date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-08-12T22:57:08.000Z
වැලිකඩ කාන්තා රැඳවියන් විරෝධතාවක
වැලිකඩ කාන්තා රැඳවියන් විරෝධතාවක
COLOMBO (News 1st) : වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් අද උදෑසන ආරම්භ කළ විරෝධතාව මේ වන විටත් ක්‍රියාත්මක වේ. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. එම්. එම්. අයි. අධිකාරි මහත්මිය සඳහන් කළේ, මෙම ගැටලුව පාලනය කිරීමේ වගකීම බන්ධනාගාර කොමසාරිස්වරයාට පැවරී ඇති බවයි. අද පෙරවරු 8.00 ට පමණ කාන්තා රැඳවියන් පිරිසක් ඔවුන් රඳවා සිටින ගොඩනැගිල්ලේ වහලය මත නැග විරෝධතාවක් ආරම්භ කළහ. අප වාර්තාකරු සඳහන් කළේ, ඊට කාන්තා රැඳවියන් 15 දෙනෙකු පමණ එක් ව සිටි බවයි. කාන්තා රැඳවියන් ආරම්භ කර ඇති මෙම විරෝධයට සහය පළ කරමින් අද දහවල් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය ද විරෝධතාවක නිරත විය. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසූවේ, මේ පිළිබඳව තමන්ට අමාත්‍යාංශයේ අවසරයකින් තොරව ප්‍රකාශයක් කළ නොහැකි බවයි. බන්ධනාගාරය තුළ සිදුවන විවිධ අපචාර මර්දනය සඳහා නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම්වරිය සඳහන් කළා ය. ඊට විරෝධය දක්වමින් මෙම රැඳවියන් විරෝධතාවයේ නිරතවන බව ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.
2018-08-12T21:35:16.000Z
ඉන්දුනීසියා ගුවන් අනතුරින් දරුවකුගේ දිවි බේරෙයි
ඉන්දුනීසියා ගුවන් අනතුරින් දරුවකුගේ දිවි බේරෙයි
News 1st : ඉන්දුනීසියාවේ සිදු වූ මාරාන්තික ගුවන් අනතුරකින් වයස අවුරුදු 12ක කුඩා දරුවෙකු දිවි බේරාගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සහන කණ්ඩායම්වලට ඔහු හමු වනවිට සිහිසුන්ව සිටි බවයි. ඊයේ සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. යානය ගුවන්ගත වී කෙටි වේලාවකින් එහි සංඥා අක‍්‍රීය වී ඇති බවට ද තොරතුරු අනාවරණ වී තිබේ. අනතුර සිදු වනවිට කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සමග යානයේ ගමන් ගෙන ඇති සංඛ්‍යාව 09කි. අනතුර සිදුව තිබුණේ පැපුවානිව්ගිනියාවට ආසන්න කඳුකර ප‍්‍රදේශකදීයි. මීට වසර 03කට පෙර මෙම ප‍්‍රදේශයේ සිදු වූ ගුවන් අනතුරකින් 54 දෙනෙකුට ජීවිත අහිමි විය.
2018-08-12T21:31:21.000Z
දුම්රිය ගාස්තු සංශෝධනයක් ළඟදී ම
දුම්රිය ගාස්තු සංශෝධනයක් ළඟදී ම
COLOMBO (News 1st) : දුම්රිය ගාස්තු 15% කින් සංශෝධනය කිරීමට නියමිතව තිබේ. දුම්රිය වාණිජ අධිකාරි එන්.ජේ. ඉඳිපොලගේ මහතා පැවසුවේ, ඊට අදාල ගැසට් නිවේදනය සකස් කර අමාත්‍යංශය වෙත යොමුකර ඇති බවයි. දුම්රිය සේවකයින් පසුගිය දින 4 පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් මිලියන 64 ක ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට අහිමිවී ඇතැයි ද ඔහු පැවසී ය. වැටුප් ගැටලුවක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය ඊයේ අවසන් කෙරිණ. ඒ, ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ඒ අනුව අද සිට දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම මහතා සඳහන් කළේ ය. පසුගිය 08 දින ආරම්භ කෙරුණු වර්ජනය හේතුවෙන් මගී ජනතාව මෙන්ම මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ද දැඩි දුෂ්කරතාවට පත්විය. මේ අතර අද සිට නගරාන්තර හා ශීඝ්‍රගාමී දුම්රිය ධාවනය ආරම්භ කෙරෙන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසී ය. අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ, සේවකයින් වර්ජනයේ නිරත දිනයන්හි අසුන් වෙන් කළ මගීන් සඳහා ඊට අදාළ මුදල් ආපසු ලබාදීමට පියවර ගන්නා බවයි.
2018-08-12T21:21:17.000Z
විල්පත්තුවේ මෙහෙයුමකදී වනජීවි නිලධාරීන්ට ප්‍රහාරයක්
විල්පත්තු මෙහෙයුමකදී වනජීවි නිලධාරීන්ට ප්‍රහාරයක්
COLOMBO (News 1st) : විල්පත්තු වනෝද්‍යානයේ නිධන් හාරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සිදුවූ පහරදීමකින් වනජීවි නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, නිලධාරීන් දෙදෙනා මේ වන විට විලච්චිය ප්‍රාදේශීය ‍රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. කිසියම් පිරිසක් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කොහොඹපිටිය ප්‍රදේශයේ නිධන් හාරමින් සිටින බවට ලද තොරතුරකට අනුව විලච්චිය අඩවි වන නිලධාරී කණ්ඩායමක් එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරතව තිබේ. නිධන් හාරමින් සිටි පිරිස අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් විසින් වනජීවි නිලධාරීන්ට පහර දී ඇති අතර එහිදී වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරීවරයෙකු සහ ක්ෂේත්‍ර සහයක නිලධාරියෙකු තුවාල ලබා තිබේ. අප වාර්තාකරු පැවසුවේ, ගැටුම අතරතුර නිලධාරියෙකු සතුව තිබූ රාජකාරී ගිනි අවියට ද සැකකරුවන් හානිකර ඇති බවයි. ප්‍රහාරයට සම්බන්ධ එක් අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර සෙසු පිරිස පළාගොස් තිබේ. අප මේ සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් නිර්මාල් කොස්වත්ත මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, පොලිස් පරීක්ෂණවලින් අනතුරුව මේ පිළිබඳ ප්‍රකාශයක් ලබාදිය හැකි බවයි.
2018-08-12T20:56:56.000Z
"කණ්ඩායමක් විදිහට බොහොම සන්තෝෂයි"
"කණ්ඩායමක් විදිහට බොහොම සන්තෝෂයි"
COLOMBO (News 1st) : දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය පරාජයට පත්වුව ද තරගාවලියේ අවසන් තරග දෙකේදී සිය කණ්ඩායමේ දක්ෂතා පෙන්නුම් කිරීමට හැකි වීම පිළිබඳව සතුටු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති පස්වන එක්දින තරගයට පසුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි. තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වන අවසන් එක්දින තරගය ලකුණු 178 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 299කි. ලකුණු 300ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා ක්‍රීඩකයින්ට පන්දුවාර 24 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 121 ක් පමණි. එළඹෙන ලෝක කුසලානයට කණ්ඩායමේ සුදානම පිළිබඳව ද මැතිව්ස් එහිදී අදහස් පළ කළේ ය. ලකුණු 29ක් තුළ කඩුලු 6ක් දවා ගනිමින් සිය එක් දින ක්‍රිකට් දිවියේ ඉහළම දක්ෂතාව දැක්වීමට සමත් වූ අකිල ධනංජයට ඊයේ තරගයේ වීරයා සම්මානය හිමි විය. ඔහුගේ දක්ෂතා පිළිබඳව ද ශ්‍රී ලංකා නායකයා අදහස් පළ කළේ ය. දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20 යි 20 තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම හා එම සංචිතයට ලසිත් මාලිංග කැඳවා නොතිබීම සම්බන්ධයෙන් ද මෙහීද මැතිව්ස් අදහස් පළ කළේ ය.
2018-08-12T19:45:33.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත්... 1. දුම්රිය වැඩ වර්ජනය අවසන් : ඊයේ උදෑසන ජනාධිපතිවරයා සමග පොළොන්නරුවේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව වැඩ වර්ජනය නතර කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කළේ ය. 2. පේරාදෙණියේ වසා දැමුණු පීඨ යළි විවෘතයි : පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වසා දැමුණු වෛද්‍ය පීඨය, දන්ත පීඨය සහ කෘෂි පීඨයේ අධ්‍යයන කටයුතු අද ආරම්භ කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඊයේ නිවේදනය කළේ ය. 3. ඒකාබද්ධය පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමේ සූදානමක : පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමට අවධානය යොමුකර ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි. පසුගිය දා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායකවරයාට ලිපියක් යොමු කරමින් විපක්ෂ නායක ධුරය ඉල්ලා සිටි අතර කථානායකවරයාගේ නිගමනය වූයේ ව්‍යවස්ථාවත්, සම්ප්‍රදායත් අනුව විපක්ෂ නායක ධුරයේ වෙනසක් සිදුකළ නොහැකි බවයි. 4. ඉන්දීය ආධාරවලින් තැනූ නිවාස 400ක් ජනතා අයිතියට : ඉන්දීය රජයේ ආධාර මත ඉදි කළ නිවාස 400ක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ නුවරඑළිය, පුඩලුඔය ප්‍රදේශයේදී ජනතා අයිතියට පත්කෙරිණ. විදේශීය පුවත්... 1. සූර්යාගේ අභිරහස් සෙවීමේ චන්ද්‍රිකාව අභ්‍යවකාශයට : නාසා ආයතනය විසින් නිර්මාණය කරන ලද සූර්යාගේ අභිරහස් සෙවීමේ චන්ද්‍රිකාවක් රැගත් රොකට්ටුව ඊයේ සාර්ථකව අභ්‍යවකාශ ගත කෙරිණ. 2. කේරළයට ජල ගැලීම් : ඉන්දියාවේ දකුණු දිග කේරල ප්‍රාන්තයට බලපා ඇති ජලගැලීම් හේතුවෙන් දහස් සංඛයාත පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. විදෙස් වාර්තා සදහන් කළේ, මේ හේතුවෙන් වගා රැසක් විනාශ වී ඇති අතර ගමනාගමන කටයුතුවලට ද බලපෑම් එල්ල වී ඇති බවයි. ක්‍රීඩා පුවත්... 1. අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් : දකුණු අප්‍රිකාව සමග පැවති 5 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ඊයේ ලකුණු 178 කින් ජය ගත්තේ ය. එහිදි කැපී පෙනෙන ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අකිල ධනංජය ලබා ගත් කඩුලු සංඛ්‍යාව 6කි.
2018-08-12T11:42:53.000Z
'Sri Lanka Design Code' ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණ මාලාව සාර්ථකව අවසන්
'Sri Lanka Design Code'- 2018 අදින් අවසන්
COLOMBO (News 1st) : මොරටුව විශ්වවිද්‍යාලයීය සමෝදානික නිර්මාණ අධ්‍යනාංශය විසින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා ඩිසයින් කෝඩ් - 2018 ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණ මාලාව අද සාර්ථකව අවසන් විය. පසුගිය 07 වන දා කොළඹ ආර්කේඩ් පරිශ්‍රයේදී ආරම්භ වූ ශ්‍රී ලංකා ඩිසයින් කෝඩ් 2018 ප්‍රදර්ශනයට දින 6ක් පුරා ආර්කේඩ් පරිශ්‍රයට පැමිණි ජනතාවගෙන් හිමිවූයේ, ඉහළ ප්‍රතිචාරයකි. ශ්‍රී ලංකාව තුළ වෘත්තීය නිර්මාණ ශිල්පය ස්ථාපනය කිරීමේ අරමුණින් මොරටුව විශ්වවිද්‍යාලයීය සමෝදානික නිර්මාණ අධ්‍යන අංශය මෙවර මෙය සංවිධානය කළේ දෙවන වරටයි. මොරටුව විශ්වවිද්‍යාල සිසුන්ගේ නව නිර්මාණ රැසක් මෙහිදි එළි දැක්වීය. මීට සමගාමීව ඊයේ පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී විශේෂ විද්වත් කතිකාවක් ද පැවැත්විණ. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුමන්ත්‍රි සමරවික්‍රම මහත්මිය මෙහෙයවූ මේ විද්වත් කතිකාවේ ප්‍රධාන ආරාධිතයින් ලෙස ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු මෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන පීටර් ඩී. අල්මේදා හා කැපිටල් මහාරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් යන මහත්වරු ද එක්වූහ. මෙරට ඉංජිනේරුවන්ගේ හැකියාවන් දේශීය වශයෙන් ඇඟයීමට ලක් නොවීම පිළිබඳව රටේ වත්මන් ඉංජිනේරු තාක්ෂණය පිළිබඳව අදහස් පළ කරමින් පීටර් ඩී.අල්මේදා මහතා පැවසුවේ, වර්තමානයේ මෙරට ඉංජිනේරුවන්ගේ හැකියාවන් දේශීය වශයෙන් ඇගයීමට ලක් නොවන බවයි. "දැන් ඒ ගොල්ලෝ කරන්නේ චීනයේ අය ගෙනල්ලා යටිතල පහසුකම් ගොඩනගන එක, විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමය නිමා කරලා මේ වගේ දේවල්වලට නිර්මාණය කිරීමට තියෙන අවස්ථාවන් මොනවාද? මට ශ්‍රී ලංකාවේ ඉංජීනේරුවන්ගේ ආයතනයට අභියෝග කරලා කියන්න පුලුවන් කිසිදෙයක් ගොඩනගලා නැති බව, ගල් ඔය ව්‍යාපෘතිය එහේම් පිටින්ම ශ්‍රී ලාංකික ඉංජීනේරුවන් විසින් නිර්මාණය කලේ එම නිර්මාණය කොළරා‍ඩෝහි ප්‍රසිද්ධ ආයතනයකට පෙන්නුවහම කිව්වේ ‍ඔයගොල්ලෝ පෙන්වපු මේ නිර්මාණය වෙන තැනක දැකලා නැති බව, අද අපේ එක ඉංජීනේරුවෙක් කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය,නොරච්චෝලේ ඉදිකිරීම්වලට දායකවුනේ නැහැ. නොරච්චෝලේ 35 වතාවක් අසාර්ථක වුණා. එය මොණවගේ නර්මාණයක්ද එය අසාර්ථක වීමට කිසිදු කෙනෙකුගේ රැකියාවන් අහිමි වුනේ නැහැ. අද අපි දකින්නේ චීනයෙන් ගෙන්වන ලද කම්කරුවෝ රේල් පාරවල් සහ පාරවල් නිර්මාණය කරන්න ඒ කියන්නේ අපි ඉංජීනේරුවන්ට ඒවා නිර්මාණය කරන්න බැරිද?" වත්මන් ඉංජිනේරු තාක්ෂණය එසේ වුව ද, අපට උරුම වූ අතීත තාක්ෂණයේ උරුමය පිළිබඳව ශෙවාන් ඩැනියෙල් මහතා මෙහිදි අදහස් පළ කළේ ය. "එල්ලංගා පද්ධතිය පිළිබඳව සිතා බැලුවොත් එය පදනම් වී තිබෙන්නේ සමෝච්ච රේඛා මත පදනම්වයි. අපේ පුරාණ ඉංජීනේරුවරුන් පවත්නා මුලාශ්‍ර, භුගෝලීය තත්ත්වයන්, ජනගහන අවශ්‍යතාව තේරුම් අරගෙන, කාලය අරගෙන ඒවා නිර්මාණය කළා. ඒ ගොල්ලෝ කලේ යෝධ ජලාශයක් තැනීම වෙනුවට කුඩා ජලාශ 30, 40 ක් නිර්මාණය කිරීමයි. ඇත්තේම මම කැමති නැහැ. ජලශයක් කියලා මෙය හඳුන් වන්න. එය වැව ලෙස හැදින්විය යුතුයි. සෑම වැවක්ම මහා පද්ධතියකට සම්බන්ධ වුවක්. වර්ෂාවකදී හෝ උල්පත් වැනි මුලාශවලින් එක් රැස්වන ජලය අවසානයේ වාරි කේෂේත්‍රයන්ටත් ජනතාවට හා සතුන් පෝෂණය කිරීමට ත් දායක වුණා.මේ එල්ලංගා පද්ධති අපේ මුතුන් මිත්තන් කළ විශිෂ්ට නිර්මාණයක්'' දින 06ක් පුරා කොළඹ ජනතාවට නව අත්දැකීමක් එක් කළ ශ්‍රී ලංකා ඩිසයින් කෝඩ් 2018 අද රාත්‍රීයේ අවසන් වූණේ විශේෂ විලාසිතා දැක්මක් ද සමගයි.
2018-08-12T10:04:11.000Z
අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්
COLOMBO (News 1st) : දකුණු අප්‍රිකාව සමග පැවති 5 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව අද ලකුණු 178 කින් ජය ගත්තේ ය. එහිදි කැපී පෙනෙන ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අකිල ධනංජය ලබා ගත් කඩුලු සංඛ්‍යාව 6කි. කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 299 කි. ආරම්භක පිතිකරු උපුල් තරංග ලකුණු 19 කට දැවී ගිය අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 43 කට දැවී ගියහ. එක්දින දිවියේ 37 වන අර්ධ ශතකය වාර්තා කළ නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 97ක් රැස් කළේ ය. ජයග්‍රහණය සඳහා ලකුණු 300 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 85 කදී බිඳ වැටිණ. නායක ක්වයින්ටන් ඩී කොක් ලකුණු 54 ක් රැස් කළේ ය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් 7 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි විය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වු දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය පන්දුවාර 9 කදී ලකුණු 29 කට කඩුලු 6 ක් දවා ගත්තේ ය. දකුණු අප්‍රිකා ක්‍රීඩකයින්ට පන්දුවාර 24 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 121 ක් පමණි.
2018-08-12T09:21:08.000Z
විදුලිබල මණ්ඩල නිලධාරීන්ට කෝප් කමිටුවෙන් දොස්
විදුලිබල මණ්ඩල නිලධාරීන්ට කෝප් කමිටුවෙන් දොස්
COLOMBO (News 1st) : පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම් සහ විදුලිබල පනත උල්ලංඝණය කරමින් මණ්ඩලයේ නිලධාරීන් කටයුතු කිරීම කෝප් කමිටුවේදී දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. ඒ , පසුගිය දා විදුලිබල මණ්ඩලයේ හා මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීයි. විදුලිය මිලදී ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ කරුණු විමසීම සඳහා විදුලි බල අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ, විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව් බී. ගනේගල ,සාමාන්‍යාධිකාරි ඒ.කේ. සමරසිංහ, ජනන හා සම්ප්‍රේෂණ අංශයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවා තිබිණ. ලංකා විදුලි බල මණ්ඩලය තර්ජනාත්මක ස්වරූපයෙන් එහි නියාමන අධිකාරිය වන මහජන උපයෝගිතා කොමිසමට යොමු කර ඇති මෙම ලියවිල්ල පිළිබඳව කෝප් කමිටුවේදී වැඩි අවධානයක් යොමුවී තිබේ. විදුලිබ බල පනතට අනුව මණ්ඩලය විසින් වාර්ෂිකව මහජන උපයෝගිතා කොමිසමට දළ වශයෙන් මිලියන 50ක පමණ නියාමන ගාස්තු ගෙවිය යුතුයි. එහෙත් විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඒ. කේ. සමරසිංහ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මෙම ලියවිල්ලට අනුව නියාමන ගාස්තු ගෙවීමට නම් මහජන උපයෝගිතා කොමිසමේ වත්මන් අධ්‍යක්ෂක ජනරාල් එම ධුරයෙන් ඉවත් විය යුතු බව සඳහන් ය. කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහිදී විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට තරයේ අවධාරණය කර ඇත්තේ විදුලි බල පනත උල්ලංඝණය කරමින් පෞද්ගලික න්‍යාය පත්‍රවලට වැඩ නොකරන ලෙසයි. මීට අමතරව ඇඹිලිපිටිය පෞද්ගලික විදුලි බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ගිවිසුම් කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ද කෝප් කමිටුවේදී අවධානයට ලක්ව තිබේ. එම පෞද්ගලික බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ඇති කරගත් 10 වසරක පළමු ගිවිසුම 2015 වසරේදී අවසන් විය. මේ වන විටත් ඒ සඳහා වැය කර ඇති මහජන මුදල රුපියල් කෝටි 300කි. 2018 අප්‍රේල් 5 වන දා යළිත් වරක් ඇඹිලිපිටිය පෞද්ගලික විදුලි බලාගාරය සමග විදුලි බල මණ්ඩලය ගිවිසුම්ගත වන්නේ තවත් වසර තුනක් සඳහායි. ඒ සඳහා රුපියල් කෝටි 540ක පමණ ආයෝජන මුදලක් යෙදවනවා . නව ගිවිසුමට අනුව ඒස් ඇඹිලිපිටිය විදුලිබලාගාරය සඳහා මාසිකව වැය වන දළ වියදම රුපියල් මිලියන 76කි. 2015 දක්වා කාලය තුළ බලාගාරයේ සමස්ත ආයෝජන මුදල ගෙවා ඇතැත් නව ගිවිසුම මගින් යළිත් වරක් එම ආයෝජන මුදල ගෙවීමට එකඟවීම විශේෂත්වයකි. රුපියල් කෝටි 230ක් වන මුදලකට බලාගාරය මිලදී ගැනීමට හැකියාව තිබියදී විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 540ක් වන මුදලකට යළි ගිවිසුම් ගතවන්නේ කෙසේ ද? යන්න කෝප් කමිටුව හමුවේ ප්‍රශ්න කෙරී තිබේ. මෙම ගිවිසුම් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම සඳහා විදුලි බල අමාත්‍යංශයේ හා මණ්ඩලයේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතයි. කමිටුවේ නිර්දේශ ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ ය.
