date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-06-29T23:12:08.000Z
රුපියල් ලක්ෂ 22ක රන් බිස්කට් සමග පුද්ගලයෙකු කටුනායකදී කොටුවෙයි
රු. ලක්ෂ 22ක රන් බිස්කට් සමග පුද්ගලයෙකු කොටුවෙයි
COLOMBO (News 1st) - රුපියල් ලක්ෂ 22 ක් වටිනා රන් බිස්කට් 3ක් ශරීරය තුළ සඟවා මෙරටට රැගෙන ඒමට තැත්කළ සැකකරුවෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, සිංගප්පුරුවේ සිට සැකකරු මෙම රන් බිස්කට් මෙරටට රැගෙන පැමිණ ඇති බව ය. අත්අඩංගුවට පත්ව ඇත්තේ 37 හැවිරිදි නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ අතර නීති විරෝධිව මැණික් ගල් 858 ක් මෙරටට රැගෙන ඒමට තැත්කළ උගන්ඩා ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගුව මගින් ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගත් බව විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේය.
2018-06-29T21:37:34.000Z
යාපනයේ 6 හැවිරිදි දැරිය ඝාතනයට සම්බන්ධ තවත් සැකකරු දෙදෙනෙකු කොටුවෙයි
යාපනයේ දැරිය ඝාතනය: තවත් සැකකරු දෙදෙනෙකු කොටුවෙයි
COLOMBO (News 1st) - යාපනය, සුළිපුරම් ප්‍රදේශයේදී 6 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාට්ටුපුලම්, සුලිපුරම් ප්‍රදේශයේ පදිංචි 18 හා 17 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකි. ඔවුන් අද මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි. ඝාතනය සම්බන්ධයෙන් 22 හැවිරිදි තරුණයෙකු මීට පෙර අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටී. පසුගිය 25 වැනිදා අදාළ දැරිය පාසල් ගොස් යළි නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමව්පියන් කළ සොයා බැලීමකදී ඇගේ මළ සිරුර ළිඳක තිබී සොයාගනු ලැබිණි. මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙලිවූයේ දැරියගේ ගෙල සිර කර ඝාතනය කර ඇති බව ය.
2018-06-29T20:38:42.000Z
පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 16 දෙනාගේ වටය අද ඇරඹේ
පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 16 දෙනාගේ වටය අද ඇරඹේ
(News 1st) - ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ තරග අද ආරම්භ වේ. එම තරග රුසියාවේ ක්‍රීඩාංගණ 8කදී පැවැත්වේ. රටවල් 32 ක් කාණ්ඩ 8 ක් යටතේ පසුගිය 14 වැනිදා ලෝක කුසලාන තරග බිමට පිවිසි අතර එම කාණ්ඩ අතුරින් කණ්ඩායම් 2 බැගින් තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය. A කාණ්ඩයෙන් උරුගුව හා සත්කාරක රුසියාව ද , B කාණ්ඩයෙන් ස්පාඤ්ඤය හා පෘතුගාලය ද , C කාණ්ඩයෙන් ප්‍රංශය හා ඩෙන්මාර්කය ද , D කාණ්ඩයෙන් ක්‍රොඒෂියාව හා ආර්ජන්ටිනාව ද මෙවර තරගාවලියෙන් අවසන් 16 දෙනා අතරට සුදුසුකම් ලබා ගත්තේය. තරගාවලියේ අවසන් 16 දෙනා අතරට E කාණ්ඩයෙන් සුදුසුකම් ලැබුවේ බ්‍රසීලය හා ස්වීට්සර්ලන්තයයි. F කාණ්ඩයෙන් ස්වීඩනය හා මෙක්සිකෝව , G කාණ්ඩයෙන් බෙල්ජියම හා එංගලන්තය H කාණ්ඩයෙන් කොලොම්බියාව හා ජපානයයි සුපිරි 16 වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ලොව ප්‍රධාන පෙලේ කණ්ඩායම් කෝඩුකාර පාපන්දු කණ්ඩායම් හමුවේ පසුබෑමකට ලක්වීම හේතුවෙන් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙත බොහෝ පාපන්දු ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානය යොමුවිය. ප්‍රබල ආර්ජන්ටිනාව, බ්‍රසීලය , ඊජිප්තුව , ජර්මනිය වැනි කන්ඩායම් මෙවර තරගාවලියේදී දැඩී පීඩනයකට ලක්වූවත් අවසන් මොහොතේ තරගාවලියේ අවසන් 16 දෙනා අතරට පිවීසීමට සමත්වුණේ ආර්ජන්ටිනාව හා බ්‍රසීලය පමණි. සුපිරි 16 දෙනාගේ තරග වටය ආරම්භ කරමින් ප්‍රංශය හා ආර්ජන්ටිනාව අද තරග බිමට පීවීසීමට නියමිත ය. මීට අමතරව බ්‍රසීලය , මෙක්සිකෝවත් සමග ද , බෙල්ජියම ජපානයත් සමග ද , ස්පාඤ්ඤය රුසියාවත් සමග ද , ක්‍රොඒෂියාව ඩෙන්මාකයත් සමගද , ස්වීඩනය ස්වීට්සර්ලන්තයත් සමග හා කෙලොම්බියාව එංගලන්තය සමගත් සුපිරි 16 දෙනාගේ වටයේදී තරග බිමට පිවිසේ.
2018-06-29T20:09:45.000Z
ලිබියානු මුහුදේදී සංක්‍රමණික යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 100 ක් මරුට
සංක්‍රමණික යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 100 ක් මරුට
(News 1st) - මධ්‍යධරණි මුහුද හරහා යුරෝපයට ඇතුළුවීමට උත්සාහ කළ සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් ලිබියාවට එපිටදී මුහුදුබත් වීමෙන් පුද්ගලයින් 100 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් වාර්තාවන්හී දැක්වෙන්නේ මියගිය පුද්ගලයින් අතර කුඩා දරුවන් තිදෙනෙකු ද වන බව ය. යාත්‍රාව අනතුරට ලක් වනවිට එහි පුද්ගලයින් 120 දෙනෙකු සිට ඇති අතර මියගිය සංඛ්‍යාව තව දුරට ත් ඉහළ යා හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංක්‍රමණික ඒජන්සියේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. පුද්ගලයින් 16 දෙනෙකු අනතුරින් දිවි බේරාගෙන ඇති බව ද වාර්තා වේ. ඔවුන් පවසා ඇත්තේ සිය යාත්‍රාව තුළ පිපිරුමක් සිදුවීමත් සමගින් එය ගිනිගත් වූ බව ය. අනවසර සංක්‍රමණික අර්බුදය විසඳීම සඳහා යුරෝපා නායකයින් නව එකඟතාවකට පැමිණ පැය කිහිපයක් තුළ මෙම පුවත වාර්තා වීම විශේෂත්වයක් බව විදෙස් වාර්තා සඳහන් කළේය. මෙම වසර තුළ මධ්‍යධරණි මුහුද තරණය කළ අනවසර සංක්‍රමණිකයින් සිය ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර නව එකඟතාවට අනුව අනවසර සංක්‍රමණිකයින් මධ්‍යධරණී මුහුද ඔස්සේ යුරෝපයට ඇතුළුවීම වළක්වනු ඇති.
2018-06-29T19:55:46.000Z
ඉන්ධන ප්‍රවාහන බවුසර් හිමිකරුවන් වර්ජනයකට සැරසෙයි
ඉන්ධන ප්‍රවාහන බවුසර් හිමිකරුවන් වර්ජනයකට සැරසෙයි
COLOMBO (News 1st) - ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව හෙට මධ්‍යම රාත්‍රියේ සිට ධාවන කටයුතුවලින් ඉවත් වීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. එහි සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේ ඉන්ධන මිල ඉහළ ගොස් මාස දෙකකට ආසන්න කාලයක් ගතව ඇතත් තම ටැංකි රථවල ගාස්තු වැඩි කිරිමට බලධාරීන් මෙතෙක් පියවරක් ගෙන නොමැති බව ය. ඉන්ධන බෙදාහරින පෞද්ගලික බවුසර් රථ හිමියන්ගේ වර්ජනය හේතුවෙන් ඉන්ධන බෙදා හැරීමට කිසිඳු බාධාවක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව පවසන්නේ වර්ජනය හේතුවෙන් ඉන්ධන බෙදා හැරීමට බාධා ඇතිවිය හැකි බවට විවිධ කටකතා පැතිරෙමින් ඇති බව ය. දැනටමත් ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාව දැනුම් දෙන්නේය. අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තව දුරට ත් මෙවැනි ප්‍රචාර සිදුකරන පාර්ශවයන්ට විරුද්ධව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරමින් සිටින බව ද පවසයි.
2018-06-29T19:43:09.000Z
තේ හෝ කෑම පැකට්ටුවක මිල අඩුවන ලකුණු
තේ හෝ කෑම පැකට්ටුවක මිල අඩුවන ලකුණු
COLOMBO (News 1st) - ගෑස් මිල පහළ යාමට සාපේක්ෂව තේ හෝ කෑම පැකට්ටුවක මිල අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. එහි ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ සිය සංගමය රැස්වී තේ එකක මිල රුපියල් 5 කින් හෝ කෑම පැකට්ටුවක මිල රුපියල් 10 කින් අඩු කිරිමට පියවර ගන්නා බව ය. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ මීට පෙර ගෑස් මිල ඉහළ දැමු අවස්ථාවේ කිසිඳු නිෂ්පාදනයක මිල වැඩි නොකළ බැවින් මෙවර ගෑස් මිල පහළ දැමු අවස්ථාවේ නිෂ්පාදනවල මිල පහළ දැමීමක් සිදු නොවන බව ය. මේ අතර පාරිභෝගික සේවා අධිකාරි අධ්‍යක්ෂ ජනරාල් ඩී. ජීවානන්ද මහතා පැවසුවේ ගෑස් මිල පහළ දමා තිබියදී පෙර මිලට ගෑස් අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ය. කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 138 කින් පහළ දැමුවේය. ඒ, අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1538 කි.
2018-06-29T07:43:43.000Z
ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරේ
ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරේ
COLOMBO (News 1st) - වහාම ක්‍රියාත්මක පරිදි ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමා තිබේ. ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් පහළ යන අතර එහි නව මිල රුපියල් 1,538කි. පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩී. ජීවානන්ද මහතා සඳහන් කළේ, ජීවන වියදම් කමිටුව රැස් වී ගත් තීරණයක් අනුව මිල අඩු කළ බව ය. ලෝක වෙළඳපොළේ ගෑස් මිල පහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බව ද ඔහු වැඩි දුරට ත් සඳහන් කළේය.
2018-06-29T05:08:06.000Z
කොටියා ඝාතනය: සැකකරුවන් 10 දෙනෙකු රිමාන්ඩ්
කොටියා ඝාතනය: සැකකරුවන් 10 දෙනෙකු රිමාන්ඩ්
COLOMBO (News 1st) - කිලිනොච්චි, අම්බල්කුලම් ප්‍රදේශයේදී පොලු මුඟුරුවලින් පහර දී කොටියකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් 10 දෙනෙකු ලබන මස 13 වැනිදා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරුවන් කිලිනොච්චි මහේස්ත්‍රාත් එම්.ගනේෂ රාජා මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 7 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ අතර සැකකරුවන් තුන්දෙනෙකු අද දිනයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. පොලිසිය එම සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ කොටියා ඝාතනය කරන අයුරු දැක්වෙන විඩියෝ පට නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. වනජීවි දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලකට අනුව අධිකරණය පොලීසියට එම නියෝගය නිකුත් කළේය.
2018-06-29T05:02:41.000Z
සිරස මාධ්‍ය ජාලයට තර්ජනය කිරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි
සිරසට කළ තර්ජනයට එරෙහි පෙත්සම විභාග කිරීමට පියවර
COLOMBO (News 1st) - සිරස මාධ්‍ය ජාලයට තර්ජනය කිරීම හා මාධ්‍ය නිදහසට බාධා කිරීමට එරෙහිව එම මාධ්‍ය ජාලය පවත්වාගෙන යන එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම සහ එම්.බී.සී නෙට්වර්ක්ස් පුද්ගලික සමාගම ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගත් පසුගිය අප්‍රේල් 04 වැනිදා රාත්‍රියේ සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට රතිඤ්ඤා පුපුරවා හරිමින් අදාළ තර්ජනය කිරීම සහ බාධා කිරීම් සිදුවිය. ඒ, සඳහා පිරිස් පැමිණියේ කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙනි. එම්.ටී.වී / එම්.බී.සී ආයතන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කළ කරුණු දැක්වීම සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ලබන වසරේ ජනවාරි 30 වැනිදා අදාළ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට තීරණය කළේය. ඒ පිළිබඳව අද සළකා බැලුණේ අගවිනිසුරු ප්‍රියදාස් ඩෙප්, සිසිර ද ආබෲ හා විජිත් මලල්ගොඩ යන විනිසුරු මඩුල්ල හමුවේදී ය.
2018-06-29T03:13:27.000Z
අතුරුදන්ව සිටි දීඝ දන්තු ගැන හෝඩුවාවක්
අතුරුදන්ව සිටි දීඝ දන්තු ගැන හෝඩුවාවක්
COLOMBO (News 1st) - අතුරුදන්ව සිටි දීඝ දන්තු 01 හස්ථියා කහල්ල පල්ලේකැළේ රක්ෂිතයේ වෙරලාගල ප්‍රදේශයේ සිටින බව හඳුනාගෙන තිබේ. ඒ, වනජීවී නිලධාරීන් ක්‍රියාත්මක කළ මෙහෙයුම අතරතුර ය. කලා වැව අභය භූමිය ආසන්නේ ප්‍රතිකාර ලබමින් සිටි දීඝ දන්තු හස්ථියා සෙවීමේ මෙහෙයුමක් ඊයේ ආරම්භ කෙරුණේ කණ්ඩායම් 13 ක සහභාගීත්වයෙනි. ඒ අනුව කලා වැව අභය භූමියේ සිට හෙක්ටයාර 21690 ක් ඈතින් කහල්ල පල්ලේකැළේ රක්ෂිතයේ වෙරලාගල ප්‍රදේශයේ හස්ථියා සිටින බව ඔවුහු ඊයේ තහවුරු කර ගත්හ. මේ වන විට හස්ථියාට ප්‍රතිකාර කිරීම සඳහා පශු වෛද්‍යවරු 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ ස්ථානය බලා ගමන් ආරම්භ කර තිබේ. අලි - මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මෙම හස්ථියාගේ වම් පාදයට වෙඩි වැදී සිටියදී පසුගිය 11 වන දා සොයා ගැනුණේ ප්‍රදේශයේ ධීවරයින් කළ දැනුම් දීමකට අනුව ය. පසුව වයඹ හා අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ මහතා ප්‍රමුඛ වනජීවී නිලධාරී කණ්ඩායමක් හස්ථියාට ප්‍රතිකාර කිරීම ආරම්භ කළේ ය. හස්ථියා අතුරුදන් වූයේ, එලෙස ප්‍රතිකාර කෙරෙමින් පවතින අතරතුර ය. දීඝ දන්තු කලා වැව අභය භූමියේ සිටින දිගම දළ යුගලක් හිමි ඇතා ද වේ.
2018-06-29T02:52:06.000Z
දහම් පාසල් අවසාන විභාගයේ ප්‍රතිඵල Internet වෙත මුදාහරියි
දහම් පාසල් අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි
COLOMBO (News 1st) - 2018 දහම් පාසල් අවසාන් විභාගයේ ප්‍රතිඵල ඉන්ටර්නෙට් වෙත මුදාහැර තිබේ. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ, එලෙස දහම් පාසල් විභාග ප්‍රතිඵල ඉන්ටර්නෙට් වෙත නිකුත් කළේ පළමු වතාවට බව ය. මේ අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් දහම් පාසල් විභාග ප්‍රතිඵල ලබා ගත හැකි ය. මෙවර දහම් පාසල් අවසාන විභාගයට ඉදිරිපත්ව තිබූ අයැදුම්පත් සංඛ්‍යාව 98500කි. ඉන් විභාගයට පෙනී සිට ඇත්තේ 57247 දෙනෙකු පමණක් බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ ය. පසුගිය මාර්තු 24 සහ 25 යන දිනවල දහම් පාසල් අවසාන විභාගය මධ්‍යස්ථාන 691කදී පැවැත්විණි. පරීක්ෂණ මණ්ඩල 83ක් හරහා සම්මේලන ක්‍රමය යටතේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු සිදුව තිබේ.
2018-06-29T02:13:08.000Z
බී. ඩෙනීෂ්වරම් අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්
ඩෙනීෂ්වරම් ධූරයෙන් ඉවත් කිරීමට එරෙහිව අතුරු තහනමක්
COLOMBO (News 1st) - බී. ඩෙනීෂ්වරම් මහතා උතුරු පළාත් ප්‍රවාහන, ධීවර හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය. ඒ, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් ඔහු එම අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට ගොනු කළ අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව ය. කුමුදුනී වික්‍රමසිංහ හා ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි. ඉන් දක්වා ඇත්තේ 2017 වසරේ අගෝස්තු මාසයේදී ඩෙනීෂ්වරම් මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් කර ඇති බව ය. ඒ අනුව බී. ඩෙනීෂ්වරම් මහතා ඉවත් කිරීම වළක්වමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාට එරෙහිව අභියාචනාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ ය. පෙත්සම ලබන මස 09 වන දා යළි කැඳවීමට නියමිත ය.
2018-06-29T00:05:49.000Z
උදයංග වීරතුංග දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බව නීතීඥයින් අධිකරණයට දැනුම් දෙයි
උදයංග වීරතුංග දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන්
COLOMBO (News 1st) - මිග් යානා ගනුදෙනුවට අදාළ නඩුවට පෙනී සිටීම සඳහා රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා අද අධිකරණයට දැන්වුවේ ය. ඒ, කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ය. උදයංග වීරතුංග මහතා මේ වන විට ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන අද්මාන් ප්‍රාන්ත බන්ධනාගාරයේ රඳවා සිටින බව මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එබැවින් ඔහු මෙරටට පැමිණෙන්නේ නම් මෙරට නිලධාරීන් ගොස් ඔහු රැගෙන ආ යුතු බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ ය. මේ අතර මිග් යානා ගනුදෙනුවට සැක සහිත ලෙස මැදිහත් වූ බව කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකු වාණිජ බැංකු 7ක පවත්වාගෙන යන බැංකු ගිණුම් 40ක් පරීක්ෂා කිරීම සඳහා අධිකරණය අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අවසර ලබා දුන්නේ ය. තව ද මහ බැංකුව විසින් උදයංග වීරතුංග මහතාට අයත් බැංකු ගිණුම් තහනම් කිරීමෙන් දින 7කට පසු මෙරට වාණිජ බැංකුවක ඔහුගේ ගිණුමකින් රුපියල් තුන්කෝටි 57 ලක්ෂයක මුදලක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගිණුමක් වෙත යවා ඇති බව ද අධිකරණයේදී අනාවරණය විය නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අධිකරණ නියෝගයක් ලබා දී තිබියදී එලෙස මුදල් යවා ඇත්තේ කෙසේදැයි සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති බව ය.
2018-06-28T21:17:06.000Z
මාතර සිද්ධියට සම්බන්ධ තවත් තිදෙනෙකු හඳුනා ගැනේ
මාතර සිද්ධියට සම්බන්ධ තවත් තිදෙනෙකු හඳුනා ගැනේ
COLOMBO (News 1st) - මාතර ස්වර්ණාභරණ අලෙවි සල කොල්ල කෑමට පැමිණ පළා ගිය සැකකරුවන් 3 දෙනෙකු හඳුනාගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, ඒ අතර ප්‍රබල පාතාල සාමාජික හබරකඩ වසන්ත නමැත්තා ද වන බව ය. පොලීසිය හෝමගම හබරකඩ පිහිටි ඔහුගේ නිවස ඊයේ රාත්‍රියේ විශේෂ පරීක්ෂාවකට ලක් කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එහි තිබී රිවෝල්වරයක් සහ උණ්ඩ කිහිපයක් සිය භාරයට ගත් බව ය. එම ගිනිඅවිය මාතර ස්වර්ණාභරණ අලෙවි සල කොල්ල කෑමේදී සිදු වූ වෙඩි තැබීමට භාවිත කර ඇති බවට පොලීසිය සැක පළ කරයි. නිවස පරීක්ෂා කිරීමෙන් අනතුරුව හබරකඩ වසන්ත නමැත්තාගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඇය ඉදිරි විමර්ශන සඳහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දී තිබේ.
2018-06-28T20:05:20.000Z
ජාතික චිත්‍රපට සංස්ථාවට වාරණ නියෝගයක්
ජාතික චිත්‍රපට සංස්ථාවට වාරණ නියෝගයක්
COLOMBO (News 1st) - චිත්‍රපට බෙදා හැරීම ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවට පැවරීමේ තීරණය ලබන 12 වන දා දක්වා අත්හිටුවමින් ජාතික චිත්‍රපට සංස්ථාවට තහනම් නියෝගයක් ඊයේ නිකුත් කළේ ය. ඒ, කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පමිල රත්නායක මහතා විසිනි. චිත්‍රපට බෙදා හැරීම් කළ සමාගම් 4ක් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා මෙම තහනම් නියෝගය නිකුත් කළේ ය. ප්‍රධාන දිසා විනිසුරුවරයා නියෝග කළේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 12 වන දා අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වා ජාතික චිත්‍රපට සංස්ථාවට අතුරු තහනම් දැන්වීම් හා නොතීසි යවන ලෙස ය. වසර 18ක් තිස්සේ සමාගම් 4ක් ඇතුළු සමාගම් ප්‍රදර්ශන මණ්ඩල විසින් සිදු කළ චිත්‍රපට බෙදා හැරීම හදිසියේ චිත්‍රපට සංස්ථාවට පැවරීම මගින් එම සමාගම්වලට දැඩි ආර්ථික හානියක් මෙන් ම චිත්‍රපට කර්මාන්තය ද දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව අදාළ සමාගම් ගොනු කළ පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
2018-06-28T19:43:50.000Z
අමෙරිකාවේ පුවත්පත් කාර්යාලයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 5 දෙනෙකු මරුට
අමෙරිකාවේ පුවත්පත් කාර්යාලයකට වෙඩි ප්‍රහාරයක්
(News 1st) - අමෙරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ පිහිටි කැපිටල් ගැසට් නම් පුවත්පත් ආයතනය තුළට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, එම වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ය. මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ පිහිටි කැපිටල් ගැසට් නම් අමෙරිකානු පුවත්පත් කාර්යාලයේ ප්‍රවෘත්ති කාමරය තුළට එහි වීදුරු දොර ඔස්සේ වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ, සුදු ජාතික සන්නද්ධ තුවක්කු කරුවෙකු විසිනි. 20 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව මේරිලෑන්ඩ් පොලීසිය සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනපතිගේ මාධ්‍ය ලේකම් සාරා සැන්ඩර්ස් ප්‍රකාශ කළේ, මෙය අහිංසක මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාරයක් බව ය. සිත් පිත් නැති ප්‍රචණ්ඩකාරී දුෂ්ඨ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සාරා සැන්ඩර්ස් කියා සිටියා ය.
2018-06-28T19:25:25.000Z
එළවළු මිල ගණන් ලබන මස අගභාගය වන විට යථා තත්ත්වයට
එළවළු මිල ගණන් ලබන මස අගභාගය වන විට යථා තත්ත්වයට
COLOMBO (News 1st) - වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ලබන මස අගභාගය පමණ වන විට යථා තත්ත්වයට පත් වනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා සඳහන් කළේ, මේ වන විට එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ය. මාර්තු මාසයේ පැවති නියඟයත් සමග ගොවීන් වගාවට යොමු නොවීම හේතුවෙන් පරිභෝජන අවශ්‍යතාව සඳහා ප්‍රමාණවත් එළවළු අස්වැන්නක් නොමැති වීම මීට හේතු වී ඇති බව ඔහු සඳහන් කළේ ය. කෙසේ වෙතත් එළවළු ආනයනය සඳහා යොමු නොවන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ ය.
