date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-06-13T08:33:28.000Z
කෑගල්ල සමූපකාර සංවර්ධන කොමසාරිස්ට ඇසිඩ් ප්‍රහාරයක්
කෑගල්ල සමූපකාර සංවර්ධන කොමසාරිස්ට ඇසිඩ් ප්‍රහාරයක්
COLOMBO (News 1st) - කෑගල්ල සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු සිය කාර්යාලයේ සිටින අවස්ථාවේ අද පස්වරු 4.00 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු ඇසිඩ් ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇති බවයි. තුවාල ලැබූ සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා රෝහල්ගත කර කෙරිණි.
2018-06-13T08:01:51.000Z
මුම්බායිහි මහල් නිවාස සංකීර්ණයක ගින්නක්
මුම්බායිහි මහල් නිවාස සංකීර්ණයක ගින්නක්
දකුණු මුම්බායිහි මහල් නිවාස සංකීර්ණයක 33 වන මහලේ ගින්නක් හට ගෙන තිබේ. ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත අතර නිවැසියන් සහන සේවකයින් විසින් පුද්ගලයින් 90 දෙනෙකු පමණ බේරා ගනු ලැබ තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්ට අයත් නිවසක් ද එම මහල් නිවාස සංකීරණයේ පිහිටා ඇති බවයි. කෙසේ වෙතත් ගින්න හට ගත් අවස්ථාවේ 34 වන මහලේ පිහිටි නිවසේ ඇය සිට නොමැත. දීපිකාගේ නිවස එක් මහලක පිහිටා ඇති අතර ඇයගේ කාර්යාලය පිහිටා ඇත්තේ, ගොඩනැගිල්ලේ වෙනත් මහලකයි. එහෙත් ඇයගේ නිවසට හෝ කාර්යාලයට හානි සිදුව නොමැත. මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ගින්න නිවීම සඳහා ගිනි නිවීම් සේවා ක්‍රියා කරමින් සිටින බවයි. මේ අතර ට්විටර් පණිවුඩයක් නිකත් කරමින් පවසා ඇත්තේ, තමා ආරක්ෂිතව සිටින බවයි. I am safe.Thank You everyone.Let us pray for our firefighters who are at site risking their lives...🙏🏽 — Deepika Padukone (@deepikapadukone) June 13, 2018
2018-06-13T07:05:23.000Z
මාලදිවයින් හිටපු ජනපති සිපිරිගෙට
මාලදිවයින් හිටපු ජනපති සිපිරිගෙට
මාලදිවයින් හිටපු ජනාධිපති මයුමූන් අබ්දුල් ගයූම්ට මාස 18 ක සිරදඬුවමක් නියමකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එල්ල වී තිබූ නීතිය ක්‍රියාත්මක කිරීම අවහිර කිරීමේ චෝදනා වන්ට වරදකරු වීම හේතුවෙන් ඔහුට එලෙස දඬුවම් නියම කර ඇති බවයි. මාලදිවයින් අධිකරණය සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයාට අමතරව එරට අගවිනිසුරුවරයකු වූ අබ්දුල්ලා සයීඩ් සහ විනිසුරුවරයකු වූ අලි හමීඩ්ට ද මාස 18 ක සිරදඬුවම් නියම කර ඇති බවයි. පොලිස් විමර්ශන සඳහා සිය ජංගම දුරකථන ලබාදීම ප්‍රතික්ෂේප කිරීම එම විනිසුරුවරු දෙදෙනාට එරෙහි චෝදනාවයි. මේ අතර ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසන්නේ, මෙය පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමේ අරමුණින් ලබාදී ඇති තීන්දුවක් බවයි.
2018-06-13T06:31:11.000Z
නෙබියුලයිස් කිරීමට යොදා ගන්නා දියර ඖෂධ නියාමන අධිකාරියට
නෙබියුලයිස් කිරීමට යොදා ගන්නා දියරයේ විෂබීජ
COLOMBO (News 1st) - රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කළ නෙබියුලයිස් කිරීමට භාවිත කරන දියරයේ සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යවා ඇති බව වෛද්‍ය සැපයුම් අංශය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ, එම දියරයේ විෂබීජ ඇති බව තහවුරුවීමත් සමග එම පියවර ගත් බවයි. නෙබියුලයිස් කිරීම සඳහා භාවිත කරන එම දියරය වෙනුවට මේ වනවිට ආදේශක භාවිත කරන බව ද ඔහු සඳහන් කළේ ය. වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පැවසුවේ, කඩිනමින් ඒවා මිලදී ගෙන වෛද්‍ය සැපයුම් අංශයට ලබාදෙන ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දැනුම් දී ඇති බවයි. කරාපිටිය සහ රිජ්වේ ආර්යා ළමා රෝහල්වල සිදුකළ පරීක්ෂණවලදී අදාළ දියරයේ විෂබීජ ඇති බව තහවුරුවීමත් සමග ඊයේ සිට එය රජයේ රෝහල්වල භාවිතය තහනම් කෙරිණි. අදාළ ඖෂධය මෙරටට ගෙන්වා ඇත්තේ පකිස්ථානයෙනි.
2018-06-13T05:42:21.000Z
මාකඳුරේ මදුෂ්ගේ ප්‍රබල සහයකයින් තිදෙනෙකු අත්අඩංගුවට
මදුෂ්ගේ ප්‍රබල සහයකයින් තිදෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මදුෂ්ගේ ප්‍රබල සහායකින් තිදෙනෙකු කඩුගන්නාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මහනුවර පොලීසිය කළ වැටලීමකදීයි. කඩුගන්නාව ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. ඔවුන් සන්තකයේ තිබී රුපියල් ලක්ෂයක මුදලක් ද සොයා ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ අරඹා ඇත.
2018-06-13T02:51:45.000Z
සිංහරාජයට ම සිටින අලි දෙදෙනාව හොරොව්පතාන රක්ෂිතයට මුදා හැරීමට නියෝග
සිංහරාජයේ අලි දෙදෙනාව හොරොව්පතානට මුදාහැරීමට නියෝග
COLOMBO (News 1st) - සිංහරාජ වනාන්තරයේ සිටින වන අලි දෙදෙනා හොරව්පතාන රක්ෂිතයට මුදා හැරීමට වනජීවී අමාත්‍යවරයා කළ නියෝගයට පරිසර සංවිධාන දැඩි විරෝධය පළ කරයි. පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ මහතා ප්‍රකාශ කළේ, අදාළ නියෝගය වළක්වන්නැයි ඉල්ලමින් අද ජනාධිපතිතුමාට ලිපියක් යොමු කළ බව ය. ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ මේ වන විට දිවි ගෙවන්නේ මෙම වන අලි දෙදෙනා පමණි. එම අලි තෙත් කලාපීය පරිසර පද්ධතිවලට හුරුවූවන් ය. කෙසේ වෙතත් එම අලි දෙදෙනා සිංහරාජ මායිමේ පිහිටි ගම්මානලට කඩා වැදී ජීවිත හා දේපල හානි රැසක් සිදු කර තිබිණි. වනජීවී අමාත්‍යවරයා අලි දෙදෙනා හොරව්පතාන රක්ෂිතයට මුදා හරින ලෙස නියෝග කර ඇත්තේ ඉන් අනතුරුව ය. අමාත්‍යවරයාගේ නියෝගය අනුව දකුණු හා ඌව පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලය මෙම අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුමක් මේ වන විට ආරම්භ කර තිබේ. දකුණු හා ඌව පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්ත විමලදාස මහතා ප්‍රකාශ කළේ, අලි දෙදෙනා අල්ලා ගැනීමට තවත් දින 2ක් පමණ ගත විය හැකි බව ය. කෙසේ වෙතත් අලි දෙදෙනා ඇල්ලීමෙන් පසුව කුමන ප්‍රදේශයකට යොමු කරන්නේ දැයි මෙතෙක් තමන්ට නියෝගයක් නොලැබුණු බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
2018-06-13T02:29:37.000Z
භූමිතෙල් මිල පහළ ගියත් තවමත් පැරණි මිලට ම
භූමිතෙල් මිල පහළ ගියත් තවමත් පැරණි මිලට ම
COLOMBO (News 1st) - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් මිල රුපියල් 70ක් දක්වා අඩු කිරීමට රජය නිවේදනය කළ ද තවමත් පැරණි මිලට භූමිතෙල් අලෙවි කරන බව වාර්තා වේ. සිය බෝට්ටු සඳහා භූමිතෙල් මිලදී ගැනීමට වැලිගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට අද උදෑසන පැමිණි ධීවරයින් මෙලෙස පැරණි මිලට භූමිතෙල් මිලදී ගැනීමට සිදු විය. මේ පිළිබඳව කළ විමසා බැලීමේදී පිරවුම්හලේ අයිතිකරු ප්‍රකාශ කළේ, මිල අඩු කිරීම පිළිබඳව ඉන්ධන සංස්ථාව විසින් තමන්ව දැනුවත් කර නොමැති බව ය. පසුව ඔහු නැවතත් පැමිණ ධීවරයින් හට ප්‍රකාශ කළේ, සුළු වේලාවකට පෙර ඉන්ධන සංස්ථාව විසින් භූමිතෙල් මිල අඩු කිරීම පිළිබඳව තමන් දැනුවත් කළ බව ය. මේ අතර හලාවත, ජම්බුවත්ත ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට පැමිණි ධීවරයින්ට ද භූමිතෙල් මිලදී ගැනීමට සිදු වුණේ, පැරණි මිලටම ය.
2018-06-13T00:42:02.000Z
කොදෙව් සංචාරය අතරතුර ඇන්ජලෝ මැතිව්ස් හා ළහිරු ගමගේ දිවයිනට
ඇන්ජලෝ මැතිව්ස් හා ළහිරු ගමගේ දිවයිනට
COLOMBO (News 1st) - තරග 3කින් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් පෞද්ගලික හේතුවක් මත හා ළහිරු ගමගේ ආබාධයකට ලක් වීමෙන් යළි දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ දිවයිනට පැමිණෙන්නේ, ඔහු පළමු තරගය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙනි. ඒ අනුව ඔවුන් දෙදෙනා වෙනුවට ධනුෂ්ක ගුණතිලක හා දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට කෙදෙව් දූපත් කරා අද රාත්‍රියේ පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
2018-06-13T00:15:47.000Z
කිරිවෙහෙර විහාරාධිපති හිමියන් වැඩිදුර ප්‍ර‍තිකාර සඳහා කොළඹට
කිරිවෙහෙර විහාරාධිපති හිමි කොළඹට
COLOMBO (News 1st) - වෙඩි ප්‍ර‍හාරයකට ලක්වී තුවාල ලැබූ කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් අද වැඩිදුර ප්‍ර‍තිකාර සඳහා ගුවන් මගින් කොළඹට රැගෙනවිත් තිබේ. කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් වෙඩි ප්‍ර‍හාරයට ලක් ව තිබුණේ ඊයේ රාත්‍රී 10.45 ට පමණ ය. විහාරාධිපති හිමියන් තව ත් හිමිනමක් සමග කිරිවෙහෙර වැඳපුදාගෙන නැවත විහාර පිවිසුමට පැමිණෙමින් සිටි අවස්ථවේදී වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණි. පොලීසය සැකකෙරෙන්නේ, විහාර පිවිසුමේ පියගැට පෙළ අසළදී ධම්මින්ද හිමියන් ඉලක්ක කර එල්ල කළ වෙඩි ප්‍ර‍හාරය, අවම වශයෙන් එම ස්ථානයට යාර 30 ක වත් දුරින් එල්ල කළ එකක් බවයි. තුවාල ලැබූ හිමිවරුන් පළමුව දෙබරවැව ‍රෝහලටත් ඉන්පසුව හම්බන්තොට මහ රෝහලටත් ඇතුළත් කෙරිණි. එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍ර‍තිකාර ලැබූ කිරිවෙහෙර රජ මහා විහාරාධිපති හිමියන්, වැඩිදුර ප්‍ර‍තිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ගුවනින් රැගෙන එනු ලැබීය. හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ධනුෂ්ක පෙරේරා මහතා පැවසුවේ, තුවාල ලැබු අනෙක් හිමිනමගේ තත්ත්වය බරපතළ නොවන බවයි. මුහුණු ආවරණය කරගෙන රතුපැහැති ජීප් රථයකින් පැමිණි තිදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ. පොලීසිය පැවසුවේ, විහාර පියගැට පෙළ ආසන්නයේ හිමිනමගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ද එය තහවුරු කර ඇති බවයි. සැකකරුවන් ලුහුබැඳ ගිය ද ඔවුන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක නිලධාරීන්ට හැකිවී නොමැත. ජීප් රථයේ අංකය සටහන් කරගත් ඔවුන් එය පොලීසියට ලබාදීමෙන් අනතුරුව ආරම්භ කළ විමර්ශනවලදී විහාරස්ථානයට පිටුපස මැණික් ගඟ ඉවුරේ නිවසක තිබී ජීප් රථය සොයා ගැනිණි. එය කිරිවෙහෙර මහසෙන් දේවාලයේ හිටපු කපුමහතාට අයත් ජීප් රථයක් බව තහවුරු කරගත් පොලීසිය ඒ අනූව විමර්ශන ඉදිරියට ගෙන ගියේ ය. එහිදී අනාවරණ කරගත් තොරතුරු අනූව, මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි සැකකරන්නේ, මීට වසරකට පමණ පෙර මහසෙන් දේවාලයේ කපු මහතා ලෙස සේවය කළ පුද්ගලයා සහ ඔහුගේ සහාකයින් දෙදෙනෙකි. ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, 2014 වසරේ දී කොබවක ධම්මින්ද හිමියන් කිරිවෙහෙර විහාරාධිපති තනතුරට පත් වූ පසු කතරගම මහසෙන් දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් කපුමහතා සමග ගැටලුවක් ඇති කරගෙන ඇති බවයි. වසරකට පමණ පෙර එහි අයිතිය අධිකරණ තීන්දුවක් මගින් කිරිවෙහෙරට පවරාගෙන ඇති අතර මහසෙන් දේවාලයට නව කපුමහතෙකු පත්කර ඇත.
2018-06-12T22:28:33.000Z
කොරියාවේ කිසිදු හමුදා අභ්‍යාසයක් මින් පසු සිදු නොකරන බවට පෙන්ටගනය තහවුරු කරයි
කොරියාවට සැලකිය යුතු සහනයක්
COLOMBO (News 1st) - කොරියානු අර්ධ ද්වීපය තුළ කිසිදු හමුදා අභ්‍යාසයක් මින් පසු සිදු නොකරන බවට පෙන්ටගනය යළිත් තහවුරු කර තිබේ. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රමප් අතර ඓතිහාසික හමුව ඊයේ සිංගප්පූරුවේදී පැවැත්විණි. දෙරටේ නායකයින් පසුව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, මෙම හමුව ඉතා සාර්ථක වූ බව ය. මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ එක් සුවිශේෂී කාරණාවක් වූයේ මේ වන විට අමෙරිකාව, කොරියානු අර්ධ ද්වීපය තුළ පවත්වන හමුදා අභ්‍යාසයන් අත්හිටුවන බවට ජනපති ට්‍රම්ප් නිවේදනය කිරීම යි. ඒ පිළිබඳව අදහස් දක්වමින් පෙන්ටගනය අද නිවේදනය කර ඇත්තේ, අමෙරිකානු ජනාධිපතිවරයා කළ එම නිවේදනය යළිත් තහවුරු කරන බව ය. මෙය උතුරු කොරියාවට සැලකිය යුතු සහනයක් බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ අතර උතුරු කොරියානු මාධ්‍ය නිවේදනය කළේ, අමෙරිකාවට පැමිණෙන ලෙසට ජනපති ට්‍රම්ප් කළ ආරාධනය නායක කිම් ජොන් උන් පිළිගෙන ඇති බව ය. ඊයේ පැවති හමුවේදී අමෙරිකානු ජනපති හට පහසු වේලාවක ප්යොන්ග්යැන් වෙත පැමිණෙන ලෙස ද නායක කිම් ජොන් උන් ආරාධනා කළේ ය. නායක කිම් ජොන් උන් ඊයේ පැවති හමුවෙන් පසු සිදු කළ ප්‍රථම ප්‍රතිචාරය ලෙස දැක්වෙන්නේ, එකිනෙකාට එරෙහිව පැවැත්වෙන කරදරකාරී සහ සතුරු හමුදා ක්‍රියාකාරකම් වහාම නවතා දැමීමට කටයුතු කළ යුතු බව ය. දෙරට අතර ප්‍රතිවිරෝධීතාවන් වැළක්වීමට දෙපාර්ශවයම කැපවිය යුතු බවත් එය තවදුරටත් තහවුරු කිරීම සඳහා නීතිමය පියවරයන් ගත යුතු බවත් නායක කිම් ජොන් උන් පවසා ඇති බව විදෙස් වාර්තාහි දැක්වේ.
2018-06-12T22:01:52.000Z
තැපැල් සේවක වැඩ වර්ජනයට තවත් වෘත්තීය සමිතියක් එක්වෙයි
තැපැල් සේවක වර්ජනයට තවත් වෘත්තීය සමිතියක් එක්වෙයි
COLOMBO (News 1st) - තැපැල් සේවක වැඩ වර්ජනයට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තවත් වෘත්තීය සමිතියක් එක් වී තිබේ. ඒ අනුව වැඩ වර්ජනයට එක්ව ඇත්තේ, තැපැල් හා විදුලි සංදේ‍ශ නිලධාරීන්ගේ සංගමය යි. එම සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ. කාරියවසම් මහතා පැවසුවේ, බඳවා ගැනීමේ පටිපාටිය විධිමත් කරන තෙක් වැඩ වර්ජනයේ නිරත වන බව ය. තම වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් ඊයේ පස්වරුව වන විට ලිපි ලක්ෂ 10කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බව තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසයි. එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, බඳවා ගැනීම් පටිපාටියට විරෝධය පළ කරමින් තැපැල් සේවකයින් පෙරේදා පස්වරුවේ සිට වර්ජනය ආරම්භ කළ බව ය.
2018-06-12T20:35:23.000Z
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
COLOMBO (News 1st) - දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සියලු දුම්රිය ධාවනය ප්‍රමාදයක් හටගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. එහි නිලධාරියෙකු සඳහන් කළේ, පොල්ගහවෙල සිට කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් අඹේපුස්ස සහ අලව්ව අතරදී එලෙස කාර්මික දෝෂයකට ලක් වූ බව ය. එම දුම්රිය මේ වන විට වෙනත් දුම්රියක් මාර්ගයෙන් අඹේපුස්ස දුම්රිය ස්ථානය දක්වා රැගෙන විත් ඇති බව ද පාලක මැදිරිය සඳහන් කළේ ය.
2018-06-12T19:52:21.000Z
ශ්‍රීලංකන් අක්‍රමිකතා සෙවීමට පත් කළ ජනපති කොමිසමට ගුවන් නියමුවන් 3 දෙනෙක් 
ගුවන් නියමුවන් 3 දෙනෙක් ජනපති කොමිසම හමුවට
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ්‍රීලංකන් කේටරින් සේවයේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සාක්ෂි විමසීම සඳහා අද ගුවන් නියමුවන් 3 දෙනෙකු කැඳවා තිබේ. කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේ, සාක්ෂි විභාගය අද උදෑසන 10.00 ට ආරම්භ කිරීමට නියමිත බව ය. මීට පෙර කොමිසම සමාගම් රෙජිස්ටාර් ජනරාල්වරයාගෙන් හා සමාගම් රෙජිස්ටාර් අංශය භාර කළමනාකරණ සහකාරවරයාගෙන් මිහින් ලංකා හා ශ්‍රීලංකන් කේටරින් ආයතනය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගත්තේ ය. මේ අතර, ශ්‍රීලංකන්, මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ්‍රීලංකන් කේටරින් සේවයේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වන විට මහජන පැමිණිලි 44කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, පැමිණිලිවලට අදාළ විමර්ශන කටයුතු සඳහා විශේෂ කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක බව ය. නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතාගේ ප්‍රධානත්වයෙන් නිතී කණ්ඩායමක් පත් කර ඇති අතර විමර්ශන සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද යොදවා තිබේ. ශ්‍රීලංකන්, මිහින් හා ශ්‍රීලංකන් කෙටරින් යන ආයතවල සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් පෙබරවාරි 14 වන දා විශේෂ කොමිසමක් පත් කළේ ය. ශ්‍රීලංකන් එයාලයින්, සීමා සහිත ශ්‍රීලංකන් කේටරින් සහ සීමාසහිත මිහින් ලංකා සමාගම්වල 2006 ජනවාරි මස 06 වන දින සිට 2018 ජනවාරි 31 දක්වා වූ කාලය තුළ සිදුවූවා යැයි සැලකෙන අක්‍රමිකතා පිළිබඳව විමර්ශන හා පරීක්ෂා කර වාර්තා කිරීම මෙම ජනාධිපති කොමිසමේ කාර්යභාරය වේ.
