date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-05-21T01:35:11.000Z | සබරගමුවේ පාසල් කිහිපයකට අද, හෙට නිවාඩු | සබරගමුවේ පාසල් කිහිපයකට අද, හෙට නිවාඩු | COLOMBO (News 1st) : සබරගමුව පළාතේ රත්නපුර නිවිතිගල සහ දෙහිඕවිට අධ්‍යාපන කලාප තුළ පිහිටා ඇති සියලු පාසල් සඳහා නිවාඩු ලබා දීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස් .වීරසුරිය මහතා පැවසුවේ, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද සහ හෙට පාසල් සඳහා නිවාඩු ලබා දීමට තීරණය කළ බවයි. අධික වර්ෂාව තවදුරටත් පැවතිය හොත් අවශ්‍යතාව මත පාසල් දරුවන් සඳහා නිවාඩු ලබා දීමට විදුහල්පතිවරුන්ට බලය පවරා ඇති බව ද මහින්ද එස් .වීරසුරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-05-21T02:02:35.000Z | මධුරෝ තවදුරටත් පුටුව රැකගනී | මධුරෝ තවදුරටත් පුටුව රැකගනී | නිකලස් මධුරෝ දෙවන වරටත් වෙනිසුවේලානු ජනාධිපතිවරණය ජය ගත්තේ ය. ඒ අනුව නැවත වරක් වෙනිසුවෙලානු ජනපති ලෙස තේරී පත්වූ නිකලස් මුධුරෝ ඉදිරි වසර 6ක කාලය තුළ එරට මුල්පුටුව හොඹවනු ඇති. මෙවර පැවති ජනාධිපතිවරණය සඳහා එරට විපක්ෂය සිය ඡන්දය භාවිත කිරීමෙන් වැළකි සිටියේ ය. වෙනිසුවේලාව තුළ පවතින දරුණු ආර්ථික අවපාතය, ආහාර හිඟය ඇතුළු අර්බුදකාරි තත්ත්වය හමුවේ පැවති මෙවර ජනාධිපතිවරණය සඳහා සිය ඡන්දය භාවිත කර ඇත්තේ, එරට මුළු ජනගහනයෙන්, 46%ක පිරිසක් පමණි. මේ අතර එරට ප්‍රධාන විපක්ෂ නායක හෙන්රි ෆැල්කන්, මෙම ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. ඔහු තවදුරටත් පවසා ඇත්තේ, වෙනිසුවාලවට නව ජනාධිපතිවරණයක් අවශ්‍ය බවයි. මිලියන 5.8කගේ ඡන්දය නිකලස් මධුරෝ ලබා ගත් අතර එය ප්‍රතිශතයක් ලෙස 67.7%ක් , විපක්ෂ නායක ෆැල්කන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව මිලියන 1.8ක් වන අතර ප්‍රතිශතයක් වශයෙන් 21.1%ක් බව වෙනිසුවෙලානු ජාතික මැතිවරණ කවුන්සිලය නිවේදනය කර තිබේ. |
2018-05-21T00:36:54.000Z | පොහොර ත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යක් වෙයි | පොහොර ත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යක් වෙයි | COLOMBO (News 1st) : පොහොර අත්‍යවශ්‍ය ද්‍රව්‍යක් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර කියයි. අද උදෑසන පැවති මාධ්‍ය හමුවකදී අමරවීර මහතා පැවසුවේ, ඊට අදාළ ලිපිය පාරිභෝගික අධිකාරියට යවා ඇති බවයි. පොහොර අත්‍යවශ්‍ය ද්‍රව්‍යක් ලෙස නම් කිරීමට අදාළ ලිපිය පසුගිය සිකුරාදා තම ලේකම්වරයා විසින් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත යොමු කරනු ලැබූ බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ ය. ඉදිරියේදී වී වගාව හැර සෙසු භෝග සඳහා යොදා ගන්නා පොහොර රුපියල් 1500 ක උපරිම සිල්ලර මිලකට යටත්ව රජයේ පොහොර ගබඩා හරහා නිකුත් කිරීම සඳහා රජයේ අවධානය යොමුව ඇති බව ද අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී පවසා තිබේ. මේ අතර කෘෂි රක්ෂණය සඳහා අය කරන රුපියල් 1350 ක වාර්ෂික වාරිකය ගොවීන්ගෙන් අය නොකර රජය විසින් දැරිමට පියවර ගෙන ඇති බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය. |
2018-05-21T00:14:17.000Z | ඉපලෝගමට වන අලි කඩාවදී | ඉපලෝගමට වන අලි කඩාවදී | අනුරාධපුර, ඉපලෝගම පූගොල්ලාගම ගම්මානයට වන අලි දෙදෙනෙක් කඩා වැදීම නිසා ගම්වාසීන් තම නිවාසවලින් ඉවත් වී තිබේ. වන අලි දෙදෙනා ගම්මානට ඇතුළු වීම පිළිබඳව ගම්වාසීන් ගනේවල්පොළ වනජීවී නිලධාරීන් දැනුවත් කර තිබිණ. අනතුරුව වනජීවී නිලධාරීන් පැමිණිය ද වන අලින් එළවා දැමීමට හැකියාවක් නොලැබිණ. පසුව රිටිගල වනජීවී නිලධාරීනුත් ඉපලෝගම පොලීසියේ පිරිසකුත් පැමිණ වන අලි එළවා දැමීම උත්සහ කළ ද ඊයේ රාත්‍රිය වන තුරුත් අලි දෙදෙනා පළවා හැරීමට නොහැකිවිය. https://www.facebook.com/NewsfirstSL/videos/1954621977931384/ |
2018-05-20T23:07:26.000Z | මුම්බායි ඉන්ඩියන්ස් IPL සිහිනය බොඳ වෙයි | මුම්බායි ඉන්ඩියන්ස් IPL සිහිනය බොඳ වෙයි | COLOMBO (News1st) පසුගිය වර ශූරයින් වූ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉවත් වීමට සිදුවිය. ඒ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 11 කින් පරාජය වීමත් සමගයි. තරගය දිල්හි හී ෆෙරෝශා කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. කාසිය වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 174 කි. රිශාබ් පාන්ත් පන්දු 44 කදී හතරේ පහර 4 ක් හා හයේ පහර 4 ක් සමගින් ලකුණු 64 ක් රැස් කළේ ය. නොදැවී කඩුල්ලේ රැඳී සිටි විජේ ශන්කර් හතරේ පහර 3 ක් හා හයේ පහර 2 ක් සමගින් පන්දු 30 කදී ලකුණු 43ක් රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේදී කෘනාල් පාන්ඩ්‍යා , ජස්ප්‍රිට් බුම්රා හා මයාන්ක් මාර්කන්ඩේ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියහ. අනතුරුව ලකුණු 175 ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 163 ක් පමණි. ආරම්භක පිතිකරු සූර්යකුමාර් යාදෙව් ලකුණු 12 කට දැවී ගියේ ය. ආරම්භක පිතිකරු එවින් ලුවිස් පන්දු 31 කදී ලකුණු 48යි. ඔහුගේ ඉණිම හතරේ පහර 3 කින් හා හයේ පහර 4 කින් වර්ණවත් විය. බෙන් කටිං ලකුණු 37ක් රැස් කළේ ය. මුම්බායි කණ්ඩායමේ අන් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව පසු කීරීමට දිල්ලි පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. පන්දු යැවීමේදී සන්දීප් සන්දීප් ලැමචනියේ, හර්ෂල් පටීල් හා අමිත් මිශ්රා කඩුළු 3 බැගින් දවා ගත්හ. පසුගියවර ශූරයින් වූ මුම්බායි කණ්ඩායම තරගාවලියේ මූලික වටයේ සහභාගී වූ තරග 14 න් තරග 6 ක් පමණක් ජය ගත් අතර අනෙක් තරග 8 ම පරාජය වීම හේතුවෙන් මූලික වටයේ ඔවුන්ට හිමිවුයේ 5 වන ස්ථානයයි. දිල්ලි කණ්ඩායම සහභාගී වූ තරග 14 න් තරග 9 ක් පරාජය වී අනෙක් තරග 5 පමණක් ජය ගත් අතර ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත් විය. ඒ අනුව එම කණ්ඩායම් දෙකමට අවසන් පූර්ව වටයට පිවිසීමට හැකි වූයේ නැහැ. |
2018-05-20T22:28:12.000Z | ගංඟා 6 ක ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට : පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි | ගංඟා 6 ක ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට | COLOMBO (News 1st) : අධික වර්ෂාවත් සමග ගංඟා 6 ක ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ගතවූ පැය කිහිපය තුළ රත්නපුර ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් ලැබී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, රත්නපුරට මිලිමිටර් 168.8 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උඳුගොඩ ප්‍රදේශයට මිලිමීටර් 130 ක් හා කාසල්රි ප්‍රදේශයට මිලිමීටර් 101 ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි. මේ අතර ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව පළාත්වලට හා ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ගිඟුරුම් සහිත වැසි ඇති වන විට දිවයින වටා මුහුදේ සුළංග පැයට කිලෝමීටර් 70 හෝ 80 දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. අධික වර්ෂාවත් සමග ජාතික ගොඩනැගිලි සංවිධානය දිස්ත්‍රික්ක් 4 ක් සඳහා නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එහි නායයාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ ඒකකය ජනතාවට අනතුරු අඟවන්නේ, ගත වූ පැය 24 ක කාලය තුළ දිස්ත්‍රික්ක 5කට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ලැබී ඇති බැවින් හා තවදුරටත් වැසි අදහැළෙමින් පවතීනම් ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසයි. අධික වැසි සමග ලක්ෂපාන හා කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ. බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් සිසිර හේනාධීර මහතා පැවසුවේ, කුකලේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් නිකුත් කර ඇති අතර කළු ගඟ පහළ ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසයි. ලක්ෂපාන ජලාශයේ ද වාං දොරටු දෙකක් විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් පහත් බිම් වල ජනතාව විමසිලිමත් විය යුතු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ ය. මේ අතර ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම, නෙළුව, තවලම, උඩුගම සහ මාපලගම යන ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටවී තිබේ. අප වාර්තාකරුවන් සඳහන් කළේ, ප්‍රධාන මාර්ග රැසක් හා අතුරු මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා මතුව ඇති බවයි. අධික වර්ෂාවත් සමග ගංඟා 6 ක ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ඉදිරි පැය 24 තුල බස්නාහිර, සබරගමුව පළාත්වලට හා ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 ඉක්මවු වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට දිවයින වටා මුහුදේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 හෝ 80 දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. අධික වර්ෂාවත් සමග ජාතික ගොඩනැගිලි සංවිධානය දිස්ත්‍රික්ක් 4 ක් සඳහා නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එහි නායයාම් අධ්‍ය්‍යන හා අවදානම් කළමනාකරණ ඒකකය ජනතාවට අනතුරු අඟවන්නේ, ගත වූ පැය 24 ක කාලය තුළ දිස්ත්‍රික්ක 5කට මිලිමීටර් 150 ඉක්ම ව තද වැසි ලැබී ඇති බැවින් හා තවදුරටත් වැසි අදහැළෙමින් පවතී නම් ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසයි. අධික වැසි සමඟ ලක්ෂපාන හා කුකුළේ ගග ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ. බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් සිසිර හේනාධීර මහතා පැවසුවේ, කුකලේ ගග ජලාශයේ වාන් දොරටු දෙකක් නිකුත් කර ඇති අතර කළු ගග පහල ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි. ලක්ෂපාන ජලාශයේ ද වාං දොරටු දෙකක් විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් පහත් බිම්වල ජනතාව විමසිලිමත් විය යුතු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ ය. මේ අතර ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම, නෙළුව, තවලම, උඩුගම සහ මාපලගම යන ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටවී තිබේ. මේ අතර අප වාර්තාකරුවන් සඳහන් කළේ, ප්‍රධාන මාර්ග රැසක් හා අතුරු මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා මතුව ඇති බවයි. පවතින අධික වර්ෂාව තත්ත්වය හමුවේ ප්‍රදේශ රැසකට ජන ජීවිත අඩාලවී තිබේ. පවතින අධික වර්ෂාවත් සමග ඔහිය සහ ඉඳල්ගස්හින්න අතරට පස්කන්දක් කඩා වැටී තිබේ. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, අදාළ තත්ත්වය හමුවේ එම මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බවයි. පවතින අධික වැසි සහිත කාලගුණයක් සමඟ පීඩාවට පත් වු ජනතාවට සහන සැලසීම සඳහා හමුදා සාමාජිකයින් 500 කට ආසන්න පිරිසක් සිරුවෙන් තබා ආරක්ෂක අංශ පවසයි. හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසුවේ පාලින්ද නුවරට දැනටමත් කණ්ඩායමක් යොමුකර ඇති බවයි. |
2018-05-20T19:27:22.000Z | ප්‍රදේශ රැසකින් විදුලි බිඳවැටීම් | ප්‍රදේශ රැසකින් විදුලි බිඳවැටීම් | COLOMBO (News 1st) : පවතන අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම අඩාලවී තිබේ. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, අගලවත්ත, මතුගම, හොරණ වැනි ප්‍රදේශ ඇතුළු ප්‍රදේශවලින් විදුලිය බිඳ වැටීම් වාර්තාවී ඇති බවයි. වර්ෂාවත් සමග රැහැන් මාර්ග කඩා වැටී ඇති බැවින් ඒවා ස්පර්ශ කිරිමට යාමෙන් වළකින ලෙස ඔහු ජනතාවට දැනුම් දෙයි. මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එවැනි අවස්ථාවලදී 1987 දුරකතන අංකයට කඩිනමින් දැනුම් දෙන ලෙසයි. අකුරුට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වුව ද ආපදා අවස්ථාවකදී නඩත්තු කටයුතු සඳහා එක්වන බව විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති සෞම්‍යකුමාර වඩුගේ මහතා පැවසී ය. |
2018-05-20T11:12:53.000Z | පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි..! | මහවැලි සංවර්ධන ලේකම්තුමනි, ඔබේ අවධානය පිණිසයි! | COLOMBO (News 1st) - සේරුවිල සහ මුතුර් යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශය දෙක ආශ්‍රිතව මහවැලි ගඟෙන් වැලි කැපීමට හා වැලි ප්‍රවාහනයටදී තිබූ බලපත්‍ර මේ වන විට අත්හිටුවා තිබේ. ඒ, වැලි කැනීමට සුදුසු ප්‍රදේශ හා කැනිය හැකි ප්‍රමාණය නිෂ්චය කිරීම සඳහා වන සමීක්ෂණයට පුර්වගාමීවය. එබඳු සමීක්ෂණයකට අමතරව 2017 වසරේ සිට අදාළ ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ දෙක ආශ්‍රිතව මහවැලි ගඟේ බලපත්‍ර ආශ්‍රිතව සිදු කෙරුණු වැලි කැනීම් හා ප්‍රවාහනය හේතුවෙන් සිදු ව ඇති පාරිසරික හා සමාජ පරිහානියට අදාළව පශ්චාත් පරීක්ෂණයක් පැවැත්වුව හොත් විනාශයක තරම සහ ඊට වගකිව යුත්තන් අනාවරණය කරගත හැකි වනු ඇති. ගඟ පතුලෙන් නොව ගං ඉවුර හාරා වැලි කැනීමට වග බලාගත යුතු පිරිස් ට්‍රැක්ටර් හා කැනීම් යන්ත්‍ර ගඟට බැස්වීම සඳහා මෙබඳු මාර්ග තනා ඇත්තේ ගඟෙහි රක්ෂිත ප්‍රදේශ හරහායි. යාබද ගොවි ගම්මාන මහවැලි ගඟේ පිටාර ජලයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අල්ල ගොවිජන පදය පිහිටුවීමට සමගාමීව ඩී. එස්. සේනානායක යුගයේදී ඉදි කෙරුණු කිලෝමීටර 10 ක් පමණ දුරැති ගංවතුර පාලක බැම්මට මේ හානීය සිදුව තිබෙන්නේ වැලි ප්‍රවාහනය හේතුවෙනි. සාමයේ ප්‍රතිලාභ ලෙස නැගෙනහිර නවෝදය යටතේ ඉදි වූ ප්‍රදේශයේ මාර්ග ද වැලි ප්‍රවාහනය හේතුවෙන් නටඹුන්වී තිබේ. භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය බලපත්‍රකරුවන්ට වැලි අංගන ලෙස පරිහරණය කිරීමට වෙන් කරදී තිබෙන්නේත් වැලි නිධි සහිත ගඟ රක්ෂිතයයි. එබැවින් බලපත්‍ර ලාභීන් ගඟෙන් කනීන ලද වැලිවලය අමතරව මෙම අංගන භූමි ද සූරා මඩිය තර කර ගන්නා බව අවට ගොවි ජනයා චෝදනා කරති. ඉකුත් බ්‍රහස්පතින්දා සේරුවිල, දෙහිවත්ත ප්‍රදේශයේදී මෙම විරෝදය එල්ල වූයේ අංගන භූමියක් කැන ලබා ගත් වැලි ප්‍රවාහනයේ නිරතව සිටි පිරිසකට එරෙහිවයි. ප්‍රදේශවාසීන්ට අනුව වැලි ප්‍රවාහනය සඳහා නිකුත් කෙරුණු බලපත්‍ර යටතේ කොළඹ හා තදාසන්න ප්‍රදේශ වෙත ළඟා වන්නේ වැලි පමණක් ම නොවේ. ඊනියා සමීක්ෂණ සිදු කර වැලි කොල්ලයට නැවත පසුබිම සැකසීමට පෙර භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය මෙතෙක් සේරුවිල හා මුතුර් යන ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශ ආශිතව වැලි කැනීම් සඳහා බලපත්‍ර නිකුත් කර ඉපයු මුදල් යොදවා මෙම විනාශයන් යථාවත් කළ යුතු නොවේ ද? පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්තුමනි, මේ ඔබේ අවධානය පිණිසයි! |
