date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-08-07T09:45:04.000Z | දේශපාලනඥයින් දේශපාලනය අතහැර රට වෙනුවෙන් සේවය කළ යුතුයි - අබාන්ස් සමූහ ව්‍යාපාරයේ සභාපතිනිය කියයි | අබාන්ස්හි සභාපතිනියගෙන් දේශපාලනඥයින්ට පණිවුඩයක් | COLOMBO (News 1st) - අබාන්ස් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපතිනී අබාන් පෙස්ටොන්ජි මහත්මිය 2017 වසරේ හොඳ ම ව්‍යවසායකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා ය. මෙය පිරිනැමුවේ කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයෙනි. 1968 වසරේදී ව්‍යාපාර ලෝකයට අබාන් පෙස්ටොන්ජි මහත්මිය පැමිණියේ, කාන්තාවන්ගේ දෛනික කටයුතු පහසු කිරීම සඳහා අවශ්‍ය වන භාණ්ඩ සහ මෙවලම් වෙළෙඳපොළට හඳුන්වා දෙමිනි. ලෝකයට විවෘත නොවූ අර්ථ ක්‍රමයක් පැවති 60 දශකයේදී මෙරට වාසය කළ විදේශිකයින් භාවිත කළ භාණ්ඩ හා උපකරණ වෙන්දේසිවලින් ලබා ගනිමින් තම ව්‍යාපාර කටයුතු ඇය ආරම්භ කළා ය. ඇගේ ප්‍රධාන අරමුණ වුයේ, පාරිභෝගිකයා සතුටු කිරීම ය. තත්ත්වයෙන් උසස් භාණ්ඩ හා සේවා වෙළෙඳපොළට හඳුන්වා දෙමින් ජාත්‍යන්තර සන්නාම තම ව්‍යාපාර ජාලයට එක්කර ගැනීමට ඇය සමත් වූවාය. බම්බලපිටිය ප්‍රදේශයේ කුඩා සාප්පුවකින් ආරම්භ කළ තම ව්‍යාපාර සමූහය අද වන විට ශාඛා 500කින් සමන්විත ය. |
2018-08-07T08:32:46.000Z | රුපියල් මිලියන 27000ක තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට | රු. මිලියන 27000ක තවත් පරිපූරක ඇස්තමේන්තුවක් | COLOMBO (News 1st) - තවත් රුපියල් මිලියන 27,176ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු පරිපූරක ඇස්තමේන්තුව තුළ රුපියල් මිලියන 9900ක් වෙන් වන්නේ සමෘද්ධි සහනාධාර වියදම් සඳහා වෙන් කරන ලද මුදල් නැවත මාරු කිරීම සඳහා ය. මෙම පරිපූරක ඇස්තමේන්තුව තුළ තවත් රුපියල් මිලියන 5246ක් පාසල් හා උසස් අධ්‍යාපනය වෙනුවෙන් නිදහස් වාර ප්‍රවේශ පත්‍ර ලබා දීම, ලාභ නොලබන මාර්ගවල ධාවන කටයුතු ඇතුළු කාර්යන් සඳහා ගමනා ගමන මණ්ඩලයට වෙන් කර තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 3 වන අදියර සඳහා රුපියල් මිලියන 4244ක් ද මේ තුළ ඇතුළත් ය. කඩවත කෙරවලපිටිය කොළඹ පිටත අධිවේගී මාර්ගයේ 3 වන අදියර සඳහා රුපියල් මිලියන 860ක් මෙම පරිපූරකය තුළ දක්වා තිබේ. තවත් රුපියල් මිලියන 853ක් මෙහි දක්වා ඇත්තේ, හම්බන්තොට වරායේ ගිවිසුමට පෙර කොන්දේසි සපුරාලීම සඳහා ය. මීට අමතරව ණය ආපසු ගෙවීම, සුවසැරිය පදනම සඳහා මුදල් යෙදවීම, උපාධිධාරී අභ්‍යාසලාභීන් බඳවා ගැනීමේ පරිපාලන වියදම්, වාහන මිලදී ගැනීම්, සමාජ සුබසාධන හා ප්‍රාථමික ආර්ථික කටයුතු අමාත්‍යවරයාගේ විදේශ ගමන් වියදම් සඳහා මුදල් සැපයීම ඇතුළු වියදම් ගණනාවක් මෙම පරිපූරක ඇස්තමේන්තුවට ඇතුළත් ය. විගණකාධිපතිවරයාට අනුව මහ බැංකු බැඳුම්කර වංචා දෙකෙන් එක් මොහොතක සිදු වූ පාඩුව රුපියල් බිලියන 1.3කි. අවුරුදු 30කින් මේවා කල්පිරෙන විට සිදු වන පාඩුව තවමත් ගණනය කළ නොහැකි වී තිබේ. සේවක අර්ථසාධක අරමුදලට පමණක් වංචාවෙන් සිදු වූ පාඩුව රුපියල් බිලියන 8 ඉක්මවයි. බැඳුම්කර වංචාව නිසා මේ වන විට පර්පෙචුවල් ට්‍රෙෂරීස් උපයාගෙන ඇති ලාභය රුපියල් බිලියන 11 ඉක්මවයි. නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට නීත්‍යානුකූලව දඬුවම් ලබා දී මේ මුදල් යළි අය කර ගත්තේ නම් පරිපූරක ඇස්තමේන්තුවලට ජනතාවගේ මුදල් යෙදවීමට අවශ්‍ය වන්නේ ද? මහජන බැංකුව එහි අධ්‍යක්ෂවරයෙකුගේ සමාගමකට දුන් රුපියල් බිලියන 10ක මුදල විධිමත් ලෙස කළමනාකරණය කළේ නම් ජනතා මුදල් යළි වියදම් කිරීමට පරිපූරක අවශ්‍ය වන්නේ ද? අධිවේගී මාර්ගවලින් සිදු කරන ජනතා මුදල් කොල්ල කෑම්, ටැබ් පරිගණක ගනුදෙනු, කිරි හරක් ගෙන්වීමේදී සිදු වූ අක්‍රමිකතා, මැති ඇමතිවරුන්ගේ සුපිරි වාහන ගෙන්වීම, ශ්‍රීලංකන් ගුවන් සමාගම වැනි පාඩු පිට පාඩු ලබන ආයතනවල සිදු වන වංචා වැනි දේවල් වළක්වා ගැනීමට නිසි පියවර ගත්තේ නම් පරිපූරක ඇස්තමේන්තුවලට මහජන මුදල් දිගින් දිගටම යෙදවීමට සිදු වෙයි ද? |
2018-08-07T08:07:42.000Z | කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි | කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි | (News 1st) - ඉන්දියාවේ ජ්‍යේෂ්ඨතම දේශපාලනඥයෙකු වන ඩී.එම්.කේ. පක්ෂ නායක එම්. කරුණානිධි මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය. ඒ, චෙන්නායිහි පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය. මිය යන විට 94 වන වියේ පසු වූ ඔහුගේ රුධිර පීඩනය පහත වැටීම හේතුවෙන් ඉකුත් ජූලි මස 28 වන දින රෝහල්ගත කෙරිණි. එම්. කරුණානිධි පස් වරක් තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය ධූරය දැරූ අතර දශක 6ක කාලයක් තමිල්නාඩු දේශපාලනයේ ක්‍රියාකාරී චරිතයක් ලෙස කටයුතු කළේ ය. |
2018-08-07T06:52:11.000Z | කඩවත වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව මරුට | කඩවත වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව මරුට | COLOMBO (News 1st) - කඩවත ගෝනහේන මංසන්ධියේ අද දහවල් සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු ඇයට වෙඩි තබා පළා ගොස් ඇති බව ය. වෙඩි තැබීමට පැමිණි යතුරු පැදිය රන්මුතුගල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය. මිය ගොස් ඇත්තේ, කඩවත රන්මුතුගල පදිංචි 34 හැවිරිදි දෙදරු මවකි. ඇය යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මිය ගිය කාන්තාවගේ සැමියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මෙම කාන්තාවට චෝදනා එල්ල වී තිබිණි. ඒ අනුව ඇය අධිකරණයෙන් ඇප මත මුදා හැර ඇත්තේ, මීට මාසයකට පමණ පෙර ය. එම කාන්තාව නැවත අද මහර අධිකරණයට ගොස් ආපසු නිවස බලා එමින් සිටියදී ඇයට වෙඩි තබා තිබේ. |
2018-08-07T06:40:10.000Z | පනලිය අනතුර: සිව් දෙනෙකුගේ වැඩ තහනම්: උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට | පනලිය අනතුර: උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට | COLOMBO (News 1st) - පනලියේදී සිදු වූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් සොය බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ලැබෙන තෙක් පිටුපසින් පැමිණි දුම්රියේ රියැදුරු, සහයක, නියාමක හා උප නියාමකගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබේ. ඊයේ පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 32කි. කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ කාර්යාල දුම්රිය කාර්මික දෝෂයකට ලක් වීම නිසා පොල්ගහවෙල හා රඹුක්කන අතර පනලිය දුම්රිය ස්ථානය ආසන්නයේ නතර කර තිබේ. මෙම දුම්රිය නතර කර ඇත්තේ, පනලිය දුම්රිය ස්ථානයට කිලෝමීටරයක පමණ දුරකිනි. කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනයවූ බලවේග කට්ටලය නවතා තිබූ දුම්රියේ පිටුපස ගැටීමෙන් අනතුර සිදු විය. මේ අතර අලුත්වැඩියාවෙන් පසු උඩරට මාර්ගයේ දුම්රිය ගමනා ගමනය යථා තත්ත්වයට පත් කර තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, අනතුරින් අලාභහානි වූ එක් මාර්ගයක දුම්රිය ධාවනය අද පෙරවරු 7.00 සිට ආරම්භ කළ බව ය. අලාභහානි වූ අනෙක් දුම්රිය මාර්ගය අද පස්වරු 1.45ට පමණ යාථා තත්ත්වයට පත් කළ බව පාලක මැදිරිය සඳහන් කළේ ය. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, අද පස්වරුවේ සිට දුම්රිය සාමාන්‍ය ලෙස ධාවනය වන බව ය. අනතුරින් තුවාල ලැබූවන් කුරුණෑගල, පොල්ගහවෙල, රඹුක්කන සහ කෑගල්ල රෝහල්වලට ඊයේ රාත්‍රියේ ඇතුළත් කෙරිණි. |
2018-08-07T06:10:09.000Z | PE+ සන්නාමය ව්‍යාජ ලෙස භාවිත කළ ආයතනයකට අධිකරණයෙන් දඩ නියම කෙරේ | PE+ සන්නාමය ව්‍යාජ ලෙස භාවිත කළ ආයතනයකට දඩ | COLOMBO (News 1st) - පී.ඊ. ප්ලස් වෙළෙඳ සන්නාමය භාවිත කරමින් අනවසරයෙන් නිෂ්පාදන සිදු කළ වෙළෙඳ ආයතනයකට එරෙහිව අද පියවර ගනු ලැබුවේ ය. ඒ, ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී ය. පී.ඊ. ප්ලස් පුද්ගලික සමාගම විසින් අදාළ නඩුව පවරනු ලැබුවේ, එම සමාගමේ වෙළෙඳ ලකුණ ව්‍යාජ ලෙස අනුකරණය කර තවත් ආයතනයක් විසින් ටයිල් හා යකඩ කැපීමට යොදා ගන්නා ඩයමන්ඩ් හා කටින් ඩිස්ක් නිෂ්පාදනය කර තිබීමට එරෙහිව ය. පී.ඊ. ප්ලස් සමාගමේ පාරිභෝගික සේවා ඇමතුම් අංකය, ඊමේල් ලිපිනය හා කර්මාන්ත ආයතනයේ ලිපිනය ද අදාළ ආයතනය විසින් අනුමැතියකින් තොරව බහාලුම් පෙට්ටියේ යොදා ඇතැයි පැමිණිල්ලේ සඳහන් ය. මේ හේතුවෙන් පී.ඊ. ප්ලස් සමාගම වෙනුවෙන් කරුණු දක්වමින් අධිකරණයට පෙන්වා දුන්නේ, අදාළ ආයතනය විසින් මහජනයා නොමග යවමින් බුද්ධිමය දේපළ පනතේ වගන්ති උල්ලංඝනය කර ඇති බව ය. එය අසාධාරණ වාණිජ තරගකාරිත්වයක් පවත්වාගෙන යාමක් බවත් බුද්ධිමය දේපළ පනත යටතේ පී.ඊ. ප්ලස් වෙළෙඳ ලකුණේ නීත්‍යානුකූල අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් අධිකරණයට කරුණු පෙන්වා දුන්නේ ය. මෙම චෝදනාවන්ට අදාළව මීට පෙර අවස්ථා කිහිපයකදීම වරද පිළිනොගත් අදාළ ආයතනයේ නිලධාරීහු අද අධිකරණයේදී වරද පිළිගත්හ. ඒ අනුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඔවුන්ට රුපියල් ලක්ෂ 3ක දඩයක් නියම කළේ ය. එය බුද්ධිමය දේපළ පනත යටතේ පැනවිය හැකි ඉහළ ම දඩයකි. මීට අමතරව ව්‍යාජ නිෂ්පාදන විනාශ කරන ලෙසට අදාළ ආයතනයට අධිකරණය නියෝග කළේ, පැමිණිලිකාර පී.ඊ. ප්ලස් සමාගමේ ඉල්ලීම පරිදි ය. පසුගිය කාල සීමාව තුළ කෙසෙල්වත්ත පොලීසිය විසින් කරන ලද වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස කොළඹ බන්ඩාරණායක මාවතේ ආයතනයකින් පී.ඊ. ප්ලස් සමාගමේ සන්නාමය භාවිත කර නිෂ්පාදනය කර තිබූ අදාළ ව්‍යාජ ඩයමන්ඩ් හා කටින් ඩිස්ක් තොගය සොයා ගනු ලැබී ය. |
2018-08-07T05:00:39.000Z | අතකොළුවකින් ගසා පුද්ගලයෙකු ඝාතනය කළ වරදකරුවෙකුට මරණ දඬුවම | 2016දී පුද්ගලයෙකු ඝාතනය කෙරූ වරදකරුවෙකුට මරණ දඬුවම | COLOMBO (News 1st) - අතකොළුවකින් ගසා පුද්ගලයෙකු මරණයට පත් කිරීමේ චෝදනාවකට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය. 2010 වසරේ සැප්තැම්බර් 12 වන දින බොරලැස්ගමුව ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව තිබේ. රුපියල් 10ක් ඉල්ලා ඇති වූ ආරවුලක් මත විත්තිකරු විසින් අදාළ පුද්ගලයාට මෙලෙස අතකොළුවකින් හිසට පහර දී ඝාතනය කර තිබිණි. චෝදනාවන්ට වරදකරු වූ 60 හැවිරිදි විත්තිකරුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා මරණ දඬුවම නියම කළේ ය. |
2018-08-07T03:54:32.000Z | කඩවත වෙඩි තැබීමකින් කාන්තාවකට තුවාලයි | කඩවත වෙඩි තැබීමකින් කාන්තාවකට තුවාලයි | COLOMBO (News 1st) - කඩවත, නුවර පාරේ ගෝනහේන, ආම්ස්ට්‍රෝන් හංදියේ සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහත සඳහන් කළේ, තුවාල ලැබු කාන්තාව රාගම රෝහලට ඇතුළත් කර ඇති බව ය. තුවාල ලබා ඇත්තේ කඩවත, ගෝනහේන ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි . අද පස්වරු 1ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබේ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් තොරතුරු තහවුරු වී නොමැත. සැකකරු පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. |
2018-08-07T02:40:29.000Z | නියෝමාල් සහ ළමාහේවා යළි රිමාන්ඩ් | නියෝමාල් සහ ළමාහේවා යළි රිමාන්ඩ් | COLOMBO (News 1st) : පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ, වැටලීම් අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හා හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් ලබන 21 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. නියෝමාල් රංගජිව හා එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින්නේ, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් හා රැඳවියන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි. |
2018-08-07T02:33:12.000Z | මත්පෙති 120,000 ක් සමග සැකකරුවෙක් දැලේ | මත්පෙති 120,000 ක් සමග සැකකරුවෙක් දැලේ | COLOMBO (News 1st) : මත්පෙති එක් ලක්ෂ විසි දහසකට අධික සංඛ්‍යාවක් සමග පුද්ගලයකු අත්අඩංගුට ගෙන තිබේ. පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ කටුනායක අපනයන රේගු අංශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයට භාර දුන් බවයි. මෙම මත් පෙති තොගය මෙරට සිට එංගලන්තයට කුරියර් සේවාවක් හරහා යැවීමට සූදානම් කර තිබූ ඒවා බව පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේ ය. මත් පෙති තොගයේ බර ක්‍රිලෝ ග්‍රෑම් 8යි ග්‍රෑම් 220කි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකපිට වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයේ අත්අඩංගුවට ගෙව තිබේ. |
2018-08-07T00:57:00.000Z | පනලියේ අනතුර ගැන ඇමති පරීක්ෂණයක් ඉල්ලයි | පනලියේ අනතුර ගැන ඇමති පරීක්ෂණයක් ඉල්ලයි | COLOMBO (News 1st) : උඩරට මාර්ගයේ, පනලියේදී සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උපදෙස් දී තිබේ. එම අමාත්‍යංශය පැවසුවේ, අනතුර සිදුකළ දුම්රිය රියැදුරුවරයාගේ සේවය තාවකාලිකව අත්හිටුවා පරීක්ෂණ පවත්වන ලෙසට ද අමාත්‍යවරයා දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්. අබේවික්‍රම මහතාට උපදෙස් දී ඇති බවයි. අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, ඒ සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් පත්කරන ලෙසටයි. කිසිදු අයුරකින් මෙම අනතුර සම්බන්ධව වැරදිකරුවෙකු වන අයට තරාතිරම නොබලා විනයානුකුල දඬුවම් කිරීමට කටයුතු කරන ලෙසට ද අමාත්‍යවරයා උපදෙස් දුන් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය නිවේදනය කළේ ය. දුම්රිය සේවාව පිළිබඳව ජනතාව අතර ගොඩනැගෙමින් පවතින විශ්වාසය මෙවැනි අපරික්ෂාකාරී දුම්රිය රියැදුරන්ගේ ක්‍රියා තුළින් බිඳ වැටෙන අතර එය කනාගාටුවට කරුණක් බව ද අමාත්‍යවරයා පවසා තිබේ. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, දහස් ගණනක මගී ජනතාවගේ ජීවිත පිළිබඳව වඩාත්ම සැළකිලිමත්ව දුම්රිය රියැදුරන් කටයුතු කළ යුතුව ඇති බවයි. මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන හා පොල්ගහවෙල අතර, පනලිය ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සදහා කමිටුවක් පත්කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම් අබේවික්‍රම මහතා සඳහන් කළේ ය. ඊයේ පස්වරුවේ සිදු වූ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 32කි. කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ කාර්යාල දුම්රිය සංඥා නොමැතිව නතර කර තිබියදී කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වු, බලවේග කට්ටලය අදාළ දුම්රියේ පිටු පස ගැටීමෙන් එම අනතුර සිදුවිය. අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසුවේ, අදාළ දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි. |
2018-08-07T01:02:45.000Z | නාඳුනන පිරිසක් අලුත්ගමදී පුද්ගලයෙකු ඝාතනය කරති | අලුත්ගමදී පුද්ගල ඝාතනයක් | COLOMBO (News 1st) - අලුත්ගම යටදොළ මාර්ගයේ මැණික්ගොඩ ප්‍රදේශයේදී පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි තිදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් මෙලෙස පහර දී ඇති බවයි. පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයින් තිදෙනා වෑත්තෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් ඇතැයි පොලීසිය පැවසීය. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, කුරුළුබැද්ද ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුවන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබේ. |
2018-08-07T00:46:25.000Z | ට්‍රම්ප් යළි ත් ඉරානයට සම්බාධක දමයි | ට්‍රම්ප් යළි ත් ඉරානයට සම්බාධක දමයි | News 1st : ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම්වලට එරෙහි අමෙරිකානු සම්බාධක යළි ක්‍රියාත්මක කිරීමට ජනපති ට්‍රම්ප් පියවර ගෙන තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ 2015 න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉරානයට එරෙහිව යළිත් සම්බාධක පනවන බවයි. ඒ අනුව ඉරානයේ වාහන කර්මාන්තය, රත්‍රං සහ අනෙකුත් ප්‍රධාන ලෝහ කර්මාන්තය ඉලක්ක කර පැනවෙන ඇමෙරිකානු සම්බාධක අද සිට ක්‍රියාත්මක වනු ඇති. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ ඉරානය ආර්ථික පීඩනයට ලක් කිරීම තුළින් නව එකඟතාවක් ඇති කර ගැනීමට මෙන්ම අහිතකර ක්‍රියාකාරකම් අවසන් කිරීමට හැකිවන බව ජනපති ට්‍රම්ප්ගේ විශ්වාසය වන බවයි. මෙය මනෝමය යුද්ධයක් බව අමෙරිකාවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන ජනාධිපති හසන් රුහානී කියා සිටියේ ය. ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ අදහස් දක්වමින් ඉරාන ජනපතිවරයා ප්‍රකාශ කළේ, අවසන් මෙහොතේ සාකච්ඡා පැවැත්වීම තමන් ප්‍රතික්ෂේප කළ බවයි. තමන් හැම විටම රාජ්‍යතාන්ත්‍රික කටයුතු සහ සාකච්ජා සඳහා සූදානම් බවත් නමුත් එම සාකච්ජා තුළ අවංකභාවයක් තිබිය යුතු බවත් ජනපති හසන් රුහානී එහිදී අවධාරණය කළේ ය. මේ අතර සම්බාධක උල්ලංඝනය කරන පුද්ගලයින් හෝ ආයතනවලට බරපතළ ප්‍රතිවිපාකයන්ට මුහුණදීමට සිදුවනු ඇති බවට අමෙරිකානු ජනපතිවරයා අනතුරු අඟවා සිටියේ ය. ඇමෙරිකාව ඉවත් වුව ද බ්‍රතාන්‍ය , ප්‍රංශය , ජර්මනිය ඇතුළු අනෙකුත් සාමාජිකයින් 2015 න්‍යෂ්ටික ගිවිසුමට පක්ෂව කටයුතු කරන අතර රුසියාව සහ චීනය ඇමෙරිකාව ඉවත්වීම සම්බන්ධයෙන් දැඩි කනගාටුව පළ කළේ ය. |
