date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-05-27T06:28:44.000Z
දිස්ත්‍රික් 5කට නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන
දිස්ත්‍රික් 5කට නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන
COLOMBO (News 1st) : නුවරඑළිය, කළුතර, ගාල්ල , කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අනතුරු ඇඟවීම් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ගතවු පැය 24 තුළ එම ප්‍රදේශ වලට මිලිමීටර් 150 ඉක්ම වූ වැසි ලැබීම හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි. දිස්ත්‍රික්ක පහේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්... රත්නපුර දිස්ත්‍රික්කය රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කෑගල්ල දිස්ත්‍රික්කය බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නුවරළඑළිය දිස්ත්‍රික්කය අඹගමුව කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කළුතර දිස්ත්‍රික්කය පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වළල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගාල්ල දිස්ත්‍රික්කය ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කඩවත්සතර කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
2018-05-26T22:55:15.000Z
ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු අතුරුගිරියේදී අත්අඩංගුවට
ගිනි අවියක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - අතුරුගිරිය, මුල්ලේගම, හෝමාගමදී ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ය. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 760 ක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් 23 සහ 36 හැවිරිදි හෝමාගම පදිංචිකරුවන් දෙදෙනෙකි. ඔවුන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.
2018-05-26T22:35:48.000Z
තරග පාවාදීම් සම්බන්ධයෙන් ICC පරීක්ෂණවලට සහය දෙනවා - ශ්‍රී ලංකා ක්‍රිකට්
ICC පරීක්ෂණවලට සහය දෙනවා - ශ්‍රී ලංකා ක්‍රිකට්
COLOMBO (News 1st) - මුදලට තරග පාවාදීම් සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සිදු කරන විමර්ශන සඳහා තම සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් සමඟ මේ වන විටත් සාකච්ඡා කර ඇති බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරට ත් දැක්වේ. මුදලට තරග පාවාදීම් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වාර්තාමය වැඩසටහනක් විකාශය කිරීමට අල්ජසීරා රූපවාහිනිය සූදානම් වීමත් සමග මෙම විමර්ශන සම්බන්ධ කතාබහ කරළියට පැමිණියේය. මෙහි මුදලට තරග පාවාදීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකිකයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් ද තොරතුරු ඇතුළත් වේ. 2016 වසරේ ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේදී, ගාල්ල තණතීරුව පන්දු යවන්නන්ට වාසි සහගත ලෙස සැකසීම වෙනුවෙන් රොබින් මොරිස් ලෙස හඳුන්වන පුද්ගලයා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහකාර කළමනාකරු ලෙස සේවය කරන තරංග ඉන්දික සහ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩක තරිඳු මෙන්ඩිස් සම්න්ධ කර ගෙන තිබේ.‍
2018-05-26T22:02:20.000Z
අර්යලන්තයේ ගබ්සා තහනම ඉවතට
අර්යලන්තයේ ගබ්සා තහනම ඉවතට
(News 1st) - අයර්ලන්තයේ ගබ්සා තහනම ඉවත් කිරීමට අනුමැතිය හිමිව තිබේ. ඒ, ඊයේ පැවති ජනමත විචාරණය, 66.4% ක වාර්තාගත ඡන්ද ප්‍රතිශතයකින් ජය ගැනීම හේතුවෙනි. අයර්ලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ගබ්සාව තහනම් වන අතර එවැන්නක් කළ හැක්කේ මවගේ ජීවිතය අවදානම් අවස්ථාවකදී පමණි. ජනමත විචාරණය ජයග්‍රහණය කිරිමත් සමග ගබ්සාව නීතිගත කරමින් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය වනු ඇති. මේ අතර 2015 වසරේදී අයර්ලයන්තය සමලිංගික විවාහ සඳහා අනුමැතිය ලබා දුන්නේ ඒ, සඳහා පැවති ජනමත විචාරණය වාර්තාගත ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමත් සමගිනි.
2018-05-26T21:16:11.000Z
මාදම්පේදී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර සොයා ගනී
අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ සිරුර සොයා ගනී
COLOMBO (News 1st) - මාදම්පේ, ගල්මුරුව ප්‍රදේශයේදී ජල පහරකට හසුව අතුරුදන් වූ පොලිස් කොස්තාපල් ඩිලාන් සම්පත් මහතාගේ මළ සිරුර අද පෙරවරුවේ සොයා ගැනිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එම නිලධාරියා අතුරුදන් වූ ස්ථානයට මීටර් 200 ක් පමණ ආසන්නයෙන් සොයාගත් බව ය. ඔහු මාදම්පේ පොලිසියට අනියුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකි. 29 හැවිරිදි ඔහු ගිරිඋල්ලේ පදිංචි අවිවාහක තරුණයෙකි.
2018-05-26T20:59:02.000Z
දකුණේ වෛරස් උණ අනෙක් පළාත් වලටද පැතිර යාමේ අවදානමක්
දකුණේ වෛරස් උණ අනෙක් පළාත් වලට පැතිර යාමේ අවදානමක්
COLOMBO (News 1st) - දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය අනෙකුත් පළාත් වලට ද පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. එහි වසංගත රෝග විද්‍යා ඒකකයේ වෛද්‍ය අනිල් දිසානායක මහතා ප්‍රකාශ කළේ, මේ වනවිට දකුණු පළාතේ වයස අවුරුදු 2ට අඩු දරුවන් 11 දෙනෙකු මියගොස් ඇති බව ය. වෛරස් උණ සමග ඇතිවූ සංකුලතා හේතුවෙන් එම මරණ සිදුව ඇති බව ද වෛද්‍ය අනිල් දිසානායක මහතා ප්‍රකාශ කළේය.
2018-05-26T20:40:52.000Z
සියලු දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ
නිවාඩු අවලංගුයි
COLOMBO (News 1st) - පවතින ආපදා තත්ත්වය පහව යන තුරු සියලු දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එහි අතිරේක ලේකම් එස්.එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේ, සහන කටයුතු සහ උපකාරක සේවා විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් එම පියවර ගත් බව ය. මේ අතර ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් විනාශ වූ ඉඩම් බලපත්‍ර සහ වාහන බලපත්‍ර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලබා ගැනීමේ පහසුකම් සලසා ඇති බව ද අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ, එම බලපත්‍ර වලට හානි සිදුව ඇත්නම් ඒ බව ග්‍රාම නිලධාරීන්ට දැනුම් දී ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබා ගැනීමට හැකියාව පවතින බව ය. මේ අතර දිස්ත්‍රික් මට්ටමින් පවතින තත්ත්වයන් පිළිබඳ දෛනිකව වාර්තා කරන ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇති බව ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. එහි අතිරේක ලේකම් එස්.එන්. සිල්වා මහතා පැවසුවේ, වාර්තා පදනම් කර ගනිමින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හරහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ප්‍රතිපාදන යොමු කිරිමට පියවර ගන්නා බව ය.
2018-05-26T20:16:39.000Z
අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 23 දක්වා ඉහළට
අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 23 දක්වා ඉහළට
COLOMBO (News 1st) - Update - අඛණ්ඩ තද වැසි තත්ත්වයේ අඩුවක් පැවතිය ද දිවයිනේ නිරිත දිග කොටසට තවදුරටත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර, පවතින අයහපත් කාලගුණයෙන් මේ වනවිට පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා ඇත. දිස්ත්‍රික්ක 20 ක පවුල් 19519 ක් තවදුරටත් ආරක්ෂිත ස්ථාන 339 ක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. පවතින අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මේ වනවිට පුද්ගලයින් 55,553 ක් කඳවුරු 265 රඳවා ඇති බව ය. ගංවතුර හා නායයාම් හේතුවෙන් පිඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 153,712කි. ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 105 ක් සහ අර්ධ නිවාස හානි 4,708 ක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි. මේ අතර කළු ගඟ මිල්ලකන්ද හා අඟුරුවාතොට ප්‍රදේශවලින් මෙන්ම අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් තව දුරට ත් ‍සුළු ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය සඳහන් කළේ නිල්වලා, ගිං සහ කැලණි ගංගා මෙන්ම මා ඔය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ය.
2018-05-26T20:06:04.000Z
අද සිට වැසි අඩුවන බවට අනාවැකි
අද සිට වැසි අඩුවන බවට අනාවැකි
COLOMBO (News 1st) - දිවයිනේ නිරිතදිග කොටසේ තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අද සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, සබරගමුව, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ක පමණ වැසි ඇතිවිය හැකි බව ය. මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින්විට පැයට කිලෝමිටර් 70 80 දක්වා වැඩිවිය හැකි බව ද ඔහු සඳහන් කළේය.
2018-05-26T11:42:23.000Z
කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනතින් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය අභියෝගයට - මහාචාර්ය කොල්වින් ගුණරත්න පෙන්වා දෙයි
කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත
COLOMBO (News 1st) - කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ක්‍රියාවට නැංවිම තුළින් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීම අභියෝගයට ලක් වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පෙන්වා දෙයි. වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා මේ බව පෙන්වා දී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමිනි. මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතාගේ අත්සනින් යුතුව ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ ලිපියෙන් නව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ක්‍රියාත්මක වීම ඔස්සේ සිදුවිය හැකි ප්‍රතිවිපාක 10ක් පෙන්වා දී තිබේ. වෛද්‍ය උපාධියක් ප්‍රදානය කිරීම සඳහා වෘත්තීය ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවයි. එහෙත් නව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතින් මෙම අනුමැතියෙන් තොරව වෛද්‍ය උපාධි ලබා දීමට ප්‍රතිපාදන සලසා ඇතැයි අදාළ ලිපියේ සඳහන් ය. තවද වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ අවම ප්‍රමිතීන් නොසලකා උපාධි පිරිනැමීමට අවස්ථාව ලබා දීම, උසස් අධ්‍යාපන ඇමතිවරයා හා සෞඛ්‍ය ඇමතිවරයා අභිබවා එම ක්ෂේත්‍රවල කටයුතු කිරීමට ආරක්ෂක ඇමතිවරයාට ඉඩ සැලසීම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය නොවන උසස් අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම හා කොතලාවල ආරක්ෂක ඇකඩමිය පිහිටුවීමේ මුඛ්‍ය පරමාර්ථ උල්ලංඝණය වීම ද මෙමගින් සිදුවන බව මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පෙන්වා දෙයි. මෙම කරුණු පෙන්වා දෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ, නව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති විය හැකි අර්බුදකාරී තත්ත්වය වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ය.
2018-05-26T11:28:46.000Z
අප කෙරෙහි විශ්වාසය තැබූ සහෘද ඔබට අපගේ හදපිරි ප්‍රණාමය...
අප කෙරෙහි විශ්වාසය තැබූ සහෘද ඔබට අපගේ ප්‍රණාමය
COLOMBO (News 1st) - ගංවතුරට මැදිව පීඩාවට පත්ව සිටින අපේ ම ජනතාවට පිළිසරණක් වෙමින් ඇරඹුණු ජන හද මෙහෙයුම, සිරස - ශක්ති සහන යත්‍රාවට ජනතාව භාර දුන් භාණ්ඩ වියළි ආහාර හා පානීය ජල බෝතල් අදත් පීඩාවට පත් ජනතාව වෙත ලබා දුන්නේ ය. සහන යාත්‍රාව, සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය හා පරිත්‍යාගශීලි සත්පුරුෂ ජනතාවගේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි. පුත්තලම දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවට ද්‍රව්‍යාධාර බෙදා දීම සඳහා ඊයේ උදෑසන ආරම්භ කළ සහන යාත්‍රා ක්‍රියාන්විතය අවසන් වූයේ ඊයේ මධ්‍යම රාත්‍රියේ ය. මෙරට පරිත්‍යාගශීලීන් ලබා දුන් ද්‍රව්‍යාධාර අප පීඩාවට පත් ජනතාවගේ දෑතටම ලබා දුන්නේ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ගේ ද සහය ඇතිව ය. මේ අතර අද උදෑසනත් කොළඹ බේබෘෘක් පෙදෙස පිහිටි සිරස ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ සිට තවත් කණ්ඩායමක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාව සොයා ගමන් ආරම්භ කළේ ය. ඔවුන් සහන යාත්‍රා ක්‍රියාන්විතය ආරම්භ කළේ උඩුබද්දාව, කට්ටිමහන, ශාන්ත ආනා දේවස්ථානයෙනි. මේ අතර පරිත්‍යාගශීලි හදවත් ඇති පිරිස් තවදුරටත් පීඩාවට පත් අපේ ම ජනතාව වෙනුවෙන් සිරස ප්‍රධාන කාර්යාලය වෙත අදත් තමන්ට හැකි අයුරින් ආධාර ගෙනවිත් දුන් අයුරුයි මේ... https://www.youtube.com/watch?v=kbu2U2sKMYQ
2018-05-26T10:39:35.000Z
ගාල්ලේදී තරග පාවා දුන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා කවුද? - අල්ජසීරා හෙළිදරව්වක
තරග පාවා දුන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා කවුද?
(News 1st) - මුදලට තරග පාවා දීම් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වාර්තාමය වැඩසටහනක් විකාශය කිරීමට අල්ජසීරා රූපවාහිනිය සූදානම් වේ. මෙහි මුදලට තරග පාවා දීම් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් ද තොරතුරු ඇතුළත් ය. අල්ජසීරා රූපවාහිනිය විසින් රහසිගත ලෙස තොරතුරු ගවේෂණය කරමින් සිදු කළ මෙම සොයා බැලීමේදී අදාළ තොරතුරු අනාවරණය වී තිබේ. ගාල්ල තණ තීරුව පන්දු යවන්නන්ට වාසි සහගත ලෙස සැකසීම වෙනුවෙන් රොබින් මොරිස් ලෙස හඳුන්වන පුද්ගලයා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහකාර කළමනාකරු ලෙස සේවය කරන තරංග ඉන්දික සහ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩක තරිඳු මෙන්ඩිස් සම්බන්ධ කර ගෙන තිබේ. ඒ, 2016 වසරේ ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව පන්දු යවන්නන්ට වාසි සහගත ලෙස සැකසීම වෙනුවෙනි. එහිදී පන්දුවාර 85ක් තුළ ඔස්ට්‍රේලියානු කඩුලු 18ක් බිඳ වැටීම කැපී පෙනෙන කරුණකි. එසේ ම පසුගිය වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ, ගාල්ලේදී පැවති තරග සඳහා ද තණතීරුව පිතිකරුවන්ට වාසි සහගත ලෙස සකස් කිරීමට ඔවුන් කටයුතු කර තිබේ. පිතිකරුවන්ට වාසි සහගත ලෙස තණතීරුව සැකසූ එම තරගයේදී ඉන්දිය කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 600 ක් ලබා ගත්තේ ය. ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණ තණතීරුව ඔට්ටු තබන්නන්ට අවශ්‍ය පරිදි සැකසීම සම්බන්ධයෙන් හෝටල් කාමරයකදී සිදු වූ සාකච්ඡාව අල්ජසීරා මාධ්‍යවේදීන් රහසිගත ලෙස පටිගත කර තිබිණි. එම සාකච්ඡාවේදී රොබින් මොරිස් හරහා ගාල්ල ක්‍රීඩාංගණය භාර සහකාර කළමනාකරු සහ තරංග ඉන්දික සහ පළමු පෙළ ක්‍රීඩක තරිදු මෙන්ඩිස් හරහා අවශ්‍ය පරිදි තණතීරුව සකස් කර ගැනීමට හැකි බව පවසා තිබේ. ඔවුන් එළැබෙන එංගලන්ත තරග සංචාරයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව අවශ්‍ය පරිදි සකසා දිය හැකි බවට තොරතුරු අනාවරණය කර බවට අල්ජසීරා වාර්තාවේ සඳහන් ය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙන්නේ, අදාළ සිදුවීම පිළිබඳ සිය ක්‍රීඩකයින් දැනුවත් කර ඇති බව ය. එසේ ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහකාර කළමනාකරු තරංග ඉන්දික මේ වෙනුවෙන් ඩොලර් 37000ක් ලබා ගෙන ඇති බවට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මේ අනුව හෙට දිනයේදී අල්ජසීරා රූපවාහිනිය මගින් විකාශය කිරීමට නියමිත අදාළ වාර්තා වැඩසටහන මගින් මුදලට තරග පාවා දීම් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වීමට නියමිත ය.
2018-05-26T10:07:56.000Z
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කාර්යාලය අද පරීක්ෂාවට ලක් කෙරේ
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කාර්යාලය පරීක්ෂාවට
COLOMBO (News 1st) - කොළඹ 02 පාක්ලන්ඩ් ගොඩනැගිල්ලේ පිහිටි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කාර්යාලය අද පරීක්ෂාවට ලක් කෙරිණි. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ එම කාර්යාලය පරීක්ෂාවට ලක් කෙරුණේ, පර්පෙචුවල් සමූහයේ සභාපති ජෙෆ්රි ජෝසප් ඇලෝෂියස් මහතා ඉදිරියේ ය. පරීක්ෂාවට අදාළ ලියකියවිලි තබා ඇති ස්ථාන තමන් නොදන්නා බව මෙහිදී ජෙෆ්රි ඇලෝෂියස් මහතා සඳහන් කළ බව වාර්තා වේ. එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, අදාළ පරිශ්‍රයේ ඇති බඩු බාහිරාදිය අගුල් දමා ඇති බවත්, එහි යතුරු තමන් සතුව නොමැති බවත් ය. අවසානයේ විමර්ශන නිලධාරීන්ට සිදු වූයේ එම පරිශ්‍රය මුද්‍රා තැබීමට ය. විමර්ශන නිලධාරීන් අද මෙම පරීක්ෂාව සිදු කළේ, පසුගිය 24 වන දා කොටුව මහේස්ත්‍රාත්වරිය ලබා දුන් අවසරයක් අනුව ය. එහිදී මහේස්ත්‍රාත්වරිය ජෙෆ්රි ජෝසප් ඇලෝෂියස් මහතාට නොතීසි නිකුත් කරමින් සඳහන් කළේ, අද දිනයේ අදාළ පරීක්ෂාව සඳහා විමර්ශන නිලධාරීන්ට සහය ලබා දෙන ලෙස ය.
2018-05-26T09:57:08.000Z
ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16 දෙනාගේ දෙහි කැපිල්ල
ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ දෙහි කැපිල්ල
COLOMBO (News 1st) - ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා පාක්ෂිකයින් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් අද ආරම්භ කළහ. ඒ, මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී ය. හෘද සාක්ෂියේ නිදහස යන්න තේමා කර ගත් මෙම සම්මන්ත්‍රණ මාලාව අද ආරම්භ කෙරුණේ, මාතර බෝ සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගනිමිනි. මීට මන්ත්‍රීවරුන් 16 දෙනා අතරින් 13 දෙනෙකු පැමිණ සිටි අතර, ටී.බි. ඒකනායක, අනුර ප්‍රියදර්ශන යාපා, තාරානාත් බස්නායක යන මහත්වරු රැලියට එක්ව නොසිටියහ.
