date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-06-02T03:02:15.000Z
කොදෙව්හී පුහුණු තරගයේදී චන්දිමාල්ගෙන් ශතකයක්
කොදෙව්හී පුහුණු තරගයේදී චන්දිමාල්ගෙන් ශතකයක්
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භ කිරීමට පෙර පැවැත්වෙන පුහුණු තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් සභාපතිවරයාගේ කණ්ඩායම් අතරයි. ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් තෙදින පුහුණු තරගය පසුගිය 30 වැනිදා ට්‍රිනිඩෑඩ් හි පිහිටි බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය . කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකය දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය . ඒ අනුව ආරම්භක පිතිකරුවන් යුගලය ලෙසින් පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සහ කුසල් පෙරේරාගේ පළමු කඩුල්ලේ සබඳතාව එක් ලකුණකට සීමා කිරීමට දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක මියුගල් කුමින්ස් සමත් විය. ඒ, අනුව නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් පන්දු 216කට මුහුණ දෙමින් ලකුණු 108ක් රැස් කළේය. ඊට හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් විය . දිනේෂ් චන්දිමාල් සහ කුසල් පෙරේරා අතර දෙවැනි කඩුල්ලේ සබඳතාවය ලකුණු 130කි. තරගයේ දෙවන දිනය ආරම්භවන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 6ක් දැවී ලකුණු 318ක් ලෙසින් දැක්විය. ශ්‍රී ලංකා පළමු ඉනිමේ තුළ පසුපෙළ හා මැදපෙළ සවිමත් කළ පිතිකරුවා බවට පත්වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 74ක් රැස් කළේය . ඊට හතරේ පහර 8ක්ද ඇතුළත් විය. ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 428 ක් රැස් කළේය . පන්දු යැවීමේදී ජොමෙල් වොරිකන් කඩුලු 4 ක් දවාගත් අතර රාඛීම් කෝන්වෝල් කඩුලු 3 යි . අනතුරුව සිය පළම ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් සභාපතිවරයාගේ කණ්ඩායමට සියල්ලන් දැවී රැස්කර ගත හැකිවූයේ 272 ක් පමණි. ඒ අනුව තරගයේ තුන්වන දිනය අවසන් වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී රැස් කරගෙන සිටි ලකුණු ගණන 135කි.
2018-06-02T02:44:57.000Z
හෙට දිනයේ කටුනායක ගුවන් ගමන් වේලාවෙන් සංශෝධනය කෙරේ
හෙට දිනයේ කටුනායක ගුවන් ගමන් වේලාවෙන් සංශෝධනය කෙරේ
COLOMBO (News 1st) - හෙට දිනයේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්ව යන හා ළඟාවන ගුවන් ගමන් වේලාවන් සංශෝධනය කර තිබේ. ශ්‍රී ලංකන් ගුවන් මාධ්‍ය ප්‍රකාශක, දීපාල් පෙරේරා මහතා පැවසුවේ ඉන්දීය සාගරය ආශ්‍රිතව සිදුවන අත්හදා බැලීමක් හේතුවෙන් එලෙස හෙට දිනයේ ගුවන් ගමන් වේලාවන් සංශෝධනය කර ඇති බව ය. මේ යටතේ කොළඹ සිට ක්වාලාලම්පුර්, සිංගප්පුරුව, බැංකොක්, බලා පියාසර කරන ගුවන් ගමන් 11 ක් පමණ පිටත්වන සහ ළඟාවන වේලාවන් සංශෝධනය කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේය. ඒ පිළිබඳ වැඩි විස්තර සඳහා 1979 අමතන ලෙස ශ්‍රි ලංකන් ගුවන් සේවය ගුවන් මගින්ට දැනුම් දෙන්නේය.
2018-06-02T00:15:25.000Z
නාය යාමේ අධි අවදානම් කලාපවල නිවාස 6,000ක්
නාය යාමේ අධි අවදානම් කලාපවල නිවාස 6,000ක්
COLOMBO (News 1st) - නාය යාමේ අධි අවදානම් කලාපවල නිවාස 6,000කට ආසන්න සංඛ්‍යාවක් පිහිටා ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි නායයාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිස්ස මහතා පැවසුවේ එම නිවාසවල දිවි ගෙවන පුද්ගයින් සුරක්ෂිත ස්ථානවල පදිංචි කිරිමේ වැඩපිළිවෙළ මේ වනවිට ආරම්භ කර ඇති බව ය. කෑගල්ල දිස්ත්‍රික්කයේ අධි අවදානම් කලාපවල ජීවත්වන පවුල් 1500 ක් පමණ සුරක්ෂිත ස්ථානවල පදිංචි කරවිම ආරම්භ කර ඇතැයි ඔහු සඳහන් කළේය. මේ අතර ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් සිසිර කුමාර මහතා පැවසුවේ අධි අවදානම් කලාපවල ජීවත්වන පවුල් දස දහසක් සඳහා නිවාස ඉදි කිරීමට රජය පියවර ගෙන ඇති බව ය.
2018-06-01T23:48:00.000Z
කිම් ජොන් උන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡාව සැලසුම් කළ පරිදි
ට්‍රම්ප් උ. කොරියාව සමග සාකච්ඡාවට කැමති වෙයි
(News 1st) - උතුරු කොරියානු නායකයා සහ තමන් අතර ඓතිහාසික හමුව සැලසුම් කළ පරිදි ලබන 12 වන දින සිංගප්පූරුවේදී පැවැත්වෙන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. අමෙරිකානු ජනපතිවරයා ඒ බව නිවේදනය කළේ, උතුරු කොරියානු ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු සමග ධවල මන්දිරයේදී පැවති හමුවකින් අනතුරුවයි. එහෙත් එම සමුළුව අවලංගු කරන බව මීට සතියකට පෙර ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය. විදෙස් වාර්තාවන්හී දැක්වෙන්නේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් සිය නියෝජිතයා අත එවන ලද ලිපියක් ද ධවල මන්දිරයෙදී ජනපති ට්‍රම්ප්ට භාර දුන් බව ය. එම ලිපිය ඉතා සිත්ගන්නා සුළු බව ජනපති ට්‍රම්ප් මුලින් පැවසුව ද තවමත් එය විවෘත නොකළ බව පසුව කියා සිටියේය. අමෙරිකානු ජනපතිවරයා වැඩි දුරට ත් කියා සිටියේ කොරියානු යුද්ධය නිල වශයෙන් අවසන් කිරීම සිංගප්පූරුවේදී පැවැත්වෙන සාකච්ඡා මත රඳා පවතින බව ය. එහෙත් මෙම හමුව මතභේදාත්මක න්‍යෂ්ඨික වැඩසටහන් අවසන් කිරීමේ අවසාන හමුව නොවන බව ත් එය දීර්ඝ ක්‍රියාවලියක් බවත් ජනපති ට්‍රම්ප් කියා සිටියේය. 1950 - 53 කාලය තුළ පැවති ගැටුම් අවසන් වූයේ සාම ගිවිසුමකින් නොව සටන් විරාමයකින් පමණක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.
2018-06-01T22:30:27.000Z
හික්කඩුවේදී දුම්රියේ ගැටීමෙන් 15 හැවිරිදි දැරියක් මරුට
දුම්රියේ ගැටීමෙන් 15 හැවිරිදි දැරියක් මරුට
COLOMBO (News 1st) - හික්කඩුව සහ දොඩංදූව අතරදී දුම්රියේ ගැටීමෙන් 15 හැවිරිදි දැරියක් මියගොස් තවත් තරුණයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ ඔවුන් ඊයේ රාත්‍රි 12.45 ට පමණ ගාල්ල බලා ධාවනය වූ තැපැල් දුම්රියේ ගැටී ඇති බව ය. අනතුරින් තුවාල ලැබූ තරුණයා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.
2018-06-01T21:44:11.000Z
කළු ගඟේ මෝයකට ආරක්ෂා කිරීමට කෘතිම වැලි පරයක්
කළු ගඟේ මෝයකට ආරක්ෂා කිරීමට කෘතිම වැලි පරයක්
COLOMBO (News 1st) - උග්‍ර මුහුදු ඛාදනයකට ලක්ව ඇති කළුතර, කළු ගගේ මෝය කට ආරක්ෂා කිරිම සඳහා කෘතිම වැලි පරයක් ඉදිකිරිමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා සඳහන් කළේ, කළු ගඟේ මෝය කට ආරක්ෂා වීම සඳහා ස්වභාවිකව විනාශ වූ වැලි පරය විනාශ වීමෙන් මෙම තීරණය ගත් බව ය. පසුගිය මාස කිහිපයේ සිදුවු උග්‍ර මුහුදු ඛාදනය හේතුවෙන් මෙම වැලි පරය සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර රට තුලට මුහුදු රළ වේගයෙන් ඇදී ඒම හේතුවෙන් ඒ ආශ්‍රිතව වෙරළ බඩ ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල වී තිබේ. එම බලපෑම් අවම කිරිම සඳහා මේ වනවිට කැලිඩෝ වෙරළ ඇතුළු ප්‍රදේශ කිහිපයක ගල්වැටි අතුරා ඇති බව ද ඔහු සඳහන් කළේය. අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, කෘතිම වැලි පරය ඉදිකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ය. මේ අතර කළු ගඟේ මෝයකට මුහුදු ඛාදනයට ලක්වීම පිළිබඳව විදේශීය විශේෂඥයින්ගෙන් උපදෙස් ලබාගත් බව ද ඔහු පවසයි.
2018-06-01T21:16:58.000Z
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවට ලැබෙන ඩො. මි. 252ක ණය වාරිකය අනුමත වෙයි
IMF වෙතින් ශ්‍රී ලංකාවට තවත් ණය වාරිකයක් අනුමතයි
COLOMBO (News 1st) - මෙරටට ලබා දීමට නියමිත ඩොලර් මිලියන 252 ක ණය වාරිකය මුදාහැරිමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබේ. ඒ, මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සිදුකළ සිව්වන ප්‍රගති සමාලෝචනයෙන් අනතුරුවයි. නව දේශීය ආදායම් පනත හා ඉන්ධන මිල සුත්‍රය වැනි දෑ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් ලබාගෙන ඇති බව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේය.
2018-06-01T20:15:25.000Z
මී උණ පැතිර යාමේ අවදානම ඉහළට
මී උණ පැතිර යාමේ අවදානම ඉහළට
COLOMBO (News 1st) - ගංවතුර පැවැති ප්‍රදේශවල මී උණ පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වසංගත රෝග විද්‍යාඥ පබා පලිහවඩන මහත්මිය පැවසුවේ මඩ සහිත ජලයේ මී උණ රෝග කාරකය පවතින බව ය. ගංවතුර පැවැති ප්‍රදේශවල මඩ සහිත ස්ථානවලට යාමේදී තුවාල සහිත පුද්ගලයින් සැළකිලිමත් වන ලෙස ද ඇය ජනතාවට පවසයි. රෝගය වැළඳීම වැලැක්වීම සඳහා මී උණ පාලන ඖෂධ ලබා ගන්නා ලෙස ද වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ජනතාවට උපදෙස් දෙමින් පවසන්නීය. වසරේ ගතවූ කාලය තුල මී උණ රෝගීන් දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
2018-06-01T20:02:56.000Z
අදත් ප්‍රදේශ රැසකට වැසි: ගංවතුරින් අවතැන්වූවන් 1,853 දෙනෙකු තව දුරට ත් කඳවුරුවල
ගංවතුරින් අවතැන්වූවන් 1,853 දෙනෙකු කඳවුරුවල
COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ රැසකට අද මිලිමීටර් 75 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින වටා මුහුදේ සුළං වේගය ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් වන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය. මේ අතර ගංවතුර පහව ගිය ද ආරක්ෂිත ස්ථාන 32 ක තව දුරටත් පුද්ගලයින් 1,853 දෙනෙකු රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය පැවසුවේ පවුල් 540 කට අයත් පුද්ගලයින් ඒ අතර වන බව ය. පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලැබිණි. නිවාස 157 ක් සම්පුර්ණයෙන්ම විනාශ වූ අතර අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 7,642කි. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 33,274 කට අයත් පුද්ගලයින් 125,537 දෙනෙකු පීඩාවට පත්විය.
2018-06-01T11:35:53.000Z
ගින්නකින් නිවිතගල තේ කම්හලක් විනාශ වෙයි
ගින්නකින් නිවිතගල තේ කම්හලක් විනාශ වෙයි
COLOMBO (News 1st) - නිවිතගල, වේවැල්කඳුර ප්‍රදේශයේ වතුයායක පිහිටි තේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ හටගත් ගින්නෙන් දෙමහල් තේ කම්හල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ය. රත්නපුර නගර සභාවේ ගිනි නීවීම් අංශ, ප්‍රදේශවාසීන් හා පොලීසිය මැදිහත්ව ගින්න නිවීමට උත්සාහ කළ ද එය අසාර්ථක වූ බව පොලීසිය පවසයි. ගින්නට හේතුව මෙතෙක් අණාවරන වී නොමැත.
2018-06-01T10:10:29.000Z
ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ දෙවන හා තුන්වන සැකකරුවන් යළි රිමාන්ඩ්
ලසන්ත ඝාතනයේ දෙවන හා තුන්වන සැකකරුවන් යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) - මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ නඩුවේ දෙවන හා තුන්වන සැකකරුවන් වන හිටපු පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර යන මහත්වරුන් ලබන 12 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, ඊට අදාළ නඩුව ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් මහතා අද කැඳවූ අවස්ථාවේදී ය. මෙහිදී දෙවන සැකකරු වන තිස්ස සුගතපාල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රසික වීරසුරිය මහතා සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලා සිටියේය. එහිදී ඔහු අධිකරණයට කියා සිටියේ ලසන්ත වික්‍රමතුංග මහතාට වෙඩි තැබූ අවස්ථාවේදී ඔහුගේ වාහනයේ තිබූ සටහන් පොතේ සටහන් කර තිබු යතුරු පැදි දෙකේ අංක සම්බන්ධයෙන් විමර්ශන නොකරන ලෙසට එවක ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ප්‍රසන්න නානායක්කාර මහතා තම සේවා දායකයාට තර්ජනය කර ඇති බව ය. එම විමර්ශන ඉදිරියට කළහොත් ලසන්ත වික්‍රමතුංග මහතාට අත්වූ ඉරණම තිස්ස සුගතපාල සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අත්විය හැකි බවට ඔහු තර්ජනයක කර ඇති බව ද නීතිඥවරයා අධිකරණයට කියා සිටියේය. ඒ, අනුව අදාළ සටහන් පොත සහ විමර්ශන වාර්තා තම සේවා දායකයා විසින් නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතාට භාර දී ඇති බව ද නීතිඥවරයා කියා සිටියේය. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා එම ඉල්ලීම විරෝධය පල කරමින් කියා සිටියේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ කරුණු නොමග යැවීමට එක් එක් සංවිධාන කටයුතු කරගෙන යන බව ය. එමගින් විමර්ශනවලට සිදුව ඇති හානිය නිවැරදි කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය. රජයේ නීතිඥවරයා මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ තිස්ස සුගතපාල සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමන්ත අධිකාරි යන මහත්වරුන් අධිකරණයට ලබාදුන් රහස් ප්‍රකාශවල පිටපත් නීතිපතිවරයාට යොමු කරන ලෙස ය.
2018-06-01T09:45:22.000Z
මහින්ද රාජපක්ෂ පිළිබඳ ජනපති කළ ප්‍රකාශ පිළිකුලෙන් යුතුව ප‍්‍රතික්ෂේප කරනවා - ඒකාබද්ධ විපක්ෂය
ජනපතිගේ ප්‍රකාශයට ඒකාබද්ධ විපක්ෂයෙන් පිළිතුරු
COLOMBO (News 1st) - ජනාධිපතිතුමා මාදුළුවාවේ සෝභිත හිමි අනුස්මරණ දෙසුමේදී කළ ප්‍රකශයන් සම්බන්ධයෙන් අද ඒකාබද්ධ විපක්ෂය ලිපියක් මගින් ප්‍රතිචාර දක්වා තිබුණි. මෙම ලිපියෙන් එකාබද්ධ විපක්ෂය පෙන්වා දෙන්නේ සම්මුතිවාදීයැයි කියා ගන්නා ආණ්ඩුවේ බරපතල අසම්මුතිය ජනාධිපතිතුමාගේ කතාවෙන් මනාව ප‍්‍රදර්ශනය කරන බව ය. එම කතාව තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සම්බන්ධයෙන් වගකීම් විරහිත ප‍්‍රකාශ කිහිපයක් ඇති බව ත් ඒවා පිළිකුලෙන් යුතුව ප‍්‍රතික්ෂේප කරන බවත් එකාබද්ධ විපක්ෂය පවසයි. විශේෂයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වී හෙලිකොප්ටර් මගින් මැදමුලන බලා පිටත් වීම, එවකට ජනාධිපති කාර්යාලය සතුව තිබූ අති නවීන ආරක්ෂක රථ සියල්ල රැගෙන යාම හා රගර් කීඩක වසීම් තාජුඩීන්ගේ මරණ පරීක්ෂණ කටයුතු සඳහා බලපෑම් එල්ල කිරීම් වැනි කරුණු පදනම් විරහිත වන අතරම සත්‍යයෙන් ද තොර බව ද එම ලිපියේ දැක්වේ. එහි දැක්වුණේ 2015 ජනවාරි 09 වන දින අලුයම 2 වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ පසුබෑම නිල වශයෙන් භාරගත් අතර ඔහුට හිතවත් පක්ෂ විපක්ෂ බොහෝ ආණ්ඩුක‍්‍රම උපදේශකයන් ව්‍යවස්ථානූකූලව ඊළඟ ජනාධිපතිවරයා ධූරයේ නිල වශයෙන්ම දිවුරුම් දෙන තුරු ධූරය දරමින් අරලියගහ මන්දිරයේ රැඳී සිටීමටත් අවශ්‍ය නියෝග ලබා දීමටත් හැකි බව පෙන්වා දී තිබූ බව ය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතා සිය පරිණත රාජ්‍ය තාන්ත්‍රිකභාවය අනුව එම උපදෙස් ප‍්‍රතික්ෂේප කර ජාතික ආරක්ෂාවට බලපෑමක් නොවන පරිදි මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයේ නිල වශයෙන් දිවුරුම් දීමටත් පෙර එදින පෙරවරු 9 වන විට අරලියගහ මැදුරෙන් සමුගත් බව මෙම ලිපියෙන් පෙන්වා දී තිබේ. මහින්ද රජජපක්ෂ මහතා තම ගම්බිම් බලා පිටත් වීම සඳහා ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් පහසුකම ලබා ගත් අතර එතෙක් දිවුරුම් නොදුන් හෝ නිල වශයෙන් පත්වීම් නොලද කිසිදු බලධාරියෙකුගෙන් අනුමැතියක් හෝ විමසීමක් එතුමා නොකළ බව ද එහි සඳහන් වේ. මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මැදුරෙන් නිල වශයෙන් සමුගෙන පැය 10 කට පසු එනම් ප.ව. 6.20 ට පමණ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් බව ද එම ලිපියේ දැක්වේ. ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හෙලිකොප්ටර් භාවිතා කිරීම සම්බන්ධව, නීති විරෝධීව උදව් පදව් ලබා ගත් බව ඒත්තු ගැන්වීමට ගන්නා උත්සාහය මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරන්න බව එහි සඳහන් වේ. එකාබද්ධ විපක්ෂය පෙන්වා දී ඇත්තේ හිටපු ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ තිබූ ආරක්ෂක රථ විශාල ප‍්‍රමාණයක් රැගෙන ගිය බවට කරන ප‍්‍රකාශය ද අතිශය සාවද්‍ය බව ය. කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ මෙම දේශනය තුළින් වර්තමාන ආණ්ඩුව තුළ ඇති බල අරගලය සහ අප‍්‍රකාශිත යුද්ධය මැනවින් කරළියට ගෙනා බව එකාබද්ධ විපක්ෂය පෙන්වා දෙන්නේය.