2018-06-28T19:18:18.000Z
මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ 50ක් ගොඩගැසේ: වෘත්තීය සමිති අකුරට වැඩ කිරීම අත්හරී
තැපැල් වෘත්තීය සමිති අකුරට වැඩ කිරීම අත්හරී
COLOMBO (News 1st) - තැපැල් වර්ජනයෙන් ගොඩගැසුණු ලිපි ලබන බදාදා වන විට බෙදා අවසන් කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ, ලිපි බෙදා හැරීම සඳහා විධිමත් සැලසුමක් ක්‍රියාත්මක බව ය. මේ වන විට බෙදාහැරීම සඳහා මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී ඇති සමාන්‍ය ලිපි ප්‍රමාණය ලක්ෂ 50කි. තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ලිපි බෙදාහැරීමේ කටයුතු වේගවත් කිරීම සඳහා අත්හිටවූ බව තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ ය.
2018-06-28T10:42:01.000Z
විදුහල්පති ස්ථාන මාරු කළ වරදට වන්දි ගෙවන හිටපු මහ ඇමති
විදුහල්පති මාරු කළ වරදට වන්දි ගෙවන හිටපු මහ ඇමති
උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය. 2016 වසරේ සැප්තැම්බර් මස 14 වන දා අනුරාධපුර නිවන්තක චේතිය මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කළ කරුණාරත්න බණ්ඩාර මහතාට නීති විරෝධී ලෙස ස්ථාන මාරුවක් ලබාදීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කරමින් නඩුවක් ගොනු කර තිබිණ. ස්ථානක මාරුව සිදු කළ අකාරය පිළිබඳ පැහැදිලි කළ, අනුරාධුපර නිවන්තක චේතිය මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති ආර්. පි. කරුණාරත්න බණ්ඩාර මහතා... "2016 9 14 වෙනිදා උතුරු මැද පලාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම්වරිය මට ස්ථාන මාරුවක් ලබා දෙනවා. මුල් ගල තැබීමේ උත්සවයේදි මහමැතිතුමා සතුටට පත් වුනේ නැහැ.. ඒ නිසා එතුහාගේ නියෝගයට අනුව මාරු කරන්න සිද්ධ වෙනවා කියලා. ඊටපස්සේ මට ස්ථාන මාරු ලිපිය ආවා. ඉල්ලීම් කරා අභියාචනා කරා මේ ස්ථාන මාරුව අවලංගු කරලා මේ විද්‍යාලයේ සේවය කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා.නමුත් කිසිම නිලධාරියෙක් ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ" නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ, පේෂල ජයරත්න මහතා වන්දියට අමතරව රජයේ ගාස්තුව වශයෙන් රුපියල් පනස් දහසක් ද ගෙවිය යුතු බවයි. මාස දෙකක් තුළ කරුණාරත්න බණ්ඩාර මහතා අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස යළි පත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය. https://www.youtube.com/watch?v=2VzmXhmcAbo
2018-06-28T10:22:54.000Z
දීඝ දන්තු සොයා මෙහෙයුමක්
දීඝ දන්තු සොයා මෙහෙයුමක්
දින කිහිපයක සිට සොයා ගත නොහැකි වී ඇති කලාවැව අභය භූමියේ සිටින දළ ඇතුන්ගෙන් දළ දිග ම ඇතා ලෙස සැලකෙන දීඝ දන්තු සොයා අද මෙහෙයුමක් ආරම්භ විය. අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵල ලෙස මේ හස්ථියාගේ වම් පාදයට වෙඩි වැදී ඇති බව ප්‍රදේයේ ධීවරයින් වනජීවි නිලධාරීන්ට දැනුම් දී තිබුණේ ඉකුත් 12 වැනිදා යි. ඒ අනුව හස්තියා සොයා ගිය වනජීවි පශු වෛද්‍ය නිලධාරීන් ප්‍රතිකාර කිරීම් ආරම්භ කළේ ය. ඉන් පසු දින 3 ක් වරින් වර හස්තියාට ප්‍රතිකාර කිරීම් සිදුකළ අතර අවසන් වරට ප්‍රතිකාර කළේ 18 වැනිදා යි. ඉන් පසු හස්තියා අතුරුදන්ව තිබේ. ඇතා සිටින බවට සැකකෙරෙන ඉසව් ලෙස වනජීවි නිලධාරීන් හඳුනාගෙන තිබුණේ , කහල්ල පල්ලේකැලේ රක්ෂිතය , ගල්ගමුව රක්ෂිතය සහ රැස්වෙහෙර වනජීවි ප්‍රදේශයයි. දීග දන්තු ඇතා සොයා මෙහෙයුම් ආරම්භ කෙරුණු අතර අදත් වනජිවි නිලධාරීන් , පශු වෛද්‍ය නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන්ගෙන් යුතු කණ්ඩායම් 9 ක් කහල්ල පල්ලේ කැලේ රක්ෂිතයේ දීගදන්තු සොයා පැය ගණනාවක මෙහෙයුමක් දියත් කළේ ය. ඇතාගේ බවට සැක කෙරෙන අඩි සලකුණු හමුවූ නමුත් ඒවා දින ගණනක් පරණ වූ ඒවා බව වනජීවී නිලධාරීන් පවසයි. අප වාර්තාකරු පැවසුවේ පැය 10 ක පමණ මෙහෙයුමකින් පසුව ද ඇතා සිටින ස්ථානය පිළිබඳ හෝඩුවාවක් සොයාගත නොහැකි වූ බවයි. කලාවැව වනෝද්‍යානය තුළ ජීවත්වන අලින් ගණන 350 ක් පමණ ජීවත් වෙති. ඉන් කලා වැව නිම්නය ආශ්‍රිතව සිය වාස භූමිය කරගෙන සිටින “දීග දන්තු 01“ ඇතා දැනට එහි සිටින දළ දිග ම හස්තියා වන අතර එම ඇතාට බොහෝ සෙයින් සමාන වන්නේ “දීග දන්තු 02“ නමැති ඇතායි. දීග දන්තු 02 ඇතාද පසුගිය වසරේ ජුලි මාසයේදී , බදින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලැබ සිටියේ ය. දැනට ශ්‍රී ලංකාව පුරා ඉතිරිව සිටින්නේ 6000 ක පමණ හස්ති ගහණයක් පමණයි. එහෙත් විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා මෑත කාලයේදී , ගල්ගමුව දළ පූට්ටුවා, තබ්බෝවේ ඇතා, රිටිගල ඇතා සහ තනි දළයා මියගිය අතර කතිර දළ ඇතා සහ මහසෙන් දළ ඇතා මේ වනවිට අතුරැදන්ව ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති. https://www.youtube.com/watch?v=x9sLeHXicFs
2018-06-28T09:10:40.000Z
මහ බැංකුව චෝදනා ඉවත දමයි
මහ බැංකුව චෝදනා ඉවත දමයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු වෙනස් කරන ලදැයි, කරනු ලබන චෝදනා මුළුමනින්ම පදනම් විරහිත බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ 2007 වසරේ සිට දළ දේශීය නිෂ්පාදිතෙයේ ඇස්තමේන්තු සම්පාදනය කිරීමේ පූර්ණ වගකීම ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙට පැවරී ඇති බවයි. එසේ වුව ද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු වෙනස් කරන ලද බවට සාමාන්‍ය ජනතාව නොමග යවමින් ඇතැම් පාර්ශ්ව විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. 2006 වසර දක්වා ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව ද දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු සම්පාදනය කර ප්‍රකාශයට පත් කළ බව එම නිවේදනයේ සඳහන් ය. ස්වාධීන ආයතනයක් විසින් දත්ත සම්පාදනය කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් 2007 වසරේ සිට එම ඇස්තමේන්තු සම්පාදනය කිරීමේ පූර්ණ වගකීම ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වෙත පැවරෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව එම ක්‍රියාවලිය අත්හිටවු බව මහ බැංකුව පවසයි. ඔවුන් නිකුත්කළ නිවේදනයේ දැක්වුණේ, තවදුරටත් මෙම දත්ත පරිශීලනය කරන ප්‍රධාන ආයතනයක් ලෙස ඒවා ආර්ථික විශ්ලේෂණ සහ මුදල් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා යොදා ගැනීම පමණක් තමන් සිදු කරන බවයි. මහ බැංකුවේ නිවේදනය විමසා බැලීමේදී ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතුවේ. මෙය දත්ත සකස්කරන ජාත්‍යන්තර ක්‍රමය බව ඇතැම් විට එම දෙපාර්තමේන්තුව පැවසීමට ඉඩ තිබේ. නැගෙන චෝදනාවෙන් එක් එක් ආයතනය ලිස්සා යාම පසෙක තබා සාධාරණ විද්‍යානුකූල පැහැදිලි කිරීක් සිදුකිරීම වැදගත් නොවන්නේ ද? මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සම්බධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා නගන චෝදනාවලට මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නිවේදනයන් නිකුත් කරමින් ප්‍රතිචාර දක්වා තිබේ. එම නිවේදනය මගින් මහ බැංකු අධිපතිවරයා පවසන්නේ විශිෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු වන ආචාර්ය වීරසිංහ මහතා තම සේවා කලය තුළ කටයුතු කළ වසර දෙක තුළදී බැංකුවේ කාර්යයන්ට අදාළ ව සුවිශේෂී දායකත්වයක් සිදු කළ නිලධාරියෙකු බවයි. https://www.youtube.com/watch?v=mM790EaXstI
2018-06-28T08:56:43.000Z
හිටපු ජනපති මහින්දට එරෙහිව රන්ජන්ගෙන් පැමිණිල්ලක්
හිටපු ජනපති මහින්දට එරෙහිව රන්ජන්ගෙන් පැමිණිල්ලක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් කළේ ය. හිටපු ජනාධිපතිවරයා මැතිවරණ සඳහා චීනයෙන් මුදල් ලබාගත් බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත පසුගිය දා කළ අනාවරණය පිළිබඳව විමර්ශනයක් කරන්නැයි ඉල්ලා රන්ජන් රාමනායක මහතා මෙම පැමිණිල්ල කළේ ය. මේ සම්බන්ධයෙන් අද කොළඹදී නියෝජ්‍ය අමාත්‍ය රංජින් රාමනායක මහතා අදහස් පළ කළේ ය. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරමින් පැවසුවේ, චයිනා මර්ටන්ට් සහ චයිනා හාර්බර් අනුබද්ධිත ආයතනවලින් සතයක් හෝ ගෙන නොමැති නම්, දිවුරුම් පෙත්සමක් ලබා දෙන ලෙසයි. https://www.youtube.com/watch?v=svVKoqMb72o
2018-06-28T08:29:19.000Z
නිව් යෝර්ක් ටයිම්ස් අනාවරණයට හිටපු මහබැංකු අධිපතිගෙන් ප්‍රතිචාර ‍
නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණයට කබ්රාල්ගෙන් ප්‍රතිචාර
නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය පිළිබඳව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රතිචාර දක්වා තිබේ. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පසුගිය දා ශ්‍රී ලංකාව චීන ණය උගුලේ සිරවී සිටින ආකාරය ගවේෂණාත්මක වාර්තාවක් ලෙස පළ කර තිබිණ. අධික පොළියට ණය පහසුකම් ලබා දී පසුව රාජ්‍ය ව්‍යාපාර ඔවුන් යටතට ගන්නා ආකාරය මෙම ලිපියේ වාර්තා ක‍ළේ, හම්බන්තොට වරාය ව්‍යාපෘතිය උදාහරණයක් ලෙස පෙන්වමිනි. එම වරාය ව්‍යාපෘතිය සිදුකළ චීන සමාගම පසුගිය ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරයට ඇමරිකානු ඩොලර් මිලියන 7 . 6 ක මුදලක් ද ලබා දී තිබූ බව නිව්යෝර්ක් ටයිම්ස් හෙළි කළේ ය. මෙම ලිපියට ප්‍රතිචාර දක්වමින් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ වාර්තාව පළ කළ මාධ්‍යවේදිනිය පූර්ව නිගමනයක සිට එය සකස්කර ඇති බවයි. මෙම කරුණු පිළිබඳව තමන් පැයක පමණ කාලයක් මාධ්‍යවේදිනියට පැහැදිලි කළ නමුත් ඊට සාධාරණ අවස්ථාවක් ලබා දී නැතැයි, කබ්රාල් මහතා චෝදනා කරයි. කෙසේවෙතත් ලිපියේ සඳහන් කරුණු පිළිබඳව අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ප්‍රතිචාරයෙන් කරුණු පැහැදිලි කර නොමැත. නිව්ස් ෆස්ට් කළ විමසීමකදී නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාව සකස් කළ මාධ්‍යවේදිනී මාරියා අබී හබීබ් මහත්මිය ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව නැගෙන චෝදනාවට ප්‍රතිචාර දැක්විය හැක්කේ ද ඔහුට පමණක් බවයි. රාජපක්ෂ මහතා සම්බන්ධ කර ගැනීමට විවිධ ක්‍රම මගින් උත්සාහ කළ ත් ප්‍රතිචාරයක් නොලැබුණු බව ඇය සඳහන් කළා ය. මාස දෙකක් තිස්සේ ප්‍රශ්න 10 ක් යවා පිළිතුරු අපේක්ෂා කළ බව ද මාරියා අබී හබීබ් මහත්මිය පැවසුවා ය. ඇය වැඩිදුරටත් සඳහන් කළේ, අවස්ථා ගණනාවකදී මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරුන් හමුවීමට උත්සාහ කළ ද ඊට අවස්ථාවක් නොලැබුණ බවයි. මේ අතර එක් මාවතක් එක් තීරයක් නමින් චීනය ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති සමග කටයුතු කිරීමේදී ප්‍රවේශම් වන්නැයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අනතුරු අඟවා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවස්ථා කිහිපයකදී ම මෙම අනතුරු ඇඟවීම සිදුකළ අතර ආසන්න අවස්ථාව පසුගිය 20 වන දා සිදු කළේ, විස්තීර්ණ ණය පහසුකමට අදාළ සිව්වන ප්‍රගති සමාලෝචන වාර්තාව නිකුත් කරමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිව්වන ප්‍රගති සමාලෝචනයේ සඳහන් කර ඇත්තේ චීනයේ එක් මාවතක් එක් තීරයක් ව්‍යාපෘතියෙන් වාසි ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව තමන් සතු මහා පරිමාණ ව්‍යාපෘති ප්‍රවේසමෙන් කළමනාකරණය කළ යුතු බවයි. හම්බන්තොට වරාය හා කොළඹ වරාය නගර ව්‍යාපෘතිවලින් ශ්‍රී ලංකාවට වර්ධනයක් අත්කරදිය හැකි නමුත් රටේ අධික ණය බර හා සමාජ සංවර්ධන අවශ්‍යතා සලකා බලා මෙම ව්‍යපෘති ඉතා ප්‍රවේසමෙන් ක්‍රියාත්මක කළ යුතු බව එම අරමුදල පෙන්වා දෙයි. එහි කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටීන් ලගාඩ් මහත්මිය පසුගිය අප්‍රේල් 12 වනදා චීනයේදී සමුළුවක් අමතමින් එක් මාවතක් එක් තීරයක් ව්‍යාපෘතිය පිළිබඳව අනතුරු ඇඟවීමක් කළේ ය. - උපුටා ගැනීම - "එක් මාවතක් එක් තීරයක් ව්‍යාපෘතියට හවුල්කාර රටවලට අවශ්‍ය යටිතල පහසුකම් සඳහා මූල්‍ය සහය ලබාදිය හැකියි.නමුත් මේ ව්‍යාපෘතිවලින් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. විශාල ණය ප්‍රමාණයක් ඇතිකරල ඒ මගින් රටේ අනෙකුත් වියදම් සීමා කරනවා. මොකද ණය ආපසු ගෙවීම් වැඩිවෙනවා මොකද ගෙවුම් ශේෂයෙන් ඇතිවන අභියෝග මතුවන නිසා. දැනටමත් රාජ්‍ය ණය ප්‍රමාණය වැඩි රටවල් විශේෂයෙන් මූල්‍ය රෙගුලාසි ඉතා ප්‍රවේසමෙන් කළමනාකරණය කිරීම අත්‍යාවශ්‍යයි" - උපුටා ගැනීම අවසන් - 2016 වසර අවසාන වනවිට අමරිකානු ඩොලර් බිලියන 4 . 6 ක් ශ්‍රී ලංකාව චීනයට ගෙවිය යුතුව තිබූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ඔවුන් නිකුත්කළ දත්තවලට අනුව එම අගය දළ දේශීය නිෂ්පාදනයෙන් 5.8%කි. කෙසේවෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වනවිට ශ්‍රී ලංකාවට විශාල ණය ප්‍රමාණයක් ලබාදී ඇති අතර අවසාන වශයෙන් ලබාදුන් ඩොලර් බිලියන 1.5 ක ණය මුදල වරින්වර මුදා හැරීම සදහා විවිධ කරුණු ඉදිරිපත් කළේ ය. නව විනිමය පනත, දේශීය ආදයම් පනත ඇතුළු නීති මගින් සිදුකළ ප්‍රතිසංස්කරණ මෙන්ම තෙල් හා විදුලිය සඳහා වන මිල සූත්‍රයද මූල්‍ය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා අනුව සකස්කළ බවට පසුගිය කාලයේ විවේචන එල්ල විය. මේ අතර ඊයේ ට්විටර් පණිවුඩක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේ, නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවේ බොහෝ අඩුපාඩු ඇති බවයි. ලෝකයේ ශීඝ්‍රයෙන් ආර්ථික වර්ධනයක් ළඟා කරගනිමින් සිටින චීනයට බටහිර රටවල්වල ඇති බිය මේ වාර්තාව නිකුත් කිරිමට හේතුව බව ඔහු සිය ටිව්ටර් පණිවුඩයේ සඳහන් කර තිබේ. https://www.youtube.com/watch?v=flsnjeG0lfc
2018-06-28T06:37:28.000Z
කොතලාවල විශ්වවිද්‍යාල විශේෂ විධිවිධාන පනත බලාත්මකයි
කොතලාවල විශේෂ විධිවිධාන පනත බලාත්මකයි
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය විශේෂ විධිවිධාන පනතට කතානායක කරූ ජයසූරීය මහතා අද අත්සන් තැබී ය. ඒ, කතානායක කාර්යාලයේදීයි. දකුණු ආසියාතික තාක්ෂණික සහ වෛද්‍ය ආයතනයෙහි ලියාපදිංචි වී ඇති ශිෂ්‍යයින් 1981 අංක 68 දරණ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත මගින් පිහිටුවන ලද ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ විධිවිධාන ඇතුළත් පනතට පසුගිය 20 වන දා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවිය. ඒ අනුව අදාළ පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද නීතිමය බලය සහිත පනත් ලෙස ක්‍රියාත්මක වනු ඇති.
2018-06-28T05:27:54.000Z
මයිකල් ජැක්සන්ගේ පියා මියයයි
මයිකල් ජැක්සන්ගේ පියා මියයයි
හිටපු සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ සහ ජැනට් ජැක්සන්ගේ පියා වූ ජෝ ජැක්සන් මිය ගොස් තිබේ. ජෝ ජැක්සන් මිය යන විට 89 හැවිරිදි වියේ පසු විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පිළිකා රෝගී තත්ත්වයකින් පෙළුණු ඔහු රෝහල්ගත කිරීමෙන් පසු පසුගිය බදාදා මිය ගිය බවයි. ජෝ ජැක්සන් ජීවිතක්ෂයට පත් වූයේ, ඔහුගේ පුතු වූ මයිකල් ජැක්සන්ගේ මරණයෙන් වසර 9 කුත් දින දෙකකට පසුව ය.
2018-06-28T02:17:57.000Z
ඇවන්ගාඩ් අවි ගබඩාවේ භාරකරු සහ මෙහෙයුම් කළමනාකරු යළි රිමාන්ඩ්
ඇවන්ගාඩ් සිද්ධිය: කර්නල් සහ මේජර් යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) - ගාල්ල වරාය ආසන්නයේ ඇවන්ගාඩ් නෞකාවේ නීති විරෝධී ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම අවි ගබඩාවේ භාරකරු සහ මෙහෙයුම් කළමනාකරු ලබන මස 12 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. නිශාන්ත පිරිස් මහතා අද නියෝග කර තිබේ. අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ එම අවි ගබඩාවේ භාරකරු ලෙස කටයුතු කළ, කර්නල් දොන් තොමස් ඇල්බට් විජේතුංග තිලකරත්න සහ මෙහෙයුම් කළමනාකරු ලෙස කටයුතු කළ මේජර් මිල්ලනියගේ සුමුදු නිලුපුල් කොස්තා යන අයයි. මෙහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනාවන්ට මෙම අධිකරණයෙන් ඇප ලබාදිය නොහැකි අතර මහාධිකරණයෙන් ඇප ලබාගත යුතු බවයි. නීති විරෝධී ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2015 ඔක්තෝබර් 13 වන දින ඇවන්ගාඩ් නෞකාව අත්අංඩගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලදි. ඒ අනුව කරන ලද පරීක්ෂණවලදී නෞකාවේ තිබි ටී 56 ගිනි අවි 549 ක්, 84 එස් වර්ගයේ ගිනි අවි 264 ක්, උණ්ඩ දෙලක්ෂ හාරදහස් හයසිය හැත්තා හතරක්, එල්.එන්.ජී වර්ගයේ ගිනි අවි දෙකක් සොය ගෙන ඇත.
2018-06-28T01:09:58.000Z
එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළට
එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළට
COLOMBO (News 1st) - වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. පසුගිය කාලයේ පැවති වර්ෂාවත් සමග අස්වනු අඩුවීම මීට හේතුවී ඇතැයි ගොවීන් පවසති. පවතින එළවළු මිල ගණන් සම්බන්ධයෙන් අප දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරව්වල මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, තව ත් මාස එකහාමාරක පමණ කාලයක් මෙම තත්ත්වය පැවතිය හැකි බවයි.
2018-06-27T23:41:04.000Z
ලක්ෂ ගණන් මුදල් වංචා කළ හොර වෛද්‍යවරයා පිටකොටුවේදී අත්අඩංගුවට
ලක්ෂ ගණන් මුදල් වංචා කළ හොර වෛද්‍යවරයාට වැඩ වරදී
COLOMBO (News 1st) - ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් රුපියල් ලක්ෂ ගණනක මුදලක් වංචා කළ පුද්ගලයෙකු පිටකොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පිටකොටුවේ හෝටලයක ලැගුම්ගෙන සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු, පමුණුගම, කඳාන, කොළඹ සහ මීගමුව යන ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් වංචනිකව ලබාගෙන ඇති මුදල රුපියල් ලක්ෂ 50 කට ආසන්න වේ. ඊට අමතරව ඔහු වෛද්‍ය වෘත්තියේ නිරත වන බව පවසා කාන්තාවන් රවටා නීත්‍යානූකූලව විවාහ කර ගැනීම් සම්බන්ධයෙන් ද පොලීසියට පැමිණිලි ඉදිරිපත්ව තිබුණි. අත්අඩංගුවට ගෙන ඇත්තේ පමුණුගම පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙක් ය. ඔහු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
2018-06-27T23:14:57.000Z
ප්‍රාථමික ශ්‍රේණිවල විභාග ලිහිල් කිරීම ගැන සොයා බැලීමට විශේෂ කමිටුවක්
විභාග ලිහිල් කිරීම ගැන සොයා බැලීමට විශේෂ කමිටුවක්
COLOMBO (News 1st) - පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ගේ විභාග ලිහිල් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කර තිබේ. ඊට විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකු, විශේෂඥ වෛදවරුන් 5 දෙනෙකු සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළත් ය. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පළමු, දෙවැනි සහ තුන්වැනි ශ්‍රේණිවල සිසුන්ගේ විභාග ක්‍රියාවලිය ලිහිල් කිරීම සම්බන්ධයෙන් අදාළ කමිටුව විශේෂ අධ්‍යයනයක නිරත වන බවයි. ළමා මනසට යෝග්‍ය පරිදි පාසල් විභාග ක්‍රමවේදය වෙනස් කිරීම මෙහි අරමුණ වේ. අදාළ කමිටුවේ නිර්දේශ ලැබීමෙන් අනතුරුව එය අධ්‍යාපන අමාත්‍යංශයට යොමුකරන බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2018-06-27T22:55:16.000Z
ඉබ්බාගමුව වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු අතුරුදන්
ඉබ්බාගමුව වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු අතුරුදන්
COLOMBO (News 1st) - ගොකරැල්ල, ඉබ්බාගමුව වැවේ ගිලී පුද්ගලයෙකු අතුරුදන් විය. පොලීසිය සඳහන් කළේ, පිරිසක් සමග දියනාමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති බවයි. අතුරුදන් වූ පුද්ගලයා සොයා නාවික මෙහෙයුම් ක්‍රියාත්මක වේ. අතුරුදන්ව ඇත්තේ 52 හැවිරිදි මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2018-06-27T22:28:19.000Z
ලක්ෂ 70 වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
ලක්ෂ 70 ක මත්ද්‍රව්‍ය සමගින් පුද්ගලයෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - සූක්ෂමව සඟවා මත්ද්‍රව්‍ය තොගයක් දිවයිනට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේ, ඔහු ඉන්දියාවේ චෙන්නායි සිට දිවයිනට පැමිණ ඇති බවයි. සැකකරුගේ ගමන් මල්ලේ සඟවා තිබියදී හෙරොයින් ග්‍රෑම් 320 ක්, අයිස් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 52 ක් සහ හෂීස් ග්‍රෑම් 230 ක් සොයා ගැනුණි. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 70 ක් වනු ඇත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ.