2018-05-20T09:29:32.000Z | ඇමති මංගලගෙන් ගෝඨාභයට චෝදනා | ඇමති මංගලගෙන් ගෝඨාභයට චෝදනා.. | COLOMBO (News 1st) - රටේ වත්මන් ආර්ථික තත්ත්වයට බලපෑ කරුණු හා පැවති පාලනයේ දූෂිත ක්‍රියාකාරකම් සඳහන් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය කරුණු 16 කින් සමන්විතය. පසුගිය රජයේ දූෂණ වංචා හා අක්‍රමිකතා පෙන්වාදෙමින් සමරවීර මහතා පැවසූවේ, රට නැවත විපත් මගට ඇද දැමීමේ උත්සාහයක හිටපු ආරක්ෂක ලේකම්, ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරන බවයි. මේ වන විටත් හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව අධිකරණයේ සහ පොලීසියේ පරීක්ෂණ රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතින බව මින් පෙන්වා දේ. ඒ අතර, 1. දූෂිත මිග් යානා ගනුදෙනුව. 2. රාජ්‍ය වියදමින් මාපියන් වෙනුවෙන් ස්මාරක ඉදි කිරීම. 3. මාධ්‍යවේදීන්ට පහරදීම සහ අතුරුදන් කරවීම. 4. දූෂණය සහ භීෂණය පැතිරවීම 5. නීති විරෝධී අවි ගබඩා මගින් රජයට අය විය යුතු ආදායම් අහිමි කිරීම ආදී කරුණු සඳහන් ය. රාජපක්ෂ පවුලේ සමාජිකයින්ට එරෙහිව ද මේ හා සමාන චෝදනා විභාග වෙමින් පවතින අතර අද ජනතාව නොමග යවා යළි ත් බලය ඩැහැ ගැනීමට වෙර දරන්නේ මේ සියලු නඩු යටපත් කිරීමට බව සමරවීර මහතා සිය නිවේදනයෙන් පෙන්වා දුනි. ඊට අමතරව රටේ ණය බර හා ආර්ථිකමය වශයෙන් මුහුණදීමට සිදුව ඇති අභියෝග පිළිබඳව මෙම නිවේදනයේ සඳහන් ය. පැවති රජයට වඩා ආර්ථික වශයෙන් හා පරිපාලන වශයෙන් ශක්තිමත් කිරීමට රජයට හැකි වී ඇති බව මෙහි දක්වා තිබේ. 1990දී දළ දේශීය නිශ්පාදනය 30% ක්ව පැවතුණු බවත්, ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2014 වසර වන විට 12% ක් දක්වා මට්ටමකට පහත බැස ඇති රටක් අප රජය විසින් භාර ගත් බව ද මංගල සමරවීර අමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත. අමෙරිකානු ඩොලර් බිලියන 4 . 2 ක් ණය වාරිකයක් ලෙස ලබන වසරේ ගෙවීමට තිබෙන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කර තිබෙන බව පෙන්වා දෙන අමාත්‍යවරයා පැවසූවේ, එතුමාගේ බුද්ධිය හා සිහිකල්පනා ශක්තිය හීන වී ඇති බවයි. 1948 පසුව විදේශ ණය සඳහා වැඩිම ගෙවීම් සිදු කිරීමට ඇත්තේ 2018 වසරේ දී වන අතර එම මුදල අමෙරිකානු ඩොලර් මිලියන 2845 ක් බව මෙහි දැක් වේ. ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 1789 ක් 201ට පෙර ලබා ගත් ණය වාරිකයන් බව මෙහි සඳහන් ය. 2015 ට පසු ලබා ගත් ණය සඳහා ගෙවීමට ඇත්තේ, අමෙරිකානු ඩොලර් මිලියන 1056 ක් පමණක් බව ද සමරවීර මහතා පවසුවේ ය. 2019 වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 4285 ක් ගෙවීමට ඇති අතර එයින් අමෙරිකානු ඩොලර් මිලියන 3315 ක් හෙවත් 77 % ක්ම රාජපක්ෂ සමයේ ලබා ගත් ණය සඳහා ගෙවීමට සිදුව ඇති බව මුදල් අමාත්‍යවරයාගේ නිවේදනයේ සඳහන් වේ. 2019 දී ගෙවිය යුතු ණය වාරිකයට 2014 ජනවාරි මස 06 වන දා 6% ක පොලිය යටතේ 5 අවුරුද්දකින් ගෙවීම සඳහා ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 1000 ක් ද 2014 අප්‍රේල් 07 වන දා 5.1 % ක පොලිය යටතේ 5 වසරකින් ගෙවීමට ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ද ඇතුලත් නිවේදනයේ දැක් වේ. තව ත් අමෙරිකානු ඩොලර් මිලියන 3768 ක් ණය වාරික සහ පොළිය වශයෙන් 2020දී ගෙවීමට සිදු වන අතර, එයින් 77% ක් එනම් අමෙරිකානු ඩොලර් මිලියන 2905 ක් ගෙවිය යුතු වන්නේ 2015 වසරට ප්‍රථම ගත් ණය සඳහායි. 2021 වසරේදී විදේශ ණය ගෙවීම්වලින් 83% ක්ම 2015ට පෙර ලබා ගත් ණය සඳහා වන අතර 2030 දී පවා ගෙවිය යුතු ණය මුදලින් 72% ක් ම ඇත්තේ මහින්ද රාජපක්ෂ යුගයේ නාස්තිය වංචාව සහ දූෂණය වෙනුවෙන්, ගෙවිය යුතු ණය සඳහා බව මංගල සමරවීර මහතා මෙම නිවේදනයේ සඳහන් කර තිබේ. මෙම රජය බලයට පත් වූ පසු පසුගිය වසර 3 ක් ඇතුලත අමෙරිකානු ඩොලර් මිලියන 12 ක් විදේශවලින් ණය ලබා ගෙන ඇති අතර ඉන් බිලියන 6 ක් ම ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර ණය දෙන සංවිධාන සහ ද්විපාර්ශවීය පදනම මත සහනදායි පොලී මත ලබා ගත් ව්‍යාපෘති ණය වේ. මෙම රජය බලයට පත් වූ වහාම රුපියල් 10,000 කින් පඩි වැඩි කරන බවට පොරොන්දු වූයේ 2006 වසරේ සිට රාජ්‍ය සේවක පඩි ශතයකින් හෝ වැඩි නොකළ නිසා බව අමාත්‍යවරයා පැවසුවේ ය. 2014 ට සාපේක්ෂව කිරිපිටි, ගෑස් හා ඉන්ධන මිල තවමත් අඩු මිලක පවතින අතර රාජ්‍ය සේවක වැටුප 2014 ට සාපේක්ෂව 2020දී 107 % කින් වැඩි වීම ජීවන බර අඩු මට්ටකින් පවත්වාගෙන යාමට රුකුලක් වන බව ද සඳහන් වේ. රට පාලනය කළ රාපක්ෂ පවුලේ සහෝදරයන් යළි ත් බලය ඩැහැ ගැනීම සඳහා ජනතාව විපත් මගට ඇද දැමීමට දරණ උත්සහය පරාජය කරමින් , 2025 වන විට ශක්තිමත් ආර්ථිකයක්, පොහොසත් රටක් බිහි කිරීමේ වැඩපිළිවෙළ සමග එක් වන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. |
2018-05-20T09:33:01.000Z | ගම්මැද්ද මහජන ක්‍රියාන්විතය ජාත්‍යන්තර සිංහ සමාජ සම්මේලනයේදී ඇගයීමට ලක් වූ වගයි...! | ගම්මැද්ද සිංහ සමාජ සම්මේලනයේදී ඇගයීමට ලක් වූ වගයි! | COLOMBO (News 1st) - ජාත්‍යන්තර සිංහ සමාජයේ දිස්ත්‍රික් 306 සී 2 ක කාණ්ඩයේ 13 වන සම්මේලනය ඊයේ පස්වරුවේ අරලිගහ මන්දිරයේදී පැවැත් විය. මෙහිදී ජනතාව සමග ජනතාව වෙනුවෙන් ඉටුකරන සමාජ මෙහෙවර අගයමින්, ගම්මැද්ද ක්‍රියාන්විතය ජාත්‍යන්තර සිංහ සමාජයේ ඇගයීමට ලක්වීම විශේෂත්වයකි. 13 වැනි වාර්ෂික සම්මේලනය මෙවර පැවැත්වූයේ, ජාත්‍යන්තර සිංහ සමාජයේ විශේෂ ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් ය. මෙහිදී විද්‍යුත් මාධ්‍ය ආයතන හා විවිධ පුද්ගලයින් මෙරට සමාජ සේවා කටයුතුවලදී සිදු කළ මෙහෙවර ඇගයීමට ලක් කෙරුණි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හා මහරගම අපේක්ෂා රෝහලට පෙට්ස්කෑන් යන්ත්‍රයක් ලබාදීමට පුරෝගාමී වූ එම්. එස්. එච් මොහොමඩ් මහතා ද මෙහීදි සම්මානයෙන් පිදුම් ලැබීය. 306 සී 2ක කාණ්ඩයේ සිංහාධිපති, අසේල කරුණාවර්ධන මහතා ඇතුලු ජාත්‍යන්තර සිංහ සමාජ නියෝජිතයින් සම්මාන පිරිනැමීම සඳහා එක් ව සිටියහ. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ, පෙර - සිංහාධිපති මහේන්ද්‍ර අමරසූරිය මහතායි. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාව ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන ගම්මැද්ද ව්‍යාපෘතිය මෙහිදී විශේෂ ඇගයීමකට ලක් කෙරිණි. එම අවස්ථාවට ගම්මැද්ද ව්‍යාපෘතීය නියෝජනය කිරීම නිව්ස්ෆස්ට් අධ්‍යක්ෂ සාමාන්‍ය අධිකාරි යසරත් කමල්සිරි මහතා හා ගම්මැද්ද මහලේකම් කාර්යාලයේ නියෝජිතයින් එක් ව සිටිය හ. |
2018-05-20T06:55:49.000Z | රජ පවුල ජනතාවට තුති පුදයි | රජ පවුල ජනතාවට තුති පුදයි | බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මෙගන් මර්කල්ගේ විවාහය නැරඹීමට පැමිණි මහජනතාවට ස්තූති කරමින් රජ පවුල නිවේදනයක් නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විවාහ මංගලෝත්සවය නැරඹීමට , ලන්ඩන් නුවර වීදි වෙත පුද්ගලයන් දහස් ගණනක් රැස්ව සිටි අතර ලොව පුරා තවත් බොහෝ පිරිසක් රූපවාහිනිය ඔස්සේ එය නැරඹූ බවයි. වින්ඩ්සර් මාළිගය අසල පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ ගිනිකෙළි සංදර්ශනයකින් අනතුරුව හැරී - මේගන් විවාහ මංගලෝත්සවය අවසන් විය. කෙසේවෙතත් සිය මධුසමය ගතකිරීම සඳහා පිටවයාමට පෙර ටික දිනක් බ්‍රිතාන්‍යයේ ගත කිරීමට හැරී - මේගන් යුවල පියවර ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. හැරී කුමරු මංගල තෑග්ග ලෙස සිය මව වන ඩයනා කුමරිය පැළඳි මුදුවක් මේගන් මර්කල්ට තෑගි කර තිබේ. |
2018-05-20T06:33:21.000Z | අධිවේගයේ අනතුරු 7ක් : ගමන් බිමන් ප්‍රවේසමෙන්...! | අධිවේගයේ ගමන් බිමන් ප්‍රවේසමෙන්...! | COLOMBO (News 1st) : පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග අද දිනය තුළ පමණක් අධිවේගී මාර්ගවල රිය අනතුරු 7ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් රිය අනතුරු 5ක් සහ කටුනායක අධිවේගී මාර්ගයෙන් රිය අනතුරු 2ක් වාර්තා වන බවයි. පවතින වැසි තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගවල රථ වාහනය පැයට කිලෝමීටර් 60 ක වේග සීමාවකින් ධාවනය කරන්නැයි, මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ට උපදෙස් ලබා දෙයි. එහි අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා ප්‍රකාශ කළේ, වැසි සහිත අවස්ථාවල සියලු වාහන ප්‍රධාන ලාම්පු දල්වා ධාවනය කළ යුතු බවයි. වාහන අතර පරතරය පවත්වා ගැනීමට කටයුතු කරන ලෙස ද ඔහු රියැදුරන්ට දැනුම් දෙයි. |
2018-05-20T06:13:25.000Z | කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ | කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ | COLOMBO (News 1st) - පවතින අධික වැසි හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ. බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් සිසිර සේනාධීර මහතා පැවසුවේ, ඉන් තත්පරයට ඝනමීටර් 100 ක පමණ ජල ධාරිතාවක් නිකුත් වන බවයි. ඒ හේතුවෙන්, පහත් බිම්වල ජීවත් වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ද ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. |
2018-05-20T05:46:41.000Z | දිස්ත්‍රික්ක 5 කට රතු නිවේදන : ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන්නැයි අනතුරු ඇඟවීම් | දිස්ත්‍රික්ක 5 කට රතු නිවේදන | COLOMBO (News 1st) - Update - ගත වූ පැය 24 ක කාලය තුළ දිස්ත්‍රික්ක 5 කට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ලැබී ඇති බැවින් හා තවදුරටත් වැසි අදහැලෙමින් පවතීනම් ආරක්ෂිත ස්ථාව වෙත යන ලෙස ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙම රතු නිවේදනය නිකුත් කළේ, අද රාත්‍රි 7.30 සිට බලපැවැත්වෙන ලෙසයි. එම ප්‍රදේශ වන්නේ, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, කලවාන සහ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ය. ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, නාගොඩ, ගාල්ල සහ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බුලත්සිංහල, වලල්ලාවිට සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ද මීට ඇතුළත් ය. තව ද කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල, බුලත්කොහුපිටිය, අරණායක සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ද ඇතුළත් වනු ඇති. ----------------------------------------------------------------------------------------------------------------------------------------- පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කළු ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්නවීම හේතුවෙන් මදුරාවල, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය, පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවයි. මේ අතර අත්තනගලු ඔයෙහි ජල මට්ටම ද පිටාර මට්ටමට ආසන්නවීම හේතුවෙන්, මීගමුව, ජා ඇල, මිනුවන්ගොඩ හා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල වාසය කරන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටි. |
2018-05-20T04:17:24.000Z | දිස්ත්‍රික්ක 7 ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් | දිස්ත්‍රික්ක 7 ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් | COLOMBO (News 1st) - පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ඉදිරි පැය 24 සඳහා දිස්ත්‍රික්ක 7 කට නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, කළුතර, කෑගල්ල, රත්නපුර, නුවරඑළිය, බදුල්ල, ගාල්ල, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට එම අනතුරු ඇඟවීම බලපාන බවයි. මීට අමතරව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, අද පස්වරුවේ, සබරගමුව පළාතට මිලිමීටර් 150 ඉක්මවන වැසි ඇතිවිය හැකි බවයි. බස්නාහිර, මධ්‍යම, ඌව සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 පමණ තද වැසි ඇති විය හැකි වේ. මේ අතර තලංගම, පයිප්ප පාර ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් නිවාස තුනකට හානි සිදුව තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, අද දහවල් පස් කන්ද කඩා වැටී ඇති බවයි. ඒ හේතුවෙන්, නිවාස තුනක් සම්පුර්ණයෙන් හානියට පත් ව ඇත. පවුල් තුනක පුද්ගලයින් 12 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය. |
2018-05-20T03:33:33.000Z | මෙරට වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාර එල්ලවීම ඉහළට | මෙරට වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාර එල්ලවීම ඉහළට | COLOMBO (News 1st) - මෙරට අන්තර්ජාල වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාර එල්ල වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරැ තාක්ෂණික ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, වසරේ ගත වූ කාලය තුළ සයිබර් ප්‍රහාර 05 ක් එල්ල වී ඇති බව ය. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/05-20-ROSHAN-CHANDRAGUPTHA-01-online-audio-converter.com_-1.mp3 මෙවැනි තත්වයන් වළක්වා ගැනිමට කළ යුත්තේ කුමක්ද? මේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරැ තාක්ෂණික ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/05-20-ROSHAN-CHANDRAGUPTHA-02-online-audio-converter.com_.mp3 |
2018-05-20T01:42:45.000Z | දැඳුරු ඔයේ සහ උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ | දැඳුරු ඔයේ සහ උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ | COLOMBO (News 1st) - අධික වර්ෂාවත් සමග දැඳුරු ඔයේ වාන් දොරටු 4 ක් සහ උඩවලව ජලාශයේ වාන් දොරටුවක් තව දුරට ත් විවෘත කර තිබේ. මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගංඟාවල ජල මට්ටම් ඉහළ යා හැකි බැවින් විමසිලිමත්වන ලෙස ය. |
2018-05-20T00:55:17.000Z | ගාල්ල දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවෙයි | ගාල්ල දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් ජලයෙන් යටවෙයි | COLOMBO (News 1st) - ඇඳ හැලුණු වර්ෂාවත් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් දම්පත් රත්නායක මහතා සඳහන් කළේ, බලපිටිය, බ්‍රාහ්මනවත්ත, මොහොට්ටිවත්ත, අම්බලන්ගොඩ , පටබැදිමුල්ල අද උදෑසන ජලයෙන් යට වූ බව ය. මේ වනවිට එම තත්ත්වය පහව යමින් පවතින බව ද ඔහු සඳහන් කළේය. මේ අතර අද උදෑසන 6 30 න් අවසන් වු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය. එය මිලිමිටර් 100 කි. අද පෙරවරු 6 සිට හෙට පෙරවරු 6 දක්වා කාලය තුළ සබරගමුව පළාතට මිලිමීටර් 150 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි ස්වභාවික විපත් පිළිබද පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේ බස්නාහිර, ඌව, මධ්‍යම පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමිටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව ය. |
2018-05-20T00:45:28.000Z | අධික වර්ෂාව හේතුවෙන් කෑගල්ල, රඹුක්කන, තුල්හිරිය ඇතුළු ප්‍රදේශ ගණනාවක විදුලි බලය ඇණහිටී | ප්‍රදේශ ගණනාවක විදුලි බලය ඇණහිටී | COLOMBO (News 1st) - කෑගල්ල, රඹුක්කන, තුල්හිරිය ඇතුළු ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳ වැටීම් වාර්තා වන විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, අධික වර්ෂාවත් සමග පොල්පිටියේ සිට අතුරුගිරිය දක්වා දිවෙන රැහැන් පද්ධතියේ සිදුවූ බිඳ වැටීමක් මීට හේතු වී ඇති බව ය. එය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය. |
2018-05-19T21:44:20.000Z | කෝලි ප්‍රමුඛ රෝයල් චැලේන්ජර්ස් IPL තරගාවලියෙන් ඉවතට | කෝලිගේ රෝයල් චැලේන්ජර්ස් IPL තරගාවලියෙන් ඉවතට | (News 1st) - විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තීරණාත්මක තරගය පරාජය ලකුණු 30 කින් වීමත් සමගිනි. ජයිපූර් හි සවායි මන්සිං ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය හිමිකර ගනිමින් පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 164 ක් රැස් කළේය. ආරම්භක පිතිකරු රාහුල් ත්‍රිපාති පන්දු 58 කින් නොදැවී ලකුණු 80 ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 5 ක් හා හයේ පහර 3 ක් ඇතුළත් විය. නායක අජින්කයා රහනේ ලකුණු 33 ක් රැස් කළ අතර හෙන්රි ක්ලාසන් ලකුණු 32ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී උමේෂ් යාදෙව් කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය. අනතුරුව ලකුණු 165 ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණූ 134 ක් පමණි. ඒ.බී. ඩිවිලියර්ස් ලකුණු 53 ක් රැස් කළ අතර පාතිව් පටෙල් ලකුණු 33 ක් රැස් කළේය. ටිම් සවුති හා මොහොමඩ් සිරාජ් ලකුණු 14 බැගින් රැස් කළේය. රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් 7 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට රාජස්ථාන් පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. පන්දු යැවීමේදී ශ්‍රෙයාස් ගෝපාල් කඩුළු 4 ක් දවා ගත්තේය. රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තරගාවලියේ මූලික වටයේ සහභාගී වූ තරග 14 න් තරග 6 ක් පමණක් ජය ගැනීමට සමත් වූ අතර අනෙක් තරග 8 ම පරාජය වීමත් සමග ප්‍රසාද ලකුණු සටහනේ ඔවුන්ට හිමිවුනේ 6 වන ස්ථානයයි. |
2018-05-19T21:34:11.000Z | සබරගමුවට මිලිමීටර් 150ක තද වැසි ඇතිවිය හැකියි | සබරගමුවට මිලිමීටර් 150ක තද වැසි ඇතිවිය හැකියි | COLOMBO (News 1st) - සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට නිරත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බව ය. මේ හේතුවෙන් දිවයිනේ නිරත දිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, ඌව, මධ්‍යම පළාත් සභ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව ය. සවස 2න් පසු දිවයිනේ සෙසු ප්‍රදේශවලද ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. ඇතැම් මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි අතර ඒ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් විය යුතු වේ. |
2018-05-19T21:04:38.000Z | අතිඋත්කර්ෂවත් අයුරින් පැවති 71 වැනි කෑන්ස් සිනමා උළෙල | 71 වැනි කෑන්ස් සිනමා උළෙල | (News 1st) - ප්‍රංශයේ 71 වැනි කෑන්ස් සිනමා උළෙල අතිඋත්කර්ෂවත් අයුරින් නිමාවට පත්විය. රතු පලස මතින් සිනමා තරු උත්සව භූමියට ප්‍රවේශ වීමත් සමග සම්මාන උළෙල ආරම්භ වුණේ අවසන් වටයට තේරී පත්ව සිටි සිනමාකරුවන් 18 කුගේ හද ගැස්ම තීව්‍ර කරමිනි. ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පිනි කේට් බ්ලැන්චට්ගේ සභාපතිත්වයෙන් යුත් මෙවර කෑන්ස් සිනමා උළෙලේ ජූරිය, සාමාජිකයින් 9 දෙනෙකුගෙන් සමන්විත විය. මෙවර කෑන්ස් සිනමා උළෙලේදී වසරේ හොඳම සිනමා පටය සදහා පිරිනමන පැල්ම්ඩි ඕ සම්මානයෙන් පිදුම් ලැබුවේ ජපාන ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ හිරෝකාසු කොරේඩාගේ ෂොප්ලිෆ්ටර්ස් සිනමා පටයයි. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/caans-online-audio-converter.com_.mp3 |