2018-06-12T19:18:03.000Z
UPDATE: කතරගම කිරිවෙහෙර රජ මහා විහාරයේ විහාරාධිපති හිමියන්ට වෙඩි ප්‍රහාරයක්
කිරිවෙහෙරේ විහාරාධිපති හිමියන්ට වෙඩි ප්‍රහාරයක්
COLOMBO (News 1st) UPDATE: කතරගම කිරිවෙහෙර රජ මහා විහාරයේ විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් පැමිණි මෝටර් රථය සොයා ගෙන තිබේ. සිද්ධිය පිළිබඳ විමර්ශනයට පොලිස්පති නියමයෙන් කණ්ඩායම් 8ක් පත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ----------------------------------------------------------------------------------------------------------------------------------------- නාදුනන තුවක්කුකරුවන් කළ වෙඩි තැබීමකින් කතරගම කිරිවෙහෙර රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් සහ තවත් හිමිනමක් තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, කිරිවෙහෙර පුද බිමේදී ඊයේ රාත්‍රී 11.00ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බව ය. තුවාල ලැබූ ධම්මින්ද හිමියන් හා අනෙක් හිමිනම දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබේ. වෙඩි තැබීමට තුවක්කුකරුවන් තුන් දෙනෙකු පැමිණ ඇති අතර වෙඩි තැබීමෙන් අනතුරුව ඔවුන් මෝටර් රථයකින් පළා ගොස් තිබේ. කිරිවෙහෙර නායක හිමියන් හා අනෙක් හිමිනම කිරිවෙහෙර වැඳ පුදාගෙන ආපසු එමින් සිටියදී වෙඩි තැබීම කර ඇති බව පරීක්ෂණවලදි හෙළිවූ බව පොලීසිය සඳහන් කළේ ය. මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබේ.
2018-06-12T10:47:52.000Z
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් දෙදෙනෙකුගේ වැටුප් හදිසියේ වැඩි කළේ කාගේ අවශ්‍යතාවක් මතද?
ක්‍රිකට් නිලධාරීන්ගේ පඩි වැඩි කළේ කාගේ වූවමනාවට ද?
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැටුප හදිසියේ වැඩිකර තිබේ. මේ ඒ පිළිබඳ අනාවරණයක්... ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති,තිලංග සුමතිපාල, ගාල්ල ක්‍රීඩාංගණයේ අල් ජසීරා එක ගියාම ඒකත් මාව පටලවා ගන්නවා මම දන්නේ ඒක අවාම. ඊට පස්සේ අර ප්‍රේමසිරි මරපු එක ගේනවා සිරස නාලිකාවේ නිව්ස්වලට ස්පෝර්ට්ස් එකේ ගෙනවා කෙලින්ම ප්‍රේමසිරි මරපු එකේ අල් ජසීරා එකේ වාර්තාව අනුව මොකක්ද ළමයෙක් දාපු නැති මොකක්ද එකක්. ප්‍රේමසිරි මගේ මිත්‍රයා මම ඔහුව ඝාතනය කරපු එක ගැන කනගාටු වනවා. ප්‍රේමසිරිලා අපි අවුරුදු ගානක එකට ක්‍රිකට් ගහපු අය. අල් ජසීරා එකේ රිපෝට් එක අරන් කියනවා ප්‍රේමසිරි මරලාත් ඇත්තේ පිච් ෆික්සිං හින්ද ද දන්නේ නැහැ කියලා. ඒ වගේ පහත් මට්ටමේ ඒ වගේ දේවල් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. සිරස ආයතනයට මගේ ගෟරවයක් තියෙනවා. ඒ හැම එක්කානම එහෙම නැහැ. හැබැයි මම කියන්න එනේ ඒවා බොහොම පහත් වැඩ ඒ මරනෙයි මගේ සම්බන්දේ මොකක්ද. අපේ සම්බන්දේ මොකක්ද මෙම ප්‍රකාශය සිදු කරන අවස්ථාව වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ක්‍රිකට් ආයතන නිලධාරීන් දෙදෙනෙකුගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කර තිබුනේ මැයි මස 28 වැනි දා පස්වරු 3.00 ට පැවැති විධායක කමිටු රැස්වීමට එක් වෙමිනි. එහිදී ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ වැටුප 30% කින් හා ප්‍රධාන විධායක මෙහෙයුම් නිලධාරීයාගේ වැටුප 15 % කින් ඉහළ දැමීමට තීරණය කර තිබුණි. මෙම කටයුත්ත සිදු වන්නේ අදාළ නිලධාරීන් දෙදෙනා ද මෙම කමිටු රැස්වීමට එක් ව සිටින අවස්ථාවකයි. සිය කාලසීමාව අවසන්වීමට දින 3 කට ආසන්න කාලයක් තුළ මෙලෙස කඩිනමින් වැටුප් වැඩි කිරීමක් සිදු කීරීමට කටයුතු කරනු ලබන්නේ කාගේ උවමනාවක් මත ද? 163 දෙනෙකුට ආසන්න සේවකයින් පිරිසක් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වසර 3 කට ආසන්න කාලයක් තුළ වැටුප් වර්ධකයක් ලබාදීමට කටයුතු කර නොමැත. මෙවැනි තත්ත්වයක් හමුවේ නිලධාරීන් දෙදෙනෙකුගේ පමණක් මෙලෙස හදිසියේ විධායක කමිටු සාකච්ඡාවකදී වැටුප් වර්ධක ලබාදීමට කටයුතු කළේ කාගේ අවශ්‍යතාවක් මත ද? මෙවැනි කටයුතු කොතරම් දුරට සදාචාරාත්මක ද යන්න අප හමුවේ ඇති ගැටලුවයි. ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට...
2018-06-12T09:31:54.000Z
පාඩු ලබන තත්ත්වයට ජාතික ගුවන් සේවය පත්කර දැන් වරප්‍රසාද ඉල්ලන විධායක නිලධාරියා ඉල්ලන මුදල කිය ද?
වරප්‍රසාද ඉල්ලන විධායක නිලධාරියා ඉල්ලන මුදල කිය ද?
COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ පාලනය ජාතික ගුවන් සේවයට සිය ඥාති සහෝදරයා පත්කර අවසානයේ 2015 වසර වනවිට සමාගම රුපියල් බිලියන 16.3 ක් පාඩු ලබන තත්ත්වයට පත් ව තිබේ. 2015 බලයට පැමිණි වත්මන් යහපාලන රජය බලයට පත් වූ පසුව අගමැතිවරයාගේ මිත්‍ර අජිත් ඩයස් මහතා සභාපති ධූරයටත් අගමැති උපදේශක චරිත රත්වත්තේ මහතාගේ සහෝදරයා වූ සුරේන් රත්වත්තේ මහතා ප්‍රධාන විධායක නිලධාරි ධූරයටත් පත් කළේ ය. මිතුරු පරිපාලනය තුළ සමාගම පසුගිය වසර වනවිට ලැබූ පාඩුව රුපියල් බිලියන 28.5 කි. ප්‍රධාන විධායකගේ පත්කිරීමට එවක අධ්‍යක්ෂ මණ්ඩලය එකඟනොවූ අතර මාස 6 කට පත්කර පසුව අරලියගහ මන්දිරයෙන් පැමිණි නියෝග මත ඔහුගේ සේවය ද ස්ථිර කර තිබුණි. මෙසේ සේවය ස්ථිර කෙරුණේ අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරය රත්වත්තේ මහතා ප්‍රධාන විධායක ධූරයේ කටයුතු කිරීම අත්හිටුවන්නැයි නියෝග කළ පසුබිමකයි. දැන් සමාගමේ වංචා දූෂණ ගැන ජනාධිපති කොමිසමක් පත්කර පරීක්ෂණ ක්‍රියාත්මක වේ. මෙසේ තිබියදී ප්‍රධාන විධායක ධූරයෙන් කල්තියා විශ්‍රාම ගැනීමට සුරේන් රත්වත්තේ මහතා කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කර ඇත. මාස 6 ක වැටුප බදු ඇතුළත්ව ලබාදිය යුතු බව ඉන් ප්‍රධාන කොන්දේසියකි. වසරක කාලයක් ඕස්ට්‍රේලියාවට යාමට ඒමට වලංගු ගුවන් ටිකට් පත් ලබාගැනීම ඇතුලු පහසුකම් රැසක් මේ මගින් ඉල්ලා ඇත. දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයට ජාතික ගුවන් සේවය පත්කර දැන් වරප්‍රසාද ඉල්ලන ප්‍රධාන විධායක නිලධාරියා ඉල්ලා සිටින මුදල කොපමණ ද? ඔබේ අදහස අපට කියන්න. ඔබ සිතන මුදල NEWS (හිස්තැනක්) මුදල සඳහන් කර 7788 SMS කරන්න. නැතහොත් අපගේ Facebook පිටුවට හෝ වෙබ් අඩවියට පිවිසෙන්න. මේ පිළිබඳව විශේෂ අනාවරණයක් හෙට.
2018-06-12T08:57:25.000Z
මේ විද්‍යානුකූල ලෙස නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම ද?
මේ විද්‍යානුකූල ලෙස නි. අමාත්‍යවරුන් පත් කිරීම ද?
COLOMBO (News 1st) - රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙකු ජනපති ඉදිරියේ දිව්රුම් දී තිබේ. එහිදී ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරය මාතලේ රංජිත් අළුවිහාරේ මහතාට හිමි විය. හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරය හිමි වූයේ, කාදර් මස්තාන් මහතාට යි. මේ විද්‍යානුකූල ලෙස නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම ද?
2018-06-12T11:24:53.000Z
රාජ්‍ය නිලධාරීන්ට වසර 05 කට වරක් වාහන ආනයනයට තීරුබදු සහන
රාජ්‍ය නිලධාරීන්ට මිලියන 3.6 ක් දක්වා තීරුබදු සහන
COLOMBO (News 1st) - විධායක ශ්‍රේණියේ, රාජ්‍ය නිලධාරීන් සඳහා වසර 05 කට වරක් වාහන ආනයනය සඳහා තීරුබදු සහන ලබාදීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ. මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, පසුගිය 09 වන දා සිට බලපැවත්වෙන පරිදි එම බදු සහනය ලබාදීමේ චක්‍රලේඛය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අත්සනින් නිකුත් කර ඇති බවයි. මේ යටතේ, රුපියල් මිලියන 3.6 ක් දක්වා තීරුබදු සහන හිමිවනු ඇති.
2018-06-12T07:50:51.000Z
වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 26 ක් අත්අඩංගුවට
මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 26 ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - වලංගු වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොම්පඤ්ඤ වීදිය, ජස්ටිස් අක්බාර් වීදියේදී අද එම පිරිස අත්අඩංගුවට ගත් බවයි. සංචාරක වීසා මත දිවයිනට පැමිණ ඇති මෙම පුද්ගලයින්ගේ වීසා කාලසීමව ඉක්ම ගොස් ඇති බව විමර්ශනවලදී හෙළි විය. අත්අඩංගුවට පත් චීන ජාතිකයින් පිරිස මිරිහාන සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානය වෙත යවා ඇත. ආගමන විගමන පනත අනුව ඔවුන් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2018-06-12T07:13:59.000Z
ලබන මස සිට නව ඉන්ධන විශේෂයක් වෙළෙඳපොළට
ලබන මස සිට නව ඉන්ධන විශේෂයක් වෙළෙඳපොළට
COLOMBO (News 1st) - ලබන මස සිට අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් නව ඉන්ධන විශේෂයක් වෙළෙඳපොළට හඳුන්වාදීමට පියවර ගන්නා බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. සුපිරි ඩිසල් හා ඔක්ටේන් 95 පෙට්‍රල් වෙනුවට මෙම ඉන්ධන විශේෂය හඳුන්වාදෙන අතර EURO 4 නමින් එම ඉන්ධන වර්ගය හඳුන්වා දෙන බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ ය. එය පරිසර හිතකාමි ඉන්ධන විශේෂයක් බව ද ලේකම්වරයා සඳහන් කර තිබේ. මෙට්‍රික් ටොන් 15,000 ක නෞකාවක් ලබන මාසයේ මෙරටට ළඟාවීමට නියමිත වේ. ඩිසල් සහ පෙට්‍රල් නව ඉන්ධන විශේෂයෙන් හඳුන්වාදීමට නියමිත ය. ඔහු සඳහන් කළේ, දැනට මෙරට භාවිත කරන ඉන්ධන මගින් පරිසරයට හානි කරන වායුන් පිට වන බවයි. හඳුන්වාදෙන ඉන්ධන විශේෂයෙන් පරිසරයට හානි කරන අපද්‍රව්‍ය පිටවීම අවම වන බව ලේකම්වරයා සඳහන් කළේ ය. යුරෝපා කොමිසම විසින් එම ඉන්ධන විශේෂය භාවිතා කරන ලෙස ඉල්ලීමක් කර ඇත. පාරිභෝගිකයාගේ කැමැත්ත අනුව සියලු වාහන සඳහා එම ඉන්ධන භාවිතා කර හැකියි. දැනට වෙළෙඳපොළේ භාවිත කරන ඉන්ධන නතර කිරීමට අදහසක් නොමැති බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.
2018-06-12T05:01:32.000Z
පහරදීමක් හේතුවෙන් උඩපළාත ප්‍රා. සභාවේ සභාපති සහ මන්ත්‍රීවරයෙකු රෝහලට
උඩපළාත ප්‍රා. සභාවේ සභාපති සහ මන්ත්‍රීවරයෙකු රෝහලට
COLOMBO (News 1st) - පහරදීමක් හේතුවෙන් ගම්පොල, උඩ පළාත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා රෝහල් ගත වී තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙකු ද රෝහල් ගතවී ඇති බව ය. දෙදෙනා අතර ගැටුමක් හටගෙන ඇති බවත් අනතුරුව පසුව ඔවුන් දෙදෙනා රෝහල් ගතවී ඇති බව ත් පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, දෙදෙනාම පොලීසියට පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ය.
2018-06-12T03:13:27.000Z
හිටපු ධීවර ඇමති සරත් කුමාර ඇතුළු 6කට අධිචෝදනා
හිටපු ධීවර ඇමති සරත් කුමාර ඇතුළු 6කට අධිචෝදනා
COLOMBO (News 1st) : හිටපු ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ, අද අධිචෝදනා භාර දී තිබේ. මොවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා වන්නේ, පසුගිය ජනාධිපතිවරණ සමයේ ධීවර වරාය නීතිගත සංස්ථාවට අයත්, රුපියල් දශලක්ෂ අනූ දහසක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙනි. අද දින මෙම නඩුව කැඳවනු ලැබුවේ, කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේයී. මෙහිදී රුපියල් 25000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප මත විත්තිකරුවන් මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය. නඩුව ලබන මස 23 වන දින යළි කැඳවීමට නියමිතයි.
2018-06-12T02:00:59.000Z
ඇමති රංගේ බණ්ඩාරගේ පුත්‍රයා යළිත් රිමාන්ඩ්
ඇමති රංගේ බණ්ඩාරගේ පුත්‍රයා යළිත් රිමාන්ඩ්
COLOMBO (News 1st) : රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර ලබන 14 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුගිය 8 වැනි දා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පැමිණි නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඔහු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස එදින නියෝගක් නිකුත් කළේ ය. එදින අලුයම පොලීසිය විසින් යශෝධ රංගේ බණ්ඩාර අත්අඩංගුවට ගනු ලැබුවේ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. ඒ, රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණය, බීමත්ව රිය පැදවීම, රිය අනතුරක් සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ ය. යශෝධ පැදවූ කැබ් රථයක් ආරච්චිකට්ටුව කෝට්ටපිටිය මංසන්ධියේදී අනතුරට ලක් වීමෙන් ඔහු ඇතුළු පුද්ගලයින් 4 දෙනෙක් තුවාල ලැබූහ. එහිදී කැබ් රථය තාප්පයකට හානි කරමින් නිවසක් වෙතට ධාවනය වී ඇති බව පොලීසිය පැවසී ය. අනතුර සිදු වූ අවස්ථාවේ යශෝධ රංගේ බණ්ඩාර මහතා ගමන් කළ කැබ් රථයේ තිබී කඩුවක් ද සොයා ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
2018-06-12T02:13:28.000Z
රාජකීය විද්‍යාලය ජනාධිපති කුසලාන රග්බි තරගාවලියට සහභාගී නොවීමට තීරණයක්
රාජකීයයන් ජනපති කුසලාන රග්බි තරගාවලියට නැහැ
COLOMBO (News 1st) - මෙවර අන්තර් පාසල් ලීග් රග්බි ශූරයින් වූ කොළඹ රාජකීය විද්‍යාලය මෙවර ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියට සහභාගී නොවීමට තීරණය කර තිබේ. අපරාජිතව ලීග් රග්බි කිරුළ දිනූ සාබිත් ෆෙරෝස්ගේ නායකත්වයෙන් යුත් රාජකීයන් අවසන් තරගයේදී බම්බලපිටිය සාන්ත පීතර කණ්ඩායම පරාජය කළේ, ලකුණු 32 ට 13 ක් ලෙසයි. නමුත් ලබන ඉරිදා කොළඹදී ආරම්භවන ජනාධිපති කුසලාන පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියට රාජකීය විද්‍යාලය සහභාගී නොවීමට තීරණය කර ඇත. ස්පෝර්ට්ස් ෆස්ට් කළ විමසීමකදී රාජකීය විද්‍යාලයීය රග්බි ක්‍රීඩා භාර ආචාර්යතුමා සඳහන් කළේ, තම කණ්ඩායමේ ක්‍රීඩකයින් බහුතරයක් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීම හා ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙකු අබාධ තත්ත්වයන්ට පත්වීම මෙම තීරණය ගැනීමට හේතුව වූ බවයි. රාජකීය විද්‍යාලය මේ තරගාවලියට සහභාගී නොවීමට තීරණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය විසින් වෙස්ලි විද්‍යාලයට හා සහිරා විද්‍යාලයට මෙම ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය සඳහා ඇරයුම් කර ඇත.
2018-06-12T01:47:00.000Z
වර්ජනයෙන් තැපෑල අඩාලයි....
වර්ජනයෙන් තැපෑල අඩාලයි....
COLOMBO (News 1st) : සිය වැඩ වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ලක්ෂ 2කට අධික ලිපි තොගයක් ගොඩ ගැසී ඇතැයි, තැපැල් සේවකයෝ පවසති. තැපැල් වෘත්තිය සමිති එකමුතුව ඊයේ පස්වරුවේ, 4 සිට වැඩ වර්ජනයක නිරත වන්නේ කරුණු දෙකක් මුල් කර ගනිමිනි. දිවයින පුරා සියලු තැපැල් සේවකයින් ඊට එක්වන බව එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසී ය. මේ සම්බන්ධයෙන් කල විමසුමකදී තැපැල්පති රෝහණ අබේරත්න මහතා පැවසුවේ, සේවක ගැටලු සඳහා විසඳුම් සහිත කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති බවයි. වර්ජනය ක්‍රියාත්මක කාල සීමාවේ ඇති විය හැකි බාධාවන් අවම කිරීම සඳහා නියෝජ්‍ය තැපැල්පතිවරුන් ඇතුළු සියලු නිලධාරීන් වෙත උපදෙස් පත්‍රිකා නිකුත් කර ඇති බව ද තැපැල්පතිවරයා පැවසී ය.
