date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-08-30T09:09:58.000Z | පාසල් 433කට පළමු ශ්‍රේණිය සඳහා අයැදුම්පත් ලැබී නැතැයි හෙළි වෙයි | පාසල් 433කට 1 ශ්‍රේණිය සඳහා අයැදුම්පත් ලැබී නැහැ | COLOMBO (News 1st) - මෙරට පාසල් අධ්‍යාපනය මේ වන විට අභියෝග රැසකට මුහුණ දී සිටියි. අලුත්ම වාර්තාවකින් අනාවරණය වන්නේ, පාසල් 433කට පළමු වසරට සිසුන් ඇතුළත් කිරීම සඳහා කිසිදු අයැදුම්පතක් ලැබී නොමැති බව ය. 2017 වසරේ අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ පාසල් සංගණන වාර්තාවට අනුව මේ වන විට ක්‍රියාත්මක වන රජයේ පැසල් සංඛ්‍යාව 10194කි. ඉන් 353ක් ක්‍රියාත්මක වන්නේ ජාතික පාසල් ලෙසයි. සිසුන් හතලිස් එක් ලක්ෂ හැට පන්දහස් නවසිය හැට හතරක් ඒවායේ අධ්‍යාපනය ලබන අතර මුළු ගුරුවරුන් සංඛ්‍යාව 241,591කි. 2017 වසරේ පාසල් සංගණන වාර්තාවට අනුව පළමු වසරට ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කිසිවක් නොලැබුණු රජයේ පාසල් 433ක් වාර්තා වී තිබේ. පාසැල් 1100 කට අයැදුම්පත් ලැබී ඇත්තේ 5කට අඩුවෙනි. පාසැල් 2330 කට පළමු වසර සඳහා 10 දෙනෙකුට අඩුවෙන් අයැදුම් කර තිබේ. කිසිදු අයැදුම්පතක් ඉදිරිපත් නොවූ වැඩිම පාසල් ප්‍රමාණයක් වාර්තා වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි. එම ප්‍රමාණය 49කි. 2017 සංගණන වාර්තාවට අනුව බස්නාහිර පළාතේ පාසැල් 19කට ද පළමු වසර සඳහා කිසිදු අයැදුම්පතක් ලැබී නොමැත. 2017 වසරේ අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ පාසල් සංගණන වාර්තාවට අනුව මෙරට පාසල් 165ක් පවත්වාගෙන යන්නේ අවම වශයෙන් දරුවන්ට ජල පහසුකම්වත් නොමැතිව ය. සිසුන් සඳහා පරිගණක පහසුකම් නොමැති පාසැල් 4551 ක් මේ සංගණනයේදී හඳුනාගෙන තිබේ. |
2018-08-30T08:55:16.000Z | කසළ අසළ අකුරු කරන දරු දැරියන්... | කසළ අසළ අකුරු කරන දරු දැරියන්... | COLOMBO (News 1st) - පාසලක් අවට තිබිය යුත්තේ ගස්වැල්, සමනළුන් වැනි සොඳුරු දසුන්.... ඒ වෙනුවට, කසළ අසළ අකුරු කරන්නට සිදුව ඇති දරු පිරිසක් අද ගම්මැද්ද කණ්ඩායමට හමු විය. ගම්මැද්ද ගෙයින් ගෙට 3 වන අදියරේ 3 වන දිනය අදයි. කාත්තන්කුඩි කලපුව අසළ පිහිටි ජාමියුල්ලා සිරින් විදුහල අවට බිම මේ තත්ත්වයට පත්ව තිබෙන්නේ දරුවන් ගැන නොසිතන ඇතැමුන් නිසයි. කලපුවට කසළ බැහැර කිරීමේ අවසන් ප්‍රතිඵලය ලෙස සිසු දරු දැරියන් අපවිත්‍ර පරිසරයකට කොටු වී තිබේ. මුරුත්තන්තීවු ගම්මානයේ ජනතාවට ඇති ප්‍රධානම ගැටලුව පානීය ජල අර්බුදය යි. එහි සිට කින්නියාසි දක්වා පාලමක් ද නොමැති අතර වන අලි තර්ජන ද අඩු නැතැයි ජනතාව පවසයි. ගම්මැද්ද තවත් කණ්ඩායමක් පනිච්චිචෙයි අඩිමුන්මාරි ගම්මානයේ ජනතාව හමු වූ අතර ඔවුන් පැවසුවේ, පානීය ජලය සොයා කිලෝමීටර තුනක පමණ දුරක් යා යුතු බව ය. යාබද මක්කල්අඩි ඌම්රු ගම්මානයේ දරු දැරියන්ගේ පෙරපාසල් අධ්‍යාපනය ද අඩාල වී තිබේ. කිරිමැටියාව ප්‍රාථමික විදුහලට ගිය අපට දැකගත හැකි වුණේ, මෙම පාසල පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ප්‍රතිඵල පෙන්නුම් කර ඇති වුවත් එහි දරු දැරියන්ට පානීය ජලය නොමැති බව යි. මේ අතර වැවේගෙදර ගම්මානයේ මසුරන්කෝට්ටේ වැව ගොඩ වී ඇති අතර ප්‍රවාහන ගැටලු හේතුවෙන් ද ජනතාව පීඩාවට පත්ව සිටියි. පමුණාකොටුව තිම්මානගම ගම්මානයට ගිය ගම්මැද්ද කණ්ඩායමට ජනතාව පැවසුවේ, 1980 සිට ජල යෝජනා ක්‍රමයක් ලබා දෙන බවට දුන් පොරොන්දු ඉටු කර නොමැති බව යි. දැනට තාවකාලික අමුණකින් ජලය ලබා ගන්නා මොවුන් ඉල්ලා සිටින්නේ ස්ථිර විසඳුමක්. හම්බන්තොට දූපල්ලේ ජනතාවට ජල බිඳක් රන් හා සමානයි. වගා කරන සියල්ල වන අලීන් ගොදුරු කර ගන්නා බැවින් මෙහි ජනතාව දිවි ගෙවන්නේ අනාගතය පිළිබඳ අවිනිශ්චිත හැඟීමකිනි. මොණරාගල මයිලගම සෙල්ලකතරගම අවට ජනතාව වන අලීන් නිසා විඳින්නේ කිව නොහැකි තරම් පීඩාවන්. මයිලගම වැව සිඳීයාම හේතුවෙන් ඔවුන් අක්කර 400ක් පමණ වගා නොකර අත්හැර දමා තිබේ. |
2018-08-30T05:55:43.000Z | අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට උදර්පනය කර ගැනීමට පියවර - නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි | මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට උදර්පන නීතිය යටතේ පියවර | COLOMBO (News 1st) - මහ බැංකු හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා උදර්පන නීතිය යටතේ අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ, එම නඩුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය. මහ බැංකු බැඳුම්කර වෙන්දේසිවලදී සිය බෑනාට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයුතු සහගත ලෙස ලාභයක් ලබා ගැනීම සඳහා මහ බැංකුව සතු අභ්‍යන්තර රහස් තොරතුරු අනාවරණය කළේ යැයි අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ, සිංගප්පූරුවේ පදිංචිව සිටින එම නඩුවේ පළමු සැකකාර හිටපු මහ බැංකු අධිපතිවරයා ජාත්‍යන්තර පොලීසියේ සිංගප්පූරු ශාඛාව හරහා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබූ ලේඛන ඔහු වෙත මුදා හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බව ය. එම නඩුවේ දෙවන හා සිව් වන සැකකරුවන් වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 13 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය. |
2018-08-30T05:39:29.000Z | නාමල් ඇතුළු 27 දෙනෙකුට එරෙහි නඩුව ලබන වසරේ මැයි දක්වා කල් යයි | නාමල් ඇතුළු 27කට එරෙහි නඩුව කල් යයි | COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක යන මහත්වරුන් ඇතුළු සැකකරුවන් 27 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ මැයි මස 30 වන දා දක්වා කල් තැබිණි. එම නඩුව පවරා ඇත්තේ, හම්බන්තොට පැවති උද්ඝෝෂණයකදී අයුතු ජනරාශිය හා පොදු දේපළවලට හානි කිරීම යන චෝදනා යටතේ ය. නඩුව හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් ජේ.ඒ.එස්.එන්. ජයසූරිය මහතා හමුවේ අද කැඳවනු ලැබුවේ ය. නීතිපති උපදෙස් ලබා ගන්නා තෙක් නඩුව කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ ය. සහකාර පොලිස් අධිකාරී නීල් දළුවත්ත මහතා විසින් මාධ්‍යවේදියෙකුට පහර දීම පිළිබඳව අධිකරණය පොලීසියෙන් කරුණු විමසා සිටියේ ය. එහිදී පොලීසිය කියා සිටියේ, සහකාර පොලිස් අධිකාරීවරයාට එරෙහිව වෙනම නඩුවක් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති බව ය. |
2018-08-30T05:15:21.000Z | ශ්‍රී ලංකා - මියන්මාර වෙළෙඳ ගිවිසුම යළි සක්‍රීය කිරීමට දෙරටේ නායකයින්ගේ එකඟත්වය | ශ්‍රී ලංකා - මියන්මාර රාජ්‍ය නායකයින් අතර සාකච්ඡා | COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර අත්සන් කර ඇති ඒකාබද්ධ වෙළෙඳ ගිවිසුම නැවත සක්‍රීය කර දෙරටේ ආර්ථික හා වෙළෙඳ සබඳතා නව මාවතක් ඔස්සේ ශක්තිමක් කිරීමට දෙරටේ රාජ්‍ය නායකයින් අද එකඟත්වයට පැමිණියේ ය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, නේපාලයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මියන්මාර් ජනාධිපති වින් මින්ට් මහතා අතර පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවට පැමිණි බව ය. ශ්‍රී ලංකා - මියන්මාර වෙළෙඳ ගිවිසුම 1999 වසරේදී අත්සන් තැබිණි. දිගු ඉතිහාසයක් ඇති ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව ද ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය. බිම්ස්ටෙක් සංවිධානයේ 4 වන රාජ්‍ය නායක සමුළුව සඳහා නේපාලයට ගොස් සිටින ජනාධිපතිවරයා අද පෙරවරුවේ කත්මන්ඩු නුවරදී මියන්මාර ජනාධිපතිවරයා හමු වී තිබේ. එහිදී ථේරවාදී බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ රටවල් දෙකක් වන මියන්මාරය හා ශ්‍රී ලංකාව අතර සමාන ආර්ථික වටපිටාවක් පවතින බව පෙන්වා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ අනුව දෙරටේ සබඳතා පහසුවෙන් ශක්තිමත් කර ගත හැකි බව ද අවධාරණය කළේ ය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමක් කිරීම උදෙසා මියන්මාර ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානයට ලක්ව තිබේ. මියන්මාරයේ අවංක මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වේදිකාවේදී එරටට අවශ්‍ය ඕනෑම සහයක් ලබා දීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙම සාකච්ඡාවේදී පොරොන්දු වී තිබේ. අවුන්සාන් සුචී මහත්මියගේ වැඩපිළිවෙළ පිළිබඳව ද සිහිපත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව එහිදී අදහස් පළ කර තිබේ. නැවත රට තුළ යුද්ධයක් ඇති නොවන අයුරින් සංහිඳියාව ශක්තිමත් කිරීම තම ප්‍රමුඛ වගකීමක් සේ ඉටු කරන බව එම සාකච්ඡාවේදී පැවසූ ජනාධිපතුමා ජනාධිපති ධූරයේ අසීමිත බලතල අඩු කොට පාර්ලිමේන්තුවට පවරා දීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡාවේදී මියන්මාර ජනාධිපතිතුමා දැනුවත් කළේ ය. මෙහිදී අදහස් දැක්වූ මියන්මාර ජනාධිපතිවරයා පැවසුවේ, නුදුරු දිනකදීම තමන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂා කරන බව ය. දෙරට අතර සංචාරක කටයුතු තවදුරටත් ප්‍රවර්ධනය කිරීමටත් මියන්මාර අයෝජකයින් මෙරටට වැඩි වශයෙන් එවීමටත් කටයුතු කරන බව සාකච්ඡාවේදී මියන්මාර ජනාධිපතිවරයා පැවසුවේ ය. |
2018-08-30T01:28:10.000Z | එළවළු ජෑම් නිෂ්පාදනය සුලභ කිරීමට පියවර | එළවළු ජෑම් නිෂ්පාදනය සුලභ කිරීමට පියවර | COLOMBO (News 1st) - වස විෂෙන් තොර එළවළු ජෑම් නිෂ්පාදනය වෙළෙඳපොළේ සුලභ කිරීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මාතලේ විද්‍යා හා තාක්ෂණ නිලධාරිනි ඉන්දිකා ජයසිංහ මහත්මිය සඳහන් කළේ, පාසැල් හැර ගිය සහ සුළු හා මධ්‍යම පරිමාණයෙන් ජෑම් නිෂ්පාදනය කරන ව්‍යවසායකයින් මේ යටතේ දිරි ගැන්වෙන බවයි. මේ යටතේ, වට්ටක්කා, කැරට් සහ බීට්වලින් ජෑම් නිෂ්පාදනයට 40 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අද මාතලේ විදාතා සම්පත් මධ්‍යස්ථානයේදී පුහුණු කෙරෙනු ඇති. |
2018-08-30T01:08:47.000Z | ශිෂ්‍යත්ව සමතුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව දෙගුණ කිරීමට සැලසුම් | 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සංඛ්‍යාව දෙගුණ කිරීමට සැලසුම් | COLOMBO (News 1st) - 5 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමතුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවා විතාණ මහතා සඳහන් කළේ, දැනට ශිෂ්‍යත්ව සමතුන්ට ශිෂ්‍යත්ව 15,000 ක් ලබා දෙන බවයි. එම සංඛ්‍යාව 30,000 ක් දක්වා ඉහළ නැංවීම වැඩපිළිවෙළ යටතේ නියමිත ය. ඒ සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය. අමාත්‍යංශය පැවසුවේ, මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ට නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි |
2018-08-29T22:10:43.000Z | ඌව හා වයඹ සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයක | ඌව හා වයඹ සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයක | COLOMBO (News 1st) - වයඹ පළාත් හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවයේ සියලු නිලධාරීන් අද උදෑසන 7.00 සිට වැඩ වර්ජනයක නිරත වේ. ඒ, හිඟ අතිකාල දීමනා නොගෙවීමට විරෝධය පළ කරමිනි. පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති අජිත්. පී. තිලකරත්න මහතා සඳහන් කළේ, හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය නිලධාරීන් ඇතුලු සේවාවන් 20 කට අයත් නිලධාරීන් 2000 ක් පමණ මෙම වැඩ වර්ජනයට සහභාගි වන බවයි. මේ අතර ඉල්ලීම් 7 ක් මුල් කර ගනිමින් ඌව පළාත් සභාවට අයත් රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සේවය කරන කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට අයත් සියලු සේවකයින් අද ලෙඩ නිවාඩු වාර්තා කරන බව සමස්ත ලංකා සුවසේවා සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ මහතා සඳහන් කළේ, දහවල් 12.00 ට එම සේවකයින් ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක ද නිරත වන බව ය. ගැටලු සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග විමසීමට ඌව හා වයඹ පළාත් සෞඛ්‍ය බලධාරීන් සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළ ද එය අසාර්ථක විණි. |
2018-08-29T20:53:40.000Z | ආර්ථික අර්බුධය හමුවේ ආජන්ටිනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පතයි | ආජන්ටිනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහය පතයි | දිනෙන් දින උත්සන්න වන ආර්ථික අර්බුධය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 50 ණය මුදලක් ඉල්ලීමට ආජන්ටිනාව පියවර ගනු ලැබුවේ ය. ජනාධිපති මවුරිසියෝ මැක්‍රි සඳහන් කළේ, ආර්ජන්ටිනා ආර්ථිකය පිළිබඳ විශ්වාසය යළි ඇති කිරීම මෙහි අරමුණ බවයි. ආජන්ටිනාවේ උද්ධමනය මේ වනවිට ඉතා ඉහළ අගයක් ගෙන ඇති අතර එරට මුදල් ඒකකය වන පේසෝ හි අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 40 % කට වඩා වැඩි අගයකින් පහත වැටී ඇත. මෙම දුෂ්කර අවස්ථාවේ ආජන්ටිනාවට සහය දීමට සුදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටීන් ලැගාර්ඩ් ප්‍රකාශ කළේ ය. කෙසේවෙතත් ආජන්ටිනාව මෙම විශාල ණය මුදල ගෙවීමට අපොහොසත් වනු ඇතැයි ආයෝජකයන් බිය පළ කරනු ඇත. |
2018-08-29T20:33:54.000Z | මන්නාරම සමූහ මිනී වළෙන් සොයා ගත් ඇට සැකිළි සංඛ්‍යාව 111 ක් දක්වා ඉහළට | මන්නාරම මිනී වළෙන් හමුවූ ඇට සැකිළි සංඛ්‍යාව ඉහළට | COLOMBO (News 1st) - මන්නාරම සමූහ මිනී වළේ කැනීම්වලදී සොයා ගත් මිනිස් ඇට සැකිළි සංඛ්‍යාව 111 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ස්ථානයේ කැනීම් ආරම්භ කෙරුණේ පසුගිය මාර්තු මාසයේදී මන්නාරම සතොස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා පොළොව කැනීමේදී අස්ථි කොටසක් සොයා ගැනීමත් සමග ය. මන්නාරම අධිකරණයේ නියෝගයකට අනුව මෙම කැනීම පසුගිය මැයි මස 28 වන දා ආරම්භ කෙරුණි. ඒ සඳහා මන්නාරම රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ චමින්ද රාජපක්ෂ මහතා ඇතුළු අධිකරණ වෛද්‍ය නිලධාරීන් පිරිසක් හා වෝහාරික පුරා විද්‍යා පරීක්ෂණ සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ද එක් ව සිටි. සොයා ගත් ඇට සැකිළි අතර කුඩා ළමයින් 9 දෙනෙකුගේ ඇට සැකිළි ද වේ. මේ වනවිට කැනීම් කර ඇත්තේ සමස්ත මිනී වළෙන් 27 % ක ප්‍රදේශයක් පමණක් බව ද මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසුවේ ය. |
2018-08-29T20:04:29.000Z | අතුරුදන්වූවන් ගැන නිර්දේශ ඇතුළත් වාර්තාවක් ලබන 05 වැනි දා ජනපති වෙතට | අතුරුදන්වූවන් ගැන වාර්තාවක් ලබන 05 වැනි දා ජනපතිට | COLOMBO (News 1st) - අතුරුදන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර දිනය අදට යෙදී තිබේ. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේ, ඊට සමගාමීව විශේෂ වැඩසටහනක් අද මෙරටදී පැවැත්වෙන බවයි. "අතුරුදන් වීමට ඉඩ නොතබමු" යන තේමාව යටතේ එය පැවැත්වෙනු ඇති. අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස්වරු, අතුරුදන්වූවන් සහ වින්දිතයන් සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් අතුරු වාර්තාවකට ද අද අත්සන් තැබීමට නියමිත වේ. එම අතුරු වාර්තාව එළඹෙන 5 වන දා ජනාධිපතිතුමන් වෙත භාරදීමට නියමිත බව ද අතුරුදන් වූ තැනැන්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ, සාලිය පීරිස් මහතා පැවසුවේ ය. |
2018-08-29T19:42:11.000Z | බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අද ඇරඹෙයි | බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අද ඇරඹෙයි | බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව නේපාලයේ කත්මණ්ඩු නුවරදී අද ආරම්භ වීමට නියමිත වේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළුව අමතන්නේ හෙට දිනයේදී ය. ඊයේ පෙරවරුවේ දිවයිනෙන් පිටත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නේපාලයේ කත්මණ්ඩු නුවර ත්‍රීභුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා විය. එහිදී ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ නේපාලයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඉෂ්වර් පොකහර් මහතා විසිනි. මෙම සංචාරය අතරතුර නේපාලය සමග අවබෝධතා ගිවිසුම් 02 කට අත්සන් තැබීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/659575764426472/ |
