date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-09-11T21:32:58.000Z
ඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමේ නීතිය බලාත්මක කිරීමට සැලසුම්
ඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමට නීතිමය කටයුතු
COLOMBO (News 1st) - ඇසුරුම් කළ පොල් තෙල් පමණක් විකිණීමට පවතින නීතිය බලාත්මක කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය කර තිබේ. වෙළෙඳපොළට බාල පොල් තෙල් නිෂ්පාදන සැපයීම අවම කිරීම එහි අරමුණ ය. පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පැවසුවේ, පාරිභෝගික කටයුතු අධිකාරිය සමග මේ පිළිබඳ එකඟතාවකට පැමිණීමට කටයුතු කරන බව ය. ඒ අනුව ඉදිරි මාස 3 ඇතුළත නීතීය බලාත්මක කිරීමට අපේක්ෂා කරන අතර නීතිය පිළිබඳව පොල් තෙල් නිෂ්පාදකයින් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවසුවේ ය.
2018-09-11T20:17:55.000Z
කුරුණෑගලදී පොලිස් අණ නොකතා පළා ගිය තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
කුරුණෑගලදී පොලිස් අණ නොතැකූ තවත් දෙදෙනෙකු කොටුවෙයි
COLOMBO (News 1st) - කුරුණෑගල පිලීකඩ ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා පළා ගිය තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔවුන් අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ය. ලද තොරතුරක් මත පොලීසිය සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ඊයේ පස්වරුවේ කළ වැටලීමක් අතරතුර අණ නොතකා ධාවනය කළ වෑන් රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ඔවුන් ලුහු බඳින අවස්ථාවේ සැකකරුවන් වෑන් රථය දමා පළා ගොස් ඇති අතර එක් අයෙකු පොලිස් වෙඩි පහරින් තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලබා ඇත්තේ හෙරෝයින් ජාවාරම්කරුවෙකි. පළා ගිය තවත් සැකකරුවෙකු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක ය.
2018-09-11T19:47:21.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) 1. ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව භාරතීය ජනතා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන රාජ්‍ය සභා මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි මහතා ආන්දෝලනාත්මක ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. 2. ලබන මස පළමු වන දා සිට ක්‍රියාත්මක නව දුම්රිය ගාස්තු සංශෝධනය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. 3. නිල නිවාස මෙතෙක් ලබා නොදුන් හිටපු අමාත්‍යවරුන් පිරිසකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර තිබේ. 4. සතොස මුදල් අවභාවිතය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහාධිකරණය ඊයේ නියෝග කළේ ය. 5. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සඳහා පොළී අනුපාත සීමා කරන ලෙසත් දැඩි නියාමන සම්මත කර ක්‍රියාත්මක කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. විදෙස් පුවත් 6. ෆ්ලෝරන්ස් සුළි කුණාටුව ළඟාවත්ම නැගෙනහිර අමෙරිකාවේ වෙරළ ආශ්‍රිතව දිවි ගෙවන මිලියනකට අධික පිරිසකට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ක්‍රීඩා පුවත් 7. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වීමට ගිය මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තීරණය කර තිබේ. 8. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එළැඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වන බව වාර්තා වේ.
2018-09-11T19:32:00.000Z
ජාතික සිරකරු සැමරුම් දිනයට සමගාමීව අද දවස පුරා සිරකරුවන් හමුවීමට ඥාතීන්ට අවස්ථාව
ජාතික සිරකරු සැමරුම් දිනය අදයි
COLOMBO (News 1st) - ජාතික සිරකරු සැමරුම් දිනය අදට යෙදී තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් අද දිනය පුරා සිරකරුවන් හමුවීමට ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව ලබා දී ඇති බව ය. මීට අමතරව ඔවුන්ට ආහාර පාන ලබා දීමට ද ඥාතීන්ට අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර කොමිසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය. මෙරට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සංඛ්‍යාව 20000කි. ඒ අතුරින් 11000ක්ම රිමාන්ඩ් සැකකරුවන් ය. බන්ධනාගාර 30ක ඔවුන් රඳවා ඇති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2018-09-11T11:28:01.000Z
ලබන පළමු වන දා සිට සංශෝධනය වන දුම්රිය ගාස්තු මෙන්න...
ලබන පළමු වන දා සිට සංශෝධනය වන දුම්රිය ගාස්තු මෙන්න
COLOMBO (News 1st) - ලබන මස පළමු වන දා සිට ක්‍රියාත්මක නව දුම්රිය ගාස්තු සංශෝධනය ද මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව දුම්රිය ගාස්තු 15%කින් ඉහළ යනු ඇති. දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරි ඒන්.ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ, නව ගාස්තු සංශෝධනය යටතේ අවම ගාස්තුව වන රුපියල් 10 කිසිදු වෙනසක් සිදු නොවන බව ය. නමුත් අවම ගාස්තුව සඳහා වන දුර කිලෝමීටර් 09 සිට කිලෝ මීටර් 07 දක්වා සීමා කර තිබේ. ඒ අනුව කොළඹ කොටුව සිට හුණුපිටිය දක්වා මෙතෙක් රුපියල් 10ක් පැවති දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව නව සංශෝධනය අනුව රුපියල් 15ක් වේ. කොළඹ කොටුව සිට ගම්පහ දක්වා ගාස්තුව රුපියල් 30 දක්වා ද, රාගම දක්වා ගාස්තුව රුපියල් 25 දක්වා ද ඉහළ දමා තිබේ. සංශෝධනය වූ නව ගාස්තුවලට අදාළව කොළඹ කොටුවේ සිට ගාල්ල දක්වා පැවති රුපියල් 105ක 3 වන පංතියේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව 135 දක්වා ඉහළ යන අතර, කොළඹ කොටුව සිට මාතර දක්වා ගාස්තුව රුපියල් 130 සිට 170 දක්වා ඉහළ යනු ඇති. කොළඹ කොටුව සිට මහනුවරට පැවති රුපියල් 110ක් වූ 3 වන පංතියේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් 140 දක්වා ද, කොළඹ කොටුව සිට බදුල්ල දක්වා පැවති රුපියල් 205 ගාස්තුව රුපියල් 275 දක්වා ද ඉහළ යන බව නියෝජ්‍ය වාණිජ අධිකාරීවරයා සඳහන් කළේ ය. කොළඹ කොටුව සිට යාපනය දක්වා දුම්රිය ගාස්තු නව සංශෝධනය අනුව ඉහළ යන්නේ රුපියල් 30කිනි. මෙලෙස දුම්රිය ගාස්තු සංශෝධනය වන්නේ 2008 වසරෙන් පසුව වන අතර මෙම නව ගාස්තු සංශෝධනය ලබන මස 01 වන දා සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරි ඒන්.ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කළේ ය.
2018-09-11T10:59:20.000Z
වාසනාගමේ අවාසනාව
වාසනාගමේ අවාසනාව
COLOMBO (News 1st) - ගැටලු විසඳීමට බලධාරීන් නොපැමිණෙන බව දන්නා ඇතැම් ගම්වැසියන් තමන්ට හැකි පමණින් ඒවා විසඳා ගන්නේ නිහඬවම දුක දරා ගනිමිනි. එවැනි ගම්මාන රැසක පොදු ගැටලු විමසමින් ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම් 6ක් අදත් සංචාරය කළේ ය. වන අලි තර්ජනයෙන් දැඩි බලපෑමක් සිදුවන ත්‍රිකුණාමලය ගෙංගේ ගම්මානයේදී ගම්වැසියන් පිරිසක් අප හමුවට පැමිණියහ. ඔවුන් පැවසුවේ දිවා රෑ දෙකෙහිම වන අලීන්ට බියෙන් ජීවත් වන බව ය. අපට දුක කියූ මොවුන්ගෙන් එක් මාතාවක් ඇගේ නිවසට පැමි‍ණෙන්නැයි ඉල්ලීමක් කළා ය. ඇගේ නිවසට ගිය අපට දැක ගත හැකි වූයේ, අංශභාගයෙන් පීඩා විඳින සැමියා සමග තම දියණිය හා දරුවා ද සමග ඇය දැඩි වීර්යකින් යුතුව ජීවත් වන අයුරුයි. ත්‍රිකුණාමලය මජීඩ්නගර් සහ ශාෆිනගර් ගම්මාන යා කරමින් ගලන ගඟ හරහා පාලමක් නොමැති නිසා එහි ජනතාව දෛනිකව විඳින්නේ දැඩි පීඩාවකි. පවුල් 300ක් පමණ භාවිත කරන පාලම් පාරුව ද අනාරක්ෂිත තත්ත්වයේ පවතී. පිහිනානෙ ගම්වදින වන අලීන්ගෙන් ද එල්ල වන්නේ දැඩි තර්ජනයකි. මෙවැනි අපහසුතා රැසක් මැද අකුරු කරන දරු පිරිසක් ද අපට හමුවිය. මාතලේ මැටිහක්ක ගමේ ජනතාවගේ ප්‍රධානම ගැටලුව ප්‍රවාහන අපහසුතාවයි. ඒ සමග ගැටගැසුණු අර්බුද රැසක් නිසා ඔවුහු ආර්ථික අගාධයක ගිලී සිටිති. නගරයට යාමට ගඟ හරහා පාලමක් නොමැති නිසා කිලෝමීටර හත අටක් අමතරව යා යුතු බව ජනතාව පැවසුවේ ය. වැල් පාලමක්වත් සාදා දෙන්නැයි ඉල්ලීම් කළ ද එය මෙතෙක් ඉටු කර නොමැති අතර ජල හිඟය නිසා මොවුන් තිස් වසරක් තිස්සේ විඳින්නේ ද දැඩි පීඩාවකි. වතු කම්කරු පවුල් 45 ක් වෙසෙන මාතලේ විහාරගමවත්ත, රබර් වගාවෙන් යැපෙන ගම්මානයකි. මෙහි ලැයින් කාමර දැඩි ලෙස අබලන් වී ඇති අතර නිවාස 45ටම ඇත්තේ වැසිකිළි 5ක් පමණි. දරුවන් පාසල් අධ්‍යාපනය සඳහා කිලෝමීටර ගණන් පයින් යන අතර ජල හිඟය ද මොවුන්ගේ මූලික ගැටලුවකි. රත්නපුර පහළගම ජනතාව ආර්ථික ගැටලු සමූහයක් ගැන අප හමුවේ අදහස් දැක්වුවේ ය. අධ්‍යාපන කටයුතු සඳහා පරිගණක ඇතුළු පහසුකම් කිසිවක් නොමැති පාසලක දරු දැරියන් 250 දෙනෙක් ඉගෙනුම ලබති. ගමනා ගමන අපහසුතා නිසා ගම්වැසියන් හා දරුවන් මුහුණ දෙන්නේ දැඩි අසීරුතාවකට ය. නමින් වාසනාගම වුවත්, සුව පහසුවෙන් දිවි ගෙවීමට වාසනාවක් නොමැති රත්නපුර වාසනාගම ජනතාව පැවසුවේ, නගරයට යාම සඳහා කිලෝමීටර 12ක් පයින් ගමන් කළ යුතු බව ය. වැසි දිනකදී දොළෙන් එගොඩ විය නොහැකි නිසා එදින දරුවන්ට පාසල් ගමනක් නොමැත. ජල ගැටලුව දැඩි අර්බුදයක් වී ඇති අතර කලකට පෙර සැකසූ ජල ටැංකියෙන් ද කිසිදු ප්‍රයෝජනයක් නැතැයි ජනතාව ප්‍රකාශ කළේ ය.
2018-09-11T09:13:41.000Z
නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිවරු 9 දෙනෙකුට නඩු පැවරීමේ සූදානමක්
නිල නිවාස භාර නොදුන් හි.ඇමතිවරුන්ට එරෙහිව නඩු මගට
COLOMBO (News 1st) - නිල නිවාස මෙතෙක් ලබා නොදුන් හිටපු අමාත්‍යවරුන් පිරිසකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර තිබේ. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකාවක සඳහන් ක‍ළේ හිටපු අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 9 දෙනෙකු සිය නිල නිවාසවලින් මෙතෙක් ඉවත්ව නොමැති බව ය. කඩිනමින් නිල නිවාසවලින් ඉවත් වන්නැයි හිටපු අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට දැනුම් දී ඇතැයි ද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ප්‍රකාශිකාව සඳහන් කළා ය. ඇය පැවසුවේ, නිල නිවාසවලින් ඉවත් නොවන එම පිරිසට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදු වන බව ය. නිල නිවාසවලින් ඉවත් නොවී සිටීමට සාධාරණ හේතු ඇත්නම් ඒ පිළිබඳව සලකා බලන බව ද ඇය ප්‍රකාශ කළා ය. එම ප්‍රකාශිකාව සඳහන් කළේ, නිල නිවාස භාර නොදුන් ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇති බව ය.
2018-09-11T08:40:21.000Z
හිටපු ජනපති ගැන සුබ්‍රමනියන් ස්වාමිගෙන් ආන්දෝලනාත්මක ට්විටර් පණිවුඩයක්
හිටපු ජනපති ගැන ආන්දෝලනාත්මක ට්විටර් පණිවුඩයක්
COLOMBO (News 1st) - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් සහ දේශාපාලන පක්ෂ ගණනාවක ඉහළම නියෝජියෝ මේ දිනවල ඉන්දියාවේ සංචාරය කරමින් සිටිති. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 19 වන දා ඉන්දියාවට පැමිණීමට නියමිත ය. තෙදින සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස නවදිල්ලි ගුවන්තොටුපොළේදී භාරතීය ජනතා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන රාජ්‍ය සභා මන්ත්‍රී ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි මහතා විසින් පිළිගනු ලැබුවේ ය. මහින්ද රාජපක්ෂ මහතා පිළිගත් සුබ්‍රමනියන් ස්වාමි මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩය මේ.... උපුටා ගැනීම, "අද ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති සහ බොහෝ දුරට ඊළඟ ජනාධිපති නවදිල්ලි නුවරට පැමිණියා විරාත් හින්දුස්ථාන් සංගම් ආරාධනයට අනුව. ඔහු 12 වන දා ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා සහ ඉදිරි දැක්ම පිළිබඳව ආරාධිතයින් සහභාගී වන ප්‍රසිද්ධ රැස්වීමක් අමතනු ඇති" උපුටා ගැනීම අවසන්. මහින්ද රාජපක්ෂ මහතා බොහෝ දුරට යළි ජනාධිපති වනු ඇතැයි පවසන සුබ්‍රමනියන් ස්වාමි කවුද? ජනතා පක්ෂයේ හිටපු නායකයා වන ස්වාමි කලක් නීතිය පිළිබඳව අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළ අතර පසුව භාරතීය ජනතා පක්ෂයට එක් විය. මේ වන විට ඔහු පාලක භාරතීය ජනතා පක්ෂයේ විධායක කමිටු සාමාජිකයෙකු වන අතර ඉන්දීය දේශාපාලන විචාරකයින්ට අනුව නරේන්ද්‍ර මෝදි පාලනයේ බළල් හස්තය නැතහොත් ප්‍රධාන කුමන්ත්‍රණකරුවෙකු වන්නේ මේ පුද්ගලයා ය. 2017 පෙබරවාරි මාසයේ ද හින්දු පුවත්පත වාර්තා කළ මේ ලිපියට අනුව ජයලලිතා ජයරාම් සහ ඇගේ සහායිකා සශිකලාට දූෂණ චෝදනා මත දඬුවම් හිමි වූයේ, සුබ්‍රමනියන් ස්වාමි මහතා කළ පෞද්ගලික පැමිණිල්ලක් මත ය. ඉන්දියාවේ දැඩි ආන්දෝලනයකට ලක් වූ දුරකතන සේවා වංචාව හෙවත් ටූ.ජී. සංඛ්‍යාත වංචාව සම්බන්ධයෙන් ද පැමිණිලි කළේ ඔහුයි. වරක් ස්වාමි තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය එම්. කරුණානිධි ඇතුළු පවුලේ සාමාජිකයින්ට එරෙහිව අධිකරණය හමුවට ගියේ ය. මෙම ක්‍රියාමාර්ග නිසා දකුණු ඉන්දීය දේශපාලනය මෙන්ම ඉන්දීය ජාතික දේශපාලනය ද අවස්ථා කිහිපයකදීම දැඩි අර්බුදයකට ලක් විය. මෙවැනි පසුබිමක් ඇති සුබ්‍රමනියන් ස්වාමි මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට කැඳවා ඔහු බොහෝ දුරට ඊළඟ ජනාධිපතිවරයා වනු ඇතැයි පවසයි. මේ මතය ඉන්දීය රජයේ නිල මතය ද? නැතහොත් සුබ්‍රමනියන් ස්වාමි මෙවැනි ප්‍රකාශයක් කරමින් ස්වාධීන රාජ්‍යයක ජනාධිපති ධූරය සම්බන්ධයෙන් බලපෑම් කරන්නේ කාගේ හයියකින් ද? මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසුව 2015 වසරේ මාර්තු මාසයේ සවුත් චයිනා මෝර්නින් පෝස්ට් පුවත්පතට පවසා තිබුණේ, තම පරාජය පිටුපස ඉන්දියාවේ රෝ සංවිධානය සිටින බව ය. එම පුවත ඉන්දීය පුවත්පත්වල සිරස්තලයක් බවට ද පත් විය. ඉන්දියාව තමන් පරාජය කළ බව පවසමින් දැන් මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාව සමග සිදු කරන මේ ගනුදෙනුව කුමක් ද? මහින්ද රාජපක්ෂ මහතා පමණක් නොව මෙරට පාර්ලිමේන්තුවේ ඉහළම තනතුරු දරණ පිරිසක් මේ දිනවල සිටන්නේ ඉන්දියාවේ යි. ඒ අතර සිටින කථානායක කරු ජයසූරිය මහතා ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුස්මා ස්වාරාජ්, ඉන්දීය ජනපති රාම් නාත් කෝවින්ද් සහ කථානායිකා සුමිත්‍රා මහාජන් යන මහත්ම මහත්මීන් හමු විය. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්, නිමල් සිරිපාල ද සිල්වා, ගයන්ත කරුණාතිලක, මනෝ ගනේෂන්, ඩග්ලස් දේවානන්ද, රාවුෆ් හකීම්, විජිත හේරත් යන මන්ත්‍රීවරුන් ද ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලංකා නියෝජිතයින් අතරට අයත්. රටේ ඉහළම දේශපාලන නියෝජිතයින් ඉන්දියාව සමග මෙසේ කටයුතු කරද්දී ඉන්දීය තෙල් සමාගම තවමත් ඛනිජ තෙල් සංස්ථාවට වඩා වැඩි මිලකට පෙට්‍රල් අලෙවි කරමින් සිටියි. ඊයේ රාත්‍රියේ සිදු වූ මිල වෙනසට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ලංකා ඉන්දීය තෙල් සමාගම අලෙවි කරන්නේ රුපියලක් වැඩියෙනි. යුරෝ ෆෝ පෙට්‍රල් ලීටරයක් ඔවුන් රුපියල් 3කට වඩා වැඩි මිලකට අලෙවි කරමින් සිටියි. ඉන්දීය තෙල් සමාගමෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු පැවසුවේ, මිල සූත්‍රය තමන්ට අදාළ නොවන බව ය. පුවත්පත් හා වෙබ් අඩවිවලින් දැන ගන්නා තොරතුරු මත වෙළෙඳපොළ මිල ගණන් ගලපගන්නා බව ඉන්දීය තෙල් සමාගම පෙන්වා දෙයි. මෙතරම් දුර්වල ගිවිසුම්වලට එළැඹී ඛනිජ තෙල් වෙළෙඳපොළට පිවිසෙන්නට ඉන්දියාවට අවසර දී ඇත්නම් අනාගතයේ රටේ බලශක්ති වෙළෙඳපොළ හැසිරවීමේ බලයත් ඔවුන් අතට පත් වෙයි ද? දැනටමත් ස්වභාවික ද්‍රව වායු සැපයීම සඳහා මධ්‍යස්ථාන ඉදිකිරීම, විදුලි බලාගාර ඉදිකිරීම ඇතුළු මහා පරිමාන බලශක්ති සැපයුම් වෙළෙඳපොළට පිවිසීමට ඉන්දියාව සූදානම් වෙමින් සිටියි. ශ්‍රී ලංකාව මෙවැනි පසුබිමක සිටියදී නේපාලය ඉන්දීය ග්‍රහණයෙන් මිදීමේ උපායමාර්ග අනුගමනය කරමින් සිටියි. මේ දක්වා නේපාලයේ ප්‍රධාන සැපයුම් මාර්ගය වැටී තිබුණේ ඉන්දියාව හරහා ය. මේ මන විට ඔවුන් ඉන්දියාව මගහැර චීනයේ වරාය 4ක් යොදා ගනිමින් තම සැපයුම් මාර්ග පුළුල් කර ගැනීමට පියවර ගනිමින් සිටියි. එක් පසෙකින් රටේ දේශපාලනයටත් අනෙක් පසින් රටේ ආර්ථිකයටත් බලපෑම් කිරීමට වෙනත් රටකට ඉඩ ලබා දිය යුතු ද?
2018-09-11T07:47:10.000Z
ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය වංචාව පිළිබඳ පරීක්ෂණ පොලිස්පති නියමයෙන් CIDයට
ක්‍රිකට් මූල්‍ය වංචාව: පරීක්ෂණ CIDයට යොමු කෙරේ
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වීමට ගිය මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තීරණය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද පස්වරුවේ මේ බව තහවුරු කළේ ය. එළැඹෙන එංගලන්ත තරග සංචාරයේ විකාශන අයිතිය ලබා දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන අයිතිය සම්බන්ධ අරමුදලට ලැබිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් විදේශීය පෞද්ගලික ගිනුමකට බැර කර ගැනීමට උත්සහ කර තිබිණි. තරග විකාශන කටයුතු සිදු කරන සමාගම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් තොරතුරු විමසා තිබේ. එම තොරතුරු විමසීමත් සමග අදාළ ගනුදෙනුව පිළිබඳව සොයා බලා ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, සවිස්තර අධ්‍යයනයකින් පසුව ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත් බව ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ උපදෙස් මත ඊයේ පස්වරුවේ මේ පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර තිබිණි. මේ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කර තිබූ අතර අද ඔහුගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන පැවරිණි.