2018-08-12T08:11:37.000Z
ඉන්දීය ආධාරවලින් තැනූ නිවාස 400ක් ජනතා අයිතියට
ඉන්දීය ආධාරවලින් තැනූ නිවාස 400ක් ජනතා අයිතියට
COLOMBO (News 1st) : ඉන්දීය රජයේ ආධාර මත ඉදි කළ නිවාස 400ක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද නුවරඑළිය, පුඩලුඔය ප්‍රදේශයේදී ජනතා අයිතියට පත්කෙරිණ. මෙම ගම්මානය නම් කර තිබෙන්නේ මහත්මාගාන්ධිපුරම් ලෙසයි. නිවාස විවෘත කිරීමේ අවස්ථාවට නවීන් දිසානායක, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං මහතාද එක්ව සිටියහ. එහිදි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ස්කයිෆ් තාක්ෂණය ඔස්සේ ජනතාවට සුබ පැතී ය.
2018-08-12T07:32:21.000Z
ඒකාබද්ධය පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමේ සූදානමක
ඒකාබද්ධය පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමේ සූදානමක
COLOMBO (News 1st) : පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමට අවධානය යොමුකර ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කථානායකවරයාට ලිපියක් යොමු කරමින් විපක්ෂ නායක ධුරය ඉල්ලා සිටි අතර කථානායකවරයාගේ නිගමනය වූයේ ව්‍යවස්ථාවත්, සම්ප්‍රදායත් අනුව විපක්ෂ නායක ධුරයේ වෙනසක් සිදුකළ නොහැකි බවයි.
2018-08-12T06:53:12.000Z
දිවයිනේ නිරතදිග කොටසට වැසි
දිවයිනේ නිරතදිගට වැසි
COLOMBO (News 1st) : දිවයිනේ නිරත දිග කොටසේ වැසි තත්ත්වයේ සහ සුළඟේ වේගයෙහි තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සඹරගමුව සහ මධ්‍යම පළාත්වලත්,ගාල්ල මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත්, විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. වයඹ පළාතේ ද ,කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ත්, වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
2018-08-12T06:40:05.000Z
කල්තොට අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකුට තුවාල
කල්තොට අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකුට තුවාල
COLOMBO (News 1st) : බලංගොඩ, කල්තොට ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, ලොරි රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබූවන් බලංගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලැබූවන් අතර කාන්තාවක, පිරිමි පුද්ගලයෙකු සහ කුඩා ළමුන් දෙදෙනෙකු ද වන බව පොලීසිය සඳහන් කළේ ය.
2018-08-12T04:52:49.000Z
පේරාදෙණියේ වැසුණු පීඨ හෙට සිට යළි විවෘතයි
පේරාදෙණියේ වැසුණු පීඨ හෙට සිට යළි විවෘතයි
COLOMBO (News 1st) : පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වසා දැමුණු පීඨ තුනක අධ්‍යයන කටයුතු හෙට ආරම්භ කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය පවසයි. එහි උපකුලපති මහාචාර්ය උපුල් පී. දිසානායක මහතා සඳහන් කළේ, ඒ අනුව වෛද්‍ය පීඨය, දන්ත පීඨය සහ කෘෂි පීඨය හෙට සිට යළි විවෘත කෙරෙන බවයි. එමෙන්ම වසා දැමුණු ශාස්ත්‍ර පීඨය සහ කළමනාකරණ පීඨයන් ද ලබන 20 වන දා සිට විවෘත කිරීමට නියමිත බව ද උපකුලපතිවරයා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, වසා ඇති අනෙකුත් පීඨයන් එම පීඨයන්හි පීඨාධිපතිවරුන්ගේ තීරණ මත විවෘත කිරීමට අවසර ලබා දී ඇති බවයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විවෘත කිරීමේ දිනයක් පිළිබඳ ඉදිරි සතියේ පාලනාධිකාරිය සමග පැවැත්වෙන සාකච්ඡාවකදී තීරණය කරන බව ද උපකුලපතිවරයා සඳහන් කළේ ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ඉංජිනේරු පීඨය, උපකුලපති මහාචාර්ය උපුල් පී. දිසානායක
2018-08-12T05:20:07.000Z
පෞ. රෝහල්වල ගාස්තු නියාමනය කිරීමේ සූදානමක්
පෞ. රෝහල්වල ගාස්තු නියාමනය කිරීමේ සූදානමක්
COLOMBO (News 1st) : පෞද්ගලික රෝහල්වල විවිධ ප්‍රතිකාර සඳහා අය කිරීම් 46ක මිල ගණන් අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, සමස්ත ලංකා පෞද්ගලික ඔසු සල් හිමියන්ගේ සංගමයේ කළුතර දිස්ත්‍රික් සැසිවාරය අමතමිනි. එහිදි අමාත්‍යවරයා සඳහන් කළේ, පෞද්ගලික රෝහල්වල මිල ඉදිරියේදී නියාමනය කරන බවයි. පෞද්ගලික රෝහල් ගාස්තු ඉතා ඉහළ අගයක් ගන්නා බවත් එය රෝගීන්ට දරා ගැනිමට අපහසු බවත් අමාත්‍ය වරයා එහිදි ප්‍රකාශ කර තිබේ.
2018-08-12T03:57:46.000Z
සූර්යාගේ අභිරහස් සෙවීමේ චන්ද්‍රිකාව අද අභ්‍යවකාශයට
සූර්යාගේ අභිරහස් සෙවීමේ චන්ද්‍රිකාව අද අභ්‍යවකාශයට
නාසා ආයතනය විසින් නිර්මාණය කරන ලද, සූර්යාගේ අභිරහස් සෙවීමේ චන්ද්‍රිකාවක් රැගත් රොකට්ටුව අද සාර්ථකව අභ්‍යවකාශ ගත කරයි. ඒ, ෆ්ලෝරීඩාහි කේප් කැනවරල් තුඩුවෙන්. චන්ද්‍රිකාව රැගත් ඩෙල්ටා 4, අධිබර රොකට්ටුව ඊයේ අභ්‍යවකාශ ගතකිරීමට සැලසුම් කර තිබුණ ද, සුළු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය පැය 24 කින් කල් දැමුණා. අන් කිසිදු යානයකට සමීප වීමට නොහැකි වූ තරම් සූර්යා සමීපයට මෙම චන්ද්‍රිකාව ගමන් කරනු ඇති. යානයේ ඇති විශේෂත්වය වන්නේ සෙල්සියස් අංශක 1000 කට වැඩි උෂ්ණත්වයකට ඔරොත්තුදීමට හැකි වීමයි.
2018-08-12T03:56:19.000Z
චීවර වෙස් ගෙන කෝටි 8ක් කොල්ල කෑ පුද්ගලයා කොටු
චීවර වෙස් ගෙන කෝටි 8ක් කොල්ල කෑ පුද්ගලයා කොටු
COLOMBO (News 1st) : චීවරධාරියෙකු ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටි 8කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අහුංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරකට අනුව අහුංගල්ල ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. ඔහු සන්තකයේ තිබී රුපියල් 10,827,000ක මුදලක් ද , 265,000ක් වටිනා රන් භාණ්ඩ, රුපියල් 15,000පහ‍ළොස් දහසක අත්ඔරලෝසුවක්, ජංගම දුරකථන කිහිපයක් ද පොලීසිය භාරයට ගෙන තිබේ. සැකකරුගේ බව පැවසෙන රුපියල් ලක්ෂ 70 ක් වටිනා ජීප් රථයක් ද සොයා ගෙන පොලීසිය විසින් සොයා ගනු ලැබ ඇත. ඔහු කැනඩාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු බව ත්, කැනඩාවේ රැකියා ලබාදෙන පවසා පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ඇති බව ත් පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, අහුංගල්ල, බදුල්ල, වැල්ලවාය, බණ්ඩාරවෙල , ගිනිගත්හේන, අවිස්සාවේල්ල, වැලිගම, ඇතුළු ප්‍රදේශ රැසක පුද්ගලයින් 150 කට අධික සංඛ්‍යාවකින් සැකකරු මුදල් ලබාගෙන ඇති බවයි.
2018-08-12T03:54:47.000Z
බදුල්ල ගින්නකින් පුද්ගලයකු මිය යයි.
බදුල්ල ගින්නකින් පුද්ගලයකු මිය යයි.
බදුල්ල, කොකෝවත්ත පාර ප්‍රදේශයේ වාහන අමතර කොටස් ගොඩනැගිල්ලක ඇති වු ගින්නකින් පුද්ගලයකු මියගොස් තිබෙනවා. පොලිසිය සදහන් කළේ, ගින්න අද අලුයම 1.45 ට පමණ හටගෙන ඇති බවයි. ගින්නෙන් තුවාල ලැබු 46 හැවිරිදි බදුල්ල පදිංචිකරුවෙක් බදුල්ල රෝහලේදී මියගොස් තිබෙනවා. ගින්නෙන් ගොඩනැගිල්ල සම්පුර්ණයෙන් විනාශ වී ඇති අතර යාබද ගොඩනැගිල්ලකට ද හානි සිදුව තිබෙන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිදුව ඇති අලාභයද තක්සේරු කර නොමැති අතර බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.
2018-08-12T02:32:31.000Z
හෙළ සිනමාවේ නිළි රැජිණ වෙනුවෙන් සිනමා උළෙලක්
හෙළ සිනමාවේ නිළි රැජිණ වෙනුවෙන් සිනමා උළෙලක්
හෙළ සිනමාවේ නිළි රැජිණ යන විරුදාවලියෙන් පිදුම් ලැබූ මාලනී ෆොන්සේකා මහත්මියගේ සිනමා දිවියට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් ලබන 18 වැනිදා සිට චිත්‍රපට උළෙලක් පැවැත්වෙනවා. ඒ, ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදීයි. 18 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන චිත්‍රපට උළෙලේදී සෑම දිනකම පස්වරු 6 ට මාලනී ෆොන්සේකා මහත්මිය රංගන දායකත්වය ලබාදුන් විශිෂ්ට සිනමාපට තිරගත වනවා. 1968 වසරේ තිස්ස ලියනසූරිය මහතාගේ පුංචි බබා සිනමා පටයෙන් සිනමා කේෂත්‍රයට අවතීර්ණ වූ මාලනී ෆොන්සේකා මහත්මිය, මේ වන විට රංගන දායකත්වය ලබාදී ඇති සිනමාපට ගණන 155 ක්.
2018-08-12T02:01:33.000Z
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයට ජලගැලීම්
ඉන්දියාවේ කේරල ප්‍රාන්තයට ජලගැලීම්
ඉන්දියාවේ දකුණු දිග කේරල ප්‍රාන්තයට බලපා ඇති ජලගැලීම් හේතුවෙන් දහස් සංඛයාත පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වනවා. විදෙස් වාර්තා සදහන් කලේ මේ හේතුවෙන් වගාවන් රැසක් විනාශ වී ඇති අතර ගමනාගමන කටයුතුවලට ද බලපෑම් සිදුව තිබෙනවා. ඉන්දීය රජය සදහන් කරනනේ ජලගැලීම්වලින් පීඩාවට පත් දහසකට අධික පිරිසක් පුනරුත්තාපන කදවුරුවල සිටින බවයි. ජලගැලීම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් දස දහසකට අධික පිරිසකට උන්හිටි තැන් අහිමි වී ඇති අතර ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම්ද මේ වනිවට ආරම්භ කර තිබෙනවා.
2018-08-12T01:38:35.000Z
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ලබන 29 වැනිදා මොරණරාගලට
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ලබන 29 වැනිදා මොරණරාගලට
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ලබන 29 වැනිදා සිට දින තුනක් මොරණරාගලදී පැවැත්වෙනවා. රජයේ සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය හා ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම, මෙහි අරමුණයි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය, ඉදිරියේ දී දිවයින සියලු දිස්ත්‍රික්වල පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.
2018-08-12T01:33:29.000Z
පළාත් සභාවල සීමා නිර්ණ යෝජනාව ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවට
පළාත් සභාවල සීමා නිර්ණ යෝජනාව ලබන 24 වැනිදා
පළාත් සභාවල සීමා නිර්ණය පිළිබඳ යෝජනාව ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභා නායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. ඔහු සඳහන් කලේ, එම යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත විය යුතුව ඇති බවයි. එසේ නොවුනහොත් පැරණි ක්‍රමවේදය අනුව, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සිදුවන බවද, අමාත්‍යවරයා ප්‍රකාශ කළා. මේ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ අවධානය යොමු කෙරෙන විවාදය ලබන 24 වැනිදා උදෑසන 11 සිට පස්වරු 6.30 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට පසුගිය සිකුරාදා කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බවද අමාත්‍යවරයා සඳහන් කළා. සබරගමුව, උතුරුමැද, නැඟෙනහිර, මධ්‍යම, වයඹ, සහ උතුරු යන පළාත් සභා හයේ මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා බවද, සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කලා.
2018-08-12T01:29:37.000Z
අන්තර් පාසල් රග්බි ශූරතාවය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයට
අන්තර් පාසල් රග්බි ශූරතාවය සාන්ත ජෝසප් විද්‍යාලයට
අන්තර් පාසල් වයස අවුරුදු 14 න් පහල දස සමාජික රග්බි තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වුනා. ඒ, අවසන් මහා තරගයේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින්. අන්තර් පාසල් වයස අවුරුදු 14 න් පහල දස සාමාජික රග්බි තරගාවලිය දින දෙකක් පුරා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුනා. එහි ශූරතා කුසලානය සදහා වන තරගවටයේ අර්ධ අවසන් පූර්ව වටය සදහා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය , කොළඹ මහනාම විද්‍යාලය , මහනුවර ත්‍රිත්ව විද්‍යාලය , කොළඹ ලුම්බිනි විද්‍යාලය , කොළඹ වෙස්ලි විද්‍යාලය , කොළඹ රාජකීය විද්‍යාලය , කොළඹ ඉසිපතන විද්‍යාලය හා මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සුදුසුකම් ලබා ගත්තා. එහීදී ලකුණූ 38 ට 00 ක් ලෙස සාන්ත පීතරයින් කොළඹ මහනාම විද්‍යාලය පරාජය කළ අතර ලකුණු 20 ට 07 ක් ලෙස ත්‍රිත්ව ක්‍රීඩකයින් ලුම්බිනි ක්‍රීඩකයින්ව පරාජය කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. රාජකීය ක්‍රීඩකයින් ලකුණූ 19 ට 00 ක් ලෙස වෙස්ලි ක්‍රීඩකයින්ව පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර සාන්ත ජෝසප් ක්‍රීඩකයින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ලකුණූ 19 ට 14 ක් ලෙස ඉසිපතන ක්‍රීඩකයින්ව පරාජය කරමින්. තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ලකුණු 17 ට 12 ක් ලෙස ත්‍රීත්ව ක්‍රීඩකයින් සාන්ත පීතර ක්‍රීඩකයින්ව පරාජය කරමින් තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත් අතර ලකුණු 19 ට 07 ක් ලෙස රාජකීය විද්‍යාලය පරාජය කරමින් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත්තා. ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගයේදී ලකුණු 14 ට 05 ක් ලෙස ත්‍රිත්ව ක්‍රීඩකයින් පරාජය කල සාන්ත ජෝසප් ක්‍රීඩකයින් 2018 අන්තර් පාසල් වයස අවුරුදු 14 න් පහල දස සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගත්තා.
2018-08-12T00:35:18.000Z
රැකියා විරහිත උපාධිධාරීන්ට, අභ්‍යාසලාභී පත්වීම් ලබන 20 වනදා
රැකියා විරහිත උපාධිධාරීන්ට, පත්වීම් ලබන 20 වනදා
Colombo (News 1st) රැකියා විරහිත උපාධිධාරීන්ට, අභ්‍යාසලාභී පත්වීම් ලබාදීම ලබන 20 වනදා සිදුකරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් කේ ඩී එස් රුවන් චන්ද්‍ර මහතා ප්‍රකාශ කලේ, මේ දිනවල ඊට අදාළ පත්වීම් ලිපි සියල්ල සකසමින් සිටින බවයි. දිස්ත්‍රික් මට්ටමින් සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරා ගත් උපාධිධාරීන්ට මෙම පත්වීම් ලබා දීමට නියමිත අතර, අදියර හතරක් යටතේ එම පත්වීම් ලබා දෙන බවද, ලේකම්වරයා ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ, එහි පළමු අදියර යටතේ ලබන 20 වනදා පත්වීම් 4130 ලබාදීමට නියමිත බවයි
2018-08-12T00:07:29.000Z
දුම්රිය වැඩ වර්ජනය අවසන්
දුම්රිය වැඩ වර්ජනය අවසන්
COLOMBO (News 1st) : අද උදෑසන ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය වැඩ වර්ජනය නතර කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කළේ ය. ජනාධිපතිවරයා හා වෘත්තීය සමිති අතර සාකච්ඡාව පැවැත්වුණේ පොළොන්නරුවේදීයි. දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කැබිනට් අනුකමිටුව ඇති කරගත් එකඟතා ඉටුකර නොමැති බව පවසමින් වෘත්තිය සමිති වර්ජනයකට යොමුවිය. පසුගිය 8 වන දා පූර්ව දැනුම්දීමකින් තොරව වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ අතර ඊට ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. මේ අතර අඩාල වී තිබූ දුම්රිය ධාවනය අද රාත්‍රියේ සිට යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේ, ඒ අනුව කොළඹ සිට බදුල්ල දක්වා සහ බදුල්ලේ සිට කොළඹ දක්වා රාත්‍රි තැපැල් දුම්රිය අද ධාවනය වන බවයි. බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රිය අද පස්වරු 5 50 ට පිටත් වූ බව ඔහු සඳහන් කළේ ය. විජය සමරසිංහ මහතා සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන තැපැල් දුම්රිය රාත්‍රි 8 ට ධාවනය වීමට නියමිත බවයි.ෙ මේ අතර වැඩවර්ජනය ක්‍රියාත්මක වූ කාල සිමාවේ ආසන වෙන් කිරීම් සිදු කර එම ප්‍රවේශ පත්‍ර භාවිතයට නොගත් මගීන් වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර ගාස්තුව යළි ගෙවීම හෙට සිට ආරම්භ කරන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ ය. ඔහු ප්‍රකාශ කළේ, ප්‍රවේශපත්‍ර ලබා ගත් දුම්රිය ස්ථානයට එය ඉදිරිපත් කිරීමෙන් මුදල් ලබා ගත හැකි බවයි.
2018-08-11T23:03:07.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශිය පුවත් 1. ශ්‍රී ලංකා සිංගප්පුරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ අධ්‍යයනයට ජනපතිගෙන් විශේෂඥ කමිටුවක්: ශ්‍රී ලංකා සිංගප්පුරු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබී ඇති අදහස් සලකා බලමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරිම සඳහා ස්වාධීන විශේෂඥයින්ගෙන් සැදුම් ලත් කමිටුවක් පත්කරයි. 2. දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් වී ඇති පාඩුව රුපියල් මිලියන 50 ඉක්මවයි: ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරී එන්. ජේ. ඉදිපොල මහතා සඳහන් කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය දෛනික ආදායම් රුපියල් මිලියන 17 ක් පමණ වන බවයි. ඒ අනුව, රුපියල් මිලියන 70කට අධික ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට අහිමි වී ඇත. 3. රටවල් 10කට නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන්: ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුසියාව ඇතුළු රටවල් 10ක් සඳහා නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළේ ය. 4.වයඹ පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ජනයකට: අතිකාල ගැටලුවක් මුල් කර ගනිමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වයඹ පළාත පුරා වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙන බව එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි. 5.IOC සමාගමෙත් ඉන්ධන මිල ඉහළට: රජයේ ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව ලංකා IOC සමාගමද ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව, Euro 4 ප්‍රමිතියෙන් යුත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 160.00 කි. Euro 4 ප්‍රමිතියෙන් යුත් සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 130.00 ක් වනු ඇත. විදෙස් පුවත් 1. පුද්ගලයින් 09 දෙනෙකු රැගත් ඉන්දුනිසියානු අභ්‍යන්තර ගුවන් යානයක් අතුරුදන්: කඳු සහිත පැපුවා පළාතට ඉහළ අහසේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 09 දෙනෙකු රැගත් ඉන්දුනිසියානු අභ්‍යන්තර ගුවන් යානයක් ගොඩබිම සමඟ පැවති සබඳතා ඇණහිට ඇති අතර එහි සිටි නියමුවන් 02 දෙනෙකු සහ ළමුන් ඇතුලු මගීන් 07 දෙනෙකු සිටි බව විදෙස් මාධ්‍ය පවසයි. ක්‍රීඩා 1. ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ බලාපොරොත්තුවක් සුන්වෙයි: වයස අවුරුදු 20 න් පහළ ආසියානු සත් සමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ඊයේ අහිමි විය.
2018-08-11T10:06:51.000Z
රටවල් 10ක් සඳහා නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් පත් කෙරේ
රටවල් 10කට නව තානාපතිවරු හා මහ කොමසාරිස්වරු
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුසියාව ඇතුළු රටවල් 10ක් සඳහා නව තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය අද නිවේදනය කළේ ය. නව පත් කිරීම් අනුව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය දයාන් ජයතිලක මහතා පත් කර ඇති අතර ඉන්දියාවේ නව මහ කොමසාරිස්වරයා ලෙස ඔස්ටින් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ. මීට අමතරව නෝර්වේ රාජ්‍යයේ නව තානාපතිවරයා ලෙස මහාචාර්ය අරූෂා කුරේ මහත්මිය ද බ්‍රසීලයේ තානාපතිවරයා ලෙස එම්.එම්. ජෆීර්, කැනඩාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එම්.ඒ.කේ. ගිරිහාගම, පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සී.ඒ.එච්.එම්. විජේරත්න, ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එස්.එස්. ගනේගමආරච්චි යන මහත්වරුන් පත් කර තිබේ. වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කර ඇත්තේ එස්.එස්. ප්‍රේමවර්ධන මහත්මිය යි. දකුණු අප්‍රිකාවේ නව මහ කොමසාරිස්වරයා ලෙස අනුරුද්ධ කුමාර මල්ලිමාරච්චි හා පකිස්ථානයේ නව මහ කොමසාරිස්වරයා ලෙස නුර්දීන් මොහොමඩ් ෂහීඩ් මහතා ද පත් කර තිබේ.
2018-08-11T09:39:43.000Z
වගකිව යුතු බලධාරීන් මේ උත්සහ කරන්නේ රටේ ජනතාව නොමග යවමින් බැඳුම්කර වංචාව යට ගැසීමට ද?
