date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-07-12T05:29:45.000Z
පෞද්ගලික අංශය සිදු කළ චිත්‍රපට බෙදා හැරීම, චිත්‍රපට සංස්ථාවට පවරා ගැනීම වළක්වමින් නිකුත් කළ අතුරු තහනම දීර්ඝ කෙරේ
චිත්‍රපට සංස්ථාවට නිකුත් කළ අතුරු තහනම දීර්ඝ කෙරේ
COLOMBO (News 1st) - පෞද්ගලික අංශයෙන් මෙතෙක් සිදු කළ චිත්‍රපට බෙදා හැරීම ජාතික චිත්‍රපට සංස්ථාවට පවරා ගැනීම වළක්වමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන 25 වන දා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා විනිසුරු අමිල රත්නායක මහතා අද නියෝග කළේ ය. ඒ සම්බන්ධයෙන් විරෝධතා ලබන 17 වන දා ගොනු කරන ලෙසට ද දිසා විනිසුරුවරයා එහිදී වගඋත්තරකාර පාර්ශවයට නියෝග කළේ ය. වගඋත්තරකාර ජාතික චිත්‍රපට සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කියා සිටියේ පෙත්සම සම්බන්ධයෙන් කඩිනමින් විරෝධතා ගොනු කරන බව ය.
2018-07-12T03:17:28.000Z
ලෝක ප්‍රකට ටජ්මහල් ප්‍රාසාදය අනතුරේ !
ලෝක ප්‍රකට ටජ්මහල් ප්‍රාසාදය අනතුරේ!
ලෝක ප්‍රකට උරුමයක් ලෙස සැලකෙන ටජ්මහල් ආරක්ෂා කිරීමට ඉන්දීය රජය අසමත් වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය පැවසූවේ, ෆෙඩරල් සහ ප්‍රාන්ත ආණ්ඩුවල උදාසීන ක්‍රියාකලාපය හේතුවෙන් එම ස්මාරකය දැඩි ලෙස පරිහානියට ලක් ව ඇති බවයි. එරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස විවේචනය කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබු පෙත්සමක් විභාග කරමිනි. මේ අතර මෙම වසරේ මැයි මාසයේදී අධිකරණය රජයට උපදෙස්දී තිබුණේ, කිරිගරුඬ ව්‍යූහයට සිදුව ඇති හානියට පිළියම් යෙදීමට විදෙස් රටක සහය ලබා ගන්නා ලෙසයි. අධිකරණය එහිදී වැඩිදුරටත් පෙන්වාදී තිබුණේ, සුදු පැහැති කිරිගරුඬෙන් සහ අනෙක් අමු ද්‍රව්‍යවලින් සැදූ මෙම ස්මාරකය කහ පැහැයට හැරි තිබු අතර මේ වන විට එය දුඹුරු සහ කොළ පැහැයට හැරෙමින් පැවිතීම අවදානම් තත්ත්වයක් බවයි. ස්මාරකය තුළ හා අවට පරිසර දූෂණය වීම මෙන්ම කෘමීන් සිදු කර ඇති හානි ටජ්මහල මෙලෙස පරිහානියට පත්වීමට හේතු වී ඇතැයි තහවුරු වී ඇත. ඉන්දීය රජය අධිකරණයට කියා සිටියේ, ස්මාරකය තුළ හා අවට පරිසර දූෂණය වැළැක්වීම සඳහා පියවර ගැනීමට විශේෂ කමිටුවක් පිහිටුවා ඇති බවයි. 17 වන ශතවර්ෂයේ ඉදිකළ ටජ්මහල සංචාරක ආකර්ෂණය දිනා ගත් ලොව අතිවිශිෂ්ට නිර්මාණවලින් එකකි. දිනකට ටජ්මහල් නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 70,000කට අධික වේ.
2018-07-12T02:14:55.000Z
Update: නිල සංචාරයක් සඳහා තායිලන්ත අගමැති දිවයිනට
Update: නිල සංචාරයක් සඳහා තායිලන්ත අගමැති දිවයිනට
COLOMBO (News 1st) Update: 3.42 pm - තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චාන් ඔචා මහතා දෙදින නිල චාරිකාවක් සඳහා අද පස්වරුවේ දිවයිනට පැමිණියේ ය. ----------------------------------------------------------------------------------------------------------------------------------------- තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චාන් ඔචා මහතා දෙදින නිල චාරිකාවක් සඳහා අද දිවයිනට පැමිණිමට නියමිත වේ. ඒ, ජනාධිපති සිරිසේන මැතිතුමාගේ ආරාධනයකට අනූවයි. තායිලන්ත අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ රාජ්‍ය උත්සවය අද පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධනාත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වනු ඇති. අනතුරුව නායකයින් දෙදෙනා අතර ද්විපාර්ශවික සාකච්ජා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය. තායිලන්ත අගමැතිවරයාගේ මෙරට සංචාරයේදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතයි. තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චාන් ඔචා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතර නිල හමුව හෙට උදෑසන පැවැත්වීමට සැලසුම් කර තිබේ. එහිදී අග්‍රාමාත්‍යවරුන් අතර ආර්ථික, වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍ර පිළිබඳව සාක්ච්ඡා පැවැත්වෙනු ඇති. සංචාරයේදී තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ ද සංචාරය කිරීමට නියමිත අතර අස්ගිරි - මල්වතු මහනාහිමිවරුන් ද බැහැදැකීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.
2018-07-12T00:33:46.000Z
යුද වියදම් ඉහළ නංවන ලෙස අමෙරිකානු ජනපති නේටෝ සාමාජික රටවලින් ඉල්ලයි
ට්‍රම්ප්ගෙන් නේටෝ සාමාජික රටවලට ඉල්ලීමක්
යුද වියදම් සඳහා ගෙවන මුදල දෙගුණ කරන ලෙස අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ සංවිධානයේ සාමාජික රටවලින් ඉල්ලා තිබේ. ධවල මන්දිරය සඳහන් කළේ, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති නේටෝ සංවිධාන සමුළුවේදී අමෙරිකානු ජනපතිවරයා මෙම ඉල්ලීම කළ බවයි. මේ අනුව නේටෝ සංවිධානයේ සාමාජික රටවල් සිය රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 4% ක් යුද වියදම් වෙනුවෙන් වෙන්කළ යුතු බව අමෙරිකානු ජනපතිවරයා කියා සිටියේ ය. සෙසු සාමාජික රටවලට වඩා වැඩි මුදලක් අමෙරිකාව ආරක්ෂක වියදම් ලෙස වැයකිරීම අසාධාරණ බව අමෙරිකානු ජනපතිවරයා මීට පෙර ද වරින්වර කියා සිටි. කෙසේ වෙතත් නේටෝ සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් කියා සිටියේ, සාමාජික රටවල් ඉදිරියේදී සිය ආරක්ෂක වියදම් ඉහළ නැංවීමට පියවර ගනු ඇති බවයි.
2018-07-11T22:16:51.000Z
උතුරු නැගෙනහිර ඉඩම්වලින් 94% ක් මුල් පදිංචිකරුවන්ට මුදා හැරේ
උතුරේ ඉඩම්වලින් 94%ක් මුල් පදිංචිකරුවන්ට මුදා හැරේ
COLOMBO (News 1st) - ආරක්ෂක අංශ භාරයේ පැවති උතුරු නැගෙනහිර ඉඩම්වලින් 94% ක් මේ වනවිට මුල් පදිංචිකරුවන්ට මුදා හැර ඇති බව යුද හමුදාව පවසයි. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, නිදහස් කළ හැකි තව ත් ඉඩම් අක්කර 522 ක් හඳුනාගෙන ඇති බවයි. එහෙත් යටිතල පහසුකම්වල පවතින ගැටලුවක් හේතුවෙන් එම ඉඩම් මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම ප්‍රමාද වී ඇති බව ඔහු සඳහන් කළේ ය. එම ඉඩම් හඳුනාගෙන ඇත්තේ, උතුරු නැගෙනහිර නිදහස් කළ හැකි ඉඩම් පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුව විසිනි. හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ, 2009 වසරේ සිට මේ වසරේ ජුනි 30 දක්වා උතුරු නැගෙනහිර ඉඩම් අක්කර 65,133 ක් මුල් පදිංචිකරුවන් වෙත ලබා දී ඇති බවයි. පසුගිය ජුනි මාසය තුළ ද ඉඩම් අක්කර 58 ක් මුල් පදිංචිකරුවන්ට ලබාදුන් බව ඔහු පැවසුවේ ය. ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයෙන් උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම සිදු කරන බව ද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කර තිබේ.
2018-07-11T21:28:21.000Z
අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවයි
අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවයි
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නියම කර ඇති මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවීමත් සමග අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, අලුගෝසු තනතුර සඳහා පුරප්පාඩු දෙකක් පවතින බවයි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපකරණ සහ එල්ලුම් ගස සඳහා යොදන කඹය මේ වන විට ආනයනය කර බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව පවතින බව ද ඔහු සඳහන් කළේ ය. 2015 වසරේ සිට අලුගෝසූ තනතුර පුරප්පාඩුව පවති. අවස්ථා දෙකකදී ඒ සඳහා පුද්ගලයින් බඳවා ගැනීමට උත්සහ කළත්, පැමිණි පුද්ගලයින් දෙදෙනා පුහුණුවෙන් පසු එම තනතුර හැර ගිය බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. මේ වන විට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණයෙන් මරණ දඬුවම නියමව සිටින රැඳවියන් සංඛ්‍යාව 13 කි. ඉන් 12 ක් ම පිරිමි රැඳවියන් වන අතර එක් කාන්තා රැඳවියක් ද ඒ අතර වේ.
2018-07-11T21:15:15.000Z
ක්‍රීඩාවේ ජීව ගුණය හානි කිරීමේ වරදට නායක චන්දිමාල්ට, හතුරුසිංහට සහ ගුරුසිංහට ටෙස්ට් තරග දෙකක් තහනම්
චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහට තරග තහනමක්
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ටෙස්ට් තරග දෙකක තහනමක් පනවා තිබේ. ඒ, ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීම සම්බන්ධව වැරදිකරුවන්වීම හේතුවෙනි. නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අතරතුර ක්‍රීඩාවේ ජීව ගුණයට හානී කිරිම සමබන්ධයෙන් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට, පුහුනුකරු චන්දික හතුරුසිංහට හා කළමනාකරු අසංක ගුරුසිංහට චෝදනා එල්ල විය. ඒ, දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය ආරම්භ කිරීම පැය 2 කින් පමණ ප්‍රමාදවීම හේතුවෙනි. ‍ එම චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කලමනාකරු අසංක ගුරුසිංහගෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ කරුණු විමසීමක් සිදු ක‍ළේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ඩුබායිහී පිහිටි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන කාර්යාලය හා එංගලන්තයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ කාර්යාලය යන ස්ථාන තුන සම්බන්ධ කරගනිමින් ස්කයිප් තාක්ෂණය ඔස්සේ කරුණු විමසමින් සිදු කළ මෙම විභාගයෙන් අනතුරුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ ඔවුන් තිදෙනාට ටෙස්ට් තරග දෙකක තහනමක් පැනවීමටයි. ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල මේ පිළිබඳව නිවේදනය කර තිබේ. ඒ අනුව අද ආරම්භ වන තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඔවුන් තිදෙනාට අහිමි වනු ඇති.
2018-07-11T20:46:53.000Z
ලෝක කුසාලාන තරගාවලියේ අපරාජිතයන් වූ ක්‍රොඒශියාව එංගලන්තය පරදා අවසන් මහා තරගයට
FIFA:පළමු වරට ක්‍රොඒශියාව අවසන් මහා තරගයට එක් වෙයි
ක්‍රොඑශියාව ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ඒ, ප්‍රබල එංගලන්තයත් සමග පැවැති දෙවන අවසන් පූර්ව තරගය ජය ගනිමිනි. ඒ අනුව ලබන ඉරිදා මොස්කව් නුවරදී පැවැත්වෙන අවසන් මහ තරගයේදී ප්‍රංශයට එරෙහිව ක්‍රොඒශියාව තරග බිමට පිවිසෙන්නේ තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසයි. 79000 කට ආසන්න පාපන්දු ලෝලීන් පිරිසකගේ සහභාගීත්වයෙන් එංගලන්තය සහ ක්‍රොඒශියාව අතර මෙම තරගය රුසියාවේ මොස්කව් හි ලුස්නිකි ක්‍රීඩාංගණයේදී පැවැත් විණි. මෙවර තරගාවලියේ ශූරයන් වනු ඇතැයි වැඩි දෙනකුගේ අනාවැකිවලින් උද්දාමයට පත් ව සිටි එංගලන්තය තරගයේ ගෝල රැස් කිරීම ආරම්භ කළේ තරගයේ පස්වැනි මිනිත්තුවේදී ය. එම කණ්ඩායමේ කිරන් ට්‍රිපියර් නිදහස් පහරක් මගින් සිය කණ්ඩායමට පළමු ගෝලය එක් කළේ ය. තරගයේ 29 වන මිනිත්තුවේදී මෙවර තරගාවලියේ රන් සපත්තුවේ හිමිකරු ලෙස සැලකෙන එංගලන්ත නායක හැරී කේන්ට පහසුවෙන්ම ගෝලයක් ලබා ගැනීමට අවස්ථාව හිමිවූවත් ඉන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට නොහැකි වූයේ ක්‍රොඒශියා දැල රකින්නා වන ඩැනියෙල් සුභාෂික් එම උත්සහය සාර්ථකව ව්‍යාර්ථ කිරීමත් සමගයි. ප්‍රතිවාදී ක්‍රොඑශියා කණ්ඩායමට එම අර්ධයේදී කිසිදු ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාව හිමිනොවුනු අතර ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවුනේ එංගලන්තයට ගෝල 1 ට 0 ක් ලෙස පෙරමුණ හිමිකර දෙමිනි. තරගයේ දෙවන අර්ධය ආරම්භයේ සිටම ක්‍රොඑශියාව ආක්‍රමණශීලි ක්‍රීඩා විලාසයත් අනුගමනය කළ අතර 68 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ අයිවන් පෙරිසිච් සිය කණ්ඩායමට පළමු ගෝලය එක් කළේ ය. තරගයේ 82 වැනි මිනිත්තුවේදී ක්‍රොඒශියාවට නැවතත් ගෝලයක් ලබා ගැනීමට අවස්ථාව හිමිවුව ද එංගලන්ත දැල රකින්නා වන ජෝඩාන් පික්ෆෝර්ඩ්ගේ දක්ෂතා හමුවේ එම ගෝලය ව්‍යර්ථ කිරීමත් සමග ජයග්‍රාහකයන් තීරණය කිරීමට අතිරේක කාලයක් ලබාදීමට විනිසුරුවන්ට සිදු වූයේ, නියමිත කාලය අවසන් වන විට දෙපිලම ගෝලය බැගින් ලබා සිටීම හේතුවෙනි. තරගයේ අතිරේක කාලයේදී ක්‍රියාත්මක වූ ක්‍රොඑශියාවේ මරියෝ මාන්සුකික් සිය කණ්ඩායමට ජයග්‍රාහී ගෝලය එක් කළේ ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයට ක්‍රොඑශියාවට දොරගුළු විවර කරමිනි. ඒ අනුව ගෝල 2 ට 1 ක් ලෙස ප්‍රබල එංගලන්තය පරාජය කළ ක්‍රොඑශියාව මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ ය. අවසන් මහා තරගය කරා පැමිණි ගමනේදී සිය අපරාජිත බව රැක ගැනීමට ද ක්‍රොඒශියානු ක්‍රීඩකින් සමත් වීම විශේෂත්වයකි. ඒ අනුව එළඹෙන 15 වන දා මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී ප්‍රබල ප්‍රංශය හා කෝඩුකාර ක්‍රොඑශියාව පාපන්දු ලෝක ශූරයින්ට පිරිනමන රන් කුසලානය තමන් සතු කර ගැනීමට පිටියට පිවිසිමට නියමිත වේ.
2018-07-11T20:14:05.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්...
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්...
COLOMBO (News 1st) 1. මරණ දඬුවම නියමවී සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයින්ට මරණ දඬුවම ලබාදීමට තමන් අත්සන් තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ මතට එරෙහිව පාසලෙන් ජවයක්, වැඩසටහනේ සමාරම්භක උත්සවය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත් විණි. 2. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ බිලියන 13.5ක ණය උගුලෙන් බේරීම සඳහා රාජ්‍ය බැංකු දෙකකින් ණයක් ලබා ගැනීමට තීරණය කර තිබේ. පුවපත් වාර්තාවට අනුව රාජ්‍ය බැංකු අදාළ ණය මුදල මුදා හැරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් සිටි. 3. ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය මත දෙකක් ඉදිරිපත් කරමින් සිටි. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක හමුවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත් විය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවසූවේ, රාජ්‍ය නායකයා වෙන කවුරුවත් නෙවෙයි අතිගරු මහින්ද රාජපක්ෂ මහතා බවයි. 4. ජූලි 10 වන දින මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් ඉහළ දැමිණි. රජය පැවසූවේ, සෑම මාසයකටම වරක් තෙල් මිල තීරණය වන ආකාරයෙන් මිල සූත්‍රය ක්‍රියාත්මක වන බවයි. 5. මෙරට කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු මෙන් ම ප්‍රකට නීතිවේදියෙකු වූ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත විය. ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා සිදු කිරීමට නියමිත වේ. විදෙස් පුවත් 6. අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධය තීව්‍ර කරමින් අමෙරිකානු ඩොලර් බිලියන 200ක වටිනාකමින් යුත් චීන භාණ්ඩ සඳහා 10%ක අමතර තීරු බද්දක් පැනවීමට ජනපති ට්‍රම්ප් පරිපාලනය සූදානම් වෙයි.
2018-07-11T09:48:33.000Z
ඉන්ධන මිල වෙනස්වීම මසකට වරක්
ඉන්ධන මිල වෙනස්වීම මසකට වරක්
COLOMBO (News 1st) - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් හා ඩීසල් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කෙරිණි. රජය පැවසූවේ, සෑම මාසයකටම වරක් තෙල් මිල තීරණය වන ආකාරයෙන් මිල සූත්‍රය ක්‍රියාත්මක වන බවයි.
2018-07-11T09:39:14.000Z
ශ්‍රීලංකන් හිටපු සභාපතිගේ වියදම් පිළිබඳ අනාවරණයක්
ශ්‍රීලංකන් හිටපු සභාපතිගේ වියදම් පිළිබඳ අනාවරණයක්
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ අධික වියදම් පිළිබඳව අද ජනාධිපති කොමිසමේදී අනාවරණ විය. 2008 වසරේ සිට 2015 දක්වා ව්‍යාපාරික වැදගත්කමක් ඇති මගින්ගේ අතිරේක ගමන්මලු සඳහා අයකිරීම සභාපතිවරයා විසින් ඉවත් කර තිබු අතර ඒ වෙනුවෙන් ලැබිය යුතු රුපියල් මිලියන 7.726 ක මුදල් සමාගමට අහිමි වී ඇති බව අද අනාවරණ විණි. එම අතිරේක ගමන් මලු ප්‍රමාණය ටොන් තුනක් පමණ වන අතර එය මගින් 36 දෙනෙකුට සමානයි. සභාපතිවරයාගේ කාර්ය මණ්ඩලය ලෙස ඔහුගේ ලේකම් සහ විධායක ලේකම්වරිය සේවය කළ අතර 2013 - 2014 කාලය තුළ සභාපතිවරයාගේ කාර්යමණ්ඩල මුලික වැටුප ලෙස රුපියල් මිලියන 3.8 ක් වැය කොට තිබුණි. එම සේවකයන් දෙදෙනා පමණක්ගතහොත් ඔවුන් එම වසරේදී මසකට රුපියල් එක්ලක්ෂ පනස් අට දහස බැගින් වූ මුලික වැටුපක් ලබා තිබෙන බව ද මෙහිදී අනාවරණ විය. අද වැඩිදුරටත් අනාවරණ වුයේ, නිශාන්ත වික්‍රමසිංහ මහතාට දිනපතා පැය 20 ක අධික කාලයක් සේවය කරන රියැදුන්රන් ද සිටි බවයි. ඔවුන් එක්තරා කාලයකදී අත්තිකාල දීමනා ලෙස මසකට රුපියල් ලක්ෂයක් ඉක්මවු අත්තිකාල වැටුපක් ලබාගෙන ඇති බව ද අනාවරණ විණි. 2014 - 2015 කාලය තුළදී නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ විදේශ ගමන් වියදම රුපියල් මිලියන 09 ක් ඉක්මවා තිබේ. වාණිජ පන්තියේ අසුනක සිංගප්පුරුවට යාමට වැයවන මුදල රුපියල් 30,000 ක් ලෙස ගණනය කළහොත් නිශාන්ත වික්‍රමසිංහ මහතා එම වසර තුළදී තුන්සිය වතාවක් සිංගප්පුරුවට ගොස් ඇති බව නිගමනය කළ හැකියි.