2018-06-27T20:35:12.000Z
උතුරු කොරියාව තවමත් න්‍යෂ්ටික පර්යේෂණවල නිරත වන බවට අනාවරණයක්
උතුරු කොරියාව තවමත් න්‍යෂ්ටික පර්යේෂණවල...
උතුරු කොරියාව අඛණ්ඩව න්‍යෂ්ටික පර්යේෂණවල නිරත වන බව න්‍යෂ්ටික කටයුතු පිළිබඳ වෙබ් අඩවියක් ප්‍රකාශ කර තිබේ. එම වෙබ් අඩවියේ දැක්වෙන්නේ, සිංගප්පූරුවේ පැවති සම්මේලනයකදී කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවි හරණය කිරීමට ප්‍රතිඥා දුන්න ද උතුරු කොරියාව සිය න්‍යෂ්ටික පර්යේෂණ කටයුතු වැඩිදියුණු කිරීම මෙතෙක් අතහැර නොමැති බවයි . උතුරු කොරියාව සිය ප්‍රධානම යොන්ග්බ්යොන් න්‍යෂ්ටික විද්‍යා පරීක්ෂණ මධ්‍යස්ථානයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ නිරතවන අයුරු මෑතකදී ලබාගත් චන්ද්‍රිකා ජායාරූපවලින් හෙළි වූ බව ද එම වෙබ් අඩවිය සඳහන් කළේ ය. කෙසේ වෙතත් මින් උතුරු කොරියාව න්‍යෂ්ටික අවි හරණය කළ කලාපයක් බවට පත්වීමට දුන් ප්‍රතිඥාව කඩ නොවන බව විදෙස් මාධ්‍ය පවසයි. මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ උතුරු කොරියානු රජයෙන් නියෝග ලැබෙන තෙක් විද්‍යාඥයන් සිය පරීක්ෂණ කටයුතුවල නිරතවන බවට අනුමාන කළ හැකි බවයි.
2018-06-27T20:09:03.000Z
තැපෑල තවදුරටත් අකුරට වැඩ, ගොඩගැසුණු ලිපි බෙදා හැරීම ඇරඹේ
තැපැල් සේවකයින් තවදුරටත් අකුරට වැඩ
COLOMBO (News 1st) - වැඩ වර්ජනය අවසන් කළ ද අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් යළි ආරම්භ කර ඇතැයි තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසයි. එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, සිය ගැටලුවලට පොරොන්දු වූ විසඳුම් ලබාදෙන තුරු අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක බවයි. බඳවා ගැනීමේ පටිපාටියට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා තැපැල් සේවකයින් දින 16 ක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් ගොඩගැසී ඇති ලිපි ප්‍රමාණය ලක්ෂ 15 ක් වනු ඇත. ගොඩගැසුණු ලිපි සහ භාණ්ඩ බෙදාහැරීම කඩිනමින් අවසන් කරන බව ද චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ ය.
2018-06-27T19:57:05.000Z
පළාත් සභා මැතිවරණය පිළිබඳ සාකච්ඡාවට මැතිවරණ කොමිසමේ නිලධාරීන් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි
මැතිවරණ කොමිසමේ නියෝජිතයින් අද පාර්ලිමේන්තුවට
COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ. ඒ, කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. අද උදෑසන 10.00 ට ආරම්භ වන සාකච්ඡාවට විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පළාත් සභා සීමා නිර්ණ අනුකමිටු සාමාජිකයින් සහ මැතිවරණ කොමිසමේ නියෝජිතයින් ද සහභාගී වනු ඇති. පළාත් සභා සීමා නිර්ණ කමිටුව, විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට භාරදී ඇති කමිටු වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත ය. ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ක්‍රමවේදය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.
2018-06-27T19:43:08.000Z
ලෝක ශූර ජර්මනිය පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට
ලෝක ශූර ජර්මනිය පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට
COLOMBO (News 1st) - වත්මන් ලෝක ශූර ජර්මානු කණ්ඩායමට මෙවර ලෝක කුසලානයේ මූලික වටයෙන්ම ඉවත්වීමට සිදු විය. ඔවුන් මෙලෙස ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මුලික වටයෙන් ඉවත් වූයේ ඉතිහාසයේ පළමු වරටයි. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ F කාණ්ඩයෙන් අවසන් 16 දෙනා අතරට සුදුසුකම් ලබා ගැනීමට හැකි වන තීරණාත්මක තරග දෙකක් රුසියාවේ කසාන් හා එකටරීන්බර්ග්හීදී පැවැත් විය. වත්මන් ලෝක ශූර ජර්මනිය හා දකුණු කොරියාව තරග වැදුනේ කසාන්හීදී යි. ජර්මනියට පහසු තරගයක් ලෙස බොහෝ දෙනා හැඳින් වූ මෙහි පළමු අර්ධයේදී දෙපිලටම ගෝල රැස් කර ගැනීමට අවස්ථාවක් හිමි වූයේ නැත. තරගයේ දෙවන අර්ධයේදී ආක්‍රමණශීලි ක්‍රීඩා විලාසයක් අනුගමනය කළ කොරියානු ක්‍රීඩකයින් ප්‍රතිවාදී ජර්මානු කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කළේ ය. දෙවන අර්ධයේදී ද කිසිදු කණ්ඩායමකට ගෝල රැස් කර ගැනීමට නොහැකී වූ අතර අබාධ සඳහා ලබාදුන් අතිරේක කාලයේදී ක්‍රියාත්මක වූ කොරියාවේ කිම් යංවොන් සිය කණ්ඩායමට පළමු ගෝලය එක් කළේ ජර්මනියට තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට තිබූ අවස්ථාව දුරස් කරමිනි. එක් ගෝලයකින් තම සිහිනය රැකගත හැකිවීම හේතුවෙන් ජර්මානු ක්‍රීඩකයින් ගෝලයක් ලබා ගැනීමට ප්‍රබල උත්සහයක් දැරූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජර්මානු ගෝල රකින්නා ද කොරියානු අර්ධයේ ක්‍රීඩා කළේ ය. එම අවස්ථාවෙන් අනගි ප්‍රයෝජන ගත් කොරියා කණ්ඩායම ක්ෂණික දිගු පන්දු යොමු කිරීමකින්, සන් හෙග්මන් වෙත භාර දුන් අතර ඔහු ඉතා පහසුවෙන් පන්දුව ගෝල රකින්නා නොමැති වූ දැල වෙත යොමු කළේ ලෝක ශූර ජර්මනිය පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් කරමිනි. ඒ අනුව ගෝල 2 ට 0 ක් ලෙස දකුණු කොරියාව හමුවේ පරාජයවීම හේතුවෙන් ජර්මනියට ඉතිහාසයේ පළමු වතාවට මෙවර පළමු වටයේ තරග දෙකක් පරාජය වෙමින් ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදු විණි. ඔවුන් මෙලෙස තරගාවලියෙන් ඉවත්වීමත් සමග ලෝක කුසලාන පාපන්දු පිටිය තුළ ප්‍රචලිත ''ශූරයින්ගේ ශාපය'' නැවතත් අවධානයට ලක්ව තිබේ. ලෝක කුසලානය දිනා ගන්නා කණ්ඩායමකට ඉන් අනතුරුව පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී මූලික වටයෙන්ම ඉවත්වීමට සිදුවීම හඳුන්වන්නේ ''ශූරයින්ගේ ශාපය'' ලෙසයි. 2010 ලෝක ශූරයින් වූ ස්පාඤ්ඤයට 2014 වසරේදීත් 1998 ලෝක ශූරයින් වූ ප්‍රංශයට 2002 වසරේදීත්, 2006 ලෝක ශූරයින් වූ ඉතාලියට 2010 වසරේදීත් මෙලෙස ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වීමට සිදු විණි. කෙසේ වෙතත් සහභාගී වූ තරග තුනෙන් දෙකක් පරාජය වූ ජර්මනියට F කාණ්ඩයේ අවසන් ස්ථානය හිමි වූ අතර සහභාගී වූ තරග තුනෙන් දෙක බැගින් ජයගත් ස්වීඩනය හා මෙක්සිකෝව මෙවර තරගාවලියේ අවසන් 16 දෙනා අතරට සුදුසුකම් ලබා ගෙන තිබේ.
2018-06-27T10:52:24.000Z
වැඩි මිලට ගෙන අඩු මිලට විකුණා මණ්ඩලය පාඩුකරන විදුලිය මාෆියාව
අඩු මිලට විකුණා මණ්ඩලය පාඩුකරන විදුලිය මාෆියාව...
COLOMBO (News 1st) - වක්‍රබදු බර අඩු කිරීමට නම් රාජ්‍ය ව්‍යාපාර අඩුම තරමේ පාඩු නොලබන තත්ත්වයකට පත්කළ යුතු බව ආර්ථික විශේෂඥ මතය වුවත් විදුලි මණ්ඩලය සිදුකරන බැඳුම්කර වංචාව වැනි වංචා නිසා මේ බර තව තව ත් ජනතාවට දැරීමට සිදුව තිබේ. මේ වනවිට ලංකා විදුලි බල මණ්ඩලය ඇඹිලිපිටියේ පුද්ගලික බලාගාරයෙන් විදුලිය ඒකකය මිලදී ගන්නේ, රුපියල් 28 ක් වැනි මුදලකට ය. මණ්ඩලය පාරිභෝගිකයාට විදුලිය ඒකකයක් අළෙවි කරන සාමාන්‍ය මිල රුපියල් 16 ක් පමණ වේ. මේ අනුව පාඩුව විදුලි බල මණ්ඩලයට දැරීමට සිදුවූවත් අවසානයේ එහි බර පැටවෙන්නේ ද රටේ ජනතාව මතයි. රටේ ජනතාව මත බර පැටවෙන අඩු වියදම් විදුලි ජනන ක්‍රම වෙනුවට අඩු වියදමකින් විදුලිය ඒකකයක් නිපදවිය හැකි අයුරින් සකස් කළ දිගුකාලීන ජනන සැලැස්ම අනුව 2014 වසරෙන් පසුව මෙරට කිසිදු බලාගාරයක් ඉදිකර නොමැත. ඒ වෙනුවට විදුලි බල මණ්ඩලය ඉහළ යමින් ඇති ඉල්ලුම සපුරාලීම සඳහා අනුගමනය කරන එකම ක්‍රියාමාර්ගය වන්නේ පෞද්ගලික අංශයෙන් ඉතා අධික මිලකට විදුලිය මිලදී ගැනීමයි. එය ද සිදු කරනේ රටේ අනුමත නීති රීති අමු අමුවේ උල්ලංඝණය කරමිනි. විදුලිබල පනතට අනුව විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් සඳහා ටෙන්ඩර් කැඳවිය යුතුය. ටෙන්ඩර් කැඳවීමකින් තොරව හදිසි මිලදී ගැනීමකට ගිවිසුම්ගත විය හැක්කේ ජාතික ව්‍යසනයකදී හෝ පවතින මහා පරිමාණ බලාගාරයක් දීර්ඝ කාලීනව ක්‍රියාවිරහිත වූ අවස්ථාවලදී පමණයි. ඒ සඳහා ද කැබිනට් අනුමැතියක් අවශ්‍ය වේ. එහෙත් ඇඹිලිපිටය පුද්ගලික බලාගාරයෙන් මේ වනවිට විදුලිය මිලදී ගන්නේ මේ නීති සියල්ල කඩ කරමිනි. මෙගාවොට් 100ක ධාරිතාවයක් යුතු මෙම බලාගාරයෙන් විදුලිය ලබාගැනීමට අත්සන් කර තිබූ දිගුකාලීන ගිවිසුම 2015දී අවසන් විය. බලාගාරයෙන් විදුලි ඒකකයක් මිලදී ගෙන තිබුනේ රුපියල් 28 ක් වැනි ඉහළ මිලකටය. ගිවිසුම් කාලය අවසන් වුවත් නැවතත් හදිසි අවශ්‍යතාවක් ලෙස පෙන්වමින් 2018 අප්‍රේල් 05 වන දා සිට තව ත් වසර 03 කාලයක් සඳහා එම බාලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමට තීරණය කර තිබේ. ව්‍යසනය තත්ත්වයක් හෝ මහා පරිමාණ බලාගාරයක් අක්‍රියවී නොපවතින අවස්ථාවක මේ පියවර ගෙන ඇත්තේ අමාත්‍ය මණ්ඩලයට විවිධ පත්‍රිකා ඉදිරිපත් කරමිනි. මෙම තීරණය ගනු ලබන්නේ එය විදුලිබල පනත උල්ලංඝණය කිරීමක් බව මහජන උපයෝගිතා කොමිෂන් අවධාරණය කළ පසුබිමක් තුළයි. මෙවැනි අක්‍රමිකතාවලට වැට බැදීමට මහජන උපයෝගිතා කොමිසම පියවර ගනිද්දී එහි නිලධාරීන් ඉවත් කරන්නැයි විදුලිය ඉංජිනේරු සංගමය බලපෑම් කරමින් සිටි. ඇඹිලිපිටිය බලාගාරය සමග ඇතිකරගත් ගිවිසුමේ සාක්ෂිකරුවෙකු ලෙස අත්සන් තබා ඇති සහකාර සාමාන්‍යාධිකාරී පී.එල්.ජී. කාරියවසම් මහතා ඉංජිනේරු සංගමයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකි. විදුලි ජනන බලපත්‍රයක් පවා නොමැති මෙම බලාගාරයට ඉදිරි අවුරුදු තුනේදී රුපියල් මිලියන 36,000 ක පමණ මුදලක් ගෙවීමට සිදුවන්නේ මේ අත්තනෝමතික තීරණ හේතුවෙන් ය. විදුලි බල මණ්ලය නියාමනය කරන මහජන උපයෝගිතා කොමිසමට සාමාජිකයින් පත්කරන්නේ ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිවයි. නිල කාලය අවසන්වීමට පෙර ඔවුන් ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තු යෝජනා සම්මතයකිනි. එවැනි නියාමන බලයක් ඇති ආයතනයක සාමාජිකයින් ඉවත් කිරීමට විදුලි ඉංජිනේරුවන් තර්ජනය කරන්නේ දූෂණ වංචාවලට වැට බඳින නිසා ද? අත්තනෝමතික යෝජනා ඇතුළත් කැබිනට් පත්‍රිකා ඇමති මණ්ඩලයට ඉදිපත් කිරීමට විෂයය භාර ඇමතිවරයාවන රංජිත් සියඹලාපිටිය මහතා මෙතරම් උනන්දු වන්නේ ඇයි? දෙපැත්තක පාද තබාගෙන පැස්බරා මෙන් හිස සගවාගෙන සිටිය ද මේ අයගේ කියුම් කෙරුම් රටේ ජනතාවට හොඳින් දකියි. බැඳුම්කර වංචාවට නොදෙවෙනි මෙවැනි වංචා නිසා අවසානයේ පීඩා විදින්නේ රටේ ජනතාවම නොවේ ද?
2018-06-27T09:32:13.000Z
පුලතිසි පොසොන් උදානය පොළොන්නරු ගල්විහාරයේදී ඇරඹෙයි
පුලතිසි පොසොන් උදානය ගල්විහාරයේදී ඇරඹෙයි
COLOMBO (News 1st) - පොසොන් පෙහොය වෙනුවෙන් මිහින්තලාව ඇතුලු අටමස්ථානයත්, සොලොස්මස්ථානයත් කේන්ද්‍රකර ගනිමින් දිවයින පුරා විවිධ පිංකම් පැවැත්වේ. මේ අතර පොළොන්නරුව ගල්විහාර පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන පුලතිසි පොසොන් උදානය අද රාත්‍රියේ විවෘත විය. ඒ, සඳහා බැතිබර මාධ්‍ය දායකත්වය ලබාදෙන්නේ නිව්ස්ෆස්ට් වේ. ගල්විහාර පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පුලතිසි පොසොන් උදානය 27, 28, 29 සහ 30 යන දිනයන්හි පැවැත්වෙනු ඇති.
2018-06-27T08:53:44.000Z
චීනයට අයිතිවීමෙන් ඉඩම් අක්කර 50ක ස්වෛරී බලය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙන බවට අනාවරණයක්
චීනයට අයිතිවන මෙරට ඉඩම් අක්කර 50ක් ගැන අනාවරණයක්..
COLOMBO (News 1st) - නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත චීනය ශ්‍රී ලංකාවට කරන මැදිහත්වීම පිළිබඳව සකස් කළ ගවේෂණාත්මක වාර්තාවක් පිළිබඳව අපි ඊයේ අනාවරණය කළෙමු. මේ ඒ පිළිබඳව තව ත් තොරතුරු... නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළ ලිපියේ සඳහන් වූයේ 2015 ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මහින්ද රාජපක්ෂ මහතාට අමෙරිකානු ඩොලර් මිලියන 7.6 ක මුදලක් හම්බන්තොය වරාය ඉදි කළ චයිනා හාබර් සමාගම ලබාදී ඇති බවයි. සමාගම හම්බන්තොට වරාය ව්‍යාපෘතියට අදාළව ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුමෙන් මෙම මුදල් ලබාදී තිබේ. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, නිලධාරීන්ට අල්ලස් ලබාදීම හා දූෂණ චෝදනා මත බංගල්දේශය හා පිලිපීනය දැනටමත් මෙම චීන සමාගම තහනම් කර ඇති බවයි. මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට වරාය ඉදිකිරීමට මුලින් ඉන්දියාවට ඇරයුම්කර තිබුනත් ඔවුන් එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඉහළ පොළියකට දැඩි කොන්දේසි මත චීනයෙන් ණය ලබාගැනීමට පියවර ගෙන තිබුණි. පළමුව ඩොලර් මිලියන 307 ක ණයක් ලෙස ලබාගෙන ඇති අතර ඒ සඳහා ගෙවිය යුතුව ඇති පොළී අනුපාතය 2 % කටත් අධිකය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙන්වා දුන්නේ එම ණය මුදල ජපානයෙන් ලබාගත්තේ නම් 0.5 % කටත් අඩු පොළියකටගත හැකිව තිබූ බවයි. චීනය වැඩි පොළියට ණය ලබාදීමට අමතරව ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චයිනා හාබර් සමාගමට ලබාදිය යුතු බවට ද කොන්දේසියක් පනවා ඇත. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, 2010 වසරේ යෙදී තිබූ 65 වන උපන්දිනය සැමරීමට අවශ්‍ය බැවින් එම දිනය වනවිට හම්බන්තොට වරාය උත්සවශ්‍රීයෙන් විවෘත කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍යව තිබූ නිසා චීන කම්කරුවන් ද යොදා කඩිනමින් ඉදිකිරීම් සිදු කළ බවයි. පළමු පියවර ඉදිකර විවෘත කිරීමෙන් පසුව වරායට පිවිසෙන මුහුදේ විශාල ගලක් ඇතැයි හඳුනාගෙන ඇති අතර එය ඉවත් කිරීමට ඩොලර් මිලියන 40 ක් අමතරව වියදම් කර තිබේ. හම්බන්තොට වරාය ව්‍යපෘතිය පුළුල් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ පාලනය 2012 දී චීනයෙන් යළි ත් ඩොලර් මිලියන 757 ක ණයක් ලබාගෙන තිබුනේ පළමු ණය මුදලේ පොළියට වඩා 6.3 % ක් වැඩි පොළියකටයි. මේ පොළිය ස්ථාවර අගයක් වියයුතු බවට පැන වූ කොන්දේසියට ද රාජපක්ෂ පාලනය එකඟවී ඇත. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, රාජපක්ෂ පාලනය අවසන්වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 44.8 ක ණය බරක් රටට ඉතිරි කළ බවයි. 2015 පමණක් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 4.68 ක් ණය වාරික ලෙස ගෙවිය යුතුව තිබුණි. මහ බැංකුවේ ඇස්තමේන්තු අනුව පසුගිය වසරේ ශ්‍රී ලංකාව චීනයට ඩොලර් බිලියන 3 ක් ගෙවිය යුතුව තිබූ නමුත් එම අගය ඩොලර් බිලියන 5 ක් විය හැකි බව ආර්ථික විශේෂඥයින් උපුටා දක්වමින් පුවත්පත වාර්තා කළේ ය. පසුගිය මැයි මාසය වනවිට ශ්‍රී ලංකාව චීන සංවර්ධන බැංකුවෙන් තව ත් ඩොලර් බිලියනයක ණයක් ලබාගෙන ඇත්තේ කළින් ලබාගත් ණය ආපසු ගෙවීම සඳහායි. මේ අයුරින් ණය උගුලක රට සිරවෙමින් සිටියදී හම්බන්තොට වරාය අවුරුදු 99 කට බදුදීමට ගිවිසුම් අත්සන් කෙරුණි. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, චීනය මේ අයුරින් පසුගිය වසර 10 ඇතුළත ලොව වටා වරායන් 35 කට මුදල් යොදවා ඇති බවයි. ඉන් දෙකක්ම ශ්‍රී ලංකාවට අයත් ය. හම්බන්තොට වරාය, කොළඹ වරායේ දකුණු පර්යන්තය හා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ලෙස නම් කළ මේ ව්‍යාපෘති සමග චීනයට ඉඩම් අක්කර 50 ක පමණ සම්පූර්ණ අයිතිය හිමිවන බව ද නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කළේ ය. එම භූමියේ කිසිදු ස්වෛරී අයිතියක් ශ්‍රී ලංකාවට නැතැයි නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවේ සඳහන් වේ. මේ අතර පුවත්පත පෙන්වා දෙන්නේ හම්බන්තොට වරාය චීනයට ලබාදීම හේතුවෙන් ඔවුන්ගේ හමුදා ක්‍රියාකාරකම්වලට ද ඉඩක් ලැබෙන බවයි. ගිවිසුම අනුව එවැනි ඉඩක් නැතැයි ශ්‍රී ලංකාවේ බලධාරීන් පැවසුවත් දකුණු චීන මුහුදේ දූපත්වල මෙවැනි කටයුතු අඛණ්ඩව සිදුවන බව උදාහරණ ලෙස දක්වමින් මේ පුවත්පත අනාවරණය කර ඇත.
2018-06-27T07:56:01.000Z
චීනයට සත්ත්ව ආහාර ආනයනයේදී පනවා තිබූ තීරුබදු සහනය ඉවතට
චීනය සත්ත්ව ආහාරවලට පැන වූ බද්ද ඉවතට
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන සත්ත්ව ආහාර සඳහා පැන වූ තීරු බදු ඉවත් කිරීමට චීනය පියවර ගෙන තිබේ. ඒ අනුව සෝයා බෝංචි, සෝයා ආහාර, මත්ස්‍යයන්ට දෙන ආහාර ආදිය චීනයට ආනයනය කිරීමේදී ක්‍රියාත්මක මෙම සහනය ජූලි මස 01වැනි දින සිට ක්‍රියාත්මක කෙරෙනු ඇති. මෙම බදු සහනය බංග්ලාදේශය, ඉන්දියාව, ලාඕසය සහ දකුණු කොරියාවට ද ආදළ බව චීනය ප්‍රකාශ කළේ ය.
2018-06-27T05:19:51.000Z
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට
පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා හෙට
COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැත්වීමට නියමිත වේ. ඒ, කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී දැනට පළාත් සභා සීමා නිර්ණය කමිටුව මගින් විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත භාරදී ඇති කමිටු වාර්තාව සම්බන්ධ ඉදිරි පියවර පිළිබඳව හා පාළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති. එම සාකච්ඡාවට පළාත් සභා සීමා නිර්ණ අනුකමිටු නියෝජිතයින්, මැතිවරණ කොමිසමේ නියෝජිතයින් හා දේශපාලන පක්ෂ නියෝජිතයින් සහභගීවීමට නියමිතයි.
