date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-07-17T06:25:11.000Z
මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වූ තිදෙනෙකුට මරණ දඬුවම
මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වූ තිදෙනෙකුට මරණ දඬුවම
COLOMBO (News 1st) - මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වූ විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කර තිබේ. ඒ ,1999 වර්ෂයේ නොවැම්බර් 02 වන දා පන්නිපිටියේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ ඔහුගේ බිරිඳට බරපතළ තුවාල සිදු කිරීම යන චෝදනාවලට වරදකරු කරමිනි. තව ත් අධිචෝදනා දෙකකට ඔවුන් වරදකරුවන් බව, තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා පළමු විත්තිකරුට බරපතළ වැඩ සහිත අවුරුදු හතහමාරක සිරදඬුවමක් සහ සෙසු විත්තිකරුවන් දෙදෙනාට වසර 06 ක් බැගින් සිර දඬුවම් නියම කළේය. මීට අමතරව විත්තිකරුවන්ට රුපියල් 50,000 බැගින් වූ දඩයක් ද නියම කෙරිණි. අසල්වැසියන් අතර ඇති වූ ගැටුමකදී මෙකී ඝාතනය සහ තුවාල සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
2018-07-17T06:17:08.000Z
මුලතිව් කිමිදුම් පුහුණු පාසලේ සංග්‍රාමික කිමිදුම්කරුවන් 40 දෙනෙක් විසිර යති
සංග්‍රාමික කිමිදුම්කරුවන් 40 දෙනෙක් විසිර යති
COLOMBO (News 1st) - මුලතිව්, නයාරු ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේ පාඨමාලා අංක - 5 සාර්ථකව හැදෑරු නිලධාරීන් 2 ක් සහ සෙසුනිලයින් 38 දෙනෙකුගේ විසිර යෑමේ උත්සවයක් පැවැත් විණි. ඒ, පසුගිය ජූලි 15 වන දින මුලතිව්, නයාරු මුහුදු වෙරළේදී ය. මෙම මූලික කිමිදුම් පාඨමාලාව හැදැරීමෙන් දක්‍ෂ කිමිදුම්කරුවෙකුවීමට අවශ්‍ය කිමිදුම් ක්‍රමෝපායන්, ආරක්‍ෂිත ඉරියව් ආදිය අධ්‍යයනය කිරීමට අවස්ථාව උදාවිය. යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයේදී මෙම පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර සෙබලාට හිමි සම්මානය පිරිණැමුණු අතර මෙම අවස්ථාවට ජ්‍යේෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක් ව සිටියහ. සෑම අතින්ම අතිශූර සෙබලාට හිමි සම්මානය කමාන්ඩෝ රෙජිමේන්තුවේ කපිතාන් ජේ.ඒ.එම්.සී. අමරසිංහ ටත් හොඳම පිහිනුම්කරු සහ කිමිඳුම්කරු ලෙස 2 වන විශේෂ බලකායේ ලාන්ස් කෝප්‍රල් කේ.ඒ.අයි. නදීෂ්ට හිමි විය. පාඨමාලාවේ හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සිසුවා ලෙස 4 වන විශේෂ බලකායේ කෝප්‍රල් පී. ඩි. ඩබ්ලිව්. කරුණාරත්න වෙත යුද හමුදාපති අතින් සම්මානය පිරිනැමිණි. ඡායාරූප : ශ්‍රී ලංකා යුද හමුදාව
2018-07-17T05:32:48.000Z
ඇඹිලිපිටිය ප්‍රා. සභාවේ සභාපති එම්.කේ. අමිලට මාස 03 ක සිරදඬුවමක්
ඇඹිලිපිටිය සභාපති එම්.කේ. අමිලට මාස 03ක සිරදඬුවමක්
COLOMBO (News 1st) - ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිල මහතාට අද මාස 03ක සිරදඬුවමක් නියම කෙරිණි. ඒ, පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු විභාගයෙන් අනතුරුවයි. පොලිස් නිලධාරියාට රුපියල් 30,000ක වන්දියක් ගෙවන ලෙසට ද ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් එච්.අයි.කේ. කාහිංගල මහතා නියෝග කර සිටියේය. ඊට අමතරව රුපියල් 1500 බැගින්, රුපියල් 3000ක දඩයක් ද ප්‍රාදේශීය සභා සභාපතිවරයාට නියම කෙරිණි. අදාළ චෝදනාවට වරදකරු බවට නිගමනය කළ, ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට වසරක සිරදඬුවමක් නියම කර එය මාස 09ක් සඳහා සඳහා අත්හිටවනු ලැබිණි.
2018-07-17T05:04:40.000Z
අම්පාර දිස්ත්‍රික්කයේ යල කන්නයේ වී වගාව ඇරඹේ
අම්පාර දිස්ත්‍රික්කයේ යල කන්නයේ වී වගාව ඇරඹේ
COLOMBO (News 1st) - මෙවර අම්පාර දිස්ත්‍රික්කයේ යල කන්නයේ වී වගාව ආරම්භ වී තිබේ. රජයේ නිල පුවත් වෙබ් අඩවිය සඳහන් කළේ, ඒ අනුව පොතුවිල්, අක්කරෙයිපත්තුව, තිරුක්කෝවිල්, සමන්තුරෙයි, ඉරක්කාමම් ආදී ප්‍රදේශවල වී වගාව ඇරඹුන බවයි. ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේ යල කන්නයෙන් වඩා හොඳ අස්වැන්නක් නෙලා ගැනීමට අපේක්ෂා කරන බව ගොවීන් ප්‍රකාශ කළහ.
2018-07-17T03:00:04.000Z
මහ මුහුදේ අතරමං නොකළ මනුස්සකම...
මහ මුහුදේ අතරමං නොකළ මනුස්සකම...
COLOMBO (News 1st) : නාවික හමුදාව විසින් මුහු‍දේ පාවෙමින් සිටි ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු බේරා ගනු ලැබ තිබේ. ඊයේ මුහුදේ පාවෙමින් සිටි ඉන්දීය ධීවරයින් දෙදෙනා නිරීක්ෂණය කර ඇත්තේ, ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදි සිටි සෙබළුන් විසිනි. ඒ කච්චතිව් දූපතට වයඹ දෙසින් නාවික සැතපුමකට පමණ ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදීයි. සෘජුෆෝම් අධාරකයක් මත පාවෙමින් සිටී ධීවරයින් දෙදෙනා මුදා ගැනීම සඳහා ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම ධීවරයින් මුදවා ගැනීම සඳහා වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යවා තිබේ. නාවික හමුදාව පැවසුවේ, ඒ අනුව වේග ප්‍රහාරක යාත්‍රාව මගින් එම ඉන්දීය ධීවරයින් දෙදෙනා නිරුපද්‍රිතව මුදා ගැනීමෙන් පසු කන්කසන්තුරයේ නාවික හමුදා කඳවුරට රැගෙන ඒමෙන් අනතුරුව ප්‍රථමාධාර ලබා යොමුකර ඇති බවයි. ඉදිරි විමර්ශන සඳහා අදාළ ධීවරයින් දෙදෙනා කන්කසන්තුරෙයි, පොලීසිය වෙත භාර දී තිබේ. ඡායාරූප : ශ්‍රී ලංකා නාවික හමුදාව
2018-07-17T02:41:39.000Z
ජනපති ජෝර්ජියාවේ නිල සංචාරයක් අරඹයි
ජනපති ජෝර්ජියාවේ නිල සංචාරයක් අරඹයි
COLOMBO (News 1st) : විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජෝර්ජියාව බලා පිටත්ව ගොස් තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, 6 වන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරයට සහභාගීවීම සඳහා ඉතාලියේ තෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපතිතුමා එම සංචාරය සාර්ථකව නිමකර අද අලුයම ජොර්ජියාවේ ෂෝටා රූස්ට්වේලි ටිබිලිසි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූ බවයි. ගුවන් තොටුපොළේ දී එරට නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ජෝර්ජ් ශර්වාෂිද්සේ මහතා ඇතුළු නියෝජිත පිරිසක් ජනාධිපතිතුමා පිළිගනු ලැබූ තිබේ. විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය සමුළුව හෙට පෙරවරුවේ ටිබිලිසි සම්මන්ත්‍රණ සහ සමුළු ශාලාවේදී ඇරඹෙන අතර හෙට දිනයේදීම සමුළුව අමතන ජනාධිපතිතුමා මෙම හවුල්කාරිත්ව අරමුණු සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට ගෙන ඇති සාධනිය පියවරයන් පිළිබඳව අදහස් දැක්වීමට නියමිතයි. විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය, පුරවැසියන් කෙරෙහී දැක්වෙන විනිවිදභාවය, වගවීම, මහජන සහභාගිත්වය, වැඩිදියුණු කිරිම උදෙසා සැකසුනු යාන්ත්‍රණයකි. විවෘත රාජ්‍ය හවුල්කකාරිත්වය 2011 වර්ෂයේදී ජාත්‍යන්තර මට්ටමින් විධිමත්ව ස්ථාපිත කෙරුණු අතර වර්තමාන රජය විසින් ගෙනයනු ලබන යහපාලන වැඩපිළිවෙළ අගයමින් එකී හවුල්කාරිත්වය සමග එක් වන ලෙස ලද ආරාධනය අනුව 2015 වසරේදී ශ්‍රී ලංකාව ඒ හා එක්වී තිබේ. එහි සාමාජිකත්වය ලබාගත් ප්‍රථම දකුණු ආසියාතික රට ශ්‍රී ලංකාවයි. මේ වන විට ලෝකයේ රාජ්‍යයන් 75 ක් විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.
2018-07-17T02:30:27.000Z
නියෝමාල් රංගජීව හා රංජන් ළමාහේවා යළි රිමාන්ඩ්
නියෝමාල් රංගජීව හා රංජන් ළමාහේවා යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) : පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ, වැටලීම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව හා හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් ලබන 31 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. නියොමාල් රංගජිව හා එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් හා රැඳවියන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරමේ සිද්ධිය සම්බන්ධයෙනුයි.
2018-07-17T01:40:28.000Z
උසස් පෙළ විභාගයේ පෞද්ගලික පන්ති 31 මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්
උ/පෙළ පෞ. පන්ති 31 මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම්
COLOMBO (News 1st) - මෙවර උසස් පෙළ විභාගයේ පෞද්ගලික පන්ති පැවැත්වීම මේ මස 31 වන දා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමාසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, ඒ අනුව එදින මධ්‍යම රාත්‍රියෙන් පසු පෞද්ගලික පන්ති පැවැත්වීම, දේශන පැවැත්වීම සහ සම්මන්ත්‍රණ පැවැත්වීම තහනම් වන බව ය. 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 06 වන දා ආරම්භ වී සැප්තැම්බර් පළමු වන දා අවසන් වේ. මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 321,469 දෙනෙකු විභාගයට පෙනී සිටීමට නියමිත ය.
2018-07-17T01:30:54.000Z
ඩොල්ෆින් මත්ස්‍යයින්ගේ ජීවිතවලට බලපෑම් එල්ල කළ, හොංකොං සහ චීනය යා කෙරෙමින් ඉදිකෙරෙන පාලම
ඩොල්ෆින් මත්ස්‍ය ජීවිතවලට බලපෑම් එල්ල වූ පාලම
(News 1st) - හොංකොං සහ චීනය යා කෙරෙමින් ඉදිකෙරෙන පාලම හේතුවෙන් ඩොල්ෆින් මත්ස්‍ය විශේෂයකට තර්ජන එල්ල වී ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති. කිලෝමීටර 30ක දුරකින් සමන්විත චීන - හොංකොං පාලමේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරේ පවතියි. සාගර විශේෂඥයින් පවසන්නේ, පර්ල් ගංගාවේ මෝය මතින් ඉදිවන මෙම පාලම හේතුවෙන් චීන දේශසීමාවේ ජීවත් වන දුර්ලභ සුදු ඩොල්ෆින් මත්ස්‍ය විශේෂයේ ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව ය. අමෙරිකානු ඩොලර් බිලියන 19ක වියදමක් දරා ඉදිකෙරෙන මෙම නව පාලමේ ඉදිකිරීම් හේතුවෙන් ගෙවී ගිය වසර කිහිපය තුළ මෙම ඩොල්ෆින් මත්ස්‍යයින්ගේ ගහණය 80%කින් පහත වැටී ඇති බව සඳහන් ය. අධික ශබ්දය හා කලබලකාරී තත්ත්වය මත්ස්‍යයින්ගේ ජීවිතවලට දැඩි ලෙස බලපා ඇති බව වාර්තා වේ. හොංකොං බලධාරීන් පවසන්නේ, මේ තත්ත්වය පිළිබඳව තමන් අවධානය යොමු කර ඇති බව ය. පාලම විවෘත වන දිනය මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නොමැත.
2018-07-17T00:31:20.000Z
පේරාදෙණියේ ඉංජිනේරු පීඨය දින නියමයක් නොමැතිව වසා දැමේ
පේරාදෙණියේ ඉංජිනේරු පීඨය වසා දැමේ
COLOMBO (News 1st) : පේරාදෙණිය විශ්වවිද්‍යලයේ ඉංජිනේරු පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා සඳහන් කළේ, අද පස්වරු 2 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස සියලු සිසුන්ට දැනුම් දී ඇති බවයි. ඉංජිනේරු පීඨ සිසුන්ගේ නොසන්සුන්කාරි හැසිරීම පීඨය දින නියමයක් නොමැතිව වසා දැමිමට හේතුවූ බව උපකුලපතිවරයා සඳහන් කළේ ය. දැනුම් දී ඇති උපදෙස් පිළිනොපදින සිසුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද උපකුලපතිවරයා වැඩිදුරටත් පැවසී ය.
2018-07-17T00:17:02.000Z
විගණන පනතට කථානායකවරයා අත්සන් තබයි
විගණන පනතට කථානායකවරයා අත්සන් තබයි
ජාතික විගණන පනතට අද පෙරවරුවේ කථානායක කරු ජයසූරිය මහතා සිය අත්සන තබා තිබේ. එම පනත පසුගිය ජුලි 5 වන දා පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ, ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතවයි.
2018-07-16T23:31:51.000Z
කල්පිටියේ නාඳුනන කාන්තා මළ සිරුරක්
කල්පිටියේ නාඳුනන කාන්තා මළ සිරුරක්
කල්පිටිය, උච්චමුනේ ප්‍රදේශයේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අවුරුදු 40 ත් 50 ත් අතර වයසැති කෘතිම හිස කෙස් කළඹක් පැළ ද සිටි කාන්තා මළ සිරුරක් එලෙස සොයා ගෙන ඇති බවයි. මළ සිරුර පුත්තලම රෝහලේ තබා ඇති අතර ඒ සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
2018-07-16T21:57:53.000Z
අල්ලස් හා දූෂණ නිවාරණය පාසල් විෂය නිර්දේශයට ත්
අල්ලස් හා දූෂණ නිවාරණය පාසල් විෂය නිර්දේශයට ත්
අල්ලස් හා දූෂණය නිවාරණය පිළිබඳව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ජනාධීපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන්, ජාතික අධ්‍යාපන ආයතනයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡා කර ඇති බවයි. ඒ අනුව කඩිනමින් අල්ලස් හා දුෂණය පිළිබඳව සහ දූෂණය පිටු දැකීමට අදාළ කරුණු පාසල් විෂය මාලාවට ඇතුළත් කෙරෙනු ඇති. පාසල් මට්ටමින්, සියලු පාසල් ආශ්‍රීතව සුපිළිපන්න සමාජ බිහි කිරිමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ද ජනාධිපති නිතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ ය. ඒ සඳහා කොමිසමේ නිවාරණ නිලධාරීන් ද යොමු කරන බව ඔහු පැවසී ය.
2018-07-16T21:32:36.000Z
මාතලේට දින දෙකක ජල කප්පාදුවක්
මාතලේට දින දෙකක ජල කප්පාදුවක්
COLOMBO (News 1st) : මාතලේ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 8 සිට දින දෙකක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ, ඒ අනුව පළාපත්වෙල ප්‍රාදේශීය සභා සිමාව මාතලේ නගර සභා සිමාවේ රත්තොට හන්දියේ සිට ඒ 9 මාර්ගයේ ප්‍රාදේශීය සභා සීමාව දක්වා ප්‍රදේශය අලුවිහාර පන්සල අවට ප්‍රදේශය පළා පත්වල නගරය හා අවට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි. පළාපත්වල කලාපයට ජලය පොම්ප කරන නල මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
2018-07-16T21:44:53.000Z
ලෝක පාපන්දු ශූරයෝ සහ අනුශූරයෝ ජන හරසර මැද සිය මව් රටවල් බලා එති
ලෝක පාපන්දු ශූරයෝ සිය මව් රට බලා එති...
(News 1st) - 21 වන ලෝක කුසලාන පාපන්දු කිරුළ දිනාගත් ප්‍රංශ කණ්ඩායම යළි සිය රට බලා පැමිණියේ ය. ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලානයක අවසන් මහා තරගයට පිවිස අනුශුරතාවය දිනා ගත් ක්‍රොඑශියානු කණ්ඩායමත් යළි සිය මව් රට බලා පැමිණ තිබේ. කණ්ඩායම් 32 ක් කාණ්ඩ 8 ක් යටතේ තරග වැදුණු මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ රන් කුසලානය තමන් සතු කර ගැනීමට ප්‍රංශය සමත් විය. ඒ, අවසන් මහා තරගයේදී ගෝල 4 ට 2 ක් ලෙස ක්‍රොඑශියාව පරාජය කරමිනි. ලෝක පාපන්දු ශූරයින්ට පිරිනමන රන් කුසලානය රැගත් ප්‍රංශ කණ්ඩායම ඊයේ දිනයේදී සිය මව් රටට පැමිණියේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ 100000 කට අධික ප්‍රංශ පාපන්දු ලෝලීන් පිරිසක් ලෝක ශූර ප්‍රංශ කණ්ඩායමට සුබ පැතීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවර මාර්ග ආසන්නයේ රැඳී සීටි බව ය. ප්‍රංශයේ ලෙස් බ්ලවුස් සිට එලීසේ පැලස් දක්වා ලෝක ශූර ප්‍රංශ කණ්ඩායම ජනතා ප්‍රතිචාර යටතේ ගමන් කර තිබේ. එලීසේ පැලස්හිදී ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්ක්‍රොන් සිය රටට වසර 20 කට පසු පාපන්දු ලෝක කුසලානය දිනා දුන් ප්‍රංශ කණ්ඩායමට සුබ පැතීමට එක්විය. ප්‍රංශ ජනාධිපති හා ඔහුගේ භාර්යාව ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූ අතර මෙහිදී තීරණය කර ඇත්තේ ප්‍රංශ කණ්ඩායම සිය රටට සිදු කළ මෙහෙය වෙනුවෙන් ප්‍රංශයේ ලබා දෙන ඉහළ ම සම්මානය ඔවුන්ට ලබා දීමට ය. මේ අතර ඉතිසාහයේ පළමු වරට ලෝක කුසලානයක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනිමින් අනුශුරතාවය දිනා ගත් ක්‍රොඑශියානු කණ්ඩායම ද යළි සිය මව් රටට පැමිණියේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔවුන් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ක්‍රොඑශියාවේ අගනගරය වන සාග්රෙබ්හිදී සංවිධාන කර තිබූ බව ය. 100000කට ආසන්න පාපන්දු ලෝලීන් හේතුවෙන් ක්‍රොඑශියානු පාපන්දු කණ්ඩායමට ගුවන්තොටුපොළේ සිට සාග්රෙබ් දක්වා පැමිණීමට පැය 6 කට ආසන්න කාලයක් ගත වී තිබේ. ක්‍රොඑශියාවේ සාග්රෙබ්හී පැවැත්වූ විශේෂ උත්සවය සඳහා ද විශාල පිරිසක් පැමිණ තිබේ. එම උත්සවයට සහභාගී වීමෙන් ක්‍රොඑශියානු පාපන්දු ලොලීන් ප්‍රකාශ කර ඇත්තේ, ලෝක කුසලානය දිනා දීමට නොහැකි වූව ද මෙවර ලෝක කුසලාන තරගාවලියේදී සිය කණ්ඩායම දැක්වූ දක්ෂතා පිළිබඳව සැහීමකට පත් වන බව ය.
2018-07-16T21:16:14.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) හිටපු ඇමති බැසිල්ට රට යන්න අවසර ලැබෙයි : හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා අමෙරිකාව බලා යාමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා ඊයේ අවසර දුන්නේය. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතාට අගෝස්තු 10 සහ නොවැම්බර් 10 ත් අතර කාලය තුළ අමෙරිකාවේ සංචාරය සඳහා අවසර හිමි වනු ඇති. නැගෙනහිර හිටපු සභාපති දිවි රැක දුන් ඇමති දයා ගමගේ : අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයක් අතරතුර නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති මහතා හෘදයාබාධායකට ලක් වූ අතර එම අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ අමාත්‍ය දයා ගමගේ මහතා ඇතුළු පිරිස ගලප්පත්ති මහතාට ප්‍රථමාධාර ලබා දුන්නේ ය. විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය ඇරඹෙයි : රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්‍රමිකතා සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට පිහිට වූ විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය ඊයේ ඇරඹිණ. හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩබාලගේ යන අයට විරුද්ධව ගොනු කළ චෝදනා විශේෂ මහාධිකරණයේ පළමු නඩුකටයුත්ත ලෙස විභාග කෙරිණ. ලසන්ත ඝාතනයේ සාක්ෂි වසන් කළ බවට චෝදනා ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පතිට ඇප : මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානයක්කාර සහ ගල්කිස්ස පොලීසියේ එවකට සිටි උපපොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල යන දෙදෙනා අද ඇප මත මුදා හැරිණ. එහිදී එක් සැකකරුවෙකුට රුපියල් 50,000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප 2 ක් මත මුදා හරින ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිම් මහතා නියෝග කළේ ය. විදෙස්... ට්‍රම්ප් හා පුටින් අතර තීරණාත්මක හමුවක් :අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධීපති ව්ලැදිමීර් පුටින් අතර තීරණාත්මක හමුවක් ඊයේ පැවැත්විණ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අතර ප්‍රථම නිල සාකච්ජාව පැවැත්වුණේ, ෆින්ලන්තයේ හෙල්සින්කි හි ජනාධිපති මැදුරේදී ය. ජීවිත රැක ගන්නට ජීවිතය දන් දුන් විරුවා සැමරේ :ප්‍රතිකාර ලබන රෝහලේ සිට තායිලන්ත ලෙනක සිරව සිට බේරා ගත් ළමුන් විසින් එම මෙහෙයුමේදී මිය ගිය නාවික හමුදා කිමිඳුම්කරුවක් වූ සමන් ගුනාන්ට උපහාර පුද කර තිබේ. ඉන්දියාවේ මෙහෙම වුණත්, ලංකාවේ මෙහෙම වෙන්නේ නැහැ :සැම්සුන් සමාගමේ විශාලතම කර්මාන්තශාලාව පසුගිය දා ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේදී විවෘත කෙරිණි. මේ හේතුවෙන් සෘජුවම හා වක්‍රව රැකියා 35,000ක් පමණ උත්පාදනය කිරීමට හැකිවී ඇතැයි උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය යෝගි ආදිත්‍යනාත් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ. ක්‍රීඩා... චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහට තරග 6 ක තහනමක් :ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එක්දින තරග 4 ක තහනමක් ද පනවා තිබේ. ඒ, නිමා වූ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ක්‍රීඩාවේ ජීව ගුණයට හානී කිරීම සම්බන්ධයෙන් වන චෝදනාව මතයි. පාපන්දු ලෝක කුසලානයේ රන් පාපන්දුව ලූකාට :ක්‍රොඒෂියාවේ ලූකා මොඩ්රිච් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ ය. ප්‍රංශයට පිරිනැමුණු 21 වන ලෝක කුසලාන තරගාවලියේ ශූරතා කුසලානයට අමතරව තවත් කුසලාන 5 ක් මෙවර තරගාවලියේද ක්‍රීඩයින්ට පිරිනැමිණ.