2018-06-01T09:28:46.000Z
'සත්‍යය' අපේ තේමාවයි - එජාපයේ සන්නිවේදන ප්‍රධානී තනතුර භාර ගනිමින් හරීන් කියයි
'සත්‍යය' අපේ තේමාවයි - හරීන් ප්‍රනාන්දු
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ ජනසන්නිවේදන ප්‍රධානියා ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ. අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හරීන් ප්‍රනාන්දු මහතාට නව පත්වීමට අදාළ ලිපිය පිරිනැමුවේය. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසෙ කියා සිටියේය. එක්සත් ජාතික පක්ෂයේ ජනසන්නිවේදන ප්‍රධානියා ලෙසත් ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රකාශක හැටියටත් හරින් ප්‍රනාන්දු ඇමතිතුමා අපි පත් කරලා තියෙනවා. එතුමා කරපු කැපවීම නිසා තමයි. අපිට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරලා. ජනාධිපති තෝරලා පාර්ලිමේන්තු ඡන්දයෙන් දිනාගෙන ආණ්ඩුවක් ඇති කරන්න අවස්ථාව ලැබුණේ. ඒ නිසා විශේෂයෙන්ම මං එතුමාට මේ පත්විමේ ලිපිය මෙතනදි භාර දෙනවා. පත්වීමි ලිපිය භාර ගැනීමෙන් අනතුරුව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මාධ්‍යයට අදහස් පල කළේය. එක්සත් ජාතික පක්ෂය පසුගිය කාලේ ආණ්ඩුව තුළ වේචි අඩුපාඩුව මාකා ගන්නට අපේ තිබුණ පණිවිඩ හුවමාරුවේ අඩු පාඩු මාකා ගන්නට මාධ්‍ය ඒකකයක් බිහි කිරිමේ අදහස් කරලා තියෙනවා. අද නිල වශයෙන් අගමැතිවරයාගෙන් භාර ගත්තා ඒ වගේම සදුදා අපේ තේමාව වෙලා තියෙන්නේ සත්‍යය කියන වැඩ සටහන්. මොකද එක්සත් ජාතික පක්ෂයට මේ දවස්වල සත්‍යය යටවෙලා තියෙනවා කියලා පෙනවා. මොකද මේ දවස්වල නොයකුත් කතා අපිට ඇහෙනවා. අපි කියන්නේ සත්‍යය කියන ඒක අපේ වගකිමක්. සත්‍යය ජනතාවට ගෙනියාම ඔබේ වගකිමක්. සත්‍යය තේරුමි ගැනිම ජනතවගේ වගකිමක්. සියලු දෙනා සත්‍යය කියන එක් හදවතින් හිතන්න ඕන
2018-06-01T08:08:19.000Z
මීයන්ගේ පිළිකා ඉවත් කිරීමට එන්නතක්
මීයන්ගේ පිළිකා ඉවත් කිරීමට එන්නතක්
(News 1st) - ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා දීම මගින් මීයන්ගේ පිළිකා ඉවත් කිරීමේ ක්‍රමවේදයක් අමෙරිකාවේ, ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාල පර්යේෂකයින් කණ්ඩායමක් විසින් සොයාගනු ලැබ තිබේ. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් විසින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන ද්‍රව්‍ය 2ක් යොදා ගැනීම තුළින් මෙම ප්‍රතිකාර ක්‍රමය දියුණු කර ඇත. මෙම පර්යේෂණය මීයන් 90 කට පමණ යොදවාගෙන ඇති අතර ඉන් මියන් 87 දෙනකුගේ පිළිකා සාර්ථක ලෙස ඉවත් කර තිබේ. ඉදිරියේදී මෙය තව දුරටත් දියුණු කිරීමට බලාපොරොත්තුවන බව පර්යේෂකයින් කණ්ඩායම පවසයි.
2018-06-01T07:50:57.000Z
බැඳුම්කර වාර්තාවේ හෙළි නොකළ ලේඛන ප්‍රසිද්ධ කිරීමේ හැකියාව පිළිබඳ ජනපති ලේකම් නීතිපති උපදෙස් පතයි
ජනපති ලේකම් නීතිපති උපදෙස් පතයි
COLOMBO (News 1st) - බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් වාර්තාවේ සියලු ලේඛන ප්‍රසිද්ධ කිරීමේ හැකියාව පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇතැයි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසයි. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලදී හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ සමාගමක් හරහා මුදල් ලබාගෙන ඇති බව පසුගියදා අනාවරණය විය. පසුව මන්ත්‍රීවරයා කියා සිටියේ තවත් 118 දෙනෙක් මෙලෙස වරප්‍රසාද ලබාගෙන ඇති බව ය. අදාළ පුද්ගලයින්ගේ නම් ජනාධිපති කොමිසමේ ප්‍රසිද්ධ නොකළ ලේඛන අතර ඇති බව මෙම ප්‍රකාශයත් සමග සිවිල් සංවිධාන ඇතුළු විවිධ කණ්ඩායම් ප්‍රකාශ කළේය.
2018-06-01T07:39:23.000Z
මුල්‍ය චෝදනා මත ගෙන ආ විශ්වාසභංගයෙන් පරාජය වූ ස්පාඤ්ඤ අගමැතිට ධුරය අහිමි වෙයි
ස්පාඤ්ඤ අගමැතිට ධුරය අහිමි වෙයි
(News 1st) - ස්පාඤ්ඤ අගමැති මරියානෝ රනෝයිට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙන් ඔහු පරාජයට පත් වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 350 ක් වූ ස්පාඤ්ඤ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් 180 දෙනෙකු ඔහුට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බව ය. එරට පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විශ්වාසභංගයක් ජයග්‍රහණය කිරිමට නම් ජන්ද 176 ක බහුතරයක් ලබාගත යුතු වේ. ඔහු නායකත්වය දරන ජනතා පක්ෂයේ නිලධාරින් 29 දෙනෙකු පසුගිය සතියේදි ඩොලර් දහස් ගණනක මූල්‍ය වංචාවකට වරදකරුවන් බව එරට අධිකරණය තීන්දු කළේ, සිද්ධිය සම්බන්ධ නඩුවේ තින්දුව ප්‍රකාශයට පත් කරමිනි.
2018-06-01T07:27:54.000Z
ගෝඨාභයගේ පෙත්සම විභාගයෙන් තවත් විනිසුරුවරියක් ඉවත් වෙයි
ගෝඨාභයගේ පෙත්සම විභාගයෙන් විනිසුරුවරියක් ඉවත් වෙයි
COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමාව අත්අඩංගුවට ගැනීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ගන්නා උත්සාහය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබු පෙත්සම් විභාගයෙන් තමා ඉවත් වන බව ජ්‍යෙෂ්ඨ විනිසුරු මූර්දූ ප්‍රනාන්දු මහත්මිය ඊයේ දැනුම් දී තිබේ. ඒ, අනුව එම පෙත්සම වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේදී කැඳවීම සඳහා නොවැම්බර් මස 27 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කර තිබු එම අභියාචනා පෙත්සම සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය හා සරත් ආබෲ යන විනිසුරුවරුන් පෙත්සම විභාගය අවසන් වනතුරු ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. එම අතුරු තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය පෙත්සම විභාග කිරීමෙන් ඉවත් වූ අතර පසුව අගවිනිසුරුවරයා පත්කළ විනිසුරු මඩුල්ලෙන් බුවනෙක අලුවිහාරේ හා ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරුවරුන් ද පෞද්ගලික හේතුන් මත බව දන්වමින් ඉවත් විය. ඒ, අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සම විභාගයෙන් මේ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 4 දෙනෙකු ඉවත් වී තිබේ. මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කර ඇති අභියාචනා පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරු ජනත් ද සිල්වා මහතා ඊයේ ඉවත් විය. තමා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව පවරා ඇති ඇවන්ගාඩ් නඩුවේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබේ.
2018-06-01T05:39:12.000Z
බැසිල් රාජපක්ෂට එරෙහි දිවි නැගුම නඩුවේ සාක්ෂි විභාගය කල් දැමේ
බැසිල්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කල් යයි
COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 06 වැනිදා දක්වා කල් තැබුණි. ඒ, අදාළ නඩුව අද කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ය. මෙම නඩුව පවරා ඇත්තේ පසුගිය ජනාධිපතිවරණ සමයේදි දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන දෙදහස් නවසිය අනූ එකක් වැය කර සෙවිලි තහඩු බෙදා දිමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
2018-06-01T05:01:55.000Z
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සොරා ගත් සම්මානය සුමිත්‍රා පීරිස්ට භාර දෙයි
ලෙස්ටර්ගේ සම්මානය සුමිත්‍රා පීරිස්ට භාර දෙයි
COLOMBO (News 1st) - ප්‍රවීණ සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී පිරිනැමුණු සොරා ගත් සම්මානය අද පෙරවරුවේ සුමිත්‍රා පීරිස් මහත්මියට භාර දුන්නේ ය. ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පසුගිය 5 වන දා ලබා දුන් නියෝගයට අනුව ය. අද පෙරවරුවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසට පැමිණි පොලිස් නිලධාරීහු සම්මානය, සුමිත්‍රා පීරිස් මහත්මිය අතට ලබා දුන්හ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණු පසුගිය 2 වන දා නිවසේ තිබියදී අදාළ සම්මානය සහ දුරකතනයක් අස්ථානගත විණි. පසුව එය කඩුවෙල - කොල්ලුපිටිය බස් රථයක ගමන් මළු රඳවනයේ තිබීයදී සොයා ගැනුණේ, බස් රථයේ රියැදුරු සහ රිය සහයකයා පොලීසියට කළ දැනුම් දීමකට අනුව ය. සිද්ධිය සම්බන්ධයෙන් කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් 6 දෙනෙකු පසුගිය 7 වන දා අත්අඩංගුවට ගැනිණි. ඉන් සැකකරුවන් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර අනෙක් සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේ ය. ජීවිතේ එක් වරක් පමණක් අද්විතීය සිනමාකරුවෙකුට හිමි වන ඉන්දීය යාවජීව කර්තව්‍ය සම්මානය 2000 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට පිරිනැමුණේ 31 වන ඉන්දියානු අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදී ය. ඒ, ඔහු සිනමාවට කළ අමිල මෙහෙවර අගයමිනි.
2018-06-01T01:58:07.000Z
අධිවේගයේ කොක්මාදූව සහ ගොඩගම අන්තර් හුවමාරු අතර මංතීරුවක් අද සිට වසා දැමේ
දක්ෂිණ අධිවේගයේ එක් මංතීරුවක් වසා දැමේ
COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සහ ගොඩගම අන්තර් හුවමාරු අතර වම් පස මංතීරුවක් අද සිට වසා තැබෙන බව මහා මාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍යංශය පවසයි. ඒ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව සහ දැනට පවතින මාර්ගය ඒකාබද්ධ කිරීමේ ඉදිකිරීම් හේතුවෙනි. වසා දැමෙන කොටසේදී පමණක් දෙදිසාවට ගමන් කරන වාහන දකුණු පස මංතීරුවෙන් ගමන් කළ යුතු වේ. මින් ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ කණගාටුව පළ කරන බව ද මහා මාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.
2018-06-01T01:34:54.000Z
රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග
රෝහිතගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගන්නැයි නියෝග
COLOMBO (News 1st) - නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ වන දීප්ති බෝගොල්ලාගම සහ ඔහුගේ දියණිය වන දිල්හානි බෝගොල්ලාගම යන දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද කුරුඳුවත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේ ය. ඒ, කාන්තාවකට පහර දීමට තැත් කර, සාපරාධී බලහත්කාරය පෑ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි. අද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබුණ ද ඔවුහු අධිකරණයට පැමිණ නොසිටියහ. ප්‍රධාන මහේස්‍ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ, අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබියදීත් පළමු සැකකාරිය වන දීප්ති බෝගොල්ලාගම මහත්මිය, පැමිණිලිකාර කාන්තාවට දුරකතනයෙන් අමතා මරණීය තර්ජන එල්ල කර ඇති බවට පෙන්වා දෙමින්, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ කරුණු දැක්වීම සලකා බලමිනි. නඩුව ලබන 22 වන දා යළි කැඳවීමට නියමිත ය.
2018-06-01T01:08:36.000Z
නාය යාම් සහ ගංවතුරෙන් විපතට පත් වූවන්ට අලුතින් ඉඩම්
නායයාම් සහ ගංවතුරෙන් විපතට පත් වූවන්ට අලුතින් ඉඩම්
COLOMBO (News 1st) - නාය යාම් සහ ගංවතුරෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ඉඩම් අක්කර 500කට අධික ප්‍රමාණයක් ලබා දීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබේ. එහි විධායක අධ්‍යක්ෂ පී.බී. රුවන් පතිරණ මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක 4කින් ඉඩම් තෝරා ගත් බව ය. මේ අනුව රත්නපුර දිස්ත්‍රික්කයෙන් අක්කර 263ක්, මාතර දිස්ත්‍රික්කයෙන් අක්කර 210ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් අක්කර 24ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් අක්කර 8ක් ඒ සඳහා තෝරාගෙන ඇතැයි ඔහු සඳහන් කළේ ය.
2018-06-01T00:12:58.000Z
Veere Di Wedding අද සිට ලොව පුරා සිනමා ශාලාවල
Veere Di Wedding අද සිට ලොව පුරා සිනමා ශාලාවල
(News 1st) - වීර් දි වෙඩින් බොලිවුඩ් චිත්‍රපටය අද සිට ලොව පුරා සිනමා ශාලාවල තිරගත වේ. එහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ, බොලිවුඩ් නිළියන් වන සෝනම් කපූර් සමග කරීනා කපූර්. වීර් දි වෙඩින් බොලිවුඩ් සිනමා සිත්තම ශෂංකා ගෝෂ්ගේ අධ්‍යක්ෂණයකි.
2018-05-31T23:26:03.000Z
ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ එක් දින සේවාවක් මාතරදී
ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ එක් දින සේවාවක් මාතරදී
COLOMBO (News 1st) - ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ එක් දින සේවාවක් ලබන 6 සහ 7 දෙදින මාතරදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව 6 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීත් 7 වන දින වැලිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීත් මෙම එක් දින සේවාව පැවැත්වීමට නියමිත ය. ව්‍යාපාරයට නෛතික පිළිගැනීමක් ඇති කර ගැනීම, බැංකු ණය ලබා ගැනීම, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලින් සේවාවන් ලබා ගැනීම ආදී දේ සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයින් සඳහා නොමිලේ සේවා සැපයීම මෙහි අරමුණ වේ.
2018-05-31T22:53:31.000Z
උෂ්ණාධික කාලගුණය විභාග ප්‍රතිඵලවලට බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් හෙළි වෙයි
උෂ්ණාධික කාලගුණයෙන් විභාග ප්‍රතිඵලවලට බලපෑම්
(News 1st) - අධික උෂ්ණත්වයක් පැවති වසරවල විභාගවලදී ශිෂ්‍යයින් අඩුවෙන් දක්ෂතා දැක්වීමට ඉඩ ඇති බව හාවර්ඩ් සහ අමෙරිකාවේ වෙනත් විශ්වවිද්‍යාලවල පර්යේෂකයින් විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ. පර්යේෂකයින් පෙන්වා දෙන්නේ, ඉහළ උෂ්ණත්වය සහ අවම පාසල් දක්ෂතා අතර සැලකිය යුතු සම්බන්ධයක් ඇති බව ය. උෂ්ණ අධික කාලගුණය ප්‍රතිඵලවලට අයහපත් බලපෑමක් එල්ල කරන බව වසර 13ක් තුළ අමෙරිකානු ද්විතීක පාසල් සිසුන් මිලියන 10කගේ විභාග ලකුණු විශ්ලේෂණය කිරීමෙන් අනාවරණය වී තිබේ. ඒ සඳහා ප්‍රායෝගික විසඳුමක් වශයෙන් වායුසමීකරණ භාවිත කළ හැකි බව පර්යේෂණ වාර්තාවේ සඳහන් ය. ග්‍රීෂ්ම සමයේ විභාග සඳහා පෙනී සිටින සිසුන් තමන්ට උෂ්ණාධික කාලගුණය බාධාවක් වූ බවට බොහෝ විට මැසිවිලි නගන බව ද එහි දැක්වේ. උෂ්ණත්වය ඉහළ යන විට පාසල් දක්ෂතා පහළ යාම පළමු වරට පැහැදිලි සාක්ෂි ඇතිව ඉදිරිපත් කිරීමට හාවර්ඩ්, කැලිෆෝනියා, ලොස් ඇන්ජලීස් සහ ජෝර්ජියා යන ප්‍රාන්තවල විශ්වවිද්‍යාල පර්යේෂකයන් සමත්ව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. අමෙරිකාවේ වෙනස් දේශගුණික තත්ත්වයන් සහ කාලගුණ රටා තුළ පාසල් සිසුන් 2001 සහ 2014 කාල සීමාවේ අදාළ වර්ෂවල විභාගවලදී දක්වන ලද දක්ෂතා පර්යේෂකයින්ගේ අවධානයට ලක්ව තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ, උෂ්ණාධික කාලගුණයකදී පාසල් තුළ ඉගෙනීමේ කටයුතු අපහසු වන බව ය. එමෙන් ම පාසල් වේලාවෙන් පසු නිවසේදී සිදු කිරීමට පැවරෙන අධ්‍යාපන කටයුතු ද උෂ්ණාධික කාලගුණයකදී අපහසු කරවන බව හෙළිව තිබේ. වසරකට ඉහළ යන සෑම සෙල්සියස් අංශක 0.5‍5කට ම ඉගනීමේ දක්ෂතා 1%ක් පහළ යන බව පර්යේෂකයින් විසින් ගණනය කර ඇතැයි සඳහන් ය. ශීත දිනවල අධ්‍යාපන ඉලක්කයන්ට බාධා එල්ල වන බවක් පෙනෙන්නට නොමැති අතර අයහපත් බලපෑම ගණනය කිරීමට හැකි මට්ටමට පැමිණෙන්නේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 21 ඉක්ම වූ පසුව ය. ඉගෙනීමට ඇති හැකියාව අවම වීම වඩාත් ඉහළ යන්නේ, උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 දක්වා ඉහළ ගිය විට ය. අඩු ආදායම් ලාභී සහ සුළුතර ජන ප්‍රජාවලට අයත් සිසුන්ට උෂ්ණත්වයෙන් සිදුවන බලපෑම වඩාත් වැඩි බව ද පර්යේෂණ වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වේ.
2018-05-31T22:21:27.000Z
දකුණේ පැතිර යන වෛරස් උණ පාලනයට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පත් කරයි
දකුණේ පැතිර යන වෛරස් උණ පාලනයට වෛද්‍ය කණ්ඩායමක්
COLOMBO (News 1st) - දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය පාලනය කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොමු කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක මහතා ප්‍රකාශ කළේ, රෝගීන් වාර්තා වීම ඉහළ යාමත් සමග විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් යොමු කිරීමට පියවර ගත් බව ය. මේ යටතේ කඹුරුපිටිය රෝහලට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු යොමු කර තිබේ. අනෙක් වෛද්‍යවරුන් 3 දෙනා යොමු කර ඇත්තේ කරාපිටිය රෝහලට ය. පසුගිය 21 වන දා සිට 30 වන දා දක්වා කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති වෛරස් උණ රෝගීන් සංඛ්‍යාව 1068කි. මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 744 දෙනෙක් වාර්තා වූහ. වෛද්‍ය අනිල් දිසානායක මහතා පැවසුවේ, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගීන් 500 දෙනෙකු වාර්තා වන බව ය. වෛරස් උණ රෝගය හේතුවෙන් වාර්තා වී ඇති ළමා මරණ සංඛ්‍යාව 13කි. ඊට අමතරව වැඩිහිටි මරණ 5ක් ද වාර්තා වී තිබේ. මේ අතර දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය වැළැක්වීම සඳහා ඉන්ෆ්ලුවෙන්සා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අංශ ඊයේ ප්‍රකාශ කළේ ය. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළේ, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයකින් එම අධ්‍යයනය සිදු කෙරෙන බව ය.
2018-05-31T21:58:00.000Z
ප්‍රදේශ රැසකට අද රාත්‍රී 7 සිට ජලය කැපේ
ප්‍රදේශ රැසකට අද රාත්‍රී 7 සිට ජලය කැපේ
COLOMBO (News 1st) - පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට අද රාත්‍රී 7.00 සිට පැය 12ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි. ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ පෑලියගොඩ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇළ, කටුනායක, සීදුව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බව ය. ඊට අමතරව ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි. ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ය.
2018-05-31T21:32:47.000Z
නව නියෝජ්‍ය කථානායක පත් කිරීම ලබන අඟහරුවාදා
නව නියෝජ්‍ය කථානායක පත් කිරීම ලබන අඟහරුවාදා
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායකවරයා ලබන අඟහරුවාදා පත් කිරීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා ප්‍රකාශ කළේ, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගේ ඉල්ලා අස්වීම එදින නිල වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව ය. ඉන් අනතුරුව නව නියෝජ්‍ය කථානායකවරයා පත් කර ගනු ඇති. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙමින් තිලංග සුමතිපාල මහතා තවත් මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සමග ආණ්ඩුවෙන් ඉවත් විය. අනතුරුව ඔහු ප්‍රකාශ කළේ, තමන් නියෝජ්‍ය කථානායක ධූරයෙන් ද ඉවත් වන බව ය.