2018-07-11T09:22:55.000Z
භාණ්ඩාගාරය ඇපවී ශ්‍රීලංකන් සමාගමට රාජ්‍ය බැංකුවලින් තව ත් බිලියන ගණනක ණය පහසුකම්
ශ්‍රීලංකන් සමාගමට රාජ්‍ය බැංකුවලින් බිලියන ගණනක ණය
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගමේ බිලියන 13.5ක ණය උගුලෙන් බේරීම සඳහා රාජ්‍ය බැංකු දෙකකින් ණයක් ලබා ගැනීමට තීරණය කර තිබේ. ඩේලි මිරර් පුවත්පත අද වාර්තා කළේ, අදාළ ණය මුදල ලබා ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවයි. පුවපත් වාර්තාවට අනුව රාජ්‍ය බැංකු අදාළ ණය මුදල මුදා හැරීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරමින් සිටි. ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම විධිමත් කිරීම හෝ සමාගම සංවර්ධනය කිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු ‍සොයාගත යුතු බව අමාත්‍ය මණ්ඩල සංදේශ අධ්‍යයන කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කර ඇති බව ද එම වාර්තාවේ සඳහන් විය. මේ වන විටත් ගුවන් සමාගම රුපියල් බිලියන 13 කට අධික ණය මුදලක් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතව තිබේ. පසුගිය දා පැවති සාකච්ඡාවල දී ගුවන් සමාගම එකඟවී තිබුණේ මේ සතිය තුළ රුපියල් මිලියන 800 ක් ලබාදී ඉතිරි මුදල පෞද්ගලික බැංකුවකින් ලබාගන්නා ණය මුදලකින් ගෙවා දමන බවටයි.
2018-07-11T09:12:16.000Z
ගෝඨාභයගේ ආගමනයෙන් ඒකාබද්ධය දෙකඩ වෙයි ද?
ගෝඨාභයගේ ආගමනයෙන් ඒකාබද්ධය දෙකඩ වෙයි ද?
COLOMBO (News 1st) - ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය මත දෙකක් ඉදිරිපත් කරමින් සිටි. මේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම බෙදී වෙන්වීමේ ආරම්භයක් ද? ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක හමුවක් ඊයේ රාත්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත් විණි. විදේශගත වී සිටින බැවින් මෙම රැස්වීමට උදය ගම්මන්පිල මහතා සහභාගි වූයේ නැත. ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස සන්ධානගතව ඉදිරි දේශපාලන කටයුතු ක්‍රියාත්මක කිරීමට මෙහිදී එකඟතාවය පළ විය.
2018-07-11T08:42:52.000Z
මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය - ජනපති අත්සන යොදන්න ත් සූදානම්
මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය
COLOMBO (News 1st) - මරණ දඬුවම නියමවී සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයින්ට මරණ දඬුවම ලබාදීම සඳහා තමන් අත්සන් තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ මතට එරෙහිව පාසලෙන් ජවයක්, වැඩසටහනේ සමාරම්භක උත්සවය අද මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත් විය. මෙම වැඩසටහනට සමගාමීව පාසල් තුළ මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළව නව චක්‍රලේඛයක් විදුහල්පතිවරුන්ට නිකුත් කර ඇත. ඒ යටතේ සෑම පාසලකම මේ වසර අවසන්වීමට පෙර මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුවක් පිහිටුවීම අනිවාර්ය වේ. මීට අමතරව මඩකලපුව, වාකරේ ප්‍රදේශයේ ලී මොලක තිබී අද ත් හෙරොයින් කිලෝග්‍රෑම් 9.9 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. මෙම හෙරායින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 14 ඉක්මවනු ඇති. තව ද ටෙනිස් බෝලයක බහා වැලිකඩ බන්ධනාගාරයට හොරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 150 ක් යැවීමට තැත්කළ කාන්තාවකට කොළඹ මහාධිකරණය අද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේ ය. මෙම දඬුවම් නියම වූයේ, බොරැල්ල සීවලී පටුමග ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවකටයි.
2018-07-11T05:50:26.000Z
පේශාවර්හි මැතිවරණ රැළියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
පේශාවර්හි රැළියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
පකිස්ථානයේ පේශාවර් නගරයේ මැතිවරණ රැළියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දේශපාලනඥයෙකු සහ සිවිල් වැසියන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, බෝම්බ ප්‍රහාරයෙන් එරට අමාවි ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලනඥයෙකු වන හරූන් බිලවර් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එරට පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ප්‍රහාරයෙන් පුද්ගලයින් 69 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි. හරූන් ජූලි 25 වන දා පැවැත්වෙන පකිස්ථාව මහ මැතිවරණයේ අපේක්ෂකයෙකු වන අතර ඔහුගේ පියා ද ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයෙකු විය. ඔහු 2012 වසරේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත් විය. පොලීසිය පවසන්නේ, බිලවර් සිය පාක්ෂිකයින් අමතමින් සිටින අතරතුර මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවයි. පකිස්ථාන තලේබාන් සංවිධානය ප්‍රහාරයේ වගකීම භාර ගෙන තිබේ. අමාවි ජාතික පක්ෂය 2013 මැතිවරණ සමයේ ද තලේබාන් ප්‍රහාරවල ප්‍රධාන ඉලක්කයන් බවට පත් විය.
2018-07-11T05:37:06.000Z
තේ සඳහා ස්ථාවර සෙස් බද්දක්
තේ සඳහා ස්ථාවර සෙස් බද්දක්
COLOMBO (News 1st) - අපනයනය කරන තේ සඳහා කිලෝග්‍රෑම් එකක් මත රුපියල් 10 ක ස්ථාවර සෙස් බද්දක් පැනවීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ. තේ අපනයනකරුවන්ට සිදුව ඇති විවිධ අපහසුතා මග හැරවීම මෙහි අරමුණයි. අමාත්‍ය නවීන් දිසානායක මහතා ගෙන ආ යෝජනාවකට අනුව මෙම සෙස් බද්ද පැන වූ බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ ය.
2018-07-11T02:59:52.000Z
දෙදෙනෙකුට මරු කැඳවූ වවුනියාව, පුලියන්කුලමදී සිදු වූ මාරාන්තික රිය අනතුර
දෙදෙනෙකුට මරු කැඳවූ මාරාන්තික රිය අනතුර
COLOMBO (News 1st) - වවුනියාව, පුලියන්කුලම ප්‍රදේශයේ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 3 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, වවුනියාව සිට කිලිනොච්චිය දෙසට ගමන් කරන ලද කන්ටේනර් රථයක් සහ කිලිනොච්චිය සිට වවුනියාව දෙසට ගමන් කරන ලද බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බව ය. බස් රථයේ හා කන්ටේනර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිව තිබේ. අනතුරින් මිය ගොස් ඇත්තේ, බස් රථයේ ගමන් කළ කාන්තාවක හා කන්ටේනර් රථයේ රියැදුරා ය. තුවාල ලැබූ පුද්ගලයෝ වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබති.
2018-07-11T01:18:14.000Z
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 19කට මරණ දඬුවම නියම කිරීමට කැබිනට් අනුමැතිය
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 19කට මරණ දඬුවම
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියම වූවන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, මේ වන විට මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් 19 දෙනෙකුට අධිකරණයෙන් මරණ දඬුවම නියම කර ඇති බව ය. මේ අතර මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා ත්‍රිවිධ හමුදාවල සක්‍රීය දායකත්වය ලබා ගැනීමට ද ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය සාකච්ඡා කර තිබේ.
2018-07-11T00:49:47.000Z
ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් රැගත් යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදී කාර්මික දෝෂයකට
මෙරට ධීවර යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදී දෝෂයකට
COLOMBO (News 1st) - ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු රැගත් යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදී කාර්මික දෝෂයකට ලක්ව තිබේ. ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඩී.පී. තිසේරා මහතා සඳහන් කළේ, එම යාත්‍රාව මේ වන විට දියාගෝ ගාසියා හා මාලදිවයින අතර ජාත්‍යන්තර මුහුදේ පාවෙමින් ඇති බව ය. අමෙරිකානු ගුවන් යානයක් විසින් මෙම ධීවරයින් සිටින ප්‍රදේශය හඳුනාගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. පසුගිය 20 වන දා දෙවුන්දරින් මුහුදු ගිය අගනිස 01 නමැති යාත්‍රාව මෙලෙස අනතුරට ලක්ව ඇති අතර ධීවරයින් මුදා ගැනීම සඳහා ධීවරයින් පිරිසක් යාත්‍රාවකින් එම ප්‍රදේශයට පිටත් කර යවා ඇති බව ද එස්.ඩී.සී. තිසේරා මහතා පැවසුවේ ය.
2018-07-10T23:39:22.000Z
දැඩි සුළඟකින් කොළඹ නිවාස 153කට හානි
දැඩි සුළඟකින් කොළඹ නිවාස 153කට හානි
COLOMBO (News 1st) - කොළඹ ප්‍රදේශ රැසක් හරහා හමා ගිය දැඩි සුළඟකින් නිවාස 153කට හානි වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ දෙහිවල, කැස්බෑව, හෝමාගම, පිළියන්දල, මොරටුව ඇතුළු ප්‍රදේශවලට සුළං තත්ත්වය බලපා ඇති බව ය. වැඩි ම නිවාස සංඛ්‍යාවක් හානියට පත්ව ඇත්තේ, හෝමාගම ප්‍රදේශයේ ය. එම සංඛ්‍යාව 75ක් බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ය. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයින හරහා විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම, උතුරු මැද, උතුර , ඌව සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටත් විටින් විට පැයට කිලෝ මීටර් 50 ත් 60 ත් දක්වා ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බව ය. මුහුදු ප්‍රදේශවල ද තද සුළං ඇති වීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
2018-07-10T23:27:02.000Z
අමෙරිකාවෙන් චීනයට එරෙහිව 10%ක අමතර තීරු බද්දක්
අමෙරිකාවෙන් චීනයට එරෙහිව 10%ක අමතර තීරු බද්දක්
(News 1st) - අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධය තීව්‍ර කරමින් අමෙරිකානු ඩොලර් බිලියන 200ක වටිනාකමින් යුත් චීන භාණ්ඩ සඳහා 10%ක අමතර තීරු බද්දක් පැනවීමට ජනපති ට්‍රම්ප් පරිපාලනය සූදානම් වේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ ආහාර නිෂ්පාදන, දුම්කොළ, ගල්අඟුරු, රසායනික ද්‍රව්‍ය, ටයර්, සුනඛ හා සත්ව ආහාර , රූපවාහිනී උපාංග, පරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ඇතුළු තීරු බදු පැනවීමට යෝජිත චීන නිෂ්පාදන භාණ්ඩ ලැයිස්තුවක් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය මගින් නිකුත් කර ඇති බව ය. සිය අසාධාරණ ක්‍රියාකාරකම් නවතා දමා වෙළෙඳපොළ විවෘත කරමින් සැබෑ ලෙස වෙළෙඳපොළ තරගයට එක්වන ලෙස වසරකට අධික කාලයක් පුරා ජනපති ට්‍රම්ප් පරිපාලනය චීනයෙන් ඉල්ලා සිටි බව අමෙරිකානු වෙළෙඳ නියෝජිත රොබට් ලයිටිසර් යෝජිත තීරු බදු නිවේදනය කරමින් කියා සිටියේ ය. ඔහු නිවේදනයක් නිකුත් කරමින් ක්‍රියා සිටියේ, එකට එක කිරීමක් ලෙස තමන්ට ප්‍රතිචාර දැක්වීමට චීනය පසුබට නොවන අතර මෙතෙක් ඒ පිළිබඳව තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව ය. ඩොලර් බිලියන 34 ක වටිනාකමින් යුත් චීන නිෂ්පාදන සඳහා අමෙරිකාව පැනවූ 25%ක ආනයන තීරු බද්ද පසුගිය සතියේ සිට ක්‍රියාත්මක වන අතර ඊට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු නිෂ්පාදන සඳහා ද සමාන වටිනාකමින් යුත් තීරු ආනයන බද්දක් පැනවීමට චීනය ද පියවර ගත්තේ ය.
2018-07-10T22:35:50.000Z
මීටර් සවි නොකරන ලද ත්‍රිරෝද රථවලට ලබන පළමු වන දා සිට වැඩ වරදියි
මීටර් සවි නොකරන ලද ත්‍රිරෝද රථවලට වැඩ වරදියි
COLOMBO (News 1st) - මීටර් සවි නොකරන ලද ත්‍රිරෝද රථ පරීක්ෂා කර දඩ පැවරීමට පොලීසියට ලබන මස පළමු වන දා සිට බලය පනවන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසුවේ, විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එය ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබා දුන් බව ය. ඒ අනුව ලබන මස පළමු වන දා සිට ත්‍රිරෝද රථවල මීටර් සවි කිරීම අනිවාර්ය වන අතර එසේ නොකරන ත්‍රිරෝද රථ රියැදුරන් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු කිරීමට පොලීසියට බලය පැවරෙන බව ඔහු සඳහන් කළේ ය. මීටර් සවි නොකරන ලද ත්‍රිරෝද රථ රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ නිර්දේශ මත මෙම තීරණ ක්‍රියාත්මක ය.
2018-07-10T22:15:17.000Z
යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායකට සේවා දිගුවක්
යුද හමුදාපතිවරයාට සේවා දිගුවක්
COLOMBO (News 1st) - යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට වසරක සේවා දිගුවක් ලබා දී තිබේ. ඒ, සේනාධිනායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සඳහන් කළේ, මහේෂ් සේනානායක මහතා ලබන 19 වන දා යුද හමුදාපති ධූරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබූ බව ය. මෙරට 22 වන යුද හමුදාපතිවරයා ලෙස සේනානායක මහතා පත් වූයේ, 2017 වසරේ ජූනි මස 27 වන දා ය.
2018-07-10T22:03:03.000Z
මහින්ද රාජපක්ෂගේ යටතේ පොදු පෙරමුණක් ලෙස කටයුතු කිරීමට ඒකාබද්ධය එකඟ වෙයි
පොදු පෙරමුණක් ලෙස කටයුතු කිරීමට ඒකාබද්ධයේ එකඟතාව
COLOMBO (News 1st) - ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී ඊයේ රාත්‍රියේ පැවැත්විණි. මෙම රැස්වීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ කිහිපයක නියෝජිතයෝ එක්ව සිටියහ. එම හමුවෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ, ඒකාබද්ධ පොදු ජන පෙරමුණ නමින් සන්ධානගත වීමට සියලු දෙනා ඒකමතිකව එකඟ වූ බව ය.
2018-07-10T21:26:12.000Z
රජයේ රැකියා දීමේදී අභ්‍යන්තර උපාධිධාරීන්ට ප්‍රමුඛත්වය දීමට ගත් තීරණයට රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධය
රජයේ රැකියා දීමේදී අ. උපාධිධාරීන්ට ප්‍රමුඛත්වය
COLOMBO (News 1st) - රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගැනීමේදී කැබිනට් මණ්ඩලය ගත් තීරණයට අනුව විශ්වවිද්‍යාල අභ්‍යන්තර උපාධිධාරීන්ට ප්‍රමුඛතාව ලබා දෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි. එහි අතිරේක ලේකම් අසංක දයාරත්න මහතා සඳහන් කළේ, ඒ අනුව පුහුණුවට බඳවා ගැනීම සඳහා දැනට තෝරාගෙන ඇති 5000 කණ්ඩායමේ සිටින විශ්වවිද්‍යාල අභ්‍යන්තර උපාධිධාරීන් සංඛ්‍යාව පිළිබඳව සොයා බැලීමක් සිදු කරන බව ය. එම කටයුතු මෙතෙක් අවසන් කර නොමැති බව ද අතිරේක ලේකම්වරයා පැවසුවේ ය. කෙසේ වෙතත් බඳවා ගන්නා පළමු කණ්ඩායමට අභ්‍යන්තර හා බාහිර ලෙස වර්ගීකරණයකින් තොරව විශේෂ අවශ්‍යතා ඇති උපාධිධාරීන් පිරිසක් හා එල්.ටී.ටී.ඊ. ය හා සම්බන්ධව සිට පසුව පුනුරුත්ථාපනය වූ උපාධිධාරීන් පිරිසක් බඳවා ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය. කෙසේ වෙතත් රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගැනීමේදී විශ්වවිද්‍යාල අභ්‍යන්තර උපාධිධාරීන්ට ප්‍රමුඛතාව දීමට ගෙන ඇති ක්‍රියාමාර්ගයට රැකියා විරහිත ඒකාබද්ධ උපාධිධාරීන්ගේ සංගමය විරෝධය පළ කරයි. එහි කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියන් ප්‍රකාශ කළේ, එය මානව හිමිකම් පවා උල්ලංඝනය කිරීමක් බව ය. මෙම තීරණය වෙනස් කර රැකියා විරිහිත උපාධිධාරීන්ට කඩිනමින් රාජ්‍ය සේවයේ පත්වීම් ලබා දෙන ලෙස උන්වහන්සේ ඉල්ලීමක් කළේ ය.
2018-07-10T20:27:34.000Z
ඉන්ධන මිල ඉහළ යාමෙන් ප්‍රවාහන ගාස්තුත් වැඩි වෙයි ද?
ඉන්ධන මිල ඉහළ යාමෙන් ප්‍රවාහන ගාස්තුත් වැඩි වෙයිද?
COLOMBO (News 1st) - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් මිල ඉහළ දැමීමත් සමග යළිත් වරක් පොදු ප්‍රවාහන සේවාවල ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වී තිබේ. රජයේ තීරණයත් සමග ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 08 කින් හා ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07 කින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමිණි. එම තීරණයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 09 කින් ඉහළ ගිය අතර සුපර් ඩීසල් ලීටරයක මිල ඉහළ ගියේ, රුපියල් 10 කිනි. කෙසේ වෙතත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ, මිල සූත්‍රයට අනුව සෑම මාසයකම 10 වන දා ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ය. මෙවැනි තත්ත්වයක් යටතේ පොදු ප්‍රවාහන සේවාවල ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ඒ ඒ ක්ෂේත්‍රවල වෘත්තීය සමිති කිහිපයකින් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ, ඉන්ධන මිල ඉහළ යාම බස් රථ හිමියන්ට දැඩි බලපෑමක් එල්ල කරන බව ය. කෙසේ වෙතත් මේ පිළිබඳව අවසන් තීරණයක් අද දහවල් වන විට ගන්නා බව අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ ය. ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති කේ.ඩී. අල්විස් මහතා සඳහන් කළේ, තම සංගමයේ විධායක සභාව රැස්වී මේ පිළිබඳව තීරණයක් ගන්නා බව ය. මේ අතර ඉන්ධන මිල වැඩි කිරීමට රජය තීරණය කිරීමත් සමග ඊයේ රාත්‍රියේ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබිණි.
2018-07-10T20:04:59.000Z
බෙල්ජියම පැරදූ ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයට
බෙල්ජියම පැරදූ ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයට
(News 1st) - වසර 12කට පසු 3 වන වරටත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හියුගෝ ලෝරිස් ප්‍රමුඛ ප්‍රංශ කණ්ඩායම සමත් විය. ඒ, තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී බෙල්ජියම් කණ්ඩායම පරාජය කරමිනි. දක්ෂයින් අතරින් අති දක්ෂයින් සොයා යන මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රංශය හා බෙල්ජියම අතර පළමු අවසන් පූර්ව තරගය රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග්හිදී පැවැත්විණි. 65000කට ආසන්න පාපන්දු ලෝලීන් පිරිසකගේ සහභාගීත්වය යටතේ පැවැති මෙම තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත්තේ ය. තරගයේ පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට අවස්ථාවක් හිමි නොවිණි. කෙසේ වෙතත් බෙලිජියමේ මැද පෙළ ක්‍රීඩක ඊඩන් හසාඩ් තරගයේ පළමු අර්ධයේදී ගෝලයක් වාර්තා කිරීමට ප්‍රබල උත්සහයන් කිහිපයක් දැරුව ද එම උත්සහයන් සාර්ථකව ව්‍යර්ථ කිරීමට ප්‍රංශ දැල් රකින්නා වන නායක හියුගෝ ලෝරිස් සමත් විණි. තරගයේ ජයග්‍රහණයට එක් ගෝලයක් පමණක් හෝ අවශ්‍යව තිබූ මොහොතක ක්‍රියාත්මක වූ ඇන්ටෝනියෝ ග්‍රිස්මන් යොමු කළ පන්දුව සිය හිසෙන් ප්‍රතිවාදී ගෝලයට යොමු කිරීමට සැමුවල් අම්ටිටි සමත් වුණේ 1998 ශූරයින්ව නැවතත් ලෝක කුසලානයක අවසන් මහා තරගයකට ගෙන යමිනි. මෙවර තරගාවලියේ වැඩි ම ගෝල ලාභීන්ගේ දෙවන ස්ථානයේ පසුවන බෙල්ජියමේ රොමේලු ලුකාකුට පවා කණ්ඩායමට අවශ්‍ය වූ මොහොතක සිය කණ්ඩායමට ගෝලයක් එක් කිරීමට අවස්ථාවක් හිමි නොවිණි. ඒ අනුව තරගයේ අවසන් ලකුණු සටහන දැක්වුණේ, ගෝල 1 ට 0 ක් ලෙස ප්‍රංශයට තරගයේ ජය හිමි කර දෙමිනි. ප්‍රංශය 1998 වසරේදී ලෝක ශූරයින් වුණු අතර 2006 වසරේදී ඔවුන් ලෝක අනුශූරයින් බවට පත් විය. ඒ අනුව ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබා ගත් 3 වන අවස්ථාව මෙය යි. මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේදී ප්‍රංශයේ ප්‍රතිවාදීන් වන්නේ කවුරුන් ද යන්න අද එංගලන්තය හා ක්‍රොඑශියාව සමග තරගයෙන් පසු තීරණය වේ.
