date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-08-19T01:47:07.000Z | වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 35,000 කට අධික පිරිසකට ඩෙංගු | පුද්ගලයින් 35,000 කට අධික පිරිසකට ඩෙංගු | පසුගියදා දිස්ත්‍රික්ක 5 ක සිදුකළ ඩෙංගු මර්දන මෙහෙයුමේදී පුද්ගලයින් 369 කට එරෙහිව නඩු පැවරූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂ ප්‍රශිලා සමරවීර මහත්මිය සදහන් කළේ ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහල යා හැකි බවට හදුනාගත් කොළඹ, ගම්පහ, කළුතර, යාපනය හා මන්නාරම යන දිස්ත්‍රික්කවල පසුගිය 16 සහ 17 යන දෙදින තුළ මෙම ඩෙංගු මර්දන වැඩ සටහන ක්‍රියාත්මක කළ බවයි. එහිදී පරිශ්‍ර 40,000 ක් පරික්ෂාවට ලක් කළ බවද ඇය සදහන් කළා. එම දින දෙක තුළ මදුරුවන් බෝ විය හැකි බවට හදුනාගත් ස්ථාන 1500 කට රතු නිවේදන නිකුත් කර තිබෙනවා. මේ අතර වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 35,000 කට අධික පිරිසකට ඩෙංගු රෝගය වැලදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. රෝගය වැලදීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 40 ක්. |
2018-08-19T01:16:20.000Z | ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් වෙයි | ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් වෙයි | ආසියාවේ ශක්තිය තේමාකොට ගත් ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග අද ආරම්භ වුනා. එහි පිහිණුම් තරග වල පිරිමි මීටර් 200 නිදහස් ආර පිහිණුම් තරග ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අළුත් කීරීමට සමත් වුනා. ඒ, මිනිත්තු 1 යි තත්පර 50 යි දශම 9 යි 7 ක දක්ෂතාවක් දක්වමින්. කෙසේ වෙතත් එම තරග ඉසව්වේ තුන්වන සුදුසුකම් ලැබීමේ තරගයට සහභාගී වූ මැතිව් අබේසිංහට හිමිවූයේ හයවන ස්ථානයයි. |
2018-08-19T01:13:31.000Z | මැග්නිටියුට් ඒකක 8.2 ක ප්‍රබල භූ චලනයක් | මැග්නිටියුට් ඒකක 8.2 ක ප්‍රබල භූ චලනයක් | ෆිජි දුපත් ආශ්‍රිත මුහුදේ ප්‍රබල භූ චලනයක් සිදුව තිබෙනවා. ඇමෙරිකානු භු විද්‍යා සමික්ෂණ ආයතනයට අනුව එහි ප්‍රබලත්වය මැග්නිටියුට් ඒකක 8.2 ක්. කිලෝමීටර් 560 ක් පමණ පොළොව අභ්‍යන්තරයේ මෙම භූ චලනය සිදුව ඇති අතර ඉන් කිසිවෙකුත් තුවාල ලබා නොමැති බව විදෙස් මාධ්‍යයෙන් වාර්තා වන අතර එම ප්‍රබල භූ චලනය ශ්‍රි ලංකාවට කිසිදු බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කළා. |
2018-08-19T00:43:10.000Z | අධික වැසි හේතුවෙන් මධ්‍ය කදුකරයේ මාර්ග පද්ධතියට බලපෑම් | වැසි හේතුවෙන් මධ්‍ය කදුකරයේ මාර්ග පද්ධතියට බලපෑම | අධික වැසි සමඟ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ටැඩන් ප්‍රදේශයට පස් කන්දක් කඩා වැටීම සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කලේ, දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් ඒ සඳහා යොමු කර ඇති බවයි. අවශ්‍යතාව අනුව, පරික්ෂා කිරීම් සදහා කොළඹින් විශේෂ කණ්ඩායමක් යොමු කිරිමට සැලසුම් කර ඇතැයි ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. පසුගියදා මෙම පස් කන්ද කඩා වැටීම හේතුවෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වූ අතර ඒ වෙනුවෙන් විකල්ප මාර්ගයක් ඉදිකලා. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයට පනවා තිබූ නායයාමේ අනතුරු ඇගවීම අද(19) පස්වරු 05 දක්වා දීර්ඝ කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ දිස්ත්‍රික්කයේ අඹගමුව සහ කොත්මලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවලට එම නිවේදනය බලාත්මක බවයි. මේ අතර දින කිහිපයක සිට පවතින අධික වැසි හේතුවෙන් මධ්‍ය කදුකරයේ ජලාශ කිහිපයක් මේ වනවිට වාන් දමන අතර වර්ෂාවෙන් මාර්ග පද්ධතියට ද බලපෑම් එල්ල වී තිබෙනවා. |
2018-08-19T00:08:07.000Z | ඔක්තෝම්බර් 01වැනිදා සිට දුම්රිය ගාස්තු ඉහළට | ඔක්තෝම්බර් 01වැනිදා සිට දුම්රිය ගාස්තු ඉහළට | ඔක්තෝබර් මස පළමු වැනිදා සිට දුම්රිය ගාස්තු සියයට 15 කින් ඉහළ දමන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා සඳහන් කළේ ඉන්ධන ගාස්තු වැඩිවීමට සාපේක්ෂව මෙතෙක් දුම්රිය ගාස්තු වැඩි නොවූ බවයි. දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බවද ලේකම්වරයා සඳහන් කළා. |
2018-08-18T10:48:09.000Z | රහසිගතව සකස් කරමින්,රහසිගතව අත්සන් තබමින්,රහසිගත සාකච්ඡා පවත්වන සිංගප්පුරු-ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ තවත් අනාවරණයක් | සිංගප්පුරු-ලංකා වෙළෙඳ ගිවිසුමේ තවත් අනාවරණයක් | COLOMBO (News 1st) - සිංගප්පුරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමේ පවතින අද්භූත කාරණා රැසක් පිළිබඳව ඊයේ අප ජනතාවට අනාවරණය කළෙමු. මේ එහි දෙවන දිගහැරුමයි.. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳාම හා සම්බන්ධව කටයුතු කරන්නේ අද ඊයේ සිට නොවේ. වසර ගණාවක සිටම ශ්‍රී ලංකාව ලෝක ප්‍රකට වාණිජ රාජ්‍යයකි. එහෙත් ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් හරහා අප සෑම විටම කරන්නේ නිවැරදිදේ ද? මේ පිළිබඳව යළි ත් අපට කතා කරකන්නට සිදු ව තිබෙන්නේ සිංගප්පුරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම තුළ පවත්නා ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙනි. කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය කෙනත් ද සිල්වා, ඒ ගිවිසුම හරහා අපිට ලස්සනට ගිවිසුම්ගත කරලා තිබුණට ඒක ප්‍රායෝගිකව අපිට දකින්න ලැබෙන්නේ නෑ. අපේ තියෙන කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයින් අතර සාකච්ඡා ඇති කරලා රජයට උපරිමයෙන් දෙන්න පූළුවන් සහයෝගය ඒ ගොල්ලන්ට ලබාදීලා ඒ ගොල්ලන්ගේ කර්මාන්තය නගා සිටුවලා ඒ ගොල්ලන්ට ඒ කර්මාන්ත ගෝලීය මට්ටමින් තරඟකාරී වෙළෙඳපොළත් එක්ක සම්බන්ධ කිරීමේ හැකියාව තිබුණායින් පස්සේ තමයි මේ වගේ ගිවිසුම්වලට යන්න තියෙන්නේ. ඒ ඒ භාණ්ඩ හා සේවා සඳහා තියෙන ඉල්ලුම පිටරටවල්වලට ගෙනියෑමේ තියෙන නොහැකියාව නිසා අපිට මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ. ඒ නිසා අපේ ආර්ථික ව්‍යූහය නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා රජය පියවර ගත යුතුයි. විකල්ප පියවර ගත යුතුයි. කෙසේ වෙතත් මෙම සිංගප්පුරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට පක්ෂපාති පාර්ශව කිහිපයක් සමග පැවැත් වූ හමුවකින් අනතුරුව ඉකුත් 15 වන දා සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය ලියවිල්ලක් සකස් කර තිබේ. ඒ මෙම ගිවිසුම හා සම්බන්ධ කර්මාන්තවලදී සිදුවන හානි පුර්ණයන්ට අදාළවයි. එහෙත් විෂයභාර අමාත්‍යවරයා අවස්ථා ගණනාවකදී කියා සිටියේ මෙම ගිවිසුම හරහා මෙරට කර්මාන්තයන්ට කිසිදු බලපෑමක් සිදුනොවන බවයි. අදාළ ලියවිල්ලේ 11 වැනි පිටුවේ සඳහන් පරිදි මෙම ගිවිසුම මගින් මෙරට කර්මාන්තයන්ට සිදුවිය හැකි හානි පුර්ණයන් සඳහා අවධානය යොමු කර ඇත. එලෙස කර්මාන්තවල හානි පුර්ණයන් සඳහා වන්දි ගෙවීමට වත්මන් රජයට මූල්‍යමය ශකතාවක් පවතින්නේ නම් උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත්වුවන්ට වන්දි ගෙවීම සාලාවේ අවි ගබඩාවේ පිපුරුමෙන් පීඩාවට පත්වුවන්ට වන්දි ගෙවීම සාමසරකන්ද නායයෑමෙන් විපතට පත්වුවන්ට වන්දි ගෙවීමට රජය මැලිවන්නේ ඇයි? සැබැවින්ම එලෙස වන්දි ගෙවීමක් සිදුවේවි ද? ඒ කෙතරම් කාලයකට ද? මෙමගින් කියැවෙන්නේ සිංගප්පුරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් මෙරට කර්මාන්තයන්ට බලපෑමක් සිදුවන බව නොවේ ද? මවුබිම ලංකා පදනමේ කමිටු සාමාජික, කුලතුංග රාජපක්ෂ, සිංගප්පූරුවෙන් අපි ගෙන්නලා තියෙනවා ඩොලර් මිලයන 1000 කට වැඩි භාණ්ඩ අපි ගෙන්නලා තියෙනවා. සිංගප්පූරුව දැනටමත් කිසිම තීරු බද්දක් අය නොකරන නිසා ඕනෑම භාණ්ඩයක් සිංගප්පූරුවට යවන්න පූළුවන් නිසා සීයක් පමණ තමයි 2016 -2017 අපි අපනයනය කරලා තියෙන්නේ සිංගප්පූරුවට ශ්‍රී ලංකාවේ භාණ්ඩ. මට පේන්නේ නැහැ කිසිම ඵල ප්‍රයෝජනයක් තියෙනවා කියලා කර්මාන්තකරුවන්ට සිංගප්පූරුවට යවන භාණ්ඩවලට. මෙම ගිවිසුම හරහා සිංගප්පුරුවේ ජාතිකයන්ට පමණක් නොව විවිධ ජාතිකයන්ට මෙරටට පැමිණීමට අවස්ථාව පවතින බවට චෝදනා එල්ල වුවද විෂය භාර අමාත්‍යවරයා ඇතුලු වගකිවයුතු නිලධාරීන් සිදු කළේ එම චෝදනා ප්‍රතික්ෂේප කිරීමයි. එහෙත් අදාළ ගිවිසුම තුළින් සිංගප්පුරු නොවන වෙනත් ජාතිකයින්ට මෙරටට පැමිණීමට අවස්ථාව හිමි ව පවතින බව ඉකුත් 15 වන දා නිකුත් කළ ලියැවිල්ලේ 13 වැනි පිටුව සාක්ෂි දරනු ඇති. එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ කම්කරු ගාස්තු ඉහළ නිසා ඒ පිළිබඳව විකල්ප සලකා බැලිය හැකි බවයි. ඒ අනුව මිලියන 5.8 කට අධික ජනගහනයක් සිටින සිංගප්පුරුවේ ස්ථීර පදිංචිකරුවන් වන මිලියන 2 ක් පමණ වන චීන මලායානු ඉන්දියානු ඇතුලු විවිධ ජනවර්ගයන්ට ද බාධාවකින් තොරව රැකියාවන් සඳහා මෙරටට පැමිණීමේ අවස්ථාව උදා වේ. මවුබිම ලංකා පදනමේ කමිටු සාමාජික, කුලතුංග රාජපක්ෂ සේවාවන් සම්බන්ධයෙන් සිංගප්පූරුවේ තියෙන නීතිරිති හා අනිත් ඒ ගොල්ලන්ගේ තියෙන යම්කිසි ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ආගමන විගමන නීතියටත් ක්‍රමවත්ව සකස් කරලා තියෙනවා. අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවේ අගාමන විගමන නීතිවත් තාම හරියට හරි ගස්සලා නෑ. සිංගප්පූරු පුරවැසියන් පමණක් නෙවෙයි, සිංගප්පූරුවේ පුරවැසියන් නොවන අය ඒ කියන්නේ පී.ආර්.අයි හෝල්ඩර්ස්ලා කියනවා ඒ ගොල්ලන්ට ඉංග්‍රීසියෙන්. ඒ ගොල්ලන්ටත් පුරවැසිභාවය තියෙන විදිමට අයිතිය තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතිං එතකොට සිංගප්පූරුවේ පුරවැසියන්ට පමණක් නෙවෙයි වෙනත් ක්‍රමවලින් පුරවැසිභාවයට හා සමාන කට්ටියටත් එන්න පුළුවන් කියන ක්‍රමවේදයක් මේ ගිවිසුම යටතේ හරිගස්සලා තියෙනවා. මේ අනුව බලන කල සිංගප්පුරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම තුළ ගැටලු රැසක් පවතින බව අතිශය පැහැදිලිය. අප ඒ පිළිබඳව විමසන සෑම අවස්ථාවකදීම විෂයභාර අමාත්‍යවරයා පමණක් නොව අමාත්‍යංශ බලධාරීන් ද අපට පිළිතුරු ලබාදෙන්නේ නැත. ඒ අනුව මෙලෙස, (1) ගිවිසුම් රහසිගතව සකස් කිරීම. (2) සකස් කළ ගිවිසුම් රහසිගතව අත්සන් කිරීම. (3) ඒ හා සම්බන්ධ රැස්වීම් රහසිගතව පැවැත්වීම මෙය අතිශය ප්‍රශ්න සහගතයි. මෙම ගිවිසුම පිළිබඳව දැනගැනීමට ජනතාවට ඇති අයිතිය තහවුරු කරමින් එය අත්සන් තැබීමට පෙර ඒ පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් නොගත්තේ ඇයි? සැගවිය යුතු කරුණු තිබුණු නිසා බැඳුම්කර විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා මගින් එම විවාදය කල්දමා ගත් ආකාරය මෙරට ජනතාවට ද අමතක නැත. සිංගප්පුරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම ද එවැනි ප්‍රශ්න සහගත ජනතාවට සැඟවිය යුතු එකක්ද යන්න දැන් දැන් ජනතාවට සැක මතු වේ. ජනතාවට සත්‍ය වසන් කොට ගිවිසුම අත්සන් තැබීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පළක් නොවන්නේ එහෙයිනි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, වාසුදේව නානායක්කාර, මේ ගිවිසුම පිටු දාහකට වැඩියි .ඉතින් ඒ තරම් ලොකු ගිවිසුමක් පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමේදී අපිට සෑහෙන කාලයක් අවශයි. ඉතින් ඒ අනුව පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවක් විවාදයක් වුණානම් හුගාක් තොරතුරු කරුණු මේ රටේ එළිදැක්වෙනවා. ඒ නිසා මම හිතන්නේ එහෙම ඉදිරිපත් නොකරපු එක වරදක්. එදා ඒ විවාදය අවසන් වනකන් යන්නත් බැරිවුණා. සභාව අවසන් වුණා කල්වේලා ඇතුව ජනතා විමුක්ති පෙරමුණේ පා.ම, සුනිල් හඳුන්නෙත්ති, අදටත් මේක පාර්ලමේන්තුවට ඉදිරිපත් කරලා නෑ. කවුරු හර කියනවා නම් මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා කියලා මම අහනවා භාෂා 3 න්ම මොකක් හරි ගිවිසුමක් පාර්ලමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. ඒ ගිවිසුම දැකලා විවාද කරපු අය පාර්ලමේන්තුවේ නෑ. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා කල් තැබීමේ විවාදයක් ගෙනල්ලා සිංගප්පුරු ගිවිසුම නොදැක විවාද කළා. මනමාලි නොදැන කසාද බැන්දා වාගේ නීතිපතිවරයාගේ නෛතික අනුමැතියක් ගිවිසුමට ලැබී ඇති බව ද සඳහන් ය. එමෙන්ම ගිවිසුම පසුපස සිටින ප්‍රධානතම පාර්ශවකරුවන් දෙපළ පිළිබඳව ද මෙරට ජනතාව ඉතා හොඳින් දනි. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිහිටෙන් අගමැති ධූරයට පත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනතා වරමක් නොලැබුණ ද ජාතික ලැයිස්තුවෙන් පාර්ලමේන්තුවට පැමිණි මලික් සමරවික්‍රම අමාත්‍යවරයායි. අප යළි යළි ත් රජයට අභියෝග කරන්නේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් අප විමසන කාරණාවලට නිසි පිළිතුරු ලබාදෙන කිල්ලෝටයේ හුණු නොමැති ඇමතිවරයෙක් එවන ලෙසයි. |
2018-08-18T09:56:25.000Z | දහසක් ප්‍රශ්න මැද ජනතාව දුක් විඳිද්දි සැප විඳින්න යන කුරුණෑගල නගරාධිපති | සැප විඳින්න යන කුරුණෑගල නගරාධිපති | COLOMBO (News 1st) - කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී දීමනා 125% කින් ඉහළ දැමීමට ගත් තීරණය මේ දිනවල වඩාත් කතාබහට ලක්වන මාතෘකාවකි. මේ අතර කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ද රුපියල් මිලියන 20 කට අධික වටිනාකමකින් යුත් ජගුවර් වර්ගයේ මෝටර් රථයක් මිලදී ගැනීමට සූදානම් වන බවට වාර්තා වේ. මෙවර පැවති පළාත් පාලන මැතිවරණයෙන් පොදු ජන පෙරමුණෙන් කුරුණෑගල නගර මහ නගර සභාවට තරග වැද එහි නගරාධිපති ලෙස තේරිපත්වූයේ තුෂාර සංජීව මහතායි. ලංකාවේ තුන්වැනි විශාලතම දිස්ත්‍රිකයවන කුරුණෑගල දිස්ත්‍රිකයේ 10% කට අධික සංඛ්‍යාවක් විරැකියාවෙන් පෙළෙන අතර 20% කට අධික සංඛ්‍යාවකට පොදු යටිතල පහසුකම් හෝ නොමැති බව 2016 වර්ෂයේ ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහනෙන් සිදු කළ සමීක්ෂණයෙන් අනාවරණය විය. සිය නිවසේ සිට නගරාධිපතිවරයාට නගර සභාවට යාමට ඇත්තේ කිලෝමීටර් 2 යි මීටර් 600 ක පමණ දුරකි. එවැනි පසුබිමක් තුළ මහජනතාවගේ කෝටි ගණනක් වූ බදු මුදල් වැයකර තම සුඛ විවරණය පමණක් සිතිම කණගාටුදායක තත්ත්වයක් නොවේ ද? ජනතා විමුක්ති පෙරමුණේ වයඹ පළාත් සභා මන්ත්‍රී, නාමල් කරුණාරත්න, මේ කුරුණෑගල නගර සභාව, නගරාධිපතිවරයාට රාජකාරි කටයුතුවලට යන්න. කෝටි දෙකයි ලක්ෂ 15 ක වාහනයක් අවශ්‍ය ද? ඒ වාහනේ ඇවිල්ලා ජගුවර් එස්.එෆ්.ඒ විතරක් නෙමෙයි. අනෙකුත් මන්ත්‍රීවරුන්ට පොදුවේ පාවිච්චි කරන්න කියලා ටොයොටා හයිෆ් 89 ලක්ෂ අනු දාහක වෑන් එකකුත් ගන්න මේවෙනකොට ඇනවුම් කරලා තිබෙනවා. මේ වෙනකොට මේක අනුමත වෙලා තිබෙනවා. ඒ නිසා මේක වහාම නවත්වන්න ඕන. මහින්ද මහත්තයෝ මෙන්න ඔබතුමාලගේ නගරාධිපතිවරු මේ රටේ මහජනතාවගේ මුදල් කාබාසිනිය කරන හැටි. අගමැතිතුමාට කාර් දෙකක් ගත්තා. ලක්ෂ 6000 ක් වියදම් කරලා. ඊට අමතරව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දරන්නේ නැති මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ ලක්ෂ 7 කට ආසන්න පැකේජ් එකක් සහන ගොඩක් ලබාදෙන්න කැබිනට් එකට යෝජනාවක් ආවා. දැන් බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගේ පස්ස පැත්ත තියන්න ලක්ෂ හයහමාරක් වටින පුටු ගේනවා. ඊට පස්සේ කොළඹ මහනගර සභාවේ නගරාධිපතිතුමියගේ පස්සපැත්ත තියන්න ටොයිලට් එක ප්‍රතිසංස්කරණය කරන්න ලක්ෂ 59 ක් වියදම් කරනවා. ඊට පස්සේ කුරුනෑගල නගරා සභාවේ නගරාධිපතිතුමාගේ පස්ස පැත්ත තියන්න කෝටි දෙකයි ලක්ෂ 15 ක් වියදම් කරනවා. දැන් මේ පස්ස පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. මේගොල්ලන්ගේ පස්ස තියන්න තමයි මේ තරම් මහජන මුදල් දැන් වියදම් කරන්නේ. මොලේ මස්තිස්කය සමහර විට පස්ස පැත්තට බැහැලද දන්නේ නැහැ. ඒ නිසයි මොළය ආරක්ෂා කරගන්න ඕනේ. |
2018-08-18T07:04:53.000Z | දකුණු පළාතේ මී පැණි නිෂ්පාදනය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක් | දකුණේ මී පැණි නිෂ්පාදනය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක් | COLOMBO (News 1st) - දකුණු පළාතේ මී පැණි නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව දකුණු පළාත් සංවර්ධන අධිකාරිය පවසයි. මේ වන විට මෙරටට වාර්ෂිකව ගෙන්වන මී පැණි ප්‍රමාණය ටොන් 200 කි. මේ හේතුවෙන් මෙරට අවශ්‍යතාවට සරිලන මී පැණි, මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ. මෙහිදී මී මැසි ජනපද ඇති කිරීම සඳහා අවශ්‍ය මී මැසි පෙට්ටි ද නිෂ්පාදකයින්ට ලබාදෙනු ඇති. |
2018-08-18T06:36:10.000Z | දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් හා ජනපති අතර සාකච්ඡා | දුම්රිය සමිති නියෝජිතයින් හා ජනපති අතර සාකච්ඡා | COLOMBO (News 1st) - දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අද දහවල් පැවැත් විය. ඒ, ජනාධිපති නිල නිවසේදීයි. සාකච්ඡාවට සහභාගි වූ ශ්‍රී ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සභාපති අලෝක ජයසිංහ මහතා සඳහන් කළේ, එහිදි දුම්රිය සේවකයින්ගේ ශ්‍රේණි අතර පවතින වැටුප් විශමතාව හා අණදීමේ ක්‍රියාවලියේදී මතුව ඇති ගැටලු පිළිබඳ දීර්ඝ ලෙස සකාච්ඡා කළ බවයි. ඒ අනුව පවතින ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ඊට වගකිව යුතු සියලු පාර්ශවවල සහභාගිත්වයෙන් ලබන බ්‍රහස්පතින්දා සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපතිතුමා තීරණය කළ බව ඔහු පැවසුවේ ය. ලැබුණු සුබවාදී ප්‍රතිචාරය හේතුවෙන් ලබන 20 වැනි දාට සැලසුම් කර තිබූ දුම්රිය සේවක වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කළ බව ශ්‍රී ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සභාපති අලෝක ජයසිංහ මහතා පවසා තිබේ. |
