date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-07-28T06:22:11.000Z | 'ජොන්දාරී' නිසා ජපානයේ ගුවන් ගමන් 377 ක් අවලංගු වෙයි | 'ජොන්දාරී' නිසා ජපානයේ ගුවන් ගමන් 377 ක් අවලංගුයි | COLOMBO (News 1st) - ජොන්දාරී සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ගුවන් ගමන් 377ක් අවලංගු කර ඇතැයි ජපන් බලධාරීන් පවසයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, සුළි කුණාටුව හේතුවෙන් බටහිර ජපානයට ගංවතුර සහ නායයෑම් තත්ත්වයක් උද්ගතව ඇති බව ය. ඉදිරි පැය 24 තුළ හොන්ෂු දූපත් සහ ටෝකියා නුවරට මිලිමීටර 400 ක පමණ වර්ෂාපතනයක් පතිත විය හැකි බවට එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවයි. පසුගිය සතියේ ජපානයට බලපෑ මෙවැනිම තද වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වයෙන් පුද්ගලයින් 200 කට අධික පිරිසක් මිය ගියේය. |
2018-07-28T06:10:11.000Z | පහරදීමකට විරෝධය පල කරමින් හක්මන ඩිපෝ සේවකයින් සේවයෙන් ඉවත් වෙයි | හක්මන ඩිපෝ සේවකයින් සේවයෙන් ඉවත් වෙයි | COLOMBO (News 1st) - සැකකරුවෙකු අත්අඩංගුවට නොගැනීමට විරෝධය පල කරමින් හක්මන ඩිපෝවේ සියලු සේවකයින් අද දහවල් සිට සේවයෙන් ඉවත්ව තිබේ. එහි කළමනාකරු සුජිත් ගමගේ මහතා සඳහන් කළේ, පෙරේදා රාත්‍රි කරාපිටිය සිට පනාකඩුව දක්වා දිවෙන බස් රථයේ රියැදුරුට සහ රිය සහායකට කිසියම් පුද්ගලයකු තියුණු ආයුධයකින් පහර දී ඇති බව ය. ඉන් තුවාල ලැබූ රිය සහායක මේ වනවිට මාතර රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන අතර රියැදුරු මාවරල රෝහලෙන් ප්‍රතිකාර ලබා අද පිටව ගිය බව ඔහු සඳහන් කළේය. ගමගේ මහතා පැවසුවේ මෙම පහරදීම සිදුකර දින දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් මාවරල පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පල කරමින් සියලුම සේවකයින් අද දහවල් සිට සේවයෙන් ඉවත්ව ඇති බව ය. මේ හේතුවෙන් හක්මන ප්‍රදේශයේ මගී ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් මාවලර පොලීසියෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී එහි නිලධාරියෙකු සඳහන් කළේ, මේ වනවිට සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව ය. |
2018-07-28T04:21:47.000Z | යාපනයේදී දුම්රියක ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු මරුට | යාපනයේදී දුම්රියක ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු මරුට | COLOMBO (News 1st) - යාපනය, නැදුම්කුලම්, කොළඹතුරේ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී සිදුවු අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, දුම්රියක් ගමන් කරන බවට විදුලි සංඥා ක්‍රියාත්මක වී තිබියදී අද දහවල් ඔවුන් ගමන්ගත් යතුරුපැදිය දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමට උත්සාහ දැරීමේදී මෙම අනතුරට ලක්ව ඇති බව ය. යතුරුපැදිය ගැටී ඇත්තේ කොළඹ සිට කන්කනස්තුරේ දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක බව ද පොලීසිය ප්‍රකාශ කළේය. ඔවුන් සිරුරු මේ යනවිට යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ. මියගොස් ඇත්තේ යාපනය, අරියාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. |
2018-07-28T03:12:58.000Z | Star Wars: කැරී ෆිෂර් සහ රිචඩ් ඊ ග්‍රාන්ට් 9 වන කථාංගනයට රංගනයෙන් දායක වෙති | Star Wars: කැරී ෆිෂර් සහ රිචඩ් 9 වන කථාංගනයට | (News 1st) - ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය සඳහා තොරා ගැනුණු නළු නිළියන්ගේ නම් ලැයිස්තුව නිවේදනය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ සඳහා ප්‍රවීණ ශිල්පීන් මෙන් ම නවකයින් ද එක්ව සිටින බව ය. මෙම චිත්‍රපට මාලාවේ ප්‍රින්සස් ලේය චරිතයට රඟ පෑ කැරී ෆිෂර් 2016 වසරේදී හදිසියේ මිය ගියා ය. 81 හැවිරිදි බිලී ඩී විලියම්ස්, ලන්ඩෝ කල්රිසියන් සහ රිචඩ් ඊ ග්‍රාන්ට් ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙති. ස්ටාර් වෝස්, ජේ.ජේ. ඒබ්රම්ස්ගේ අධ්‍යක්ෂණයකි. |
2018-07-28T02:43:37.000Z | අද රාත්‍රී 9 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය කැපේ | අද රාත්‍රී 9 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය කැපේ | COLOMBO (News 1st) - අද රාත්‍රී 9.00 සිට හෙට උදෑසන 6.00 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 9ක ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් කිරීම මීට හේතුව යි. මේ යටතේ වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, කළුබෝවිල, නැදිමාල හා නුගේගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. මීට අමතරව කොළඹ 05, රාජගිරිය, බණ්ඩාරනායකපුර, රෝයල් පාක්, ලේක් ගාඩින්ස් සහ මුල්ලේරියාව යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය. |
2018-07-28T00:24:53.000Z | සිසුන් 50ක් බලහත්කාරයෙන් පේරාදෙණිය සරසවි පරිශ්‍රයේ | සිසුන් 50ක් බලහත්කාරයෙන් පේරාදෙණිය සරසවි පරිශ්‍රයේ | COLOMBO (News 1st) - මාස 2ක කාලයක් සඳහා වසා දැමුණු පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිසුන් පිරිසක් තවදුරටත් බලහත්කාරයෙන් රැඳී සිටින බවට එහි පාලනාධිකාරිය පවසයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, 50 දෙනෙකුගෙන් යුත් සිසුන් කණ්ඩායමක් එලෙස රැඳී සිටින බව ය. ඔවුන්ට ඉවත් වන ලෙස අවස්ථා ගණනාවකදී දැනුම් දී ඇති අතර සිසුන්ගේ දෙමව්පියන්ට ද මේ පිළිබඳව දැනුවත් කර ඇති බව එම නිලධාරියා පැවසුවේ ය. ඔහු ප්‍රකාශ කළේ, සිය නියෝග නොතකා තවදුරටත් විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටින සිසුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ය. කෙසේ වෙතත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මහීල් බණ්ඩාර දෙහිදෙණිය මහතා ප්‍රකාශ කළේ, ඉංජිනේරු පීඨයේ සිසුන් 48 දෙනෙකුට පැන වූ විභාග තහනමට එරෙහිව තම විරෝධතා තවදුරටත් දැඩි කරන බව ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසකට එම විභාග තහනම පැන වූයේ, පැමිණීම 80%ක් නොමැති බව පවසමිනි. ඊට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල සිසුන් ගෙන ගිය විරෝධතා හේතුවෙන් ඊයේ පස්වරුවේ විශ්වවිද්‍යාලය මාස 2ක කාලයක් සඳහා වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කළේ ය. විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ඊයේ දැනුම් දුන්නේ, සරසවි පරිශ්‍රයට ඇතුළු වීමට සිසුන්ට තහනම් කර ඇති බව ය. |
2018-07-28T00:09:19.000Z | වත්තල කෙරවලපිටිය රසායන ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක ගින්නක් | කෙරවලපිටිය රසායන ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක ගින්නක් | COLOMBO (News 1st) - වත්තල කෙරවලපිටිය අරවකොටුව ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවීම සඳහා කණ්ඩායම් 3ක් පිටත් කර යවා ඇති බව ය. අද පෙරවරු 9.30ට පමණ ගින්න හටගෙන ඇති බව කොළඹ මහ නගර සභාව පැවසුවේ ය. |
2018-07-27T22:28:11.000Z | ව්‍යාජ ගුවන් බලපත්‍රයක් මගින් මෙරටට ආ විදේශිකයෙකු අත්අඩංගුවට | ව්‍යාජ බලපත්‍රයක් මගින් ආ විදේශිකයෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - ආගමන විගමන නීති උල්ලංඝණය කර ව්‍යාජ බ්‍රසීල ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් මෙරටට පැමිණි විදේශිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 31 හැවිරිදි ඉරාන ජාතිකයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය පැවසුවේ, ඔහු එම ගමන් බලපත්‍රයම උපයෝගී කර ගනිමින් එක්සත් රාජධානියට යාමට ද උත්සහ කර ඇති බව ය. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. |
2018-07-27T22:18:48.000Z | ජෙරොම් වැල්කිගේ අභියාචනය ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය ඉවත දමයි | ජෙරොම් වැල්කිගේ අභියාචනය ඉවතට | (News 1st) - අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම් ජෙරොම් වැල්කි තමන්ට එරෙහිව පනවා ඇති දස වසරක තහනමට එරෙහිව ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයට යොමු කළ අභියාචනය ප්‍රතික්ෂේප වී තිබේ. 57 හැවිරිදි වැල්කිට 2015 වසරේදී මෙම තහනම පැන වූයේ, අන්තර්ජාතික පාපන්දු සම්මේලන ආචාරධර්ම උල්ලංඝණය කිරීම හේතුවෙනි. අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති සෙප් බ්ලැටර් සහ හිටපු ලේකම් ජෙරොම් වැල්කිට එරෙහිව එල්ල වූ චෝදනා අතරට ලෝක කුසලාන තරගාවලි ප්‍රවේශපත්‍ර ලබා දීමේදී සිදු වූ අක්‍රමිකතා, තරග සඳහා රූපවාහිනී විකාශන අවස්ථා ලබා දීමේදී සිදු වූ අක්‍රමිකතා ද ඇතුළත් වේ. සෙප් බ්ලැටර්ට පැන වූ වසර 8ක තරග තහනම පසුව වසර 6 දක්වා අඩු කෙරිණි. අනතුරුව ඔහු එම වසර 6ක තහනමට එරෙහිව යොමු කළ අභියාචනය ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය ප්‍රතික්ෂේප කළේ 2016 වසරේදී ය. ජෙරොම් වැල්කිට එරෙහිව වසර 12ක පාපන්දු තහනමක් සහ ස්ටර්ලින් පවුම් 76000ක දඩ මුදලක් නියම කළ අතර පසුව එම තහනම වසර 10ක් දක්වා අඩු කෙරිණි. ඒ අනුව වැල්කිට වසර 10ක කාලයක් පාපන්දු ක්‍රීඩාව හා සම්බන්ධ කිසිදු කරුණකට දායක වීම තහනම් වූ අතර ඔහු එම තහනමට එරෙහිව අභියාචනයක් යොමු කළේ ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයට ය. එම අභියාචනය ද ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය මගින් ප්‍රතික්ෂේප කළ බවට නවතම විදෙස් වාර්තා පවසයි. |
2018-07-27T20:37:30.000Z | පකිස්ථාන මහ මැතිවරණය යළි පවත්වන්නැයි ප්‍රතිවාදී දේශපාලන පක්ෂවලින් ඉල්ලීම් | පකිස්ථාන මහ මැතිවරණය යළි පවත්වන්නැයි ඉල්ලීම් | (News 1st) - මැතිවරණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් නව ඡන්ද විමසීමක් පවත්වන ලෙස පකිස්ථානයේ ප්‍රතිවාදී දේශපාලන පක්ෂ ඉල්ලා සිටියි. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, පසුගිය බදාදා පැවති මහ මැතිවරණයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් බලයට පත් වීමට නියමිතව තිබියදී ප්‍රතිවාදී දේශපාලන පක්ෂ කිහිපයකින් සැදුම්ලත් කණ්ඩායමක් ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් නව ඡන්ද විමසීමක් ඉල්ලා සිටින බව ය. ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පී.ටී.අයි. පක්ෂය ඡන්ද විමසීමට පෙර සිටම සිය ජයග්‍රහණය ප්‍රකාශයට පත් කළ ද මැතිවරණ වංචා සිදු වූ බවට ප්‍රතිවාදී පක්ෂ චෝදනා කළේ ය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරෙන අතරතුර ඉස්ලාමාබාද් නුවරදී පැවති එකාබද්ධ සාකච්ඡාවකින් පසු දේශපාලන පක්ෂ නායකයෙකු කියා සිටියේ, නව ඡන්ද විමසීමක් ඉල්ලා සිටිමින් විරෝධතා දියත් කරන බව ය. පකිස්ථානයේ මීට පෙර බලය හෙබවූ පී.එම්.එල්.එන්. පක්ෂය ඇතුළු ප්‍රතිවාදී දේශපාලන පක්ෂ මීට පෙර කියා සිටියේ, විපක්ෂයේ අසුන් ගැනීමට තමන් සූදානම් බව ය. තම පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයකට එළැඹ නොමැති බව පී.එම්. එල්.එන්. පක්ෂ නායක දූෂණ චෝදනාවන්ට වරදකරු වී සිරගතව සිටින පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ සොහොයුරු ෂෙබාස් ෂරීෆ් ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් ඉම්රාන් ඛාන්ගේ පක්ෂය හැර ප්‍රතිවාදී පක්ෂවලින් සැදුම්ලත් කණ්ඩායමේ ප්‍රකාශක එම්.එම්.ඒ. පක්ෂ නායක ෆසාලූර් රෙහමන් කියා සිටියේ, නැවතත් පකිස්ථාන මහ මැතිවරණය පැවැත්වීම සඳහා විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව ය. කෙසේ වෙතත් පකිස්ථාන මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵල මෙතෙක් නිකුත් වී නොමැත. මේ වන විට නිකුත්ව ඇති ආසන 263ක නිල ප්‍රතිඵලවලට අනුව හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පී.ටී.අයි. පක්ෂය ආසන 115ක බලය හිමි කර ගනිමින් ඉදිරියෙන් සිටියි. |
2018-07-27T20:25:18.000Z | කටුනායක ගුවන්තොටුපොළේ මගී පිවිසුම්වල ආරක්ෂාව දැඩි කෙරේ | කටුනායක මගී පිවිසුම්වල ආරක්ෂාව දැඩි කෙරේ | COLOMBO (News 1st) - කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පිවිසුම්වල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා පැවසුවේ, ඊයේ පස්වරුවේ කුවෙට් ජාතික යුවළක් රේගු නිලධාරීන් 5 දෙනෙකුට පහර දීමේ සිද්ධියෙන් අනතුරුව මේ පියවර ගත් බව ය. |
2018-07-27T20:18:20.000Z | බන්ධනාගාර බුද්ධි අංශ ගැන විශ්වාසනීයත්වයක් නැහැ - තලතා අතුකෝරළ | "බන්ධනාගාර බුද්ධි අංශ ගැන විශ්වාසනීයත්වයක් නැහැ" | COLOMBO (News 1st) - බන්ධනාගාර බුද්ධි අංශ පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි. ඇය මේ බව පැවසුවේ, එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන නායකයින් හා පක්ෂයේ කෘත්‍යාධිකාරී කණ්ඩායම් එක්ව රත්නපුර නව නගරයේදී ඊයේ පැවැත්වූ රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. අමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළේ, බන්ධනාගාරය තුළ දුරකතන පහසුකම්, මත්ද්‍රව්‍ය වැනි දේ සම්බන්ධයෙන් ඇයට පැමිණිලි රාශියක් ලැබී ඇති බව ය. මෙවැනි වාතාවරණයක් තුළ බුද්ධි අංශයක් තිබීමෙන් තවදුරටත් ඵලක් සිදු නොවන බව ඇය වැඩිදුරටත් පැවසුවා ය. වැලිකඩ බන්ධනාගාර බුද්ධි අංශය විසුරුවා හැරීමට අධිකරණ අමාත්‍යවරිය පසුගියදා පියවර ගත්තා ය. |
2018-07-27T19:55:17.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්... | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්... | COLOMBO (News 1st) 1. බැඳුම්කර වංචාවට නොදෙවෙනි විදුලිය මාෆියාව. 2. මීතොටමුල්ලට පමණක් දෙවැනි වන මහවැලි ගඟේ මායිමේ පිහිටි මහනුවර, ගොහාගොඩ කුණු කන්ද මහා ඛේදවාචකයකට අත වනන බව පරිසරවේදීහු අනතුරු අඟවති. 3. මරදාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය මුල් කරගෙන දුම්රිය සේවකයෝ පෙරේදා පැය කිහිපයක වර්ජනයක නිරත වූහ. මේ ඉඩම් ගැටලුව කුමක් ද? 4. මීගමුව බන්ධනාගාරය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරමක තොරතුරු අනාවරණය වී තිබේ. 5. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පාලන හිමිකාරීත්වය ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරියට ලබා ගැනීම සඳහා සලකා බැලීමේ යෝජනාවක් නැතැයි ඉන්දීය රජය පවසයි. 6. කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් 5 දෙනෙකුට පහර දුන් කුවෙට් ජාතික යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ. ක්‍රීඩා පුවත් 7. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක තහනමක් පනවා තිබේ. |
2018-07-27T19:35:15.000Z | කොළඹ ප්‍රදේශ රැසකට අද විදුලිය කැපේ | කොළඹ ප්‍රදේශ රැසකට අද විදුලිය කැපේ | COLOMBO (News 1st) - කොළඹ ප්‍රදේශ රැසකට අද පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා විදුලිය විසන්ධි කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි. ඒ, පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙනි. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ කොළඹ 3, 4, 5, 7 සහ කොළඹ 8 යන ප්‍රදේශවලට එලෙස විදුලිය විසන්ධි කරන බව ය. ඒ අනුව කොළඹ 03 ගාලු පාර, පාසල් මාවත, පහළ බගතලේ පාර, බගතලේ පාර ඇතුළු ප්‍රදේශ කොළඹ 04 ගාලු පාර, ඉන්ද්‍රා මාවත, ආර් ඒ ද මෙල් මාවත, බෞද්ධාලෝක මාවත ඇතුළු ප්‍රදේශවල විදුලිය විසන්ධි වීමට නියමිත ය. කොළඹ 05 ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීම් සිදු වන්නේ තිඹිරිගස්යාය පාර, කිරුළ පාර, කැප්පෙටිපොළ මාවත ඇතුළු ප්‍රදේශවලට ය. කොළඹ 07 ටොරින්ටන් මාවත, මිට්ලන්ඩ් පෙදෙස, විජේරාම මාවත ඇතුළු ප්‍රදේශ කිහිපයක ද විදුලිය විසන්ධි වේ. |