2018-07-10T19:44:03.000Z
ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය අභාවප්‍රාප්ත වෙයි
හේමන්ත වර්ණකුලසූරිය අභාවප්‍රාප්ත වෙයි
COLOMBO (News 1st) - මෙරට කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු මෙන් ම ප්‍රකට නීතිවේදියෙකු වූ ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත විය. ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ දේහය අද පස්වරුවේ කොළඹ නෝරිස් කැනල් මාවතේ පිහිටි නිවස වෙත රැගෙන එනු ලැබිණි. මියයන විට 74 වන වියේ පසු වූ හේමන්ත වර්ණකුලසූරිය මහතා මෙරට නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටුකළ නීතිවේදියෙක් ය. ජන මාධ්‍ය මගින් මෙරට නීතිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පුළුල් මෙහෙවරක නිරතව සිටි වර්ණකුලසූරිය මහතා අසාධාරණයට හා අයුක්තියට එරෙහිව ප්‍රබලව සටන් කළ නීතිඥවරයෙකු ලෙස ද ප්‍රකට වේ. තංගල්ලේදී උපත ලැබූ වර්ණකුලසූරිය මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි. 1972 වසරේ පෙබරවාරි මස 16 වන දා කොළඹ නීති විද්‍යාලයෙන් පිට වූ ඔහු සිය වෘත්තීය දිවිය ආරම්භ කළේ ය. එම වසරේම ඔහු විවාහ වූයේ අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායක එච්. ආර්. ජෝතිපාල මහතාගේ නැගනිය වූ අයිරාංගනී වර්ණකුලසූරිය මහත්මිය සමගයි. දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වූ හේමන්ත වර්ණකුලසූරිය මහතා නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ මාමණ්ඩිය වේ. රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ඉතාලිය, ග්‍රීසිය, ඇල්බේනියා යන රටවල 2007 වසරේ සිට 2011 වසර දක්වා කාලයේ සුවිශේෂී සේවාවක් ඉටුකල ඔහු සයිප්‍ර‍ස් හා මෝල්ටාව යන රටවල මහ කොමසාරිස්වරයා ලෙස ද කලක් කටයුතු කළේ ය. වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්තවනවිට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සේවය කරමින් සිටියේ ය. දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා සිදු කිරීමට නියමිත වේ.
2018-07-10T11:44:23.000Z
ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තරග නැරඹීමට පාසල් සිසුන්ට නොමිලේ අවස්ථාව
පාසල් සිසුන්ට ටෙස්ට් තරගාවලිය නොමිලේ
COLOMBO (News 1st) - පාසල් සිසුන්ට සහ ඇකඩමිවල පුහුණුව ලබන ශිෂ්‍යයින්ට ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබා දෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එම ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පාසල් සිසුන්ට පාසල් නිල ඇඳුමෙන් සැරසී සහ ඇකඩමි සිසුන්ට අනන්‍යතාව තහවුරු කළ හැකි හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් ක්‍රීඩාංගණවලට ඇතුලු විය හැකි බවයි. දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අනිද්දා ආරම්භ වනු ඇත.
2018-07-10T11:17:13.000Z
රථ වාහන වැරදි 33 කට දඩ මුදල් ලබන 15 වන දා සිට ඉහළට
රථ වාහන වැරදි 33 කට දඩ මුදල් ලබන 15 වන දා සිට ඉහළට
COLOMBO (News 1st) - රථ වාහන වැරදී 33 ක් සම්බන්ධයෙන්, නියම කෙරෙන ස්ථානීය නව දඩ මුදල ලබන 15 වැනි දා සිට ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. එහි රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ පොලිස් අධීකාරි ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, ඒ සඳහා වන නව දඩ පත්‍රිකා ඇතුළත් දඩ පොත් ලක්ෂයකට අධික ප්‍රමාණයක් 489 ක් වූ සියලු පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇති බවයි. මෙම නව ස්ථානීය දඩ සංශෝධන ක්‍රියාත්මක වන්නේ මේ වසරේ ජනවාරි මස 15 වන දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනූවය. ඒ අනූව වේග සීමා උල්ලංඝණය වන පරිදි රිය ධාවනයට මෙතෙක් රුපියල් 1000 ක්ව පැවති දඩ මුදල රුපියල් 3000 දක්වා ඉහළ දමා ඇති අතර දින 14 ක් ඇතුළත ගෙවීමට අසමත් වුවහොත් එම මුදල දෙගුණයක් වන බව පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ ය. මාර්ග රීතිවලට අවනත නොවීම, පොලිස් නිලධාරීන්ගේ විධාන සහ සංඥාවලට අවනත නොවීම, මාර්ගයක මෝටර් රථයක් නවතා තැබීමේදී හෝ එය ළඟ නොසිටීමේදී හෝ අක්‍රියවීමක දී ගත යුතු පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග නොගැනීම යන වැරදි සම්බන්ධයෙන් අය කරන නව දඩ මුදල රුපියල් 2000 ක් වේ. හඳුනාගැනීමේ තහඩු නොමැතිව රිය ධාවනය මෙතෙක් අය කළ රුපියල් 500 ක ස්ථානීය දඩය රුපියල් 1000 දක්වා ඉහළ දමා ඇති අතර ආදායම් බලපත්‍රය ප්‍රදර්ශනය හා නියම කරනු ලැබූ විට ඉදිරිපත් නොකිරීමට අදාළව රුපියල් 500 ක්ව පැවති දඩ මුදල ද රුපියල් 1000 දක්වා ඉහළ දමා තිබේ. ධාවනය කරන විට රියැදුරු බලපත්‍රයක් රැගෙන යාමට අසමත්වීමේ වරදට නව දඩ මුදල රුපියල් 1000 කි. ආසන පටි, ආරක්ෂිත හිස් වැසුම් පැළඳීම පැහැර හැරීම සම්බන්ධයෙන් වූ වරදට 15 වන දා සිට අය කරන දඩය රුපියල් 1000 කි. මාර්ග සංඥාවලට අවනත නොවීම සම්බන්ධයෙන් ලබන 15 වන දා සිට අය කරන ස්ථානීය දඩය රුපියල් 1000 ක් බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය.
2018-07-10T09:43:50.000Z
කබ්රාල්ගේ බොරුව
කබ්රාල්ගේ බොරුව
COLOMBO (News 1st) - වත්මන් ආණ්ඩුව පසුගිය රජයේ සිටි නිලධාරීන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවමින් ඔවුන්ගෙන් පළිගනිමින් ඇති බව යුක්තියට හඬක් සංවිධානය පවසයි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල්, විනිමය සුරැකුම්පත් කොමිසමේ සභාපති නාලක ගොඩහේවා, හිටපු අගමැති ලේකම් එස්. අමරසේකර, සී.එස්.එන් නාලිකාවේ හිටපු ප්‍රධානී රොහාන් වැලිවිට සහ තරුණ සේවා සභාවේ හිටපු සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා යන මහත්වරුන් මෙම සංවිධානය වෙනුවෙන් මාධ්‍ය හමුවට සහභාගි විය. මාධ්‍යවේදී ප්‍රශ්නය, දැන් ඔබලා සර්ව සම්පූර්ණ පාර්ශව ද මීට කළින් ආණ්ඩුවල එ.ජා.ප යේ හිටපු පළාත් සභා මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල්, ඔබතුමා මොන ආයතනයේ ද? මාධ්‍යවේදී ප්‍රශ්නය, මගේ ප්‍රශ්නයට උත්තර දෙන්නකෝ අජිත් නිවාඩ් කබ්රාල්, ඔබතුමා මං දන්නවා කොහෙද කියලා. ඔබතුමා ඉන්න ඉන්න අහගෙන ඉන්නකෝ පොඩ්ඩක්....මේ... මේ... අහගෙන ඉන්න. ඔබතුමාලාගේ අයතනයේ ඉන්න නිලධාරීන්ටත් ලොකු ලොක්කන්ටත් ඔයවගේ චෝදනා තියෙනවා. මං කියනවා දැන් ඔබ තුමන්ලා කියන්න හදනවා නම් අපේ මේ චෝදනා ඇත්ත කියලා. ඒ චෝදනාත් ඇත්ත වෙන්න පුලුවන් එහෙනම්. හරිනේ. මාධ්‍යවේදී ප්‍රශ්නය, පැහැදිලිව කතා කරන පර්පෙචුවල් ගනුදෙනුව සම්බන්ධයෙන් මේ රජයට තියෙන ලොකුම චෝදනාව ඔබතුමාලා කිව්වානේ ලොකු වංචාවක් වුණා කියලා පී.ටී.එල්. එක කවුද මේ රෙජිස්ටඩ් ‍ස්ටොක් මාකට් එකට ගෙන්නේ කවු ද? ඔබතුමානේ. අජිත් නිවාඩ් කබ්රාල්, එක වැරදි ද? ඒ කාලේදි වෙච්ච එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පළමු බොරුව. බැඳුම්කර වංචා කළ බව කියන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට ප්‍රාථමික ගැනුම්කරවෙකු ලෙස කටයුතු කිරීමට අවසර දුන්නේ අජිත් නිඩාඩ් කබ්රාල් මහතා මහබැංකුවේ අධිපතිව සිටි 2013 වසරේදීයි. පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් අයත්වූ මව් සමාගම වන පර්පෙචුවෙල් කැපිටල් හෝල්ඩින් සමාගමට ප්‍රාථමික ගැනුම්කරුවෙකුවීමට ප්‍රමාණවත් ප්‍රාග්ධනය පවා නොතිබූ අවස්ථාවක ප්‍රාථමික ගැනුම්කාර අවසරය ලබාදී තිබුනේ කබ්රාල් මහතාගේ අනුදැනුමකින් තොරව ද? මාධ්‍යවේදී ප්‍රශ්නය, සමාවෙන්න මගේ ප්‍රශ්නය ඉවර නෑ නමුත් ඔය කියන්නා වූ ළබැඳියාවන් අතර ගැටුම ඒ කාළේ මතුවෙලා තිබුනේ නැද්ද අජිත් නිවාඩ් කබ්රාල්, ඔව් දැන් ඔබතුමාගේ ආයතනයේ ප්‍රධානියා ළබැඳියාවේ ගැටලුවක් තියෙනවා අනිත් අයටත් ඔබතුමාට ඕන උත්තරේ නෙවෙයි මම දෙන්නේ ඔබතුමා මතක තියාගන්න ඔබතුමා ප්‍රශ්න අහද්ද මම දෙන උත්තරේ අහගන්න. මාධ්‍යවේදී ප්‍රශ්නය, ඔබතුමා අජිත් නිවාඩ් කබ්රාල්, කිලි රාජා මහේන්ද්‍රන් මහත්තයා ෆීකුවන්සි පිළිබඳ චෝදනාවක් තියෙනවා හරි ද? මාධ්‍යවේදී ප්‍රශ්නය, මොකක්ද චෝදනාව ? අජිත් නිවාඩ් කබ්රාල්, තියෙනවා මං එක මේ ඔක්කෝලටම කියන්න ඕනේ නෑ චෝදනාව එතුමා මාධ්‍යවේදී ප්‍රශ්නය, ඔබතුමා මහ බැංකුවේ ගවනර් හැටියට හිටයට දන්නේ නෑ අජිත් නිවාඩ් කබ්රාල්, චෝදනාවක් තියෙනවා කියලා ඔබතුමා පිළිගන්නවා ද? මාධ්‍යවේදී ප්‍රශ්නය, නෑ චෝදනා කරන්න පුලුවන් අජිත් නිවාඩ් කබ්රාල්, එක තමයි අපිත් කියන්නේ චෝදනාවක් තියෙනවා චෝදනාවක් තිනෙවා එතකොට නැව් සම්බන්ධව චෝදනාවක් තියෙනවා ද? මාධ්‍යවේදී ප්‍රශ්නය, නෑ අජිත් නිවාඩ් කබ්රාල්, තියෙනවා. ඔබතුමා ප්‍රශ්න ඇසීමෙන් වෙන්නේ ඔබතුමාගේ ලොක්කට ප්‍රශ්නයක් වෙනවා. ඔවට පස්සේ උත්තර දෙන්න හරි අමාරු වෙනවා. ඒ නිසා ඒ ගැන කල්පනා කරලා ඔබතුමා ඉන්න. ඒ නිසා ඔබතුමා අනිත් අයට ඇඟිලි දික්කරද්දී තමන්ටත් ඇඟිලි දික්වෙනවා කියලා මතක තියාගන්න. මාධ්‍යවේදී ප්‍රශ්නය, මම අහන්නේ ඔබතුමාගේ සමයේ ඔබතුමාගේ සහෝදරියක් ඉන්න පී.ටී.එල්. එක අජිත් නිවාඩ් කබ්රාල්, මගේ සහෝදරිය පී.ටී.එල්. එකේ නෑ මං එකේ මාධ්‍යවේදී ප්‍රශ්නය, දෙදාස් දහතුනේ අජිත් නිවාඩ් කබ්රාල්, කොමිසමටත් උත්තරදීලා තියෙනවා ඒ පිළිබඳව ඔබතුමාලට මං එක කියලා තියෙනවා පී.ටී.එල්. එකේ එතුමියට තිබුනානම් සම්බන්ධතාවයක් මෙලහකට මාව ඔක පටලලා ඉවරයි. ඔබතුමන්ලාගේ චැනල් එකේ විතරයි එක කියන්නේ. කබ්රාල් මහතාගේ දෙවන බොරුව... බැඳුම්කර වංචාව සිදුවන විට ඔහුගේ සහෝදරිය පර්පෙචුවෙල් සමාගමේ නොසිටි බව ඇත්තක්. එහෙත් කබ්රාල් මහතාගේ සහෝදරිය වන ශිරෝමි වික්‍රමසිංහ මහත්මිය පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් මව් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක ලෙස කටයුතු කළ අතර නිසි අවශ්‍යතා සපුරා නොතිබියදීත් ප්‍රාථමික ගැනුම්කාර තත්ත්වය සමාගමට ලබාදෙන්නේ ඇය එම තනතුරේ සිටි කාලයේදීයි. මාධ්‍යවේදී ප්‍රශ්නය, ඉකොනොමි නෙස්ට් කියන සඟරාවේ අද දවසේ පළ කරලා තියෙන රිපොට් එකක මේ සියලු තොරතුරු වාර්තා කරලා තියෙනවා. අජිත් නිවාඩ් කබ්රාල්, දැන් ඔකේම තමා පළ කරලා තිබුනේ ඔබතුමාලාගේ නායකයාගේ නැව් ගනුදෙනුව ගැන තව ත් අය පළ කරලා තිබුනා ඔබතුමන්ලාගේ ෆීකුවන්සිස් ගැන. එක එක්කෙනා පබ්ලිෂ් කරලා තියෙනවා. ඔබතුමා මේක විස්වාස කරනවා නම් මේකත් විස්වාස කරන්න. හරි ඔබතුමාගේ ප්‍රශ්න ඇති අනිත් අය ප්‍රශ්න අහන්න. ඔබතුමාලා මේ ප්‍රශ්නය යුත්තියට හඬක් ගැන අහන්නකෝ දැන් ඔබතුමාට ඕනේ වෙන එකක් ගැන පටලවා ගන්නනේ. මාධ්‍යවේදී ප්‍රශ්නය, නෑ නෑ ග්‍රීක් බැඳුම්කර ගනුදෙනුව අජිත් නිවාඩ් කබ්රාල්, හොඳයි ඔබතුමා අහපු එක ග්‍රීක් බැඳුම්කර ගැන ඔබතුමා දන්නවා ද? සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා නඩුවක් දැම්ම බව දන්නවා ද? ඔබතුමා දන්නවා දැන්නෑ වගේ හිටියට ඊට පස්සේ සුප්රිම් උසාවියෙන් එකට තීන්දුවක් දුන්න බව දන්නවා ද ? මාධ්‍යවේදී ප්‍රශ්නය, කවද්ද තීන්දුවක් දුන්නේ? අජිත් නිවාඩ් කබ්රාල්, 2014 සැප්තැම්බර් මාසේ 12 වැනිදා උසාවියේ තීන්දුවක් දීලා තියෙනවා. ඔබතුමා ගිහිල්ලා බලන්න. තුන්වන බොරුව... සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා එවක ගොනු කළේ මූලික අයිතිවාසිකම් නඩුවක්. මූලික අයිතිවාසිකම් නඩු කටයුත්ත අවසන් වුවත් වංචාවක් නැතහොත් දූෂණයක් සිදුනොවූ බව අධිකරණය පවසා තිබුනේ ද? නීතිපති දෙපාර්තමේන්තුව මේ පිළිබඳව අල්ලස් කොමිසමෙන් විමර්ශනයක් කළ යුතු බවත් එවැනි විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවත් කබ්රාල් මහතාට අමතක වූයේ කෙසේ ද? මාධ්‍යවේදී ප්‍රශ්නය, ඔබතුමා අලුත් අනාවරණයක් කළා මේ ෆ්‍රීකුවන්සි කාතාවකුයි මේ නැව් ගත්ත කතාවකුයි එක පොඩ්ඩක් පැහැදි කරන්න කෝ. අජිත් නිවාඩ් කබ්රාල්, එක් පස්සේ ගන්නම් අදට ඇති මාධ්‍යවේදී ප්‍රශ්නය, නෑ නෑ පැහැදිලි කරන්න අජිත් නිවාඩ් කබ්රාල්, වෙන දවසක ගමු වෙනදවසක එක මං රිසර්ච් කරලාම ගන්නම් වෙන දවසක්. මාධ්‍යවේදී ප්‍රශ්නය, මේ සම්බන්ධව පැමිණිල්ලක් තියෙනවා ද? අජිත් නිවාඩ් කබ්රාල්, දැන් ඔබතුමාලා කිව්ව දෙවල් පැමිණිලි තියෙන දෙවල් නෙවේ. මාධ්‍යවේදී ප්‍රශ්නය, නෑ අපි කතා කළේ FCID පැමිණිලි ගැන අජිත් නිවාඩ් කබ්රාල්, මම උත්තරයක් දුන්නේ එක තමයි CID එකට ගත්ත ප්‍රශ්න පැමිණිල්ලක් තිබුනේ නෑ මං පැමිණිලි කරපු පුද්ගලයා ගැනත් කිව්වානේ. මාධ්‍ය ඉදිරියේ තර්ජනය කරමින් තමන් සුද්ද වන්තයින් සේ පෙන්වීමට උත්සාහ කරන අජිත් නිවාඩ් කබ්රාල්, නාලක ගොඩහේවා වැනි අයගේ කියුම් කෙරුම් රටේම ජනතාව හොඳින් දනී. දැනටමත් මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙන්ම අල්ලස් කොමිසම මේ අයගැන කරන පරීක්ෂණ ඉදිරියේදී අධිකරණ ඉදිරියට යනු ඇති. ග්‍රීක බැඳුම්කර, පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය ලබා ගැනීමට ගිය සංචාරය, කොටස් වෙළෙඳපොළේ වංචා දූෂණ මේ එකක් දෙකක් පමණි. අපි මේවා ගැන සාක්ෂි සාධක සහිතව ඕනෑ තරම් අනාවරණය කර ඇත. නීතිඥ ලලිත් පියුම් මහතා වැනි තරුණ නීතිඥයෙකු ලෙස පැහැදිලි අනාගතයක් දක්නට ඇති දක්ෂයින් අතර ද දක්ෂයෙකි. තරුණ සේවා සභාවේ සිටියදී රටේ අනාගතය වෙනුවෙන් ඔහු වෙහෙසුනු අයුරු අප කාතුළත් හොඳින් මතකයේ ඇත. කීර්තිමත් මාධ්‍යවේදියෙකුගේ පුත්‍රයෙකු බැවින් රොහාන් වැලිවිට මහතා ගැන අපි මේ වෙලාවේ කතා නොකරමු. හිටපු අගමැති ලේකම් එස්. අමරසේකර මහතාගේ කියුම් කෙරුම් ද අප නොදන්නවා නොවේ. දැන් සිදුවී ඇත්තේ කිරි කෝප්පයට ගොම බිදුවක් නොව ගොම ගොඩක් වැටී විනාශවීමකි.
2018-07-10T07:37:32.000Z
ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට
ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට
COLOMBO (News 1st) - ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8.00 කින් හා ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7.00 කින් ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බවයි. ඩීසල් ලීටරයක මිල රුපියල් 9.00 කින් ද සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10.00 කින් ද අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමෙනු ඇති. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ, සෑම මාසයකම ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි. එය සෑම මාසයකම 10 වන දා සිදු කෙරෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. මෙම තීරණවලට එළඹ ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද පස්වරුවේ ජනාධිපති කාර්යා‍ලයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.
2018-07-10T07:19:56.000Z
කැලි කසළවලින් විදුලිය උත්පාදනයට රජය සැරසෙයි
කැලි කසළවලින් විදුලිය උත්පාදනයට රජය සැරසෙයි
COLOMBO (News 1st) - කැලි කසළවලින් විදුලිය උත්පාදනය කිරීමේ වැඩසටහනක් ඇරඹීමට රජය සුදානම් වෙයි. රජයේ නිල පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ, ලබන වසරේ ජූනි මාසයේදී අරඹීමට නියමිත මෙම ව්‍යාපෘතියෙන් කැලි කසළ අර්බුධයට විසඳුම් සෙවීමට අපේක්ෂා කරන බවයි. මේ යටතේ ඝන අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ ස්ථානයක් පුත්තලමේ අරුවක්කුලු ප්‍රදේශයේ ලබන ඔක්තෝබර් මාසයේදී ඇරඹීමට නියමිත ය.