2018-08-29T19:11:27.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. ජනපති මෛත්‍රී නේපාලයට: ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා ඊයේ නේපාලයට ළඟා විය. ඒ, බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය රටවල තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව අරමුණු කරගත් සිව්වැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහායි. 2. ගලහ දරුවාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්: ගලහ රෝහල ඉදිරිපිට ඊයේ නොසන්සුන් තත්ත්වයට හේතු වූ අවුරුදු එක හමාරක් වයසැති සංකර් සංජීවන් දරුවාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 3. News 1st සුමති සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලබයි: 23 වැනි සුමති සම්මාන උළෙලේදී News 1st සහ සිරස TV සම්මානවලින් පිදුම් ලැබී ය. කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් සම්මාන උළෙල පැවැත්වුණේ, නෙළුම් පොකුණ රඟහලේදීයි. සම්මාන උළෙලේදී වසරේ හොඳම ප්‍රවෘත්ති නිවේදක, 2 වැනි ස්ථානයට හිමි සම්මානය News 1st හි අමිල මුණසිංහට හිමිවිය. 4. ගෝඨාභය රාජපක්ෂ ශ්‍රීලංකන් හා මිහින් ලංකා අක්‍රමිකතා සොයන ජනපති විමර්ශන කොමිසම හමුවේ ප්‍රකාශයක් දෙයි: හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ උදෑසන මිහින් ලංකා හා ශ්‍රීලංකන් ගුවන් සමාගම්වල සිදු වූ අක්‍රමිකතා සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමට අනියුක්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ප්‍රකාශයක් ලබා දුන්නේ ය. ඒ, පසුගිය දා ඔහුට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ සිතාසියකට අනුව ය. 5. ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති දිවයිනට: ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා තෙදින නිල සංචාරයක් සඳහා පෙරේදා රාත්‍රියේ දිවයිනට පැමිණියේ ය. ඔහු ජපානය නියෝජනය කරමින් සති කිහිපයක් තුළ මෙරටට පැමිණි දෙවන ජ්‍යේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා යි. විදෙස් පුවත් 6. මියන්මාර හමුදාව යුද අපරාධ සිදු කර ඇති බවට එක්සත් ජාතීන් නිකුත් කළ වාර්තාව අමෙරිකාව අනුමත කරයි: මියන්මාර හමුදාව යුද අපරාධ සිදු කර ඇති බවට එක්සත් ජාතීන් පසුගියදා නිකුත් කළ වාර්තාවේ දැක්වෙන කරුණු තමන් ඒ පිළිබඳව සිදු කළ විමර්ශනයෙන් හෙළි වූ කරුණු හා බොහෝ සෙයින් සමාන බව අමෙරිකාව පවසයි. එක්සත් ජාතීන්ගේ අමෙරිකානු තානාපති නිකී හෙලි ආරක්ෂක කවුන්සිලය අමතමින් පැවසුවේ, රෝහින්‍යා අර්බුදයේදී මියන්මාර හමුදා ප්‍රධානියා ඇතුළු ඉහළ නිලයන් දරණ හමුදා සාමාජිකයින් යුද අපරාධ සිදු කිරීමට තැත් කර ඇති බව ය. |
2018-08-29T11:19:48.000Z | News 1st සුමති සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලබයි | News 1st සුමති සම්මානයෙන් පිදුම් ලබයි | COLOMBO (News 1st) : 23 වැනි සුමති සම්මාන උළෙලේදී News 1st සහ සිරස TV සම්මානවලින් පිදුම් ලැබී ය. කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් සම්මාන උළෙල පැවැත්වුණේ, නෙළුම් පොකුණ රගහලේදීයි. සම්මාන උළෙලේදී වසරේ හොඳ ම ප්‍රවෘත්ති නිවේදක, 2 වැනි ස්ථානයට හිමි සම්මානය News 1stහි අමිල මුණසිංහට හිමිවිය. වසරේ හොඳ ම ප්‍රවෘත්ති නිවේදකයා ලෙස හිරු ටීවි හි අනුරුද්ධ රත්නායක සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ජාතික රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදිකා නිෂාධි රුවන්වැලිට තෙවන ස්ථානය හිමිවූහ. 2017 වසරේ හොඳ ම සංගීත වැඩසටහන් අධ්‍යක්ෂණය වෙනුවෙන් සිරස ටීවිහි කුමුදු අභයධීර සම්මානයට පාත්‍ර විය. ඒ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විකාශය වූ රජගෙදර නාඩගම සංගීත වැඩසටහන වෙනුවෙනි. |
2018-08-29T10:21:46.000Z | රෑට ගව ගාලක් වන දවල්ට සිසුන් එන පාසලක් | රෑට ගව ගාලක් වන දවල්ට සිසුන් එන පාසලක් | COLOMBO (News 1st) : රාත්‍රී කාලයේ ගවයින් නවාතැන් ගන්නා උදෑසන සිසුන් වෙනුවෙන් වෙන් වන පාසලක් පිළිබඳව අද ගම්මැද්ද ගෙයින් ගෙට යන නිව්ස්ෆස්ට් කණ්ඩායමේ නෙත ගැටුණි. මඩකළපුව චෙංකලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙරියපුල්ලමලෙයි රෝමානු කතෝලික මිශ්‍ර පාසලේ දරු දැරියන් 600 දෙනෙකු ඉගෙනුම ලබන අතර ගුරුවරුන් සංඛ්‍යාව 9 කි. පෙරියපුල්ලමලෙයි -අඹගස්තැන්න ඇතුළු ගම්මාන කිහිපයක සිසුන් මෙහි ඉගෙනුම ලබති. මෙහි ප්‍රමාණවත් පරිදි බංකු සහ පුටු නොමැත. අධ්‍යාපනයේ නව ඉසව් ගැන බලධාරීන් විවිධ කතන්දර කියමින් සිටින වකවානුවක බිම වාඩිවී අකුරු කරන්නට මේ දරු දැරියන්ට සිදුව තිබේ. පාසල වටා තාප්පයක් හෝ වැටක් නොමැති බැවින් කිසිදු ආරක්ෂාවක් නොමැති අතර රාත්‍රියේ ගවයින් ලැඟුම් ගන්නා බවත්, සොරුන් පාසල් උපකරණ පවා සොරකම් කරගෙන යන බවත් ගම්වැසියන් ප්‍රකාශ කළහ. උදෑසන පැමිණෙන දරුවන්ට මුලින්ම කරන්නට සිදුව ඇත්තේ ඉගෙනීම නොව ගව වසුරු ඉවත් කිරීමයි. මඩකළපුව තුන්පාලන්චෝලන් ගමේ ජනතාව හමුවු ගම්මැද්ද කණ්ඩායමට අසන්නට ලැබුණේ පානීය ජල ගැටලුව දැවැන්ත අර්බුදයක් බවට පත්ව තිබෙන බවයි. සතියකට වරක් බවුසර්වලින් ලබා දෙන ජලය කිසි සේත් ප්‍රමාණවත් නොවේ. බඩවියත රැක ගැනීම සඳහා කුඹුරට ගොස් සිටින අතරතුර බවුසරය පැමිණිය හොත් එදිනට ඔවුන්ට ජලය ලැබෙන්නේ නැත. ආයිත්තියමලේදී අපට හමුවු ගම්වැසියන් පැවසුවේ බීමට ජලය සොයගැනීම බලවත් ගැටලුවක් බවයි. මේ අවට වෙනත් ගම්මානවලට ජලය බෙදී යන ආකාරය දෙස බල බලා සුසුම්ලන්නට මොවුන්ට සිදුව තිබේ. මෙවැනිම ගැටලුවක් නෙල්ලුර් ගම්මානයේදී හඳුනා ගැනීමට ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායමට හැකි විය. ගෙයින් ගෙට වැඩසටහනේ තවත් කණ්ඩායමක් මොනරාගල කනවේගල්ල ගම්මානයට ගොස් ජනතාව හමුවිය. පවුල් 170 ක් භාවිත කරන මේ මාර්ගලය දැඩි ලෙස අබලන්ව තිබීම මොවුන්ට ඇති ප්‍රමුඛ ගැටලුවක් විය. මේ අතර ජනතා ගැටලු සොයා යන අප තවත් කණ්ඩායමක් මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල , මැදගම තඹාන ගම්මානයේ ජනාතාව හමුවිය. ඔවුන් මුහුණ දෙන ප්‍රමඛ ගැටලුවත් බවට පතව ඇතතේ එදිනෙ දා දෛනික කටයුතු සඳහා භාවිත කරන මෙම මාර්ගය දැඩි ලෙස අබලන් ව පැවතීමයි. මේ අතර මේ පිරිස පානීය ජල අර්බුදයකට ද මුහුණ පා සිටිති. මේ අතර තඹාන හා මැදගම යන ගම්මාන හරහා ගලා බසින් දික්ඔය හරහා එගොඩ වීමට පාලමක් නොමැති කම තුළ මේ ජනතාව පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. පුත්තලමේ උඩප්පුව සින්නපාඩු සහ පිල්ලෙයාවත්ත යන ගම්මානව ජනතාව ද දුක සේ ජීවිතය ගත කරන අතර මුදලයට ජලය රැගෙන සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට මොවුන්ට සිදුව තිබේ. මේ ජනතාව පැවසුවේ, අනුන්ගේ කුණු නිසාද පීඩා විඳින්නට සිදුව ඇති බවයි. අක්කර පහ සහ පිල්ලෙයාවත්ත ගම්මානවල ජනතාව පැවසුවේ සාමාන්‍ය වර්ෂාවකදී වුවත් මුළු පෙදෙසම ජලයෙන් යටවන අතර ජලය බැස යාමට මාස ගණන් ගතවන බවද මොවුන් පෙන්වා දුන් ගැටලුවකි. ගම්මැද්ද තවත් කණ්ඩායමක් පුත්තලමේ වීරපඩියාන ඇතුළු ගම්මාන කිහිපයක සැරිසරමින් ජනතාව හමුවිය. ඔවුන්ගේ ප්‍රධාන ගැටලු වන්නේ මාර්ග අබලන් වීම සහ ජල හිඟයයි. https://www.youtube.com/watch?v=CCnP1DF-ZMs |
2018-08-29T07:22:01.000Z | ගලහ දරුවාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් | ගලහ දරුවාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් | COLOMBO (News 1st) : ගලහ රෝහල ඉදිරිපිට ඊයේ නොසන්සුන් තත්ත්වයට හේතු වූ අවුරුදු එක හමාරක් වයසැති සංකර් සංජීවන් දරුවාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. තද උණ සහිතව ඊයේ පෙරවරුවේ ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ පුංචි සංජීවන් එම රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට රැගෙන යන අතරතුර ජීවිතය හැර ගොස් තිබිණ. ඔහු දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ තෙ වැන්නායි. සංජීවන්ගේ පියා වෙළඳාමේ නිරත වූ අතර මව දරුවන් බලා ගන්නා ස්ථානයක සේවය කරමින් සිටියහ. තද උණ සහිතව රෝහල්ගත කළ සංජීවන්ට එම රෝහලේ වෛද්‍යවරුන් නිසි ප්‍රතිකාර නොකළ හෙයින් ඔහුට ජීවිතය අහිමිවු බවට චෝදනා කරමින් ඥාතීන් හා ප්‍රදේශවාසීන් ඊයේ ගලහ රෝහල ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණේ රෝහලේ දේපළවලට ද හානි කරමිනි. තත්ත්වය පාලනය කිරීමට ගම්පළ ගලහ පේරාදෙණිය නාවල පිටිය කඩුගන්නාව ඇතුළු පොලිස් ස්ථාන 10 ක නිලධාරීන් මෙන්ම විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද කැඳවීමට සිදුවිය. පැය 8 කට අධික කාලයක් පිටතට පැමිණීමට නොහැකිව රෝහලේ සිරව සිටි දරුවාට ප්‍රතිකාර කළ බව පැවසෙන වෛද්‍යවරයා පොලිස් ඇඳුම් අන්දවා පිටතට ගැනීමට පොලිසිය පියවර ගත්තේ මහත් පරිශ්‍රමයක් දරමිනි. මේ අතර විරෝධතාකරුවන්ගෙන් පහර දීමට ලක්වූ වෛද්‍යවරයා මහනුවර රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලැබීමෙන් පසු අද දහවල් පිටව ගොස් තිබිණ. ගලහ ප්‍රාදේශීය රෝහල යනු දෙල්තොට ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාව ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝහලයි. එම රෝහලට අනුයුක්තව වෛද්‍යවරුන් 3 දෙනෙකු සේවය කරන අතර 20 දෙනෙකුගෙන් සමන්විත රෝහල් කාර්ය මණ්ඩලයක් එහි සේවය කරති. ඊයේ දරුවා රෝහල්ගත කරන විටත් එම රෝහලේ සායනික කටයුතු මෙන්ම නේවාසික රෝගීන් ඇතුළත් කරගනිමින් වෛද්‍යවරුන් දෙදෙනෙකු රෝහලේ සිට තිබේ. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් රෝහලේ දේපළවලට සිදුකළ බරපතල හානි හේතුවෙන් මේ වනවිට එහි කිසිදු කටයුත්තක් සිදු නොවේ. රෝහලේ ආරක්ෂාව වෙනුවෙන් මේ වනවිට ගලහ සහ ගම්පොළ පොලිස් නිලධාරීන් ද යොදවා තිබේ. මේ අතර ඊයේ පෙරවරුවේ ගලහ කෝවිල අසල වංගුවේදී දෙල්තොට සිට මහනුවර බලා ධාවනය වූ බස්රථයක ගමන් කළ කාන්තාවන් දෙදෙනෙක් එම බස්රථයෙන් එළියට ඇද වැටීමෙන් අනතුරකට මුහුණ දුන්හ. මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ශාන්ති සමරසිංහ මහත්මිය සඳහන් කළේ, එම කාන්තාවන් දෙදෙනා බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කළ හෙයින් දරුවාට මූලික ප්‍රතිකාර කිරීමෙන් පසුව අනතුරෙන් රෝහල්ගත කළ දෛනාට මූලික ප්‍රතිකාර කර ඔවුන් මහනුවර මහ රෝහලට යැවීමට පියවර ගත් බවයි. ඔවුන්ට ප්‍රතිකාර කරන අවස්ථාවේදී ද සංජීවන් දරුවාගේ තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරයා රෝහල කාර්ය මණ්ඩලයෙන් විමසා ඇතැයි, ඇය වැඩිදුරටත් පැවසුවා ය. |
2018-08-29T07:37:19.000Z | ජනපති මෛත්‍රී නේපාලයට | ජනපති මෛත්‍රී නේපාලයට | COLOMBO (News 1st) : ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා අද නේපාලයට ළඟා විය. ඒ, බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය රටවල තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව අරමුණු කරගත් සිව්වැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහායි. සමුළුව නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වේ. ෙ එහිදී නේපාල අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු විශේෂ නියෝජිතයින් පිරිසක් ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගනු ලැබී ය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, නේපාලයේ පූර්ණ හමුදා උත්තමාචාරය ජනාධිපතිවරයා වෙත පිළිගන්වමින් ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදුවූ බවයි. බෙංගාල බොක්ක සාමකාමී සශ්‍රීක සහ තිරසර කලාපයක් බවට පත්කිරීම මෙවර සමුළුවේ තේමාවයි. ඊට බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7 ක් ඇතුළත් ය. බෙංගාල බොක්ක ආශ්‍රිත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව ඇති කිරීම මෙන්ම වාණිජ , ආයෝජන, තාක්ෂණ, සංචාරක , මානව සම්පත් සංවර්ධනය, කෘෂිකර්ම, ධීවර , ප්‍රවාහනය සහ සන්නිවේදනය යන අංශ ද සමුළුවේදී අවධානය යොමු කරනු ඇති. |
2018-08-29T05:05:53.000Z | මින්නේරියේ පහරදීම: සැකකරුවන් 11 දෙනා 11 තෙක් රිමාන්ඩ් | මින්නේරියේ පහරදීම: සැකකරුවන් 10ක් අත්අඩංගුවට | COLOMBO (News 1st) : මින්නේරිය වනෝද්‍යානයේ නිලධාරීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනෙකු ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් අද පෙරවරුවේ හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් එන්. එස්. ජී. සනත් නානයක්කාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. එම සැකකරුවන් අතර හිඟුරක්ගොඩ ප්‍රදේශීය සභාවේ පොදු ජන පෙරමුණ නියොජනය කරන මන්ත්‍රීවරයෙකු ද සිටී. සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ ද සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. මේ අතර සමස්ත ලංකා වන ජීවි නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඉන්දික වසන්ත පීරිස් මහතා සඳහන් කළේ, පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස තම සාමාජිකයින් ආරම්භ කළ ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත්වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිට වූ බවයි. ඒ අනුව සාමාන්‍ය පරිදි තම රාජකාරි සිදු කරන බව ද ඔහු පැවසී ය. |
2018-08-29T03:39:24.000Z | තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන යළි රිමාන්ඩ් | ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන යළි රිමාන්ඩ් | COLOMBO (News 1st) - තරුණයින් ඇතුළු 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි මහතා ලබන මස 12 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, ඊට අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය. එහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි මහතාට සැඟව සිටීමට ත්‍රිවිධ හමුදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කුමන ආකාරයකින් හෝ ආධාර අනුබල දුන් බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වන්නේ නම් වහාම ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය. නඩුව ලබන 12 වන දා දක්වා කල් තැබිණි. |
2018-08-29T00:17:27.000Z | රු. ලක්ෂ 49ක් වටිනා මැණික් තොගයක් සමග තිදෙනෙකු රේගු භාරයට | මැණික් තොගයක් සමග තිදෙනෙකු රේගු භාරයට | COLOMBO (News 1st) - නීති විරෝධීව මැණික් තොගයක් මෙරටට රැගෙන ඒමට තැත් කළ විදේශීය කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු විදේශිකයෙකු ඊයේ රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා පැවසුවේ, එහි වටිනාකම රුපියල් හතලිස් නම ලක්ෂ දහතුන් දහස් හයසියයක් වන බව ය. රේගුව භාරයට ගැනුණු මැණික්වල බර කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම්440කි. චීනයේ සිට ඊයේ රාත්‍රියේ ආදාළ සැකකරුවන් මෙරටට පැමිණි ඇති අතර ඔවුන් 27, 29 සහ 37 යන වයස්වල පසුවන බව ද විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේ ය. |
2018-08-29T00:04:10.000Z | ගෝඨාභය රාජපක්ෂ ශ්‍රීලංකන් හා මිහින් ලංකා අක්‍රමිකතා සොයන ජනපති විමර්ශන කොමිසම හමුවේ ප්‍රකාශයක් දෙයි | ගෝඨාභය රාජපක්ෂ CID නිලධාරීන්ට ප්‍රකාශයක් ලබා දෙයි | COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන මිහින් ලංකා හා ශ්‍රීලංකන් ගුවන් සමාගම්වල සිදු වූ අක්‍රමිකතා සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමට අනියුක්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ප්‍රකාශයක් ලබා දුන්නේ ය. ඒ, පසුගියදා ඔහුට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ සිතාසියකට අනුව ය. මීට අමතරව මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන් ද ජනාධිපති විමර්ශන කොමිසමට අනියුක්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ප්‍රකාශයක් ලබා දීමට පැමිණියේ ය. |