2018-05-31T21:18:30.000Z
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
COLOMBO (News 1st) - ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන සියලු දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි. පොලීසිය සඳහන් කළේ, අඹේපුස්ස සහ බෝතලේ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය හරහා මළ සිරුරක් තිබීම හේතුවෙන් රඹුක්කන සිට මොරටුව දක්වා ධාවනය වූ දුම්රිය නතර කර ඇති බව ය. පසුව අඹේපුස්ස දුම්රිය ස්ථානයේ නිලධාරීන් මේ පිළිබඳව පොලීසියට දැනුම් දී තිබිණි. පොලීසිය පැමිණෙන තුරු මොරටුව බලා ධාවනය වූ දුම්රිය ඇතුළු දුම්රිය 6ක් පමණ එම ස්ථානයේ නතර කර තැබීමට සිදු විය. තමුන්ට කාර්යාල බලා පිටත් වීමට ප්‍රමාද වන බව පවසමින් ඊට දුම්රිය මගීන් විරෝධය පළ කර තිබේ. කෙසේ වෙතත් පසුව පොලීසිය පැමිණ මළ සිරුර ඉවත් කිරීමත් සමග දුම්රිය ධාවනය කරවීමට කටයුතු යොදා ඇතැයි පාලක මැදිරිය සඳහන් කළේ ය. මේ හේතුවෙන් පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා පැමිණෙන සියලු දුම්රිය ප්‍රමාද වේ.
2018-05-31T20:41:16.000Z
පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට
පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළට
COLOMBO (News 1st) - පාසල් ප්‍රවාහන ගාස්තු අද සිට ඉහළ දමා තිබේ. පාසල් ප්‍රවාහන සේවා සංගම් සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බව ය. සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා සඳහන් කළේ, සිය සංගමය 10% ක උපරිමයකට යටත්ව පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දමන බව ය. මේ අතර සමස්ත ලංකා පාසල් ප්‍රවාහන සේවා සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, ගමන් කරන දුර ප්‍රමාණය සැලකිල්ලට ගෙන මිල ඉහළ දමන්නැයි තම සාමාජිකයින්ට උපදෙස් දී ඇති බව ය.
2018-05-31T19:58:44.000Z
මාකඳුරේ මධුෂ් සහ කෙසෙල්වත්තේ දිනුක අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන
මධුෂ් සහ දිනුක අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන
COLOMBO (News 1st) - ප්‍රබල පාතාල නායකයින් දෙදෙනෙකු වන මාකඳුරේ මධුෂ් සහ කෙසෙල්වත්තේ දිනුක අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන නිකුත් කරන බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය හරහා ජාත්‍යන්තර පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කිරීමට නියමිත බව ය. මාකඳුරේ මධුෂ් සහ කෙසෙල්වත්තේ දිනුක ඩුබායිහි සිටින බව පොලිස් විශේෂ කාර්ය බලකාය මේ වන විටත් තහවුරු කර ගෙන අවසන් ය. මේ අතර දිවයිනේ ඕනෑ ම ප්‍රදේශයක සිදුවන අපරාධයක් පිළිබඳ තොරතුරු පහත දුරකතන අංක ඇමතීමෙන් පොලිස් විශේෂ කාර්ය බලකායට ලබා දිය හැකි ය. 0112 580 518, 0112 500 741, 0112 589 741.
2018-05-31T19:45:56.000Z
අර්ජුන මහේන්ද්‍රන් මෙරටට භාර දෙන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව සිංගප්පූරුවෙන් ඉල්ලයි
අර්ජුන මහේන්ද්‍රන් මෙරටට භාර දෙන්නැයි ඉල්ලීමක්
COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර වංචාවේ සැකකරුවෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඉදිරි විමර්ශන කටයුතු සඳහා මෙරටට භාර දෙන්නැයි සිංගප්පූරු රජයෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. නීතිපති ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළේ, අදාළ ඉල්ලීමට ප්‍රතිචාර ලැබුණු පසු එරට රජයේ දැනුම් දීම මත අවශ්‍ය ඕනෑම අවස්ථාවක විශේෂ කණ්ඩායමක් සිංගප්පූරුව වෙත යැවීමට සැලසුම් කර ඇති බව ය. ඔහු මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු නීතිමය සහයන් සිංගප්පූරු රජයට ලබා දීමට කටයුතු කරන බව ද නීතිපතිවරයා ප්‍රකාශ කළේ ය. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සඳහා සිව් පුද්ගල කණ්ඩායමක් ද ක්‍රියාත්මක ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ රැඳී සිටින බව ජාත්‍යන්තර පොලීසිය තහවුරු කළේ ය. නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය 24 වන දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ, ජාත්‍යන්තර පොලීසියේ සිංගප්පූරු ශාඛාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එය නිල වශයෙන් දැනුම් දී ඇති බව ය. හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මේ වන විටත් ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන ද නිකුත් කර අවසන් ය.
2018-05-31T11:02:55.000Z
රංජන් සිල්වා ඝාතන සැකකරුවන් 2ක් STF දැලේ
රංජන් සිල්වා ඝාතන සැකකරුවන් 2ක් STF දැලේ
COLOMBO (News 1st) : දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ රංජන් සිල්වා මහතාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, පාතාල සාමාජික අංජු නමැත්තාගේ සහයකයින් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. අද අලුයම අඟුලාන ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් මේ වන විට සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට භාර දී ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිම් ආරම්භ කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.
2018-05-31T10:07:56.000Z
ක්‍රිකට් සභාපතිතුමනි, අවලාද නොකියා තොප්පිය හරි නම් දාගන්න...
සභාපතිතුමනි, අවලාද නොකියා තොප්පිය හරි නම් දාගන්න
COLOMBO (News 1st) : අද පැවැත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට වාරණ නියෝගයක් පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මාධ්‍ය හමුවක් කැඳවමින් කරුණු පැහැදිලි කළේ ය. එම මාධ්‍ය හමුවේදී ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා නිවුස් ෆස්ට් පළ කළ වාර්තාවක් සම්බන්ධයෙන් ද අදහස් පළ කළේ ය. "ගාල්ල ක්‍රීඩාංගණයේ අල් ජසීරා එක ගියාම ඒකත් මාව පටලවා ගන්නවා මම දන්නේ ඒක අවාම. ඊට පස්සේ අර ප්‍රේමසිරි මරපු එක ගේනවා සිරස නාලිකාවේ නිව්ස් වලට ස්පෝර්ට්ස් එකේ ගෙනවා කෙලින්ම ප්‍රේමසිරි මරපු එකේ අල් ජසීරා එකේ වාර්තාව අනුව මොකක්ද ලමයෙක් දාපු නැති මොකක්ද එකක්. ප්‍රේමසිරි මගේ මිත්‍රයා මම ඔහුව ඝාතනය කරපු එක ගරන කනතාටු වනවා.ප්‍රේමසිරිලා අපි අවුරුදු ගානක එකට ක්‍රිකට් ගහපු අය. එයාලගේ පවුල උදවියේ අය මට සමීපයි. එගොල්ලොම මට ඇවිල්ලා කිව්වා මේක මට පෙෘද්ගලික ප්‍රශ්නයක්. අපි හොදටම දක්කවා මේ ප්‍රශ්නේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා සමහර අය දැන් අත්අඩංගුවේ පරීක්ෂන කරමින් යනවා කියලා. ඒ වගේම එගොල්ලගේ දරුවෝ ගැන අපි පරිස්සමින් කල්පනා කරලා එගොල්ලන්ට උදවු කරන්න. අවබෝධයකින්. ඉතින් ඒ වගේ ප්‍රබල මාධ්‍යයක නිව්ස් එකේ ඡන්දෙට නඩුවක් දැම්මම අල්ජසීරා එකේ රිපෝට් එක අරන් කියනවා ප්‍රේමසිරි මරලාත් ඇත්තේ පිච් ෆික්සිං හින්දද දන්නේ නැහඅ කියලා. ඒ වගේ පහත් මට්ටමේ ඒ වගේ දෙව්ල අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. සිරස ආයතනයට මගේ ගෞරවයක් තියෙනවා. ඒ හැම එක්කානම එහෙම නැහැ. හැබැයි මම කියන්න එනේ ඒවා බොහොම පහත් වැඩ ඒ මරනෙයි මගේ සම්බන්ධෙ මොකකද්. අපේ සම්බන්දේ මොකක් ද?" ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා නිලධාරීන් තරඟ පාවාදීමකට සම්බන්ධ අල් ජසීරා රූපවාහිනී ආයතනය විකාශය කළ වාර්තාවක් සම්බන්ධයෙන්, නිවුස් ෆස්ට් පුලුල් අනාවරණයක් පසුගිය දිනවලදී සිදු කළේ ය. එහිදී නිවුස් ෆස්ට් මුලාශ්‍ර හා ලිපි ලේඛන සහිතව පෙන්වා දුන්නේ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිදු වු බව කියන අදාළ තණතිලි පිළිබඳ තරඟ පාවා දීම පිටු පස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ද දන්නා පසුබිම් කථාවක් තිබෙන බවයි. ගාල්ල ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා ලිඛිතව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයාට දැනුම් දී තිබුණේ, චෝදනා එල්ල වන ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා 2 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තණතිල්ල සැකසීම සඳහා පළපුරුදු, සුදුසුදකම් ලත්, කණ්ඩායමක් සිටියදී ඒ සඳහා කොළඹින් කණ්ඩායමක් එවීම සැකයට තුඩු දෙන බවයි. එලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එදා තරඟ පාවාදීමක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් සිදු කළේ, නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් මිය ගිය හැලබගේ ප්‍රේමසිරි මහතායි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එදා චෝදනාවට ලක්ව තිබෙන ගාලු ටෙස්ට් තරගයට කොළඹින් විශේෂ කණ්ඩායමක් යොමු කිරීමට බලපෑ හේතු කවරේ ද? එදා එලෙස කොළඹින් යොමු කළ කණ්ඩායමේ සාමාජිකයෙකු වන තරංග ඉන්දික නමැත්තා අල් ජසීරා රූපවාහිනී වාර්තාවට අනුව තරග පාවාදීම්වලට හවුල්වී තිබේ. එදා තරංග ඉන්දික සහකාර කළමනාකරු ලෙස ගාල්ල ක්‍රීඩාංගණයට යොමු කරනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුදැනුම ද සහිතවයි. නිවුස් ෆස්ට් මේ අවස්ථ සම්බන්ධය සාකෂි සමග හෙළි කළේ ය. ක්‍රිකට් ආයතන සභාපතිතුමනි, අපි ඔබට ගෞරව කරන්නෙමු. ඔබම කියන පරිදි ඝාතනයට ලක් වූ ප්‍රේමසිරි මහතා ඔබගේ මිතුරෙකු නම් එකට ක්‍රිකට් ක්‍රීඩා කර අයෙකු නම් පවුලේ මිත්‍රයෙකු නම් මීට වසර 2 ට පෙර ප්‍රේමසිරි මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තරග පාවාදීමකට ඉඩ ඇතැයි අනතුරු අගවමින් යොමු කළ ලිපිය සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගක් නොගත්තේ ඇයි? අප සතුව ඇති එම ලිපිය මීට පෙර ඔබ හෙළි කළේ, නම් මීට වසර දෙකකට පෙර එවන් තරග පාවාදීමක් වළක්වා ගැනීමට හැකි වනවා සේම අල්ජසීරා ආයතනයට මෙලෙස තොරතුරු වාර්තා කිරීමට අවස්ථාවක් උදා නොවනු ඇති. දැන් අපට ලැබෙන් අලුත්ම තොරතුරුවලට අනුව ඊයේ සිට ගාල්ල තණතිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භවී තිබේ. මේ උත්සහ ගනු ලබන්නේ ගාල්ල තණතිල්ලේ සඟව ඇති සාක්ෂි වසන් කිරීමට ද? තවත් අවස්ථා සම්බන්ධයක් පිළිබඳව තොරතුරු අප සතු වන අතර එය වාර්තා කිරීමට අපට අවස්ථාවක් නොදෙන්න. ජනාධිපති නීතීඥ, ෆියිසර් මුස්තාපා ක්‍රීඩා අමාත්‍යතුමනී මේ පිළිබඳව වහා සොයා බලා පරීක්ෂණයක් පැවැත් විය යුතු නොවේ ද? විමර්ශන කටයුතු අවසන් වන තෙක් බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම මුද්‍රා තැබුවා සේ, ගාල්ල ක්‍රීඩාංගණයට මුද්‍රා තැබිය යුතු නොවේ ද? රටේ කීර්තිය කෙලෙසන මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විශේෂ විමර්ශනයක් සිදු කළ යුතු නොවේ ද?
2018-05-31T08:23:47.000Z
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලතල සහ වගකීම් අමාත්‍යංශ ලේකම් යටතට
ක්‍රිකට් ආයතනයේ බලතල අමාත්‍යංශ ලේකම් යටතට
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය යළි පැවැත්වෙන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු බලතල සහ වගකීම් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා යටතට පත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍යංශයේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තපා මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සඳහා කමල් පද්මසිරි මහතා පත් කළ බවයි.
2018-05-31T05:49:45.000Z
පෑළියගොඩ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවේ
පෑළියගොඩ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවේ
COLOMBO (News 1st) : අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රී 7 සිට පැය 12 ක් පෑළියගොඩ ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි. ඒ අනුව පෑලියගොඩ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා - ඇල, කටුනායක, සීදුව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. ඊට අමතරව ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිවනු බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.
2018-05-31T05:41:20.000Z
Semi Luxury බස් සේවාව ප්‍රවාහනයෙන් ඉවතට
Semi Luxury බස් සේවාව ප්‍රවාහනයෙන් ඉවතට
COLOMBO (News 1st) : අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව ලබන දෙසැම්බර් 31 වන දායින් පසුව මගී ප්‍රවාහනයෙන් ඉවත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති එම්.ඒ.පි. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, මගීන්ට සිදුවන අපහසුතා පිළිබඳ සලකා එම තීරණය ගත් බවයි. එම බස්රථවල ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් රැගෙනයාම සිදුවන බවට ලැබෙන පැමිණිලි සලකා එම පියවර ගෙන තිබේ. ඔහු පැවසුවේ, අර්ධ සුඛෝපභෝගී බස්රථවල ප්‍රවේශ පත්‍ර ගාස්තුව ද අධික වන නමුත් මගීන්ට ඉන් නිසි පහසුකම් නොලැබෙන බවයි. එම බස්රථ සඳහා සුඛෝපභෝගී හෝ සාමාන්‍ය මගී ප්‍රවාහන බලපත්‍ර ලබාදීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසී ය.
2018-05-30T09:00:31.000Z
ආරාධිත නෙට්බෝල් තරගාවලියේ ශූරතාවය ලංකාවට
ආරාධිත නෙට්බෝල් තරගාවලියේ ශූරතාවය ලංකාවට
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කණ්ඩායම සිව්කොන් ආරාධිත නෙට්බෝල් තරගාවලියේ කුසලානය දිනා ගෙන තිබේ. ඒ, අවසන් තරගයේදී ආසියානු ශූර සිංගප්පුරුව පරාජය කරමිනි. ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සංවිධානය කළ මෙම තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී දින 4 ක් පැවැත් විය. තරගාවලිය සඳහා සහභාගී වූයේ, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, සිංගප්පූරු ජාතික කණ්ඩායම, ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හා එංගලන්තයේ පී ස්ටාර් ක්‍රීඩා සමාජයයි. න්වන ස්ථානය සඳහා පැවති තරගයේදී ගෝල 80 ට 22 ක් ලෙස ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම හමුවේ එංගලන්තයේ පී ස්ටාර් ක්‍රීඩා සමාජය පරාජයවී තිබේ. අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම සමග තරග කළේ, සිංගප්පූරු ජාතික කණ්ඩායමයි. ආරම්භයේ සිටම උණූසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු කාර්තුව ගෝල 21 ට 18 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ ය. වසර ගණනක් ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ප්‍රතිවාදීන් වූ ලෝක ශ්‍රේණිගත කිරීම්හි ආසියාවේ අංක එකේ ස්ථානයේ පසුවන සිංගප්පූරු කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ දෙවන කාර්තු ද ජයගත්තේ පිළිවෙලින් ගෝල 20 ට 16 ක් ලෙසයි. නමුත් තරගයේ තුන්වන කාර්තුවේදී ක්‍රියාත්මක වූ සිංගප්පූරූ කණ්ඩායම එම කාර්තුව ගෝල 19 ට 15 ක් ලෙස ජය ගත්තේ ය. සිව්වන කාර්තුව ද තියුණු තරගයකින් පසුව ගෝල 17 ට 16 ක් ලෙස ජය ගැනිමට සමත් වූයේ සිංගප්පූරු කණ්ඩායමයි. කෙසේ වෙතත් තරගයේ අවසන් ලකුණු සටහන දැක්වූයේ ගෝල 72ට 70 ක් ලෙස ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමට ජය හිමිකර දෙමිනි.
2018-05-31T01:15:15.000Z
15 වසරකට පෙර දෙදරු පියෙක් ඝාතනය කළ වරදකරුවන්ට මරණ දඬුවම
දෙදරු පියෙක් ඝාතනය කළ වරදකරුවන්ට මරණ දඬුවම
COLOMBO (News 1st) - පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ තිදෙනෙකුට, ගාල්ල මහාධිකරණය අද මරණ දඬුවම නියම කර තිබේ. ඒ, 2003 වසරේ ජනවාරි මස 13 වන දා තෙලිකඩ, රෙජ්ජිපුරදී පුද්ගලයෙකුට කඩුවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වූ නඩුවක තීන්දුව අද ප්‍රකාශයට පත් කරමිනි. එලෙස ඝාතනය කර ඇත්තේ, 52 හැවිරිදි දෙදරු පියෙකි. මරණ දඬුවම නියම වුවන් අතර එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ද සිටි. නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සඳහන් කළේ, පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු වන බවයි.
