හැකිවෙයි ද? https://www.facebook.com/NewsfirstSL/videos/1923940050999577/
2018-04-24T09:21:55.000Z
එජාපයේ තනතුරු වලට පුද්ගලයින් ඡන්දයකින් පත් වෙයි ද?
එජාපයේ තනතුරු වලට පුද්ගලයින් ඡන්දයකින් පත් වෙයි ද?
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුව අද අරලියගහ මන්දිරයේදී රැස්විය. මෙම කමිටුව සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විතයි. පිටතින් එල්ලවන විරෝධතා නොතකා කමිටුව ඉදිරියේ අග්‍රාමාත්‍යවරයා ද අසුන් ගත්තේය. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ, පක්ෂය තුළ යාවජීව නායකත්වයක්, යාවජීව නියෝජ්‍ය නායකත්වයක් හෝ යාවජීව උපනායකත්වයක් තිබිය නොහැකි බව ය. එම තනතුරු ඡන්දයෙන් තෝරා පත් කර ගත යුතු බවට ඔහු යෝජනා කළේය. මෙහිදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වමින් නියෝජ්‍ය නායක ධුරය සඳහා ඕනෑම අවස්ථාවක තමා ඡන්දයට මුහුණ දීමට සූදානම් බව කියා සිටියේය. එම තනතුරු සඳහා ඡන්දයක් නොපැවැත්විය යුතු බවට ඇතැම් අමාත්‍යවරුන් ප්‍රකාශ කළේය. නායකත්වය සඳහා ඡන්දයක් පැවැත්වීමක් හෝ ඒ සඳහා තරග කිරීමට කිසිවෙකු ඉදිරිපත් වීමක් සිදු නොවන බව අවබෝධ කර ගනිමින් අනියමින් නායකත්වය ආරක්ෂා කිරීම සඳහා අජිත් පී. පෙරේරා අදාළ යෝජනාවට සිදු කළේදැයි පක්ෂ සාමාජිකයින් අතර සැක මතුව තිබේ.
2018-04-24T09:11:55.000Z
රැකියා ඉල්ලා උපාධිධාරීන් ජනපති කාර්යාලයට
රැකියා ඉල්ලා උපාධිධාරීන් ජනපති කාර්යාලයට
COLOMBO (News 1st) - රැකියා විරහිත උපාධිධාරී සංගම අද කොළඹදී විරෝධතාවක තිරත විය. ඒ, රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදෙන්නැයි ඉල්ලමිනි. කොළඹ කොටුවෙන් ඇරඹි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කර ඇත. කොළඹ ලෝටස් පාර ප්‍රදේශයෙන් තාවකාලිකව මාර්ගය අවහිර කිරීමට පොලීසිය කටයුතු කර තිබේ. අනතුරුව සකච්ජාවක් සඳහා 05 දෙනකුට ජනාධිපතිලේකම් කාර්යාලය වෙත යාමට අවස්ථාව හිමි විණි. https://www.facebook.com/NewsfirstSL/videos/1923916071001975/
2018-04-24T10:42:35.000Z
කැබිනට් රැස්වීමේදී තීන්දු තීරණ ගත්තේ ජනතා ප්‍රශ්න විසඳීමට ද?
කැබිනට් රැස්වීමේ තීරණ ගත්තේ ජනතා ප්‍රශ්න විසඳීමටද?
COLOMBO (News 1st) - කැබිනට් මණ්ඩලය අද දිනයේ රැස් විය. රැස්වීම අවසන්වී පිටතට පැමිණි ඇමතිවරුන් කියා සිටියේ ජනතා ප්‍රශ්න රැසක් විසඳීම සඳහා තීන්දු තීරණ ගත් බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/1923860864340829/
2018-04-24T08:44:41.000Z
සිසුවෙකු අපයෝජනය කළ බවට සැකපිට බදුල්ලේ ගුරුවරියක් අත්අඩංගුවට
සිසුවෙකු අපයෝජනය කළ ගුරුවරිය අත්අඩංගුවට
COLOMBO (News 1st) - හාලිඇළ ප්‍රධාන පාසලක සිසුවෙකු අපයෝජනයට ලක් කළා යැයි සැක කෙරෙන ගුරුවරියක අද බදුල්ලේදී අත්අඩංගුවට ගෙන බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. 2017 වසරේ ජූනි මස සිදුවූවායැයි සැක කෙරෙන මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි ලැබී ඇත්තේ 2017 වසරේ නොවැම්බර් මාසයේදී ය. මේ වනවිට පාසල් සිසුවා සහ ගුරුවරිය මානසික රෝගයකින් පෙළෙන්නේ ද යන්න පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක වේ. සිසුවාගේ දෙමව්පියන් චෝදනා කරන්නේ, වයස අවුරුදු 50 වයසැති සැකකාර ගුරුවරිය පාසලේ පැවති උත්සව අවස්ථාවකදී වයස අවුරුදු 15 ක් වයසැති තම පිරිමි දරුවා අපයෝජනය කළ බව ය. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකාර පාසල් ගුරුවරිය මේ වනවිට රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත නිදහස් කර ඇත. මීළඟ නඩු දිනය මැයි මස 04 වන දා කැඳවීමට නියමිත වේ. https://www.facebook.com/NewsfirstSL/videos/1923701147690134/
2018-04-24T07:10:33.000Z
කසළ තේ තොගයක් සමග සිව්දෙනෙකු STF භාරයට
කසළ තේ තොගයක් සමග සිව්දෙනෙකු STF භාරයට
COLOMBO (News 1st) - ජාඇල ප්‍රදේශයේදී කළ සෝදිසි මෙහෙයුමකදී කසළ තේ ලොරි 2 ක් පොලිස් විශේෂකාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ, ලොරි රථ දෙකේ සිටි පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. කසළ තේ කිලෝග්‍රෑම් 17,000 ක් ලොරි රථ දෙකේ තිබී සොයා ගෙන ඇත.
2018-04-24T07:39:00.000Z
හැරී - මෙගන් රාජකීය විවාහ උත්සවයට බ්‍රිතාන්‍ය සමාගමකින් මැටි භාණ්ඩ
රාජකීය විවාහයට බ්‍රිතාන්‍ය සමාගමකින් මැටි භාණ්ඩ
COLOMBO (News 1st) - බ්‍රිතාන්‍ය මැටි භාණ්ඩ නිෂ්පාදන සමාගමක් හැරී කුමරු සහ මෙගන් මර්කල් යුවළගේ රාජකීය විවාහ මංගලෝත්සවය වෙනුවෙන් බඳුන් නිෂ්පාදනය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සැමරුම් අවස්ථා වෙනුවෙන් භාණ්ඩ නිෂ්පාදනයේ නිරත එම සමාගම විලියම් කුමරුගේ විවාහ මංගලෝත්සවය මෙන් ම බ්‍රිතාන්‍ය රජ පවුලේ විවිධ විශේෂ අවස්ථා සනිටුහන් කිරීම නිමිතිකරගනිමින් භාණ්ඩ නිෂ්පාදනයේ නිරතව සිටි බවයි. හැරී කුමරු සහ මෙගන් මර්කල් යුවළ ලබන 19 වැනි දින යුග දිවියට එලඹීමට නියමිත වේ.
2018-04-24T00:01:00.000Z
Online ක්‍ර‍මයට ප්‍ර‍තිඵල ලේඛන සනාථ කිරීම අද සිට
Online ක්‍ර‍මයට ප්‍ර‍තිඵල ලේඛන සනාථ කිරීම අද සිට
COLOMBO (News 1st) – ඔන්ලයින් ක්‍ර‍මයට ප්‍ර‍තිඵල ලේඛන සනාථ කිරීමේ ක්‍ර‍මවේදය අද සිට ක්‍රියාත්මක බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, සියලු ම කලාප අධ්‍යාපන කාර්යාලවලට මෙම පහසුකම අද සිට ලබා දෙන බව ය. මෙමගින් සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ගුරු විද්‍යාල ප්‍රවේශය යන විභාගවල ප්‍ර‍තිඵල ලේඛන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මගින් සනාථ කිරීම සිදු කෙරෙන බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ අනුව සිසුන්ට කලාප අධ්‍යාපන කාර්යාල වෙත ගොස් සිය ප්‍රතිඵල ලේඛන එහිදී සනාථ කරගෙන ලබා ගැනීමේ හැකියාව පවතී.
2018-04-23T23:58:38.000Z
කාන්තා ව්‍යවසායකයින් බල ගැන්වීමට අ. ඩොලර් මිලියන 12.6ක්
කාන්තා ව්‍යවසායකයින් බල ගැන්වීමට අ. ඩොලර් මිලියන 1
මෙරට කාන්තා ව්‍යවසායකයින් බල ගැන්වීම සඳහා කාන්තා ව්‍යවසාකයින්ගේ මූල්‍යමය ක්‍රියාන්විතය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 12.6ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුව වෙත ලබා දී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ආසියානු සංවර්ධන බැංකුව පවසන්නේ, 2018 සිට 2020 දක්වා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ කාන්තාවන්ට වඩා වැඩි අවස්ථා ළඟා කර දීම වෙනුවෙන් මෙම මූල්‍යමය දායකත්වය ලබා දී ඇති බවයි. අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙරට ආර්ථික වර්ධනයට සහ රැකියා අවස්ථා නිර්මාණයට වැදගත් වන කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් සඳහා ආසියානු සංවර්ධන බැංකුව ආධාර සපයන බවයි. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය අංශයේ විශේෂඥ අමන්දා ටැන්ට අනුව කාන්තා ව්‍යවසාකයින්ගේ මූල්‍යමය ක්‍රියාන්විතය, ආසියානු සංවර්ධන බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ ණය ව්‍යාපෘතිය හරහා කාන්තා ව්‍යවසායකයින් වෙනුවෙන් වඩා යහපත් පරිසරයක් ගොඩ නැංවීම සහ කාන්තාවන්ගේ කුසලතා ශක්තිමත් කිරීම මෙන්ම කාන්තාවගේ ශක්‍යතාව සාර්ථක ව්‍යාපාරයක් සඳහා යොමු කිරීමට සහය වනු ඇති බවයි. කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා සහ ව්‍යවසායකත්වයට මූල්‍යමය දායකත්වයක් ලබා දීම තුළින් තුළින් මෙරට පූර්ණ වර්ධනයක් සඳහා පවතින බාධාවන් අවම කිරීම මෙම අරමුදල ලබා දීමේ අරමුණකි.
2018-04-24T06:00:06.000Z
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා ගැන ඇමති රංජන්ගෙන් හෙළිදරව්වක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන රංජන් කළ හෙළිදරව්ව
COLOMBO (News 1st) - නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇති දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් පළ කළේ ය. සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය, රංජන් රාමනායක, තිලංග සුමතිපාල මහත්තයට කිසිම අයිතියක් නැහැ මේ ඇක්ට් එක අනුව තිලංග සුමතිපාල ගරු සභාපති වරයට ක්‍රිකට් ආයතනයේ මුල් පුටුව හොබවන්නට කියන එක බොහොම පැහැදිලිව මං කියනවා. අපිත් දන්නවා ලක්බිම අයිති තිලංග සුමතිපාල මහත්තයට එතකොට එතුමට මේක දරන්න බැහැ පළවෙනි මේ නීතිය අනුව එක. දෙවැනි එක මෙකක්ද නාමයෝජනා ඉදිරිපත් කිරීමට පෙර වසර හතරක කාල සීමාව තුළදී එම ක්‍රීඩාවට අදාළ ක්‍රීඩා භාණ්ඩ ක්‍රීඩා ආම්පන්න හෝ වෙනත් ආයිත්තම් හෝ උපකරණ අදාළ ජාතික ක්‍රීඩා සංගමයට අළෙවි කිරීම හෝ සැපයීම යෙදී ඇත්නම් හෝ ක්‍රීඩාවට සම්බන්ධ පුහුණු වැඩසටහන පාසල් පැවැත්වීම හෝ ක්‍රීඩාව සම්බන්ධ සේවා සැපයීමේ යෙදී ඇත්නම්, දැන් මෙතුමා මෙකක්ද ස්පෝර්ට්ස් ඔබ තුමා දන්නවා සුමති ස්පෝර්ට්ස් නේ ආනයනය කරනවා. අන්තිම චෝදනාව භායානකම චෝදනාව මොකක්ද මේ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස පුටුවේ ඉඳගන්න මහත්තයා, ඔට්ටු ඇල්ලීමේ, සූදූ ක්‍රීඩාවේ හෝ පරුදු තැබීමේ ව්‍යාපාරයට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වී ඇත්නම්. එතුමාගේ සූදූ ව්‍යාපාරයක් තියනවද කියලා මම මාධ්‍යවේදීන්ගෙන් අහනවා. අයි සීසී ඇන්ටි කරප්ෂන් එකෙන් අපිට චෝදනා කලා. චෝදනා කරලා ඒක මහත්වරු ඇවිල්ලා ඇල්ක්ස් මාෂල් මහත්තයා ස්ටීව් මහත්තයා මාවත් හම්බවුනා. මං දන්න දේවල් සේරම කිව්වා. ඉතින් මේ ගැන අහපුවම මධ්‍යවේදීන් ක්‍රිකට් ආයතනයේ සභාපතිතුමා කිව්වා එහෙම චෝදනාවකුත් නැහැ එහෙම පරීක්ෂණයකුත් නැහැ කියලා. ඊට පස්සේ ඇන්ටි කරප්ෂන් එක මෙහෙට නිවේදනයක් එවලා කිව්වා ඒක එහෙම එකක් නෙමෙයි. තාම ඉන්වෙස්ටිගේෂන් කරනවා එහෙම චෝදනාවක් තියෙනවා කියලා. එහෙම නැත්නම් ඒ මහත්වරු ගිය සුමානේ මෙහේ එන්නේ නැහැනේ. එතකොට එතනත් වංචාව. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, රංජන් - නිදහස් කුසලානයේ වියදම් මේකට පහුගිය ටිකේ හිරු නාලිකාව හොඳටම තිලංග මහත්තයාට බැන බැන හිටියා. නමුත් ඒ අයට ලක්කෂ 20 ක් ඇඩ් දුන්න හින්දා හිරු නාළිකාවත් ඒක නැවැත්තුවා. ඕනේනම් හිරු නාළිකාව ඉන්නවා එගෝල්ලෝ මට දරුණු විදිහට පහර දෙන අය මෙච්චර කල් නරක් වුනු තිලංග මහත්තයා නිදහස් ට්‍රොපි එකේ ඇඩ් එක හම්බවුනායින් පස්සේ කොහොමද දන්නේ නැහැ හොඳ වුනේ. එකේ බිල් ටික සේරම මේකේ තියෙනවා. මෙන්න මාධ්‍යවේදීන් ක්‍රීකට් බෝර්ඩ් එකෙන් රට ගිය හැටි සහ මේ මුදල් ගත්ත හැටි මේකට මම විරුද්ධ නෑ අවංකව කියන්න ඕනේ මේ මාධ්‍යවේදීන් නොවන අයත් මාධ්‍යවේදීනියන් වගේ මූනදාගෙන ෆොටෝ ජර්නලිස්ට් කොනෙක් විදියට පහුගිය ටිකේ ගිහිල්ලා තියෙනවා දන්නවදා දන්නේ නෑ. ලංකාවේ ක්‍රීකට් විශ්වවිද්‍යාලයකට සුවාමින් වහන්සේ කෙනෙක්ට ගරුතර මහා සංඝරත්නයේ ස්වාමින් වහන්සේ කෙමෙක්ට අපේ තිලංග සුමතිපාල මහත්තයක් ලක්ෂ 25 ක් දීලා තියෙනවා. නෑ සොරි මිලියන 25 දීලා තියෙනවා. ඉඩම කොහෙද ක්‍රීකට් විශ්වවිද්‍යාලය හැදුවද මුකුත් තාම දන්නේ නෑ. ක්‍රිකට් පොතක් ගහලා තියනවා එක ක්‍රිකට් පොතක් ලක්ෂ 26 අනිත් එක ලක්ෂ 10යි. මේ ලක්ෂ 12 හේ එක මේ ලක්ෂ 12හේ පොත මේක. ශ්‍රී ලංකා ක්‍රීකට් විසින් වකුගඩු ව්‍යාපෘති සහ මුදල් එක්රැස් ලැබුවා. ඒ මුදල් කොහෙද? ශ්‍රී ලංකා ක්‍රීකට්හි සේවය කළ විධායක ශ්‍රේණියේ මෙන්න ලිංගික අල්ලසුත් අරන් තියෙනවා. ඉන්ෂුවරන්ස් මගඩියක් තියෙනවා. විධායක නිලධාරීන්ට ලක්ෂ 100 තව කියක් හරි තියෙනවා ද දන්නව ද https://www.youtube.com/watch?v=UWiz_tgBoZg
2018-04-23T23:54:50.000Z
පාර්ලිමේන්තු වාර අවසන් කිරීම නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට බලපෑමක් නැහැ – පාර්ලිමේන්තු මහ ලේකම් කියයි
නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට බලපෑමක් නැහැ
COLOMBO (News 1st) – පාර්ලිමේන්තු වාර අවසන් කළ ද නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාමට කිසිදු බලපෑමක් නොමැති බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා අවධාරණය කරයි. ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තු වාර අවසාන කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමත් සමග පොදු ව්‍යාපාර කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා ගණනාවක් අහෝසි විය. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පැවසුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම සඳහා පත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව තේරීම් කාරක සභාවක් ලෙස ක්‍රියාත්මක වන බැවින් ඊට බලපෑමක් එල්ල නොවන බව ය. එම මෙහෙයුම් කමිටුවේ සභාපතීත්වය අග්‍රාමාත්‍යවරයා විසින් උසුලනු ලබයි. 8 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය මැයි 8 වන දා ආරම්භ කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව යළි රැස්වීමට නියමිත ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල ලේකම් කාර්යාලය සඳහන් කළේ විධායකය, බලය බෙදීම හා මැතිවරණ ක්‍රමය යන ප්‍රධාන කාරණා සම්බන්ධයෙන් තවදුරටත් මෙහෙයුම් කමිටු සාමාජිකයින් අතර සාකච්ඡා කෙරෙනු ඇති බව ය.