සැලසුම් සහගතව සිදු වූ දෙවන බැඳුම්කර වංචාව
COLOMBO (News 1st) - අප මේ වන විට හෙළිදරව් කරමින් සිටින දෙවන බැඳුම්කර සිද්ධිය තවත් විශාල වංචාවක්. 2016 මාර්තු මාසයේදී දෙවන බැඳුම්කර වංචාව සිදු වන්නේ ඉතා සැලසුම් සහගතව ය. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම තමන්ට වාසි වන අයුරින් සහ සේවක අර්ථසාධක අරමුදලට අලාභ වන අයුරින් මෙම ගනුදෙනුව නිර්මාණය කර තිබිණි. මේ සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම අතරමැදි සමාගම් භාවිතා කළේ, සිය සැලසුම් සඟවා තබා ගැනීමට ය. මෙහිදී අනාවරණය වී ඇත්තේ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සහ සේවක අර්ථසාධක අරමුදල අතර සිදු වූ ගනුදෙනුවේ මිල ගණන් කලින් තීරණය කළ ඒවා බව ය. මීට හේතුව 2015දී අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි බැඳුම්කර නිකුත් කරන ක්‍රමවේද වෙනස් කිරීම ය. ගනුදෙනුවේ සබෑ ප්‍රතිලාභීන් වන්නේ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම පිටුපස සිටින පුද්ගලයින් සහ ඔවුන්ට එම කාර්යයන් සිදු කිරීමට මහ බැංකු අධිපති ධූරයට අර්ජුන මහේන්ද්‍රන් මහතා පත් කළ පුද්ගලයින් ය. ඒ අනුව මෙලෙස සූරා කෑමට ලක් වුණේ, මහජන මුදලින් නිර්මාණය වී ඇති සේවක අර්ථසාධක අරමුදල ය. ජනාධිපති කොමිසමේදී අනාවරණය වූයේ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට සංවේදී මූල්‍ය තොරතුරු අර්ජුන මහේන්ද්‍රන් මහතා හරහා ලැබුණු බව ය. හෙළි වී ඇති දුරකතන සංවාදවලින් ද ඒ බව අනාවරණය වේ. මීට අමතරව සේවක අර්ථසාධක අරමුදල තුළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට සම්බන්ධ සමන් කුමාර නමැති පුද්ගලයෙකු සිටි බවට ද තො‍රතුරු අනාවරණය වේ. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු තවත් පිරිසකට ගෙවීම් සිදු කර ඇති බවට ද තොරතුරු වාර්තා විය. අර්ජුන් ඇලෝසියස් යන අය පී.එම්. ලෙස හඳුනාගත් අයෙකු සමග සම්බන්ධතා පැවැත්වූ බවට ද කරුණු අනාවරණය විය. පී.එම්. යනු කෙනෙකුගේ මුලකුරු හෝ අගමැතිවරයා ද විය හැකි ය. වසර ගණනාවකට රටේ ජනතාවට බැඳුම්කර වාර්තාව සොයා ගත නොහැකි වන අයුරින් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට යවා මේවා සැඟවීමට හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පියවර ගත්තේ කුමන ‍හේතුවක් මත ද? බැඳුම්කර කොමිෂන් වාර්තාව ප්‍රසිද්ධියට පත් කළ පසු එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් වූ විවාදය කල් තැබීමට මුල පිරුවේ වාර්තාවේ දමිළ පරිවර්තනයක් නොමැති බව දිගින් දිගටම අවධාරණය කරමිනි. නමුත් සියලු දෙනා තුළ ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ, ඉංග්‍රීසි භාෂාවෙන් පාර්ලිමේන්තුව අමතන සුමන්තිරන් මන්ත්‍රීවරයාට ඉංග්‍රීසි වාර්තාවේ අන්තර්ගතය තෙරුම් ගත නොහැක්කේ ඇයි? වගකිව යුත්තන් එලෙස කටයුතු කිරීම තුළ කෙසේ හෝ අවසානයේ රටට සිදු වූ අලාභය අති විශාල ය.
2018-08-11T09:09:33.000Z
මහජන බැංකුවේ අධ්‍යක්ෂ ජෙහාන් අමරතුංගට ලබා දුන් රු. බිලියන 10ක ණය පහසුකම පිළිබඳව තවත් හෙළිදරව්වක්
මහජන බැංකුව ලබා දුන් ආන්දෝලනාත්මක ණය පහසුකම
COLOMBO (News 1st) - ජෙහාන් අමරතුංග මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකි. එම්.ටී.ඩී. වෝර්කර්ස් නමැති සමාගමේ විධායක උප සභාපතිවරයා ලෙස ද ඔහු කටයුතු කරයි. මේ පුද්ගලයා මහජන බැංකුවෙන් වෝර්කර්ස් සමාගමට රුපියල් බිලියන 10ක ණය පහසුකම් ලබා ගැනීම පිළිබඳව මේ වන විට බොහෝ දෙනාගේ කථාබහට ලක්වී තිබේ. අධ්‍යක්ෂ ධූරයක් දරණ බැංකුවෙන් තමන්ගේ වෙනත් සමාගමකට මේ අයුරින් ණය ලබා ගැනීම සාධාරණ ද? නීත්‍යානුකූල ද? මහජන බැංකුව මෙම ගනුදෙනු පිළිබඳව වරින් වර පැහැදිලි කිරීම් කරමින් පැවසුවේ එය නිසි අයුරින් සිදුව ඇති බව ය. බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා යළිත් නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, සමාගමේ ව්‍යාපාර පරිමාව හා ණය ආපසු ගෙවීමේ හැකියාව ආදිය සලකා අදාළ ණය පහසුකම් ලබා දී ඇති බව ය. ජෙහාන් අමරතුංග මහතා සහ එම්.ටී.ඩී. වෝර්කර්ස් සමාගම නීතිය ඉදිරියේ වෙන වෙනම සලකන පාර්ශව දෙකක් බැවින් මේ ගනුදෙනුවේ ගැටලුවක් නොමැති බව හේමසිරි ප්‍රනාන්දු මහතාගේ අදහස වී තිබේ. ඔහු පවසන ආකාරයට මහ බැංකුව පනවන ලද රෙගුලාසි සහ අනෙකුත් අවශ්‍යතා මහජන බැංකුව මේ ගනුදෙනුවේදී අනුගමනය කර තිබේ. නමුත් හිටපු ජ්‍යේෂ්ඨ බැංකු නිලධාරියෙකු වන රුසිරිපාල තෙන්නකෝන් මහතා පවසන්නේ, මේ ගනුදෙනුවේ ගැටලු ගණනාවක් ඇති බව ය. ඔහු මේ ගැටලුවලට විසඳුම් දෙන්නැයි ඉල්ලා මහ බැංකුවේ අධිපතිවරයාට ලිපියක් ද යවා තිබේ. රුසිරිපාල තෙන්නකෝන් මහතා පවසන පරිදි බිලියන 10ක් වැනි විශාල ණය පහසුකමක් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු සිටින සමාගමකට ලබා දීමේදී බැංකුවේ විගණන කමිටුවෙන් අනුමත කළ යුතුයි. මහජන බැංකුවේ විගණන කමිටුවේ සභාපතිවරයා ලෙස 2010 වසරේ සිටම කටයුතු කරන්නේ ජෙහාන් අමරතුංග මහතා යි. ඒ අනුව මෙම ණය පහසුකම් වෝර්ක්ස් සමාගමට ලබා දීමේදී අමරතුංග මහතාගේ බලපෑමක් සිදු නොවූ බවට තර්ක කරන්නේ කෙසේ දැයි රුසිරිපාල තෙන්නකෝන් මහතා ප්‍රශ්න කරයි. මහ බැංකු බැඳුම්කර වංචාවේදී සිදු වූයේත් මේ දෙයම නොවේ ද? මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන මහේන්ද්‍රන් මහතා බෑනාගේ සමාගමට වාසි වන අයුරින් ගනුදෙනු හැසිර වූ බව ජනාධිපති කොමිසම හමුවේ දැන් අනාවරණය වී තිබේ. දැන් උත්සහ දරමින් සිටින්නේ නිසි පරීක්ෂණයක් සිදු කර කරුණු සොයා බැලීම වෙනුවට බැඳුම්කර වංචාව ආරක්ෂා කිරීමට කටයුතු කළ අයුරින්ම ජෙහාන් අමරතුංග මහතා මැදිහත්වූ ගනුදෙනු සාධාරණීකරණය කිරීමට නොවේ ද? මේ අතර රාජ්‍ය බැංකුවලට කෙරෙන දේශපාලන මැදිහත් වීම් මේ වන විට ක්‍රමයෙන් වර්ධනය වෙමින් ඇතැයි බැංකු සේවක වෘත්තීය සමිති පවසයි. ලංකා බැංකු සේවක සංගමය පැවසුවේ, සේවකයින් 10 දෙනෙකුට සති දෙකක් තුළ උසස් වීම් ලබා දෙන්නැයි දේශපාලන මැදිහත් වීමකින් මහජන බැංකුවේ සභාපතිවරයාට නියෝගයක් ලැබී ඇති බව ය. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ, මෙවැනි ලැයිස්තුවක් තමන් විසින් බැංකුවට යොමු නොකළ බව ය. නමුත් පක්ෂය විසින් පත් කළ කමිටුවකින් කළ නිර්දේශ ඇමති මණ්ඩලයට යවා තිබූ බව ඔහු පැවසුවේ ය. රටේ ජනතාවගේ මුදලින් නඩත්තු වන ආයතනවලට හිතූ හිතූ අයුරින් මැදිහත් වී ඒවා විනාශ කිරීමට උත්සහ දරන්නේ ඇයි? බැඳුම්කර වංචාවේදී තවත් රජයේ බැංකුවක් වූ ලංකා බැංකුව තමන්ට ලාභ ලබා ගැනීමට හැකියාව තිබියදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් වෙනුවෙන් රුපියල් බිලියන 13ක් ලංසු තැබූ අයුරු රටේ ජනතාවට අමතක නැත. අවසානයේ බැංකුව පර්පෙචුවල් සමාගම වෙනුවෙන් රුපියල් බිලියන 3ක් වැය කර ලාභය සමාගමට අත්කරදී තිබිණි. දැන් මහජන බැංකුව එහි අධ්‍යක්ෂ ජෙහාන් අමරතුංග විධායක උප සභාපති ධූරය දරණ සමාගමට බිලියන ගණනින් ණය ලබා දී තිබේ. මේ ණය මුදලින් කොටසක් යොදවා ඇත්තේ, මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන කොටසේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ලබා ගත් වෝර්කර්ස් සමාගමේ ඇපකරයක් ලෙස ය. මේ කොටසේ ඉදිකිරීම් සඳහා ණය ලබා දෙන්නේ ද මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු විසිනි. ණය දෙන බැංකුවක් කොන්ත්‍රාත් සමාගමට ඇපකර ලබා දීම ද රටේ ජනතාව මවිතයට පත් වන සිදු වීමකි. මේවා ගැන ප්‍රශ්න කිරීමේදී මහජන බැංකුවේ සභාපතිවරයා අවස්ථා දෙකකදී කෙටි පැහැදිලි කිරීම් කරමින් අප වෙත ලිපි එවා තිබිණි. මෙවර ඔහු දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත්තේ, සති අන්ත පුවත්පත් ඉලක්ක කර ගනිමිනි. හොඳින් සිතා බලා මේ නිවේදනය සකස් කර ඇති අතර ඊට වැඩි අවස්ථාවක් ලබා ගැනීමට ද කටයුතු කර තිබේ. ජනතාවගේ මුදල් විනාශ කරමින් වංචාව ආරක්ෂා කිරීමට උත්සහ දැරීම තරම් ලැජ්ජා සහගත තවත් දෙයක් තිබේ ද? මහජන බැංකුවේ සභාපතිතුමනි, මෙවැනි ගනුදෙනු වසන් කරමින් ඒවා පිටුපස සිටින පුද්ගලයින් ආරක්ෂා කිරීමට යාමෙන් සිදු වන්නේ ඔබේ කීර්ති නාමයත් රටේ ජනතාව ඉදිරියේ හෑල්ලු කර ගැනීම නොවේ ද? ජෙහාන් අමරතුංග පසුගිය ආණ්ඩුව සමයේ සිදු වූ බරපතල වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ගාමිණි සෙනරත් නමැත්තා සමග සමීපව කටයුතු කළ අයෙකි. මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඔහු පත් වන්නේ ද ගාමිණි සෙනරත් නමැත්තාගේ ආශිර්වාදයෙනි. බරපතල වංචා දූෂණ විභාග කරන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන පළමු නඩුවේ අධි චෝදනා ලැබූ කිහිප දෙනා අතර ගාමිණි සෙනරත් නමැත්තා ද වේ. මෙවැනි පුද්ගලයින් සමග ගනුදෙනු කළ ජෙහාන් අමරතුංග වැනි පුද්ගලයින් වත්මන් ආණ්ඩුව තුළත් මෙවැනි කටයුතු කරන්නේ කාගේ ආශිර්වාදයෙන් ද? මෙවැනි ගනුදෙනු වළක්වා ගැනීමට නොහැකි බැංකු සභාපතිවරුන්ට රටේ ජනතාව නම් කියන්නේ දැන් ඉල්ලා අස්වීමට කාලය පැමිණ ඇති බව ය. එසේ නොවුණහොත් ජනතා මුදල් විනාශ කරන පුද්ගලයින් ජනතාව ඉදිරියේදීම විලිලැජ්ජාවට පත් වන දිනය වැඩි ඈතක නොවනු ඇති.
2018-08-11T07:46:02.000Z
සෙට්ටිකුලම්හිදී සොයා ගත් මත්පෙති ජාවාරම පිටුපස මාකඳුරේ මදුෂ් සිටින බව අනාවරණය වෙයි
මාකඳුරේ මදුෂ් සෙට්ටිකුලම්හි මත්පෙති ජාවාරම පිටුපස
COLOMBO (News 1st) - වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී මත්පෙති 70,000ක් සොයා ගැනීමේ ජාවාරම පිටුපස සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ් සිටින බව අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, මෙම මත්පෙති තොගය ඩුබායි රාජ්‍යයේ සිට තමිල්නාඩුව හරහා ශ්‍රී ලංකාවට එවා ඇති බව ය. එහි වටිනාකම රුපියල් ලක්ෂ 210කි. මෙම මත්පෙති තොගය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් යුවළ ඒවා ප්‍රවාහනය කිරීම පමණක් සිදු කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. මෙලෙස අත්අඩංගුවට ගැනුණේ, කැලණිය සහ මාතලේ ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි සහ 24 හැවිරිදි යුවළකි. පොලීසිය පවසන්නේ, බෝට්ටු මගින් උතුරු ප්‍රදේශයට රැගෙන එන මෙම මත්පෙති, ජාවාරම්කරුවන් විසින් කොළඹ ඇතුළු ප්‍රදේශවල තරුණයින් හා පාසල් ළමුන් අතර බෙදා හරින බව ය.
2018-08-11T06:33:37.000Z
දුම්රිය වර්ජනයෙන් රු. මිලියන 70ක පාඩුවක්
දුම්රිය වර්ජනයෙන් රු. මිලියන 70ක පාඩුවක්
COLOMBO (News 1st) - දුම්රිය සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයෙන් මේ වන විට රුපියල් මිලියන 70ක පමණ ආදායමක් අහිමි වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය වාණිජ අධිකාරී එන්.ජේ. ඉදිපොල මහතා සඳහන් කළේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ දෛනික ආදායම රුපියල් මිලියන 17ක් පමණ වන බව ය. දුම්රිය සේවක වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් හා භාණ්ඩ බෙදා හැරීම ද ඇණහිට තිබේ. දුම්රිය නියෝජ්‍ය වාණිජ අධිකාරීවරයා සඳහන් කළේ, ඔන්ලයින් ක්‍රමයට දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන ඇති මගීන්ට මුදල් ආපසු ලබා දීමට ඉදිරියේදී පියවර ගන්නා බව ය. මේ අතර අද දිනයේ ඉන්ධන දුම්රියක් සහ මගී දුම්රියක් ධාවනය කෙරිණි. එම දුම්රියන් ධාවනය වූයේ ඉන්ධන රැගෙන කටුනායක ගුවන්තොටුපොළට සහ මගීන් රැගෙන කොටුවේ සිට මොරටුවට සහ මොරටුවේ සිට වේයන්ගොඩ දක්වා යි. මේ අතර ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේ, සේවකයින් වැඩ වර්ජනය අත්හරින තෙක් සාකච්ඡා නොකරන බව ය. මේ පිළිබඳව දුම්රිය රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, තමන් ද වර්ජනය අතහැර සාකච්ඡාවට නොපැමිණෙන බව ය.
2018-08-11T04:53:54.000Z
බෙල්ලන්විල ඇසළ පෙරහැර හේතුවෙන් ක්‍රියාත්මක විශේෂ රථ වාහන සැලැස්ම මෙන්න...
බෙල්ලන්විල ඇසළ පෙරහැර නිසා විශේෂ රථ වාහන සැලැස්මක්
COLOMBO (News 1st) - බෙල්ලන්විල ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර හේතුවෙන් අද රාත්‍රියේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි. අද රාත්‍රී 9.00ට ආරම්භ වන පෙරහැර බොරලැස්ගමුව හන්දිය, බෙල්ලන්තර හන්දිය, විහාර මාවත ඔස්සේ නැවත විහාරස්ථානයට පැමිණීමට නියමිත ය. මේ හේතුවෙන් බොරලැස්ගමුව හන්දිය, බෙල්ලන්තර හන්දිය, ඇන්ඩෘසන් පාර අසල සහ පැපිලියාන හන්දිය වසා තැබෙනු ඇති. මහරගම සිට දෙහිවල දෙසට ගමන් ගන්නා වාහන කොහුවල මංසන්දියෙන් වමට හැරී ගාලු පාරට පැමිණ දෙහිවලට ගමන් කළ හැකි වේ. දෙහිවල රත්මලාන සිට මහරගම බොරලැස්ගමුව දෙසට පැමිණෙන වාහන දෙහිවලින් ගාලු පාර ඔස්සේ කොහුවල හන්දියෙන් දකුණට හැරී බොරලැස්ගමුව දෙසට ගමන් කළ හැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.
2018-08-11T02:17:38.000Z
ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම අධ්‍යයනය කිරීමට ජනපතිගෙන් ස්වාධීන විශේෂඥ කමිටුවක්
සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම අධ්‍යයනයට කමිටුවක්
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ස්වාධීන විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, මෙම ගිවිසුම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් ලැබී ඇති අදහස් සලකා බලමින් ජනාධිපතිතුමා මෙම කමිටුව පත්කර ඇති බවයි. කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය අජිතා තෙන්නකෝන්, ස්වාධීන උපදේශක සනත් ජයනෙත්ති, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ආර්. ඒ. ජයතිස්ස යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයින් ය. ඒ අනුව ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමටත්, යෝජිත නව වෙළෙඳ ප්‍රතිපත්තියේ ප්‍රායෝගික බලපෑම් හා භාවිතයන් ද ඉදිරියේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මග පෙන්වීම සඳහා වූ නිර්දේශ ලබා ගැනීමට එමගින් අපේක්ෂිත වේ. එසේම මෙම ගිවිසුම තුලින් ශ්‍රි ලංකාවේ විවිධ සේවා සපයන අංශ කෙරෙහි මෙන්ම ශ්‍රි ලංකාවේ සාමාජිය හා ආර්ථික තත්ත්වය සහ ජනතාවගේ ජීවන තත්ත්වය කෙරෙහි වන බලපෑම් අධ්‍යයනය කිරීමත් කමිටුවේ විෂය පථයට අයත්. මෙම කමිටුව වෙත තම යෝජනා හා අදහස් ඉදිරිපත් කිරිම සඳහා සියලු පාර්ශ්වයන් වෙත විවෘතව ඉඩ සලසා දී ඇතැයිද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලා. විශේෂඥ කමිටුවේ කාර්යභාරයෙහි ප්‍රගතිය වරින්වර අතුරු වාර්තා මගින් ජනාධිපතිතුමා විසින් සොයා බැලීමට කටයුතු කරනු ලබන අතර අවසන් වාර්තාව මාස දෙකක් ඇතුලත භාරදීමට නියමිතයි.
2018-08-11T01:59:34.000Z
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ අවසන් තරග බලාපොරොත්තුව සුන්වෙයි
ශ්‍රී ලංකාවේ අවසන් තරග බලාපොරොත්තුව සුන්වෙයි
COLOMBO (News 1st) - වයස අවුරුදු 20 න් පහළ ආසියානු සත් සමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අද අහිමි විය. ඒ, දකුණු කොරියාවත් සමග පැවැති තරගාවලියේ අවසන් පූර්ව තරගය පරාජයට පත්වීමත් සමගිනි. හොංකොං හි කිංග්ස් පාර්ක් හීදී පැවැති තරගයේ පළමු අර්ධය නිමාවූයේ ලකුණු 17 ට 7 ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පෙරමුණ හිමිකර දෙමින් ය. නමුත් දෙවන අර්ධයේදී ආක්‍රමණශීලි ක්‍රීඩා විලාසයක් අනුගමනය කළ දකුණු කොරියානු ක්‍රීඩකයින් එම අර්ධයේදී තව ත් ලකුණු 10 ක් තමන් සතුකර ගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට එම අර්ධයේදී කිසිදු ලකුණක් රැස් කර ගැනීමට අවස්ථාව හිමිවූයේ නැත. ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වූයේ ලකුණු 17 බැගින් දෙපිලම ලබාගෙන සමතත්ත්වයේ පසුවෙමින් සිටියදීයි. තරගයේ තීරණය ලබාදීමට විනිසුරු අතිරේක කාලයක් ලබාදුන් අතර එහිදී උත්සහක දිනුමක් වාර්තා කළ දකුණු කොරියාව ශ්‍රී ලංකා පරාජය කරමින් 2018 වයස අවුරුදු 20 න් පහළ සත් සමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ය.
2018-08-11T00:08:23.000Z
සෙට්ටිකුලමෙන් මත්පෙති 70,000 ක් සමග යුවළක් අත්අඩංගුවට
මත්පෙති 70,000 ක් සමග යුවළක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - සෙට්ටිකුලම, මාන්කුලම් ප්‍රදේශයේදී මත්පෙති 70,000 ක් සමග යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, යාපනය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කළ වැටලීමකදී කාර් රථයකින් ගමන් කරමින් සිටි අදාළ යුවළ මත්පෙති සමග අත්අඩංගුවට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 24 හා 18 යන වයස්වල පසුවන මාතලේ හා කැලණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. ඔවුන් අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව වේ.