2018-07-16T19:56:30.000Z
මන්ත්‍රී ප්‍රසන්න රණවීරට පාර්ලිමේන්තු තහනමක්
මන්ත්‍රී ප්‍රසන්න රණවීරට පාර්ලිමේන්තු තහනමක්
COLOMBO (News 1st) : පාර්ලිමේන්තුවේදී අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට ස්ථාවර නියෝග සහ වරප්‍රසාද යටතේ තාවකාලික පාර්ලිමේන්තු තහනමක් පැනවීමට නිර්දේශ ලබා දීමට පියවර ගෙන තිබේ. පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ ජ්‍යේෂ්ඨ සමාජිකයෙකු සඳහන් කෙළ්, ඊයේ වරප්‍රසාද කමිටුව හමුවට පැමිණි මන්ත්‍රීවරයා සිය වරද පිළිගත් බවයි. එම දඬුවම යටතේ අවමය වශයෙන් සති 4ක කාලයක් පාර්ලිමේන්තු තහනමක් හිමිවිය හැකි බව ද ඔහු පැවසී ය. අවස්ථා දෙකකදී මන්ත්‍රීවරයා අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් පාර්ලිමේන්තු තහනමට අදාළ නිර්දේශ ලබාදීමට කමිටුව තීරණය කළ බව ද එම සමාජිකයා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, අශෝභන ලෙස හැසිරුණු මන්ත්‍රීවරයාට අවවාද කිරීමට මීට පෙර පියවර ගෙන තිබූ බවයි. එහෙත් පසුගිය 3 වන දා පාර්ලිමේන්තුවේ විවාදයක් අතරතුර අශෝභන ලෙස හැසිරෙමින් සෙංකෝලය රැගෙන යාමට මන්ත්‍රීවරයා උත්සහ කිරිම හේතුවෙන් එම පියවර ගත් බව වරප්‍රසාද කමිටුවේ ජ්‍යේෂ්ඨ සමාජිකයා පැවසී ය. ප්‍රසන්න රණවීර මහතා සම්බන්ධයෙන්, ඊයේ රැස්වූ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ අද දිනය කථානායක කරු ජයසූරිය මහතාට භාරදීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේ ය. පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ ජ්‍යේෂ්ඨ සමාජිකයා පැවසුවේ, පසුගිය 3 වන දා පාර්ලිමේන්තුවේ අශෝභන ලෙස හැසිරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද පරීක්ෂණ සඳහා ඉදිරි දිනක වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට නියමිත බවයි. පසුගිය දා පාර්ලිමේන්තුවේ ඇති වූ එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට සම්බන්ධ ආයතනයක් විශේෂ සමීක්ෂණයක් ද සිදුකර තිබේ. පාර්ලිමේන්තුවේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මහජන මතය අනුව 96%ක් අදාළ සිදුවීම හෙළා දැක ඇති බව සමීක්ෂණයෙන් අනාවරණය වී ඇති බවයි.
2018-07-16T11:25:32.000Z
ට්‍රම්ප් හා පුටින් ඓතිහාසික හමුවක
ට්‍රම්ප් හා පුටින් ඓතිහාසික හමුවක
(News 1st) - ලෝක දේශපාලනයේ තවත් තීරණාත්මක හමුවක් අද පැවැත්විය. ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධීපති ව්ලැදිමීර් පුටින් අතරයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අතර ප්‍රථම නිල සාකච්ජාව පැවැත්වුණේ, ෆින්ලන්තයේ හෙල්සින්කි හි ජනාධිපති මැදුරේදී ය. පැයක පමණ කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී වෙළඳාම, යුද කටයුතු, න්‍යෂ්ටික අවි සහ චීනය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ. දෙරටේ නායකයන් මෙලෙස එකිනෙකා හමුවන්නේ සයිබර් ප්‍රහාර එල්ල කිරීමට සම්බන්ධ බවට චෝදනා ලැබූ රුසියානු හමුදා බුද්ධි අංශ නිලධාරීන් 12 දෙනෙකුට එරෙහිව අමෙරිකාව නඩු පවරා ඇති පසුබිමකදී ය . සාකච්ඡාවෙන් පසු රාජ්‍ය නායකයින් දෙදෙනා රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ද සමග දිවා ආහාරයට ද එක්විය. අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප් හා වැලැදිමීර් පූටින් ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්විය. උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් සමග සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් ජනපති පුටින් අමෙරිකානු ජනපතිවරයාට මෙහිදි සිය ප්‍රශංසාව පල කළේය. ජනපති පුටින් මෙහිදී කියා සිටියේ න්‍යෂ්ටික බලවතුන් ලෙස ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුනට විශේෂ වගකීමක් පැවරී ඇති බව ය. න්‍යෂ්ටික අවිහරණය හා නිරායුධකරණය සම්බන්ධයෙන් අමෙරිකාව හා රුසියාව එක්ව කටයුතු කිරීම අවශ්‍ය බව රුසියානු ජනපතිවරයා ප්‍රකාශ කළේය. මේ අතර අමෙරිකාවේ මැතිවරණ ව්‍යාපාරයට රුසියාව මැදිහත් වූ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ද රුසියානු ජනපතිවරයා මෙහිදී අදහස් පල කළේය. මෙහිදී රුසියානු ජනාධිපතිවරයා පැවසුවේ රුසියාව කෙදිනක හෝ බාහිර රටක මැතිවරණ සඳහා මැදිහත් වීමක් නොකළ බවත් ඉදිරියේදීත් නොකරන බව ය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙරටේ සබඳතා බිඳවැටීමට හේතුව ලෙස අමෙරිකාව හා රුසියාව දෙරටම වගකිව යුතුයි. මම හිතනවා අමෙරිකාව මෝඩ වෙලා තියෙනවා. මෙම සාකච්ඡාව සිදුවිය යුතුව තිබුණේ ගොඩක් කාලෙකට පෙර. අපි සියලු දෙනාම වරද භාර ගන්න ඕනා. මම හිතනවා දැන් අමෙරිකාව රුසියාව සමග ඉදිරියට පය තබලා තියෙනවා කියලා මෙහිදි මාධ්‍යවේදියෙකු ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපතිවරයාව තරගකාරයෙකු ලෙස හඳුන්වාදීම පිළිබදව ප්‍රශ්ණ කළේය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මම ඔහුව තරගකරුවෙකු ලෙස හැඳින්වුවා. ඔහු අනිවාර්යෙන්ම හොද තරඟකරුවෙක්. මම හිතනවා තරඟකාරයෙකු ලෙස ඔහුව හැඳින්විම මම ඔහු ගැන කරන වර්ණනාවක්.
2018-07-16T11:12:41.000Z
ඉන්දියාවේ මෙහෙම වුණත්, ලංකාවේ මෙහෙම වෙන්නේ නැහැ
ඉන්දියාවේ මෙහෙම වුණත්, ලංකාවේ මෙහෙම වෙන්නේ නැහැ
COLOMBO (News 1st) - සැම්සුන් සමාගමේ විශාලතම කර්මාන්තශාලාව පසුගිය දා ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේදී විවෘත කෙරිණි. මේ හේතුවෙන් සෘජුවම හා වක්‍රව රැකියා 35,000ක් පමණ උත්පාදනය කිරීමට හැකිවී ඇතැයි උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය යෝගි ආදිත්‍යනාත් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ. අමෙරිකානු ඩොලර් මිලියන 716.57ක පමණ ආයෝජනයක් අදාළ සමාගම ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා යෙදා ඇත. ප්‍රාන්තයේ යටිතල පහසුකම් දියුණු කිරීම හා ජනතාවට අවශ්‍ය උපකාරක සේවා ශක්තිමත්වීම මේ හරහා සිදුවීම අතිශය වැදගත් කරුණක් බව උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය යෝගි ආදිත්‍යනාත් විදෙස් මාධ්‍ය වෙත පැවසීය. පරිපාලන කටයුතු උදෙසා ජනතා සේවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පළාත් 9ටම ප්‍රධාන අමාත්‍යවරුන් 9 දෙනෙකු පත් කර තිබේ. දිනකට පළාත් සභාවේ එක් සැසිවාරයක් සඳහා දළ වශයෙන් රුපියල් ලක්ෂ 5 ක් පමණ වැය කෙරෙනු ඇති. එලෙස වියදම් වන්නේ කිසිවෙකුගේ මුදල් නොව මහජනතාවගේ මුදල් ය. ජනතාවගේ ප්‍රශ්න කතා කළ යුතු පළාත් සභා තුළ ඒවා සිදු නොකරමින් ජනතා මුදල් අපතේ යවන සිදුවීම් අප ඕනා තරම් දැක ඇත. ඊට ආසන්නතම සිදුවීම පසුගිය 19 වන දා බස්නාහිර සහ මධ්‍යම පළාත් සභාවේදී අපගේ නිව්ස්ෆස්ට් කැමරාවේ මෙලෙස සටහන් විය. වෙනත් රටවල මෙන් අප රට තුළ ජනතාව වෙනුවෙන් විශාල ආයෝජන බිහිවන්නේ කවදා ද? මෙරට ප්‍රධාන අමාත්‍යවරුන් සිය පළාත්වල උන්තිය උදෙසා සිදු කර ඇත්තේ මොනවා ද ? සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.....
2018-07-16T08:58:50.000Z
ඇමති දයා ගමගේ නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභාපතිගේ දිවි බේරයි
දයා ගමගේ නැ. පළාත් සභාවේ හිටපු සභාපතිගේ දිවි බේරයි
COLOMBO (News 1st) - අද අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයක් අතරතුර නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති මහතා හදිසියේ හෘදයාබාධායකට ලක් විය. එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ අමාත්‍ය දයා ගමගේ මහතා ඇතුලු පිරිස ගලප්පත්ති මහතාට ප්‍රථමාධාර ලබා දුන්නේ ය. අනතුරුව ගලප්පත්ති මහතා රෝහල්ගත කෙරුණි.
2018-07-16T07:04:23.000Z
චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහට තරග 6 ක තහනමක්
චන්දිමාල්, හතුරුසිංහ සහ ගුරුසිංහට තරග 6 ක තහනමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එක්දින තරග 4 ක තහනමක් ද පනවා තිබේ. ඒ, නිමා වූ ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ක්‍රීඩාවේ ජීව ගුණයට හානී කිරීම සම්බන්ධයෙන් වන චෝදනාව මතයි. අදාළ චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු අසංක ගුරුසිංහගෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පසුගිය දා කරුණු විමසීමක් සිදු කළේ ය. ඉන් අනතුරුව ඔවුන් තිදෙනාට ටෙස්ට් තරග 2 ක් තහනම් කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තේ ය. කෙසේ වෙතත් අද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නිවේදනයක් නිකුත් කරමින් පැවසූවේ, දිනේෂ් චන්දිමාල්ට, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහට එක්දින තරග 4 ක තහනමක් ද පනවන බවයි. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය කළ වැඩිදුර විමර්ශනවලින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට අමතරව එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 4 ක් ද ඔවුන් තිදෙනාට අහිමි වනු ඇති.
2018-07-16T06:18:02.000Z
ලසන්ත වික්‍රමතුංග ඝාතනය: ප්‍රසන්න නානයක්කාර හා තිස්ස සුගතපාලට ඇප
ප්‍රසන්න නානයක්කාර හා තිස්ස සුගතපාලට ඇප
COLOMBO (News 1st) - මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානයක්කාර සහ ගල්කිස්ස පොලීසියේ එවකට සිටි උපපොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල යන දෙදෙනා අද ඇප මත මුදා හැරිණි. ඒ, ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිම් මහතා හමුවේ අද නඩුව විභාගයට ගත් අවස්ථාවේදීයි. එක් සැකකරුවෙකුට රුපියල් 50,000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප 2 ක් මත මුදා හරින ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. ඇප ලබාදෙන අය පවුලේ සමීප ඥාතීන් විය යුතු බවට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ ය. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, ඔවුන් සතු විදේශ ගමන් බලපත්‍ර අධිකරණයේ භාරයට පත් කරන ලෙසත් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසයි. සෑම මසකම අවසන් ඉරිදා දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඔවුන්ට පෙනී සිටින ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ ය. නඩුව ලබන සැප්තැම්බර් 27 වන දා දක්වා කල් තැබිණි.
2018-07-16T05:04:47.000Z
බැසිල් රාජපක්ෂට අමෙරිකාවට යන්න අධිකරණයෙන් අවසර
බැසිල් රාජපක්ෂට අමෙරිකාවට යන්න අධිකරණයෙන් අවසර
COLOMBO (News 1st) - හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා අමෙරිකාව බලා යාමට කොළඹ මහාධිකරණය අද අවසර ලබා දුන්නේය. ඒ, කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා විසිනි. මේ යටතේ බැසිල් රාජපක්ෂ මහතාට අගෝස්තු 10 වැනිදාත් නොවැම්බර් 10 ත් අතර කාලය තුළ අමෙරිකාවේ සංචාරය සඳහා අවසර හිමි වේ. දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 365 ක් වැයකර ජී.අයි. පයිප්ප මිලදී ගෙන දේශපාලන කටයුතු සඳහා පලාත් පාලන ආයතන වෙත බෙදාදීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව හේතුවෙන් ඔහුගේ විදෙස් ගමන් තහනම් කර තිබුණි. ඒ, අනුව බැසිල් රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ දෙකක පෞද්ගලික ඇපයක් මත මුදාහැරිමට මහාධිකරණ විනිසුරුවරයා නියෝගක කළේය.
2018-07-16T04:34:59.000Z
රු. මිලියන 18 ක රත්‍රං තොගයක් කටුනායකදී රේගු භාරයට
රු. මිලියන 18 ක රත්‍රං තොගයක් කටුනායකදී රේගු භාරයට
COLOMBO (News 1st) - රුපියල් මිලියන 18 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් නීති විරෝධීව දිවයිනට රැගෙන ආ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක, සුනිල් ජයරත්න මහතා පැවසුවේ රත්‍රං බිස්කට් 29 ක් ඔවුන් දිවයිනට රැගෙනවිත් ඇති බව ය. එම තොගයේ බර කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 900කි. කටාර් සිට අද උදෑසන පැමිණි පුද්ගලයින් දෙදෙනා තම සාක්කුවල දමා මෙම රත්‍රං බිස්කට් ගුවන්තොටුපොළට ගෙනැවිත් පසුව භාණ්ඩ රැගෙන යන ට්‍රොලියකින් පිටතට රැගෙන යාමට උත්සාහ කිරීමේදී රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 33 හා 43 වැනි වියේ පසුවන කොළඹ හා මන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
2018-07-16T03:07:04.000Z
පාන් මිල ත් වැඩි වන ලකුණු
පාන් මිල ත් වැඩි වන ලකුණු
COLOMBO (News 1st) - පාන් මිල ද රුපියල් 10 කින් වැඩි කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ, බේකරි කර්මාන්තය සඳහා රජයෙන් බදු සහන නොලද හොත් ඉදිරි මාස දෙක ඇතුළත පාන් මිල ද වැඩි කිරීමට පියවර ගන්නා බවයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ පාන් හැර බේකරි නිෂ්පාදන මිල රුපියල් 5 කින් ඉහළ දැමූ බව ද ඔහු පැවසී ය. තිරිඟුපිටි, සිනි ඇතුළු අමුද්‍රව්‍යයන්හි මිල ගණන් ඉහළ නොගිය අවස්ථාවක මෙලෙස බේකරි නිෂ්පාදන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් එන්.කේ. ජයවර්ධන මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළේ ය.
2018-07-16T00:42:08.000Z
අඟුරුවාතොට, වේරවත්තේ ඝාතනයක්
අඟුරුවාතොට, වේරවත්තේ ඝාතනයක්
අඟුරුවාතොට, යාල වේරවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී සංවර්ධන නිලධාරියෙකු ඝාතනය කර තිබේ. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු 35 හැවිරිදි පුද්ගලයෙකි. වේරවත්ත ප්‍රදේශයේ නවාතැන් පොළෙක රැඳී සිටියදී ඊයේ පස්වරුවේ නාඳුනන පිරිසක් ඔහු ඝාතනය කර ඇතැයි පොලීසිය පැවසි ය. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, බෝම්බුවල කොස්හේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මිය ගිය පුද්ගලයා මෙම අවන්හලෙහි මාස හයක කාලයක් නේවාසිකව රැදී සිටි පුද්ගලයෙකු බවද අප වාර්තාකරු සදහන් කලා. පෞද්ගලික ආරවුලක් මෙම ඝානයට හේතුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
2018-07-15T22:38:19.000Z
කටුනායකට ආ ගුවන් යානා 2ක් මත්තලට හරවා යවයි
කටුනායකට ආ ගුවන් යානා 2ක් මත්තලට හරවා යවයි
COLOMBO (News 1st) : පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායකට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යවා තිබේ. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ, කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, ඩුබායි සහ මුම්බායි සිට පැමිණි යානා දෙකක් අද අලුයම එලෙස හරවා යැවූ බවයි. මේ වන විට එම යානා කටුනායක ගුවන්තොටුපොළ වෙත යළි පැමිණ ඇතැයි ද කාර්යභාර කළමනාකාරවරයා පැවසී ය. මේ අතර දිවයින හරහා සුළඟේ වේගය වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ට වැඩි තරමක් තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි. දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං වේගය ද තවදුරටත් ඉහළ යා හැකි බව ද ඇය වැඩි දුරටත් සඳහන් කළා ය.
2018-07-15T22:26:28.000Z
ජීවිත රැක ගන්නට ජීවිතය දන් දුන් විරුවා සැමරේ
ජීවිත රැක ගන්නට ජීවිතය දන් දුන් විරුවා සැමරේ
තායිලන්ත ලෙනක සිරව සිට බේරා ගත් ළමුන් විසින් එම මෙහෙයුමේදී මිය ගිය නාවික හමුදා කිමිඳුම්කරුවක් වූ සමන් ගුනාන්ට උපහාර පුද කරනු ලැබ තිබේ. ඔවුන් එලෙස උපහාර දක්වා ඇත්තේ, ප්‍රතිකාර ලබන රෝහලේ සිටයි. විනාඩියක නිෂ්ශබ්දතාවක සිට ඔවුන් එම උපහාරය පුදා ඇති අතර, ඔහු වෙනුවෙන් ජීවිත බේරා ගත් ළමුන් දැඩි සංවේගය පළ කර තිබේ. මේ අතර මියගිය නාවික හමුදා කිමිඳුම්කරවකු වූ සමන් ගුනාන්ව ලුතිනන් කමාන්ඩර් තනතුර දක්වා උසස් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.
2018-07-15T21:44:59.000Z
පාපන්දු ලෝක කුසලානයේ රන් පාපන්දුව ලූකාට
පාපන්දු ලෝක කුසලානයේ රන් පාපන්දුව ලූකාට
ක්‍රොඒෂියාවේ ලූකා මොඩ්රිච් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ ය. ප්‍රංශයට පිරිනැමුණු 21 වන ලෝක කුසලාන තරගාවලියේ ශූරතා කුසලානයට අමතරව තවත් කුසලාන 5 ක් මෙවර තරගාවලියේද ක්‍රීඩයින්ට පිරිනැමිණ. මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලයේ අනුශූරයින් ලෙස සම්මාන ලැබූ ක්‍රොඒෂියානු නායක ලුකා මොඩ්රිච්ට හිමි වුණේ තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමිවන රන් පාපන්දුවයි. තරගාවලියේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු එංගලනත්යේ නායක හැරී කෙන් මෙවර තරගාවලියේ වැඩිම ගෝල රැස් කරන්නටෙ හිමිවන රන් සපත්තුව දිනා ගත්තේ තරගාවලිය පුරා ගෝල 6ක් වාර්තා කරමිනි. තරගාවලියේ දක්ෂතම දැල් රකින්නාට හිමිවන රන් අත්වැසුම බෙල්ජියම් ගෝල රකින ක්‍රීඩක තිබෝට් කොටොයිස් දිනා ගත් අතර තරගාවලියේ නැගී එන තරුණ ක්‍රීඩකයාට පිදෙන සම්මානය හිමිවුනේ ප්‍රංශයේ යොවුන් ක්‍රීඩක කයිලියන් ම්බපේටයි. තරගාවලියේ සුපිරි කණ්ඩායම ලෙස ස්පාඤ්ඤය කණ්ඩායමට සම්මාන හිමිවිය.
2018-07-15T20:28:11.000Z
විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය අද ඇරඹෙයි
විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය අද ඇරඹෙයි
COLOMBO News 1st : රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්‍රමිකතා සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට පිහිට වූ විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය අද ආරම්භ වේ. හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩබාලගේ යන අයට විරුද්ධව ගොනු කළ චෝදනා අද විශේෂ මහාධිකරණයේ පළමු නඩුකටයුත්ත ලෙස විභාග කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අරමුදල් ආයෝජන ව්‍යාපෘතියක් ලෙස හයට් හෝටල් ව්‍යාපෘතියට යෙදවීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වේ. රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්‍රමිකතා සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට පිහිටවූ විශේෂ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට , මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන් , සම්පත් විජේරත්න යන මහත්වරුන් හා චම්පා ජානකී රාජරත්න මහත්මිය ඇතුළත් ය.
2018-07-15T19:46:05.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්...
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්...