2018-05-26T08:30:59.000Z
ගංවතුර බැස යයි: තවදුරටත් ප්‍රදේශ රැසකට වැසි
ගංවතුර බැස යයි: තවදුරටත් ප්‍රදේශ රැසකට වැසි
COLOMBO (News 1st) - පැවති තද වැසි තත්ත්වයේ අඩුවක් සිදු වූවත්, දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර පවතින අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මේ වන විට පුද්ගලයින් 55,555 ක් කඳවුරු 265ක රඳවා ඇති බව ය. ගංවතුර මට්ටමේ සියලු ගංගාවල ජලය බැස යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන රැසකට තවදුටරත් වැසි ඇදහැලෙමින් පවතින බව අප වාර්තාකරුවෝ පවසති. ඒ සමග අත්තනගලු ඔයේ ජල මට්ටම තවදුරටත් ගංවතුර අවදානම් තත්ත්වයේ පවතියි. මේ සමග ගම්පහ - ගනේමුල්ල ප්‍රධාන මාර්ගය අද දහවල් වන විටත් අඩි 4ක් පමණ ජලයෙන් යට වී තිබිණි. එම ජලය පහළට ගලා ඒමත් සමග ජා-ඇළ ඇළ පිටාර දැමීම ආරම්භ වී ඇති අතර, ජා-ඇළ නගරයේ පහත් බිම්, බෝපිටිය යන ප්‍රදේශ අද පස්වරුව වන විටත් ජලයෙන් යට වී තිබිණි. ජල මට්ටම මෙලෙස ඉහළ යාමත් සමග ජා-ඇළ දෙපස බැම්ම කැඩී යාමේ අවදානමක් මතුව තිබේ. මෙම අවදානම තේරුම් ගත් ප්‍රදේශවාසීන් පසුගිය බදාදා සිට බැම්ම දෙපස වැලි කොට්ට දැමීම ආරම්භ කළ අතර අද නාවික හමුදාව ද ඊට සහය දුන්නේ ය. පුත්තලම හා අවට ප්‍රදේශවලට අඛණ්ඩව ඇඳ හැලුණු වැසි තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් පහව යමින් පවතියි. ඒ සමග ගංවතුර තත්ත්වය ද ක්‍රමයෙන් පහව යමින් පවතින බව අප වාර්තාකරුවෝ සඳහන් කළහ. කෙසේ වෙතත්, මදුරන්කුලිය - කුඹුක්කඩවල මාර්ගයේ පාලමක් කැඩී යාමෙන් එම මාර්ගයේ ගමනා ගමනය මුළුමනින් ම ඇණහිට තිබේ. හලාවත හා ඒ අවට ප්‍රදේශවලට අදත් තරමක තද වැසි ඇඳ හැලුණි. හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගය මාදම්පේ - මහවැව අතර ප්‍රදේශය ස්ථාන කිහිපයකින් අද පස්වරුව වන විටත් ජලයෙන් යට වී තිබිණි. මේ අතර ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ගංවතුරට කොටුවී සිටි පවුලක් මුදා ගැනීමට නාවික හමුදාව හා පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගත්තේ ය. කුරුණෑගල අවට ප්‍රදේශවලට ඇද හැලුණු වැසි තත්ත්වය ද මේ වන විට අඩු වී තිබේ. ඒ අතර පඬුවස්නුවර, මගුලාගම පාලම ආසන්නයේදී ගංවතුරට හසුව ඊයේ ගසාගෙන ගිය 43 හැවිරිදි පුද්ගලයා සොයා අදත් නාවික හමුදාව, පොලිස් ජීවිතාරක්ෂක ඒකකය හා ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් දියත් කළේ ය. ගංවතුර පවතින මොහොතේ යතුරු පැදියකින් ඒ හරහා ගමන් කිරීමට උත්සහ කිරීමේදී ඔහු ගංවතුරට ගසාගෙන ගොස් තිබිණි. කළුතර දිස්ත්‍රික්කයට බලපෑ අඛණ්ඩ වැසි තත්ත්වයත් මේ වන විට පහව ගොස් තිබේ. කෙසේ වෙතත් කළු ගඟ පිටාර ගැලීම හේතුවෙන් යට වී තිබූ ඉංගිරිය, බෝධිනාගල ප්‍රදේශය අද පස්වරුව වන විටත් ජලයෙන් යටවී තිබිණි. ගාල්ල දිස්ත්‍රික්කයට ඇඳ හැලුණු තද වැසි ද මේ වන විට පහව ගොස් තිබේ. ඒ සමග මහ ගංවතුර මට්ටමක පැවති ගිං ගගේ බද්දේගම ජල මාපකයේ ජල මට්ටම අද උදෑසන වන විට මීටර් 3.80 දක්වා පහත බැස තිබිණි. කෙසේ වෙතත් පහත් බිම් කිහිපයක අද පස්වරුව වන විටත් සුළු ගංවතුර තත්ත්වයක් දක්නට ලැබිණි.
2018-05-26T08:47:17.000Z
දිවියක් රැක ගන්න දිවියක් බිලි දුන් නිලධාරියෙක්
දිවියක් රැක ගන්න දිවියක් බිලි දුන් නිලධාරියෙක්
COLOMBO (News 1st) - සිය ජීවිත අවදානම නොතකා ජන ජීවිත සුරකින්නට මේ ආපදා තත්ත්වය තුළ ත්‍රිවිධ හමුදාව හා පොලීසිය කළ මෙහෙවර මිල කළ නොහැක්කක්. පොලිස් කොස්තාපල් ඩිලාන් සම්පත් ඒ අමිල මෙහෙවරේ නොමැකෙන එක් මතකයකි. දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූ 28 හැවිරිදි ඩිලාන් ඉගෙනුම ලැබුවේ, ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේ ය. පාසල් අධ්‍යාපනයෙන් පසු පොලිස් සේවයට එක්වන ඩිලාන් දෙනියාය, මාතර, හක්මන, වෙන්නප්පුව, හලාවත යන පොලිස් ස්ථානවල රාජකාරී කිරීමෙන් පසු මාදම්පේ පොලීසියේ සේවයට එක්වන්නේ මීට වසරකට පෙර ය. මීට දින දෙකකට පමණ පෙර නිවාඩුව සඳහා සිය නිවසට පැමිණෙන ඩිලාන් පෙරේදා දෙමාපියන් වැඳ යළි සේවයට වාර්තා කිරීම සඳහා නිවසින් පිට වන්නේ පවතින ආපදා තත්ත්වය හමුවේ තමන්ට පැවරී ඇති වගකීම ගැන සිත්හි දරන් ය. ඒ අනුව ඩිලාන් ඊයේ මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේ නිවාස කිහිපයක කොටු වී සිටි ළමුන් පිරිසක් බේරා ගැනීමට මාදම්පේ පොලීසියේ නිලධාරීන් පිරිසක් සමග ගොස් තිබිණි. එහිදී පිරිස් බේරා ගැනීමට ඩිලාන් ඇතුළු කණ්ඩායමට හැකි වුවත්, ඩිලාන්ගේ ජීවිතය ඩිලාන්ට අත හැරිණි. අද පෙරවරුවේත් අතුරුදන් වූ ඩිලාන් සොයා නාවික හමුදාව, යුද හමුදාව, පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් දියත් කළත් ඔහු පිළිබඳව හෝඩුවාවක් හමු නොවී ය. තම ජීවිතය, තම නිවාඩුව නොතකා අන් අයගේ ජීවිත බේරා ගැනීමට ඉදිරිපත් වූ පොලිස් කොස්තාපල් ඩිලාන්, ඔබට පොදු ජනතාවගේ උපහාරය...
2018-05-26T04:59:17.000Z
බුද්ධගයාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් 5 දෙනෙකු ඉන්දීය අධිකරණයකින් වරදකරුවන් කෙරේ
බුද්ධගයාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරය
(News 1st) - 2013 වසරේ බුද්ධගයාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය අධිකරණයකින් පුද්ගලයින් 5 දෙනෙකු වරදකරුවන් කෙරිණි. ඉන්දීය විශේෂ අධිකරණය ඔවුන් වරදකරුවන් බව ප්‍රකාශයට පත් කෙරුණේ, ඊට අදාළ නඩු විභාගය අවසන් කරමිනි. වරදකරුවන්ට ලබා දෙන දඬුවම් මොනවා ද යන්න ලබන 31 වන දින අධිකරණය මගින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. 2013 වසරේ ජූලි 7 වන දින බුද්ධගයාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඉන් එක් සැකකරුවෙකු බාල වයස්කරුවෙකු බැවින් මීට පෙර පරිවාස භාරයට යොමු කර තිබේ.
2018-05-26T03:15:20.000Z
ආපදා තත්ත්වයෙන් 19 දෙනෙකුට ජීවිත අහිමිවෙයි
ආපදා තත්ත්වයෙන් 19 දෙනෙකුට ජීවිත අහිමියි
COLOMBO (News 1st) : දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 141625ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එස්. අමලනාදන් මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක 20 කට බලපා ඇති අයහපත් කාලගුණයෙන් මේ වනවිට පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බවයි. මේ අතර අයහපත් කාලගුණයෙන් අවතැන් වූ 53,616 දෙනෙකු තවදුරටත් ආරක්ෂිත ස්ථාන 231 ක රඳවා ඇති බව ද ඔහු පැවසී ය. අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, අපදා තත්ත්වයෙන් නිවාස 4600 කට හානි සිදුව ඇති බවයි. මේ අතර මාඔය පිටාර ගැලීම හේතුවෙන් මේ වන පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක ගංවතුර මට්ටම ඉහළ ගොස් ඇතැයි පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ එන්.ඒ.කේ.ඒ.අලහකෝන් මහතා පැවසී ය. ඔහු පැවසුවේ, මේ වන විට නාත්තන්ඩිය, මහවැව, වෙන්නප්පුව, දංකොටුව, මාදම්පේ, කරුවලගස්වැව ඇතුළු ස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක දැඩි ගංවතුර තත්ත්වයක් පවතින බවයි. මහවැව, මට්ටකොටුව සින්දාතිමාතා දේවස්ථානයේ මීසම්පාලක නෙවිල් සෙබස්තියන් පියතුමා පැවසුවේ ගංවතුර හේතුවෙන් අද පෙරවරුවේ දේව මෙහෙයට පැමිණි පියතුමන් 50 දෙනෙකු ගංවතුරට කොටුවී සිටි බවයි. මේ අතර දැදුරුඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක හටගත් ජල ගැලීම් තත්ත්වය තවමත් පහව ගොස් නොමැති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා පවසයි. ඔහු සඳහන් කළේ, දැදුරුඔය පිටාර ගැලීමෙන් බිංගිරිය, රස්නායකපුර ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක ජනතාව පීඩාවට පත්ව සිටින බවයි. මේ අතර අත්තනගලුඔයේ සහ මා ඔයේ ජල මටට්ම ඉහළ යාම හේතුවෙන් තවදුරටත් ගම්පහ ජා-ඇල ඇතුළු ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.අජිත් නිශාන්ත මහතා පැවසී ය. ඔහු ප්‍රකාශ කළේ, ගම්පහ ජාඇල මාර්ගයේ ද ස්ථාන කිහිපයක් ගංවතුරින් යටවී ඇති බවයි. මේ අතර කැලණි ගඟ , අත්තනගලු ඔය ඇතුළු ප්‍රධාන ගංගාවල ජල මටට්ම මේ වන විට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය සඳහන් කළේ ය. මේ අතර පස් කඳු කඩා වැටිම් හා නායයාම් හේතුවෙන් අවහිරවී තිබූ බොහෝ මාර්ග මේ වන ගමනා ගමන කටයුතු සඳහා යථා තත්ත්වයට පත්කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එහි නඩත්තු අංශයේ අධ්‍යක්ෂ කමල් අමරවීර මහතා පැවසුවේ, කඩා වැටීමට ලක්වූ කුලියාපිටිය ප්‍රදේශයේ පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතුද කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි. මේ අතර රත්නපුර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් රතු නිවේදනය අද පස්වරුව දක්වා ක්‍රියාත්මකයි. ඒ අනූව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, කුරුවිට සහ ඇහැළිගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දැරණියගල, දෙහිඕවිට, රුවන්වැල්ල, අරණායක සහ මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඊට ඇතුළත් ය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ සහ නුවරඑළිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා නයායාමේ අනතුරු ඇඟවීම් රතු නිවේදනය ක්‍රියාත්මකයි. කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, අගලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය, වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයාමේ අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ ඇල්පිටිය, කඩවත්සතර, නාගොඩ, නෙළුව සහ තවලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටයි. මේ අතර සබරගමුව, මධ්‍යම, බස්නාහිර පළාත්වල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා සඳහන් කළේ ය. ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට දිවයින ආශ්‍රිත මුහුදේ සුළගේ වේගය පැයට කිලෝමිටර් 70 හෝ 80 දක්වා ඉහළ යා හැකි බව ද ඔහු සඳහන් කළේ ය.
2018-05-26T02:54:24.000Z
රෝහලෙනු ත් අවසන් නොවූ මගුල් ගෙදර ගැටුම
රෝහලෙනු ත් අවසන් නොවූ මගුල් ගෙදර ගැටුම
COLOMBO (News 1st) : යටියන්තොට, කරවනැල්ල රෝහලේ දේපළවලට හානි කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, යටියන්තොට පරුසල්ල ප්‍රසෙද්ශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව තුවාල ලැබූ දෙදෙනෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊට සම්බන්ධ අනෙක් පාර්ශවය ඊයේ රාත්‍රී රෝහලට පැමිණ එහි දේපළවලට හානි කර ඇති බවයි. ප්‍රදේශයේ මංගල උත්සවයක් අතරතුර මෙම ගැටුම සිදුව ඇති බව ද පොලීසිය සඳහන් කළේ ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2018-05-26T01:57:07.000Z
2019ට මලල ක්‍රීඩා තරග නීති දෙයි
2019ට මලල ක්‍රීඩා තරග නීති දෙයි
2018 - 2019 වසර සඳහා නව මලල ක්‍රීඩා තරග නීති හඳුන්වා දීම ඊයේ සිදුකෙරිණ. උත්සවය පැවැත්වුණේ, කොළඹ පාපන්දු සම්මේලන ශ්‍රවණාගාරයේදීයි. මෙහිදී පිටු 246 කින් සමන්විත ග්‍රන්ථයක් එළි දැක්විණ. අදාල ග්‍රන්ථය සම්පාදනය කොට තිබුණේ, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභහපති අධ්‍යාපන අමාත්‍යංශයේ ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා විශේෂ උපදේශක සුනිල් ජයවීර මහතා හා ක්‍රීඩා අංශ ප්‍රධානී, ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා පිළිබඳ හිටපු ජ්‍යේෂ්ඨ ගුරු උපදේශක පී.එල්.එස්.සැම්සන් මහතා විසිනි. මෙහිදී ජ්‍යාත්යන්තර මලල ක්‍රීඩා තරග නීති යටතේ ලෝක මලල ක්‍රීඩා තරග ඔලිම්පික් ක්‍රීඩා තරග ,ජ්‍යාත්‍යන්තර ආරධිත මලල ක්‍රීඩා උළෙලවල පවතින සාමාන්‍ය මෙන්ම තාක්ෂණික තරග නීති රීති සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුකර තිබේ. මේ අතර ප්‍රධාන කාණ්ඩ 17 ක් යටතේ තරග නීති රීති හා තාක්ෂණික නීතීන් සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා තිබීම විශේෂත්වයකි.
2018-05-25T23:09:31.000Z
පැරදුණු අගමැතිගේ ගමන් මලුවලින් තවත් සල්ලි මතුවෙයි
රසාක්ගේ ගමන් මලුවලින් තවත් සල්ලි මතුවෙයි
මලයාසියා පොලීසිය එරට හිටපු අගමැති නජිබ් රසාක්ට සම්බන්ධතා ඇති නිවාස කිහිපයක කළ සෝදිසි මෙහෙයුම්වලින් අමෙරිකානු ඩොලර් මිලියන 27කට ආසන්න මුදල් තොගයක් සොයා ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මලයාසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් අගමැති ධුරයේ සිටින සමයේ එරට සංවර්ධන අරමුදලක (1MDB) මුදල් අවභාවිත කිරීම සම්බන්ධ විමර්ශනවලට අදාළව මෙම වැටලීම සිදු කර ඇති බවයි. කෙසේ වෙතත් ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂය පවසා ඇත්තේ මැතිවරණ ප්‍රචාරක අරමුදල් තොගයක් එලෙස පොලීසිය විසින් සොයා ගනු ලැබ ඇති බවයි. වාණිජ අපරාධ අංශයේ ප්‍රධානි අමාර් සිං විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ, බෑග් 35 ක තිබී එම මුදල් තොගය සොයාගත් බවයි. ඊට අමතරව තවත් බෑග් 37 ක තිබී ඔරලෝසු සහ ස්වර්ණාභරණ ද සොයා ගෙන ඇති අතර තවමත් ඒවායේ වටිනාකම ගණනය කර නොමැත. මැතිවරණ පැරදුමෙන් පසුදින ම හිටපු අගමැතිට චෝදනා... මේ අතර පසුගිය දා මලයාසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ගේ නිවසේ තිබී අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ තිස් පන්දාක් ඇතුළු විදේශ මුදල් තොගයක් එරට පොලීසිය සොයා ගනු ලැබිණ. ඒ අතර ශ්‍රී ලංකා රුපියල් දෙ කෝටි අසුහත් ලක්ෂයක මුදල් තොගයක් ද සොයා ගැනීම විශේෂත්වයකි. මැයි 9 වන දා පැවති මලයාසියානු මහමැතිවරණයෙන් , පරාජය වූ හිටපු අගමැති නජීබ් රසාක්ට එරෙහිව ඊට පසුදිනම දූෂණ චෝදනා එල්ල වීම විමර්ශනය ඇරඹිණ. 2009 වසරේදි අගමැති ධූරයට පත් රසාක් 2008 වසරේ සිටම මලයාසියානු රජයේ මුදල් ඇමතිකම හෙඹවීය. මලයාසියාවේ දුක් විදින ජනතාව වෙනුවෙන් යැයි පවසමින් , 2009 වසරේදී ආරම්භ කළ වන් මලයාසියා ඩිවලොප්මන්ට් බර්හැඩ් නම් සංවිධානයේ , උපදේශක මණ්ඩල සභාපතිවරයා වූයේද අගමැති රසාක් ය. ඩොලර් බිලියන ගණන් ගලා ආ සංවර්ධන අරමුදලේ මුදල් , 2014 වසර වන තෙක් කිසිඳු විනිවිදභාවයකින් තොරව රසාක්ගේ හවුලේ වුවමනාවන්ට වියදම් කර ඇති බවට 2015 වසරේදී චෝදනා එල්ල විය. එක් මලයාසියාවක් සඳහා එක්රැස් වූ ජනතා මුදල් එක් පුද්ගලයෙකුගේ පසුම්බියට වැටී ඇති බවට චෝදනා කළ එවක විපක්ෂ නායක අන්වර් ඊබ්‍රාහිම් වැඩි යමක් කීමට පෙර සිපිරි ගෙට යැවු රසාක් පාලනය , මුදල් වංචා චෝදනා එක හෙළා ම පෙතික්ෂේප කළේ ය. එහෙත් අමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව හා බුද්ධි අංශ ගොනු කළ කරුණුවලට අනුව සංවර්ධන අරමුදලෙන් අමරිකානු ඩොලර් බිලියන 4.5 ක් පිටරට පටවා ඇති රසාක් හවුල , ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 684 ක් සෘජුව අගමැතිවරයාගේ ගිණුමකට බැර කර තිබිණ. මහතීර් මොහහොමඩ් අගමැති ධුරය භාර ගත් පසු අලුත් වූ විමර්ශනවලට අනුව ක්වාලාලම්පුර්හි , පිහිටි රසාක්ගේ සුපිරි නිවාසය මලයාසියානු පොලීසිය සෝදිසියට ලක් කළේ ය. එහිදී සුඛෝපාභෝගී ගමන්මලු 284 ක් , අත්බෑග 72 ක් , මුදල් පිරවූ මලු විශාල සංඛ්‍යාවක්, රණ් ආභරණ තොගයක්, වටිනා අත්ඔරලෝසු තොගයක් සොයා ගැනිණ. එම මුදල් අතර තිබී රුපියල් මිලියන 28.7 ක් වටිනා ශ්‍රී ලංකා මුදල් නොට්ටු තොගයක් ද හමුවිය. විමර්ශනවලින් හෙළි වී ඇති කරුණු අනුව වන් මලයාසියා සංවර්ධන අරමුදලේ මුදල් අමරිකාව , සිංගප්පූරුව ,හා ස්විට්සර්ලන්තය යන රටවල ගිණුම්වලට බැර කර ඇති හිටපු අගමැති හවුල එම මුදල්වලින් ලාස් වේගස්හි සුපිරි හෝටලයක්, සුඛෝපභෝගි කුඩා යාත්‍රාවක් , ජෙට් යානයක්, දියමන්ති ආභරණ , පිකාසෝ චිත්‍ර‍යක් මිල දී ගෙන තිබේ. මලයාසියානු මහ මැතිවරණයෙන් නජීබ් රසාක් පරාජයට පත් වූ අතර 92 හැවිරිදි මහතීර් මොහොමඩ් එරට නව අග්‍රාමාත්‍ය ධුරයට පත් විය.