2018-05-31T00:33:52.000Z
නිපා වෛරසයෙන් ද. ඉන්දියාවේ පුද්ගලයින් 14 ක් මරුට
නිපා වෛරසයෙන් ද. ඉන්දියාවේ පුද්ගලයින් 14 ක් මරුට
COLOMBO (News 1st) - නිපා වෛරසයෙන් දකුණු ඉන්දියාවේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 14 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එම වෛරසයේ පැතිරීම හමුවේ ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් නැවුම් එළවළු සහ පළතුරු ආනයනය තහනම් කිරීමට එක්සත් අරාබි එමීර් රාජයය පියවර ගත් බවයි. මෙම වෛරසය මොළයට දැඩි හානි සිදු කරන දුර්ලභ වෛරසයක් බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. ඉන්දියාවේ කේරල ප්‍රාන්ත වැසියන්ට නිපා වෛරසය වැලඳී ඇත්තේ බංග්ලාදේශ වැසියන්ගෙන් බවට ද විද්‍යාඥයන් සැක පළ කරණු ඇත. ඉන්දියාවේ වෛරසය ආසාදනයවුවන් 17 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
2018-05-30T23:49:36.000Z
ශ්‍රී ලංකා සිතියම අලුත් වෙයි
ශ්‍රී ලංකා සිතියම අලුත් වෙයි
COLOMBO (News 1st) - යාවත්කාලීන කරන ලද නව ශ්‍රී ලංකා සිතියම අද එළිදක්වන බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසයි. මැනුම්පති පී. එම්. පී උදයකාන්ත මහතා සඳහන් කළේ, කාණ්ඩ 92 ක් යටතේ යාවත්කාලීන කළ ශ්‍රී ලංකා සිතියමේ කොළඹ ඇතුලු ප්‍රධාන කාණ්ඩ 70 ක් පමණ මේ වන විට සිතියම්ගත කර ඇති බවයි. සමස්ත ශ්‍රී ලංකා සිතියම යාවත්කාලීන වූයේ වසර 18 කට පමණ පසුවවීම ද විශේෂත්වයකි. කොළඹ නගරයේ සිදු වූ සියලු වෙනස්කම් ද අන්තර්ගත කරමින් යාවත්කාලීන කළ ශ්‍රී ලංකා සිතියමේ ඉතිරි කාණ්ඩ 22 මේ වසර තුළ අවසන් කරන බව ද මැනුම්පති පී. එම්. පී උදයකාන්ත මහතා ප්‍රකාශ කළේ ය. https://www.youtube.com/watch?v=VwAwnbsq7oE
2018-05-30T23:16:12.000Z
ශශිකලා සිරිවර්ධන 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ නායකත්වයට
චමරිගෙන් ගිළිහුණු නායකත්වය ශශිකලාට
COLOMBO (News 1st) - ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ශශිකලා සිරිවර්ධනට හිමි විය. ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත් විණි. එහිදී අනාවරණය වූයේ, මෙවර කණ්ඩායමේ නායකත්වය ශශිකලා සිරිවර්ධනට හිමිව ඇති බවයි. කණ්ඩායමේ පුහුණුකරු හේමන්ත දේවප්‍රිය, තේරීම් කමිටු ප්‍රධානි රසාංජලී ද අල්විස් සහ කණ්ඩායම් කළමනාකරු වරුණ වරාගොඩ යන මහත්ම මහත්මීන් ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විණි. ජූනි මස 3 වන දා මලයාසියාවේදී ආරම්භ වන තරගාවලිය 10 වන දා අවසන්වීමට නියමිත වේ. කෙසේ නමුත් සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු මෙම තරගාවලියට ඇතුළත්ව නොමැත. https://www.youtube.com/watch?v=ezf1_kKK50w
2018-05-30T21:42:23.000Z
ගොවීන්ගෙන් සීමාවකින් තොරව වී මිලදී ගැනීමට රජය සැරසේ
සීමාවකින් තොරව වී මිලදී ගැනීමට රජය සැරසේ
COLOMBO (News 1st) - ගොවීන්ගෙන් සීමාවකින් තොරව වී මිලදී ගැනීමට රජය සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, තමන් වී අළෙවි මණ්ඩලයේ නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බවයි. ගොවිජනතාව ගසාකෑම වැළැක්වීම සඳහා වී අළෙවි මණ්ඩලය විසින් පියවර ගන්නා අතර ඒ අනුව රජයේ සහතික මිල යටතේ, ගොවීන්ගේ වී අස්වනු මිලදී ගැනීමට පියවර ගන්නා ලෙස වී අළෙවි මණ්ඩලයේ නව සභාපතිවරයාට උපදෙස් ලබාදුන් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
2018-05-30T20:49:47.000Z
"සංජු" පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට
"සංජු" පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට
COLOMBO (News 1st) - සංජු චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කර තිබේ. බොලිවුඩ් තොරතුරු සඳහන් කළේ, රාජ්කුමාර් හිරානි අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ, රන්බීර් කපූර්, සංජේ දත්ගේ චරිතයට පණපෙවීමෙන් කළ රංගනය විචාරකයන්ගේ ඉමහත් පැසසුමට ලක් ව ඇති බවයි. සංජු චිත්‍රපටය, ලබන 29 වැනි දින එලිදැක්වීමට නියමිත වේ.
2018-05-30T19:48:24.000Z
"දේශීය ඉංජිනේරුවන්ගේ හිඟය සංවර්ධන වැඩපිළිවෙළට විශාල බාධාවක්" - ජනපති
දේශීය ඉංජිනේරු හිඟය සංවර්ධන වැඩපිළිවෙළට බාධාවක්
COLOMBO (News 1st) - දේශීය ඉංජිනේරුවන්ගේ හා තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය සංවර්ධන වැඩපිළිවෙළට මහත් බාධාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා සඳහන් කළේ, උගතුන් හා බුද්ධිමතුන් මව්බිම හැර දා විදෙස්ගත වීම මීට හේතුව බවයි. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ඉංජිනේරුමය කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ 45 වැනි සමරුම වෙනුවෙන් ඊයේ පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකට එක්වෙමිනි. රටක් ලෙස දියුණුව කරා යා යුත්තේ උරුමය හා සම්ප්‍රදාය රැක ගනිමින් බව මෙහිදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ.
2018-05-30T19:22:13.000Z
එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි
එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි. ඒ, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. අද උදෑසන 9.00 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඉදිරි පළාත් සභා මැතිවරණයට පක්ෂයේ සූදානම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නිව්ස්ෆස්ට් කළ විමසීකදී කියා සිටියේ ය.
2018-05-30T19:12:52.000Z
ජල සම්පාදන සේවකයින් සේවයෙන් ඉවතට
ජල සම්පාදන සේවකයින් සේවයෙන් ඉවතට
COLOMBO (News 1st) - ජල සම්පාදන මණ්ඩල සේවකයින් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද දිනයේ තව ත් දැඩි කර තිබේ. ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව අද උදෑසන 9.00 සිට දහවල් 1.00 දක්වා දිවයිනේ සියලු ජල සම්පාදන සේවකයින් සේවයෙන් ඉවත් වන බවයි. ලබා දෙන බවට එකඟ වූ 25% ක වැටුප් වර්ධකය කප්පාදු කරන බවට චෝදනා කරමින් බස්නාහිර පළාතේ ජල සම්පාදන සේවකයින් ඊයේ දිනයේ පැය 4 ක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත විය. බලධාරීන් සිය ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වුවහොත් හෙට සිට එය තව ත් දැඩි කරන බව ද උපාලි රත්නායක මහතා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ ය.
2018-05-30T18:58:51.000Z
දුම්රිය වර්ජනය තවදුරටත්: දුම්රිය ගමන් සාමාන්‍ය පරිදි
දුම්රිය වර්ජනය තවදුරටත්...
COLOMBO (News 1st) - තම වර්ජන ක්‍රියාමාර්ගය තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳ අද තීරණය කරන බව දුම්රිය තාක්ෂණික සේවා නිලධාරීන්ගේ වෘත්තිය සමිති කමිටුව පවසයි. එහි ලේකම් කමල් පීරිස් මහතා ප්‍රකාශ කළේ, තම සංගමයට එල්ල කරන අනිසි චෝදනා සහ වර්ජනයේ නිරත සේවකයින් සේවය හැර ගියා සේ සලකන බවට කරන තර්ජනවලට විරෝධය පළ කරමින් අද පස්වරුවේ අවසන් කිරීමට නියමිත වැඩ වර්ජනය තව ත් පැය 48 කින් දීර්ඝ කිරීමට එහිදී තීරණය කරන බවයි. වර්ජනයක් පැවතිය ද ඊයේ දිනයේ දුම්රිය ගමන් වාර දෙකක් හැරෙන්නට සෙසු සියලු දුම්රිය ගමන් වාර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට හැකි වූ බව දුම්රිය බලාධාරීන් පැවසූහ. අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි ආචාර්ය විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේ, වර්ජනය අතරතුර දුම්රිය එන්ජින් කිහිපයක ඇති වූ හදිසි කාර්මික දෝෂ හා සංඥා පද්ධතියට විවිධ ප්‍රදේශවල කළ හානි කිරීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවයි. එම පරීක්ෂණ මේ වනවිට ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේ ය. මේ අතර අදාළ කාර්මික දෝෂවලට ලක් වූ දුම්රිය එන්ජින් මේ වනවිට අලුත්වැඩියා කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කර තිබේ. කෙසේ වෙතත් ජනතාව පැවසූවේ, රාජ්‍ය දේපලවලට හානි කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.
2018-05-30T09:42:11.000Z
බිරිඳ ඇතුළු ති දෙනෙක් කපා කොටා දරුවා ඝාතනය කර පියා දිවි නසාගෙන
බිංගරියේ පුද්ගලයෙක් 4ක් කපා කොටා දිවි නසාගනී
COLOMBO (News 1st) : බිංගිරිය, ඉහළ කඩිගමුව ප්‍රදේශයේදී සිය පවුලේ සාමාජිකයින් 3 දෙනෙකු කපා කොටා තුවාල සිදුකර කපා කොටා සිය දරුවා ද ඝාතනය කළ පුද්ගලයෙකු පසුව සිය දිවි හානි කර ගෙන තිබේ. පොලිසිය පැවසුවේ, අද පස්වරුවේ මෙම අපරාධය සිදු කර ඇති බවයි. සැකකරු සිය බිරිඳ, ඇයගේ මව හා පියා කපා කොටා තුවාල සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. කලක් නිවසින් බැහැරව සිටි මෙම පුද්ගලයා අද පස්වරුවේ නිවසට පැමිණ මෙම අපරාධය සිදු කර, සිය දිවි හානිකර ගෙන තිබේ. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ තිදෙනා මේ වන විට කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසී ය. මරණකරුගේ හිස හා මුහුණු ප්‍රදේශය හඳුනාගත නොහැකි අයුරින් දැඩි ලෙස හානිවී ඇති අතර පොලිසිය සැක කරන්නේ ඔහු හක්ක පටස් වැනි පුපුරණ ද්‍රව්‍යයක් යොදාගෙන සියදිවි හානි කරගන්නට ඇති බවයි. https://www.youtube.com/watch?v=bSL_PMIRIkE
2018-05-30T09:09:30.000Z
පර්පෙචුවල් ට්‍රෙෂරීස් කාර්යාලයේ හදිසි සෝදිසියක්
පර්පෙචුවල් ට්‍රෙෂරීස් කාර්යාලයේ හදිසි සෝදිසියක්
COLOMBO (News 1st) : පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කොළඹ 2 පිහිටි කාර්යාලය විමර්ශන නිලධාරීන් විසින් සෝදිසියට ලක් කරනු ලැබ තිබේ. ඒ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවකට අනුවයි. දැනට පැවැත්වෙන පරික්ෂණයට වැදගත් ලේඛන සහ ලියවිලි සේවීම සඳහා විමර්ශන නිලධාරීන් එම සෝදිසි මෙහෙයුම සිදු කර තිබේ.
2018-05-30T08:31:28.000Z
"අධිකරණය කිසිවෙකුගේ රඟ මඩලක් නො‍වෙයි" - කීත් නොයාර් නඩුවේදී විනිසුරුවරිය කියයි
"අධිකරණය රඟ මඩලක් නො‍වෙයි"
COLOMBO (News 1st) : මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි යුද හමුදා හිටපු මාණ්ඩලික ප්‍රධාන විශ්‍රාමික මේජර් ජෙනරල් අමල් කරුණසේකර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මණ්ඩලයට අධිකරණය අද දැඩි අවවාදයක් කළේ ය. ඒ, සැකකරු ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. මෙම නඩු කටයුත්තට අනවශ්‍ය ලෙස නීතීඥවරුන් යොදා ගනිමින් නඩුව වෙනත් මගකට නොයවන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙහිදී සඳහන් කළා ය. මහේස්ත්‍රාත්වරිය පවසා සිටියේ, එය මාධ්‍යයට ප්‍රචාරයක් විය හැකිවුවත්, අධිකරණය නොමග යැවීමක් බවයි. අධිකරණය තවදුරටත් දන්වා සිටියේ, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය එවැනි අවස්ථාවන් පාලනය කර ගැනීමට වග බලා ගත යුතු බවයි. අධිකරණය කිසිවෙකුගේ රඟමඩලක් නොවන බව ත්, එවනි ක්‍රියාවලින් සැකකරුට අගතියක් විය හැකි බව ත් විනිසුරුවරිය කියා සිටියා ය. මේ අතර කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කථානායක කරු ජයසූරිය මහතාගෙන් ප්‍රකාශයක් ලබා ලබා ගෙන ඇති බව රජයේ නීතිඥවරිය ප්‍රකාශ කළා ය. මධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු හමුදා මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් අමල් කරුණසේකර මහතා ලබන මස 13 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්, ලෝචනා අබේවික්‍රම වීරසිංහ, මාධ්‍යවේදී කීත් නොයාර් , නඩුව, හමුදා මාණ්ඩලික ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරල්, අමල් කරුණසේකර
2018-05-30T07:42:24.000Z
මාලදිවයින් ජනපතිවරණයට අධිකරණ නියෝගයක්
මාලදිවයින් ජනපතිවරණයට අධිකරණ නියෝගයක්
COLOMBO (News 1st) - මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තේරීම සඳහා පවත්වන ඡන්දය මේවන විට ක්‍රියාත්මක වේ. ඡන්දය සඳහා ඡන්ද මධ්‍යස්ථාන මාලදිවයිනේ සහ රටවල් කීපයක ස්ථාපනය කර ඇති අතර ශ්‍රී ලංකාවේ ස්ථාන තුනක ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපනය කර තිබේ. මේවන විට මාලදිවයින් පොලීසිය අධිකරණ නියෝගයකට අනුව එරට පිහිටි ඡන්ද මධ්‍යස්ථානවලට ගොස් එම ඡන්ද පෙට්ටි ඉන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
2018-05-30T05:55:26.000Z
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට අතුරු තහනම් නියෝගයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට අතුරු තහනම් නියෝගයක්
COLOMBO (News 1st) - හෙට පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය. ඒ, නිශාන්ත රණතුංග මහතා ගොනු කළ පෙත්සමක් සලකා බලමිනි. මෙහිදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු පද්මන් සූරසේන හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් තීන්දු කළේ, අදාළ පෙත්සම ලබන මස 14 වන දා යළි කැඳවීමටයි. ඒ අනුව අදාළ අතුරු තහනම් නියෝගය එදින දක්වා බල පැවැත්වෙනු ඇති. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්ව සිටින හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට එරෙහිව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
2018-05-30T05:45:21.000Z
"මම දන්නේ නැහැ දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා" - ජනපති
"මම දන්නේ නැහැ දින 100 වැඩසටහන හැදුවේ කවුද කියලා"
COLOMBO (News 1st) - අපවත්වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ 76 වන ජන්ම දින සැමරුම් උත්සවය අද කොළඹදී පැවැත්විණ. අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ජන්ම දිනය ඊයේ දිනට යෙදී තිබු අතර උන්වහන්සේ විසින් සිදුකළ ජාතික, ශාසනික මෙහෙවර ඇගයීම වෙනුවෙන් කොළඹ පදනම් ආයතනයේදී අද මෙම උත්සවය සංවිධානය කර තිබිණ. වසර තුනක් ඇතුළත සිදුවූ දේ පිළිබඳව විවෘත සංවාදයකට ද ජනාධිපතිතුමා මෙහිදී අභියෝගයක් කළේ ය. සෝභිත හිමියන් අපේක්ෂාවන් විනාශ කළේ, කවුරුන් දැයි එහිදී ජනාධිපතිවරයා ප්‍රශ්න කර සිටියේ ය. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ, දින 100 වැඩසටහන සකස් කළේ, කවුරුන් ද යන්න සම්බන්ධයෙන් තමා කිසිවක් නොදන්නා බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් කැබිනට් මණ්ඩලය නියෝජන කිරීම නිසා රටට නොගැළපෙන දේවල් රැසක් වළකා ගත හැකි වූ බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ ය.
2018-05-30T02:25:37.000Z
චීනයට ආනයන බදු පැනවීමට අමෙරිකාව සැරසෙයි
චීනයට ආනයන බදු පැනවීමට අමෙරිකාව සැරසෙයි
(News 1st) - චීනයට ආනයන බදු පැනවීමට අමෙරිකාව සූදානම් වන බව වාර්තා වේ. ජූනි මාසයේ සිට චීනයට 25%ක ආනයන බද්දක් පැනවීමට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වන බව විදෙස් වාර්තාහි දැක්වේ. මේ අනුව ඩොලර් බිලියන 50ක වටිනාකමින් යුත් චීන ආනයන සඳහා මෙම නව බදු පැනවෙනු ඇති. මේ සම්බන්ධයෙන් විචාරකයින්ගෙන් එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් ම්නුචින් ප්‍රකාශ කළේ, දෙපාර්ශවය අතර වෙළෙඳ සාකච්ඡා අඛණ්ඩව පවත්වන බව ය. බදු පැනවෙන භාණ්ඩ ලැයිස්තුව ජූනි 15 වන දාට පෙර නිවේදනය කරන බව ධවල මන්දිරය වැඩිදුරටත් පවසා තිබේ. මේ අතර අද උදෑසන පළවූ මෙම පුවත සම්බන්ධයෙන් චීනය අදහස් දක්වා ඇත්තේ, තමන් අමෙරිකාවේ මෙම තීරණය ගැන පුදුමයටත්, අනෙක් අතට පුදුමයට පත් නොවන බව ය.
2018-05-30T01:05:07.000Z
වැසි ලැබුණත් ජලාශ්‍රවල ජල ධාරිතාවේ සැලකිය යුතු වැඩි වීමක් නැහැ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි
වැසි ලැබුණත් ජලාශ්‍රවල ජල ධාරිතාවේ වැඩි වීමක් නැහැ
COLOMBO (News 1st) - වැසි ලැබුණ ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ජලාශ්‍රවල ධාරිතාවේ සැලකිය යුතු වැඩි වීමක් සිදුව නොමැති බව එම දෙපාර්තමේන්තුව පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ වසන්ත බණ්ඩාර පලුගස්වැව මහතා ප්‍රකාශ කළේ, 40% ක පැවති ජලාශ්‍රවල ජල මට්ටම 49%ක් දක්වා ඉහළ ගිය බව ය. ජලාශ්‍ර 10 කට අධික සංඛ්‍යාවක් වාන් මට්ටමේ පවතින බව ද ඔහු සඳහන් කළේ ය. පලුගස්වැව මහතා පැවසුවේ, එහෙත් බොහෝ ජලාශ්‍රවල ජල මට්ටම තවදුරටත් පහළ අගයක පවතින බව ය. මේ හේතුවෙන් යල කන්නයේ වගා අපේක්ෂාව සමස්ත බිම් ප්‍රමාණයෙන් 45%කට පමණ සීමා කිරීමට සිදු වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් මහවැලි ජලාශ්‍රවල සමස්ත ධාරිතාව 80% ක් දක්වා මේ වන විට ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, මෙවර යල කන්නයේ මහවැලි ව්‍යාපාරය යටතේ හෙක්ටයාර් ලක්ෂයක් දක්වා වී වගා කිරීමට මෙමගින් අවස්ථාව ලැබී ඇති බව ය. මේ අතර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් වැව්වල ජල ධාරිතාව ඉහළ යාමට වර්ෂාවෙන් වැඩි බලපෑමක් සිදුව නොමැති බව එහි ජල කළමනාකරණ අංශය පවසයි. එහි අධ්‍යක්ෂ ප්‍රභාත් විතාරණ මහතා පැවසුවේ, ජල කළමනාකරණ කමිටු රැස්වීමෙන් පසු යල කන්නයේ වගා කළ හැකි ඉඩම් ප්‍රමාණය තීරණය කරන බව ය.
2018-05-29T23:52:10.000Z
දුම්රිය එන්ජින් හා දේපලවලට හානි කිරීමේ සිද්ධි පිළිබඳව CIDයට පැමිණිල්ලක්
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් CIDයට පැමිණිල්ලක්
COLOMBO (News 1st) - දුම්රිය තාක්ෂණ නිලධාරීන්ගේ වැඩ වර්ජනය අතරතුර දුම්රිය එන්ජින් හා දේපලවලට හානි කිරීමේ සිද්ධි පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, දුම්රිය ධාවනාගාරවල නවතා තිබූ එන්ජින් කිහිපයකට හා ලුණුවිල දුම්රිය ස්ථානය ඇතුළු දුම්රිය මාර්ගවල ස්ථාන කිහිපයකට කඩාකප්පල්කාරී පිරිස් විසින් හානි කර ඇති බව ය. මේ හේතුවෙන් අද උදෑසන ධාවනය කිරීමට නියමිතව තිබූ කොටුව සිට පානදුර බලා ධාවනය කිරීමට සැලසුම් කර තිබූ දුම්රියක් හා කොළඹ කොටුව සිට පොල්ගහවෙල බලා ධාවනය කිරීමට සැලසුම් කළ දුම්රියක් අවලංගු කිරීමට සිදුවූ බව විජය සමරසිංහ මහතා පැවසුවේ ය. සංඥා පද්ධතියට කළ හානි හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ද සිදුව තිබේ. මේ අතර දැනට වර්ජනයේ නිරත දුම්රිය තාක්ෂණ නිලධාරී වෘත්තීය සමිති කමිටුවේ සභාපති සම්පත් රාජිත මහතා පැවසුවේ, තම කණ්ඩායම් මෙම සිද්ධිවලට සම්බන්ධ නොමැති බව ය. ඊයේ පස්වරුවේ ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හෙට පස්වරුව දක්වා ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය.