2018-07-27T11:05:39.000Z | මහා විනාශයකට අත වනන මහනුවර, ගොහාගොඩ කුණු කන්ද | මහා විනාශයකට අත වනන මහනුවර, ගොහාගොඩ කුණු කන්ද | COLOMBO (News 1st) - මීතොටමුල්ලට පමණක් දෙවැනි වන මහවැලි ගඟේ මායිමේ පිහිටි මහනුවර, ගොහාගොඩ කුණූ කන්ද පිළිබද අප අවස්ථා කිහිපයකදී අනාවරණය කළේය. නමුත් බලධාරීන් තවමත් මේ පිළිබඳ අවධානය යොමු නොකිරීම හේතුවෙන් මීතොටමුල්ල ඛේදවාචකයට වඩා දරුණු තත්ත්වයක් ඉදිරියේදී ඇතිවීමට ඉඩ ඇතැයි පරිසරවේදීන් අනතුරු අඟවයි. මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසුව අවස්ථා ගණනාවකදීම අප ගොහාගොඩ කුණු කන්ද පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කළේය. එහෙත් මේ කුණු විධිමත් අයුරින් කළමනාකරණය කරනවා වෙනුවට සිදුවෙමින් ඇත්තේ දිනෙන් දින කුණු කන්ද ගොඩ ගැසීමයි. විශාල පිරිසකට පිරිසිදු ජල පහසුකම් ලබාදෙන මහවැලි ගඟ සමීපයේ ගොඩ ගැසෙන මේ කන්ද මතුකර ඇති පාරිසරික ප්‍රශ්න සුලු පටු නොවේ. කසළ කන්දේ සිට මහවැලි ගඟට ඇත්තේ මීටර් 50ට කටත් වඩා අඩු දුරකි. දශක තුනක පමණ කාලයක සිට ගොඩ ගැසෙන කුණු මේ වනවිට මීටර් 200ක් පමණ උසට ගොඩගැසී පරිසරයට දැවැන්ත විනාශයක් සිදුකරමින් පවතී. මහනුවර නගර සභාව කුණු දැමීම සඳහා පමණක් නොව අද වනවිට ගලි මගින් රැගෙන එන මළ අපද්‍රව්‍ය බැහැර කිරීමට ද මෙම ස්ථානය යොදා ගන්නා බවට සාක්ෂි අපගේ කැමරාවේ සටහන් විය. ගම්වාසීන් මහනුවර මහ නගර සභාවෙන් ගේන හැම ජහජරාවක්ම මේ ඉඩම්වලට දාන්න තමයි මේ අයගේ පරමාර්ථය තිබුණේ. දැන් ඒක ඉෂ්ට වෙලා මේ මහවැලි ගඟක් විනාශයෙන් විනාශයට යනවා. අපිටත් යන එනමං නැතුව හිටපු පවුල් ඔක්කොම අනාථ වෙලා. රජයේ හිටපු හැම එකෙකුටම කිව්වා ඔවුන් එකෙක්වත් සත පහකට ගණන් ගත්තේ නෑ. කුණු කන්දේ බලපෑමෙන් ජල මූලාශ්‍ර පවා සිඳීයෑමට පටන්ගෙන තිබෙන අතර මීට පෙර කන්ද නායයාමේ අවදානමක් පැවතීම හේතුවෙන් පවුල් 21ක් ඉවත් කිරීමටද මහනුවර නගර සභාව පියවර ගත්තේය. දිනෙන් දින ගොඩගැසෙන කුණු අවම කිරීම සඳහා ඒ අශ්‍රිතව කාබනික අපද්‍රව්‍ය ඒකකයක් ඉදිකර තිබුණ ද එයද මේ වනවිට අක්‍රීය තත්ත්වයේ පවතී. මධ්‍යම පළාත් පරිසර එකමුතුවේ කැඳවුම්කරු අමිත් සේනානායක මහතා මහවැලි නදිය සම්බන්ධයෙන් තිබෙන සියලු අණපනත්වල පැහැදිලිව තියෙනවා අපද්‍රව්‍ය ගගට බැහැර කිරීම සම්පුර්ණයෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක්ය කියලා. මහනුවර මහනගරසභාව මේ වන විට ඒ නීතිවිරෝධී ක්‍රියාව අඛන්ඩව සිදුකරමින් තියෙනවා. ගඟේ ජලය පොල්ගොල්ලෙන් රජරට ප්‍රදේශ හරවා යවනවා මේ දුෂිත ජලයයි ඒ හරවා යැවෙන්නේ නිසා අපි දකිනවා මීතොටමුල්ලට වඩා විශාල වපසරියක ජනතාව පීඩාවට පත්වෙන බව මහනුවර නගර සභාවේ නගරාධිපති කේසර සේනානායක මහතා මේ ප්‍රශ්නයයෙන් අපිට පැනලා යන්න බෑ. හැමදාම දිගටම කුණු බැහැර කිරීම වෙනවා.ජනතාවටත් වගකීමක් තියෙනවා.මීට වඩා වගකීම මහනුවර මහනගර සභාවට තියෙනවා. මේ ගැන අවශ්‍ය උපදෙස් අරගෙන කටයුතු කිරමට මධ්‍යම රජයේත් සම්බන්ධකරගෙන සමහර විට ඔවුන්ගේ ආධාර ගන්න වෙයි මෙවැනි විශාල ගැටළුවකට. ඒ නිසා අපි කඩිනමින් පියවර ගන්නවා මෙවැනි තත්ත්වයක් වැළැක්වීම සඳහා |
2018-07-27T10:13:46.000Z | දුම්රිය සේවකයින්ගේ වර්ජනයට හේතු වූ මරදාන ඉඩමේ සුලමුල | දුම්රිය සේවක වර්ජනයට හේතු වූ මරදාන ඉඩමේ සුලමුල | COLOMBO (News 1st) - මරදාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය මුල්කරගෙන දුම්රිය සේවකයින් ඊයේ පැය කිහිපයක වර්ජනයක නිරත විය. මේ ඉඩම් ගැටලුව කුමක්ද? ඒ පිළිබඳව විමසා බැලීමට අප තීරණය කළෙමු. ප්‍රශ්නගත ඉඩම දුම්රිය දෙපාර්තමේන්තුවට අයත්ව තිබියදී 2011 වසරේ නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන තිබේ. පසුව එම ඉඩම මෙරට විශාලතම තාක්ෂණික නගරය ලෙස සැළකෙන ට්‍රේස් තාක්ෂණික නගරයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් බදු දී ඇත්තේ 2015 වසරේදී ය. නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 10 ක විශාලත්වයකින් යුත් මෙම ඉඩමේ අක්කර 7ක් පුරා ට්‍රේස් තාක්ෂණික නගරය ඉදිකර ඇති අතර මේ වනවිට කතාබහට ලක්ව ඇත්තේ එහි රථගාල සම්බන්ධයෙනි. ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් යටතේ කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ සවිස්තරාත්මක නිර්මාණ කටයුතු මේ දිනවල සිදුකෙරෙන අතර ඊට අදාළව කොළඹ දුම්රිය පාලන මධ්‍යස්ථානය සහ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ඉදිකිරීම වෙනුවෙන් මෙම භූමිය යොදා ගැනීමට ඉල්ලීමක් කර තිබේ. ඊයේ පස්වරුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් වැටක් ගසා වෙන් කිරීමට උත්සහා දරා තිබුණේ එම රථගාලයි. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට තවත් අයිති ගොඩාක් ඉඩම් ඔතන තියෙනවා.බොහෝ වෙලාවට අඩු භාවිතයේ තියෙනනේ. ඒ නිසා ඒ අඩු භාවිතයෙ තියෙන ඉඩමක් මේ මීට වැඩිය හොදට පාවිච්චි කරන්න පුළුවන් කියලා අපි හිතනවා. ඒ නිසා අපි යෝජනාවක් කළා ඔවුන්ට වෙන තැනක් අපි ඒ ගැන සළකා බලමු කියලා. ඒ සළකා බැලීම කරගෙන යන අතරතුර තමයි දැන් මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති මං හිතන්නේ මේ විරෝධතාවය දක්වලා ඉඩම ආපහු ලබා ගන්න ඕනෙයි කියලා මේ වෙලාවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට ගිහින් තියෙන්නේ කෙසේ වෙතත් ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් යටතේ ඉදිවන කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නිව්ස්ෆස්ට් කළ විමසීමකදී සඳහන් කළේ, සැලසුම්ගත කොළඹ දුම්රිය පාලන මධ්‍යස්ථානය සහ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය ඉදිකිරීම වෙනුවෙන් මේ වනවිට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව ය. ඊයේ දිනයේ අදාළ වැට ඉදිකිරීමට කටයුතු කරනු ලැබුවේ ඒ හා සම්බන්ධ සියලු පාර්ශ්ව දැනුවත් කිරිමෙන් අනතුරුව බව ද ඔහු සඳහන් කළේය. එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩි දුරට ත් කියා සිටියේ අදාළ දුම්රිය පාලන මධ්‍යස්ථානය සහ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයේ සැලසුම්ගත තාක්ෂණික පද්ධතිය මෙරට දියුනුතම තාක්ෂණික පද්ධතියක බව ය. ඒ ඔස්සේ ට්‍රේස් තාක්ෂණික නගර ව්‍යාපෘතියට ද ඉහළ ප්‍රතිලාභ ලැබිය හැකි බව ද ඔහු වැඩි දුරට ත් සඳහන් කළේය. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙතැන තියෙන එකම දේ තමයි කවුරුත් දැනුවත් වෙලා නෑ.අගමැතිතුමා මං හිතනනෙ නිමල් සිරිපාල ද ඇමතිතුමාත් හරියට දැනුවත් වෙලා නෑ මේ ගන්න යන්නේ අයි ටී පාර්ක් එකේ මැද්දේ ප්ලෑන් එකක් තියෙන ඉඩම කියලා.එතකොට ඒ පිළිබඳව දැනුවත්කම කොච්චර තිබුණද කියලා දන්නේ නෑ කැබිනට් මණ්ඩලය. සමහර වෙලාවට කැබිනට් පේපර් 40ක් 50ක් 60ක් 70ක් 80ක් විතර ආපුවාම කැබිනට් එකේ කොච්චර සාකච්ඡා වෙනවාද කියන ප්‍රශ්නය පිළිබඳව මං හිතන්නේ වෙනම කථිකාවතක් පවත්වන්න වෙනවා. අපි කිව්වේ කරුණාකරලා එදා බ්‍රහස්පතින්දා ලෝන් වීකෙන්ඩ් එකෙන් පස්සේ සාකච්ඡා කරලා මේක කරමු. මම ඒ කට්ටියගෙන් ඇහුවාම ගොල්ලෝ කිව්වා ෆීසිබිලිටි එකවත් කරන්න තාම ඒගොල්ලන්ගේ ටීම් එක එන්නේ මේ අවුරුදදේ ඔක්තෝබර් මාසේ. මේකට ණය ප්ලෑන් පාස්වෙන කොට 2019 වනවා කියලා. ඉතින් ඒකට ඕන තරම් වෙලා තියෙනවා කිසි හදිස්සියක් නෑ මේක පෝය දවසේ ගහන්න ඕනෙ කියලා. ඒ නිසයි අපි ඉතාමත් සාධාරණව ඉල්ලුවේ කරුණාකරලා නිමල් ඇතිතුමත් එක්ක සහ සියල පාර්ශවයන් එක්ක සම්පූර්ණ දැනවත් වීමකින් ඇතුව මේක සාකච්ඡා කරමු කියලා. |
2018-07-27T07:48:15.000Z | මීගමුව බන්ධනාගාරයෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරමක තොරතුරු හෙළිවෙයි | මීගමුව බන්ධනාගාරයෙන් මත්ද්‍රව්‍ය ජවාරමක තොරතුරු | COLOMBO (News 1st) - මීගමුව බන්ධනාගාරය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරමක තොරතුරු අනාවරණ වී තිබේ. පොලිසිය සඳහන් කළේ, රැඳවියන් විසින් පිටත පුද්ගලයින්ට දුරකතන ඇමතුම් ලබා දෙමින් අදාළ ජවාරම සිදුකර ඇති බව ය. රැඳවියන් ලබාදුන් දුරකතන ඇමතුම්වලින් හෙළි වූ කරුණු මත, සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 52ක් පොලීසිය භාරයට ගෙන තිබේ. අදාළ ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. මේ අතර, අප කළ විමසීමකදී පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මෙවැනි ජවාරම් දිවයිනේ බන්ධනාගාර කිහිපයක සිදුවන බවට තොරතුරු ලැබී ඇති බව ය. එම ජවාරම් මැඩලීම සඳහා සහ ඊට සම්බන්ධ පාර්ශව නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය. |
2018-07-27T09:11:07.000Z | බැඳුම්කර වංචාවට නොදෙවෙනි විදුලිය වංචාවක් | බැඳුම්කර වංචාවට නොදෙවෙනි විදුලිය වංචාවක් | COLOMBO (News 1st) - බැඳුම්කර වංචාවට නොදෙවෙනි මහජන මුදල් අවභාවිතයක් පිළිබඳව තොරතුරු වාර්තා විය. විදුලිය මාෆියාව ගැන අප අවස්ථා ගණනාවකදීම කරුණු අනාවරණය කළේය. ලංකා ට්‍රාන්ස්ෆෝමර් හෙවත් LTL නමින් විදුලි බල මණ්ඩලයට බහුතර කොටස් හිමි සමාගමක් හරහා සිදුකර ඇති අක්‍රමිකතා ඒ අතිරින් ප්‍රධානයි. මේ සමාගම මැදිහත්ව සිදුකළ තවත් මහාපරිමාණ මහජන මුදල් අවභාවිතයක් පිළිබඳව කරුණු අනාවරණය වන්නේ වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකළ විශේෂ සමීක්ෂණයකිනි. මෙම සමීක්ෂණයෙන් අනාවරණය වන්නේ ශ්‍රී ලංකා රජය ජනතා මුදල් විශාල අවදානමක් දරමින් කිසිඳු ප්‍රතිලාභයකින් තොරව ආයෝජනය කර ඇති බව ය. කෙරවලපිටිය මෙගාවොට් 300 ක ද්විත්ව චක්‍ර විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා වෙස්ට් කෝස්ට් පවර් නමින් සමාගමක් ආරම්භ කර තිබුණේ 2006 වසරේදී ය. ලංකා ට්‍රාන්ස් ෆෝමර් සමාගමට වැඩි කොටස් අයිතියක් ඇති උප සමාගමක් වන ලක්දනවි මෙහි ප්‍රධාන කොටස්කරු ලෙස ක්‍රියාකළ යුතු බව මුලින් තීරණය වී තිබුණි. එහෙත් ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 22.7 ක ණය පහසුකමක් HSBC බැංකුව හරහා ලබාගෙන තිබුණේ රජයේ ඇපවීම මතයි. ජාතික ඉතිරීමේ බැංකුවෙන් තවත් රුපියල් බිලියන 2යි දශම 9ක් ද සේවක අර්ථ සාධක අරමුදලින් තවත් රුපියල් බිලියන 2 යි දශම 9 ක මුදලක් ද රජය ඇපවී මෙම ව්‍යපෘතියට ලබා දී තිබේ. රුපියල් බිලියන 28 යි දශම 7 කට ආසන්න ණය ප්‍රමාණයක් වෙස්ට් කෝස්ට් සමාගමට කෙරවළපිටිය ව්‍යාපෘතිය සඳහා ලබා ගැනීමට රජය ඇප වී තිබුණි. රටේ ක්‍රියාත්මක වන විදේශීය ණය පනත අනුව මෙවැනි ව්‍යාපෘති සඳහා රජය ඇපවන්නේ නම් එහි සියයට 50 ක හිමිකාරිත්වය රජය සතු විය යුතු වේ. සමීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ වෙස්ට් කෝස්ට් සමාගමේ සියයට 50 ක කොටස් අවස්ථා 14 කදී තාවකාලික පදනම මත මෙම අවශ්‍යතාව සපුරාලීම සඳහා රජයට පවරා ඇති බව ය. 2011 මාර්තු මාසය වනවිට වෙස්ට් කෝස්ට් සමාගමේ සියයට 50 ක කොටස් රජය සතුවූ අතර විදුලි බල මණ්ඩලයට අයත් ලංකා විදුලි පුද්ගලික සමාගමට සියයට 18.2 ක් ද සේවක අර්ථ සාධක අරමුදලට 27.1 ක්ද ලක්දනවි සමාගමට සියයට 4.8 ක්ද වශයෙන් දැක්විය. එහෙත් මෙම සමීක්ෂණය අනාවරණය කරන්නේ මේ ඇපවීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට කිසිඳු ලාභාංශයක් ගෙවා නොමැති බව ය. නමුත් ලක්දනවි, ලෙකෝ සහ සේවක අර්ථ සාධක අරමුදලට පමණක් ලාභාංශ ගෙවා තිබේ. එම ගෙවීම්ද සිදුකර ඇත්තේ ඉතා පුදුම සහගත ලෙස ය. සමීක්ෂණය අනාවරණය කරන පරිදි සියයට 4.8 ක් කොටස් හිමි ලක්දනවි සමාගමට සියයට 39.75 ක ලාභාංශ ගෙවා තිබේ. සියයට 27.1 ක් කොටස් හිමි සේවක අර්ථ සාධක අරමුදලට ගෙවා ඇත්තේ සියයට 20.04 ක ලාභාංශයකි. ලංකා විදුලි පුද්ගලික සමාගමට සියයට 18.2 ක කොටස් හිමි අතර ඔවුන්ට ද ගෙවා ඇත්තේ සියයට 20.4 ක ලාභාංශ ප්‍රතිශතකයකි. මේ ව්‍යාපෘතියේ තවත් පුදුමසහගත කරුණක් වන්නේ ණය ප්‍රමාණය ගෙවා අවසන් වීමෙන් පසුව ආණ්ඩුව සතු සියයට 50 ක කොටස් ලක්දනවි සමාගමට පැවරිය යුතු බවට එකඟතාවක් ඇතිකර ගැනීමයි. වෙස්ට් කෝස්ට් සමාගමේ කොටස් හිමිකාරිත්වයෙන් සියයට 48 යි දශම 5 ක් විදුලි බල මණ්ඩලයෙන් පරිභාහිරව ඇති බවද මේ සමීක්ෂණය අනාවරණය කර තිබේ. |
2018-07-27T07:27:51.000Z | මත්තල ගුවන්තොටුපොළ පවරා ගැනීමේ සූදානමක් නැහැ - ඉන්දීය සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමති | මත්තල පවරා ගැනීමේ සූදානමක් නැහැ - ඉන්දියාව | COLOMBO (News 1st) - මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පාලන හිමිකාරීත්වය ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරියට ලබා ගැනීම සඳහා සළකා බැලීමේ යෝජනාවක් නැතැයි ඉන්දීය රජය පවසයි. ඊයේ ඉන්දීය පාර්ලිමේන්තුවේදී සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ජයන්ත් සිංහා මහතා මේ බව ප්‍රකාශ කළේය. මත්තල ගුවන්තොටුපොළ අත්පත් කර ගැනීම සඳහා ඉන්දීය රජයට අයත් ගුවන්තොටුපොළ අධිකාරියට සැලැස්මක් ඇත්දැයි භාරතීය ජනතා පක්ෂ මන්ත‍්‍රීනි පූනම් මහජන් මහත්මිය ඊයේ ඉන්දීය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා ය. ඊට පිළිතුරු දෙමින්, ඉන්දීය සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ජයන්ත් සිංහා ප‍්‍රකාශ කළේ, එවැනි යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බව ය. මේ අවස්ථාවේ එවැනි යෝජනාවක් සැළකිල්ලට ගෙන නැතැයි ද ඔහු වැඩි දුරට ත් අවධාරණය කළේය. මත්තල පියාසර පුහුණු පාසලක් සහ ගුවන් යානා නඩත්තු වැඩපොළක් ඉදිකරන්නේ දැයි නැගූ ප‍්‍රශ්නය ද ඔහු ප්‍රතික්ෂේප කර තිබේ. |
2018-07-27T06:30:41.000Z | කටුනායකදී කුවෙට් යුවලකගෙන් රේගු නිලධාරීන් පස් දෙනෙකුට ප්‍රහාරයක් | කුවෙට් යුවලකගෙන් රේගු නිලධාරීන්ට ප්‍රහාරයක් | COLOMBO (News 1st) - කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් පස්දෙනෙකුට පහර දුන් කුවෙට් ජාතික යුවලක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ඔවුන් රැගෙන ආ සුනඛයෙකු මෙරටට රැගෙනඒම සඳහා බලපවත්නා නීතිය පිළිබඳව රේගු නිලධාරීන් කළ පැහැදිලි කිරිමකින් අනතුරුව මෙම පහරදීම සිදුව ඇති බව ය. සැකකාර යුවල සුනඛයා ද රැගෙන බලහත්කාරයෙන් ගුවන් තොටුපොළ රේගු ද්වාරයෙන් පිටවීමට තැන් කිරිමේදී ඔවුන් අල්ලා ගැනීමට තැත් කිරීමේදී මෙම පහරදීම සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ, පහරදීමෙන් තුවාල ලැබු රේගු නිලධාරිනියක් සහ නිලධාරීන් 4 දෙනෙකු මේ වනවිට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව ය. පහරදීම සිදුකළ 29 හැවිරිදි කුවෙට් ජාතිකයා සහ 32 හැවිරිදි කුවෙට් කාන්තාව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත ය. |
2018-07-27T05:25:32.000Z | අතුරුදන් වූ බලංගොඩ දරුවා සෙවීමට බුද්ධි අංශ තොරතුරු මත මෙහෙයුම් | බලංගොඩ දරුවා සෙවීමට බුද්ධි අංශ තොරතුරු මත මෙහෙයුම් | COLOMBO (News 1st) - බලංගොඩ, සමනලවත්ත ප්‍රදේශයේ අතුරුදන්ව සිටින 10 හැවිරිදි දරුවා සොයා පොලිස් බුද්ධි අංශ තොරතුරු මත තව දුරට ත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. දරුවා සෙවීමේ මෙහෙයුම් අද ක්‍රියාත්මක වන්නේ 8 වන දිනටයි. පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත දරුවා සෙවීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 5ක් ද යොදවා තිබේ. එහෙත් දරුවා පිළිබඳව කිසිඳු හෝඩුවාවක් මේ වනවිට ලැබී නොමැත. බලංගොඩ, සමනලවත්තේ පදිංචි සහන් කුමාර ධර්මසිරි නැමති දරුවා පසුගිය සිකුරාදා පාසල් නිමා වී නිවසට පැමිණීමෙන් අනතුරුව දර කැඩීමට යාබද වන පෙදෙසට ගිය සිය පියා සොයා ගිය ඔහු යළි නිවසට පැමිණි නොමැත. එදින පස්වරුවේ සිට දෙමව්පියන් සහ ප්‍රදේශවාසීන් සහන් සෙවීමට කටයුතු කළ අතර දරුවා පිළිබඳ තොරතුරක් නොමැති නිසා සහන්ගේ දෙමව්පියන් පසු දින බලංගොඩ පොලීසිය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කළේය. ඒ අනුව, සෙනසුරාදා පොලීසිය සහන් සොයා මෙහෙයුම් අරඹන්නේ ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිවයි. තුන්වන දිනටත් ඉරිදා දරුවා සෙවීමේ මෙහෙයුම් සිදු වූ අතර පොලීසිය, කුරුවිට යුද හමුදා කඳවුරේ නිලධාරින් 50 දෙනෙකුගේ කණ්ඩායමක් සහ ප්‍රදේශවාසින් එක්ව සමනලවත්ත රක්ෂිතයේ මෙන්ම අවට ප්‍රදේශවලත් මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක විය. |
2018-07-27T04:13:36.000Z | දිවයින පුරා පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 3,325ක් අත්අඩංගුවට | පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 3,325ක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 948 දෙනෙකු ඇතුළු සැකකරුවන් 3,325 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, පොලිස්පතිවරයාගේ නියෝග මත ඊයේ රාත්‍රී 9 සිට අද පෙරවරු 8 දක්වා මෙහෙයුම ක්‍රියාත්මක කළ බව ය. එහිදී රථවාහන නීති උල්ලංඝනය කළ රියැදුරන් 5,808 දෙනෙකුට එරෙහිවද නඩු පවරා තිබේ. ඒ, අතර සිටින බීමත් රියැදුරන් සංඛ්‍යාව 541 කි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, විවිධ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් 938 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව ය. |
2018-07-27T04:04:03.000Z | ගතවූ පැය 24 තුළ පොළොන්නරුවට වාර්තාගත උෂ්ණත්වයක් | ගතවූ පැය 24 තුළ පොළොන්නරුවට වාර්තාගත උෂ්ණත්වයක් | COLOMBO (News 1st) - ගතවූ පැය 24 තුළ පොළොන්නරුවට වාර්තාගත උෂ්ණත්වයක් සටහන් වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පොළොන්නරුවෙන් සෙල්සියස් අංශක 36.7 ක උෂ්ණත්වයක් වාර්තා වූ බව ය. ගතවූ පැය 24 තුළ අවම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 14 වාර්තා වී තිබුණේ නුවරඑළිය ප්‍රදේශයෙනි. මේ අතර ගතවූ පැය 24 තුළ උපරිම වර්ෂාපතනය, නුවරඑළිය නෝටන් ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අගය සටහන් වන්නේ මිලිමීටර 41.9 ක් ලෙස ය. |