2018-06-11T23:48:15.000Z
ගලේවෙල බවුසර් අනතුරින් 4කට බරපතළයි
ගලේවෙල බවුසර් අනතුරින් 4කට බරපතළයි
COLOMBO (News 1st) : ගලේවෙළ, පහළවෙලදී වූ රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. අනතුර සිදුව ඇත්තේ ඉන්ධන බවුසරයක් යතුරු පැදියක ගැටී පසුව බස් රථයක ගැටීමෙනි. අනතුරින් බස්රථයේ පා පුවරුවේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙක්, බවුසරයේ රියැදුරු සහ යතුරු පැදියේ සිටි කාන්තාවක් තුවාල ලැබූහ. බවුසරයේ රියැදුරට එහි වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව තිබේ. තුවාල ලැබූවන් ගලේවෙල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඉන් තිදෙනෙක් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
2018-06-11T20:20:43.000Z
තවත් නි. සහ රාජ්‍ය අමාත්‍යවරු පිරිසක් දිවුරුම් දෙති
තවත් නි. /රාජ්‍ය අමාත්‍යවරු පිරිසක් දිවුරුම් දෙති
COLOMOBO (News 1st) : රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙකු ජනපති ඉදිරියේ දිව්රුම් දී තිබේ. රාජ්‍ය අමාත්‍යවරු... රංජිත් අළුවිහාරේ - සංචාරක , සංවර්ධන , ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලකී ජයවර්ධන - කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නියොජ්‍ය අමාත්‍යවරු... නලින් බණ්ඩාර - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම - පරිසර නියෝජ්‍ය අමාත්‍ය. එඩ්වඩ් ගුණසේකර - අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනායක - කෘෂී කර්ම නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් - නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
2018-06-11T19:11:44.000Z
ඓතිහාසික හමුවෙන් පසු ට්‍රම්ප් මාධ්‍ය අමතයි
ඓතිහාසික හමුවෙන් පසු ට්‍රම්ප් මාධ්‍ය අමතයි
2.15 PM : ඓතිහාසික හමුවෙන් පසු ට්‍රම්ප් මාධ්‍ය අමතයි තමා උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට බලාපොරොත්තු වන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, සිංගප්පූරුවේදී අද පෙරවරුවේ පැවති ඓතිහාසික හමුවෙන් අනතුරුව මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමිනි. මේ අතර අමෙරිකාවේ සංචරයක නිරත වන ලෙස තමා කළ ආරධනය උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් පිළිගත් බව ද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. කොරියානු අර්ධද්වීපය පූර්ණ වශයෙන් න්‍යෂ්ටික අවි හරණය කළ කලාපයක් බවට පත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට එකඟත්වය පළකරමින් එම ගිවිසුමකට අත්සන් තබා තිබේ. මෙම ගිවිසුමට අත්සන් තැබීමෙන් න්‍යෂ්ටික අවි හරණයට උතුරු කොරියාව එකඟ වී ඇතිදැයි ජනපති ට්‍රම්ප් ගෙන් මාධ්‍ය විමසූ විට කියා සිටියේ එම ක්‍රියාවලිය කඩිනමින් ආරම්භ කරන බවයි . ____________________________________________________________ 11.30 AM : ඓතිහාසික හමුවෙන් පසු උ. කොරියානු නායකයා පිටව යයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග ඓතිහාසික සාකච්ඡාවෙන් අනතුරුව උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් සිංගප්පූරුවේ සෙන්තෝසා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. පැය 5කට අධික කාලයක් තිස්සේ පැවති සාකච්ඡාවලින් අනතුරුව නායක දෙපළ ඒකාබද්ධ ගිවිසුමකට අත්සන් තබා ඇති අතර කෙසේ වෙතත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ආනාවරණය වී නොමැත. _____________________________________________________________________________ 11.00 AM : ගිනිගත් දෙරටේ නායක දෙපළ එක ම කෑම මේසයේ ලෝක දේශපාලනය උණුසුම් කරමින් පසුගිය සමයේ වාග් සංග්‍රාමවල නිරත වූ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ ආමරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට එකම මේසයේ දිවා ආහාරය ගනිමින් සිටිති. කෙසේ වෙතත් මෙම දිවා භෝජන සංග්‍රහය අතරතුරද දෙරටේ නායකයන් සහ නිලධාරීන් සාකච්ජා පවත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඔවුන්ගේ මෙම දිවා භෝජන සංග්‍රහය , බටහිර සහ කොරියානු ආහාර දෙවර්ගයෙන්ම සමන්විත බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙම ආහාර වේල , අලිපේර සලාද , ඌරු මස් , ඉස්සන් , ඔයිසන් නැමති පිරවූ පිපිඤ්ඤා අඩංගු කොරියානු ආහාරයක් , වැනිලා අයිස් ක්‍රීම් වැනි දෙයින් සමන්විත වනු ඇති. තව ද සිංගප්පූරු වේලාවෙන් පස්වරු 4ට අමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් ඇමතීමට නියමිත ය. ____________________________________________________________________________ 7.55 AM : උන් - ට්‍රම්ප් පෞද්ගලික සාකච්ඡා අවසන් පෞද්ගලික සාකච්ඡා අවසන් වීමෙන් පසු උතුරු කොරියා සහ අමෙරිකානු ඉහළ පෙළ නිලධාරීන් සහභාගීත්වයෙන් යුත් දෙරටේ සාකච්ඡා ආරම්භ වී තිබේ. සාකච්ඡා අතරතුර උතුරු කොරියානු නායකයා පවසා ඇත්තේ, අභියෝග රැසක් පැවතිය ද තමා මෙය කිරීමට සූදානමින් පසුවන බවයි. උතුරු කොරියානු නායකයාගේ පාර්ශ්වයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාවේ උප සභාපති කිම් යොං චෝල් ද සහභාගී වී සිටී. ඔහු එක් අවස්ථාවකදී මෙම ඓතිහාසික හමුව අවිනිශ්චිත තත්ත්වයකට වැටී තිබූ මොහොතේ උතුරු කොරියානු නායකයා පෞද්ගලික ලිපිය රැගෙන ගොස් අමෙරිකානු ජනාධිපතිවරයා හමු වූ උතුරු කොරියානු නියෝජිතයා ය. අවිනිශ්ත තත්ත්වක තිබූ සාකච්ඡා සැලසුම් කළ පරිදි ම යළි පැවැත්වෙන බව අමෙරිකානු ජනාධිපතිවරයා දැනුම් දුන්නේ, ඉන් අනතුරුවයි. මේ අතර දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් පවසන්නේ, ඊයේ රාත්‍රිය තමාට නිදි වර්ජිත රාත්‍රීයක් වූ බවයි. ___________________________________________________________________ 6.55 AM : ලෝක දේශපාලනය නව පිටුවක් පෙරළමින් උතුරු කොරියා - අමෙරිකා සාකච්ඡා ඇරඹෙයි උතුරු කොරියා - අමෙරිකා නායකයින් අතර ඓතිහාසික හමුව මේ වනවිට ආරම්භ වී තිබේ. සාකච්ඡාවේ මුල් විනාඩි 40 තුළ භාෂා පරිවර්තකයින් දෙදෙනා සමග නායක දෙපළ පමණක් සිටිනු ඇති. ඉන් අනතුරුව සෙසු උපදේශකයින් වැඩිදුර සාකච්ඡා සඳහා සහභාගී වනු ඇති. ________________________________________________________ 6.50 AM : "සාකච්ඡා අතිශයින්ම සාර්ථක වේවි" - ට්‍රම්ප් උතුරු කොරියානු - අමෙරිකා නායක දෙපළ පළමු වරට මුහුණ හමුවීමෙන් පසු මේ වනවිට අදහස් පළ කරමින් සිටිති. අමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය අමතමින් පවසන්නේ, ඓතිහාසික හමුව අතිශය සාර්ථක වනු ඇති බවයි. මේ අතර උතුරු කොරියානු නායකයා පවසා ඇත්තේ, සිංගප්පූරුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට බාධා තිබූ බවයි. 6.35 AM : ට්‍රම්ප් - උන් පළමුවරට හමුවෙයි සමුළුව පැවැත්වෙන හෝටලයට පැමිණි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් පළමු වරට හමුවෙයි. _____________________________________________________________________________ 6.30 AM : ආමරිකානු නායකයා සමුළු භූමියට පැමිණෙයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඓතිහාසික හමුව පැවැත්වෙන හෝටලයට ළඟා වී තිබේ. _______________________________________________________________________________ 6.20 AM : උතුරු කොරියා නායකයා සමුළු භූමියට පැමිණෙයි උතුරු කොරියානු නායකයා ඓතිහාසික සමුළුව පැවැත්වෙන සෙන්තෝසා දිවයිනේ කැපෙලා හෝටලයට පැමිණ තිබේ. _______________________________________________________________________________ 6.15 AM : අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අතර ඓතිහාසික හමුව මෙරට වේලාවන් පෙරවරු 6.30 ට ආරම්භ වීමට නියමිතව තිබේ. මෙම හමුව පැවැත්වෙන්නේ සාමය සහ ශාන්තිය නමති අරුත ගත් සිංගප්පූරුවේ සෙන්තෝසා දිවයිනේදීයි. අමෙරිකානු ජනාධිපතිවරයකු උතුරු කොරියානු නායකයකු හමුවන ප්‍රථම අවස්ථාව මෙය වන අතර මෙහිදී කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවි හරණය කිරීම සහ සාම ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇතැයි අපේක්ෂා මත පළ වේ. අමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා හමුවන පළමු විනාඩි 45 තුළ භාෂා පරිවර්තකයන් දෙදෙනෙකු හැරෙන්නට දෙරටේ වෙනත් කිසිදු රාජ්‍ය නිලධාරියකු සහභාගී නොවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඉන් පසුව ද්වීපාර්ශ්වික සාකච්ජා සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ , ධවල මන්දිර කාර්යමණ්ඩල ප්‍රධානීයා මෙන්ම ජාතික ආරක්ෂාව පිලිබඳ උපදේශකවරයාද සහභාගී වනු ඇති . හමුව ආරම්භවීමට පැය කිහිපයකට පෙර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ, තමන් අපේක්ෂා කලාට වඩා යහපත් සහ කඩිනම් ලෙස අමෙරිකානු , උතුරු කොරියානු රාජ්‍ය නිලධාරීන් අතර සාකච්ජා පැවැත්වෙන බවයි. කෙසේ වෙතත් විචාරකයන් පෙන්වා දෙන්නේ පූර්ණ න්‍යෂ්ටික අවි හරණය සම්බන්ධයෙන් දෙරටේ නායකයන් දරන අදහස්වල විෂමතා පවතින බවයි . අමෙරිකාව , උතුරු කොරියාව පූර්ණ න්‍යෂ්ටික අවි හරණයක් කරා ළඟා වෙනු දකිනු කැමති වුවත් එවැනි යෝජනාවකට එකඟ වීමට නම් තමන්ට පැනවු ආර්ථික සම්බාධක ඉවත්කිරීමට වඩා වැඩි යමක් උතුරු කොරියාව අපේක්ෂා කරනු ඇතැයි දේශපාලන විචාරකයන් මත පළ කළේ ය. මේ අතර ඊයේ රාතියේ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සිංගප්පූරුවේ වීදි සංචාරයක ද නිරත විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සිංගප්පූරුවේ සංවර්ධිත ආර්ථිකයෙන් පැහැදීමට ලක්වූ උතුරු කොරියානු නායකයා , එරටින් ඉගෙනීමට සහ අත්දැකීමට තමන්ට බොහෝ දේ ඇතැයි ප්‍රකාශ කළ බවයි . වීදී වලට රැස්වූ සිංගප්පූරු ජනතාව කිම් මහත්මයානෙනි , අපි ඔබට ආදරෙයි යනුවෙන් පවසමින් ජයඝෝෂා නැගූ බව ද විදෙස් මාද්‍ය වාර්තාවල සඳහන් ය. උතුරු කොරියානු නායකයාගේ මෙම සිංගප්පූරු සංචාරය , උතුරු කොරියානු මාධ්‍ය නාලිකාවලද සජීවීව විකාශය කෙරුණු අතර එය අසාමාන්‍ය සිදුවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කලා . මේ අතර අවශ්‍ය වුවහොත් , අමෙරිකාව සහ උතුරු කොරියානු නායකයන් අතර න්‍යෂ්ටික අවි හරණය සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ජා සඳහා මැදිහත් වීමට සුදානම් බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටාරෙස් පැවසී ය. ධවල මන්දිරය ප්‍රකාශ කළේ, සාකච්ජා අවසන් කිරීමෙන් පසු අද මෙරට වේලාවෙන් පස්වරු 5. 30 ට ජනපති ට්‍රම්ප් යළි අමෙරිකාව බලා පිටත්වනු ඇති බවයි .
2018-06-11T11:05:59.000Z
ගම්මැද්ද අමෙරිකාවේ අයිවි ලීග් බ්‍රවුන්ස් විශ්වවිද්‍යාලයේ උසස් පර්යේෂණ වැඩසටහනකට තෝරා ගනී
ගම්මැද්ද, අමෙරිකාවේ සරසවියක පර්යේෂණ වැඩසටහනකට
COLOMBO (News 1st) - ජනතාව සමග ජනතාව වෙනුවෙන් දියත් වුණු ගම්මැද්ද මහජන ක්‍රියාන්විතය අමෙරිකාවේ අයිවි ලීග් බ්‍රවුන්ස් විශ්වවිද්‍යාලයේ උසස් පර්යේෂණ වැඩසටහනකට තෝරා ගෙන තිබේ. ඒ, ලොව පුරා ග්‍රාමීය සංවර්ධනයේ ස්වාභාවය වෙනස් කිරීමේ සාර්ථක උදාහරණයක් ලෙස සලකා බලමිනි. මේ පිළිබඳව බ්‍රවුන්ස් විශ්වවිද්‍යාලය ලිපියක් මගින් දන්වා ඇත. බියාරි 2018 යන සමුළුව සඳහා ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල ශිෂ්‍යත්වලාභි, උසස් පර්යේෂණ ආයතන නියෝජනය කරමින් උගතුන් බුද්ධිමතුන් මහාචාර්යවරුන් ශාස්ත්‍රවේදීන් ඇතුළු විද්වතුන් පිරිසක් එක්ව සිටි. සෞඛය ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍රවල විෂමතාවයන් පරිවර්තනයට ලක් කිරීම උදෙසා සමාජ ව්‍යවසායකත්වය යොවුන් ක්ෂේත්‍රයක් බවට පත් කිරීම මෙහි අරමුණයි. බ්‍රවුන්ස් විශ්වවිද්‍යාලයේ මානුෂිය කටයුතු පිළිබඳ දේශන පැවැත්වීම සඳහා සීමාසහිත කැපිටල් මහාරාජා ආයතනයේ සමුහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියල් මහතා ආරාධිත දේශකයෙක් ලෙස පසුගිය දා සහභාගි විය.
2018-06-11T09:58:23.000Z
කුඩා මූල්‍ය සමාගම් හා අවිධිමත් ණය ගැනීම් නිසා ග්‍රාමීය ආර්ථිකය අවදානමක
ගිනි පොළිය සහ ලිංගික අල්ලස්....
COLOMBO (News 1st) - මඩකලපුව, මාවඩි වෙම්බු ප්‍රදේශයේදී 25 හැවිරිදි තරුණයක් ඊයේ (10) සිය දිවි නසා ගත්තේ ය. ඒ, තමන් ලබාගෙන තිබු ණය මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්ත්වයකට පත්වීම හේතුවෙනි. මඩකලපුව, මාවඩි වෙම්බු ප්‍රදේශයේදී ජීවත් වූ මේහ රාසා යෝහ රාසා සිමෙන්ති ගඩොල් නිෂ්පාදනයක් පවත්වාගෙන ගිය සුළු ව්‍යාපාරිකයෙකි. ඔහු මේ සඳහා ආයතන ගණනාවකින් ණය ලබාගෙන තිබු බව බිරිඳ පැවසුවා ය. අද වන විට දිවයිනේ බොහෝ සුළු පරිමාන ව්‍යාපාරිකයින් තම මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වැඩි වශයෙන් යොමුවී ඇත්තේ පොලියට මුදල් ලබාගැනීම වැනි අවිධිමත් ක්‍රම වෙතයි. එවැනි පසුබිමක් නිර්මාණයවී ඇත්තේ ඇයි ද යන්න පිළිබඳව අප විමසා බැලුවෙමු. මෙවැනි ඉහළ පොලියකට මුදල් ලබාගෙන ව්‍යාපාරයක් කිරීමේදී එම ණය පියවීමට නම් ණය පොලියට වැඩි ලාභ ප්‍රතිශතයක් ඉපයිය යුතු වේ. එසේ කිරීම ප්‍රායෝගික නොවීම තුළ මෙලෙස අනවබෝධයෙන් ණය ලබාගන්නා පුද්ලයින් ණය ආපසු ගෙවාගත නොහැකිව ණය උගුලක සිරවීම අනිවාර්යකි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක, අද අපේ රටේ මේ ණය බර හේතුකොටගෙන 2017 අවුරුද්දේ 195 ක් සියදිවි හානි කරගෙන තිබෙනවා. මම තමුන්නාසේට පෙන්නනම් මේ ණය කොයිතරම් අසාධාරණ ණය ක්‍රමවේදයක් ද කියලා. විශේෂයෙන්ම දැන් යනවා කුඩා ග්‍රාමීය ණය යෝජනා ක්‍රම ලෝන් එක දෙනවා ලක්ෂයක් ඊට පස්සේ ඊට පස්සේ ගෙවීම් කරන්න ඔනේ 2500 ගානේ මාස 50 ක් සාමාන්‍ය ග්‍රමීය ජනතාව හිතනවා ලක්ෂයක් එකවර හම්බවුණා මේක තමන්ට වගාවක් හරි කරගන්න පුලුවන් මාසේකට රුපියල් 2500 ගානේ තමයි දෙන්නේ දවස් දෙකක් කුලිවැඩක් කළත් 2500 හොයාගන්න පුලුවන්. බැලු බැල්ලමට සහනයි වගේ හැබැවි මොකද්ද වෙලා තියෙන්නේ. මේ පොලි අනුපාතය 47.47% යි. දැන් ග්‍රාමීය ජනතාව විශාල ලෙස මේ ශුද්‍ර මූල්‍ය ජාවරම්කරුවන්ගේ උගුල් බවට පත්වෙලා තියෙනවා. අපේ රටේ අද වතු ක්ෂෙත්‍රයේ පවුල්වල අය 73 % ක් නිල වශයෙන් ණයයි. මං මේ කියන්නේ කඩෙට ණය එක පොලි මුදලාලිට ණය එක නෙවෙයි. මේ ලියාපදිංචි කරන ලද ආයතනවලින් ණය අරන් තිවෙයනවා. ග්‍රාමීය වශයෙන් ගත්තොත් 61% යි නාගරික වශයෙන් ගත්තොත් 61% යි. නාගරික 49% යි. ඒ නිසා අද අපේ රට රට විතරක් නෙවෙයි සාමාන්‍ය ජනතාවත් මේ ණය උගුලේ සිරකරුවන් බවට පත්වෙලා තියෙනවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය, මංගල සමරවීර, එතුමා කියපු බොහෝ කාරනා එක්ක මමත් එකඟ වෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමේ පොලි කාක්කන් ශූද්‍ර මූල්‍ය සමාගම් ඇතිකරපු තත්ත්වය ඇත්ත වශයෙන්ම ඛේද ජනකයි. අර කිව්වා වගේ අර කිව්වා වගේ මෑතකදීත් යාපනයේ කාන්තාන් දෙන්නෙක් සියදිවි නසාගත්තා මේක ගෙවාගන්න බැරුව එහෙම නැත්නම් තරුණ කාන්තාවන් නම් ගෙවාගන්න බැරිවුනාම මේ කොම්පැණිවල නිලධාරීන් නියෝජිතයන් ගිහිල්ලා ලිංගික අල්ලස් පවා ගන්න තත්ත්වයක් පවා ඇතිවෙලා තියෙනවා. මහ බැංකුවේ නිලධාරීන් එක්ක භාණ්ඩාගාරයේ නිලධාරීන් එක්ක මෙයට ක්ෂණික හා දීර්ඝ කාලීන විසඳුමක් සොයන්නට ඕනේ. මයික්‍රෝ ෆිනෑන්ස් කොම්පැණිවලට අහුවෙච්ච කාන්තාවන්ට අපි මේ මාසය ඇතුළත විශේෂ සහනයක් ජුනි මාසේ 22 වෙනි දා අපි ප්‍රකාශයට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. රුපියල් එක් ලක්ෂ පනස් දහසට වඩා අඩුවෙන් මේ වගේ මයික්‍රෝ ෆිනෑස් කොම්පැණිවලින් ණය ගත්තු අයගේ ණය පොලිය අපි කපා හැරලා ඒ පොලිය රජය දරා ගන්නවා එක්සත් ජනතා නිහස් සන්ධානයේ පා.ම, වාසුදේව නානායක්කාර, අර එන්ටප්‍රයිස් ලංකා කියලා වැඩ පිළිවෙළක් ගැන ගිය අයවැයේදී අහන්න ලැබුණා. එකේ කියන්නේ ඇපයක් නැතුව ණය දෙනවා කියන එක. එකේ වටිනාකමක් තියෙනවා නමුත් තාමත් අපි එබදු ණය දෙනකම් බලන් ඉන්නවා. මීට ඉස්සෙල්ලා අයවැය ලේඛනයක ඒ වගේ රං අස්වැන්න වගේ ණය ක්‍රම ගණනාවක් කෘෂිකාර්මික ක්ෂෙත්‍රයේ මිනිස්සුන්ට ඇපකරයක් හා අපකරුවෙක් නැතුව ණය දෙන්න නමුත් එවා එකක්වත් ක්‍රියාත්මක කරන්න බැරිවුණා ඇයි එවා ඔක්කොම නීති ප්‍රශ්නවල හිරවෙලා තිබුණා. ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ, මෙවැනි ජනතාව වෙනුවෙන් මූල්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් ඇති කළ රාජ්‍ය මූල්‍ය ආයතන පවා අද වන විට එම අරමුණුවලින් බැහැරව කටයුතු කරණ බවයි.