2018-05-25T22:52:59.000Z
ජා - ඇළ ජනතාවට විමසිල්ලෙන් පසුවන්නැයි උපදෙස්
ජා - ඇළ ජනතාවට විමසිල්ලෙන් පසුවන්නැයි උපදෙස්
COLOMBO (News 1st) : අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමග ජා - ඇළ දෙපස වේලිවලට ඉහළින් ජලය පිටාර ගලමින් ඇතැයි, ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා සඳහන් කළේ, එය වැළැක්වීම සඳහා මේ වනවිට වැලි කොට්ට ඇතිරීම ආරම්භ කර ඇති බවයි. ගංවතුර තත්ත්වය ඉහළ යාම පිළිබඳව ජා - ඇල ඇළ මාර්ගය දෙපස ජනතාව අවධානයෙන් සිටන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සඳහන් කළේ ය.
2018-05-25T21:04:42.000Z
සිරස - ශක්ති සහන යාත්‍රාව අද ත් පීඩාවට ජනතාව සෙයා ගමන් අරඹයි
සිරස - ශක්ති සහන යාත්‍රාව තෙවන දිනටත් ගමන් අරඹයි
COLOMBO (News 1st) : ජල ගැලීම්ලින් හා නායයාම්වලින් පීඩාවට පත් ජනතාව සඳහා ක්‍රියාත්මක සිරස - ශක්ති සහන යාත්‍රාවේ තවත් අදියරක් අද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වේ. ඔබ ලබාදුන් අධාර රැගත් සිරස – ශක්ති සහන යාත්‍රාව අද උදෑසන තෙවන දිනටත් කොළඹ 2 බ්‍රේබෲක් පෙදෙසේ පිහිටි සිරස ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ සිට කුරුණෑගල බලා ගමන් ආරම්භ කළේ ය. ඒ අනුව දිවයිනේ නන් දෙසින් ලැබුණු ආධාර අද කුරුණෑගල උඩුබද්දාව ප්‍රදේශයේ විපතට පත් ජනතාව අතට පත් කරනු ඇති. මේ අතර විපතට පත් ජනතාව වෙනුවෙන් ජනාතව ලබාදුන් පරිත්‍යාග රැගෙන ඊයේ මෙන් ම පෙරේදා දිනවලදී ද සිරස – ශක්ති සහන යාත්‍රාව දිස්ත්‍රික්ක කිහිපයක් බලා ගමන් කළේය. ඊයේ දිනයේ අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වු පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්කවල ජනතාවට අධාර බෙදා දීම සිදු කෙරිණ.
2018-05-25T20:49:28.000Z
පුත්තලමේ ජල ගැලීම් තවදුරටත් ඉහළට
පුත්තලමේ ජල ගැලීම් තවදුරටත් ඉහළට
COLOMBO (News 1st) : තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජල ගැලීම් තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් තිබේ. පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ එන්.ඒ.කේ.ඒ. අලහකෝන් මහතා සඳහන් කළේ, මේ වන විට නාත්තන්ඩිය, මහවැව, වෙන්නප්පුව, දංකොටුව, මාදම්පේ, කළුවරගස්වැව ඇතුළු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක දැඩි ගංවතුර තත්ත්වයක් පවතින බවයි. පුත්තලම දිස්ත්‍රික්කය හරහා ගලා බසින මාඔය, ලුණුඔය හා රතඹලාඔයද පිටාර ගලා ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ජල ගැලීම්වලින් සිරවූ පිරිසු මුදා ගැනීමේ මෙහෙයුම් අද අලුයම දක්වාම ක්‍රියාත්මක විය. උඩප්පුව ප්‍රදේශයේ සිරවී සිටි එවැනි පවුල් 15 ක් අද අලුයම නාවික හමුදා කණ්ඩායමක් විසින් මුදාගත් බව සහකාර අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය. දිස්ත්‍රික්කයේ ජල ගැලීම්වලින් පීඩාවට පත් සංඛ්‍යාව 30,000කට අධිකයි. කඳවුරුගතව දහතුන් දහසකට අධික පිරිසක් ජීවත්වන බව ද එන්.ඒ.කේ.ඒ.අලහකෝන් මහතා සඳහන් කළේ ය. මේ අතර දැදුරුඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක හටගත් ජල ගැලීම් තත්ත්වය තවමත් පහව ගොස් නොමැති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා පවසයි. ඔහු සඳහන් කළේ, දැදුරුඔය පිටාර ගැලීමෙන් බිංගිරිය, රස්නායකපුර ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක ජනතාව පීඩාවට පත්ව සිටින බවයි. මේ අතර අත්තනගලුඔයේ සහ මාඔයේ ජල මටට්ම ඉහළ යාම හේතුවෙන් තවදුරටත් ගම්පහ ජාඇල ඇතුළු ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.අජිත් නිශාන්ත මහතා පැවසී ය. ඔහු ප්‍රකාශ කළේ, ගම්පහ ජා-ඇල මාර්ගයේ ද ස්ථාන කිහිපයක් ගංවතුරින් යටවී ඇති බවයි. මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය පැවසුවේ, මේ වන විට කැලණි ගඟ , අත්තනගලුඔය ඇතුළු ප්‍රධාන ගංගාවල ජල මටට්ම මේ වන විට පහළ යමින් පවතින බවයි. මේ අතර රත්නපුර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම් රතු නිවේදනය අද පස්වරුව දක්වා ක්‍රියාත්මකයි. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, කුරුවිට සහ ඇහැළිගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දැරණියගල, දෙහිඕවිට, රුවන්වැල්ල, අරනායක සහ මාවනැල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ඊට ඇතුළත් ය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, කොත්මලේ සහ නුවරඑළිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා නයායාමේ අනතුරු ඇඟවීම් රතු නිවේදනය ක්‍රියාත්මකයි. කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, අගලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය, වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයාමේ අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ ඇල්පිටිය, කඩවත්සතර, නාගොඩ, නෙළුව සහ තවලම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලටයි. මේ අතර සබරගමුව, මධ්‍යම, බස්නාහිර පළාත් වල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා සඳහන් කළේ ය. ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට දිවයින ආශ්‍රිත මුහුදේ සුළඟේ වේගය පැයට කිලෝමිටර් 70 හෝ 80 දක්වා ඉහළ යා හැකි බවද ඔහු සඳහන් කළේ ය.
2018-05-25T11:45:26.000Z
කොදෙව් ටෙස්ට් තරගාවලියට ධනංජය ද සිල්වා නොමැති වීම කණ්ඩායමට පාඩුවක් - දිනේෂ් චන්දිමාල්
ධනංජය ද සිල්වා නොමැති වීම කණ්ඩායමට පාඩුවක්
COLOMBO (News 1st) - බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම හොඳ සුදානමකින් පසු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසයි. තරගාවලිය සඳහා දිවයිනෙන් පිටත්ව යෑමට පෙර ඔහු එම අදහස් පල කළේය. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදේව් කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3කින් සමන්විතය. එහි පළමු තරගය ලබන මස 6 වැනිදා ආරම්භ වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් මම හිතන්නේ කණ්ඩායමක් විදිහට අපි සියලු දෙනාම සූදානම් ඉතාමත් ලොකු අභියෝගයක් අවුරුදු 10 ට පස්සේ අපිට ආපහු ටෙස්ට් සංචාරයක් හම්බෙලා තියෙන්නේ ඉතින් අපි තරගාවලියක් ජයග්‍රහණය කරලා නෑ දක්ෂතා අතරට උපරිම එන්න පුළුවන් වුණොත් මම හිතන්නේ ලොකු අභියෝගයක් දෙන්න පුළුවන් වෙස්ට්ඉන්ඩීමස් කණ්ඩායමට ධනංජය ද සිල්වා පිළිබඳව ද එහිදී දිනේෂ් චන්දිමාල් අදහස් පල කළේය. කණගාටුව ප්‍රකාශ කරනවා ධනංජයට සහ එයාගේ ෆැමිලි එකේ අයට කණ්ඩායමේ සියලු දෙනාට මම හිතන්නේ කණගාටුදායක ආරංචියක් ධනංජයගේ පියා නැතිවීම මම හිතන්නේ පාඩුවක් ධනංජය නැති එක ඔහු අන්තිම තරග සංචාර තුන හතරෙම ඉතාමත් අත්‍යාවශය පිතිකරුවෙක් අවශ්‍ය වෙලාවේ ලකුණු රැස් කරපු
2018-05-25T08:43:36.000Z
ගංවතුරින් විපතට පත් වැසියන්ට සරණක් වූ සිරස - ශක්ති සහන යාත්‍රාව
ගංවතුරින් විපතට පත් වැසියන්ට සරණක් වූ සහන යාත්‍රාව
COLOMBO (News 1st) - විපතට පත් ජනතාව වෙනුවෙන් මෙරට කාරුණික හදවත් ඇති මිනිසුන් ලබාදුන් පරිත්‍යාග රැගෙන අද දෙවන දිනටත් සිරස - ශක්ති සහන යාත්‍රාව දිස්ත්‍රික්ක 2 ක් බලා ගමන් කළේය. සිරස - ශක්ති සහන යාත්‍රාව අද දිනයේ ගමන් ඇරඹීමට පෙර සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රය ඉදිරිපිට ශාක්‍ය මාලකයේදී ආගමික වතාවත් සිදුකෙරිණි. අනතුරුව උදෑසන 7ට පමණ නිව්ස්ෆස්ට් කණ්ඩායම අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වු පුත්තලම සහ රත්නපුර දිස්ත්‍රික්ක බලා ගමන් ආරම්භ කළේය. එලෙස මහජන ආධාර රැගත් එක් කණ්ඩායමක් පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තන්ඩිය සහ මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පීඩාවට පත් ජනතාව සොයා ගියේය. අනෙක් කණ්ඩායම රත්නපුර දිස්ත්‍රික්කයේ ජලගැලීම හේතුවෙන් විපතට පත් ජනතාව සොයා ගියේය. ඒ අනුව අප කණ්ඩායම රත්නපුර නගරයට තරමක් නුදුරින් පිහිටි දම්ඹුලුවන ගම්මානයට ළඟා වුණේ අතිශය දුෂ්කර මාර්ගයක් ඔස්සේයි. රත්නපුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් ද එහිදී විපතට පත් ජනතාවට භාණ්ඩ බෙදා දීම වෙනුවෙන් නිව්ස්ෆස්ට් හා එක්විය. මේ අතර සිරස - ශක්ති සහන යාත්‍රාව වෙනුවෙන් අද දිනයේත් බොහෝ දෙනෙකු කොළඹ 2 බ්‍රේබෲක් පෙදෙසේ පිහිටි සිරස ප්‍රධාන කාර්යාල පරිශ්‍රයට ද්‍රව්‍යාධාර ගෙනවිත් භාර දුන්නේය.
2018-05-25T05:29:07.000Z
පිරිසක් බේරා ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු මාදම්පේදී සැඩ පහරකට හසුව අතුරුදන් වෙයි
සැඩ පහරකට හසුවූ පොලිස් කොස්තාපල් අතුරුදන්
COLOMBO (News 1st) - පොලිස් කොස්තාපල්වරයෙකු මාදම්පේදී සැඩ පහරකට හසුව අතුරුදන් වෙයි. මාදම්පේ, මැටිහේන ප්‍රදේශයේ, ගංවතුරෙන් කොටු වී සිටි පිරිසක් බේරා ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු සැඩ පහරකට හසුවී අතුරුදන්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, බිංගිරිය වැවක වැව් බැම්ම කැඩී යාම හේතුවෙන්, මැටිහේන ප්‍රදේශයේ ළමුන් ඇතුළු පිරිසක් කොටු වී සිටින බවට ලද තොරතුරක් මත ඔහු ඇතුළු නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයට අද දහවල් ගොස් ඇති බව ය. එහිදී අදාළ පොලිස් නිලධාරියා ළමුන් ඇතුළු පිරිසක් කොටු වී සිටින ස්ථානයට යාමට උත්සහ කිරිමේදී මෙම අනතුරුට මුහුණ පා තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ, මාදම්පේ පොලිසියට අනියුක්තව රාජකාරි කළ 29 හැවිරිදි අවිවාහක පොලිස් කොස්තාපල්වරයෙකි. ඔහු සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය. මේ අතර, ගංවතුරට කොටු වී සිටි මැටිහේන ප්‍රදේශයේ පවුල් 5 සමාජිකයින් නිරුපද්‍රිතව මුදා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.
2018-05-25T02:17:45.000Z
ගුණදාස කපුගේ එක ම තනුවට ගැයූ අපූර්ව ගී ත්‍රිත්වය
ගුණදාස කපුගේ එක ම තනුවට ගැයූ අපූර්ව ගී ත්‍රිත්වය
ගුණදාස කපුගේ යනු කිසි දා මරණයට පත් වන කලාකරුවෙකු නොවේ. ඔහු අමරණීය කලාකරුවෙකි. ඔහු අමරණීය වන්නේ, හොඳ හඬක් හිමිව තිබූ හුදු ගායකයෙකු පමණක් නිසා නොවේ. ඔහු කලාත්මක පද රචනා තෝරා බේරාගෙන ජනතාව සඳහා නිර්මාණකරණයේ නිරත වූ විශිෂ්ටයෙකු වන නිසා ය. ඔහු ගැයූ විශිෂ්ට ගීත රැසක් මෙරට රසිකයින් වැඩි දෙනෙකු රස විඳ නැති බවට සැකයක් නැත. වාසනාවකට එම නිර්මාණ රැසක් Youtube තුළින් සොයාගත හැකි ය. අවාසනාව වන්නේ, වත්මන් පරම්පරාවේ බහුතරය එම ගීත ඇසීමට ප්‍රිය නොකිරීමත්, එම ගීතවල අර්ථය වටහා ගැනීමට තරම් බුද්ධිමත් නොවීමත් ය. මෙම ලිපි පෙළෙහි මූලික අරමුණ ගුණදාස කපුගේ යළි කියවීමට වත්මන් පරපුරට ඇරයුම් කිරීම යි. මෙම ලිපියෙන් අවධානය යොමු කරනුයේ, කපුගේ මහතා එක ම තනුවක් යොදා නිර්මාණය කළ ගීත තුනක් හඳුන්වා දීම යි. ඉන් පළමු ගීතය රත්න ශ්‍රී විජේසිංහයන් විසින් රචනා කරන ලද "සොඳුර නුඹ ලිහිණියක" ගීතය යි. සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට හඬන මම ද ලිහිණියෙකු වෙමි කැඩුණු තටු පිරිමදින...// අහිංසක අප දෙදෙන තටු කඩා මේ ලෙසින සිඳී ගිය ගඟ දෑළ හැර දැමූයේ කවුද සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්න ද බාල වයසින් මැරුණ ප්‍රේමයකි තරු එළිය කටුක දුක් විරහ මැද අතරමං වී ගිය ද අපි තව ම පෙම් කරමු අපේ ජීවිතවලට කියාදෙමු පියඹන්ට අපි අපේ පැටවුන්ට නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනක ගායනය: විශාරද ගුණදාස කපුගේ ගී පද: රත්න ශ්‍රී විජේසිංහ තනුව: විශාරද ගුණදාස කපුගේ [embed]https://www.youtube.com/watch?v=48sFOoUluYk&pbjreload=10[/embed] මෙම තනුවට සමාන තනු නිර්මාණයක් අනුව පහත දැක්වෙන ගීතය ද නිමවා තිබේ. එම ගීතයේ ගේය පද රචකයා දර්ශන මේදිස් ය. සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන සිහිල දෙන වැස්ස වෙමු දැවෙන කැළයට වසින නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන ගායනය: විශාරද ගුණදාස කපුගේ ගී පද: දර්ශන මේදිස් තනුව: විශාරද ගුණදාස කපුගේ [embed]https://www.youtube.com/watch?v=2LuKaQkpM_M[/embed] මෙම ගීතය දර්ශන මේදිස් කවියාගේ කඳුළු මිටියාවත කෘතියේ ඇතුළත් - උතුරින් දකුණට - පද්‍යය ආශ්‍රයෙන් නිර්මාණය කර ඇත. එම සම්පූර්ණ පද්‍යය පහත දැක්වේ. 'උතුරින් දකුණට' - දර්ශන මේදිස්ගේ 'කඳුළු මිටියාවත' කෘතිය සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය කඳුරු වෙමු එකම කන්දෙන් වැටෙන වියරු ගිනිදැල් නොවෙමු වනය අවුලා තබන මුරුගසන් වැස්ස වෙමු දැවෙන කැලයට වහින චන්ඩ පවනක් නොවෙමු දෙරණ අතුගා දමන මන්ද මාරුතය වෙමු දෙකොන සිපගෙන හමන නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන යකඩ පිත්තල නොවෙමු රජුන් උඩ පැන තලන බුරුත-කොස්-නැදුන් වෙමු උනට එසවිය නොහෙන පිදුරු-පොල් අතු නොවෙමු පැරණි ගෙට සෙවිලි වන සබඳ අපි ගඩොලු වෙමු අලුත් ගෙපැලක් බඳින මේ අතර, ගුණදාස කපුගේ නිකුත් කළ අවසන් ගී සමුච්චය වූ - මිරිවැඩි සඟලක් - ගී එකතුවට අයත් වූ ඩබ්ලියු. ඒ. අබේසිංහ කවියා රචනා කළ - රාත්‍රිය මම වෙමි ය - ගීතයේ තනුව ද ඉහත තනුවට සමාන ය. රාත්‍රිය මම වෙමි ය සුදු සුමුදු මල් කැකුළ පිනිබරව හෙට උදෑසන පිපෙන මල් කැකුළ ගනඳුරේ සැඟව ඇති ශාන්‍තිය හා නින්ද ඔබට පුද දී දෙනත පියා හිඳිනෙමි සොඳුර... මලක් වී හෙට උදේ ඔබ පිපෙන සුබ මොහොත කලක් සිට මම බලාගෙන හිඳිමි පිය කැකුළ වසන්තය සේ පැමිණ හොරෙන් යම් කිසි දිනෙක ඔබේ පෙති අතර පිනි බිඳක් වී සැඟවෙමි ය... ඔබ එළිය වූ මොහොත මම අඳුර වෙමි සොඳුර ඔබ ජලය වූ සඳේ මම පවස වෙමි නිබඳ දිග ම දිග රාත්‍රිය සෙමෙන් පියවර මනිත ඵලක් වී නෙත් හරින ඒ ප්‍රභාතය ඔබය... ගායනය: විශාරද ගුණදාස කපුගේ. ගී පද: ඩබ්.ඒ.අබේසිංහ තනුව: විශාරද ගුණදාස කපුගේ [embed]https://www.youtube.com/watch?v=XLfhwmJbBYk[/embed] මෙම ගීත ත්‍රිත්වයෙහි ම තනු නිර්මාණකරු ගුණදාස කපුගේ ම ය. මෙම ගීතවල තනුවට අමතරව එහි අර්ථවත් බව කෙරෙහි ද අධ්‍යයනයක නිරත වීමට ඔබට ඇරයුම් කරමි. - කුමුදු ජයවර්ධන
2018-05-25T01:16:52.000Z
දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයාගේ ඝාතනය පිටුපස පාතාල කණ්ඩායමක්
රත්මලානේදී සිදු වූ නාගරික මන්ත්‍රීවරයාගේ ඝාතනය
COLOMBO (News 1st) - දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ. රන්ජන් සිල්වා මහතාට වෙඩි තැබීමේ සිද්ධිය පාතාල කණ්ඩායමක් විසින් සිදු කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකා ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අංජු නමැති පාතාල නායකයාට අයත් පිරිසක් වෙඩි තැබීම කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව ය. වෙඩි තැබීම සිදු කර ඇත්තේ, සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙකු බව හඳුනාගෙන ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ. රන්ජන් සිල්වා මහතා මිය ගියේ, රත්මලාන ඥානේන්ද්‍ර ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමෙනි. ඉන් තුවාල ලැබූ තවත් දෙදෙනෙක් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබති. මිය ගිය මන්ත්‍රීවරයාගේ වයස අවුරුදු 62කි. ඔහු ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා යි. තුවාලකරුවන්ගෙන් එක් අයෙකු දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ කම්කරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා ධීවරයෙකි. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
2018-05-25T00:25:30.000Z
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව කථානායකවරයාට භාර දෙයි
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව
COLOMBO (News 1st) - විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ඇතුළු යෝජනා කිහිපයක් ඇතුළත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව අද කථානායකවරයාට භාර දුන්නේ ය. ඒ, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ය. https://www.youtube.com/watch?v=P8fXPIUSRVY
2018-05-25T00:48:38.000Z
අයහපත් කාලගුණයෙන් යල කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි
යල කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි
COLOMBO (News 1st) - අධික වැසි සමග ඇති වූ ගංවතුර සහ නාය යාම්වලින් යල කන්නයේ වගා හානි වූ ගොවීන් සඳහා වන්දි ලබා දීමට රජය තීරණය කර තිබේ. කෘෂිකාර්මික ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පැවසුවේ, සිදු වූ හානි සම්බන්ධයෙන් දින 14 ක් ඇතුළත කෘෂිකාර්මික ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ශාඛාවකට හෝ ගොවිජන සේවා මධ්‍යස්ථානයකට දැනුම් දිය යුතු බව ය. ඒ අනුව වී, බඩඉරිඟු, සෝයා, අර්තාපල්, ලොකු ළූණු සහ මිරිස් යන භෝග සඳහා වන්දි පිරිනැමෙනු ඇති. අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, උපරිම බිම් ප්‍රමාණය සහ වගාවේ අවධිය පිළිබඳව සිදු කරන ලද පරීක්ෂා කිරීම්වලින් පසු වන්දි ලබා දෙන බව ය. වගා හානි තක්සේරු කිරීම සඳහා අදාළ ප්‍රදේශ වෙත නිලධාරීන් යොමු කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය. සිදුව ඇති හානි පිළිබඳ තොරතුරු 1918 දුරකතන අංකය ඇමතීමෙන් ද ලබා දිය හැකි ය.