COLOMBO News1st දේශීය පුවත්... 1. ජනපති මෛත්‍රී රෝමයට යයි : 6 වන ලෝක වනාන්තර සතිය වෙනුවෙන් පැවැත්වෙන සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සඳහා සහභාගීවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රෝමය බලා පිටත්ව ගියේ ය. 2. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට බලකායක් : මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා කාර්ය සාධක බලකායක් ඇති කිරීමට සැලසුම් කර ඇති, බව ශ්‍රී ලංකා යුද හමුදාව ඊයේ පැවසී ය. බුද්ධි තොරතුරු ලබා ගැනීම තවදුරට ත් වේගවත් කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා පොලීසියට සහය දීම එම සඳහා එම බලකාය පිහිටුවනු ඇති. 3. රථ වාහන වැරදි 33ක ස්ථානීය දඩ ඉහළට : රථ වාහන වැරදි 33ක් සඳහා නව ස්ථානීය දඩ ඊයේ සිට ක්‍රියාත්මක කෙරිණ. මීට පෙර පැවති දඩ පත්‍රිකාවට අන්තර්ගතව තිබූ 23ක් වූ වැරදි සංඛ්‍යාව මෙවර 33 ක් දක්වා වැඩිකර ඇත්තේ දඩ ගෙවීම සම්බන්ධයෙන් නව රෙගුලාසි ද හඳුන්වා දෙමිනි. 4. මරණයට නියම වූ 18කගේ ලැයිස්තුව අධිකරණ අමාත්‍යාංශයට : මරණ දඬුවම නියම වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුව ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා කළ ඉල්ලීමට අනුව අදාළ ලැයිස්තුව පසුගිය සිකුරාදා අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, මරණ දඬුවම නියම වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පාකිස්ථානු ජාතිකයින් සිව්දෙනෙකු වන බවයි. 5. මුහුදු වෙරළෙනු ත් හෙරොයින් මතුවෙයි : රුපියල් මිලියන 16 කට අධික වටිනාකමක් සහිත හෙරොයින් කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 416 කට ආසන්න ප්‍රමාණයක් කන්තලේ සේරුනුවර සීනන්වේලී මුහුදු තීරයේ තිබී හමුවෙයි. ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී මුහුදු වෙරළේ වළ දමා තිබූ පාර්සල 05ක තිබී ආදළ හෙරොයින් තොගය සොයා ගෙන තිබිණ. 6. හමුදාපතිගෙන් නිවේදනයක්... : ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් කටයුතු නොකරන බව යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ඊයේ පැවසී ය. යුදහමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අවධාරණය කළේ, වගකිව යුතු හමුදාවක් ලෙස කිසිදු හමුදා කඳවුරක් වසා දැමීම ක්‍රියා නොකරන බවයි. 7. විසඳුමක් නොලැබුණොත් ETI ඈවරයි..? : ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ETI මූල්‍ය සමාගමේ මුල්‍ය අර්බුදයට නිසි විසඳුමක් සැත්තැම්බර් මස 30 වෙනිදා ට පෙර නොලැබුණ හොත් එම සමාගම ඈවර කිරිමට සිදුවන බව මහ බැංකුව පවසයි. මහබැංකුවේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී සමාගමේ තැන්පත්කරුවන් වෙත මේ බව පවසා ඇතැයි සඳහන් විය. විදෙස් 1. විරෝධය දරා ගත නොහැකිව හෙයිටි අගමැති ධුරය අත්හරී : අඛණ්ඩව එල්ලවූ ජනතා විරෝධතා මධ්‍යයේ හෙයිටි අග්‍රාමාත්‍ය ජැක් ගයි ඊයේ ධූරයෙන් ඉල්ලා අස් විය. ඒ, ඉන්ධන සහ ගෑස් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කිරීමත් සමග හෙයිටි අග්‍රාමාත්‍යවරයාට එරෙහිව එරට වැසියන් විරෝධතා ආරම්භ වීම හේතුවෙනි. 2. කළු ජාතිකයාගේ මරණයෙන් උණුසුම් වූ චිකාගෝ : අමෙරිකාවේ චිකාගෝ නුවර උද්ඝෝෂණයේ නිරත උද්ඝෝෂකයින් පිරිසක් හා පොලීසිය අතර ගැටුමක් හටගැනිණ. චිකාගෝ පෙලීසිය අතින් කළු ජාතිකයෙකු ඝාතනය වීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් පවැති උද්ඝෝෂණයක් අතරතුර මෙම ගැටුම්කාරි තත්ත්වය උද්ගත විය. ක්‍රීඩා 1. ලෝක පාපන්දු කිරුළ ප්‍රංශයට : රුසියාවේ මොස්කව්හී ලුස්නිකි ක්‍රීඩාංගණයේදී පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය. ඒ, අවසන් තරගයේදී ක්‍රොඒෂියා කණ්ඩායම ගෝල 4 ට 2 ක් ලෙස පරාජයට පත් කරමිනි.
2018-07-15T11:36:02.000Z
ලෝක කුසලාන පාපන්දු කිරුළ ප්‍රංශයට
ලෝක කුසලාන පාපන්දු කිරුළ ප්‍රංශයට
ලොව පුරා පාපන්දුලෝලීන් මසකට අධික කාලයක් උන්මාදයට හා කුතුහලයට පත් කළ 21 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ රන් කුසලානය තමන් සතු කර ගැනීමට ප්‍රබල ප්‍රංශය සමත් විය. ඒ අවසන් මහා තරගයේදී කෝඩුකාර ක්‍රොඒශියාව පරාජය කරමිනි. කණ්ඩායම් 32 ක් අතුරින් අතිදක්ෂ කණ්ඩායම් දෙක බවට පත් වෙමින් ප්‍රබල ප්‍රංශය සහ කෝඩුකාර ක්‍රොඒෂියාව අතර අවසන් මහා තරගය රුසියාවේ ලුස්නිකි ක්‍රීඩාංගණයේදී ඊයේ රාත්‍රියේ පැවැත්විය. ආරම්භයේ සිටම ප්‍රේක්ෂකයින්ට කිසිදු විවේකයක් ලබා නොදෙමින් කණ්ඩායම් දෙකම අති විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරත වූ අතර ප්‍රංශය 18 වන මිනිත්තුවේදී සිය පළමු ගෝලය වාර්තා ක‍ළේ ය. ප්‍රංශයට ලබාදුන් නිදහස් පහර ඇන්ටෝනියෝ ග්‍රිස්මන් විසින් සාර්ථකව දැල වෙත පිරිනැමුණු අතර ක්‍රොඒෂියාවේ මාරියෝ මැන්ඩ්සුකිච්ගේ අත්වැරදීමෙන් එම පන්දුව දැල වෙත යොමුවුනේ ප්‍රංශයට පළමු ගෝලය එක්කර දෙමිනි. ඔහු වාර්තා අතරට එක්වුණේ, ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයේදී ප්‍රතිවාදී කණ්ඩායමට ගෝලයක් එක්කර දුන් පළමු ක්‍රීඩකයා ලෙසයි. නමුත් තරගයේ 28 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ අයිවන් පෙරිසිච් ක්‍රොඒශියාවට පළමු ගෝලය එක් කළේ, ලෝක කුසලාන තරගාවලියකදී එරට වෙනුවෙන් වැඩි ම ගෝල ගණනක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් වෙමිනි. ක්‍රොඒෂියාව වෙනුවෙන් විශිෂ්ට ගෝලය වාර්තා කළ අයිවන් පෙරිසිච්ගේ අතෙහි පන්දුව වැදීම හේතුවෙන් විඩීයෝ සහයක විනිසුරු ක්‍රමය යොදා ගනිමින් ප්‍රංශයට දඩුවම් පහරක් ප්‍රදානය කිරීමට තරග විනිසුරුවරයා තීරණය කළේ ය. එම දඬුවම් පහර සාර්ථකව දැල වෙත යොමුකිරීමට ඇන්ටෝනියෝ ග්‍රිස්මන් සමත් වූ අතර ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවුණේ, ගෝල 2 ට 1 ක් ලෙස ප්‍රංශයට පෙරමුණ හිමිකර දෙමිනි. ලෝක කුසලාන පාපන්දු ඉතිසාහයේ අවසන් මහා තරගයකදී වීඩියෝ සහයක විනිසුරු ක්‍රමය යොදා ගනිමින් දඩුවම් පහරක් පිරිනැමුණු පළමු අවස්ථාව මෙය වේ. තරගයේ 59 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ප්‍රංශ ක්‍රීඩක පෞල් පොග්බා සිය කණ්ඩායම තුන්වන ගෝලය එක් කලේ තරගයේ වැඩි වාසිය ප්‍රංශය වෙත නතුකර දෙමිනි. එම ගෝලයත් සමගින් ඔහු වාර්තා අතරට එක්වුණේ, 1998 වසරෙන් පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයේදී ගෝලයක් වාර්තා කළ යුරෝපාප්‍රිමියර් ලීග් ක්‍රීඩකයා ලෙසයි. මෙවර ලෝක ශූරයින්ට පිරිනමන රන් කුසලානය ප්‍රංශය සතු බව සනාථ කරමින් කයිලියන් ම්බපේ තරගයේ 65 වන මිනිත්තුවේදී ප්‍රංශයට සිව්වන ගෝලය එක් කළේ ය. එම ගෝලයත් සමගින් 19 වියැති ම්බපේ වාර්තා අතරට එක්වුණේ, ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ ගෝලයක් වාර්තා කළ දෙවන යොවුන් ක්‍රීඩකයා ලෙසයි. 1958 වසරේදී 17 වන වියේ පසු වූ සුපිරි බ්‍රසීල ක්‍රීඩක පේලේ මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ය. ක්‍රොඑශියානු පාපන්දු ලෝලීන් තරගයේ බලාපොරොත්තු අත්හැර දමා තිබූ මොහොතක ක්‍රියාත්මක වූ මාරියෝ මැන්ඩ්සුකිච් ප්‍රංශ දැල රකින්නාගෙන් ලබාගත් පන්දුව කෙළින්ම දැල වෙතට යොමු කරමින් 69 වැනි මිනිත්තුවේදී ක්‍රොඒෂියා කන්ඩායමට දෙවන ගෝලය එක් කළේ ය. ඒ සමගින් ලෝක කුසලාන අවසන් මහා තරගයක ප්‍රතිවාදී කණ්ඩායමට ගෝලයක් ලබාදුන් හා සිය කන්ඩායමට ගෝලයක් වාර්තා කළ ලොව දෙවන ක්‍රීඩකයාට හිමි වාර්තාව මැන්ඩ්සුකිච් තමන් සතු කර ගත්තේ ය. කෙසේ වෙතත් එම ගෝලය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවූ අතර තරගයේ නියමිත කාලය අවසන් වුණේ ගෝල 4 ට 2 ක් ලෙස 21 වැනි පාපන්දු ලෝක කුසලානයේ ජය ප්‍රංශයට හිමිකර දෙමිනි. 1998 වසරේදී ප්‍රංශය පළමු වරට පාපන්දු ලෝක කුසලානයක් දිනා ගත්තේ ය. මෙම තරගය වාර්තා අතරට එක්වුණේ, 1974 වසරෙන් පසුව අවසන් මහා තරගයක දෙවන අර්දයේදී ගෝල ත්‍රිවයක් වාර්තා වූ පළමු අවස්ථාව ලෙසයි. වත්මන් ප්‍රංශ පුහුණුකරු ඩිඩියර් ඩිස්චැම්ප්ස් වාර්තා අතරට එක් වූයේ, ලෝක කුසලානය දිනූ කණ්ඩායමක ක්‍රීඩකයෙක් පසු කාලීනව ලෝක කුසලානයක් දිනා ගත් කණ්ඩායමක පුහුණුකරු බවට පත් වූ ලොව තුන්වැනි අවස්ථාව සටහන් කරමිනි. ඔහු 1998 වසරේ ලෝක කුසලානය දිනූ ප්‍රංශ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළේ ය. ඒ අනුව ප්‍රංශය දෙවැනි වරටත් පාපන්දු ලෝක ශූරයින් ලෙස අභිෂේක ලැබී ය. මේ අතර ප්‍රතිවාදී ක්‍රොඒෂියාව වාර්තා අතරට එක් වූයේ 1974 වසරට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලබා කුසලානය දිනා ගැනීමට අසමත් වූ ලොව පළමු කණ්ඩායම ලෙසයි.
2018-07-15T11:01:20.000Z
මානව හිමිකම් කොමිසමෙන් ජනපතිට ලිපියක්
මානව හිමිකම් කොමිසමෙන් ජනපතිට ලිපියක්
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට රජය ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඊයේ සිය මතය පළ කළේ ය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දිපිකා උඩගම මහත්මියගේ අත්සනින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කර තිබේ. අදාළ තීරණය කෙරෙහි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය දැඩි කනස්සල්ල පළ කරන බව එහි සඳහන් ය. - උපුටා ගැනීම - මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් විශාල සමාජීය ප්‍රශ්ණ ඇතිවන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉතා දරුණු සමාජ විරෝධි ක්‍රියාවලියක යෙදෙන පුද්ගලයන් බවත් අපි පිළිගනිමු. නමුත් එය සාර්ථක ලෙස මැඩලීමට හැකි වන්නේ මරණ දඩුවම වැනි දඬුවම් ක්‍රියාත්මක කිරිමෙන් නොව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කාර්යක්ෂම ලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමත්, ඔවුන් සිදු කර ඇති අපරාධ වලට සරිලන ආකාරයේ වෙනත් බරපතල දඩුවම් පැමිණවීමත් යැයි අප කොමිෂන් සභාවේ මතය වේ. දැනටමත් වරදකරුවන් වී බන්ධනාගාරගත වී ඇති ජාවාරම්කරුවන් බන්ධනාගාරය තුලදීත් එම ජාවාරම්වල යෙදෙන්නේ නම් එයට නිසි පිළිතුර විය යුත්තේ බන්ධනාගාරය තුල ඇති ආරක්ෂක කටයුතු නවීන තාක්ෂණය භාවිත කරමින් තරකිරීමත්. ඊට සම්බන්ධ නිලධාරින් පිළිබඳ විමසිල්ලෙන් සිටිමින් ඔවුන්ට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කිරීමත් වේ. - උපුටා ගැනිම අවසන් - ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත වීමට ප්‍රධාන සාධකය වන්නේ මහා පරිමාණ ජාවාරම්කරුවන්ට යම් දේශපාලන සබඳතා සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ යම් අංශ වලින් ලැබෙන සහය බවයි. එම හේතු කාරකයන් ආමන්ත්‍රණය නොකොට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නිෂ්ඵල බව ද ජනාධිපතිතුමාට යොමු කළ ලිපියේ සඳහන් ය. එමෙන්ම, මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකාව 2016 වසරේදී එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බවද මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙන් සිහිපත් කර තිබේ.
2018-07-15T10:47:55.000Z
සංවර්ධන ව්‍යාපෘති ගැන ඇමති සජිත්ගෙන් ප්‍රකාශයක්
සංවර්ධන ව්‍යාපෘති ගැන ඇමති සජිත්ගෙන් ප්‍රකාශයක්
සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහනේ 900 වැනි අදියරය අද සුරියවැව වැලිවැව ප්‍රදේශ‍යේදී පැවැත්විණ. ඒ , එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක , නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමාදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. සවියගම ලෙස නම්කර ඇති මෙම ගම්මානයේ ඉදිකිරීම් සඳහා මුල්ගල තැබුනේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතිනි. ගම්මානය නිවාස 22කින් සමන්විත අතර එහිදී නිවාස හිමිකම් පත් ද ප්‍රදානය කෙරිණ. එහිදී අමාත්‍යවරයා සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අදහස් පළ කරමින් පැවසුවේ, අවුරුදු 3 සම්පූර්ණ වන විට දෙවුන්දර තුඩු‍වේ සිට පේදුරු තුඩුව දක්වා පැය 24 රේ උදාගම්මාන 100 ආරම්භ කරන බවයි.
2018-07-15T09:58:37.000Z
නිසි විසඳුමක් නොලැබුණොත් ETI ඈවරයි..?
නිසි විසඳුමක් නොලැබුණොත් ETI ඈවරයි..?
ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ETI මූල්‍ය සමාගමේ මුල්‍ය අර්බුදයට නිසි විසඳුමක් සැත්තැම්බර් මස 30 වෙනිදා ට පෙර නොලැබුණ හොත් එම සමාගම ඈවර කිරිමට සිදුවන බව මහ බැංකුව ප්‍රකාශ කර තිබේ. මහබැංකුවේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී සමාගමේ තැන්පත්කරුවන් වෙත මේ බව පවසා ඇතැයි සඳහන් ය. මේ අතර ඊ.ටී. අයි. මුදල් තැන්පත්කරුවන් හා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් අතර හමුවක් ඊයේ ඊ.ටී.අයි. ප්‍රධාන කාර්යාලයේදී පවත්වා තිබේ. එහිදී තැන්පත්කරුවන් කිහිප දෙනෙකු පළ කළ අදහස් පහතින්.. ''අපේ සල්ලි මංකොල්ල කැවා ටයි කොට් දාගෙන හොරකම් කළා. අර අඹ ගෙඩ්යක් පොල් ගෙඩ්යක් හොරකම් කළාම ගෙනිහින් හිරේ දාන්න පුළුවන්නමි ටයි කොට් දාගෙන අපේ සල්ලි හොරකම් කරපු වන් ආරක්ෂා කැරනවා. මොක්කද මේ ආණ්ඩුවේ තේරුම'' ''කම්ටුවත් ETI එකත් මහ බැංකුවත් සියල්ල කරන්නේ බොරුව මේ නිසා මේ ජනතාව අසරණ තත්වයට පත්වෙලා තියෙන්නේ. දැන් ජනාවරියේ ඉදලා මේ ජනතාව මේහේ ඇව්ල්ලා දුක් විඳිනවා. මිනිස්සුන්ට ඉන්න හිට්න්න තැනක් නැහැ'' ''මට දැනේන විදිහට මේ අය 17 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් උසාවි ඉදිරිපත් කරන්න යනවා. ඒ උසාවියට ඉදිරිපත් කිරිමේදි තැන්පත්කරුවන් වෙනුවෙන් කියලා යමි කිසි ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න තමා උත්සහ කරන්නේ. ඒ කියන්නේ තැන්පත් කරුවන් මේහේම එක්ඟවුණා'' ETI මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන් 25000කට අධික ප්‍රමාණයක් සිටින බව සඳහන් ය. මෙහි තැන්පත් කර ඇති වත්කම රුපියල් කෝටි 3600ක් පමණ වන තැන්පත්කරුවෝ පවසති. ETI ෆිනෑස් සමාගම ඇතුළු සමස්ත බැංකු නොවන මූල්‍ය ආයතන නියාමනය කෙරෙනු ලබන්‍නේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. ඊට අදාළ රෙගුලාසිවලට අනුව මූල්‍ය ආයතන අධීක්ෂණය, වාර්ෂික ආදායම් වියදම් වාර්තා කැඳවීම වැනි නියාමන කටයුතු සිදු විය යුතුයි. මේ වන විට ETI මූල්‍ය සමාගමේ පවතින මුල්‍ය අර්බුදය විසඳීම සඳහා නව ආයෝජකයෙකු පැමිණි තිබෙන බවට තොරතුරු වාර්තා වේ. ඒ සඳහා ඩොලර් මිලියන 75 ක ආයෝජනයක් යොදවන බවට ද වාර්තා වේ. ඉන් ඩොලර් මිලියන 32ක් මේ වන විට ලැබි ඇති බව ද සඳහන් ය. එම මුදලින් තැන්පත්කරුවන්ට 10%ක් ගෙවා ඇති බවට ද වාර්තා වේ. වාණිජ බැංකු හා ලියාපදිංචි මූල්‍ය ආයතන අධීක්ෂණය හා නියාමනය සිදුකිරීමේ වගකීම පැවරී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවටයි. ETI මූල්‍ය ආයතනය බංකොලොත් වූයේ මහබැංකුවේ නිසි අධීක්ෂණයක් නොමැති වීම හා තැන්පත්කරුවන්ගේ මුදල් නිසි කළමනාකාරීත්වයකින් තොරව වෙනත් ව්‍යාපාර කටයුතු සඳහා යෙදවීම හේතුවෙනි. එහි ප්‍රතිඵලය වූයේ අති විශාල තැන්පත්කරුවන්ට පිරිසකට තමන් ආයෝජනය කළ මුදලවත් හිමිනොවීමයි. ආණ්ඩුව තැන්පත්කරුවන්ට සහන ලබාදීම සඳහා ඉදිරිපත්වූයේ ඉන් අනතුරුව ය. දැන් ආයෝජකයෙකු ඉදිරිපත්ව සිටින අතර එහි පළමු අරමුණ විය යුත්තේ ආයෝජනය කළ මුදල තැන්පත්කරුවන් අතට පත්කිරීමයි . එසේ නොමැතිව එම මුදල් නැවත ETI ආයතනයේ හිමිකරුවන් අතට හෝ වෙනත් මාධ්‍ය ආයතන , ව්‍යාපාර ගොඩනැගීමට යෙදවීමෙන් තැන්පත්කරුවන්ගේ අරමුණු ඉටු නොවේ. සිය වගකීමෙන් බැහැර වූ මහබැංකුවේ නිලධාරී මහත්ම මහත්මියණි, මෙවන් විපත් ඔබේ පවුලේ කෙනෙකුට සිදුවූවා නම් තත්ත්වය කෙබදු වේ ද ? ජනතාව රැවටීම නතර කර හැකි ඉක්මනින් තැන්පත්කරුවන්ගේ මුදල් යළි ඔවුන් වෙත ලබාදීමට වහා පියවර ගන්න.