2018-08-28T22:26:51.000Z | තේ දළු මිල පහළට | තේ දළු මිල පහළට | COLOMBO (News 1st) - තේ දළු මිල පහළ ගොස් තිබේ. තේ වගාකරුවන් පවසන්නේ, මීට මාස කිහිපයකට පෙර රුපියල් 100කටත් ඉහළ මිලකට පැවති අමු තේ දළු මිල මේ වන විට රුපියල් 80ක මට්ටමක් දක්වා ඇතැම් ප්‍රදේශවල පහළ ගොස් ඇති බව ය. මේ හේතුවෙන් තමන් යළිත් වරක් දැඩි ආර්ථික දුෂ්කරතාවයකට පත්ව ඇති බව තේ වගාකරුවන් පවසයි. මේ පිළිබඳව ශ්‍රී ලංකා තේ මණ්ඩලයෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී එහි කොමසාරිස් ජනරාල් ජයන්ත එදිරිසිංහ මහතා සඳහන් කළේ, ඉරානයට එරෙහිව අමෙරිකාව පනවා ඇති සම්බාධක හමුවේ මෙම මිල පහළ යාම සිදුව ඇති බව ය. මෙම තත්ත්වයට විසඳුම් ලබා දීම සඳහා කඩිනම් පියවර ගනිමින් සිටින බව ද ඔහු පැවසුවේ ය. |
2018-08-28T22:16:03.000Z | බ්‍රිගේඩ්‍රියර්වරුන් 5 දෙනෙකු සහ ලුතිනන් කර්නල්වරුන් 25කට උසස් වීම් | හමුදා නිලධාරීන් 30කට උසස් වීම් | COLOMBO (News 1st) - බ්‍රිගේඩ්‍රියර්වරුන් 5 දෙනෙකු සහ ලුතිනන් කර්නල්වරුන් 25 දෙනෙකුට උසස් වීම් ලබා දීමට ජනාධිපතිතුමා පියවර ගෙන තිබේ. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේ, බ්‍රිගේඩියර්වරුන් 5 දෙනා මේජර් ජනරාල් නිලයටත්, ලුතිනන් කර්නල්වරුන්, කර්නල් නිලයටත් උසස් කර ඇති බව ය. උසස් වීම් ලැබූ බ්‍රිගේඩියර්වරුන් අතර යුද්ධයේදී ආබාධිත වූ බ්‍රිගේඩියර්වරුන් 4 දෙනෙකු ද වේ. ඒ, ශ්‍රී ලංකා ගජබා රෙජිමේන්තුවේ ඩී.ජී.අයි.පී. ගමගේ, සිංහ රෙජිමේන්තුවේ රජීව වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජේ.ආර්. අම්පේමොහොට්ටි සහ ගැමුණු රෙජිමේන්තුවේ ඩබ්ලිව්.එච්.එම්. මණතුංග යන මහත්වරුන් ය. මීට අමතරව දැනට සක්‍රීය සේවයේ නිරත වී.ඒ.ටී.එන්. දෙමටන්පිටිය මහතා ද මේජර් ජනරාල් නිලයට උසස් වීම් ලද බ්‍රිගේඩිර්වරුන් අතර වේ. |
2018-08-28T21:23:38.000Z | මින්නේරියේ පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් 10ක් අත්අඩංගුවට: ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුත් ඒ අතර | මින්නේරිය සිද්ධියට අදාළව තවත් 10ක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - මින්නේරිය වනෝද්‍යානයේ නිලධාරීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඒ අතර හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ද වන බව ය. සැකකරුවන් අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ ද සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගැනිණි. මේ අතර පහර දීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් වනජීවී නිලධාරීහු මේ වනවිට ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත් වී සිටිති. |
2018-08-28T20:36:29.000Z | ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති දිවයිනට | ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති දිවයිනට | COLOMBO (News 1st) - ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේ ය. ඔහු ජපානය නියෝජනය කරමින් සති කිහිපයක් තුළ මෙරටට පැමිණි දෙවන ජ්‍යේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා යි. ජපාන රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා දිවයිනට පැමිණියේ, වියට්නාමයේ හැනෝයි නුවර පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගි වී ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය ද හමුවීමෙන් අනතුරුව ය. අමාත්‍යවරයාගේ මේ සංචාරයේදී මුර සංචාරක යාත්‍රා දෙකක් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කිරීම ද සිදු වනු ඇති. ජපාන ආධාරයක් ලෙස ඩොලර් මිලියන 11කට අධික වටිනාකමකින් යුත් යාත්‍රා දෙකක් ඒ අනුව අද කොළඹ වරායේදී ශ්‍රී ලංකා රජයට භාර දීමට සැලසුම් කර තිබේ. අදාළ නෞකා මෙරට මුහුදු කලාපයේ පර්යේෂණ කටයුතු, මුදා ගැනීමේ මෙහෙයුම්, වෙරළාශ්‍රිත කලාපයේ දූෂණය පාලනය කිරීම, තෙල් කාන්දු කළමනාකරණය මෙන්ම වෙරළාශ්‍රිත කලාපයේ ආරක්ෂාව සඳහා භාවිතයට ගැනීමට අපේක්ෂිත ය. රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා දිවයිනේ රැඳී සිටින කාලය තුළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද නියමිතව තිබේ. ඊට අමතරව ඔහු මෙරට ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු හමුවීමට නියමිත ය. මේ අතර මෙරටට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔ නොදෙරා මහතා ඉකුත් 22 වන දා ත්‍රිකුණාමලය චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චරිකාවක නිරත විය. ත්‍රිකුණාමල වරායේ නැංගුරම් ලා තිබූ ඉකසුචි ජපාන නෞකාව නැරඹීමෙන් අනතුරුව ඔහු හම්බන්තොට වරාය ද නිරීක්ෂණය කළේ ය. |
2018-08-28T20:20:54.000Z | මියන්මාර හමුදාව යුද අපරාධ සිදු කර ඇති බවට එක්සත් ජාතීන් නිකුත් කළ වාර්තාව අමෙරිකාව අනුමත කරයි | මියන්මාරයට එරෙහි එ.ජා. වාර්තාව අමෙරිකාව අනුමත කරයි | (News 1st) - මියන්මාර හමුදාව යුද අපරාධ සිදු කර ඇති බවට එක්සත් ජාතීන් පසුගියදා නිකුත් කළ වාර්තාවේ දැක්වෙන කරුණු තමන් ඒ පිළිබඳව සිදු කළ විමර්ශනයෙන් හෙළි වූ කරුණු හා බොහෝ සෙයින් සමාන බව අමෙරිකාව පවසයි. එක්සත් ජාතීන්ගේ අමෙරිකානු තානාපති නිකී හෙලි ආරක්ෂක කවුන්සිලය අමතමින් පැවසුවේ, රෝහින්‍යා අර්බුදයේදී මියන්මාර හමුදා ප්‍රධානියා ඇතුළු ඉහළ නිලයන් දරණ හමුදා සාමාජිකයින් යුද අපරාධ සිදු කිරීමට තැත් කර ඇති බව ය. සත්‍ය නීරස වුවද එය පමා වී හෝ ලෝකයාට හෙළිදරව් වන බව ඇය එහිදී අවධාරණය කර තිබේ. අමෙරිකානු වාර්තාව සැකසීම සඳහා අහඹු ලෙස තොරා ගෙන ඇති රෝහින්‍යා වැසියන් සංඛ්‍යාව 1000කි. ඔවුන් අතරින් 200කට අධික පිරිසක් රොහින්‍යා අර්බුදයේදී පුද්ගලයින් 100 දෙනෙකු මිය යන්නට හෝ තුවාල ලබන්නට ඇති බවටත්, 500කට අධික පිරිසක් දූෂණය කිරීමේ සිද්ධීන් ඇසින් දුටු සාක්ෂි සහිතව තහවුරු කර ඇති බවටත් ප්‍රකාශ කර තිබේ. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පසුගියදා වාර්තාවක් නිකුත් කරමින් පැවසුවේ, සමූල ඝාතන චෝදනා සම්බන්ධයෙන් මියන්මාර හමුදා ප්‍රධානීන්ට එරෙහිව විමර්ශන පැවැත්විය යුතු බව ය. ප්‍රාන්තයේ වෙසෙන රෝහින්‍යා මුස්ලිම් වැසියන් ඉලක්ක කර සිදු කළ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් හමුවේ එක්සත් ජාතීන්, මියන්මාර හමුදා සාමාජිකයින් සමග සිදු කළ සම්මුඛ සාකච්ඡා මත පදනම්ව මෙම චෝදනා ගොනු කර තිබේ. ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මියන්මාර හමුදාව ගත් ඇතැම් ප්‍රයත්නයන් එරට සැබෑ ආරක්ෂාව සඳහා කිසිසේත් සුදුසු නොවන බව එම වාර්තාවෙන් දක්වා තිබේ. මියන්මාර හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් 6 දෙනෙකුට එරෙහිව සමූල ඝාතන චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු පැවරීමට නියමිත බව ද එම වාර්තාවේ සඳහන් ය. මියන්මාරයේ නිල නොලත් නායිකාව ලෙස සැලකෙන අවුන් සාන් සුකී ද හමුදාවේ මෙම ක්‍රියාවන් නැවැත්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ද එම වාර්තාව මගින් දැඩි සේ විවේචනය කර තිබේ. |
2018-08-28T20:04:50.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්... | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්... | COLOMBO (News 1st) 1. දරුවෙකු මිය යාමත් සමග මහනුවර ගලහ රෝහලේ ඇති වූ නොසන්සුන්තාව සම්පූර්ණයෙන් පාලනය කර තිබේ. 2. සිංගප්පූරු – ශ්‍රී ලංකා ගිවිසුම හරහා කිසිදු ආකාරයකින් මෙරටට වෙනත් රටවල අපද්‍රව්‍ය ඒමක් සිදු නොවන බවට ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය තහවුරු කර තිබේ. 3. පළාත් සභා සීමා නීර්ණ වාර්තාව සමාලෝචනය කිරීමට අගමැතිවරයාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුවක් කථානායක කරු ජයසූරිය මහතා ඊයේ පත් කළේ ය. 4. මින්නේරිය ජාතික වනෝද්‍යානය යළි විවෘත කර තිබේ. 5. ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 20ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව, ලබන සැප්තැම්බර් 26 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු S. ශෂී මහේන්ද්‍රන් මහතා ඊයේ නියෝග කළේ ය. විදෙස් පුවත් 6. අභාවප්‍රාප්ත අමරිකානු ජනපතිවරණ අපේක්ෂකයෙකු හා සෙනෙට් සභිකයෙකු වූ ජෝන් මැකේන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද උදෑසන 10ට ඇරිසෝනා ප්‍රාන්තයේදී සිදු කිරීමට නියමිත ය. |
2018-08-28T19:55:20.000Z | වනජීවී නිලධාරීහු අද සිට සියලු ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත් වෙති | වනජීවී නිලධාරීහු ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත් වෙති | COLOMBO (News 1st) - වනජීවී නිලධාරීන් සියලු ක්ෂේත්‍ර රාජකාරීවලින් අද සිට ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ, මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් පිරිසකට කළ පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමිනි. පොලීසිය සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුව අද සිට දීප ව්‍යාප්තව ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත් වීමට තීරණය කළ බව සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඉන්දික වසන්ත පීරිස් මහතා පැවසුවේ ය. කෙසේ වෙතත් ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත් වීම හේතුවෙන් සංචාරකයින්ට වානෝද්‍යාන තුළට ඇතුළු වීමට බාධාවක් නොවන බව ද ඔහු අවධාරණය කළේ ය. හබරණ පොලීසියෙන් අප කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ය. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුගිය 26 වන දා රාත්‍රියේ ධීවරයින් පිරිසක් කළ පහර දීමකින් මින්නේරිය ජාතික උද්‍යානයට අනුයුක්තව සේවය කළ වනජීවී නිලධාරීන් 4 දෙනෙක් තුවාල ලැබූහ. වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අතරින් 3 දෙනෙකු තවදුරටත් හබරණ රෝහලේ ප්‍රතිකාර ලබන බව ය. මින්නේරිය ජාතික උද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී පවතින නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් වනජීවී නිලධාරීන් පසුගිය 26 වන දා ධීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබිණි. පසුව වනජීවී කාර්යාලයට කඩා වැදුණු තවත් ධීවරයින් පිරිසක් නිලධාරීන්ට පහර දී අදාළ ධීවරයා රැගෙන ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. |
2018-08-28T19:37:37.000Z | නිල සංචාරයක් සඳහා ජනපති අද නේපාලයට | නිල සංචාරයක් සඳහා ජනපති අද නේපාලයට | COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා අද නේපාලය බලා පිටත්ව යයි. ඒ, බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය රටවල තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව අරමුණු කර ගත් සිව් වැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහා ය. නේපාලයේ කත්මණ්ඩු නුවරදී මෙවර සමුළුව පැවැත්වේ. බෙංගාල බොක්ක සාමකාමී සශ්‍රීක සහ තිරසර කලාපයක් බවට පත් කිරීම මෙවර සමුළුවේ තේමාව ය. සමුළුව අතරතුර ජනාධිපතිතුමා, නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ඕලී, නේපාල ජනාධිපති බින්ද්‍යා දේවි බණ්ඩාරි යන මහත්ම මහත්මීන් ද හමුවනු ඇති. මෙහිදී ජනාධිපතිතුමා ලුම්බිණි නුවර සංචාරයක ද නිරත වේ. මේ අතර වියට්නාමයේදී ඉන්දීය සාගර සමුළුවේ සමාරම්භක සැසිවාරයට එක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම දිවයිනට පැමිණියේ ය. |
2018-08-28T11:33:29.000Z | මහනුවර ගලහ රෝහලේ නොසන්සුන් තත්ත්වය පාලනය කෙරේ: දැඩි ආරක්ෂාව මධ්‍යයේ වෛද්‍යවරයා පිටතට | ගලහ රෝහලේ නොසන්සුන් තත්ත්වය පාලනය කෙරේ | COLOMBO (News 1st) - දරුවෙකු මිය යාමත් සමග මහනුවර ගලහ රෝහලේ ඇති වූ නොසන්සුන්තාව මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, කලහකාරි පිරිස් විසුරුවා හැර ඇති බව ය. වයස අවුරුදු එකහමාරක පමණ පිරිමි දරුවෙකු අද පෙරවරුවේ මහනුවර ගලහ රෝහලට ඇතුළත් කර තිබුණේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යි. කෙසේ වෙතත් ප්‍රතිකාර අතරතුර දරුවා මිය ගොස් තිබේ. වෛද්‍යවරුන් දරුවාට නිසි ප්‍රතිකාර ලබා දීමට කටයුතු නොකළ බවට ඥාතීන් චෝදනා කිරීමත් සමග රෝහල තුළ ඇති වූයේ නොසන්සුන් තත්ත්වයකි. පසුව ප්‍රදේශවාසීන් පිරිසක් රෝහලට පැමිණ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් රෝහලේ දේපළවලට අලාභ හානි සිදු විය. ගම්පොළ, නාවලපිටිය, ගලහ ආදි පොලිස් ස්ථාන කිහිපයකින් නිලධාරීන් කැඳවා තත්ත්වය පාලනය කිරීමට උත්සහ කළ අතර පස්වරුව වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවීමට පියවර ගත්තේ ය. මෙම තත්ත්වයත් සමග රෝහලේ වෛද්‍යවරුන් රෝහලින් පිටතට ගැනීමට ද නොහැකි තත්ත්වයක් පැවති අතර පොලීසිය අද රාත්‍රී 7ට පමණ රෝහල තුළ සිර වී සිටි සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ වෛද්‍යවරයා රෝහලින් පිටතට රැගෙන ගියේ දැඩි ආරක්ෂාව මධ්‍යයේයි. ඉන් අනතුරුව ද රෝහල වටා සිටි පිරිස් රෝහල දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කළ අතර කෙසේ වෙතත් මේ වන විට තත්ත්වය මුළුමනින්ම පාලනය කර තිබේ. රාත්‍රියේ එල්ල වූ ගල් මුල් ප්‍රහාරවලින් පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇති අතර රෝහලේ වහළයට දැඩි අලාභ හානි සිදුව ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය ප්‍රකාශ කළේ, මිය ගිය දරුවා උණ රෝගය වැළඳී අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ට ඇතුළත් කළ බව ය. එහිදී රෝහලේ සිටි වෛද්‍යවරයා දරුවාට අවශ්‍ය මූලික ප්‍රතිකාර කරමින් සිටියදී රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ තවත් දෙදෙනෙකු රෝහලට රැගෙනවිත් තිබූ බැවින් වෛද්‍යවරයා ඔවුන් දෙදෙනාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇතැයි ඇය සඳහන් කළා ය. ඒ අතරතුර දරුවා මිය ගොස් ඇති බව තමන් වෙත වාර්තා වී ඇති බවත් මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළා ය. |
2018-08-28T10:20:43.000Z | කියන්නට අසන්නට ඇති දේ බොහෝයි... ඒ නිසාම අපි යළිත් ඔබේ හඬට සවන් දෙන්න ඔබ සොයා පැමිණෙන්නෙමු | ගම්මැද්ද ගෙයින් ගෙට 3 වන අදියර ඇරඹේ | COLOMBO (News 1st) - ජීවත් වීම සඳහා අවම පහසුකම් හෝ නොමැතිව, කිසිවෙකුගේ අවධානයට ද ලක් නොවූ මිනිසුන් අප අතර කොතෙකුත් සිටියි. වැලි පොළොවේ ඉදිවූ පැල්පත් තුළ පැදුරු කඩමාලුවල නිදියමින් දුක සේ රැය පහන් කරන එවැනි දරුවන් පිරිසක් අද අපට හමු විය. මඩකලපුව කිරාන් ප්‍රදේශීය ලේකම් කෙට්ටාසයට අයත් පාලෙඩිතෝනා ගම්මානයේ ජීවත් වන එම පිරිස අපට හමු වුණේ ගම්මැද්ද කණ්ඩායම ගෙයින් ගෙට යද්දීයි. යුද ගිනිදැල්වලින් පීඩාවට පත් පවුල් 15ක් පමණ වසර ගණනාවක් තිස්සේ මෙලෙස ජීවත් වෙති. ගම්මානයේ පවුල් 15ක කුඩා දරු දැරියන් ගත කරන්නේ දුක්ඛිත ජීවිතයක්. ගම්වැසියන් ගෙයින් ගෙට කණ්ඩායම සමග පැවසුවේ ජලය, විදුලිය, වැසිකිළි ඇතුළු බොහෝ දේ නොමැති කමින් දැඩි දුෂ්කර ජීවිතයක් ගත කරන බව ය. ගම්මැද්ද තවත් කණ්ඩායමක් මඩකලපුව වාගරෙයි ප්‍රදේශීය ලෙකම් කොට්ඨාසයේ කදිරවලි, පුව්වන්කනි, උතූර් යන ගම්මානවල ජනතාව හමුවී ඔවුන් මුහුණ දෙන ගැටලු විමසා බැලුවේ ය. වන අලීන් නිසා අසරණව සිටින මොවුහු ජල හිඟයෙන් ද දැඩි ලෙස පීඩා විඳිති. බැහැරින් පැමිණෙන ඇතැමුන් තහනම් ආම්පන්න යොදා ගෙන ධීවර කර්මාන්තයේ නියැලීම නිසා තමන්ට මරු පහරක් එල්ල වී ඇති බව ද එම ජනතාව පැවසුවේ ය. ගැටලු විමසන තවත් කණ්ඩායමක් පුත්තලමේ ඉහළ පුලියංකුළම, පහළ පුලියංකුළම, නීල බැම්ම, මහාහේන්යාය, වීරපුර ඇතුළු ගම්මානවල ජනතාව හමු විය. එම ජනතාව පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නේ, ජලය මිලදී ගනිමිනි. වගා කටයුතු සඳහා ජලය නිකුත් කළ නීල බැම්ම ඇළෙහි ද රොන් මඩ පිරී ඇති බව ජනතාව පවසයි. පුත්තලම සෙව්වන්තීව් ගම්මානයේ ජනතාව හමු වූ තවත් කණ්ඩායමක් ඔවුන්ගේ දෛනික කටයුතු විමසා බැලුවේ ය. උග්‍ර ජල ගැටලුවකට මුහුණ පා සිටින ඔවුන් ජීවත් වන්නේ පැල්පත් නිවාසවල ය. මනන්තිව් සිට සෙව්වන්තිව් දක්වා කිලෝමීටර් 7ක් පමණ වන මාර්ගය දැඩි ලෙස අබලන්ව තිබීම මොවුන්ගේ ප්‍රධාන ගැටලුවකි. අප හමු වූ ස්මයිල්ෆෝම් ගම්මානයේ ජනතාව පැවසුවේ, පානීය ජල ගැටලුවකට මුහුණ පා සිටින අතර ජලය මිලදී ගැනීමට සිදුව ඇති බව ය. තවත් කණ්ඩායමක් බිබිල කරානුගල බුලුපිටිය සහ රතුගල ආදිවාසී ගම්මානයේ ජනතාව හමුවී ඔවුන් සමග කතා බහ කරමින් ගැටලු හඳුනා ගත්තේ ය. ඔවුන් පැවසුවේ, පස්වරු 3 පමණ වන විට ගම්වැදෙන වන අලීන් නිසා දැඩි පීඩාවකට පත්ව සිටින බව ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් ද ගම්මැද්ද කණ්ඩායම සමග එක්ව සිටියි. |