2018-06-11T09:45:31.000Z
ඇලෝෂියස් හා පාලිසේනගේ ඇප ඉල්ලීම පිළිබඳ නීතිපතිගේ පැහැදිලි කිරීම
ඇලෝෂියස් හා පාලිසේනගේ ඇප ඉල්ලීම
COLOMBO (News 1st) - අර්ජුන් ඇලෝෂියස් හා කසුන් පාලිසේන යන සැකකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලා සිටීම නීත්‍යානුකූල හා විධිමත් ක්‍රියාමාර්ගයක් නොවන බව ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ මහතා අද අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ. ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හා කොළඹ මහාධිකරණය දුන් නියෝග ප්‍රතිශෝධනය කිරීම සඳහා අයැදුම්පත් ඉදිරිපත් කිරීමෙන් අපේක්ෂා කරනුයේ පහළ අධිකරණයක් විසින් ලබාදුන් නියෝගයක් ප්‍රතිශෝධනය කරගැනීමක් මිස ඇප ඉල්ලා සිටීමක් නොවන බැවින් එම ප්‍රතිශෝධන ඉල්ලුම්පත්‍ර සලකා ඇප ලබාදීමේ නියෝගයක් නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එහිදී පෙන්වා දුන්නේ ය. සැකකරුවන් වෙනුවෙන් ඇප අයැදුම්පත් ඉදිරිපත් කර ඇප ඉල්ලා සිටියහොත් ඒ පිළිබඳ සලකා බැලීමේ නීතිමය බලය අභියාචනාධිකරණයට හිමිව ඇතැයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කර ඇත. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී. පද්මන් සූරසේන හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල නියෝග කළේ, අර්ජුන් ඇලෝෂියස් හා කසුන් පාලිසේන යන සැකකරුවන් දෙදෙනාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ ප්‍රතිශෝධන අයැදුම්පත සම්බන්ධයෙන් වැඩිදුර විභාගය ලබන 04 වන දා දක්වා කල් තැබීමට ය. ප්‍රතිශෝධන පෙත්සම් විභාගය අතරතුරදී නීතිපති දෙපාර්තමේන්තුව බැඳුම්කර සිද්ධිය හා අර්ජුන් ඇලෝෂියස් ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් කරුණු දක්වනුයේ ජනමාධ්‍ය ඉලක්ක කර මාධ්‍යයේ පළ කිරීම සඳහා බවට අර්ජුන් ඇලෝෂියස් මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා කළ කරණු දැක්වීමට අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විවෘත අධිකරණය හමුවේදී දැඩි අප්‍රසාදය පළ කළේ ය. ගාමිණි මාරපන මහතා වැනි ජ්‍යේෂ්ඨ ජනාධිපති නීතිඥවරයෙකු එවැනි අදහසක් පළ කිරීම ඔහුගේ ජ්‍යේෂ්ඨත්වයට නුසුදුසු ක්‍රියාවක් බව ද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එහිදී පෙන්වා දුනි.
2018-06-11T06:16:22.000Z
ප්‍රසන්න රණතුංග ව්‍යාපාරිකයෙකුට බැන වැදුණු හඬපටය අධිකරණයට
ප්‍රසන්නගේ හඬපටය අධිකරණයට
COLOMBO (News 1st) - බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ව්‍යාපාරිකයෙකුට දුරකතනය ඔස්සේ බැන තර්ජනය කළ බවට වූ හඬපටය අද විවෘත අධිකරණය හමුවේ ප්‍රතිවාදනය කෙරුණි. ව්‍යාපාරිකයෙකු බිය ගන්වා, බලහත්කාරයෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ලබා ගැනීම ඇතුලු අධිචෝදනා 15 ක් යටතේ, බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ බිරිඳවන මොරින් ස්ටෙලා රණතුංග ඇතුලු තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අද කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉදිරියේදී කැඳවා ඇත. පැමිණිලිකාර ව්‍යාපාරික සුරංජිත් ක්‍රිස්ටියන් ගිහාඩ් මෙන්ඩිස් නැමැත්තා, අද දින අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ, 2015 මැයි 29 වන දා දහවල් පළමු විත්තිකාර ප්‍රසන්න රණතුංග තමාට දුරකතනයෙන් අමතා තර්ජනය කර එකී මුදල් ඉල්ලා සිටි බවයි. තමා සහ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා අතර ඇති වූ එම දුරකතන සංවාදය තමා පටිගත කළ බවත්, සාක්ෂිකරු එහිදී අධිකරණයට පෙන්වා දුන් අතර එහිදී හඬපටය විවෘත අධිකරණය හමුවේදී ප්‍රතිවාදනය කෙරුණි. නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 28 වැනි දින දක්වා කල්තැබූ මහාධිකරණ විනිසුරුවරිය මේ වන විට අධිකරණය භාරයේ තිබෙන දෙවන විත්තිකාර මොරින් ස්ටෙලා රණතුංග මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය වීසා ලබා ගැනීම සඳහා ඇය වෙත තාවකාලිකව මුදා හැරීමට නියෝග කර සිටියා ය.
2018-06-11T05:30:55.000Z
මිහින් ලංකා අධ්‍යක්ෂ මණ්ඩලයට රජයේ අනුමැතිය නොමැති බවට හෙළිවෙයි
මිහින් ලංකා අධ්‍යක්ෂ මණ්ඩලය ගැන හෙළිදරව්වක්
COLOMBO (News 1st) - මිහින් ලංකා ගුවන් සේවයේ ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ඇත්තේ, රජයේ අනුමැතියකින් තොරව බව අනාවරණවී තිබේ. ඒ, ශ්‍රීලංකන් ගුවන් සේවය, මිහින් ලංකා සහ ශ්‍රී ලංකා කේටරින් ආයතනවල සිදු වූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගයේදීයි. කොමිසම අද රැස්වූයේ 4 වන දිනටයි. එහිදී අනාවරණවී ඇත්තේ, මිහින් ලංකා ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමට අදාළව රජයේ කිසිදු අනුමැතියක් හෝ බලය පැවරීමක් කර නොමැති බවයි. කොමිසමේ සාක්ෂි විභාගය සඳහා සමාගම් රෙජිස්ටාර්වරයා ඇතුලු නිලධාරීන් කිහිපදෙනෙකු අද දිනයේත් කැඳවිය.
2018-06-11T03:12:17.000Z
හොරෙන් රත්‍රං ගෙනා කතක් කටුනායකදී කොටු
හොරෙන් රත්‍රං ගෙනා කතක් කටුනායකදී කොටු
රුපියල් ලක්ෂ 80ට අධික වටිනාකමින් යුත් රත්‍රං තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ කාන්තාවක කටුනායක ගුවන්තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. නියෝජ්‍ය රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිණුවන් පිටිය මහතා සඳහන් කළේ, අද අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික කතක් එලෙස අත්තඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 54ක් වන වරකාපොළ පදිංචිකාරියකි. එම රන් ආභරණ තොගයේ බර ක්‍රිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 243ක් වන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර රේගු පරීක්ෂණ ක්‍රියාත්මක බව නියෝජ්‍ය රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
2018-06-11T01:58:12.000Z
බැඳුම්කර ගනුදෙනු ගැන CID ය හිටපු ඇමති දයාසිරිගෙන් ප්‍රශ්න කරයි
හිටපු ඇමති දයාසිරි CID ය හමුවට
COLOMBO (News 1st) :අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් අද පැය 5 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. ඒ, බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධිත සමාගමකින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙනි. අද පෙරවරු 10.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව ගියේ පස්වරු 3.30 ට පමණ ය. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ, වෝල්ට් ඇන් රෝ සමාගමෙන් ලබාගත් බව කියන රුපියල් මිලියනයක් ලබාගැනීම සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රකාශයක් ලබා ගත් බවයි. යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැඳවීමක් නොකළ බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
2018-06-11T01:01:57.000Z
ළිඳුල සභාපති ඇතුළු 8 දෙනා යළි රිමාන්ඩ්
ළිඳුල සභාපති ඇතුළු 8 දෙනා යළි රිමාන්ඩ්
දැරියක පැහැර ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ළිඳුල, තලවාකැලේ නගර සභාවේ සභාපති ඇතුළු 8 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අත් අඩංගුවට ගත් තලවාකැලේ ළිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා ඇතුළු සැකකරුවන් සිව් දෙනා අද ලබන 11 වන දා රක්ෂිත බන්ධානාගාරගත කෙරිණ. ඒ නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. තලවාකැලේ ළිඳුල නගර සභාවේ සභාපති අශෝක සේපාල, එම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වූ ඉෂාර අනුරුද්ධ මංචනායක යන මහත්වරුන් සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේයි. ඒ, 2017 වර්ෂයේදී පෝර්ට්මෝර් වත්ත, ආගරපතන ප්‍රදේශයේදී පදිංචිව සිටි 5 හැවිරිදි දැරියක පැහැර ගෙන ගොස් මුදලට අලෙවි කිරීම සම්බන්ධයෙනි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ දැරියගේ මව සහ දැරිය මිලදී ගත් බව කියන යුවළ අද දින අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ය. එම දැරිය පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
2018-06-11T00:58:48.000Z
දොඩංගොඩ කර්මාන්ත ශාලාවක් අළුවෙයි
දොඩංගොඩ කර්මාන්ත ශාලාවක් අළුවෙයි
දොඩංගොඩ, තුඩුගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක හටගත් ගින්න පැතිර යාම මේ වන විට පාලනය කර තිබේ. ගින්න හටගත් ඇඟලුම් කර්මාන්ත ශාලාව මුළුමනින්ම විනාශ වී ඇති බව අප වාර්තාකරු පැවසී ය. පෙරවරු 6 ට පමණ හටගත් ගින්න කළුතර නගර සභාවේ ගිනිනිවීමේ ඒකකයේ නිලධාරීන් සම්පූර්ණයෙන්ම ගින්න නිවා දමා ඇති අතර ඇඟලුම් කර්මාන්ත ශාලාව මුළු මනින්ම විනාශ වී තිබේ. මේ හේතුවෙන් අසල වෙළඳසල් කිහිපයක් ද විනාශ වී තිබේ. සිදුවූ අලාභය තවමත් තක්සේරු කර නොමැති අතර සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් දොඩංගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි. https://www.facebook.com/NewsfirstSL/videos/1980112922048956/
2018-06-10T21:47:39.000Z
අද පස්වරුවේ සිට තැපෑල අඩාලයි
අද පස්වරුවේ සිට තැපෑල අඩාලයි
බඳවා ගැනීම් පටිපාටියට එරෙහිව අද පස්වරුවේ 4 සිට රාජකාරිවලින් ඉවත් වන බව තැපැල් සේවකයෝ පවසති. තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ, කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ දිවයින පුරා සියලු තැපැල් සේවකයින් ඊට එක්වන බවයි. සිය වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් බෙදීම්, තැපැල් ප්‍රවාහනය ඇතුළු සියලු කටයුතු අඩාල වනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය. තැපැල් සේවකයින් ඉදිරිපත් කර ඇති ගැටලුව විසඳීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව තැපැල්පති රෝහණ අබේරත්න මහතා පැවසී ය.
2018-06-10T20:52:16.000Z
ශ්‍රී ලංකා - කොදෙව් පළමු ටෙස්ට් ජය කොදෙව්වන්ට
ශ්‍රී ලංකා - කොදෙව් පළමු ටෙස්ට් ජය කොදෙව්වන්ට
තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලකුණු 226 කින් ජය ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. මෙය වාර්තා අතරට එක් වන්නේ දෙරට අතර වසර 15 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කළ සිව්වැනි තරගය ලෙසයි. තරගය ට්‍රින්ඩෑඩ්හි ක්වින්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. කාසිය වාසිය දිනා ගත් කොදෙව් නායක ජේසන් හෝල්ඩර් තීරණය කළේ, පළමුව පන්දුවට පහර දීමටයි. ඒ අනුව කොදෙව් ක්‍රීඩකයින් සිය පළමු ඉණිම අත්හිටවූවේ පන්දුවාර 154 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 414 ක් රැස් කරගෙන සිටියදීයි. ශේන් ඩොර්විච් සිය ටෙස්ට් දිවියේ දෙවන ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 125 ක් රැස් කළේ ය. ශායි හෝප් ලකුණු 44ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී ළහිරු කුමාර ලකුණු 95 ට කඩුළු 4 ක් දවා ගැනීමට සමත් විය. අනතුරුව සිය පළමු ඉණිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 185 ක් පමණි. නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 44 ක් රැස් කල අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 31 ක් රැස් කළහ. පන්දු යැවීමේදී මිගෙල් කමින්ස් කඩුළු 3ක් දවා ගත්තේ ය. කොදෙව් කණ්ඩායමට ඉණිමක ජයක් ලබාගැනීමට තිබූ අවස්ථාව අත්හරිමින් නැවතත් සිය දෙවන ඉණිම සදහා පිටියට පිවිසි කොදෙව්වන සිය දෙවන ඉණිම අත්හිටවූවේ කඩුලු 7 ක් දැවී ලකුණු 223 ක් රැස් කරගෙන සිටියදීයි. සිය ටෙස්ට් දිවියේ 5 වන අර්ධ ශතකය වාර්තා කළ කිරන් පෙවල් ලකුණු 88 ක් රැස් කළේ ය. පළමු ඉණිමේ මෙන්ම දෙවන ඉණිමේදී දක්ෂතා දැක්වූ ළහිරු කුමාර කඩුළු 3ක් දවා ගත්තේ ය. ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 453 කි. ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයේ බලාපොරොත්තු ගෙන ආ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සිය ටෙස්ට් දිවියේ 5 වන ශතකය වාර්තා කරමින් ලකුණු 102 ක් රැස් කළේ ය. එය ඔහු ආසියාවෙන් පිටතදී රැස් කළ පළමු ශතකයයි. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 31 ක් රැස් කළේ ය. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට නොහැකි විය. ශ්‍රී ලංකා ඉණිමේ අවසන් කඩුළු 5 බිද වැටුණේ, ලකුණු 31 තුළදීයි. පන්දු යැවීමේදී රොස්ටන් චේස් කඩුලු 4 ක් දවා ගත් අතර දෙවේන්ද්‍ර බිෂෝ කඩුළු 3 ක් දවා ගත්තේ ය. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය මේ මස 14 වැනිදා සිට 18 වැනි දා දක්වා බාබඩෝස් හි පිහිටි ඩැරන් සැමි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
2018-06-10T20:31:19.000Z
දකුණේ රෝහල්වල තවදුරටත් උණ රෝගීන්
දකුණේ රෝහල්වල තවදුරටත් උණ රෝගීන්
ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් 200 ට ආසන්න සංඛ්‍යාවක් තවදුරටත් දකුණු පළාතේ රෝහල්වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ පවසයි. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළේ පළාතේ පැතිර යන රෝග ව්‍යාප්තියේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බවයි. දිවයින ප්‍රධාන රෝහල් සංඛ්‍යාවක වසංගත රෝග විද්‍යාඥයින් කළ විමර්ශනයකදී ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ විශාල ව්‍යාප්තියක් පෙන්නුම් කර නොමැති බවට වාර්තා කර ඇති ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, අනිල් ජාසිංහ මහතා පැවසී ය. මෙම රෝගී තත්ත්වය මිනිසාගෙන් මිනිසාට බෝ වන බැවින් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවට දැනුම් දෙයි.
2018-06-10T20:27:25.000Z
උතුරු කොරියාවේ උන් සිංගප්පූරුවේ ලූන්ග් හමුවෙයි
උතුරු කොරියාවේ උන් සිංගප්පූරුවේ ලූන්ග් හමුවෙයි
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සේන් ලූන්ග් හමුවිය. ඒ උතුරු කොරියාව සහ අමෙරිකානු නායකයන් අතර හෙට පැවැත්වීමට නියමිත ඓතිහාසික හමුවට සහභාගී වීම සඳහා සිංගප්පූරුවට පැමිණි අවස්ථාවේදීයි. සිංගප්පූරුවට පැමිණ පැය කිහිපයකට පසුව කිම් ජොන් උන් සහ ඔහුගේ දූත පිරිස ඉස්තානා නමැති සිංගප්පූරු ජනාධිපති මැදුරේ සංචාරයක නිරතවිය. උතුරු කොරියානු නායකයා සඳහන් කළේ, අමෙරිකානු ජනපති සමඟ පැවැත්වීමට නියමිත මෙම හමුව සාර්ථක වුවහොත් , සිංගප්පූරුවේ ප්‍රයත්න ඉතිහාසගත වනු ඇති බවයි. උතුරු කොරියානු නායකයාගේ දූත පිරිසට ඔහුගේ නැගනිය කිම් යෝ ජොන්ග් එරට ආරක්ෂක අමාත්‍යවරයා විදේශ අමාත්‍යවරයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු ද අයත් වෙති. සිංගප්පූරු විදේශ අමාත්‍යංශය සඳහන් කළේ, තම අගමැතිවරයා අද අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට ද නියමිත බවයි .
2018-06-10T11:01:15.000Z
ආසියානු ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියෙන් ශ්‍රී ලංකාව පදක්කම් 9 ක්
කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියෙන් ලංකාවට පදක්කම් 9 ක්
COLOMBO (News 1st) - අද අවසන් වූ ආසියානු ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 3 ක් රිදී පදක්කම් 4 ක් සමගින් පදක්කම් 9 ක් දිනා ගෙන තිබේ. මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ ආසියානු කණිෂ්ඨ තරගාවලියකදී ශ්‍රී ලංකාව ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාව මෙයයි. මීටර් 400×4 ය සහය දිවීමේ ඉසව්වේ අහිමිව තිබූ ශ්‍රී ලංකේය අභිමානය යළි රැක ගනිමින්, බාලක ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාව අද දිනා ගත්තේ ය. පබසර නිකු, පසිඳු කොඩිකාර, රවිශ්ක ඉන්ද්‍රජිත් සහ අරුණ දර්ශන ශ්‍රී ලංකාව නියෝජනය කළ හ. රන් පදක්කම දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ඒ සඳහාගත කළ කාලය මිනිත්තු 3 යි තත්පර 8 යි දශම 7 යි 0 කි. මේ අතර මීටර් 400×4 බාලිකා සහය දීවීමේ තරග ඉසව්වේ ලෝකඩ පදක්කම ද ශ්‍රී ලංකා කණ්ඩායම අද හිමි කර ගෙන තිබේ. ඉශාරා ආදිත්‍යා, සචිනි දිව්‍යාන්ජලී, දිල්ශි කුමාරසිංහ හා අමාශා ද සිල්වා එම ඉසව්ව සඳහා සහභාගී වූ අතර ඔවුන් තරගය අවසන් කළේ, මිනිත්තු 3 යි තත්පර 45 යි දශම 1 යි 6 ක කාලයකිනි. මේ අතර මීටර් 200 බාලිකා ධාවන තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අමාශා ද සිල්වා එම ඉසව්වේ රිදී පද්කකම දිනා ගත්තේ මෙම ඉසව්වේ සිය පෞද්ගලික හොඳම දක්ෂතාව ද වාර්තා කරමිනි. ඇය තත්පර 24 යි දශම 4 යි 7 ක දක්ෂතාවක් දක්වමින් තරගය අවසන් කළා ය. අද ජපානයේදී නිමාවට පත් වූ ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 3 ක් රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් හිමි කර ගැනීමට සමත් විය. එය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයට එක් වන්නේ, ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියකදී ශ්‍රී ලංකාව හිමි කර ගත් ඉහළම පදක්කම් සංඛ්‍යාව ලෙසයි. ශූරතාවලියේදී නව ආසියානු කණිෂ්ඨ වාර්තාවක් සමගින් නව ශ්‍රී ලංකා කණිෂ්ඨ වාර්තා 4 ක් බිහි කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණි. දින 4 ක් පුරා ජපානයේ ගිෆූහිදී පැවැති ශූරතාවලිය සඳහා රටවල් 35 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 430 කට අධික පිරිසක් එක්ව සිටිය හ.