2018-07-15T09:46:14.000Z
ලොව රටවල් ණය උගුලේ හිර කරන චීන ව්‍යාපෘති
ලොව රටවල් ණය උගුලේ හිර කරන චීන ව්‍යාපෘති
ස්වෛරී රාජ්‍යයන් දෙකක් අතර සිදුවන ණය ගැනීම් සාමාන්‍ය ණයක් ලෙස සැලකුණ ද චීනය බොහෝ රටවල් සඳහා ක්‍රියාත්මක කරන ණය නිකුතු උගුලක් බවට පරිවර්තනය වන බව ඇතැම් ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි. ඉකුත් සිකුරාදා කොළඹදී පැවති උත්සවයකදී චීනයේ ඉන්දීය හා ශාන්තිකර සාගර කලාපීය මූල්‍යෝපාය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළ කළේ ය. "ඉන්දීය හා ශාන්තිකර සාගර කලාපය තුළ තම යාන්ත්‍රණය පවත්වාගෙන යෑම අත්‍යවහ්‍ය වී ඇති බැවින් ඒ සදහා වන තම මූල්‍යඋපාය වැඩි අවධානමකට ලක්වී ඇති බව චීනය දකිනවා .දැන් අපිත් මේකට ගොදුරු වෙලා ඉන්නේ හම්බන්තොට වරාය නිසා . චීනයත් එක්ක අපි එළඹිලා ඉන්න ගිවිසුම අනුව චීනයේ වෙලද නැව් ආවට වරායේ ආරක්ෂාව තියෙන්නේ අපේ ආරක්ෂක අංශ භාරයේ . ඒක පිලිගෙන තියෙනවා .දැන් අපේ දකුණු නාවුක සේනාංකය ගාල්ලෙන් හම්බන්තොටට විතැන් වෙලා ඉන්නේ . ඒ වගේම අපි අපේ නාවික හමුදාවට කියලා තියෙනවා මේ මුහුදු කලාපයේ සබ්මැරීන් වගේ දේවල් ක්‍රියාත්මක වනවාද කියලා හොයලා බලන්න කියලා . වෙරල ආරක්ෂ නැව් ගණනාවක් අපි යොදවලා තියෙන්නේ . අපි තහවුරු කරලා තියෙන්නේ අපිට හම්බන්තොට වරාය සම්බන්ධයෙන් වගකියන්න පුළුවන් කියලා. එහෙම නැතුව හම්බන්තොට වරාය අපි චීනයට නාවික හමුදා මූලස්ථානයක් විදිහට පාවිච්චි කරන්න දෙන්නේ නැහැ" අගමැතිවරයා එසේ ප්‍රකාශ කළ ද චීනයේ අරමුදල් මත ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘති දෙස බැලීමේදී ඒවා ණය මිස ආධාර නොවන බව පෙනී යයි. සාමාන්‍ය අවබෝධයක් ඇති ඕනෑ ම කෙනෙකුට එය වටහා ගත හැකියි. හම්බන්තොට චීන ආණ්ඩුවේ ආනයන හා අපනයන බැංකුවෙන් මුලින්ම ලබාගත් විශාලතම ණය මුදල වන මෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 307කි. මෙම ණය මුදල ලබාගැනීමේදී බීජිං පාලනය විසින් තෝරාගත් චයින් සමාගම නමැති සමාගමට ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ලබාදීමට ශ්‍රී ලංකාව එකඟ වේ. ශ්‍රී ලංකා ආණ්ඩුව හම්බන්තොට ඉදිකෙරුණු මෙම වාරාය අමෙරිකානු ඩොලර් බිලියන 1.12 කට 99 අවුරුද්දක් සදහා චීනයට බදු දෙන්නේ , අපි රටක් විදිහට මුහුණපා සිට බරපතළ ණය මුදලෙන් ගොඩ ඒමටයි. මධ්‍යම අධිවේගී මාර්ගය ඉකුත් මැයි මාසයේදී මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම් සඳහා චීන ආණ්ඩුව ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුමත කළ ණය මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1කි. යටිතල පහසුකම් ව්‍යාපෘති 2017 වසර වෙනුවෙන් වාරිමාර්ග , ජල සම්පාදන හා මාර්ග ක්ෂේත්‍රෙය් යටිතල පහසුකම් ව්‍යාපෘති තුනක් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 492 සහන ණය ශ්‍රී ලංකාවට ලබාදීමට චීන ආනයන අපනයන බැංකුව එකගත්වය පලකර තිබිණ. 1. ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 147 ක් ලබාදෙන්නේ තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාල මිලදීගැනීම් කිරීම සඳහායි . 2. අමෙරිකානු ඩොලර් මිලියන 90ක් මාතර සිට හම්බන්තොට දක්වා දකුණු අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ සිවිල් වැඩකටයුතු අධීකරණයට හා සැලසුම් සමාලෝඡනය කිරීම සඳහා ලබා දී තිබේ. 3. අදාළ ණය මුදල අමෙරිකානු ඩොලර් මිලියන 254ක් ලබාදෙන්නේ , මහනුවර උතුර - පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියක් සඳහායි. කෙන්යානු සෙනට් සභික මුටූලා කිලෝන්සෝ ජූනියර් ඉකුත්දා එරට ජාතික මන්ත්‍රණ සභාව අමතමින් චීනය ව්‍යාපෘතිවලට මුවාවෙමින් ණය උගුල් රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් ක්‍රියාවට නංවමින් සිටින බව අවධාරණය කළේ ය. "කෙන්යානුවන් ලවා කරවාගත හැකි ඇතැම් කටයුතු වෙනුවෙනුත් චීනය රැකියා බලපත්‍ර ලබාදෙනවා . ඉංග්‍රීසි වචනයක්වත් කතා කර ගත නොහැකි චීන අය ගේට්ටු මුරකරද්දී , කෙන්යානුවෝ රස්සා නැතුව හූල්ලනවා . ඔබලා මොනවද ඔබේ සගයන් ගැන කියන්නේ ? වහාමමේ ගැටළුවේ ගැඹුරටම ගිහින් බලන්න . අපිට සිලිං මිලියනයකින් දවස ගෙවා ගන්න පුළුවන්ද ? මොනව ද ඔබලා කියන්නේ? සියාරාලියෝන්වල සහ ශ්‍රී ලංකාවේ වරායන්වලට වෙච්ච වැඩේ තමයි මෙහෙත් වෙන්න යන්නේ . අපි අපේ ජාතික නිධානය මේ මිනිස්සුන්ට විකුණන්න යනවා.. අපේ ණයවලින් 66%ක් නිසා චීනය පෝසත් වෙනවා. ඒගොල්ලෝ පාසලක් දෙකඩ කරා. ඒක මැද්දෙන් රේල් පාරක් දාලා. පාසල විනාශ වුණා. මේ මිනිස්සු තාම ඒක අලුත්වැඩියා කළේ නැහැ. මේ ක ගැන පැමිණිලි කරන්න ගියහම ඒ අය සිලිං ලක්ෂ 2 සිට 3 දක්වා අල්ලස් දීලා තියෙනවා. ගුරුවරුන්ට . අපි අර්බුදයක ඉන්නේ. අපි මේ විදිහට චීනයට විකුණන් ගියොත් , හිඟාකන්න ගියොත් ඉතිහාසය මහා කෘර විදිහට අපිව විනිශ්චයට බදුන් කරාවි.. ''
2018-07-15T09:12:19.000Z
හමුදාපතිගෙන් නිවේදනයක්...
හමුදාපතිගෙන් නිවේදනයක්...
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කිසිසේත්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් කටයුතු නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අවධාරණය කරයි. නිවේදනයක් නිකුත් කරමින් හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ වගකිව යුතු හමුදාවක් ලෙස කිසිදු හමුදා කඳවුරක් වසා දැමීම ක්‍රියා නොකරනු ඇති බවයි . උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම පිළිබඳව පළ වන මාධ්‍ය වාර්තාවලට අදාළව යුද හමුදාවේ මතය ප්‍රකාශ කිරීම සඳහා නිවේදනයක් නිකුත් කර තිබේ. හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ, යථායෝග්‍ය ප්‍රමාණකරණය කිරීම යටතේ පාලනමය රාජකාරී සඳහා යොදවා සිටින බට පිරිස් ඉන් මුදවා වැඩි ප්‍රතිඵලයක් ලැබෙන පරිදි එම පිරිස ක්ෂේත්‍ර රාජකාරී සඳහා යෙදවීමට කටයුතු යොදා ඇති බවයි. එම ක්‍රියාවලිය මගින් හමුදාවේ කාර්යක්ෂමතාව දැනට වඩා දෙගුණයකින් පමණ වැඩි කර ගත හැකි බව පෙන්වා දෙන හමුදාපතිවරයා කිසිදු යුද හමුදා කඳවුරක් වසා දැමීම සිදුනොවන බව අවධාරණය කර සිටී. අසත්‍ය මාධ්‍ය වාර්තා මගින් බලඇණි වසා දමන බවත් ඉන් විශාල අනාරක්ෂිත තත්ත්වයක් උතුරු නැගෙනහිර උද්ගත වන බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන හමුදාපතිවරයා පවසන්නේ , සිදුවන්නේ බල ඇනි වසාදැමීමක් පවතින බලඇණි යටපත් කිරීමක් පමණක් බවයි . එලෙස යටපත් කරන බලඇණිවල මානව හා භෞතික සම්පත් අනෙකුත් බලඇනි අතර සමානුපාතික බෙදාහැරීම පමණක් සිදුවන බව මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
2018-07-15T08:49:04.000Z
මුහුදු වෙරළෙනු ත් හෙරොයින් මතුවෙයි
මුහුදු වෙරළෙනු ත් හෙරොයින් මතුවෙයි
කන්තලේ සේරුනුවර සීනන්වේලී මුහුදු තීරයේ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 416 කට ආසන්න ප්‍රමාණයක් හමුවී තිබේ. පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී මුහුදු වෙරළේ වළ දමා තිබියදී හෙරොයින් අඩංගු පාර්සල් 05ක් සොයා ගත් බවයි. ඒවායේ වටිනාකම රුපියල් මිලියන 16 කට අධිකයි. සොයා ගත් මත්ද්‍රව්‍ය තොගය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.
2018-07-15T08:31:44.000Z
ජනපතිවරණ අපේක්ෂිකාව ශිරන්ති දැයි, ඇසූ පැනයට මහින්ද දුන් පිළිතුර
''පිස්සු කතා කරන්න එපා..."
COLOMBO (News 1st) : හෙට දිනයේ පළමු නඩු කටයුත්ත විභාගයට ගැනෙන විශේෂ අධිකරණය පිහිටුවා ඇත්තේ, දේශපාලනික අවශ්‍යතාව මත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නෑ මම කියන්නේ විශේෂ අධිකරණ ඕනි නෑ .මගේනම් මතය තියන අධිකරණවලට පුළුවන් ඒ ශක්තිය තියනවා. දැන් මේකේ ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ දේශපාලන වුවමනාවට.දේශපාලන හතුරන්ගෙන් පළි ගැනීමට.ඒකනේ කරන්නේ. ඉතින් ඊට වඩා කියලා වැඩක් නෑනේ මේ ආණ්ඩුව ගැන. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද පිළියන්දලදී ශ්‍රී විද්‍යාශාන්ති මහා පිරිවෙන් විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයවකට පිළිතුරු ලෙසයි. මෙහිදී මාධ්‍යවේදීන් තවදුරටත් හිටපු ජනපතිවරයාගෙන් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියේ ය. මාධ්‍යවේදියා : ඒ කිව්වේ මොකක්ද අපි අහන ප්‍රශ්න ද? හිටපු ජනපති : නෑ ඔබතුමාලත් ප්‍රශ්න අහනවානේ. මාධ්‍යවේදියා : ඔබතුමා හරි වැරදියි හිටපු ජනපති : මොකක්ද? මාධ්‍යවේදියා : ලොකු හාමුදුරුවෝ දන්නවා හරියටම ඊළඟ ට ඉදිරිපත් වෙන්නේ කවු ද කියලා.ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවාම කරගන්නවා කිව්වා.ඇයි ඔබතුමා හාමුදුරුවන්ට කිව්වේ හොරෙන් අපිට කියන්නේ නැතුව? හිටපු ජනපති : නෑ මන් කාටවත්ම ඒවා තාම කිව්වේ නෑ හාමුදුරුවන්ට කිව්වේත් නෑ මාධ්‍යවේදියා : හාමුදුරුවෝ කිව්වානේ ගෝඨාභය මහත්තයා ආවාම අපි මේක කරගන්නවා කියලා? හිටපු ජනපති : මම ආවාම ගෝඨාභය මහත්තයාට කරන්න පුළුවන්නේ වැඩ. මාධ්‍යවේදියා :ආ එහෙම එකකුත් තියනවා ? හිටපු ජනපති : එහෙම එකකුත් තියනවා. නෑ නෑ නෑ මාධ්‍ය වාර්ථා පලකළා මහත්මිය ජනාධිපතිවරයට ඉදිරිපත් වෙනවා කියලා මෙහිදී ඉදිරි ජනපතිවරණයට ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉදිරිපත් කරන බවට පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් නැගූ පැනයට හිටපු ජනපති ලබා දුන්නේ මෙවන් පිළිතුරුකි. '' පිස්සු පිස්සු කතා කරන්න එපා...''
2018-07-15T07:59:34.000Z
දූෂණ නඩු කඩිනම් කරන විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය හෙට
විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය හෙට
රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්‍රමිකතා සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පිහිට වූ විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය හෙට ආරම්භ වන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩබාලගේ යන අයට විරුද්ධව ගොනු කළ චෝදනා හෙට විශේෂ මහාධිකරණයේ පළමු නඩු කටයුත්ත ලෙස විභාග කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අරමුදල්, ආයෝජන ව්‍යාපෘතියක් ලෙස හයට් හෝටල් ව්‍යාපෘතියට යෙදවීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වේ. සන්ඩේ ටයිම්ස් වාර්තාවට අනුව රාජ්‍ය නිලධාරීන්, බැංකුකරුවන්, ව්‍යාපාරිකයින්, ඒජන්තවරුන් විසින් සිදුකරන ලද බවට චෝදනා එල්ල වන රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අක්‍රමිකතා සොයා බැලීමට මෙම විශේෂ මහාධිකරණය පිහිටුවා තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් පුවපත් වාර්තාවේ දැක්වෙන්නේ අදාළ පැමිණිලි විභාග කිරීම සඳහා 100කට අධික නීතිඥ මඩුල්ලක් බඳවාගෙන ඇති බවයි. මහාධිකරණ විනිසුරු මඩුල්ලට මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පත් ජානකී රාජරත්න යන අය පත්කර ඇති බව සඳහන් ය.
2018-07-15T06:45:57.000Z
උද්ඝෝෂකයෝ පිරිසක් චිකාගෝ පොලීසිය හා හැටෙති
කළු ජාතිකයාගේ මරණයෙන් උණුසුම් වූ චිකාගෝ
අමෙරිකාවේ චිකාගෝ නුවර උද්ඝෝෂණයේ නිරත උද්ඝෝෂකයින් පිරිසක් හා පොලීසිය අතර ගැටුම් හටගෙන තිබේ. ඒ, චිකාගෝ පෙලීසිය කළු ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් පවැති උද්ඝෝෂණයක් අතරතුරදීයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගිනිඅවියක් අතැතිව සිටි බව කියන පුද්ගලයෙකු පොලීසිය අතින් එලෙස ඝාතනයට ලක්ව ඇති බවයි. 150කින් පමණ සමන්විත උද්ඝෝෂකයින් පිරිස ඝාතකයින් යැයි, දොස් නගමින් පොලීසිය දෙසට විවිධ ද්‍රව්‍යවලින් දමා ගසමින් සහ පොලිස් රථ දෙසට කඩා පනිමින් සිද්ධියට විරෝධය පළ කර ඇති අතර පසුව එය දෙපාර්ශවය අතර ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත. උද්ඝෝෂකයින් සමග ඇති වූ ගැටුම්වලින් පොලිස් නිලධාරීන් ද තුවාල ලබා ඇති අතර පසුව උද්ඝෝෂකයින් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ අනන්‍යතාව හෙළි කර නොමැති අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අවුරුදු 30ක් පමණ වන පුද්ගලයෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කර ඇති ප්‍රකාශයේ දැක්වෙන්නේ දකුණු වෙරළ තීරයේ මුර සංචාරයේ නිරත පොලීසිය එහි සන්නද්ධ පුද්ගලයෙකු සැරිසරණු දැක ඇති බව ත් එහිදී පොලීසිය එම ස්ථානයට ළඟා වී ඇති බව ත් ය. පසුව පොලීසිය හා අදාළ පුද්ගලයා අතර ගැටුමක් හට ගෙන ඇති බව ත් අදාළ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් ය. සිද්ධියෙන් පසුව අදාළ ස්ථානයේ තිබී තුවක්කුවක් සහ උණ්ඩ පෙට්ටි දෙකක් පොලීසිය විසින් සොයා ගනු ලැබ ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් ය. මේ අතර පසුගිය සමයේ පොලිස් ප්‍රහාරවලින් අමෙරිකානු කළු ජාතිකයින් කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එකී සිදුවීම්වලට එරෙහිව රට පුරා උද්ඝෝෂණ ද හට ගැනිණ.
2018-07-15T06:17:13.000Z
මරණ දඬුවම නියම වූ 18කගේ ලැයිස්තුවක් අධිකරණ අමාත්‍යාංශයට
මරණ දඬුවම නියම වූ ලැයිස්තුවක් අධිකරණ අමාත්‍යාංශයට
COLOMBO (News 1st) - මරණ දඬුවම ලබා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පාකිස්ථානු ජාතිකයින් සිව්දෙනෙකු වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, ඊට අදාළ ලැයිස්තුව පසුගිය සිකුරාදා අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කළ බවයි. ඒ, මරණ දඬුවම් පැමිණවීමට අදාළ ලැයිස්තුව ලබාදෙන ලෙසට ජනාධිපතිතුමා කරනු ලැබු ඉල්ලීමකට අනුවයි. මේ අතර අලුගෝසු තනතුර සඳහා ලබන සතියේ යළි අයැදුම්පත් කැඳවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, අලුගෝසු තනතුර සඳහා පුරප්පාඩු දෙකක් පවතින බවයි. 2015 වසරේ සිට අලුගෝසූ තනතුර පුරප්පාඩුව පවති. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපකරණ සහ එල්ලුම් ගස සඳහා යොදන කඹය ආනයනය කර ඇත්තේ පකිස්ථානයෙනි.
2018-07-15T05:53:02.000Z
අක්‍රමිකතා වැලැක්වීමට සෑම විභාග මධ්‍යස්ථානයකටම අතිරේක ශාලාධිපතිවරයෙක්
සෑම විභාග මධ්‍යස්ථානයකටම අතිරේක ශාලාධිපතිවරයෙක්
COLOMBO (News 1st) - විභාග අක්‍රමිකතා වැලැක්වීම සඳහා සෑම විභාග මධ්‍යස්ථානයකටම අතිරේක ශාලාධිපතිවරයෙක් යෙදවීමට වි‍භාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. වි‍භාග කොමසාරිස් ජෙනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, ඒ අනුව එම අතිරේක ශාලාධිපතිවරයා විසින් විභාග නිරීක්ෂණ මඩුල්ල අධීක්ෂණය සිදු කරන බවයි. මීට අමතරව වි‍භාග මධ්‍යස්ථානවල ජංගම දුරකතන ඇතුලු විද්‍යුත් උපාංග රැගෙන එන අවස්ථාවන්වල ඒවා අක්‍රිය කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ඇතිව ක්‍රියාත්මක කරන බව ද කොමසාරිස්වරයා සඳහන් කළේ ය. මේ අතර ලබන අගෝස්තු මස 06 වන දා උසස් පෙළ විභාගය ආරම්භ වන අතර අවසන් වන්නේ සැප්තැම්බර් පළමුවන දාය. මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 321,469 දෙනෙකු විභාගයට පෙනී සිටීමට නියමිත වේ. මධ්‍යස්ථාන 2267 ක් සම්බන්ධීකරණ මධස්ථාන 311 කදී විභාගය පැවැත්වෙනු ඇත. ශිෂ්‍යත්ව වි‍භාගය අගෝස්තු මස 05 වන දා ආරම්භ වන අතර සිංහල හා දෙමළ මාධ්‍යයෙන් ශිෂ්‍යන් 355,326 දෙනෙකු විභාගයට පෙනී සිටීමට නියමිත වනු ඇති. ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 3050 කදී සම්බන්ධීකාරක මධ්‍යස්ථාන 497 පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
2018-07-15T01:31:25.000Z
ජනපති රෝමයට ළඟා වෙයි
ජනපති රෝමයට ළඟා වෙයි
COLOMBO (News 1st) - ඉතාලිය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රෝමයේ ෆියුමිසිනෝ ගුවන් තොටුපොළට ළඟා වී තිබේ. එහිදී එරට විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිතුමා ඇතුළු පිරිස ගෞරවයෙන් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ජනාධිපතිතුමා ඉතාලිය බලා පිටත් වුණේ හයවන ලෝක වනාන්තර සතිය වෙනුවෙන් පැවැත්වෙන සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සඳහා සහභාගීවීම සඳහායි. එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් සමුළුව පවත්වන්නේ තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වනාන්තරවල දායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණිනි. ජනාධිපතිතුමා හෙට සමුළුව අමතා විශේෂ දේශනයක් පැවැත්වීමට ද නියමිතය.
2018-07-15T01:19:30.000Z
'ගින්නෙන් උපන් සීතල' ළඟදීම සිනමා ශාලා වෙත
'ගින්නෙන් උපන් සීතල' ළඟදීම සිනමා ශාලා වෙත
COLOMBO (News 1st) - 'ගින්නෙන් උපන් සීතල' සිනමා පටය මේ වසර අවසානයේ තිරගත කිරීමට අපේක්ෂා කරන බව එහි අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ මහතා පවසයි. එම සිනමා පටය ඔස්කා සම්මාන උළෙලේ හොඳම සිනමා පටය සඳහා වන අංශයේ මූලික වටයේ ඇගයීම් සඳහා සුදුසුකම් ලබා තිබීම ද විශේෂත්වයකි. 'ගින්නෙන් උපන් සීතල' සිනමා පටය නිර්මාණය වී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ චරිතාපදානය ඇසුරිනි.
2018-07-15T01:04:00.000Z
බන්ධනාගාර නියාමක පුරප්පාඩු 1200 ක්
බන්ධනාගාර නියාමක පුරප්පාඩු 1200 ක්
COLOMBO (News 1st) - බන්ධනාගාර නියාමක පුරප්පාඩු 1200 ක් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, නිලධාරී හිඟය හේතුවෙන් රැඳවියන් පරික්ෂා කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බව ය. බන්ධනාගාර නියාමක පුරප්පාඩු සඳහා පැවති සම්මුඛ පරික්ෂණවලට පැමිණි පුද්ගලයින් 17,000 ක් අතුරින් 6,000 ක් පමණ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්ව ඇතැයි ද තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.
2018-07-15T00:07:22.000Z
මෝටර් රථයකින් නීති විරෝධි මත්පැන් ප්‍රවාහන කළ දෙදෙනෙකු කොටුවෙයි
නීති විරෝධි මත්පැන් ප්‍රවාහන කළ දෙදෙනෙකු කොටුවෙයි
COLOMBO (News 1st) - මෝටර් රථයකින් නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු බියගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, එහි තිබී නීති විරෝධී මත්පැන් බෝතල් 200 ක් සොයාගත් බව ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් රණාල සහ බලංගොඩ පදිංචිකරුවන් වේ. ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ කලක සිට දෛනිකව මත්පැන් ප්‍රවාහනය සිදුකර ඇති බව ය. සැකකරුවන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත ය.