2018-05-19T20:48:26.000Z | කඩා වැටුණු කියුබානු ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගනී | කියුබානු ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගනී | (News 1st) - පුද්ගලයින් 110 දෙනෙකුට මරු කැඳවමින් කඩා වැටුණු කියුබානු ගුවන් යානයේ කළු පෙට්ටිය සොයා ගෙන තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඊට කිසිඳු හානියක් සිදුව නොමැති බව ය. ගුවන් යානයේ අනෙක් කළු පෙට්ටිය කඩිනමින් සොයා ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව, කියුබානු රජය සඳහන් කළේය. හවානා නුවර පිහිටි ජොස් මාර්ටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් යානය ගුවන් ගත වී මද වේලාවකට පසුව එය කඩා වැටීමෙන් මිය ගිය පිරිස අතරට විදේශිකයින් 11 දෙනෙකු ඇතුළත් ය. එලෙස අනතුරට ලක්ව ඇත්තේ අභ්‍යන්තර ගුවන් ගමනක නිරත බෝයින් 737 වර්ගයේ යානයකි. |
2018-05-19T20:42:16.000Z | දිවයින පුරා පාසල්වල ප්‍රාථමික ගුරු පුරප්පාඩු 8000ක් | දිවයින පුරා ප්‍රාථමික ගුරු පුරප්පාඩු 8000ක් | COLOMBO (News 1st) - දිවයින පුරා ප්‍රාථමික ගුරු පුරප්පාඩු 8,000ක් පමණ පවතින බව ගුරු සංගම් පෙන්වා දෙන්නේය. සමස්ත ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං මහතා සදහන් කළේ, මේ හේතුවෙන් දිවයින පුරා පාසල්වල ප්‍රාථමික අධ්‍යාපනයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ය. ජාතික පාසල් ඇතුළු සමස්ත පාසල් පද්ධතිය තුළ පවතින මෙම පුරප්පාඩුවට හේතුව, අවිධිමත් ලෙස ගුරුවරුන් බඳවා ගැනීම බව ඔහු පෙන්වා දෙන්නේය. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයෙන් නිව්ස්ෆස්ට් මේ පිළිබඳ කළ විමසීමකදී එහි ලේකම් තිස්ස හේවා විතාරණ මහතා සඳහන් කළේ, පුරප්පාඩු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණයට අවශ්‍ය පියවර ගන්නා බව ය. ප්‍රාථමික අධ්‍යාපනයේ ඇති වී ඇති දුර්වලතා මගහරවා ගැනීම අරමුණු කර ගනිමින් ප්‍රාථමික ගුරුවරුන්ට ගුරු පුහුණුවක් ද ලබා දීමට තීරණය කර ඇතැයි ද ලේකම්වරයා වැඩි දුරට ත් සඳහන් කළේය. |
2018-05-19T20:33:21.000Z | වෛරස් උණ වැළඳුණු රෝගීන් 600 ක් දකුණේ රෝහල්වල | වෛරස් උණ වැළඳුණු රෝගීන් 600 ක් දකුණේ රෝහල්වල | COLOMBO (News 1st) - වෛරස් උණ රෝගය වැළඳුණු රෝගීන් 600 දෙනෙකු පමණ පළාත් රෝහල්වල ප්‍රතිකාර ලබන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජී.විජේසූරිය මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ඇල්පිටිය, බලපිටිය, කඹුරුපිටිය, තංගල්ල සහ වලස්මුල්ල යන මූලික රොහල් ආශ්‍රිතව රොගින් බහුලව වාර්තා වන බව ය. මේ අතර කරාපිටිය රොහලේ වෛරස් උණ වැළඳුණු රොගින් 37 දෙනෙකු ප්‍රතිකාර ලබන බව අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා සඳහන් කළේය. උණ රෝගයට ගොඳුරු වූ දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය, හයිෆ්ලො ඔක්සිජන් යන්ත්‍ර 10ක් ගාල්ල කරාපිටිය ශික්ෂණ රොහලේ ස්ථාපිත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව ය. |
2018-05-19T20:06:21.000Z | බහලුම් ප්‍රවාහන ගාස්තු අද සිට 15%කින් ඉහළට | බහලුම් ප්‍රවාහන ගාස්තු අද සිට 15%කින් ඉහළට | COLOMBO (News 1st) - බහලුම් ප්‍රවාහන ගාස්තු අද සිට 15%කින් ඉහළ දමන බව සමස්ත ලංකා ඒකාබද්ධ බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ, ඉන්ධන මිල සහ රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාම සැළකිල්ලට ගෙන ගාස්තු ඉහළ දැමූ බව ය. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/05-20-SANATH-MANJULA-online-audio-converter.com_.mp3 |
2018-05-19T19:57:26.000Z | අකුණු සැරට දෙදෙනෙකු බිලිවෙයි | අකුණු සැරට දෙදෙනෙකු බිලිවෙයි | COLOMBO (News 1st) - වැලිකන්ද, එෆ් 05 ඇල ප්‍රදේශයේදී අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ කුඹුරක වැඩ කරමින් සිටියදී ඔවුන්ට අකුණු සැර වැදී ඇති බව ය. මියගොස් ඇත්තේ 17 හැවිරිදි සහ 33 හැවිරිදි වැලිකන්ද, මගුල් පොකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් දෙදෙනෙකි. මෘත ශරීර වැලිකන්ද රෝහලේ තැන්පත් කර තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදු කිරීමට නියමිත ය. |
2018-05-19T19:44:24.000Z | ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකියි | ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකියි | COLOMBO (News 1st) - බස්නාහිර, වයඹ, සබරගමුව, ඌව, මධ්‍යම පළාත් සභ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ ඉදිරි කාලගුණ තත්ත්වය පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක මහතා. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/05-20-WETHER-LAND-online-audio-converter.com_.mp3 කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක මහතා පැවසුවේ ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමිටර් 70 ත් 80 දක්වා ඉහළ යා හැකි බව ය. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/05-20-WETHER-SEE-online-audio-converter.com_.mp3 |
2018-05-19T11:09:08.000Z | ඊලාම් සිහිනවලට ඉඩ නැහැ - ජනපති රණවිරු සැමරුමේදී අවධාරණය කරයි | ඊලාම් සිහිනවලට ඉඩ නැහැ - ජනපති | COLOMBO (News 1st) - ජාතික රණවිරු අනුස්මරණ දින ප්‍රධාන සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්විණි. ඒ, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ ඉදිකර ඇති ජාතික රණවිරු ස්මාරකය අභියසදී ය. සැමරුම් උත්සවය ආරම්භ වුණේ, ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සමග යි. දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීමෙන් පසු සර්ව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සැමරුම් උත්සවය ආරම්භ විණි. අනතුරුව රණවිරු ස්මාරකයට ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන් මෙන් ම රණවිරු පවුල්හි සාමාජිකයෝ පුෂ්පෝපහාර දැක්වූහ. මේ අතර යුද, නාවික හා ගුවන් හමුදාවන්ට අයත් නිත්‍ය බල සේනාවල ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඉටුකරන ලද විශිෂ්ට සේවයට උපහාර පිරිනැමෙන විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය අද පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ත්‍රිවිධ හමුදාවන්වල සේවයේ යෙදී සිටින සහ විශ්‍රාමික නිලධාරීන් 50 දෙනෙක් මෙහිදී ජනාධිපතිතුමා අතින් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ලබා ගත්හ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරු ද ඒ අතර වෙති. මේ අතර රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පින් අනුමෝදන් කරමින් මහා සංඝගත දක්ෂිණාවක් ද අද කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද සහභාගීත්වයෙනි. සියලු මහවැලි කලාප ආවරණය වන පරිදි සංඝයා වහන්සේ 200 නමක් පමණ මිට වැඩම කර සිටියහ. https://www.youtube.com/watch?v=keDvW9Le0uQ |
2018-05-19T09:26:13.000Z | ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා සඳුදා හිටපු ජනපති හමුවීමට සැරසෙයි | ආණ්ඩුවෙන් ඉවත් වූ 16 හිටපු ජනපති හමුවීමට සැරසෙයි | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තාවකාලිකව නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට පසුගියදා රැස්වූ පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීන්දුව පිළිබඳව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කරුණු පැහැදිලි කළේ ය. අමාත්‍යවරයා පැවසුවේ, නිදහස් පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ සිටින වැඩි දෙනෙකු මේ වන විට නිදහස් පක්ෂයේ නොවන අය බැවින් තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කර ගන්නා බව ය. පක්ෂ ප්‍රතිසංවිධානයකින් පසු නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය. මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ලබන සඳුදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට සැරසෙයි. මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මේ බව අනාවරණය කළේ ය. |
2018-05-19T09:07:30.000Z | චීන ණය උගුලට රටවල් හසුවන ආකාරය - මාලදිවයිනේ හිටපු ජනපති කරන විග්‍රහය | චීන ණය උගුලට රටවල් හසුවන ආකාරය | COLOMBO (News 1st) - මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා අද නිව්ස්ෆස්ට්හි රමේෂ් ඉරුගල්බණ්ඩාර සමග විශේෂ සාකච්ඡාවකට සහභාගී විය. චීන ණය උගුල සහ රටවල් එහි බලපෑමට ලක්වන ආකාරය ගැන ඔහු එහිදී අදහස් පළ කළේ ය. |
2018-05-19T08:51:06.000Z | හැරී - මේගන් රාජකීය ආදර වෘතාන්තයේ කූටප්‍රාප්තිය | හැරී - මේගන් රාජකීය ආදර වෘතාන්තයේ කූටප්‍රාප්තිය | (News 1st) - ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ සුබ පැතුම් මැද බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාර්කල්ගේ රාජකීය විවාහ මංගලෝත්සවය අද පස්වරුවේ පැවැත්විණි. ඒ, වින්සර් මාළිගයේ ශාන්ත ජෝන් චැපල් දේවස්ථානයේදී ය. හැරී කුමරු සිය දෙවැනි මනාලයා වන විලියම් කුමරු සමග වින්සර් මාළිග පරිශ්‍රයට පැමිණි අතර සියල්ලන් දෑස් අයා බලා සිටි මනාලිය මේගන් මාර්කල්, ලන්ඩන් නුවරට රැස්ව සිටි දහස් ගණනකගේ ඔල්වරසන් මැද මාළිග පරිශ්‍රයට පැමිණියා ය. රාජකීය සම්ප්‍රදායට අනුව වින්සර් මාළිග දොරටුවේ සිට මනාලිය දේවස්ථානය කරා රැගෙන යා යුත්තේ මනාලියගේ පියා වුවත්, හෘදයාබාධයක් හේතුවෙන් පියා නොපැමිණීම නිසා මේගන් මාර්කල් දේවස්ථානය කරා රැගෙන ගියේ පිලිප් කුමරු විසිනි. විලියම් - කේට් යුවළගේ දරුවන් වන චාලට් කුමරිය සහ ජෝර්ජ් කුමරු මල් කුමර කුමරියෝ ලෙස මංගල්‍යයට එක්ව සිටියහ. මංගල්‍යයට රජ පවුලෙන් ඇරයුම් ලැබූ 600ක් වූ ආරාධිතයින් අතරට ඔප්රා වින්ෆ්‍රී, ජෝර්ජ් ක්ලූනී යුවළ, ඩේවිඩ් සහ වික්ටෝරියා බෙකම් යුවළ , ජොනී විල්කින්සන් , ඉඩ්රීස් එල්බා, ප්‍රියංකා චොප්රා, සෙරීනා විලියම්ස් ආදි ලෝක ප්‍රකට තරු ඇතුළත් ය. සිය මැණියන් වන අභාවප්‍රාප්ත ඩයනා කුමරියගේ පවුලේ සාමාජිකයින්ට හැරී කුමරු මංගල්‍යයට ඇරයුම් කර තිබූ අතර පවුලේ විශේෂ කතාවක් කිරීමට ඇගේ සොහොයුරියකට අවස්ථාව දී තිබුණේ, පවුල් දෙක අතර විසි වසරක් පැවති විරසකය බිඳ දමමිනි. මංගලෝත්සවයෙන් අනතුරුව රාජකීය සම්ප්‍රදායට අනුව යුවළ අස් රියක නැගී පිටත්ව ගියේ, ලන්ඩන් නුවරට රැස්වූ දහස් ගණනකට සමාචාර කරමිනි. පවුම් මිලියන 32ක මුදලක් මෙම මංගල්‍යය සඳහා වැය වන්නට ඇති බවට ගණන් බලා තිබේ. 2016දී ඇරඹි සිය ආදර අන්දරය මල් ඵල ගැන්වෙද්දී හැරී කුමරු, සිය සොහොයුරු විලියම් මෙන් මේගන් මාර්කල්ගෙන් දෑවැද්දක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇත්තේ, ප්‍රේමයට සැබෑ වටිනාකමක් ලබා දෙමිනි. සසෙක්ස්හි ආදිපාද හැරී කුමරුගේ ආදිපාදවරිය වූ මේගන් මාර්කල්ට රජ පවුලේ සම්ප්‍රදායට අනුව අද සිට බොහෝ දේ අකැපයි. සෙල්ෆි ඡායාරූප ගැනීම, සමරු සටහන් ලබා දීම, ඡන්දය භාවිත කිරීම, රැජින නින්දට යන තුරු නින්දට යාම මෙන් ම තනිව ගමන් යාම මින් පසු ඇයට කළ නොහැකි වේ. එහෙත් ලොව ප්‍රතාපවත්ම රාජධානියේ අනාගත 6 වැනි අනුප්‍රාප්තිකයාගේ ආර්යාව වීම ම ඉහත නීති සියල්ල සතුටින් පිළිගැනීමට ඇයට හේතු වනු ඇති. |
2018-05-19T06:14:30.000Z | ඔබට ලැබෙන ඇතැම් ඊමේල් පණිවුඩ පිළිබඳ සැලකිලිමත් ද? | ඔබට ලැබෙන ඇතැම් ඊමේල් පණිවුඩ පිළිබඳ සැලකිලිමත් ද? | COLOMBO (News 1st) - ව්‍යාපාරික ඊමේල් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී අමෙරිකානු ඩොලර් මිලියන 13කට අධික මුදලක් පසුගිය මාස 5 ඇතුළත වංචා කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යේෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසන්නේ බොහෝ පිරිසක් මෙම වංචාවට හසුවී ඇති බව ය. වංචාකරුවන් මෙලෙස ඊමේල් තුළට ඇතුළු වී විකුණුම්කරු, ගැණුම්කරු සහ ගෙවීම් සිදු කරන සමාගම අතර හුවමාරු වන ඊමේල් අධ්‍යයනය කරයි. පසුකාලීනව වංචනිකයින් විසින් ඊමේල් පණිවුඩ හරහා සේවාදායකයින්ට නව ගිණුම් හඳුන්වා දී ඒ සඳහා මුදල් බැර කරන ලෙස දන්වයි. බැංකු ගිණුම් අංක වෙනස් කර ඇති බව දන්වමින් වංචනිකයින් විසින් හඳුන්වා දෙනු ලැබූ ගිණුම්වලට ඔවුන් මෙලෙස පුද්ගලයින්ගෙන් මුදල් ගෙන්වා ගනී. රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පෙන්වා දෙන්නේ, ඊමේල් හරහා රහසිගත තොරතුරු හුවමාරු කිරීමේදී ප්‍රවේසම් වන ලෙස යි. සැකකටයුතු ඊමේල් පණිවුඩයක් ලැබුණහොත් ඒ පිළිබඳව බැංකුවෙන් හෝ විකුණුම්කරුගෙන් විමසන ලෙස චන්ද්‍රගුප්ත මහතා පවසයි. |
2018-05-19T04:46:17.000Z | ජාතික රණවිරු අනුස්මරණ දින ප්‍රධාන සැමරුම් උළෙල ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ | ජාතික රණවිරු අනුස්මරණ දින ප්‍රධාන සැමරුම් උළෙල | COLOMBO (News 1st) - ජාතික රණවිරු අනුස්මරණ දින ප්‍රධාන සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය. ඒ, බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී ය. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදී තම ජීවිත පූජා කළ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ දිවි පිදූ රණවිරුවන් ගෞරවයෙන් සිහිපත් කරමින් ජාතික රණවිරු අනුස්මරණ දින ප්‍රධාන සැමරුම් උළෙල පැවැත්වේ. |
2018-05-19T03:05:41.000Z | නව ක්‍රිකට් නිලවරණ කමිටුවක් පත් කෙරේ | නව ක්‍රිකට් නිලවරණ කමිටුවක් පත් කෙරේ | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නව ක්‍රිකට් නිලවරණ කමිටුවක් පත්කර තිබේ. ඒ, අනුව අද පත් කළ නව ක්‍රිකට් නිලවරණ කමිටුව සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත වේ. ඒ අනුව රසික වයි වීරතුංග, කොමදෝරු සනත් උත්පල, බුද්ධික ඉලංගතිලක, එච්.ඩී.ජූඩ් පෙරේරා හා දේවගිරි බණ්ඩාර යන මහත්වරුන් ඊට ඇතුලත් ය. ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මහ සභා රැස්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරීශ්‍රයේදී පැවැත්වේ. |
2018-05-19T02:57:23.000Z | බිරිඳට ඇසිඩ් ගහන්න ගිය සැමියා බිරිඳ අතින්ම මැරුම් කයි | බිරිඳ විසින් සැමියා ඝාතනය කෙරේ | COLOMBO (News 1st) - අරනායක, දෙබත්ගම ප්‍රදේශයේදී බිරිඳක විසින් තියුණු ආයුධයකින් පහර දී තම සැමියාව ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් එම ඝාතනය සිදුව ඇති බව ය. සැමියා විසින් බිරිඳට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරිමට යාමේදී එය ඔහුගේම සිරුරට පතිත වී තිබේ. පොලීසිය පැවසුවේ අනතුරුව බිරිඳ විසින් සැමියාට තියුණු ආයුධයකින් පහර දී ඇති බව ය. ඉන් බරපතල තුවාල ලැබූ සැමියා රෝහල් ගතකිරිමෙන් පසු මියගොස් තිබේ. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 37 හැවිරිදි පුද්ගලයෙකි. |
2018-05-19T02:47:58.000Z | රු. මිලියන 26ක රත්‍රං සමග ඉන්දීය ජාතිකයෙකු රේගු දැලේ | රු. මිලියන 26ක රත්‍රං සමග විදේශිකයෙකු රේගු දැලේ | COLOMBO (News 1st) - රුපියල් මිලියන 26 ක් පමණ වටිනා රත්‍රං තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල් මීණුවනපිටිය මහතා සඳහන් කළේ, අද පෙරවරුවේ ඉන්දියවේ චෙන්නායි සිට පැමිණි ඉන්දීය ජාතිකයෙක් එලෙස අත්අඩංගුවට ගත් බව ය. ඔහු සන්තකයේ තිබී රත්‍රං බිස්කට් 40 ක් සොයාගෙන ඇති අතර එහි බර කිලෝ ග්‍රෑම් 4කි. රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල් මීණුවන්පිටිය මහතා පැවසුවේ සැකකරු සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව ය. මේ අතර රුපියල් ලක්ෂ 11 ක් වටිනා දුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගුව භාරයට ගත් බව ද ඔහු සඳහන් කළේය. |
2018-05-19T01:46:55.000Z | මලයාසියාවට 14 දෙනෙකුගෙන් සමන්විත නව කැබිනට් මණ්ඩලයක් | මලයාසියාවට 14 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් | (News 1st) - මලයාසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහමඩ් ඊයේ නව කැබිනට් මණ්ඩලයක් පත් කර තිබේ. අමාත්‍ය මණ්ඩපල සංයුතියට මහතීර් මොහමඩ් විසින් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින්, නීතිඥයින් සහ කථිකාචාර්යවරයකුත් ඇතුළත් කර තිබේ. නව කැබිනට් මණ්ඩලය සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඔවුන් ලබන සඳුදා දිවුරුම් දීමට නියමිත ය. වර්ෂ 2003 වන තුරු වසර 22 ක් තිස්සේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ මහතීර් මොහමඩ් පසුගිය 9 වනදා පැවති මහ මැතිවරණයේදී විශිෂ්ට ජයක් ලබමින් යළිත් මලයාසියාවේ අගමැති ධුරයට පත් වූයේ වර්තමානයේ ලොව පැරණිතම ජන නායකයා ලෙස ඉතිහාසගත වෙමිනි. |