2018-06-10T10:41:40.000Z
විශේෂඥ වෛද්‍යවරු පෞ. වෛද්‍ය සේවාවලින් බැහැර වීමේ තීරණයක
විශේෂඥ වෛද්‍යවරු පෞ. වෛද්‍ය සේවාවලින් බැහැරට
COLOMBO (News 1st) - විශේෂඥ වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය සේවාවලින් ලබන සතියේ සිට ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ, නව දේශීය ආදායම් පනත හරහා විශේෂඥ වෛද්‍යවරුන්ට අනවශ්‍ය ආකාරයට බදු පනවා ඇති බව පවසමිනි. විශේෂඥ වෛද්‍යවරුන් පෞද්ගලික රෝහල්වල සේවාවලින් ලබන 18 වන දා සිට ඉවත්වීමට තීරණය කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත අද වාර්තා කර තිබුණි. එම සංගමයේ සභාපතිවරයා උපුටා දක්වමින් මෙහි දැක්වෙන්නේ, නව දේශීය ආදායම් පනතට අනුව තම සේවා සැපයීමේදී විශාල අසාධාරණයක් සිදුව ඇති බවයි. මෙය වෘත්තීය ක්‍රියාමාර්ගයක් නොවන බැවින් රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍ය සේවාවන් ඒ ආකාරයෙන්ම සිදු කෙරෙන බව ද විශේෂඥ වෛද්‍යවරන්ගේ සංගමය පවසයි. ඒ අනුව විශේෂඥ වෛද්‍ය එකමුතුව සමග ඒකමතික ගත් තීරණයකට අනුව ලබන 18 වන දා සිට විශේෂඥ වෛද්‍යවරුන් පෞද්ගලික වෛද්‍ය සේවාවලින් ඉවත්වීමට තීරණය කර ඇත.
2018-06-10T08:53:39.000Z
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටම පැවැත්වීම ගැන අවධානය
පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට ම
COLOMBO (News 1st) - පළාත් සභා මැතිවරණය පැවති ක්‍රමයටම පැවැත්වීමට අවධනාය යොමු ඇති බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. මාධ්‍යවේදී ප්‍රශ්නය, පළාත් සභා මැතිවරණය මේ වසර අග පවත්වන බව අගමැතිතුමායි ජනාධිපතිතුමා කියලා තියෙනවා පරණ ක්‍රමයට ද අලුත් ක්‍රමයට ද තියන්නේ ඇමතිතුමා? ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අදහස් කිහිපයක් දැන් පක්ෂවලින් දිලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය ඇතුලු පක්ෂ ගණනාවක් පරණ ක්‍රමයට මැතිවරණ තියමු කියලා තමා අදහස් කරලා තියෙන්නේ. මාධ්‍යවේදී ප්‍රශ්නය, මාස 7 ක වැනි කාලයක් තියෙන්නේ පුළුවන් වෙයිද ඇමතිතුමා තියා ගන්න යෝජනා සම්මත කරලා? ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, කොහොම උනත් නියමිත දිනට ඡන්දය තියන්න වෙයි. මෙම වසර අවසානයට පෙර පළාත් සභා ඡන්දය පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව හමුවේ ප්‍රකාශ කර තිබුණි. මේ වන විටත් උතුරු මැද නැගෙනහිර හා සබරගමුව පළාත් සභාව නිල කාලය අවසන්වී මාස 7ක් පමණගත වී ඇත. එමෙන්ම උතුර මධ්‍යම හා වයඹ පළාත්වල නිල කාලය මේ වසරේ ඔක්තෝම්බර් වන විට අවසන්වීමට නියමිත වේ. ලබන වසරේ මැද භාගයේදී බස්නාහිර දකුණ හා ඌව පළාත් සභාව නිල කාලය අවසන් වනු ඇත. කෙසේ වෙතන් සමානුපාතික ක්‍රමය යටතේ හෝ කොට්ඨාස ක්‍රමය යන කුමන ක්‍රමයකින් ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ ද ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය යුතු වනු ඇති. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි, නව මැතිවරණ ක්‍රමයට අනුව පළාත් සභ සඳහා සීමා නිර්ණය පාර්ලිමේන්තුව තුළ සම්මත විය යුතුයි. ඒ සඳහා මාසය කාලයක් පාර්ලිමේන්තුවට තිබුණා නමුත් ඔවුන් අසමත් වුණා ඒ සම්මත කරන්නට පාර්ලිමේන්තුවේ සම්මත නෙවෙනවා නම් අගමැතිවරයාගෙන් ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට නියමිතව තිබුණා. නමුත් ඒ කමිටුව පත් කිරීමට අසමත් වෙලා තියෙනවා. ඒහෙම නැත්නම් පෙර පැවති ක්‍රමයට මැතිවරණයට යනවා නම් මනාප ක්‍රමය මිශ්‍ර සමානුපාත ක්‍රමයට යනවා නම් ඒත ඊට අදාළ පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කළ යුතුව වෙනවා. මැතිවරණ කොමසම සඳහන් කළේ, ඔහු කුමන ක්‍රමය යටතේ උවද මැතිවරණ පැවැත්වීමට නම් අවම වශයෙන් මාස දෙක හමාරක කාලයක් අවශ්‍ය බවයි. එමෙන්ම මැතිවරණයකදී අපේක්ෂයකුට හෝ දේශපාලන පක්ෂයකට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණයට අදාළ නීති කඩිනමින් පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු බව පැෆරල් සංවිධානය පෙන්වා දෙයි. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ට්ආරච්චි, අපි රජයට අවධාරණය කරනවා. මැතිවරණයකදී අපේකෂයකුට මැතිවරණ පක්ෂයකට වියදම් කළ හැකි සීමා අදාළ නීති කෙටුම් පතක් සකස් කරන්න කියලා. මහජන නියෝජිතයින්ට විශාල චෝදනාවක් එල්ල වෙලා තියෙනවා ව්‍යාපාරිකයින්ගෙන් ජනතාවගේ මුදල් කොල්ලකන ව්‍යාපාරිකයින්ගෙන් මහජන නියෝජිතයින් මුදල් ලබා ගත් බව. මේ ආකාරයට මුදල් වියදම් කිරීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය විකුර්ති කිරීමක් මේ සඳහා දැනටමක් ෆැපරල් සංවිධානයත් මැතිවරණ නිරීක්ෂණ සංවිධානයත් එක්ව අපි කේටුම් පතක් සකස් කරලා තියෙනවා එය අපි ජනාධිපතිතුමාටත් පළාත් සභා ඇමතිවරයාටත් පෞද්ගලිකව ලබා දුන්නා මේ පනත සම්මත වුණා නම් සම්මත වෙලා තිබුණා නම් මේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ආරක්ෂා වෙනවා.
2018-06-10T08:25:30.000Z
පොලිස් විශේෂ මෙහෙයුමෙන් සැකකරුවන් 3666 ක් අත්අඩංගුවට
දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුමක්..
COLOMBO (News 1st) - ඊයේ රාත්‍රි 9.00 සිට අද උදෑසන 8.00 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 998 දෙනෙකු ඇතුලු සැකකරුවන් 3666 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය අද අලුයම රාජගිරිය, මොරගස්මුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක් කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එම සෝදිසි මෙහෙයුමේදී කිසිවෙකුත් අත්අඩංගුවට පත් නොවු බවයි. පොලිස්පතිවරයාගේ නියෝග පරිදි පොලිස් විශේෂ කාර්ය බලකාය, සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් ස්ථාන මට්ටමින්, මෙවැනි සෝදිසි කිරීම් සිදු කරන අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුන් හා සංවිධානාත්මක අපරාධකරුවන් ගැවසෙන ස්ථාන මේ දිනවල පරීක්ෂාවට ලක් කෙරන බව ඔහු ප්‍රකාශ කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර බීමත් රියැදුරන් 648 ක් විවිධ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍ය කරන පුද්ගලයින් 1090 ක් හෙරොයින් හා මත්පැන් සම්බන්ධයෙන් සැකකරුවන් 843 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. වෙනත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් 77 දෙනෙක් ගිනි අවි සහ ජීව අත්බෝම්බයක් සමග සැකකරුවන් 10 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
2018-06-10T07:37:33.000Z
උන් - ට්‍රම්ප් දෙපළ ම සිංගප්පූරුවට පා තබති
උන් - ට්‍රම්ප් දෙපළ ම සිංගප්පූරුවට පා තබති
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සහ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද පස්වරුවේ සිංගප්පූරුවට පැමිණියහ. ඒ තවත් දින දෙකකින් සිංගප්පූරුවේ සෙන්තෝසා දිවයිනේදී පැවැත්වීමට නියමිත අමෙරිකා - උතුරු කොරියා ඓතිහාසික හමුවට සහභාගී වීම සඳහායි. සිංගප්පූරුවේ චැන්ගි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි උතුරු කොරියානු නායකයා පිළි ගනු ලැබුවේ, සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් විසිනි. උතුරු කොරියානු නායකයා රැගත් යානය කාර්යබහුල ගුවන් මාර්ගයක පියාසර කළ ද ඒ ආසන්නයෙන් සිවිල් ගුවන් යානා පියාසර කර කිරීමට ඉඩ ලබා දී නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. උතුරු කොරියානු නායකයා අද සවස සිංගප්පූරු අගමැති ලී ෂියෑන්ග් ලූන්ග් හමුවීමට නියමිතයි. ජී 7 සමුළුවට සහභාගී වීම සඳහා කැනඩාව බලා ගොස් සිටි අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද පස්වරුවේ සිංගප්පූරුවට ළඟා වූයේ උතුරු කොරියානු නායකයා සිංගප්පූරුවට ළඟාවී පැය කිහිපයකට පසුවයි. ඔහුගේ දූත පිරිසට අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ , ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ජෝන් බෝල්ටන් ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ද ඇතුළත් ය. හමුව පැවැත්වෙන ස්ථාන සහ රාජ්‍ය නායකයන් දෙදෙනා නවාතැන් ගන්නා හෝටල් ආශ්‍රිතව ආරක්ෂාව තර කිරීමට සිංගප්පූරු බලධාරීහු පියවර ගත්හ. කොරියානු අර්ධද්වීපයේ සාමය සහ උතුරු කොරියාව න්‍යෂ්ටික හරණය කිරීම රඳා පවතින්නේ ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිත මෙම සාකච්ජාවල සාර්ථකත්වය මතයි. කෙසේ වෙතත් මාධ්‍ය අමතමින් අමෙරිකානු ජනපතිවරයා කියා සිටියේ පළමු මිනිත්තුව තුළදී ම උතුරු කොරියානු නායකයා මෙම ද්වීපාර්ශ්වික සාකච්ජා පිළිබඳ දරන මතය දැන ගැනීමට තමන් සමත් වනු ඇති බවයි. කෙසේ වෙතත් එක් අවස්ථාවකදී සැලසුම් කළ මෙම හමුව අවිනිශ්චිත තත්ත්වයකට පත් වූයේ, එය අවලංගු කළ බව අමෙරිකානු ජනාධිපතිවරයා නිවේදනය කිරීමත් සමගයි. ඔහු එහිදී පැවසුවේ, උතුරු කොරියාවේ වෛරී ප්‍රකාශ හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. කෙසේ වෙතත් ඊට සතියකට පසුව යළි අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සැලසුම් කළ පරිදි නායක හමුව පැවැත්වෙනු ඇති බවයි.
2018-06-10T06:51:15.000Z
රාජගිරිය ගුවන් පාලමේ කම්පන තත්ත්වය පිළිබඳ පරීක්ෂණයක්
රාජගිරිය ගුවන් පාලමේ කම්පන තත්ත්වය පිළිබඳ පරීක්ෂණ
COLOMBO (News 1st) - නව රාජගිරිය ගුවන් පාලමේ කම්පන තත්ත්වයන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ ආරම්භ කර තිබේ. මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යපෘති භාර ඉංජිනේරු හිමන්ත ජයලත් මහතා සඳහන් කළේ, පරීක්ෂා කිරීම් සිදු කෙරෙන ඇතැම් අවස්ථාවල මංතීරු තාවකාලිකව වසා දැමීමට සිදුවන බවයි. සිදු කරන විමර්ශන සඳහා පේරාදෙණිය සහ මොරටුව විශ්වවිද්‍යාල ද එක්ව ඇත.
2018-06-10T06:40:15.000Z
ජපන් දුම්රියක් තුළ පිහිඇණුමක්
ජපන් දුම්රියක් තුළ පිහිඇණුමක්
ධාවනය වෙමින් තිබූ ජපන් අධිවේගී දුම්රියක් තුළදී සිදු වූ පිහි ඇණුමකින් මගියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පිහිඇණුමෙන් තුවාල ලැබූ තවත් කාන්තා මගීන් දෙදෙනෙකු ද රෝහල්ගත කර ඇති බවයි. ටෝකියෝ සිට ඔසාකා දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියකදී මෙම අපරාධය සිදුව ඇති අතර Odawara දුම්රිය ස්ථානයේදී ජපන් පොලීසිය විසින් ඝාතන සැකකරු සිය භාරයට ගෙන තිබේ. 22 වන වියේ පසු වන සැකකරු මෙම අපරාධය සිදුකිරීමට හේතු වූ කරුණු මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය වන අවස්ථාවේ එහි මගීන් 800 දෙනෙකු ගමන් කරමින් සිට ඇත. කෙසේ වෙතත් ජපානයෙන් මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වන්නේ කලාතුරකිනි. 2015 වසරේදී අධිවේගි දුම්රියක් තුළදී පුද්ගයෙකු සිරුරට ගිනි තබා ගෙන දිවි නසා ගත් අතර ගින්න සහ දුම පැතිරී යමෙන් තවත් දුම්රිය මගියෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 20 දෙනෙක් තුවාල ලැබූහ.
2018-06-10T06:02:29.000Z
සිරස TV 20 වන සංවත්සරය වෙනුවෙන් ගම්මැද්දෙන් ජල ව්‍යාපෘතියක් ජනතා අයිතියට
සිරස TV 20 වන සංවත්සරය වෙනුවෙන් ජනතා සත්කාරයක්
COLOMBO (News 1st) - සිරස TV 20 වැනි සංවත්සරයට සමගාමීව අද විශේෂ ගම්මැද්ද ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කෙරුණි. ඒ, කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ ප්‍රදේශයේ පැපිලියවත්ත සූනාමි ගම්මානයේ ඉදි කළ ජල ව්‍යෘතිය ජනතා අයිතියට පත් කරමින් ය. පවුල් 300 ක් පමණ ජීවත් වන මෙම ගම්මානයේ ජනතාව කලක පටන් ජල ගැටලුවකට මුහුණදී සිටියහ. ජල සම්පාදන මණ්ඩලයෙන් දිනකට පැය භාගයක පමණ කාලයක් ජලය ලබා දුන්නත් එය මේ ජනතාවට ප්‍රමාණවත් වූයේ නැත. ගම්මැද්ද ජනතා අරමුදලින් ඉඳි වුණු මෙම ජල ව්‍යපෘතිය අද ජනතා අයිතියට පත් කෙරුනේ, පැපිලියවත්ත ගම්වැසියන්ගේ බලාපොරොත්තු සඵල කරමිනි. මෙම අවස්ථාවට සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂිකා ඒෂිනී මුදලිගේ මහත්මිය, නිව්ස්ෆස්ට් නාලිකා ප්‍රධානි සුරංග සේනානායක, නිව්ස්ෆස්‍ට් අධ්‍යක්ෂ සාමාන්‍යාධිකාරී යසරත් කමල්සිරි මහතා, ගම්මැද්ද මහලේකම් කාර්යාලයේ හා නිව්ස්ෆස්ට් නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් එක් ව සිටියහ.
2018-06-10T05:28:42.000Z
ජෝර්ජ් ක්ලූනි යාවජීව සම්මානයෙන් පිදුම් ලබයි
ජෝර්ජ් ක්ලූනි යාවජීව සම්මානයෙන් පිදුම් ලබයි
COLOMBO (News 1st) - සුපිරි හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි, අමෙරිකානු චිත්‍රපට ආයතනය මගින් ජීවිතකාලය සඳහා එක්වරක් පමණක් පිදෙන සම්මානයෙන් පිදුම් ලැබීය. හොලිවුඩ් තොරතුරු සඳහන් කළේ, ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී පැවති එම උත්සවයේදී ජෝර්ජ් ක්ලූනි පිළිබඳ අදහස් දක්වමින් ඔහුගේ බිරිඳ වන මානව හිමිකම් නීතිඥ අමාල් ක්ලූනි කළ කතාව, ඔහුගේ නෙත් කඳුළින් තෙත් කිරීමට සමත් වූ බවයි. ජෝර්ජ් ක්ලූනි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්ම‍යෙකු බවත්, ආදරණීය සැමියකු සහ පි‍යෙකු බවත් ඔහු අත්පත් කරගත් සාර්ථකත්වය පිළිබඳ තමා ආඩම්බරයට පත්වන බවත් අමාල් ක්ලූනි මෙහිදී සඳහන් කළා ය.
2018-06-10T03:24:59.000Z
රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු මරුට
රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු මරුට
COLOMBO (News 1st) - තණමල්විල - වැල්ලවාය මාර්ගයේ නයිගල්ආර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, අද අලුයම ඔහු යතුරු පැදියකින් ගමන් කිරීමේදී නවතා තිබූ ලොරි රථයක ගැටී ඇති බව ය. අනතුරින් මියගොස් ඇත්තේ තණමල්විල පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක අතර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා සිරුර මොණරාගල රෝහලේ තැන්පත් තර තිබේ.
2018-06-10T03:18:21.000Z
ඓතිහාසික හමුවට උතුරු කොරියානු නායකයා සිංගප්පූරුවට ළඟාවෙයි
උතුරු කොරියානු නායකයා සිංගප්පූරුවට ළඟාවෙයි
(News 1st) - අමෙරිකානු ජනාධිපතිවරයා සමඟ ඓතිහාසික හමුවට සහභාගී වීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිංගප්පූරුවට ළඟා විය. එයාර් චයිනා ගුවන් සේවයට අයත් යානයකින් ඔහු අද දහවල් චැන්ගී ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බැස්සේය. පෙරවරු 8.30 ට පමණ පියෝයැන්ග් නුවරින් ඔහු ගුවන්ගත වී තිබේ. කිම් ජොන් උන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඓතිහාසික හමුව ලබන අඟහරුවාදා සිංගප්පූරුවේ සෙන්තෝසා දිවයිනේදී පැවැත්වේ. ඊට සහභාගී වීම සඳහා අමරිකානු ජනාධිපතිවරයා අද අලුයම සිංගප්පූරුව බලා ගමන් ආරම්භ කළේ ජී 7 රාජ්‍ය නායක සමුළුව අවසන් වීමට පෙරාතුවයි. කෙසේ වෙතත් දෙරටේ රාජ්‍ය නායකයින්ගේ පැමිණීම හේතුවෙන් සිංගප්පූරුව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබේ. ඔවුන් හෙට සිට, සිය ගුවන් අවකාශයට ද සීමා පැනවීමට නියමිත ය.
2018-06-10T03:06:02.000Z
ලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් මිල පහළට
ලබන අඟහරුවාදා සිට භූමිතෙල් මිල පහළට
COLOMBO (News 1st) - ලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ලීටරයක් රුපියල් 70.00 කට ලබා දෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද හම්බන්තොට ප්‍රදේශයේ පැවති මධ්‍ය හමුවකට එක්වෙමිනි. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, දිලිප් වෙදආරච්චි, අද දවල් 11.30 ට අපේ මුදල් ඇමති මංගල සමරවීර ඇමතිතුමා රුපියල් 75 කට තෙල් ලබා දෙන්නම් කියලා ප්‍රකාශ කළා. මං ඉල්ලිමක් කළා 75 කට නෙවෙයි. 70 වකට දෙන්න කියලා. මේ අඟහරුවාදා කැබිනට් එක්ට දාලා අනුමැතිය අරගෙන අඟහරුවාද රෑ 12 වෙනකොට භූමි තෙල් රුපියල් 70 වකට සමස්ත රටේ ජනතාවට දෙන්න තීරණය කළා කියන ඒක මං කියනවා. ඒ ලැබෙන තෙල් හොරට පරිහරණ කරනවා නම් ෂේඩිවලින් ලොරි හිමියෝ බස් හිමියෝ ඒ පරිහරණය කරන වහන ඩිසල්වලට භූමි තෙල් පරිහරණය කරන වහන අත්අඩංගුවට අරගෙන වැඩි දඩ ගහන ක්‍රමයක් සකක් කරලා උසාවි දනවා. අපි ඒ නීති රිති ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ෂේඩිවලින් ලොරි බස් භූමි තෙල් ලබා දුන්නොත් ඒවා අත්අඩංගුවට අරගෙන බලපත්‍රත් අවලංගු කරන නීති රිති ගෙන්න අපි කටයුතු කරනවා.