2018-06-27T04:53:55.000Z
පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 2322 ක් අත්අඩංගුවට
පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 2322 ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - දිවයින පුරා ක්‍රියාත්මක කළ පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 2322 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රි 10.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා සහ අලුයම 3 සිට අලුයම 5 දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි. එහිදී අත්අඩංගුවට ගෙන ඇති වරෙන්තුකරුවන් සංඛ්‍යාව 423 කි. පුද්ගලයින් 5 දෙනෙකු ගිනි අවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර විවිධ අපරාධ සම්බන්ධයෙන් 635 දෙනෙකු අත්අඩංගුවට ගැනුණි. එහිදී අත්අඩංගුවට ගත් බීමත් රියැදුරන් සංඛ්‍යාව 650 කි. රථවාහන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 5254 දෙනෙනෙකුට එරෙහිව නඩු පවරා ඇත. හෙරොයින් ඇතුලු මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි සැකකරුවන් 531 දෙනෙකුද මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත. පුද්ගලයින් 58,042 ක් සහ වාහන 29090 ක් මෙහෙයුමේදී පරීක්ෂාවට ලක්වී තිබේ. මාර්ග බාධක 1796 ක් යොදා සිදුකළ මෙහෙයුමට දායක වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 14,070 කි.
2018-06-27T03:36:04.000Z
යාපනයේ දැරිය ඝාතනයට සම්බන්ධ සැකකරු රිමාන්ඩ් භාරයට
යාපනයේ දැරිය ඝාතනයට සම්බන්ධ සැකකරු රිමාන්ඩ් භාරයට
COLOMBO (News 1st) - යාපනය, සුළිපුරම් ප්‍රදේශයේදී 6 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, සැකකරු අද මල්ලාක්කම් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. එලෙස රක්ෂිත බන්ධනාගාරගත කළේ, 22 හැවිරිදි සුළිපුරම් කාට්ටුපුලම් ප්‍රදේශයේ ඝාතනයට ලක්වූ දැරියගේ ඥාති සොහොයුරෙකි. පෙරේදා පස්වරුවේ දැරියගේ සිරුර ළිඳක තිබී සොයා ගත්තේ, ඇය පාසල් ගොස් යළි නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමව්පියන් කළ සොයා බැලීමකදී ය. මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලේදී ඊයේ පස්වරුවේ පැවති අතර එහිදී හෙළි වුණේ ඇය ගෙල සිර කර ඝාතනය කර ඇති බව ය.
2018-06-27T02:36:47.000Z
තායිලන්තයේ ලෙනක් තුළ සිර වූ පාපන්දු ක්‍රීඩකයින් මුදා ගැනීමේ මෙහෙයුම්වලට අධික වර්ෂාවෙන් බාධා
තායිලන්තයේ පාපන්දු ක්‍රීඩකයින් මුදා ගැනීමේ මෙහෙයුම
(News 1st) -තායිලන්තයේ ලෙනක් තුළ සිර වූ පාපන්දු ක්‍රීඩකයින් මුදා ගැනීමේ මෙහෙයුම්වලට අධික වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, ගලවා ගැනීමේ සේවකයින් මුදා ගැනීමේ මෙහෙයුම්හි නිරත වුව ද ලෙන තුළ ජලය පිරීම හේතුවෙන් එම ප්‍රයත්නය අසාර්ථක වී ඇති බව ය. ඒ හේතුවෙන් ප්‍රධාන පිවිසුම හැර වෙනත් ස්ථානයකින් ලෙන තුළට ඇතුළු වීමට බලධාරීහු උත්සහ දරමින් සිටිති. 12 දෙනෙකුගෙන් සමන්විත පාපන්දු කණ්ඩායම සහ පුහුණුකරුගෙන් පසුගිය සෙනසුරාදා සිට කිසිදු තොරතුරක් නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.
2018-06-27T01:00:56.000Z
ප්‍රතිපාදන නොලැබීමෙන් වසර 4ක් තිස්සේ පමා වන ජොන් ද සිල්වා සමරු රඟහලේ ඉදිකිරීම්
ජෝන් ද සිල්වා රඟහලේ ඉදිකිරීම් ඇණහිටියි
COLOMBO (News 1st) - ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් ජෝන් ද සිල්වා සමරු රඟහලේ ඉදිකිරීම් ඇණහිටීම පිළිබඳව කලාකරුවෝ දැඩි විරෝධය පළ කරති. ඔවුන් සඳහන් කළේ, මේ හේතුවෙන් නාට්‍යකරුවන් රැසක් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බව ය. 2012 වසරේදී ජෝන් ද සිල්වා සමරු රඟහල නවීකරණය කිරීමට රජය තීරණය කළේ, අයවැය යෝජනාවකට අනුව ය. ඒ අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ 2014 වසරේ නොවැම්බර් මාසයේදී එහි අලුත්වැඩියා කටයුතු ආරම්භ විය. එහි පළමු අදියරේ ඉදිකිරීම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන 462කි. දෙවැනි අදියර සඳහා රුපියල් මිලියන 1275ක් වෙන් කිරීමට නියමිතව තිබුණ ද එය මෙතෙක් වෙන් කර නොමැත. මේ හේතුවෙන් ඉදිකිරීම් ආරම්භ කර වසර 4ක් ගතව ඇතත් ජෝන් ද සිල්වා සමරු රඟහල විවෘත කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් නාට්‍යකරුවන් පසුවන්නේ දැඩි කනස්සල්ලෙනි. 1974 වසරේදී ඉදිකෙරුණු මෙම රඟහල එවකට රජය විසින් ජෝන් ද සිල්වා සමරු රඟහල ලෙස නම් කළේ, ප්‍රවීණ නාට්‍යවේදී ජෝන් ද සිල්වා මහතාට කරනු ලබන ගෞරවයක් ලෙස යි. එතැන් පටන් මෙම රඟහල ආධුනිකයින් රැසකට වේදිකාවේ දොරටු විවර කළ රඟහලක් විය. නාට්‍යකරුවන්ට සිය නාට්‍ය රඟ දැක්වීම වෙනුවෙන් අඩු මුදලකට ලබාගත හැකි එකම රඟහල වූයේ ද ජෝන් ද සිල්වා සමරු රඟහල යි. එහි ඉදිකිරීම තවදුරටත් ප්‍රමාද වීම සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඇය සඳහන් කළේ, රඟහලේ දෙවැනි අදියරේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය මුදල් ඉල්ලා විෂය භාර අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් යොමු කර ඇති බව ය.
2018-06-26T21:08:28.000Z
යාපනයේ දැරිය ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
යාපනයේ දැරිය ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - යාපනය, වඩුක්කෝට්ටේ කාට්ටුපුලම් ප්‍රදේශයේදී 6 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 22 හැවිරිදි සුලිපුරම් කාට්ටුපුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද මල්ලාක්කම් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. දැරියගේ සිරුර පෙරේදා පස්වරුවේ ළිඳක තිබී සොයා ගත්තේ ය. ඒ, ඇය පාසල් ගොස් යළි නිවසට නොපැමිණීම හේතුවෙන් දෙමව්පියන් කළ සොයා බැලීමකදී ය. මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලේදී ඊයේ පස්වරුවේ පැවති අතර එහිදී හෙළි වුණේ ඇය ගෙල සිර කර ඝාතනය කර ඇති බව ය.
2018-06-26T20:29:54.000Z
අධිවේගයට වාහන ඇතුළු කිරීමට පෙර විශේෂ පරීක්ෂාවක්
අධිවේගයට වාහන ඇතුළු කිරීමට පෙර විශේෂ පරීක්ෂාවක්
COLOMBO (News 1st) - අධිවේගී මාර්ගවල වාහන ඇතුළු කිරීමට පෙර ඒවා දැඩි පරීක්ෂාවට ලක් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අධිවේගී මාර්ගයේ සිදුවන රිය අනතුරු හා වාහන කාර්මික දෝෂවලට ලක්වීම ඉහළ යාම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව ය. මේ සඳහා අධිවේගී මාර්ග පිවිසුම් දොරටු ආශ්‍රිතව අතිරේක පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බව රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ ය. වාහනවල තිරිංග සහ සුක්කානම හොඳින් ක්‍රියාත්මක ද යන්න පිළිබඳව මෙන් ම ආසන පටි, පැති කණ්ණාඩි හා වේග මීටර ක්‍රියාත්මක ද යන්න පරීක්ෂා කිරීම මේ යටතේ අනිවාර්ය කර ඇති බව ඔහු පැවසුවේ ය. වාහනවල ටයර් නිසි ප්‍රමිතියෙන් නොමැති වීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ අනතුරු බහුලව සිදු වන බව ද පොලිස් අධිකාරීවරයා පැවසුවේ ය. ඒ අනුව අධිවේගී මාර්ගවලට ඇතුළු කරන වාහනවල ටයර්වල තත්ත්වය සම්බන්ධයෙන් ද මූලික පරීක්ෂාවක් පිවිසුම් දොරටුවලදී සිදු කෙරෙනු ඇති. අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල දෝෂයක් ඇති වුවහොත් 1969 කෙටි දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ද පොලිස් අධිකාරීවරයා සඳහන් කළේ ය.
2018-06-26T20:10:17.000Z
වර්ජනයෙන් ගොඩ ගැසුණු ලිපි බෙදා හැරීම අද සිට
වර්ජනයෙන් ගොඩ ගැසුණු ලිපි බෙදා හැරීම අද සිට
COLOMBO (News 1st) - වැඩ වර්ජනය හේතුවෙන් ගොඩ ගැසුණු ලිපි බෙදා හැරීම අද සිට ආරම්භ කරන බව තැපැල් වෘත්තීය සමිති පවසයි. තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, දින 16ක් පුරා ක්‍රියාත්මක වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ හා තැපැල් කාර්යාලවල ලිපි ලක්ෂ 15ක් පමණ ගොඩ ගැසුණු බව ය. මීට අමතරව විදේශීය තැපෑල මගින් ලැබුණු තැපැල් මළු දහස් ගණනක් ද කටුනායක ගුවන්තොටුපොළේ ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. තැපැල් අමාත්‍යවරයා හා තැපැල් බලධාරීන් සමග ඊයේ පැවැති සාකච්ඡාවලින් පසුව ඇති කර ගත් එකඟතා මත ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය තාවකාලිකව අතහැර දැමීමට තැපැල් වෘත්තීය සමිති තීරණය කළේ ය. කෙසේ වෙතත් බඳවා ගැනීමේ පටිපාටියට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා ආරම්භ කර ඇති උපවාසය තවදුරටත් ක්‍රියාත්මක බව චින්තක බණ්ඩාර මහතා පැවසුවේ ය. වර්ජනයට තුඩු දුන් ගැටලු සඳහා ලබා දෙන විසඳුම් පිළිබඳව තැපැල් සේවා අමාත්‍යවරයා, අමාත්‍යංශ ලෙකම්වරයා හා තැපැල්පතිවරයා සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළ ද ඔවුහු දුරකතනවලට ප්‍රතිචාර නොදැක්වූහ.
2018-06-26T19:54:09.000Z
සම්බුදු දහමින් ලක්දිව ආලෝකමත් වූ පොසොන් පොහෝ දිනය අදයි
පොසොන් පොහෝ දිනය අදයි
COLOMBO (News 1st) - මෙරට සම්බුදු දහමින් ආලෝකමත් වූ උතුම් පොසොන් පුර පසළොස්වක පෙහොය අදයි. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ධර්මාශෝක අධිරාජ්‍යයාගේ දායාදයක් ලෙස මෙරටට බුදු දහම වැඩම කරවනු ලැබුවේ මිහිදු මහරහතන් වහන්සේ ප්‍රධාන ඉත්ථිය, උත්ථීය, සම්බල, බද්ධසාල යන මහරහතන් වහන්සේ සහ සුමණ සාමනේරයන්, භණ්ඩුක උපාසක ඇතුළු පිරිසක් විසිනි. එවක ලක්දිව රජකම් කළ දේවානම්පියතිස්ස රජු හට අනුරාධපුර මිහින්තලාවේදී මිහිදු හිමියන් සම්බුදු දහම දේශනා කළ අතර රජු බුදුන් සරණ යාමත් සමග රට වැසියන් ද බුදු දහම වැළඳ ගත්තේ ලක්දිව අනගි ජාතියක් බවට පත් වෙමිනි. බුදු දහමින් අක්ෂර කලාව ඇතුළු කලා ශිල්ප ආදී ක්ෂේත්‍ර ගණනාවක පරිවර්තනයක් සිදු වූ අතර මෙරට ජනතාව හික්මුණු දැහැමි ජාතියක් බවට පත්වීම බුදු දහමින් ලද විශිෂ්ටතම දායාදය යි.
2018-06-26T16:27:46.000Z
රෝහලෙන් යළි පිටියට පැමිණි කුසල් ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි
රෝහලෙන් යළි පිටියට පැමිණි කුසල් ලංකාවට ජය ගෙනෙයි
COLOMBO (News 1st) - පන්දු රකින අතරතුර සිදු වූ අනතුරෙන් පසු රෝහල්ගත වූ කුසල් ජනිත් පෙරේරා ඉක්මන් සුවය ලබා යළිත් පිටියට පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට අයුරින් ජයග්‍රහණයේ මාවත කරා රැගෙන ගියේය. ඒ, අනුව ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති 3වන සහ අවසන් ටෙස්ට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට සමත් විය. තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1ට 1ක් ලෙස අවසන් විය. බ්‍රිජ්ටවුන්හිදී දිවා/රාත්‍රී ලෙස පැවති තරගය අද පැවැත්වුණේ 4වන දිනටයි. ලකුණු 144ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය ආරම්භ කරන විට කඩුලු 5ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු ගණන 81කි. දිනයේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 25කට දැවී ගියේය. අනතුරුව පිටියට පිවිසි කුසල් ජනිත් දිල්රුවන් සමග එක්ව ශ්‍රී ලංකාව ජයග්‍රාහණය කරා රැගෙන ගියේය. ඔවුන් දෙදෙනා අතරේ 7වන කඩුල්ලේ සබඳතාවය ලකුණු 63කි. කුසල් ජනිත් නොදැවි ලකුණු 28ක් සහ දිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 23ක් ලබා ගත්තේය. වේග පන්දු යවන්නන්ට වඩාත් උචිතව පැවති මෙම තණතිල්ල තුළ සටන්කාමී පිතිහරඹ රටාවක ඔවුන් දෙදෙනා නිරත විය. කාසියේ වාසිය හිමි කරගත් කොදෙව්වන් තරගයේ පළමු ඉනිමට ලකුණු 204ක් ලබාගත් අතර ඊට පිළිතුරු ශ්‍රී ලංකාවට සිය පළමු ඉනිමට ලබාගත හැකි වූයේ ලකුණු 154ක් පමණි. යළිත් දෙවන ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 93ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 144ක ඉලක්කයක් හිමිවිය. ශ්‍රී ලංකාව වෙනුවෙන් සුරංග ලක්මාල්, ලහිරු කුමාර සහ කසුන් රාජිත පන්දුවෙන් විශිෂ්ට ලෙස දස්කම් දැක්වීමට මෙම තරගයේදී සමත්විය. දිනේෂ් චන්දිමාල්ට තරග තහනමක් පැනවීම හේතුවෙන් මෙම තරගය මෙහෙයවනු ලැබුවේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් විසිනි. තරගයේ වීරයා සම්මානය කොදෙව්හී ජේසන් හෝල්ඩර්ට හිමි වූ අතර තරගාවලියේ වීරයා සම්මානය කොදෙව්හී ශේන් ඩ්වරිච්ට හිමිවිය.
2018-06-26T11:35:49.000Z
නිසළ සිරුරවත් ඉතිරි නොකර ගං දිය රැගෙන ගිය චානකගේ කඳුළු කතාව
ගං දිය රැගෙන ගිය චානකගේ කඳුළු කතාව
COLOMBO (News 1st) - 2014 වසරේ අගෝස්තු මස 02 වනදා මහනුවර, පෝපිටිය ගම මැදින් ගලා යන ගෙදර ඔය රුදුරු වෙසින් ප්‍රචණ්ඩව ගලා යන්නට විය. මේ ගං දිය ඉල්ලන්නේ සිය දරුවාගේ ජීවිතය බව නොදත් විජයරත්න එක වසරේ ඉගෙනුම ලැබූ සිය සය හැවිරිදි දරුවා, චානක සදරුවන් රැගෙන පාසලේ සිට නිවස බලා එන අතර මඟදී අබලන්වූ පාලමට උඩින් වතුර ගලා යනු දුටුවද එය ගැන එතරම්ම නොසිතා එහා ඉවුරට යාමට සූදානම් විය. සිය පුතුව කරට ගත් විජයරත්න අඩි කිහිපයක් උසට ප්‍රචණ්ඩව ගලා යන දිය පහරට පිවිසියේ කෙසේ හෝ එහා ඉවුරට යා යුතු නිසාය. නමුත් එය එසේ නොවීය. එක්වරම දරුවා ද සමඟ රුඳුරු ගං දියට වැටුණු විජයරත්නට සිය පුතනුවන්ගේ කටහඩින් අවසානයට අසන්නට ලැබුණේ " අනේ තාත්තේ... මාව බේරගන්න..." කියා පමණි. ඉන් පසු කිසිදිනක නැවතත් සිය දරුවාගේ කටහඬ නොඇසූ විජයරත්නට පුතුගේ නිසල සිරුරවත් යලි දකින්නට ලැබුණේ නැත. ගං දිය එතරම්ම සැඩපරුෂව, සිත්පිත් රහිතව චානකගේ නිසල දේහය ගං දියේ සඟවා ගත්තේය. චානකගේ අතුරුදහන්වීම ඔහුගේ පවුලට රැගෙන ආවේ ඉතා අවාසනාවන්ත ප්‍රතිඵලයක් ය. සිය පුතුගේ අකල් වියෝවේ වගකීම තමන් සතු යැයි සිතූ විජයරත්න මානසික රෝගියෙකු වූ අතර දරු දෙදෙනාගේ මව විජයරත්නව සහ දියණියව අතහැර වෙනත් මඟක ගියාය. මින් වසර දෙකකට පමණ ඉහතදී විජයරත්නගේ දියණියට හදවත් රෝගයක් වැළදුනේ ඇය පසුගිය සමයේ මුහුණ දුන් ඒ කටුක ජීවන අත්දැකීම් වල ප්‍රතිඵලයක් වශයෙනි. ආදරණීය පවුලක් කඩා ඉහිරවා අබලන්ව ගිය සපත්තු පාලම පසුකර යන ගෙදරඔය, අදද විටෙක සංසුන්වද, විටෙක රුදුරුවද ගලා බසී. මෙලෙස අබලන්ව ඇති සපත්තු පාලම පිළිබඳව ප්‍රදේශවාසීන් එක්ව ගම්මැද්ද මහ ලේකම් කාර්යාලයට කළ ඉල්ලීමකට අනුව සපත්තු පාලම එම ස්ථානයෙන් ඉවත්කොට අඩි 60 කින් සමන්විත නව පාලමක් ඉදි කෙරිණි . මේ සදහා අනුග්‍රහය දැක්වූයේ MAS ඉන්ටිමේට්ස් පෞද්ගලික සමාගමයි. පවුල් 500ක දරුවන්ගේ ජීවත් වීමේ අයිතියත්, ගොවිතැනින් ජීවත් වන ඒ අසරණ මිනිසුන්ගේ පවුල් ජීවිතත් ආරක්ෂා කිරීමට ඒ හරහා ගම්මැද්දට අවස්ථාව හිමිවිය. මහාමාර්ග ඇමතිකමද මහනුවරම ඇමතිවරයෙකු දැරූ සමයකදීද ඉදිනොවුනු පාලම් "ගම්මැද්දෙන්" ඉදිවනවිට එම ගම්වාසීන්ට සිය ජන්දය ගැන පසුතැවිල්ලක් මෙන්ම ගම්මැද්දේ මනුස්සකම ගැන ආදරයක්ද, ගෞරවයක්ද ඇතිවීම සාධාරණය. ඒ දුප්පත් මිනිසුන් රටේ පාලකයින්ගෙන් අයදින්නේ සිය දරුවන්ගේ ජීවත්වීමේ අයිතියයි.... සපත්තු පාලම ජනසතු කිරීමේ උත්සවයට කැපිටල් මහරාජා ආයතනයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල්, නිව්ස්ෆස්ට් අධ්‍යක්ෂ සාමාන්‍ය අධිකාරී යසරත් කමල්සිරි, නිව්ස්ෆස්ට් පරිපාලන අධ්‍යක්ෂ කිත්සිරි දයානන්ද, ගම්මැද්ද මහලේකම් ප්‍රසන්න අතුකෝරාළ, කණ්ඩායම් කණ්ඩායම් නායක අමීන් අස්හර්, MAS ඉන්ටිමේට්ස් පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු, එම ආයතනයේ නිෂ්පාදන අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු සහ මානව සම්පත් අධ්‍යක්ෂ දිනාල් පීරිස් යන මහත්වරුන් එම අවස්ථාවට එක්ව සිටියහ.
2018-06-26T11:17:38.000Z
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් නොකළොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට විදුලි ඉංජිනේරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්
විදුලි ඉංජිනේරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එම තනතුරින් ඉවත් කර වෙනත් අයකු පත් කරන ලෙස ඉල්ලා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවීමට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගය තීරණය කර තිබේ. ඉංජිනේරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, මහජන උපයෝගිතා කොමිසමේ අධයක්ෂ ජෙනරාල්වරයාට තම සහාය හිමි නොවන බැවින් කොමිසම සඳහා නව සමාජිකයන් පත්කරන ලෙස ඉල්ලමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි. විදුලිබල ක්ෂෙත්‍රයේ නියාමන ආයාතනය වන මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ මුලික අරමුණ වන්නේ පරිභෝගිකායට සාධාරණ අකාරයට විදුලි බලය ගුණාත්මක අවම මිලකට සැපයීමේ නිර්නායක සකස් කිරීමයි. මෙම කොමිෂන් සභාවට සමාජිකයන් පවත්වන්නේ ව්‍යාවස්ථාදායක සභාවේ උපදේශන හා නිර්දේශ මතයි. පසුගිය කාලයපුරාම දැඩි කතාබහට ලක් වූ විදුලි බල මණ්ඩලය මගින් යෝජනා කළ වියදම් අධික පරිසරහිතකාමී නොවන, දිගුකාලීන පැවැත්ම සහතික කළ නොහැකි දිගු කාලීන විදුලි ජනන සැලසුම් වෙනුවට රටටත් ජනතාවටත් වාඩාත් හිතකර දිගුකාලීන ජනන සැලැස්මක් යෝජනා කර සිටියේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවයි. එබැවින් තමන් නියාමනය කරනු ලබන ආයතනයේ පරිපාලනය හෝ ව්‍යුහයේ වෙනසක් කිරීමට විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිතියක් උත්සාහා කරන්නේ නම් එය වලිගය විසින් බල්ලා නැටවීමට ගන්නා උත්සාහයක් නොවන්නේ ද? විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයට අපි අභියෝගයක් එල්ල කළෙමු. ඔබලාගේ සමාජිකයන් විදුලිබල මණ්ඩලය සමග සෘජු හෝ වක්‍රාකාරයේ කිසිදු මූල්‍යමය හා ව්‍යාපාරිකමය ගනුදෙනුවලට සම්බන්ධ නැති බවට ඔබට සහතිකයක් දිය හැකි ද? අවශ්‍ය නම් අපි එසේ යොමුවිය හැකි හැකි ක්ෂේත්‍ර කිහිපයක් ඔබලාට මතක්කර දෙන්නෙමු. 01. කුඩාපරිමාන ජල විදුලිබලාගාර 02. මණ්ඩලයට විදුලි මීටර් සැපයීමේ කොන්ත්‍රාත්තු 03. සියලුම වර්ගවල ට්‍රාන්ස්ෆොමර් සැපයීම. පසුගිය කාලය පුරාම මහත් ආන්දොලනයට ලක් වූ ගිවිසුම් හා ගනුදෙනු රැසක අතරමැදියන් වූයේ ලංකා ට්‍රාන්ස්ෆොමර්ස් සමාගමයි. ලංකා ට්‍රාන්ෆොමර්ස් හී අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන යු. ඩී.ජයවර්ධන, එම්.ජේ.එම්.එන්. මරිකාර් සහ රවින්ද්‍රකුමාර පිටිගලගේ යන තිදෙනා විදුලි බල මණ්ඩලය හා සෘජුවම සම්බන්ධව කටයුතු කරන පුද්ගලයින් ය. එබැවින් අප විදුලිබල මණ්ලයේ ඉංජිනේරු සංගමයට අභියෝග කරන්නේ ඔවුන්ට මණ්ඩලය සමගින් කිසිදු ව්‍යාපාරික ගනුදෙනුවක් නැති වග සනාතකරන ලෙසයි. ලංකා විදුලි බල මණ්ඩලය, වෘත්තිය සංගම් ඇතුළු විදුලි ක්ෂෙත්‍රයේ පවතින දුෂණ අක්‍රමිකතා පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී හෙළි කිරීමට අප සුදානම් ය.