2018-05-24T20:47:08.000Z
සිය හමුදා සීරුවෙන් බවට ට්‍රම්ප් උතුරු කොරියාවට අනතුරු අඟවයි
ට්‍රම්ප් යළි උතුරු කොරියාවට අනතුරු අඟවයි
(News 1st) - උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් සමග සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවලංගු කළ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය හමුදා සීරුවෙන් බවට අනතුරු අඟවා තිබේ. ලබන මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ කිම් ජොන් උන් සහ තමන් අතර ඓතිහාසික සමුළුව ජනපති ට්‍රම්ප් ඊයේ දිනයේ අවලංගු කළේ, විවෘත එදිරිවාදී උතුරු කොරියාවට ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකාව සූදානම් බවට අනතුරු අඟවමිනි. ලබන 12 වන දින සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත වූ දෙරට අතර නායක හමුව තමන් අවලංගු කරන බව අමෙරිකානු ජනපතිවරයා දැනුම් දී ඇත්තේ, උතුරු කොරියානු නායකයා වෙත ලිපියක් යොමු කරමිනි. ධූරයේ සිටින අමෙරිකානු ජනපතිවරයෙකු උතුරු කොරියානු නායකයෙකු සමගින් පැවැත්වෙන පළමු සාකච්ඡාව ලෙස මෙම හමුව ඉතිහාසගත වීමට නියමිතව තිබිණි.
2018-05-24T20:29:09.000Z
කඩුවෙල පාලමේ ඉදිකිරීම් තවදුරටත්
කඩුවෙල පාලමේ ඉදිකිරීම් තවදුරටත්
COLOMBO (News 1st) - කඩුවෙල පාලම සම්බන්ධ කරමින් ඉදිකෙරෙන තාවකාලික පාලමේ ඉදිකිරීම් කටයුතු මේ වන විටත් සිදු වන බව අප වාර්තාකරු පවසයි. බියගම හා කඩුවෙල යා කෙරෙන මෙම පාලම සම්බන්ධ එක් ඉවුරක් ඛාදනය වීම නිසා තාවකාලික පාලමක් ඉදිකිරීමට රාත්‍රී 8.00 සිට මාර්ගය වසා තැබිණි. එම ස්ථානයේ ඉදිකිරීම් කටයුතු සිදු කරන ඉන්ජිනේරුවන් පවසා ඇත්තේ, අද උදෑසන 8.00 පමණ වන විට තාවකාලික පාලම ඉදිකර රථ වාහන ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බව ය.
2018-05-24T20:09:02.000Z
UPDATE: ජලයට කොටු වූ පිරිසක් බේරා ගැනීමට ගිය පොලිස් නිලධාරියෙකු සැඩ පහරට හසු වී අතුරුදන්
පොලිස් නිලධාරියෙකු සැඩ පහරට හසු වී අතුරුදන්
COLOMBO (News 1st) - Updates ප.ව. 1.30: මාදම්පේ, මැටිහේන ප්‍රදේශයේ ජලයට කොටු වූ පිරිසක් බේරා ගැනීමට ගිය පොලිස් නිලධාරියෙකු සැඩ පහරට හසු වී අතුරුදන් වී තිබේ. ප.ව. 12.00: ජල ගැලීම් හා ගංවතුරින් පුද්ගලයින් 127913කට පීඩා: මිය ගිය සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ යයි. පෙ.ව. 9.23: දියගල ප්‍රදේශයේ නාය යාමේ අවදානමක් හේතුවෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමේ. ----------------------------------------------------------------------------------------------------------------------------------------- වාන් දොරටු 20කින් සමන්විත තබ්බෝව ජලාශ්‍රයේ සියලු වාන් දොරටු විවෘත කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුවල මහත්මිය සඳහන් කළේ, අවදානම් ස්ථානවලින් ජනතාවට ඉවත් වන ලෙස උපදෙස් දී ඇති බව ය. දිවයිනේ දිස්ත්‍රික්ක 18 කට බලපා ඇති අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 125000කි. පුද්ගලයින් 55000 ඉක්ම වූ පිරිසක් කඳවුරුවල රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය. කළු, ගිං ගංගා සහ අත්තනගලු ඔය තවදුරටත් ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කළුතර දිස්ත්‍රික්කයේ පහත් බිම්වල ජලය බැස යමින් පවතින බව දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී ජයලාල් මහතා පැවසුවේ ය. රත්නපුර, නුවරඑළිය, කළුතර, ගාල්ල, කෑගල්ල යන දිස්ත්‍රික්කවලට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් රතු නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක ය. මේ අතර සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන් ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 100 ත් 150 ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
2018-05-24T11:34:24.000Z
රත්මලානේදී නාගරික මන්ත්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ  
රත්මලානේදී නාගරික මන්ත්‍රීවරයෙකු ඝාතනය කෙරේ  
COLOMBO (News 1st) - රත්මලානේ සිදු වූ වෙඩි තැබීමකින් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වන කේ. රන්ජන් සිල්වා මහතා මිය ගොස් තිබේ. ඊයේ රාත්‍රී 8.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු වුණේ, රත්මලාන ඥානේද්‍ර පාර ප්‍රදේශයේදී ය. පොලීසිය සඳහන් කළේ, වෙඩි තැබීමෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව ය. වෙඩි තැබීමෙන් මිය ගිය 62 හැවිරිදි කේ. රන්ජන් සිල්වා මහතා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා මහතාගේ පියණන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර වෙඩි තැබීමට හේතුව ද මෙතෙක් අනාවරණය වී නොමැත. මේ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
2018-05-24T11:10:42.000Z
රාගලදී දැරියක් සැඩ පහරේ ගසා ගෙන යයි
රාගලදී දැරියක් සැඩ පහරේ ගසා ගෙන යයි
රාගල, කණිකාව ප්‍රදේශයේදී සැඩ පහරකට හසුවීමෙන් වයස අවුරුදු 9 ක පාසල් දැරියක මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, පාසල නිමවී යළි නිවසට පැමිණෙමින් සිටියදී ඇය මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි. සැඩ පහරකට හසු වූ දැරිය බේරා ගෙන නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
2018-05-24T09:50:39.000Z
ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අප එලෙසින්ම ඔවුන්ට සමීප කළ වගයි..!
සහන යාත්‍රාවට ඔබ දුන් ද්‍රව්‍යාධාර ජනතාව අතට
COLOMBO (News 1st) : ජනතාවගේ අධාර උපකාරයෙන් රැස්කළ වියලි ආහාර හා පානීය ජල බෝතල් රැගත් සිරිස ශක්ති සහන යාත්‍රාව අපදාවට ලක්වු ජනතාව සොයා අද උදෑසන පිටත් විය. දින තුනක සිට රත්මලාන ස්ටැයින් මැදිරි සංකීර්ණයේ, දෙපානම කාර්යාල පරිශ්‍රයේදී ජනතාව වෙනුවෙන් එක්රැස් කළ ද්‍රව්‍යාධාර ඇසුරුම් කිරීම කොළඹ මූලස්ථාන පරිශ්‍රයේදී අද අලුයම වන තෙක් සිදුකෙරිණ. අද උදෑසන ආගමික වාතාවත්වලින් අනතුරුව අපදාවට පත්වූ සහෝදර ජනතාව සොයා සහන යාත්ත්‍රාව දිවයිනේ ප්‍රදේශ තුනක් බලා පිටත් විය. සංවේදී හදවත් ඇති ජනතාව , අසරණ ජනතාව වෙනුවෙන් ලබාදුන් ද්‍රව්‍යාධාර , ‍ බෙදාහැරීම සදහා රත්නපුර හා කෑගල්ල හා නවලපිටිය බලා පිටත්ව ගියේ ය. රත්නපුර දිස්ත්‍රික්කයේ , දිමියාව ප්‍රදේශයට අද පස්වරුවේ එක් සහන යාත්‍රා කණ්ඩායමක් ළඟා විය. දුෂ්කර මාර්ගයක් ඔස්සේ ගමන් කළ සහන , යාත්‍රා කණ්ඩායම බෝට්ටු මගින් දිමියාව අවතැන් කඳවුරු වෙත ගොස් ද්‍රව්‍යාධාර ලබාදුන්නේ ය. කළු ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමග පවුල් 90කට ආසන්න සංඛ්‍යාව මෙම ගම්මානයේ අවතැන් වී සිටිති. ද්‍රව්‍යාධාර රැගෙන දිමියාව ගම්මානයට පිරිසක් ළඟා වූ පළමු අවස්ථාව මෙය වීම නිසා ඔවුන්ගේ ගැටලු සහන යාත්‍රා කණ්ඩායම වෙත ඉදිරිපත් කළේ ය. රත්නපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂ උදය කුමාර මහතා හා කොට්ඨාස ජීවිතාරක්ෂක නිලධාරීන් සහන යාත්‍රා කණ්ඩායමට මෙම ද්‍රව්‍යාධාර බෙදාහැරීම සහය ලබා දුන්නේ ය. https://www.youtube.com/watch?v=GD7MC4tqw0A
2018-05-24T08:57:05.000Z
දිස්ත්‍රික් 3කට තවදුරටත් මහ වැසි සමග ගංවතුර
දිස්ත්‍රික් 3කට තවදුරටත් මහ වැසි සමග ගංවතුර
COLOMBO (News 1st) :අධික වර්ෂාවත් සමග පිඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව එක් ලක්ෂ විසි පන් දහස් නමසිය පනස් හතරක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, මේ වනවිට පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බවයි. අවතැන් වූ පුද්ගලයින් පනස් හතර දහස් දෙසිය පහකට අධික පිරිසක් කඳවුරු 251 ක රඳවා ඇතැයි, ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය. අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති දිස්ත්‍රික්ක ගණන 19 කි. රත්නපුර, නුවරඑළිය, කළුතර, ගාල්ල, කෑගල්ල යන දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශවලට ඊයේ පස්වරුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නායයාම් අනතුරු ඇඟවීමේ රතු නිවේදනය තවදුරටත් වලංගුයි. පසුගිය දින 5 කාලය තුළ එම දිස්ත්‍රික්කවලට වැඩි වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් එම රතු නිවේදනය නිකුක් කිරිමට පියවර ගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=8r31Kz60Svw https://www.youtube.com/watch?v=wI3WpA8i0GI
2018-05-24T08:38:27.000Z
ට්‍රම්ප් - උන් ඓතිහාසික හමුව අවලංගුයි
ට්‍රම්ප් - උන් ඓතිහාසික හමුව අවලංගුයි
ලබන 12 වන දා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමග සිංගප්පූරුවේදී පැවිත්වීමට නියමිත වූ ඓතිහාසික හමුව අවලංගු කළ බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු ප්‍රකාශ කර ඇත්තේ උතුරු කොරියාව පසුගිය දිනවල සිදුකළ වෛරි ප්‍රකාශ හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. ඒ අනුව ජුනි මස 12 වන දා පැවැත්වීමට නියමිත සාකච්ඡාව මේ මොහොතේ සුදුසු නොවන බවත් අදාළ සාකච්ඡාව යම් දිනක පැවැත්වීමට තමා තීරණය කළ බවත් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත. මේ අනුව , නැවතත් උතුරු සහ දකුණු කොරියානු දේශපාලන අර්බුදය සුපරුදු තත්ත්වයට පත්වනු ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය.
2018-05-24T08:21:35.000Z
කැලණිය විශ්වවිද්‍යාලයේ 98 වන උපාධි ප්‍රදානෝත්සවය
කැලණිය විශ්වවිද්‍යාලයේ 98 වන උපාධි ප්‍රදානෝත්සවය
COLOMBO (News 1st) : කැලණිය විශ්වවිද්‍යාලයේ 98 වන උපාධි ප්‍රදානෝත්සවය අද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණ. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට උප කුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ, පශ්චාත් උපාධි අධ්‍යනාංශයේ පීඨාධිපති මහාචාර්ය ජේ.එම්.ඩී. ආරියරත්න මහත්වරු ඇතුළු ආචාර්ය මණ්ඩලය එක්ව සිටියහ. මෙහිදී විෂය ක්ෂේත්‍ර ගණනාවකින් පර්යේෂණ අධ්‍යනයන් සිදු කළ විද්‍යාර්ථයින් රැසකට පශ්චාත් උපාධි පිරිනැමිණ. News 1st නාලිකා ප්‍රධානී සුරංග සේනානායක මහතා ද අද පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී ජන සන්නිවේදනය පිළිබඳ දර්ශනපති උපාධිය දිනා ගත්තේ ය. ඒ, ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණවලදී ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති දේශපාලන සන්නිවේදන ශක්තිය පිළිබඳ සිදුකරන ලද පර්යේෂණය වෙනුවෙනි.
2018-05-24T07:29:11.000Z
කඩුවෙල පාලම තාවකාලිකව වසා දැමේ
කඩුවෙල පාලම තාවකාලිකව වසා දැමේ
COLOMBO (News 1st) : බියගම හා කඩුවෙල යා කෙරෙන කඩුවෙල පාලම අද රාත්‍රී 8 සිට හෙට උදෑසන දක්වා වසා තැබෙන බව මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කරයි. අධික වර්ෂාවත් සමග සෝදා ගිය එම පාලමේ ප්‍රවේශ ස්ථානයේ තාවකාලික පාලමක් ස්ථාපනය කිරීමට නියමික බැවින් අදාළ කාලය තුළදී පාලම වසා තැබෙන බව එම අධිකාරිය වැඩිදුරටත් දැනුම් දී සිටී. මේ අනුව අධිවේගී මාර්ගය ආසන්නයෙන් කඩුවෙලට සහ බියගමට ප්‍රවේශවීමට ඇති මාර්ග භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.
2018-05-24T06:56:30.000Z
නිට්ටඹුවේ වෙඩි තැබිමකින් මවක මියයයි
නිට්ටඹුවේ වෙඩි තැබිමකින් මවක මියයයි
COLOMBO (News 1st) : නිට්ටඹුව, හත්වඩුන්න ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් මවක මියගොස් පුත්‍රයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ඔවුන් සතුව ඇති මුදල් කොල්ලකෑමට උත්සාහ දරා ඇති බවයි. යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනා එම අවස්ථාවේදී මවට සහ පුතාට වෙඩි තබා තිබේ. වෙඩි තැබීමෙන් පසුව යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනා පලා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය. වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුත්‍රයා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ. අද දහවල් 1.00ට පමණ එම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
2018-05-24T06:01:20.000Z
ශ්‍රී ලංකා තේ නාමය නව මගකින් ලොව හමුවට
ශ්‍රී ලංකා තේ නාමය නව මගකින් ලොව හමුවට
COLOMBO (News 1st) : සම්ප්‍රදායික ප්‍රචාරයෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකා තේ නාමය සමාජ මාධ්‍ය මගින් ලෝකයට ගෙන යාමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. ඒ සඳහා සමාජ මාධ්‍ය යොදා ගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය. අමාත්‍යවරයා එම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා තේ මණ්ඩල (සංශෝධන ) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත් අවස්ථාවේදීයි. මේ වන විට මෙරට තේ සඳහා ඉහළ මිලක් ලබාගත හැකි ව ඇති බව ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ ය. තේ වගාකරුවන් දිරිමත් කිරීම හරහා තේ වගාව ප්‍රචලිත කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.
2018-05-24T04:48:23.000Z
රට පැන්න, මහ බැංකුවේ මහේන්ද්‍රන් ගැන Interpol හෙළිදරව්ව
රට පැන්න, මහ බැංකුවේ මහේන්ද්‍රන් ගැන හෙළිදරව්වක්
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පුරුවේ රැඳී සිටින බවට ජාත්‍යන්තර පොලීසිය තහවුරු කර තිබේ. අද නීතිපති දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ජාත්‍යන්තර පොලීසියේ සිංගප්පුරු ශාඛාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම් දී ඇති බවයි. මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ නඩුව අද කැඳ වූ අවස්ථාවේදී අධිකරණයේදී මේ බව අනාවරණ විය. හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මේ වනවිට ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන ද නිකුත් කර තිබේ. මේ අතර මහබැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් හා ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන අද අධිකරණයට ඉදිරිපත් කෙරිණ. එහිදී කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළේ, ඔවුන් ලබන 07 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. https://www.youtube.com/watch?v=r3aUHi1VeFw
2018-05-24T04:55:47.000Z
"මේ අගමැති යටතේ නි. කතානායකකමත් එපා"- තිලංග සුමතිපාල
"මේ අගමැති යටතේ නි. කතානායකකමත් එපා"
COLOMBO (News 1st) : නියෝජ්‍ය කතානායක ධුරයෙන් තමා ඉවත්වූ බව අද පැවති මාධ්‍ය හමුවකදී තිලංග සුමතිපාල පැවසී ය. අප්‍රේල් 18 වන දා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දුන් බව ද එහිදී තිලංග සුමතිපාල මහතා පැවසී ය. තව ද මෙම ආණ්ඩුවෙන් ඉවත් වූ සිය කණ්ඩායමේ ප්‍රතිපත්තිමය තීන්දුවක් අනුව තමා මෙම තීරණය ගත් බව ද මන්ත්‍රීවරයා පැවසී ය.
2018-05-24T01:21:31.000Z
ඩෙංගු රෝගය යළි ඉහළට
ඩෙංගු රෝගය යළි ඉහළට
COLOMBO (News 1st) - ප්‍රදේශ රැසක ඩෙංගු රෝග ව්‍යාප්තිය යළි ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, මේ හේතුවෙන් රෝග ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බවයි. මේ වනවිට සතියකට ඩෙංගු රෝගීන් 200 ක් පමණ වාර්තාවන බව ද ඇය පැවසුවා ය. වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය ප්‍රකාශ කළේ, රෝගින් වැඩි වශයෙන් වාර්තා වන්නේ බස්නාහිර, වයඹ, සබරගමුව හා නැගෙනහිර පළාත්වලින් බව යි. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 16 ක් වාර්තාවී ඇති අතර රෝගය වැළදී ඇති පිරිස 18,000 කට අධික වේ.