2018-06-10T03:00:28.000Z
මීටර් 400x4 බාලක සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
COLOMBO (News 1st) - 18 වන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මීටර් 400x4 බාලක සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේය. මේ අතර මීටර් 400x4 බාලිකා සහය දීවීමේ තරග ඉසව්වේ ලෝකඩ පදක්කමද ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය. ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ජපානයේ ගිෆුහීදී පැවැත්වේ. මීටර් 400x4 බාලක සහය දිවීමේ තරග ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාවේ පබසර නිකු ,පසිදු කොඩිකාර , රවිශ්ක ඉන්ද්‍රජිත් හා අරුණ දර්ශන එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ විනාඩි 3 යි තත්පර 8 යි දශම 7 යි 0 ක දක්ෂතාවක් දක්වමිනි. මේ අතර මීටර් 400x4 බාලිකා ධාවන තරග ඉසව්ව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ඉෂාරා ආදිත්‍යා, සචිනි දිව්‍යාංජලී , දිල්ෂි කුමාරසිංහ හා අමාශා ද සිල්වා එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණේ විනාඩි 3 යි තත්පර 45 යි දශම 1 යි 6 ක දක්ෂතාවක් දක්වමිනි.
2018-06-10T01:09:02.000Z
බිඳ වැටුණු විදුලිය සැපයුම යථා තත්ත්වයට
බිඳ වැටුණු විදුලිය සැපයුම යථා තත්ත්වයට
COLOMBO (News 1st) - ප්‍රදේශ රැසක බිඳ වැටුණු විදුලිය සැපයුම අද පෙරවරුවේ යථා තත්ත්වයට පත් කළ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඊයේ රාත්‍රි 9 සිට නව ලක්ෂපාන සිට බලංගොඩ දක්වා දිවෙන කිලෝවෝට් 132 ක විදුලි රැහැනක ඇති වූ දෝෂයක් හේතුවෙන් විදුලිය සැපයුම බිඳ වැටුණි. ඒ අම්බලන්ගොඩ, ගාල්ල, මාතර, හම්බන්තොට ,බලංගොඩ, රත්නපුර,දෙනියාය සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවලටයි.
2018-06-10T00:51:30.000Z
අමාශා ද සිල්වා රිදී පදක්කමක් දිනා ගනී
අමාශා ද සිල්වා රිදී පදක්කමක් දිනා ගනී
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ අමාශා ද සිල්වා ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 200 බාලිකා ධාවන තරග ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ජපානයේ ගිෆුහීදී පැවැත්වේ. එහි මීටර් 200 බාලිකා ධාවන තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ අමාශා ද සිල්වා එම ඉසව්වේ රිදී පද්කකම දිනා ගත්තේ මෙම ඉසව්වේ සිය පුද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කරමිනි. ඇය තරගය අවසන් කළේ, තත්පර 24 යි දශම 4 යි 7 ක දක්ෂතාවක් දක්වමිනි. දින 3 ක් පුරා පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද නිමාවට පත්වීමට නියමිත අතර මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 2 ක් , රිදී පදක්කම් 4 ක් හා එක් ලෝකඩ පදක්කමක් සමගින් පදක්කම් 7 ක් හිමිකරගෙන සිටිනවා.
2018-06-10T00:33:12.000Z
මාළිගාවත්තේ ඉදි කරන ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙකු මරුට
මාළිගාවත්තේ ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙකු මරුට
COLOMBO (News 1st) - මාළිගාවත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙකු මියයෑම සම්බන්ධයෙන් පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ. අදාළ ගොඩනැගිල්ලේ සේවයේ නියුතු පුද්ගලයෙකු එහි පස් වන මහලින් ඇඳ වැටී මිය ගියේ ඊයේ පස්වරුවේදී ය. ඔහු අනුරාධපුර පදිංචි 28 හැවිරිදි තරුණයෙකි. කොළඹ ජාතික රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව, මෘත ශරීරය ඥාතීන්ට භාරදුන් බව පොලීසිය පවසයි.
2018-06-10T00:20:31.000Z
වරෙන්තුකරුවෙකු කොල්ලුපිටියේ මහල් නිවසකින් බිමට පනී
වරෙන්තුකරුවෙකු කොල්ලුපිටියේ මහල් නිවසකින් බිමට පනී
COLOMBO (News 1st) - වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු කොල්ලුපිටිය මුහන්දිරම් පාරේ මහල් නිවසකින් පැනීමෙන් තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, අද උදෑසන සැකකරු අත්අඩංගුවට ගැනීමට නිවසට ගිය අවස්ථාවේදී ඔහු එලෙස මහල් නිවාසයේ දෙවන මහලෙන් බිමට පැන ඇති බව ය. සැකකරුගේ එක් පාදයක අස්ථි බිදීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි. තුවාල ලැබූ සැකකරු ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
2018-06-09T23:58:31.000Z
සුදු හඳුන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
සුදු හඳුන් තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - විදේශ රටකට යැවීම සඳහා සූදානම් කර තිබු සුදු හඳුන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් පන්නල, ඇලබඩගමදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, තෙල් මෝලක් තුළ පොහොර උර 175 ක එය සුක්ෂම ලෙස සඟවා තිබූ බව ය. එම සුදු හඳුන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 6700 කි. අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 සහ 31 හැවිරිදි පන්නල පදිංචිකරුවන් වේ. ඔවුන් අද කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2018-06-09T21:05:23.000Z
උතුරු කොරියානු නායකයා හමුවීමට ඩොන්ල්ඩ් ට්‍රම්ප් සිංගප්පූරුවට
උ. කොරියානු නායකයා හමුවීමට ට්‍රම්ප් සිංගප්පූරුවට
(News 1st) - ලෝක බලවතුන්ගේ සහභාගිත්වයෙන් කැනඩාවේ පැවති ජී 7 සමුළුව නිමා වීමට පෙර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. ඒ , ජී 7 සමුළුව අවසානයේ සාමාජික රටවල නායකයින් විසින් අත්සන් තබනු ලබන ඒකාබද්ධ ප්‍රකාශනයට අත්සන් තැබීමෙන් තොරවයි. අමෙරිකානු ජනාධිපතිවරයා පිටව ගොස් ඇත්තේ වංකභාවයෙන් කටයුතු කරන බවට, කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටූඩෝට විවේචන එල්ල කරමිනි. අදාළ නිල ප්‍රකාශයට අත්සන් නොකරන ලෙසට ද ඔහු අමෙරිකානු නිලධාරීන්ට උපදෙස් දී තිබේ. කැනඩාවේ පැවති ජී 7 සමුළුවේදී මාධ්‍ය අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා සිය සිංගප්පූරු සංචාරය පිළිබඳව ද අදහස් පල කළේය. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමට මම සිංගප්පූරුව බලා පිටත්ව යනවා. එය අප දෙදෙනාටම විශේෂ අවස්ථාවක්. එවැනි අවස්ථාවක් යළි උදාවෙයිද කියලා මම දන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න මම බලාපොරොත්තු වෙනවා. උතුරු කොරියාවට වගේම ලෝකයටත් ඉන් යහපත් ප්‍රතිඵලයක්ම ලැබේවී. මෙම හමුවෙන් උතුරු කොරියානු දේශයට සාමය උදාවේ යැයි මම විශ්වාස කරනවා අමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර ඓතිහාසික හමුව පැවැත්වෙන්නේ ලබන අඟහරුවාදායි. සාමය සහ ශාන්තිය යන අරුත සහිත සෙන්ටෝසා දූපතේදී මෙම ඓතිහාසික හමුව සිදුවනු ඇති. එහි ඇති තරු පහේ හෝටලයක් වන කපෙල්ලාහිදී සාකච්ඡා පැවැත්වෙන්නේ දැඩි ආරක්ෂාව මධ්‍යයේදී ය. මෙම හමුව වෙනුවෙන් හෙට සිට සිය ගුවන් අවකාශයට සීමා පැනවීමට ද සිංගප්පූරුව කටයුතු යොදා තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා ශැන්ගිලා හෝටලයේ නවාතැන් ගැනීමට නියමිත අතර උතුරු කොරියානු නායකයා ශාන්ත රෙගිස් හෝටලේ නවාතැන් ගනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උතුරු කොරියානු නායකයා සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර අනිද්දා පැවැත්වෙන සියවසේ හමුව, ලෝක දේශපාලනයේ සුවිශේෂි සංධිස්ථානයක් වනු ඇති.
2018-06-09T20:55:52.000Z
සබරගමුවට මධ්‍යමට තද වැසි ඇතිවිය හැකියි
සබරගමුවට මධ්‍යමට තද වැසි ඇතිවිය හැකියි
COLOMBO (News 1st) - සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර් 50 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේ, දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය හෙටින් පසු ක්‍රමයෙන් අඩුවිය හැකි බව ය. ගාල්ල සිට කොළඹ , පුත්තලම සහ කන්කසන්තුරය හරහා ත්‍රීකුණාමලය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 60 - 70 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 50 ත් 60 ත් දක්වා වැඩිවිය හැකි වේ. මේ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් විය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේය.
2018-06-09T20:44:47.000Z
බස්නාහිර සහ ඇල්පිටියේ සංවිධානාත්මක අපරාධ ක්‍රියා ඉහළට - පොලීසිය
බස්නාහිර සහ ඇල්පිටියේ සංවිධානාත්මක අපරාධ ඉහළට
COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ සහ ඇල්පිටිය ප්‍රදේශවල සංවිධානාත්මක අපරාධ ක්‍රියා වැඩි වශයෙන් සිදුවන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, මහනුවර ප්‍රදේශයේ ද එවැනි අපරාධ සිදුවන ස්ථාන පවතින බවට තොරතුරු ලැබී ඇති බව ය. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/06/10-06-RUWAN-GUNASEKARA-01-online-audio-converter.com_.mp3 සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට ක්‍රියාත්මක වැඩපිළිවෙළ ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැහැදිලි කළේය. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/06/10-06-RUWAN-GUNASEKARA-02-online-audio-converter.com_.mp3 මේ අතර, මහනුවර වත්තේගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු ඊයේ මිය ගියේය. පොලීසිය සඳහන් කළේ, මොවුන් දෙදෙනා මදූෂ් සහ අංගොඩ ලොක්කා නැමැති පාතාල නායකයින්ගේ සහයකින් ලෙස කටයුතු කර ඇති බව ය.
2018-06-09T20:27:34.000Z
ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්: කුසල් මෙන්ඩිස් ශතකය අභියස
ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්: මෙන්ඩිස් ශතකය අභියස
COLOMBO (News 1st) - තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පලමු තරගය අවසන් දිනටත් කොදෙව් දූපත් හී ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 453 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 53 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 176 කි. තරගය සිව්වන දිනය සඳහා ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 134 ක් රැස් කරගෙන සිටියේය. කිරෙන් පවෙල් සිය ටෙස්ට් දිවියේ 5 වන අර්ධ ශතකය වාර්තා කරමින් දැවී ගියේ ලකුණු 88 ක් රැස් කරගෙන සිටියදී ය. නායක ජේසන් හෝල්ඩර් ලකුණු 39ක් ලබා ගත්තේය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය දෙවන ඉනිම අත්හිටවූයේ පන්දුවාර 72 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 223 ක් රැස් කරගෙන සිටියදී ය. පන්දු යැවීමේදී ලහිරු කුමාර ලකුණු 40 ට කඩුලු 3 ක් දවා ගත් අතර රංගන හේරත් ලකුණු 52 ට කඩුලු 2ක් දවා ගත්තේය. ඒ, අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය ලකුණු 453කි. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු 12 ක් රැස් කරගෙන සිටි කුසල් ජනිත් පෙරේරා දැවී ගිය අතර නායක දිනේෂ් චන්දිමාල් අබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණේ ලකුණු 12 ක් රැස් කරගෙන සිටියදී ය. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 31 ක් රැස් කළේය. නොදැවී කඩුල්ලේ රැදි සිටින කුසල් මෙන්ඩිස් රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 94කි. දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා කඩුලු 7 ක් අතැතිව ලකුණු 277 ක් පිටුපසින් සිටී.
2018-06-09T20:13:25.000Z
මෙරට ටෙලිවිෂන් වංශ කතාවේ නව්‍යකරණයේ පෙර ගමන්කරු සිරස ටී.වී. 20 වැනි වසරට
නව්‍යකරණයේ පෙර ගමන්කරු සිරස ටී.වී. 20 වැනි වසරට
COLOMBO (News 1st) - මෙරට ටෙලිවිෂන් වංශ කතාවේ, නව්‍යකරණයේ පෙර ගමන්කරුවා වන සිරස ටී.වි. අද 20 වැනි සංවත්සරය සමරනු ලැබේ. ඒ, නව්‍ය අකෘති සහිතව වැඩසටහන් පෙළ ගැස්ම ද අලුත් කරමිනි. ටෙලිවිෂනයෙන් මෙරට ජනතාවට නැවුම් අත්දැකීම් තිළිණ කරමින් මීට දශක දෙකකට පෙර 1998 වසරේ අද වැනි දිනක, සිරස ටී.වී. නාලිකාව ආරම්භ විය. ඒ 'සාමාන්‍යයෙන්, අසාමාන්‍ය' දෙයක් යන තේමාව යටතේයි. ලාංකේය රූපවාහිනී කලාවේ තීරණාත්මක මං සළකුණක් සනිටුහන් කරමින් එදා ඇරඹි සිරස ටී.වී. නාලිකාව, නැවුම් ආකෘති ඔස්සේ විකාශය කළ වැඩසටහන් තුළින් මෙරට ජන විඥානයට ආමන්ත්‍රණය ක‍ළේය. රස පූර්ණ දෙස් - විදෙස් ටෙලි නාට්‍ය හරහා පොදු ජන රසාස්වාදය ලබාදෙන සිරස ටී.වී. විකාශය කරන කලාත්මක, කාලීන, දේශපාලන වැඩසටහන් වටා අදටත් රොක්ව සිටින ප්‍රේක්ෂක ප්‍රජාව අති විශාලයි. රියැලිටි ටී.වී. හෙවත් ප්‍රාසාංගික රූපවාහිනී අත්දැකීම් මෙරටට හඳුන්වාදීමේ පුරෝගාමියා වන්නේ ද සිරස ටී.වී. නාලිකාවයි. සිරස සුපර් ස්ටාර් වැඩසටහන හරහා ගම්දනව්වල සිටින දක්ෂයින් වෙනුවෙන් එදා සිරස ටී.වී. තැනූ වේදිකාවෙන් උපන් දක්ෂයින්, අද මෙරට ගායන ක්ෂේත්‍රය ආලෝකමත් කරමින් සිටී. පුංචි පහේ මං ,සිරස ලක්ෂපති, පෙන්ටතලන්, ඩිබෙටර් වැනි වැඩසටහන් තුළින් ප්‍රේක්ෂක විචාර දැනුම වර්ධනය කිරීමට ද සිරස ටී.වී. පුරෝගාමී මෙහෙවරක නිරත විය. ස්වභාවික විපත්, ආපදා වැනි අවස්ථා වලදී හුදී ජන සුබසෙත වෙනුවෙන් සිරස ටී.වී. කැපවුණේ විපතට පත් ජනතාවට ලෙංගතු නෑයෙකු වෙමිනි. විවිධ බාධක, කුරිරු ප්‍රහාර හමුවේ නොසැලී 20 වසරක් ජනතා නාලිකාව ලෙස රැඳෙන්නට අපට ශක්තියක් වූයේ ප්‍රේක්ෂක ඔබයි. අද, 20 වැනි වසරට පා තබන සිරස ටී.වී. නාලිකාවට නිව්ස්ෆස්ට් සුබ පැතුම්...!! 
2018-06-09T11:22:38.000Z
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහට CID යන්න සිද්ධ වුණු හේතුව?
අයිරාංගනී සේරසිංහට CID යන්න සිද්ධ වුණු හේතුව?
COLOMBO (News 1st) - මෙරට ජ්‍යේෂ්ඨතම රංගවේදීනී අයිරාංගනී සේරසිංහ මහත්මිය අද සිය 91 වන ජන්ම දිනය සමරයි. උපන් දිනයට සුබ පැතුම් අරන් නිව්ස්ෆස්ට් කණ්ඩායම අද ඇගේ නිවහනට ගොඩවිණි.
2018-06-09T11:08:31.000Z
කිලෝවොට් 132ක විදුලි රැහැනක ඇති වූ දෝෂයක් හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටෙයි
ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටෙයි
COLOMBO (News 1st) - අම්බලන්ගොඩ, ගාල්ල, මාතර, හම්බන්තොට, බලංගොඩ, රත්නපුර, දෙණියාය සහ ඇඹිලිපිටිය ප්‍රදේශවලට විදුලි සැපයුම ඇණහිට තිබේ. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, නව ලක්ෂපාන සිට බලංගොඩ දක්වා දිවෙන කිලෝවොට් 132ක විදුලි රැහැනක ඇති වූ දෝෂයක් හේතුවෙන් එම බිඳ වැටීම සිදුව ඇති බව ය. විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා කණ්ඩායම් පිටත් කර හැරි බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
2018-06-09T10:15:37.000Z
සයිටම් හිටපු ප්‍රධාන විධායක නිලධාරියා රිමාන්ඩ්
සයිටම් හිටපු ප්‍රධාන විධායක නිලධාරියා රිමාන්ඩ්
COLOMBO (News 1st) - සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ය. පසුගිය වසරේ ඔහු ගමන් කළ මෝටර් රථයට සයිටම් ආයතනය ආසන්නයේ වෙඩි ප්‍රහාරයක් එල්ල විය. වෛද්‍ය සමීර සේනාරත්න මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ය. අත්අඩංගුවට ගත් සමීර සේනාරත්න මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
2018-06-09T10:07:51.000Z
ක්‍රීඩා බලධාරීන්ගේ අත්තනෝමතික තීරණයක් හේතුවෙන් තවත් පදක්කමක් ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි
ක්‍රීඩා බලධාරීන්ගේ අත්තනෝමතික තීරණය
COLOMBO (News 1st) - ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව අද තවත් රන් පදක්කමක් දිනා ගත්තේ ය. ශූරතාවලියේ 3 වැනි දිනය වූ අද නව ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාවක් සමගින් ලෝකඩ පදක්කමක් ද ශ්‍රී ලංකා කණ්ඩායම දිනා ගැනීමට සමත් විය. මේ අතර ක්‍රීඩා බලධාරීන්ගේ හිතුවක්කාර තීරණයක් හේතුවෙන් මෙවර ශූරතාවලියේ මීටර් 100 බාලිකා සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට හිමි වීමට තිබූ තවත් පදක්කම් බලාපොරොත්තුවක් ගිලිහී ගියේ ය. ජාපානයේදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 බාලිකා සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් හොංකොං කණ්ඩායමේ කාලය ලෙස සටහන්ව තිබුණේ, තත්පර 47කි. කෙසේ වෙතත් පසුගියදා නිමාවට පත් වූ දකුණු ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී තත්පර 46.23 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් මීටර් 100 බාලිකා සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වීමේ අවස්ථාව හිමි නොවිණි. මේ සම්බන්ධයෙන් ක්‍රීඩා බලධාරීන් කියා සිටියේ, එම කණ්ඩායම නියමිත පරිසාදන මට්ටම සපුරා නොමැති බව ය. නමුත් තත්පර 47 ක කාලයක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනා ගත් හොංකොං කණ්ඩායමට අභියෝග කිරීමට මෙවර ශූරතාවලියට සහභාගී වීමට ඉඩ නොලැබුණු ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව තිබූ බව ක්‍රීඩා විශ්ලේෂකයින්ගේ අදහස යි. කෙසේ නමුත් ක්‍රීඩා බලධාරීන්ගේ හිතුවක්කාර තීරණ හේතුවෙන් මේ ගිලිහී ගියේ රන් පදක්කමක් ද විය හැකි ය. මේ අතර ශූරතාවලියේ 3 වන දිනය වූ අද ශ්‍රී ලංකාව වෙනුවෙන් මීටර් 3000 බාලිකා බාධක දිවීම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පාරමී වසන්ති මාරිස්ටෙලා සමත් වූවා ය. එහිදී ඇය සිය පුද්ගලික හොඳ ම දක්ෂතාව වාර්තා කරමින් මිනිත්තු 10 තත්පර 21 යි දශම 5 යි 4 ක කාලයකින් තරගය අවසන් කළා ය. මේ අතර වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයේ දිල්ෂි කුමාරසිංහ මීටර් 800 බාලිකා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ, එම ඉසව්ව සඳහා වූ ශ්‍රී ලංකා කනිෂ්ඨ වාර්තාව ද අලුත් කරමින් වීම විශේෂත්වයකි. ඇය තරගය අවසන් කළේ, මිනිත්තු 2 යි තත්පර 4 යි දශම 5 යි 3 ක දක්ෂතාවක් දක්වමිනි. දිල්ෂි ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 400 බාලිකා ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ඊයේ සමත් වූවා ය. ශූරතාවලියේදී ශ්‍රී ලංකාව මේ වන විට රන් පදක්කම් 2 ක් රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන තිබේ.