2018-07-27T03:50:00.000Z | මාස 6ක් තුළ මත්ද්‍රව්‍ය සමග 48129 දෙනෙකු අත්අඩංගුවට | මාස 6ක් තුළ මත්ද්‍රව්‍ය සමග 48129 දෙනෙකු කොටුවෙයි | COLOMBO (News 1st) - වසරේ ගතවූ කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 48,129 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අතර විදේශිය ජාතිකයින් 22 දෙනෙකු ද සිටින බව ය. ඔවුන් ඉන්දියානු, පකිස්ථාන, නයිජීරියානු, නේපාල, මාලදිවයින, බොලිවියානු සහ ජර්මන් ජාතිකයින් වේ. හෙරොයින් සමග අත්අඩංගුවට ගත් පිරිස 19,441කි. ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 173යි ග්‍රෑම් 319ක් සොයාගෙන තිබේ. ගංජා කිලෝග්‍රෑම් 2975 යි ග්‍රෑම්434 ක් සමග පුද්ගලයින් 28,688 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරින් වැඩි පිරිසක් තව දුරට ත් බන්ධනාගාරගතව පසුවේ. |
2018-07-27T02:31:34.000Z | ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක තහනමක් | ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක තහනමක් | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 6ක තහනමක් පනවා තිබේ. ඒ, ක්‍රීඩක ආචාරධර්ම උල්ලංඝණය කිරීම හේතුවෙනි. දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරේදී ධනුෂ්කට එරෙහිව මෙම චෝදනාව එල්ල විය. |
2018-07-27T01:26:53.000Z | හලාවත - කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනයක | හලාවත - කොළඹ බස් රථ සේවකයින් වැඩ වර්ජනයක | COLOMBO (News 1st) - බස් රථ රියැදුරෙකුට පහර දීමට විරෝධය පළ කරමින් හලාවත - කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. සීමා සහිත හලාවත මගී ප්‍රවාහන සමාගමේ සභාපති චමින්ද හංස මහතා සඳහන් කළේ, එම රියැදුරාට ඊයේ රාත්‍රී 11.00ට පමණ කොළඹදී දුර ගමන් සේවා බස් රථ සේවකයින් පිරිසක් පහර දී ඇති බව ය. පහර දීමෙන් තුවාල ලැබූ රියැදුරු හලාවත මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. කෙටි දුර බස් රථ සේවකයින් හා දුර ගමන් සේවා බස් රථ සේවකයින් අතර මෙවැනි ගැටුම් නිරන්තරයෙන් සිදුවේ. ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් නියාමනයක් සිදු නොවීමෙන් එවැනි තත්ත්වයක් ඇති වන බවට චමින්ද හංස මහතා චෝදනා කරයි. ඒ පිළිබඳව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතාගෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, තමා මෙම පහර දීම පිළිබඳව දැනුවත් නොමැති බව ය. දුර ගමන් සේවා බස්රථවලට ද මගීන් ගැනීමට එම මාර්ගයේ බස් නැවතුම් ස්ථාන හඳුන්වා දී ඇතැයි ද ඔහු පැවසුවේ ය. |
2018-07-27T00:27:11.000Z | තේ ඉඩම්වල පොල් වගාව ප්‍රවර්ධනයට පියවර | තේ ඉඩම්වල පොල් වගාව ප්‍රවර්ධනයට පියවර | COLOMBO (News 1st) - තේ ඉඩම්වල පොල් වගාව ප්‍රවර්ධනය කෙරෙහි පොල් වගා කිරීමේ මණ්ඩලයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව පර්චස් 20 සිට අක්කරයක් දක්වා තේ ඉඩම්වල පොල් වගාවට ගොවීන් දිරි ගැන්වීමට නියමිත ය. තේ වගාවට හානියක් නොවන ලෙස හිස් භූමිවල පොල් වගාවට පියවර ගෙන ඇති අතර අක්කරයක තේ වගාවට පොල් පැළ 20ක උපරිමයක් ලෙස පැළ ලබා දෙනු ඇති. පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කළේ දේශීය පොල් ඵලදාව ඉහළ නැංවීම මෙහි අරමුණ බව ය. |
2018-07-26T19:30:45.000Z | ඇසළ පුර පසළොස්වක පොහොය අදයි | ඇසළ පුර පසළොස්වක පොහොය අදයි | COLOMBO (News 1st) - බෝසත් චරිතයේ මෙන් ම බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි. බෞද්ධ ජනතාව අද ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ඇසළ පුර පසළොස්වක පොහො දිනය සමරයි. තුසිත දෙව්ලොවේ දෙව් සැප විඳිමින් සිටි බෝසතුන්, බුදු වී ලෝවැඩ සලසන්නැයි දෙවියන් කළ ආරාධනය පිළිගෙන සුදොවුන් රජ මෙහෙසිය වූ මහමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී බව ශාසන ඉතිහාසයේ දැක්වේ. කිඹුල්වත් පුරයේ රජ සැප විඳිමින් සිටියදී සතර පෙර නිමිති දැක සසර අවබෝධයේ මුල් අදහස් ඇති කර ගත් සිද්ධාර්ථ කුමාරයා අභිනිෂ්ක්‍රමණය කළ දිනය ලෙස සැලකෙන්නේ ද ඇසළ පොහෝ දිනය යි. බුදු රජාණන් වහන්සේ තමා අවබෝධ කර ගත් පරම සත්‍යය ලෝක සත්ත්වයාට දේශනා කර ඔවුන් සසර දුකින් මුදා ගැනීමේ අරමුණින් බරණැස ඉසිපතන මිගදායේදී අද වැනි පොහෝ දිනක සිය මංගල ධර්ම දේශනය වන දම්සක් පැවතුම් සූත්‍රය පස්වග තවුසන්ට දේශනා කළේ ය. කොණ්ඩඤ්ඤ හිමියන් ධර්මාවබෝධ කර ගැනීමෙන් පසුව සංඝ ශාසනය ආරම්භ වූයේ ද ඇසළ පොහෝ දිනකදී ය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු විශේෂ සිද්ධියක් වූ පළමු ධර්ම සංගායනාව ද ඇසළ පුර පසළොස්වක පෙහෝ දිනකදී පවත්වා තිබේ. උපසපන් භික්ෂූන් වහන්සේ මේ පොහොය දිනයේ වස් කාලය ආරම්භ කරන අතර ලක්දිව ප්‍රථම වස් එළැඹීම සටහන් වී ඇත්තේ ද ඇසළ පොහොය දිනකදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය. දුටුගැමුණු මහ රජතුමා අනුරාධපුර රුවන්වැලි මහා සෑය ඉදිකිරීම සඳහා මගුල් ගල් තැබූ දිනය ලෙස ද ඇසළ පොහෝ දිනය සැලකේ. හේමමාලාවන් සහ දන්ත කුමරුන් කලිගු රට සිට දළදා සමිඳුන් මෙරටට වැඩම වීමෙන් පසු වසරක් පාසා සිදු කෙරෙන දළදා පෙරහැර ආරම්භ වී ඇත්තේ ද ඇසළ පුර පසළොස්වක පොහෝ දිනකදී ය. |
2018-07-26T23:53:51.000Z | කොළඹ විදුලි කප්පාදුව අද නොවේ හෙට | කොළඹ විදුලි කප්පාදුව අද නොවේ හෙට | COLOMBO (News 1st) - අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට අද සිදු කිරීමට නියමිතව තිබූ විදුලි කප්පාදුව අවලංගු කිරීමට තීරණය කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ, හෙට අදාළ විදුලි කප්පාදුව සිදු වන බව ය. පොහොය දිනය හේතුවෙන් මෙම විදුලි කප්පාදුව අවලංගු වුවත් හෙට පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ කොළඹ 03, 04, 05, 07 සහ කොළඹ 08 යන ප්‍රදේශවල කඩින් කඩ විදුලිය විසන්ධි කිරීම් සිදු වේ. කොළඹ 03 ගාලු පාර, පාසල් මාවත, පහළ බගතලේ පාර, බගතලේ පාර ඇතුළු ප්‍රදේශ කොළඹ 04 ගාලු පාර, ඉන්ද්‍රා මාවත, ආර් ඒ ද මෙල් මාවත, බෞද්ධාලෝක මාවත ඇතුළු ප්‍රදේශවල හෙට විදුලිය විසන්ධි වීමට නියමිත ය. කොළඹ 05 ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීම් සිදු වන්නේ තිඹිරිගස්යාය පාර, කිරුළ පාර, කැප්පෙටිපොළ මාවත ඇතුළු ප්‍රදේශවලට ය. කොළඹ 07 ටොරින්ටන් මාවත, මිට්ලන්ඩ් පෙදෙස, විජේරාම මාවත ඇතුළු ප්‍රදේශ කිහිපයක ද විදුලිය විසන්ධි වේ. විදුලිබල අමාත්‍යංශය සඳහන් කළේ, ලබන 31 වන දා දක්වා ද මෙම ප්‍රදේශවල කඩින් කඩ විදුලිය බිඳ වැටීම් සිදු විය හැකි බව ය. |
2018-07-26T22:53:59.000Z | පේරාදෙණිය සරසවිය දින නියමයක් නොමැතිව වසා දැමේ | පේරාදෙණිය සරසවිය දින නියමයක් නොමැතිව වසා දැමේ | COLOMBO (News 1st) - පේරාදෙණිය විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. එහි පාලනාධිකාරිය සඳහන් කළේ, සිසුන් විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල තුළ බලහත්කාරයෙන් රැඳී සිටීම ඊට හේතුව බව ය. ඔවුන් පාලනාධිකාරියෙන් ඉල්ලා සිටින්නේ, පැමිණීම සම්පූර්ණ නොකළ සිසුන් සිව් දෙනෙකුට විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දෙන ලෙස ය. මේ අනුව අද පස්වරු 6.00ට පෙර විශ්වවිද්‍යාල භූමියෙන් සහ නේවාසිකාගාරවලින් ඉවත් වන්නැයි සියලු සිසුන්ට පාලනාධිකාරිය දැනුම් දෙයි. |
2018-07-26T22:23:17.000Z | පකිස්ථාන මැතිවරණයේ සමස්ත නිල ප්‍රතිඵල තවදුරටත් ප්‍රමාදයි: ඉම්රාන් ඛාන් ඉදිරියෙන් | පකිස්ථාන මැතිවරණයේ ප්‍රතිඵල තවදුරටත් ප්‍රමාදයි | (News 1st) - පකිස්ථාන මහ මැතිවරණයෙන් තම තරික් ඒ ඉන්සාෆ් පක්ෂය ජයග්‍රහණය කළ බව ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් ප්‍රකාශයට පත් කළ ද මැතිවරණයේ නිල ප්‍රතිඵලය මෙතෙක් ප්‍රකාශයට පත්ව නොමැත. පකිස්ථාන මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියෙහි දැක්වෙන්නේ ආසන 53ක නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ය. එමෙන් ම තවත් මන්ත්‍රණ සභා ආසන 03ක ප්‍රතිඵල නිකුත් කිරීම කල් දමා තිබේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, පකිස්ථාන මහ මැතිවරණයේ දැනට ප්‍රකාශයට පත් වූ ප්‍රතිඵල අනුව හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් ජයග්‍රහණ මාවතේ සිටින බව පෙන්නුම් කළ ද තනිව රජයක් පිහිටුවීමට අවශ්‍ය සමස්ත බහුතරය නොලැබෙන තත්ත්වයක් පවතින බව ය. මෙ වන විට තරික් ඒ ඉන්සාෆ් පක්ෂය ආණ්ඩු බලය පිහිටුවීම සම්බන්ධයෙන් සෙසු පක්ෂ සමග සාකච්ඡා පවත්වමින් ඇතැයි ද වාර්තා වේ. නිල නොවන ප්‍රතිඵල අනුව ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. (PTI) පක්ෂය ඉදිරියෙන් සිටිය ද ඔහුගේ එදිරිවාදීන් පවසන්නේ ඡන්ද වංචා සිදු වූ බව ය. කෙසේ වෙතත් සිය ජයග්‍රහණය ප්‍රකාශයට පත් කළ ඉම්රාන් ඛාන් ප්‍රමුඛ පී.ටී.අයි. පක්ෂය මැතිවරණ ජය සමරමින් සිටියි. |
2018-07-26T20:17:39.000Z | සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය අද | සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය අද | COLOMBO (News 1st) - සියවසේ දීර්ඝතම සහ දුර්ලභ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නිරීක්‍ෂණය කිරීමට අද මෙරට ජනතාවට අවස්ථාව උදාවේ. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ සරාජ් ගුණසේකර මහතා සඳහන් කළේ, අද රාත්‍රී 10.44 සිට හෙට අලුයම දක්වා එය දිස්වන බව ය. නැවත මෙවැනි චන්ද්‍රග්‍රහණයක් මෙරට ජනතාවට දැකගත හැක්කේ 2025 වසරේදී බව ද ඔහු සඳහන් කළේ ය. |
2018-07-26T19:59:42.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්.. | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්.. | COLOMBO (News 1st) 1. පශ්චාත් උපාධි හැදෑරීම සඳහා විදේශගත වූ විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගෙන් බහුතරයක් නැවත මෙරටට පැමිණ නොමැති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 2. කොළඹ ප්‍රදේශ රැසකට අද පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා කාලය තුළ කඩින් කඩ විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය දැනුම් දෙයි. 3. වහාම ක්‍රියාත්මක වන පරිදි වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය ඊයේ පස්වරුවේ විසුරුවා හැරිණි. 4. පරිසර විෂය ද තමා යටතට පවරා ගත්තේ පරිසර විනාශයට දේශපාලන බලයේ ආශිර්වාද හිමි වීම වැළැක්වීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. විදෙස් පුවත් 5. පකිස්ථාන මහ මැතිවරණයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් ජයග්‍රහණය කර තිබේ. ක්‍රීඩා පුවත් 6. අන්තර්ජාතික චැම්පියන්ස් කුසලාන පාපන්දු තරගාවලිය ඊයේ ආරම්භ විය. |
2018-07-26T19:41:35.000Z | වැලිකඩ තෝරා ගත් රැඳවියන් 6 දෙනෙකු විශේෂ ස්ථානයක රඳවයි | වැලිකඩ තෝරා ගත් රැඳවියන් 6ක් විශේෂ ස්ථානයක රඳවයි | COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධ ක්‍රියා සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ රැඳවියන් 6 දෙනෙකු පමණ වෙනම රඳවා තැබීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින එම සිරකරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කරන බව ය. ඔවුන් රඳවා ඇති ස්ථානයට ඇතුළු විය හැක්කේ අවසර ලත් විශේෂ නිලධාරීන් පිරිසකට පමණක් බව ද ඔහු සඳහන් කළේ ය. ඇතැම් රැඳවියන් නවීන තාක්ෂණික උපකරණ යොදා ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි. ඒ සම්බන්ධයෙන් පොලිස් බුද්ධි අංශයෙන් විමර්ශන ක්‍රියාත්මක ය. මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය ඊයේ පස්වරුවේ විසුරුවා හැරිණි. ඒ, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් මත ය. පසුගිය කාලයේ වාර්තා වූ විවිධ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමකින් අනතුරුව මෙම තීරණය ගත් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය. |
2018-07-26T10:34:16.000Z | විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු නිකුත් වෙයි | විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු නිකුත් වෙයි | 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු නිකුත් කර තිබේ. එ පිළිබඳ වැඩිදුර තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිල වෙබ් අඩිවියට පිවිසීමෙන් ලබා ගත හැකියි. |
2018-07-26T09:17:44.000Z | ලබන 31 වෙනිදා තෙක් කොළඹට විදුලි බිඳවැටීම් | කොළඹ ප්‍රදේශ රැසකට හෙට විදුලිය නැහැ | COLOMBO (News 1st) : කොළඹ ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා කාලය තුළ කඩින් කඩ විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය දැනුම් දෙයි. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට කොළඹ 03, කොළඹ 04, කොළඹ 05, කොළඹ 07 සහ කොළඹ 08 යන ප්‍රදේශවලට විදුලිය සැපයුම අත්හිටුවන බවයි. කොළඹ 03: ගාලු පාර, පාසල් මාවත, පහල බගතලේ පාර, බගතලේ පාර ඇතළු ප්‍රදේශ රැසකට කොළඹ 04 : ගාලු පාර, ඉන්ද්‍රා මාවත, ආර් ඒ ද මෙල් මාවත, බෞද්ධාලෝක මාවත, දුම්රියපල පාර, ආතර්ස් පෙදෙස, ජාවත්ත ඇතුළු ප්‍රදේශ රැසකට.. කොළඹ 05 : විදුලිය විසන්ධි කිරීම් සිදුවන්නේ තිඹිරිගස්යාය පාර, කිරුළ පාර, චිත්‍රා පටුමග, සිරිපා පාර, කැප්පෙටිපොල මාවත ඇතුළු ප්‍රදේශවලට කොළඹ 07 : ටොරින්ටන් මාවත, මිට්ලන්ඩ් පෙදෙස, විජේරාම මාවත, විද්‍යා මාවත, බෞද්ධාලෝක මාවත , ස්ටැන්ලි විජේසුන්දර මාවත සහ මලලසේකර මාවතට කොළඹ 08 : ඇල්විටිගල මාවත, කිතුල්වත්ත පාර, නාරාහේන්පිට පාර, මොඩල් ෆාම්, ගජබා පාර, බේස්ලයින් පාර, ඩි.එස් සේනානායක මාවත සහ ඩඩ්ලි සේනානායක මාවත යන ප්‍රදේශවලට එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ලබන 31 වන දා දක්වාද මෙම ප්‍රදේශවලට කඩින් කඩ විදුලිය බිඳ වැටීම් සිදුවිය හැකි බවයි. |
2018-07-26T09:04:38.000Z | මරණ දඬුවම දිය යුත්තේ කාට ද? | මරණ දඬුවම දිය යුත්තේ කාට ද? | නීතිඥවරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ මරණ දඬුවම පිළිබඳව කොළඹදී සම්මන්ත්‍රණයක් පැවැත්විණ. පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පිරිස් මහතා ද සභාවේ අසුන් ගෙන සිටින අවස්ථාවේ නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා මෙලෙස අදහස් පළ කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/2054250114635236/ |
2018-07-26T08:10:07.000Z | වහාම ක්‍රියාත්මක වන පරිදි වැලිකඩ බුද්ධි අංශය විසුරුවාහරී | වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය විසුරුවා හරී | වහාම ක්‍රියාත්මක වන පරිදි වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය විසුරුවා හැරීමට තීරණය කර තිබේ. පසුගිය කාලයේ සිදුවූ වංචා සහ දුෂණ පිළිබඳ පරීක්ෂණ කිරීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය මෙම පියවර ගත් බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ ය. |
2018-07-26T08:05:46.000Z | ජනපතිගෙන් ඇතැම් දේශපාලනඥයින්ට දොස් | ජනපතිගෙන් ඇතැම් දේශපාලනඥයින්ට දොස් | පරිසර විෂය ද තමා යටතට පවරා ගත්තේ පරිසර විනාශයට දේශපාලන බලයේ ආශිර්වාද හිමිවීම වැළැක්වීමට බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා සඳහන් කළේ, පසුගිය වසර 50 ක කාලය තුළ මෙරට සිදුවු පරිසර විනාශයේ ප්‍රධාන වගකීම ගෙන තිබෙන්නේ ඇතැම් දේශපාලනඥයින් වන අතර දේශපාලන බලය පදනම් කර ගනිමින් සිදුවූ එම ව්‍යවසනය ජාතියේ අවාසනාවක් බවයි. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ජාතික නාමල් උයනේ සංවර්ධන හා ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ය. මෙරට වන ඝනත්වය 29% ක් පමණ අඩු මට්ටමක පවතින අතර එම ප්‍රමාණයෙන්ද 1.4% ක ප්‍රමාණයක් වාර්ෂිකව විනාශ වන බවට තොරතුරු අනාවරණය වී තිබෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා නිසි වැඩපිළිවෙළක් සහ ප්‍රතිපත්තිමය තීන්දු ඔස්සේ මෙම අයහපත් තත්ත්වය වැළැක්වීමට කඩිනමින් සියලු දෙනා එක්විය යුතු බවද අවධාරණය කළේ ය. ඉතිහාසයේ පළමු වතාවට පරිසරයේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ දායකත්වය ලබා ගැනීමටද තමන් කටයුතු කළ බව පැවසු ජනධිපතිතුමා ඒ වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවෙන් ලැබෙන සහාය ඇගවීමට ලක් කෙරිණ. පුරා විද්‍යාත්මක හා ඉහළ ජෛව විවිධත්ව වටිනාකමිකින් යුතු රෝස තිරුවාණා කදුවැටිය සහිත නා උයන මධ්‍යම සංස්කෘති අරමුදල වෙත පවරාදීමට එහි භාරකාර පුජ්‍ය වනවාසී රාහුල හිමියන් පියවර ගෙන තිබේ. වසර 25 ක් නාමල් උයන ආරක්ෂා කරමින් මේ දක්වා රැකබලාගත් පුජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ මෙහෙවරද මෙහිදී ජනාධිපතිතුමාගේ දැඩි ප්‍රසාදයට ලක් කෙරිණ. ජපන් ජාතිකයෙකුගේ ආධාර මත නාමල් උයන පරිශ්‍රයේ ඉදිකෙරුණු ජේ.ආර්. ජයවර්ධන අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයද විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතිනි. |