2018-08-10T23:41:52.000Z
එ. ජා. මානව හිමිකම් කොමිසමේ නව කොමසාරිස්වරිය ලෙස මිචෙල් බැච්ලේ පත් කෙරේ
මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ධූරය මිචෙල් බැච්ලේට
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නව කොමසාරිස්වරිය ලෙස චිලි රාජ්‍යයේ හිටපු ජනාධිපතිනි මිචෙල් බැච්ලේ පත් කිරීමට එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ලෙස කටයුතු කළ සෙයිද් රාද් අල් හුසෙන්ගේ නිල කාලය අවසන් වීමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා ඇය පත් කර ඇති බවයි. 66 වන වියෙහි පසුවන මිචෙල් බච්ලේ චිලි රාජයේ ජනාධිපති ධූරයට පත් වූ පළමු කාන්තාව බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් විය.
2018-08-10T21:38:44.000Z
දියවැඩියා රෝගීන්ට නව වී වර්ගයක් හඳුන්වා දෙයි
දියවැඩියා රෝගීන්ට නව වී වර්ගයක්
COLOMBO (News 1st) - දියවැඩියාව වැළැක්වීම සඳහා ඉවහල්වන නව වී ප්‍රභේදයක් හඳුන්වාදීමට අම්බලන්තොට වී පර්යේෂණායතනය පියවර ගෙන තිබේ. “නීරෝගා” නමින් හැඳින්වෙන මෙම වී වර්ගය සහල්වල අඩංගුවන අවම කාබෝහයිඩ්‍රේට් නිසා රුධිරයේ සීනි ප්‍රමාණය අවම කර ගැනීමට හැකි වන බව සඳහන් වේ. මෙම නව වී වර්ගය ව්‍යාපාරික මට්ටමින් වගා කර එම සහල් විදේශ රටවලට පවා අපනයනය කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දී ඇත.
2018-08-10T20:49:33.000Z
සිම්බාබ්වේ ජනාධිපතිගේ දිවුරුම් දීම තාවකාලිකව අත්හිටුවයි
සිම්බාබ්වේ ජනාධිපතිවරයා දිවුරුම් දීම කල්යයි
සිම්බාබ්වේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ජයගත් එමසන් මනගග්වා එරට නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම තාවකාලිකව අත්හිටුවා තිබේ. හෙට දිනයට නියමිතව තිබූ දිවුරුම් දීමේ කටයුතු මෙලෙස අත්හිටුවා ඇති බව සඳහන් ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පැවැති මැතිවරණයේ ප්‍රතිවාදී අපේක්ෂකයා වූ නෙල්සන් කැමිසා විසින් මැතිවරණය දූෂිත බව පවසමින් එරට අධිකරණයට ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙලෙස දිවුරුම් දීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි. පසුගිය ජුලි 30 වන දා පැවැති මැතිවරණයෙදී දැවැන්ත දූෂණ සහ අක්‍රමිකතා සිදු වූ බවට තමන් සතුව සාක්ෂි පවතින බව, නෙල්සන් කැමිසාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා වූ ජාතික ව්‍යාපාරය හෙවත් ඩි.එම්.සි පක්ෂය චෝදනා කළේ ය. සිම්බාබ්වේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයක ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කර දින 7 ක් ඇතුළත ප්‍රතිඵලයට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවති. එරට මැතිවරණ කොමිසම නිවේදනය කළේ, පසුගිය දා පැවැති සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් ජයගත් එමසන් මනගග්වා 50.8 % ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත් අතර නෙල්සන් කැමිසා විසින් දිනා ගත්තේ 44.3% ක ඡන්ද ප්‍රතිශතයක් පමණක් බවයි.
2018-08-10T20:33:01.000Z
දුම්රිය වර්ජනයෙන් තැපැල් බෙදාහැරීමට බලපෑම්
දුම්රිය වර්ජනයෙන් තැපෑලටත් බාධා
COLOMBO (News 1st) - දුම්රිය සේවක වැඩ වර්ජනයෙන් තැපැල් බෙදාහැරීමේ කටයුතුවලට බාධා මතුවී ඇතැයි තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසයි. එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, අදාළ තත්ත්වය යටතේ ඇතැම් ප්‍රදේශයන්ට ලිපි ලැබීම ප්‍රමාදවිය හැකි බවයි.
2018-08-10T20:23:03.000Z
වයඹ පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ජනයකට සැරසෙයි
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුනුත් වර්ජනයකට සැරසෙයි
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වයඹ පළාත පුරා වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, අතිකාල ගැටලුවක් මුල් කර ගනිමින් මෙම පියවරට එළැඹි බවයි. පසුගිය දා පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වැඩ වර්ජනයට විසඳුම් නොලැබීම හේතුවෙන් අද සිට වයඹ පළාත පුරා වර්ජනය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව ඔහු පැවසුවේ ය.
2018-08-10T20:12:49.000Z
දුම්රිය සේවක වර්ජනය අඛණ්ඩව: වර්ජනයට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක විරෝධය
දුම්රිය සේවකයින් තවමත් වර්ජනයේ
COLOMBO (News 1st) - UpDate - දුම්රිය සේවක වැඩ වර්ජනය හේතුවෙන් අද උදෑසනය ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ කිසිදු දුම්රියක් ධාවනය නොවූ බව දුම්රිය පාලක මැදිරිය පවසයි. එහි නිලධාරියෙකු සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට මෙන් ම පිට පළාත්වල සිට කොළඹ කොටුව දක්වා ද කිසිදු දුම්රියක් ධාවනය නොවූ බව ය. කෙසේ වෙතත් කටුනායක ගුවන්තොටුපොළ දක්වා ඉන්ධන රැගත් දුම්රියක් පමණක් ධාවනය වීමට නියමිත බව ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය. ----------------------------------------------------------------------------------------------------------------------------------------- දුම්රිය සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනයෙන් මගී ජනතාව දැඩි පීඩාවට පත් ව තිබේ. දින 4 ක සිට ඔවුන් වැඩ වර්ජනයේ නිරත වන්නේ, දුම්රිය සේවකයින්ගේ වැටුප් තල, රාජ්‍ය සේවයේ එම් දෙක වැටුප් තලය දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමිනි. දුම්රිය සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණේ ලේකම් සම්පත් රාජිත මහතා පැවසුවේ, වෘත්තීය සමිති 100 කට අධික සංඛ්‍යාවක් වැඩ වර්ජනයට විරෝධය පළ කරන බවයි. දුම්රිය සේවකයින් 3200 ක් වැනි සංඛ්‍යාවක් වැඩ වර්ජනයක නිරත වුවද 15,000 කට අධික සේවකයින් සංඛ්‍යාවක් මේ වන විටත් රාජකාරියේ නිරත බව ඔහු සඳහන් කළේ ය. දුම්රිය තාක්ෂණ හා මෙහෙයුම් සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසේන කේ. බණ්ඩාර මහතා පැවසුවේ, දුම්රිය සේවාව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා තම සංගමය සහාය ලබාදෙන බවයි. විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ ය. කෙසේ වෙතත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේ, දුම්රිය වර්ජනයට විසඳුම් ලෙස විශ්‍රාමික රියැදුරන් යොදවා ලබන සඳුදා සිට දුම්රිය ධාවනය කරවීමට පියවර ගන්නා බවයි. සාකච්ඡා සඳහා එන්නැයි වෘත්තීය සමිතිවලට දැනුම් දුන්න ද ඔවුන් ඊට සහභාගි නොවූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.
2018-08-10T19:55:46.000Z
ප්‍රජාතන්ත්‍රවාදය අගයන විශිෂ්ට දේශපාලන චරිත අද දවසේ ජනතාවගේ අපේක්ෂාව බව ජනපති කියයි
"දූෂණය පිටුදකින දේශපාලන චරිත ජනතාවගේ අපේක්ෂාවයි"
COLOMBO (News 1st) - දූෂණය පිටුදකින ප්‍රජාතන්ත්‍රවාදය අගයන විශිෂ්ට දේශපාලන චරිත අද දවසේ ජනතාවගේ අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා ඒ බව පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වූ හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත, එම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධන මහතාගේ පිළිරුව නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් පුළුල් සමාජ මෙහෙවරක් ඉටුකළ හිටපු අමාත්‍ය එම්. කේ. ඒ. ඩී. එස්. ගුණවර්ධන මහතා අනුස්මරණය කරමින් කන්තලේ නගර ශාලා භූමියේ එම පිළිරුව ස්ථාපිත කර තිබේ. එහිදි ත්‍රිකුණාමලය සංවර්ධනය පිළිබඳව අදහස් දැක් වූ ජනාධිපතිතුමා කියා සිටියේ, ඒ වෙනුවෙන් රජය පුළුල් වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති බවයි. දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ජනාධිපති කාර්යාලය හරහා විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇති අතර ඒ යටතේ වැව් විශාල ප්‍රමාණයක සංවර්ධන කටයුතු මේ වන විට සිදු ව ඇති බව පෙන්වා දී ඇත. ජනධිපතිතුමා පැවසුවේ, ඉදිරි සංවර්ධන කටයුතු ද නිසි ලෙස ක්‍රියාත්මක කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජනතාවට සංවර්ධනයේ උපරිම ප්‍රතිලාභ සලසා දෙන බවයි. වයඹ මහ ඇලේ ඉදිකිරීම් කටයුතු මෙම 24 වන දා ඇරඹෙන බව පැවසු ජනාධිපතිතුමා, මේ වන විට සාර්ථකව නිම වෙමින් පවතින මොරගහකන්ද - කළු ගඟ ජලාශ ව්‍යාපෘති හරහා ද ත්‍රිකුණාමලය නගරයේ ජනතාවගේ පානීය ජල ගැටලුව ඇතුළු කෘෂිකාර්මික ගැටලු රැසකට විසඳුම් හිමිවනු ඇතැයි සඳහන් කළේ ය.
2018-08-10T19:41:17.000Z
IOC සමාගමෙත් ඉන්ධන මිල ඉහළට
IOC සමාගමෙත් ඉන්ධන මිල ඉහළට
COLOMBO (News 1st) - රජයේ ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව ලංකා IOC සමාගමද ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. ඉන්ධන මිල සූත්‍රයට අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2.00 කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 1.00 කින් ඉහළ නැංවීමට රජය පිවර ගත්තේ ය. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍ර්ල් ලීටරයක නව මිල රුපියල් 157.00 ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල 130.00 වනු ඇති. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, ජාත්‍යන්තර මිල ගණන් අනුව සෑම මසකම 10 වන දා සිට ක්‍රියාත්මක කිරීමට හඳුන්වා දුන් මිල සුත්‍රය අනුව මෙම මිල සංශෝධනය සිදු කළ බවයි. ඊට සමගාමීව ලංකා IOC සමාගමද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව Euro 4 ප්‍රමිතියෙන් යුත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 160.00 කි. Euro 4 ප්‍රමිතියෙන් යුත් සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 130.00 ක් වනු ඇති. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් හා ලංකා ඔටෝ ඩීසල් මිල ගණන් වෙනසකට ලක්කර නොමැත. ගෙවුණු මාස 03 ක කාලය තුළ ඉන්ධන මිල සංශෝධනය කෙරුණු 5 වන අවස්ථාව මෙය වනු ඇති.
2018-08-10T19:25:27.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශිය පුවත් 1. අද සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට: අද සිට ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2.00 කින් හා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 1.00 කින් ඉහළ දමා තිබේ. ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 157.00 ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල 130.00 ක් වනු ඇති. 2. රජයේ සේවක වැටුප් වෙනසක් ගැන සොයා බැලීමට කොමිසමක්: දුම්රිය සේවකයින්ට පමණක් නොව සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සංශෝධනය කිරීම පිළිබඳව සොයා බැලීමට විශේෂ කොමිෂන් සභාවක් පිහිටුවීමේ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 3. උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් අත්අඩංගුවට: උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් මහතා අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මුලතිව් දිස්ත්‍රික් ධීවර දෙපාර්තමේන්තුවට අයත් කාර්යාලයකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි. 4. ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ අයැදුම් පත්‍රයක් සඳහා සැප්තැම්බර් සිට ගාස්තු අය කෙරේ: පළමු වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ අයැදුම් පත්‍රයක් සඳහා සැප්තැම්බර් පළමු වන දා සිට රුපියල් 100ක මුදලක් අය කරන බව රජය පවසයි. අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍යංශය මේ බව නිවේදනය කළේ ය. 5. විපක්ෂ නායක ධූරය පිළිබඳව කථානායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්: විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් අවසන් තීරණය කථානායක කරූ ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. කථානායකවරයා ප්‍රකාශ කර සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම වෙනම පක්ෂයක් ලෙස පිළිගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවත් සම්ප්‍රදායානුකූලවත් අවස්ථාවක් නොමැති බවයි. විදෙස් පුවත් 6. ට්‍රම්ප් අභ්‍යවකාශ හමුදා බලඇණියක් නිර්මාණය කිරීමට සැරසෙයි: විශේෂ අභ්‍යවකාශ හමුදා බලඇණියක් නිර්මාණය කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, එරට ජාතික අභ්‍යවකාශ කවුන්සිලයේ තෙවන සැසිවාරයට එක්වෙමිනි.
2018-08-10T09:29:25.000Z
මෙරට විශාලතම මහජන අරමුදලට බල පෑ බැඳුම්කර වෙන්දේසිය
මෙරට විශාලතම මහජන අරමුදලට බල පෑ බැඳුම්කර වෙන්දේසිය
COLOMBO (News 1st) - ඊයේ දිනයේදී දෙවන බැඳුම්කර වංචාව පිළිබඳ අප කළ අනාවරණයෙන් පසුව විද්වතුන් පෙන්වා දෙන්නේ එම වංචාව හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලට විශාල පාඩුවක් සිදුවී ඇති බවයි. සේවක අර්ථසාධක අරමුදල යනු මෙරට ඇති විශාලතම මහජන අරමුදලයි. පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික ව්‍යාපාර හරහා එහි සේවකයන් වෙනුවෙන් මෙම අරමුදලට අයෝජන යොමු කර තිබේ. මෙහි අරමුණ වන්නේ යම් පුද්ගයකු විශ්‍රාම දිවියට එළඹෙන විට ඉතිරි ජීවිත කාලය පුරා යම්කිසි මුදලක් ඉතිරි කර තැබීමයි. මේ වනවිට සැවොම ඉල්ලා සිටින්නේ මෙවැනි විශාල අරමුදලක් කළමනාකරණය කිරීමට විද්වතුන් අවශ්‍ය බවයි. එයට හේතුව බැඳුම්කර සිද්ධියේදී සිදු වූ අයුරින් මෙම අරමුදල අර්ජුන මහේන්ද්‍රන් හා පර්පෙචුවල් ට්‍රෙසරිස් සමාගම විසින් මෙම මුදල් අවභාවිත කිරීම නතර කළ යුතු බැවිනි. 2016 මාර්තු 29 වැනි දින පැවති දෙවෙනි ආන්දෝලනාත්මක බැඳුම්කර වෙන්දේසියේදී සේවක අර්ථසාධක අරමුදල රුපියල් බිලියනයක් වටිනා බැඳුම්කර වෙන්දේසියෙන් මිලදී ගෙන තිබුණි. නමුත් ඔවුන් එම බැඳුම්කරයේම නිකුත් කළ රුපියල් බිලියන 10 බැදුම්කර ද්වතීක වෙළෙඳපොලේදී මිලදී ගෙන තිබේ. මේ වන විට අනාවරණ වී ඇත්තේ 2016 අප්‍රේල් පළමුවැනි දිනට සේවක අර්ථසාධක අරමුදට රුපියල් බිලියන 9.9 ක අතිරිත්තයක් තිබු බවයි. සේවක අර්ථසාධක අරමුදලට ප්‍රාථමික වෙළෙඳපොළෙන් බැඳුම්කර සෘජුවම මිලදී ගැනීමේ හැකියාව තිබේ. එම නිසා අරමුදලට ද්විතික වෙළෙඳපොළෙන් බැඳුම්කර මිලදී ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැත. අදාළ වෙන්දේසියේදී සේවක අර්ථසාධක අරමුදල රුපියල් බිලියන 10 ක බැඳුම්කර ප්‍රාථමික වෙළෙඳපොළෙන් මිලදී ගත්තේ නම් රජයට සෑම රුපියල් 100 කටම රුපියල් 1.95ක ලාභයක් හිමිවිය යුතුව තිබුණි. නමුත් රුපියල් බිලියන 10 ක බැඳුම්කර ද්විතික වෙළෙඳපොළෙන් මිලදී ගැනීම තුළ අරමුදලේ ප්‍රතිලාභින්ට සෘජුවම අහිමි වූ මුදල රුපියල් මිලියන 550 කි. පර්පෙචුවල් ට්‍රෙසරිස් සමාගම ෆෑන් ඒෂියා බැංකුව හරහා විශාල ගණනින් ලංසු ඉදිරිපත් කළේ මේ ප්‍රශ්නගත වෙන්දේසියේදී යි. මීට අමතරව කොමිසමේදී අනාවරණ වූ කරුණක් වන්නේ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු වෙනත් ආයතන කිහිපයක පුද්ගලයන්ට විශාල ගෙවීම් සිදු කර ඇති බවයි. ඒ අදාළ මූල්‍යමය වටිනා රහසිගත තොරතුරු ලබා ගැනීමට බව ද අනාවරණ විය. අදාළ වෙන්දේසියේදී රුපියල් බිලියන 40 ක් වටිනා බැඳුම්කර ලබා ගැනීමට බැංකුව මුලින් සැලසුම් කර තිබුනත් වෙන්දේසියේදී ඉදිරිපත් වූ ලංසු මත මහ බැංකුව රුපියල් බිලිවයන 77 ක් එදින ලබාගැනීමට පියවර ගත්තේ ය. මෙම සිදුවීමෙන් ඒ මොහොතේ සිදු වූ අලාභය පමණක් රුපියල් මිලියන 784 ක් බව විගණකාධිපතිවරයා බැඳුම්කර වංචා පිළිබඳ පත් කළ ජනාධිපති කොමිසමේදී සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේ ය. අදාළ ආයතනවල බලධාරීන් විසින් මෙරට මහජනතාව මුලාකළ තව ත් එක් අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකිය. අදාල බලධාරීන් එවැනි වැදගත් තනතුරුවලට පත් නොකිරීම ජනතාවගේ වගකීමකි. එවැනි පුද්ලයන්ට මහජන මුදල් අවභාවිත කිරීමට කිසිදු අයිතියක් නොමැත.
2018-08-10T09:07:32.000Z
රජයේ සේවක වැටුප් වෙනසක් ගැන සොයා බැලීමට කොමිසමක්: යෝජනාව ලබන සතියේ ඇමති මණ්ඩලයට
රජයේ සේවක වැටුප් වෙනසක් ගැන සොයා බැලීමට කොමිසමක්
COLOMBO (News 1st) - දුම්රිය සේවකයින්ට පමණක් නොව සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සංශෝධනය කිරීම පිළිබඳව සොයා බැලීමට විශේෂ කොමිෂන් සභාවක් පිහිටුවීමේ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. කෙසේ වෙතත් වැටුප් සම්බන්ධ අර්බුදයක් මුල්කර ගනිමින් ආරම්භ වූ දුම්රිය වර්ජනය තවමත් අවසන් කර නොමැත. දුම්රිය සේවකයින්ගේ වැටුප් තල, රාජ්‍ය සේවයේ එම් දෙක වැටුප් තලය දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් අද ත් දුම්රිය ධාවනයට බාධා ඇති විණි. රියැදුරු යාන්ත්‍රික පරීක්ෂකවරු යොදවා අද උදෑසන දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබු අතර මගීන් එම දුම්රියවලින් ගමන් කළේ ප්‍රවේශ පත්‍ර ද රහිතවයි. අප වාර්තාකරුවන් සඳහන් කළේ, අද උදෑසන 8.00 න් පමණ පසුව ගම්පහ, කුරුණෑගල, මහනුවර ඇතුලු ප්‍රධාන දුම්රිය ස්ථානවලින් කිසිදු දුම්රියක් ධාවනය නොකළ බවය.
2018-08-10T06:19:09.000Z
උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් අත්අඩංගුවට
උතුරු පළාත් සභා මන්ත්‍රී ටී.රවිහරන් අත්අඩංගුවට
COLOMBO (News 1st) - උතුරු පළාත් සභා මන්ත්‍රී ටී. රවිහරන් මහතා අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මුලතිව් දිස්ත්‍රික් ධීවර දෙපාර්තමේන්තුවට අයත් කාර්යාලයකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි. රවිහරන් මහතා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ. පසුගිය 02 වන දා මෙම කාර්යාලයට පහරදීම සිදු කර තිබුණි.
2018-08-10T05:21:34.000Z
2018 රාජ්‍ය සාහිත්‍ය උළෙල සැප්තැම්බර් 11 වන දා
2018 රාජ්‍ය සාහිත්‍ය උළෙල සැප්තැම්බර් 11 වන දා
COLOMBO (News 1st) - 2018 රාජ්‍ය සාහිත්‍ය උළෙල ලබන සැප්තැම්බර් 11 වන දා පැවැත්වීමට නියමිත වේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී යි. මෙහිදී වසරේ ප්‍ර‍ශස්තම නවකතාව, වසරේ ප්‍රශස්තම කෙටිකතාව ඇතුලු අංශ කිහිපයක් යටතේ තොරාගත් කෘති සඳහා සම්මාන පිරිනැමීමට නියමිත බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2018-08-10T04:51:36.000Z
අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට
මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට
COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2.00 කින් හා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 1.00 කින් ඉහළ දමා තිබේ. ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 157.00 ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල 130.00 ක් වනු ඇති. මේ බව අනාවරණ කළේ, දැන් මුදල් අමාත්‍යාංශයේ පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි. ජාත්‍යන්තර මිල ගණන් අනුව සෑම මසකම 10 වන දා සිට ක්‍රියාත්මක කිරීමට හඳුන්වා දුන් මිල සුත්‍රය අනුව මෙම මිල තීරණය කර ඇත. කෙසේ වෙතත් සාමාන්‍ය පෙට්‍රල් සහ සමාන්‍ය ඩීසල් මිල වෙනසක් සිදු ව නොමැත.