2018-09-11T05:42:05.000Z
ජොන්ස්ටන් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
ජොන්ස්ටන් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
COLOMBO (News 1st) - සතොස මුදල් අවභාවිතය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහාධිකරණය අද නියෝග කළේ ය. ඒ, සැකකරුවන් කුරුණෑගල මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. කුරුණෑගල සතොස ශාඛා කිහිපයකින් ලක්ෂ 50කට අධික භාණ්ඩ රැගෙන මුදල් නොගෙවීම, සැකකරුවන්ට එරෙහි චෝදනාව වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අමතරව සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතා සහ පුද්ගලික ලේකම්වරයෙකු අදාළ සිද්ධියේ සෙසු සැකකරුවන් ය. හෙට නඩුව යළි කැඳවීමට නියමිත ය.
2018-09-10T11:25:37.000Z
චමත් පලිහපිටියට අයත් Social Capital අර්බුදයක
චමත් පලිහපිටියට අයත් Social Capital අර්බුදයක
COLOMBO (News 1st) - චමත් පලිහපිටිය මහතාට අයත් අමෙරිකානු ශෝෂල් කැපිටල් සමාගම කඩා වැටෙමින් ඇතැයි ඇක්සියෝස් සහ ටෙක් ක්‍රන්ච් නමැති වෙබ් අඩවි වාර්තා කරයි. චමත් පලිහපිටිය මහතා ලොව ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ ව්‍යාපාර සඳහා වූ අමෙරිකාවේ සිලිකන් වැලිහි ශ්‍රී ලංකා තානාපතිවරයායි. 2011දී ෆෙස්බුක් සමාජ වෙබ් අඩවියේ විධායක නිලධාරියෙකු ලෙස සේවය කළ චමත් පලිහපිටිය ශෝෂල් කැපිටල් නම් සමාගම ආරම්භ කළේ ය. ඔහු සමග එම සමාගම ආරම්භ කළ හවුල්කරුවන් මේ වන විට සමාගම හැර යමින් ඇති බව වෙබ් අඩවි වාර්තා කරයි. ටෙක් ක්‍රන්ච් වෙබ් අඩවිය වාර්තා කරන්නේ, මෙම සමාගම ආරම්භ කළ එහි නිර්මාතෘවරයෙකු වන මාමුන් හමීඩ් 2017 අගෝස්තු මාසයේදී ක්ලෙයින පර්කින්ස් නම් තරගකාරී සමාගමට සම්බන්ධ වීමත් සමග ශෝෂල් කැපිටල් බිඳ වැටීම ආරම්භ වූ බව ය. ඒ සමගම ශෝෂල් කැපිටල් සමාගමේ තෙවැනි නිර්මාතෘවරයා වූ ටෙඩ් මේඩන් බර්ග් ද සමාගමෙන් ඉල්ලා අස්වී තිබේ. පසුව ශෝෂල් කැපිටල් සමාගමේ හවුල්කරුවෙකු වූ අර්ජුන සෙති පසුගිය ජුනි මාසයේදී තමාගේම සමාගමක් නිර්මාණය කර මෙම සමාගමෙන් ඉවත් විය. ඇක්සියොස් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, ශෝෂල් කැපිටල් සමාගමේ ප්‍රාග්ධන සම්බන්ධ ප්‍රධානී ටොනි බෙට්ස් සහ උප සභාපති මාර්ක් මෙස්වින්කි යන මහත්වරුන් ද සමාගමෙන් ඉල්ලා අස්වී ඇති බව ය. එම වෙබ් අඩවියට අනුව සමගමේ තවත් ඉහළ තනතුරු හෙබ වූ නිලධාරීන් සමාගම හැර ගොස් තිබේ. සමාගමේ හවුල්කරුවන්, සේවකයින් හා ආයෝජකයින් සම්බන්ධයෙන් චමත් පලිහපිටිය ක්‍රියාකාරන ආකාරය පිළිබඳව සැහීමකට පත් නොවීම තුළ මෙලෙස සමාගම හැරයන බව වෙබ් අඩවි වාර්තාවේ සඳහන් ය. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී මුහුන්දන් කනගේ සමග අසාර්ථක ගූගල් ලූන් ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මැදහත්කරුවෙකු ලෙස චමත් පිලිහපිටිය මහතා කටයුතු කළේ ය. එම ව්‍යපෘතියට අදාළව තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය, ගූගල් ලූන් සමාගම මෙන්ම ඊට අනුබද්ධ සමාගම් වන ලෝටස් ෆ්ලේයා සමාගම හා රාමා කෝපරේෂන් යන සමාගම් සමග 2015 ජුනි 15 වන දා අවබෝධතා ගිවිසුමක් ද අත්සන් තැබීමට පියවර ගත්තේ ය. රාමා කෝපරේෂන් යනු චමත් පලිහපිටිය මහතාට අයිති සමාගමකි. අදාළ ව්‍යාපෘතිය සඳහා කටයුතු කරන අවධියේ සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීන් පෙන්වා දුන්නේ, රාමා කෝපරේෂන් නම් වූ සමාගම ගූගල් ලූන් ව්‍යාපෘතිය මුවාවෙන් වෙනත් ගනුදෙනු කිරීමට සූදානම් වන බව ය. 2015 නොවැම්බර් 10 වන දින බිස්නස් ඉන්සයිඩර් වෙබ් අඩවිය චමත් පලිහපිටියගේ ප්‍රකාශයක් පළ කරමින් පෙන්වා දුන්නේ, ඔහු ශ්‍රී ලංකාවේ සංඛ්‍යාත වර්ණාවලියක් හිමි කර ගැනීමට කටයුතු කරන බව ය. එහි වැඩිදුරටත් දක්වා තිබුණේ, රාමා කෝපරේෂන් සමාගම එකී කටයුත්ත වෙනුවෙන් නිර්මාණය කර ඇති බව ය.
2018-09-11T05:10:29.000Z
රු. 1,016,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් හෙට
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් හෙට
COLOMBO (News 1st) - හෙට දිනයේ රුපියල් 1,016,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. මේ සඳහා ප්‍රාථමික අලෙවිකරුවන් හෙට දින පෙරවරු 11.00ට පෙර සිය ලන්සු ඉදිරිපත් කළ යුතුයි. ලන්සු ඉදිරිපත් කළ යුතු වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දී ඇති විද්‍යුත් ලන්සු ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයෙන් පමණක් බව මහ බැංකුව නිවේදනය කළේ ය.
2018-09-11T05:03:11.000Z
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සඳහා දැඩි නියාමන සම්මත කරන ලෙස එක්සත් ජාතීන් ඉල්ලයි
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන: එක්සත් ජාතීන්ගෙන් ඉල්ලීමක්
COLOMBO (News 1st) - ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සඳහා පොළී අනුපාත සීමා කරන ලෙසත් දැඩි නියාමන සම්මත කර ක්‍රියාත්මක කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. එම සංවිධානයේ විදේශ ණය සහ මානව අයිතිවාසිකම් බලපෑම් පිළිබඳ ස්වාධීන විශේෂඥයෙකු වන ජුවන් පැබ්ලෝ මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේ ය. මෙරට සංචාරයක නිරත වන ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ, ණය ලබා දෙන්නන් විසින් කරනු ලබන අයථා කටයුතුවල සංඛ්‍යාව හා බරපතලකම ගැන රජය කඩිනමින් පියවර ගත යුතු බව ය. ජුවන් පැබ්ලෝ මහතා තම සංචාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබන වසරේ මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ කවුන්සිලයට ඉදිරිපත් කරනු ඇති.
2018-09-11T01:52:07.000Z
'ආසියාන්' ලෝක ආර්ථික සමුළුව අද
'ආසියාන්' ලෝක ආර්ථික සමුළුව අද
'ආසියාන්' ලෝක ආර්ථික සමුළුව අද වියට්නාමයේ හැනෝයි නුවර ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ වේ. 'ආසියාන්' ලෝක ආර්ථික සමුළුව පැවැත්වෙන්නේ, ආසියානු සංවිධානයට අයත් රටවල හා අනෙකුත් ආසියානු රටවල ඉහළ පෙළේ නායකයින්ගේ සහභාගීත්වයෙනි. ඊට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් වියට්නාමයේ හැනොයි නුවරට ළඟා විය. වියට්නාමයට ළඟා වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු පිරිස නොයි බායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පිළිගනු ලැබූවේ වියට්නාමයේ තොරතුරු සහ සන්නිවේදන කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍ය ග්යෙන් මාන් හං මහතා විසිනි. එම අවස්ථාවට වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනිය ඇතුලූ නිලධාරීන් එක් ව සිටියහ.
2018-09-10T23:07:16.000Z
උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ දෙවන අදියර අද ඇරඹේ
උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමේ දෙවන අදියර ඇරඹේ
COLOMBO (News 1st)- 2018 අ.පො.ස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ දෙවන අදියර අද ආරම්භ වේ. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, එම කටයුතු ලබන 24 වන දා දක්වා සිදු කිරීමට සැළසුම් කර ඇති බවයි. ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පාසල් 24 ක් තෝරාගෙන ඇති අතර එම පාසල් අතරින් පාසල් 04 ක් ඇගයීම් කාලයේ සම්පූර්ණයෙන්ම වසනු ලබනු ඇති. එලෙස සම්පූර්ණයෙන්ම වසනු ලබන පාසල් වන්නේ, කොළඹ ආනන්ද විද්‍යාලය, කළුතර ගුරුළුගෝමී මහා විද්‍යාලය, ගාල්ල සුදර්මා විද්‍යාලය සහ මාතර කොටුවේගොඩ සර්වේශස් යන විද්‍යාලයි. සෙසු පාසල් 20 හි කොටසක් පමණක් වස ඇගයීම් කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබේ. කොළඹ 07 ඩී. එස්. සේනානායක විද්‍යාලය, කොළඹ 08 සි. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය, ගම්පහ යසෝදර දේවි මහා විද්‍යාලය, ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය, කුරුණෑගල වයඹ රාජකිය විද්‍යාලය, කුරුණෑගල ලක්දාස් ද මැල් විද්‍යාලය, කුලියාපිටිය සාරානාත් මහා විද්‍යාලය, කෑගල්ල ස්වර්ණජයන්ති මහා විද්‍යාලය, රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලය, මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලය, මහනුවර උසස් බාලිකා විද්‍යාලය, මහනුවර මහනාම විද්‍යාලය, ගාල්ල සංඝමිත්තා විද්‍යාලය, බදුල්ල ධර්මදූත විද්‍යාලය, අනුරාධපුර ශාන්ත ජෝෂප් මහා විද්‍යාලය, මඩකලපුව ශාන්ත සිසිලියා බාලිකා විද්‍යාලය, යාපනය හින්දු බාලිකා විද්‍යාලය, යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලය සහ වව්නියාව ශෛව ප්‍රකාශ් මහා විද්‍යාල යන විද්‍යාලවල කොටසක් පමණක් එලෙස වසා තැබෙනු ඇති. උත්තර පත්‍ර ඇගයීම් කිරීමට යෝජිත සම්පූර්ණයෙන් වසා තබන ලද පාසල් ලබන 25 වන දා ආරම්භ වනු ඇති.
2018-09-10T21:56:02.000Z
දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි
චන්දිමාල්ට ආසියානු ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වන බව වාර්තා වේ. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක මෙන්ම මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් මේ මස 15 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භවීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට සුදුසු තත්ත්වයක නොසිටින බව වාර්තා විය. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකො යන රටවල් 6 සහභාගීත්වයෙන් පැවැත්වෙන 14 වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තව ත් ඇත්තේ දින 5 ක් පමණි. ඒ සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා සංචිතය සැප්තැම්බර් මස පළමු වැනිදා නිකුත් කළ අතර ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතය සඳහා දිනේෂ් චන්දිමාල් ඇතුළත්ව සිටියේ ය. නමුත් පසුගිය දා නිමාවට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුර කොළඹ කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් උඩ පන්දුවක් රැක ගැනීමට යෑමේදී පන්දුවක් අතේ වැදීම නිසා අබාධයකට ලක් විණි. ඊයේ දිනයේදී චන්දිමාල්ගේ තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර ඇති අතර එහිදී ඔහු ක්‍රීඩා කිරීමට සුදුසු මට්ටමක නොසිටින බව අනාවරණය වී තිබේ. ඒ අනුව කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ලව දිනේෂ් චන්දිමාල් වෙනුවට ආසියානු කුසලානය සඳහා පිටව යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙන බව වාර්තා වේ.
2018-09-10T20:50:49.000Z
ෆ්ලෝරෙන්ස් සුළි කුණාටුව හේතුවෙන් කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්
කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්
ෆ්ලෝරන්ස් සුළි කුණාටුව ළඟාවත්ම නැගෙනහිර අමෙරිකාවේ වෙරළ ආශ්‍රිතව දිවි ගෙවන මිලියනකට අධික පිරිසකට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. විදෙස් වාර්තා අනාවරණ කළේ, 4 වැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති ෆ්ලෝරන්ස් මේ වන විට පැයට කිලෝමීටර් 195 ක වේගයකින් හමායමින් ඇති බවයි. සුළි කුණාටුව අනිද්දා උතුරු හා දකුණු කැරොලිනා ප්‍රාන්තයට කඩා වදිනු ඇතැයි කාලගුණ බලධාරීන් පුරෝකථනය කර ඇත. ඒ අනුව මේ වන විටත් උතුරු හා දකුණු කැරොලිනා ප්‍රාන්තවලටත් වර්ජිනියා ප්‍රාන්තයටත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර අවසන් වේ.
2018-09-10T20:16:14.000Z
නවක වදය සිදුවීම්වලට සම්බන්ධව දඬුවම් නියමවන සිසුන්ට මහපොළ ශිෂ්‍යත්වය කපා හැරේ
විනය විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ සිසුන්ට මහපොළ නැහැ
COLOMBO (News 1st) - නවක වදය සිදුවීම්වලට සම්බන්ධවී දඬුවම් නියම වන සිසුන්ගේ මහපොළ ශිෂ්‍යත්වය කපා හැරීමට රජය තීරණය කර තිබේ. මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලේ අධ්‍යක්‍ෂ පරාක්‍රම බණ්ඩාර මහතා සඳහන් කළේ, විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතන මගින් එවැනි වැරදිකරුවන්ට ලබා දෙන දඬුවම් කිසියම් කාල සීමාවකදී ලිහිල් කළ ද මහපොළ ශිෂ්‍යත්වය නැවත ලබා නොදීමට තීරණය කර ඇති බවයි. ශිෂ්‍යත්ව නැවත ලබා දෙන්නැයි අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ද සිසුන්ට හිමි නොවන බව ද ඔහු සඳහන් කළේ ය.
2018-09-10T20:04:29.000Z
දැවිතෙල් කාන්දුව නිසා සාගර සම්පත්වලට සිදු වූ හානි ගැන නාරා ආයතනයෙන් විශේෂ විමර්ශනයක්
දැවිතෙල් කාන්දුව ගැන නාරා ආයතනයෙන් විමර්ශනයක්
COLOMBO (News 1st) - දැවිතෙල් කාන්දුව නිසා බලපෑමට ලක් වූ ප්‍රදේශවල මසුන් ආහාරයට ගැනීම සෞඛ්‍යට අහිතකර නොවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එහි සමාන්‍යාධිකාරි ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, බලපෑමට ලක් වූ වෙරළ තීරය භාවිත කිරීමෙන් තවදුරටත් වැළකී සිටිය යුතු බවයි. මේ අතර දැවිතෙල් කාන්දුව සමග සාගර සම්පත්වලට සිදු ව ඇති හානි සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇති බව නාරා ආයතනය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය දීප්ත අමරතුංග මහතා සඳහන් කළේ, සිදුකළ පරීක්ෂාවේදී දැවිතෙල් කාන්දුවෙන් දික්ඕවිට සහ මීගමුව වෙරළ තීරයන්ට ද බලපෑම් එල්ල වී ඇති බවට අනාවරණ වූ බවයි. කාන්දුව සමග මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් මූලික විමර්ශන වාර්තාවක් ඉදිරි සති දෙක ඇතුළත ලබාදීමට සැළසුම් කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. මුතුරාජවෙල තෙල්ගබඩා සංකීර්ණය වෙත මුහුදේ සිට දැවිතෙල් රැගෙන එන නළයේ සිදු වූ කාන්දුව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, තෙල් ප්‍රවාහන නළ මාර්ග පැරණි තත්ත්වයේ පසුවීම හේතුවෙන් මෙවැනි තත්ත්වයන් ඇති වන බවයි. නව නළ මාර්ග සවි කිරීම සඳහා මේ වන විටත් නව නළ ඇනවුම් කර ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
2018-09-10T19:43:24.000Z
මිල සුත්‍රය අනුව ඉන්ධන මිල යළි ත් ඉහළට
ඉන්ධන මිල යළි ත් ඉහළට
COLOMBO (News 1st) - ඉන්ධන මිල සුත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් යළි ඉහළ දමා තිබේ. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4.00 කින් ඉහළ දමා ඇති බවයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 149.00 කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 161.00 ක් වනු ඇත. ඉන්ධන මිල සුත්‍රයට අනුව සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3.00 කින් ඉහළ දමා තිබේ. රුපියල් 130.00 ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 133.00 ක් වනු ඇත. ඔටෝ ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 5.00 කින් ය. ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල රුපියල් 123.00 ක් වන බව ද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ය. ලෝක වෙළෙඳපොළේ මිල වෙනස්වීමට අනුකූලව මිල සංශෝධනය කෙරෙන ඉන්ධන මිල තීරණය කරන කමිටුව ඊයේ පස්වරුවේ රැස්වී මෙම තීරණය ගෙන ඇත. සෑම මසකම 10 වන දා මෙම කමිටුව රැස්වන අතර එහි දී ඉන්ධන මිල වැඩි වනවා ද නැද්ද යන්න තීරණය කරනු ඇති. මේ අතර ලංකා IOC සමාගමද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ. ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 123.00 ක් වනු ඇත. යුරෝ ෆෝ වර්ගයේ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 133.00 කි. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 150.00 ක්. ඔක්ටේන් 95 යුරෝපා ෆෝ වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 164.00 ක් වනු ඇති.
2018-09-10T19:01:42.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශිය පුවත් 1. කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය: හිටපු හමුදා බුද්ධි අධ්‍යක්‍ෂවරයාට ඇප: මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ, විශ‍්‍රාමික මේජර් ජෙනරල් අමල් කරුණාසේකර මහතා ඇපමත මුදා හැරිණි. 2. ජාතික ආරක්ෂාව පිළිබඳව සිදු කරන සාවද්‍ය ප්‍රකාශ හෙළා දකිනවා – ආරක්ෂක රාජ්‍ය ඇමති: ජාතික ආරක්ෂාව පිළිබඳව සිදු කරන සාවද්‍ය ප්‍රකාශ හෙළා දකින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, ජාතික ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් ඇතිව ත්‍රිවිධ හමුදාවන් ගනු ලබන තීරණ සම්බන්ධව දේශපාලන වාසි අපේක්ෂාවෙන් පිරිසක් මෙම ප්‍රකාශ සිදු කරන බව ය. 3. ලබන 12 වන දා ප්‍රදේශ කිහිපයකට පැය 8ක ජල කප්පාදුවක්: ලබන 12 වන දා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 4. ගෝඨාභය ඇතුලු හත් දෙනා ඇප මත මුදා හැරේ: රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු 07 දෙනෙකුට එරෙහි නඩුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි. 5. අගමැති අද වියට්නාමයට – හිටපු ජනපති ඉන්දියාවට: තෙදින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේ වියට්නාමය බලා පිටත්විය. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙදින සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේ ය. විදෙස් පුවත් 6. රුසියාවේ විරෝධතාවල නිරත වූ පුද්ගලයින් 800 කට අධික පිරිසක් අත්අඩංගුවට: රුසියාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව උද්ඝෝෂණයේ නිරත වූ පුද්ගලයන් 800 කට අධික පිරිසක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ක්‍රීඩා පුවත් 7. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඩොලර් මිලියන 5.5ක් වංචා කිරීමේ සැලැස්ම හෙළිවෙයි: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, අමෙරිකානු ඩොලර් මිලියන 5.5ක වංචාවක් වැළැක්වීමට හැකි වූ බව ය.