2018-06-26T10:04:25.000Z
චීන සමාගමක් මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට ඩොලර් මිලියන 7කට අධික මුදලක් යොදවා ඇතැයි නිව්යෝර්ක් ටයිම්ස් හෙළි කරයි
මහින්ද රාජපක්ෂ ගැන නිව්යෝර්ක් ටයිම්ස් හෙළි දරව්වක්
COLOMBO (News 1st) - හම්බන්තොට වරාය ව්‍යාපෘතිය වෙනුවෙන් ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 976 ක් වූ සම්පුර්ණ මුදලෙන් අවසන් වාරිකය චීන සමාගම විසින් පසුගියදා ලබාදුන්න ද ශ්‍රී ලංකාවේ සම්පත් චීන උගුලකට අසුවීම පිළිබඳව තවමත් දැඩි අවදානමක් වී ඇත. ශ්‍රී ලංකාවේ පමණක් නොව මාලදිවයින වැනි විවිධ රටවල්වල ද ණය උගුල් භාවිත කරමින් චීනය ක්‍රමෝපායිකව ස්ථානගතවන බව විවිධ පාර්ශව චෝදනා එල්ල කරති. අමෙරිකාවේ නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතේ සඳහන් කළේ, අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේ ඉඳි වූ හම්බන්තොට වරාය 99 වර්ෂයක බද්දකට ලබා ගැනීම ණය උගුලු භාවිත කරමින් ලොවපුරා තමන්ගේ බලය තහවුරු කිරීමේ වෑයම කදිම නිදසුනක් බවයි. ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ, චීනයේ හා බටහිර නිලධාරීන් සමග මාස ගණනාවක් පුරා පැවති සම්මුඛ සාකච්ඡා තුළින් හා වරාය ව්‍යාපෘතියට අදාළ ගිවිසුම් හා ලිපි ලේඛන අධ්‍යනය කිරීමෙන් පසුව සම්පාදනය කළ මෙම ගවේෂණාත්මක පුවත්පත් වාර්තාව සකස් කර තිබේ. කුඩා රටවල්වල චීනය හා චීන රජයේ සමාගම් තමන්ගේ බලය තහවුරු කළ ආකාරය මේ ගවේෂණය තුළින් හෙළි වූ බව නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ය. එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, ණය සහනාධාර ලබාදී හම්බන්තොට වරාය වැනි සම්පත් හමුදාමය කටයුතු සඳහා භාවිතා විය හැකි බවට ඉන්දීය නිලධාරීන් සැක පළ කර ඇති බවයි. මෙම ව්‍යාපෘතිය සඳහා පළමු ණය කොටස වූ ඩොලර් මිලියන 307 ක ණය මුදලක් ලබාගෙන ඇත්තේ චීන රජයේ එක්සිම් බැංකුව මගිනි. නමුත් එම ණය ලබාගැනීම සඳහා චීන රජයෙන් යෝජනා වූ චයිනා හාබර් සමාගමට වරාය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව භාරදිය යුතු බවට චීන රජයෙන් කොන්දේසියක් පනවා ඇති බව ද එම වාර්තාවේ දැක්වේ. ලොවපුරා චීන ණය ආධාර තුළින් ක්‍රියාත්මකවන ව්‍යාපෘති සඳහා මෙවැනි කොන්දේසි පැනවීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වී ඇති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය. නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, චීනය හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර සමීප සම්බන්ධතාවක් පැවති අතර 2015 ජනාධිපතිවරණය ළංවීමත් සමගම හිටපු ජනාධිපතිගේ සමීපතම හිතවතුන් වෙත විශාල මුදල් ප්‍රමාණ ලැබී ඇති බවයි. ස්ටැන්ඩඩ් චාටඩ් බැංකුව සමග චයිනා හාබර් සමාගම පවත්වාගෙන ගිය ගිණුම තුළින් ඩොලර් මිලියන 7.6 ක මුදලක් හිටපු ජනාධිපති රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා වියදම් කිරීමට ඔහුගේ හිතවතුන්ට ගෙවා ඇත. මැතිවරණ දිනයට දින 10 කට පෙර චෙක්පත් තුළින් ඩොලර් මිලියන 3. 7 ක මුදලක් ගෙවා ඇති අතර ඉන් ප්‍රචාරක තොරතුරු ඇතුළත් බැනියම් මිලදී ගැනීම සඳහා ඩොලර් හයලක්ෂ හැත්තෑ අටදහසක්ද සාරි සහ වෙනත් ත්‍යාග සඳහා තව ත් ඩොලර් දෙලක්ෂ අනුහත්දහසක් ද ගෙවා තිබේ. එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දැක් වූ ප්‍රසිද්ධ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට තව ත් ඩොලර් 38000 ක ගෙවීමක් කර ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම ඩොලර් මිලියන 1. 7 ක් වටිනා චෙක්පත් දෙකක් අරලියගහ මන්දිරයට යවා ඇති බව ද එම වාර්තාවේ දැක්වෙනු ඇත. මෙම ගෙවීම්වලින් වැඩි ප්‍රමාණයක් සිදුකර ඇත්තේ චනියා හාබර් සමාගමට අයත් උපගිණුමක් වන එච්.පී.ඩී.පී ෆේස් ටු යන කෙටි නමින් හැඳින් වූ හම්බන්තොට වරාය ව්‍යෘපෘතිය අයත් ගිණුමකිනි.
2018-06-26T09:19:39.000Z
මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳට මිලියන 3.5ක් පිරිනමයි: පොලීසියට සහය දුන් සිවිල් පුරවැසියන්ට මුදල් ත්‍යාග
මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳට මූල්‍යමය උපකාරයක්
COLOMBO (News 1st) - මාතර නගරයේදී කොල්ලකරුවන් පිරිසක් සහ පොලීසිය අතර සිදු වූ වෙඩි හුවමාරුවේදී මිය ගිය පොලිස් නිලධාරියාගේ නිවසට ගිය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද පස්වරුවේ ඔහුගේ ඥාතීන් හමු විය. එහිදී පොලිස්පති අරමුදල, පොලීසිය හා සේවා වනිතා ඒකකවලින් රුපියල් තිස්පන් ලක්ෂ හැටදහසක මුදලක්, මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳට ලබා දුන් අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහන සැලසීමට ද පොලිස්පතිවරයා පොරොන්දු වුණි. තවද මාතර වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා කටයුතු කළ පුද්ගලයින් ඇගයීමේ උත්සවයක් ද අද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් මාතරදී පැවැත් විය.
2018-06-26T08:46:39.000Z
පාසැල් දරුවන්ට ටැබ් ලබාදීමේ යෝජනාව යළි ත් කැබිනට් මණ්ඩලයට
පාසැල් දරුවන්ට ටැබ් ලබාදීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට
COLOMBO (News 1st) - ස්මාට් ටැබ් පරිගණක පාසල් ළමුන් සඳහා ලබාදීමට අදාළ කැබිනට් යෝජනාව අද යළි ත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය අද රැස් වූ අතර එහිදී ගත් තීරණ පිළිබඳව රැස්වීම අවසානයේ මාධ්‍යවේදීන් අමාත්‍යවරුන්ගෙන් විමසූහ. වනජීවි හා ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ළමයි මේවා පරිහරණයේදී අධ්‍යාපනයට අවැඩදායක වැඩවලටත් යොදා ගන්නවා කියලා ප්‍රශ්නය මතුවුණා ඒක නිසා ඇමතිවරුන්ගෙන් යුත් කමිටුවක් පත් කළා 5 දෙනෙක්ගෙන් යුත්. අධ්‍යාපන ඇමතිතුමා හිටියා සරත් ෆොන්සේකා ඇමතිතුමා හිටියා චම්පික රණවක සහ තව දෙන්නෙක් හිටියා මං හිතන්නේ මාධවේදී ප්‍රශ්නය, ඇයි ඇමතිතුමා මේ ප්‍රතික්ෂේප වෙන ඒවා එපා කියන ඒවා ආයේ කැබිනට් එක ගේන්නේ ඇමතිතුමා. කොහොමහරි සම්මත කරගන්නේ ඇයි ඒ ? සරත් ෆොන්සේකා, අවශ්‍යයි කියන කට්ටියකුත් ඉන්නවා. එපැයි කියන කට්ටියකුත් ඉන්නවා. ලෝකයේ සමහර රටවල්වල ඒක සිද්ධ වෙනවා . සමහර රටවල සිද්ධ වෙන්නේ නැහැ. මාධවේදී ප්‍රශ්නය, ඊයේ ගෝඨාභය රාජපක්ෂ මහතා FCID යට කැඳෙව්වා එතුමා ජනාධිපති අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වන බයටද ඔබතුමාලා මේ එක එක ක්‍රියාමාර්ග ගන්නේ ? සරත් ෆොන්සේකා, මං කලිනුත් කිව්වනේ එයා ඉදිරිපත් වනවා නම් මගේ ගානේ ඇප මුදල ගෙවනවා කියලා. මාධවේදී ප්‍රශ්නය, අමාත්‍යධූරය ලැබුණ ගමන් පාතාලය හරියට හිස ඔසවලා තියෙනවා. මොක්කද ගන්න ක්‍රියාමාර්ග මේවට? රාජ්‍ය පරිපාලන හා නීතිය සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර, පාතාලය හිස ඔසවලා නෙවෙයි. පාතාලය මර්දනය වේගෙන යනවා. මං හිතන්නේ අපිට මේක මර්දනය කරන්න පුළුවන් වෙයි. ඉතාම කේට් කාලයක් ඇතුළත. මාධවේදී ප්‍රශ්නය, ඒ කියන්නේ මාංචුදාලා ගෙනියන කෙනෙකුට පුළුවන් අත්බෝමිබයක් ගහන්න පොලීසියට ඇමතිතුමා. අමාත්‍ය නලින් බණ්ඩාර, ඒ සිද්ධිය වෙන අවස්ථාවේ මාංචු දාලද තිබුනේ කියලා මම දන්නේ නැහැ. මම හොයලා බලන්න ඕනි. කොහොම උනත් මාංචු දාලත් බෝම්බ ගහන්න පුළුවන්.
2018-06-26T10:16:53.000Z
පුලතිසි පොසොන් උදානයට වැඩම කරවන ධාතූන් වහන්සේලා රැගත් රිය පෙරහැර දඹුල්ල අතුරුපාරයාය විහාරස්ථානයට ළඟා වෙයි
පුලතිසි පොසොන් උදානයට සියල්ල සූදානම්
COLOMBO (News 1st) - නිව්ස්ෆස්ට් බැතිබර මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන පුලතිසි පොසොන් උදානය මෙවරත් පොළොන්නරුව ගල්විහාර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත වේ. මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රමුඛ මහරහත් ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහැර අද පෙරවරුවේ ආරම්භ කෙරුණි. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ශ්‍රී ශාක්‍යසිංහ සුගන්ද කුටියේ තැන්පත් කර ඇති සර්වඥ කේශ ධාතූන් වහන්සේ සර්වඥ අස්ථි ධාතුන් වහන්සේ සහ මහරහත් ධාතුන් වහන්සේ වැඩම කරවීම එම මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ ආශිර්වාදයෙන් සිදු කෙරිණ. පොළොන්නරුව ගල්විහාර පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පුලතිසි පොසොන් උදානය 27, 28, 29 සහ 30 යන දිනයන්හි පැවැත්වෙනු ඇති.
2018-06-26T07:44:07.000Z
BREAKING : තැපැල් වර්ජනය මධ්‍යම රාත්‍රියෙන් අවසන්
BREAKING : තැපැල් වර්ජනය මධ්‍යම රාත්‍රියෙන් අවසන්
COLOMBO (News 1st) - තැපැල් සේවක වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කරන බව තැපැල් වෘත්තීය සමිති කියයි.
2018-06-26T06:32:30.000Z
කීත් නොයාර් පැහැර ගැනීම: අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්
මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) - මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික මේජර් ජෙනරාල්, යුද හමුදා හිටපු මාණ්ඩලික ප්‍රධානී අමල් කරුණාසේකර මහතා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේදී සිද්ධියට අදාළ 8 වැනි සැකකරු වන අමල් කරුණාසේකර මහතා බන්ධනාගාරය මගින් අද අධිකරණයට ඉදිරිපත් කර නොමැත. බන්ධනාගාරය සැකකරු වෙනුවෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය පැමිණිල්ල මෙහෙයවමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරුට ඇප ලබා නොදෙන ලෙසයි. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශෙහාන් සිල්වා මහතා තම සේවාදායකයා මාස 3 ට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන බැවින් ඔහු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේ ය. දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය සැකකරු ලබන මස 10 වැනි දින තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් දොම්පේ බදුවත්තේ ආරක්ෂිත නිවසක රඳවාගෙන පහරදීම සම්බන්ධයෙන් රහස් පොලීසිය කළ විමර්ශනවලදී හෙළි නොවූ කරුණු කිහිපයක් පිළිබඳ පැහැදිලි කර ගැනීමට හමුදා බුද්ධි අංශයෙන් කරුණු කිහිපයක් ගැන විමසා තිබූ නමුත් ජාතික ආරක්ෂක හේතු මත එම කරුණු හෙළි කිරීමට නොහැකි බව හමුදා බුද්ධි අංශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇත. අද දින පැමිණිල්ල විභාගයට පෙර අධිකරණයේ නියෝගය පරිදි හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා, අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥවරිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් නිල මැදිරියේ රහස් සාකච්ඡාවක් පවත්වනු ලැබිණි. අප වාර්තාකරු සඳහන් කළේ, පැය එකහමාරකට අධික කාලයක් එම සාකච්ඡාව පැවති බවයි.
2018-06-26T06:00:31.000Z
අනතුරට පත් වෙළෙඳ නෞකාවේ සිටි නාවිකයින් බේරා ගැනේ
අනතුරට පත් වෙළෙඳ නෞකාවේ සිටි නාවිකයින් බේරා ගැනේ
COLOMBO (News 1st) - කොළඹ වරායට නාවික සැතපුම් 11.6 ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත් 'මුතා පයනියර්' නම් වෙළෙඳ නෞකාවේ සිටි කපිතාන් ඇතුලු ‍නාවිකයින් 11 දෙනෙකු නාවික හමුදාව විසින් අද අලුයම නිරුපද්‍රිතව බේරා ගෙන තිබේ. ඒ, නාවික හමුදාවේ බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා මගිනි. ඩොමිනිකා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ මෙම වෙළෙඳ නෞකාව කපිතාන්වරයා හට පාලනය කරගත නොහැකිව වම් පසට ඇලවී ඇති බව නාවික හමුදාවට දැනුම් දී ඇතැයි නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කළේ ය. ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම නෞකාව වෙත වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් පිටත් කර යවා තිබේ. අනතුරුව නාවික යාත්‍රා මගින් නෞකාව තුළ සිටි නාවිකයින් ආරක්ෂාකාරී ලෙස මුදවා ගැනීමෙන් පසු කොළඹ වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. නිරුපද්‍රිතව බේරා ගනු ලැබූ නාවිකයින් පිරිස අතරට ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු සහ ඉන්දුනීසියා ජාතිකයෙකු අයත් ය. නෞකාවේ කපිතාන් ශ්‍රී ලාංකිකයෙකි. නෞකාවේ හිමිකරු ඉන්දීය ජාතිකයෙකු වන අතර නාවිකයින් පිරිස කොළඹ වරාය පොලීසිය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ. නෞකාව අනතුරට ලක් ව ඇත්තේ, කොළඹ වරායේ සිට මාලදිවයින බලා යාත්‍රා කරමින් තිබියදීයි. නෞකාව තාර ප්‍රවාහනය කරමින් තිබූ එකක් බව ද නාවික හමුදාව සඳහන් කළේ ය. ඡායාරූප - ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ඒකකය.
2018-06-26T05:15:58.000Z
මැදපෙරදිග රැකියා පෙන්නා මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට
හොර ඒජන්සිකරුවෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - වලංගු බලපත්‍රයක් නොමැතිව මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එක් රැස් කළ පුද්ගලයෙකු විදෙස් ගමන් බලපත්‍ර 49 ක් සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු මැදපෙරදිග රටවල රැකියා ලබාදෙන බව පවසමින් තමන්ගේ නිවසේ විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගොස් ඇත. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, එම ඒජන්සිය ලියාපදිංචියක් නොමැතිව පවත්වා ගෙන ගොස් ඇති බවයි.
2018-06-26T02:01:28.000Z
කඹුරුපිටිය විල්පිට රක්ෂිතයේ STF මෙහෙයුමක්
කඹුරුපිටිය විල්පිට රක්ෂිතයේ STF මෙහෙයුමක්
COLOMBO (News 1st) : කඹුරුපිටියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවෙන් පසු පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු සොයා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය එක්ව කඹුරුපිටිය විල්පිට රක්ෂිතයේ එම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක බවයි. මාතර කඹුරුපිටිය අකුරැස්ස මාර්ගයේ විල්පිට ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි 7 .45 ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී දකුණේ පාතාල කල්ලි සමාජිකයෙකු මිය ගියේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අවි ගත් සන්නද්ධ පිරිසක් කඹුරුපිටිය ප්‍රදේශයේ සැරිසරන බවට පොලිස් විශේෂකාර්ය බලකායට තොරතුරුක් ලැබුණු බවයි. එම තොරතුර අනුව පොලිස් විශේෂකාර්ය බලකාය මාර්ග බාධක යොදා ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමට උත්සාහ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අණ නොතකා ත්‍රිරෝද රථය එම අවස්ථාවේදී පලාගොස් ඇති අතර එහිදි ත්‍රිරෝද රථය පිටුපස පොලිස් විශේෂකාර්ය බලකා ජිප් රථයක් හඹා ගිය බවයි. එම ත්‍රිරෝද රථය විල්පිට කෑලෑවට හරවා එහි සිටි පුද්ගලයින් පොලිස් විශේෂකාර්ය බලකා සෙබළුන්ට වෙඩි තබා තිබේ. විශේෂ කාර්ය බලකා සෙබළුන් එල්ල කළ ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු තුවාල ලබා වැටි සිටියදි සොයාගත් අතර පොලිසිය පැවසුවේ, ඔහු ළඟ තිබි ටි 56 ගිනි අවියක් ද සොයා ගත් බවයි. ඔහු කඹුරුපිටිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් සිට තිබේ. පොලීසිය සඳහන් කළේ, විශේෂ කාර්ය බලකාය එම අවස්ථාවේදී කළ වෙඩි තැබිමෙන් මාකදුරේ මදුෂ් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ දකුණු පළාතේ සිටින ප්‍රධානමත ගෝලයෙකු වන හේවා සුදු අකුරුගේ මානෙල් රෝහණ හෙවත් තිලක් නමැත්තා මියගිය බවයි.
2018-06-26T00:32:53.000Z
අල්ලස් ගත් ජනපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ ඇප අයැදුම ඉවතට
ජනපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියා ඇප ඉල්ලයි
රුපියල් කෝටි 2ක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු ප්‍රධානී පියසේන දිසානායක යන සැකකරුවන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය. ඒ අනුව ලබන මස 10 වන දා දක්වා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර සිටියේ ය. සැකකරුවන් ලබා ගෙන ඇති අල්ලස් මුදලේ විශාලත්වය හේතුවෙන් නඩුව විභාග කර අවසන් වෙනතුරු ඔවුන් රක්ෂිත බන්ධාගාරයේ තැබීමට තම අධිකරණය තීරණය කර ඇති බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ ය. සැකකරුවන් දෙදෙනාගේ කට හඬ සාම්පල ලබා ගැනීම සඳහා ඔවුන් දෙදෙනා ලබන 29 වන දා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙස ද අධිකරණය අද බන්ධනාගාර අධිකරීවරයාට නියෝග කරනු ලැබී ය.
2018-06-26T00:09:40.000Z
සුපිරි තරුව 26 පසු කරයි
සුපිරි තරුව 26 පසු කරයි
COLOMBO (News 1st) : බොලිඩුව් සුපිරි නළු ශාරුක් ඛාන් සිය සිනමා දිවියේ 26 වන වසර සම්පූර්ණ කර තිබේ. 1992 වසරේ ජුනි 25 වන දා තිරගත වූ Deewana චිත්‍රපටය ශාරුක් ඛාන් රංගනයෙන් දායක වූ පළමු චිත්‍රපටයයි. ගෙවුණු 26 වසර පුරාවට තමා සිනමා රසික හදවත්වල කුඩා ස්ථානයක් හෝ ස්පර්ශ කර ඇති බව ත් ජීවිතයේ ඉතිරි කාලය තුළ එය කළ හැකි බවට තමා විශ්වාස කරන බව ත් ශාරුක් ඛාන් පවසා ඇත. ලබන දෙසැම්බර් 21 වන දා තිරගත වීමට නියමිත Zero ශාරුක් ඛාන් රංගනයෙන් දායක වූ නවතම චිත්‍රපටයයි. කට්‍රිනා කායිෆ් මෙන්ම අනුෂ්කා ෂර්මා මෙම චිත්‍රපටයේ සුපිරි නළු ශාරුක් ඛාන් සමග රංගනයෙන් දායක වෙති. ශාරුක් ඛාන් මේ වනවිට බොලිවුඩ් චිත්‍රපට 80ක පමණ රංගනයෙන් දායක වි ඇති අතර ෆිල්ම් ෆෙයාර් සම්මාන 14කින් පිදුම් ලැබී ය. 1965 වසරේ නොවැම්බර් 2 උපත ලද ශාරුක් ඛාන් සැලකෙන්නේ, බොලිවුඩයේ රජු ලෙසයි.
2018-06-25T22:29:55.000Z
යළ කන්නයේ වී මෙ.ටො. 20,000ක් මිල දී ගැනීමට පියවර
යළ කන්නයේ වී මෙ.ටො. 20,000ක් මිල දී ගැනීමට පියවර
යළ කන්නයේ වී මිල දී ගැනීම සඳහා මධ්‍යස්ථාන 225ක් පිහිටුවීමට පියවර ගෙන ඇතැයි, වී අලෙවි මණ්ඩලය පවසයි. එහි සභාපති නීතීඥ උපාලි මොහොට්ටි මහතා උපුටා දක්වමින් රජයේ නිල පුවත් සේවය වාර්තා කරන්නේ, වී මෙට්‍රික් ටොන් 20,000ක් මිල දී ගැනීමට පියවර ගෙන ඇති බවයි. උපාලි මොහොට්ටි මහතා මේ බව සඳහන් කර ඇත්තේ, පසුගිය දා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වී අලෙවි මණ්ඩලයේ ඉදිරි කටයුතු පිළිබඳව ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී ය. වී අලෙවි මණ්ඩලය රජයේ ආයතනයක් වශයෙන් පසුගිය කාලය පුරා පාඩු පිට පවත්වාගෙන ගිය ආයතනයක් බව එහිදී අවධාරණය වී ඇත. මේ අතර වී අලෙවි මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා මේ වන විට වැඩපිළිවෙළ රැසක් ආරම්භ කර ඇති බව ද සභාපතිවරයා එහිදී සඳහන් කර තිබේ.
