date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-06-23T22:40:41.000Z | ප්‍රචණ්ඩත්වයට දැක්විය හැකි ප්‍රබලම ප්‍රතිචාරය සාමයයි - සිබ්බාබ්වේ ජනපති | බෝම්බයෙන් පසු සිබ්බාබ්වේ ජනපතිගේ ප්‍රතිචාරය | (News 1st) - ප්‍රචණ්ඩත්වයට දැක්විය හැකි ප්‍රබලම ප්‍රතිචාරය සාමය බව සිම්බාබ්වේ ජනාධිපති එමසන් මන්ගාවා පවසයි. තමා ඉලක්ක කර බුලවායෝ නුවර පැවති රැළියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ඔහු මේ බව සදහන් කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි. "අපි එකට එක්ව කටයුතු කරමු. ප්‍රචණ්ඩත්වයට දැක්විය හැකි හොඳම ප්‍රතිචාරය වෙන්නේ සාමය. වෛරය පැරදවිය හැක්කේ ප්‍රේමයෙන්. අපි සිබ්බාබ්වේ රාජ්‍ය වෙනුවෙන් දෙවියන්ට යාඥා කරමු" යන්න ඔහුගේ ට්විටර් පණිවුඩයේ සඳහන් විය. සිම්බාබ්වේ ජනාධිපතිවරයා රැළිය අමතමින් සිටියදී එල්ල වූ ප්‍රහාරයෙන් ඔහු දිවි බේරාගත්ත ද උප ජනාධිපති කෙම්බෝ මොහාඩි ඇතුළු 42 දෙනෙකු ඉන් තුවාල ලැබිණි. විපක්ෂ ආධාරකරුවන් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට සැක පල කරනු ලැබේ. |
2018-06-23T21:57:30.000Z | ශ්‍රී ලංකා පන්දු බලඇණිය ඉදිරියේ කොදෙව්වන් අසරණ වෙයි | කොදෙව්වන් අසරණ වෙයි | COLOMBO (News 1st) - තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තුන්වන හා අවසන් තරගය අද පළමු දිනට පැවැත්විය. අද දිනය සදහා තරගය නතර කරන විට කාසියේ වාසිය හිමි කර ගනිමින් පළමුව පන්දුවට පහර දෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 5 ක් දැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 132 කි. දිවා / රාත්‍රි ටෙස්ට් තරගයක් ලෙස මෙම තරගය පැවැත්වෙන්නේ බාර්බඩෝස්හී කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ය. මෙම ටෙස්ට් තරගය වාර්තා අතරට එක්වුණේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දිවා/රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගක දෙපිලම වේග පන්දු යවන්නන් මෙහෙයවන පළමු තරගය ලෙස ය. කොදෙව් ඉනිම ආරම්භ කරමින් ක්‍රේග් බ්‍රත්වෙයිට් හා ඩෙවෝන් ස්මිත් පිටියට පිවිසියේය. කොදෙව් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. මුළු ලකුණු සංඛ්‍යාව 4 ක්ව තිබියදී ඔවුන්ගේ මුල් කඩුළු 3 ම බිඳ වැටුණි. ක්‍රේග් බ්‍රත්වෙයිට් හා ඩෙවොන් ස්මිත්ට රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 2 ක් පමණි. කිරන් පවෙල් ලකුණු 4 ක් රැස් කළේය. ශායි හෝප් ලකුණු 11 කට හා රොස්ටන් චේස් ලකුණු 14 කට දවා ගැනීමට කසුන් රාජිත සමත් විය. ශේන් ඩොර්විච් සිය ටෙස්ට් දිවියේ 7 වන අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. |
2018-06-23T21:28:08.000Z | පොසොන් වෙනුවෙන් අනුරාධපුර පාසල් කිහිපයක් හෙට සිට වැසේ | අනුරාධපුර පාසල් කිහිපයක් හෙට සිට වැසේ | COLOMBO (News 1st) - පොසොන් උත්සවය හේතුවෙන් අනුරාධපුරයේ පාසල් කිහිපයක් හෙට සිට 29 වැනි දා දක්වා දින හතරක් වසා දැමීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, සහිරා මුස්ලිම් මහා විද්‍යාලය, මහා බෝධිය විදුහල, මිහින්තලේ මහා විදුහල සහ තන්තිරිමලේ විමලඥාණ යන පාසල් වසා දැමෙනු ඇති. පොසොන් උත්සවයේ රාජකාරි කටයුතු කිරිම සඳහා පැමිණෙන ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නවාතැන් පහසුකම් සඳහා මෙම පාසල් වෙන් කර ඇති බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක මහත්මිය සඳහන් කළා ය. මීට අමතරව අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විදුහල, විවේකානන්ද මහ විදුහල, නිවන්තකචේතිය මහ විදුහල, කම්මලක්කුලම විදුහල, කුරුන්දන්කුලම මහා විදුහල, මිහින්තලේ මුස්ලිම් විද්‍යාලය සහ මිහින්තලේ ආදර්ශ ප්‍රාථමික පාසල යන පාසල් ලබන 28 සහ 29 යන දෙදින පමණක් වසා දැමීමට ද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. |
2018-06-23T21:19:49.000Z | වැල්ලවත්ත හා කොල්ලුපිටිය අතර වාහන ධාවනයට සීමා | වැල්ලවත්ත හා කොල්ලුපිටිය අතර වාහන ධාවනයට සීමා | COLOMBO (News 1st) - මුහුදුබඩ මාර්ගයේ වැල්ලවත්ත හා කොල්ලුපිටිය අතර කොටසේ වාහන ධාවනය අද උදෑසන 7 සිට පස්වරු 3 දක්වා සීමා කළ බව පොලීසිය පවසයි. ඒ, 2018 ජාතික ශූරතා පාපැදි තරගාවලිය හේතුවෙනි. එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියැදුරන්ට දැනුම් දෙන්නේය. |
2018-06-23T21:14:54.000Z | කොටියා ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට | කොටියා ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - කිලිනොච්චිය, අම්බාල්කුලම් ප්‍රදේශයේදී කොටියෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ සිදුකළ මෙහෙයුමක් අතරතුර ඔහු අත්අඩංගුවට ගත් බව ය. සැකකරු කිලිනොච්චිය, උදයනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඊට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබේ. පොලීසිය පැවසුවේ ගම්මාන 4 ක හෝ 5 ක පමණ පුද්ගලයින් ඊට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බව ය. සැකකරුවන්, කොටියාට මුඟුරු වලින් පහරදී ඝාතනය කරන අයුරු දැක්වෙන ඡායාරූප කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් පොලිස් ස්ථානයට භාර දී තිබේ. ඒ අනුව, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය. කොටියා ඝාතනය කිරිමට සම්බන්ධයෙන් සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා පොලීසියට නියෝග කළේය. ඒ වන ජිවී නිලධාරීන්, අධිකරණයට කළ කරුණු දැක්වීමක් සළකා බැලීමෙන් අනතුරුවයි. කොටියා ඝාතනය කරන අයුරු දැක්වෙන, විඩියෝ පට සහ සමාජ මාධ්‍ය ජාලවල පලවූ දර්ශන පාදක කරගනිමින්, මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස මහේස්ත්‍රාත්වරාය නියෝග කර තිබේ. මේ අතර කොටියා ඝාතනය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වන ජිවී අමාත්‍යාංශය පවසයි. විෂය භාර අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ, ඒ සඳහා විශේෂ කමිටුවක් ද ක්‍රියාත්මක බව ය. |
2018-06-23T21:07:44.000Z | බැඳුම්කර වාර්තාවේ ඇමුණුම් ප්‍රසිද්ධ කිරීම සුදුසුද? නීතිපතිගෙන් ජනපති ලේකම්ට ලිපියක් | බැඳුම්කර වාර්තාවේ ඇමුණුම් ප්‍රසිද්ධ කිරීම සුදුසුද? | COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන්, විමර්ශනය කළ ජනපති කොමිසමේ වාර්තාවේ ඇමුණුම් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කළ බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. නීතිපති ජයන්ත ජයසූරිය මහතා සඳහන් කළේ, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා කළ ඉල්ලීමට පිළිතුරු ලෙස එම ලිපිය යොමු කළ බව ය. ඇතැම් ඇමුණුම් ප්‍රසිද්ධ කිරිමෙන්, විභාග වෙමින් ඇති අපරාධ නඩු සහ සිවිල් නඩු වලට බාධාවක් ඇති විය හැකි බව ඉන් දැනුම් දී තිබේ. ඇතැම් ඇමුණුම් කිහිපයක් ප්‍රසිද්ධ කිරිමෙන්, විමර්ශනවලට කිසිඳු බාධාවක් නොවන බව ද අදාළ ලිපිය මගින් ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දුන් බව නීතිපතිවරයා සඳහන් කළේය. නීතිපති ජයන්ත ජයසූරිය මහතා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ, ජනපති කොමිසමට ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති රහසිගත ලේඛන ප්‍රසිද්ධ කිරිම සම්බන්ධයෙන් එම ආයතනවලින් නිර්දේශ ලබා ගත යුතු බව තමා දැන්වූ බව ය. කොමිෂන් සභා වාර්තාවට තුන්වන පාර්ශව විසින් ඉදිරිපත් කර ඇති ලේඛන පිළිබඳ වෙන් වෙන්ව නිර්දේශ ලබාගත යුතු බව ද ඔහු සඳහන් කළේය. වාර්තාවේ ඇමුණුම් ප්‍රසිද්ධ කිරිම සම්බන්ධයෙන්, නීතිපති උපදෙස් සහිත එම ලිපිය පසුගිය සිකුරාදා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාට යොමු කර තිබේ. නීතිපති ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළේ, මහ බැංකු බැදුම්කර ගනුදෙනුවට අදාළව සිදු කෙරෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන වලදී අනාවරණ වන කරුණු සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදු කරමින් ඇති බව ය. |
2018-06-23T20:46:53.000Z | ගිනි අවි බලපත්‍ර නිකුත් කිරිම අත්හිටුවයි | ගිනි අවි බලපත්‍ර නිකුත් කිරිම අත්හිටුවයි | COLOMBO (News 1st) - ගිනි අවි බලපත්‍ර නිකුත් කිරිම අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පාතාල ක්‍රියාකාරකම් ඉහළ යාම හේතුවෙන් එම පියවර ගත් බව ය. ගිනි අවි බලපත්‍රලාභීන්ට එම අවි අත්‍යාවශ්‍ය ද යන්න සම්බන්ධයෙන් විශේෂ අධ්‍යනයක් ආරම්භ කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය. එම නිලධාරීයා සඳහන් කළේ, ඒ පිළිබඳ සොයා බැලීමට විශේෂ කමිටුවක් ද ක්‍රියාත්මක බව ය. මේ අතර එම අධ්‍යනයෙන් පසු පිස්තෝල බලපත්‍ර හිමි පුද්ගලයින්ගෙන්, හඳුනාගන්නා පිරිස් සඳහා රිවෝල්වරයක් සඳහා පමණක් බලපත්‍ර නිකුත් කිරිමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය. ගිනි අවි බලපත්‍ර හිමියන් සිය බලපත්‍ර වාර්ෂිකව අලුත් කිරිම අනිවාර්ය බව ද, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේය. මේ අතර, ගත වූ මාස 5 තුළ පමණක් නිතිවිරෝධී ගිනි අවි 335ක් සිය භාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අදාළ කාලසීමාව තුළ සජීවී උණ්ඩ 7,375 ක් ද පොලිසිය භාරයට ගෙන ඇති බව ය. |
2018-06-23T20:32:34.000Z | කොදෙව්හිදී විනය කඩ කළ ජෙෆ්රි වැන්ඩර්සේ වහාම ගෙදර යවයි | කොදෙව්හිදී විනය කඩ කළ ජෙෆ්රි වැන්ඩර්සේ ගෙදර යවයි | COLOMBO (News 1st) - වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ කොදෙව් - ශ්‍රී ලංකා තෙවන ටෙස්ට් තරගයට පෙර නැවත ශ්‍රී ලංකාවට ඒවා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනය කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුමේ තිබූ විනය කරුණු කඩ කිරීම හේතුවෙන් ඔහු නැවත ශ්‍රී ලංකාවට එවූ බව ය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වයේ දැනුම්දීම පරිදි, මෙම තීරණය ගත් බව ඔවුන් වැඩි දුරට ත් නිවේදනය කළේය. ජෙෆ්රි වැන්ඩර්සේ තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා නොමැති අතර ඔහු එක්දින තරග 11කදී සහ පන්දුවාර 20යි 20 තරග 7කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. 1990 පෙබරවාරි 05වන දින කොළඹදී උපන් වැන්ඩර්සේ 28 වැනි වියේ පසුවේ. කොදෙව් - ශ්‍රී ලංකා 3වන ටෙස්ට් තරගය දිවා / රාත්‍රී තරගයක් ලෙස බාර්බඩෝස්හී කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. |
2018-06-23T11:17:37.000Z | බදුල්ල, අඹවක රක්ෂිතයේ ගින්නක් | බදුල්ල, අඹවක රක්ෂිතයේ ගින්නක් | COLOMBO (News 1st) - බදුල්ල, හාලි ඇල, අඹවක රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීමට මේ වනවිට ත් ආරක්ෂක අංශ හා ප්‍රදේශවාසීන් එක්ව ක්‍රියාත්මක වෙමින් සිටින බව ය. මේ අතර හල්පේ, දරගල, පතන හා නෙදර්විල වතුයායේද මේ වනවිට ගින්නක් හටගෙන තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, ගින්නෙන් මේ වනවිට අක්කර 50කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව ය. |
2018-06-23T11:12:44.000Z | සිම්බාබ්වේ ජනපති බෝම්බ ප්‍රහාරයකින් දිවි බේරාගනී | සිම්බාබ්වේ ජනපති බෝම්බ ප්‍රහාරයකින් දිවි බේරාගනී | (News 1st) - සිම්බාබ්වේ ජනාධිපති එමසන් මනන්ගාවා ඉලක්ක කර එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ඔහු දිවි බේරාගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට බුලවායෝ නගරයේ ක්‍රිඩාංගණයක රුස්වීමක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව ය. ප්‍රහාරයෙන් එරට රජයේ ඉහළ පෙලේ දේශපාලඥයන් පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. |
2018-06-23T08:08:08.000Z | මාතර වෙඩි තැබීම: කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනා රිමාන්ඩ් | මාතර වෙඩි තැබීම:කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනා රිමාන්ඩ් | COLOMBO (News 1st) - මාතර දී ස්වර්ණාභරණ අලෙවි සැලක් කොල්ලකෑමට පැමිණි අවස්ථාවේදී පොලීසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවෙන් පසුව අත්අඩංගුවට ගත් කොස්ගොඩ තාරක ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් තුන්දෙනා ලබන 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. සැකකරුවන් තිදෙනා පොලිස් ආරක්ෂාව යටතේ දැනට ප්‍රතිකාර ලබන්නේ කරාපිටිය රෝහලේය. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. නිශාන්ත පීරිස් මහතා අද පස්වරුවේ කරාපිටිය රෝහලට ගොස් සැකකරුවන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දුන්නේය. මහේස්ත්‍රාත්වරයා වැඩි දුරට ත් නියෝග කළේ, එදිනට සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර හඳුනා ගැනීමේ පෙරට්ටුවකට තබන ලෙස ය. මේ අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා පොලීසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබේ. පොලීසිය පැවසුවේ, මාතර පොලීසියට අමතරව පොලිස් කණ්ඩායම් 06 ක් ඒ සඳහා යොදවා ඇති බව ය. කොල්ලයට පැමිණි සංවිධානාත්මක අපරාධකරුවන් හා පොලීසිය අතර ඊයේ පෙරවරුවේ වෙඩි හුවමාරුවක් සිදුවූ අතර එහිදී පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගොස් තවත්, නිලධාරීන් දෙදෙනෙකු හා සිවිල්වැසියෙකු තුවාල සිදුවිය. වෙඩි හුවමාරුවේදී මිය ගියේ මාතර පොලීසියට අනුයුක්තව සේවයකළ ඩබ්ලිව් ජී.පී.එන්. වීරසිංහ නැමති පොලිස් කොස්තාපල්වරයෙකි. ඔහුගේ අවසන් කටයුතු පොලිස් ගෞරව සහිතව හෙට මාතර පොදු සුසාන භූමියේදී පැවැත්වීමට නියමිත ය. |
2018-06-23T06:41:03.000Z | මාතර වෙඩි තැබීමේදී සොයාගත් මිනි ඌෂි ස්වයංක්‍රීය ගිනි අවි පාතාලය අතට පත් වූයේ කෙසේද? | මිනි ඌෂි ගිනි අවි පාතාලය අතට පත් වූයේ කෙසේද? | COLOMBO (News 1st) - මාතර වෙඩි තැබීමේ සිද්ධියේදී කොල්ලකරුවන් සතුව තිබී හමුවූ මිනි ඌෂි වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවිය සම්බන්ධයෙන් මේ වන විටත් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව පොලීසිය සඳහන් කළේය. පොලිස් භාරයට ගත් මිනි ඌෂි වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි ආරක්ෂක අංශවල අති විශේෂ කොට්ඨාශවලට පමණක් ලබාදෙනු ලබන අතර එවැනි ගිනි අවි පාතාල සාමාජිකයන් අතට පත්වන්නේ කෙසේද යන්න බලවත් ගැටලුවකි. ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාගෙන් අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය. ප්‍රශ්නය - රජයේ ආරක්ෂක අංශවල මේ වගේ ඌෂී ගන් කීයක් විතර අතුරුදන් වෙලා තියනවාද කියලා කියන්න පුළුවන්ද? පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඒවා කියන්න බෑනේ ඒවා වෙනමම පරික්ෂා කරන්න අවශ්‍ය දෙයක්. ඒ ගැන විමර්ශන නිලධාරීන් විමර්ශනවලදී බලයි මේක කොහොමද මිනි ඌෂි කියන එක මේ අපරාධකරුවන්ගේ අතට පත් වුණේ කියලා. ප්‍රශ්නය - පසුගිය වසර කිහිපය තුළ ආයුධ පෙන්නන්න ගිහිල්ලා කී දෙනෙක් නැති වෙලා තියනවද? පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඔබ මට මීට කලින් කිව්වානම් මම ඔබට ඒ තොරතුරු හොයලා දෙනවා |
2018-06-23T06:26:02.000Z | මාතර වෙඩි හුවමාරුවේදී මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ අවසන් කටයුතු හෙට | මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ අවසන් කටයුතු හෙට | COLOMBO (News 1st) - මාතර දී පොලීසිය සමග ඊයේ ඇතිවූ වෙඩි හුවමාරුවේදි කොල්ලකරුවන්ගේ වෙඩි පහරින් මිය ගිය පොලිස් කොස්තාපල් ඩබ්ලිව් ජී.පී.එන්. වීරසිංහ මහතාගේ දේහය ඔහුගේ නිවසට රැගෙනවිත් තිබේ. මිය ගිය පොලිස් කොස්තාපල්වරයාගේ දේහය මාතර, ගොඩගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබේ. ඔහුගේ දේහයට අද උදැසන වැඩබලන පොලිස්පති සී.ටී. වික්‍රමරත්න මහතා අවසන් ගෞරව දැක්විය. 35 හැවිරිදි ඩබ්ලිව් ජී.පී.එන්.වීරසිංහ මහතා දෙදරු පියෙකි. 2007 වර්ෂයේ පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව ඇති ඔහු 2008 වර්ෂයේදි පොලිස් විශේෂ කාර්ය බලකාය හා සම්බන්ධ වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ වීරසිංහ මහතා පසුගිය වසරේදී නැවත ශ්‍රී ලංකා පොලිසීයට එක්ව ඇති අතර එදා සිට මාතර පොලීසියට අනුයුක්තව සේවය කර ඇති බව ය. ගිනි අවියක් අතැතිව සිටින සැකකරුවෙකු වෙත නිරායුධව පැන ඔහු අත්අඩංගුවට ගන්නට එම නිලධාරීයා කළ එඩිතර උත්සාහය සිද්ධිය වූ දිනයේ සී.සී.ටී.වී. දර්ශන වල පටිගත වී තිබුණි. අප වාර්තාකරු පැවසුවේ පොලිස් කොස්තාපල් වීරසිංහ මහතා පස් දෙනෙකුගෙන යුත් පවුලේ දෙවනියා වන අතර අනික් සහෝදරයන් තිදෙනාද හමුදා නිලධාරීන් ලෙස සේවය කරන බව ය. මිය ගිය පොලිස් කොස්තාපල් වීරසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරිමට නියමිත අතර ඔහු කොස්තාපල් නිලයේ සිට සැරයන් නිලයට උසස් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව ඊයේ ක්‍රියා කළේය. |
2018-06-23T04:53:12.000Z | තැපැල් වර්ජනයෙන් රේගු පරීක්ෂණ වලට බාධා | තැපැල් වර්ජනයෙන් රේගු පරීක්ෂණ වලට බාධා | COLOMBO (News 1st) - තැපැල් වර්ජනය හේතුවෙන් සිය පරීක්ෂණ වලට බලපෑම් එල්ල වී ඇතැයි රේගු දෙපාර්තමේන්තුව පවසයි. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, ඉන් රේගු නිවාරණ, ගමන් බඩු, මධ්‍යම ආදායම් සමීක්ෂණ සහ මධ්‍යම විමර්ශන යන අංශවලට බලපෑම් එල්ල වී ඇති බව ය. වර්ජනය හේතුවෙන් ඇතැම් රේගු වැටලීම්වලට අවශ්‍ය වැඩිදුර කැඳවීම් කිරීම අපහසු වී ඇතැයි ද විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේය. දුරකතන ඇමතුම් හා කෙටි පණිවුඩ හරහා එම සේවා සැපයීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේය. |