2018-04-23T23:10:02.000Z
කතරගම පොලීසියට ගල් ගැසුවාට, ප්‍රා. සභා සභාපති රිමාන්ඩ්
පොලීසියට ගල් ගැසුවාට, ප්‍රා. සභා සභාපති රිමාන්ඩ්
COLOMBO (News 1st) : විරෝධතාවක් අතරතුර කතරගම පොලිස් ස්ථානයට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කතරගම ප්‍රාදේශීය සභා සභාපති චානක අමිල් රංඟන ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ලබන මස 2 වන දා දක්වා ඊයේ රක්ෂිත බන්ධානාගාරගත කෙරිණ. ඒ, ඊයේ දිනයේ සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුවයි. පසුගිය ජනවාරි මස 21 වන දා කතරගම පොලිස් ස්ථානය ඉදිරිපිට පැවති කළහකාරී විරෝධතාවක් අතරතුර පොලිස් ස්ථානයට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් මොවුන් ඇතුළු සැකකරුවන් පිරිසකට චෝදනා එල්ල වී තිබිණ. මේ සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති. කතරගම නොසන්සුන් (2018.01.21) ජනවාරි 20 වන දා රාත්‍රියේ පොලිස් වෙඩි තැබීමකින් යතුරුපැදිකරුවෙකු මිය යාමේ සිද්ධියක් වාර්තා විය. එම සිද්ධියෙන් පසු ප්‍රදේශවාසීන් පිරිසක් කතරගම නගර මධ්‍යයේ ටයර් පුළුස්සමින් පොදු දේපොළවලට හානි කරමින් සහ පොලීසියේ රාජකාරිවලට බාධා කරමින් කතරගම නගරයේ විරෝධතාවයේ නිරත වූහ. අදාළ සිද්ධියෙන් අනතුරුව පිරිසක් කතරගම පොලීසියට ගල් මුල් ප්‍රහාර ද එල්ල කර තිබිණ. පසුව කළහකාරී ලෙස හැසිරුණු පිරිස විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබේ. මේ අතර පොලීසිය පැවසුවේ, රාත්‍රී 11 පමණ කතරගම නගරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙකු වැඩිහිටි කන්ද දෙසට ධාවනය වූ යතුරුපැදියක් නතර කිරීමට සංඥා කර ඇති නමුත යතුරුපැදිකරු අණ නොකතා එය ධාවනය කිරීම හේතුවෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි. වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත් වූයේ, කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි. සිද්ධියට අදාළ දර්ශන පෙළක්... https://www.youtube.com/watch?v=KiuJdU0oa-4
2018-04-24T05:53:34.000Z
අමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරියට නැවතත් විවෘත වරෙන්තු
ජාලිය වික්‍රමසූරියට නැවතත් විවෘත වරෙන්තු
COLOMBO (News 1st) - අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍ර‍මසූරිම මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නැවත විවෘත වරෙන්තු නිකුත් කළේය. ඒ, කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද එම නඩුව කැඳවූ අවස්ථාවේදී ය. ජාලිය වික්‍ර‍මසූරිය මහතා වෙනුවෙන් අධිකරණයට ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ ඔහුගේ බිරිඳ සහ ඥාති සොහොයුරිය ද අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත්වරිය එහිදී නැවත වරෙන්තු නිකුත් කළේය. එම ඇපකාරියන් දෙදෙනා ඔවුන් පදිංචිව සිටි ස්ථානවලින් අතුරුදන් වී ඇතැයි පවසමින් මූල්‍ය අපරාධ කොට්ඨාසය කළ කරුණු දැක්වීම සළකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කරනු ලැබිණි. අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේදි තානාපති කාර්යාලය සඳහා අවශ්‍ය ගොඩනැගිල්ලක් මිලදි ගැනිමේදි ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ තිස් දෙදෙහසක මුදලක් සාපරාධි විශ්වාසය කඩ වන අයුරින් පරිහරණය සම්බන්ධයෙන් ජාලිය වික්‍ර‍සුරිම මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා. නඩුව යළි කැදවීම ලබන 24 දා කැදවීමට නියමිතයි.
2018-04-24T02:30:41.000Z
හේමකුමාර නානායක්කාර බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයේ වැඩ භාර ගනී
හේමකුමාර බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට
COLOMBO (News 1st) – හේමකුමාර නානායක්කාර මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයේ අද වැඩ භාර ගත්තේ ය. ඒ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ය. මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. https://www.facebook.com/NewsfirstSL/videos/1923465657713683/
2018-04-23T23:40:28.000Z
පාසල් නිල ඇඳුම් වවුචරයේ වටිනාකම වැඩි කිරීමට අවධානය
පාසල් නිල ඇඳුම් වවුචරයේ වටිනාකම වැඩි කිරීමට අවධානය
COLOMBO (News 1st) – සිසුන්ට ලබා දෙන නිල ඇඳුම් වවුචරයේ වටිනාකම වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේ. එම අමාත්‍යංශය පැවසුවේ, ඊට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ය. මේ අතර සේවයේ නියුතු ගුරුවරුන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව දරු ප්‍රසූතිය ඇතුළු වෙනත් හේතු මත නිවාඩු ලබා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය පැවසුවේ, අදාළ කාල වකවානුවල සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් ඇති නොවන පරිදි පාසල්වල සේවය සඳහා යෙදවීමට කලාප මට්ටමින් ගුරු සංචිතයක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යවරයා සැලසුම් කර ඇති බව ය.
2018-04-24T05:41:26.000Z
අ. ඩො. සාපේක්ෂව රුපියලේ අගය වාර්තාගත ලෙස පහළට
අ. ඩො. සාපේක්ෂව රුපියලේ අගය වාර්තාගත ලෙස පහළට
COLOMBO (News 1st) -ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම තවදුරටත් ඉහළ ගොස් තිබේ. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අද රුපියලේ විකුණුම් අගය දැක්වුණේ, රුපියල් 158.69ක් ලෙසයි. අමෙරිකානු ඩොලරයට ආනයකරුවන්ගේ ඇති ඉල්ලුම ඉහළ යාමත් සමග මෙම තත්ත්වය ඇති බව ආර්ථික විශේෂඥයින් පවසා ඇත. ඒ සමග වෙළෙඳපොළේ අමෙරිකානු ඩොලර් හිඟයක් පැවතීම ද මීට තවත් හේතුවකි. ඊයේ වනවිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය දැක්වුණේ, රුපියල් 156.34ක් ලෙසයි. 2015 වසරේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර අගයක පැවති අතර ඒ වනවිට රුපියලේ අගය දැක්වුණේ රුපියල් 131 ලෙසිණි. නමුත් 2015 වසරේදී මෙරට විනිමය අනුපාත ඉහළ පහළ යාමට මැදිහත් නොවීමට එවකට මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා යටතේ තීන්දුවක් ගැනීමත් සමග මෙලෙස ඩොලරයේ අගය ඉහළ යාම ආරම්භ විය. ඩොලරය මේ ආකාරයෙන් ඉහළ යාම ඛනිජ තෙල් ඇතුළු පිටරටින් ගෙන්වන භාණ්ඩවල මිල ගණන් ඉහළ යාමට සෘජුවම බලපානු ඇති. https://www.facebook.com/NewsfirstSL/videos/1923865637673685/
2018-04-23T23:00:20.000Z
විලියම් - කේට් කිරුළ හිමි කුමරු සමග රෝහලෙන් පිටව යති
විලියම්-කේට් කිරුළ හිමි කුමරු සමග රෝහලෙන් පිටව යති
බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේම්බ්‍රිජ්හි කෙට් මිඩිල්ටන් ආදිපාදවරිය සිය නව පුතණුවන් සමග පළමු වරට ජනතාව හමුවට පැමිණියහ. ඒ බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන 5 වැන්නා ලෙස උපත ලද සිය තෙවන දරුවා රැගෙන රෝහලෙන් පිටව යාමට පෙරයි. ඔවුන්ට සුබ පැතීමට ශාන්ත මේරි රෝහල ඉදිරිපිටට බ්‍රිතාන්‍ය වැසියෝ රැසක් පැමිණ සිටියහ. මව් ආර්යාව සහ බිළිඳු කුමරා යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවෙන බව කෙන්සින්ටන් මාළිගය නිවේදනය කර තිබේ. විලියම් - කේට් යුවළගේ තෙවන දරුවා ලෙස උපත ලද කුමරු බ්‍රිතාන්‍ය රජ කිරුළට හිමිකම් කියන පස් වැන්නා බවට පුංචි කුමරුගේ නම පසුව ප්‍රකාශයට පත් කරනු ඇති. බිළිඳු කුමරා සඳහා නම් කීපයක් දැනටමත් යෝජනා වී ඇති අතර ආතර්, ඇල්බට් , ෆෙඩ්රික්, ජේම්ස් සහ පිලිප් යන නම් ඒවා අතර ඉදිරියෙන්ම පවතින බව විදෙස් වාර්තා අනාවරණ කළේ ය. විලියම් කුමරුන් සහ කේට් ආර්යාවට සුබ පැතුම් පණිවුඩයක් යවමින් බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ, පවසා ඇත්තේ "දීප්තිමත් අනාගතයක් සඳහා ඔවුන්ට සුබ පතන" බවයි. විලියම් -කැතරින් රාජකීය පවුලේ පළමු දරුවා වන ජෝර්ජ් කුමරු 2013 වසරේ උපද ලද අතර චාලට් කුමරිය උපත ලැබුවේ, 2015 වසරේදීයි.
2018-04-23T22:22:00.000Z
"අපිට ත් බැට් කරන්න අවස්ථාවක් දෙන්න.."
"අපිට ත් බැට් කරන්න අවස්ථාවක් දෙන්න.."
COLOMBO (News 1st) : සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමණායක මහතා ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන්ට ද පක්ෂ නායකත්වයේ දොරටුව විවර විය යුතුව ඇති බවයි. "දැන් අපි අපේ ගරු අගැමතිවරයට ක්‍රිකට්වලින්ම ගන්නම් කෝ. බැට් කරන්න ගොඩක් අවස්ථා දුන්නා. ගොඩාක් සැරයක් පිටියට ගිහිල්ලා බැට් කරන්න අවස්ථාව දුන්නා. අපිටත් බැට් කරන්න අවස්ථාවක් දෙන්න. ඒ කියන්නේ අපි සික්ස්සර් ගහයි ද? මේ හතර ඒවා ගහයි ද? හයේ ඒවා ගහයි ද? සෙන්චරි ගහයි ද? කියලා දන්නේ නෑනේ. උපකල්පනය කරන්න බෑනේ. සජිත්ටත් ගහන්න අවස්ථාවක් දෙන්න. නවීන් දිසානායක මහත්තයටත් අවස්ථාවක් දෙන්න" පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ගේ හිමි තැන පිළිබඳව ඔහු ප්‍රශ්න කළේ, මෙලෙසිනි. "ඉතින් හැම වේලේම එතුමාම බැට් කරන්න ඉල්ලන එක වැරදියි. ඒ කියන්නේ අපි හැමදාම බෝලින් ද කරන්නේ. ඒක වැරදියි නේ. ඒ කියන්නේ අනිත් අයටත් බැට් කරන්න අවස්ථාවක් දීලා බලන්න ඕනී. එතුමා කියනවා නෑ.. මම අව්ට් නෑ මට ආය බැට් කරන්න ඕනී කියලා කියනවා. ඒ මං හිතන්නේ හොඳ මදි" පක්ෂය තුළ නායකත්වය සඳහා හැකියාවන් සහිත දක්ෂයින් සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යයවරයා එහිදී සිහිපත් කර දුන්නේ ය. "එතුමා කිවන්න ඕනි දැන් රංජන් ඔයා බැට් කරන්න මම බෝල් කරන්නම් කියලා. එහෙම දුන්නොත් සුපිරි ක්‍රීඩකයෝ බිහි වෙයි ඉදිරියට. අපේ පක්ෂේ සුපිරි ක්‍රීඩකයෝ ඉන්නවා. එතුමට බැට් කරන්න දුන්නා 2002 දී එතුමා එදා නම් සෙන්චරියක් ගැහුවා. ආණ්ඩුව ගත්තා ඊට පස්සේ 2004 එතුමා අව්ට් වුණා. ආයේ 2010 අපි ආනයනය කළා වෙන පිතිකරුවෙක්ව. 2015 දී තවත් පිතිකරුවෙක්ව අපි ආනයනය කළා. අපි පසුපෙළ ක්‍රීඩා කළා" https://www.facebook.com/NewsfirstSL/videos/1922703471123235/
2018-04-23T21:38:43.000Z
ගෑස්, කිරිපිටි මිල ගණන් ඉහළ යයි ද?
ගෑස්, කිරිපිටි මිල ගණන් ඉහළ යයි ද?
COLOMBO (News 1st) : ජීවන වියදම් පිළිබඳ කමිටුව අද මුදල් අමාත්‍යාංශයේදී රැස්වීමට නියමිතයි. එහිදී ගෑස් මිල සහ කිරිපිටි මිළ ගණන් වැඩි කිරීම පිළිඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. ගෑස් සහ කිරිපිටි සමාගම් විසින් මිල ගණන් වැඩි කරන පසුගිය දා ලෙසට ජීවන වියදම් පිළිබඳ කමිටුවෙන් ඉල්ලා සිටියේ ය. පසුගිය ජීවන වියදම් පිළිබඳ කමිටු රැස්විමේදී ද ඒ පිළිබද නිසි තීරණයකට පැමිණිමට නොහැකි විය. ඒ අනුව අද පැවැත්වෙන රැස්විමේදී මිල ගණන් වැඩි කිරීම පිළිබඳ තීරණයක් ගනු ඇති බවට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරියෙකු සඳහන් ක‍ළේ ය.