2018-08-07T00:13:41.000Z | මුද්‍රණාල සේවක වර්ජනය තවදුරටත් | මුද්‍රණාල සේවක වර්ජනය තවදුරටත් | COLOMBO (News 1st) - රජයේ මුද්‍රණාල සේවකයන් ආරම්භ කරන ලද වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට ආකෘති පත්‍ර හා ගැසට් මුද්‍රණය ඇතුළු මුද්‍රණ කටයුතු අඩාල වී ඇතැයි වාර්තා වේ. රජයේ මුද්‍රණ සේවකයින් ඊයේ මෙම වැඩවර්ජනය ආරම්භ කළේ, දේශපාලන හිතවාදීන් පිරිසක් දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව පවසමින් ඔවුන්ට වන්දි ලබාදීම, සිදුවී ඇති කඩදාසි මිලියන ගණනක වංචා සහ දෙපාර්තමේන්තුව මුද්‍රණය කළ යුතුව තිබූ පාසල් පොත් විශාල සංඛ්‍යාවක් පෞද්ගලික අංශයට ලබාදීම ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් ය. රජයේ මුද්‍රණ සේවක එකමුතුවේ කැඳවුම්කරු සරත් ලාල් මහතා සඳහන් කළේ, සිය ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබුණ හොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගන්නා බවයි. මේ පිළිබඳව කළ විමසීමකදී රජයේ මුද්‍රණාලයාධිපතිනි, ගංගානි කල්පනි මහත්මිය පැවසුවේ, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සේවකයන් පිරිසක් සහභාගි වී ඇති නමුත් මුද්‍රණ කටයුතු සඳහා කිසිදු බාධාවක් සිදුව නොමැති බවයි. |
2018-08-06T21:10:02.000Z | ද. අප්‍රිකානු නායකයාට ඉදිරි තරග අහිමිවෙයි | ද. අප්‍රිකා නායකයාට ඉදිරි තරග අහිමි වෙයි | News 1st : ආබාධයකට ලක්වීම හේතුවෙන් දකුණු අප්‍රිකා නායක ෆෆ් ඩූ ප්ලෙසිස්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ඉදිරි එක්දින ක්‍රිකට් තරග 2 හා පන්දුවාර විස්සයි ක්‍රිකට් තරගය අහිමි වී තිබේ. ඒ ඔහුගේ අතෙහි ඇතිව තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙනි. ශ්‍රී ලංකාව සමග නිමා වූ තුන්වන එක්දින ක්‍රිකට් තරගයේදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී ෆෆ් ඩු ප්ලෙසිස් එලෙස ආබාධයට ලක්විය. දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, ප්ලෙසිස්ගේ ආබාධ තත්ත්වය සුව වීමට තවත් සති 6 ක පමණ කාලයක් ගතවන බවයි. කෙසේ වෙතත් හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයට නායක ෆෆ් ඩූ ප්ලෙසිස් වෙනුවට තවමත් ක්‍රීඩකයෙකු නම් කර නොමැත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බොහෝ විට දකුණු අප්‍රිකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ඩන් ඩී කොක් හෙට තරගයේදී දකුණු අප්‍රිකා කණ්ඩායමට නායකත්වය ලබා දීමට ඉඩ ඇති බවයි. ෆෆ් ඩූ ප්ලෙසිස් වෙනුවට ශ්‍රී ලංකාවට එරෙහි තුන්වන එක්දින තරගයේදී විවේක ගැන්වූ එයිඩන් මාක්රම් කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තරග 2 ක් ඉතිරිව තිබියදීම තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා- දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම මේ වන විටත් සමත්ව සිටී. දෙරට අතර සිව්වන එක්දින තරගය හෙට දිවා රාත්‍රී තරගයක් ලෙස මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. |
2018-08-06T20:44:21.000Z | නවක වධ සිද්ධීන් දැනුම්දීමට අංකයක් | නවක වධ සිද්ධීන් දැනුම්දීමට අංකයක් | COLOMBO (News 1st) : විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල නවක වධයට භාජනය වන සිසුන්ට ඒ පිළිබඳ පැමිණිලි කිරීම සඳහා හදිසි දුරකතන අංකයක් සහ විශේෂ කාර්යාලයක් පිහිටුවා ඇතැයි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාව සිසුන්ගේ ඉල්ලා සිටින්නේ නවක වධ සිද්ධියක් සිදු වූ වහා ම ඒ පිළිබඳව පැය 24 පුරා ක්‍රියාත්මක 011-2123700 හදිසි දුරකතන අංකයට වහා ම දැනුම් දිය බවයි. එසේම ඒ ගැන විශ්වවිද්‍යාල බලධාරීන් ද දැනුම්වත් කොට අදාළ ප්‍රාදේශීය පොලිස් ස්ථානයට ද පැමිණිලි කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිසුන්ට දැනුම් දෙයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිහිටුවා ඇති විශේෂ කාර්යාලය රජයේ නිවාඩු දින හැර සෙසු දින වල පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා විවෘතයි. නවක වධ ක්‍රියාකාරකම් සම්බන්ධව 1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වධය හා අනෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියා තහනම් කිරීමේ පනත බල පැවැත්වේ. ඒ පනත යටතේ චෝදනා ලබන අයට ඇප ලබා ගැනීමට නොහැකි වන අතර අධිකරණයකදී වරදකරු වුවහොත් වසර 10 ක කාලයක් දක්වා බරපතළ වැඩ ඇතිව සිරදඬුවමකට යටත් කෙරෙනු ඇති. ඒසේම විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන තම දරු දැරියන්ගේ හැසිරීම් හා ක්‍රියාකාරම් පිළිබඳ සුපරික්ෂාකාරීව සිටින ලෙස ද ප්‍රතිපාදන කොමිෂන් සභාව දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටී. |
2018-08-06T19:59:07.000Z | මාතලේට පැය 24ක ජල කප්පාදුවක් | මාතලේට පැය 24ක ජල කප්පාදුවක් | COLOMBO (News 1st) : මාතලේ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 9 සිට හෙට උදෑසන 9 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල අපවාහන මණ්ඩලය පවසයි. මාතලේ නගර සීමාව හා ඒ අවට ප්‍රදේශවලට, මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට හා අළුවිහාරය ඇතුළු ඒ අවට ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටවෙනු ඇති. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි. |
2018-08-06T19:54:18.000Z | පාර්ලිමේන්තුව පස්වරුවේ රැස්වෙයි | පාර්ලිමේන්තුව අද 1කට රැස්වෙයි | COLOMBO (News 1st) : අද පස්වරු 1ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. එහි දී විපක්ෂ නායක ධුරය ඇතුළු තවත් විශේෂ කරුණු කිහිපයක් සාකච්ඡාවට ලක් කෙරෙනු ඇති. |
2018-08-06T19:50:43.000Z | පනලිය දුම්රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් | පනලිය දුම්රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් | COLOMBO (News 1st) : උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන හා පොල්ගහවෙල අතර පනලිය ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කමිටුවක් පත්කර තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්. අබේවික්‍රම මහතා සඳහන් කළේ, අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර එහි වරදකරුවන්ට එරෙහිව වන පුද්ගලයින් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගන්නා බවයි. ඊයේ පස්වරුවේ සිදු වූ අනතුරින් පුද්ගලයින් තිස් දෙදෙනකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, තුවාල ලැබූවන් කුරුණෑගල ,පොල්ගහවෙල, රඹුක්කන සහ කෑගල්ල රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි. කුරුණෑගල රෝහලට හත් දෙනෙකු , පොල්ගහවෙල රෝහලට දස දෙනෙකු සහ කෑගල්ල රෝහලේ පුද්ගලයින් තුන්දෙනෙකු සහ රඹුක්කන රෝහලේ පුද්ගලයින් දොළොස්දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබති. තවත් සුළු තුවාල ලැබු පුද්ගලයින් දස දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇති බව දුම්රිය සාමානාධිකාරිවරයා සඳහන් කළේ ය. මේ අතර කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට නියමිතව තිබු රාත්‍රි තැපැල් දුම්රිය ද අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය. අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේ, කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ කාර්යාල දුම්රිය සංඥා නොමැති වීම හේතුවෙන් අතර මග නතර කර ඇති බවයි. එහිදී කොළඹ කොටුවේ සිට රඹුක්කන බලා ධාවනය වූ බලවේග කට්ටලය නතර කර තිබූ දුම්රියේ පිටු පස ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ. මේ අතර දුම්රිය මාර්ගය පිළිසකර කිරීම සඳහා කොළඹින් ඊයේ රාත්‍රි ආපදා රථයක් පිටත් කර යැවූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය. අනතුරින් දුම්රියට සහ දුම්රිය මාර්ගයට හානි සිදුව තිබේ. |
2018-08-06T19:22:46.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | COLOMBO (News 1st) දේශීය පුවත් 1. පනලියදී දුම්රිය දෙකක් ගැටෙයි: 32 දෙනෙකුට තුවාල : උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන හා පොල්ගහවෙල අතර පනලිය ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයෝ 32 දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූවෝ කුරුණෑගල, පොල්ගහවෙල, රඹුක්කන සහ කෑගල්ල රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබති. 2. ‘ජාතික තිරසර කතිකාව’ එළිදැක්වෙයි : වසර 2030 සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා සැකසෙන ජාතික තිරසර කතිකාව උදෙසා සකස් කළ කෙටුම්පත එළිදැක්විය. ඊයේ පස්වරුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති උත්සවයේදී විශේෂඥ කමිටුව සකස් කළ කෙටුම්පත ජනාධිපතිතුමාට භාර කෙරිණ. 3. රජයේ මුද්‍රණාල සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක : රජයේ මුද්‍රණාල සේවකයින් ඊයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ ය. 3. දික්ඕවිටින් මුහුදු ගිය ‘ලිහිණි – 3’ නැවක ගැටෙයි : මෙරටට අයත් ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටී අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු අතුරුදන්වී තිබේ. එලෙස අනතුරට ලක්ව ඇත්තේ, ධීවරයින් 6 දෙනෙකු සමග දික්ඕවිට ධීවර වරායෙන් මුහුදු ගිය ලිහිණි – 3 නමැති ධීවර යාත්‍රාවයි. 4. උසස් පෙළ විභාගය ඇරඹෙයි : 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඊයේ ආරම්භ විය. විභාග කොමසරිස් ජෙනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ, මෙවර අයැදුම්කරුවන් 321,469 දෙනෙකු මධ්‍යස්ථාන 2267 කදී විභාගයට පෙනී සිටි බවයි. 5. ජෙහාන් අමරතුංගගේ ආන්දෝලනාත්මක රුපියල් බිලියන 10 ණය මුදල ගැන පරීක්ෂණයක් : මහජන බැංකුවේ අධ්‍යක්ෂ ජෙහාන් අමරතුංග නමැත්තා විධායක උපසභාපති ධූරය දරණ සමාගමකට රුපියල් බිලියන 10 ක ණය ලබාදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතරණ මහතා පැවසී ය. 6. සෝමාවතිය සත්ත්ව ඝාතනයට සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට: දිය අගල් හා පොකුණුවලට වසවිස කවලම් කර සතුන් ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ තව ත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ජල මූලාශ්‍රවලට විෂ රසායනික මිශ්‍ර කර සතුන් මරා මස් සඳහා අළෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ පසුගිය දා තොරතුරු අනාවරණ විය. විදෙස් පුවත්... 1. ඉන්දුනීසියා භූ චලනයෙන් 80කට වැඩි පිරිසක් මරුට : ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින ආශ්‍රිතව හටගත් භූ චලනයෙන් පුද්ගලයන් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය අයගෙන් බහුතරයක් වාර්තාවූයේ, ලොම්බොක් දිවයිනේ බටහිර සහ උතුරු ප්‍රදේශවලිනි. ක්‍රීඩා පුවත්.... 1. කෝලි පළමු වරට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට : ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි ඉතිහාසයේ පළමු වරට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට සමත් විය. |
2018-08-06T11:26:18.000Z | සෝමාවතියේ ජල මූලාශ්‍රවලට වසවිස කවලම් කර සතුන් ඝාතනයට සැකපිට තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට | සෝමාවතියේ සත්ත්ව ඝාතනය | COLOMBO (News 1st) - දිය අගල් හා පොකුණුවලට වසවිස කවලම් කර සතුන් ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ තව ත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ජල මූලාශ්‍රවලට විෂ රසායනික මිශ්‍ර කර සතුන් මරා මස් සඳහා අළෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ විය. වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජලය රැස්වී ඇති කුඩා පොකුණුවලට විෂ රසායනික මිශ්‍ර කර මෙලෙස සතුන් මරා දමා ඇති බවයි. ඊයේ වනජීවි නිලධාරීන් කළ සෝදිසියකදී මියගිය සතුන්ගේ ශරිර කොටස් රැසක් සොයා ගැනීමට හැකි විය. ඒ අතරට මුවන් ගෝනුන් හා කිඹුලෙකු ද වන බව වනජීවි නිලධාරීන් පැවසීය. මේ අතර ඊයේ අලුයම කළ වැටලිමකදී මුව මස් තොගයක් සමග සැකකරුවෙකු වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. තව ත් සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට වනජීවි භාරයට ගෙන ඇති අතර ඔවුන් මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ. ඔවුන් සතුන් මරා කදුරුවෙල, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ ආදි ප්‍රදේශවල හෝටල් හා අවන් හල් වෙත සපයන බව මූලික විමර්ශනවලදී අනාවරණ විය. |
2018-08-06T11:05:16.000Z | මහජන බැංකුවේ අධ්‍යක්ෂ ජෙහාන් අමරතුංගගේ ආන්දෝලනාත්මක රුපියල් බිලියන 10 ණය මුදල ගැන පරීක්ෂණයක් | මහජන බැංකුවේ රු. බිලියන10 ණය මුදල ගැන පරීක්ෂණයක් | COLOMBO (News 1st) - මහජන බැංකුවේ අධ්‍යක්ෂ ජෙහාන් අමරතුංග නමැත්තා විධායක උපසභාපති ධූරය දරණ සමාගමකට රුපියල් බිලියන 10 ක ණය ලබාදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතරණ මහතා පවසයි. මෙම ණය මුදල නිකුත් කිරීමට අදාළ සියලු ලිපි ලේඛන අමාත්‍යංශයට ලබා දෙන ලෙස මහජන බැංකුවට පසුගිය සතියේ දැනුම් දුන් බව ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. රවීන්ද්‍ර හේවාවිතරණ මෙම ණය මුදල නිකුත් කළේ, කුමන ක්‍රමවේදයක් මත ද එහිදී බැංකුවට ලැබුණු ඇපකරණය කුමක්ද යන කරුණු පිළිබඳව මෙම විමර්ශනයේදී පුළුල් ලෙස කරුණු සොයා බලන බවයි. මේ අතර ලංකා බැංකු සේවක සංගමය මෙම ගනුදෙනුව පිළිබඳව කළ විමසීමට අදාළව මහජන බැංකුව ලබාදුන් පිළිතුර පිළිබඳව සෑහීමකට පත්නොවන බව පවසා ඇත. ලංකා බැංකු සේවක සංගමයේ උපලේකම්, කේසර කෝට්ටේගොඩ, මේ පිළිබඳව තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අපි බැංකුවෙන් තොරතුරු ඉල්ලා සිටියා. අපිට තොරතුරු ලැබීමේදී සාමාන්‍ය මාධ්‍යයට නිකුත් කරපු ප්‍රකාශයක්ම තමා බැංකුව විසින් එවලා තියෙන්නේ. අපිට මේ තියෙන තොරතුරුමද ඒ නිසා අපි තව දුරටත් මේ පිළිබඳව කරුණු අවශ්‍ය තොරතුරු විමසන්න කටයුතු කරලා තියෙනවා. එත් සමගම අපිට වාර්තා වනවා. මෙම ගනුදෙනුව සම්බන්ධව අමාත්‍යංශ මට්ටමින් කමිටුවක් පත් කරලා තොරතුරු සොයා බැලිමක් කරනවා කියලා. මේ තොරතුරු සොයා බැලිම සම්බන්ධව අපිත් අමාත්‍යංශයෙන් ලිඛිතව කරුනු විමසන්න බලාපොරොත්තු වෙනවා. ඒ කමිටුව නිසි පරීක්ෂණයක් කරලා. සත්‍ය තොරතුරු සොයාගෙන ජනතාවට සත්‍ය තොරතුරු හෙළි කරයි කියන විශ්වාසය සංගමයක් විදිහට අපි දරනවා. එක්සත් ජාතික පක්ෂයේ පා.ම, එස්. එම්. මරික්කාර්, මේ ආණ්ඩුව ගෙන්න මහන්සි වුනේ. ඔය පුටුවල ටයි කොට් දාගෙන වාඩිවෙලා ඉන්න අය නෙවෙයි. ගුට් කැවේ වෙඩි කැවේ බැට කැවේ මේ හයිජැක් කරගෙන ආපු අධ්‍යක්ෂවරුන්ට ආ දැන් අවස්ථාව ඇවිල්ලා තියෙනවා අපිට හොරකම් කරන්න කියන ඒ අවස්ථාව දෙන්න නෙවෙයි. හොරකමට වංචාවට දූෂණයට විරුද්ධ ආණ්ඩුවක් විදිහට එහෙම අය ඉන්න පුළුවන් එහෙම අය ඉන්නවා නම් ඒ අයට දඬුවම් දෙන්න කියලා අපි කෑ ගහනවා. මෙවැනි මහාපරිමාණ වංචා හා දූෂණ පිළිබඳව පසුගිය සමයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කොමපණ සංඛ්‍යාවක් පරීක්ෂණ සිදු කළා ද? ඒවායේ ලිපි ගොනු රැසක්ම විමර්ශන අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවට යවා තිබුනේ නඩු පැවරීම සඳහායි. එහෙත් මේ වනවිට පරීක්ෂණ අවසන්කළ බරපතළ වංචා දූෂණ ගැන නඩු කීයක් නම් නීතිපති දෙපාර්තමේන්තුව පවරා ඇත් ද? මහජන මුදල් සොරකම්කළ පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ කවදා ද? |
2018-08-06T09:24:35.000Z | 'ජාතික තිරසර කතිකාව' උදෙසා සකස් කළ කෙටුම්පත එළිදැක්වෙයි | 'ජාතික තිරසර කතිකාව' කෙටුම්පත එළිදැක්වෙයි | COLOMBO (News 1st) - වසර 2030 සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා සැකසෙන ජාතික තිරසර කතිකාව උදෙසා සකස් කළ කෙටුම්පත අද එළිදැක්විය. අද පස්වරුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති උත්සවයේදී විශේෂඥ කමිටුව සකස් කළ කෙටුම්පත ජනාධිපතිතුමාට භාර කෙරුණි. 2015 වසරේ එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිය අමතමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළ පරිදි මෙරට තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා 2017 වසරේ ජනවාරි 02 වන දා ජනාධිපතිතුමා විසින් විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබිණි. සාමාජිකයින් 41 දෙනෙකුගෙන් සමන්විත වූ කමිටුවේ සභාපති ධූරය දරන්නේ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතායි. විශේෂඥ කමිටුව සකස් කළ කෙටුම්පත අද ජනාධිපතිතුමාට භාර කළේ, 2030 වන විට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්කිරීම සඳහා වන දැක්ම හෙවත් ජාතික තිරසර කතිකාව සඳහා සියලු පුරවැසියන්ගේ දායකත්වය ලබාගැනීම සඳහා ය. ජාතික තිරසර කතිකාව සඳහා වන වෙබ් අඩවිය, ඇප් එක මෙන් ම ගීතය ද අද ජනාධිපතිතුමා විසින් එළිදැක්විණි. |