2018-07-10T06:43:24.000Z
තායිලන්තයේ ලෙනක සිර වූ කණ්ඩායම බේරා ගැනේ
තායිලන්තයේ ලෙනක සිර වූ කණ්ඩායම බේරා ගැනේ
දින 17 ක් තායිලන්තයේ ලෙනක සිරව සිටි දරුවන් සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු ඇතුලු 13 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම නිරුපද්‍රිතව මුදාගැනීමට තායිලන්ත ආරක්ෂක අංශ සමත් විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මුදාගත් සියලුදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි. කොටස් වශයෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර අද 5 දෙනෙකු බේරා ගැනීමට නියමිතව තිබුණි. දින තුනක උත්සාහයකින් පසු එම 5 දෙනා ද නිරුපද්‍රිතව බේරා ගැනීමට සහන කණ්ඩායම්වලට හැකි විය. මෙම මෙහෙයුමට තායිලන්ත, අමෙරිකානු බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියානු හා චීන කිමිදුම්කරුවන් 90 දෙනෙකු මීට සහභාගි විය. මෙහිදී තායිලන්ත නාවික හමුදා කිමිදුම්කරුවෙකු වන සමන් ගුනාම් මරණයට පත් වූයේ ස්වසනය සඳහා ප්‍රමාණවත් ඔක්සිජන් හඟවීම හේතුවෙනි.
2018-07-10T06:59:43.000Z
පොලිස් සැරයන් ඝාතනය කළ චීවරධාරියා කොටුවෙයි
පොලිස් සැරයන් ඝාතනය කළ චීවරධාරියා කොටුවෙයි
COLOMBO (News 1st) - රත්නපුර, ගල්ලැන්ද ප්‍රදේශයේදී චීවරධාරියෙකු විසින් පොලිස් සැරයන් වරයෙකුගේ ගෙල සිරකර ඝාතනය කරනු ලැබ තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අදාළ චීවරධාරියාට එරෙහිව අධිකරයෙන් වරෙන්තුවක් නිකුත් කළ බවයි. ඒ අනුව එම චීවරධාරියා සොයා සැරයන්වරයා විහාරස්ථානය වෙත ගොස් ඇත. එහිදී වූ සිදුවීමෙන් පසු පොලිස් සැරයන්වරයා රෝහල වෙත රැගෙන යමින් සිටියදී ඔහු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මියගොස් ඇත්තේ, ගොඩකවෙල පල්ලෙබැද්ද ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි නිලධාරියෙකි. එම සිද්ධියෙන් පසු අදාළ චීවරධාරියාව අත්අඩංගුවට ගැනීමට යාමේදී චීවරධාරියා අත්බෝම්බයක් එල්ල කිරීමට උත්සාහ කළ බව පොලීසිය ප්‍රකාශ කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එය ව්‍යාර්ත කර අදාළ චීවරධාරියාව අත්අඩංගුවට ගත් බවයි.
2018-07-10T06:07:07.000Z
කුසුම්දාස මහනාම හා පියදාස දිසානායක තවදුරටත් රිමාන්ඩ්
කුසුම්දාස මහනාම හා පියදාස දිසානායක යළිත් රිමාන්ඩ්
COLOMBO (News 1st) - ඉන්දියානු ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවේ සැකකරුවන් වන ජනා‍ධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි ආචාර්ය කුසුම්දාස මහනාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක ලබන 13 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත් රංග දිසානායක මහතා අද නියෝග කර තිබේ. එම සැකකරුවන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බැවින් ඔවුන් වෙනුවෙන් ඇප ඉල්ලීමක් කිරීමට අපේක්ෂ කරන බව පෙන්වා දෙමින් විත්තියේ නීතිඥවරුන් කළ කරුණු දැන්වීම සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රතාත්වරයා එම නඩුව යළි ලබන 13 කැඳවීමට නියෝග කළේ ය. ප්‍රධාන මහේස්ත්‍රත්වරයා එහිදී පෙන්වා දුන්නේ, තම අධිකරණය විසින් එම සැකකරුවන් දෙදෙනා නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීරණය කර ඇති බැවින් එවැනි ඇප ඉල්ලීමක් සිදු කළ යුත්තේ ඉහළ අධිකරණයේ බවයි.
2018-07-10T05:04:27.000Z
අල්ලස් ගත් කල්කුඩා පොලිස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට
අල්ලස් ගත් ස්ථානාධිපතිවරයාට වැඩ වරදී
COLOMBO (News 1st) - රුපියල් ලක්ෂ 3 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී කල්කුඩා පොලිස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම කොමිසන් සභාව සඳහන් කළේ, අදාළ නිලධාරියා ගඩොල් ව්‍යාපාරිකයෙකුට පරිසර බලපත්‍රයක් ලබාගැනීමට අවශ්‍ය ලිපියක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 5 ක මුදලක් ඉල්ලා ඇති බවයි. ඉන් රුපියල් ලක්ෂ 3 ක මුදලක් එම ව්‍යාපාරිකයාගෙන් වාලච්චේන කෝරලේපත්තු ප්‍රදේශීය සභාව තුළදී අද දහවල් ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත. අල්ලස් කොමිසම සඳහන් කළේ, පාලන අංශයේ ස්ථානාධිපතිවරයා වේයන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් එම මුදල් ලබාගෙන ඇති බවයි.
2018-07-10T03:14:55.000Z
තායිලන්ත ගුහාවේ දරුවන් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්
ගුහාවේ දරුවන් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්
තායිලන්තයේ ගුහාවක් තුළ සිරවී සිටි පාපන්දු කණ්ඩායමේ ඉතිරි සාමාජිකයින් 5 දෙනා මුදා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබේ. මෙහෙයුමේ නිරත මුදා ගැනීමේ කණ්ඩායම් පවසන්නේ එම මෙහෙයුම අධිඅවදානම් සහිත බවයි. තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ලෙන තුළ දැනට සිරවී සිටින පාපන්දු ක්‍රීඩකයින් 4 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු සඳහන් කළේ ය. ඔවුන් පවසන්නේ, කිමිඳුම්කරුවන්ගේ මග පෙන්වීම මත කටයුතු කිරීමට තමන් සූදානම් බවයි. පසුගිය දින දෙක තුළ සිදු කළ රක්ෂිතව මුදවා ගැනීමට කිමිඳුම්කරුවෝ වූහ.
2018-07-10T02:57:27.000Z
තවත් රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති
තවත් රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙති
COLOMBO (News 1st) - තවත් රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූහ. නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ ලකී ජයවර්ධන මහතා යි. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජේ.සී. අලවතුවල මහතා දිවුරුම් දෙනු ලැබුවේ ය. ලකී ජයවර්ධන මහතා මීට පෙර කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ජේ.සී. අලවතුවල මහතා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.
2018-07-10T01:19:45.000Z
රාජකාරිය පැහැර හැරි චීනයේ රාජ්‍ය නිලධාරීන් සිය ගණනකට සිර දඬුවම්
චීනයේ රාජ්‍ය නිලධාරීන් සිය ගණනකට සිර දඬුවම්
(News 1st) - පාරිසරික නීති උල්ලංඝනය කිරීමට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වූ චීනයේ රාජ්‍ය නිලධාරීන් සිය ගණනකට සිර දඬුවම් නියම කර තිබේ. චීන පරිසර අමාත්‍යංශය සඳහන් කළේ, සිය පරීක්ෂාවන් අතරතුර අනාවරණය වූ පාරිසරික නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් රාජකාරිය පැහැර හැරීමේ චෝදනා මත ඔවුන්ට සිර දඬුවම් නියම කර ඇති බව ය. එරට පළාත් 10ක පරිසර නිලධාරීන් 4305 දෙනෙකුට එරෙහිව රාජකාරිය පැහැර හැරීම යටතේ චෝදනා ගොනු කර ඇති බව ද චීන පරිසර අමාත්‍යංශය සඳහන් කළේ ය.
2018-07-10T00:15:41.000Z
ශරීර සුවතාවයේ යෙදී සිටි කතක් ගසකට යට වී මරුට
ශරීර සුවතාවයේ යෙදී සිටි කතක් ගසකට යට වී මරුට
COLOMBO (News 1st) - මාතර අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් කාන්තාවක මිය ගොස් තිබේ. අනතුර සිදුව ඇත්තේ, ශරීර සුවතාවයේ යෙදෙමින් සිටි යුවළක් මතට ගස කඩා වැටීමෙනි. මෙහිදී ස්වාමි පුර්ෂයා සුළු තුවාල ලබා ඇති අතර කාන්තාව මතට ගස වැටීමෙන් ඇය බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ, 54 වන වියේ පසු වූ හිත්තැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු මවකි. අද උදෑසන මාතර ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ.
2018-07-09T23:26:02.000Z
හෙරොයින් සමග අයෙක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට
හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - හෙරොයින් ග්‍රෑම් 237ක් සමග සැකකරුවෙකු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. රේගු අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ, ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඊට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ය. අදාළ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 3කි. සැකකරුවන් මිනුවන්ගොඩ සහ කොළඹ ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. වැඩිදුර පරීක්ෂණ සඳහා අදාළ හෙරොයින් තොගය සහ සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දුන් බව ද සුනිල් ජයරත්න මහතා පැවසුවේ ය.
2018-07-09T22:55:29.000Z
මැණික් පතල් හිමිකරුවන්ට අනතුරු ඇඟවීම්
මැණික් පතල් හිමිකරුවන්ට අනතුරු ඇඟවීම්
COLOMBO (News 1st) - මැණික් පතල්වල වැඩ කටයුතු අවසන් කිරීමෙන් පසු දින 3ක් ඇතුළත ඒ ආශ්‍රිත පරිසරය නැවත යථා තත්ත්වයට පත් නොකරන පතල් හිමියන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. එහි සභාපති පේශල ජ‍යරත්න මහතා සඳහන් කළේ, ඊට අදාළ නව චක්‍ර ලේඛනය ඉදිරියේදී නිකුත් කරන බව ය. නව චක්‍ර ලේඛනය මගින් මෙතෙක් පැවැති ප්‍රා‍යෝගික නොවන රෙගුලාසි ඉවත් කිරීමට සහ බලපත්‍ර ගාස්තු අඩු කිරීමටත් පියවර ගන්නා බව සභාපතිවරයා සඳහන් කළේ ය. ඉදිරියේදී මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට අදාළ බදු අඩු කි‍රීමට පියවර ගන්නා බව ද පේශල ජ‍යරත්න මහතා සඳහන් කළේ ය.
2018-07-09T21:55:13.000Z
ජස්ටින් බීබර් බෝල්ඩ්වින් හා විවාහ ගිවිසගනී
ජස්ටින් බීබර් බෝල්ඩ්වින් හා විවාහ ගිවිසගනී
කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් අමෙරිකානු නිරූපණ ශිල්පිනියක සමග විවාහ ගිවිස ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, 24 වියැති පොප් ගායකයා අමෙරිකානු නිරූපිකා හේලි බෝල්ඩ්වින් සමග විවාහ ගිවිස ගෙන ඇති බවයි. විවාහ ගිවිස ගැනීම පිළිබඳ පුවත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු නිහඬතාව බිඳ හෙළමින් බීබර් විවාහ ගිවිස ගැනීම නිවේදනය කරන්නේ, ඡායාරූපයක් ද පළ කරමිනි. බෙහාමස් නිවාඩු නිකේතනයේදී විවාහ ගිවිස ගැනීම සිදුව ඇති අතර අදාළ ස්ථානයට ජංගම දුරකතන රැගෙන ඒමෙන් වළකින ලෙස බීබර්ගේ ආරක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ. ජස්ටින් බීබර්ගේ පියා සහ මව සාමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පුතණුවන්ගේ ජීවිතයේ වෙනස සම්බන්ධයෙන් සතුට පළ කර තිබේ. බීබර් සහ බොල්ඩ්වින් අතර මීට කලකට පෙර ප්‍රේම සම්බන්ධයක් පැවත ඇති අතර ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය යළි දළු ලා වැඩෙන්නේ බීබර්ගේ දිගු කාලීන පෙම්වතිය වූ සෙලීනා ගෝමස්ගෙන් වෙන්වීමෙන් පසුව ය. බීබර්ගේ අත ගත් බොල්ඩ්වින් American Vogue, Marie Claire සහ Spanish Harper's Bazaar යන සඟරා කිහිපයකම පෙනී සිට ඇති නිරූපිකාවක වන අතර මියුසික් විඩියෝ මෙන් ම රූපවාහිනී වැඩසටහන් සඳහා ද සහභාගී වි ඇත. බොල්ඩ්වින්, නළුවෙකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ස්ටෙෆ්න් බෝල්ඩ්වින්ගේ දියණියයි.
2018-07-09T22:36:05.000Z
ලංකාවේ අලි එළවන්න, චීනයෙන් ගිනිඅවියක්
ලංකාවේ අලි එළවන්න, චීනයෙන් ගිනිඅවියක්
COLOMBO (News 1st) - වන අලි පළවා හැරීමේ මෙහෙයුම් සඳහා සහ වනාන්තර ආශ්‍රිත ජවාරම් මැඩලීම සඳහා යොමු වන නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් චීනයේ නිෂ්පාදිත ගිනිඅවියක් ලබා දීමට වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ඒ අනුව ගිනිඅවි 1000ක් ලබා දීමට පියවර ගෙන ඇති බව ය. නිලධාරීන් සතුව රාජකාරියට සුදුසු ගිනිඅවි නොමැති වීම හේතුවෙන් එම පියවර ගත් බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
2018-07-09T21:17:54.000Z
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නව ක්‍රමවේදයක්
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ක්‍රමවේදයක්
COLOMBO (News 1st) - වත්කම් බැරකම් ප්‍රකාශ මින් ඉදිරියට ඉන්ටර්නෙට් ඔස්සේ ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ, ඊට අදාළ මූලික සාකච්ඡා ආරම්භ කර ඇති බව ය. වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීමේදී කාලය නාස්ති වීම සහ විවිධ අක්‍රමිකතා හේතුවෙන් නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීමට පියවර ගත් බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ඊට අදාළ නව නීති ද සංශෝධනය කිරීමට නියමිත ය. මේ අතර වසර 30කට ආසන්න කාලයක් සංශෝධනය නොවුණු අල්ලස් හා වත්කම් නීතිය සංශෝධනය කිරීමට අදාළ මහජන හා විද්වත් අදහස් ලබා ගැනීම ආරම්භ කළ බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. ඊට අදාළ පළමු කෙටුම්පත ඉදිරි සති දෙක ඇතුළත නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කරන බව ද ඔහු පැවසුවේ ය.
2018-07-09T20:08:05.000Z
ඉන්ධන මිල ගැන ඇමති මණ්ඩලයට අද යළිත් පත්‍රිකාවක්
ඉන්ධන මිල ගැන ඇමති මණ්ඩලයට අද යළිත් පත්‍රිකාවක්
COLOMBO (News 1st) - පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් සම්බන්ධයෙන් අද විශේෂ පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි. එහි ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, තෙල් මිල වැඩි කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කෙරෙනු ඇති බව ය. නිසි යාන්ත්‍රණයක් සහ අවබෝධයක් මත පෙට්‍රල් සහ ඩීසල් මිලට අදාළව කටයුතු සිදු වන්නේ නම් මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් ඇති නොවන බව ද ඔහු අවධාරණය කළේ ය.
2018-07-09T19:51:41.000Z
ආන්දෝලනාත්මක බැඳුම්කර වෙන්දේසිය ගැන වෝහාරික විගණනයක්
බැඳුම්කර වෙන්දේසිය ගැන වෝහාරික විගණනයක්
COLOMBO (News 1st) - ආන්දෝලනාත්මක බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කිරීම සඳහා සුදුසු ආයතනවලින් අයැදුම්පත් කැඳවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සඳහන් කළේ, ඒ අනුව දැනට ඒ සඳහා සමාගම් 5කින් අයැදුම්පත් ලැබී ඇති බව ය. විදේශීය විගණන විශේෂඥයෙකුගේ ප්‍රධානත්වයෙන් වෝහාරික විගණනය සඳහා කමිටුව පත් කෙරෙන බව ද ඔහු සඳහන් කළේ ය. මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ රජයේ වෙන්දේසි අංශය, විගණකාධිපති දෙපාර්තමේන්තුව හා මහ බැංකුව එක්ව යෝජිත වෝහාරික විගණනය සිදු කිරීමට නියමිත බව ය. වෝහාරික විගණනය සඳහා දේශීය සහ විදේශීය සමාගම් වෙත ලබන 25 වන දා තෙක් අයැදුම් කිරීමට අවස්ථාව ලබා දී තිබේ. අයදුම් කරන ආයතනවලින් ඉතාම සුදුසු ආයතනය හඳුනා ගෙන අදාළ විගණනය සිදු කිරීමට නියමිත ය. සාමාන්‍ය විගණනයක් මගින් අනාවරණය නොවන කරුණු මෙම විගණනය තුළින් අනාවරණ කර ගැනීමට අපේක්ෂිත ය.
2018-07-09T11:06:44.000Z
බොරිස් ජොන්සන් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
බොරිස් ජොන්සන් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු ලේකම් බොරිස් ජොන්සන් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. බ්‍රිතාන්‍ය, යුරෝපා සංගම් සාමාජිකත්වයෙන් ඉවත්වීමේ සැළසුම සම්බන්ධයෙන් ඇතිව ඇති දේශපාලනික ගැටලු හේතුවෙන් මෙලෙස ඔහු ඉල්ලා අස්වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
2018-07-09T10:29:09.000Z
මම මැ.කො. නෙවෙයි මැ.කො.ස
මම මැ.කො. නෙවෙයි මැ.කො.ස
COLOMBO (News 1st) - ජනවාරි මාසයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. නිව්ස්ෆස්ට් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.
2018-07-09T10:20:13.000Z
හම්බන්තොට සංවර්ධනය පෞද්ගලික සමාගමකට - අගමැති සිංගප්පූරුවේදි කියයි
හම්බන්තොට සංවර්ධනය පෞද්ගලික සමාගමකට
COLOMBO (News 1st) - 6 වන පුරවර සමුළුව ජාත්‍යන්තර ජල සතිය හා පිරිසිදු පරිසර සමුළුව යන ජත්‍යන්තර සමුළුවල සමාරම්භක සැසිවාරය අද පැවැත් විය. එහි ප්‍රධාන දේශනය පැවැත්වූයේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. සිංගප්පූරුවේ සෑන්ඩිස් එක්ස්පෝ හා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී අද ආරම්භ වුණු මෙම සමුළුව රටවල් 135 ක් නියෝජනය කරනු ඇත. සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආර්ථික හා සමාජ ප්‍රතිපත්ති පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය තර්මන් ශන්මුගරත්නම්, අන්ද්‍රා ප්‍රදේශ ප්‍රධාන අමාත්‍ය චන්ද්‍රබාබූ නායිදු, සමුළු සභාපති මහාචාර්ය ටොමී කෝ යන මහත්වරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශනයේ තේමාව වූයේ "අනාගත ජනජීවි හා තිරසර නගර – මානව ක්‍රියාකාරකම් තුළින් මතුවන අභියෝග" යන්නයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනය සුබානා ජුරොං ආයතනය වෙත ලබාදීමට සැලසුම් කරන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය. සමුළුව සඳහා මෙරට නියෝජනය කරමින් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන් ද එක් ව සිටි.