2018-08-10T04:24:37.000Z
ව්‍යාජ අ. ඩොලර් නෝට්ටු තොගයක් සමග මාලදිවයින් ජාතිකයෙක් අත්අඩංගුවට
ව්‍යාජ මුදල් නෝට්ටු සමග විදේශිකයෙක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - ව්‍යාජ අමෙරිකානු ඩොලර් නෝට්ටු තොගයක් සමග විදේශිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම කාර්යාංශය සඳහන් කළේ, ඔහුගේ ගමන් බෑගයේ තිබී ව්‍යාජ නෝට්ටු 169 ක් සොයාගත් බවයි. සැකකරු වයස 49 හැවිරිදි මාලදිවයින් ජාතිකයෙකි. පාකිස්ථානයේ සිට අද මෙරටට පැමිණි එම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයට භාරදීමට නියමිත වේ.
2018-08-10T04:14:53.000Z
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා
COLOMBO (News 1st) - හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් එහි ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්වැඩන්වත්ත ප්‍රදේශයෙදී මෙම පස් කඳු කඩා වැටීම සිදු වී ඇත. ඒ හේතුවෙන් අද පස්වරු 1.00 සිට එහි ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. අඛණ්ඩ පවතින වැසි තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීමේ අවදානම තවදුරටත් පවතින අතර එම මාර්ගයේ රථ වාහන ධාවනය කිරීමේදී සැළකිළිමත්ව රිය ධාවනය කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි. මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මාවුස්සා කැලේ ජලාශවල ජල මට්ටම ද පිටාර මට්ටමට ආසන්න වී ඇත.
2018-08-10T02:51:22.000Z
ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ අයැදුම් පත්‍රයක් සඳහා සැප්තැම්බර් සිට ගාස්තු අය කෙරේ
හැඳුනුම්පතක් සඳහා වන අයැදුම් පත්‍රයට මුදල් අය කෙරේ
COLOMBO (News 1st) - පළමු වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ අයැදුම් පත්‍රයක් සඳහා සැප්තැම්බර් පළමු වන දා සිට රුපියල් 100ක මුදලක් අය කරන බව රජය පවසයි. අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍යංශය මේ බව නිවේදනය කළේ ය. ඊට අමතරව ජාතික හැඳුනුම්පතක සංශෝධිත අනු පිටපතක් නිකුත් කිරීම සඳහා ලබන පළමු වන දා සිට රුපියල් 250ක මුදලක් අය කෙරේ. මේ යටතේ කල් ඉකුත් වූ ජාතික හැඳුනුම්පතක් වෙනුවට නව හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහා ද රුපියල් 100ක පමණ මුදලක් අය කරන බව එම ගැසට් නිවේදනයේ සඳහන් ය.
2018-08-10T02:33:48.000Z
විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ඇතුළු 4 දෙනාට නියෝග
ගාමිණි සෙනරත්ට කොටුව මහේස්ත්‍රාත්වරියගෙන් නියෝගයක්
COLOMBO (News 1st) - හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු සැකකරුවන් 4 දෙනා හට නොතීසි ලද විගස කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළා ය. ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ රජයට අයත් රුපියල් බිලියන 4 ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙනි. අද අධිකරණය හමුවේ පෙනී සිටියේ ගාමිණි සෙනරත්, පියදාස කුඩා බාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන සැකකරුවන් සිව්දෙනා ය. එම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් සැකකරුවන්ට එරෙහිව විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරා ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දෙන ලදී. ඒ අනුව අධිකරණයේ අවසරය ඇතිව විදේශගත වීම සඳහා අධිකරණයෙන් ලබාගෙන ඇති විදේශ ගමන් බලපත්‍ර යළි අධිකරණයට භාර දෙන ලෙසට මහේස්ත්‍රාත්වරිය පළමු හා දෙවන සැකකරුවන්ට නියෝග කළා ය.
2018-08-09T23:29:49.000Z
විපක්ෂ නායක ධූරය පිළිබඳව කථානායකවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්
විපක්ෂ නායක ධූරය: කථානායකවරයාගෙන් ප්‍රකාශයක්
COLOMBO (News 1st) - විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් අවසන් තීරණය කථානායක කරූ ජයසූරිය මහතා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. කථානායකවරයා ප්‍රකාශ කර සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම වෙනම පක්ෂයක් ලෙස පිළිගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවත් සම්ප්‍රදායානුකූලවත් අවස්ථාවක් නොමැති බවයි. කථානායක, කරූ ජයසුරිය, දැනට බලාත්මකව පවතින ජාතික ආණ්ඩුවේ එක්සත් ජාතික නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් තම අමාත්‍යධූර දරමින් ආණ්ඩුවේ හවුල් කාර පක්ෂයක් ලෙස මේ වන විටත් කටයුතු කරමින් සිටින බැවින් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන විරුද්ධ පක්ෂය අසුන් ගෙන සිටින මන්ත්‍රීවරුන් සංඛ්‍යව විරුද්ධ පක්ෂය වෙනුවෙන් විරුද්ධ පක්ෂය පිළිගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මට හැකියාවක් නොමැත. කරුණු මෙසේ හෙයින් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් මේ අවස්ථාවේ වෙනසක් කිරීමට ව්‍යවස්ථානුකූලවත් සම්ප්‍රධානූකූලවත් මේ උත්තරීතර සභාවේ කථානායකවරයා ලෙස මට හැකියාවක් නොමැතිවන බව මාගේ අවසාන තීරණය ලෙස මින් ප්‍රකාශයට පත් කරමි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, දිනේෂ් ගුණවර්ධන, මම ඔබතුමාගේ ප්‍රකාශය, තීරණය, අභියෝගයට ලක් කිරීම නෙවෙයි කරන්නේ. ලක්ෂ සංඛ්‍යාත ඡන්ද දායක සංඛ්‍යාවක් වෙනුවෙන් අපි පාර්ලිමේන්තුවේ ඉන්නේ. කථානායක, කරූ ජයසුරිය, ගරු මන්ත්‍රීතුමා මේ කරුණ අපි පැය 4 ක් තිස්සේ වාද විවාද කළානේ එදා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, දිනේෂ් ගුණවර්ධන, ප්‍රශ්නය තියෙන්නේ අපි 70 දෙනා ඡන්දය ඉල්ලලා ආවේ පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ආණ්ඩුයක් හදන්න නෙවෙයි. සභානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, ගරු කථානායකතුමනි, ස්ථාවර නියෝගය අනුව ඔබතුමාගේ නියෝගය ඔබතුමාගේ තීරණය අවසාන තීරණය කථානායක, කරූ ජයසූරිය, නෑ. මං එතුමට පැහැදිලි කරා. ඔබතුමා ගරු කරයි කියලා. කථානායක, කරූ ජයසූරිය, මම හිතුවක්කාරකමක් නෙවයි කෙළේ ස්ටෑන්ඩින් ඕඩර්ස් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, ඩලස් අලහප්පෙරුම, නමුත් ඔබතුමාගේ තීන්දුව හරහා මතුවෙච්ච කරුණු 3 ක්, පැහැදිලි කර ගැනීමට අවශ්‍යයි. කථානායක, කරූ ජයසුරිය, වාද විවාද කරන්න බෑ. ඔබතුමාලා ස්ථාවර නියෝග කඩනවනේ මේ වැඩෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, ඩලස් අලහප්පෙරුම, මරණීය දණ්ඩනය දුන්නමත් විත්තිකරුවගෙන් අවස්ථාවක් දෙනවා. ගරු කථානායකතුමනි සමාවෙන්න. ඔබතුමාගේ තීන්දුව තුළ මතුවෙච්ච පරස්පරතාවයන් 2 ක් පිළිබඳව ඔබතුමාට කියන්නේ මේ අවස්‍ථාවේ. කථානායක, කරූ ජයසුරිය, මෙතනදී කියලා වැඩක් නෑනේ. පස්සේ මාව දැනුවත් කරන්න. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා. ම, ඩලස් අලහප්පෙරුම, ඔබතුමා කියන්නේ අපේ එක්සත් නිදහස් සන්ධානෙන් ඉවත් වෙලා, ස්වාධීන කණ්ඩායමක් බවට පත් වෙනවනම් කථානායක, කරූ ජයසුරිය, මම මේ තීරණය දිලා තියෙනවා මේක අවසාන තීරණය. සොරි. වෙන මට ගන්න බෑ. සභානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, ස්වාධීන මන්ත්‍රීවරු වුනායින් පස්සේ මේකට තීරණයක් දෙන්න පුලුවන්. ඉස්සෙල්ලා ස්වාධීන වෙන්න ඕන. ස්වාධීන වෙන්නකෝ
2018-08-09T23:02:34.000Z
හුංගම ප්‍රදේශයේදී බස් රථයක් නෝනාගම වැවට පෙරළෙයි
හුංගම ප්‍රදේශයේදී බස් රථයක් නෝනාගම වැවට පෙරළෙයි
COLOMBO (News 1st) - කතරගම - කොළඹ ප්‍රධාන මාර්ගයේ හුංගම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් නෝනාගම වැවට පෙරළීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඉන් තවත් 4 දෙනෙකු තුවාල ලබා ඇති බව ය. ඔවුන් අම්බලන්තොට රෝහලට ඇතුළත් කර තිබේ. මිය ගොස් ඇත්තේ කතරගම පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
2018-08-09T22:03:27.000Z
ට්‍රම්ප් අභ්‍යවකාශ හමුදා බලඇණියක් නිර්මාණය කිරීමට සැරසෙයි
අමෙරිකාවෙන් අභ්‍යවකාශ හමුදා බලඇණියක්
(News 1st) - විශේෂ අභ්‍යවකාශ හමුදා බලඇණියක් නිර්මාණය කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ, එරට ජාතික අභ්‍යවකාශ කවුන්සිලයේ තෙවන සැසිවාරයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, 2020 වසර වන විට අමෙරිකානු හමුදාවේ 6 වන ශාඛාව ලෙස එම බලකාය පිහිටුවීම තම අරමුණ බව ය. මෙම යොජනාව සඳහා අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම අභියෝගාත්මක වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මේ පිළිබඳව අදහස් දක්වමින් හිටපු අභ්‍යවකාශ ගවේෂකයෙකු හා විශ්‍රාමික එක්සත් ජනපද නාවික හමුදාවේ කපිතාන් මාර්ක් කෙලී ප්‍රකාශ කළේ, 1947දී අමෙරිකානු ගුවන් හමුදාව ස්ථාපිත කිරීම සමග සංසන්දනය කිරීමේදී අභ්‍යවකාශයටම කැප වූ වෙනම මිලිටරි අංශයක් නිර්මාණය කිරීම අතිරික්ත හා නාස්තිකාර ක්‍රියාවක් බව ය.
2018-08-09T20:43:36.000Z
වසර 3ක් ඇතුළත රාජ්‍ය සේවක වැටුප් සඳහා වන රාජ්‍ය වියදම රුපියල් බිලියන 290කින් ඉහළට
රාජ්‍ය සේවක වැටුප් සඳහා වන රාජ්‍ය වියදම ඉහළට
COLOMBO (News 1st) - පසුගිය වසර 3 ඇතුළත රාජ්‍ය සේවක වැටුප් සඳහා වන රාජ්‍ය වියදම රුපියල් බිලියන 290කින් ඉහළ ගොස් තිබේ. මහා භාණ්ඩාගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, 2015 වසරේ ජනවාරි මාසය වන විට රාජ්‍ය සේවක වැටුප් සඳහා වන රජයේ වාර්ෂික වියදම රුපියල් බිලියන 415ක් වූ බව ය. මේ වන විට රාජ්‍ය සේවක වැටුප් සඳහා වන වාර්ෂික වියදම රුපියල් බිලියන 705කි. 2015 වසරේ අයවැය යෝජනාවකට අනුව රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000කින් ඉහළ නැංවීම එලෙස රාජ්‍ය සේවක වැටුප් සඳහා වන වියදම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් විය. එම යෝජනාවට අනුව 2016 වසරේදී අවම වැටුප් ලබන පහළ ශ්‍රේණිවල රාජ්‍ය සේවකයෙකුගේ මූලික වැටුප රුපියල් 10,000කින් ඉහළ දමනු ලැබී ය. එය 90% ක පමණ වැටුප් වැඩි වීමකි. ඊට සාපේක්ෂව ඉහළ නිලධාරියෙකුගේ වැටුප 2020 වසර වන විට 90% කින් ඉහළ යනු ඇති. 2015 වසරේ සම්මත වූ අයවැය යෝජනාවට අනූව 2016 වසරේ සිට 2020 වසරේ ජනවාරි මාසය දක්වා කාලය තුළ රාජ්‍ය සේවක වැටුප ඉහළ යාමට නියමිත ය. ඒ අනුව 2015 පැවති වැටුප්වලට සාපේක්ෂව 2020 වන විට සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප 107% කින් ඉහළ යා යුතු වේ. මේ දිනවල වැඩ දීමනා ඉල්ලා සිටින වෛද්‍යවරුන් දැනට රාජ්‍ය සේවයේ ඉහළ ම වැටුප් ලබන්නන් ය. ඒ අනුව සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරයෙකුට සියලු දීමනා ඇතුළත්ව හිමි වන පළමු මාසික වැටුප රුපියල් 164000කි. දීමනා ද ඇතුළත්ව විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පළමු මාසික වැටුප රුපියල් 250000කි. වෛද්‍යවරුන්ගේ හදිසි කැඳවුම් රාජකාරී ඇතුළු බාධක හා පැමිණීමේ දීමනා ඉහළ නැංවීමට මහා භාණ්ඩාගාරය පසුගියදා එකඟතාව පළ කළේ ය. ඒ අනුව වෛද්‍යවරයෙකුට රුපියල් 15000කින් සහ විශේෂඥ වෛද්‍යවරයෙකුට රුපියල් 25000කින් එම දීමනාව ඉහළ නැංවෙනු ඇති. එහෙත් වැඩි කිරීමට සූදානම් වන එම දීමනාව ප්‍රතික්ෂේප කරන රජයේ වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ, රුපියල් 85000ක දීමනාවකි. මේ හේතුවෙන් අදාළ කැබිනට් පත්‍රිකාව ඉරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි මහා භාණ්ඩාගාර ප්‍රකාශකයා සඳහන් කළේ ය. දුම්රිය රියැදුරන්, නියාමකවරුන් ඇතුළු මාණ්ඩලික ශ්‍රේණිවලට අයත් සේවකයින් පෙරේදා පස්වරු 3.00 සිට වැඩ වර්ජනයක නිරත වන්නේ ද තම මූලික වැටුප රුපියල් 56205ක් දක්වා වැඩි කරන්නැයි ඉල්ලමිනි. ඔවුන් මේ වන විට ලබන මූලික වැටුප රුපියල් 44600ක් බව මහා භාණ්ඩාගාරය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, දීමනා ද ඇතුළත්ව ඔවුන් රුපියල් 250,000කට ආසන්න මාසික ඒකාබද්ධ වැටුපක් ලබන බව ය. මේ හේතුවෙන් ඔවුන් මාසික ඒකාබද්ධ වැටුපට මසකට රුපියල් 10,000ක් පමණ උපයන විට බදු ගෙවන අවස්ථා ද පවතින බව මහා භාණ්ඩාගාර ප්‍රකාශකයා සඳහන් කළේ ය. මොවුන් ඉල්ලා සිටින වැටුප් වැඩී වීම ලබා දෙන්නේ නම් ඉන් රාජ්‍ය අංශයේ විශාල වැටුප් විෂමතාවක් ඇති වීම වැළැක්විය නොහැකි බව ද අදාළ ප්‍රකාශකයා පැවසුවේ ය. දිනෙන් දින රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ ගිය ද ඊට සරිලන කාර්යක්ෂමතාවක් පවතින්නේ ද යන්න ගැටලු සහගත බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පැවසුවේ ය. මේ අතර රාජ්‍ය සේවක වැටුප් ගැටලු විසඳීම සඳහා ඉදිරියේදී කොමිසමක් පත් කරන බව මුදල් අමාත්‍යංශය පසුගියදා නිවේදනය කළේ ය. එවැනි කොමිසමක් පත් කරන්නේ නම් රාජ්‍ය සේවයේ නිෂ්පාදනය සහ ඵලදායීතාව ඉහළ නැංවීම මුල් කර ගනිමින් එය සිදුවිය යුතු බව මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා සඳහන් කළේ ය.
2018-08-09T20:20:51.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්...
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්...
COLOMBO (News 1st) 1. අද උදෑසන 7.00ට කොළඹ කොටුවෙන් පිටත් වීමට නියමිත මහනුවර නගරාන්තර දුම්රියේ ආසන වෙන් කර ගත් මගීන් සඳහා විශේෂ සුඛෝපභෝගී බස් රථ දෙකක් යොදවා ඇතැයි නියෝජ්‍ය වාණිජ අධිකාරී එන්.ජේ. ඉදිපොලගේ මහතා පවසයි. 2. නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ එම විෂය භාරව පසුගිය ආණ්ඩුවේ කටයුතු කළ විමල් වීරවංශ යන මහත්වරුන් අතර ඊයේ පාර්ලිමේන්තුවේදී විවාදයක් ඇති විය. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විමල් විරවංශ මහතා නිවාස අධිකාරියට දෛනික දීමනා ගෙවීම් මත බඳවා ගෙන ඇති සේවකයින් සම්බන්ධයෙන් එහිදී ප්‍රශ්න කර සිටියේ ය. 3. එක්දින වැඩ වර්ජනයක නිරත වූ සමෘද්ධි නිලධාරීන් පිරිසක් ඊයේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාවක නිරත වූහ. 4. ඝණ පූර්ණය නොමැති වීමෙන් පාර්ලිමේන්තුව අදට කල් තැබිණි. 5. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 23 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. විදෙස් පුවත් 6. ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ තව ත් ප්‍රභල භූ චලනයක් හටගෙන තිබේ.
2018-08-09T20:08:05.000Z
පෙට්‍රල් සහ ඩීසල් මිල සංශෝධනය අද
පෙට්‍රල් සහ ඩීසල් මිල සංශෝධනය අද
COLOMBO (News 1st) - නව මිල සූත්‍රයට අනුව පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් අද සංශෝධනය වීමට නියමිතව තිබේ. ඒ, සෑම මාසයකම 10 වන දා ඉන්ධන මිල සංශෝධනය කිරීමට ගෙන ඇති තීරණයට අනුව ය. මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මිල සංශෝධන කමිටුව අද පෙරවරුවේ රැස්වන බව ය. එය මහා භාණ්ඩාගාර සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ නිලධාරීන්ගෙන් සමන්විත වේ. අද සිදු වන මිල සංශෝධනය පිළිබඳව තීරණය පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. මේ අනුව පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් යළි ඉහළ යයි ද? මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. එහි ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, පසුගිය මාසයේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන්වල බරපතල වෙනසක් සිදුව නොමැති බව ය. ඒ අනුව අද සිදු වීමට නියමිත මිල සංශෝධනයෙන් දැඩි බලපෑමක් නොවනු ඇතැයි ද ඔහු පැවසුවේ ය. අවසන් වරට ප්‍රෙටල් සහ ඩීසල් මිල සංශෝධනය වූයේ, පසුගිය මස 10 වන දා ය. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 08කින් හා ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් ඉහළ දැමිණි. ඩීසල් ලීටරයක මිල රුපියල් 09කින් ද සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ද පසුගිය ජූලි මාසයේ ඉහළ ගියේ ය.
2018-08-09T19:52:18.000Z
දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට රජය සැරසෙයි
දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට රජය සැරසෙයි
COLOMBO (News 1st) - දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මතුව ඇති තත්ත්වය අනුව දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. කෙසේ වෙතත් දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ, ඉල්ලීම් ඉටුවන තුරු වර්ජනය අත් නොහරින බව ය. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ, මගී ජනතාවට සිදු වන අපහසුතා සැලකිල්ලට ගෙන දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට තීරණය කර ඇති බව ය. ඒ අනුව ඊට අදාළ ගැසට් පත්‍රය සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදු වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් කඩිනමින් ගන්නා බව ය. දුම්රිය රියැදුරන්, නියාමකවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් හදිසි වැඩ වර්ජනය ආරම්භ කළේ, පෙරේදා පස්වරු 3.00ට ය. එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 3 වන දිනටත් ක්‍රියාත්මක බව දුම්රිය රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, සිය ඉල්ලීම් සඳහා බලධාරීන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හමුවේ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සියලු වෘත්තීය සමිති තීරණය කළ බව ය. මේ අතර වෘත්තීය සමිති ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය ඕනෑම් මොහොතක සූදානම් බව අමාත්‍යංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ඉල්ලීම්වලට විසඳුම් ලබා දීම කෙරෙහි අමාත්‍යංශයේ අවධානය නිරන්තරයෙන් යොමුව ඇති බව ය. වර්ජනය සමග මාසික වාර ප්‍රවේශ පත්‍ර මෙතෙක් ලබා ගැනීමට නොහැකි වූ මගීන් සඳහා වර්ජනය අවසන් වීමෙන් පසු අතිරේක දින දෙකක කාලයක් ප්‍රවේශ පත්‍ර ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එහි නියෝජ්‍ය වාණිජ අධිකාරී එන්.ජේ. ඉදිපොළගේ මහතා සඳහන් කළේ, වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම මේ දිනවල සිදු නොවන බව ය. ඒ අනුව මේ මාසයට අදාළ වාර ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා එලෙස අතිරේක දින වෙන් කිරීමට නියමිත ය. වාණිජ අධිකාරීවරයා සඳහන් කළේ, පාර්සල් සම්බන්ධයෙන් මගීන්ට ඇති ඕනෑම ගැටලුවක් දුම්රිය ස්ථාන වෙත යොමු කිරීමට හැකියාව පවතින බව ය. ඒ අනුව මෙතෙක් ලැබී නොමැති හෝ ගැටලු පවතින පාර්සල් සම්බන්ධයෙන් ලැබෙන ඉල්ලීම් අනුව සොයා බැලීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර ක්‍රියාත්මක දුම්රිය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පීඩාවට පත් වන මගී ජනතාව වෙනුවෙන් බස් රථ 6000ක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. එහි මෙහෙයුම් අධිකාරී ආර්.ටී. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ, ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් කොළඹ මධ්‍යම බස් නැවතුමේ සිට දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි බස් සේවා ක්‍රියාත්මක බව ය. දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමියන්ට ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල නොමිලේ ගමන් කළ හැකි බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර පවතින තත්ත්වය හමුවේ ඕනෑම අවස්ථාවක සිය භට කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන ඇති බව යුද හමුදාව පවසයි. හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, ප්‍රවාහන අමාත්‍යංශයෙන් ලැබෙන ඉල්ලීම් අනුව හමුදා භට පිරිස් අනුයුක්ත කරන බව ය.