2018-06-23T04:12:24.000Z | කිලිනොච්චියේ කොටියා මරා දැමූ සැකකරුවන් ඇල්ලීමට පොලිස් කණ්ඩායම් 3ක් | කොටියා මැරූ පුද්ගලයින් අල්ලන්න පොලිස් කණ්ඩායම් 3ක් | COLOMBO (News 1st) - කිලිනොච්චි , අම්බාල්කුලම් ප්‍රදේශයේදී කොටියා මරා දැමූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබේ. පොලීසිය පැවසුවේ ගම්මාන 4 ක හෝ 5 ක පමණ පුද්ගලයින් ඊට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බව ය. සැකකරුවන්, කොටියාට මුඟුරු වලින් පහර දී ඝාතනය කරන අයුරු දැක්වෙන ඡායාරූප කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් පොලිස් ස්ථානයට භාර දී තිබේ. ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය. මෙම කොටි විශේෂය පැන්තරා පාදස් කොටියා යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ශ්‍රී ලංකාවට අවේනික උප විශේෂයකි. මෙම සත්වයා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතට අනුව දැඩි ආරක්ෂිත සත්ව විශේෂයක් ලෙස ද නම් කර තිබේ. |
2018-06-23T03:01:00.000Z | තැපැල් වර්ජනයට තවත් වෘත්තීය සමිති 30ක් එක්වෙයි | තැපැල් වර්ජනයට තවත් වෘත්තීය සමිති 30ක් එක්වෙයි | COLOMBO (News 1st) - සිය වැඩ වර්ජනය සඳහා ක්ෂේත්‍ර 30කට අධික වෘත්තීය සමිතිවල සහය ලැබී ඇතැයි තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව පවසයි. එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, එම වෘත්තීය සමිතිවල ද සහයෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ය. මේ අතර වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගේ ප්‍රධාන ඉල්ලීම්වලට රජය විසඳුම් ලබා දී ඇතැයි තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දී සිටියදීත් මෙලෙස වර්ජනයේ නිරත වීම සාධාරණ නොවන බව ය. |
2018-06-23T01:52:48.000Z | සිසුන් පිරිසකගේ ප්‍රහාරයකට ලක් වූ හලාවත පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා ජීවිතක්ෂයට | හලාවත පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා ජීවිතක්ෂයට | COLOMBO (News 1st) - සිසුන් පිරිසකගේ ප්‍රහාරයකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ හලාවත ප්‍රදේශයේ පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළ සිසුවා අද අලුයම මිය ගොස් තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ, හලාවත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ෆයිෆූල් නමැති 16 හැවිරිදි සිසුවෙකි. පසුගිය 10 වන දා දේව මෙහෙයකට සහභාගී වී යළි එමින් සිටියදී සිසුවා එලෙස පහර කෑමට ලක්ව තිබිණි. ඉන් අනතුරුව ඔහු හලාවත රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කෙරිණි. සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිවාස භාරයට පත් කර තිබේ. තවත් සැකකරුවන් දෙදෙනෙකු පසුගිය 17 වන දා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, පහර දීමකට අනුබල දීම සම්බන්ධයෙනි. ඔවුන් එදිනම ඇප මත මුදා හැරිය ද නැවත ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක ය. බහින් බස්වීමක් දුරදිග යාමෙන් පහර දීම සිදුව ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය. |
2018-06-23T00:30:28.000Z | උතුරු කොරියාව තවදුරටත් තර්ජනයක් විය හැකි බව ට්‍රම්ප් කියයි | "උතුරු කොරියාව තවදුරටත් තර්ජනයක් විය හැකියි" | (News 1st) - උතුරු කොරියාවට එරෙහිව පනවා තිබූ සම්බාධක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යළිත් පනවා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අවි අසාමාන්‍ය තර්ජනයක් විය හැකි බවට සඳහන් කරමින් මෙලෙස සම්බාධක යළි පනවා ඇති බව ය. කෙසේ වෙතත් පසුගිය 13 වන දා ට්විටර් පණිවුඩයක් මගින් ට්‍රම්ප් පවසා සිටියේ, උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අවි තවදුරටත් තර්ජනයක් නොවන බව ය. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සිංගප්පූරුවේදී පැවති හමුවෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් මගින් මේ බව සඳහන් කර තිබිණි. |
2018-06-22T23:38:43.000Z | ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට මාසිකව අයැදුම්පත් 1000ක් | ද්විත්ව පුරවැසිභාවයට මාසිකව අයැදුම්පත් 1000ක් | COLOMBO (News 1st) - ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා මාසිකව අයැදුම්පත් 1000ක් පමණ ලැබෙන බව ආගමන විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා පවසයි. ඔහු පැවසුවේ ආරක්ෂක, විදේශ කටයුතු හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් එම අයැදුම්පත් පරීක්ෂා කොට අනුමත කිරීමෙන් පසු ඔවුන්ට ද්විත්ව පුරවැසිභාවය ලබා දෙන බව ය. එසේ තෝරා ගෙන ඇති අයැදුම්කරුවන් 800කට ලබන මස මුලදී ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීමට කටයුතු යොදා ඇතැයි නිහාල් රණසිංහ මහතා පැවසුවේ ය. විදේශයන්හි පුරවැසිභාවය ලබා සිටින පුද්ගලයින්ට ශ්‍රී ලාංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තුව රුපියල් ලක්ෂ 30කි. අයැදුම්කරුගේ බිරිඳ හෝ දරුවන් ද ඒ සඳහා රුපියල් 50,000 බැගින් ගෙවිය යුතු වේ. මේ අතර සියලු ම රටවල් සඳහා නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍රවල හිඟයක් පවතින බව පැවසූ ආගමන විගමන පාලක ජනරාල්වරයා සඳහන් කළේ, ඇණවුම් කරන ලද තොග ප්‍රමාද වීම ඊට හේතු වී ඇති බව ය. එහෙත් දැනට සියලු ම රටවල් සඳහා ගමන් බලපත්‍ර අයැදුම් කරන පුද්ගලයින්ට මැදපෙරදිග රටවල් වෙනුවෙන් නිකුත් කරන ගමන් බලපත්‍රයේ 'සියලු ම රටවල් සඳහා' යන මුද්‍රාව තබා නිකුත් කරන බැවින් එය ප්‍රශ්නයක් නොවන බව ඔහු සඳහන් කළේ ය. ඒ පිළිබඳව විදේශයන්හි පිහිටි ආගමන විගමන අංශ, විදේශ තානාපති කාර්යාල දැනුවත් කොට තිබෙන හෙයින් ගුවන් මගීන්ට ප්‍රශ්නයක් ඇති නොවන බව ආගමන විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා පැවසුවේ ය. |
2018-06-22T23:06:59.000Z | සීදුව හා කටුනායක අතර දුම්රිය ධාවනය හෙට දක්වා අත්හිටුවයි | සීදුව හා කටුනායක අතර දුම්රිය ධාවනය අත්හිටුවයි | COLOMBO (News 1st) - සීදුව හා කටුනායක අතර අද පෙරවරු 8.00 සිට හෙට පස්වරු 4.00 දක්වා දුම්රිය ධාවනය අත්හිටුවා තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, එම ප්‍රදේශයේ පාලමක අලුත්වැඩියාවක් හේතුවෙන් මෙම පියවර ගත් බව ය. ඒ අනුව හලාවත මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට සීදුව දක්වාත් මීගමුවේ සිට හලාවත දක්වාත් සිදු කෙරෙණු ඇති |
2018-06-22T21:28:54.000Z | මාතර වෙඩි තැබීමේ සිද්ධිය: අත්අඩංගුවේ සිටි කල්ලි සාමාජිකයෙකු පොලිස් වෙඩි පහරින් මරුට | මාතර වෙඩි තැබීමේ සිද්ධිය | COLOMBO (News 1st) - මාතර දී පොලීසිය සමග ඊයේ ඇතිවූ වෙඩි හුවමාරුවේදි අත්අඩංගුවට ගත් චාමර ඉන්ද්‍රජිත් නැමති සැකකරු පොලිස් වෙඩි පහරින් මිය ගියේය. ඒ, සැකකරු සඟවා තිබූ බව කියන බෑගයක් සෙවීම සදහා මාතර කිරළ කැලේ ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේදී ය. එහිදී සැකකරු බෑගයේ සඟවා තිබූ අත්බෝම්බයක් රැගෙන පොලීසියට එල්ල කිරීමට තැත් කළ අවස්ථාවේදි පොලිස් නිලධාරීන් ඔහුට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. මෙලෙස ඝාතනයට ලක් වූ චාමර ඉන්ද්‍රජිත් නමැති පුද්ගලයා පසුගිය කාලයේ දිවයින පුරා අපරාධ රුසකට සම්බන්ධ වූ අයෙකි. අත්තනගල්ලේදී සංගීත ප්‍රසංගයක සිදුවූ වෙඩි තැබීම, නිට්ටඹුවේදි මවකට හා පුත්‍රයෙකුට කළ වෙඩි තැබීම, වේයන්ගොඩ සමරේ නැමැත්තාට වෙඩි තැබීම හා 2012 වසරේ පෑලියගොඩ සිදුවූ රුපියල් කෝටි 12 ක කොල්ලයට සම්බන්ධ වීම ඒ අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඊයේ වෙච්ච මේ සිද්ධියට අදාලව අත්අඩංගුවට අරගෙන දැනට කරාපිටිය රෝහලේ සිටින කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනා මේ වෙද්දී පොලිස් අත්අඩංගුවේ පසුවනවා. ඔවුන් තිදෙනාව අපි අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අපරාධකරුවන් පැමිණි එක් යතුරුපැදියක අයිතිකාරිනිය වුණේ කොස්ගොඩ තාරකගේ මව. ඇයවත් ඊයේ දින කොස්ගොඩ පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. ඇයව අත්අඩංගුවට ගත්තේ ගල්කටස් වර්යේ ගිනි අවියකුත් නිවසේ සඟවාගෙන සිටියදී ඇයව බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමට සූදානම්. දැනට සැක කරනවා තවත් පලාගිය සැකකරුවන් දෙදෙනෙක් පමණ සිටිය බව. ඔවුන්ගෙන් එක් අයෙක් නිශ්චිතව හඳුනගෙන තියනවා දැන්. ඔවුන්ව අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා |
2018-06-22T20:57:46.000Z | රු. කෝටි 3කට අධික වටිනාකමින් යුත් රත්‍රන් බිස්කට් සමග ආගමන නිලධාරියෙකු අත්අඩංගුවට | රත්‍රන් බිස්කට් සමග ආගමන නිලධාරියෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - රුපියල් තුන්කෝටි හැටලක්ෂයක් වටිනා රත්‍රන් බිස්කට් 60ක් සමග ආගමන නිලධාරියෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එහි බර කිලෝග්‍රෑම් 06කි එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 50 හැවිරිදි කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ රත්‍රන් විදේශීය රටක සිටින තම සමීපතම හිතවතෙකුගේ මිතුරෙකුට අයත් වූවක් බව පවසා ඇතැයි ද රේගුව සඳහන් කළේ ය. ඊයේ රාත්‍රී 11.30 ට පමණ සැකකරු සන්තකයේ තිබී මෙම රත්‍රන් තොගය සොයා ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ. |
2018-06-22T20:28:53.000Z | ආනයනික උඳු කිලෝග්‍රෑමයක් සඳහා අය කරන බද්ද ඉහළට | ආනයනික උඳු කිලෝග්‍රෑමයක් සඳහා අය කරන බද්ද ඉහළට | COLOMBO (News 1st) - ආනයනික උඳු කිලෝග්‍රෑමයක් සඳහා අය කරන බද්ද රුපියල් 50කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ. එහි සාමාජික හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අලෙවි ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ ප්‍රධානී දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේ, ඒ අනුව ආනයනික උඳු කිලෝග්‍රෑමයක් සඳහා අය කරන බද්ද රුපියල් 150ක් වන බව ය. දේශීය උඳු වගාකරුවන් දිරි ගැන්වීම මෙහි අරමුණ බව ද ඔහු පැවසුවේ ය. |
2018-06-22T19:53:40.000Z | තැපැල් වර්ජනයෙන් කටුනායක ගුවන්තොටුපොළේ තැපැල් මළු 4000ක් ගොඩගැසේ | තැපැල් වර්ජනයෙන් කටුනායක තැපැල් මළු 4000ක් ගොඩගැසේ | COLOMBO (News 1st) - වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගේ ප්‍රධාන ඉල්ලීම්වලට රජය විසඳුම් ලබා දී ඇතැයි තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දී සිටියදීත් මෙලෙස වර්ජනයේ නිරත වීම අසාධාරණ බව ය. මේ අතර සිය වර්ජනය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළේ විදෙස් තැපැල් මළු 4000කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇතැයි තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව පවසයි. එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ ප්‍රාදේශීය තැපැල් කාර්යාලවල ලිපි ලක්ෂ 15කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බව ය. සිය වර්ජනය රටේ ජනතාවගේ දෛනික කටයුතුවලට දැඩි බලපෑම් එල්ල කර ඇතැයි ඔහු පැවසුවේ ය. බඳවා ගැනීමේ පටිපාටිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් තැපැල් සේවකයින් වැඩ වර්ජනයක නිරත වන්නේ මීට දින 12කට පෙර සිට ය. |
2018-06-22T19:42:23.000Z | චන්දිමාල්ගේ අභියාචනය ICCය ප්‍රතික්ෂේප කරයි | චන්දිමාල්ගේ අභියාචනය ICCය ප්‍රතික්ෂේප කරයි | (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් තමන්ට එරෙහිව පනවා ඇති තරග තහනම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අභියාචනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රතික්ෂේප කර තිබේ. ඒ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම පද්ධතිය භාර කොමිසමේ ප්‍රධානී මයිකල් බෙලොෆ් මහතාගේ ඉදිරියේදී පැවති කරුණු විමසීමකින් අනතුරුව ය. ඒ අනුව ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම පද්ධතියේ 2.2.9. වගන්තිය කඩ කරමින් පන්දුවේ ස්වභාවය වෙනස් කළ බවට මීට පෙර පනවා තිබූ තරග තහනම හා ඔහුට නියමිත දඬුවම ඒ අයුරින්ම ක්‍රියාත්මක වනු ඇති. ඒ අනුව අද ආරම්භ වන 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගය ඔහුට අහිමි වේ. මේ අතර බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීම සම්බන්ධව චන්දික හතුරුසිංහට, අසංක ගුරුසිංහට හා නායක දිනේෂ් චන්දිමාල්ට චෝදනා එල්ල විය. අදාළ චෝදනාව සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ආචාර ධර්ම පද්ධතිය භාර කොමිසමේ ප්‍රධානී මයිකල් බෙලොෆ් මහතාගේ ඉදිරියේදී සිදු කෙරෙන පරීක්ෂණය ජුනි මස 10 වන දා දක්වා කල් තැබෙනු ඇති අතර ක්‍රීඩාවේ ජීව ගුණය සම්බන්ධයෙන් ඔවුන්ට එල්ල වූ චෝදනාව සම්බන්ධ පරීක්ෂණය එදිනට සිදු කෙරෙනු ඇති . මේ අනුව අද ආරම්භ වන දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ නායකත්වය සුරංග ලක්මාල්ට හිමි වේ. |
2018-06-22T10:07:21.000Z | චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහ ICC චෝදනා පිළිගනී | චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහ ICC චෝදනා පිළිගනී | COLOMBO (News 1st) - අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) එල්ල කළ චෝදනා ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ පිළිගෙන තිබේ. බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීම සම්බන්ධව චන්දික හතුරුසිංහට, අසංක ගුරුසිංහට හා නායක දිනේෂ් චන්දිමාල්ට චෝදනා එල්ල විය. ඒ, දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනයට අදාළ තරග ආරම්භය පැය දෙකකට අධික කාලයක් ප්‍රමාද කිරීම හේතුවෙනි. ඔවුන් තිදෙනාට නියම වන දඬුවම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිත ය. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ට හෙට කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අවිනිශ්චිත වී තිබේ. ඒ, ඔහු පුහුණුවීම් අතරතුර අබාධයකට ලක්වීම හේතුවෙනි. මේ අනුව හෙට කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට හිමිවීමට නියමිත ය. |
2018-06-22T09:55:22.000Z | ලක්විජය ගල් අඟුරු බලාගාරයට රු. කෝටි 75ක් වියදම් කර මේ සිදු කරන්නේ රඟපෑමක්ද? | රු. කෝටි 75ක් වියදම් කර මේ සිදු කරන්නේ රඟපෑමක්ද? | COLOMBO (News 1st) - පුත්තලම, ලක්විජය ගල් අඟුරු බලාගාරයේ යෝජිත සුළං බාධක ඉදි කිරීම සඳහා අද මුල්ගල තැබුවේය. විදුලි බලාගාරයෙන් ඉවතලන අලු හේතුවෙන් අවට ප්‍රදේශවල ජනතාවට දැඩි පාරසරික බලපෑමක් එල්ල වී තිබේ. ඊට විසඳුමක් ලෙස කිලෝමීටර් 1.6 ක දිගින් යුතු එම සුළං බාධකය ඉදිකිරීමට පියවර ගත් අතර ඒ සඳහා රුපියල් කෝටි 75 ක් වැය වන අතර ව්‍යාපෘතිය වසර 02 කින් අවසන් කිරීමට නියමිත ය. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රශ්ණයක් තිබුණා මේ අලු යනවා එහෙම නැත්නම් ගල් අඟුරුත් එක්ක තියන දුහුවිල්ල ප්‍රදේශයට යනවා. දැන් මේ කෙරෙන්නේ ඒකට මහා පරිමාණ විසඳුමක් ලොකු විසඳුමක් චීන මහාප්‍රාකාරෙ වගේ කිලෝමීටර එක හමාරක තාප්පයක් අපි ගහනවා. දැන් අපි ගල් අඟුරු ගෙනෙද්දිත් උපරිම උත්සාහ කරනවා නියම ප්‍රමිතියෙන් යුතු දුහුවිල්ල අඩු ගල් අඟුරු ගේන්න. දහනයෙන් පසු ඇතිවන අලු ටිකත් දැන් තරගකාරීව අපි නිෂ්පාදකයින්ට ලබා දෙනවා. ඩ්‍රයි ඈෂ් කියන එකට නිෂ්පාදකයෝ අරගෙන යනවා. බොටම් ඈෂ් එකත් ගන්න දැන් තරගයක් ඇතිවෙලා තියනවා. මේ අතර මෙම යෝජිත සුළං මුවාව සැබැවින්ම අමෙරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරන ලද අධික හිම පතනය වැළැක්වීමට භාවිතා කරන දැලක් බව අධිකරණයට ඉදිරිපත් කරන ලද ලිපි ගොනුවක දැක්වේ. පසුගිය කාලය පුරාම නොරොච්චෝලේ බලාගාරයෙන් සිදුවන පරිසර දුෂණය පිළිබඳව කතාබහ කෙරුණු අතර වයඹ පළාත් පරිසර අධිකාරියෙන් මේ සඳහා අදාළ පරිසර බලපත්‍රය ද නිකුත් කර තිබුණේ නැහැ. රුපියල් කෝටි 75ක වියදමක් දරමින් මේ කරන්නේ පරිසරය බලපත්‍රය ලබා ගැනීමට කරන මිල අධික රඟපෑමක් ද? මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී අනාවරණය කිරීමට අප සුදානම්... |
2018-06-22T05:13:52.000Z | ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට | ප්‍රංශය සුපිරි 16 දෙනාගේ වටයට | (News 1st) - ප්‍රංශ කණ්ඩායම 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය. ඒ, පේරු කණ්ඩායමට එරෙහිව පැවැති මූලික වටයේ තරගය ජය ගැනීමත් සමගිනි. ප්‍රංශය මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී සී කාණ්ඩයෙන් තරග කරනු ලැබේ. ඔවුන් සහ පේරු කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ රුසියාවේ එකටරීන්බර්ග් ක්‍රීඩාංගණයේදී ය. තරගයේ පළමු අර්ධය තුළදීම ජය තහවුරු කර ගැනීමට ප්‍රංශය සමත් විය. ඒ, 34 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ එම කණ්ඩායමේ කිලියාන් එම්බපේ රැස් කළ ගෝලය ද සමගිනි. 19 වැනි වියේ පසුවන ඔහු වාර්තා අතරට එක් වූයේ ප්‍රධාන පෙලේ තරගාවලියකදී ප්‍රංශය වෙනුවෙන් ගෝලයක් රැස් කළ ලාබාලතම ක්‍රීඩකයා ලෙස ය. ප්‍රංශයේ එල්ල වූ අභියෝගය ජය ගැනීමට පේරු ක්‍රීඩකයින් සමත් වූයේ නැහැ. ඒ, අනුව ව පේරු කණ්ඩායමට කිසිඳු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි වූ අතර තරගය අවසන් වූයේ ගෝල 1ට 0ක් ලෙස ප්‍රංශයට ජය හිමිකර දෙමිනි. ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියක සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ 6 වැනි අවස්ථාව මෙය වේ. මේ අතර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට පිවිසීමට තම කණ්ඩායම අසමත්වීම පිලිබඳව පේරු ක්‍රිඩා ලෝලීන් කණගාටුව පල කළේය. කෙසේ නමුත් ඔවුන් පවසන්නේ තම ක්‍රීඩකයින් පිළිබඳව අවතක්සේරු නොකරන බව ය. මේ අතර ජයග්‍රාහී ප්‍රංශ කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන් සිය ක්‍රීඩකයින්ට සුබ පැතුම් එක් කළේය. |