2018-08-28T10:04:07.000Z | බූරුවන් හා ගවයින් අපනයනය කිරීමට සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමෙන් බදු සහන | බූරුවන් හා ගවයින් අපනයනය කිරීමට බදු සහන | COLOMBO (News 1st) - සිංගප්පූරු - ශ්‍රී ලංකා ගිවිසුම හරහා කිසිදු ආකාරයකින් මෙරටට වෙනත් රටවල අපද්‍රව්‍ය ඒමක් සිදු නොවන බවට ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය තහවුරු කර තිබේ. නමුත් ගිවිසුමට එරෙහි වෘත්තීයවේදීන් දිගින් දිගටම පෙන්වා දෙන්නේ, අමාත්‍යවරයා ඇතුළු ගිවිසුම සකස් කළ පුද්ගලයින් මෙරට ජනතාව නොමග යවමින් සිටින බව ය. මේ සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව තවත් හෙළිදරව්වක්. ශ්‍රී ලංකා වානිජ කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ගෝමී සේනාධීර මහතා සිංගප්පූරු - ශ්‍රී ලංකා ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, මේ හරහා වෙනත් රටවල සායනික ද්‍රව්‍ය ද ඇතුළත් අපද්‍රව්‍ය බාධාවකින් තොරව මෙරටට ගෙන ඒමට අවස්ථාව පවතින බව ය. මේ බව ද අයිලන්ඩ් පුවත්පත ද වාර්තා කර තිබිණි. එම වාර්තාව පදනම් කර ගනිමින් ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය පවසන්නේ මෙරට කසළ කළමනාකරණය සම්බන්ධයෙන් සඳහන් වුවද වෙනත් රටවලින් මෙරටට කසළ බැහැර කිරීමේ සූදානමක් නොමැති බව ය. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද මාධ්‍ය හමුවක් කැඳවමින් සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා මෙරටට විවිධ වර්ගයේ අපද්‍රව්‍ය බාධාවකින් තොරව ගෙන ඒමට ඉඩකඩ පවතින බව හෙළිදරව් කළේ ය. මේ අතර ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් පිළිබඳ ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය පවසන්නේ ගිවිසුම සකස් කිරීමට පසු සාකච්ඡා සඳහා වෘත්තීයවේදීන්ට ආරාධනා කිරීමෙන් ඵලක් නොවන බව ය. ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුම හරහා දෙරටටම එක හා සමාන ලෙස සහන ලැබෙන බව අමාත්‍යංශය නිරන්තරයෙන් සඳහන් කළ කරුණකි. ගිවිසුම හරහා දෙරට අතර 7000කට අධික භාණ්ඩ ප්‍රමාණයකට බදු සහන හිමි වන බව සඳහන් ය. එම ලැයිස්තුව පිටු 330කට අධික ය. අදාළ භාණ්ඩ ලැයිස්තුව සඳහන් පළමු පිටුවේ පළමු භාණ්ඩ 10 පිළිබඳව සලකා බලන විට දක්නට ඇති අපූරු කාරණයක් වන්නේ, ලංකාවේ සිට සිංගප්පූරුවට බූරුවන් හා ගවයින් අපනයන කිරීමට බදු සහන ලබා දීමයි. ඉන් කියවෙන්නේ ලංකාවේ බූරුවන් හා ගවයින් අතිරික්තයක් සිටින බව ද ? |
2018-08-28T07:55:32.000Z | සීමා නීර්ණ වාර්තාව සමාලෝචනය කිරීමට අගමැතිගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත් කෙරේ | සීමා නීර්ණ වාර්තාව සමාලෝචනයට කමිටුවක් පත් කෙරේ | COLOMBO (News 1st) - පළාත් සභා සීමා නීර්ණ වාර්තාව සමාලෝචනය කිරීමට අගමැතිවරයාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුවක් කථානායක කරු ජයසූරිය මහතා අද පත් කළේ ය. ආර්.එම්.ඒ.එල්. රත්නායක, පෙරියසාමි මුත්තුලිංගම්, මහාචාර්ය බාලසුන්දරම් පිල්ලේ සහ ආචාර්ය ඒ.එස්.එම්. නවුෆල් යන මහත්වරුන් කථානායකවරයා පත් කළ කමිටුවේ සාමාජිකයින් ය. අද සිට බලාත්මක වන පරිදි පළාත් සභා මැතිවරණ සංශෝධන පනතේ බලතල අනුව කමිටුව පත් කළ බව කථානායක කාර්යාලය නිවේදනය කළේ ය. මේ අතර සීමා නීර්ණ වාර්තාව සකස් කිරීම සඳහා රජය වැය කළ මුදල සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන්නැයි ඉල්ලා සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළේ ය. |
2018-08-28T22:00:37.000Z | The Predator සැප්තැම්බර් 14 සිට තිරගත වේ | The Predator සැප්තැම්බර් 14 සිට තිරගත වේ | (News 1st) - ද ප්‍රෙඩේටර් හොලිවුඩ් චිත්‍රපටය සැප්තැම්බර් මස 14 වන දා සිට ලොව පුරා තිරගත වීම් ආරම්භ වේ. එහි නිෂ්පාදකයින් පවසන්නේ, මීට පෙර තිරගත වූ ප්‍රෙඩේටර් චිත්‍රපට මාලාව සේම නව චිත්‍රපටයට ද ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනු ඇති බව ය. විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවක් පාදක කර ගනිමින් නිර්මාණය වූ, ද ප්‍රෙඩේටර් හොලිවුඩ් චිත්‍රපටයට බොයිඩ් හෝල්බෘක්, ජෙකෝබ් ට්‍රෙම්බ්ලේ ඇතුළු ශිල්පීන් රැසක් රංගනයෙන් එක්වනු ඇති. ද ප්‍රෙඩේටර්, සුපිරි හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ ශේන් බ්ලැක්ගේ අධ්‍යක්ෂණයකි. |
2018-08-28T04:47:34.000Z | මින්නේරිය ජාතික වනෝද්‍යානය යළි විවෘත කෙරේ | මින්නේරිය ජාතික වනෝද්‍යානය යළි විවෘත කෙරේ | COLOMBO (News 1st) - මින්නේරිය ජාතික වනෝද්‍යානය යළි විවෘත කර තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, අද පස්වරු 3.00ට පමණ සංචාරකයින්ට නැරඹීම සඳහා වනෝද්‍යානය විවෘත කළ බව ය. වනෝද්‍යානය යළි විවෘත කරන ලෙසට බල කරමින් අද පෙරවරුවේ සංචාරක ජීප් රථ රියැදුරෝ විරෝධතාවක ද නිරත වූහ. ඉන් පසුව පොලීසිය මැදිහත් වී පාලන අධිකාරියත් සමග සාකච්ඡා කර අද පස්වරු 3.00ට පමණ වනෝද්‍යානය යළි විවෘත කළ බව අප වාර්තාකරු සඳහන් කළේ ය. ධීවරයින් පිරිසක් වනජීවී නිලධාරීන්ට පහර දීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊයේ වනෝද්‍යානය වසා දැමනු ලැබී ය. පහර දීමෙන් මින්නේරිය ජාතික උද්‍යානයට අනුබද්ධව සේවය කළ වනජීවී නිලධාරීන් 4 දෙනෙක්ට තුවාල සිදු වූහ. වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔවුන් හබරණ රෝහලට ඇතුළත් කර ඇති බව ය. මින්නේරිය ජාතික උද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී පවතින නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පෙරේදා පෙරවරුවේ වනජීවී නිලධාරීන් ධීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබිණි. පසුව පෙරේරා රාත්‍රියේ වනජීවී කාර්යාලයට කඩා වැදුණු තවත් ධීවරයින් පිරිසක්, නිලධාරීන්ට පහර දී අදාළ ධීවරයා රැගෙන ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඉන් වනජීවී නිලධාරීන් 10 දෙනෙකු පමණ තුවාල ලැබූ අතර ඉන් 4 දෙනෙකු රෝහල්ගත කෙරිණි. |
2018-08-28T03:14:02.000Z | ජන ගැටලු සොයා ගම්මැද්ද කණ්ඩායම් ගෙයින් ගෙට | ජන ගැටලු සොයා ගම්මැද්ද කණ්ඩායම් ගෙයින් ගෙට | COLOMBO (News 1st) : වගකිවයුත්තන් නිලතල-බලතලවලට අරගල කරද්දී ගම්මැද්ද කණ්ඩායම් නැවතත් ජනතාව හමුවෙමින් ගැටලු පිළිබඳව සොයා බැලීම ඇරඹීය. අද සිට ක්‍රියාත්මක වන්නේ ගම්මැද්ද ගෙයින් ගෙට තුන්වැනි අදියරයි. මින් පෙර අවස්ථා දෙකකදී විවිධ ප්‍රදේශවල මහජන ගැටලු රැසක් විසඳන්නට ජනතාව සමග ඉදිරියට ගිය ගම්මැද්ද කණ්ඩායමේ මෙහෙවර දැන් තවත් පුළුල් වෙමින් තිබේ. ගෙයින් ගෙට තුන්වන අදියර යටතේ කණ්ඩායම් තුනක් දිස්ත්‍රික්ක තුනක ජනතා ගැටලු සොයමින් ගමන් කළේ ය. එක් කණ්ඩායමක් පෙරවරුවේ ගමන් ඇරඹුවේ චාලච්චේන කයිලාය පුල්ලෙයාර් කෝවිලේදී ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ය. ඔවුන් මඩකළපුව කිරාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාලඩිතෝනා ගම්මානයේ ජනතාව හමුවිය. මේ ගම්මුන් මුහුණ පා සිටින ප්‍රධාන ගැටලුව පානීය ජලය නොමැති කම හා වැසිකිලි පහසුකම් නොමැති වීමයි. තවත් කණ්ඩායම්ක් මඩකළපුව වාගරෙයි ප්‍රදේශීය ලෙකම් කොට්ටාශයේ කදිරවලි ගම්මානයේ ජනතාව හමුවිය. මෙහි ජනතාව පානීය ජල ගැටලුවකට මුහුණ පා සිටින අතර වන අලි තර්ජනවලින් ද විඳින්නේ දැඩි පීඩාවකි. ගම්මැද්ද ගෙයින් ගෙට තවත් කණ්ඩායමක් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතා ගැටලු සොයා ජනතාව හමුවුණේ පුත්තලම සාන්ත මාරියා දේවස්ථනයේ පැවති ආගමීක වතාවත් වලින් අනතුරුවයි. තවත් කණ්ඩායමක් ආගමීක වතාවත්වලින් පසු සාලියවැව ඉහළ කුලියංකුලම ගම්මානයේ ජනතාව හමු වු අතර එහිදී හඳුනා ගැනුණු ප්රධානම ගැටලුව ගොවිතැනට හා බීමට පිරිසිදු ජලය නොමැති වීමයි. මුදල් ගෙවා ජලය ලබා ගැනීමට ඔවුන්ට සිදුව තිබේ. ගම්මැද්ද ගෙයින් ගෙට තවත් කණ්ඩායමක් පුත්තලම සෙව්වන්තීව් ගම්මානයේ ජනතාව හමුවුණේ ඔවුන්ගේ දෛනික කටයුතු විමසා බලමිනි. උග්‍ර ජල ගැටලුවලට මුහුණ පා සිටින ඔවුන් ජීවත් වන්නෙ මෙවැනි පැල්පත් නිවාසවලයි. අප කණ්ඩායම් අද පස්වරුවේත් පුත්තලම දිස්ත්‍රික්කයේ මන්තීව් හා ස්මයිල් ෆොම් ගම්මානවල ජනතාව හමූවීමට සූදානමින් සිටිති. |
2018-08-28T02:55:59.000Z | අගමැති සහ වියට්නාම නි. අගමැති බින් මින් අතර සාකච්ඡාවක් | අගමැති සහ වියට්නාම නි. අගමැති අතර සාකච්ඡාවක් | COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ෆාම් බින් මින් අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්විණ. එහිදී ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සාම්ප්‍රදායික සබඳතා තව තවත් පුළුල් කරමින් දේශපාලන සහයෝගීතා ඔස්සේ ආර්ථික සබඳතා ශක්තිමත් හා පුළුල් කරලීම කෙරෙහි අවධානය යොමුව තිබේ. වියට්නාමයේ හැනොයි නුවර ඉන්දීය සාගර සමුළුවට පූර්වගාමීව වියට්නාම විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ මෙම හමුව පැවැත්විණ. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම 2020 වන විට අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීම සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද එහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමුව තිබේ. වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසුවේ, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසරේ සහ මෙම වසරේදී වියට්නාමයට පැමිණීමෙන් පිළිබිඹු වන්නේ තම රට කෙරෙහි දක්වන මිත්‍රශීලී ආකල්පය බවයි. ඉන්දියන් සාගර සමුළුව ඔස්සේ කලාපීය සංවර්ධනය, සාමය සහ සමෘද්ධිය උදාකරලීමට සියලු පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගත යුතු බව ද මේ සාකච්ඡාවේදී අවධාරණ කෙරිණ. ඉන්දියන් සාගර සමුළුවේ සත්කාරක රාජ්‍ය ලෙස ක්‍රියා කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයට සිය ස්තුතිය ද පළ කළේ ය. |
2018-08-28T02:23:44.000Z | උදය ගම්මන්පිලට එරෙහි නඩුව කල් යයි | උදය ගම්මන්පිලට එරෙහි නඩුව කල් යයි | COLOMBO (News 1st) : ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 20 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව, ලබන සැප්තැම්බර් 26 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු S. ශෂී මහේන්ද්‍රන් මහතා අද නියෝග කළේ ය. ඒ අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක මහතා කළ කරුණු දැක්වීමක් සලකා බලමිනි. එම නඩුවේ මුල් සාක්ෂි කිහිපය පූර්වගාමි විනිසුරු ආර් ගුරුසිංහ මහතා ඉදිරියේදී ලබාගෙන ඇති බැවින් ඉදිරි නඩු විභාගය සඳහා ද එම විනිසුරුවරයා පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරවයාගෙන් ඉල්ලීක් කර ඇතැයි එහිදී පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, අගවිනිසුරුවරයාගේ ස්ථාවරය දැනුම් දෙන තුරු නඩුව කල් තබන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. https://www.youtube.com/watch?v=YVfaf_i2584 |
2018-08-28T02:13:46.000Z | ගලහ රෝහල් පරිශ්‍රයේ නොසන්සුන් තත්ත්වයක් | ගලහ රෝහල් පරිශ්‍රයේ නොසන්සුන් තත්ත්වයක් | COLOMBO (News 1st): මහනුවර ගලහ රෝහලට ඇතුළත් කළ පිරිමි දරුවෙකු මියයාමේ සිද්ධියකින් පසු රෝහල් පරිශ්‍රයේ දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, 500 ක පමණ පිරිසක් මේ වන විට රෝහල් පරිශ්‍රය වට කරගෙන සිටින බවයි. විරෝධතාකරුවන් රෝහලේ ගොඩනැගිලිවලට හා වාහනවලට හානි කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. මේ වන විට රෝහලේ ආරක්ෂාව සඳහා පොලිසීය කැඳවා තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, මේ වන විටත් රෝහල් පරිශ්‍රයේ නොසන්සුන් තත්ත්වය පවතින බවයි. https://www.youtube.com/watch?v=_fVQTL7q-2Y |
2018-08-28T02:06:19.000Z | දිවයිනට ආසන්නයෙන් ඉර මුදුන් වෙයි | දිවයිනට ආසන්නයෙන් ඉර මුදුන් වෙයි | COLOMBO (News 1st) : සූර්යයා, ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඉහළින් අද සිට සෘජුව මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද සිට ලබන 7 වන දා දක්වා සූර්යයා ශ්‍රී ලංකාවට ඉහළ අහසේ සෘජුව පවතින බවයි. මේ අනුව කලපුමී, කෝන්ඩාවිල් සහ නාවක්කාඩු යන ප්‍රදේශවලට ඉහළ අහසේ අද සූර්යයා මුදුන් වනු ඇති. මේ අතර ඌව, නැගෙනහිර, උතුරු මැද සහ උතුරු පළාත්වලට පස්වරුවේ මිලිමීටර් 50 ක පමණ වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසයි. |
2018-08-28T01:28:08.000Z | මින්නේරිය වනජීවි නිලධාරීන්ට පහරදීමේ සිද්ධිය දුරදිග යයි | මින්නේරියේ පහරදීම දුරදිගයයි | COLOMBO (News 1st) : මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරීන්ට කළ පහරදීමේ සිද්ධියක් මුල්කරගනිමින් පොළොන්නරුව කලාපයේ වනජීවි නිලධාරීන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. වනජීවී නිලධාරීන් සඳහන් කළේ, මේ හේතුවෙන් කවුඩුල්ල, මින්නේරිය, වස්ගමුව සහ අංගම්මැඬිල්ල යන වනෝද්‍යානයවලට සංචාරකයින් ඇතුළු කර ගැනීම නතර කර ඇති බවයි. මේ අනූව කේෂත්‍ර කටයුතුවලින් සහ සංචාරක සේවාවලින් ඉවත්ව කාර්යාල සේවාවල පමණක් නිතර වන බව කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ භාරකරු සඳහන් කළේ ය. පෙරේදා රාත්‍රියේ ධීවරයින් පිරිසක් කළ පහරදීමකින් මින්නේරිය ජාතික උද්‍යානයට අනුබද්ධව සේවය කළ වනජීවී නිලධාරීන් සිව් දෙනෙක් තුවාල ලැබූහ. වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අතරින් තිදෙනෙකු තවදුරටත් හබරණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. මින්නේරිය ජාතික උද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී පවතින නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පෙරේදා වනජීවී නිලධාරීන් ධීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබිණ. පසුව වනජීවී කාර්යාලයට කඩා වැදුණු තවත් ධීවරයින් පිරිසක් නිලධාරීන්ට පහර දී අදාළ ධීවරයා රැගෙන ගොස් ඇතැයි, වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඉන්, වනජීවී නිලධාරීන් 10 දෙනෙකු පමණ තුවාල ලැබූ අතර ඉන් සිව් දෙනෙකු රෝහල්ගත කෙරිණ. https://www.youtube.com/watch?v=r_nR9Q7-rTE |
2018-08-28T00:49:26.000Z | ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශිත ග්‍රන්ථ ප්‍රකාශයට පත්කෙරේ | ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශිත ග්‍රන්ථ | COLOMBO (News 1st) : ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කරන ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටයට නිර්දේශිත ග්‍රන්ථ නාමාවලිය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව පද්මිනී සෙනවිරත්නගේ වරණ, ජයතිලක කම්මැල්ලවීරගේ චක්‍ර, සමන් වික්‍රමාරච්චිගේ අප්පච්චී ඇවිත් යන ග්‍රන්ථ ඒ සඳහා තේරී පත්ව තිබේ. ඊට අමතරව දර්ශනා ශම්මි විජේතිලකගේ අසනඟ වැසි, විමල් උදය හපුගොඩආරච්චිගේ යකඩ සිල්පර යන ග්‍රන්ථ ද අවසන් වටයට ඇතුළත්ව තිබේ. 2018 ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ලබන 15 වන දා පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. |