2018-07-26T07:10:49.000Z | ඉම්රාන් ඛාන් පකිස්ථාන මහ මැතිවරණයේ ජය තහවුරු කරගනී | ඉම්රාන් ඛාන් ජය තහවුරු කරගනී | පකිස්ථාන මහ මැතිවරණයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් ජයග්‍රහණය කර තිබේ. තරීක් එ ඉන්සාෆ් පක්ෂයේ නායක ඉමරාන් ඛාන් රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් පවසා ඇත්තේ, සිය පක්ෂය සාර්ථක වූ බවත් මේ වනවිට ජනවරම දිනා ගෙන ඇති බවත් ය. කෙසේ වෙතත් ආණ්ඩුව පිහිටුවීම සඳහා PTI පක්ෂයට හවුල්කාර පක්ෂ එක්කර ගැනීමට සිදුවනු ඇති. මෙවර පකිස්ථාන මැතිවරණ ව්‍යාපාරය ද ප්‍රචණ්ඩක්‍රියාවලින් අඩු නොවූ අතර මැතිවරණය පැවති දිනයේ ඡන්ද පොළක සිදුවූ මාරගෙන මැරෙන බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 31 දෙනකුට ද ජීවිත අහිමිවිය. මෙවර මැතිවරණය සඳහා ලියාපදිංචි මිලියන 106 කට ආසන්න ඡන්ද දායකයන්ගෙන් 50% – 55% ත් අතර පිරිසක් පමණක් ඡන්දය භාවිත කළ බව ද පකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ ය. |
2018-07-26T06:30:10.000Z | අයිරිෂ් යුවළගේ මධුසමය ග්‍රීසි ලැව්ගින්නෙන් දැවීයයි | අයිරිෂ් යුවළගේ මධුසමය ග්‍රීසි ලැව්ගින්නෙන් දැවීයයි | මෑතකදී විවාපත් අයර්ලන්ත ජාතික යුවළක් මධුසමය ගත කිරීම සඳහා ග්‍රීසියට ගොස් සිටියදී ලැව්ගින්නට හසුවීමෙන් සැමියා ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වේ. පසුගියදා ග්‍රීසියේ ඇතෑන්ස් අවට ප්‍රදේශයේ හටගත් ලැව්ගින්නට හසුවීමෙන් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බ්‍රයන් වෙස්ට්‍රොප් නමැති අයර්ලන්ත ජාතිකයා ය. කෙසේ වෙතත් ගින්නට හසුවීමෙන් බ්‍රයන්ගේ බිරිඳ හොලොහන්ට ද දැඩි පිළිස්සුම් තුවාල සිදුව ඇති අතර ඇය මේ වනවිට එරට රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින්නී ය. බ්‍රයන් කේටරින් ආයතනයක සේවකයෙකු වන අතර ඊට අමතරව ඔහු ස්වේච්ඡා සේවයේ ද යෙදී සිටි පුද්ගලයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගින්නට හසුවන අවස්ථාවේ යුවළ වාහනයකින් ගමන් කරමින් සිට ඇති අතර ගිනි ජාලාවලට හසුවූ හොලෝහන් ජීවිතය බේරා ගෙන ඇත්තේ, අසල පිහිටි මුහුදට පැනීමෙනි. කෙසේ වෙතත් බ්‍රයන්ට සිය ජීවිතය බේරා ගැනීමට හැකියාවක් ලැබී නොමැත. මධුසමය ගත කිරීමට ආ බ්‍රයන් - හොලෝහන් යුවළ නවාතැන් ගෙන සිට ඇත්තේ, වෙරළාශ්‍රිතව පිහිටි නිවාඩු නිකේතනයකයි. ග්‍රීසි ලැව් ගින්නෙන් නිවාඩු නිකේතන ඇතුළු ගම්මාන කිහිපයක් විනාශ වී ගිය අතර පුද්ගලයින් 70 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ළමුන් ද ඇතුළුව තවත් විශාල පිරිසකට තුවාල සිදුවිය. ග්‍රීසි අග්‍රාමාත්‍ය ඇලෙක්සිස් සිප්‍රස් ලැව් ගින්නෙන් සිදු වූ විනාශයෙන් පසු ග්‍රීසියේ තෙදිනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේ ය. මේ අතර ලැව්ගින්න නිවා දැමීමට සහය වන ලෙස ග්‍රීසිය ජාත්‍යන්තරයෙන් සහය පැතූ අතර ඊට ප්‍රතිචාර ලෙස ස්පාඤ්ඤය, සයිප්‍රසය, ඉතාලිය, ජර්මනිය, පෝලන්තය සහ ප්‍රංශය ගිනිනිවීමේ භටයින් සහ හෙළිකොප්ටර් යානා ද පිටත් කර හරිමින් ග්‍රීසියේ ගිනි නිවීමට සහය විය. පෙර පුවතට මෙතැනින් පිවිසෙන්න... |
2018-07-26T05:00:27.000Z | දිවුලපිටිය ප්‍රා. සභා සභාපතිට පහරදුන් බන්ධනාගාර නියාමකට ඇප | දිවුලපිටිය සභාපතිට පහරදුන් බන්ධනාගාර නියාමකට ඇප | COLOMBO (News 1st) ශ්‍රමදානයක් අතරතුර දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු සහ ග්‍රාමෝදය මණ්ඩල සභාපතිවරයකු පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයකු ඇප මත මුදා හැරීමට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේ ය. සැකකරු එලෙස මුදා හැරුණේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. ඉකුත් 22 වන දා මෙම පහරදීම සිදුව ඇති අතර එහිදී ප්‍රාදේශීය සභා මෝටර් ග්‍රේටරයකට සැකකරු අලාභ හානි සිදු කර තිබේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අද පෙරවරුවේ දිවුලපිටිය නගරයේ උද්ඝෝෂණයක් ද පැවතිණ. නඩුව ලබන 7 වන දා යළි කැඳවීමට නියමිතයි. |
2018-07-26T04:40:54.000Z | යල කන්නයේ වී මිලදී ගැනීම ලබන 4 වන දා ඇරඹේ | යල කන්නයේ වී මිලදී ගැනීම ලබන 4 වන දා ඇරඹේ | යල කන්නයේ වී මිල දී ගැනීම ලබන 4 වන දා ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි. එහි සභාපති උපාලි මොහොට්ටි මහතා සඳහන් කළේ, මෙවර යල කන්නයේ වී අලෙවි මණ්ඩලය මිල දී ගැනීමට අපේක්ෂිත වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසි දහසක් බවයි. අම්පාර දිස්ත්‍රික්කයේ ගොනාගොල්ල ප්‍රදේශයේ පිහිටි වී ගබඩාවෙන් මෙවර මිලදී ගැනීම් ආරම්භ කෙරෙන අතර නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 38 කට සහ සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 41 ක මිලට ගන්නා බව ඔහු සඳහන් කළේ ය. එම වී තොගවල තෙතමනය 14% අඩුවිය යුතු අතර බොල් ප්‍රතිශතය 9% ක් විය යුතු බව ද ඔහු කියා සිටියේ ය. වී අලෙවි මණ්ඩලය ගොවියෙකුගෙන් මිලදී ගන්නා වී ප්‍රමාණය කිලෝග්‍රෑම් 2000කි. |
2018-07-26T04:14:11.000Z | පොළොන්නරුවේ ඇළක නාඳුනන මළ සිරුරක් | පොළොන්නරුවේ ඇළක නාඳුනන මළ සිරුරක් | COLOMBO (News 1st) පොළොන්නරුව නිශ්ශංකමල්ල පෙදෙස අලුත්වැව පාර විශාකාරාම විහාරස්ථානය අසල ඇළක තිබී පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, 35 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද පෙරවරුවේ එලෙස සොයා ගත් බවයි. මියගිය පුද්ගලයාගේ අනන්‍යාතාවය මෙතෙක් හෙළි වී නොමැත. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුරු පොළොන්නරුව රෝහලට රැගෙන යාමට නියමිතයි. |
2018-07-26T02:13:54.000Z | මන්නාරම සමූහ මිනී වලෙන් තව ත් ඇට සැකිළි 55 ක් හමුවෙයි | මන්නාරම සමූහ මිනී වලෙන් තවත් ඇට සැකිළි 55 ක් හමුවේ | COLOMBO (News 1st) - මන්නාරම සමූහ මිනී වලේ කැනීම්වලදී සොයා ගත් ඇට සැකිලි බොහොමයක තියුණු ආයුධවලින් තදබල ලෙස පහරදිම්වලින් සිදු වූ බිඳීම් දැකිය හැකි බව කැනීම්වල නිරත විශේෂඥයින් පවසති. ඔවුන් සඳහන් කළේ, කිසිදු ඇට සැකිල්ලක වෙඩි තැබීමේ සලකුණු දක්නට නොමැති බවයි. මන්නාරම සමූහ මිනී වලේ මේ දක්වා කළ කැණීම්වලින් එහි තිබී මිනිස් ඇට සැකිළි 55 ක් සහ අස්ථි කොටස් තොගයක් සොයා ගෙන ඇත. මෙම ස්ථානයේ කැනීම් ආරම්භ කෙරුණේ පසුගිය මාර්තු මාසයේදී මන්නාරම සතොස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා පොළෙව කැණීමේදී අස්ථි කොටසක් සොයා ගැනීමත් සමගයි. මන්නාරම අධිකරණයේ නියෝගයකට අනුව මෙම කැනීම පසුගිය මැයි මස 28 වැන දා ආරම්භ කෙරුණි. ඒ සඳහා මන්නාරම රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ චමින්ද රාජපක්ෂ මහතා ඇතුළු අධිකරණ වෛද්‍ය නිලධාරින් පිරිසක් හා වෝහාරික පුරා විද්‍යා පරීක්ෂණ සඳහා ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා එක් ව සිටියහ. සොයා ගත් ඇට සැකිලි අතර කුඩා ළමයින් 6 දෙනෙකුගේ ඇට සැකිලි ද වේ. ඇතැම් ඇට සැකිලි වයෝවෘද්ධ කාන්තාවන්ගේ හා පිරිමින්ගේ බව ද නිලධාරීන් ප්‍රකාශ කළහ. අප කළ වීමසීමකදී මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසුවේ, මෙම පුද්ගලයින්ගේ සිරුරු වලදමා ඇත්තේ අවිධිමත් ආකාරයෙන් බවයි. එය ඉතා කලබලයෙන් සිදුකළ ක්‍රියාවත් බව ද පරීක්ෂණවලදි හෙළි ව තිබේ. කෙසේ වෙතත් මෙම සිරුරු වල දමා ඇත්තේ කුමන කාලසීමාවකට දැයි මෙතෙක් නිශ්චිත නිගමනයකට පැමිණ නොමැත. මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසුවේ, කාලය තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් පුළුල් නිරීක්ෂණ සිදුකරන බවයි. |
2018-07-26T01:52:28.000Z | දිවයිනේ ප්‍රදේශ කිහිපයක හෙරෝයින් ජාවාරමට සම්බන්ධ 12 දෙනෙකු අත්අඩංගුවට | හෙරෝයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 12 ක් කොටුවෙති | COLOMBO (News 1st) - හෙරෝයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු කොළඹ හා කතරගම ප්‍රදේශවල කළ වැටලීම්වලින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වැටලීම්වලිනි. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, ඊයේ රාත්‍රී කළ මෙහෙයුම්වලින් කතරගම ප්‍රදේශයේදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. සෙසු සැකකරුන් සිව්දෙනා ග්‍රෑන්ඩ්පාස් තොටළඟ හා මට්ටක්කුලිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව ඔහු පැවසුවේ ය. මේ අතර පොලීසිය කළ මෙහෙයුම්වලින් හෙරෝයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරුවන් පස්දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසය සඳහන් කළේ, ග්‍රෑන්ඩ්පාස්, මොරගහහේන, කෙසෙල්වත්ත හා හොරණ පොලිස් බල ප්‍රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් සතුව තිබි සොයා ගත් හෙරෝයින් ප්‍රමාණය ග්‍රෑම් 177 කි. හොරණ දික්හේන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් ගෝඩා ග්‍රෑම් 11080 ක් පොලීසිය විසින් විනාශ කර තිබේ. |
2018-07-26T01:24:01.000Z | HIV ගැන දැනුවත් කිරීමට හැරී කුමරු සහ එල්ටන් ජෝන් එක්වෙයි | හැරී කුමරු HIV මර්දනයට එක්වෙයි | බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි හැරී කුමරු සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය ගායක එල්ටන් ජෝන් සමග එක් ව HIV ආසාදනය පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සුදානම් වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු ඩොලර් බිලියන ගණනක් යොදවා ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය මෙන් ස්ටාර් යනුවෙන් නම් කර ඇති බවයි. අප්‍රිකානු කලාපයේ HIV වැලඳුණු හෝ වැලඳීමේ අවදානමක සිටින පුද්ගලයින් ඉලක්ක කරගනිමින් මෙම දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති. |
2018-07-26T00:20:39.000Z | මහනුවර මහ රෝහලේ වකුගඩු රෝගීන්ට ඖෂධ හිඟයක් | මහනුවර මහ රෝහලේ වකුගඩු රෝගීන්ට ඖෂධ හිඟයක් | COLOMBO (News 1st) - මහනුවර මහ රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන වකුගඩු රෝගීන් සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිවීමෙන් ඔවුන් දැඩි අපහසුතාවට පත් ව තිබේ. වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීම සඳහා යොදා ගන්නා පෙරිටෝනියල් ඩයලයිසිස් 1.5 සහ 2.5 යන ඖෂධ මෙන් ම මිනි කැප් නැමති ඖෂධය මේ වන විට රෝහල තුළ නොමැති බව රෝගීන් පැවසූහ. |
2018-07-26T00:03:01.000Z | වනෝද්‍යාන තුළට ගවයින් ඇතුල් කිරීමට කිරි ගොවීන්ට අවසර | වනෝද්‍යාන තුළට ගවයින් ඇතුල් කිරීමට ගොවීන්ට අවසර | COLOMBO (News 1st) - වනෝද්‍යාන තුළට තවදුරටත් ගවයින් ඇතුල් කිරීම සඳහා අවසර ලබාදීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ, කිරි ගොවීන් කළ ඉල්ලීම් රැසක් සලකා බැලීමෙන් අනතුරවයි. වනජීවි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව පසුගිය දා විශේෂ සාක්ච්ඡාවක් ද පැවැත් විය. වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේ, කෙසේ වෙතත් වනෝද්‍යාන තුළට ගවයින් ඇතුළු කිරීම ක්‍රමයෙන් අඩු කිරීම සඳහා පියවර ගන්නා බවයි. ඒ පිළිබඳව කිරි ගොවීන් දැනුවත් කර ඇති බව ද ඔහු පැවසුවේ ය. ගවයින් වනෝද්‍යාන තුළට ඇතුල් කිරීමෙන් වනජීවින්ට හා වනෝද්‍යානවල පරිසර පද්ධතියේ සමතුලිත භාවයට ගැටළු රැසක් පැනනැගී ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා තිබේ. විශේෂයෙන් ගවයින්ට වැලදී ඇති කුර රෝග අලින්ට ද වැලදීමේ අවදානම ඒ අතුරින් ප්‍රමුඛ ය. |
2018-07-25T21:38:38.000Z | අන්තර්ජාතික චැම්පියන්ස් කුසලාන පාපන්දු තරගාවලිය අද සිංගප්පූරුවේදී ඇරඹෙයි | චැම්පියන්ස් කුසලාන පාපන්දු තරගාවලිය අද ඇරඹෙයි | ස්පාඤ්ඤයේ, ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම සිංගප්පූරුවට පැමිණ තිබේ. ඒ, අන්තර්ජාතික චැම්පියන්ස් කුසලාන පාපන්දු තරගාවලියට සහභාගීවීම සඳහායි. අන්තර්ජාතික චැම්පියන්ස් කුසලාන පාපන්දු තරගාවලිය අද ආරම්භ වනු ඇති. තරගාවලිය අරඹමින් ස්පාඤ්ඤයේ ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම හා එංගලන්තයේ ආර්සනල් ක්‍රීඩා සමාජය අද තරග බිමට පිවිසීමට නියමිත වේ. ප්‍රබල ආර්සනල් කණ්ඩායම සමග පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරන ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායම ඊයේ දිනයේදී සිංගප්පූරුවට පැමිණියේ ය. ඇට්ලෙටිකෝ මැඩ්රිඩ් කණ්ඩායමේ කළමනාකරු ඩියෙගෝ සිමෝනේ හා කෙවින් ගැමෙරියෝ, රොඩ්‍රිගු ඇතුළු ක්‍රීඩකයින් මෙලෙස සිංගප්පූරුව බලා පැමිණ ඇත. සිංගප්පූරුව ඇතුළු රටවල් 9 ක මෙවර තරගාවලිය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර මෙවර තරගාවලියට එක්වන කණ්ඩායම් ගණන 18 කි. ක්‍රීඩාංගණ 23 ක මෙවර තරගාවලිය පැවැත්වෙන අතර ඇමෙරිකාවේ ක්‍රීඩාංගණ 15 ක් යුරෝපයේ ක්‍රීඩාංගණ 7 ක් හා සිංගප්පූරුවේ එක් ක්‍රීඩාංගණයක් ඊට ඇතුළත් වේ. 2013 වසරේ ඇරඹී මෙම තරගාවලියේ මේ වන විට සාර්ථකම කණ්ඩායම වන්නේ රියාල් මැඩ්රිඩ් කණ්ඩායමයි. ඔවුන් තෙවරක් ශූරතා කුසලානය දිනාගෙන තිබේ. පසුගිය වසරේ අමෙරිකානු අදියරේ ශූරතාව ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායම දිනාගත් අතර සිංගප්පූරු අදියරේ ශූරතාව ඉතාලියේ ඉන්ටර් මිලාන් කණ්ඩායම දිනා ගත්තේ ය. |
2018-07-25T21:15:24.000Z | ඌව සහ නැගෙනහිරට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි | ඌව සහ නැගෙනහිරට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි | COLOMBO (News 1st) - ඌව සහ නැගෙනහිර පළාත් වලත් පොළොන්නරුව, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවලටත් සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ක පමණ තරමක් තද වැසි ඇති වන අතර වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවයි. දිවයින ආශ්‍රිත සුළං වේගය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත. |
2018-07-25T20:47:20.000Z | විදෙස්ගත විශ්වවිද්‍යාල අචාර්යවරුන් යළි මෙරටට නොපැමිණීමෙන් කෝටි ගණනක පාඩුවක් | විදෙස්ගත විශ්වවිද්‍යාල අචාර්යවරුන්ට රතු එළියක් | COLOMBO (News 1st) - පශ්චාත් උපාධි හැදෑරීම සඳහා විදේශගත වූ විශ්වවිද්‍යාල අචාර්යවරුන්ගෙන් බහුතරයක් නැවත මෙරටට පැමිණ නොමැති බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා සඳහන් කළේ, පශ්චාත් උපාධි හදාරන එක් ආචාර්යවරයෙකු සඳහා රජය රුපියල් ලක්ෂ 60 ක් පමණ වැය කරන බවයි. ඊට අමතරව අධ්‍යාපනය හදාරන කාලය තුළ වැටුප් ලබාදෙන බව ද ලේකම්වරයා සඳහන් කළේ ය. පශ්චාත් උපාධි හැදෑරූ ආචාර්යවරුන් නැවත දිවයිනට නොපැමිණීම හේතුවෙන් වසරකට රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුව ඇති බව ද ලේකම්වරයා පෙන්වා දෙයි. ඔහු සඳහන් කළේ, මේ හේතු සලකා බලා පශ්චාත් උපාධි හැදෑරිමෙන් පසුව නැවත මෙරටට පැමිණ නොමැති අචාර්යවරුන්ගෙන් එම මුදල් අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බවයි. ඒ අනුව ඇපකරුවන්ගෙන් හෝ එම මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. |