2018-05-19T01:16:58.000Z | නිදහස් චතුරශ්‍ර ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවදානමක | නිදහස් චතුරශ්‍ර ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවදානමක | COLOMBO (News 1st) - කොළඹ, නිදහස් චතුරශ්‍රයේ පිහිටි නිදහස් මන්දිර ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවදානමක් මතුව තිබේ. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදියර දෙකක් යටතේ ඉදිකර ඇති ගොඩනැගිල්ලේ, පිටත පාදමට සම්බන්ධ කොටස එලෙස ගිලාබැසිමේ අවදානමට ලක්ව ඇති බව ය. එම කොටසේ ඉරිතැලීම් ගණනාවක් මතුව ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 1948 වර්ෂයේ මෙරටට ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබීම සිහිපත් කිරීම පිණිස 1949 වසරේ පෙබරවාරි 4 වැනි දින නිදහස් මන්දිර ගොඩනැගිල්ල ඉදිකිරීමට මුල පිරුණේ එවක අග්‍රාමාත්‍ය මහාමාන්‍ය, ඩී.එස්.සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙනි. එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් 1953 වසරේදී අවසන් කෙරුණි. මෙරට සම්ප්‍රදායික වාස්තු විද්‍යාත්මක ශිල්පීය ක්‍රම විදහා දක්වමින් ඉදිකල නිදහස් මන්දිර ගොඩනැගිල්ල දෙස් විදෙස් සංචාරකයින්ගේ නොමද අවදානයට පාත්‍ර වන්නකි. වර්ග අඩි දස දහසක වපසරියක ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ලට යටින් භුගතව කාමර 108 කින් යුක්ත යටි මහලක් ද වේ. නිදහස් මන්දිර ගොඩනැගිල්ල ගිලාබැසීමේ අවදානම පිළිබදව නිව්ස්ෆස්ට් විෂයභාර අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කළේය. ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන දැනටමත් මොරටුව විශ්වවිද්‍යාලයේ විශේෂඥයින්ගෙන් වාර්තාවක් කැඳවා ඇති බව ය. එය ලබන සතියේ තමන් අතට පත්වන බව ද ඔහු සඳහන් කළේය. ඒ අනුව මෙම තත්ත්වයට කඩිනම් පිලියම් යෙදීම සඳහා පියවර ගන්නා බව ද අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. |
2018-05-19T01:05:41.000Z | ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදාපති අතර හමුවක් | ජෙනරාල් බීපින් රාවට් සහ ගුවන් හමුදාපති අතර හමුවක් | COLOMBO (News 1st) - මෙරට සංචාරයේ නිරත ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් බීපින් රාවට් මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවෙයි. එම හමුව සිදුවුණේ ගුවන් හමුදා මූලස්ථානයේදී ය. ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානියා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාපති අතර සුහද සාකච්ඡාවක් පැවති අතර, අනතුරුව ගුවන් හමුදාපති විසින් සමරු තිළිණයක් ද ප්‍රධානය කළේය. |
2018-05-19T00:43:23.000Z | පළමු කාර්තුවේ තේ, පොල්, රබර් අපනයන ආදායම ඉහළට | පළමු කාර්තුවේ තේ, පොල්, රබර් අපනයන ආදායම ඉහළට | COLOMBO (News 1st) - පසුගිය වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවෙහි තේ, පොල්, රබර් අපනයන ආදායම ඉහළ ගොස් තිබේ. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ, තේ අපනයන ආදායම 8.4%කින් පොල් 0.3%කින් හා රබර් 12.6%කින් ඉහළ ගොස් ඇති බව ය. පසුගිය වකවානුවේ පැවති දේශගුණික විපර්යාස ජය ගනිමින් මෙම දායකත්වය ලබා දීමට හැකිවීම විශේෂත්වයක් බව ද අමාත්‍යාංශය සඳහන් කළේය. |
2018-05-19T00:16:45.000Z | ලබන වසරේ පුර පසළොස්වක පෝය දිනයන් ගැසට් කෙරේ | ලබන වසරේ පුර පසළොස්වක පෝය දිනයන් ගැසට් කෙරේ | COLOMBO (News 1st) - ලබන වසරේ පුර පසළොස්වක පෝය දිනයන් ගැසට් කෙරේ 2019 වසරේ පුර පසළොස්වක පෝය දිනයන් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කර තිබේ. එම ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන්නේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසිනි. ඒ අනුව ලබන වසරේ පෝය දිනයන් මෙසේය. ජනවාරි 20 ඉරිදා - දුරුතු පුර පසළොස්වක පෙබරවාරි 19 අඟහරුවාදා - නවම් පුර පසළොස්වක මාර්තු 20 බදාදා - මැදින් පුර පසළොස්වක අප්‍රේල් 19 සිකුරාදා - බක් පුර පසළොස්වක මැයි 18 සෙනසුරාදා - වෙසක් පුර පසළොස්වක ජුනි 16 ඉරිදා - පොසොන් පුර පසළොස්වක ජූලි 16 අඟහරුවාදා - ඇසළ පුර පසළොස්වක අගෝස්තු 14 බදාදා - නිකිණි පුර පසළොස්වක සැප්තැම්බර් 13 සිකුරාදා - බිනර පුර පසළොස්වක ඔක්තෝබර් 13 ඉරිදා - වප් පුර පසළොස්වක නොවැම්බර් 12 අඟහරුවාදා - ඉල් පුර පසළොස්වක දෙසැම්බර් 11 බදාදා - උඳුවප් පුර පසළොස්වක |
2018-05-18T22:48:15.000Z | හැරී - මේගන් රාජකීය විවාහ මංගල්‍යට සියල්ල සූදානම් | හැරී - මේගන් රාජකීය විවාහ මංගල්‍යට සියල්ල සූදානම් | (News 1st) - බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මර්කල්ගේ විවාහ මංගල්‍ය සඳහා මේ වනවිට සියල්ල සූදානම් කර තිබේ. එහි පෙරහුරුවක් ඊයේ දිනයේ වින්ඩ්සර් නගරයේ දී පැවැත්විය. විදෙස් වාර්තාවන්හී දැක්වෙන්නේ ලොව පුරා මිලියන සංඛයාත පිරිසක් රාජකීය විවාහ මංගල්‍ය දැක බලා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බව ය. ජාත්‍යන්තර මාධ්‍යවේදීන් ඇතුළු ලෝකයේ නන් දෙසින් පැමිණි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මංගල උත්සවය වෙනුවෙන් මේ වන විට 'බර්ක්ශයර්' ප්‍රදේශයට පැමිණ සිටින බව විදෙස් වාර්තා පවසයි. |
2018-05-18T21:30:08.000Z | හොරව්පතානේදී වෙඩි වැදුණු පොලිස් නිලධාරියෙකු මරුට | හොරව්පතානේදී වෙඩි වැදුණු පොලිස් නිලධාරියෙකු මරුට | COLOMBO (News 1st) - හොරොව්පතාන, වාගොල්ලාකඩ ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ සිවිල් ආරක්ෂක නිලධාරියෙකු සතු ගිනි අවිය අත්වැරදීමෙන් ක්‍රියාත්මක වීමෙන් වෙඩි වැදී බරපතල තුවාල ලබා හොරොව්පතාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම පොලිස් නිලධාරියා මියගොස් ඇති බව ය. ඊයේ මධ්‍යම රාත්‍රියේ එලෙස මියගොස් ඇත්තේ, වාගොල්ලාකඩ පොලිස් මුරපොළට අනියුක්ත පොලිස් නිලධාරියෙකු එලෙස වෙඩි වැදී මියගොස් තිබේ. 32 හැවිරිදි ඔහු හොරව්පතාන, ඉහළදිවුල්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මියගිය පොලිස් නිලධාරියාගේ දේහය හොරව්පතාන රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත ය. |
2018-05-18T21:20:06.000Z | මෙරටදී මියගිය බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයින්ට මත්ද්‍රව්‍ය ලබා දුන්නේ කවුරුන්ද? | රග්බි ක්‍රීඩකයින්ට මත්ද්‍රව්‍ය දුන්නේ කවුද? | COLOMBO (News 1st) - සුහද රග්බි තරගාවලියක් සඳහා මෙරටට පැමිණ සිටියදී මියගිය රග්බි ක්‍රීඩකයින් දෙදෙනාගේ සිරුරු ඥාතීන්ට භාරදීමට අධිකරණය නියෝග කළේය. මෙම ක්‍රීඩකයින් රාත්‍රි සමාජ ශාලාවකට ගොස් නැවත සිය හෝටල් පරිශ්‍රය තෙක් පැමිණෙන තෙක් කාල පරාසය තුළ සිදුවූ ක්‍රියාවලිය පිළිබඳව තවමත් අනාවරණය වී නොමැත. සුහද රග්බි තරගාවලියක් සඳහා එංගලන්තයෙන් මෙරටට පැමිණි මෙම කණ්ඩායම පසුගිය 12 වැනිදා තරගයකට සහභාගී වීමෙන් අනතුරුව පසුගිය සෙනසුරාදා රාත්‍රියේ කොල්ලුපිටියේ පිහිටි සමාජ ශාලාවකට පැමිණ තිබුණි. එම සමාජ ශාලාවේ සී.සී.ටී.වී. දර්ශනවල දැක්වුණේ ඉරිදා අලුයම 12.03 ට ඔවුන් ඊට ඇතුළත් වූ බව ය. ඒ, ත්‍රිරෝද රථ රියැදුරෙකු සමගිනි. අලුයම 1.23 ට ඔවුන් ඉන් බැහැරව ගොස් තිබේ. එහෙත් ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයට පැමිණ ඇත්තේ අලුයම 4 ට පමණ බව පොලීසිය නිකුත් කළ වාර්තාවේ සඳහන් ය. උදෑසන 10 ට පමණ ස්වසන ආබාධයක් හේතුවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් රෝහල්ගත කළ බවත් 26 හැවිරිදි හාවඩ් තෝමස් ඇන්ඩෘ නම් ක්‍රීඩකයා ඉරිදා දහවල් 12 ට මිය ගිය බවත් පොලිස් වාර්තා සඳහන් කළේය. ඔහුගේ මරණයට හේතුව ලෙස අධිකරණ වෛද්‍ය වාර්තාව මගින් සැක කෙරුණේ මත්ද්‍රව්‍ය අධික ප්‍රමාණයක් ගැනීමයි. මේ අතර රෝහල් ගතකර සිටි 27 හැවිරිදි බෙට් තෝමස් රීඩ් නැමති ක්‍රීඩකයා ද මිය ගියේය. මත් ද්‍රව්‍ය අධික මාත්‍රාවක් ලබා ගැනීම හේතුවෙන් එම මරණය ද සිදු වූවා යැයි සැක කරන බවට අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් වේ. මේ අනුව මෙම ක්‍රීඩකයින් රාත්‍රී සමාජ ශාලාවෙන් පිටව හෝටල් පරිශ්‍රයට තෙක් පැමිණෙන තෙක් ක්‍රියාවලිය තවමත් අභිරහසකි. ඔවුන් රැගෙන ගිය ත්‍රීරෝද රථ රියැදුරා කවුද? ඔවුන්ට මෙම මත්ද්‍රව්‍ය ලබා දුන්නේ කවුරුන්ද? අවධානයට... |
2018-05-18T21:02:12.000Z | ලෝකේෂ් රාහුල් IPL පිතිකරුවන් අතර පෙරමුණට | ලෝකේෂ් රාහුල් IPL පිතිකරුවන් අතර පෙරමුණට | (News 1st) - ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවති තරග අතුරින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරගත් ක්‍රීඩකයා බවට කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායමේ ලෝකේෂ් රාහුල් පත්ව තිබේ. ඔහු තරගාවලියේ තරග 13 කට මුහුණදී ඇති අතර ඉන් රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 652කි. පිළිවෙලින් එම සටහනේ දෙවන ස්ථානය ලකුණු 625ක් රැස් කරගත් සන්රයිසස් හයිද්‍රාබාත් කණ්ඩායමේ කේන් විලියම්සන්ට හිමි වී ඇති අතර තුන් වැනි ස්ථානය ලකුණු 620ක් රැස් කරගත් දිල්ලි ඩෙයා ඩෙවිල්ස් ක්‍රීඩක රිෂාබ් පන්ට්ට හිමිව තිබේ. |
2018-05-18T20:54:52.000Z | දකුණු පළාතෙන් වාර්තා වූ වෛරස් උණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෙනම වාට්ටු | දකුණේ වෛරස් උණ රෝගීන්ට ප්‍රතිකාර කරන්න වෙනම වාට්ටු | COLOMBO (News 1st) - වෛරස් උණ රෝගීන්ට ප්‍රතිකාර කිරිම සඳහා දකුණු පළාතේ ප්‍රධාන රෝහල්වල වෙනම වාට්ටු පිහිටුවීමට දකුණු පළාත් සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.වීරසුරිය මහතා සඳහන් කළේ, රෝගය පැතිර යාම වැළැක්වීම සහ ප්‍රතිකාර සේවා පහසුකරලීම සඳහා මෙම පියවර ගන්නා බව ය. මේ අතර පසුගිය මාස එකහමාරක කාලය තුළදී දකුණු පළාතෙන් වෛරස් උණ රෝගීන් 800 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි ද ඔහු සඳහන් කළේය. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.වීරසුරිය මහතා සඳහන් කළේ, රෝගය වැළඳුණු ළමුන් ඇතුළු 15 දෙනෙකු මියගොස් ඇති බව ය. වෛරස් උණ රෝගය වැළඳුණු දරුවන් පාසල් ගෙන්වා ගැනීමෙන් වළකින්නැයි දකුණු පළාත් අධ්‍යාපන බලධාරින්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇතැයි ද ඔහු පවසයි. වාතය මගින් බෝවන මෙම රෝගය වැළඳීමෙන් ආරක්ෂා වීම සඳහා ජනාශ්‍රිත ප්‍රදේශවල ගැවසීමෙන් වළකින ලෙස ඔහු දකුණු පළාතේ ජනතාවට දැනුම් දෙන්නේය. මෙම රෝගය වැළඳුණු පුද්ගලයින් හමුවීම සඳහා දරුවන් රැගෙන යාමෙන් වළකින ලෙස ද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ජී.වීරසූරිය මහතා වැඩි දුරට ත් කියා සිටියේය. |
2018-05-18T20:47:19.000Z | දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් මිලිමීටර් 100 ඉක්මවූ වැසි | දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් තද වැසි | COLOMBO (News 1st) - අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ, ඉදිරි කාලගුණ තත්ත්වය පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලික් ප්‍රනාන්දු මහතා. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/05-19-WETHER-LAND-online-audio-converter.com_.mp3 දිවයින අවට මුහුදේ කාලගුණ තත්ත්වය. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/05-19-WETHER-SEE-online-audio-converter.com_.mp3 අධික වර්ෂාවත් සමග හටගත් නායයාමේ අවදානම හේතුවෙන් මේ වනවිට බදුල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 495 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.ඒ.එම්. උදයකුමාර මහතා පැවසුවේ ඉන් පවුල් 51 ක් ආරක්ෂිත ස්ථාන වෙත රඳවා ඇති බව ය. මේ අතර වැසි තත්ත්වයත් සමග නායයාම් අනතුරු ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි නායයාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පැවසුවේ නිරිත දිග මෝසම සමග මෙම තත්ත්වය උද්ගත වන බව ය. වර්ෂාවේ වැඩි වීමත් සමග ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, කෑගල්ල හා හම්බත්තොට දිස්ත්‍රික්කවල ඉවුරු හා කණ්ඩි ආශ්‍රිතව ජීවත්වන ජනතාව අවධානයෙන් සිටින ලෙස ඔහු පවසයි. නායයාම් අවදානම් නිවේදන පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස ද ඔහු ජනතාවට දැනුම් දෙන්නේය. |
2018-05-18T20:12:17.000Z | රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් | රණවිරු සැමරුම් උත්සවය නිසා විශේෂ රථවාහන සැලැස්මක් | COLOMBO (News 1st) - රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු 2 සිට රාත්‍රි 7 දක්වා පාර්ලිමේන්තු ක්‍රිඩාංගණය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. ඒ, අනුව අද පස්වරු 2 සිට පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු මාර්ගයේ කියැන්නෑම් මංසන්ධිය දක්වා වාහන ධාවනය සීමා කෙරෙනු ඇති. පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අදාළ කාලය තුළ එම මාර්ගය භාවිත කරන්නන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස ය. |
2018-05-18T20:07:56.000Z | ජාතික රණවිරු අනුස්මරණ දිනය අදයි | ජාතික රණවිරු අනුස්මරණ දිනය අදයි | COLOMBO (News 1st) - ජාතික රණවිරු අනුස්මරණ දිනය අදට යෙදී තිබේ. ඒ, තිස් වසරක යුද්ධය අවසන් කරමින් මීට වසර 9 කට පෙර ලැබූ විජයග්‍රහණය සිහිපත් කරමිනි. ප්‍රධාන සැමරුම් උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රිඩාගණයේ ඉදිකර ඇති ජාතික රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වේ. මේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/05-19-SUMITH-ATHAPATHUTHYU-NEW-online-audio-converter.com_.mp3 මේ, විජයග්‍රහණයේ 9 වැනි සැමරුම වෙනුවෙන් නිව්ස්ෆස්ට් තබන සටහනක්. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/03-19-WIJAYAGRAHANA-SEG.mp3 |
2018-05-18T19:50:37.000Z | කියුබාවේ හවානා නුවරට ගුවන් යානයක් කඩා වැටීමෙන් 100කට අධික පිරිසක් මරුට | කියුබාවේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් 100ක් මරුට | (News 1st) - කියුබාවේ හවානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සමීපයට මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 100 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එරට මාධ්‍ය වාර්තාවන්හී දැක්වෙන්නේ හවානා නුවර පිහිටි ජොස් මාර්ටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් යානය ගුවන් ගත වී ටික වේලාවකට පසුව එය කඩා වැටී ඇති බව ය. එලෙස අනතුරට ලක්ව ඇත්තේ අභ්‍යන්තර ගුවන් ගමනක නිරත බෝයින් 737 වර්ගයේ යානයකි. අනතුරින් පුද්ගලයින් 3 න් දෙනෙකු දිවි ගලවාගෙන ඇතත් ඔවුන් බරපතල තත්ත්වයේ පසුවන බව විදෙස් වාර්තා පවසයි. යානය අනතුරට ලක්වන විට කියුබානු ජාතික ගුවන් මගීන් 110 දෙනෙකු සහ මෙක්සිකානු ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ඒ තුළ සිට ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. කියුබානු ජනපති මිගුඑල් ඩයස් කැනෙල් අනතුර සිදු වූ සැනින් එම ප්‍රදේශයට පැමිණ එය නිරීක්ෂණය කර තිබේ. කඩා වැටී ඇත්තේ කියුබානු රාජ්‍ය ගුවන් සමාගම මගින් මෙක්සිකානු සමාගමකින් බදු පදනම මත ලබාගත් ගුවන් යානයකි. මෙක්සිකානු බලධාරීන් ප්‍රකාශ කළේ, 1979 දී ගුවන් යානය නිෂ්පාදනය කර ඇති අතර පසුගිය නොවැම්බර් මස කළ පරීක්ෂාවකදී කිසිඳු කාර්මික දෝෂයක් හඳුනා නොගත් බව ය. |
2018-05-18T08:18:10.000Z | මලයාසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ නිවසින් ශ්‍රී ලංකා රුපියල් කෝටි 2 ක මුදල් නෝට්ටු සොයා ගනී | නජීබ්ගේ නිවසින් රු. කෝටි 2ක මුදල් නෝට්ටු හමුවෙයි | (News 1st) - මලයාසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ නිවසින් අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ තිස්පන්දහසක් ඇතුළු විදේශ මුදල් තොගයක් අද එරට පොලීසිය විසින් සොයාගනු ලැබිණි. ඒ, අතර ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි අසූහත් ලක්ෂයක මුදල් තොගයක් ද සොයා ගැනීම විශේෂත්වයකි. මැයි 9 වැනිදා පැවති මලයාසියානු මහ මැතිවරණයෙන්, පරාජය ලැබූ හිටපු අගමැති නජීබ් රසාක්ට එරෙහිව දූෂණ චෝදනා විමර්ශන පසුදිනම ඇරඹුණි. 2009 වසරේදි අගමැති ධූරයට පත් රසාක්, 2008 වසරේ සිටම මලයාසියානු රජයේ මුදල් ඇමතිකම ද හෙබවිය. මලයාසියාවේ දුක් විඳින ජනතාව වෙනුවෙන් යැයි පවසමින්, 2009 වසරේදී ආරම්භ කළ වන් මලයාසියා ඩිවලොප්මන්ට් බර්හැඩ් නම් සංවිධානයේ, උපදේශක මණ්ඩල සභාපතිවරයා වූයේ ද අගමැති රසාක්. ඩොලර් බිලියන ගණන් ගලා ආ සංවර්ධන අරමුදලේ මුදල්, 2014 වසර වන තෙක් කිසිඳු විනිවිද භාවයකින් තොරව රසාක්ගේ පවුලේ වුවමනාවට වියදම් කර ඇති බවට, 2015 වසරේදී චෝදනා එල්ල විය. එක් මලයාසියාවක් සඳහා එක්රැස් වූ ජනතා මුදල් එක් පුද්ලගලයෙකුගේ පසුම්බියට වැටි ඇති බවට චෝදනා කළ එවක විපක්ෂ නායක අන්වර් ඊබ්‍රාහිම් වැඩි යමක් කීමට පෙර සිපිරි ගෙට යැවූ රසාක් පාලනය, මුදල් වංචා චෝදනා එක හෙළාම ප්‍රතික්ෂේප කළේය. එහෙත්, අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව හා බුද්ධි අංශ ගොනු කළ කරුණු වලට අනුව, සංවර්ධන අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක් පිටරට පටවා ඇති රසාක් හවුල, ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 684 ක් සෘජුව , අගමැතිවරයාගේ ගිණුමකට බැර කර තිබේ. මහතීර් මොහහොමඩ් අගමැති ධුරය භාර ගත් පසු අලුත් වු විමර්ශන අනුව අද උදෑසන ක්වාලාලම්පුර්හි, පැවිලියන් නිවාස සංකීර්ණයේ පිහිටි රසාක්ගේ සුපිරි නිවාසය මලයාසියානු පොලීසිය සෝදිසි කළේය. එහිදී, සුඛෝපාභෝගී ගමන් මළු 284 ක්, අත්බෑග් 72 ක්, මුදල් පිරවූ මළු විශාල සංඛ්‍යාවක්, රන් ආභරණ තොගයක්, වටිනා අත්ඔරලෝසු තොගයක් සොයාගත් බව විදෙස් වාර්තාවල සඳහන්. එහි තිබී රුපියල් මිලියන 28.7 ක් වටිනා ශ්‍රී ලංකා මුදල් නෝට්ටු තොගයක් ද හමු වී තිබේ. මලයාසියානු අගමැතිවරයෙකුගේ වාර්ෂික වැටුප අමෙරිකානු ඩොලර් 70,000ක් වන අතර, ඔහුගේ නිවසේ තිබූ එක් අත්බෑගයක වටිනාකම අමෙරිකානු ඩොලර් 30,000කි. සොයා ගත් මුළු මුදල් තොගයේ වටිනාකම තවමත් තක්සේරු කර නොමැත. විමර්ශන වලින් දැනට හෙළි වී ඇති කරුණු අනුව වන් මලයාසියා සංවර්ධන අරමුදලේ මුදල්, අමෙරිකාව , සිංගප්පූරුව හා ස්විට්සර්ලන්තය යන රටවල ගිණුම්වලට බැර කර ඇති හිටපු අගමැති හවුල එම මුදල් වලින්, ලාස් වේගස් හි සුපිරි හෝටලයක්, සුඛෝපභෝගි කුඩා යාත්‍රාවක් , ජෙට් යානයක්, දියමන්ති ආභරණ , පිකාසෝ චිත්‍රයක් මිලදි ගෙන තිබේ. තව ද හොලිවුඩ් චිත්‍රපට දෙකකට මුදල් යෙදවිමට ද ඔවුන් කටයුතු කර ඇති බව විමර්ශන වාර්තා හෙළි කරනු ලැබේ. මෙම සියල්ල පිටුපස මලයාසියානු අගමැතිවරයාගේ පුත්‍රයාගේ මිත්‍රයෙකු වන ලෝ ජෝ නැමැත්තෙකු ඇති අතර ඔහු ඒවා ඇති එක් ඊමේල් පණිවිඩයකින්, මෙම අරමුදල රත්‍රං නිධියකට සමාන බවට ඔහු පවසා ඇතැයි විදෙස් මාධ්‍යවල සඳහන් ය. කෙසේ වෙතත්, හිටපු අගමැතිවරයාට හිමි තවත් දේපළ වැටලීමට මලයාසියානු පොලිසිය ඉදිරි දින කිහිපයේදී සැලසුම් කර තිබේ. |