2018-08-06T10:44:02.000Z | විපක්ෂ නායක ධුරය ගැන අවසන් තීන්දුව ප්‍රමාදයි | විපක්ෂ නායක ධුරය ගැන අවසන් තීන්දුව ප්‍රමාදයි | COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයට වෙනත් කෙනෙකු පත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද කථානායකවරයාගෙන් විමසීමක් කළේ ය. ඒකාබද්ධ විපක්ෂය මෙම යෝජනාව මුලින්ම කරලියට ගෙන ආවේ පාර්ලිමේන්තුවේ දෙවැනියට වැඩිම බහුතරය ඇත්තේ තමන්ට බව පවසමිනි. ඒ අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදෙන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් පසුගිය 30 වන දා කථානායකවරයාට ඉදිරිපත් කර තිබුණි. අනතුරුව පක්ෂයේ නිල මතය දැනුම් දෙන ලෙස ඉල්ලා කථානායක කරූ ජයසූරිය මහතා විසින් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලිපියක් යොමු කෙරිණි. කෙසේ වෙතත් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හා කථානායක කරූ ජයසූරිය යන මහත්වරුන් අද මහනුවරදී මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි. මාධ්‍යවේදී ප්‍රශ්නය, විපක්ෂ නායකතුමා ධූරය ගැන යම් යම් මතවාද තිබෙනවා ඒක වෙනස් වෙනවා කියලා විපක්ෂ නායක, ආර්. සම්බන්ධන්, ඒ සම්බන්ධව මං කතා කරන්නේ නැහැ. ඒ සම්බන්ධව කතානායකතුමා තීන්දුවක් දෙන්න කියලා ඉන්නවා. මාධ්‍යවේදී ප්‍රශ්නය, එතුමා දෙන තීන්දුව පිළිගන්නව ද? එතුමා දෙන තීන්දුව පිළිගන්නව ද ඔබතුමා? විපක්ෂ නායක, ආර්. සම්බන්ධන්, හරි හරි මාධ්‍යවේදී ප්‍රශ්නය, විපක්ෂ නායක පත්කර එක ගැන ඔබතුමා මොකද කරන්නේ? කථානායක, කරූ ජයසූරිය, නැහැ මං අද ඒක ගැන කතා කරන්නේ නැහැ. තරහා වෙන්න එපා මං ඒ ගැන කතා කරන්නේ නැහැ. හැමදාම මං අහගෙන ඉන්නවා විතරයි. |
2018-08-06T08:12:19.000Z | ඇලෝෂියස් සහ පාලිසේන දෙවන බැඳුම්කර වංචාවට සූදානම් වූ අයුරු (රහස්‍ය දුරකතන සංවාදය) | ඇලෝෂියස් සහ පාලිසේනගේ රහස්‍ය දුරකතන සංවාදය | COLOMBO (News 1st) - දෙවන බැඳුම්කර නිකුතුවට පෙර පර්පචුවල් ට්‍රෙෂරිස් ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන හා අර්ජුන ඇලෝෂියස් අතර සිදුවු දුරකතන සංවාදය මෙන්න. |
2018-08-06T08:06:42.000Z | පනලියදී දුම්රිය දෙකක් ගැටෙයි: 32 දෙනෙකුට තුවාල | පනලියදී දුම්රිය දෙකක් ගැටෙයි: 32 දෙනෙකුට තුවාල | COLOMBO (News 1st) - UPdate - උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන හා පොල්ගහවෙල අතර පනලිය ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයින් 32 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, තුවාල ලැබුවන් කුරුණෑගල, පොල්ගහවෙල, රඹුක්කන සහ කෑගල්ල රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි. කුරුණෑගල රෝහලට 7 දෙනෙකු, පොල්ගහවෙල රෝහලට 10 දෙනෙකු, කෑගල්ල රෝහලේ පුද්ගලයින් 3 දෙනෙකු සහ රඹුක්කන රෝහලේ පුද්ගලයින් 12 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබනු ඇති. මේ අතර කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට නියමිතව තිබු රාත්‍රි තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය. -------------------------------------------------------------------------------------------------------------------- උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන හා පොල්ගහවෙල අතර පනලිය ප්‍රදේශයේදී දුම්රිය දෙකක් ගැටීමෙන් තුවාල ලැබුවන් පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර තිබේ. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ වන විට තුවාල ලැබුවන් 15 අධික පිරිසක් පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර ඇති බවයි. ඉන් බරපතළ තුවාල ලැබුවන් කිහිප දෙනෙකු කුරුණෑගල රෝහලට මාරු කිරීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය. දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේ, කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ කාර්යාල දුම්රියට ඊට පිටුපසින් පැමිණි රඹුක්කන බලා ධාවනය බලවේග කට්ටලයක් ගැටී ඇති බවයි. මහනුවර බලා ධාවනය වූ දුම්රිය සංඥා නොමැතිව නතර කර ඇති අවස්ථාවේ පිටුපසින් පැමිණි දුම්රිය මෙලෙස ගැටී ඇත. |
2018-08-06T07:08:05.000Z | ව්‍යවසායකයින්ට කෘෂි සේවා උපකරණ කට්ටල ලබාදීමට පියවර | ව්‍යවසායකයින්ට කෘෂි සේවා උපකරණ කට්ටලයක් | COLOMBO (News 1st) - ව්‍යවසායකයින්ට කෘෂි සේවා උපකරණ කට්ටල ලබාදීමට සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ යටතේ පුහුණුව ලැබූවන් 50 දෙනෙකුට රුපියල් එක්ලක්ෂ හැත්තෑ පන්දහසක් වටිනා කෘෂි සේවා උපකරණ කට්ටලයක් ලබාදීමට නියමිත වේ. සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන කෘෂි සේවා සැපයීමේ ව්‍යපෘතියට අදාළව මෙම වැඩසටහන ආරම්භ කෙරෙනු ඇති. |
2018-08-06T06:24:39.000Z | රජයේ මුද්‍රණාල සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක | මුද්‍රණාල සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක | COLOMBO (News 1st) - රජයේ මුද්‍රණාල සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. රජයේ මුද්‍රණ සේවක එකමුතුවේ කැඳවුම්කරු සරත් ලාල් මහතා සඳහන් කළේ, දේශපාලන හිතවතුන් පිරිසකට දේශපාලන පළිගැනීම් බව පවසමින් වන්දි ලබාදීම ඇතුළු කරුණු කිහිපයට විරෝධය පළ කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවයි. මේ හේතුවෙන් ගැසට් නිවේදන මුද්‍රණය කිරීම ඇතුළු කටයුතුවලට බාධා එල්ල විය හැකි බව ඔහු සඳහන් කළේ ය. මේ පිළිබඳව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනි මහත්මියගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඇය සඳහන් කළේ, මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සඳහා සේවකයින් පිරිසක් සහභාගිවී ඇති නමුත් මුද්‍රණ කටයුතුවලට කිසිදු බාධාවක් සිදුවී නොමැති බවයි. |
2018-08-06T05:55:43.000Z | වැඩ තහනම් වූ කොළඹ නාගරික කොමසාරිස් යළි ධූරයට | වැඩ තහනම් වූ කොළඹ නාගරික කොමසාරිස් යළි ධූරයට | COLOMBO (News 1st) - වැඩ තහනමට ලක් ව සිටි කොළඹ නාගරික කොමසාරිස් වි. කේ අනුර මහතා නැවතත් කොළඹ නාගරික කොමසාරිස්වරයා ලෙස පත් කර තිබේ. බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, ඔහු සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට බාධාවක් නොවන පරිදි කොන්දේසි කිහිපයක් පැනවීමෙන් අනතුරුව වි. කේ අනුර මහතා එම ධූරයට යළි පත් කළ බවයි. මේ අනුව වැඩබලන නාගරික කොමසාරිස් ධූරයේ මෙතෙක් කටයුතු කළ ලලිත් වික්‍රමරත්න මහතා යළි ත් කොළඹ නියෝජ්‍ය නාගරික කොමසාරිස්වරයා ලෙස කටයුතු කරනු ඇති. |
2018-08-06T05:35:11.000Z | බුලත්සිංහලදී කෝටියකට අධික මුදලක් මංකොල්ල කෑ සැකකරුවන් 05 ක් අත්අඩංගුවට | කෝටියක මුදලක් මංකොල්ල කෑ පුද්ගලයින්ට වැඩ වරදී | COLOMBO (News 1st) - බුලත්සිංහල ප්‍රදේශයේදී ATM යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා රැගෙන යමින් තිබූ රුපියල් කෝටියකට අධික මුදල් මංකොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, කොල්ලකන ලද මුදල්වලින් රුපියල් එක්කෝටි හැටපන්ලක්ෂයකට අධික මුදලක් ද සොයා ගෙන ඇති බවයි. සැකකරුවන් කොළඹගේආර, සෙවනගල ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලීසිය සඳහන් කළේ ය. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් කොල්ලකන ලද මුදල්වලින් කොටසක් රන් ආභරණ මිලදී ගැනීම සඳහා වියදම් කර තිබූ අතර සන්තකයේ තිබූ රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂ අනූඑක්දහස් අටසියයක් සොයා ගැනුණි. ඉකුත් 28 වන දා පස්වරුවේ බුලත්සිංහල ප‍්‍රදේශයේදී වෑන් රථයේ පිරිස වෙළෙඳසැලකින් ආහාර ගනිමින් සිටි අතරතුර එම ස්ථානයට පැමිණි කොල්ලකරුවන් ඔවුන්ට මිරිස් කුඩු ප‍්‍රහාරයක් එල්ල කර මුදල් රැගෙන ගොස් තිබුණි. |
2018-08-06T04:27:58.000Z | මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ එක් දරු පියෙකුට ජීවිතාන්තය තෙක් සිරදඬුවම් | මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට සිරදඬුවම් | COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ සැකකරුවෙකුට අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරනු ලැබිණි. එලෙස සිරදඬුවම් නියම වූයේ 36 හැවිරිදි එක් දරු පියෙකුටයි. 2012 වසරේ සැප්තැම්බර් මස 7 වන දා කිරුලපන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සැකකරුවා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රැම් 4.3 ක් සමග ය. හෙරොයින් සන්තකයේ තබා ගැනීම හා ජාවාරමේ නිරතවීම යටතේ සැකකරුවාට එරෙහිව අධිචෝදනා ගොනුකර තිබුණි. |
2018-08-06T02:04:26.000Z | නීතිවිරෝධි සංක්‍රමණික යාත්‍රාවක් නාවික හමුදා භාරයට | නීතිවිරෝධි සංක්‍රමණික යාත්‍රාවක් නාවික හමුදා භාරයට | COLOMBO (News 1st) : නීතිවිරෝධි සංක්‍රමණිකයින් 21 දෙනෙකු රැගත් ට්‍රොලර් යාත්‍රාවක් නාවික හමුදා විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ, හලාවත සිට නාවික සැතපුම් සැතපුම් 117 ක් දුරින්වූ මුහුදු ප්‍රදේශයේදීයි. ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු ද වන බව නාවික හමුදා ප්‍රකාශක, කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කළේ ය. |
2018-08-06T00:25:12.000Z | ජාතික තිරසර කතිකාව එළිදැක්වීම අද ජනපති ප්‍රධානත්වයෙන් | ජාතික තිරසර කතිකාව එළිදැක්වීම ජනපති ප්‍රධානත්වයෙන් | COLOMBO (News 1st) : වර්ෂ 2030 දක්වා රජයේ ඉදිරි දැක්ම එළිදැක්වීමේ ජාතික තිරසර කතිකාව එළිදැක්වීමේ උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පැවැත්වීමට නියමිතයි. උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී ජාතික විද්වද් කමිටුව විසින් සකස් කළ ජාතික තිරසර කතිකාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමට සූදානම් කර තිබේ. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන වැඩසටහන යටතේයි. ශ්‍රී ලංකාවේ මතවාද හා හැකියාවන් පිළිඹිබු කරමින් ඉදිරි වසර 12 තුළ රටේ දිගුකාලීන ආර්ථික, සමාජයීය හා පාරිසරික අරමුණු නිශ්චය කිරීම සඳහා සැලැස්මක් සකස් කිරීම මෙහි ප්‍රමුඛ අරමුණකි. තරුණ ප්‍රජාව , විද්වතුන් සහ වෘත්තිකයින් මෙහි ඉලක්කගත ප්‍රධාන පාර්ශවයන් ය. |
2018-08-05T23:59:13.000Z | බිරිඳගේ මරණයෙන් කෙළවර වූ පවුල් ආරවුලක් | බිරිඳගේ මරණයෙන් කෙළවර වූ පවුල් ආරවුලක් | COLOMBO (News 1st) : පස්සර, මීරියබැද්ද ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, වැලිබිස්ස, මිරියබිස්ස ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක එලෙස ඝාතනයට ලක්ව ඇති බවයි. පවුල් ආරවුලක් ඝාතනයට හේතුවී තිබේ. පොලීසිය පැවසුවේ, ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයා අත්අඩංගවට ගෙන ඇති බවයි. |
2018-08-05T23:56:44.000Z | දික්ඕවිටින් මුහුදු ගිය 'ලිහිණි - 3' නැවක ගැටෙයි | දික්ඕවිටින් මුහුදු ගිය 'ලිහිණි - 3' නැවක ගැටෙයි | COLOMBO (News 1st) : මෙරටට අයත් ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටී අනතුරට ලක්වීමෙන් පුද්ගලයෙකු අතුරුදන්වී තිබේ. එලෙස අනතුරට ලක්ව ඇත්තේ, දික්ඕවිට ධීවර වරායෙන් මුහුදු ගිය ලිහිණි - 3 නමැති ධීවර යාත්‍රාවයි. යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේ එහි ධීවරයින් 6 දෙනෙකු සිට ඇත. යාත්‍රාව නෞකාවේ ගැටීමෙන් පසු ධීවරයින් ති දෙනෙකු මුහුදට වැටී ඇති අතර ඉන් දෙදෙනෙකු දිවි බේරාගෙන ඇතැයි, ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ ය. |
2018-08-05T23:34:50.000Z | කෝලි පළමු වරට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට | කෝලි පළමු වරට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට | News 1st : ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි ඉතිහාසයේ පළමු වරට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට සමත් විය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් ඊයේ නිවේදනය කළේ ය. ඒ අනුව එහි පෙරමුණ හිමිකර ගැනීමට ඉන්දීය නායක සුපිරි ක්‍රීඩක විරාත් කෝලි සමත්ව තිබීම විශේෂත්වයකි. ඔහු ටෙස්ට් ක්‍රිකට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර ඊට හේතු වී ඇත්තේ එංගලන්තය සමග නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දක්ෂතායි. එම තරගයේදී විරාත් කෝලි එංගලන්තයට එරෙහි පළමු ඉනිමේ දී ලකුණු 149 ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 51ක් රැස් කළේ ය. මේ වන විට විරාත් කෝලිට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 934 කි. මෙතෙක් එම ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවුයේ තරග තහනමකට ලක්ව සිටින ඔස්ට්‍රේලියානු හිටපු නායක ස්ටීවන් ස්මිත් ය. විරාත් කෝලි වාර්තා අතරට එක්වන්නේ ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමිකර ගත් ඉතිහාසයේ 7 වන ඉන්දීය පිතිකරුවා ලෙසයි. මීට පෙර අවසන් වරට හිටපු ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් එහි පෙරමුණ හිමිකර ගත්තේ ය. |
2018-08-05T23:22:04.000Z | මැලිබන් වීදියේ තෙමහල් වෙළෙඳසලක ගින්නක් | මැලිබන් වීදියේ තෙමහල් වෙළෙඳසලක ගින්නක් | COLOMBO (News 1st) : කොළඹ මැලිබන් වීදියේ මහල් තුනකින් යුත් වෙළෙඳසලක හටගත් ගින්නකින් එහි පළමු මහල සම්පූර්ණයෙන් ම විනාශ වී තිබේ. කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, අද අලුයම ලද තොරතුරකට අනුව ගිනි නිවීම් රථ 3ක් සහ ගිනි භටයින් 13 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් එක්ව ගින්න පාලනය කළ බවයි. ගින්නනට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පුද්ගල හානි ද වාර්තාවී නොමැත. |
2018-08-05T20:12:57.000Z | උසස් පෙළ විභාගය අද ඇරඹෙයි | උසස් පෙළ විභාගය අද ඇරඹෙයි | COLOMBO (News 1st) : 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද ආරම්භ වේ. විභාග කොමසරිස් ජෙනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ, මෙවර අයැදුම්කරුවන් 321,469 දෙනෙකු මධ්‍යස්ථාන 2267 කදී විභාගයට පෙනී සිටින බවයි. විභාගයට පෙනී සිටීමේදී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා විභාග ප්‍රවේශ පත්‍රය සමග ජාතික හැඳුනුම්පත, වලංගු රියැදුරු බලපත්‍රය හෝ වලංගු විදේශ ගමන් බල පත්‍රය ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, මෙවර විභාගයේදී සිදුවිය හැකි විභාග වංචාවන් මැඩලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි. විද්‍යුත් උපකරණ මගින් සිදුකරන විභාග වංචාවන් වැළැක්වීමේ අරමුණින් ඇතැම් විභාග මධ්‍යස්ථානවල එම විද්‍යුත් උපකරණ අක්‍රිය කිරීමේ උපකරණ සවි කිරීමට ද පියවර ගෙන තිබේ. මෙවර උසස් පෙළ විභාගයේදී පැය තුනක ප්‍රශ්න පත්‍ර සඳහා විනාඩි 10ක අතිරේක කියවිම් කාලයක් ලබා දීමට පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ ය. එසේම විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව ඉදිකිරිම් කටයුතු පන්ති පැවැත්වීම,ක්‍රීඩා උත්සව පැවැත්වීම ආදිය තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. විභාගයට සම්බන්ධයෙන් යම් අක්‍රමිකතාවක් හො වංචාවක් සිදුවන්නේ නම් ඒ, පිළිබඳව 19 11 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, විභාගයේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1029 දෙනෙකු අනුයුක්ත කර ඇති බවයි. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 311ක්, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් සඳහා පොලිස් නිලධාරීන් ති දෙනා බැගින් යෙදවීමට නියමිතයි. රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, විභාග මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් ජංගම මුර සංචාරක රථ යොදවන බවයි. |
2018-08-05T19:49:38.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | COLOMBO (News 1st) දේශීය පුවත් 1. සෝමාවතියේ වන සතුන් මසට අලෙවි කිරීමේ ජාවාරමක් : සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිඳී ගොස් ඇති වැව්වල ජලය සොයා පැමිණෙන වන සතුන් මරා මස් සඳහා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජලය රැස්වී ඇති කුඩා පොකුණුවලට විෂ රසායනික මිශ්‍ර කර මෙලෙස සතුන් මරා දමන බවට අනාවරණය වී ඇති බවයි. 2. වාද්දුවේ සාදය ජීවිත තුනක් බිලිගනී : වාද්දුව ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතරතුර රෝගී වීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තිදෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, පෙරේදා රාත්‍රි සාදය අතරතුර හදිසියේ රෝගී වූ තරුණයින් 4 දෙනෙකු පානදුර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි. ඔවුන්ගෙන් දෙදෙනෙකු අද අලුයම ජීවිතක්ෂයට පත්වූ අතර අනෙක් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූයේ, ඊයේ පස්වරුවේයි. 3. සිසුවියක අපයෝජනය කළ ගුරුවරයෙක් අත්අඩංගුවට : බිබිල ප්‍රදේශයේ පාසල් සිසුවියක ලිංගික අපයෝජනයට ලක් කළ පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, දීර්ඝ කාලයක් තිස්සේ අදාළ පාසල් ගුරුවරයා දැරිය ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි. 4. මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් අයෙකු මරුට : මිනුවන්ගොඩ, යටියන මංසන්ධියේදී ඊයේ පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ තුවාල ලැබු පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව ය. 5. නි. පොලිස්පතිවරු 6ක් ඇතුළු නිලධාරීන් 20කට ස්ථාන මාරු : වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 20 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. 6. මොනරාගල රිය අනතුරකින් දරුවෙකු ඇතුළු 3ක් මරුට : මොනරාගල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කුඹුක්කන මංසන්ධිය අසළදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. විදේශීය පුවත්... 1. වෙනිසුවෙලානු ජනපතිගේ ජීවිතය අනූනවයෙන් බේරෙයි : වෙනිසුවෙලානු ජනාධිපති නිකලොස් මාධූරෝ ඉලක්ක කර ගුවන් ප්‍රහාරයක් එල්ල වූ අතර කෙසේ වෙතත් ඉන් ජනාධිපතිවරයාට කිසිඳු හානියක් සිදු නොවී ය. 2. ඉන්දුනීසියාවේ ප්‍රබල භූ චලනයක් : ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 7ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් හටගැනිණ එහි ප්‍රබලත්වය සංචාරක පාරාදීසයක් වන බාලි වෙත ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ක්‍රීඩා පුවත්... 1. එක්දින තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට : ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ සමත් විය. ඒ දෙරට අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය ලකුණු 78කින් ජය ගනිමිනි. |