2018-08-09T11:30:38.000Z
දුම්රිය ආසන වෙන් කළ මගීන් වෙනුවෙන් බස් දෙකක්
දුම්රිය ආසන වෙන් කළ මගීන් වෙනුවෙන් බස් දෙකක්
COLOMBO (News 1st) : හෙට උදෑසන 7.00ට කොළඹ කොටුවෙන් පිටත්වීමට නියමිත මහනුවර නගරාන්තර දුම්රියේ ආසන වෙන්කරගත් මගීන් සඳහා විශේෂ සුඛෝපභෝගී බස්රථ දෙකක් යොදවා ඇතැයි, නියෝජ්‍ය වාණිජ අධිකාරී එන්.ජේ. ඉදිපොලගේ මහතා සඳහන් කළේ ය. ආසන වෙන්කර ගත් මගීන්ට අදාළ ප්‍රවේශපත්‍ර සඳහා ආපසු මුදල් ගෙවීමට වර්ජනය පසුව කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරීවරයා සඳහන් කළේ ය.
2018-08-09T10:59:38.000Z
ජනතාවට පටි තද කරගන්නැයි, කියනා පාලකයින්ට මේවා නොපෙනේ ද?
බැඳුම්කර හොරුන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ කවදා ද?
COLOMBO (News 1st) : මිනිසුන්ගේ ජීවන වියදම වැඩිවන අවස්ථාවකදී රජය දිගින් දිගටම බදු වැඩි කොට ජනතාවගේ පටි තද කරගන්නා ලෙස ඉල්ලීම් කරන්නේ ය. කෙසේ වෙතත් ක්‍රියාකාරීන් තවදුරටත් හඬනගන්නේ බැඳුම්කර වංචාවෙන් සිදුවූ විශාල පාඩුව අයකර ගැනීමට පියවර ගත යුතු බවයි. නීතිපති දෙපාර්තමේන්තුව පවසන ආකාරයට 2015 වසරේ පෙබරවාරි මස සිදුවූ බැඳුම්කර වංචාව නිදහසෙන් පසු මෙරට සිදුවූ විශාලතම වංචාවයි. ළබැඳියවන් අතර ගැටුම මෙන්ම පවතින ක්‍රමවේදයන්ගෙන් බැහැර වීම පැහැදිලිව පෙනෙන්නට තිබිණ. නමුත් රටේ ඉහළම තැන් සැමවිටම වැරද්දක් සිදු වී නැති බවක් පවසමින් අර්ජුන මහේන්ද්‍රන්ව දිගින් දිගටම මහා බැංකු අධිපති තනතුරේ තබා ගත්තේ ය. ආර්ථික විශේෂඥයන්ගේ මතය අනුව 2015 වසරේ අවශ්‍යතාව රුපියල් බිලියන එකක් වුවත් ඒ වෙනුවට බිලියන 10ක් ලබාගැනීම නිසා වසර 15ක කාලයකදී සිදුවන අලාභය පමණක් රුපියල් බිලියන 600කි. දෙවන බැඳුම්කර ගනුදෙනුව සඳහා රුපියල් බිලියන 40ක් අවශ්‍යතාවක් සඳහා දැන්වීම් පළ කළ ද එය අවසන් වූයේ, රුපියල් බිලියන 77ක් වැනි අතිවිශාල ලංසුවක් ලබාගැනීමෙන් අනතුරුවයි. ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අනුව පළමු බැඳුම්කර වංචාවෙන් ජනතාවගේ මුදල්වලට සිදුවූ පාඩුව රුපියල් මිලියන 8500කි. මෙම වංචාවේ කේන්ද්‍රය වන පර්පචුවල් ට්‍රෂරීස් ආයතනය මුදල් වර්ෂ තුනකදී උපාය ඇති ලාභය රුපියල් බිලියන 12කි. නීතිපති දෙපාර්තමේන්තුව පවසන ආකාරයට 2015 වසරේ පෙබරවාරි මස සිදුවුණා බැඳුම්කර වංචාව නිදහසෙන් පසු මෙරට සිදුවූ විශාලතම වංචාවයි. මේ කාරණා අර්ජුණ මහේන්ද්‍රන් මෙන්ම ඍජු අමාත්‍යංශය භාර අමාත්‍ය වන රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා තරයේ ප්‍රතික්ෂේප කර සිටියහ. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් පෙන්වා දෙන්නේ අර්ජුණ මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයාගේ කාර්ය භාරයට පරස්පරව කටයුතු කරමින්, මෙම ගනුදෙනු හා සම්බන්ධ රහසිගත සංවේදී තොරතුරු සාපරාධි ලෙස පර්පචුවල් ට්‍රේෂරීස් වෙත ලබා දී ඇති බවයි. මෙම සාපරාධි බැඳුම්කර ගනුදෙනුවෙන් සේවක අර්ථ සාධක අරමුදලට සිදුවූ අලාභය පමණක් රුපියල් මිලියන 8500ක් බවත්, නඩු කටයුත්තකදී මේ සම්බන්ධයෙන් පර්පචුවල් සමාගමට පැනවිය හැකි දඩ මුදල රුපියල් බිලියන 17ක් බවත් කොමිසම තම වාර්තාවෙන් සඳහන් කරයි. දැන් කතාබහට ලක්වන ප්‍රමුඛම කාරණයක් වන්නේ දෙවන බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ ප්‍රමාද වීම පළමු බැඳුම්කර ගනුදෙනුව වසන් කලාට වඩා සැලසුම් සහගතව කරන ලද්දක් බවයි. 2016 සිදුවූ බැඳුම්කර ගනුදෙනු 2 සම්බන්ධයෙන් පර්පචුවල් ‍ට්‍රෙෂරීස් සමාගමේ ගනුදෙනු සම්බන්ධව පර්වේශනීය විගණන පරීක්ෂණයක් කිරීම අත්‍යවශ්‍ය බවට බැඳුම්කර කොමිසම ද තහවුරු කර තිබේ. එම කොමිසමේ වාර්තාව නිකුත් වී මාස 7කටත් වඩා ගත වී තිබුණත් තවමත් එවන් වෝහාරික විගණනයක් සිදු කර නොමැත. පළමු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කරුණු හෙළිවෙමින් පවතින විටදී අගමැතිවරයා සිදුකරන්නේ, එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නීතිඥයන් තිදෙනෙකුගෙන් සමන්විත් කමිටුවක් පත් කර මේ වංචාව ගැන කරුණු සොයන්නට යන බවක් පෙන්වීමයි. එම ක්‍රියාදාමය මෙන්ම කමිටුව පළ කළ අදහස් ද දැඩි ලෙස විවේචනයට ලක් විය. නීතිපතිවරයා පෙන්වා දෙන්නේ 1997 වසරේ සිට පවතී ක්‍රමවේදය වෙනස් කරමින් සිදු කළ වෙනස වියදම් අවම කරවන මාදිලියේ එකක් නොවන බවයි. මහජන මුදල්වලට සිදු වූ අතිමහත් පාඩුව දැන් පෙනෙමින් පවති. දෙවන බැඳුම්කර නිකුතුව සඳහන් කළ හැක්කේ පළමු බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රතිලාභ මත පදනම් ව සිටිමින් කරනා ලද අපරාධයක් බවයි.
2018-08-09T09:04:36.000Z
සජිත් - විමල් පාර්ලිමේන්තුවේ විවාදයක පැටලති
සජිත් - විමල් පාර්ලිමේන්තුවේ විවාදයක පැටලති
COLOMBO (News 1st) : නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ එම විෂය භාරව පසුගිය ආණ්ඩුවේ කටයුතු කළ විමල් වීරවංශ යන මහත්වරුන් අතර අද පාර්ලිමේන්තුවේදී විවාදයක් ඇතිවිය. එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විමල් විරවංශ නිවාස අධිකාරියට දෛනික දීමනා ගෙවීම් මත බඳවා ගෙන ඇති සේවකයින් සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියේ ය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔබතුමාගෙ පාක්ෂික දරුවෝ දසදහස් සංඛ්‍යාත ප්‍රමාණයක් දෛනික දීමනා ගෙවීමේ පදනම මත නිවාස අධිකාරියට ගෙන්න ගෙන ඒ කාර්යාලවල වාඩිවෙන්න තැනැක් නැතුව දිනකට රුපියල් 550ක වගේ මුදලකට. මේ නිසා නිවාස අධිකාරිය අද එහි දිස්ත්‍රික් කළමනාකරුවන්ට පරිපාලනමය වශයෙන් පවත්වාගෙන යන්න බැරි ආකාරයේ අර්බුදයක් අද ඇතිවෙලා තියෙනවා. ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ, ස්ථීර කාර්ය මණ්ඩලයට නිසිදු බඳවා ගැනීමක් සිදු කර නොමැති බවයි. එමෙන් ම විමල් වීරවංශ මහතා ඇමති ධුරය දරන සමයේ සිදු කර ඇති ඥාති සංග්‍රහයන් පිළිබඳව මෙහිදී ඇමතිවරයා සිහිපත් කළේ ය. ''රට පුරාවටම සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී කියන්න කැමති ස්ථික කාර්ය මණ්ඩලයකට කිසිම බඳවා ගැනීමක් කරලා නැහැ. විශේෂයෙන්ම මම කියන්න කැමති නිවාස සංවර්ධන අධිකාරිය බංකොළොත් භාවයට පත්වෙලත් නැහැ. අපි ඵෙතිහාසික නිවාස ප්‍රමාණයක් ඉදිකරන් යනවා. මම කියන්න කැමති අපි කරන්නේ නැති දේ අපි කහතුඩුව නිවාස යෝජනා ක්‍රමයෙන් ඇමතිවරයාගේ වැඩිමහල් සහෝදරයෙකුගේ පුත්‍රෙයකුගේ බිරිඳ ගීගනගේ වත්සලා කුමාරසිංහට අපි ගෙවල් දුන්නේ නැහැ. අපි ගෙවල් දුන්නේ අමාත්‍යතුමාගේ වැඩිමහල් සහෝදරියගේ එක් පුත්‍රෙයකුගේ බිරිඳට ඉසුරු තරංගමාලා මුතුරණවීරට අපි ගෙවල් දිලා නැහැ. අපි හිටපු අමාත්‍යතුමාගේ බිරිඳගේ සෙහොයුරා වන අජිත් කුමාර යන අයගේ බිරිඳට පළාතේ ගෙදර වසන්තා රූපසිංහට අපි ගෙවල් දිලා නැහැ. එවගේම ගරු අමාත්‍යතුමනි අපි හිටපු අමාත්‍යතුමාගේ වැඩිමල් සහෝදරියගේ වැඩිමහල් සහොදරියට ...මත්තේගොඩින් දිලා නැහැ ඉඩම්'' එහිදී හිටපු අමාත්‍යවරයා චෝදනා මෙලෙස ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ, නම් සඳහන් කළ කිසිවෙක් එම ගෙවල්වල ජීවත් වන්නේ, නම්, තමා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බවයි. ''ඔය කියන කිසිම කෙනෙක් ඔය කියන එක ගේක ඉන්නව නම් මේ මන්ත්‍රී ධූරයෙන් අයින් වෙන්න ලෑස්තියි'' මෙහිදී විවාදය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/2078520528874861/
2018-08-09T08:39:15.000Z
සමෘද්ධි නිලධාරීන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාවක
සමෘද්ධි නිලධාරීන් පාර්ලිමේන්තු පිවිසුමේ විරෝධතාවක
COLOMBO (News 1st) : එක්දින වැඩ වර්ජනයක නිරත වූ සමෘද්ධි නිලධාරීන් පිරිසක් අද පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාවක නිරත වූහ. සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඒ. ඩී. ජගත් කුමාර මහතා පැවසුවේ, පසුගිය රජයෙන් හඳුන්වා දුන් සමෘද්ධි නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය වත්මන් රජය නිසි ලෙස ක්‍රියාත්මක කර නොමැති බවයි. විශ්‍රාම වැටුප් ලබානොදීම, වැටුප් වැඩි නොකිරීම, මියගිය හා විශ්‍රාමික නිලධාරීන්ට සහන ‍සැලසීම, උසස්වීම් ඇතුළු පොදු ගැටලු ඉදිරිපත් කරමින් සමෘද්ධි නිලධාරීහු පාර්ලිමේන්තු වටරවුම අසලින් විරෝධතාවක් ආරම්භ කළහ. පා ගමනින් පිරිස පාර්ලිමේන්තුව දෙසට ගමන් කරමින් සිටියදී මාර්ගය අවහිර කෙරුණේ පොලිසියේ මැදිහත්වීමෙනි. මේ විරෝධතාව හේතුවෙන් පාර්ලිමේන්තු වට රවුම අසල රථවාහන තදබදයක් ද ඇති විය. විරෝධතාකරුවෝ නැවතත් පා ගමනින් සෙත්සිරිපාය ඉදිරිපිටට පැමිණ විරෝධතාවේ නිරත වූහ. https://www.facebook.com/NewsfirstSL/videos/2078503882209859/
2018-08-09T08:41:00.000Z
රට පුරා පැළ ලක්ෂයක් වගා කිරීම ඇරඹේ
රට පුරා පැළ ලක්ෂයක් වගා කිරීම ඇරඹේ
COLOMBO (News 1st) : දිවයින පුරා ඖෂධ පැළ ලක්ෂයක් වගා කිරීමේ වැඩසටහන සඳහා පැළ ලබාදීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරිණ. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව හා ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය අද පැවැත්වුණේ, කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදීයි. පුනරුදය දින 60 මෙහෙයුම නමින් නම් කර තිබෙන මෙම වැඩසටහන තළින් ඖෂධ වර්ග 100කට වැඩි සංඛ්‍යාවක පැළ ලක්ෂයක් යුද හමුදා කඳවුරු තුළ පළමුව රෝපණය කිරීමට සැලසුම් කර තිබේ.
2018-08-09T06:52:38.000Z
ඝණ පූර්ණය නොමැති වීමෙන් පාර්ලිමේන්තුව හෙටට කල් තැබේ
පාර්ලිමේන්තුව හෙටට කල් තැබේ
COLOMBO (News 1st) - ඝණ පූර්ණය නොමැති වීමෙන් පාර්ලිමේන්තුව හෙටට කල් තැබිණි. ඒ, වත්මන් රජය යටතේ මාධ්‍යයට වන බලපෑම් පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී රංජිත් සොයිසා මහතා කල් තැබීමේ විවාදය සඳහා වූ යෝජනාව ඉදිරිපත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ය.
2018-08-09T06:14:20.000Z
දුම්රිය වෘත්තිය සමිති වර්ජනය තවදුරටත්
දුම්රිය වෘත්තිය සමිති වර්ජනය තවදුරටත්
COLOMBO (News 1st) : ප්‍රධාන දුම්රිය මාර්ගවල දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කිරීමට හැකි සෑම උත්සහයක්ම ගන්නා බව දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පවසයි. රියැදුරු යාන්ත්‍රික පරීක්ෂකවරුන් යොදා අද පස්වරුවේ ත් දුම්රිය 8 ක් ධාවනය කිරීමට පියවර ගැනිණ. මේ අතර දුම්රිය වෘත්තිය සමිති පවසන්නේ, ඉල්ලීම් ඉටු වනතුරු වර්ජනය අත්නොහරින බවයි . අද පස්වරු 4.30 සිට ප්‍රධාන මාර්ගයේ මහව දක්වා දුම්රිය 3 ක්ද, කැලණිවැලි මාර්ගයේ දුම්රියක් ද , මුහුදුබඩ මාර්ගයේ ගාල්ල දක්වා දුම්රිය 2 ක් ද ධාවනය කෙරිණ. ඊට අමතරව පුත්තලම මාර්ගයේ දුම්රියක් සහ කටුනායක දක්වා ඉන්ධන රැගත් දුම්රියක්ද ධාවනය කෙරුණේ, රියැදුරු යාන්ත්‍රික පරීක්ෂකවරුන්ගේ සහය ඇතිවයි. පූර්ව දැනුම් දීමකින් තොරව ආරම්භ කළ දුම්රිය වර්ජනය හේතුවෙන් ඇති වූ මගී අපහසුතාව අවම කිරීමට පාසල් බස් සේවාව සඳහා යෙදවූ බස් රථ 500ක් පමණ මගී ප්‍රවාහනයට එක් කර තිබේ. ප්‍රවාහන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, දෛනික ගමන් වාරයන්ට අමතරව බස් රථ 100ක් පමණ යෙදවීමට කටයුතු කර ඇති බවයි. ඊට අමතරව ගැටලුවක් ඇත්නම් දුරකතන අංක 011 7 55 55 55 ඔස්සේ වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව මෙම නිවේදනයේ සඳහන් ය. https://www.facebook.com/NewsfirstSL/videos/2078564688870445/
2018-08-09T05:59:57.000Z
ඇලෝසියස් හා පාලිසේන යළි රිමාන්ඩ්
ඇලෝසියස් හා පාලිසේන යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) : පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 23 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම, පර්පෙචුවල් ඇසෙට් මැනේජ්මන්ට් සමාගම, පර්පෙචුවල් කැපිටල් පුද්ගලික සමාගම, පර්වේචුවල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම යන සමාගම් 5ට අයත් බැංකු ගිණුම් විස්තර මේ මස 24 වන දිනට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය රාජ්‍ය හා පෞද්ගලික බැංකු ආයතන 13 කට අද නියෝග කළේ ය. පර්පෙවුචල් ට්‍රෙෂරීස් සමාගම විසින් ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිවලදී අයථා ලෙස උපයා ගත්තේ යැයි, කියන මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන විමර්ශන සඳහා එම බැංකු ගිණුම් වාර්තා ඉල්ලා තිබිණ. එම ඉල්ලීම් මෙම සමාගම් විසින් විවිධ හේතු දක්වමින් පැහැර හැර ඇති බව පෙන්වා දෙමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය කළ කරුණු දැක්වීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කළේ ය. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉල්ලා සිටියේ ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවලට පෙර පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගම විසින් උපයාගත් මේ වනවිට ශ්‍රි ලංකා මහබැංකුව විසින් තහනමට ලක් කර ඇති රුපියල් බිලියනයකට අධික මුදල එම සමාගමට ආපසු මුදා හැරිමට නියෝගයක් නිකුත් කරන ලෙසයි. එම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 23 වන දා ලිඛිතව කරුණු දක්වන ලෙස මහේස්ත්‍රාත්වරිය නීතිපතිවරයාට නියෝග කළේ ය.
2018-08-09T03:39:54.000Z
විද්‍යා ඝාතනයේ විත්තිකරුවන්ගේ අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට
විද්‍යා ඝාතනය: විත්තිකරුවන්ගේ අභියාචනා සලකා බැලෙයි
COLOMBO (News 1st) - යාපනයේදී විද්‍යා දැරිය සමූහ ලෙස දූෂණය කර ඝාතනය කිරීම ඇතුලු චෝදනාවලට වරදකරුවන් කර යාපනයේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මරණීය දණ්ඩනය නියම කළ විත්තිකරුවන් 7 දෙනා ගොනුකර ඇති අභියාචනා පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කර තිබේ. ඒ අනුව පෙත්සම කැඳවීම ලබන දෙසැම්බර් 13 වන දා සිදු කරනු ඇති. මහාධිකරණ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් තමනට නියම කළ මරණීය දණ්ඩන නියමයන් වන්දි හා දඩ ගෙවීමට කළ නියෝගයන් අහෝසි කරන ලෙස ඉල්ලා එම විත්තිකරුවන් 7 දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට එම අභියාචනා පෙත්සම් ගොනු කර තිබුණි. ඝාතනය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනුකර තිබු නඩුව විභාග කළ එවකට වව්නියාව මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කළ බාලචන්ද්‍රන් ශිෂි මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විත්තිකරුවන් 7 දෙනෙකුට මරණීය දණ්ඩනය නියම කළ අතර ඊට අමතරව වසර 30 බැගින් වූ සිර දඩුවම් ද නියම කර ඇත. ඝාතනයට ලක් වූ පාසල් සිසුවියගේ මවට රුපියල් ලක්ෂ 10 බැගින් වූ වන්දි ගෙවන ලෙසට ද එහිදී නියම කළ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් 5 දෙනෙකුට රුපියල් 40,000 බැගින් වූ දඩයකුත් විත්තිකරුවන් දෙදෙනෙකුට රුපියල් 70,000 බැගින් වූ දඩයකුත් ගෙවීමට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් 2017 සැප්තැම්බර් 27 වන දා නියම කළේ ය.
2018-08-09T03:11:39.000Z
කුඩා පරිමාණ කිරි නිපැයුම් මධ්‍යස්ථාන 6 ක් සංවර්ධනයට රජයේ අවධානය
කිරි නිපැයුම් මධ්‍යස්ථාන සංවර්ධනයට රජයේ අවධානය
COLOMBO (News 1st) - කුඩා පරිමාණ කිරි නිපැයුම් මධ්‍යස්ථාන 6 ක් සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. දේශිය දියර කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙය ක්‍රියාත්මක වේ.
2018-08-09T00:53:04.000Z
ලිදුල ප්‍රාදේශිය සභාවේ උපසභාපති අත්අඩංගුවට
ලිදුල ප්‍රාදේශිය සභාවේ උපසභාපති අත්අඩංගුවට
COLOMBO (News 1st) - තලවකැලේ ලිදුල ප්‍රාදේශිය සභාවේ උපසභාපති එල්. භාරතීදාසන් මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව නිකුත් කළ වරෙන්තුවක් අනුවයි. තලවකැලේ පොලීසිය මගින් අද පෙරවරු 10.00 ට පමණ ඔහු අත්අඩංගුවට ගෙන ඇත. හැටන්, තොන්ඩමන් අනුස්මරණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නම වෙනස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ උද්ඝෝෂණයකට අදාළව උපසභාපතිවරයා එලෙස අත්අඩංගුවට ගැනුණු බව පොලීසිය සඳහන් කළේ ය.