2018-08-28T00:21:26.000Z | මීගහකිවුලලේ පාලමක් අසල මළ සිරුරක් | මීගහකිවුලලේ පාලමක් අසල මළ සිරුරක් | COLOMBO (News 1st) : බදුල්ල, මීගහකිවුල ප්‍රදේශයේ තිබී අත් පා බැඳ තබන ලද මළ සිරුරක් හමුවී තිබේ. පොලීසිය සඳහන් කළේ, කන්දෙකැටිය මොරහෙල මොරගොල්ල පාලම අසළ තිබී මළ සිරුර සොයා ගත් බවයි. මිය ගිය පුද්ගලයා පසුගිය 24 වනදා සිට අතුරුදන්ව සිටි අයෙකි. ඔහු මීගහකිවුල ප්‍රදේශයේ ම පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේ ය. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. |
2018-08-27T22:18:58.000Z | රුමේෂිකා රත්නායක අද ආසියානු තරග බිමේ | රුමේෂිකා රත්නායක අද ආසියානු තරග බිමේ | COLOMBO (News 1st) : ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන ආසියානු ක්‍රීඩා උළෙලේ 18 වන අදියර මේ දිනවල ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වේ. ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන 10 වන දිනය වන අද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය අවසන් තරග සඳහා සහභාගී වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ රුමේෂිකා රත්නායක කාන්තා මීටර් 200 ධාවන තරග ඉසව්වේ මූලික වටය සඳහා සහභාගී වන්නී ය. ගයන්තිකා රත්නායක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 800 කාන්තා ධාවන තරග ඉසව්වේ අවසන් මහා තරගයට අද සහභාගී වීමට නියමිතයි. පිරිමි මීටර් 800 ධාවන තරග ඉසව්වේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාවේ ඉදුනිල් හේරත් අද සහභාගී වේ. ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම ද අද සිය මූලික වටයේ තරගයක් සඳහා ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමග තරග බිමට පිවිසීමට නියමිතයි. 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වු දින 9 ක් අවසන් වන විට සමස්ත පදක්කම් සටහනේ පෙරමුණ හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ චීනයයි. ඔවුන් රන් පදක්කම් 86 ක්, රිදී පදක්කම් 62 ක් හා ලෝකඩ පදක්කම් 43 ක් මගින් සමස්ත පදක්කම් 191 ක් දිනා ගෙන සිටී. එහි දෙවන ස්ථානය හිමිව ඇත්තේ රන් පදක්කම් 43 ක් , රිදී පදක්කම් 36 ක් හා ලෝකඩ පදක්කම් 57 මගින් සමස්ත පදක්කම් 136 ක් හිමිකරගෙන සිටින ජපානයටයි. සමස්ත පදක්කම් සටහනේ තුන්වන ස්ථානය කොරියාවට හිමිව ඇති අතර ඔවුන් දිනාගෙන ඇති පදක්කම් ගණන 106 කි. ඊට රන් පදකක්ම 28 ක් රිදී පදක්කම් 36 ක් හා ලෝකඩ පදක්කම් 42 ක් ඇතුළත් ය. |
2018-08-27T22:06:17.000Z | ගාල්ලෙන් මුහුදු ගිය ධීවරයෙක් මියයයි | ගාල්ලෙන් මුහුදු ගිය ධීවරයෙක් මියයයි | COLOMBO (News 1st) : ධනුෂ්ක- 3 නමැති බහුදින යාත්‍රාවේ සිටි ධීවරයෙකු මියගොස් ඇතැයි, ධීවර දෙපාර්තමේන්තුව පවසයි. එහි සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, එම යාත්‍රාව පසුගිය 21 වන දා ගාල්ලෙන් මුහුදු ගොස් ඇති බවයි. අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඔහුගේ මෘත දේහය, ගාලු වරායට රැගෙන එමින් ඇතැයි ද පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ ය. මේ අතර ජුලි මස 28 වන දා වත්තල දික්ඕවිට වරායෙන් 6 දෙනෙකු සමඟ මුහුදු ගිය නිමේෂා දුව නමැති බහුදින ධීවර යාත්‍රාවෙන් ඇද වැටීමෙන් ධීවරයෙකු බරපතළ තුවාල ලබා තිබේ. ඔහු අනතුරට ලක්ව ඇත්තේ, බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදේ මසුන් අල්ලමින් සිටියදීයි. අදාළ ධීවරයාට ප්‍රතිකාර කිරීම සඳහා සහය වන්නැයි ඉන්දීය රජයට දැනුම් දී ඇතැයි ද පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ ය. |
2018-08-27T21:47:32.000Z | ලොකු ලූනු ගොවීන් වගාවෙන් ඈත් වීමේ අවදානමක් | ලොකු ලූනු ගොවීන් වගාවෙන් ඈත් වීමේ අවදානමක් | COLOMBO (News 1st) : අස්වනු සඳහා නිසි මිලක් නොලැබීම හේතුවෙන් ගොවීන්, ලොකු ලූනු වගාවෙන් ඈත් වීමේ අවදානමක් මතුව තිබේ. නියඟයේ සහ වර්ෂාවේ බලපෑම, රජය ලූනු ආයනයනය කිරීම මෙන්ම නිෂ්පාදන වියදම් අධික වීම ද ඊට බලපා තිබේ. පසුගිය කන්නවලට සාපේක්ෂව මෙවර යල කන්නයේ වගාකර ඇති ලොකු ලූනු ප්‍රමාණය දෙගුණයකින් අඩුවී ඇතැයි අප වාර්තාකරුවෝ සඳහන් කළහ. |
2018-08-27T21:32:49.000Z | දිනකට කාන්තාවන් 100ක් සංචාරක වීසා මගින් මැදපෙරදිගට | දිනකට කාන්තාවන් 100ක් සංචාරක වීසා මගින් මැදපෙරදිගට | COLOMBO (News 1st) : දෛනිකව මෙරට කාන්තාවන් සිය දෙනෙකු සංචාරක වීසා ලබාගෙන මැදපෙරදිග රැකියා සඳහා පිටත්ව යන බව රජය පවසයි. විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ, ඉන් බහුතරයක් වයස අවුරුදු 5 ට අඩු දරුවන් සිටින මව්වරුන් බවයි. වයස අවුරුදු 5 ට අඩු දරුවන් සිටින කාන්තාවන් විදෙස් රටවලට යැවීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් ද පත්කර තිබේ. එම කමිටු වාර්තාව ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට ලැබෙනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-08-27T20:12:52.000Z | ජපන් විදේශ අමාත්‍ය නකානේ අද දිවයිනට | ජපන් විදේශ අමාත්‍ය නකානේ අද දිවයිනට | COLOMBO (News 1st): ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා අද දිවයිනට පැමිණෙයි. ජපන් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ ඔහු තුන් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන බවයි. රාජ්‍ය අමාත්‍ය නකානේ මහතා දිවයිනේ රැඳී සිටින කාලය තුළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිමට නියමිතව තිබේ. දෙරටේ ද්වි පාර්ශික සබඳතා තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින් ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුවේ අනිකුත් නායකයින් හමුවීමට නියමිත බව එම නිවේදනයේ සඳහන් ය. මෙම සංචාරය මගින් ශ්‍රීලංකාව සහ ජපානය අතර පවතින පුළුල් සම්බන්ධතාවය තවදුරටත් තහවුරුවේ යැයි ජපන් තනාපති කාර්යාලය අපේක්ෂා කරයි. එම සංචාරය තුළදී අද දිනයේ ජපන් රජයේ ආධාර යටතේ කොළඹ වරායේදී නාවික මුර යාත්‍රා දෙකක් ශ්‍රී ලංකාව වෙත පිරිනැමිමට නියමිතයි. එම යාත්‍රා 2 ක මෙරට වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට පැවරිමට නියමිතව තිබේ. ජපන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස ශ්‍රී ලංකා සංචාරයක් අරඹන්නේ, ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොදෙරා මහතා මෙරටට දෙදින සංචාරයක් අවසන් කර දින 05කට පසුව වීම විශේෂත්වයකි. එම සංචාරය අතුරතුර ජපන් ආරක්ෂක අමාත්‍යවරයා ත්‍රිකුණාමලය හා හම්බන්තොට වරායන්හි ද සංචාරය කළේ ය. |
2018-08-27T19:39:55.000Z | ජනපති හෙට නේපාලයට | ජනපති හෙට නේපාලයට | COLOMBO (News 1st) : ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට නේපාලය බලා පිටත්ව යාමට නියමිත ය. බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය රටවල තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව අරමුණු කරගත් සිව්වැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා නේපාලය බලා පිටත්ව යාමට නියමිතයි. නේපාලයේ කත්මණ්ඩු නුවරදී මෙවර සමුළුව පැවැත්වේ. බෙංගාල බොක්ක සාමකාමී සශ්‍රීක සහ තිරසර කලාපයක් බවට පත්කිරීම, මෙවර සමුළුවේ තේමාවයි. සමුළුව අතරතුර ජනාධිපතිවරයා නේපාල අග්‍රාමාත්‍ය කේ. පී. ඕලී, නේපාල ජනාධිපති බින්ද්‍යා දේවි බණ්ඩාරි යන මහත්ම මහත්මීන් ද හමුවනු ඇති. මෙහිදී ජනාධිපතිවරයා ලුම්බිණි නුවර සංචාරයක ද නිරත වේ. |
2018-08-27T20:03:03.000Z | ගම්මැද්ද ගෙයින් ගෙට තෙවන ක්‍රියාන්විතය ඇරඹේ | ගම්මැද්ද ගෙයින් ගෙට තෙවන ක්‍රියාන්විතය ඇරඹේ | COLOMBO (News 1st) : මහජන ගැටලුවලට සංවේදී සැබෑ බලකායක අවශ්‍යතාව සපුරමින් ඇරඹුණු ගම්මැද්ද නැවතත් ගෙයින් ගෙට ගමන් කරන තුන්වැනි ක්‍රියාන්විතය සමගින් මහජනතාව හමුවට යාමට සූදානමින් සිටී. ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහන මින් පෙර දෙවරක් රට පුරා ක්‍රියාත්මක කෙරුණේ විසඳුම් නොමැති මහජන ගැටලු රැසක් හඳුනා ගනිමිනි. ඉන් අනතුරුව ජනතාවගේම මූල්‍යාධාරවලින් එම ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට ගම්මැද්ද කණ්ඩායමට හැකිවිය. විවිධ ප්‍රදේශවල වැඩ අවසන් කෙරුණු ව්‍යාපෘති දෙස විමසුම් ඇස යොමු කරන විට එම ව්‍යාපෘතිවල සාර්ථකත්වය දැක ගත හැකියි. දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිද්දෙන් අද සිට දින 20 ක් ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය , දියත් කෙරෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ද සම්බන්ධ කර ගනිමිනි. අද වැඩසටහන ආරම්භ වන්නේ පුත්තලම, මඩකළපුව සහ මොනරාගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමිනි. https://www.facebook.com/NewsfirstSL/videos/2097644100486351/ |
2018-08-27T19:27:05.000Z | සෙනෙට් සභික ජෝන් මැකේන්ගේ අවසන් කටයුතු හෙට | සෙනෙට් සභික ජෝන් මැකේන්ගේ අවසන් කටයුතු හෙට | News 1st : අභාවප්‍රාප්ත අමරිකානු ජනපතිවරණ අපේක්ෂකයෙකු හා සෙනෙට් සභිකයෙකු වූ ජෝන් මැකේන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට උදෑසන 10 ට ඇරිසෝනා ප්‍රාන්තයේදී සිදුකිරීමට නියමිතයි. ජෝන් මැකේන්ගේ 82 වැනි උපන් දිනය ද හෙටට යෙදී තිබීම කාගේත් සිත් සසල කරන සිදුවීමක් වී තිබේ. ජෝන් මැකේන්ට ගෞරව කිරීමක් වශයෙන් ධවල මන්දිරයේ අමෙරිකානු ධජය අඩකුඹු කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර ඇතත්, ජෝන් මැකේන්ගේ අවමංගල්‍ය උත්සවයට ජනාධිපතිවරයා සහභාගි නොවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. මොළයේ පිළිකාවක් හේතුවෙන් කලක් රෝගාතුරව සිටි අමෙරිකානු සෙනෙට් සභිකයෙකු වූ ජෝන් මැකේන් වියට්නාම යුද්ධයට නායකත්වය දුන් ප්‍රබල යුද සෙන්පතියෙකි. |
2018-08-27T19:17:32.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | COLOMBO (News 1st) දේශීය පුවත්... 1. ගෝඨාභය ඇතුළු 7කට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, නොතීසි : හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට ලබන මස 10 වන දා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඊයේ නොතිසි නිකුත් කළේ ය. 2. ඉන්දීය සාගර සමුළුව හැනෝයිහිදී ඇරඹෙයි : -කලාපීය නව හැඩ තල ගොඩනැංවීම- යන තේමාව යටතේ 2018 ඉන්දීය සාගර සමුළුව වියට්නාමයේ හැනෝයි නුවරදී ඊයේ ආරම්භ විය. 3. බදුල්ලේදී බසයක් අඩි 75 ප්‍රපාතයකට පෙරළෙයි : බදුල්ල – අලුගොල්ල මාර්ගයේ 19 වැනි කොටස ප්‍රදේශයේදී ලංගම බස් රථයක් අඩි 75 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පාසල් සිසුවෙක් මියගොස් තවත් 34 දෙනෙක් තුවාල ලැබූහ. 4. මින්නේරිය උද්‍යානය තාවකාලිකව වසා දැමේ : ධීවරයින් පිරිසක් සිදුකළ පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් මින්නේරිය ජාතික උද්‍යානය තාවකාලිකව වසා දමා තිබේ. පහරදීමෙන් මින්නේරිය ජාතික උද්‍යානයට අනුබද්ධව සේවය කළ වනජීවී නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. 5. රාජ්‍ය සේවක වැටුප් සමාලෝචන කොමිසම රැස්වෙයි : රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය කර ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා පත් කළ විශේෂ කොමිසමේ පළමු හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත් විය. 6. හිටපු හමුදාපතිවරයෙකු වූ රොහාන් දළුවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි : හිටපු හමුදාපතිවරයෙකු මෙන් ම කීර්තිමත් සෙන්පතියෙකු වූ රොහාන් දළුවත්ත මහතා ඊයේ දහවල් අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට වයස අවුරුදු 77 කි. 7. අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි යළි වරෙන්තු : අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ නැවත විවෘත වරෙන්තු නිකුත් කර තිබේ. විදෙස් පුවත්... 1. ෆ්ලොරිඩාහි වෙඩි තැබීමක්, තිදෙනෙක් මරුට : අමෙරිකාවේ ෆ්ලොරිඩාහි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ. ක්‍රීඩා පුවත්... 1. ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ කඳුළුවලට වගකිව යුත්තේ කවුරුන් ද? : ආසියානු ක්‍රීඩා උළෙලේ මෙතෙක් ශ්‍රී ලංකාවට කිසිදු පදක්කමක් හිමි ව නැත. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවැනි තත්ත්වයකට මුහුණදීමට සිදු වූයේ කාගේ වරදින් ද? මීටර් 400 මිශ්‍ර සහය ඉසව්වට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ අවස්ථාව අහිමිව යන්නේ බලධාරීන්ගේ නොසැළකිළිමත්කම හේතුවෙනි. |
2018-08-27T11:14:54.000Z | ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ කඳුළුවලට වගකිව යුත්තේ කවුරුන් ද? | මෙරට ක්‍රීඩකයින්ගේ කඳුළුවලට වගකිව යුත්තේ කවුද? | COLOMBO (News 1st) - ආසියානු ක්‍රීඩා උළෙලේ මෙතෙක ශ්‍රී ලංකාවට කිසිදු පදක්කමක් හිමි ව නැත. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවැනි තත්ත්වයකට මුහුණදීමට සිදු වූයේ කාගේ වරදින් ද? මීටර් 400 මිශ්‍ර සහය ඉසව්වට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ අවස්ථාව අහිමිව යන්නේ බලධාරීන්ගේ නොසැළකිළිමත්කම හේතුවෙනි. මෙම සහය ඉසව්ව වෙනුවෙන් උපමාලිකා රත්නකුමාරිගේ නම පමණක් ඇතුළත්ව තිබීම හේතුවෙන් මෙම අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිව ගියේ ය. එසේම උස පෑනීමේ ජාතික ශූරයා වූ උෂාන් තිවංක පෙරේරාගේ නම ද ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේදී ඇති වූ දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ තව ත් පදක්කම් බලාපොරොත්තුවක් අහිමිවී ගියේ ය. බැඩ්මින්ටන් තරග සඳහා එක් වූ බුවනෙක ගුණතිලකට ද සිය ඉසව්වට සහභාගීවීමට තිබු අවස්ථාව අහිමිව ගියේ ය. එසේම බොක්සිං තරග සඳහා එක් ව කණ්ඩායමේ යුක්රේන ජාතික පුහුණුකරු වෙනුවට හර්ෂ කුමාර පුහුණුකරුවෙකු ලෙස එක්වීම වයාර්තවන්නේ නිසි ක්‍රියාමාර්ග නිසිපරිදි සිදු නොකිරීම හේතුවෙනි. මෙවන් තත්ත්වයක් තුළ ඉන්දුනිසියාවේ ජකර්තා නුවරින් අද අසන්නට ලැබුණේ ශ්‍රී ලංකා දිගු දුර ධාවන ශූරී නිමාලි ලියනාරච්චි මෙම තරගාවලිය තුළ මුහුණ දුන් අවසනාවන්ත අත්දැකීමයි. https://www.facebook.com/NewsfirstSL/videos/310787423010929/ |
2018-08-27T06:28:40.000Z | රාජ්‍ය සේවක වැටුප් සමාලෝචනයට පත් කළ විශේෂ කොමිසම අද රැස්වෙයි | රාජ්‍ය සේවක වැටුප් සමාලෝචන පත් කළ කොමිසම රැස්වේ | COLOMBO (News 1st) - රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය කර ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා පත් කළ විශේෂ කොමිසමේ පළමු හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත් විය. මෙය පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත කොමිසමේ සභාපතිත්වය දරන්නේ හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රනුග්ගේ මහතායි. කොමිසමේ ලේකම්වරයා ලෙස එච්. ජී. සුමනසිංහ මහතා කටයුතු කරනු ඇත. දැනට විවිධ අසමානතාවයන්ට ලක් ව ඇති සේවාවල වැටුප් තල සමාලෝචනය කර ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සඳහා අවශ්‍ය නිර්දේශ ලබාදීම කොමිසම මගින් සිදුවනු ඇති. https://www.facebook.com/NewsfirstSL/videos/284166972310425/ |
