date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-05-10T11:11:16.000Z
ලසන්ත ඝාතනය: හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන් 2කුට චෝදනා..?
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට වගකිව යුත්තේ කවුරුන් ද?
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට සහ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පහැර ගැනීම සහ පහරදීම සම්බන්ධයෙන් වගකිවයුත්තේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන් දෙදෙනෙකුට චෝදනා එල්ල වේ. අද ඩේලිමිරර් පුවත්පත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ අදාළ සිදුවීම්වලට හිටපු යුද හමුදාපතිවරයා වන සරත් ෆොන්සේකා සම්බන්ධ බවයි. ඩේලිමිරර් පුවත් පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසා ඇත්තේ, රාජපක්ෂ පාලන සමයේදී CID ය උසාවියට වැදගත් තාක්ෂණික සාක්ෂි ඉදිරිපත් කර ඇති බවයි. ඩේලිමිලර් පුවතපත හිටපු ආරක්ෂ ලේකම් උපුටා දක්වමින් පවසා ඇත්තේ අදාළ අපාරාධ පිටුපස ආනිවාර්යයෙන් ම සරත් ෆොන්සේකා මහතා සිටින බවයි. රාජපක්ෂ මහතා පුවත්පතට පවසා ඇත්තේ මෙම සිද්ධිදාමය පිළිබඳව වහා ම පරීක්ෂණ ආරම්භ කර වැරදි කරවන් සොයන ලෙසට බුද්ධි අංශවලට තමන් පවසා සිටි බවයි. පුවත් පතට ගෝඨාභය මහතා පවසා ඇත්තේ සරත් ෆොන්සේකා මහතා මෙම අපරාධය පිටුපස සිටින බවට තමන් දැන සිටි බවයි. එසේ තොරතුරු ලැබුණ ද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නිවැරදි සාක්ෂි ලබාගෙන මෙම පරීක්ෂණය කරගෙන යාමට තමන් ඉඩ සලසා දුන් බව ගෝඨාභය රාජපක්ෂ මහතා ඩේලිමිරර් පුවත්පතට පවසනා තිබේ. නමුත් මේ පිළිබඳව ක්‍රියාමාර්ග නොගත්තේ මේ පිළිබඳව තමන්ට දේශපාලන වාසි ලබා ගැනීමට අවශ්‍ය නොවූ නිසා බව හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශය උපුටා දක්මවින් ඩේලිමිරර් පුවත්පත වාර්තා කර තිබේ. මෙයට පිළිතුරු දෙමින් සරත් ෆොන්සේකා මහතා එම පුවත්පතට කියා සිටි ප්‍රකාශයක් ද ඩේලිමිර් පුවත්පත සඳහන් කර තිබේ. පුවතපත හිටපු හමුදාපතිවරයා උපුටා දක්වමින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ආත්ම ගෞරවයක් තිබෙන පුද්ගලයෙකු නම් ඔහු දන්නා සත්ය කරුණු අපරාධ පරීක්ෂ දේපාර්තමේන්තුවට ලබාදිය යුතු බවත් තමන්ට අභූත චෝදනා එල්ල නොකර යුතු බවත් ය. හිටපු හමුදාපතිවරයා තව දුරටත් කියා සිටියේ හිටුපු ආරක්ෂක ලේකම්වරයා චෝදනාවක් එල්ල වුණා ම , ඒ සඳහා නීතීඥයින් ඉදිරිපත් කර බියගුල්ලකු සේ කටයුතු කරන බවයි. තමන්ට එවැනි චෝදනාවක් එල්ලවුණාම තමන් සිංහයෙක් වගේ මුහුණ දෙන බව හිටපු හමුදාපතිවරයා ප්‍රකාශය උපුටා දක්වමින් ඩේලිමිරර් පුවත්පත වාර්තා කර තිබේ.
2018-05-10T11:01:46.000Z
ට්‍රම්ප්-ජොන් උන් ඓතිහාසික හමුවට දින නියම වෙයි
ට්‍රම්ප්-ජොන් උන් ඓතිහාසික හමුවට දින නියම වෙයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ලබන මස 12 වන දා හමුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා සිටින්නේ සියලු දෙනා බලාපොරොත්තු වු මෙම හමුව සිංගප්පුරුවේදී ජුනි මස 12 වන දා සිදුවන බවත් ලෝක සාමය සඳහා මෙය විශේෂ අවස්ථාවක් කර ගැනීමට දෙපාර්ශවමය උත්සහ කරන බවයි. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම් හමුවීමට මෙම වසරේ මාර්තු මස සිදුකළ ආරාධනාවකට අනුව මෙම හමුව සිදුවීමට නියමිතයි.
2018-05-10T07:40:06.000Z
අනුරුද්ධ පාදෙණියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ජුනි 5 වනදා
අනුරුද්ධ පාදෙණියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ජුනි 5
COLOMBO (News 1st) : අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන ජුනි 05 වන දා ආරම්භ කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේ ය. ඒ මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් ගොනු කර තිබූ එම නඩුව අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී. පද්මන් සුරසේන සහ අර්ජුණ ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳ වූ අවස්ථාවේදීයි. මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් වෛද්‍ය උපාධිය ලබාගත් උපාධිධාරිනියකට වෛද්‍ය වෘත්තියේ නියැලීමට ඉඩ කඩ සලසමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කර ගන්නා ලෙසට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව 2017 අප්‍රේල් 07 වන දා කොළඹ පැවති රැස්වීමකදී විවේචනය කිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි, පැමිණිලිකරුවන් සිය පැමිණිල්ල මගින් අධිකරණයට පෙන්වා දී තිබිණ.
2018-05-10T10:22:27.000Z
ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්
ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්
COLOMBO (News 1st) : අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල ගණන් ඉහළ දමා තිබේ. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවති අමාත්‍යවරුන්ගේ විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි. අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව අලෙවි කරන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 20කින් වැඩි කර ඇති අතර එම වර්ගයේ ලීටරයක නව මිල රුපියල් 148කි. ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 14 කින් වැඩි කර තිබේ. සුපිරි ඩීසල් ලිටරයක මිල වැඩිකර ඇත්තේ රුපියල් 09 කිනි. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 57 කින් වැඩි කර තිබේ. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 101කි. මෙම මිල ගණන් වෙනස්වීමට සමානව තම නිෂ්පාදනවල මිලගණන් ද ඉහළ දමන බව ලංකා ඉන්දීය තෙල් සමාගම ප්‍රකාශ කළේ ය. ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය මුදලේ මීළඟ කොටස මුදාහැරීමට පෙර ජුනි මාසය වනවිට ඉන්ධන සඳහා ස්වයංක්‍රීයව මිල තීරණය වීමේ යාන්ත්‍රණයක් නැතහොත් මිල සූත්‍රයක අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද මතුකර තිබිණ. නව මිල වෙනස්කම් සිදුවූයේ මෙම මිල සූත්‍රය හඳුන්වාදීම නිසා ද? මේ අතර අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ, මාස දෙකෙන් දෙකට ඉන්ධන මිල වැඩි හෝ අඩු විය හැකි බවයි. මේ අතර ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කිරීමත් සමග අද පස්වරුවේ සිට ඉන්ධන පිරවුම්හල් අසල දැඩි රථවාහන පෝලිම් දක්නට ලැබිණ. පාරිභෝගිකයින් සඳහන් කළේ, ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන අලෙවි කිරීම ද ප්‍රතික්ෂේප කරන බවයි. පාරිභෝගිකයින්ට ඉන්ධන ලබානොදී අනිසි තොග රැස් කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරීය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
2018-05-10T05:38:39.000Z
කැලණියේ බැංකු කොල්ලකරු අල්ලා ගනී
කැලණියේ බැංකු කොල්ලකරු අල්ලා ගනී
COLOMBO (News 1st) : බැංකු කොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවෙකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සැකකරු අද දහවල් වත්තල නගරයේ පෞද්ගලික බැංකුවක් කොල්ලකෑමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි. එම අවස්ථාවේදී ආරක්ෂක නිලධාරීන්ට මොහු සම්බන්ධයෙන් සැක පළ වී ඇති අතර පසුව ඔහු අල්ලා ගැනීමට ගිය අවස්ථාවේදී සැකකරු යතුරුපැදියකින් පලාගොස් ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ පොලිස් ස්ථාන දැනුවත් කිරීමෙන් අනතුරුව කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා යතුරු පැදියෙන් පලා ගිය සැකකරු හඹා ගොස් කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, සැකකරු පසුගිය දා කැලණිය පොලිස් බල ප්‍රදේශයේ පෞද්ගලික බැංකු කිහිපයක් ම කොල්ල කා ඇති බවයි. සැකකරු 2017 වසරේ සැප්තැම්බර් මස 12 වන දා කිරිබත්ගොඩ ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ල කා පලාගොස් තිබිණ. ඊට අමතරව 2018 වසරේ මාර්තු මස 20 වන දා කිරිබත්ගොඩ පෞද්ගලික බැංකුවකට කඩා වැදී එහි තිබූ රුපියල් ලක්ෂ 9 ක් ගිනි අවියක් පෙන්වා රැගෙන ගිය බව පොලීසිය සඳහන් කළේ ය. සැකකරු අප්‍රේල් මස 27 වන දා වත්තල පෞද්ගලික බැංකුවකට කඩා වැදී එහි නිලධාරීන්ට මිරිස් කුඩු ප්‍රහාරයක් ඒල්ල කර රුපියල් ලක්ෂ 7 ක මුදලක් කොල්ලා කා පලාගොස් තිබිණ. අත්අඩංගුවට ගත් සැකකරු කිරිබත්ගොඩ ඊරියවැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පසුගිය 27 වන දා සිදුවූ වත්තල බැංකු කොල්ලයට අදාළ දර්ශන.... https://www.youtube.com/watch?v=1zZKGAlhJzs
2018-05-10T04:39:42.000Z
ඇලෝසියස් හා පාලිසේන යළි රිමාන්ඩ්
ඇලෝසියස් හා පාලිසේන යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් හා එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන දෙදෙනා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ, සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් පොලිස්පතිවරයාට ලබාදෙන ලෙසට දේශීය ආදායම් කොමසාරිවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය. එම සමාගම විසින් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමට ලබා දී ඇති මුදල් පිළිබඳව සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද ඩබලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට අධිකරණය නියෝග කළේ ය. එම නඩුවේ සැකකරුවන් වන අර්ජුන් ඇලෝසියස්, කසුන් පාලිසේන සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සියලු වත්කම් බැරකම් ප්‍රකාශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට පසුගිය නඩු දිනයේදී අධිකරණය නියෝග කළේ ය. ඊට එරෙහිව විත්තියේ නීතිඥවරුන් කළ කරුණු දැක්වීම සම්බන්ධයෙන් ලිඛිත කරුණු දැක්වීමට නීතිපතිවරයා කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරිය අද අවසර ලබා දුන්නා ය. නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයේදී කියා සිටියේ එම නඩුවේ පළමු සැකකරු ලෙස නම් කළ හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසිය මේ වනවිට රතු නිවේදනයක් නිකුත් කර ඇති බැවින් ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.
2018-05-10T02:15:00.000Z
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට
COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ඊයේ පැවති විශේෂ අමාත්‍ය මට්ටමේ සාකච්ඡාවකදී තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මේ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ යනු ඇති. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් වැඩි කර තිබේ. එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 148කි. ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 14 කින් වැඩි කර තිබේ. සුපර් ඩීසල් ලීටරයක මිල වැඩි කර ඇත්තේ, රුපියල් 09කිනි. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 57 කින් වැඩි කර තිබේ. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 101කි. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ, සමෘද්ධිලාභීන්ට තවදුරටත් පැරණි මිලට භූමිතෙල් ලබා දෙන බව ය. https://www.youtube.com/watch?v=0JLxQ8H_7pI
2018-05-10T01:55:09.000Z
ඛනිජ තෙල් මිල ගණන් අනිවාර්යයෙන් ඉහළ යාමේ තත්ත්වයක් - ආචාර්ය සරත් අමුණුගම
ඛනිජ තෙල් මිල ගණන් අනිවාර්යයෙන් ඉහළ යාමේ තත්ත්වයක්
COLOMBO (News 1st) - ඛනිජ තෙල් මිල ගණන් අනිවාර්යයෙන් ඉහළ යාමේ තත්ත්වයක් ඇතැයි අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මීට ටික වේලාවකට පෙර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින තත්ත්වය මත මෙම තීන්දුව ගැනීමට සිදුව ඇති බව සරත් අමුණුගම මහතා මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ ය.
2018-05-10T01:15:50.000Z
ඉන්ධන මිල සූත්‍රය ඉදිරි සති 2ක ඇතුළත
ඉන්ධන මිල සූත්‍රය ඉදිරි සති 2ක ඇතුළත
COLOMBO (News 1st) - ඉන්ධන සඳහා වන මිල සූත්‍රය ඉදිරි සති 2ක ඇතුළත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යංශය පවසයි. ඉන්ධන සඳහා වන මිල සූත්‍රය ඇතුළත් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු‍ණේ, පසුගිය 24 වන දා ය. නව මිල සූත්‍රය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ය. ලෝක වෙළෙඳපොළේ මිල ගණන් උච්චාවඡනය වීම සැලකිල්ලට ගෙන නව මිල සූත්‍රය මාස තුනකට වරක් සමාලෝචනයට ලක් කෙරෙනු ඇති. ඒ අනුව එය සංශෝධනය විය හැකි බව ද මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ය. ඉන්දියානු ඔයිල් සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වන විට ලබන දෛනික පාඩුව රුපියල් කෝටි 19 ඉක්මවයි. ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබන අසීමිත පාඩුව සැලකිල්ලට ගෙන විධිමත් මිල සූත්‍රයක් වහාම හඳුන්වා දිය යුතු බව ඛනිජ තෙල් වෘත්තීය සමිති පෙන්වා දෙයි.
2018-05-10T00:46:49.000Z
නීති විරෝධීව රත්‍තරන් තොගයක් මෙරටට රැගෙන ආ සැකකරුවෙකු ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට
රත්‍තරන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - නීති විරෝධීව රත්‍තරන් තොගයක් මෙරටට රැගෙන ආ සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරු සතුව තිබී ග්‍රෑම් 100 බැගින් වූ රත්‍තරන් බිස්කට් 20ක් සොයා ගත් බව ය. කිලෝග්‍රෑම් 02ක බරින් යුත් එම රත්‍තරන් තොගය සිංගප්පූරුවේ සිට රැගෙන විත් ඇති බව පරීක්ෂණවලදී හෙළිව තිබේ. මහනුවර, දෙයියන්වල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි සැකකරු පරීක්ෂණ සඳහා රේගුවට භාර දුන් බව පොලීසිය සඳහන් කළේ ය.
2018-05-10T00:26:17.000Z
කොළොන්නාව සහ අවට ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2.00 සිට ජලය කැපේ
කොළොන්නාව සහ අවට ප්‍රදේශ කිහිපයකට ජලය කැපේ
COLOMBO (News 1st) - අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පස්වරු 2.00 සිට පැය 10ක් කොළොන්නාව සහ අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අද පස්වරු 2.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. කොළොන්නාව, මීතොටමුල්ල, සේදවත්ත සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවලට ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.
2018-05-10T00:18:53.000Z
ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට එරෙහිව නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට
ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පසුගියදා අත්සන් තැබුණු නිදහස් වෙළෙඳ ගිවිසුමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ. එහි වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ශව කිහිපයකි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කළේ, මෙම ගිවිසුම හරහා ශ්‍රී ලාංකීය වෘත්තීයවේදීන්ට දැඩි බලපෑමක් සිදුවනු ඇති බව ය. ඒ අනුව ඊයේ දිනයේ ඊට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ අලි සබ්රී මහතා සඳහන් කළේ ය.