2018-05-18T11:09:33.000Z | ටෙක්සාස් ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 10 දෙනෙකු මරුට | ටෙක්සාස්හි පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 10ක් මරුට | (News 1st) - අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් ඇතුළු 10 දෙනෙකු මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මිය ගිය අතර වැඩි පිරිසක් පාසල් සිසුන් වේ. මෙම සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා ඇත්තේ පන්ති කාමරයට පැමිණි පුද්ගලයකු එක දිගට වෙඩි තැබූ බව ය. වෙඩි තැබීම සිදුකළ ඇත්තේ එම පාසලේම සිසුවෙකු බවට වාර්තා වන බව ද විදෙස් වාර්තාවල දැක්වේ. එහි දැක්වෙන්නේ ඔහුට අනුබල දුන් පුද්ගලයෙකු මේ වනවිට ටෙක්සාස් පොලිස් අත්අඩංගුවේ පසුවන බව ය. |
2018-05-18T09:56:08.000Z | දකුණු පළාතේ වෛරස් උණ රෝගය හඳුනා ගනී | දකුණු පළාතේ වෛරස් උණ රෝගය හඳුනා ගනී | COLOMBO (News 1st) - දකුණු පළාතේ පැතිරී යන වෛරස් උණ රෝගය හඳුනාගෙන තිබේ. පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ, වෛරස් ඛාණ්ඩ 4 ක් මෙම උණ රෝගයට හේතු වී ඇති බව ය. දකුණු පළාත තුළ පැතිර යමින් ඇති මෙම වෛරස් රෝගය හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහල වෙත රෝගීන් විශාල ප්‍රමාණයක් ඇතුළත් කර තිබේ. වැලිගම, අලුත් වීදිය ප්‍රදේශයේ පදිංචි මාස 11 වයසැති ගැහැණු දරුවෙකු ඊයේ මෙම රෝගී තත්ත්වය හේතුවෙන් මිය ගියේය. වෛරස් උණ රෝගය හේතුවෙන් ගතවූ මාස එකහමාරක කාලය තුළ මරණ 15 වාර්තා වී ඇති අතර 150 කට අධික පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි. අද කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේදී මේ සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව කැඳවා සාකච්ඡාවක් පැවැත්විය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා මේ වනවිට රෝගී තත්ත්වය වසංගත තත්ත්වයක් බවට පත් වෙලා නෑ. සාමාන්‍යයෙන් සෑම වර්ෂයකම මැයි ජුනි මාස වලදී මෙවැනි රෝග තත්ත්වයන් පැතිරීමේ ඉඩක් තියනවා. මං විශ්වාස කරනවා දැන් අපි මේක නවත්වා ගැනීමට ගන්න පියවරත් එක්ක, ඉදිරි සති දෙක තුළ මේක පාලනය කරගන්න හැකියාව ලැබෙයි කියලා |
2018-05-18T09:32:24.000Z | තිස් වසරක යුද්ධය අවසන් වී අදට වසර 9 යි | තිස් වසරක යුද්ධය අවසන් වී අදට වසර 9 යි | COLOMBO (News 1st) - තිස්වසරක යුද්ධය නිමාවී අදට අවුරුදු 09 ක් ගතවේ. එය සිහිපත් කරමින් අද සැමරුම් ගණනාවක් පැවැත්විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ, සියලු හමුදා විරුවන්ට තමාගේ උත්තමාචාරය හිමි වන බව ය. හමුදා විරුවන් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස් අප වෙනුවෙන් කළ කැප කිරීම් ගෞරවයෙන් සිහිපත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සිය අදහස් පල කළේය. අද වැදගත් දිනයක්.ත්‍රස්තවාදය පරාජය කරලා යුද්ධය අවසන් කරලා සාමය ආව අවස්ථාව. ඒ සදහා ඒ වැඩ කටයුත්තට කැප වුන සියලුදෙනාම ත්‍රවිධ සේවා හමුදාව ඇතුළු සියළු දෙනාම මතක් කරන්න ඕනේ. ඒ වගේම මේ යුද්ධයෙන් ත්‍රස්තවාදය ආරම්භ කරපු දවසේ ඉදලා අහිංසක ජනතාවගේ ජීවිත නැති වුනා. ඒ අයත් සිහිපත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද වගේ දවසක අපි ඉතා ගෞරවයෙන් මතක් කර සිටිනවා මේ රටේ ස්වාධිපත්‍ය වෙනුවෙන් භෞමික අඛණ්ඩතාවය ස්වයීරීත්වය සාක්ෂාත් කිරීම උදෙසා රට දැය වෙනුවෙන් දිවි පිදූ වීරෝධාර සෙම්පතියන් රණවිරුවන්, යුද බිමේ සිටගෙන ඇස් හිස් මස් ලේ දහදිය කඳුළු ජීවිත පරාර්ථකාමීව රට දැය වෙනුවෙන් කැප කරලා කුරිරු කොටි ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කරලා මේ රටේ ස්වාධීනත්වය වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඒ කරපු අමරණීය නිර්මල සේවාව අද දවසේ යුතුකමක් හැටියට අපගේ ගෞරවය ඒ රණවිරුවන්ට පුද කර සිටිනවා අනුරාධපුර, සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී විරුවන් සිහිපත් කරමින් අද විශේෂ උත්සවයක් පැවැත්විය. ඒ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි. යුද හමුදාපතිවරයා ද එහිදී පණිවිඩයක් නිකුත් කර තිබුණි. එහිදී යුද හමුදාපතිවරයාගේ පණිවිඩය ගජබා රෙජිමේන්තු සේනා විධායක කර්නල් හරේන්ද්‍ර පීරිස් මහතා විසින් ඉදිරිපත් කරනු ලැබිණි. 2009 මැයි මස අද වැනි දිනක අපි ලබාගත්තේ යළි යළිත් සතුටින් සිහිපත් කර හැකි සුන්දර මතකයන්ගෙන් පිරි ජයග්‍රහනයක් නොවේ.අපි එදා ලබාගත්තේ මෙරට සියලු ජන කොටස් වල කිසිදු බේදයකින් තොරව කැප කලාවු අප්‍රමාණ ජීවිත දේපල හා දහදිය මහන්සියෙන් වූ අමිහිරි මතකයන් වලට සමු දුන් ජයග්‍රහනයකි.එබැවින් අපි එදා ලද ජයග්‍රහනය සැබෑ විජයග්‍රහනයක් වනුයේ යලිත් කිසිදා කිසි කලෙක එවන් රුදුරු ත්‍රස්තවාදයක් මෙරටතුල ඇති නොවීමට වග බලාගත්තොත් පමණි. ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිලධාරීන් 171 දෙනෙක් සහ කෙටේරි සෙබළුන් 4079ක් තම ජීවිත පරිත්‍යාග කරමින් සටන් වැද තම හමුදාවේ රොජිමේන්තු අතරින් වැඩිම ජීවිත ගණනක පූරා කළ රෙජිමේන්තුවක් වශයෙන් ගජබා රෙජිමේන්තුව පත් වීමද මෙහිදී විශේෂයෙන් කැපී පෙනෙන කරුණකි. තවත් කාරණයක් මතක් කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ මන්ද අද අපි සමරණුයේ යුද්ධයේ ජයග්‍රහණයක් නොව සාමයේ සැබෑ විජයග්‍රහණයයි. ගැටුම්වලින් මිය ගිය සිය සහෝදර ජනතාව සමරා අද මුලිතිව්, වෙල්ලමුල්ලිවයික්කාල්හීදී සිහිපත් කිරීමේ උත්සවයක් පැවැත්විය. යාපනය විශ්විද්‍යාලයේ සිසුන්ගේ මූලිකත්වයෙන් පැවති මෙම උත්සවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු දේශපාලඥයින් පිරිසක්ද එක්ව සිටියහ. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ශ්‍රී ලංකාව ලොව ඉදිරියේ මෙරට දෙමුහුන් විමර්ශන පද්ධියක් ස්ථාපනය කිරිමට පෙරොන්දු වුණා. නමුත් දැන් එම පොරොන්දුව ඉටු කිරීමට විරෝධය පල කරනවා. මෙයින් පෙනී යන්නේ දශක 07 ක් තිස්සේ පැවති රජයන් අපේ දෙමළ ජනතාව මුලා කළ ආකාරයයි. මේ නිසා තමයි අපි දිගින් දිගටම ඉල්ලා සිටිනනේ ශ්‍රී ලංකා රජයට ඔවුන් ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටු කරන්නට තවත් කල්දීම අනවශ්‍යයි කියලා. මොකද ඔවුන් එය සිදු කරන්නේ නෑ තවත් කල් දීමෙන් කිසිදු වෙනසක් සිදුවන්නෙත් නෑ මේ අවස්ථාවේදී මා එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් වරයා නැගූ පැණයක් නැවතත් ප්‍රකාශ කරන්න කැමතියි. ඒ තමයි ජාත්‍යන්තර නීතිය හරහා වගවීම අත්කර ගැනීමට වෙනත් මාර්ග තිබේද යන්නයි. මෙම සැමරුම් උත්සවයට එක්වූ පිරිසට ශ්‍රී ලංකා යුධ හමුදාවේ 58 වන බල සේනාංකයේ සමාජිකයින් සිසිල් පැන් දන්සැලකින් සංග්‍රහ කිරීම සුවිශේෂි සද්ධියකි. විශ්‍රාමික රණවිරු සංසඳය අද රණවිරු සැමරුම් උත්සවයක් යටියන්තෝටදී සංවිධානය කර තිබුණි. පානදුර මාලමුල්ල රණවිරු ස්මාරකය අභියස උපහාර පිදිමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් විරවංශ මහතා ද සහභාගි විය. එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ සඳහන් කළේය. අද ඒ විජයග්‍රහණය සමරන් නැහැ. ජිනිවා මානව හිමිකම් කොමිසමේන් , ඇමරිකා එක්සත් ජනතා යෝජනාවෙන් කියනවා උබලා විජයග්‍රහණය සමරන්න බැහැ. අපට කියනවා විජයග්‍රහනය සමරන්න එපා ජාතික හෙළ උරුමය පක්ෂයේ නියෝජිතයින් අත්තිඩිය මිහිදු සෙත් මැදුරේ පැවති සත්කාරක වැඩසහනට සහභාගි විය. මේ අතර ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණ ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකයේදී පැවැත්වීමට නියමිත ය. |
2018-05-18T04:56:34.000Z | ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදරට අයිතිය කියන්න කුමාර් සංගක්කාරත් එක්වෙයි | ක්‍රිකට් මහ ගෙදරට අයිතිය කියන්න සංගත් එක්වෙයි | COLOMBO (News 1st) - සුප්‍රකට ලෝඩ්ස් ක්‍රීඩාංගණය ජනතා සතු කිරීමේ අපූරු ක්‍රමයක් නිර්මාණය කර ඇති බව වාර්තා වෙයි. ක්‍රිකට් ක්‍රීඩයේ මහ ගෙදර ලෙස සැලකෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටස් විකිණීමක් ලෙස මෙය සඳහන් කළ හැකියි. හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මීට එක්ව ඇතැයි වාර්තා වන අතර, ඊට කුමාර් සංගක්කාර ද එක්ව සිටීම විශේෂත්වයක් වේ. "ලෝඩ්ස් ක්‍රීඩාංගණය විශේෂිත ක්‍රීඩාංගණයක් ලොව වටා වෙසෙන ක්‍රීඩා ලෝලීන්ට, දැන් ඔවුන්ටත් අවස්ථාවක් ලැබී තිබෙනවා එහි කොටසක හෝ අයිතිය ලබා ගැනීමට.මාගේ ක්‍රීඩා දිවියේ විශේෂ ස්ථානයක් විදියට ලෝඩ්ස් ක්‍රීඩාංගණය සඳහන් කළ හැකියි. මා ඉතා ගෞරවයක් කියා සිතනවා මේ ක්‍රීඩාංගණයේ සිට ක්‍රීඩා ලෝලීන්ව පිනවීමට හැකි වීම ගැන. මෙම ක්‍රීඩාංගණයේ කොටසකට අයිතිය මටත් ලැබීම භාග්‍යයක් විදියට මම සිතනවා." කුමාර් සංගක්කාර විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත. ලෝඩ්ස් පිටියේ ස්ථානයක් තමන් වෙත ලබා ගැනීම සඳහා අයැදුම් කළ යුතු වන අතර අඩුම මිල ලෙස දැක්වෙන්නේ බ්‍රිතාන්‍ය පවුම් 500 කි. කුමාර් සංගක්කාරට අමතරව ඩේවිඩ් ගවර්, ඇලන් ලෑම්බ් සහ ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ලෝඩ්ස් පිටියේ තම කොටස් ලබා ගත් ක්‍රීඩකයින් වේ. |
2018-05-18T04:40:51.000Z | ආගමන විගමන නිලධාරීන් අකුරට වැඩ කිරීම නවත්වයි | ආගමන විගමන නිලධාරීන් අකුරට වැඩ කිරීම නවත්වයි | COLOMBO (News 1st) - ඇමති සමග පැවති සාකච්ඡාවේදී යහපත් ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් ආගමන විගමන නිලධාරීන් ගුවන් තොටුපොළ තුළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හැර තිබේ. සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආගමන විගමන නිලධාරීහු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය. |
2018-05-18T03:21:19.000Z | ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස සමය ඇරඹේ (වාර්තාව) | ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස සමය ඇරඹේ (වාර්තාව) | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් බැතිමත්හු අද සිට රාමසාන් උපවාස සමය ආරම්භ කරති. ඉස්ලාම් බැතිමත්හු මාසයක් පුරා මෙලෙස උපවාසයේ නිරත වෙති. රාමසාන් ඇරඹෙන දවස තීරණය කරන්නේ කෙලෙස ද? රාමසාන් කාලය තීරණය වන්නේ, ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයට අනුව ය. එම නිසා අවුරුද්දෙන් අවුරුද්ද රාමසාන් පවත්වන දින වෙනස් වේ. ඉස්ලාමීය දින දර්ශනයේ හැටියට නව සඳ උදා වීමත් සමග රාමසාන් උපවාස කාලය පටන් ගැනීම සිදුවේ. මෙලෙස ආරම්භ වන රාමසාන් කාලය අවසන් වෙන්නේ ඊළඟ නව සඳ දැකීමෙන් අනතුරුව ය. සාමාන්‍යයෙන් දවස් 29ක් 30ක් විතර රාමසාන් කාලය පවතී. උපවාසය කිරීමේ අරමුණ... රාමසාන් කාලයේදී හිරු උදාවෙන් අනතුරුව හිරු බැස යනකම් ගත වෙන කාලය ඇතුළතදී ඉස්ලාම් බැතිමතුන් කිසිම ආහාර පානයක් නොගනී. මෙලෙස ඔවුන් ආහාර පාන නොගන්නේ, නිතර කුස ගින්නෙන් පෙළෙන දුගී දුප්පත් මිනිසුන්ගේ දුක ගැන අවබෝධයකට පැමිණ එම මිනිසුන්ට වඩ වඩාත් පිහිට වන්නට අවශ්‍ය බව වටහා ගැනීමට ය. එමෙන් ම මෙම කාලය තුළදී දුගී දුප්පත් මිනිසුන්ට පරිත්‍යාග කිරීමත් ඉස්ලාමීය බැතිමතුන් විසින් සිදු කරනු ලබයි. සුහුර් සහ ඉෆ්තාර්... අලුයම් කාලයේදී උපවාසය ආරම්භ කිරීමට පෙර ඉස්ලාම් බැතිමතුන් ගන්නා ආහාරය හඳුන්වන්නේ සුහුර් ලෙස යි. මේ ආහාරයත් සමග ම ශරීරය විජලනය වීම වළක්වා ගැනීමට ඉතා හොඳින් ජලය පානය කරයි. හිරු බැස යාමෙන් පසු උපවාසය අවසන් කරන ආහාර වේල හඳුන්වන්නේ ඉෆ්තාර් ලෙස යි. සමහරු උපවාසය බිඳීමට රටඉඳි ගෙඩි 3ක් ආහාරයට ගනිති. මුහම්මද්තුමා උපවාසය බිඳීමට රටඉඳි ගැනීම නිසා එතුමාව අනුගමනය කිරීමට සමහරු එලෙස රටඉඳි ගනිති. මෙලෙස සිදු කරගෙන යන උපවාස මාසය අවසන් වීමෙන් අනතුරුව ඊද් උත්සවය පැවැත්වේ. මෙම උත්සවයේදී ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අලුත් ඇඳුමින් සැරසී යාඥාවලට සහභාගී වී සතුටින් කාලය ගත කරති. |
2018-05-18T02:20:46.000Z | කොළඹ රථ ගාල්වල සවි කර තිබූ මීටර් මගින් ගාස්තු නොගෙවීමේදී දඩ අය කිරීම වහාම අත්හිටුවයි | කොළඹ රථ ගාල් කිරීමේ දඩ අය කිරීම වහාම අත්හිටුවයි | COLOMBO (News 1st) - කොළඹ නාගරික සීමාවෙහි රථ ගාල්වල සවි කර තිබූ මීටර් මගින් ගාස්තු නොගෙවීමේදී සිදු කළ දඩ අය කිරීම් වහාම අත්හිටුවීමට කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය නියෝග කර තිබේ. නගරාධිපතිනියගේ නිල ට්විටර් ගිණුමේ සඳහන්ව තිබුණේ, ඉදිරියේදී මහ නගර සභාවේ අනුමැතිය ලබා ගැනීමට යටත්ව මෙම නියෝගය කළ බව ය. කොළඹ නාගරික සීමාවේ ඇතැම් රථ ගාල්වල ගාස්තු අය කිරීම සඳහා ස්වයංක්‍රීය මීටර සවි කර තිබූ අතර ඒවායින් ගාස්තු නොගෙවන රථ වාහන හිමිකරුවන්ගෙන් දඩ අය කිරීමට පසුගිය දිනවල පියවර ගෙන තිබිණි. එහිදී එල්ල වූ චෝදනාව වූයේ, මෙම දඩ අය කිරීම සාධාරණව සිදු නොවන බවට ය. |
2018-05-18T01:29:34.000Z | ඇලෝසියස්ගේ ඇප ඉල්ලීම සලකා බැලීම ලබන 25ට කල් යයි | ඇලෝසියස්ගේ ඇප ඉල්ලීම සලකා බැලීම ලබන 25ට | COLOMBO (News 1st) - තමාට ඇප ලබා දෙන්නැයි ඉල්ලා පර්පෙවුචල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා විසින් ගොනු කර ඇති අභියාචනා පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන 25 වන දා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළේ ය. ඒ, එම පෙත්සම අද දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී. පද්මන් සුරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ය. එම අභියාචනය පළමුව සලකා බැලූ විනිසුරු මඩුල්ල හමුවේ ම සලකා බලන ලෙසට පෙත්සම්කරුගේ නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය පෙබරවාරි 04 වන දා අත්අඩංගුවට ගත් අර්ජුන් ඇලෝසියස් මහතාට ඇප ලබා දෙන ලෙසට ඔහුගේ නීතිඥවරුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් හා කොළඹ මහාධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි. මේ හේතුවෙන් අධිකරණ විසින් නිකුත් කළ ඇප ප්‍රතික්ෂේප කිරීමේ නියෝගය අවලංගු කර තමාට ඇප ලබා දෙන ලෙස පෙත්සම්කාර අර්ජුන් ඇලෝසියස් මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. |
2018-05-18T01:10:17.000Z | මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනුරුද්ධ පොල්ගම්පොලට ඇප | අනුරුද්ධ පොල්ගම්පොලට ඇප | COLOMBO (News 1st) - උතුරු අධිවේගී මාර්ගයේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල මහතා අද ඇප මත මුදා හැරිණි. ඒ, අද පෙරවරුවේ ඔහු කිලිනොච්චිය මහේස්ත්‍රාත් ඒ.ඒ. ආනන්ද රාජා මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. එහිදී ඔහුට රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවේ ය. විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන්නැයි දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා, ඔහු ඇප කොන්දේසි කඩ කරන්නේ නම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ද නියෝග කළේ ය. https://www.youtube.com/watch?v=3Vk5iJFSYU4 |
2018-05-18T00:05:25.000Z | මලයාසියාවේ හිටපු අගමැතිගේ නිවසින් මුදල් සහ සුඛෝපහෝගී භාණ්ඩ සහිත පෙට්ටි 284ක් සොයා ගනී | නජීබ්ගේ නිවසින් මුදල් සහ භාණ්ඩ සහිත පෙට්ටි 284ක් | (News 1st) - මලයාසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ නිවසේ තිබී අද උදෑසන මුදල් සහ සුඛෝපහෝගී භාණ්ඩ සහිත පෙට්ටි 284 ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පෙට්ටිවල මුදල්, ස්වර්ණාභරණ සහ මිල අධික අත්බෑග් ආදිය තිබූ බව පොලීසිය ප්‍රකාශ කළේ ය. පොලීසිය පැවසුවේ, මලයාසියානු සංවර්ධන අරමුදලේ ඩොලර් බිලියන ගණනක වංචා සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලට අදාළව මෙම වැටලීම සිදු කළ බව ය. මේවායේ මුළු වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත. |