2018-08-09T00:41:56.000Z
ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් ඒකක 6.2 භූ චලනයක්
ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් ඒකක 6.2 භූ චලනයක්
ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ තව ත් ප්‍රභල භූ චලනයක් හටගෙන තිබේ. එහි ප්‍රභලත්වය සඳහන් වූයේ, මැග්නිටියුඩ් ඒකක 6. 2 ක් ලෙසයි. මෙම භූ චලනය හමුවේ ලොම්බොක් දිවයිනේ ගොඩනැගිලි කිහිපයක් කඩාවැටුණු බව ඉන්දුනීසියා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. මේ හමුවේ බියට පත් ඉන්දුනීසියා වැසියන් නිවෙස් අතැර හිස් ලූ ලූ අත දිවගොස් ඇති බව සිද්ධිය දුටුවන් සඳහන් කළහ. මේ අතර ඉකුත් ඉරිදා ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින ආශ්‍රිතව හටගත් භූ චලනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 347 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහි ප්‍රභලත්වය සටහන් වූයේ මැග්නිටියුඩ් ඒකක 6. 9 ක් ලෙසයි. මෙම භූ චලනයෙන් පුද්ගලයන් 1447 ක් තුවාල ලබා තව ත් 165,000 ක උන් හිටි තැන් අහිමි වූ බව ඉන්දුනීසියා රජයේ මාධ්‍ය වාර්තා කළේ ය. ලොම්බොක් දූපතේ උතුරු ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලිවලින් 80% ක්ම මෙම භූ චලනයේ බලපෑම හමුවේ විනාශ වූ බව සඳහන් වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හමුවේ ලොම්බොක් සහ ගිලි දූපත්වලින් විදේශික සංචාරකයන් දහස් ගණනක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර මියගොස් ඇති සංඛ්‍යාව තවදුරටත් ඉහළයනු ඇතැයි ද ඉන්දුනීසියා බලධාරීන් සඳහන් කළහ.
2018-08-08T23:27:49.000Z
රජරට සරසවිය තාවකාලිකව වැසේ
රජරට සරසවිය තාවකාලිකව වැසේ
COLOMBO (News 1st) - රජරට විශ්වවිද්‍යාලය සති තුනක කාලයක් සඳහා වසා දමා තිබේ. රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා සඳහන් කළේ, සිසුන් අතර පැපොල රෝගය පැතිර යාම හේතුවෙන් විශ්වවිද්‍යාලය වසා දැමූ බවයි. මේ හේතුවෙන් සිසුන් නේවාසිකාරවලින් ඉවත් කර විශ්වවිද්‍යාල වසා දැමූ බව උපකුලපතිවරයා සඳහන් කළේ ය. විශ්වවිද්‍යාලය ලබන 27 වන දා යළි විවෘත කිරීමට නියමිත වේ.
2018-08-08T21:45:44.000Z
තරග 11 කින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ද. අප්‍රිකාවට එරෙහිව එක්දින ජයක්
තරග11කින් පසු ලංකාව ද.අප්‍රිකාවට එරෙහි එක්දින ජයක්
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 3 කින් ජය ගත්තේ ය. කෙසේ නමුත් තරග 3 ට 1 ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ දකුණු අප්‍රිකාවයි. වර්ෂාවන් බාධා එල්ලවීම හේතුවෙන් තරගයේ ආරම්භ වීම ප්‍රමාද වූ අතර එක් පිලකට පන්දුවාර 39 කට සීමා වූ තරගයක් ලෙස එය ක්‍රියාත්මක කිරීමට විනිසුරුවරුන් තීරණය කළහ. තරගයේ කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකා ක්‍රිකට් නායක ක්වින්ටන් ඩී කොක් තීරණය කළේ, පළමුවෙන් පන්දු රැකීමටයි. පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 61 කට සීමා කරමින් නිරෝෂන් දික්වැල්ල ලකුණු 34 කට දැවි ගියේ ය. උපුල් තරංග ලකුණු 3 කට දැවී ගිය අතර සිය 200 වැනි එක්දින තරගයට එක් වූ නායක ඇන්ජලෝ මැතිව්ස්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 22 ක් පමණි. එක්දින දිවියේ 11 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් කුසල් ජනිත් පෙරේරා රැස් කළ ලකුණු සංඛ්‍යාව 51 කි. තිසර පෙරේරා සමගින් එක් වූ දසුන් ශානක 7 වැනි කඩුල්ල සඳහා වේගවත් ලකුණු 109 ක සබඳතාවක් ගොඩ නැගුවේ ය. එක්දින දිවියේ මංගල අර්ධ ශතකය වාර්තා කළ දසුන් පන්දු 34 කින් ලකුණු 65 ක් රැස් කළේ ය. එක්දින දිවියේ 9 වැනි අර්ධ ශතකය වාර්තා කළ තිසර පෙරේරා නොදැවී ලකුණු 51 කි. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 39 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 306 ක් රැස් කළේ ය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 2 ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 21 ක් රැස් කර ගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විණි. අනතුරුව නැවතත් තරගය ආරම්භ වූ අතර ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 21 කදී දකුණු අප්‍රිකාවට හිමි වූ ඉලක්කය ලකුණු 191 ක් ය. හෂීම් අම්ලා සහ ක්වින්ටන් ඩී කොක් පළමු කඩුල්ලට ලකුණු 34ක සබඳතාවක් ගොඩනැගුවේ ය. අම්ලා සහ ජේ. පී. ඩුමිනි අතර තුන්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 57 ක් වේ. ලකුණු 40 කට අම්ලා පිටියෙන් ඉවත් කිරීමට අකිල ධනංජය සමත් විණි. ඩුමිනි ලකුණු 38 යි. ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම අබියස දකුණු අප්‍රිකා පිතිකරුවන් පස්දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ නැත. නියමිත පන්දුවාර 21 අවසන් වන විට දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 9 ක් දැවි ලකුණු 187 ක් රැස් කරගෙන සිටියේ ය. සුරංග ලක්මාල් ලකුණු 46ට කඩුලු 3 යි. තිසර පෙරේරා ලකුණු 32ට කඩුලු 2 ක් දවා ගත්තේ ය. ඒ අනුව ශ්‍රී ලංකාව තරග 11 ක පරාජයකට පසුව ලැබූ පළමු එක්දින තරග ජයග්‍රහණය මෙය වේ.
2018-08-08T21:02:14.000Z
අමෙරිකාවෙන් රුසියාවට එරෙහිව සම්බාධක
අමෙරිකාවෙන් රුසියාවට එරෙහිව සම්බාධක
රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට අමෙරිකාව සුදානම් වෙයි. අමෙරිකාව සඳහන් කළේ, රුසියාව, බ්‍රිතාන්‍යයේ දිවිගෙවන හිටපු රුසියානු ඔත්තුකරුවකුට මාරාන්තික විෂ ප්‍රහාරයක් එල්ල කිරීම මෙම නව සම්බාධක පැනවීමට හේතු වූ බවයි. රුසියාව, තමනගේම පුරවැසියන්ට එරෙහිව මාරාන්තික රසායනික අවි භාවිත කර ඇති අතර එය ජාත්‍යන්තර නීතිය කඩ කිරීමක් බව අමෙරිකාව ප්‍රකාශ කළේ ය. විෂ ප්‍රහාරය එල්ල වූ රුසියානු හිටපු ඔත්තුකරු සර්ජි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණිය යූලියා, ඉන් බරපතළ ලෙස රෝගාතුර වූ නමුත් පසුව සුවය ලැබුවා ය. මෙම විෂ ප්‍රහාරයට රුසියාව සම්බන්ධ යැයි බ්‍රිතාන්‍ය පරීක්ෂක කණ්ඩායමක් පැවසුව නමුත් රුසියාව එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. නව සම්බාධක ලබන 22 දින සිට ක්‍රියාත්මක වනු ඇති.
2018-08-08T20:40:30.000Z
‍සමෘද්ධි නිලධාරීන් දීපව්‍යාප්ත වැඩ වර්ජනයකට සැරසෙයි
‍සමෘද්ධි නිලධාරීන් වැඩ වර්ජනයකට සැරසෙයි
COLOMBO (News 1st) - සමෘද්ධි නිලධාරීන් පිරිසක් අද දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වනු ඇත. ඒ, විශ්‍රාම වැටුප් ලබා නොදීමට විරෝධය පළ කරමිනි. සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඒ. ඩී. ජගත් කුමාර මහතා පැවසුවේ, පසුගිය රජයෙන් හඳුන්වාදුන් සමෘද්ධි නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය වත්මන් රජය නිසි ලෙස ක්‍රියාත්මක කර නොමැති බවයි. කෙසේ වෙතත් තම වෘත්තීය සමිතිය අද පැවැත්වෙන වැඩ වර්ජනයට සහභාගි නොවන බව සමස්ත ලංකා එක්සත් සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ලලිත්. ඩී. ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, මෙම වැඩ වර්ජනය දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන්නක් බවයි. මේ අතර පසුගිය දා පැවති රැස්වීමකදී ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සමෘද්ධි නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ද අදහස් පළ කළේ ය.
2018-08-08T20:08:54.000Z
පක්ෂ ප්‍රතිසංවිධානය පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව රැස්වෙයි
ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව ඊයේ රැස්වෙයි
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ රැස් විය. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් පළ කළේ ය.
2018-08-08T19:56:35.000Z
දුම්රිය වර්ජනය තවදුරටත්: සාකච්ඡාවට පැමිණෙන්නැයි රජය ඉල්ලයි
දුම්රිය වර්ජනය තවදුරටත්...
COLOMBO (News 1st) - දුම්රිය රියැදුරු, නියාමක ඇතුලු වෘත්තිය සමිති ඊයේ පස්වරුවේ ආරම්භ කළ හදිසි වර්ජනය මේ වනවිටත් ක්‍රියාත්මක වේ. මෙම දුම්රිය සේවක වැඩ වර්ජනය හේතුවෙන් අද අලුයම සිට මේ දක්වා කිසිදු දුම්රියක් ධාවනය නොවූ බව දුම්රිය පාලක මැදිරිය පවසා ඇත. එහි නිලධාරියෙකු ප්‍රකාශ කළේ, සෑම දුම්රිය ස්ථානයකම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කවුළු පවා වසා දමා ඇති බවයි. වර්ජනයත් සමග දුම්රිය ස්ථානවල පවතින තත්ත්වය පිළිබඳව නිව්ස්ෆස්ට් කණ්ඩායම් අද උදෑසන සොයා බැලුවේ ය. වර්ජනය අතැර සාකච්ඡා සඳහා පැමිණෙන්නැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කර ඇත. දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය. මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අද පෙනී සිටින සිසුන්ට දුම්රිය වර්ජනයෙන් සිදුවන පීඩාවන් අවම කරගැනීම සඳහා වේලාව ඇතිව විභාග මධ්‍යස්ථානවලට වාර්තා කරන්නැයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත්. බී. පූජිත මහතා දැනුම් දෙයි. උසස් පෙළ සිසුන් සඳහා යුද හමුදාවේ මැදිහත්වීමෙන් නොමිලේ විශේෂ බස් රථ සේවයක් ද අද ක්‍රියාත්මක වනු ඇති.
2018-08-08T19:38:09.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්...
COLOMBO (News 1st) දේශීය පුවත් 1. දුම්රිය සේවකයින් වැඩ වර්ජනයක: දුම්රිය රියැදුරු, නියාමක ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ඊයේ පස්වරු 3.00 සිට හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, වැටුප් විෂමතාවට විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමිනි. 2. චීනයෙන් කලාකරුවන්ට නිවාස: කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්ව තිබූ යෝජනා 32 කට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. චීන ආධාර යටතේ කලාකරුවන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත. 3. යුද හමුදා මේජර්වරයෙකුට සහ කෝප්‍රල්වරයෙකුට මරණ දඬුවම නියම කෙරේ: යුද හමුදා මේජර්වරයෙකුට සහ කෝප්‍රල්වරයෙකුට ත්‍රිකුණාමලය මහාධිකරණය ඊයේ මරණ දඬුවම නියම කළේ ය. ඒ, විමර්ශන සඳහා රැගෙන ගිය යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සැකකරුවෙකු ඝාතනය කිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ වරදකරුවන් වීම හේතුවෙනි. 4. තෙල් මිල යළි ඉහළ යාමේ අවදානමක්: ඉරානයට පනවා ඇති සම්බාධක හේතුවෙන් ඉදිරියේදී මෙරට තෙල් මිල ඉහළ යාමේ අවදානමක් ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 5. ගලගොඩඅත්තේ ඥානසාර හිමිට 6 වසරක සිර දඬුවම්: අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතළ වැඩසහිත වසර 6ක සිර දඬුවමක් අභියාචනාධිකරණය අද නියම කළේ ය. ඒ නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් ගොනු කළ නඩුවක තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කරමිනි. විදෙස් පුවත් 6. කරුණානිධිගේ ස්මාරකය ඉදිකරන තැන ගැන අර්බුදයක්: අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ ඉන්දීය දේශපාලනඥ එම්. කරුණානිධිගේ ස්මාරකය ඉදිකෙරෙන ස්ථානය සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් මතුව තිබේ. ඒ , ඩී. එම්. කේ. පක්ෂය පිහිට වූ හිටපු තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය, සී. එන්. අන්නාදුරෙයිගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති සුප්‍රසිද්ධ මරීනා වෙරළ තීරයේ ඉදිකර ඇති ස්මාරකය අසළ කරුණානිධිගේ ස්මාරකය ද ඉදිකිරීමට අවසර දෙන ලෙස කරුණානිධිගේ පවුලේ සාමාජිකයින් කළ ඉල්ලීම තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. ව්‍යාපාරික පුවත් 7. බිත්තර හා කුකුළු මස් මිල ඉහළට: බිත්තර හා කුකුළු මස් මිල ගණන් ඉහළ ගොස් තිබේ. පාරිභෝගිකයින් පවසන්නේ, මේ දිනවල වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 20 ත් 22 ත් අතර මිලකට අළෙවි වන බවයි. කුකුළු මස් මිල ද කිලෝග්‍රෑමයක් රුපියල් 500 ත් 600 ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔවුහු ප්‍රකාශ කළහ.
2018-08-08T08:28:36.000Z
චීනයෙන් කලාකරුවන්ට නිවාස: කෞතුකාගාරයක් ඉදිකිරීමටත් සැලැස්මක්
චීනයෙන් කලාකරුවන්ට නිවාස
COLOMBO (News 1st) - කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්ව තිබූ යෝජනා 32කට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. චීන ආධාර යටතේ කලාකරුවන් වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. කථානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීමක් පරිදි කලාකරුවන් වෙනුවෙන් නිවාස 108ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර දෙරට අතර ඓතිහාසික සබඳතා පිළිබිඹු කරන කෞතුකාගාරයක් ද චීන අරමුදල් යොදා ඉදිකිරීමට නියමිත ය. මෙය මුදල් ප්‍රදානයක් ලෙස ලැබෙන බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය. ----------------------------------------------------------------------------------------------------------------------------------------- ශ්‍රී ලංකා නාවික හමුදාව විදේශීය වෙළෙඳ නෞකා සඳහා සපයනු ලබන මුහුදු ආරක්ෂක සේවා පිළිබඳ නීතිමය රාමුවක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ජාත්‍යන්තර වෙළෙඳ නෞකා මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කරන පෞද්ගලික සමුද්‍ර ආරක්ෂණ සමාගම්වලට අයත් ගිනිඅවි සහ උපාංග මෙහෙයුම් අවශ්‍යතා මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්ෂණය හා ආරක්ෂාව යටතේ ප්‍රවාහනය හා ගබඩා කිරීම නියාමනය කිරීම ඒ තුළින් සිදු කිරීමට අපේක්ෂිත ය. මේ අතර රුසියාව හා ශ්‍රී ලංකාව අතර සංග්‍රාමික තාක්ෂණික සහයෝගීතාව පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ සහයෝගීතා ලේඛනයට අත්සන් තැබීමට ද කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ----------------------------------------------------------------------------------------------------------------------------------------- ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට පරිසර හිතකාමී බස් රථ 1000ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වූ අතර හංගේරියානු ආනයන අපනයන බැංකුවේ මූල්‍ය සහය ඇතිව එරට සමාගමක් සමග මේ සඳහා එකඟතාවට එළැඹීමට නියමිත ය. මෙම ව්‍යාපෘතිය යටතේ විදුලි බලයෙන් දිවෙන බස් රථ 250ක් හා දෙමුහුන් බස් රථ 750ක් ගෙන්වීමට නියමිතව තිබේ.
2018-08-08T08:12:35.000Z
යුද හමුදා මේජර්වරයෙකුට සහ කෝප්‍රල්වරයෙකුට මරණ දඬුවම නියම කෙරේ
යුදහමුදා මේජර්වරයෙකුට සහ කෝප්‍රල්වරයෙකුට මරණ දඬුවම
COLOMBO (News 1st) - යුද හමුදා මේජර්වරයෙකුට සහ කෝප්‍රල්වරයෙකුට ත්‍රිකුණාමලය මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය. ඒ, විමර්ශන සඳහා රැගෙන ගිය යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. සැකකරුවෙකු ඝාතනය කිරීමේ චෝදනාවට අධිකරණය හමුවේ වරදකරුවන් වීම හේතුවෙනි. ඔවුන්ට දඬුවම් නියම කළේ, ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා විසිනි. 1998 සැප්තැම්බර් මස 10 වන දා යාපනය කෝපායි පොලිස් බල ප්‍රදේශයේ තිර්නෙල්වේලි ප්‍රදේශයේදී ඥානසිංහම් ඇන්ටන් ගුණසේකරම් නමැති සැකකරු රැගෙන ගොස් පහර දී ඝාතනය කළ බවට අධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණි. මෙලෙස මරණ දඬුවම නියම වූයේ, යුද හමුදා මේජර් ඩික්සන් රාජමන්ත්‍රී සහ කෝප්‍රල් ප්‍රියන්ත රාජකරුණා යන හමුදා සාමාජිකයින්ට ය. නඩුවේ තවත් විත්තිකරුවෙකු වූ ලුතිනන් කර්නල් ටෝනි බර්තලමියුස් මහතා එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කෙරිණි. මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, දඬුවම් නියම වූ හමුදා සාමාජිකයින් දෙදෙනා අභියාචනයක් ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා සහය ඉල්ලා සිටිය හොත් යුද හමුදාව සහය ලබා දෙන බව ය.
2018-08-08T06:32:12.000Z
දුම්රිය සේවකයින් වැඩ වර්ජනයක: කොටුව දුම්රියපොළේ පීඩාවට පත් මගීන් නොසන්සුන් වෙයි
දුම්රිය වර්ජනයට එරෙහිව මගීන් විරෝධතාවක
COLOMBO (News 1st) - දුම්රිය මගීන් පිරිසක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට මේ වන විට විරෝධතාවක් ආරම්භ කර තිබේ. ඒ, දුම්රිය රියැදුරු, නියාමක ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් අද පස්වරු 3.00 සිට හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කිරීම මුල්කර ගනිමිනි. ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පී.එම්.පී. පීරිස් මහතා පැවසුවේ, වැටුප් විෂමතාවට විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ය.
2018-08-08T05:16:39.000Z
තෙල් මිල යළි ඉහළ යාමේ අවදානමක් - අගමැති අනතුරු අඟවයි
තෙල් මිල යළි ඉහළ යාමේ අවදානමක්
COLOMBO (News 1st) - ඉරානයට පනවා ඇති සම්බාධක හේතුවෙන් ඉදිරියේදී මෙරට තෙල් මිල ඉහළ යාමේ අවදානමක් ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.
2018-08-08T04:21:15.000Z
දුම්රිය සේවකයින් හදිසි වැඩ වර්ජනයක
දුම්රිය සේවකයින් හදිසි වැඩ වර්ජනයක
COLOMBO (News 1st) - වැටුප් විෂමතාවක් මුල් කර ගෙන අද පස්වරු 3.00 සිට වැඩ වර්ජනයක් ඇරඹීමට දුම්රිය රියැදුරු නියාමක ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබේ. ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පී.එම්.පී. පීරිස් මහතා පැවසුවේ, වැටුප් වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් මෙලෙස වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ය. කෙසේ වෙතත් මේ වන විට ගමන් අරඹා ඇති දුම්රිය ගමනාන්ත දක්වා ධාවනය වන බව ද පී.එම්.පී. පීරිස් මහතා පැවසුවේ ය. දුම්රිය නියාමක, රියැදුරු, ස්ථානාධිපති හා දුම්රිය පාලක යන වෘත්තීය සමිති වැඩ වර්ජනය සඳහා එක්ව සිටියි.
2018-08-08T02:54:29.000Z
ගංජා ජාවාරම් කළ බන්ධානාගාර නියාමක STF දැලේ
ගංජා ජාවාරම් කළ බන්ධානාගාර නියාමක STF දැලේ
COLOMBO (News 1st) : කේරළ ගංජා තොගයක් සමග බන්ධනාගාර නියාමකවරයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු වැල්ලම්පිටිය සේදවත්ත කළුපාලම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලාකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඔවුන් සතුව තිබී සොයා ගෙන ඇති කේරළ ගංජා තොගය කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 200කි. බන්ධනාගාර නියාමකවරයා 29 හැවිරිදි රිදීගම කනදෙනියාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ‍ සෙසු සැකකරුවන් 30 හා 36 හැවිරිදි වාද්දුව මොරොන්තුඩුව හා කොළඔ 10 බෝධිරා මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. සැකකරුවන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
2018-08-08T02:47:49.000Z
රන්ජන්ට එරෙහි නඩුව විභාග කිරීමට තීරණය වෙයි
රන්ජන්ට එරෙහි නඩුව විභාග කිරීමට තීරණය වෙයි
COLOMBO (News 1st) : අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමානායක මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ නඩුව විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේ ය. ඒ අදාළ චෝදනාවලට තමන් නිවැරදිකරු බව රන්ජන් රාමනායක මහතා අධිකරණයේ ප්‍රකාශ කිරීමත් සමගයි. අද දිනයේදී රාමනායක මහතාට එරෙහි චෝදනා අධිකරණය හමුවේ කියවනු ලැබී ය. රන්ජන් රාමනායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 4 ක් ගොනු කර තිබේ. අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේ, නඩුවට අදාළ සාක්ෂි විභාගය කැඳවීම සඳහා සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. අද දින නඩුව කැඳවනු ලැබුවේ, අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්,නලීන් පෙරේරා හා ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේයී. නඩු විභාගය සැප්තැම්බර් මස 5 වන දා ට කල් තැබිණ.
