date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-04-30T00:24:39.000Z | නඩාල් බාසිලෝනා ටෙනිස් කිරුළ 11 වන වරටත් සතු කරගනී | නඩාල් බාසිලෝනා ටෙනිස් කිරුළ 11 වන වරටත් සතු කරගනී | COLOMBO (News 1st) - ශ්‍රේණිගත කිරීම් හී පෙරමුණේ සිටින ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් ටෙනිස් ශූරතා අතරට 11 වැනි බාසිලෝනා විවෘත ශූරතාව ද එක් කර ගත්තේය. ස්පාඤ්ඤ යේ බාසිලෝනා හී දී ඊයේ (29) පැවති අවසන් තරගයේදී ඔහු හමුවේ පරාජය වූයේ ග්‍රීසියේ ස්ටෙෆනෝස් ස්ටිටිපාස් ය. තරගයේ පළමු වටය ලකුණු 6 ට 2 ක් ලෙස ජය ගත් නඩාල් දෙවැනි වටය ද ලකුණු 6 ට 1 ක් ලෙස පහසුවෙන් ජය ගත්තේය. මැටි සහිත ටෙනිස් පිටියක් තුළදී නඩාල් ලැබූ අඛණ්ඩ 19 වන ජයග්‍රහණය හා සිය ටෙනිස් දිවියේ ලැබූ 401 වන ජයග්‍රහණය ලෙස මෙම ජයග්‍රහණය වාර්තා අතරට එක් වෙනු ඇති. එසේම නඩාල් මේ දක්වා බාර්සිලෝනා විවෘත ටෙනිස් තරගාවලියේ තරග කළ අවසන් මහා තරග සියල්ලම ජයගෙන තිබීම ද විශේෂත්වයකි. |
2018-04-29T23:24:28.000Z | බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණ ලේඛනාගාරයේ ගින්නක් | බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ගින්නක් | COLOMBO (News 1st) - බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ ගින්නක් හටගෙන තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, බණ්ඩාරවෙල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ සහාය ඇතිව ගින්න මේ වන විට සම්පුර්ණයෙන් නිවා ඇති බවයි. ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණවී නොමැත. පොලීසිය පැවසුවේ, එම ස්ථානයට රස පරීක්ෂක කැඳවීමට නියමිත බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. |
2018-04-29T22:52:56.000Z | හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකාගේ 71 වැනි ඡන්ම දිනය අද යි | මාලනී ෆොන්සේකාගේ 71 වැනි ඡන්ම දිනය අද යි | COLOMBO (News 1st) - හෙළ සිනමාවේ නිළි රැජිණ, ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මියගේ 71 වැනි ඡන්ම දිනය අදට යෙදී තිබේ. අකල් වැස්ස වේදිකා නාට්‍ය හරහා කලා ලෝකයට ප්‍රවේශ වූ වන්නිආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා රිදී තිරයට පා තබන්නේ 1968 වසරේ තිස්ස ලියනසූරිය මහතාගේ පුංචි බබා සිනමා පටයෙනි. එතැන් පටන් මේ දක්වා ඇය රංගන දායකත්වය ලබාදී ඇති සිනමා පට ගණන 155ක් වේ. සිය නිසඟ හැකියාවන් සතතාභ්‍යාසයෙන් ඔපවත් කරගත් ඇය අඛණ්ඩව දශක පහක් මෙරට ජනප්‍රියම රංගන ශිල්පිනිය ලෙස ජන හදවත් තුළ ලැගුම් ගෙන සිටි. 2010 වසරේදී මාලනී ෆොන්සේකා යන නාමය, ආසියාවේ හොඳම රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් 25 දෙනා අතරට ඇතුළත් විය. 1975 වසරේදී එයා දැන් ලොකු ළමයෙක් සිනමා පටයේ රංගනය වෙනුවෙන් මොස්කව් අන්තර් ජාතික සිනමා උළෙලේදී ඇය ඇගයීමට ලක්වෙන්නේ ජාත්‍යන්තර ඇගයීමක් ලැබූ මෙරට ප්‍රථම රංගන ශිල්පියා බවට පත්වෙමිනි. |
2018-04-29T21:12:50.000Z | බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇම්බර් රඩ් ඉල්ලා අස් වෙයි | ඇම්බර් රඩ් සිය ධූරයෙන් ඉවත් වෙයි | COLOMBO (News 1st) - බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇම්බර් රඩ් සිය ධූරයෙන් ඉල්ලා අස්විය. ඒ, දීර්ඝ කාලයක් පුරා බ්‍රිතාන්‍යයේ දිවිගෙවූ කැරිබියන් දූපත් වාසී පුද්ගලයින් පිරිසක් අනවසර සංක්‍රමණිකයින් ලෙසට හංවඩු ගැසීමෙන් උද්ගත වූ අර්බුධය හේතුවෙනි. සිය ඉල්ලා අස්වීමේ ලිපියේදී ඇය පැහැදිලි කළේ, එම සංක්‍රමණිකයින් පිටුවහල් කිරීමට රජයට පැවති සැලසුම් හෙළි කිරීමෙන් වැලකී පාර්ලිමේන්තු කමිටුවක් නොමග යැවීමට තමන් කටයුතු කළ බවයි. වින්ඩ්රෂ් පරපුර ලෙස හැඳින්වෙන එම සංක්‍රමණික පිරිස 1948 - 1971 කාලය තුළ බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූයේ එරට ශ්‍රමික හිඟය පියවීමට ආරාධනා ලැබීමෙන් පසුවය. දෙවන ලෝක යුධ සමයෙන් පසුව බ්‍රිතාන්‍ය ආර්ථිකය ගොඩනැංවීමට ද ඔවුන් දායක විණි. බ්‍රිතාන්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරියගේ මෙම ඉල්ලා අස්වීම, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේගේ පාලනයට දැඩි පහරක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. |
2018-04-29T20:47:04.000Z | බත් පැකට්ටුවක් රු 10 කින් ඉහළ දැමීමට සැරසේ | බත් පැකට්ටුවක් රු 10 කින් ඉහළ දැමීමට සැරසේ... | COLOMBO (News 1st) - කෑම පැකට්ටුවක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එහි ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ, ගෑස් මිල ඉහළ නැංවීමට සමගාමිව මතුවන පාඩුව මගහැරවීම සඳහා මෙම පියවර ගත් බව ය. මේ අතර රජය විසින් ගෑස් මිල වැඩි කිරීම හේතුවක් ලෙස ගෙන එහි අයුතු ප්‍රයෝජන ගනිමින් ආහාර මිල වැඩි කිරීමට ආපනශාලා හා හෝටල් හිමියන්ට ඉඩ නොදෙන බව පාරිභෝගික අධිකාරිය පැවසූවේය. නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේ, වර්තමානයේ ගෑස් මිල රු 245.00 කින් වැඩිකළා වූව ද මෙයට පෙර 2014 - 2015 පැවති මිල ගණන් අනුව සැසඳීමේදී එය අඩු මට්ටමක පවතින හෙයින් ආපනශාල හා හෝටල්වල කිසිදු ආහාරයක මිල වැඩි කිරීමට හේතුවක් නොමැති බවයි. ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ තීරණය පරිදී ගෘහස්ත ගෑස් මිල අප්‍රේල් 27 වන දින සිට රුපියල් 245 කින් වැඩි වූ අතර එහි නව අළෙවි මිල රුපියල් 1679.00 කි. මෙයට පෙර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී රු 110.00 කින් ගෑස් මිල වැඩි කරනු ලැබිණි. |
2018-04-29T19:54:30.000Z | ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන් | ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන් | COLOMBO (News 1st) - ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන් වේ. අද අලුයම ශ්‍රී පාද මළුවේ සිදු කෙරෙන විශේෂ පූජාවකින් පසු ශ්‍රී පාද වන්දනා සමය අවසන් කෙරෙනු ඇති. ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව පළාත් ප්‍රධාන සංඝා නායක හා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියන් සඳහන් කළේ, අද දිනයේදී ශ්‍රී පාද උඩුමළුවේ තැන්පත් කර තිබෙන සදාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ උඩු මළුවේ සිට පැල්මඩුල්ල රජමහා විහාරය දක්වා වැඩම කරන බවයි. |
2018-04-29T19:49:48.000Z | වෙසක් සමයේ මහජන ආරක්‍ෂාවට පොලීසියෙන් විශේෂ වැඩපිළිවෙළක් | මහජන ආරක්‍ෂාවට පොලීසියෙන් විශේෂ වැඩපිළිවෙළක් | COLOMBO (News 1st) - වෙසක් සමයේ මහජන ආරක්‍ෂාව සඳහා පොලීසිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, කොළඹ නගරයේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 3000 ක් යොදවා ඇති බවයි. මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1900 ක් හා රථ වාහන හැසිරවීමේ රාජකාරී සඳහා නිලධාරීන් 1100 ක් රාජකාරියේ යොදවා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. මේ අතර වෙසක් උත්සවයට සමගාමීව අද දිනයේත් දිවයිනේ පිහිටි සියලු ම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළෙඳසැල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත්, මස් මාංශ අළෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අළෙවි කිරීම නැවැත්වීමට කටයුතු කරන ලෙස රජය දන්වා ඇත. |
2018-04-29T19:40:17.000Z | ලෙස්ටර් ජෙම්ස් පීරිස්ගේ දේහය අද තිඹිරිගස්යායේ නිවසට | ලෙස්ටර් ජෙම්ස් පීරිස්ගේ දේහය තිඹිරිගස්යායේ නිවසට | COLOMBO (News 1st) - හෙළ සිනමාවේ පියාණන් ලෙස සැලකෙන ලොව ජ්‍යේෂ්ඨතම සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මිය යන විට එතුමාගේ වයස අවුරුදු 99 කි. දේහය අද පෙරවරුවේ කොළඹ 05, තිඹිරිගස්යාය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මාවතේ පිහිටි නිවසට රැගෙන ඒමට නියමිත බව පවුලේ ඥාතීන් සඳහන් කළේ ය. දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් යුතුව ලබන බදාදා (02) කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙනු ඇති. 1918 වසරේ අප්‍රේල් මස 5 වැනි දාවක දෙහිවලදී උපන් ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා, ලෝක සිනමා සිතියමේ ශ්‍රී ලාංකිය සලකුණයි. |
2018-04-29T19:21:54.000Z | සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේ දෙවන දිනය අද යි | සිරස-යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේ දෙවන දිනය අදයි | COLOMBO (News 1st) - සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේ දෙවන දිනය අද යි. කොළඹ 02, බේබෲක් පෙදෙසේ පිහිටි සිරස මූලස්ථානය පරිශ්‍රයේදී සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය අද ත් පැවැත්වෙනු ඇති. මිහින්තලේ රාජමහා විහාරස්ථානය, ගාල්ල පරමානන්ද රාජමාහා විහාරස්ථානය, තිස්සමහාරාම රාජමහා විහාරය සහ මරදාන අග්‍රශ්‍රාවක විහාරස්ථානවලින් වැඩම කර වූ සර්වඥ හා මහරහත් ධාතූන් වහන්සේ සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේදී බැතිමතුන්ට වන්දනාමාන කළ හැකියි. සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේ ධාතූන් වහන්සේ වන්දනාවට ඊයේ දිවයිනේ නන් දෙසින් සෑදැහවතුන් විශාල පිරිසක් එක් විය. සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය හෙට දිනයේ ද පැවැත්වීමට නියමිත වේ. පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් බත් දන්සැල්, බීම දන්සැල් හා ඔසුපැන් දන්සල් ක්‍රියාත්මක වනු ඇත. සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේ, අද දිනයේ ධාතූන් වහන්සේ වන්දනාව දහවල් කාලයේ ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. මේ අතර සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයට සමගාමීව පූජ්‍ය රාජගිරියේ අරියඥාණ හිමියන්ගේ සිරස FM පන්සිල් මළුව විශේෂ ධර්ම සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වෙනු ඇති. මහරහතුන් වැඩිමග ඔස්සේ ධර්මය දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාණ හිමියන්ගේ වැඩමවීමෙන් පැවැත්වෙන මෙම ධර්ම සාකච්ඡාව ආරම්භ වන්නේ අද පස්වරු 3.00 යි. කොළඹ බේබෲක් පෙදෙසේ සිරස වෙසක් කලාපය සමීපයේ පිහිටා ඇති මුවර්ස් ක්‍රීඩාංගණයේදී මෙම ධර්ම සාකච්ඡාව පැවැත් වේ. සුදුවතින් සැරසී කල්වේලා ඇතිව පැමිණ අසුන් ගන්නා ලෙස සංවිධායක මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් ද කර සිටි. |
2018-04-29T10:47:17.000Z | ලොව ජ්‍යෙෂ්ඨතම සිනමාකරු ලෙස්ටර් ජෙම්ස් පීරිස් අභාවප්‍රාප්ත වෙයි | ලෙස්ටර් ජෙම්ස් පීරිස් අභාවප්‍රාප්ත වෙයි | COLOMBO (News 1st) - හෙළ සිනමාවේ පියාණන් ලෙස සැළකෙන ලොව ජ්‍යෙෂ්ඨතම සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය. සිනෙස්ටා පදනමේ සභාපති ජයන්ත ධර්මදාස මහතා සඳහන් කළේ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ බව ය. මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 99කි. 1956 වසරේ දෙසැම්බර් 29 වෙනිදා රේඛාව චිත්‍රපටය තුළින් ඔහු මහා සිනමා විප්ලවයක ආරම්භය සනිටුහන් කළේය. ඔහු ඉතිහාසයට ඒකව සිටින්නේ චිත්‍රාගාර තුළ අමුද්‍රව්‍ය යොදා ගනිමින් මැවුණු කෘත්‍රිම රූ රටා වෙනුවට සිනමා කැමරාව චිත්‍රාගාරයෙන් පිටතට ගෙන ගොස් ස්වභාවිකත්වය සිනමාවට ආරෝපණය කළ පළමු ලාංකීය සිනමාකරුවා ලෙස ය. සංදේශය, ගම්පෙරළිය, රන්සළු, දෙලොවක් අතර, ගොලු හදවත, නිධානය, වෑකන්ද වලව්ව වැනි අනගි නිර්මාණ ලෙස්ටර්ගේ සිනමා චාරිකාවේ මං සලකුණු කිහිපයකි. |
2018-04-29T09:17:07.000Z | හුන්නස්ගිරිය ශ්‍රී දළඳා ගමන් මාළිගා විහාරයේ බුද්ධ මන්දිරය විවෘත කෙරේ | හුන්නස්ගිරි ශ්‍රී දළඳා විහාරයට නව බුද්ධ මන්දිරයක් | COLOMBO (News 1st) - හුන්නස්ගිරිය, කෙවුල්ගම, ශ්‍රී දළදා ගමන් මාළිගා විහාරස්ථානයේ අභිනව බුද්ධ මන්දිරය විවෘත කිරීම අද සිදු විය. හුන්නස්ගිරිය, කෙවුල්ගම, ශ්‍රී දළදා ගමන් මාළිගා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කෙවුල්ගම හේමාලෝක හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම උත්සවය පැවැත් විණ. අභිනව බුද්ධ මන්දිරය විවෘත කිරීම සිදු කෙරුනේ පල්ලේකුඹුර වළව්වේ කුමාරිහාමී සහ පවුලේ ඥාතීන් විසිනි. https://www.facebook.com/NewsfirstSL/videos/1929611597099089/ |