2018-06-25T21:52:51.000Z
අනවසර සංක්‍රමණිකයින්ට නඩු පැවරීම අත්හිටුවේ
අනවසර සංක්‍රමණිකයින්ට නඩු පැවරීම අත්හිටුවේ
අමෙරිකාව අනවසර සංක්‍රමණිකයින්ට එරෙහිව සාපරාදී නඩු පැවරීම නතර කිරීමට පියවර ගෙන තිබේ. එරට දේශ සීමා ආරක්ෂක ප්‍රධානියෙකු කියා සිටියේ, ළමුන් සමග අමෙරිකාවට නීති විරෝධීව ඇතුළු වූ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීම තාවකාලිකව නතර කළ බවයි. පසුගිය සතියේ සිට නඩු පැවරීම් අවලංගු කළ බව අමෙරිකානු රේගු සහ දේශ සීමා ආරක්ෂක කොමසාරිස් කෙවින් මැක්ලීනන් ටෙක්සාස්හිදී වාර්තාකරුවන් සමගින් කියා සිටියේ ය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, සංක්‍රමණික පවුල් වෙන් කිරීම අවසන් කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පසුගිය සතියේ අත්සන් තැබූ විධායක නියෝගයකට අනුව එම පියවර ගත් බවයි. එහෙත් අනවසර සංක්‍රමණිකයින් තවදුරටත් රඳවා තබන ලෙස ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර ඇතැයි ද විදෙස් වාර්තා සඳහන් කළේ ය.
2018-06-25T20:04:23.000Z
JUST IN : කුසල් ජනිත් ක්‍රිකට් පිටියේදී අනතුරක...
කුසල් ජනිත් ක්‍රිකට් පිටියේදී අනතුරකට ලක්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී අනතුරකට ලක් විය. ඒ, අද තරගයේ පන්දු රකිමින් සිටියදීයි. ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් තුන්වන ටෙස්ට් ක්‍රිකට් මේ වන විට බාර්බඩෝස්හි කෙන්සිනටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහි රාත්‍රී භෝජනයට පෙර දිල්රුවන් පෙරේරා යැවූ 28 වන පන්දුවාරයේ 5 වන පන්දුවේදී පන්දුවට පහර දෙමින් සිටි ශෙනෝන් ග්‍රේබ්රියල් එල්ල කළ හයේ පහර රැක ගැනීමට යාමේදී කුසල් ජනිත් පෙරේරා මෙලෙස අනතුරට ලක්විය. ක්‍රීඩා පිටියේ හතරේ සීමාව ආසන්නේ තිබූ දැන්වීම් පුවරුවක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවිය. අනතුරෙන් පසුව ගිලන් රථයක් පැමිණ කුසල් ජනිත් ප්‍රතිකාර සඳහා රැගෙන ගියේ ය.
2018-06-25T19:54:14.000Z
පොසොන් උත්සවයේ ආරක්ෂාවට පොලීසියේ 2800ක්
පොසොන් උත්සවයේ ආරක්ෂාවට පොලීසියේ 2800ක්
පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 2800 දෙනෙකු යොදවා තිබේ. පොලීසිය සඳහන් කළේ, ජීවිතාරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 169 දෙනෙකු යොදවා ඇති බවයි. ඔවුන් අනුරාධපුර තිසා වැව,නුවර වැව,කලා වැව ඇතුළු අනුරාධපුර දිස්තික්කයේ අනෙක් වැව් සඳහා යොදවා තිබේ. වන්දනාමාන කිරීම සඳහා අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගෙන් පොලීසිය ඉල්ලා සිටින්නේ වැව්වල දිය නෑමේදී ඉතා ප්‍රවේසම් විය යුතු බවයි. එම පොලිස් නිලධාරීන් අද උදෑසන සිට විශේෂ රාජකාරි සඳහා යොදවනු ලබයි.
2018-06-25T19:46:16.000Z
කඹුරුපිටියේදී පැන ගිය පාතාල කල්ලි සාමාජිකයින් සොයා STF මෙහෙයුමක්
කඹුරුපිටියේදී පැන ගිය සැකකරුවන් සොයා STF මෙහෙයුමක්
COLOMBO (News 1st) මාතර කඹුරුපිටියේදී පොලිස් විශේෂකාර්ය බලකාය සමග ඊයේ රාත්‍රි ඇති වූ වෙඩි හුවමාරුවේදී පලා ගිය සැකකරුවන් සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, පොලිස් විශේෂ කාර්ය බලකාය හා පතාල කල්ලි සමාජිකයින් අතර වෙඩි හුවමාරුව සිදු වන අවස්ථාවේදී සැකකරුවන් කිහිප දෙනෙකු පලා ගොස් ඇති බවයි. ඊයේ රාත්‍රී ඔවුන් සොයා පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලීසිය සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළේ ය. මාතර කඹුරුපිටිය අකුරැස්ස මාර්ගයේ විල්පිට ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි 7 .45 ට පමණ පොලිස් විශේෂකාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවේදී දකුණේ පාතාල කල්ලි සමාජිකයෙක් ජීවිතක්ෂයට පත් විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අවි ගත් සන්නද්ධ පිරිසක් කඹුරුපිටිය ප්‍රදේශයේ සැරිසරන බවට පොලිස් විශේෂකාර්ය බලකායට තොරතුරුක් ලැබුණු බවයි. එම තොරතුර අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය මාර්ග බාධක යොදා ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමට උත්සාහ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. අණ නොතකා ත්‍රිරෝද රථය එම අවස්ථාවේදී පලාගොස් ඇති අතර එහිදි ත්‍රිරෝධ රථය පිටුපස පොලිස් විශේෂකාර්ය බලකා ජීප් රථයක් හඹා ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. එම ත්‍රිරෝද රථය විල්පිට කෑළෑවට හරවා එහි සිටි පුද්ගලයින් පොලිස් විශේෂකාර්ය බලකා සෙබළුන්ට වෙඩි තබා තිබේ. විශේෂකාර්ය බලකා සෙබළුන් එල්ල කළ ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු තුවාල ලබා වැටි සිටියදී සොයාගත් අතර ඔහු ලග තිබි ටී 56 ගිනි අවියක් ද සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඔහු කඹුරුපිටිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකාය එම අවස්ථාවේදී කළ වෙඩි තැබිමෙන් මාකඳුරේ මදුෂ් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ දකුණු පළාතේ සිටින ප්‍රධානතම ගෝලයෙකු වන හේවා සුදු අකුරුගේ මානෙල් රෝහණ හෙවත් තිලක් නමැත්තා මිය ගිය බවයි.
2018-06-25T11:24:01.000Z
ශ්‍රීලංකන් ගුවන් සමාගම තීරු බදු රහිතව සේවා සැපයීමේ අයිතිය අවිධිමත්ව ලබා දී ඇතැයි හෙළිවෙයි
ශ්‍රීලංකන් ගුවන් සමාගම ගැන තවත් හෙළිදරව්වක්...
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවන් යානා තුළ තීරු බදු රහිත සේවා සැපයීමේ අයිතිය ෆිනික්ස් සමාගමට විධිමත් ටෙන්ඩර් ක්‍රියාවලියකින් තොරව ලබාදී ඇති බව අද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේදී අනාවරණය විය. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අභ්‍යන්තර ගුවන් සේවා කළමනාකරු රෂ්මෝර් ෆර්ඩිනැන්ඩ්ස් පැවසූවේ, 2011 වසරේදී රේගු බදු රහිත භාණ්ඩ සඳහා සුවඳ විලවුන් සහ ආලේපන සැපයීමට අදාළ ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේදී බොහෝ ලංසු කිහිපයක් ඉදිරිපත් වූ අතර ඔවුන් අතරින් මේ සමාගම් ද වේ. ඒ, ෆීනිස්ක් රයිසින් වෙන්චර්ස්, ඉන්ටර්නැෂනල් සේල්ස් ගෘප් ව්‍යාපාර සහ කිංග් පවර් සමාගමයි. ඉන්ටර්නැෂනල් සේල්ස් ගෘප් ව්‍යාපාර සඳහන් කර ඇත්තේ, තමන්ගේ හවුල්කරුවන් හා තමන්ට අනුබද්ධ ආයතන කිසිවකට එහි සන්නාමය සමග ලංසු තැබීමට අවසර නොලැබු බවයි. නමුත් ෆිනික්ස් රයිසින් වෙන්චර්ස් මේ ලංසු ලබාදී තිබුනේ තම ආයතනය වසර 20 ක කාලයක්, ඉන්ටර්නැෂනල් සේල්ස් ගෘප් ව්‍යාපාර සහ අදාළ ආයතනය සමග කටයුතු කිරීමට ඇතුලත්ව සිටින බව පවසමිනි. ෆිනික්ස් රයිසින් වෙන්චර්ස් ආයතනයට සැපයුම්කරුන් ලබාදුන් ලිපිලේඛනවල අන්තරගතය එකක් වූ බවත් අත්සන හා සැපයුම්කරුගේ නම පමණක් වෙනස් බව කොමිසමේදී හෙළි විය. එම සමාගම ශ්‍රීලංකන් ගුවන් සේවයේ අදාළ කොන්ත්‍රාත්තුව දිනාගෙන ඇති බවත් තමන් භාණ්ඩ සැපයීමට කැමැත්තෙන් සිටි බව එම ලේඛනවල සඳහන් ව තිබුණි. මෙමගින් පෙනී යන්නේ ෆිනික්ස් රයිසින් වෙන්චර්ස් සමාගම තම සැපයුම්කරවන්ට තමා කොන්ත්‍රාත්තුව දිනාගෙන ඇති බවට දැනුම්දී තිබුනේ ටෛන්ඩර් කැඳවීමටත් පෙර බවයි. ජ්‍යේෂ්ඨ ටෙන්ඩර් මණ්ඩලය ෆිනික්ස් රයිසින් වෙන්චර්ස් සමාගමට ටෙන්ඩරය ලබාදීමට නිර්දේශ කර ඇති බැවින් ඔවුන් වෙත පිරිනැමිමේ ලිපියක් යවා තිබුනේ ඔවුන්ට එය අතසන් කර නැවත භාර දෙන ලෙසටයි. කොමිෂන් සභාවේදී අවධානයට යොමු වූයේ ශ්‍රීලංකන් එයාර් ලයින් සමාගම මුලික ගැනුම් ඉල්ලුම භාරදී තිබුනේ ගිවිසුම අත්සන් කිරීමටත් පෙරවීම පිළිබඳවය. මෙය මාස 6 ක කාලයක් සඳහා වලංගු වූවකි. මාසයකට පසුව පිරිනැමීමේ ලිපියට පිළිතුරක් යවනවා වෙනුවට ෆිනික්ස් රයිසින් වෙන්චර්ස් සමාගම ශ්‍රීලංකන් එයාර් ලයින් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ ප්‍රධාන විධායක නිලධාරී කලීලා චන්ද්‍රසේන වෙත යෝජනාවක් යවා තිබේ. ෆිනික්ස් රයිසින් වෙන්චර්ස් සමාගම යෝජනා කර ඇත්තේ සුවඳ විලවුන් සහ ආලේපන සැපයීමෙන් පමණක් මිදී ශ්‍රීලංකන් එයාර් ලයින් සමාගමේ සමස්ත තීරු බදු රහිත සේවා සැපයීමේ අයිතිය බාහිර ආයතනයක් වන ෆිනික්ස් රයිසින් වෙන්චර්ස් ලබා වසර 7 කට ලබා දෙන ලෙසයි. ෆිනික්ස් රයිසින් වෙන්චර්ස් සමාගම විසින් යෝජනාව ඉදිපත්කර තිබුන ද එහි සඳහන් වන අයුරින් සියලු ක්‍රියාවන් සිදුවන්නේ මෙරට ඇති ෆිනික්ස් තීරුබදු රහිත සේවා සමාගම විසිනි. එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන ඩිලාන් වීරසිංහ විසින් මෙම ලිපියට අත්සන් තබා තිබේ. ෆිනික්ස් රයිසින් වෙන්චර්ස් සමාගම මෙම යෝජනාව සෘජුවම ශ්‍රීලංකන් එයාර් ලයින්ස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි වෙත ලබාදී අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියට යොමු කර ඇත. මෙම යෝජනාවලිය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර තිබුනේ සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන ටෙන්ඩර් කැඳවීමේ පටිපාටියට පටහැනිවයි. රකිත ජයවර්ධන සභාපතිත්වය දරන කින් පවර් ලිමිටඩ් මෙම කාලය තුළදීම ෆිනික්ස් රයිසින් වෙන්චර්ස් සමාගමට සාමාන විකල්ප යෝජනාවලියක් මේ ටෙන්ඩර් ක්‍රියාවලිය සඳහා ඉදිරිපත් කර ඇති බවට අද කොමිසමේදී අනාවරණය විය. මහජන අප්‍රසාදය තිබුන ද ජනාධිපති විමර්ශන කොමිසමේදී බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන්ගෙන් සාක්ෂි විමසු ආකාරය දැඩි ලෙස විවේචනයට ලක් විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය කබීර් හෂිම් හා අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ගෙන් කොමිසමේදී ප්‍රශ්න කළ ආකාරය මහජනතාව දුටුහ. ඊට අමතරව කොමිෂන් සාමාජිකයෙකුගේ පවුලේ සාමාජිකයෙකු එකල හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා යටතේ අරලියගහ මන්දිරයේදී සේවය කළ බවට වාර්තා විණි. කොමිසමේ කාර්යභාරය සම්පුර්ණ වූ පසු එම වාර්තාව එක්තරා නිවසකට ගෙන ගිය බවට චෝදනා එල්ල විණි. අනතුරුව ඇතැම් නම් රහසිගතබාවය රැකීම සඳහා ප්‍රසිද්ධියට ලක්කිරීම වැලැක්වීම සඳහා ප්‍රයත්නයන් සිදු වූ අතර ජනාධිපති ලේකම්වරයා ඔහු පමණක් දන්නා හේතුන් මත බැඳුම්කර කොමිෂන් වාර්තාව රාජ්‍ය ලේඛන ආරක්ෂණ දෙපාර්තමේන්තුවට යවනු ලැබුවේ ය. මෙලෙස මහජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇති අවස්ථාවක ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම විමර්ශනයට ජනාධිපති කොමිසමක් පත් කරනු ලැබිණි. මාධ්‍යවේදීන් ලෙස අපි කොමිසමේ සැසිවාරයන් පිළිබඳව දිනපතා වාර්තා කළෙමු. ඉදිරි දින කිහිපය තුළ මෙවැනි ක්‍රියාවලීන් පිළිබඳව වාර්තා කිරීමට අපට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. කොමිසමේ සාමාජිකයන් සහ ඊට සම්බන්ධ සියලු දෙනා මතක තබාගත යුත්තේ ඔවුන් විනිශ්චය කරනුයේ මහ ජනතාව බවයි. ඔබට සැමවිටම ඇතැම් පුද්ගලයන් රැවටිය හැකියි. ඔබට ඇතැම් විට සියලු දෙනා රැවටිය හැකියි. නමුත් සියලු දෙනාම සැමවිට රැවටිය නොහැකියි.
2018-06-25T10:57:58.000Z
STF සමග ඇති වූ වෙඩි හුමාරුවකින් මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙක් මරුට
STF වෙඩි පහරකින් මධුෂ්ගේ ගෝලයෙක් මරුට
COLOMBO (News 1st) - මාතර, කඹුරුපිටියේදී පොලිස් විශේෂකාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී දකුණේ පාතාල කල්ලි සමාජිකයෙකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අවි ගත් සන්නද්ධ පිරිසක් කඹුරුපිටය ප්‍රදේශයේ සැරිසරන බවට පොලිස් විශේෂකාර්ය බලකායට තොරතුරුක් ලැබුණු බවයි. එම තොරතුරක් අනුව පොලිස් විශේෂකාර්ය බලකාය මාර්ග බාධක යොදා ත්‍රීරෝද රථයක් පරීක්ෂා කිරීමට උත්සාහ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. අණ නොතකා ත්‍රීරෝද රථය එම අවස්ථාවේදී පළා ගොස් තිබේ. එම අවස්ථාවේදී ත්‍රීරෝද රථය පිටුපස පොලිස් විශේෂකාර්ය බලකා ජීප් රථයක් හබා ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. එම ත්‍රීරෝද රථය විල්පිට කැලෑවට හරවා එහි සිටි පුද්ගලයින් පොලිස් විශේෂකාර්ය බලකා සෙබලුන්ට වෙඩි තබා ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පොලිස් විශේෂකාර්ය බලකාය එම අවස්ථාවේදී කළ වෙඩි තැබීමෙන් මාකඳුරේ මදුෂ්ගේ දකුණු පළාතේ ගෝලයෙකු වන හේවා සුදු හකුරුගේ මානෙල් රෝහන නොහොත් තිලක් නැමැත්තා මිය ගිය බවයි. ඔහු කඹුරුපිටිය රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදී මියගොස් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මිය ගිය පාතාල කල්ලි සමාජිකයා සතුව තිබි T 56 වර්ගයේ ගිනි අවියක් ද පොලිස් විශේෂකාර්ය බලකාය සොයා ගෙන තිබේ.
2018-06-25T10:32:50.000Z
සුවිශේෂි සිදුවීම් රැසක් මැද ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16යේ වටයට කණ්ඩායම් 7 ක්
FIFA සුපිරි 16යේ වටයට කණ්ඩායම් 7 ක්
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට පිවිසීමට මේ වන විට කණ්ඩායම් 7 ක් සමත්ව තිබේ. රුසියාවේදී 21 වරට මෙවර පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට කලාප 5 කින් කණ්ඩායම් 32 ක් සහභාගී වනු ඇති. පසුගිය ජූනි මස 14 වන දා ආරම්භ වූ පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට රුසියාව සමත් වූයේ සිය සත්කාරකත්වයට නවමු වටිනාකමක් ලබා දෙමිනි. තවමත් මූලික වටයේ තරග ක්‍රියාත්මක වන තරගාවලියේ මේ වන විටත් කණ්ඩායම් 7 ක් තරගාවලියේ සිය ස්ථාන තහවුරු කරගෙන අවසන් ය. ඒ කාණ්ඩයෙන් රුසියාව හා උරුගුවේ, සී කාණ්ඩයෙන් ප්‍රංශය, ඩී කාණ්ඩයෙන් ක්‍රොඑශියාව, එෆ් කාණ්ඩයෙන් මෙක්සිකෝව හා ජී කාණ්ඩයෙන් එංගලන්තය හා බෙල්ඩියම මේ වන විට තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගෙන සිටි. ආර්ජන්ටිනාව, ඊජිප්තුව, පෘතුගාලය, ස්පාඤ්ඤය හා වත්මන් ලෝක ශූර ජර්මනිය වැනි කණ්ඩායම් පිළිබඳ බොහෝ පාපන්දු ලෝලීන් තරගාවලිය ඇරඹීමට ප්‍රථම බලාපොරොත්තු තබාගෙන සිටිය ද තරගාවලිය තුළදී ඔවුන්ගේ බලාපොරොත්තු බිඳි වැටුනේ කිසිවෙකු නොසිතු ලෙසිනි. ලෝක ශූර ජර්මනියට ද මෙක්සිකෝව හමුවේ පසුබෑමට ලක්වීමට සිදු විය. ක්‍රොඑශියාව හමුවේ සුපිරි ක්‍රීඩක ලියනොල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව ගෝල 3 ට 0 ක් ලෙස පරාජය වූයේ මෙවර තරගාවලිය වෙත පාපන්දු ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානය යොමු කරමිනි. කිසිවෙකු නොසිතූ ලෙස මොහොමඩ් සාලාගේ ඊජිප්තු කණ්ඩායම තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වීම ද කැපිපෙනෙන සිදුවීමකි. ඊජිප්තුවේ පාපන්දු තරුව වන මොහොමඞ් සාලාට චෙච්නියාවේ ගෞරවනීය පුරවැසිභාවය ලබාදීමට චෙච්නියානු නායක රම්සාන් කඩීරෝ කටයුතු කළේ ය. සාලා ගෞරවනීය පුරවැසියකු කරමින් ලංඡනය සහ සහතිකපත් පිටපතක් ඔහුට පිරිනැමුණි. විශාල ප්‍රේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය පුරාවට ද බොහෝ විශේෂ සිදූවීම් රැසක් වාර්තා විය. මේ අතුරින් ජපානය වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුවූයේ ඔවුන් සහභාගී වන තරගවලින් අනතුරුව ජපාන ප්‍රේක්ෂකයින් එම තරගය පැවැත් වූ ක්‍රීඩාගාරය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතවීම හේතුවෙන් ය. මේ අතර ස්විට්සර්ලන්තයේ ග්‍රැනිට් චකාට හා චෙඩාන් චකීරීට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් තරග තහනමක් ද පැනවිණි. ඒ, සර්බියාව සමග පැවැති තරගයේදී ගෝල රැස් කිරීමෙන් අනතුරුව ඔවුන් ඇල්බීනියාවේ ජාතික ධජයේ සටහන් පක්ෂියාගේ සලකුණ සිය අත්වලින් ප්‍රදර්ශනය කිරීම හේතුවෙනි. මේ අතර ජර්මනිය හා ස්වීඩනය අතර පැවැති තරගයෙන් අනතුරුව දෙපිල අතර ගැටුම්කාරී තත්වයක් ද ඇතිවුන අතර එම සිදුවීම විදෙස් මාධ්‍යවල අවධානයට යොමුවී නොමැත. තරගාවලියේ දින 11 ක් අවසන් වන විට වැඩිම ගෝල වාර්තා කරන්නන් අතර පෙරමුණ ගැනීමට එංගලන්ත නායක හැරී කේන් සිටි. ඒ, ගෝල 5 ක් වාර්තා කරමිනි. එහි පිළිවෙලින් දෙවන ස්ථානය හා තෙවන ස්ථානය ගෝල 4 බැගින් වාර්තා කළ බෙල්ජියමේ රැමේලු ලුකාකුට සහා පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රෝනාල්ඩෝට හිමිව තිබේ. තරගාවලියේ තව ත් තරග 4 ක් අද පැවැත් වෙනු ඇති.