2018-08-18T04:42:05.000Z | එ. ජා. හිටපු මහ ලේකම්වරයෙකු වූ කොෆී අනන් අභාවප්‍රාප්ත වෙයි | කොෆී අනන් අභාවප්‍රාප්ත වෙයි | එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම්වරයෙකු වූ කොෆී අනන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ 80 වැනි වියෙහි පසු වූ ඔහු අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇති බවයි. 1938 වසරේ අප්‍රේල් 8 වන දා අප්‍රිකානු රාජ්‍යයක් වන ඝානාවේදී, උපත ලැබූ කොෆී අනන් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 7 වැනි මහ ලේකම් ධූරයට පත්වූයේ 1997 වසරේ ජනවාරි පළමු වැනි දා ය. සිය ධූර කාලය තුළ ඔහු ලෝකවාසීන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් විශාල සමාජ මෙහෙවරක නිතර විය. ජනතාව වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් කොෆී අනන් මහතා 2001 වසරේදී නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවේ ය. |
2018-08-18T00:37:40.000Z | ඉම්රාන් ඛාන් පකිස්ථානයේ 22 වන අගමැති ලෙස දිවුරුම් දෙයි | ඉම්රාන් ඛාන් පකිස්ථානයේ අගමැති ලෙස දිවුරුම් දෙයි | (News 1st) - හිටපු ක්‍රිකට් කීඩක ඉම්රාන් ඛාන් පකිස්ථානයේ 22 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ. ඊයේ එරට ජාතික රැස්වීමේදී පැවැත්වූ ඡන්දයකින් අනතුරුව ඉම්රාන් ඛාන් අගමැති ධූරය සඳහා තේරී පත් විය. ඔහුට අගමැති ධූරයට තේරී පත් වීම සඳහා ඊයේ 176 දෙනෙකුගේ සහය ලැබිණි. පසුගිය ජූලි මාසයේදී පැවති මැතිවරණයේදී ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් වූ අතර ඔහු අගමැති ධූරය අත්කර ගැනීම සඳහා එරට කුඩා පක්ෂ සමග සන්ධානගත විණි. 65 වන වියේ පසුවන ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තුව අමතමින් සිය මැතිවරණ පොරොන්දු පිළිබඳව නැවතත් අවධාරණය කළේ ය. දූෂිත දේශපාලනඥයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් තරුණයින් සඳහා අවස්ථාව වැඩි දියුණු කිරීමටත් කටයුතු කරන බවත් පාර්ලිමේන්තුව අමතමින් ඔහු ප්‍රකාශ කර සිටියේ ය. |
2018-08-17T22:27:27.000Z | 18 වන ආසියානු ක්‍රීඩා උළෙල අද ඉන්දුනීසියාවේදී ඇරඹේ | 18 වන ආසියානු ක්‍රීඩා උළෙල අද ඉන්දුනීසියාවේදී ඇරඹේ | COLOMBO (News 1st) - රටවල් 45ක සහභාගීත්වයෙන් 18 වන ආසියානු ක්‍රීඩා උළෙල අද ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ආරම්භ වේ. එම ක්‍රීඩා උළෙල සැලකෙන්නේ, ආසියානු කලාපයේ ඔලිම්පික් උළෙල ලෙස යි. මෙවර ක්‍රීඩා උළෙලට ඉසව් 40ක් ඇතුළත් ය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා උළෙල සඳහා ඉසව් 30ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 177 දෙනෙක් සහභාගී වෙති. පිහිණුම්, දුනු විදීම, මළල ක්‍රීඩා, බැඩ්මින්ටන්, බේස්බෝල්, පැසිපන්දු, බොක්සිං, ඔරු පැදීම, ගොල්ෆ්, ජිම්නාස්ටික්, හොකී, ජූඩෝ, කබඩි, කරාතේ, සත් සාමාජික රග්බි, රුවල් ඔරු පැදීම, ස්කොෂ්, මේසපන්දු, ටයිකොන්ඩෝ, ටෙනිස්, තුන්ප්‍රයාම, බීච් වොලිබෝල්, වොලිබෝල්, බර එසවීම, මල්ලව පොර හා වූෂු ආදී ක්‍රීඩාවලින් මෙවර එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමට නියමිත ය. ආසියානු ක්‍රීඩා උළෙලේ ඉතිහාසයේ පසුගිය අදියර 17 තුළ ශ්‍රී ලංකාව රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 11ක් හා ලෝකඩ පදක්කම් 24 ක් ඇතුළුව සමස්ත පදක්කම් 46ක් දිනා ගෙන තිබේ. අවසන් වරට 2014 වසරේ දකුණු කොරියාවේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව පදක්කම් දෙකක් දිනා ගත් අතර ඒ පිරිමි ක්‍රිකට් ක්‍රීඩාවේ රන් පදක්කම හා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම යි. ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් කේවල පදක්කමක් දිනූ අවසන් ක්‍රීඩිකාව ලෙස වාර්තා වේ. ඇය 2006 දෝහාහි පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 200 ලෝකඩ පදක්කමත්, මීටර 100 රිදී පදක්කමත් දිනා ගත්තා ය. ඒ වසරේදී ම රොහාන් කුමාර, රෝහිත පුෂ්පකුමාර, ප්‍රසන්න අමරසේකර හා අශෝක ජයසුන්දර නියෝජනය කළ ශ්‍රී ලංකා 400X4 සහය දිවීමේ කණ්ඩායම එම ඉසව්වේ ලෝකඩ පදක්කම ද දිනා ගත්තේ ය. ශ්‍රී ලංකාව මෙතෙක් ආසියානු ක්‍රීඩා උළෙලවල්වලදී හිමි කර ගෙන ඇති සමස්ත පදක්කම් 46 න් 27ක් ම මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනා ගෙන තිබීම විශේෂත්වයකි. අද ආරම්භ වන 18 වන ආසියානු ක්‍රීඩා උළෙල එළැඹෙන සැප්තැම්බර් මස 3 වන දා දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා හා පලේම්බාන්ග්හිදී පැවැත්වේ. |
2018-08-17T22:14:14.000Z | ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගබඩාවක ගින්නක් | ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගබඩාවක ගින්නක් | COLOMBO (News 1st) - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ ගබඩාවක ගින්නක් හට ගෙන තිබේ. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, අද අලුයම 1.20ට පමණ ගින්න හට ගෙන ඇති බව ය. විශ්වවිද්‍යාලයේ පැරණි පොත් පත් සහ ලිපි ද්‍රව්‍ය මෙම ගබඩාවේ රැස් කර තිබූ බව එම ඒකකය පැවසුවේ ය. ගිනි නිවීම් ඒකකය විසින් ගින්න පාලනය කර තිබෙන අතර ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. |
2018-08-17T22:05:42.000Z | තොටළඟ ප්‍රදේශයේ හොරෙන් විදුලිය ලබා ගත් 110කට අධික පිරිසක් අත්අඩංගුවට | තොටළඟ හොරෙන් විදුලිය ලබා ගත් 110ක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - තොටළඟ ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ වැටලීමකදී අනවසරයෙන් විදුලිය ලබා ගත් පුද්ගලයින් 110කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන තිබේ. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පැවසුවේ, මෝදර හා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානවල සහය ඇතිව අද අලුයම එම වැටලීම් සිදු කළ බව ය. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසියට භාර දී ඇති අතර අද පස්වරුවේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක අනාරක්ෂිත ලෙස විදුලිය ලබා ගන්නා පාරිභෝගිකයින් පිළිබඳව 011 2 422 259 යන අංකයට දැනුම් දිය හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-08-17T20:39:33.000Z | ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 324ක් දක්වා ඉහළට | කේරළ ප්‍රාන්තයේ මිය ගිය සංඛ්‍යාව 324ක් දක්වා ඉහළට | (News 1st) - ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපා ඇති අධික වැසි සහිත අහයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිය ගිය පිරිස 324ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සියවසකට පමණ පසුව දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපැ දරුණුතම කාලගුණ විපර්යාසය මෙය බව ය. කේරළයේ දිස්ත්‍රික්ක 14න් 13කටම කාලගුණය පිළිබඳව රතු නිවේදන නිකුත් කර ඇති අතර අයහපත් කාලගුණයෙන් අවතැන් වූ පුද්ගලයින් 223,123 දෙනෙකු අවතැන් කඳවුරු 1500ක පමණ රඳවා ඇති බව කේරළ ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය පෙනාරි විජයාන් ප්‍රකාශ කළේ ය. ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ, නාවික හමුදාවේ කණ්ඩායම් 42ක්, යුද හමුදාවේ කණ්ඩායම් 16ක්, වෙරළ ආරක්ෂක බලකා කණ්ඩායම් 28ක් සහ ජාතික ආපදා සහන සේවා කණ්ඩායම් 39ක් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා ඇති බව ය. ගංවතුරින් කොටු වී සිටින පුද්ගලයින් බේරා ගැනීමට සහ අවතැන්වූවන්ට සහන සැලසීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා 11ක් සහ බෝට්ටු 200ක් පමණ යොදවා තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි සඳහන් කර ඇත්තේ, කේරළ ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය පෙනාරි විජයාන්ගෙන් තමන් දුරකතනය ඔස්සේ කරණු විමසූ බවත් එ අනුව අද දිනයේ කේරළ ප්‍රාන්තයේ සංචාරය කිරීමට තමන් අපේක්ෂා කරන බවත් ය. පවතින තත්ත්වය හමුවේ එරට විදුලි සංදේශ සමාගම් විසින් ප්‍රාන්ත වැසියන්ට නොමිලේ දුරකතන ඇමතුම් ලබා ගැනීමේ අවස්ථාව ලබා දී තිබේ. එරට කාලගුණ බලධාරීන් සඳහන් කළේ, පවතින අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපයේදී ද අපේක්ෂා කළ හැකි බව ය. මේ අතර ඉන්දුනීසියාවේ ෆ්ලොස් මුහුදු කලාපය ආශ්‍රිතව ඊයේ රාත්‍රියේ මැග්නිටියුඩ් ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුව තිබේ. විදෙස් වාර්තා පැවසුවේ, ඉන්දුනීසියාවේ බීමා නගරයට කිලෝමීටර් 174 ක දුරින් බටහිර දෙසින් පිහිටි ටෙංගාරා ප්‍රදේශයේ මෙම භූ චලනය සිදුව ඇති බව ය. පසුගිය දින කිහිපය තුළ ඉන්දුනීසියාව ආශ්‍රිතව ඇති වූ භූ චලනයන් හේතුවෙන් පුද්ගලයින් 460කට ආසන්න පිරිසක් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කොස්ටරිකාහි ග්ලොෆිටො ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 6.0ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුව තිබෙන බව ය. එමගින් සිදු වූ හානිය පිළිබඳව තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත. |
2018-08-17T20:17:05.000Z | දිස්ත්‍රික්ක 3කට පැන වූ නාය යාමේ අවදානම තවදුරටත් | දිස්ත්‍රික්ක 3කට පැන වූ නාය යාමේ අවදානම තවදුරටත් | COLOMBO (News 1st) - අධික වැසි සමග රත්නපුර, නුවරඑළිය සහ ගම්පහ දිස්ත‍්‍රික්ක සඳහා නිකුත් කළ නාය යාමේ අනතුරු ඇඟවීම අද පස්වරුව දක්වා ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, ඒ අනුව රත්නපුර දිස්ත‍්‍රික්කයේ පැල්මඩුල්ල සහ ඇහැලියගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත්, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ කොත්මලේ සහ අඹගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් සහ ගම්පහ දිස්ත‍්‍රික්කයේ බෑවුම් සහිත ප‍්‍රදේශවල මෙම නාය යාමේ අවදානම පවතින බව ය. මේ අතර මධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශ රැසකට තවදුරටත් තද වැසි සහ සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. දිවයින හරහා මධ්‍යම, වයඹ, උතුරු මැද, නැගෙනහිර, දකුණ, සබරගමුව සහ බස්නාහිර පළාත්වලට පැයට කිලෝමීටර 50ත් 60ත් දක්වා තරමක තද සුළං තත්ත්වයක් විටින් විට ඇති විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක මහත්මිය පැවසුවා ය. ඇය පැවසුවේ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලටත් කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ය. මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි තද වැසි බලාපොරොත්තු වන බව ශානිකා පියුමලී දිසානායක මහත්මිය පැවසුවා ය. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ද ඇය පැවසුවා ය. |
2018-08-17T19:54:36.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශයක් සටහන් කර ගත්තේ ය. 2. ලංකාවේ රාජ්‍ය සේවය ලෝකයේ හොඳම අවභාවිතයන් සිද්ධ වෙන රාජ්‍ය අතරින් මුල් තැන අරගෙන තියෙන රාජ්‍යයක් බව විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසයි. 3. 2017 වසරේ රුපියල් මිලියන 1618ක මෙහෙයුම් ලාභයක් උපයා ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. විදෙස් පුවත් 4. ඉන්දුනීසියාවේ ෆ්ලොස් මුහුදු කලාපය ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුව තිබේ. 5. හිටපු ක්‍රිකට් තරුවක් වන ඉම්රාන් ඛාන් පකිස්ථානයේ මීළඟ අගමැති ධූරය සඳහා තේරී පත් වී තිබේ. ඒ, ඊයේ එරට ජාතික රැස්වීමේදී සිදු වූ ඡන්දයකින් අනතුරුව ය. ක්‍රීඩා පුවත් 6. පසුගිය මාර්තු මාසයේ මෙරට පැවති නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය අතර වාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි ප්‍රධාන පරිපාලන නිලධාරියාට කළ ගෙවීම් පිළිබඳව අනාවරණයක්. |
2018-08-17T19:40:13.000Z | නවක වදය නිසා වසරක් තුළ සිසුන් 637ක් සරසවි අධ්‍යාපනය හැර යති | නවක වදය නිසා සිසුන් 637ක් සරසවි අධ්‍යාපනය හැර යති | COLOMBO (News 1st) - 2016/2017 අධ්‍යයන වර්ෂය තුළදී සිසුන් 637 දෙනෙකු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රතික්ෂේප කර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, නවක වදය හේතුවෙන් අදාළ සිසුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රතික්ෂේප කර ඇති බව ය. නවක වදයට ගොදුරු වන සිසුන්ගේ පැමිණිලි අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස්පතිවරයා විසින් නියෝජ්‍ය පොලිස්පතිවරුන් මගින් පොලීසිවලට උපදෙස් ලබා දී ඇති බව ඔහු සඳහන් කළේ ය. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, පොලීසිය නවක වදය සිද්ධීන් පිළිබඳව නවක වදය පනතේ වගන්ති අනුව අපරාධ නීතිය යටතේ නඩු පවරනු ඇති බව ය. නවක වදය පනත යටතේ වරදකරුවන් වන අයට අධිකරණය මගින් බරපතල වැඩ සහිතව අවුරුදු 10 දක්වා සිර දඬුවම් නියම කළ හැකි බව ද අමාත්‍යවරයා පැවසුවේ ය. මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් සිල්වා මහතා පැවසුවේ, නවක වදය පිළිබඳව පැමිණිලි කිරීම සඳහා ප්‍රතිපාදන කොමිසම මගින් විශේෂ පැමිණිලි ඒකකයක් පවත්වාගෙන යන බව ය. ඊට පැමිණිලි 417ක් ලැබී ඇති බව ඔහු පැවසුවේ ය. |
2018-08-17T11:11:51.000Z | ඉන්දුනීසියාවේ ෆ්ලොස් මුහුදු කලාපය ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 6.5ක ප්‍රබල භූ චලනයක් | ඉන්දුනීසියාවට මැග්නිටියුඩ් ඒකක 6.5ක භූ චලනයක් | (News 1st) - ඉන්දුනීසියාවේ ෆ්ලොස් මුහුදු කලාපය ආශ්‍රිතව මැග්නිටියුඩ් ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුව තිබේ. විදෙස් වාර්තා පැවසුවේ, ඉන්දුනීසියාවේ බීමා නගරයට කිලෝමීටර් 174 ක දුරින් බටහිර දෙසින් පිහිටි ටෙංගාරා ප්‍රදේශයේ මෙම භූ චලනය සිදුව ඇති බව ය. එමගින් සිදු වූ හානිය පිළිබඳව තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත. |
2018-08-17T10:06:07.000Z | "ලංකාවේ රාජ්‍ය සේවය ලෝකයේ හොඳම අවභාවිතයන් සිද්ධ වෙන රාජ්‍ය අතරින් මුල් තැන අරගෙන තියෙන රාජ්‍යයක්" - විගණකාධිපති | ලංකාවේ රාජ්‍ය සේවය ගැන විගණකාධිපති කියූ කතාව | COLOMBO (News 1st) - යහපාලනය පිළිබඳව විගණකාධිපතිවරයා අද කුරුවිටදී පළ කළ අදහස් මේ... ගාමිණි විජේසිංහ විගණකාධිපති "ඔබතුමන්ලා දන්නවා ලංකාව කියන්නෙ ලෝකයේ ලංකාවෙ රාජ්‍ය සේවය කියන්නේ ලෝකයේ හොඳම අවභාවිතයන් සිද්ධ වෙන රාජ්‍ය අතරින් මුල් තැන අරගෙන තියෙන රාජ්‍යයක්. ඉතින් ඒ නිසා ඒ රාජ්‍යයේ හොඳම අවභාවිතා තියෙන රාජ්‍යයේ එම අවභාවිතා සොයා බලා වාර්තා කිරීමට තියෙන ආයතනය තමයි විගණකාධිපති දෙපාර්තමේන්තුව. ඒ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා තමයි මම. ගුඩ් ගවනර්ස් එහෙම නැත්තන් අපි දැනට සඳහන් කරන යහපාලනය කියන එක වචනෙ දැන් සවුත්තු වෙලා තියෙන්නෙ. හැබැයි ඒ වුණාට ඒ වචනෙ අර්ථය අප්සට් එකක් නැහැ ඒක ගුඩ් ගවනර්ස් අපි ඉංග්ලිෂ්වලින් කිව්වොත් එහෙම. රාජ්‍ය අංශයක තිබිය යුතු වැදගත්ම කාරණයක් තමයි යහපාලනය සහ රාජ්‍ය සේවකයාගේ අවංක භාවය. මේ කාරණා ගොඩ නැගීම සඳහා කළ යුත්තේ කුමක් ද කියන කාරණයත් ඒ වැඩපිළිවෙළ සඳහා නායකත්වය දීම සඳහාත් මට විශාල කාර්ය භාරයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා" විගණකාධිපතිවරයා මෙසේ පවසන්නේ ඇයි? මේ ප්‍රකාශයට හේතු වන්නට ඇති කරුණු මොනවා ද? දූෂණයට එරෙහිව සටන් පාඨ පෙළගස්වමින් එය මැඩපවත්වන ආකාරය ගැන ජනතාවට පොරොන්දු දී බලයට පැමිණ වසර 3ක් ගතව ඇතත් ඒවා ඉටු කිරීමට සමත් වී තිබේ ද? 2015 ජනාධිපතිවරණයෙන් පසු දින 100 ආණ්ඩුව පිහිටුවා සති කිහිපයකින් එනම් 2015 පෙබරවාරි 27 පළමු බැඳුම්කර වංචාව සිදු කළේ ය. මහ බැංකුවේ අධිපති මාමා ඔහුගේ බෑණාට වාසි සහගතව මෙහෙයවූ මේ ගනුදෙනු නිසා එක මොහොතක සිදු වූ පාඩුව රුපියල් මිලියන 700 කට අධික ය. අවුරුදු 30ක් පුරා රටේ ජනතාවට විඳීමට සිදුවන මේ පාඩුව කොපමණ දැයි ගණනය කිරීමට තවමත් හැකි වී තිබේ ද ? මෙතරම් විශාල වංචාවක් සිදුව තිබියදීත් එය ආරක්ෂා කිරීමට අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ වගකිවයුත්තන් කටයුතු කළ අතර 2016 මාර්තු 29 හා 31 යළිත් එවැනිම වංචාවක් සිදු කළේ ය. මේ දෙවැනි බැඳුම්කර වංචාවේ එක් මොහොතක පාඩුව මිලියන 700 ඉක්මවන අතර දශක ගණනක් එම පාඩුව ද විඳීමට සිදු වන්නේ රටේ ජනතාවට ය. වංචාවේ මහ මොළකරුවන් නිදැල්ලේ සිටිද්දී මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ඊට හවුල් වූ අර්ජුන මහේන්ද්‍රන් මේ දක්වාම අතුරුදන් ය. මහේන්ද්‍රන් අතුරුදහන් කළා පමණක් නොව උද්දච්චකම පිළිබිඹු කරමින් ඔහු මැදිහත්වී ගෙනා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ද දැන් පියවර ගෙන තිබේ. ජාතික ගුවන් සේවය ලෙස රටේ අභිමානය ලෝකයට ගෙන ගිය ශ්‍රීලංකන් සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්නේ යැයි පවසා බලයට පැමිණි පිරිස මේ වන විට එය රුපියල් බිලියන 28කට අධික පාඩුවක් ලබන ආයතනයක් බවට පත් කර අවසන් ය. එම පාඩුව දැරීමට සිදුව ඇත්තේ ද රටේ බදු ගෙවන සාමාන්‍ය ජනතාවට ය. අගමැතිවරයාගේ මිතුරු, ඔහුගේ උපදේශක චරිත රත්වත්තේගේ සහෝදර සුරේන් රත්වත්තේ ප්‍රධාන විධායක ධූරයට පත් කර වසර 3ක කාලයකින් සිදු කළ ප්‍රගතියයි ඒ. දැන් සිදු කර ඇත්තේ ගුවන් සමාගමක් පාලනය කිරීම ගැන කිසිදු දැනුමක් නැති රංජිත් ප්‍රනාන්දු නමැත්තා එහි සභාපතිවරයා ලෙස පත් කිරීම ය. මේ තනතුරු සඳහා පත් කිරීමට තිබූ එකම සුදුසුකම අගමැතිවරයා සමග ඇති මිතුරුකමයි. පාසැල් සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමට යැයි පවසමින් ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර එය ටෙන්ඩර් ක්‍රියාවලියේ සිටම අක්‍රමිකතා රැසකින් සමන්විත වූවකි. එම අක්‍රමිකතාවලට වැට බැදුණේ ජනාධිපතිවරයා මැදිහත්වී තාවකාලිකව අත්හිටුවීම නිසා ය. පාසැල් දරුවන්ට නොමිලේ රක්ෂණාවරණයක් ලබා දෙන බව පවසමින් සිදු කළ ගනුදෙනු ද පසුගිය කාලයේ බරපතල සැකයට හේතු විය. ගොවි ජනතාවට ලබා දීම සඳහා බිලියන ගණනක් වැය කර ගෙනා කිරි ගවයින් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මිය යමින් සිටින අතරවාරයේ තවත් ගවයින් 15000ක් ගෙන්වීම සඳහා අත්තිකාරම් ගෙවා දැමුවේ වසර තුනක කාලය තුළදී ය. අගමැති ලේකම්වරයාගේ බිරිඳ විශ්‍රාම ගැනීමට මසකට පෙර මේ නියෝග දුන් අයුරු දැන් හෙළි වී තිබේ. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම ඉතා ඉක්මනින් කළ යුත්තක් බව පවසමින් තුන්වැනි අදියරට ජපානයෙන් ඩොලර් බිලියනයක් නැතහොත් රුපියල් බිලියන 160 කට ආසන්න මුදලක් ලබා ගත්තේ වාණිජ ණයක් ලෙස අධික පොළියකට ය. එහි ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ද ජපාන සමාගමකට ලබා දුන්නේ රටේ පවතින ප්‍රසම්පාදන ක්‍රියාවලිය අමු අමුවේ උල්ලංඝනය කරමිනි. අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර දේශීය සමාගම්වලට ලබා දුන්නේ රාජ්‍ය බැංකුවලින් ණය නිකුත් කරමිනි. එසේ ණය නිකුත් කළ රාජ්‍ය බැංකුවක් මේ මාර්ගයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ලබා ගත් සමාගමකට බිලියන ගණනින් ණය ලබා දී තිබිණි. මේ අයුරින් විවිධ ව්‍යාපෘති සඳහා අදාළ සමාගමට බිලියන 10 ක ණය රාජ්‍ය බැංකුවකින් නිකුත් කළ අතර මේ සමාගමේ විධායක උප සභාපතිවරයා එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකි. පුනර්ජනනීය බලශක්තියට ප්‍රමුඛතාව දෙමින් විදුලි බලාගාර රැසක් ඉදිකරන බව පැවසුවත් ගත වූ වසර 3 ඇතුළත කිසිදු මහා පරිමාණ බලාගාරයක් ඉදිකිරීමට අපොහොසත්ව සිටියි. ඒ වෙනුවට විධිමත් ක්‍රියාවලියට පිටින් පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් අලුත් කළ අතර කෙරවලපිටිය මෙගාවොට් 300 ක බලාගාරය ඉදිකිරීමේ ක්‍රියාවලිය ද අවුල් කර තිබේ. පෞද්ගලික බලාගාර සඳහා රුපියල් මිලියන 400ක් නිසි ක්‍රමයෙන් පිට ගොස් ගෙවීමට බල කළේ ද මේ ආණ්ඩුවේම ප්‍රධානීන් ය. ලොව ප්‍රමුඛ මෝටර් රථ නිෂ්පාදකයෙකු වන වොක්ස්වැගන් සමාගමේ එකලස් කම්හලක් කුලියාපිටියේ ආරම්භ කරන බව පවසා අවසානයේ සිදු කළේ කුමක් ද ? එමගින් සිදු කළේ දේශීය සමාගමකට කම්හල් පහසුකම් සැලසීමයි. රාජපක්ෂ පාලන සමයේ ඩුබායි ගිනුම් නඩත්තු කළ බව කියමින් බලයට පත් වීමට පෙර චෝදනා කළ පුද්ගලයින් සමග බලයට පැමිණීමෙන් පසු තම ව්‍යාපාර පවා එම පුද්ගලයාට විකුණා දැමූ අතර හොරණ මහා පරිමාණ ටයර් කම්හලක් ඉදිකිරීමට බදු සහන ද ලබා දුන්නේ ය. ජනාධිපතිවරයා රටේ ජනතාව වෙනුවෙන් සිතා යහපත් තීරණ ගනිමින් කටයුතු කරද්දී සිදුව ඇත්තේ කුමක් ද? දූෂණ වංචා මැඩලීමට යැයි පවසමින් බලයට පැමිණි වහා පාර්ලිමේන්තුවේ සුළුතරයක් තිබූ පුද්ගලයෙකුට අගමැති ධූරය පිරිනැමීම නම් ජනතාව පැත්තෙත් සිදු වූ අතපසුවීමකි. ජනතා බලයකින් තොරව අගමැති අසුන ලබා ගත් වහා සිදු වූයේ විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමට කුරුමානම් ඇල්ලීම යි. 19 වන සංශෝධනය හරහා එය සිදු කළ අතර වංචා දූෂණවලට බාධාවක් වූ මාධ්‍ය මර්දනයට ගෙනා වගන්ති ඉවත් වූයේ අධිකරණයේ පිහිට මත ය. හොරකම නවතා දමන බව පවසා බලයට පැමිණි පසුවත් සූක්ෂම අයුරින් හොරකමට අනුබල දෙමින් දිගින් දිගටම කටයුතු කළ අතර ඒවා අනාවරණය වෙමින් පීඩනය එල්ල වෙද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළේ පක්ෂයට විවිධ පොරොන්දු ලබා දීම ය. නායකත්වයට අභියෝග එල්ල වූ අවස්ථාවලදී වරක් ඔහු කළේ නායකත්ව කවුන්සිලයක් පත් කර කරු ජයසූරිය මහතා සභාපතිවරයා බවට පත් කිරීම ය. යළි යළිත් අභියෝග එල්ල වන විට සරත් ෆොන්සේකා, රවි කරුණානායක ඇතුළු උපනායක මණ්ඩලයක් පත් කරන බව පැවසූ ඔහු අවසානයේ සිදු කළේ තමන්ට සමීප අකිල විරාජ් කාරියවසම් පක්ෂයේ මහ ලේකම් ධූරයට පත් කිරීම පමණි. හිත මිතුරන් සමග ආණ්ඩු පාලනය කරමින් පක්ෂය ද හිතවතුන් සමග පාලනය කරන මෙවැනි නායකයින් ජනතාව ප්‍රතික්ෂේප කළේ වරක් දෙවරක් නොව අවස්ථා 30 කට ආසන්න වාර ගණනකදී ය. ඉහළට මතු වන නායකත්වය දැන් යටපත් කිරීමට උත්සහ කරන්නේ අමුතුම උපක්‍රම යොදා ගනිමිනි. සජිත් ප්‍රේමදාසට විමල් වීරවංශ යොදා පාර්ලිමේන්තුවේදී කළ විවේචනය, සරත් ෆොන්සේකාට එල්ල කරන විවේචන රවි කරුණානායකගේ දේශපාලන අනාගතයට කළ විනාශය ඊට කදිම උදාහරණයි. මෛත්‍රීපාල සිරිසේන, සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, ගෝඨාභය රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු පමණක් නොව අනුර කුමාර දිසානායක වැනි ජනතා නායකයින් කෙරෙහි ඇති ජනතා විශ්වාසය පවසන්නේ ඔවුන් ජනාධිපති අසුන දැරීමට සුදුසු බවට ය. එහෙත් දැන් සිදු වන්නේ ජනතාව ඉදිරියේ දිගින් දිගටම ප්‍රතික්ෂේප වී තිබියදීත් නොයෙක් බොරු ජනතාව ඉදිරියේ පවසමින් බලයේ සිටීමයි. දැන් අවසානයේ ජනතාව කියන්නේ කුමක් ද? බලයේ සිටි අයත් බලයේ සිටින අයත් එකම කණ්ඩායමක් බව ය. |
2018-08-17T09:08:33.000Z | නිදහස් කුසලානයේදී තරු පන්තියේ හෝටලයක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලින් සැප විඳි නිලධාරියා කවුද? | තරු පන්තියේ හෝටලයක සැප විඳි නිලධාරියා කවුද? | COLOMBO (News 1st) - පසුගිය මාර්තු මාසයේ මෙරට පැවති නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය අතර වාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි ප්‍රධාන පරිපාලන නිලධාරියාට කළ ගෙවීම් පිළිබඳව අනාවරණයක් මේ... නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී විධායක කමිටුව, සභාපති උප සභාපති කුටි වෙනුවෙන් සහ සාමාජිකයින්ගේ කුටි වෙනුවෙන් ආහාර පාන සැපයීම සඳහා තරු පන්තියේ හෝටලයකට රුපිලයල් අනූ ලක්ෂ අසූ පන්දහස් හාරසිය දහයයි ශත තිස් අටක් ගෙවා තිබේ. මෙම බිල්පතට ඇතුළත් තවත් ගෙවීමක් වන්නේ ප්‍රධාන පරිපාලන නිලධාරී අරුණ ද සිල්වා මහතා වෙනුවෙන් සිදු කරනු ලැබූ රුපියල් හාරලක්ෂ තිස් හය දහස් හයසිය දහයයි ශත එකක බිල් පතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවයේ නියුතු නිලධාරියෙකුට මෙවැනි වරප්‍රසාදයක් ලබා ගත හැකි ද යන්න ගැටලු මතු කරන්නකි. බස්නාහිර පළාත තුළ ජීවත් වන ප්‍රධාන පරිපාලන නිලධාරී අරුණ ද සිල්වා මහතා අර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සඳහා මෙලෙස තරු පන්තියේ හෝටලයක නැවතීම සඳහා තිබූ අවශ්‍යතාව කුමක් ද? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කිලෝ මීටර් 10ට අඩු දුරකින් පිහිටි ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති නිදහස් කුසලන ක්‍රිකට් තරගාවලියේ තරග 7 වෙනුවෙන් තරු පන්තියේ හෝටලයක් වෙන් කර ගැනීම සඳහා ප්‍රධාන පරිපාලන නිලධාරියා කටයුතු කළේ කාගේ අනු දැනුම මත ද? අවස්ථා 19කදී ඔහුට නවාතැන් ගැනීම සඳහා හෝටල් කාමර වෙන් කර ගැනීමට පමණක් ගෙවා ඇති මුදල රුපියල් හාර ලක්ෂ අටදහස් හාරසිය තිස් හතරයි ශත පනස් හතරකි. ප්‍රධාන පරිපාලන නිලධාරියාගේ ඇඳුම් පිරිසිදු කිරීම වෙනුවෙන් ගෙවනු ලැබූ රුපියල් විසිහත් දහස් දෙසිය පණහයි ශත හතලිස් හතක මුදලක් ද ඊට ඇතුළත් ය. කුලී රථ වෙනුවෙන් ප්‍රධාන පරිපාලන නිලධාරී අරුණ ද සිල්වා මහතාගේ බිල්පතෙහි රුපියල් 925ක මුදලක් ඇතුළත්ව තිබේ. පුදුමයට කරුණ වන්නේ, එවැනි මුදලක් බිල් පතට ඇතුළත් වුව ද ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් ලක්ෂයක මුදලක් සහ ඉන්ධන ලීටර් 150ක් මාසිකව ලබා දීම ය. තවත් පුදුමයට කරුණක් වන්නේ සිය හෝටල් බිල්පත සඳහා අනුමැතිය ලබා දෙන නිලධාරියා වන්නේ ප්‍රධාන පරිපාලන නිලධාරී අරුණ ද සිල්වා මහතාම වීම යි. මෙවැනි පහසුකම් ලබන ප්‍රධාන පරිපාලන නිලධාරී අරුණ ද සිල්වා මහතා මෙලෙස හෝටල් කාමර භාවිත කර ගෙවීමට සිදු වූ මෙම මුදල සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක කිරීමට ක්‍රියා කර තිබුණ ද ඒ පිළිබඳව සිදු වූයේ කුමක්දැයි අනාවරණය නොවේ. ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ යුතු නිලධාරීන් සහ පරිපාලකයින්, මෙවැනි ක්‍රියා හරහා තවදුරටත් සිදු කරනු ලබන්නේ සිය සුඛ විහරණය උදෙසා කටයුතු කර ගැනීම නොවේ ද? ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් සිය වෘත්තීමය ගරුත්වය ආරක්ෂා කළ හැකි සෑබෑ වෘත්තිකයින් සහ පරිපාලකයින් ක්‍රීඩාව වෙනුවෙන් පත් වන තෙක් මෙවැනි ක්‍රියා වැළැක්වීමට නොහැකි වනු ඇති. මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා අප ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් සහ අදාළ ලිපි ලේඛන යොමු කරනු ලැබුවේ ය. ජනාධිපති නීතීඥ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතානනී, මේ පිළිබඳව ඔබ ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ස්පෝර්ට්ස් ෆස්ට් තවදුරටත් අවධානයෙන්. |
2018-08-17T08:31:24.000Z | හිටපු ජනපතිගෙන් CIDය පැය 3ක් ප්‍රශ්න කරයි | හිටපු ජනපතිගෙන් CIDය පැය 3ක් ප්‍රශ්න කරයි | COLOMBO (News 1st) - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයක් සටහන් කර ගත්තේ ය. ඒ, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහර දී පසුව නිදහස් කිරීමේ සිද්ධිය පිළිබඳව සිදු කරන පරීක්ෂණයට අදාළව ය. අද පෙරවරු 11.20ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණියහ. ඒ වන විට වෙනත් කටයුත්තක් සඳහා හිටපු ජනාධිපතිවරයා නිවසින් පිටතට ගොස් සිටි අතර පෙරවරු 11.30 පමණ වන විට ඔහු ආපසු පැමිණියේ ය. හිටපු ජනාධිපතිවරයා නිල නිවසට පැමිණෙන විටත් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් එහි පැමිණ සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින් සමග ආධාරකරුවන් පිරිසක් ද රැස්ව සිටියහ. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් නීති විරෝධීව රඳවා තබා ගෙන කෲර වද හිංසාවලට ලක් කර පසුව මුදා හැරු තිබුණේ 2008 මැයි මස 22 වන දා රාත්‍රී 11.39ට පමණ බව විමර්ශනවලින් හෙළි වී තිබේ. සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ කථානායක කරු ජයසූරිය යන මහත්වරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි. එම ප්‍රකාශවලින් හෙළි වූ කරුණු පදනම් කර ගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු අද පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත්හ. |
2018-08-17T07:44:34.000Z | ඉම්රාන් ඛාන්ට අගමැති පුටුව තහවුරු වෙයි | ඉම්රාන් ඛාන්ට අගමැති පුටුව තහවුරු වෙයි | (News 1st) - හිටපු ක්‍රිකට් තරුවක් වන ඉම්රාන් ඛාන් පකිස්ථානයේ මීළඟ අගමැති ධූරය සඳහා තේරී පත් වී තිබේ. ඒ, අද එරට ජාතික රැස්වීමේදී සිදු වූ ඡන්දයකින් අනතුරුව ය. පසුගිය ජූලි මාසයේදී පැවති මැතිවරණයේදී ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට සමත් විය. අනතුරුව ඔහු අගමැති ධූරය අත්කර ගැනීම සඳහා එරට කුඩා පක්ෂ සමග සන්ධානගත විණි. ඉම්රාන් ඛාන් හෙට අගමැති ධූරයේ දිවුරුම් දීමට නියමිත අතර නව පකිස්ථානයක් නිර්මාණය කිරීම සඳහා ඔහු මැතිවරණයේදී පොරොන්දු විය. 1992 ක්‍රිකට් ලෝක කුසලානය පකිස්ථානයට ගෙන ඒම සඳහා ඉම්රාන් ඛාන් විශිෂ්ට නායකත්වයක් ලබා දුන්නේ ය. |
2018-08-17T04:49:47.000Z | වසර 48කට පසු ලංගමය විශාල ලාභයක් අත් කර ගනී | වසර 48කට පසු ලංගමය විශාල ලාභයක් අත් කර ගනී | COLOMBO (News 1st) - 2017 වසරේ රුපියල් මිලියන 1618ක මෙහෙයුම් ලාභයක් උපයා ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. එහි මෙහෙයුම් අධිකාරී ආර්.ටී. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, මෙවැනි ලාභයක් වසර 48කට පසු ගමනා ගමන මණ්ඩලය විසින් උපයා ඇති බව ය. සිය බස් රථ ඇණිය කාර්යක්ෂම ආකාරයෙන් ධාවනය කිරීම සහ වැඩි කිලෝමීටර් ප්‍රමාණයක් ධාවනය යෙදවීමත් සමග මෙම මෙහෙයුම් ලාභය ඉපැයීමට හැකි වූ බව ද ඔහු සඳහන් කළේ ය. |
2018-08-17T03:11:21.000Z | අභාවප්‍රාප්ත බිහාර් වජ්පායිට අවසන් ගෞරව දැක්වීමට ඇමති කිරිඇල්ල ඉන්දියාවට | වජ්පායිට අවසන් ගෞරව දැක්වීමට කිරිඇල්ල ඉන්දියාවට | COLOMBO (News 1st) - අභාවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාර් වජ්පායි මහතාගේ අවමංගල්‍ය උත්සවයට ලක් රජය නියෝජන කරමින් සහභාගීවීම සඳහා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද අලුයම ඉන්දියාව බලා පිටත්ව ගියේ ය. එහිදී අතල් බිහාර් වජ්පායි මහතාගේ අභාවය වෙනුවෙන් ලක් රජයේ ශෝකය පළ කිරීමට නියමිත වේ. අභාවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාර් වජ්පායි මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතව ඇත. |
2018-08-17T00:48:55.000Z | ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා CID ය හිටපු ජනපතිගේ නිවසට | ප්‍රකාශයක් ලබා ගැනීමට CID ය හිටපු ජනපතිගේ නිවසට | COLOMBO (News 1st) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මීට සුළු මොහොතකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිවසට පැමිණ තිබේ. ඒ, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වදහිංසා පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. |
2018-08-17T00:22:01.000Z | කෙන්යා මලල ක්‍රීඩක 'කිප්යෙගොන් බෙට්' හට තරග තහනමක් | කිප්යෙගොන් බෙට් හට තරග තහනමක් | කෙන්යා මලල ක්‍රීඩක කිප්යෙගොන් බෙට් තරග තහනමකට ලක් කර තිබේ. ඒ, ඔහු තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරුවීමෙන් අනතුරුවයි. 20 හැවිරිදි කෙන්යා මලල ක්‍රීඩක කිප්යෙගොන් බෙට් මැදි දුර ධාවන ඉසව් සඳහා එක්වනු ඇත. පසුගිය වසරේ එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 800 පිරිමි ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි වූයේ ද ඔහුටයි. අන්තර් ජාතික මලල ක්‍රීඩා සම්මේලනය යටතේ ක්‍රියාත්මක වන මලල ක්‍රීඩා අඛණ්ඩතා ඒකකය හෙවත් ඒ. අයි. යූ මගින් කිප්යෙගොන්ට එරෙහිව මෙම තහනම පනවා ඇත. පසුගිය වසරේ සිට අන්තර් ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ තහනම් උත්තේජක පාලන ඒකකය හැඳින්වෙන්නේ මලල ක්‍රීඩා අඛණ්ඩතා ඒකකය ලෙසයි. මේ වන විට එම ඒකකය මගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 120 දෙනෙකුට අදාළ පරීක්ෂණ සිදු කරන බවට වාර්තා වේ. |
2018-08-16T23:56:05.000Z | හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය ඇණහිටි | හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය ඇණහිටි | COLOMBO (News 1st) - හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ටෙඩන්ට්වත්ත සුරුවම පාලම අසළ ප්‍රදේශයට අද උදෑසන පස් කණ්ඩියක් කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය ඇණහිට තිබේ. පොලීසිය සඳහන් කළේ, මේ වනවිට පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි. ඒ සඳහා පොලීසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් එක් ව සිටි. පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග ලෙස හැටන් - කොළඹ පරණ මාර්ගය භාවිත කරන ලෙසයි. |
2018-08-16T22:13:18.000Z | හිටපු ඉන්දීය අගමැති වජ්පායිගේ අභාවය හේතුවෙන් සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරෙයි | ඉන්දියාව තුළ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරේ | ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායිගේ අභාවය හේතුවෙන් එරට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඉන්දීය වාර්තා අනාවරණ කළේ පන්ජාබ්, උත්තර්කානද්, බිහාර්, මධ්‍ය ප්‍රදේශ්, හර්යානා හා ඔඩිෂා ප්‍රාන්තවල සියලු රාජ්‍ය ආයතන හා පාසල්වලට නිවාඩු ලබාදී ඇති බවයි. එම කාලය තුළ ඉන්දීය ජාතික ධජය අඩකුඹු කර තබන ලෙසට රජය ජනතාවගෙන් ඉල්ලා සිටි. අභාවප්‍රාප්ත වන විට 93 වැනි වියේ පසු වූ වජ්පායි මහතා, භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් තෙවරක් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරය දැරීය. වර්ෂ 1924 දෙසැම්බර් 25 වන දා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ග්වාලියො ප්‍රදේශයේ උපත ලද අතල් බිහාර් වජ්පායි මහතා හින්දු භාෂාව සම්බන්ධයෙන් ශ්‍රාස්තවේදී උපාධිදාරියෙක් වන අතර දේශපාලන විද්‍යාව පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධිදාරියෙකි. 1977 පැවැති ඉන්දීය මහ මැතිවරණයෙන් එරට ලොක් සභාවට තේරි පත් වූ ඔහු විදේශ කටයුතු අමාත්‍ය ධූරය ඇතුලු අමාත්‍ය ධූර දරමින් ද පක්ෂ නායකත්වයන් දරමින් ද භාරතයට සුවිශේෂි දායකත්වයක් ලබා දුන්නේ ය. |
2018-08-16T21:54:48.000Z | බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට විශේෂ පුහුණුවක් | බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට විශේෂ පුහුණුවක් | COLOMBO (News 1st) - බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් එම පුහුණුව ලබාදීමට නියමිත බවයි. බුද්ධි අංශයේ සිටි බන්ධනාගාර නිලධාරීන්ගෙන් අක්‍රමිකතාවලට සම්බන්ධ නොවු බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇති නිලධාරීන් අනුයුක්ත කර නව පොලිස් ඒකකයක් වැලිකඩ බන්ධනාගාරයේ ස්ථාපිත කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශය පවසයි. ඒ අනුව එම ඒකකයට අනියුක්ත නිලධාරීන් 100 දෙනෙකු සඳහා මෙම විශේෂ පුහුණුව ලබාදීමට නියමිත වේ. අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ, කොටස් වශයෙන් එම පුහුණුව සඳහා අදාළ නිලධාරීන් යොමු කිරීමට සැලසුම් කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් නිව්ස්ෆසට් පොලිස් විශේෂ කාර්ය බලකායෙන් විමසීමක් කළේ ය. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, එම පුහුණුව ලබන සඳුදා සිට ආරම්භ කරන බවයි. ඒ අනුව සති දෙකක පුහුණු කාලයක් එම නිලධාරීන්ට ලබා දෙන බව ද එම නිලධාරියා සඳහන් කළේ ය. මේ අතර පසුගිය දා වැලිකඩ බන්ධනාගාර වහලයක් මත නැග විරෝධතාවයේ නිරත කාන්තා රැඳවියන්ගේ ගැටලු විසඳීම සඳහා සියලු අංශ සමග සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇතැයි අධීකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසිය හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බවය. නිසි ක්‍රමවේදය යටතේ, එම රැඳවියන්ට අදාළ නඩු කටයුතු සිදු කිරීමට පියවර ගනිමින් ඇතැයි ද එම ප්‍රකාශකයා පැවසුවේ ය. |
2018-08-16T20:15:00.000Z | ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක් | ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක් | COLOMBO (News 1st) - ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන බල ප්‍රදේශ කිහියපකට අද පෙරවරු 9.00 සිට හෙට අලුයම 3.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, පල්ලියකන්ද ජලාශයේ සිට කැලණිය හා වත්තල ප්‍රදේශයට ජලය සැපයෙන ප්‍රධාන නල මාර්ගයේ කාන්දුවක් අලුත්වැඩියාවක් සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි. ඒ අනූව කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, පෑලියගොඩ නගර සභා බල ප්‍රදේශය, වත්තල - මාබෝල නගර සභා බල ප්‍රදේශය, වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටවනු ඇති. මීට අමතරව බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ගෝනවල පාර, මගුරුවිල පාර හා විජයරාම පාර මෙන් ම බොල්ලෑගල ප්‍රදේශයට ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටවනු ඇත. |