2018-05-29T23:42:53.000Z
තද සුළඟකින් බදුල්ලේ නිවාස 75කට අධික සංඛ්‍යාවකට හානි
තද සුළඟකින් බදුල්ලේ නිවාස 75ට අධික සංඛ්‍යාවකට හානි
COLOMBO (News 1st) - බදුල්ලේ ප්‍රදේශ රැසකට බලපෑ තද සුළංවලින් නිවාස 75කට අධික සංඛ්‍යාවකට හානි සිදුව තිබේ. බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්. උදය කුමාර මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රියේත් බදුල්ලේ ප්‍රදේශ රැසකට දැඩි සුළං ඇති වූ බව ය. මේ අතර දැඩි සුළඟින් බදුල්ල ගල්කන්ද ප්‍රදේශයේ බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් ඊයේ රාත්‍රියේ තරුණයෙකු මිය ගියේ ය. මේ අතර අවදානම් සහිත ස්ථානවල ඇති ගස් වහා ඉවත් කරන ලෙස බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
2018-05-29T22:45:17.000Z
කලක සිට නතර වී තිබුණු රන්ගිරි දඹුලු රජ මහා විහාරයේ සංරක්ෂණ කටයුතු යළි අරඹයි
රන්ගිරි දඹුලු රජ මහා විහාරයේ සංරක්ෂණ කටයුතු
COLOMBO (News 1st) - ලෝක උරුම රන්ගිරි දඹුලු රජ මහා විහාරයේ සංරක්ෂණ කටයුතු යළිත් අනිද්දා ආරම්භ කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ, විෂය භාර අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ අස්ගිරි පාර්ශවයේ ස්වාමීන් වහන්සේ සමග කළ සාකච්ඡාවකින් අනතුරුව ය. හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මීට පෙර එහි සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට උත්සහ කළ අතර එහිදී විහාරාධිපති හිමියන් ඇතුළු අස්ගිරි පාර්ශවයේ මහා සංඝරත්නය සමග ඇති වූ ගැටලුවක් මත එම සරක්ෂණ කටයුතු නතර කිරීමට සිදුවිණි. ඒ අනුව වසරකට ආසන්න කාලයක් දඹුලු විහාරයේ සංරක්ෂණ කටයුතු සිදු නොවී ය. අනිද්දා සිට ඇරඹෙන විහාරයේ සංරක්ෂණ වැඩසටහන යටතේ චිත්‍ර හා මූර්ති ,වාස්තු විද්‍යාත්මක හා යටිතල පහසුකම් සංවර්ධනය යන අංශ තුනක් යටතේ සිදු කෙරෙනු ඇති. එය වසර දෙකකින් අවසන් කිරීමට නියමිත ය. ලෝක උරුම රන්ගිරි දඹුලු රජ මහා විහාරය මීට පෙර අවසන් වරට ප්‍රතිසංස්කරණයකට ලක් කළේ 1990 වර්ෂයේදී ය. ගුහා 5කින් සමන්විත මෙම විහාරය සැලකෙන්නේ ආසියාවේ විශාලතම ගුහා සිතුවම් සහිත පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ය.
2018-05-29T20:42:53.000Z
තාක්ෂණික ශිල්පීන්ගේ වැඩ වර්ජනයෙන් දුම්රිය ධාවනයට බාධා
තාක්ෂණික ශීල්පීන්ගේ වර්ජනයෙන් දුම්රිය ධාවනයට බාධා
COLOMBO (News 1st) - දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුව ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් ඇතැම් දුම්රිය නියමිත වේලාවට ධාවනය කිරීමට නොහැකි වී තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඊයේ රාත්‍රී තැපැල් දුම්රිය නියමිත වේලාවට ධාවනය කිරීම සඳහා තාක්ෂණික සේවා නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් බාධා එල්ල වූ බව ය. කෙසේ වෙතත් අද අලුයම සාමාන්‍ය කාල සටහන් අනුව දුම්රිය ධාවනයට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද පාලක මැදිරි ප්‍රකාශකයෙකු පැවසුවේ ය. මේ අතර ඊයේ පස්වරුවේ ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බව දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති කමිටුව පවසයි. එහි සභාපති සම්පත් රාජිත මහතා සඳහන් කළේ, වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ය. වර්ජනය හේතුවෙන් සියලු අනියම් සේවකයින්, ආදේශක සේවකයින් සහ කොන්ත්‍රාත් පදනම මත සිටින තාක්ෂණික සේවයට අයත් දුම්රිය සේවකයින් වහා සේවයට වාර්තා කරන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරී මෙහෙයුම් විජය සමරසිංහ මහතා සඳහන් කළේ ය. මේ අතර දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ, දුම්රිය ධානවය අඩාල කිරීම සඳහා තාක්ෂණික ශිල‍්පීන් විවිධ කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කර ඇති බව ය. තාක්ෂණික නිලධාරීන් විසින් දුම්රිය එන්ජින් කිහිපයක සුළු කොටස් කිහිපයක් ගලවාගෙන ගොස් ඇති බව ලාල් ආරියරත්න මහතා සඳහන් කළේ ය. මේ වන විට වාර්තා වී ඇති කඩාකප්පල්කාරී ක්‍රියා සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විජය සමරසිංහ මහතා සඳහන් කළේ ය.
2018-05-29T20:06:11.000Z
එළවළු මිල ගණන් ඉහළට
එළවළු මිල ගණන් ඉහළට
COLOMBO (News 1st) - එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතියි. අප වාර්තාකරුවන් පැවසුවේ, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ හා මැනිං වෙළෙඳපොළේ එළවළු ඊයේ දිනයේ ද ඉහළ මිලකට අලෙවි වූ බව ය. මේ පිළිබඳව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ අලෙවි හා අහාර හා කෘෂි ව්‍යාපාර අංශයේ ජ්‍යේෂ්ඨ පර්යේෂණ නිලධාරී දුමින්ද ප්‍රියදර්ශන මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ මෙම තත්ත්වය තවත් මසක පමණ කාලයක් පැවතිය හැකි බව ය.
2018-05-29T19:44:59.000Z
ජල සම්පාදන මණ්ඩල සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක
ජල සම්පාදන සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක
COLOMBO (News 1st) - ජල සම්පාදන මණ්ඩල සේවකයින් අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ඒ, ලබා දෙන බවට එකඟ වූ 25%ක වැටුප් වර්ධකය කප්පාදු කරන බවට චෝදනා කරමිනි. ජල සම්පාදන සේවක ඒකාබද්ධ කමිටුවේ කැඳවුම්කරු උපාලි රත්නායක මහතා ප්‍රකාශ කළේ, අද පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා තම සමාජිකයින් සියලු රාජකාරීවලින් ඉවත් වන බව ය. මීට සමගාමීව මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ සියලු නිලධාරීන් අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ද ආරම්භ කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. මේ පිළිබඳව විමසීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා හා සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද ඔවුන් දුරකතනයට ප්‍රතිචාර නොදැක්වී ය.
2018-05-29T09:18:47.000Z
දකුණු පළාත් ක්‍රිකට් ලේකම් ඝාතනය හා මුදලට තණතිලි සැකසීම අතර සම්බන්ධයක් තිබුණා ද?
විමර්ශනය - හැළඹගේ ඝාතනය හා තණතිලි චෝදනාව ?
COLOMBO (News 1st) - මුදලට ක්‍රිකට් තණතිලි වෙනස් කිරීම සම්බන්ධයෙන් අල්ජසීරා රූපවාහිනිය කළ අනාවරණයත් සමග ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ වංචා රැසක් අනාවරණය වෙමින් පවති. 2016 අගෝස්තු මාසයේදී එවක ගාලු ක්‍රිකට් සමාජයේ ලේකම් හැළඹගේ ප්‍රේමසිරි මහතා වෙඩි තබා ඝාතනය කරන්නේ මෙවැනි සිදුවීමක ප්‍රතිඵලයක් හේතුවෙන් ද ? 2016 අගෝස්තු 12 අම්බලන්ගොඩ, මානිමුල්ල ප්‍රදේශයේ දී, රාත්‍රි 7 ට පමණ සිය පුත්‍රයා සමග මෝටර් රථයෙන් නිවසට පැමිණෙමින් සිටියදී දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් හැළඹගේ ප්‍රේමසිරි මහතා වෙඩි තබා ඝාතනය කෙරුණි. වෙඩි ප්‍රහාර 10 කට වැඩි ප්‍රමාණයක් ඔහුගේ සිරුරේ තිබූ අතර මෙම ඝාතතනය පිටුපස සැඟවුණ සැබෑ සිද්ධිය සම්බන්ධයෙන් තවමත් හෙළිව නැත. මුදලට තණතිලි වෙනස් කිරීම පිළිබඳව අල්ජසීරා රූපවාහිනිය සිය අනාවරණය කළේ, ප්‍රේමසිරි මහතා ඝාතනයට ලක්වීමට දින කිහිපයකට පෙර එනම් 2016 වසරේ අගෝස්තු 4 සහ 8 අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති ඕස්ට්‍රේලියා, ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරයි. තරගපාවා දෙන්නන්ට අවශ්‍ය ආකාරයට, මුදල් ලබාගෙන තණතිල්ල සකස් කිරීම ක් සම්බන්ධයෙන් සිදු කළ රහසිගත සාකච්ඡාවක් ද අල්ජසීරා නාලිකාව විසින් මෙහිදී අනාවරණය කළේ ය. මෙම අනාවරණයෙන් එහා ගිය තව ත් කරුණු ගණනාවක් ස්පෝට්ස්ෆස්ට් සිදු කළ විමර්ශනයේදී හෙළි විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර තණතිලි සහ පහසුකම් සැපයීමේ කලමණාකරු ලෙස කටයුතු කරන, ගොඩ්ෆ්‍රි දාබරේ මහතා මෙම තරගයට පෙර 2016 වසරේ පෙබරවාරි 3 වන දා එවක දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ ලේකම් ලෙස කටයුතු කළ ප්‍රේමසිරි හැළඹගේ මහතාට යැවූ ලිපියකි මේ. අභ්‍යන්තර මෙමෝ පතක් ලෙස යවා තිබූ මෙම ලිපියේ සඳහන්ව තිබුනේ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කාර්යය මණ්ඩලය සඳහා 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කරන බවයි. එම 15 දෙනා අතර මුදලට තණතිලි වෙනස් කිරීමේ චෝදනා ව එල්ලවූ තරංග ඉන්දිකගේ ද නම සඳහන්ව තිබේ. ගාල්ල ක්‍රීඩාංගණයේ සහකාර කළමණාකරු ඔහුව පළමුවරට ලෙස පත් කරන ලෙස දන්වා තිබුනේ මේ ලිපියෙනි. ගොඩ්ෆ්‍රි දාඹරේ මහතාගේ ලිපියට පිළිතුරු ලිපියක් යොමුකරමින් හැලඹගේ ප්‍රේමසිරි මහතා දන්වා තිබුනේ එවක සේවයේ නිරතවූ කාර්යය මණ්ඩලය වසර 15 කට අධික අත්දැකීම් ඇති පිරිසක් හේතුවෙන්, ඔවුන් ඉවත් කර අලුත් කණ්ඩායමක් පත්නොකිරීම අනුමත නොකරන බවය. ඒ වනවිටත් ජයනන්ද වර්ණවීර මහතාට එල්ලවී තිබූ තරග පාවාදීමේ චෝදනා හේතුවෙන් ගාල්ල ක්‍රීඩාංගණයේ කීර්ති නාමයට හානිවී ඇති බැවින් මෙම ඉල්ලීම පිළිබඳව සලකා බලන ලෙස ද හැළඹගේ ප්‍රේමසිරි මහතා 2016 පෙබරවාරි 25 දින යොමුකළ ලිපියෙන් ගොඩ්ෆ්‍රි දාබරේ මහතාට දන්වා තිබුණි. එහෙත් මෙම ඉල්ලීම නොසලකා හරිමින් එම වසරේ පෙබරවාරි 29 වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායකගේ අත්සනින් නිකුත් කළ ලිපියක් මගින් ගොඩ්ෆ්‍රි දාබරේ මහතා මුලින් නම් කළ 15 දෙනා අදාළ තනතුරුවලට පත් කළේය. එම පත්කිරීම් සිදුකළ ලිපියේ සඳහන් වන්නේ, ඕස්ට්‍රේලියා තරග සංචාරය සඳහා පිටිය සැකසීමට සමගාමීව මෙම පත්කිරීම් සිදුකළ යුතු බවවේ. කෙසේවෙතත් ශ්‍රී ලංකා, ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අවසන්වී දින 6 කට පසුව, එනම් 2016 අගෝස්තු මස 12 වැනි දා හැළඹගේ ප්‍රේමසිරි මහතා ඝාතනය විය. ඊට අදාළව කන්දේ කලාසි උදය කුමාර නොහොත් "පොඩිපෝල්" හා දසුන් මානවඩු නම් පුද්ගලයින් අත් අඩංගුවට පත් වූ අතර ඔවුන් මේවනවිටත් රක්ෂිත බන්ධානාගාරගතව සිටියි. සැකකරුවන් මේ දක්වා වරින්වර අධිකරණයට ඉදිරිපත් කළ ද මෙම අපරාධයේ සැබෑ තොරතුරු මේ දක්වා අනාවරණය වී නොමැත. මේ අතර හැළඹගේ ප්‍රේමසිරි මහතාට වෙඩි තැබීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින දසුන් මානවඩු නමැත්තාගේ පවුලේ ඥාතීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් පසුගිය දිනවල ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් ඇති අවදානමක් ද අනාවරණය කර තිබේ. මුදලට තණතිලි වෙනස් කිරීම, විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතා මත ගාලු ක්‍රීඩාංගණයේ කාර්යය මණ්ඩලය මාරු කිරීම සහ හැළඹගේ ප්‍රේමසිරි ඝාතනය අතර සම්බන්ධයක් තිබේ ද? ඝාතනය සිදුවී වසර එකහමාරකට අධික කාලයක්ගත වීමෙන් පසුව මේ සම්බන්ධයෙන් විවිධ කරුණු අනාවරණය වෙමින් පවති. ස්පෝට්ස්ෆස්ට් වෙත අනාවරණය වූ ලිපි මගින් හෙළිවන කරුණු ද සැලකිල්ලට ගෙන මේ අපරාධය යටපත්වීමට ඉඩ නොදී විමර්ශන කටයුතු විධිමත් කිරීමේ අවශ්‍යතාවක් මතුව තිබේ.
2018-05-29T09:10:15.000Z
සිරස - ශක්ති සහන යාත්‍රාව අද බියගමට
සිරස - ශක්ති සහන යාත්‍රාව අද බියගමට
COLOMBO (News 1st) - සිරස - ශක්ති සහන යාත්‍රාව වෙත ජනතාව භාරදුන් ද්‍රව්‍යාධාර අද ගම්පහ - බියගම ප්‍රදේශයේ පීඩාවට ලක් වූ ජනතාවට ලබා දුන්හ. හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් අපේම ජනතාව වෙනුවෙන් ද්‍රව්‍යාධාර රැගෙන සහන යාත්‍රා කණ්ඩායම බියගම දකුණ යටවත්ත ප්‍රදේශයට පැමිණියේ ය. අනතුරුව ගම්පහ විජේරාම විහාරස්ථානය අසළදී ද්‍රව්‍යාධාර බෙදා දීම සිදු කෙරිණි.
2018-05-29T05:27:51.000Z
තේ අපනයනයන ආදායම ඉහළ යයි
තේ අපනයනයන ආදායම ඉහළ යයි
COLOMBO (News 1st) - මේ වසරේ මුල් කාර්තුවේදී මෙරට තේ අපනයනයෙන් ඉපැයූ ආදායම වාර්තාගත ඉහළ යාමක් පෙන්නුම් කර ඇතැයි රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවසයි. එම වෙබ් අඩවිය පැවසූවේ, එය වසර 4 කට පසුව මෙරටින් වාර්තා වූ ඉහළ ම තේ අපනයන ආදායම බවයි. ඒ අනුව මෙරට මේ වසරේ මුල් කාර්තුව තුළ තේ අපනයනයෙන් ඉපැයූ ආදායම් අමෙරිකානු ඩොලර් මිලියන 478 ක් වනු ඇති. මීට පෙර මීට වඩා ඉහළ ආදායමක් වසරේ මුල් කාර්තුව තුළ තේ අපනයනයෙන් උපයා ඇත්තේ 2014 වසරේ ද වන අතර එහිදී ඉපැයූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 508.7 ක් ලෙස සටහන් විය.
2018-05-29T05:03:43.000Z
දකුණු පළාතේ වසා දැමු පාසැල් හෙට සිට විවෘත කෙරේ
දකුණු පළාතේ වසා දැමු පාසැල් හෙට සිට විවෘත කෙරේ
COLOMBO (News 1st) - දකුණු පළාතේ පැතිරි ගිය උණ රෝගය හේතුවෙන් වසා දැමු පාසැල් හෙට යළි විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එහි ලේකම් වයි. වික්‍රමසිරි මහතා සඳහන් කළේ, ඒ අනුව වසා දැමූ ප්‍රාථමික පාසල් සහ ද්විතීයික පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යන කටයුතු හෙට ආරම්භ වන බවයි. දකුණු පළාතේ පැතිර යන වෛරස් රෝගී තත්ත්වය හේතුවෙන්, සියලු පාසල්වල ප්‍රාථමික අංශ 28 වන දා දින සිට වසා තැබීමට පියවර ගෙන තිබුණි. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල අධ්‍යාපන කලාප 7ක පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා වසා දැමුණු පාසල් හෙට යළි ආරම්භ කරන බවයි. ඊට අමතරව පළාතේ සියලු පෙර පාසැල් මේ සති අන්තය දක්වා වසා දැමීමට පියවර ගත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
2018-05-29T04:46:11.000Z
යක්කලින් හමු වූ සුඛෝපභෝගී මෝටර් රථයවල සැබෑ හිමිකරු කවු ද?
යක්කලින් හමු වූ මෝටර් රථයවල සැබෑ හිමිකරු කවු ද?
COLOMBO (News 1st) - යක්කල, බැලුම්මහර ගොඩගෙදර පන්සල පාරේ තිබි ව්‍යාජ අංක තහඩු යෙදු හයිබ්‍රිඩ් මොටර් රථ 2 ක් සොයා ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මෝටර් රථ දෙකේ අයිතිකරුවන් මෙතෙක් සොයා ගෙන නොමැති බවයි. එක් මෝටර් රථයක් නිට්ටඹුව ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි කර ඇත ත් මේ වන තෙක් ඔහු සොයා ගැනීමට පොලීසියට නොහැකි විය. අනෙක් මෝටර් රථය කොහුවල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. ඉන් අනතුරුව පොලීසිය කොහුවල ප්‍රදේශයේ නිවසට ගිය අවස්ථාවේදී යක්කලින් සෙයා ගත් මෝටර් රථයේ අංකයට සමාන ලියාපදිංචිය සහිත මෝටර් රථයක් සොයා ගෙන තිබේ.
2018-05-29T04:03:05.000Z
 දුම්රිය සේවක නිවාඩු අවලංගුයි
 දුම්රිය සේවක නිවාඩු අවලංගුයි
COLOMBO (News 1st) : දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිති අද පස්වරු 4.00 සිට, පැය 48 ක සංඛේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වීම හේතුවෙන් සියලු දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි, ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පි.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ, ක්‍රියාත්මක කිරීමට නියමිත සංකේත වැඩ වර්ජනය හේතුවෙන් මහජනතාව අපහසුතාවට පත්විම වැළැක්වීම සඳහා අද පස්වරුවේ සිට විශේෂ බස් සේවා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි. කෙසේ වෙතත් දුම්රිය නියාමකවරුන්, රියැදුරන්, ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලක, අධික්ෂණ කළමනාකරුවන් ඇතුළු වෘත්තිය සමිති ගණනාවක් මෙම වර්ජනයට එක් නොවන බව දුම්රිය රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා News1st වෙත පැවසී ය. මේ අතර වැටුප් විෂමතා මුල් කර ගනිමින් අද පස්වරු 04 සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය තාක්ෂණික සේවා වෘත්තිය සමිති කමිටුව පවසයි. එහි ලේකම් කමල් පීරිස් මහතා ප්‍රකාශ කළේ, ප්‍රවාහන බලධාරීන් සමග පසුගිය දා පැවති සාකච්ඡා අසාර්ථක වූ බවයි. ඉදිරියේදී ද සාකච්ඡා ලබා දෙන බවට බලධාරීන් එකඟවුවත් සිය විධායක සභාව ගත් තීරණයක් අනුව අද මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළැඹෙන බව දුම්රිය තාක්ෂණික සේවා වෘත්තිය සමිති කමිටුවේ ලේකම් කමල් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
2018-05-29T01:58:46.000Z
මිනිසුන්, නොමිනිසුන් අතරින් මතු වූ උතුම් මනුස්සකම....