2018-07-09T09:55:15.000Z
මාධ්‍ය ගන්න ඇතැම් උත්සාහයන් බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කරනවා - ජනපති
මාධ්‍ය ගැන කතා කරන ජනපති
COLOMBO (News 1st) - පොළොන්නරුව, වැලිකන්ද නගරයේ ඉදිකළ නව ගොවිජන සේවා මධ්‍යස්ථානය අද විවෘත කෙරිණි. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිනි. මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුලු මැති ඇමතිවරුන් පිරිසක් එක් ව සිටියහ. ගොවීන්ට වගාහානි සඳහා වන්දි මුදල් හා ගොවි උපකරණ මෙහිදී ප්‍රධානය කෙරුනේ ජනපති අතිනි. පොළොන්නරුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සැකසු ගොවිජන සේවා සැලැස්ම ද මෙහිදී ජනාධිපතිතුමන් වෙත පිරි නැමුණි. ජනපති මෛත්‍රීපාල සිරිසේන, රුපියල් කෝටි දහස් ගාණක් දීලා තිබෙනවා. නියඟයෙන් පීඩා විඳි ජනතාවට රටේ. කෘෂිකර්ම ඇමතිතුමා කිව්වා වගේ කිසිම ආණ්ඩුවක් එහෙම දීලා නැහැ. නියඟය වෙනුවෙන් අපදාව වෙනුවෙන්. තමුන්නාසේලා හවසට රූපවාහිනිය බලපුවහම නම් ඒවා මොකක්වත් නැහැ. ආණ්ඩුව කරන දේකුත් නැහැ. ආණ්ඩුව කරපු දේකුත් නැහැ. රූපවාහිනයේ හවසට තියෙන්නේ. ඔක්කොම ආරවුල් ගැටුම් බැනගන්න ඒවා. රටක් නැහැ කියලා තමයි පෙන්වන්නේ. අපි මේ මාසේ 23 වැනිදා ආරම්භ කරන කලුගග ජලාශයට ජලය එක්කිරීම 23 අපි සුබ මොහොතින් සුබ නැකතකින් අපි පටන් ගන්නවා. මම පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච වෙලාවේ. මට මගේ පැත්තට හිටියේ සිරස ආයතනය විතරයි. වෙන එකක්වත් මගේ ජනාධිපති ජන්දයේ හිටියේ නැහැ. නමුත් රටේ මහජනයා ඒ රූපවාහිනිවල පෙන්නපු ඒ විකාර තිත්ත කුනුහර්ප චරිත ඝාතන ඒවා එකක්වත් සැලකුවේ නැහැ. ඒක නිසා ඒ මාධ්‍ය ඇතැම් වේලාවට ගන්න ඇතැම් උත්සහයන් බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කරනවා
2018-07-09T08:41:21.000Z
ගත වූ පැය 24 තුළ පුද්ගල ඝාතන 5 ක්: කොළඹ නාගරික මන්ත්‍රී ඝාතනයේ සැකකරුවන් සොයා පරීක්ෂණ
ගත වූ පැය 24 තුළ පුද්ගල ඝාතන 5 ක්
COLOMBO (News 1st) - අද උදෑසන හෙට්ටිවීදියේ සිදු වූ වෙඩි තැබීමකින් කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් මිය ගොස් තිබේ. ඊයේ රාත්‍රී 8.00 න් ආරම්භ වූ පැය 24 තුළ වාර්තා වූ 5 වැනි පුද්ගල ඝාතනය මෙයයි. කොළඹ හෙට්ටිවීදිය, ආදිවාල් විදීයේදී වෙඩි ප්‍රහහාරයට ලක් ව මියගොස් ඇත්තේ කොළඹ නගරසභාවේ නාගරික මන්ත්‍රී ක්‍රිෂ්ණා හෙවත් ක්‍රිෂ්ණපිල්ලේ ගිරුබානන්දන් මහතායි. 40 හැවිරිදි ඔහු, ඊයේ අභාවප්‍රාප්ත වූ හිටපු නාගරික මන්ත්‍රී වේලනි වේනියන් මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවීම සඳහා උදෑසනම සිය වෙළෙඳසැළට පැමිණ තිබුණි. ඒ මොහෙතේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති අතර සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ක්‍රිෂ්ණපිල්ලේ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත. ක්‍රිෂ්ණා හෙවත් ක්‍රිෂ්ණපිල්ලේ ගිරුබානන්දන් මහතා මෙවර පළාත් පාලන මැතිවරණයේදී නවෝදය ජනතා පෙරමුණ නැමැති ස්වාධීන කණ්ඩායමෙන් තරග කළේ ය. ප්‍රතිශත ක්‍රමයට අනූව මෙම ස්වාධීන කණ්ඩායමට මන්ත්‍රී ආසන දෙකක් හිමි වූ අතර ඉන් එකක් ක්‍රිෂ්ණපිල්ලේ මහතාටත් අනෙක් ආසනය සුමීර පීරිස්ටත් හිමි විණි. සූමීර පීරිස් යනු, දැනට එංගලන්තයේ ජීවත්වන ලාල් පීරිස් හෙවත් කුඩු ලාල් නැමැත්තාගේ වැඩිමහල් පුත්‍රයා ය. සුමීර පීරිස්ගේ නිව්න් සොහොයුරා වන සමීර පීරිස් ද මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කළ නමුත් ඔහුට මන්ත්‍රී ආසනයක් හිමිවූයේ නැත. මේ අතර හෙට්ටිවීදියේ සිට මීටර් 800 ක් දුරින් පිහිටි ජම්පටා වීදියේ 131 වත්ත ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු විය. ඊයේ රාත්‍රී 8.15 ට පමණ සිදුව ඇති වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එලිසබෙත් පෙරේරා නැමැති 50 හැවිරිදි කාන්තාවක්, ඇගේ සැමියා වන 58 හැවිරිදි සෙල්ලයියා සෙල්වරාජ් සහ තව ත් පුද්ගයන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී කාන්තාව සහ ඇගේ සැමියා මියගොස් ඇති අතර ඔවුන් ජම්පටා වීදියේ, ආහාර වෙළෙඳසැළක් පවත්වාගෙන ගිය යුවළකි. පසුගිය ජූනි 17 වැනි දා ද 131 වත්තේ වෙඩි තැබීමක් වාර්තා වූ අතර කරුපයියා පලනි ගනේෂ් තැමැති අයෙක් එහිදී බරපතළ තුවාල ලැබුවේ ය. ඊයේ රාත්‍රියේ මියගිය අඹුසැමි යුවළ ගනේෂ්ට වෙඩි තැබූ සිද්ධිය දැක ඇති බවත් අදාළ නඩුවට සාක්ෂි නොසැපයීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර විරසකයක් ඇති වූ බවත් ප්‍රදේශවාසීන් පැවසීහ. ගනේෂ් නැමැත්තාගේ බිරිඳ ද මීට වසර 3 කට පෙර යම්කිසි පිරිසක විසින් ඝාතනය කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි. මීට අමතර කිරිබත්ගොඩ නාහේන ප්‍රදේශයේ අතුරු මාර්ගයක අතහැර දැමු ත්‍රිරෝද රථයක තිබී තියුණ ආයුධයකින් සිදුකළ කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් අද උදෑසන හමු විය. ඝාතනයට ලක්වී ඇත්තේ නාහේනවත්ත හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ධනුෂ්ක තරංග ගුණරත්න නැමැති තිදරු පියෙකි. අද අලුයම 3.00 ට පමණ ඔවුන්ගේ නිවසට කඩාවැදී ඇති මුහුණු ආවරණ කරගත් තිදෙනෙකු බිරිඳ හා දරුවන් බියගන්වා පියා ඝාතනය කර තිබේ. ඉන්පසු ඔහුගේ මළ සිරුර ඔහුටම අයත් ත්‍රිරෝද රථයේ දමාගෙන ගොස් නිවසට කිලෝමීටරයක පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක දමාගොස් ඇති බව පොලීසිය පැවසුවේ ය. පොලීසිය පැසුවේ, මිය ගිය පුද්ගලයා වත්තල හැදෑල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියැදුරෙකු ලෙස කටයුතු කර ඇති බවයි. මේ අතර හැටන්, බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ කෙසෙල්ගමුව ඔයට ජලය සැපයෙන ඇළ මාර්ගක තිබී නාදුනන කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ. වයස අවුරුදු 30 ක් පමණ වන තරුණියක් මෙලෙස මියගොස් ඇති අතර පොලීසිය සැකකරන්නේ ඇය ඝාතනය කර ඇළට ගෙනවිත් දමා ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නෝවුඩ් පොලීසිය විසින් ක්‍රියාත්මක කෙරේ.
2018-07-09T07:58:29.000Z
මන්ත්‍රීවරුන් සිකුරාදට පාර්ලිමේන්තු යන්නේ නැත්තේ ඇයි?
බාගෙට බාගයක් සිකුරාදට පාර්ලිමේන්තුවේ නැත්තේ ඇයි?
COLOMBO (News 1st) - මහ මැතිවරණයකට පෙර අපේක්ෂකයන්ගේ හැසිරීම කෙබඳු ද? ඔවුන් මහ තරගයක නිරත වන්නේ පාර්ලිමේන්තු යාමටයි. මහජන ඡන්දයෙන් පත් වූ පසු, ඔවුන්ගේපාර්ලිමේන්තු යාමේ උනන්දුව කෙසේ ද? මේ ඉකුත් තෙමස තුළ මන්ත්‍රීවරුන් සභාවට පැමිණීමේ ප්‍රවණතාව පිළිබඳ කළ විමසා බැලීමකි. සභාවට නොපැමිණීම- ආසන්න අගය ප්‍රතිශතයක් ලෙස 2018.06.22 නොපැමිණීම 45% 2018.06.21 නොපැමිණීම 35% 2018.06.20 නොපැමිණීම 25% 2018.06.19 නොපැමිණීම 30% 2018.06.08 නොපැමිණීම 50% 2018.06.07 නොපැමිණීම 35% 2018.06.06 නොපැමිණීම 40% 2018.05.25 නොපැමිණීම 60% 2018.05.24 නොපැමිණීම 50% 2018.05.23 නොපැමිණීම 35% 2018.05.22 නොපැමිණීම 30% 2018.05.11 නොපැමිණීම 60% 2018.05.10 නොපැමිණීම 45% 2018.05.09 නොපැමිණීම 15% 2018.05.08 නොපැමිණීම 15% 2018.04.06 නොපැමිණීම 50% 2018.04.05 නොපැමිණීම 50% 2018.04.04 නොපැමිණීම 04% 2018.04.03 නොපැමිණීම 30% මෙය හොඳින් නිරීක්ෂණය කළ විට පෙනී යන්නේ සිකුරාදා දිනවල 50%ක තරම්වත් මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු පැමිණ නොමැති බව ය. සිකුරාදා නොපැමිණීම- ආසන්න අගය ප්‍රතිශතයක් ලෙස 2018.06.22 සිකුරාදා නොපැමිණීම 45% 2018.06.08 සිකුරාදා නොපැමිණීම 50% 2018.05.25 සිකුරාදා නොපැමිණීම 60% 2018.05.11 සිකුරාදා නොපැමිණීම 60% 2018.04.06 සිකුරාදා නොපැමිණීම 50% ඇතැම් බ්‍රහස්පතින්දා දිනවල ද පවතීන්නේද ඊට සමාන තත්ත්වයකි. බ්‍රහස්පතින්දා නොපැමිණීම- ආසන්න අගය ප්‍රතිශතයක් ලෙස 2018.05.24 බ්‍රහස්පතින්දා නොපැමිණීම 50% 2018.05.10 බ්‍රහස්පතින්දා නොපැමිණීම 45% 2018.04.05 බ්‍රහස්පතින්දා නොපැමිණීම 50% සභාව පැවැත්වෙන අවස්ථාවල දී වුව ද සභිකයන්ගෙන් ඇතැමෙකු බාහිර ස්ථානවල නිතර දක්නට හැකියි. ඒ අතුරින් ආංශික කාරක සභාවලට පැමිණීම ඇත්තේ ඉතා දුර්වල මට්ටමකයි. පැමිණීම - ආසන්න අගය ප්‍රතිශතයක් ලෙස අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව 2018.07.03 පැමිණීම 20% මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව 2018.07.03 පැමිණීම 24% තරුණ, ක්‍රීඩා, කලා සහ උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව 2018.06.21 පැමිණීම 32% ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව 2018.06.19 පැමිණීම 23% පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව 2018.06.07 පැමිණීම 62% පාර්ලිමේන්තුවේ සභාව නොකැඳවන දිනවල පැවැත්වෙන මෙවන් කාරක සභාවකට පැමිණෙන මන්ත්‍රීවරුන්ට රුපියල් 2500ක දීමනාවක් ද ලබාදෙනු ලැබේ. පාර්ලිමේන්තු දිනවල ඊට සහභාගී වන සෑම මන්ත්‍රීවරයෙකුටම ද එම දීමනාව ලබාදෙයි. ඒ, ජනතා මුදලින් හිමි වන මාසික වැටුප හා සෙසු දීමනා සියල්ලට අමතරවයි. සිය දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර ප්‍රමාණය අනුව ඉන්ධන දීමනාවක් ද පාර්ලිමේන්තු සභිකයන්ට හිමි වේ. පාර්ලිමේන්තුවේ දෛනික වියදම රුපියල් ලක්ෂ 45 කි. ඒ අනුව දිනකට එක් මන්ත්‍රීවරයෙකුට රුපියල් විසිදහසක් පමණ වියදම් කෙරේ. මේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තේරී පත් වීමට දක්වන උනන්දුව පාර්ලිමේන්තුවට පැමිණීමට නැත්තේ ඇයි? එසේ නම්, ඔවුන්ගේ අරමුණ කුමක් ද? පිළිතුර ජනතාව සතු ය... සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට... මූලාශ්‍රය - පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය
2018-07-09T06:28:17.000Z
තිස්සමහාරාම නොසන්සුන්: පානීය ජලය ඉල්ලා ජනතාව වීදි බසි
තිස්සමහාරාම නොසන්සුන් වෙයි
COLOMBO (News 1st) - තිස්සමහාරාම, බෝගහපැලැස්ස ප්‍රදේශයේ ජනතාවට ලැබෙන පානීය ජලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අද ඔවුන් උද්ඝෝෂණයක නිරත විය. ඒ, තිස්සමහාරාම - කතරගම ප්‍රධාන මාර්ගයේ බෝගහපැලැස්ස ප්‍රදේශය අවහිර කරමිනි. ඔවුන් චෝදනා කරන්නේ තිස්සමහාරාම ජලසම්පාදන මණ්ඩලයෙන් ලබාදෙන ජලය තම ප්‍රදේශයට ප්‍රමාණවත්ව නොලැබෙන බවයි. ඔවුන් පැය 2 1/2 කට ආසන්න කාලයක් තිස්සමහාරාම - කතරගම ප්‍රධාන මාර්ගය බෝගහපැලැස්ස ප්‍රදේශය අවහිර කරමින් මෙලෙස උද්ඝෝෂණයේ නිරත විය. අප වාර්තාකරු පැවසූවේ, මේ හේතුවෙන් ප්‍රදේශයේ රථවාහන තදබදයක් ද පැවති බවයි. බෝගහපැලැස්ස ප්‍රදේශයට තිස්සමහාරමා ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා පැමිණ උද්ඝෝෂකයින් සමග සාකච්ඡාකොට සතියක් තුළ විසඳුමක් දෙනබවට පොරොන්දුවීමෙන් අනතුරුව පිරිස විසිර ගොස් ඇත.
2018-07-09T05:26:00.000Z
මගීන් 77 කට තුවාල සිදු කළ ගොකරැල්ලේ බස් රථ අනතුර
මගීන් 77 කට තුවාල සිදු කළ ගොකරැල්ලේ බස් රථ අනතුර
COLOMBO (News 1st) - ගොකරැල්ල, පල්ලියැද්ද ප්‍රදේශයේදී බස් රථ 02 ක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගොස් තිබේ. කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ යාපා බණ්ඩාර මහතා සඳහන් කළේ, තම රෝහලේ රෝගීන් 64 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි. ඔවුන් අතරින් බරපතළ තුවාල ලැබුවන් තිදෙනෙකු සිටින අතර 18 දෙනෙකු සුළු තුවාල ලැබූවන් බව ඔහු සඳහන් කළේ ය. ගොකරැල්ල ප්‍රාදේශිය රෝහලේ ප්‍රකාශිකාවක් සඳහන් කළේ, තුවාල ලැබූවන් 13 දෙනෙකු පමණ තම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද ඇය සඳහන් කළා ය. පොලීසිය සඳහන් කළේ, ඇඹිලිපිටිය - යාපනය සහ ඇඹිලිපිටිය - වව්නියාව අතර ධාවන වූ පෞද්ගලික බස් රථ 02 ක් අද දහවල් මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි.
2018-07-09T02:48:47.000Z
වැලිකන්ද ගොවිජන සේවා මධ්‍යස්ථානය අද ජනතා අයිතියට
වැලිකන්ද ගොවිජන සේවා මධ්‍යස්ථානය අද ජනතා අයිතියට
වැලිකන්ද ගොවිජන සේවා මධ්‍යස්ථානය අද ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. වැලිකන්ද ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ඉල්ලීමක් මත මෙම ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිකර තිබේ. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 13.5කි.
2018-07-09T02:43:22.000Z
මහ වැස්සෙන් ජපානයේ 100කට වැඩි පිරිසක් මරුට
මහ වැස්සෙන් ජපානයේ 100කට වැඩි පිරිසක් මරුට
අධික වැසි සමග ජපානයට බලපෑ ගංවතුර හා නායයෑම්වලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 100 ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් පුද්ගලයන් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බවයි. හිරෝෂිමා නගරයට ගංවතුරෙන් වැඩි ම හානි සිදුව තිබේ. මිලියන 2 ක පමණ ජනතාවකට නිවාසවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස නියෝග කර ඇතැයි ජපාන බලධාරීහු පවසති.
2018-07-08T23:15:58.000Z
මිලියන 50ක හෙරොයින් සමග පකිස්ථානුවෙක් කටුනායකදී කොටු
මිලියන 50ක හෙරොයින් සමග පකිස්ථානුවා කටුනායකදී කොටු
COLOMBO (News 1st) : රුපියල් මිලියන 50කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් දිවයින රැගෙන ආ පකිස්ථාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ, ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබී ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සැකකරුගේ ගමන් මල්ලේ රහසිගත පතුලක සඟවා, හෙරොයින් තොගය දිවයිනට රැගෙන විත් ඇති බවයි. හෙරොයින් තොගයේ බර කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 186කි. පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට අද පෙරවරු 7 .30ට පමණ මොහු දිවයිනට පැමිණ තිබේ. සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
2018-07-08T21:58:42.000Z
කිරිබත්ගොඩදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ
කිරිබත්ගොඩදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කෙරේ
COLOMBO (News 1st) : කිරිබත්ගොඩ, නාහේන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී ත්‍රිරෝද රථ රියැදුරෙකු ඝාතනය කර තිබේ. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නාහේනවත්ත, හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. පොලීසිය පැවසුවේ, අද අලුයම 3 ත් 3.30 ත් අතර කාලයේදී පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ නිවස තුළදී ඔහු ඝාතනය කර ඔහුට ම අයත් ත්‍රිරෝද රථයෙන් සිරුර රැගෙන ගොස් අතුරු මාර්ගයක දමා ඝාතකයින් පළා ගොස් ඇති බවයි.
2018-07-08T21:33:04.000Z
පිටකොටුවේදී නාගරික මන්ත්‍රීවරයෙක් වෙඩි තබා ඝාතනය කෙරේ
නාගරික මන්ත්‍රී වෙඩි තබා ඝාතනය කෙරේ
COLOMBO (News 1st) : කොළඹ, හෙට්ටිවීදිය, ආඩිවාල් වීදියේදී සිදුවූ වෙඩි තැබීමකින් නාගරික මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇති අය කොළඹ නගර සභාවේ ස්වාධීන නාගරික මන්ත්‍රී ක්‍රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් නමැත්තා බවට හඳුනාගෙන ඇතැයි, පොලීසිය පැවසී ය. පොලීසිය පැවසුවේ, අද උදැසන 7.45 ට පමණ යතුරු පැදියකින් පැමිණ එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. වෙඩි වැදුණු නාගරික මන්ත්‍රීවරයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි. මියගිය නාගරික මන්ත්‍රී ක්‍රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් නවෝදය ජනතා පෙරමුණ පක්ෂයේ නායකයා ද වේ.
2018-07-08T21:14:53.000Z
අගමැති සිංගප්පූරු යයි
අගමැති සිංගප්පූරු යයි
COLOMBO (News 1st) : 6 වන ජගත් පුරවර සමුළුව අද සිංගප්පුරුවේදී ආරම්භ වේ. අද සමුළුවේදී - නාගරික සංවර්ධනය සහ පරිසරය සුරකිමු - යන තේමාව යටතේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. එම සමුළුවට සහභාගීවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු 15 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ඊයේ සිංගප්පූරුව බලා පිටත්ව ගියහ. ඊට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස , සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම හා නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටිති. මනා පරිපාලනය හා සැලසුම්කරණය, තාක්‍ෂණය හා සමාජයීය නව නිපැයුම් මෙන්ම අනෙකුත් නගර හා කොටස්කරුවන් සමග මනා සම්බන්ධතා ගොඩනගා ගැනීම තුළින් ජීවත් වීමට සුදුසු නගර නිර්මාණය කර ගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුවනු ඇති. රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම සංචාරයේදී සිංගප්පූරු අගමැති ලී ශින් ලුං, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය තර්මන් ෂන්මුගරත්නම්, සිංගප්පූරුවේ හිටපු අග්‍රාමාත්‍ය හා ගෝ චොක් ටොන් ඇතුළු එරට රජයේ ඉහළ පෙළේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු හමුවීමට නියමිතයි.
2018-07-08T21:00:46.000Z
ශ්‍රී ලංකා-ලිතුවේනියා පාපන්දු තරගය ජය පැරදුමකින් තොරව අවසන්
ශ්‍රී ලංකා-ලිතුවේනියා පාපන්දු තරගය
ශ්‍රී ලංකාව හා ලිතුවේනියා කණ්ඩායම් අතර පැවති සුහද පාපන්දු තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය. වසර 6 කට පසු විදේශීය පාපන්දු කණ්ඩායමක් මෙර සංචාරයක යෙදුන පළමු අවස්ථාව මෙයයි. තරගය විදුලි ආලෝකය මධ්‍යයේ කොළඹ තුරග තරග පිටියේදී පැවැත්විණ. ලිතුවේනියා පාපන්දු කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීමේ 106 වන ස්ථානයේ සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ එහි 200 වන ස්ථානයයි. කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධයේ ද කණ්ඩායම් දෙකට ම ගෝල රැස් කර ගැනීමට අවස්ථාවක් හිමි නොවීය. ශ්‍රී ලංකාව සමග ක්‍රීඩා කළ ලිතුවේනියා පාපන්දු කණ්ඩායමට එරට ජාතික පිලේ ක්‍රීඩකයින් 8 දෙනෙකු ක්‍රීඩා කළා . ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ හා පසු පෙළ ක්‍රීඩකයින්ගේ දක්ෂතා හමුවේ ලිතුවේනියා ක්‍රීඩකයින්ට ද ගෝල රැස් කිරීමට අවස්ථාවක් හිමි නොවීය. මෙම තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ දැල් රකින්නා ලෙස මාලදිවයිනේ ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරන වෘත්තීය මට්ටමේ පාපන්දු ක්‍රීඩක සුජාන් පෙරේරා එක්ව සිටීම විශේෂත්වයකි. කෙසේ වෙතත් තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිළම ගෝල රැස් කිරීමට අසමත්වීම හේතුවෙන් තරගය ජය පැරදුමෙන් තොරව තරගය නිමාවට පත්විය. 2012 වසරෙන් පසුව විදෙස් පාපන්දු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වූ අතර එළඹෙන දකුණු ආසියානු පාපන්දු තරගාවලියට පෙර පුහුණුවක් ලෙස සැලකූ මෙම තරගයෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ ම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජපාන හා කොරියානු තරග සංචාර දෙකක් සඳහා පිටත්ව ගියහ. ලිතුවේනියාව හා ශ්‍රී ලංකා සංවර්ධන පාපන්දු කණ්ඩායම අතර මීළඟ තරගය අනිද්දා කොළඹ තුරග තරග පිටියේ විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පැවැත්වීමට නියමිතයි.