2018-08-27T05:44:37.000Z | හිටපු හමුදාපතිවරයෙකු වූ රොහාන් දළුවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි | හිටපු හමුදාපති රොහාන් දළුවත්ත අභාවප්‍රාප්ත වෙයි | COLOMBO (News 1st) - හිටපු හමුදාපතිවරයෙකු මෙන් ම කීර්තිමත් සෙන්පතියෙකු වූ රොහාන් දළුවත්ත මහතා අද දහවල් අභාවප්‍රාප්ත විය. ඔහු මිය යන විට වයස අවුරුදු 77 කි. කොළඹ හමුදා රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ ය. 1941 වසරේ මැයි මස 09 වන දා උපත ලද රොහාන් දළුවත්ත මහතා යුද හමුදාවට එක් වන්නේ 1961 වසරේ අගෝස්තු මස 14 වන දා යි. රොහාන් දළුවත්ත මහතා බ්‍රිතාන්‍යයේ සැන්ඩ්හර්ස් රාජකීය හමුදා පුහුණු පාසලෙන් උසස් අධ්‍යාපනය ලබා තිබේ. යාපනය නගරය එල්.ටි.ටි.ඊ සංවිධානයෙන් මුදා ගැනීමේ රිවිරැස ක්‍රියාන්විතයට නායකත්වය ලබා දුන්නේ ජෙනරාල් දළුවත්ත මහතායි. 1996 සිට 1998 දක්වා කාලය තුළ යුද හමුදාපති ධූරය දැරූ රොහාන් දළුවත්ත මහතා 1999 වසරේ සිට 2002 දක්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධූරය හොබවනු ලැබීය. හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව කලක් ඔහු බ්‍රසිලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සේවය කළේ ය. තව ත් රාජ්‍ය ආයතන කිහිපයක තනතුරු දැරූ රොහාන් දළුවත්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා බොරැල්ල කනත්තේදී පුර්ණ හමුදා ගෞරව සහිතව පැවැත්වීමට නියමිත වේ. |
2018-08-27T05:26:11.000Z | අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි යළිත් විවෘත වරෙන්තු | ජාලිය වික්‍රමසූරියට යළි ත් විවෘත වරෙන්තු | COLOMBO (News 1st) - අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නැවත විවෘත වරෙන්තු නිකුත් කර තිබේ. සැකකාර ජාලිය වික්‍රමසූරිය මහතාගේ ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ ඔහුගේ බිරිඳ සහ ඥාති සොහොයුරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද දන්වා නැවත වරෙන්තු නිකුත් කෙරුණි. මේ වන විට අධිකරණය මගහැර සිටින සැකකාර ජාලිය වික්‍රමසූරිය මහතාගේ බිරිඳ සහ ඥාති සොහොයුරිය ද අධිකරණය මගහැර සිටින අය ලෙසට දැනුම් දෙන ප්‍රකාශන තීන්දුවක් නිකුත් කරන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරිය එහිදී ප්‍රතික්ෂේප කර සිටියා ය. ජාලිය වික්‍රමසූරිය මහතා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වන විට ඇප බැඳුම්කරයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති ඔහුගේ දේපොළ රාජසන්තක කරන ලෙසට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීම ද මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කර තිබේ. එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කර ලබන ඔක්තෝබර් 03 වන දා යළි අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය එහිදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කරනු ලැබිණි. අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන සමයේ තානාපති කාර්යාලයට අවශ්‍ය ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සඳහා ලබා දුන්, ශ්‍රී ලංකා ජනරජයට අයත් අමෙරිකානු ඩොලර් 132,000 කට ආසන්න මුදලක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ජාලිය වික්‍රමසූරිය මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කළා ය. |
2018-08-27T04:18:58.000Z | දූෂිත මැතිවරණ ක්‍රමය අවසන් කළ බව ජනපති කියයි | දූෂිත මැතිවරණ ක්‍රමය අවසන් කළ බව ජනපති කියයි | COLOMBO (News 1st) - මෙරට පැවති දූෂිත මැතිවරණ ක්‍රමය අවසන් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා සඳහන් කළේ, නිදහස් හා සාධාරණ මැතිවරණය පිළිබඳ ශක්තිමත් පදනමක් ඇති කිරීමට වත්මන් රජයට හැකි වූ බවයි. ආසියානු මැතිවරණ පාර්ශවකරුවන්ගේ සම්මේලනයේ සමාරම්භක අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ය. සියලු මැතිවරණ නිදහස්, සාධාරණ, නිහඬ හා ස්වාධීනව පවත්වා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වත්මන් රජයේ අරමුණ බව ද ජනාධිපතිතුමා සඳහන් කර ඇත. ආසියාතික රටවල නවතම වාර්තා අනූව ශ්‍රී ලංකාව අධිකරණයේ අපක්ෂපාතීත්වය පිළිබඳ ඉතා ඉහළ තත්ත්වයකට පැමිණ ඇතැයි ද ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසා තිබේ. |
2018-08-27T00:58:12.000Z | මින්නේරිය උද්‍යානය තාවකාලිකව වසා දැමේ | මින්නේරිය උද්‍යානය තාවකාලිකව වසා දැමේ | COLOMBO (News 1st) : ධීවරයින් පිරිසක් සිදුකළ පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් මින්නේරිය ජාතික උද්‍යානය තාවකාලිකව වසා දමා තිබේ. පහරදීමෙන් මින්නේරිය ජාතික උද්‍යානයට අනුබද්ධව සේවය කළ වනජීවී නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔවුන් හබරණ රෝහලට ඇතුළත් කර ඇති බවයි. මින්නේරිය ජාතික උද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී පවතින නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ පෙරවරුවේ වනජීවී නිලධාරීන් ධීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබිණ. පසුව ඊයේ රාත්‍රියේ වනජීවී කාර්යාලයට කඩා වැදුණු තවත් ධීවරයින් පිරිසක්, නිලධාරීන්ට පහර දී අදාළ ධීවරයා රැගෙන ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඉන්, වනජීවී නිලධාරීන් 10 දෙනෙකු පමණ තුවාල ලැබූ අතර ඉන් සිව් දෙනෙකු රෝහල්ගත කෙරිණ. |
2018-08-26T22:53:28.000Z | ගෝඨාභය ඇතුළු 7කට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, නොතීසි | ගෝඨාභය ඇතුළු 7කට නොතීසි | COLOMBO (News 1st) : හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට ලබන මස 10 වන දා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අද නොතිසි නිකුත් කළේ ය. ඒ, ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුගාරය ඉදි කිරීමේදී සිදුව ඇතැයි කියන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් වන නඩුවට පෙනී සිටීම සඳහායි. එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් සලකා බැලූ නීතිපතිවරයා, අගවිනිසුරුවරයාගේ අනුමැතිය සහිතව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පසුගිය 24 වන දා අධිචෝදනා ගොනුකර නඩු පවරා තිබිණ. ඒ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී භද්‍ර උදුලාවතී කමලදාස ඇතුළු 7 දෙනෙකුට එරෙහිවයි. මෙය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගැනෙන දෙවන නඩුව වේ. |
2018-08-26T22:37:13.000Z | බදුල්ලේදී බසයක් අඩි 75 ප්‍රපාතයකට පෙරළෙයි | බදුල්ලේදී බසයක් අඩි 75 ප්‍රපාතයකට පෙරළෙයි | COLOMBO (news 1st) : බදුල්ල - අලුගොල්ල මාර්ගයේ 19 වැනි කොටස ප්‍රදේශයේදී ලංගම බස් රථයක් අඩි 75 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පාසල් සිසුවෙක් මියගොස් තවත් 34 දෙනෙක් තුවාල ලැබූහ. පොලීසිය පැවසුවේ, බදුල්ලේ සිට කන්දේගෙදර දක්වා ධාවනය වූ බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි. අනතුරින් මියගොස් ඇත්තේ වීරගම පදිංචි 14 හැවිරිදි පිරිමි දරුවෙකි. තුවාලකරුවන්ගෙන් 28 දෙනෙකු තවදුරටත් බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/2031881253508925/ |
2018-08-26T22:21:56.000Z | අකුරැස්සේ වෙඩි තැබීමක් | අකුරැස්සේ වෙඩි තැබීමක් | COLOMBO (News 1st) : අකුරැස්ස - ගාල්ල ප්‍රධාන මාර්ගයේ බෝධිරාජ විහාරස්ථානය ආසන්නයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෝටර් රථයකට වෙඩි තබා පළා ගොස් තිබේ. අද අලුයම 2ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, ව්‍යාපාරියෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. අකුරැස්ස ප්‍රෙද්ශයේ පදිංචි මෙම ව්‍යාපාරිකයා සිය බිරිඳගේ නිවසට යමින් සිටියදී සිද්ධියට මුහුණ දී තිබේ. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ. |
2018-08-26T22:11:59.000Z | පේරාදෙණිය ඉංජිනේරු පීඨය යළි විවෘතයි | පේරාදෙණිය ඉංජිනේරු පීඨය යළි විවෘතයි | COLOMBO (News 1st) : සිසු ගැටුමක් හේතුවෙන් වසා දැමුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතු අද ආරම්භ වේ. එහි උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා සඳහන් කළේ, සනාථන මණ්ඩලය සහ පීඨාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි අද සිට ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට තීරණය කළ බවයි. පසුගිය 20 වන දා වසා දැමුණු තවත් පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු ද ආරම්භ කෙරිණ. ඒ අනුව කළමනාකරණ, සම සෞඛ්‍ය, පශු වෛද්‍ය සහ ශාස්ත්‍ර පීඨයේ පළමු ,දෙවන සහ තෙවන වසරවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරිණ. පැමිණීම සම්පුර්ණ නොකළ සිසුන් සිව් දෙනෙකුට විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමින් ඇරඹි සිසු විරෝධතාවක් හේතුවෙන් පසුගිය ජූලි මස 27 වන දා සිට මාස දෙකක් විශ්වවිද්‍යාලය වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කළේ ය. |
2018-08-26T21:13:05.000Z | නිමාලි අද කාන්තා මීටර් 800 ධාවන ඉසව්වට | නිමාලි අද කාන්තා මීටර් 800 ධාවන ඉසව්වට | COLOMBO (News 1st) : ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන ආසියානු ක්‍රීඩා උළෙල 18 වන වරටත් මේ දිනවලදී ඉන්දුනිසියාවේ ජකර්තා නුවරදී පැවැත්වේ. අද තරග පැවැත්වෙන්නේ 9 වන දිනටයි. නිමාලි ලියනාරච්චි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද කාන්තා මීටර් 800 ධාවන ඉසව්වට සහභාගී වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක, කාන්තා මීටර් 3000 බාධක දිවීමේ තරග ඉසව්වට අද සහභාගී වේ. ඉඳුනිල් හේරත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි මීටර් 800 ධාවන තරග ඉසව්වේ මූලික තරගයකට සහභාගී වීමට නියමිතයි. 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ දින 8 ක් අවසන් වන විට චීනය, සමස්ත පදක්කම් සටහනේ පෙරමුණට පැමිණ සිටී. ඒ රන් පදක්කම් 78 ක් රිදී පදක්කම් 59 ක් හා ලෝකඩ පදක්කම් 37 ක් සමගින් සමස්ත පදක්කම් 174 ක් දිනා ගනිමිනි. එහි දෙවන ස්ථානය හිමිව ඇත්තේ රන් පදක්කම් 40 ක්, රිදී පදක්කම් 34 ක් හා ලෝකඩ පදක්කම් 48 සමගින් සමස්ත පදක්කම් 122 ක් හිමිකරගෙන සිටින ජපානයයි. සමස්ත පදක්කම් සටහනේ තුන්වන ස්ථානය කොරියාවට හිමිව තිබේ. |
2018-08-26T21:02:44.000Z | ෆ්ලොරිඩාහි වෙඩි තැබීමක් : තිදෙනෙක් මරුට | ෆ්ලොරිඩාහි වෙඩි තැබීමක් : තිදෙනෙක් මරුට | News 1st : අමෙරිකාවේ ෆ්ලොරිඩාහි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ. අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ ක්‍රීඩා තරගාවලියක් නැරීඹීමට අවන්හලකට පැමිණි පිරිසක් ඉලක්ක කර ප්‍රහාරය එල්ල කර තිබිණ. ජැක්සන්විල් පොලීසිය සඳහන් කළේ, වෙඩිතැබීම සිදුකළ බවට සැලකෙන පුද්ගලයා ද එම ස්ථානයේම මියගොස් ඇති බවයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැත. පුද්ගලයන් 49 දෙනෙකුට මරු කැඳවමින් 2016 වසරේ ඕර්ලන්ඩෝ හි සිදුවු වෙඩි තැබීම, මේ වසරේ පුද්ගලයන් 17 දෙනෙකුට මරු කැඳවමින් පාර්ක්ලන්ඩ්හි සිදුවු වෙඩි තැබීම ඇතුළුව ඉකුත් වසර කිහිපය තුළ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ වෙඩි තැබීම් කිහිපයක්ම සිදුවිය. |
2018-08-26T20:33:52.000Z | ඉන්දීය සාගර සමුළුව හැනෝයිහිදී අද ඇරඹෙයි | ඉන්දීය සාගර සමුළුව හැනෝයිහිදී අද ඇරඹෙයි | COLOMBO (News 1st) : 2018 ඉන්දීය සාගර සමුළුව වියට්නාමයේ හැනෝයි නුවරදී අද ආරම්භ වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද එහි සමාරම්භක සැසිය ඇමතීමට නියමිතයි.. - කලාපීය නව හැඩ තල ගොඩනැංවීම - යන්න මෙවර සමුළුවේ තේමාවයි. මෙහිදී ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව, වෙළඳ හා වාණිජ කටයුතු සහ පරිපාලනය සඳහා සාමූහිකව කටයුතු කිරීමේදී නව කලාපීය හැඩතල ගොඩනැංවීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කෙරනු ඇති. සිංගප්පූරුව, බංගලාදේශය සහ ශ්‍රී ලංකාවේ මූලිකත්වයෙන් ඇරඹි සමුළුවට කලාපීය රාජ්‍ය නායකයින්, මැති ඇමතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම විෂයගත ප්‍රවීණයින් ද සහභාගී විමට නියමිතයි. සමුළුවට සහභාගී වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග වියට්නාමය බලා පිටත්ව ගිය කණ්ඩායමට 8 දෙනෙක් ඇතුළත් වෙති. |
2018-08-26T19:46:08.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | COLOMBO (News 1st) දේශීය පුවත්.... 1. මාලිගාවත්තේ වෙඩි තැබීමකින් කාන්තාවක මරුට : මාලිගාවත්ත ජුම්මා හන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් 30 හැවිරිදි කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ. 2. වැලිකඩ ගැටුමට මුල බාහිර බලපෑමක්....? : වැලිකඩ බන්ධනාගාරයේ පසුගිය දා ඇතිවූ කළහකාරී සිදුවීම් බාහිර සංවිධානයක බලපෑම් මත සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසී ය. 3. සීමා නිර්ණ වාර්තාව සමාලෝචනයට කමිටුවක් : පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව සමාලෝචනය සඳහා අග්රාමාත්යවරයාගේ ප්රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව ලබන අඟහරුවාදා හෝ එම සතිය තුළ පත්කිරීමට නියමිතව තිබේ. 4. ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කළ රන් වියන විවෘත කෙරේ : ප්‍රතිසංස්කරණය කරන ලද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ද ඊයේ පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ. විදෙස් පුවත්... 1. ජූලි බිෂොප් ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි : ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය ජූලි බිෂොප් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය නව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ට යොමුකර ඇති බවයි. ක්‍රීඩා පුවත්.... 1. කැරම් ලෝක කුසලානයේ පිරිමි ශූරතාව ශ්‍රී ලංකා කණ්ඩායමට : ඉන්දිය කණ්ඩායම වට 2 ට 1ක් ලෙස පරාජයට පත් කරමින් දකුණු කොරියාවේ පැවති කැරම් ලෝක කුසලාන තරගාවලියේ පිරිමි ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. |
2018-08-26T09:32:04.000Z | කැරම් ලෝක කුසලානයේ පිරිමි ශූරතාව ශ්‍රී ලංකා කණ්ඩායමට | කැරම් ලෝක කුසලානයේ පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට | COLOMBO (News 1st) : දකුණු කොරියාවේ පැවති කැරම් ලෝක කුසලාන තරගාවලියේ පිරිමි ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ඒ අවසන් තරගයේදී ඉන්දිය කණ්ඩායම වට 2 ට 1ක් ලෙස පරාජයට පත් කරමිනි. චමිල් කුරේ නායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නිෂාන්ත ප්‍රනාන්දු, මොහොමඩ් ශෂීඩ් සහ උදේෂ් ශෂික මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ. මේ අතර එහි කාන්තා කණ්ඩායම් අංශයේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. යෂිකා රාහුබැද්ද මෙහෙය වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් තරගයේදී ඉන්දියාව හමුවේ පරාජය වුණේ වට 3 ට 0 ක් ලෙසයි. ජොසප් රොෂිටා, චලනි ලියනගේ සහ මධූෂා රාමනායක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කළහ. |
2018-08-26T08:18:14.000Z | මාලිගාවත්තේ වෙඩි තැබීමකින් කාන්තාවක මරුට | මාලිගාවත්තේ වෙඩි තැබීමකින් කාන්තාවක මරුට | COLOMBO (News 1st) : මාලිගාවත්ත ජුම්මා හන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පස්වරු 6.30ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි වැදීමෙන් 30 හැවිරිදි කාන්තාවක මිය ගොස් ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. https://www.youtube.com/watch?v=8UFgrhmGagM |
2018-08-26T08:03:00.000Z | වැලිකඩ ගැටුමට මුල බාහිර බලපෑමක්....? | වැලිකඩ ගැටුමට මුල බාහිර බලපෑමක්....? | COLOMBO (News 1st) : වැලිකඩ බන්ධනාගාරයේ පසුගිය දා ඇතිවූ කළහකාරී සිදුවීම් බාහිර සංවිධානයක බලපෑම් මත සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියෙකු මිය යාම ස්වභාවික මරණයක් බව මේ වන විට තහවුරු වී තිබේ. තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, බන්ධනාගාර අභ්‍යන්තර බලපෑම් මත එම මරණය සිදුව ඇති බවට අසත්‍ය ප්‍රචාර පතුරවමින් රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇති කිරීමට අදාළ සංවිධානය සැලසුම් කරමින් ඇති බවයි. තුෂාර උපුල්දෙණිය, වැලිකඩ බන්ධනාගාරය, කළහකාරී සිදුවීම, බන්ධනාගාර දෙපාර්තමේන්තුව |