2018-07-25T20:24:39.000Z | පකිස්ථාන මහ මැතිවරණයේ නිකුත් කළ ප්‍රතිඵල අනුව තරීක් එ ඉන්සාෆ් පක්ෂය පෙරමුණේ | පකිස්ථාන මහ මැතිවරණය:තරීක් එ ඉන්සාෆ් පක්ෂය පෙරමුණේ | පකිස්ථාන මහ මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ගේ නායකත්වය දරන පකිස්ථාන තරීක් එ ඉන්සාෆ් පක්ෂය පෙරමුණේ පසුවන බව මෙතෙක් නිකුත් කර ඇති මැතිවරණ ප්‍රතිඵල අනාවරණය කරයි. මෙතෙක් නිකුත් කළ ප්‍රතිඵල අනුව තරීක් එ ඉන්සාෆ් පක්ෂය ජාතික මන්ත්‍රණ සභා ආසන 112 ක් ජයග්‍රහණය කර ඇති අතර ඊට සාපේක්ෂව පකිස්ථාන මුස්ලිම් ලීගය දිනා ඇත්තේ මන්ත්‍රණ සභා ආසන 65 ක් පමණි. නමුත් මෙතෙක් ගණනය කර ඇත්තේ ඡන්ද මධ්‍යස්ථවලින් 34% ක ප්‍රතිඵල පමණක් බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය. මෙවර මැතිවරණය සඳහා ලියාපදිංචි වූ මිලියන 106 කට ආසන්න ඡන්ද දායකයන්ගෙන් 50% - 55% ත් අතර පිරිසක් පමණක් ඡන්දය භාවිත කළ බව ද පකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ ය. කෙසේ වෙතත් මෙම ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින්, හිටපු පකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ්ගේ සොහොයුරු ෂෙබාස් ශරීෆ්ගේ නායකත්වයෙන් යුතු පකිස්ථාන මුස්ලිම් ලීගය සඳහන් කළේ, මැතිවරණ අක්‍රමිකතා විශාල වශයෙන් සිදු කෙරෙන බවයි. කිසිසේත්ම පිළිගත නොහැකි මෙම තත්ත්වය, පකිස්ථානය දශක තුනකින් ආපස්සට යවා ඇතැයි ද ඔවුන් චෝදනා කර තිබේ. පකිස්ථාන මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය ද වංචා සහ ප්‍රචණ්ඩත්වයේ අඳුරු සෙවනැල්ලෙන් වැසී ගොස් තිබූ අතර ඡන්ද ප්‍රතිඵල වෙනස් කිරීමට ඇතැම් පිරිස් ප්‍රභල ප්‍රයත්න දැරූ බව පකිස්ථාන මානව හිමිකම් කොමිසම කියා සිටි. කෙසේ වෙතත් පකිස්ථාන මැතිවරණ බලධාරීන් පැවසූවේ, අක්‍රමිකතා සිදුවන බවට පළ වන වාර්තා සාවද්‍ය බවයි. මේ අතර මැතිවරණයේ ආරක්ෂාව සඳහා තුන් ලක්ෂ 71 දහස ඉක්ම වූ හමුදා භට පිරිසක් මෙන් ම තව ත් පොලිස් නිලධාරීන් දහස් ගණනක් යොදවා සිටි නමුත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ද සිදුව ඇත. 31 දෙනෙකුට මරු කැඳවමින් ක්වෙටා ප්‍රදේශයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අමතරව බැලොචිස්ථාන් පළාතේ අත්බෝම්බ ප්‍රහාරයකින් අයෙකු ද ස්වාබි ප්‍රදේශයේ දේශපාලන එදිරිවාදීන් අතර වෙඩි තැබීමකින් අයෙකු ද ජීවිතක්ෂයට පත් විය. විදෙස් වාර්තා පැවසුවේ, මෙවර මැතිවරණ ක්‍රියාවලියට ජාත්‍යන්තර ත්‍රස්තවාදී ලයිස්තුවේ නම් සඳහන් ත්‍රස්තවාදීන් සහභාගී ව ඇති බවයි. පකිස්ථාන මැතිවරණයේ නීත්‍යානුකූලභාවය නිරන්තර ප්‍රශ්න කිරීමට බඳුන් වන මෙවැනි පසුබිමකදී පකිස්ථාන බලහුවමාරුව කෙතරම් දුරට ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල වනු ඇතිදැයි යන්න ගැටලුසහගත බව එරට මානව හිමිකම් කොමිසම පෙන්වා දෙයි. |
2018-07-25T19:48:18.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්.. | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්.. | 1. ගුරු – විදුහල්පති වර්ජනය අහෝසියි: ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති රැසක් අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එක්දින සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ, ඊයේ දහවල් ජනාධිපතිවරයා සමග පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි. 2. HND සිසුන්ට කොළඹදී කදුළු ගෑස් හා ජල ප්‍රහාර: අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා සිසුන් කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවක් විසුරවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේ ය. ඔවුන් එම විරෝධතාව ආරම්භ කළේ, මහාපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 1500 සිට රුපියල් 5000 දක්වා වැඩිකර දෙන ලෙස ඉල්ලා සහ සහ ආචාර්ය හිඟයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමිනි. 3. රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සත්‍යග්‍රහයක: රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය තලවතුගොඩ පිහිටි ජාතික ළමාරක්ෂක අධිකාරිය ඉදිරිපිට ඊයේ දිනයේ සත්‍යග්‍රහයක නිරත විය. ඒ, සම්මුඛ පරීක්ෂණ පවත්වා ළමාරක්ෂක අධිකාරියේ ළමා සංවර්ධන නිලධාරීන් ලෙස තෝරාගත් උපාධිධාරීන් පිරිසකට මෙතෙක් පත්වීම් ලබා නොදීමට විරෝධය පළ කරමිනි. 4. සරසවි කඩඉම් ලකුණු මේ සතියේ නිකුත් කිරීමට සැලසුම්: මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු මේ සතියේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. එහි නිලධාරියෙකු සඳහන් කළේ, 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත කඩඉම් ලකුණු නිකුත් කරන බවයි. විදෙස් පුවත් 5. අඟහරු ග්‍රහයාගේ ජල විලක් සොයා ගනී: අඟහරු ග්‍රහයාගේ දකුණු අර්ධගෝලය ආශ්‍රිතව ජලය සහිත විලක් සොයාගත් බව ඉතාලි අභ්‍යාවකාශ නියෝජිත ආයතනය පවසයි. ඉතාලි විද්‍යාඥයින් මේ බව අනාවරණය කරගෙන ඇත්තේ යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් අභ්‍යකාශගත කර ඇති අඟහරු ගවේෂණ යානයේ රේඩාර් දත්ත උපයෝගී කර ගනිමිනි. ක්‍රීඩා පුවත් 6. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළිදැක්වෙයි: 2018 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබේ. මෙවර තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 6 කි. |
2018-07-25T11:36:31.000Z | අඟහරු ග්‍රහයාගේ ජල විලක් සොයා ගනී | අඟහරු ග්‍රහයාගේ ජල විලක් සොයා ගනී | අඟහරු ග්‍රහයාගේ දකුණු අර්ධගෝලය ආශ්‍රිතව ජලය සහිත විලක් සොයාගත් බව ඉතාලි අභ්‍යාවකාශ නියෝජිත ආයතනය පවසයි. ඉතාලි විද්‍යාඥයින් මේ බව අනාවරණය කරගෙන ඇත්තේ යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් අභ්‍යකාශගත කර ඇති අගහරු ගවේෂණ යානයේ රේඩාර් දත්ත උපයෝගී කර ගනිමිනි. එහිදී අනාවරණය වී ඇත්තේ පෘථවියෙන් ග්‍රීන්ලන්තය හා ඇන්ටාක්ටිකාවේ භූගතව ඇති විල්වලට සමාන සැතපුම් දොලහ හමාරක පමණ ජලය සහිත තීරයක් අගහරු ග්‍රහයාගේ දකුණු අර්ධගෝලයේ පවතින බවයි. මීට පෙරද වාර්තා පළ වී තිබුණේ අගහරු ග්‍රහයාගේ ජලය පැවතිය හැකි බවටයි. එහෙත් මේ දක්වාම ඒ බව තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ලැබී නොතිබිණ. |
2018-07-25T07:24:26.000Z | ගුරු - විදුහල්පති වර්ජනය අහෝසියි | ගුරු - විදුහල්පති වර්ජනය අහෝසියි | COLOMBO (News 1st) ගුරු - විදුහල්පති වෘත්තීය සමිති ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති රැසක් හෙට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එක්දින සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ, අද දහවල් ජනාධිපතිවරයා සමග පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි. දේශපාලන පළිගැනීම් කමිටු නිර්දේශ මත අධ්‍යාපන සේවාවන්ට නුසුදුස්සන් පත් කිරීමට විරෝධය පළ කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, අද පැවති සාකච්ඡාවේදී දේශපාලන පළිගැනීම් පදනම් කර ගනිමින් ලබාදීමට සැලසුම් කර තිබූ පත්වීම් සහ උසස්වීම් ලබාදීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නතර කිරීමට තීරණය කළ බවයි. අදාළ පත්වීම් සඳහා තෝරාගෙන ඇති පුද්ගලයින්ගේ ලිපි ගොනු නැවත විමර්ශනය කිරීමටත් දේශපාලන පළිගැනීම් සිදුවී තිබෙන යන්න නැවත විමර්ශනය කර නිර්දේශ ලබාදීමට ජ්‍යෙෂ්ඨ නිලධාරී කමිටුවක් පත්කර මසක් තුළ නිර්දේශ ලබා ගැනීමටත් මෙහිදී තීරණය කර තිබේ. ජනාධිපතිවරයා පත් කරනු ලබන එම කමිටුවේ නිර්දේශ වැඩිදුර අනුමැතිය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කර නිර්දේශ ලබාගනු ඇති. පත් කරන ලද නිලධාරී කමිටුවට අදහස් ඉදිරිපත් කිරීම සඳහා වෘත්තීය සමිතිවලට ද අවස්ථාව දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. මෙම ක්‍රියාමාර්ගයන්ගෙන් අනතුරුව දේශපාලන පළිගැනීම් මත පත්වීම් හා උසස්වීම් ලබාදීමේදී යම් පුද්ගලයකුට අසාධාරණයක් වී ඇත්නම් එය නිවැරදි කිරීමට ද අද පැවති සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කර තිබේ. |
2018-07-25T06:20:53.000Z | කෝටි 3ක රත්‍රං සමග කාන්තාවක රේගු භාරයට | කෝටි 3ක රත්‍රං සමග කාන්තාවක රේගු භාරයට | COLOMBO (News 1st) නීතිවිරෝධි ලෙස කුවෙට් සිට මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 3 ක් වටිනා රත්‍රං තොගයක් සමග සැකකාරියක කටුනායක ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. රේගු සහකාර අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, රත්‍රංවල බර කිලෝග්‍රෑම් 5.1 ක් වන බවයි. කාන්තාව 35 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇතැයි, මිනුවන්පිටිය මහතා සඳහන් කළේ ය. |
2018-07-25T04:41:38.000Z | HND සිසුන්ට කොළඹදී කදුළු ගෑස් හා ජල ප්‍රහාර | HND සිසුන්ට කොළඹදී කදුළු ගෑස් හා ජල ප්‍රහාර | COLOMBO (News 1st) අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා සිසුන් කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවක් විසුරවා හැරීමට පොලීසිය කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේ ය. ඔවුන් එම විරෝධතාව ආරම්භ කළේ, මහාපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 1500 සිට රුපියල් 5000 දක්වා වැඩිකර දෙන ලෙස ඉල්ලා සහ සහ ආචාර්ය හිඟයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමිනි. පුංචි බොරැල්ල කැම්බල් පිටියෙන් අද පස්වරුවේ ඔවුන් ආරම්භ කළ පා ගමන මරදාන හරහා පිටකොටුවට පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට නියමිතව තිබිණ. අප වාර්තාකරු පැවසුවේ, එහිදී පොලීසිය ලෝටස් මාර්ගය වසා දමමින් සිසුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිම අවහිර කළ බවයි. එහිදී සිසුන් එම පොලිස් මාර්ග බාධක බිඳ දැමීමට ක්‍රියා කිරීමත් සමග පොලීසිය සිසුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේ ය. මෙහිදී සිසුන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ. ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ, එක් සිසුවෙකුට කදුළු ගෑස් උණ්ඩයක් වැදීමෙන් තුවාල සිදුවී රෝහල්ගත කර ඇති බවයි. |
2018-07-25T03:07:12.000Z | කොටකෙතන ද්විත්ව ඝාතනයේ චූදිත 'බට්ටි' නිදහස් | කොටකෙතන ද්විත්ව ඝාතනයේ චූදිත 'බට්ටි' නිදහස් | COLOMBO (News 1st) - රත්නපුර, කොටකෙතන ප්‍රදේශයේ 52 හැවිරිදි කාන්තාවක් සහ 17 හැවිරිදි ඇගේ දියණිය අමානුෂික ලෙස කපා කෙටා ඝාතනය කිරීමේ චෝදනාවෙන් අශෝකා චාන්දනී කුමාර හෙවත් බට්ටි නැමැත්තිය අද නිදොස් කොට නිදහස් කර තිබේ. පැමිණිල්ලේ සාක්ෂි විභාගයෙන් අනතුරුව ඇයට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව නිගමනය කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විත්තිකාරිය නිදොස් කර නිදහස් කිරීමට නියෝග කළේ ය. කෙසේ වෙතත් මෙහි පළමු විත්තිකරු වන අදාළ කාන්තාවගේ සැමියා වන ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු නැමැත්තාට එරෙහි නඩුව ඉදිරියට පවත්ගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබේ. 2012 ජනවාරි මස 31 වන දා කොටකෙතන පන්සල පාරේ පිහිටි නිවෙසක් තුළ දී නයනා නිල්මිණි නැමති කාන්තාවක් සහ කාවින්දි චතුරංගනී සෙල්ලහේවා නැමති ඇගේ දියණිය අමානුෂික ලෙස ඝාතනය කිරීමේ චෝදනාව යටතේ සැකකරුවන්ට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබුණි. |
2018-07-25T00:41:41.000Z | රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සත්‍යග්‍රහයක | රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සත්‍යග්‍රහයක | COLOMBO (News 1st) - රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය තලවතුගොඩ පිහිටි ජාතික ළමාරක්ෂක අධිකාරිය ඉදිරිපිට මේ වනවිට සත්‍යග්‍රහයක නිරත වේ. ඒ, සම්මුඛ පරීක්ෂණ පවත්වා ළමාරක්ෂක අධිකාරියේ ළමා සංවර්ධන නිලධාරීන් ලෙස තෝරාගත් උපාධිධාරීන් පිරිසකට මෙතෙක් පත්වීම් ලබා නොදීමට විරෝධය පළ කරමිනි. රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමියන් සඳහන් කළේ, මාස 7 ක් තිස්සේ මෙම පත්වීම් ලබාදීම ප්‍රමාද කර ඇති බවයි. එම පුරප්පාඩු සඳහා දේශපාලන හිතවත්කම් මත පිරිසක් පත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද උන්වහන්සේ පැවසීය. |
2018-07-25T00:20:12.000Z | සරසවි කඩඉම් ලකුණු මේ සතියේ නිකුත් කිරීමට සැලසුම් | සරසවි කඩඉම් ලකුණු මේ සතිය තුළ | COLOMBO (News 1st) - මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ කඩඉම් ලකුණු මේ සතියේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. එහි නිලධාරියෙකු සඳහන් කළේ, 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත කඩඉම් ලකුණු නිකුත් කරන බවයි. පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට නියමිත සිසුන් සංඛ්‍යාව 25,000 කට අධිකයි. ඒ සඳහා අයැදුම්පත් 50,000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ ය. |
2018-07-24T23:37:51.000Z | ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට | ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට | COLOMBO (News 1st) - ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට පවරා ගැනීමට තීරණය කර තිබේ. ඒ, නාමල් උයන භාරකාර පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ ඉල්ලීමක් අනුවයි. උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, ඒ අනුව නාමල් උයනේ පිහිටි රෝස තිරිවානා නිධිය ආරක්ෂා කරමින් ඒ තුළ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි. නාමල් උයනේ පිහිටි රෝස තිරිවානා නිධිය දෙස් විදෙස් සංචාරයින්ගේ නොමද අවධානයට ලක් ව තිබෙන අතර එහි ඉතිහාසය ප්‍රාග්ඓතිහාසික යුගය දක්වා විහිදී යනු ඇත. ඉහළ ජෛව විවිධත්වයකට උරුමකම් කියන නාමල් උයනේ පාරිසරික පද්ධතිය ඒ කෙරෙහි සංචාරක ආකර්ශනය වැඩිවීමට හේතු විණි. 1991 වසරේ සිට නාමල් උයන ආරක්ෂා කරමින් එය මේ දක්වා රැකබලා ගත්තේ පූජ්‍ය වනවාසි රාහුල හිමියන් විසින් ය. |
2018-07-24T23:17:33.000Z | ගුවන් සුරක්ෂිතතාව අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු තැනට | ගුවන් සුරක්ෂිතතාව අතින් ලංකාව පළමු තැනට | COLOMBO (News 1st) - ගුවන් සුරක්ෂිතතාව අතින් මෙරට දකුණු ආසියාවේ පළමු තැන හිමිකර ගෙන තිබේ. ඒ, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය මේ වසරේ ජූනි මස 04 වන දා සිට 15 වන දා දක්වා පැවැත් වූ විගණනයකිනි. සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී නිමල්සිරි මහතා සඳහන් කළේ, කරුණු කිහිපයක් මත පදනම්ව මෙම විගණනය සිදු කළ බවයි. රටවල් 192 කින් සැදුම්ලත් සිවිල් ගුවන් සේවා සංවිධානය මෙවැනි තත්ත්වයකට ශ්‍රී ලංකාව ඔසවා තැබීමෙන් වාසි රැසක් අත්වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ ය. |
2018-07-24T22:48:56.000Z | කුරුඳු මිල පහළට | කුරුඳු මිල පහළට | COLOMBO (News 1st) - කුරුඳු මිල පහළ ගොස් තිබේ. අප කළ විමසීමක දී ශ්‍රී ලංකා කුරුඳු පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ඩී. එන්. සමරවීර මහතා සඳහන් කළේ, ඇල්බා වර්ගයේ කුරුඳු කිලෝග්‍රෑමයක මිල රුපියල් 3800 සිට රුපියල් 3300 ක් දක්වා පහළ ගොස් ඇති බවයි. ගොරෝසු කුරුඳු කිලෝග්‍රෑමයක මිල ද රුපියල් 1400 ක් දක්වා පහළ ගොස් ඇත. අධ්‍යක්ෂවරයා පැවසුවේ, ගොරෝසු කුරුඳු කිලෝග්‍රෑමයක් රුපියල් 1850 ක පමණ මිලක පැවති බවයි. මිල පහළ යාමට හේතු පිළිබඳව නිව්ස්ෆස්ට් කළ විමසිමකදී අධ්‍යක්ෂවරයා පැවසුවේ, විදේශ වෙළෙඳපළෙ ඉල්ලුම හා සැපයුමේ ඇතිවන වෙනස්වීම් හේතුවෙන් මිල පහළ ගොස් ඇති බවයි. |
2018-07-24T21:00:51.000Z | ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාලසටහන එළිදැක්වෙයි | ආසියානු කුසලාන තරගාවලියේ කාලසටහන එළිදැක්වෙයි | 2018 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබේ. මෙවර තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 6 කි. මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මස 15 වන දා ආරම්භ වනු ඇති. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙනි. මෙවර තරගාවලියට සුපිරි කණ්ඩායම් 6 ක් එක්වන අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ඝනිස්තානය සහ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියෙන් තේරීපත් වන රට ඊට ඇතුළත් ය. සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය සඳහා හොංකොං, නේපාලය, මැලේසියාව, ඕමානය, සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරග වැදීමට නියමිත වේ. ඉන් ජය ගන්නා කණ්ඩායම ලබන සැප්තැම්බර් 15 වන දා සිට 28 වන දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ A කාණ්ඩය සඳහා සුදුසුකම් ලබා ගනී. A කාණ්ඩයේ සෙසු කණ්ඩායම් දෙක වන්නේ වත්මන් ආසියානු ශූරයින් වන ඉන්දියාව සහ පකිස්තානයයි. B කාණ්ඩයට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්ථානය ඇතුළත් ය. එම කාණ්ඩ දෙකෙන් පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නියමිත වේ. තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය එළඹෙන සැප්තැම්බර් මස 15 වන දා තරග බිමට පිවිසෙනු ඇති. |