මිනිසුන්, නොමිනිසුන් අතරින් මතු වූ උතුම් මනුස්සකම
COLOMBO (News 1st) : සිය ජීවිතය පරදුවට තබා තවත් ජීවිතයක් බේරා ගැනීමේ පරාර්ථකාමී සිතුවිලි පහළ වන්නේ උතුම් සිත් ඇති උතුම් මිනිසුන්ට ම හැර අන් කිසිවෙකුට නම් නොවේ. අතීතයේ එවැනි උතුම් මිනිසුන් පිළිබඳ ඕනෑ තරම් වාර්තා වුව ද ඉතා මෑතකදී එවැනි විරුවන් දෙදෙනෙකු පිළිබඳව අප රටින් සහ ප්‍රංශයෙන් වාර්තා විය. මෙම සිදුවීම් දෙකේ වෙනස වන්නේ, ගංවතුරින් විපතට පත්වූ දරුවන් බේරා ගත් අපේ රටේ වීරයා අද ජීවතුන් අතර නැතිවීම සහ විකුම් පා ඊයේ (28) ප්‍රංශ දරුවා බේරාගත් මාලි සරණාගත තරුණයා විරුවෙකු වී පැසසුම් ලබන්නට ජීවතුන් අතර සිටීමයි. සිය ගණනක් ප්‍රංශ නෙත් පහළ සිට බැල්කනියේ එල්ලෙමින් සිටින දරුවා දෙස වික්ෂිප්තව බලා සිටියදී ජීවිත අවදානම නොතකා සිව් හැවිරිදි දරුවා බේරා ගැනීමට ඉදිරිපත් වූයේ, 22 හැවිරිදි මාලි සරණාගතයෙකු වූ මාමෝඩු ගැසාමා නම් තරුණයායි. https://www.youtube.com/watch?v=ka6HoS2wy3A මේ අතර රටේ දරුවකුගේ ජීවිතය බේරා ගැනීමට ඉදිරිපත් වූ මාලි සරණගත තරුණයා වෙනුවෙන් සිය යුතුකම ඉටු කිරීමට ප්‍රංශය රට පෙරට එන්නේ, ඔහුට සිය රටේ පුරවැසිභා‍වය ලබා දෙමිනි. වීර ක්‍රියාවෙන් පසු ප්‍රංශ ජනාධිපති එමානුඑල් මැක්‍රෝන් මාමෝඩු ගැසාමා එල්සි මාලිගයට කැඳවා ඔහුට ස්තුති කරමින් වීරත්වය අගයමින් පදක්කමක් ද පිළිගන්වා තිබේ. මීට අමතරව ඔහුට ප්‍රංශ රජය ගිනි නිවීම් සේවයේ රැකියාවක් ද ලබා දී තිබේ. දරුවා අනතුරට ලක් වන අවස්ථාවේ දරුවාගේ දෙමාපියන් නිවසේ නොසිටීම සම්බන්ධයෙන් ප්‍රංශ බලධාරීන් විසින් විමර්ශන ආරම්භ කරනු ලැබ තිබේ. පැරිසියේ ගිනි නිවන භටයින් එම ස්ථානයට පැමිණෙන විටත් සරණාගත තරුණයා දරුවා බේරා ගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කර තිබිණ. සිය අත්දැකීම විස්තර කරමින් ගැසමා පවසා ඇත්තේ, ඔහු මාර්ගයේ ඇවිඳිමින් සිටියදී ගොඩනැගිල්ලක් අසල විශාල පිරිසක් රැස්ව සිටිනු දුටු බවයි. "මට හිතන්න වෙලාවක් තිබුණෙ නැහැ. මම පාර හරහා දුවල ගිහින් දරුවා බේරා ගත්තා" "මම උඩට නැග්ගා. දෙවියන්ට ස්තුතියි. දෙවියන්වහන්සේ මට උදව් කළා. මං උඩට ම නැග්ගා. මට උඩට ම නැග ගන්න හොඳ අධිෂ්ඨානයක් තිබුණා. එච්චරයි" ඒ දරුවා බේරා ගැනීමෙන් පසු ගැසමා සිය අත්දැකීම විස්තර කළ ආකාරයයි. මාමෝඩු ගැසාමා කළ මෙහෙයට නොදෙවෙනි කැප කිරීමක් 29 හැවිරිදි පොලිස් කොස්තාපල් ඩිලාන් සම්පත් පසුගිය දා කළේ, සිය තරුණ ජීවිතය ද පරදුවට තබමිනි. https://www.facebook.com/NewsfirstSL/videos/1962609247132657/ නිවාඩුගත කිරීමට පැමිණ නිවසට ගොස් සිටි ඩිලාන් යළි සේවය වාර්තා කරන්නේ, මාදම්පේ කුඩා දරුවන් ඇතුළු බොහෝ දෙනා ගංවතුරේ පොර බදින බවට කන වැකුණු නිසාවෙනි. ඔහු මව්වරුන් කුඩා දරුවන් ඇතුළු කිහිප දෙනෙකුගේ ම ජීවිත බේරා ගැනීමට සමත්විය. ජීවිත රැක දී සිය ජීවිතය දන්දුන් අපේ ඩිලාන් මෙන් ම මාලි සරණාගත තරුණයා ලොව හමුවේ පසක් කළේ, මිනිසුන්, නොමිනිසුන් අතරේ උතුම් සිත් ඇති මිනිසුන් ද මේ මහ පොලොවේ සිටිනා බවයි.
2018-05-29T00:49:49.000Z
පැන ගිය සිරකරුවෙක් අල්ලා ගනී : 5 දෙනා සොයා පුළුල් විමර්ශන
පැන ගිය එක් සිරකරුවෙක් අල්ලා ගනී
COLOMBO (News 1st) : බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී පළා ගිය රැඳවියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, බද්දේගම ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අදාළ රැඳවියා අත්අඩංගුවට ගත් බවයි. බන්ධනාගාර නිලධාරින්ට පහරදුන් ප්‍රධාන සැකකරු ඊයේ දිනයේ ම අත්අඩංගුවට ගත් බව ඔහු සඳහන් කළේ ය. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, සෙසු රැඳවියන් සොයා පොලිසිය සමග ඒකාබද්ධව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. මේ අතර අදාළ රැඳවියන් පලා යාම සම්බන්ධයෙන් මාතර බන්ධානාගාර සහකාර අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. එසේම පලා ගිය ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සෙවීමට බන්ධනාගාර නිලධාරීන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ ය. ඊයේ දිනයේ දී බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වීමට නියමිතව තිබූ නඩුවලට අදාළව ඇඟිලි සලකුණු ලබා ගැනීමට රැදවියන් යොමු කළ අවස්ථාවේදී මෙම රැඳවියන් 06 දෙනා බන්ධනාගාර නිලධාරීන්ට පහර දී පලා ගොස් තිබිණ.
2018-05-28T20:55:59.000Z
නූපේ නිමි ඇඳුම් අලෙවිසලකට වෙඩි ප්‍රහාරයක්
නූපේ නිමි ඇඳුම් අලෙවිසලකට වෙඩි ප්‍රහාරයක්
COLOMBO (News1st) : අද අලුයම නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු මාතර, නූපේ ප්‍රදේශයේ පිහිටි නිමි ඇඳුම් අලෙවිසලකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු එම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බවයි. වෙඩි තැබිමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසී ය.
2018-05-28T20:46:06.000Z
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද සුළං
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද සුළං
COLOMBO (News 1st) : දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය මැයි අනිද්දා දක්වා බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින වටා මුහුදු ආශ්‍රිතව ගිඟුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 හෝ 80 දක්වා ඉහළ යා හැකි බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන්, ජීවිත අහිමි වූ සංඛ්‍යාව මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, තවදුරටත් පුද්ගලයින් 70376 දෙනෙකු අවතැන් වී ඇති බවයි. ඔවුන් කඳවුරු 265ක රඳවා තිබේ. මේ වන විට ආපදා හේතුවෙන්, පූර්ණ නිවාස හානි 121ක් සිදුව ඇති අතර අර්ධ නිවාස හානි 5205ක් වාර්තා වන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය සඳහන් කළේ, දිස්ත්‍රික්ක 20 පුද්ගලයින් 174 310 දෙනෙකු පීඩාවට පත් ව සිටින බවයි.
2018-05-28T19:59:10.000Z
දුම්රිය සේවකයින් පැය 48 වැඩ වර්ජනයක
දුම්රිය සේවකයින් පැය 48 වැඩ වර්ජනයක
COLOMBO (News 1st) : අද පස්වරු 4 සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය තාක්ෂණික සේවා වෘත්තිය සමිති කමිටුව පවසයි. එහි ලේකම් කමල් පීරිස් මහතා ප්‍රකාශ කළේ, වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළැඹෙන බවයි. ප්‍රවාහන බලධාරීන් සමග පසුගිය දා පැවති සාකච්ඡා අසාර්ථක වූ බවත්, ඉදිරියේදී සාකච්ඡා ලබා දෙන බවට බලධාරීන් එකඟ වුවත් සිය විධායක සභාව ගත් තීරණයක් අනුව අද මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එළැඹෙන බව දුම්රිය තාක්ෂණික සේවා වෘත්තිය සමිති කමිටුවේ ලේකම් කමල් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. කෙසේ වෙතත් දුම්රිය නියාමකවරුන්, රියැදුරන්, ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලක, අධික්ෂණ කළමනාකරුවන් ඇතුළු වෘත්තිය සමිති ගණනාවක් මෙම වර්ජනයට එක් නොවන බව දුම්රිය රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසී ය.
2018-05-28T19:51:40.000Z
පැනගිය සිරකරුවන් 6 දෙනා තවම නිදැල්ලේ
පැනගිය සිරකරුවන් 6 දෙනා තවම නිදැල්ලේ
COLOMBO (News 1st) : බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේදී රැඳවියන් 6 දෙනෙකු පලායාම සම්බන්ධයෙන් මාතර බන්ධානාගාර සහකාර අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පැවසුවේ, පලා ගිය කිසිදු සැකකරුවෙකු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැති බවයි. පලා ගිය ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 6 දෙනා සෙවීමට බන්ධනාගාර නිලධාරීන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොමු කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ ය. ඊයේ දිනයේ දී බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වීමට නියමිතව තිබූ නඩුවලට අදාළව ඇඟිලි සලකුණු ලබා ගැනීමට රැඳවියන් යොමු කළ අවස්ථාවේදී මෙම රැඳවියන් 6 දෙනා බන්ධනාගාර නිලධාරීන්ට පහර දී පලා ගොස් ඇති බව වාර්තා වේ. මෙම රැඳවියන් 6 දෙනා අතර මත්ද්‍රව්‍ය චෝදනා යටතේ අත්අඩංගුවට ගත් රැඳවියන් තිදෙනෙකු, සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු සහ බාලවයස්කාර විවාහයකට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ද වේ. අප වාර්තාකරු සඳහන් කළේ, ඔවුන් සොයා මේ වනවිට බද්දේගම සහ ගනේගම ප්‍රදේශවල පොලිස් කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යොදවා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.
2018-05-28T10:37:50.000Z
රාගම වෙළඳුන්ගෙන් කප්පම් ගත් පොලිස් කොස්තාපල්ට වැඩ වරදී
කප්පම් ගත් පොලිස් කොස්තාපල්ට වැඩ වරදී
COLOMBO (News 1st) - රාගම ප්‍රදේශයේ වෙළඳසැල්වලින් කප්පම් ගනිමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහු සමග සිටි තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. අදාළ පොලිස් කොස්තාපල්වරයා කොටුව පොලීසියට අනියුක්තව සේවය කරන අයෙකි. එම පොලිස් කොස්තාපල්වරයා පසුගිය 19වනදා රාගම සිගරට් අලෙවි කරන වෙළඳසැල් වෙත ගොස් සිගරට් දැල්වීම සඳහා ගින්දර ලබා දිම නීති විරෝධි බව පවසා ඔවුන්ව බිය ගන්වා තිබෙන බව පොලීසිය සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු නොකර සිටීමට ඔහු වෙළෙන්දන්ගෙන් මුදල් ඉල්ලා තිබෙන බව පොලීසිය පවසයි. අනතුරුව වෙළෙඳුන්ගෙන් ඔහු රුපියල් 15,000 සහ රුපියල් 10,000 බැගින් මුදල් ලබාගෙන තිබෙන බව පොලීසිය පවසයි. පසුව මොවුන් පිළිබඳ සැක මතු වූ වෙළෙඳුන් ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කර තිබේ. අනතුරුව පොලීසිය විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබිණි. පොලිස් කොස්තාපල්වරයා සහ ඔහු සමග සිටි පුද්ගලයා මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 31වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
2018-05-28T09:47:49.000Z
අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළට
අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළට
COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්ව දෙන්නේ, දිවයින හරහා හා දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයයේ වැඩිවීමක් තවදුරටත් පවතිනු ඇති බවයි. මේ අතර අධික වැසි හේතුවෙන් දිවයිනට බලපෑ ආපදා තත්ත්වයෙන් මේ වන විට පුද්ගලයින් එක් ලක්ෂ හැත්තෑ හතරදහස් තුන්සිය හය දෙනෙකු තවදුරටත් පීඩාවට පත් ව සිටි. අපදාවට පත්වුවන් ආරක්ෂිත ස්ථාන 265 ක පවුල් 17,976 කට අයත් පුද්ගලයින් 70,376 දෙනෙකු රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. පැවති අපදා තත්ත්වයෙන් නිවාස 121 කට පුර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 5,205 කට ය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවැසුවේ, ව්‍යපාරික ස්ථාන 166 කට හානි සිදුව ඇති බවයි. මේ වන විට පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති අතර තව ත් පුද්ගලයෙකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අතුල ආරියරත්න මහතා ප්‍රකාශ කළේ ය. ඇද හැලු අධික වාර්ශාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටවී තිබේ. කුඹුක්කඩවල, කරුක්කුමඩුව වැව වාන් දැමීමත් හේතුවෙන් කොළඹ පුත්තම ප්‍රධාන මාර්ගයේ මදුරන්කඩවල සිට කුඹුක්කඩවල, ජයරාජපුර ප්‍රදේශයේ ඇති පාලමක් විනාශ විය. මේ හේතුවෙන් කුඹුක්කඩවල, නගරයේ පිහිටි රෝහල්, පාසල් හා සියලු රාජ්‍ය ආයතනවලට ළගාවීමට නොහැකිවීම තුළ ජනතාවට විකල්ප මාර්ග භාවිත කිරීමට සිදුව ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය. වත්තල, හැදල, දික්ඕවිට ඇතුළු පහත් බිම් ප්‍රදේශ කිහියක තවමත් ජලය රැඳී පවති. අපදා තත්ත්වයට මුහුණදුන් පවුල් 60 පමණ වත්තල හැඳල කෙරවලපිටිය විද්‍යලෝක විද්‍යාලයේ තවදුරටත් රඳවා ඇත. ගම්පහ ගනේමුල්ල, ගම්පහ - ජා ඇල ප්‍රධාන මාර්ග තවමත් ජලයෙන් යටවී ඇත. ගම්පහ නගරය අවට බොහෝ පහත් බිම් රැසක තවමත් ජලය රැඳී තිබෙන අයුරු අද අප කළ සංචාරයේදී දැකගත හැකි විණි. මේ අතර ගම්පහ විජයාරාම විහාරස්ථානයේ තවමත් පවුල් 15 ක පමණ ජනතාව රැඳීසිටියේ තවමත් තම නිවාස කරා ගමන් කළ නොහැකිවීම හේතුවෙනි.
2018-05-28T11:29:10.000Z
හැළඹගේ ප්‍රේමසිරි ඝාතනය, මුදලට ක්‍රිකට් තරග පාවාදීම් සමග සම්බන්ධ වූවක්ද?
හැළඹගේ ඝාතනය, ක්‍රිකට් පාවාදීම් සමග සම්බන්ධ ද?