2018-05-10T00:06:26.000Z
පසුගිය වසරේ වැටලීම්වලින් ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කළ 2078 දෙනෙකු අත්අඩංගුවට
ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කළ 2078ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - පසුගිය වසරේ සිදු කළ වැටලීම්වලින් ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කළ පුද්ගලයින් 2078 දෙනෙකු අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙම වැටලීම්වලදී බාල වයස්කරුවන්ට දුම්වැටි අලෙවි කළ පුද්ගලයින් 2378 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව ය. පසුගිය වසරේ සුරාබදු අපරාධ හඳුනා ගැනීම සඳහා වැටලීම් 50000කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති අතර ඉන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 44059කි. මේ අතුරින් පුද්ගලයින් 43550 දෙනෙකුට එරෙහිව සුරාබදු දෙපාර්තමේන්තුව නඩු පවරා තිබේ. ඉන් අය කර ගත් මුදල රුපියල් මිලියන 191කි. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛන්ඩව ක්‍රියාත්මක බව ය.
2018-05-09T23:38:52.000Z
ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් ඇති ප්‍රදේශවල විශේෂ මදුරු මර්දන වැඩසටහනක්
අද සහ හෙට විශේෂ මදුරු මර්දන වැඩසටහනක්
COLOMBO (News 1st) - ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් ඇති ප්‍රදේශ රැසක අද සහ හෙට විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන තිබේ. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ බස්නාහිර පළාත, සබරගමුව පළාත සහ මඩකලපුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් එය පැවැත්වෙන බව ය. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 17580ක් වාර්තා වී තිබේ. එය 2017 වසරට සාපේක්ෂව 60%ක පමණ අඩු වීමක් බව ද ඇය සඳහන් කළා ය. නමුත් පවතින කඩින් කඩ වර්ෂා තත්ත්වයත් සමග ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුව ඇති බැවින් මෙම මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළා ය.
2018-05-09T23:27:50.000Z
Facebook සමාගමේ හිමිකරු ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ තරුණයෙකුට වැඩ වරදියි
ෆේස්බුක් හරහා මුදල් වංචා කළ තරුණයෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - ව්‍යාජ නම්වලින් පෙනී සිටිමින් ෆේස්බුක් ගිණුම්වලින් මුදල් වංචා කිරීමේ ජාවාරමක් සිදු කළ තරුණයෙකු පොළොන්නරුව, කඹුරාපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකාර තරුණයා ෆේස්බුක් සමාගමේ හිමිකරු ලෙස පෙනී සිටිමින් ෆේස්බුක් ගිණුම් හිමිකරුවන්ගෙන් ඊසි කෑෂ් ක්‍රමයට මුදල් වංචා කර ඇති බව ය. පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලක් මත පොළොන්නරුව පොලීසියේ අපරාධ අංශය සිදු කළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් 19 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2018-05-09T20:53:49.000Z
වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත විදුලිබල ඉංජිනේරුවරුන්ගේ ගැටලු විසඳීමට අද විශේෂ සාකච්ඡාවක්
විදුලිබල ඉංජිනේරුවරුන්ගේ ගැටලු විසඳීමට සාකච්ඡාවක්
COLOMBO (News 1st) - අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත විදුලිබල ඉංජිනේරු සංගමයේ නියෝජිතයින් සහ විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වේ. ඒ, ලංකා විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන ජනන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යංශයේ මැදිහත් වීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා ය. විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යංශය සඳහන් කළේ, මෙම ජනන සැලැස්ම අමාත්‍යවරයා විසින් ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ය. එහිදී ඒ සඳහා අනුමැතිය ලැබුණු බව ද අමාත්‍යංශය සඳහන් කළේ ය. කෙසේ වෙතත් තමන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මක බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි. එහි සභාපති සෞම්‍ය කුමාර වඩුගේ මහතා සඳහන් කළේ, දිගු කාලීන ජනන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා මෙතෙක් මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා නොදීම හේතුවෙන් මෙම පියවර ගත් බව ය. මේ පිළිබඳව විමසීමට මහජන උපයෝගීතා කොමිසමේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළ ද ඔවුන් දුරකතනයට ප්‍රතිචාර නොදැක්වී ය.
2018-05-09T20:32:46.000Z
නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් ඇතුළත් ගැසට් පත්‍රය අද ජනපතිගේ අනුමැතියට
නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් ඇතුළත් ගැසට් පත්‍රය
COLOMBO (News 1st) - නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් ඇතුළත් ගැසට් පත්‍රය අද ජනාධිපතිතුමාගේ අනුමැතිය සඳහා යොමු කරන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පැවසුවේ, එම ගැසට් පත්‍රය සඳහා ජනාධිපතිතුමාගේ අනුමැතිය ලද විගස මුද්‍රණය සඳහා යොමු කරන බව ය. ඒ අනුව ඉදිරි දින 2ක තුළ රාජ්‍ය මුද්‍රණාලය වෙත ජනාධිපතිතුමාගේ අනුමැතිය ලබා දුන් ගැසට් පත්‍රය යොමු කරන බව ද ජනාධිපති ලේකම්වරයා පැවසුවේ ය. පසුගියදා සිදු කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නව අමාත්‍යවරුන් 18 දෙනෙකු දිවුරුම් දුන් අතර රාජ්‍ය අමාත්‍යවරුන් 8 දෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙක් ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
2018-05-09T20:13:15.000Z
නව පාර්ලිමේන්තු සැසිවාරය අරඹමින් ජනපති කළ ප්‍රකාශය පිළිබඳ විවාදය අද
ජනපති කළ ප්‍රකාශය පිළිබඳ විවාදය අද
COLOMBO (News 1st) - 8 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපතිතුමා කළ ප්‍රකාශය පිළිබඳ විවාදය අද පැවැත්වේ. ඒ, කල් තැබීමේ විවාදයක් ලෙස ය. මේ අතර පුරප්පාඩුව පවතින නියෝජ්‍ය කථානායක ධූරය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් කථානායකවරයාගේ අවධානයට යොමු කර තිබේ. එහිදී කථානායක කරු ජයසූරිය මහතා දැනුම් දී ඇත්තේ, නියෝජ්‍ය කථානායකවරයාගේ ඉවත් වීම පිළිබඳව මෙතෙක් ජනාධිපතිවරයා විසින් තමන්ට දැනුම් දී නොමැති බව ය. මේ අතර පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමත් සමග අහෝසි වී ගිය කාරක සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීම ඉදිරි දින 2ක තුළ සිදු කරන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පවසයි. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ, කථානායකවරයා විසින් පක්ෂ නායකයින්ගේ ද එකඟතාව මත මෙම පත් කිරීම් සිදු කරන බව ය. ඒ අනුව කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාව සඳහාත්, රාජ්‍ය ගිණුම්කාරක සභාව සඳහාත් නව සාමාජිකයින් පත් කිරීම සිදු කෙරෙනු ඇති. මීට අමතරව පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව සඳහා අද දිනයේ සාමාජිකයින් පත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා පැවසුවේ ය.
2018-05-09T19:52:36.000Z
මලයාසියානු මහ මැතිවරණයෙන් මහතිර් මොහොමඩ් ප්‍රමුඛ විපක්ෂයට ඓතිහාසික ජයක්
මහතිර් මොහොමඩ් ප්‍රමුඛ විපක්ෂයට ඓතිහාසික ජයක්
(News 1st) - මලයාසියානු මහ මැතිවරණයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහතිර් මොහොමඩ් ප්‍රමුඛ විපක්ෂය ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළේ ය. මලයාසියානු මැතිවරණ කොමිසම සඳහන් කළේ, විපක්ෂ සන්ධානය පාර්ලිමේන්තු ආසන 220න් 115ක් ජයග්‍රහණය කර ඇති බව ය. රජයක් පිහිටුවීමට පක්ෂයක් ජය ගත යුතු ආසන සංඛ්‍යාව වන්නේ ආසන 112ක් පමණි. 92 හැවිරිදි මහතිර් මොහොමඩ් ප්‍රමුඛ විපක්ෂ සන්ධානය එලෙස ජයග්‍රහණය කළේ, වසර 60කට අධික කාලයක් පාලක පක්ෂය ලෙස ක්‍රියා කළ බරිසාන් ජාතික සන්ධානය පරදවමිනි. මහතිර් මොහොමඩ් අද දින සිය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිත අතර ඉන්පසු ඔහු මැතිවරණයකින් තේරීපත් වූ ලොව වයස්ගත ම නායකයා බවට පත්වනු ඇති. මැතිවරණ ජයග්‍රහණය හමුවේ අද සහ හෙට දෙදින ජාතික නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට මලයාසියානු රජය පියවර ගනු ලැබුවේ ය. මීට පෙර 2013 වසරේදී පැවති මැතිවරණයේදී මලයාසියානු විපක්ෂයට විශාල ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වුවත් රජයක් පිහිටුවීමට ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් නොවීය. රාජ්‍ය අරමුදලකින් අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් සොරකම් කළ බවට මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට චෝදනා එල්ල වන අතර මෙය ඔහුගේ පරාජයට මූලික හේතුවක් වන්නට ඇතැයි මැතිවරණ විචාරකයෝ පෙන්වා දෙති.
2018-05-09T11:01:47.000Z
ශ්‍රීලංකන් කළමනාකාරීත්වය තොරතුරු දැනගැනීමේ කොමිසම හමුවට
ශ්‍රීලංකන් කළමනාකාරිත්වය තොරතුරුදැනගැනීමේ කොමිසමට
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකාරීත්වය හා ගුවන් නියමුවන්ගේ සංගමය අද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳව කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි. ශ්‍රීලංකන් ගුවන් සමාගම දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් ඊට හේතු දක්වන ලෙස ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංගමය සමාගමේ පාලනාධිකාරියට පසුගිය වසරේ සිට ඉල්ලීම් ඉදිරිපත් කළේ ය. නමුත් පාලනාධිකාරිය එය දිගින් දිගටම මග හැරීම හේතුවෙන් ගුවන් නියමුවන්ගේ සංගමය මේ පිළිබඳව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳව කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ අනූව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය හා ගුවන් නියමුවන්ගේ සංගමයේ සාමාජිකයින් අද කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.
2018-05-09T10:48:29.000Z
සහය දිවීමේ කාන්තා කණ්ඩායමට ආසියානු තරගාවලිය අහිමිවෙයි
සහය දිවීමේ කණ්ඩායමට ආසියානු තරගාවලිය අහිමියි
එළඹෙන ජූනි මස 7 වන දා සිට 10 වන දා දක්වා ජපානයේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා 12 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ. නමුත් පසුගිය දා මෙරට පැවති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී නව තරගාවලි වාර්තාවක් ද සමගින් මීටර 100 බාලිකා සහය ධාවන ඉසව්ව ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊට ඇතුළත්ව නොමැත. ඔවුන් රන් පදක්කම දිනා ගත්තේ, සුසන්තිකා ජයසිංහ හා දමයන්ති දර්ශා ද එක්ව 1994 දී පිහිටවූ මීටර් 100 ය 4 ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාව බිඳ හෙළමිනි. මෙවර ආසියානු ශූරතාවලියේදී පදක්කමක් හිමිකර ගැනීමේ, අවස්ථාවක් පවතිද්දීත් එම බාලිකා කණ්ඩායම සහභාගී කරවීමට බලධාරීන් කටයුතු නොකීරීම විමතියට කරුණකි. ආසියානු ශූරතාවලියට මීටර් 100, මීටර් 200, හා මීටර් 400 සහාය දිවීමේ ඉසව් සඳහා, සහාය දිවීමේ කණ්ඩායම නියෝජනය කළ අමාෂා සිල්වා එක්ව සිටින්නී ය. ඒ අනුව අනෙක් ක්‍රීඩිකාවන් තිදෙනා හෝ ඉහත සඳහන් කණ්ඩායමට ඇතුළත් කළ හොත් ශ්‍රී ලංකාවට මීටර් 100 සහාය දිවීමේ ඉසව්වෙන් දක්ෂතා දැක්වීමේ අවස්ථාව පවතී. මේ අතර නැවතත් ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකරු ලෙස අනිල් වීරසිංහ නම් කර තිබීම ද විමතියට කරුණකි. ඔහුගේ ක්‍රියා කලාපය හා අතීත වාර්තා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය මගින් පරීක්ෂණයක් සිදු කරන අවස්ථාවක මෙම පත් කිරීම සිදුකර තිබේ. කළමනාකරු සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් සිදු කරන බවත් එම පරීක්ෂණයේ නිර්දේශ මෙම සතිය තුළදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට ලබා දෙන බවත් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ජයන්ත විජේරත්න පැවසී ය. මලල ක්‍රීඩාවේ අනාගතය භාර ගැනීමට සිටින කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන අවස්ථා සම්බන්ධයෙන් අදූර දර්ශීව ක්‍රියාත්මක වීමෙන් ක්‍රීඩාවට සිදුවන හානිය අවධානයට ලක්විය යුතු නොවේ ද?.
2018-05-09T08:49:26.000Z
බෝතලාපිටියේදී ත්‍රිරෝද රථක් බසයක ගැටුණු හැටි (CCTV දර්ශන)
ත්‍රිරෝද රථයක් බස් රථයක ගැටී තිදෙනෙක් රෝහලේ
ගම්පොල - මහනුවර ප්‍රධාන මාර්ගයේ බෝතලාපටිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් හා පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවිය. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ගම්පොළ රෝහලට ඇතුළත් කර තිබේ. එම රිය අනතුරට අදාළ CCTV දර්ශන පහතින්.... https://www.youtube.com/watch?v=03ssvExBXaM
2018-05-09T08:43:20.000Z
එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ FCID හමුවට
එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ FCID හමුවට
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේ ය. බුද්ධික පතිරණ මහතාගේ පැමිණිල්ලකට අදාල ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ ඇත. එක්සත් ජාතික පක්ෂයේ පා.ම, බුද්ධික පතිරණ, ත්‍රිවිධ හමුදාවට ආහාර සැපයීමේ 2018 මේ වර්ෂයේ ටෙන්ඩරයේ සිදුවෙලා තියෙන බලවත් අක්‍රමිකතා, මේ අවුරුද්දේ ටෙන්ඩරයේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනකොට දීලා ඉවර කරන්න ඕනේ. දැන් අවාසනාව මේ යන්නේ මේ අවුරුද්දේ පස්වෙනි මාසේ ලබන අවුරුද්දේ ලබන මාසේ මේ අවුරුද්දෙන් හරි අඩක් ඉවරයි කියන්න ලැජ්ජයි. ආරක්ෂක අමාත්‍යංශයට නොහැකි වෙලා තියෙනවා 2018 ටෙන්ඩරය අද දවස වෙනකොටත් සම්පුර්ණයෙන්ම දීලා සැපයුම්කරුවන්ට අවසානයක් කරන්න. ගිය අවුරුද්දේ දුන්නු ටෙන්ඩරය 2017 ටෙන්ඩරය පදනම් කරගෙන තමයි අදටත් ආහාර දෙන්නේ. දැන් අපි කියන්නේ අඩුම ටෙන්ඩර් කණුවට දෙන්න කියලා නෙවේ. අඩුම සහ ප්‍රමිතිය කියන දෙකම සලකලා. මේ ටෙන්ඩර් ප්‍රධානය සමහර වෙලාවට අඩුම කෙනාත් නෙවේ අඩුම ඊට අඩු කෙනාත් නෙවේ. හරතවැනි පස්වැනි තැන ඉන්න අයට දීලා තියෙන්නේ. https://www.youtube.com/watch?v=3kXjCjqiUYg
2018-05-09T08:03:36.000Z
අධිකරණ සංවිධාන සංශෝධන කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මතයි
අධිකරණ සංවිධාන සංශෝධන කෙටුම්පත සම්මතයි
COLOMBO (News 1st) : අධිකරණ සංවිධාන සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. පනත් කෙටුම්පත අදාළ පළමු වර කියවීමේ ජන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 119 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 52 ක් පමණි. ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කළ අතර එහිදී එය ඡන්ද විමසීමකින් තොරව එය සම්මත විය.