2018-04-23T20:06:54.000Z
කැබිනට් මණ්ඩලයේ අලුත් වෙනසක්...
කැබිනට් මණ්ඩලයේ අලුත් වෙනසක්...
COLOMBO (News 1st) : ලබන සතිය ඇතුළත නව කැබිනට් මණ්ඩලක් පත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ, පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා ලන්ඩනයේ නිල සංචාරයක නිරත වූ අවස්ථාවේ BBC සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ, විද්‍යාත්මක පදනමින් යුතුව අමාත්‍යංශ සඳහා විෂයන් බෙදන ලද කැබිනට් මණ්ඩලයක් හඳුන්වා දෙන බවයි. නව ඇමති මණ්ඩලය ජනතාවට පිළිගත හැකි ඇමති මණ්ඩලයක් විය යුතු බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=W4YOlgDftug
2018-04-23T19:35:30.000Z
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රෑට රැස්වෙයි
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රෑට රැස්වෙයි
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාත්‍රි 8 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතව තිබේ. පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ, පසුගිය දා ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනා ද අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගී වන බවයි. ජනාධිපතිවරයාගේ නිල නිවසේදී එම රැස්වීම පැවැත්විමට නියමිතයි.
2018-04-23T06:58:52.000Z
පාර්ලිමේන්තු දෙවැනි සැසිවාරය රැස් කිරීමේ ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි
පාර්ලිමේන්තු දෙවැනි සැසිවාරය මැයි 8 වන දා
COLOMBO (News 1st) - 8 වන පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය මැයි 8 වන දා පස්වරු 2.15 රැස් කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා තිබේ. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා යොමු කර ඇති බවයි. පසුගිය 12 වන දා මධ්‍යම රාත්‍රීයේ ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව වාර අවසාන කළේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි. ඒ සමගම පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වූ රාජ්‍ය ගිණුම් කාරක සභාව, පෙත්සම් කාරක සභාව, පොදු ව්‍යාපාර කාරක සභාව ඇතුළු කාරක සභා 15 ක් අවලංගු වී තිබේ. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා ප්‍රකාශ කළේ, ආංශික අධීක්ෂණ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව සහ විශේෂ කරුණු සම්බන්ධයෙන් වන කාරක සභාව අවලංගු නොවන බවයි. පාර්ලිමේන්තුව වාර අවසාන කරමින් ජනාධිපතිතුමා මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනයේ යළි පාර්ලිමේන්තුව රැස්වන දිනය සටහන්ව තිබුන ද රැස්වන වේලාව සටහන් නොවීම හේතුවෙන් මෙලෙස යළි ත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදු විණි.
2018-04-23T06:47:51.000Z
මහනුවර පස් කණ්ඩියකට යට වූ දෙදෙනා මහනුවර රෝහලට
මහනුවර පස් කණ්ඩියකට යට වූ දෙදෙනා මහනුවර රෝහලට
COLOMBO (News 1st) - මහනුවර, සංඝරාජ මාවත ප්‍රදේශයේදී අද උදෑසන පස් කන්දකට යට වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. මහනුවර, සංඝරාජ මාවතේ පෞද්ගලික වැඩබිමකදී අද උදෑසන 11.30 ට පමණ මෙය සිදු විය. අප වාර්තාකරු පැවසුවේ, පාදම් වලක් කැපීමට යාමේදී ඉදිරිපසින් තිබූ පස් කන්ද කඩා වැටීමෙන් එම පුද්ගලයින් දෙදෙනා ඊට යටව ඇති බවයි. තලාතුඔය පදිංචි රණසිංහ බණ්ඩාර නැමති 48 හැවිරිදි අයෙකු සහ හේවාහැට පදිංචි 38 හැවිරිදි කරුණාරත්න බණ්ඩාර මෙහිදී තුවාල ලබා ඇත. මහනුවර මහ නගර සභාවේ ගිනිනිවීමේ ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක් ව ඔවුන් දෙදෙනා බේරාගෙන මහනුවර මහ රෝහලට ඇතුළත් කෙරිණි. රෝහල් බලධාරියෙකු පැවසුවේ, තුවාල ලැබුවන් අසාධ්‍ය තත්ත්වයේ නොමැති බවයි.
2018-04-23T06:24:40.000Z
කතරගම ප්‍රාදේශීයසභා සභාපති ඇතුළු තිදෙනෙකු රිමාන්ඩ්
කතරගම ප්‍රාදේශීයසභා සභාපති ඇතුළු තිදෙනෙකු රිමාන්ඩ්
COLOMBO (News 1st) - විරෝධතාවක් අතරතුර කතරගම පොලිස් ස්ථානයට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කතරගම ප්‍රාදේශීය සභා සභාපති චානක අමිල් රංගන ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ලබන මස 02 වන දා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඒ, එම සැකකරුවන් අද තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුව ය. පසුගිය ජනවාරි මස 21 වැනිදින කතරගම පොලිස් ස්ථානය ඉදිරිපිට පැවති කලහකාරී විරෝධතාවක් අතරතුර පොලිස් ස්ථානයට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඔවුන් ඇතුළු සැකකරුවන් පිරිසකට චෝදනා එල්ල විය. මේ සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
2018-04-23T06:02:48.000Z
යුද හමුදාවේ වෙසක් තොරණ මෙවර මැලේසියාවේදී
යුද හමුදාවේ වෙසක් තොරණ මෙවර මැලේසියාවේදී
COLOMBO (News 1st) -මැලේසියාවේදී ප්‍රථමවරට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිර්මාණය කරනු ලබන වෙසක් තොරණ ඉදිකිරීමේ කටයුතු පිළිබඳව පසුගිය දිනක මල්වතු මහ නාහිමි දැනුවත් කෙරිණ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගලනාහිමියන් බැහැදැක ඒ පිළිබඳව උන්වහන්සේ දැනුවත් කළේ ය. යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවසූවේ, මැලේසියාවේ ක්වාලා ලම්පූර් නුවර වෙත නැටුම් කණ්ඩායම් ද යැවීමට සූදානම් කර ඇති බවයි. තව ද මහේෂ් සේනානායක මහතා සඳහන් කළේ, එරට 17%ක් බෞද්ධයින් සිටින බවයි. යුද හමුදාපතිතුමාගේ අධික්ෂණය යටතේ ඉංජිනේරු සේවා බලකා භට පිරිස් කණ්ඩායමක් විසින් ක්වාලා ලම්පූර් හි මෙම තොරණේ ඉදිකිරිම් කටයුතු සිදු කරනු ඇත. https://www.youtube.com/watch?v=4HeT6LEGt30&feature=youtu.be
2018-04-23T04:30:53.000Z
IS සටන්කාමීන් එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු හිස ගසා මරා දමති
IS සටන්කාමීන් සහෝදරයින් තිදෙනෙකු හිස ගසා මරා දමති
COLOMBO (News 1st) - IS සටන්කාමීන් විසින් ඇෆ්ගනිස්ථානයේ එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු හිස ගසා මරා දමා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙලෙස ඝාතනය කර ඇත්තේ අවුරුදු 27, 24 සහ 19 යන වයස්වල පසුවන්නන් බවයි. ඝාතනය කෙරුණු සහෝදරයින් තිදෙනාම වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කර ඇත. ඝාතනයට ලක්වූවන්ගේ පියා ද පසුගිය වසරේදී IS සටන්කාමීන් විසින් ඝාතනය කරනු ලැබ ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
2018-04-23T03:48:37.000Z
හිනිඳුම මවක් සිය දරුවා ද ඝාතනය කර දිවිනසා ගනී
හිනිඳුම මවක් සිය දරුවා ද ඝාතනය කර දිවිනසා ගනී
COLOMBO (News 1st) : හිනිඳුම, හබරකඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි මවක් සිය මාස 10ක් වයසැති පිරිමි දරුවා ඝාතනය කර ඇය ද සියදිවි හානි කරගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, මෙම කාන්තාව මානසික රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබන අයෙකු බවයි. අද පෙරවරුවේ පදිංචි නිවස තුළදී ඇය මෙලෙස සිය දරුවා ඝාතනය කර ගෙව වැල ලා ගෙන සිය දිවි හානි කර ගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
2018-04-23T03:36:53.000Z
වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය මොහොමඩ් සාලා දිනා ගනී
වසරේ පාපන්දු ක්‍රීඩකයා මොහොමඩ් සාලා...
COLOMBO (News 1st) : ඊජිප්තු පාපන්දු කණ්ඩායමේ හා ලිවර්පුල් කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩක මොහොමඩ් සාලා වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේ ය. ඒ වෘත්තීමය පාපන්දු ක්‍රීඩකයින්ගේ සම්මාන ප්‍රධාන උත්සවයේදීයි. 2018 වසරේ ජාත්‍යන්තර සහ අන්තර් සමාජ තරගවලදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ඇගයීම සඳහා වෘත්තීමය පාපන්දු ක්‍රීඩකයින්ගේ සම්මේලනය විසින් සංවිධානය කළ මෙම සම්මාන රාත්‍රීය එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්විණ. ලොව පුරා සුපිරි පාපන්දු ක්‍රීඩකයින් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැත්වීම විශේෂත්වයකි. 2018 වර්ෂයේ වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් ඊජිප්තුවේ මොහොමඩ් සාලා වාර්තා අතරට එක් වන්නේ වෘත්තීමය පාපන්දු ක්‍රීඩකයින්ගේ සම්මාන රාත්‍රීයේදී සම්මානයකින් පිදුම් ලද පළමු ඊජිප්තු ක්‍රීඩකයා ලෙසයි. බෙල්ජියමේ කෙවින් ඩි බෘයින් ,ස්පාඤ්ඤයේ ඩේවිඩ් ඩි ගී , හා එංගලන්තයේ හැරි කේන් වැනි සුපිරි ක්‍රීඩකයින් රැසක් අභිබවමින් සාලා මෙම සම්මානය දිනා ගත්තේ ය. සාලා මේ වන එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේදී ගෝල 31 ක් වාර්තා කිරීමට සමත්ව ඇත්තේ තරග 38 කිනි.
2018-04-22T22:14:50.000Z
අත්තනගල්ලේ වෙඩි තැබීම: සැකකරුවෙක් අත්අඩංගුවට
අත්තනගල්ලේ වෙඩි තැබීම: සැකකරුවෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : අත්තනගල්ල සංගීත ප්‍රසංයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, එම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු සැකපිට එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ, අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු අද අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. පෙරේදා රාත්‍රීයේ අත්තනගල්ල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකදී සිදුවූ වෙඩි තැබීමෙන් 37 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ගැබිණි කාන්තාවක (27) ඇතුළු 4 දෙනෙක් තුවාල ලැබූහ. පුද්ගලයින් 4 දෙනෙකු වෙඩි තැබීමට පැමිණ ඇති අතර සැකකරුවන් පැමිණ ඇත්තේ යතුරු පැදි දෙකකින් බවට ද අනාවරණ වී තිබේ. පොලීසිය පැවසුවේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබු එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.
2018-04-22T20:26:45.000Z
එජාප ප්‍රතිසංවිධාන කමිටුවේ රැස්වීමේදී කුමක් සිදුවේ ද?
එජාප ප්‍රතිසංවිධාන කමිටුවේදී කුමක් සිදුවෙයි ද?
COLOMBO (News1st) : එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුව හෙට යළි රැස්වීමට නියමිතව තිබේ. හෙට පස්වරු 3.30ට පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්වේ. එහිදී පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේ ය. මේ අතර ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමෙන් පසු අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1922090584517857/
2018-04-23T01:40:32.000Z
දන්සල් සංවිධානයේදී මේ ගැන ත් හිතන්න..
දන්සල් සංවිධානයේදී මේ ගැන ත් හිතන්න..
COLOMBO (News 1st) : වෙසක් උත්සවය වෙනුවෙන් දන්සල් සංවිධානයේදී අනුගමනය කළ යුතු නිර්ණායක 6 ක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හඳුන්වා දී තිබේ. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතා පැවසුවේ, දන්සල් සඳහා ජනතාව කැඳවීමේදී බෞද්ධ කොඩිය භාවිත නොකර ඒ වෙනුවට කහ පැහැති කොඩියක් භාවිත කළ යුතු බවයි. 01. දන්සල් පැවැත්වීමේදී ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලාගේ අවවාද අනුශාසනා හා අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කළ යුතුයි. 02. ආධාර එකතු කිරීමේදී ප්‍රදේශයේ විහාරාධිපති හා ග්‍රාම නිලධාරීවරයාගේ නිර්දේශය ලබා ගත යුතු අතර මහජනතාවට පීඩාවන ආකාරයට ඝෝෂාකාරී සංගීතය යොදා ගැනීම තහනම් 03. සෞඛ්‍ය ආරක්ෂිත ලෙස ආහාර පිළියෙල කිරීම 04. දන්සල් සඳහා බෞද්ධ කොඩිය භාවිත නොකිරීම 05. දන්සල්වලදී මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතා කිරීම තහනම් කිරීම 06. සැදැහි සිතින් හා ආචාරශීව දන්සල් පැවැත්වීම
2018-04-23T03:26:43.000Z
වැල්ලවදී පියෙකු සිය පුතු ද සමගින් දුම්රියට පැන දිවි නසා ගනී
පියෙකු සිය පුතු ද සමගින් දුම්රියට පැන දිවි නසා ගනී
COLOMBO (News1st) : වැල්ලව, පල්ලේකොටුව ප්‍රදේශයේදී පියෙකු සිය දරුවා ද සමග දුම්රියට පැන සියදිවි නසා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ සවස ඔවුන් කන්සන්තුරේ සිට මාතර බලා ධවනය වූ ශීඝ්‍රගාමී දුම්රියට පැන මෙලෙස සිය දිවි නසා ගෙන ඇති බවයි. සිය දිවි නසා ගත් පියාගේ වයස අවුරුදු 30 වන අතර දරුවාගේ වයස මාස 8කි. මෘත ශරීර කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇති අතර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. https://www.youtube.com/watch?v=xNBrTKPyi2Y
2018-04-22T19:10:47.000Z
දෙවන පාසල් වාරය අද සිට ඇරඹේ
දෙවන පාසල් වාරය අද සිට ඇරඹේ
COLOMBO (News 1st) : දෙවන පාසල් වාරය අද සිට ආරම්භ වේ. රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය පසුගිය 6 වන දායින් අවසන් විය. මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය පසුගිය 11 වන බදාදායින් අවසන් වු අතර දෙවන පාසල් වාරයේ පළමු අදියර පසුගිය 18 වන දා ආරම්භ කෙරිණ. නව පාසල් වාරය ආරම්භ වීමට පෙර දිවයිනේ සියලු පාසල්වල පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පාසල් දැනුවත් කර තිබිණ. අමාත්‍යංශය එම තීරණය ගෙන තිබුණේ එළඹෙන නිරිතදිග මෝසම් වර්ෂාව හේතුවෙන් ඩෙංගු මදුරුවන් වර්ධනය වීමේ අවදානමක් පවතින බැවින් එම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහායි. ඒ අනුව ගුරුවරුන්, මා පියන් ඇතුළු පාසල් ප්‍රජාවගේ සහභාගීත්වයෙන් ඊයේ දිවයිනේ සියලු පාසල්වල පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක විය.