2018-07-14T22:11:53.000Z
රථ වාහන වැරදි 33 ක දඩ මුදල් අද සිට ඉහළට
රථ වාහන වැරදි 33 ක දඩ මුදල් අද සිට ඉහළට
COLOMBO (News 1st) - රථ වාහන වැරදි 33ක් සඳහා නව ස්ථානීය දඩ අද සිට ක්‍රියාත්මක වේ. මීට පෙර පැවති දඩ පත්‍රිකාවට අන්තර්ගත වූ වැරදි සංඛ්‍යාව 23කි. මෙවර එය 33 ක් දක්වා වැඩිකර ඇත්තේ දඩ ගෙවීම සම්බන්ධයෙන් ද නව රෙගුලාසි ද හඳුන්වා දෙමිනි. රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ පොලිස් අධීකාරි ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, ඒ සඳහා වන නව දඩ පත්‍රිකා ඇතුළත් දඩ පොත් ලක්ෂයකට අධික ප්‍රමාණයක් 489 ක් වූ සියලු පොලිස් ස්ථාන වෙත නිකුත් කර ඇති බව ය. මෙම නව ස්ථානීය දඩ සංශෝධන ක්‍රියාත්මක වන්නේ මේ වසරේ ජනවාරි මස 15 වන දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනූවය. ඒ අනූව වේග සීමා උල්ලංඝණය වන පරිදි රිය ධාවනයට මෙතෙක් රුපියල් 1000 ක්ව පැවති දඩ මුදල රුපියල් 3000 දක්වා ඉහළ දමා ඇති අතර දින 14 ක් ඇතුළත ගෙවීමට අසමත් වුවහොත් එම මුදල දෙගුණයක් වන බව පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ ය. මාර්ග රීතිවලට අවනත නොවීම, පොලිස් නිලධාරීන්ගේ විධාන සහ සංඥාවලට අවනත නොවීම, මාර්ගයක මෝටර් රථයක් නවතා තැබීමේදී හෝ එය ළඟ නොසිටීමේදී හෝ අක්‍රියවීමක දී ගත යුතු පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග නොගැනීම යන වැරදි සම්බන්ධයෙන් අය කරන නව දඩ මුදල රුපියල් 2000 ක් වේ. හඳුනාගැනීමේ තහඩු නොමැතිව රිය ධාවනය මෙතෙක් අය කළ රුපියල් 500 ක ස්ථානීය දඩය රුපියල් 1000 දක්වා ඉහළ දමා ඇති අතර ආදායම් බලපත්‍රය ප්‍රදර්ශනය හා නියම කරනු ලැබූ විට ඉදිරිපත් නොකිරීමට අදාළව රුපියල් 500 ක්ව පැවති දඩ මුදල ද රුපියල් 1000 දක්වා ඉහළ දමා තිබේ. ධාවනය කරන විට රියැදුරු බලපත්‍රයක් රැගෙන යාමට අසමත්වීමේ වරදට නව දඩ මුදල රුපියල් 1000 කි. ආසන පටි, ආරක්ෂිත හිස් වැසුම් පැළඳීම පැහැර හැරීම සම්බන්ධයෙන් වූ වරදට 15 වන දා සිට අය කරන දඩය රුපියල් 1000 කි. මාර්ග සංඥාවලට අවනත නොවීම සම්බන්ධයෙන් ලබන 15 වන දා සිට අය කරන ස්ථානීය දඩය රුපියල් 1000 ක් බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් ය.
2018-07-14T22:02:04.000Z
වන අලි එලවන්න කම්කරුවන් 2500ක්
වන අලි එලවන්න කම්කරුවන් 2500ක්
COLOMBO (News 1st) - වන අලි පලවා හැරීමේ මෙහෙයුම්වලට සහ අලි වැට ආරක්ෂා කිරිම සඳහා කුලී පදනම යටතේ, කම්කරුවන් 2500ක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි තිරසර සංවර්ධන හා වන ජීවි අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කඝේ, ඒ සඳහා සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් ද අනුයුක්ත කිරිමට සැලසුම් කර ඇති බව ය.
2018-07-14T21:12:46.000Z
ඉන්ධන සහ ගෑස් මිල වැඩි කළ හෙයිටි අගමැතිට ජනතා විරෝධය හමුවේ ගෙදර යන්න වෙයි
හෙයිටි අගමැතිට ජනතා විරෝධය හමුවේ ගෙදර යයි
(News 1st) - අඛණ්ඩව එල්ලවන ජනතා විරෝධතා මධ්‍යයේ හෙයිටි අග්‍රාමාත්‍ය ජැක් ගයි සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ජනාධිපති ජොවෙනෙල් මොයිස්ට ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව ය. ඉන්ධන සහ ගෑස් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කිරීමත් සමග හෙයිටි අග්‍රාමාත්‍යවරයාට එරෙහිව එරට වැසියන් විරෝධතා ආරම්භ කළේය. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය තීන්දු කළේ, ගෑස් මිල 38% කින්, ඩීසල් මිල 47% කින් සහ භූමිතෙල් මිල 51% කින් ඉහළ දැමීමටයි. ජනතා විරෝධය හමුවේ අදාළ යෝජනාව හකුලා ගැනීමට හෙයිටි ජනාධිපතිවරයා පසුව තීන්දු කළේය. එහෙත් මාර්ගවල ටයර් පුළුස්සමින් ජනතාව අඛණ්ඩව විරෝධතාවල නිරත වුණේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමිනි. විරෝධතා අතරතුර පුද්ගලයින් 7 දෙනෙකුට දිවි අහිමි විය. අවසානයේ ජනතා මතයට ගරු කරමින් හෙයිටි අග්‍රාමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
2018-07-14T21:02:07.000Z
භාවිතයට නුසුදුසු ටයර් නිසා අධිවේගයේ රිය අනතුරු ඉහළට
භාවිතයට නුසුදුසු ටයර් නිසා අධිවේගයේ අනතුරු ඉහළට
COLOMBO (News 1st) - අධිවේගී මාර්ගවල සිදුවන අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා ප්‍රකාශ කළේ භාවිතයට නුසුදුසු ටයර් යොදාගැනීම හේතුවෙන් අනතුරු ඉහළ ගොස් ඇති බව ය. එවැනි අනතුරු මාසිකව 20 ක් පමණ වාර්තා වන බව ද ඔහු සඳහන් කළේය.
2018-07-14T20:49:49.000Z
පාපන්දු ලෝක කුසලානය ප්‍රංශයට ද? ක්‍රොඒෂියාවට ද? තීරණය අද රාත්‍රියේ
පාපන්දු ලෝක කුසලානය ප්‍රංශයට ද? ක්‍රොඒෂියාවට ද?
COLOMBO (News 1st) - කණ්ඩායම් 32 ක් කාණ්ඩ 8 ක් යටතේ එකම කුසලානයක් උදෙසා තරග වැදුණු 21 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වේ. ඒ, අපරාජිත ක්‍රොඒෂියාව හා ප්‍රබල ප්‍රංශය අතරයි. අවසන් මහා තරගය අද රුසියාවේ, මොස්කව් නුවර, ලුස්නිකි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ලෝකය පුරා පාපන්දු ලෝලීන් මාසයක් තිස්සේ උන්මාදයට හා කුතුහලයට පත් කළ මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද රාත්‍රියේ නිමාවට පත් වන්නේ ප්‍රංශය හෝ ක්‍රොඒෂියාව ශූරයන් බවට පත් කරමින්. ප්‍රංශය මීට පෙර අවස්ථා 2කදී අවසන් මහා තරගය ක්‍රීඩා කර ඇති අතර ඉන් එක් අවස්ථාවකදී ලෝක කුසලානය ජයග්‍රහණය කර තිබේ. ඒ, 1998දී ය. 2006 වර්ෂයේ පැවති ලෝක කුසලානයේ අනු ශූරයින් බවට ප්‍රංශ කණ්ඩායම පත් විය. ක්‍රොඒෂියාව පාපන්දු ලෝක කුසලානයක අවසන් මහා තරගයට පැමිණියේ පළමු වරට වීම විශේෂත්වයකි. පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රි 8.30ට ආරම්භ කෙරේ.
2018-07-14T20:17:58.000Z
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට කාර්ය සාධක බලකායක්
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට කාර්ය සාධක බලකායක්
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා කාර්ය සාධක බලකායක් ඇති කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, බුද්ධි තොරතුරු ලබා ගැනීම තව දුරට ත් වේගවත් කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා පොලීසියට සහය ලබාදෙන බව ය. මේ අතර සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය මැඩලීමට පොලීසියෙන් ක්ෂණික ප්‍රතිචාර ඒකකයක් පිහිටුවන බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පවසයි. එය නම් කර ඇත්තේ ඊ.ආර්.ටී. හෙවත් හදිසි ප්‍රතිචාර කණ්ඩායම ලෙස ය. මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 200කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, හෙරොයින් කිලෝග්‍රෑමයක දැනට වෙළඳපොළ වටිනාකම රුපියල් එක් කෝටි විසිලක්ෂයක් පමණ වන බව ය. හෙරොයින්, කොකේන් සහ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 17,440 දෙදෙනෙකු වසරේ ගත වූ කාලසීමාව තුළ අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, පුත්තලම, හලාවත, යාපනය සහ දකුණු මුහුදු තීරය ආශ්‍රිත ප්‍රදේශවලිනි. අදාළ නිලධාරියා සඳහන් කළේ, ඇෆ්ගනිස්ථානයෙන් හා පාකිස්ථානයෙන් මෙරටට වැඩි වශයෙන් හෙරොයින් ගෙන්වන බව ය.
2018-07-14T20:00:40.000Z
පෑලියගොඩ සහ ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්
පැය 16ක ජල කප්පාදුවක්
COLOMBO (News 1st) - නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 8 සිට පැය 16 ක කාලයක් පෑලියගොඩ, කැලණිය ඇතුළු පළාත් පාලන බල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව වත්තල නගර සභා බල ප්‍රදේශය, වත්තල ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය, බියගම, මහර, දොම්පේ, ජා-ඇල සහ ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශවලට එම කාලය තුළ ජල සැපයුම අත්හිටවනු ඇති. ඊට අමතරව ජා-ඇල නගර සභා බල ප්‍රදේශයට සහ කටුනායක, සීදූව නගර සභා බල ප්‍රදේශයට ද අද පෙරවරු 8 සිට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
2018-07-14T19:46:35.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) දේශීය 1 - මොණරාගල, කුඩා ඔය සහ ගොවිඳුපුර ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගියේය. කුඩා ඔය ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් 52 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙන අතර ගොවිඳුපුර ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් මියගොස් තිබෙන්නේ 38 හැවිරිදි පුද්ගලයෙකි. 2 - මාතලේ, උකුවෙල, රත්වත්තේ පිහිටි රෝස තිරුවානා නිධිය කැණිම් සඳහා ලබා දී තිබූ බලපත‍්‍රය අත්හිටුවීමට උකුවෙල ප්‍රාදේශීය සභාව පියවර ගෙන තිබේ. එම ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති අබ්දුල් නිෂාර් මහතා පැවසුවේ මන්ත‍්‍රීවරු සියලුදෙනාගේ ඒකමතික තීරණය අනුව මෙම පියවර ගත් බව ය. 3 - හෙරොයින් ජාවාරමේ නිරත එකම පවුලේ සාමාජිකයින් 05 දෙනෙකු පන්නිපිටිය, වීර මාවතේදී අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මව, පියා, දියණිය, පුත්‍රයා සහ දියණියගේ පෙම්වතායි. ඔවුන් වීර මාවතේ නිවසක හෙරොයින් පැකට් කරමින් සිටින අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. 4 - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙදින සංචාරයක් සඳහා ඊයේ ඉතාලිය බලා පිටත්ව ගියේය. ඒ, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් පවත්වනු ලබන ලෝක වන සංරක්ෂණ කමිටුවේ 27 වැනි සැසිවාරයට සහභාගිවීම සඳහායි. 5 - කෑගල්ල, අරණායක අසුපිනි ඇල්ලෙන් වැටීමෙන් තරුණයෙකු අතුරුදන්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ පෙරවරුවේ කණ්ඩායමක් සමග ඔහු අසුපිනි ඇල්ල නැරඹීමට ගොස් ඇති බව ය. එම තරුණයා ඇල්ලේ ඉහළ සිට ලිස්සා වැටී ඇති බව පොලීසිය සඳහන් කළේ ය. 6 - කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රධාන හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා ලබන සඳුදා සිට හෘද සැත්කම්වලින් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ, එම රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ මධ්‍යම වායුසමීකරණ පද්ධතිය අලුත්වැඩියා නොකිරීමට විරෝධය පළ කරමිනි. 7 - ඊ.ටී.අයි. මුදල් තැන්පත්කරුවන් හා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් අතර හමුවක් ඊයේ පෙරවරුවේ පැවැත්විණි. ඒ, ඊ.ටී.අයි. ප්‍රධාන කාර්යාලයේදී ය. ඊ.ටී.අයි. ආයතනයේ ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් තැන්පත්කරුවන් හා සාකච්ඡා කිරීම සඳහා අද මෙම හමුව කැඳවා තිබිණි. මෙහිදී උණුසුම් තත්ත්වයක් ඇති විය. 8 - මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට රජය ගත් තීන්දුව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව සිය මතය ඉදිරිපත් කර තිබේ. 9 - අභාවප්‍රාප්ත ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය (74) මහතා‍ගේ අවසන් කටයුතු අද බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. හේමන්ත වර්ණකුලසූරිය මහතා පසුගිය බදාදා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. ඒ මහතා මෙරට නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළේ ය. විදේශීය 1 - පුද්ගලයින් 128 දෙනෙකුට මරු කැඳවමින් පකිස්ථානයේ දේශපාලන රැළියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබේ. ක්‍රීඩා 1 - දකුණු අප්‍රිකාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දින 2ක් ඉතිරිව තිබියදී ලකුණු 278කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 352ක ඉලක්කයක් කරා හඹා ගිය දකුණු අප්‍රිකා ක්‍රීඩකයින්ට දෙවැනි ඉනිමේදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 73ක් පමණි. 2 - බෙල්ජියම ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 3 වන ස්ථානය දිනා ගත්තේ ය. ඒ, එංගලන්තය සමග පැවති තරගය ගෝල 2 - 0ක් ලෙස ජය ගනිමිනි. බෙල්ජියම ලෝක කුසලාන පාපන්දු තරගාවලියක 3 වන ස්ථානය හිමි කර ගත්තේ පළමු වරට ය.
2018-07-14T11:26:42.000Z
මරණ දඬුවම ගැන මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ජනපතිට ලිපියක්
මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ජනපතිට ලිපියක්
COLOMBO (News 1st) - මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට රජය ගත් තීන්දුව පිළිබඳව අදත් විවිධ පාර්ශව සිය මත ඉදිරිපත් කළේ ය. ඒ අතරට, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද ඇතුළත් ය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම මහත්මියගේ අත්සනින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව සිය මතය ඉදිරිපත් කර තිබේ. එහි දැක්වෙන්නේ අදාළ තීරණය කෙරෙහි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය දැඩි කණස්සල්ල පළ කරන බව ය. --උපුටා ගැනීම-- මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් විශාල සමාජීය ප්‍රශ්න ඇති වන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉතා දරුණු සමාජ විරෝධී ක්‍රියාවලියක යෙදෙන පුද්ගලයන් බවත් අපි පිළිගනිමු. නමුත් එය සාර්ථක ලෙස මැඩලීමට හැකි වන්නේ මරණ දඬුවම වැනි දඬුවම් ක්‍රියාත්මක කිරීමෙන් නොව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කාර්යක්ෂම ලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමත්, ඔවුන් සිදු කර ඇති අපරාධවලට සරිලන ආකාරයේ වෙනත් බරපතල දඬුවම් පැමිණවීමත් යැයි අප කොමිෂන් සභාවේ මතය වේ. දැනටමත් වරදකරුවන් වී බන්ධනාගාරගත වී ඇති ජාවාරම්කරුවන් බන්ධනාගාරය තුළදීත් එම ජාවාරම්වල යෙදෙන්නේ නම් එයට නිසි පිළිතුර විය යුත්තේ බන්ධනාගාරය තුළ ඇති ආරක්ෂක කටයුතු නවීන තාක්ෂණය භාවිත කරමින් තර කිරීමත්, ඊට සම්බන්ධ නිලධාරීන් පිළිබඳව විමසිල්ලෙන් සිටිමින් ඔවුන්ට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කිරීමත් වේ. --උපුටා ගැනීම අවසන්-- ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත වීමට ප්‍රධාන සාධකය වන්නේ, මහා පරිමාණ ජාවාරම්කරුවන්ට යම් දේශපාලන සබඳතා සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ යම් අංශවලින් ලැබෙන සහය බව ය. එම හේතුකාරකයන් ආමන්ත්‍රණය නොකොට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නිෂ්ඵල බව ද ජනාධිපතිතුමාට යොමු කළ ලිපියේ සඳහන් ය. එමෙන් ම මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකාව 2016 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බව ද මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයාට යොමු කළ ලිපියෙන් සිහිපත් කර තිබේ.
2018-07-14T11:14:22.000Z
බෙල්ජියම ලෝක කුසලාන පාපන්දු තරගාවලියක ප්‍රථම වරට 3 වන ස්ථානය දිනා ගනී
එංගලන්තය පරදවමින් බෙල්ජියම 3 වන ස්ථානය දිනා ගනී
(News 1st) - බෙල්ජියම ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 3 වන ස්ථානය දිනා ගත්තේ ය. බෙල්ජියම ලෝක කුසලාන පාපන්දු තරගාවලියක 3 වන ස්ථානය හිමි කර ගත්තේ පළමු වරට ය. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන් වන ස්ථානය සඳහා තරඟ වැදුණේ බෙල්ජියම සහ එංගලන්තය යි. මෙම තරගය රුසියාවේ ශාන්ත පීටස්බර්ග්හිදී පැවැත්විණි. ආරම්භයේ සිට මැනවින් තරගයට අවතීරණ වූ බෙල්ජියම් ක්‍රීඩකයින් තරගය ආරම්භ වී සිව් වන මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කළේ ය. ඔවුන් දෙවැනි අර්ධයේ 82 වන මිනිත්තුවේදී තවත් ගෝලයක් වාර්තා කළ අතර ප්‍රතිවාදී එංගලන්ත ක්‍රීඩකයින්ට තරගය පුරා කිසිදු ගෝලයක් රැස් කර ගැනීමට නොහැකි විය. ඒ අනුව බෙල්ජියම් ක්‍රීඩකයින් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 3 වන ස්ථානය තමන් සතු කර ගත්තේ, ගෝල 2 ට 0 ක් ලෙස එංගලන්තය පරාජයට පත් කරමිනි.
2018-07-14T09:41:31.000Z
ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය දැයෙන් සමුගනී
ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය දැයෙන් සමුගනී
COLOMBO (News 1st) - අභාවප්‍රාප්ත ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා‍ගේ අවසන් කටයුතු අද බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. අවසන් ගෞරව දැක්වීමට මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් කොළඹ නෝරිස් කැනල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියහ. නිවසේ සිදු කළ ආගමික වතාවත්වලින් අනතුරුව පස්වරු 1.00ට ‍අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත දේහය රැගෙන ගියේ ය. හේමන්ත වර්ණකුලසූරිය මහතා පසුගිය බදාදා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය. ඒ වන විට 74 වන වියේ පසු වූ ඒ මහතා මෙරට නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළේ ය. ජන මාධ්‍ය මගින් මෙරට නීතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පුළුල් මෙහෙවරක නිරතව සිටි වර්ණකුලසූරිය මහතා අසාධාරණයට හා අයුක්තියට එරෙහිව ප්‍රබලව සටන් කළ නීතීඥවරයෙකි. ඒ මහතාගේ ආදාහන කටයුතු අද බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරුණේ, නීති ක්ෂේත්‍රයේ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ප්‍ර‍භූන් රැසකගේ සෝසුසුම් මධ්‍යයේ ය.
2018-07-14T09:20:08.000Z
මන්නාරම සමූහ මිනී වළෙන් ඇට සැකිලි 44ක් හමුවෙයි
මන්නාරම සමූහ මිනී වළෙන් ඇට සැකිලි 44ක් හමුවෙයි
COLOMBO (News 1st) - මන්නාරම ප්‍රදේශයෙන් සොයා ගත් සමූහ මිනී වළේ මෙතෙක් කළ කැනීම්වලින් මිනිස් ඇට සැකිලි 44 ක් සහ අස්ථි කොටස් තොගයක් සොයා ගෙන ඇති බව කැනීම්වල නිරත නිලධාරීහු පවසති. මෙම ස්ථානයේ කැනීම් ආරම්භ කෙරුණේ, පසුගිය මාර්තු මාසයේදී මන්නාරම සතොස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා පොළව කැනීමේදී අස්ථි කොටසක් සොයා ගැනීමත් සමග ය. මන්නාරම අධිකරණයේ නියෝගයකට අනුව මෙම කැනීම පසුගිය මැයි මස 28 වන දා ආරම්භ කෙරිණි. ඒ සඳහා මන්නාරම රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ චමින්ද රාජපක්ෂ මහතා ඇතුළු අධිකරණ වෛද්‍ය නිලධාරීන් පිරිසක් හා වෝහාරික පුරාවිද්‍යා පරීක්ෂණ සඳහා ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සහහාගි වී සිටියි. එහි නිලධාරියෙකු පැවසුවේ, ඇට සැකිලි 44ට අමතරව තවත් හිස් කබල් 10ක් පමණ මේ වන විට මතු කර ගෙන ඇති බව ය. සොයා ගත් අට සැකිලි අතර කුඩා ළමයින් 4 දෙනෙකුගේ අට සැකිලි ද වේ. ඇතැම් අට සැකිලි වයෝවෘද්ධ කාන්තාවන්ගේ හා පිරිමින්ගේ බව ද නිලධාරීහු ප්‍රකාශ කළහ. මෙම කිසිදු ඇට සැකිල්ලක වෙඩි තැබූ සලකුණු දක්නට නොමැති බව ද ඔවුහු පැවසූහ.
2018-07-14T08:51:46.000Z
ETI තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවන්නේ කවදා ද?
ETI තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවන්නේ කවදා ද?