2018-05-09T06:46:44.000Z
UGC ය අසලදී අන්තරේ සිසුන්ට පොලීසියෙන් කඳුළු ගෑස්...
UGC ය අසලදී අන්තරේ සිසුන්ට කඳුළු ගෑස්...
COLOMBO (News 1st): අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද සංවිධානය කළ විරෝධතා පා ගමනකට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ. සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට ස්ථීර විසඳුමක් ලබා දෙන්නැයි බල කරමින් පැවති මෙම විරෝධතා පා ගමන ආරම්භ වූයේ, කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටිනි. විශ්වවිද්‍යාලය ඉදිරිපිට කොළඹ - නුවර මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ සිසුන් අනතුරුව පා ගමනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා පැමිණියහ. පා ගමනින්න පැමිණි සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැමිණීම වැලැක්වීමට පොලීසිය මාර්ග බාදක යොදා කැරලි මර්දන නිලධාරීන් කැඳවා තිබුණි. එහිදී සිසුන් ඉල්ලා සිටියේ තම ප්‍රශ්නය ගැන බලධාරීන් සමග සාකච්ඡා කිරීමට ලබාදෙන ලෙසයි. නමුත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබීමත් සමග කොමිෂන් සභාවට ඇතුළුවීමට සිසුන් උත්සහා දරා ඇත. එහිදී පොලීසිය අධිවේගී ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සිසුන් කලහකාරි ලෙස හැසිරෙමින් මාර්ග අවහිර කරමින් මහජනතාවට බාධා සිදුවන ආකාරයෙන් ක්‍රියා කීරීම තුළ ඔවුන් විසුරුවා හැරීමට පියවර ගත් බවයි. මේ අතර එම උද්ඝෝෂණය මහජනතාවට පීඩාවක් නොවන අයුරින් පවත්වන ලෙසට දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට අද පස්වරුවේ නියෝගයක් ද නිකුත් කර තිබුණි. https://www.youtube.com/watch?v=DHp8LJFuYgE
2018-05-09T06:30:52.000Z
පරිප්පු ආනයන බද්ද ඉහළට
පරිප්පු ආනයන බද්ද ඉහළට
COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පරිප්පු ආනයන බදු ඉහළ දමා තිබේ. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, අද සිට ක්‍රියාමක වන නව බදු යටතේ ආනයනය කරන පියළි කළ පරිප්පු කිලෝග්‍රෑම් එකක් මත අය කළ රුපියල් 3.00 ක් වූ බද්ද රුපියල් 12.00 ක් දක්වා රුපියල් 9.00 කින් ඉහළ දමා ඇති බවයි. පියළියෙන නොකළ පරිප්පු කිලෝග්‍රෑම් එකක් මත මෙතෙක් අය කළ රුපියලක බද්ද ද අද සිට රුපියල් 1 ක් 7 දක්වා ඉහළ දමා ඇත. මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ලෝක වෙළෙඳපොළේ පරිප්පු මිල ගණන් පහළ යාම සැලකිල්ලට ගනිමින් පරිප්පු අනයනයේදී අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු සංශෝධනය කළ බවයි. ඒ අනුව දේශිය වෙළෙඳපොළේ සිල්ලර මිල ගණන් මේ නව බදු හේතුවෙන් ඉහළ නොයන බව ද මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. ලෝක වෙළෙඳපොළේ පරිප්පු මිල ගණන් අඩුවී ඇති බවත් එහි වාසිය මෙරට පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් මෙම පියවර ගත් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ය. අමාත්‍යාංශ සඳහන් කළේ, මේ හේතුවෙන් පරිප්පු කිලෝග්‍රෑම් එකක දැනට පවතින මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි.
2018-05-09T06:33:39.000Z
ශර්ලොක් හෝම්ස් තෙවැන්න 2020 නත්තලට පෙර
ශර්ලොක් හෝම්ස් තෙවැන්න 2020 නත්තලට පෙර
COLOMBO (News 1st) - සුප්‍රසිද්ධ ශර්ලොක් හෝම්ස් චිත්‍රපට මාලාවේ තුන්වැන්න 2020 වසරේ නත්තලට සමගාමීව එළිදක්වන බව එහි නිෂ්පාදකයින් ප්‍රකාශ කළහ. හොලිවුඩ් තොරතුරු වාර්තා කළේ, එහි ශර්ලොක් හෝම්ස් සහ වොට්සන්ගේ චරිතවලට, රොබට් ඩවුනි ජූනියර් සහ ජූඩ් ලෝ පන පොවනු ඇති බවයි. කෙසේ වෙතත් ශර්ලොක් හෝම්ස් ත්‍රී චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගේ නම මෙතෙක් හෙළි කර නැත.
2018-05-09T03:13:19.000Z
ජාතික විගණන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක කියයි
''විගණන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි''
COLOMBO (News 1st) - ජාතික විගණන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා යළි පාර්ලිමේන්තු සභාවට දැනුම් දුන්නේ ය. ඒ, ඔහු මීට පෙර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට කළ ප්‍රකාශය නිවැරදි කරමිනි.
2018-05-09T02:45:06.000Z
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනය අත්හිටුවයි
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනය අත්හිටුවයි
COLOMBO (News 1st) - දුම්රිය වෘත්තීය සමිති අද දහවල් 12 ට ආරම්භ කළ වැඩ වර්ජනය අත්හිටුවා තිබේ. දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, තම ගැටලු විසඳීමට අදාළ කැබිනට් පත්‍රිකාව අනුමත කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බව ය.
2018-05-09T02:22:04.000Z
ජාතික විගණන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි
''විගණන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනියි''
COLOMBO (News 1st) - ජාතික විගණන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙයි. නිව්ස්ෆස්ට් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ, පාර්ලිමේන්තුව ආරම්භයේදී ම කථානායක කරු ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දුන් බව ය. මේ අතර ලබන සිකුරාදා විගණන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතව තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීරණය සමගින් එම විවාදය නොපැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබේ. මේ අතර රුපියල් මිලියන 18034ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ. මෙමගින් මාසයක කාලයක් සඳහා අතිරේක වැටුම් වියදම් සහ ගමන් වියදම් ඇතුළු වියදම් ගණනාවක් සඳහා අනුමැතිය ඉල්ලා තිබේ.
2018-05-09T01:28:54.000Z
මහනුවර ඇති වූ කලහකාරී සිද්ධි සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි
මහනුවර සිද්ධිය: මානව හිමිකම් කොමිසම පරීක්ෂණ අරඹයි
COLOMBO (News 1st) - පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධි සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණ අද ආරම්භ විය. මානව හිමිකම් කොමිසම පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි හා වින්දිතයින්ගේ සාක්ෂි ලිඛිතව හා වාචිකව ලබා ගන්නා බව ය. පරීක්ෂණයේ සාක්ෂි ලබා ගැනීම ලබන 12 වන දා දක්වා සිදු කිරීමට නියමිත ය. මෙම සිද්ධියේදී කවර පාර්ශවයක මානව හිමිකම් උල්ලංඝණය වී ඇත්නම් ඊට සම්බන්ධ පුද්ගලයින් හා ආයතන පිළිබඳව අනාවරණය කර ගැනීම මෙම පරීක්ෂණයේ අරමුණ යි. මේ අතර අදාළ සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 27 දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ පසුවේ
2018-05-09T01:06:25.000Z
දුම්රිය වෘත්තීය සමිති දහවල් 12 සිට වැඩ වර්ජනයක
දුම්රිය වෘත්තීය සමිති දහවල් 12 සිට වැඩ වර්ජනයක
COLOMBO (News 1st) - දුම්රිය වෘත්තීය සමිති අද දහවල් 12 සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, තම ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුමක් නොලැබීම හේතුවෙන් වැඩ වර්ජනය ආරම්භ කළ බව ය. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට දුම්රිය සේවකයින් තීරණය කර තිබිණි. බලධාරීන් සමග කළ සාකච්ඡාවලින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළේ ය. දුම්රිය වෘත්තීය සංගම් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ඇතුළත් අමාත්‍ය අනු කමිටු යෝජනා අද කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ද ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේ ය. ජානක ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වැඩ වර්ජනය ආරම්භ කිරීමට තීරණය කළ බව ය.
2018-05-08T23:50:06.000Z
ජනපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්
අයි.එච්.කේ. මහානාම හා පී. දිසානායක යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) - කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍ර හා යකඩ ලබා දීම සඳහා රුපියල් කෝටි 2ක අල්ලස් ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහනාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියසේන දිසානායක යන මහත්වරුන් ලබන 22 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරුවන් අද කොටුව අතිරේක මහේස්ත්‍රාත් සමන් ශ්‍රී රාගල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. පළමු සැකකරු වන අයි.එච්.කේ. මහනාම මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට පැවසුවේ, තම සේවා දායකයා උග්‍ර හෘද හා ඇදුම රෝගී තත්ත්වයකින් පෙළෙන බව ය. මේ හේතුවෙන් සතියකට පමණක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඔහු ඉල්ලීමක් කළේ ය. ඊට විරෝධය දැක්වූ අල්ලස් කොමිසම පැවසුවේ, සැකකරුවන්ට ඇප ලබා දුන්නොත් එය විමර්ශනවලට බාධාවක් විය හැකි බව ය. කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ ය. පසුගිය 3 වන දා ජනාධිපති කාර්යාලයේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති කොළඹ තරු පහේ හෝටලයක් තුළදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ය. https://www.youtube.com/watch?v=UvwgbxNilaU
2018-05-08T21:17:43.000Z
දුම්රිය වෘත්තීය සංගම්වල ඉල්ලීම්වලට අදාළ විසඳුම් ඇතුළත් යෝජනා කැබිනට් මණ්ඩලයට
දුම්රිය සේවක ඉල්ලීම්: යෝජනා කැබිනට් මණ්ඩලයට
COLOMBO (News 1st) - දුම්රිය වෘත්තීය සංගම් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් ඇතුළත් අමාත්‍ය අනු කමිටු යෝජනා අද කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. එහි නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ, වෘත්තීය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් තමන් ඊයේ පස්වරුවේ ගැටලුව විසඳීමට පත් කළ අමාත්‍ය අනු කමිටුවේ සභාපති අචාර්ය සරත් අමුණුගම මහතා සමග සාකච්ඡා කළ බව ය. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වීමට සිටි දුම්රිය වෘත්තීය සමිති තමන් ඇතුළු ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව එය තාවකාලිකව අත්හිටවූ බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබා දෙන බව ද පැවසුවේ ය. ඒ සම්බන්ධයෙන් අප දුම්රිය නියාමකවරුන්ගේ සංගමයෙන් විමසීමක් කළේ ය. එහි සභාපති ජනක ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අද දිනයේ තම ඉල්ලීම් සම්බන්ධයෙන් විසඳුම් නොලැබෙන්නේ නම් යළිත් අඛන්ඩ වැඩ වර්ජනයක් අරඹන බව ය.
2018-05-08T20:37:43.000Z
ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් අමෙරිකාව ඉවත් වන බව ජනපති ට්‍රම්ප් කියයි
"ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් අමෙරිකාව ඉවත් වෙනවා"
(News 1st) - ඔබාමා යුගයේ ඇති කර ගන්නා ලද ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් අමෙරිකාව ඉවත් කර ගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ පිළිබඳව අදහස් දක්වමින් අමෙරිකානු ජනපතිවරයා කියා සිටියේ, දිරාපත්ව සහ පිළුණු වී ඇති එම ගිවිසුම සමග රැඳී සිටීම පුරවැසියෙකු ලෙස තමන්ට ලැජ්ජාවට කාරණාවක් බව ය. යුරෝපීයන්ගේ අවවාද නොතකා 2015 වසරේදී අත්සන් තබන ලද න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමට පෙර ඉරානයට එරෙහිව යළි ආර්ථික සම්බාධක පැනවීමට තමන් සූදානම් බව ද ජනපති ට්‍රම්ප් අවධාරණය කළේ ය. ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය ප්‍රකාශ කළේ, න්‍යෂ්ටික බලශක්තිය ආයුධ නිෂ්පාදනය සඳහා යුරේනියම් බලගැන්වීම යළි ආරම්භ කරන බව ය. මේ අතර අමෙරිකාව සිය පොරොන්දු ඉටු නොකරන බව නිවේදනය කර ඇතැයි ඉරාන ජනපති හසන් රුහානී කියා සිටියේ ය. අවශ්‍ය වුවහොත් ක්‍රියා කිරීමට සූදානම්ව සිටින ලෙස ඉරාන පරමානුක බලශක්ති සංවිධානයට ද තමන් නියෝග කළ බව ජනපති රුහානී අවධාරණය කළේ ය.
2018-05-08T20:16:47.000Z
කටුනායක ගුවන්තොටුපොළේ තීරු බදු රහිත භාණ්ඩ ගබඩා සංකීර්ණයක ගින්නක්
කටුනායක ගුවන්තොටුපොළේ භාණ්ඩ ගබඩා සංකීර්ණයක ගින්නක්
COLOMBO (News 1st) - කටුනායක ගුවන්තොටුපොළේ තීරු බදු රහිත භාණ්ඩ ගබඩා සංකීර්ණයක අද අලුයම ගින්නක් හටගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, කටුනායක ගුවන්තොටුපොළ හා ගුවන් හමුදා ගිනි නිවීම් ඒකක මැදිහත්ව ගින්න මැඩපැවැත් වූ බව ය. ගින්න හේතුවෙන් එම ගොඩනැගිල්ල ආශ්‍රිතව අධික දුමක් හටගෙන ඇති අතර එය ගුවන් ගමන්වලට බාධාවක් නොවන බව පොලීසිය සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. https://www.youtube.com/watch?v=Ldpah9OmlFA
2018-05-08T20:07:23.000Z
විදුලිබල ඉංජිනේරුවන් තවදුරටත් අකුරට වැඩ
විදුලිබල ඉංජිනේරුවන් තවදුරටත් අකුරට වැඩ
COLOMBO (News 1st) - ලංකා විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන ජනන සැලැස්ම ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මක ය. එහි සභාපති සෞම්‍ය කුමාර වඩුගේ මහතා සඳහන් කළේ, කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවාවලින් ඉවත් නොවන බව ය. ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාර වඩුගේ මහතා පැවසුවේ, තම ඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙන තෙක් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයෙන් ඉවත් නොවන බව ය. මේ අතර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන ජනන සැලැස්ම අනුමැතිය සඳහා අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ය.
2018-05-08T20:00:10.000Z
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද විවාදයට
අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද විවාදයට
COLOMBO (News 1st) - 8 වන පාර්ලිමේන්තුවේ 2 වන සැසිවාරයේ පළමු පාර්ලිමේන්තු දිනය අදයි. විශේෂ මහාධිකරණය පිහිටුවීමේ නියෝග ඇතුළත් අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද විවාදයට ගැනීමට නියමිතව තිබේ. විශේෂ මහාධිකරණයක් හරහා නඩු කඩිනම් කර ගැනීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත පසුගිය සැසිවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ඒ අනුව අද දින මෙම පනත් කෙටුම්පත විවාදයට ගැනෙණු ඇති. නිව්ස්ෆස්ට් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ, මෙම විවාදයෙන් අනතුරුව ආණ්ඩු පක්ෂය ඡන්ද විමසීමක් ද බලාපොරොත්තු වන බව ය. මේ හේතුවෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ කැඳවීම අනිවාර්ය කරමින් ඔවුන්ට මේ වන විට ලිපි යවා තිබේ.