2018-05-17T23:34:59.000Z | ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වෙනස් වෙයි | ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වෙනස් වෙයි | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරු සඳහා ලබන 3 වන දා නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට ඊයේ රාත්‍රියේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ ය. මේ අතර නිව්ස්ෆස්ට් වෙත අදහස් දක්වමින් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා පැවසුවේ, පක්ෂයේ ඉදිරි සංවිධාන වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් වූ බව ය. ලබන 3 වන දා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාව කැඳවා තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමට නියමිත ය. ලබන 9, 10 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දිස්ත්‍රික් සංවිධායකවරු කැඳවීමට නියමිත අතර ඉන් අනතුරුව අගෝස්තු 20 වන දා දක්වා ග්‍රාම සේවා වසම් 14400ක් ආවරණය වන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා සමිති පිහිටුවීමට සැලසුම් කර තිබේ. අගෝස්තු 20 වන දා සිට 30 වන දා දක්වා පක්ෂයේ ආසන බල මණ්ඩල පිහිටුවීමට සැලසුම් කර ඇති අතර සැප්තැම්බර් 2 වන දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශාන් විජයලාල් ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-05-17T23:16:49.000Z | ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රසාදය | ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව IMFහි ප්‍රසාදය | COLOMBO (News 1st) - ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙමින් ඛනිජ තෙල් මිල සංශෝධනය කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට ප්‍රසාදය පළ කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවට ලබා දෙන සමීපස්ථ ණය මුදලේ මීළඟ ණය වාරිකය ලබා දීම සඳහා ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳව ඇගයීම ජුනි මස පළමු වන දා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ඔවුන් තවදුරටත් සඳහන් කරන්නේ, මිල සූත්‍රය හඳුන්වා දීම ධනපති පන්තියට වඩා දුප්පත් ජනතාවට වඩාත් වාසිදායක වනු ඇති බව ය. |
2018-05-17T22:21:10.000Z | මාස 5ක් තුළ රාජ්‍ය නිලධාරීන් 18ක් අල්ලස් දැලේ | මාස 5ක් තුළ රාජ්‍ය නිලධාරීන් 18ක් අල්ලස් දැලේ | COLOMBO (News 1st) - වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ලබා ගැනීමේදී රාජ්‍ය සේවකයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ, සිද්ධීන් 16ක් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගත් බව ය. රාජ්‍ය ආයතනවල පවතින ඇතැම් චක්‍රලේඛවල සංකීර්ණ භාවය සහ විනිවිද භාවයකින් තොරවීම අල්ලස් ගැනීම් ඉහළ යාමට ඝෘජුවම බලපා ඇතැයි ද සරත් ජයමාන්න මහතා සඳහන් කළේ ය. |
2018-05-17T22:01:51.000Z | රාජකීය විවාහයට මේගන්ගේ පියා සහභාගී නොවන බවට තහවුරු කරයි | හැරී - මේගන් රාජකීය විවාහය | (News 1st) - එංගලන්තයේ හැරී කුමරු සහ මේගන් මර්කල් අතර හෙට පැවැත්වෙන විවාහ මංගලෝත්සවයට තම පියා සහභාගී නොවන බව මනාලිය තහවුරු කර තිබේ. ඇය පවසන්නේ, පියාගේ සෞඛය තත්ත්වය සලකා ඊට ඉඩ ලබා දිය හැකි බව ය. කෙසේ වෙතත් සිය මංගලෝත්සවයෙදී රාජකීය සම්ප්‍රදායට අනුව මේගන් මර්කල්ට සිය පියාණන් සමගින් වින්සර් මාළිගය වෙත ගමන් කිරීමට නොහැකි වනු ඇති. |
2018-05-17T21:43:58.000Z | CIA ප්‍රධානියා ලෙස පළමු වරට කාන්තාවක් පත් කෙරේ | CIA ප්‍රධානියා ලෙස පළමු වරට කාන්තාවක් පත් කෙරේ | (News 1st) - අමෙරිකානු CIA සංවිධානයේ ප්‍රධානියා ලෙස පළමු වරට කාන්තාවක පත් කර තිබේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, සී.අයි.ඒ. ප්‍රධානියා ලෙස ජිනා හැස්පෙල්ගේ පත්වීම අමෙරිකානු සෙනෙට් මණ්ඩලය අනුමත කර ඇති බව ය. සෙනෙට් මණ්ඩලය එය අනුමත කර ඇත්තේ, ජිනා හැස්පෙල් සැප්තැම්බර් 11 ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළ ඔත්තු සේවා භූමිකාව ද හොබවමින් සිටියදී බව සඳහන් ය. කෙසේ වෙතත් ඊට අදාළ ඡන්ද විමසීමේදී පක්ෂව ජන්ද 54ක් හිමි වූ අතර විපක්ෂව ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 45කි. ජිනා හැස්පෙල් සී.අයි.ඒ. ප්‍රධානියා ලෙස පත් කෙරුණේ, හිටපු ප්‍රධානී මයික් පොම්පියෝ අමෙරිකානු ආරක්ෂක ලේකම් තනතුරට පත් කිරීමත් සමග එම ධූරය හිස් වීම හේතුවෙනි. |
2018-05-17T21:29:31.000Z | අමෙරිකාව, උතුරු කොරියාවට අනතුරු අඟවයි | අමෙරිකාව, උතුරු කොරියාවට අනතුරු අඟවයි | (News 1st) - න්‍යෂ්ටික අවිහරණයේදී උතුරු කොරියාවට ලිබියානු ආකෘතිය අනුගමනය කිරීමට ඉඩ නොදෙන බවට අමෙරිකාව අනතුරු අඟවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ, උතුරු කොරියාවට අන්තවාදී ලිබියාවක් වීමට තමන් ඉඩ නොතබන බව ය. ජනපතිවරයා එසේ කියා සිටියේ, න්‍යෂ්ටික අවි අත්හරින ලෙස තමන්ට දැඩි බලපෑම් එල්ල කළහොත් දෙරට අතර පැවැත්වීමට නියමිත හමුවට සහභාගී නොවන බවට උතුරු කොරියාව කළ තර්ජනයට ප්‍රතිචාර දක්වමිනි. ලිබියානු නායක මුවමර් ගඩාෆී සිය න්‍යෂ්ටික වැඩසටහන් අත්හරින බවට 2003 වසරේදී එකඟ වුවත් පසුව එය කඩ කළ බව ජනපති ට්‍රම්ප් අවධාරණය කළේ ය. ඔහු කියා සිටියේ, ලිබියානු ජනපතිවරයා ගිවිසුම්ගතව වසර කිහිපයකට පසු බටහිර පිටුබලය ලබන සටන්කාමීන් ඝාතනය කළ බව ය. න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් අමෙරිකාව සහ උතුරු කොරියාව අතර ලබන 12 වන දින සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත සාකච්ඡා සම්බන්ධයෙන් අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ඉදිරිපත් කළ යෝජනා අනුව දෙරට අතර ගැටුම් උද්ගතව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේ ය. කෙසේ වෙතත් අමෙරිකානු ජනපතිවරයා කියා සිටියේ, දෙරට අතර පැවැත්වීමට නියමිත සමුළුව සම්බන්ධයෙන් තමන් තවදුරටත් බලාපොරොත්තුවෙන් පසුවන අතර එය සිදුවිය යුත්තක් බව ය. |
2018-05-17T20:11:14.000Z | ආගමන විගමන නිලධාරීන් අකුරට වැඩ | ආගමන විගමන නිලධාරීන් අකුරට වැඩ | COLOMBO (News 1st) - සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආගමන විගමන නිලධාරීහු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති. එම සංගමයේ සභාපති අරුණ කණුගල මහතා සඳහන් කළේ, ඊයේ පැවති නිහඬ විරෝධතාවට බලධාරීන්ගෙන් නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියමාර්ගයකට අවතීර්ණ වූ බව ය. තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මගීන්ට යම් අපහසුතාවක් සිදු වන්නේ නම් ඒ සඳහා පාලනාධිකාරිය වගකිව යුතු බව අරුණ කණුගල මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ අතර නිවේදනයක් නිකුත් කරන ශ්‍රීලංකන් ගුවන් සමාගම මගීන්ට දැනුම් දෙන්නේ පිටත් වීමට ඇති වේලාවට පැය 3 කට පෙර ගුවන්තොටුපොළට පැමිණෙන ලෙස ය. ආගමන විගමන නිලධාරීන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා නැවත දැනුම් දෙන තුරු මෙම පියවර අනුගමනය කරන ලෙස ශ්‍රීලංකන් ගුවන් සමාගම මගීන්ගෙන් ඉල්ලා සිටියි. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද පෙරවරු 8.00ට අවසන් වේ. ඊයේ පෙරවරු 8.00 සිට ඔවුන් සංකේත වැඩ වර්ජනයක නිරත වුණේ, සිංගප්පූරුව සමග අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුමට සහ එට්කා ගිවිසුමට විරෝධය පළ කරමිනි. මේ අතර දිගු කාලීන විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් ලංකා විදුලිබල මණ්ඩල විදුලි ඉංජිනේරුවන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 9 වන දිනටත් ක්‍රියාත්මක ය. |
2018-05-17T19:44:59.000Z | උඩවලව සහ දැදුරු ඔය තවදුරටත් වාන් දමයි | උඩවලව සහ දැදුරු ඔය තවදුරටත් වාන් දමයි | COLOMBO (News 1st) - උඩවලව සහ දැදුරු ඔය ජලාශ්‍රවල වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඒ අවට පහත් බිම්වල ජනතාව විමසිලිමත් විය යුතු බව ය. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ ඇතුළු පළාත් රැසකට අදත් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය ඊට හේතුව යි. මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර් 70ත් 80ත් දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. |
2018-05-17T06:48:28.000Z | කර්නාටක ප්‍රාන්තයේ මුල් පුටුවේ ගැටලුව විසඳෙයි | කර්නාටක ප්‍රාන්තයේ මුල් පුටුවේ ගැටලුව විසඳෙයි | දැඩි ආන්දෝලනයකට තුඩු දුන් කර්නාටක ප්‍රාන්ත මහ ඇමති ධුරය පිළිබඳ ගැටලුව අද විසඳුම් ලැබිණ. ඒ භාරතීය ජනතා පක්ෂයේ බී.එස්. යෙදුරප්පා නව මහ ඇමතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුවයි. ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්ත මැතිවරණය මැයි 12 වන දා පැවැත්විණ. ජයනගර් හා රාජරාජේෂ්වරී නගර් බලප්‍රදේශ හැරුණු කොට අනික් සියලුම බලප්‍රදේශ සඳහා පැවැත්වු මැතිවරණයෙන් , ව්‍යවස්ථාදායක සභාවේ ආසන 222 ක් සඳහා මන්ත්‍රීවරුන් තොරාගැනීම සඳහායි. ප්‍රාන්ත සභාවේ බලය පිහිටුවිමට නම් එක් පක්ෂයක් ආසන 113 ක් ලබා ගත යුතුයි. එහෙත්, 15 වන දා නිකුත් වූ අවසන් ප්‍රතිඵලයට අනූව ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමේ බලය කිසිදු පක්ෂයකට හිමි ව නොමැත. ඉන්දිය මධ්‍යම ආණ්ඩුවේ පාලන බලය හිමි භාරතීය ජනතා පක්ෂය, ආසන 104 ක් දිනා ගත්ත ද එය බහුතරය සපුරාලීමට අසමත් වීම හමුවේ හටගත්තේ නොසන්සුන්තාවකි. දෙවැනි ස්ථානය හිමි කර ගත් රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ඉන්දිය කොංග්‍රස් පක්ෂය ආසන 78 ක් දිනා ගත්තේ ය. ජනතා දාල් පක්ෂය හිමි කරගත්තේ ආසන 37 ක් පමණි. ප්‍රතිඵල නිකුත් වී මඳ වේලාවකින්, 2013 වසරේ සිට කර්ණාටක ප්‍රාන්ත මහ ඇමති පුටුව හා කර්නාටක බලය හිමි කරගෙන සිටි ඉන්දීය කොංග්‍ර‍් පක්ෂය , ජනතා දාල් පක්ෂය සමග සන්ධාන ගත වී සභාව පිහිටුවන බව ප්‍රකාශ කළේ ය. කොංග්‍රස් පක්ෂය හා ජනතා දාල් පක්ෂය පිහිටුවන සන්ධානයට බහුජන සමාජ් පක්ෂයේ එක් මන්ත්‍රිවරයෙකුගේ හා ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරයෙකුගේ සහාය පළ වීමත් සමග ආසන එකතුව 117 දක්වා ඉහළ ගියේ ය. බහුතරය සඳහා වන අවශ්‍යතාව සපුරන සන්ධානය බලය පිහිටූවීම , ජනතා කැමැත්තට පිටුපෑමක් බවට භාරතීය ජනතා පක්ෂය විරෝධය පළ කළ ද කොංග්‍රස් නායකයින් පැවසුවේ, බහුතර කැමැත්ත නොමැති තනි පක්ෂයකට වඩා බහුතරය හිමි සන්ධානයකට ජනතාව කැමැති වනු ඇති බවයි. සිය මන්ත්‍රිවරුන් මුදලට ගැනීමට භාරතීය ජනතා පක්ෂ නායකයින් අර අදින බවට ද කොංග්‍රසයෙන් චෝදනා එල්ල විය. ව්‍යවස්ථාදායක සභාවේ බලය පිහිටුවීමේ ගැටලුව ශ්‍රේෂ්ඨාධිකාවරණය දක්වා ගිය අතර අද අලුයම විශේෂ අවසරයක් මත විවෘත කළ ශ්‍රේෂඨාධිකරණයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාගයට ගැණුනු බව ඉන්දිය මාධ්‍ය වාර්තාවල සඳහන් ය. කොංග්‍රස් පක්ෂය විසින් සිය ජංගම දුරකථන සංවාදවලට රහසේ සවන් දෙන බවට සාක්ෂි ඇති බව පවසමින් බී.ජේ.පී.ය ගොනු කළ පෙත්සම් පැය 3 මහාරක් පුරා විභාගයට ගත් පසු, භාරතීය පක්ෂයට බලය පිහිටුවීමට අවසර ලබා දීමට කර්නාටක ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා අවසර ලබා දී තිබිණ. ඒ අනූව නව කර්නාටක ප්‍රාන්ත මහඇමති ධුරය බී.එස්. යෙදුරප්පාට හිමිවේ. එහෙත් ,ආණ්ඩුකාරවරයාගේ නියෝගයට අනුව ඔහු දින 15 ක් තුළ බහුතරය ඔප්පු කර පෙන්විය යුතුයි. මේ වන විටත් එක් ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරයෙකු යෙදුරප්පාට සහය පළ කර ඇති අතර තවත් ආසන 7 ක් පිරවීමට ඔහුට සිදුවේ. කෙසේ වෙතත්, යෙදුරප්පාට මුල් පුටුව ලබා දීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන කොංග්‍රස් පක්ෂයේ හා ජනතා දාල් පක්ෂයේ මුහුණු කිහිපයක් තව දින කිහිපයකින් යෙදුරප්පාගේම කඳවුරේ දකින්නට ලැබේවි යැයි විචාරකයෝ මත පළ කරති. |
2018-05-17T05:08:37.000Z | ඇවන්ට්ගාඩ් ගබඩා භාරකරු සහ මෙහෙයුම් කළමනාකරු යළි රිමාන්ඩ් | ඇවන්ට්ගාඩ් ගබඩා භාරකරු යළි රිමාන්ඩ් | COLOMBO (News 1st) : ඇවන්ට්ගාඩ් නෞකාවේ නීති විරෝධී ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අවි ගබඩාවේ භාරකරු සහ මෙහෙයුම් කළමනාකරු ලබන 31 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. නිශාන්ත පීරිස් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ නැව අත්අඩංගුවට ගෙන වසර තුනක කාලයක් ගතව ඇතත් ගිනිඅවි සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ලිපිය ද, ගිනි අවි බලපත්‍රය ද, අනෙකුත් ලිපි ලේඛන ද තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් විමර්ශන අවසන් කර නොමැති බවයි. ගාලු වරායෙන් ගිනි අවි පිට කරන විට ඒ සම්බන්ධයෙන් රේගුව ද , නාවික හමුදාව ද දැනුවත් කරන බව නීතිඥවරයා කියා සිටියේ ය. ඔහු පැවසුවේ, එසේ තිබියදී සැකකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තැබීම මොවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් බවයි. විමර්ශනවලදී සොයා ගන්නා ලද සියලු කරුණු නීතිපතිවරයාට යොමු කරනු ලබන අතර නීතිපතිවරයාගේ උපදෙස් මත ඉදිරි කටයුතු සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයේදී කියා සිටියේ ය. |
2018-05-17T04:26:56.000Z | කාලගුණය අයහපත් : ජනතාවට සැලකිලිමත් වන්නැයි, උපදෙස් | කාලගුණය අයහපත් : ජනතාවට සැලකිලිමත් වන්නැයි, උපදෙස් | COLOMBO (News1st) : බස්නාහිර, දකුණ සහ නැගෙනහිර මුහුදේ සුළං වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව කොළඹ සිට ගාල්ල සහ පොතුවිල් හරහා මඩකළපුව දක්වා වෙරළ ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකියි. ඒ පිළිබඳ විමසිලිමත් වන්නැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි. ශ්‍රී ලංකාව ආසන්නේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය ඊට හේතු වී තිබෙන අතරදිවයිනට බස්නාහිර, දකුණ සහ නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය වර්ධනය වී ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර අත්තනගලු ඔයේ ජල මට්ටම දූනමලේ ප්‍රදේශයෙන් ඉහළ යමින් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් ජා ඇල, මිනුවන්ගොඩ, ගම්පහ සහ වත්තල ප්‍රදේශවල ජනතාව විමසිලිමත් විය යුතු බවයි. මේ අතර දැදුරු ඔයේ වාන් දොරටු 6 ක්, උඩවලව ජලාශයේ වාන් දොරටු 5 ක් සහ කලා වැවේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ. මේ හේතුවෙන් පහත් බිම්වල ජනතාව විමසිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි. https://www.youtube.com/watch?v=FheWe-JJbP4 |
2018-05-17T03:33:50.000Z | ආගමන විගමන නිලධාරීන් අද මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ | ආගමන විගමන නිලධාරීන් අද රාත්‍රියේ සිට අකුරට වැඩ | COLOMBO (News 1st) - සේවා ව්‍යවස්ථාව අනුමත නොකිරීමට විරෝධය පළ කරමින් ආගමන විගමන නිලධාරීන් අද මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට සූදානම් වේ. එම සංගමයේ සභාපති අරුණ කණුගල මහතා සඳහන් කළේ, කටුනායක ගුවන්තොටුපොළ ඉදිරිපිට සේවකයින් පිරිසක් මේ වනවිට කලුපටි පැළඳ විරෝධතාවක ද නිරත වන බවයි. ඊට අමතරව තව ත් පිරිසක් කලුපටි පැළඳ සේවයේ නිරත වන බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර නිවේදනයක් නිකුත් කරන ශ්‍රීලංකන් ගුවන් සමාගම මගීන්ට දැනුම් දෙන්නේ, පිටත්වීමට ඇති වේලාවට පැය 3 කට පෙර ගුවන්තොටුපොළට පැමිණෙන ලෙසයි. ආගමන විගමන නිලධාරීන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා නැවත දැනුම් දෙන තුරු මෙම පියවර අනුගමනය කරන ලෙස ශ්‍රීලංකන් ගුවන් සමාගම මගීන්ගෙන් ඉල්ලා සිටි. |
2018-05-17T02:26:27.000Z | නව බස් ගාස්තුවට ජනතාවගේ දැඩි අප්‍රසාදය | නව බස් ගාස්තුවට ජනතාවගේ දැඩි අප්‍රසාදය | COLOMBO (News 1st) - බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් ජනතාව සිය අප්‍රසාදය පළ කර තිබේ. ඔවුන් සඳහන් කරන්නේ, තමන් දැඩි පීඩාවට පත්වන බවයි. මේ අතර බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ලබන අඟහරුවාදා (22) කැබිනට් මණ්ඩලයට යොමුකර අනුමැතිය ලබාගන්නා බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. ඊයේ පස්වරුවේ ප්‍රවාහන බලධාරීන් හා පෞද්ගලික බස් සංගම් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇත්තේ, 12.5% කිනි. මේ අනූව අවම බස් ගාස්තුව රුපියල් 12 ක් වනු ඇති. පළමුව, බස් ගාස්තුව 6.56 % කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ අතර බස් සංගම් ඊට විරෝධය පළ කිරීමත් සමග බස් ගාස්තුව මෙලෙස යළි ඉහළ දැමුණි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය 10% ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටියදී, සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සම්මේලනය 20% ක් දක්වා ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටියේ ය. |