2018-08-26T07:33:17.000Z | ධීවර යාත්‍රා සඳහා නව රක්ෂණ ක්‍රමයක් | ධීවර යාත්‍රා සඳහා නව රක්ෂණ ක්‍රමයක් | COLOMBO (News 1st) : ධීවර යාත්‍රාවලට සිදුවන අර්ධ සහ පූර්ණ හානිවලට ගෙවීම් කිරීම සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ජනක කුමාර මහතා සඳහන් කළේ, දැනට පවතින රක්ෂණ ක්‍රමයෙන් යාත්‍රාවකට සිදුවන අර්ධ හානි සඳහා ගෙවීමක් සිදුනොකරන බවයි. එහෙත් ධීවර යාත්‍රාවක් අනතුරකට හෝ කාර්මික දෝෂයකට ලක්ව අර්ධ හානි වූ විට එය ගොඩබිමට රැගෙන ඒම සඳහා විශාල මුදලක් වැය වේ. එම තත්ත්වය සැළකිල්ලට ගෙන අදාළ රක්ෂණ ක්‍රමය හඳුන්වා දෙන බව ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය. ඒ සම්බන්ධයෙන් රක්ෂණ සමාගම් කිහිපයක් සමග මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසී ය. මේ අතර පසුගිය ජුලි 28 වන දා වත්තල දික්ඕවිට ධිවර වරායෙන් මුහුදු ගිය නිමේෂා දුව ධීවර යාත්‍රාවේ ධිවරයෙකු ඊයේ පස්වරුවේ රෝගාතුර වී තිබේ. ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා පැවසුවේ, ආදාළ ධීවර යාත්‍රාව ත්‍රිකුණාමලයට නාවික සැතපුම් 450 ක් දුරින් මියන්මාර් මුහුදු තීරයට ආසන්නයේ පවතින බවට ගුවන් විදුලි සංඥා මගින් දැනුම් දී ඇති බවයි. රෝගී වි සිටින එම ධීවර කාර්මිකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සහය වන්නැයි ඉන්දියාව , බංගලාදේශය , මියන්මාරය ඇතුළු රටවල් කිහිපයකින් ඉල්ලා ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. යාත්‍රාවේ සිටින ධීවරයින් සංඛ්‍යාව 6කි. එම යාත්‍රාව මේ වන විට ශ්‍රී ලංකා මුහුදු තීරයට ළඟා වෙමින් පවතින බව ද පද්මප්‍රිය තිසේරා මහතා පැවසී ය. |
2018-08-26T07:25:50.000Z | සීමා නිර්ණ වාර්තාව සමාලෝචනයට කමිටුවක් | සීමා නිර්ණ වාර්තාව සමාලෝචනයට කමිටුවක් | COLOMBO (News 1st): පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව සමාලෝචනය සඳහා අග්රාමාත්යවරයාගේ ප්රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව ලබන අඟහරුවාදා හෝ එම සතිය තුළ පත්කිරීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, කථානායකවරයා මේ වන විට ඊට අදාළ කටයුතු සිදුකරමින් සිටින බවයි. විශ්වවිද්‍යාල උපකුලපතිවරයෙකු, කථිකාචාර්යවරුන් දෙදෙනෙකු සහ මැතිවරණ කොමිසමේ හිටපු සභාපතිවරයෙකුගේ නම් ඊට යෝජනා වී තිබේ. පළාත් සභා සීමානිර්ණ කමිටු වාර්තාව පෙරේදා පැවති ඡන්ද විමසීමේදී සම්මත නොවීය. ඒ අනුව පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව ව්‍යවස්ථානුකූලව යළි සමාලෝචනය සඳහා කථානායකවරයා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කළ යුතුයි. සියලු ජනවර්ග නියෝජනය වන පරිදි කමිටුවට සාමාජිකයින් පත් කළ යුතු බව ව්‍යවස්ථාවෙන් දක්වා තිබේ. සමාලෝචන කමිටුව මාස දෙකක් තුළ සිය වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරිපත් කළ යුතුයි. අනතුරුව ජනාධිපතිවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති. |
2018-08-26T06:53:40.000Z | විදුලි හොරුන්ට රු. කෝටි 11ක දඩ | විදුලි හොරුන්ට රු. කෝටි 11ක දඩ | COLOMBO (News 1st) : විදුලිය සොරකම් කරන ලද පුද්ගලයින්ගෙන් ලංකා විදුලිය බල මණ්ඩලය රුපියල් මිලියන 118 මුදලක් අයකරගෙන ඇතැයි, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, පසුගිය වසරේ එවැනි පුද්ගලයින් 3600කට එරෙහිව නඩු පැවරූ බවයි. ඒ අනුව අධිකරණයෙන් නියම කරන ලද දඩ වශයෙන් රුපියල් මිලියන 118 ක මුදලක් අය කරගෙන තිබේ. මොවුන් විවිධ ක්‍රම භාවිත කරමින් වංචනිකව විදුලිය ලබාගෙන ඇතැයි ද සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ය. මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ වැටලිම් ඒකකය පසුගිය සතියේ පෑළියගොඩ ප්‍රදේශයේ කරන ලද වැටලීම්වලින් නිවාස හිමියන් 114කට එරෙහිව නඩු පවරා තිබේ. |
2018-08-26T06:05:00.000Z | ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කළ රන් වියන විවෘත කෙරේ | ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන විවෘත කෙරේ | COLOMBO (News 1st) : ප්‍රතිසංස්කරණය කරන ලද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ද අද පෙරවරුවේ විවෘත කෙරිණ. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. දළදා සමිදුන්ට සෙවන සලසන රන් වියන ප්‍රතිසංස්කරණය කෙරුණේ වසර 16 කට පසුවයි. ජනාධිපති කාර්යාලයේ ප්‍රතිපාදන යටතේ රන් වියන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 45කි. මෙහිදී ජනාධිපතිවරයා රන් වියන ප්‍රතිසංස්කරණය කළ ශිල්පීන් ඇගයීමට ලක් කළේ ය. |
2018-08-26T04:54:53.000Z | කුඩු ළඟ තබා ගත් අයෙක් බොරැල්ලේදී අත්අඩංගුවට | කුඩු ළඟ තබා ගත් අයෙක් බොරැල්ලේදී අත්අඩංගුවට | COLOMBO (News 1st) : බොරැල්ල සර්පන්ටයින් පාර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 22 යි මිලිග්‍රෑම් 30 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. මේ අතර ඇඹිලිපිටිය මහපෑලැස්ස ප්‍රදේශයේදී හෙරොයින් සමග පුදගලෙයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී හෙරෝයින් ග්‍රැම් 15 පමණ අත්තඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි. |
2018-08-26T04:26:36.000Z | හොර සල්ලි අච්චු ගැසූ 5ක් අත්අඩංගුවට | හොර සල්ලි අච්චු ගැසූ 5ක් අත්අඩංගුවට | COLOMBO (News 1st) : මොරටුව ලුනාව ප්‍රදේශයේ නිවසක් තුළ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් සිටි සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බවයි. එහිදී රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 15 ක් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අංඩගුවට ගැනිණ. ඔවුන් සමග ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක්, ස්කෑනර් යන්ත්‍රයක්, ප්‍රින්ටරයක්, යතුරු ලියනයක් සහ ව්‍යාජ රබර් මුද්‍රා කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් 39, 41,33 සහ 37 හැවිරිදි වියේ පසුවන ලුනාව, කොරලවැල්ල, එගොඩඋයන සහ අඟුලාන ප්‍රදේශවල පදිංචිකරුවන් ය. ඔවුන් ව්‍යාජ රාජ්‍ය සහතිකපත්, අධ්‍යාපන සහතික පත්ද මුද්‍රණය කර තිබෙන බව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සැකකරුවන් අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. |
2018-08-26T00:59:01.000Z | වාරියපොළදී තිදරු මවක් අනියම් සැමියා අතින් මැරුම් කයි | තිදරු මවක් අනියම් සැමියා අතින් මැරුම් කයි | COLOMBO (News 1st) - වාරියපොළ ගලගෙදර ප්‍රදේශයේදී තිදරු මවක ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඇගේ අනියම් සැමියා සිදු කළ පහර දීමකින් එම කාන්තාව මිය ගොස් ඇති බව ය. මිය ගොස් ඇත්තේ, 46 හැවිරිදි කුරූණෑගල රෝහලට අනියුක්තව සේවය කළ හෙදියකි. ඝාතනය සම්බන්ධයෙන් 29 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. |
2018-08-26T00:47:01.000Z | ජූලි බිෂොප් ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි | ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය ඉල්ලා අස්වෙයි | (News 1st) - ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය ජූලි බිෂොප් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය නව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ට යොමුකර ඇති බවයි. කෙසේ වෙතත් ඇය තවදුරටත් එරට පාර්ලිමේන්තුවේ පසු පෙළ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරනු ඇතැයි, විදෙස් වාර්තා පැවසී ය. ඉකුත් සිකුරාදා ඔස්ට්‍රේලියාවේ නව අග්‍රමාත්‍යවරයෙකු තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවති මැතිවරණයේදී ජුලි බිෂොප්ට සිය පක්ෂය වන ලිබරල් පක්ෂයෙන් හිමිවුයේ ඡන්ද 11ක් පමණි. ඒ අනුව එරට අග්‍රාමාත්‍ය තනතුරට පත්වීමට අපොහොසත් වීමෙන් පසු හිටපු විදේශ කටයුතු අමාත්‍යවරිය දේශපාලනයෙන් ඉවත්වීමක් ලෙස සිය තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි, විදෙස් වාර්තා පවසයි. 2013 වසරේ සැප්තැම්බර් 18 වැනි දින ඇය එරට විදේශ අමාත්‍ය ධූරයට පත්වුයේ ඔස්ට්‍රේලියාවේ එම තනතුරට පත් පළමු කාන්තාව ලෙසයි. ජුලි බිෂොප් එරට ලිබරල් පක්ෂයේ නියෝජ්ය නායිකාව ලෙස කටයුතු කරන අතර එරට නියෝජිත මන්ත්රී මණ්ඩලයේ සාමාජිකාවක ලෙස දිගු කළක් කටයුතු කර තිබේ. 2017 වසරේ ඔස්ට්‍රේලියානු විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීම සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන කටයුතු කළේ ද ඇයයි. ඔස්ට්‍රේලියානු උපාධිධාරීන්ට ඉන්දු පැසිෆික් කලපයට පැමිණ සීමාවාසික පුහුණු ලැබීමට අවස්ථාව උදාකර දීමේ ගෞරවය ද ඇයට හිමිවේ. ඔස්ට්‍රේලියානු විදේශ සහ වෙළඳ දෙපාර්තමේන්තුව දිගු කාලීන සංවර්ධන අභියෝගවලට මුහුණ දීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කිරීමට ද ඇය කටයුතු කළ අතර එරට ආර්ථික සබඳතා පුළුල් කරමින් පැසිෆික් කලාපයේ රටවල් අතර සම්බන්ධතාවය වැඩි දියුණු කිරිමටද ජුලි බිෂොප් කටයුතු කළා ය. |
2018-08-25T21:01:25.000Z | වැඩ වර්ජන හේතුවෙන් මෙරට ආයෝජන අවස්ථා ඇහිරෙයි | වැඩ වර්ජන හේතුවෙන් මෙරට ආයෝජන අවස්ථා ඇහිරෙයි | COLOMBO (News 1st) - නිරන්තරයෙන් සිදු වන වැඩ වර්ජන හේතුවෙන් මෙරට ආයෝජන අවස්ථා ඇහිරී ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා සඳහන් කළේ, පසුගිය වසර කිහිපය සමග සැසඳීමේදී මෙරට විදේශ ආයෝජන අඩාල වී ඇති බව ය. වැඩ වර්ජන හේතුවෙන් රට විශාල වශයෙන් ආර්ථික පරිහානියකට ලක්වන බව ද මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා සඳහන් කළේ ය. |
2018-08-25T20:53:29.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරු චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණි. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පෙරවරුවේ එහි පැමිණියේ ය. 2. දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 700 ක් ඇතුළු සැකකරුවන් 3099 ක් අත්අඩංගුවට ගෙන තිබේ. 3. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියෙකු සිර මැදිරියක් තුළදී මිය ගොස් තිබේ. 4. පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කලු සාගරගේ සමීපතම ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 5. ආනයනික රත්‍රං බද්ද 50%කින් අඩු කිරීමට අවධානය යොමු වී ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. විදෙස් පුවත් 6. ගංවතුර තත්ත්වය පහව යාමත් සමගම ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය සර්ප උවදුරකට මුහුණ පා තිබේ. |
2018-08-25T20:40:07.000Z | ඉරානයේ ප්‍රබල භූ කම්පනයක් | ඉරානයේ ප්‍රබල භූ කම්පනයක් | (News 1st) - ඉරාක දේශසීමාව ආසන්නයේ පිහිටි ඉරානයේ කර්මන්ෂා පළාතේ සිදු වූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් 58 දෙනෙකු තුවාල ලබා තිබේ. භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වූයේ මැග්නිටියුට් ඒකක 6.1ක් ලෙසයි. ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට ඉන් බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මේ හේතුවෙන් සිදු වූ ජීවිත සහ දේපළ හානිය තවත් ඉහළ යා හැකි බව ද විදෙස් මාධ්‍ය පවසයි. |
2018-08-25T20:20:55.000Z | ගෑස් මිල ඉහළ ගොස් ඇති බවට පළ වන වාර්තා අසත්‍යයි - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය | "ගෑස් මිල ඉහළ ගොස් ඇති බවට පළ වන වාර්තා අසත්‍යයි" | COLOMBO (News 1st) - ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි. එහි ලේකම් රංජිත් අශෝක මහතා සඳහන් කළේ, රුපියල් 158කින් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ ගොස් ඇති බවට පළ වන මුද්‍රිත සහ වෙබ් මාධ්‍ය වාර්තා අසත්‍ය බව ය. මිල ඉහළ දැමීම සඳහා ගෑස් සමාගම්වලින් මේ වන විටත් ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ. ඒ අනුව මිල සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ ද යන්න සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යටතේ අධ්‍යයනයක් ආරම්භ කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රංජිත් අශෝක මහතා සඳහන් කළේ ය. |
2018-08-25T19:58:11.000Z | අමෙරිකානු සෙනෙට් සභික ජෝන් මැකේන් අභාවප්‍රාප්ත වෙයි | ජෝන් මැකේන් අභාවප්‍රාප්ත වෙයි | (News 1st) - අමෙරිකානු රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු මෙන්ම සෙනෙට් සභිකයෙකු වූ ජෝන් මැකේන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වන විට ඔහු 81 හැවිරිදි වියේ පසු විය. මැකේන් මහතා 2017 ජූලි මාසයේ සිට මොළයේ පිළිකාවකින් පීඩා විඳි අතර ඊයේ ඔහු අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතීහු පවසති. ජෝන් මැකේන් සැලකෙන්නේ වියට්නාම යුද්ධයට නායකත්වය දුන් ජ්‍යේෂ්ඨ යුද විරුවෙකු ලෙසයි. |
2018-08-25T10:19:26.000Z | ගමේ පොල් කොළඹදී ගිනි ගණන් | ගමේ පොල් කොළඹදී ගිනි ගණන් | COLOMBO (News 1st) - පොල් මිල පහත බැස තිබුණ ද ඇතැම් ප්‍රදේශවල තවමත් පොල් මිල ඉහළ බව පාරිභෝගිකයින් පවසති. පොල් ත්‍රිකෝණය ආශිත ප්‍රදේශවල මේ දිනවල පොල් ගෙඩියක මිල රුපියල් 20.00 සිට 30.00 දක්වා අගයක පවති. පසුගිය මාස කිහිපයේ කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් 100.00 ක් පමණ දක්වා ඉහළ ගියේ ය. මේ වන විට එම පොල් මිලේ විශාල අඩුවීමක් දක්නට ලැබේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පවසුවේ, මේ දිනවල පොල් නිෂ්පාදනයේ යම් වැඩිවීමක් පවතින බවයි. එහි ප්‍රතිලාභ අතරමැදියන් විසින් ලබාගැනිම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල තව දුරටත් පොල් මිල ඉහළ අගයක පවතින බව ඒ මහතා සඳහන් කළේ ය. එමෙන්ම මේ දිනවල කිසිදු අයුරකින් පොල් මද ආනයනයක් සිදු නොකරන බව ද යකන්දාවල මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/280292642570933/ |
2018-08-25T07:54:42.000Z | හිටපු ජනපති සොහොයුරුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනපති මැදමූලනට | ජනපති මැදමූලනට | COLOMBO (News 1st ) - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරු චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණි. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ එහි පැමිණියේ ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා වීරකැටිය, මැදමූලනට පැමිණියේ ය. ජනාධිපතිතුමා එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා පවුලේ ඥාතීන්ට සිය සංවේගය පළ කළ අතර ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා සමග සුහද කතාබහක ද නිරත විණි. උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඇතුළු තව ත් දේශපාලඥයින් රැසක් අද පෙරවරුවේ චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක් ව සිටියහ. අවසන් කටයුතු අද දින මැදමූලන පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණි. https://www.facebook.com/NewsfirstSL/videos/242252309768412/ |
2018-08-25T06:24:34.000Z | වරකාපොල නගරයේ රථවාහන තදබදය අවම කිරීමට විකල්ප මාර්ග හඳුන්වා දෙයි | වරකාපොල රථවාහන තදබදයට විසඳුම් | COLOMBO (News 1st) - වරකාපොල නගරයේ දෛනිකව පවතින දැඩි මාර්ග තදබදයට විසඳුම් ලෙස පොලීසිය විකල්ප මාර්ග හඳුන්වා දී තිබේ. පොලීසිය සඳහන් කළේ අනුරාධපුරය, පොළොන්නරුව හා කුරුණෑගල දෙසට ධාවනය වන මගී බස්රථ හැර සියලුම රථවාහන එම විකල්ප මාර්ගය භාවිත කරමින් මාර්ග තදබදය අවම කිරීමට සහාය වන ලෙසයි. ඒ සඳහා පස්යාල හන්දියෙන් ගිරිඋල්ල මාර්ගය භාවිත කරන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි. |