2018-05-08T19:40:28.000Z
මෙරට දුම්වැටි නිෂ්පාදනය පහළට
මෙරට දුම්වැටි නිෂ්පාදනය පහළට
COLOMBO (News 1st) - මෙරට දුම්වැටි නිෂ්පාදනය පහළ ගොස් තිබේ. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සඳහන් කළේ, පසුගිය වසරේ මෙරට දුම්වැටි නිෂ්පාදනය මිලියන 600කින් පහළ ගොස් ඇති බව ය. 2016 වසරේ දුම්වැටි නිෂ්පාදනය මිලියන 4300කි. ගිය වසරේ එය මිලියන 3700ක් දක්වා අඩු වී ඇති බව ඔහු සඳහන් කළේ ය. පසුගිය වසර කිහිපයේදී දුම්වැටි පානය අධෛර්යමත් කිරීම සඳහා රජය ගත් විවිධ ක්‍රියාමාර්ග මෙම තත්ත්වයට හේතු වී ඇති බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ, දුම්වැටි පානය අධෛර්යමත් කිරීම සඳහා මේ වසරේදී ද වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බව ය.
2018-05-08T11:40:11.000Z
මන්ත්‍රී පිළිගැනීම් අතරතුර ඇමති ආරක්ෂකයෙකුගේ ගිනි අවියක් අතුරුදන්
ආරක්ෂකයෙකුගේ ගිනි අවියක් අතුරුදන්
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අසළ පැවැති පිළිගැනීමක් අතරතුරදී ඇමති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයෙකුගේ ගිනි අවියක් අතුරුදන් වී තිබේ. ඇමති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පියලාල් දසනායක මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ඇමති ආරක්ෂක දිසාව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. මෙම පිළිගැනීම පැවැත්වූයේ ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන් පිළිගැනීම සඳහායි. https://www.facebook.com/NewsfirstSL/videos/1940666932660222/
2018-05-08T11:08:45.000Z
උඩවලව ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කෙරේ
උඩවලව ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කෙරේ
COLOMBO (News 1st) - උඩවලව ජලාශයේ වාන් දොරටු තුනක් අද රාත්‍රි 9.00 ට විවෘත කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මේ පිළිබඳව ජලාශය පහළ සිටින ජනතාව අවධානයෙන් සිටින ලෙසය.
2018-05-08T09:31:31.000Z
අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට FCID යට අවසර
කබ්රාල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට FCID යට අවසර
COLOMBO (News 1st) - රුපියල් මිලියන 600 ට අදාල මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටත් ඔහුගේ බැංකු ගිණුම් කිහිපයක් පරීක්ෂා කිරීමටත් කොටුව මහේස්ත්‍රාත්වරිය අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අවසරදී ඇත. ඒ, එම කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කළ කරුණු දැක්වීම සලකා බලමිනි. අදාළ රුපියල් මිලියන 600 වියදම් කර ඇත්තේ 2018 වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා ලංසු තැබීමටයි. පසුගිය රජය සමයේ සිදු වූ එම ලංසු තැබීම සඳහා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති සඳහා අදාළ මුදල වියදම් කළත් එම ක්‍රීඩා උළෙල ලබාගැනීමට ද නොහැකි වූ බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අද අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු දක්වා සිටියේ ය.
2018-05-08T09:12:46.000Z
අධිකරණ සංවිධාන සංශෝධන කෙටුම්පත හෙට යළි ත් පාර්ලිමේන්තුවට
අධිකරණ සංවිධාන සංශෝධන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට
COLOMBO (News 1st) - මහා පරිමාණ වංචා දූෂණ සම්බන්ධ අධිකරණ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් යෝජනා වූ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත හෙට යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වේ. ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ පත්කර මෙම නඩු කටයුතු විභාග කිරීමට ඉදිරිපත් වූ කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය සිය නිගමනය ප්‍රකාශ කරමින් දැනුම් දුන්නේ, ඇතැම් වගන්ති සඳහා තුනෙන් දෙකක අනුමැතියක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවයි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ වාර අවසානවීම හේතුවෙන් මෙම කෙටුම්පත යළි පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් විය යුතු නිසා එය යළි ත් ඊට ඇතුළත් කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/1940550909338491/
2018-05-08T08:12:14.000Z
බුද්ධික පතිරණට හෙට FCID පෙනී සිටින්නැයි දැනුම් දෙයි
බුද්ධිකට හෙට FCID පෙනී සිටින්නැයි දැනුම් දෙයි
COLOMBO (News 1st) - ත්‍රිවිධ හමුදා ආහාර සැපයිමේ ටෙන්ඩර් අක්‍රමිකතාවක් සම්බන්ධ විමර්ශනයකට අදාළව හෙට පෙරවරුවේ ප්‍රකාශයක් දෙන්නැයි,පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයයෙන් (FCID) දැනුම් දී ඇත.
2018-05-08T07:37:20.000Z
දුම්රිය සේවක වර්ජනය තාවකාලිකව නතර කෙරේ
දුම්රිය සේවක වර්ජනය තාවකාලිකව නතර කෙරේ
COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය සේවක වැඩ වර්ජනය තාවකාලිකව නතර කර තිබේ. වැඩ වර්ජනයට එළඹීමට සූදානම් වූ දුම්රිය වෘත්තිය සමිති පවසන්නේ හෙට දහවල් තම ගැටලුවට බලධාරින් විසඳුම් ලබා දෙන බවට පොරොන්දු වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1940501619343420/
2018-05-08T04:06:54.000Z
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්
COLOMBO (News 1st) - ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය සේවක වෘත්තීය සමිති සන්ධානය පවසයි. දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, වර්ජනය සඳහා දුම්රිය නියාමකවරුන්ගේ සංගමය, දුම්රිය පාලකවරුන්ගේ සංගමය, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සහ දුම්රිය රියැදුරන්ගේ සංගමය යන ප්‍ර‍ධාන වෘත්තිය සමිති 4 එක් වීමට නියමිත බවයි. වැටුප් විෂමතාවක් ඔවුන්ගේ මෙම වර්ජනයට හේතුවී ඇත.
2018-05-08T06:44:55.000Z
ජනාධිපති ලේකම්වරයෙකු ලෙස පෙනී සිට මුදල් වංචා කළ පුද්ගලයාට වැඩ වරදී
හොර ජනාධිපති ⁣ලේකම්ට වැඩ වරදී
COLOMBO (News 1st) - ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනි සිටිමින් රැකියා ලබා දෙන බව පවසා විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ සැකකරුවෙකු ත්‍රස්තවාදී විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සැකකරු ඊයේ රාත්‍රි ඇහැලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි. ඔහු රජයේ විවිධ ආයතනවල නම් භාවිතා කරමින් සහ දකුණු කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින් 10 දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත. ජනාධිපති ලේකම්වරයා පොලිස්පතිවරයාට කරන ලද දැණුම් දීමක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
2018-05-08T05:00:36.000Z
ආණ්ඩුවෙන් ඉවත් වූ අමාත්‍යවරු 16 දෙනා විපක්ෂයේ අසුන් ගනිති
ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා විපක්ෂයේ අසුන් ගනිති
COLOMBO (News 1st) - ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජන කළ, කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 16 දෙනා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්හ. වාසුදේව නානායක්කාර සහ විමල් වීරවිංශ යන මන්ත්‍රීවරුන් සඳහා විපක්ෂයේ ඉදිරිපෙළ අසුන් පනවා තිබූ බව අප වාර්තාකරු සඳහන් කළේ ය. ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුන්වල සිටි, ආචාර්ය සරත් අමුණුගම, තිලක් මාරපන, වජිර අබේවර්ධන සහ මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන්ට ඉදිරි පෙළ අසුන් ලැබී තිබීම විශේෂත්වයකි. https://www.facebook.com/NewsfirstSL/videos/1940445852682330/
2018-05-08T04:54:07.000Z
යුග පෙරළිය තවමත් අවසන් නැහැ - ජනපති
යුග පෙරළිය තවමත් අවසන් නැහැ - ජනපති
COLOMBO (News 1st) - 2015දී තමන් විසින් නායකත්වය දුන් යුග පෙරළිය තවමත් අවසන් වී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, 8 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සභාවාරය ආරම්භ කරමිනි. https://www.facebook.com/NewsfirstSL/videos/1940314299362152/ රජයක් ලෙස නැගී සිටීමට අපගේ උරුමය හා දේශීයත්වය සියල්ල රැක ගනිමින් දේශපාලන චින්තනය තුළ කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි. දුගීබවින් සහ දරිද්‍රතාවයෙන් රට මුදවා ගැනිමට කටයුතු කරන බව ත් ඒ සඳහා රාජ්‍ය සේවය ශක්තිමත් කිරිමට කළමනාකරණ තීන්දු ගන්නා බව ත් ජනාධිපතිතුමා කියා සිටියේය. වේගවත් ආර්ථික සංවර්ධනයක් උදෙසා රාජ්‍ය සහ පෞද්ගලික අංශය ශක්තිමත් කළ යුතු බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය. දේශපාලන පක්ෂ අතර ඇති බල අරගලය සමනය කරගත යුතු බව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. ශ්‍රී ලාංකිකයින්ට නැගිය සිටිය හැකි අවසන් අවස්ථාව මෙය බවත් දූෂණය, වංචාව මුලිනුපුටා දැමීම සඳහා සියලු පක්ෂ රට වෙනුවෙන් ඉදිරියට පැමිණිය යුතු බව ත් ජනාධිපතිතුමා අවධාරණය කළේය. ශ්‍රී ලංකාව අපරාජිත දේශයක් ලෙස පෙරට ගෙන ඒමට සියල්ලන්ටම ආරාධනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි දුරට ත් කියා සිටියේය. අනතුරුව පාර්ලිමේන්තුව හෙට දහවල් 1.00 දක්වා කල් තබනු ලැබිණි. 8 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සභාවාරය අමතමින් ජනපති කළ සම්පූර්ණ කතාව https://www.facebook.com/NewsfirstSL/videos/1940294466030802/
2018-05-08T04:43:18.000Z
බොලිවුඩ් නිළි සෝනම් කපූර් යුග දිවියට
බොලිවුඩ් නිළි සෝනම් කපූර් යුග දිවියට
COLOMBO (News 1st) - බොලිවුඩ් නිළි සෝනම් කපූර් සහ ආනද් අහුජාගේ විවාහ මංගල්‍ය අද මුම්බායි නුවරදී පැවැත් වේ. ඊට බොලිවුඩ් නළු නිළියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් සහභාගී වී සිටින බව බොලිවුඩ් වාර්තා සඳහන් කළේ ය. විවාහ උත්සවය පැවැත්වෙනුයේ මුම්බායි නුවර පිහිටි සෝනම් කපූර්ගේ නැන්දනියගේ නිවසේයි. සෝනම් කපූර්ගේ මංගල ඇඳුම රතු සහ රත්රන් පැහැති සාරියකින් සකසා ඇති බව ද සඳහන් වේ.
2018-05-08T04:14:49.000Z
උපාධිධාරීන්ගේ විරෝධතාවට පොලීසියෙන් ජල ප්‍රහාර
උපාධිධාරීන්ගේ විරෝධතාවට පොලීසියෙන් ජල ප්‍රහාර
COLOMBO (News 1st) - රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය අද දහවල් කොළඹ ලෝටස් වටරවුම අසළදී ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ මෙම පාගමන ආරම්භ කළේ, කොටුව දුම්රිය ස්ථානය අසළිනි. පොලීසිය පාගමන කොළඹ ලෝටස් වටරවුම අසළදී අවහිර කර ඇත. ඉන් අනතුරුව ජනාධිපති කාර්යාලය දෙසට ගමන් ගැනීමට උත්සාහ කළ විරෝධතාකරුවන්ට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කළේ ය. අනතුරුව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් 5 දෙනෙකුට ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වූ අතර එම සාකච්ඡාව අසාර්ථක වූ බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ ජාතික සංවිධායක ධම්මික මුණසිංහ පැවසුවේ ය. වසරකට 8000 - 10000 ත් අතර උපාධිධාරීන් සංඛ්‍යාවක් මෙරට රැකියා විරහිත ගොන්නට එකතු වේ. 2012 මාර්තු මස 31 යින් පසුව උපාධිධාරීන්ට මේ දක්වා රැකියා ලබාදීමට බලධාරීන් සමත්වී නොවීය. මේ වන විට රට තුළ සිටින රැකියා විරහිත උපාධිධාරින් සංඛ්‍යාව 57,000 කි. https://www.facebook.com/NewsfirstSL/videos/1940496389343943/
2018-05-08T03:05:36.000Z
Live: 8 වන පාර්ලිමේන්තුවේ 2 වන සභා වාරය
Live: 8 වන පාර්ලිමේන්තුවේ 2 වන සභා වාරය
COLOMBO (News 1st) - 8 වන පාර්ලිමේන්තුවේ 2 වන සභා වාරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම්ප්‍රාප්තිය මීට සුළු වේලාවකට පෙර සිදු විය. 8 වන පාර්ලිමේන්තුවේ 2 වන සභා වාරය සජීවීව පහතින් නැරඹිය හැකි ය. https://www.facebook.com/NewsfirstSL/videos/1940208252706090/?t=205
2018-05-08T01:15:07.000Z
බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයට ගිනි තැබූ පුද්ගලයා අත්අඩංගුවට
බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණ ලේඛනාගාරයේ ගින්න
COLOMBO (News 1st) - බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු මහරගමදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සැකකරුට විරුද්ධව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු 11ක් ඇති බව ය. පසුගිය 30 වන දා මෙලෙස මෙම ගිනි තැබීම සිදු විය.
2018-05-08T00:55:42.000Z
වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් එමිල් රන්ජන් හා නියෝමාල් රංගජීව යළි රිමාන්ඩ්
එමිල් රන්ජන් හා නියෝමාල් රංගජීව යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) - 2012 වසරේ සිදු වූ වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එමිල් රන්ජන් සහ නියෝමාල් රංගජීව යන මහත්වරුන් ලබන 22 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේ ය. අතිරේක මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය එදිනට වාර්තා කරන ලෙස ය. 2012 වැලිකඩ බන්ධනාගාරයට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි සිරකරුවන් හා සැකකරුවන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ලමාහේවා හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යන මහත්වරුන් පසුගියදා අත්අඩංගුවට ගැනිණි. https://www.youtube.com/watch?v=M-WAud0pJP4
2018-05-08T00:24:59.000Z
විශ්වවිද්‍යාල සත් සාමාජික රග්බි ලෝක ශූරතා තරගාවලියට මෙවර ශ්‍රී ලංකාවත්
විශ්වවිද්‍යාල සත් සාමාජික රග්බි ලෝක ශූරතා තරගාවලිය
COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල සත් සාමාජික රග්බි ලෝක ශූරතා තරගාවලිය නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට සුදුසුකම් ලබා සිටියි. ලෝක ශූරතා තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල රග්බි සංචිතයක් සහභාගී වන ප්‍රථම අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි. රජරට විශ්වවිද්‍යාලයේ ඊ.එච්.ජී.එල්.යූ. පීරිස් මෙවර ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සත් සමාජික රග්බි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම තරගාවලිය ජූලි මස 12 වන දා සිට 14 වන දා දක්වා නැමීබියා දේශයේ ස්වාකප්මුන්ඩ් අගනුවරදී පැවැත්වේ.