2018-08-16T20:07:16.000Z | මැදවච්චියේ සිට තලෙයිමන්නාරමට දුම්රිය ධාවනය අද සිට තාවකාලිකව නතර කෙරේ | තලෙයිමන්නාරමට දුම්රිය ධාවනය නවතී | COLOMBO (News 1st) - මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය අද සිට මාස 3 ක කාලයක් තාවකාලිකව නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය මාර්ගයේ පාලමක අලුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බවයි. දෛනිකව කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම දක්වා සහ තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන්වාර 4 ක් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරි එන්.ජේ.ඉඳිපොලගේ මහතා සඳහන් කළේ ය. මාර්ගය වසා දමා ඇති කාලය තුළ මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. |
2018-08-16T19:46:29.000Z | බස් සේවක වර්ජනය දෙවැනි දිනටත්: බාධාවකින් තොරව ධාවනය කරන බව බස් හිමියන් කියයි | බස් සේවක වර්ජනය දෙවැනි දිනටත් | COLOMBO (News 1st) - නව දඩ පත්‍රිකාවට විරෝධය දක්වමින් බස් රථ සේවකයින් පිරිසක් ආරම්භ කළ වර්ජනය අද දෙවැනි දිනටත් ක්‍රියාත්මක බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය පවසයි. සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය ඇතුළු බස් රථ සේවකයින් පිරිසක් පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කළේ, රජය ඉහළ දැමු රථ වාහන වැරදි සඳහා වූ දඩ මුදල්වලට විරෝධය පළ කරමිනි. සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ සංවිධායක යූ. කේ. කුමාරරත්න රේණුක මහතා පැවසුවේ, සිය ඉල්ලීම්වලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි. ඒ හේතුවෙන්, වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසුවේ ය. කෙසේ නමුත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගම්වලින් ඊට සහයක් හිමි නොවීය. සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ, වර්ජනයට තම සමාජිකයින් එක් නොවන බවයි. සමාන්‍ය පරිදි බස් රථ ධාවනයට යොදවා ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ, බස් වර්ජනයට තම සංගමයේ සහය ද ලබාදී නොමැති බවයි. බස් රථ ධාවනය අඛණ්ඩව සිදු කිරීමට පියවර ගෙන ඇතැයි ද ඔහු පැවසුවේ ය. ක්‍රියාත්මක බස් වර්ජනයත් සමග මගීන්ට සිදුවන අපහසුතා වැළැක්වීම සඳහා අතිරේක බස් රථ ධාවනයට එක් කර ඇතැයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ මෙහෙයුම් අධිකාරි ආර්. ටී. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ ය. වර්ජනය ක්‍රියාත්මක කාලසීමාවේ හැකි පරිදි අතිරේක දුම්රිය ධාවනයට එක් කර ඇතැයි අතිරේක දුම්රිය සමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසීය. |
2018-08-16T19:19:44.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1. පෞ. බස් සේවකයින් වර්ජනයේ: ප්‍රදේශ රැසක බස් ධාවනය අඩු වෙයි: පෞද්ගලික බස් සංගම් ආරම්භ කළ වැඩ වර්ජනය ඊයේ දිනයේ ක්‍රියාත්මක විය. ඇතැම් ප්‍රදේශවල බස් රථ ගමන් වාර කිහිපයක් ආරම්භ වුව ද අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවේ, බොහෝ දුර බැහැර ප්‍රදේශවලට බස් ධාවනය නොවන බවයි. 2. ගෑස් මිල සඳහාත් මිල සුත්‍රයක්: ගෑස් මිල සම්බන්ධයෙන් ද මිල සුත්‍රයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ. ජීවන වියදම් කමිටුවේ සමාජිකයෙකු සඳහන් කළේ, පාරිභෝගික කටයුතු අධිකාරිය එම මිල සූත්‍රය සකස් කරමින් සිටින අතර ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් අඩු වැඩි වන අවස්ථාවන්වලදී මිල සුත්‍රය අනුව මෙරට ගෑස් මිල ගණන් අඩු වැඩි වන බවයි. 3. මැදවච්චිය-තලෙයිමන්නාරම දුම්රිය ගමන් හෙට සිට නවතී: මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය අද දිනයේ සිට මාස තුනක කාලයක් තාවකාලිකව නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ, එම මාර්ගයේ පාලමක අලුත්වැඩියාවක් හේතුවෙනි. 4. ගම්පහට පැය 18ක ජල කප්පාදුවක්: ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන බල ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9.00 සිට හෙට අලුයම 3 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 5. වැරදි කාලසටහනක් පළ කළා යැයි, වෙබ් අඩවියකට එරෙහිව පැමිණිල්ලක්: අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ වැරදි කාල සටහනක් අන්තර්ජාලයේ පළ කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික වෙබ් අඩවියකට එරෙහිව විභාග දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිලි කර තිබේ. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමෙන් ද පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි. 6. වසරක් තුළ කටාර්හි සේවය කළ 21ක් මරුට: ගෙවුණු වසරක කාලය තුළ කටාර් රාජ්‍යයේ රැකියාවල නිරත වූ මෙරට ශ්‍රමිකයන් 21 දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වේ. කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 117,000 පමණක් මේ වන විට එරට විවිධ රැකියාවල නිරත වෙති. විදෙස් පුවත් 7. ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය වජ්පායි අභාවප්‍රාප්ත වෙයි: හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. සමස්ත ඉන්දියානුවන් ඇතුළු ලොව බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වූ කෘතහස්ත දේශපානඥයෙකු වන වජ්පායි මහතා මිය යන විට 93 වන වියේ පසු විය. |
2018-08-16T11:28:42.000Z | අමරිකානු ගායිකා අර්තා ෆ්‍රැන්ක්ලින් මියයයි | අමරිකානු ගායිකා අර්තා ෆ්‍රැන්ක්ලින් මියයයි | News 1st : සුප්‍රකට අමරිකානු ගායිකා අර්තා ෆ්‍රැන්ක්ලින් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇයගේ වයස අවුරැදු 76කි. වර්ෂ 1942 මාර්තු මස 25 වනදා ඇමරිකාවේදි උපත ලද ඇය අග්න්‍යාශ පිළිකාවක් හේතුවෙන් 2010 වසරේ සිට පූර්ණ කාලීනව ගායනයෙන් විශ්‍රාම ගත්තා ය. |
2018-08-16T09:56:27.000Z | වසරක් තුළ කටාර්හි සේවය කළ 21ක් මරුට | වසරක් තුළ කටාර්හි සේවය කළ 21ක් මරුට | COLOMBO (News 1st) : ගෙවුණු වසරක කාලය තුළ කටාර් රාජ්‍යයේ රැකියාවල නිරත වූ මෙරට ශ්‍රමිකයන් 21 දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වේ. කටාර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 117,000 පමණක් මේ වන විට එරට විවිධ රැකියාවල නිරත වෙති. මේ අතරින් 21 දෙනෙකු ගෙවුණු වසරක කාලය ඇතුළත මිය ගොස් ඇති අතර 19 දෙනෙකුගේ සිරුරු මෙරටට ගෙන්වා අවසන් කටයුතු සිදු කර ඇතැයි විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ විදෙස් සම්බන්ධතා නිලධාරිවරයා සඳහන් කළේ ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, මෑතක දී මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු තවමත් මෙරටට ගෙන්වා නොමැති බවයි. එම පුද්ගලයින් දෙදෙනා මහනුවර උඩිස්පත්තුව සහ ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් කටාර්හි රියැදුරන් ලෙස රැකියාවේ නිරත ව තිබේ. ඉන් අයෙක් හෘදයාබාධයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත් ව ඇති අතර අනෙක් පුද්ගලයා ගොඩනැගිල්ලක තෙවන මහළින් වැටීමෙන් ජිවිපත්ෂයට පත්ව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය. |
2018-08-16T06:53:12.000Z | BREAKINGඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය වජ්පායි අභාවප්‍රාප්ත වෙයි | හිටපු ඉන්දීය අගමැති වජ්පායි අභාවප්‍රාප්තවෙයි | News 1st :හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. භාරතීය ජනතා පක්ෂය නියෝජනය කළ හිටපු අග්‍රාමාත්‍යවරයා තෙවරක් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්ව තිබේ. සමස්ත ඉන්දියානුවන් ඇතුළු ලොව බොහෝ දෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වූ කෘතහස්ත දේශපානඥයෙකු වන වජ්පායි මහතා මිය යන විට 93 වන වියේ පසු විය. |
2018-08-16T05:53:54.000Z | ඩෙංගු යළි හිස ඔසවයි | ඩෙංගු යළි හිස ඔසවයි | COLOMBO (News 1st) : ඩෙංගු රෝගීන් වාර්තාවීම 70% කින් පමණ අඩු වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ 33,900 ක් බවයි. එහෙත් පසුගිය වසරේ මෙම කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 128,000 ක් පමණ වාර්තා වී තිබේ. හඳුනාගත් අවදානම් කලාප ඉලක්ක කර ගනිමින් හෙටත් විශේෂ ඩෙංගු මර්දන වැඩ සටහනක් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ ය. |
2018-08-16T05:47:53.000Z | මධ්‍යම සහ සබරගමුවට හෙට තද වැසි... | මධ්‍යම සහ සබරගමුවට හෙට තද වැසි... | COLOMBO (News 1st) : මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි. වයඹ, උතුරුමැද, උතුරු , නැගෙනහිර ,බස්නාහිර පළාත්වලත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයට ත් විටින් විට පැයට කිලෝමිටර් 60 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. |
2018-08-16T05:37:33.000Z | පාළුවැවේ ගින්න නිවා දැමේ | පාළුවැවේ ගින්න නිවා දැමේ | COLOMBO (News 1st) : මැදිරිගිරිය, පාළුවැව රක්ෂිතයේ අද දහවල් ගින්න පොලීසිය හා යුද හමුදාව එක්ව මැඩ පවත්වා තිබේ. පොලීසිය පැවසුවේ, ගින්නෙන් අක්කර 15කට පමණ හානි සිදුව ඇති බවයි. ගින්න නිවීම සඳහා යුද හමුදා සාමාජිකයින් 20 දෙනෙකු ද එක් වූ බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ ය. |
2018-08-16T04:29:03.000Z | වැරදි කාලසටහනක් පළ කළා යැයි, වෙබ් අඩවියකට එරෙහිව පැමිණිල්ලක් | වෙබ් අඩවියකට එරෙහිව පැමිණිල්ලක් | COLOMBO (News 1st) : අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ වැරදි කාල සටහනක් අන්තර්ජාලයේ පළ කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික වෙබ් අඩවියකට එරෙහිව විභාග දෙපාර්තමේන්තුව පොලීසියට පැමිණිලි කර තිබේ. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමෙන් ද පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි. මෙවර උසස් පෙළ විභාගයේ සිංහල පළමු ප්‍රශ්න පත්‍රය, පසුගිය සෙනසුරාදා පෙරවරු 8.30 සිට පෙරවරු 11.40 දක්වා පැවැත්විණ. නමුත් ඇතැම් විභාග අපේක්ෂකයින් අන්තර්ජාලය ඔස්සේ ලබාගෙන ඇති කාල සටහනක සිංහල පළමු ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන වේලාව දක්වා ඇත්තේ 11 වැනිදා දහවල් 12.30 සිට 3.40 දක්වා ලෙසයි. ඒ අනුව විභාගයට මුහුණදීමට ගිය සිසුන්ට සිංහල පළමු ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමේ අවස්ථාව අහිමි වී තිබේ. විභාග කොමසාරිස්වරයා පැවසුවේ, මෙම සිද්ධියෙන් අසාධාරණයට ලක්වූ සිසුන් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බවයි. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් විභාග කාල සටහනේ කිසිදු වරදක් නොමැති බව ද ඔහු අවධාරණය කළේ ය. නිවැරදි කාල සටහන් විභාග ප්‍රවේශ පත්‍රය සමග සිසුන්ට ලබාදෙන බැවින් ඒ අනුව විභාගයට පැමිණීමට සෑම විටම ක්‍රියා කරන්නේ නම් මෙවැනි අනවශ්‍ය ගැටලු ඇති නොවන බව ද, විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේ ය. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය, වැරදි කාල සටහනක්, විභාග දෙපාර්තමේන්තුව, විභාග කොමසාරිස් ජෙනරාල් |
2018-08-16T04:16:24.000Z | මැදවච්චිය-තලෙයිමන්නාරම දුම්රිය ගමන් හෙට සිට නවතී | මැදවච්චිය-තලෙයිමන්නාරම දුම්රිය ගමන් හෙට සිට නවතී | COLOMBO (News 1st) : මැදවච්චියේ සිට තලෙයිමන්නාරම දක්වා දුම්රිය ධාවනය හෙට සිට මාස තුනක කාලයක් තාවකාලිකව නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ, එම මාර්ගයේ පාලමක අලුත්වැඩියාවක් හේතුවෙනි. දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරි එන්.ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, දෛනිකව කොළඹ කොටුවේ සිට තලේමන්නාරම දක්වා සහ තලෙයිමන්නාරම සිට කොළඹ කොටුව දක්වා දුම්රිය ගමන්වාර 4ක් ක්‍රියාත්මක වන බවයි. මාර්ගය වසා දමා ඇති කාලය තුළ මැදවච්චියේ සිට තලේමන්නාරම දක්වා විශේෂ ලංගම බස්රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. |
2018-08-16T03:55:36.000Z | ගම්පහට හෙට පැය 18ක ජල කප්පාදුවක් | ගම්පහට හෙට පැය 18ක ජල කප්පාදුවක් | COLOMBO (News 1st) : ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන බල ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 9 සිට අනිද්දා අලුයම 3 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ, පල්ලියකන්ද ජලාශයේ සිට කැලණිය හා වත්තල ප්‍රදේශයට ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයේ කාන්දුවක් අලුත්වැඩියා කිරීම සඳහායි. ඒ අනුව කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, පෑලියගොඩ නගර සභා බල ප්‍රදේශය, වත්තල - මාබෝල නගර සභා බල ප්‍රදේශය, වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටවනු ඇති. මීට අමතරව බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ගෝනවල පාර, මගුරුවිල පාර හා විජයරාම පාර මෙන්ම බොල්ලෑගල ප්‍රදේශයට ද, අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති. |
2018-08-16T00:45:29.000Z | දේශීය ලොකු ළූණු වගාවට රක්ෂණාවරණයක් | දේශීය ලොකු ළූණු වගාවට රක්ෂණාවරණයක් | COLOMBO (News 1st) - දේශීය ලොකු ළූණු වගා අක්කරයක් සඳහා රුපියල් 40,000 ක වගා රක්ෂණයක් ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය. එම අමාත්‍යාංශය සඳහන් කළේ, ස්වාභාවික විපත් හෝ වෙනත් හානීවලදී දේශීය ලොකු ළූණු ගොවියාට සිදු වන පාඩුව අවම කිරීම මෙහි අරමුණ බවයි. දේශීය ළූණු අවශ්‍යතාව සඳහා ලොකු ළූණු ආනයනය අවම කිරීම සඳහා දේශීය ලොකු ළූණු වගාව වියළි කලාපයේ තවදුරටත් ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-08-16T00:28:20.000Z | මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද විථි සංචාරය කෙරේ | මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අදයි | COLOMBO (News 1st) - මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද පස්වරුවේ විථි සංචාරය කිරීමට නියමිත වේ. ඒ, දේවාල අභ්‍යන්තර පෙරහැර 5 ක් පැවැත්වීමෙන් අනතුරුවයි. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම පසුගිය 12 වන දා සිදු කෙරුණි. මේ අතර දළදා පෙරහැර නැරඹීමට පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. මහනුවර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, ඒ සඳහා පොලිස් නිලධාරීන් 4000 ක් යොදවා ඇති බවයි. ආරක්ෂක රාජකාරි සඳහා හඳුනාගත් ස්ථානවලට පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා ඇත. පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තම ගමන් මලු හා වටිනා දෑ සොරුන්ගෙන් හා ගැට කපන්නන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා විමසිලිමත් වන ලෙසයි. ඇසළ පෙරහැර මංගල්‍ය හේතුවෙන් ලබන 25 වන දා දක්වා මහනුවර නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය. |
2018-08-15T23:56:22.000Z | ඇඹිලිපිටිය රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක | ඇඹිලිපිටිය රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක | COLOMBO (News 1st) - ඇඹිලිපිටිය රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය එක්දින වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල හිඟයට විරෝධය පළ කරමිනි. ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ ශාඛා සභාපති ගාමිණි සුවඳරත්න මහතා සඳහන් කළේ, රෝහලේ සේවක පුරප්පාඩු සියයකට අධික ප්‍රමාණයක් පවතින බවයි. මීට පෙර අවස්ථා කිහිපයකදීම බලධාරීන් දැනුවත් කළ ද සිය ගැටලුවට විසඳුම් නොලැබීම හේතුවෙන් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළ බව ද ඔහු සඳහන් කළේ ය. |
2018-08-15T23:04:24.000Z | මනම්පිටියේ වැලි ගොඩ දැමූ බෝට්ටු 25 ක් ගිනිබත් කෙරේ | මනම්පිටියේ වැලි ගොඩ දැමූ බෝට්ටු 25 ක් ගිනිබත් කෙරේ | COLOMBO (News 1st) - පොළොන්නරුව, මනම්පිටිය පාලම අසළ ගාල් කර තිබූ බෝට්ටු 25 කට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා තිබේ. පොලීසිය සඳහන් කළේ, වැලි ගොඩදැමීමට භාවිත කරන බෝට්ටුවලට එලෙස ගිනි තබා ඇති බවයි. වැලි සමාගමක් විසින් මහවැලි ගඟේ එම ප්‍රදේශයේ වැලි ගොඩ දමන අතර එහි සේවය කරන කම්කරුවන් සතු බෝට්ටු 19 ක් හා වැලි ගොඩදැමීම සඳහා අලුතින් එක් වූ නිදහස් ටිපර් රථ සංවිධානයට අයත් බෝට්ටු 6 ක් ගින්නෙන් විනාශ වී ඇති බවයි. එය කවුරුන් විසින් සිදු කළේ ද යන්න මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පොළාන්නරුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. |