2018-05-24T00:06:47.000Z
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4 ක් විවෘත කෙරේ
තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ
COLOMBO (News 1st) - තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4 ක් විවෘත කර තිබේ. පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකාරණ සහකාර අධ්‍යක්ෂ ඒ. එම්. ආර්. එන්. කේ අලහකෝන් මහතා සඳහන් කළේ, ඉන් තප්පරයට ඝන අඩි 470 ක් මුදා හැරෙන බවයි. මේ අතර දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 08 ක් ද තවදුරටත් විවෘත කර ඇති අතර ඉන් දැදුරු ඔයට මුදා හැරෙන ජල ප්‍රමාණය තත්පරයට ඝන අඩි 8000 ක් වනු ඇත. රාජාංගනය ජලාශයේ වාන් දොරටු 2 ක් ද මේ වන විට විවෘත කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර ජල ගැලීම් හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 2500 කට අධික පිරිසක් අවතැන් වී ඇති බව ද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ ය. ඔහු කියා සිටියේ, එම පිරිස මධ්‍යස්ථාන 80 ක රඳවා ඇති බවයි. මේ අතර අද අලුයම සිට යළි ත් ප්‍රදේශ රැසකට වැසි ඇද හැලෙමින් ඇතැයි ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
2018-05-23T23:27:34.000Z
ෂැංහයිහි තීන්ත කම්හලකින් ගින්නක්
ෂැංහයිහි තීන්ත කම්හලකින් ගින්නක්
COLOMBO (News 1st) - චීනයේ ෂැංහයිහි පිහිටි තීන්ත කම්හලක ගින්නක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ෂැංහයිහි ෆෙන්සියෑන් ප්‍රදේශයේ පිහිටා ඇති තීන්ත කම්හලක මෙම ගින්න හටගෙන ඇති බවයි. එරට වේලාවෙන් දහවල් 2.00 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ඉන් නැගෙන කලු දුමාරයෙන් ප්‍රදේශයේ වැසී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. එරට පොලීසිය හා ගිනි නිවන භටයින් එක්ව පැය 3 කට ආසන්න කාලයක් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත. ෆෙන්සියෑන්හි පරිසර අධික්ෂණ අංශය පැවසූවේ, ඉන් පිටවන දුමාරයෙන් ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර විය හැකි බවයි. ගින්නෙන් පුද්ගල මරණ කිසිවක් මෙතෙක් වාර්තාවී නොමැත. මේ අතර ගිනි ඇතිවීමට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
2018-05-23T21:46:20.000Z
අනවසර පදික වෙළෙඳුන්ට වැඩ වරදී
අනවසර පදික වෙළෙඳුන්ට වැඩ වරදී
COLOMBO (News 1st) - ගාල්ල නගරයේ අනවසර පදික වෙළෙඳුන් ඉවත් කර තිබේ. පදික වේදිකාව අවහිර කරමින් වෙළෙඳාමේ නියුතු පිරිසක් මෙසේ ඉවත් කොට ඇත. ඊට ගාල්ල නගර සභා නිලධාරීන් සහ පොලීසිය ද එක් ව සිටි. අප වාර්තාකරු පැවසුවේ, ඉවත් කරන ලද කුඩා වෙළෙඳසැල් ප්‍රමාණය 20 පමණ වන බවයි.
2018-05-23T21:05:07.000Z
සිරස - ශක්ති සහන යාත්‍රාවේ පළමු ආධාර තොගය අද විපතට පත් ප්‍රදේශ වෙතට
සිරස - ශක්ති සහන යාත්‍රාව ගමන් ඇරඹෙයි
COLOMBO (News 1st) - ජල ගැලීම්වලින් හා නායයෑම්වලින් පීඩාවට පත් ජනතාව සඳහා ක්‍රියාත්මක සිරස - ශක්ති සහන යාත්‍රාවට ජනතාව ලබාදුන් ආධාරවල පළමු තොගය අද විපත්ට පත් ජනතාව සිටින ප්‍රදේශ වෙත රැගෙන යාමට නියමිතව තිබේ. එම අධාර රැගත් රථ අද පෙරවරු 8.30 ට සිරස මුලස්ථාන පරිශ්‍රයෙන් පිටත්වීමට සැලසුම් කර ඇත. මෙහිදී පළමු අදියර යටතේ රත්නපුර දිස්ත්‍රික්කයට අධාර රැගත් රථ යැවීමට තීරණය කර තිබේ.
2018-05-23T19:52:21.000Z
අද ත් වැසි තත්ත්වයේ වර්ධනයක්: පුද්ගල මරණ 12 දක්වා ඉහළට
අද ත් වැසි තත්ත්වයේ වර්ධනයක්
COLOMBO (News 1st) - අද ත් ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා වයඹ පළාත් ඇතුලු ප්‍රදේශ රැසකට අද දිනයේ මිලිමීටර් 100 - 150 ත් අතර තද වැසි ද ඇතිවිය හැකි බවයි. මේ අතර ඊයේ දහවල් සිට අද අලුයම දක්වා ගාල්ල ප්‍රදේශයට මිලිමීටර් 69.3 ක් කුරුණෑගලට මිලිමීටර් 40.05 ක්, මන්නාරමට මිලිමීටර් 38.7 ක් හා යාපනයට මිලිමීටර් 57.5 ක වර්ෂාපතනයනක් ලැබී ඇති බවයි. පවතින අපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 18 ජනතාවට බලපෑම් එල්ලවී තිබේ. අපදා කළමනාකරණ අමාත්‍යංශය පැවසුවේ, මේවන විට පුද්ගල මරණ 12 වාර්තා වී ඇති අතර පීඩාවට පත් ව ඇති ජනතාව එක් ලක්ෂ පන්දහස් තුන්සිය පනස් දෙක දක්වා ඉහළ ගොස් ඇති බවයි. කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින හෙයින් කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවල අවදානම් ස්ථානවල වෙසෙන, ජනතාවට තාවකාලිකව ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දී ඇත. තව ද පුත්තලම සාලියවැව නීල බැම්ම අමුණ වාන් දමමින් පවති. ඊට හේතුව ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, රාජාංගනය ජාලාශයේ වාන් දොරටු විවෘත කිරීමයි. සාලිය නිල බැම්ම අමුණ වාන් දැමීම හේතුවෙන් පුත්තලම, වනාතවිල්ලාව හරහා මන්නාරම මාර්ගය තවමත් ජලයෙන් යටව පවති.
2018-05-23T19:24:03.000Z
දුම්රිය වෘත්තිය සමිති වැඩවර්ජනයක
දුම්රිය වෘත්තිය සමිති වැඩවර්ජනයක
COLOMBO (News 1st) - දුම්රිය නියාමකවරුන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, දුම්රිය භාණ්ඩ පරීක්ෂකවරුන්ගේ සහ දුම්රිය ශන්ටර්වරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයෝගය පළ කරමිනි. සිය වැටුප් ගැටලු විසඳීමට දුම්රිය බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් දුම්රිය භාණ්ඩ පරීක්ෂකයින් සහ දුම්රිය ශන්ටර්වරුන් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට යොමු වී ඇත. දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් පී. එම්. පී. පීරිස් මහතා පැවසුවේ, ඊට සහය පළ කරමින් තමන් ද වැඩවර්ජනයට එක් වූ බවයි.
2018-05-23T11:03:35.000Z
16 යේ නායකයාත් මහින්ද ද?
16 යේ නායකයාත් මහින්ද ද?
COLOMBO (News 1st) - ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා අද සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු විය. කොළඹ විජයරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවති මෙම සාකච්ඡාව පැය දෙකක පමණ කාලයක් පැවති බව අප වාර්තාකරුවන් සඳහන් කළහ.
2018-05-23T10:48:18.000Z
සිරස - ශක්ති සහන යාත්‍රාවට අද ත් නන්දෙසින් ආධාර
සිරස - ශක්ති සහන යාත්‍රාවට අද ත් නන්දෙසින් ආධාර
COLOMBO (News 1st) - පවතින කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා සිරස - ශක්ති සහන යාත්‍රාවට අද ත් ජනතාව ආධාර රැගෙන පැමිණයහ. මෙලෙස ලැබෙන ද්‍රව්‍යාධාරවලින් කොටසක් හෙට උදෑසන විපතට පත් ජනතාව වෙත රැගෙනයාමට නියමිත වේ. සිරස - ශක්ති සහන යාත්‍රාව වෙනුවෙන් භාණ්ඩ එක්රැස් කිරීම ආරම්භ වූයේ, පසුගිය 21 වන දා රාත්‍රි සිටයි. සහන යාත්‍රාව වෙනුවෙන් භාණ්ඩ එක්රැස් කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 3 කදී සිදු කෙරිණි. එක් මධ්‍යස්ථානයක් වෙන්කර ඇත්තේ, කොළඹ 02 බ්‍රේබෲක් පෙදෙසේ පිහිටි සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධාන ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේයී. මේ අතර රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණ පරිශ්‍රයේ ද සිරස - ශක්ති සහන යාත්‍රාවට ද්‍රව්‍යාධාර එක් රැස්කිරීමේ කටයුතු සිදු කෙරිණි. අද උදෑසන සිට විවිධ ප්‍රදේශවලින් සහෘද ජනතාව දෙපානම මැදිරි සංකීර්ණය වෙත පැමිණියේ ද සහන යාත්‍රාව වෙනුවෙන් ආධාර ලබාදීමේ අපේක්ෂාවෙනි. සහල්, පරිප්පු, සීනී, නුඩ්ල්ස්, ටින් මාළු, බිස්කට්, වතුර බෝතල්, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඔබටත් අපගේ ආධාර රැස්කරන මධ්‍යස්ථාන වෙත පරිත්‍යාගය කළ හැකියි. හෙට උදෑසන වන තෙක් කොළඹ 02 බ්‍රේබෘෘක් පෙදෙසේ සිරස මූලස්ථාන පරිශ්‍රය, දෙපානම සිරස මැදිරි සංකීර්ණය, රත්මලාන ස්ටයින් මැදිරි සංකිර්ණය යන ස්ථානයන්හි පිහිටා තිබෙන සහන යාත්‍රාවේ ආධාර එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත පරිත්‍යාගය කිරීමට ඔබට හැකියාව පවති. වැඩිදුර තොරතුරු සඳහා 0114 896 896 දුරකතන අංකය ඔබ වෙනුවෙන් විවෘත වේ.
2018-05-23T10:37:09.000Z
මාලදිවයින් ජාතිකයා කටුනායකදී කුඩු සමග කොටු
මාලදිවයින් ජාතිකයා කටුනායකදී කුඩු සමග කොටු
COLOMBO (News 1st) : හෙරොයින් කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 390 ක් සමග මාලදිවයින් ජාතිකයෙකු කාටුනායනක ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ සැකකරු මෙම හෙරොයින් තොගය මෙරටින් රැගෙන යාමට තැත් කිරීමේදීයි. එහි වටිනාකම රුපියල් මිලියන 24 කට අධික වන අතර වැඩි ම හෙරොයින් ප්‍රමාණයක් මෙරටින් පිටතට ගෙන යාමේදී අත්අඩංගුවට ගත් සැකකරු මොහු බව පොලීසිය සඳහන් කළේ ය.
2018-05-23T10:12:20.000Z
හෙට දිනයේත් ප්‍රදේශ රැසකට අධික වැසි
හෙට දිනයේත් ප්‍රදේශ රැසකට අධික වැසි
COLOMBO (News 1st) - අයහපත් කාලගුණ තත්ත්වයෙන් අවතැන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 84,000 ක් බව කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අවතැන්වූවන් රඳවා ඇති සුබසාධක කඳවුරු කිහිපයක අප ප්‍රාදේශිය වාර්තාකරුවන් අද සංචාරය කළහ. බුලත්සිංහල, පරගොඩ ප්‍රදේශයෙන් කුකුළේ ගඟ පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 15 ක් පමණ අවතැන්ව සිටි. ඔවුන් ඊයේ පස්වරුවේ සිට පරගොඩ කණිෂ්ට විද්‍යාලයේ රැඳී සිටිනු ඇත. කළු ගඟ රත්නපුර ප්‍රදේශයෙන් පිටාර ගැලීමත් සමග නිවාස යට වූ රත්නපුර, ගොඩිගමුව අවට පවුල් 80 ක ජනතාව මේ වනවිටත් රැඳී සිටින්නේ ගොඩිගමුව මුස්ලිම් දේවස්ථානයේයි. රම්බොඩ වෙදමුල්ල ලෙල්ලීස්ලැන්ඩ්වත්ත නායයෑමේ අවදානම හේතුවෙන් පවුල් 105 ක් එම ප්‍රදේශයෙන් ඉවත් කර තිබේ. ඔවුන් මේවන විට තාවකාලිකව රැඳී සිටින්නේ රම්බොඩ හින්දු විද්‍යාලයේයි. කැලණි ගඟ කැලණි නදීගම ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශයේ පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් අවතැන්ව සිටිනු ඇත. ඔවුන් මේ වන විට වැල්ලම්පිටිය කොටුවිල ගාමිණි විද්‍යාලයේ සුබසාධක කඳවුරේ රැදී සිටි. මේ අතර මහවැලි ගඟ නාවලපිටිය පැණිගොඩමුල්ල ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් පවුල් 15 කට වැඩි පිරිසක් අවතැන් විය. ඔවුන් මේ වන විට නාවලපිටිය, වේලුවනාරාම විහාරස්ථානයේ සුබසාධක කඳවුරේ රැදී සිටි. මේ අතර නාවලපිටිය සොයිසාගල ප්‍රදේශයේ සිදු වූ නැයයෑමක් හේතුවෙන් අවතැන් වූ පවුල් 12 ක් පමණ නාවලපිටිය නගර සභා ශාලාවේ රැඳී සිටි. ශ්‍රී ලංකා නාවික හමුදාව රත්නපුර ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව වෙත පිසු ආහාර ලබාදීමේ ජංගම වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. මේ වන විට ඔවුන් රත්නපුර නව නගරයේ සීවලි ක්‍රීඩාංගණ පරිශ්‍රයේ කන්ටේනර් රථ හතරක අති නවීන උපකරණ භාවිත කරමින් මෙම කටයුත්තේ නිරතව සිටි. තවද අද දිවයිනේ ප්‍රදේශ රැසකට මේ වන විටත් වැසි ඇද හැලෙමින් පවති. හෙට දිනයේදී ද මීලිමීටර් 100 ඉක්ම වූ වර්ෂාවක් ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. අධික වර්ෂාවත් සමග කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යෑමෙන් ඒ ආශ්‍රිතව පහත් බිම් රැසක් අද ත් ජලයෙන් යට විණි. වැල්ලම්පිටිය, වෙලේවත්ත, කැලණිනදී ගම, සේදවත්ත, ගෝතමී මාවත ආදී ප්‍රදේශ ගණනාවක් ද ජලයෙන් යට විය. පවතින අපදා තත්ත්වය පිළිබඳ විමසා බැලීමට නිව්ස්ෆස්ට් කණ්ඩායමක් අද එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණි. නිල්වලා ගඟ මාතර, කද්දුව ප්‍රදේශයෙන් පිටාර ගැලීමෙන් කද්දූව පානදුගම, බලකාවල යන ප්‍රදේශ රැසක් අදත් ජලයෙන් යට විය. පැවති අධික වර්ෂාවත් සමග තබ්බොව ජලාශයට ජලය ගලා යන රදවිබැදිඇල ස්ථාන දෙකකින් කැඩි ගොස් තිබේ. ඉන් පිටාරගලන ජලය ඒක්රැස් වූ දෙවලකන්ද වැවේ බැම්ම දැන් බිඳීයාමට ආසන්න තත්ත්වයකට පත් ව ඇත. ගිං ගඟේ ජල මට්ටම මේ වන විට ගංවතුර මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරු පැවසූහ. බද්දේගම නාගොඩ මාර්ගය, බද්දේගම අගලිය මාර්ය, බද්දේගම දොඩංගොඩ මාර්ගය ඇතුළ තව ත් මාර්ග රැසක් අද ත් ජලයෙන් යට විණි. කැලණි ගඟ පිටාර ගැලීමෙන් මල්වාන දොම්පේ මාර්ගය, රැසක් අද ත් යට විය. කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පැවසූවේ, හෙට දිනයේදීත් අධික වැසි පැවතිය හැකි බව යි. අද දිනයේ දිවයිනේ ප්‍රදේශ ගණනාවකට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇද හැලුණු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
2018-05-23T07:32:15.000Z
විභාග කල් යයි
විභාග කල් යයි
COLOMBO (News 1st) - අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විභාග කිහිපයක් කල් දමා තිබේ. විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් එම විභාග වන්නේ, 1. ශ්‍රී ලංකා මහ බැංකුවේ පුහුණු ආරක්ෂක නිලධාරී තනතුරට බඳවා ගැනීමේ තරග විභාගය. 2. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ තුන්වන ශ්‍රේණියේ ගොවිපල කළමනාකරු, ව්‍යාප්ති නිලධාරී හා තාක්ෂණික නිලධාරී තනතුරු සඳහා බදවා ගැනීමේ විවෘත තරග විභාගය. 3. ශ්‍රී ලංකා මහ බැංකුවට කළමනාකරණ අභ්‍යසලාභීන් බඳවා ගැනීම සඳහා වන තරග විභාගය. 4. හින්දු ධර්මාචාරය සහතික පත්‍ර තරග විභාගය. 5. පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තනේතුවේ පරිවාස නිලධාරී තනතුර සඳහා බදවා ගැනීමේ විවෘත තරග විභාගය. 6. ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික නොවන පන්තියේ සේවා නියුත්තිකයන් සඳහා මාණ්ඩලික පන්තියේ පළමු වන ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන සීමිත තරග විභාගය. 7. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහාකර පර්යේෂණ තරග විභාගය බඳවා ගැනීමේ තරග විභාගය. 8. ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂොපෙකාර සමාගමේ විභාගය. මෙම විභාග නැවත පැවැත්වෙන දින ඉදිරියේදී දැනුම් දෙන බව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
2018-05-23T07:32:49.000Z
MH370 අභිරහස පිටුපස සිටින්නේ, ගුවන් නියමුවා ද?
MH370 අභිරහස පිටුපස සිටින්නේ, ගුවන් නියමුවා ද?