2018-05-08T00:10:10.000Z
2025 වන විට ලෝකයේ ස්වභාවික රබර් ඉල්ලුම මිලියන 17 දක්වා ඉහළට - විශේෂඥයින්ගෙන් පුරෝකථන
2025 වන විට ලෝකයේ රබර් ඉල්ලුම මිලියන 17 දක්වා ඉහළට
COLOMBO (News 1st) - ලෝකයේ ස්වභාවික රබර් සඳහා වන ඉල්ලුම 2025 වන විට වසරකට මෙට්‍රික් ටොන් මිලියන 17 දක්වා ඉහළ යනු ඇති බවට විශේෂඥයින් පුරෝකථනය කර ඇති බැවින් රබර් වගාව වර්ධනය කිරීමටත් කුඩා රබර් හිමියන්ට වැඩි මිලක් ලබා දීම කෙරෙහි ලෝක රබර් සමුළුවේ අවධානය යොමු විය යුතු බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා එසේ කියා සිටියේ, ඊයේ ආරම්භ වූ ලෝක රබර් සමුළුව 2018 සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සහභගී වෙමිනි. රබර් භාණ්ඩ නිෂ්පාදනයට ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය වන රබර් වගාව රැක ගැනීම කෙරෙහි ලෝක රබර් නිෂ්පාදකයින්ගේ විශේෂ අවධානය යොමු විය යුතු බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය. මෙම සමුළුවට ආසියා, අප්‍රිකා, දකුණු අමෙරිකා ඇතුළු රටවල් 32ක රබර් නිෂ්පාදකයින් සහභාගී වන බැවින් ලෝකයේ රබර් නිෂ්පාදනය, වගාව හා කර්මාන්තය වැඩිදියුණු කිරීමට අදාළ වැදගත් යෝජනා සහ නිර්දේශ මෙහිදී ගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
2018-05-07T23:53:26.000Z
නිව් යෝර්ක් නීතිපති ඉල්ලා අස්වෙයි
නිව් යෝර්ක් නීතිපති ඉල්ලා අස්වෙයි
(News 1st) - නිව් යෝර්ක්හි නීතිපති එරික් ස්නයිඩර්මෙන් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කාන්තාවන් 4 දෙනෙකුට පහර දුන් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වීම හේතුවෙන් මෙලෙස සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව ය. එම පහර දීම්වලට ලක්වූ කාන්තාවන් 4 දෙනාගෙන් දෙදෙනෙකු ඔහුගේ හිටපු පෙම්වතියන් බවට ද හඳුනාගෙන තිබේ. කෙසේ වෙතත් එරික් ස්නයිඩර්මෙන් ඔහුට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරයි. තමාට එල්ල වී ඇති චෝදනාවලට එරෙහිව තදින්ම තරග කරන බවත් එතෙක් සිය ධූරයෙන් ඉවත් වන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
2018-05-07T22:54:05.000Z
සෙසු පළාත්වලට සාපේක්ෂව දකුණු සහ උතුරු මැද පළාත්වල මත්පැන් නිෂ්පාදනය ඉහළට
දකුණු සහ උතුරු මැද පළාත්වල මත්පැන් නිෂ්පාදනය ඉහළට
COLOMBO (News 1st) - දිවයිනේ සෙසු පළාත්වලට සාපේක්ෂව දකුණු සහ උතුරු මැද පළාත්වල මත්පැන් නිෂ්පාදනය ඉහළ ගොස් තිබේ. ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ, මැත කාලීනව සිදු කළ අධ්‍යයනයකට අනුව ය. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහකාර සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, දීර්ඝ කාලීනව නීති විරොධී මත්පැන් නිෂ්පාදනය ව්‍යාප්තව පැවති පුත්තලමේ සිට කොළඔ දක්වා වෙරළ තීරයේ සිදු කළ අඛණ්ඩ වැටලීම් හේතුවෙන් නිෂ්පාදකයින් එම ප්‍රදේශ අත්හැර උතුරු මැද සහ දකුණට සංක්‍රමණය වී ඇති බව ය. සාම්ප්‍රදායික ප්‍රදේශවල මෙම ජාවාරම්වල නිරත වූ පුද්ගලයින් විසින් ම එම කටයුතු සඳහා දැන් වෙනත් ප්‍රදේශ තෝරාගෙන ඇති බව ද සිදු කළ නිරීක්ෂණවලට අනුව අනාවරණය වී තිබේ. මෙම තත්ත්වය පාලනය කිරීමට දිවයින පුරා අඛණ්ඩව වැටලීම් ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේ ය.
2018-05-07T22:37:08.000Z
බන්ධනාගාර රැඳවියෙකු හමුවීමට පැමිණි පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
රැඳවියෙකු හමුවීමට ආ අයෙකු මත්ද්‍රව්‍ය සමග කොටුවෙයි
COLOMBO (News 1st) - වාරියපොළ බන්ධනාගාරයේ රැඳවියෙකු හමුවීමට පැමිණි පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 33ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35ක් බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන ඇති බව ය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකි.
2018-05-07T22:29:19.000Z
රු. කෝටියක් පමණ වටිනා රත්තරන් තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
රත්තරන් තොගයක් සමග කාන්තාවන් 2ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - රුපියල් කෝටියක් පමණ වටිනා රත්තරන් තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, රත්තරන් කිලෝ 1 යි ග්‍රෑම් 100ක් ගමන් මළු තුළ සූක්ෂම ලෙස සඟවා ගෙන මෙරටට රැගෙන ඒමේදී අදාළ සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ය. සිංගප්පූරුවේ සිට අද උදෑසන මෙරටට පැමිණි එම කාන්තාවන් දෙදෙනා යාපනය ප්‍රදේශයේ පදිංචි 56 සහ 50 වයස්වල පසුවන බව පොලීසිය සඳහන් කළේ ය. වැඩිදුර විමර්ශන සඳහා අදාළ රත්තරන් තොගය රේගුවට භාර දී තිබේ.
2018-05-07T21:45:34.000Z
සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්ඡා අසාර්ථක වීමෙන් ඉතාලිය දේශපාලන අර්බුදයක
ඉතාලිය දේශපාලන අර්බුදයක
(News 1st) - සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ ඒකාබද්ධ සාකච්ඡා අසාර්ථක වීම හමුවේ ඉතාලියට යළිත් මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුව තිබේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, ඉතාලියේ සභාග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ අතර පැවති සාකච්ඡා අසාර්ථක වීම හමුවේ මෙම වසර අවසාන වන තෙක් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට හෝ යළිත් මැතිවරණයක් පැවැත්වීමට හෝ සිදුව ඇති බව ය. සභාග ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පැවති තෙවන සාකච්ඡා වටය ද අසාර්ථක වීම හමුවේ රජයට විකල්ප 2ක් පමණක් තවදුරටත් ඉතිරිව ඇති බව ඉතාලි ජනපති සර්ජියෝ මටරෙල්ලා කියා සිටියේ ය. ලබන ජූලි මාසයේදී නව මැතිවරණයක් පවත්වන ලෙස එරට ප්‍රධාන දේශපාලන පක්ෂ බල කරන බව ද ජනපතිවරයා අවසන් වශයෙන් ප්‍රකාශ කළේ ය. ඉතාලිය මෙම තත්ත්වයට මුහුණ පා ඇත්තේ, පසුගිය මාර්තු මාසයේ පැවති මහ මැතිවරණයේත් බහුතර බලයක් හිමි කර ගැනීමට තනි දේශපාලන පක්ෂයක් හෝ සන්ධානයක් අපොහොසත් වීම හමුවේ ය. මාර්තු 4 වන දා පැවති මැතිවරණයේ අවිනිශ්චිත ප්‍රතිඵල හමුවේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඊට පෙර දරූ ප්‍රයත්නයන් ද ව්‍යර්ථ වී තිබේ.
2018-05-07T21:27:01.000Z
උසස් පෙළ විභාගයේදී සිසුන්ට ප්‍රශ්න තෝරා ගැනීමට අමතර කාලයක්
උ/පෙළ විභාගයේදී ප්‍රශ්න තෝරා ගැනීමට අමතර කාලයක්
COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී සිසුන්ට ප්‍රශ්න තෝරා ගැනීම සඳහා අමතර වේලාවක් වෙන් කර දීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, ප්‍රශ්න තෝරා ගැනීමේදී ළමයින් මුහුණ දෙන ගැටලු මුල් කර ගනිමින් මෙම පියවර ගත් බව ය. මෙය දෙවන කොටස ප්‍රශ්න පත්‍රය සඳහා හඳුන්වා දෙන බවත් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට අදාළ නොවන බවත් කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. ඒ අනුව මේ වසරේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී මෙම අවස්ථාව සිසුන්ට හිමිවනු ඇති.
2018-05-07T20:32:33.000Z
විදුලි ඉංජිනේරුවන් අද සිට අකුරට වැඩ
විදුලි ඉංජිනේරුවන් අද සිට අකුරට වැඩ
COLOMBO (News 1st) - ලංකා විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන ජනන සැලැස්ම ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය තීරණය කර තිබේ. එහි සභාපති සෞම්‍ය කුමාර වඩුගේ මහතා සඳහන් කළේ, අද සවස 4.15 සිට අකුරට වැ‍ඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ය. සෞම්‍ය කුමාර වඩුගේ මහතා පැවසුවේ, වසර කිහිපයක සිට විදුලි බලාගාර ඉදිකිරීමේ කිසිදු සැලැස්මක් නොමැති බව ය. මේ හේතුවෙන් විදුලි අර්බුදයකට ලක්ව ඇති බව ඔහු සඳහන් කළේ ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, වගකිවයුතු බලධාරීන් සමග මේ පිළිබඳව සාකච්ඡා කළ ද ඒ සඳහා මෙතෙක් විසඳුම් ලැබී නොමැති බව ය.
2018-05-07T19:59:54.000Z
දුම්රිය සේවකයින් අද මැදියම් රැයේ සිට වැඩ වර්ජනයක
දුම්රිය සේවකයින් අද මැදියම් රැයේ සිට වැඩ වර්ජනයක
COLOMBO (News 1st) - ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයකට අවතීර්ණ වීමට දුම්රිය සේවකයින් තීරණය කර තිබේ. මෙම වර්ජනය සඳහා දුම්රිය නියාමකවරුන්ගේ සංගමය, දුම්රිය පාලකවරුන්ගේ සංගමය, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සහ දුම්රිය රියැදුරන්ගේ සංගමය යන ප්‍ර‍ධාන වෘත්තීය සමිති 4 එක් වීමට නියමිත ය. සිය වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව අදහස් පළ කළ දුම්රිය අධීක්ෂණ මෙහෙයුම් නිලධාරී සංගමයේ සම කැඳවුම්කරු සහ දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා පැවසුවේ, වැටුප් වැඩි කිරීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී තිබුණත් මේ වන තෙක් එය සම්මත වී නොමැති බව ය. මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් ප්‍ර‍වාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, මේ සම්බන්ධයෙන් අද දුම්රිය සේවකයින් සමග සාකච්ඡාවක් පැවැත්වීමට තමන් අපේක්ෂා කරන බව ය.
2018-05-07T19:39:56.000Z
8 වන පාර්ලිමේන්තුවේ 2 වන සභා වාරය ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ
පාර්ලිමේන්තුවේ 2 වන සභා වාරය ජනපති ප්‍රධානත්වයෙන්
COLOMBO (News 1st) - 8 වන පාර්ලිමේන්තුවේ 2 වන සභා වාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වේ. 70 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව 2018 අප්‍රේල් මස 12 වන දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාර අවසාන කළේ ය. ඒ අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය අද ආරම්භ වන්නේ, සම්ප්‍රදායානුකූලව පැවැත්වෙන උත්සවයකින් අනතුරුව ය. ඒ වෙනුවෙන් අද ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත ය. පාර්ලිමෙන්තු සම්ප්‍රදාය අනුව පස්වරු 2.10ට පාර්ලිමේන්තුවේ ඝන පූර්ණ සීනුව නාද කිරීමෙන් පසු සියලු මන්ත්‍රීවරුන් පැමිණ සභාවේ අසුන් ගැනීම සිදුවේ. එහිදී සභා වාරය අරම්භ කරමින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත ය. උත්සවය වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ සහ ඒ අවට ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවළක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කළේ ය. මේ අතර පසුගියදා සිය අමාත්‍ය ධූරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා අද සිට පාර්ලිමේන්තු සභාවේ විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත ය. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා දැනුවත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම විරක්කොඩි මහතා සඳහන් කළේ ය. අප මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ය.‍
2018-05-07T11:33:30.000Z
හවායි දූපතේ හදිසි තත්ත්වයක්
හවායි දූපතේ හදිසි තත්ත්වයක්
අමරිකාවේ හවායි දූපතේ කිලව් ගිනි කන්ද විදාරණය වීමත් සමග මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. මේ වනවිට ගිනි කන්ද පිපිරීයාම හේතුවෙන් නිවාස 27කට හානි සිදුව ඇති අතර ඒ අවට පුද්ගලයින් 1700 දෙනෙකු එම ප්‍රදේශයේ ඉවත් කර ඇතැයි, විදෙස් වාර්තාවල සඳහන් ය. ගිනි කන්ද මේ වනවිට ස්ථාන කිහිපයකින් විදාරණය වෙමින් පවතින බව ද විදෙස් වාර්තාවල සඳහන් ය.