2018-09-10T10:15:25.000Z
පාසල් ගමන සඳහා කිලෝමීටර 12ක් පයින් යන දරුවෝ
පාසල් ගමන සඳහා කිලෝමීටර 12ක් පයින් යන දරුවෝ
COLOMBO (News 1st) - අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇතැම් සැලසුම් අගනගර කතිකාවත් අතර සිර වී තිබෙද්දී ඈත ගම්මානවල දරු දැරියන්ට මූලික පහසුකම්වත් නොමැත. ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම් එවැනි දරුවන් ද හමුවෙයි. මාතලේ පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයේ දරු දැරියන් ආර්ථික ගැටලු රැසකට පෙළෙන අතර මව්පියන්ට දරුවන් වෙනුවෙන් බොහෝ දේ ලබා දෙන්නට හැකියාවක් නොමැත. හිමිදිරියේ පාසල් එන දරුවන්ට අධ්‍යාපනය සඳහා මූලික පහසුකම් පවා නොමැති අතර පෙළපොත් ගැටලු, ක්‍රීඩා කිරීමට සුදුසු පරිසරයක් නොමැතිකම, ජල හිඟය, අධ්‍යාපන උපකරණ ප්‍රමාණවත් පරිදි නොමැති වීම ඇතුළු ප්‍රශ්න රැසකට උත්තර නොමැත. අධ්‍යාපන බලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ගම්වැසියෝ පැවසූහ. මාතලේ නිලගම ලොකු ළූණු ගොවීන් මුහුණ පා සිටින්නේ දැඩි අර්බුදයකට ය. වගා කරනවා ද වගාව අත්හරිනවා ද යන්න තීරණය කර ගත නොහැකිව මොවුහු ලත වෙති. වගාවෙන් පවුල් 450ක් පමණ යැපෙන අතර මිල ගැටලුව නිසා සියල්ලෝ අසරණ වී සිටිති. වගාවට සැලකිය යුතු මුදලක් වැය කළත්, අපේක්ෂිත ආදායම නොලැබෙන බව ගොවීහු පැවසූහ. මහා පරිමාණ ගොවීන් පවා සිටින්නේ වගාව අත්හැරීමට සූදානමිනි. ත්‍රිකුණාමලය තායිබ්නගර් ගම්වැසියන්ගේ මූලික ප්‍රශ්නය වන අලි උවදුරයි. ඔවුන්ට නිවාස ප්‍රශ්නය ද දැඩිව බලපා තිබේ. අවට ගම්වල සංවර්ධන කටයුතු සිදු වෙතත් මේ ගමේ තත්ත්වය වෙනස්. මොවුන් සැතපුම් ගණන් ගොස් ජලය රැගෙන එන්නේ, ගමේ ළිංවල ජලය ලුණු රස බැවිනි. ධීවර කර්මාන්තයේ නිරත මොවුහු ආර්ථික ගැටලුවලින් මිරිකී දිවි ගෙවති. ත්‍රිකුණාමලය සිරාජ්නගර්හි ජීවත් වන පවුල් සංඛ්‍යාව 3000කට අධික ය. රජයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ පහසුකම් නොමැති අතර වෛද්‍යවරයෙකු පැමිණෙන්නේ සතියකට වරක් පමණි. හදිසියේ රෝගී වූවෙකු තඹලගමුවට ගෙන යා යුතු කෙටිම මාර්ගයේ යෑම ද බෙහෙවින් දුෂ්කර බව ජනතාව පැවසුවේ ය. ඔවුන් ඉල්ලා සිටියේ මේ ස්ථානයේ පාලමක් සාදා දෙන ලෙසයි. රත්නපුර හිගුල ගම්මානයේ පවුල් 840ක් සිටින අතර ඉඩම් අයිතිය තහවුරු කෙරෙන කිසිදු ලේඛනයක් ඔවුන් සතුව නොමැත. මේ නිසා දරුවෙකු පාසලකට ඇතුළත් කිරීම ඇතුළු බොහෝ කාර්යයන් ඔවුන්ට දුෂ්කර වී තිබේ. පිටතින් පැමිණ ව්‍යාපාර අරඹන අයට කිසිදු ගැටලුවක් නැතත් තමන්ට කුඩ අම්මාගේ සැලකිල්ලක් දක්වන බව එම ජනතාව පැවසුවේ ය. ප්‍රවාහන ගැටලු, මාර්ග අබලන් වීම සහ ජල හිඟය ද මෙහි ප්‍රධාන ගැටලුවලින් කිහිපයකි. රත්නපුර නන්පේරියල් වත්තේ දරු දැරියන් අධ්‍යාපනය ලබන්නේ බොහෝ දුෂ්කරතා මැදයි. විවේකානන්ද ප්‍රාථමික විද්‍යාලයට යෑම සඳහා කන්දේ සිට කිලෝමීටර 12ක් පයින් යා යුතු අතර, එය පැය කිහිපයක ගමනකි. මේ නිසා මව්පියන් සහ ගුරුවරුන් මැදිහත් වී ඔවුන් පාසලේ දින 5ක් නතර කරගෙන උගන්වයි. මේ දිනවල නේවාසිකාගාරයක් ඉදි කෙරෙන අතර නිසි ආහාරපාන හිඟකම ද දරු දැරියන්ට ඇති මූලික ගැටලුවකි.
2018-09-10T09:54:52.000Z
කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය: හිටපු හමුදා බුද්ධි අධ්‍යක්‍ෂවරයාට ඇප
හිටපු හමුදා බුද්ධි අධ්‍යක්‍ෂවරයාට ඇප
COLOMBO (News 1st) - මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ, විශ‍්‍රාමික මේජර් ජෙනරල් අමල් කරුණාසේකර මහතා අද ඇපමත මුදා හැරිණි. ඒ, ඔහු ඉදිරිපත් කළ ඇප අයැදුම්පත ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ සලකා බැලුණු අවස්ථාවේදී ය. රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 3ක් මත විශ‍්‍රාමික මේජර් ජනරාල්වරයා මුදා හැරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික‍්‍රම මහත්මිය අද නියෝග කළා ය. මේ අතර ඇප ලබා දීමේදී එක් අයෙකු රාජ්‍ය සේවයේ විධායක නිලධාරියෙකු විය යුතු බවට නියෝග කෙරුණු අතර විදෙස් ගමන් ද තහනම් කෙරිණි. පසුගිය නඩු වාරයේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගේ ප්‍රකාශයක තිබූ පරස්පරතාවක් හේතුවෙන් 8 වන සැකකරු වන හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතාගෙන් යළි ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස නියෝග කෙරිණි. ඒ අනුව අද නඩුව කැඳවූ අවස්ථාවේදී එම ප්‍රකාශය අධිකරණයට ඉදිරිපත් කළේ ය. එම ප්‍රකාශය පදනම් කර ගනිමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා යන මහත්වරුන්ගෙන් නැවත ප්‍රකාශ සටහන් කර ගත යුතුව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. ලබන 25 නඩුව යළි කැඳවීමට නියමිත ය.
2018-09-10T08:18:07.000Z
ජාතික ආරක්ෂාව පිළිබඳව සිදු කරන සාවද්‍ය ප්‍රකාශ හෙළා දකිනවා - ආරක්ෂක රාජ්‍ය ඇමති
ජාතික ආරක්ෂාව ගැන කරන සාවද්‍ය ප්‍රකාශ හෙළා දකිනවා
COLOMBO (News 1st) - ජාතික ආරක්ෂාව පිළිබඳව සිදු කරන සාවද්‍ය ප්‍රකාශ හෙළා දකින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, ජාතික ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් ඇතිව ත්‍රිවිධ හමුදාවන් ගනු ලබන තීරණ සම්බන්ධව දේශපාලන වාසි අපේක්ෂාවෙන් පිරිසක් මෙම ප්‍රකාශ සිදු කරන බව ය. පසුගිය කාලය පුරා මෙම පිරිස ජාතික ආරක්ෂාව පිළිබඳව සාවද්‍ය කරුණු සමාජගත කිරීමේ බොලද උත්සයක නිරත වන බව ද රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි. රජය සෑම විටම ජාතික ආරක්ෂාව ප්‍රමුඛතම හා සුවිශේෂී කරුණ ලෙස සලකා කරුණු සමාලෝචනය කරමින් පමණක් තීරණ ගන්නා බව ද 2015 වසරේ සිට බල ලෝභී සහ වෙනත් පටු අරමුණු ඇති පිරිස් උතුරු නැගෙනහිර ඇතුළු රටේ ආරක්ෂාව පිළිබඳව සාවාද්‍ය කරුණු සමාජ ගත කිරීමට උත්සහ කරන බව ද එම නිවේදනයේ සඳහන් ය. මූලෝපායි වශයෙන් වැදගත් කඳවුරු සියල්ල ශක්තිමත් කිරීමට ත්‍රිවිධ හමුදාව කටයුතු කර ඇති බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා, සාමාන්‍ය ජනතාව වෙත ඉඩම් නිදහස් කිරීම සිදු කර ඇත්තේ ආරක්ෂක සමාලෝචනයකින් පසුව බව ද පෙන්වා දෙයි. ත්‍රිවිධ හමුදාවේ යුද ශක්තිය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය යුද අභ්‍යාස හා පුහුණු වැඩසටහන් සඳහා රජය පූර්ණ අනුග්‍රහය හා ප්‍රතිපාදන වැඩි වශයෙන් ලබා දෙන බව ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
2018-09-10T06:46:27.000Z
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඩොලර් මිලියන 5.5ක් වංචා කිරීමේ සැලැස්ම හෙළිවෙයි
ක්‍රිකට් ආයතනයේ මූල්‍ය වංචාව පිළිබඳව හෙළිවෙයි
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ ඒ පිළිබඳව අනාවරණයක් මේ... ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, අමෙරිකානු ඩොලර් මිලියන 5.5ක වංචාවක් වැළැක්වීමට හැකි වූ බව ය. ඒ, එළැඹෙන එංගලන්ත තරග සංචාරයේ විකාශන අයිතිය ලබා දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන අයිතිය සම්බන්ධ අරමුදලට ලැබිය යුතු මෙම මුදල විදේශීය පෞද්ගලික ගිණුමකට බැර කර ගැනීමේ උත්සහයක් අනාවරණය වීමත් සමග ය. තරග විකාශන කටයුතු සිදු කරන සමාගම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් තොරතුරු විමසා තිබේ. එම තොරතුරු විමසීමත් සමග අදාළ ගනුදෙනුව පිළිබඳව සොයා බලා ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, සවිස්තර අධ්‍යයනයකින් පසුව ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත් බව ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ උපදෙස් මත අද පස්වරුවේ මේ පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි කර තිබේ. ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව හොංකොංහි පෞද්ගලික ගිණුමකට මෙම මුදල බැර කිරීමට උපදෙස් දී ඇත්තේ ඊමේල් පණිවුඩයකිනි. මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ කවුරුන්දැයි තම නිවේදනය තුළ අනාවරණය නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වග බලා ගැනීම විශේෂත්වයකි. එම නිවේදනයේ සඳහන් වන්නේ, වසරක කාලයක් තුළ ක්‍රිකට් ආයතනයේ සිදු වූ ගනුදෙනු විගණනය කිරීමට පියවර ගෙන ඇති බව ය. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබී ඇත්දැයි කළ විමසීමේදී අද පස්වරු 5.30ට පමණ පොලිස්පතිවරයා පැවසුවේ තමන් ඒ පිළිබඳව දැනුවත් කර නොමැති බව ය. පැමිණිල්ල සිදු කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද නැතහොත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැයි විමසීමේදී ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා ද ඒ පිළිබඳව නොදැන සිටීම විශේෂත්වයකි.
2018-09-10T05:02:38.000Z
ලබන 12 වන දා ප්‍රදේශ කිහිපයකට පැය 8ක ජල කප්පාදුවක්
ලබන 12 වන දා ප්‍රදේශ කිහිපයකට පැය 8ක ජල කප්පාදුවක්
COLOMBO (News 1st) - ලබන 12 වන දා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. පොල්ගොල්ල ජල සම්පාදන ක්‍රමයට අයත් ජල පිරිපහදු මධ්‍යස්ථානයේ නව ජල පොම්ප හා විද්‍යුත් පැනල සවි කිරීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේ ය. ඒ අනුව අමුණුගම පාර, 606 පාර, ලේවැල්ල, බාබර්වත්ත, සිරිමල්වත්ත, මඩවල පාර, පල්ලේගුන්නෑපාන, ගගපාර, දෙගල්දෝරුව පන්සල පාර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. නව ජල පොම්ප හා විද්‍යුත් පැනල සවි කිරීමේ කටයුතු අදියර දෙකක් යටතේ සිදු කිරීමට නියමිත බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.
2018-09-10T02:43:12.000Z
වේග පන්දු ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ට දඩ නියම කෙරේ
වේග පන්දු ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ට දඩ
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබේ. ඒ, ඉන්දියාව සමග මේ දිනවල පැවැත්වෙන 5 වන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති කඩ කිරීම හේතුවෙනි. තරග 5 කින් සමන්විත ඉන්දියා - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පසුවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද සිව්වන දිනටත් පැවැත් වේ. කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති කඩ කර ඇත්තේ තරගයේ දෙවන දිනයේදී ය. විනිසුරු තීරණයකට විරෝධය පළ කිරීම ඔහුට එල්ල වී තිබූ චෝදනාවයි. ඒ අනුව ඔහුට දඩ නියම කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත. කෙසේ වෙතත් ඇන්ඩර්සන් මෙම වරද පිළිගැනීම හේතුවෙන් තරග ගාස්තුවෙන් 15% ක දඩ මුදලක් පැනවීමට තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් තීරණය කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ, ඊට අමතරව ජේම්ස් ඇන්ඩර්සන්ට එක් දඬුවම් ලකුණක් පැනවීමට ද තරග තීරකවරයා කටයුතු කර ඇති බවයි.
2018-09-10T02:32:13.000Z
ක්‍රිකට් ආයතනයේ සිදුවන්නට ගිය මහා පරිමාණ මූල්‍ය වංචාවක් වළක්වයි
ක්‍රිකට් ආයතනයේ සිදුවන්නට ගිය මූල්‍ය වංචාව
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ නියමයෙන් වහා විමර්ශනයක් ආරම්භ කර තිබේ. ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ, එළැඹෙන එංගලන්ත තරග සංචාරයට අදාළව විකාශන අයිතිය සම්බන්ධයෙන් වන අමෙරිකානු ඩොලර් මිලියන 5 කට අධික මුදලක් ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ ප්‍රධානියෙකුගේ පෞද්ගලික විදේශ ගිණුමකට බැර කරන ලෙස දැනුම්දී තිබු බවයි. තරග විකාශන කටයුතු සිදු කරන සමාගම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් තොරතුරු විමසා සිටියේ ය. එහිදී වහා ක්‍රියාත්මකවී ඇත ප්‍රධාන විධායක නිලධාරිවරයා මෙම ගනුදෙනුව අත්හිටුවා ඇති අතර පොලිස් විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලීමක් ද කර ඇත. මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් අද රාත්‍රි නිව්ස්ෆස්ට් ප්‍රධාන පුවත් තුළින් බලපොරොත්තු වන්න. https://www.facebook.com/NewsfirstSL/videos/2177783295813550/
2018-09-10T01:25:33.000Z
පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති CID අත්අඩංගුවට
රට යන්න ගිය පුත්තලම ප්‍රා.සභා සභාපති CIDඅත්අඩංගුවට
COLOMBO (News 1st) - පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, කටුනායක ගුවන්තොටුපොළේදී යි. නඩුවකට අදාළව විදෙස් ගමන් තහනම් කර තිබියදී ඔහු විදෙස්ගත වීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
2018-09-10T00:58:25.000Z
රිදී ආලේපිත රත්‍රං තොගයක් සමග ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට
රත්‍රං තොගයක් සමග ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - ඩුබායි සිට රත්‍රං තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ ඉන්දිය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක ගුවන්තොටුපොළ රේගුව පැවසුවේ ග්‍රෑම් 601 ක් බරැති අදාළ රත්‍රං තොගයේ වටිනාකම රුපියල් 39 ලක්ෂ එකොලොස් දහස් අටසිය අනූ පහක් වන බවයි. නිලධාරීන් නොමග යැවීම සඳහා සැකකරු අදාළ රත්‍රං තොගයේ රිදී ආලේප කර තිබූ බව ද රේගුව සඳහන් කළේ ය. සැකකරුගේ ගමන් මල්ලේ අදාළ රත්‍රං තොගය සඟවා තිබී ඇති අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකි.
2018-09-09T23:46:58.000Z
ගෝඨාභය ඇතුලු හත් දෙනා ඇප මත මුදා හැරේ
ගෝඨාභය රාජපක්ෂ ඇප මත මුදා හැරේ
COLOMBO (News 1st) - රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු 07 දෙනෙකුට එරෙහි නඩුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි. එහි ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය විසින් නියෝග කළේ, රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප හා ලක්ෂ 10 ක් බැගින් ශරීර ඇප මත සැකකරුවන් මුදා හැරීමටයි. එම නඩුව ලබන 09 වන දා යළි කැඳවීමට නියමිතව වේ.
2018-09-09T21:43:44.000Z
රුසියාවේ විරෝධතාවල නිරත වූ පුද්ගලයින් 800 කට අධික පිරිසක් අත්අඩංගුවට
රුසියාවේ උද්ඝෝෂණය කළ 800කට අධික පිරිසක් අත්අඩංගුවට
රුසියාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව උද්ඝෝෂණයේ නිරත වූ පුද්ගලයන් 800 කට අධික පිරිසක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ නව විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයේ නිරත වූ පුද්ගලයන් 839 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. නීති විරෝධි රැස්වීමක් සංවිධානය කිරීමේ චෝදනා යටතේ දැනට සිරගත කර සිටින එරට විපක්ෂ නායක ඇලෙක්සි නවෙල්නිගේ ආධාරකරුවන් මෙම විරෝධතාවන් සංවිධානය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේ ය. මොස්කව් ශාන්ත පිටස් බර්ග් ඇතුලු නගර 80 ක පමණ ක්‍රියාත්මක වූ විරෝධතා අතර තුර එරට පොලිස් කැරලි මර්දන කණ්ඩායම් සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ඇති වූ බව සඳහන් ය.
2018-09-09T20:42:54.000Z
එ. ජා. මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි සැසි වාරයට ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා දෙකක්
එ.ජා.මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි සැසිය අද ඇරඹේ
COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි සැසි වාරය අද ආරම්භ වනු ඇත. සැසිය අද සිට ලබන 28 වන දා දක්වා පැවැත්වීමට නියමිත වේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ක‍්‍රියාකාරි කමිටු දෙකක් විසින් සැකසූ විශේෂ වාර්තා දෙකක් මෙවර සැසියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. බලහත්කාරයෙන් රඳවා ගැනීම් පිළිබඳ සොයා බැලීමේ ක‍්‍රියාකාරී කමිටුව හා සත්‍ය, සාධාරණත්වය, වන්දි ගෙවීම් පිළිබඳ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි. ග‍්‍රීෆ් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකසු වාර්තා දෙක මෙවර සැසියට ඉදිරිපත් කෙරෙනු ඇති. බලහත්කාරයෙන් රඳවා ගැනීම් පිළිබඳ සොයා බැලීමේ ක‍්‍රියාකාරී කමිටුවේ නියෝජිත පිරිසක් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර එහිදී මෙරට පැවති මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ලබා ගත් තොරතුරු අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් සකසා තිබේ. පසුගිය වසරේ වසරේ ඔක්තෝබර් මාසයේදී සත්‍ය, සාධාරණත්වය, වන්දි ගෙවීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී. ග‍්‍රීෆ් විසින් මෙරට සිදු කළ සංචාරයකින් පසුව ඔහු ද විශේෂ වාර්තාවක් සකසා ඇතැයි සඳහන් වේ.
2018-09-09T20:19:29.000Z
වෙරළ තීරයට ඉන්ධන මුසුවීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව නීතිමය පියවර - සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය
වෙරළ තීරයට ඉන්ධන මුසුවීම සම්බන්ධයෙන් නීතිමය පියවර
COLOMBO (News 1st) - උස්වැටකෙයියාව ඇතුලු වෙරළ තීරයට ඉන්ධන මුසුවීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේ, පරිසර හා ආර්ථිකයට සිදුවන හානිය වලක්වා ගැනීම සඳහා එලෙස නීතිමය පියවර ගන්නා බව ය. උස්වැටකෙයියාව සිට පමුණුගම දක්වා වෙරළ තීරයේ ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින්නැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත. එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේ, මුහුදට මුසුවී ඇති තෙල් ඉවත් කරන තෙක් එම වෙරළ කලාපයට පැමිණීමෙන් ද වළකින ලෙසයි. මුතුරාජවෙල බෝයාවේ සිට කොළොන්නාවට දැවිතෙල් රැගෙන යන නළයක කාන්දුවක් සිදු වූයේ පෙරේදා අලුයමයි. එම නළයේ සිදු වූ කාන්දුව හේතුවෙන් තෙල් මෙට්‍රික්ටොන් 10 කට වැඩි ප්‍රමාණයක් මුහුදට මුසුවී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ ය. එක්සත් අරාබි එමීර් රාජ්‍ය සිට මෙරටට රැගෙන ආ දැවිතෙල්, නෞකාවේ සිට තෙල් ගොඩබැම් සිදු කරන අවස්ථාවේ අදාළ නළයේ කාන්දුව සිදු ව තිබේ. පෙරේදා දහවල් වන විට නළයේ සිදු වූ කාන්දුව අලුත්වැඩියා කරනු ලැබු අතර ඛනිජ තෙල් සංස්ථාව පැවසුවේ ඉන්, දැවිතෙල් බෙදා හැරීමේ කටයුතුවලට කිසිදු බාධාවක් සිදුව නැති බවයි. අදාළ නළ පද්ධතිය අලුතින් එළීම සඳහා රජයට යෝජනාවක් ඉදිරිපත් කර මුදල් ඉල්ලා ඇති බව ද සංස්ථාව සඳහන් කළේ ය. මේ අතර ජාතික සේවක සංගමයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ශාඛාවේ ලේකම් ආනන්ද පාලිත මහතා පැවසූවේ, අවස්ථා 8 කට වැඩි සංඛ්‍යාවක් මෙලෙස නළ පිපිරීම් සිදු ව ඇති බවයි. පසුගිය රජයේ බාල නළ දැමීමේ විපාක දැන් අත්විදින්න සිදුවී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
2018-09-09T19:52:11.000Z
අගමැති අද වියට්නාමයට - හිටපු ජනපති ඉන්දියාවට
අගමැති වියට්නාමයට - හිටපු ජනපති ඉන්දියාවට
COLOMBO (News 1st) - තෙදින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද වියට්නාමය බලා පිටත්ව යාමට නියමිතව තිබේ. ඒ, වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ආසියාන් ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහායි. ලෝක ආර්ථික සමුළුවේ ආරාධනය මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සහභාගී වනු ඇති. කලාපීය අනාගත ආර්ථික පූරෝකතන, ප්‍රවණතා සහ අභියෝග පිළිබඳව මෙවර සමුළුවේ දී අවධානය යොමු කෙරෙනු ඇත. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙදින සංචාරයක් සඳහා අද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත වේ. භාරතීය ජනතා පක්ෂයේ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමී මහතාගේ ආරාධනයට අනූව හිටපු ජනාධිපතිවරයා මෙම ඉන්දීය සංචාරය සිදු කරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද මේ සංචාරයට එක්වීමට නියමිත ය. හිටපු ජනාධිපතිවරයා මේ සංචාරයේ දී එරට ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් කිහිප දෙනෙකු ද හමුවීමට නියමිතව වේ.