2018-07-08T11:16:54.000Z
ගායන ශිල්පිනිය ඝාතනයේ සැකකාර සැමියා අත්අඩංගුවට
ගායන ශිල්පිනිය ඝාතනයේ සැකකාර සැමියා අත්අඩංගුවට
COLOMBO (News 1st) : ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරු පානදුර ආශ්‍රිත වෙරළ තීරයේ රැඳී සිටියදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බවයි. ඊයේ රාත්‍රී 8.45ට පමණ තියුණු ආයුධයකින් පහර දී ඇයව ඝාතනය සිදුකිරීමෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් තිබිණ. පොලීසිය පැවසුවේ, දෙදෙනා අතර වසරක පමණ කාලයක සිට නිරත ගැටුම් පැවත ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවයි. පානදුර කුඩාඅරුක්ගොඩ, අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රියානි මහත්මිය දෙදරු මවකි. ඝාතනයට ලක්වන විට ඇය 51 වැනි වියේ පසුවුණා. ප්‍රියානි ජයසිංහ මහත්මිය ගැයූ සුන්දර හදකට දී පෙම ්වරම්, කඳුල නිවන්නම් හිත නොරිදනවා නම් වැනි ගීත මෙරට ජනතාව අතර වඩාත් ජනප්‍රියයි. --------------------------------------------------------------------------------------------------------- ඝාතනයට ලක්වූ ගායන ශිල්පිණී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ සැමියා සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 8.45 ට පමණ තියුණු ආයුධයකින් පහර දී ඇය ඝාතනය කිරීමෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි. දෙදෙනා අතර වසරක පමණ කාලයක සිට නිරත ගැටුම් පැවති බවට කරුණු අනාවරණය වී ඇතැයි පොලීසිය පැවසී ය. ඒ සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. පානදුර කුඩාඅරුක්ගොඩ, අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රියානි මහත්මිය දෙදරු මවකි. ඝාතනයට ලක්වන විට ඇය 51 වැනි වියේ පසුවිය. ප්‍රියානි ජයසිංහ මහත්මිය ගැයූ සුන්දර හදකට දී පෙම්වරම්, කඳුල නිවන්නම් හිත නොරිදනවා නම් වැනි ගීත මෙරට ජනතාව අතර වඩාත් ජනප්‍රියයි. -------------------------------------------------------------------------------------------------------------------------------- ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මිය ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, තියුණු ආයුධයකින් පහර දී ඇය ඝාතනය කර ඇති බවයි. ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
2018-07-08T10:31:02.000Z
කොළඹ, ජම්පටා වීදියේ වෙඩි තැබීමක්: පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
කොළඹ, ජම්පටා වීදියේ වෙඩි තැබීමක්
COLOMBO (News 1st) - කොළඹ, ජම්පටා වීදිය ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද රාත්‍රී 8.00 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. කොළඹ, ජම්පටා වීදිය ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද රාත්‍රී 8.00 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබු කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
2018-07-08T10:26:33.000Z
හිරේ ඉදන් සුසේයි මෙහෙය වූ මහා පරිමාණ කුඩු ජාවාරම...
හිරේ ඉදන් සුසේයි මෙහෙය වූ මහා පරිමාණ කුඩු ජාවාරම..
COLOMBO (News 1st): රුපියල් මිලියන 1248 ක වටිනාකමකින් යුත් හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දින 7 ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ. ඒ, එම සැකකරුවන් අද පස්වරුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ රාත්‍රී කළුබෝවිල සහ බත්තරමුල්ල සුභූතිපුර ප්‍රදේශවල කළ වැටලීම්වලදී රුපියල් මිලියන 1248 ක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 103ක් සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ ය. මෙය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් ගොඩබිමකදී අත්අඩංගුවට ගනු ලැබූ වැඩි ම හෙරොයින් තොගය ද මෙය වේ. ඊයේ රාත්‍රි 8.00 ට පමණ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළුබෝවිල ප්‍රතිබිම්බාරාම මාවතේදී ජීප් රථයක් පරීක්ෂා කර තිබූ අතර එහිදී හෙරොයින් පාර්සල් 30 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්විය. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත බත්තරමුල්ල සුභූතිපුර පිහිටි නිවසක් පරීක්ෂාවට ලක් කෙරිණ. එහි තිබී හෙරොයින් පාර්සල් 66 ක් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සමස්ත හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 103යි ග්‍රෑම් 948කි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, එක් සැකකරුවෙකු 29 හැවිරිදි මොහොමඩ් සුහයීබ් මොහොමඩ් මාහීර් නමැත්තා බව ත් අනෙක් සැකකරු 40 හැවිරිදි චතුරු ජයශාන්ත නමැති ජීප් රථයේ රියැදුරු බව ත් ය. පොලීසිය පැවසුවේ, වැලිකඩ බන්ධනාගාරයේ දැනට මරණ දඬුවම නියම වී සිටින ධර්මරාජා සුසේන්ද්‍රන් හෙවත් 'සුසේයි' මෙම හෙරෝයින් ජාවාරම මෙහෙයවා ඇති බවට විමර්ශනවලදී තොරුතුරු හෙළි වී ඇති බවයි. ''මේ සුසෙයි කියන පුද්ගලයා නිතරම දුරකතනයෙන් සම්බන්ධ වෙනවා අර ඊයේ අත්අඩංගුවට ගත්ත සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් වන මෙහොමඩ් මාහින් සමග.ඊයේ අත්අඩංගුවට ගත් හෙරොයින් ලංකාවට ගේන්නේ සහ මේ සිද්ධිය සැලසුම් කරලා තියෙන්නේ, මේ මරණ දඩුවමට ලක් වෙලා වැලිකඩ බන්ධනාගරයේ ඉන්න සුසේයි විසින් බවට විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තියනවා'' ඔහු හෙරොයින් කිලෝ 2ක් සහ ග්‍රෑම් 250ක් සමග අත්අඩංගුවට පත් සුසේයි 2017 වසරේදී මරණ දඬුවම නියම වූ සිටින සිරකරුවෙකි. මේහිදී බන්ධනාගාරය තුළ සිට දුරකතනයෙන් සම්බන්ධ මෙවන් ජාවාරම් මෙහෙය වන්නේ කෙසේ දැයි, මාධ්‍යවේදියෙකු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසා සිටියේ ය. ඊට පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා ලබා දුන්නේ මෙවන් පිළිතුරකි. ''ඒක බන්ධනාගාර නිලධාරීන් සමගත් විමසිය යුතු ප්‍රශ්නයක්. නමුත් මේ වෙද්දි ඒක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තියනවා.ඒක අපි පිළියම් යෙදිය යුතු දෙයක්. ඒක බන්ධනාගාර නිලධාරීන්ටත් දැනුම් දීලා ඒ අය සමගත් සංකච්ඡා කරනවා"
2018-07-08T07:26:42.000Z
රස මිහිරෙන් පිරි දිල්ලියේ අඹ ප්‍රදර්ශනය...
රස මිහිරෙන් පිරි දිල්ලියේ අඹ ප්‍රදර්ශනය...
පළතුරක් වෙනුවෙන් පවත්වන අපූරු ප්‍රදර්ශනයක් පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වේ. ප්‍රණීත පළතුරක් වන අඹ වර්ග සඳහා ම වෙන්වූ මෙම අඹ ප්‍රදර්ශනය පසුගිය සිකුරාදා පැවැත්වුණේ ඉන්දියාවේ දිල්ලි නුවර ජනක්පුරීහිදී ය. දිල්ලියේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය මනීෂ් සිසෝඩියාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ආරම්භ වූ අතර ඊට අඹ වර්ග 500 කට අධික සංඛ්‍යාවක් එක් කර තිබිණ. 30 වන වතාවට මෙවර ප්‍රදර්ශනය පැවති අතර බිහාර්, හර්යානා, පන්ජාබ්, හිමාචල් ප්‍රදේශ්, උත්තර්ඛන්ඩ් සහ උත්තර් ප්‍රදේශයන්හි ජනතාව ඊට සහභාගී වී සිටියේ ය. දිල්ලි සංචාරක සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන මෙහි ආරම්භක ප්‍රදර්ශනය පැවැත්වුණේ, 1988 වසරේදී ය. මෙම ප්‍රදර්ශනය තුළ තරග තරග අංශ කිහිපයක් ක්‍රියාත්මක වූ අතර අඹ කෑමේ තරගය ද ඒ අතර විය.
2018-07-08T07:03:26.000Z
තායිලන්තයේ ගුහාවක සිරවූ ළමුන්ගෙන් ළමුන් දෙදෙනෙක් බේරා ගැනේ
ගුහාවක සිරවූ ළමුන්ගෙන් ළමුන් දෙදෙනෙක් බේරා ගැනේ
තායිලන්තයේ ජලයෙන් පිරුණු ගුහාවේ සිරවූ ළමුන් 12 දෙදෙනාගෙන් පළමු ළමුන් දෙදෙනා මුදාගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කිමිදුම්කරුවන් විසින් ගුහාවෙන් පිටතට ගෙන ආ පළමු ළමුන් දෙදෙනා මේ වනවිට වෛද්‍ය පරීක්ෂාවන්ට ලක් කෙරෙන බවයි. පසුව ඔවුන් ආසන්නතම රෝහල වෙත ගෙනයාමට නියමිත වේ. කෙසේ වෙතත් මෙම මුදාගැනීම සම්බන්ධයෙන් තායිලන්ත රජය මෙතෙක් කිසිදු නිවේදනයක් නිකුත්කර නොමැත. තායිලන්තයේ ජලයෙන් පිරුණු ගුහාවක සිරවූ ලමුන් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු මුදාගැනීමේ බිහිසුණු මෙන් ම අභියෝගාත්මක මෙහෙයුම ආරම්භ වූයේ අද පෙරවරුවේදීයි. දරුවන් බේරා ගැනීම සඳහා ජාත්‍යන්තර කිමිඳුම් විශේෂඥයින් 13 දෙනෙකු සහ තායිලන්ත නාවික හමුදා සීල් සෙබළුන් 05 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙහෙයුම ආරම්භ කළේ ය. ලොව ප්‍රමුඛ පෙළේ උමං කිමිදුම්කරුවන් මෙහෙයුම සඳහා සහභාගිවී සිටින අතර ඉන් බහුතරයක් යුරෝපීය ජාතිකයින් ය. කිලෝමීටර් 04 ක පමණ දිගින් යුත් උමං සහිත ගුහාවෙන්, පළමු දරුවා බේරා ගෙන පොළොව මතුපිටට රැගෙන ඒම සඳහා පැය 11ක කාලයක්ගතවනු ඇතැයි තායි බලධාරීන් සඳහන් කර තිබේ. සහන සේවා මෙහෙයුමට සම්බන්ධව සිටින ඕස්ට්‍රේලියානු වෛද්‍යවරයෙකු ඊයේ රාත්‍රියේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කළ අතර පසුව ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම අද දිනයේ ක්‍රියාත්මක කිරීමට තායිලන්ත බලධාරීන් තීරණය කළහ. ඒ, ඉදිරි දිනවල ගුහාව ආශ්‍රිත ප්‍රදේශයට තද මෝසම් වැසි ලැබීය හැකි බවට කාලගුණ අනාවැකි පළවීම හේතුවෙනි. අධික වැසි ලැබුණහොත්, උමං සහිත මෙම භූගත ගුහාවේ ජල ගැලීම් තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බැවින් ඉන් ජලය පිටතට පොම්ප කිරීම අසීරු වනු ඇතැයි තායිලන්ත බලධාරින් ප්‍රකාශ කළහ. ගුහාවේ සිරව සිටින දරුවන්ගෙන් කිසිවෙකු කිමිදීමට නොදැනීම සහ ඇතැම් අයට පිහිනීමට ද නොහැකිවීම ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම දුෂ්කරවීමට හේතුවී තිබේ. මෙම අවදානම් සහගත මෙහෙයුමේ සාර්ථකත්වය පිළිබඳ මෙතෙක් තායිලන්ත රජය නිල ප්‍රකාශයක් නිකුත්කර නැතත්, ගලවාගැනීමේ මෙහෙයුමේ විස්තර ප්‍රකාශයට පත්කිරීමට තායිලන්ත රජය පියවර ගනු ලැබීය. එහි දැක්වෙන්නේ පලපුරුදු කිමිදුම්කරුවන් දෙදෙනෙකු ගුහාවේ සිරව සිටින එක් දරුවකු බැගින් පිටතට රැගෙන ඒමට නියමිත බවයි. මේ වනවිටත් ගුහාව පිහිටි ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් ලැබෙන් ඇති අතර ගුහාවේ සිරව සිටින දරුවන් මුදාගැනීම අතිශය දුෂ්කර ක්‍රියාවක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය.
2018-07-08T07:14:46.000Z
කට වරද්දාගෙන හිරගෙට ගිය ලෙබනන් කත..
කට වරද්දාගෙන හිරගෙට ගිය ලෙබනන් කත..
ඊජිප්තුවට අපහාස කරමින් Facebook වීඩියෝවක් පළ කිරීම සම්බන්ධයෙන් වරදකාරියක වූ ලෙබනන් කාන්තාවකට කයිරෝ අධිකරණය 8 වසරක සිර දඬුවමක් නියම කර තිබේ. මෝනා එල්- මාස්බෝහ් නමැති 24 හැවිරිදි අදාළ කාන්තාව පසුගිය මාසයේ අත්අඩංගුවට ගෙන තිබුණේ, කයිරෝ ගුවන්තොටුපොළේදී ය. ඊජිප්තු සංචාරය අතරතුර තමා ලිංගික හිරිහැර කිරීම්වලට ලක් වූ බවට චෝදනා කරමින් විනාඩි 10ක් පුරා දිවෙන අදාළ වීඩියෝව ඇය සිය Facebook ගිණුමේ පළ කර තිබිණ. 24 හැවිරිදි අදාළ කාන්තාව පැමිණිලි කර ඇත්තේ, තමා ඊජිප්තුවේ සංචාරයේ නිරතව සිටියදී ටැක්සි රියැදුරෙකු සහ තරුණයින් කිහිප දෙනෙකු අතින් තමාට හිරිහැර සිදුවූ බවයි. එමෙන්ම ආපනශාලාවල දුර්වල සේවා සැපයීම මෙන් ම තමාගේ මුදල් නැති වූ බවට ද ඇය සිය වීඩියෝව ඔස්සේ චෝදනා කර තිබිණ. ඇය සිය කෝපාවිශ්ට ප්‍රකාශය තුළින් ඊජිප්තුව පහත් දුසිරිතෙන් පිරි රටක් බව ත් එහි පිරිමින් ගණිකාවන් සපයන්නන් බවට ත් ගැහැනුන් ගණිකාවන් බවටත් අපහාස කර ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේ වෙතත් ඇය පසුගිය අවුරුදු 4 ඇතුළත කිහිපවතාවක් ම ඊජිප්තුවේ සංචාරය කර ඇති කාන්තාවක් බව ද සඳහන් ය. හිතාමතාම අසත්‍ය කටකතා පැතිරවීම තුළින් සමාජයට හානියක් සිදුව ඇති බව ත් මෙමගින් ආගමික බලපෑම්, අසමගිය වර්ධනය වන බවට ත් පවසමින් කයිරෝ අධිකරණය ඇයට මෙම සිර දඬුවම නියම කර තිබේ. කෙසේ වෙතත් අදාළ කාන්තාව තමාට නියම වූ දඬුවම සම්බන්ධයෙන් අභියාචනයක් ගොනු කර ඇති අතර අදාළ කාන්තාවගේ නීතිඥයා පවසා ඇත්තේ, සිය සේවාදායිකාව ආතතියෙන් පෙළෙන තැනැත්තියක බවයි. මේ අතර 2006 වසරේ ඇය මොළයේ ලේ කැටියක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව ත් ඒ හේතුවෙන් ඇයට කෝපය පාලනය කර ගැනීමේ අපහසුතාවක් පවතින බවත් ඇයගේ නීතිඥවරයා අභියාචනය ගොනු කරමින් අධිකරණයට දැනුම් දී ඇත. ඊජිප්තු කාන්තාවන් අදාළ වීඩියෝව සිය ගිණුම්වල ද පළ කරගනිමින් ඊට විරෝධය පළ කිරීම හරහා එය සමාජ ජාල ඔස්සේ ප්‍රචලිත වී තිබේ. කෙසේ වෙතත් අදාළ කාන්තාව අත්අඩංගුවට ගැනීමට දිනකට පෙර ඇය ඊජිප්තු වැසියන්ගෙන් සමාව අයදිමින් තවත් වීඩියෝවක් පළ කර ඇති බව ද වාර්තා වේ. මේ අතර ඊජිප්තු ක්‍රියාකාරීන් පවසන්නේ, Abdel Fattah el-Sisiගේ පාලනය යටතේ ඊජිප්තුව තුළ අතිශය නරක කඩාවැටීමක් සිදුවෙමින් තිබෙන බවයි. තවද හොස්නි මුබාරක්ගේ 30 අවුරුදු පාලන සමය අවසන් කරමින් 2011 වසරේ අරාබි වසන්තයෙන් ලබා ගත් ජයග්‍රහණ මකා දමමින් සිටින බවටත් ජනාධිපතිවරයාට චෝදනා එල්ල වෙමින් තිබේ.
2018-07-08T04:52:37.000Z
කිතුල් කර්මාන්තය නගා සිටුවීමට වැඩපිළිවෙළක්
කිතුල් කර්මාන්තය නගා සිටුවීමට වැඩපිළිවෙළක්
COLOMBO (News 1st) - ගාල්ල දිස්ත්‍රික්කයේ කිතුල් කර්මාන්තය නගා සිටුවීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසයි. මේ යටතේ කිතුල් කර්මාන්තකරුවන්ට කිතුල් නිෂ්පාදන කර්මාන්ත පිළිබඳ නවීන තාක්ෂණික පුහුණුව හා ඒ සඳහා අවශ්‍ය උපකරණ ලබාදෙනු ඇති. ඊට අමතරව කිතුල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා උසින් අඩු වැඩි දියුණු කළ නව කිතුල් ප්‍රභේද හඳුන්වා දෙන බව ද එම මණ්ඩලය සඳහන් කළේ ය.
2018-07-08T01:58:55.000Z
අගමැති සිංගප්පූරුවට යයි
අගමැති සිංගප්පූරුවට යයි
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිසක් අද පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. ඒ, හෙට ආරම්භ වන 6 වන ජගත් පුරවර සමුළුවට සහභාගීවීම සඳහායි. අග්‍රාමාත්‍යවරයා සමග සිංගප්පුරුව බලා පිටත්ව ගිය දූත පිරිසට 15 දෙනෙකු ඇතුළත් ය. නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම හා නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ. හෙට ආරම්භක සමුළුවේදී 'නාගරික සංවර්ධනය සහ පරිසරය සුරකිමු' යන තේමාව යටතේ ප්‍රධාන දේශණය පවත්වන්නේ අග්‍රාමාත්‍යවරයායි.
2018-07-08T01:01:52.000Z
ජපානයේ ගංවතුර සහ නායයාම්වලින් 51 ක් මරුට
ජපානයේ ගංවතුර සහ නායයාම්වලින් 51 ක් මරුට
COLOMBO (News 1st) - ස්වභාවික විපර්යාස වලින් නිරන්තරයෙන් පීඩාවට පත්වන ජපානයට බලපා ඇති ගංවතුර සහ නායයෑම් වලින් මියගිය සංඛ්‍යාව 51 ක් දක්වා ඉහළ ගොස් තිබේ. පුද්ගලයින් 44 දෙනෙකු සිටින්නේ අතුරුදන් වූවන්ගේ ලැයිස්තු වලයි. පුද්ගලයින් ලක්ෂ 20 කට ආසන්න පිරිසක් නිවාසවලින් ඉවත් කර ඇති බව ජපාන NHK රූපවාහිනිය සඳහන් කළේය. හිරෝෂිමාව ඇතුළු ජපානයේ බටහිර ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණයෙන් නිවාස සහ ගොඩනැගිලි දහස් ගණනක් විනාශ වී තිබේ. ඊයිම් සහ කොචි ප්‍රදේශවලටත් මධ්‍යම ජපානයටත් ඉදිරියේදී අධික වැසි ඇති විය හැකි බවට එරට කාලගුණ බලධාරීන් තවත් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත්තේ විපතට පත් ජනතාව තවත් භීතියට පත් කරමිනි. ගතවූ පැය 3 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ උවාජිමා නගරයටයි. එය මිලිමීටර 364 ක අගයකි. කොචි ප්‍රාන්තයේ සුකෝමා නගරයට මිලිමීටර 263 ක වර්ෂාපතනයක් ලැබී තිබුණි. විපතට පත් ජනතාවට සහන සැලසීමට වර්ෂාවෙන් බාධා එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. බටහිර කලාපය ජලයෙන් වැසී යද්දී, ටෝකියෝ නුවර ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇත්තේ ජපන් වැසියන් කබලෙන් ලිපට ඇද දමමිනි. එහි ප්‍රබලත්වය සටහන් වුණේ මැග්නිටියුට් ඒකක 6 ක් ලෙස ය. භූ කම්පනයත් සමඟ නිවාස සහ ගොඩනැගිලි විනාඩි කිහිපයක් යම් සෙළවීමකට ලක්ව තිබුණි. කෙසේ වෙතත් ජනතාවට උපරිම සහන සැලසීමට පියවර ගන්නා බව, ජපාන රජය පවසයි.
2018-07-08T00:46:08.000Z
මුතුරාජවෙල රක්ෂිතයේ ගින්නක්
මුතුරාජවෙල රක්ෂිතයේ ගින්නක්
COLOMBO (News 1st) - මුතුරාජවෙල රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ දහවල් හටගත් ගින්න මෙතෙක් සම්පුර්ණයෙන් නිවා දැමීමට නොහැකි වී ඇති බව ය. එහෙත් එය පාලනය කිරීමට කටයුතු යොදා ඇතැයි පොලීසිය සඳහන් කළේය. මේ අතර උඩුදුම්බර, හුන්නස්ගිරිය, දේනාපිටිය කන්දේ ද ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා පොලීසිය සමග ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානයේ නිලධාරින් එක්ව සිටී. ගින්නෙන් සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.