2018-05-07T10:03:01.000Z
ප්‍රධාන දේශපාලන පක්ෂවල කම්කරු දින සැමරුම්
ප්‍රධාන දේශපාලන පක්ෂවල කම්කරු දින සැමරුම්
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සැමරුම ජාතික සමගියට කම්කරු ජවය යන තේමාව යටතේ අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. ඒ, මඩකලපුව වෙන්කලඩි මාවඩිවේම්බුහිදීයි. මැයි දින සැමරුම ආරම්භ කෙරුණේ, සර්ව ආගමික වතාවත්වලින් අනතුරුවයි. අනතුරුව පක්ෂයේ සභාපති , ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැයිදින රැළිය සදහා පැමිණියේ ය. පසුගිය දා ආණ්ඩුවෙන් ආණ්ඩුවෙන් ඉවත්වූ , දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල හා ඩිලාන් පෙරේරා යන මහත්වරුන් රැස්වීම පැවැත්වෙන ස්ථානයට පැමිණ සිටින අයුරු දක්නට ලැබිණ. එහෙත් ඔවුහු මැයි දින රැළියට සහභාගී නොවී එම ස්ථානයෙන් පිටත්ව ගියහ. කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික එස්. බී. දිසානායක මහතා මෙම රැළියට එක්ව සිටියේ ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කම්කරුවන් වෙනුවෙන් කළ සේවය අගයමින් මෙහිදී සම්මානයක් ද පිරිනැමී ය. https://www.youtube.com/watch?v=zc-iimpA4uY මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි දින රැළිය අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනල ක්‍රීඩංගණයේදී මේ වන විටත් පැවැත්විණ. බදු බරට, පාවාදීමට, බැඳුම්කර කොල්ලයට, මර්දනයට, ජාතික සමිපත් විකිණීමට, එරෙහි වැඩ කරන ජනතා, ඒකාබද්ධ මැයි රැළිය ලෙස මෙය නම් කර තිබිණ. පිරිස පා ගමනින් පැමිණිමෙන් අනතුරුව පස්වරු 3ට පමණ රැස්වීම ආරම්භ විය. https://www.youtube.com/watch?v=Syp6ooonofE ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය අද පස්වරුවේ කොළඹ බී ආර් සී පිටියේදී පැවැත්විණ. සමාජ සාධාරණත්වය, ජාතිය සමගිය ගොඩගන ජනතාවාදී පාලයක් යන්න තේමා කර ගත් ජතාතා විමුක්ති පෙරමුණේ මැයි දින පෙළපාළිය පස්වරු 1.00ට බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ විය. ඊට පක්ෂයේ නායකයින්, විදෙස් නියෝජිතයින්, කලාකරුවන්, වෘත්තිය සමිති නායකයින් , කනිෂ්ඨ සංවිධාන පක්ෂයේ සමාජිකයින් එක්ව සිටියහ. මෙවරත් ජාත්‍යන්තර කම්කරු දින නිර්මානවලින් මෙම පෙළ පාලිය විචිත්‍රවක් කර තිබිණ. https://www.youtube.com/watch?v=GJQbL5XtCzw
2018-05-07T09:34:39.000Z
රටවල් 5ක මෙරට තානාපති හා මහකොමසාරිස් ධූර හිස්
රටවල් 5ක මෙරට තානාපති හා මහකොමසාරිස් ධූර හිස්
COLOMBO (News 1st) : මාස කිහිපයක සිට ප්‍රධාන පෙළේ රටවල් 5ක ශ්‍රී ලංකා තානාපති හා මහකොමසාරිස් ධූර හිස්ව ඇති බව වාර්තා වේ. විදේශ කටයුතු අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අනුව අමෙරිකා එක්සත් ජනපදය , බ්‍රිතාන්‍ය , රුසියාව , බ්‍රසීලය සහ කෙන්යාව යන රටවල තානාපති හා මහකොමසාරිස් තනතුරු මෙලෙස පුරප්පාඩු වී තිබේ. ශ්‍රී ලංකාවට දේශපාලනික ආර්ථික හා විදේශ කටයුතු අංශවලින් අතිශය වැදගත් රටක් වන අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ධූරය මාස 9ක සිට පුරප්පාඩුව පවතී. හිටපු තානාපති ප්‍රසාද් කාරියවසම් මහතා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් තනතුරට පත්කිරීමත් සමග එම ධූරය පුරප්පාඩු විය. මහ බ්‍රිතාන්‍ය සැලකෙන්නේ ශ්‍රී ලංකාව සමග දීර්ඝ කාලීන තානාපති සබඳකම් පැවත්වන ඉතා වැදගත් රටක් ලෙසයි. නමුත්,පසුගිය පෙබරවාරි මාසයේ සිට බ්‍රිතාන්‍යෙය් මහකොමසාරිස් තනතුර පුරප්පාඩු වී ඇති අතර එම ධූරයේ අවසන් වරට සේවය කළේ, අමරි විජේවර්ධන මහත්මියයි. පසුගිය මාර්තු මාසයේ සිට රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය ද පුරප්පාඩුව පවතී. අවසන් වරට රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළේ, වෛද්‍ය වෛද්‍ය සමන් වීරසිංහ මහතායි. ඊට අමතරව බ්‍රසීලය හා කෙන්යාව යන රටවල ද ශ්‍රී ලංකා තානාපති ධූර පුරප්පාඩුව පවතී. ලොව මහාබලවතුන් වන අමෙරිකාව රුසියාව මහා බ්‍රිතාන්‍ය යන රටවල් හරහා ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් උපයයි. https://www.youtube.com/watch?v=MWIq3lksmio
2018-05-07T07:47:19.000Z
ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ පදක්කම සොරාගත් 6 දෙනා රිමාන්ඩ්
ලෙස්ටර්ගේ පදක්කම සොරාගත් 6 දෙනා රිමාන්ඩ්
COLOMBO (News 1st) : ප්‍රවීණ සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී පිරිනැමුණු සම්මානය සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දමින්ද වැලිගොඩපිටිය මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. සැකකරුවන් 6 දෙනා අතරින් සොරකමට සෘජුව සම්බන්ධ වී ඇතැයි, අනාවරණ වී ඇති සැකකරුවන් දෙදෙනෙකු එදින හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේ ය. ජීවිතේ එක් වරක් පමණක් අද්විතීය සිනමාකරුවෙකුට හිමිවන ඉන්දීය යාවජීව කර්තව්‍ය සම්මානය 2000 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට පිරිනැමුණේ, 31 වන අන්තර් ජාතික ඉන්දීය සිනමා සම්මාන උළෙලේදීයි. ඒ ඔහු සිනමාවට කළ අමිල මෙහෙවර අගයමිනි.
2018-05-07T06:59:53.000Z
ඉදිරි පැය කිහිපයේ පළාත් රැසකට මහ වැසි
ඉදිරි පැය කිහිපයේ පළාත් රැසකට මහ වැසි
COLOMBO (News 1st) : නැගෙනහිර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට ඉදිරි පැය 8 තුළදී ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථාවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි. ගිඟුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70-80 අතර කෙටි කාලීන තද සුළං ඇතිවිය හැකි හැකි අතර අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර උතුර, නැගෙනහිර,ඌව පළාත සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයට හෙට දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ පිළිබඳව වැඩබිම් තුළ සිටින ජනතාව, නිවෙස්වල සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් අවධානය යොමු කරන ලෙසයි.
2018-05-07T06:52:06.000Z
"2020 මම විශ්‍රාම යන්නෙ නැහැ" - ජනපති
"2020 මම විශ්‍රාම යන්නෙ නැහැ" - ජනපති
COLOMBO (News 1st) : තමන් 2020 දී විශ්‍රාම නොයනබව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු කරන විමසීම්වලට ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නේ, මඩකලපුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය අමතමිනි. https://www.youtube.com/watch?v=v-ppS06FEps
2018-05-07T04:31:05.000Z
ව්ලැද්මීර් පුටින් යළි ත් රුසියානු ජනපති ධූරයට
ව්ලැද්මීර් පුටින් යළි ත් රුසියානු ජනපති ධූරයට
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ඉදිරි වසර 6 සඳහා ද ජනාධිපතිවරයා ලෙස අද ක්‍රම්ලිනයේදී දිවුරුම් දුන්නේ ය. ඒ අනුව පූටින් රුසියානු ජනාධිපති ධූරය හොඹවන සිව්වැනි අවස්තාව මෙයයි. පුටින් පළමු වරට රුසියාවේ වැඩබලන ජනාධිපති ධුරයට පත්වුණේ 1999 වසරේ දෙසැම්බර් 31 වන දා යි. 2000 වසරේ මැයි 7 වන දා ඔහු රුසියානු සමූහාණ්ඩුවේ දෙවැනි ජනපතිවරයා බවට පත්විය. අනතුරුව ඔහු යළිත් වරක් රුසියාවේ ජනාධිපතිවරයා බවට පත්වූයේ 2012 වසරේදීයි. 64% ක ජන්ද ප්‍රතිශතයක් හිමි කරගනිමින් ජනාධිපතිවරණයෙන් ජයගත් පූටින් , ඉන් වසර 6කට පසු ඊට වඩා වැඩි ප්‍රගතියක් පෙන්නුම් කරමින් 2018 මැතිවරණය ජයගත්තේ ය. රුසියානු නිල ඡන්ද ප්‍රතිඵලයට අනුව ප්රධාන විපක්ෂ නායක ඇලෙක්සෙයි නවාල්නි ජනාධිපතිවරණ තරගයෙන් ඉවත්ව ගියේ ජනපති පුටින් හට 76%ක ජනතා මනාපයක් අත්කර දෙමිනි. ඒ අනුව සිව් වරක්ම රුසියානු රාජ්‍යයේ පාලන බලය සියතට ගැනීමට සමත් වූ නායකයෙකු ලෙස ජනාධිපති පුටින් ඉතිහාසගත වේ. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලෙසින් පුටින් මේ වනවිට වසර 18ක් රටේ පාලන බලය හොබවා තිබේ.
2018-05-07T01:19:32.000Z
මැයි රැලිය වෙනුවෙන් ගාල්ල නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්
ගාල්ල නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්
COLOMBO (News 1st) - සමනළ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මැයි දින උත්සවය හේතුවෙන් ගාල්ල නගරයේ අද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, අද පෙරවරු 11.00 සිට පස්වරු 7.00 දක්වා එම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බව ය. අදාළ කාලය තුළ කොළඹ සිට මාතර දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය ගිංතොට ඩිපෝව අසළ කලේගාන හන්දියෙන් වසා තැබෙනු ඇති. මාතර සිට කොළඹ දක්වා දිවෙන මාර්ගය හබරාදූව ඔරලෝසු කණුව අසළින් වසා තැබීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය. අදාළ කාලය තුළ පෙළපාලිය සඳහා කොළඹින් සහභාගි වන රථ වාහනවලට මහමෝදර දක්වාත් මාතරින් සහභාගි වන රථ වාහනවලට හබරාදූව අධිවේගී පිවිසුම් මාර්ගය දක්වාත් ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය.
2018-05-06T22:25:02.000Z
ලෝක රබර් සමුළුව අද රැස් වේ
ලෝක රබර් සමුළුව අද රැස් වේ
COLOMBO (News 1st) - ලෝක රබර් සමුළුව අද කොළඹදී ආරම්භ වේ. ජාත්‍යන්තර රබර් අධ්‍යයන කණ්ඩායම සංවිධානය කරන සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වන්නේ, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතායි. රටවල් 36 ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සමුළුවේදී රබර් කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත වනු ඇත.
2018-05-06T22:09:27.000Z
සිනමාවේදී ලෙස්ටර්ගේ රණමයුර සම්මානය සොරා ගැනීම සම්බන්ධයෙන් 5 දෙනෙකු අත්අඩංගුවට
ලෙස්ටර්ගේ සම්මානය සොරා ගැනීමට සැක 5 ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - ප්‍රවීණ සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට අයත් පදක්කම සොරා ගැනීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී පිරිනැමුණු රණමයුර සම්මානය සමග ලැබි තිබූ පදක්කම පෙරේදා බස් රථයක තිබී සොයා හමු විය. ඒ, කඩුවෙල - කොල්ලුපිටිය සුඛෝපභෝගී බස් රථයක, ගමන් භාණ්ඩ රඳවනයක දමා ගොස් තිබියදීයි. බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර කොල්ලුපිටිය පොලිස්ථානයට ලබා දුන් දැනුම්දීමකට අනූව එය සොයා ගෙන ඇත. ජීවිතේ එක් වරක් පමණක් අද්විතීය සිනමාකරුවෙකුට හිමිවන ඉන්දීය යාවජීව කර්තව්‍ය සම්මානය 2000 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට පිරිනැමුනේ 31 වන අන්තර් ජාතික ඉන්දීය සිනමා සම්මාන උළෙලේදී යි. ඒ, ඔහු සිනමාවට කළ අමිල මෙහෙවර අගයමිනි.
2018-05-06T21:42:16.000Z
"ගංවතුරට පෙර සුදානම් වෙමු" ගම්මැද්ද ප්‍රජා සත්කාරයේ තෙවන දිනය අද යි
ගම්මැද්ද ප්‍රජා සත්කාරයේ තෙවන දිනය අද යි
COLOMBO (News 1st) - ගංවතුරට පෙර සුදානම්වීම අරමුණු කර ගනිමින් නිව්ස්ෆස්ට් ගම්මැද්ද සංවිධානය කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවේ තෙවන දිනය අද යි. එය පැවැත්වෙන්නේ ආසියානු ෆැසිපික් සහයෝගිතා සංවිධානය, දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සහයෝගයෙනි. මෙම වැඩසටහන රත්නපුර, මාතර හා ගාල්ල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් පැවැත් විය. අද එය ක්‍රියාත්මක වන්නේ, කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමිනි. https://www.youtube.com/watch?v=B_Vt3KND3-Y
2018-05-06T20:48:32.000Z
පකිස්ථාන අභ්‍යන්තර කටයුතු ඇමතිට වෙඩි ප්‍රහාරයක්
පකිස්ථාන අභ්‍යන්තර කටයුතු ඇමතිට වෙඩි ප්‍රහාරයක්
COLOMBO (News 1st) - පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ආසන් ඉක්බාල් සන්නද්ධ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පන්ජාබයේ නරෝවාල් නගරයේ පිහිටි සිය ඡන්ද කොට්ටාසයේ රැලියකට සහභාගී වන අවස්ථාවේදී ඔහු එම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි. කෙසේ වෙතත් වෙඩි පහරින් තුවාල ලැබු ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. පකිස්ථාන බලධාරීන් සඳහන් කළේ, මේ වනවිට ප්‍රහාරකයාගෙන් ප්‍රශ්න කෙරෙන අතර ප්‍රහාරයේ අරමුණ මෙතෙක් හෙළි වී නොමැති බවයි. පකිස්ථාන මහ මැතිවරණය ලබන ජුලි 15 වැනි දිනට යෙදී තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
2018-05-06T19:45:03.000Z
ඇඹිලිපිටියේ සිදු වූ පිපිරීමෙන් පුද්ගලයෙකුට තුවාල
ඇඹිලිපිටියේ සිදු වූ පිපිරීමෙන් පුද්ගලයෙකුට තුවාල
COLOMBO (News 1st) - ඇඹිලිපිටිය, කොළොන්න බුලුතොට ප්‍රදේශයේ ඊයේ රාත්‍රි 9.00 ට පමණ විදුලි කාන්දුවකින් අනතුරුව සිදු වූ පිපිරීමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇත. පිපිරීමෙන් වෙළෙඳසැල් දෙකක් හා නිවසකට හානි වී තිබේ. එම ස්ථානයේ ගාල්කර තිබූ ගොඩකවෙල ඩිපෝවට අයත් බස් රථයකට හා එම ස්ථානයේ තිබූ ත්‍රීරෝද රථයකට ද හානි සිදු විය. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. පොලීසිය පැවසූවේ, විදුලි කාන්දුවීමක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇතිබවට සැක කෙරෙන බවයි. අද දිනයේ ද විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ගෙන්වා පරීක්ෂණයක් සිදු කිරීමට ද නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.