2018-04-22T09:57:19.000Z
මුහුදේ කාලගුණය තවදුරටත් අයහපත් : නාවික කටයුතුවලින් වළකින්නැයි උපදෙස්
මුහුදේ කාලගුණය තවදුරටත් අයහපත්
COLOMBO (News 1st) - ලබන 24 වන දා උදෑසන 8.00 දක්වා පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාමේ අවදානමක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් එස්. ප්‍රේමලාල් මහතා පැවසුවේ, මේ හේතුවෙන් මුහුදු රළ සුළු වශයෙන් වෙරළාසන්න ගොඩබිමට පැමිණිමේ හැකියාවක් ද පවතින බව ය. වඩදිය ඇති අවස්ථාවේදී මුහුදු රළ වෙරළාසන්න ගොඩබිමට පැමිණීමේ වැඩි හැකියාවක් පවතිනු ඇති. ධීවර හා වෙරළබඩ ජනතාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි. මේ අතර මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන්, වෙරළ ඛාදනය ද ඉහළ ගොස් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සමාන්‍යාධීකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැනසුවේය. ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, වෙරළ භාවිතයේදී ප්‍රවේශම් වන ලෙසයි. මේ අතර බොහෝ ස්ථානවලින් මුහුදු රළ වෙරළාසන්න ගොඩබිමට පැමිණ ඇති බව ආපදා කළමානකරණ මධ්‍යස්ථානය පවසා තිබේ. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් ජනතාව අවදානයෙන් පසුවිය යුතු බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/1921441364582779/
2018-04-22T09:38:02.000Z
උදයංග වීරතුංග යළි මෙරටට ගෙන්වා ගැනීමට ඇති බාධාව කුමක් ද?
උදයංග යළි මෙරටට ගෙන්වා ගැනීමට ඇති බාධාව කුමක් ද?
COLOMBO (News 1st) - ඩුබායිහි රඳවා සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වා ගැනීමට තවමත් නොහැකිවී ඇත. මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන අධිකරණ ක්‍රියාවළියට අදාළව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට අධිකරණය ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කළේ ය. එම වරෙන්තුව අනුව පසුගිය මාර්තු 24 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් උදයංග වීරතුංග මහතා තවදුරටත් එරට රඳවා සිටිනු ඇත. රජයේ උසස් නිලධාරියෙකු පැවසුවේ, ඔහු මෙරටට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ලියකියවිලි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යවා ඇති බවයි. නමුත් වීරතුංග මහතා උදර්පන නීති යටතේ මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඉල්ලමක් කරන්නැයි කළ දැනුම්දීම අනුව ඊට අදාළ ලියකියවිලි මේ වනවිට සකස්කරමින් ඇතැයි එම නිලධාරියා ප්‍රකාශ කළේ ය. මේ අතර අද පුවත්පත් වාර්තාකර තිබුනේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග ඇති උදර්පන ගිවිසුම මෙරටදී අනුමත කර නොමැතිවීම උදයංග වීරතුංග මහතා යළි ගෙන්වා ගැනීමට බාධාවක් විය හැකි බවයි. 2002 වසරේ අප්‍රේල් 29 වන දා මෙම එකඟතාවට අත්සන් කර ඇතත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එය අනුමත කර නැතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත අද වාර්තා කර තිබේ. අප කළ විමසීමකදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති සුලෙයිමන් ජිෆ්රි මොහිදීන් මහතා පැවසුවේ, තානාපති කාර්යාලයට පවා එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ සම්බන්ධයෙන් නිසි තොරතුරු සපයා නොමැති බවයි. රජයෙන් ලැබෙන උපදෙස් අනුව මෙම සිද්ධියට අදාළව කටයුතු කරන බව ඔහු සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1921461157914133/
2018-04-22T09:16:47.000Z
මධ්‍යම අධිවේගයට එකඟ වූ ණය තවදුරටත් පමා වන ලකුණු
මධ්‍යම අධිවේගයට එකඟ වූ ණය තවදුරටත් පමා වන ලකුණු
COLOMBO (News 1st) - මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් සඳහා යෝජිත ණය මුදල් මෙතෙක් ලැබී නැතැයි වාර්තා විණි. මෙම අධිවේගී මාර්ගය ඉදිවන්නේ අදියර තුනක් යටතේයි. කඩවත සිට ගලගෙදර දක්වා මධ්‍යම අධිවේගී මාර්ගය කඩිනමින් ඉදිකිරීමට සැලසුම් සකස්කර තිබිණි. එහි පළමු කොටස වන කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37ක දුර ප්‍රමාණය චීන එක්සිම් බැංකුවේ ණය මුදලකින් ඉදිකරණු ඇත්තේ චීන සමාගමකි. ඒ සඳහා ලබාගැනීමට යන රුපියල් බිලියන 158.4 ණය මුදල චීනයේ එක්සිම් බැංකුව විසින් මෙතෙක් ලබාදී නොමැති අතර මූලික ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ ඉදිකිරීම් සමාගමේ වියදමින් ය. මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටස වන මීරිගම සිට පොතුහැර දක්වා ඉදි වෙනු ඇති. දේශීය සමාගම් 16 ක් විසින් කණ්ඩායම් 4කට බොදා මේ වනවිට එහි ඉදිකිරීම් සිදුකරන්නේ, දේශීය බැංකු 4 කින් ලබාගත් ණය මුදලකින් ය. රුපියල් බිලියන 137.098 ක මුදලක් ඒ සඳහා ලබාගැනීමට අපේක්ෂා කරන අතර මේ වනවිට රුපියල් බිලියන 40 කට ආසන්න දේශීය බැංකු 4 මගින් මුදාහැර තිබේ. පොතුහැර සිටි ගලගෙදර දක්වා දිවෙන මධ්‍යම අධිවේගි මාර්ගයේ තුන්වන කොටසේ ඉදිකිරීම් ජපානයේ තයිසේ සමාගමට පැවරීමට කැබිනට් අනුමැතිය ලබාදුන්න ද තවමත් ඒ සඳහා ගිවිසුම්ගත ව නැත. මාර්ග සංවර්ධන අධිකාරිය පවසන ආකාරයට මෙම කොටසේ ඉදිකිරීම් සඳහා ජපානයේ ටෝකියෝ මිට්ෂුබිෂී බැංකුවෙන් ලබාගැනීමට සැලසුම් කළ රුපියල් බිලියන 153 ක ණය මුදල ද තවදුරටත් ප්‍රමාදවෙමින් තිබේ. ඉහළ පොලියට අමතරව 10.07% ක රක්ෂණ මුදලක්, 1.1% ක සූදානම් කිරීමේ ගාස්තුවක් හා තව ත් 0.25% ක කොමිස් ගාස්තු ද මෙම ණය මුදලට ඇතුළත් ය. එම ණය ලබාගැනීමට අදාළ ගිවිසුම්වලට නීතිපති දෙපාර්තමේන්තුවෙන් තවමත් අනුමැතිය ලැබී නැතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරිවරයෙකු සඳහන් කළේ ය. අදාළ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා තයිසේ සමාගම තෝරා ගැනීම ද පසුගිය දිනවල බොහෝ කතා බහට ලක් විය. මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් හේතුවෙන් ඉඩම් අහිමිවන බොහෝ පිරසක් පෙන්වා දෙන්නේ සාධාරණ වන්දි ක්‍රමවේදයක් තවමත් ක්‍රියාත්මක නොවන බවයි. මතුව ඇති ගැටලු සහගත තත්ත්වය හමුවේ සැලසුම් කළ කාලසීමාවේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකර අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් මේ වනවිට නිර්මාණයවී ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/1921481164578799/
2018-04-22T08:53:07.000Z
අත්තනගල්ල වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයෙකු මරුට: ගැබිණි කතක් ඇතුළු 4 දෙනකුට තුවාල
අත්තනගල්ල වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයෙකු මරුට
COLOMBO (News 1st) - නිට්ටඹුව, අත්තනගල්ල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකදී ඊයේ රාත්‍රි සිදු වූ වෙඩි තැබීම ව්‍යාපාරික ආරවුලක ප්‍රතිඵලයක් බවට පොලිසීය සැකකර ඇත. සිද්ධියෙන් මල්වාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු මියගිය අතර ප්‍රසංගය නැරඹීමට පැමිණි ගැබිණි කාන්තාවක ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා තිබේ. නිදහස් පක්ෂයේ තරුණ සංගමය අත්තනගල්ල රජමහා විහාරය සමීපයේ ඊයේ දවස පුරා සංවිධානය කර තිබූ අවුරුදු උත්සවයෙන් අනතුරුව රාත්‍රියේ සංගීත ප්‍රසංගයක් පැවැත් විය. ප්‍රසංගය ආරම්භවීමෙන් පසුව රාත්‍රී 10.30 ට පමණ යතුරු පැදි දෙකකින් පැමිණි පිරිසක් විහාර භූමිය සමීපයේ නවතා තිබූ ජීප් රථයක් ඉලක්කර වෙඩි ප්‍රහාරයක් එල්ල කළහ. වෙඩි ප්‍රහාරය එල්ල කළ පිරිස පසුව පළාගොස් තිබූ අතර ජීප් රථයේ සිටි පුද්ගලයා සහ තුවාල ලැබූ ප්‍රසංගය නැරඹීමට පැමිණි තව ත් සිව්දෙනෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුලත් කළහ. එහිදී ජීප් රථයේ සිටි පුද්ගලයා මියගොස් සිටි අතර ඔහු මල්වාන ප්‍රදේශයේ පදිංචි රුවන් දේවප්‍රිය නමැති දෙදරු පියෙකු බව පසුව හඳුනාගැණිනි. දේවප්‍රිය මහතා පස් සහ වැලි ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටි අයෙකු වන අතර ඊයේ පැවති සංගීත ප්‍රසංගයට ද ඔහු අනුග්‍රහය දක්වා තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ සිව් දෙනා අතර අවුරුදු විසිහතරක ගැබිනි කාන්තාවක් ද සිටියා ය. තුවාල ලැබූ මෙම කාන්තාව සමග තව ත් පුද්ගලයෙකු අද පස්වරුවේ ජාතික රෝහලට මාරු කළ අතර එම පුද්ගලයාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේ ය. අද පස්වරුවේ අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා පැමිණ මූලික පරීක්ෂණ සිදු කළ අතර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම ශික්ෂණ රෝහලට යැවීමට නියෝග කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1921450447915204/
2018-04-22T07:10:22.000Z
හොරණ රබර් කර්මාන්ත ශාලාවේ රසායනාගාර පාලකවරිය රිමාන්ඩ්
රබර් කර්මාන්ත ශාලාවේ රසායනාගාර පාලකවරිය රිමාන්ඩ්
COLOMBO (News 1st) - හොරණ, බැල්ලපිටිය රබර් කර්මාන්ත ආයතනයේ සිදු වූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු එහි ජ්‍යේෂ්ඨ රසායනාගාර පාලකවරිය ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, ඇය අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. රසායනාගාර පාලකවරියගෙන් පැය තුනක කාලයක් ප්‍රශ්න කිරීම්වලින් පසු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. 42 හැවිරිදි ඇය දික්හේනපුර, හොරණ පදිංචිකාරියකි. කර්මාන්තශාලාවේ හිමිකරු අත්අඩංගුවට ගන්නා ලෙසට කුරුඳුවත්ත පොලීසියට දැනුම්දී ඇති බව හොරණ පොලීසිය ප්‍රකාශ කළේ ය. අනතුර සිදුවන අවස්ථාවේ එහි හිමිකරු කර්මාන්තශාලාවේ සිට ඇති බවත්, ඔහු රෝගාතුරවී රෝහල්ගත ව ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇත. හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාව පසුගිය 19 වන දා පස්වරුවේ සිදූ වු අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තව ත් 15 දෙනෙකු සිහිසුන්ව හොරණ රෝහලට ඇතුළත් කළහ. පොලීසිය සඳහන් කළේ, කර්මාන්ත ශලාවේ සේවකයෙකු එහි ඇති ඇමොනියා ගබඩා කර තිබු ටැංකියකට ඇද වැටී ඇති බවයි. ඔහු බේරාගැනීමට ගිය සිව්දෙනෙකු ඇමොනියා වායුව අග්‍රහණය වීමෙන් ජීවිතක්ෂයට පත් ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය.
2018-04-22T06:50:14.000Z
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
IS ත්‍රස්තයෝ කාබුල් වැසියන් 31ක් බිලි ගනිති
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. නැගෙනහිර කාබුල් නුවර ඩෂ්ටෙ බාර්චිහි ඡන්ද දායකයින් ලියාපදිංචි කරන මධ්‍යස්ථානයකට එල්ල වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 31 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවල ලබා ඇති බවයි. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ, ඡන්ද දායකයින් ලියාපදිංචි කරන එම මධ්‍යස්ථානයට ඇතුළු වන ස්ථානයේ විශාල පිරිසක් රැඳී සිටි අවස්ථාවකදීයි. ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්තවාදීන් විසින් භාරගනු ලැබ තිබේ. ප්‍රහාරය එල්ල වී ඇත්තේ, එළඹෙන ඔක්තෝබර් මාසයේ ඇෆ්ගනිස්ථානයේ පැවැත්වීමට නියමිත මැතිවරණය වෙනුවෙන්න ඡන්ද දායකින් ලියාපදිංචි කර ගැනීම සිදු කෙරුණු අවස්ථාවේදී ය.
2018-04-22T06:35:08.000Z
ජනපති ලන්ඩන් නුවර අවුරුදු උළෙලට එක්වෙයි
ජනපති ලන්ඩන් නුවර අවුරුදු උළෙලට එක්වෙයි
COLOMBO (News 1st) - 25 වන පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සංචාරය නිමාකරමින් හෙට දිවයිනට පැමිණිමට නියමිතව වේ. සමුළුව දින හතරක් පුරා එක්සත් රාජධානියේදී පැවැත් විය. 'පොදු අනාගතයක් මෙවර' පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ තේමාවයි. සෞභාග්‍ය, සුරක්ෂිතබව, සාධාරණත්වය සහ තිරසරබව යන අංශ යටතේ කලාපීය රටවල අරමුණු සාක්ෂාත් කර ගැනීම සම්බන්ධයෙන් සමුළුවේදී විශේෂ අවධානයක් යොමුවී තිබුණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැති ව්‍යාපාර සංසදය ඇමතූ අතර තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂත් කරගැනීම පිළිබඳව පැවැති සමුළුවේ ප්‍ර‍ධාන දේශනය සිදු කිරීම ද වි‍ශේෂත්වයකි. ඊයේ පැවති බ්‍රිතාන්‍ය මහ රැජිනගේ 92 වන ජන්ම දින සැමරුම් උත්සවයට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි විය. මේ අතර ලන්ඩනයේ කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ ඊයේ පැවති අලුත් අවුරුදු උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ලන්ඩන් නුවර හැරෝ ලෙෂර් මධ්‍යස්ථානයේදී මෙම අවුරුදු උළෙල පැවැත් වූ අතර එරට වාසය කරන ශ්‍රී ලාංකිකයින් 4000 ක් පමණ ඊට සහභාගිවී සිටියහ. https://www.facebook.com/NewsfirstSL/videos/1921437091249873/
2018-04-22T05:48:21.000Z
රිශි කපූර් සමග රඟපෑමට ලැබීම අපූර්ව අත්දැකීමක් - අමිතාබ් භච්චන්
"රිශි කපූර් සමග රඟපෑමට ලැබීම අපූර්ව අත්දැකීමක්"
COLOMBO (News 1st) - ප්‍රවීණ බොලිවුඩ් නළු රිශි කපූර් සමග දීර්ඝ කාලයකට පසු යළි ත් වරක් රඟපෑමට ලැබීම අපූර්ව අත්දැකීමක් බව සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් භච්චන් පවසයි. බොලිවුඩ් සිනමාවේ සමකාලීන් රංගන ශිල්පීන් වන ඔවුන් මෙලෙස එක් ව කටයුතු කළේ, හන්ඩ්‍රඩ් ඇන්ඩ් ටූ - නොට් අවුට් චිත්‍රපටයේ රූගත කිරීම් සඳහායි. වයස්ගත පියකු සහ පුතකු අතර පවතින බැඳීම මුල්කරගත් මෙම චිත්‍රපටය, ලබන මැයි 4 වැනි දින එළිදැක්වීමට නියමිත වනු ඇති.