2018-04-29T09:11:24.000Z | "එජාප ප්‍රතිසංස්කරණ හා ප්‍රතිසංවිධානය තවදුරටත්" - අගමැති | එජාප ප්‍රතිසංස්කරණ හා ප්‍රතිසංවිධානය තවදුරටත්... | COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ හා ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය තවදුරටත් සිදු කරන බව පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, රුවන් විජේවර්ධන කමිටු වාර්තාවේ සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවයි. ඒ සඳහා පක්ෂයේ ව්‍යවස්ථාවේ අදාළ සංශෝධන සිදු කිරීමට පියවර ගන්නා බව එහි සඳහන් ය. එක්සත් ජාතික පක්ෂයේ මෑතකදී සිදුකළ වෙනස්කම් හා ඒ සම්බන්ධයෙන් පළවන අදහස් පිළිබඳව අවධානය යොමුකරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙම නිවේදනය නිකුත් කර තිබේ. එහි සඳහන් වන්නේ නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම්, හරීන් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා, හා අජිත් පී පෙරේරා යන මහත්වරුන් පක්ෂයේ බර කරට ගන්නට නායකත්වයදීම සඳහා අලුතින් එක්වී සිටින බවයි. නව නායක පෙළක් බිහිකිරීමේ වැදගත් පියවරක් තබමින් ඔවුන් නියෝජ්‍ය නායක හා උපනායකයා සමග එක් ව නව ජවයකින් හා ප්‍රවේශයකින් ජයග්‍රාහි ගමනකට පදනම සකසනු ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. ඔහුගේ නිවේදනයේ දැක්වූයේ, නියෝජ්‍ය නායකයා වෙත නව වගකීම් රැසක් පැවරීමටත්, පක්ෂයේ සංවිධාන ශක්තිමත් කිරීමේ කාර්ය වඩාත් සාර්ථකව ඉටු කිරීමටත් මෙමගින් පසුබිම සැකසෙනු ඇති බවයි. පක්ෂයේ කටයුතු තවදුරටත් විධිමත්ව හා ක්‍රමවත්ව කරනු පිණිස විෂය භාර ලේකම් හා සහකාර ලේකම් තනතුරු කිහිපයක් ද ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බව එහි සඳහන් වේ. රනිල් වික්‍රමසිංහ මහතා පැවසූවේ, එහිදී තව ත් තරුණ මන්ත්‍රීවරුන් ගණනාවකට පක්ෂය වෙනුවෙන් සිය මෙහෙවර ඉටු කිරීමේ මාර්ග විවර කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ සමග සෑම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම නිශ්චිත වගකීමි පැවරීමට ද නියමිත බව ඔහු නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. |
2018-04-29T09:33:07.000Z | විචිත්‍රාංග රැසකින් සමන්විත සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය | සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය | COLOMBO (News 1st) - අද සිට දින තුනක් පුරා පැවැත්වෙන සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය මෙවරත් අංග රැසකින් සමන්විත ය. මෙවරත් නාවික හමුදාව වෙසක් කලාපය සමග එක් ව සිටි. ඔවුන් ඉදිකළ පහන් කූඩුවලින් කලාපය විචිත්‍රවත් වන අතර කඩල දන්සැල ද එහිදී පැවැත්වෙනු ඇත. කුක්කුට ජාතක කථා වස්තුව රැගත් වෙසක් තොරණ ද අද සිට දින 3ක් පුරා මෙම වෙසක් කලාපයේදී නැරඹිය හැකි වේ. ආලෝකෝ උදපාදී චිත්‍රපටය ප්‍රධාන වේදිකාවේදී දැක බලා ගැනීමේ අවස්ථාව ද සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයට පැමිණෙන ඔබට උදා වනු ඇත. සැදැහැවතුන්ගේ විඩා නිවන්නට මෙවරත් බත් දන්සල පැවැත්වෙනු ඇත. වෙසක් කලාපයට සමගාමීව පෙරහැරක් ද අද දිනයේ පැවැත්වෙන අතර එය සංවිධාන කර ඇත්තේ නාවික හමුදාව විසිනි. මේ අතර සිරස FM සංවිධාන කළ සමස්ත ලංකා සැදැහැ ගී තරගාවලියේ අවසන් අදියර ද අද හෙට සහ අනිද්දා දිනයන්හිදී සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේදී පැවැත්වෙනු ඇත. https://www.youtube.com/watch?v=L28ItjME2YI |
2018-04-29T08:38:34.000Z | සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ | සිරස වෙසක් කලාපය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ | COLOMBO (News 1st) - අසිරිමත් වෙසක් මංගල්‍ය වෙනුවෙන් 8 වැනි වරටත් සංවිධානය කරන සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. වෙසක් කලාපයට පැමිණි ජනාධිපතිතුමා පළමුව ශාක්‍ය මාලකයට ගොස් මල් පූජා කර ආගමික වතාවත්වල නිරත විය. අනතුරුව ජනාධිපතිතුමා විසින් සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේ ඉදි කර ඇති කක්කුට ජාතකය නිරුපණය කරන තොරණ සහ විදුලි ආලෝක පද්ධතිය විවෘත කරනු ලැබිණි. පසුව ජනාධිපතිතුමා සර්වඥ සහ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා වැඳපුදා ගත්තේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1929580787102170/ |
2018-04-29T03:36:15.000Z | ජනපති බම්බලපිටිය සිරි වජිරාරාමයේ ආගමික වැඩසටහන්වලට සහභාගි වෙයි | ජනපති සිරි වජිරාරාමයේ ආගමික වැඩසටහන්වලට | COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ බම්බලපිටිය සිරි වජිරාරාමයේ ආගමික වැඩසටහන්වලට එක්විය. බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථනයේ ප්‍රතිසංස්කරණය කරන ලද ධර්මශාලාව අපවත්වී වදාළ අතිපුජ්‍ය නාරද මාහිමියන් වහන්සේගේ නමින් සඟ සතුකොට පුජා කිරීමේ පුණ්‍යොත්සවයට ද ජනාධිපතිතුමා සහභාගි විය. මින් පෙර ජනාධිපතිතුමා විසින් දුන් පොරොන්දුවක් ඉටු කරමින් නව ධර්ම මණ්ඩපයක් විහාරස්ථානය වෙත පූජා කළ ජනාධිපතිතුමා විහාරාධිපති අමරපුර ශ්‍රී ධර්ම රක්ෂිත මහා නිකායේ මහානායක අතිපුජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේගේ ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට ද එක්විය. |
2018-04-29T01:09:14.000Z | ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලියක් | ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලියක් | COLOMBO (News 1st) - අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය 2019 - 2023 දක්වා කාල පරාසය තුළ දී පැවැත්වෙන නව අනාගත තරග සැලසුම් නිල වශයෙන් ඉදිරිපත් කළේය. ඒ අනුව පළමු වරට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියක් සංවිධානය කිරීමට තීරණය කර තිබීම විශේෂත්වයකි. 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවට ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලියක් හා තවත් අමතර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයක් පැවැත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. මෙම නව තරගාවලි රටාවන්ට අනුව කණ්ඩයම් 16 කට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවීම විශේෂත්වයකි. මේ අනුව වසර දෙකක් පුරා පවත්වන කලාපීය තරගාවලි, උප කලාපීය තරගාවලිවලට පසුව සාමාජික රටවලට ජාත්‍යන්තර මට්ටමේ තරගාවලි වලට සුදුසුකම් ලැබීමේ වරම් මෙන්ම වැඩි තරග ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමේ වරම් ද හිමි වේ. |
2018-04-29T01:02:14.000Z | නව චිත්‍රපට 70ක් ප්‍රදර්ශන පෝලිමේ | නව චිත්‍රපට 70ක් ප්‍රදර්ශන පෝලිමේ | COLOMBO (News 1st) - නව සිනමා පට 70 ක් පමණ ප්‍රදර්ශනය අපේක්ෂාවෙන් ලැයිස්තුගතව ඇතැයි ජාතික චිත්‍රපට සංස්ථාව පවසයි. එහි සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා සඳහන් කළේ, ඉන් සිනමා පට 50 ක් පමණ රජයේ ප්‍රදර්ශන සමාගම යටතේ ප්‍රදර්ශනය සඳහා අවසර ඉල්ලා ඇති බව ය. මෙම සිනමා පට වලින් බහුතරයක් ප්‍රමිතියෙන් තොර බව හඳුනාගෙන ඇතැයි ද ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා පවසයි. |
2018-04-29T00:49:45.000Z | මාතලේ ලොකු ලූණු වගාව අඩුවීමේ අවදානමක් | මාතලේ ලොකු ලූණු වගාව අඩුවීමේ අවදානමක් | COLOMBO (News 1st) - මෙවර යල කන්නයේදී මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ලූණු වගාව අඩුවීමේ අවදානමක් පවතින බව ගොවීන් පවසති. ඒ, ප්‍රමාණවත් වැසි නොලැබීම හේතුවෙනි. මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, පල්ලේපොළ, නාඋල, ලග්ගල සහ විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වල මේ වනවිට අක්කර 3,000ක ලොකු ලූණු වගා කර තිබේ. |
2018-04-28T21:50:31.000Z | අමෙරිකානු ජනපතිගෙන් දකුණු කොරියානු ජනපතිට විශේෂ දුරකතන ඇමතුමක් | ට්‍රම්ප්ගෙන් දකුණු කොරියානු ජනපතිට දුරකතන ඇමතුමක් | උතුරු සහ දකුණු කොරියානු නායකයින්ගේ ඓතිහාසික සාකච්ඡාවෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ට විශේෂ දුරකතන ඇමතුමක් ලබා දී තිබේ. එහිදී අමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ සියලු දේ ඉතා හොඳින් සිදුවන බව ය. උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හමුවීම සඳහා සුදුසු ස්ථානයක් සහ වේලාවක් තීරණය කරමින් සිටින බව ද අමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණි. ඔහු වැඩි දුරට ත් පවසා ඇත්තේ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සමග ද තමා වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ය. මේ අතර අමෙරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැටී ද, දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍ය සොන්ග් යන්ග් මූන්ට දුරකතන ඇමතුමක් ලබාදී තිබේ. ඒ, උතුරු කොරියාව සමග පැවති සාකච්ඡාවට සුබ පැතුම් පිරිනමමිනි. මේ අතර ඊයේ වොෂින්ටනයේ පැවති රැළියකදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ සති තුනක් හෝ හතරක් ඇතුළත තමා උතුරු කොරියානු නායකයා හමුවන බව ය. එම සාකච්ඡාව ලෝක දේශපාලනයේ සංධිස්ථානයක් වනු ඇතැයි ද ඔහු පැවසීය. |
2018-04-29T00:31:53.000Z | න්‍යෂ්ටික අත්හදා බැලීම් කලාපය වසා දැමීමට උතුරු කොරියාවෙන් පොරොන්දුවක් | උතුරු කොරියාවෙන් පොරොන්දුවක් | සිය න්‍යෂ්ටික අත්හදා බැලීම් කලාපය ලබන මැයි මාසයේ වසා දැමීමට උතුරු කොරියාව පෙරොන්දුවක් ලබා දුන් බව, දකුණු කොරියාව පවසයි. දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ, මාධ්‍ය හමුවක් කැඳවමිනි. න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කරන බවට උතුරු කොරියානු නායකයා මීට පෙර ප්‍රකාශයක් නිකුත් කළ ද, ඊට අදාළ දින වකවානු ඔහු ප්‍රකාශ කළේ නැහැ. දකුණු කොරියාව පවසන්නේ න්‍යෂ්ටික අත්හදා බැලීම් කලාපය ලබන මාසයේදී වසා දැමීමට උතුරු කොරියාව තීරණය කිරීම, ඓතිහාසික තීන්දුවක් බව ය. |
2018-04-28T23:08:56.000Z | වෙසක් සිරි නැරඹීමට යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවයක් | වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවයක් | COLOMBO (News 1st) - වෙසක් සිරි නැරඹීමට යන ජනතාව වෙනුවෙන් අද ත් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයේ යොදවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ, අනුව අද මරදාන සිට දකුණු කළුතර, දකුණු කළුතර සිට මරදාන, අනුරාධපුර සිට කොළඹ කොටුව, වේයන්ගොඩ සිට දකුණු කළුතර අතර විශේෂ දුම්රිය වාර කිහිපයක් ධාවනය වනු ඇති. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය ද වෙසක් සිරි නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර ඇති බව එහි ප්‍රධාන මෙහෙයුම් අධිකාරි පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය. |
2018-04-28T23:00:01.000Z | දන්සැල් පරික්ෂාවට මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් 2500 ක් | දන්සැල් පරික්ෂාවට මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් 2500 ක් | COLOMBO (News 1st) - වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කෙරෙන දන්සැල් පරික්ෂා කිරීම සඳහා අද සහ හෙට දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් 2500 ක පිරිසක් යොදවා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප්‍රකාශ කළේ, ප්‍රමිතියෙන් තොරව පවත්වන දන්සැල් සම්බන්ධයෙන් ආහාර පනතට ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක කරන බව ය. මේ වනවිට ලියාපදිංචි වී ඇති දන්සැල් සංඛ්‍යාව 2625කි. |
2018-04-28T22:56:04.000Z | අද සහ හෙට සුරාසැල් විවෘත කළොත් වැඩ වරදී | අද සහ හෙට සුරාසැල් විවෘත කළොත් වැඩ වරදී | COLOMBO (News 1st) - අද සහ හෙට සුරාසැල් විවෘත කර තබන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, අද සහ හෙට සුරාසැල් වසා තැබීම අනිවාර්ය බව ය. අද සහ හෙට විවෘතව තැබෙන සුරාසැල් සම්බන්ධයෙන් තොරතුරු 011 2 045 077 යන දුරකතන අංකය ලබාදිය හැකි බව ද කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේය. |
2018-04-28T22:45:28.000Z | සිරකරුවන් 432කට අද නිදහස | සිරකරුවන් 432කට අද නිදහස | COLOMBO (News 1st) - ජනාධිපති පොදු සමාව යටතේ අද සිරකරුවන් 432 දෙදෙනෙකුට නිදහස හිමිවෙයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ ඒ අතර කාන්තාවන් සිව්දෙනෙකු ද සිටින බව ය. |