2018-07-08T00:10:20.000Z
රු. මිලියන 1248 ක හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු කොටුවෙයි
රු. මිලියන 1248 ක හෙරොයින් සමග දෙදෙනෙකු කොටුවෙයි
COLOMBO (News 1st) - රුපියල් මිලියන 1248 ක වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, කළුබෝවිල සහ බත්තරමුල්ල ප්‍රදේශවල කළ වැටලීම්වලදී ය. ඊයේ රාත්‍රි 8 ට පමණ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළුබෝවිල ප්‍රතිබිම්බාරාම මාවතේදී ජීප් රථයක් පරික්ෂා කර තිබුණි. එහිදී හෙරොයින් පාර්සල් 30 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිණි. ඔවුන්ගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත බත්තරමුල්ල සුභූතිපුර පිහිටි නිවසක්ද පරික්ෂාවට ලක් කෙරිණි. එහි තිබී හෙරොයින් පාර්සල් 66 ක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සමස්ත හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 103 යි ග්‍රෑම් 948කි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්ණ කිරීම් සිදුකරන බව ය.
2018-07-07T22:30:07.000Z
එක්ගල්ඔයේ ගිලීමෙන් සිව්දෙනෙකු අතුරුදන්
එක්ගල්ඔයේ ගිලීමෙන් සිව්දෙනෙකු අතුරුදන්
COLOMBO (News 1st) - අම්පාර, දමන, එක්ගල්ඔයේ ගිලී සිව්දෙනෙකු අතුරුදන්ව තිබේ. පොලිසිය සඳහන් කළේ, ඔවුන් සෙවීම මෙහෙයුම් ආරම්භ කර ඇති බව ය. මේ අතර ත්‍රීකුණාමලය වෙරළ තීරයේ දියනෑමට ගිය පිරිසක් දියවැලකට හසුව ගසාගෙන යමින් සිටියදී 6 දෙනෙකු පොලිස් ජිවිතාරක්ෂක නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ බේරාගනු ලැබ තිබේ. ඒ, අතර ළමයින් දෙදෙනෙකු, විදේශිය කාන්තාවක් ඇතුළු කාන්තාවන් තුන්දෙනෙකු ද සිටින බව පොලීසිය සඳහන් කළේය. පොලීසිය පැවසුවේ ඔවුන්ට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදීමෙන් පසුව පිටව ගිය බව ය.
2018-07-07T21:23:18.000Z
අතුරුදන් වූ හික්කඩුවේ ධීවරයින් සොයා මාලදිවයින සහ ඉන්දියාව විශේෂ මෙහෙයුමක
අතුරුදන් වූ ධීවරයින් සොයා විශේෂ මෙහෙයුමක්
COLOMBO (News 1st) - හික්කඩුවෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් 7 දෙනා සොයා මාලදිවයින සහ ඉන්දියාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ධීවර දෙපාර්තමේන්තුවේ, සෝදිසි මෙහෙයුම් සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, මෙහෙයුම් සඳහා ඉන්දීය ගුවන් හමුදා යානයක් සහ මාලදිවයින් වෙරළාරක්ෂක අංශයට අයත් යාත්‍රා කිහිපයක් යොදවා ඇති බව ය. 'සින්දූර් දෙක' නැමති යාත්‍රාව ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් තිබුණේ පසුගිය 14 වැනිදා ය. එය පසුගිය 29 වනදා සිට ගොඩබිම සමග පැවති සබඳතා ඇනහිට ඇති බව සහකාර අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය. අවසන් වරට සම්බන්ධ වනවිට එම බහුදින ධීවර යාත්‍රාව මාලදිවයින් මුහුදු සීමාවේ පැවති බව අනාවරණ වී තිබේ. සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, අදාළ ධීවර යාත්‍රාවේ දෝෂ පැවති බවට දැනට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව ය. මේ අතර අතුරුදන් වූ ධීවරයින් සෙවීම සඳහා නාවික හමුදාවට අයත් 'සුරක්ෂා' නෞකාව ඊයේ සිට මෙහෙයුම් ආරම්භ කර ඇති බව නාවික හමුදාව පවසයි. ඒ, ගාල්ලට නාවික සැතපුම් 310 ක් පමණ දුරින් වූ ප්‍රදේශයකදී මෙම ට්‍රෝලර් යාත්‍රාව අවසන්වරට ගොඩබිම සමග සබඳතා පවත්වා ඇති බවට ලද තොරතුරු මතයි. මේ අතර අතුරුදන් වූ ධීවරයින් සොයා දෙන්නැයි පවසමින් ගාලු පාර හික්කඩුව ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් ඊයේ විරෝධතාවක නිරත විය. ඊයේ පෙරවරුවේ ආරම්භ වූ විරෝධතාව මධ්‍යම රාත්‍රිය වනතෙක් පැවති බව අප වාර්තාකරු සඳහන් කළේය. අතුරුදන්ව ඇත්තේ හික්කඩුව, තෙල්වත්ත සහ තොටගමුව ප්‍රදේශවල පදිංචි ධිවරයින් පිරිසකි.
2018-07-07T20:57:34.000Z
ඇලෝසියස් සහ පලිසේනගේ සිර මැදිරියෙන් සොයාගත් දුරකතන පිළිබඳ CID යෙන් විමර්ශන
ඇලෝසියස් සහ පලිසේනගෙන් සොයාගත් දුරකතන පිළිබඳ CID ය
COLOMBO (News 1st) - බන්ධනාගාර ගතකර සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් රඳවා ඇති වාට්ටුව තුළ තිබී සොයාගත් දුරකතනවලින් ලබාගෙන ඇති ඇමතුම් පිළිබඳ දත්ත විමර්ශනය කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, අදාළ සමාගම්වලින් ඊට අදාළ තොරතුරු ලබා දෙන්නැයි ඉල්ලීමක් කර ඇති බවයි. සැකකරුවන්ට එරෙහි නඩුව පසුගිය බ්‍රහස්පතින්දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට පෙන්වා දුන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවන් රඳවා සිටින H වාට්ටුව පරික්ෂා කළ බන්ධනාගාර විශේෂ නිලධාරීන් කණ්ඩායමකට එහි සඟවා තිබූ ජංගම දුරකතන 3ක් සහ සිම් කාඩ්පත් 5 ක් සොයා ගැනීමට හැකි වූ බවය. එක් ජංගම දුරකතනයක් අර්ජුන් ඇලෝසියස් මහතා නිදා ගන්නා කොට්ට අතර සඟවා තිබීයදී සොයාගත් බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය. ඒ, අනුව සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් සහ මැගසින් බන්ධනාගාර අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් ද විශේෂ විමර්ශන ක්‍රියාත්මක බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය. පරීක්ෂණ වාර්තා මත පදනම්ව ඔවුන් වෙනත් වාට්ටුවකට හෝ බන්ධනාගාරයකට මාරු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණය කර බව ද තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
2018-07-07T20:10:57.000Z
FIFA: ස්වීඩනය සහ සත්කාරක රුසියාව පරාජය කරමින් එංගලන්තය සමග ක්‍රොඑශියාව අවසන් පූර්ව වටයට
ස්වීඩනය සහ රුසියාව පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට
(News 1st) - ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පෙරළිකාර ස්වීඩන කණ්ඩායමත් සමග පැවැති තුන්වන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ගෝල 2 ට 0 ක් පහසු ජයක් ලබා ගනිමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගන්නට ප්‍රබල එංගලන්ත කණ්ඩායම සමත් විය. තරගය පැවැත්වුණේ රුසියාවේ සාමාරා ක්‍රීඩාංගණයේදී ය. 1962 වසරට පසුව ලෝක කුසලානයකට එක්වූ අත්දැකීම් අඩුම එංගලන්ත ලෝක කුසලාන සංචිතය හමුවේ තරගයේ ආරම්භයේ සිටම ස්වීඩනය දැඩි පීඩනයකට ලක්විය. එංගලන්තයේ හැශ්ලි යං යොමු කළ පන්දුව දැල වෙතට යොමු කරමින් සිය කණ්ඩායමට පළමු ගෝලය එක් කිරීමට හැරී මැගුවයර් සමත් වුණේ තරගයේ 30 වන මිනිත්තුවේදී ය. ප්‍රතීවාදී ස්වීඩන කණ්ඩායමට එම අර්ධයේදී කිසිඳු ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් හිමිවුණේ නැහැ. ඒ, අනුව තරගයේ පළමු අර්ධය නිමාවුණේ ගෝල 1 ට 0 ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් සිටිමිනි. එංගලන්ත ක්‍රීඩක ඩිලේ අලි තරගයේ 59 වැනි මිනිත්තුවේදී සිය කණ්ඩායමට දෙවන ගෝලය එක් කීරීමට සමත් විය. ස්විඩනයේ රොබින් ඔසෙන් සහ වික්ටර් ලින්ඩ්ලොෆ් සිය කණ්ඩායමට ගෝලයක් එක් කිරිමට උත්සාහ කළද එංගලන්ත ක්‍රීඩකයින් එයට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ඒ, අනුව ගෝල 2 ට 0 ක් ලෙස ස්වීඩනය පරාජය කරමින් වසර 28 කට පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්තය සමත් විය. 1966 වසරේ එංගලන්තයේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී පළමු වරට ලෝක කුසලානය දිනාගත් එංගලන්තයට නැවතත් අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට අවස්ථාවක් හිමිවුනේ 1990 වසරේ පමණි. ඉන් අනතුරුව නැවතත් 2006 වර්ෂයේ ඩේවිඩ් බෙකම්ගේ නායකත්වයෙන් යුතුව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් එංගලන්තය මෙවර උපරිම දක්ෂතා දක්වමින් නැවතත් අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්. මේ අතර සත්කාරක රුසියාවට එරෙහිව පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගය දඬුවම් පහර 4 ට 3 ක් ලෙස ජය ගනිමින් ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසීමට ක්‍රොඑශියාව සමත් විය. සෝචි හි ෆිශ්ට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගැනිණි. ෆිෂ්ට් ක්‍රීඩාංගණයේ සිටි රුසියානු ප්‍රේක්ෂකයින්ට බලාපොරොත්තුවක් ගෙන එමින් රුසියාවට පළමු ගෝලය එක් කිරීමට ඩෙනිස් චෙරිශෙව් සමත් වුණේ, තරගයේ 31 වන මිනිත්තුවේදී ය. නමුත් ඉන් මිනිත්තු 8 කට පසු ක්‍රියාත්මක වූ ක්‍රොඑශියාවේ ඇන්ඩ්‍රේජ් ක්‍රැමරික් සිය කණ්ඩායමට පළමු ගෝලය එක් කළේ, තරගයේ උණුසුම තවත් වැඩි කරමිනි. ඒ, අනුව කණ්ඩායම් දෙකම ගෝල 1 බැගින් ලබා සිටියදී තරගයේ පළමු අර්ධය නිමාවට පත්විය. තරගයේ දෙවන අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට අවස්ථාවක් හිමිනොවුණු අතර ඒ අනුව තරගයේ තීරණය ලබා දීමට අතිරේක කාලයක් විනිසුරුවන් ලෙසින් ලබා දුන්නා. නමුත් කිසිවෙකු නොසීතී ලෙස දෙපිලම එම අතිරේක කාලේයේදී එක් ගෝලය බැගින් වාර්ථා කලේ තරගයේ තීරණය දඬුවම් පහර වෙත භාර කරමිනි. රුසියාවේ ෆිෂ්ට් ක්‍රීඩාංගණයට රැස්ව සිටි සත්කාරක රුසියානු ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු සුන් කරමින් සත්කාරක රුසියාවට සාර්ථක කර ගැනීමට හැකිවූයේ දඬුවම් පහර 3 ක් පමණි. ක්‍රොඑශියාව දඬුවම් පහර 4 ක් සාර්ථක කරගත් අතර ඒ අනුව අර්ධ අවසන් පූර්ව තරගයේදී සත්කාරක රුසියාව පරාජය කරමින් ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රොඑශියාව සමත් විය.
2018-07-07T06:01:06.000Z
තායිලන්තයේ ලෙනක් තුළ සිරවී සිටින දරුවන්ගෙන් දෙමව්පියන්ට ලිපියක්
ලෙන තුළ සිරවී සිටින දරුවන්ගෙන් දෙමව්පියන්ට ලිපියක්
(News 1st) - තායිලන්තයේ ලෙනක් තුළ සති දෙකක කාලයක් පුරා සිර වී සිටින පිරිමි ළමුන් සිය දෙමාපියන් වෙත ලිපියක් එවා තිබේ. ඔවුන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන් පිළිබදව දුක් නොවන ලෙස ය. තමන් ශක්තිමත්ව සිටින බව අදාළ ලිපියෙහි දැක්වේ. දරුවන් ලෙන තුළට රැගෙන ගිය 25 හැවිරිදි පාපන්දු පුහුණුකරු ද දෙමාපියන් වෙත ලිපියක් එවමින් සමාව ඉල්ලා තිබේ. තම උපරිමයෙන් දරුවන් රැක බලා ගන්නා බව ඔහු එහි දක්වා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේය. සියලු දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් සහන සේවා කණ්ඩායම් තමන්ට හොඳින් සැළකුම් කරන බවත් පාපන්දු පුහුණුකරු පවසයි. ලෙන ගවේෂණය කරමින් සිටියදී ඒ තුළට වැසි ජලය පැමිණීමෙන් මෙම පිරිමි දරුවන් 12 දෙනා සහ පාපන්දු පුහුණුකරු ලෙන තුළ සිරවූයේ ඉකුත් මස 23වනදා ය. ඔවුන් ලෙන තුළ සිරවී දින 10 කට පසු ඔවුන් සොයා ගැනීමට හැකිවූයේ බ්‍රිතාන්‍ය කිමිඳුම්කරුවන් පිරිසකටයි. එතැන් සිට තායිලන්ත සහ ජාත්‍යන්තර කිමිඳුම්කරුවන් දරුවන්ට අවශ්‍ය ඔක්සිජන්, ආහාර සහ වෛද්‍ය ආධාර සපයනු ලැබිණි. කෙසේ වෙතත් දරුවන් සිරවී සිටින ස්ථානයේ ඔක්සිජන් මට්ටම සියයට 21 සිට 15 දක්වා පහත වැටී ඇති බව එරට බලධාරීන් සඳහන් කළේය. එහෙත් දරුවන් සිටින ස්ථානය වෙත වායු රැහැනක් සාර්ථකව එලීමට සහන සේවා කණ්ඩායම් සමත්ව තිබේ. එම දරුවන් වෙත ඔක්සිජන් ටැංකි රැගෙන ගිය කිමිඳුම්කරුවෙකු යළි පැමිණීමේදී ජීවිතක්ෂයට පත්වීම මෙම සහන සේවා මෙහෙයුමේ ඇති බිහිසුණු බව පෙන්නුම් කරන බව විදෙස් වාර්තා සඳහන් කළේය. සහන සේවා කණ්ඩායම දරුවන් කඩිනමින් බේරා ගැනීම උදෙසා කාලය සමග තරගයක නිරතව සිටින අතර හෙට දිනයේ තද මෝසම් වැසි සමග ලෙන තුළට තවත් ජලය රැස්වනු ඇතැයි අනුමාන කෙරේ. දැනට දරුවන් සිටින ස්ථානයට ළඟාවීම සඳහා සහන සේවා කණ්ඩායම් ලෙනට පිටතින් සිදුරු 100ක් පමණ හාරා ඇති අතර බලාපොරොත්තු තැබිය හැකි ස්ථාන 18ක් හඳුනාගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේය. මීටර් 400 ක් පමණ ගැඹුරු ස්ථානයක් සහන සේවා කණ්ඩායම් විසින් හඳුනාගෙන ඇති අතර එම ස්ථානයෙන් දරුවන් සිටින ස්ථානයට ළඟාවිය හැකි ද යන්න මෙතෙක් පැහැදිලි නොමැත. පොළොව මට්ටමට වඩා මීටර් 600ක් පමණ ගැඹුරු ස්ථානයක මෙම දරුවන් සිරවී සිටින බවට විශ්වාස කෙරේ. ඊයේ දිනයේ දරුවන් වෙත ඔක්සිජන් රැගෙන ගිය ඩෙන්මාර්ක කිමිදුම් උපදේශකවරයෙකු වන අයිවන් කැටජික් කියා සිටියේ ලෙන තුළ ජල මට්ටම සැළකිය යුතු ලෙස අඩුවීම නිසා තම ගමන පහසු වූ බව ය. මේ අතර මෙම දරුවන් කඩිනමින් බේරා ගැනීමට හැකි වුවහොත් ජූලි 15 වනදා මොස්කව්හී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීම සඳහා සහභාගී වන ලෙස ලෝක පාපන්දු සංගමය ආරාධනා කර තිබේ.
2018-07-07T05:50:44.000Z
වැලිකඩ කාන්තා රැඳවියන් 138 දෙනෙකු අඟුණකොළපැලැස්සට
වැලිකඩ කාන්තා රැඳවියන් 138 දෙනෙකු අඟුණකොළපැලැස්සට
COLOMBO (News 1st) - වැලිකඩ බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටි කාන්තා රැඳවියන් 138 දෙනෙකු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කර යවා තිබේ. එහි බන්ධනාගාර අධිකාරී ඒ.ඩබ්ලිව්.එස්. ධම්මික මහතා සඳහන් කළේ, වැලිකඩ බන්ධනාගාරයේ ඉඩකඩ පහසුකම් අඩුවීම හේතුවෙන් මෙම පියවර ගත් බව ය. එම බන්ධනාගාරයේ මේ වනවිට කාන්තා රැඳවියන් 28 දෙකෙකු සිටින බව ද ඔහු කියා සිටියේය. ඔහු සදහන් කළේ එම රැදවියන් මාරු කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන්ට ලිපි මගින් දැනුම්දීමට පියවර ගන්නා බවයි.
2018-07-07T05:05:03.000Z
මාතර රාහුල - ශාන්ත තෝමස් පාපන්දු තරගය විසඳුමකින් තොරව අවසන් වෙයි
විසඳුමක් නොමැති රාහුල - ශාන්ත තෝමස් පාපන්දු සටන
COLOMBO (News 1st) - මාතර රාහුල විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලාන්තර 'රන් දද සටන' වාර්ෂික පාපන්දු තරගය ඊයේ පැවැත්විය. පාපන්දු තරගය මෙවර පැවැත්වුණේ 17 වැනි වරටයි. මාතර, ජර්මන් මිත්‍රත්ව ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ගෝල රැස් කිරීම ආරම්භ කළේ රාහුල විද්‍යාලයයි. ඔවුන් පළමු අර්ධයේදී ගෝල 2ක් රැස් කළේය. දෙවැනි අර්ධයේදී ශාන්ත තෝමස් කණ්ඩායම ගෝල 2ක් රැස් කළ අතර ප්‍රතිවාදී රාහුල විද්‍යාලයට ගෝල රැස් කිරීමට නොහැකි විය. කෙසේ නමුත් ගෝල සම වීමෙන් අනතුරුව ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩාංගණය තුළට පැමිණි අතර ඉන් අනතුරුව තරගයේ සංවිධායකයින් තීරණය කළේ තරගය නතර කිරීමටයි. ඇති විය හැකි ගැටුමක් වළක්වා ගැනීමේ අරමුණෙන් එම පියවර ගත් බව ත් තරගයේ ජයග්‍රහණය පිළිබඳව පසුව දැනුම්දෙන බව ත් තරග සංවිධායකින් සඳහන් කළේය.
2018-07-07T04:16:39.000Z
ජාත්‍යන්තර චොකලට් දිනය අදයි
ජාත්‍යන්තර චොකලට් දිනය අදයි
(News 1st) - ජාත්‍යන්තර චොකලට් දිනය අදට යෙදී තිබේ. ජූලි 7 වැනිදා ජාත්‍යන්තර චොලකට් දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 2009 වසරේදී ය. බොලිවුඩ් තරු රැසක් අදට යෙදෙන ජාත්‍යන්තර චොකලට් දිනය නිමිත්තෙන් සමාජ ජාල ඔස්සේ විවිධ සටහන් තබා තිබුණේ තම ප්‍රියතම චොකලට් වර්ගය ද සඳහන් කරමිනි. මේ නිමිත්තෙන් අද ලොව පුරා විවිධ සැමරුම් ද පැවැත්වේ.