2018-07-24T20:38:54.000Z | පකිස්ථානයේ 11 වන මහ මැතිවරණය අද යි | පකිස්ථානයේ 11 වන මහ මැතිවරණය අද යි | දැඩි ආරක්ෂාව මධ්‍යයේ නව රජයක් පත්කර ගැනීමේ බලාපොරොත්තුවෙන් පකිස්ථාන වැසියන් අද සිය ඡන්දය භාවිත කිරීමට නියමිත වේ. පකිස්ථාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය සහ පළාත් සභාවන් 4 ක් සඳහා සභිකයින් පත් කර ගැනීමට වන මැතිවරණය අද පැවැත්වෙනු ඇති. පකිස්ථානය පුරා ඡන්ද මධ්‍යස්ථන 85,000කට අධික ප්‍රමාණයක, එරට වේලාවෙන් අද පෙරවරු 8.00 ට ඡන්දය භාවිත කිරීම ආරම්භවීමට සියලු කටයුතු සූදානම් බව සඳහන් ය. මෙවර මැතිවරණයේදී, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් කාන් තරග වදින පී.ටී.අයි පක්ෂය, හිටපු අගමැති නවාස් ශරිෆ්ගේ පී.එම්.එල්.එන් පක්ෂය පරාජය කරනු ඇතැයි බොහෝ දේශපාලන විචාරකයින් පවසති. ඡන්ද මධයස්ථාන අවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව විදෙස් වාර්තාන්හි සඳහන් වේ. කෙසේ වෙතත් මානව අයිතිවාසිකම් කොමිසම පැවසූවේ, අද පැවැත්වෙන මැතිවරණයේදී මැතිවරණ අක්‍රමිකතා සිදුවීමේ වැඩි ප්‍රවණාතවක් ඇති බවයි. අද පැවැත්වෙන මැතිවරණයෙන් ජාතික සභාවේ ආසන 272 ක් සඳහා සභිකයින් තෝරා පත්කර ගැනීමට නියමිත අතර ඒ සඳහා ලියාපදිංචි වී ඇති ඡන්ද දයකයන් ගණන මිලියන 106 කි. කාන්තා අපේක්ෂකයින් සංඛ්‍යාව 171 ක් වන අතර මැතිවරණ ආරක්ෂාව සඳහා ඇති මුළු සෙබලුන් ගණන 371,000 ක් වේ. |
2018-07-24T20:08:39.000Z | වේලායුධය රැගත් රිය පෙරහැර අද කතරගම පුදබිමට | වේලායුධය රැගත් රිය පෙරහැර අද කතරගම පුදබිමට | COLOMBO (News 1st) - ආඩිවේල් ශක්තිවේල් මංගල්‍ය වෙනුවෙන් සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රයට වැඩම කර වූ වේලායුධය රැගත් රිය පෙරහැර අද රුහුණු මහා කතරගම දේවාල පරිශ්‍රය දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිත වේ. යාපනය ඓතිහාසික සෙල්වසන්නිධි කෝවිලේ සිට වැඩම කෙරුණු වේලායුධය සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රයේ සිට පෙරේදා කතරගම පූජා භූමිය බලා ගමන් ආරම්භ කළේ විචිත්‍රවත් පෙරහැරකිනි. |
2018-07-24T19:57:47.000Z | මුහුද අවට සුළං වේගය ඉහළ යාමේ අවදානමක් | මුහුද අවට සුළං වේගය ඉහළට | COLOMBO (News 1st) - මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යාමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක මහත්මිය සඳහන් කළේ, මේ හේතුවෙන් මුහුදු රළ ඉහළ යන බවයි. මේ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. |
2018-07-24T19:50:06.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්.. | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්.. | 1. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන කාන්තාවන්ට දුන් ලක්ෂය දක්වා ණය කපා හැරේ: පෞද්ගලික මූල්‍ය ආයතනවලින් ලබාගත් කුඩා පරිමාණයේ ණය මුදල් සඳහා සහන සැලසීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ. එම රැස්වීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ, කුඩා පරිමාණයේ පුද්ගලික මූල්‍ය ආයතනවලින් ලබාදුන් ණය විශේෂයෙන්ම නියඟයෙන් පීඩා විදිච්ච ජනතාවට ඒ ණය සහන ක්‍රමයකට කපා හරින යෝජනාව සම්මත වූ බවයි. මේ අතර නිවේදනයක් නිකුත් කරන මුදල් අමාත්‍යංශය පැවසූවේ, නියඟයෙන් පීඩාවට පත් කාන්තාවන්ට ක්ෂූද්‍ර මූල්‍ය ආයතන මගින් ලබාදුන් ණය කපා හැරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවයි. 2. චීනය සහ ඉන්දියාවෙන් මෙරට සිදු කරන ව්‍යාපෘති: ඩකලපුව කිරාන් ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අද පැවැත් විණි. නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. ව්‍යාලේන්ද්‍රන් හා එස්. යෝගේෂ්වරන් ඇතුලු මැති ඇමතිවරු පිරිසක් සහභාගි වූ මෙම රැස්වීමේදී ප්‍රදේශයේ ඉඩම් චීන සමාගම්වලට ලබාදීමේ යෝජනාවක් පිළිබඳව අදහස් පළ විය. 3. මහින්ද සහ සම්බන්ධන් චීන ආරක්ෂක දින සැමරුමේදී කතා කළේ මොනවා ද?: චීන සමූහාණ්ඩුවේ ආරක්ෂක දින සැමරුම කොළඹදී පැවැත්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙනි. කොළඹ ශ්‍රැන්ගිලා හෝටලයේ පැවති මෙම උත්සවයට සහභාගිවීමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගත්තේ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා යි. හිටපු ජනාධිපතිවරයා උත්සවය ආරම්භවීමට පෙර විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සමග දීර්ඝ සාකච්ඡාවක නිරතව සිටියේ ය. 4. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ කමිටුව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි: මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත් විය. මරණ දඬුවම නියම වී බන්ධනාගාරගත ව සිට තවදුරටත් එම ජාවාරම්වලට මැදිහත් වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බදුන් වී ඇතැයි වාර්තා වනු ඇත. විදෙස් පුවත් 5. ලාඕසයේ වේල්ලක් කැඩී යාමෙන් පුද්ගලයින් රැසක් මරුට: ලාඕසයේ ජලාශයක වේල්ලක් බිඳී යාමෙන් පුද්ගලයින් විශාල පිරිසක් මියගොස් තව ත් සිය ගණනක් අතුරුදන්වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගිණිකොනදිග ලාඕසයේ ඇටාපියු ප්‍රදේශයේ පිහිටි ජලාශයක වේල්ලක් මෙලෙස බිඳී ගොස් ඇති බවයි. ක්‍රීඩා පුවත් 6. චරිත් සේනානයක ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ධූරයට: චරිත් සේනානයක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් නව කළමනාකරු ලෙස පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව සඳහන් කළේ ය. 7. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිසි බලධාරියෙකු පත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක්: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිසි බලධාරියෙකු පත් කිරීම සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් මණ්ඩල සාකච්ඡාවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. 8. දිමුත් සහ හේරත් ICC ශ්‍රේණිගත කිරීම්හී ඉදිරියට: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නවතම පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හී 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. දකුණු අප්‍රිකාව සමග ඊයේ නිමාවට පත් වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉනිම හතරේදී, දිමුත් කරුණාරත්න ලකුණු 356 ක් රැස් කළ අතර ඊට ශතකයක් සහ අර්ධ ශතක තුනක් ඇතුළත් විය. |
2018-07-24T11:32:27.000Z | මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ කමිටුව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි | මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන විශේෂ සාකච්ඡාවක් | COLOMBO (News 1st) - මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද ජනාධිපති කාර්යාලයේදී පැවැත් විය. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා ප්‍රකාශ කළ පරිදි මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම පිළිබඳව කටයුතු සොයා බැලීමට පත් කළ කමිටුව අද මෙලෙස රැස් ව තිබේ. ඊට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරින් මෙන් ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් ඇතුලු පිරිසක් එක් වූ බව වාර්තා වේ. මරණ දඬුවම නියම වී බන්ධනාගාරගත ව සිට තවදුරටත් එම ජාවාරම්වලට මැදිහත් වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බදුන් වී ඇතැයි වාර්තා වනු ඇත. |
2018-07-24T11:14:52.000Z | චරිත් සේනානයක ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ධූරයට | චරිත් සේනානයක ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ධූරයට | COLOMBO (News 1st) - චරිත් සේනානයක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් නව කළමනාකරු ලෙස පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව සඳහන් කළේ ය. ඒ අනුව චරිත් සේනානායක මහතා මේ මස 25 වන දා සිට සැප්තැම්බර් 30 වන දා දක්වා එම තනතුරේ කටයුතු කිරීමට නියමිත වේ. |
2018-07-24T10:51:55.000Z | සුමන්දිරන් හා ජයම්පති අලුත් ව්‍යවස්ථාවකට මැදිහත්වීම් කරන්නේ කුමන අරමුණකින්ද? | නව ව්‍යවස්ථා කෙටුම්පත ගැන සාකච්ඡාවක් | COLOMBO (News 1st) - නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කළ විද්වත් කමිටුව අද යළි ත් රැස්වී තිබේ. මේ වනවිට විද්වත් කමිටුව යෝජනා ඇතුලත් වාර්තා දෙකක් ඉදිරිපත් කර ඇත. සාමාජිකයින් 6 දෙනෙක් එක් වාර්තාවක් සකස් කර ඇති අතර තව ත් දෙදෙනෙකු වෙනම වාර්තාවක් සකස් කර තිබේ. මෙම වාර්තා සකස් කිරීමේදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න යන මහත්වරුන් මේ සඳහා මැදිහත්වීම් සිදු කරන බවට මේ වනවිට අප්‍රසාදයට ලක් වී තිබේ. ස්වාධීනව තම කාර්යය ඉටුකිරීමට ඉඩදෙන්නැයි විද්වත් කමිටුව මේ වනවිටත් ඔවුන්ට දැනුම්දී ඇතැයි වාර්තා වේ. සුමන්දිරන් හා ජයම්පතී වික්‍රමරත්න මහත්වරුන් මෙවැනි කටයුතුවලට මැදිහත් වූ පළමු අවස්ථාව මෙය නොවේ. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමේදී ප්‍රධාන කාර්යයක් ඉටු කළේ ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතායි. ජනාධිපතිවරයාගේ බලතළ කප්පාදු කිරීමට ඒ මගින් දැඩි ලෙස උනන්දු වූ මේ පුද්ගලයින් අගමැතිවරයා පහුසවෙන් ඉවත් කිරීමට පවා නොහැකි අයුරින් වගන්ති ඊට ඇතුලත් කළේ ය. මාධ්‍යවේදීන් සිරගත කිරීමට පවා ඉඩ සැලසෙන වගන්ති 19 ට ඇතුලත් කලත් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නිගමනය මත එය වැළැක් විණි. දැන් යළි ත් අලුත් ව්‍යවස්ථාවකට මේ පුද්ගලයින් මැදිහත්වීම් සිදු කරමින් සිටින්නේ කුමණ අරමුණකින් ද? එම්. ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා දෙමළ හා ඉංග්‍රීසි පිටපත් නැතැයි මතු කළ කරුණ නිසා බැඳුම්කර වංචාව ගැන තවමත් පාර්ලිමේන්තුවේ විවාද කිරීමට අවස්ථාවක් නොලැබී තිබේ. එපමණක් නොව සුමන්දීරන් මහතා නීතිඥවරයෙකු ලෙස බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා නැගුන මහ බැංකුවේ නිලධාරියෙකු වෙනුවෙන් ජනාධිපති කොමිසම හමුවේ පවා පෙනී සිටියේ ය. රටේ අනාගතය ගැන තීරණාත්මක කරුණක් වන අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම වැනි කරුණකට කරන මේ මැදිහත්වීම් ගැන ජනතාව අවධියෙන්. |
2018-07-24T10:16:30.000Z | ස්වාධීන රූපවාහිනිය ප්‍රබල ඇමතිවරයෙකුට විකිණීමේ සැලැස්මක් - සුදර්මන් රදලියගොඩ | ITN ප්‍රබල ඇමතිවරයෙකුට විකිණීමේ සැලැස්මක් | COLOMBO (News 1st) - යුක්තියට හඬක් සංවිධානය අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. යුක්තියට හඬක් සංවිධානයේ සංස්කාරක, සුදර්මන් රදලියගොඩ, රේටීන්වලට නොම්බර එකට හිටපු ස්වාධීන රූපවාහිනිය අද නොම්බර් 06 ට 07 ට වැටිලා තියෙනවා. හැබැයි අපිට සැකයක් තියෙනවා ස්වාධීන රූපවාහිනය පැත්තෙන් ගත්තොත් ඇයි ස්වාධීන රූපවාහිනිය පාඩු ලබන්නේ අපි හම්බන්තොට වරාය ගත්තොත් පාඩුයි පාඩුයි කියලා චීන සමාගමකට අනු නව අවුරුද්දකට බද්දට විකුණුවා. දැන්න මත්තල ගුවන්තොටුපොළ පාඩුයි පාඩුයි කියලා ඉන්දියාවට විකුනන්න යනවා. මාධ්‍ය ආයතනයක් වෙච්ච ස්වාධීන රූපවාහිනියත් පාඩුයි පාඩුයි කියලා කාට හරි ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකුට විකුණලා දායි ඒ සැලැස්මත් ක්‍රියාත්මක වෙනවා කියලා අපි වගකීමෙන් කියනවා |
2018-07-24T09:28:29.000Z | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිසි බලධාරියෙකු පත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් | ක්‍රිකට් ආයතනයට සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිසි බලධාරියෙකු පත් කිරීම සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් මණ්ඩල සාකච්ඡාවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. |
2018-07-24T09:12:27.000Z | චීනය සහ ඉන්දියාවෙන් මෙරට සිදු කරන ව්‍යාපෘති | චීනය සහ ඉන්දියාවෙන් මෙරට සිදු කරන ව්‍යාපෘති | COLOMBO (News 1st) - මඩකලපුව කිරාන් ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අද පැවැත් විණි. නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. ව්‍යාලේන්ද්‍රන් හා එස්. යෝගේෂ්වරන් ඇතුලු මැති ඇමතිවරු පිරිසක් සහභාගි වූ මෙම රැස්වීමේදී ප්‍රදේශයේ ඉඩම් චීන සමාගම්වලට ලබාදීමේ යෝජනාවක් පිළිබඳව අදහස් පළ විය. ද්‍රවිඩ ජාතික සන්ධානයේ පා.ම, එස්. ව්‍යාලේන්ද්‍රන්, 2016 දී කිරාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම්, චීන සමාගම් කිහිපයකට ලබාදීම සඳහා තීරණයක් අරගෙන තිබෙනවා කියලා මට තොරතුරු ලැබිලා තියෙනවා. මේ ගැන ඔබලා දන්නවා ද? කිරාන් දකුණ ප්‍රාදේශීය ලේකම්, එස්. රාජ්පාවු, නෑ... නෑ... දෙමළ ජාතික සන්ධානයේ පා.ම, එස්. යෝගේෂ්වරන්, චීන සමාගම්වලට හෙක්ටයාර් 6250 ක් දෙන්න ආණ්ඩුව ගිවිසුම් ගහලා තියෙනවා. ඒ ගිවිසුම්වලට අදාළ ලිපි ලේඛනවල පිටපත් මගේ ළඟ තියෙනවා. 2016 මේ ගිවිසුම ගහලා තියෙන්නේ. තොප්පිගලින් පිටිපස්සේ තියෙන ප්‍රදේශයෙන් හෙක්ටයාර් 2500 ක් අරන් තියෙනවා වනෝද්‍යානයක් හදන්න කියලා. ඒක අරන් දැන් පෞද්ගලික ව්‍යාපාරිකයොන්ටදීලා තියෙනවා. මේකට ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී අනුමැතිය දුන්නෑ. මේ ගැන කවුරුත් දන්නෙත් නෑ. මේ රැස්වීමේදී අපි තීන්දුවක් ගන්නවා මේකට අනුමැතිය දෙන්නේ නෑ කියලා දෙමළ ජාතික සන්ධානයේ පා.ම, එස්. යාලේන්ද්‍රන්, මේ ඉඩම් දෙන්න එපා කියලා අපි මෙතනදී තීරණයක් ගන්නවා. චීන සී.අයි.එම්.සී ඉංජිනියර්ස් සමාගම සමග තමයි මේ අය ගිවිසුම් ගහලා තියෙන්නේ. අපේ ප්‍රදේශයේ ඉඩම් රැසක් මේ චීන සමාගම්වලට ගියොත් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. වගා කරන්න ඉඩම් නැතිවෙනවා. අනික සත්තුන්ට ආහාර හොයාගන්න තණබිම් නැති වෙනවා. මේ වනවිට චීන හා ඉන්දීය ආයෝජන ව්‍යාපෘති ණය ආධාර ව්‍යපෘති මෙන්ම හවුල් ව්‍යාපෘති ගණනාවක් රට තුළ ක්‍රියාත්මක වේ. මත්තල, කන්කසන්තුරේ වරාය, කන්තලේ සීනි කම්හල, ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාව සමග ක්‍රියාත්මකයි. ඉදිරියේදී ද්‍රව වායු සැපයුම මෙන් ම විදුලිය සැපයුම් ඉන්දියාව සමග සිදු කිරීමට ද දැනටමත් අවධානය යොමු වී ඇත. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, නොරොච්චෝලේ බලාගාරය, කොළඹ දකුණු වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය තුන්වන අදියර, දකුණු දුම්රිය මාර්ගයේ මාතර හම්බන්තොට කොටස, මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර, කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත කෙරවලපිටිය කොටස චීන ව්‍යාපෘති කිහිපයකි. |
2018-07-24T08:31:59.000Z | දිමුත් සහ හේරත් ICC ශ්‍රේණිගත කිරීම්හී ඉදිරියට | දිමුත් සහ හේරත් ICC ශ්‍රේණිගත කිරීම්හී ඉදිරියට | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නවතම පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හී 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. දකුණු අප්‍රිකාව සමග ඊයේ නිමාවට පත් වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉනිම හතරේදී, දිමුත් කරුණාරත්න ලකුණු 356 ක් රැස් කළ අතර ඊට ශතකයක් සහ අර්ධ ශතක තුනක් ඇතුළත් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. |
2018-07-24T08:34:32.000Z | මහින්ද සහ සම්බන්ධන් චීන ආරක්ෂක දින සැමරුමේදී කතා කළේ මොනවා ද? | මහින්ද සහ සම්බන්ධන් කතා කළේ මොනවා ද? | COLOMBO (News 1st) - චීන සමූහාණ්ඩුවේ ආරක්ෂක දින සැමරුම ඊයේ පස්වරුවේ කොළඹදී පැවැත්වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙනි. කොළඹ ශ්‍රැන්ගිලා හෝටලයේ පැවති මෙම උත්සවයට සහභාගිවීමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගත්තේ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා යි. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ උත්සවයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගි විය. හිටපු ජනාධිපතිවරයා උත්සවය ආරම්භවීමට පෙර විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා සමග දීර්ඝ සාකච්ඡාවක නිරතව සිටියේ ය. උත්සවය ආරම්භයේ චීන ජාතික ගීය වාදනය කළ අතර ශ්‍රී ලංකාවේ ජාතික ගීය වාදනය කිරීම සිදුවූයේ ඉන් පසුවයි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ උපදේශක, ජ්‍යෙෂ්ඨ කර්නල් සූ ජියෑන්වි, චීනයේ හමුදා බලකායන් සංකල්පය වනුයේ විස්තරාත්මක සහයෝගිතා හා තිරසර ආරක්ෂාව යන්නයි. ඔවුන් තවදුරටත් හමුදාවන් අතර සහයෝගය වැඩිදියණු කර ගැනීමට කටයුතු සිදු කරනවා. ආරක්ෂාව තවදුරටත් තරකිරීමට ඔවුන්ට විශේෂ වූ යාන්ත්‍රණයක් තිබෙනවා. දැන් හමුදාවේ විශ්වාසනීයත්වය තවදුරටත් වැඩිදියුණු කරගන්න සහ තව තව ත් සංවර්ධනය උදෙසා අවශ්‍ය සමකාමී පරිසරයක් නිර්මාණය කරන්න කටයුතු කරනවා. චීනය මෙරට සාමජිය සංවර්ධනය සහ උදෙසා දායකත්වයක් ලබාදෙනවා මෙන්ම හමුදාවන් තවදුරටත් ශක්තිමත් කිරීමට සහයෝගය ලබාදෙනවා. කාලය ගෙවීයන්න යන්න ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවදුරයත් වැඩිදියුනු වෙනවා. චීනයේ හමුදා භටයින් දන්නවා ලංකාව සමග සහයෝගය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය. ආරක්ෂක ආමාත්‍යාංශයේ ලේකම්, කපිල වෛද්‍යරත්න, චීනයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු හමුදාමය උපකරණ සහ තාක්ෂණය දෙරට අතර ඇති ආරක්ෂක සබඳතා තහවුරු කරනවා. සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු දෙරට අතර ඇති අන්‍යෝන්‍ය සහාය සහ දීර්ඝ කාලීන මිත්‍රත්වය ශක්තිමත් වන මේ 21 වැනි සියවසේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත්ව වර්ධනය වනවා. ශ්‍රී ලංකාවට ලබාදුන් සහයට චීනයට සහ චීන ජනතාවට ස්තූතියි. චීන සමූහාණ්ඩුවේ ආරක්ෂක දින සැමරුම් උත්සවයට වත්මන් රජයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද සහභාගි වී සිටියහ. |