2018-05-17T00:18:58.000Z | ආසියානු කරාතේ ශූරතාවලියේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට | ආසියානු පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට | COLOMBO (News 1st) - 17 වැනි ආසියානු කරාතේ ශූරතාවලියේදී පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම යළි දිවයිනට පැමිණියේ ය. ආසියානු කාන්තා කරාතේ ශූරතාවලියකදී ශ්‍රී ලංකාව පදක්කම් දෙකක් දිනූ පළමු අවස්ථාව මෙය වනු ඇති. 17 වැනි ආසියානු ශූරතාවලිය ජපානයේදී පැවැත් විය. මෙය ක්‍රියාත්මක වූයේ, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා තේරීම් තරගාවලියක් ලෙසිනි. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ද කණ්ඩායමක් එක් වූ අතර ඔවුන් ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත්හ. තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම් දෙකක් දිනූ පළමු අවස්ථාව මෙන්ම මෙරට ලැබූ ඉහළම ජයග්‍රහණය ද එයයි. වයස අවුරුදු 14 - 17 කණ්ඩායම් ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට හිමිව තිබේ. අනෙක් ලෝකඩ පදක්කම දිනා ගත්තේ, කණිෂ්ඨ කේවල අංශයෙන් තරග කළ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ වින්ස් ආශින්කායි. ඒ අනුව අදාළ පදක්කම් දිනු ක්‍රීඩිකාවන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා අවශ්‍ය මූලික පරිසාධන මට්ටම සපුරා ඇත. |
2018-05-16T23:40:53.000Z | වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, උපසභාපති ඇතුලු 10 දෙනෙකු අත්අඩංගුවට | වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට | COLOMBO (News 1st) - වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, උපසභාපති ඇතුලු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පසුගිය 11 වන දා වැලිගම පොල්අතු මෝදර පාලම විවෘත කිරීමේදී පොලීසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි. ඊයේ රාත්‍රියේ නීතිඥයෙකු මාර්ගයෙන් පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගැනිණි. සැකකරුවන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ. |
2018-05-16T22:27:53.000Z | නොරොච්චෝලේ ගැටලුව පිළිබඳ වාර්තාව අද මධ්‍යම පරිසර අධිකාරියට | නොරොච්චෝලේ වාර්තාව අද මධ්‍යම පරිසර අධිකාරියට | COLOMBO (News 1st) - නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් දුම් සමග පිටවන අපද්‍රව්‍ය සම්බන්ධයෙන් වන වාර්තාව අද පස්වරුවේ ලැබීමට නියමිත බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා සඳහන් කළේ, ගල් අඟුරු බලාගාර භූමියේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ නිරීක්ෂණය කළ විශේෂ කණ්ඩායමක් වාර්තාව සකස් කර ඇති බවයි. නොරොච්චෝලේ බලාගාරයෙන් අලු සහිත දුමාරයක් නිකුත්වීමත් සමග මතුවී ඇති පාරිසරික අර්බුදය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් මෙන්ම පරිසර සංවිධාන පසුගිය කාලයේ අවස්ථා රැසකදී කරුණු ඉදිරිපත් කළේ ය. ඒ පිළිබඳ සොයා බැලීමට මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කෙරුණේ ඉන් අනතුරුවයි. ඔවුන් සකස් කළ වාර්තාවට, සියලු අංශ ආවරණය වන ආකාරයෙන් ලබාගත් තොරතුරු ඇතුළත් වේ. වාර්තාවේ නිර්දේශ පදනම් කරගනිමින් නොරොච්චෝලේ බලාගාරය සම්බන්ධයෙන්ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කර බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා සඳහන් කළේ ය. |
2018-05-16T21:46:45.000Z | කර්ණාටක මහ ඇමති පුටුව පිළිබඳ තීරණයක් ගැනීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අලුයම 1.00 විවෘත කරයි | කර්ණාටක මහ ඇමති පුටුව පිළිබඳ තීන්දුව | COLOMBO (News 1st) - ඉන්දීය කර්ණාටක රජය පිහිටුවන ලෙස ප්‍රාන්ත ආණ්ඩුකාර වජුභායි වාලා, භාරතීය ජනතා පක්ෂයට ආරාධනා කිරීමත් සමග ප්‍රාන්ත දේශපාලන පක්ෂ අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් උද්ගත විය. ඒ, ප්‍රාන්ත මැතිවරණයෙන් තනි පක්ෂයක් ලෙස වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වුවත්, ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන 113 ක බහුතරය, භාරතීය ජනතා පක්ෂය සතු නොවීම හේතුවෙනි. ජනතා දාල් පක්ෂය සමග සන්ධානගත වූ කොංග්‍රස් පක්ෂය පැවසූවේ, ආසන 116 ක බහුතරයක් සහිත තමන්ට ප්‍රාන්ත රජය පිහිටුවීමට අවස්ථාව ලබා නොදීමෙන් ආණ්ඩුකාරවරයා ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාකර ඇති බවයි. භාරතීය ජනතා පක්ෂයෙන් ප්‍රධාන අමාත්‍ය ධූරයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු වන බී.ඒස් යෙද්යුරප්පාට අද පෙරවරු 9.00 ට කර්ණාටක ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට පැමිණෙන්නැයි ආණ්ඩුකාරවරයා ඊයේ දැනුම්දීමක් කර තිබුණි. ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා කියා සිටියේ, ප්‍රාන්ත රජයේ බහුතර බලය තමන් සතු බව පෙන්වීමට භාරතීය ජනතා පක්ෂයට දින 15 ක කාලයක් ලබාදෙන බවය. කෙසේ වතත් මෙය නීති විරෝධි ක්‍රියාවක් බව පැවසූ කොංග්‍රස් පක්ෂය මීට එරෙහිව ඊයේ මධ්‍යම රාත්‍රියේ ගොනු කළ පෙත්සමක් හේතුවෙන් අද අලුයම 1.00 ට පමණ ශ්‍රේෂ්ඨාධිකරණය විවෘත කිරීමට ඉන්දීය අගවිනිසුරු දීපක් මිශ්‍රා එකඟ විය. ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඔස්සේ එම පෙත්සම විභාගයට ගැනීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ, ආණ්ඩුකාරවරයාගේ තීරණයට ඒරෙහිව යාමට නොහැකි බැවින්, භාරතීය ජනතා පක්ෂ අපේක්ෂක බී.එස්. යෙද්යුරප්පාගේ දිව්රුම්දීම වැලැක්වීමට තමන්ට නොහැකි බවයි. කෙසේ වෙතත් තමන් කොංග්‍රස් පක්ෂයේ ඉල්ලීම ඉවත නොදමන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේ ය. භාරතීය ජනතා පක්ෂය පැවසූවේ, වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් බැවින් බහුතර නොමැති වුවත් ප්‍රාන්ත ආණ්ඩුව පිහිටුවීමට තමන්ට අවසර දියු යුතු බවයි. කෙසේ වෙතත් ඉකුත් වසරේදී ෙගා්අා සහ මනිපූර් ප්‍රාන්ත මැතිවරණයෙන් තම පක්ෂය වැඩි ආසන සංඛ්‍යාවක් හිමිකරගත් තද බහුතරය නොමැති වීමෙන්, වෙනත් පක්ෂ සමග සන්ධානගත වූ භාරතීය ජනතා පක්ෂය ඒම ප්‍රාන්තවල ආණ්ඩු පිහිටුවීම හමුවේ, තමන්ට ද මෙවර ඒම අවස්ථාව හිමිවිය යුතු බව ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය කොංග්‍රස් පක්ෂය ප්‍රකාශ කළේ ය. |
2018-05-16T20:38:28.000Z | ප්‍රදේශ රැසකට තද වැසි: උඩවලවේ සහ කලා වැවේ වාන් දොරටු විවෘත කෙරේ | උඩවලවේ සහ කලා වැවේ වාන් දොරටු විවෘත කෙරේ | COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, දකුණු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර 70 - 80 ත් දක්වා ඉහළ යා හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා සඳහන් කළේ ය. පවතින වර්ෂාවත් සමග උඩවලව ජලාශයේ වාන් දොරටු 5 ක් සහ කලාවැවේ වාන් දොරටු 2 ක් විවෘත කර ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඒ ආශ්‍රිත පහත්බිම්වල ජනතාව විමසිලිමත් විය යුතු බවයි. |
2018-05-16T19:56:33.000Z | ගලේවෙල පොලීසිය වැටලු සිගරට් ජාවාරම | ගලේවෙල පොලීසිය වැටලු සිගරට් ජාවාරම | COLOMBO (News 1st) - නීති විරෝධී දුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගලේවෙලදී පොලිස් අත්අඩංගුවට ගැනීමත් සමග සිගරට් ජාවාරමක තොරතුරු අනාවරණයවී තිබේ. මෙරටට නීති විරෝධී ලෙස රැගෙන විත් බෙදා හරිමින් සිටි රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා සිගරට් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු ගලේවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ගලේවෙල පොලීසියට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා දඹුල්ල - කුරුණෑගල මාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් නවතා පරීක්ෂා කර ඇත. එහිදී වැන් රථය තුළ සූක්ෂමව අසුරා තිබී මෙම සිගරට් තොගය සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුන් නිට්ටඹුව, කළගෙඩිහේන සිට මෙලෙස දිවයින පුරා සිගරට් බෙදා හැරීමේ ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව අනාවරණ වී තිබේ. සැකකරුවන් දෙදෙනා වෑන් රථය සහ සිගරට් තොගය අද දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ. |
2018-05-16T19:39:38.000Z | ආනයනික සීනි සඳහා වන බද්ද ඉහළ දමන්නැයි ඉල්ලීම් | ආනයනික සීනි සඳහා වන බද්ද ඉහළ යයි ද? | COLOMBO (News 1st) - ආනයනික සීනි මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වැඩි කරන්නැයි සීනි ආනයනකරුවන් ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ. ජීවන වියදම් කමිටුවේ සාමාජිකයෙකු සඳහන් කළේ, එම යෝජනාව කමිටුව ප්‍රතික්ෂේප කළ බවයි. දැනට ආනයනික සීනි කිලෝග්‍රෑමයක් සඳහා අයකරන බද්ද රුපියල් 31 කි. පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට ලෝක වෙළෙඳපොළේ සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් පහළ ගොස් ඇත. ඒ සමගම ආනයනකරුවන් තොග විශාල ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගබඩා කර ඇති බවට ද තොරතුරු වාර්තා වේ. |
2018-05-16T18:53:30.000Z | රජයේ වෛද්‍යවරුන් අද සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක | වෛද්‍යවරුන් අද සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක | COLOMBO (News 1st) - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8.00 සිට දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වනු ඇත. ඒ, සිංගප්පුරුව සමග අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුමට සහ එට්කා ගිවිසුමට විරෝධය පළ කරමිනි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ, සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කළ ද හදිසි ප්‍රතිකාර සේවා පවත්වා ගෙන යන බවයි. |
2018-05-16T10:41:22.000Z | සිංගප්පූරු ගිවිසුමේ ඇතුළාන්තය.. | සිංගප්පූරු ගිවිසුමේ ඇතුළාන්තය.. | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සිංගප්පුරු සමග අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුමට විරෝධයක පළ කරමින් හෙට දිනයේ සංකේත වර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ, අපේ රටේ ආර්ථික ස්වාධීනත්වය සදාකාලික ලෙස සෘජු ලෙස සිංගප්පූරුවටත් අනියම් ලෙස වෙනත් විදේශික ජාතිකයන්ටත් පවරාදීම මේ ගිවිසුම හරහා මලික් සමරවික්‍රම ඇමතිතුමායි එතුමාගේ උපදේශක නඩයයි බොහොම නිර්ලජ්ජිත විදිහට කටයුතු කරලා තියෙනවා රටම රවට්ටලාමේ සිංගප්පූරුව ගැන කතාව. එතනින් නතර වෙලා නෑ මේ කණ්ඩායම. දැන් මේක අත්සන් කරලා රට තුල බරපතළ විරෝධයක් පලවෙලා තියෙද්දි මේ තියෙන තත්ත්වය යටතේ තමයි මේ පාඩම් සේරම පැත්තකින් තියලා එට්කා ගිවිසුම අවසන් කිරීම සඳහා දින වකවානු නියම කරන්නෙ. නැවතත් කවුද මලික් සමරවික්‍රම මහත්තයයි, චාන්දනී විජේවර්ධන මහත්මියයි, මේ උපදේශක නඩයයි. මේ සියලු කරුණු සලකලා බැලුවහම අපිට පේනවා අපිට තවදුරටත් ඇස් කන් පියාගෙන මේ දිහා බලාගෙන ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. මේ තියෙන තත්ත්වයන් යටතේ මේ වෙනකොට තීන්දු තීරණය කරලා තියෙනවා අපි මුලින් ප්‍රකාශයට පත් කරපු විදිහටම. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කරනු ලබන දීප ව්‍යාප්ත එක් දින වැඩවර්ජන ක්‍රියාමාර්ගය හෙට උදේ අටේ සිට ආරම්භ වෙනවා. ඉතාම පැහැදිලිව මේ මොහොතෙත් අපි බලාගෙන ඉන්නවා අතිගරු ජනාධිපතිතුමා විදිහට එතුමාගෙන් මොනවගේ ප්‍රතිචාරද එන්නෙ කියලා. ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමකින් තොරව මේ ගිවිසුම බලාත්මක නොකරන බවට පැහැදිලි ප්‍රතිඥාවක් එතුමාගෙන් ඉදිරිපත් වෙයි කියන කාරනේ සම්බන්ධයෙන් අපි බොහොම විමසිල්ලෙන් ඉන්නවා සිංගප්පුරුව සමග ශ්‍රී ලංකාව අත්සන් කොට ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සැක සහිත කරුණු දිගින් දිගටම මතු වෙමින් පවති. 2018 ජනවාරි 8 වන දා ජනධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන සංදේශයක දැක්වෙන්නේ 2017 වසරේ ජුලි මාසයේදී කැබිනට් මණ්ඩලය එකඟ වූ ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය අනුව සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම සකස් විය යුතු බවයි. 2018 ජනවාරි 08 වැනි දින දරන ජනාධිපතිවරයාගේ ලිපියට මසකට පසුව එනම් පෙබරවාරි 04 වන දා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සුජීව සමරවීර මහතා පුවත්පතකට ප්‍රකාශ කර තිබුනේ, ශ්‍රී ලංකාව ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සඳහා ඉතා ඉක්මනින් කටයුතු කළ යුතු බවයි. නමුත් 2017 ජුලි මාසය සඳහා වූ කැබිනට් තීරණ දැනුම්දීමේ නිවේදන පරීක්ෂා කරන විට පෙනී යන්නේ එවන් තීරණයක් කැබිනට් මණ්ඩලය විසින් ගෙන නැති බවයි. |
2018-05-16T09:33:40.000Z | හෙට බස් වර්ජනයක් නැහැ... | හෙට බස් වර්ජනයක් නැහැ... | COLOMBO (News 1st) - බස් ගාස්තුව 12.5 % කින් වැඩි කිරීමට අද පැවති සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණ තිබේ. ඒ අනුව අවම ගාස්තුව ද රුපියල් 12 ක් දක්වා වැඩි වනු ඇති. 6.56 % ක බස් ගාස්තු වැඩිවීමකට ලබාදුන් අනුමැතියට බස් සංගම් විරෝධය පළ කළ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කරන බවට ද අනතුරු ඇගවීම් කළේ ය. පිරිසක් 10 % ක වැඩිවීමක් ඉල්ලා සිටි අතර තව ත් පිරිසක් කියා සිටියේ, 15 % ක වැඩිවීමක් අවශ්‍ය බවයි. කෙසේ වෙතත් අද උදෑසන සිට සාකච්ඡා වට ගණනාවක් පැවති අතර පස්වරුවේ ජාතික ගමනාගමන කොමිසමේදී පාර්ශව ගණනාවක් යළි හමු විය. |
2018-05-16T07:03:56.000Z | මවක් සහ දියණියක් බිහිරි සොරොව්වට බිලි | මවක් සහ දියණියක් බිහිරි සොරොව්වට බිලි | COLOMBO (News 1st) - දෙහිඅත්තකණ්ඩිය, බිහිරි සොරොව්වේ දිය නෑමට ගිය මවක සහ දියණියක දියේ ගිලී මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ දිය නෑමට ගිය අවස්ථාවේ ඔවුන් දියේ ගිලී මියගොස් ඇති බවයි. මියගොස් ඇත්තේ අවුරුදු 4 ක් වයසැති ගැහැණු දරුවෙක් සහ 30 හැවිරිදි ඇගේ මව බව පොලීසිය සඳහන් කළේ ය. මේ වනවිට ඔවුන්ගේ මළ සිරුරු දෙහිඅත්තකණ්ඩිය රෝහලට රැගෙන ගොස් ඇත. |
2018-05-16T07:15:55.000Z | මහ පොළොවෙන් රජ පවුලට එන කවු ද මේ මේගන්...? | මහ පොළොවෙන් රජ පවුලට එන කවු ද මේ මේගන්...? | මේගන් මර්කල් යනු මේ දිනවල මුළු ලෝකයේ ම අවධානයට ලක්ව සිටින බොහෝ දෙනෙකුගේ කතාබහ කරන කාන්තා චරිතයයි. ළඟදී ම බිතාන්‍ය රජ පවුලේ අලුත් ම සාමාජිකාව වීමට සැරසෙන මේගන් නිසා මේ දිනවල රජ පවුල පිළිබඳව ද බෙහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. ඩයනා - චාර්ල්ස් යුවළගේ කනිටු පුතණුවන් වන හැරී කුමරු මේගන් කුමරිය රජ ගෙට ගෙනෙන ආවාහ උත්සවය ලබන 19 වන දා වින්ඩ්සර් මාළිගයේදී පැවැත්වීමට මේ වනවිට ලිහි ලහියේ කටයුතු සූදානම් වෙමින් පවතී. කවු ද මේ මේගන්....? නුදුරේදී ම රජ කුමරියක වීමට සැරසෙන මේගන් 1981 වසරේ අගෝස්තු 4 වන දා ලොස් ඇන්ජලීස් නුවරදී සුදු ජාතික පියෙකුට දාව කළු ජාතික මවකගේ කුසින් මෙලොව එළිය දුටුවා ය. සමාජ සේවිකාවක මෙන් ම යෝගා උපදේශිකාවක වන ඩොරියා ලොයිස් රග්ලන්ඩ් ඇයගේ මව වන අතර චිත්‍රපට අලෝකකරණ අධ්‍යක්ෂවරයෙකු වන තෝමස් මර්කල් ඇයගේ පියාණන් ය. තෝමස් මර්කල් - ඩොරියා ලොයිස් යුවළ සිය විවාහ දිවියට තිත තබන්නේ, මේගන්‍ට අවුරුදු 6 සම්පූරණ වනවාත් සමගයි. මූලික අධ්‍යාපනයෙන් පසු නෝර්ත් වෙස්ටර්න් විශ්වවිද්‍යාලයට ඇතුළු වන මේගන් 2003 වසරේදී සිනමාව පිළිබඳව මෙන් ම ජාත්‍යන්තර අධ්‍යනය පිළිබඳව ද උපාධිධාරිිනියක ලෙස සරසවි අධ්‍යාපනය අවසන් කළා ය. පසුව රංගනයට පිවිසි ඇය අමෙරිකානු ටෙලි නාට්‍ය කිහිපයකට ම රංගනයෙන් දායකත්වය සැපයූ අතර ඇය 'Remember Me' , 'Horrible Bosses' ඇතුළු හොලිවුඩ් චිත්‍රපට කිහිපයකට ද රංගනයෙන් දායකත්වය සපයා ඇත. මේගන් 2004 වසරේදී හොලිවුඩ් නළු ට්රෙවර් එංගල්සන් සමග ප්‍රේම සම්බන්ධතාවක් ගොඩ නගා ගත් අතර 2011 සැප්තැම්බර් 10 වන දා ඔහු සමග විවාහ දිවියට එළැඹුණා ය. කෙසේ වෙතත් ඔවුන්ගේ විවාහ දිවිය අවුරුදු කිහිපයකට පමණක් සීමා වූ අතර 2013 අගෝස්තු මසයේදී ඔවුන් දෙදෙනාගේ විවාහය දික්කසාදයකින් කෙළවර විය. රජකමට උරුම කම් කියන 6 වැන්නා වන හැරි තමාට වඩා වසර කිහිපයක් වයසින් වැඩිමල් මේගන් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්නේ 2016 වසරේදීයි. ඒ ඔවුන් දෙදෙනාගේ මිතුරෙකු මාර්ගයෙන් සිදුවූ හමුවකදී ය. 2016 වසරේ සිට මොවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධතාව පිළිබඳ මාධ්‍ය වාර්තා පළ වූ අතර 2017 සැප්තැම්බර් මාසයේදී තමා හැරි කුමරු සමග ප්‍රේම සබඳතාවක් පවත්වන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා ය. සිය සමාජ ජාල වෙබ් අඩවිවල සිටි සියලු පිරිසට ස්තුතිය පළ කරමින් 2018 ජනවාරි මාසයේ ඇය සිය සාමජ ජාල ගිණුම් සියල්ලම අත්හිටවූවා ය. රාජකීය මංගල්‍යයට සියල්ල සූදානම්.... 2017 වසරේ නොවැම්බර් 27 වන දා හැරි - මේගන් විවාහ ගිවිස ගැනීම සිදු වූ අතර විවාහ ගිවිස ගැනීමෙන් පසු ඇය ප්‍රකාශ කළේ, තමා සිනමාවෙන් සමු ගන්නා බව ය. විවාහ ගිවිස ගැනීමෙන් පසු මේගන් කිහිප වරක් එළිසබත් මහ රැජිණ හමු වූ අතර මාර්තු 12 වන දා පසුගිය දා මහ රැජිණ හැරි - මේගන් විවාහයට අවසර ලබා දුන්නා ය. යම් හෙයකින් මහ විවාහ උත්සවයට මහ රැජිණගේ නිල අවසරය හිමි නොවුණ හොත් ඔවුන්ගේ දරුවන් රජකමට සුදුසුකම් නොකියනු ඇති. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, හෙට දිනයේ සිදු කරන හෘද සැත්කමක් හේතුවෙන් මේගන්ගේ පියා සිය දියණියගේ විවාහ උත්සවයට සහභාගී නොවන බවයි. ලබන 19 වන දා පැවැත්වෙන හැරි - මේගන් විවාහ උත්සවයෙන් පසු මේගන් මර්කල් සසෙක්ස්හි ආදිපාදවරිය ලෙස හැඳින්වෙනු ඇති. මිශ්‍ර ජාතික කාන්තාවක ලෙසින් අමෙරිකාවේ සාමන්‍ය පවුලක උපත ලබා තව නොබෝ දිනකින් රජ කුමරියක වීමට ඇඟිලි ගණින මෙම රාජකීය මංගල්‍යය මර්කල්ගේ ජීවිතයේ දෛවෝපගත සිදුවීමකි. |