2018-09-09T19:31:19.000Z
කොග්ගල වෙඩි තැබීමක්: පුද්ගලයෙකුට තුවාල
කොග්ගල වෙඩි තැබීමක්: පුද්ගලයෙකුට තුවාල
COLOMBO (News 1st) - කොග්ගල, තලාතුඩුව ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රි 8.30 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 32 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය පැවසුවේ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි.
2018-09-09T19:15:39.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. මුතුරාජවෙල බෝයාවේ නළයක සිදු වූ කාන්දුව: කළුතෙල් මුහුදට මුසු වීමෙන් වෙරළ තීරයේ ජනතාවට දැඩි බලපෑම්: මුතුරාජවෙල බෝයාවේ නළයක සිදු වූ කාන්දුව හේතුවෙන් මුහුදට මුසු වූ කළුතෙල් පැතිරීමෙන් උස්වැටකෙයියාව සිට ජා-ඇළ පමුණුගම වෙරළ තීරයේ ජනතාවට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව වාර්තා වේ. නාවික හමුදාව පවසන්නේ, මුහුදට මුසු වී ඇති තෙල් ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව ය. 2. ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවයි: දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවා ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 3. පුත්තලම, අරුවක්කාඩු කසළ ව්‍යාපෘතියට එරෙහිව ජනතාව වීදි බසියි: පුත්තලම අරුවක්කාරු ප්‍රදේශයේ ඉදිකෙරෙන කසළ බැහැර කිරීමේ ව්‍යාපෘතියට එරෙහිව ප්‍රදේශවාසින් ඊයේ විරෝධතාවක නිරත විය. පොරොන්දු වූ පරිදි එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු නොවන බව පවසමින් ප්‍රදේශයේ ජනතාව ඊට විරෝධය පළ කළහ. 4. ඝාතනයකින් කෙලවර වූ ඉඩම් ආරවුල: පුස්සැල්ලාව හෙල්බොඩගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බව ය. 5. කළු ගඟට කරදිය මුසුවෙයි: කළුතර ඇතුළු ප්‍රදේශ රැසකට බවුසර් මගින් ජලය: වියළි කාලගුණයත් සමග යළි ත් වරක් කළු ගඟට කරදිය මුසුවී තිබේ. පවතින තත්ත්වය හමුවේ කළුතර, බේරුවල සහ අලුත්ගම ඇතුළු ප්‍රදේශවලට බවුසර් මගින් ජලය සැපයීමට පියවර ගෙන තිබේ. විදෙස් පුවත් 6. අගමැතිට ඉල්ලා අස්වන්නැයි බල කරමින් ඉරාකයේ විරෝධතා: අග්‍රාමාත්‍ය හයිදර් අල් අබාදිට ඉල්ලා අස්වන්නැයි බල කරමින් ඉරාකයේ ක්‍රියාත්මක විරෝධතා අතරතුර පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, බස්රා නුවර ආශ්‍රිතව පැවැත්වෙන විරෝධතා අතරතුර තව ත් සිය ගණනක් තුවාල ලබා ඇති බව ය. ක්‍රීඩා පුවත් 7. සිංගප්පුරුව පරාජය කළ ශ්‍රී ලංකාව 5 වන වතාවටත් දැල් පන්දු ශූරතාවය හිමිකර ගනී: ආසියානු දැල් පන්දු ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. ඒ, සිංගප්පුරුවේදී පැවැත්වෙන ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී සත්කාරක සිංගප්පුරු කණ්ඩායම පරාජය කරමිනි. ශ්‍රී ලංකාව ආසියානු ශූරතාව හිමිකර ගත්තේ 5 වන වරටයි.
2018-09-09T09:24:40.000Z
2008 සිට සමෘද්ධි සහනාධාරය නොලැබුණු වීරමානගර් වැසියෝ
2008සිට සමෘද්ධි සහනාධාරය නොලැබුණු වීරමානගර් වැසියෝ
COLOMBO (News 1st) - දින 13 ක සිට විවිධ ප්‍රදේශවල ගෙයින් ගෙට ගොස් ජනතාව හමුවන ගම්මැද්ද කණ්ඩායම් පොදු ගැටලු රැසක් හඳුනාගනිමින් සිටි. බොහෝ දෙනෙකු අප සමග පැවසුවේ, බලය ලබාගන්නට දැඩි ලෙස උනන්දු වන නමුත් ගමේ ගැටලු විසඳීමේදී අදාළ බලධාරීන් තුළ ඒ උනන්දුව නොමැති බවයි. මූතූර්හි වීරමානගර් ගම්මානයේ සිටින්නේ උපකාර ඇවැසි වුවත් නොසලකා හැරුණු ගම්වැසියන් පිරිසක් යැයි කීම බොරුවක් නොවේ. එවක යුද්ධයෙන් බැට කෑ ඔවුන් ගම අත්හැර පළාගිය අතර නැවත පැමිණ ඇත්තේ 2008 වසරේදී ය. එදා සිටම සමෘද්ධි සහනාධාරය නැවත ඉල්ලුවත් මේ දක්නවා එය ලැබී නොමැත. දිළිඳුකමේ පතුළටම වැටුණු මේ ගම්වැසියන් අන්ත අසරණව සිටි. නගරය කිලෝමීටර 30 ක් දුරින් ඇති අතර ධාවනය වන්නේ එක ම බස් රථයක් පමණි. පානීය ජල හිඟයද ගම්වැසියන්ගේ මූලික ගැටලුවක් වනු ඇත. පවුල් 45 කින්ම වකුගඩු රෝගීන් හඳුනාගෙන ඇති අතර මෑත කාලයේ සිව්දෙනෙකු මියගිය බව ගම්වැසියන් ගම්මැද්ද කණ්ඩායම හා පැවසීය. මීට අමතරව රත්නපුර, කිරිමැටිතැන්න නවෝදයගමට අපේ කණ්ඩායම ගමන් කළේ, ගම්මැද්ද වැඩදහස යටතේ කලකට පෙර පීල්ලකුඹුර ජනතාවට ඉදි කරදුන් පාලම මතිනි. පවුල් 120 ක් සිටින මේ ගම්මානයේ ජනතාව පැවසුවේ, පොදු පහසුකම් සපුරාදීමට බලධාරීන් පියවර නොගන්නා බවයි. ප්‍රජා ශාලාවේ ඉදිකිරීම නතර කර ඇති අතර කසළ රැගෙන යාමද ක්‍රමවත්ව සිදුවන්නේ නැත. රත්නපුර, තිඹොල්කැටියේ සායනික මධ්‍යස්ථානය ගැබිණි මව්වරුන් සීයක් දෙසීයක් පැමිණෙන ස්ථානයකි. මෙහි බොහෝ පහසුකම් නොමැති බවත්, ඇතැම් මව්වරුන්ට වරු ගණන් සිටගෙන සිටීමට සිදුවන බවත් ගම්වැසියන් පැවසූහ. රංචමඩම හල්මිල්ලආර ගමේ පෙර පාසල දුටුවිට නම් ඇති වන්නේ ශෝකයකි. අපේ කණ්ඩායමට මෙහි අබලන් තත්ත්වය පෙනී ගියේ අනතුරකට අත වනන්නක් ලෙසිනි. තව ද කින්නියාහි ශ්‍රී සිත්ති විනායගර් කෝවිලේ වසන්ත මණ්ඩපයේ ඉදිකිරීම් අරඹමින් මුල්ගල තබන්නැයි ගම්වැසියන් ගම්මැද්ද කණ්ඩායමට ආරාධනා කළේ ය. අලන්කේනි සහ ඊච්චන්තීවු ගම්මානවලට ගොස් ජනතාව හමු වූ අපේ කණ්ඩායම ගැටලු විමසුවේ ය. යුධ සමයේ අතුරුදන් වූ සිය ඥාතීන්, දරුවන් යළි පැමිණෙතැයි ඔවුන් අදටත් බලා සිටි. කුලී වැඩකින් දිවි ගැටගසාගන්නා මේ ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නය ජල හිඟයයි. සමෘද්ධි සහනාධාර නොලැබීම ගැන ද ඔවුන් අප හමුවේ අදහස් දැක්විය. ගම්මැද්ද කණ්ඩායමට හමු වූ තව ත් ප්‍රශ්නයක් ලෙස බෝගහවැව ජල මූලාශ්‍රවල අධික ලෙස මිනිරන් පවතිම අපට දැකිය හැකිය. බැවින් එම ජලය බීමට සුදුසු නැතැයි බලධාරීන් දැනුම් දී අති නමුත් පිරිසිදු ජලය සොයා ගැනීමේදී ඔවුන් මුහුණ පා ඇත්තේ බරපතළ ගැටලුවකටයි විල්ගමුවේ ගම් 39 ක වකුගඩු රෝගීන් 1500 පමණ හඳුනාගෙන ඇති බවත් 6 දෙනෙකු මියගොස් ඇති බවත් අපට දැනගන්නට ලැබුණි. වගාවට ජලය නොමැති නිසා ගොවීන් කුලීවැඩට යොමුව තිබේ. වන අලි ගැටලුවෙන් අසරණව සිටින පිරිසත් උඩවලයාගමදී අපට හමුවිය. සීගිරිය අවට පිහිටි මෙවැනි ගම්මානවල පොදු ගැටලුවද වන අලි උවදුරයි. පහසුකම් නොමැති නිසා පාසලට අනුයුක්ත කෙරෙන ගුරුවරුන් කෙටි කලකින් මාරුවීම් සාදාගෙන පිටව යන බව ද ගම්වැසියන් පැවසූ හ. වගාවට ජලය නොමැතිකම ද ඔවුන් හමුවේ ඇති තව ත් ගැටලුවකි.
2018-09-09T07:26:51.000Z
රුපියලේ අවප්‍රමාණය හමුවේ ‍මෙරට විදේශ ණය රු. බිලියන 34 කින් ඉහළට
රුපියලේ අවප්‍රමාණය හමුවේ මෙරට විදේශ ණය ඉහළට
COLOMBO (News 1st) - රුපියලේ අගය අවප්‍රමාණයවීම හමුවේ මෙරට විදේශ ණය ඉහළ යමින් ඇතැයි ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙති. කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මහතා සඳහන් කළේ, ඩොලරයේ අගය රුපියල් 162 සිට රුපියල් 163 දක්වා ඉහළ යාමත් සමග පසුගිය සතියේ මෙරට විදෙස් ණය රුපියල් බිලියන 34 කින් ඉහළ ගොස් ඇති බවයි. ඔහු සඳහන් කළේ, 2015 සිට ගත වූ වසර තුනක කාලය තුළ ඩොලරයට සාපේක්ෂ්ව රුපියලේ අගය රුපියල් 33 කින් අවප්‍රමාණය වී ඇති බවයි. පසුගිය මාර්තු මාසයේ සිට අගෝස්තු මාසය දක්වා වූ කාල සීමාවේ රුපියලේ අගය රුපියල් 6 කින් පහළ වැටී ඇති බව ද මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න මහතා ප්‍රකාශ කර තිබේ. පවතින තත්ත්වයට නිසි විසඳුමක් කඩිනමින් ක්‍රියාත්මක නොවේනම් තවදුරටත් රුපියල අවප්‍රමාණය වීමේ අවදානමක් ඇතැයි මහාචාර්යවරයා පවසයි.
2018-09-09T05:55:38.000Z
ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවයි
ප්‍රදේශ රැසක උෂ්ණත්වය ඉහළට
COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ඉක්මවා ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද දහවල් වන විට මොණරාගල ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.3 ක්, වව්නියාවෙන් 36.2 ක්, අනුරාධපුරයෙන් 35.4 ක්, පොළොන්නරුවෙන් 35.2 සහ නුවරඑළියෙන් සෙල්සියස් අංශක 22.5 ක් ලෙස සටහන් ව ඇති බවයි. උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ දහවල් කාලයේ සමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 ක ඉහළ යාමක් හම්බන්තොටින් වාර්තා වී තිබේ. එම කාලය තුළ යාපනය, බදුල්ල, කුරුණෑගල, වව්නියාව සහ නුවරඑළියෙ සමාන්‍ය උෂ්ණත්වය ද සෙල්සියස් අංශක 3 කින් ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2018-09-09T05:44:06.000Z
හිස නැති කොටියෙකුගේ සිරුරක් ගම්පොළින් හමුවෙයි
හිස නැති කොටියෙකුගේ සිරුරක් ගම්පොළින් හමුවෙයි
COLOMBO (News 1st) - ඝාතනය කර තිබු කොටියෙකුගේ සිරුරක් ගම්පොළ තේ වත්තකින් සොයාගෙන තිබේ. නුවරඑළිය වනජීවි කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේ, ලද තොරතුරක් මත සිදුකළ සෝදීසි කිරීමකදී එම කොටියාගේ සිරුර හමු වූ බවයි. අඩි 6 ක පමණ දිගකින් යුක්ත මෙම කොටියා ඝාතනය කර කොටියාගේ හිස දඩයම්කරුවන් විසින් රැගෙන ගොස් ඇති බව ද ඔහු සඳහන් කළේ ය. හක්කපටස් හෝ වස මිශ්‍ර ආහාර ලබාදීමෙන් මෙම කොටියා ඝාතනය කර ඇතැයි සැකපළ කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන්, ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා උඩවලව පශූ වෛද්‍ය කාර්යාලය වෙත රුගෙන යාමට නියමිත බව ද නුවරඑළිය වනජීවි කාර්යාලය සඳහන් කළේ ය.
2018-09-09T04:08:24.000Z
සිංගප්පුරුව පරාජය කළ ශ්‍රී ලංකාව 5 වන වතාවටත් දැල් පන්දු ශූරතාවය හිමිකර ගනී
ආසියානු දැල් පන්දු ශූරතාවය ශ්‍රී ලංකාවට
ආසියානු දැල් පන්දු ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. ඒ, සිංගප්පුරුවේදී පැවැත්වෙන ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී සත්කාරක සිංගප්පුරු කණ්ඩායම පරාජය කරමිනි. ශ්‍රී ලංකාව ආසියානු ශූරතාව හිමිකර ගත්තේ 5 වන වරටයි. තරගාවලිය පුරා අපරාජිතව පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් මහා තරගයේදී සිංගප්පුරු ක්‍රීඩිකාවන් ගෝල 69 ට 50 ක් ක් ලෙස පරාජයට පත් කළේ ය. ශ‍්‍රී ලංකාව මූලික වටයේදී ද සිංගප්පූරුව සමගින් තරග වැදුණු අතර එහිදී ලකුණු 74 ට 61 ක් ලෙස ජය වාර්තා කළේ ශ‍්‍රී ලංකා කණ්ඩායමයි. මෙම ජයග්‍රහනයත් සමගින් මේ වනවිට වැඩිම වාර ගණනක් ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගෙන ඇත්තේ ද ශ‍්‍රී ලංකා කණ්ඩායම වීම විශේෂත්වයකි. ශ‍්‍රී ලංකාව 5 වතාවක් ද සිංගප්පූරුව 3 වතාවක් ද ආසියානු ශූරතාවය හිමි කර ගෙන තිබෙන අතර ශ‍්‍රී ලංකාව අවසන් වරට ආසියානු දැල් පන්දු ශූරතාවයක් හිමි කර ගත්තේ 2009 වසරේදී ය. තරගයේ වැඩිදුර තොරතුරු රාත්‍රි 7.00 අප ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. https://www.facebook.com/198849004165758/videos/1927104280927253/
2018-09-09T03:11:49.000Z
මුතුරාජවෙල බෝයාවේ නළයක සිදු වූ කාන්දුව: කළුතෙල් මුහුදට මුසු වීමෙන් වෙරළ තීරයේ ජනතාවට දැඩි බලපෑම්
වෙරළාශ්‍රිත ජනතාවට බලපෑම් එල්ල කළ නළ කාන්දුව
COLOMBO (News1st): මුතුරාජවෙල බෝයාවේ නළයක සිදු වූ කාන්දුව හේතුවෙන් මුහුදට මුසු වූ කළුතෙල් පැතිරීමෙන් උස්වැටකෙයියාව සිට ජා-ඇළ පමුණුගම වෙරළ තීරයේ ජනතාවට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව වාර්තා වේ. නාවික හමුදාව පවසන්නේ, මුහුදට මුසු වී ඇති තෙල් ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව ය. ඒ සඳහා වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා දෙකක් සහ නාවික හමුදා යාත්‍රා අනියුක්ත කර ඇති බව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කළේ ය. ඔහු කියා සිටියේ, 300 ක පමණ නාවික භට පිරිසක් එම කටයුතු සඳහා අනියුක්ත කර ඇති බව ය. වෙරළාශ්‍රිත බලකාය, නාවික හමුදාව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හා ශ්‍රී ලංකා ඛනිජ තෙතල් පර්යන්ත සමාගම මෙම කටයුත්ත සඳහා දායක වී සිටියි. මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී, ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, කළුතෙල් ටොන් 10 ක් පමණ තල්දියවත්ත සහ උස්වැටකෙයියාව ඇතුළු මුහුදු ප්‍රදේශවලට මුසුව ඇති බව ය. මුතුරාජවෙල බෝයාවේ සිට කොළොන්නාවට දැවිතෙල් රැගෙන යන නළයක කාන්දුවක් සිදු වූයේ ඊයේ අලුයමයි. එම අවස්ථාවේ මුහුදට කළුතෙල් මුසු වී ඇතැයි කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ කළමනාකරණ අධ්‍යක්ෂ සංජීව විජේරත්න මහතා සඳහන් කළේ ය. අනතුරුව ඊයේ දහවල් වන විට නළයේ සිදු වූ කාන්දුව අලුත්වැඩියා කළ බව ඔහු පැවසුවේ ය. ඉන් දැවිතෙල් බෙදා හැරීමේ කටයුතුවලට කිසිදු බාධාවක් සිදුව නැතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
2018-09-08T23:13:23.000Z
පුත්තලම, අරුවක්කාඩු කසළ ව්‍යාපෘතියට එරෙහිව ජනතාව වීදි බසියි
අරුවක්කාඩු කසළ ව්‍යාපෘතියට ජනතාවගේ විරෝධය
COLOMBO (News 1st) - පුත්තලම, අරුවක්කාඩු කසළ ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් මේ වන විට එම ස්ථානයේ විරෝධතාවක් පැවැත්වේ. අප වාර්තාකරු පැවසුවේ, පොරොන්දු වූ පරිදි එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු නොවන බව පවසමින් ප්‍රදේශයේ ජනතාව ඊට විරෝධය පළ කරන බව ය. අදාළ කසළ ව්‍යාපෘතියේ අපද්‍රව්‍ය මුදා හැරීම සඳහා කලපු ප්‍රදේශයට කාණුවක් කපා ඇති බවට ද ජනතාව චෝදනා කරයි.
2018-09-08T19:45:53.000Z
කීඩෑ උවදුරින් හානි වූ කුඹුරු ඉඩම්වලට සහන දීමට කැබිනට් පත්‍රිකාවක්
කීඩෑ උවදුරින් හානි වූ කුඹුරුවලට සහන
COLOMBO (News 1st) - කීඩෑ උවදුර හේතුවෙන් හානි වූ කුඹුරු ඉඩම් සඳහා සහනයක් ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, එම කෘමි උවදුර මර්දනය සඳහා අමාත්‍යංශය මගින් අවශ්‍ය කෘමිනාශක යෙදවීමට පියවර ගන්නා බව ය. කීඩෑ උවදුර හේතුවෙන් මේ වන විට විනාශ වී ඇති අතර අක්කර ප්‍රමාණය 40,000කට අධික ය. ඉන් වැඩි හානි ප්‍රමාණයක් වාර්තා වන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙනි. එම ප්‍රමාණය අක්කර 30,000 ඉක්මවයි.
2018-09-08T22:05:09.000Z
ඝාතනයකින් කෙලවර වූ ඉඩම් ආරවුල
ඝාතනයකින් කෙලවර වූ ඉඩම් ආරවුල
COLOMBO (News 1st) - පුස්සැල්ලාව හෙල්බොඩගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බව ය. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, කටුකිතුල පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු දිගන යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ ලාන්ස් කෝප්‍රල්වරයෙකු බව ද පොලීසිය සඳහන් කළේ ය. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2018-09-08T20:41:54.000Z
වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට
පුද්ගල ඝාතනයකට අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව ය. එම අවස්ථාවේදී ඔහු සන්තකයේ ජංගම දුරකතන 3ක් ද තිබූ බව පොලීසිය සඳහන් කළේ ය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 22 හැවිරිදි මාලිගාවත්ත, කොළඹ 10 පදිංචිකරුවෙකි. සැකකරු පසුගිය මස 26 වන දා මොහොමඩ් මුසම්බිලි සිත්ති රිනෝසා යන අයට වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දී ඇති බව පොලීසිය සඳහන් කළේ ය. සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2018-09-08T20:34:22.000Z
අගමැතිට ඉල්ලා අස්වන්නැයි බල කරමින් ඉරාකයේ විරෝධතා: 12ක් මරුට
අගමැතිට ඉල්ලා අස්වන්නැයි බල කරමින් ඉරාකයේ විරෝධතා
(News 1st) - අග්‍රාමාත්‍ය හයිදර් අල් අබාදිට ඉල්ලා අස්වන්නැයි බල කරමින් ඉරාකයේ ක්‍රියාත්මක විරෝධතා අතරතුර පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, බස්රා නුවර ආශ්‍රිතව පැවැත්වෙන විරෝධතා අතරතුර තවත් සිය ගණනක් තුවාල ලබා ඇති බව ය. මීට දින 6කට පෙර ඉරාක වැසියන් විරෝධතා ආරම්භ කළේ, රජය ජනතාවට සහන ලබා නොදෙන බවට චෝදනා කරමිනි. ආණ්ඩුව දූෂණ චෝදනාවලට සම්බන්ධ බවට ද ඔවුහු චෝදනා කරති. මේ හේතුවෙන් ජනතාවගෙන් සමාව අයැද අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව විරෝධතාකරුවෝ පවසති. පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගත් කණ්ඩායම් දෙකක් මෙහෙයවන විරෝධතා හේතුවෙන් විශාල දේපල හානියක් ද සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ ය. මාර්ගවල ටයර් පුළුස්සමින් රජයේ ගොඩනැගිලිවලට අලාභ හානි කරමින් ඔවුන් පවසන්නේ, අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වන තුරු විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ය.