COLOMBO (News 1st) - ඊ.ටී.අයි. මුදල් තැන්පත්කරුවන් හා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්විණි. ඒ, ඊ.ටී.අයි. ප්‍රධාන කාර්යාලයේදී ය. ඊ.ටී.අයි. ආයතනයේ ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් තැන්පත්කරුවන් හා සාකච්ඡා කිරීම සඳහා අද මෙම හමුව කැඳවා තිබිණි. මෙහිදී උණුසුම් තත්ත්වයක් ඇති විය. මෙම තැන්පත්කරුවන්ට මුදල් නැවත ගෙවීම සඳහා විවිධ ආයෝජකයින් ඉදිරිපත් වූ අතර ජයසුදීර් ජයරාම් නමැත්තා ද මෙහි ආයෝජන හවුල් කරුවෙකු ලෙස ඉදිරිපත්ව සිටියේ ය. ඔහු මීට පෙර කටුනායක ගුවන්තොටුපොළේදී නීති විරෝධී ලෙස විදේශීය මුදල් තොගයක් රටින් පිට කිරීමට උත්සහ කර රේගු භාරයට ද පත් විය. එම සිදුවීම වාර්තා කළ පුවත්පත් අනාවරණය කර තිබුණේ, බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක ලයිකා මොබයිල් සමාගම ඊ.ඒ.පී. සමාගම මිලදී ගැනීමට සූදානම් වන අතර ඒ පිළිබඳව අතරමැදි කටයුතු සඳහා ජයසුදීර් මෙරටට පැමිණෙන්නට ඇති බව ය. රේගු අත්අඩංගුවට පත් වන ජයසුදීර් ජයරාම් හා ඔහුගේ පුත්‍රයා නැවත මුදා හැරෙන්නේ මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ සඳහා පසුගිය වසරේ නොවැම්බර් මස නැවත ලංකාට පැමිණීමේ පොරොන්දුව මත ය. නමුත් ජයසුදීර් ජයරාම් නමැත්තා අදාළ පරීක්ෂණ සඳහා පෙනී නොසිටියේ ය. නමුත් ඊයේ දිනයේදී රුපියල් මිලියන 48ක් වටිනා විදේශීය මුදල් තොගයක් සමග පුද්ගලයින් 3 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනෙන අතර ඔවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මෙවැනි පසුබිමකදී ජයසුදීර් ජයරාම් නමැත්තාව ආරක්ෂා කිරීමට උත්සහ කරන්නෙ කවුරුන් ද ? ඊ.ටී.අයි. ආයතනයට ඩොලර් මිලියන 75ක ආයෝජනයක් ගෙනෙන බව පැවසුනත් එම ආයෝජනයෙන් ලැබී ඇත්තේ ඩොලර් මිලියන 32ක් පමණි. මේ අතර දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයට අයත් ETI මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කළක් කටයුතු කළ මනෝ තිත්තවැල්ල මහතා මේ වන විට රාජ්‍ය ආයතන කිහිපයකම ඉහළ තනතුරුවල කටයුතු කරමින් සිටියි. ඒ මහතාට අයත් සමාගමක් හරහා රජයේ බැංකුවලට නිලධාරීන් පත් කිරීමක් සම්බන්ධයෙන් අපි ඊයේ අනාවරණය කළෙමු. මේ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී තහවුරු විය.
2018-07-14T08:22:43.000Z
කරාපිටියේ හෘද ශල්‍යාගාරය ලෙඩ වෙයි
කරාපිටියේ හෘද ශල්‍යාගාරය ලෙඩ වෙයි
COLOMBO (News 1st) - කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රධාන හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා ලබන සඳුදා සිට හෘද සැත්කම්වලින් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ, එම රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ මධ්‍යම වායුසමීකරණ පද්ධතිය අලුත්වැඩියා නොකිරීමට විරෝධය පළ කරමිනි. මෙම වායුසමීකරණ පද්ධතිය 2003 වසරේ ස්ථාපනය කර ඇති අතර මුල් වරට අක්‍රිය වූයේ 2013 වසරේදී ය. අවස්ථා කිහිපයකදී මෙම පද්ධතිය නවීකරණය කර දෙන ලෙස හෝ අලුතින් පද්ධතියක් ස්ථාපනය කර දෙන ලෙස රෝහල් නිලධාරීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය ද මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මීට පෙර වසරකට හෘද හා උරස් කුහර පිළිබඳ ශල්‍ය කර්ම 1000ක් පමණ සිදු කර ඇති විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතාට මේ වන විට එම ප්‍රමාණය 700කට පමණ සීමා කිරීමට සිදුව ඇත්තේ ද රෝහලේ පවතින මෙම අඩුපාඩු නිසා බවට වාර්තා වේ. මේ වන විට වෛද්‍ය නාමල් ගමගේ මහතා හෘද හා උරස් කුහර පිළිබඳ සැත්කම් 18000කට අධික ප්‍රමාණයක් සිදු කර තිබේ. කරාපිටිය රෝහලින් හෘද සැත්කම් සිදු කර ගැනීම සඳහා රෝගීන් 3000කට ආසන්න පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බව ද වාර්තා වේ. හෘද රෝගීන් සැත්කම්වලට ලක් කිරීමෙන් පසු ඇතුළත් කරන්නේ හෘද ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ය. මධ්‍යම වායුසමීකරණ පද්ධතිය අක්‍රීය වීම නිසා එම රෝගීන්ට නිරන්තරයෙන් විෂබීජ ආසාදනය වන බව ද එම ඒකකයේ ආරංචි මාර්ග සඳහන් කළේ ය. දරුණු ලෙස විෂබීජ ආසාදනයට ලක් වීමෙන් සති දෙකකට වරක් රෝගියෙකු පමණ මිය යන තත්ත්වයක් උද්ගතව ඇති බව ද එම ඒකකයේ ආරංචි මාර්ග සඳහන් කළේ ය. 2015 වසරේ නොවැම්බර් මස 24 වන දා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රෝහලේ සංචාරයක නිරත වෙමින් සඳහන් කළේ, මේ ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දෙන බව ය. අමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කළ ද හෘද රෝග ඒකකයේ වායුසමීකරණ පද්ධතිය හෝ පිළිකා රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර ලබා දීම සඳහා යොදා ගන්නා ලීනියර් ඇක්සලේටර් යන්ත්‍රය හෝ මෙතෙක් සවි කිරීමට බලධාරීන්ට හැකි වී නොමැත. කෙසේ වෙතත් අදාළ ගැටලුව ඉදිරි දින කිහිපය තුළ විසඳීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් ගෙන ඇති බව අප කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ ය.
2018-07-14T06:06:00.000Z
අරණායක අසුපිනි ඇල්ලෙන් වැටීමෙන් තරුණයෙකු අතුරුදන්
අරණායක අසුපිනි ඇල්ලෙන් වැටීමෙන් තරුණයෙකු අතුරුදන්
COLOMBO (News 1st) - කෑගල්ල, අරණායක අසුපිනි ඇල්ලෙන් වැටීමෙන් තරුණයෙකු අතුරුදන්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පෙරවරුවේ කණ්ඩායමක් සමග ඔහු අසුපිනිඇල්ල නැරඹීමට ගොස් ඇති බව ය. අද පස්වරුවේ අදාළ තරුණයා ඇල්ලේ ඉහළ සිට ලිස්සා වැටී ඇති බව පොලීසිය සඳහන් කළේ ය. අතුරුදන්ව ඇත්තේ අරණායක පදිංචි තරුණයෙකි. ඔහු සෙවීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායමක් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
2018-07-14T04:59:13.000Z
හෙට උදෑසන 8 සිට ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න...
හෙට උදෑසන 8 සිට ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න
COLOMBO (News 1st) - නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 8.00 සිට පැය 16ක කාලයක් පෑලියගොඩ, කැලණිය ඇතුළු පළාත් පාලන බල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව වත්තල නගර සභා බල ප්‍රදේශය, වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, බියගම, මහර, දොම්පේ, ජා-ඇළ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට එම කාලය තුළ ජල සැපයුම අත්හිටවනු ඇති. ඊට අමතරව ජා-ඇළ නගර සභා බල ප්‍රදේශයට සහ කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශයට ද හෙට පෙරවරු 8.00 සිට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
2018-07-14T03:47:25.000Z
දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
COLOMBO (News 1st) - දකුණු අප්‍රිකාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දින 2ක් ඉතිරිව තිබියදී ලකුණු 278කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 352ක ඉලක්කයක් කරා හඹා ගිය දකුණු අප්‍රිකා ක්‍රීඩකයින්ට දෙවැනි ඉනිමේදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 73ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 287ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට පළමු ඉනිමට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 126ක් පමණි.
2018-07-14T02:02:24.000Z
පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් පන්ති වර්ජනයක
පේරාදෙණිය ඉංජිනේරු සිසුන් පිරිසක් පන්ති වර්ජනයක
COLOMBO (News 1st) - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් පන්ති වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, සිසුන් 19 දෙනෙකුට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් විභාග තහනමක් පැනවීමට විරෝධය පල කරමිනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ඉංජිනේරු පීඨයේ සභාපති නිපුන ප්‍රභාෂ්වර මහතා පැවසුවේ, පැමිණිම 80%ක් නොමැති බව පවසමින් ඉංජිනේරු පිඨයේ සිසුන්ට මෙලෙස විභාග තහනම් කර ඇති බව ය. නමුත් ඉංජිනේරු පීඨයේ ගැටළු රැසක් පැන නැගී ඇති බවත් ඊට විසඳුම් ලබා නොදී පාලනාධිකාරිය විසින් සිසුන්ගේ විභාග තහනම් කරමින් සිටින බවටත් නිපුන ප්‍රභාෂ්වර මහතා චෝදනා කරමින් කියා සිටියේය. මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උසස් නිලධාරියෙකුගෙන් නිව්ස්ෆස්ට් විමසිමක් කළේය. ඔහු පැවසුවේ 80% පැමිණීම නොමැති කිසිඳු ශිෂ්‍යයෙකුට විභාග සඳහා පෙනි සිටීමට ඉඩ නොදෙන බව ය. ඒ, හේතුවෙන් ආදාළ සිසුන් සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව ද ඔහු සඳහන් කළේය. විශ්වවිද්‍යාලයේ පහසුකම් සම්බන්ධයෙන් යම් ගැටළු පැන නැගුණ ද ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සිදු කළ යුතු බවත් එම ගැටළු මුල් කර ගනිමින් විශ්වවිද්‍යාලයේ කටයුතුවලට බාධා වන ලෙස කටයුතු කිරිම සාධාරණ නොවන බව ත් එම නිලධාරියා වැඩි දුරට ත් සඳහන් කළේය.
2018-07-14T01:45:38.000Z
හම්බන්තොට ජන ජීවිතයට බාධා කළ වන අලි රංචුවක් කොටු කර ගනී
හම්බන්තොට වැසියන්ට බාධා කළ වන අලි රංචුවක් කොටුවෙයි
COLOMBO (News 1st) - හම්බන්තොට ජන ජීවිතයට බාධා වන අයුරින් සැරිසැරූ වන අලි රංචුවක් එම ප්‍රදේශයේ කළ මෙහෙයුමකින් කොටුකර ගැනීමට වනජීවි නිලධාරීන් සමත් විය. වනජීවි දෙපාර්තමේන්තුවේ දකුණු හා ඌව පළාත් භාර සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්ත විමලදාස මහතා සඳහන් කළේ, එලෙස කොටුකර ගත් වන අලි 25 ක් පමණ රංචුවක් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට යොමු කිරීමට පියවර ගත් බව ය. අද අලුයම වනතෙක් අලි රංචුව රක්ෂිතයට මුදා හැරීමේ කටයුතු සිදුකළ බව ද ඔහු සඳහන් කළේය.
2018-07-14T01:26:27.000Z
'සංජු' සති දෙකක් තුළ ඉන්දීය රු. කෝටි 500ක් උපයයි
'සංජු' සති දෙකක් තුළ ඉන්දීය රු. කෝටි 500ක් උපයයි
(News 1st) - 'සංජු' බොලිවුඩ් චිත්‍රපටය ලොව පුරා තිරගත කිරීමෙන් සති දෙකක් තුළ ඉන්දීය රුපියල් කෝටි 500 කට අධික ආදායමක් ඉපැයීමට සමත්ව තිබේ. එම චිත්‍රපටය ඉන්දයාව තුළ තිරගත කිරීමෙන් පමණක් උපයා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 300කි. බොලිවුඩ් නළු රන්බීර් කපූර් රංගනයෙන් එක්වන 'සංජු' බොලිවුඩ් චිත්‍රපටය රාජ් කුමාර් හිරානීගේ අධ්‍යක්ෂණයකි.
2018-07-14T01:09:47.000Z
ජනපති ඉතාලිය බලා පිටත්ව යයි
ජනපති ඉතාලිය බලා පිටත්ව යයි
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙදින සංචාරයක් සඳහා අද දහවල් ඉතාලිය බලා පිටත්ව ගියේය. ඒ, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් පවත්වනු ලබන ලෝක වන සංරක්ෂණ කමිටුවේ 27 වැනි සැසිවාරයට සහභාගිවීම සඳහායි.
2018-07-14T00:54:53.000Z
අලුත උපන් බිළිඳෙකු අලෙවි කිරීමට තැත්කළ 4ක් අත්අඩංගුවට
බිළිඳෙකු අලෙවි කිරීමට තැත්කළ 4ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - දින 15 ක් වයසැති පිරිමි දරුවෙකු රාගම රෝහල අසලදී අලෙවි කිරීමට තැත්කළ සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ දරුවා රුපියල් දෙලක්ෂ දස දහසකට අලෙවි කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු හා නිලධාරිනියක උපාය දූතයින් ලෙස යොදවා දරුවාගේ මව, මිත්තණිය, පියා සහ තැරැව්කාර කාන්තාවක් අත්අඩංගුවට ගත් බව ය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, රාගම හා මස්කෙලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි. ඔවුන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2018-07-14T00:35:08.000Z
පාන් හැර සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට
පාන් හැර සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට
COLOMBO (News 1st) - පාන් හැර සියලු බේකරි නිෂ්පාදනවල මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5 කින් ඉහළ දමා ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ බනිස්, මාළු පාන්, වියන්රෝල් මිල ඉහළ ගිය ආහාර අතර වන බව ය. පාන් මිල සම්බන්ධයෙන් රජයෙන් සහනයක් අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.
2018-07-13T23:23:26.000Z
හෙරොයින් ජාවාරමේ නිරත එකම පවුලේ 5ක් පන්නිපිටියේදී කොටුවෙයි
හෙරොයින් ජාවාරමේ නිරත එකම පවුලේ 5ක් කොටුවෙයි
COLOMBO (News 1st) - හෙරොයින් ජාවාරමේ නිරත එකම පවුලේ සාමාජිකයින් 05 දෙනෙකු පන්නිපිටිය, වීර මාවතේදී අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මව, පියා, දියණිය, පුත්‍රයා සහ දියණියගේ පෙම්වතායි. ඔවුන් වීර මාවතේ නිවසක හෙරොයින් පැකට් කරමින් සිටින අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. වීර මාවතේ නිවස ඔවුන් මසකට රුපියල් විසි අට දහසක මුදලකට කුලියට ගෙන ඇතැයි ද පොලීසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින්වල බර ප්‍රමාණය මෙතෙක් ගණනය කර නොමැත. මේ අතර හෙරෝයින් ජාවාරමේ නිරත සැකකරුවන් තුන් දෙනෙකු කොළඹ ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට තිබේ. ඔවුන් සතුව තිබී සොයාගත් හෙරෝයින් ප්‍රමාණය ග්‍රෑම් 10කි. බොරැල්ල ,කෙසෙල්වත්ත හා කොම්පඤ්ඤ වීදිය යන ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේය.
2018-07-14T00:35:31.000Z
මෙරට මැ‍ණික් ව්‍යාප්තිය පිළිබඳ විද්‍යාත්මක සමීක්ෂණයක්
මැ‍ණික් ව්‍යාප්තිය පිළිබඳ විද්‍යාත්මක සමීක්ෂණයක්
COLOMBO (News 1st) - මෙරට මැ‍ණික් ව්‍යාප්තිය සම්බන්ධව විද්‍යාත්මක සමීක්ෂණයක් සිදු කිරිමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පියවර ගෙන තිබේ. එහි සභාපති පේශල ජයරත්න මහතා සඳහන් කළේ, එමගින් ලැබෙන තොරතුරු පදනම් කරගනිමින් මෙරට මැණික් ව්‍යාප්තිය පිළිබඳව නව සිතියමක් සකස් කරන බව ය. 70 දශකයෙන් පසුව මෙවැනි සමීක්ෂණයක් සිදුවන ප්‍රථම අවස්ථාව මෙය බව ද සභාපතිවරයා සඳහන් කළේය. මෙරට ඇතැම් ප්‍රදේශ ආශ්‍රිතව රත්‍රං ව්‍යාප්තව පවතින බවට ලැබෙන තොරතුරු පිළිබඳව ද මෙහිදි විශේෂ අවධානය යොමු කිරිමට නියමිත බව ඔහු පවසයි.
2018-07-13T21:33:34.000Z
මාතලේ රෝස තිරුවානා නිධියේ කැණිම් බලපත‍්‍රය අත්හිටුවයි
රෝස තිරුවානා නිධියේ කැණිම් බලපත‍්‍රය අත්හිටුවයි
COLOMBO (News 1st) - මාතලේ, උකුවෙල, රත්වත්තේ පිහිටි රෝස තිරුවානා නිධිය කැණිම් සඳහා ලබා දී තිබූ බලපත‍්‍රය අත්හිටුවීමට උකුවෙල ප්‍රාදේශීය සභාව පියවර ගෙන තිබේ. එම ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති අබ්දුල් නිෂාර් මහතා පැවසුවේ මන්ත‍්‍රීවරු සියලුදෙනාගේ ඒකමතික තීරණය අනුව මෙම පියවර ගත් බව ය. මෙම තිරිවානා නිධිය ඉහළ වටිනාකමකින් යුත් ඛණිජයක් බව පරිසරවේදී ගාමිණී ජයතිස්ස මහතා පවසයි. ඔහු පැවසුවේ මේ ඛණිජය භාවිත කරමින් පරිගණක චිප් මෙන්ම සිලිකන් ලෝහය ද නිෂ්පාදනය කළ හැකි බව ය.
2018-07-13T21:25:13.000Z
කොබෙයිගනේ වැවක ගිලීමෙන් මවක් හා දියණියක් මරුට
කොබෙයිගනේ වැවක ගිලීමෙන් මවක් හා දියණියක් මරුට
COLOMBO (News 1st) - කුරුණෑගල, කොබෙයිගනේ, සුබසෙතගම වැවේ දිය නෑමට ගිය මවක් හා දියණියක් දියේ ගිලී මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ මරදාන ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මවක් හා 10 හැවිරිදි දියණියක් එලෙස මියගොස් ඇති බව ය. ඔවුන් කොබෙයිගනේ ප්‍රදේශයේ නිවසක දින කිහිපයක් තිස්සේ නවාතැන් ගෙන සිට ඇති බව ද පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ ඔවුන් දෙදෙනා ඊයේ පස්වරුවේ දිය නෑමට ගිය අවස්ථාවේ සිද්ධියට මුහුණපා ඇති බව ය. ඔවුන්ගේ මළ සිරුරු නිකවැරටිය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත ය.
2018-07-13T21:13:44.000Z
බස් රථ භාවිතයේ නිරත මගීන් සංඛ්‍යාව 9% කින් පහළට
බස් රථ භාවිතයේ නිරත මගීන් සංඛ්‍යාව 9% කින් පහළට
COLOMBO (News 1st) - පසුගිය වසර 5ට සාපෙක්ෂව මගී ප්‍රවාහන බස් රථ භාවිත කරන මගීන් සංඛ්‍යාව 9% කින් අඩු වි ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා සඳහන් ක‍ළේ, බස් ගාස්තු ඉහළ යාම, අධික මගී තදබදය සහ වාහන තදබදය මීට හේතු වී ඇති බව ය. මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ දෛනිකව මගීන් 1500 ත් 2000 ත් අතර සංඛ්‍යාවක් බස් භාවිතයෙන් ඉවත් වන බව ය.
2018-07-13T20:23:31.000Z
128 දෙනෙකුට මරු කැඳවූ පකිස්ථාන බෝම්බ ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්ත සංවිධානය භාර ගනී
පකිස්ථාන බෝම්බ ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාර ගනී
(News 1st) - පුද්ගලයින් 128 දෙනෙකුට මරු කැඳවමින් පකිස්ථානයේ දේශපාලන රැළියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබේ. මාස්ටන් නගරයේ පැවති රැළියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ප්‍රාදේශීය අපේක්ෂකයෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි පකිස්ථාන පොලීසිය සඳහන් කළේය. මීට පෙර ද පකිස්ථානයේ බන්නු නගරයේ පැවති දේශපාලන රැළියකට ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. විදෙස් වාර්තාවන්හී දැක්වෙන්නේ මෙය 2014 වසරෙන් පසු පකිස්ථානයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය වන බව ය.
2018-07-13T20:16:12.000Z
නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය අත්අඩංගුවට
නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය අත්අඩංගුවට
(News 1st) - බ්‍රිතාන්‍යයේ සිට සිය රට වෙත පැමිණි පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය ඊයේ අත්අඩංගුවට ගැනිණි. ඒ, ලාහෝර් ගුවන් තොටුපොළේදී ය. ඔවුන් අත්අඩංගුවට ගැනුණේ පකිස්ථාන අධිකරණයක් මගින් දී තිබූ සිර දඬුවම් ක්‍රියාත්මක කිරිම සඳහායි තම ආදායමට වැඩි වත්කමකට හිමිකම් කීම සම්බන්ධයෙන් වසර 10 ක සිර දඬුවමක් ද, නඩු විභාගයට සහාය නොදීම යන චෝදනාව සඳහා වසරක කාලයක් ද වශයෙන් එක්වර ගෙවෙන ලෙස වසර 10 ක සිර දඬුවම් පසුගිය සතියේ නවාස් ෂරීෆ්ට අධිකරණය නියම කළේය. ඔහුගේ දියණියවන මරියම් නවාස් ෂරීෆ්ට අපරාධයට අනුබල දීම සම්බන්ධයෙන් සත් වසරක සිර දඬුවමක් හා නඩු විභාගයට සහාය නොදැක්වීම සම්බන්ධයෙන් වසරක සිර දඬුවම් නියම වූ අතර එම දඬුවම් දෙකම එකවර ගෙවීයන ලෙස පනවනු ලැබිණි. ඊට අමතරව නවාස් ෂරීෆ්ට පවුම් මිලියන 8 ක දඩයක් ද මරියම් ෂරීෆ්ට පවුම් මිලියන 2 ක දඩයක් ද අධිකරණය මගින් නියම කෙරිණි.
2018-07-13T20:06:41.000Z
මොණරාගල වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට
මොණරාගල වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙකු මරුට
COLOMBO (News 1st) - මොණරාගල, කුඩා ඔය සහ ගොවිඳුපුර ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ කුඩා ඔය, ඌව කුඩා ඔය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 11.30 ට පමණ සිදුවූ වෙඩි තැබිමකින් 52 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව ය. පුද්ගලයින් තුන් දෙනෙකු අතර පවතින ආරවුලක් ඝාතනයට හේතු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බව ය. මේ අතර මොණරාගල, ගොවිඳුපුර ප්‍රදේශයේ ද අද අලුයම වෙඩි තැබීමක් සිදුව තිබේ. ඉන් මියගොස් ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙකි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. පොලීසිය පැවසුවේ සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව ය. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.