MH370 ගුවන් යානය අතුරුදන්වීම ලෝක ගුවන් ගමන් ඉතිහාසයේ පිළිතුරක් නොලද ප්‍රශ්නයක් ඉතිරි කර තබා උඩු ගුවනේදී ම අභිරහසක් බවට පත්වූ සිදුවීමකි. කිසිදු හෝඩුවාවක් නොමැති තැන සෝදිසි මෙහෙයුම් නතර කර දැමූ MH370 යානය පිළිබඳව යළි කතාබහක් නිර්මාණය වී ඇත්තේ, එහි ගුවන් නියමුවා යානය හිතාමතාම අනතුරට ලක් කර ඇති බවට යළි වාර්තා පළ වීම හේතුවෙනි. යානය අතුරුදන් වීම පිටුපස ගුවන් නියමුවා සිටින බවට අනතුර සිදු වූ මුල් දිනවල විවිධ මත පළ වුව ද එකී මත සනාථ කිරීමට හැකි කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොවිණ. කෙසේ වෙතත් ගුවන් අනතුරු පිළිබඳ කැනේඩියානු හිටපු විමර්ශක ලැරි වැන්ස් විසින් රචිත නවතම කෘතියක සටහන් ව ඇත්තේ, අනතුර සිදුවන අවස්ථාවේ යානය ගුවන් නියමුවාගේ පාලනය යටතේ තිබී ඇති බවයි. මේ අතර පසුගිය දිනක Australia's 60 Minutes වැඩසටහනට එක්වෙමින් වැන්ස් වැඩිදුරත් පවසා තිබුණේ, ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශය විමර්ශන අනුව යානය අතුරුදන් වීම සම්බන්ධයෙන් ඔවුන් එළැඹ ඇති නිගමන නිවැරදි නොවන බවයි. ඔහු සිතා මතා අනතුර සිදු කළ බව ත් අවාසනාවකට මෙන් ඔහු යානයේ සිටි සියලු දෙනගේ ද ජීවන ගමන් අවසානය කරා ගෙන ගිය බවත් ඔහු එම වැඩසටහනේදී පවසා ඇත. කේසේ වෙතත් ඔස්ට්‍රේලියානු විමර්ශකයින් පවසන්නේ, MH370 යානයේ නියමුවා හිතාමතාම යානය අනතුරට පත් කරන්නට ඇති බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ අධිකාරිය අවධාරණය කර සිටින්නේ, අවසන් මිනිත්තු කිහිපයේදී ත් ගුවන් නියමුවා නිසි ලෙස යානය හසුරුවා ඇති බවයි. MH 370 මැලේසියානු ගුවන් යානය 2014 වසරේ මාර්තු 14 වන දා මගීන් 239ක් සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් තිබියදී අතුරුදන්විය. ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශයේ සෝදිසි මෙහෙයුම් අධ්‍යක්ෂ පීටර් ෆෝලි පවසා ඇත්තේ, සිය විමර්ශකයින්ගේ අවසන් නිගමනයන් සහතික කළ හැකි ඒවා බවයි. කෙසේ වෙතත් යානයේ බවට සැක කෙරෙන සුන්බුන් කොටස් ඉන්දියන් සාගරයේ අතැම් දිවයින් අවට මුහුදු තීරවලට මෙන් ම අප්‍රිකානු වෙරළ තීරවලින් හමු වුව ද ඒවා එම යානයේ ම ද යන්න සනාථ නොවිණ. මේ අතර ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ, යානය සෙවීමේ මෙහෙයුම් යළි ආරම්භ කරන්නේ, විශ්වාසය පළ කළ හැකි නව සාධකයක් හමු වුවහොත් පමණක් බවයි. මැලේසියාව, චීනය ඇතුළු රටවල් රැසක් එක්ව යානය අතුරුදන් වූ බවට වාර්තා වූ අවස්ථාවේ සිට දින 1046 ක් පුරාවට මහ මුහුදු සිසාරා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ ක්‍රියාත්මක කළ අතර යානය බවට විශ්වාස කළ හැකි කිසිදු හෝඩුවාවක් හෝ සොයා ගැනීමට නොහැකි වූ තැන පසුගිය ජනවාරි මාසයේ සෝදිසි මෙහෙයුම් අතහැර දැමිණ. 2014 මාර්තු 14 වන දා අතුරුදන් වූ H370 යානය සොයා කළ මෙහෙයුම ලෝක ගුවන් ඉතිහාසයේ ගුවන් යානයක් සොයා කළ දැවැන්තම මෙහෙයුම ලෙස මේ වනවිට ඉතිහාස ගතව ඇත. කෙසේ වෙතත් යානය සිදුවූයේ කුමක් ද? එය නිසැකවම කඩා වැටුණේ, කුමන ස්ථානයකට ද? යන්න තවමත් අභිරහසක් බවට පත් වන්නේ, සාගර පතුලෙන් කිසිදු හෝඩුවාවක් හමු නොවූ නිසාවෙනි. මේ අතර අමෙරිකාවේ පෞද්ගලික සමාගමක් තවත් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබුණ ද මේ වන තෙක් කිසිිදු හෝඩුවාවක් හෝ හමුවී නොමැත.
2018-05-23T06:23:33.000Z
ඒ.බී. ඩිවිලියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
ඒ.බී ඩිවිලියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් නායක ඒ.බී. ඩිවිලියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. 34 හැවිරිදි ඩිවිලියස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 114ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු ක්‍රීඩා කර ඇති එක්දින තරග සංඛ්‍යාව 228කි. මේ අතර ඔහු ජාත්‍යන්තර පන්දුවාර 20/20 තරග 78ක ද ක්‍රීඩා කර තිබේ. ඔහු සිය සමු ගැනීමේ තීරණය නිවේදනය කර ඇත්තේ, ක්‍රීඩාලෝලීන් වෙත වීඩියෝවක් නිකුත් කරමිනි. සිය රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ලැබීම ගැන මහත් භාග්‍යක් මෙන්ම ආඩම්බරයට කරුණක් බව සඳහන් කරන ඩිවිලියස් ඒ සඳහා අධාර උපකාර කළ සියලු දෙනාට ස්තුතිය පළ කර ඇත. ඒසේ ම තමාට ආදරය කළ ක්‍රීඩා ලෝලීන්ට ද ඩිවිලියස් සිය හෘදයාගම ස්තුතිය පළ කර තිබේ. https://www.facebook.com/ABdeVilliers17/videos/1699389826763100/
2018-05-23T05:04:24.000Z
විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල අවට රථවාහන තදබදයක්
සරසවි සිසු විරෝධතාවෙන් පුරහල අවට වාහන තදබදයක්
COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට කොළඹ පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, සිසුන් වෝඩ් පෙදෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවයේ නිරත වන බවයි.
2018-05-23T00:22:19.000Z
ෆේස්බුක් නිර්මාතෘ සකර්බර්ග් යුරෝපා පාර්ලිමේන්තුව හමුවේ සමාව අයදියි
සකර්බර්ග් යුරෝපා පාර්ලිමේන්තුව හමුවේ සමාව අයදියි
(News 1st) - ෆේස්බුක් පරිශීලකයින්ගේ දත්ත අවභාවිත කිරීම සම්බන්ධයෙන් මාර්ක් සකර්බර්ග් යුරෝපා පාර්ලිමේන්තුව හමුවේ සමාව අයැද තිබේ. සිය පාරිභෝගිකයින්ගේ පෞද්ගලික තොරතුරු කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ෆේස්බුක් නිර්මාතෘ යුරෝපා සංගම් නීති සම්පාදකයින්ගෙන් මෙලෙස නිල වශයෙන් සමාව අයැද සිටියේ ය. ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් එලෙස සමාව අයැද සිටියේ, එම අර්බුදය සම්බන්ධයෙන් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී ය. ෆේස්බුක් පරිශීලකයින්ගේ පුද්ගලික දත්ත අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සැලසීමට තම ආයතනය අපොහොසත් වීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව ද මාර්ක් සකර්බර්ග් යුරෝපා නායකයින් හමුවේ කියා සිටියේ ය.
2018-05-23T00:05:02.000Z
අධික වර්ෂාවත් සමග කඩුවෙල පාලමේ කොටසක් ගිලා බැසීමේ අවදානමක
කඩුවෙල පාලමේ කොටසක් ගිලා බැසීමේ අවදානමක
COLOMBO (News 1st) - කඩුවෙල ප්‍රධාන පාලමෙහි බියගම අන්තයේ එක් කොටසක් ගිලා බැසීමේ අවදානමකට ලක්ව තිබේ. ප්‍රදේශවාසීන් පැවසුවේ, ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස ගිලා බැසීමට ලක්ව ඇති බව ය. මේ වන විට පාලමෙහි කඩුවෙල සිට බියගම දෙසට ගමන් කරන මන්තීරුවෙහි පමණක් රථ වාහන ධාවනය කිරීමට අවසර දී තිබේ. https://www.youtube.com/watch?v=CnjVlTkjlAQ
2018-05-22T23:46:11.000Z
එළවළු මිල ගණන් ඉහළට
එළවළු මිල ගණන් ඉහළට
COLOMBO (News 1st) - වර්ෂාවත් සමග එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඒ අනුව ඊයේ දිනයේ මැනින් වෙළෙඳපොළේ එළවළු මිල 30%කින් පමණ ඉහළ ගිය බව මැනින් වෙළෙඳපොළ වෙළද සංගමයේ ලේකම් ගාමිණි හඳුන්ගේ මහතා පවසයි. උඩරට එළවළු මිල ගණන් ද 50% කින් පමණ ඉහළ ගොස් ඇති අතර දඹුල්ල විශේෂ ආර්ථික ම්‍යස්ථානයේ ද එළවළු මිල ගණන් 30%කින් පමණ ඉහළ ගොස් තිබේ.
2018-05-22T23:14:54.000Z
කොට්ටාවේදී දුම්රියක් පීලි පැනීමෙන් කැලණිවැලි දුම්රිය ධාවනය තවදුරටත් මහරගම දක්වා
කැලණිවැලි දුම්රිය ධාවනය තවදුරටත් මහරගම දක්වා
COLOMBO (News 1st) - කොට්ටාවේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය ධාවනය තවදුරටත් මහරගම දක්වා සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, දුම්රිය පීලිගත කිරීම මෙතෙක් අවසන් කර නොමැති බව ය. ඊයේ පස්වරුවේ සිදුවූ දුම්රිය පීලි පැනීමෙන් එහි මැදිරි 3ක් මාර්ගයෙන් ඉවතට ගොස් ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර තුම්මෝදර ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් හලාවත මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් ලුණුවිල දක්වා සීමා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසුවේ ය.
2018-05-22T22:54:52.000Z
12.5% කින් වැඩි වූ බස් ගාස්තු අද සිට
12.5% කින් වැඩි වූ බස් ගාස්තු අද සිට
COLOMBO (News 1st) - 12.5% කින් ඉහළ දැමූ ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු අද සිට ක්‍රියාත්මක ය. අදාළ යෝජනාවට ඊයේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විණි. නව බස් ගාස්තු සංශෝධනය අනුව රුපියල් 10 අවම බස් ගාස්තුව රුපියල් 12 දක්වා ඉහළ යනු ඇති. රුපියල් 13, 17 ලෙස පැවති ගාස්තු රුපියල් 2කින් ඉහළ යන අතර රුපියල් 21, හා 25 යන ගාස්තු රුපියල් 3කින් ඉහළ ගොස් තිබේ. රුපියල් 29 හා 34 යන ගාස්තු අගයන් ඉහළ ගොස් ඇත්තේ රුපියල් 4කිනි. රුපියල් 35 සිට රුපියල් 40 දක්වා ගාස්තු අවස්ථා රුපියල් 5කින් ඉහළ යන අතර රුපියල් 42 සිට 48 දක්වා ගාස්තු හා රුපියල් 53 ගාස්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 6කින් ඉහළ ගොස් තිබේ. රුපියල් 50ක්ව පැවති ගාස්තුව හා රුපියල් 55 සිට 60 දක්වා ගාස්තු ඉහළ යන්නේ රුපියල් 7කිනි. රුපියල් 62 සිට 67 දක්වා ගාස්තු රුපියල් 8කින් ඉහළ යන අතර රුපියල් 69 හා 71 ලෙස පැවති ගාස්තු රුපියල් 9කින් ඉහළ දමා තිබේ. රුපියල් 73 සිට 81 දක්වා පැවති ගාස්තු ඉහළ යන්නේ රුපියල් 10කිනි. නව බස් ගාස්තු සංශෝධනය අනුව රුපියල් 842ක්ව පැවති සාමාන්‍ය සේවා උපරිම බස් ගාස්තුව රුපියල් 947ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ රුපියල් 105කිනි. මීට සමගාමීව අධිවේගී මාර්ගවල ගාස්තු ද ඉහළ දමා ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේ ය.
2018-05-22T20:35:53.000Z
රු. මිලියන 24කට අධික වටිනාකමින් යුත් හොරොයින් සමග මාලදිවයින් ජාතිකයෙකු කොටුවෙයි
හොරොයින් සමග මාලදිවයින් ජාතිකයෙකු කොටුවෙයි
COLOMBO (News 1st) - හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 390ක් සමග මාලදිවයින් ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, සැකකරු මෙම හෙරොයින් තොගය මෙරටින් රැගෙන යාමට තැත් කිරීමේදී ය. එහි වටිනාකම රුපියල් මිලියන 24කට අධික බව ද පොලීසිය පැවසුවේ ය. සැකකරු 2016 වසරේ සිට 15 වතාවක් මෙරටට පැමිණ යළිත් විදේශගතව ඇති බව පරීක්ෂණවලදී හෙළිව තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත ය.
2018-05-22T20:28:21.000Z
ගංවතුර පවතින ප්‍රදේශවල බෝවන රෝග පැතිර යාමේ අවධානමක්
ගංවතුර පවතින ප්‍රදේශවල බෝවන රෝග පැතිරයාමේ අවධානමක්
COLOMBO (News 1st) - ගංවතුර පවතින ප්‍රදේශවල බෝවන රෝග පැතිර යාමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, ආපදාවට ලක්ව කඳවුරුගත වී සිටින පුද්ගලයින් සඳහා පිසූ ආහාර ලබා දීම වඩාත් යෝග්‍ය බව ය. එම ප්‍රදේශවල පහත් බිම්වලින් නෙළා ගන්නා පළා වර්ග ආහාරයට ගැනීමෙන් වළකින ලෙස ද ලේකම්වරයා ජනතාවට දැනුම් දෙයි. මේ වන විට එම ප්‍රදේශවල අපිරිසිදු ආහාර අළෙවි කරන්නේ දැයි සොයා බැලීම සඳහා වැටලීම් ආරම්භ කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
2018-05-22T20:11:41.000Z
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් අපේ ම ජනතාව වෙනුවෙන් සිරස - ශක්ති සහන යාත්‍රාව අදත් ක්‍රියාත්මකයි
සිරස - ශක්ති සහන යාත්‍රාව අදත් ක්‍රියාත්මකයි
COLOMBO (News 1st) - ජල ගැලීම්වලින් පීඩාවට පත් ජනතාව සඳහා ක්‍රියාත්මක සිරස - ශක්ති සහන යාත්‍රාවට ආධාර භාර ගැනීම අදත් සිදු කෙරේ. ඒ අනුව පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් භාණ්ඩ රැස් කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 3කදී සිදු කෙරෙනු ඇති. ගංවතුරින් අවතැන්ව සිටින පිරිස් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වන හාල්, පරිප්පු, සීනි, නූඩ්ල්ස්, ටින් මාළු, බිස්කට්, වතුර බෝතල් , සනීපාරක්ෂක ද්‍රව්‍ය සිරස සහන යාත්‍රාව සඳහා පරිත්‍යාග කළ හැකි ය. සහන යාත්‍රාව පිළිබඳව වැඩිදුර තොරතුරු 011 48 96 896 අංකයෙන් ලබා ගත හැකි ය.
2018-05-22T19:56:58.000Z
UPDATE: කළුතර හා රත්නපුර වෙසෙන ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි උපදෙස්
Update: කළුතර හා රත්නපුර ජනතාවට රතු එළියක්
COLOMBO (News 1st) - Updates ප. ව 8.55 : කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින හෙයින් කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශවල වෙසෙන, ජනතාවට ආරක්ෂිත ස්ථාන යන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. ඒ, කළුතර, මදුරාවල, දොඩංගොඩ, හොරණ, පාලින්ද නුවර, බුලත්සිංහල, ඉංගිරිය, මිල්ලනිය, කිරිඇල්ල, කුරුවිට, ඇලපාත යන ප්‍රදේශවල ජනතාවටයි. ප. ව 7.00 : කළු ගඟේ ජල මට්ටම තව දුරටත් ඉහළට, කළු ගඟ ආශ්‍රීතව ඇති පහත් බිම් රැසක් ජලයෙන් යටවීමේ අවදානමක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත. කළුතර, මදුරාවල, දොඩංගොඩ, හොරණ, පාලින්දනුවර, බුලත්සිංහල, ඉංගිරිය, මිල්ලනිය, කිරිඇල්ල, කුරුවිට, ඇලපාත, රත්නපුර, ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වෙත සිටින ජනතාවට අනතුරු අඟවා ඇති අතර ඉදිරි පැය කිහිපය තුළ ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යා හැකි බැවින් එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ප.ව 6.00 : රත්නපුර, කෑගල්ල, කළුතර, නුවරඑළිය සහ ගාල්ල දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අවදානම් රතු නිවේදන නිකුත් කෙරේ. ප.ව 5.44 : අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 105,352 දක්වා ඉහළට, මරණ 11යි. අවතැන් වූ 40,491 දෙනෙකු කඳවුරු වෙත - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප.ව 3.44 : කළු ගඟේ ජල මට්ටම යළි ඉහළ යාම හේතුවෙන් කඳවුරුවල සිටින ජනතාවට ඉවත්ව නොයන ලෙස රත්නපුර දිස්ත්‍රික් ලේකම් දැනුම්දෙයි. ඇය සඳහන් කළේ, මේ හේතුවෙන් යළි ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි. ප.ව 3.14 : රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබේ. ඒ හේතුවෙන් ජලාශය පහළ ජනතාවට විමසිලිමත් වන්නැයි උපදෙස්. ප.ව. 2.17 : ආපදා තත්ත්වයෙන් මිය ගිය පුද්ගලයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක උපරිමයක් දක්වා වන්දි ගෙවීමටත් ගංවතුරට හසුවූ නිවසක් පිරිසිදු කිරීමට රුපියල් 10000ක මුදලක් ලබා දීමටත් රජය තීරණය කර තිබේ. ප.ව. 1.15 : සබරගමුව, බස්නාහිර, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 - 150 පමණ තද වැසි වාර්තා වේ. ප.ව. 1.00 : අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්, ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටී තිබෙන බව වාර්තාවේ. ඊට හේතුව විදුලි උප පොළවල් කිහිපයක් අක්‍රිය වීම බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ය. ප.ව. 12.30 : ආපදා තත්ත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ යයි. පුද්ගලයින් 84943කට පීඩා: අවතැන් වූ 27621 දෙනෙකු කඳවුරු වෙත. ගිං ගඟේ ජල මාපකය පිටාර මට්ටමේ පවතින අතර එය සටහන් වන්නේ මීටර් 4.58ක් ලෙස යි. ‍පෙ.ව 7.00 - දිනයේ වැසි තත්ත්වය යළිත් ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම ඇතුළු පළාත් කිහිපයකට අද දිනයේ තද වැසි ඇති විය හැකි ය. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ ඉතා තද වැසි ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. වැසි ඇති වන අවස්ථාවල තාවකාලිකව එම ප්‍රදේශවල තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, ඊසාන, වයඹ හා බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද ඉහළ යා හැකි බව ය. මේ අතර දිස්ත්‍රික්ක 14කට බලපා වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වූ 24000කට අධික පිරිසක් තවදුරටත් කඳවුරුගතව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, වර්ෂාවෙන් 68000 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ය. අයහපත් කාලගුණය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 9කි. කැලණි, කළු ,ගිං හා නිල්වලා ගංගා තවදුරටත් ස්ථාන කිහිපයකින් ගංවතුර මට්ටමේ පවතින බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ය. මේ අතර අප වාර්තාකරුවන් පවසන්නේ, ඊයේ රාත්‍රියේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ අඩුවක් පැවති බව ය. මේ අතර අධික වර්ෂාවත් සමග ඊයේ රාත්‍රියේ උඩවලව ජලාශ්‍රයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති අතර ඒ හේතුවෙන් ජලාශ්‍රය පහළ වළවේ ගඟ භාවිත කරන ජනතාව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.