2018-08-15T21:41:21.000Z | කේරලයේ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව 67 ක් දක්වා ඉහළට | කේරලයේ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට | අධික වර්ෂාවෙන් හටගත් ආපදා තත්ත්වයෙන් ඉන්දීය කේරල ප්‍රාන්තයේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 67 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේ පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 25 කි. මෙම තත්ත්වය හමුවේ ප්‍රාන්තයට රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය පයිනරායි විජයන් පියවර ගත්තේ ය. ඔහු පැවසූවේ, ශතවර්ෂයකින් කේරල ප්‍රාන්තයට බලපෑ දරුණුම මෝසම් සමය මෙය බවයි. ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රාන්තයේ පිහිටි ප්‍රාන්තයේ ජලාශ 39 න් 35 කම වාන් දොරටු මේ වනවිට විවෘත කර ඇත. ගංවතුර හමුවේ ප්‍රාන්තයේ පාසල් රැසකට අද නිවාඩු ලබා දී ඇති අතර විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල පැවැත්වීමට නියමිතව තිබූ විභාග ද කල්දමා තිබේ. මෙම ගංවතුර තත්ත්වය ලබන සෙනසුරාදා තෙක් පවතිනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් අනාවැකි පළ කළහ. ගංවතුර හමුවේ පුද්ගලයන් 60,000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති අතර සංචාරකයන් අතර ප්‍රචලිත ඉඩුක්කි දිස්ත්‍රික්කයේ මුන්නාර් නැමති ප්‍රදේශයට යාමෙන් වළකින ලෙස ප්‍රාන්ත රජය සංචාරකයන්ගෙන් ඉල්ලා සිටි. ගංවතුර සහ නායයාම් හමුවේ ප්‍රාන්තයේ මහාමාර්ග සහ නිවාස සිය ගණනක් විනාශ වී ඇතැයි ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කර තිබේ. ගංවතුරෙන් ප්‍රාන්තයේ අස්වැන්නට සිදු ව ඇති පාඩුව ඉන්දීය රුපියල් කෝටි 8000 කට අධිකය. |
2018-08-15T21:21:57.000Z | ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියට දින නියම වෙයි | ආ. අභියෝගතා කුසලාන වොලිබෝල් තරගයට දින නියම වෙයි | COLOMBO (News 1st) - ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලිය ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත් විය. ආසියානු කලාපයේ කණ්ඩායම් 7 ක් සහභාගී වන මෙම තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත් වේ. ශ්‍රී ලංකාවේදී මෙවැනි ප්‍රධානපෙළේ වොලිබෝල් තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. ආසියානු වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණය යටතේ මෙම ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලිය පැවැත්වෙනු ඇති. ශ්‍රී ලංකා කණ්ඩායම දැනට ආසියානු ශ්‍රේණිගත කිරීම් හි 14 වැනි ස්ථානයේ පසුවන අතර මෙම තරගාවලියේ පළමු හා දෙවැනි ස්ථාන ජයග්‍රහණය කළහොත් ආසියානු ශ්‍රේණිගත කිරීම් හි 7 හෝ 8 වැනි ස්ථානය සඳහා පැමිණීමට ඔවුන්ට හැකි වනු ඇති. |
2018-08-15T20:22:57.000Z | කාර්මික දෝෂයකට ලක් ව ගැඹුරු මුහුදේ අතරමං වූ ධීවර යාත්‍රාවක් මුදා ගැනීමට මෙහෙයුම් | මුහුදේ අතරමං වූ ධීවර යාත්‍රාවක් සොයා මෙහෙයුම් | COLOMBO (News 1st) - දික්වැල්ල නිල්වැල්ල වරායෙන් මුහුදු ගිය යාත්‍රාවක් කාර්මික දෝෂයකට ලක් ව ගැඹුරු මුහුදේ අතරමංව තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ ජයඉසුරු 03 නැමති ධීවර යාත්‍රාවයි. එහි හිමිකරු ශාන්ත අර්නස්ට් මහතා පැවසුවේ, පසුගිය ජූලි මස 19 වන දා මුහුදු ගිය එම යාත්‍රාවේ ධීවරයින් 06 දෙනෙකු සිටි බවය. |
2018-08-15T20:06:41.000Z | වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් | වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්... | COLOMBO (News 1st) - අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ඇතුළු ජලාශ කිහිපයක වාන් දොරටු තවදුරටත් විවෘතව තබා ඇති බව අප වාර්තාකරුවන් පවසා තිබේ. ඔවුන් සඳහන් කළේ, පස් කඳු කඩා වැටීම හේතුවෙන් ඇතැම් මාර්ගවල වාහන ධාවනයට ද බාධා මතුව ඇති බවයි. මේ අතර දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය අද දිනයේත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. |
2018-08-15T19:57:49.000Z | ගෑස් මිල සඳහාත් මිල සුත්‍රයක් | ගෑස් මිලටත් මිල සුත්‍රයක් | COLOMBO (News 1st) - ගෑස් මිල සම්බන්ධයෙන් ද මිල සුත්‍රයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ. ජීවන වියදම් කමිටුවේ සමාජිකයෙකු සඳහන් කළේ, පාරිභෝගික කටයුතු අධිකාරිය එම මිල සූත්‍රය සකස් කරමින් සිටින බවයි. ඒ අනුව ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් අඩු වැඩි වන අවස්ථාවන්වලදී මිල සුත්‍රය අනුව මෙරට ගෑස් මිල ගණන් අඩු වැඩි වනු ඇති. ගෑස් මිල වැඩි කරන ලෙස ගෑස් සමාගම් කළ ඉල්ලීම් සලකා බලමින් මෙම මිල සූත්‍රය සකස් කිරීමට පියවර ගන්නා බව ජීවන වියදම් කමිටුව පැවසුවේ ය. |
2018-08-15T19:44:57.000Z | පෞ. බස් සේවකයින් වර්ජනයේ: ප්‍රදේශ රැසක බස් ධාවනය අඩු වෙයි | පෞ. බස් සේවකයින් වර්ජනයේ | COLOMBO (News 1st) - ඊයේ රාත්‍රියේ සිට පෞද්ගලික බස් සංගම් ආරම්භ කළ වැඩ වර්ජනය මේ වනවිට ක්‍රියාත්මක වේ. ඇතැම් ප්‍රදේශවල බස් රථ ගමන් වාර කිහිපයක් ආරම්භ වුව ද අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවේ, බොහෝ දුර බැහැර ප්‍රදේශවලට බස් ධාවනය නොවන බවයි. මේ අතර අනුරාධපුර බස් නැවතුම්පොළෙන් කොළඹ බලා ගමන් ආරම්භ කරන බස් රථ කිහිපයක් ධාවනය වූ බව අප වාර්තාකරු පැවසුවේ ය. මේ අතර දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතරින් ගමන් ආරම්භ කරන බස් රථ ධාවනය කෙරෙන බව අප වාර්තාකරු පවසා ඇත. ඊට අමතවර උදෑසන කාලයේදී දුරගමන් සේවා බස් රථ කිහිපයක් හැරෙන්නට අනෙක් බස් රථ ධාවනය වන බව අප වාර්තාකරු පැවසුවේ ය. ඊයේ මධ්‍යම රාත්‍රි සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට පෞද්ගලික බස් සේවකයින් පිරිසක් පියවර ගෙන තිබේ. ඒ, වැඩි කළ දඩ මුදල් අඩු කරන ලෙස ආණ්ඩුවට බල කිරීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමිනි. සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ සංවිධායක යූ. කේ. කුමාරරත්න රේණුක මහතා පැවසුවේ, මේ පිළිබඳව වගකිවයුතු ආයතන දැනුවත් කළ ද සාධාරණයක් ඉටු නොවූ බවයි. කෙසේ වෙතත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් වැඩ වර්ජනයට සහය නොදැක්වීමට තීරණය කර තිබේ. අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා ද පැවසුවේ, වර්ජනයට තමන් එක් නොවන බවයි. සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතාගෙන් ද අප විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, තම සංගමය වර්ජනය සම්බන්ධයෙන් මධ්‍යස්ථ මතයක සිටින බවයි. මේ අතර ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේ, මෙවැනි කරුණු අරඹයා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීම ඉතා අසාධාරණ ක්‍රියාවක් බවයි. |
2018-08-15T19:08:45.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත් 1. පෞ. බස් සේවකයින් අද වර්ජනයක: මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට පෞද්ගලික බස් සේවකයින් පිරිසක් සූදානම් විය. ඒ, වැඩි කළ දඩ මුදල් අඩු කරන ලෙස ආණ්ඩුවට බල කිරීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමිනි. 2. හිටපු නාවික නිලධාරී චන්දන හෙට්ටිආරච්චි රිමාන්ඩ්: හිටපු නාවික හමුදා ලුතිතන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි මහතා ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ, සැකකරු අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. 3. කටුනායක සිට කොචින් දක්වා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි: කටුනායක සිට ඉන්දියාවේ කොචින් දක්වා ගුවන් ගමන් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම තීරණය කර තිබේ. 4. කීත් නොයාර් පැහැර ගැනීම: හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් ගැනීමට තීරණය කරයි: මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් වද හිංසා පැමිණ වීමේ සිද්ධියට අදාළව ලබන 17 වන දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විදෙස් පුවත් 5. කාබුල් නුවර බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් 48ක් මරුට: ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 48 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 35 කි. ක්‍රීඩා පුවත් 6. අකලංකට ඉන්දුනීසියාවේ සිට උ/පෙළට පෙනී සිටීමට අවස්ථාව: ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා පිහිණුම් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේ ය. මෙවර ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ඉන්දුනීසීයාවේ ජකර්තා නුවරදීයී. ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ අකලංක පීරිස් ශිෂ්‍යයාට මෙවර ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට අ.පො.ස. උසස් පෙළ විභාගයේ විෂයන් තුනකට පෙනී සිටීමට අධ්‍යාපන බලධාරීන් අවස්ථාව ලබාදී තිබේ. |
2018-08-15T11:30:09.000Z | කාබුල් නුවර බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් 48ක් මරුට | කාබුල් නුවර බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් 48ක් මරුට | COLOMBO (News 1st) : ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 48 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් තුවාල ලැබූ සංඛ්‍යාව 35 කි. පෞද්ගලික අධ්‍යාපන මධ්‍යස්ථානයක් ඉලක්ක කර ප්‍රහාරය එල්ල වී තිබිණ. |
2018-08-15T09:45:17.000Z | අකලංකට ඉන්දුනීසියාවේ සිට උ/පෙළට පෙනී සිටීමට අවස්ථාව | අකලංකට ජකර්තා උ/පෙළට පෙනී සිටීමට අවස්ථාව | COLOMBO (News 1st) : ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා පිහිණුම් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේ ය. මෙවර ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ඉන්දුනීසීයාවේ ජකර්තා නුවරදීයී. ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ අකලංක පීරිස් ශිෂ්‍යයාට මෙවර ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට අ.පො.ස. උසස් පෙළ විභාගයේ විෂයන් තුනකට පෙනී සිටීමට අධ්‍යාපන බලධාරීන් අවස්ථාව ලබාදී තිබේ. මෙරට ක්‍රීඩකයකුට විදේශයකදී ජාතික විභාගයකට පෙනී සිටීමට ලද ප්‍රථම අවස්ථාව ලෙස මෙය වන අතර ඒ අනුව අංකලක ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී අ.පො.ස. උසස් පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි, සාමාන්‍ය පොදු පරීක්ෂණය හා ගිණුම්කරණය පළමු ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටිනු ඇති. |
2018-08-15T07:56:27.000Z | තරුණයින් 11ක් පැහරගෙන අතුරුදන් කළ සිද්ධියට සැකපිට හිටපු නාවික නිලධාරී චන්දන හෙට්ටිආරච්චි රිමාන්ඩ් | හිටපු නාවික නිලධාරී චන්දන හෙට්ටිආරච්චි රිමාන්ඩ් | COLOMBO (News 1st) : හිටපු නාවික හමුදා ලුතිතන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි මහතා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරු අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සුදු වෑන් භාවිත කරමින් තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ 10 වන සැකකරු හිටපු නාවික හමුදා ලුතිතන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි මහතායි. ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා අවශ්‍ය ප්‍රකාශ බන්ධනාගාරය තුළදී සැකකරුගෙන් ලබා ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තනේතුවට අවසර ලබා දෙන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා ය. සැකකරු පසුගිය 13 වන දා පස්වරු 2 ට පමණ කොළඹ ලෝටස් පාරේදී අත්අඩංගුවට ගැනණ. එම අවස්ථාවේදී ඔහුගේ ඡායාරූපය ඇතුළත් කර වෙනත් පුද්ගලයකුගේ නමින් සකස් කළ ජාතික හැඳුනුම්පතක් සන්තකයේ තිබුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේ ය. එම දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, සැකකරු ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර සකස් කරගත් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් 2017 අප්‍රේල් 17 වන දා මලයාසියාවට ගොස් ඇති බවයි. සැකකරුට ව්‍යාජ ලේඛන සකස් කර ගැනීමට සහ රටින් පලායාමට නාවික හමුදාවේ හිටපු උසස් නිලධාරියෙකු සහය ලබාදී ඇති බවට දැඩි සැකයක් පවතින බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේදී ප්‍රකාශ කළේ ය. අධිකරණය මගහැර සිටි එම සැකකරුට රටින් පලා යාමට යම් අයෙකු ආධාර අනුබල දී ඇත්නම් ඒ සම්බන්ධයෙන් පුළුල්ව විමර්ශන කර වහා ම වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය. විදේශගත වු මෙම සැකකරු 2018 මාර්තු මස යළි දිවයිනට පැමිණ දොම්පේ ප්‍රදේශයේ පිහිටි වත්තක මුරකරුවෙකු ලෙස හා වතු හිමියාගේ නිවසේ අරක්කැමියා ලෙස කටයුතු කර ඇතැයි අනාවරණය වී තිබෙන බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේදී කියා සිටියේ ය. |
2018-08-15T07:24:40.000Z | පෞ. බස් සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක | පෞ. බස් සේවකයින් පිරිසක් වර්ජනයකට සැරසෙයි | COLOMBO (News 1st) : අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට පෞද්ගලික බස් සේවකයින් පිරිසක් සූදානම් වේ. ඒ, වැඩි කළ දඩ මුදල් අඩු කරන ලෙස ආණ්ඩුවට බල කිරීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමිනි. සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ සංවිධායක යූ. කේ. කුමාරරත්න රේණුක මහතා පැවසුවේ, මේ පිළිබඳව වගකිවයුතු ආයතන දැනුවත් කළ ද සාධාරණයක් ඉටු නොවූ බවයි. කෙසේ වෙතත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් වැඩවර්ජනයට සහය නොදැක්වීමට තීරණය කර තිබේ. අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පැවසුවේ, වර්ජනයට තමන් එක් නොවන බවයි. සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ, තම සංගමය වර්ජනය සම්බන්ධයෙන් මධ්‍යස්ථ මතයක සිටින බවයි. |
2018-08-15T04:41:08.000Z | වයඹ ජල ගැටලුව විසඳීමට ජනපතිගේ මග පෙන්වීමෙන් දැවැන්ත ව්‍යාපෘතියක් | වයඹ ජල ගැටලුවට ත් විසඳුම් | COLOMBO (News 1st) : වයඹ පළාතේ ජල ගැටලුව විසඳීමට ජනාධිපතිවරයාගේ මග පෙන්වීම යටතේ මේ වනවිට දැවැන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ රටතුළ විවිධ වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක වුව ද වයඹ පළාත හා ඒ ආශ්‍රිත ප්‍රදේශ රැසකට අවශ්‍ය ජලය ලබාදීමට මෙතෙක් පැවති සෑම රජයකින්ම අතපසුවීම හේතුවෙන් ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දුන් බවයි. වැඩපිළිවෙළ යටතේ වාර්ෂිකව අක්කර අඩි එක්ලක්ෂ පන්දහසක වාරි ජලය අඛණ්ඩව ලබාදීම සහ කුඩා වැව් 353 ක් සහ ප්‍රධාන වැව් 8 ක් මහවැලි ජලයෙන් පෝෂණය කිරීම, ගොවි බිම් හෙක්ටයාර් 12,500 ක් සංවර්ධනය කිරිමට නියමිතයි. ඒ සඳහා මොරගහකන්ද, කළුගඟ වාරි ව්‍යාපෘතියේ අතුරු ව්‍යාපෘතියක් ලෙස වයඹ පළාත් ඇළ ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ මග පෙන්වීම යටතේ මේ වනවිට ක්‍රියාවට නංවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. |
2018-08-15T04:03:49.000Z | කටුනායක සිට කොචින් දක්වා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි | කොචින් දක්වා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි | COLOMBO (News 1st) : කටුනායක සිට ඉන්දියාවේ කොචින් දක්වා ගුවන් ගමන් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම තීරණය කර තිබේ. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, දෛනිකව කොචින් දක්වා කටුනායක සිට එක් ගුවන් ගමන් වාරයක් සිදුකරන බවයි. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කොචින් ගුවන් තොටුපොළ ලබන සෙනසුරාදා දක්වා වසා දැමීම හේතුවෙන් එලෙස ගුවන් ගමන් අත්හිටුවා තිබේ. දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, ඒ පිළිබද වැඩිදුර තොරතුරු 1979 දුරකථන අංකයෙන් විමසිය හැකි බවයි. එසේ නැතහොත් 00914842611313 යන දුරකථන අංකයෙන් ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපොළ කාර්යාලය සමග හෝ 00914842362042 යන දුරකථන අංකයෙන් කොචින් නුවර පිහිටි ශ්‍රීලංකන් කාර්යාලය අමතා ගුවන් ගමන් පිළිබඳ තොරතුරු ලබාගත හැකියි. |
2018-08-15T03:48:28.000Z | රත්‍රං සමග සැකකරුවන් 2ක් කටුනායකදී අත්අඩංගුවට | රත්‍රං සමග සැකකරුවන් 2ක් කටුනායකදී අත්අඩංගුවට | COLOMBO (News 1st) : රත්‍රං තොගයක් මෙරටට රැගෙන ආ සැකකරුවන් දෙදෙනෙකු අවස්ථා දෙකකදී කටුනායක ගුවන් තොටුපොළ රේගු භාරයට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, 23 හැවිරිදි එක් සැකකරුවෙකු ඩුබායි සිට සිය ගමන් මල්ලේ සඟවා කිලෝ ග්‍රෑම් 3 යි ග්‍රෑම් 13 ක් බර රන් භාණ්ඩ තොගයක් රැගෙන ඒමට තැත් කිරීමේදී අද අලුයම අත්අඩංගුවට ගත් බවයි. එහි වටිනාකම රුපියල් 1,58 18, 775 කි. මේ අතර කිලෝ ග්‍රෑම් 2 ක් බරැති රන් බිස්කට් 20 ක් සමග 58 හැවිරිදි සැකකරුවෙකු අද උදෑසන ගුවන්තොටුපොළ ඇතුළුවීමේ පර්යන්තයේදී රේගු අත්අඩංගුවට පත්විය. ඔහු චෙන්නායි සිට මෙම රන් බිස්කට් මෙරටට රැගෙන පැමිණ ඇති අතර එහි වටිනාකම රුපියල් 130,00,000කි. සැකකරුවන් පුත්තලම හා කොළඹ 15 ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. |
2018-08-15T02:27:26.000Z | කීත් නොයාර් පැහැර ගැනීම: හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් ගැනීමට තීරණය කරයි | කීත් නොයාර් පැහැර ගැනීම:හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් | COLOMBO (News 1st) - මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් වද හිංසා පැමිණ වීමේ සිද්ධියට අදාළව ලබන 17 වන දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, කොළඹ විජේරාමේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී පෙරවරු 10.00ට එම ප්‍රකාශය ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සැලසුම් කර ඇති බව ය. සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි හිටපු ජනාධිපතිවරයාට අවස්ථා ගණනාවකදී කළ දැනුම් දීමට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මේ පියවර ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. මෙම සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද කථානායක කරු ජයසූරිය මහතා විසින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දී තිබිණි. මෙම සිද්ධියට ආධාර අනුබල දුන්නැයි හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජනරාල් අමල් කරුණාසේකර සහ යුද හමුදා බුද්ධි බලකායේ මේජර් ප්‍රභාත් ශ්‍රී සීවලී බුලත්වත්ත යන දෙදෙනා ඇතුළු බුද්ධි නිලධාරීන් 6 දෙනෙක් මේ වන විට ඇප මත මුදා හැර සිටිති. 2008 මැයි මස 22 වන දා රාත්‍රි 11.39ට පමණ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් නීති විරෝධී ලෙසින් රඳවා තබා ගෙන කෲර වද හිංසාවලට ලක් කර පසුව මුදා හැරිණි. |