2018-05-06T19:20:42.000Z
ලෝක මැයි දිනයේ මෙරට සැමරුම අද යි: දිවයිනේ ප්‍රදේශ රැසක මැයි දින පෙළපාලි
ලෝක මැයි දිනයේ මෙරට සැමරුම අදයි
COLOMBO (News 1st) - ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක් අද මෙරටදී ලෝක කම්කරු දිනය සමරනු ඇත. ලෝක කම්කරු දිනය පසුගිය පළමුවැනිදාට යෙදී තිබුණ ද මැයි දිනය සමග යෙදී තිබූ වෙසක් සතිය සැලකිල්ලට ගනිමින් මැයි පෙළපාලි සහ රැස්වීම් අද දිනයට කල් දැමීමට පසුගිය දා රජය තීරණය කළේ ය. රජය එම තීරණයට එළැඹියේ මහා සංඝරත්නය විසින් කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි. පැය අටක් ඉල්ලා ඇරඹුණු කම්කරු සටනක්, මහා ලේ වැගිරීමකින් කෙළවර වුයේ එක්තරා දිනයක් ලෝකයට කිසිදා අමතක නොවන ලෙස සලකුණු කරමිනි. ඒ, ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනයයි. වසර 132 කට පෙර එනම්, 1886 මැයි මස 01 වැනි දා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වූයේ, තම වැඩමුරය පැය 08 කට සීමාකරන්නැයි ඉල්ලමිනි. වැඩ වරා සටන් පාඨ කියමින් එදින එම උද්ඝෝෂණයට එක් වූ පිරිස දහසකට අධික වූ අතර තුන්වැනි දිනයේ ඊට එක් ව සිටි කම්කරුවන් පිරිස 65,000 ඉක්මවූහ. 1886 මැයි මස 03 වැනි දා වැඩවර්ජනයේ තීරණාත්මක දිනයයි. හාම්පුතුන්ගේ මෙහෙයවීමෙන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් පිරිසක් කම්කරුවන්ට ප්‍රහාරයක් එල්ල කළේ, සිව් දෙනෙකුට දිවි අහිමි කරමිනි. පහරදීමට විරෝධය පළ කරමින් මැයි මස 04 වැනි දා කම්කරුවන් පිරිසක් හේමාර්කට් චතුරශ්‍රයට එක් රැස් විය. පොලීසිය හා කම්කරුවන් වචන හුවමාරුවක පැටලුණු අවස්ථාවේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු ද මිය ගියේ ය. ගැටුමක් දක්වා වර්ධනය වූ එය තවත් උග්‍ර වූයේ පොලිස් නිලධාරීන් 06 දෙනෙකුට ජීවිත අහිමි කරමිනි. ඒ ගැටුමේදී මියගිය කම්කරුවන් සංඛ්‍යාව අදටත් නිශ්චිතව කිව නොහැකිය. කම්කරු නායකයින් වූ - ඔගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්සන්ස්, ඇඩොල්ෆ් ෆීෂර්, ජෝර්ජ් එන්ගල්, සැමුවෙල් ෆීල්ඩන්, ලුවී ලින්ග්, මයිකල් ෂ්වොබ්, ඔස්කා නිබේ පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඔවුන්ට නඩු පැවරිණි. ඔස්කා නිබේට වසර 15 ක සිර දඬුවමක් නියම වූ අතර සැමුවෙල් ෆීල්ඩන්ට සහ මයිකල් ෂ්වොබ්ට නියම වුණේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමයි. සෙසු පස් දෙනා එල්ලා මැරීමට නියම කෙරිණි. සේවා කාලය පැය 8 ට සීමා කරන්නැයි ඉල්ලා අරගල කරමින් රතු ලේ වැගිරු තම සගයින් සදාතනිකව සිහි කළ යුතු බවට ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේ 1889 වසරේදී ය. ඒ ඓතිහාසික සිද්ධිය සිදුවී වසර 132 ක් ගතව ඇති නමුත් ලොව පුරා කම්කරු ජනතාව අදත් වීදි බැස සිටින්නේ, අරගලය අනවරත බව පෙන්නුම් කරමින් ය. මේ අතර ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක මැයි දින රැලි අද දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පැවැත්වීමට සූදානම් වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මැයි දිනය සමරනු ලබන්නේ, මඩකලපුව චෙන්කලඩි ප්‍රදේශයේදී. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ඊට දිවයින පුරා පක්ෂ සාමාජිකයින් රැසක් සහභාගිවීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ය. ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලිය කොළඹ බී. ආර්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැලිය ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සඳහන් කර ඇත. මේ අතර එක්සත් ජාතික පක්ෂය මැයි දින රැස්වීම ඊයේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදි පැවැත් විය. ඒ පක්ෂයේ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
2018-05-06T09:58:36.000Z
දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ 2 වන ස්ථානය ශ්‍රී ලංකාවට
ද. ආසියා මලල ක්‍රීඩා උළෙලේ 2 වන ස්ථානය ශ්‍රී ලංකාව
COLOMBO (News 1st) - ඉන්දියාවට වැඩි ගෞරව හිමි කර දෙමින් තෙවැනි දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී නිමාවට පත් විය. ශූරතාවලියේ දෙවැනි ස්ථානය දිනා ගත්තේ, සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමයි. ශූරයින් බවට පත් වූ ඉන්දීය කණ්ඩායම රන් පදක්කම් 20 ක්, රිදී පදක්කම් 22 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් ඇතුලු මුළු පදක්කම් 50 ක් හිමි කර ගෙන ඇත. විශිෂ්ට දක්ෂතා ප්‍රකට කළ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය පත් වූයේ, රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 10 ක් සහ ලෝකඩ පදක්කම් 19 ක් ඇතුළුව මුළු පදක්කම් 41 ක් හිමි කර ගනිමිනි. තුන්වැනි ස්ථානය හිමිව ඇත්තේ පකිස්ථානයටයි. දිල්ෂි කුමාරසිංහ බාලිකා මීටර් 800 ධාවන ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තේ, නව තරගාවලි වාර්තාවක් පිහිටුවමිනි. ඇය එහිදී ප්‍රදර්ශනය කළ දක්ෂතාව මිනිත්තු 2 යි තත්පර 7 යි දශම 7 යි 3 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ය. මේ අතර පසිඳු කොඩිකාර නව තරගාවලි වර්තාවක් සමගින් මීටර් 400 බාලක කඩුලු පැන දිවීම ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තේ ය. ඒ, තත්පර 52.56 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි. කාගේත් අවධානය දිනා ගත් මීටර් 200 බාලිකා අවසන් තරගයේ රන්, රිදී සහ ලෝකඩ පදක්කම් ත්‍රිත්වයම ශ්‍රී ලංකාව දිනා ගත්තේ ය. අමාශා ද සිල්වා රන් පදක්කම දිනා ගත්තේ, ත්ත්පර 24.70 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි. මීටර් 400 ය හතර සහය දිවීම බාලක සහ බාලික ඉසව් දෙකම නව තරගාවලි වාර්තා සමගින් රන් පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විණ. https://www.facebook.com/NewsfirstSL/videos/1938140292912886/
2018-05-06T10:56:15.000Z
කාණු පද්ධති නිසා පීඩා විඳින දෙහිවල ගල්කිස්ස ජනතාව
ජනතාවට පීඩා ගෙනෙන දෙහිවල ගල්කිස්ස කාණු පද්ධති
COLOMBO (News 1st) - දෙහිවල ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශයේ කාණු පද්ධති නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවකට පත් ව ඇතැයි ප්‍රදේශවාසීන් පවසති. දෙහිවල ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශයේ ඇතැම් කාණු පද්ධති හරහා ගලා යන අපද්‍රව්‍ය ගල්කිස්ස වෙරළ තීරය ඔස්සේ මුහුදට එක් වනු ඇත. අප වාර්තාකරු සඳහන් කළේ, විද්‍යාල මාවත, ද සේරම් මාවත, හෝටල් පාර හා හරස් වීදිය ඇතුලු මාර්ග කිහිපයක මෙම තත්ත්වය මතුව ඇති බවයි. https://www.youtube.com/watch?v=MFOyEY0Qck8
2018-05-06T10:48:40.000Z
"ජ.වි.පෙ මේ රට කිසි දවසක බෙදන්න දෙන්නේ නැහැ" - විජිත හේරත්
"ජ.වි.පෙ මේ රට කිසි දවසක බෙදන්න දෙන්නේ නැහැ"
COLOMBO (News 1st) - ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත් විය. ඒ, පක්ෂ මූලස්ථානයේදී යි . විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන 20 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා යෝජනාවේ අන්තර්ගතය පිළිබඳ කරුණු මුල්වරට මාධ්‍යට දැනුම්දී ඇත. මහජන ඡන්දයෙන් තේරී පත්වන විධායක ජනාධිපතිවරයෙක් වෙනුවට පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කර ගන්නා ජනාධිපතිවරයෙක් පත්කිරීම මෙහි ඇතුළත් ප්‍රධාන කාරණය වේ. 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වුවහෝත් එය බලාත්මක වනුයේ 2020 ජනවාරි 8 වන දායින් පසුව ය. පවතින පාර්ලිමේන්තුව එහිදී විසුරුවා හැරියයුතු වන අතර නව පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් තෝරාගන්නා ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා වන අතර ඔහු ආණ්ඩුවේ නායකයා වන්නේ නැත. එලෙස පත්වන ජනාධිපතිවරයා අමාත්‍ය ධූරයක් නොදැරිය යුතු අතර අමාත්‍ය මණ්ඩලයට සහභාගී නොවන, අමාත්‍ය මණ්ඩලයේ නායකයා ද නොවන අයෙකි. නමුත් අමාත්‍ය මණ්ඩල තීරණ දැනගැනීමටත්, යෝජනා ඉදිරිපත් කිරීමටත් අයිතිය පවතින බව අදාළ යෝජනාවේ සඳහන් වනු ඇත. 13 වන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනාධිපති සතු බලතල කිසිවක් වෙනස් නොවන අතර ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ, ඉවත් කිරීමේ සහ ඉඩම් පොලිස් බලතල එලෙසම පවතිනු ඇති. තානාපතිවරු සහ කොමසාරිස්වරු පත් කිරීමේ බලය සහ සිරකරුවන්ට පොදු සමාවදීම කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත් විය යුතු බව ද ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඒන යෝජනාවේ සඳහන් ය. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තුව කල් දැමීමේ බලය මෙමගින් ඉවත්ව යනු ඇත. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විජිත හේරත්, 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් කිසි විටක රට බෙදන රට කඩන වැඩපිළිවළක් ක්‍රියාත්මක වෙන්නේ නෑ. අපි වගකීමෙන් කියනවා ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලාට අපේ හාමුදුරුවනේ ජනතා විමුක්ති පෙරමුණ මේ රට කිසි දවසක බෙදන්න දෙන්නේ නෑ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ජනාධිපතිතුමා සමග අග්‍රාමාත්‍යවරයා සමග විපක්ෂ නායකයා සමග මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග ඒ වගේම මේ රටේ සියලු දේශපාලන පක්ෂ නායකයින් සමග මේ පිළිබඳ සාකච්ඡා කරන්න. ඇත්තටම ගත්තොත් විධායක ක්‍රමය අහෝසි කරන්න ජන වරම් 5ක් දීලා තියනවා. 1994 ජනවරමක් දුන්නා, 99 ජනවරමක් දුන්නා, 2005 නැවත ජනවරමක් දුන්නා, 2010 ජනවරමක් දුන්නා, 2015 ජනාධිපතිවරයගේ ප්‍රධාන පොරොන්දුව ප්‍රධාන සටන් පාඨය වුනේ විධායක ක්‍රමය අහෝසි කිරීම. ජනවරම ලැබිලා තියෙන්නේ. 5 වතාවක් ජනාධිපතිවරු 5 දෙනෙක් ජනවරම ඉල්ලා සිටියා. මේ රටේ ජනතාව එය අහෝසි කිරීම සඳහා ජනවරම ලබාදීලා තියනවා https://www.youtube.com/watch?v=VGFniFAZlM0
2018-05-06T05:59:58.000Z
වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳ වැටේ
ප්‍රදේශ රැසකට විදුලි සැපයුම බිඳ වැටේ
COLOMBO (News 1st) - පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම් සිදුව තිබේ. විදුලි බල හා පුනර්ජනණීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍ර‍කාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, විදුලිය බිඳ වැටී ඇත්නම් ඒ පිළිබඳව විදුලි බල මණ්ඩලය දැනුවත් කරන ලෙසයි. කඩිනමින් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කීරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේ ය. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍ර‍ධාන ඇමතුම් මධ්‍යස්ථානයේ 1987 දුරකතන අංකයටත්, විදුලි බල හා පුනර්ජනණීය බල ශක්ති අමාත්‍යංශයේ 1901 දුරකතන අංකයට හෝ ලංකා විදුලි සමාගම් බල ප්‍රදේශයේ පාරිභෝගිකයකු නම් 1910 යන දුරකතන අංකයන්ට දැනුම් දිය හැකි බව මාධ්‍ය ප්‍ර‍කාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.
2018-05-06T05:05:03.000Z
මගීන් සඳහා පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීමට පියවර
සෑම මගියෙකුටම පෙරගෙවුම් කාඩ්පතක්
COLOMBO (News 1st) - මගීන් සඳහා පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්. ඒ. පී. හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා මහ බැංකුව සමග එක් ව නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. ඒ අනුව ඉදිරි මාස තුන ඇතුළත පෙරගෙවුම් කාඩ්පත භාවිතයට අවස්ථාව හිමිවන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ඒ සම්බන්ධයෙන් කටයුතු විධිමත් කිරීම සඳහා අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් ක්‍රියාත්මක බව ද හේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
2018-05-06T00:14:27.000Z
කොට්ටාවේදී කතක් ඝාතනය කළ සිද්ධියේ සැකකරුවන් දැලේ
කොට්ටාවේදී කතක් ඝාතනය කළ සිද්ධියේ සැකකරුවන් දැලේ
COLOMBO (News 1st) : කොට්ටාව ප්‍රදේශයේ නිවසකදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්යෙන් පුද්ගලයින් තිදෙනෙකු අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් දිර්ඝ ලෙස කළ විමර්ශනයකින් අනතුරුව පසුගිය වසරේ සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. එම අපරාධය සිදු කිරීම සඳහා භාවිත කළ වෑන් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ. 33, 37 සහ 35 යන වයස්වල පසුවන සැකකරුවන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
2018-05-05T23:45:55.000Z
ලාංකික සංක්‍රමණිකයින් 131ක් මැලේසියානු පොලිස් භාරයට
ලාංකික සංක්‍රමණිකයින් 131ක් මැලේසියා පොලිස් භාරයට
COLOMBO (News 1st) : ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය බලා නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස ගමන් කරමින් සිටි ශ්‍රී ලංකිකයන් 131 දෙනෙකු සහිත නෞකාවක් මලයාසියානු පොලීසිය විසින් රඳවාගනු ලැබ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව මෙලෙස ගමන් කරමින් සිටි පිරිස අතර පිරිමි පුද්ගලයින් 98 ක් කාන්තාවන් 24 ක් හා කුඩා දරුවන් 9 කු ද සිට ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මෙය මහා පරිමාණ මිනිස් ජාවාරමක් බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බවයි. කෙසේ වෙතත් මේ වන විට මලයාසියානු පොලීසිය ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරිම් සිදුකරන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=5e3c1BprriM
2018-05-05T23:29:51.000Z
රුසියානු නායකයාට විරෝධය පෑ දහසක් දෙනා අත්අඩංගුවට
රුසියානු නායකයාට විරෝධය පෑ දහසක් දෙනා අත්අඩංගුවට
COLOMBO (News 1st) : ව්ලැදිමීර් පුටින්, යළි රුසියාවේ ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමට එරෙහිව විරෝධතාවයේ නිරත වූ එරට විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි ඇතුළු පුද්ගලයින් දහසක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, පුටින්ට එරෙහිව රුසියාව පුරා විරෝධතා රැළි 90 ක් පමණ සංවිධානය කර ඇති බවයි. විරෝධතා ආරම්භ වූයේ මොස්කව් නුවර කේන්ද්‍ර කරගනිමිනි. පසුගිය මාර්තු මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් 76% ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් පුටින් ජයග්‍රහණය කළේ ය. පශ්චාත් සෝවියට් යුගයේ රුසියානු නායකයෙකු ලබා ගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව එය වේ. ව්ලැදිමීර් පූටින් රුසියාව තුළ සිය දේශපාලන අණසක පතුරුවා මේ වන විට වසර විසිපහකි. මේ අනුව පූටින් සෝවියට් රුසියාවේ හිටපු ඒකාධිපති පාලක ජෝෂප් ස්ටාලින්ගෙන් පසු වැඩිම කාලයක් බලයේ සිටි නායකයා ලෙස ඉතිහාසයට එක්වනු ඇති. විරෝධතාකරුවන් පවසන්නේ පුටින් යළි බලය ලබාගත්තේ සාධාරණ ආකාරයකින් නොවන බවයි. කෙසේ වෙතත් එරට විපක්ෂය මෙලෙස විරෝධතා මාලාවක් ආරම්භ කර ඇත්තේ රුසියාවේ නව ජනාධිපතිවරයා ලෙස විලැදිමීර් පුටින් හෙට දිව්රුම් දීමට නියමිත පසුබිමකදීයි.