2018-05-22T11:23:48.000Z
සිය දියණියගේ නිවසේම කුඩා මඩුවක අපා දුක් විඳින අසරණ මවකගේ කඳුළු කතාව
කුඩා මඩුවක අපා දුක් විඳින අසරණ මවකගේ කඳුළු කතාව
COLOMBO (News 1st) - සුරතලයට ඇති කරන තිරිසන් සතෙකුට දක්වන ආදරයවත් නොලබන, අසරණ මවක් පොලීසියේ මැදිහත්වීමෙන් අද බේරා ගත්තාය. ගල්කිස්ස පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට ලද තොරතුරකට අනුව එම අංශයේ නිලධාරීන් අද දහවල් මෙම මව සොයා පිටත්ව ගියේ දෙහිවල සමන් මාවත වෙතයි. එහිදී එම නිලධාරීන්ට දක්නට ලැබුණේ වයෝවෘද්ධ මවක් කුඩා මඩුවක වැතිරී සිටින අයුරුය. දරුවන් සිව් දෙනෙකුගේ මවක් වන ඇය නමින් පාන්ඩිගේ මැටිල්ඩා ක්ලේරා ප්‍ර‍නාන්දු වන අතර ඇගේ වයස අවුරුදු 86 කි. ඇගේ අපහසුව වටහා ගත් පොලිස් නිලධාරිනියන් ඇයට ආහාර ලබාදීමට කටයුතු කළේ ඔවුන් මව් සෙනෙහස හොඳින් හඳුනන නිසාවෙනි. ඇගේ දරුවන් කිහිප දෙනෙකුම ජීවත් වන්නේ මේ කුඩා මඩුව අවට සිටින නිවෙස් කිහිපයකයි. ඉන් ඒ අසළම පිහිටි නිවසේ වෙසෙන්නේ ඇගේ වැඩිමහල් දියණිය බවත් තව ත් දියණියක් ඊට යාබදව වෙසනෙ බවත් ප්‍රදේශවාසීන් පැවසූහ.
2018-05-22T09:50:04.000Z
පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමට ඇරඹි සිරස - ශක්ති සහන යාත්‍රාව
සිරස - ශක්ති සහන යාත්‍රාවට නන්දෙසින් ආධාර
COLOMBO (News 1st) - පීඩාවට පත් ජනතාව වෙනුවෙන් කඩිනම් සහන සැලසීම සඳහා සිරස - ශක්ති සහන යාත්‍රාවට ඊයේ රාත්‍රියේ සිට ජනතාව ආධාර රැගෙන එති. සහන යාත්ත්‍රාව වෙනුවෙන් භාණ්ඩ රැස්කිරීමේ කටයුතු මධ්‍යස්ථාන 3 කදී සිදුවනු ඇත. ඒ සඳහා වන එක් මධ්‍යස්ථානයක් ඉඳිකර ඇත්තේ, කොළඹ 2 බ්‍රේබෘෘක් පෙදෙසේ පිහිටි සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේයි. මේ අතර සිරස - ශක්ති සහන යාත්‍රාව වෙනුවෙන් ද්‍රව්‍යාධාර එක් රැස් කිරීම රත්මලාන ස්ටයන් මැදිරි සංකීර්ණයේදී සිදුකෙරෙන අතර අද උදෑසන සිට විශාල පිරිසක් ද්‍රව්‍ය ආධාර ද රැගෙන එහි පැමිණියහ. දෙපානම මැදිරි සංකීර්ණයේදී ද සිරස - ශක්ති සහන යාත්‍රාව වෙනුවෙන් මහජන ආධාර එක්රැස් කෙරේ. මැලිබන් බිස්කට් පුද්ගලික සමාගම ද සිරස - ශක්ති සහන යාත්‍රාව වෙනුවෙන් අද බිස්කට් ඇතුළු ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කළේ ය. රත්මලාන පිහිටි එම සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී මෙම ප්‍රධානය සිදු කෙරුණු අතර ඒ සඳහා මැලිබන් බිස්කට් පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය, සමූහ ප්‍රධාන විධායක නිලධාරී රවී ජයවර්ධන මහතා ඇතුළු නිලධාරීන් එක් ව සිටියහ. නිව්ස්ෆස්ට් නියෝජනය කරමින් නිව්ස්ෆස්ට් නාළිකා ප්‍රධානී සුරංග සේනානායක, TV1 නාළිකා ප්‍රධානි රිනාස් මොහොමඩ් යන මහත්වරු ඇතළු පිරිස එක් විය. ජනතා ඉල්ලීම් සලකා බලමින් නිව්ස්ෆස්ට් කණ්ඩායමක් ප්‍රධාන මධ්‍යස්ථාන 3 කට අමතරව තව ත් ස්ථාන කිහිපයකදී ද ආධාර එක්රැස් කිරීමට පියවර ගත්තේ ය. සහල්, පරිප්පු, සීනි, නුල්ඩ්ස්, ටින්මාළු, බිස්කට්, වතුර බොතල්, සනීපාරක්ෂක ද්‍රව්‍ය ඔබටත් සිරස - ශක්ති සහන යාත්‍රාවට පරිත්‍යාග කළ හැකියි. වැඩිදුර තොරතුරු සඳහා 011 4 896 896 දුරකතන අංකය විවෘත පවති.
2018-05-22T09:12:25.000Z
කාලගුණික තත්ත්වයෙන් වැඩිම බලපෑම පුත්තලමට
කාලගුණික තත්ත්වයෙන් වැඩිම බලපෑම පුත්තලමට
COLOMBO (News 1st) - වැසි සහිත කාලගුණික තත්ත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වූයේ පුත්තලම දිස්ත්‍රික්කයටයි. ජල ගැලීම් හේතුවෙන් මාදම්පේ, පොතුවිල් ප්‍රදේශයේ නිවාස රැසක කොටුවී සිටි ජනතාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ මුදාගැනීමේ මෙහෙයුම් අද පෙරවරුවේ ක්‍රියාත්මක විය. ඊයේ දහවල් සිට නේවාසික වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක කොටුවී සිටි විවිධ ආබාධ සහිත දරුවන් හා ගුරුවරුන් ඇතුළු 28 දෙනෙකු ද මෙහිදී බේරාගැනුනේ ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් ය. මේ අතර මාදම්පේ, කුලියාපිටිය ප්‍රධාන මාර්ගය - පොතුවිල ප්‍රදේශයෙන් ජලයෙන් යටව තිබූ අතර හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගය ද මාදම්පේ ප්‍රදේශයෙන් ජලයෙන් යට විය. කලාඔය පිටාර ගැලීමෙන් පුත්තලම මන්නාරම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයෙන් ජලයෙන් යට විය. මේ අතර තබ්බොව ජලායට ජලය ගලා එන රදවිබැදිඇල ස්ථාන දෙකකින් කැඩි ගොස් තිබේ. ඉන් කුඹුරු අක්කර 80 ක් පමණ ජලයෙන් යට විය. පිටාරගැලූ ජලය ඒක්රැස් වූ දෙවලකන්ද වැවේ ද බැම්ම මේ වන විට පවතින්නේ අනාරක්ෂිත තත්ත්වයකිනි. මේ නිසා ගම්වාසීන් වැව් බැම්ම කෑඩියාම වලක්වා ගැනීම සඳහා පිටවාන පුළුල් කිරීමට පියවර ගෙන ඇත. කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යෑමෙන් ඒ ආශිතව පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ. අද දහවල් වන විට මල්වාන නගරය ද ජලයෙන් යට වූ අතර ගම්පහ කඩුවෙල මාර්ගය බියගම සියඹලාපේ ප්‍රදේශවල ද මාර්ග අවහිර විණි. මේ අතර කැලණිමුල්ල හා කැලණිය පෙතියාගොඩ ප්‍රදේශ ජලයෙන් යට විය. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ ආසන්නය ජලයෙන් යටවීමෙන් නිසා ජනතාව අද දහවල් කටුනායක - කොළඹ අධිවේදී මාර්ගය අසළට පැමිණ සිටියේ ය. සීතාවක ගඟ පිටාර ගැලිීමෙන් අවිස්සාවෙල්ල - නුගේවත්ත ප්‍රදේශ නිවාස රැසක් තවමත් ජලයෙන් යටවී ඇත. කුකුළේ ගඟ පිටාර ගැලීමෙන් බුලත්සිංහල, මෝල්කාව පරගොඩ ප්‍රදේශය තවමත් ජලයෙන් යටවී තිබේ.
2018-05-22T08:50:04.000Z
ගංවතුරින් යට වූ ප්‍රදේශ උඩු ගුවනින්
ගංවතුරින් යට වූ ප්‍රදේශ උඩු ගුවනින්
COLOMBO (News 1st) - පවතින අයහපත් කාලගුණික තත්ත්වය අද උඩුගුවනේ සිට නිව්ස්ෆස්ට් වාර්තා කළේ ය. එහිදී රත්නපුර, කිරිඇල්ල, කලවාන, හොරණ, කළුතර යන ප්‍රදේශ නිරීක්ෂණයට ලක් විය.
2018-05-22T11:08:19.000Z
ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු මරුට
ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු මරුට
COLOMBO (News 1st) - අධික වර්ෂාවත් සමග ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇත. පවතින ආපදා තත්ත්වය හමුවේ පුද්ගලයින් දිස්ත්‍රික් 14 ක 68,000 කට අධික පිරිසක් බලපෑමට ලක්ව තිබේ. අවතැන් වූ 24,000 කට අධික පිරිසක් කඳවුරු 168 ක රඳවා ඇතිබව ද අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය. පසුගිය 16 වන දා සිට ඇති වූ අකුණු සැර වැදීම්වලින් මේ වන විට පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇත. පුද්ගලයින් දෙදෙනෙක් දියේ ගිලිමෙනුත් තව ත් අයෙකු පස් කන්දක් කඩා වැටීමෙනුත් මිය ගොස් ඇති බව සඳහන් වේ. ගස් කඩාවැටීමෙන් දෙදෙනෙකු මිය ගොස් ඇත. නාවලපිටිය ප්‍රදේශයේ කඳවුරු 06 ක මෙලෙස අපදාවට පත් ජනතාව රඳවා ඇත. නුවරඑළිය, රම්බොඩ ප්‍රදේශයේ තාවකාලික කඳවුරු 02 ක පවුල් 163 ක් රඳවා සිටින බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය. අවතැන් වූ පවුල් 10 කට අයත් 39 දෙනෙක් මොල්කාව කණිෂ්ට විද්‍යාලයේ රඳවා ඇත. රත්නපුර බොඩිගමු මුස්ලිම් පල්ලියේ පවුල් 40 ක් රඳවා ඇති අතර බටුගෙදර විද‍්‍යාලයේ තව ත් පවුල් 05 කට අයත් පුද්ගලයින් 25 දෙනෙකු රඳවා සිටි.
2018-05-22T07:28:24.000Z
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය ඇණ හිටි
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය ඇණ හිටි
COLOMBO (News 1st) - කොට්ටාවේදී දුම්රියක් පීලි පැනීමෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය ඇණ හිට තිබේ. අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් දුම්රිය ධාවනය මහරගම දක්වා සීමා කර ඇති බවයි. අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක් එලෙස පීලි පැනීමට ලක්ව තිබේ. දුම්රියේ මැදිරි තුනක් පීලි පැනීමට ලක්ව ඇති අතර මැදිරි පීලිගත කිරීමට කණ්ඩායම් යොමු කර ඇති බව විජය සමරසිංහ මහතා පැවසුවේ ය.
2018-05-22T07:12:03.000Z
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් 34% කින් ඉහළට
ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් 34% කින් ඉහළට
COLOMBO (News 1st) - 2018 - 2019 වසරේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගෙන් වැටුප් 34% කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එම ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී ලැබූ විශාලමය මූල්‍ය ප්‍රගතිය මත මෙම තීරණයට එලැඹි බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී ලැබූ ලාභයට දායකත්වය ලබාදුන් ක්‍රීඩකයින් ඇගයීම සඳහා කොන්ත්‍රාත් ගිවිසුම්වලට එලැඹ ඇති ක්‍රීඩකයින් 33 දෙනාගේ වැටපු ඉහළ නංවන බවට එම ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. ඔවුන්ට අමතරව ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රීඩකයින්ගේ තරග දීමනා ද ඉහළ නැංවීමට තීරණය කර ඇතැයි අදාළ නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් වර්ගීකරණය කර ඇති ඒ, බී, සී, ඩී සහ ප්‍රිමියර් යන කාණ්ඩ යටතේ වැටුප් වැඩි කර තිබේ. ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, සුරංග ලක්මාල් සහ දිමුත් කරුණාරත්න ඒ කාණ්ඩයට අයත් ය. බී කාණ්ඩයට ඇතුළත්ව සිටින්නේ, උපුල් තරංග සහ දිල්රුවන් පෙරේරායි. කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා සහ තිසර පෙරේරා සී කාණ්ඩය යටතේ වැටුප් වැඩිවීම්වලට හිමිකම් කියනු ඇත.
2018-05-22T06:37:04.000Z
පුද්ගලයින් 37 දෙනෙකුට තුවාල සිදු කළ කහවත්තේ රිය අනතුර
පුද්ගලයින් 37 කට තුවාල සිදු කළ කහවත්තේ රිය අනතුර
COLOMBO (News 1st) - කහවත්තේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, අද දහවල් පෞද්ගලික බස් රථ 2 ක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි. ඇඹිලිපිටියේ සිට කෑගල්ල බලා ධාවනය වූ බස් රථයක් සහ කහවත්තේ සිට මාකදුර බලා ධාවනය වූ බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇත. අප වාර්තාකරු පැවසුවේ, අනතුරින් කාන්තාවන් 21 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. තුවාල ලැබූ තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද පොලීසිය සඳහන් කළේ ය. තුවාල ලැබූවන් මේවන විට කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබති.
2018-05-22T05:59:52.000Z
වැසි සහිත කාලගුණය තව දුරටත්
වැසි සහිත කාලගුණය තව දුරටත්
COLOMBO (News 1st) - ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බස්නාහිර, සබරගමුව, ඌව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තද වැසි සහ අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40 - 45 ත් අතර හමන තද සුළං ද ඇති විය හැකි බවයි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දී ඇත. මේ අතර නාය යෑමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන් කොත්මලේ මහවෙළ බටහිර තම්මිටගම ප්‍රදේශයේ පවුල් 19 ක පුද්ගලයින් 48 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබේ.
2018-05-22T06:13:33.000Z
උඩුනුවර ප්‍රාදේශීය සභාව නොසන්සුන් වෙයි
උඩුනුවර ප්‍රාදේශීය සභාව නොසන්සුන් වෙයි
COLOMBO (News 1st) - උඩුනුවර ප්‍රාදේශීය සභාවේ දෙවන සැසිවාරය අද පැවති අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය. ඒ, පසුගිය සභාවේ වාර්තාව පිළිගත නොහැකි බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කිරීමත් සමගිනි. එක්සත් ජාතික පක්ෂයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශිය සභාවේ පළමු සැසිය ද අවසන් වූයේ මන්ත්‍රීවරුන්ගේ නොසන්සුන්කාරි හැසිරිම් මධ්‍යයේයි. අද සභාවට පසුගිය සභාවේ වාර්තාව ඉදිරිපත් කිරීමත් සමග එය පිළිගත නොහැකි බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සිය විරෝධය පළ කළේ ය. සභාව තුළ මෙලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් තේ විවේකයේදී යළි ත් සියලු දෙනා එක් ව තේ පැන් සංග්‍රහයකට ද එක්වී ඇත.
2018-05-22T05:06:31.000Z
අහෝසි වී ගිය කාරක සභා රැසක් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය
කාරක සභා රැසක් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු වාර අවසාන කිරිමත් සමග අහෝසි වී ගිය කාරක සභා රැසක් සඳහා අද පාර්ලිමේන්තු අනුමැතිය හිමිවිය. ඒ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව, රාජ්‍ය මුදල් කාරක සභාව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව, ගෘහ කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, අචාර ධර්ම සහ වරප්‍රසාද යන කාරක සභා සඳහායි. එම කාරක සභා සඳහා පත් කරන සමාජික සංඛ්‍යාව ද අද දින පාර්ලිමේන්තුවේදි අනුමත කෙරිණි.
2018-05-22T04:41:43.000Z
විපතට පත්වූවන්ට සහන සැලසීමට භාණ්ඩාගාරයෙන් මුදල්
විපතට පත්වූවන්ට සහන සැලසීමට භාණ්ඩාගාරයෙන් මුදල්
COLOMBO (News 1st) - විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා අවශ්‍ය තරම් මුදල් වහා නිකුත් කරන්නැයි මුදල් අමාත්‍යවරයා විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබේ.
2018-05-22T01:14:32.000Z
අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළයයි
අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට
COLOMBO (News 1st) : අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 12.5%කින් බස් ගාස්තු ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේ, අවම ගාස්තුව රුපියල් 12 ක් වන බවයි. වසර දෙකක කාලයක් සඳහා බස් ගාස්තු ඉහළ නොදැමීමේ කොන්දිසිය සහිතව බස් ගාස්තු ඉහළ නැංවීම සිදුකර තිබේ.
2018-05-22T00:23:24.000Z
බියගම ජලයෙන් යටවී අධිවේගයේ ගමන්වලටත් බාධා
බියගම ජලයෙන් යටවී අධිවේගයේ ගමන්වලටත් බාධා
COLOMBO (News 1st) : බියගම ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් කොළඹ පිටත වටරවුම් අධිවේගි මාර්ගයේ කඩවත දෙසට ගමන් කිරීමේදී කඩුවෙල පිටවීමේ දොරටුව ආශ්‍රිතව අවහිරතාවක් ඇතැයි, මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය සඳහන් කළේ, කඩුවෙල දෙසට රථවාහන ධාවනය මේ වන විට අඩාලවී ඇති බවයි. කඩුවෙල පිවිසුමේ සිට කඩවත දෙසට රථ වාහන ඇතුළු කිරිමේ අවහිරතාවක් ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය. කෙසේ වෙතත් අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දෙසට රථවාහන ධාවනයේදී කිසිදු අවහිරතාවක් නොමැත.
2018-05-22T00:09:00.000Z
මැලේසියා හිටපු අගමැතිවරයා දූෂණ විරෝධි කොමිසමට
මැලේසියා හිටපු අගමැතිවරයා දූෂණ විරෝධි කොමිසමට
COLOMBO (News 1st) : මලයාසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් එරට දූෂණ විරෝධි කොමිසමේ මූලස්ථානයට අද පැමිණියේ ය. අගමැති නජීබ් රසාක් දූෂණ විරෝධි කොමිසමේ මූලස්ථානයට පැමිණියේ සිය ගිණුමට ඩොලර් මිලියන 10. 6 මුදලක් බැර කිරීමට නියෝග කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි. ඔහුගේ පාලන සමයේ මලයාසියානු රාජ්‍ය අරමුදලකින් ඩොලර් බිලියන ගණනක් අවභාවිත කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේ ය. දශක කියහිපයක අසාර්ථක රාජ්‍ය පාලනයකින් පසු පසුගිය 9 වන දා පැවති මැතිවරණයෙන් නජිබ් රසාක් පරාජය වීමට ආසන්නතම හේතුව වූයේ ද එයයි.
2018-05-21T23:14:32.000Z
අයහපත් කාලගුණය නිසා ජීවිත 9ක් අහිමි වෙයි
අයහපත් කාලගුණය නිසා ජීවිත 9ක් අහිමි වෙයි
COLOMBO (News 1st) : අධික වර්ෂාවත් සමග ඇතිවූ ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, වැඩි ම පිරිසක් අකුණු අනතුරු හේතුවෙන් මිය ගොස් ඇති බවයි. මේ වන විට පවතින ආපදා තත්ත්වය හමුවේ, පුද්ගලයින් 38,000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව ද එම මධ්‍යස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අතුල ආරියරත්න මහතා සඳහන් කළේ ය. පවතින ආපදා තත්ත්වය හමුවේ කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 4000කට ආසන්න පිරිසක් පීඩාවට පත්වන ඇතැයි, කළුතර දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී. ජයලාල් මහතා සඳහන් කළේ ය. රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවේ, පවතින ආපදා තත්ත්වය හමුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 ක පවුල් 3980 ක් පීඩාවට පත්ව ඇති බවයි. මාතර දිස්ත්‍රික්කයේ පවුල් 9 කට අයත් පුද්ගලයින් 38 දෙනෙකු පවතින ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇතැයි, මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා සඳහන් කළේ ය. කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 921 ක පුද්ගලයින් 3531 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් එම්.ජී.චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, දිස්ත්‍රික්කයේ නිවාස 191 ක් අර්ධ හානි සිදුව ඇති අතර පූර්ණ හානිවූ නිවාස සංඛ්‍යාව තුනක් බවයි. මේ අතර ප්‍රධාන ගංගාවල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය සඳහන් කළේ ය. අද පෙරවරු 8 .30න්, අවසන් වූ පැය 24 තුළ වාර්තා වූ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 194 . 8 ක් වූ වර්ෂාපතනය කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ. ලක්ෂපාන ප්‍රදේශයෙන් මිලි මීටර් 126.6 ක්, නෝර්ටන් ඔය ප්‍රදේශයෙන් මිලිමීටර් 124 ක්, කොත්මලේ ප්‍රදේශයෙන් මිලි මීටර් 123 .4 ක් හා දුම්මලසූරිය ප්‍රදේශයෙන් මිලි මීටර් 107 .9 ක වර්ෂාපතනයක් ලැබී තිබේ. මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය 27 වන දා තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යෂක අතුල කරුණානායක මහතා සඳහන් කළේ ය.