2018-06-22T04:41:31.000Z | පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප | පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප | COLOMBO (News 1st) - මාස 6ක සිර දඬුවම් නියම වු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝමගම මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප නියම කළේය. හෝමගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා නියෝග කළේ, ඥානසාර හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි. උන්වහන්සේට විදේශ ගමන් තහනම් කෙරුණු අතර, ඒ පිළිබඳ ආගමන විගමන පාලක ජෙනරාල්වරයා දැනුම්වත් කිරිමට පියවර ගන්නා ලෙස ද නියෝග කළේය. උන්වහන්සේගේ ජාතික හැඳුනුම්පත් අංකය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සංධ්‍යා එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කිරිම ඇතුළු චෝදනාවන්ට වරදකරු වූ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 6 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් පසුගියදා නියම කරනු ලැබිණි. එම දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය කැඳවූ අවස්ථාවේදී උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ අනිල් සිල්වා මහතා ඥානසාර හිමියන්ට ඇප දෙන ලෙස ඉල්ලා සිටියේය. උන්වහන්සේට ඇප ලබා දීමට විරුද්ධත්වයක් නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ ජෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. උන්වහන්සේ ඉදිරිපත් කර ඇති අභියාචනය මහාධිකරණය හමුවේ කැදවීමට නියමිත ය. |
2018-06-22T04:29:12.000Z | මාතර නගරයේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් 4ක් අත්අඩංගුවට | මාතර වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් 4ක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ලකෑමට පැමිණ පොලීසිය සමග වෙඩි හුවමාරුවෙන්, තුවාල ලැබූ සංවිධානාත්මක අපරාධකරුවන් තුන්දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේ, වෙඩි වැදුණු සැකකරුවන් තුන්දෙනෙකුගෙන් එක් අයෙකු, කොස්ගොඩ තාරක ලෙස හඳුනාගෙන ඇති බව ය. ඔහු මනුෂ්‍ය ඝාතන හා කොල්ලකෑම් රැසකට සම්බන්ධ අපරාධකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය. මෙම කොල්ලය සැලසුම් කළ බව කියන ප්‍රධාන සැකකරු ද අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවිය. චාමර ඉන්ද්‍රජිත් නැමැති එම සැකකරු වේයන්ගොඩ, මාළිගාතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් හා පොලීසිය අතර අද පෙරවරුවේ 10ට පමණ ඇති වූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලබා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගියේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගිය බව ය. මෙම වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කෙරිණි. වෙළඳසැල කොල්ලකන බවට ලද තොරතුරක් මත, මාතර පොලීසිය නිලධාරින් පිරිසක් රැගත් මුර සංචාරක ජීප් රථයක් එම ස්ථානයට පැමිණි අවස්ථාවේ වෙඩි හුවමාරුව සිදුව තිබේ. තුවාල ලැබූ සිවිල් වැසියෙකු ද රෝහල් ගතකර ඇතැයි පොලීසිය සඳහන් කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සැකකරුවන් පැමිණි යතුරු පැදි 2 ක් හා ස්වයංක්‍රීය ගිනි අවියක් ද පොලිස් භාරයට ගත් බව ය. |
2018-06-22T03:48:45.000Z | ළිඳකට වැටීමෙන් අවුරුදු 2ක දරුවෙකු මරුට | ළිඳකට වැටීමෙන් අවුරුදු 2ක දරුවෙකු මරුට | COLOMBO (News 1st) - ගිරිබාව ප්‍රදේශයේ ළිඳකට වැටීමෙන් අවුරුදු දෙකයි මාස 4 ක් වයසැති දරුවෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ අසල්වැසි නිවසක දරුවෙකු සමග සෙල්ලම් කිරීමට ගොස් සිටියදී දරුවාට එම අනතුර සිදුව ඇති බව ය. මියගිය දරුවාගේ සිරුර මේ වනවිට ගිරිබාව රෝහලේ තැන්පත් කර තිබේ. |
2018-06-22T00:46:23.000Z | ලිපි බෙදා හැරීමට පොලීසියේ සහය? | ලිපි බෙදා හැරීමට පොලීසියේ සහය? | COLOMBO (News 1st) - ලිපි බෙදා හැරීම සඳහා අවශ්‍ය වුවහොත් පොලීසියේ සහය ලබා ගන්නා බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පවසයි. නිව්ස්ෆස්ට් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉල්ලීම්වලට සාධනීය විසඳුම් ලබා දී ඇති පසුබිමකදී වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බව ය. සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියේදී මාරාන්තික උපවාසයක් දක්වා වර්ධනය කරන බව තැපැල් සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව පවසයි. බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳා දෙන ලෙස ඉල්ලමින් තැපැල් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 12 කි. තැපැල් සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, විසඳුම් ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව ය. |
2018-06-22T00:35:49.000Z | මාතර නගරයේ වෙඩි තැබීමකින් 4 දෙනෙකුට තුවාල | මාතර නගරයේ වෙඩි තැබීමකින් 4 දෙනෙකුට තුවාල | COLOMBO (News 1st) - මාතර නගරයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ ස්වර්ණාභරණ අලෙවි සලක් කොල්ල කෑමට පැමිණි පිරිසක් සහ පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති බව ය. අප කළ විමසීමකදී මාතර රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, තුවාල ලැබූ 4 දෙනෙකු රෝහලට ඇතුළත් කළ බව ය. ඉන් 3 දෙනෙකු පොලිස් නිලධාරීන් බව ද ඔහු සඳහන් කළා. තුවාලකරුවන් අතර 39 හැවිරිදි කාන්තාවක් ද සිටින බව ඔහු පැවසුවේ ය. ඔවුන්ගෙන් දෙදෙනෙකු සැත්කමකට භාජනය කර ඇතැයි ද රෝහල් ප්‍රකාශකයා සඳහන් කළේ ය. |
2018-06-21T21:53:21.000Z | හික්කඩුවේ වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජිකයෙකු මරුට | හික්කඩුවේ වෙඩි තැබීම: පාතාල කල්ලි සාමාජිකයෙකු මරුට | COLOMBO (News 1st) - හික්කඩුව, වෑවල ප්‍රදේශයේ අද උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය. පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් ඇති බව ය. ඉනාසි චමින්ද නමැති 30 හැවිරිදි පාතාල කල්ලි සාමාජිකයෙකු වෙඩි තැබීමෙන් මිය ගොස් තිබේ. මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචි ඔහු ඝාතන චෝදනා 5ක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින අයෙකු බව ද පොලීසිය සඳහන් කළේ ය. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. |
2018-06-21T23:46:25.000Z | ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් ගල්කිස්සේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි | ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලයි | COLOMBO (News 1st) - ගල්කිස්ස, කටුකුරුඳුවත්ත ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය කාන්තාවන් 9 දෙනෙකු ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් මොවුන් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බව ය. අත්අඩංගුවට ගත් කාන්තාවන් කන්තලේ, කතරගම, අනුරාධපුර, පාදුක්ක, මාරවිල සහ සියඹලාණ්ඩුව ප්‍රදේශවල පදිංචිකාරිනියන් ය. මේ අතර වැලිකඩ ප්‍රදේශයේ ද ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය කාන්තාවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. හැටන්, බලංගොඩ සහ පිටිගල ප්‍රදේශවල පදිංචි ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. |
2018-06-21T23:33:58.000Z | වැලිකන්දේදී වන අලියෙකු දුම්රියක ගැටීමෙන් බරපතල තුවාලයි | වැලිකන්දේදී වන අලියෙකු දුම්රියක ගැටේ | COLOMBO (News 1st) - පොළොන්නරුව, වැලිකන්ද ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් වන අලියෙකු බරපතල තුවාල ලබා තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, අද අලුයම මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් වන අලියා තුවාල ලබා ඇති බව ය. අනතුරත් සමග මාර්ගයේ රේල් පීලි යම් ඇදවීමකට ලක් වීම හේතුවෙන් පැය 2කට අධික කාලයක් දුම්රිය ප්‍රමාදයක් ද සිදු විය. මේ වන විට මාර්ගය පිළිසකර කර ධාවනය යථා තත්ත්වයට පත් කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය. වැලිකන්ද වනජීවී කාර්යාලය පැවසුවේ, වන අලියාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇති බව ය. තුවාල ලැබූ වන අලියාගේ වයස අවුරුදු 30කි. |
2018-06-21T22:10:55.000Z | ජනපති ට්‍රම්ප්ගේ වෙළෙඳ ප්‍රතිපත්තියට එරෙහිව යුරෝපා සංගමයෙන් අමෙරිකාවට තීරුබදු | යුරෝපා සංගමයෙන් අමෙරිකාවට තීරුබදු | (News 1st) - ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙළෙඳ ප්‍රතිපත්තියට ප්‍රති ප්‍රහාර එල්ල කරමින් අමෙරිකානු භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, යුරෝ බිලියන 2.8ක වටිනාකමින් යුත් අමෙරිකාවෙන් යුරෝපයට ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අද සිට තීරුබදු පැනවෙන බව ය. ඒ අනුව මත්පැන් විශේෂ , යතුරු පැදි සහ දොඩම් යුෂ යන අමෙරිකානු නිෂ්පාදන යුරෝපා සංගම් තීරු බද්දට යටත් වනු ඇති. නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුරෝපා සංගම් සභාපති ජීන් ක්ලෝඩ් ජන්කර් කියා සිටියේ, අමෙරිකාව යුරෝපා සංගමයට බදු පැනවීම සියලු න්‍යායන්ට හා ඉතිහාසයට එරෙහි බව ය. අමෙරිකාවට ආනයනය කෙරෙන වානේ මත 25%ක සහ ඇලුමිනියම් මත 10%ක තීරුබද්දක් හඳුන්වා දෙන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාර්තු මාසයේදී නිවේදනය කළේ ය. ඒ අනුව මේ මස පළමු වන දා සිට යුරෝපා සංගමය කැනඩාව, මෙක්සිකෝව සහ අනෙකුත් අමෙරිකානු හිතවාදී රටවලට එම තීරුබදු ක්‍රියාත්මක වේ. එය මීට පෙර විවේචනය කළ යුරෝපා සංගම් සභාපති ජීන් ක්ලෝඩ් ජන්කර් ඊයේ ප්‍රකාශ කළේ, එම බදු පැනවීමට එරෙහිව තම සංගමය පැහැදිලිව ප්‍රතිචාර දක්වන බව ය. |
2018-06-21T21:53:40.000Z | චන්දිමාල්ගේ තරග තහනමට එරෙහිව අභියාචනය විභාග කිරීම අද | චන්දිමාල්ට එරෙහි තරග තහනමේ අභියාචනා විභාගය අද | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට නියම කළ තරග තහනමට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොමු කළ අභියාචනය අද දිනයේදී විභාග කිරීමට නියමිතව තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, තම ආයතන ආචාරධර්ම පද්ධතිය භාර කොමිසමේ සභාපති නීතීඥ මයිකල් බෙලොෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අභියාචනය විභාග කරන බව ය. කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තරග විනිසුරුවන් හා තරග තීරකවරුන් මෙන් ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පාර්ශව සහභාගී කරවා ගනිමින් මෙම විභාග කිරීම සිදු කරන බව ඔවුන් වැඩිදුරටත් නිවේදනය කරයි. |
2018-06-21T20:54:31.000Z | LTTE සංවිධානය සමග කටයුතු කළ විදෙස්ගත දෙමළ ජාතිකයින් 14කට මෙරටට ඇතුළු වීම තහනම් | LTTE සංවිධානය සමග කටයුතු 14ට මෙරටට ඇතුළු වීම තහනම් | COLOMBO (News 1st) - එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග කටයුතු කළ විදෙස්ගත දෙමළ ජාතිකයින් 14 දෙනෙකුට ශ්‍රී ලංකාවට ඇතුළු වීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතාගේ අත්සනින් යුතුව ය. ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීම සහ ත්‍රස්තවාදය සඳහා අරමුදල් සැපයීම මොවුන්ට එල්ල වී ඇති චෝදනා වේ. |
2018-06-21T20:11:20.000Z | බදු ගෙවීමට නොහැකිව හම්බන්තොට සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කිරීමේ තීරණයක් | හම්බන්තොට සුළං විදුලි බලාගාරයට අත්ව ඇති ඉරණම | COLOMBO (News 1st) - හම්බන්තොට සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කිරීමට විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ, බලාගාරය පවත්වාගෙන යන ඉඩමට බදු ගෙවීමට සිදුවීම හේතුවෙනි. මෙරට පළමු සුළං විදුලි බලාගාරය ලෙස හම්බන්තොට සැලකේ. ඉන් දළ වශයෙන් මෙගාවොට් 3ක බලශක්තියක් ජනනය කෙරෙන බව විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යංශය පවසයි. මේ වන විට ටර්බයින 2ක් අක්‍රීය වී ඇතැයි අමාත්‍යංශය පෙන්වා දෙයි. වසරේ වැඩි ම කාලයක් සුළං මගින් විදුලිය ජනනය කිරීමට මෙම බලාගාරයේ හැකියාව පවතියි. නමුත් චීන සමාගමකට හම්බන්තොට වරාය බදු දීමත් සමග මෙම සුළං විදුලි බලාගාරය ගලවා ඉවත් කර ගැනීමට සිදුව තිබේ. නැතිනම් බලාගාරය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා බද්දක් ගෙවිය යුතු බව චීන සමාගම විසින් දැනුම් දී තිබේ. විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යංශය පවසන්නේ, බදු ගෙවීමට නොහැකි බැවින් බලාගාරය ගලවා ඉවත් කරන බව ය. මේ අතර කැබනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ මෙවැනි අදහසකි. "ඒක ඔවුන්ගේ අදහසක් පමණයි. ඒක ප්‍රතික්ෂේප කළා. රජය විදුලිබල මණ්ඩලය දිගටම ගෙනියනවා" ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ පැරිස් එක්සත් ජාතීන්ගේ පාර්ශව කරුවන්ගේ සමුළුවට එක්වෙමින් බලශක්ති ක්ෂේත්‍රයේ වායු විමෝචනය 4%කින් ස්වෙච්ඡාවෙන් 2030 වසර වන විට සිදු කිරීමට පියවර ගන්නා බව සඳහන් කළේ ය. ඒ අනුව මෙගාවොට් 2500ක පුනර්ජනනීය බලශක්ති බලාගාර ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යංශය පැවසුවේ ය. මෙරට අවශ්‍ය සමස්ත විදුලිබල බලශක්ති අවශ්‍යතාව 2050 වසරේදී පුනර්ජනනීය බලශක්තිය මගින් සපුරා ගැනීම රජයේ ප්‍රධාන අරමුණ යි. ඒ අනුව 2020 වසර වන විට ජාතික විදුලි පද්ධතියට 60% ක් පුනර්ජනනීය බලශක්තිය ලබා දීමට දැනටමත් සැලසුම් කර අවසන් ය. |
2018-06-21T19:42:01.000Z | නවකවදය ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිසුන් 5 දෙනෙකු රිමාන්ඩ් | නවකවදය ලබා දීමේ සිද්ධියකට අදාළව 5 දෙනෙකු රිමාන්ඩ් | COLOMBO (News 1st) - නවකවදය ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගාල්ල, ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් 5 දෙනෙකු ලබන 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, සැකකරුවන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. නිශාන්ත පීරිස් මහතා හමුවට ඊයේ පස්වරුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු සහ සිසුවියන් 4 දෙනෙකි. තමාට අමානුෂික ලෙස නවකවදය දෙන බව පවසා පසුගිය 19 වන දා බෙලිඅත්ත ප්‍රදේශයේ සිට පැමිණි පළමු වසරේ සිසුවියක අක්මීමන පොලීසියට පැමිණිලි කර තිබිණි. පොලීසිය සිදු කළ විමර්ශනවලින් පසුව මෙම සිසුන් 5 දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. |
2018-06-21T19:24:14.000Z | රජරට විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමයි | රජරට විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමයි | COLOMBO (News 1st) - රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලයේ පිහිටි සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. දින 127කට පෙර රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකුගේ පන්ති තහනම් කිරීම සම්බන්ධයෙන් ඊයේ උදෑසන පාලනාධිකාරිය සහ සිසුන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබිණි. නමුත් අප වාර්තාකරු සඳහන් කළේ, ඒ සඳහා විශ්වවිද්‍යාල උපකුලපතිවරයා සහභාගී නොවීමත් සමග සිසුන් ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ල වැටලූ බව ය. ඊයේ පස්වරුව වන තෙක් ඔවුන් මෙලෙස පරිපාලන ගොඩනැගිල්ල වටලා තිබීම හේතුවෙන් මිහින්තලයේ පිහිටි සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ. |
2018-06-21T11:46:08.000Z | SriLankan Airlines පිළිබඳව ජනපති කොමිසමේදී තවත් හෙළිදරව්වක් | SriLankan Airlines පිළිබඳව තවත් හෙළිදරව්වක් | ශ්‍රීලංකන් ගුවන් සමාගම , ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා යන ආයතනවල දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම අදත් පැවැත්විණ. ගුවන්යානා තුළ තීරු බදු නිදහස් වැඩසටහනට ඇතුළුවීමට ලංසු ඉදිරිපත් කරන තෙක් ශ්රී ලංකන් එයාර්ලයින්ස් සමාගම ෆීනික්ස් රයිසින් වෙන්චර්ස් පිළිබඳ කිසිඳු දැනුමක් නොතිබිණ බව අද ජනාධිපති කොමිසමේදී අනාවරණ විය. මේ බව අනාවරණය වූයේ එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මාලන් පෙරේරා මහතා අද කොමිසමේදී ලබාදුන් සාක්ෂියෙනි. මෙහිදී අනාවරණ වූ තවත් කරුණක් වන්නේ , ගුවන්යානා තුළ තීරු බදු නිදහස් වැඩසටහන සම්පූර්ණයෙන්ම ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සර්විසස් ලංකා සමාගමට ලබාදී ඇත්තේ නිසි ටෙන්ඩර් ක්‍රමයකින් නොවන බවයි . කොන්ත්‍රාත්තුව සඳහා ෆීනික්ස් සමාගම වෙනුවෙන් අත්සන් තබා ඇත්තේ එහි අධ්‍යක්ෂ වන රාජ චන්දිරම් සහ ප්‍රධාන විධායක නිලධාරී රුමේෂ් ඩිලාන් වීරසිංහ යන අයයි . රුමේෂ් ඩිලාන් වීරසිංහ යන නම , පිටරට බැංකුවල මුදල් තැන්පත් කරන පුද්ගලයන්ගේ නාම ලැයිස්තුවේ ඇති බව මීට පෙර ජාත්‍යන්තර විමර්ශන මාධ්‍යවේදීන්ගේ සංසදය විසින් ප්‍රසිද්ධියට පත් කළේ ය. |