2018-08-15T00:36:26.000Z | කළුතර ප්‍රදේශ රැසක ජල සැපයුම බිඳ වැටේ | කළුතර ප්‍රදේශ රැසක ජල සැපයුම බිඳ වැටේ | COLOMBO (News 1st) - කළුතර අවට ප්‍රදේශ රැසක ජල සැපයුම මේ වන විට බිඳ වැටී තිබේ. ඒ, කළුතර කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලිය ලබා දෙන රැහැන් පද්ධතියක් මතට ගසක් කඩා වැටීම හේතුවෙනි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ, මේ වන විට කෙත්හේන ජල පවිත්‍රාගාරයේ විදුලිය විසන්ධි වී ඇති බව ය. එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කණ්ඩායම් යොදවා ඇති බව ද මණ්ඩලය සඳහන් කළේ ය. කෙසේ වෙතත් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව පැය කිහිපයකින් ජලය පොම්ප කිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට හැකි වෙතැයි ජල සම්පාදන මණ්ඩලය විශ්වාසය පළ කරයි. ජලය සැපයුම බිඳ වැටීම හේතුවෙන් වාද්දුව, කළුතර උතුර, කළුතර දකුණ, පයාගල, මග්ගොන හා බේරුවල ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාවට බලපෑම් එල්ල වී ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය. |
2018-08-14T23:41:32.000Z | අධික වර්ෂාවත් සමග ජලාශ්‍ර කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ | වර්ෂාවත් සමග ජලාශ්‍ර කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ | COLOMBO (News 1st) - මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ලක්ෂපාන ඉහළ කොත්මලේ, කැනියන්, නෝට්න් බ්‍රිජ් හා පොල්ගොල්ල යන ජලාශ්‍රවල වාන් දොරටු මේ වන විට විවෘත කර තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කළේ, ඉහළ කොත්මලේ ජලාශ්‍රයේ වාන් දොරටු 3ක් විවෘත කර ඇති බව ය. ලක්ෂපාන ජලාශ්‍රයේ එක් වාන් දොරටුවක් විවෘත කර තිබේ. මේ අතර වර්ෂාවත් සමග පොල්ගොල්ල ජලාශ්‍රයේ වාන් දොරටු 2ක් අඩි තුනක් බැගින් විවෘත කර ඇති බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව මධ්‍යම හා සබරගමුව පළාත් ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද දිනයේ මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි ය. වැසි සමග එම ප්‍රදේශ හරහා තද සුළං ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවේ ය. |
2018-08-14T22:17:29.000Z | අනුරාධපුරය උණුසුම් කළ උකුස්සා... | අනුරාධපුරය උණුසුම් කළ උකුස්සා... | COLOMBO (News 1st) - අනුරාධපුර සුචරිතම ප්‍රදේශයට පැමිණි උකුස්සෙකු අවුරුදු 7ක කුඩා දරුවෙකුට පහර දීමෙන් පසු ගම්වාසීන් මැදිහත්ව උකුස්සා අල්ලා වනජීවී නිලධාරීන්ට භාර දී තිබේ. ඊයේ උදෑසන මෙම දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේ උකුසු ප්‍රහාරයට ලක් විය. පසුව දරුවාගේ මව සහ අසල්වැසි නිවසේ කාන්තාවක මැදිහත්ව දරුවා බේරා ගෙන රෝහල්ගත කර ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු දැරිය මේ වන විට රෝහලෙන් පිටව ගොස් තිබේ. ගම්වැසියන් පවසන්නේ, පසුගිය 13 වන දා ගම්මානයට පැමිණි මෙම උකුස්සා වයස අවුරුදු 2ක, 6ක සහ 7ක කුඩා දරුවන් තිදෙනෙක් ද ඩැහැ ගැනීමට උත්සහ කළ බව ය. පසුව ගම්වාසීහු එක්ව මන්දක් ගසා උකුස්සා අල්ලාගෙන අනුරාධපුර වනජීවී කාර්යාල නිලධාරීන්ට භාර දුන්හ. වනජීවී නිලධාරීන් පවසන්නේ, සිලුබබර උකුස්සා නමින් හඳුන්වන මෙම සත්ත්වයා හොඳින් වැඩුණු විශාල වර්ගයේ උකුස්සෙකු බව ය. |
2018-08-14T21:58:37.000Z | ඉන්දියාවේ 72 වන නිදහස් සැමරුම අදයි | ඉන්දියාවේ 72 වන නිදහස් සැමරුම අදයි | (News 1st) - ඉන්දියාවේ 72 වන නිදහස් දින සැමරුම අදයි. 1947 අගෝස්තු 15 වන දින ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීම පදනම් කර ගනිමින් මෙම දිනය සමරයි. නිදහස සැමරෙන අද දින, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජයේ අරමුදලින් ක්‍රියාත්මක වන ලොව විශාලත ම සෞඛ්‍ය වැඩසටහන ආරම්භ කිරීමට නියමිත ය. ආයුෂ්මාන් භාරත් ලෙස හැඳින්වෙන මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ, දරිද්‍රතාවයෙන් පෙළෙන සෑම ඉන්දීය පවුලකටම වාර්ෂිකව ලක්ෂ 5ක සෞඛ්‍ය ආවරණයක් ලබා දීම ය. මෙමගින් දිළිඳු, දුෂ්කර ප්‍රදේශවල දිවි ගෙවන පවුල් වෙත විශේෂ අවධානය යොමු කෙරෙනු ඇති. ඉන්දීය මධ්‍යම රජය මේ වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 10000කි. සුපුරුදු පරිදි මෙවර ද ඉන්දීය නිදහස් දින සැමරුම වෙනුවෙන් තමන් පවත්වන කතාවට ඇතුළත් විය යුතු දේ පිළිබඳව ජනතාවගෙන් අදහස් විමසීමට ඉන්දීය අගමැති පියවර ගත්තේ ය. 2019 වසරේ පැවැත්වෙන ලෝක් සභා මැතිවරණයට පෙර නරේන්ද්‍ර මෝදි පවත්වන අවසන් නිදහස් දින සැමරුම් කතාව මෙය වනු ඇති. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ස්ත්‍රී දූෂණය, අධ්‍යාපනය ආදී මාතෘකා වෙත අවධානය යොමු කරන ලෙස අග්‍රාමාත්‍යවරයාට ඉල්ලීම් ලැබී ඇති බව ය. නිදහස් දින සැමරුම හමුවේ ඉන්දියාවේ රතු බලකොටුව, නවදිල්ලිය සහ සෙසු ප්‍රධාන නගරවල ආරක්ෂාව තර කර තිබේ. නවදිල්ලි අගනුවර ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 70000 ක් යොදවා ඇති අතර රතු බලකොටුවට යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 10000කි. රතු බලකොටුව වෙත දිවෙන මාර්ගයේ සී.සී.ටී.වී. කැමරා 500කට අධික සංඛ්‍යාවක් ද , රතු බලකොටුවේ සී.සී.ටී.වී. කැමරා 200කට අධික සංඛ්‍යාවක් ද සවි කර තිබේ. තව ද ස්නයිපර් තුවක්කු කණ්ඩායමක්, කමාන්ඩෝ භට කණ්ඩායම් මෙන් ම ගුවන් යානා නාශක තුවක්කු ද රතු බලකොටුවට යොදවා අවසන් ය. |
2018-08-14T20:11:55.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමෙන් පසු තීරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. 2. වැඩි කළ ස්ථානීය දඩ මුදල්වලට විරෝධය පළ කරමින් බස් රථ සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. 3. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකින් මුදල් නොට්ටු මුද්‍රණය කිරීමට තම රජයේ මුදල් මුද්‍රණ ආයතනය වෙත ඇණවුම් ලැබී ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. 4. බොහෝ දෙනෙකු දෛනිකව භාවිතයට ගන්නා මා ඔයේ ජලයට රසායනික ද්‍රව්‍ය අඩංගු අපද්‍රව්‍ය මුදාහරින ජාවාරමක් පිළිබඳ අනාවරණය. විදෙස් පුවත් 5. අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කරමින් කෙටි පණිවුඩ යැවීම හේතුවෙන්, එෆ්.බී.අයි. සංවිධානයේ ජ්‍යේෂ්ඨ නියෝජිතයෙකු වන පීටර් ස්ට්‍රෝක් ධුරයෙන් ඉවත් කර තිබේ. ක්‍රීඩා පුවත් 6. දකුණු අප්‍රිකාව සමග පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක ජයක් ඊයේ වාර්තා කළේ ය. |
2018-08-14T20:00:40.000Z | ජනතාවත්, උසස් පෙළ සිසුනුත් ඇපයට තබා බස් සේවකයිනුත් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයකට සැරසෙයි | බස් සේවකයින් වැඩ වර්ජනයකට සැරසෙයි | COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට පෞද්ගලික බස් සේවකයින් පිරිසක් සූදානම් වෙති. ඒ, වැඩි කළ දඩ මුදල් අඩු කරන ලෙස ආණ්ඩුවට බල කිරීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමිනි. සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ සංවිධායක යූ.කේ. කුමාරරත්න රේණුක මහතා පැවසුවේ, මේ පිළිබඳව වගකිව යුතු ආයතන දැනුවත් කළ ද සාධාරණයක් ඉටු නොවූ බව ය. කෙසේ වෙතත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් වැඩ වර්ජනයට සහය නොදැක්වීමට තීරණය කර තිබේ. අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා ද පැවසුවේ, වර්ජනයට තමන් එක් නොවන බව ය. පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයෙන් මේ පිළිබඳව කළ විමසීමකදී එහි නිලධාරියෙකු පැවසුවේ, වර්ජනයට සහය දීම පිළිබඳව අද මධ්‍යම කාරක සභාව රැස්වී තීරණයක් ගන්නා බව ය. පෞද්ගලික බස් සේවක වැඩ වර්ජනය පිළිබඳව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ජී.එස්. විතානගේ මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, වැඩ වර්ජනයක් පිළිබඳව අමාත්‍යංශය දැනුවත් කර නොමැති බව ය. කෙසේ වෙතත් දඩ මුදල් වැඩි කළේ විනය ගරුක රියැදුරන් පිරිසක් බිහි කිරීමේ අරමුණින් බව ද ලේකම්වරයා අවධාරණය කළේ ය. |
2018-08-14T19:47:18.000Z | 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද ඇරඹේ | පහේ හපනුන්ගේ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද ඇරඹේ | COLOMBO (News 1st) - 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද ආරම්භ වේ. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, මධ්‍යස්ථාන 35කදී ඇගයීම් සිදු කරන බව ය. ඒ සඳහා සහභාගී වන ගුරුවරුන් සංඛ්‍යාව 8000කට අධික බව ද ඔහු පැවසුවේ ය. විභාග කොමසාරිස්වරයා පැවසුවේ, අපේක්ෂකයින් 355,326 දෙනෙකු මෙවර විභාගය සඳහා පෙනී සිටි බව ය. |
2018-08-14T11:31:43.000Z | දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු 20යි 20 තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් | දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් | COLOMBO (News 1st) - දකුණු අප්‍රිකාව සමග පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක ජයක් අද වාර්තා කළේ ය. ලකුණු 99ක ඉලක්කයක් කරා හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 16කදී කඩුලු 7ක් දැවී සිටියදී ය. තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා නායක ජේ.පී. ඩුමිනි පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ ක්වින්ටන් ඩී. කොක් සහ හෂීම් අම්ලා යි. කිසිදු ලකුණක් රැස් කිරීමට පෙර අම්ලා පිටියෙන් ඉවත් වුණේ ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ ය. ක්වින්ටන් ඩී. කොක් ලකුණු 20කට දැවී ගියේ ය. රීසා හෙන්ඩ්‍රිකස් ලකුණු 19යි. ඔවුන්ගේ පළමු කඩුලු 6 ලකුණු 69ක් තුළ බිඳ වැටිණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම අභියස පිතිකරුවන් 7 දෙනෙකුටම ලකුණු 5 සීමාව පසු කිරීමට නොහැකි විය. ලක්ෂාන් සඳකැන් ලකුණු 19ට කඩුලු 3යි. අකිල ධනංජය ලකුණු 15ට කඩුලු 2ක් දවා ගත්තේ ය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 98කි. එය දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 20යි 20 තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවයි. කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ය. කුසල් මෙන්ඩිස්ට රැස් කිරීමට හැකි වූයේ එක් ලකුණක් පමණි. ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් තුන්වැනි කඩුල්ලට ලකුණු 53ක සබඳතාවක් ගොඩනැගීය. ධනංජය පන්දු 26කින් ලකුනු 31යි. නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු නොලබා පිටියෙන් ඉවත් විය. දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 36යි. |
2018-08-14T11:19:04.000Z | පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම ගැන ඒකාබද්ධයේ තීන්දුව කල් යයි | ස්වාධීන වීම ගැන ඒකාබද්ධයේ තීන්දුව කල් යයි | COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමෙන් පසු තීරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම අද පස්වරුවේ හිටපු ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීම පිළිබඳව අවසන් තීන්දුව මෙම සාකච්ඡාවේදී ගන්නා බව මීට පෙර ප්‍රකාශ කෙරිණි. |
2018-08-14T11:10:02.000Z | හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් සේවකයින් වැඩ වර්ජනයකට සැරසෙයි | හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් සේවකයින් වැඩ වර්ජනයක | COLOMBO (News 1st) - වැඩි කළ ස්ථානීය දඩ මුදල්වලට විරෝධය පළ කරමින් බස් රථ සේවකයින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඇතුළු බස් හිමියන්ගේ සංගම් ප්‍රකාශ කළේ, තම සංගම් මීට සහය නොදක්වන බව ය. උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් වර්ජනයට යොමු නොවී සේවයට වාර්තා කරන ලෙස බස් සේවකයින්ගෙන් ඉල්ලා සිටින බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන් ය. |
2018-08-14T10:05:05.000Z | බිලියන 10ක ණයක් තමන්ටම අනුමත කර ගත් බැංකු අධ්‍යක්ෂ ගැන අගමැතිට පැමිණිල්ලක් | ධූරය අවභාවිත කළ අමරතුංග ගැන අගමැතිට පැමිණිල්ලක් | COLOMBO (News 1st) - මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ධූර කාලය අගෝස්තු 31 වන දා අවසන් වීමට නියමිතව තිබේ. මේ අනුව තමන් විධායක උප සභාපති ධූරය දැරූ සමාගමට රුපියල් බිලියන 10ක ණය පහසුකම් ලබා ගත් මහජන බැංකුවේ අධ්‍යක්ෂ ජෙහාන් අමරතුංග මහතාගේ නිල කාලය ද එදින අවසන් වනු ඇති. තමන් අධ්‍යක්ෂ ධූරයක් දරණ බැංකුවෙන් විධායක උප සභාපති ධූරය දරණ එම්.ටී.ඩී. වෝර්කර්ස් සමාගමට මෙතරම් විශාල ණය මුදලක් ලබා ගැනීම පිළිබඳව පසුගිය දිනවල බරපතල විවේචන එල්ල විය. මෙතරම් විශාල මුදලක් අනුමත කිරීමේදී බැංකුවේ විගණන කමිටුව විසින් අනුමත කළ යුතු අතර මහජන බැංකුවේ විගණන කමිටුවේ සභාපති ධූරය දැරුවේ ද ජෙහාන් අමරතුංග මහතා යි. ධූරය අවභාවිත කරමින් මෙවැනි ගනුදෙනු සිදු කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගන්නැයි රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. මේ අතර මෙවැනි ණය මුදල් බැංකුවේ ණය කමිටුවට අනුමැතිය සඳහා යොමු කළ යුතු අතර බැංකු ඉතිහාසයේ පළමු වරට මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා එම කමිටුවට ඇතුළත් නොවී සිටීම ද විශේෂත්වයකි. නිල කාලය අවසන් වූ පමණින් ජෙහාන් අමරතුංගට හා ගනුදෙනුවලට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර නිදැල්ලේ පිටව යාමට ඉඩ දෙනවා ද? නොඑසේ නම් සිදු විය යුත්තේ මෙවැනි බරපතල ගනුදෙනු සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කර වගකිව යුත්තන් රටේ නීතිය හමුවට පැමිණවීම නොවේ ද? |
2018-08-14T09:24:19.000Z | ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මුදල් නෝට්ටු මුද්‍රණ කිරීමට චීනයට ඇණවුම් - චීන මාධ්‍ය වාර්තා කරයි | මෙරට මුදල් නෝට්ටු මුද්‍රණ කිරීමට චීනයට ඇණවුම් | (News 1st) - ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකින් මුදල් නොට්ටු මුද්‍රණය කිරීමට තම රජයේ මුදල් මුද්‍රණ ආයතනය වෙත ඇණවුම් ලැබී ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. චීන බැංකු නෝට්ටු මුද්‍රණ ආයතනයේ සභාපති ලී ගුයිෂෙන්ග් මහතා චීන මහ බැංකුව විසින් සම්පාදනය කරන මාසික සඟරාවකට පවසා ඇත්තේ, තමන් වෙත රටවල් ගණනාවකින් මුදල් මුද්‍රණය සඳහා ඇණවුම් ලැබී ඇති බව ය. ඒ අතර ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය, මැලේසියාව හා බ්‍රසීලය සිටින බව ද සඳහන් ය. චීන බැංකු නෝට්ටු මුද්‍රණය කිරීමේ ආයතනය ලෝකයේ විශාලම මුදල් නෝට්ටු මුද්‍රණ ආයතනය ලෙස සැලකේ. මේ සම්බන්ධව අප කළ විමසීමකදී ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාව සඳහා අවශ්‍ය කිසිදු මුදල් මුද්‍රණය කිරීමක් චීනයේ සිදු නොකරන බව ය. චීනයේ මුදල් නෝට්ටු මුද්‍රණ සංස්ථාව සමග කිසිදු සබඳතාවක් නැති බව ද මහ බැංකු ප්‍රකාශකයා සඳහන් කර සිටියේ ය. මේ අතර ඉන්දියාව ද මුදල් නොට්ටු මුද්‍රණය කිරීම සඳහා මෙම චීන සමාගමකට අවසර ලබා දී ඇති බව අද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. එම මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය රජය මේ වන විට නිවේදනය කර තිබේ. |
2018-08-14T09:01:44.000Z | පුත්තලම වෙරළේ සායනික අපද්‍රව්‍ය ගැන ක්ෂේත්‍ර කිහිපයකින් පරීක්ෂණ | පුත්තලම වෙරළේ සායනික අපද්‍රව්‍ය ගැන පරීක්ෂණ | COLOMBO (News 1st) - ඉන්දියාවේ භාවිත කර ඉවත දැමූ බවට සැක කරන සායනික ද්‍රව්‍ය ඇතුළු අපද්‍රව්‍ය තොගයක් පුත්තලම වෙරළ තීරයට ගොඩ ගසා ඇති බව අපි ඊයේ වාර්තා කළෙමු. අද සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් ඇතුළු කණ්ඩායම් කිහිපයක් එම ස්ථානය පරීක්ෂා කළහ. පුත්තලම උඩප්පුව සිට තොඩුවාව දක්වා කිලෝමීටර් 10ක පමණ දුර ප්‍රමාණයකට මුහුදු වෙරළේ සායනික ද්‍රව්‍යය ද ඇතුළත් අපද්‍රව්‍ය එක්රැස් වී තිබේ. එන්නත්, විවිධ සිරප් වර්ග, පෙති වර්ග ඇතුළු විවිධ ඖෂධ හා සායනික ද්‍රව්‍ය ඇතුළත්ව තිබූ භාජන විශාල ප්‍රමාණයක් ඒ අතර වේ. අද පස්වරුවේ පරමාණු බලශක්ති නියාමන සභාවේ නිලධාරීන් පිරිසක් පැමිණ මෙහි විකිරණශීලි ද්‍රව්‍ය ඇත්දැයි පරීක්ෂා කළහ. මූලික නිරීක්ෂණවලදී විකිරණශීලි ද්‍රව්‍ය කිසිවක් හඳුනාගත නොහැකි වූ බව එම නිලධාරීන් සඳහන් කර තිබේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීහු ද අද දහවල් වෙරළ තීරයේ ගොඩ ගැසී තිබූ අපද්‍රව්‍ය වෙන් කර එක්රැස් කළහ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ, මෙම සායනික අපද්‍රව්‍ය ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ සිට මෙරට වෙරළට ගොඩ ගසන්නට ඇතැයි අනුමාන කරන බව ය. මෙම අපද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රශ්න රැසක් මතු වේ. මේ දිනවල කේරළ ප්‍රාන්තයට තද වැසි ඇද හැළෙන අතර ඇතැම් ස්ථානවල ජල ගැලීම් ද වාර්තා විය. කේරළයේ ගංවතුර නිසා මුහුදට මුසු වී මේවා මෙරටට පැමිණියා නම් ඒවා එක් තැනක රැස් වූ ඒවා ද? නැතහොත් සංවිධානාත්මකව කවුරුන් හෝ මේවා මුහුදට ගෙනැවිත් දැමුවා ද? රෝහලක භාවිත කළ ද්‍රව්‍ය නම් බොහෝ විට එය හඳුනාගත හැකි ක්‍රම රැසක් තිබේ. |