2018-08-05T19:24:50.000Z | ඉන්දුනීසියා භූ චලනයෙන් 80කට වැඩි පිරිසක් මරුට | ඉන්දුනීසියා භූ චලනයෙන් 80කට වැඩි පිරිසක් මරුට | News 1st : ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින ආශ්‍රිතව හටගත් භූ චලනයෙන් පුද්ගලයන් 82 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය අයගෙන් බහුතරයක් වාර්තාවී ඇත්තේ ලොම්බොක් දිවයිනේ බටහිර සහ උතුරු ප්‍රදේශවලිනි. ඊයේ පස්වරුවේ හටගත් එම භූ චලනයේ ප්‍රබලත්වය සටහන් වූයේ මැග්නිටියුඩ් ඒකක 7ක් ලෙසයි . මෙහි ප්‍රබලත්වය සංචාරක පාරාදීසයක් ලෙස සැලකෙන බාලි දූපතට ද දැනී තිබුණු අතර ලොම්බොක් දිවයිනේ පුද්ගලයන් රැසක් සිය උන්හිටි තැන් අතහැර ආරක්ෂිත ස්ථාන කරා දිවගිය බව ඉන්දුනීසියා ආපදා කළමනාකරණ ඒජන්සිය ප්‍රකාශ කළේ ය. බොහෝ පිරිසක් මිය ගොස් ඇත්තේ, සුන්බුන්වලට යටවීමෙනි. තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බවත් නිවාස දහස් ගණනකට හානි සිදුව ඇති බවත් ඉන්දුනීසියා බලධාරීහු වැඩිදුරටත් කියා සිටියහ. භූ චලනය වන අවස්ථාවේ සිංගප්පූරු නීතිය සහ ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් ද ලොම්‍බොක් දිවයිනෙහි සිටි අතර ඔහු ෆේස්බුක් වෙබ් අඩවියෙහි සටහනක් තබමින් කියා සිටියේ තමන් නැවතී සිටි හෝටලයේ දස වන මහලෙහි කාමරය ප්‍රබල සෙලවීමකට ලක්ව එහි බිත්ති ඉරිතලා ගිය බවයි . මෙම භූ චලනය හමුවේ ලොම්බොක් දිවයිනේ විදුලිය මෙන්ම සන්නිවේදන කටයුතු ද ඇණහිට තිබේ. භූ චලනයෙන් බියට පත් ජනතාව හේතුවෙන් බාලි සහ ලොම්බොක් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දැඩි නොසන්සුන් තත්ත්වයක් ද හට ගැනිණ. කෙසේ වෙතත් ඉන් ගුවන්තොටුපොළ කටයුතුවලට බාධා සිදු නොවී ය. භූ චලනය හමුවේ නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම මේ වනවිට ඉවත්කර ගැනීමට ද ඉන්දුනීසියා බලධාරීන් පියවර ගෙන තිබේ. ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයිනෙහි ඉකුත් ජුලි 29 වැනි දිනද මැග්නිටියුඩ් ඒකක 6 .4 ක භූ චලනයක් හටගත්තේ ය. ඉන් පුද්ගලයන් 14 දෙනෙක් මියගොස් තවත් 162 ක් තුවාල ලැබූහ. |
2018-08-05T09:14:33.000Z | මත්තල ගුවන්තොටුපොළට සිදුවන්නට යන දේ.. | මත්තල ගුවන්තොටුපොළට සිදුවන්නට යන දේ.. | COLOMBO (News 1st) : මත්තල ගුවන්තොටුපොළ ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීම සම්බන්ධයෙන් විවිධ මත පළ වෙමින් තිබේ. ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මත්තල ගුවන්තොටුපොළ ප්‍රතිව්‍යුහගතකරණ කටයුතුවල අවසන් අදියරට එළැඹ ඇතැයි, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් ජී. එස්. විතානගේ මහතා උපුටා දක්වමින් සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත අද වාර්තා කළේ ය. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ , ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සහ තම අමාත්‍යංශය අතර පසුගිය වසරේ සිට අවස්ථා තුනකදී සාකච්ඡා පැවැති බවයි. මත්තල ගුවන්තොටුපොළ ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවක් නොමැති බවට එරට සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉන්දීය පාර්ලිමේන්තුවට කළ ප්‍රකාශයක් සම්බන්යෙන් කළ විමසීමකදීයි. මේ අතර සන්ඩේ ටයිම්ස් පුවත්පත ,අද වාර්තා කළේ, ඉන්දීය රජයේ ඉල්ලීමකට අනුව මත්තල ගුවන්තොටුපොළ ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුම් කෙටුම්පතක් මෙරට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි ඒ අනුව අදාළ කෙටුම්පත සම්බන්ධයෙන් , යළි සලකා බලමින් ඇති බවත් මත්තල ගුවන්තොටුපොළේ කෙළමනාකරණය හා පරිපාලන සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බව පුවත් පත මූලාශ්‍රයක් උපුටා දක්වමින් සඳහන් කරයි. 2013 වසරේ ආරම්භ කළ මත්තල ගුවන්තොටුපොළ සඳහා ආයෝජනය කර ඇති මුදල් අමෙරිකානු ඩොලර් මිලියන 190ක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් බිලියන 30ක් පමණ වේ. වසර 15ක් සඳහා චීන රජයෛන් ලබාගෙන ඇති එම ණය මුදල 2030 වසරේදී ගෙවා අවසන් කළ යුතුවේ. මත්තල ගුවන්තොටුපොළ සඳහා ඉන්දීය රජය ආයෝජනය කිරීම සඳහා කැමැත්ත පළ කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 220කි. එනම් රුපියල් බිලියන 35ක පමණ මුදලක් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය දා සඳහන් කළේ ය. |
2018-08-05T08:06:40.000Z | අද රාත්‍රියේ මුහුදු ප්‍රදේශවල තද සුළං | අද රාත්‍රියේ මුහුදු ප්‍රදේශවල තද සුළං | COLOMBO (News 1st) : අද රාත්‍රියේ සිට දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය තරමක් දුරට වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව ධීවර ප්‍රජාව විමසිලිමත් විය යුතු බවයි. |
2018-08-05T07:55:48.000Z | ඉන්දුනීසියාවේ ප්‍රබල භූ චලනයක් : ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නැහැ | ඉන්දුනීසියාවේ ප්‍රබල භූ චලනයක්,ලංකාවට බලපෑමක් නැහැ | News 1st : ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 7ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි ප්‍රබලත්වය සංචාරක පාරාදීසයක් වන බාලි වෙත ද දැනී ඇති බවයි . කෙසේවෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම භූ චලනයෙන් ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බවයි. මීට සතියකට පෙර ඉන්දුනීසියාවේ හටගත් භූ චලනයකින් පුද්ගලයින් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. |
2018-08-05T07:08:26.000Z | එක්දින තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට | එක්දින තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට | COLOMBO (News 1st) : ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට දකුණු අප්‍රිකාව අද සමත් විය. ඒ දෙරට අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය ලකුණු 78කින් ජය ගනිමිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායමේ පළමු කඩුල්ල සඳහා හෂීම් අම්ලා සහ ක්වින්ටන් ඩී. කොක් ලකුණු 42ක සබඳතාවක් ගොඩනැගූහ. හෂීම් අම්ලා ලකුණු 59ක් රැස් කළ අතර අනතුරුව පිටියට එක්වූ රීසා හෙන්ඩ්රික්ස් හා ජේ පී ඩුමිනි සිවිව්න කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක සබඳතාවක් ගොඩනැගූහ. රීසා හෙන්ඩ්රික්ස් ලකුණු 102කි. සිය මංගල එක්දින තරගයේදී ශතකයක් වාර්තා කළ සහ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කළ තුන්වැනි දකුණු අප්‍රිකා ක්‍රීඩකයා ලෙස හෙන්රික්ස් අද වාර්තා අතරට එක් විය. ජේ. පී. ඩුමිනි හා ඩේවිඩ් මිලර් දකුණු අප්‍රිකාවේ පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 103 ක සබඳතාවක් ගොඩනැගූ අතර සිය 27 වන එක්දින අර්ධ ශතකය වාර්තා කළ ජේ. පි. ඩුමිනි දැවි ගියේ ලකුණු 92 ක් රැස් කරගෙන සිටියදීයී. ඩේවිඩ් මිලර් ලකුණු 51 ක් රැස් කළේ ය. පන්දු යැවීමේදී තිසර පෙරේරා ලකුණු 75 ට කඩුලු 4 ක් දවා ගත් අතර ළහිරු කුමාර ලකුණු 67 ට කඩුලු 2ක් දවා ගත්හ. දකුණු අප්‍රිකාව පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7කට ලකුණු 363ක් රැස් කළ අතර එය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ එක්දින තරගයකදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. මේ අතර දකුණු අප්‍රිකා කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගයකදී රැස් කළ තුන්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වේ. ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේ, උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ලයි. ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 5 බිද වැටුණේ, ලකුණු 124කදීයි. කුසල් ජනිත් පෙරේරා ලකුණු 27කට පිටියෙන් ඉවත් විය. කුසල් මෙන්ඩිස් ලකුණු 31ක් රැස් කළ අතර නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 32ක් රැස් කළහ. ධනංජය ද සිල්වා සහ අකිල ධනංජය ශ්‍රී ලංකා 7 වැනි කඩුල්ලට ලකුණු 95ක සබඳතාවක් ගොඩනැගූහ. අකිල ධනංජය ලකුණු 37ක් රැස් කළේ ය. සිව්වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ ධනංජය ද සිල්වා පන්දු 66කින් 4 පහර 8ක් සහ 6 පහර 3ක් ද සමගින් ලකුණු 84ක් රැස් කළේ ය. ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 285ක් පමණි. |
2018-08-05T06:18:46.000Z | සෝමාවතියේ වන සතුන් මසට අලෙවි කිරීමේ ජාවාරමක් | සෝමාවතියේ මස් ජාවාරමක් | COLOMBO (News 1st) : සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිඳී ගොස් ඇති වැව්වල ජලය සොයා පැමිණෙන වන සතුන් මරා මස් සඳහා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජලය රැස්වී ඇති කුඩා පොකුණුවලට විෂ රසායනික මිශ්‍ර කර මෙලෙස සතුන් මරා දමන බවට අනාවරණය වී ඇති බවයි. වනජීවි නිලධාරීන් කරන වැටලීමේදී මරා දමන ලද සතුන්ගේ ශරීර කොටස් රැසක් සොයා ගැනීමට හැකිවී තිබේ. ඒ අතරට මුවන් ගෝනුන් හා කිඹුළෙකු ද සිට බව වනජිවි නිලධාරීහු සඳහන් කළහ. වියළි කාලගුණයත් සමග ජලය සොයා පැමිණෙන ලොකු කුඩා වන සතුන් මෙම ජලය පානය කිරීමෙන් මියගොස් තිබේ. වනජීවි නිලධාරීන් අද අලුයම කළ වැටලීමකදී මුව මස් තොගයක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් සතුන් මරා කඳුරුවෙළ,මැදිරිගිරිය,හිඟුරක්ගොඩ,ආදි ප්‍රදේශවල හෝටල් හා අවන් හල් වෙත සපයන බව ද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි, වනජීවි නිලධාරීන් සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/2071621609564753/ |
2018-08-05T05:59:26.000Z | වාද්දුව සාදයේදී රෝගී වූ තවත් අයෙක් මරුට | වාද්දුව සාදයේදී රෝගී වූ තවත් අයෙක් මරුට | COLOMBO (News 1st) : වාද්දුව ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතරතුර රෝගී වීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තිදෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රි සාදය අතරතුර හදිසියේ රෝගී වූ තරුණයින් 4 දෙනෙකු පානදුර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි. ඔවුන්ගෙන් දෙදෙනෙකු අද අලුයම ජීවිතක්ෂයට පත්වූ අතර අනෙක් පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූයේ, අද පස්වරුවේයි. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 36 ,31 සහ 20 හැවිරිදි කැස්බෑව සහ දිවුලපිටියේ පදිංචිකරුවන් ය. මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. රෝගී වූ අනෙක් පුද්ගලයා තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසී ය. මේ අතර පානදුර වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද අදාළ හෝටලයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා තිබේ. උත්සව සංවිධාන කරනු ලබන ආයතනයක් විසින් ඊයේ රාත්‍රී සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් ද යොදවමින් මෙම සාදය සංවිධානය කරනු ලැබ තිබේ. ඊයේ පස්වරුවේ ආරම්භ වී ඇති මෙම සාදය අද අලුයම පමණ වන තෙක් පැවත ඇති බව පැවසෙයි. එහිදී පුද්ගලයින් 4 දෙනෙකු රෝගී වී ඇති අතර එහිදී ආරක්ෂක නිලධාරීන් විසින් ඔවුහු රෝහල්ගත කරනු ලැබ ඇත. මේ අතර හෝටලයේ සේවකයින්ගෙන් අප කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ, ශාලා පහසුකම් පමණක් ලබාදුන් බව ත් සෙසු සියල්ල උත්සවය සංවිධානය කළ ආයතනය විසින් සම්පාදනය කරනු ලැබූ බව ත් ය. පශ්චාත් මරණ පරීක්ෂණය හෙට දිනයේ පැවැත්වීමට නියමිත අතර මෘත ශරීර මේ වන විට පානදුර රෝහලේ තැන්පත් කර තිබේ. |
2018-08-05T05:32:44.000Z | ජීව අත්බෝම්බයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට | ජීව අත්බෝම්බයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට | COLOMBO (News 1st) : විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග සැකකරුවන් දෙදෙනකු වීරකැටිය, යක්ගස්මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සොරකම් කරන ලද ගවයින් රැගත් ලොරි රථයක් ගමන් කරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමේදී මෙම අත්බෝම්බය සොයා ගත් බවයි. පොලීසිය ලොරි රථය නතර කරන ලෙස සංඥා කිරීමේදී එය අසල වෙළෙඳසලක ගැටී ඇති නැවතී ඇති අතර එහිදී සැකකරුවන් පලා ගොස් තිබිණ. අනතුරුව ලොරි රථය පරීක්ෂා කිරීමේදී විදේශිය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බය සොයාගෙන තිබේ. පසුව ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් වීරකැටිය පදිංචිකරුවන් ය. |
2018-08-05T05:01:57.000Z | සිසුවිය අපයෝජනය කළ ගුරුවරයා අත්අඩංගුවට | සිසුවිය අපයෝජනය කළ ගුරුවරයා අත්අඩංගුවට | COLOMBO (News 1st) : බිබිල ප්‍රදේශයේ පාසල් සිසුවියක ලිංගික අපයෝජනයට ලක් කළ පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, දීර්ඝ කාලයක් තිස්සේ අදාළ පාසල් ගුරුවරයා දැරිය ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි. අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, පාසල් සිසුවියගේ දෙමාපියන්ගෙන් ලද පැමිණිල්ලක් අනුවයි. එලෙස අපයෝජනයට ලක්ව ඇති දැරිය මේ වනවිට 18 වැනි වියේ පසුවන අතර අත්අඩංගුවට ගෙන ඇති ගුරුවරයා 35 වැනි වියේ පසුවන්නෙකි. |
2018-08-05T03:14:00.000Z | මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් අයෙකු මරුට | මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් අයෙකු මරුට | COLOMBO (News 1st) - මිනුවන්ගොඩ, යටියන මංසන්ධියේදී අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ තුවාල ලැබු පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කිරිමේදී මියගොස් ඇති බව ය. මියගොස් ඇත්තේ 68 හැවිරිදි මිනුවන්ගොඩ, ගමන්ගෙදර පදිංචිකරුවෙකි. පොලීසිය පැවසුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු සොයා විමර්ශන ක්‍රියාත්මක බව ය. |
2018-08-05T00:40:14.000Z | නියෝජ්‍ය පොලිස්පතිවරු 6 දෙනෙකු ඇතුළු නිලධාරීන් 20 දෙනෙකුට ස්ථාන මාරු | නි. පොලිස්පතිවරු 6 දෙනෙකුට ස්ථාන මාරු | COLOMBO (News 1st) - වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 20 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. පොලිස් මූලස්ථානය සදහන් කළේ, නියෝජ්‍ය පොලිස්පති එල්.එච්.කේ.ඩබ්ලිව්.කේ. සිල්වා මහතා අපරාධ කොට්ඨාශයේ සිට අපරාධ, නීති සහ විනය හා කල්ක්‍රියා කොට්ඨාශයට මාරු කර ඇති බව ය. නියෝජ්‍ය පොලිස්පති පී.පී.එස්.එම්. ධර්මරත්න මහතා පුහුණු, බඳවා ගැනීම් සහ ජාත්‍යන්තර සබඳතා කොට්ඨාශයේ සිට පුහුණු, බඳවා ගැනීම්, මානව සම්පත් කළමනාකරණ සහ ජාත්‍යන්තර සබඳතා කොට්ඨාශයට මාරු කර තිබේ. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා බස්නාහිර උතුර දිසාවේ සිට රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාවට මාරු කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය. නියෝජ්‍ය පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්.ඩී.තෙන්නකොන් මහතා වව්නියාව දිසාවේ සිට බස්නාහිර උතුර දිසාවට මාරු කර තිබේ. නියෝජ්‍ය පොලිස්පති එස්. අනුර අබේවික්‍රම මහතා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සිට වව්නියාව කොට්ඨාශයට මාරු කර ඇති අතර නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.පී.ජී. පෙරේරා මහතා දුක්ගැනවිලි කොට්ඨාශයේ සිට ක්ෂේත්‍ර බලකා මුලසථානයට මාරු කර යවා තිබේ. මේ අතර පොලිස් අධිකාරීවරුන් තුන්දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ඊට අමතරව ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් තුන්දෙනෙකුට සහ පොලිස් පරික්ෂකවරුන් 5 දෙනෙකුටද වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදුන් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. මෙම ස්ථාන මාරුවීම් පොලිස්පතිවරයාගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව සිදුකර තිබේ. |