2018-06-21T11:31:14.000Z | චන්දිමාල්ට එරෙහි තරග තහනමේ අභියාචනා විභාගය හෙට | චන්දිමාල්ට එරෙහි තරග තහනමේ අභියාචනා විභාගය හෙට | ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට පැනවූ තරග තහනමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොමු කළ අභියාචනය හෙට දිනයේදී විභාග කරන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම පද්ධතියේ භාර කොමිසමේ සභාපති නීතීඥ මයිකල් බෙලොෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේදී මෙම අභියාචනාව විභාග කරන බවයි. කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තරග විනිසුරුවන් හා තරග තීරකවරුන් මෙන්ම , ශ්‍රී ලංකා කන්ඩායමේ පාර්ශව සහභාගී කරවා ගනිමින් මෙම විභාග කිරිම සිදුකරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. ඔවුන් පවසන්නේ චන්දිමාල්ට දුරකතන ඔස්සේ හෝ විඩියෝ සංවාද ඔස්සේ මෙම විභාග කිරීමට සම්බන්ධ විය හැකි බවයි. මෙම විභාගයෙන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සිය මතය ප්‍රකාශ කිරීමට නියමිත වේ. |
2018-06-21T09:23:11.000Z | හම්බන්තොට වරායේ ලක් රජයට හිමි කොටස වැඩිවෙයි | හම්බන්තොට වරායේ ලක් රජයට හිමි කොටස වැඩිවෙයි | COLOMBO (News 1st) : හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු සඳහා ශ්‍රී ලංකා රජයට හිමිව තිබූ කොටස් ප්‍රමාණය 30.6% ක් දක්වා වැඩි කරගැනීමට හැකිවූ බව වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. "අපි සමත් වුණා. චයිනා මර්චන්ට් පෝර්ට් සමාගමත් එක්ක සාකච්ඡා කරලා කැබිනට් මණ්ඩලයෙත් අනුමැතිය ලබාගෙන අපේ කොටස වැඩි කරගන්න 30.6%කට. එතකොට චයිනා මර්චන්ට් පෝර්ට් සමාගමට අර තිබු 80% අඩු වුණා තවත් 10.6%කින්. අපි නැවත වරක් සමත් වුණා. චයිනා මරචන්ට් සමාගමින් එකඟතාවය ලබාගන්න ඉතිරි අමෙරිකන් ඩොලර් මිලියන 146 මාසයක් ඇතුළත ගෙන්න ගන්න සෘජු ආයෝජනයක් හැටියට" අමාත්‍යවරයා බව සඳහන් කළේ, අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි. හම්බන්තොට වරාය අවුරුදු 99 කට බදු දීම සඳහා ඇති කරගත් මූලික ගිවිසුම අනුව මීට පෙර චයිනා මර්චන්ට් පෝර්ට් සමාගමට 80 %ක කොටස් හිමි වූ අතර ශ්‍රී ලංකා රජයට හිමිව තිබුණේ, 20% ක ප්‍රතිශතයක් පමණි. මේ අතර හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් කොටස් මුදල ලෙස අමරිකානු ඩොලර් මිලියන 584 ක මුදලක් චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් සමාගම විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඊයේ නිවේදනය කළේ ය. මෙහි පළමු හා දෙවන වාරිකයන් ලෙස පසුගිය වසරේ දෙසැම්බර්දී අමෙරිකානු ඩොලර් මිලියන 392 ක් සහ මෙම වසරේ ජනවාරි මස අමෙරිකානු ඩොලර් මිලියන 97 වශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලබාදුන්නේ ය. ඒ සම්බන්ධව ද අමාත්‍යවරයා අද මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් පළ කළේ ය. "මේ අවසන් කාර්තුව ඊයේ ගෙවීමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 584ක් භාණ්ඩාගාරයට යනවා කියන්නේ අපේ විදේශ සංචිතය වැඩිවෙනවා . රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙන්නේ නැතුව ඒක පාලනය කිරීමේ මූල්‍ය හැකියාව මහ බැංකුවට ලැබෙනවා.. මේ මුදල මහ බැංකුවත් භාණ්ඩාගාරයත් භාවිත කරන්න බලාපොරොත්තු වෙනවා" මේ අතර හම්බන්තොට වරාය දූපත පිළිබඳව පසුගිය දා පළ වූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා පැවසුවේ, එහි විනෝදාංශ සඳහා කැසිනෝ පිහිටුවීමේ කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවයි. "සමහරු කිව්වා පත්තරවල මේ දූපත විනෝදාංශ සඳහා කැසිනෝ එහේ පිහිටුවන්න ඉල්ලීමක් කරලා තියෙනවා කියලා සී එම් පෝර්ට්ස් සමාගම එවැනි දෙයක් කිසිම අවස්ථාවකදී සාකච්ඡා වුණේ, නැහැ. එම සමාගමෙත් එකඟතාවය මත ඡේදයක් ඇතුල් කළා එහි පැහදිලිව තියෙනවා. මැරීන් රිලේටඩ් කටයුතුවලට පමණයි කියලා මේ දූපත පාවිචිච් කරන්න ඉඩකඩ තියෙන්නේ කියලා.." ගිවිසුමේ එකඟතා අනුව 99 අවුරුද්ද තුළදී ම නාවික හමුදාව වරාය තුළ සිටිනු ඇති බව ත් නාවික හමුදාවේ ඇතැම් නැව්වලට ජැටිය වෙත ළඟා වීමට නොහැකි බැවින් වරාය අධිකාරිය සමග එක්ව නාවික හමුදාව ඒ සඳහා ජැටියක් ඉදිකිරීමට සුදුසු ස්ථානයක් පරීක්ෂා කරමින් සිටින බව ත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය. "නාවික හමුදාව හම්බන්තොට වරාය තුළ සිටීම තවදුරටත් ගිවිසුමේ එකගාත අනුව කරලා තියෙනවා... අවුරුදු 99 කාලය තුලදී එතනින් ඉවත් වෙන්නේ නැහැ" |
2018-06-21T08:46:58.000Z | චන්දිමාල්ට පැන වූ තහනමට එරෙහිව ICCයට අභියාචනයක් | චන්දිමාල්ගේ පැන වූ තහනමට එරෙහිව අභියාචනයක් | COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නියම කරනු ලැබූ තරග තහනමට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දුවේ හැඩය වෙනස් කළ බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් චෝදනා එල්ල විය. ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළේ, චන්දිමාල් කිසියම් රස කැවිලි වර්ගයක් යොදා ගනිමින් පන්දුවේ හැඩය වෙනස් කිරීමට උත්සහ ගත් බවයි. එ පිළිබඳව කළ පරීක්ෂණයෙන් අනතුරුව අදාළ වරදට චන්දිමාල්ට දඬුවම් නියම කිරීමට කවුන්සිය තීරණය කළේ ය. ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් මෙම දඬුවමට අභියාචනාවක් ඉදිරිපත් කර ඇත්තේ ඉන් අනතුරුවයි. කෙසේ නමුත් අභියාචනය සලකා බැලීම වෙනුවෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා ඉදිරියේ දී විශේෂ කමිටුවක් පත් කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත. |
2018-06-21T06:18:06.000Z | අගමැති පදවියේ සිටිමින් මව් පදවියට පත් ලොව දෙවන නායිකාව... | නවසීලන්ත අගමැතිනිය මව් පදවියට | නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් බිළිඳියකට උපත දෙමින් සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සිදු කර තිබේ. ඒ අනුව ජසින්ඩා නූතන ඉතිහාසයේ ධුරයේ රැඳී සිටියදී මව් පදවියට පත් දෙවන රාජ්‍ය නායිකාව ලෙස ඉතිහාසයට එක්වනු ඇති. දරු ප්‍රසූතිය සඳහා නියම කර තිබූ දින ඉක්මවා සිව් දිනකට පසු ඇය ඕක්ලන්ඩ්හි රෝහලකදී ඇය එලෙස සිය දරු ප්‍රසූතිය සිදු කර තිබේ. 37 හැවිරිදි ජසින්ඩාගේ මාතෘ නිවාඩු සමය සති 6ක් පමණක් වන අතර එම කාලය තුළදී නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් පීටර්ස් නවසීලන්තයේ වැඩබලන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති. කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරිය නිවාඩු සමය තුළ සුවිශේෂි කරුණු සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම මෙන්ම කැබිනට් පත්‍රිකා කියවීම ආදිය සිදු කරනු ඇති. අග්‍රාමාත්‍යවරිය තමා මව් පදවිය ලැබූ බව පළමු වරට සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කරමින් රෝහල් කාර්ය මණ්ඩලයට ස්තුතිය පළ කළා ය. කලාපීය නායකයින් ඇයට සුබපතා පණිවුඩ යොමු කර ඇති අතර නවසීලන්ත හිටපු අග්‍රාමාත්‍ය හෙලන් ක්ලාක් ද ඒ අතර වේ. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ අග්‍රාමාත්‍ය ධූරයට පත් ජසින්ඩා තමා සහ තම සහකයා දරුවෙකු අපේක්ෂාවෙන් පසුවන බව නිවේදනය කළේ, මෙම වසරේ ජනවාරි මාසයේදීයි. 1990දී පකිස්ථානය අග්‍රාමාත්‍ය බෙනාසීර් බූතෝ දියණියක ප්‍රසූත කරමින් ධුරයේ රැඳී සිටියදී මව් පදවියට පත් පළමු නායිකාව ලෙස ඉතිහාසයට එක් වූවා ය. බෙනාසීර් බූතෝගේ උපන් දිනය අදට යෙදී ඇති අතර එදිනම ජසින්ඩාගේ දරු උපත සිදුවීමත් අග්‍රාමාත්‍යවරියන් දෙදෙනා ම බිළිඳියන්ට උපත දීමත් විශේෂිත ය. මේ අතර ජසින්ඩා අර්ඩන් 1856 වසරේ සිට මේ දක්වා නවසීලන්ත නායකත්වයට පත් ලාබාල ම අග්‍රාමාත්‍යවරිය ද වේ. |
2018-06-21T06:37:16.000Z | කිලිනොච්චියේදී මුගුරුවලින් පහර දී කොටියෙකු මරා දමයි | කිලිනොච්චියේදී කොටියෙකු මරා දමයි | COLOMBO (News 1st) - කිලිනොච්චිය, උදයනගර් ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසක් මුගුරුවලින් පහර දී කොටියෙකු මරා දමා තිබේ. ඒ, එම කොටියා සපා කෑමෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලැබීමෙන් අනතුරුව ය. ගම් වැදුණු කොටියෙකු අල්ලා ගැනීම සඳහා වනජීවී නිලධාරීන් අද පෙරවරුවේ උදයනගර් ප්‍රදේශයට පැමිණ තිබේ. එම අවස්ථාවේදී කොටියා වනජීවී නිලධාරියෙකුට පහර දී තුවාල සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. ඉන් අනතුරුව කැළෑ වැදුණු කොටියා තවත් පුද්ගලයින් සිව් දෙනෙකුට පහර දී තිබේ. කෝපයට පත් ජනතාව මුගුරුවලින් පහර දී කොටියා මරා දමා තිබුණේ, ඉන් අනතුරුව ය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=ZM3sHXRq4jw |
2018-06-21T05:46:17.000Z | තැපැල් වර්ජකයින්ට ජුනි පඩිය අහිමි වෙයි | තැපැල් වර්ජකයින්ට ජුනි පඩිය අහිමි වෙයි | COLOMBO (News 1st) - තැපැල් සේවකයින් සඳහා ජුනි මස වැටුප් ගෙවන්නේ සේවයට වාර්තා කරන කාර්ය මණ්ඩලයට පමණක් බව තැපැල්පතිවරයා අවධාරණය කරයි. නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ, සේවයට වාර්තා නොකර තවදුරටත් වර්ජනයේ නිරතව සිටින කාර්ය මණ්ඩලයට ජුනි මස පළමු වන දා සිට ජුනි 11 වන දා දක්වා පමණක් වැටුප් ගණනය කරන බව ය. දැනට අඛණ්ඩව ක්‍රියාත්මක වැඩ වර්ජනය අවසන් කර නොපමාව සේවයට වාර්තා කරන ලෙස තැපැල්පති රෝහණ අබේරත්න මහතා කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි. |
2018-06-21T04:33:42.000Z | අර්ජුන් ඇලෝසියස් සහ පාලිසේන යළි රිමාන්ඩ් | අර්ජුන් සහ පාලිසේන යළි රිමාන්ඩ් | පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන මස 5 වන දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ, එම සැකකරුවන් අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙනි. අර්ජුන් ඇලෝසියස් මහතාගේ පියා වන පර්පෙචුවල් සමූහ ව්‍යාපාරයේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට ලබන 5 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අද නොතිසි නිකුත් කෙරිණ. |
2018-06-21T04:19:14.000Z | කුඩු සමග 6 දෙනෙක් අම්පාරේදී කොටු | කුඩු සමග 6 දෙනෙක් අම්පාරේදී කොටු | COLOMBO (News 1st) : ඊයේ රාත්‍රියේ සිට අම්පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලදී හෙරොයින් සමග සැකකරුවන් 6 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, මොවුන් සන්තකයේ තිබී හෙරෝයින් මිලිග්‍රෑම් 11140ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි. සැකකරුවන් අවුරුදු 19 හා 35 අතර වයසේ පසුවන කොච්චිකඩේ ප්‍රදේයේ පදිංචිකරුවන් පිරිසකි. |
2018-06-21T04:16:39.000Z | අධිකරණ පොලිස් මුරපොළේ ස්ථානාධිපති සිපිරිගෙට | අධිකරණ පොලිස් මුරපොළේ ස්ථානාධිපති සිපිරිගෙට | COLOMBO (News 1st) : මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කළේ ය. ඒ ඔහු කූඨ ලේඛනයක් ඉදිරිපත් කර සැකකරුවෙකුට ඇප ලබාදීම සඳහා මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත්වරිය පෙළඹවීම ඇතුළු අධිචෝදනා තුනකට වරදකරු කරමිනි. උප පොලිස් පරීක්ෂකවරයාට එරෙහි මෙම තීන්දුව අද ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසිනි. සිර දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් 29500ක දඩයක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා දඩ මුදල නොගෙවන්නේ නම් අමතරව වසර දෙකක සිර දඬුවම් ලබාදීමට ද නියම කළේ ය. විත්තිකාර උප පොලිස් පරීක්ෂකවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ 2008 ජුනි 21 වන දා එම අධිකරණය හමුවේ විභාග වු නඩුවක සැකකුරුවෙකුට ඇප ලබාදීම සඳහා අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ව්‍යාජ වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා තුනක් යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබිණ. |
2018-06-21T01:13:34.000Z | බුද්ධික පතිරණ කර්මාන්ත හා වාණිජ කටයුතු නි. අමාත්‍ය ධූරයේ වැඩ භාර ගනී | බුද්ධික පතිරණ සිය ධූරයේ වැඩ භාර ගනී | COLOMBO (News 1st) - කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් බුද්ධික පතිරණ මහතා අද පෙරවරුවේ සිය ධූරයේ වැඩ භාර ගෙන තිබේ. ඒ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේදීයි. මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුලු මැති ඇමතිවරුන් පිරිසක් එක් ව සිටියහ. |
2018-06-21T00:54:36.000Z | තව ත් ඖෂධ වර්ග රැසක මිල ගණන් ලබන මාසයේ සිට පහළට | ඖෂධ වර්ග රැසක මිල ගණන් ලබන මාසයේ සිට පහළට | COLOMBO (News 1st) - පෞද්ගලික රෝහල්වල අය කරන ගාස්තු නියාමනය කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, සෞඛ්‍ය සේවාවේ වැට් බදු ඉවත් කිරීම හේතුවෙන් ගැටලු රැසක් විසඳුණු බවය. මිල අධික පිළිකා නාශක වැනි ඖෂධ වර්ග රැසක මිල ගණන් ද ලබන මාසයේ සිට අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ. අමාත්‍යවරයා පැවසූවේ, ඖෂධ මිල අඩු කිරීමෙන් පසු පෞද්ගලික රෝහල්වල මිල ගණන් සංශෝධනය කිරීමට ද තීරණය කර ඇති බවය. ඖෂධ මාෆියාව නැති කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-06-21T00:33:21.000Z | මෙරට සාගර සම්පත් ගවේෂණයට ඩොක්ටර් ෆ්‍රිජොෆ් නැන්සන් නෞකාව දිවයිනට | ඩොක්ටර් ෆ්‍රිජොෆ් නැන්සන් නෞකාව අද දිවයිනට | COLOMBO (News 1st) - මෙරට සාගර සම්පත් ගවේෂණය සඳහා නෝර්වේ රාජ්‍යයට අයත් ඩොක්ටර් ෆ්‍රිජොෆ් නැන්සන් නෞකාව අද දිවයිනට සේන්දුවීමට නියමිත වේ. 2017 වසරේ නිෂ්පාදිත එම නෞකාව නෝර්වේ රාජ්‍යය සතු ඉතා නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නෞකාවකි. ඩොක්ටර් ෆ්‍රිජොෆ් නැන්සන් නෞකාවේ සහයෝගයෙන් මෙරට සාගර සම්පත් ගවේෂණය සිදුවන්නේ වසර 38 කට පසුවයි. සමුද්‍ර ජීවි සම්පත් තිරසාර භාවිතය සහ සාගර පරිසර පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බව නාරා ආයතනය සඳහන් කළේ ය. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය පාලිත කිත්සිරි මහතා ප්‍රකාශ කළේ, එළැඹෙන 24 වන දා සිට දින 25 ක් එම නෞකාව ශ්‍රී ලංකාව වටා මුහුදු තීරයේ පුළුල් ගවේෂණයක් සිදු කිරීමට නියමිත බවයි. මෙරට මුහුදු සීමාවේ මතස්‍ය ග්‍රහණය සම්බන්ධයෙන් පුළුල් ගවේෂණයක් මෙම නෞකාව මගින් සිදුකරන බව ද නාරා ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය පාලිත කිත්සිරි මහතා සඳහන් කළේ ය. එම ගවේෂණය අතරතුර සාගර සම්පත් සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසුවේ ය. |
2018-06-20T23:51:49.000Z | පොල් අස්වැන්න ඉහළට | පොල් අස්වැන්න ඉහළට | COLOMBO (News 1st) - පොල් ඵලදාව මාසිකව නෙලා ගැනීමෙන් අස්වැන්න 10 % - 20 % ත් අතර ප්‍රමාණයකින් ඉහළ යන බව නවතම අධ්‍යනයකින් හෙළි වී තිබේ. පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා සඳහන් කළේ, සාමාන්‍යයෙන් පොල් වගාකරුවන් සිය අස්වැන්න මාස දෙකකට වරක් නෙලා ගැනීමට පුරුදු වී සිටින බවයි. පොල් අස්වැන්න පහළ යාමට මෙය එක් හේතුවක් බව පොල් වගා කිරීමේ මණ්ඩල කළ මෙම අධ්‍යයනයේදී තහවුරු විය. මේ පිළිබඳව පොල් වගාකරුවන් දැනුවත් කිරීම ආරම්භ කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා ප්‍රකාශ කළේ ය. |
2018-06-20T21:32:38.000Z | උරුගුවේ කණ්ඩායම සුපිරි 16 දෙනාගේ වටයට හිමිකම් ලබයි | උරුගුවේ කණ්ඩායම සුපිරි 16 දෙනාගේ වටයට හිමිකම් ලබයි | COLOMBO (News 1st) - ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සෞදි අරාබිය සමග පැවැති මූලික වටයේ තරගයෙන් ප්‍රබල උරුගුවේ කණ්ඩායම ජය ගෙන තිබේ. ඒ අනුව උරුගුවේ කණ්ඩායමට තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව හිමි විය. තරගාවලියේ A කණ්ඩයේ මූලික වටයේ තරගයක් වූ මෙය රොස්ටොව් ක්‍රීඩාංගණයේදී පැවැත් විණි. ඊජිප්තුටවට එරෙහිව සහභාගී වූ පළමු තරගය ජයගෙන සිටි උරුගුවේ කණ්ඩායමෙන් සෞදි අරාබියට මෙම තරගයේදී එල්ල වූයේ ප්‍රබල අභියෝගයකි. තරගයේ ගෝල රැස් කිරීම ආරම්භ කළේ උරුගුවේ කණ්ඩායමයි. ලුවිස් සුවාරේස් තරගයේ 23 වැනි මිනිත්තුවේදී එම ගෝලය වාර්තා කළේ ය. අනතුරුව පළමු අර්ධයේදී දෙපිලටම ගෝල වාර්තා කිරීමට හැකි වී නොමැත. කෙසේ නමුත් තරගයේ දෙවැනි අර්ධය අතිශය තියුණු ස්වභාවයක් ගත් අතර දෙපිලටම ගෝල රැස් කිරීමට තිබූ අවස්ථා කිහිපයක්ම මග හැරිණි. ඒ අනුව උරුගුවේ කණ්ඩායම තරගය ජයගත්තේ ගෝල 1ට 0ක් ලෙසයි. A කාණ්ඩයේ සහභාගී වූ තරග දෙකම ජය ගත් උරුගුවේ කණ්ඩායම එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත් ව ඇති අතර සත්කාරක රුසියාව තවදුරටත් එහි පෙරමුණේ පසු වේ. තරගාවලියේ පළමු වටයේදී සෞදි අරාබියට සහ ඊජිප්තුවට කිසිදු තරගයක් ජය ගැනීමට හැකිවී නැත. ඒ අනුව A කාණ්ඩයේ මූලික වටය අවසන්වීමට තව ත් තරග දෙකක් ඉතිරිව ඇති නමුත් ප්‍රසාද ලකුණු සටහනේ හිමිකරගෙන ඇති ස්ථාන අනුව රුසියාව සහ උරුගුවේ කණ්ඩායම් සුපිරි 16 දෙනාගේ වටය සඳහා සිය ස්ථාන තහවුරු කරගෙන සිටි. |