COLOMBO (News 1st) - මුදලට ක්‍රිකට් තණතිලි වෙනස් කිරීම සම්බන්ධයෙන් අල්ජසීරා රූපවාහිනිය කළ අනාවරණය පිළිබඳව චෝදනා එල්ලවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ස්පෝට්ස්ෆස්ට් සමග අදහස් පළ කළහ. අල්ජසීරා රූපවාහිනිය විසින් රහසිගත ලෙස තොරතුරු ගවේශනය කරමින්, සිදු කළ අනාවරණයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහකාර කළමනාකරු තරංග ඉන්දික සහ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තරිඳු මෙන්ඩිස්ට මුදලට ක්‍රිකට් තනතිලි වෙනස් කිරීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කළේ ය. එහිදී අනාවරණ කළේ, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන දිල්හාර ලොකුහෙට්ටිගේ සහ ජීවන්ත කුලතුංග ද මෙම ගනුදෙනු සම්න්ධයෙන් සාකච්ඡා කළ බව ය. හිටපු ක්‍රිකට් ක්‍රීඩක, දිල්හාර ලොකුහෙට්ටිගේ, මම ජාත්‍යන්තර ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් ඉන්ටර්නැෂනල් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් මොකද ක්‍රීඩා කරන කාලෙදීවත් මට කිසිම චෝදනාවක් තිබ්බේ නෑ ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව නවත්තලා මගේ දරුපවුලත් එක්ක මෙහට ඇවිල්ලා ඉන්නේ නිදහසේ ජීවත් වෙන්න දැන් මේ වෙනකොට මේ වගේ දෙයක් ඒගොල්ලෝ මගේ මොකද මගේ ක්‍රිකට්වලටයි මගේ නමටයි මගේ ඉමේජ් එකටයි එච්චර ඔය කරන දේ හොඳ නෑ මොකද මගේ ගාව එවිඩන්ස් තියෙනවා ඩොක්ටස්ලා දුන්න අනිත් එක මට ක්‍රිකට් ගහන්න බෑ ඒ ඔක්කොම මගේ ගාව තියෙනවා මම අනිවාර්යෙන් ඒ ගොල්ලන්ට විරුද්ධව ලීගල් ඇක්ෂන් එකක් ගන්නවා. ඕනේ වෙලාවක මම ලෑස්තී මොකද මම ලංකාවට ක්‍රීඩා කරපු පරණ ක්‍රිකට් ක්‍රීඩකයෙක් රටට අපකීර්තියක් කරන්නට කැමති නෑ චෝදනා එල්ලවන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජීවන්ත කුලතුංග දැක් වූ ප්‍රතිචාරය මේ... හිටපු ක්‍රිකට් ක්‍රීඩක, ජීවන්ත කුලතුංග, මේක වෙලා අවුරුද්කට විතර කිට්ටුයි දැන් අපි හම්බ වෙච්ච දවස. මගේ නිර්දෝෂිභාවය ඔප්පු කරන්න ඕනේ මං මේකට. ඒකට ඕනෑම් වෙලාවක සූදානම් කියලා මම මාධ්‍ය නිවේදනයක් දීලා තියෙනවා විද්‍යුත් තැපෑලෙන් මම අල්ජසීරා ආයතනයටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් දැනුම් දීලා තියෙනවා. අපි පොඩ්ඩක් ඉවසලා ඉන්න ඔනේ ඉතින් එක පාරටම අපිට මේකට පිළිතුරු ලැබෙන්නේ නැහැ. අවස්ථාව ආවාම ඕනෑම අවස්ථාවක මම කියලා තියෙනවා මම ඉදිරිපත් වෙලා මගේ නිර්දෝෂි භාවය ඔප්පු කරන්න ඉදිරියට එන්න කැමති කියලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති, මොහාන් ද සිල්වා, විශේෂයෙන් නිලවරණයක් ළං වෙනකොට එක එක දේවල් මතු වෙනවා එක පාරට මේක ඒ හේතුව නිසාම ද කියන එක අවිශ්වාසයත් පොඩ්ඩක් තියෙනවා. අපි එක් තමයි සී.අයි.ඩී එකට භාර දිලා තියෙන්නේ. අපි මේ ගැන තියෙන ක්‍රියාමාර්ගය තියෙන අඩුපාඩු හොයලා බැලීමක්. ඒ කට්ටිය කැඳවලා ගොඩ්ෆ්‍රි දාබරේලයි කමිටුවේ අය සාකච්ඡා කළා දැන් තියෙන ක්‍රියා මාර්ගය මොකක්ද මේකෙන් වෙන ඉම්පිලිටේෂන් එක ඉට පස්සේ මින් ඉදිරියට මේවා වලක්වාගන්න අපි කොහොමද ක්‍රියා කරන්නේ කියලා තියෙන අඩු පාඩු ටික මුදලට ඇතැම් පාර්ශවයන්ට වාසි සහගත ලෙස තණතිලි සකස් කිරීම පිළිබඳව මීට පෙර අවස්ථා කිහිපයකදී ද තොරතුරු අනාවරණය විය. ගාලු ක්‍රීඩා සමාජයේ හිටපු ලේකම් හැලඹගේ ප්‍රේමසිරි මහතා 2016 වසරේ ඝාතනයට ලක්වීම පිටුපසත් ඇත්තේ මෙවැනි සිදුවීමක් ද? හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග විසින් පාර්ශවයකට වාසි සහගත ලෙස මුදලට තණතීරු සැකසීම සම්බන්ධයෙන් අනාවරණයක් කළේ 2017 වසරේ සැප්තැම්බර් 18 වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවැත් වූ වැඩමුළුවකදීයි. මාලිංග මෙම අනාවරණය කළේ, සූරියවැව ක්‍රීඩාංගණයේදී ඔහු ලැබූ අත්දැකිමක් ද සිහිපත් කරමිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක, ලසිත් මාලිංග, පසුගිය තරග සංචාර කිහිපයේ දී අපි තණතීරුවට ගියහම අපි තණතීරුවට කියනව රයිට් අපිට මේ වගේ තණකොළ තියල දෙන්න. තණතීරුවට ගිහිල්ල තණතීරුවෙන් අඩි දෙකක් එහාට අනික් පැත්තට එනකොට තණකොළ කපනව. තණකොළ කපලා කියනව බ්ලේඩ් එක වැරදුනා කියල. මං දන්නෙනැ මොනවද උනේ කියන එක එක පාරක් නෙමෙයි දෙපාරක් මේක වෙලා තියෙනවා. උදේ පාන්දර තමයි දැන ගන්නේ ඇයි මේ තණකොළ කපලා තියෙන්නෙ කියල. හිටපු ක්‍රීඩා අමාත්‍ය, දයාසිරි ජයසේකර, දැන් ඇත්තටම මෙතෙන තියෙන්නේ දැන් ඉස්සර තිබුනේ මැච් ෆික්සිං. දැන් තියෙන්නේ පිච් ෆික්සිං. ඉතිං පිච් ෆික්සිං කියන්නේ දෙකක්. මැච් ෆික්සිං සහ පිච් ෆික්සිං කියන්නේ. මැච් ෆික්සිං කියන එක ගත්තාම ඒක ක්‍රීඩකයෝ විසින් කරන දෙයක්. දැන් මෙතෙන පිච් ෆික්සිං කියන එක අරගෙන තියෙන්නේ පිච් එක හදන පුද්ගලයා. තණතීරුව හදන පුද්ගලයා තමයි අර ටීම් එකට ඕන තණතීරුව මේ ටීම් එකට ඕන තණතීරුව කියලා ඔය චෝදනාව ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේකෙදි බොහොම පැහැදිලිව ක්‍රිකට් ක්‍රීඩකයින්ට අත දික්කරන්න ඇඟිල්ල දික් කරන්න බැහැයි කියලා තමයි මං විශ්වාස කරන්නේ. පැහැදිලිව මේ තණතීරු හදන අයට එරෙහිව ඒ කටයුත්ත අනිවාර්යයෙන් කළ යුතුයි මුදලට තණතිලි වෙනස් කිරීම පිළිබඳව අල්ජසීරා සිය අනාවරණය කළේ 2016 වසරේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා, ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරවාරයේ ඇති වූ සිදුවිම් කිහිපයක් මුල්කර ගනිමිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර තණතිලි සහ පහසුකම් සැපයීමේ කළමනාකරු ලෙස කටයුතු කරන ගොඩ්ෆ්‍රි දාඹරේ මහතා මෙම තරගයට පෙර 2016 වසරේ පෙබරවාරි 3 වන දා එවක ගාලු ක්‍රිකට් සමාජයේ ලේකම් ප්‍රේමසිරි හැලඹගේ මහතාට යැවූ මේ ලිපියෙන් තව ත් කරුණු අනාවරණය වේ. අභ්‍යන්තර මෙමෝපතක් ලෙස යවා තිබූ මෙම ලිපියේ සඳහන්ව තිබුනේ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කාර්යය මණ්ඩලය සඳහා 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කරන ලෙසයි. එම 15 දෙනා අතර මේවනවිට මුදලට තණතිලි වෙනස් කිරීමේ චෝදනා එල්ලවී ඇති තරිඳු ඉන්දිකගේ නම ද සඳහන් වේ. ඔහු පළමුවරට ගාල්ල ක්‍රීඩාංගණයේ සහකාර කළමනාකරු ලෙස පත්කරන ලෙස දන්වා තිබුනේ මේ ලිපියෙනි. ගොඩ්ෆ්‍රි දාඹරේ මහතාගේ ලිපියට පිළිතුරු යවමින් හැලඹගේ ප්‍රේමසිරි මහතා දන්වා තිබුනේ දැනට සිටින කාර්යය මණ්ඩලය වසර 15 කට අධික අත්දැකීම් ඇති අය බැවින් ඔවුන් ඉවත් කර අලුත් කණ්ඩායම පත්නොකරන ලෙසයි. ඒ වනවිටත් ජයනන්ද වර්ණවීර මහතාට එල්ලවී තිබූ තරග පාවාදිමේ චෝදනා නිසා ගාල්ල ක්‍රීඩාංගණයේ කීර්ති නාමයට හානිවී ඇති බැවින් මේ පිළිබඳව සලකා බලන ලෙස හැලඹගේ ප්‍රේමසිරි මහතා 2016 පෙබරවාරි 25 වන දා දාඹරේ මහතාට දැනුම් දී තිබුණි. එහෙත් මෙම ඉල්ලීම නොසලකා හරිමින් එම වසරේ පෙබරවාරි 29 වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායකගේ අත්සනින් නිකුත්කළ ලිපියක් මගින් ගොඩ්ෆ්‍රි දාඹරේ මහතා මුලින් නම්කල 15 දෙනා අදාළ තනතුරුවලට පත් කළහ. එම පත්කිරීම් සිදුකළ ලිපියේ සඳහන් වන්නේ, ඕස්ට්‍රේලියා තරග සංචාරය සඳහා පිටිය සැකසීමට සමගාමීව මෙම පත්කිරීම් සිදුකළ යුතු බවයි. කෙසේවෙතත් ශ්‍රී ලංකා, ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අවසන්වී දින කිහිපයකින් එනම් 2016 අගෝස්තු මාසයේ 12 වන දා පස්වරුවේ හැළඹගේ ප්‍රේමසිරි මහතා සිය පුත්‍රයා සමග මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කෙරුණි.
2018-05-28T08:52:25.000Z
සීඝ්‍රයෙන් පැතිරෙන වෛරස් උණ රෝගයේ බලපෑම දකුණු පළාතට පමණද?
සීඝ්‍රව පැතිරෙන උණ රෝගයේ බලපෑම දකුණු පළාතට පමණද?
COLOMBO (News 1st) - වෛරස් උණ රෝගීන් හේතුවෙන් දකුණු පළාතේ රෝහල්වල ළමා වාට්ටු සහ දැඩි සත්කාර ඒකකයන්හි දැඩි තදබදයක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජි. විජේසූරිය මහතා පැවසුවේ, කරාපිටිය රෝහල තුළ එම උණ රෝගය වැළඳුණු රෝගීන් 300 ක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන බවය. වැඩිහිටියන් අතර මෙම උණ රෝගය පැතිර යෑම අවම මට්ටමක පැවතියද කුඩා දරුවන් අතර තවදුරටත් සීඝ්‍රයෙන් උණ රෝගය පැතිර යන බව ද ඔහු පැවසුවේ ය.
2018-05-28T08:06:45.000Z
ඉන්දියාවේ 65 වැනි ජාතික සිනමා උළෙලට සියල්ල සූදානම්
ඉන්දියාවේ 65 වැනි ජාතික සිනමා උළෙලට සියල්ල සූදානම්
COLOMBO (News 1st) - ඉන්දියාවේ 65 වැනි ජාතික සිනමා උළෙල ලබන 7 වන දා ආරම්භවීමට නියමිතව තිබේ. පූනේ නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන සිනමා උළෙලේදී සිනමා පට 23 ක් තිරගතවීමට නියමිත ය. ඊට මලයාලම් සිනමා පට 4 ක් සහ හින්දි සිනමා පට 3 ක් ඇතුළත් වේ. සිනමා උළෙල අවසානයේ ජුරිය විසින් තෝරාගන්නා හොඳම සිනමා පටයට (Golden Lotus ) රන් නෙළුම සම්මානය හිමි වනු ඇති.
2018-05-28T07:40:44.000Z
දුම්රිය සේවකයින් පැය 48ක සංකේත වැඩ වර්ජනයකට සැරසේ
දුම්රිය සේවකයින් පැය 48ක සංකේත වැඩ වර්ජනයකට සැරසේ
COLOMBO (News 1st) - වැටුප් විෂමතාවක් මුල්කර ගනිමින් හෙට පස්වරු 4.00 සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය තාක්ෂණික සේවා වෘත්තිය සමිති කමිටුව පවසයි. කෙසේ වෙතත් දුම්රිය නියාමකවරුන්, රියැදුරන්, ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලක, අධීක්ෂණ කළමනාකරුවන් ඇතුලු වෘත්තිය සමිති ගණනාවක් මෙම වර්ජනයට එක්නොවන බව දුම්රිය රියැදුරන්ගේ සංගමය පවසා ඇත. එහි ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කළේ, ඒ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට විශාල බලපෑමක් ඇති නොවන බවයි. මේ අතර ජලසම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය අද පෙරවරු 9.00 සිට පස්වරු 1.00 දක්වා පැය 4 ක සංකේත වැඩ වර්ජනයක නිරත විය. රත්මලාන ප්‍රධාන කාර්යාලය, දෙහිවල හා මොරටුව කොට්ඨාසවල කාර්යාලවල සියලු සේවකයින් ඊට එක් ව සිටියහ. වසර තුනකට වරක් හිමිවිය යුතු වැටුප් වැඩි කිරීම නියමිත පරිදි මේ වසරේදී නොලැබීමට විරෝධය පළ කරමින් වැඩ වර්ජනය පැවැත් විණි. තම ඉල්ලීම් ඉටු කිරීමට රජය කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට යොමු වන බව ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය ප්‍රකාශ කළේ ය.
2018-05-28T07:09:05.000Z
ලොකු ලූණු ගොවීන්ගේ ගැටලුවලට විසඳුම්?
ලොකු ලූණු ගොවීන්ගේ ගැටලුවලට විසඳුම්?
COLOMBO (News 1st) - ලොකු ලූණු ගොවීන් මුහුණ පා ඇති ගැටලුවලට විසඳුම් ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබේ. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්. එම්. ඩබ්. වීරකෝන් මහතා සඳහන කළේ, මේ යටතේ දේශිය ලොකු ලූණු ගොවීන්ට බීජ සඳහා වැය වන මුදලින් 50% ක මුදලට රජයේ දායකත්වය ලබා දෙන බවයි. මේ අතර මාතලේ ගලේවෙල, දඹුල්ල කිඹිස්ස, මහවැලි එච් කලාපයේ සහ අනුරාධපුර ගලෙන්බිඳුණවැව ප්‍රදේශයේ ගොවීන් මුහුණ පා ඇති ගැටලු මුල් කර ගනිමින් මෙම පියවර ගත් බව ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
2018-05-28T06:49:41.000Z
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපතිවර‍යෙකු ලෙස ඇමති රාජිත සේනාරත්න පත් වෙයි
ඇමති රාජිතට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තනතුරක්
COLOMBO (News 1st) - ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපතිවර‍යෙකු ලෙස සෞඛය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිතරඟයෙන් තේරී පත් ව තිබේ. ඒ, වසරක ධූර කාලයක් සඳහායි.
2018-05-28T05:33:30.000Z
රෝහිත අබේගුණවර්ධනගේ නඩුවේ සාක්ෂි විභාගය කල් යයි
රෝහිත අබේගුණවර්ධනගේ නඩුවේ සාක්ෂි විභාගය කල් යයි
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන ජුලි 06 වන දා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව මහතා අද නියෝග කර ඇත. ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර 2 යි මාස 03 ක කාලයක් තුළදී සිය වැටුපෙන් හා ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් ලක්ෂ 412 ක මුදල් හා දේපලවල හිමිකාරිත්වය දැරීමට අදාළව විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල විය. ඔහු අද දින අධිකරණය හමුවේ පෙනි නොසිටි අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබන බව විත්තියේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ය. එම කරුණු සලකා බැලු ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා එම නියෝගය කර ඇත.
2018-05-28T03:39:10.000Z
ගිනි අවි 2ක් සමග දෙදෙනෙක් පෑළියගොඩදී පොලිස් දැලේ
ගිනි අවි 2ක් සමග දෙදෙනෙක් පෑළියගොඩදී පොලිස් දැලේ
විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු පෑළියගොඩ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලීසිය පැවසුවේ කටාන, කළුවාරිප්පුව ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කටාන, ඉද්දගොඩැල්ල ප්‍රදේශයේදී රිවෝල්වරයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර 33 හැවිරිදි අදාල පුද්ගලයා කිඹුලාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කළේ ය.
2018-05-28T03:25:52.000Z
ප්‍රවීණ රංගන ශිල්පිනි දීපානි සිල්වා අත්අඩංගුවට
ප්‍රවීණ රංගන ශිල්පිනි දීපානි සිල්වා අත්අඩංගුවට
COLOMBO (News 1st) : ප්‍රවීණ රංගන ශිල්පිනි දීපානි සිල්වා මහත්මිය අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ බණ්ඩාරගම කිඳෙල්පිටිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි. ශිල්පිනි දීපානි සිල්වා මහත්මිය අද දහවල් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.
2018-05-28T00:54:46.000Z
යාපනෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙක් අතුරුදන්
යාපනෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙක් අතුරුදන්
COLOMBO (News 1st) : යාපනය ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු අතුරුදන් වී තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ, පෙරේදා පස්වරුවේ යාපනය, කුරුකට්ටුවාන් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් ඇති ධීවරයින් තිදෙනෙකි. ඊයේ පෙරවරුවේ අදාළ පිරිස දුරකතනයෙන් නිවැසියන්ට අමතා මුහුද රළු බව පවසා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ අතුරුදන් වූ අදාළ පිරිස සෙවීම සඳහා නාවික හමුදා නිලධාරීන්ගේ ද සහය ඇතිව මෙහෙයුමක් දියත් කර ඇති බවයි. https://www.youtube.com/watch?v=IXZij4LNGTg
2018-05-27T22:54:36.000Z
සාර්ක් සිනමා උළෙලේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයා ප්‍රසන්න ජයකොඩි
සාර්ක් සිනමා සම්මාන ප්‍රදානෝත්සවය
COLOMBO (News 1st) : සාර්ක් සිනමා උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ රාත්‍රියේ ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණ ඒ, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. 8 වන වරටත් පැවති සාර්ක් සිනමා උළෙලේදී වසරේ හොඳම සිනමා පටයට හිමි සම්මානය දිනාගත්තේ බංග්ලාදේශ චිත්‍රපට අධ්‍යක්ෂ තවුකීර් අහමඩ්ගේ, හල්දා සිනමා පටයයි. හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය, ප්‍රසන්න ජයකොඩි මහතා දිනා ගත්තේ 28 සිනමා පටය වෙනුවෙනි. 28 සිනමා පටයේ අබසිරිගේ චරිතය නිරූපණය කළ මහේන්ද්‍ර පෙරේරා සාර්ක් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳ ම නළුවා ලෙස සම්මානයට පාත්‍ර විය. ඉන්දීය රංගන ශිල්පිනී වෛශ්නාවී තන්ග්දේ හොඳ ම නිළියට හිමි සම්මානය දිනාගත්තා ය. බහුචිතවාදියා සිනමා පටයේ අධ්‍යක්ෂ මාලක දේවප්‍රිය ජූරියේ විශේෂ සම්මානයකින් පිදුම් ලැබී ය. හොඳම ශබ්ද පරිපාලක ලෙස සම්මාන දිනාගත්තේ බහුචිතවාදියා සිනමා පටය වෙනුවෙන් සසික රුවන් මාරසිංහයි. සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය වාර්ෂිකව සංවිධානය කරන සාර්ක් චිත්‍රපට උළෙලේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සම්මාන හතර බැගින් ලබා ගනිමින් සම්මාන ලැයිස්තුවේ පෙරමුණ දිනාගත්තේ ය.
2018-05-27T22:21:31.000Z
තරග පාවාදීම් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක්
තරග පාවාදීම් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක්
මුදලට තරග පාවාදීම් සම්බන්ධයෙන් අල් ජසීරා රූපවාහිනිය නිකුත් කළ වාර්තා වැඩසටහනට අදාළ සියලු ම කණ්ඩායම් සම්බන්ධ කර ගනිමින් පුළුල් පරීක්ෂණයක් සිදුකරන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. අල් ජසීරා රූපවාහිනිය විසින් රහසිගත ලෙස තොරතුරු ගවේෂණය කරමින්, සිදු කළ වාර්තා වැඩසටහනක් මේ වන විට නිකුත් වී තිබේ. ලොව විවිධ රටවල ක්‍රිඩකයින්, ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ පුද්ගලයින් සහ වෙනත් පුද්ගලයින් රැසක් මුදලට තරග පාවාදුන් බව ඉන් පෙන්වා දී තිබේ. ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ අදාළ වැඩසටහන අනාවරණය කළ සියලු තොරතුරු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන බවයි. එම වැඩසටහන මගින් තොරතුරු අනාවරණය කළ සියලු කණ්ඩායම් ඊට සම්බන්ධ කර ගන්නා බව ද එහි දැක්වේ. මෙම වැඩසටහනේදී ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකුට ද චෝදනා එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් ලබා දුන් බවට පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් ය. යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ඊට සම්බන්ධ නම් ඔහුට එරෙහිව වහා ම අපරාධ නීතිය යටතේ පියවර ගත යුතු බවටත් ඊට සම්බන්ධ සේවකයින් හෝ ඒජන්තවරුන්ට ද දඬුවම් පැමිණ විය යුතු බවටත් එහි දැක්වේ.
2018-05-27T20:27:37.000Z
අමෙරිකානු හිටපු ජනපති ජෝර්ජ් H W බුෂ් රෝහල්ගත කෙරේ
අමෙරිකානු හිටපු ජනපති HW බුෂ් රෝහල්ගත කෙරේ
අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් රෝහල්ගත කර තිබේ. 93 හැවිරිදි වියේ පසුවන අමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් රුධිර පීඩනය පහළ යාම හේතුවෙන් මෙලෙස රෝහල්ගත කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අමෙරිකාවේ පෞද්ගලික රෝහලක ඔහු ප්‍රතිකාර ලබන බවයි. පසුගිය මාසයේදී ද හිටපු ජනාධිපතිවරයා ටෙක්සාස් ප්‍රාන්තයේ රෝහලක සති කාලයක් ප්‍රතිකාර ලැබීය. ඒ තම භාර්යාව වන බාබරා බුෂ්ගේ අවමංගල්‍යයට පසු දිනයේදීයි. ජෝර්ජ් එච් ඩබ්ලිව් බුෂ් අමෙරිකාවේ 41 වන ජනපතිවරයා වන අතර සිය පුත් ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් අමෙරිකාවේ 43 වන ජනපතිවරයායි.