2018-08-05T00:19:38.000Z | තැපැල්පති ධුරය මාසයක් තිස්සේ පුරප්පාඩු වීමෙන් දෛනික කටයුතු අඩාල වෙයි | තැපැල්පති ධුරය පුරප්පාඩු වීමෙන් වැඩ කටයුතු අඩාලයි | COLOMBO (News 1st) - මාසයකට අධික කාලයක් තැපැල්පති ධුරය පුරප්පාඩු වීමෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාල වී ඇතැයි වාර්තා වේ. තැපැල් දෙපාර්තමේන්තු ඉතිහාසයේ තැපැල්පති තනතුරක් පුරප්පාඩුව පැවැති වැඩිම කාල සිමාව මෙය වේ. තැපැල්පතිවරයා ලෙස කටයුතු කල රෝහණ අබේරත්න මහතා පසුගිය ජුනි 25 වැනිදා සිට ජනාධිපති ලේකම් කාර්යාලයට මාරු කිරීමත් සමග තැපැල්පති ධුරය පුරප්පාඩු විය. මේ හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ආයතනික ප්‍රතිපත්ති තීන්දු තීරණ ගැනිම, ගිවිසුම්වලට එළැඹීම ඇතුළු දෛනික රාජකාරි කටයුතු අඩාල වී ඇතැයි තැපැල් වෘත්තිය සමිති පවසයි. ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරැ චින්තක බණ්ඩාර මහතා පවසන්නේ මේ හේතුවෙන් සියලු සේවකයින්ගේ රාජකාරීවලට බාධා එල්ල වී ඇති බව ය. මේ පිලිබඳව විමසිමට අවස්ථා කිහිපයකදිම තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලිම් මහතා සම්බන්ධකර ගැනිමට නිව්ස්ෆස්ට් උත්සාහ කළත් එය අසාර්ථක විය. කෙසේ වෙතත් තැපැල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, තැපැල්පති ධුරයේ කටයුතු ආවරණය කිරීම සදහා තැපැල් අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක් පත් කර ඇති බව ය. තැපැල්පති ධුරය සඳහා සුදුසුකම් සහිත නියෝජ්‍ය තැපැල්පතිවරයකු සම්බන්ධයෙන් මේ වනවිට ජනාධිපතිවරයා වෙත නිර්දේශ යොමුකර ඇතැයි ද ඔහු සඳහන් කළේය. ඊට ජනාධිපතිවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිය යුතු වේ. |
2018-08-05T00:10:06.000Z | රත්‍රං ආනයන බද්ද අඩු කිරීමට සැලසුම් | රත්‍රං ආනයන බද්ද අඩු කිරීමට සැලසුම් | COLOMBO (News 1st) - ආනයනික රත්‍රං සඳහා පනවා ඇති බද්ද ඉදිරියේදි සියයට 7 දශම 5ක් දක්වා අඩු කිරිමට සැලසුම් කර ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. රත්‍රං සදහා මේ වනවිට පවතින ආනයන බද්ද සියයට 15 කි. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති පේශල ජයරත්න මහතා සඳහන් කළේ, ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති බව ය. |
2018-08-05T00:04:02.000Z | පුත්තලමේ පුද්ගල ඝාතනයක් | පුත්තලමේ පුද්ගල ඝාතනයක් | COLOMBO (News 1st) - පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ, දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව ය. බරතල තුවාල ලැබු ඔහු පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 53 හැවිරිදි පාලවිය පදිංචිකරුවෙකි. ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. |
2018-08-04T23:38:07.000Z | වාද්දුව හෝටලයක සාදයක් අතරතුර රෝගී වූ දෙදෙනෙකු මරුට | වාද්දුව හෝටලයක සාදයක් අතරතුර රෝගී වූ දෙදෙනෙකු මරුට | COLOMBO (News 1st) - වාද්දුව ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතරතුර රෝගාතුර වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන් දෙදෙනා මිතුරන් පිරිසක් සමග ඊයේ රාත්‍රියේ සාදයකට ගිය අවස්ථාවේ ඉන් සිව් දෙනෙකු රෝගාතුර වී ඇති බව ය. අනතුරුව ඔවුන් පානදුර රෝහලට ඇතුලත් කර තිබෙන අතර එහිදී 20 හැවිරිදි සහ 36 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. අනෙක් දෙදෙනා තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය. ඔවුන්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. |
2018-08-04T21:21:29.000Z | ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තීරණාත්මක එක්දින තරගය අද පල්ලේකැලේදී | ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තීරණාත්මක තරගය අද | COLOMBO (News 1st) - තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය දිවා තරගයක් ලෙස අද පැවැත්වේ. ඒ, මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය. තරගාවලියේ පළමු තරගය කඩුලු 05කින් ද, දෙවැනි තරගය කඩුලු 04 කින් ද මේ වන සිට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම ජයගෙන ඇති බැවින් මෙම තරගය ඔවුන් ජයගතහොත් තරග 2 ක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වේ. කෙසේ වෙතත් තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳ යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායම අනිවාර්යෙන් ජය ගත යුතුයි. ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී එක්දින තරග 19 කට මුහුණදී ඇති අතර, ඉන් ජයගෙන ඇත්තේ තරග 09ක් පමණි. 2015 වසරේ නොවැම්බර් මසදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 19 ක ජයක් වාර්තා කිරීමෙන් පසුව මේ දක්වා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති එක්දින තරග 3 ම ශ්‍රී ලංකා පරාජයට පත් වී තිබේ. මින් පෙර මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පවත්වා ඇති එක්දින තරග ගණන 3 කි. ඉන් තරග 2 ක් ම ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබීම විශේෂත්වයකි. තරගය අද පෙරවරු 10 ට ආරම්භවීමට නියමිත ය. |
2018-08-04T21:07:39.000Z | වෙනිසුවෙලානු ජනපති ගුවන් ප්‍රහාරයකින් දිවි ගලවා ගනී | වෙනිසුවෙලානු ජනපති දිවි ගලවා ගනී | (News 1st) - වෙනිසුවෙලානු ජනාධිපති නිකලොස් මාධූරෝ ඉලක්ක කර ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය සදහන් කළේ ඉන් ජනාධිපතිවරයාට කිසිඳු හානියක් සිදුව නොමැති බව ය. ජනාධිපතිවරයා කැරකාස් අගනුවර පැවති වෙනිසුවෙලානු හමුදාවේ 81 වැනි සැමරුම් උළෙල අමතමින් සිටියදී ඒ අසළ ගොඩනැගිල්ලකට ගුවන් ප්‍රහාරය එල්ල වී තිබුණි. එම උළෙලේ ජනාධිපතිවරයාගේ කතාව එරට රූපවාහිනී නාලිකාවල සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබුණි. ප්‍රහාරය එල්ල වීමත් සමග ආරක්ෂක නිලධාරීන් ජනාධිපතිවරයා වහාම ඉන් ඉවත් කිරීමත් සමග සජීවී රූපවාහිනී විකාශය ද නතර වී තිබේ. ඒ සමගම හමුදා උත්තමාචාර උළෙලට එක්ව සිටි පිරිස් සතරඅත දිව යන්නට විය. ප්‍රහාරයෙන් කිසිඳු ජීවිත හානියක් නොවූව ද, හමුදා සෙබළුන් 7 දෙනෙකු තුවාල ලැබිණි. ප්‍රහාරය එල්ල කළේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ විපක්ෂ දක්ෂිණාංශික පක්ෂයටයි. හිටපු ජනපති හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු 2013 වසරේ මාර්තු 5 වැනිදා නිකලොස් මාධූරෝ වෙනිසුවෙලාවේ ජනපති ධූරයට පත්විය. 2015 වසරේදී යළි බලයට පත්වූ මාධූරෝ වෙනිසුවෙලාවේ බලය නැවත තහවුරු කරගත්තේ පසුගිය මැයි මාසයේ පැවති ජනාධිපතිවරණයෙනි. එහෙත් මැතිවරණය වංචා සහගත බැවින් ප්‍රතිඵලය පිළිගත නොහැකි බවට එරට විපක්ෂය චෝදනා කළේය. ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ද රටවැසියන්ගෙන් ආණ්ඩුවට එරෙහිව දැඩි විරෝධතා මතුවෙමින් තිබියදී ය. |
2018-08-04T20:54:07.000Z | 5 ශිෂ්‍යත්ව කඩයිම ජය ගැනීමට ලක්ෂ 3කට අධික සිසුන් පිරිසක් අද විභාගයට | 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම් | COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පෙරවරු 9.30 ට ආරම්භ වේ. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 355,326 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව ය. අද පෙරවරු 9 වන විට සියලුම විභාග අපෙක්ෂකයන් විභාග මධ්‍යස්ථානවලට වාර්තා කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙන්නේය. මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ද හෙට ආරම්භ වේ. විභාගය සැප්තැම්බර් 01 වැනිදා දක්වා පැවැත්විමට නියමිත ය. ඒ, සඳහා පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යව 321,469 කි. |
2018-08-04T20:16:14.000Z | මොනරාගල රිය අනතුරකින් 8 හැවිරිදි දරුවෙකු ඇතුළු තිදෙනෙකු මරුට | මොනරාගල රිය අනතුරකින් තිදෙනෙකු මරුට | COLOMBO (News 1st) - මොනරාගල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කුඹුක්කන මංසන්ධිය අසළදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රී 10.45 ට පමණ වැල්ලවාය දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිශාවටම ගමන් කළ බස් රථයක් ඉස්සර කිරීමේදී යාමේදී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී ඇති බව ය. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් රියැදුරු හා පිටුපස ගමන්ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා මොනරාගල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු තුන්දෙනෙකු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ 8 හැවිරිදි පිරිමි දරුවෙක් හා 19 හැවිරිදි තරුණියක් හා 22 හැවිරිදි තරුණයෙකි. ඔවුන් ඇතිමලේ, නුගලන්ද පදිංචිකරුවන් පිරිසකි. එම අනතුරින් බරපතල තුවාල ලැබු 49 හැවිරිදි කාන්තාවක් මොනරාගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. |
2018-08-04T19:58:51.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) දේශීය පුවත් 1 - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමට ඉඩ දෙන්නේ නැහැ – ජනපති: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, ඊයේ පස්වරුවේ ‘පිබිදෙමු පොලොන්නරුව’ ව්‍යාපෘතිය යටතේ පොලොන්නරුව රෝහල් මංසන්දියේ ඉදි කළ නව වෙළඳ සංකිර්ණය විවෘත කරමිනි. 2 - රන් කැබලි මිශ්‍ර පස් අපනයනය කිරීමේ මහා පරිමාණ ජවාරමක් පිළිබඳ තොරතුරු හෙළි වෙයි: රන් කැබලි මිශ්‍ර පස් අපනයනය කිරීමේ මහා පරිමාණ ජවාරමක් හෙළි කර ගැනීමට රේගුව හා පතල් කැනීම් කාර්යංශය සමත් වී තිබේ. ශ්‍රී ලංකා රේගු ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, රේගුව විසින් රඳවා ගෙන තිබූ පස් කන්ටේනර් 64කින් ලබා ගත් පස් සාම්පල් පිළිබඳව සිදු කළ පරීක්ෂණයකින් මෙම ජවාරම අනාවරණය කර ගැනීමට සමත් වූ බව ය. 3 - ජාතික රෝහලේ දෛනික හෘද සැත්කම් සංඛ්‍යාව 2කට සීමා වෙයි: ශල්‍යාගාරවල පවතින ගැටලු හේතුවෙන් ජාතික රෝහලේ හෘද සැත්කම් සිදු කිරීමට බාධා මතුව තිබේ. හෘද රෝග අංශයේ වෛද්‍යවරයෙකු පැවසුවේ, දැනට රෝහල සතුව ඇති ශල්‍යාගාර 05න් 2ක ගැටලු පවතින බව ය. 4 - රන් මාලයක් කැඩූ සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු මිය යයි: රන් මාලයක් කඩා ගැනීමට සම්බන්ධ සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, පානදුර දකුණ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු කළුතර බන්ධනාගාරයේ රඳවා සිටියදී එලෙස මිය ගොස් ඇති බව ය. 5 - තලවිල ශාන්ත ආනා දෙව්මැදුරේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා: තලවිල ශාන්ත ආනා දෙව්මැදුරේ පැවැත්වෙන වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් ඊයේ සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊයේ සිට 7 වන දා දක්වා කොළඹ පුත්තලම මාර්ගයේ ධාවනය වන දුම්රිය කිහිපයක ද ගමනාන්ත දීර්ඝ කර ඇති බව ය. විදෙස් පුවත් 1 - අධික උෂ්ණත්වය පිළිබඳව උතුරු කොරියානු වැසියන්ටත් අනතුරු ඇඟවීම්: අධික උෂ්ණත්වය හමුවේ ස්වභාවික ආපදා තත්ත්වයකට මුහුණ දීමට සිදු වන බවට උතුරු කොරියාව සිය රට වැසියන්ට අනතුරු අඟවා තිබේ. උතුරු කොරියාව එරට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, අධික උෂ්ණත්වය සමගින් ස්වභාවික ආපදා තත්ත්වයක් ඇති වීමේ තර්ජනයක් පවතින බැවින් භෝග ආරක්ෂා කර ගැනීමට සහයෝගය දක්වන ලෙස ය. ක්‍රීඩා පුවත් 1 - යූ.කේ.එන්. රත්නායකගෙන් නව තරගාවලි වාර්තාවක්: කොළඹ දී සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ යූ.කේ.එන්. රත්නායක මීටර් 1500 කාන්තා ධාවන ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් විය. නව තරගාවලි වාර්තාවක් පිහිට වූ ඇය ඒ සඳහා ගතකළ කාලය මිනිත්තු 4 යි තත්පර 17 යි දශම 5 යි 2 කි. 2 - ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට: ඉන්දියාව සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 31ක ජයක් වාර්තා කිරීමට සත්කාරක එංගලන්තය සමත් විය. ඒ, අනුව තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් සිටී. 3 - මෙරට ක්‍රිකට් තණතිලි ගැන ද. අප්‍රිකා සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් පරස්පර අදහස්: ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයට පෙර හෂීම් අම්ලා සහ ඇන්ජලෝ මැතිව්ස් මෙරට තණතිලි පිළිබඳ පරස්පර අදහස් පල කර තිබේ. දෙරට අතර තුන්වැනි තරගය අද මහනුවර, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය. |
2018-08-04T10:51:37.000Z | මෙරට ක්‍රිකට් තණතිලි ගැන ද. අප්‍රිකා සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් පරස්පර අදහස් | මෙරට ක්‍රිකට් තණතිලි ගැන පරස්පර අදහස් | COLOMBO (News 1st) - දකුණු අප්‍රිකාව සමග හෙට ආරම්භ වීමට නියමිත තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මනා සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. දෙරට අතර හෙට මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත 3වන තරගය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. දෙරට අතර පැවැති පළමු එක්දින තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම පරජයට පත් විය. ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 5 ක් ඇතුළත්. තරගය හෙට උදෑසන 10 ට ආරම්භ වීමට නියමිත ය අතර දෙරටේම ක්‍රීඩකයින් අද සිය අවසන් පුහුණු සැසියට එක්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පසුගිය දවස් දෙකේදී ඉතාමත් මහන්සි වුණා. සෑම අන්තයකින්ම මම හිතන්නේ පන්දු යැවීම පන්දු රැකීම සහ පිතිකරණයෙන් වුණත් අපි සෑහෙනට මහන්සි වුණා. ඒ වගේම මානසිකව තමයි හුඟක්ම සූදානම් විය යුත්තේ කණ්ඩායමන් විදිහට මෙවැනි දුර්වල තණතිලි වල ක්‍රීඩා කරලා අපිට එළියෙත් ගිහිල්ලා ජයග්‍රහණය කරන්න ඕනේ නම් හොඳ තණතිලිවල ක්‍රීඩා කරලා අපි විදිහක් හොයා ගන්න ඕනේ අපි කොහොමද හොඳ තණතිලි වල ක්‍රීඩා කරන්නේ විශේෂයෙන් ලංකාවෙදි දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ නායක හෂීම් අම්ලා මේ තණතීරු සාමාන්‍ය එක්දින තණතිලි. අපි මේ වගේ තණතිලි තමයි සාමාන්‍යයෙන් දකින්නේ. මේ තණතිලවල හොඳින් පන්දුවට පහර දෙන්න පුළුවන් ඒ වගේම දෝලනයකුත් තියෙනවා. අපේ කණ්ඩායම පසු ගිය අවුරුදු කිහිපය තුළ එක්දින තරගවල හොඳින් ක්‍රීඩා කරලා තියෙවා ඒ නිසා අපි හිතනවා අපේ කණ්ඩායම කුමන තණතිල්ලක වුණත් හොඳින් ක්‍රීඩා කරයි කියලා |
2018-08-04T08:50:20.000Z | පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමට ඉඩ දෙන්නේ නැහැ - ජනපති | මන්ත්‍රී වැටුප් වැඩි කිරීමට ඉඩ දෙන්නේ නැහැ - ජනපති | COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීමට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, අද පස්වරුවේ 'පිබිදෙමු පොලොන්නරුව' ව්‍යාපෘතිය යටතේ පොලොන්නරුව රෝහල් මංසන්දියේ ඉදි කළ නව වෙළඳ සංකිර්ණය විවෘත කරමිනි. මෙම අවස්ථාවේ කළයුතු වන්නේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කිරීම නොව රටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම බව ද ජනාධිපතිතුමා එහි දී වැඩි දුරට ත් සඳහන් කළේය. |
2018-08-04T06:38:05.000Z | ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට | ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට | (News 1st) - ඉන්දියාව සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 31ක ජයක් වාර්තා කිරීමට සත්කාරක එංගලන්තය සමත් විය. ඒ, අනුව තරග 5කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස එංගලන්තය ඉදිරියෙන් සිටී. බර්මින්හැම්හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් එංගලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව එංගලන්තය සිය පළමු ඉනිමට ලකුණු 287ක් ලබා ගත්තේය. නායක ජෝ රූට් ලකුණු 80ක් ලබා ගැනීමට සමත් විය. අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට ලබා ගත හැකි වූයේ ලකුණු 274ක් පමණි. නායක විරාට් කෝලි විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 149ක් ලබා ගත්තේය. දෙවන ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 180ක් පමණි. සටන්කාමී ඉනිමක් ක්‍රීඩාකළ සෑම් කුරාන් ලකුණු 63ක් ලබා ගත්තේය. ඒ අනුව ඉන්දියාවට ලකුණු 194ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය. නමුත් ඉන්දීය කණ්ඩායමට සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 162ක් පමණි. විරාට් කෝලි ලකුණු 51ක් ලබා ගත්තේය. බෙන් ස්ටොක් එංගලන්තය වෙනුවෙන් ලකුණු 40කදී කඩුලු 4ක් දවා ගැනිමට සමත් විය. තරගයේ වීරයා සම්මානය සෑම් කුරාන්ට හිමිවිය. ලෝකයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව මේ වනවිට රැඳී සිටින්නේ පළමු ස්ථානයේ වන අතර එංගලන්තය එම ලේඛනයේ සිටින්නේ 5 වැනි ස්ථානයේ වීම විශේෂත්වයකි. |
2018-08-04T05:03:27.000Z | යූ.කේ.එන්. රත්නායකගෙන් නව තරගාවලි වාර්තාවක් | යූ.කේ.එන්. රත්නායකගෙන් නව තරගාවලි වාර්තාවක් | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා යුධ හමුදාවේ යූ.කේ.එන්. රත්නායක මීටර් 1500 කාන්තා ධාවන ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඒ, කොළඹ දී සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ය. නව තරගාවලි වාර්තාවක් පිහිට වු යූ.කේ.එන්. රත්නායක ඒ සඳහා ගතකළ කාලය මිනිත්තු 4 යි තත්පර 17 යි දශම 5 යි 2 කි. එහි දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ එන්.එම්.සී. ඩිල්රුක්ෂි හිමි කර ගත්තේය. ශ්‍රී ලංකා ගුවන් හමුදා ඩබ්ලිව්.පී.ඊ.ආර්. දුලක්ෂිට තුන්වැනි ස්ථානය හිමි වූවාය. |