2018-04-22T05:15:57.000Z
ලොව වයස්ගත ම පුද්ගලයා මිය යයි
ලොව වයස්ගත ම පුද්ගලයා මිය යයි
COLOMBO (News 1st) - ලොව වයස්ගත ම පුද්ගලයා ලෙස සැලකෙන ජපානයේ නබී තජිමා මියගොස් ඇති බවට වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කකයිජිමා ප්‍රදේශයේ රෝහලකදී ඇය මියයන විට 117 වැනි වියේ පසු වූ බවයි. මීට පෙර ලොව වයස්ගත ම පුද්ගලයා ලෙස සැලකුණ ජැමෙයිකාවේ වයලට් බ්‍රවුන්, ඉකුත් වසරේදී ජීවිතක්ෂයට පත්වන විට ද 117 වන වියේ පසු විය. මේ වනවිට ලොව වයස්ගත ම පිරිමියා ලෙස සැලකෙන්නේ 112 හැවිරිදි ජපන් ජාතික මසාසෝ නොනාකා යි. ඉකුත් වසරේ ගණනය කිරීම්වලට අනුව ජපානයේ සිටින වයස අවුරුදු 100 ඉක්මවූවන් සංඛ්‍යාව 67,824 ක් වනු ඇත.
2018-04-22T03:09:55.000Z
ජීවිත අහිමි කළ අවුරුදු සතුට
ජීවිත අහිමි කළ අවුරුදු සතුට
COLOMBO (News 1st) - ගෙවී ගිය සතිය සතුට, සෞභාග්‍ය පිරී ඉතිරී ගිය සතියක් ලෙස හැඳින්විය හැකියි. ඒ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද හේතුවෙනි. නමුත් ඒ සතුටට බාධා වූ කණගාටුදායක සිදුවීම් ද අපට අලුත් අවුරුදු දින කිහිපය පුරාවටම වාර්තා විය. ඒ අනුව අප්‍රේල් 13, 14 සහ 15 යන තෙදින තුළ වූ එවැනි සිදුවීම් කිහිපක් වෙත අප අවදානය යොමු කළේය. වර්ෂ 2017ට සාපේක්ෂව මාර්ග අනතුරුවල 4%ක ඉහළ යාමක් දක්නට ලැබෙන බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පවසන්නීය. වෛද්‍යවරිය සඳහන් කළේ, පසුගිය වසරේ මාර්ග අනතුරු 185ක් වාර්තා වූ අතර මේ වසරේ 193ක් වාර්තා වූ බවය. 2017 වර්ෂයේ ගෘහස්ත අනතුරු 144ක් වාර්තා වී ඇති නමුත් මේ වසරේ වාර්තා වී ඇත්තේ 63ක් පමණි. එය ගිය වසරට සාපේක්ෂව 56%ක පහළ බැසීමක් බව වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පැවසුවාය. අවුරුදු කාල සීමාව තුළ උස් ස්ථානවලින් ඇද වැටීම් ගිය වසරට සාපේක්ෂව මේ වසරේ 44%කින් ඉහළ ගොස් තිබේ. ගිය වසරේ එවැනි අනතුරු 144ක් වාර්තා වනවිට මේ වසරේ එවැනි අනතුරු 206ක් වාර්තා වේ. අප්‍රේල් 13, 14 සහ 15 යන තෙදින තුළ රැකියා ස්ථානවලදී සිදුවූ වෘත්තීමය අනතුරු වලද වැඩි වීමක් දක්නට ලැබේ. මේ වසරේ වෘත්තීමය අනතුරු 29ක් වාර්තා වනවිට ගිය වසරේ වාර්තා වී ඇත්තේ අනතුරු 23ක් පමණි. මේ අතර අප්‍රේල් 13, 14 සහ 15 යන තෙදින තුළ ගැටුම් හේතුවෙන් අනතුරු 86ක් වාර්තා වී ඇති අතර එය ගිය වසරට සාපේක්ෂව 126%ක වැඩි වීමකි. ගිය වසරේ ගැටුම් හේතුවෙන් වාර්තා වී තිබෙන්නේ අනතුරු 38ක් පමණි. නමුත් රතිඤ්ඤා අනතුරුවල කැපී පෙනෙන අඩුවක් මේ වසරේ දක්නට ලැබෙව බව ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය පවසයි. ගිය වසරේ රතිඤ්ඤා අනතුරු 6ක් වාර්තා වූ නමුත් මේ වසරේ වාර්තා වී තිබෙන්නේ 1ක් පමණි. අවුරුදු ක්‍රීඩා හේතුවෙන් මේ වසරේ අනතුරු 6ක් වාර්තා වී ඇති අතර ගිය වසරේ වාර්තා වූ ගණන 5කි. මේ අතර වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය කියා සිටියේ අප්‍රේල් 13, 14 සහ 15 යන තෙදින තුළ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතරු ඒකකයේ බාහිර රෝගී අංශයට රෝගීන් 638ක් පැමිණ ඇති අතර ඉන් 287ක් නේවාසික ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ බවය. මේ වසරට සාපේක්ෂව ගිය වසරේදී ජාතික රෝහලේ හදිසි අනතරු ඒකකයේ බාහිර රෝගී අංශයට රෝගීන් 665ක් පැමිණ තිබෙන නමුත් නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙන්නේ රෝගීන් 261ක් පමණි. මේ වසරේ බාහිර රෝගී අංශයට පැමිණි රෝගීන් ගණන අඩු වූ නමුත් නේවාසික ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර පිරිස වැඩී වී තිබේ. එය ගිය වසරට සාපේක්ෂව 10%ක වැඩි වීමක් බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය වැඩි දුරටත් නිව්ස්ෆස්ට් වෙත සඳහන් කළාය. අප්‍රේල් 13, 14 සහ 15 යන තෙදින තුළ මාරක රිය අනතුරු 19ක් සිදුව ඇති බව පොලීසිය පවසයි. එම අනතුරුවලින් පුද්ගලයින් 20 දෙනකු මියගොස් තිබේ. ඇහැලියගොඩ, කොච්චිකඩේ, වැලිමඩ, මිහින්තලය, හුංගම, සාලියවැව, තිරුක්කෝවිල්, පිටිගල, මොරගොඩ, මැදිරිගිරිය, ගිරාඳුරුකෝට්ටේ, වැලිකන්ද, වලස්මුල්ල, සූරියවැව, කොටදෙණියාව, කෑගල්ල, පන්නල, ගලෙන්බිඳුණුවැව සහ ඇල්ල ප්‍රදේශවලින් වාර්තා විය. පසුගිය 15 වෙනිදා ඇල්ල ප්‍රදේශයේදී එකම පවුලේ මව, පියා සහ පුත්‍රයා ගමන් කළ මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාම හේතුවෙන් අනතුරකට ලක්විය. අනතුරින් 31 හැවිරිදි පියෙකු සහ 3 හැවිරිදි ඔහුගේ පුත්‍රයා මිය ගිය අතර මවට තුවාල සිදුවිය. පසුගිය 14වන දා උදෑසන 6සිට 15 වෙනිදා උදෑසන 6 දක්වා කාලය තුළ බීමත් රියැදුරන් 140ක්, අන්තරාදායක ලෙස රිය පැදවූ රියැදුරන් 22ක් සහ අධික වේගයෙන් රිය පැදවූ රියැදුරන් 166ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
2018-04-21T23:49:35.000Z
ඩ්‍රෝන යානාවක් නිසා සෞදියේ රාජකීය මාළිගාව අසල වෙඩි වරුසාවක්
සෞදියේ රාජකීය මාළිගාව අසල වෙඩි වරුසාවක්
COLOMBO (News 1st) - සෞදි අරාබියේ රියාද් අගනුවර රාජකීය මාළිගාව අසල වෙඩි තැබීම් රැසක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කුඩා ඩ්‍රෝන යානාවක් රාජකීය මාළිගාව ආසන්න ඉහළ අහසේ පියාසර කිරීමත් සමගින් මෙම වෙඩි තැබීම් ආරම්භ වූ බව ය. එම ඩ්‍රෝන යානාව රාජකීය මාළිගාව ආසන්නයේ, ඇතුළුවීම සීමා කර ඇති කලාපයට පැමිණීමත් සමග මාළිගාවේ ආරක්ෂකයින් මෙම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. වෙඩි ප්‍රහාර එල්ල වන අවස්ථාවේ වීඩියෝ දර්ශන කිහිපයක්ද මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබේ. සිදුවීම වාර්තා වීමත් සමග සෞදි පොලීසිය අවට කලාපයේ ආරක්ෂාව දැඩි කර ඇති අතර, මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව පවසා තිබේ. සෞදි පොලිසිය පැවසුවේ ඩ්‍රෝන යානාවේ ක්‍රියාකරු සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ය. කෙසේ වෙතත් එම වෙඩි ප්‍රහාරවලින් සිදුවූ ජීවිත හානි කිසිවක් වාර්තා නොවේ.
2018-04-21T22:11:09.000Z
අත්නගල්ල වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු හඳුනා ගනී
අත්නගල්ල වෙඩි තැබීමේ සම්බන්ධ සැකකරුවෙකු හඳුනා ගනී
COLOMBO (News 1st) - නිට්ටඹුව, අත්තනගල්ල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී පැවති සංගීත ප්‍රසංයකදී සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව ය. පුද්ගලයින් 4 දෙනෙකු වෙඩි තැබීමට පැමිණ ඇති අතර සැකකරුවන් පැමිණ ඇත්තේ යතුරු පැදි දෙකකින් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා තිබේ. ඊයේ රාත්‍රී 10.50 ට පමණ අත්තනගල්ල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයදී සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයකු මියගොස් කාන්තාවක් ඇතුළු 4 දෙනෙකුට තුවාල සිදුවිය. මියගිය පුද්ගලයා 37 හැවිරිදි හෙයියන්තුඩුව, දේවමිත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කාන්තාව 27 හැවිරිදි ගැබිණි කාන්තාවක් බව වතුපිටිවල රෝහලේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය. ඔහු සඳහන් කළේ, ඇය ශල්‍යකර්මයක් සඳහා යොමු කිරීමට නියමිත අතර ඇයගේ තත්ත්වය බරපතල නොවන බව ය. වෙඩි වැදීමෙන් තුවාල ලැබු එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.
2018-04-21T21:18:48.000Z
ලබන 07 මැයි දින නිවාඩුව පෞද්ගලික අංශයට ද ලබා දිය යුතුයි - කම්කරු දෙපාර්තමේන්තුව
7 වනදා මැයි දින නිවාඩුව පෞද්. අංශයටත් දිය යුතුයි
COLOMBO (Newsfirst) - ලබන 07 වනදාට ප්‍රකාශයට පත් කර ඇති මැයි දින නිවාඩුව පෞද්ගලික අංශයට ද ලබා දිය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා සඳහන් කළේ ඇතැම් පෞද්ගලික ආයතන ලබන 07 වැනිදාට අදාළ නිවාඩුව ලබා නොදීමේ සූදානමක් ඇති බවට වාර්තා වන බව ය. මැයි 01 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය මෙවර මැයි 7 වැනිදා සැමරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළේ, වෙසක් සතිය යෙදී තිබීම හේතුවෙන් භික්ෂූන් වහන්සේ කළ ඉල්ලීම් සැළකිල්ලට ගනිමිනි.
2018-04-21T20:36:16.000Z
ජාතික ආණ්ඩුවේ වෙනසක් නැහැ - එජාපය: ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමේ කිසිඳු තීරණයක් නැහැ - ශ්‍රීලනිප
ජාතික ආණ්ඩුව පිළිබඳ එජාප සහ ශ්‍රීලනිප ස්ථාවරය
COLOMBO (Newsfirst) - ජාතික ආණ්ඩුව කිසිඳු වෙනසකින් තොරව පවත්වාගෙන යාමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂය පවසයි. අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තීරණය ඉදිරි දින කිහිපයේදී ලැබීමට නියමිතව ඇති බව ය. ඔහු සඳහන් කළේ, ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති බව ය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ද ලබන 26 වනදාට පෙර සිදුකිරිමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව පක්ෂයේ තනතුරු රැසක වෙනසක් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා අනාවරණ කළේය. ජාතික ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතාගෙන් අප විමසීමක් කළේය. ඔහු පැවසුවේ, ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමේ කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ය. ජාතික ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිතුමා පත් කළ කමිටු වාර්තාව ඉදිරි දින කිහිපයේදී ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරිමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළේය. පසුගිය 13 වනදා ජාතික ආණ්ඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය සරත් අමුණුගම මහතා පත් කරනු ලැබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ඇති එකඟතාවන් පිළිබඳව අවධානය යොමු කිරිම මෙහි අරමුණ බව ය. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර නව එකඟතා ගිවිසුමක් පිළිබඳව අවධානය යොමු කිරිම ද අමුණුගම මහතාට පැවරෙන බව ඔහු වැඩි දුරට ත් සඳහන් කළේය.
2018-04-21T19:58:08.000Z
අත්තනගල්ලේ වෙඩි තැබීමක්: එක් අයෙකු මරුට: 4කට තුවාලයි
අත්තනගල්ලේ වෙඩි තැබීමක්: එක් අයෙකු මරුට: 4කට තුවාල
COLOMBO (Newsfirst) - නිට්ටඹුව, අත්තනගල්ල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයකදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ රාත්‍රි 10.50 ට පමණ පිස්තෝලයකින් මොවුන්ට වෙඩි තබා ඇති බව ය. එහිදී පුද්ගලයින් 4 දෙනෙකු සහ කාන්තාවක් තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී එක් පුද්ගලයකු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. මියගොස් ඇත්තේ 37 හැවිරිදි හෙයියන්තුඩුව, දේවමිත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුවන් හඳුනාගෙන නොමැති අතර වෙඩි තැබීමට හේතුව ද අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරිමට නියමිත ය. නිට්ටඹුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.
2018-04-21T10:42:13.000Z
රබර් කර්මාන්ත ශාලාව නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ පුද්ගලයින් හොරණ හඬවමින් අවසන් ගමන් යයි
හොරණ සිද්ධියෙන් මිය ගිය පුද්ගලයින් අවසන් ගමන් යයි
COLOMBO (News 1st) - හොරණ, බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ ඇමෝනියා වායුව ආඝ්‍රාණය වී මිය ගිය පස් දෙනාගෙන් 4 දෙනෙකුගේ අවසන් කටයුතු අද සිදු කෙරිණි. පෙරේදා දහවල් රබර් කර්මාන්ත ශාලාවේ ඇමෝනියා අඩංගු ටැංකියක් විවෘත කිරීමේදී විෂ වායු ආඝ්‍රාණය වීමෙන් එක් පුද්ගලයෙකු එම ටැංකියටම වැටී මිය ගිය අතර ඔහු බේරා ගැනීම සඳහා උත්සහ කළ කර්මාන්ත ශාලාවේ ම තවත් සේවකයෙකු සහ ගම්වාසීන් තිදෙනෙක් මිය ගියහ. මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පානදුර මූලික රෝහලේදී සිදු කිරීමෙන් අනතුරුව සිරුරු ඥාතීන්ට භාර දුන්නේ ය. අනතුරින් මුලින්ම මිය ගිය හේවාකන්කානම්ගේ ආරියපාල කළුතර උග්ගල්බඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි එක්දරු පියෙකි. ආරියපාල බේරා ගැනීමට උත්සහ දරා තම දිවියෙන් වන්දි ගෙවූ එම රබර් කර්මාන්ත ශාලාවේ ම සේවය කළ බැල්ලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි වරුණ චන්ද්‍රෙස්කරගේ ද අවසන් කටයුතු අද සිදු කෙරිණි. එක් පුද්ගලයෙකු වෙනුවෙන් දිවි දුන් බැල්ලපිටිය ගම්වාසීන් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ අවසන් කටයුතු අද සිදු කෙරිණි. ඒ, 43 හැවිරිදි ප්‍රියන්ත කුමාරගේ සහ 41 හැවිරිදි ලාල් පුෂ්පකුමාරගේ ය. ලාල් පුෂ්පකුමාරගේ දේහය කර්මාන්ත ශාලාව ඉදිරියෙන් සූසාන භුමිය වෙත රැගෙන යන විට ඇති විරෝධතාවක් ද ඇති විය. බැල්ලපිටියේම පදිංචි 34 හැවිරිදි දිලීප් කසුන් ලොකු පතිරණගේ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිත ය. මේ අතර අනතුරින් සිහිසුන් වූ පුද්ගලයින් 19 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව හොරණ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ ඉන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව ය.