2018-06-20T20:49:10.000Z | නවසීලන්ත වාර්තාව පරදා එංගලන්ත පිලෙන් වාර්තාවක් | නවසීලන්ත වාර්තාව පරදා එංගලන්ත පිලෙන් වාර්තාවක් | COLOMBO (News 1st) - කාන්තා පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරගයක ඉනිමකදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සඳහා වන වාර්තාව පිහිටුවීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් විය. එහි විශේෂත්වය වන්නේ පැය කිහිපයක් තුළ එම වාර්තාව අවස්ථා දෙකකදී බිඳ වැටීමයි. එංගලන්ත, නවසීලන්ත සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් සහභාගී වන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ටවුන්ටන්හිදී පැවැත් වේ. ඊයේ දිනයේදී එහි තරග දෙකක් පැවැති අතර පළමු තරගය පැවැත්වූයේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත ක්‍රීඩිකාවන් එක් කඩුල්ලකට ලකුණු 216 ක් රැස් කළේ කාන්තා පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරගයක ඉනිමකදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සඳහා වන වාර්තාව තමන් සතුකර ගනිමිනි. නවසීලන්ත ක්‍රීඩිකාවන් ලකුණු 66 කින් එම තරගය ජය ගත්හ. මේ අතර ඊට පැය කිහිපයකට පසුව නවසීලන්ත ක්‍රීඩිකාවන් පිහිටු වූ කාන්තා පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරගයක ඉනිමකදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සඳහා වන වාර්තාව බිඳ දැමීමට එංගලන්ත ක්‍රීඩිකාවන් සමත් විණි. ඒ, එම තුන්කොන් කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ දිනයේ පැවැති දෙවැනි තරගයේදීයි. දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට එරෙහිව දිවා රාත්‍රී තරගයක් ලෙස ක්‍රියාත්මක වූ එහි පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 3කට ලකුණු 250ක් රැස් කළේ ය. එම තරගය එංගලන්ත ක්‍රීඩිකාවන් ජය ගත්තේ ලකුණු 121කිනි. |
2018-06-20T19:58:24.000Z | සංක්‍රමණික කඳවුරුවල සිටින සාමාජිකයන්ට ට්‍රම්ප්ගෙන් පණිවුඩයක් | කඳවුරුවල සිටින සාමාජිකයන්ට ට්‍රම්ප්ගෙන් පණිවුඩයක් | සංක්‍රමණික කඳවුරුවල රඳවා සිටින පවුල්වල සාමාජිකයන්ට එක් ව දිවිගෙවීමට ඉඩ ලබා දෙන විධායක නියෝගයකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබුවේ ය. ඒ, අමෙරිකානු - මෙක්සිකානු දේශසීමාව ඔස්සේ අමෙරිකාවට ඇතුලු වන අනවසර සංක්‍රමණික පවුල්වල දෙමව්පියන්ගෙන් දරුවන් වෙන් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට ජාත්‍යන්තරයෙන් දැඩි විරෝධය එල්ලවීම හමුවේයි. නියෝගයට අත්සන් තබමින් මාධ්‍ය ඇමතූ අමෙරිකානු ජනධිපතිවරයා සිය බිරිඳ මෙලානියා සහ දියණිය ඉවන්කා ට්‍රම්ප්ගේ ඉල්ලීම් ද මෙම තීරණයට හේතු වූ බව කියා සිටියේ ය. කෙසේ වෙතත් ජනපති ට්‍රම්ප්ගේ මෙම විධායක නියෝගය ක්‍රියාත්මක වන්නේ කෙදින සිටදැයි යන්න මෙතෙක් හෙළිකර නොමැත. මේ අතර අනවසර සංක්‍රමණිකයන්ට උපකාර කිරීම අපරාධයක් බව ප්‍රකාශයට පත්කරමින් නව නීති සම්මත කර ගැනීමට හංගේරියානු පාර්ලිමේන්තුව පියවර ගනු ලැබිණි. ඒ යටතේ අනවසර සංක්‍රමණිකයන්ට එරට දේශපාලන රැකවරණ ලබා ගැනීමට උපකාර කරන ඕනෑම අයෙකුට වසරක සිරදඬුවම් නියම කෙරෙනු ඇති. අනවසර සංක්‍රමණිකයන් සමග සේවය කරන රාජ්‍ය නොවන සංවිධානවලට ද ඒ සඳහා බලපත්‍ර ලබා ගැනීමට සිදුවන අතර ඔවුන්ගේ ක්‍රියාපටිපාටිය මේ ඔස්සේ දැඩිව සීමා කෙරේ. මෙම නීතිය ලොව මානව හිමිකම් සංවිධානවල දැඩි විවේචනයට ලක් විය. |
2018-06-20T19:25:58.000Z | වර්ජනයේ නිරත තැපැල් සේවකයින් හා තැපැල්පති අතර අද තව ත් සාකච්ඡාවක් | තැපැල් සේවකයින් හා තැපැල්පති අතර තව ත් සාකච්ඡාවක් | COLOMBO (News 1st) - වර්ජනයේ නිරත තැපැල් වෘත්තිය සමිති සහ තැපැල්පතිවරයා අතර තව ත් සාකච්ඡාවක් අද පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඒ, තැපැල් වෘත්තිය ක්‍රියාමාර්ගයට මුල් වූ බඳවා ගැනීම් පටිපාටියේ වැටුප් තල සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. දින 11 ක් පුරා ක්‍රියාත්මක වැඩ වර්ජනය අවසන් එකඟතාවකට පැමිණෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසුවේ ය. ඔහු සඳහන් කළේ, වැඩ වර්ජනය හේතුවෙන් මධ්‍ය තැපැල් හුවමාරුවේ පමණක් ලිපි ලක්ෂ 15 ක් පමණ ගොඩගැසී ඇති බවයි. වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට සමස්ත තැපෑලම බිඳ වැටී ඇතැයි තැපැල් වෘත්තිය සමිති පවසයි. ඔවුන් සඳහන් කළේ, බිල්පත් ගෙවීම්, විශ්‍රාම වැටුප් ගෙවීම් හා මහජන ආධාර ගෙවීම් ආදී එදිනෙදා සේවා රැසක් අඩාල වී ඇති බවය. මේ අතර වර්ජනය හේතුවෙන් විදෙස් තැපෑලට යොමු කරන ලිපි හා පාර්සල් මෙන් ම විදේශයන්ගෙන් ලැබෙන ලිපි හා පාර්සල් රැසක් ද කටුනායක ගුවන්තොටුපොළේ ගොඩ ගැසී ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළහ. මේ අතර තැපැල් සේවක වැඩ වර්ජනය හේතුවෙන් විභාග රැසක ප්‍රවේශ පත්‍ර හා ඉල්ලුම්පත් මේ වනවිට අතර මග සිරවී තිබේ. |
2018-06-20T19:03:57.000Z | ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය දින නියමකින් තොරව වසා දැමේ | ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය තාවකාලිකව වසා දැමේ | COLOMBO (News 1st) - උණ රෝගයක් හේතුවෙන් මහනුවර - කුණ්ඩසාලේ පිහිටි ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය දින නියමකින් තොරව වසා දමා තිබේ. එහි අධ්‍යක්ෂ අමල් අරුණප්‍රිය මහතා සඳහන් කළේ, විද්‍යාලයේ සිසුන් අතර රෝගය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි. සිසුන් 250කට අධික පිරිසක් කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර සිසුන් 11 දෙනෙකු රෝගීවීම හේතුවෙන් මැණික්හින්න රෝහලට ඇතුළත් කළ පසු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත. අදාළ සිසුන් උණ, වමනය, පාචනය ඇතුලු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල් අධිකාරිය නිර්දේශ කර ඇත්තේ රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකෘර්ම විද්‍යාලය තාවකාලිකව වසා දමන ලෙසයි. |
2018-06-20T23:14:51.000Z | බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන්ගෙන් වේදනාබර ලිපියක් | බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන්ගෙන් වේදනාබර ලිපියක් | පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටින ජනප්‍රිය බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන්ට ඔහුගේ රසික රසිකාවියන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ. ඒ, ඔහු සිය රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ලියූ විවෘත ලිපිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වීමත් සමගයි. පසුගිය මාර්තු මාසයේදී ඉර්ෆාන් ඛාන් සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් පැවසුවේ, තමාට දුර්ලභ රෝගී තත්ත්වයකින් වැළඳී ඇති බවයි. මුල් අවස්ථාවේදී ඔහු සිය රෝගී තත්ත්වය කුමක් ද යන්න හෙළි නොකළ ද පසුව තමාට වැළඳී ඇත්තේ, පිළිකාවක් බව ප්‍රසිද්ධ කළේ ය. ඉර්ෆාන් සිය ලිපිය මගින් පිළිකා රෝගයේ උච්චතාවය සහ ජීවිතයේ අවිනිශ්චිතභාවය පිළිබඳ සිහිපත් කර තිබේ. 51 හැවිරිදි ඉර්ෆාන් ඛාන් මේ වන විට ලන්ඩනයේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔහුගේ රසික රසිකාවියන් එම ලිපිය සිය ට්විටර් ගිණුම්වල පළ කරගනිමින් ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ. ඛාන් සිය ලිපිය මගින් වැඩිදුරටත් පවසා ඇත්තේ, තමාට පිළිකාවක් වැළඳී ඇති බව දැනගත් පසු කම්පනයට මේන ම තැතිගැන්මකට ලක්ව සිටින බවයි. ඉර්ෆාන් ඛාන් චිත්‍රපට 100 අධික චිත්‍රපට සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇති අතර Piku, Maqbool, Haasil සහ Paan Singh Tomar ජනප්‍රිය චිත්‍රපට ද ඒ අතර වේ. මීට අමතරව ඔහු Life Of Pi, Jurassic World, Slumdog Millionaire, and The Amazing Spider-Man යන ඉංග්‍රීසි චිත්‍රපට ඔස්සේ ද සිය රංගන ප්‍රතිභාව එළි දැක්වී ය. 2013 වසරේදී ඉම්රාන් ඛාන් Paan Singh Tomar චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 2013 වසරේදී ඉන්දීය ජාතික චිත්‍රපට සම්මානයෙන් පිදුම් ලැබී ය. |
2018-06-20T10:22:29.000Z | ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සර්විසස් ලංකා සමාගම කෙරෙහි අද ජනපති විමර්ශන කොමිසමේ අවධානය | ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සර්විසස් කොමිසමේ අවධානයට | COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා තුළ සිදු කෙරෙන තීරු බදු රහිත වෙළෙඳාමට හවුල්කාර පාර්ශවයක් වන ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සර්විසස් ලංකා පුද්ගලික සමාගම කෙරෙහි අද ජනාධිපති විමර්ශන කොමිසමේදී අවධානය යොමු විය. අද දිනයේ සාක්ෂි ලබාදුනනේ ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සර්විසස් ලංකා පුද්ගලික සමාගමේ හිටපු පුහුණු අධ්‍යක්ෂ මාලන් පෙරේරා මහතායි. 2012 වසරේදී තමන් එම සමාගමට බැඳුනේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා කාර්ය මණ්ඩලයට යානා තුළදී තීරු බදු රහිත භාණ්ඩ අළෙවි කිරීම සම්බන්ධයෙන් පුහුණුවීම් හා මගපෙන්වීම් ලබාදීමට බව ඔහු කොමිසමේදී සඳහන් කළේ ය. එම කර්තව්‍ය සිදු කරන අවස්ථාවේදී තමන් විටින් විට කටුනායක ගුවන්තොටුපොළට යන බවත් ඉන් එක් අවස්ථාවකදී ශ්‍රීලංකන් ගුවන් සමාගම හා කැනඩාවේ සංස්ථාපිත ෆිනික්ස් ඩියුටි ෆ්‍රි සර්විසස් සමාගම අතර ගිවිසුමක් ඇති බවත් කොමිසමේදී අනාවරණ විය. අදාළ ගිවිසුමේ දැක්වෙන අනුව ශ්‍රීලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ෆීනික්ස් ඩියුටි ෆ්‍රී සර්විසස් ලංකා පුද්ගලික සමාගම තීරු බදු රහිත භාණ්ඩ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නමට ගෙන්වා කටුනායක පිහිටි ගබඩාවල තැබිය යුතු වේ. සාක්ෂිකරුට අනුව ගෙන්වන සියලු භාණ්ඩ ආයෝජන මණ්ඩලය විසින් සහන ලබාදී ඇති තීරු බදු රහිත භාණ්ඩයි. කෙසේ වෙතත් ගිවිසුමට අනුව භාණ්ඩ විකිණීම හෝ නැවත ලබාදීමක් සිදුකළ යුතුයි. භාණ්ඩ ගබඩා කිරීම කොන්ත්‍රාත්තුවේ නෛතික භාවයට පටහැනි වන අතර සමාගමට සිදුකළ හැක්කේ භාණ්ඩ ගෙන්වා විකිණීම පමණක් බව සාක්ෂිකරුගේ ප්‍රකාශවලින් පෙනී යනු ඇත. ගුවන් යානා තුළදී සිදුකරන තීරුබදු රහිත විකිණීම් සම්බන්ධව තමන් සතුව වාර්තා ඇති බවත් සමාගමේ ආදායම් වියදම් පිළිබඳව ප්‍රශ්නගත තත්ත්වයක් ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය. ඊට හේතුව ලෙස සඳහන් කළේ, තමන් ලබාගන්නා වාර්තාවලට අනුව සමාගම වර්ෂයකදී අමෙරිකානු ඩොලර් මිලියන 5.54ක විකුණුම් සිදුකළ ද සමාගමේ වියදම් හා ශ්‍රීලංකන් ගුවන් සමාගමට ගෙවිය යුතු 44% ක කොමිස් මුදල සැලකිල්ලට ගත්විට සමාගම ඩොලර් මිලියන 1.2 ක පාඩුවක් ලබන බවයි. මූල්‍ය වාර්තා රහසිගත ලෙස එම සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ රාජු චන්දිරම් මහතා හා මූල්‍ය කළමනාකරු මොහොමඩ් හනාස් විසින් තබා ගත් බව ඔහු සාක්ෂිදෙමින් කියා සිටියේ ය. 2011 වසරේදී ෆීනික්ස් රයිසින් වෙන්චර්ස් පුද්ගලික සමාගම සංස්ථාපනය කිරීමේදී එහි ආරම්භක අධ්‍යක්ෂක හා ආරම්භක කොටස් හිමිකරු ලෙස අයැදුම්පත්‍රයේ සඳහන් වී ඇත්තේ, රාජු චන්දිරම් යන නමයි. කොමිසමේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස සමාගම් රෙජිස්ටාර් නියෝජිතයා ප්‍රකාශ කළේ, 2007 සමාගම් පනතට අනුව තනි පුද්ගල කොටස්කරුවන් සිටින සමාගමක කොටස්කරුවෙකු විය හැක්කේ භාණ්ඩාගාර ලේකම්වරයා බවයි. මෙහි සඳහන් වූ රාජු චන්දිරම් යන පුද්ගලයා, 2007 වසරේ දී ශ්‍රීලංකන් කේටරින් හි අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ අතර 2008 වසර දක්වා ශ්‍රීලංකන් ගුවන් සමාගමේදී අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර තිබේ. |
2018-06-20T09:03:50.000Z | දිනේෂ් චන්දිමාල්ට තරග තහනමක් හා දඩ | දිනේෂ් චන්දිමාල්ට තරග තහනමක් හා දඩ | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුවේ හැඩය වෙනස් කිරීම හේතුවෙන් නායක දිනේෂ් චන්දිමාල්ට දඬුවම් නියම කර තිබේ. ඒ අනුව ඔහුට ඊළඟ ටෙස් තරගය ක්‍රීඩා කිරීම හා පෙරේදා නිමා වූ ටෙස්ට් තරයේ තරග ගාස්තු ලබා ගැනීමේ අවස්ථාව නොමැත. ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුවේ හැඩය වෙනස් කළ බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් චෝදනා එල්ල විය. ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළේ, චන්දිමාල් කිසියම් රස කැවිලි වර්ගයක් යොදා ගනිමින් පන්දුවේ හැඩය වෙනස් කිරීමට උත්සහ ගත් බවයි. එ් පිළිබඳව කළ පරීක්ෂණයෙන් අනතුරුව කවුන්සිය තීරණය කළේ, අදාළ වරදට චන්දිමාල්ට දඬුවම් නියම කිරීමටයි. මේ අතර ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීමේ චෝදනාවට යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට හා කළමනාකරු අසංක ගුරුසිංහට ද ඉදිරියේදී දඬුවම් නියම කරන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. ඒ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුනවන දිනයට අදාළ තරග ආරම්භය පැය දෙකකට අධික කාලයක් ප්‍රමාද කිරීම හේතුවෙනි. ක්‍රීඩාවේ ජීව ගුණය හානි කිරීම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලියේ අචාරධර්ම පද්ධතියට අනුව තුන්වන කාණ්ඩයේ වරදකි. එම කාණ්ඩයේ වරදක් වෙනුවෙනේ හිමිවන අවම දඬුවම් ලකුණු එසේත් නැත්නම්, ඩී මෙරිට් ප්‍රමාණය 4 ක් වන අතර උපරිමය 8 ක් ලෙස දැක්වේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීති හා රෙගුලාසි අනුව දඬුවම් ලකුණු 2 ක් හිමිවීම යනු එක් ටෙස්ට් ක්‍රිකට් තරගයකට සහභාගීවීමේ තහනමක් හෝ එක්දින තරග දෙකක තහනමක් හෝ පන්දුවාර 20 යි 20 තරග දෙකක තහනමක් වේ. ඒ අනුව එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කළමනාකරු, ප්‍රධාන පුහුණුකරු හා කණ්ඩායම් නායකයා තරගවලට සහභාගී විය නොහැකි තත්ත්වය මත අභියෝගයකට මුහුණ දෙනු ඇති. ලැජ්ජාවට කරුණ වන්නේ, ගෝමින් දය ශ්‍රී මහතා වැනි ජ්‍යේෂ්ඨ නීතිඥයෙකු මෙම තරගය අතරතුර බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි සිටියදීත් ඔහුගේ සහය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අපොහොසත්වීමයි. ක්‍රිකට් හෝ අනෙකුත් දේ පිළිබඳ අවබෝධයක් නොමැති පුද්ගලයින් අමාත්‍යවරුන් හා බලධාරීන් ලෙස පත්වීම මේ ඛේදවාචකයේ පදනමයි. දිනේෂ් චන්දිමාල් වෙනුවෙන් ඉදිරිපත්වීමට ජ්‍යේෂ්ඨ නීතිඥ ගෝමින් දය ශ්‍රී මහතාට යෝජනාවක් මුලින් ඉදිරිපත් වුව ද පසුව කොළඹින් ලැබුනු උපදෙස් මත ඒ මහතාගේ සහය අනවශ්‍ය බව ඔහුට දන්වා තිබේ. චන්දන හෝ ඊට ආසන්න නමක් ඇති නීතිඥයෙකු සමග අසංක ගුරුසිංහ කළ සාකච්ඡාවකින් පසුව දය ශ්‍රී මහතාගේ සහය අනවශ්‍ය බවට ඒ මහතාට දැනුම්දී ඇත. මෙවැනි අඥාන තීරණ ගැනීමට මූලික හේතුව වන්නේ, ක්‍රිකට් හෝ වෙනත් කිසිදු ක්‍රීඩාවක් ගැන ප්‍රමාණිත අවබෝධයක් නැති පුද්ගලයින් විද්‍යාත්මක පදනමින් යැයි කියමින් ක්‍රීඩා අමාත්‍ය තනතුරට පත් කිරීමයි. නිසි නීති උපදෙස් ලබා ගනිමින් මෙම තත්ත්වය කළමනාකරණය කිරීමට ඕනැ තරම් ඉඩකඩ තිබියදීත් මෙලෙස ක්‍රීඩකයින් හා නිලධාරීන් වරදකරුවන් වන තෙක් බලා සිටියේ කාගේ උවමනාවට ද? |
2018-06-20T08:41:26.000Z | පනත සම්මතයි, SAITM අහෝසියි සිසුන් කොතලාවලට | පනත සම්මතයි, SAITM අහෝසියි සිසුන් කොතලාවලට | COLOMBO (News 1st) - ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. සයිටම් ආයතනය අහෝසි කර එහි අධ්‍යාපනය ලබන සිසුන් ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුලත් කිරීම ඇතුලු කරුණු කිහිපයක් ඇතුළත් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ විෂයභාර අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසිනි. |
2018-06-20T07:31:15.000Z | විරාමට තිත තබා කැරළිකරුවෝ සටන අරඹති | විරාමට තිත තබා කැරළිකරුවෝ සටන අරඹති | රාමසාන් උත්සව සමය වෙනුවෙන් එකඟ වූ සටන් විරාමට තිත තබමින් තලේබාන් කැරළිකරුවන් ඇෆ්ගනිස්ථාන ආරක්ෂ අංශ ඉලක්ක කර පළමු ප්‍රහාරය එල්ල කර තිබේ. හමුදා මුර පොළක් ඉලක්ක කර එල්ල වූ මෙම ප්‍රහාරයෙන් සෙබළුන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සෙබළුන් 7 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බවයි. පසුගිය ඉරිදා දිනයේ කැරළිකරුවන් දැනුම් දී සිටියේ තෙදින සටන් විරාමය තවත් දික් නොවනු ඇති බවයි. සටන් විරාමය ක්‍රියාත්මක වූ දින කිහිපය තුළ ඇෆ්ගනිස්ථානය තුළ වෙනදා දැකගත නොහැකි දේ සිදුවීම විශේෂත්වයකි. සෙබළුන් සහ තලේබාන් කැරලිකරුවන් එකිනෙකා වැළඳ ගනිමින් සුබපතා ගන්නා සිදුවීම් ඉන් ප්‍රමුඛ විය. මේ අතර ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඇෆ්ගන් රජය 10ක් දක්වා ඒකපාර්ශවීය සටන් විරාමය ක්‍රියාත්මක කරන බවයි. 2001 වසරේදී අමෙරිකාව විසින් මෙහෙය වන ලද ආක්‍රමණයකින් ඇෆ්ගනිස්ථාන ආණ්ඩුව පෙරළා දැමීමෙන් පසු තලේබාන් සංවිධානය එකඟවූ පළමු සටන් විරාම ගිවිසුම මෙය විය. පසුගිය පෙබරවාරි මාසයේ ඝානි තලේබාන් කැරළිකරුවන්ට කොන්දේසි විරහිතව සාම සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස අරාධනා කළ අතර නීතියේ ආධිපත්‍යයට ගරු කළ හොත් තලේබාන්වරුන් එරට නීත්‍යනුකූල දේශපාලන කණ්ඩායමක් ලෙස පිළිගන්නා බව ද පැවසී ය. කෙසේ වෙතත් මේ දක්වා කැරළිකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් ජීවිත අහිමි වූ ඇෆ්ගන් වැසියන් දස දහස් ගණනකි. |
2018-06-20T06:50:30.000Z | කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩිතැබූ සැකකරුවන් රිමාන්ඩ් | කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩිතැබූ සැකකරුවන් රිමාන්ඩ් | COLOMBO (News 1st) - කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු, මහසෙන් දේවාලයේ කපු ධූරය දැරූ අසේල ලක්මාල් බණ්ඩාර ඇතුලු සැකකරුවන් 07 දෙනා ලබන මස 04 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ඒ. ඒ. පී. ලක්ෂ්මන් මහතා හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීය. සැකකරුවන්ගෙන් දෙදෙනෙකු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක ඉදිරිපත් කළ අතර එහිදී සැකකරුවෙකු හඳුනා ගෙන තිබේ. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ධම්මින්ද හිමියන් මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනු ඇත. |