2018-08-04T04:46:47.000Z | කැකිරාවේදී ලොරියේ ගැටුණු ත්‍රිරෝද රථ රියැදුරු මරුට | කැකිරාවේදී ලොරියේ ගැටුණු ත්‍රිරෝද රථ රියැදුරු මරුට | COLOMBO (News 1st) - A9 මාර්ගයේ කැකිරාව, කිතුල්හිටියාවේදී සිදුවූ රිය අනතුරකින් ත්‍රිරෝද රථ රියැදුරෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද අලුයම ත්‍රිරෝද රථයක් හා කුඩා ලොරි රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය. අනතුරින් තුවාල ලැබු ත්‍රිරෝද රථ රියැදුරු දඹුල්ල රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ. ඔහු කැකිරාව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි අයෙකි. අනතුරින් ලොරි රථයේ රියැදුරු ද තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය. |
2018-08-04T01:43:56.000Z | රන් කැබලි මිශ්‍ර පස් අපනයනය කිරීමේ මහා පරිමාණ ජවාරමක් පිළිබඳ තොරතුරු හෙළි වෙයි | රන් කැබලි මිශ්‍ර පස් අපනයනය කිරීමේ ජවාරමක් | COLOMBO (News 1st) - රන් කැබලි මිශ්‍ර පස් අපනයනය කිරීමේ මහා පරිමාණ ජවාරමක් හෙළි කර ගැනීමට රේගුව හා පතල් කැනීම් කාර්යංශය සමත් වී තිබේ. ශ්‍රී ලංකා රේගු ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, රේගුව විසින් රඳවා ගෙන තිබූ පස් කන්ටේනර් 64කින් ලබා ගත් පස් සාම්පල් පිළිබඳව සිදු කළ පරීක්ෂණයකින් මෙම ජවාරම අනාවරණය කර ගැනීමට සමත් වූ බව ය. නීති විරෝධී ලෙස රන් කැබලි මිශ්‍ර පස් විදෙස්ගත කිරීමේ චෝදනාව මත එම කන්ටේනර්වලට රුපියල් ලක්ෂ 50ක දඩ මුදලක් නියම කර එම අපනයනය කිරීම තහනම් කිරීමට රේගුව පියවර ගෙන තිබේ. එම සිද්ධියෙන් පසුව තවත් එවැනි ම පස් කන්ටේනර් 15ක් පසුගිය අඟහරුවාදා ඉන්දියාවට අපනයනය කිරීමට සැලසුම් කර තිබියදී රේගුව විසින් රඳවා ගත් බව ද එම නිලධාරියා පැවසුවේ ය. ඒ, භූ විද්‍යා හා පතල් කාර්යංශය සිදු කළ පස් සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව ය. මේ සම්බන්ධයෙන් පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුවත් කර ඇති බව ද භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියා සඳහන් කළේ ය. අදාළ කන්ටේනර් 64 නිදහස් කිරීමකින් තොරව තවදුරටත් කොළඹ රේගු අපනයන භාණ්ඩ පර්යන්තයේ රඳවා තිබේ. |
2018-08-04T01:07:07.000Z | ජාතික රෝහලේ දෛනික හෘද සැත්කම් සංඛ්‍යාව 2කට සීමා වෙයි | ජාතික රෝහලේ දෛනික හෘද සැත්කම් 2කට සීමා වෙයි | COLOMBO (News 1st) - ශල්‍යාගාරවල පවතින ගැටලු හේතුවෙන් ජාතික රෝහලේ හෘද සැත්කම් සිදු කිරීමට බාධා මතුව තිබේ. හෘද රෝග අංශයේ වෛද්‍යවරයෙකු පැවසුවේ, දැනට රෝහල සතුව ඇති ශල්‍යාගාර 05න් 2ක ගැටලු පවතින බව ය. C ශල්‍යාගාරයේ ගැටලු හේතුවෙන් එය පසුගිය දෙසැම්බර් මාසයේ වසා දැමූ අතර මේ දක්වා එය විවෘත කර නොමැත. මීට මාස 2කට පෙර ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව විවෘත කළ J ශල්‍යාගාරයේ ද ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බව අදාළ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ ය. මෙවැනි තත්ත්වයක් යටතේ ජාතික රෝහලේ දෛනිකව සිදු කෙරෙන හෘද සැත්කම් සංඛ්‍යාව 2කට සීමා කිරීමට සිදුව තිබේ. ඒ හේතුවෙන් ජාතික රෝහලේ හෘද රෝග සැත්කම් සිදු කිරීමට ඉතා දිගු පොරොත්තු ලේඛනයක් පවතින බව වෛද්‍යවරු පෙන්වා දෙති. මේ වන විට හෘද සැත්කම් සිදු කෙරෙන්නේ රෝහලේ 2016 වසරේ ලියාපදිංචි වූ රෝගීන් සඳහා බව පෙන්වා දෙන වෛද්‍යවරු, මේ වසරේ ලියාපදිංචි වන රෝගීන් සඳහා සැත්කම් සිදු කළ හැක්කේ 2020 වසරේදී බව ද සඳහන් කළහ. රෝහලේ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ, මෙවැනි තත්ත්වයක් තුළ මෙරට හෘද රෝග ප්‍රතිකාර සේවාවට දැඩි බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බව ය. මේ සම්බන්ධයෙන් ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, අලුත්වැඩියාවෙන් පසු J ශල්‍යාගාරයේ ප්‍රමිතිය පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයෙන් වාර්තාවක් ඉල්ලා ඇති බව ය. ගැටලු පැන නැගුණ ද අදාළ ශල්‍යාගාරයේ හෘද සැත්කම් සිදු කෙරෙන බව ද ඔහු සඳහන් කළේ ය. දැනට වසා දමා ඇති C ශල්‍යාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු යුද හමුදාව විසින් ආරම්භ කර ඇති අතර එය හැකි ඉක්මනින් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද වෛද්‍ය ඩබ්ලිව්.කේ. වික්‍රමසිංහ මහතා පැවසුවේ ය. දැනට කොළඹ, කරාපිටිය, ශ්‍රී ජයවර්ධනපුර, යාපනය, මහනුවර හා රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද සැත්කම් සිදු කෙරේ. |
2018-08-04T00:32:09.000Z | 'මාලනී රංග න්‍යාය' ලබන 8 එළිදැක්වේ | 'මාලනී රංග න්‍යාය' ලබන 8 එළිදැක්වේ | COLOMBO (News 1st) - සම්මානනීය නිළි මාලනී ෆොන්සේකා මහත්මියගේ සිනමා දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මාලනී රංග න්‍යාය නම් පර්යේෂණාත්මක ග්‍රන්ථය ලබන 08 වන දා එළිදැක්වේ. ඒ, පෙරවරු 10.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ පැවැත්වෙන උත්සවයකදී ය. ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතා විසින් මෙම කෘතිය රචනා කර තිබේ. |
2018-08-04T00:13:14.000Z | තලවිල ශාන්ත ආනා දෙව්මැදුරේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා | ශාන්ත ආනා දෙව්මැදුරේ මංගල්‍ය වෙනුවෙන් දුම්රිය සේවා | COLOMBO (News 1st) - තලවිල ශාන්ත ආනා දෙව්මැදුරේ පැවැත්වෙන වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද සිට 7 වන දා දක්වා කොළඹ පුත්තලම මාර්ගයේ ධාවනය වන දුම්රිය කිහිපයක ද ගමනාන්ත දීර්ඝ කර ඇති බව ය. ඒ අනුව කොළඹ සිට පාලාවි දක්වාත් මොරටුව සිට පාලාවි දක්වාත් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. අද දින උදෑසන 9.35ට හලාවත දක්වා යන දුම්රිය පාලාවි දක්වා දීර්ඝ කර ඇති අතර කොළඹ සිට මාදම්පේ දක්වා දහවල් 1.10ට යන දුම්රිය ද පාලාවි සහ පුත්තම දක්වා දීර්ඝ කර තිබේ. මොරටුව සිට අමතර දුම්රියක් ද ධාවනයට කටයුතු යොදා තිබේ. |
2018-08-03T23:22:49.000Z | රන් මාලයක් කැඩූ සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු මිය යයි | සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු මිය යයි | COLOMBO (News 1st) - රන් මාලයක් කඩා ගැනීමට සම්බන්ධ සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, පානදුර දකුණ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු කළුතර බන්ධනාගාරයේ රඳවා සිටියදී එලෙස මිය ගොස් ඇති බව ය. මිය ගොස් ඇත්තේ, 37 හැවිරිදි මිල්ලනිය හල්තොට සුබසාධක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මිය ගිය පුද්ගලයා හෙරොයින් පානයට ඇබ්බැහිවූවෙකු බව පොලීසිය ප්‍රකාශ කළේ ය. මේ අතර මිය ගිය පුද්ගලයාගේ බිරිඳ පවසන්නේ, පසුගිය 29 වන දා අත්අඩංගුවට ගත් තම සැමියාට පොලීසිය කළ පහර දීම් හේතුවෙන් ඔහු මිය ගොස් ඇති බව ය. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලීසිය පැවසුවේ, මිය ගිය පුද්ගලයාගේ සිරුර කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති බව ය. අද පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මරණයට හේතුව අනාවරණය කර ගත හැකි වනු ඇති බව පොලීසිය පැවසුවේ ය. |
2018-08-03T22:19:59.000Z | අධික උෂ්ණත්වය පිළිබඳව උතුරු කොරියානු වැසියන්ටත් අනතුරු ඇඟවීම් | උතුරු කොරියාව සිය රට වැසියන්ට අනතුරු අඟවයි | COLOMBO (News 1st) - අධික උෂ්ණත්වය හමුවේ ස්වභාවික ආපදා තත්ත්වයකට මුහුණ දීමට සිදු වන බවට උතුරු කොරියාව සිය රට වැසියන්ට අනතුරු අඟවා තිබේ. උතුරු කොරියාව එරට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, අධික උෂ්ණත්වය සමගින් ස්වභාවික ආපදා තත්ත්වයක් ඇති වීමේ තර්ජනයක් පවතින බැවින් භෝග ආරක්ෂා කර ගැනීමට සහයෝගය දක්වන ලෙස යි. කොරියානු අර්ධද්වීපයෙන් වාර්තාගත උෂ්ණත්වයක් වාර්තා වන අතර ඒ හේතුවෙන් දකුණු කොරියාවේ පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. උතුරු කොරියාව මීට පෙරත් දුර්භික්ෂයකට මුහුණ දී ඇති අතර එරට රාජ්‍ය මාධ්‍ය අනතුරු අඟවන්නේ මේ වන විටත් වී, බඩ ඉරිඟු ඇතුළු ප්‍රධාන භෝග තර්ජනයට ලක්ව ඇති බවට ය. ඒ හේතුවෙන් අස්වැන්න ආරක්ෂා කර ගැනීමේ අරගලයට එක්වන ලෙසට රට වැසියන්ගෙන් ඉල්ලා සිටියි. උතුරු කොරියාවේ පියොංග් නුවරින් මේ වන විට සෙල්සියස් අංශක 37.8ක වාර්තාගත උෂ්ණත්වයක් වාර්තා වන අතර දකුණු කොරියාවේ සෝල් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 39කි. මේ අතර යුරෝපය ද තවත් උණුසුම් වායු ප්‍රවාහයකින් පීඩා විඳින අතරතුර උණුසුම් තත්ත්වය පිළිබඳව මෙතෙක් පැවති වාර්තා ඉදිරි දිනවලදී බිඳ වැටෙනු ඇති බවට කාලගුණ අනාවැකි පළ වේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, අප්‍රිකාව හරහා හමා එන උණුසුම් වායු දහරාවේ බලපෑම හේතුවෙන් ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ උණුසුම ඉහළ නගිමින් පවතින බව ය. බී.බී.සී. කාලගුණ අනාවැකිවලට අනුව ඊයේ සහ අද නිරිතදිග ස්පාඤ්ඤයේ හා ගිනිකොනදිග පෘතුගාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 47කි . එමෙන් ම බ්‍රිතාන්‍යයේ ගිනිකොනදිග පෙදෙසට සෙල්සියස් අංශක 33ක උෂ්ණත්වයක් අපේක්ෂා කෙරේ. |
2018-08-03T21:51:05.000Z | යල කන්නයේ වී මිලදී ගැනීම අද ඇරඹේ | යල කන්නයේ වී මිලදී ගැනීම අද ඇරඹේ | COLOMBO (News 1st) - යල කන්නයේ වී මිලදී ගැනීම අද ආරම්භ කෙරේ. වී අලෙවි මණ්ඩලයේ සභාපති උපාලි මොහොට්ටි මහතා ප්‍රකාශ කළේ, සැප්තැම්බර් මස අග දක්වා අස්වනු මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව ය. මෙවර නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 38කට හා සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 40ක මිලකට මිලදී ගැනීමට පියවර ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලය පවසයි. උපාලි මොහොට්ටි මහතා සඳහන් කළේ, කිසිදු ලේඛනයක් සහතික කිරීමකින් තොරව වී ගබඩාවලට ගොස් වී අලෙවි කිරීමේ අවස්ථාව ගොවියාට ලබා දී ඇති බව ය. මෙවර වී මෙට්‍රික් ටොන් 120,000ක මිලදී ගැනීමේ ඉලක්කයක් කරා යාමට කටයුතු කරන බව ද උපාලි මොහොට්ටි මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. ඒ සඳහා රජය රුපියල් මිලියන 4900කට අධික මුදලක් වෙන් කර තිබේ. |
2018-08-03T21:31:45.000Z | බලංගොඩ පහන්කුඩා ඇළේ කාන්තා මළ සිරුරක් | බලංගොඩ පහන්කුඩා ඇළේ කාන්තා මළ සිරුරක් | COLOMBO (News 1st) - බලංගොඩ සමනළවැව පහන්කුඩා ඇළේ තිබී කාන්තා මළ සිරුරක් හමු වී තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ පසවරුවේ මෙම කාන්තාව ඇල්ලෙන් වැටී ඇති බවට සැක පළ කරන බව ය. මේ වන විට මෘත ශරීරය එම ස්ථානයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත ය. මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 56ක් පමණ වන ඇස්වැද්දුම්වෙළ, බෙලිහුල්ඔය ප්‍රදේශයේ පදිංචිකාරියකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක ය. |
2018-08-03T20:05:09.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු වන ජෙහාන් අමරතුංග නමැත්තා අධ්‍යක්ෂ ධූරයක් දරණ සමාගමට රුපියල් බිලියන 10ක ණයක් ලබා දීම පිළිබඳව මාධ්‍යවේදීහු ඊයේ මහ බැංකු අධිපතිවරයාගෙන් විමසීමක් කළහ. 2. මැති ඇමති වැටුප් වැඩි කිරීමක් පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බව කථානායක කර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 3. කොළඹ, මෝදර, මුතුවැල්ල මාවතේදී ඊයේ දහවල් සිදු කළ වෙඩි තැබීමකින් ගෝපාල පිල්ලේ බාලචන්ද්‍රන් නමැති අයෙකු මිය ගියේ ය. 4. වව්නියාව සතොස ශාඛාවේ සේවකයින්ගේ අපරික්ෂාකාරී බව හේතුවෙන් සීනිවලට යූරියා පොහොර කලවම්ව පාරිභෝගිකයින්ට අලෙවි කර ඇති බව වව්නියාව නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පවසති. 5. තමන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පවරා ඇති නඩුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් දිවුරුම් ප්‍රකාශයකින් කළ ඉල්ලීම අභියාචනාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළේ ය. විදෙස් පුවත් 6. සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් ජනපති එමර්සන් මනන්ගග්වා ජයග්‍රහණය කර තිබේ. |
2018-08-03T19:54:32.000Z | අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 65%කට දන්ත රෝග | අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 65%කට දන්ත රෝග | COLOMBO (News 1st) - මෙරට වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 65%ක් දන්ත රෝගවලට ගොදුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රජා දන්ත විශේෂඥ වෛද්‍ය, වජිර නානායක්කාර මහතා සඳහන් කළේ, සිදු කර ඇති සමීක්ෂණයන්ට අනුව මේ බව තහවුරු වී ඇති බව ය. වයස අවුරුදු 35 - 44 වයස් කාණ්ඩය සහ 65 -74 යන වයස් කාණ්ඩවල පුද්ගලයින් ද වැඩි වශයෙන් දන්ත රෝගවලට ගොදුරු වී ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. වෛද්‍ය වජිර නානායක්කාර මහතා පැවසුවේ, නිසි ලෙස ප්‍රතිකාර ලබා නොගැනීම දන්ත රෝගීන් වාර්තා වීම ඉහළ යාමට හේතුව බව ය. |
2018-08-03T19:36:30.000Z | වෛද්‍ය වැඩ වර්ජනය අද අවසන් | වෛද්‍ය වැඩ වර්ජනය අද අවසන් | COLOMBO (News 1st) - රජයේ වෛද්‍යවරු ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයෙන් රෝගීහු දැඩි පීඩාවට පත් වූහ. ඊයේ උදෑසන 8.00 සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැය 24ක වර්ජනයක් ආරම්භ කළේ, සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම ඇතුළු කරුණු 10ක් මුල් කර ගනිමිනි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසුවේ, සිය වැඩ වර්ජනය අද පෙරවරු 8.00ට අවසන් කිරීමට නියමිත බව ය. |
2018-08-03T10:33:53.000Z | මැති ඇමති වැටුප් වැඩි කිරීමක් පිළිබඳව අවසන් තීරණයක් ගෙන නැහැ - කාතානායක කාර්යාලය | මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කළ යුතුද? | COLOMBO (News 1st) - මැති ඇමති වැටුප් වැඩි කිරීමක් පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බව කථානායක කර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කථානායක කර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ 2006 නොවැම්බර් මස 23 දින පාර්ලිමේන්තු යෝජනා සම්මතයක් අනුව මැති ඇමති වැටුප් වැඩි කිරීම උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩි වන අවස්ථාවන්හිදී ඊට සමාන්තරව සිදු විය යුතු බවට තීරණය වී ඇති බව ය. පසුගියදා අධිකරණ ක්ෂේත්‍රයේ සිදුවූ වැටුප් වැඩිවීමට සමගාමීව මැති ඇමති වැටුප් ද ගැලපිය යුතු බවට පෙන්වා දෙමින් ලැබී ඇති ඉල්ලීම් කථානායකවරයා විසින් අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කර තිබේ. කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ මේ පිළිබඳව තීරණයකට එළැඹීමේදී 2006 වසරේ ගත් තීරණය පරිදි කටයුතු කරන්නේද නැතිනම් වෙනත් ආකාරයකට කටයුතු කළ යුතුද යන්න පිළිබඳව පාර්ලිමේන්තු පක්ෂ නායක රුස්වීමේදී සාකච්ජා කරන බව ය. |
2018-08-03T10:22:42.000Z | රාජ්‍ය බැංකු අධ්‍යක්ෂවරයෙකු සිය සමාගමට ගත් ණය ගැන තොරතුරු හෙළි කිරීම මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි | ආන්දෝලනාත්මක රුපියල් බිලියන 10 ණය මුදල | COLOMBO (News 1st) - මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු වන ජෙහාන් අමරතුංග නමැත්තා අධ්‍යක්ෂ ධුරයක් දරන සමාගමට රුපියල් බිලියන 10 ක ණයක් ලබාදීම පිළිබඳව මාධ්‍යවේදීන් අද මහ බැංකු අධිපතිවරයාගෙන් විමසීමක් කළේය. ප්‍රශ්ණය - මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයකු වන ජෙහාන් අමරතුංග එම්.ටී.ඩී. වෝකර්ස් නැමති ඔහුගේම සමාගමකට රුපියල් බිලියන 10ක ණය මුදල් අරන් තියෙනවා. එම්.ටී.ඩී. වෝකර්ස් නැමති සමාගමේ ඔහු උප සභාපතිවරයකු ලෙස කටයුතු කරනවා. මෙම ණය මුදල ලබා ගැනීමේදි නියමිත ක්‍රමවේදය අනුගමනය කරලා තියෙනවාද? මේවැනි විශාල ණය මුදලක් ලබාගැමේදි මොනවගේ ඇපකරයක් තියන්න ඕනද? මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සහකාර අධිපති සැන්ඩ්‍රා මෙයට පිළිතුරු ලබා දෙයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ටී.එම්.ජේ.වයි.පී ප්‍රනාන්දු මහත්මිය මට සමාවෙන්න මේ ගනුදෙනුව පිළිබඳව පිළිතුරක් ලබා දෙන්න බැහැ. ඒත් මම අධ්‍යක්ෂවරයකු ණය මුදලක් ලබා ගැනිමේ සමාන්‍ය ක්‍රමවේදය පැහැදිලි කරන්නනම්. අධ්‍යක්ෂවරයකු තමන් සේවය කරන බැංකුවෙන්ම ණය මුදලක් ලබා ගැනීමට එරෙහිව තහනමක් නැහැ. ඒත් තද නීතිරීති මාලාවක් තියෙනවා අධීක්ෂණය කරන්න. අධ්‍යක්ෂ මණ්ඩලය මෙම ණය මුදලට අනුමැතිය ලබා දෙන්න ඕනේ. එහිදී 3/2 ක බහුතරය තියෙන්න ඕනි. ණය මුදල ඉල්ලන අධ්‍යක්ෂවරයා නැතුව. තවද මහ බැංකුව නිෂ්චිත දැනුවත් කරලා තියෙනවා. අධ්‍යක්ෂකවරයෙකු ණය මුදලක් ලබා ගැනීමේදී ලබාදිය යුතු ක්‍රමය. නියමිත ඇපකර ලබාදිය යුතුයි. සාමාන්‍ය ණය මුදලක් ලබා ගැනීමට වඩා මෙය වෙනස්. මෙහි අඩංගු කරුණු සරලව කියනවනම් මේ ණය මුදල ලබාදීම ගැටලුවක් නැහැ. මෙවැනි ණය ගනුදෙනු සදහා යාමේදී. අපි ඉතා පුළුල් ලෙස අධ්‍යනය කරවා අපගේ නිලධාරීන් මේ පිළිබඳව අධ්‍යනය කරලා ගැටලු ඇත්නම් ඒවා මතු කරලා. ඊට එරෙහිව නියාමන ක්‍රියාමාර්ග ගෙන එය නිවැරදි කරනවා.ඒ නිසා මෙය ඒවැනි ගනුදෙනුවක් විය හැකියි. අපි ඒ ගැන අධ්‍යනය කරමින් සිටිනවා. එහි යම් කිසි දොස් ඇත්නම් ක්‍රියාමාර්ග ගන්නවා. දොස් නැත්නම් අපිට ක්‍රියා මාර්ග ගන්න බැහැ. අපි එවැනි ගනුදෙනුවක් අනුමත කරලා තියෙන නිසා. අපගේ නීතිරාමුවලට අනුව අනුමත කරලා තියෙන නිසා. ප්‍රශ්ණය - ඔබ කියන්නේ මේ ගනුදෙනුව සාමාන්‍ය ක්‍රියාවලිය අනුකුලව ගොස් අනුමත වී ඇති බව ද? ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ටී.එම්.ජේ.වයි.පී ප්‍රනාන්දු මහත්මිය මා මුලින් කිව්වා වගේ මට මේ පිළිබදව කියන්න බැහැ. මේවැනි ගනුදෙනුවක් පිළිබඳව මට කතා කරන්න බැහැ.මෙහි ඇති රහස්‍යභාවය වැනි කරුණු නිසා. ප්‍රශ්ණය - ආයතනය විසින් තැබු බැංකු ඇපකර පිළිබඳවත් කරුණු පැහැදිලි කරන්න බැරිද? ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ටී.එම්.ජේ.වයි.පී ප්‍රනාන්දු මහත්මිය සමාවෙන්න මට බැහැ. මහ බැංකු අධිපතිතුමනි, රටේ බලපත්‍රලාභී වාණිජ බැංකු පද්ධතිය නියාමනය කිරීමේ අයිතිය ඇති ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව බව රටේ ජනතාවගේ දැනීමයි. විශේෂයෙන් මහජන මුදල් පරිහරණය කරන රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවේ ගනුදෙනු ගැන ජනතාව වෙනුවෙන් නගන ප්‍රශ්නවලට ඔබ මගහැර යන්නේ ඇයි? සහකාර අධිපතිවරයක් මත වගකීම පවරා පලායාමෙන් රුපියල් කෝටි 1000 ක මහජන මුදලට වගවන්නේ කවුද? සහකාර අධිපති ප්‍රනාන්දු මහත්මියට අපට පැවසීමට ඇත්තේ සරල පිළිතුරකින් මෙතරම් විශාල මුදලක් පිළිබඳව ජනතාවට ඇති වගකීමෙන් මිදිය හැකිද? බලපත්‍රලාභී වාණිජ බැංකුවලට මහබැංකුව නිකුත්කර ඇති මගපෙන්වීම්, චක්‍රෙල්ක හා රෙගුලාසි ඇතුලු නීතිමය කරුණු විමසා බැලීමේදී ඕනෑම අයෙකුට අවබෝධ වන්නේ බැංකු අධ්‍යක්ෂවරුයෙකුට ඔහු අධ්‍යක්ෂ ධුරයක් දරණ සමාගමකට පහසුවෙන් ණය ලබාගත නොහැකි බවයි. මහජන බැංකුව අපවෙත කළ පැහැදිලි කිරීමේ සදහන් කර තිබුණේ මහ බැංකුවේ සියලු අවශ්‍යතා සපුරා මෙම ණය මුදල ලබාදුන් බව ය. ඔවුන් පවසන්නේ සත්‍යයක් නම් නැවත විමසා බැලීම් අවශ්‍යද? තවත් කරුණක් වන්නේ බලපත්‍රලාභී මෙවැනි වාණිජ බැංකුවල අධ්‍යක්ෂ මණ්ඩලය අවම වශයෙන් මසකට එක්වරක්වත් රැස්විය යුතු අතර රැස්වීමේ සටහන් මහබැංකුවට යොමුකළ යුතුයි. සහකාර අධිපතිතුමියට ඇත්තේ සරල කටයුත්තක් එම සටහන් පරීක්ෂා කර බලන්න. අඩුම තරමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තුනෙන් දෙකක බහුතරයවත් මෙම ණය මුදල අනුමත කර ඇත්දැයි සොයා බැලිය හැකිය. මෙතරම් විශාල මුදලක් ලබාදීමේදී එම්ටීඩී වෝකර්ස් සමාගම ලබාදෙන ආරක්ෂණය කුමක්ද? මේවා විමසා බැලුවාද? බලපත්‍රලාභී වානිජ බැංකු අධීක්ෂණ බලය ඇති මහබැංකුවේ නිලධාරී වගකීම් විරහිත අයුරින් ජනතාව නගන ප්‍රශ්න විවිධ හේතු ඉදිරිපත් කරමින් මග හරින්නේ ඇයි? ජනතාව වෙනුවෙන් මේ ගනුදෙනු ගැන අප අවදියෙන්. |