2018-07-24T09:19:52.000Z | නූගත් හොරුන්ට වඩා උගත් හොරුන් භයානකයි - රාජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න | නූගත් හොරුන්ට වඩා උගත් හොරුන් භයානකයි | COLOMBO (News 1st) - 2019 / 20 අයවැය යෝජනා සඳහා මානව සංවර්ධනය මැයෙන් අද කොළඹදී සම්මන්ත්‍රණයක් පැවැත් විය. මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුනේ, ජාතික මානව සම්පත් සංවර්ධන කවුන්සිලය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය හා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය එක්වයි. මුදල් රාජ්‍ය අමාත්‍ය, ඉරාන් වික්‍රමරත්න, අපිට මිලියන 21 ක ජනගහනයක් ඉන්න රටක්, ආසියාවේ සමහර නගරවලත් ඊට වඩා ජනතාව ඉන්නවා. අපිට ලෝක වෙළෙඳපොළට යන්න අවශ්‍යයයි. තනි රටක් ලෙස එය කිරීමට නොහැකියි. රටක් විදිහට අපි තරඟකාරි විය යුතුයි එයයි අපිට ඇති අභියෝගය. අපි දේශපාලඥයෝ අපව පත් කරන්නේ ජනතාව මිනිස්සු වටපිට බලලා කෝ සංවර්ධනය කියලා අහනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ ක්ෂේත්‍රවල දියුණුව පෙන්නේ නෑ හැබැයි පාලමක් හරි පාරක් හරි හැදුවොත් එක පෙනවා. මේක තමයි දේශපාලඥයින්ට ඇති අභියෝගය. මම දන්නේ නෑ ඔබලා දන්නවාද කියලා අපේ ආණ්ඩුව මේ දවස්වල මහාමාර්ග හදනවා පහුගිය ආණ්ඩුව අවුරුදු 10 ට හැදුවට වඩා වැඩියෙන්. මාතර හම්බන්තොට අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය දුම්රිය මාර්ග මේ සියල්ලම මගේ පෞද්ගලික මතය නම් මහාමාර්ග හදනවාට වඩා මානව සංවර්ධනයට ප්‍රමුඛතාව දිය යුතුයි මොකද රටේ අනාගය වන්නේ එයයි. අපි සැමටම සමානව සලකන සමාජයක් බිහි කළ යුතුයි. කවර ආකාරයේ අධ්‍යාපනයක් ලැබුවත් එය සදාචාර සම්පන්න අධ්‍යාපනයක් විය යුතුයි. හරි වැරැද්ද තොරාගත හැකි විය යුතුයි. මක්නිසාද උගත් හොරුන් නූගත් හොරුන්ට වඩා අතිශය භයානක නිසා |
2018-07-24T07:43:00.000Z | ද. අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලියේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට | එක්දින තරගාවලියේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට | COLOMBO (News 1st) - සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් පත් කර තිබේ. දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 5ක් පැවැත්වීමට නියමිත ය. එහි පළමු තරගය මේ මස 29 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ය. ඒ සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් ය. වමතින් දඟ පන්දු යවන නවක ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය එක්දින සංචිතයට කැඳවා තිබේ. මේ අතර දිමුත් කරුණාරත්න, ඉසුරු උදාන, නිෂාන් පීරිස් සහ ජෙෆ්රි වැන්ඩසේ අතිරේක ක්‍රීඩකයින් ලෙස සංචිතයට එක් කර තිබේ. ඒ අනුව සංචිතය මෙසේය. 01 - ඇන්ජලෝ මැතිව්ස් (නායක) 02 - දසුන් ශානක 03 - කුසල් ජනිත් පෙරේරා 04 - ධනංජය ද සිල්වා 05 - උපුල් තරංග 06 - කුසල් මෙන්ඩිස් 07 - තිසර පෙරේරා 08 - නිරෝෂන් දික්වැල්ල 09 - සුරංග ලක්මාල් 10 - ලහිරු කුමාර 11 - කසුන් රාජිත 12 - අකිල ධනංජය 13 - ප්‍රභාත් ජයසූරිය 14 - ලක්ෂාන් සඳකැන් 15 - ශෙහාන් ජයසූරිය අතිරේක 01 - දිමුත් කරුණාරත්න 02 - ඉසුරු උදාන 03 - නිෂාන් පීරිස් 04 - ජෙෆ්රි වැන්ඩර්සේ |
2018-07-24T07:00:09.000Z | ක්ෂුද්‍ර මූල්‍ය ආයතන කාන්තාවන්ට දුන් ලක්ෂය දක්වා ණය කපා හැරේ | ක්ෂුද්‍ර මූල්‍ය ආයතන කාන්තාවන්ට දුන් ණය කපා හැරේ | COLOMBO (News 1st) - පෞද්ගලික මූල්‍ය ආයතනවලින් ලබාගත් කුඩා පරිමාණයේ ණය මුදල් සඳහා සහන සැලසීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ. ඒ පිළිබඳව අනාවරණ කළේ එම රැස්වීමෙන් පසුව මාධ්‍යයට අදහස් දැක් වූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතායි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස, තීන්දුවක් ගත්තා අර කුඩා පරිමාණයේ පුද්ගලික මූල්‍ය ආයතනවලින් ලබාදීලා තිබෙන ණය විශේෂයෙන්ම නියඟයෙන් පීඩා විදිච්ච ජනතාවට ඒ ණය සහන ක්‍රමයකට කපා හරින යෝජනාව අද සම්මත වුනා. පළවෙනි අදියර හැටියට උතුර ඇතුලු නියඟයෙන් පීඩා විදිච්ච බල ප්‍රදේශවලයි ක්‍රියාත්මක කරන්නේ ඒ කියන්නේ එතකොට ඒක දිස්ත්‍රික්ක ගණනාවක් උතුරටවත් නැගෙනහිරටවත් සීමා නොවේ දිස්ත්‍රික්ක ගණනාවක ඒක ක්‍රියාත්මක වෙනවා මේ අතර නිවේදනයක් නිකුත් කරන මුදල් අමාත්‍යංශය පැවසූවේ, නියඟයෙන් පීඩාවට පත් කාන්තාවන්ට ක්ෂූද්‍ර මූල්‍ය ආයතන මගින් ලබාදුන් ණය කපා හැරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවයි. ඒ අනුව එවැනි ආයතන කාන්තාවන්ට ලබාදී ඇති රුපියල් ලක්ෂය දක්වා වූ ණය මුදල් කපා හැරීමට රජය තීරණය කර ඇත. මුදල් අමාත්‍යංශය පැවසූවේ, දිස්ත්‍රික්ක 12 ක කාන්තාවන් විසින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් ලබා ගෙන තිබූ පරිභෝජනය සඳහා නොවන ණය කපා හැරෙන බවයි. ඊට අදාළ දිස්ත්‍රික්කවන්නේ ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව, මන්නාරම කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර හා පොළොන්නරුව යි. කපා හැරෙන ලක්ෂය දක්වා වූ ණය මුදල් මහා භාණ්ඩාගරය මගින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වෙත ප්‍රතිපූර්ණය කෙරෙනු ඇති. |
2018-07-24T06:37:10.000Z | කොළඹ, මැලිබන් වීදියේ ගබඩාවක ගින්නක් | මැලිබන් වීදියේ ගබඩාවක ගින්නක් | COLOMBO (News 1st) - කොළඹ, මැලිබන් වීදියේ මහල් ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන තිබේ. කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගොඩනැගිල්ලේ තෙවන මහලේ ගින්න හට ගෙන ඇති බවයි. එහි ගබඩාවක් පවත්වා ගෙන ගොස් ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවා රථ 06 ක් මේ වන විට එම ස්ථානයට පිටත් කර හැර ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා කටයුතු ආරම්භ කර ඇත. |
2018-07-24T06:21:57.000Z | 21 වන සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ලබන පසළොස්වක පෝයදා | 21 වන සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය පසළොස්වක පෝයදා | 21 වන ශතවර්ෂයේ මෙතෙක් වාර්තා වූ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ලබන 27 වන පසළොස්වක පොහොය දිනයේ දිස්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තාවල දැක්වෙන්නේ, මෙම චන්ද්‍රග්‍රහණය පැය 1.45 ක කාලයක් පවතිනු ඇති බවයි. මෙහිදී රෙඩ් බ්ලඩ් මූන් හෙවත් චන්ද්‍රයා ඉතා තද රතු පැහැයෙන් දිස්වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මනා ලෙස චන්ද්‍රග්‍රහණය සිදුවන අවස්ථාවකදී සූර්යාලෝකය පතිතවීම හේතුවෙන් මෙලෙස චන්ද්‍රයා ඉතා තද රතු පැහැයෙන් දිස් වනු ඇති. උතුරු අමෙරිකාව හැර ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, යුරෝපය, අප්‍රිකාව සහ ආසියාව ආදී සෙසු ලොව සෑම ප්‍රදේශයකටම මෙම චන්ද්‍රග්‍රහණය දිස්වනු ඇත. |
2018-07-24T05:58:34.000Z | හදිසි අනතුරු රෝගීන් තිදෙනෙකු භාර නොගත් තම්මැන්නාව රෝහල ගැන සෞඛ්‍ය ඇමති නියමයෙන් පරීක්ෂණයක් | තම්මැන්නාව ග්‍රාමීය රෝහල ගැන පරීක්ෂණයක් | COLOMBO (News 1st) - හදිසි අනතුරකට ලක් ව තුවාල ලැබුවන් තිදෙනෙකු අනුරාධපුර තම්මැන්නාව ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමට යෑමේදී වෛද්‍යවරයෙකු නොමැති බව පවසමින් ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන්නැයි සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ. ඒ සම්බන්ධයෙන් සති දෙකක් තුළ පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි එහිදී අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත. තම්මැන්නාව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලැබු එකම පවුලේ තිදෙනෙකු පසුගිය දා තම්මැන්නාව රෝහලට ඇතුළත් කිරීමට රැගෙන ගොස් තිබේ. පසුව අදාළ රොහ්ලේ වෛද්‍යවරයෙකු නොමැතිවීමෙන් තුවාලකරුවන් මිහින්තලය රෝහල වෙත රැගෙන යන අතරතුරදී පියා සහ දරුවා ජීවිතක්ෂයට පත් විය. තුවාල ලැබු මව තවදුරටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනු ඇති. |
2018-07-24T05:29:27.000Z | බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු විසඳීමට කඩිනම් වැඩපිළිවෙළක් | බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු විසඳීමට වැඩපිළිවෙළක් | COLOMBO (News 1st) - බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සෘජුව විසඳීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ. විෂයභාර අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවේ, රැඳවියන්ගේ ගැටලු විසඳීම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් රැඳවියන් දැඩි අපහහුතාවයට පත් ව ඇති බවයි. එම තත්ත්වය මග හරවාලීම සඳහා නව වැඩසටහනක් ඉදිරියේදී ආරම්භ කරන බවත් ඒ හරහා රැඳවියන්ගේ ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළේ ය. තලතා අතුකෝරාල මහත්මිය මේ බව සඳහන් කළේ, බුස්ස බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි. |
2018-07-24T03:12:56.000Z | ලාඕසයේ වේල්ලක් කැඩී යාමෙන් පුද්ගලයින් රැසක් මරුට | ලාඕසයේ වේල්ලක් කැඩී යාමෙන් පුද්ගලයින් රැසක් මරුට | ලාඕසයේ ජලාශයක වේල්ලක් බිඳී යාමෙන් පුද්ගලයින් විශාල පිරිසක් මියගොස් තවත් සිය ගණනක් අතුරුදන්වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගිණිකොනදිග ලාඕසයේ ඇටාපියු ප්‍රදේශයේ පිහිටි ජලාශයක වේල්ලක් මෙලෙස බිඳී ගොස් ඇති බවයි. වේල්ල බිඳී යාමෙන් පහත් බිම්වල පිහිටි ගම්මාන 6ක් ජලයෙන් යට වී ඇති අතර වේල්ල බිඳී යාමෙන් හටගත් හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගයින් 6000කට අධික පිරිසකට උන්හිටි තැන් අහිමි වී තිබේ. වේල්ල බිඳී යාමට හේතුව මෙතෙක් හෙළි වී නොමැත. |
2018-07-24T01:16:20.000Z | සුසෙයිගේ කුඩු ජාවාරමට වැලිකඩ නිලධාරීන්ගේ ත් සහය.? | සුසෙයිගේ කුඩු ජාවාරමට බන්ධනාගාරෙනු ත් සහය.? | COLOMBO (News 1st) බන්ධනාගාරගතව සිටිමින් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවීම සඳහා 'සුසෙයිට' බන්ධනාගාර නිලධාරීන්ගේ ද සහය ලැබී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු සඳහන් කළේ, පසුගිය 7 වනදා කළුබෝවිල සහ සුභූතිපුර ප්‍රදේශවලදී අනාවරණය කරගත් මහා පරිමාණ හෙරෝයින් ජාවාරට සම්බන්ධ මෙහොමඩ් මාහිර් නමැති සුසෙයිගේ ප්‍රධාන ගෝලයකු සන්තකයේ තිබූ දුරකථනය පරීක්ෂා කිරීමේදී එම තොරතුරු තහවුරු කර ගැනීමට හැකි වූ බවයි. ධර්මරාසා සුසේන්ද්‍රන් නොහොත් සුසෙයිගේ ප්‍රධාන ගෝලයකු වන මොහොමඩ් මාහීර්ගේ ජංගම දුරකථනයේ බන්ධනාගාර නිලධාරීන් 08 දෙනෙකුගේ පමණ දුරකථන අංක තිබූ බව තහවුරු වී තිබේ. එම දුරකථන අංක හරහා ඇමතුම් හුවමාරු වී ඇති බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ ය. මේ අතර සුසෙයි ළඟ තිබී සොයා ගත් දුරකථනය සම්බන්ධයෙන් ද මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ. අදාල බන්ධනාගාර නිලධාරීන් 08 දෙනා සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දන්වා ඇති ඇතර දුරකතන තොරතුරු සම්බන්ධ වාර්තාවක් ද ලබා දී තිබේ. දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ධර්මරාසා සුසේන්ද්‍රන් හෙවත් සුසෙයි, 2013 වසරේ බම්බලපිටිය හෝටලයක් තුළදී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 250ක් සමග අත්අඩංගුවට ගෙන ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබූ අයෙකි. |
2018-07-24T01:00:59.000Z | උසාවි සංකීර්ණයට ආ කාන්තාවක් ළඟ කුඩු පැකට් 22ක් | උසාවි සංකීර්ණයට ආ කාන්තාවක් ළඟ කුඩු පැකට් 22ක් | COLOMBO (News 1st) ගල්කිස්ස අධිකරණ සංකීර්ණයට පැමිණි කාන්තාවක් ළඟ තිබී හෙරොයින් පැකට් 22 ක් සොයා ගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ, අද පෙරවරුවේ අධිකරණ සංකීර්ණයට පැමිණි එම කාන්තාව පිළිබඳ සැක මතුවීමෙන් පසු පොලීසිය ඇය පරීක්ෂාවට ලක් කර ඇති බවයි. එහිදී ඇයගේ ඇඳුම් අතර සඟවා තිබූ මෙම හෙරොයින් පැකට් තොගය සොයා ගෙන තිබේ. පසුව වැඩිදුර විමර්ශන සඳහා අදාළ කාන්තාව ගල්ලකිස්ස පොලීසිට රැගෙන ගොස් තිබේ. රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇයගේ ස්වාමි පුරුෂයා බන්ධනාගාරතව සිටින්නෙකු බව වාර්තා වේ. |
2018-07-24T00:28:43.000Z | ග්‍රීසිය ගිනි නිවීමට ජාත්‍යන්තර සහය පතයි | ග්‍රීසිය ගිනි නිවීමට ජාත්‍යන්තර සහය පතයි | ග්‍රීසියේ ඇතෑන්ස් අවට ප්‍රදේශයේ පැතිර යන ලැව් ගින්න පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර සහය පතා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ගින්න නිවීම සඳහා හෙළිකොප්ටර් යානා සහ අතිරේක ගිනිනිවීම් භටයින් ලබා දෙන ලෙස ග්‍රීසිය යුරෝපා රටවලින් ඉල්ලීම් කර ඇති බවයි. ගින්නට හසු වීමේන් මේ වන විට පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ළමුන් ද ඇතුළුව පුද්ගලයින් 100 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. තුවාලකරුවන්ගෙන් 11 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ වනවිට ඇතෑන්ස් අවට ඇටිකා කලාපයේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ. සිය ගණනක් වූ ගිනිනිවීම් නිලධාරීන් ගින්න පාලනය කිරීම සඳහා දැඩි උත්සාහයක නිරතව සිටින අතර ඇතෑන්ස් අගනුවර අවට ජනතාව සිය නිවෙස්වලින් ද ඉවත්ව ගොස් තිබේ. අග්‍රාමාත්‍ය ඇලෙක්සිස් සිප්රස් බොසිනියානු සංචාරය අවලංගු කර ඇති අතර ඔහු පවසා ඇත්තේ, තත්ත්වය පාලනය කිරීම සඳහා සෑම උත්සාහයක් ම ගන්නා බවයි. මියගිය පිරිසෙන් බහුතරය ඇතෑන්ස්හි ඊසානදිග කොටසේ පිහිටි මුහුදට ආසන්නව පිහිටි නිවාඩු නිකේතනක සිටි පිරිස් වන අතර ගින්න දැඩි ලෙස පැතිරුණු ප්‍රදේශවල ජනතාව දිවි බේරා ගැනීම සඳහා දිව ගොස් ඇත්තේ මුහුද දෙසටයි. |
2018-07-24T00:13:23.000Z | අල්ලස් චෝදනා ලැබූ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානියාගේ දෙවන ඇප ඉල්ලීම ත් අධිකරණය ඉවත දමයි | කුසුම්දාස හා පියදාසගේ දෙවන ඇප ඉල්ලීම ත් ඉවතට | COLOMBO (News 1st) ඉන්දීය ජාතිකයෙකුගෙන් රු. කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවේ සැකකරුවන් වන ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි ආචාර්ය කුසුම්දාස මහනාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක ලබන මස 7 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රත් රංග දිසානායක මහතා අද නියෝග කළේ ය. ඒ, ඔවුන් ඉදිරිපත් කළ දෙවන ඇප ඉල්ලීම ද ප්‍රතික්ෂේප කරමිනි. විනිසුරුවරයා සඳහන් කළේ, සැකකරුවන්ට ඇප ලබාදීම සඳහා සුදුසු සාධාරණ හේතුවක් නොමැති බවයි. ඒ අනුව ඔවුන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රත්වරයා නියෝග කළේ ය. |
2018-07-23T22:16:23.000Z | එක්දින පුහුණු තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ | එක්දින පුහුණු තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ | තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන නිල නොවන පුහුණු එක්දින ක්‍රිකට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කළේ ය. තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන 29 වන දා ආරම්භ වේ. ඊට සමගාමීව පැවැත්වෙන නිල නොවන පුහුණු තරගය එළඹෙන 29 වන දා කොළඹ පී. සාරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ධනංජය ද සිල්වා (නායක) දිමුත් කරුණාරත්න දසුන් ශානක ශෙහාන් ජයසූරිය අසේල ගුණරත්න ඉසුරු උදාන මිනෝද් භානුක ප්‍රභාත් ජයසූරිය අසිත ප්‍රනාන්දු බිනුර ප්‍රනාන්දු නිශාන් පිරීස් ළහිරු මිලන්ත, ලසිත් ඇඹුල්දෙනිය හා ශෙමාන් මධුශංකද අතිරේක ක්‍රීඩකයින් ලෙස මෙම කණ්ඩායමට ඇතුළත් වෙති. |