2018-06-20T05:03:43.000Z | ලොකු ළූණු ආනයන බදු වෙනස් වෙයි | ලොකු ළූණු ආනයන බදු වෙනස් වෙයි | COLOMBO (News 1st) - ලොකු ළූණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 70 - 80 ත් අතර මිලක් ලැබෙන පරිදි ආනයන බදු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. කොළඹදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසූවේ, දේශීය ලොකු ළූණු බීජ කිලෝග්‍රෑම් 5000 ක් මිලදී ගෙන හෙක්ටෙයාර් 1000 ක නව වගාවක් ආරම්භ කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි වූ බවයි. |
2018-06-20T01:00:56.000Z | පාර්ලිමේන්තුවේ හිමිකම් ඔප්පුව අද කථානායකවරයාට | පාර්ලිමේන්තුවේ හිමිකම් ඔප්පුව අද කථානායකවරයාට | COLOMBO (News 1st) - ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විධිමත් පැවරුම් සහතිකය වසර 40කට පසුව අද කථානායක කරු ජයසූරිය මහතාට භාර දීමට නියමිතව තිබේ. ඒ, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසිනි. මෙතෙක් කලක් පාර්ලිමේන්තුවේ හිමිකම තහවුරු වූයේ, හිටපු ජනාධිපතිවරයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ලබා දුන් සන්නස් පත්‍රයකිනි. ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රා හේරත් මහත්මිය පැවසුවේ, අද ලබා දෙන පැවරුම් සහතිකයට පාර්ලිමේන්තු සංකීර්ණය අයත් භූමියේ හෙක්ටයාර් 18ක් අයත් බව ය. |
2018-06-20T00:25:17.000Z | පස් රැගෙන ආ ටිපර් රථයක් STF භාරයට ගැනීමත් සමග රන්මිණිතැන්නේ ප්‍රදේශවාසීහු වීදි බසිති | රන්මිණිතැන්නේ ප්‍රදේශවාසීහු වීදි බසිති | COLOMBO (News 1st) - කතරගම - කොළඹ ප්‍රධාන මාර්ගය තිස්සමහාරාම, රන්මිණිතැන්න ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීහු අද උදෑසන සිට විරෝධතාවක නිරත වෙති. ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරත වන්නේ, තිස්සමහාරාම ජූල්පල්ලම ප්‍රදේශයේ වෙල් යායට ගමන් කිරීම සඳහා ඇති මාර්ගය සැකසීමට පස් රැගෙන ආ ටිපර් රථය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගැනීම හේතුවෙනි. විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ, පස් ප්‍රවාහනය වෙනුවෙන් බලපත්‍රයක් ද ඔවුන් සතුව තිබූ බව ය. මෙම මාර්ගය සැකසීම සඳහා බලධාරීන්ට කිහිප වරක් ම දැනුම් දුන්න ද නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් ප්‍රදේශවාසීන් මුදල් එකතු කර මාර්ගය සැකසීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් විශේෂ බලකා නිලධාරීන් පස් අඩංගු ටිපර් රථය ඔවුන් භාරයට ගෙන ඇත්තේ, බලපත්‍රයේ සඳහන් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් රැගෙන යාම හේතුවෙන් බව අප වාර්තාකරු පැවසුවේ ය. |
2018-06-20T00:02:35.000Z | වී අලෙවි මණ්ඩලය දැවැන්ත ණය බරක | වී අලෙවි මණ්ඩලය දැවැන්ත ණය බරක | COLOMBO (News 1st) - වී අලෙවි මණ්ඩලය රුපියල් මිලියන 18000ක ණය බරකින් පෙළෙන බව එහි සභාපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා පවසයි. ඔහු සඳහන් කළේ, මෙය මණ්ඩලයේ ඉදිරි සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට බලවත් බාධාවක් බව ය. පසුගිය කාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර, වී තොග මුදා හැරීමේදී සිදු වූ මෙහෙයුම් වියදම් ලබා නොදීම වී අලෙවි මණ්ඩලය මෙම පාඩුව ලැබීමට ප්‍රධාන හේතුව බව ද සභාපතිවරයා පෙන්වා දුන්නේ ය. සභාපතිවරයා ප්‍රකාශ කළේ, මෙම ණය බර ලිහිල් කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව ය. |
2018-06-19T12:20:27.000Z | චන්දිමාල්ට ICCයෙන් තරග තහනමක් | චන්දිමාල්ට ICCයෙන් තරග තහනමක් | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී පන්දුවේ හැඩය වෙනස් කිරීමට වැරදිකරු වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තරග තහනමක් පනවා තිබේ. මේ අතර ඔවුන් තීරණය කර ඇත්තේ, දෙවන තරගයේ පූර්ණ තරග ගාස්තුව ද ඔහුට දඩ වශයෙන් නියම කිරීමට ය. ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම පද්ධතියේ 2.2.9. වගන්තිය කඩ කරමින් පන්දුවේ හැඩය වෙනස් කළ බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් චෝදනා එල්ල විය. ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ, තරග විනිසුරු ජවගල් ශ්‍රීනාත්ගේ ප්‍රධානත්වයෙන් එම ටෙස්ට් තරගයෙන් අනතුරුව මේ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කරන බව ය. කොදෙව් ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ තරග විනිසුරුවන් ලෙස කටයුතු කරන අලීම් ඩාර්, ඉයන් ගෝල්ඩ් හා තුන්වන විනිසුරු රිචඩ් කෙටල්බොරොව් චන්දිමාල් මෙලෙස පන්දුවේ හැඩය වෙනස් කළ බවට චෝදනා එල්ල කළහ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළේ, තරගයට යොදා ගත් පන්දුවට ඉකුත් සිකුරාදා චන්දිමාල් විසින් සලායිවා නමැති කිසියම් රස කැවිලි වර්ගයක් සිය කලිසමේ වම් සාක්කුවෙන් ගෙන එය ආහාරයට ගත් බවත්, ඉන් අනතුරුව ඔහු පන්දුවේ හැඩය වෙනස් කිරීමට උත්සහ ගන්නා අයුරු අදාළ දර්ශන මගින් පෙන්නුම් කරන බව ය. ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සහ කළමනාකරු අසංක ගුරුසිංහ නීතිඥවරයෙකු නොමැතිව අදාළ විමර්ශනයට ඊයේ දිනයේදී සහභාගී වූ අතර එහිදී චන්දිමාල්ට මෙම දඬුවම් නියම කර තිබේ. ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ, චන්දිමාල්ට කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පූර්ණ තරග ගාස්තුව දඩ මුදලක් හා තරග තහනම් ලකුණු 2 ක් නියම කරන බව ය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීති හා රෙගුලාසි අනුව තරග තහනම් ලකුණු 2 ක් එක් ටෙස්ට් තරග තහනමකට , එක්දින තරග දෙකක තහනමකට හෝ පන්දුවාර 20 යි 20 තරග දෙකක තහනමකට සමාන වේ. ඒ අනුව එම ආකෘති තුන අතුරින් පළමුවෙන්ම චන්දිමාල් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීම හේතුවෙන් කොදෙව් තරගාවලියේ තුන්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් චන්දිමාල්ට තහනම් කර තිබේ. මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම පද්ධතියේ 2.2 1 වගන්තියේ තුන්වන කාණ්ඩයේ වැරැද්දක් ලෙස දැක්වෙන ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීම චෝදනාවට වැරදිකරු වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ හා ශ්‍රී ලංකා කණ්ඩයාමේ කළමනාකරු අසංක ගුරුසිංහ යන මහත්වරුන්ට ඉදිරියේදී දඬුවම් නියම කරන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි. ඒ, දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනයට අදාළ තරග ආරම්භය පැය දෙකකට අධික කාලයක් ප්‍රමාද කිරීම හේතුවෙනි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා හා කළමනාකරු අසංක ගුරුසිංහ මහතාගේ ක්‍රියාකලාපයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි සිදු වී ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි. |
2018-06-19T21:20:06.000Z | දක්ෂිණ අධිවේගයේ සිදු වූ රිය අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකු මරුට | අධිවේගයේ රිය අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකු මරුට | COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැප්ම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, කාර්මික දෝෂයකට ලක්ව නතර කර තිබූ ලොරියක වෑන් රථයක් ගැටීමෙන් අද අලුයම අනතුර සිදුව ඇති බව ය. මිය ගොස් ඇත්තේ, 34 හැවිරිදි කාන්තාවක හා සිව් හැවිරිදි ළමයෙකි. තුවාල ලැබූවන් ඇල්පිටිය හා කළුතර නාගොඩ රෝහල්වලට ඇතුළත් කර තිබේ. |
2018-06-19T20:30:12.000Z | UPDATE: සයිටම් සිසුන්ට කොතලාවල සරසවියේ දොරටු විවර කෙරෙන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට | UPDATE: SAITM සිසුන්ට කොතලාවල දොරටු විවර කෙරෙන පනත | COLOMBO (News 1st) UPDATE 12.00 PM - සරසවි සිසුන් පිරිසක් අදත් පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට විරෝධතාවක නිරත වෙති. ඒ, සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට බඳවා ගැනීමට විරෝධය පළ කරමිනි. මේ හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අසල දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ. සයිටම් සිසුන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමට ප්‍රතිපාදන සැලසෙන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ය. ඒ සඳහා වන විවාදය අද දිනය පුරා පැවැත්වීමට ඊයේ රැස්වූ පක්ෂ නායකයින් එකඟ වී තිබේ. මේ අතර උපදේශක කාරක සභා 43ක් පිහිටුවීම සඳහා යෝජනා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිත ය. ඒ අනුව අමාත්‍යංශ 43ක් සඳහා උපදේශක කාරක සභා පත් කිරීම සඳහා වන යෝජනා ඉදිරිපත් වනු ඇති. |
2018-06-19T20:12:49.000Z | ශිෂ්‍යත්ව විභාගය කල් දමන්නේ නැහැ - විභාග දෙපාර්තමේන්තුව | "ශිෂ්‍යත්ව විභාගය කල් දමන්නේ නැහැ" | COLOMBO (News 1st) - සැලසුම් කළ පරිදි අගෝස්තු මස 05 වන දා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා මේ බව සඳහන් කළේ, විභාගය කල් යන බවට පැතිර යන කටකථා පිළිබඳව නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ය. ඔහු පැවසුවේ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කල් දමන්නැයි කිසිදු පාර්ශවයක් තමන්ගෙන් ඉල්ලීම් නොකළ බව ය. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින ළමයින් සංඛ්‍යාව 325000කට අධික ය. |
2018-06-19T20:04:05.000Z | එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකාව ඉවත් වෙයි | එ.ජා. මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකාව ඉවත් වෙයි | (News 1st) - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකාව ඉවත් වී තිබේ. මානව අයිතිවාසිකම් විහිලුවකට ගෙන ඇති බවත් කුහක සහ සැමට අපක්ෂපාතී ලෙස නොසලකන බවත් එක්සත් ජාතීන්ගේ අමෙරිකානු නියෝජිත නිකී හේලි ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. ඇය පසුගිය වසරේදී එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කවුන්සිලය ඊශ්‍රායල විරෝධීත්වයට පක්ෂපාතී බවට චෝදනා කළ අතර එහි සාමාජිකත්වයේ රැඳී සිටීම පිළිබඳව නැවත වරක් සිතා බලන බවට ප්‍රකාශ කළා ය. 2006 වර්ෂයේ පිහිට වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රශ්න සහගත වාර්තා පවතින රටවලට එහි සාමාජිකත්වය ලබා දීම පිළිබඳව දැඩි විවේචනයට ලක්ව ඇති බව විදෙස් වාර්තාහි සඳහන් ය. මේ අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, අමෙරිකාව තවදුරටත් කවුන්සිල සාමාජිකත්වයේ රැඳී සිටීම කෙරෙහි ඔහුගේ වැඩි කැමැත්තක් ඇති බව ය. අමෙරිකාවේ මෙම තීරණය බලාපොරොත්තු සුන් කරන සුළු බව මීට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් පවසා ඇති බව සඳහන් ය. |
2018-06-19T19:41:06.000Z | වැඩ වර්ජනයේ නිරත තැපැල් සේවකයින් අද සිට අඛණ්ඩ උපවාසයක | තැපැල් සේවකයින් අද සිට අඛණ්ඩ උපවාසයක | COLOMBO (News 1st) - වැඩ වර්ජනයක නිරත තැපැල් වෘත්තීය සමිති අද සිට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, ගැටලු සඳහා මෙතෙක් බලධාරීන් විසඳුම් ලබා නොදීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරන බව ය. තම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවට පරිභාහිර වෘත්තීය සමිති නායකයින්ගේ සහය ලබා ගැනීමට අවධානය යොමුව ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. තැපැල් සේවක වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුවේ සේවා සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ. ලිපි බෙදීම හැරුණු විට බිල්පත් ගෙවීම්, විශ්‍රාම වැටුප් ගෙවීම්, ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම් මෙන් ම මහජන ආධාර මුදල් ගෙවන්නේ ද තැපැල් කාර්යාල හරහා ය. මෙම සේවා සිදු නොවීමෙන් පාර්ශව රැසක් දැඩි පීඩාවට පත්ව සිටින අතර විභාග සඳහා ප්‍රවේශ පත්‍ර නොලැබීම හේතුවෙන් ද ඇතැම් පිරිස් පීඩාවට පත්ව සිටින බව අප වාර්තාකරුවෝ සඳහන් කළහ. |
2018-06-19T11:25:19.000Z | එංගලන්තය එක්දින ක්‍රිකට් තරගයක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු ගණන වාර්තා කරයි | එංගලන්ත ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක් | COLOMBO (News 1st) - එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සඳහා වන වාර්තාව අලුත් කිරීමට එංගලන්තය අද සමත් විය. ඒ, ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයේදී කඩුලු 6කට ලකුණු 481 ක් රැස් කරමිනි. ලකුණු 444ක් ලබා එංගලන්ත කණ්ඩායම මීට පෙරදීද එක්දින ජාත්‍යන්තර තරගයක ඉනිමකදී රැස් කළ කණ්ඩායම ලෙස පෙරමුණේ රැඳී සිටියේය. තරගය එංගලන්තයේ, නොටිම්හැම්හිදී පැවැත්වේ. ජේසන් රෝයි සහ ජොනී බෙයාර්ස්ටෝ අතර පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 159කි. ජේසන් රෝයි ලකුණු 82කට දැවී ගියේය. විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ ඇලෙක්ස් හේල්ස් සහ ජොනී බෙයාර්ස්ටෝ දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 151ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. ඇලෙක්ස් හේල්ස් ලකුණු 147ක් ලබා ගත්තේය. ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 139ක් ලබා ගැනීමට සමත් විය. නායක ඔයින් මෝගන් ලබා ගත් ලකුණු ගණන 67කි. |
2018-06-19T11:42:33.000Z | ක්‍රිකට්වල එදා සහ අද අපි ඉන්න තැන | ක්‍රිකට්වල එදා සහ අද අපි ඉන්න තැන | COLOMBO (News 1st) - ගෙවී ගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට්, එක්දින සහ පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර තරග බිමේදී දැක් වූ දක්ෂතා සහ ශ්‍රේණිගත කිරීම්වල ඔවුන්ට හිමිව ඇති ස්ථාන පිළිබඳව විමසා බැලීමකි මේ. පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 26 කට ක්‍රීඩා කර ඇති අතර ඉන් ජයගෙන ඇත්තේ, තරග 10 ක් පමණි. ටෙස්ට් තරග 12 ක් පරාජය වී ඇති අතර තරග 4 ක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වී තිබේ. එක්දින තරග 53 කට පසුගිය වසර දෙක තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කර ඇති අතර ඉන් ජයගෙන ඇත්තේ තරග 14 ක් පමණයි. තරග 34 ක් පරාජය වී ඇති අතර තරග 5 ක් විසඳුමකින් තොරව නිමාවී ඇත. 2016 - 2018 වසර දෙක තුළ පන්දුවාර 20 යි 20 තරග 37කට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 11 ක් ජයගෙන ඇති අතර පරාජය වී ඇති තරග ගණන 26 කි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2015 වසරේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානය් රැඳී සිටි අතර 2018 වන විට ඔවුන් ස්ථානයක් ඉදිරියට පැමිණ වර්තමාන ශ්‍රේණිගත කිරීම්හි 6 වන ස්ථානයේ පසු වේ. නමුත් 2015 වසරේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 5 වන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම 2017 වන විට එහි ස්ථාන 3 ක් පසුබැස 8 වන ස්ථානයට පත් වූ අතර වර්තමාන ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා කණ්ඩායම 8 වන ස්ථානයේ රැඳි සිටිනු ඇත. 2015 වසරේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පන්දුවාර 20 යි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම 2016 වසරේදී එහි ස්ථාන 7 ක් පසුබෑමට ලක්ව 8 වන ස්ථානයට පත් වූ අතර වර්තමාන ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 9 වන ස්ථානයයි. පන්දුවාර 20 යි 20 ශ්‍රේණිගත කිරීම්හි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ද ශ්‍රී ලංකාවට වඩා ඉහළින් සිටීම කැපී පෙනෙන කරුණක් ලෙස පෙන්වා දිය හැකිය. |
2018-06-19T10:53:28.000Z | දුමින්ද දිසානායක එළවළු මිල ගණන් වාර්තා කළ යුතු ආකාරය මාධ්‍යට උගන්වන්න එයි | දුමින්ද මාධ්‍යට උගන්වන්න එයි | COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධනාත්වයෙන් අද පෙරවරුවේ ඇමති මණ්ඩලය රැස් විය. රටේ ජනතාව වර්තමානයේ මුහුණදෙන ගැටලු ගැන එහිදී සාකච්ඡා කළේ දැයි මාධ්‍යවේදීන් රැස්වීම අවසානයේ ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කර තිබේ. මාධ්‍යවේදී ප්‍රශ්නය, ඇමතිතුමා කොළඹ නගරයේ දිගින් දිගටම උද්ඝෝෂණ තියෙනවා. ඊයේ අද වෙනකොට තැපැත් විශ්වවිද්‍යාල සිසුන් සයිටම් මේවා ගැන කැබිනට් එකේ සාකච්ඡා වෙනවා ද ඇමතිතුමා? වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක, සාකච්ඡා උනේ නැහැ මාධ්‍යවේදී ප්‍රශ්නය, ඇමතිතුමා සාකච්ඡා කරන්නේ එතකොට ටෙන්ඩර් විතර ද? අමාත්‍ය දුමින්ද දිසානායක, වේලාවක එන්න බලන්න. මේ ගොල්ලන්ට ඕන දේවල් නෙවෙයි ඇමති මණ්ඩලය සාකච්ඡා කරන්නේ. මාධ්‍යවේදී ප්‍රශ්නය, ඇමතිතුමා මේ වෙනකොට ඩොලරය 160 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා විශේෂයෙන්ම එළවළු මිල ගණන් සෑහෙන්න ඉහළ ගිහිල්ලා තියෙනවා මේවා ගැන සාකච්ඡාවක් වෙන්නේ නැද්ද මේ ජනතාවගේ අමාත්‍ය දුමින්ද දිසානායක, එවැනි ප්‍රශ්නයක් ආපු වේලාවට විශේෂයෙන් අපි සාකච්ඡා කරනවා. ඒවාගේ ම සමහර අවස්ථාවලදී විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීම් පවා පවත්වලා තියෙනවා. මාධ්‍යවේදී ප්‍රශ්නය, අද දිනයේ හිටපු අමාත්‍යවරු කවුරුත් දන්නවා ද එළවළු මිල ගණන් කීය ද කියලා බෝංචි කිලෝ එකක් කීයද කැරට් කිලෝ එකක් කීයද කියලා? අමාත්‍ය දුමින්ද දිසානායක, එළවළු කියන්නේ මවන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඕගොල්ලන්ට පෙන්නන්ඩ පුළුවන් 500 යි අද 1000 යි කියලා. හැබැයි ඕගොල්ලෝ ඒවාගේම පෙන්නන්ඩ ඕනේ ක්‍රමවේදයත් මෙන්න මෙච්චර හානි වෙලා තියෙනවා වර්ෂාවෙන් මෙච්චර අස්වැන්නක් එන්න තිබුණා කිලෝ 10000 ක්. හැබැයි තියෙන්නේ කිලෝ 1000 යි එතකොට ඉල්ලුම සැපයුම අනුව මිල වැඩි වෙනවා. ඕගොල්ලෝ ඔය ටික පෙන්නන්නේ නෑනේෙ? දුමින්ද දිසානායක ඇමතිතුමනි රටේ ජනතාව මුහුණ දෙන පොදු ප්‍රශ්න ඇමති මණ්ඩලයේ සාකච්ඡා නොකර වෙන කුමන ස්ථානයක සාකච්ඡා කරන්න ද? රටේ ජනතාවගේ වියදමින් ඔබව නඩත්තු වන නිසා ඔබට ඒ දුක නොදැනෙනවා විය හැකියි. ඔබ ඔය යන එන අධිසුඛෝපභෝගී රථයෙන් බිමට බැස ඔබේ දිස්ත්‍රික්කයේ ඈත ගම්මානවලට ගියොත් ඒ ජනතාවගේ සැබෑ ගැටලු හඳුනාගැනීමට ඔබට හැකිවනු ඇත. ජනතාවගේ ප්‍රශ්න කතා නොකලත් බිලියන ගණනක් වියදම් කර ගොඩනැගිල්ලක් කුලියට ගැනීමට ඔබලාට තිබූ උනන්දුව කාට අමතක වුවත් රටේ ජනතාවට නම් අමතක නැත. අවුරුදු 5 ක් කුලී පදනමට ලබාගකත් මේ ගොඩනැගිල්ලට මුල් අවුරුදු 3 කට රුපියල් මිලියන 21 ක බැගින් මාසිකව ගෙවූ බව ඔබට අමතක ද? අවුරුදු තුනට රුපියල් මිලින 756 ක් ගෙව්වේ ජනතාවගේ මුදලින් නොවේ ද? තුන්වන වසරින් පසුව රුපියල් මිලියන 24.5 ක මාසික කුලියක් ගෙවීමට ගිවිසුම් ගැසීමට අනුමැතිය ලැබුනේ ඔබ ඔය කියන ජනතා ප්‍රශ්න කතා නොකරන සාකච්ඡාවලදී නොවේ ද? අවුරුදු 5 කට කුලිය පමණක් රුපියල් මිලියන 1335 ක් ගෙවා දමන ඔබ වැනි ඇමතිවරුන් රටේ ජනතාවගේ දුක නොහඳුනන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඇමතිතුමනි, ඈත රජරට ජනතාවගේ කරමතින් පැමිණ ඒ අහිංසක ජනතාව වෙනුවෙන් පොහොර ටිකවත් වේලාවට ලබාදීමට අසමත් වූ ඔබ වැනි ජනතා නියෝජිතයින් ගැන ජනතාවම තීන්දුවක් ගනු ඇත. |