2018-04-28T22:26:33.000Z | වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් | වෙසක් උත්සවය හේතුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් | COLOMBO (News 1st) - කොළඹ නගරය ආශ්‍රිතව අද සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ, ඒ සඳහා පොලිස් නිලධාරින් 3,000ක් යොදවා ඇති බව ය. මේ අතර වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයේ අද සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ. පොලීසිය සදහන් කළේ රාත්‍රි 7 න් පසු මාර්ග කිහිපයක වාහන ධාවනය සීමා කිරීමට සිදුවන බව ය. මෙම මාර්ග සැලැස්ම ක්‍රියාත්මක වන්නේ කොම්පඤ්ඤ වීදිය, ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවත, සිරි උත්තරානන්ද මාවත, බේබෲක් පෙදෙස, ඩෝසන් වීදිය සහ විජේරාම මාවත යන ප්‍රදේශ ආශ්‍රිතවයි. එම මාර්ග ඇතැම් අවස්ථාවලදී සම්පුර්ණයෙන් වසා දැමෙනු ඇති. මේ අතර වෙසක් සිරි නැරඹීමට පැමිණෙන වාහන නතර කිරීම සදහා පොලිසිය විශේෂ ස්ථාන වෙන්කර තිබේ. මේ අනුව කොම්පඤ්ඤ වීදියේ වොක්ෂෝල් වීදිය, යුනියන් පෙදෙස, ස්ටැපල් පාර සහ මුත්තායියා පාර ප්‍රදේශයයි. කුරුඳුවත්ත ප්‍රදේශයේ ආනන්ද කුමාරස්වාමි මාවත, මාකස් ප්‍රනාන්දු මාවත, මලලසේකර මාවත, ලොන්ඩර් පෙදෙස, නගරසභා රථ ගාල, ශ්‍රී ලංකා පදනම් ආයතන පාර , රථ වාහන නවතා තැබීමට වෙන්කර තිබේ. කොල්ලුපිටිය ප්‍රදේශයේ මුහුදු මාවත, කොටුව ප්‍රදේශයේ ගාලුමුවදොර රථ නැවතුම් ස්ථාන, චැතැම් වීදිය, ආදිපාද වීදිය, ශ්‍රීමත් රාසික් ෆරීඩ් මාවත, ලෝටස් පාර , පිටකොටුව ප්‍රදේශයේ මැලිබන් වීදිය , කුමාරවීදිය සහ කේසර් විදිය රථවාහන ගාල් කිරීම සඳහා වෙන්කර තිබෙන බව පොලීසිය පවසයි. ඊට අමතරව බොරැල්ල සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඇතැම් ස්ථාන වෙසක් සිරි නැරඹීමට කොළඹට පැමිණෙන ජනතාවගේ රථවාහන නවතා තැබීම සදහා ස්ථාන වෙන්කර ඇති බව පොලීසිය වැඩි දුරට ත් සඳහන් කළේය. |
2018-04-28T22:02:36.000Z | සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය අද සිට දින තුනක් බේබෲක් පෙදෙසේදී | සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය අද ඇරඹේ | COLOMBO (News 1st) - සම්බුදු තෙමගුල සිහි කරමින් 8 වැනි වරටත් පැවැත්වෙන සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය අද පස්වරුවේ විවෘත කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ, කොළඹ 02, බේබෲක් පෙදෙසේ පිහිටි සිරස මූලස්ථාන පරිශ්‍රයේදී ය. අද , හෙට සහ අනිද්දා යන දිනයන්හිදී සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය පැවැත්වේ. වෙසක් කලාපය තුළදී ඔබට සර්වඥ සහ මහරහත් ධාතූන් වහන්සේලා වන්දනා කර ගැනිමේ උතුම් අවස්ථාව ද හිමිවෙයි. කුක්කුට ජාතකය නිරූපණය කරන තොරණ, පහන් කූඩු ප්‍රදර්ශනයක්, බැති ගී සංදර්ශනයක් ද පැවැත්වේ. සිරස - යුනියන් ඇෂුවරනස් වෙසක් කලාපයට පැමිණෙන ඔබ වෙනුවෙන් බත් දන්සැලක්, ඔසුපැන් දන්සැලක් සහ සිසිල් පැන් දන්සැලක්ද ක්‍රියාත්මකයි. මේ අතර සිරස යුනියන් ඇෂුරන්ස් වෙසක් කලාපයට වැඩම කරවන ධාතුන් වහන්සේ රැගත් රිය පෙරහැර අද පස්වරුවේ වෙසක් කලාප පරිශ්‍රයට ළගාවීමට නියමිත ය. ඒ අනුව, මිහින්තලය රජමහා විහාරස්ථානයේ වැඩවෙසෙන සර්වඥ ධාතූන් වහන්සේ, තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ වැඩවෙසෙන සර්වඥ ධාතූන් වහන්සේ සහ ගාල්ල, පරමානන්ද විහාරස්ථානයේ වැඩ සිටින ධාතූන් වහන්සේ සිරස – යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයට වැඩම කරවනු ලැබේ. |
2018-04-28T20:29:42.000Z | බුදු දහම මිනිසාගේ බුද්ධියට සෘජුව ආමන්ත්‍රණය කළා - ජනපති | බුදු දහම මිනිසාගේ බුද්ධියට සෘජුව ආමන්ත්‍රණය කළා | COLOMBO (News 1st) - බුදු දහම මිනිසාගේ බුද්ධියට සෘජුව ආමන්ත්‍රණය කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේ, ගතානුගතික සමාජ ආකල්ප පුපුරවා හල සම්බුද්ධාගමනය අන්ධානුකරණයේ ගැලී සිටි සමාජය විද්‍යාත්මක චින්තනයකට යොමු කළ බව ය. මේ අතර වෛරී සිත් මත මෛත්‍රියේ පැන් ඉසිමින් අපරිමිත කරුණා , මුදිතා ගුණයෙන් මිනිසාගේ බුද්ධිමය ප්‍රඥාව අවදි කරන උතුම් වු වෛශාක්‍යය මංගල්‍යයක් වේවායි ජනාධිපතිතුමා ප්‍රාර්ථනා කර සිටී. බුදුරජාණන්වහන්සේ වදාළ ධර්ම මාර්ගය තුළ අප කොතෙක් දුරට ගමන් කරමින් සිටින්නේද යන්න සිතා බැලීමට මෙම වෙසක් උත්සවයක් කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. වෙසක් පොහොය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, ජනතාව තම පැවැත්ම වෙනුවෙන් බුදුදහම ආවරණයක් කර ගැනීමට උත්සාහ නොකර, සමාජයේ යහ පැවැත්ම වෙනුවෙන් බුදුදහම නිසියාකාරයෙන් පිළිපැදීමට අදිටන් කරගත යුතු බව ය. |
2018-04-28T20:21:53.000Z | සම්බුදු තෙමගුල සිහි කෙරෙන උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අද යි | වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අද යි | COLOMBO (News 1st) - 2562 වැනි සම්බුදු තෙමගුල සිහි කෙරෙන උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අද යි. ඒ වෙනුවෙන් ලොව පුරා බෞද්ධ සැදැහැවත්හු ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ ආගමික වතාවත්වල නිරත වෙති. මෙරට සෑම වෙහෙර විහාරස්ථානයකම සම්බුදු තෙමගුල සිහිකරමින් දාන, ශීල, භාවනා ආදී විවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදු වේ. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බෝධිසත්වයාණන් බුද්ධත්වයට පත්වීම සහ සම්මා සම්බුදු පියාණන්ගේ මහ පරිනිර්වාණය යන ත්‍රිවිධ මංගල කරුණු අද වැනි උතුම් පොහෝ දිනක සිදු විය. |
2018-04-28T10:58:30.000Z | සිරස වෙසක් කලාපයට වැඩම කරවන ධාතූන් වහන්සේලා රැගත් රිය පෙරහැර කොළඹට ළඟා වෙයි | සිරස වෙසක් කලාපයට සියල්ල සූදානම් | COLOMBO (News 1st) - වෙසක් පුර පසළොස්වක පොහොය උදා වීමට ඉතිරිව තිබෙන්නේ තවත් පැය කිහිපයක් පමණි. ඒ උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කර ගනිමින් සංවිධාන වන සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේද සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ. ඒ අතර වෙසක් කලාපයට වැඩම කරවන ධාතූන් වහන්සේලා රැගත් රිය පෙරහැර අද කොළඹට ළඟා විය. සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේ තැන්පත් කෙරෙන සඳගිරි සෑ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම වන්නේ තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සිට ය. පැල්මඩුල්ල ගනේගම රන්කෙත් රජමහා විහාරස්ථානයෙන් අද උදෑසන ආරම්භ වූ ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහැර පස්වරුවේ හෝමාගම පුරාණ රජමහා විහාරයට ළඟා විය. ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයේ සිට වැඩම කරවන සර්වඥ සහ අනුබුදු මහරහත් ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහැර ද තෙවන දිනටත් අද උදෑසන ගමන් ඇරඹුවේ ය. ඒ, දිවුලපිටිය කුඩගම්මන ශ්‍රී සුදර්ශන චේතියාරාම විහාරස්ථානයේ සිට ය. ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහැර කඩවත නගරය පසු කරන විට ගුවනින් මල් ඉසිමින් ධාතූන් වහන්සේට පුද සත්කාර කළේ ය. කඩවත එක්සත් වෙළෙඳ සංගමය එය සංවිධාන කර තිබිණි. සර්වඥ සහ අනුබුදු මහරහත් ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහැර අද පස්වරුවේ කැලණිය ඓතිහාසික රජ මහා විහාරස්ථානයට පැමිණියේ ය. ගාල්ල පරමානන්ද විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සර්වඥ ධාතූන් වහන්සේ අද කොළඹට වැඩම කෙරුණේ, සුරක්ෂා නෞකාවෙනි. කොළඔ වරාය දක්වා වැඩම කරවූ සර්වඥ ධාතූන් වහන්සේ අනතුරුව රිය පෙරහැරකින් නාවික හමුදා මූලස්ථානය වෙත වැඩම කරවනු ලැබී ය. අද පස්වරුව දක්වා එහි තැන්පත් කර තිබූ ධාතූන් වහන්සේ අනතුරුව ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවී ය. https://www.youtube.com/watch?v=GVL9TWUd30c |
2018-04-28T08:41:54.000Z | කැපිටල් මහරාජා සංවිධානයේ වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙල අති උත්කර්ෂවත් ලෙස ස්ටයින් මැදිරි සංකීර්ණයේදී | මහරාජා සංවිධානයේ ප්‍රගති සමාලෝචන උළෙල | COLOMBO (News 1st) - සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙල ඊයේ පස්වරුවේ පැවැත්විණි. ඒ, රත්මලානේ පිහිටි ස්ටයින් මැදිරි සංකීර්ණයේදී ය. 2017-2018 හොඳ ම විධායක නිලධාරියා තෝරා ගැනීම වෙනුවෙන් නිර්දේශිත නම් 5ක් ඉදිරිපත් වී තිබිණි. ඒ 1 පී,ඊ, ප්ලස් හි කමල් කුමාර 2 ශක්ති ග්ලෝබල් ටී.වී චමන්ත් රාජ් 3 එස්ලෝන් සමාගමේ සනත් ෂමින්ද්‍ර බණ්ඩාර 4 එම්.බී.සී රම්සි කාසිම් 5 ඒ.එෆ් .ජෝන්ස් හි ෂමීර් රසූල්ඩීන්. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සම කළමනාකරණ අධ්‍යක්ෂ සශී රාජමහේන්ද්‍රන් මහතා සහ සමූහ අධ්‍යක්ෂ ප්‍රදීප් මහරාජා මහතා ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කළේ ය. එහිදී වසරේ හොඳ ම විධායක නිලධාරියා ලෙස තෝරා ගැනුණේ Yes FM නාලිකා ප්‍රධානී රම්සි කාසිම් මහතා ය. 41 වන වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙලේ මෙවර තේමාව වූයේ දිනන්න ක්‍රියා කරන්න යන අර්ථය ඇති 'ඇක්ට් ටූ වින්' යන්න යි. සීමාසහිත කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ 1000කට අධික විධායක නිලධාරීන් සහ නිලධාරිණියන් සමග සම්භාවනීය අමුත්තන් රැසක් ද මෙවර උළෙලට එක්වූහ. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සභාපතිතුමාගේ පණිවුඩය ප්‍රකාශ කළේ, සමූහ අධ්‍යක්ෂ ශ්‍රීලාල් අහංගම මහතා ය. වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූයේ, මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා ය. මාලදිවයින් හිටපු ජනාධිපතිවරයාගේ කතාවෙන් පසු ඔහු රැස්ව සිටි පිරිස තුළ උත්ප්‍රේරණයක් ඇති වන අන්දමින් ද අදහස් පළ කළේ ය. |
2018-04-28T08:50:29.000Z | අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට තරග කරනවා - මොහොමඩ් නෂීඩ් | "අවස්ථාවක් ලැබුණොත් ජනාධිපතිවරණයට තරග කරනවා" | COLOMBO (News 1st) - මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා වර්තමාන දේශපාලන තත්ත්වය සහ නැවත බලයට පැමිණීම පිළිබඳව ඊයේ අදහස් පළ කළේ ය. මොහොමඩ් නෂීඩ් මහතා මේ අදහස් පළ කළේ කැපිටල් මහරාජා සංවිධානයේ වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. මාලදිවයිනේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව අදහස් පළ කළ නෂීඩ් මහතා මාලදිවයිනේ මීළඟ ජනාධිපතිවරණය පිළිබඳව අදහස් පළ කළේ ය. ඔහු පැවසුවේ, ජනාධිපතිවරණය සඳහා තරග කිරීමේ අවස්ථාවක් නොමැති නමුත් අවසාන මොහොතේ වුවත් සිදුවීම්වල වෙනසක් විය හැකි බව ය. එලෙස ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අවස්ථාවක් ලැබුණහොත් අනිවාර්යයෙන්ම ඊට තරග කොට ජයග්‍රහණය කරන බව මොහොමඩ් නෂීඩ් මහතා අවධාරණය කළේ ය. |
2018-04-28T07:40:24.000Z | සිය පන්ති භාර ගුරුවරයාගේ ම රථයේ ගැටී අකාලයේ මිලින වූ මල් කැකුළ | පන්ති භාර ගුරුවරයාගේ රථයේ ගැටී මිලින වූ මල් කැකුළ | COLOMBO (News 1st) - රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ හම්බන්තොට සූරියවැව ජාතික පාසලේ සිසුවියගේ දේහය අද ඇගේ නිවසට ගෙන ආවේ ය. අශිනි සත්සරණි මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දීමට සූදානමින් සිටි දැරියකි. පාසලේ පැවති සීල සමාදාන වැඩසටහනින් පසු යළි නිවසට යන අතුරතුර ඊයේ පස්වරුවේ අශිනි පාර මාරු වීමේදී සිය පන්ති භාර ගුරුවරයාගේ ම රථයේ ගැටී ජීවිතක්ෂයට පත් වූවා ය. ඇය එලෙස පාර මාරු වී ඇත්තේ සිය හොඳ ම මිතුරියට වෙසක් සුබ පැතුම් පතක් ලබා දීමේ අරමුණිනි. කාගේත් ආදරය දිනාගත් අශිනි සත්සරණිගේ නිසල දේහය අද සූරියවැව පිහිටි සිය නිවසට රැගෙන ආවේ ප්‍රදේශයේ කාගේත් හදවත් කම්පා කරමිනි. |
2018-04-28T08:15:14.000Z | ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ ඉදිරි සැලැස්ම | ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 16ගේ ඉදිරි සැලැස්ම | COLOMBO (News 1st) - ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ ඉදිරි සැලැස්ම කුමක් ද? ඒ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් පැහැදිලි කළේ ය. |
2018-04-28T10:44:14.000Z | පක්ෂ නායකත්වයත් ඡන්දයෙන් පත් වෙන්න ඕන - ඉරාන් වික්‍රමරත්න | "පක්ෂ නායකත්වයත් ඡන්දයෙන් පත් වෙන්න ඕන" | COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ සිදුවූ පක්ෂ ප්‍රතිසංවිධානය පිළිබඳව පක්ෂයේ මැති ඇමතිවරුන් ම අදත් විවේචනාත්මක අදහස් පළ කළේ ය. මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ, පක්ෂයේ නායකත්වය ඡන්දයෙන් පත් විය යුතු බව ය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඉරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ, පසුගියදා පක්ෂයේ සිදුවූ ප්‍රතිසංවිධානය අර්ධ ප්‍රතිසංවිධානයක් බවත් එය සම්පූර්ණ කළ යුතු බවත් ය. මේ අතර නව මහ ලේකම් ධූරයට පත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේ ය. අනතුරුව එතුමන් රාමඤ්ඤ නිකායේ මහා නායක නාපානේ ප්‍රේමසිරි මහා නාහිමි, මල්වතු - අස්ගිරි මහා නායක හිමිවරුන් ද බැහැ දුටුවේ ය. https://www.youtube.com/watch?v=MY4k2JR073g |
2018-04-28T06:17:38.000Z | ඉදිරි පැය කිහිපයේ පළාත් කිහිපයකට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම් | පළාත් 9කට ආපදා කළමනාකරණයෙන් අනතුරු ඇඟවීම් | COLOMBO (News 1st) - ඉදිරි පැය 09 සඳහා පළාත් කිහිපයකට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලටත්, ගාල්ල, මාතර, වවුනියාව සහ මන්නාරම් දිස්ත්‍රික්කවලටත් එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව ය. ඇතැම් ස්ථානවලට මිලිමිටර් 75ක පමණ තද වැසි ද අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවන්හිදී පැයට කිලෝමීටර් 70-80 පමණ තාවකාලිකව තද සුළං ද අපේක්ෂා කළ හැකි බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය. |