2018-08-03T08:09:06.000Z | සරසවිය සම්මාන උළෙල: ධර්මයුද්ධය ජනප්‍රියම චිත්‍රපටයට හිමි සම්මානයෙන් පිදුම් ලබයි | ධර්මයුද්ධය චිත්‍රපටය සම්මානයෙන් පිදුම් ලබයි | COLOMBO (News 1st) - 34 වැනි සරසවිය සම්මාන උළෙලේදී මහරාජා එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදනය කළ ධර්මයුද්ධය සිනමා පටය, ජනප්‍රියම චිත්‍රපටියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේය. 2017 වසරේ වැඩිම ආදායම් ඉපයූ සිනමා පටය ද ධර්මයුද්ධයයි. 34 වැනි සරසවිය සම්මාන උළෙල මේ වනවිට පැවැත්වෙන්නේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ය. මෙහිදී ධර්මයුද්ධය සිනමා පටයේ අචිනිගේ චරිතය නිරූපණය කළ තිසුරි යුවනිකා, හොඳම නැගී එන නිළියට හිමි සම්මානය දිනා ගත්තේය. |
2018-08-03T03:13:13.000Z | මෝදර වෙඩි තැබීමකින් 62 හැවිරිදි අයෙකු මරුට | මෝදර වෙඩි තැබීමකින් 62 හැවිරිදි අයෙකු මරුට | COLOMBO (News 1st) - කොළඹ, මෝදර, මුතුවැල්ල මාවතේදී අද දහවල් සිදුකළ වෙඩි තැබීමකින් ගෝපාල පිල්ලේ බාලචන්ද්‍රන් නැමැති අයෙකු මිය ගියේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි සැකකරුවෙකු ඔහුට වෙඩි තබා ඇති බව ය. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබේ. වෙඩි තැබීමෙන් මියගියේ මෝදර ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි අයෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මොහු පොලිසියට අවශ්‍ය කරන පුද්ගලයෙකු වන කූකුඩි කන්නාගේ පියා වන බව ය. |
2018-08-02T23:05:11.000Z | රු. ලක්ෂ 32ක් වටිනා රන් බිස්කට් සමග දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට | ලක්ෂ 32ක් වටිනා රන් බිස්කට් සමග දෙදෙනෙකු කොටුවෙයි | COLOMBO (News 1st) - රුපියල් තිස් දෙලක්ෂයක් වටිනා රන් බිස්කට් 5ක් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගුව අත්අඩංගුවට ගෙන තිබේ. සහකාර රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, එම රන් බිස්කට් කටුනායක ගුවන්තොටුපොළේ කම්කරුවෙකු සන්තකයේ තිබී සොයා ගෙන ඇති බව ය. ග්‍රෑම් 500ක් බරැති එම රන් බිස්කට් ඔහුට ලබා දී ඇත්තේ සිංගප්පූරුවේ සිට පැමිණි මගියෙකි. ඔහු අදාළ කම්කරුවා මාර්ගයෙන් එම රන් බිස්කට් ගුවන්තොටුපොළෙන් පිට කිරීමට උත්සහ දරා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියත්මක බව විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ ය. |
2018-08-03T02:43:12.000Z | වව්නියාව සතොසේ සීනිවලට යූරියා කලවම් වෙයි | වව්නියාව සතොසේ සීනිවලට යූරියා කලවම් වෙයි | COLOMBO (News 1st) - වව්නියාව සතොස ශාඛාවේ සේවකයින්ගේ අපරික්ෂාකාරී බව හේතුවෙන් සීනිවලට යූරියා පොහොර කලවම්ව පාරිභෝගිකයින්ට අලෙවි කර ඇති බව වව්නියාව නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පවසති. වව්නියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරුන් පැවසුවේ, වව්නියාව සතොස ශාඛාවෙන් ලබා ගත් සීනි සම්බන්ධයෙන් පාරිභෝගිකයෙකු සිදු කළ පැමිණිල්ලක් මත පරීක්ෂා කිරීමේදී වව්නියාව සතොස ශාඛාවේ විකිණීමට තිබූ සීනි උරයක් තුළ යූරියා පොහොර පවතින බවට අනාවරණය වූ බව ය. වව්නියාව සතොස ශාඛාවෙන් සීනි මිලදී ගත් පිරිස් වහාම අදාළ සීනි පරිභෝජනය නොකරන ලෙස වව්නියාව නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පවසති. මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ, එම සීනි පරිභෝජනය කළ පුද්ගලයින් සිටී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ය. සතොස ශාඛාවෙන් භාණ්ඩ මිලදී ගත් පුද්ගලයෙකු භාණ්ඩ ලබා ගෙන අදාළ භාණ්ඩ රැගෙන යාමට උරයක් ඉල්ලා ඇති අවස්ථාවේදී එහි සේවකයෙකු පවසා ඇත්තේ ගබඩාවේ පවතින උරයක් ලබා ගන්නා ලෙසට ය. එහිදි පොහොර උරයක අඩක් පැවති පොහොර තොගය සීනි යැයි සිතා සීනි පුරවා තැබූ භාජනයට අදාළ පුද්ගලයා පරීක්ෂාවකින් තොරව හළා ඇති අතර පසුව සතොස සේවකයෙකු ඊට උඩින් තවත් සීනි උරයක් හලා ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පැවසූහ. පාරිභෝගිකයින් පැමිණ චෝදනා කිරීම සම්බන්ධයෙන් සතොස සේවකයින් වව්නියාව පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකොට ඇති අතර එහිදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විස්තර අනාවරණය වූ බවත්, අදාළ කාරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ මෙහෙයවන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු සඳහන් කළහ. |
2018-08-03T01:35:40.000Z | අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි | බදියුදීන්ගේ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි | COLOMBO (News 1st) - තමන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පවරා ඇති නඩුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් දිවුරුම් ප්‍රකාශයකින් කළ ඉල්ලීම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය. නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු හා මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න යන මහත්වරුන් විසින් ගොනු කළ එම නඩුව අද කැඳවනු ලැබුවේ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී. පද්මන් සූරසේන සහ අර්ජුන ඔබ්සේකර යන මහත්වරුන් ඉදිරියේ ය. එහිදී නඩුව ලබන නොවැම්බර් මස 12 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කළේ ය. විල්පත්තු අභය භූමිය ආශ්‍රිත රක්ෂිත වනය අනවසරයෙන් එළිපෙහෙලි කරමින් ජනතාව පදිංචි කරවීමට ගෙන ඇති පියවර අභියෝගයට ලක් කරමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුලු 7 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර එම නඩුව ගොනු කර තිබිණි. |
2018-08-01T20:30:18.000Z | රජයේ ඉඩමක් සිංගප්පූරු සමාගමකට දීමට යන්නේ කාගේ වුවමනාවකට ද? | රජයේ ඉඩමක් සිංගප්පූරු සමාගමකට දීමේ සැලසුමක් | COLOMBO (News 1st) - ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. බාලදක්ෂ මාවතේ පිහිටි රජයේ ඉඩමක් සිංගප්පූරු සමාගමකට සින්නක්කරව ලබා දීමට සැරසෙන බව එහිදී අදහස් දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පැවසුවේ ය. මෙහිදී නලක්ස් රක්ෂිතය පිළිබඳව ද ඒකාබද්ධ විපක්ෂය අනාවරණයක් කළේ ය. ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් - මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එක්සත් ජනතා නිදහස් සන්ධානය "නකල්ස් රක්ෂිතය විදේශ සමාගම්වලට ලබා දීමට අමාත්‍යවරයෙකු විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ආපු විරෝධය නිසා අඩියක් පිටු පස්සට ගන්නවා කියලා අඟවලා දැන් නකල්ස් රක්ෂිතය ආශ්‍රිතව තියෙන ඉඩම් අක්කර 1200ක් එක අක්කරයක් රුපියල් 2856ට පුද්ගලික සමාගම්වලට දෙන්න හදනවා කියලා අපිට දැන ගන්න ලැබෙනවා" නමුත් ආණ්ඩුවේ ඇමතිවරුන් පසුගිය දිනවල පුන පුනා ප්‍රකාශ කළේ නකල්ස් රක්ෂිතයේ මෙවැනි ව්‍යාපෘති නොමැති බව ය. |
2018-08-02T20:04:25.000Z | අයිස්, මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු කොටුවේදී අත්අඩංගුවට | අයිස් සමග ඉන්දීය ජාතිකයෙකු කොටුවේදී අත්අඩංගුවට | COLOMBO (News 1st) - කොළඹ කොටුවේදී රුපියල් මිලියන 10කට අධික වටිනාකමින් යුත් අයිස් නමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් ඊයේ පස්වරුවේ කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව ය. ඔහු සතුව තිබී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 878කි. සැකකරු ඉන්දියාවේ මැඩ්‍රාස්හි රාමනාදපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. |
2018-08-02T22:58:32.000Z | රු. කෝටියක් වටිනා වාලම්පුරියක් විකිණීමට තැත් කළ 4 දෙනෙකු අත්අඩංගුවට | වාලම්පුරියක් විකිණීමට තැත් කළ 4 දෙනෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - රුපියල් කෝටියක් වටිනා වාලම්පුරියක් විකිණීමට තැත් කළ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත කළ වැටලීමකදී අඟල් 15ක් පමණ දිග වාලම්පුරියක් සන්තකයේ තබාගෙන වෑන් රථයකින් පැමිණි 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් 57, 43, 27 සහ 60 හැවිරිදි වියේ පසුවන මුතුර් ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. ඔවුන් අද ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. |
2018-08-02T22:31:14.000Z | විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් කථානායකවරයා මත විමසයි | විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් කථානායකවරයා මත විමසයි | COLOMBO (News 1st) - පක්ෂයේ ජ්‍යේෂඨ සමාජිකයින් සමග සාකච්ඡා කර විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි. එහි ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් තම පක්ෂයෙන් කරුණු විමසා කථානායක කරු ජයසූරිය මහතා ලිපියක් යොමු කර ඇති බව ය. ඒ අනුව පක්ෂයේ ඉහළ සාමාජිකයින් සමග සාකච්ඡා කර පක්ෂ මතය කථානායකවරයාට කඩිනමින් දැනුම් දෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්ෂ නායක ධූරය ලබා දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කළ ඉල්ලීම අනුව කථානායක කරු ජයසූරිය මහතා එම කරුණු විමසීම සිදු කර තිබේ. සන්ධාන මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වූ තමන් නියෝජනය කරන කණ්ඩායමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 70 දෙනෙකු අයත් වන බැවින් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය සන්ධාන මන්ත්‍රීවරයෙකු වන දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දෙන ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇතැයි කථානායක මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්ෂ නායක ධූරය ලබා දෙන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙකුගේ අත්සනින් යුතුව එම ඉල්ලීම් ලිපිය පසුගිය 30 වන දා කථානායක කරු ජයසූරිය මහතා වෙත භාර දී තිබේ. |
2018-08-02T20:45:50.000Z | සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් එමර්සන් මනන්ගග්වා ජයග්‍රහණය කරයි | සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් එමර්සන් මනන්ගග්වාට ජය | (News 1st) - සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් ජනපති එමර්සන් මනන්ගග්වා ජයග්‍රහණය කර තිබේ. ඒ, සමස්තයක් ලෙස 50.8%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. ඔහුගේ ප්‍රතිවාදී නෙල්සන් චමීසාට ලබා ගැනීමට හැකි වූයේ, 44.3%ක් පමණි. මැතිවරණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කළ සිම්බාබ්වේ විපක්ෂ දේශපාලන නිලධාරීන් මැතිවරණ කොමිසමෙන් ඉවත් කිරීමට පොලීසිය පියවර ගත් බව විදෙස් වාර්තා සඳහන් කළේ ය. නෙල්සන් චමීසාගේ එම්.ඩී.සී. සන්ධානයේ සභාපතිවරයා පවසන්නේ, මැතිවරණ ප්‍රතිඵලය තහවුරු කළ නොහැකි බව ය. මැතිවරණ ප්‍රතිඵලය තමන් නිහතමානීව පිළිගන්නා බවත් එය නව ආරම්භයක් බවත් ජනපති මනන්ගග්වා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ ය. |
2018-08-02T20:30:46.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. මැති ඇමතිවරුන්ගේ වැටුප 215% වැඩි කිරීමේ යෝජනාවක් ඉදිරිපත්වී ඇතැයි, ඊයේ පුවත්පත් වාර්තා කර තිබේ. අදාළ පුවත්පත් වාර්තාකර තිබුණේ, විනිසුරුවරුන්ගේ වැටුපට සමානුපාතිකව මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාවක් අනුමැතිය සඳහා කථානායකවරයාට ඉදිරිපත් කර ඇති බවයි. 2. ශ්‍රී ලාංකික සිසුන් සඳහා ලබා දී ඇති ශිෂ්‍ය වීසා අයැදුම්පත් 800කට අධික සංඛ්‍යාවක් පිළිබඳව සමාලෝචනය කිරීමට නවසීලන්ත ආගමන විගමන බලධාරීන් පියවර ගෙන තිබේ. 3. ණය අර්බුදයක් මතුවනු ඇතැයි බියෙන් චීන ණය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ වරාය ව්‍යාපෘතියේ විශාලත්වය අඩු කිරීමට මියන්මාර බලධාරීන් පියවර ගෙන තිබේ. 4. යාපනය කොටුවෙන් ඉවත් නොවන බව යුද හමුදාපති අවධාරණය කරයි. 5. රුපියල් මිලියන 200කට ආසන්න මුදලක් අවභාවිත වූයේ යැයි, පවසමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි දෙමින් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා දිවුරුම්පිට අධිකරණයේ අසත්‍ය ප්‍රකාශ කර ඇතැයි, ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ඊයේ අධිකරණයේදී කියා සිටියේ ය. විදෙස් පුවත් 6. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කිසි දිනක පිළිගත නොහැකි බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශයට පත් කර තිබේ. ක්‍රීඩා පුවත් 7. පසුගිය වසර 2ක තුළ එක්දික තරග රටාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව තබන සටහනක්. |
2018-08-02T20:08:27.000Z | වැඩි වීමට නියමිත මන්ත්‍රී වැටුප් ගැන පක්ෂ නායකයින් සමග සාකච්ඡා | මන්ත්‍රී වැටුප් ගැන පක්ෂ නායකයින් සමග සාකච්ඡා | COLOMBO (News 1st) - මැති ඇමතිවරුන්ගේ වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන් පක්ෂ නායකයින් සමග සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තුව පවසයි. එහි ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පක්ෂ නායක රැස්වීම ලබන සතියේ බදාදා හෝ බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත බව ය. ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹීමට නියමිතව ඇති බව ද එම ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයා නිව්ස්ෆස්ට් වෙත සඳහන් කළේ ය. මැති ඇමතිවරුන්ගේ වැටුප 215%කින් වැඩි කිරීමේ යෝජනාවක් පසුගියදා ඉදිරිපත් වී තිබිණි. පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයා පැවසුවේ, විනිසුරුවරුන්ගේ වැටුපට සමානුපාතිකව මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාවක් අනුමැතිය සඳහා කථානායකවරයාට ඉදිරිපත් කර ඇති බව ය. ජූලි 17 වන දා පාර්ලිමේන්තුවේ පැවති රැස්වීමේදී ගත් තීරණයක් අනුව පසුගිය ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි වැටුප් වැඩි කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව දැනට රුපියල් 54,285ක් වන මන්ත්‍රී වැටුප රුපියල් 120,000ක් දක්වාත් රුපියල් 63,500ක් වන නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ වැටුප රුපියල් 135,000ක් දක්වාත් වැඩි කිරීමට යෝජනා කර තිබේ. දැනට රුපියල් 65,000ක් වන ඇමති සහ රාජ්‍ය ඇමතිවරයෙකුගේ වැටුප රුපියල් 140,000ක් දක්වා වැඩි කිරීමට යෝජිත ය. 2016 වසරේ සිට රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක් හා රුපියල් 50000ක දුරකතන දීමනාවක් මැති ඇමතිවරුන්ට ගෙවීමට පියවර ගැනිණි. |