2018-06-25T09:30:50.000Z
අජිත් නිවාඩ් කබ්රාල්ට අමතක වූ අතීතය
අජිත් නිවාඩ් කබ්රාල්ට අමතක වූ අතීතය
COLOMBO (News 1st) - හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රටේ ආර්ථිකය පිළිබඳව ඊයේ මහනුවරදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබේ. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, දැන් හිතලා බලන්න යම් කිසි පුද්ගලයෙකුට ණයක් ගත්තාම ඒ ණය අමාරුයි කියලා දැනෙන්නේ කොයි වේලාවේද? පුද්ගලයාගේ ජොබ් එක නැතිවුණාම ණය ගැන බය වෙනවා. ජොබ් එක තියනවානම් ගෙට ණය ගෙවනවා, අද වෙලා තියෙනනේ ඒ දෙකම, ජොබ්ස් නැතිවෙනවා, පොළී අනුපාතයත් නැතිවෙනවා, ඒ එක්කම රුපියලත් අවප්‍රමාණය වෙනවා. අද පොළී අනුපාතය 50% කින් වැඩිවෙලා තියනවා. ඉතින් එතකොට අපිට සිදුවෙන්නේ හිතාගන්න මේ කළමනාකාරීත්වය හරහා අපිට ගමනනක් යන්න බැහැයි කියන එක තමයි අජිත් නිවාඩ් කබ්රාල් හිටපු මහ බැංකුවේ හිටපු අධිපතිතුමනි, ඔබටත් අතීතය අමතකවී ඇති බව පෙනේ. 2006 ජුලි 01වන දා සිට 2015 ජනවාරි 9 වන දා දක්වා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ඔබ කළ කී දේ ඔබට අමතක වූවත් රටේ ජනතාවට නම් අමතක නැත. අද රටේ ආර්ථිකය ඇදවැටී ඇති තත්ත්වයට ඔබ ද වගකිව යුතු නොවේ ද? 2011 වසරේ මුළු ලෝකයම කඩා වැටෙන ආර්ථිකයක් ලෙස හඳුනාගත් ග්‍රීසියේ බැඳුම්කරවල අපේ රටේ ජනතාවගේ මුදල් ආයෝජනය කිරීමට තීරණය කළ අවස්ථාව ඔබට අමතක ද? ලාභය කෙසේවෙතත් ආයෝජනය කළ මුදලවත් ආපසු ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් රුපියල් මිලියන 2100 කට වඩා පාඩුවක් මේ ගනුදෙනුවෙන් රටට සිදු විය. ඛනිජතෙල් මිලදී ගැනීමට හෙජින් ක්‍රමයක් හඳුන්වාදීමට ඔබ කළ මැදිහත්වීම රටේ ජනතාවට නම් තවමක් අමතකවී නොමැත. 2007 සහ 2008 කාලවලදී ඩොලර් 80 ට මිලදීගත හැකිව තිබූ තෙල් බැරලයට ඩොලර් 110 බැගින් ගෙවීමට සිදු වූයේ මේ වැරදි තීරණය නිසා නොවේ ද? අවසානයේ ගිවිසුම්ගත වූ බැංකු මුදල් අයකරගත්තේ ලන්ඩන් මහාධිකරණය හමුවේ අපේ රටට එරෙහිව නඩු පැවරීමෙන් පසුවයි. ලන්ඩන් මහාධිකරණයේ නඩු තීන්දුව අනුව එක් බැංකුවකට අමෙරිකානු ඩොලර් දස ලක්‍ෂ 162 ක මුදලක් ගෙවීමට නියමවුන බව කබ්රාල් මහතාට අමතක ද? 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ සත්කාරකත්වය හම්බන්තොටට ලබාගැනීම සඳහා හිතවතුන් පිරිවරාගෙන කුලියට ගත් ගුවන් යානයකින් 2013දී ගිය ලන්ඩන් සංචාරයෙන් රටට ලැබුන ප්‍රතිලාභය කුමක් ද? කොටස් වෙළෙඳපොළේ කොටස් වටිනාකම් කෘතිමව ඉහළ පහළ දමා දර්ශක වෙනස්කර පෙන් වූ ආකාරය කාටත් අමතකවීමට හේතුවක් නොමැත. ප්‍රධාන නියාමන ආයතනය වන මහ බැංකුවේ අධිපතිව සිටියදී පම්පින් ඩම්පින් හරහා සේවක අර්ථ සාධක අරමුදල ඇතුලු රටේ ජනතාවගේ පොදු අරමුදල් පාඩු ලබන ආකාරයෙන් ආයෝජනය කර තෝරාගත් පිරිසකට ප්‍රතිලාභ අත්කර දුන්නේ ඔබ මහ බැංකු අධිපතිව සිටි කාලසීමාවේ නොවේ ද? හයට් හෝටල් ව්‍යාපෘතිය, මලයාසියානු අර්ථසාධක අරමුදල වැනි ස්ථානවල සේවක අරමුදල් ආයෝජනය කර ඒවායේ ප්‍රතිලාභ පොදු ජනතාවට අහිමි කළ අවස්ථා ඕනෑතරම් පෙන්වාදිය හැකියි. මහ බැංකුවේ සේවක අරමුදල් හා විදුලි බල මණ්ඩලයේ සේවක අරමුදල් මිලියන 500 ක් පමණ ඔබගේ කාලයේ පිල්ලි ගිය ආකාරය තවමත් අභිරහසක් ව ඇත. අජිත් නිවාඩ් කබ්රාල් හිටපු අධිපතිතුමනි, මේ එකක් දෙකක් පමණි. අජිත් නිඩාඩ් කබ්රාල් මහතාගේ කියුම් කෙරුම් 2015 වසරේ වත්මන් ආණ්ඩුව බලයට පත් වූ අලුත අධිකරණයට හමුවේ නඩුවක් ලෙස ගොනු කිරීමට පියවර ගෙන තිබුණි. තරුණ නීතිඥයෙකු වන කැලුම් දර්ශන කුමාරසිංහ මහතා මේ නඩු ගොනු කළේ, ග්‍රීක බැඳුම්කර ඇතුලු අක්‍රමිකතා ගැන පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරමිනි. නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබියදී කබ්රාල් මහතාට හිතවත් පාර්ශ්වයක් වූ පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා බැඳුම්කර වංචාව පිළිබඳව මහ බැංකුවේ එවක අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කළේ ය. මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව මහේන්ද්‍රන් මහතාට නොතීසි නිකුත් කළ අතර කබ්රාල් මහතාට එරෙහි නඩුවට අදාළව ඔහුටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් නොතීසි නිකුත් කළ යුතු බවට අධිකරණයේ සාකච්ඡා වෙමින් තිබියදී නඩු දෙකම දෙපාර්ශවය විසින් ඉල්ලා අස්කර ගෙන තිබේ. 2015 අගෝස්තු 27 මේ නඩු ඉල්ලා අස්කර ගත්තේ මහ මැතිවරණය ආසන්නයේ තිබියදී ය. බැඳුම්කර වංචා කළ බව කියන පර්පෙචුවල් ට්‍රෂරීස් සමාගමට ප්‍රාථමික ගැනුම්කරවෙකු ලෙස කටයුතු කිරීමට අවසර දුන්නේ අජිත් නිඩාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ අධිපතිව සිටි 2013 වසරේදීයි. ඒ වනවිට කබ්රාල් මහතාගේ සහෝදරිය වන ශිරෝමි වික්‍රමසිංහ මහත්මිය පර්පෙචුවෙල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමජිකයෙකි. පර්පෙචුවෙල් ට්‍රෂරීස් අයත් වූ මව් සමාගම වන පර්පෙචුවෙල් කැපිටල් හෝල්ඩින් සමාගමට ප්‍රාථමික ගැනුම්කරුවෙකුවීමට ප්‍රමාණවත් ප්‍රාග්ධනය පවා නොතිබූ අවස්ථාවක ප්‍රාථමික ගැනුම්කාර අවසරය ලබාදී ඇත. අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමනි රටේ ජනතාව මේවා නොදන්නා බව ඔබ සිතනවා විය හැකියි. එහෙත් අවසානයේ ඔබට පැවසීමට ඇත්තේ වීදුරු ගෙවල්තුල සිට ගල් නොගසන ලෙසයි.
2018-06-25T06:33:15.000Z
T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ කාල සටහන නිකුත් කෙරේ
T20 ලෝක කුසලාන තරගාවලියේ කාල සටහන නිකුත් කෙරේ
2018 ලෝක කුසලාන කාන්තා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන එළිදක්වා තිබේ. 2018 ලෝක කුසලාන කාන්තා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගවලිය බටහිර ඉන්දිය කොදෙව් දේශයේදී පැවැත්වීමට නියමිත ය. තරගාවලිය නොවැම්බර් මස 9 වන දා සිට 24 වන දා දක්වා පැවැත්වීමට නියමිතය. මෙවර තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් ගණන 10 කි. ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව සහ සත්කරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් මෙවර තරගාවලියට එක් ව සිටි. මේ අතර සුදුසුකම් ලබා ගැනීමේ වටයෙන් කණ්ඩායම් දෙකක් ද ලෝක කුසලාන තරගාවලියට එක්වීමට නියමිත වේ.
2018-06-25T05:54:41.000Z
සරණ ගුණවර්ධනට වරෙන්තු නිකුත් කෙරේ
සරණ ගුණවර්ධනට වරෙන්තු නිකුත් කෙරේ
COLOMBO (News 1st) - සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන සරණ ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද වරෙන්තු නිකුත් කර තිබේ. ඒ, ඔහු අද දින නඩුවකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධූරය දරණ සමයේ රුපියල් ලක්ෂ 80 ක වාහනයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මෙම නඩුව ගොනුකර ඇත.
2018-06-25T05:20:02.000Z
කරිෂ්මා කපූර් සිය 44 වැනි උපන්දිනය සමරයි
කරිෂ්මා කපූර් සිය 44 වැනි උපන්දිනය සමරයි
සුපිරි බොලිවුඩ් නිළි කරිෂ්මා කපූර් අද සිය 44 වැනි උපන්දිනය සමරනු ඇත. ඇගේ උපන්දිනය ලන්ඩන්හිදී පැවැත්වූණ අතර ඊට කරීනා කපූර් ඛාන්, සෝනම් කපූර් අහුජා, සයිෆ් අලී ඛාන් සහ ආනන්ද් අහූජා සහභාගී වී ඇත. 1974 වසරේ අද වැනි දිනක ඇය උපත ලබන්නේ ඉන්දියාවේ මුම්බායි හීදියි. 2001 සහ 2002 වසරවලදී ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගැනීමට ද කරිෂ්මා කපූර් සමත් විය.
2018-06-25T02:55:55.000Z
දකුණේ පොඩි පෝල්ට මහාධිකරණයෙන් මරණ දඬුවම
දකුණේ පොඩි පෝල්ට මහාධිකරණයෙන් මරණ දඬුවම
COLOMBO (News 1st) : සංවිධානාත්මක අපරාධ කල්ලයක සාමාජිකයෙකු වන උදය කුමාර හෙවත් පොඩි පෝල්ට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද මරණිය දණ්ඩනය නියම කළේ ය. ඒ ඔහු වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කරීම සම්බන්ධයෙන් ඔහු වරදකරුවෙකු වීම හේතුවෙනි. විත්තිකරු සංවිධානාත්මක අපරාධ කල්ලයක සාමාජිකයෙකු වන අතර විත්තිකරුට එරෙහිව මේ වනවිට මනුෂ්‍ය ඝාතන කිරීමට තැත් කිරිම, ගිනි අවි ළඟ තබා ගැනීම, ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් ගාල්ල සහ බලපිටිය අධිකරණවල ද නඩු කිහිපයක්ම විභාග වෙමින් පවතී. රත්ගම, පල්ලියපිටියේදී 2001 ඔක්තෝබර් 13 වන දින ගොඩවත්ත ලියනගේ ලලිත් ප්‍රසන්න යන අයට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරු ඇතුළු තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර අනෙක් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවීම නිසා ඔවුන් නිදොස් කොට නිදහස් කළේ ය. රත්ගම, පල්ලියපිටියේදී 2001 ඔක්තෝබර් 13 වන දින ගොඩවත්ත ලියනගේ ලලිත් ප්‍රසන්න යන අයට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරු ඇතුළු තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර අනෙක් විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් නොවිම නිසා ඔවුන් නිදොස් කොට නිදහස් කරනු ලැබී ය.
2018-06-25T02:39:09.000Z
පොලීසියට අල්ලස් දීමට තැත් කළ සැකකරුට වැඩවරදී
පොලීසියට අල්ලස් දීමට තැත් කළ සැකකරුට වැඩවරදී
මෝදර, රන්දිය උයන මහල් නිවාසය ආසන්නයේදී පොලිස් නිලධාරියෙකුට රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් දීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 5 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයට නඩු කටයුත්තක් නොපවරා මුදාහරින ලෙස ඉල්ලා ඇයගේ හිතවතෙකු විසින් පොලිස් නිලධාරියාට එම අල්ලස් මුදල ලබාදීමට උත්සාහ කර ඇති බවයි. හෙරොයින් සමග එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 50 හැවිරිදි සැකකාරියකි. ඇය සම්බන්ධයෙන් අල්ලස් ලබාදීමට ඉදිරිපත්ව ඇත්තේ, 37 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔවුන් දෙදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. මේ අතර බොරුල්ල, වැලිමඩ, මෝදර හා ගල්කිස්ස ප්‍රදේශවලදී හෙරොයින් සමග තවත් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.
2018-06-25T02:34:00.000Z
මතුගමදී අත්බෝම්බයක් සමග කප්පම්කරුවෙක් අත්අඩංගුවට
මතුගමදී අත්බෝම්බයක් සමග කප්පම්කරුවෙක් අත්අඩංගුවට
මතුගම ප්‍රදේශයේදී කප්පම් ගැනීමට පැමිණි පුද්ගලයෙකු විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පුද්ගලයෙකුගෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසක් කප්පම් ඉල්ලා ඉන් පනස් දහසක් ලබා ගැනීමට දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුමට පැමිණි අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 35 හැවිරිදි පයාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2018-06-25T00:44:55.000Z
දකුණේ බස් වර්ජනයක්
දකුණේ බස් වර්ජනයක්
මාතර, ගාල්ල, සහ අම්බලන්ගොඩ සිට කොළඹ දක්වා ධාවනය කරන පෞද්ගලික බස් රථ රියැදුරන් ධාවනයෙන් ඉවත්ව තිබේ. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, කෙටි ගමන් සේවා බස් රථ හිමියන් සමග පවතින ආරවුලක් ඊට හේතුවී ඇති බවයි. දුර ගමන් සේවා බස් රථ, මාතර සිට කොළඹ දක්වා සියලුම බස් නැවතුම්පොළවලින් මගීන් නංවා ගැනීමට එරෙහිව කෙටි ගමන් සේවා බස් රථ හිමියයෝ පසුගිය දා ධාවනයෙන් ඉවත් වූහ. මාතර - කොළඹ දුර ගමන් සේවා බස් රථ රියැදුරන් අද දිනයේ ධාවන කටයුතුවලින් ඉවත්ව සිටින්නේ එලෙස මගීන් නංවා ගැනීම සඳහා අවස්ථාව නොදීමට විරෝධය පළ කරමිනි. දුර ගමන් බස් රථ සේවකයින්ගේ ගැටලු සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම් හෙට සිට අධිවේගි මාර්ගවල ගමන් ගන්නා බස් රථ ද එක් කරගනිමින් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව මාතර පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති අරුණ හල්පගේ මහතා සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=LfHI8lHbSjo
2018-06-25T00:35:57.000Z
ගෝඨාභය රාජපක්ෂගෙන් FCID යට ප්‍රකාශයක්
ගෝඨාභයගෙන් FCID යට ප්‍රකාශයක්
COLOMBO (News 1st) - ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කළ බවට වන චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා අද යළි ත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණියේ ය. අදාළ චෝදනා සම්බන්ධයෙන් මේ වන විටත් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති අතර අධිකරණයේ නියෝගයකට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීමට අද පෙරවරු 9.00 ට පමණ පොලිස් මූල්‍ය අපරධ කොට්ඨසය වෙත පැමිණ තිබේ. දහවල් 12.00 ට පමණ ගෝඨාභය රාජපක්ෂ මහතා එම ස්ථානයෙන් පිටව ගියේ මාධ්‍යට ද අදහස් පළ කරමිනි. මාධ්‍යවේදී ප්‍රශ්නය, සර් මොක්කද අද කාරණාව ? හිටපු ආරක්ෂක ලේකම්, ගෝඨාභය රාජපක්ෂ, මම උසාවියට ගියා ඒකෙන් මට කීවා. ඇවිල්ලා සාක්කියක් දෙන්න කියලා. ඒකට සාක්කියක් දෙන්න ආවේ. මාධ්‍යවේදී ප්‍රශ්නය, මේ කාරණාවට අදාළව FCID එකේ පරීක්ෂණ ඉවර ද සර්? ගෝඨාභය රාජපක්ෂ, FCID එකේ කාරණා ඉවරයි ඒකට, ඉදිරි කටයුතු කරයි ඒ අය. මාධ්‍යවේදී ප්‍රශ්නය, පසුගිය දවස්වල අපි දැක්කා ඔබතුමාලා කීව මීට අදාළ ගෙවීම් සිදු කරලා තියෙනවා කියලා. එහෙම නම් ඇයි නැවත නැවත ඔබතුමාලා මේ අය ගෙන්වන්නේ? ගෝඨාභය රාජපක්ෂ, ඒක ඉතින් උසාවියෙන්නේ තීරණය කරන්න ඕනි. අපි සම්පුර්ණ මුදල අපේ දැනුම අනුව අපි ගෙවලා තියෙන්නේ. මාධ්‍යවේදී ප්‍රශ්නය, එතකොට මේ බොරුවක් ද ඔබතුමාලා පීඩාවට පත් කරන්න ද FCID අය කටයුතු කරන්නේ? ගෝඨාභය රාජපක්ෂ, උසාවිය තීරණය කරන්න ඕනි ඉතින් මාධ්‍යවේදී ප්‍රශ්නය, අපි දැක්ක අනුනායක හිමියන්ගේ ප්‍රකාශයත් සමග බොහෝ දේශපාලඥයන් ප්‍රකාශ නිකුත් කරනවා. ඒ ගැන ඔබතුමාගේ අදහස කුමක් ද? ගෝඨාභය රාජපක්ෂ, අනුනායක ස්වාමීන් වහන්සේ මගේ ගෙදර පුද්ගලික්ව කරපු අනුශාසනාවක් පිළිබඳ දෙයක්. මේක පොදුවේ නොයෙක් ඇමතිවරු ඒ පිළිබඳව ප්‍රකාශ කිරීම මම දන්නේ නැහැ මං එච්චර වැදගත් පුද්ගලයකු ද කියලා. මම සාමාන්‍ය පුද්ගලයකුගේ නිවසේ කරපු අනුශාසානාවක්. බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙන්නේ යම් කිසි අනුශාසානාවක් කරන කොට ඒ අනුශාසානවා තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාවක් තියෙන පුද්ලයින්ට පමණක් සිදු කරන්න කියලා. මම නම් ඒ අනුශාසානාවේ තියෙන සියලු කරුණු වටහා ගත්තා වටහා ගත්ත නැති පුද්ගලයෝ තමයි. ඒ පිළිබඳව ප්‍රකාශ නිකුත් කරන්නේ. මාධ්‍යවේදී ප්‍රශ්නය, ඔබතුමා ඉදිරියේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනවා කියලා ප්‍රකාශ නිකුත් වොනවා. නමුත් ඔබ අමෙරිකානු පුරවැසියෙක් ඔබතුමා එය ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරලා තියෙනවා ද? ඉල්ලීමක් කරලා තියෙනවා ද? ගෝඨාභය රාජපක්ෂ, මම එහෙම තවම එහෙම ක්‍රියාදාමයකට ගිහිල්ලා නැහැ. මම එහේම ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දැනුම්දීමක් කරලා නැහැ. එහේම අවස්ථාවක් ආවම එහෙම් කරගන්නට පුළුවන්. මාධ්‍යවේදී ප්‍රශ්නය, ඒ කියන්නේ ඔබතුමා විශ්වාස කරනවා ද? අමෙරිකානු පුරවැසිභාවය දවස් දෙක තුනකින් ඉවත් කරගන්න පුළුවන් කියලා. ගෝඨාභය රාජපක්ෂ, නැහැ. මාස දෙක් ඇතුළත කරගන්න පුළුවන්.
2018-06-24T23:54:26.000Z
'මෛත්‍රියෙන් සිත් නිවමු' ජාතික පොසොන් සතිය ඇරඹෙයි
ජාතික පොසොන් සතිය ඇරඹෙයි
ජාතික පොසොන් උත්සවය අනුරාධපුරය, මිහින්තලේ සහ තන්තිරිමලේ කේන්ද්‍ර කර ගනිමින් ලබන 30 වනදා දක්වා පැවැත්වේ. “මෛත්‍රියෙන් සිත් නිවමු” යන්න තේමා කරගනිමින් ජාතික පොසොන් සතිය ඊයේ ආරම්භ විය. මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් බැතිමතුන් ලක්ෂ 8 ත් 10 ත් අතර සංඛ්‍යාවක් පැමිණෙතැයි අපේක්ෂා කරන බව අනුරාධපුර පොසොන් කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.වන්නිනායක මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සියලු පහසුකම් සලසා ඇති බවයි. අනුරාධපුරයට සහ මිහින්තලයට වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට දියනෑම සඳහා මෙවර වෙන්කර ඇත්තේ බසවක්කුලම වැව, බුලංකුලම වැව සහ සුනාත විශ්‍රාම ශාලාව අසල පිහිටි පොකුණු තුන පමණි. නුවර වැව සහ තිසා වැවෙන් ස්නානය කිරීම සපුරා තහනම් බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය. පොසොන් උත්සවයට අනුරාධපුරය බලා යන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පැවසුවේ, ඒ වෙනුවෙන් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිට බස් රථ 1500 ක් ධාවනයට යොදවා ඇති බවයි. පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේ ය. ඔහු ඉල්ලා සිටින්නේ මහව සිට අනුරාධපුර දක්වා පටු පාලම් පවතින බැවින් පා පුවරුවේ ගමන් කිරීමෙන් වළකින ලෙසයි.
2018-06-24T21:05:28.000Z
රත්මලානේ වෙඩි තැබීමකින් යුද හමුදා කෝප්‍රල්වරයෙකුට තුවාල
රත්මලානේ වෙඩි තැබීමක්...
COLOMBO (News 1st) - රත්මලාන චකින්දාරාම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබිමෙන් යුධ හමුදාවේ සේවයේ නියතු ලුතිනන් කර්නල්වරයෙකුගේ රියැදුරු තුවාල ලබා ඇතැයි, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ ය. ආරක්ෂක අංශ පැවසූවේ, මෙම වෙඩි තැබීම පෞද්ගලික හේතුවක් මත සිදුව ඇති බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ ඔහු යුද හමුදාවේ කෝප්‍රල්වරයෙකු වන බවයි. වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයාගේ අතකට තුවාල සිදුව ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ. අද පෙරවරු 7.20 පමණ යතුරුපැදියකින් සහ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබිම සිදු කර පලා ගොස් ඇති බව පොලීසිය පැවසී ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
2018-06-24T20:31:12.000Z
ආනයනික පළතුරු බදු ඉහළ දමන බව ජනපති කියයි
ලබන මාසයේ සිට ආනයනික පළතුරු බද්ද ඉහළට
ආනයනය කෙරෙන පළතුරු සඳහා බදු මුදල් ඉහළ නැංවීමට රජය තීරණය කර ඇතැයි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ, පොළොන්නරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩලය රැස්වීමට එක්වෙමිනි. දේශීය පළතුරු වගාකරුවා දිරිමත් කිරීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ලබන මාසයේ සිට මෙම ක්‍රියාත්මක කරන බව ත් දේශීයව ලබා ගත හැකි පළතුරු වර්ග ආනයන කිරීමට නොහැකි වන පරිදි ම ඉහළම බද්දක් පනවන බව ත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර සිටියේ ය. මේ අතර බලපත්‍රයක් නොමැතිව පළතුරු ගස් කැපීම තහනම් කරන බව ද ජනාධිපතිවරයා එහි දී සඳහන් කළේ ය. දේශීය පළතුරුවලට වැඩි වටිනාකමක් ලබා දී පළතුරු ගොවියා දිරිමත් කිරීම මෙම නව වැඩපිළිවෙලේ අරමුණ වනු ඇති.
2018-06-24T19:58:31.000Z
තුර්කි ජනපතිවරණයෙන් ජනපති අර්ඩොවාන් ඉදිරියෙන්
තුර්කි ජනපතිවරණයෙන් ජනපති අර්ඩොවාන් ඉදිරියෙන්
ජනාධිපතිවරණයෙන් තමන් ජය ගෙන ඇතැයි, නිල නොලත් වාර්තා පෙන්වා දෙන බව තුර්කි ජනාධිපති රිසෙප් තයීප් අර්ඩොවාන් පවසයි. තුර්කි රජයේ මාධ්‍ය වාර්තා කළේ, මේ වනවිට ජනාධිපතිවරණයේ ප්‍රකාශිත ජන්දවලින් 96% ක් ගණනය කර ඇති අතර ඉන් ජනපති අර්ඩොවාන් 53% ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඇති බවයි . එම වාර්තාවලට අනුව ඔහුගේ ආසන්නතම ප්‍රතිවාදියා වන මුහාරෙම් ඉන්ස් ලබා ඇති ජන්ද ප්‍රතිශතය 31% කි. පාර්ලිමේන්තු මැතිවරණයෙන් තම ඒ කේ පක්ෂයේ පාලක සන්ධානය ,පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගැනීමට සමත්ව ඇති බව ද රිසෙප් තයීප් අර්ඩොවාන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් ගණනය නොකළ ජන්ද රැසක් ඇති බැවින් තවමත් ප්‍රතිඵල නිවේදනය කිරීමට කල් වැඩි යන්න විපක්ෂයේ මතයයි. ඊයේ පැවති තුර්කි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව එරට නව ව්‍යවස්ථාව බලාත්මක කෙරෙන අතර ඉන් ජනපතිවරයාට තවත් බලතල රැසක් හිමිවනු ඇති. එක් පුද්ගලයකුට වැඩි බලයක් හිමිකර දෙන මෙම නව ව්‍යවස්ථාව , දේශපාලන විචාරකයන්ගේ විවේචනයට ද ලක්ව තිබේ. මෙවර තුර්කි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජන්දය භාවිත කළ පුද්ගලයන් ප්‍රතිශතය 87%කි. 2019 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණ ඊයේ පැවැත්වීමට පියවර ගත්තේ රිසෙප් තයීප් අර්ඩොගන්ගේ තීරණයක් අනුවයි. 2014 වසරේදී තුර්කි ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට පෙර වසර 11 ක් එරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ද රිසෙප් තයීප් අර්ඩොවාන් ය. 2016 වසරේ ඔහුට එරෙහිව ක්‍රියාත්මක කළ හමුදා කුමන්ත්‍රණයක් අසාර්ථක වීමෙන් පසු සිය බලතල තවදුරටත් වර්ධනය කරගැනීමට අර්ඩොවාන් පියවර ගත්තේ ය.