2018-06-19T09:51:13.000Z | ලසන්ත ඝාතනය: ජයන්ත වික්‍රමරත්නගෙන් ප්‍රශ්න කිරීමට සැරසේ | ලසන්ත ඝාතනයේ නඩු විභාගය... | COLOMBO (News 1st) - ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණයට අදාලව හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වේ. එම දෙපාර්තමේන්තුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ, ලබන 22 වන දා එම ප්‍රකාශය ලබාගන්නා බවයි. ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද යළි කැඳවනු ලැබිණි. සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත ව සිටින කොළඹ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ ගල්කිස්ස පොලීසියේ හිටපු පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල යන මහත්වරුන් එහිදී අධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන 3 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඔවුන් වෙනුවෙන් ඇප ලබාදෙන්නැයි නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බැලීම ජුලි 3 වන දා දක්වා කල් තැබිණ. පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණට දැනුම් දුන්නේ, මෙම ඝාතනය සම්බන්ධව රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂ කීර්ති ගජනායක හා හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරල් කපිල හෙන්ද්‍රවිතාරණ යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවයි. |
2018-06-19T08:42:23.000Z | රුපියල තවත් බාල්දු වෙයි: ඩොලරය රුපියල් 161 ක ඉක්මවයි | රුපියල තව ත් බාල්දු වෙයි | COLOMBO (News 1st) - මහ බැංකුව අද ප්‍රකාශ කළ විනිමය අනුපාත අනුව අමෙරිකානු ඩොලර් එකක් සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 161.17 ක් දක්වා ඉහළ ගොස් තිබේ. දිගින් දිගටම ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දුවීම නවතින්නේ කොතනින් ද? මේ තත්ත්වයට සැබෑ හේතු මොනවා ද? මෙම වසරේ ගෙවුණු මාස 06 තුළ පමණක් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 5.44 % කින් අවප්‍රමාණය වී තිබේ. 2010 වසරේ රුපියල් 110.95 ක්ව පැවති ඩොලරය 2017 වසර ආරම්භවන විට එය රුපියල් 152.85 ක් දක්වා ඉහළ ගියේ ය. රටක විනිමය අනුපාත තීරණය වන ප්‍රධාන සාධකයන් වන්නේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළයාම හෙවත් උද්ධමනය ආනයන අපනයන අතර පරතරය සහ පොළි අනුපාතයි. දින සියයේ රජය යටතේ එවක මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කෘතිමව රුපියලේ අගය පවත්වාගෙන යෑම සඳහා මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම නිසා 2015 න් පසුව ආර්ථිකය ප්‍රබල ලෙස කඩාවැටුණු බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙති. 2015 මූල් කාර්තුවේදී ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 4000 ක්. 2015 පෙබරවාරි 27 වන දා සිදු වූ බැඳුම්කර ගනුදෙනුවේදී රුපියල් බිලියන 10 ක බැඳුම්කර අවුරුදු 30 ක කාලයක් සඳහා නිකුත් කළේ ය. මේ දූෂිත ගනුදෙනුව හේතුවෙන් රටේ පොළි අනුපාතය 3.15 % කින් ඉහළ ගිය බව මේ වන විට රටම දන්නා කරුණකි. ඒ අනුව පළමු බැඳුම්කර වංචාව නිසා රටේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 126 කින් වැඩිවී ඇතැයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනු ඇත. 2015 වසරේදී හිටපු මහ බැංකු අධිපතිවරයා විසින් සිදුකළ මුදල් මුද්‍රණය කිරීම වර්තමානයේ රුපියලේ අගය මෙලෙස අවප්‍රමාණයවීමට හේතු වූ බව පැහැදිලිය. ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවේදී පොළි අනුපාත ඉහළ දැමීම නිසා රුපියලේ අගය බාල්දු වූ බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙති. රටේ දේශපාලඥයින්ට මෙම තත්ත්වයන් කළමනාකරණය කළ නොහැකි නම් එසේ කළ හැකි පුද්ගලයින්ට මෙම වගකීම් භාරදිය යුතු නොවේ ද ? රටේ මිලියන 22 ක ජනතාවගේ ජීවිත සහ අනාගතය පරදුවට තබා තමන්ගේ පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා සිදු කරන මෝඩ අමනෝණ්‍ය ක්‍රියාවල් තවදුරටත් මෙසේ ඉවසිය හැකි ද ? මේ සියල්ලට වගකිව යුතු හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ මේ වන විට හොයා ගැනීමටත් නොහැකියි. ඔහු පත් කළ හා ආරක්ෂා කළ අගමැතිවරයා නිහඬයි. |
2018-06-19T07:47:32.000Z | කැපුම් තුවාල සහිත මවකගේ සහ දියණියකගේ මළ සිරුරු හමුවේ | හංවැල්ලෙන් මවකගේ සහ දියණියකගේ මළ සිරුරු හමුවේ | COLOMBO (News 1st) - හංවැල්ල, වැලිපිල්ලෑව මගුල වග ප්‍රදේශයේ නිවසක් තුළ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි මවක හා දියණියකගේ මළ සිරුරු 2 ක් සොයාගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔවුන් අතර සිටි මාස 4 ක බිළිදෙක් නිරුපද්‍රිතව බේරාගෙන රෝහල්ගත කළ බවයි. අද පස්වරුවේ එම මළ සිරුරු 2 ක සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය. මියගොස් ඇත්තේ 68 හැවිරිදි මව සහ 38 හැවිරිදි දියණියකි. ඊයේ රාත්‍රි කාලයේදී දියණියගේ සැමියා විසින් ඔවුන් දෙදෙනා ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි. |
2018-06-19T07:23:42.000Z | බුද්ධික පතිරණ කර්මාන්ත හා වාණිජ නි. ඇමති ලෙස දිවුරුම් දෙයි | බුද්ධික පතිරණ කර්මාන්ත හා වාණිජ නි. ඇමති ධූරයට | COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. 2010 මහ මැතිවරණයෙන් වර්තාගත මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරි පත් වූ බුද්ධික පතිරණ මහතා එතැන් සිට අඛණ්ඩව පාර්ලිමේන්තු නියෝජනයට ජනතා වරම් හිමි කර ගත්තේ ය. සිය දේශපාලන ගමන් මග පුරාවටම ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් හඬ නැගු බුද්ධික පතිරණ මහතා මහජන නියෝජිතයින්ගේ ජනතා සේවය ප්‍රායෝගිකවම ප්‍රකට කළ මන්ත්‍රීවරයෙකි. |
2018-06-19T09:34:02.000Z | පොළොව යට කැනීම් සිදුවෙද්දී මධ්‍යම කඳුකරය ගිලා බසී | පොළොව යට කැනීම් සිදුවෙද්දී මධ්‍යම කඳුකරය ගිලා බසී | COLOMBO (News 1st) - උමා ඔය ව්‍යාපෘතියේ කැනීම් කටයුතු හේතුවෙන් ස්වාභාවික ජල උල්පත් හා පාරම්පරික ගොවිතැන් කටයුතු මධ්‍යම කඳුකරයේ අහිමිවී ගිය සාධක බවට මේ වන විට පත් ව අවසන් ය. ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් වන විට ජනතාවට නිසි ප්‍රතිලාභ හිමිවේවි ද ? උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ කැනීම් කටයුතුවලදී සිදු වූ ජල කාන්දුව හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ලවූයේ බණ්ඩාරවෙල, වැලිමඩ, අලිකොටආර, පුහුල්පොල හා ඒ අවට ගම්මානවලටයි. ගොවි ජනතාව අසීරුතාවකට පත් වූ අයුරු අප අවස්ථා ගණනාවකදී වාර්තා කළෙමු. දැන් ඇතැම් ප්‍රදේශවල ජනතාව නැවත පදිංචි කිරීමට කටයුතු කර ඇතත් ඔවුන් මුහුණ දෙන ගැටලුවල නිමාවක් නොමැත. ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුදලෙන් රුපියල් මිලියන 800 ක් ව්‍යාපෘතියේ උමං මාර්ග කැනීම් කටයුතු සිදුකරන ඉරාන හා ජර්මානු කොන්ත්‍රාත් සමාගම් වෙත ලබානොදීමට මේ වන විටත් රජය තීරණය කර තිබේ. ව්‍යාපෘතියේ කැනීම් කටයුතුවලදී නිවාසවලට සිදු වූ හානි සඳහා වන්දි ගෙවීමටත්, ජල පෝෂකවලට සිදු වූ හානි නිසා නව ජල ව්‍යාපෘති ඇති කිරීමටත් රජය එම මුදල් වැය කිරීමට අපේක්ෂා කරනු ඇත. උමා ඔය ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණ වූ විදුලි උත්පාදන කටයුතුවලින් අනතුරු අතිරික්ත ජලය අලි කොට ආර ජලාශයට ඉන් අනතුරුව හඳපානාගල ජලාශය වෙතත් යොමු කෙරෙනු ඇති. ඒ, කිරිඳිඔය හරහායි. හඳපානාගල ජලාශයේ අක්කර අඩි 5000 ක් පැවති ජල ධාරිතාව ව්‍යාපෘතියත් සමග අක්කර අඩි 15,000 ක් දක්වා වැඩි වේ. |
2018-06-19T05:51:43.000Z | රමිත් රඹුක්වැල්ලට තාවකාලික රියැදුරු බලපත්‍රයක් | රමිත් රඹුක්වැල්ලට තාවකාලික රියැදුරු බලපත්‍රයක් | COLOMBO (News 1st) - රමිත් රඹුක්වැල්ල මහතාට තාවකාලික රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද නාරාහේන්පිට පොලීසියට නියෝග කර තිබේ. බීමත්ම රිය පදවා යතුරු පැදියක් අනතුරට ලක් කිරීම සරසවි සිසුන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීම ඇතුලු චෝදනා යටතේ ඔහුට විරුද්ධව නඩුවක් විභාග වනු ඇත. එම නඩුව අද කැඳවූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, සැකකරුගේ රියැදුරු බලපත්‍රය අධිකරණය විසින් මාස තුනකට අධික කාලයක් තිස්සේ අත්හිටුවා තිබීම මගින් ඔහුගේ කටයුතුවලට දැඩි බාධාවක් වී ඇති බවයි. සිය සේවාදායකයා බීමත්ව රිය පැදවූ බවට අධිකරණයට ඉදිරිපත්කර ඇති වාර්තා අනුව සනාථ නොවන බැවින් එම චෝදනාවෙන් ඔහු මුදාහරින ලෙස ද ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. පසුගිය මාර්තු 9 වන දා සිදු වූ එම රිය අනතුරින් තුවාල ලැබූ සරසවි සිසුන් දෙදෙනා අද අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී පැවසුවේ සැකකරුගෙන් වන්දි මුදලක් අපේක්ෂා නොකරන බවයි. ඒ අනුව එම සිසුන් දෙදෙනාව අදාල නඩු කටයුත්තෙන් මුදා හැරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර නඩුව ලබන 10 වන දා යළි කැඳවීමට ද නියෝග කළේ ය. |
2018-06-19T04:42:39.000Z | ජනපති ට්‍රම්ප් දැඩි තීරණයක | ජනපති ට්‍රම්ප් දැඩි තීරණයක | COLOMBO (News 1st) - සිය රට සංක්‍රමණික කඳවුරක් බවට පත් වීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි. ඔහු පවසන්නේ, තමා නිරන්තරව සිය පරිපාලනයේ ආගමනික මර්දන ප්‍රතිපත්තිය සමග සිට ගන්නා බවයි. ධවල මන්දිරයේදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, අමෙරිකාව සරණාගතයින්ට පහසුකම් සපයන නවාතැනක් නොවන බවයි. පසුගිය දා ටෙක්සාස් තුළ වැටවල් සහිත රැඳවුම් ස්ථානවල සංක්‍රමණික දරුවන් රඳවා සිටින අයුරු දැක්වෙන ඡායාරූප පළ වීමත් සමග අමෙරිකාව ලෝකයේ දැඩි අවධානයට ලක් වන්නට විය. අප්‍රේල් මැද භාගයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ දේශ සීමාවේ ළමුන් 2000කට ආසන්න සංඛ්‍යාවක් සිය දෙමව්පියන්ගෙන් වෙන් කර ඇත. අමෙරිකානු පාලනයේ නව සංක්‍රමණික ප්‍රතිපත්තියට යටතේ නීතිවිරෝධීව අමෙරිකාවට රැකවරණ පතා පැමිණෙන්නන් දඬුවම් පමුණුවනු ඇති. මෙම ප්‍රතිපත්තිය යටතේ දරුවන්ට අපරාධ චෝදනා එල්ල නොවන අතර ඒ අනුව එම දෙමව්පියන්ගෙන් දරුවන් වෙන් කර ඔවුන් වෙනත් තැන්වල රැඳවීය. ට්‍රම්ප්ගේ මෙම මර්දනීය ප්‍රතිපත්තිය ජනපති ආර්යාව ද දරුණු ලෙස විවේචනයට ලක්කර තිබීම විශේෂත්වයකි. ජනපති බිරිඳ මෙලානියා ට්‍රම්ප් පවසා ඇත්තේ, දරුවන් සිය පවුල්වලින් වෙන් කරනු දැකීම තමා නොඉවසන බවයි. මෙම නව ප්‍රතිපත්තිය අමෙරිකානුවන්ගේ ද දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති අතර ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් මෙන් ම ඩ්‍රිමොක්‍රටික් පක්ෂයේ ඇතැමුන් ද මෙය දැඩි ලෙස දෝෂෙදර්ශනයට ලක් කර ඇත. මේ අතර හිටපු ජනපති බිරිඳ ලෝරා බුෂ් මෙම ප්‍රතිපත්තිය විවේචනය කරමින් පවසා ඇත්තේ, මෙය දුරාචාරයක් බවයි. මෙම කඳවුරු දෙවන ලෝක යුද සමයේ ජපන් - අමෙරිකා කඳවුරු රැඳවුම්භාරයේ සිටියවුන් සිහිගන්වන බව ද ඇය පවසන්නී ය. මේ අතර හිලරි ක්ලින්ටන් ද ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාදාමය දැඩි ලෙස විවේචනයට ලක් කර ඇත. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් ප්‍රධානී අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ මෙම ප්‍රතිපත්තිය දැඩිව හෙළා දැක තිබේ. කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ පැවසුවේ, යුරෝපයට සහ ලොව අනෙක් රටවලට අත්ව ඇති ඉරණම අමෙරිකාවට ද අත්වීමට ඉඩ දිය නොහැකි බවයි. මේ අතර මීට පෙර ට්‍රම්ප් පැවසුවේ, මිලියන ගණනක් වූ සංක්‍රමණකයින්ට සිය රටවලට ඇතුළු වීමට අවසර දීම තුළින් යුරෝපීය රටවල් විශාල වැරැද්දක් සිදුකර ගත් බවයි. මෙහිදී ට්‍රම්ප් විශේෂයෙන් ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් දැඩි ලෙස විවේචනය කරමින් පවසා ඇත්තේ, මේ හේතුවෙන් එරට ජනතාව ජර්මන් පාලකයින්ට එරෙහි වෙමින් සිටින බවයි. මේ අතර යුරෝපයේ වෙනත් රටවල රැකවරණය පතා සිටින සංක්‍රමණිකයින් ජර්මනියට ඇතුළු කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මර්කල් එරට ස්වදේශීය අමාත්‍යවරයා සමග ආරවුලක පැටලී සිටින්නී ය. |
2018-06-19T02:25:18.000Z | සරසවි සිසුන් විසුරු හැරීමට පොලීසියෙන් කඳුළු ගෑස් | සරසවි සිසුන් විසුරු හැරීමට පොලීසියෙන් කඳුළු ගෑස් | සයිටම් ආයතනයට එරෙහිව විරෝධතාවයේ නිරත විශ්වවිද්‍යාල සිසුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුල් ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ. විශ්වවිද්‍යාල සිසුන් විරෝධතාවයේ නිරත වන්නේ පාර්ලිමේන්තු වටරවුමේදීයි. පිරිස විරෝධතා පාගමනින් පාර්ලිමේන්තුව දෙසට ගමන් කරමින් සිටි අතර මේ හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් ද හටගැනිණ. |
2018-06-19T00:58:04.000Z | මාතර - කොළඹ පෞ. බස් වර්ජනයේ | මාතර - කොළඹ පෞ. බස් වර්ජනයේ | මාතර - කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් බස් රථ ධාවනයෙන් ඉවත්ව තිබේ. මාතර මගී ප්‍රවාහන සමාගමේ සභාපති අරුණ හල්පගේ මහතා පැවසුවේ, අම්බලන්ගොඩ සිට ධාවනය කෙරෙන කෙටි දුර ගමන් සේවා බස් රථ මගින් එල්ල වන බලපෑම්වලට විරෝධය පළ කරමින් තම සාමාජිකයින් ධාවනයෙන් ඉවත්ව ඇති බවයි. මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී පොලීසියට පැමිණිලි ඉදිරිපත් කළ ද මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බව ඔහු සඳහන් කළේ ය. මාතර - කොළඹ බස් රථ සේවකයින්ට බලපෑම් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම්, හෙට මාතර සිට අධිවේගි මාර්ගයේ ධාවනය වන බස් රථ සේවකයින් ද ධාවනයෙන් ඉවත් වන බව අරුණ හල්පගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී, රත්ගම පොලීසියේ උසස් නිලධාරියෙකු පැවසුවේ, මාතර - කොළඹ පෞද්ගලික බස් රථවලට රත්ගම, අලුත්ගම ඇතුළු ප්‍රදේශවලදී පහරදීම් සිදුවූ බවට පැමිණිලි ලැබි ඇති බවයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ ද පසුව පැමිණිලිකාර පාර්ශවය විසින් අදාළ පැමිණිල්ල ඉවත්කර ගැනීම හේතුවෙන් අදාළ විමර්ශන අතරමග නවතා දමා ඇති බව ද ඔහු සඳහන් කළේ ය. නැවත මේ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කරන්නේ නම්, නැවත විමර්ශන ආරම්භ කිරීමට සුදානම් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-06-19T00:07:26.000Z | මාතලේ මාරක අනතුරක්.... | මාතලේ මාරක අනතුරක් | මහනුවර, යාපනය මාර්ගයේ මාතලේ, නිල්දියඋයන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් තවත් පොලිස් නිලධාරියෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, ඊයේ රාත්‍රි 11.00ට පමණ මහනුවර දෙසට ධාවනය වූ කාර් රථයක් රියැදුරුට පාලනය තරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පාමුර සංචාරයේ නිරත පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ හා ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා සහ මෝටර් රථයේ ගමන් කළ සිව් දෙනා මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පොලිස් නිලධාරියෙකු මියගෙස් ඇතැයි, පොලිසිය සඳහන් කළේ ය. එලෙස මියගොස් ඇත්තේ, දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි. අනතුර සම්බන්ධයෙන් සැකපිටය මෝට්ර රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ. |
2018-06-18T22:38:24.000Z | මහ සුළඟකින් කුලියාපිටියේ ගොඩනැගිලි 5ක් විනාශයි | මහ සුළඟකින් කුලියාපිටියේ ගොඩනැගිලි 5ක් විනාශයි | අධික වර්ෂාව හා සුළං තත්ත්වය හේතුවෙන් අද අලුයම කුලියාපිටිය - හෙට්ටිපොළ මාර්ගයට කරන්තිප්පල ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් ගොඩනැගිලි 5කට අලාභහානි සිදුව තිබේ. පොලීසිය පැවසුවේ, වෙළෙඳසල් දෙකක් හා නිවාස 3 ක් ඒ අතර වන බවයි. පුද්ගලයින් තිදෙනෙකු සුළු තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර දෙදෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ. පොලීසිය, යුද හමුදාව, සහ ආපදා කළමනාකරණ නිලධාරීන් එක්ව ගස ඉවත් කර, කුලියාපිටිය - හෙට්ටිපොළ මාර්ගය ගමනා ගමන කටයුතු සඳහා විවෘත කර තිබේ. |