2018-06-09T09:51:52.000Z
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ගිය මාසයේ ආදායම රු. 537,500ක් ද?
සරත් ෆොන්සේකාගේ ගිය මාසයේ ආදායම රු. 537,500ක් ද?
COLOMBO (News 1st) - තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ පින්නවල අලි අනාථාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ප්‍රශ්නය - ඊයේ පාර්ලිමේන්තුවෙදී උපයන විට බද්ද අයින් කළා ද ඇමතිවරුන්ට? ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රදේශීය සංවර්ධන අමාත්‍ය "ඒකෙ විශාල විෂමතාවත් තිබුණා. මට පාර්ලිමේන්තුවේ මූලික වැටුප තියෙන්නේ 65000ක්. ඒ බදු ක්‍රමයට කැපෙනවා 75000ක්. එතකොට දෙනවට වඩා ඒකට කැපෙනවා. මම හිතන්නෙ ඒ ක්‍රමයේ යම් වරදක් තියෙනවා. අපි පාවිච්චි කරන වාහනයට යම් බද්දක් ගහනවා. කාර්යාලයේ උපකරණවලටත් බදු වදිනවා. මම හිතන්නේ ඒ ක්‍රමය ප්‍රායෝගික නෑ වගේ. මම හිතන්නෙ රජයේ නිලධාරීන්ටත් ඒක බලපානවා. අපේ ලේකම්ලට වගේ ඒක මන්ත්‍රීවරුන්ට විතරක් නොවේ. ඒක ප්‍රයෝගික ක්‍රමයකට සකස් වෙන්න ඕන" නමුත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට අනුව මාසික ආදායම රුපියල් 350,000ක් දක්වා උපයන විට අය කිරීම් බද්ද රුපියල් 30,000කි. ඉන් වැඩි වන මුදල සඳහා 24% ක බදු ප්‍රතිශතයක් අය කරනු ලබයි. ඒ අනුව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරන මාසයේ ඔහුගේ මාසික ආදායම රුපියල් 537,500ක් විය යුතු යි.
2018-06-09T08:33:14.000Z
පුත්‍රයාගේ කෙරුවාව ගැන ඇමති රංගේ බණ්ඩාර කියූ කතාව
පුත්‍රයාගේ කෙරුවාව ගැන ඇමති රංගේ බණ්ඩාර කියූ කතාව
COLOMBO (News 1st) - රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අද පෙරවරුවේ අනමඩුව ප්‍රදේශයේදී ශිෂ්‍යත්ව වැඩමුළුවකට සහභාගී විය. එහිදී තම පුත්‍රයා පසුගියදා සිදු කළ රිය අනතුර සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේ ය.
2018-06-09T03:39:40.000Z
පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු මරුට
වත්තේගමදී අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු මරුට
COLOMBO (News 1st) - වත්තේගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙක් මිය ගියහ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මොවුන් දෙදෙනා මදූෂ් සහ අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයින්ගේ සහයකයින් ලෙස කටයුතු කර ඇති බව ය. මිය ගිය එක් සැකකරුවෙකු බයිලා නොහොත් රුමල්ෂ ඉරේෂ් මදුෂංක නවගමුව ලෙස හඳුනාගෙන තිබේ. මොවුන් රනාල, අතුරුගිරිය, හෝමාගම ප්‍රදේශවල කප්පම් මුදල් එකතු කරන්නන් ලෙස කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. සංවිධානාත්මක අපරාධකරුවෙකු පිළිබඳ තොතුරක් පරීක්ෂා කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය අද දහවල් වත්තේගම - තෙල්දෙණිය මාර්ගයේ මඩවල ප්‍රදේශයේදී හදිසි මාර්ග බාධකයක් යොදවා තිබේ. එහිදී සුඛෝපභෝගී මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි සිටි සැකකරුවන් පොලිස් විශේෂ කාර්ය බලකායට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් තුවාල ලැබූ සැකකරුවන් දෙදෙනා කටුගස්තොට රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී රිවෝල්වරයක් සහ පිස්තෝලයක් ද සොයා ගත් බව ය. මෙම සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනාට එරෙහිව මනුෂ්‍ය ඝාතන ,මුදල් කොල්ල කෑම් වැනි චෝදනාවලට අදාළව නඩු 11ක් පමණ ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.
2018-06-09T01:09:13.000Z
ප්‍රවීණ සාහිත්‍යධරයෙකු වූ සෝමවීර සේනානායක අභාවප්‍රාප්ත වෙයි
සෝමවීර සේනානායක අභාවප්‍රාප්ත වෙයි
COLOMBO (News 1st) - ප්‍රවීණ සාහිත්‍යධරයෙකු සහ තිර පිටපත් රචකයෙකු වූ සෝමවීර සේනානායක මහතා අද අලුයම අභාවප්‍රාප්ත විය. මිය යන විට 74 වන වියේ පසුවූ ඒ මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.
2018-06-08T22:09:42.000Z
නැගෙනහිර හා බස්නාහිර පළාත්වල මදුරු කීට ඝණත්වය ඉහළ යයි
මදුරු කීට ඝණත්වය ඉහළ යයි
COLOMBO (News 1st) - නැගෙනහිර හා බස්නාහිර පළාත්වල මදුරු කීට ඝණත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති නජිත් සුමනසේන මහතා පැවසුවේ මඩකලපුව, එරාවුර් මෙන් ම කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවල මෙම මදුරු කීට ඝණත්වය ඉහළ ගොස් ඇති බව ය. මේ වන විට ඇතැම් ප්‍රදේශවල මදුරු කීට ඝණත්වය බ්‍රිටෝ දර්ශක අංගය 20 සිට 25 දක්වා ඉහළ ගොස් ඇතැයි ඔහු පැවසුවේ ය.
2018-06-08T21:58:28.000Z
කුරුණෑගල දැඩි සුළඟකින් නිවාස රැසකට හානි
කුරුණෑගල දැඩි සුළඟකින් නිවාස රැසකට හානි
COLOMBO (News 1st) - කුරුණෑගල ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළඟකින් නිවාස 20කට හානි සිදුව තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, අද අලුයම මෙම සුළං තත්ත්වය වාර්තා වන බව ය. විපතට පත් වූවන්ට සහන සැලසීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ද ඔහු පැවසුවේ ය. මේ අතර කුකුළේ ගඟ ජලාශ්‍රයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘතව පවතියි. මේ හේතුවෙන් බුලත්සිංහල පරගොඩ මාර්ගය ජලයෙන් යට වී ඇති බව අප ප්‍රාදේශීය වාර්තාකරු මංජුල සම්පත් සඳහන් කළේ ය. මේ අතර දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල පවතින සුළං වේගයේ ඉහළ යාම ඉදිරි දින කිහිපයේත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, අද දිනයේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව ය. ගාල්ල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා වැඩි විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
2018-06-08T20:05:37.000Z
මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනට ඔස්ට්‍රේලියාවෙන් ඩොලර් ලක්ෂ 7ක ආධාර
මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමට ඔස්ට්‍රේලියාවෙන් ආධාර
COLOMBO (News 1st) - මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන සඳහා ඉදිරි දෙවසර තුළදී ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 7ක ආධාර ලබා දීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ, මෙම නව ආධාර මගින් උතුරු පළාතේ මන්නාරම, වව්නතිව්, කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා වැදගත් වන අතිරේක ශක්‍යතාවක් සැපයෙනු ඇති බව ය. එමගින් විශාල පවුල් ප්‍රමාණයකට නැවත තමන්ගේ ඉඩම්වලට පැමිණීමටත් ජීවිත නැවත ආරම්භ කිරීමටත් ඉඩ ප්‍රස්ථා ලැබෙන බව එම කාර්යාලය සඳහන් කළේ ය. ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ, වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ආධාර ලබා දෙන්නන් අතර ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසුවන අතර 2009 වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන 2 ක පමණ ආධාර මුදලක් ලබා දී ඇති බව ය. බිම් බෝම්බ තහනම් කිරීමේ ජාත්‍යන්තර සම්මුතියට 2017 වසරේ දෙසැම්බර් මස සිට ශ්‍රී ලංකාව ද එකඟත්වය පළ කර ඇති අතර මේ වසරේ ජූනි පළමු වන දා සිට එය ක්‍රියාත්මක බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ය.
2018-06-08T19:28:14.000Z
කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති වෙඩි තබා ඝාතනය කෙරේ
කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඝාතනය කෙරේ
COLOMBO (News 1st) - කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල් සම්පත් මහතා වෙඩි තබා ඝතනය කර තිබේ. ඊයේ රාත්‍රී 10.30ට පමණ ගාල්ල කොරකීණ මන්සන්ධිය ආසන්නයේදී මෙම ඝාතනය සිදු වී ඇත්තේ, උප සභාපතිවරයා කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී ය. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල් සම්පත් හා තවත් තිදෙනෙකු කැබ් රථයකින් ඌරගස්මන්සන්ධිය දෙස සිට කරන්දෙණිය දෙසට ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ඔවුන්ට වෙඩි තබා තිබේ. පොලීසිය පැවසුවේ, ඝාතනය සිදු කර පළා යමින් සිටියදී යතුරු පැදිය ද අනතුරකට ලක්ව ඇති බව ය. එහිදී එක් සැකකරුවෙකු තුවාල ලැබූ බව පවසා ප්‍රතිකාර සඳහා ඌරගස්මන්සන්ධිය රෝහලට ඇතුළත්ව තිබේ. පොලීසිය පැවසුවේ, ඔහු සැකකරුවන් පැමිණි යතුරු පැදිය පැදවූ පුද්ගලයා බව ය. 22 හැවිරිදි මාගල ගවරාගේ පුතා හෙවත් අසේල රණසිංහ නමැති ඔහු සැකපිට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඝාතනය සිදු වූ ස්ථානයේ තිබී අපරාධකරුවන් පැමිණි යතුරු පැදිය, ටී 56 ගිනිඅවියක මැගසින් එකක් හා ජංගම දුරකතනයක් පොලීසිය භාරයට ගෙන ඇති අතර පොලීසිය සැක පළ කරන්නේ මෙය පාතාල කල්ලි දෙකක් අතර ඇති මත ගැටුමක ප්‍රතිඵලයක් බවට ය. මෙලෙස ඝාතනයට ලක් කෙරුණු කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ බාල සහොයුරා මීට පෙර ගිනිඅවි ළඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි. පොලීසිය පවසන්නේ, ඝතනයට ලක් වූ උප සභාපතිවරයා හා දකුණේ පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකන කොස්ගොඩ සුජී අතර කලක සිට පැවති මිතුදම මීට කලකට පෙර විරසකයක් දක්වා දිග්ගැසී ඇති බව ය. පාතාල කල්ලි ක්‍රියාකාරකම් හේතුවෙන් පසුගිය කාලයේ ප්‍රාදේශීය දේශපාලනඥයින් කිහිප දෙනෙකුට ම ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු විය. ඊට ආසන්නතම සිදුවීම වාර්තා වුණේ, පසුගිය මස 24 වන දා දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු වූ රන්ජිත් ද සිල්වා පාතාල කල්ලියක වෙඩි තැබීමකින් ඝතනයට ලක් වීම ය.
2018-06-08T11:51:28.000Z
අමෙරිකාවේ අයිවි ලීග් විශ්වවිද්‍යාලයක් වන බ්‍රවුන් සරසවිය සිය උසස් පර්යේෂණ සඳහා ගම්මැද්ද තෝරා ගනී
ෂෙවාන් ගම්මැද්ද පිළිබඳව බ්‍රවුන් සරසවියේදී අමතයි
COLOMBO (News 1st) - ගම්මැද්ද වැඩසටහන ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ වඩාත් සාර්ථක ගෝලීය උදාහරණයක් ලෙස බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ උසස් පර්යේෂණ ආයතනයේදී පසුගියදා ඉදිරිපත් කිරීමක් සිදු කෙරිණි. කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියල් මහතා රෝඩ් දිවයිනේ පිහිටා ඇති අමෙරිකාවේ උසස් විශ්වවිද්‍යාලයක් අමතමින් මෙලෙස එම වැඩසටහන පිළිබඳව දේශනයක් පැවැත්විය. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ව්‍යසායකත්ව හා නවෝත්පාදන පිළිබඳ මහාචාර්ය ලින්ඩා ස්කොට් මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූවා ය. විශ්වවිද්‍යාලයීය ජාත්‍යන්තර උසස් තාක්ෂණ ආයතනය(BIARI) ගෝලීය ගැටලු විසඳීම සඳහා ශ්‍රාස්ත්‍රාලීය, වෘත්තීය සහ භූගෝලීය සීමාවන් හරහා කටයුතු කිරීම සඳහා ලොව පුරා සිටින විද්වතුන් සහ වෘත්තිකයින් මෙම හමුව සඳහා කැඳවයි. මෙහිදී බ්රවුන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු විසින් සමාන්තර මාර්ග 3ක් ඉදිරිපත් කර තිබේ. සමාජ ව්‍යවසායකත්වය යනු සෞඛ්‍ය සහ මානුෂීය අංශ ඇතුළුව අසමාන තත්ත්වයන් පරිවර්තනය කරන තරුණ ක්ෂේත්‍රයකි.
2018-06-08T09:44:25.000Z
සිරස TV ජූනි 10 සිට නවමු ආරකින් ප්‍රේක්ෂක ඔබ වෙත
සිරස TV ජූනි 10 සිට නවමු ආරකින් ප්‍රේක්ෂක ඔබ වෙත
COLOMBO (News 1st) - මෙරට ටෙලිවිෂන් වංශ කථාවේ නව්‍යකරණයේ පෙර ගමන්කරුවා වන සිරස ටී.වී. එළැඹෙන ජූනි 10 වන දා සිය 20 වන සංවත්සරය සමරයි. ඊට සමගාමීව එහි වැඩසටහන් පෙළගැස්මේ නව්‍යතා රැසක් සමගින් ප්‍රේක්ෂක ඔබ වෙත සමීප වීමට අප සූදානම්. සිරස ටී.වී. 20 වන සංවත්සරය අරමුණු කර ගනිමින්, සැණකෙළියට සැරසෙමින් යන තේමාව යටතේ නව වැඩසටහන් පෙළගැස්ම පිළිබඳව ඊයේ කොළඹදී දැනුවත් කෙරිණි. අළෙවි ආයතන, වෙළෙඳ ප්‍රචාරණ ආයතන හා වාණිජ සමාගම් විශාල ප්‍රමාණයක නියෝජිත මහත්ම මහත්මීන් මේ සඳහා එක්ව සිටියහ.
2018-06-08T09:33:28.000Z
නකල්ස් රක්ෂිතයේ කිසිදු ව්‍යාපෘතියක් සිදු නොවන බවට ඇමති කිරිඇල්ල පැවසුවත් ඇත්ත මෙන්න...
නකල්ස් රක්ෂිතයේ ව්‍යාපෘතියක්
COLOMBO (News 1st) - නකල්ස් රක්ෂිතය ඉඩම් අයෝජකයින්ට ලබා දීමේ සූදානමක් ඇති බවට පරිසර සංවිධාන දිගින් දිගටම චෝදනා කළේ ය. එම චෝදනාවන්ට පිළිතුරු දෙමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ, නකල්ස් රක්ෂිතයේ කිසිදු ආයෝජන යෝජනාවක් අනුමත කර නොමැති බව ය. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා නිව්ස්ෆස්ට් කණ්ඩායමක් අද නකල්ස් රක්ෂිත ප්‍රදේශයේ සංචාරයක නිරත විය. මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9ක් ආවරණය වන පරිදි පිහිට දුම්බර මිටියාව‍තේ පිහිටි ඇල්කඩුව රජයේ වැවිලි සමාගමට අයත් රත්වත්ත වතුයායේ දැනටත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. මෙහි අක්කර 4 ක පමණ භූමියක පිහිටි පාෂාණ කඩා ඉවත් කිරීමට පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට අවසර ලබා දී තිබේ. 2010 වසරේදී මෙම නකල්ස් රක්ෂිත ‍ප්‍රදේශය ලෝක පරිසර උරුමයක් ලෙස නම් කර තිබෙන අතර පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ, රක්ෂිතයේ ඉඩම් විවිධ ව්‍යාපෘති සඳහා යොදා ගැනීමේ සූදානමක් පවතින බව ය. නකල්ස් රක්ෂිතය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා එවක පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සුවිශේෂී කාර්ය භාරයක් කළේ, ෆයිසර් මුස්තෆා මහතා ය. ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා මාධ්‍ය ඉදිරියට පැමිණ අභියෝග කළේ මේ ප්‍රදේශයේ කිසිදු ව්‍යාපෘතියක් සිදු නොවන බව ය. වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී පිළිතුරු නොදී පිටව ගිය අමාත්‍යවරයාට අප දැන් අභියෝග කරන්නේ ඇල්කඩුව වතුයායේ සිදු කරන ව්‍යාපෘතියට අවසර ලැබුණේ කෙසේ ද යන්න යි. මේ අයුරින්ම මධ්‍යම අධිවේගී මාර්ග වංචාව ගැන ප්‍රශ්න කරද්දී කිරිඇල්ල අමාත්‍යවරයා මාධ්‍ය මගහැර පළා ගිය අයුරු ඔබට මතක ද?
2018-06-08T08:51:32.000Z
බැඳුම්කර මුදල් ගත් පුද්ගල නම් හෙළි කිරීම වැළැක්වීමට බලපෑම් කළ රජයේ ප්‍රබලයා කවුද?
නම් හෙළි කිරීම වැළැක්වීමට බලපෑම් කළේ කවුද?
COLOMBO (News 1st) - බැඳුම්කර වංචාවට සම්බන්ධ වූවන්ගෙන් වරප්‍රසාද ලැබූ බවට මන්ත්‍රීවරුන්ට නැගෙන චෝදනා ගැන අදත් පාර්ලිමේන්තුවේදී විවාදයක් ඇති විණි.
2018-06-08T08:49:47.000Z
ධූරය අත්හැරීමට සූදානම් - රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ කියයි
"ධූරය අත්හැරීමට සූදානම්"
COLOMBO (News 1st) - රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අනුබද්ධ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමෙන් අවස්ථා තුනකදී චෙක්පත් මගින් මුදල් ලබාගෙන ඇතැයි සිදුව ඇති අනාවරණයට ඔහු එහිදී ප්‍රතිචාර දැක්වුවේ ය.
2018-06-08T07:02:22.000Z
ප්‍රතිභාපූර්ණ නිවේදන කෞෂල්‍යයෙන් රසික සිත් අමන්දානන්දයට පත් කළ ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න දැයෙන් සමුගනියි
හේම නලින් කරුණාරත්න දැයෙන් සමුගනියි
COLOMBO(News 1st) - ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ රූපවාහිනී පූරකවරයෙකු වූ අභාවප්‍රාප්ත හේම නලින් කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද දහවල් සිදු කෙරිණි. ඒ, බොරැල්ල පොදු සුසාන භූමියේදී ය. හේම නලින් කරුණාරත්න මහතා මාලඹේ මිල්ලගහවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වුණේ, පසුගිය 5 වන දා ය. මොළය අභ්‍යන්තරයේ සිදු වූ රුධිර වහනයක් හේතුවෙන් ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 56 වන වියෙහි පසු විණි. රූප පෙට්ටියට නව වැඩසටහන් ආකෘති හඳුන්වා දුන් ඔහු, කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි. එදා මෙදා තුර තමාටම අනන්‍ය වූ රීතියකින් පූරක වෘත්තීයට ජීවය දුන් හේම නලින් කරුණාරත්න මහතා අද අවසන් ගමන් ගියේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන මතක සටහන් රැසක් ඉතිරි කරමිනි.