2018-08-14T08:41:11.000Z | මා ඔයේ සිදු වන ජාවාරම... | මා ඔයේ සිදු වන ජාවාරම... | COLOMBO (News 1st) - බොහෝ දෙනෙකු දෛනිකව භාවිතයට ගන්නා මා ඔයේ ජලයට රසායනික ද්‍රව්‍ය අඩංගු අපද්‍රව්‍ය මුදාහරින ජාවාරමක් පිළිබඳයි මේ අනාවරණය. වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සින්දාන්ත්‍රිය ප්‍රදේශයෙන් ගලා බසින මා ඔය ආරක්ෂා කිරීමට දැනුවත් කිරීමේ පුවරු සවි කර බලධාරීන් කටයුතු කර තිබුණත් අද ඊට අත්ව තිබෙන්නේ කණගාටුදායක ඉරණමකි. අපද්‍රව්‍ය සහිත පොළිතීන්, පරිගණක කොටස් ආදී ඉවතලන ද්‍රව්‍ය ප්‍රදේශවාසීන් ලවා මා ඔයෙන් සෝදා පිරිසිදු කිරීමේ ජාවාරමක් මේ ප්‍රදේශයේ කලක සිට ක්‍රියාත්මක වෙමින් තිබේ. මුද්‍රණ යන්ත්‍ර සඳහා භාවිත කළ ටෝනර් ද මෙලෙස මා ඔය ජලයෙන් පිරිසිදු කෙරෙන අතර ඒවායේ තීන්ත බැහැර වන්නේ ද මෙම ජලයට ය. මෙම සිදුවීම සම්බන්ධයෙන් සින්දාන්ත්‍රිය ග්‍රාම නිලධාරීවරිය දැනුවත් බව ප්‍රදේශවාසීන් පැවසුවත් අප ප්‍රාදේශීය ලේකම්වරියගේ අවධානයට මෙම කරුණ යොමු කරන තෙක් ඇය මෙම පරිසර හානිය පිළිබඳව දැන නොසිටියා ය. අද පස්වරුවේ අදාළ තත්ත්වය සම්බන්ධයෙන් තමා මැදිහත් වී සොයා බැලූ බව වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් සුජීවා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළා ය. ඇය පවසන පරිදි මේ වන විට මා ඔයෙන් අපද්‍රව්‍ය පිරිසිදු කිරීමේ කටයුතු නවතා තිබේ. ඒ, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ මැදිහත්වීම මත ය. සින්දාන්ත්‍රිය ප්‍රදේශවාසීන් ලවා මෙම කාර්ය සිදු කර ඇත්තේ, කොච්චිකඩේ ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයකි. එම කටයුතු මේ වන විට නැවතී තිබුණත් සිදු වූ පරිසර හානියට වගකියන්නේ කවුද? ඔවුන් නීතියේ රැහැනට හසු කර ගැනීමට බලධාරීන් ගත් පියවර මොනවා ද? |
2018-08-14T08:20:43.000Z | වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් විරෝධය පළ කරන සැබෑ හේතුව කුමක් ද? | කාන්තා රැඳවියන් විරෝධය පළ කරන සැබෑ හේතුව කුමක් ද? | COLOMBO (News 1st) - වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් වහළය මත නැගී ආරම්භ කළ විරෝධය තවදුරටත් පැවැත්වේ. ඊයේ පෙරවරු 8.00ට පමණ කාන්තා රැඳවියන් පිරිසක් ඔවුන් රඳවා සිටින ගොඩනැගිල්ලේ වහළය මත නැග විරෝධතාවක් ආරම්භ කළේ තමන්ගේ නඩු විභාග කඩිනම් කරන ලෙස බලධාරීන්ට බල කරමිනි. එහෙත් බන්ධනාගාර අධිකාරිය පාර්ශවයෙන් ප්‍රකාශ කර සිටියේ, වැලිකඩ බන්ධනාගරයේ සිටි ජ්‍යේෂ්ඨ ජේලර්වරියක වූ දිස්නා කාරියවසම් මහත්මිය බදුල්ලට මාරු කර යැවීමට එරෙහිව රැඳවියන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව ය. වහළය මත නැග සිටි රැඳවියන් කිහිප දෙනෙකු මෙම නිලධාරිනිය හඳුන්වන 'අම්මා' යන නමින් කෑ ගසනු අයුරු ද ඊයේ දර්ශනවල දැක ගත හැකි විය. කාන්තා රැඳවියන් ආරම්භ කර ඇති මෙම විරෝධය සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.අයි. අධිකාරි මහත්මියගෙන් විමසීමක් කළ අතර ඇය මාධ්‍යයට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළා ය. බන්ධනාගාර නිලධාරීන් තවදුරටත් මාධ්‍යයට අදහස් දැක්වීමෙන් වැළකී සිටින්නේ අමාත්‍යංශයෙන් පනවා ඇති සීමා හේතුවෙනි. |
2018-08-14T06:22:48.000Z | නව වැටුප් කොමිෂන් සභාවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය | නව වැටුප් කොමිෂන් සභාවක් පත් කිරීමට අනුමැතිය | COLOMBO (News 1st) - රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීමට හා විෂමතා ඉවත් කිරීමට නව වැටුප් කොමිෂන් සභාවක් පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. නිවේදනයක් නිකුත් කරන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසන්නේ, සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට මෙන් ම දුම්රිය සේවාව ඇතුළු වැටුප් විෂමතා පවතින ඇතැම් සේවාවන්හි විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම මෙම කොමිසමට පැවරෙන බව ය. ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට කොමිසමට මාස 2ක කාලයක් ලබා දී තිබේ. රාජ්‍ය අංශයේ දැනට පවත්නා වැටුප් හා දීමනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක චක්‍රලේඛවල විධි විධාන කෙරෙහි අවධානය යොමු කර ඒ හරහා රාජ්‍ය සේවයට ඇති වන්නා වූ බලපෑම පිළිබඳව කොමිසම විසින් සලකා බලනු ඇති. කොමිෂන් සභාවේ නිර්දේශය පරිදි සමස්ත රාජ්‍ය සේවය සඳහා ම නව වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට රජය අපේක්ෂා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. |
2018-08-14T05:33:36.000Z | නව තැපැල්පති ලෙස රංජිත් ආරියරත්න පත් කිරීමට අනුමැතිය | නව තැපැල්පතිවරයා පත් කිරීමට අනුමැතිය | COLOMBO (News 1st) - නව තැපැල්පතිවරයා ලෙස රංජිත් ආරියරත්න මහතා පත් කිරීමට නියමිතව තිබේ. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා පැවසුවේ, ඊට අමාත්‍ය අනු කමිටුවේ අනුමැතිය හිමි වූ බව ය. හිටපු තැපැල්පති රෝහණ අබේරත්න මහතා ජනාධිපති කාර්යාලයට ස්ථාන මාරු කිරීමෙන් පසු පුරප්පාඩු වූ තැපැල්පති ධූරය සඳහා පොළොන්නරුවේ හිටපු දිසාපති රංජිත් ආරියරත්න මහතාගේ නම නිර්දේශ කොට කැබිනට් මණ්ඩලය වෙත යොමු කර තිබේ. ඒ අනුව කැබිනට් මණ්ඩලය එය අමාත්‍ය අනු කමිටුවට යොමු කිරීමෙන් පසු ඊට අද අනුමැතිය හිමිව තිබේ. |
2018-08-14T05:11:45.000Z | CID අත්අඩංගුවට පත් ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර | ලු.කමාන්ඩර් චන්දන රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අවසර | COLOMBO (News 1st) - සී.අයි.ඩී. අත්අඩංගුවට පත් ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙටිටිආරච්චි හෙට දිනය දක්වා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ. ඒ, ඔහු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ, 2008 වසරේදී තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් මොහු දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර විවෘත වරෙන්තු 3ක් නිකුත් කර තිබිණි. |
2018-08-14T01:21:29.000Z | හෙරොයින් ළඟ තබා ගත් 8 දෙනෙක් අත්අඩංගුවට | හෙරොයින් ළඟ තබා ගත් 8 දෙනෙක් අත්අඩංගුවට | COLOMBO (News 1st) : මාතලේ සහ දඹුල්ල පොලිස් ස්ථානවලින් සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් ළඟ තබා ගත් සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මාතලේ ප්‍රදේශයෙන් පුද්ගලයින් 5 දෙනෙකු සහ දඹුල්ල ප්‍රදේශයෙන් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් සන්තකයේ තිබී මිලිග්‍රෑම් 20ත් 50ත් අතර ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් වයස අවුරුදු 25 ,36, 35, 38 ,42 යන වයස්වල පසුවන මාතලේ, කලුදෑවල, උඩුපිල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. සැකකරුවන් අද මාතලේ මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර දඹුල්ල පොලීසිය මගින් ද හෙරොයින් සමග පුද්ගලයින් තිදෙනෙකු අත්තඩංගුවට ගෙන තිබේ. ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 650 ,170, සහ 70 ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පැවසී ය. දඹුල්ල තලකිරියාගම සහ නාවුල ප්‍රදේශවලදී ඊයේ පස්වරුවේ මොවුන් අත්තඩංගුවට ගෙන තිබේ. |
2018-08-14T01:05:08.000Z | ගම්මැද්දෙන් තවත් ව්‍යාපෘතියක වැඩ ඇරඹේ | ගම්මැද්දෙන් තවත් ව්‍යාපෘතියක වැඩ ඇරඹේ | COLOMBO (News 1st) : ගම්මැද්ද වැඩ 1000ක් ක්‍රියාන්විතය යටතේ තවත් ව්‍යාපෘතියක් අද ආරම්භ කෙරිණ. ඒ, අනුරාධපුර හොරව්පතාන රන්ගිරි උල්පත් ආරණ්‍යය සේනාසනයට පානීය ජල පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහායි. ආරණ්‍යය සේනාසනයේ ස්වාමීන් වහන්සේලාට මෙන්ම ආගමික කටයුතු සඳහා ආරණ්‍යය සේනාසනයට එක්රැස් වන ජනතාව ද ජලය මෙන්ම සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීමෙන් දුෂ්කරතාවට පත්ව සිටින්නේ දීර්ඝ කාලයක සිටයි. මෙම තත්ත්වය මත ගම්මැද්ද මහලේකම් කාර්යාලයෙන් සිදු කරන ලද ඉල්ලීමකට අනුව ආරණ්‍යය සේනාසනය සඳහා පානීය ජලය සැපයීමට ත් සනීපාරක්ෂක පහසුකම් සැලසීමට ත් සැලසුම් කර තිබේ. |
2018-08-14T00:28:22.000Z | හික්කඩුවේදී දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට | හික්කඩුවේදී දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට | COLOMBO (News 1st) : හික්කඩුව ආසන්නයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ගාල්ල සිට අලුත්ගම බලා ධාවනයවූ දුම්රියේ අදාළ පුද්ගලයා ගැටී මියගොස් ඇති බවයි. එලෙස මියගොස් ඇත්තේ, 57 හැවිරිදි පුද්ගලයෙකි. |
2018-08-13T22:14:29.000Z | දිවයිනේ නිරිතදිග කොටසට අද ත් තද සුළං | දිවයිනේ නිරිතදිග කොටසට අද ත් තද සුළං | COLOMBO (News 1st) : දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ හා සුළං වේගයේ වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමු, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම, සබරගමුව පළාත්වල හා කළුතර දිස්ත්‍රිකයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවු වැසිද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමිටර් 50 ඉක්මවු වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. දිවයින පුරා විශේෂයෙන් මධ්‍යම සබරගමුව. දකුණ , වයඹ , උතුරමැද හා ඌව පළාත්වලට විටින් විට පැයට කිලෝමිටර් 50 ඉක්මවූ සුළං ඇතිවිය හැකියි. |
2018-08-13T22:04:03.000Z | මාරපනදී මැණික් ව්‍යාපාරිකයෙකු එල්ල කර වෙඩි ප්‍රහාරයක් | මාරපනදී ව්‍යාපාරිකයෙකු එල්ල කර වෙඩි ප්‍රහාරයක් | COLOMBO (News 1st) : රත්නපුර, මාරපන ප්‍රදේශයේදී මැණික් ව්‍යාපාරිකයෙකු එල්ල කර වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අදාළ ව්‍යාපාරිකයා මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී අද අලුයම 5ට පමණ වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි. නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 59 හැවිරිදි අදාළ මැණික් ව්‍යාපාරිකයා රත්නපුර පිහිටි සිය වෙළෙඳසල වෙත පැමිණෙමින් සිටියදී ඔහුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ. සිද්ධියෙන් ඔහුට තුවාල සිදුව නොමැති අතර නිවසකට හා වෙළෙඳසලකට වෙඩි උණ්ඩ වැදී ඇති බව පොලීසිය සඳහන් කළේ ය. |
2018-08-13T21:42:25.000Z | වැලිකඩ කාන්තා රැඳවියන්ගේ ඇරඹූ විරෝධතාව තවදුරටත් | වැලිකඩ කාන්තා රැඳවියන්ගේ ඇරඹූ විරෝධතාව තවදුරටත් | Colombo (News 1st) : වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් වහලය මතට නැගී ඊයේ උදෑසන ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මක වේ. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 20 දෙනෙකු පමණ බන්ධනාගාරයේ වහලය මත නැග විරෝධතාවයේ නිරත වන්නේ ඊයේ උදෑසන සිටයි. තමන්ට එරෙහිව පවතින නඩු කඩිනමින් විභාගයට ගන්නා ලෙස ඉල්ලමින් ඔවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වෙති. කාන්තා රැඳවියන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නිලධාරියෙකු අද උදෑසන බන්ධනාගාරයට පිටත් කර යවන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ඩබ්ලිව්.එම්.එම්.ආර් අධිකාරි මහත්මිය සඳහන් කළේ, විරෝධතාව අතහැර සාකච්ඡා සඳහා පැමිණෙන ලෙසට ඔවුන්ට දැනුම් දෙන ලෙසට තමන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දුන් බවයි. ඔවුන් විරෝධතාව අත්නොහරින්නේ නම් කිසිදු සාකච්ඡාවක් නොපවත්වන බව ද ලේකම්වරිය සඳහන් කළේ ය. ලේකම්වරිය සඳහන් කළේ, මත්කුඩු ජාවාරමට සම්බන්ධ අය එම විරෝධතාවයේ යෙදී සිටින බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල් දෙණිය මහතා පැවසුවේ, මේ පිළිබදව තමන්ට අමාත්‍යාංශයේ අවසරයකින් තොරව ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවයි. අමාත්‍යාංශ ලේකම්වරිය සඳහන් කළේ, එම බන්ධනාගාරයේ සේවය කළ මත්ද්‍රව්‍ය ජවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ල වන ජේලර්වරියකට ලබාදුන් ස්ථාන මාරුව හේතුවෙන්, සැලසුම් සහගතව මෙම විරෝධතාව ක්‍රියාත්මක කර ඇති බවයි. අදාළ චෝදනා එල්ල වන ජේලර්වරිය සම්බන්ධයෙන්, මේ වන විට විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කර ඇති බව අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරිය ප්‍රකාශ කළා ය. ඩබ්ලිව් එම් එම් අයි අධිකාරි මහත්මිය නිවුස්ෆස්ට් වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කලේ, බන්ධනාගාර නිළධාරීන්ගෙන් බොහෝ දෙනෙකු අයථා මුදල් ඉපැයීම සම්බන්ධයෙන්, අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට ද පැමිණිලි කිරිමට සිය අමාත්‍යාංශය සැලසුම් කරමින් ඇති බවයි. ඊට අදාළ විමර්ශන කටයුතු මේ වන විට ක්‍රියාත්මක බවද, ඇය පැවසුවා ය. |
2018-08-13T21:32:29.000Z | ජනපති ට්‍රම්ප් විවේචනය කළ FBI ප්‍රධානියෙකුට ධුර අහිමිවෙයි | ට්‍රම්ප් විවේචනය කළ FBI ප්‍රධානියෙකුට ධුර අහිමියි | News 1st : අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කරමින් කෙටි පණිවුඩ යැවීම හේතුවෙන්, එෆ් බී අයි සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු වන පීටර් ස්ට්‍රෝක් ධුරයෙන් ඉවත්කර තිබේ. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වූ පසු, එෆ් බී අයි සංවිධානයේ ධුරයෙන් ඉවත් කළ තුන්වන ඉහළ පෙළේ නිලධාරියා මොහුයි. ඉකුත් ජනපතිවරණයේදී ජනපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි සේ විවේචනයට ලක් කිරීම හේතුවෙන් ස්ට්‍රෝක් මෙලෙස ධුරයෙන් ඉවත් කර තිබේ. විදෙස් වාර්තා අනාවරණය කළේ, අමෙරිකානු නීති දෙපාර්තමේන්තුව කළ දීර්ඝ අභ්‍යන්තර විමර්ශනයකින් අනතුරුව ස්ට්‍රෝක් සිය මිතුරන් සමග හුවමාරු කරගත් කෙටි පණිවුඩ පිළිබඳ තොරතුරු හෙළිකර ගැනීමට හැකි වී ඇති බවයි. ඒ අනුව ස්ට්‍රෝස්ට දින 60 ක වැඩ තහනමක් හා ඔහුගේ තනතුරද පහත හෙළන බව එෆ් බී අයි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩේවිඩ් බෝඩිච් නිවේදනය කළේ ය. පීටර් ස්ට්‍රෝක්, එෆ් බී අයි සංවිධානයේ කටයුතු කළේ නියෝජ්‍ය සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙසයි. |
2018-08-13T20:54:09.000Z | 20 යි 20 තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් | 20 යි 20 තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙ | News 1st : ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර පවත්වන එකම පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය අද පැවැත් වේ. පුරා මාසයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවති දකුණු අප්‍රිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ අවසන් තරගය ලෙස මෙම පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය පැවැත්වේ. තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයී. තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දා නිල වශයෙන් නිවේදනය කළ ද ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එහි වෙනස්කම් දෙකක් සිදුකළේ ය. ඒ අනුව ශ්‍රී ලංකා 20 යි 20 සංචිතයට, ජෙෆ්රි වැන්ඩසේ සහ ශෙහාන් මධුසංක වෙනුවට වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන ඉසුරු උදාන සහ කසුන් රාජිත ඇතුළත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ සවස නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක් වුණේ, ජෙෆ්රි වැන්ඩසේ සහ ශෙහාන් මධුසංක මේ වන විට දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම සමග පැවැත් වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින බැවින් අදාළ ක්‍රීඩකයින් කණ්ඩායමට ආදේශ කළ බවයි. අද පැවැත්වෙන තරගය සඳහා නම් කරන ලද සංචිතයට දිනේෂ් චන්දිමාල් ඇතුළත් අතර ඔහුට එරෙහිව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පනවා තිබූ තරග 6 ක තහනම අවසන් වීමෙන් පසුව නැවතත් ඔහු අද තරග බිමට පිවිසෙයි. මේ දක්වා පන්දුවාර 20යි 20 තරග 52 කට සහභාගී වී ඇති චන්දිමාල් එහිදී ලකුණු 738 ක් රැස්කරගෙන සිටින අතර ඊට අර්ධ ශතක 4 ක් ඇතුළත් ය. මේ වසරේ මාර්තු මාසයේදී බංග්ලාදේශයට එරෙහිව කොළඹදී පැවැති 20යි 20 තරගය චන්දිමාල් සහභාගී වූ අවසන් පන්දුවාර 20යි 20 තරගයයි. දකුණු අප්‍රිකානු පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නිත්‍ය නායක ෆෆ් ඩු ප්ලෙසිස් ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් අද තරගයේදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක ජේ.පී. ඩුමිනිටයි. 20යි 20 ජාත්‍යන්තර තරග 76 කට ක්‍රීඩා කර ඇති ඩුමිනි, එහිදී අර්ධ ශතක 11 ක් සමග ලකුණු 1822 ක් රැස්කරගෙන ඇති අතර බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 20 කි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසර තුළදී පන්දුවාර 20යි 20 තරග 6 කට ක්‍රීඩාකර ඇති අතර එහිදී බංගලාදේශයට එරෙහිව පැවති තරගය 4 න් තරග 2 ක් ජයගනිමින් තරග 2 ක් පරාජයට පත් විය. ඉන්දියාවට එරෙහිව පැවති තරග 2 න් එක් තරගයක් ජයගෙන සෙසු තරගය ශ්‍රී ලංකාවට පරාජය වීමට සිදුවිය. දකුණු අප්‍රිකාව මේ වසර තුළදී මෙතෙක් සහභාගි වී ඇත්තේ පන්දුවාර 20යි 20 තරග 3 කට පමණයි. ඉන්දියාවට එරෙහිව පැවැති එම තරග 3 න් 2 ක් ජයගත් දකුණු අප්‍රිකාව, සෙසු තරගය පරාජයට පත්විය. ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකාව පන්දුවාර 20යි 20 තරග බිමේදී අවස්ථා 9 කදී එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් තරග 5 ක් දකුණු අප්‍රිකා කණ්ඩායම ජයගෙන තිබේ. මෙරටදී ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව තරග 4 කදී එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් තරග 3 කම ජය හිමිවුණේ, දකුණු අප්‍රිකාවටයි. ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකා අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය රාත්‍රී 7 ට ආරම්භ වේ. |