2018-06-18T22:17:09.000Z | ශ්‍රී ලංකා-කොදෙව් දෙවන තරගය ජය පැරදුමෙන් තොරව අවසන් | ශ්‍රී ලංකා-කොදෙව් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් | තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. තරගය කොදෙව්හි සාන්ත ලූසියා දිවයිනේ ඩැරන් සමී ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 79 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 253 ක් රැස් කළේ ය. ඊට පිළිතුරු ලෙස කොදෙව් ක්‍රීඩකයින් සිය පළමු ඉණිම සදහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 300කි. ඊයේ දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය දෙවන ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 8 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 334 කි. ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉණිම සදහා සියලු දෙනා දැවී ලකුණු 342 ක් රැස් කළේ ය. කුසල් මෙන්ඩිස් සිය 6 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 87 ක් රැස් කළ අතර නිරෝෂන් දික්වැල්ල සිය ටෙස්ට් දිවියේ 9 වන අර්ධ ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 62 කි. පන්දු යැවීමේදී ශෙනොන් ග්‍රේබ්රියල් ලකුණු 62 ට කඩුලු 8යි. මෙය ඔහුගේ ටෙස්ට් ඉණිමක හොදම පන්දු යැවීම ලෙස වාර්තා අතරට එක්විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඒ අනුව ජයග්‍රහණය සඳහා හිමිවූ ඉලක්කය ලකුණු 296 කි. එම ඉලක්කය හඹා ගිය කොදෙව් ක්‍රීඩකයින් පන්දුවාර 60 යි පන්දු 3 ක් අවසානයේ කඩුළු 5 ක් දැවී ලකුණු 147 ක් රැස් කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. වර්ෂාව හේතුවෙන් නැවත තරගය ආරම්භ කිරීමට නොහැකි වූ අතර ඒ හේතුවෙන් විනිසුරුවරුන් තීරණය කළේ, තරගය ජය පැරදුමෙන් තොරව නිමා කිරීමටයි. ශායි හෝප් ලකුණු 39 ක් රැස් කළ අතර නොදැවී කඩුල්ලේ රැදි සිටි ආරම්භක පිතිකරු කාලෝස් බ්‍රත්වෙයිට් ලකුණු 59 යි. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් හා කසුන් රාජිත කඩුළු 2 බැගින් දවා ගත්තේ ය. දෙරට අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය එළඹෙන 23 වන වන දා බාර්බඩෝස්හි කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රි තරගයක් ලෙස ආරම්භ කිරීමට නියමිතයි. |
2018-06-18T22:09:29.000Z | රාජ්‍ය ආයතන 837ක ඇගයීම් වාර්තා අද පාර්ලිමේන්තුවට | රාජ්‍ය ආයතන 837ක ඇගයීම් වාර්තා අද පාර්ලිමේන්තුවට | පළාත් සභා, පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන 837 ක් අවරණය වන පරිදි පරිගණක තාක්ෂණ පද්ධතිය මගින් ඇගයීම් කටයුතු සම්පූර්ණ කළ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා පැවසුවේ, වසර 2015 දී කාර්ය සාධනයක් දැක් වූ රාජ්‍ය ආයතන ඇගයීමට ලක් කළ අතර 2016 ගිණුම් වර්ෂයට අදාළව තවත් මාස දෙකකින් ඇගයීමේ වැඩසටහනක්, පැවැත්වීමට කටයුතු කරන බවයි. පාර්ලිමේන්තු ක්‍රමය සාර්ථක කර ගැනීමට මෙවැනි කාරක සභාවල සාර්ථකත්වය බලපාන බව පැවසුවේ, සභාපතිවරයා ඉදිරියේ දී ආයතනවල සිදුවන වැරදි අවම කරගනිමින් ආයතනවල මූල්‍ය විනය ශක්තිමත් කිරීමට කාරක සභාවේ දායකත්වය ලබාදීමට කටයුතු කරන බව ද සඳහන් කළේ ය. අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. |
2018-06-18T22:01:15.000Z | ලෝක බලවතුන් අතර වෙළඳ යුද්ධය ත්‍ර්‍රීව්‍ර වෙයි | ලෝක බලවතුන් අතර වෙළඳ යුද්ධය ත්‍රීවු වෙයි | ලෝක බලවතුන් අතර වන වාණිජ යුද්ධය තවදුරටත් ත්‍රීව්‍ර වී තිබේ. ඒ, අමෙරිකාව චීනයට එරෙහිව නව තීරු බදු පැනවීමේ සූදානමත් සමගිනි. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ අමෙරිකාව ආනයනය කරන චීන නිෂ්පාදන සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 200ක වටිනාකමින් යුත් නව ආනයන බද්දක් පැනවීමට මෙරිකාව පියවර ගෙන ඇති බවයි. චිනය පසුගිය දා අමෙරිකාවට එරෙහිව පැනවූ ආනයන බද්දට එකට එක කිරීමේ තවත් පියවරක් ලෙස 10%ක ප්‍රතිශතයකින් යුත් මෙම නව තීරු බද්ධ ක්‍රියාත්මක වනු ඇති. අමෙරිකානු ජනපති ඩොනලඩ් ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ චීන නිෂ්පාදන සඳහා නව තීරුබදු පැනවීමට තමන් සූදානම් බවයි. නව තීරු බදු පැනවිය යුතු චීන නිෂ්පාදන හඳුනා ගන්නා ලෙස සිය වෙළෙඳ නියෝජිතයින්ට දැනුම් දී ඇති බව ද ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය. අමෙරිකානු ජනපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ චීනය සිය තීරු බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම ප්‍රතික්ෂේප කරන්නේ නම් නීතිමය ක්‍රියාවලිය අවසන් වූ වහාම නව තීරු බදු පැනවීම ක්‍රියාත්මක කරන බවයි. |
2018-06-18T20:30:15.000Z | තනතුරු හැරගියා සේ සැලකුවත්, තැපෑල අද ත් වර්ජනයේ | තනතුරු හැරගියා සේ සැලකුවත්, තැපෑල අද ත් වර්ජනයේ | COLOMBO (News 1st) : තැපැල්පතිවරයා විසින් කුමන තීරණ ගනු ලැබුව ද තම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡා අසාර්ථක වූ බවයි. 27,000ක් පමණ වූ තැපැල් සේවක පිරිසක් වර්ජනයට එක්ව සිටින බව ත් වර්ජනය සම්බන්ධ ඕනෑම ගැටලුවකට මුහුණදීමට සේවකයින් සූදානම් බව ත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. "එතුමා මොන නීතිය ක්‍රියාත්මක කළ ත් අපි වර්ජනය මේ අකාරයෙන් පවත්වා ගෙන යනවා" - චින්තක බණ්ඩාර - බඳවා ගැනීම් පටිපාටි සංශෝධනය, සුදුසුකම් ලැබූ දෙවන පෙළ නිලධාරීන් ස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් මෙම වර්ජනය ආරම්භ කළේ, පසුගිය 11 වනදායි. තැපැල්පති රෝහණ අබේරත්න මහතා පැවසුවේ, ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් විසඳුමකට එළැඹීමට නොහැකි වූ බවයි. මේ අතර සියලු සේවක නිවාඩු අවලංගු කර ඇති හෙයින් අද දින සේවයට වාර්තා නොකරන සියලු තැපැල් සේවකයින් තනතුරු හැර ගියා සේ සලකන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තැපැල්පතිවරයා උපුටා දක්වමින් ඊයේ නිවේදනය කළේ, සියලු ම තැපැල් කාර්යාල විවෘත කර රාජකාරී කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂාව සැපයීමේ වගකීම මාණ්ඩලික නිලධාරීන් සතු බවයි. අවශ්‍යතාව අනුව අදාළ ප්‍රදේශවල පොලීසියේ සහය ලබා ගත හැකි බව ද, තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ ය. සේවයට වාර්තා නොකරන තාවකාලික, අනියම්,ආදේශක,වැඩ බලන සහ පත්වීම් ස්ථිර නොකරන ලද කාර්ය මණ්ඩලයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ තවදුරටත් පරිපාලනය විසින් වග නොකියන බව ද තැපැල්පතිවරයා සඳහන් කළේ ය. කාර්ය භාර තැපැල් ස්ථානාධිපති හා අංශ භාර ප්‍රධානීන් තම වගකීම හා කාර්යභාරය තැපැල් ස්ථානාධිපති අත්පොත, තැපැල් රෙගුලාසි සහ රාජ්‍ය සේවකයින්ට අදාළ විධිවිධාන අනුව කටුයුතු කළ යුතු බව ද අවධාරණය කරන බව තැපැල්පතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. මේ අතර වර්ජනය හේතුවෙන් මේ වනවිට දිවයිනේ සියලු තැපැල් කාර්යාලවල ලක්ෂ 15 කට අධික ලිපි ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති අතර විදේශ රටවලින් පැමිණෙන ලිපි මලු ද දහසක් පමණ ගුවන්තොටුපොළ තැපැල් අංශයෙහි ගොඩගැසී ඇතැයි, වාර්තා වේ. වර්ජනයේ නිරත තැපැල් සේවකයින් ඊයේ විරෝධතා පා ගමනක නිරත වූ අතර මධ්‍යම තැපැල් හුවමාරුව අසලින් ආරම්භ වූ පා ගමනට තැපැල් සේවකයෝ 2000ක් පමණ එක්ව සිටියහ. පා ගමන හේතුවෙන් ඕල්කට් මාවත, ඩී.ආර්.විජේවර්ධන මාවත ඇතුළු මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් හටගත් අතර කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දමා දැමීමට සිදුවිය. මේ අතර වර්ජනය හේතුවෙන් සියලු විභාගවලට අදාළ ගෙවීම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා සිදුකිරීමට විභාග අපේක්ෂකයින්ට අවස්ථාව සලසා දී තිබේ. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී. පූජිත මහතා පසුගිය දා සඳහන් කළේ, ක්‍රියාත්මක තැපැල් වර්ජනය හේතුවෙන්, එම පියවර ගත් බවයි. මේ දිනවල පැවැත්වෙන විභාගවල ප්‍රවේශ පත්‍ර මෙතෙක් නොලැබුණු අපේක්ෂකයින්ට විභාග සඳහා පෙනී සිටිමට නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයි ද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසී ය. මේ අතර රථ වාහන වැරදිවලට අදාළ දඩ මුදල් ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ගෙවීමේ අවස්ථාව ලබාදී ඇත. වර්ජනය හේතුවෙන්, තැපැල් දෙපාර්තමේන්තුවට දෛනිකව අහිමිවන අදායම රුපියල් මිලියන 150කි. |
2018-06-18T19:47:13.000Z | ඉදිරි දින කිපයේදී ත් එළවළු මිල ඉහළට | ඉදිරි දින කිපයේදී ත් එළවළු මිල ඉහළට | COLOMBO (News 1st) : දේශීය වෙළෙඳපොළේ එළවළු මිල ගණන් 100 % ඉක්මවා ඉහළ ගොස් තිබේ. දඹුල්ල වෙළෙඳ සංගමයේ සෞඛ්‍ය හා සුබ සාධන සංගමයේ ලේකම් අයි. ජි . විජේනන්ද මහතා පැවසුවේ, පසුගිය දිනවල පැවති අධික වර්ෂාව එළවළු මිල ඉහළ යාමට හේතුවී ඇති බවයි. මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි කිලෝවක් රුපියල් 200-220 ත් අතර මිලකට ද අමු මිරිස් කිලෝවක් රුපියල් 350-420 දක්වා වන මිල ගණන් යටතේ ය. වැටකොළු සහ පතෝලවල මිල ද රුපියල් 100 -160 දක්වා මිල ඉහළ ගොස් ඇතැයි අයි. ජි . විජේනන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. ඉදිරි දින කිපයේදී ත් එළවළු මිල ඉහළ මට්ටමක පැවතිය හැකි බව අයි. ජි . විජේනන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-06-18T11:28:50.000Z | පන්දුවේ හැඩය වෙනස් කිරීම ගැන විමර්ශන හෙට ඇරඹේ | පන්දුවේ හැඩය වෙනස් කිරීම ගැන විමර්ශන හෙට ඇරඹේ | COLOMBO (News 1st) - අවසන් දිනට අද පැවැත්වෙන කොදෙව් - ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිදු වූ බව කියන පන්දුවේ හැඩය වෙනස් කිරීමට අදාළ විමර්ශන හෙට ආරම්භ කරන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල පවසයි. මේ අතර චෝදනා ලත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්, තරගය අතර තුර පන්දුව ඔප දමන දර්ශන පෙළක් මේ වන විට මාධ්‍යට නිකුත්වී තිබේ. ඊයේ දිනයේදී නැවත වතාවක් පන්දුවේ ස්වභාවය පිළිබඳව ගැටලුකාරී ස්වාභාවයක් මතු විය. ඒ, පන්දුව ඇලෙනසුළු ස්වභාවයක් ගෙන තිබෙන බවට විනිසුරුවරුන් නිරීක්ෂණය කිරීමත් සමගයි. ඉන් අනතුරුව විනිසුරුවරුන් පන්දුවට පහර දෙමින් සිටි රොෂේන් සිල්වාගේ ක්‍රිකට් පිත්ත පරීක්ෂාවකට ලක් කෙරිණි. එහිදී විනිසුරුවරුන් රොෂේන් සිල්වාට ප්‍රකාශ කළේ ක්‍රිකට් පිත්ත මාරුකිරීමට කටයුතු කරන ලෙසයි. ඒ අනුව ක්‍රීඩාගාරයෙන් රොෂේන් සිල්වා හට නව ක්‍රිකට් පිත්තක් රැගෙනවිත් දෙන අයුරු දැක ගැනීමට ලැබුණි. ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ දිනය සඳහා නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් අතැතිව කොදෙව් කණ්ඩියමට වඩා ලකුණු 287 ක් ඉදිරියෙන් සිටි. |
2018-06-18T10:57:02.000Z | බණ්ඩාරවෙල නගරය යටින් ඉදිවන භූගත විදුලි බලාගාරය | බණ්ඩාරවෙල නගරය යටින් ඉදිවන භූගත විදුලි බලාගාරය | COLOMBO (News 1st) - උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණක් වන ජල විදුලි උත්පාදනයේ මූලික කටයුතු තව ත් නොබෝ දිනකින් අවසන් කිරීමට හැකි වනු ඇතැයි එහි ඉංජිනේරුවරුන් පවසති. ඒ අනුව ජාතික විදුලි බල පද්ධතියට එක්වන විදුලි ධාරිතාව මෙගාවොට් 120 කි. ව්‍යාපෘතියේ ප්‍රධාන උමං මාර්ගයේ සිදුව ඇති ජල කාන්දුව හේතුවෙන් කැනීම් කටයුතු ප්‍රමාද වූවත් භූගත ජල විදුලි බලාගාරයේ වැඩකටයුතු මේ වනවිට 80% ක් පමණ අවසන් ය. පුහුල්පොල සිට ජලය රැගෙන එන නලය ඝෘජුවම සම්බන්ධ වන්නේ කරදගොල්ලේ ප්‍රධාන උමං මාර්ගයටයි. එතැන් සිට භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා නල පද්ධතිය සකස් කිරීම ඉතා සංකීර්ණ කටයුත්තකි . යකඩ තහඩු සවිකිරීමේ කටයුත්ත සඳහා සේවකයින් තිදෙනෙකු වරකට යොදවන අතර ඔවුන්ගේ සේවා කාලය පැය කිහිපයකට පමණක් සීමා කර තිබේ. භූගත ජල විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර ඔස්ට්‍රියා සමාගමක් විසින් මේ වන විට සවිකර අවසන් ය. ඉන් උත්පාදනය වන මෙගාවොට් 120 විදුලි බලය රන්දෙණිය ප්‍රදේශයේ ඇති බෙදාහැරීමේ මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ඇති. ව්‍යාපෘතිය යටතේ විදුලි බල උත්පාදනයට යොදාගත් ජලය අනතුරුව වගා කටයුතු සඳහා යොමු කෙරෙන්නේ, කිරිඳි ඔය හරහාය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව හරහා ඉන් ඉදිරියට ව්‍යාපෘතියේ කටයුතු සිදුවනු ඇති. එහි සංවර්ධන කටයුතු පිළිබඳ තොරතුරු හෙට බලාපොරොත්තුවන්න... |
2018-06-18T10:02:30.000Z | සේවයට නාවොත් තනතුරු හැර ගියා සේ සලකනවා | සේවයට නාවොත් තනතුරු හැර ගියා සේ සලකනවා | COLOMBO (News 1st) - හෙට දින සේවයට වාර්තා නොකරන සියලු තැපැල් සේවකයින් තනතුරු හැර ගියා සේ සලකන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ, සියලු සේවක නිවාඩු අවලංගු කර ඇති බවයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තැපැල්පතිවරයා උපුටා දක්වමින් නිවේදනය කළේ, සියලුම තැපැල් කාර්යාල විවෘත කර රාජකාරි කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ ආරක්ෂා සැපයීමේ වගකීම මාණ්ඩලික නිලධාරීන් සතු බවයි. ඒ අවශ්‍යතාව අනුව අදාළ ප්‍රදේශවල පොලීසියේ සහය ලබාගත හැකි බව ද තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ ය. සේවයට වාර්තා නොකරන තාවකාලික, අනියම්, ආදේශක, වැඩබලන සහ පත්වීම් ස්ථිර නොකරන ලද කාර්ය මණ්ඩලයේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ තවදුරටත් පරිපාලනය විසින් වගකියනු නොලබන බව ද තැපැල්පතිවරයා පැවසීය. |
2018-06-18T09:28:03.000Z | රංජන් අධිකරණයට අපහාස කළ බවට අදාළ චෝදනා ගොනු කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට දන්වයි | රංජන්ට අදාළව චෝදනා ගොනු කරන්න - ශ්‍රේෂ්ඨාධිකරණය | COLOMBO (News 1st) - අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබ සිටින නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ලබන 30 වන දා චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේ, ශ්‍රී ලංකාවේ අධිකරණ විනිසුරුවරුන් හා නීතිඥයින් බහුතරයක් දූෂිත බවට මාධ්‍ය හමුවේ රංජන් රාමනායක මහතා කළ ප්‍රකාශයෙන් අධිකරණයට සිදුවී ඇති අපහාසයට දඬුවම් නොකළ යුත්තේ, මන්දැයි විමසන කෙටුම්පත් ආඥාවක් ද ලබා දෙන ලෙසයි. මාගල්කන්දේ සුදත්ත හිමියන් හා විශාමික යුද හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා මහතා විසින් ගොනු කර තිබු පැමිණිල්ලක් සලකා බැලු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් හා මූර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළේ ය. රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා කරුණු දක්වමින් කියා සිටියේ, පෙත්සම්කාර පාර්ශවය විසින් නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවයි. නීතිපතිවරයා එහිදී පෙත්සමට මැදිහත් වී ඇත්තේ අධිකරණය විසින් කරන ලද නියෝගයක් අනුව බවත්, රංජන් රාමනායක මහතා මාධ්‍ය හමුවේ කළ එකි ප්‍රකාශය නිරීක්ෂණය කළ සියලුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් එමගින් අධිකරණයට යම් අපහාසයක් සිදුවී ඇති බවට පුර්ව නිගමනයක් කිරීමෙන් පසුව ඔහුට එරෙහිවගත යුතු නීතිමය ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් නියෝගයක් ලබාදීමට අද දිනයේ නඩුව කැඳවූ බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනි සිටි ජ්‍යේෂ්ඨ අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය. ඒ අනුව වගඋත්තරකාර රංජන් රාමනායක මහතාට එරෙහිව දඬුවම් නියම නොකළ යුත්තේ ඇයිදැයි විමසන කෙටුම්පත් ආඥාව හා චෝදනා පත්‍රය ලබන මස 30 වන දින අධිකරණයට ගොනු කරන ලෙස නීතිපතිවරයාට නියෝග කළේ ය. සමාජ සවිබලගැන්වීමේ නියොජ්‍ය අමාත්‍ය, රංජන් රාමනායක, මගේ දිවුරුම් ප්‍රකාශය දෙනවා රංජන් රාමානයක අර්ජුන් ඇලොෂියස්ගෙන් සතපහක් අරගෙන නැහැ ඔහුව දැකලා නැහැ. ඔහු මට කෝල් කරලා තියෙනවා. පබිලිසිටි දෙන්නමි කියලා. ඔහුගේ පත්තරයෙන් මං ඒවා රේකෝඩි කරලා තියෙනවා. ඕනි වෙලාවක පෙන්වන්නම් මෙන්න දිවුරුම් ප්‍රකාශය එතකොට මං හිතනවා මේක පුර්වාදර්ශයක් කරගෙන ගෝඨභය රාජපක්ෂ මහත්තයා දිවුරුම් ප්‍රකාශයක් දෙයි පොදු දේපොළ භාවිතා කලේ නැහැ කියලා. නාමල් මහත්තයා දෙන්න ඕනි දිවුරුම් ප්‍රකාශයක්. සි. එස්. එන් එකෙන් සල්ලි ගැහුවේ නැහැ කියලා. ඩේසි ආචිචිගෙන් මං බලාපොරොත්තු වෙනවා. දිවුරුම් ප්‍රකාශයක්. යෝෂිත මහත්තයාගෙන්. දයාසිරි මහත්තයා කියපු විදිහට 118ක් ඉන්නවා නේ ඒ 118 දොනාගෙන්. පුළුවන්නම් දිවුරුම් ප්‍රකාශ දෙන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා දිවුරුම් ප්‍රකාශයක් දෙන්න ඕනි. අර්ජුන් අලොෂියස්ගෙන් කිසිම මුදලක් ගත්තේ නැහැ කියලා මොකද අපි දන්නවා. ජනවාරි 8 වැනි දා රෑ එයා එතන ඉදලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. ඒ වගේම චිචි බේබිට බල්ල දිලා තියෙන්නේ අර්ජුන් අලොෂියස් අපි ඒවා දන්නවා ඉදිරියට කියන්නම්. නාමල් රාජපක්ෂ මහත්තයාගේ හොඳම මිතුරා අර්ජුන් අලොෂියස් මහත්තයා. මාධ්‍යවේදී ප්‍රශ්නය, දැන් ඔබතුමා චෝදනා කළා නීතිඥයෝ මුදල් ගත්තා කියලා දැන් ඔබතුමාලාගේ කෙනේ තමා වැඩිපුරම ඇලොෂියස්ගෙන් සල්ලි අරන් තියෙන්නේ. සමාජ සවිබලගැන්වීමේ නියොජ්‍ය අමාත්‍ය, රංජන් රාමනායක, ඉතින් මං කියන දේ ඔප්පු වෙලා නේ. දයාසිරි ජයසේකර සුජිව සේරසිංහ ඒ දෙන්නමා නීතිඥවරු දැන් බලන් මේකෙන් සල්ලි අරගත්ත අයම ඉන්නවා 3 ක් ඒකෙන් 2 ක්ම නීතිඥවරු එතකොට නීතිඥවරුන් බහුතරය කියන ඒක හරිනේ. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.