2018-06-08T06:01:02.000Z
පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
යශෝධ රංගේ බණ්ඩාර රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
COLOMBO (News 1st) - රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතා ලබන 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඔහු ප්‍රතිකාර ලබන ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පැමිණ ලබා දුන් නියෝගයකට අනුව ය. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී යශෝධ රංගේ බණ්ඩාර මහතා අද අලුයම ආරච්චිකට්ටුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබී ය. ඒ, රාජ්‍ය දේපල සාපරාධී සාවද්‍ය පරිහරණය, බීමත්ව රිය පැදවීම, රිය අනතුරක් සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ ය. පෙරේදා අලුයම යශෝධ රංගේ බණ්ඩාර මහතා පැදවූ කැබ් රථයක් ආරච්චිකට්ටුව කෝට්ටපිටිය මංසන්ධියේදී අනතුරට ලක් වීමෙන් ඔහු ඇතුළු පුද්ගලයින් 4 දෙනෙක් තුවාල ලැබූහ. එහිදී කැබ් රථය තාප්පයකට හානි කරමින් නිවසක් වෙතට ධාවනය වී ඇති බව පොලීසිය පැවසුවේ ය. අනතුර සිදු වූ අවස්ථාවේ යශෝධ රංගේ බණ්ඩාර මහතා ගමන් කළ කැබ් රථයේ තිබී කඩුවක් ද සොයා ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
2018-06-08T05:26:06.000Z
ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හා රිදී පදක්කම් 3ක්
ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය
COLOMBO (News 1st) - ආසියානු වාර්තාවක් සමගින් රන් පදක්කමක් හා රිදී පදක්කම් තුනක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ඒ, ජපානයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වෙමිනි. ජපානයේ ගිෆූහිදී පැවැත්වෙන තරගාවලියේ දෙවැනි දිනය වූ අද, මීටර් 400 බාලක අවසන් තරගය කාගෙත් අවධානයට ලක්විණි. ඒ, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අකුරම්බොඩ වීර කැප්පැටිපොළ ජාතික පාසලේ අරුණ දර්ශන හා කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පසිඳු කොඩිකාර ඊට සහභාගී වීම හේතුවෙනි. අරුණ මෙහිදී විශිෂ්ට ධාවනයක යෙදෙමින් වසර 12ක් පැරණි කනිෂ්ඨ ආසියානු වාර්තාව තමා සතු කර ගැනීමට සමත් වුණේ, වසර 6කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු රන් පදක්කමක් ද ලබා දෙමිනි. තත්පර 45.79 ක කාලයක් වාර්තා කළ දර්ශන, මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එම ඉසව්වෙන් දැක්වූ ඉහළ ම දක්ෂතාව දැක්වීම ද විශේෂත්වයකි. පසිඳු කොඩිකාර තත්පර 46.96 ක කාලයක් වාර්තා කරමින් මෙහි රිදී පදක්කමට හිමිකම් කීවේ මෙම වසර තුළ තත්පර 47 ට අඩු දක්ෂතාවක් දැක්වූ දෙවැනි අවස්ථාව සටහන් කරමිනි. මේ අතර එහි බාලිකා ඉසව්වට වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයේ ඩිල්ෂි කුමාරසිංහ සහභාගී වූවා ය. ඩිල්ෂි ද පුද්ගලික හොඳ ම දක්ෂතාව දක්වමින් මෙම ඉසව්වේ රිදී පදක්කම සතු කර ගැනීම විශේෂත්වයකි. තත්පර 54.03ක දක්ෂතාවක් දැක්වීමට ඇය සමත් වූ අතර ඉන්දියාවේ ජිස්නා මැතිව් තත්පර 53.26 ක දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනා ගත්තා ය. අද ශ්‍රී ලංකාවට හිමි වූ අනෙක් පදක්කම හිමි කර ගත්තේ, මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ අමාෂා ද සිල්වා යි. ඇය මීටර් 100 බාලිකා ඉසව්වට සහභාගී වෙමින් රිදී පදක්කම හිමි කර ගත්තේ, තත්පර 11.71 ක් වූ පුද්ගලික හොඳ ම දක්ෂතාව දක්වමිනි. ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලි ඉතිහාසයේ තරගාවලි 17ක් තුළ ශ්‍රී ලංකාව ලබා සිටියේ, රන් පදක්කම් 4 ක් ඇතුළුව පදක්කම් 20ක් පමණක් වන අතර අද ලබා ගත් පදක්කම් 4 මළල ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ශ්‍රී ලංකාව මෑත කාලයේදී වාර්තා කළ විශිෂ්ට දක්ෂතාවක් ලෙස සැලකිය හැකි .
2018-06-08T05:01:58.000Z
බෝමිරියේ රාජ්‍ය බැංකුවක මුදල් කොල්ලයක්
බෝමිරියේ රාජ්‍ය බැංකුවක මුදල් කොල්ලයක්
COLOMBO (News 1st) - කඩුවෙල, බෝමිරිය ප්‍රදේශයේදී රාජ්‍ය බැංකුවකට කඩා වැදුණු ආයුධ සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙකු මුදල් කොල්ල කා පළා ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද දහවල් යතුරු පැදියකින් පැමිණි මුහුණු ආවරණය කර ගත් සැකකරුවන් කාර්ය මණ්ඩලය බිය ගන්වා එලෙස මුදල් පැහැරගෙන ගොස් ඇති බව ය. ඔවුන් පැහැරගෙන ගොස් ඇති මුදල් ප්‍රමාණය රුපියල් 127,700කි. සැකකරුවන් සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.
2018-06-08T03:22:04.000Z
දියා මීර්සා දිගු නිහැඬියාවකට පසු යළි රිදී තිරයට
දියා මීර්සා දිගු නිහැඬියාවකට පසු යළි රිදී තිරයට
(News 1st) - බොලිවුඩ් නිළි දියා මීර්සා, දිගු නිහැඬියාවකට පසු යළි රිදී තිරයට පිවිසීමට සූදානම් වේ. ඒ, 'සංජු' බොලිවුඩ් සිනමා සිත්තමට රංගනයෙන් එක් වෙමින් . ඇය සමගින් එහි ප්‍රධාන චරිත නිරූපනයට එක් වන්නේ බොලිවුඩ් නළු රන්බීර් කපූර්. මනීෂා කොයිරාල, සෝනම් කපූර්, විකී කෞෂාල් සහ අනුෂ්කා ෂර්මා ඇතුළු නළු නිළියන් රැසක් ඊට රංගනයෙන් දායක වේ.
2018-06-08T03:10:55.000Z
ෆ්ලයි ඩුබායි මත්තල ගුවන් ගමන් අත්හිටුවයි
ෆ්ලයි ඩුබායි මත්තල ගුවන් ගමන් අත්හිටුවයි
COLOMBO (News 1st) - ෆ්ලයි ඩුබායි ගුවන් සේවය, මත්තල දක්වා පැමිණෙන සිය ගුවන් ගමන් අත්හිටුවා තිබේ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ, මාර්තු සිට ඔක්තෝබර් අතර කාලසීමාවේදී මත්තල දක්වා පියාසර කරන ගුවන් ගමන් නතර කිරීමට අවසර ලබා දෙන්නැයි අදාළ ගුවන් සමාගම රජයෙන් ඉල්ලීමක් කළ බව ය. ගුවන් වාර පැවැත්වෙන දිනකදී මත්තල දක්වා එම ගුවන් සේවය භාවිත කරන මගීන් සංඛ්‍යාව 13 ත් 15 ත් අතර සංඛ්‍යාවකි. මේ හේතුවෙන් තම සමාගමට පාඩු සිදුවන බව පවසමින් ෆ්ලයි ඩුබායි ගුවන් සේවය අදාළ ඉල්ලීම කර තිබුණි. ෆ්ලයි ඩුබායි ගුවන් යානාවල අවස්ථා 26 කදී පමණ කුරුල්ලන් වැදීමේ සිද්ධීන් ද වාර්තා වීම මීට තවත් හේතුවක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
2018-06-08T00:36:22.000Z
මොහොමඩ් ඉස්මයිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
මොහොමඩ් ඉස්මයිල් මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි
COLOMBO (News 1st) - මොහොමඩ් ඉස්මයිල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය. ඒ, කතානායක කරූ ජයසූරිය මහතා ඉදිරියේදී ය. සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ මොහොමඩ් හනීෆා මොහොමඩ් නවවි මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා විසින් මොහොමඩ් ඉස්මයිල් මහතා යෝජනා කරනු ලැබිණි. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වුණේ පෙරේදා රාත්‍රියේදී ය.
2018-06-08T00:01:21.000Z
ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වූ සිසුන්ට පෙළ පොත් බෙදා හැරීම ඇරඹෙයි
ආපදා තත්ත්වයෙන් බලපෑම් එල්ල වූ සිසුන්ට පෙළ පොත්
COLOMBO (News 1st) - ආපදා තත්ත්වයෙන් පෙළ පොත් අහිමි වූ පාසල් සිසුන් සඳහා පෙළ පොත් බෙදා හැරීම ආරම්භ කර තිබේ. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තිස්ස හේවාවිතාන මහතා ප්‍රකාශ කළේ, අවශ්‍යතාව අනුව පෙළ පොත් ලබා දෙන්නැයි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව ය. ඒ අනුව, පෙළ පොත් අහිමි සිසුන් පිළිබඳ විස්තර, කඩිනමින් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව යොමු කරන්නැයි ද ලේකම්වරයා සියලු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටී. මේ අතර, ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ සිසුන්ට ඉදිරි මාස දෙක තුළ නිල ඇඳුම් සහ පාවහන් ලබාදෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් තිස්ස හේවාවිතාන මහතා ප්‍රකාශ කළේය.
2018-06-07T23:08:45.000Z
බේරුවලින් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්
බේරුවලින් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්
COLOMBO (News 1st) - බේරුවලින් මුහුදු ගිය යාත්‍රාවක සිටි ධීවරයෙකු අතුරුදන්ව තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, මුහුදු ගොස් ගොඩබිමට පැමිණෙමින් සිටියදී බෝට්ටුව විශාල රළ පහරකට හසුවීමෙන් පසු එහි සිටි ධීවරයා මුහුදට වැටී ඇති බව ය. එලෙස අතුරුදන්ව ඇත්තේ බේරුවල පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. නාවික හමුදාවේ සහයෙන් ඔහු සෙවිමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය.
2018-06-07T21:22:26.000Z
කොරියානු යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමක් ගැන ට්‍රම්ප්ගෙන් ඉඟියක්
ට්‍රම්ප්ගෙන් ඉඟියක්
(News 1st) - උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සහ තමන් අතර සිංගප්පූරුවේදී පැවැත්වෙන හමුවේදී කොරියානු යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමකට අත්සන් තැබීමට ඉඩ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ලබන 12 වනදා පැවැත්වෙන එම හමුව යම් දිනෙක උතුරු කොරියාව සමග සබඳතා සාමාන්‍ය අතට පත් කිරීමට හේතු විය හැකි බව ද ජනපති ට්‍රම්ප් කියා සිටියේය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම අදහස් පල කළේ, ජපාන අගමැති ශිංසෝ අබේ සමඟ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි. ජනපති ට්‍රම්ප් එහිදී වැඩි දුරට ත් කියා සිටියේ උතුරු කොරියානු නායකයා හා තමන් අතර පැවැත්වෙන පළමු හමුවේදී ගිවිසුමකට අත්සන් තැබීමට ද අපේක්ෂා කරන බව ය.
2018-06-07T20:53:48.000Z
දිස්ත්‍රික්ක 4කට නාය යාමේ අනතුරු ඇඟවීමක්
දිස්ත්‍රික්ක 4කට නාය යාමේ අනතුරු ඇඟවීමක්
COLOMBO (News 1st) - පවතින වැසි සහිත කාලගුණයත් සමඟ මහනුවර, රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ, ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, අද පස්වරු 6 දක්වා එම අනතුරු ඇඟවීමේ නිවේදන ක්‍රියාත්මක බව ය. මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද පැයට කිලෝමීටර 60 ත් 70 ත් අතර ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
2018-06-07T20:47:19.000Z
පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා අත්අඩංගුවට
පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා අත්අඩංගුවට
COLOMBO (News 1st) - රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව ය. රාජ්‍ය දේපල සාපරාධී සාවද්‍ය පරිහරණය, බීමත්ව රිය පැදවීම, රිය අනතුරක් සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. පෙරේදා අලුයම, යශෝධ රංගේ බණ්ඩාර මහතා පැදවූ කැබ් රථයක් ආරච්චිකට්ටුව, කෝට්ටපිටිය මංසන්ධියේදි අනතුරට ලක්වීමෙන් ඔහු ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලැබිණි. එහිදී කැබ් රථය තාප්පයකට හානි කරමින් නිවසක් වෙතට ධාවනය වී ඇති බව පොලීසිය පවසයි. අනතුර සිදුවූ අවස්ථාවේ යශෝධ රංගේ බණ්ඩාර මහතා ගමන් කළ කැබ් රථයේ තිබී කඩුවක් ද සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.
2018-06-07T20:34:18.000Z
කොදෙව්වන් ඉදිරියේ ශ්‍රී ලංකාව අසීරු අඩියක
කොදෙව්වන් ඉදිරියේ ශ්‍රී ලංකාව අසීරු අඩියක
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද තුන්වැනි දිනටත් පැවැත්වේ. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය අවසන් වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 31ක් රැස් කරගෙන සිටියේය. කොදෙව් දූපත් හී ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණය පැවැත්වෙන තරගයට ඊයේ දිනයේදී අවස්ථා කිහිපයකදීම වර්ෂාවෙන් බාධා එල්ල විය. දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් කඩුලු 6 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 246 කි. ශේන් ඩොව්රිච් සහ දේවේන්ද්‍ර බිෂෝ නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය. ඔවුන් දෙදෙනා අතර සත්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 102කි. බිෂෝ ලකුණු 40ක් රැස් කළේය. අනතුරුව කෙමර් රෝච් සහ ශේන් ඩොව්රිච් බටහිර ඉන්දිය කොදෙව් 8 වැනි කඩුල්ලට ලකුණු 75ක සබඳතාවක් ගොඩනැගුවේය. කෙමර් රෝච් ලකුණු 39ක් ලබා ගත්තේය. ඩොව්රිච් තම මංගල ටෙස්ට් ශතකය ඊයේ වාර්තා කිරිමට සමත් විය. ඔහු නොදැවී ලකුණු 125ක් රැස් කළේ හතරේ පහර 12ක්ද සමගිනි. ලහිරු කුමාර පන්දුවාර 31කදී ලකුණු 95කට කඩුලු 4ක් දවා ගත්තේය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවූයේ කඩුලු 8ක් දැවී ලකුණු 414ක් රැස් කරගෙන සිටියදී ය. අනතුරුව කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේය. කුසල් ජනිත් පෙරේරාට ලකුණු නොලබා පිටියෙන් ඉවත් විය. කුසල් මෙන්ඩිස්ට ලබාගත හැකි වූයේ ලකුණු 4කි. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 11කට දැවී ගියේය. ශ්‍රී ලංකා මුල් පෙල කඩුලු 3 බිඳ වැටුණේ ලකුණු 30කදීය.
2018-06-07T11:55:11.000Z
ශ්‍රීලංකන් ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි
ශ්‍රීලංකන් ප්‍රධාන විධායක නිලධාරීයා ඉල්ලා අස්වෙයි
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ, ඔහුගේ ඉල්ලා අස්වීම ගුවන් සේවයේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතාට භාර දී ඇති බවයි. ඒ අනුව සුරේන් රත්වත්තේ මහතා නියමිත සේවා කාලය සම්පූර්ණ වීමට පෙර සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවට වන නිවේදනය සභාපතිවරයා විසින් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය වෙත ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
2018-06-07T11:40:32.000Z
ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි
ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව රැස්වෙයි
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති නිල නිවසේදී අද රාත්‍රියේ පැවැත්විණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මධ්‍යම කාරක සභා රැස්වීම පැය 2කට අධික කාලයක් පැවති බව අප වාර්තාකරු පැවසුවේ ය. මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසුව පිටව ගිය මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ප්‍රතිසංධාන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව ය. එමෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් අද පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා වී නොමැත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසුවේ, මෙහිදී පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයට පත් වූ මහාචාර්ය රෝහන ලක්ෂ්මන් පියදාස මහතා ඇතුළු මහාචාර්යවරු සිව් දෙනෙකුට ජනපති අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය ලබා දුන් බව ය. එම මහාචාර්යවරු අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ද සිටීම විශේෂත්වයකි.
2018-06-07T11:19:26.000Z
ප්‍රමිතියෙන් තොර ආනයනික ටින් මාළු විශේෂ 28ක් වෙළෙඳපොළේ
ප්‍රමිතියෙන් තොර ටින් මාළු විශේෂ 28ක් වෙළෙඳපොළේ
COLOMBO (News 1st) - ප්‍රමිතියෙන් තොර ආනයනික ටින් මාළු විශේෂ 28ක් මේ වන විට වෙළෙඳපොළේ පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවට ගෙන්වන ටින් මාළු පරපෝෂිත ආසාදනයකට ලක්වී ඇති බවට පසුගිය දිනවල විවිධ පාර්ශව චෝදනා කළේ ය. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, අප්‍රේල් මස 11 වන දා සිට මේ දක්වා මෙරටට ආනයනය කරන ලද ටින් මාළු තොග බහාලුම් 60ක් පරීක්ෂාවට ලක් කළ බව ය. ඒවායින් ලබා ගත් සාම්පල් 184න් 149ක් පරපෝෂිත ආසාදනයන්ට ලක්වූ ටින් මාළු බවට තහවුරු කරගෙන ඇති අතර, එම බහාලුම් සියල්ල ආනයනය කරන රටවලට ම ආපසු යැවීමට කටයුතු කර ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය. එමෙන් ම ආරක්ෂිත පියවරක් ලෙස වෙළඳපොළේ විකිණීමට ඇති ටින් මාළු ද පරීක්ෂාවට භාජනය කර අවශ්‍ය පියවර ගැනීමට අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.
2018-06-07T10:42:17.000Z
පෙතියාගොඩ පැල්පත් පෙළක ගින්නක්
පෙතියාගොඩ පැල්පත් පෙළක ගින්නක්
COLOMBO (News 1st) - පෑලියගොඩ පෙතියාගොඩ පැල්පත් පෙළක අද රාත්‍රියේ ගින්නක් හට ගත්තේ ය. කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ගිනි නිවීමේ රථ යොදා ගනිමින් මේ වන විට ගින්න මැඩපවත්වා ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.
2018-06-07T10:09:45.000Z
ජෙයරාජ් මැරුවේ කවුද? - "මම මාසෙකින් හොයලා දෙන්නම්"
ජෙයරාජ් මැරුවේ කවුද? - "මම මාසෙකින් හොයලා දෙන්නම්"
COLOMBO (News 1st) - අද පැවති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ ඝාතනය පිළිබඳව අදහස් පළ කළේ ය. මර්වින් සිල්වා මහතා එහිදී පැවසුවේ, ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ කඩිනම් කළ යුතු බව ය.
2018-06-07T09:55:53.000Z
රත්නපුරට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළට: විමසිලිමත් වන්නැයි ජනතාවට උපදෙස්
කළු ගඟේ ජල මට්ටම ඉහළට
COLOMBO (News 1st) - රත්නපුර දිස්ත්‍රික්කයට ඇද හැළෙන වර්ෂාව හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, රත්නපුර නගරයෙන් හා මිල්ලකන්ද ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව ය. ඒ හේතුවෙන් රත්නපුර හා මිල්ලකන්ද ප්‍රදේශවල ජනතාවට විමසිලිමත්ව සිටින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ අතර නිරිත දිග මොසම සක්‍රීය වීම හේතුවෙන් දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඔ පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුස්කා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේ සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව ය.