2018-04-28T04:40:50.000Z | දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් ඇතුළු 2630 දෙනෙකු අත්අඩංගුවට | පොලිස් විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 2630ක් කොටුවෙයි | COLOMBO (News 1st) - අද අලුයම 4.00 සිට පෙරවරු 8.00 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 938 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, විවිධ අපරාධයන්ට සම්බන්ධ සැකකරුවන් 733 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ය. එම මෙහෙයුමේදී බීමත් රියැදුරන් 270 දෙනෙකු ද, හෙරොයින් ඇතුළු නීති විරෝධී මධ්‍යසාර සම්බන්ධයෙන් පුද්ගලයින් 633 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. පැය 5ක් පුරා ක්‍රියාත්මක කළ එම මෙහෙයුමෙන් අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 2630කි. රියැදුරන් 8276 දෙනෙකුට රථ වාහන වැරදි සම්බන්ධයෙන් නඩු පැවරූ බව ද පොලීසිය සඳහන් කළේ ය. |
2018-04-28T03:27:32.000Z | මිටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ජය R.A.I.S. රාජසිංහට | මිටර් 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ජය රාජසිංහට | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා යුද හමුදාවේ R.A.I.S. රාජසිංහ එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරිම සඳහා පැවැත්වෙන තේරීම් තරගාවලියේ කාන්තා මීටර් 100 ය කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වේ ජය හිමිකර ගත්තේය. ඇයට ඒ සඳහා ගතවූ කාලය තත්පර 14 යි දශම 5 යි 2 කි. එළඹෙන ආසියානු ක්‍රීඩා උලෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරිම සදහා පැවැත්වෙන තේරීම් තරග අද දෙවන දිනටත් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එම තරගයේ දෙවන ස්ථානය හිමි වූයේ තත්පර 15 යි දශම 1 යි 5 කින් තරගය අවසන් කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ H.W.K.හපුආරච්චිටයි. තරගයේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට තත්පර 15 යි දශම 3 යි 5 කින් තරගය අවසන් කළ රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ N.G.P.R.ගුණතිලක සමත් වූවා ය. |
2018-04-28T03:18:02.000Z | 1980න් පසු ඇබා සංගීත කණ්ඩායම යළිත් කරළියට | 1980න් පසු ඇබා සංගීත කණ්ඩායම යළිත් කරළියට | ඇබා පොප් සංගීත කණ්ඩායම වාර්තා තබමින් යළිත් ක්ෂේත්‍රයට පිවිස තිබේ. ඒ, 1980 වසරට පසු ප්‍රථම වතාවටයි. වසර 35 කට පසු තමන් සංගීත සවාරියකට සූදානම් බව ඉන්සටර්ග්‍රෑම් පණිවුඩයක් නිකුත් කරමින් ඇබා සංගීත කණ්ඩායම සඳහන් කළේය. |
2018-04-28T03:11:00.000Z | වියානා ඇලට පෙරළුණු ජීප් රථයේ රියැදුරු පොලීසියට භාරවෙයි | වියානා ඇලට පෙරළුණු ජීප් රියැදුරු පොලීසියට භාරවෙයි | COLOMBO (News 1st) - මහියංගණය, වියානා ඇලට ජීප් රථයක් පෙරළීමෙන් දියේ ගිලී අතුරුදන් වූ බවට සැක කළ පුද්ගලයා මහියංගණය පොලිසයට භාර වී තිබේ. පොලීසිය පැවසුවේ අද පෙරවරුවේ ඔහු පොලීසියට පැමිණ භාර වූ බව ය. ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් වාහනය සමග ඇලට පෙරළුනු බවත් පසුව පීනා ගොඩට පැමිණි බව ය. කෙසේ වෙතත් ඔහුගේ ප්‍රකාශයේ සත්‍යතාව තහවුරු කර ගැනීමට අවශය බව පොලීසිය පවසයි. පෙරේදා අලුයම සිදුවූ මෙම අනතුරෙන් වියානා ඇලට වැටී ඇතුරුදන් වූ බවට සැක කළේ, 34 හැවිරිදි හිඟුරක්ගොඩ තැපැල් කාර්යාල ලිපිනයේ පදිංචි උපකාරක පන්ති ගුරුවරයෙකි. ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව ඔහුගේ සිරුර සොයා දින ගණනාවක් පුරා පොලීසිය මෙහෙයුමක් ද ක්‍රියාත්මක කළේය. |
2018-04-28T01:00:40.000Z | නාත්තන්ඩිය - දංකොටුව මාර්ගය තාවකාලිකව වසා දමයි | නාත්තන්ඩිය - දංකොටුව මාර්ගය තාවකාලිකව වසා දමයි | COLOMBO (News 1st) - බටහිර, තුම්මෝදර පාලම ලොරියක් සමග ගිලා බැසීම හේතුවෙන් නාත්තන්ඩිය - දංකොටුව මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මාර්ගය වසා දැමීම හේතුවෙන් කොළඹ දෙසට රථ වාහන රියැදුරන්ට කොස්වත්ත - මාරවිල හරහා ධාවනය කරන ලෙස ය. පාලමේ සිරවී ඇති ලොරි රථය පිටතට ගැනීමේ මෙහෙයුම් මේ වනවිට ආරම්භ කර තිබේ. |
2018-04-27T23:48:38.000Z | සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයට සර්වඥ ධාතූන් වහන්සේලා 3වන දිනට වැඩම කරවීම ඇරඹේ | සිරස වෙසක් කලාපයට ධාතූන් වහන්සේලා වැඩම කරවීම | COLOMBO (News 1st) - සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේ සැදැවතුන්ගේ පුද පූජාවන් වෙනුවෙන් තැන්පත් කිරීම සදහා සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරවීමේ අද තුන්වන දිනටත් සිදුවේ. මිහින්තලය රජමහා විහාරස්ථානයේ වැඩවෙසෙන සර්වඥ ධාතූන් වහන්සේ, තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ වැඩවෙසෙන සර්වඥ ධාතූන් වහන්සේ සහ ගාල්ල, පරමානන්ද විහාරස්ථානයේ වැඩ සිටින ධාතූන් වහන්සේ සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයට වැඩම කරවනු ලැබේ. ගාල්ල, පරමානන්ද විහාරස්ථානයේ වැඩ සිටින ධාතූන් වහන්සේ මහ සාගරය ඔස්සේ සිරස - යූනියස් ඇෂුවරන්ස් වෙසක් කලාපයට වැඩම කරවීම සිදුවන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුරක්ෂා නෞකාව මගිනි. සිරස – යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය හෙට සිට ලබන මැයි 01 වනදා දක්වා පුරා දින 3ක් පුරා කොළඹ 02, බේබෘෘක් පෙදෙස සිරස මාධ්‍ය ජාලයේ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වේ. https://www.facebook.com/NewsfirstSL/videos/1928080420585540/ |
2018-04-28T02:27:34.000Z | කොරියානු රාජ්‍ය නායක හමුව සම්බන්ධයෙන් ලෝක නායකයින්ගෙන් සුබවාදි ප්‍රතිචාර | කොරියානු නායක හමුව ගැන ලෝක නායකයින්ගෙන් ප්‍රතිචාර | කොරියානු රාජ්‍ය නායක හමුව සම්බන්ධයෙන් ලෝක නායකයින්ගෙන් සුබවාදී ප්‍රතිචාර පල වෙමින් පවතී. එම ඓතිහාසික හමුව පිළිබඳව ප්‍රකාශයක් කරමින් චීනය කියා සිටියේ කොරියානු නායකයන් දෙදෙනාගේ දේශපාලන අධිෂ්ඨානය සහ ධෛර්යය ඓතිහාසික පියවරක් ලෙස හැඳින්විය හැකි බව ය. එම ඓතිහාසික හමුව මගින් කොරියානු අර්ධද්වීපයේ දිගුකාලීන ස්ථාවරභාවය සම්බන්ධයෙන් සංධිස්ථානයක් සනිටුහන් කෙරෙනු ඇතැයි බේජිං පාලනය බලාපොරොත්තු තබන බව චීන විදේශ අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයෙහි දැක්වේ. උතුරු කොරියාවේ මිසයිල තර්ජනයට නිරන්තරයෙන්ම ගොඳුරු වෙමින් පැවති රටක් වන ජපානයේ අගමැති ෂින්සෝ අබේ ප්‍රකාශයක් කරමින්, කොරියානු රාජ්‍ය නායක හමුව විග්‍රහ කර තිබුණේ එය "ශුභවාදී පියවරක්" ලෙස ය. දෙන ලද ප්‍රතිඥා ඉටු කිරීමෙහි ලා 'පියෝන්ග්යැන්' පාලනය ස්ථිරසාර ක්‍රියාමාර්ග ගනු ඇතැයි දැඩිව බලාපොරොත්තු තබන බවද ජපාන අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. මේ අතර 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කරන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ සිදු වෙමින් පවතින්නේ යහපත් දෙයක් බව ත් එහෙත් සියල්ල කාලය විසින් තීන්දු කරනු ඇති බව ය. කොරියානු නායක හමුව යතාර්ථයක් බවට පත් කර ගැනීම සදහා චීන ජනාධිපති ෂී ජින් පින් ලබා දුන් සහයෝගය ද අමතක කළ නොහැකි බවද ජනපති ට්‍රම්ප් සදහන් කළේය. රුසියාව කොරියානු රාජ්‍ය නායක හමුව හඳුන්වා දෙන ලැබුවේ "ඉතා ශුභවාදී වර්ධනයක්" ලෙස ය. නේටෝ සංවිධානයේ මහලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් ද කොරියානු නායක සමුළුවේ තීරණ සම්බන්ධයෙන් සතුට පල කළේය. එහෙත් තවත් ගතයුතු බොහෝ පියවර ඇති බවද නේටෝ මහලේකම්වරයා කියා සිටියේය. කෙසේ වෙතත් ප්‍රකාශිත අරමුණු සම්බන්ධයෙන් කැපවීම සඳහා 'පියෝන්ග්යැන්' පාලනය තුළ පවතින උනන්දුව පිළිබදව බොහෝ විශ්ලේෂකයින් සැක සහිත තත්වයක පසුවන බව විදෙස් වාර්තා සඳහන් කළේය. |
2018-04-28T01:10:15.000Z | එළවළු ගොවීන්ගේ ගැටළු විසදීමට ජනපති නියමයෙන් විශේෂ සාකච්ඡාවක් | එළවළු ගොවි ගැටළුව ගැන ජනපති නියමයෙන් සාකච්ඡාවක් | COLOMBO (News 1st) - එළවළු මිල පහළ යාමෙන් ගැටළුවලට මුහුණ දී ඇති ගොවීන්ට විසඳුම් ලබා දීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි පැවැත්විය. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මතයි. අමාත්‍ය සරත් අමුණුගම හා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවේදි තීරණය වී ඇත්තේ ගැටළුවලට සතියක් තුළ විසදුම් ලබාදිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමටයි. රජයේ මැදිහත්වීමෙන් එළවළු නිෂ්පාදන වෙළඳපොළට සැපයීම සම්බන්ධයෙන් ද මෙහිදි අවධානය යොමු වී තිබේ. එළවළු අස්වැන්න බහුල ප්‍රදේශවලින් නාගරික ප්‍රදේශ වෙත සිවිල් ආරක්ෂක බලකාය හරහා එළවළු සැපයීම සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡාවට ලක්ව තිබේ. මීට අමතරව බන්ධනාගාර, හමුදා මූලස්ථාන හා රෝහල් වැනි මහා පරිමාණයෙන් එළවළු සපයන ආයතන වෙත දිස්ත්‍රික් මට්ටමින් එළවළු තොග සැපයීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද සාකච්ඡාවේදි අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය. මෙම සකාච්ඡාවේදි හෙළි වී ඇත්තේ එළවළු මිල අඩු වුවද නාගරික ප්‍රදේශවල ඊට සාපෙක්ෂව එළවළු මිල ගණන් අඩු වී නොමැති බව ය. කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් තව දුරට ත් පවතින්නේ ඉතාමත් පහළ අගයකයි. |
2018-04-28T00:35:37.000Z | පොළොන්නරුවේ කැනීමකින් බුද්ධ ප්‍රතිමා දෙකක් හා බෝධි සත්ව ප්‍රතිමා 2 ක් සොයා ගනී | පොළොන්නරුවේ කැනීමකින් පුරාවස්තු කිහිපයක් සොයා ගනී | COLOMBO (News 1st) - පොළොන්නරුව 28 කණුව ප්‍රදේශයේ කළ කැනීමකින් බුද්ධ ප්‍රතිමා 2ක් හා බෝධි සත්ව ප්‍රතිමා දෙකක් ඇතුළු පිළිම කොටස් කිහිපයක් හමු වී තිබේ. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා සඳහන් කළේ, පොළොන්නරුව නව වකුගඩු රෝහල ඉදිකිරිමට යෝජිත භූමියේ මෙම කැනීම සිදුකරන බව ය. මෙම සියලු ප්‍රතිමා පොළොන්නරු යුගයට අයත් බව ද ඔහු සඳහන් කළේය. |
2018-04-28T00:06:20.000Z | දක්ෂිණ අධිවේගයේ පින්නදූවේදී බස් රථ අනතුරක් | දක්ෂිණ අධිවේගයේ පින්නදූවේදී බස් රථ අනතුරක් | COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම ආසන්නයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබේ. අද පෙරවරු 7.20 ට පමණ අනතුර සිදුව ඇත්තේ, එම බස් රථයේ ටයරයක් පුපුරා යාමෙනි. අනතුරට පත් පිරිස මීගහතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. තුවාලකරුවන් රෝහල් ගතකර ඇති අතර අනතුරට ලක්වූ බස් රථය මාර්ගයෙන් ඉවත් කර රථවාහන ධාවනය යථා තත්ත්වයට පත්ව ඇති බව අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා සඳහන් කළේය. |
2018-04-28T00:00:04.000Z | හෂීස් මත්ද්‍රව්‍ය සමග ඉතාලි ජාතිකයෙකු කටුනායකදී කොටුවෙයි | හෂීස් මත්ද්‍රව්‍ය සමග ඉතාලි ජාතිකයෙකු කොටුවෙයි | COLOMBO (News 1st) - රුපියල් ලක්ෂ 53 ක් වටිනා හෂීස් නැමති මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉතාලි ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, ඔහු සතුව තිබී හෂිස් කිලෝ ග්‍රෑම් 5 යි ග්‍රෑම් 200 ක් සොයා ගත් බව ය. තායිලන්තයේ බැංකොක් බලා යාමට තැත් කිරීමේදි අද උදෑසන අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරිම ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේය. සැකකරුගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක් සාදා මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටින් රැගෙන යාමට තැත්කර ඇති අතර ඔහු මෙරට සූපවේදියෙකු ලෙස සේවය කර ඇති බව ද පරීක්ෂණවළදී හෙළිව තිබේ. |
2018-04-27T21:26:53.000Z | රුපියල් ලක්ෂ 89 ක රත්‍රං සමග සිව්දෙනෙකු අත්අඩංගුවට | රුපියල් ලක්ෂ 89 ක රත්‍රං සමග සිව්දෙනෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - රුපියල් ලක්ෂ 89 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං හා රත්‍රං ආලේපිත ආභරණ තොගයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසුවේ සැකකරුවන් කොළඹ, මාලිගාවත්ත, වත්තල හා යාපනය ප්‍රදේශවල පදිංචිකරුවන් බව ය. ඔවුන් අතර කාන්තාවන් තුන් දෙනෙකු ද වන බව සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මුම්බායි බලා යාමට තැත්කිරීමේදී සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/1928159220577660/ |
2018-04-27T20:55:14.000Z | අදත් ප්‍රදේශ රැසකට තද සුළං සමග ගිඟුරුම් සහිත වැසි | අදත් ප්‍රදේශ රැසකට තද සුළං සමග ගිඟුරුම් සහිත වැසි | COLOMBO (News 1st) - අද පස්වරුවේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත් ඇතුළු ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ක පමණ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා පැවසුවේ වැසි සමග තද සුළං ද ඇතිවිය හැකි බව ය. |