2018-04-21T10:29:33.000Z
ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කල් ගැනීම සම්බන්ධයෙන් කළ ඉල්ලීම සලකා බලනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි
ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කල් ඉල්ලයි
COLOMBO (News 1st) ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීම සඳහා 2018 ජූනි මාසය තෙක් කල් ගැනීම සම්බන්ධයෙන් කළ ඉල්ලීම විධායක මණ්ඩලය සලකා බලනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එම අරමුදල අවධාරණය කරන්නේ, මෙය බලශක්ති මිලකරණ ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීම වෙනුවෙන් ගනු ලබන ප්‍රධාන පියවරක් බව ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළ සිව් වන සමාලෝචනය පිළිබඳව නිලධාරී මට්ටමේ එකඟතාවකට එළැඹ තිබේ. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී මැනුඑලා ගොරති මහත්මිය ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, ස්වයංක්‍රීය ඉන්ධන මිල නියාමන යාන්ත්‍රණයකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමට යටත්ව ජූනි මාසයේදී 4 වන සමාලෝචනය අවසන් කිරීමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීම විධායක මණ්ඩලය සලකා බලනු ඇති බව ය. ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වසරේ මාර්තු මාසය දක්වා කල් ලබා දී තිබිණි. එහෙත් මේ පිළිබඳව තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පසුගියදා ප්‍රකාශ කළේ ය. මේ වන විට අමාත්‍යවරයා වොෂින්ටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත සෘතු සාකච්ඡා වටයට සහභාගි වී සිටියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළ සිව් වන සමාලෝචනය පිළිබඳව නිලධාරී මට්ටමේ එකඟතා ප්‍රකාශයට පත් වූයේ මෙම සාකච්ඡා පැවැත්වෙමින් තිබියදී ය. ඉන්ධන මිල සූත්‍රයට අමතරව රජයේ ව්‍යාපාරවල පාලනය ශක්තිමත් කළ යුතු බවත් එමගින් රාජ්‍ය මූල්‍ය මත ඇති අවදානම අවම කිරීමට පියවර ගත යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි. එහි දූත මණ්ඩල ප්‍රධානී මැනුඑලා ගොරති මහත්මිය පවසන්නේ, ණය කළමනාකරණය වැඩි දියුණු කිරීම සහ දේශීය ආදායම් පනත හා අයවැයෙහි සඳහන් ආදායම් උපයා ගැනීමේ අනෙකුත් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතියක් අත්පත් කර ගත යුතු බව ය. සංචිත ඉහළ නංවා ගැනීම සහ විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලී බවක් පවත්වාගෙන යාමට පියවර ගත යුතු බව ද ඇය අවධාරණය කර තිබේ. කාලගුණ තත්ත්වය නිසා පසුගිය වසරේ පසුබෑමට ලක්වූ කෘෂි කර්මාන්තය යථා තත්ත්වයට පත් වෙමින් ඇතැයි පවසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී පෙන්වා දෙන්නේ මේ වසරේ ආර්ථික වර්ධන වේගය 4%ක මට්ටමකට පත්වනු ඇති බව ය. https://www.youtube.com/watch?v=864hDPgMsqo
2018-04-21T07:28:16.000Z
ත්‍රිත්ව විද්‍යාලය පරදවමින් රාජකීයයන් 74 වන බ්‍රැඩ්බි පළිහ වාර්ෂික තරගයේ පළමු අදියරේ ජය හිමි කර ගනී
බ්‍රැඩ්බි පළිහ තරගයේ පළමු අදියරේ ජය රාජකීයයන්ට
COLOMBO (News 1st) - කොළඹ රාජකීය - මහනුවර ත්‍රිත්ව විද්‍යාල අතර පැවැත්වෙන 74 වන බ්‍රැඩ්බි පළිහ වාර්ෂික තරගයේ පළමු අදියරෙන් කොළඹ රාජකීය විද්‍යාලය අද ජය ගත්තේ ය. රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී අද පැවැත්වුණේ, 74 වන බ්‍රැඩ්බි පළිහ වාර්ෂික රග්බි තරගයේ පළමු අදියරයි. එම තරගයේ පළමු අර්ධයේදී වැඩි දක්ෂතාවක් දැක්වූ රාජකීය ක්‍රීඩකයින් ලකුණු 19ට 0ක් ලෙස පෙරමුණ ගත්තේ ය. ඔවුන් දෙවන අර්ධයේදී තවත් ලකුණු 20ක් රැස් කළ අතර ත්‍රිත්ව ක්‍රීඩකයින් ද එම අර්ධයේදී ලකුණු 7ක් රැස් කළේ ය. ඒ අනුව ලකුණු 39ට 7ක් ලෙස රාජකීය විද්‍යාලයට පළමු අදියරේ ජය හිමි විය. ජයග්‍රාහී රාජකීය ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 6ක් ප්‍රවර්ථන 3කින් සහ දඬුවම් පහරකින් ලකුණු රැස් කළේ ය. බ්‍රැඩ්බි පළිහ දෙවන අදියර මැයි මස 5 වන දා පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය. https://www.youtube.com/watch?v=qC8V3DfVtdc
2018-04-21T05:23:25.000Z
බේරුවල ප්‍රදීපාගාරය නැරඹීමට ගිය දෙදෙනෙකු රළ පහරකට හසුවීමෙන් මරුට
බේරුවල ප්‍රදීපාගාරය නැරඹීමට ගිය දෙදෙනෙකු මරුට
COLOMBO (News 1st) - බේරුවල ප්‍රදීපාගාරය නැරඹීමට ගිය සහෝදරයෙක් සහ සහෝදරියක් රළ පහරකට හසුවීමෙන් අද දහවල් මිය ගියහ. පොලීසිය සඳහන් කළේ, ප්‍රදීපාගාරය අසල ගල් පරයක් මත වාඩි වී සිටියදී ඔවුන් රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බව ය. දියේ ගිලී සිටි දෙදෙනා ප්‍රදීපාගාරයේ ඇති බෝට්ටු මගින් ගොඩට ගෙන බේරුවල රෝහලට ඇතුළත් කිරීමේදී දෙදෙනාම මිය ගොස් ඇති බව පොලීසිය පවසයි. මිය ගොස් ඇත්තේ 27 හැවිරිදි සහෝදරයා සහ 24 හැවිරිදි ඔහුගේ නැගණිය යි. ඔවුන් කොළඹ 12 , කුමාර දොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. මේ වන විට ඔවුන්ගේ සිරුරු බේරුවල රෝහලේ තැන්පත් කර තිබේ. අද පෙරවරුවේ ඔවුන් දෙදෙනා ඇතුළු 11 දෙනෙකු බේරුවල ප්‍රදීපාගාරය නැරඹීමට පැමිණ ඇති බව පොලීසිය පැවසුවේ ය. https://www.youtube.com/watch?v=d740EgG3DUw
2018-04-21T03:41:35.000Z
ලබන 23 වන දා දක්වා මුහුද රළු විය හැකියි
ලබන 23 වන දා දක්වා මුහුද රළු විය හැකියි
COLOMBO (News 1st) - පුත්තලම, මීගමුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සිට මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශ අද රාත්‍රියේ සිට ලබන 23 වන දා දක්වා ඉතා රළු විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා එම ප්‍රදේශවල ධීවරයින්ගෙන් ඉල්ලා සිටින්නේ, මුහුදු යාමෙන් වළකින ලෙස ය. අදාළ මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ත් 3ත් අතර අගයකින් ඉහළ යා හැකි බව ද ඔහු සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=gLApompuvec
2018-04-21T01:17:59.000Z
74 වන බ්‍රැඩ්බි පළිහ පළමු තරගය අද කොළඹදී
74 වන බ්‍රැඩ්බි පළිහ පළමු තරගය අද කොළඹදී
COLOMBO (Newsfirst) - කොළඹ රාජකීය විදුහල හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර 74 වන වාර්ෂික බ්‍රැඩ්බි පළිහ සදහා වූ පළමු රග්බි තරගය අද රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. මෙවර තරගය සදහා කොළඹ රාජකීය විදුහල් කණ්ඩායමට සාබිත් ෆෙරෝස් නායකත්වය ලබාදෙන අතර මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ජගත් අවිශ්ක විසිනි. රාජකීයන් මෙවර බ්‍රැඩ්බි පලිහ තරගයට එක්වන්නේ පසුගිය වසරේ අත්කරගත් පළිහ රැක ගැනීම සඳහායි. 1945දී ආරම්භ වූ‍ මෙරට පාසල් රග්බි පිටියේ විශිෂ්ටතම තරගය ලෙස සැළකෙන බ්‍රැඩ්බි පළිහ ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශූරයන් වීමට සමත්වී ඇත්තේ ත්‍රිත්ව විදුහලයි. ඒ, මෙතෙක් පැවැති තරග 73කින් 39කම ජය තමන් සතුකර ගනිමිනි. රාජකීය විදුහල් පිල ජයගෙන ඇත්තේ තරග 32ක් පමණි. 74 වැනි වරට පැවැත්වෙන මෙම තරගාවලියේ බ්‍රැඩ්බි පළිහ සදහා වූ දෙවැනි අදියර ලබන මැයි මස 5 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.
2018-04-21T00:55:09.000Z
Online ක්‍රමයට විභාග පැවැත්වීමට සැලැසුම්
Online ක්‍රමයට විභාග පැවැත්වීමට සැලැසුම්
COLOMBO (Newsfirst) - විභාග පැවැත්වීම සහ ඇගයීම් ක්‍රියාවලිය ඔන්ලයින් (Online) ක්‍රමයට පැවැත්වීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ. ඒ, සඳහා විභාග දෙපාර්තමේන්තුවේ සහ ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් පිරිසකට විදේශීය පුහුණුවක් ලබා දීමට නියමිත ය. මීට සමගාමිව විභාග දෙපාර්තමේන්තුවේ විභාග ක්‍රියාවලිය නවීකරණය කිරීමට ත් ඒ සඳහා නව තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරීමට ත් අවශ්‍ය කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ ඔන්ලයින් ක්‍රමයෙන් විභාග පැවැත්වීම පිළිබඳව මැලේසියාවේ පුට්රා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන පුහුණු වැඩසටහනක් සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 12 දෙනෙකු සහ ජාතික අධ්‍යාපන ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් 3 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් හෙට දිවයිනෙන් පිටත්ව යන බව ය.
2018-04-21T00:39:25.000Z
කේරල ගංජා සමග තිදෙනෙකු අත්අඩංගුවට
කේරල ගංජා සමග තිදෙනෙකු අත්අඩංගුවට
COLOMBO (Newsfirst) - කේරල ගංජා කිලෝග්‍රෑම් 116 ක් සමග සැකකරුවන් තුන් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, අදාළ සැකකරුවන් වැල්ලම්පිටිය සහ ආදුරුප්පුවීදිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව ය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 35 සහ 40 යන වයස්වල පසුවන තුන් දෙදෙනෙකි. ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.
2018-04-20T21:19:02.000Z
2018 ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් අද ඇරඹෙයි
2018 ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් අද ඇරඹෙයි
COLOMBO (Newsfirst) - 2018 ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය 26 වැනි වරටත් අද පැවැත්වේ. ඒ, දියතලාව නරියා කන්ද ධාවන පථයේදී ය. MBC/MTV ​සහ News 1st ප්‍රමුඛ 'චැම්පියන් නෙට්වර්ක්' මෙම තරගාවලිය සඳහා නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය දක්වනු ලැබේ. මෙවර තරගාවලිය මෝටර් රථ තරග 12 ක් සහ යතුරු පැදි තරග 12 කින් සමන්විත ය. 2018 වර්ෂයේ දක්ෂතම ධාවකයා සහ යතුරුපැදිකරු වෙනුවෙන් පැවැත්වෙන ශූරතා කුසලාන තරගාවලිය ද මෙයට අන්තර්ගත වේ. ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨ සහ ශ්‍රී ලංකා මෝටර් රථ ධාවක ක්‍රීඩා සංගමය එක්ව තරගාවලිය සංවිධානය කරනු ලැබේ. පසුගිය වර ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් තරගාවලියේ මෝටර් රථ අංශයේ ශූරතාව අශාන් සිල්වා දිනා ගත් අතර යතුරු පැදි අංශයේ ශූරතාව දිනා ගත්තේ ඉශාන් දසනායකයි. අද උදෑසන 8.30 සිට 2018 ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය ඔබට TV 1 නාලිකාව ඔස්සේ සජීවීව නැරඹිය හැකිය.
2018-04-20T20:37:11.000Z
මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 25 වැනි දා
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක්
COLOMBO (Newsfirst) - රුපියල් දස ලක්ෂ විසි අට දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට මහ බැංකුව සැරසෙයි ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් දස ලක්ෂ විසි අට දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 25 වැනි දා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මහ බැංකුව නිවේදනය කළේ, ඊට අදාළ ලංසු භාර ගැනීම 25 වන දින පෙරවරු 11ට අවසන් කෙරෙන බව ය. ලංසුවක් සඳහා අවම මුදල රුපියල් දස ලක්ෂ පහක් බව ත් මහ බැංකුව නිකුත් කළ නිවේදනයෙහි දැක්වේ.
2018-04-20T20:27:09.000Z
මහියංගණයේදී මවක සහ දියණියක ඝාතනය කෙරේ
මහියංගණයේදී මවක සහ දියණියක ඝාතනය කෙරේ
COLOMBO (Newsfirst) - මහියංගණය, මාපාකඩවැව ප්‍රදේශයේදී මවක් හා දියණියක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ 59 හැවිරිදි මව හා 40 හැවිරිදි දියණියයි. ඔවුන් මාපාකඩවැව, ඉකිරියගොඩ සිය නිවසේ සිටියදී ඊයේ රාත්‍රි එලෙස ඝාතනයට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය. මළ සිරුරු පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරික්ෂණ අද පැවැත්වීමට නියමිත ය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද පොලීසිය සඳහන් කළේය.
2018-04-20T20:13:23.000Z
විශ්වාසභංගයට පක්ෂ වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගැනීමට සැරසෙයි
ශ්‍රීලනිප මන්ත්‍රීන් 16 විපක්ෂයේ වාඩිවීමේ තීරණයක
COLOMBO (Newsfirst) - ලබන 08 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමේදී තමන් ඇතුළු මන්ත්‍රිවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් ගන්නා බව අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට සහය දී ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා පැවසුවේ තමන් ඇතුළු 16 දෙනා වෙනුවෙන් විපක්ෂයේ අසුන් සකස් කරන ලෙස කතානායකවරයාට දැන්වීමට පියවර ගෙන ඇති බව ය.
2018-04-20T19:57:10.000Z
බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිණගේ 92 වැනි ජන්ම දින සැමරුම් උත්සවයට ජනපතිටත් ඇරයුම්
එලිසබෙත් රැජිණගේ 92වැනි ජන්ම දිනයට ජනපතිටත් ඇරයුම්
COLOMBO (Newsfirst) - අදට යෙදී තිබෙන බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජිණගේ 92 වැනි ජන්ම දින සැමරුම් උළෙලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වීමට නියමිත ය. සැමරුම් උළෙල පැවැත්වෙන්නේ රාජකීය ඇල්බට් ශාලාවේදී ය. මේ අතර 25 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ලන්ඩන් නුවරදී ඊයේ සාර්ථකව අවසන් විය.