2018-08-02T19:42:36.000Z | සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුමට එරෙහිව රජයේ වෛද්‍යවරුන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක | රජයේ වෛද්‍යවරුන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක | COLOMBO (News 1st) - සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම ඇතුළු කරුණු 10ක් මුල් කර ගනිමින් අද උදෑසන 8.00 සිට හෙට උදෑසන 8.00 දක්වා පැය 24 ක කාලයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ, හදිසි රෝගී ප්‍රතිකාර සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව ය. මේ අතර පෞද්ගලික වෛද්‍ය සේවාවලින් ඉවත් වීමට පියවර ගත් බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය එස්.ආර්. විජයසිංහ මහතා ප්‍රකාශ කළේ, නව දේශීය ආදායම් පනත හරහා විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයින් වෙත පනවා ඇති අධික බදු ප්‍රතිශතයට විරෝධය පළ කරමින් එම පියවර ගත් බව ය. |
2018-08-02T11:38:11.000Z | පාප් වහන්සේ මරණ දඬුවමට එරෙහි වෙයි | මරණ දඬුවමට පාප් වහන්සේ එරෙහි වෙයි | (News 1st) මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කිසිදිනක පිළිගත නොහැකි බව ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශයට පත් කර තිබේ. පුද්ගලයාගේ අභිමානය උදෙසා බලපෑමක් වන බැවින් එය පිළිගත නොහැකි බව ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සඳහන් කර ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කළේ ය. නිවේදනයක් නිකුත් කරමින් වතිකානුව සඳහන් කළේ, ලොව පුරා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නතර කිරීමට පියවර ගන්නා බවයි. |
2018-08-02T11:17:53.000Z | තද සුළඟකින් අම්පාරේ නිවාස 76කට හානි | තද සුළඟකින් අම්පාරේ නිවාස 76කට හානි | COLOMBO (News 1st) අම්පාර ප්‍රදේශය හරහා අද පස්වරුවේ හමාගිය තද සුළඟකින් නිවාස 76කට හානි සිදුව තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, අම්පාර ග්‍රාම නිලධාරී කොට්ඨාසය, නවගම්පුර ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ නිවාස 40ක්, කරංගාව ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ නිවාස 30 ක් සහ සමන්තුරෙයි නිවාස 6 හානියකට පත් ව ඇති බවයි. ඔහු පැවසුවේ, හානියට පත් නිවාස සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. මේ අතර බස්නාහිර, මධ්‍යම , සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලට හෙට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව සහ නැගෙනහිර පළාත්වලට පස්වරු 2 න් පසු ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. |
2018-08-02T10:20:01.000Z | මැති ඇමති වැටුප් 215% වැඩි කිරීමේ යෝජනාවක් | මැති ඇමති වැටුප් 215% වැඩි කිරීමේ යෝජනාවක් | COLOMBO (News 1st) මැති ඇමතිවරුන්ගේ වැටුප 215% වැඩි කිරීමේ යෝජනාවක් ඉදිරිපත්වී ඇතැයි, අද පුවත්පත් වාර්තා කර තිබේ. අදාළ පුවත්පත් වාර්තාකර තිබුණේ, විනිසුරුවරුන්ගේ වැටුපට සමානුපාතිකව මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාවක් අනුමැතිය සඳහා කථානායකවරයාට ඉදිරිපත් කර ඇති බවයි. ජුලි 17 වන දා පාර්ලිමේන්තුවේ පැවති රැස්වීමේදී ගත් තීරණයක් අනුව පසුගිය ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි වැටුප් වැඩිකිරීමට සූදානම් වන බව එම පුවත්පත් වාර්තා කර තිබිණ. ඒ අනුව දැනට රුපියල් 54,285 ක් වන මන්ත්‍රී වැටුප රුපියල් 120,000 ක් දක්වාත් රුපියල් 63,500 ක් වන නියෝජ්‍ය ඇමතිවරුයෙකුගේ වැටුප රුපියල් 135,000 ක් දක්වාත් වැඩිකිරීමට යෝජනා වී තිබේ. දැනට රුපියල් 65,000 ක් වන ඇමති සහ රාජ්‍ය ඇමතිවරයෙකුගේ වැටුප රුපියල් 140,000 ක් දක්වා වැඩි කිරීමට යෝජිතයි. 2016 වසරේ සිට රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක් හා, රුපියල් පනස් දහසක දුරකතන දීමනාවක් මැති ඇමතිවරුන්ට ගෙවීමට පියවර ගැනිණ. |
2018-08-02T09:54:59.000Z | ශ්‍රී ලංකාව පාඩමට ගෙන මියන්මාරය චීන ණය අඩු කරයි | ශ්‍රී ලංකාව පාඩමට ගෙන මියන්මාරය චීන ණය අඩු කරයි | (News 1st) ණය අර්බුදයක් මතුවනු ඇතැයි බියෙන් , චීන ණය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ වරාය ව්‍යාපෘතියේ විශාලත්වය අඩු කිරීමට මියන්මාර බලධාරීන් පියවර ගෙන තිබේ. රොයිටර් පුවත් සේවය සඳහන් කළේ, චීන ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවේ සහ පාකිස්ථානයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති අර්බුදයට ලක්වීම හේතුවෙන් මියන්මාර රජය මෙම පියවර ගෙන ඇති බවයි. චීන ණය ආධාර යටතේ, මියන්මාරයේ, රක්ඛීනේ, ප්‍රාන්තයේ ක්ව්‍යක් පීයු වරාය සංවර්ධනය කිරීමට රජයට මියන්මාර රජය සැලසුම්කර තිබිණ. මූලික සැලස්මට අනුව ව්‍යාපෘති පිරිවැය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.3කි. කෙසේවෙතත් ව්‍යාපෘතියේ විශාලත්වය අඩු කිරීම තුළින් පිරිවැය ඩොලර් බිලියන 1.3 දක්වා අඩු කළ බව මියන්මාර නියෝජ්‍ය මුදල් අමාත්‍ය සෙට් අවුන්ග් ප්‍රකාශ කළේ ය. චීන රජයට අයත් CITIC සමූහය මගින්, ඉදිකිරීම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එම සමාගම සඳහන් කළේ, අදියර 4ක් යටතේ වරායේ සංවර්ධන කටයුතු සිදුකෙරෙන බවයි. ක්ව්‍යක් පීයු වරාය චීනයේ නව සේද මාවතේ ප්‍රධාන කොටසක් ලෙස සැලකෙන බව ජාත්‍යන්තර විචාරකයෝ පෙන්වා දෙති. ක්‍යාක් පීයු වරාය චීනයේ යූනාන් පළාත දක්වා බොරතෙල් හා ස්වභාවික ගෑස් ප්‍රවාහනය කරන කිලෝ මීටර් 770ක දිගින් යුත් ඉන්ධන නළ මාර්ගයේ ආරම්භක ස්ථානයයි. කව්‍යක් පීයු වාරය ඉදිකිරීම මගින් මැද පෙරදිග සිට මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන ආනයනය කිරීම වෙනුවට විකල්ප ඉන්ධන ප්‍රවාහන මාර්ගයක් චීනය වෙත හිමි වේ. ක්ව්‍යක් පීයූ වාරය හා ඒ ආශ්‍රිතව අක්කර 4200කින් සමන්විත විශේෂිත ආර්ථික කලාපයක් පිහිටුවීමට සැලසුම්කර ඇති අතර එහි පිරිවැය ඩොලර් බිලියන 10කි. කෙසේවෙතත්, ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අත්දැකීමේ හේතුවෙන් තම රට ද ණය උඟුලකට හසුවනු ඇති බවට මියන්මාරයේ දැඩි අවධානය යොමු වී ඇතැයි රොයිටර් පුවත් සේවය අනාවරණය කළේ ය. මියන්මාර නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා අවධාරණය කළේ, වරාය ව්‍යාපෘතියට ණය ගැනීම වෙනුවෙන්, මියන්මාරය කිසිදු ස්වෛරී ඇපයක් නොදෙන බවයි. මේ අතර චීන ව්‍යාපෘති පිළිබඳව රට තුළ කෙතරම් සැක සංකා මතු වුවත් මේ වනවිට කොළඹ වරාය නගරයේ ඉදිකිරීම ලහි ලහියේ සිදුවේ. https://www.facebook.com/NewsfirstSL/videos/2066194786774102/ |
2018-08-02T09:29:00.000Z | ''යාපනය කොටුවෙන් ඉවත් වෙන්නෙ නැහැ'' - යුද හමුදාපති | ''යාපනය කොටුවෙන් ඉවත් වෙන්නෙ නැහැ'' - යුධ හමුදාපති | COLOMBO (News 1st) : යාපනය කොටුවෙන් ඉවත් නොවන බව යුදහමුදාපති අවධාරණය කරයි යුද හමුදාව යාපනය කොටුවෙන් ඉවත් නොවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අවධාරණය කරයි. යාපනය සංචාරයකින් අනතුරුව යාපනය කොටුවේදී යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේ ය. යුද හමුදාව 1960 ගණනන්වල සිට මෙහි රැඳී සිටින බව ත් එහි අයිතිය හමුදාව සතු බවත් යුද හමුදාපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත. |
2018-08-02T09:12:50.000Z | ලංකාවේ ක්‍රිකට් කොයිබට ද? | ලංකාවේ ක්‍රිකට් කොයිබට ද? | COLOMBO (News 1st) දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති දෙවැනි එක්දින තරගය ද ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පරාජයට පත්වූ අතර එය ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව අඛණ්ඩව ලැබූ 10 වැනි පරාජයයි. පසුගිය වසර දෙක තුළ එක්දික තරග රටාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව තබන සටහනක්.... 2017 සිට 2018 වසරේ මේ දක්වා එක්දින තරග 36කට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 27 ක් පරාජය වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ජය ගැනීමට හැකි වී ඇත්තේ තරග 8ක් පමණි. ඉන් තරග 3 ක් බංග්ලාදේශය කණ්යමට එරෙහිව ද, තරග 3 ක් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හා ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරග 2 ක් ද ජයගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසන් වරට මෙරටදී එක්දින තරගාවලියක් ජයගෙන ඇත්තේ මීට වසර 3 කට පෙර 2015 වසරේ ඔක්තෝම්බර් මස බටහිර ඉන්දීය කොදෙව් කණ්යමට එරෙහිවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රේණිගත කීරීම්හි පෙරමුණේ පසුවන සුපිරි කණ්ඩායම් 8 න් එක කණ්ඩායමකට එරෙහිව හෝ තරගාවලියක් ජය ඇත්තේ මීට වසර 4 කට පෙර එංගලන්තයට එරෙහිවයි. 2017 වසරේ ජූලි මස සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගයක පළමුවෙන් පන්දුවට පහර දී අවසන් වරට ලකුණු 250 සීමාව පසුකර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රේණිගත කීරීම්හි පෙරමුණේ, පසුවන සුපිරි කණ්ඩායම් 8 න් එක කණ්ඩායමකට එරෙහිව හෝ ලකුණු 250 සීමාව පසුකර ඇත්තේ 2017 වර්ෂයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. 2015 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව එක්දින තරග 10ක් ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම එම තරග 10ම පරාජය වී තිබේ. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග 10 ක් ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම එහීදී ජයගෙන ඇත්තේ තරග 2 ක් පමණි. ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග 6 කට මුහුණ දී ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග 5 ක් පරාජය වී තිබේ. පකිස්ථානයට එරෙහිව තරග 10 කට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් පරජය වී ඇති තරග ගණන 8 කි. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරග 7 කට මුහුණ දී ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් ජයගෙන ඇත්තේ තරග 4 ක් පමණි. ගෙවී ගිය වසර 2 ක තුළ ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරග 5 කින් සමන්විත තරගාවලිය තරග 4 ට 1 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටදී පරාජයට පත්විය. දකුණු අප්‍රිකාවට එරෙහිව 2017 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වන්නේ තරග 5 ට 0ක් ලෙසයි. බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරග 3 කින් සමන්විත තරගාවලිය තරග 1 ට 1 ක් ලෙස සම තත්ත්වයෙන් නිම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති තරගාවලිය මෙරටදී තරග 3 ට 2 ක් ලෙස පරාජය වන්නේ සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ඉතිහාසයේ පළමු වරටයි. ඉන්දීය කණ්ඩායමට එරෙහිව මෙරටදී ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් තරග 5 ට 0 ක් ලෙස පරාජයට පත්විය. පාකිස්ථානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී නැවතත් තරග 5 ට 0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්විය. නැවත වතාවක් ඉන්දියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 2 ට 1 ක් ලෙස ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්විය. 2016 ජනවාරි මස බලයට පත්වන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා රැගෙන ගියේ කොයිබට ද |
2018-08-02T08:44:05.000Z | ටිරාන් අලස් නඩුවේදී වර්ණසිංහගෙන් අසත්‍ය ප්‍රකාශ..? | ටිරාන් අලස් නඩුවේදී වර්ණසිංහගෙන් අසත්‍ය ප්‍රකාශ..? | (News 1st ) රුපියල් මිලියන 200කට ආසන්න මුදලක් අවභාවිත වූයේ යැයි, පවසමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි දෙමින් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා දිවුරුම්පිට අධිකරණයේ අසත්‍ය ප්‍රකාශ කර ඇතැයි, ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අද අධිකරණයේදී කියා සිටියේ ය. පූජ්‍ය අක්මීමන දයාරතන හිමි, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, කීර්ත් තෙන්නකෝන් හා මෛත්‍රී ගුණරත්න හය මහත්වරුන් සම්බන්ධයෙන් වර්ණසිංහ මහතා ලබාදුන් සාක්ෂිය සම්පූර්ණයෙන් අසත්‍ය බවට දිවුරුම් ප්‍රකාශ 4ක් අද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළේ ය. සාක්ෂි දෙමින් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අධිකරණයේදී ප්‍රකාශ කර තිබුණේ, මෙම ගනුදෙනු සම්බන්ධයෙන් ලිපි ගොනු අධ්‍යයනය කර පොලිස්පතිවරයාට භාරදිය යුතු බවට මෛත්‍රී ගුණරත්න, කීර්ති තෙන්නකෝන් හා පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු පිරිස තමන් සමග සාකච්ඡා කළ බවයි. නමුත් අද දිවුරුම් ප්‍රකාශ දුන් පිරිස අධිකරණයට දැනුම් දුන්නේ එය අසත්‍යයක් බවයි. නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝම්බර් 4 වන දා තෙක් කල් තැබිණ. |
2018-08-02T08:34:33.000Z | පිබිදෙන පොළොන්නරුවට තවත් සංවර්ධන ව්‍යාපෘති 60ක් | පිබිදෙන පොළොන්නරුවට තවත් සංවර්ධන ව්‍යාපෘති 60ක් | COLOMBO (News 1st) ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය විශාල මුදලක් වැය කරන්නේ රටේ සියලු ජනතාව සතුටින් සිටීම තමාගේ ද සතුට නිසා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද වැලිකන්ද, හැවන්පිටිය දෙමළ මහා විද්‍යාලයේ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට එක්වෙමිනි. 'පිබිදෙමු පොළොන්නරුව' සංවර්ධන වැඩසටහන යටතේ නව ව්‍යාපෘති 180 ක් තෙදිනක් තුළ ජනගත කිරීමේ වැඩ සටහන අනුව සංවර්ධන ව්‍යාපෘති 60 ආසන්න ප්‍රමාණයක් ජනතා අයිතියට පවරාදීම පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ සහ විද්වතුන්ගේ සහභාගීත්වය අද සිදු කෙරිණ. දිර්ළ කාලයක් පුරා පොළොන්නරුවට සිදුවූ සංවර්ධනයේ අසාධාරණය මහ හරවමින් එහි ජනතාවගේ හිතසුව පිණිස ක්‍රියාත්මක කෙරෙන මෙම සංවර්ධන සංග්‍රාමය තුළ දිස්ත්‍රික්කයේ පාසල්, රෝහල්, මාර්ග , ජල යෝජනා ක්‍රම, නිවාස, ක්‍රිඩා පිටි හා ක්‍රීඩාගාර මෙන්ම ආගමික සිද්ධස්ථාන පුළුල් සංවර්ධනයකට ලක් කෙරෙයි. අද ජනගත කෙරුණු සංවර්ධන ව්‍යාපෘති අතරින් වැඩිම ප්‍රතිලාභ සිදුව ඇත්තේ රටේ අනාගතය භාර ගැනීමට සුදානමින් සිටින දූ දරුවන්ට වන අතර දිස්ත්‍රික්කයේ පාසල් 40 කට ආසන්න ප්‍රමාණයක සිදුකෙරුණු සංවර්ධන ව්‍යාපෘති අද සිසු අයිතියට පත් කෙරිණ. රුපියල් මිලියන 22 ක වියදමින් වැලිකන්ද, හැවන්පිටිය, දෙමළ මහා විදයාලයේ ඉදිකර තිබෙන නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිවරයා එම සිසු දරුවන් සමග සුහද කථාබහක ද නිරත විය. |
2018-08-02T07:52:51.000Z | සති 6 මාතෘ නිවාඩුව නිම කළ අගමැතිනී ජසින්ඩා යළි ත් සේවයට | නවසීලන්ත අගමැතිනියගේ මාතෘ නිවාඩුව සති 6යි... | (News 1st) නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් සිය කෙටි ප්‍රසූත නිවාඩු සමය නිම කරමින් යළි රාජකාරී සඳහා වාර්තා කර තිබේ. අග්‍රාමාත්‍යවරිය සිය කුළුඳුල් දරු උපතින් පසු ප්‍රසූත නිවාඩුව සඳහා සති 6ක කාලයක් පමණක් වෙන් කර තිබීම විශේෂත්වයකි. පකිස්ථාන අග්‍රාමාත්‍ය බෙනාසීර් බූතෝගෙන් පසු ධුරයේ රැඳී සිටියදී දරු උපතක් සිදුකළ ලොව දෙවන නායිකාව ලෙස ඉතිහාසයට එක් වෙමින් අර්ඩ්න් දරු පසුගිය ජුනි මාසයේදී දියණියකට උපත ලබා දුන්නා ය. අර්ඩන් සිය සහකරු ක්ලාක් ගේෆර්ඩ් සහ දියණිය නීව් ටි අරෝහා අර්ඩන් ගේෆර්ඩ් සමග ඔක්ලන්ඩ්හිදී නිවාඩු සමය ගත කළහ. කෙසේ වෙතත් ඇය සිය නිවාඩු සමය තුළදී ඇයගේ රාජකාරී පවරා තිබුණේ, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් පීටර්ස් වෙතයි. එහෙත් අග්‍රාමාත්‍යවරිය ප්‍රසූත නිවාඩු සමය තුළදී ද කැබිනට් පත්‍රිකා කියැවීම මෙන්ම සුවිශේෂි කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවට උපදෙස් ලබා දීම සිදු කළා ය. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී නවසීලන්ත අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත් වූ අර්ඩ්න් මේ වසරේ ජනවාරී මාසයේදී තමා සහ සහකරු ගේෆර්ඩ් දරුවෙකු අපේක්ෂාවෙන් පසුවන බව නිවේදනය කළා ය. 38 හැවිරිදි ජසින්ඩා අර්ඩ්න් 1856 වසරෙන් පසු පත් වූ නවසීලන්තයේ ලාබාලතම අග්‍රාමාත්‍යවරිය ද වන්නී ය. පෙර පුවතට පිවිසීමට මෙතැනින්.... |
2018-08-02T06:04:58.000Z | ඇලෝසියස් හා පාලිසේන යළි රිමාන්ඩ් | ඇලෝසියස් හා පාලිසේන යළි රිමාන්ඩ් | COLOMBO (News 1st) - පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 09 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. මේ අතර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු නිලධාරීන් දෙදෙනෙකු වන නුවන් සල්ගාදු සහ සචිත්‍ර දේවතන්ත්‍ර යන මහත්වරුන් ද අද රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. නුවන් සල්ගාදු සහ සචිත්‍ර දේවත්‍රන්ත්‍රි යන මහත්වරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, අද පෙරවරුවේ ය. පසුව ඔවුන් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන්ට රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇප හා තවත් කොන්දේසි මත ඇප නියම කළේ ය. ඇප නියම වුව ද ඇප කොන්දේසියක් වූ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයේ තැබීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණ. නුවන් සල්ගාදු සහ සචිත්‍ර දේවත්‍රන්ත්‍රි අත්අඩංගුවට ගැනුණේ, මහ බැංකු බැඳුම්කර වංචාව සිදු වූ වකවානුවේ ලබා ගත් දුරකතන ඇමතුම් හඬපට මකා දමා විකෘති කිරීමේ චෝදනාවට අදාළව ය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සැකකරුවන් දෙදෙනා රජයේ සාක්ෂිකරුවන් ලෙස කැඳවීමට අපේක්ෂා කරන බව ය. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.