2018-07-13T19:48:47.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) දේශීය 1 - බදුල්ල, හල්දුම්මුල්ල, වංගෙඩිගල කන්ද තරණයට ගොස් ගින්නට මැදි වූ තරුණයින් පිරිස ඊයේ පස්වරුවේ බේරා ගැනිණි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර මහතා සඳහන් කළේ, 10 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් එම කණ්ඩායමේ සිටි බව ය. 2 - මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සිරකරුවන්ගේ නාම ලේඛනය බන්ධනාගාර දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යංශයට භාර දී තිබේ. අධිකරණ අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්. ආර් අධිකාරි මහත්මිය සඳහන් කළේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව දුන් ලැයිස්තුවට 13 දෙනෙකුගේ නම් ඇතුළත් බව ය. 3 - බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ බිරිඳට චීන සමාගම දුන් මුදල්වලින් ව්‍යාපෘති සිදුකර ඇත්දැයි විමර්ශනය කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ ප්‍රකාශ කළේය. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳවන පුෂ්පා රාජපක්ෂ මහත්මියට රුපියල් එක්කෝටි අනූහතර ලක්ෂ දස දහසක් හෙවත් අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ පනස්දහසක් ලාබදුන් බව CICT හෙවත් කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්ස් සමාගම පසුගියදා පිළිගත්තේය. 4 - EAP සමූහ ව්‍යාපාරයට අයත් වූ ETI මූල්‍ය සමාගමේ ඇති වූ අර්බුදය නිසා එහි මුදල් තැන්පත්කරුවන් දැඩි අසීරුතාවයට පත් වූ අතර ඔවුන්ට තම මුදල් ආපසු ඉල්ලා වීදි බසින්නට පවා සිදුවිය. ඒ අනුව ETI තැන්පත්කරුවන්ට සහන දෙනවා වෙනුවට මාධ්‍ය ආයතන අයිතිය හිමිකර ගන්නට යන විදෙස් ආයෝජකයා කවුද? ඒ පිළිබඳ තවමත් ගැටලුවකි. 5 - නොරොච්චොලේ තාප විදුලි බලාගාරය හේතුවෙන් මේ වනවිට ඒ අවට ජනතාවට පානිය ජල ගැටළුවකට ද මුහුණ දිමට සිදු වී ඇති බවට ප්‍රදේශවාසින් චෝදනා කරති. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් නිකුත්වන අපද්‍රව්‍ය අවට ප්‍රදේශවල ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් මේ වනවිට විදුලි බල මණ්ඩලය සුළං බාධක ඉදිකිරිමේ හා ජලය ඉසිමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. 6 - ගම්මැද්ද වී ෆෝර්ස් (V’Force), ස්වෙච්ඡා කණ්ඩායම්වල ශ්‍රම දායකත්යෙන් පොදු අරමුණු ඉටු කරන නවතම සමාජ සුභ සාධන වැඩසටහන ලබන 21 වැනිදා සීගිරිය පරිශ්‍රයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව එහි පළමු අදියර පිළිබඳ ආගමික නායකයින් ඊයේ දැනුවත් කෙරිණි. විදේශීය 1 - චීනයේ රසායනික කර්මාන්ත ශාලාවක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ. සිද්ධියෙන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය ක්‍රීඩා 1 - ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වනවිට එහි වැඩි ගෞරව දිනා ගැනිමට සත්කාර ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. දෙවැනි දිනය සඳහා තරගය නතර කරන සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් අතැතිව දකුණු අප්‍රිකාවට වඩා ඉදිරියෙන් සිටින ලකුණු සංඛ්‍යාව සංඛ්‍යාව 272 කි. තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
2018-07-13T10:50:04.000Z
බැසිල්ගේ බිරිඳට චීන සමාගම දුන් මුදල් නියමිත ව්‍යාපෘතිවලට යොදවා ඇත්දැයි විමර්ශනයක්
බැසිල්ගේ බිරිඳට චීන සමාගම දුන් මුදල් ගැන විමර්ශන
COLOMBO (News 1st) - බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ බිරිඳට චීන සමාගම දුන් මුදල්වලින් ව්‍යාපෘති සිදුකර ඇත්දැයි විමර්ශනය කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද ප්‍රකාශ කළේය. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳවන පුෂ්පා රාජපක්ෂ මහත්මියට රුපියල් එක්කෝටි අනූහතර ලක්ෂ දස දහසක් හෙවත් අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ පනස්දහසක් ලාබදුන් බව CICT හෙවත් කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්ස් සමාගම ඊයේ පිළිගත්තේය. සමාගම නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මෙම මුදල් යහපත් චේතනාවෙන් නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් ලබාදුන් බව ය. CICT සමාගමේ කොටස්වලින් සියයට 85 ක් අයිතිවන්නේ චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින් නමැති චීන සමාගමටයි.
2018-07-13T10:40:21.000Z
නොරොච්චොලේ නිසා ප්‍රදේශවාසීන්ට පානීය ජල ගැටලුවක්
නොරොච්චොලේ නිසා ප්‍රදේශවාසීන්ට පානීය ජල ගැටලුවක්
COLOMBO (News 1st) - නොරොච්චොලේ තාප විදුලි බලාගාරය හේතුවෙන් මේ වනවිට ඒ අවට ජනතාවට පානිය ජල ගැටළුවකට ද මුහුණ දිමට සිදු වී ඇති බවට ප්‍රදේශවාසින් චෝදනා කරති. නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් නිකුත්වන අපද්‍රව්‍ය අවට ප්‍රදේශවල ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් මේ වනවිට විදුලි බල මණ්ඩලය සුළං බාධක ඉදිකිරිමේ හා ජලය ඉසිමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. මේ සඳහා අවශ්‍ය ජලය ලබා ගන්නේ බලාගාරය තුළ ඉදිකර ඇති නල ළිං වලිනි. මේ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට වගාවන් සඳහා පමණක් නොව පානිය ජල ගැටළුවකට ද මුහුණ දී තිබේ. ජනතාව බලාගාරය ආවට පස්සේ තමා අපිට වතුර බොන්නත් බැරි ඉස්සර මේහේම තිබුණේ නැහැ. ගෙවල්වල ඉන්නත් බැහැ දූවිලි ගොවිතැන් කරන්නත් හරි අමාරුයි. සල්ලිවලට තමා අපි වතුර ගන්නේ ඒ වතුර ගණන් දැන් රෙදි හෝදලා දාන්නත් බැහැ. දුම් ගහනවා අපිට. වතුර බොන්න බැහැ අපි සල්ලි වලට අරන් බොන්නේ වතුර කැන් එක්ක රුපියල් 100යි. ඉස්සර අපි අපේ වතුර බීවේ. අරක කරනවා මේක කරනවා කිවා කිසි දෙයක් කරලා නැහැ. නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරයෙන් දිගින් දිගටම සිදුවන පාරිසරික බලපැම් හේතුවෙන් එම බලාගාරය පවත්වාගෙන යාම සඳහා වන පරිසර ආරක්ෂණ බලපත්‍රය වසර එක හමාරක පමණ සිට මේ දක්වා ලබා දීමට වයඹ පළාත් පරිසර අධිකාරිය ක්‍රියාකර නොමැත. අප කළ විමසීමකදි පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ සමන් ලෙනදූව මහතා පැවසුවේ අදාළ ව්‍යාපෘතිය සඳහා පරිසර බලපත්‍රයක් ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට අධ්‍යනයක් කරමින් සිටින බව ය.
2018-07-13T10:08:05.000Z
ETI තැන්පත්කරුවන්ට සහන දෙනවා වෙනුවට මාධ්‍ය ආයතන අයිතිය හිමිකර ගන්නට යන විදෙස් ආයෝජකයා කවුද?
ETI තැන්පත්කරුවන්ට සහන දෙන්නේ කවදාද?
COLOMBO (News 1st) - ජනතා මුදල් එක්රැස් කර ඒවා හිතුමතේ විනාශ කරමින් මූල්‍ය ආයතන කඩා වැටෙන තත්ත්වයට පත්කළ අවස්ථා ගණනාවක් පසුගිය සමයේ වාර්තා විය. එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ඒ අතරින් අලුත්ම සිද්ධිය වේ. EAP සමූහ ව්‍යාපාරයට අයත් වූ ETI මූල්‍ය සමාගමේ ඇති වූ අර්බුදය නිසා එහි මුදල් තැන්පත්කරුවන් දැඩි අසීරුතාවයට පත් වූ අතර ඔවුන්ට තම මුදල් ආපසු ඉල්ලා වීදි බසින්නට පවා සිදුවිය. මෙහිදී වීරයකු රජය ප්‍රකාශ කළේ, සමාගමට නව ආයෝජකයකු සොයා ගැනීමෙන් පසුව තැන්පත්කරුවන්ට ආපසු මුදල් ගෙවන බව ය. මේ අනුව ආයෝජකයෙකු පැමිණි බවත් ඩොලර් මිලියන 75 ක ආයෝජනයක් ගෙනෙන බවත් පසුව ප්‍රකාශ විය. එහෙත් තවමත් මේ ආයෝජනයෙන් ලැබී ඇත්තේ ඩොලර් මිලියන 32ක් පමණි. එම මුදල් ජනතාවට පොරොන්දු වූ පරිදි ETI සමාගමට යොදවනවා වෙනුවට වෙනත් අරමුණු වෙනුවෙන් යොදා ඇති බවක් පෙනෙන්ට තිබේ. අප කළ විමසීමකදී හෙළිවන්නේ ආයෝජකයා රැගෙන ආ ඩොලර් මිලියන 32 ක මුදලට අදාලය EAP ජුවෙලර්ස් සහ තියෙටර්ස් ආයතන වල 100% කුත් EAP මාධ්‍ය ජාලයේ කොටස් වලින් 40% කුත් පවර දී ඇති බව ය. මෙම ආයෝජනයත් සමගම මාධ්‍ය ජාලයට අලුතින් පත් කර ඇති අධ්‍යක්ෂක මණ්ඩලයේ 6 දෙනා ගෙන් හතරක්ම විදේශිකයන්. ඕමාර් ක්වන්දිල්, සිරිල් රොද්‍රිගු, පෝල් ක්ෂේවියර් සහ තෝමස් මැතිව් යන මෙම පුද්ගලයින් සිව් දෙනා වේ. පවරා දිය හැකි කොටස් ප්‍රමාණය වන 40% සඳහා පත් කල හැකි අධ්‍යක්ෂ වරුන් දෙදෙනා වෙනුවට විදේශිකයන් 4 දෙනෙකුම මේ වනවිට ඊඒපී මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර තිබේ. මේ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුවත්ද? ඔවුන් මේ සම්බන්ධව ගන්නා පියවර කුමක් ද? රටේ නීති උල්ලංඝණය කෙරෙනවා නම් ඒ සම්බන්ධව අදාළ ආයතන ක්‍රියාත්මක නොවන්නේ ඇයි?
2018-07-13T08:54:39.000Z
ගම්මැද්ද V'Force සමග එකතු වී ඔබත් නායකයෙකු වන්න...
ගම්මැද්ද V'Force සමග එකතු වී ඔබත් නායකයෙකු වන්න...
COLOMBO (News 1st) - ගම්මැද්ද වී ෆෝර්ස් (V'Force), ස්වෙච්ඡා කණ්ඩායම්වල ශ්‍රම දායකත්යෙන් පොදු අරමුණු ඉටු කරන නවතම සමාජ සුභ සාධන වැඩසටහනයි . ලබන 21 වැනිදා සීගිරිය පරිශ්‍රයෙන් ආරම්භවන එහි පළමු අදියර පිළිබඳ ආගමික නායකයින් අද දැනුවත් කෙරිණි. ගම්මැද්ද වී ෆෝර්ස් (V'Force) වැඩසටහන පිළිබඳව සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් දැනුවත් කළේය . අනතුරුව සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන මහනාහිමියන්ද බැහැදැක මෙම වැඩපිළිවෙළට ආශිර්වාද ලබා ගත්තේය. කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද ගම්මැද්ද වී ෆොර්ස් වැඩසටහනට ආශිර්වාද කළේය. අනතුරුව වී ෆොර්ස් සමාජ සුබ සාධන වැඩසටහන පිළිබඳව සමස්ත ලංකා හින්දු කුරුකල්වරුන්ගේ සංවිධානයේ සභාපති ශිව ශ්‍රී වෛදීෂ්වරන් කුරුක්කලතුමන් දැනුවත් කෙරුණේ වැල්ලවත්තේදී ය. අද පස්වරුවේ නිව්ස්ෆස්ට් කණ්ඩායමක් කොළඹ මහ පල්ලියේදී ගම්මැද්ද වී ෆොර්ස් වැඩසටහන වෙනුවෙන් ආශිර්වාද ලබා ගත්තේය. ඔබත් ගම්මැද්ද වී ෆෝර්ස් වැඩසටහනට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වීමට කැමැත්තක් දක්වන්නේ නම් 011 4 896 896 දුරකතන අංකයට අමතා වැඩිදුර තොරතුරු දැනගත හැකියි. එමෙන්ම නිව්ස්ෆස්ට් ෆේස්බුක් පිටුව හරහා මෙන්ම www.newsfirst.lk අපගේ වෙබ් අඩවිය හරහා ද ඔබට ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමට මෙන්ම ලියාපදිංචි වීමටද අවස්ථාව ලබාදී තිබේ.
2018-07-13T07:40:36.000Z
ශ්‍රී ලංකාව ඉදිරියේ දකුණු අප්‍රිකාව අසරණ වෙයි
ශ්‍රී ලංකාව ඉදිරියේ දකුණු අප්‍රිකාව අසරණ වෙයි
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිමට කඩුලු 04ක් දැවි ලකුණු 111ක් රැස් කරගෙන සිටියේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 287 ක් රැස් කළේය. දෙවැනි දිනට අද තරගය ආරම්භ වනවිට දකුණු අප්‍රිකා කණ්ඩායම සිය පළමු ඉනිමට එක් කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 4කි. දිල්රුවන් පෙරේරා සහ රංගන හේරත් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බලඇණිය අද දකුණු අප්‍රිකා පිතිකරුවන්ගේ මුල් පෙළ කඩුලු 6 ලකුණු 51 ක් තුළ බිඳ දැමුවේය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක ෆෆ් ඩූ ප්ලෙසිස් ලකුණු 49 ක් රැස් කළේය. දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කර ගැනීමට සමත් වුණේ ලකුණු 126 ක් පමණි. දිල්රුවන් පෙරේරා පන්දුවාර 23 කදී ලකුණු 46 ට කඩුලු 4 ක් දවා ගත් අතර සුරංග ලක්මාල් පන්දුවාර 4 යි පන්දු 3 කදී ලකුණු 21 ට කඩුලු 3 ක් දවා ගත්තේය. ඒ, අනුව පළමු ඉනිමේ දකුණු අප්‍රිකායනු කණ්ඩායමට වඩා ලකුණු 161 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. අනතුරුව දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 64 ක් තුළදී බිඳ වැටුණි. ධනුෂ්ක ගුණතිලක ලකුණු 17 ක් රැස් කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 9 ක් ලබා ගත්තේය. කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා පිටියෙන් ඉවත් විය. ටෙස්ට් දිවියේ 15 වැනි අර්ධ ශතකය වාර්තා කළ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 60 ක් රැස් කළේය. දෙවැනි දිනය සඳහා තරගය නතර කරන දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් අතැතිව දකුණු අප්‍රිකාවට වඩා ඉදිරියෙන් සිටින ලකුණු සංඛ්‍යාව සංඛ්‍යාව 272 කි.
2018-07-13T05:54:32.000Z
UPDATE : බදුල්ල, වංගෙඩිගලකන්දේ ගින්නට මැදි වූ සිසුන් පිරිස බේරා ගනී
වංගෙඩිගලකන්දේ ගින්නට මැදි වූ සිසුන් පිරිස බේරා ගනී
COLOMBO (News 1st) - බදුල්ල, හල්දුම්මුල්ල, වංගෙඩිගලකන්ද තරණයට ගොස් ගින්නට මැදි වූ තරුණයින් පිරිස අද පස්වරුවේ බේරා ගැනිණි. ඒ, යුද හමුදාව, හල්දුම්මුල්ල පොලීසිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් එක්ව කළ මෙහෙයුමකින් අනතුරුවයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ එම්.එල්. උදය කුමාර මහතා සඳහන් කළේ, පිළියන්දල ප්‍රදේශයේ සිට පැමිණි තරුණයින් 10 දෙනෙකු අද පෙරවරුවේ කන්දේ හටගත් ගින්නට මැදි වූ බව ය. ඔවුන් පෞද්ගලික විශ්වවිද්‍යාවල ඉගෙනුම ලබන සිසුන් පිරිසකි. උදය කුමාර මහතා ප්‍රකාශ කළේ, එම සිසුන් පිරිස මේ වනවිට හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම්වරයා භාරයට ගෙන ඇති බව ය.
2018-07-13T05:25:30.000Z
වංගෙඩිගලකන්ද තරණයට ගිය කණ්ඩායමක් ගින්නකට මැදිවෙයි
වංගෙඩිගලකන්ද තරණයට ගිය කණ්ඩායමක් ගින්නකට මැදිවෙයි
COLOMBO (News 1st)- බදුල්ල, හල්දුම්මුල්ල, වංගෙඩිගලකන්ද තරණයට ගිය තරුණයින් කණ්ඩායමක් ගින්නකට මැදිව තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර මහතා සඳහන් කළේ, 10 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් එම කණ්ඩායමේ සිටින බව ය. ඔවුන් සමග පවතින සන්නිවේදන සබඳතා ඔස්සේ මුදා ගැනීම සදහා මේ වනවිට කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ. ඔවුන් මුදා ගැනීම සදහා යුද හමුදාව, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල නිලධාරින් යොදවා තිබේ.
2018-07-13T00:35:52.000Z
දුම්රිය තුළ අනවසර වෙළෙඳාම් සහ සිඟමනේ යෙදුණු 15ක් අත්අඩංගුවට
දුම්රියේ වෙළෙඳාම් සහ සිඟමනේ යෙදුණු 15ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - දුම්රිය තුළ අනවසර වෙළෙඳාම් කළ සහ සිඟමන් යැදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, සතියක් තුළ කළ වැටලීම්වලදී ය. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔවුන්ට එරෙහිව දුම්රිය ආඥා පනතේ 12 වන වගන්තිය යටතේ මගීන්ට කරදර කිරීමේ චෝදනාව යටතේ නඩු පවරා ඇති බව ය. දුම්රිය තුළ සහ දුම්රිය ස්ථානවල අනවසර වෙළෙඳාම් කිරීම සහ සිඟමන් යැදීම මෙම මස පළමු වන දා සිට සපුරා තහනම් ය. ඒ පිළිබඳ පැමිණිලි ඇත්නම් 0112 33 66 14 අංකයෙන් දුම්රිය ආරක්ෂක හමුදා මෙහෙයුම් ඒකකයට දැනුම් දිය හැකි ය.
2018-07-13T00:09:52.000Z
ප්‍රබල චරිතයක් තුළින් තාප්සේ පන්නු යළි රිදී තිරයට ඒමට සැරසෙයි
තාප්සේ පන්නු යළි රිදී තිරයට
(News 1st) - වඩාත් ප්‍රබල චරිතයක් තුළින් යළි රිදී තිරයට පිවිසීමට ඉන්දීය නිළි තාප්සේ පන්නු සූදානම් වේ. ඒ, චස්මේ බදූර් බොලිවුඩ් චිත්‍රපටයට රංගනයෙන් එක් වෙමිනි. තාප්සේ පන්නු මීට පෙර රංගනයෙන් එක්වූ පින්ක් සහ නාම් ෂබානා යන බොලිවුඩ් චිත්‍රපට වඩාත් ජනප්‍රියත්වයට පත් විය. 30 හැවිරිදි වියේ පසුවන තාප්සේ පන්නු පවසන්නේ, තම නව චරිතය ද ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳ ගනු ඇති බව ය.
2018-07-12T23:45:30.000Z
මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නම් අධිකරණ අමාත්‍යංශයට භාර දෙයි
මරණ දඬුවම දිය යුතු ජාවාරම්කරුවන්ගේ නම් භාර දෙයි
COLOMBO (News 1st) - මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සිරකරුවන්ගේ නාම ලේඛනය බන්ධනාගාර දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යංශයට භාර දී තිබේ. ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණ දඬුවම නියමව දඬුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ගේ වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධිපතිතුමා කළ නියෝගයට අනුව ය. අධිකරණ අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්. ආර් අධිකාරි මහත්මිය සඳහන් කළේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව දුන් ලැයිස්තුවට 13 දෙනෙකුගේ නම් ඇතුළත් බව ය. එම සිරකරුවන්ගේ ලිපි ගොනු අධිකරණ ලිපි ගොනු සමග සංසන්දනය කිරීමෙන් අනතුරුව අවසන් වාර්තාව සකස් කරනු ඇති. ඊට හේතු වී ඇත්තේ, ඇතැම් සිරකරුවන් ඇපෑලක් ඉදිරිපත් කර තිබීම ය. ඇතැම් සිරකරුවන් ඉදිරිපත් කළ ඇපෑල සලකා බැලීමෙන් අනතුරුව ඔවුන්ට මරණ දඬුවම වෙනුවට ලබා දී ඇත්තේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමකි. අවසන් වාර්තාව සකස් කිරීමේදී මෙම සියලු කරුණු අධ්‍යයනය කළ යුතු ය. එම සියලු දත්ත ඇතුළත්ව සකස් කරන අවසන් නාම ලේඛනය ඉදිරියේදී ජනාධිපතිවරයාට භාර දෙන බව ද අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරිය සඳහන් කළා ය. මේ අතර අළුගෝසු තනතුර සඳහා ලබන සතියේ යළි අයැදුම්පත් කැඳවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, අළුගෝසු තනතුර සඳහා පුරප්පාඩු 2ක් පවතින බව ය. 2015 වසරේ සිට අළුගෝසු තනතුර පුරප්පාඩුව පවතියි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපකරණ සහ එල්ලුම් ගස සඳහා යොදන කඹය ආනයනය කර ඇත්තේ පකිස්ථානයෙනි.
2018-07-12T22:44:37.000Z
චීනයේ රසායනික කර්මාන්ත ශාලාවක් තුළ සිදු වූ පිපිරීමකින් 19 දෙනෙකු මරුට
චීනයේ රසායනික කර්මාන්ත ශාලාවක් තුළ පිපිරීමක්
(News 1st) - චීනයේ රසායනික කර්මාන්ත ශාලාවක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ. සිද්ධියෙන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනයේ සිචුවාන් පළාතේ මෙම රසායනික කර්මාන්ත ශාලාව පිහිටා තිබේ. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ය. 2015 වසරේදී ද චීනයේ රසායනික ගබඩාවක් තුළ මෙවැනි පිපිරීමක් සිදු වී ඇති අතර ඉන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 173කි.