2018-04-20T19:44:52.000Z
උතුරු කොරියාව මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් නවතා දමයි
උ. කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් නවතා දමයි
උතුරු කොරියාව මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් නවතා දැමීමට තිරණය කර තිබේ. උතුරු කොරියානු නායක කිම් ජොන් අන් පවසා ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු මිසයිල අත්හදා බැලීම් අත්හිටුවීමට සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් පරිශ්‍රයක් වසා දැමීමට පියවර ගන්නා බව ය. අද සිට ක්‍රියාත්මක වන පරිදි න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ අන්තර්මහාද්වීපික බැලැස්ටික් මිසයිල එල්ල කිරීම නතර කරන බව කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය සඳහන් කළේය. කොරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තාවන්හී දැක්වෙන්නේ මෙම තීරණය කොරියානු අර්ධද්වීපයේ ආර්ථික වර්ධනය සහ සාමය අරුමුණු කරගනිමින් ගනු ලැබූවක් බව ය. මේ අතර උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ඉදිරි සතියේදී දකුණු කොරියානු නායක මූන් ජේ ඉන් හමුවීමට ද නියමිත ය. එමෙන්ම ලබන ජුනි මාසයේදී පැවැත්වෙන සමුළුවේදී උතුරු කොරියානු නායක කිම් ජොන් අන් පළමු වරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද හමුවීමට නියමිත ය. උතුරු කොරියාවට හා ලෝකයට මෙය ඉතා හොඳ ප්‍රවෘත්තියක් බව ත් එය විශාල ප්‍රගතියක් බව ත් මිසයිල සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් නවතන බව උතුරු කොරියානු නායකයා නිවේදනය කිරීමෙන් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේය.
2018-04-20T11:12:17.000Z
කෝටි 100ක් වැයකොට පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණය කරන්නේනම් එය ජාතික අපරාධයක් - සජිත් ප්‍රේමදාස
පාර්ලිමේන්තුවේ ප්‍රතිසංස්කරණයට කෝටි 100ක්?
COLOMBO (Newsfirst) - කෝටි 100ක් වැයකොට පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණය කරන්නේනම් එය ජාතික අපරාධයක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුරව, උඩුදුම්බර, කිරිගංකුඹුර ඉදිකළ මිහිදුම්ගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. සැමට සෙවන යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතිය පත්කළ 57 වැනි ගම්මානය මෙය වේ. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග ඇතුළ යටිතල පහසුකම්වලින් සමන්විත මෙම ගම්මානය නිවාස 24කින් සමන්විත ය. මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 408කි. https://www.facebook.com/NewsfirstSL/videos/1919262954800620/
2018-04-20T10:57:21.000Z
කොළඹ වරායට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවේ ඔබ නොදත් තොරතුරු
රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් කොළඹට
COLOMBO (Newsfirst) - රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් කොළඹ වරයාට පැමිණ තිබේ. 1977 නිෂ්පාදිත මෙම නෞකාව පිළිබඳ සොයා බැලීමට නිව්ස්ෆස්ට් අප එහි සංචාරයක නිරත වූහ. රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන පෙරිකොප් නෞකාව සුහද සංචාරයක් සඳහා පසුගිය 18 වැනිදා කොළඹ වරායට සේන්දු වුණේ දින පහක නිල සංචාරයක් සඳහායි. රුසියානු නාවික හමුදාවේ බෝල්ටික් මුහුදු බල ඇණියට අයත් මේ නැව පෝලන්තයේ ස්ටෙටින් නාවික අංගනයේදී නිෂ්පාදනය කරන ලද්දකි. රුසියානු නාවික සෙබළුන් මුහුදේදී පුහුණු කිරීම සදහා යොදා ගන්නා මෙම නෞකාවේ දිග මීටර් 138 ක් වන අතර පළල මීටර් 17 කි. මෙට්‍රික් ටොන් 6,900 ක් බරැති මෙම නෞකාවේ පුද්ගලයින් 403 දෙනෙකුට ගමන් කළ හැකි ය. නවීන රේඩාර් තාක්ෂණයක්, නාවික මග පෙන්වීමේ උපකරණ, ස්වයං ආරක්ෂක උපකරණ සහ ගැඹුරු මුහද නීරීක්ෂණය කිරීමේ හැකියාවද මේ නැව සතුයි. මෙම විශාල නෞකාවට බලය ලබා දෙන්නේ අශ්වබල 16000 ක ඩීසල් එන්ජින් දෙකකිනි. පෙරිකොප් නෞකාවෙහි මිලිමීටර් 76 වර්ගයේ අවි 4 ක් , මිලිමීටර් 30 ගුවන් යානා නාශක අවි 2 ක් හා සබ්මැරීන විනාශ කළ හැකි ආදර්ශ අවි පද්ධතියක්ද නිර්මාණය කර තිබේ. පෙරිකොප් නෞකාවේ අණ දෙන නිලධාරී රියර් අද්මිරාල් ව්ලැද්මීර් ඒ චෙරකොෆ් මහතා "මෙය විශේෂ පුහුණුවීම් සදහාම නිෂ්පාදනය කරන ලද නෞකාවක්. අභ්‍යාසවල නිරතවන දෙවැනි හා 4 වැනි වසරේ කැඩෙට් නිලධාරීන් 220 දෙනෙකු මේ නෞකාවේ දැන් සිටිනවා. ඔවුන් නාවික මග පෙන්වීම් අභ්‍යාස යටතේ පුහුණුව ලබනවා. අපි ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙන්නේ සහෝදරත්වය පෙරටුකරගන. ශ්‍රී ලංකාව අපගේ පළමු නැවතුම්පළ ලෙස තොරා ගත්තේ මෙහි තිබෙන පරිසරය සංස්කෘතිය සහ මෙහි අපගේ සෙබලුන්ට හොද අභ්‍යාසයක් ලබා දෙන්න පුළුවන් නිසායි" කැඩෙට් නිලධාරීන් 220 දෙනාට අමතරව උපදේශකවරුන් 20 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 120 දෙනෙකු ද නැවේ සිටින බව චෙරකොෆ් මහතා සඳහන් කළේය.‍ මෙම නෞකාව ලබන ඉරිදා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර බලා පිටත්ව යාමට නියමිත ය. https://www.facebook.com/NewsfirstSL/videos/1919235704803345/
2018-04-20T05:41:23.000Z
හොරණ රබර් කර්මාන්ත ශාලාවේ පරිසර බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි
හොරණ කර්මාන්ත ශාලාවේ පරිසර බලපත්‍රය අත්හිටුවයි
COLOMBO (Newsfirst) - ඇමෝනියා වායුව ආග්‍රහණය වී පුද්ගලයින් 5 දෙනෙකු මියගිය හොරණ, බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ පරිසර බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබේ. එහි පරිසර දූෂණ පාලන අංශයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා සඳහන් කළේ, කර්මාන්ත ශාලා අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් වනතෙක් මෙම තීරණය වලංගු වන බව ය. මේ අතර බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ කළමනාකරු ලබන 25 වැනිදා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරු හොරණ වැඩබලන මහේස්ත්‍රාත් කාන්ති කන්නන්ගර මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. ඊයේ දහවල් සිදුවූ එම අනතුරින් මියගිය පුද්ගලයින්ගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පානදුර මූලික රෝහලේ සිදු කෙරිණි. මේ අතර අනතුරින් සිහිසුන්වූ පුද්ගලයින් 19 දෙනෙකු තව දුරට ත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව හොරණ මූලික රෝහලේ අධිකාරී තමර කළුබෝවිල මහතා සඳහන් කළේය. ඔහු පැවසුවේ ඉන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව ය.
2018-04-20T04:34:42.000Z
හොරණ රබර් කර්මාන්ත ශාලාවේ කළමනාකරු රිමාන්ඩ්
හොරණ රබර් කර්මාන්ත ශාලාවේ කළමනාකරු රිමාන්ඩ්
COLOMBO (Newsfirst) - ඇමෝනියා වායුව ආග්‍රහණය වී පුද්ගලයින් 5 දෙනෙකු මියගිය හොරණ, බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ කළමනාකරු ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරු අද දහවල් හොරණ වැඩබලන මහේස්ත්‍රාත් කාන්ති කන්නන්ගර මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. ඊයේ දහවල් සිදුවූ එම අනතුරින් මියගිය පුද්ගලයින්ගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ මේ වනවිට පානදුර මූලික රෝහලේ සිදු කෙරෙමින් පවතී. පොලීසිය සඳහන් කළේ, මරණ පරීක්ෂණවලින් අනතුරුව සිරුරු ඥාතීන්ට භාරදෙන බව ය. මේ අතර අනතුරින් සිහිසුන් වූ පුද්ගලයින් 19 දෙනෙකු තව දුරට ත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව හොරණ මූලික රෝහලේ අධිකාරී තමර කළුබෝවිල මහතා සඳහන් කළේය. ඔහු පැවසුවේ ඉන් දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව ය.
2018-04-20T03:39:28.000Z
සංශෝධිත දුම්රිය ගාස්තු පිළිබඳ අවසන් වාර්තාව අද ප්‍රවාහන අමාත්‍යංශයට
සංශෝධිත දුම්රිය ගාස්තු පිළිබඳ අවසන් වාර්තාව අද
COLOMBO (Newsfirst) - සංශෝධිත දුම්රිය ගාස්තු පිළිබඳ අවසන් වාර්තාව අද ප්‍රවාහන අමාත්‍යංශයට භාර දීමට නියමිතව තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අමාත්‍යංශ අනුමැතිය ලැබීමෙන් පසු නව ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිත බව ය. කෙසේ වෙතත් ගාස්තු ඉහළ දැමීමට පෙර දුම්රිය මගීන්ගේ පහසුකම් තහවුරු විය යුතු බවට වන යෝජනාවක් ද දෙපාර්තමේන්තුවට ඉදිරිපත්ව ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. ඒ හේතුවෙන් දුම්රිය ගාස්තු ඉහළ දැමීම තවදුරටත් ප්‍රමාද විය හැකි බව ද අදාළ නිලධාරියා අනාවරණය කළේ ය. මේ අතර දුම්රිය ගාස්තු ඉහළ නොදැමීම නිසා පසුගිය වසරේ රුපියල් මිලියන 6700ක පාඩුවක් දෙපාර්තමේන්තුවට දැරීමට සිදුව තිබේ. නව ගාස්තු සංශෝධනය අනුව 15% කින් ගාස්තු ඉහළ දැමීමට නියමිත ය. 2008දී සිදුකළ ගාස්තු සංශෝධනවලට අදාළ ගැසට් නිවේදනය පරිදි නව ගාස්තු සංශෝධන සිදු කරමින් පවතියි. එහිදී ඇතැම් ගාස්තු සංශෝධන 15% ඉක්මවා යා හැකි බව ද දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මෙහිදී අවම ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවේ. මේ අතර ආසන වෙන් කිරීමේ ගාස්තු ද සංශෝධනය කෙරෙනු ඇති. දුම්රිය ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු පංච පුද්ගල කමිටුවේ නිර්දේශ මත නව ගාස්තු සංශෝධන සකස් කිරීම සිදුවේ. https://www.youtube.com/watch?v=r-mSgJzW3Kk
2018-04-20T02:21:07.000Z
අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියෙන් රතු නිවේදනයක්
මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක්
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය රතු නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලීසියෙන් කළ ඉල්ලීමකට අනුව ය. මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩු විභාගයේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින අර්ජුන මහේන්ද්‍රන් මහතා අධිකරණ නියෝග කඩ කිරීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහය ඉල්ලා සිටියේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1919186118141637/
2018-04-20T00:51:39.000Z
යාලේ මිස්සක හස්තියා මිය යාම පිළිබඳව විශේෂ පරීක්ෂණයක්
යාලේ මිස්සක මිය යාම පිළිබඳව විශේෂ පරීක්ෂණයක්
COLOMBO (Newsfirst) - යාල වනෝද්‍යානයේ මිස්සක හස්තියා වෙඩි ප්‍රහාරයකින් මිය යාම සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, අවුරුදු 35ක් පමණ වයසැති මෙම හස්තියාට වෙඩි වැදීමෙන් පසු දින ගණනාවක් අසාධ්‍ය තත්ත්වයේ සිටි බව ය. හස්තියා ඊයේ දිනයේ මිය ගිය අතර මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත ය. අඩි 3ක් පමණ දිග දළ යුගලක් හිමි මිස්සක හස්තියා යාල වනෝද්‍යානයේ ඇතුන් අතර සංචාරකයින්ගේ නොමද ආකර්ශනයට ලක්වූ හස්තියෙකි. මේ අතර වනජීවී පශූ වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා සඳහන් කළේ, පසුගිය 15 වන දා මෙම හස්තියා යාල වනෝද්‍යානයේ වැටී සිටින බවට ලද තොරතුරක් මත කළ නිරීක්ෂණයේදී හස්තියාගේ වම් පාදයට ඉහළින් වර්ග අඩියක පමණ විශාල තුවාලයක් දක්නට ලැබුණු බව ය. ඒ සඳහා දින 4ක් පුරා පශු වෛද්‍යවරුන් කණ්ඩායම් ප්‍රතිකාර කළ ද මිස්සක හස්තියාගේ දිවි බේරා ගැනීමට නොහැකි වූ බව ඔහු ප්‍රකාශ කළේ ය. හස්තියාට වෙඩි තැබූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක ය.
2018-04-20T00:29:06.000Z
නාවික හමුදාවේ දෙවන අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අධිකාරිත්වයට පත් කෙරේ
නාවික හමුදාවේ අධි තාක්ෂණික නෞකාව අධිකාරිත්වයට
COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකා නාවික හමුදාවේ දෙවන අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අධිකාරිත්වයට පත් කෙරිණි. මෙම නෞකාව ඉන්දියාවේ ගෝවා නැව් තටාකාංගණයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කළ දෙවන අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව යි. මෙය ඊයේ අධිකාරියට පත් කළේ කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේදී ය. 'සිඳුරළ' නමින් අධිකාරියට පත් කරන ලද මෙම අධි තාක්ෂණික නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම සිදු කළේ, සර්ව ආගමික ආශිර්වාදය මධ්‍යයේ ය. මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස නෞකාවේ නවීන පහසුකම් සහ උපකරණ පිළිබඳව නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. 'සිඳුරළ' නෞකාවේ දිග මීටර් 105.7ක් වන අතර පළල මීටර් 13.6ක් අතර සැහැල්ලු හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවිය හැකි අංගනයක් ද මෙය සතු ය. නිලධාරීන් 18 දෙනෙකුගෙන් සහ නාවිකයින් 100 දෙනෙකුගෙන් මෙහි නැව් මුළුව සමන්විත වේ.
2018-04-20T00:01:56.000Z
පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු තොටලඟදී අත්අඩංගුවට
තවත් පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට
COLOMBO (Newsfirst) - පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු කොළඹ තොටලඟ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව ය. අත්අඩංගුවට පත්ව ඇත්තේ 23 හැවිරිදි ඩිල්ෂාන් මධුවන්ත හා 26 හැවිරිදි මුණසිංහ ආරච්චිගේ සුසන්ත නමැති කොළඹ 15 ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට භාර දී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන තවත් සැකකරුවෙකු ගම්පහ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ. ඔවන් සතුව තිබී කඩු 2ක්, ව්‍යාජ හැඳුනුම්පත් 2ක් ද සොයාගෙන තිබේ. වැඩිදුර විමර්ශන සඳහා ඔහු මිනුවන්ගොඩ පොලීසියට ඉදිරිපත් කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.