2018-08-25T05:53:17.000Z | දිවයින පුරා කළ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 700 ක් අත්අඩංගුවට | මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 700 ක් අත්අඩංගුවට | COLOMBO (News 1st) - දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 700 ක් ඇතුළු සැකකරුවන් 3099 ක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එහිදී විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 842 ක් අත්අඩංගුවට ගත් බවයි. අපරාධ වැළැක්වීම සහ රිය අනතුරු අවම කිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඊයේ රාත්‍රි 9.00 සිට අද උදෑසන 8.00 දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. |
2018-08-25T05:25:17.000Z | වැලිකඩ සිර මැදිරියක් තුළ රැඳවියෙකු මියයයි | වැලිකඩ සිර මැදිරියක් තුළ රැඳවියෙකු මියයයි | COLOMBO (News 1st) - වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියෙකු සිර මැදිරියක් තුළදී මියගොස් තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, හෘදයාබාධයකින් ඇය මිය යන්නට ඇති බවට සැක පළ කරන බවයි. මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවකි. ඇය මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරුවීම හේතුවෙන් සිර දඬුවමකට ලක් ව සිටි කාන්තාවක් බව උපුල්දෙණිය මහතා සඳහන් කළේ ය. ඇගේ සිරුර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිත වේ. |
2018-08-25T01:57:52.000Z | 41 වන සිග්නිස් සම්මාන උළෙල අද පස්වරුවේ | 41 වන සිග්නිස් සම්මාන උළෙල අද පස්වරුවේ | COLOMBO (News 1st) - 41 වන සිග්නිස් සම්මාන උළෙල අද සවස 6.30ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. 2017 වසරේ තිරගත වූ චිත්‍රපට සහ විකාශය වූ ටෙලිනාට්‍ය අතරින් නිර්මාණාත්මක සහ ප්‍රශස්ත මට්ටමේ නිර්මාණ මෙහිදී සම්මානයට පාත්‍ර කිරීමට නියමිත ය. සිග්නිස් සම්මාන උළෙලේදී කලා ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දුන් කලාකරුවන් තිදෙනෙකු වෙනුවෙන් ජීවිතයේ එක් වරක් පමණක් හිමි වන උපහාර උත්තමාචාර සම්මාන පිරිනැමීමට නියමිත ය. ඒ අනුව කාන්ති ලංකා, සුමනා අමරසිංහ, තිස්ස නාගොඩවිතාන යන ප්‍රවිණ කලාකරුවන් වෙනුවෙන් මෙවර සම්මාන පිරිනැමෙනු ඇති. |
2018-08-25T00:38:03.000Z | ගංවතුර පහව යාමෙන් පසු කේරළය සර්ප උවදුරකට මුහුණ පායි | කේරළය සර්ප උවදුරකට මුහුණ පායි | (News 1st) - ගංවතුර තත්ත්වය පහව යාමත් සමගම ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය සර්ප උවදුරකට මුහුණ පා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජලයෙන් යට වූ ප්‍රදේශවල පිහිටි නිවාස සහ කඳවුරු ආශ්‍රිතව විවිධ වර්ගයේ සර්පයින් සහ ගොනුස්සන් බහුලව වාර්තා වන බව ය. මේ හේතුවෙන් ප්‍රාන්ත වැසියන් තවදුරටත් පීඩාවට පත් වී ඇති අතර මෙම තත්ත්වය වැළැක්වීමේ අරමුණින් සර්පයින් ඇල්ලීමේ කණ්ඩායම් යෙදවීමට බලධාරීන් පියවර ගෙන තිබේ. එරට මාධ්‍ය වාර්තා කළේ, සර්ප විස සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ ප්‍රාන්ත රෝහල් වෙත ලබා දීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති බව ය. පසුගියදා සියවසේ දරුණුතම ගංවතුර තත්ත්වයට මුහුණ දුන් කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් 350කට අධික පිරිසක් මිය ගොස් දස ලක්ෂයකට අධික පිරිසක් අවතැන් වූහ. |
2018-08-25T00:24:50.000Z | දක්ෂිණ අධිවේගයේ පිවිසුම් ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් | අධිවේගයේ පිවිසුම් ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් | COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා පැවසුවේ කඩවත, අතුරුගිරිය, පින්නදූව හා ගොඩගම පිවිසුම් හා පිටවීමේ මාර්ගවල එම තදබදය හට ගෙන ඇති බව ය. දෛනිකව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන වාහන සංඛ්‍යාව 70,000කි. නමුත් අද දිනයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කරන වාහන සංඛ්‍යාව 110,000 දක්වා ඉහළ යෑම රථ වාහන තදබදයක් හට ගැනීමට හේතු වී ඇතැයි එස් .ඕපනායක මහතා සඳහන් කළේ ය. මේ හේතුවෙන් රථ වාහන ධාවනයේදී විමසිලිමත් වන්නැයි ඔහු රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරයි. |
2018-08-25T00:16:05.000Z | එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති විරෝධීව රැඳී සිටින ලාංකිකයින් රැසක් දිවයිනට | UAEහි නීති විරෝධීව රැඳී සිටින ලාංකිකයින් දිවයිනට | COLOMBO (News 1st) - ප්‍රකාශිත පොදු සමා කාලය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 1500කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමිණීමට ඉදිරිපත්ව සිටිති. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මාස තුනක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කිරීමත් සමග මෙම පිරිස මෙරටට පැමිණීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කර ඇති බව ය. වීසා නොමැතිව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීම සඳහා අබුඩාබිහි පිහිටි තානාපති කාර්යාලයට හෝ ඩුබායිහි ඇති කොන්සල් ජනරාල් කාර්යාලයට ගොස් තාවකාලික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගත හැකි බව ද එම නිලධාරියා සඳහන් කළේ ය. ශ්‍රී ලාංකිකයින් 125000ක් පමණ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ වන විට සේවය කරති. වාර්ෂිකව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය සඳහා 30,000කට ආසන්න පිරිසක් මෙරටින් පිටත්ව යන බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ ය. නීති විරෝධීව රැඳී සිටින විදෙස් ශ්‍රමිකයින්ට එරටින් පිටත් වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය මේ මස පළමු වැනිදා සිට ඔක්තෝබර් 31 දක්වා එම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර තිබේ. |
2018-08-24T23:44:00.000Z | අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි 5 දෙනෙකු හික්කඩුවේදී අත්අඩංගුවට | අපරාධ රැසකට සම්බන්ධ 5 දෙනෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් 5 දෙනෙකු හික්කඩුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරුවන් පසුගිය 10 වන දා තිරණාගම ප්‍රදේශයේදී කඩු, පොලු සහ හෙල්මට් භාවිත කර නිවාස 3 කට පහර දී වීදුරු හා ජනෙල් බිඳ අනර්ථය සිදු කිරීම, ත්‍රිරෝද රථ දෙකකට හා කාර් රථයකට පහර දීම, කාන්තාවකට හා තවත් පුද්ගලයෙකුට පහර දී තුවාල සිදු කිරීම, ගිනිඅවි පෙන්වා සාපරාධී බිය ගැන්වීම සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් පොලිස් ස්ථානයට වාර්තා වී ඇති බව ය. ඒ සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, ඉහත අපරාධවලට අදාළව පොලීසිය පුළුල් විමර්ශන සිදු කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරමින් සිටියදී ඊයේ ඔවුන් පොලිස් ස්ථානයට පැමිණ රිවෝල්වරයක් හා කඩුවක් ද සමග භාර වී ඇති බව ය. ඔවුන් අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය. |
2018-08-24T22:16:24.000Z | අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කලු සාගරගේ ගෝලයෙකු අත්අඩංගුවට | කලු සාගරගේ ගෝලයෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කලු සාගරගේ සමීපතම ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව කළ වැටලීමකට අනුව යතුරු පැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුව අත්අඩංගුවට ගත් බව ය. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 75 යි මිලිග්‍රෑම් 630ක්, ජංගම දුරකතන 2ක් හා යතුරු පැදිය පොලීසිය භාරයට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය. |
2018-08-24T22:06:55.000Z | ගම්මැද්ද V-Force දෙවන අදියර මීගමුවේදී | ගම්මැද්ද V-Force දෙවන අදියර මීගමුවේදී | COLOMBO (News 1st) - මෙරට තරුණ නායකයින් බලගැන්වෙන ගම්මැද්ද නවතම ක්‍රියාන්විතය V-Force දෙවැනි අදියර අද මීගමුව මුහන්දිරම්පිටිය කලපු තොටුපොළේදී පැවැත්වේ. ඒ, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි. විවිධ අපද්‍රව්‍ය හේතුවෙන් අපවිත්‍ර වී ඇති මීගමුව මුහන්දිරම්පිටිය කලපු තොටුපොළ පවිත්‍ර කිරීම ඒ යටතේ සිදු වේ. මීගමුව මහ නගර සභාව, ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඒ - ෆෑඩ් සංවිධානය මෙවර ගම්මැද්ද V-Force සමග අත්වැල් බැඳගෙන සිටීම විශේෂත්වයකි. |
2018-08-24T20:36:12.000Z | ආනයනික රත්‍රං බද්ද 50%කින් අඩු කිරීමට අවධානය | ආනයනික රත්‍රං බද්ද 50%කින් අඩු කිරීමට අවධානය | COLOMBO (News 1st) - ආනයනික රත්‍රං බද්ද 50%කින් අඩු කිරීමට අවධානය යොමු වී ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. එහි සභාපති පේෂල ජයරත්න මහතා පැවසුවේ, ඒ පිළිබඳව වූ යෝජනාව බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති බව ය. |
2018-08-24T20:29:22.000Z | නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදයි | නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදයි | COLOMBO (News 1st) - නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට යෙදී තිබේ. බෞද්ධ ඉතිහාසයේ විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය වැදගත් වී තිබේ. ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළැඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂූන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළැඹීම සිදු කරනු ලබයි. අජාසත් රජුගේ දායකත්වයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රජගහ නුවරදී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ දිනය ලෙස ද මේ පොහෝ දිනය සැලකේ. ආනන්ද හිමියන් රහත් භාවයට පත් වීම, බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍ය රාජයා ඉදිකිරීම ආරම්භ කිරීම නිකිණි පෝය දින වැදගත් සිදුවීම් අතර ප්‍රධාන යි. |
2018-08-24T20:21:49.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් ඊයේ ඇප මත මුදා හැරිණි. 2. පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ කමිටු වර්තාව ඊයේ පාර්ලිමේන්තුවේදී පරාජය විය. 3. විගණකාධිපතිවරයාගේ වැටුප පාර්ලිමේන්තුවේ අනුමත නොකිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කරන බව විගණන සේවා සංගමය පවසයි. 4. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඊයේ පස්වරුවේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබී ය. විදෙස් පුවත් 5. ස්කොට් මොරිසන් ඔස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි. ක්‍රීඩා පුවත් 6. පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමකට ගෙන ඒමෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කළ හැකි බවට ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දුලිප් මෙන්ඩිස් මහතා පවසයි. |
2018-08-24T20:07:34.000Z | අගමැති වියට්නාමය බලා පිටත්ව යයි | අගමැති වියට්නාමය බලා පිටත්ව යයි | COLOMBO (News 1st) - සංචාරයක් අරඹමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමය බලා පිටත්ව ගියේ ය. අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසුවේ, සමුළුවක් වෙනුවෙන් සහභාගී වීමට අග්‍රාමාත්‍යවරයා වියට්නාමය බලා ගිය බව ය. අග්‍රාමාත්‍යවරයා සමග එම සංචාරයට 8 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එක්ව සිටිති. අද අලුයම සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් අග්‍රාමාත්‍යවරයා වියට්නාමය බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර කළමනාකාරවරයා සඳහන් කළේ ය. |
2018-08-24T19:50:25.000Z | පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිර්දේශ ලබා ගැනීමට කථානායකවරයාගෙන් කමිටුවක් | පළාත් සභා මැතිවරණය: නිර්දේශ ලබා ගැනීමට කමිටුවක් | COLOMBO (News 1st) - පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිර්දේශ ලබා ගැනීම සඳහා අග්රාමාත්යවරයාගේ ප්රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට කථානායක කරු ජයසූරිය මහතා පියවර ගෙන තිබේ. ඒ අනුව පක්ෂ නියෝජිතයින්ගේ ද එකඟත්වයෙන් පංච පුද්ගල කමිටුව කථානායකවරයා විසින් ඉදිරි දින කිහිපය තුළ නම් කරනු ඇති. කථානායක කාර්යාලය නිවේදනය කළේ, අග්‍රාමාත්‍යවරයාට අමතරව පත් කරනු ලබන අනෙක් සාමාජිකයින් දේශපාලනඥයින් නොවන අදාළ ක්ෂේත්‍රය ගැන දැනුමක් ඇති බුද්ධිමතුන් වනු ඇති බව ය. පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ කමිටු වාර්තාව ඊයේ දින විවාදයට ගනු ලැබූ අතර, ඒ සඳහා සභාවේ අනුමැතිය නොලද හෙයින් ව්‍යවස්ථානුකූලව කථානායකවරයා විසින් පනතේ 4(12) වගන්තිය අනුව පියවර ගනු ලැබිය යුතු වේ. කථානායක කාර්යාලය නිවේදනය කළේ, ඒ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව ය. කිසිදු හේතුවකින් පළාත් සභා මැතිවරණය කල් නොදැමිය යුතු බවට කථානායක කරු ජයසූරිය මහතාගේ අදහස වී තිබේ. පක්ෂ නායකයින්ට අමතරව කථානායකවරයා විසින් ද මැතිවරණ කොමිසමේ සභාපති හා සීමා නීර්ණ කොමිසමේ සභාපතිවරුන් සමග ඉක්මන් මැතිවරණයක් සඳහා දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගත් බව කථානායක කාර්යාලය පැවසුවේ ය. එම කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, කථානායකවරයා විසින් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නම් කරන කමිටුව අදාළ නිර්දේශ ඔක්තෝබර් මැද වන විට ලබා දෙන්නේ නම්, ජනවාරි මස පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පූර්ණ සහය ලබා දෙන බවට අදාළ පාර්ශව එකඟ වී ඇති බව ය. නියමිත කාලයේදී ඉක්මන් මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය ලැබෙනු ඇති බවට ද කථානායකවරයා මෙහිදී අවධාරණය කර තිබේ. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ, කමිටුවේ සාමාජිකයින් පිළිබඳව කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගනු ඇති බව ය. පළාත් සභා සීමා නීර්ණය කමිටුවේ ලේකම් සමන් එස්. රත්නායක මහතා පැවසුවේ, කථානායකවරයා අදාළ කමිටුව නම් කිරීමෙන් පසු ඔවුන් මාස දෙකක් ඇතුළත වාර්තාවක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතු බව ය. පළාත් සභා මැතිවරණ සීමා නීර්ණ කමිටු වාර්තාව ඊයේ පාර්ලිමේන්තුවේදී පරාජයට පත් විය. කමිටු වාර්තාවට විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 139කි. පක්ෂව කිසිදු ඡන්දයක් නොලැබීම විශේෂත්වයකි. |
2018-08-24T09:20:30.000Z | ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහනේ 3 වන අදියරේ ආරම්භය පිළිබඳව ආගමික නායකයින් දැනුවත් කෙරේ | ඔබේ ගැටලු සොයා පියනගන්න අපි යළිත් සූදානම් වෙන්නෙමු | COLOMBO (News 1st) - ජනතාව හමු වී ජනතා ගැටලු හඳුනා ගැනීම සඳහා ක්‍රියාත්මක වූ ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහනේ 3 වන අදියර ඇරඹීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. අද ඒ පිළිබඳව මහ නාහිමිවරුන් ඇතුළු ආගමික නායකයින් දැනුවත් කෙරිණි. ගම්මැද්ද දීප ව්‍යාප්ත ගෙයින් ගෙට වැඩසටහනේ 3 වන අදියර පිළිබඳව අද පෙරවරුවේ අස්ගිරි මහා විහාරයේදී සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමියන් බැහැ දැක දැනුවත් කිරීම සිදු විය. මෙවරත් ගම්මැද්ද ගෙයින් ගෙට දීප ව්‍යාප්ත සමීක්ෂණය සඳහා සහය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙනුවෙන් ආචාර්ය තිලක් බණ්ඩාර සහ සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා ප්‍රමුඛ නිව්ස්ෆස්ට් නියෝජිතයෝ ඒ සඳහා එක්ව සිටියහ. අනතුරුව පිරිස සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් බැහැ දුටුවේ ය. මෙහිදී ගම්මැද්ද ගෙයින් ගෙට ගමන් මාර්ගය පිළිබඳව ද මහ නාහිමියන් දැනුවත් කෙරිණි. ගම්මැද්ද ගෙයින් ගෙට දීප ව්‍යාප්ත වැඩසටහන ලබන 28 වන දා ආරම්භ වන අතර එහිදී රැස් කරන දත්ත උපයෝගී කර ගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමග එක්ව විශේෂ වාර්තාවක් සකස් කිරීමට නියමිත ය. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.