2018-06-24T19:46:46.000Z
කොටියා මැරූ සිද්ධියේ තවත් 4ක් අත්අඩංගුවට
කොටියා මැරූ සිද්ධියේ තවත් 4ක් අත්අඩංගුවට
කිලිනොච්චි, අම්බාල්කුලම් ගම්මානයට කඩා වැදුණු දිවියෙකු අමානුෂික ලෙස පහරදී මරා දැමීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 4 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, වීඩියෝ පට හා ඡායාරූප ඔස්සේ හඳුනා ගැනීමෙන් අනතුරුව ඔවුන් ඊයේ රාත්‍රී 9 ට පමණ අත්අඩංගුවට ගත් බවයි. එලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 22, 23, 24 හා 26 යන වයස්වල පසුවන කිලිනොච්චි, ක්‍රිෂ්ණපුරම් හා පිරමන්දනාරු ප්‍රදේශවල පදිංචිකරුවන් 4 දෙනෙකි. සැකකරුවන් අද දිනයේ කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. පසුගිය 21 වන දා අම්බාල්කුලම් ගම්මානයට කඩා වැදුණු දිවියා මරා දැමීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 6කි.
2018-06-24T19:43:03.000Z
තැපෑල තවමත් වර්ජනයේ
තැපෑල තවමත් වර්ජනයේ
සේවක වර්ජනයෙන් ගොඩගැසී ඇති ලිපි බෙදාහැරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, සේවක වර්ජනය හේතුවෙන් පවතින තත්ත්වය යටතේ විදෙස් ලිපි මෙන්ම දේශීය ලිපි ද තැපැල් කාර්යාලවල ගොඩගැසී ඇති බවයි. හෙට දිනය වන විට සේවක ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. මේ අතර තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, සිය වැඩ වර්ජනයට වෘත්තීය සමිති 25 ක සහය ලැබී ඇති බවයි. රජයේ පාර්ශ්වයෙන් අවසන් විසඳුමක් ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව ඔහු පැවසී ය.
2018-06-24T19:07:45.000Z
අනුරපුර පාසල් 6ක් සිව් දිනක් වැසේ
අනුරපුර පාසල් 6ක් සිව් දිනක් වැසේ
පොසොන් උත්සවය හේතුවෙන් අනුරාධපුරයේ පාසල් 6 ක් අද සිට 29 වන දා දක්වා දින සිව් දිනක් වසා දැමීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලය, සහිරා මුස්ලිම් මහා විද්‍යාලය,මහා බෝධිය විදුහල, මිහින්තලේ මහා විදුහල සහ තන්තිරිමලේ විමලඥාණ යන පාසල් වසා දැමෙනු ඇති. පොසොන් උත්සවයේ රාජකාරි කටයුතු කිරීම සඳහා පැමිනේන ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නවාතැන් පහසුකම් සඳහා මෙම පාසල් වෙන් කර ඇති බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක මහත්මිය සඳහන් කළා ය. මීට අමතරව අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විදුහල, විවේකානන්ද මහ විදුහල, නිවන්තකචේතිය මහ විදුහල, කම්මලක්කුලම විදුහල, කුරුන්දන්කුලම මහා විදුහල, මිහින්තලේ මුස්ලිම් විද්‍යාලය සහ මිහින්තලේ ආදර්ශ ප්‍රාථමික පාසල යන පාසල් ලබන 28 සහ 29 යන දෙදින පමණක් වසා දැමීමට ද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ .
2018-06-24T11:47:04.000Z
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක්
COLOMBO (News 1st) - පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර බලා යන සැදැහැවතුන්ගේ ගමන් පහසුව සඳහා හෙට සිට කොළඹ කොටුව, මාතර, මහව යන දුම්රිය ස්ථානවල සිට විශේෂ දුම්රිය ධාවනයට යොදවා තිබේ. එමෙන්ම අනුරාධපුර මිහින්තලය අතර ධාවනය කිරීමට සැලසුම් කර ඇති දුම්රිය වාර ගණන 70 කි.
2018-06-24T11:13:26.000Z
කොටහේනේ වෙඩි තැබීමක්
කොටහේනේ වෙඩි තැබීමක්
COLOMBO (News 1st) - කොටහේන, ජම්පටා වීදිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අද රාත්‍රී 9.15 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි. වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ 131 වත්තේ පදිංචි ගනේෂ් නැමැති පොල් වෙළෙඳසැළක් පවත්වාගෙන යන අයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.
2018-06-24T09:36:58.000Z
ඉන්න හිටින්නට තැනක් නැතිව හැඬූ කඳුළින් දිවි ගෙවන අපේ ම මිනිසුන්
හැඬූ කඳුළින් දිවි ගෙවන අපේ ම මිනිසුන්...
COLOMBO (News 1st) - කෑගල්ල, අටාල පින්දෙණිය වතුයායේ මාසයක පමණ කාලයක් ඉතා දුෂ්කර ජීවිතයක්ගත කරන පිරිසක් පිළිබඳවයි මේ වාර්තාව. කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කිලෝමීටර 12 ක් පමණ පසුකරන විට අටාල පින්දෙණිය වතුයාය හමුවනු ඇත. කම්කරු රස්සාවෙන් දිවි සරිකරගන්නා මේ අහිංසක ජනතාවට කබළෙන් ලිපට වැටීමට සිදු වූයේ සියවසක් පමණ පැරණි බෝගසක් සිය වතු නිවාස පේලියට කඩා වැටීමත් සමගිනි. මේ හේතුවෙන් පීඩාවට පත් පවුල් 11 ක පුද්ගලයින් 48 දෙනෙකු අට්ටාල පින්දෙණිය වතු පාසල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි. එහෙත් ඉන් දින 2 කට පසු එම වතුයායේ අධිකාරිවරයා දැනුම්දී තිබුනේ ඔවුන්ට එම පාසලෙන් ඉවත්ව නිවාස වෙත පිටව යන ලෙසයි. ඉන් පසු මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත දෙසට කිසිවෙකුගේ අවධානයක් යොමුවී නොමැත. මේ ජනතාවට පිහිටවීමට ඇති අවස්ථා පිළිබඳව සොයා බැලීමට නිව්ස්ෆස්ට් අපි අද එම ස්ථානයට ගියෙමු.
2018-06-24T09:51:26.000Z
බැඳුම්කර වාර්තාවට අදාළව නීතිපතිගෙන් ජනාධිපති ලේකම්ට ලිපියක්
බැඳුම්කර වාර්තාවට අදාළව නීතිපතිගෙන් ජනාධිපති ලේකම්
COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර ජනපති කොමිසමේ වාර්තාවේ ඇමුණුම් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කළ බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා සඳහන් කළේ, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා කළ විමසීමට පිළිතුරු ලෙස එම ලිපිය යොමු කළ බවයි. ජනාධිපති විමර්ශන වාර්තාවේ ඇතැම් ඇමුණුම් ප්‍රසිද්ධ කිරීමෙන්, විභාග වෙමින් තිබෙන අපරාධ නඩු සහ සිවිල් නඩුවලට බාධාවක් ඇති විය හැකි බව නීතිපතිවරයා පෙන්වා දෙයි. නමුත් ඉන් ඇමුණුම් කිහිපයක් ප්‍රසිද්ධ කිරීමෙන්, විමර්ශනවලට කිසිදු බාධාවක් නොවන බව ද අදාළ ලිපිය මගින් ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දුන් බව නීතිපතිවරයා සඳහන් කළේ ය. නීතිපති ජයන්ත ජයසුරීය මහතා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ, ජනපති කොමිසම් වාර්තාවේ ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති රහසිගත ලේඛන ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන්, එම ආයතනවලින් නිර්දේශ ලබාගත යුතු බව තමා දැන්වූ බවයි. කොමිෂන් සභා වාර්තාවට තෙවන පාර්ශව විසින් ඉදිරිපත් කර ඇති ලේඛන පිළිබඳ වෙන් වෙන්ව නිර්දේශ ලබාගත යුතු බව ද ඔහු සඳහන් කළේ ය. වාර්තාවේ ඇමුණුම් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන්, නීතිපති උපදෙස් සහිත එම ලිපිය පසුගිය සිකුරාදා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාට යොමු කර තිබේ. නීතිපති ජයන්ත ජයසුරිය මහතා ප්‍රකාශ කළේ, මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනවලදී අනාවරණ වන කරුණු සම්බන්ධයෙන්, විශේෂ අධ්‍යයනයක් සිදුකරමින් ඇති බවයි.
2018-06-24T08:51:01.000Z
ජනතා සෝ සුසුම් මැද සැරයන් දැයෙන් සමුගනී
ජනතා සෝ සුසුම් මැද සැරයන් දැයෙන් සමුගනී
COLOMBO (News 1st) - කොල්ලකරුවන් පිරිසක් මර්දනය කරන්නැයි ඉහළින් ලැබුණු නියෝගය අනුව කඩිනමින් ක්‍රියාත්මකවී ජීවිතය ද පූජා කළ විරෝධාර පොලිස් නිලධාරියා අද දැයෙන් සමුගත්තේ ය. මුළු රටම දන්නා ඔහු මාතර පොලීසියේ කොස්තාපල් සුරංග ප්‍රදීප් වීරසිංහයි. සන්නද්ධ කොල්ලකරුවන් පිරිස සමග ඔහු තනිව සටන් වැදුණු ආකාරය සියලු රටවැසියන්ගේ හදවත් සසල කළහ. ඉකුත් 22 වන දා උදෑසන 10.00 ට පමණ මාතර නගරයේ පිහිටි ස්වර්ණාභරණ අළෙවිසැළකට මුහුණු ආවරණය කරගත් ආයුධ සන්නද්ධ පුද්ලයින් 6 දෙනෙකු පැමිණියහ. පරීක්ෂණවලදී අනාවරණය වූයේ, ඔවුන්ගෙන් තිදෙනෙකු ස්වර්ණාභරණ අළෙවිසැළ තුළට ගිය බවයි. දෙදෙනෙකු පිටත ද තව ත් අයෙකු අළෙවිසැළ ඉදිරිපිට ද සිට ඇතැයි හෙළිවී ඇත. මේ සිද්ධිය සම්බන්ධයෙන් පළමුවෙන්ම මාතර පොලිස් ස්ථානය දැනුවත් කර තිබුණේ කාන්තාවකි. පසුව ස්වර්ණාභරණ අළෙවිසැලේ හදිසි සංඥාව ද සේවකයෙකු විසින් ක්‍රියාත්මක කරනු ලැබ තිබු අතර ඒ ආසන්නයේ සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු යොමු කිරීමට පියවර ගෙන තිබුණි. සන්නද්ධ කොල්ලකරුවන් සහ පොලීසිය අතර වෙඩි හුවමාරුවක් ඇති වූයේ ඉන් අනතුරුවයි. පොලිස් රාජකාරිය දේවකාරියක් ලෙස සැලකු මේ නිර්භීත කොස්තාපල්වරයා බියපත්ව පැන ගියේ නැත. කොල්ලකරුවන් ඔහු වටකරගනිමින් පහර දුන් අතර පසුව හෙළි වූයේ ඔහුට වෙඩි ප්‍රහාර 6 ක් ද එල්ල කර ඇති බවයි. කොස්තාපල් සුරංග වීරසිංහ මහතා පසුව සැරයන් ධූරයට උසස් කෙරුණු අතර අවසන් කටයුතු අද සිදු කෙරිණි. පසුව වීරසිංහ මහතාගේ දේහය මාතර පොලීසියට රැගෙන ගියේ ය. මේ විරෝධාර පොලිස් නිලධාරියාට කෘතවේදීත්වය පළ කරමින් මාතර නගරයේ සියලු වෙළෙඳසැල් වසා දමා තිබුණි. දේහය මාතර නගරයට ගෙන එන විට ගුවනින් පුෂ්පෝපහාර ද පුද කෙරිණි. වීරසිංහ මහතාගේ දේහය අද පස්වරුවේ මාතර සුසාන භූමියේදී මිහිදන් කෙරුණේ පැමිණ සිටි සියල්ලන් දැඩි ලෙස කම්පා කරවමිනි. මේ අතර අදාළ ස්වර්ණභරණ අළෙවිසැළ කොල්ලකෑමට පැමිණි අවස්ථාවේදී පොලීසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරක සහ අනෙක් සැකකරු අද දහවල් අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබිණි. අප වාර්තාකරු පැවසුවේ, පුර්ණ ආරක්ෂාව මධ්‍යයේ ඔවුන් රැගෙන ගිය බවයි. ඊයේ කරාපිටිය ශික්ෂණ රෝහලට පැමිණි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා සැකකරුවන් ලබන මස 02 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේ ය. මෙම සිදුවීමට සම්බන්ධ තව ත් පුද්ගලයින් දෙදෙනෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. පොලීසිය සඳහන් කළේ, එක් සැකකරුවෙකු ඔවුන් පැමිණි මෝටර් රථයේ රියැදුරු බවයි.
2018-06-24T07:39:05.000Z
බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු ඓතිහාසික සංචාරයක් අරඹයි
විලියම් කුමරු ඓතිහාසික සංචාරයක් අරඹයි
කෙම්බ්‍රිජ් ආධිපාද විලියම් කුමරු සිය මැදපෙරදිග පස් දින නිල සංචාරය අතරතුර ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ ද සංචාරය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විලියම් කුමරු, මේ වන විට ගැටුම්කාරී තත්ත්වයක් උද්ගතව ඇති පලස්තීනයේ සහ ඊශ්‍රායාලයේ නිල සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වනු ඇති. එහිදී විලියම් කුමරු, ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ පලස්තීන නායක මොහොමඩ් අබ්බාස් ද හමුවීමට නියමිත ය. ඔහු ජොර්දානයෙන් අද සිය 5 දින සංචාරය අරඹන අතර එහිදී ඔටුන්න හිමි දෙවන අල්-හුසේන් බින් අබ්දුල්ලා කුමරු හමුවනු ඇති. ඊශ්‍රායලය සිය 70 වන සංවත්සරය සැමරීම සූදානම් වන අවස්ථාවේ විලියම් කුමරු මෙම සංචාරයේ නිරතවීම සුවිශේෂි කරුණකි. මේ අතර ඊශ්‍රායලය සහ පලස්තීනය අතර මේ වන විට උද්ගතව ඇත්තේ, දැඩි නොසන්සුන්කාරී තත්ත්වයකි. එහි ආසන්නතම සිදුවීම වූයේ, ඊශ්‍රායලය වෙත මෝටාර් සහ රොකට් ප්‍රහාර එල්ලවීමෙන් පසු පසුගිය බදාදා ඊශ්‍රායලය ගසා තීරයේ පලස්තීන යුද කඳවුරු වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමයි. කෙන්සිංටන් මාළිගය නිවේදනය කරන්නේ, මෙවන් තත්ත්වයක් මත විලියම් කුමරුගේ මෙම මැදපෙරදිග සංචාරය ඓතිහාසිකව වැදගත් වන්නක් බවයි.
2018-06-24T07:08:44.000Z
ඔරුවක් පෙරලීමෙන් තරුණයින් දෙදෙනෙකු අතුරුදන්
ඔරුවක් පෙරලීමෙන් තරුණයින් දෙදෙනෙකු අතුරුදන්
COLOMBO (News 1st) - වාරියපොළ, මලගනේ වැවේ ඔරුවක් පෙරලීමෙන් තරුණයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ පුද්ගලයින් 5 දෙනෙකු දන්සැලක් සඳහා නෙළුම් කොළ කැඩීමට ඔරුවකින් ගොස් ඇති බවයි. එම අවස්ථාවේදී ඔරුව පෙරලීගොස් තිබේ. එහිදී පුද්ගයින් තිදෙනෙකු පීනාගෙන ගොඩට පැමිණ ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය. අතුරුදන්ව ඇති පුද්ගලයින් සෙවීම සඳහා නාවික හමුදාව සහ පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් කැඳවා ඇත.
2018-06-24T06:09:48.000Z
නවසීලන්ත අගමැතිනිය කුළුඳුල් දියණියට නම් තබයි
නවසීලන්ත අගමැතිනිය කුළුඳුල් දියණියට නම් තබයි
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් සිය කුළුඳුල් දියණියට නීව් ටි අරෝහා අර්ඩන් ගේෆර්ඩ් ලෙස නම් තබා තිබේ. ඇය සිය දියණියට තැබූ නම ප්‍රකාශයට පත් කර ඇත්තේ, ඕක්ලන්ඩ්හි දරු ප්‍රසූතියෙන් පසු රෝහලින් පිටව යාමට පෙර දියණිය සහ සහකරු ක්ලාක් ගේෆර්ඩ් ද සමගින් ප්‍රසිද්ධියේ පෙනී සිටිමිනි. දියණිය වෙනුවෙන් වූ ඉදිරිපත් වූ නම් අතරින් මෙම නම තෝරා ගත් බව ත් නීව් ගේෆර්ඩ් යන කෙටි නම ඇය සඳහා භාවිත කළ හැකි බව ත් ඇය පැවසුවා ය. නූතන ඉතිහාසයේ ධූරයේ රැඳී සිටියදී දරු උපතක් සිදු කළ දෙවන රාජ්‍ය නායිකාව වන්නේ, නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසිඩා අර්ඩන් ය. පෙර පුවතට පිවිසීමට මෙහි Click කරන්න...
2018-06-24T05:23:15.000Z
මෙම වසර තුළ සුරාබදු වැටලීමෙන් 19,696 ක් අත්අඩංගුවට
මෙම වසර තුළ සුරාබදු වැටලීමෙන් 19,696 ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - වසරේගත වූ මාස 5 තුළ සිදුකළ සුරාබදු වැටලීම්වලින් පුද්ගලයින් 19,696 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ, එම කාලය තුළ වැටලීම් 20,000 කට ආසන්න සංඛ්‍යාවක් සිදු කළ බවයි. අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 1884 ක් ද වේ. අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් රුපියල් මිලියන 76 දඩ මුදල් අයකර ඇති බව ද කුමාරසිංහ මහතා සඳහන් කළේ ය.
2018-06-24T03:20:23.000Z
කොටියා ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්
කොටියා ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්
COLOMBO (News 1st) - කිලිනොච්චිය, අම්බාල්කුලම් ප්‍රදේශයේදී පොලු මුඟුරු වලින් පහරදී කොටියෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, ඔවුන් අද පස්වරුවේ කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. එම සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් අතර තවත් අයෙකු අද පෙරවරුවේ පොලීසියට පැමිණ භාර වී තිබුණි. එම කොටියා ගම්මානයට පැමිණ පුද්ගලයින් 5 දෙනෙකු සපාකා තුවාල ලැබීමෙන් පසුව ප්‍රදේශවාසින් එක්ව කොටියාට පහර දී ඝාතනය කර තිබුණි.
2018-06-24T03:12:56.000Z
මාතර වෙඩි හුවමාරුවේදී පොලීසියට සහය දුන් තරුණයා ඇගයීමට පියවර
මාතරදී පොලීසියට සහය දුන් තරුණයා ඇගයීමට පියවර
COLOMBO (News 1st) - මාතර දී පොලීසිය සහ කොල්ලකරුවන් අතර ඇති වූ වෙඩි හුවමාරුවේදී තුවාල ලැබු පොලිස් සැරයන්වරයෙකු, රෝහල වෙත ගෙන යාමට ඉදිරිපත් වූ තරුණයා ඇගයීමට ලක් කිරිමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ. මෙම සිද්ධිය පිළිබඳ ආරක්ෂිත කැමරා දර්ශන නිරීක්ෂණය කිරිමේදී දැක්වුණේ, වෙඩි වැදී සිටි පොලිස් සැරයන්වරයා අසලට පැමිණි තරුණයෙකු ඔහු ඔසවාගෙන යන ආකාරයයි. ඒ අනුව, එම තරුණයා පිළිබඳ තොරතුරු ලබාගෙන ඇගයීමක් ලෙස ඔහුට මුදල් ත්‍යාගයක් පිරිනැමීමටත් තීරණය කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
2018-06-24T00:51:12.000Z
සෞදි කාන්තාවන් අද සිට සුක්කානම අතට ගනී
සෞදි කාන්තාවන් අද සිට සුක්කානම අතට ගනී
(News 1st) - මෙතෙක් පැවති තහනම ඉවත්වීමත් සමග සෞදි කාන්තාවන් අද සිට සුක්කානම දෑතට ගත්තේය. ඒ, මානව හිමිකම් ක්‍රියාකාරින් හා සංවිධාන සෞදි කාන්තාවන්ට රිය පැදවිමේ අවසරය ලබා ගැනිම සඳහා කළ දීර්ඝ අරගලයක ප්‍රතිඵලයක් ලෙස ය. ලොව රිය පැදවීමට අවසර හිමිනොවූ එකම රට ලෙස ඉතිහාසගතව සිටි සෞදියේ කාන්තාවන් අදාළ තහනම ඉවත් වීමත් සමග එහි සතුට සමරන අයුරු කැමරා කාචවල සටහන්ව තිබුණි. කාන්තාවන්ට රිය පැදවීමට පැවති තහනම ඉවත් කිරීමේ ඉතිහාසගත සිදුවීම තේමා කරගනිමින් නැනෝ රීස් නැමති සිරියානු ගායිකාවක විසින් ගීතයක් ද නිර්මාණය කර තිබුණේ ඔවුන් ලැබූ ජයග්‍රහණය තවත් අරුත් ගන්වමිනි.
2018-06-24T00:40:13.000Z
කිලිනොච්චි කොටියා ඝාතනයට සම්බන්ධ තව ත් සැකකරුවෙකු පොලීසියට භාරවෙයි
කොටියා ඝාතනය: තව ත් සැකකරුවෙකු පොලීසියට භාරවෙයි
COLOMBO (News 1st) - කිලිනොච්චිය, අම්බාල්කුලම් ප්‍රදේශයේදී කොටියෙකු මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ තව ත් සැකකරුවෙකු අද උදෑසන පොලීසියට භාර වී තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු අම්බාල්කුම් ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු බව ය. මේ අතර ඊයේ රාත්‍රියේ සිදුකළ මෙහෙයුමක් අතරතුර උදයනගර් ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගැනිණි. සැකකරුවන් අද කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත ය. ඊට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබේ. පොලීසිය පැවසුවේ ගම්මාන 4 ක හෝ 5 ක පමණ පුද්ගලයින් ඊට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බව ය. සැකකරුවන්, කොටියාට මුඟුරු වලින් පහරදී ඝාතනය කරන අයුරු දැක්වෙන ඡායාරූප කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් පොලිස් ස්ථානයට භාර දී තිබේ. ඒ අනුව, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය. කොටියා ඝාතනය කිරිමට සම්බන්ධයෙන් සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා පොලීසියට නියෝග කළේය. ඒ වන ජිවී නිලධාරීන්, අධිකරණයට කළ කරුණු දැක්වීමක් සළකා බැලීමෙන් අනතුරුවයි. කොටියා ඝාතනය කරන අයුරු දැක්වෙන, විඩියෝ පට සහ සමාජ මාධ්‍ය ජාලවල පලවූ දර්ශන පාදක කරගනිමින්, මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙස මහේස්ත්‍රාත්වරාය නියෝග කර තිබේ. මේ අතර කොටියා ඝාතනය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වන ජිවී අමාත්‍යාංශය පවසයි. විෂය භාර අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ, ඒ සඳහා විශේෂ කමිටුවක් ද ක්‍රියාත්මක බව ය.
2018-06-24T00:23:12.000Z
සහකාර පොලිස් අධිකාරීවරුන් 37 දෙනෙකුට උසස්වීම් ලබා දීමට පොලිස් කොමිසමෙන් අනුමැතිය
සහකාර පොලිස් අධිකාරීවරුන් 37 දෙනෙකුට උසස්වීම්?
COLOMBO (News 1st) - සහකාර පොලිස් අධිකාරීවරුන් 37 දෙනෙකු පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලබා දී තිබේ. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එම ධුරයේ නියමිත කාලය සම්පූර්ණ කර ඇති නිලධාරීන් 37 දෙනා පොලිස් අධිකාරී ධුරයට උසස් කරන විශේෂ පොලිස් පණිවුඩය නිකුත් කරන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දෙන බව ය. දීර්ඝ කාලයක් තිස්සේ එකම නිලයේ කටයුතු කරන පොලිසියේ පහළ නිලධාරීන් සම්බන්ධයෙන් ද සම්මුඛ පරීක්ෂණ පවත්වා උසස්වීම් ලබා දීමට ද පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඊට අදාළ කාර්ය පටිපාටිය පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කරනු ලැබ ඇති අතර ඉදිරි දිනවලදී අදාළ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව ද, එම ජ්‍යෙෂ්ඨ නිලධාරීයා සඳහන් කළේය.