2018-04-19T23:02:33.000Z
පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමට ලබා දී තිබූ නිල කාලය අදින් අවසන්
පළාත් පාලන ආයතන සංස්ථාපනට දී තිබූ කාලය අදින් අවසන්
COLOMBO (Newsfirst) - පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමට ලබා දී තිබූ නිල කාලය අදින් අවසන් වේ. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා ප්‍රකාශ කළේ, ආයතන 170ක ප්‍රථම සභා වාරය පළාත් කොමසාරිස්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බව ය. එහිදී සභාපති, උප සභාපති, නගරාධිපති, උප නගරාධිපති තනතුරු සඳහා පුද්ගලයින් පත් කර ගත්තේ සභිකයින් අතර පැවති ඡන්ද විමසීමකින් අනතුරුව ය. මේ අතර මැතිවරණයෙන් 50%කට වැඩි බහුතරය දිනා ගත් පළාත් පාලන ආයතන 170ක ප්‍රධානීන් පත් කෙරුණේ, ඒ ඒ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මැතිවරණ කොමිසමට යොමු කළ නම් පදනම් කර ගනිමිනි.
2018-04-19T21:45:00.000Z
හොරණ කර්මාන්ත ශාලාවේ සිද්ධිය සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්
හොරණ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක්
COLOMBO (Newsfirst) - හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවේ ඊයේ සිදුවූ අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණක් සිදුකරන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා ප්‍රකාශ කළේ, ඒ සඳහා විශේෂ කණ්ඩායමක් යොමු කර ඇති බව ය. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ, දැනට ක්‍රියාත්මක පොලිස් පරීක්ෂණවලින් අනතුරුව කම්කරු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව ය. අදාළ කර්මාන්ත ශාලාවේ ආරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇති බවට තහවුරු වුවහොත් එහි කටයුතු අත්හිටුවීමට පියවර ගන්නා බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ය හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තවත් 15 දෙනෙකු සිහිසුන්ව හොරණ රෝහලට ඇතුළත් කෙරිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඊයේ පස්වරු 1.20ට පමණ කර්මාන්ත ශලාවේ සේවකයෙකු එහි ඇති ඇමෝනියා ගබඩා කර තිබූ ටැංකියකට ඇද වැටී ඇති බව ය. ඔහු බේරා ගැනීමට ගිය සිව් දෙනෙකු ඇමෝනියා වායුව ආග්‍රහණය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය. රෝහල් අධිකාරී තමර කළුබෝවිල මහතා සඳහන් කළේ, අනතුරෙන් සිහිසුන් වූ 15 දෙනා තවදුරටත් හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන බව ය. ඉන් එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් අධිකාරීවරයා පැවසුවේ ය. සිහිසුන් වු පිරිස අතරට කාන්තාවන් දෙදෙනෙකු ද අයත්. මේ අතර අදාළ අනතුර සිදුවූ බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ කළමනාකාරවරයා ද ඊයේ සවස අත්අඩංගුවට ගත්තේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අපරික්ෂාකාරීව කටයුතු කිරීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බව ය.
2018-04-19T20:28:30.000Z
තිරසර අනාගතයක් උදාකර ගැනීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන අරමුණයි - ජනපති පොදුරද මඩුලු විධායක සභාව අමතමින් කියයි
තිරසර අනාගතයක් උදාකර ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණයි
COLOMBO (Newsfirst) - අන් රටවල් මෙන් ම තිරසර අනාගතයක් උදාකර ගැනීම ශ්‍රී ලංකාවේ ද අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය විධායක සභාවට එක්වෙමිනි. ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස්හි එය රැස්විණි. විධායක සභාවට සහභාගී වූ ජනාධිපතිවරයා පිළිගත්තේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය විසිනි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, දූපත් රාජ්‍යයක් ලෙස මතු පරපුරේ ප්‍රයෝජනය උදෙසා භූමිය, වනාන්තර, ගංගා සහ සමුද්‍රය සම්බන්ධයෙන් තිරසර අනාගතයක් සාක්ෂාත් කර ගැනීමට විශේෂ උනන්දුවක් දක්වන බව ය. මේ අතර ඊයේ රාත්‍රියේ ජනාධිපතිතුමා දෙවැනි එළිසබෙත් මහ රැජිණ විසින් රාජ්‍ය නායකයින් වෙනුවෙන් පවත්වනු ලැබූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද සහභාගී විය.
2018-04-19T19:54:28.000Z
ස්වාසිලන්තයට අලුත් නමක්
ස්වාසිලන්තයට අලුත් නමක්
(Newsfirst) - ස්වාසිලන්තයේ නම කින්ඩම් ඔෆ් ස්වාටී හෙවත් ස්වාටී රාජධානිය ලෙස වෙනස් කර තිබේ. තෙවන ස්වාටි රජු සිය රටෙහි නම වෙනස් කිරීමට පියවර ගෙන ඇත්තේ, එරට 50 වන නිදහස් දින සැමරුමට සමගාමීව ය. ස්වාසිලන්තයේ 50 වන නිදහස් දින සැමරුම් උළෙලේදී තෙවන ස්වාටි රජු එරට නව නාමය නිවේදනය කළේ ය. ඒ අනුව සිය රටෙහි නම වෙනස් කිරීමට පෙළඹෙන රාජකීයන් සුළුතරය අතරට තෙවන ස්වාටි රජු ද එක්වෙනු ඇති. ස්වාසිලන්තය යනු දකුණු අප්‍රිකාවේ පිහිටි වර්ග කිලෝමීටර් 17364කින් සමන්විත කුඩා දූපත් රාජ්‍යයක් වන අතර මිලියන 1.3ක ජන සංඛ්‍යාවක් එහි ජීවත් වෙති.
2018-04-19T19:33:49.000Z
මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා අද සිට ගාස්තු මීටරය අනිවාර්යයි
ත්‍රිරෝද රථ සඳහා ගාස්තු මීටරය අද සිට අනිවාර්යයි
COLOMBO (Newsfirst) - මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා අද සිට ගාස්තු මීටරය අනිවාර්ය කර තිබේ. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා ප්‍රකාශ කළේ, කිලෝමීටරයක් සඳහා අය කරන ගාස්තුව සම්බන්ධයෙන් මගීන්ට දැනුවත් වීම සඳහා එය ප්‍රදර්ශනය ද අනිවාර්ය බව ය. ගාස්තු මීටරය නොමැති ත්‍රිරෝද රථ වැටලීම සඳහා පොලීසිය සමග විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
2018-04-19T11:20:37.000Z
මහජනතාවට බරක් වූ පළාත් පාලන ආයතන නියෝජිතයින්
මහජනතාවට බරක් වූ පළාත් පාලන ආයතන නියෝජිතයින්
COLOMBO (News 1st) - පසුගිය මැතිවරණයෙන් පළාත් පාලන ආයතන සඳහා තේරීපත් වූ නියෝජිතයින් සංඛ්‍යාව පසුගිය මැතිවරණයවලට සාපේක්ෂව දෙගුණයකින් වැඩිවීම හේතුවෙන් මේ විට මහජනතාවට දැරීමට සිදුවි ඇති වියදම ද අති විශාල ලෙස ඉහළ ගොස් තිබේ. පළාත් පාලන ආයතන 340 ක් සඳහා සභිකයින් 8500 කට අධික ප්‍රමාණයක් මේ වන විට තෝරා පත් කරගෙන ඇත. මීට පෙර පැවති ක්‍රමවේදයට සාපේක්ෂව මෙවර පත් වූ මන්ත්‍රී සංඛ්‍යාව 4000 ක පමණ වැඩිවීමකි. දළ වශයෙන් මාසික මන්ත්‍රී දීමනාව අනුව නගරාධිපතිවරයෙකුට රුපියල් 30,000ක් ද නගරසභා හා ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුට රුපියල් 25,000ක් ද හිමි වේ. උපනගරාධිපතිවරයෙකුට රුපියල් 25,000 ක් සහ ප්‍රාදේශීය හා නගර සභාවල උපසභාපතිවරයෙකුට රුපියල් 20,000ක දීමනාවක් ද හිමිය. 7800 කට ආසන්න සෙසු නියෝජිතයන් සියල්ලටම රුපියල් 15,000ක මාසික දීමනාවක් හිමි වේ. ඒ අනුව, වර්තමාන ක්‍රමවේදය තුළ රටේ සියලු පළාත් පාලන ආයතනවල මන්ත්‍රී දීමනා පමණක් වසරකට රුපියල් මිලියන 1855 කට අධික මුදලක් වැය කිරීමට සිදුවනු ඇත. මේ හේතුවෙන් නව ක්‍රමය තුළ ජනතාවට දැරීමට සිදුවන අතිරේක වියදම රුපියල් මිලියන 720ක් ය. එම මුදල දීමනා සඳහා වන අතිරේක වියදම් පමණි. ඒ හැර වාහන, ඉන්ධන, දුරකතන ආදී නොයෙකුත් දීමනා ද එකතු කළ විට ජනතාවට සේවය කිරීමට ඇති අති විශාල මුදලක් පළාත් පාලන නියෝජිතයින් නඩත්තු කිරීම සඳහා වැයවීම කණගාටුවට කරුණකි. https://www.youtube.com/watch?v=XAeuqwlhAMc&feature=youtu.be
2018-04-19T10:34:38.000Z
ශ්‍රී ලංකාවේ තේවලට ජපානයෙන් සීමා පැනවීමේ අවදානමක්
ශ්‍රී ලංකාවේ තේවලට ජපානයෙන් සීමා පැනවීමේ අවදානමක්
COLOMBO (News 1st) - ජපානය, ශ්‍රී ලංකාවෙන් තේ ගෙන්වීම සීමා කිරීමේ අවදානමක් මතු ව තිබේ. ඊට හේතුවී ඇත්තේ ජපානය පනවා ඇති සීමාව ඉක්මවා ශ්‍රී ලංකාවේ තේවල MCPA රසායනිකය අඩංගුවී තිබීම ය. ග්ලයිපොසෙට් තහනමත් සමග ශ්‍රී ලංකාවේ තේ වගාව ආශ්‍රිත වල් පැලෑටි විනාශ කිරීම සඳහා MCPA රසායනිකය භාවිත කිරීමට මහාපරිමාන වගාකරුවන් පියවර ගෙන ඇත. මෙම රසායනික සංඝටකය අන්තර්ගත ආහාර ද්‍රව්‍ය සඳහා ජපානය දැඩි සීමා පනවා තිබේ. එම සීමාව ඉක්මවා මෙම රසායනය අඩංගුවීම හේතුවීම දැනටමත් ශ්‍රී ලංකාවෙන් යැවූ තේ තොග කිහිපයක්ම ප්‍රතික්ෂේප කර ඇතැයි තේ අපනයනකරුවෝ ප්‍රකාශ කළහ. තේ මණ්ඩලය පෙන්වා දෙන්නේ ජපානය ශ්‍රී ලංකාවේ තේ සඳහා සීමා පැනවීමක් කළහොත් එය යුරෝපා වෙළෙඳපොළටද බලපානු ඇති බවයි. https://www.youtube.com/watch?v=BtlCuujmEkE
2018-04-19T08:57:19.000Z
අ. ඩොලරයට සාපේක්ෂව වාර්තාගත ලෙස රුපියලේ අගය පහළ යයි
වාර්තාගත ලෙස රුපියලේ අගය පහළට
COLOMBO (News 1st) - අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනය තුළදී වාර්තාගත ලෙස අවප්‍රමාණය වී තිබේ. ඒ, ඩොලර් සඳහා ආනයනකරුවන්ගේ පැවති අධිඉල්ලුම හේතුවෙනි. ඊයේ දිනය තුළදී අමෙරිකානු ඩොලර් 1 ක් රුපියල් 156.35 - 156.50 ත් අතර දෝලනය වූ බව වෙළෙඳපොළ තොරතුරු අනාවරණ කර ඇත. මේ වන විට අමෙරිකානු ඩොලර් 1 ක් රුපියල් 156.30 - 156.40 ත් අතර අගයක රැඳී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු දත්තවල දැක්වෙන්නේ මේ වසරේ ආරම්භයේ සිට ඉකුත් අප්‍රේල් 5 වන දා වන විට රුපියලේ අගය 2% කින් අවප්‍රමාණය වී ඇති බවයි. එම කාලය තුළ යුරෝවලට සාපේක්ෂව රුපියලේ අගය 4.8%කින් ද ස්ටර්ලින් පවුමකට සාපේක්ෂව රුපියලේ අගය 4.8% කින් ද ජපාන යෙන් 1ට සාපේක්ෂව 7.1% කින් අවප්‍රමාණය වී තිබේ. https://www.youtube.com/watch?v=HMpLKVWymZQ
2018-04-19T08:38:09.000Z
25 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ලන්ඩන් නුවරදී ඇරඹෙයි
25 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව ඇරඹේ
COLOMBO (News 1st) - 25 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව අද ලන්ඩන් නුවරදී ආරම්භ විය. ඒ, බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිණගේ ප්‍රධානත්වයෙනි. පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයින් ද එක්විය. සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු සාමාජික රටවල් 53 ක රාජ්‍ය නායකයෝ එක්ව සිටිති. මෙවර සමුළුව විවිධ රටවල සංස්කෘතීන්ට අදාළ සංගීතයන්ගෙන් සමන්විත වීම විශේෂත්වයකි. බ්‍රිතාන්‍යට යටත්ව සිට නිදහස ලැබු රටවල් 53 ක් මෙම සමුළුවට එක් ව සිටිනු ඇති. සෑම දෙවසරකට වරක් පැවැත්වෙන මෙම පොදුරාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුව ප්‍රථම වරට පැවැත්වුණේ 1971 වර්ෂයේ මොල්ටා රාජ්‍යයේදී ය. පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල ඇති පොදු ගැටලු පිළිබඳව සාකච්ජා කිරීමේ අරමුණෙන් මෙම සමුළුව පැවැත්වෙනු ඇත. 2013 වසර මෙම සමුළුවේ සත්කාරකත්වය දැරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි විය. පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව අවසන් වරට පැවැත්වූයේ 2015 වසරේ මොල්ටා රාජ්‍යයේදී ය. පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ සභාපති ධූරය මොල්ටා අග්‍රාමාත්‍ය ජෝසෆ් මුස්කත් මහතා විසින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය වෙත අද පිරිණමන ලදී. ඒ අනුව පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ සභාපති ධූරය 2020 වසර දක්වා තෙරේසා මේ මහත්මිය විසින් හොබවනු ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/1918032301590352/
2018-04-19T07:10:03.000Z
මීතොටමුල්ල කසළ කන්දෙන් හානි වූවන්ට ලබාදෙන දීමනා දිර්ඝ කෙරේ
මීතොටමුල්ල කසළ කන්ද- හානි වූවන්ගේ දීමනා දිර්ඝ කෙරේ
COLOMBO (News 1st) - මීතොටමුල්ල කසළ කන්ද නායයාමෙන් පසු වෙනත් නිවාසවල රැඳී සිටින පවුල් සඳහා ලබාදෙන මාසික දීමනාව ලබන මස දක්වා දිර්ඝ කරන ලෙස ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත. අමාත්‍යවරයා සඳහන් කළේ, කසළ කන්ද නායයාමෙන් ඉඩම් අහිමිවූවන් ඉදිරිපත් කර ඇති අභියාචනා සලකා බලා කඩනමින් ඔවුන් වෙත වන්දි ලබාදීමට කටයුතු කරන බවයි. මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අද පෙරවරුවේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, කසළ කන්ද නායයාමෙන් වාහන 40 කට පමණ අලාභහානි සිදුව ඇති බවයි. එහෙත් ඇතැම් වාහනවල ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට නොහැකිවීම හේතුවෙන් ඒවායේ අයිතිකරුවන් බලවත් දුෂ්කරතාවට පත් ව ඇති බව ද අමාත්‍යවරයා පැවසුවේ ය. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ විශේෂ කමිටුවක් මගින් අදාළ තොරතුරු කඩිනමින් ලබාගෙන අලාභහානි වූ වාහන සඳහා ඉක්මනින් වන්දි ලබාදීමට පියවර ගන්නා බව ද රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.