2018-05-16T06:05:43.000Z | ඉන්දියාවේ ගුවන් පාලමක් කඩාවැටීමෙන් 18 ක් මරුට | ඉන්දියාවේ ගුවන් පාලමක් කඩාවැටීමෙන් 18 ක් මරුට | COLOMBO (News 1st) - ඉන්දියාවේ, වාරනාසි නගරයේ ගුවන් පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇත. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ ප්‍රාන්තයේ වාරනාසි නගරයේ පිහිටා ඇති මෙම ගුවන් පාලම කඩා වැටීමෙන් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බවයි. ඉදිකෙරෙමින් පැවති ගුවන් පාලමක කොටසක් මෙලෙස කඩා වැටී ඇති අතර අනතුරින් මියගිය පුද්ගලයින්ගේ සිරුරු සොයාගෙන තිබේ. අනතුරින් ගුවන් පාලම ආසන්නයේ තිබු රථ වාහන රැසක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. |
2018-05-16T05:37:07.000Z | රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට සිට වර්ජනයක | රජයේ වෛද්‍ය නිලධාරීන් හෙට සිට වර්ජනයක | COLOMBO (News 1st) - හෙට පෙරවරු 8.00 සිට සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ, සිංගප්පුරුව සමග අත්සන් කළ වෙළෙඳ ගිවිසුමට සහ එක්ටා ගිවිසුමට විරෝධය පළ කරමිනි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ, සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කළ ද හදිසි ප්‍රතිකාර සේවා පවත්වා ගෙන යන බවයි. |
2018-05-16T05:07:34.000Z | දකුණේ දරුවන් 5ට ජීවිත අහිමි වෙයි : ඔබේ දරුවාගේ සෞඛ්‍ය ගැන ත් අවධානෙන් පසුවන්න | ඔබේ දරුවාගේ සෞඛ්‍ය ගැන ත් අවධානෙන් පසුවන්න! | COLOMBO (News 1st) - දකුණු පළාතේ මේ දිනවල පැතිර යන වෛරසයක් හේතුවෙන් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව සෞඛ්‍ය අංශ පවසයි. කුඩා දරුවන් අතරේ මෙම වෛරසය පැතිර යාම බහුලවී ඇති හෙයින් පසුගිය මාසය තුළ පමණක් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 5 කි. ගාල්ල, මාතර, හම්බන්තොට ප්‍රදේශවලින් ගාල්ල කරාපිටිය රෝහල වෙත මේ දිනවල බහුල වශයෙන් උණ වැළදුණු රෝගීන් පැමිණෙති. අවුරුදු 2, 3 හා ඉපදී මාස 6 ට අඩු දරුවන් මෙම රෝගීන් අතර සිටින බව වෛද්‍යවරුන් සඳහන් කළහ. තද උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව මෙම රෝගයේ ලක්ෂණ ලෙස මේ වන විට හඳුනාගෙන තිබේ. මාතර, අකුරැස්ස හොරොගඩ ප්‍රදේශයේ මාස 6 ක් වයසැති දරුවෙක් පසුගිය 10 වන දා මියගොස් තිබුණේ, උණ වැලදී රෝහල්ගත කිරීමෙන් පසුවයි. පසුගිය මස 25 වන දා ගාල්ල කරාපිටිය රෝහලට දරුවා ඇතුළත් කර ඇති අතර සතියකට පසු කොළඹ ළමා රෝහල වෙත මාරු කර එවා ඇත. දරුවාගේ මරණ පරීක්ෂණ සහතිකයේ සඳහන් වන්නේ, නියුමෝනියා තත්ත්වයක් ඇතිවීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි. මේ අතර වැලිගම, ගල්බොක්ක ප්‍රදේශයේ මාස 9 ක් වයසැති දරුවෙකු ද පසුගියා සෙනසුරාදා මිය ගියේ ය. දරුවා පසුගිය මස 23 වැන දා මාතර මහරෝහලට ඇතුළත් කර පසුව ගාල්ල කරාපිටිය රෝහලට මාරු කර එවා තිබේ. මෙම මරණය ද නියුමෝනියා තත්ත්වයක් නිසා සිදුවී ඇතැයි මරණ පරීක්ෂණ සහතිකයේ සඳහන් වේ. දකුණු පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය සඳහන් කළේ, උණ රෝගය වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති ප්‍රදේශ හඳුනා ගැනීම සඳහා සෑම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයකම කාර්ය මණ්ඩල දැනුම්වත් කර ඇති බවයි. මේ අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ සිදු වූ මරණ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එහි අධ්‍යක්ෂ අනිල් දිසානායක මහතා ප්‍රකාශ කළේ, වෛද්‍ය පර්යේෂණ ආයාතනය හා කරාපිටිය රෝහලේ ක්ෂුද්‍ර විද්‍යාව පිළිබඳ විශේෂඥයින්ගේ සහභාගිත්වයෙන් මෙම පරීක්ෂණය පැවැත්වෙන බව ය. |
2018-05-16T01:11:55.000Z | ජල ගාස්තුත් වැඩි වන ලකුණු.... | ජල ගාස්තුත් වැඩි වන ලකුණු.... | COLOMBO (News 1st) - ජල ගාස්තු වැඩි කිරීමේ යෝජනාව මේ සතියේ රැස්වන ජීවන වියදම් කමිටුවට ඉදිරිපත් කරන බව ජල සම්පාදන හා නගර සැලසුම් අමාත්‍යංශය පවසයි. එහි ලේකම් වසන්න හපුආරච්චි මහතා සඳහන් කළේ, ජල සම්පාදන මණ්ඩලයේ නිර්දේශ මත එම යෝජනාව ඉදිරිපත් කරන බව ය. 2012 වසරෙන් පසුව ජල ගාස්තු සංශෝධනයක් සිදුව නොමැති බව පෙන්වා දුන් ලේකම්වරයා ජලය පිරිසිදු කර බෙදා හැරීමට අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය මිල ගණන් ද ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන්නේ ය. මීට අමතරව විදුලිබිල හා ඉන්ධන මිල ගණන් ද අදාළ කාලය තුළ ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේ ය. ඒ අනුව අද ජීවන වියදම් කමිටුවට ඉදිරිපත් කරන යෝජනාවට ලැබෙන අනුමැතිය අනුව ජල ගාස්තු වැඩි කිරීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ඇති. මේ අතර ජල සම්පාදන මණ්ඩල වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ, ජල ගාස්තු ඉහළ නොදැමීම හේතුවෙන් මණ්ඩලය උග්‍ර මූල්‍ය අර්බුදයකට පත්ව ඇති බව ය. |
2018-05-16T00:56:17.000Z | ගිනිඅවියක් හා හෙරොයින් සමග 6ක් අත්අඩංගුවට | ගිනිඅවියක් හා හෙරොයින් සමග 6ක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - ගිනිඅවියක් හා හෙරොයින් සමග සැකකරුවන් 06 දෙනෙකු පෑලියගොඩ පොලිස් ස්ථානයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, කිසියම් පිරිසක් තමන්ට වෙඩි තැබීමට පැමිණෙන බව සඳහන් කරමින් ඔවුන් මෝටර් රථයකින් පොලීසියට පැමිණ ඇති බව ය. පසුව පොලීසියට එම පිරිස සම්බන්ධයෙන් සැක සිතී මෝටර් රථය පරීක්ෂා කර ඇති අතර එහිදී හෙරොයින් ග්‍රෑම් 04ක්, ගල් කටස් වර්ගයේ ගිනිඅවියක් හා එම උණ්ඩ 3ක් මෙන් ම ගංජා ග්‍රෑම් 19ක් ද සොයා ගෙන තිබේ. අවුරුදු 23, 25, 26 හා 27 යන වයස්වල පසුවන සැකකරුවන් කැලණිය වනවාසල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. මේ අතර හෙරොයින් ජාවාරමේ යෙදුණු සැකකරුවන් 3 දෙනෙකු හා සැකකාරියක ඉංගිරිය ඌරුගල ප්‍රදේශයේදී මොටර් රථයක් පරීක්ෂා කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සතුව තිබී සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් එකයි මිලි ග්‍රෑම් 750කි. වටරැක හා මීගොඩ ප්‍රදේශවල පදිංචි එම සැකකරුවන් අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. |
2018-05-16T00:31:54.000Z | හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොළ CID අත්අඩංගුවට | අනුරුද්ධ පොල්ගම්පොළ CID අත්අඩංගුවට | COLOMBO (News 1st) - උතුරු අධිවේගී මාර්ගයේ මූල්‍ය වංචාවක් සම්බන්ධ නඩුවකට වරෙන්තු ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොළ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරු වව්නියාව අධිකරණයේ විභාග වන ඊට අදාළ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර ඇති බව ය. අත්අඩංගුවට ගත් අනුරුද්ධ පොල්ගම්පොළ මහතා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය. |
2018-05-15T23:35:17.000Z | ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධනය ඇරඹේ | ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධනය ඇරඹේ | COLOMBO (News 1st) - 2018 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු ආරම්භ වී තිබේ. ජාතික මැතිවරණ කොමිසමේ අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා සඳහන් කළේ, ජුනි පළමු වන දා ට පෙර එම පත්‍රිකා යළි භාර දිය යුතු බව ය. ග්‍රාම නිලධාරීවරුන් විසින් ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන පත්‍රිකා බෙදා හරින බව ද ඔහු සඳහන් කළේ ය. |
2018-05-15T23:27:57.000Z | බස් සංගම් අද මැදියම් රැයේ සිට වැඩ වර්ජනයක | බස් සංගම් අද මැදියම් රැයේ සිට වැඩ වර්ජනයක | COLOMBO (News 1st) - 6.56%ක බස් ගාස්තු සංශෝධනය ප්‍රමාණවත් නොවන බව පවසමින් බස් සංගම් අද මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ඔවුන් සඳහන් කළේ, අවම බස් ගාස්තුව වැඩි කරමින් තමන්ට 20%ක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව ය. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ද පැවසුවේ, අද මධ්‍යම රාත්‍රියේ සිට තමන් ද වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ය. කෙසේ වෙතත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති එම්.පී.ඒ. හේමචන්ද්‍ර මහතා පැවසුවේ, බස් සංගම් සමග කළ සාකච්ඡාවේදී මෙම ගාස්තු සංශෝධනයට එකඟ වූ බව ය. මේ අතර බස් වෘත්තීය සමිති හා තමන් අතර සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ ය. මේ අතර 6.56%කින් වැඩි කළ බස් ගාස්තු අද සිට ක්‍රියාත්මක ය. ඒ අනුව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ හා පෞද්ගලික බස් රථ ගාස්තු එම ප්‍රතිශතයෙන් ඉහළ යන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. කෙසේ වෙතත් රුපියල් 10ක් වන අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන අතර සෙසු ගාස්තු අවස්ථා 305ක් යටතේ ඉහළ යන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේ ය. ඒ අනුව වැඩි ම බස් ගාස්තුව වූ රුපියල් 733 රුපියල් 781ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පැවසුවේ ය. බස් ගාස්තු සංශෝධනය අනුව රුපියල් 13, 17, 21, ලෙස පැවති ගාස්තුව රුපියලකින් ඉහළ යන අතර රුපියල් 25ත් 34ත් අතර ගාස්තු හා රුපියල් 38ක් පැවති ගාස්තුව රුපියල් 2කින් ඉහළ යාමට නියමිත ය. රුපියල් 35, 40, 45, 48, 53, 55, 60 යන ගාස්තු අගයන් රුපියල් 3කින් ඉහළ දමා තිබේ. රුපියල් 42, 57, 62, 64, 67 යන ගාස්තු අවස්ථා ඉහළ යන්නේ රුපියල් 4කිනි. රුපියල් 69, 71, 76, 81, 86 යන ගාස්තු අවස්ථා රුපියල් 5කින් ඉහළ යන අතර රුපියල් 73, 78, 83 යන ගාස්තු ඉහළ යන්නේ රුපියල් 6කිනි. https://www.youtube.com/watch?v=sXrFzUu726s |
2018-05-15T23:05:13.000Z | මාස කිහිපයකට පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව ලබන 24 රැස්වෙයි | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව 24 රැස්වෙයි | COLOMBO (News 1st) - මාස කිහිපයකට පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව ලබන 24 වන දා යළි රැස්වේ. අවසන් වරට එය රැස් වුණේ, පසුගිය නොවැම්බර් මාසයේ ය. අග්‍රාමාත්‍යවරයා සභාපතිත්වය දරණ මෙම මෙහෙයුම් කමිටුව පිහිටුවනු ලැබුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට සහය වීම පිණිස ය. සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත මෙම මෙහෙයුම් කමිටුව පාර්ලිමේන්තුවට අතුරු වාර්තාවක් ද ඉදිරිපත් කළ අතර එය දින 05ක් පුරා විවාදයට ගැනිණි. එම විවාදයේදී මතු වූ කරුණු මෙන් ම අතුරු වාර්තාව සම්බන්ධයෙන් ලැබුණු මහජන අදහස් හා විද්වත් මත ලබන 24 වන දා රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේදී සාකච්ඡාවට ලක් කෙරෙනු ඇති. නිව්ස්ෆස්ට් කළ වීමසීමකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් රජයේ අධිනීතිඥ යුරේෂා ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළේ, මෙම රැස්වීමේදී නව ව්‍යවස්ථාවක් සකස් කරන්නේ ද නොඑසේනම් පවතින ව්‍යවස්ථාවට සංශෝධන ගෙන එන්නේ ද යන්න පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීමට නියමිත බව ය. |
2018-05-15T22:35:38.000Z | දිලුම් අමුණුගමගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පැය 12ක් ප්‍රශ්න කරයි | දිලුම් අමුණුගමගෙන් TIDය පැය 12ක් ප්‍රශ්න කරයි | COLOMBO (News 1st) - ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාගෙන් පැය 12කට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ පිටව ගියේ ය. මහනුවර, දිගන ප්‍රදේශයේ ඇති වූ සිදුවීම් පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමට දිලුම් අමුණුගම මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඊයේ කැඳවූයේ පෙරවරු 10.00ට පමණ ය. https://www.youtube.com/watch?v=-KusnrTba7Y |
2018-05-15T21:41:16.000Z | උතුරු සහ දකුණු කොරියා රාජ්‍යයන් අතර යළිත් අර්බුදයක් | උතුරු සහ දකුණු කොරියා රාජ්‍යයන් අතර යළි අර්බුදයක් | (News 1st) - දකුණු කොරියාව සමග පැවැත්වීමට නියමිතව තිබූ සියලු සාකච්ඡා නතර කිරීමට උතුරු කොරියාව තීරණය කර තිබේ. ඒ දකුණු කොරියාව, අමෙරිකාව සමග ඒකාබද්ධ යුද අභ්‍යාස පැවත්වීමට කටයුතු කිරීම පිළිබඳව උතුරු කොරියානු නායකයා කෝපයට පත් වීමත් සමගිනි. මීට සති කිහිපයකට පෙරදී උතුරු සහ දකුණු කොරියානු නායකයින් අතර හමුවක් පැවති අතර දෙරට අතර සාමයේ දෑත් දිගු කරමින් ආරම්භ වූ සුබවාදී ආකල්පයන් මේ වන විටත් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවට වාර්තා වේ. උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කරන්නේ දකුණු කොරියාව සහ අමෙරිකාව යුද අභ්‍යාසවල නිරත වීම උතුරු කොරියාව ප්‍රකෝප කීරීමක් සහ ආක්‍රමණයක් සඳහා පෙරහුරුවක් බව ය. මැක්ස් තන්ඩර් නමින් හැඳින්වූ මෙම යුද අභ්‍යාසය සඳහා අමෙරිකාවේ ගුවන් යානා 100කට අධික සංඛ්‍යාවක් යොදා ගන්නා අතර ඒ සඳහා බී 52 වර්ගයේ බෝම්බ හෙළන ගුවන් යානා, ප්‍රහාරක ජෙට් යානා රැසක් සහ සෙබලුන් 1200කට අධික පිරිසක් සහභාගී වෙති. මෙම සිදුවීමත් සමග ජූනි 12 වන දා උතුරු කොරියානු නායකයා සහ අමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිංගප්පූරුවේදී පැවැත්වීමට යෝජිත ඓතිහාසික සාකච්ඡා පවා අවසන් වීමේ ඉඩකඩක් ඇති බව විදෙස් මාධ්‍යන්හි වැඩිදුරටත් සඳහන් ය. පසුගිය මාර්තු මාසයේදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමග සාකච්ඡා පැවැත්වීමට කළ ආරාධනය අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගැනීමත් සමග ලොව සියල්ලන් මවිතයට පත් කළේ ය. එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ, මෙම අවස්ථාව ලෝක සාමය උදෙසා ඉතාම සුවිශේෂී මොහොතක් බවට පත් කළ හැකි බව ය. |
2018-05-15T11:46:24.000Z | ආහාර විෂවීමකින් පුද්ගලයින් 46 දෙනෙකු රෝහලේ | ආහාර විෂවීමකින් පුද්ගලයින් 46 දෙනෙකු රෝහලේ | COLOMBO (News 1st) - ආහාර විෂවීමක් හේතුවෙන් මරදන්කඩවල, පෙරියකුලම ප්‍රදේශයේ පිරිවෙනක භික්ෂූන් වහන්සේ 30 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 46 දෙනෙකු රෝහල්ගත කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එම පිරිස මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අනුරාධපුර රෝහලට මාරු කර යැවීමට පියවර ගෙන ඇති බවයි. හතු වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසුව ඔවුන් රෝගාතුර වී ඇති බව පොලීසිය පැවසුවේ ය. |
2018-05-15T11:00:29.000Z | අයර්ලන්තය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පරදී | අයර්ලන්තය පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පරදී | COLOMBO (News 1st) - අයර්ලන්තය සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පකිස්ථානය කඩුලු 5ක ජයක් අද වාර්තා කර ඇත. ඩබ්ලින්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය රැස් කළ ලකුණු 310 ට පිළිතුරු ලෙස අයර්ලන්තයට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 130 ක් පමණි. ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීමට නැවතත් පන්දුවකට පහරදුන් අයර්ලන්තය සියලු දෙනා දැවී ලකුණු 339 ක් රැස් කළේ ය. කෙවින් ඕ බ්‍රයන් ලකුණු 118 ක් රැස් කළ අතර ඔහු ඉතිහාසයට එක් වූයේ, අයර්ලන්තය වෙනුවෙන් ටෙස්ට් තරගයකදී ශතකයක් රැස් කළ පළමු ක්‍රීඩකයා ලෙසයි. පකිස්ථානයට ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හිමි විය. ඔවුන්ගේ මුල් පෙළ කඩුලු 3 බිඳ වැටුනේ ලකුණු 14කදීයි. අනතුරුව ඉමාම් උල් හක් සහ බාබාර් අසාම් පකිස්ථාන ඉනිම ගොඩනැගුවාවේ ය. අසාම් ලකුණු 59 කි. ඉමාම් ලකුණු නොදැවී ලකුණු 74ක් රැස් කළේ ය. පකිස්ථානය තරගය ජය ගත්තේ පන්දුවාර 45 කදී කඩුලු 5ක් දැවී සිටියදීයි. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.