2018-05-22T01:53:12.000Z
නාවික හමුදාවේ කණ්ඩායම් 27ක් ආපදා මෙහෙයුම්වල....
නාවික හමුදාවේ කණ්ඩායම් 27ක් ආපදා මෙහෙයුම්වල....
COLOMBO (News 1st) : ආපදාවට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව සහන කණ්ඩායම් 27 ක් යොමු කර තිබේ. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා පැවසුවේ, බස්නාහිර පළාතේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම හා ඔවුන්ට සහන සැලසීමට සුදානමින් ආපදා සහන කණ්ඩායම් 10 ක් යොදවා ඇති බවයි. එමෙන්ම සබරගමුව පළාතේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම හා ඔවුන්ට සහන සැලසීම වෙනුවෙන් ආපදා සහන කණ්ඩායම් 13 ක් සහ වයඹ පළාතේ සහන සැලසීම සඳහා සහන කණ්ඩායම් 4 ක් යොදවා තිබේ. නාවික හමුදා සහන කණ්ඩායම් මගින් ආපදාවට පත් පුද්ගලයින් 172 දෙනෙකුට සිය සේවය ලබා දී ඇතැයි නාවික හමුදා මුලස්ථානය සඳහන් කළේ ය. සාමාජිකයින් 94 දෙනෙකුගෙන් සමන්විත නාවික හමුදා සහන කණ්ඩායමක් මේ වන විටත් නවගමුව ප්‍රදේශයේ බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා අනුයුක්ත කර තිබේ. නාවික හමුදා මැරීන් බලකායට සහ නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට අනුයුක්ත නාවික පුද්ගලයින් මෙන්ම විශේෂ යාත්‍රා බලඝනයට සහ නාවික හමුදා කිමිදුම් අංශයට අනුයුක්ත නාවිකයින් සිය මෙහෙයුම් මේ වන විට ආරම්භ කො‍ට ඇතැයි ඔහු සඳහන් කළේ ය. ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ස්ථාපිත ඇති ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය ක්ෂණික අවශ්‍යතාවකදී භාවිතයට ගත හැකි ලෙස ජංගම මුළුතැන් ‍ගෙවල්, ආහාර පිසීමේ උපකරණ, ආහාර උණුසුම් කිරීමේ උපකරණ, කූඩාරම්, වතුර පොම්ප සහ ජංගම වැසිකිළි ආදි උපකරණ රැගත් ට්‍රක් රථ කිහිපයක් රත්නපුර දිස්ත්‍රික්කය බලා පිටත් කර යැවීමට කටයුතු කර තිබේ.
2018-05-21T22:37:09.000Z
පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අඩාලයි
පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අඩාලයි
COLOMBO (News 1st) : පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අඩාල වී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, වර්ෂාවත් සමග නාත්තන්ඩිය හා තුම්මෝදර අතර මාර්ගය ජලයෙන් යටවීම ඊට හේතුවී ඇති බවයි. කොළඹ සිට ලුණුවිල දක්වා පමණක් දුම්රිය ධාවනය වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2018-05-21T21:02:25.000Z
එවරස්ට් තරණය කළ දෙවැන්නා ලෙස යොහාන් පීරිස් මෙරට ඉතිහාසයට එක්වෙයි
එවරස්ට් තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා
COLOMBO (News 1st) - එවරස්ට් තරණය කළ දෙවන ශ්‍රී ලාංකිකයා ලෙස යොහාන් පීරිස් මෙරට ඉතිහාසයට එක්වෙයි. නේපාල වේලාවෙන් අද උදෑසන 5.55ට පමණ ඔහු මෙලෙස සාර්ථකව එවරස්ට් තරණය කර තිබේ. එවරස්ට් තරණය කළ ප්‍රථම ලාංකිකයා වන්නේ ජයන්ති කුරු උතුම්පාල යි. ඇය 2016 වසරේදී එවරස්ට් තරණය කළා ය. යොහාන් පීරිස් 2016 වසරේ එවරස්ට් තරණය කිරීමට ගත් උත්සහය අසාර්ථක වූයේ ඔහු රැගෙන ගිය ඔක්සිජන් ටැංකියේ දෝෂයක් හේතුවෙනි. සාර්ථකව එවරස්ට් තරණය කළ යොහාන් පීරිස් මේ වන විට කඳු මුදුනේ සිට පහතට බසිමින් සිටියි.
2018-05-21T20:09:09.000Z
පාර්ලිමේන්තු කාරක සභා පිහිටු වීම මේ සතිය තුළ
පාර්ලිමේන්තු කාරක සභා පිහිටු වීම මේ සතිය තුළ
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු කාරක සභා මේ සතිය තුළ පිහිටු වීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා සඳහන් කළේ, කෝප් කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව, රාජ්‍ය මුදල් කාරක සභාව සහ තවත් කාරක සභා කිහිපයක් පිහිටු වීමට කටයුතු කරන බව ය. ඒ සඳහා තේරීම් කාරක සභාව රැස්වීමට නියමිතව තිබෙන බව නීල් ඉද්දවල මහතා සඳහන් කළේ ය.
2018-05-21T19:58:28.000Z
ගත වූ පැය 24 තුළ රම්බොඩට මිලිමීටර් 112ක වර්ෂාපතනයක්: දිස්ත්‍රික්ක 5කට පැනවූ නාය යාමේ රතු නිවේදන තවදුරටත්
ගතවූ පැය 24 තුළ රම්බොඩට මිලිමීටර් 112ක වර්ෂාපතනයක්
COLOMBO (News 1st) - හදිසි ආපදා තත්ත්වයකදී ජනතාවට සහන සැලසීම සඳහා අතිරේක හමුදා සාමාජිකයින් 1850ක් සීරුවෙන් තබා ඇතැයි ආරක්ෂක අංශ පවසයි. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසුවේ යුද හමුදා සාමාජිකයින් දහසක්, නාවික හමුදා සාමාජිකයින් 600 ක්, ගුවන් හමුදා සාමාජිකයින් 250ක් ඊට ඇතුළත් බව ය. පවතින ආපදා තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා හමුදා සාමාජිකයින් 170ක් ස්ථානගත කර තිබේ. ඔහු පැවසුවේ, ඊයේ රාත්‍රියේ පැවති වර්ෂාව හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් සඳහා හමුදා සාමාජිකයින් බෝට්ටු සමග පිටත් කර හැරි බව ය. මේ අතර ඉදිරි දින කිහිපය තුළදීත් නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා පැවසුවේ, අද දිනයේත් සබරගමුව, දකුණ බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව ය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට දිවයින ආශ්‍රිත මුහුදේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 හෝ 80 දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. පුද්ගලයින් 1500කට ආසන්න පිරිසක් කඳවුරු 30කට අධික සංඛ්‍යාවක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ රත්නපුර, කළුතර සහ නුවරඑළිය ආශ්‍රිතව එම කඳවුරු පිහිටුවා ඇති බව ය. ජල ගැලීම් හා නාය යාම් අවදානම් හේතුවෙන් මෙම පිරිස් අවතැන්ව සිටිති. මේ වන විට අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 20000කට අධික ය. මේ අතර පවතින වැසි සමග රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක් සඳහා පැනවූ නාය යාමේ රතු නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ, මේ වන විට දිස්ත්‍රික්ක 11කට නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ය. පවතින අයහපත් කාලගුණයත් සමග මහනුවර දවුලගල පොලීසිය අසල නාය යාමක් සිදුව තිබේ. එලෙස නාය යාමට ලක්ව ඇත්තේ, දවුලගල වටදෙණිය ප්‍රතිසංස්කරණය කරමින් පවතින මාර්ගයේ ඉහළ කොටස යි. අද අලුයම වන විට වැඩි ම වර්ෂාපතනය රම්බොඩ ප්‍රදේශයෙන් වාර්තා වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම සංවිධානයේ වර්ෂාමානයන්ට අනුව එම අගය මිලිමීටර් 112කි. කුරුණෑගල උඳුගොඩින් මිලිමීටර් 91ක්, පොල්ගොල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 84ක් හා කාසල්රි ප්‍රදේශයෙන් මිලිමීටර් 76ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වර්ෂාමානයන්ට අනුව වැඩි ම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ, කටුනායක ප්‍රදේශයට ය. එම අගය මිලිමීටර් 74.9කි. කුරුණෑගලට මිලිමීටර් 56 ක ද නුවරඑළියට මිලිමීටර් 49.3ක ද වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
2018-05-21T09:40:36.000Z
බද්දේගම ප්‍රදේශය ජලයෙන් යට වෙයි
බද්දේගම ප්‍රදේශය ජලයෙන් යට වෙයි
COLOMBO (News 1st) - ගිං ගඟේ තවලම සහ බද්දේගම ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනයවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩ්ප්පිලි මහතා සඳහන් කළේ, කැලණි ගඟ සහ කළු ගඟේ ද ද ජල මට්ටම ගංවතුර ත්ත්වයක් දක්වා වර්ධනයවී ඇති බවයි.
2018-05-21T08:26:58.000Z
අයහපත් කාලගුණයෙන් ආපදාවට පත් ජනතාව වෙනුවෙන් සිරස - ශක්ති සහන යාත්‍රාව ඇරඹෙයි
සිරස - ශක්ති සහන යාත්‍රාව ඇරඹෙයි
COLOMBO (News 1st) - අයහපත් කාලගුණය ත් සමග ඇති වූ ස්වාභාවික ආපදාවලින් විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා සිරස - ශක්ති සහන යාත්‍රාව යළි ත් ඇරඹේ. මේ සඳහා ලබාදිය හැකි ද්‍රව්‍ය වන්නේ, හාල්, පරිප්පු, සීනි, තේ, නූඩ්ල්ස්, ටින් මාළු, බිස්කට්, ජල බෝතල් සහා සනීපරක්ෂක ද්‍රව්‍ය යි. කොළඹ – 2 බේබෘක් පෙදෙසේ සිරස ප්‍රධාන කාර්යාලය, රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණය, අරලිය උයන දෙපානම මැදිරි සංකීර්ණයේ මෙම අධාර එක්රැස් කිරීමට නියමිත වේ. සහන යාත්‍රාව පිළිබඳ වැඩිදුර තොරතුර දැන ගැනීමට 011 48 96 896 අංකය ඇමතීමෙන් හැකි වේ.
2018-05-21T07:56:23.000Z
රත්නපුර නගරය ආශ්‍රිතව මහ ගංවතුර තත්ත්වයක්
රත්නපුර නගරය ආශ්‍රිතව මහ ගංවතුර තත්ත්වයක්
COLOMBO (News 1st) - කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් රත්නපුර නගරය ආශ්‍රිතය මහ ගංවතුර මට්ටමට පත්වීමේ අවදානමක් ඇතැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය සඳහන් කළේ, අත්තනගලුඔය දූනමලේ ප්‍රදේශයෙන් මහ ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
2018-05-21T07:32:11.000Z
මාඔයේ ජලය මහ ගංවතුර මට්ටමකට
මාඔයේ ජලය මහ ගංවතුර මට්ටමකට
COLOMBO (News 1st) - Update - අලව්ව - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අලව්ව ප්‍රදේශයෙන් මාඔය ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ එක් මන්තීරුවක් තාවකාලිකව වසා දමා තිබේ. පොලීසිය සඳහන් කළේ, අලව්වේ සිට කිලෝමීටරයක් පමණ කුරුණෑගල දෙසට වන්නට දුරින් ප්‍රධාන මාර්ගය ඉරිතලා ඇති බවයි. ඒ හේතුවෙන් අලව්වේ සිට කුරුණෑගල දෙසට ධාවනය කරන රථවාහන එක් මන්තීරුවකින් පමණක් ධාවනය කිරීමට සලසා ඇති බව පොලීසිය සඳහන් කළේ ය. ආරක්ෂාකාරීව රිය පැදවන්නැයි පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටි. ----------------------------------------------------------------------------------------------------------------------------------------- අධික වර්ෂාවත් සමග ගිරිඋල්ල ප්‍රදේශයෙන් මාඔයේ ජල මට්ටම මහ ගංවතුර මට්ටම දක්වා වර්ධනය වී ඇතැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය සඳහන් කළේ, කළු ගඟ ද රත්නපුර නගරයේ සිට කළුතර දක්වා අවදානම් තත්ත්වයක ඇති බවයි. කැලණි ගඟ හංවැල්ල ප්‍රදේශයෙන් පිටරා ගැලීමේ තත්ත්වයක් උද්ගතව ඇති බව ද ඇය සඳහන් කළා ය. එබැවින් එම ගංඟා දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාව ඉවත් කරන ලෙසට පොලීසියට උපදෙස් ලබා දී ඇති බව ද ඇය වැඩිදුරත් සඳහන් කර තිබේ.
2018-05-21T07:13:34.000Z
කැලණි ගඟ දෙපස ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි උපදෙස්
කැලණි ගඟ දෙපස ජනතාවට රතු එළියක්
COLOMBO (News 1st) - Update - කැලණි ගඟේ ගංවතුර මට්ටමක් ඇතිවීම දක්වා පැමිණීම හේතුවෙන් සීතාවක, කඩුවෙල හා කොළොන්නාව ප්‍රදේශවල පහත්බිම්වල ගඟ දෙපස ජනතාව ඉවත් කිරීමට පියවර ගත් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කංනන්ගර මහතා පවසයි. ඔහු සඳහන් කළේ, අදාළ පිරිස් ආරක්ෂිත ස්ථානවලට යොමුකර ඇති බවයි. අද සවස 6.00 පමණ වන විට එම ප්‍රදේශවලින් පවුල් 200 ක් පමණ ඉවත් කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය. කැලණි ගඟ ආසන්නයේ සිටින වැලම්පිටිය, මුල්ලේරියව ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත ස්ථානවෙත පිටත්ව යන ලෙසට පොලීසිය ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් උපදෙස් ලබා දී තිබේ. පොලීසිය සඳහන් කළේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග එක්ව ආරක්ෂත ස්ථාන 24 ක් ස්ථාපිත කර ඇති බවයි. ----------------------------------------------------------------------------------------------------------------------------------------- හංවැල්ල සිට කොළඹ දක්වා කැලණි ගඟ දෙපස ඉතා ආසන්නයේ වෙසෙන ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස ආපදා කළමානකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, පොලීසිය හා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන් ලබා දෙන උපදෙස් අනුව ඉවත් වන ලෙසයි. කැලණි ගඟේ නාගලගංවීදිය ජල මාපකය ආශ්‍රීත ජල මට්ටම ඉහළ යමින් ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
2018-05-21T06:28:50.000Z
"අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන්න" - ජනපතිගෙන් උපදෙස්
"විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන්න"
COLOMBO (News 1st) - අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලු ජනතාවට කඩිනම් සහන සැලසීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මූල්‍ය ප්‍රතිපාදන ගැටළුවක් කර නොගන්නා ලෙසත්, රජයෙන් ලබා දිය යුතු සියලු සහන පිළිබඳ සොයා බලමින්, සියලු පහසුකම් ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙස උපදෙස් ලබා දුන් බවයි. ජල ගැලීම් හේතුවෙන්, විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමට ද ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇති අතර ජනතාවට අවශ්‍ය සුබසාධන සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිතුමා සියලු පාර්ශවයන් දැනුවත් කර ඇත.
2018-05-21T06:02:36.000Z
ජනතාවගේ පහර කෑ තෙසාලෝනිකිහි නගරාධිපති රෝහලට
ජනතාවගේ පහර කෑ තෙසාලෝනිකිහි නගරාධිපති රෝහලට
COLOMBO (News 1st) - ග්‍රීසියේ දෙවන විශාලතම නගරය ලෙස සැලකෙන තෙසාලෝනිකිහි නගරාධිපති යානිස් බුටාරිස්, පුද්ගලයින් පිරිසකගේ පහර කෑමකට ලක්වීමෙන් රෝහල්ගත කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පළමු ලෝක යුධ සමයේ තුර්කි ජාතිකයන් අතින් ඝාතනයට ලක් වූ ග්‍රීක ජාතිකයන් වෙනුවෙන් පැවති සැමරුමකට 75 හැවිරිදි නගරාධිපතිවරයා සහභාගී වූ අවස්ථාවේදී හිසට, පිටට සහ පාදවලට පුද්ගලයන් විසින් බෝතල්වලින් පහර දී ඇති බවයි. මෙම ප්‍රහාරය ග්‍රීක දේශපාලඥයින් තරයේ හෙළා දැක තිබෙන අතර සිදුවීම සම්බන්ධයෙන් එරට පොලීසිය පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
2018-05-21T05:42:37.000Z
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 7ක් විවෘත කෙරේ
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 7ක් විවෘත කෙරේ
COLOMBO (News 1st) - අධික වැසි සමග මහනුවර, පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 7ක් විවෘත කර තිබේ. මහවැලි අධිකාරියේ පොල්ගොල්ල ජලාශයේ කාර්යභාර ඉංජිනේරු අතුල පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, ඉන් තත්පරයට ඝන අඩි 23,200 පමණ ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශයට මුදා හරින බවයි. මහවැලි ගඟ භාවිතයේදී විමසිලිමත් වන්නැයි ද ජනතාවට දැනුම්දී ඇත.
2018-05-21T05:23:46.000Z
කළු ගඟේ ජලය මහ ගංවතුර මට්ටමකට
කළු ගඟේ ජලය මහ ගංවතුර මට්ටමකට
COLOMBO (News 1st) - අධික වැසි සමග කළු ගඟේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටම ඉක්මවා මහ ගංවතුර මට්ටමක් දක්වා ඉහළ යමින් තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දැනට මහ ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති මිල්ලකන්ද ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාමක් අපේක්ෂා කරන බවයි. ඒ අනුව කළුතර, දොඩංගොඩ, මිල්ලනිය, මදුරාවල, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය, පාලින්දනුවර, කිරිඇල්ල, කුරුවිට, ඇලපාත සහ රත්නපුර ප්‍රදේශවල ජනතාව හදිසි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂාවීම සඳහා දැඩි විමසිල්ලෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.
2018-05-21T05:11:27.000Z
අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 6 ක් ජීවිතක්ෂයට
අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 6 ක් ජීවිතක්ෂයට
COLOMBO (News 1st) - Update - අයහපත් කාලගුණය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 06 දක්වා ඉහළ ගොස් තිබේ. අවතැන් වූ පුද්ගලයින් 1000 කට අධික සංඛාවක් ආරක්ෂිත ස්ථන 30 ක රඳවා ඇති අතර පුද්ගලයින් 20,000 කට ආසන්න පිරිසකට පීඩාවට පත් ව ඇත. අධික වැසි සමග සිදු වූ ආපදාවන් හේතුවෙන් සතියක කාලයකදී පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තිබේ. ඉන් මරණ 3 ක් අකුණු අනතුරු හේතුවෙන් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අතර අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12 ක පවුල් 3438 ක පුද්ගලයින් 13314 දෙනෙකු පීඩාවට පත් ව ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ඉන් වැඩිම පිරිසක් ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි. එම පිරිස 7742 ක් වනු ඇති.