2018-07-12T22:16:36.000Z
දිවයිනට පැමිණි තායිලන්ත අගමැති හා අග්‍රාමාත්‍යවරයා අතර හමුව අද
තායිලන්ත අගමැති හා අග්‍රාමාත්‍යවරයා අතර හමුව අද
COLOMBO (News 1st) - දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චාන් ඔ-චා මහතා අද උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙයි. අග්‍රාමාත්‍යවරයා විසින් තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට උදෑසන භෝජන සංග්‍රහයක් ද පිරිනැමීමට නියමිත ය. අනතුරුව දෙරට අතර ආර්ථික සහයෝගීතාව, වෙළෙඳාම සහ ආයෝජන යන ක්ෂේත්‍ර මත පදනම් වූ සාකච්ඡා පැවැත්වෙනු ඇති. තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට නියමිතව ඇත්තේ ඉන් අනතුරුව ය. අස්ගිරි - මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මෙරට සංචාරය සනිටුහන් කරමින් පේරාදෙණිය උද්භිත උද්‍යානයේදී තායිලන්ත අග්‍රාමාත්‍යවරයා අතින් පැළයක් රෝපණය කිරීමට නියමිත ය. තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද හමුවිය. එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් 4කට අත්සන් තැබිණි.
2018-07-12T22:03:11.000Z
කනිෂ්ඨ ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ අවසන් තරගයට පෙනී සිටීමේ අවස්ථාව අරුණ දර්ශනට අහිමි වෙයි
කනිෂ්ඨ ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය
COLOMBO (News 1st) - කනිෂ්ඨ ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 බාලක අවසන් පූර්ව වටයේ තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන 5 වන ස්ථානයට පත් විය. ඒ අනුව එහි අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව ඔහුට හිමි නොවී ය. කනිෂ්ඨ ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලිය ෆින්ලන්තයේදී පැවැත්වේ. එහි තරග පැවැති 3 වන දිනය වූ ඊයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙක් අවසන් පූර්ව වටයේ තරගවලට සහභාගී වූහ. අමාෂා ද සිල්වා සහභාගී වූයේ මීටර 100 බාලිකා ඉසව්වේ පළමු අවසන් පූර්ව තරගයට ය. ඇය එහිදී තත්පර 11.86ක දක්ෂතාවක් දැක්වූ අතර ඒ අනුව හිමි වූයේ එහි 8 වන ස්ථානය යි. කෙසේ නමුත් මෙහි මූලික වටයේ තරගයේදී අමාෂා තත්පර 11.75ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූවා ය. පසුගිය මාසයේ ජපානයේ පැවැති ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේදී ඇය මෙම ඉසව්වට තත්ත්පර 11.71ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ රිදී පදක්කම තමන් සතු කර ගත්තා ය. මේ අතර ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන ඊයේ සහභාගී වූයේ මීටර 400 බාලක ඉසව්වේ තුන්වන අවසන් පූර්ව තරගයට ය. නුපුරුදු ශීත දේශගුණයක් යටතේ ධාවනයේ නිරත වූ අරුණට එහිදී සිය මූලික වටයේ තරගයේදී සටහන් කළ තත්පර 46.81ක කාලය අභිබවා යෑමට හැකි වූ නමුත් අවසන් තරගයට පිවිසීමට එය ප්‍රමාණවත් නොවී ය. ඔහු ඊයේ දිනයේදී තත්පර 46.75ක දක්ෂතාවක් දැක්වුවේ ය. කෙසේ නමුත් අරුණ දර්ශන පසුගිය මාසයේ ජපානයේ පැවැති ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේදී තත්ත්පර 45.79ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ය. ඒ, එම ඉසව්වට ජාතික සහ තරගාවලි වාර්තාවක් ද පිහිටුවමිනි.
2018-07-12T20:52:24.000Z
සිර මැදිරිය දෑස් ඉදිරිපිට මැවී තිබියදී නවාස් ෂරීෆ් ලන්ඩනයේ සිට පකිස්ථානයට
නවාස් ෂරීෆ් ලන්ඩනයේ සිට පකිස්ථානයට
(News 1st) - දූෂණ චෝදනාවන්ට වරදකරු වී 10 වසරක සිර දඬුවම් නියමව සිටින පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් මේ වන විට ලන්ඩනයේ සිට පකිස්ථානයට පැමිණෙමින් සිටියි. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, හිටපු අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය වන මරියා යන දෙදෙනාම ලන්ඩනයේ සිට ලාහෝර් වෙත පැමිණි වහාම අත්අඩංගුවට ගැනෙණු ඇති බව ය. සිර මැදිරිය තම ඇස් ඉදිරිපිට මැවී පෙණුනත් තමන් පකිස්ථානයට යන බව හිටපු අගමැති නවාස් ෂරීෆ් ලන්ඩනයෙන් පිටවීමට පෙර පවසා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේ ය. ධූර කාල 3ක් පකිස්ථානයේ අගමැති ධූරය හෙබවූ නවාස් ෂරීෆ් පසුගිය වසරේ බලයෙන් පහ කෙරුණේ, ඔහුට එරෙහි දූෂණ චෝදනා විමර්ශනවලින් අනතුරුව ය. ඉන්පසු රටින් පිටව සිටි හිටපු අගමැති නවාස් ෂරීෆ්ට පකිස්ථාන දූෂණ විරෝධී අධිකරණය මගින් 10 වසරක සිර දඬුවම් නියම කෙරිණි. ඒ, ලන්ඩන් නුවර පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ 04ක හිමිකාරිත්වය සම්බන්ධයෙන් එල්ල වූ දූෂණ චෝදනාවලට වරදකරු වීම හේතුවෙනි.
2018-07-12T20:10:09.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) 1. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා (11 වන දා) කළ ප්‍රකාශයත් සමග මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කතාබහක් ඇති වී තිබේ. ජනාධිපතිතුමා ප්‍රකාශ කළ ආකාරයට මත්ද්‍රව්‍ය පිළිබඳ වැරදිවලට මරණ දඬුවම නියම වීමෙන් පසුවත් ජාවාරම් කරන පුද්ගලයින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිත ය. බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, මරණ දඬුවම සඳහා ස්ථීර වුණු සිරකරුවන් 374 දෙනෙකු දිවයින පුරා බන්ධනාගාරවල රඳවා සිටින බව ය. 2. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මියට මුදල් ලබා දුන් බව චීනයට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි CICT සමාගම පිළිගෙන ඇතැයි ඔවුන් නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වන මාධ්‍ය ඊයේ අනාවරණය කළේ ය. මෙම අනාවරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන CICT සමාගම පවසන්නේ, රුපියල් එක්කෝටි අනූහතර ලක්ෂ දස දහසක් හෙවත් අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ පනස්දහසක් පුෂ්පා රාජපක්ෂ මහත්මියට ලබා දුන් බව ය. 3. ශ්‍රීලංකන් ගුවන් සමාගම, ශ්‍රීලංකන් කේටරින් හා මිහින් ලංකා සමාගම් විමර්ශනය කරන ජනාධිපති කොමිසම සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රමුඛතාවක් ලබා දී තිබේ. 4. රියැදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා දැනට පැවැත්වෙන ලිඛිත පරීක්ෂණ වෙනුවට පරිගණක ස්පර්ශ තිරය භාවිතයෙන් රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ විභාගයට පෙනී සිටීමේ නව ක්‍රමවේදයක් ඊයේ හඳුන්වා දුන්නේ ය. විදෙස් පුවත් 5. ලෝක ප්‍රකට උරුමයක් ලෙස සැලකෙන ටජ්මහල් ආරක්ෂා කිරීමට ඉන්දීය රජය අසමත් වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය පැවසූවේ, ෆෙඩරල් සහ ප්‍රාන්ත ආණ්ඩුවල උදාසීන ක්‍රියාකලාපය හේතුවෙන් එම ස්මාරකය දැඩි ලෙස පරිහානියට ලක් ව ඇති බවයි. ක්‍රීඩා පුවත් 6. ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ඊයේ ටෙස්ට් දිවියේ 8 වන ශතකය වාර්තා කළේ ය. ඒ, දකුණු අප්‍රිකාව සමග ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ය.
2018-07-12T19:43:15.000Z
බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමේ සූදානමක්
බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමේ සූදානමක්
COLOMBO (News 1st) - බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. සමස්ත ලංකා බේකරි හිමියන්නේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, ඩොලරයේ අගය ඉහළ යාමත් සමග නිෂ්පාදන අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම ඊට හේතු වී ඇති බව ය.
2018-07-12T06:59:23.000Z
දකුණු අප්‍රිකාවට එරෙහිව දිමුත් කරුණාරත්නගෙන් ශතකයක්
ද. අප්‍රිකාවට එරෙහිව දිමුත් කරුණාරත්නගෙන් ශතකයක්
COLOMBO (News 1st) - ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අද ටෙස්ට් දිවියේ 8 වන ශතකය වාර්තා කළේ ය. ඒ, දකුණු අප්‍රිකාව සමග අද ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ය. පළමු ඉනිම ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුල්ලක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 4කි. තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සුරංග ලක්මාල් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ධනුෂ්ක ගුණතිලක ලකුණු 26 ක් රැස් කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 11 යි. ලකුණු 24 ක් රැස් කළ කුසල් මෙන්ඩිස් අද ටෙස්ට් ලකුණු 2000 සීමාව පසු කිරීමට සමත් විය. ලක්ෂාන් සඳකැන් ලකුණු 25 ක් රැස් කළේ ය. ටෙස්ට් දිවියේ 8 වන ශතකය වාර්තා කළ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 158 ක් රැස් කළේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 287 කි. කගීසෝ රබාඩා පන්දුවාර 14 දී ලකුණු 50 ට කඩුලු 4 ක් දවා ගත්තේ ය. අනතුරුව පළමු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ඒඩන් මැක්රම් ලකුණු නොලබා දැවී ගියේ ය. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ටෙස්ට් තරග 2ක තහනමක් පනවා තිබේ. ඒ, ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීම සම්බන්ධව වැරදිකරුවන් වීම හේතුවෙනි.
2018-07-12T10:14:22.000Z
ඇමති බැසිල් රාජපක්ෂගේ බිරිඳට මුදල් දුන් බව CICT චීන සමාගම පිළිගනියි
බැසිල්ගේ බිරිඳට මුදල් දුන් බව CICT සමාගම පිළිගනියි
COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මියට මුදල් ලබා දුන් බව චීනයට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි CICT සමාගම පිළිගෙන ඇතැයි ඔවුන් නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වන මාධ්‍ය අද අනාවරණය කළේ ය. මෙම අනාවරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන CICT සමාගම පවසන්නේ, රුපියල් එක්කෝටි අනූහතර ලක්ෂ දස දහසක් හෙවත් අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ පනස්දහසක් පුෂ්පා රාජපක්ෂ මහත්මියට ලබා දුන් බව ය. එය යහපත් චේතනාවෙන් ලබා දුන් පරිත්‍යාගයක් ලෙස ඔවුන් හඳුන්වා ඇතැයි සමාගම නිකුත් කළ නිවේදනය උපුටා දක්වන මාධ්‍ය වාර්තාවල සඳහන් ය. CICT හෙවත් කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්ස් සමාගමේ කොටස්වලින් 85%ක් අයිති වන්නේ චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින් නමැති චීන සමාගමට ය.
2018-07-12T09:42:26.000Z
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ තවත් අක්‍රමිකතාවක් පිළිබඳව අනාවරණයක්
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ තවත් අක්‍රමිකතාවක්
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගම, ශ්‍රීලංකන් කේටරින් හා මිහින් ලංකා සමාගම් විමර්ශනය කරන ජනාධිපති කොමිසම සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රමුඛතාවක් ලබා දී තිබේ. මේ අතර අද කොමිසමේදී අනාවරණය වූ කරුණක් වන්නේ 2011 වසරේදී බණ්ඩාරනායක ගුවන්තොටුපොළ ඇතුළු ප්‍රධාන ස්ථාන කිහිපයක දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීමට අදාළව ශ්‍රීලංකන් ගුවන් සමාගම කුමාර් ස්ටිකර්ස් පෞද්ගලික සමාගම සමග ගිවිසුම්ගත වී ඇති බව ය. නමුත් අද සාක්ෂි ලබා දුන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වත්මන් ජ්‍යේෂඨ වෙළෙඳ කළමනාකරු කියා සිටියේ, එම ගනුදෙනුවලට අදාළව ගිවිසුම් පමණක් සොයාගත හැකි වුවත් එම ගිවිසුම්වලට අදාළ අනෙකුත් කිසිදු ලියකියවිල්ලක් සොයා ගත නොහැකි වූ බව ය. නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේ, මෙලෙස ලියකියවිලි නොමැති වීම අක්‍රමිකතාවක් ලෙස හැඳන්විය හැකි බව ය.
2018-07-12T09:13:50.000Z
මරණ දඬුවම ක්‍රියාත්මක කළ හැකි සිරකරුවන් ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුව තොරතුරු රැස් කරයි
මරණ දඬුවම දිය හැකි සිරකරුවන් ගැන තොරතුරු රැස් කරයි
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළ ප්‍රකාශයත් සමග මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කතාබහක් ඇති වී තිබේ. ජනාධිපතිතුමා ප්‍රකාශ කළ ආකාරයට මත්ද්‍රව්‍ය පිළිබඳ වැරදිවලට මරණ දඬුවම නියම වීමෙන් පසුවත් ජාවාරම් කරන පුද්ගලයින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිත ය. බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, මරණ දඬුවම සඳහා ස්ථීර වුණු සිරකරුවන් 374 දෙනෙකු දිවයින පුරා බන්ධනාගාරවල රඳවා සිටින බව ය. ඉන් 17 දෙනෙකු මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින බව ඔහු සඳහන් කළේ ය. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වරදකරුවන් වී ඇති අයගේ ලිපි ගොනු පරීක්ෂා කරන බව ද බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසුවේ ය. තුෂාර උපුල්දෙණිය බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක "මරණ දඬුවම සඳහා ස්ථීර වුණ සිරකරුවන් 374ක් ඉන්නවා. ඔවුන් දිවයින පුරා බන්ධනාගාරවල රඳවා තිබෙනවා. මත්ද්‍රව්‍ය වරද කරුවනුත් මේ අතර ඉන්නවා. මේ වන විට අපි ගණනය කිරීම් කරනවා ඒ අයව, ලිපි ගොනු පරීක්ෂා කරනවා ඇත්ත වශයෙන්ම කී දෙනෙක් මත්‍ද්‍රව්‍ය සඳහා වැරදිකරුවන් වෙලාද කියන එක. දැනට වැලිකඩ බන්ධනාගාරයේ විතරක් 17 ක් ඉන්නවා.මේ 374ම ගොනු පරීක්ෂා කළ යුතුයි. ඒගොල්ලන් මත්ද්‍රව්‍යවලට වැරදිකරුවන් වෙලා ඉන්නවා නම් ඒගොල්ලන් තමයි මේකට අයිති වෙන්නේ. වැලිකඩ බන්ධනාගාරයේ පමණයි මේ වන විට මරණ දඬුවම දෙන්න පහසුකම් තියෙන්නේ. එල්ලීම සඳහා භාවිත කරන කඹය පකිස්ථානයෙන් ආනයනය කරලා තියනවා. දැනට අලුගෝසු තනතුර සඳහා පුරප්පාඩු තියනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන සතියේ අයැදුම්පත් නැවත කැඳවන්න. අපිට මාසයක් වගේ යද්දී කරන්න පුළුවන්." කිලෝග්‍රෑම් 103කට අධික හෙරොයින් තොගයක් පසුගියදා සොයා ගත් අවස්ථාවේ පොලීසිය පැවසුවේ, මරණ දඬුවම නියම වූ සිරකරුවෙකු මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇති බව ය. පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පොලිස් මාධ්‍ය ප්‍රකාශක 2018.07.08 "දැනට වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම ලද පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයගේ නම ධර්මරාජා සුසේන්ද්‍රන් නොහොත් සුසේයි. මේ සුසෙයි කියන පුද්ගලයා නිතරම දුරකතනයෙන් සම්බන්ධ වෙනවා මෙහොමඩ් මාහින් සමග. හෙරොයින් ලංකාවට ගේන්නේ සහ මේ සිද්ධිය සැලසුම් කරලා තියෙන්නේ, මේ මරණ දඬුවමට ලක් වෙලා වැලිකඩ බන්ධනාගරයේ ඉන්න සුසේයි විසින් බවට විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තියනවා" සුනිල් හඳුන්නෙත්ති - පා.ම ජනතා විමුක්ති පෙරමුණ "දඬුවම් දෙන්න ඕනේ මොකට ද? කුඩු ගේන අයට විතර ද? කුඩු ගේන්න අතට දෙන දේශපාලනඥයන්ට. එයාපෝට් එකෙන් විමර්ශන කරද්දී මේ රටේ නීතී රීති තියෙද්දී වරායේ විමර්ශන කරද්දී ඒ සියලු දේට බය නැතුව කන්ටේනර් පිටින් කුඩු තොග ගේන්නේ දේශපාලන හයියක් නැති මිනිස්සු නෙවෙයි. ඉතා පැහැදිලිව දැවැන්ත දේශපාලන හයියක් ඇති මිනිස්සු. හැබැයි හැමදාම උනේ දේශපාලකයා රාජ්‍ය බලය විසින් ආරක්ෂා වුණා." චමීර පෙරේරා - කැඳවුම්කරු පුරවැසි සංවිධාන එකමුතුව "මීගමුවේ සුප්‍රසිද්ධ පොඩි ළමයෙක්ගෙන් ඇහුවම ඉස්සරහට කුඩු නේද කියලා කියන්නෙ ඒ පුද්ගලයාට වරෙන්තුවක් අරන් විශේෂ කාර්ය බලකාය ගේ වට කරලා ඒවා හොයන්න උත්සහ කරන කොට මිනිත්තු කිහිපයකින් ඒ ගෙදරට හෙලිකොප්ටරයෙන් බැහැලා ගිහිල්ලා රටේ ජනාධිපතිවරයා ඒ පුද්ගලයාගේ කරට අත දාගේන ඒ පුද්ගලයාව. ඒ පුද්ගලයා බෙරා ගත්තේ කවුද? ඔවුන්ට විරුද්ධව කවුරු හරි කුඩු විකුණුවා නම් ඔවුන්ව මර්දනය කළා. සමහර කුඩුවලට සම්බන්ධ මිනිස්සු තමන්ගේ අමාත්‍යංශය යටතේ අධික්ෂණ ඇමතිවරු වෙලා හිටියා. අද සමහර අය ඉන්නේ හිර ගෙවල්වල." අජිත් පී. පෙරේරා විදුලිබල හා බලශක්ති අමාත්‍ය "මරණ දඬුවම පිළිබඳව ලෝකේ විද්වතුන් අතර දාර්ශනිකයින් අතර අපරාධ විද්‍යාඥයින් අතර විශාල මත භේද තිබෙනවා. හැබැයි ගරු ජනාධිපතිතුමාට හිතෙනව නම් මේක තමයි කළ යුතු හොඳම දේ කියලා ඔබතුමා ඒක කරන්න. ඒක අපි ඔබතුමාට දෙන බලය. ඒකට විරුද්ධ වෙන්න කවුරුත් නැහැ." අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම නා හිමි සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක "රටේ පාලනය සඳහා නීතියක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. නීති සම්පාදනය කරන අය වේවා. නීතිය ක්‍රියාත්මක කරන අය වේවා ඔවුන් ඒ සඳහා යුහුසුලු විය යුතුයි ක්‍රියා කළ යුතුයි. එහෙම වුණාම තමයි රටක යහපත, හොඳ, සෙත සැලසෙන්නේ." අතිපූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද නා හිමි සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක "නීති රීති නඩු තීන්දු, අධිකරණමය කටයුතු මගින් ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ වගකීම ඒ සමග බැඳුණු ආයතනවලට පැවරී තිබෙන කාර්යයක්. එම කාර්යය ඉෂ්ඨ සිද්ධ කිරීමට එම ආයතන වගබලා ගත යුතුයි කියන කාරණය අදහස තමයි අපිට අද මේ අවස්ථාවේ දක්වන්න තිබෙන්නේ."
2018-07-12T07:49:33.000Z
රියැදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා දැනට පැවැත්වෙන ලිඛිත පරීක්ෂණය වෙනුවට නව ක්‍රමයක්
රියැදුරු බලපත්‍රය ලබා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්
COLOMBO (News 1st) - රියැදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා දැනට පැවැත්වෙන ලිඛිත පරීක්ෂණ වෙනුවට පරිගණක ස්පර්ශ තිරය භාවිතයෙන් රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ විභාගයට පෙනී සිටීමේ නව ක්‍රමවේදයක් අද හඳුන්වා දුන්නේ ය. ඒ, වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේදී ය. මෙම නව ක්‍රමවේදයට අනුව රියැදුරු බලපත්‍ර අපේක්ෂකයින්ට භාෂා ත්‍රිත්වයෙන්ම අදාළ විභාගයට පෙනී සිටීමේ අවස්ථාව හිමි වේ. ඒ අනුව ලිඛිත විභාගයේදී මෙන් ම පරිගණක ස්පර්ශ තිරය භාවිතයෙන් රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේදී විභාගයේදී අපේක්ෂකයෙකුට ඒ වෙනුවෙන් ලැබෙන කාල සීමාව පැයකි. එක් එක් අපේක්ෂකයාට වෙන වෙනම ප්‍රශ්න සැපයෙන බැවින් විභාග වංචා සිදු කිරීමේ හැකියාවක් ‍මෙම ක්‍රමවේදය සතු නොවන අතර විභාගයට මුහුණ දීමෙන් පසු ඒ මොහොතේදී ම තමන්ගේ ප්‍රතිඵල දැනගත හැකි ය. මීට අමතරව විභාගය සඳහා ඉතිරිව ඇති කාල සීමාව පරිගණක තිරය මත සඳහන් වීම, එක් එක් අයැදුම්කරුට පරීක්ෂණයට මුහුණ දී අවසන් වූ වහාම ඔවුන්ගෙන් සමත් අය හට පුහුණුවන්නෙකුගේ අවසර පත්‍රය ලබා ගැනීමට ද අසමත් අයට යළි පරීක්ෂණය සඳහා දිනයක් ලබා ගැනීමට ද මෙම නව ක්‍රමවේදය මගින් අවස්ථාව සලසා තිබේ. ඒ අනුව ‍වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේදී දිනකට අවශ්‍යතාව පරිදි විභාග වාර ගණනාවක් පැවැත්වීමේ හැකියාව පවතින අතර එක් වරකට අපේක්ෂකයින් 143 දෙනෙකුට පරිගණක ස්පර්ශ තිරය භාවිතයෙන් රියැදුරු බලපත්‍ර ලබා ගැනීමේ විභාගයට පෙනී සිටිය හැකි ය. 2019 වසර වන විට මෙම ක්‍රියාවලිය සිය සෙසු ශාඛා 24දී ද ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ය.