2018-04-27T20:44:39.000Z | ගෑස් මිල ඉහළ යාමත් සමග ආපන ශාලා ආහාර මිල ගණන් ඉහළ දැමීමේ සූදානමක් | ආපන ශාලා ආහාර මිල ගණන් ඉහළ දැමීමේ සූදානමක් | COLOMBO (News 1st) - ගෑස් මිල ඉහළ දැමීමට සාපේක්ෂව ආහාර පාන මිල ගණන් ඉහළ නැංවීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එහි ජාතික සංවිධායක අසේල සම්පත් මහතා මේ බව සඳහන් කළේ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ දැමීමට රජය දුන් අවසරය සම්බන්ධයෛන් අදහස් දක්වමිනි. ගෑස් මිල ඉහළ නැංවීමට සාපේක්ෂව ආහාර මිල ගණන් ඉහළ නැංවීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙස ද ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී. මේ අතර ගෑස් මිල ඉහළ නැංවීම පිළිබඳ රජය සමග සාකච්ඡා කර විසඳුමකට පැමිණිමට අපේක්ෂා කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ ගෑස් මිළ ඉහළ නැංවීම බේකරි හිමියන්ට ඉතා අහිතකර ලෙස බලපාන බව ය. කෙසේ වෙතත් බේකරි නිෂ්පාදන ඉහළ නැංවීම කෙරෙහි මෙතෙක් අවධානය යොමු වී නොමැති බව ඔහු සඳහන් කළේය. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල රුපියල් 245 කන් ඉහළ නැංවීම සඳහා ගෑස් සමාගම්වලට අවසර හිමිවිය. ඒ, අනුව කිලෝග්‍රෑම් 12. 5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1676 ක් දක්වා ඉහළ යනු ඇති. |
2018-04-27T20:09:44.000Z | තැපැල් දෙපාර්තමේන්තුවේ පරිගණක ජාලය බිඳ වැටීමෙන් සේවා රැසක් අඩාලයි | තැපැල් දෙපාර්තමේන්තුවේ පරිගණක ජාලය බිඳ වැටෙයි | COLOMBO (News 1st) - තැපැල් දෙපාර්තමේන්තුවේ පරිගණක ජාලය බිඳ වැටීම හේතුවෙන් තැපැල් සේවා රැසක් අඩාල වී ඇති බව වෘත්තීය සමිති පෙන්වා දෙන්නේය. තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල අතර සම්බන්ධතා පවත්වන පරිගණක ජාලය එලෙස බිඳ වැටී ඇති බව ය. ඊ-පේ නැමැති මෘදුකාංගයක් මගින් මෙම පරිගණක ජාලය ක්‍රියාත්මක වන අතර එය බිඳවැටීම හේතුවෙන් මුදල් ඇණවුම් භාර ගැනිම හා ඒවා මාරු කිරීම අඩාල වී ඇති බව ද ඔහු පෙන්වා දෙන්නේය. ඊට ප්‍රතිචාර දැක්වූ තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවසුවේ සති 4ක 5ක පමණ කාලයක සිට මෙම තත්ත්වය පවතින බව ත්, මෙය නිවරැදි කර ගැනීමට අවශ්‍ය ක්‍රියා මාර්ග කඩිනමින් ගන්නා බව ය. |
2018-04-27T10:37:35.000Z | නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය කම්කරු දිනය දා - ජනපතිගෙන් ප්‍රකාශයක් | "නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය කම්කරු දිනය දා" - ජනපති | COLOMBO (News 1st) - ලෝක කම්කරු දිනය දා නව අමාත්‍ය මණ්ඩලය පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කර ඇත. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍ර ජෝති අභිධානයෙන් හා මාතලේ මහ දිසාවේ උපප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලැබු පූජ්‍ය අඹගස්වැවේ රාහුලාභිධාන මහා නායක හිමිපාණන්වහන්සේ වෙත එම ධූරය පිළිබඳ අක්තපත්‍ර ප්‍රධානය කිරීම වෙනුවෙන් අද පස්වරුවේ දඹුල්ල ශ්‍රී වළගම්බා මහා පිරිවෙන් විහාරස්ථානයේ පැවති පැවති පූජ්‍යතෝස්වයට එක්වෙමිනි. යහපත් සහ විනය ගරුක සමාජයක් පිළිබඳ බලාපොරාත්තු තැබිය හැක්කේ බෞද්ධ සමාජය ශක්තිමත් කිරීම තුළින් බව ද ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේ ය. ජනාධිපතිතුමා සඳහන් කළේ, විහාරස්ථාන සංවර්ධනය හා සංරක්ෂණය සඳහා මෙන්ම පුරාවස්තු සංරක්ෂණය වෙනුවෙන් රජයක් ලෙස ප්‍රමුඛ වැඩ කොටසක් මේ වනවිට ඉටු කරමින් සිටින බවයි. |
2018-04-27T07:57:10.000Z | අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළට | අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළට | COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ නැංවීමට පාරිභෝගික අධිකාරිය ගෑස් සමාගම්වලට අවසර ලබාදී තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245.00 කින් ඉහළ යනු ඇති. ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1676.00 කි. |
2018-04-27T08:08:33.000Z | වසර 20ක් පැරණි ධාවන ශ්‍රී ලංකා වාර්තාවක් විනෝජ් තමන් සතු කරගනී | මීටර් 200 ශ්‍රී ලංකා වාර්තාව විනෝජ් හිමිකර ගනී | COLOMBO (News 1st) - 1998 වසරේ දී මෙරට සිටි ධාවන ශූරයෙකු වූ සුගත් තිලකරත්න විසින් පිහිටුවා තිබූ මීටර් 200 පිරිමි ශ්‍රී ලංකා වාර්තා අද තමන් සතු කරගැනීමට විනෝජ් සුරංජය සමත් විය. ජාතික තේරීම් තරගාවලියට අද සහභාගී වෙමින් විනෝජ් සුරංජය මීටර් 200 පිරිමි ඉසව්ව ජය ගත්තේ, තත්පර 20.68 ක දක්ෂතාවක් දක්වමිනි. සුගත් තිලකරත්න එම වාර්තාවට හිමිකම් කීවේ තත්පර 20.69 ක කාලයක් වාර්තා කරමින් ය. අද පැවති තේරීම් තරගයේ දෙවැනි ස්ථානය හිමාෂ ඒෂාන්ට හිමි වූ අතර, තුන්වැනි ස්ථානය හිමි වුණේ දිලීප් රුවන්ටයි. ආසියානු ක්‍රීඩා උළෙලට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තේරීම් තරගාවලියේ පළමු අදියර මෙය වන අතර දෙවැනි අදියර ලබන මස 12 හා 13 වැනි දිනවලදී පැවැත්වීමට නියමිතවේ. |
2018-04-27T07:39:34.000Z | කැපිටල් මහරාජා සංවිධානයේ වසරේ හොඳම විධායක නිලධාරියා ලෙස රම්සි කාසීම් සම්මානයට | මහරාජා සංවිධානයේ වසරේ හොඳම විධායක නිලධාරියා | COLOMBO (News 1st) - සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ 2017 - 2018 හොඳම විධායක නිලධාරීවරයා ලෙස YES FM නාලිකා ප්‍රධානී රම්සි කාසීම් මහතා තේරී පත් විය. ඒ, මේ වනවිට රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේ පැවැත්වෙන 41 වන වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙලෙදීයි. මෙවර සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වන්නේ, මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතායි. https://www.facebook.com/NewsfirstSL/videos/1927196260673956/ |
2018-04-27T07:20:33.000Z | ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් යයි | ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් යයි | COLOMBO (News 1st) - එළඹෙන මැයි මස 19 වන දා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය දින නියමකින් තොරව කල් දමා තිබෙන බව ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා නිව්ස්ෆස්ට් වෙත තහවුරු කර ඇත. පසුගිය 20 වන දා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු රැස්වීමේදී තීරණය කර ඇත්තේ, මැයි මස 19 වැනි දා එය පැවැත්වීමටය. |
2018-04-27T06:57:41.000Z | ආරක්ෂක නිලධාරියාට මිරිස් කුඩු ප්‍රහාර එල්ල කළ වත්තල බැංකු කොල්ලය | වත්තල බැංකුවක් කොල්ල කයි | COLOMBO (News 1st) - යතුරු පැදියකින් පැමිණි කොල්ලකරුවෙකු බැංකුවේ ආරක්ෂක නිලධාරියාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර වත්තල ප්‍රදේශයේ බැංකුවකින් රුපියල් 750,000 ක මුදලක් කොල්ල කා පළා ගොස් ඇත. පොලීසිය සඳහන් කළේ, බැංකු සේවකයින් බිය ගන්වා මුදල් කොල්ලය සිදුකර ඇති බවයි. අද පස්වරු 2.30 ට පමණ සිදු වූ මෙම මුදල් කොල්ලය සිදුකර පළා ගිය සැකකරු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පැවසුවේය. |
2018-04-27T06:18:24.000Z | මහරාජා සංවිධානයේ ප්‍රගති සමාලෝචන උළෙලට මොහොමඩ් නෂීඩ් පැමිණෙයි | මහරාජා සංවිධානයේ ප්‍රගති සමාලෝචන උළෙල | COLOMBO (News 1st) - සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ 41 වන වාර්ෂික ප්‍රගති සමාලෝචන උළෙල අද පස්වරුවේ පැවැත්වේ. ඒ, රත්මලාන ස්ටයින් මැදිරි සංකිර්ණයේදීයි. මෙවර සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන්නේ, මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතායි. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ වසරේ හොඳම විධායක නිලධාරිවරයා ඇගයීම ද මෙම උළෙලේදී සිදු වනු ඇත. මේ සුවිශේෂ උත්සවය ආයතන රැසක් හරහා ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ශ්‍රී ලංකාවාසීන්ට මාහැගි මෙහෙවරක් ඉටු කරන විධායක නිලධාරීන් ඇගයීම සඳහා වාර්ෂිකව පැවැත්වෙන්නකි. https://www.facebook.com/NewsfirstSL/videos/1927149110678671/ |
2018-04-27T05:32:10.000Z | කතරගම ප්‍රාදේශීයසභා සභාපති ආරක්‍ෂාව යටතේ යළි සභාවට | කතරගම ප්‍රාදේශීයසභා සභාපති යළි සභාවට | COLOMBO (News 1st) - රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන මහතා බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්‍ෂාව යටතේ අද කතරගම ප්‍රාදේශිය සභාවට රැගෙන එනු ලැබිණි. ඒ, අද පැවති විශේෂ සභා රැස්වීමකට සහභාගීවීම සඳහා ය. එහිදී විශේෂ කමිටු කිහිපයක් ද පත්කර තිබේ. චානක අමිල් රංගන මහතා මීට දින කිහිපයකට පෙර තිස්සමහාරාම අධිකරණයට භාරවී ඇත. ඒ, මීට මාස කිහිපයකට පෙර මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් ප්‍රාදේශීය සභාවේ ට්‍රැක්ටර් රථ රියැදුරෙකු මිය යාමට එරෙහිව පැවති විරෝධතාවයේදී පොලීසියට අලාභ හානි කිරීමේ සිද්ධියට අදාළවයි. ඔහු ලබන 2 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. |
2018-04-27T04:41:45.000Z | උතුරු සහ දකුණු කොරියානු නායකයින් න්‍යෂ්ටික අවිහරණය සඳහා ප්‍රතිඥා ලබා දෙයි | උතුරු සහ දකුණු කොරියානු නායකයින්ගෙන් ප්‍රතිඥාවක් | COLOMBO (News 1st) - උතුරු සහ දකුණු කොරියානු නායකයින් න්‍යෂ්ටික අවිහරණය සඳහා අද ප්‍රතිඥා ලබාදී ඇත. ඒ, දෙරටේ යුද මුක්ත කලාපයේදී පැවති ඓතිහාසික සාකච්ඡාවෙන් පසුව ය. උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ දකුණු කොරියානු නායක මූන් ජේ ඉන් අතර පැවති එම සාකච්ඡාවේදී උතුරු කොරියානු නායකයා පැවසුවේ කොරියානු ඉතිහාසය අලුතින් ලිවීමට මෙය අවස්ථාවක් වනු ඇති බවයි. |
2018-04-27T02:54:41.000Z | කෙහෙළියට හා ජයම්පති බණ්ඩාරට එරෙහිව පවරා ඇති නඩුවල සාක්ෂි විභාගය ජූලි 13 වන දා | කෙහෙළියට පවරා ඇති නඩුවල සාක්ෂි විභාගය ජූලි 13 | COLOMBO (News 1st) - හිටපු ජනමාධ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව පවරා ඇති නඩුවල සාක්ෂි විභාගය ලබන ජූලි මස 13 වන දා ආරම්භ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද දින නියම කළේ ය. ඒ, සැකකරුවන් දෙදෙනාට අද දින විවෘත අධිකරණය හමුවේදී චෝදනා කියවා දීමෙන් අනතුරුව ය. එහිදී ඔවුන් නිවැරදිකරුවන් බව ප්‍රකාශ කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ ය. මොවුන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් රුපියල් 230,000ක් වැය කර පෞද්ගලික දුරකතන බිල ගෙවීමට පෙළඹවීම හා ඒ සඳහා උපදෙස් දීම ඇතුළු චෝදනා යටතේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1927055060688076/ |
2018-04-27T01:50:50.000Z | වනජීවී නියාමකවරුන් අද පස්වරුවේ සිට අකුරට වැඩ | වනජීවී නියාමකවරුන් අද පස්වරුවේ සිට අකුරට වැඩ | COLOMBO (News 1st) - වනජීවී නියාමකවරුන් අද පස්වරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ. ඒ, වැටුප් දීමනා ගැටලුවක් මුල් කර ගනිමිනි. මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, අදාළ ඉල්ලීම් සලකා බලමින් සිටින බව ය. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ද ඔහු පැවසුවේ ය. |
2018-04-27T01:42:47.000Z | හොරණ රබර් කර්මාන්ත ශාලාවේ හිමිකරු රිමාන්ඩ් | හොරණ රබර් කර්මාන්ත ශාලාවේ හිමිකරු රිමාන්ඩ් | COLOMBO (News 1st) - හොරණ, බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ හිමිකරු ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, අද පෙරවරුවේ ඔහු නීතිඥයෙකු සමග පැමිණ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් අනතුරුව ය. ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි. එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින අදාළ කර්මාන්ත ශාලාවේ කළමනාකරු සහ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටිති. අදාළ කර්මාන්ත ශාලාවේ පසුගිය 19 වන දා පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තවත් 15 දෙනෙකු සිහිසුන්ව හොරණ රෝහලට ඇතුළත් කෙරිණි. |
2018-04-27T01:29:25.000Z | ලෝක බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 100ක ණය මුදලක් | ලෝක බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 100ක ණය මුදලක් | COLOMBO (News 1st) - ලෝක බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 100ක ණය මුදලක් අනුමත කර තිබේ. ඒ, මෙරට අධ්‍යාපන ක්‍රමය නවීකරණය සඳහා ය. එම වැඩපිළිවෙළ යටතේ ආර්ථික සංවර්ධනයට ගැලපෙන ලෙස ඉංග්‍රීසි සහ ගණිත විෂයන් නවීකරණය කෙරෙනු ඇති. |