2018-08-08T02:37:46.000Z
ගලගොඩඅත්තේ ඥානසාර හිමිට 6 වසරක සිර දඬුවම්
ගලගොඩඅත්තේ ඥානසාර හිමිට 6 වසරක සිර දඬුවම්
COLOMBO (News 1st) : අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතළ වැඩසහිත වසර 6ක සිර දඬුවමක් අභියාචනාධිකරණය අද නියම කළේ ය. ඒ නිතිපතිවරයා ඒ සම්බන්ධයෙන් ගොනු කළ නඩුවක තීන්දුව අද ප්‍රකාශයට පත් කරමිනි. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචාධිකරණ සභාපති විනිසුරු පී. .පද්මන් සූරසේන හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල නියෝග කළේ, දැනට ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ඥානසාර හිමියන් වහා ම බන්ධනාගාර නිලධාරීන් භාරයට ගන්නා ලෙසයි. ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා 4 ක් ගොනු කර තිබිණ. එම චෝදනාවලට උන්වහන්සේ වරදකරු බව නිගමනය කළ අධිකරණය වසර 19 ක සිර දඬුවමක් නියම කර එය වසර 6 කින් ගෙවී යන ලෙස පනවනු ලැබී ය. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගත් 2016 වසරේ ජනවාරි 25 වන දා අධිකරණයට බලහත්කාරයෙන් කඩා වැදීම, අධිකරණ කටයුතුවලට අයුතු ලෙස මැදිහත්විම, පැමිණිල්ල මෙහෙය වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥරයාට පරිභව කිරීම, අධිකරණයට අපහාස කිරීම යන චෝදනා, උන්වහන්සේට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකරනු ලැබ තිබේ.
2018-08-07T22:07:00.000Z
ශ්‍රී ලංකා-ද. අප්‍රිකා එක්දින තරගාවලියේ සිව්වන තරගය අද
ශ්‍රී ලංකා-ද. අප්‍රිකා සිව්වන තරගය අද
COLOMBO (News 1st): තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය අද මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ පළමු තරග 3 ජය ගත් දකුණු අප්‍රිකාව මේ වන විටත් තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය ජය තහවුරු කරගෙන අවසන් ය. මේ අතර නිමාවට පත්වූ තුන්වන එක්දින ක්‍රිකට් තරගයේදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේදී අාබාධයකට ලක්වූ දකුණු අප්‍රිකානු නිත්‍ය නායක ෆෆ් ඩු ප්ලෙසිස් අද තරගයට සහභාගී නොවනු ඇති. ඔහුට ශ්‍රී ලංකා තරග සංචාරයේ ඉදිරි සියලු තරග අහිමි වී ඇති අතර ඒ වෙනුවට එක්දින තරගාවලියේ ඉතිරි තරග 2 සඳහා දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ ක්වින්ටන් ඩී. කොක්ටයි. පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ජේ.පී. ඩුමිනි පැවරී තිබේ. මෙම තරගයේදී බොහෝ විට දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට සිය ස්ථානය අහිමි විය හැකි අතර ඒ වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රජිත යළි කණ්ඩායමට එක් විය හැකි බව ක්‍රිකට් විචාරකයෝ පවසති.
2018-08-07T21:39:45.000Z
කරුණානිධිගේ ස්මාරකය ඉදිකරන තැන ගැන අර්බුදයක්
කරුණානිධිගේ ස්මාරකය ඉදිකරන තැන ගැන අර්බුදයක්
(News 1st) - අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ ඉන්දීය දේශපාලනඥ එම්. කරුණානිධිගේ ස්මාරකය ඉදිකෙරෙන ස්ථානය සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් මතුව තිබේ. ඒ , ඩී. එම්. කේ. පක්ෂය පිහිට වූ හිටපු තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය, සී. එන්. අන්නාදුරෙයිගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති සුප්‍රසිද්ධ මරීනා වෙරළ තීරයේ ඉදිකර ඇති ස්මාරකය අසල කරුණානිධිගේ ස්මාරකය ද ඉදිකිරීමට අවසර දෙන ලෙස කරුණානිධිගේ පවුලේ සාමාජිකයින් කළ ඉල්ලීම තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. තමිල්නාඩු ප්‍රාන්ත රජය පවසා ඇත්තේ, මරීනා වෙරළ තීරය වෙනුවට මහත්මා ගාන්ධිගේ ස්මාරකය ඉදිකර ඇති ස්ථානය සමීපයේ කරුණානිධිගේ ස්මාරකය ඉදිකරන ලෙසයි. සී. එන්. අන්නාදුරෙයිගේ ස්මාරකයට අමතරව අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය පිහිටවු එම්. ජී. රාමචන්ද්‍රන් සහ හිටපු තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජේ. ජයලලිතාගේ සමරු ස්මාරකද ඉදිකර ඇත්තේ මරීනා වෙරළ තීරයේයි. මේ අතර කරුනානිධිගේ ස්මාරකය මරීනා වෙරළ තීරයේ ඉදි කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා ඩී. එම්. කේ. පක්ෂය මදුරාසි මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම අද පෙරවරු 8ට යළි සලකා බැලීමට නියමිත ය. ඊට අවසර ලබාදීමට ප්‍රතික්ෂේප කළ තමිල්නාඩු ප්‍රාන්ත රජයට ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට පැය 7 ක කාලයක් ලබාදීමට අධිකරණය ඊයේ පියවර ගත්තේ ය. පස්වරක් ම තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කරුණානිධිගේ ස්මාරකය ඉදිකිරීමට, මරීනා වෙරළ තීරයෙන් අඩි 6ක බිම් කොටසක් ලබාදීම ප්‍රතික්ෂේප කළ තමිල්නාඩු ප්‍රාන්ත රජය ,කොංග්‍රසය ඇතුළු පුද්ගලයන් රැසකගේ දැඩි විවේචනයට බඳුන් විය. මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි,කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි කරුණානිධිගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබේ. දේහයට අවසන් ගෞරව දැක්වීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරුන් සහ කොංග්‍රස් පක්ෂ නායකයා ද අද චෙන්නායි නුවර බලා යාමට නියමිතයි. කරුණානිධිගේ අභාවය හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. දේහය මේ වනවිට චෙන්නායි රාජාජි ශාලාවේ මහජන අවසන් ගෞරව දැක්වීම සඳහා තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පැවැත්වෙන දිනය මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත. මියයන විට 94 වන වියේ පසුවූ ඔහු කාලයක් පුරා රෝගාතුර වි සිටි අතර, පසුගිය 28 වන දා මුත්‍රා ආසාදනයක් සහ උණ රෝගය හේතුවෙන් රෝහල්ගත කර තිබේ.
2018-08-07T21:04:13.000Z
ගැසට් පත්‍ර මුද්‍රණය පෞ. අංශයට පැවරීමේ සූදානමක්...?
ගැසට් පත්‍ර මුද්‍රණය පෞ. අංශයට පැවරීමේ සූදානමක්...
COLOMBO (News 1st) : සිය වැඩ වර්ජනය හමුවේ රජයේ ගැසට් පත්‍ර හා රජයේ ලිපි ලේඛන මුද්‍රණය පෞද්ගලික අංශයට පැවරීමට බලධාරීන් සූදානම් වන බවට වෘත්තීය සමිති චෝදනා කරයි. රජයේ මුද්‍රණ වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු සරත් ලාල් මහතා සඳහන් කළේ, වර්ජනය අද තුන්වැනි දිනටත් ක්‍රියාත්මක බවයි. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් බව පවසමින් දේශපාලන හිතවතුන්ට වන්දි ලබා දෙන බවට චෝදනා කරමින් මුද්‍රණ සේවකයෝ මෙම වැඩ වර්ජනය ආරම්භ කළහ. සරත් ලාල් මහතා සඳහන් කළේ, අදාළ ගැටලු පිළිබඳව බලධාරීන් මෙතෙක් තමන් සමග සාකච්ඡා නොකළ බවයි. වර්ජකයින් නගන චෝදනා පිළිබඳව රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මියගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ කිසිදු ගැසට් පත්‍රයක් මෙතෙක් ප්‍රමාද නොවූ බවයි. කෙසේ වෙතත් දැනට පවතින තත්වය හමුවේ රජයේ අත්‍යවශ්‍ය ලේඛන මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නා බව ද ඇය පැවසුවා ය.
2018-08-07T20:47:32.000Z
මාස 7ක් තුළ පාතාලේ 15ක් මරුට
මාස 7ක් තුළ පාතාලේ 15ක් මරුට
COLOMBO (News 1st) : වසරේ මේ දක්වා කාලය තුළ පාතාල කල්ලි අතර ගැටුම්වලින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, එලෙස මියගොස් ඇති සියලු පුද්ගලයින් පාතාල කල්ලි සාමාජිකයින් බවයි. එම ගැටුම්වලදී පුද්ගලයින් 4 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබිණ. මේ අතර වසරේ ගතවූ කාලය තුළ කළ බස්නාහිර හා දකුණු පළාත්වල කළ මෙහෙයුම්වලින් පාතාල කල්ලි සාමාජිකයින් 52 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට ගෙන තිබේ. මෙහෙයුම්වලදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවලදී මියගිය පාතල කල්ලි නායකයින් සංඛ්‍යාව 4කි. ඔවුන් සතුව තීබූ ගිනි අවි 11 ක් උණ්ඩ හා තියුණු ආයුදධ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇති බව විශේෂ කාර්ය බලකාය පැවසී ය. සැකකරුවන් සතුව තිබූ හෙරෝයින්,ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර පාතාල සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසී ය. මේ අතර පාතාල කල්ලි සාමාජික පොඩි විජේ නමැත්තා වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී කඩු දෙකක් සමග පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට ගෙන තිබේ. එහි නිලධාරියෙකු පැවසුවේ, සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරි බවයි.
2018-08-07T20:33:01.000Z
පැන ගිය මුලතිව් රැඳවියන් සොයා විමර්ශන
පැන ගිය මුලතිව් රැඳවියන් සොයා විමර්ශන
COLOMBO (News 1st) : මුලතිව් බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙකු පළා ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ඔවුන් ඊයේ පස්වරුවේ මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යන අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී ඔවුන් පලා ගොස් ඇති බවයි. මෙම රැඳවියන් මනුෂ්‍ය ඝාතන සහ සොරකම් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින්නන් බව පොලීසිය පැවසී ය. පලා ගිය සැකකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.
2018-08-07T20:21:21.000Z
බිත්තර හා කුකුළු මස් මිල ඉහළට
බිත්තර හා කුකුළු මස් මිල ඉහළට
COLOMBO (News 1st) : බිත්තර හා කුකුළු මස් මිල ගණන් ඉහළ ගොස් තිබේ. පාරිභෝගිකයින් පවසන්නේ, මේ දිනවල වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 20 ත් 22 ත් අතර මිලකට අලෙවි වන බවයි. කුකුළු මස් මිල ද කිලෝ ග්‍රෑමයක් රුපියල් 500 ත් 600 ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔවුහු ප්‍රකාශ කළහ. මේ අතර සමස්ත ලංක බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ප්‍රකාශ කළේ, බිත්තර මිල ඉහළ යාමට හේතු කිහිපයක් බලපා ඇති බවයි. කෙසේ වෙතත් කුකුළු මස් මිලෙහි සැළකිය යුතු වැඩිවීමක් සිදුව නොමැති බව සමස්ත ලංකා කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය පැවසී ය. මේ අතර ඊයේ රැස් වූ ජීවන වියදම් කමිටුව ද බිත්තර හා කුකුළු මස් මිල ඉහළ යාම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති අතර එහිදී සාකච්ඡා වී ඇත්තේ බිත්තර හා කුකුළු මස් මිල ඉහළ යාම සම්බන්ධයෙන් නිෂ්පාදකයින් ගෙන්වා කරුණු විමසිය යුතු බවයි. ඉන් අනතුරුව මෙම ආහාර සඳහා පාලන මිලක් පැනවීමට ද ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ.
2018-08-07T20:04:40.000Z
මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ අක්‍රමිකතා දැනුම් දීමට විශේෂ ඒකකයක්
ඉදිකිරීම් අක්‍රමිකතා දැනුම් දීමට විශේෂ ඒකකයක්
COLOMBO (News 1st) : මොරගහකන්ද කළුඟග සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට අදාළව දූෂණ වංචා අක්‍රමිකතා පිළිබඳ නිශ්චිත තොරතුරු දැනුම් දීම සඳහා ජනාධිපති විශේෂ එකකයක් ස්ථාපනය කර තිබේ. රුපියල් කෝටි 23000ක වියදමින් ඉදිවන මෙරට දැවැන්තම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියයි. එහි ඉදිකිරීම්වලදී කිසියම් අක්‍රමිකතාවක් වෙතොත් ඒ පිළිබඳ මෙම විශේෂ ඒකක සඳහා 011 2034159 දුරකතන අංකය සහ 011 2879976 ෆැක්ස් අංකය ඔස්සේ සාක්ෂි සහිත තොරතුරු දැනුම් දිය හැකි ය. එමෙන්ම එම තොරතුරු අධ්‍යක්ෂ විමර්ශන, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය, සොබාදම් පියස, අංක 416/සී/1, රොබට් ගුණවර්ධන මාවත, බත්තරමුල්ල යන ලිපිනයට ද අදාළ තොරතුරු යොමු කළ හැකියි.
2018-08-07T19:35:10.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්
COLOMBO (News 1st) දේශීය පුවත් 1. 7 වන බාලි සම්මුති සම්මන්ත්‍රණය ඉන්දුනීසියාවේදී... : 7 වන බාලි සම්මුතියේ සම්මන්ත්‍රණය ඊයේ ඉන්දුනීසියාවේ බාලිහිදී පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණයට ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්වුණේ, ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය ජූලි බිෂොප් සහ ඉන්දුනීසියාවේ විදේශ කටයුතු අමාත්‍ය රෙට්නෝ මර්සුඩි යන මහත්ම මහත්මීන් ය. ලොව ප්‍රධාන පෙළේ සමාගම් සමග ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සීමාසහිත කැපිටල් මහරාජා සමූහ සංවිධානය ද ඊට සහභාගී විය. 2. කොටුවේ රිය අනතුරක් ගුටි කෙළියකින් කෙළවරයි : කොළඹ, කොටුව ප්‍රදේශයේ රිය අනතුරකින් පසුව ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් සිදු වූ පහරදීමකින් තුවාල ලැබූ තිදෙනෙකු ඊයේ රෝහල්ගත කෙරිණ. 3.අබාන්ස් සභාපතිනියගෙන් දේශපාලනඥයින්ට පණිවුඩයක් : අබාන්ස් අබාන්ස් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපතිනී අබාන් පෙස්ටොන්ජි මහත්මිය 2017 වසරේ හොඳ ම ව්‍යවසායිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබී ය. 4. කඩවත වෙඩි තැබීමකින් කාන්තාවක මරුට : කඩවත ගෝනහේන මංසන්ධියේ ඊයේ දහවල් සිදු කළ වෙඩි තැබීමකින් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව ජීවිතක්ෂයට පත්වූවා ය. 5. PE+ සන්නාමය ව්‍යාජව භාවිත කළ ආයතනයකට අධිකරණයෙන් දඩ: පී.ඊ. ප්ලස් වෙළෙඳ සන්නාමය භාවිත කරමින් අනවසරයෙන් නිෂ්පාදන සිදු කළ වෙළෙඳ ආයතනයකට එරෙහිව ඊයේ පියවර ගනු ලැබී ය. ඒ, ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි. 6. පනලියේ අනතුර ගැන ඇමති පරීක්ෂණයක් ඉල්ලයි : උඩරට මාර්ගයේ, පනලියේදී සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උපදෙස් දී තිබේ. විදෙස් පුවත්.... 1. කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි : ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකු වන ඩී.එම්.කේ. පක්ෂ නායක එම්. කරුණානිධි මහතා චෙන්නායිහි පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අභාවප්‍රාප්ත විය. 2. ට්‍රම්ප් යළි ත් ඉරානයට සම්බාධක දමයි : ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම්වලට එරෙහි අමෙරිකානු සම්බාධක යළි ක්‍රියාත්මක කිරීමට ජනපති ට්‍රම්ප් පියවර ගෙන තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ 2015 න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉරානයට එරෙහිව යළිත් සම්බාධක පනවන බවයි. ක්‍රීඩා පුවත්... . 1. ද. අප්‍රිකානු නායකයාට ඉදිරි තරග අහිමිවෙයි : ආබාධයකට ලක්වීම හේතුවෙන් දකුණු අප්‍රිකා නායක ෆෆ් ඩූ ප්ලෙසිස්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ඉදිරි එක්දින ක්‍රිකට් තරග 2 හා පන්දුවාර විස්සයි ක්‍රිකට් තරගවලින් ඉවත්වීමට සිදුව තිබේ.
2018-08-07T10:37:32.000Z
කොළඹ කොටුවේ බස් - කාර් අනතුරක් ගුටි කෙළියකින් කෙළවර වෙයි
කොටුවේ රිය අනතුරක් ගුටි කෙළියකින් කෙළවර වෙයි
COLOMBO (News 1st) - කොළඹ, කොටුව ප්‍රදේශයේ රිය අනතුරකින් පසුව ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් සිදු වූ පහරදීමකින් තුවාල ලැබූ තිදෙනෙකු රෝහල් ගතකර තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ බස් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් අනතුරුව මෙම සිද්ධිය හටගෙන ඇති බව ය. බස් රථයේ රියැදුරු සහ මෝටර් රථයේ සිටි පුද්ගලයින් අතර ගැටුමක් හටගෙන තිබේ. එම ගැටුමේදී මෝටර් රථයේ සිටි පුද්ගලයින් බස් රථයේ රියැදුරුට තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලීසිය සඳහන් කළේය. ඉන් තුවාල ලැබූ බස් රථයේ රියැදුරු ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ. මෝටර් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.
2018-08-07T11:33:47.000Z
නායකත්වය ගන්න, නැත්නම් අනුගාමිකයෙකු වන්න, එසේත් නැත්නම් මාවතෙන් ඉවත් වන්න - ශෙවාන් ඩැනියෙල්
7 වන බාලි සම්මුතියේ සම්මන්ත්‍රණය ඉන්දුනීසියාවේදී
COLOMBO (News 1st) - 7 වන බාලි සම්මුතියේ සම්මන්ත්‍රණය අද ඉන්දුනීසියාවේ බාලිහිදී පැවැත්විණි. මෙම සම්මන්ත්‍රණයට ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්වුණේ, ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය ජූලි බිෂොප් සහ ඉන්දුනීසියාවේ විදේශ කටයුතු අමාත්‍ය රෙට්නෝ මර්සුඩි යන මහත්ම මහත්මීන් ය. ලොව ප්‍රධාන පෙළේ සමාගම් සමග ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සීමාසහිත කැපිටල් මහරාජා සමූහ සංවිධානය ඊට සහභාගී විය. මෙරට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සමග සීමාසහිත කැපිටල් මහරාජා සමූහ සංවිධානය වෙනුවෙන් සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා ඊට එක්ව සිටියේ ය. වර්තමාන වහල් සේවයට එරෙහිව ගෝලීය සටන බාලි සම්මුතියේ මූලික අරමුණ යි. ඊට රටවල් 45ක් නියෝජනය කරමින් රාජ්‍ය නායකයින් සහ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරු හා එක්සත් ජාතීන්ගේ සංවිධාන තුනක් මීට එක්ව සිටිති.
2018-08-07T09:42:50.000Z
මන්ත්‍රී වැටුප් වැඩි කිරීමේ යෝජනාවෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
මන්ත්‍රී වැටුප් නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
COLOMBO (News 1st) - මන්ත්‍රී වැටුප් වැඩි කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුව උණුසුම් කළේ ය. මෙහිදී අදහස් දැක්වූ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ, ඊයේ රැස්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රී වැටුප් වැඩි කිරීමේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ඒකමතිකව තීන්දුවක් ගත් බව ය.
2018-08-07T09:26:03.000Z
ඇමතිවරයෙකුට අයත් සමාගමකට මිලියන 4000ක අක්‍රීය ණයක් - රවි කරුණානායකගෙන් අනාවරණයක්
ඇමතිවරයෙකුට අයත් සමාගමකට මිලියන 4000ක අක්‍රීය ණයක්
COLOMBO (News 1st) - මහජන බැංකුවේ අධ්‍යක්ෂ ජෙහාන් අමරතුංග නමැත්තා විධායක උප සභාපති ධූරය දරණ සමාගමකට රුපියල් බිලියන 10ක ණය ලබා දීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අද කොළඹදී අදහස් දැක්විය. මෙහිදී රවි කරුණානායක මහතා ඇමතිවරයෙකුට අයත් සමාගමකට මිලියන 4000ක අක්‍රීය ණයක් ලබා දීම පිළිබඳව අනාවරණයක් කළේ ය.
2018-08-07T09:10:10.000Z
විපක්ෂ නායක ධූරය ගැන තීන්දුව ලබන සතියේ - කථානායක පාර්ලිමේන්තුවේදී කියයි
විපක්ෂ නායක ධූරය ගැන තීන්දුව ලබන සතියේ
COLOMBO (News 1st) - විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ පැය 3කට අධික කාලයක් වාද කෙරිණි. පස්වරුවේ කථානායකවරයා පක්ෂ නායක රැස්වීමක් ද කැඳවූ අතර සිය ස්ථාවරය ඉදිරියේදී දන්වන බව ඔහු සභාවට ප්‍රකාශ කළේ ය.