2018-05-05T21:48:17.000Z
අවදානමට පෙර සූදානම : ගම්මැද්දෙන් තවත් ප්‍රජා සත්කාරයක්...
ගම්මැද්ද ප්‍රජා සත්කාරයේ දෙවන දිනය අදයි
COLOMBO (News 1st) : ගංවතුර ඇතුළු ආපදා තත්ත්වයන්ට මුහුණ දීමේ පෙර සුදානම්වීම අරමුණු කර ගනිමින් News 1st ගම්මැද්ද සංවිධානය කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවේ දෙවන දිනය අදයි. මෙම දැනුවත් කිරීමේ වැඩමුළුව පැවැත්වෙන්නේ ආසියානු ෆැසිපික් සහයෝගිතා සංවිධානය, දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සහයෝගයෙනි. වැඩසටහන ඊයේ රත්නපුර හා මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වූ අතර අද වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමිනි. ඒ අනුව උදෑසන 9ට නෙළුව ප්‍රදේශයේදී පළමු වැඩසටහන පැවැත්වෙන අතර බද්දේගම, වැලිවිට, ප්‍රදේශවලදී ජනතාව දැනුවත් කිරීමේ අනෙක් වැඩසටහන් දෙක පැවැත්වෙනු ඇති. https://www.youtube.com/watch?v=1CuX0m9ZOm0
2018-05-05T21:26:37.000Z
කම්කරු දින සැමරුමට පොලිතීන් එපා...!
කම්කරු දින සැමරුමට පොලිතීන් එපා...!
කම්කරු දින සැමරුම් සඳහා පොලිතින් භාවිත කිරීමෙන් වළකින්නැයි, මධ්‍යම පරිසර අධිකාරිය දේශපාලන පක්ෂවලින් සහ සංවිධානවලින් ඉල්ලා සිටී. එහි සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා ප්‍රකාශ කළේ, එවැනි ක්‍රියාකාරකම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි. එවැනි පුද්ගලයින් සොයා රාත්‍රී කාලයේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.
2018-05-05T20:38:05.000Z
ඇමති විෂය පථයන් සහිත ගැසට් නිවේදනය ලබන සතියේ
ඇමති විෂය පථයන් සහිත ගැසට් නිවේදනය ලබන සතියේ
COLOMBO (News 1st) නව අමාත්‍යවරුන්ට අදාළ විෂය පථයන් සම්බන්ධ ගැසට් නිවේදනය ලබන සතිය ඇතුළත නිකුත් කරන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, ඊට අදාළ කටයුතු මේ වන විට සිදුකරමින් ඇති බවයි. අදාළ අමාත්‍යාංශ සතු ආයතන විද්‍යාත්මක පදනමින් වෙන් කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළ සියලු ගැසට් නිවේදන නිකුත් වු පසු ආණ්ඩුවෙන් ඉවත් වු මැති ඇමතිවරුන් 16 දෙනා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ආසන පැනවීමට තීරණය වී තිබේ. ඒ අතර සිටින කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනා ආණ්ඩුවෙන් ඉවත්වීමේ ගැසට් නිවේදනය මේ වනවිටත් නිකුත් වී අවසන් ය. මේ හේතුවෙන් ඔවුන් සඳහා විපක්ෂයේ ආසන පැනවීමට කටයුතු යොදා තිබේ. ආණ්ඩුවෙන් ඉවත් වූ නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනාගේ නම් ඇතුළත් ගැසට් නිවේදන මෙතෙක් නිකුත් වී නොමැත. ඒ හේතුවෙන් ඔවුන් වෙනුවෙන් විපක්ෂයේ ආසන පැනවීම පිළිබඳ තීරණයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය.
2018-05-05T20:26:20.000Z
"මම මැයි රැළියට යන්නෙ නැහැ" - එජාප මන්ත්‍රී අළුවිහාරේ කියයි
"මම මැයි රැළියට යන්නෙ නැහැ" - රංජිත් අළුවිහාරේ
COLOMBO (News 1st) : තමන් ඇතුළු කණ්ඩායමක් අද දිනයේ එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුම වර්ජනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතා පවසයි. ඊයේ මාතලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළ කළේ ය. එහිදී ඔහු පැවසුවේ, ආසන සංවිධායකවරයෙකු සිය ආසනය තෙවරක් පැරදුණ හොත් ඔහුට එම තනතුර අහිමි වන බවයි. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එය අදාළ නොවීම ප්‍රශ්නකාරී බවයි. "අපිට ආසන සංවිධායක වරයෙක් පැරදුනොත් එහෙම ඒ ආසන සංවිධායක වරයාට අඩුම වශයෙන් තුන් පාරක් පැරදුනොත් ඒ අසන සංවිධායක වරයාගේ තනතැර නැතිවෙනවා. නමුත් එක්සත් ජාතික පක්ෂය එහෙම වෙලා නෑ. නායකත්වය දිහා බැලුවොත් එහෙම ඒකේ වෙනසක් වෙලා නෑ. එතැන වෙනසක් වෙන්නේ නැතුව අනිත් වෙනසත් වෙලා වැඩක් වෙන්නේ නෑ . මොකද දැන් තියෙන තත්වයෙන් ගියොත් එහෙම අපිට ගම් මට්ටමේ ඡන්දේ නෑ. ඉතින් මෙක දිගටම යන්න බෑ. මම තීරණය කළා. මැයි රැළියට සෙනග ගේන්නෑ, මම සහභාගී වෙන්නේත් නෑ" මන්ත්‍රීවරයා පැවසුවේ, තමා සමග තවත් කණ්ඩායමක් සිටින බවත් සියලු දෙනා එක්ව ඉදිරියේදි යම් තීරණයක් ගන්නා බව ත් ය. "මම තනියම නෙවෙයි . අපිට වෙනම කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමේ සංඛ්‍ය‍යාව කියන්න මං කැමති නෑ. ඉදිරියෙදී අපි ඒ සියලු දෙනත් එක්කම යම් කිසි තීරණයක් ගන්න අපි බලාපොරොත්තු වෙනවා" ඉදිරි මැතිවරණ සඳහා වෙනත් පක්ෂයකින් පුද්ගලයෙකු ඉදිරිපත් කළ හොත් නිසැකවම තමා පක්ෂයෙන් ඉවත් වන බව ද ඔහු අවධාරණය කළේ ය. "විස්සයි දහනවයයි තියෙන මැතිවරණයට අපි පක්ෂෙන් යම් නිසි විදිහට වෙනත් කෙනෙක් වෙනත් පක්ෂක කෙනෙක් වෙන්න පුළුවන් වෙනත් හයර් කරපු පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එහෙම ගෙනාවොත් එහෙම අනිවාර්යයෙන් මම තමා පළවෙනියටම මේ පක්ෂයෙන් ඉවත්වෙන පුද්ගලයා කියන එක මම බය නැතුව කියනවා" https://www.youtube.com/watch?v=pB3C4Dy6CVs
2018-05-05T10:35:58.000Z
අල්ලස, දූෂණය, හොරකමට එරෙහිව තීන්දු තීරණ කිසිදු භේදයකින් තොරව ගන්නවා - ජනපති
අල්ලසට එරෙහිව දැඩි තීන්දු ගන්නා බව ජනපති කියයි
COLOMBO (News 1st) - අල්ලසට එරෙහිව දැඩි තීන්දු ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද යළිත් අවධාරණය කළේ ය. ඒ, පොළොන්නරුවේ පැවැති උත්සවයකට එක්වෙමිනි. ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින සැමරුම් උත්සවය අද පෙරවරුවේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වුණේ, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දීම ද මෙහිදී සිදු කෙරිණි. https://www.youtube.com/watch?v=UCZCV4fIRP4
2018-05-05T09:36:28.000Z
පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් පාතාල කල්ලි සාමාජික පෑලියගොඩ දිලීප මරුට
පාතාල කල්ලි සාමාජික පෑලියගොඩ දිලීප මරුට
COLOMBO (News 1st) - මහනුවර තලාතුඔය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය හා පාතාල කල්ලි සාමාජිකයෙකු අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් පාතාල කල්ලි සාමාජික පෑලියගොඩ දිලීප නමැත්තා අද මිය ගොස් තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සැකකරු සමග සිටි කාන්තාවක ද අත්අඩංගුවට ගත් බව ය. සැකකරු සන්තකයේ තිබූ ගිනිඅවියක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ. පාතාල සාමාජික ඩී. මංජු නමැත්තාගේ සහයකයෙකු වන සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.
2018-05-05T07:22:43.000Z
බ්‍රැඩ්බි පළිහ වාර්ෂික තරගාවලියේ ජය රාජකීයයන්ට
බ්‍රැඩ්බි පළිහ වාර්ෂික තරගාවලියේ ජය රාජකීයයන්ට
COLOMBO (News 1st) - කොළඹ රාජකීය විද්‍යාලය 74 වන බ්‍රැඩ්බි පළිහ සඳහා වූ රග්බි තරගය අද ජය ගත්තේ ය. ඒ, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමිනි. 74 වන බ්‍රැඩ්බි පළිහ සඳහා වූ රග්බි තරගයේ දෙවන අදියර මහනුවරදී අද පැවැති තරගය ලකුණු 27ට 19ක් ලෙස රාජකීයයන් එම අදියර ජය ගත්තේ ය. දෙපිළ අතර තරගයේ පළමු අදියර පසුගිය 21 වන දා කොළඹදී පැවැති අතර එම අදියර ලකුණු 39ට 7ක් ලෙස ජය ගත්තේ, රාජකීයයන් ය. ඒ අනුව සමස්ත අදියර 2ක අවසානයේදී ලකුණු 66ට 26ක් ලෙස රාජකීය විද්‍යාලය තරගය ජය ගත්තේ ය. රාජකීයයන් බ්‍රැඩ්බි පළිහ දිනූ 33 වන අවස්ථාව මෙය වේ.
2018-05-05T04:59:31.000Z
මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් තවත් 3 දෙනෙකු අත්අඩංගුවට
මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් තවත් 3ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - මහනුවර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිදුවීම්වලට සම්බන්ධ තවත් සැකකරුවන් 3 දෙනෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මොවුන් පසුගිය මාර්තු 07 වන දා පූජාපිටිය පොලිස් වසමේ අඹතැන්න, වෙළේකඩේ ප්‍රදේශයේ පිහිටි ආගමික ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කරමින් කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවන් බව ය. කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අද උදෑසන අඹතැන්න සහ කහවත්ත ප්‍රදේශවලදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් 55, 21 සහ 22 වයස්වල පසුවන අඹතැන්න ප්‍රදේශයේ ම පදිංචිකරුවන් ය. වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් පූජාපිටිය පොලිස් ස්ථානයට භාර දී තිබේ.
2018-05-05T04:38:40.000Z
කෑගල්ල නගරයේ පදික මාරුව මතදී බස් රථයකට යට වීමෙන් දැරියක් මරුට
පදික මාරුවක් මතදී සිදු වූ අනතුරකින් දැරියක් මරුට
COLOMBO (News 1st) - කෑගල්ල නගරයේ පදික මාරුව මතින් ගමන් කරමින් සිටියදී මගී බස් රථයකට යට වීමෙන් 9 හැවිරිදි දැරියක මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පෙරවරුවේ සිය මිත්තණිය සමග උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා යමින් සිටියදී පදික මාරුවේදී බස් රථයකට යට වී ඇති බව ය. අනතුරින් බරපතල තුවාල ලැබූ දැරිය කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ. මිය ගොස් ඇත්තේ, කෑගල්ල ප්‍රදේශයේ පාසලක 3 වසරේ ඉගෙනුම ලබන දැරියකි. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරින් තුවාල ලැබූ දැරියගේ මිත්තණිය ද කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේ ය.
2018-05-05T03:30:00.000Z
රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ධූරය අනුරුද්ධ පොල්ගම්පොලට
දැව සංස්ථාවේ සභාපති ධූරය අනුරුද්ධ පොල්ගම්පොලට
COLOMBO (News 1st) - රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස අනුරුද්ධ පොල්ගම්පොල මහතා පත් කර ඇත. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී සිය පත්වීම ලිපිය ජනාධිපතිතුමා අතින් භාරගත් බවයි. අනුරුද්ධ පොල්ගම්පල මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
2018-05-05T01:30:23.000Z
නර්තන ආචාර්යවරුන් දෙදෙනෙක් 'නර්තනතිලක' සම්මානයෙන් පිදුම් ලබති
රාජ්‍ය නර්තන සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
COLOMBO (News 1st) - රාජ්‍ය නර්තන සම්මාන උළෙල 2018 ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේ (04) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී විචිත්‍රවත් අන්දමින් පැවැත් විය. එහිදී නර්තනය වෙනුවෙන් විශිෂ්ට සේවයක් කළ නර්තන ආචාර්යවරුන් දෙදෙනකුට ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන 'නර්තනතිලක' සම්මානය පිරිනැමිණි. එලෙස සම්මානයට පාත්‍ර වූයේ, නර්තන ආචාර්ය එස්. පී. කවිසේන මහතා සහ ප්‍රවීණ නර්තනවේදිනී වසන්ති කුංචිදපාදම් මහත්මියයි. මෙම උළෙලට අමාත්‍ය විජයදාස රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා ගෝකුල, රාජ්‍ය නර්තන උපදේශක මණ්ඩලයේ සභාපති මහාචාර්ය රංජිත් ආරියරත්න කළුආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක් ව සිටියහ.
2018-05-05T00:04:28.000Z
ජාතික ළමාරක්ෂක අධිකාරියේ සංවර්ධන වැඩසටහන් අඩාල වෙයි
ළමාරක්ෂක අධිකාරියේ සංවර්ධන වැඩසටහන් අඩාල වෙයි
COLOMBO (News 1st) - ජාතික ළමාරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් නොකිරීම හේතුවෙන් එහි ඉදිරි සංවර්ධන වැඩසටහන් අඩාල වී ඇති බව සේවකයින් පවසති. ඔවුන් පෙන්වා දෙන්නේ, පසුගිය මස 09 වන දා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිල කාලය අවසන් වූ බවයි. ඊට පෙර මාස කිහිපයක් විවිධ හේතු මත අධ්‍යක්ෂ මණ්ඩලය රැස් නොවූ බව ද සේවකයින් පැවසූහ. ඔහු පැවසුවේ, අධ්‍යක්ෂ මණ්ඩලයට සාමාජිකයින් පත් කිරීම ඉදිරි දින කිහිපයේදී සිදු කරන බවයි. ජනාධිපතිතුමා විසින් ඊට අදාළ පුද්ගලයින් නම් කරනු ඇති බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
2018-05-04T23:30:20.000Z
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සොරගත් රිදී පදක්කම හමුවේ
ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සොරගත් රිදී පදක්කම හමුවේ
COLOMBO (News 1st) - ප්‍රවීණ සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ඉන්දියාවෙන් පිරිනැමුණු සම්මානය සමග ලබා දුන් රිදියෙන් තැනූ පදක්කම බස් රථයක තිබී අද පෙරවරුවේ සොයා ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, කඩුවෙල - කොල්ලුපිටිය බස් රථයක, ගමන් භාණ්ඩ රඳවනයක තිබී බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර විසින් මේ පිළිබඳව කොල්ලුපිටිය පොලිස්ථානය දැනුවත් කර ඇති බවයි. එම පදක්කම අතුරුදන් වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය අසළ තබා තිබියදී ය. ජීවිතේ එක් වරක් පමණක් අද්විතීය සිනමාකරුවෙකුට හිමිවන මෙම පදක්කම 2000 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට 31 වන අන්තර් ජාතික ඉන්දීය සිනමා සම්මාන උළෙලේදී පිරිනැමුණේ සිනමාවට ඔහු කළ මෙහෙවර අගයමිනි.