2018-04-27T00:50:36.000Z | රාසි බොලිවුඩ් චිත්‍රපටයේ දෙවන ගීතය නිකුත් කෙරේ | රාසි බොලිවුඩ් චිත්‍රපටයේ දෙවන ගීතය නිකුත් කෙරේ | (News 1st) - රාසි බොලිවුඩ් චිත්‍රපටයේ දෙවන ගීතය ඉන්ටර්නෙට් වෙත නිකුත් කර තිබේ. එම ගීතය නම් කර ඇත්තේ දිල්බරෝ යනුවෙනි. රාසි බොලිවුඩ් චිත්‍රපටයට දිල්බරෝ ගීතය ගායනා කරනුයේ දක්ෂ ගායන ශිල්පී හර්ෂදීප කොවුර් විසිනි. https://www.youtube.com/watch?v=KMu3sZ9LvDA |
2018-04-27T00:32:15.000Z | ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් ගැනීම සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීම පාර්ලිමේන්තුවට | නිදහස් පක්ෂ 16 දෙනාගේ ලිඛිත ඉල්ලීම භාර දෙයි | COLOMBO (News 1st) - විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීම පිළිබඳව ලිඛිත ඉල්ලීම අද භාර දුන්හ. ඒ, පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාට ය. |
2018-04-26T23:39:43.000Z | විදේශීය දුම්වැටි තොගයක් සමග චීන ජාතික කාන්තාවක කටුනායකදී අත්අඩංගුවට | විදේශීය දුම්වැටි තොගයක් සමග කාන්තාවක අත්අඩංගුවට | COLOMBO (News 1st) - කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී විදේශීය දුම්වැටි තොගයක් සමග චීන ජාතික කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, ඩුබායි සිට ඇය මෙරටට පැමිණ ඇති බව ය. ඇය සතුව තිබී දුම්වැටි 20980ක් සොයා ගෙන තිබේ. ඒවායේ වටිනාකම රුපියල් 1,040,000කි. රුපියල් 50,000ක දඩයක් නියම කිරීමෙන් අනතුරුව අදාළ කාන්තාව නිදහස් කෙරිණි. |
2018-04-26T23:04:12.000Z | වැලිගම මිරිස්ස ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරක් ස්ථාපිත කරයි | වැලිගම මිරිස්ස ප්‍රදේශයේ STF කඳවුරක් ස්ථාපිත කරයි | COLOMBO (News 1st) - වැලිගම මිරිස්ස ප්‍රදේශයේ තාවකාලික පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරක් පිහිටුවා තිබේ. ඒ, ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙනි. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, පසුගියදා මිරිස්ස ප්‍රදේශයේදී සංචාරකයින් පිරිසකට පහර දීමේ සිද්ධිය මීට ආසන්නතම හේතුව වූ බව ය. මුහුදු තීරයේ සිටින දෙස් විදෙස් සංචාරකයින්ට ආරක්ෂාව සැපයීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා සමාජිකයින්ට වෙරළේ ගමන් කළ හැකි රථ ද ලබා දී තිබේ. ත්‍රිකුණාමලය සහ ආරුගම්බේ ප්‍රදේශවල ද මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු 2ක් ස්ථාපිත ය. |
2018-04-26T22:50:25.000Z | කොටහේනේ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට | කොටහේනේ වෙඩි තැබීම: සැකකරුවෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - කොටහේන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, කොටහේන ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බව ය. ඒ, අපරාධයට අනුබල දීම සහ සාක්ෂි වසන් කිරීම යන චෝදනා යටතේ ය. අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොටහේන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. පසුගිය මාර්තු මස 8 වන දා කොටහේන හෙට්ටියාවත්ත ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු විය. |
2018-04-26T22:24:45.000Z | උතුරු සහ දකුණු කොරියානු නායකයින් හමුවෙයි | උතුරු සහ දකුණු කොරියානු නායකයින් හමුවෙයි | (News 1st) - උතුරු සහ දකුණු කොරියානු නායකයින් අතර පැවැත්වෙන ඓතිහාසික හමුව සනිටුහන් කරමින් උතුරු කොරියානු නායකයා - දකුණු කොරියාවට පැමිණියේ ය. 1953 වසරේ කොරියානු යුද්ධය අවසන් වීමෙන් පසු කොරියානු අර්ධද්වීපය බෙදා වෙන් කෙරුණු හමුදා සීමාවෙන් ඔබ්බට ගොස් දකුණු කොරියානු භූමිය මත පා තැබූ පළමු උතුරු කොරියානු නායකයා ලෙස කිම් ජොන්-උන් ඉතිහාසගත වේ. සාකච්ඡා ආරම්භ වීමට පෙර දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 09.30ට උතුරු කොරියානු නායකයා හමු වූයේ දෙරට අතර ඇති දේශසීමාවේදී ය. අනතුරුව දෙරටේ නායකයන් දෙපළ සාකච්ඡා පැවැත්වෙන ස්ථානය පිහිටි යුද මුක්ත කලාපය බලා ගමන් ආරම්භ කළේ ය. මෙම ඓතිහාසික සාකච්ඡාවට අවධානය යොමු වූයේ සිය න්‍යෂ්ටික අවි අත්හැර දැමීමේ සූදානමක් පැවතිය හැකි බවට උතුරු කොරියාව කළ ඉඟිය යි. "ඔබ හමුවීම ගැන මට සතුටුයි" යනුවෙන් ජනාධිපති මූන් ජේ-ඉන් නායක කිම් ජොන්-උන් වෙත පැවසූ බව විදෙස් වාර්තාවල සඳහන් ය. තමන් විසින් සියලු ම මිසයිල අත්හදාබැලීම් අත්හිටුවනු ලද බව උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් පවසා සිටියේ අප්‍රේල් 21 වන දා ය. මේ අතර ජාත්‍යන්තර ප්‍රජාව පුදුමයට පත් කරමින් සෘජු සාකච්ඡාවක් සඳහා උතුරු කොරියාව පසුගිය මාසයේදී කළ ආරාධනය අමෙරිකානු ජනාධිපති ඩෙනල්ඩ් ට්‍රම්ප් ද පිළිගත්තේ ය. මෙම සාකච්ඡාව ද නුදුරේදීම පැවැත්වීමට නියමිත පසුබිමක් තුළ මෙලෙස කොරියානු නායකයින්ගේ හමුව සිදුවීම විශේෂත්වයකි. |
2018-04-26T20:43:33.000Z | බැකෝ යන්ත්‍ර භාවිත කර මැණික් ගැරීම සඳහා බලපත්‍ර 15ක් | බැකෝ භාවිත කර මැණික් ගැරීම සඳහා බලපත්‍ර 15ක් | COLOMBO (News 1st) - බැකෝ යන්ත්‍ර භාවිත කර මැණික් ගැරීම සඳහා බලපත්‍ර 15ක් පමණ ලබා දී ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජෙනරාල් මහේෂ් ගම්මන්පිල මහතා සඳහන් කළේ, සාමාන්‍ය පතල් කම්කරුවෙකුට කැණීම් කළ නොහැකි ජීවිත අවදානම් සහිත ප්‍රදේශවල මැණික් ගැරීම සඳහා මෙම බලපත්‍ර නිකුත් කළ බව ය. බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් සිදු කරන යාන්ත්‍රික මැණික් ගැරීම 2016 වසරේ සැප්තැම්බර් 11 වන දා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් අත්හිටුවනු ලැබී ය. ඒ, යාන්ත්‍රික මැණික් ගැරීම් බලපත්‍රලාභීන් කළ නීති විරෝධී ක්‍රියාකාරකම් සහ ඉන් සිදුවූ පාරිසරික හානි සැලකිල්ලට ගනිමිනි. එහෙත් ප්‍රබල ජීවිත අවදානම් සහිත ස්ථානවල කැණීම් සඳහා පමණක් අදාළ බලපත්‍ර නිකුත් කළ බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කළේ ය. |
2018-04-26T19:56:48.000Z | උතුරු සහ දකුණු කොරියානු නායකයින් අතර ඓතිහාසික හමුවක් | උතුරු සහ දකුණු කොරියානු නායකයින් අතර ඓතිහාසික හමුව | (News 1st) - උතුරු සහ දකුණු කොරියානු නායකයින් අතර ඓතිහාසික හමුවක් අද පැවැත්වේ. ඒ, දෙරට දේශසීමාවෙහි පිහිටි අවිහරණ කලාපයේදී පැවැත්වෙන සමුළුවකදී ය. සිය නායකයා වන මූන් ජේ ඉන් අද පෙරවරු 9.30ට එහිදී උතුරු කොරියානු නායක කිම් ජොන්-උන් පෞද්ගලිකව හමුවන බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේ ය. ඒ අනුව 1953 වසරේ කොරියානු යුද්ධය නිම වීමෙන් අනතුරුව දේශසීමාව ඔස්සේ දකුණු කොරියානු භූමියට පය තබන පළමු උතුරු කොරියානු නායකයා ලෙස කිම් ජොන්-උන් ඉතිහාසයට එක්වනු ඇති. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, කොරියානු දෙරට නායකයින් මේ වන විටත් සමුළුවට සහභාගී වීම සඳහා ගමන් අරඹා ඇති බව ය. |
2018-04-26T19:38:16.000Z | නාවලපිටිය සහ උලපනේ අතරදී දුම්රියක් පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා | උඩරට මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා | COLOMBO (News 1st) - උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සහ උලපනේ දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය අද අලුයම 1.00ට පමණ එලෙස පීලි පැනීමකට ලක්ව ඇති බව ය. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව පාලක මැදිරිය සඳහන් කළේ ය. දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට සිදුවේ. |
2018-04-26T11:31:27.000Z | ICC සාමාජිකත්වය දරණ සියලු රටවලට 20යි 20 තරග වරම් | ICC සාමාජිකත්වය දරණ සියලු රටවලට 20යි 20 තරග වරම් | (News 1st) - අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය දරණ සියලු රටවලට පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග වරම් ලබා දීමට තීරණය කර තිබේ. මෙම තීරණයට එළැඹ ඇත්තේ, ඉන්දියාවේ කොල්කටාහිදී පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල වාර්ෂික සමුළුවේදී ය. අදාළ ක්‍රමවේදය ලබන වසරේ ජනවාරි මාසයෙන් පසු ක්‍රියාත්මක කිරීමට නියමිත බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවියේ දැක්වේ. 2021 වසරේ ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවට පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ. |
2018-04-26T11:06:28.000Z | සිරස වෙසක් කලාපයට වැඩම කරවන සඳගිරි සෑ සර්වඥ ධාතූන් වහන්සේලා සංඛපාල රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවයි | සිරස වෙසක් කලාපයට ධාතූන් වහන්සේලා වැඩම කරවීම ඇරඹේ | COLOMBO (News 1st) - සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය මෙවර දින 3ක් පුරා කොළඹ බේබෘෘක් පෙදෙසේ පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්. වෙසක් කලාපය වෙත වැඩම කෙරෙන ධාතූන් වහන්සේලා විහාරස්ථාන 2ක සිට රිය පෙරහැරින් වැඩම කරවීම අද ආරම්භ කෙරිණි. මෙවර වෙසක් කලාපය සඳහා සඳගිරි සෑ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කෙරෙන්නේ තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සිට ය. විහාරස්ථානයේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව ධාතූන් වහන්සේ රිය පෙරහැරින් වැඩම කරවීම ආරම්භ කළේ ය. තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සිට වැඩම කරවූ ධාතූන් වහන්සේලා අද පස්වරුවේ පල්ලේබැද්ද සංඛපාල රජමහා විහාරස්ථානයේ තැන්පත් කෙරිණි. හෙට ඇඹිලිපිටිය නගරය හරහා ගනේගම රජමහා විහාරස්ථානය වෙත ධාතූන් වහන්සේ රිය පෙරහැරින් වැඩම කරවනු ඇති. ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ සහ අනුබුදු මිහිදු මහරහත් ධාතූන් වහන්සේ අද කුරුණෑගල යන්තන්පලාව කොහිල පොකුණ විහාරස්ථානය වෙත වැඩම කර වූවේ ය. යන්තන්පලාව කොහිල පොකුණ විහාරස්ථානය වෙත වැඩම කරවූ ධාතූන් වහන්සේලා හෙට කුරුණෑගල නගරය හරහා කොටදෙණියාව කුඩාගම්මන විහාරස්ථානය වෙත වැඩම කර වීමට නියමිත ය. මේ අතර මොරවක බානගල විහාරස්ථානය වෙත වැඩම කරවූ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේ දින 2ක් පුරා ප්‍රදේශයේ ජනතාවට වැඳපුදා ගැනීමට අවස්ථාව හිමිවේ. සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය 29 වන දා සිට මැයි පළමු වන දා දක්වා කොළඹ බේබෘෘක් පෙදෙසේ පැවැත්වේ. https://www.youtube.com/watch?v=P8ic49fNWRE |
2018-04-26T10:33:31.000Z | පක්ෂ නායකත්වය ගැන එ.ජා.ප. නියෝජිතයින් කියන කතා | පක්ෂ නායකත්වය ගැන එ.ජා.ප. නියෝජිතයින් කියන කතා | COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ සංවිධානය අද දඹුල්ලේදී පක්ෂයේ ප්‍රතිසංවිධානය පිළිබඳව අදහස් පළ කළේ ය. එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ සභාපති දුමින්ද බණ්ඩාරනායක මහතා පැවසුවේ, ඊයේ පත් කළ නව නිලධාරී මණ්ඩලයට තම සංවිධානය දැඩි විරෝධය පළ කරන බව ය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, පාක්ෂිකයින් ඉල්ලා සිටියේ අනෙක් තනතුරුවල වෙනසක් නොව එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් බව ය. මේ අතර එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. රනිල් වික්‍රමසිංහ මහතාට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුව තුළ ඕන ගේම් එකක් ගසා ජයග්‍රහණය කළ හැකි නමුත් ඡන්දයක් ජයග්‍රහණය කළ නොහැකි බව ඔහු එහිදී අවධාරණය කළේ ය. මේ අතර අද සටන අඩපැය වැඩසටහනට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශ්‍රීනාත් පෙරේරා මහතා පැවසුවේ, බැඳුම්කර සිද්ධියට චෝදනා ලැබූ අයත් සමග පක්ෂය ඉදිරියට ගෙන යා නොහැකි බව ය. වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රීනාත් පෙරේරා මහතා පැවසුවේ, බැඳුම්කරයට සම්බන්ධ අයව පක්ෂ නායකත්වයට යෝජනා කිරීම මගින් පිළිබිඹු වන්නේ, පක්ෂය හොරුන් පිළිගන්නවා යන්න ය. |
2018-04-26T10:10:12.000Z | නිදහස් වෙළෙඳ ගිවිසුම් අත්සන් කළ පදනම ජනතාවට කියන්නැයි ඇමති මලික්ට වෘත්තිකයින්ගෙන් අභියෝගයක් | ඇමති මලික්ට වෘත්තිකයින්ගෙන් අභියෝගයක් | COLOMBO (News 1st) - වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. ඔවුන් මෙහිදී ප්‍රශ්න 10ක් අමාත්‍ය මලින් සමරවික්‍රම මහතාට යොමු කළ අතර ඒ සඳහා පිළිතුරු දිය නොහැකි නම් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ. ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ මෙම ප්‍රශ්නාවලිය අමාත්‍ය මලින් සමරවික්‍රම මහතා වෙත යොමු කර තිබේ. ඔවුන් විමසන එක් පැනයක් වන්නේ, සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම මගින් සිංගප්පූරුව විසින් ලංකාව ඇතුළු ලොව සියලු ම රටවලට දැනටමත් බදු සහන ලබා දී ඇති භාණ්ඩ ලැයිස්තුවක් ඇතුළත් කර ලංකාවේ අපනයනකරුවන්, කැබිනට් මණ්ඩලය සහ ජනාධිපතිවරයා රැවටීමට ලක් කළේ ඇයි ද යන්න යි. කුඩා සිංගප්පූරු භූමියෙනුත් 10%ක් පමණ වන රජයට අයත් නොවන ඉඩම් පමණක් සිංගප්පූරුව පාර්ශවයෙන් ගිවිසුමට ඇතුළත් කරන විට ශ්‍රී ලංකාව සමස්ත භූමිය හා සාගර කලාපය ගිවිසුමේ වපසරිය ලෙස සැලකුවේ ඇයි ද යන්න තවත් පැනයකි. ලොව පිළිගත් නිර්දේශයන් නෙසලකා හරිමින් සිංගප්පූරු ගිවිසුම ඇතුළු දැනට සාකච්ඡා පවත්වන කිසිදු වෙළෙඳ ගිවිසුමක් පිළිබඳව කිසිදු ශක්‍යතා අධ්‍යයනයකින් තොරව අත්සන් කළේ ඇයි ද යන්න ද වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ ප්‍රශ්න කරයි. මේ සඳහා කිසිදු වෘත්තීය සංවිධානයක අදහස් ලබා ගැනීමට කටයුතු නොකරන්නේ ඇයි ද යන්න ද ඔවුහු ප්‍රශ්න කරති. https://www.youtube.com/watch?v=zYn4WTbmBxg |