2018-07-23T22:01:44.000Z | ලසාගේ සහයකයා කුඩු ත් එක්ක කොටු | ලසාගේ සහයකයා කුඩු ත් එක්ක කොටු | COLOMBO (News 1st) රුපියල් ලක්ෂ 24 ක් වටිනා හෙරොයින් සමග සැකකරුවෙකු බොරැල්ල, බණ්ඩාරනායකපුර ප්‍රජා ශාලාව අසලදී අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, බන්ධනාගාර ගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කෙසෙල්වත්ත ලසාගේ සහයකයෙකි. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 201 ක් පොලිස් භාරයට ගෙන තිබේ. බොරැල්ල ප්‍රදේශයේදී පදිංචි 44 හැවිරිදි සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇතැයි, පොලීසිය පැවසී ය. |
2018-07-23T21:34:33.000Z | රංගන ශිල්පි ඉන්දික ගිනිගේ මියයයි | රංගන ශිල්පි ඉන්දික ගිනිගේ මියයයි | COLOMB (News 1st) රංගන ශිල්පී ඉන්දික ගිනිගේ මහතා අභාවප්‍රාප්තවී තිබේ. ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය පැවසුවේ, රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි. මිය යන විට ඉන්දික ගිනිගේ මහතා 37 වැනි වියේ පසුවිය. අද පස්වරු 4 සිට දේහය මහනුවර පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරෙන බවත් හෙට පස්වරුවේ මහයියාව පොදු සුසාන භුමියේදී අවසන් කටයුතු සිදුකෙරෙන බවත් ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමය සඳහන් කළේ ය. ඉන්දික ගිනිගේ මහතා රංගන ශිල්පියෙක් මෙන්ම ගායන ශිල්පියෙකු ද වේ. |
2018-07-23T20:39:14.000Z | සිතුවම් සොරුන් ගැන දන්නේ නම්, CIDයට දැනුම් දෙන්න | CID ය සිතුවම් සොරුන් සොයා විමර්ශන අරඹයි | COLOMBO (News 1st) කීර්තිමත් චිත්‍ර ශිල්පී ජෝර්ජ් කිට් මහතා සිතුවම් කළ මදර් ඇන්ඞ් චයිල්ඩ් සහ වසන්ති ලෙස නම් කර තබූ සිතුවම් දෙක සොරා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, රුපියල් ලක්ෂ 120 කට අධික වටිනාකමකින් යුත් එම සිතුවම් දෙක සොරා ගැනීම සම්බන්ධයෙන් 2013 ජුලි මස 12 වැනිදා පැමිණිල්ලක් ලැබී තිබූ බවයි. කොළඹ 02 ගැලනි වීදියේ අංක 130 ලිපිනයේ මෙම සිතුවම් දෙක තැන්පත් කර තිබී ඇති අතර එම ගොඩනැගිල්ලේ සිදුකළ සංවර්ධන කටයුතු හේතුවෙන් භාණ්ඩ තාවකාලිකව වෙනත් ස්ථානයක් වෙත රැගෙන යාමට ඉවත් කරමින් සිටියදී මෙම සොරකම සිදුව ඇති බවට ලද පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය. කීර්තිමත් චිත්‍ර ශිල්පී ජෝර්ජ් කිට් මහතා මදර් ඇන්ඩ් චයිල් සිතුවම 1953 වසරේ සහ වසන්ති සිතුවම 1950 වසරේ ද සිතුවම් කර තිබේ. සොරාගත් එම සිතුවම් දෙක සහ සැකකරුවන් පිළිබඳ තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ විමර්ශන අංශයේ 011- 2395248 යන අංකය වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මූලස්ථානය මහජනතාවට දැනුම් දෙයි. |
2018-07-23T20:17:37.000Z | රු.මිලියන 17 අධික වටිනා විදෙස් මුදල් සමග ලාංකිකයින් 2ක් කොටු | මිලියන 17කට වැඩි විදෙස් මුදල් සමග දෙදෙනෙක් කොටු | COLOMBO (News 1st) : විදෙස් මුදල් ද ඇතුළුව රුපියල් 17,713,793ක් වටිනා මුදල් තොගයක් සමග ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගු භාරයට ගෙන තිබේ. රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා පැවසුවේ, ඔවුන් එම මුදල් නීති විරෝධිව චිනයට රැගෙන යෑමට උත්සහ කිරිමේදී රේගු භාරයට ගත් බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි සහ 32 හැවිරිදි අකුරණ සහ පාමංකඩ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. මේ සම්බන්ධයෙන් රේගුව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-07-23T19:54:14.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්.. | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්.. | COLOMBO (News 1st) 1. කළුගඟ ජලාශයට මංගල දියවර මුදා හැරේ : කළුගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය සහ මොරගහකන්ද කළුගඟ උමං මාර්ගයේ දෙවන අදියර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ ආරම්භ විය. උත්සවයේ කටයුතු ආරම්භ වූයේ, මොරගහකන්ද ජලාශය සමීපයේ ඉඳි කළ අඩි 27 ක් උස අවුකන බුද්ධ ප්‍රතිමාවේ අනුරුව නිරාවරණය කිරීමෙන් අනතුරුවයි. 2. දුම්රිය තාක්ෂණික නිලධාරීන් අකුරට වැඩ : ගැටලුවලට විසඳුම් නොලැබීමට විරෝධය පළ කරමින් දුම්රිය තාක්ෂණික කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරිමේ අඛණ්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ ය. 3. සිරකරුවන් ළඟ ඇති ජංගම දුරකතන හඳුනා ගැනීමට විශේෂ උපකරණයක් : බන්ධනාගාරගතව සිටින රැඳවියන් රහසිගතව ළඟ තබාගෙන ඇති ජංගම දුරකතන හඳුනා ගැනීම සඳහා විශේෂිත උපකරණයක් සවි කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබේ. 4. වලපනේ හිටපු සභාපතිට සහ එහි රියැදුරෙකුට වසර 12ක සිර දඬුවම් : වලපනේ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වලපනේ ආසන සංවිධායක ජගත් කුමාර සමරහේවා සහ එහි රියැදුරෙකු ලෙස කටයුතු කළ ජටිලලාල් ප්‍රනාන්දුට නුවරඑළිය මහාධිකරණයෙන් වසර 12 ක සිර දඬුවම් නියම කෙරිණ. 5. ඌව මහ ඇමති සමාව ඉල්ලයි : ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සිය මන්ත්‍රීවරුන්ට විවිධ වරප්‍රසාද ලබා දෙන බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊයේ සභාවේ විවාදයක් පැවති අතර ප්‍රධාන අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයකට විරෝධය පළ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කර ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඊයේ සිට පළාත් සභාවේ ස්වාධීන කටයුතු කිරීමට තීරණය කර තිබේ. 6.සිංගප්පූරු ආයෝජන ගැන බන්දුල ගුණවර්ධන කළ ප්‍රකාශය අසත්‍යක් – මලික් සමරවික්‍රම: එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සිංගප්පුරු ආයෝජන පිළිබඳව කරන ලද ප්‍රකාශය සාවාද්‍ය ප්‍රකාශයක් බව නිවේදනයක් නිකුත් කරමින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම පෙන්වා දුන්නේ ය. 7. බූස්ස බන්ධනාගාරය නිසා උණුසුම් වූ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම : ගාල්ල බූස්ස බන්ධනාගාරය එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට කර ඇති බව කියන යෝජනාවක් සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරතුර ඊයේ උණුසුම් තත්ත්වයක් ඇති විය. 8. වෛද්‍යවරුන් වර්ජනයකට සූදානම් : සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් මෙරට වෛද්‍යවරුන්ගේ සේවයටත් බාධා ඇතිවන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසා තිබේ. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. ලබන මස 3 වන දා දීපව්‍යප්ත වැඩ වර්ජනයකට යොමුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. විදෙස් පුවත් 1. පකිස්ථාන හිටපු ජනපති වකුගඩු අක්‍රීය වීමේ අවදානමක : සිර දඬුවම් නියමව සිටින පකිස්ථාන හිටපු ජනාධිපති නවාස් ෂරීෆ්, වකුගඩු අක්‍රීය වීමේ අවදානමකට මුහුණ පා ඇති බව වෛද්‍ය වාර්තාවකින් හෙළි වීමත් සමග බන්ධනාගාර රෝහලට මාරු කරන්නැයි, වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ. 2. 60 වසරකට පසු මැලේරියා ඖෂධයකට අනුමතිය : වසර 60ට පසු ප්‍රථම වරට මැලේරියා රෝගයට ප්‍රතිකාර ලෙස නිපදවූ නව ඖෂධයක් සඳහා අනුමතිය ලබාදීමට අමෙරිකාවේ බලධාරීන් පිරිසක් පියවර ගනු ලැබීය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නිරන්තරයෙන් වෙනස් වෙන මැලේරියා රෝගයට ප්‍රතිකාර කිරීම විශේෂයෙන් අරමුණු කරගනිමින් මෙම නව පෙති විශේෂය නිපදවා ඇති බවයි . 3. කැනඩාවේ ටොරොන්ටෝහි වෙඩි තැබීමක් : කැනඩාවේ ටොරොන්ටෝහි සිදු වූ වෙඩි තැබීමකින් තරුණියක මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, වෙඩි තැබීමෙන් පසු සිදුවූ වෙඩි හුවමාරුවේදී වෙඩික්කරු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ක්‍රීඩා 1. ලකුණු 1000 සීමාව පසු කළ වේගවත්ම ක්‍රීඩකයා ලෙස සමාන් වාර්තා අතරට : එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල ලකුණු 1000 සීමාව පසු කළ වේගවත්ම ක්‍රීඩකයා ලෙස පකිස්ථානයේ ෆක්හර් සමාන් වාර්තා අතරට එක් විය. ඔහු මෙම වාර්තාව පිහිටවූයේ ඉනිම 21ක් තුළදීයි. 2. ද. අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට : දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ශ්‍රී ලංකාව අද ජය ගත්තේ ය. ඒ, කොළඹ එස්.එස්.සී. පිටියේ පැවති තරගාවලියේ දෙවැනි තරගය ලකුණු 199කින් ජය ගැනීමත් සමගයි. |
2018-07-23T11:12:15.000Z | සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් මෙරට වෛද්‍යවරුන්ගේ සේවයටත් බාධා - පූජ්‍ය උලපනේ සුමංගල හිමි | සිංගප්පූරු වෙළඳගිවිසුමෙන් වෛද්‍යවරුන්ගේ සේවයට බාධා | COLOMBO (News 1st) - සිංගප්පූරු වෙළඳ ගිවිසුමෙන් මෙරට වෛද්‍යවරුන්ගේ සේවයටත් බාධා ඇතිවන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසා තිබේ. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. ලබන මස 3 වන දා දීපව්‍යප්ත වැඩ වර්ජනයකට යොමුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපලේකම්, වෛද්‍ය නවීන්ද සොයිසා, අද පැවත්වුණු විධායක කමිටුව ඉතා පැහැදිලිව තීරණයක් අරන් තියෙනවා. අගෝස්තු මස 03වන දා උදේ 8 න් ආරම්භ වන දීපව්‍යාපෘත ක්‍රියාන්විතයක් රට පුරා ආරම්භ කරනන්. අද දින සිට රජයේ වෛදය නිලධාරින්ගේ සියලුම ශාඛා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය රාජ්‍ය අංශයෙන් එහා ගිහින් පෞද්ගලික අංශයෙදිත් ක්‍රියාත්මක කරන්න. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ, වෛද්‍ය වැඩ වර්ජනය සම්බන්ධව අලුත්ම තත්ත්වය මොකක්ද කියන එක අපි පැහැදිලිවම දැනුම් දුන්නා ජනාධිපතිතුමට කිව්වා සෞඛ්‍ය ඇමතිතුමාට කිව්වා, මුදල් ඇමතිට කිව්වා මුදල් අමාත්‍යංයේ ලේකම්තුමාට කිව්වා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාධරණීය ඇහුම්කම් දීමක් කරනන් කියලා. අපි කරුණු 10 ක් සම්බන්ධයෙන් කතා කරා. විශේෂයෙන්ම වෛද්‍යවරුන්ට අදාළ වන ප්‍රශ්න එතන තිබ්බා. සෞඛ්‍ය ක්ෂත්‍රයට අදාළ වන ප්‍රශ්න එතන තිබ්බා. විශේෂයෙන්ම බදු ප්‍රතිපත්තිය ගැන තිබ්බ ප්‍රශ්නය සිංගප්පුරු වෙළෙඳ ජාතික ප්‍රතිපත්තියකින් තොරව ඉස්සරට යන ඒක පිළිබඳ ප්‍රශ්නය. අපි දැක්කා පර්ලිමේන්තුවේ ඒ සියල්ල සම්බන්ධයෙන් ඇති වෙච්ච ජවනිකා සියල්ල. ඉතාම පැහැදිලිව රටටම මොන තරම් බොරු කියලා තියෙනවාද කියන ඒක සම්බන්ධයේන හොඳටම පැහැදිලි කිරීම ලැබුණේ පර්ලිමේන්තු විවාදයෙන්. |
2018-07-23T09:59:41.000Z | බූස්ස බන්ධනාගාරය නිසා උණුසුම් වූ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම | ගාල්ල සම්බන්ධීකරණ කමිටු රැස්වීම උණුසුම් වෙයි.. | COLOMBO (News 1st) - ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරතුර අද උණුසුම් තත්ත්වයක් ඇති විය. ඒ, ගාල්ල බූස්ස බන්ධනාගාරය එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට ගෙන ඇති බව කියන යෝජනාවක් සම්බන්ධයෙන් මතු වූ ගැටලුවකදී ය. ගාල්ල දිස්ත්‍රික් කමිටු රැස්වීම අද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත් විණි. අදාළ යෝජනාව සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කමිටු සමසභාපති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ට්ආරච්චි මහතා අදහස් පළ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය ඇති විය. ඊට දකුණු පළාත් සභවේ සන්ධානය නියෝජනය කරන ක්‍රිෂාන්ත පුෂ්පකුමාර, සම්මු ආරිවයංශ යන මන්ත්‍රීවරුන් ද මැදිහත් විණි. |
2018-07-23T10:11:56.000Z | සිංගප්පූරු ආයෝජන ගැන බන්දුල ගුණවර්ධන කළ ප්‍රකාශය අසත්‍යක් - මලික් සමරවික්‍රම | සිංගප්පූරු ආයෝජන ගැන බන්දුල කළ ප්‍රකාශය අසත්‍යක් | COLOMBO (News 1st) - එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සිංගප්පුරු ආයෝජන පිළිබඳව කරන ලද ප්‍රකාශය සාවාද්‍ය ප්‍රකාශයක් බව නිවේදනයක් නිකුත් කරමින් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පෙන්වා දෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පසුගිය දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිංගප්පුරු නිදහස් වෙළෙඳ ගිවිසුමට එළඹීම හේතුවෙන් පසුගිය මාස දෙක හමාර ඇතුළතදී අමෙරිකානු ඩොලර් බිලියන 16 කට වැඩි සෘජු ආයෝජන සිංගප්පුරු සාමාගම්වලින් ලැබී ඇති බව පවසා තිබේ. නමුත් කිසිදු අවස්ථාවක අමෙරිකානු ඩොලර් බිලියන 16 ක ආයෝජනයක් ලංකාවට ලැබී ඇති බව තමන් ප්‍රකාශ කර නොමැති බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මෙම යෝජනා අතර සියයට සියයක් අපනයනය අරමුණු කරගත් අමෙරිකානු ඩොලර් බිලියන 14.8 ක ආයෝජනයක් සහිත තෙල් පිරිපහදු සංකීරණයක්, ඩොලර් බිලියනයක ආයෝජනයක් සහිත අපනයන ප්‍රමුඛ කොටගත් වානේ නිපදවන කර්මාන්ත ශාලාවක් සඳහා වූ යෝජනා ඇති බව ද අමාත්‍යවරයා පැහැදිලි කිරීමේ සඳහන් වේ. අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලිකොට ඇත්තේ, ඩොලර් බිලියන 50 හා 200 ක් වූ ආයෝජන සහිත තිරිඟුපිටි හා සීනි පිරිපහදු සංකීර්ණ සඳහා වූ යෝජනා ද ඇති බවයි. මෙම යෝජනා සියල්ලෙහිම එකතුව ඩොලර් බිලියන 16 කට අධික අතර ඊට අවශ්‍ය මුලික අවසරය ආයෝජන මණ්ඩලය විසින් මේ වන විට ලබාදී තිබේ. මේකි ව්‍යාපෘතිවලට අවශ්‍ය ඉඩම් නිදහස් වූ පසු හා නිසි පාරිසරික බලපෑම් ඇගයීමේ අධ්‍යනයකට පසු එම ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකි වන බව පෙන්වා දුන් බව ද අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. ඒ අනුව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා එම ප්‍රකාශය ජනතාව නොමග යැවීම සඳහා කළ එකක් බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. |
2018-07-23T09:38:31.000Z | වැලිකඩ දුරකතන සංඥා අවහිර කිරීමේ උපකරණ නිසා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට බාධා | රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දුරකතනවලට බාධා | COLOMBO (News 1st) - වැලිකඩ බන්ධනාගාරයේ සවිකර ඇති ජංගම දුරකතන සංඥා අවහිර කිරීමේ උපකරණ හේතුවෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඇතුළු ඒ අවට පිහිට රාජ්‍ය ආයතන රැසක දුරකතන සේවාවන් සඳහා බාධා මතු ව තිබේ. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දුරකතන සංඥා අවහිරතා බහුලව ඇති බව රජයේ මුද්‍රණාලාධිපති ගංගා කල්පනී මහත්මිය පවසා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්ප වාර්තා කළේ ය. හදිසි පණිවිඩ හුවමාරු කිරීමේදී දෙපාර්තමේන්තුව තුළ ඇති දුරකතන පවා මේ හේතුවෙන් අවහිර වී ඇති බව ඇය පෙන්වා දුන්නා ය. මතුවන බාධා මගහැරවීම සඳහා දෙපාර්තමේන්තුව තුළ උපකරණයක් සවිකිරීමට බලාපොරොත්තු වන බව ද ඇය පුවත්පතට පවසා තිබේ. පාර්ලිමේන්තුවේ හා ජනාධිපති කාර්යාලයේ විශේෂ මුද්‍රණ කටයුතු මේ හේතුවෙන් පමා වන බව ද සඳහන් ය. මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් රජයේ මුද්‍රණාලාධිපතිගෙන් විමසීමක් කළේ ය. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලාධිපති, ගංගා කල්පනී ලියනගේ, බන්ධනාගාර රැඳවියන්ට කෝල්ස් ගන්න ජෑමර් එක දාලා තියෙන එකෙන්. අපගේ ආයතනවලට වැඩියෙන් බලපාලා තිබෙනවා ඒක මොකද අපිට ඇතුළේ හැම තිස්සේම අපිට එක එක ආයතනවලට සම්බන්ධ වෙන්න තිබෙනවා. ආයතනය ඇතුළෙත් අපිට සම්බන්ධ වෙන්න ඕන එක එක්කෙනා එක්ක ඒ ජෑමර් එක දාල තියෙනවයින් අපිට ඒක ලොකු බාධාවක් වෙලා තිබෙනවා. එතකොට අපිනම් දන්න එකම විසඳුම තමයි ඇතුළතට ෆොන්ස් ගෙනියන්න නොදෙන එක. |
2018-07-23T09:29:50.000Z | ඌව මහ ඇමති සමාව ඉල්ලයි... | ඌව මහ ඇමති සමාව ඉල්ලයි... | COLOMBO (News 1st) - මේ අතර ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා සිය මන්ත්‍රීවරුන්ට විවිධ වරප්‍රසාද ලබා දෙන බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද සභාවේ විවාදයක් පැවැත් විණි. ප්‍රධාන අමාත්‍යවරයා එම ප්‍රකාශයකට විරෝධය පළ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කර ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු අද සිට පළාත් සභාවේ ස්වාධීන කටයුතු කිරීමට තීරණය කර තිබේ. විවාදය අතරතුර ශෂීන්ද්‍ර රාජපක්ෂ, කුමාරසිරි රත්නායක, සුදර්ශන දෙනිපිටිය යන මන්ත්‍රීවරුන් විපක්ෂයේ ස්වාධීනව කටයුතු කිරීම සඳහා අසුන් ගත්තේ ය. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.