2018-07-07T03:38:22.000Z
මාතලේ ජන ජීවිතයට බාධා කළ වන අලියා අල්ලා ගනී
මාතලේ ජන ජීවිතයට බාධා කළ වන අලියා අල්ලා ගනී
COLOMBO (News 1st) - දිගු කලක සිට මාතලේ, මඩවල, රත්ගම්මන ආදි ප්‍රදේශ රැසක ජන ජීවිතයට තර්ජන එල්ල කළ වන අලියා අද උදෑසන වනජීවි නිලධාරීන් සිය ග්‍රහණයට ගනු ලැබිණි. ලුණුගම්වෙහෙර වන ජිවි කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේ, දින 04 ක මෙහෙයුමෙන් පසු අද උදෑසන වන අලියා නිර්වින්දනය කොට අල්ලා ගත් බව ය. පසුගිය දිනක එම වන අලියා තරුණයින් දෙදෙනෙකුට පහර දී ඝාතනය කර තිබූ අතර වගා බිම් රැසකට ද හානි කර තිබූ බව වනජීවි නිලධාරින් සඳහන් කළේය. අල්ලා ගත් වන අලියා රක්ෂිතයකට මුදාහැරීමට කටයුතු කරන බව වනජීවි නිලධාරින් සඳහන් කළේය. මේ අතර පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, රක්ෂිතයක ගවයින් බැලීමට ගොස් සිටි පුද්ගලයෙකු එලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති බව ය. මියගොස් ඇත්තේ, 61 හැවිරිදි ගල්ලෑල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2018-07-07T03:22:34.000Z
ඉරිඟු මහ පාරට
ඉරිඟු මහ පාරට
COLOMBO (News 1st) - ඉරිඟු ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනරයක් අද හදිසි අනතුරකට මුහුණ දුන්නේය. අප වාර්තාකරු සඳහන් කළේ, කන්තලේ සිට කපුවත්ත දක්වා ප්‍රවාහනය කරමින් තිබු ඉරිඟු කන්ටේනරයක දොරක් විවෘත වීමෙන් මෙලෙස ඉරිඟු මාර්ගය පුරා විසිරී ගිය බව ය. කන්ටේනරය මෙම සිදුවීමට මුහුණ දුන්නේ මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේදීය.
2018-07-07T03:08:46.000Z
දඹුලු විහාරයේ සහ ගාලු කොටුව පිළිබඳ වාර්තාවක් ලෝක උරුම කමිටුව ඉල්ලයි
දඹුලු විහාරයේ සහ ගාලු කොටුව ගැන වාර්තාවක් ඉල්ලයි
COLOMBO (News 1st) - ලෝක උරුම රංගිරි දඹුලු රජමහා විහාරයේ වත්මන් තත්ත්වය හා එය සංරක්ෂණයට ගෙන ඇති පියවර පිළිබඳ වාර්තාවක් ලබන වසරේ පෙබරවාරි 01වැනිදා ලබා දෙන ලෙස ලෝක උරුම කමිටුව රජයට දැනුම් දී තිබේ. ඒ, පසුගියදා බහරේනයේ මනාමා අගනුවර පැවති ලෝක උරුම කමිටුවේ 42 වැනි සැසිවරායේදී ය. රටවල් 167 ක සහභාගීත්වයෙන් පැවති සැසිවාරයට මෙරට නියෝජනය කරමින් සහභාගි වූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය පී.බී. මණ්ඩාවල මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව අදාළ වාර්තාවට දඹුල්ල ලෙන් විහාරයේ වත්මන් සංරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබා දීමට කටයුතු කරන බව ය. මේ අතර ලෝක උරුමයක් වන ගාල්ල ලන්දේසි කොටුවේ වත්මන් තත්ත්වය හා එහි සංචාරක සැලැස්ම සම්බන්ධ වාර්තාවක් ද ලෝක උරුම කමිටුව රජයෙන් ඉල්ලා ඇති බව මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා ප්‍රකාශ කළේය.
2018-07-07T01:34:28.000Z
හික්කඩුවෙන් ගාලු පාර අවහිර කරමින් ධීවර පවුල්වල සාමාජිකයින්උද්ඝෝෂණයක
හික්කඩුවෙන් ගාලු පාර අවහිර කරමින් උද්ඝෝෂණයක්
COLOMBO (News 1st) - ගාලු පාර හික්කඩුව, වැරැල්ල ප්‍රදේශයෙන් අවහිර කරමින් ධීවර පවුල්වල සාමාජිකයින් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරත වේ. ඒ පසුගිය 14 වැනිදා ගාල්ල වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් 7 දෙනෙකු සොයා දෙන්නැයි බලකරමිනි. පසුගියදා ගාලු වරායෙන් මුහුදු ගොස් අතුරුදන්ව ඇත්තේ හික්කඩුව, තෙල්වත්ත, තොටගමුව ප්‍රදේශවල ධීවරයින් පිරිසකි. පොලීසිය සඳහන් කළේ, ඔවුන් අවුරුදු 45, 51, 27, 39, 47, 26 සහ 34 යන වයස්වල පසුවන බව ය. අදාළ පිරිස අවසන් වරට ගොඩබිම සමග පණිවුඩ හුවමාරු කරගෙන ඇත්තේ පසුගිය 29 දාය. සිය පවුල්වල සමාජිකයින් සොයා දෙන්නැයි බලධාරීන්ට අවස්ථා ගණනාවකදි දැනුම් දුන්න ද මෙතෙක් ඒ සඳහා කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ධීවර පවුල්වල ජනතාව චෝදනා කළේය.
2018-07-07T01:10:06.000Z
සංචාරක නිවාස වැඩි දියුණු කිරීමට ණය යෝජනා ක්‍රමයක්
සංචාරක නිවාස වැඩි දියුණු කිරීමට ණය යෝජනා ක්‍රමයක්
COLOMBO (News 1st) - දිවයින පුරා ක්‍රියාත්මක සංචාරක සත්කාරක නිවහන් වැඩි දියුණු කිරීමට රජයේ අවදානය යොමුව තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ මුදල් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ඒ සඳහා ණය පහසුකම් ලබා දීමේ ක්‍රමවේදයක්ද ක්‍රියාත්මකයි. මෙම ණය සඳහා පොළී අය කිරීමේදී සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර ඒ යටතේ 14%ක් වන පොළී අනුපාතිකයෙන් 6%ක් දක්වා මහා භාණ්ඩාගාරය විසින් ගෙවීම් සිදු කිරීමට නියමිත ය.
2018-07-07T00:59:17.000Z
කොදෙව්වන් ඉදිරියේ බංග්ලාදේශයට අන්ත පරාජයක්
කොදෙව්වන් ඉදිරියේ බංග්ලාදේශයට අන්ත පරාජයක්
(News 1st) - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 219කින් පරාජය විය. ඇන්ටිගුවාහිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 43ක් පමණි. බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුවන් 10 දෙනෙකුටම ලකුණු 10 සිමාව පසු කිරීමට නොහැකි විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ලිටන් ඩාස් ලකුණු 25ක් ලබා ගත්තේය. කෙමර් රෝච් ලකුණු 8කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 406ක් ලබා ගත්තේය. ක්‍රේග් බ්‍රත්වේට් ලකුණු 121ක් ලබා ගැනීමට සමත් විය. අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 144ක් පමණි. තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස කොදෙව් කණ්ඩායම ඉදිරියෙන් සිටී.
2018-07-07T00:36:52.000Z
රිය අනතුරු 5කින් පුද්ගලයින් 5ක් මරුට
රිය අනතුරු 5කින් පුද්ගලයින් 5ක් මරුට
COLOMBO (News 1st) - ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ. පොලිසිය සඳහන් කළේ, තලංගම, වැලිපැන්න, එරාවුර්, කැබිතිගොල්ලෑව සහ බෙලිඅත්ත පොලිස් බල ප්‍රදේශවල එම රිය අනතුරු සිදුව ඇති බව ය. බොරුල්ල - කඩුවෙල මාර්ගයේ තලංගම ඩිපෝව අසලදී ලොරියක් හා යතුරු පැදියක් ගැටිමෙන් 38 හැවිරිදි පුද්ගලයෙකු මිය ගියේය. පොලිසිය සඳහන් ක‍ළේ, කැබිතිගොල්ලෑව නගරයේ බස් රථයකට යටවීමෙන් අද අලුයම යකාවැව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු මියගිය බව ය. අලුත්ගම - මතුගම මාර්ගයේ වැලිපැන්න කෝපි වත්ත ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක යතුරු පැදියක් ගැටීමෙන් 70 හැවිරිදි ලෙව්වන්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ මඩකලපුව - ත්‍රීකුණාමලය මාර්ගයේ චෙන්කලඩි ප්‍රදේශයේදීද රිය අනතුරකින් පුද්ගලයෙකු මියගිය බව ය. යතුරු පැදියක පාපැදියක් ගැටීමෙන් එලෙස මියගොස් ඇත්තේ, 38 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර බෙලිඅත්ත - වලස්මුල්ල මාර්ගයේ දම්මුල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් හා ලංගම බස් රථයක් ගැටිමෙන් 57 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරු මියගොස් තිබේ.
2018-07-06T23:33:07.000Z
කොටුව ප්‍රධාන වීදියේ වෙළෙඳසැලක් තුළ ගින්නක්
කොටුව ප්‍රධාන වීදියේ වෙළෙඳසැලක් තුළ ගින්නක්
COLOMBO (News 1st) - පිටකොටුව ප්‍රධාන වීදියේ වෙළෙඳසැලක් තුළ අද උදෑසන ගින්නක් ඇතිවිය. පොලීසිය පැවසුවේ ගින්න අසල තිබූ වෙළෙඳ සැලකට ද පැතිර තිබූ බව ය. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ හා නාවික හමුදාවේ සහාය ලබාගෙන ගින්න මැඩපැවැත්වූ බව පොලිසිය සඳහන් කළේය ගින්න හේතුවෙන් ජීවිත හානි හෝ තුවාල කිසිවක් වාර්තා වී නොමැත. පොලීසිය පැවසුවේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ය.
2018-07-06T21:16:13.000Z
ඇලෙක්ස් හේල්ස් ඉන්දියාවට එරෙහිව එංගලන්තය ජයග්‍රහණයට රැගෙන යයි
ඉන්දියාවට එරෙහි එංගලන්තයට ජය
(News 1st) -ඉන්දීය කණ්ඩායමට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් සත්කාරක එංගලන්තය කඩුලු 5ක ජයක් වාර්තා කළේය. ඒ, අනුව තරග 3කින් සමන්විත තරගාවලිය තරග 1 බැගින් ජය ලබා දෙපිලම සම තත්ත්වයේ පසුවෙයි. කාර්ඩිෆ්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් එංගලන්තය පළමුවෙන් පන්දු රැකිමට තීරණය කළේය. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5කට රැස් කළ ලකුණු ගණන 148කි. නායක විරාට් කෝලි ලකුණු 47ක් ලබා ගත්තේය. මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලබාගත් ලකුණු ගණන 32කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 19යි පන්දු 4කදී කඩුලු 5ක් පමණක් දැවී තිබියදී තරගය ජය ගැනීමට සමත් විය. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ඇලෙක්ස් හේල්ස් නොදැවී ලකුණු 58ක් ලබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
2018-07-06T20:58:20.000Z
අමෙරිකාව ඉතිහාසයේ විශාලතම වෙළෙඳ යුද්ධය අරඹා ඇතැයි චීනයෙන් චෝදනා
චීනයෙන් අමෙරිකාවට චෝදනාවක්
(News 1st) - අමෙරිකාව ආර්ථික ඉතිහාසයේ විශාලතම වෙළඳ යුද්ධය ආරම්භ කර ඇති බවට චීනය විසින් චෝදනා එල්ල කරනු ලැබේ. චීනය එසේ චෝදනා කර සිටියේ සිය අපනයන සඳහා අමෙරිකාව ඩොලර් බිලියන 10ක ද්විත්ව බදු පැනවීම හේතුවෙනි. සිය නිෂ්පාදන සඳහා තව දුරට ත් බදු පනවන බවට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කිරීමත් සමගින් තමන් ද ඊට ප්‍රතිචාරදැක්වීමට සූදානම් බව චීනය කියා සිටියේය. චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මෙම ගැටළුව සම්බන්ධයෙන් තමන් ලෝක වෙළඳ සංවිධානයට පැමිණිලි කර ඇති බව ය. කෙසේ වෙතත් කාර්මික යන්ත්‍රෝපකරණ, වෛද්‍ය උපාංග, වාහන අමතර කොටස් ඇතුළු 800 කට වැඩි චීන නිෂ්පාදන සඳහා ට්‍රම්ප් පරිපාලනය පැනවූ 25%ක තීරුබද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව විදෙස් වාර්තා සඳහන් කළේය.
2018-07-06T20:42:58.000Z
රුපියල් ලක්ෂ 64 ක විදෙස් මුදල් සමග දෙදෙනෙකු කොටුවෙයි
රු. ලක්ෂ 64 ක විදෙස් මුදල් සමග දෙදෙනෙකු කොටුවෙයි
COLOMBO (News 1st) - රුපියල් ලක්ෂ 64 ක් වටිනා විදේශීය මුදල් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. රේගු වැඩබලන මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බව ය.
2018-07-06T20:27:27.000Z
කොළඹට පැය 9ක ජල කප්පාදුවක්
කොළඹට පැය 9ක ජල කප්පාදුවක්
(News 1st) - කොළඹ මහ නගර සභා සීමාව ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9 සිට පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබේ. එම මණ්ඩලය සඳහන් කළේ, හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ය. මේ අනුව කොළඹ 5 සහ කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටවනු ඇති. ඊට අමතරව කොළඹ 4, කොළඹ 6, කොළඹ 7 සහ කොළඹ 8 යන ප්‍රදේශවලට මෙන්ම මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේය.
2018-07-06T20:17:01.000Z
උරුගුවේ සහ බ්‍රසීලයේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි
උරුගුවේ සහ බ්‍රසීලයේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි
(News 1st) - උරුගුවේ සහ බ්‍රසීල කණ්ඩායම්වලට මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. ඒ, ප්‍රංශ සහ බෙල්ජියම් කණ්ඩායම් සමග පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලින් පරාජය වීම හේතුවෙනි. තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය ප්‍රංශ සහ උරුගුවේ කණ්ඩායම් අතර පැවැත්වුණේ රුසියාවේ නිස්නි නොව්ගොරොඩ් ක්‍රීඩාංගණයේදී ය. තරගයේ 40 වැනි මිනිත්තුවේදී ප්‍රංශය ගෝල රැස් කිරීම ආරම්භ කළ අතර ගෝල 1ට 0ක් ලෙස ඔවුන් පළමු අර්ධයේ පෙරමුණ ගැනිණි. ප්‍රංශය සිය දෙවැනි ගෝලය තරගයේ 61 වැනි මිනිත්තුවේදී වාර්තා කළේ, උරුගුවේ කණ්ඩායමට කිසිඳු ගෝලයක් රැස් කිරීමේ අවස්ථාව අහිමි කරමිනි. ඒ, අනුව ගෝල 2ට 0ක් ලෙස තරගය ජය ගත් ප්‍රංශය වසර 12කට පසුව ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසියේය. මේ අතර බෙල්ජියම සමග කසාන්හිදී පැවැති තරගයෙන් නේමාර් ප්‍රමුඛ බ්‍රසීලය පරාජය විය. බ්‍රසීලයේ ‍ෆර්නැන්ඩීන්යෝගේ අපරීක්ෂාකාරී ක්‍රීඩා විලාසය හේතුවෙන් බෙල්ජියමට ගෝලයක් හිමි වූයේ තරගයේ 13 වැනි මිනිත්තුවේදී ය. ඉන් අනතුරුව තරගයේ 31 වැනි මිනිත්තුවේදී ඩි බ්‍රොයින් බෙල්ජියම වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කළේය. තරගයේ 76 වැනි මිනිත්තුවේදී බ්‍රසීලය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය රැස් කළේ ඔගස්ටෝ. ඒ, අනුව ගෝල 2ට 1ක් ලෙස බෙල්ජියම තරගය ජය ගත් අතර ඔවුන් 1986 වසරට පසුව ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසි පළමු අවස්ථාව මෙය වේ. ඔවුන් ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසි දෙවැනි අවස්ථාව මෙන්ම 1963 වසරට පසුව බ්‍රසීලය පරාජය කළ පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි.
2018-07-06T20:03:35.000Z
ඇඹිලිපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය තාවකාලිකව වැසෙයි
ඇඹිලිපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය වැසෙයි
COLOMBO (News 1st) - ඇඹිලිපිටිය මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය වසා දමා තිබේ. එහි වෛද්‍ය අධිකාරි වෛද්‍ය නේපුල් ධර්මතිලක මහතා පැවසුවේ හදිසි ප්‍රතිකාර අංශයේ ඊයේ ඇතිවූ සුළු ගින්නක් හේතුවෙන් එම අංශය තාවකාලිකව වසා දමා ඇති බව ය.
2018-07-06T19:50:46.000Z
තැපැල්පතිට ස්ථාන මාරුවක්: වෘත්තීය සමිතිවල දැඩි විරෝධය
තැපැල්පතිට ස්ථාන මාරුවක්: වෘත්තීය සමිතිවල විරෝධය
COLOMBO (News 1st) - තැපැල්පති රෝහණ අබේරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයට මාරුකර තිබේ. එම ස්ථාන මාරුව සම්බන්ධයෙන් වෘත්තීය සමිති දැඩි විරෝධය පල කරන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි. තැපැල්පතිවරයාගේ ස්ථාන මාරුව හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින ගැටළු තව දුරට ත් උග්‍රවීමට හේතුවනු ඇතැයි ඔහු සඳහන් කළේය.
2018-07-06T09:24:20.000Z
එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් අධ්‍යක්ෂවරුන් 4 දෙනෙකුට අධිකරණයෙන් විදෙස් ගමන් තහනම් කෙරේ
ETI අධ්‍යක්ෂවරුන් 4 දෙනෙකුට විදෙස් ගමන් තහනම් කෙරේ
COLOMBO (News 1st) - එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් (ETI) ආයතනයේ අධ්‍යක්ෂවරුන් 4 දෙනෙකුට විදේශගත වීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද පස්වරුවේ අධිකරණ නියෝගයක් නිකුත් කළේය. ඒ, අනුව විදේශ ගමන් තහනම් කරමින් ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මීන්ට ලබන 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ. එම අධ්‍යක්ෂවරුන් සිව්දෙනාට නිකුත් කළ තහනම වහාම ආගමන විගමන පාලකවරයා වෙත යැවීමට කටයුතු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය. නීතිපතිවරයා කළ කරුණු දැක්වීමක් සළකා බැලු මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධ්‍යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලක් මත නීතිපති දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්විය. එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් (ETI) ආයතනය 2011 වසරේ සිට පවත්වාගෙන ගොස් ඇත්තේ මූල්‍ය නීතිවලට පටහැනි ආකාරයෙන් බව බැංකු නොවන මුල්‍ය ආයතන අධ්‍යක්ෂවරයා නීතිපති දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ල මගින් පෙන්වා දී තිබුණි.
2018-07-06T08:16:14.000Z
පකිස්ථාන හිටපු අගමැති නවාස් ෂරීෆ්ට වසර 10ක සිර දඬුවමක්
පකිස්ථාන හිටපු අගමැති නවාස් ෂරීෆ්ට සිර දඬුවමක්
(News 1st) - පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට වසර 10 ක සිර දඬුවමක් නියම කර තිබේ. ඒ, ලන්ඩන් නුවර පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ 04 ක හිමිකාරීත්වය සම්බන්ධයෙන් එල්ල වූ දූෂණ චෝදනාවලට වරදකරු වීම හේතුවෙනි. පකිස්ථාන ජාතික වගවීම් කාර්යංශ අධිකරණයක්, හිටපු අග්‍රාමාත්‍යවරයාට මෙම සිර දඬුවම නියම කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ෂරීෆ්ගේ දියණිය වන මර්යාම් ෂරීෆ්ට වසර 7 ක සිර දඬුවමක් හා ඇයගේ හිටපු ආරක්ෂක නිලධාරියාට ද වසරක සිර දඬුවමක් නියම කළේය. කෙසේ වෙතත් නඩු තීන්දුව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ෂරීෆ් ප්‍රකාශ කළේ මෙය දේශපාලනික පලිගැනීමක් බව ය. ඇවෙන්ෆීල්ඩ් රෙෆරන්ස් නමින් ප්‍රකට මෙම දූෂණ සිද්ධිය මගින් ෂරීෆ් පවුලට එල්ල වූ චෝදනාව වූයේ, ලන්ඩන් නුවර පිහිටි අධි සුඛෝපභෝගි වත්කම් කිහිපයකට ඔවුන් හිමිකම් කියන බවටයි. ෂරීෆ් පවුලේ සාමාජිකයින් ලන්ඩන් නුවර නීති විරෝධී ලෙස සිය වත්කම් පවත්වාගෙන යන බවට 2017 වසරේ නිකුත් වූ පැනමා පත්‍රිකා මගින්ද අනාවරණ කර තිබුණි.
2018-07-06T05:24:41.000Z
තායිලන්තයේ බෝට්ටු අනතුරකින් 27 දෙනෙකු මරුට
තායිලන්තයේ බෝට්ටු අනතුරකින් 27 දෙනෙකු මරුට
(News 1st) - තායිලන්තයේ පුකෙට් දිවයින ආශ්‍රිත මුහුදේදී සංචාරකයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් මගීන් 27 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා අනාවරණ කළේ, අනතුරින් තවත් 29 දෙනෙකු තව දුරට ත් අතුරුදන්ව සිටින බව ය. බෝට්ටුව අනතුරට ලක්වන විට සංචාරකයින් 105 දෙනෙකු එහි ගමන් කරමින් සිට ඇති අතර ඒ, අතරින් 93 දෙනෙකු චීන ජාතිකයින් වේ. බෝට්ටුවේ සිට ඇති කාර්යය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 12 කි. මේ අතර බෝට්ටුව තුළ සිරවී තිබූ මළ සිරුරු කිහිපයක් සොයා ගැනීමට තායිලන්ත නාවිකයින් සමත් වී තිබේ. බෝට්ටු අනතුර සම්බන්ධයෙන් තායි පොලීසිය විසින් විමර්ශන පවත්වනු ලැබේ. එහිදී අනාවරණ වී ඇත්තේ බෝට්ටුව නීත්‍යානුකූලව ලියාපදිංචි කර ඇති බවත්, අනතුර සිදුවන අවස්ථාව වනවිට පමණ ඉක්මවූ මගීන් පිරිසක් එහි සිට නොමැති බව ය.