2018-04-26T09:37:36.000Z | එ.ජා.ප.යට හම්බන්තොට මහ නගර සභාවේ බලයත් අහිමි වෙයි | එ.ජා.ප.යට හම්බන්තොට මහ නගර සභාවේ බලයත් අහිමි වෙයි | COLOMBO (News 1st) - පළාත් පාලන ඡන්දයේදී බහුතර ආසන ප්‍රමාණයක් ජයග්‍රහණය කළ ද හම්බන්තොට මහ නගර සභාවේ බලය අද එක්සත් ජාතික පක්ෂයට අහිමි විය. නගාරාධිපතිවරයා ලෙස පත් වූයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා යි. එරාජ් ප්‍රනාන්දු මහතාට අද පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු ද සහය පළ කළහ. පසුගිය මැතිවරණයේදී හම්බන්තොට මහ නගර සභාව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළේ, ආසන 9ක් දිනා ගනිමිනි. එහිදී පොදුජන පෙරමුණ ආසන 7ක් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 4 ක් ද, ජනතා විමුක්ති පෙරමුණ ආසන 1 ක් ද ලබා ගත්තේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, පොදුජන පෙරමුණේත් ඡන්ද 11 එරාජ් ප්‍රනාන්දු මහතාට ලැබුණු අතර එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අපේක්ෂක ඩී.ඒ. ගාමිණි මහතාට ලැබුණේ එම පක්ෂයේ ඡන්ද 09 පමණි. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය. |
2018-04-26T09:02:13.000Z | ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීන්දු තාර්කික නැහැ - මහ බැංකු අධිපති | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීන්දු තාර්කික නැහැ" | COLOMBO (News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීන්දු තාර්කික නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමරස්වාමි මහතා අද ප්‍රකාශ කළේ ය. ඒ, මහ බැංකුවේ 2017 වාර්ෂික වාර්තාව නිකුත් කරමිනි. 2017 වසරේ මෙරට ආර්ථිකය 3.1%ක අනපේක්ෂිත අඩු වර්ධනයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. |
2018-04-26T08:52:40.000Z | සිරිකොතින් පිටතට ආ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් නොකී කතා | එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් නොකී කතා | COLOMBO (News 1st) - පූර්ණ බලැති දේශපාලන මණ්ඩලය ඊයේ රැස්වී නම් කළ නව තනතුරු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද අනුමත කළේ ය. අද රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සිදුවූ සිදුවීම් පිළිබඳව අනාවරණයක් මේ.... |
2018-04-26T08:33:22.000Z | දේශපාලන මණ්ඩලය නම් කළ තනතුරුවලට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය | නව තනතුරුවලට එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය | COLOMBO (News 1st) - පූර්ණ බලැති දේශපාලන මණ්ඩලය ඊයේ රැස්වී නම් කළ නව තනතුරු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද අනුමත කළේ ය. එහෙත් එම තීරණ විවේචනය කරමින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන හිටපු කථානායක ජෝසප් මයිකල් පෙරේරා මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස් විය. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය. එහිදී නායකත්වය හැර නව තනතුරු කිහිපයකට අදාළ පත්වීම් අනුමත කර ගැනීම සිදුවිණි. ඇතැම් තීරණ පිළිබඳව රැස්වීම හමුවේ විවේචනාත්මකව අදහස් දැක්වූ හිටපු කථානායක ජෝසප් මයිකල් පෙරේරා මහතා සිරිකොත පරිශ්‍රයෙන් පිටව ගියේ එය අවසන් වීමට පෙර ය. රැස්වීම අවසන් වී පිටව ගිය එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙක් ම මාධ්‍යයට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළහ. තලතා අතුකෝරළ සහ ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්ම මහත්මීන් ද ඒ අතර විය. |
2018-04-26T08:06:33.000Z | අල්ලස් කොමිසමට ගිය රන්ජන්ට සිදුවූ අනපේක්ෂිත සිදුවීම | අල්ලස් කොමිසමේදී රන්ජන්ට සිදුවූ අනපේක්ෂිත සිදුවීම | COLOMBO (News 1st) - නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට අද අහම්බෙන් මුණගැසුන පුද්ගලයෙකු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් පළ කළේ ය. රන්ජන් රාමනායක මහතා අද අල්ලස් කොමිසමට පැමිණියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳව පැමිණිලි කිරීමට ය. පැමිණිල්ල කර පිටව යාමට පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයාට මාර්ගයේ යතුරු පැදියක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හමුවිය. https://www.youtube.com/watch?v=SFgnII9KijM |
2018-04-26T05:11:31.000Z | බැඳිවැව ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ගැනීමට තැත් කළ අයට වැඩ වරදියි | ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලූ අයට වැඩ වරදියි | COLOMBO (News 1st) - පොළොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ පදිංචි සහල් මෝල් හිමියෙකුගෙන් කප්පම් ගැනීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් ව්‍යාපාරිකයාට දුරකතන ඇමතුම් ලබා දී ඔහුගේ දරුවන් පැහැර ගන්නා බවට තර්ජනය කරමින් රුපියල් ලක්ෂ 30ක කප්පම් මුදලක් ඉල්ලා ඇති බව ය. අවුරුදු 25 සහ 29 යන වයස්වල පසුවන සැකකරුවන් බැඳිවැව සහ හබරණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. සැකකරුවන් ලබා දුන් දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. |
2018-04-26T04:52:12.000Z | ශ්‍රී.ල.නි.ප.යේ කොළඹට සහ ගම්පහට නව ආසන සංවිධායකවරු | ශ්‍රී.ල.නි.ප.යේ කොළඹට සහ ගම්පහට නව ආසන සංවිධායකවරු | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගම්පහ ආසනයේ නව සංවිධායකවරයා ලෙස අජිත් බස්නායක මහතා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලබා ගත්තේ ය. ඒ, අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ය. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස චමින්ද කුමාර සුදසිංහ මහතා පත්වීම් ලබා ගත්තේ ය. |
2018-04-26T01:43:28.000Z | 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරග කාල සටහන නිකුත් කෙරේ | 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරග කාල සටහන නිකුත් කෙරේ | COLOMBO (News 1st) - 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ හා වේල්ස්යේදී පැවැත්වෙනු ඇති. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 1992 වසරේ පැවැත් වූ ආකාරයට පැවැත්වීමට සූදානම්ව සිටිම විශේෂත්වයකි. මෙවර තරගාවලියේ මූලික වටයේ තරග සියල්ලම ලීග් ක්‍රමයට පැවැත්වීමට නියමිත වේ. ඒ අනුව ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම් 9 සමගම මූලික වටයේදී තරග වැදීමට නියමිත ය. මූලික වටයේ ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීම විශේෂත්වයකි. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළෙඹන වසරේ මැයි මස 30 වන දා පැවැත්වෙන අතර තරගාවලිය ආරම්භ කරමින් දකුණූ අප්‍රිකාව හා එංගලන්තය තරග බිමට පිවිසීමට නියමිත ය. ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය එළඹෙන වසරේ ජූනි මස 1වන දා නවසීලන්තයත් සමග කාර්ඩිෆ් ක්‍රීඩාංගනයේදී පැවැත් වේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ජූලි මස 14 වන දා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය. |
2018-04-26T01:16:48.000Z | අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් වෙයි | අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරාගේ දැඩි තීරණයක් | COLOMBO (News 1st) - හිටපු කථානායක සහ හිටපු අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබේ. අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව ඔහු ඉවත් වු බව අමාත්‍ය වසන්ත සේනානායක ප්‍රකාශ කළේ ය. ඊයේ එක්සත් ජාතික පක්ෂ පූර්ණ බලැති දේශපාලන මණ්ඩලය නම් කළ තනතුරු කෘත්‍යාධිකාරී මණ්ඩලය අද දිනයේ අනුමත කළ බව ද ඔහු කියා සිටියේ ය. |
2018-04-26T00:28:52.000Z | අර්ජුන් ඇලෝසියස් හා කසුන් පාලිසේන යළි ත් රක්ෂිත බන්ධනාගාරයට | ඇලෝසියස් හා පාලිසේන යළි ත් රක්ෂිත බන්ධනාගාරයට | COLOMBO (News 1st) - මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ රතු නිවේදනය රටවල් 192ක බලාත්මක බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය. බැඳුම්කර වංචාව පිළිබඳව වත්මන් මහ බැංකුවේ අධිපතිවරයා කළ පැමිණිල්ලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනුකළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ යළි විභාගයට ගැනිණි. එහිදී දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින නඩුවේ දෙවන හා සිව්වන සැකකරුවන් වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රතිලාභී හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක කසුන් පලිසේන යන මහත්වරුන් අධිකරණයට ඉදිරිපත් කළේ ය. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අද අධිකරණයට දැනුම් දුන්නේ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් අර්ජුන් ඇලෝසියස් මහතා පෙනී සිටින බව ය. සමාගමේ කොටස්කරුවෙකු නොවන ක්‍රියාකාරීව සේවයේ ද නොමැති ඇලෝසියස් මහතා ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ කුමන සබඳතාවක් මත දැයි මහේස්ත්‍රාත්වරිය එහිදී ප්‍රශ්න කළේ ය. ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කොටස් පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමට අයත් බව ය. පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමේ කොටස් හිමි අධ්‍යක්ෂකවරයෙකු ලෙස අර්ජුන් ඇලෝසියස් මහතා කටයුතු කරන බැවින් ඔහුට ඒ වෙනුවෙන් පෙනී සිටිය හැකි බව කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කියා සිටියේ ය. මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සති 2ක කාලයක් ලබා දුන් මහේස්ත්‍රාත්වරිය විරෝධතා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට ද අවස්ථාව ඇතැයි දැනුම් දුන්නේ ය. දුරකතන ඇමතුම් හා කෙටි පණිවුඩ පිළිබඳව සිදු කරන විමර්ශනයේ ප්‍රගතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට වාර්තා කළේ ය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ වත්කම් හා අනෙකුත් මූල්‍ය ලියකියවිලි පරීක්ෂණ සඳහා ලබා දෙන්නැයි රජයේ නීතිඥවරිය ඉල්ලා සිටි අතර නීතිමය අවශ්‍යතා පිළිබඳව පැවති ව්‍යාකූල තත්ත්වය නිසා ඒ පිළිබඳව තීරණය කල් දැමිණි. මෙම නඩු වාර්තාවේ පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළා ය. ඒ, දැනට අධිකරණය මගහැර සිටින ප්‍රධාන සැකකරු අර්ජුන මහේන්ද්‍රන් සොයා ගැනීමට හැකි වුවහොත් කඩිනමින් ඔහු මෙරටට ගෙන්වා ගැනීමේ නීතිමය කටයුතු පහසු කිරීම සඳහා ය. නඩුව මැයි මස 10 වන දා දක්වා කල් තැබුණු අතර සැකකරුවන් දෙදෙනා ඒ දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කළේ ය. |
2018-04-26T00:44:55.000Z | අමෙරිකානු නාවික හමුදාවට අයත් මර්සී නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි | මර්සී නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වෙයි | COLOMBO (News 1st) - අමෙරිකානු නාවික හමුදාවට අයත් මර්සි නෞකාව ඊයේ ත්‍රිකුණාමල වරායට සේන්දු විය. ඒ, ඉන්දු - ආසියා - පැසිෆික් කලාපීය මානූෂීය ආධාර සහ ආපදා සහන මූලික අරමුණ කර ගත්, වාර්ෂිකව පැවැත්වෙන පැසිෆික් සහයෝගිතා වැඩසටහන සඳහායි. මෙම නෞකාව දිගින් මීටර් 272.49ක් සහ පළලින් මීටර් 32.2 ක් වනු ඇති. මැයි මස 9 වන දා දක්වා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් වැඩසටහන් රැසක් සංවිධානය කිරීමට අමෙරිකානු නාවික හමුදාව ප්‍රමුඛ කණ්ඩායම් රැසක් සූදානමින් සිටින බව ද ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ඒකකය පවසා තිබේ. |
2018-04-25T23:53:54.000Z | නැගෙනහිර පළාතේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක | නැගෙනහිර පළාතේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක | COLOMBO (News 1st) - නැගෙනහිර පළාතේ සියලු වෛද්‍යවරුන් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය ශනිත් පේදුරුආරච්චි මහතා පැවසුවේ, වැටුප් වර්ධක ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ආරම්භ කළ බවයි. මේ පිළිබඳව බලධාරීන් සමග අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කළ ද විසඳුම් නොලැබීම හේතුවෙන් වර්ජනය ක්‍රියාත්මක කළ බව ඔහු පැවසුවේ ය. |