2018-09-08T20:19:55.000Z
සේවක වර්ජනයෙන් මහරගම කසළ ගොඩගැසේ
සේවක වර්ජනයෙන් මහරගම කසළ ගොඩගැසේ
COLOMBO (News 1st) - මහරගම නගරයේ කසළ ගොඩගැසීම හේතුවෙන් මහජනතාව දැඩි පීඩාවට පත්ව සිටියි. මහරගම නගරයේ එලෙස කසළ ගොඩගැසී ඇත්තේ, නගර සභාවේ සේවකයින් සේවයට වාර්තා නොකිරීම හේතුවෙනි. මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතා විසින් කම්කරුවන් සිව් දෙනෙකුට පහර දීමේ සිද්ධියක් පදනම් කර ගනිමින් නගර සභාවේ සේවකයින් දින කිහිපයක සිට සේවයට වාර්තා කර නොමැත. මේ හේතුවෙන් නගරයේ බොහෝ ස්ථානවල කැළි කසළ ගොඩගැසී තිබේ. මහරගම නගර සභාව තුළ හට ගෙන ඇති මෙම ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අප අවස්ථා ගණනාවකදී නගරාධිපති ටිරාජ් ලක්රුවන් මහතාගෙන් කරුණු විමසීමට උත්සහ කළ ද ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් එය අසාර්ථක විය. මහරගම නගර සභාවේ ලේකම් විනීතා ඈපා මහත්මිය පැවසුවේ, අද දිනයේ කසළ ඉවත් කරන බවට සේවකයින් එකඟ වී ඇති බව ය.
2018-09-08T20:08:01.000Z
මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු තායිලන්තයේදී අත්අඩංගුවට
තායිලන්තයේදී කොටු වූ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු
COLOMBO (News 1st) - මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු තායිලන්තයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සඳහන් කළේ, ඒ පිළිබඳව ජාත්‍යන්තර පොලීසිය මෙරටට දැනුම් දී ඇති බව ය. තායිලන්තයේදී අත්අඩංගුවට පත්ව ඇත්තේ, සාලිය පෙරේරා නමැති පුද්ගලයෙකි. 2013 වසරේදී එම පුද්ගලයා හෙරොයින් කිලෝග්‍රෑම් 30ක් සමග මෙරටදී අත්අඩංගුවට ගැනේ. ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුවක් පවතින බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සඳහන් කළේ ය. 2013 වසරේදී මෙම සැකකරු රටින් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙරට පොලීසිය ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනයක් නිකුත් කර තිබිණි. ඒ අනුව සැකකරු තායිලන්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මෙරටට ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාකච්ඡා කරගෙන යන බව පොලීසිය සඳහන් කළේ ය.
2018-09-08T19:52:36.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) 1. නියමිත කාලයට කලින් ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් ඒ පිළිබඳ තීරණය කළ යුත්තේ තමා බවත්, නියමිත කාලයට දවසකට හෝ කලින් ඡන්දයක් නොපවත්වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ අවධාරණය කළේ ය. 2. වහාම ක්‍රියාත්මක වන පරිදි රත්නපුර ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට ගංගාවලින් මැණික් ගැරීමට අවසර ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 3. මන්නාරම මුලන්කාවිල් මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 284ක් සොයා ගෙන තිබේ. 4. මැදවච්චිය, ළිඳවැව ප්‍රදේශයේදී කුඩා දරුවෙකු ජල ටැංකියකට වැටී මිය ගොස් තිබේ. 5. වසරේ මේ දක්වා කාලය තුළ කොළඹ නගරයෙන් ගිනි ගැනීමේ සිදුවීම් 234ක් වාර්තා වන බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි. විදෙස් පුවත් 6. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු උපදේශකවරයෙකු වන ජෝර්ජ් පපඩොපලස්ට දින 14ක සිර දඬුවමක් නියම කර තිබේ. 7. අමෙරිකාවට අනතුරුදායක කාලයක් උදා වී ඇතැයි එරට හිටපු ජනාධිපති බැරක් ඔබාමා පවසයි. ක්‍රීඩා පුවත් 8. සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල් පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තේ ය.
2018-09-08T19:39:03.000Z
කළු ගඟට කරදිය මුසුවෙයි: කළුතර ඇතුළු ප්‍රදේශ රැසකට බවුසර් මගින් ජලය
කළුතර ඇතුළු ප්‍රදේශ රැසකට බවුසර් මගින් ජලය
COLOMBO (News 1st) - වියළි කාලගුණයත් සමග යළිත් වරක් කළු ගඟට කරදිය මුසුවී තිබේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, මේ හේතුවෙන් කෙත්හේන ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගැනීමට බාධා මතුව ඇති බව ය. පවතින තත්ත්වය හමුවේ කළුතර, බේරුවල සහ අලුත්ගම ඇතුළු ප්‍රදේශවලට බවුසර් මගින් ජලය සැපයීමට පියවර ගෙන තිබේ.
2018-09-08T10:21:26.000Z
ජනපතිගේ ප්‍රකාශයට හිටපු ජනපතිගෙන් ප්‍රසාදය
ජනපතිගේ ප්‍රකාශයට හිටපු ජනපතිගෙන් ප්‍රසාදය
COLOMBO (News 1st) - පසුගිය දා රක්ෂිත බන්ධනාගාරගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණියේ ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද නිවිතිගල ප්‍රදේශයේදී ජනාධිපතිවරණ දිනය පිළිබඳ කළ ප්‍ර‍කාශය ගැන මෙහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් විමසීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මම අවුරුදු 2 කට මෙහා තියලානේ වරද්ද ගත්තේ. එයා මම හිතන්නේ මොළය තියෙන වැඩක් කරන්නේ.
2018-09-08T07:22:20.000Z
මැදවච්චියේ දරුවකු ජල ටැංකියකට වැටී මරුට
මැදවච්චියේ දරුවකු ජල ටැංකියකට වැටී මරුට
COLOMBO (News 1st) - මැදවච්චිය, ළිඳ වැව ප්‍රදේශයේදී කුඩා දරුවෙකු ජල ටැංකියකට වැටී මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 2 යි මාස 4 ක් වයසැති දරුවෙකි. දරුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර රෝහලට රැගෙන ගිය බව පොලීසිය සඳහන් කළේ ය.
2018-09-08T09:46:52.000Z
සාමසර කන්ද පාමුල තවමත් දිවිගෙවන අඳුරු ජීවිත
සාමසර කන්ද පාමුල තවමත් දිවිගෙවන අඳුරු ජීවිත
COLOMBO (News 1st) - ජනතා ගැටලු හඳුනාගැනීමේ අරමුණින් ක්‍රියාත්මක ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය අද 12 වන දිනටත් ක්‍රියාත්මක කෙරුණි. කෑගල්ලේ, අරණායක සාමසර කන්ද නාය යාමෙන් පසු අදටත් ඉතිරිවී ඇත්තේ අඳෝනාවකි. ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම හමුවේ ඔවුන් තම දුක්බර දිවි පෙවෙත හෙළි කළහ. යන එන මං නැති පවුල් රැසක් කන්ද පාමුල තවමත් සිටින්නේ දුෂ්කරතා දරාගනිමිනි. නිවාස ගැටලුව, විරැකියාව, තේ කර්මාන්තයේ බිඳ වැටීම, මේ ජීවිත තලා පෙළා දමා තිබේ. එදා අසරණ වූ පිරිසක් වසන්තගම ගම්මානයේ පදිංචි කර ඇතත් ඔවුන්ට රැකියා නොමැත. ජනතාව ඉල්ලා සිටින්නේ මේ ගැටලුවලට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙසයි. කෑගල්ල, ජයමල්පුරට ගිය ගම්මැද්ද කණ්ඩායමට අසන්නට ලැබුණු ප්‍රධානම ගැටලුව වන්නේ ජල හිඟයයි. නළ ළිඳක් ඇතත් එයින් ලැබෙන ජලය පවුල් 50 කට ප්‍රමාණවත් නොවනු ඇත. ගම්වැසියන් පැවසුවේ, එක්තරා ව්‍යාපාරයක මෙහෙයවීමෙන් රුපියල් ලක්ෂ දෙකක් වැය කර තමන්ගේ ශ්‍රමය ද ලබාගෙන ටැංකියක් ඉදි කළ නමුත් ඊට ජලය සැපයෙන ක්‍රමයක් සකස් නොකළ බවයි. වව්නියා, සිදම්බරනගර් ජනතාවට ඇති ප්‍රධානම ප්‍රශ්නය වැසිකිලි පහසුකම් නොමැති වීමයි. ඔවුන් ආර්ථික ගැටලුවලින් දැඩි ලෙස හෙම්බත්ව සිටිනු ඇත. යුද්ධයෙන් අනාථයින් වූ මේ පිරිස 1991 දී මෙහි පදිංචි කර ඇතත් ඔවුන්ට නිවාස පහසුකම් නොමැත. පහසුකම් සපයන පොරොන්දු, වචනවලට පමණක් සීමා වී ඇතැයි ඔවුන් චෝදනා කරති. ජල ගැටලු අතරතුර වකුගඩු රෝගීන් 68 දෙනෙකු වාර්තා වී ඇති අතර කිහිප දෙනෙකු මියගොස් තිබේ. තව ද අවරන්තුලාව, හැලඹගස්වැව සහ පලේඌරුව ට්‍රැක් හත ගම්මානවල අපගේ කණ්ඩායමක් අද දිනයේ සැරිසැරුවේ ය. ජනතාව පැවසුවේ, යුද්ධයෙන් පසු විශාල පිරිසක් මෙහි පදිංචි කළ නමුත් පහසුකම් නොමැතිකම නිසා බොහෝ දෙනෙකු ගම අත්හැර ගිය බවයි. නිවාස වල්බිහි වෙමින් පවතින අතර ජල හිඟය ද ප්‍රධාන ගැටලුවකි ප්‍රවාහන සේවා නොමැති නිසා අධ්‍යාපන කටයුතු ද රැකියා ගැටලු ද මතු ව ඇතැයි ජනතාව පැවසූහ. මහනුවර උඩ පළාත යනු, පීකොක් ගම්මානය, දොරගල හා නිව් පීකොක් ඇතුලු ගම් හයකින් යුතු ජනපදයකි. 40 වසරකින් පමණ මාර්ග අලුත්වැඩියා කර නොමැති අතර ගොඩ භෝග වගා කරන ගොවීන් අස්වනු රැගෙන යාමේදී බොහෝ අසරණ වනු ඇත. පාසල් දරුවන් සැතපුම් ගණන් පයින් ගමන් කරනු දැකිය හැකි අතර ගුරු හිඟය ද ප්‍රධාන ප්‍රශ්නයකි. මහා සම්පතක් වූ අක්කර 11ක දොරගල වැව ද ගොඩවී තිබෙනු අපට දක්නට ලැබුණි. ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායමට හමු වූ මහනුවර, සමර්සෙට්වත්ත වතුකරය ද දුෂ්කර ගම්මානයකි. ඔවුන්ට ජලය ලැබෙන්නේ ද දිනකට පැයක් පමණ ය. අඩු ආදායම්ලාභීන් වන මේ ජනතාවට වැසිකිලි පහසුකම් පවා නොමැත. ලැබෙන සොච්චම් මුදලෙන් දුක සේ දිවි ගැටගසාගන්නා ඔවුන් අප සමග පැවසුවේ සුරසැප විඳින බලධාරීන් තමන් දෙස නොබලන බවයි.
2018-09-08T04:47:04.000Z
රත්නපුරේ සාමාන්‍ය ජනතාවට ගංගාවලින් මැණික් ගැරීමට අවසර - ජනපති
රත්නපුරේ ගංගාවලින් මැණික් ගැරීමට අවසර ලබා දෙනවා
COLOMBO (News 1st) - වහාම ක්‍රියාත්මක වන පරිදි රත්නපුර ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට ගංගාවලින් මැණික් ගැරීමට අවසර ලබා දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ නිවිතිගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනි. ඊට අදාළ කටයුතු කරන්නැයි පොලීසියට සහ පොලිස් විශේෂ කාර්ය බලකායට උපදෙස් දුන් බව ද ජනාධිපතිතුමා එහිදී සඳහන් කළේ ය.
2018-09-08T03:12:00.000Z
ආසියානු දැල් පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබයි
ආසියානු දැල් පන්දු ශූරතාවලිය
COLOMBO (News 1st) - සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල් පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ, අවසන් පූර්ව තරගයේදී හොංකොං කණ්ඩායම ගෝල 55ට 46ක් ලෙස පරාජය කරමිනි. අද පැවැත්වෙන සිංගප්පූරු කණ්ඩායම හා මැලේසියා කණ්ඩායම් අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායමත් සමග හෙට ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේදී ක්‍රීඩා කිරීමට නියමිත ය.
2018-09-08T02:25:56.000Z
නියමිත කාලයට දවසකට හෝ කලින් ජනාධිපතිවරණය නොපවත්වන බව ජනපති අවධාරණය කරයි
ජනපතිවරණය පවත්වන්නේ නියමිත දිනයටමයි - ජනපති
COLOMBO (News 1st) - නියමිත කාලයට කලින් ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් ඒ පිළිබඳ තීරණය කළ යුත්තේ තමා බවත්, නියමිත කාලයට දවසකට හෝ කලින් ඡන්දයක් නොපවත්වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අවධාරණය කළේ ය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රත්නපුර, නිවිතිගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩල රැස්වීම අමතමිනි.
2018-09-08T01:34:28.000Z
රු. මිලියන 3ක් වටිනා කේරළ ගංජා තොගයක් මන්නාරම මුලන්කාවිල් මුහුදෙන් සොයා ගැනේ
මුලන්කාවිල් මුහුදේ පාවුණු කේරළ ගංජා
COLOMBO (News 1st) - මන්නාරම මුලන්කාවිල් මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 284ක් සොයා ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පාර්සල් 7ක කේරළ ගංජා තොගය ඇසුරුම් කර තිබූ බව ය. එම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එන්නට ඇතැයි සැක පළ කරයි. මන්නාරම මුහුදේ නාවික මුර සංචාරයක යෙදී සිටි නාවික හමුදා සමාජිකයින් පිරිසක් එම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇති අතර ඉදිරි විමර්ශන සඳහා ඒවා පොලීසියට භාර දී තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 3 ඉක්මවන බව ය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ කණ්ඩායම් 2ක යොදවා ඇති බව පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, බුද්ධි අංශ මගින් ලබා ගන්නා තොරතුරු මත ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බව ය. මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටින අපරාධකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව ද පොලීසිය සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චි අධිකරණයට අද කරුණු වාර්තා කිරීමට නියමිත ය.
2018-09-08T01:13:05.000Z
කොළඹ සහ කුරුණෑගල මෙහෙයුමකින් 39 දෙනෙකු අත්අඩංගුවට
කොළඹ සහ කුරුණෑගල මෙහෙයුමකින් 39ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී කාන්තාවක ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අද අලුයම 3.00 සිට 7.00 දක්වා මෙහෙයුම් ක්‍රියාත්මක විය. මෙහෙයුම් සිදු වුණේ බේස්ලයින් පාර, කාසල් වීදිය, කොටා පාර සහ සහස්පුර නිවාස සංකීර්ණය යන ස්ථානවල ය. මේ සඳහා බොරැල්ල පොලීසිය පොලිස් කණ්ඩායම් 12ක් යොදවා තිබිණි. අත්අඩංගුවට ගත් පිරිස අතර හෙරොයින්, ගංජා ජාවාරමේ යෙදුණු පුද්ගලයින් සහ ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවක් ද ඇතුළත් ය. මේ අතර කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකින් පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් විය. මෙහෙයුම් ක්‍රියාත්මක වුණේ, අද අලුයම 3.00 සිට 7.00 දක්වා කාලය තුළයි. මේ සඳහා පොලිස් රථ වාහන අංශය, අපරාධ විමර්ශන අංශය, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් 64 දෙනෙක් සහභාගී වූහ. මෙහෙයුම් සඳහා පොලිස් නිල සුනඛයින් ද යොදා ගත් බව අප වාර්තාකරු පැවසුවේ ය. ඒ අනුව සැකපිට 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වරෙන්තුකරුවන් 6 දෙනෙකු ද ඒ අතර වේ. නීති විරෝධී මත්පැන් නිෂ්පාදන කටයුතු කළ පුද්ගලයින් 4 දෙනෙකු, ගණිකා වෘත්තියේ යෙදුණු දෙදෙනෙකු, බීමතින් රථ වාහන පැදවූ දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනිණි.
2018-09-08T00:23:25.000Z
වසරේ මේ දක්වා කාලය තුළ කොළඹ ගිනි ගැනීමේ සිදුවීම් 234ක්
වසරේ මේ දක්වා කාලය තුළ කොළඹ ගිනි ගැනීම් 234ක්
COLOMBO (News 1st) - වසරේ මේ දක්වා කාලය තුළ කොළඹ නගරයෙන් ගිනි ගැනීමේ සිදුවීම් 234ක් වාර්තා වන බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි. එහි පාලන මැදිරි ප්‍රධානී එච්.එම්.ඒ.කේ. හේරත් මහතා සඳහන් කළේ, ගිනි ගැනීම් හේතුවෙන් පුද්ගලයින් 3 දෙනෙකු මිය ගොස් ඇති බව ය. ගිනි ගැනීම්වලින් වැඩි ප්‍රමාණයක් විදුලි කාන්දු වීම් නිසා සිදු වී තිබේ. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ පාලන මැදිරි ප්‍රධානියා සඳහන් කළේ, වාර්තා වන සිද්ධිවලින් වැඩි සංඛ්‍යාවක් නිවාස ආශ්‍රිතව හටගත් ගිනි ගැනීම් වන බව ය. ඉදිකරමින් ඇති ගොඩනැගිලි සහ ආයතනවලින් ද ගිනි ගැනීම් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. මෙම වසර තුළ ගිනි ගැනීමේ සිදුවීම්වලින් 41ක ප්‍රමාණයක් ජනවාරි මාසයේ වාර්තා වී ඇති අතර, දෙසැම්බර් මාසයේදී ද ගිනි ගැනීමේ සිදුවීම්වල ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ද ඔහු ප්‍රකාශ කළේ ය. එච්.එම්.ඒ.කේ. හේරත් මහතා සඳහන් කළේ, මාසිකව ගිනි ගැනීමේ සිදුවීම් 22ක් පමණ වාර්තා වන බව ය.
2018-09-07T22:19:04.000Z
රැජිණිකාන්ත් සිය 165 වන සිනමා පටයේ රූගත කිරීම් අරඹයි
රැජිණිකාන්ත් 'පෙට්ටාහි' රූගත කිරීම් අරඹයි
(News 1st) - ප්‍රවීණ දකුණු ඉන්දීය රංගන ශිල්පී රැජිණිකාන්ත් සිය 165 වන සිනමා පටයේ රූගත කිරීම් ආරම්භ කර තිබේ. කාර්තික් සුබ්බාරාජ්ගේ අධ්‍යක්ෂණයක් වන එය නම් කර ඇත්තේ පෙට්ටා ලෙස යි. රැජිණිකාන්ත් රඟන එස් ශංකර්ගේ 2.0 සිනමා පටය ලබන නොවැම්බර් මස 29 වන දා සිට තිරගත වීමට නියමිත ය. එය ලොව පුරා තිරගත වන්නේ, දෙමළ සහ හින්දි භාෂාවලිනි.
2018-09-07T22:04:27.000Z
ට්‍රැමඩෝල් පෙති 5000ක් සමග සැකකරුවෙකු නොරොච්චෝලේදී අත්අඩංගුවට
ට්‍රැමඩෝල් පෙති 5000ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - ට්‍රැමඩෝල් පෙති 5000ක් සමග සැකකරුවෙකු නොරොච්චෝලේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත ඊයේ රාත්‍රියේ නොරොච්චෝලේ නගරයේ කළ වැටලීමකින් එම පෙති තොගය සොයා ගත් බව ය. අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි අයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.
2018-09-07T21:43:09.000Z
ට්‍රම්ප්ගේ හිටපු උපදේශකවරයෙකුට සිර දඬුවමක්
ට්‍රම්ප්ගේ හිටපු උපදේශකවරයෙකුට සිර දඬුවමක්
(News 1st) - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු උපදේශකවරයෙකු වන ජෝර්ජ් පපඩොපලස්ට දින 14ක සිර දඬුවමක් නියම කර තිබේ. ඒ, අමෙරිකානු ජනාධිපතිවරණයට, රුසියාවේ මැදිහත්වීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලදී අසත්‍ය ප්‍රකාශ ලබා දුන් බව පිළිගැනීමත් සමග ය. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙරටේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවල දිනයන් සහ වේලාවන් පිළිබඳව තමුන් එෆ්.බී.අයි. ආයතනයට අසත්‍ය ප්‍රකාශ කළ බව වොෂින්ටන් අධිකරණයක පැවති නඩු විභාගයේදී ඔහු පිළිගෙන තිබිණි. ඩොනල්ඩ් ට්‍රම්ප් ආණ්ඩුවට සම්බන්ධ නිලධාරියෙකුට සිර දඬුවම් නියම වූ පළමු අවස්ථාව මෙයයි.