2018-08-13T20:12:59.000Z | උඩප්පුව - තොඩුවාව වෙරළ තීරය භාවිතයෙන් වළකින්න | උඩප්පුව - තොඩුවාව වෙරළ තීරය භාවිතයෙන් වළකින්න | COLOMBO (News 1st) : නැවත දැනුම් දෙන තුරු උඩප්පුව සිට තොඩුවාව දක්වා වෙරළ තීරයට භාවිත කිරීමෙන් වළකින්න ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුම් දෙයි. එහි සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා සඳහන් කළේ, එහි ගොඩ ගැසී ඇති සායනික අපද්‍රව්‍ය ඉවත් කරන තුරු එම වෙරළ භාවිතයෙන් වළකින ලෙසයි. ඉන්දියාවෙන් ඉවත් කරන ලද සායනික අපද්‍රව්‍ය තොගයක් පුත්තලම වෙරළ තීරයට ගොඩ ගසා තිබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා තම නිලධාරීන් කණ්ඩායමක් අද උදෑසන පුත්තලම ප්‍රදේශයට යොමුකර ඇති බව ඔහු සඳහන් කළේ ය. එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා සඳහන් කළේ, මෙම සායනික අපද්‍රව්‍ය ඉන්දියාවේ සිට මෙරට වෙරළට ගොඩ ගසන්නට ඇතැයි, අනුමාන කරන බවයි. පුත්තලම උඩප්පුව සිට තොඩුවාව දක්වා කිලෝමීටර් 10ක පමණ දුර ප්‍රමාණයකට මුහුදු වෙරළේ එම සායනික අපද්‍රව්‍ය තොගය ගොඩගැසී තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ දින 4 ක පමණ සිට මෙම අපද්‍රව්‍ය ගොඩ ගසමින් ඇති බවයි. එන්නත්, විවිධ සිරප් වර්ග, පෙති වර්ග ඇතුළු විවිධ ඖෂධ හා සායනික ද්‍රව්‍ය ඇතුළත්ව තිබූ භාජන විශාල ප්‍රමාණයක් ඒ අතර වේ. මේ අතර 'ඉන්දියා ටුඩේ' පුවත්පත අද වාර්තා කළේ, කල් ඉකුත්වී ගිය භාවිතයට නොගත් ඉන්දියාවේ නිෂ්පාදනය කළ ඖෂධ විශාල ප්‍රමාණයක් ද මේ අතර ඇති බවයි. මීට පෙර 2017 වසරේ නොවැම්බර් 17 වනදා යාපනය වඩමාරච්චි, තොණ්ඩමනාරු ඇතුළු ප්‍රදේශ කිහිපයකට මේ අයුරින් සායනික අපද්‍රව්‍ය ගොඩ ගසා තිබිණ. සායනික අපද්‍රව්‍ය මෙසේ මෙරට වෙරළ තීරයට ගොඩබසිද්දී විකිරණශීලී අපද්‍රව්‍ය නීත්‍යානුකුල අයුරින් ශ්‍රී ලංකාව තුළට ගෙන ඒමේ අවදානමක් මතුව තිබේ. |
2018-08-13T20:03:13.000Z | බන්ධනාගාර බුද්ධි අංශයේ 100කට වැඩි පිරිසක් ගැන පරීක්ෂණ | බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් ගැන පරීක්ෂණ | COLOMBO (News 1st) : බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ගෙන් 100කට අධික පිරිසක් සම්බන්ධයෙන් මේ වන විට පොලීසිය විසින් විශේෂ පරීක්ෂණයක් සිදුකරමින් ඇති බව අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යංශය පවසයි. එහි ලේකම් ඩබ්ලිව්. එම්. එම්. අධිකාරි මහත්මිය සඳහන් කළේ, බන්ධනාගාර තුළ සිදුවන අක්‍රමිකතා හේතුවෙන්,පසුගිය කාලයේ සිදුකළ ස්ථාන මාරු වීම් ලද බන්ධනාගාර ඉහළ නිලධාරීන් ඇතුළු සෙසු නිලධාරීන් 20 දෙනාගෙන් බහුතරයක් දුෂිත ක්‍රියාවලට සම්බන්ධ බවට ද හෙළි වී ඇති බවයි. මේ අතර බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකර ඇතැයි පැවසෙන අයථා මුදල් ඉපැයීම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරිමට පියවර ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශ ලේකම්වරිය සඳහන් කළා ය. ඩබ්ලිව්. එම්. එම්. අයි. අධිකාරි මහත්මිය පැවසුවේ, අක්‍රමිකතවලට සම්බන්ධ බවට තොරතුරු හෙළි වි ඇති බන්ධනාගාර නිලධාරීන් පිළිබඳව පැමිණිලි කිරීමට අදාළව අවශ්‍ය වාර්තා සකස් කරමින් ඇති බවයි. ඒ අනුව අයථා ලෙස මුදල් උපයමින් විවිධ අක්‍රමිකතා සිදුකර ඇති බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ද පියවර ගන්නා බව ලේකම්වරිය ප්‍රකාශ කළා ය. |
2018-08-13T19:45:51.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශීය පුවත්... 1. දුම්රිය ගාස්තු සංශෝධනයක් ළඟදී ම : දුම්රිය ගාස්තු 15% කින් සංශෝධනය කිරීමට නියමිතව තිබේ. දුම්රිය වාණිජ අධිකාරි එන්.ජේ. ඉඳිපොලගේ මහතා පැවසුවේ, ඊට අදාළ ගැසට් නිවේදනය සකස් කර අමාත්‍යංශය වෙත යොමුකර ඇති බවයි. 2. යාලේ කලාපයක් දෙමසක් වැසේ : යාල ජාතික වනෝද්‍යානයේ කලාපයක් මාස දෙකක කාලයක් වසා තබන බව වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සැප්තැම්බර් පළමු වන දා සිට ඔක්තෝම්බර් 31 වන දා දක්වා කාලය තුළ ජාතික වනෝද්‍යානයේ කලාප අංක 1 වසා තැබීමට පියවර ගන්නා බවයි. 3. වැලිකඩ කාන්තා රැඳවියන් විරෝධතාවක : වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් ඊයේ උදෑසන විරෝධතාවක් ආරම්භ කළේ ය. 4. ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් ඩොලර් මි. 39ක මුල්‍යාධාර : විදේශීය හමුදා සඳහා මූල්‍යමය ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් ඩොලර් මිලියන 39 ක් ලබාදීමට කටයුතු කරන බව අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය. 5. අපේ “කුණු” පාලනය නොකර, පිටරටවල “කුණු” පාලනය කළ හැකි වෙයි ද? : ඉන්දියාවේ භාවිත කර ඉවත දැමූ බවට සැකකරන සායනික අපද්‍රව්‍ය තොගයක් පුත්තලම වෙරළ තීරයට ගොඩ ගසා තිබේ. පුත්තලම, උඩප්පුව සිට තොඩුවාව දක්වා කිලෝමීටර් 10 ක පමණ දුර ප්‍රමාණයකට මුහුදු වෙරළේ සායනික අපද්‍රව්‍ය එක්රැස්වී තිබිණ. විදෙස් පුවත්.... 1. සිරියාවේ ගබඩාවක් පිපිරීමෙන් 39ක් මරුට : සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ ආයුධ ගබඩාවක් පිපිරීමෙන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මියගිය අය අතරට දරුවන් 12 දෙනෙකු ද සිටින බවයි . ක්‍රීඩා පුවත් ... 2.“කණ්ඩායමක් විදිහට බොහොම සන්තෝෂයි” : දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය පරාජයට පත්වුව ද තරගාවලියේ අවසන් තරග දෙකේදී සිය කණ්ඩායමේ දක්ෂතා පෙන්නුම් කිරීමට හැකි වීම පිළිබඳව සතුටු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පැවසී ය. |
2018-08-13T09:19:22.000Z | අපේ "කුණු" පාලනය නොකර, පිටරටවල "කුණු" පාලනය කළ හැකි වෙයි ද? | පිට රට කුණු අපට පාලනය කර හැකි ද? | පුත්තලම වෙරළට, සායනික අපද්‍රව්‍ය ගොඩගැසෙයි නිදහස් වෙළඳ ගිවිසුම මගින් විකිරණශීලී අපද්‍රව්‍ය මෙරටට ඒමේ අවදානමක් විකිරණශීලී අපද්‍රව්‍ය අනාගතයේ දී අපට අභියෝගයක් ඉන්දියාවේ භාවිත කර ඉවත දැමූ බවට සැකකරන සායනික අපද්‍රව්‍ය තොගයක් පුත්තලම වෙරළ තීරයට ගොඩ ගසා තිබේ. පුත්තලම, උඩප්පුව සිට තොඩුවාව දක්වා කිලෝමීටර් 10 ක පමණ දුර ප්‍රමාණයකට මුහුදු වෙරළේ සායනික අපද්‍රව්‍ය එක්රැස්වී ඇත. ප්‍රදේශවාසීන් පැවසූවේ, දින 4 ක පමණ සිට මෙම අපද්‍රව්‍ය ගොඩ ගසමින් ඇති බවයි. සම්පූර්ණ වාර්තාව හා වීඩියෝව. සායනික අපද්‍රව්‍ය මෙසේ මෙරට වෙරළ තීරයට ගොඩබසිද්දී විකිරණශීලී අපද්‍රව්‍ය නීත්‍යානුකූල අයුරින් ශ්‍රී ලංකාව තුළට ගෙන ඒමේ අවදානමක් මතුව තිබේ. මෙම අවදානම මතු ව ඇත්තේ සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමට ඇතුළත් කර ඇති වගන්ති කිහිපයක් හරහායි. අත්සන් කර තබන ලද බව ප්‍රකාශ කරමින් ප්‍රසිද්ධියට පත් කර ඇති සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමේ 70 සහ 71 යන පිටුවල මේ සම්බන්ධ අවදානම මතු ව කරුණු ඇතුළත් වේ. දූෂණ විරෝධී කැඳවුම්කරු, වසන්ත සමරසිංහ, සිංගප්රුවද වෙනත් සමාජික රටක් ද ඔවුන්ගේ රටේ තියෙන මේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කරන මාධ්‍යක් ලෙස ඉදිරියේදී ලංකාව හඳුනා ගන්නවා. න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කරන රටක් ලෙස හඳුනාගැනමේදී ලංකාව අඩුම තරමේ මේ වගන්තිවලින් කියලා තියෙන්නේ මොනවද කියලා හිතලා මතලා බැලුවානම් මේවා තහනම් කරගන්න මේවා නවත්තා ගන්න තිබුනා. මේ ගිවිසුමේ පිටු අංක 70, 71 කියන දෙකෙම නියුක්ලිය වෙස්ට් එවිට ඉඩ හදාගත්ත කාරනය මේකේ ඉතාම පැහැදිලිව කියනවා වගන්නති පිටින් එහි තියෙන බදු නිදහස් කිරීම වගේම වරාය හා ගුවන්තොටුපොළ බද්දත් ඉදිරිදී අවුරුදු 10 තුළ නිදහස් කරනවා කියලා.ඉතින් අපේ රට ආසියාවේ කුණුගොඩ බවට පත්කර ගැනීමේ මේ ප්‍රයත්නය අපි ආණ්ඩුව වගකීමක් නැතුව වැඩ කිරීමක් වගේම රටක් හැටියට අනාගතයේ පත්වෙන බරපතළ තත්ත්වයක් මතුවෙනවා. පාර්ශව ගණනාවක් සාධක සහිතව මෙම කරුණ පෙන්වාදී තිබියදී සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිටුපස සිටින අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ මෙවැන්නකි. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය, මලික් සමරවික්‍රම මෙම ගිවිසුම සම්බන්ධයෙන් එල්ලවන වගකීම් විරහිත චෝදනාවක් තමයි සිංගප්පුරුවේ අපද්‍රව්‍ය ශ්‍රී ලංකාවට බැහැර කිරීමට මෙම ගිවිසුම හරහා ඉඩ ලබාදී ඇති බව. මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. මෙම චෝදනාව සම්පූර්ණ අසත්‍යක් බව. මෙම ගිවිසුම හරහා රටවල් අතර අපද්‍රව්‍ය හුවමාරුව පාලනය කිරීමේ අරමුණින් සම්මත කරනු ලැබු බාසල් ප්‍රඥප්තිය ඇතුළු ජාත්‍යන්තර පරිසර ප්‍රඥතිවලින් ලබාදී ඇති අයිතීන්වලය කිසිදු බලපෑමක් සිදුවන්නේ නැහැ. විශේෂඥ දැනුම ඇති පුද්ගලයින් දිගින් දිගටම අවදානම මතුකරද්දී අමාත්‍යවරයා එම අවදානම බැහැර කරමින් කරන මේ ප්‍රකාශ පිළිගත හැකි ද? නීතිපතිවරයාගේ නිර්දේශ ඇතුළත් කරමින් සකස් කළ කෙටුම්පත නැවත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතුව තිබුනත් ඒ සඳහාවත් ඉවසීමක් නොමැතිව අත්සන් කළ සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ගැන මලික් සමරවික්‍රම අමාත්‍යවරයා කරන ප්‍රකාශ ජනතාව විශ්වාස කරයි ද? සුපිරිසිදු දක්ෂයෙක් කියා මහ බැංකු අධිපති ධූරයට පත් කල ගජමිතුරු අර්ජුන් මහේන්ද්‍රන් රටේ ජනතාවගේ මුදල් කොල්ලකා දැන් සැඟවී සිටින්නේ ද මෙවැනි ඇමතිවරුන්ගේ ආශිර්වාදයෙන් නොවේ ද? මහේන්ද්‍රන් සුපිරිසිදු අයෙකු බව වරක් දෙවරක් නොව කිහිපවරක්ම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරමින් ආරක්ෂා කළේ ද මේ පුද්ගලයින්ම නොවේ ද? මධ්‍යම අධිවේගී මාර්ගයේ වංචාව දිගින් දිගටමට අනාවරණය වෙද්දී වැඩක් නොවූ අයුරින් කොන්ත්‍රාත්තුව තමන්ටම අවශ්‍ය සමාගම්වලට ලබාදුන්නේ ද මේ පුද්ගලයින්මයි. නිදහස් වෙළෙඳ ගිවිසුම ගැන මේ අදහස් දක්වන්නේ ලෝකයේ නම් දැරූ වාහන නිෂ්පාදකයෙක් යැයි පවසා දේශීය එකලස්කරුවෙකුට කුලියාපිටියේ ආයෝජන ව්‍යාපෘතියකට ඉඩ ලබාදුන් ඇමතිවරයායි. රාජපක්ෂ පාලන සමයේ ඩුබායිහි ගිණුම් පවත්වාගෙන ගියා යැයි චෝදනා කළ පුද්ගලයින් සමග දැන් ගනුදෙනු කරන්නේ ද මේ ඇමතිවරුන් බව රටේම ජනතාව දන්නා කරුණකි. මේවා ගැන හෙළි කළත් ජනතාව ඒවාට විරුද්ධ වුනත්, නොඇසුන අයුරින් තමන්ට අවශ්‍ය දේම කරන්නට පෙළඹෙන මෙවැනි පුද්ගලයින් ගැන රටේ ජනතාව තීරණයක්ගත යුතු නොවේ ද? |
2018-08-13T06:42:27.000Z | ඉන්දියාවේ ඉවතලන ලන සායනික අපද්‍රව්‍ය තොගයක් පුත්තලම වෙරළ තීරයට ගොඩගසයි | සායනික අපද්‍රව්‍ය තොගයක් පුත්තලම් වෙරළට ගොඩගසයි | COLOMBO (News 1st) - පුත්තලම වෙරළ තීරයට දින කිහිපයක සිට ඉන්දියාවේ භාවිත කර ඉවතලන ලන සායනික අපද්‍රව්‍ය ගොඩගසමින් තිබේ. වෙරළ තීරයට ගිය නිව්ස්ෆස්ට් කණ්ඩායමට දැකගත හැකි වූයේ, සිරින්ජර්, ප්ලාස්ටික් හා වීදුරු ඖෂධ බෝතල් ඇතුළු සායනික අපද්‍රව්‍ය වෙරළට ගොඩගසා ඇති ආකාරයයි. සමුද්‍රීය වෙරළ ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, මේවා ඉන්දියාවේ භාවිත කරන ලද සායනික ද්‍රව්‍ය බවට විශ්වාස කරන බව ය. වෙරළ තීරය මේ වන තෙක් පිරිසිදු කර නොමැති අතර දැඩි ලෙස අපවිත්‍ර වී ඇති ආකාරය අපට දැකගත හැකි විණි. බැහැර කරන ලද සායනික අපද්‍රව්‍ය හේතුවෙන් පුත්තලම වෙරළ තීරයට සිදුව ඇති හානිය පිළිබඳව සවිස්තර වාර්තාවක් රාත්‍රි 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළින් බලාපොරොත්තු වන්න. https://www.facebook.com/NewsfirstSL/videos/326549511223005/ |
2018-08-13T06:05:25.000Z | මිරිදිය මත්ස්‍ය පැටවුන් සුලභ කිරීමට වැඩපිළිවෙළක් | මිරිදිය මත්ස්‍ය පැටවුන් සුලභ කිරීමට වැඩපිළිවෙළක් | COLOMBO (News 1st) - මිරිදිය මත්ස්‍ය පැටවුන් සුලභ කිරීමට ජාතික ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ. එම අධිකාරිය සඳහන් කළේ, උඩවලව මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ පොකුණුවල මත්ස්‍ය පැටවුන් බෝ කිරීමට පියවර ගත් බවයි. මේ යටතේ පොකුණු 24 ක් ඉදි කිරීම සඳහා රුපියල් මිලියන එකසිය පනහක් වැය කළ බව ද ජාතික ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය. |
2018-08-13T05:09:03.000Z | පාකිස්ථාන නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට | පාකිස්ථාන නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට | COLOMBO (News 1st) - පාකිස්ථාන නාවික හමුදාවට අයත් ඩෙසිග් PMSS කාශ්මීර් නෞකාව සුහද සංචාරයක් සඳහා අද කොළඹ වරායට සේන්දු විය. සිව්දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද අත්පන්දු ක්‍රීඩා තරගයකට ද සහභාගීවීමට නියමිත වේ. දිගින් මීටර් 95 ක් සහ පළලින් මීටර් 12.2 කින් යුත් ඩෙසිග් PMSS කාශ්මීර් නෞකාව ටොන් 1550 ක ධාරිතාවයකින් යුක්ත වන අතර එය නිලධාරීන් සහ නාවිකයන් 74 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විත වේ. සංචාරය නිමා කිරීමෙන් අනතුරුව ලබන 16 වන දා එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇති බව නාවික හමුදාව පැවසුවේ ය. (ඡායා රූප - ශ්‍රී ලංකා නාවික හමුදාව) |
2018-08-13T03:59:12.000Z | ගල්ගොඩවල ප්‍රදේශයෙන් පිරිමි මළ සිරුරක් හමුවෙයි | ගල්ගොඩවල ප්‍රදේශයෙන් පිරිමි මළ සිරුරක් හමුවෙයි | COLOMBO (News 1st) - කලා වැව ජාතික වනෝද්‍යානයේ ගල්ගොඩවල ප්‍රදේශයේ තිබියදී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ. පොලීසිය සඳහන් කරන්නේ මීට දින 03 කට පමණ ඉහතදී ඔහු මිය යන්නට ඇතැයි සැක කරන බවයි. ලද තොරතුරක් මත මළ සිරුර සොයා ගෙන ඇති අතර මේ වන විට මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත වේ. මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 40 - 45 ක් පමණ වන බව ද පොලීසිය සඳහන් කළේ ය. |
2018-08-13T01:27:05.000Z | ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් ඩොලර් මි. 39ක මුල්‍යාධාර | ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් ඩොලර් මි. 39ක මුල්‍යාධාර | COLOMBO (News 1st) : විදේශීය හමුදා සඳහා මූල්‍යමය ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් ඩොලර් මිලියන 39 ක් ලබාදීමට කටයුතු කරන බව අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අමෙරිකා එක්සත් ජනපද කොළඹ තානාපති කාර්යාලය පැවසුවේ, ඒ සඳහා කොංග්‍රසයේ අනුමැතිය ලැබීමට නියමිත බවයි. තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ බෙංගාල බොක්කේ ආරක්ෂාව සඳහා වූ ක්‍රියාකාරකම් , මානුෂීය සේවා හා ආපදා සහන සැලසීම සඳහා මෙම ආධාර යොදාගන්නේ කෙසේ ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කරන බවයි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හීදර් නොයෙට් ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් සක්‍රියව දායක විය හැකි ක්‍රමවේදයන් පිළිබඳ අවධානය යොමුකර තිබේ. ඒ , පසුගිය 7 වනදා ඉන්දුනිසියාව , මලයාසියාව හා සිංගප්පූරුව යන රටවල සංචාරය කිරීමෙන් අනතුරුවයි. බංග්ලාදේශය , ඉන්දුනීසියාව , මොන්ගෝලියාව , නේපාලය , පැසිෆික් දිවයින , පිලිපීනය , ශ්‍රී ලංකාව , වියට්නාමය හා අනෙකුත් රටවල්වල් සමග පවත්වාගෙන යන ආරක්ෂණ වැඩපිළිවෙළ සඳහා මෙම අරමුදල් සැපයීම කැපී පෙනෙන ආයෝජනයක් බව මෙම නිවේදනයේ සඳහන් ය. මෙමගින්, පැසිෆික් කලාපයේ ප්‍රධාන ක්ෂේත්‍රයන් හතරක් සම්බන්ධයෙන් නිදහස් විවෘත සහ නීතිය පදනම්කරගත් ක්‍රියාමාර්ග ගැනීම තහවුරු කිරීම සඳහා අවධානය යොමුව ඇති බව ද මෙහි දැක්වේ. ඊට සමුද්‍රීය ආරක්ෂාව, මානුෂීය සහන සැලසීම , ආපදාවන්ට ප්‍රතිචාර දැක්වීම , සාමය පවත්වාගෙන යාම සහ අපරාධ වැළැක්වීම ද අයත් ය. ඉන්දිය සාගරය , නැගෙනහිර ආසියාව හා සම්බන්ධ කෙරෙන වැදගත් මුහුදු මාර්ගයක් බැවින් කලාපයේ ජනතාවගේ සහ හමුදාවන්හි ධාරිතාවන් වැඩි කිරීම මෙම වැඩසටහනේ තවත් අරමුණකි. |
2018-08-13T01:16:40.000Z | නිට්ටඹුවේදී කොල්ලකරුවෙක් පොලිස් දැලට කොටු | නිට්ටඹුවේදී කොල්ලකරුවෙක් පොලිස් දැලට කොටු | COLOMBO (News 1st) : නිට්ටඹුව, එල්ලක්කල ප්‍රදේශයේදී කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, එල්ලක්කල, කටුලන්දවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. සැකකරු 2015 වසරේදී හෙයියන්තුඩුව නිවසකට අයුතු ලෙස ඇතුළු වී ගිනි අවි පෙන්වා බිය ගන්වා රුපියල් ලක්ෂ 80 ක් වටිනා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියකට අවශ්‍යව සිටි සැකකරුවෙකු බව පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, සැකකරු ගම්පහ, පාදුක්ක, වැලිවේරිය, යන ප්‍රදේශවල කොල්ලකෑමේ සිද්ධීන් 5 ක් සම්බන්ධයෙන් 2015 වසරේදී අත්අඩංගුවට ගෙන ගම්පහ අධිකරණයේ නඩු පවරා වරෙන්තු නිකුත්වී ඇති අයෙකු බවයි. ඉහත අපරාධය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කොල්ලකන ලද භාණ්ඩවලින් කොටසක්, ඒ සඳහා යොදාගත් ටී 56 ගිනි අවිය හා තියුණු ආයුධයක් සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය. |
2018-08-13T00:50:07.000Z | යාලේ කලාපයක් දෙමසක් වැසේ | යාලේ කලාපයක් දෙමසක් වැසේ | COLOMBO (News 1st) : යාල ජාතික වනෝද්‍යානයේ කලාපයක් මාස දෙකක කාලයක් වසා තබන බව වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සැප්තැම්බර් පළමු වන දා සිට ඔක්තෝම්බර් 31 වන දා දක්වා කාලය තුළ ජාතික වනෝද්‍යානයේ කලාප අංක 1 වසා තැබීමට පියවර ගන්නා බවයි. කලාප අංක එක වසා තැබීමට කටයුතු කළ ද අනෙකුත් කලාප සචාරකයින් සඳහා විවෘතව පවතින බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය. යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක එක සංචාරකයන් සඳහා නැවත නොවැම්බර් පළමු වන දා සිට විවෘත කෙරෙනු ඇති. වනෝද්‍යානයේ එම කලාපය එලෙස වසා දැමීමට තීරණය කර ඇත්තේ, සංචාරක නිවාස අලුත්වැඩියා කිරීම සඳහායි. |
2018-08-12T23:31:19.000Z | සිරියාවේ ගබඩාවක් පිපිරීමෙන් 39ක් මරුට | සිරියාවේ ගබඩාවක් පිපිරීමෙන් 39ක් මරුට | News 1st : සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ ආයුධ ගබඩාවක් පිපිරීමෙන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මියගිය අය අතරට දරුවන් 12 දෙනෙකු ද සිටින බවයි . පිපිරීමෙන් පසු තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බව ද සිරියානු බලධාරීහු සඳහන් කළහ. ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් අනතුරින් මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි. සුන්බුන්වලට සිරවී සිටි තවත් පුද්ගලයන් 10 දෙනෙකු බේරාගත් බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. පිපිරීමෙන් ආයුධ ගබඩාව තිබූ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර එම ආයුධ ගබඩාව, ආයුධ ජාවාරම්කරුවකුට අයත් වූවක් බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. කෙසේවෙතත් ගොඩනැගිල්ල පිපිරී යාමට හේතුව මෙතෙක් හෙළි වී නොමැත. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.