2018-04-25T23:40:02.000Z | ස්වර්ණාභරණ අධිකාරියෙන් ජනතාවට උපදෙස් | ස්වර්ණාභරණ අධිකාරියෙන් ජනතාවට උපදෙස් | COLOMBO (News 1st) - ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරයේ ප්‍රමිති මුද්‍රාව සහිත රන් භාණ්ඩ මිලදී ගැනීමට සුපරික්ෂාකාරී වන ලෙස එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. ප්‍රමිතියෙන් තොර රන් භාණ්ඩ අළෙවිය වෙළෙඳපොළ තුළ බහුල වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව එම අධිකාරීය සඳහන් කළේ ය. ඒ අනුව ඉදිරියේදී රන් භාණ්ඩ සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරීයේ ප්‍රමිති සහතික මුද්‍රාව අනිවාර්ය කිරීමට ද පියවර ගන්නා බව එම අධිකාරීයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහේෂ් ගම්මන්පිල මහතා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ ය. |
2018-04-25T22:38:58.000Z | උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කළේ ඇයි? | උ. කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කළේ ඇයි? | COLOMBO (News 1st) - උතුරු කොරියාව අනපේක්ෂිත ලෙස න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් නතර කරන බව නිවේදනය කර ඇත්තේ න්‍යෂ්ටික අත්හදා බැලීම් කළ මැන්ටැප් කඳුවැටිය කඩාවැටීම හේතුවෙන් බව පර්යේෂකයින් අණාවරණ කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ, උතුරු කොරියාවේ උතුරු දෙසින් චීනයට ආසන්නයේ පිහිටි මෙම කඳුවැටිය 2017 වසරේ සැප්තැම්බර් 3 වන දා කළ න්‍යෂ්ටික අත්හදාබැලීමක ප්‍රතිඵලයක් ලෙස කඩාවැටී ඇති බවයි. එම අත්හදාබැලීමෙන් නිකුත් වූ විකිරණශීලී ද්‍රව්‍ය හේතුවෙන්, චීනයට දැඩි බලපෑම් ඇති විය හැකි බව ද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් විය. උතුරු කොරියාව සිදුකළ න්‍යෂ්ටික අත්හදාබැලීම් හයෙන් පහක්ම සිදුකර ඇත්තේ මැන්ටැප් කඳුවැටිය ආශ්‍රිතව වේ. මෙම වාර්තාව පළ වුයේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, හෙට ප්යොන්ග්යැන්ග් හිදී දකුණු කොරියානු ජනපති මූන් ජේ ඉන් හමුවීමට නියමිත පසුබිමකදීයි. |
2018-04-25T20:54:36.000Z | 2018 ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙයි | 2018 ජාතික වෙසක් සතිය අදින් ඇරඹෙයි | COLOMBO (News 1st) - උතුම් සම්බුදු තෙමගුල සිහිපත් කරමින් පැවැත්වෙන ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වනු ඇති. මෙවර එහි තේමාව වන්නේ, දැමුණු සිත සුව ගෙන දේ යන්නයි. අදින් ආරම්භ වන වෙසක් සතිය ලබන මස 2 වන දා දක්වා ක්‍රියාත්මක වන්නේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමිනි. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ලබන 28 වන දා කුරුණෑගල බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙනු ඇති. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ය. 2562 වැනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට ද මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඊට අමතරව රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ රැසක් එළිදැක්වීමට ද නියමිත ය. මේ අතර වෙසක් සතිය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. කොළඹ නගරයේ පමණක් ආරක්ෂාවට යොදවන පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 3000කි. |
2018-04-25T20:37:26.000Z | සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයට ධාතූන් වහන්සේ වැඩම කරවීම අද ඇරඹේ | සිරස වෙසක් කලාපයට ධාතූන් වහන්සේ වැඩම කරවීම ඇරඹේ | COLOMBO (News 1st) - තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ වැඩවෙසෙන සර්වඥ ධාතූන් වහන්සේ, සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයට වැඩම කරවීම අද උදෑසන යෙදෙන සුබ මොහොතින් ආරම්භ වනු ඇති. ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සූදානම් ය. මේ අතර මිහින්තලය රජමහා විහාරස්ථානයේ වැඩවෙසෙන සර්වඥ ධාතූන් වහන්සේ ද අද උදෑසන යෙදෙන සුබ මොහොතින් සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයට වැඩම කරවීම ආරම්භ වේ. සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය සඳහා වැඩමකරවීමට නියමිත අග්‍රශ්‍රාවක මහරහත් ධාතූන් වහන්සේ සැදැහැවතුන්ගේ වන්දනාව සඳහා මොරවක බානගල විහාරස්ථානයේ තැන්පත් කර ඇත. අග්‍රශ්‍රාවක මහරහත් ධාතූන් වහන්සේ ඊයේ වැඩම කරවනු ලැබුවේ මරදාන මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරස්ථානයේ සිටයි. ඊයේ සිට දින තුනක් පුරා ප්‍රදේශයේ ජනතාවට ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති. ධාතූන් වහන්සේ සිරස - යුනියන් ඇෂුවරනස් වෙසක් කලාපයට වැඩම කරවන්නේ ඉන් අනතුරුව ය. සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය අප්‍රේල් මස 29, 30 සහ මැයි පළමු වැනිදා දක්වා කොළඹ 02, බේබෲක් පදෙස් පිහිටි සිරස මුලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වෙනු ඇති. https://www.youtube.com/watch?v=RUQ4Vkw_lgI |
2018-04-25T20:03:21.000Z | තවදුරටත් තද වැසි සහ අකුණු ඇති වන බවට අනාවැකි | තවදුරටත් තද වැසි සහ අකුණු ඇති වන බවට අනාවැකි | COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් මිලිමීටර 75 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම අවස්ථාවල ප්‍රබල අකුණු ද ඇති විය හැකි ය. මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද පැයට කිලෝමීටර 70 - 80 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබේ. |
2018-04-25T19:51:11.000Z | නව තනතුරු පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි | කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීම අද යි | COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පෙරවරුවේ රැස්වීමට නියමිත වේ. ඒ, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. පූර්ණ බලැති දේශපාලන මණ්ඩලය විසින් ඊයේ නම් කළ එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු නාමාවලිය අද කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බව, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ ය. අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ පූර්ණ බලැති දේශපාලන මණ්ඩලය රැස්වුයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ය. මේ අනූව පූර්ණ බලැති දේශපාලන මණ්ඩලය විසින් පක්ෂයේ නව මහලේකම් ධූරයට ඊයේ දිනයේදී අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කිරීමට තීරණය කළේ ය. https://goo.gl/7xJecK |
2018-04-25T08:50:15.000Z | එ.ජා.ප යට නව තනතුරු කිහිපයක්... | එ.ජා.ප යට නව තනතුරු කිහිපයක්... | COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කිරීමට අද රැස් වූ පූර්ණ බලැති දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ. අප කළ විමසීමකදී අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, පක්ෂයේ සභාපති ධූරයට අමාත්‍ය කබීර් හෂීම් මහතා පත් කිරීමට ද තීරණය කළ බවයි. අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ පූර්ණ බලැති දේශපාලන මණ්ඩලය රැස්වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී පක්ෂයේ නව ජාතික සංවිධායක ලෙස අමාත්‍ය නවීන් දිසානායක මහතා පත් කිරීමට තීරණය කළ බව අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ ය. පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කටයුතු කරන අතර උපනායක ලෙස රවී කරුණානායක මහතා පත් කිරීමට තීරණය කර තිබේ. මෙම තීරණගෙන ඇත්තේ පක්ෂයේ පූර්ණ බලැති දේශපාලන කමිටුවේ බහුතර එකඟතාව මතයි. එම තීරණ හෙට රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පුරප්පාඩුවී ඇති සෙසු තනතුරු එම රැස්වීමෙන් පසුව පත්කරනු ඇතැයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසුවේ ය. |
2018-04-25T10:30:44.000Z | "එකම කාඩ් පැක් එකනේ එහාට මෙහාට කරන්න වෙන්නේ" - මහින්ද රාජපක්ෂ | "එකම කාඩ් පැක් එකනේ එහාට මෙහාට කරන්න වෙන්නේ" | COLOMBO (News 1st) - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී ලාල් කාන්ත මහතාගේ නිවසට අද පෙරවරුවේ පැමිණියේ ය. ලාල් කාන්ත මහතාගේ අභාවප්‍රාප්ත මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දැක් වූ හිටපු ජනාධිපතිවරයා පසුව ඔහු සමග කතාබහකද නිරත විණි. https://www.youtube.com/watch?v=sMoBqir2Dv4 |
2018-04-25T10:39:05.000Z | "විශ්වාසභංගයට ඡන්දය නොදුන් නිදහස් පක්ෂයේ 23 දෙනා තවදුරටත් ආණ්ඩුවේ සිටිනවා" | විශ්වාසභංගයට ඡන්දය නොදුන් ශ්‍රීලනිප 23 තාම ආණ්ඩුවේ | අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවේදී පළ කල අදහස් මේ. https://www.youtube.com/watch?v=VQXgEaZHBwg |
2018-04-25T10:27:29.000Z | 20 වන ව්‍යවස්ථා සංශෝධනය මැයි මස පාර්ලිමේන්තුවට | 20 වන ව්‍යවස්ථා සංශෝධනය මැයි මස පාර්ලිමේන්තුවට | මැයි මාසය ඇතුළත 20 වන ව්‍යවස්ථා සංශෝදනය පෞදේගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක අපගේ පාර්ශවයෙන් උත්සහා කරන්නේ අවම වශයෙන් සමස්ත ව්‍යවස්ථාවක් අපිට අත් පත් කර ගන්න බැරිනම් අවම වශයෙන් මේ විධායක ජනාධිපති ධූරය නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට යා යුතුයි කියන පදනම මත ඉඳගන තමයි අපි මේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තියෙන්නේ. මේ ඇති වෙලා තියෙන ව්‍යාකූලත්වය අපි කල්පනා කරනවා 20 සම්මත කර ගැනිමට අනගි අවස්ථාවක් කියලා. ආයේ හදනවා මෛත්‍රිපාල සිරිසේන මහාත්තයා සතුව තියෙන බලතල රනිල් වික්‍රමසිංහ මහාත්තයාට අරං දිමට දරන ප්‍රයත්නයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ දියත් කරලා තියෙන්නෙ කියලා මුලුමනිම්ම වැරදි. මොකද මේ ව්‍යවස්ථා සංශෝදනය ක්‍රියාත්මක වෙන්නේ මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිවරයා හිමි වී තිබෙන ධූර කාලයෙන් පසුව මහින්ද රාජපක්ෂ මහාත්යාට බලයක් ලබා දෙන්නද මේක කරන්නෙ කිවුවොත් ඒකේ පොඩි පදනමක් තියෙනකවා බැලු බැල්මට මේ සංශෝදනයෙන් පස්සේ මහින්ද මහාත්තයාට පුලුවන්කම තියෙනවා. රාජ්‍ය නායකයා ජනාධිපති වෙත් වෙන්න පුලුවන්. ආණ්ඩුකාරවරුන්ගේ බලය එලෙසම පවතින විදිහට තමයි පාර්ලිමේන්තුවෙන් පත් කර ගන්නා ජනාධිපතිවරයා පත් වෙන්නෙ මේ ව්‍යවස්ථා සංශෝදනයේ ගැබ්ව තිබේන්නෙ. මහින්ද රාජපක්ෂ මැතිතුමත් ඒ වගේම බන්දුල ගුණවර්ධන මැතිතුමත් ප්‍රසන්න රණතුංග මන්ත්‍රි තුමත් ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන්ගේ කොන්දේසියක් තියෙනවා පාර්ලිමේන්තුව විසිරුවා හැරිමත් මේ එක්කම සම්බන්ධ විය යුතුයි නේද කියලා ඒ ගැන අපි සකච්ජා කරන්න කැමති මේවන විට අපි කෙටුමිපත විශාල පංගුවකින් අපි අවසන් කරලා තියෙන්නෙ මොන තත්වයක් නිර්මාණය වුනත් අපි මැයි මාසයේ ය ඇතුලත 20 වන සංශෝදනය ජනතා විමුක්ති පෙරමුණ විසින් පෞද්ගලිකම මන්ත්‍රි යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තියෙනවා https://www.youtube.com/watch?v=IFc6BNPHmF8 |
2018-04-25T06:17:54.000Z | රාජකීය විවාහයට ප්‍රියංකා චොප්රාට ඇරයුම් | රාජකීය විවාහයට ප්‍රියංකා චොප්රාට ඇරයුම් | COLOMBO (News 1st) - සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා හට බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මෙගන් මර්කල්ගේ විවාහයට ඇරයුම් ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තාවල දැක්වෙන්නේ, අමෙරිකානු නිළි මෙලන් මර්කල්ගේ සමීප මිතුරියක වන ප්‍රියංකා චොප්රා, එම රාජකීය මංගලෝත්සවයේ මෙගන් මර්කල්ගේ දෙවන මනාලියක් වනු ඇති ද යන්න මෙතෙක් තහවුරුවී නොමැති බවයි. මෙගන් මර්කල් සහ හැරී කුමරු ලබන 19 වැනි දින වින්ඩ්සර් මාලිගයේදී යුග දිවියට එලඹීමට නියමිත අතර ප්‍රියංකා චොප්රා මේ වනවිට ලන්ඩන් නුවර සංචාරයක නිරත වනු ඇත. |
2018-04-25T05:51:20.000Z | යුරෝපයේ WhatsApp භාවිත කිරීමේ වයස් සීමාව ඉහළට | යුරෝපයේ WhatsApp භාවිත කිරීමේ වයස් සීමාව ඉහළට | COLOMBO (News 1st) - යුරෝපා කලාපයේ, වට්ස් ඇප් අන්තර්ජාල පණිවිඩ සේවය භාවිත කළ හැකි පුද්ගලයින්ගේ අවම වයස් සීමාව වයස අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට එම සමාගම පියවර ගෙන තිබේ. ෆේස්බුක් සමාගමට අයත් වට්ස් ඇප්, ඇප් එක සඳහන් කළේ යුරෝපා සංගමය ඉකුත් මැයි මාසයේදී හඳුන්වාදුන් දත්තවල පෞද්ගලිකත්වය සුරැකීමේ රෙගුලාසි අනුගමනය කරමින් මෙම පියවර ගත් බවයි. මේ අනුව මීට පසු වට්ස් ඇප් භාවිතා කිරීමේදී යුරෝපා සංගමයේ රටවල දිවිගෙවන පුද්ගලයින්ට සිය වයස තහවුරු කිරීමට සිදුවනු ඇත. මීට පෙර වට්ස් ඇප් භාවිත කළ හකි අවම වයස් සීමාව ලෙස සටහන් වූයේ වයස අවුරුදු 13 ය. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.