2018-09-07T20:28:34.000Z
අමෙරිකාවට අනතුරුදායක කාලයක්: ට්‍රම්ප් පාලනයට චෝදනා කරමින් බැරක් ඔබාමා කියයි
අමෙරිකාවට අනතුරුදායක කාලයක් - බැරක් ඔබාමා
(News 1st) - අමෙරිකාවට අනතුරුදායක කාලයක් උදා වී ඇතැයි එරට හිටපු ජනාධිපති බැරක් ඔබාමා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, අමෙරිකාවේ උර්බානා විශ්වවිද්‍යාලයේ දේශනයකට එක්වෙමිනි. එහිදී බැරක් ඔබාමා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය දැඩි විවේචනයට ලක් කළේ ය. ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය, ප්‍රසිද්ධියේ විවේචනයට ලක් කළ පළමු අවස්ථාව ද මෙයයි.
2018-09-07T20:16:09.000Z
ගිනිඅවි සඳහා වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම ලබන මස සිට ඇරඹේ
ගිනිඅවි සඳහා බලපත්‍ර නිකුත් කිරීම ලබන මස සිට ඇරඹේ
COLOMBO (News 1st) - ගිනිඅවි සඳහා වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම ලබන මස පළමු වන දා සිට ආරම්භ කරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. එහි අතිරේක ලේකම් එන්.ජේ. පණ්ඩිතරත්න මහතා සඳහන් කළේ, පිස්තෝල සහ රිවෝල්වර හිමියන් ආරක්ෂක අමාත්‍යංශයට පැමිණ වාර්ෂික බලපත්‍ර ලබා ගත යුතු බව ය. කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කරන සුළු අවි ඇතුළු අනෙකුත් අවි සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් වාර්ෂික බලපත්‍රය ලබා ගත යුතු බව ද ඔහු සඳහන් කළේ ය. ආරක්ෂක අමාත්‍යංශයේ මේ වන විට ලියාපදිංචි කර ඇති පිස්තෝල සංඛ්‍යාව 1341කි. ලියාපදිංචි කර ඇති අනෙකුත් සුළු අවි සංඛ්‍යාව 15000කට අධික ය. ගිනිඅවි සඳහා වාර්ෂික බලපත්‍ර ලබා ගැනීමේ කාලසීමාව දෙසැම්බර් 31 වන දායින් අවසන් වන බව ද එන්.ජේ. පණ්ඩිතරත්න මහතා පැවසුවේ ය. එම කාලසීමාවෙන් පසු බලපත්‍ර නොමැති ගිනිඅවි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ද ඔහු අවධාරණය කළේ ය. මේ අතර පසුගිය ජුනි මාසයේ සිට ගිනිඅවි සඳහා නව බලපත්‍ර නිකුත් කිරීම ද අත්හිටුවා තිබේ. ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සංවිධානාත්මක අපරාධ ඉහළ යාම හේතුවෙන් එම පියවර ගත් බව ය.
2018-09-07T19:50:45.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) 1. කොළඹ 02 බේබෘෘක් පෙදෙසේ ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලක ඊයේ පස්වරු 2.30ට පමණ ගින්නක් හට ගත්තේ ය. 2. පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව නඩු පවරන්නැයි නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. 3. රුපියල් කෝටි 1240ක් හෙවත් රුපියල් බිලියන 12.4ක තවත් පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. 4. පොලිස්පතිවරයා හා ජාතික පොලිස් කොමිසම අතර මතුව ඇතැයි කියන ගැටලු පිළිබඳව ඊයේ ව්‍යවස්ථා සභාව හමුවට කැඳවා සාකච්ඡා කෙරිණි. 5. විශ්වවිද්‍යාල තුළ නවක වදය සම්බන්ධයෙන් නඩු පවරන්නැයි පොලීසියට උපදෙස් දී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පොළොන්නරුවේදී ප්‍රකාශ කළේ ය. විදෙස් පුවත් 6. ඉක්වදෝරයේ මැග්නිටියුඩ් ඒකක 6.3 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදු වී තිබේ. ක්‍රීඩා පුවත් 7. ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට හිමි වී තිබේ.
2018-09-07T19:39:31.000Z
රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් අධ්‍යයනයක්
රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් අධ්‍යයනයක්
COLOMBO (News 1st) - රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ, ජාත්‍යන්තර මෙහෙයුම් දෙපාර්තමේන්තුවෙන් එම අධ්‍යයනය සිදු කරමින් ඇති බව ය. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ලොව අනෙක් රටවල මුදල් ඒකක ද අවප්‍රමාණය වී ඇද්ද යන්න සම්බන්ධයෙන් ඉන් අධ්‍යයනය කෙරෙනු ඇති. ඇය පෙන්වා දුන්නේ, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම වෙළෙඳපොළ බලවේග මත සිදුවන්නක් බව ය. මෙම තත්ත්වය මෙරටට පමණක් නොව, ලෝකයේ රටවල් කිහිපයකට බලපා ඇතැයි ද ඇය සඳහන් කළා ය.
2018-09-07T08:30:16.000Z
පොලිස්පතිවරයා හා පොලිස් කොමිසම අතර ඇති ගැටලු ව්‍යවස්ථා සභාව හමුවට කැඳවයි
පොලිස්පති හා පොලිස් කොමිසම ව්‍යවස්ථා සභාව හමුවට
COLOMBO (News 1st) - පොලිස්පතිවරයා හා ජාතික පොලිස් කොමිසම අතර මතුව ඇතැයි කියන ගැටලු පිළිබඳව අද ව්‍යවස්ථා සභාව හමුවට කැඳවා සාකච්ඡා කෙරිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එහි සභාපති කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ අතර පොලිස් කොමිසමේ සභාපතිවරයා හා සාමාජිකයින් මෙන්ම පොලිස්පතිවරයා ද සභාව හමුවට කැඳවා තිබිණි. කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, දෙපාර්ශවය අතර මතුව ඇති සියලු ගැටලු දින 14 ක් තුළ සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දන්වන ලෙස මෙහිදී කොමිසමට හා පොලිස්පතිවරයාට දැනුම් දුන් බව ය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා බිහි කිරීමේ ප්‍රධාන පරමාර්ථය මහජනතාවට සමීප මූලික ආයතන දේශපාලනයෙන් තොරව කටයුතු කරන බවට තහවුරු කිරීම යැයි කථානායකවරයා මෙම හමුවේදී අවධාරණය කර තිබේ.
2018-09-07T11:11:00.000Z
ණය උගුලේ සිර වූ වවුනියාවේ කාන්තාවෝ
ණය උගුලේ සිර වූ වවුනියාවේ කාන්තාවෝ
COLOMBO (News 1st) - දුර බැහැර ප්‍රදේශවල කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබා ගෙන ගෙවා ගත නොහැකිව ජීවිත හැරයන තරමට අසරණ වීම මේ වන විට ජාතික ගැටලුවක් බවට පත්ව තිබේ. ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායමකට එලෙස අසරණ වූ කාන්තාවන් පිරිසක් හමුවුණේ වවුනියාවේදී. කාන්තාවන් යනු සමාජයට බෙහෙවින් වැඩදායක පිරිසක්. දුර බැහැර පෙදෙස්වල අසරණ කාන්තාවන් හමුවට එන විවිධ ආයතන, ඔවුන්ට ණය ලබා දෙන අතර අවසානයේ පොළිය ද සමග මුදල ගෙවාගත නොහැකිව ඔවුහු දැඩි ලෙස අසරණ වෙති. අපට හමු වූ වවුනියාව අග්බෝපුර කාන්තාවන් ද ඒ ඛේදවාචකයට එක් නිදසුනක් පමණි. තමන් වැටී ඇති උගුලෙන් ගොඩගන්නා ලෙස ඔවුහු ඉල්ලා සිටිති. වවුනියාව ගනේෂපුරම් ගම්මානයට ඇති ප්‍රධානම ගැටලුව පානීය ජල හිඟයයි. ළිංවල ඇති ජලය බෙහෙවින් කහ පැහැති අතර, එම ජලය බීමට නුසුදුසුයි. අනාරක්ෂිත ළිං රැසක් ද අපට මෙහිදී දක්නට ලැබිණි. මනිපුරම් ගම්මානයේදී අසන්නට ලැබුණේ, වකුගඩු රෝගය පිළිබඳව ය. දැනටමත් පිරිසක් රෝගීව සිටින අතර ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සිටින්නේ අනාගතය පිළිබඳ පැහැදිලි අදහසක් නොමැතිවයි. ගම්මැද්ද ගෙයින් ගෙට තවත් කණ්ඩායමක් කෑගල්ල වෑත්තෑව ගම්මානයේ ගමන් කළ අතර එහිදී අපට දැක ගත හැකි වුණේ, එම ගම්මානය කඳුගැටයක් මත පිහිටීම නිසාම ජලය සපයා ගැනීම ගැටලුවයි. ජලය සම්පාදනය කිරීම සඳහා නළ සවි කිරීම දුෂ්කර බව අදාළ ආයතනවලින් ද දැනුම් දී තිබේ. එම ගම්මානයේ සිටින පවුල් 250ක් ඉල්ලා සිටින්නේ නිසි ජල යෝජනා ක්‍රමයකි. වගාවට ජලය නොමැතිකම ද දැවැන්ත අර්බුදයකි. කෑගල්ල ඒබිඩිගල ගම්වැසියන් ගම්මැද්ද කණ්ඩායම සමග පැවසුවේ රිලා උවදුර නිසා ගැටලුවක් නිර්මාණය වී ඇති බවයි. වගා රැසකට රිලවුන්ගෙන් හානි සිදු වන බවත්, මෙය මර්දනය කර ගත නොහැකිව සිටින බවත් ජනතාව පැවසුවේ ය. ඇළකින් එන දිය පහරකින් පානීය ජලය ලබා ගන්නා මේ ගමේ වැසියන් දැඩි අසීරුතාවට පත් වන්නේ නියං සමයේදී ය. මහනුවර උඩවත්ත ගම්වැසියන්ට ඇති ප්‍රධානම ගැටලුව ප්‍රවාහන අපහසුතාවයි. වගාවෙන් පසු අස්වනු වෙළෙඳපොළට රැගෙන යාම සඳහා දැඩි වෙහෙසක් දරන්නට සිදු වන බව ගම්වැසියෝ පැවසූහ. පල්ලේගලඋඩ ගම්මානයේදී අසන්නට ලැබුණේ ද ජල ගැටලුවකි. ආර්ථික ගැටලුවලින් පීඩා විඳින දරු දැරියන් හා තරුණ තරුණියින් රැසක් මෙහි ඇති අතර ඔවුහු රැකියා ගැටලුවට පිළියම් ඉල්ලා සිටියහ. මහනුවර රතුකුරුසගම ජනතාව ගම්මැද්ද කණ්ඩායම සමග පැවසුවේ, ඉඩම්වලට ඔප්පු නොමැතිකම දැවැන්ත ගැටලුවක් වී ඇති බව ය. දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ සිට සෙසු බොහෝ කටයුතුවලදී ප්‍රශ්න ඇති වන බවත් මීට විසඳුමක් දිය යුතු බවත් ඔවුහු පැවසූහ. රට්ලන්ඩ්ගම ජනතාවට ඇත්තේ ද පානීය ජලය නොමැතිවීම පිළිබඳ ගැටලුවකි.
2018-09-07T10:04:47.000Z
ස්ටයින් මැදිරි සංකීර්ණය 5S ඵලදායී සම්මානයෙන් පිදුම් ලබයි
ස්ටයින් මැදිරි සංකීර්ණය 5S සම්මානයෙන් පිදුම් ලබයි
COLOMBO (News 1st) - මෙරට ප්‍රේක්ෂකයින්ට සුවි‍ශේෂි මතකයන් ගණනාවක් එක්කළ ප්‍රේක්ෂක රසවින්දනය උදෙසා නව්‍යතා සහිත නිර්මාණ රැසක් තිළිණ කළ දකුණු ආසියාවේ විශාලතම මැදිරි සංකීර්ණය වන ස්ටයින් මැදිරි සංකීර්ණය අද 5S ඵලදායී සම්මානයෙන් පිදුම් ලැබුවේ ය. 5S සම්මානය සහ සහතික පත්‍රය ප්‍රදානය අද පස්වරුවේ ස්ටයින් මැදිරි සංකීර්ණය තුළ පැවැත්වුණේ, අතිශය උත්කර්ශවත් අන්දමිනි. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී මොහාන් බරාරා මහතා සහ විද්‍යුත් මාධ්‍ය ව්‍යාපාර සමූහ අධ්‍යක්ෂ නීඩ්‍රා වීරසිංහ මහත්මිය මේ අවස්ථාවට සහභාගී වූහ. මෙරට මාධ්‍ය ආයතනයක් ලාංකීය ඉතිහාසය තුළ 5S සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම අවස්ථාව මෙයයි. ස්ටයින් ස්ටූඩියෝස් වෙනුවෙන් එම ඇගයීමට අදාළ සහතිකය ලබා ගත්තේ, එහි ප්‍රධාන විධායක නිලධාරී චන්දන සූරියබණ්ඩාර මහතා ය. ඒ, ජාතික ඵලදායී ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා අතිනි.
2018-09-07T09:32:00.000Z
විජයකලාට නඩු පවරන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිවරයාට උපදෙස්
විජයකලාට නඩු පවරන්නැයි පොලිස්පතිට උපදෙස්
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව නඩු පවරන්නැයි නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා සඳහන් කළේ, ඇයට විරුද්ධව තම දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව ය. දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ නඩු පවරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව නීතිපතිවරයා ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 (අ) වගන්තිය යටතේ නීතිපති දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව ය. එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳව උත්සවයකදී කළ ප්‍රකාශයක් විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව මෙලෙස නඩු පැවරීමට හේතු වී තිබේ.
2018-09-07T08:41:42.000Z
බිලියන 12ක තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට
තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට
COLOMBO (News 1st) - රුපියල් කෝටි 1240ක් හෙවත් රුපියල් බිලියන 12.4ක තවත් පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. මෙම පරිපූරක ඇස්තමේන්තුවෙන් ගම්පෙරළියේ කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් කෝටි 50ක අතිරේක ප්‍රතිපාදන වෙන් කර තිබේ. එම ඇස්තමේන්තුවේ ඉල්ලා ඇත්තේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැවති ගම්පෙරළිය සමාරම්භක උත්සවයට අදාළ වියදම් වෙනුවෙන් තවත් රුපියල් මිලියනයක් ලබා දෙන ලෙස ය. ප්‍රචාරණ කටයුතු සඳහා ගිය වියදම් පියවීමට මෙම අතිරේක ප්‍රතිපාදන ඉල්ලා තිබේ.
2018-09-07T08:27:54.000Z
නවක වදයට දැඩි දඬුවම්: පනතට අනුව නඩු පවරන්නැයි පොලීසියට නියෝග කළ බව ජනපති කියයි
නවක වදයට දැඩි දඬුවම්: නඩු පවරන්නැයි නියෝග
COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල තුළ නවක වදය සම්බන්ධයෙන් නඩු පවරන්නැයි පොලීසියට උපදෙස් දී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පොළොන්නරුවේදී ප්‍රකාශ කළේ ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ, පොළොන්නරුව හිඟුරක්ගොඩ ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල් තබමිනි. නෙදර්ලන්තයේ ආධාර මත ඉදිවන ව්‍යාපෘතියට වැය වෙතැයි ගණන් බලා ඇති මුදල රුපියල් කෝටි 700කි. මේ අතර පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ඩී එක උතුරු ඇළට අයත් ඉපැරණි ගිණිපෙට්ටි පාලම යළි ඉදිකිරීම ද අද ආරම්භ කෙරිණි. පසුගියදා මෙම පාලම කැඩී යාම හේතුවෙන් මෙවර කන්නයේ කුඹුරු අක්කර 15000කට පමණ ජලය සැපයීම ඇණ හිටියේ ය. ව්‍යපෘතිය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 250කි.
2018-09-07T05:06:37.000Z
කොළඹ බේබෘෘක් පෙදෙසේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක ගින්නක්
බේබෘෘක් පෙදෙසේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක ගින්නක්
COLOMBO (News 1st) - කොළඹ 02 බේබෘෘක් පෙදෙසේ ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලක අද පස්වරු 2.30ට පමණ ගින්නක් හට ගත්තේ ය. කාර්යාල වේලාවක් වූ බැවින් අවට ගොඩනැගිලිවල සිටි පිරිස ද වහා ඉවත්වීමට පියවර ගෙන තිබිණි. විනාඩි කිහිපයක් තුළ ගින්න යාබදව පිහිටි මහල් 8කින් සමන්විත කාර්යාල ගොඩනැගිල්ලට පැතිර ගියේ ය. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව වහා ක්‍රියාත්මක වූ අතර ඔවුන් පළමුව උත්සහ කළේ, ගින්න පැතිර යාම වැළැක්වීමට ය. එහෙත් යාබද ගොඩනැගිලි වෙත එය ව්‍යාප්ත වූ අතර තත්ත්වය පාලනය කිරීමට අතිරේක යන්ත්‍ර හා නිලධාරීන්ගේ සහය ලබා ගැනීමට සිදු විය. ගිනි නිවීම් රථ 8ක් සිද්ධිය වූ ස්ථානයට කැඳවා තිබූ අතර පුහුණුව ලැබූ ගිනි නිවීම් සේවකයින් 50කට අධික සංඛ්‍යාවක් මෙම මෙහෙයුමට දායක වූහ. ගුවන් හමුදාවේ ද සහය ලබා ගෙන ගින්න නිවා දැමුවේ පැය 2ක පමණ මෙහෙයුමකින් අනතුරුව ය. ගින්නෙන් තුවාල ලැබූ ඉන්දීය ජාතිකයෙකු ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව ය. මෙම ඉන්දීය ජාතිකයා ඉදිකරමින් පැවති ගොඩනැගිල්ලේ සේවය කළ අයෙකි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නොමැති අතර ඉදිවන ගොඩනැගිල්ලේ සිදු වූ විදුලිය කාන්දුවක් ඊට හේතු වන්නට ඇතැයි සැක කරයි. සිද්ධියෙන් ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලටත් යාබද කාර්යාල ගොඩනැගිල්ලටත් බරපතල හානි සිදු විය.
2018-09-07T02:14:18.000Z
ඉක්වදෝරයේ ප්‍රබල භූ කම්පනයක්
ඉක්වදෝරයේ ප්‍රබල භූ කම්පනයක්
ඉක්වදෝරයේ මැග්නිටියුඩ් ඒකක 6.3 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදු වී තිබේ. අමෙරිකානු භූ විද්‍යා ආයතනය පැවසූවේ, භූ කම්පනය මධ්‍යම ඉක්වදෝරයේ සිට කිලෝමීටර 94 ක් දකුණු දිගින් පිහිටි ඇම්බැටෝ ප්‍රදේශයේ හටගෙන ඇති බවයි. එහි පැල්ම කිලෝමීටර 112 ක් බව වාර්තා වේ. භූ කම්පනයෙන් මෙතෙක් කිසිදු ජීවිත අහිමිවීමක් වාර්තා වී නොමැති අතර එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව සඳහන් ය. මේ හේතුවෙන් ප්‍රදේශ රැසකට විදුලිය ඇණ හිට ඇති අතර ගොඩනැගිලි සහ නිවාස රැසක් මින් විනාශ වී ඇත. විදෙස් වාර්තාහි සඳහන් වෙන්නේ, මෙම භූ කම්පනයෙන් පසු කම්පන 5 ක් සිදු වූ බවයි. ඉක්වදෝරයේ නිතර භූ කම්පන වාර්තා වන අතර 2017 වර්ශයේ ඇති වූ මැග්නිටියුඩ් ඒකක 7.8 ක කම්පනයෙන් පුද්ගලයින් 650 දෙනෙකුට අධික පිරිසක් මිය ගියහ.
2018-09-07T00:42:00.000Z
විග්නේෂ්වරන් අද අධිකරණය හමුවට
විග්නේෂ්වරන් අද අධිකරණය හමුවට
COLOMBO (News 1st) - උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි. වි. විගේනේෂ්වරන් මහතාට සහ උතුරු පළාත් අමාත්‍යවරුන් වන ආනන්දි ශෂීදරන් සහ පී. ෂිවනේෂන් යන වගඋත්තරකරුවන් ලබන 18 වන දා යළි අධිකරණය හමුව් පෙනී සිටින ලෙස අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා අද අවාවාද කර ඇත. එම විත්තිකරුවන් තිදෙනා අද අධිකරණය හමුවේ පෙනී සිටියේ අධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුවයි. අභියාචනාධිකරණය විසින් පසුගිය ජුනි 29 වන දින නිකුත් කරන ලද නියෝගය අනුව කටයුතු නොකිරීමෙන් අධිකරණයට කළ අපහාසය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔවුන් තිදෙනා අද දින අධිකරණයට කැඳවා තිබුණි. උතුරු පළාත් ඇමතිවරයකු ලෙස කටයුතු කළ බී. ඩැනීෂ්වරන් මහතාව අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට පසුගිය අගෝස්තු මස උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වි. විග්නේෂ්වරන් මහතා විසින් නිකුත් කර තිබු ලිපිය ක්‍රියාත්මක කිරීම බල රහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන ඔක්තෝබර් 09 වන දා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ද එහිදී නියෝග කළේ ය.
2018-09-06T21:55:01.000Z
මිලදී ගන්නා වී සඳහා මිල ඉහළ නැංවීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය
වී මිල ඉහළ නැංවීමට අනුමැතිය
COLOMBO (News 1st) - මිලදී ගන්නා වී සඳහා මිල ඉහළ නැංවීමට ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ලැබී තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අනුව නාඩු සහ සම්බා වී කිලෝවක මිල රුපියල් 2.00 කින් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවයි. ඊට අදාළ යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා යොමු කර ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේ ය. ඒ අනුව මෙතෙක් රුපියල් 38.00 කට පැවති නාඩු වී කිලෝවක් සඳහා ඉදිරියේදී රුපියල් 40.00 ක් දක්වා මිල ඉහළ යනු ඇති. රුපියල් 41.00 ක් ව පවතින සම්බා වී කිලෝවක් රුපියල් 43.00 ක් දක්වා ඉහළ දැමීමට ද යෝජනා වී ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේ, යල කන්නයේ වී අස්වැන්නෙන් මෙට්ට්‍රික් ටොන් 6000 ක් පමණ මේ වන විට වී අළෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති බවයි. ඉන් වැඩිම අස්වනු මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙනි. වී අස්වනු ලැබීම අවසන් වන තුරු වී මිලදී ගැනීම අඛණ්ඩව සිදුකරන බව ද එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
2018-09-06T20:49:58.000Z
එක්දින කාන්තා ක්‍රිකට් තරගාවලියේ නායකත්වය චමරි අතපත්තුට
එක්දින ක්‍රිකට් තරගාවලියේ නායකත්වය චමරි අතපත්තුට
COLOMBO (News 1st) - ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට හිමිවී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසූවේ, ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ බවයි. හිටපු නායිකා ශශිකලා සිරිවර්ධන, ඉනෝකා රණවීර, අමා කාංචනා, ප්‍රසාදිනී වීරක්කොඩි, හසිනි පෙරේරා, නිපුනි හංසිකා ද එම සංචිතයට ඇතුළත් වේ. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - ඉන්දියා කාන්තා කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 11 වන දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ය.
2018-09-06T20:39:48.000Z
නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් CID අත්අඩංගුවට
අලි රොෂාන් CID අත්අඩංගුවට
COLOMBO (News 1st) - නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අලි ඇතුන්ගේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. සැකකරු අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
2018-09-06T20:28:25.000Z
බ්‍රසීල ජනාධිපතිවරණයේ ප්‍රධානතම විපක්ෂ අපේක්ෂකයාට පිහි ඇනුමක්
බ්‍රසීලයේ ප්‍රධානතම විපක්ෂ අපේක්ෂකයාට පිහි ඇනුමක්
බ්‍රසීල ජනාධිපතිවරණයේ ප්‍රධානතම විපක්ෂ අපේක්ෂක ජේයර් බොල්සනාරො මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුරදී පිහි ඇනුමකට ලක් ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දකුණු දිග බ්‍රසීලයේ ජියුස් ඩි ෆෝරා නගරයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදී සිටින අතරතුර ඔහු මෙම පිහි ප්‍රහාරයට ලක් වූ බවයි. ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ජේයර් බොල්සනාරොගේ තත්ත්වය මේ වන විට සුව අතට හැරෙමින් ඇතැයි ඔහුගේ පුත්‍රයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. පිහි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බ්‍රසීල සමාජ ලිබරල් පක්ෂයේ සාමාජිකයකු වන ජේයර් බොල්සනාරො, ඔහුගේ දේශපාලන භාවිතය හේතුවෙන් නිවර්තන කලාපයේ ට්‍රම්ප් ලෙසින් විරුධාවලිය ලබා ඇති බවයි.
2018-09-06T20:15:17.000Z
බන්ධනාගාර ආශ්‍රිතව සිදු වූ අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන් සිව්දෙනෙකුගේ සේවය අත්හිටුවයි
බන්ධනාගාර නිලධාරීන් 4 දෙනෙකුගේ සේවය අත්හිටුවයි
COLOMBO (News 1st) - බන්ධනාගාර ආශ්‍රිතව සිදුවන විවිධ අක්‍රමිකතාවලට සම්බන්ධ බවට තහවුරු වී ඇති නිලධාරීන් සිව්දෙනෙකුගේ සේවය අත්හිටුවීමට අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එහි ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව බන්ධනාගාරගත ව සිටින ජාවාරම්කරුවන්ට නවාතැන් පහසුකම් ලබාදීම, තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර තුළට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සකස් කරදීම ඇතුලු අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන් 10 දෙනෙකු පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි. වව්නියාව සහ කෑගල්ල බන්ධනාගාරවල ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර බන්ධනාගාර තුළ සිදුවන ඇතැම් කලහකාරි සිදුවීම්වලට සංවිධානාත්මක අපරාධ කල්ලි 10 පමණ සමාජිකයන්ගේ ගැටුම් හේතු වී ඇති බව ඔහු සඳහන් කළේ ය. ඒ හේතුවෙන් හඳුනාගත් එම පිරිස් විශේෂ ආරක්ෂාවක් යටතේ, බන්ධනාගාරවල රැඳවීමට පියවර ගෙන ඇත. බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේ සංවිධානාත්මක අපරාධ ක්‍රියාවලට සම්බන්ධ රැඳවියන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රඳවා සිටින හඳුනාගත් බන්ධනාගාරවල බාහිර ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට සැලසුම් කර ඇති බවයි.
2018-09-06T20:09:10.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) 1. 2030 දක්වා නායකත්වයේ රැඳී සිටින බවට රනිල් වික්‍රමසිංහගෙන් ඉඟියක්: එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරය ඊයේ දිනයේ සමරණු ලැබිණි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සම්මේලනයේදී උණුසුම් ප්‍රතිචාර ලැබුණු අතර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද පිරිස ඇමතුවේ ය. 2. බොරලැස්ගමුව, විහාර මාවතේ ගින්නකින් වෛද්‍යවරියක් මරුට: බොරලැස්ගමුව, විහාර මාවතේ නිවසක ඊයේ දහවල් හටගත් ගින්නකින් වෛද්‍යවරියක මිය ගොස් තිබේ. කළුබෝවිල රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඇය ගර්භනී කාන්තාවක් බව ය. 3. පාර්ලිමේන්තුව කල් තබයි: ඊයේ දිනයේ ඝණ පූර්ණය නොමැති වීමෙන් පාර්ලිමේන්තුව අදට කල් තබා ඇත. 4. අධිමාත්‍රාවෙන් යුත් මත්පෙති තොගයක් රේගු භාරයට: කොළඹ වරායේ බහාලුමක තිබි අධිමාත්‍රාවෙන් යුත් මත්පෙති එක්කෝටි පනස් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයට ලද තොරතුරක් අනුව රේගු නිලධාරින් සමග කළ වැටලීමකදී මෙම මත්පෙති තොගය සොයාගත් බවයි. 5. ආහාර විෂවීමකින් ළමුන් 54 දෙනෙක් වටවල රෝහලට: ආහාර විෂවීමක් හේතුවෙන් ළමුන් 54 දෙනෙකු වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබේ. මෙසේ රෝහල්ගත කර ඇත්තේ, වටවල පොලිස් වසමට අයත් ටෙම්පල්ස්ටො වතුයායේ පදිංචි අවුරුදු 1 – 10 දක්වා වූ පිරිමි සහ ගැහැණු ළමයි පිරිසකි. විදෙස් පුවත් 6. ජපානයේ මැග්නිටියුඩ් ඒකක 6.7 ක භූ කම්පනයක්: ජපානයේ හොක්කයිදෝ දූපතේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. එහි ප්‍රභලත්වය සටහන් වූයේ, මැග්නිටියුඩ් ඒකක 6.7 ක් ලෙසයි.
2018-09-06T19:40:17.000Z
දෛනික විදුලි ඉල්ලුම ඉහළට
දෛනික විදුලි ඉල්ලුම ඉහළට
COLOMBO (News 1st) - දෛනික විදුලි ඉල්ලුම මෙගාවොට් පැය 2 කින් පමණ ඉහළ ගොස් ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, රට තුළ වියළි කාලගුණික තත්ත්වයක් පැවතිය ද බාධාවකින් තොරව විදුලිය ලබාදීමට පියවර ගෙන ඇති බවයි. ජල විදුලි බලාගාර ආශ්‍රීත ජලාශවල ජල මට්ටම 75% ක මට්ටමක පවතින බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටි. එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ජනතාවගේ සාමාන්‍ය ජල පරිභෝජනය ඉතා විශාල වශයෙන් වැඩි වී ඇති බවයි. මේ හේතුවෙන් ජනතාවට අවශ්‍ය ජලය නල පද්ධතියට මුදා හැරිය ද කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් උස් ප්‍රදේශවල ජල සැපයුමට බාධා පැමිණ ඇති බව එම මණ්ඩලය පෙන්වා දෙයි. ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අතවශ්‍ය කටයුතුවලට හැර වාහන සේදීම, ගෙවතු අලංකරණය, පිහිනුම් තටාක නඩත්තු ආදී කටයුතු සඳහා පිරිපහදු කළ නල ජලය හැකි තරම් සීමා කරන ලෙසයි. මේ අතර තවදුරටත් වැසි රහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/2137600139843253/
2018-09-06T19:34:37.000Z
මහ කන්නය සඳහා පොහොර නිකුත් කිරීම අද සිට
මහ කන්නය සඳහා පොහොර නිකුත් කිරීම අද සිට
COLOMBO (News 1st) - එළැඹෙන මහකන්නය සඳහා පොහොර නිකුත් කිරීම අද ආරම්භ කරන බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි. එහි අධ්‍යක්ෂ අජිත් පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, ඊට අදාළ චක්‍රලේඛය අද නිල වශයෙන් නිකුත් කරන බව ය. ඒ අනුව කුඹුරේ ප්‍රමාණය මත පොහොර ලබා ගැනීමට ගොවීන්ට හැකියාව ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
2018-09-06T09:49:15.000Z
ශ්‍රී ලංකාව හසුව ඇති චීන ණය උගුල
ශ්‍රී ලංකාව හසුව ඇති චීන ණය උගුල
COLOMBO (News 1st) - මෙරට සිදු වන චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් විටින් විට විද්වතුන්, දේශපාලනඥයින් සහ සිවිල් ක්‍රියාකාරීන්ගේ දැඩි අවධානයට යොමු වී තිබේ. ඔවුන් තරයේ කියා සිටින්නේ, ශ්‍රී ලංකාව චීන ණය උගුලකට හසුව ඇති බව ය. මීට දින කිහිපයකට පෙර චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකාවක එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. චීනයේ නව වෙළෙඳ මාවත පිළිබඳව මේ වන විටත් රටවල් බොහොමයක් අප්‍රසාදය පළ කර ඇති බව වාර්තා වේ. ඔවුන් සියලු දෙනාම පවසන්නේ, මෙම ආයෝජන චීන ණය උගුලේ කොටසක් වන බව ය. පසුගිය වසරේදී හම්බන්තොට වරාය වසර 99ක් සඳහා වූ කල් බදු ක්‍රමයට චීනයට ලබා දී තිබෙන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක චීන ණය ආපසු ගෙවීමේ හිලව් පදනමිනි. තවද චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකාව පවසා සිටියේ, එවැනි ණය උගුලක හම්බන්තොට වරාය සිර වී නොමැති බව ය. ශ්‍රී ලංකා මහ බැංකු දත්ත උපුටා දක්වමින් ඇය පැවසුවේ, චීන ණය ප්‍රමාණය මෙරට සම්පූර්ණ විදෙස් ණය ප්‍රමාණයෙන් 10%ක් පමණක් වන බව ය. ශ්‍රී ලංකාවේ ණය බර වැඩි වීමට එකම හේතුව චීනයෙන් ණය ලබා ගැනීම පමණක් නොවන බව ද ඇය සඳහන් කළා ය. නමුත් ඇගේ ප්‍රකාශය පිළිගත හැකි ද? නැතිනම් මේ අවදානම පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විද්වතුත් පවසන්නේ අසත්‍යක් ද?
2018-09-06T09:29:12.000Z
බලධාරීන්ගේ කර ඇරිල්ල නිසා පරපුරෙන් පරපුරට උරුම වන උවදුර
පරපුරෙන් පරපුරට උරුම වන උවදුර
COLOMBO (News 1st) - බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා ඇතැම් ගැටලු පරපුරෙන් පරපුරට දායාද වන්නේ කණගාටුදායක අන්දමින්. ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායමකට අද එවැනි සිද්ධියක් අනාවරණය විය. ඒ, අනුරාධපුරයේ ගම්මානවල සැරිසරමින් පොදු ගැටලු විමසද්දීයි. වසර ගණනාවකට පෙර නාමල්පුර ගම්මානයේ මවක, වන අලි ප්‍රහාරයකින් මිය ගිය ආකාරය ඇගේ දියණිය දෑසින් දැක තිබිණි. දියණිය දැන් උපාධිධාරී පෙරපාසල් ගුරුවරියකි. වන අලීන් අදටත් ඒ ගම්මානයට කඩා වදියි. පොළොන්නරුව දිඹුලාන ගම්වැසියන් ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම හමුවේ පැවසුවේ, පානීය ජල අර්බුදය නිසා දෛනික කටයුතු සියල්ල අඩපණව ඇති බව යි. ගමේ පානීය ජල ව්‍යාපෘතියක් අරඹා තිබුණත් ඊට ජලය ලබා ගන්නා දිඹුලාන වැවේ ජලය අපවිත්‍ර වීමෙන් ගැටලුවක් මතුව ඇති බව ඔවුහු පැවසූහ. මුලතිව් පුත්තුඑට්ටුවාන් ගම්මානයේ ප්‍රාථමික රෝහලට පසුගිය වසරේ සිට වෛද්‍යවරයෙකු නොමැත. ගම්මාන 5ක ජනතාව ප්‍රතිකාර සඳහා පැමිණෙන්නේ මේ රෝහලටයි. මෙහි සේවකයින් කිහිප දෙනෙකු සිටින අතර ඔවුන් සුළු ප්‍රතිකාර සිදු කරන බව ගම්වැසියෝ පැවසූහ. මේ හේතුවෙන් ජනතාවට සිදුව ඇත්තේ කිලෝමීටර 15ක් සහ 25ක් දුර ගෙවා මල්ලාවි හෝ කිලිනොච්චි රෝහල්වලට යාමට ය. වන අලි වළකන විදුලි වැටේ විදුලිය නොමැති බව ද ගම්වැසියෝ පෙන්වා දුන්හ. මුලතිව් මුල්ලිවයික්කාල් ගම්මානයේදී ජල ගැටලුවෙන් පීඩා විඳින විවිධ ආර්ථික ගැටලුවලින් මිරිකුණු අසරණ පිරිසක් මෙහිදී ගම්මැද්ද කන්ඩායමට හමු විය. ඔවුන් පැවසුවේ කිසිදු පහසුකමක් නොමැති අතර කුලී වැඩක යෙදී දිවි ගැටගසා ගන්නා බව යි. නීති විරෝධී මත්පැන් ජාවාරම් නිසා දරු පරපුර ගැන බියෙන් පසුවන බව මව්වරු පැවසූහ. ගාල්ල සඳරැස්ගමදී ගම්මැද්ද කණ්ඩායමට අසන්නට ලැබුණේ, සපුරා වෙනස් ගැටලුවකි. කටුපොල් වගාව නිසා තමන් ගැටලු රැසකට මුහුණපාන බව ජනතාව අපට දැන්වුවේ ය. ගම්වැසියන් ප්‍රකාශ කළේ, ජල මූලාශ්‍ර සිඳී යාම ඇතුළු පාරිසරික ගැටලු රැසක් මතුව ඇති අතර බලධාරීන් වහාම පියවරක් ගත යුතු බව ය. ගාල්ල සමගිගම ගම්මානයේ තවත් ගම්මැද්ද කණ්ඩායමක් ගමන් කළ අතර එහිදී ජනතාව අපට පැවසුවේ, වසර 35ක පමණ කාලයක සිට නිසි පරිදි ජල පහසුකම් නොමැති බව ය. ජල මූලාශ්‍ර තිබෙන නමුත් එය කළමනාකරණය කරමින් ක්‍රමයක් සකස් කරන්නට බලධාරීන්ගේ ඇස් යොමුව නොමැති බව ගම්වැසියෝ ප්‍රකාශ කළහ. 2002 වසරේ ඇති කළ ජල යෝජනා ක්‍රමය ද කලකට පෙර අත්හැර දමා තිබේ. එය සකස් කළ හොත් ගම් 5කට ජලය ලබා දිය හැකි බව ගම්වැසියෝ ප්‍රකාශ කළහ.
2018-09-06T08:58:11.000Z
2030 දක්වා නායකත්වයේ රැඳී සිටින බවට රනිල් වික්‍රමසිංහගෙන් ඉඟියක්
2030 දක්වා නායකත්වයේ රැඳී සිටින බවට රනිල්ගෙන් ඉඟි
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරය අදට යෙදී තිබේ. 1946 වසරේ අද වැනි දිනක කොළඹ, පාම්කෝට් මන්දිරයට රැස් වූ ඩී.එස්. සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායක ඇතුළු නායකයෝ මුල් වී එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළහ. නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වූයේ පක්ෂයේ පළමු නායකයා වූ ඩී.එස්. සේනානායක මහතා යි. ගොවි ජනපද ව්‍යාපාරය හරහා රට පුරා දැවැන්ත සංවර්ධනයකට මුලපිරූ ඔහුගේ ඇවෑමෙන් ඩඩ්ලි සේනානායක මහතා පක්ෂයේ නායකත්වයත් රටේ මුල් පුටුවත් භාර ගත්තේ ය. පියාගේ වැඩපිළිවෙළ පුළුල් කළ ඩඩ්ලි සේනානායක මහතාගෙන් පසුව පක්ෂයේ නායකත්වයට ජේ.ආර්. ජයවර්ධන මහතා පත් වූ අතර 1977 පක්ෂයට 6න් 5ක අති විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දීමට ඔහු සමත් විය. එම ජයග්‍රහණයත් සමග විධායක ජනාධිපති ධූරය රටට හඳුන්වා දුන් අතර විවෘත ආර්ථිකය හරහා දැවැන්ත සංවර්ධන සංග්‍රාමයක් ආරම්භ කළේ ය. ජයවර්ධන යුගයෙන් පසුව ආර්. ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය භාර ගත්තේ විධායක ජනාධිපතිවරයා ලෙස ද පත් වෙමිනි. ගම් උදාව, ජන සවිය, කැපකරු මාපිය ක්‍රමය, ඇඟලුම් කම්හල් ව්‍යාපෘතිය ඇතුළු යෝධ වැඩසටහන් හරහා පාක්ෂිකයින් මෙන්ම රට ද නව යුගයක් කරා රැගෙන යාම ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ නායකත්වයට හැකි විය. ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, ඒ.සී.එස්. හමීඩ්, රොනී ද මෙල්, සිරිසේන කුරේ වැනි ක්‍රියාශීලී නායකයින් පසුබිමින් සිට පක්ෂය දැවන්ත ජයග්‍රහණයක් කරා රැගෙන ගියේ රට ද සංවර්ධනය කරා යොමු කරමිනි. පක්ෂය ආරම්භ කර වසර 30ක්ම ආණ්ඩු බලය ලබා ගත හැකි වුවත් 1994 සිට මේ දක්වා රටේ විධායක ජනාධිපති ධූරය ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකි වී තිබේ. 1994 රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නායකත්වයට පත් වූ අතර පක්ෂයේ ආයු කාලයෙන් 3න් එකක්ම ඔහු එම ධූරයේ කටයුතු කරයි. අද 72 වන සංවත්සරය සිරිකොත පක්ෂ මූලස්ථානයේ සැමරුවේ මෙවැනි පසුබිමක ය. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සම්මේලනයේදී උණුසුම් ප්‍රතිචාර ලැබුණු අතර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද පිරිස ඇමතුවේ ය. අද 72 වන සංවත්සරය සමරන එක්සත් ජාතික පක්ෂය මෙරට තනි විශාලතම දේශපාලන පක්ෂයයි. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයට පත්ව 1994 වසරේ ආණ්ඩු බලය ගිලිහී යාමෙන් පසුව ගෙවී ගිය වසර 24ක කාලය තුළ පක්ෂයට නැවත තනි ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වී තිබේ. දැවැන්තයින් රැසක්ම පක්ෂය හැර ගියේ වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තුළ ය. 1949 වසරේ මාර්තු 24 වන දා උපන් රනිල් වික්‍රමසිංහ මහතාට දැන් වයස අවුරුදු 69කි. 72 වසරක් සපුරන එක්සත් ජාතික පක්ෂයේ වැඩිම කාලයක් නායකත්වය දැරූ පුද්ගලයා ලෙස වික්‍රමසිංහ මහතා වසර 24 ක් එම තනතුරේ කටයුතු කරමින් සිටියි. එදා මෙදා තුර පැවති මහ මැතිවරණ, ජනාධිපතිවරණ, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණවලදී පක්ෂය ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔහුට හැකි වූයේ 2001 මහ මැතිවරණයේ පමණි. චන්ද්‍රිකා කුමාරතුංග රජය පෙරළුණු නිසා එම අවස්ථාව ලැබුණත් එය ද වැඩි කාලයක් රැක ගැනීමට වික්‍රමසිංහ මහතා අපොහොසත් විය. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් අවසන් වරට ජනාධිපතිවරණයකට තරග කළේ 2005 වසරේදී ය. එතැන් සිට පැමිණි ජනාධිපතිවරණ දෙකේදීම පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට නොහැකි වීම කණගාටු දායක තත්ත්වයකි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ මගහැර ගිය අතර පක්ෂයේ වෙනත් නායකයෙකුට ද අවස්ථාව ලබා නොදුන්නේ ය. ඒ වෙනුවට 2010 දී සරත් ෆොන්සේකා මහතා ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් කළේ පාක්ෂිකයින්ට අතුල්පහරක් එල්ල කරමිනි. ඉන් නොනැවතුන රනිල් වික්‍රමසිංහ මහතා 2015 නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා පිටුපස හැංගී ජනාධිපතිවරණය මගහැරියේ ය. එහිදී ජනාධිපති ධූරයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිහියෙන් පාර්ලිමේන්තුවේ ආසන 40ක් පමණක් තිබියදී වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් විය. ජනාධිපතිවරයාගේ බලය අත්හැරීමට ඇති කැමැත්ත අයුතු ලෙස යොදා ගනිමින් සූක්ෂම අයුරින එම බලය පැහැර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සහ කළේ 19 වන සංශෝධනය හරහා ය. ආණ්ඩු බලය තිබියදීත් ඔහු පසුගිය පළාත් පාලන ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත් කළේ වසරක්වත් පැරණි නැති පක්ෂයක් හමුවේ ය. මෙසේ ලැබූ 30 වන ඡන්ද පරාජය හමුවේ වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තීරණාත්මක ලෙස අභියෝගයකට ලක් විය. මෙසේ නායකත්වය අභියෝගයට ලක් වූ විට එයින් ගැලවීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය හා අභියෝග එල්ල කරන මන්ත්‍රීවරුන්ට විවිධ වරප්‍රසාද ලබා දී තමන්ට නතු කර ගැනීමට කටයුතු කළේ ය. එහෙත් දුන් දහසක් බොරු පොරොන්දු අසා ලණු කෑ අයට අවසානයේ සිදු වූයේ අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පිළිගැනීමට ය. මීට පෙර ද නායකත්ව මණ්ඩල, නියෝජ්‍ය නායක, උපනායක තනතුරු, ප්‍රතිසංවිධාන කමිටු මෙකී නොකී නානාප්‍රකාර උප්පරවැට්ටි යොදා අවසානයේ වික්‍රමසිංහ මහතා සිදු කළේ තම නායකත්වය ආරක්ෂා කර ගැනීම පමණි. පක්ෂය මෙන්ම පාක්ෂිකයා හෝ රට ගැන නොව තම බලය ගැන පමණක් සිතීමේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය බරපතල අර්බුදයකට පත් කිරීමයි. දැන් ඔහු කියන්නේ 2030 දක්වා අසුන හැර නොයන බවයි. එදා නායකයාගේ ලණු කෑ පසුපෙළ මන්ත්‍රීවරුන්, කෘත්‍යාධිකාරී සභිකයින් දැන් ඇත්ත අවබෝධ කරගනු ඇත. වසර 72ක පක්ෂ ඉතිහාසය තුළ තම නායකත්වය නොමැතිව ගෙවුණු වසර 50ක පමණ කාල සීමාවේ වැඩි කාලයක් රාජ්‍ය බලය දැරූ පක්ෂය වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් රාජ්‍ය බලය ලබාගෙන ඇත්තේ වසර කිහිපයක් පමණි. ජනතාව පිළිගන්නා නායකයින් සිටිද්දී දිගින් දිගටම පක්ෂය පරාජය කළ මෙම පරාජිත නායකයා තවදුරටත් තනතුරේ තබා ගැනීමෙන් සිදු වන්නේ ඉතිහාසය යළි යළිත් ක්‍රියාත්මක වීම නොවේ ද?
2018-09-06T05:51:12.000Z
බොරලැස්ගමුව, විහාර මාවතේ ගින්නකින් වෛද්‍යවරියක් මරුට
බොරලැස්ගමුවේ ගින්නකින් වෛද්‍යවරියක් මරුට
COLOMBO (News 1st) - බොරලැස්ගමුව, විහාර මාවතේ නිවසක අද දහවල් හටගත් ගින්නකින් වෛද්‍යවරියක මිය ගොස් තිබේ. කළුබෝවිල රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඇය ගර්භනී කාන්තාවක බව ය. ගින්නෙන් ඇයගේ පස් හැවිරිදි දරුවා සහ සැමියා ද තුවාල ලබා තිබේ. ඔවුන් මේ වන විට කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. ගින්න නිවා දැමීම සඳහා දෙහිවල ගිනි නිවීම් ඒකකයේ සේවා රථ 4ක් යොදා ගත් බව එහි නිලධාරියෙකු සඳහන් කළේ ය.
2018-09-06T00:54:21.000Z
කලපු ආශ්‍රිත ජලජීවි නිෂ්පාදන ඉහළ නැංවීමට පියවර
කලපු ආශ්‍රිත ජලජීවි නිෂ්පාදන ඉහළ නැංවීමට පියවර
COLOMBO (News 1st) - දිවයිනේ කලපු ආශ්‍රිතව ජලජීවි නිෂ්පාදන ඉහළ නැංවීමේ වැඩසටහනක් ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යංශය මගින් ආරම්භ කර තිබේ. මත්ස්‍ය නිපැයුම් ඉහළ නැංවීම, කලපු පිරිසිදු කිරීම සහ නව රැකියා අවස්ථා බිහි කිරීම මෙහි අරමුණු ලෙස සඳහන් ය. මෙහි මුල් අදියර යටතේ පුත්තලම, නයාරු, ආරුගම් බොක්ක, කොග්ගල, පානම, රැකව සහ මුන්දලම කලපු ආශ්‍රිතව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර මීට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 1000 ක් වනු ඇත.
2018-09-06T00:02:04.000Z
30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව අද ගමන් අරඹයි
මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව
COLOMBO (News 1st) - 30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව අද කොළඹින් ගමන් ඇරඹීමට නියමිත වේ. "ස්වයංපෝෂිත යුගයක් මහවැලි තාරුණ්‍යට අපමණ අගයක්" මෙහි තේමාව වී ඇත. ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගමන් ඇරඹෙන මෙම චාරිකාව කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් ගමන් ඇරඹීමට නියමිත වේ. ගිනිසිළුව රැගත් චාරිකාවට නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ MTV / MBC මාධ්‍ය ජාලය යි.
2018-09-05T23:21:07.000Z
ඝණ පූර්ණය නොමැති වීමෙන් පාර්ලිමේන්තුව හෙටට කල් තබයි
පාර්ලිමේන්තුව හෙටට කල් තබයි
COLOMBO (News 1st) - ඝණ පූර්ණය නොමැති වීම නිසා පාර්ලිමේන්තුව හෙටට කල් තබා තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/235225937155138/
2018-09-05T23:08:43.000Z
අධිමාත්‍රාවෙන් යුත් මත්පෙති තොගයක් රේගු භාරයට
අධිමාත්‍රාවෙන් යුත් මත්පෙති තොගයක් රේගු භාරයට
COLOMBO (News 1st) - කොළඹ වරායේ බහාලුමක තිබි අධිමාත්‍රාවෙන් යුත් මත්පෙති එක්කෝටි පනස් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයට ලද තොරතුරක් අනුව රේගු නිලධාරින් සමග කළ වැටලීමකදී මෙම මත්පෙති තොගය සොයාගත් බවයි. මත්පෙති තොගයේ වටිනාකම තවම තක්සේරු කර නොමැති අතර මෙය මෙරටට රැගෙන ආ නොහැකි වර්ගයේ අධිමාත්‍රා මාදක ඖෂධයක් බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. පොලීසිය පැවසුවේ, මත්පෙති සොයාගත් බහාලුම ඉන්දියාවේ සිට කොළඹ වරායට රැගෙන විත් ඇත්තේ ලිබියාවට යැවීම සඳහා බවයි.
2018-09-05T21:56:19.000Z
ජපානයේ මැග්නිටියුඩ් ඒකක 6.7 ක භූ කම්පනයක්
ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
ජපානයේ හොක්කයිදෝ දූපතේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. එහි ප්‍රභලත්වය සටහන් වූයේ, මැග්නිටියුඩ් ඒකක 6.7 ක් ලෙසයි. භූ කම්පනයේ බලපෑම හමුවේ හටගත් නායයෑමකින් හොක්කයිදෝ දූපතේ නිවාස රැසකට හානි සිදු වූ අතර ඉන් පූද්ගලයන් රැසක් තුවාල ලබා ඇත. ප්‍රදේශ කිහිපයක විදුලිය ද ඇණහිට ඇති අතර ජපාන බලධාරීන් සඳහන් කළේ, හොක්කයිදෝ දූපතේ ගොඩනැගිලි මිලියන තුනක පමණ විදුලිය ඇණහිට ඇති බවයි. නායයෑම හමුවේ පුද්ගලයන් රැසක් සිය නිවෙස් තුළ සිරව ඇති අතර මහාමාර්ග ද අවහිර වී ඇත. හොක්කයිදෝ දූපතේ ඇතැම් ප්‍රදේශවල අධිවේගී දුම්රිය ධාවනය ද නවතා දමා ඇති අතර හොක්කයිදෝහි පාසල් රැසක් වසා දමා ඇති බව ද සඳහන් වේ. කෙසේ වෙතත් භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නැතැයි ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
2018-09-05T21:34:26.000Z
රැලියට ආ පුද්ගලයෙකු මරුට - ආහාර විෂ වී 25 දෙනෙකු රෝහලට
රැලියට ආ පුද්ගලයෙකු මරුට
COLOMBO (News 1st) - ඒකාබද්ධ විපක්ෂය ඊයේ සංවිධානය කළ විරෝධතා රැලියට සහභාගී වූ පුද්ගලයෙකු ද ජීවිතක්ෂයට පත් ව තිබේ. ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, හෘදයාබාධයක් වැළදීම හේතුවෙන් අදාළ රෝගියා ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බවයි. හැටන් - තලවාකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 39 හැවිරිදි අදාළ පුද්ගලයා රැලියට සහාභාගී වී ඇත්තේ ප්‍රාදේශිය දේශපාලඥයෙකුගේ ආධාරකරුවකු ලෙසයි. මියගිය පුද්ගලයා තිදරු පියෙකු බව රැලියට සහභාගී වූ ඔහුගේ හිතවතෙකු සඳහන් කළේ ය. තව ද ආහාර විෂවීමක් හේතුවෙන් විරෝධතා රැලියට පැමිණි පිරිසක් ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ මධ්‍යම රාත්‍රි 12.00 පමණ වන විට ඒ අතරින් 25 දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර 8 දෙනෙකු ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි.
2018-09-05T20:52:00.000Z
එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය අද යි
එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය අද යි
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය අදට යෙදී ඇත. සංවත්සර මහෝත්සවය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද උදෑසන 9.30 ට සැමරීමට නියමිත වේ. මෙවර සංවත්සරය සමරනු ලබන්නේ "වැඩ කරන, වැඩ කරපු 72" යන තේමාව යටතේ ය. පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේ, නිදහස් අධ්‍යාපනයේ සිට බොහෝ දෑ රටට දායාද කළ පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය හැඳින්විය හැකි බවයි. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ සහ සාමාජිකයින් සියල්ලන්ගේ සහාභාගීවයෙන් මෙවර සංවත්සරය සමරනු ලබන බව පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/327933531107317/
2018-09-05T20:32:44.000Z
ආහාර විෂවීමකින් ළමුන් 54 දෙනෙක් වටවල රෝහලට
ආහාර විෂවීමකින් ළමුන් 54 දෙනෙක් වටවල රෝහලට
COLOMBO (News 1st) - ආහාර විෂවීමක් හේතුවෙන් ළමුන් 54 දෙනෙකු වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර තිබේ. මෙසේ රෝහල්ගත කර ඇත්තේ, වටවල පොලිස් වසමට අයත් ටෙම්පල්ස්ටො වතුයායේ පදිංචි අවුරුදු 1 - 10 දක්වා වූ පිරිමි සහ ගැහැණු ළමයි පිරිසකි. ටෙම්පල්ස්ටො වතුයායේ රාජ්‍යය නොවන සංවිධානයකින් පවත්වාගෙන යන ආගමික ස්ථානයක් මගින් එහි සිටින පාසල් ළමුන් වෙනුවෙන් දිනපතා පාසල් නිමවීමෙන් පසු අමතර පන්තියක් පවත්වනු ලබන අතර එම පන්තියට පැමිණෙන ළමුන් වෙනුවෙන් ඊයේ සවස ලබා දුන් ආහාර අනුභව කළ ළමුන් පිරිසක් මෙලෙස රෝහල්ගත කර කෙරිණි. ළමුන් 160 කට අධික පිරිසකට ඊයේ සවස මෙලෙස ලබාදී ඇත්තේ බත් සහ කුකුළු මස් වන අතර ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදී ළමුන් රෝහල්ගත කළ බවට අප වාර්තාකරු සඳහන් කළේ ය. රෝහල් ප්‍රකාශයෙක් සඳහන් කළේ, ආහාර විෂවීම හේතුවෙන් එම ළමුන් ක්ලාන්තය, වමනය සහ පාචනය යන රෝග ලක්ෂණවලින් පෙලෙන බවයි. රෝහල වෙත ඇතුළත් කළ සියලුම ළමුන් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබනු ඇත. මේ සම්බන්ධයෙන් වටවල පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙන් වෙන් වශයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/1699975336797153/
2018-09-05T20:06:07.000Z
ඒකාබද්ධ විපක්ෂයේ සත්‍යග්‍රහය අවසන්
ඒකාබද්ධ විපක්ෂයේ සත්‍යග්‍රහය අවසන්
COLOMBO (News 1st) - ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ජන බලය කොළඹට විරෝධතා රැලිය ඊයේ රාත්‍රියේ අත්හැර දැමීමට ඒකාබද්ධ විපක්ෂයට සිදු විය. ඒ, ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් ජනතාවට රැය පහන් වන තුරු රැදී සිටින ලෙස ඉල්ලීම් කළ ද ජනතාව රැදී නොසිටීම හේතුවෙනි. කොළඹ ස්ථාන කිහිපයක සිට ලේක්හවුස් මංසන්ධිය දක්වා ඊයේ පස්වරුවේ මෙම විරෝධතා රැලිය පැමිණියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ය. ලේක්හවුස් මංසන්ධියට විරෝධතාකරුවන් සමග පැමිණි හිටපු ජනාධිපතිවරයා ටික වේලාවකින් එම ස්ථානයෙන් පිටත්ව ගිය අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතාකරුවන් සමග ලේක්හවුස් වටරවුම අසළ රැදී සිටිය හ. හිටපු ජනාධිපතිවරයා යළි විරෝධතාකරුවන් අතරට පැමිණ ඔවුන් ඇමතුවේ රාත්‍රි 8.00 ට පමණ වේ. හිටපු ජනාධිපතිවරයා ජනතාවගෙන් එම ඉල්ලීම කරන විටත් විරෝධතාකරුවන් විසිර යමින් සිටි අතර රාත්‍රි 11.30 පමණ වන විට විරෝධතාව අතහැර දැමීමට ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායකයින්ට සිදු විය. https://www.facebook.com/NewsfirstSL/videos/693236184379754/
2018-09-05T19:35:10.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) 1. ජන රැලිය නිසා කොළඹ දෛනික කටයුතු බිඳවැටෙයි: ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ජන බලය කොළඹට විරෝධතා රැලිය ඊයේ කොළඹ, කොටුව ලේක්හවුස් මන්සංධියේදී පැවැත් විය. විරෝධතා රැලිය පැවැත්වෙන ස්ථානය ඊයේ දහවල් වන තෙක් ප්‍රකාශ නොකළ අතර ගාලු පාර, කොළඹ පුරහල, මරදාන, මාලිගාවත්ත ඇතුළු ස්ථාන කිහිපයකින් කණ්ඩායම් ලෙස පැමිණි පිරිස පිටකොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිට රැස්වී ලේක්හවුස් වටරවුම දක්වා පාගමනින් පැමිණියහ. 2. මහේන්ද්‍රන් රට ගිය පසු සබඳතා නැතැයි, අගමැති කියයි: හිටපු මහබැංකු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් විදෙස්ගත වූ පසු තමාට ඔහු සමග සම්බන්ධතාවක් නැතැයි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. 3. රාජ්‍ය දේපොළ වංචනිකයින්ටත් මරණ දඬුවම දිය යුතුයි - ජනපති: රාජ්‍ය දේපොළ හා මුදල් වංචා කරන පුද්ගලයින්ට ද මරණ දඬුවම දිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ඊයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති උත්සවයකට එක්වෙමිනි. 4. ඡන්ද නාම ලේඛනයට නම ඇතුළු කිරීමේ කාලය අවසන්: 2018 – ඡන්ද හිමි නාම ලේඛනයට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා දී තිබූ කාලය අදින් අවසන් වේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, මෙතෙක් එහි නම සඳහන් නොවූ පුද්ගලයින්ට අද දින දක්වා ඒ සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව යි. 5. කුණු කන්දේ ගින්නට හේතුව සොයා විමර්ශනයක්: බ්ලූමැන්ඩල් කුණු කන්දේ ඇති වූ ගින්නට හේතුව සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. එහි සභාපති ආචාර්ය ජගත් මුණසිංහ මහතා සඳහන් කළේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය, යුධ හමුදාව සහ පොලීසියේ නිලධාරීන්ගෙන් සමන්විත පර්යේෂණ කණ්ඩායමක් මේ සඳහා යොදා ගන්නා බවයි. විදෙස් පුවත් 6. සේවා යෝජකයාගේ අවසර නැතිව කටාර් රටින් පිටවීමට අවස්ථාව: සිය සේවා යෝජකයාගෙන් පිටවීමේ බලපත්‍රයක් නොගෙන රටින් පිටවීමට කටාර් රාජ්‍යයේ සේවයේ නියුතු විදේශිකයන් බහුතරයකට අවස්ථාව ලබා දී තිබේ. ඒ, විදේශීය ශ්‍රමිකයන් සඳහා රටින් පිටවීමේ වීසා ක්‍රමවේදයට අදාළ මතබේදාත්මක නීති ලිහිල් කරමිනි.
2018-09-05T10:15:22.000Z
සංවර්ධනයේ අරුණැල්ලක් හෝ නොදුටු ජනතාව
සංවර්ධනයේ අරුණැල්ලක් හෝ නොදුටු ජනතාව
COLOMBO (News 1st) : අධිවේගී මාර්ග, ගුවන් පාලම් ගැන මහ ඉහළින් කතා කරන නමුත් ඈත ගම්මානවල ජනතාව සංවර්ධනයේ අරුණැල්ලක් හෝ දැක නොමැත. එබදු බොහෝ දෙනෙකු ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම්වලට අදත් හමු විය. මින්නේරියෙන් මැදිරිගිරියට ජලය රැගෙන යන යෝධ ඇළ හරහා මේ යන ගමන, අනතුර හිසින් දරා යන ගමනකි. පාසල් දරුවන් මෙන්ම විවිධ රැකියාවලට යන පිරිස් ද මෙලෙස ගමන් කරනු අපට දක්නට ලැබිණ. එක් පසෙක සිටින සමගිපුර ගමේ හය හත්සීයක් මේ ආකාරයට ගමන් කරමින් ප්‍රධාන මාර්ගයට පැමිණෙන අතර, අනතුරු ද සිදුව තිබේ. නගරයට යාමට ඇති කෙටිම මාර්ගය වන මෙය සකස් කරගනු ලැබ ඇත්තේ ද ගම් වැසියන් විසිනි. මෙලෙස නොගිය හොත් පැයකට අධික කාලයක් වෙනත් මගකින් යා යුතු බව ගම්වැසියෝ පවසති. වන අලි පහරදීමකදී තුවාල ලැබූවෙකු රැගෙන යා යුත්තේ ද මේ අවදානම දරා ගනිමිනි. පහළ ඇල්ලේවැව ජනතාව අප සමග පැවසුවේ, අපවිත්‍ර වූ ගමේ වැව දිගු කලකින් ප්‍රතිසංස්කරණය කර නොමැති බවයි. දේශපාලන මැදිහත්වීම් මත සිදුවන ඉඩම් ගොඩකිරීම් නිසා වැවෙන් නිසි පල ලබාගැනීම අසීරු වී ඇති බව ද ජනතාව පැවසී ය. ජල කළමනාකරණය නිසි පරිදි සිදු නොවන නිසා අක්කර ගණන් වගා බිම් පාළුවට ගොස් තිබේ. පිලගොඩ ගම්මානයේ ජනතාව හමුවු ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායමට අසන්නට ලැබුණේ, ගල්වැඩපළවල් හේතුවෙන් නිවාසවල සිටීම ද ගැටලුවක් වි ඇති බවයි. නිවාස මතට මෙන්ම කුඹුරුවලට ද ගල් කැබලි වැටෙන බව ගම්මු පැවසූහ. මේ පිළිබඳව අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැත. මාර්ග ගැටලු හේතුවෙන් ගම්මානය හුදකලා වී තිබේ. රත්ගම ජනතාව පැවසුවේ, තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා සිදුවන බවයි. ළඟ ම ඇති පාසලේ පස්වැනි ශ්‍රේණිය දක්වා පමණක් පන්ති පැවැත්වෙන බවත්, එයින් පසු වෙනත් පාසලකට දරුවන් ඇතුළත් කිරීමේදී බරපතළ ගැටලුවකට මුහුණ පාන බවත් මවුපියන් පැවසීය. පාසලේ ගොඩනැගිලි සීමිත අතර පහසුකම්වල ද අඩුපාඩු පවතී. කොට්‍රිඅඩි ගම්මානය වන අලි උවදුරෙන් දැඩි ලෙස පීඩා විඳින ජනතාවක් වාසය කරන ගම්මානයකි. ගොඩ භෝගවලින් ජීවිතය ගැටගසා ගන්නා මොවුන් පත්ව සිටින්නේ දැඩි අසීරුතාවකටයි. වගා හානි විඳ දරාගනිමින් ජීවත් වන මේ ගම්වැසියන්ට අවශ්‍ය පහසුකම් කිසිවක් නොමැත. ප්‍රවාහන ගැටලු නිසා ද මොවුන් විඳින්නේ දැඩි පීඩාවකි. මුංගිලාරු නගරය ආසන්න ඉරුනූරම්කුඩියේට්‍රම් ගම්මානයට ගිය ගම්මැද්ද කණ්ඩායමට ගැටලු රැසක් අසන්නට ලැබිණ. ගම්මුන්ගේ ප්‍රධාන ගැටලුව නීතිවිරෝධී මත්පැන් ජාවාරම නතර කිරීමට කිසිදු වග කිවයුත්තෙකුට නොහැකි වීමයි. මෙහි අතුරු ඵලයක් ලෙස විවිධ අපචාර ද සිදුවන බව ගම්වැසියෝ පවසති. වැසිකිලි හා ප්‍රවාහන පහසුකම් නොමැති බවත්, ආර්ථික ගැටලුවලින් පීඩා විඳින බවත් ජනතාව පැවසී ය. මාලික්කයිතීවු ඔන්බතම්වට්‍රම් ගම්මානයට ඇත්තේ ද මේ හා සමානම ගැටලු සමූහයකි. https://www.youtube.com/watch?v=AalbCVzlgQk