2018-05-27T19:44:19.000Z
තෙවන වරටත් IPL කිරුළ චෙන්නායි සුපර් කිංග්ස් දිනාගනී
තෙවන වරටත් IPL කිරුළ චෙන්නායි සුපර් කිංග්ස්ට
තුන්වන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. ඒ අවසන් මහා තරගයේදී සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමට එරෙහි තරගය කඩුළු 8 කින් ජය ගනිමිනි. තරගය මුම්බායිහි වන්කඩේ ක්‍රීකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 178 කි. නායක කේන් විලියම්සන් පන්දු 36 කදී ලකුණු 47 ක් රැස් කළේ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩි ම ලකුණු ලාභියා බවට පත් වෙමිනි. ඔහු තරග 17 කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 735 කි. නොදැවී කඩුල්ලේ රැඳී සිටි යුසුෆ් පතාන් පන්දු 25 කදී ලකුණු 45 ක් රැස් කළේ ය. ඔහුගේ ඉණිමට හතරේ පහර 4 ක් හා හයේ පහර 2 ක් ඇතුළත් විය. ලකුණු 179 ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 10 ක් රැස් කරගෙන සිටි ඩූ ප්ලෙසිස් දැවී ගියේ ය. අනතුරුව පිටියේ ස්ථාවර වූ ආරම්භක පිතිකරු ශේන් වොට්සන් හා සුරේෂ් රෙයිනා චෙන්නායි ඉණිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබඳතාව ලකුණු 117කි. චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වූ ශේන් වොට්සන් පන්දු 57 ක් නොදැවී ලකුණු 117 ක් රැස් කළේ ය. ඔහුගේ ඉණිමට හතරේ පහර 11 ක් හා හයේ පහර 8 ක් ඇතුළත් විය. අම්බාටි රයිදු නොදැවී ලකුණු 16ක් රැස් කළේ ය. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරගයේ ජය තහවුරු කර ගත්තේ පන්දුවාර 18 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී තිබියදීයි. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මේ වන තෙක් අවස්ථා තුනකදී ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතා කුසලාන තමන් සතුකර ගැනීමට සමත් විය. ඒ 2010 හා 2011 වසරවලදීයි. 2016 හා 2017 වසරවලදී තරගාවලි තහනමකට ලක්ව සිටි චෙන්නායි කණ්ඩායම එම තහනම අවසන් වීමෙන් අනතුරුව නැවත තරග බිමට පිවිසි පළමු අවස්ථාව මෙය වේ.
2018-05-27T19:26:38.000Z
දකුණේ පාසල්වල ප්‍රාථමික අංශ තාවකාලිකව වැසේ
දකුණේ පාසල්වල ප්‍රාථමික අංශ තාවකාලිකව වැසේ
COLOMBO (News 1st) : දකුණු පළාතේ පැතිර යන වෛරස් රෝගී තත්ත්වය හේතුවෙන් සියලු පාසල්වල ප්‍රාථමික අංශ අද දින වසා තැබීමට පියවර ගෙන තිබේ. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සඳහන් කළේ, ගාල්ල, මාතර, සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල අධ්‍යාපන කලාප 7 ක පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පාසල් ලබන 30 වන දා යළි ආරම්භ කරන බවයි. ඊට අමතරව පළාතේ සියලු පෙර පාසල් ජුනි 4 දක්වා වසා දැමීමට පියවර ගත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර ගම්පහ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ, අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්, දෙමාපියන්ගෙන් ලැබුණු ඉල්ලීම ද සලකා එම පියවර ගත් බවයි. අද දින නිවාඩුව වෙනුවට අතිරේක දිනයක පාසල් පැවැත්වෙනු ඇති. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, යළි ලබන බදාදා පාසල් සමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි.
2018-05-27T19:21:10.000Z
ටී.බී. FCID ය හමුවට
ටී.බී. FCID ය හමුවට
COLOMBO (News 1st) :ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා අද පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට පැමිණියේ ය. අප වාර්තාකරු පැවසුවේ, මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බවයි. ටී.බී. ඒකනායක මහතා සංස්කෘතික රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටියදී වාහන අවභාවිතය සිදුව ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
2018-05-27T19:04:37.000Z
දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණයේ අලුත් ම තත්ත්වය.....
කාලගුණයේ අලුත් ම තත්ත්වය.....
COLOMBO (News 1st) : නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින පුරා ස්ථාපිත වී ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයින පුරා සහ දිවයින වටා සුළං තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි. මුහුද ආශ්‍රිතව සුළං තත්ත්වය ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිස්ත්‍රික්ක රැසකට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 43604 ක පුද්ගලයින් 166228 දෙනෙක් තවදුරටත් පීඩාවට පත්ව සිටිති. ආරක්ෂිත ස්ථාන 339 ක පවුල් 19519 කට අයත් පුද්ගලයින් 75013 දෙනෙකු රඳවා ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. නිවාස 118 කට පූර්ණ හානි සිදුව අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 5073 කි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවැසුවේ ව්‍යපාරික ස්ථාන 165 කට හානි සිදුව ඇති බවයි. පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් අතර තවත් පුද්ගලයෙකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අතුල ආරියරත්න මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.අජිත් නිශාන්ත මහතා පැවසුවේ ආපදා තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 12925 ක පුද්ගලයින් තවදුරටත් පීඩාවට පත්ව සිටින බවයි. ගම්පහ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ, අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දෙමාපියන්ගෙන් ලැබුණු ඉල්ලීම ද සලකා එම පියවර ගත් බවයි. මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක හටගත් ජල ගැලීම් තත්ත්වය මේ වන විට පහව යමින් ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා පවසයි. රත්නපුර දිස්ත්‍රික්කයේ අවතැන් කඳවුරු 15 ක් තුළ පවුල් 116 කට අයත් පුද්ගලයන් 400 කට ආසන්න පිරිසක් තවදුරටත් රඳවා ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ ය. පුත්තලම දිස්ත්‍රික් ලේකම් එම්. එච්. එම්. චිත්‍රානන්ද මහතා පැවසුවේ ආපදා තත්ත්වයෙන් වැඩි බලපෑමක් එල්ල වු පුත්තලම දිස්ත්‍රික්යේ කඳවුරු 93 ක පවුල් 4983 කට අයත් පුද්ගලයින් 20 දහසකට ආසන්න පිරිසක් රදවා ඇති බවයි. මේ අතර ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස හානිවූ පුද්ගලයින් සඳහා රුපයල් දහ දහසක අත්තිකාරම් මුදලක් ලබාදීමේ වැඩපිළිවෙල අද ආරම්භ වන බව ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් සිසිර කුමාර මහතා සඳහන් කළේ ය. මේ අතර නුවරඑළිය, කළුතර, ගාල්ල , කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ගතවූ පැය 24 තුළ එම ප්‍රදේශ වලට මිලිමීටර් 150 ඉක්මවු වැසි ලැබීම හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි. මේ අතර අදියර දෙක යටතේ ක්‍රියාත්මක අවධානයෙන් සිටීමේ නිවේදන දිස්ත්‍රික්ක 5 ක් සඳහා නිකුත් කළ බවද ඔහු ප්‍රකාශ කළේ ය.
2018-05-27T11:03:07.000Z
ශ්‍රීලංකන් ගුවන් යානයක් කොචින් ගුවන් තොටුපොළේදී සුළු අනතුරක
ශ්‍රීලංකන් යානයක් කොචින්හිදී සුළු අනතුරක
COLOMBO (News 1st) : ශ්‍රීලංකන් එයාර්ලයින් සමාගමට අයත් ගුවන් යානයක් ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපොළට ගොඩ බැස්වීමේදී ලිස්සායාමක් පිළිබඳව තොරතුරු වාර්තා වේ. සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැතැයි සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසී ය. වර්ෂාව සහ අධික සුළං තත්ත්වය යටතේ මෙම ගොඩබැස්සවීම සිදුව තිබේ. ගුවන් නියමුවන්ගේ දක්ෂතාව නිසා සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකි වූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. ගුවන් යානය ලිස්සායාම නිසා ධාවන පථයේ සවි කළ විදුලි සංඥා කිහිපයකට අලාභහානි සිදුව ඇතැයි වාර්තා වේ. යු.එල්. 167 දරණ ගුවන් යානය කොළඹ සිට කොචින් දක්වා පියාසර කළ අතර යානයේ මගීන් 228 දෙනෙකු සහ කාර්ය මාණ්ඩල සාමාජීකයින් 12 සිටි බව ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දිපාල් පෙරේරා මහතා පැවසී ය.
2018-05-27T10:40:34.000Z
තරග පාවා දුන් බව කියන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගැන තව ත් තොරතුරු මාධ්‍යයට නිකුත් වෙයි
තරග පාවා දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගැන තොරතුරක්
COLOMBO (News 1st) - මුදලට තරග පාවාදීම් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වාර්තාමය වැඩසටහනක් අල්ජසීරා රූපවාහිනී නාළිකාව අද ප්‍රකාශයට පත් කර තිබේ. මෙහි මුදලට තරග පාවාදීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකිකයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් ද තොරතුරු ඇතුළත් ය. අල් ජසීරා රූපවාහිනිය විසින් රහසිගත ලෙස තොරතුරු ගවේශනය කරමින් සිදු කළ මෙම සොයා බැලීමේදී අදාළ තොරතුරු අනාවරණ වී ඇති බව සඳහන් වේ. 2016 වසරේ ශ්‍රී ලංකා සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයත්, පසුගිය වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ගාල්ලේදී පැවැති තරගයේදීත් අදාළ ඔට්ටු තැබීම සිදු කර තිබේ. එම තරගවලදී ඔට්ටු තබන්නාට අවශ්‍ය වන පරිදි තණතීරුවේ ස්වභාවය වෙනස් කිරීම සඳහා රොබින් මොරිස් ලෙස හඳුන්වන පුද්ගලයා සම්බන්ධ කර ගෙන ඇත්තේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහකාර කළමනාකරු ලෙස සේවය කරන තරංග ඉන්දික සහ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තරිඳු මෙන්ඩිස් ය. මේ අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්වල ජීවන්ත කුලතුංග හා දිල්හාර ලොකුහෙට්ටිගේ යන ක්‍රීඩකයින් දෙදෙනා මේ අකාරයෙන් තරග පාවාදීම සහා වන සාකච්ඡාවකට සම්බන්ධ වන වීඩියෝ පටයක් අද අල්ජසීරා රූපවාහිනිය නිකුත් කළේ ය. මේ අතර අල්ජසීරා රූපවාහිනිය මගින් අද දිනයේදී රොබින් මොරිස් සහ පකිස්ථාන හිටපු ක්‍රීඩකයෙකු වන හසන් රාසා අතර තරග පාවාදීමක් සම්බන්ධයෙන් වන විඩියෝ පටයක් අන්තර් ජාලයට නිකුත් කර ඇත. අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසූවේ, ඉහත සිදුවීම විමර්ශනය සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට සහයෝගය ලබා දෙන බවයි. මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් සමග සාකච්ඡා කර ඇති බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් ය.
2018-05-27T10:20:29.000Z
දෙරණ සිනමා සම්මාන රාත්‍රියේදී වසරේ හොඳ ම නළුවා සහ නිළිය සම්මාන ද්විත්වයම ධර්මයුද්ධයට
'ධර්මයුද්ධය' දෙරණ සිනමා සම්මානයෙන් පිදුම් ලබයි..
COLOMBO (News 1st) - දෙරණ සිනමා සම්මාන රාත්‍රිය නෙළුම් පොකුණ රඟහලේදී අතිඋත්කර්ෂවත් ලෙස ඊයේ පැවැත් විය. එහිදී වසරේ හොඳම නළුවාට හා නිළියට හිමි සම්මාන ද්විත්වයම දිනා ගත්තේ ධර්මයුද්ධය සිනමා පටයයි. දෙරණ සිනමා සම්මාන උළෙල සඳහා 2017 වසරේදී විකාශය වූ චිත්‍රපට 23 ක් සලකා බැලිණි. එහිදී ජුරිය විසින් සම්මාන 20 ක් සහ ජනතාව විසින් සම්මාන 7 ක් නිර්දේශ කර තිබුණි. එහිදී වසරේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්තේ, 28 චිත්‍ර පටය යි. එම චිත්‍රපටය වෙනුවෙන් ප්‍රසන්න ජයකොඩි හොඳම අධ්‍යක්ෂණයට සහ හොඳම තිර රචනයට හිමි සම්මාන ද්විත්වයම දිනා ගත්තේ ය. 2017 වසරේ ජනකාන්ත චිත්‍රපටය වුයේ, ධර්මයුද්ධය චිත්‍රපටය යි. එම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජැක්සන් ඇන්තනී සහ දිල්හානි ඒකනායක හොඳම රංගන ශිල්පියා සහ ශිල්පිනියට හිමි සම්මාන දිනාගත්හ. ධර්ම යුද්ධය චිත්‍රපටයේ රඟ පෑ කුමාර තිරිමාදුර හොඳම සහය නළුවාට හිමි සම්මානයත් ඒ ලෙවල් චිත්‍රපටයේ රගපෑ උමාලි තිලකරත්නට හොඳම සහය නිළියට හිමි සම්මානයත් දිනා ගත්තා ය. ජනප්‍රියම නැගී එන රංගන ශිල්පිනිය වූයේ ද උමාලි තිලකරත්නයි. 06 වන දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන උළෙලේ ජනප්‍රියම රංගන ශිල්පියාට හිමි සම්මානය හේමාල් රණසිංහට හිමි වූ අතර ජනප්‍රියම රංගන ශිල්පිනිය ලෙස යුරේනි නොෂිකා සම්මානයට පාත්‍ර විය. හෙළ සිනමා විජිතයේ රාජිණිය ලෙස සැලකෙන මාලනී ෆොන්සේකා මහත්මියට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යාවජිව සම්මානය මෙහිදී පිරි නැමිණි.
2018-05-27T09:45:34.000Z
ගම්මැද්ද කප්පාච්චි ගම් වැසියන්ගේ පවස නිවා ලූ වගයි..!
ගම්මැද්ද කප්පාච්චි ගම් වැසියන්ගේ පවස නිවා ලූ වගයි!
COLOMBO (News 1st) - වව්නියාව, කප්පාච්චි ගම්මානයේ පවුල් 103 කට වැඩි පිරිසක්, යුද්ධයෙන් පසු මුහුණ දුන් ප්‍රධානම අභියෝගය වූයේ පානීය ජල ගැටලුවයි. ගම්මැද්ද මහජන සේවා ක්‍රියාන්විතය මීට වසරකට පෙර එම අභියෝගය භාර ගෙන අද ඊට ස්ථිර විසඳුම් ලබා දුන්නේ ය. නවලෝක පොලිසැක්ස් සමාගමේ සභාපති උපාලි ධර්මදාස මහතාගේ දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික සහයෙන් මෙම පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරිණි. වව්නියාව, කප්පාච්චි ගම්මානයේ වැසියන්ගෙන් වැඩි පිරිසක් දිවි සරි කර ගන්නේ, කුලී වැඩවල නිරත වීමෙනි. ජීවත්වීම සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම් කිසිවක් හරිහැටි නොමැති මේ ජනතාවට බීමට ජලය ගෙන ඒමට කිලෝමීටර් 6 ක් පමණ දුරක් යා යුතුව තිබිණි. එම ජලය ද බීමට තරම් සුදුසු නොවුයේ ලවන මිශ්‍රවීම නිසාවෙන් ය. මේ ගැටලුව අප හඳුනාගත්තේ ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතයේදී යි. මෙම ව්‍යාපෘතියට නායකත්වය ලබා දුන්නේ නිව්ස්ෆස්ට් කණ්ඩායමේ ක්‍රිස්ටිනා රත්නම් වේ. මේ අවස්ථාවට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් ඩී. පී ගමගේ, නිව්ස්ෆස්ට්, නව මාධ්‍ය අධ්‍යක්ෂ කන්දවේල් මයුරන්, ගම්මැද්ද ජාතික සංවිධායක කෙනෙත් වීරක්කොඩි ඇතුලු පිරිසක් ද එක්විය. ජනතාව විසින් නායකත්වය ලබාදෙන ඔබේ ගම්මැද්දෙන් තව ත් ව්‍යාපෘතියක් මෙසේ අද ජනතා අයිතියට පත් කෙරුණු වගයි.
2018-05-27T11:06:35.000Z
ජාලියට එරෙහිව අමෙරිකාවෙන් අධිචෝදනා ගොනු කිරීමට සැරසෙයි
ජාලියට එරෙහිව අමෙරිකාව අධිචෝදනා ගොනු කිරීමට සැරසේ
COLOMBO (News 1st) - අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට එරෙහිව එරට අධිකරණ දෙපාර්තමේන්තුව විසින් මුදල් විශුද්ධීකරණය යටතේ අධිචෝදනා නිකුත් කිරීමට සූදානම් වන බව සිය මුලාශ්‍ර මත පදනම්ව සන්ඩේ ටයිම්ස් පුවත්පත අද වාර්තා කළේ ය. අදාළ පරීක්ෂණ FBI ආයතනය හරහා සිදු කෙරෙන අතර අමෙරිකානු අධිකරණයක ජූරි සභාවක් විසින් ජාලිය වික්‍රමසූරියට එරෙහිව චෝදනා නිකුත් කිරීමට අනුමැතිය ලබාදී ඇති බව සඳහන් වේ. ඔහුට එල්ලවී ඇති චෝදනාව වන්නේ, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී රජයට අයත් අමෙරිකානු ඩොලර් තුන්ලක්ෂ තිස්දෙදහසක මුදලක් අවභාවිත කිරීමයි. මෙම චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වික්‍රමසුරිය මහතා මහාධිකරණය මගින් ඇප ලබා ගෙන මේ වන විට අධිකරණය මගහැරීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගන්නැයි, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ද වරෙන්තු නිකුත් කර ඇත. මේ අතර ජාලිය වික්‍රමසූරිය මහතාගේ තානාපති වරප්‍රසාද රජය විසින් අහෝසි කළ පසුබිමක තමන් තවමත් තානාපති වරප්‍රසාද දරණ අයෙකු බවට නියෝගයක් ඉල්ලා ජාලිය වික්‍රමසූරිය මහතා පසුගිය දා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළ අතර අධිකරණය එය ප්‍රතික්ෂේප කරනු ලැබීය. අනතුරුව ඒ සම්බන්ධයෙන් වික්‍රමසූරිය මහතා ‍ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ද පෙත්සමක් ඉදිරිපත්කරනු ලැබිණි. ජාලිය වික්‍රමසූරිය මහතා 2008 - 2014 කාලය තුළ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ අතර ඔහු ඊට පෙර අමෙරිකාවේ තේ ව්‍යාපාර සිදු කළ අයෙකි.
2018-05-27T09:18:17.000Z
බැරි වෙලාවත් එජාප ජනාධිපති අපේක්ෂකයා විදිහට ඔබතුමා යෝජනා කළොත්..?
එජාප ජනාධිපති අපේක්ෂකයා විදිහට ඔබතුමා යෝජනා කළොත්?
COLOMBO (News 1st) - ඉදිරි ජනාධිපති අපේක්ෂකයින් අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම කියවීම පිළිබඳව ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් මාධ්‍යවේදීන් දෙහිවලදී විමසූහ. මාධ්‍යවේදී ප්‍රශ්නය, දැන් ගෝඨාභය මහත්තයා පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂක විදිහට ඉදිරිපත් වෙන්න යනවා කියලා රාවයක් තියෙනවා. ඒ ගැන ඔබතුමා සෑහෙන්න දැඩි ලෙස එතුමාගේ තියෙන අඩුපාඩුත් එක්ක ඔබතුමා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරනවා. ඒ කියන්නෙ දැන් එක්සත් ජාතික පක්ෂයෙන් බැරි වෙලාවත් ඔබතුමා යෝජනා කළොත් එහෙම ජනාධිපති අපේක්ෂකයා විදිහට මොකද කරන්නෙ? තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ඔව් ඉතින් කට්ටියක් ගෝඨාභය රාජපක්ෂ ගේන්න ඕනෙ කියලා කියනවා. රටේ ජනතාවගෙ ඉල්ලීමක් එකපාරක් තිබුණා මාව ඒ තනතුරට ගේන්න නාමයෝජනා ගෙනාවා. ජනතාව මතින් එහෙම යෝජනාවක් වුණොත් අපි දේශපාලනඥයෝ හැටියට ඒවට මුහුන දෙනවා. ගෝඨාභය රාජපක්ෂට මම පුද්ගලිකව පහරදීමක් නෙමෙයි කරන්නෙ. දේශපාලනයේදී අපි දන්න දේවල් කියන්න ඕනෙ. අපි යමෙක් ගැන දන්නවා නම් එයාගෙ චරිතය, එයාගේ ගතිගුණ, එයාගේ ක්‍රියාකලාපය ජනතාව ඒවා ගැන දැනුවත් කරන එක තමයි අපේ රාජකාරිය.
2018-05-27T07:00:52.000Z
ගම්පහ කලාපයේ සියලු පාසල් හෙට වසා දැමේ
ගම්පහ කලාපයේ සියලු පාසල් හෙට වසා දැමේ
COLOMBO (News1st) : ගම්පහ අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ, අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්, දෙමාපියන්ගෙන් ලැබුණු ඉල්ලීම ද සලකා එම පියවර ගත් බවයි. හෙට දින නිවාඩුව වෙනුවට අතිරේක දිනයක පාසල් පැවැත්වෙනු ඇති. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, යළි ලබන බදාදා පාසල් සමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි.