date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-09-17T21:52:16.000Z | පොහොර නිකුත් කිරීමේදී වන අක්‍රමිකතා සෙවීමට කණ්ඩායමක් | පොහොර නිකුත් කිරීමේ අක්‍රමිකතා සෙවීමට කණ්ඩායමක් | COLOMBO (News 1st) : මහ කන්නය සඳහා පොහොර නිකුත් කිරීමේදී සිදුවන අක්‍රමිකතා සෙවීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කර තිබේ. ජාතික පෙහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ අජිත් පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, පැමිණිලි දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වාදීමට ද පියවර ගෙන ඇති බවයි. අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට ක්‍රියා කරන බව ද ඔහු සඳහන් කළේ ය. මහ කන්නයේ වගා කිරීමට අපේක්ෂිත කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටයාර ලක්ෂ 8කි. ඒ සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය මේ මස අග වන විට ගබඩා වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ අජිත් පුෂ්පකුමාර මහතා පැවසී ය. ඔහු පැවසුවේ, මේ වන විටත් දිවයිනේ වෙරළබඩ කලාපයේ දිස්ත්‍රික්ක කිහිපයක මහ කන්නය ආරම්භ කර ඇති බවයි. ඒ අනුව වී ගොවීන් සඳහා හෙක්ටයාර් 2ක උපරිමයකට යටත්ව රුපියල් 500 බැගින් පොහොර කිලෝග්‍රෑම් 340ක් මිලදී ගැනීමට හැකියාව පවතී. අතිරේක භෝග වගා කරුවන්ට පොහොර අලෙවි කරනු ලබන්නේ, රුපියල් 1500ක මිලකට බව ද අධ්‍යක්ෂවරයා පැවසී ය. |
2018-09-17T21:02:31.000Z | පාදෙණියේ මාරක අනතුරක්, පොලීසියේ දෙදෙනකුට ජීවිත අහිමිවෙයි | පාදෙණියේ මාරක අනතුරක් | COLOMBO (News 1st) : අනුරාධපුර - පාදෙණිය මාර්ගයේ ගල්ගමුව සති පොළ අසලදී සිදුවූ අනතුරකින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, පාදෙණිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් ඊයේ රාත්‍රී 9.00ට පමණ අනතුර සිදුව ඇති බවයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කළ පොලිස් කොස්තාපල්වරු දෙදෙනා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, තඹුත්තේගම සහ අනුරාධපුර පොලීසිවලට අනුයක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකි. 28 හා 32 හැවිරිදි ඔවුන් දෙදෙනා අඹන්පොළ සහ ඇල්පිටිය පදිංචිකරුවන් ය. අනතුර සම්බන්ධයෙන් සැකපිට කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ. |
2018-09-17T20:53:26.000Z | ශ්‍රී ලංකාවේ ආසියානු ක්‍රිකට් කුසලාන සිහිනය බොඳවෙයි | ආසියානු ක්‍රිකට් කුසලාන සිහිනය බොඳවෙයි | COLOMBO (News 1st) : 5 වරක් ආසියානු ශුරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වීමට සිදුවිය. ඒ තරගය අබුඩාබිහිදී ඇෆ්ගනිස්ථානයත් සමග පැවැති තරගය ලකුණු 91 කින් පරාජය වීමත් සමගයි. කාසිය වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 249කි. එය වාර්තා අතරට එක්වුණේ, ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කළ වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාව ලෙසයි. ආරම්භක පිතිකරුවන් වන මොහොමඩ් ශසාඩ් ලකුණු 34 ක් රැස් හා ඉසනුල්ලා ලකුනු 45 ක් රැස් කළහ. සිය එක්දින දිවියේ 12 වන අර්ධ ශතකය වාර්තා කළ රහමට් ශා රැස් කළ ලකුණු සංඛ්‍යාව 72කි. හශ්මටුල්ලා ශහීඩ් ලකුණු 37 ක් රැස් කළ අතර මොහොමඩ් නබී ලකුණු 15 ක් රැස් කළහ. පන්දු යැවීමේදී තිසර පෙරේරා ලකුණු 55 ට කඩුලු 5 ක් දවා ගත්තේ ය. තිසර එක්දින තරගයකදී කඩුලු 5 ක් දවාගත් සිව්වන අවස්ථාව එය වන අතර අකිල ධනංජය කඩුලු 2 ක් දවා ගත්හ. අනතුරුව ලකුණු 250 ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 41 යි පන්දු 2 ක් අවසානයේ ලකුණු 158 කට දැවී ගියේ ඇෆ්ගනිස්ථාන දග පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවෙයි. ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ තිසර පෙරේරා ලකුණු 36 ක් රැස් කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 23 ක් රැස් කළහ. කුසල් ජනිත් පෙරේරා ලකුණු 17 ක් රැස් කළ අතර නායක ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 22 ක් ද තිසර පෙරේරා ලකුණු 28 ක් රැස් කළහ. පන්දු යැවීමේදී මූජීබ් අර් රහමාන්, ගුලාබ්ඩීන් නයිබ් , මොහොමඩ් නබී මා රශිඩ් ඛාන් අතරේ කඩුළු 2 බැගින් බෙදී ගියහ. මෙම ජයග්‍රහණය වාර්තා අතරට එක්වුණේ, ඇෆ්ගනිස්ථානය ටෙස්ට් තරග ක්‍රීඩා කරන කණ්ඩායමකට එරෙහිව ලබාගත් සිව්වන එක්දින ජයග්‍රහණය ලෙසයි. |
2018-09-18T02:51:57.000Z | අලි පළවා හැරීමට ගිය සිවිල් ආරක්ෂක භටයා අලි ප්‍රහාරයෙන් මරු දකී | සිවිල් ආරක්ෂක භටයා අලි ප්‍රහාරයෙන් මරු දකී | COLOMBO (News 1st) : පුත්තලම, ගල්කුලම කන්දයාය ප්‍රදේශයේ සිදුකළ වන අලි පළවා හැරීමේ මෙහෙයුමකදී අලියෙකු කළ පහර දීමකින් සිවිල් ආරක්ෂක භටයෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, වන අලියා කළ පහරදීමෙන් තවත් සිවිල් ආරක්ෂක භටයෙකු තුවාල ලබා ඇති බවයි. ඊයේ පස්වරුවේ සිදුවූ මෙම පහරදීමෙන් මියගොස් ඇත්තේ මුනමල්දෙණිය ඉහලපුලියන්කුලම ප්‍රදේශයේ 53 හැවිරිදි පදිංචිකරුවෙකි. මෙම සිවිල් ආරක්ෂක භටයන් දෙදෙනා වනජීවි දෙපාර්තුමේන්තුවට අනියුක්තව සේවය කර ඇති බව පොලීසිය පැවසී ය. https://www.youtube.com/watch?v=qlKA3sraBKk |
2018-09-17T19:55:59.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) දේශීය පුවත්... 1. බස් වර්ජනයක් ගැන බස් සංගම්වලින් යළි ත් රතු එළියක් : එළඹෙන සඳුදා වනවිට බස් ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය නොකළ හොත් ලබන සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව බස් සංගම් ඊයේ නිවේදනය කළේ ය. 2. ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි : රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ඇප ලබාදීම අභියාචනාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කර තිබේ. 3. 20 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායකට : 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත දන්වා යවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ. 4. ඇප කොන්දේසි කැඩූ පුත්තලමේ සභාපති රිමාන්ඩ්: පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අන්ජන සඳරුවන් මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනා යටතේ සභාපතිවරයා නඩු විභාගය අවසන් වන තුරු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහාධිකරණය නියෝග කළේ ය. 5. පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නි. පොලිස්පතිට ස්ථාන මාරුවක් : පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති, නාලක ද සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් තොරතුරු තාක්ෂණ දිශාව වෙත මාරුකර යවා තිබේ. විදෙස් පුවත්... 1. මැන්ඛුට් කුණාටුවට 66ක් බිලි.. ගුවන් රැසක් අත්හිටුවයි : අග්නිදිග ආසියානු කලාපයට බලපෑ මැන්ඛුට් සුළිකුණාටුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 66 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ක්‍රීඩා පුවත්.... 1. හොංකොං පැරදූ පකිස්ථාන කණ්ඩාමට කඩුලු 8ක ජයක් : ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායමට සමග පැවති තරගය කඩුලු 8 කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය. |
2018-09-17T19:41:55.000Z | පුවක්පිටියේදී දුම්රියේ ගැටී සද්ධන්තයින් 4 දෙනෙකු මරුට | පුවක්පිටියේදී දුම්රියේ ගැටී සද්ධන්තයින් 4ක් මරුට | COLOMBO (News 1st) - කොළොන්නාව සිට මඩකලපුව දක්වා තෙල් ප්‍රවාහනය කළ දුම්රියේ ගැටීමෙන් වන අලි 4 දෙනෙක් මිය ගියහ. ඒ අතර කළල අවස්ථාවේ සිටි සති 18ක කුඩා පැටවෙකු ද වේ. අද අලුයම 4.00ට පමණ මෙම අනතුර සිදු වුණේ පලුගස්වවැව, ගල්ඔය අතර පිහිටි පුවක්පිටිය ප්‍රදේශයේදී ය. දුම්රිය මාර්ගය මත සිටි වන අලි රංචුවේ ගැටීමෙන් දුම්රිය පීළි පැන මාර්ගයෙන් ඉවතට ගොස් තිබූ අතර අනතුරින් තෙල් ටැංකි දෙකක් පෙරළී තිබිණි. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ද මේ හේතුවෙන් අඩාල වූ බව ය. කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා දුම්රිය ධාවනය මහවට සීමා කර ඇති අතර මඩකලපුව සිට කොටුව දක්වා ධාවනය වන දුම්රිය ගල්ඔය දක්වා සීමා කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ හුරුළු රක්ෂිතයේ සිට තුම්බිකුලම රක්ෂිතයට වන අලි හුවමරු වන අලි මංකඩක් ලෙස මෙම ස්ථානය හඳුනාගෙන ඇති බව ය. අලි මංකඩක් බවට හඟවන දුම්රිය සංඥා පුවරුවක් ද එම ස්ථානයේ පිහිටුවා තිබේ. අනතුරින් මිය ගොස් ඇත්තේ අවුරුදු 18,12,8 පමණ වයස්වල පසුවූ අලි තිදෙනෙකි. මේ අතර අනතුරට ලක්වූ ඉන්ධන ටැංකිවලින් ගලායන ඩීසල් එක් රැස්කිරීමට පැමිණි පිරිසක් ද දැකගත හැකි විය. මිය ගිය වන අලීන්ගේ මරණ පරීක්ෂණය අද පස්වරුවේ පැවැත්විණි. අප කළ විමසීමකදි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, සමස්ත අලි මරණ ප්‍රමාණයෙන් 4%ක් දුම්රිය ගැටීමෙන් සිදු වන බව ය. ගත වූ කාල සීමාව තුළ වන අලි 10කට ආසන්න ප්‍රමාණයක් දුම්රියේ ගැටී මිය ගිය අතර පසුගිය මාස කිහිපය තුළ වන අලි 150ක් පමණ විවිධ හේතුන් නිසා මිය ගොස් ඇතැයි ඔහු සඳහන් කළේ ය. පොළොන්නරුව සෝමාවතිය රක්ෂිතයේ පෙරියආරු ගගේ වගුරු බිමක සිරවී මිය ගිය වන අලි 7 දෙනෙකුගේ සිරුරු හමු වූයේ පසුගිය පළමු වන ද ය. මේ අතර දුම්රියේ වන අලි ගැටීම වැළැක්වීමට විකල්පයක් ලෙස නියමු ව්‍යාපෘතියක් සිදු කළ එහි දත්ත හා නිර්දේශ තවමත් අමාත්‍යංශයෙන් ලැබී නොමැති බවත් ඒ හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. කෙන්යාවේ වන අලි ගහණය 15300 ක් පමණ වේ. මෙම අලි ගම්වැදීම වැළැක්වීම සදහා ඔවුන් යොදාගෙන ඇති උපක්‍රමය වන්නේ කළු ගල් යොදා ගනිමින් බාධක ඇති කර තිබීමයි. ජාත්‍යන්තර උපදේශකයින්ගෙන් ඩොලර් මිලියන ගණන් ගෙවා උපදෙස් ගැනීමට දැන් අවශ්‍යතාවක් ඇති නොවනු ඇති. සැමගේ යහපත උදෙසා නිව්ස්ෆස්ට් මේ උපදෙස ලබා දෙන්නේ නොමිලේයි. |
2018-09-17T18:57:52.000Z | ශිෂ්‍යත්ව හපනුන්ගේ ශිෂ්‍යත්ව ඉහළට | ශිෂ්‍යත්ව හපනුන්ගේ ශිෂ්‍යත්ව ඉහළට | COLOMBO (News 1st) : 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන සිසුන් සඳහා ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව ඉහළ දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අමාත්‍යාංශයේ ජ්‍යෙෂ් නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අනුව ශිෂ්‍යත්වලාභීන් සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ දැමීමට සැලසුම් කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය සඳහා කඩිනමින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, නිකුත් වීමට නියමිත ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත ශිෂ්‍යත්වලාභීන් සංඛ්‍යාව ද ඉහළ නැවීමට අපේක්ෂා කරන බවයි. මේ වන විට 15,000කට අධික සිසුන් පිරිසක් ශිෂ්‍යත්වය සඳහා සුදුසුකම් තබති. |
2018-09-17T10:22:02.000Z | බස් වර්ජනයක් ගැන බස් සංගම්වලින් යළි ත් රතු එළියක් | බස් වර්ජනයක් ගැන බස් සංගම්වලින් යළි ත් රතු එළියක් | COLOMBO (News 1st) - එළඹෙන සඳුදා වනවිට බස් ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය නොකළහොත් ලබන සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව බස් සංගම් අද නිවේදනය කර තිබේ. මෙම ඉල්ලීමට ආසන්නතම හේතුව යළි ත් ඉන්ධන මිල ඉහළ යාමයි. බස් සංගම්වල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ, බස් ගාස්තු වැඩිවීම අමාත්‍ය මණ්ඩල තීරණයකින් පසුව ප්‍රකාශ කරන බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/432384820498799/ |
2018-09-17T07:56:07.000Z | පාර්ලිමේන්තුවේ වටිනාකම මන්ත්‍රීවරුන්ට ඇගයීමට ලක්කිරීම වැදගත් - ජනපති | පාර්ලිමේන්තුවේ වටිනාකම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් | COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහාවන පළමු ගෝලීය ඇගයීම් උළලේ සමාරම්භක උත්සවය අද කොළඹදී පැවැත් විය. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ඇගයීම සඳහා වූ ගෝලීය පර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය සහ ඇගයීම් සඳහා වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය එක් ව මෙම සමුළුව සංවිධානය කර තිබේ. එහිදී ලොව පුරා 70 කට අධික රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් යහපාලනය හා වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා ඇගයීම භාවිත කළ හැකි මාර්ග ගවේෂණය කිරීමට නියමිත වේ. සමුළුව ලබන 19 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රාජ්‍ය සේවකයින්ට කාර්යක්ෂමතාවය පිළිබඳව උපදෙස් දෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යක්ෂමතාවය තියෙන්න ඕනි. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යක්ෂමතාවය පෙන්නුම් කරන්න හොඳම සාක්ෂිය සහ සාධකය තමයි මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණෙන දින ගණන අපේ රටේ මාසයකට පාර්ලිමේන්තුව තියෙන්නේ දවස් 8 යි. ඒ දවස් 8 තියෙන්නේ සතියක් ඇර සතියක්. පාර්ලිමේන්තුමේ කාර්යක්ෂමතාවය පාර්ලිමේන්තුවේ වාද විවාදවලට සභාවේ කටයුතුවලට පමණක් නෙවේ වැදගත් වන්නේ පාර්ලිමේන්තුවට රැස්වීමේදී තිබෙන උපදේශක සභා කමිටු ස්ථාවර නියෝග යටතේ ඇතිවන විවිධ කමිටු රාශියක් තිබෙනවා. රාජ්‍ය පොදු ව්‍යාපාර ගිණුම්කාරක සභාව වැනි වැදගත් කමිටු රාශියක් ඒ කමිටුවල ක්‍රියාකාරීත්වය, කාර්යක්ෂමතාවය රටේ සංවර්ධනයට පුළුල් ලෙස බලපානවා. පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමේ දුර්වලතාවයන් මෙන් ම ඇතැම් වේලාවට කමිටු රැස්වෙන්නේ නැතුව කල් දානවා සාමාජිකයින් නැති නිසා මම දන්නේ නැහැ මේ රටවල් ගණනාවකින් නියෝජනය වන තමුන්නාන්සේලාගේ පාර්ලිමේන්තුවල පාර්ලිමේන්තුවට පැමිණීමේ සතුටුදායක තත්ත්වයන් කොහොමද කියලා. අපේ රටේ නම් මුලින්ම පාර්ලිමේන්තුවේ වටිනාකම මන්ත්‍රීවරුන්ට ඇගයීමට ලක්කිරීම ඉතා වැදගත් වනවා. මම හිතන්නේ වේගයෙන් සංවර්ධනය විය යුතු රටකට ඒ කාර්යක්ෂමතාවයේ ආදර්ශය මුලින්ම දිය යුත්තේ පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තුවට වඩා ඇගයීමට ලක්වන්නත් ඒ තුළ සංවර්ධන ඉලක්ක සම්පූර්ණවීමටත් පාර්ලිමේන්තුව තුළ වැඩිපුර නියෝජනය විය යුත්තේ කාන්තාවන් කියන එකයි මගේ අදහස |
2018-09-17T06:42:20.000Z | කළුවර දැව තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට | කළුවර දැව තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - ලක්ෂ 20 කට අධික කළුවර දැව කඳන් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු මොනරාගල සහ බුත්තල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ. මොනරාගල, ඔක්කම්පිටිය කරත්තමංකඩ ප්‍රදේශයේ සහ කුඹුකන ගල්වල පාරේ සිල්බර රක්ෂිතයේ තිබී මෙම දැව කඳන් කැපීමේ ජාවාරම සිදු කර ඇත. ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ මෙම වැටලීම සිදු කර ඇති බව සඳහන් වේ. පොලිස් භාරයට ගත් කළුවර දැව තොගය බුත්තල හා වැල්ලවාය වන සංරක්ෂණ කාර්යාලවලට භාරදී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ. https://www.facebook.com/NewsfirstSL/videos/517586725379318/ |
2018-09-17T06:19:27.000Z | ආනයනික රෙදිපිළි සඳහා වූ VAT බද්ද 5% දක්වා අඩු කෙරේ | ආනයනික රෙදිපිළි සඳහා වූ VAT බද්ද අඩු කෙරේ | COLOMBO (News 1st) - ආනයනික රෙදිපිළි මත පනවා තිබු VAT බද්ද 5% දක්වා අඩු කර තිබේ. මීට පෙර එම බද්ද 15 % ක්ව පැවති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. රෙදිපිළි කර්මාන්තයේ නිරත පාර්ශවකරුවන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ආනයනික රෙදිපිළි මත පනවා තිබු VAT බදු මෙලෙස අඩු කර ඇත. දැනට VAT ව්‍යූහයට යටත් නොවන සුළු හා මධ්‍ය පරිමාණ ඇගලුම් නිෂ්පාදකයන්ට ද මෙමගින් අවශ්‍ය ආනයනික රෙදිපිළි මිලදී ගැනීමේ සහන හිමිවන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. |
2018-09-17T05:56:33.000Z | ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි | ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි | COLOMBO (News 1st) - රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ඇප ලබාදීම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබේ. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහාධිකරණය නියෝග කළේ, සතොස මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයට අදාළවයි. ඒ අනුව එම නියෝගය ප්‍රතිශෝධනය කර තමාට ඇප ලබා දෙන ලෙස ඉල්ලා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ගොනු කර තිබු ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් නියෝගය අද නිකුත් කරනු ලැබුවේ අචල වෙන්ගප්පුලි හා ජනත් ද සිල්වා යන විනිසුරු මඩුල්ල විසිනි. |
2018-09-17T05:00:42.000Z | 20 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකට | 20 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකට | COLOMBO (News 1st) - 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත දන්වා යවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද දැනුම්දී තිබේ. ඒ, මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් 16 ක් දින 04 ක් පුරා විභාග කර අවසන් කිරීමෙන් අනතුරුවයි. ජනතා විමුත්කි පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට අර්ථ නිරූපණයක් ඉදිරිපත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් පෙත්සමක් ගොනු කළේ ය. අනතුරුව ඊට පක්ෂව සහ විපක්ෂව පෙත්සම් 16 ක් ඉදිරිපත්වූ අතර ඒ පිළිබඳ විභාගය දින 04 ක් පුරා පැවැත් විණි. |
2018-09-17T01:51:21.000Z | දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි | දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි | (COLOMBO) News 1st වියළි කාලගුණය නිමා කරමින් දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාපතනයක් ලැබී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, වැඩිම වර්ෂාපතනය චාවකච්චේරි ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි. එම අගය මිලිමීටර් 32.8කි. යාපනයට මිලිමීටර් 15.9 ක වර්ෂාපතනයක් ද, අලිමංකඩ ප්‍රදේශයට මිලිමීටර් 11.6 ක වර්ෂාපතනයක් ද, අඹේපුස්සට 13. 1 ක් ද අඹේපුස්සට 13.1 ක් ද දෙහිවලට මිලිමීටර් 12.8 ක වර්ෂාපතනයක් ද ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර ගත වූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තාවී තිබේ. එම අගය සෙල්සියස් අංශක 37.5 කි. වවුනියාවෙන් සෙල්සියස් අංශක 36 ක් ද ත්‍රිකුණාමලයට සෙල්සියස් අංශක 35.5 උෂ්ණත්වයක් ද වාර්තාවී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසී ය. මේ අතර දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අද දිනයේ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයින හරහා සුළං වේගයේ සුළු වැඩිවීමක් අද සිට අපේක්ෂා කරන බවයි. දිවයින හරහා විශේෂයෙන් හම්බන්තොට, මොනරාගල, මාතලේ, මාතර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලට විටින් විට හමන පැයට කිලෝමීටර් 40 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. |
2018-09-17T01:17:29.000Z | විමල් ඇතුළු 6කට එරෙහිව පොලීසියෙන් පැමිණිල්ලක් | විමල් ඇතුළු 6කට එරෙහිව පොලීසියෙන් පැමිණිල්ලක් | COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව කුරුඳුත්ත පොලීසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය. ඒ අනුව ඒ පිළිබඳ නියෝගය ලබන නොවැම්බර් මස 12 වන දා ලබාදීමට නියමිතයි. මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විත්ති පාර්ශ්වයට නියෝග කළේ, ලබන නොවැම්බර් 12 වැන දා ට සතියකට පෙර ලිඛිත විරෝධතා ගොනු කරන ලෙසයි. එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කර 2016 වසරේ පෙබරවාරි මස 6 වන දා කොළඹ බෞද්ධාලෝක මාවතේ මහජනතාවට පීඩාවක් වන අයුරින් විරෝධතාවක් පැවැත්වීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ. |
2018-09-17T00:49:32.000Z | ඇප කොන්දේසි කැඩූ පුත්තලමේ සභාපති රිමාන්ඩ් | පුත්තලම ප්‍රාදේශීය සභා සභාපති, අන්ජන සඳරුවන් | COLOMBO (News 1st) : පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අන්ජන සඳරුවන් මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනා යටතේ සභාපතිවරයා නඩු විභාගය අවසන් වන තුරු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහාධිකරණය අද නියෝග කළේ ය. 2010 වසරේ ජනවාරි මස 16 වනදා මදුරන්කුලමේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා යටතේ සභාපතිවරයාට එරෙහිව පුත්තලම මහාධිකරණය හමුවේ නඩුවක් විභාග වන අතර එහි ඇප කොන්දේසියක් ලෙස විදේස්ගත වීම තහනම් කරමින් මීට පෙර නියෝග නිකුත් කර තිබිණ. එහෙත් සභාපතිවරයා එම ඇප කොන්දේසි කඩකරමින් පසුගිය 9 වන දා විදෙස්ගත වීමට උත්සාහ කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගනු ලැබිණ. ඒ අනුව සැකකරු අද පුත්තලම මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහාධිකරණ විනිසුරු ඒ.කේ.එම්. පටබැදිගේ මහතා නියෝගය කළේ ය. https://www.youtube.com/watch?v=l6q_7mIyNvg |
2018-09-17T00:47:49.000Z | පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නි. පොලිස්පතිට ස්ථාන මාරුවක් | නි. පොලිස්පති නාලක ද සිල්වාට ස්ථාන මාරුවක් | COLOMBO (News 1st): පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති, නාලක ද සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් තොරතුරු තාක්ෂණ දිශාව වෙත මාරුකර යවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බවයි. නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශන අවසන් වන තුරු තාවකාලිකව මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බව අප කළ විමසීමකදී ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා සඳහන් කළේ ය. |
2018-09-16T22:15:30.000Z | දක්ෂිණ අධිවේගයේ රිය අනතුරක් | දක්ෂිණ අධිවේගයේ රිය අනතුරක් | COLOMBO (News 1st) : දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, කොළඹ සිට මාතර බලා ධාවනය වූ මෝටර් රථයක් අධිවේගී මාර්ගයේ වැටෙහි ගැටීමෙන් අද උදෑසන 5.00 ට පමණ අනතුර සිදුව ඇති බවයි. අනතුරට ලක්වූවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද පොලීසිය සඳහන් කළේ ය. |
2018-09-16T21:55:47.000Z | මැන්ඛුට් කුණාටුවට 66ක් බිලි.. ගුවන් රැසක් අත්හිටුවයි | මැන්ඛුට් කුණාටුවට 66ක් බිලි.. ගුවන් රැසක් අත්හිටුව | COLOMBO (News 1st) : අග්නිදිග ආසියානු කලාපයට බලපෑ මැන්ඛුට් සුළිකුණාටුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 66 ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුළිකුණාටුවෙන් පිලිපීන ජාතිකයන් 64 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් ය. කුණාටුවෙන් පිලිපීනය ,හොංකොං සහ චීනයේ දකුණුදිග ප්‍රදේශයට දැඩි බලපැම් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වන විට චීනයේ ජනාකීර්ණම පළාත වන ගුවාන්ග්ඩොන්ග් ආශ්‍රිත නගර හතකින් පුද්ගලයින් මිලියන 2 දශම 7ක් ඉවත් කර ඇති බවයි. මැන්ඛුට් සුළිකුණාටුවේ මේ වන විට පැයට කිලෝමීටර් 162 ක වේගයකින් හමායන බව එරට කාලගුණ වාර්තාවල සඳහන් ය. කුණාටුව හේතුවෙන් චීනය සිය ධීවර බෝට්ටු 50,000ක් නැවත කැඳවා ඇති අතර හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආශ්‍රිත ගුවන් ගමන් 800ක් අවලංගු කිරිමට පියවර ගෙන තිබේ. මැන්ඛුට් සුළිකුණාටුව, ලබන අඟහරුවාදා වන විට අවපීඩන තත්ත්වයක් දක්වා දුර්වල වනු ඇතැයි කාලගුණ විද්‍යා බලධාරීහු පවසති. මෙ අතර අමෙරිකාවට බලපා ඇති ෆොලොරන්ස් සුළිකුණාටුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 18ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා සහ වර්ජිනියා යන ප්‍රාන්තවලට සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි. |
2018-09-16T19:55:35.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්... | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්... | COLOMBO (News 1st) : දේශීය පුවත්... 1. ගම්මැද්ද ගෙයින් ගෙට තෙවන අදියර අතිසාර්ථකව අවසන් : ගම්මැද්ද ගෙයින් ගෙට තුන්වැනි අදියර අද සාර්ථකව අවසන් කෙරිණ. ගම්මාන රැසක සංචාරය කළ අපේ කණ්ඩායම් මහජනතාව හමු වී ගැටලු විමසුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සහයෝගය ද ලබා ගනිමිනි. 2. ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය යළි කැඳවයි : ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රියානි විජේසේකර මහත්මිය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු යළි කොළඹට කැඳවීමට තීරණය කර තිබේ. 3. කලාවැව රක්ෂිතයේ අලි රංඩුවක් : කලාවැව රක්ෂිතයේ සද්ධන්තයින් දෙදෙනෙකුගේ ගැටුමක් පිළිබදව දින කිහිපයක සිට ගම්වාසීන්ට තොරතුරු දැනගන්නට ලැබී තිබිණ. ඊයේ උදෑසන අප වාර්තාකරුට දැනගන්නට ලැබුණේ, එම අලි රංඩුවෙන් එක් අලියෙකු පරාජය වී ජීවිතයෙන් සමුගත් බවයි 4. රාගල ගල් ගුහාවක සැකකටයුතු මළ සිරුරු දෙකක් : රාගල සෙන්ලෙනාඩි උඩ කොටසේ ඝන කැළෑවක, ගල් ගුහාවක් තුළ තිබී සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ. 5. ඕමන්තේ දුම්රිය අනතුරින් සිව් දෙනෙක් මරුට : ඕමන්තේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලැබූහ. විදෙස් පුවත්..... 1. පිලිපීනයේ ජීවිත 29ක් බිලිගත් ‘මැන්ඛුට්’ චීනයට කඩාවදී : අග්නිදිග ආසියානු කලාපයට බලපෑ මැන්ඛුට් සුළිකුණාටුවේ බලපෑමෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 49 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ක්‍රීඩා පුවත්... 1. ආසියානු කුසලානය: ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයට විශිෂ්ට ජයක් : ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශය ලකුණු 137ක ජයක් වාර්තා කළේ ය. |
2018-09-16T19:35:42.000Z | හොංකොං පැරදූ පකිස්ථාන කණ්ඩාමට කඩුලු 8ක ජයක් | හොංකොං පැරදූ පකිස්ථාන කණ්ඩාමට කඩුලු 8ක ජයක් | News 1st : ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායමට සමග පැවති තරගය කඩුලු 8 කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය. තරගය ඩුබායි අන්තර්ජාතික ක්‍රික්ට් ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනා ගත් හොංකොං කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ද හොංකොං කණ්ඩායමට මේ වන විටත් එක්දින ජාත්‍යන්තර වරම් හිමි නොවූ කණ්ඩායමක් වීම විශේෂත්වයකි. හොංකොං ඉනිම ආරම්භ කරමින් නිසාකාත් ඛාන් හා නායක අනුශ්මන් රාත් පිටියට පිවිසියහ. හොංකොං ඉණිමේ මුල් කඩුලු 5 බිඳ වැටුණේ මුළු ලකුණු සංඛ්‍යාව 44 ක්ව තිබියදීයී. හොංකොං පිතිකරුවන් 7 දෙනෙකුට ම ලකුණු 10 සීමාව පසු කිරීමට පාකිස්ථාන පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ. ඔවුන්ට පන්දුවාර 37 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 116 ක් පමණි. පන්දු යැවීමේදී උස්මන් ඛාන් කඩුලු 3ක් දවා ගත් අතර හසන් අලි හා ශඩාබ් ඛාන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ. අනතුරුව ලකුණු 117 ක පහසු ඉලක්කයක් සඳහා පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායම එම ඉලක්කය පසු කළේ, පන්දුවාර 23 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී තිබියදීයී. නොදැවී කඩුල්ලේ රැඳී සිටි ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් සිය මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 50 ක් රැස් කළේ ය. ෆකර් සමාන් ලකුණු 24 ක් රැස් කළ අතර බාබර් අසාම් ලකුණු 33කි. |
2018-09-16T10:10:36.000Z | ගම්මැද්ද ගෙයින් ගෙට අතිසාර්ථකව අවසන් | ගම්මැද්ද ගෙයින් ගෙට අතිසාර්ථකව අවසන් | COLOMBO (News 1st) : ගම්මැද්ද ගෙයින් ගෙට තුන්වැනි අදියර අද සාර්ථකව අවසන් කෙරිණ. ගම්මාන රැසක සංචාරය කළ අපේ කණ්ඩායම් මහජනතාව හමු වී ගැටලු විමසුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන්ගේ සහයෝගය ද ලබා ගනිමිනි. ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහන මුලින්ම 2016 වසරේත් ඉන්පසු 2017 වසරේත් ක්‍රියාත්මක කෙරුණු අතර මෙය තුන්වැනි අදියරයි. ගම්මැද්ද හරහා කෙරෙන කිසිදු ව්‍යාපෘතියක් පුළුල් අධ්‍යයනයක් නොමැතිව සිදුවන්නේ නොමැත. ප්‍රවෘත්ති අංශයේ සෑම තරාතිරමකම අය නිලධාරී මට්ටම් නොතකා මේ සඳහා දායක වන්නේ ස්වේච්ඡාවෙනි. ජනතාව අතර සිටඔවුන්ට සවන් දී ජනතාව සමගම ගම්මාන දියුණු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහනේ ආදර්ශයයි. අප ගමන් කළ සෑම ගමකම ජනතාව ඉතා ඉහළින් අප පිළිගත් අතර ඒ සෑම ලාංකිකයෙකුටම අපගේ ප්‍රණාමය හිමිවේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී.දිසානායක මහතා සහභූගෝල විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය තිලක් විජේතුංග බණ්ඩාර මහතා, මෙන්ම විද්‍යාර්ථීන් ලබාදුන් මාහැගි සහයෝගය ද අප සිහිපත් කරන්නේ දැඩි ගෞරවයෙනි. මින් පෙර ගම්මැද්ද ගෙයින් ගෙට අදියරවලින් පසු ඇරඹුණු ව්‍යාපෘති රැසක්ජනතාවගේ සහ විවිධ ආයතනවල දායකත්වයෙන් මහජන අයිතියට පත් කෙරුණේ බොහෝ දෙනෙකුගේ ප්‍රශංසා ලබමිනි. අද පෙරවරුවේ හොරණ ශ්‍රී සුනන්දාරාමයේ ආගමික වතාවත්වලින් පසු ගම්මැද්ද කණ්ඩායම වවුලුගලවත්ත ගම්මානයට පිටත්ව ගියේ ය. නගරාසන්න ගමක් වුව ද, මෙහි පානීය ජල ගැටලුව උග්‍ර යි. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ විද්‍යුත් මාධ්‍ය ව්‍යාපාර සමූහ අධ්‍යක්ෂ නීඩ්‍රා වීරසිංහ මහත්මිය සහ, මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ප්‍රියන්ත විජේසිංහ මහතා ද මේ කණ්ඩායමට එක්ව සිටියහ. ජල ව්‍යාපෘතිය අසාර්ථක බවත් මුදල් ගෙවා ජලය ලබාගත යුතු බවත් පැවසූ ගම්වැසියන් හමුවීම පිළිබඳව ඔවුහු අපට ප්‍රසාදය පළ කළහ. නිවාස නොමැතික මකිලන්කර්නි ගමේ මූලික ප්‍රශ්නය වන අතර පවුල් 75න් 30 ක ජනතාව පැල්පත් නිවාසවල දිවි ගෙවයි. එහි ජල ගැටලුව ද පවතින අතර දිගු කලක සිට අබලන් වූ පිවිසුම් මාර්ග තවමත් සකස් කර දී නොමැත. වැසි සමයේ මේ ගම්මානය ජලයෙන් යට වන අතර කුලී වැඩවල නිරත වන මොවුන් ලබන්නේ ද ඉතා අඩු ආදායමකි කට්‍රිපුලම් සහ සුලිපුරම් ගම්මානවල ධීවර කර්මාන්තයෙන් හා ගොවිතැනින් ජීවත්වන මොවුන් දවස ගත කරන්නේ දැඩි අරගලයක නිරත වෙමිනි. රෝහලක් වෙත යාම සඳහා සැතපුම් ගණනක් යා යුතු වුවද මාර්ග බෙහෙවින් අබලන් ය. ළිං ජලයේ ලවණ ස්වභාවය නිසා බීමට නොහැකියි. පොදු ළිඳක් සකස් කර දෙන ලෙස මේ ජනතාව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටියි. වතු කම්කරුවන් බහුල පෙදෙසක් වන විනායගපුරම්හි පවුල් 150ක් පමණ ජීවත් වේ. 10 වසරකට පෙර මෙහි වතු කර්මාන්ත ඇණහිටි බැවින් ජනතාවට සිදුවුයේ කුලී වැඩවලට යොමු වීමටයි. ජල හිඟය උග්‍රව පවතින අතර, ගමට ඇති පොදු ළිඳට යාම ද දුෂ්කර ක්‍රියාවකි. නිවාසවලට වෙන වෙනම ලිපින නොමැති වීම ද ගැටලුවක් බව ඔවුහු පැවසූහ. නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවල මායිමේ පිහිටි බොලගන්දාවෙල, තවමත් බලධාරීන්ගේ අවධානයට ලක් නොවු පොදු ගැටලු සහිත ගම්මානයකි. ඔවුන් ගමන් කළ යුත්තේ අවදානම් සහගත වැල් පාලමක් මතින් වන අතර ගමනාගමන ගැටලුවට විසඳුම් පෙනෙන තෙක් මානයකවත් නොමැත. අපට පසුගිය දිනවල මෙවැනි පොදු ගැටළු සහිත ගම්මාන රැසක් හමුවිය. https://www.youtube.com/watch?v=shRkOqj8_0w |
2018-09-16T10:00:06.000Z | ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය යළි කැඳවයි | ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය යළි කැඳවයි | COLOMBO (News 1st) : ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රියානි විජේසේකර මහත්මිය සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු යළි කොළඹට කැඳවීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු පැවසුවේ එම තීරණය සත්‍ය බවත් ඊට හේතු දැක්වීමක් කළ නොහැකි බවයි. ඔස්ට්‍රියාවේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ තානාපතිනිය ලෙස කටයුතු කළේ, පාර්ලිමේන්තුවේ හිටපු මහාලේකම් ප්‍රියානි විජේසේකර මහත්මියයි. ජනාධිපතිවරයාට දුරකථන මාර්ගයෙන් ඇය හෝ සෙසු නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට නොහැකිවීම මත එම තීරණ්යට එළැඹ ඇති බව සන්ටේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ය. වියානා නුවර පිහිටා තිබෙන ඔස්ට්‍රියා තානාපති කාර්යාලය හරහා බොස්නියා, චෙක් ජනරජය, ස්ලෝවැකියා, ස්ලෝවෙනියා, සර්බියා යන රටවල ද තානාපති සේවා කටයුතු සිදුවේ. |
2018-09-16T07:58:33.000Z | කලාවැව රක්ෂිතයේ අලි රංඩුවක් | කලාවැව රක්ෂිතයේ අලි රංඩුවක් | COLOMBO (News 1st) : කලාවැව රක්ෂිතයේ සද්ධන්තයින් දෙදෙනෙකුගේ ගැටුමක් පිළිබදව දින කිහිපයක සිට ගම්වාසීන්ට තොරතුරු දැනගන්නට ලැබී තිබිණ. අද උදෑසන අප වාර්තාකරුට දැනගන්නට ලැබුණේ, එම අලි රංඩුවෙන් එක් අලියෙකු පරාජය වී ජීවිතයෙන් සමුගත් බවයි. කලාවැව ආසන්නයේ සිටින මෙම ඇතා සහ කලාවැව ආශ්‍රිත වන අලි රංචුවේ සිටින විශාලතම හස්තියා අතර ඉකුත් දින කිහිපයේම ගැටුම්කාරී තත්ත්වයක් පැවතිය බව ප්‍රදේශවාසීහු පවසති. එහි උච්චතම අවස්ථාව ඊයේ රාත්‍රියේ සනිටුහන් වුයේ කලාවැව ආශ්‍රිත වන අලි රංචුවේ සිටින විශාලතම හස්තියාට දිවි අහිමි කරමිනි. වයස අවුරුදු 35 ක් පමණ වන මෙම සද්ධන්තයා ඇතෙකු විසින් සිදුකළ පහරදීම් හේතුවෙන් මියගොස් ඇති බව පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළිව තිබේ. සිය රංචුවේ නායකයාව සිට මියගිය හස්තියාට අවසන් ගෞරව දැක්වීමට කලාවැව ආශ්‍රිත වන අලින් අද පෙරවරුවේ සිට එක්රැස්විය. අප වාර්තාකරු සඳහන් කළේ, අලියාගේ දේහය අද පස්වරුවේ කලාවැව වැව් ඉස්මත්තේදී මිහිදන් කෙරුණු බවයි. https://www.youtube.com/watch?v=zswSad8tLzU |
2018-09-16T07:27:01.000Z | පිලිපීනයේ ජීවිත 29ක් බිලිගත් 'මැන්ඛුට්' චීනයට කඩාවදී | පිලිපීනයේ ජීවිත 29ක් බිලිගත් මැන්ඛුට් චීනයට කඩාවදී | COLOMBO (News 1st) : අග්නිදිග ආසියානු කලාපයට බලපෑ මැන්ඛුට් සුළිකුණාටුවේ බලපෑමෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 49 ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වනවිට චීනයේ ජනාකීර්ණම පළාත වන ගුවාන්ග්ඩොන්ග් වෙත ඇතුළු වූ මැන්ඛුට් සුළිකුණාටුව, පැයට කිලෝමීටර් 162 ක වේගයකින් හමායන බවයි. හොංකොං හා මැකාව් දූපත් හරහා මැන්ඛුට් කුණාටුව, චීනයට ඇතුළු වූයේ පිලිපීන වැසියන් 29 දෙනෙකුට ද මරු කැඳවමිනි. සුළිකුණාටුවේ අවදානම හමුවේ මේ වනවිට ගුවාන්ඩොන්ග් පළාතේ පුද්ගලයන් දහස් ගණනක් ආරක්ෂිත ප්‍රදේශ කරා යොමුකර ඇති අතර එම ප්‍රදේශයට රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර තිබේ. මැන්ඛුට් සුළිකුණාටුව, ලබන අඟහරුවාදා වන විට අවපීඩන තත්ත්වයක් දක්වා දුර්වල වනු ඇතැයි කාලගුණ විද්‍යා බලධාරීහු සඳහන් කළහ. මැක්ඛුට් සුළිකුණාටුවේ බලපෑමෙන් තුවාල ලැබු පුද්ගලයන් සංඛ්‍යාව 111කි. සුළිකුණාටුවේ බලපෑම හමුවේ හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන්ගමන් 800 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කෙරුණු අතර ඉන් මගීන් ලක්ෂයකට අධික පිරිසක් අපහසුතාවයට පත්විය. සුළිකුණාටුව හේතුවෙන් අවතැන් කඳවුරුවල දිවිගෙවන පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂයකට අධික වේ. |
2018-09-16T06:55:53.000Z | අලි රොෂාන්ට නඩු පවරන්නැයි, නීතිපති අගවිනිසුරුගෙන් ඉල්ලයි | අලි රොෂාන්ට නඩු පවරන්නැයි, ඉල්ලීමක් | COLOMBO (News 1st) : කුප්‍රකට අලි ජාවරාම්කරුවෙකු ලෙස සැලකෙන අලි රොෂාන් හෙවත් නිරාජ් රොෂාන් ඇතුළු සැකකරුවන් 6 දෙනෙකුට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබේ. නීතිපති ජයන්ත ජයසුරීය මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, වසරක කාලයක් තුළදී මොහු නීතිවිරෝධීව අලි සිව් දෙනෙකු ළඟ තබා ගෙන ඇති බවයි. නීතිවිරෝධීව අලි ළඟ තබා ගැනීම සහ ඊට අනුබල දීම සම්බන්ධයෙන් මෙම නඩුව පැවරීමට නියමිත බව ද නීතිපති ජයන්ත ජයසුරිය මහතා සඳහන් කළේ ය. මෙම ඉල්ලීමට අගවිනිසුරුවරයාගෙන් සාධනීය පිළිතුරක් ලද වහාම ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව අප කළ විමසීමේදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා පැවසී ය. |
2018-09-16T06:23:43.000Z | කටුනායකින් කැන්ටන් බලා යන ගුවන් ගමන පැය 10ක් ප්‍රමාදයි | කැන්ටන් බලා යන ගුවන් ගමන පැය 10ක් ප්‍රමාදයි | COLOMBO (News 1st) : කොළඹ සිට චීනයේ කැන්ටන් බලා අද පස්වරුවේ ගුවන්ගත වීමට තිබූ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ යූ.එල්. 880 දරණ ගුවන් යානය පැය 10 ක් පමණ ප්‍රමාද වී ගමන් ආරම්භ කරන බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි. කුණාටු තත්ත්වයක් හේතුවෙන් ග්වන්ජු ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දැමීම මීට හේතු වී තිබේ. ප්‍රමාද වී ගුවන්ගත වන ගුවන් යානය අද මධ්‍යම රාත්‍රියේ ග්වන්ජු බලා පිටත්වීමට නියමිත අතර ග්වන්ජු ගුවන් තොටුපොළේ තත්ත්වය මත ගුවන් යානය තවදුරටත් ප්‍රමාදවිය හැකි බව ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-09-16T05:51:21.000Z | හෙට සිට කාලගුණයේ වෙනසක් | හෙට සිට කාලගුණයේ වෙනසක් | COLOMBO (News 1st) : දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින කාලගුණ තත්වයේ සුළු වෙනසක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකි බවයි. දිවයින හරහා සුළගේ වේගය සුළු වශයෙන් වැඩි විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. විශේෂයෙන් හම්බන්තොට, මොනරාගල සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට කිලෝමීටර 40 ක පමණ තද සුළං ද ඇති විය හැකියි. අද දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වන්නේ නුවරඑළිය ප්‍රදේශයෙන් වන අතර එය සටහන් වූයේ මිලිමීටර් 37.6 ක් ලෙසයි. බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වන වර්ෂාපතන අගය මිලිමීටර් 6.6කි. අද දිනයේ වැඩිම උෂ්ණත්වය වව්නියාව දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එය දැක්වුණේ, සෙල්සියස් අංශක 37.3 ක් ලෙසයි. ඊට අමතරව අනුරාධපුර, පොළොන්නරුව, මොනරාගල, රත්නපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලින් අදත් සෙල්සියස් අංශක 35 ට වැඩි උෂ්ණත්වයක් වාර්තා විය. මේ අතර දිස්ත්‍රික්ක 17 කට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ලක්ෂ 9 කට අධික පුද්ගලයින් පිරිසක් තවදුරටත් පීඩාවට පත්ව සිටිති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, ඉන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ, උතුරු පළාතට බවයි. වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින පවුල් සඳහා සහන මල්ලක් ලබාදීමට පියවර ගෙන ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-09-16T05:08:55.000Z | රාගල ගල් ගුහාවක සැකකටයුතු මළ සිරුරු දෙකක් | රාගල ගල් ගුහාවක මළ සිරුරු දෙකක් | COLOMBO (News 1st) : රාගල සෙන්ලෙනාඩි උඩ කොටසේ ඝන කැළෑවක, ගල් ගුහාවක් තුළ තිබී සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, රාගල සෙන්ලෙනාඩි වත්තේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු සහ මැදවත්ත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකුගේ මළ සිරුරු අද පෙරවරුවේ මෙලෙස සොයා ගත් බවයි. මොවුන් දෙදෙනා සතුන් දඩයම් කිරීම සඳහා ඊයේ දිනයේ නිවෙස්වලින් පිටව ගොස් තිබේ. මළ සිරුරු සොයා ගත්, ගල්ගුහාව තුළ තිබී මොවුන් දෙදෙනා සමග ගිය සුනඛයෙකු ද මිය ගොස් සිටියදී සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය. මොවුන්, ඉත්තෑවන් දඩයම් කිරීම සඳහා ගල් ගුහාව තුළට දුම්ගසා පසුව ගුහාව තුළට ඇතුළු වීමෙන් පසු මෙලෙස මිය ගොස් ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර රාගල පොලීසියේ මෙහෙය වීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. |
2018-09-16T04:28:11.000Z | ඕමන්තේ දුම්රිය අනතුරින් සිව් දෙනෙක් මරුට | ඕමන්තේ දුම්රිය අනතුරින් සිව් දෙනෙක් මරුට | COLOMBO (News 1st) : ඕමන්තේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලැබූහ. පොලීසිය සඳහන් කළේ, අද පෙරවරු 10.30 ට පමණ අනතුර සිදුව ඇති බවයි. යාපනය සිට මාතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ එම මෝටර් රථය ගැටී තිබේ. අනතුරින් දිවි බේරාගෙන ඇත්තේ මෝටර් රථයේ රියැදුරා සහ 11 හැවිරිදි දරුවෙකු බව පොලීසිය සඳහන් කළේ ය. තුවාලකරුවන් වව්නියාව රෝහලට ඇතුළත් කර ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය. මේ අතර දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, මෙම දුම්රිය හරස් මාර්ගය අනවසරයෙන් සකස් කරගත් දුම්රිය හරස් මාර්ගයක් බවයි. https://www.youtube.com/watch?v=QzGtUeNznC8 |
2018-09-16T00:17:33.000Z | ජීව අත්බෝම්බ 02ක් සමග සැකකරුවෙකු පිටකොටුව, බැස්ටියන් මාවතේදී අත්අඩංගුවට | ජීව අත්බෝම්බ 02ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - පිටකොටුව, බැස්ටියන් මාවතේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ 02ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, 39 හැවිරිදි එම සැකකරු මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව ය. මේ අතර මාවතගම, පුස්සැල්ලාව ප්‍රදේශයේදී ද ජීව අත්බෝම්බ දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී නිවසක තිබී ඒවා සොයා ගත් බව ය. සැකකරු 45 හැවිරිදි පුස්සැලිතැන්න, මෙරගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. |
2018-09-15T21:11:12.000Z | ත්‍රිකුණාමලයේ සිදු වූ භූ කම්පනය ක්වාට්සයිට් පාෂාණ සහිත කඳුකරයට වැඩි වශයෙන් දැනී ඇතැයි තහවුරු වෙයි | ත්‍රිකුණාමලයේ සිදු වූ භූ කම්පනය | COLOMBO (News 1st) - ත්‍රිකුණාමලයේ සිදු වූ භූ කම්පනය ක්වාට්සයිට් පාෂාණ සහිත කඳුකර ප්‍රදේශයට වැඩි වශයෙන් දැනී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි. ත්‍රිකුණමලය කලපුව ආශ්‍රිතව රික්ටර් පරිමාණ ඒකක 3.5ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදු වූයේ පෙරේදා රාත්‍රී 12ට පමණ ය. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රවිමල් සිරිවර්ධන මහතා පැවසුවේ, මූලික අධ්‍යනයේදී එය තහවුරු වී ඇති බව ය. භූ කම්පනයෙන් අනතුරුව පසු කම්පන වාර්තා වී නැතැයි ද ඔහු සඳහන් කළේ ය. |
2018-09-15T20:58:43.000Z | පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි 5000කට අධික සංඛ්‍යාවක් | පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි 5000ක් | COLOMBO (News 1st) - ගත වූ වසර 3 තුළ පොලිස් නිලධාරීන්ට එරෙහිව පැමිණිලි 5000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි ජාතික පොලිස් කොමිසම පවසයි. එහි සභාපති ජී.එච්. මනතුංග මහතා සඳහන් කළේ, ඉන් 90%ක ප්‍රමාණයක් විසඳීමට හැකි වූ බව ය. වැඩි පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබුණේ, රාජකාරී පැහැර හැරීම සම්බන්ධයෙනි. පැමිණිලිවලින් බොහෝමයක් වසර 8කට අධික කාලයක් විභාග නොවී පැවති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. සභාපතිවරයා පැවසුවේ, ඒ හේතුවෙන් ගැටලු රැසක් උද්ගත වූ බව ය. |
2018-09-15T20:50:13.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. මහනුවර ගොහාගොඩ තේක්කවත්ත ප්‍රදේශයේ කසළ කන්දේ අපද්‍රව්‍ය මහවැලි ගඟට එකතු වන බව අනාවරණය වෙයි. 2. හෝමාගම තාක්ෂණික නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව ඊයේ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක මහාතා එම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් විය. 3. නව සමෘද්ධි ලාභීන් 5000ක් සඳහා සහනාධාර පත්‍ර ලබා දීම ඊයේ මාතලේදී සිදු කෙරිණි. 4. ගම්පහ, කෙහෙල්බද්දර, තම්මිට ප්‍රදේශයේ ගිනි ගත් බස් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබේ. විදෙස් පුවත් 5. ෆ්ලොරන්ස් සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ පුද්ගලයින් මිලියන 10කට පමණ බලපෑම් එල්ල වී තිබේ. ක්‍රීඩා පුවත් 6. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකයේ වෙනස්කම් කිහිපයක් සිදුව ඇති බව වාර්තා වේ. |
2018-09-15T20:32:30.000Z | වියළි කාලගුණයත් සමග දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 45ක් දක්වා ඉහළ යයි | වියළි කාලගුණයත් සමග දෛනික විදුලි ඉල්ලුම ඉහළ යයි | COLOMBO (News 1st) - පවතින වියළි කාලගුණයත් සමග දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 45ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, වියළි කාලගුණයක් පැවතිය ද විදුලි සැපයුම බාධාවකින් තොරව ලබා දිය හැකි බව ය. ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ්‍රවල ජල මට්ටම 72.5%ක මට්ටමේ පවතින බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර කෘතිම වැසි ඇති කිරීමේ නියමු ව්‍යාපෘතිය ලබන මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ද සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ය. තායිලන්ත විශේෂඥ කණ්ඩායමක් හරහා එම කටයුතු සිදුවනු ඇති. |
2018-09-15T20:15:04.000Z | ආසියානු කුසලානය: ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයට විශිෂ්ට ජයක් | ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයට විශිෂ්ට ජයක් | COLOMBO (News 1st) - ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශය ලකුණු 137ක ජයක් වාර්තා කළේ ය. තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් බංග්ලාදේශය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ඒ අනුව පිටියට පිවිසි ලිටෝන් ඩෑස්ට හා ශකීබ් අල් හසන්ට ලසිත් මාලිංගගේ පන්දු හමුවේ ලකුණු නොලබා ආපසු ක්‍රීඩාගාරයට යෑමට සිදු විය. මුෂ්ෆිකො රහීම් ලකුණු 144ක් සහ මොහොමඩ් මිතුන් ලකුණු 63ක් රැස් කළහ. බංග්ලාදේශය පන්දුවාර 49යි පන්දු 3කදී සියලු කඩුලු දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 261කි. පන්දු යැවීමේදී ලසිත් මාලිංග කඩුලු 4ක් දවා ගත් අතර ධනංජය ද සිල්වා කඩුලු 2ක් දවා ගත්තේ ය. ඒ අනුව ලකුණු 262ක ඉලක්කයක් කරා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කර ගත හැකි වූයේ ලකුණු 124ක් පමණි. දිල්රුවන් පෙරේරා ලකුණු 29ක් හා උපුල් තරංග ලකුණු 27ක් රැස් කළහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ බංග්ලාදේශයේ මෂ්රාෆ් මොටාසා, මුස්තෆිසෝ රහ්මන් හා මෙහිඩි හසන් අතර කඩුලු 2 බැගින් බෙදී ගියහ. |
2018-09-15T11:07:06.000Z | ගම්මැද්ද ගෙයින් ගෙට අඛණ්ඩව දින 19ක් මහජනතාව අතර... | ගම්මැද්ද ගෙයින් ගෙට අඛණ්ඩව දින 19ක් මහජනතාව අතර... | COLOMBO (News 1st) - අඛණ්ඩව මහජන ගැටලු විමසා ඉදිරිපත් කළ ගම්මැද්ද ගෙයින් ගෙට 3 වන අදියරේ 19 වන දිනය අදයි. අසරණ මිනිසුන් වෙසෙන දුර බැහැර ගම්මානවලට මෙන්ම කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට ද අපේ කණ්ඩායම් ගමන් කළහ. කළුතර ගල්පොත්තාව ඇතුළු ගම්මානවල වාසය කරන බොහෝ දෙනා ගොවීන්. එහෙත් ජල හිඟය හේතුවෙන් වසර ගණනාවකින් ඔවුන් ගොවිතැන් කර නොමැත. පිටවාන සකස් කර දෙන්නැයි බලධාරීන්ට දැන්වුවද ඵලක් වී නොමැත. එහෙත් පුරන් වූ කුඹුරු අක්කර 30කින් පමණ අක්කර බදු නම් අය කරන බව ගොවීහු පැවසූහ. ගොවීන්ට ගොවිතැන අත්හැර රබර් කිරි කැපීමට හෝ කුලී වැඩවලට යාමට සිදුවීම ඛේදවාචකයකි. පවුල් 250ක් පමණ මෙහි සිටින අතර විවිධ ගැටලු නිසා තරුණ පරපුරේ අනාගතය අවිනිශ්චිත බව ගම්වැසියෝ ප්‍රකාශ කළහ. යාපනය තෙල්ලිප්පලෙයි ගම්මානයේ පවුල් 550ක් පමන වාසය කරන අතර ඔවුන් ජීවත් වන්නේ ගැටලු රැසකට මැදිවයි. පිවිසුම් මාර්ගය අබලන් වීම නිසා දෛනික කටයුතු අඩාල වී තිබෙන අතර ජල හිඟය තවත් ප්‍රශ්නයකි. පාසල් දරුවන් 200ක් පමණ සිටින අතර ප්‍රවාහන අපහසුතා නිසා ඔවුන් කිලෝමීටර 4 ක් පමණ පයින් යන බව මව්පියෝ පැවසූහ. වලිකාකමම් උතුර මයිලඩ්ඩි ගම්මානයේ සිටින්නේ ධීවරයින්. පවුල් 350ක් පමණ මුහුණ දෙන ප්‍රධාන ගැටලුව පානීය ජල හිඟයයි. පවුල් 450ක් වෙසෙන යාපනය කට්ටෙයිකාඩු ධීවර ගම්මානයේ ජනතාව ද ගැටලු රැසක් පෙන්වා දුන්නේ ය. ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ඇතැම් පිරිස් මෝටර් යොදා ගෙන දැල් ඇදීම නතර කළ නොහැකි වීමයි. මත්ස්‍ය සම්පත විනාශ වීම අපරාධයක් බව මොවුහු පැවසූහ. මාර්ග අබලන්ව ඇති නිසා බොහෝ කටයුතුවලට බාධා එල්ල වී තිබේ. කේවිල් ගම්මානයේදී අප හමුවූ ජනතාව පැවසුවේ නිවාස ගැටලුව ප්‍රමුඛ බවයි. ඔවුන් ඉතා දුක සේ පැල්පත් නිවාසවල වෙසෙන අතර එහි විදුලිය ද නොමැත. නුවරඑළිය දිඹුල වතුයායේ සිටින්නේ තේ කර්මාන්තයෙන් දිවි සරි කර ගන්නා පවුල් 150ක්. ඔවුන්ගේ දෛනික වැටුප බෙහෙවින් අඩු ය. ඊට විසඳුමක් නොමැති නිසා මොවුන් කලක සිටම ගත කරන්නේ ගැටලුවලින් පීඩිත ජීවිතයකි. දවසම වෙහෙසී තේ දළු නෙළා නිවසට පැමිණියත් ඔවුන්ට කිසිදු විවේකයක් නොමැත. හේතුව ජලය සොයා කඳුකරයේ ඇවිද යාමට සිදුව ඇති නිසයි. ක්වීන්ස්බරි වතුයායට ද අපේ කණ්ඩායම ගමන් කළේ ය. ප්‍රවාහන අපහසුතාව මොවුන්ගේ මූලික ගැටලුවකි. තමන්ගේ දුෂ්කරතා පිළිබඳව වගකිවයුත්තන් කිසිදු තැකීමක් නොකරන බව මේ ජනතාව අප සමග පැවසුවේ ය. නුවරඑළිය කුරුපනාවෙල ගම්මානය පවුල් 250කින් යුක්තයි. පයින්වත් යා නොහැකි තරමට මාර්ගය අබලන් ය. යාබද ගම්මානයට යාමට පාලමක් නොමැති අතර මොවුන් ඉල්ලා සිටින්නේ, සියල්ලට පෙර මාර්ගයක් සාදා දෙන ලෙසයි. |
2018-09-15T10:39:26.000Z | එදා මෙදා තුර රුපියල බාල්දු වුණේ මෙහෙමයි | එදා මෙදා තුර රුපියල බාල්දු වුණේ මෙහෙමයි | COLOMBO (News 1st) - රුපියල අවප්‍රමාණය වීමත් සමග අමෙරිකානු ඩොලරයක වටිනාකම මේ වන විට රුපියල් 164 ඉක්මවා ගොස් තිබේ. 1977 වසර් ජනවාරී මාසයේදී අමෙරිකානු ඩොලරයක මිල පැවතුනේ රුපියල් 8.95ක් ලෙසයි. එවකට මුදල් අමාත්‍ය ධූරය දැරූ රොනීද මෙල් මහතාගේ ධූර කාලය නිමා වන විට ඩොලරය රුපියල් 36 දක්වා ඉහළ ගියේ ය. එතැන් පටන් ඇරඹි ප්‍රේමදාස යුගය තුළ නයින මරික්කාර් හා ඩී.බී. විජේතුංග යන මහත්වරුන් මුදල් අමාත්‍ය ධූරය දැරූ අතර එම යුගය අවසන් වන විට ඩොලරය රුපියල් 49.17 දක්වා වැඩි විය. අනතුරුව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ කාලය තුළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, කේ.එන්.චොක්සි, සරත් අමුණුගම යන මහත්ම මහත්මීන් මුදල් අමාත්‍ය ධූරය දැරූ අතර ඩොලරය රුපියල් 49.17 සිට රුපියල් 100 දක්වා 100% ඉහළ ගියේ ය. ජනාධිපති ධූරය හා මුදල් අමාත්‍ය ධූරය යන දෙකම හෙබවූ මහින්ද රාජපක්ෂ පාලනය නිමා වූ 2015 වසර වන විට ඩොලරය රුපියල් 135 දක්වා වැඩි විය. නමුත් වසර 3ක් වන යහපාලන රජයේ රවි කරුණානායක සහ මංගල සමරවීර මුදල් අමාත්‍ය ධූරය දැරූ කාලය තුළ එය දැනටම රුපියල් 164 දක්වා ඉහළ ගොස් තිබේ. එදා මෙදා තුර සියලු ආණ්ඩු යටතේ රුපියලට සිදුව ඇති දේ මෙලස පිළිබිඹු වන විට මහජනතාව කියන්නේ කුමක් ද? අනේ අපි කවදාක හිනෙහෙමුද මේ රටේ.... |
2018-09-15T09:29:05.000Z | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ අදිසි ස්ථාන මාරුවක් | ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ අදිසි ස්ථාන මාරුවක් | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකයේ වෙනස්කම් කිහිපයක් සිදුව ඇති බව වාර්තා වේ. ස්පොර්ට්ස් ෆස්ට් මේ පිළිබඳව කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මේ බව සනාත කළේ ය. ආයතනයේ සිදු කෙරෙන වෙනස්කම් හේතුවෙන් මාරුවීම් හා සේවය අත්හිටුවීම් සිදු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි. ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය සහකරුවෙකු ලෙස කටයුතු කළ චානක ද සිල්වා මහතා මග්ගොන පිහිටි සරේ විලේජ් ක්‍රීඩාංගණයට මාරු කර යවා ඇති අතර, තීරු ලිපි සකසන්නන් ලෙස කටයුතු කල බන්දුල මොල්ලිගොඩ හා ශ්‍රියාන් ඔබේසේකර මහත්වරුන්ගේ සේවය මින් ඉදිරියට අවශ්‍ය නොමැති බව දන්වා තිබේ. චානක ද සිල්වා වසර 18කට අධික කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ඒකකයට අනුයුක්තව සිටියේ ය. මාධ්‍යවේදීන් සමග මනා සබඳතාවක් ගොඩනගා ගනිමින් ඔහු සිය කාර්යයේ නිරත වූ අතර තරගවලට මාධ්‍ය හැඳුනුම්පත් සකස් කිරීමේදී වැඩි වගකීමක් පැවරුණේ ඔහුට ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අර්බුදකාරී තත්ත්වයක තිබියදී පවා චානක ද සිල්වා මහතා ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් කීර්ති නාමය රැක ගැනීමට ඉදිරිපත්ව සිය වගකීම ඉටු කළ නිලධාරියෙකි. පසුගිය වකවානුවේ ඔහුගේ රාජකාරී වඩාත් පහසු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිරිවැය දරා ඔහු වීඩියෝ සංස්කරණ පාඨමාලාවක් සඳහා ද යොමු කළේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශය වෙත කළමනාකරුවන් ලෙස දිනේෂ් රත්නසිංහම් සහ ප්‍රසන්න රොඩ්රිගෝ යන මහත්වරුන් බඳවා ගැනුණේ ඉන් අනතුරුව ය. ඔවුන් එම තනතුරුවලට එක් වීමෙන් අනතුරුව ද චානක ද සිල්වා මහතා සුපුරුදු පරිදි සිය කටයුතුවල නිරත විය. ඔහු 2017 ශ්‍රී ලංකා - පකිස්ථාන ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි පන්දුවාර 20යි 20 තරගය ලාහෝර්හිදී පැවැති අවස්ථාවේදී පකිස්ථානයට ගොස් එහි මාධ්‍ය සම්බන්ධීකරණ කටයතු සිදු කළේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද අවදානමකට මුහුණ දෙමිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වන්නට ගිය බව කියන බරපතල මුදල් වංචාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ද විමර්ශන ආරම්භ කර තිබේ. චානක ද සිල්වා, මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණය වෙත මාරු කළ බව ද වාර්තා වූයේ එවන් පසුබිමක ය. එළැඹෙන එංගලන්ත - ශ්‍රී ලංකා තරග සංචාරයේ මාධ්‍ය කටයුතු වෙනුවෙන් වැඩි වගකීමක් පැවරී තිබුණු චානක ද සිල්වා මහතා මෙලෙස හදිසියේ සරේ විලේජ් ක්‍රීඩාංගණයට මාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ක්‍රියා කර ඇත්තේ ඇයි ද යන්න ගැටලුවකි. ආයතනයේ වැඩ සිදු කරමින් වසර 18ක අත්දැකීම් ද ලැබූ චානක ද සිල්වා මහතාට මග්ගොන සරේ විලේජ් ක්‍රීඩාංගණයට ගොස් ඉටු කළ හැකි වගකීම කුමක් ද ? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් කැපවීමෙන් මිල කළ නොහැකි නිහඬ සේවාවක් ඉටු කරන නිලධාරීන්ව මාරු කර යවා දූෂණ වංචා සිදු කරන නිලධාරීන් රැක ගැනීමට ඉදිරියට පැමිණෙන බලධාරීන් දිනෙන් දින මේ විනාශ කරන්නේ මිලියන 20ක් වූ මෙරට ජනතාව ජාති ආගම් බේදයකින් තොරව ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්ති නාමය නොවේ ද ? ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා ඇමතිතුමනී, ඔබ තුමා මේ බව නොදන්නේ ද? නොඑසේ නම් නොදන්නා ලෙස සිටින්නේ ද? මේ පිළිබඳව ක්‍රියාත්මක වන්නේ කවදා ද? සුපුරුදු පරිදි ක්‍රිකට් ලෝලියාගේ එකම පැතුම මේ පිළිබඳව ගරු ජනාධිපතිතුමන්ගේ අවධානය යොමු වීම පමණක් ද? |
2018-09-15T08:53:56.000Z | එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් අගමැති සහභාගී වූ උත්සවය වර්ජනය කරයි | එජාප මන්ත්‍රීවරියක් අගමැතිගේ උත්සවය වර්ජනය කරයි | COLOMBO (News 1st) - නව සමෘද්ධි ලාභීන් 5000ක් සඳහා සහනාධාර පත්‍ර ලබා දීම අද මාතලේදී සිදු කෙරිණි. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. වසර 2030 වන විට දිළිඳු කමින් තොර ශ්‍රී ලංකාවක් යන තේමාව යටතේ මෙම නව සමෘද්ධි සහනාධාර ප්‍රදානය සිදු විය. මේ අතර මෙම උත්සවය සඳහා මාතලේ නගරයේ මහා මාර්ග මෙන්ම පදික වේදිකාවලට හානි සිදු කරමින් සැරසිලි කර තිබූ ආකාරය අප කැමරාවට හසු විය. නව සමෘද්ධි ලාභීන් තෝරා ගැනීම විධිමත්ව සිදු නොවුණු බවට චෝදනා කරමින් ඊට විරෝධය දැක්වීමක් ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්න මහත්මිය අද මෙම උත්සවයට සහභාගී නොවීය. මෙරට පාලනය කළ සියලු ම නායකයින් තරයේ ප්‍රකාශ කර සිටියේ, තම පාලන සමය තුළ රටත් ජනතාවත් සුඛිත මුදිද කළ බවත් ආදායම ඉහළ නැංවූ බවත් මෙන්ම දුප්පත්කම තුරන් කර බවත් ය. නමුත් හාස්‍යජනක කාරණය වන්නේ, වසර ගණනාවක් ගත වී ඇති නමුත් සමෘද්ධි ලාභීන් සංඛ්‍යාව ඉහළ යාමයි. එනම් දුගී දුප්පත්කම ඉහළ යන බව ය. එසේ නම් සංවර්ධනයේ නාමයෙන් බලධාරීන් ජනතාවට පෙන්වා සිටින සංඛ්‍යා ලේඛන විකෘත්ති හෝ තම වාසිය පිණිස සකස් කර ගත් ව්‍යාජ ඒවා ද? |
2018-09-15T10:44:04.000Z | සංවර්ධනයට බධා කරන පිරිසක් ගැන ඇමති පාඨලී හෙළි කරයි | සංවර්ධනයට බධා කරන පිරිසක් ගැන ඇමති පාඨලී හෙළි කරයි | COLOMBO (News 1st) - හෝමාගම තාක්ෂණික නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව අද මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක මහාතා අද ඒම ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් විය. මහ නගර සංවර්ධන සලැස්ම යටතේ හෝමාගම නගරය ප්‍රවාහන, අධ්‍යාපන, තාක්ෂණික යන ක්ෂේත්‍රවල කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. මේ සඳහා විවිධ පාර්ශවයන්ගේ විරෝධය පළ වීමත් සමග ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අද අමාත්‍යවරයා එම ප්‍රදේශයට පැමිණියේ ය. අනතුරුව පවතින ගැටලු පිළිබඳව විමසීමට ප්‍රදේශවාසීන්ට අවස්ථාව හිමි විය. අමාත්‍යවරයා පිටව ගිය පසු අනතුරුව මෙම වැඩසටහන සංවිධාන කළ හෝමාගම ප්‍රදේශීය සභාවේ මන්ත්‍රී තරිදු දිලීප මන්ත්‍රීවරයාට කිහිප දෙනෙකුගේ විරෝධය පළ විය. |
2018-09-15T11:30:52.000Z | ගොහාගොඩ කුණු කන්දේ අපද්‍රව්‍ය මහවැලි ගඟට එකතු වන බවට අනාවරණයක් | ගොහාගොඩ කුණු කන්දේ අපද්‍රව්‍ය මහවැලි ගඟට | COLOMBO (News 1st) - මෙරට එක් රැස්වන කසළ නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීමට අප තවමත් අපොහොසත්ව ඇති බව ප්‍රකට කරුණකි. එවන් තත්ත්වයක් තුළදී නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා සිංගප්පූරුවෙන් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මුවාවෙන් මෙරටට කසළ හෝ අපද්‍රව්‍ය ආනයනය කිරීමේ උත්සහයන් පිළිබඳව නිරන්තරයෙන් කතා බහට ලක්වේ. මේ අවධානය සිංගප්පූරුවෙන් ගෙන ආ කුණු නොව මෙරට එකතු වූ තවත් කුණු කන්දක් ගැනයි. පරිසරයට දැඩි හානියක් සිදු කරමින් මහජනතාව දැඩි පීඩාවට පත් කරමින් මහනුවර ගොහාගොඩ තේක්කවත්ත ප්‍රදේශයේ කසළ කන්දට කසළ එක් රැස් කරන බව අපි මීට පෙර වාර්තා කළෙමු. මේ වන විටත් කසළ කන්දට කුණු එක් රැස් වීම සිදු වන අතර ඉන් පිටවන අපද්‍රව්‍ය කාණු පද්ධතිය හරහා මහවැලි ගංගාවට එකතු වේ. |
2018-09-15T06:20:38.000Z | කොළඹ ඝාතන සිද්ධි 2කට සම්බන්ධ ප්‍රධාන සැකකරු කොටුවෙයි | ඝාතන සිද්ධි 2කට සම්බන්ධ ප්‍රධාන සැකකරු කොටුවෙයි | COLOMBO (News 1st) - කොළඹ ප්‍රදේශයේ මෑතක සිදු වූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදු කිරීමේ සිද්ධි දෙකකට සම්බන්ධ ප්‍රධාන සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය වැල්ලම්පිටිය ප්‍රදේශයේ කළ වැටලීමකදී අද අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සැකකරු නාවික හමුදාවෙන් පළා ගොස් සිටින අයෙකු බව ය. |
2018-09-15T04:33:04.000Z | ගම්පහ ගිනි ගත් බස් රථයක් තුළ කාන්තා මළ සිරුරක් | ගම්පහ ගිනි ගත් බස් රථයක් තුළ කාන්තා මළ සිරුරක් | COLOMBO (News 1st) - ගම්පහ, කෙහෙල්බද්දර, තම්මිට ප්‍රදේශයේ ගිනි ගත් බස් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අද අලුයම බස් රථය ගිනි ගැනීමට ලක්ව ඇති අතර බස් රථයේ රියැදුරු අසුන අසළ තිබී එම පිළිස්සුන කාන්තා මළ සිරුර සොයා ගෙන ඇති බව ය. එලෙස මිය ගොස් ඇත්තේ, බස් රථයේ හිමිකරුගේ බිරිඳ බවට කරුණු අනාවරණය වී තිබේ. 58 හැවිරිදි අදාළ කාන්තාව උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචිකාරියකි. බස් රථයේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක ය. |
2018-09-15T03:06:19.000Z | ගම්මැද්ද කණ්ඩායම් 19 වන දිනටත් ජනතා ගැටලු සොයා ගෙයි ගෙට | ගම්මැද්ද කණ්ඩායම් අදත් ජනතා ගැටලු සොයා ගෙයින්ගෙට | COLOMBO (News 1st) : රට නගන ජන පවුර ගම්මැද්ද ගෙයින් ගෙට තුන්වැනි ක්‍රියාන්විතයේ 19 වැනි දිනය අදයි. පේරාදෙණිය විශ්වවිදයාලයේ විද්‍යාර්ථීන් ද සමග කණ්ඩායම් 5ක් අදත් දිස්ත්‍රික්ක තුනකට අයත් ගම්මානවල සංචාරය කරයි. ගම්මැද්ද ගෙයින් ගෙට වැඩසටහන, මින් පෙර දෙවරක් රට පුරා ක්‍රියාත්මක කෙරුණේ විසදුම් නොමැති මහජන ගැටලු රැසක් හඳුනා ගනිමිනි. ඉන් අනතුරුව ජනතාවගේම, මූල්‍යාධාරවලින් එම ගැටලුවලට කඩිනම් විසදුම් ලබාදීමට ගම්මැද්ද කණ්ඩායමට හැකිවිය. ගම්මැද්ද කණ්ඩායම් අද දිනයේදී යාපනය, කළුතර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි ජනතාව හමුවී ඔවුන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳ සොයා බලමින් මේ වන විටත් සංචාරයේ නිරතව සිටී. |
2018-09-14T23:05:48.000Z | අද ත් ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණයක් | අද ත් ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණයක් | COLOMBO (News 1st) : ගතවූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය වව්නියාවෙන් වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම අගය සෙල්සියස් අංශක 37.3කි. පොළොන්නරුවෙන් සෙල්සියස් අංශක 36.6 ක්, අනුරාධපුර 35.7 ක් සහ කොළඹින් සෙල්සියස් අංශක 31.3 ක උෂ්ණත්වයක් වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර පොළොන්නරුව, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල හා නැගෙනහිර පළාතේ බොහෝ ස්ථානවලට අද දිනයේත් උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන ලෙසයි. උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් තෙහෙට්ටුව, විජලනය, මස්පිඩු පෙරළීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන් ය. |
2018-09-14T21:11:27.000Z | 'ෆ්ලොරන්ස්' අමෙරිකානු ජීවිත 4ක් බිලි ගනී | 'ෆ්ලොරන්ස්' අමෙරිකානු ජීවිත 4ක් බිලි ගනී | COLOMBO (News 1st) : ෆ්ලොරන්ස් සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරය ආශ්‍රිත නිවාස ලක්ෂ හයකට පමණ විදුලි බලය ඇණහිට තිබේ. එරට කාලගුණ විද්‍යා බලධාරීන් සඳහන් කළේ, කුණාටුවෙන් නිවාස රැසකට ද හානි සිදුව ඇති බවයි. ෆ්ලොරන්ස් සුළි කුණාටුවෙන් හටගත් අයහපත් කාලගුණයෙන් මේ වන විට අමෙරිකාවේ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 4 කි. කුණාටුවෙන් පුද්ගලයින් මිලියන 10ක පමණ බලපෑම් එල්ල වී තිබේ. අධික වැසි සහ මුහුදු රළ ගොඩබිමට පැමිණීමෙන් පහත් බිම් රැසක් ද ජලයෙන් යටවී ඇතැයි, වාර්තා වේ. අමෙරිකානු කාලගුණ විද්‍යා බලධාරීන් සඳහන් කළේ, ෆ්ලොරන්ස් සුළි කුණාටුව පැයට කිලොමීටර් 110ක වේගයෙන් හමා යමින් ඇති බවයි. කෙසේ වෙතත් ඇමරිකානු කාලගුණ බලධාරින් සඳහන් කළේ, වේ වන විට කුණාටුවේ ප්‍රබලත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ඉදිරි දින කිහිපය ඇතුළත විපතට පත් ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිත බව ධවල මන්දිරය ප්‍රකාශ කළේ ය. මෙ අතර පිලිපීනයට බලපා ඇති මන්කුට් සුළිකුණාටුව හේතුවෙන් පිලිපිනයේ උතුරු වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයට දැඩි බලපැම් එල්ල වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේ ය. පිලිපීනයට මේ වසරේ බලපූ දරුණුතම සුළි කුණාටුව මෙය වන අතර එය මෙ වන විට පැයට කිලොමිටර් 200ත් 320 ත් අතර වේගයේන් හමා යන බව සඳහන් ය. |
2018-09-14T20:58:03.000Z | 30 වන මහවැලි ක්‍රීඩා උළෙල අද ඇරඹේ | 30 වන මහවැලි ක්‍රීඩා උළෙල අද ඇරඹේ | COLOMBO (News 1st) : 30 වන මහවැලි ක්‍රීඩා උළෙල ඇඹිලිපිටියේදී අද ආරම්භ වේ. ක්‍රීඩා උළෙල සංවිධානය කෙරෙන්නේ, මහවැලි කලාපවල දක්ෂතා පිරි දූදරුවන්ගේ ක්‍රීඩා කුසලතා ඇගයීම සඳහායි. ක්‍රීඩා උළෙලෙට සමගාමීව එහි ගිනිසිළුව රැගත් චාරිකාව දින 9ක් ක්‍රියාත්මක වූ අතර ඊයේ දිනයේදී එම පිරිස ඇඹිලිපිටියට ළඟා විය. ගිනිසිළුව රැගත් චාරිකාවේ නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ MTV/MBC මාධ්‍ය ජාලයයි. |
2018-09-14T20:25:44.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) දේශීය පුවත්.... 1. ශ්‍රී ලනිපයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙක්: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙකු පත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරයා ලෙස නීතීඥ උපාලි මොහොට්ටි මහතා පත්කර ඇති බවයි. 2. නිව්ස් ෆස්ට් අනාවරණයෙන් පසු නිලූෂියාට සරසවි වරම් : අසාධාරණයකට ලක්වීමෙන් සරසවි වරම් අහිමිව සිටි වළපනේ නිලූෂියා මේරි සිසුවියට නිවුස් ෆස්ට් අනාවරණයෙන් පසු අද සරසවි වරම් හිමිවිය. ඒ උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුවයි. 3. කමිටු නිර්දේශ මත සිංගප්පුරු ගිවිසුමේ සංශෝධන කරන බව ජනපති කියයි: තමන් පත් කළ කමිටුව ලබාදෙන නිර්දේශ මත සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුමේ සංශෝධන සිදු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඊයේ පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිතුමා කියා සිටියේ කමිටු නිර්දේශවල ගිවිසුමේ අහිතකර කරුණු ඇතැයි සඳහන් වුවහොත්, ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පසුබට නොවන බවයි. 4. හොරණ රබර් කර්මාන්ත ශාලාවක අමෝනියා ගෑස් ටැංකියක් පිපිරී 5ක් රෝහලේ : හොරණ, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ රබර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අමෝනියා ගෑස් ටැංකියක් පිපිරීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු රෝහල්ගත කළේ ය. ඊයේ එම කර්මාන්ත ශාලාවට ගෑස් ටැංකි පිර වූ ලොරි රථයක් පැමිණ ඇති අතර ඉන් ගෑස් ටැංකි ඉවත් කිරීමේදී අමෝනියා අඩංගු ගෑස් ටැංකියක් පිපිරී තිබේ. 5. රවි කරුණානායකට එරෙහිව නඩු පවරයි : හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේ ය. ක්‍රීඩා පුවත්.... 1. ශ්‍රී ලංකා-එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා විකාශන අයිතිය MTV ආයතනයට : එළැඹෙන ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා විකාශන අයිතිය MTV ආයතනයට හිමිව තිබේ. ඒ අනුව එංගලන්ත කණ්ඩාමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ සියලු තරග TV1 නාලිකාව ඔස්සේ විකාශය කිරීමට නියමිත ය. |
2018-09-14T20:08:54.000Z | කළු ගඟට කරදිය මුසුවෙයි | කළු ගඟට කරදිය මුසුවෙයි | COLOMBO (News 1st) : කළු ගඟට කරදිය මුසුවීම හේතුවෙන් පුද්ගලයින් දෙලක්ෂ අට දහසකට අධික පිරිසක් පානීය ජල අර්බුදයට ලක්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි කළුතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ සාලිය ඩයස් මහතා පැවසුවේ, ඔවුන්ට බවුසර් මගින් ජලය ලබාදිම අඛණ්ඩව සිදුවන බවයි. මේ අතර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති අලහුඩින් අන්සාර් මහතා පැවසුවේ, කළුතරදී ගඟට කරදිය මුසුවීම පාලනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි. |
2018-09-14T20:00:33.000Z | වනජීවි නියාමක නිලධාරීන් අකුරට වැඩ | වනජීවි නියාමක නිලධාරීන් අකුරට වැඩ | COLOMBO (News 1st) : වනජීවි නියාමක නිලධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. සමස්ත ලංකා වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සඳරුවන් මහතා පැවසුවේ, විධිමත් පටිපාටියෙන් තොරව සේවක බඳවා ගැනීම් සහ අතිකාල කප්පාදුවට එරෙහිව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි. ඒ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් කළ විමසීමකදී ඔහු පවැසුවේ, මේ සම්බන්ධයෙන් සකච්ඡාවක් පැවති බවත් ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ඉදිරියේදී අවධානය යොමු කරන බවත් ය. සමස්ත ලංකා වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සඳනුවන් මහතා පැවසුවේ, සිය වෘත්තීය සමති ක්‍රියාමාර්ගය හේතුවෙන් වන අලි පළවා හැරීම ඇතුළු රාජකාරී රැසක් අඩාල වන බවයි. |
2018-09-14T19:47:22.000Z | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා විභාගය කල්යයි | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා විභාගය කල්යයි | COLOMBO (News 1st) : ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ දෙවන පන්තියේ දෙවන ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ තරග විභාගය නැවත දැනුම් දෙන තුරු කල් දමා තිබේ. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, එය අද පැවැත්වීමට නියමිතව තිබූ බවයි. ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ දැනුම් දීම අනුව විභාගය කල් දැමූ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක සඳහන් ය. |
2018-09-14T19:40:28.000Z | ත්‍රිකුණාමල කළපුව ආශ්‍රිතව සුළු භූ චලනයක් | ත්‍රිකුණාමලය කළපුව ආශ්‍රිතව සුළු භූ චලනයක් | COLOMBO (News 1st) : ත්‍රිකුණාමල කළපුව ආශ්‍රිතව රික්ටර් පරිමාණයේ ඒකක 3.5 ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුව තිබේ. භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රවිමල් සිරිවර්ධන මහතා පැවසුවේ, ඊයේ රාත්‍රි 12 ත් එකත් අතර කාලය තුළ එම සුළු භූ චලනය සිදුව ඇති බවයි. මෙය සුළු භූ චලනයක් බවත් ඉන් කිසිදු සුනාමි අවදානමක් නොමැති බව ත් ඔහු සඳහන් කළේ ය. |
2018-09-14T11:09:17.000Z | ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා විකාශන අයිතිය MTV ආයතනයට | SL vs ENG තරගාවලියේ විකාශන අයිතිය MTV ආයතනයට | COLOMBO (News 1st) - එළැඹෙන ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා විකාශන අයිතිය MTV ආයතනයට හිමිව තිබේ. ඒ අනුව එංගලන්ත කණ්ඩාමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ සියලු තරග TV1 නාලිකාව ඔස්සේ විකාශය කිරීමට නියමිත ය. එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ලබන මස 10 වන දා ආරම්භ වේ. එම තරගාවලියට එක්දින තරග 5ක්, පන්දුවාර විස්සයි විස්ස තරගයක් හා ටෙස්ට් තරග 3ක් ඇතුළත් ය. |
2018-09-14T10:50:09.000Z | CIDය රවි කරුණානායකට එරෙහිව නඩු පවරයි | CIDය රවි කරුණානායකට එරෙහිව නඩු පවරයි | COLOMBO (News 1st) - හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේ ය. මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ ජනාධිපති කොමිෂන් සභාව විසින් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසට, නීතිපතිවරයා විසින් දුන් උපදෙස් අනුව ය. |
2018-09-14T09:40:42.000Z | ක්‍රිකට් වංචාවේ මහ මොළකරුවන් පැන යයි ද? | ක්‍රිකට් වංචාවේ මහ මොළකරුවන් පැන යයි ද? | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වන්නට ගිය බව කියන බරපතල මුදල් වංචාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ. නමුත් තවමත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. එංගලන්ත සංචාරයේ විකාශන අයිතිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතූ අමෙරිකානු ඩොලර් මිලියන 11ක මුදලින් පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 5.5ක මුදලක් විදේශීය පෞද්ගලික ගිණුමකට බැර කිරීමට ගත් උත්සහයක් සම්බන්ධයෙන් අපි තොරතුරු අනාවරණය කළෙමු. ඊයේ මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවූ මාධ්‍ය හමුවේදී අනාවරණය වූයේ, අවස්ථා දෙකකදී මෙම ගෙවීම්වලට අදාළව විකාශන කටයුතු සිදු කරන ඉන්දීය සමාගමට ඉන්වොයිස් පත් යවා ඇති බව ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් අංශ ප්‍රධානියා, පෞද්ගලික ලේකම්වරියක් හා ගිණුම් තබන්නාගේ අත්සන් ව්‍යාජ ලෙස ඊට යොදා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයා ඊයේ අනාවරණය කළේ, හිටපු සභාපතිවරයාගේ සමාගමක සේවය කළ අයෙකු වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ඒකකයේ ගිණුම් තබන්නෙකු ලෙස කටයුතු කරන බව ය. මේ අතර හොංකොංහි බැංකුවක පවත්වාගෙන ගිය මෙම ගිණුමේ ප්‍රතිලාභියා වූයේ, ෆන්යා සිලු නමැති සමාගමකි. ස්පෝර්ට්ස් ෆස්ට් මේ පිළිබඳව කළ සොයා බැලීමකදී අනාරවරණය වූයේ, 2017 වසරේ සැප්තැම්බර් මස 27 වන දා මෙම සමාගම ආරම්භ කර ඇති බව ය. හොංකොංහි ලියාපදිංචි කර තිබූ මෙම සමාගමේ බැංකු ගිණුමේ හිමිකරු චීන ජාතිකයෙකි. තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස ඔහු මෙය පවත්වාගෙන ගොස් තිබේ. ෆන්යා සිලු සමාගමේ අධ්‍යක්ෂ ධූරයෙන් තමා ඉවත් වන බව පසුගිය සැප්තැම්බර් මස 3 වන දා ඔහු සිය බැංකුවට දන්වා තිබූ අතර වංචාව අනාවරණය වූයේ ඊට පසු දිනයි. මේ වන විට අදාළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳ තොරතුරුවල දැක්වෙන්නේ එම තනතුරු පත් කිරීමට නියමිතව ඇති බව ය. මෙම සිදු වීමට අදාළව දැන් ගැටලු කිහිපයක්ම මතු වේ. සැලසුම් සහගතව බරපතල මූල්‍ය අපරාධයක් සිදු කිරීමට සූදානම් වූ බව බැලූ බැල්මට පෙනෙන්නට තිබියදී තවමත් ඊට හවුල් වූ බවට සැක කරන පුද්ගලයින් අත්අඩංගුවට නොගන්නේ ඇයි? මේ අතර සිටින එක් අයෙකුට වැටුප් සහිතව නිවාඩු ලබා දීමේ අපූරු දඬුවමක් ද මේ අතර වාර්තා වේ. බැඳුම්කර වංචාව සිදු කළ බව කියන පුද්ගලයින් සැඟව සිටින අයුරින් ඊට නොදෙවෙනි මේ වංචාවට සම්බන්ධ වූවන් ද පළා නොයනු ඇතැයි විශ්වාස කළ හැකි ද? මහ මොළකරුවන් ආරක්ෂා කිරීම සඳහා බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු තවමත් සැඟ වී සිටින බව රටේ ජනතාවගේ මතයයි. ඒ අයුරින්ම ක්‍රිකට් මුදල් වංචා කරන මහ මොළකරුවන් සැඟ වී සිටීම සඳහා මේ අයුරින් වැටුප් දී නිවාඩු යවා පුද්ගලයින් අතුරුදන් නොකරනු ඇතැයි විශ්වාස කළ හැකි ද? අශ්වයා පැන ගිය පසුව ඉස්තාලය වසා ඵලක් නොමැත.... |
2018-09-14T09:15:43.000Z | 20 වන සංශෝධනය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවංක අරමුණකින් ගෙන එන යෝජනාවලියක් ද? | 20 වන සංශෝධනය අවංක අරමුණකින් ගෙන එන්නක් ද? | COLOMBO (News 1st) - 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය ලබන 17 වන දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේ ය. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පෞද්ගලික යෝජනාවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. එම කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු පෙත්සම්කරුවන් පිරිසක් විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් අද සලකා බැලුනේ වැඩබලන අගවිනිසුරු සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන හා මූර්දෘ ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ ය. එහිදී විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා අධිකරණයේ පෙනී සිටිමින් කරුණු දැක්වුවේ ය. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සිට පත් වූ සෑම ජනාධිපතිවරයෙක්ම විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට පොරොන්දු වී ජනතාවගෙන් බලය ඉල්ලා සිටි බව සුමන්තිරන් මහතා එහිදී ප්‍රකාශ කළේ ය. ඔහු කියා සිටියේ, වර්තමාන ජනාධිපතිවරයා ද ජන වරමක් ලබාගෙන ඇත්තේ එකී කරුණ මුල් කරගෙන බැවින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් සම්මත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ය. මේ වන විට පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කෙටුම්පත් කරමින් සිටින අතර වාරයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යැයි පවසමින් 20 වන සංශෝධනය ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. එම්.ඒ. සුමන්තිරන් සහ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන මහත්වරු මේ දිනවල රට වටා යමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දේශන පවත්වමින් සිටිති. ඊයේ කුරුණෑගල පැවති එවැනි සම්මන්ත්‍රණයකට ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න මහතා ද සහභාගී විය. ජයම්පති වික්‍රමරත්න මහතා පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව එහිදී අදහස් දක්වද්දී නාමල් කරුණාරත්න මහතා 20 වන සංශෝධනය පිළිබඳව අදහස් පළ කළේ ය. 20 වන සංශෝධනය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවංක අරමුණකින් ජනතාව වෙනුවෙන් ගෙන එන යෝජනාවලියක් ද? වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ගෙන ආ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ද මූලිකත්වය ගත්තේ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න හා එම්.ඒ සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් ය. ජනාධිපතිවරයාගේ විධායක බලතල කප්පාදු කරන බව පවසමින් එහිදී සිදු වූයේ කුමක් ද? අවසානයේ අගමැතිවරයා ධූරයෙන් ඉවත් කිරීමට පවා නොහැකි තත්ත්වයක් නිර්මාණය කර තිබේ. මාධ්‍යය මර්දනයට ගෙන ආ වගන්ති සම්මත කර ගැනීමට නොහැකි වූයේ අධිකරණයේ පිහිට පැතූ නිසයි. මධ්‍යස්ථ ව්‍යවස්ථා විශාරදයින්ගේ මතය වී ඇත්තේ විධායක ජනාධිපති බලතල සීමා කරන මුවාවෙන් අගමැතිවරයාගේ බලතල වැඩි කර ගෙන ඇති බව ය. |
2018-09-14T08:04:37.000Z | මම ආදර්ශවත් නැත්නම් මට ඒ ගැන කියන්න - පොලිස්පති | මම ආදර්ශවත් නැත්නම් මට ඒ ගැන කියන්න - පොලිස්පති | COLOMBO (News 1st) - ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අගමැතිවරයා ද වාර්තාවක් කැඳවා ඇති බව ය. මේ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද පෙරවරුවේ මාතර කොටපොළ ජාතික පාසලේ දරුවන් ඇමතුවේ ය. එහිදී අදහස් පළ කළ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා.... |
2018-09-14T05:02:37.000Z | හොරණ රබර් කර්මාන්ත ශාලාවක අමෝනියා ගෑස් ටැංකියක් පිපිරීමෙන් 5 දෙනෙකු රෝහලේ | හොරණ කර්මාන්ත ශාලාවක අමෝනියා ගෑස් ටැංකියක් පිපිරේ | COLOMBO (News 1st) - හොරණ, පෝරුවදණ්ඩ ප්‍රදේශයේ රබර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අමෝනියා ගෑස් ටැංකියක් පිපිරීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු රෝහල්ගත කර තිබේ. අද පෙරවරුවේ එම කර්මාන්ත ශාලාවට ගෑස් ටැංකි පිර වූ ලොරි රථයක් පැමිණ ඇති අතර ඉන් ගෑස් ටැංකි ඉවත් කිරීමේදී අමෝනියා අඩංගු ගෑස් ටැංකියක් පිපිරී තිබේ. එහිදී ස්වසන අපහසුතා හේතුවෙන් රෝහල්ගත පුද්ගලයින්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව පොලීසිය සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ. |
2018-09-14T04:12:15.000Z | රුපියල තවදුරටත් බාල්දු වෙයි | රුපියල තවදුරටත් බාල්දු වෙයි | COLOMBO (News 1st) - රුපියලේ අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව අද දින රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 164.37ක් ලෙස දැක්විණි. එහි ගැණුම් මිල දැක්වුණේ, රැපියල් 160.94ක් ලෙස ය. |
2018-09-14T03:38:29.000Z | ධීවර පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය | ධීවර පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය | 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. ඒ අනුව ධීවර කර්මාන්තය, නියාමනය, සංරක්ෂණය හා සංවර්ධනය සඳහා වන විධිවිධාන ඇතුළත්ව පනත සංශෝධනය කෙරෙනු ඇති. |
2018-09-14T03:35:43.000Z | ස්විට්සර්ලන්තයේ ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට පියවර | ස්විට්සර්ලන්තයේ ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට | News 1st: අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ ප්‍රතිමාවක් ඉදිකිරීමට, ස්විට්සර්ලන්තය සූදානම් වේ. ඒ, ඇයට ගෞරව දැක්වීමක් ලෙස මෙන්ම සංචාරක ආකර්ශනය ඉහළ නංවා ගැනීම වෙනුවෙනි. අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ යෂ් චොප්රාගේ චිත්‍රපට රැසක රූගත කිරීම් සිදුවූයේ ස්විස්ටර්ලන්තයේයි. ශ්‍රීදේවි රඟන සිනමාපට රැසක් ද ස්විස්ටර්ලන්තයේ රූගතකර තිබේ. ලබන වසරේ එම ප්‍රතිමාව විවෘත කෙරෙනු ඇති. |
2018-09-14T03:15:50.000Z | අනුරපුර රැඳවියන් 8ක් උපවාසයේ | අනුරපුර රැඳවියන් 8ක් උපවාසයේ | COLOMBO (News 1st) : අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් 8 දෙනෙකු උපවාසයක් ආරම්භ කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය සඳහන් කළේ, සිය නඩු ඉක්මන් කරන්නැයි, ඉල්ලා ඔවුන් මෙම උපවාසයේ ආරම්භ කර ඇති බවයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සැකකරුවන් පිරිසක් මෙලෙස උපවාසයේ ආරම්භ කර ඇතැයි, ඔහු සඳහන් කළේ ය. රැඳවියන්ගේ මෙම දුක්ගැනවිලි සම්බන්ධයෙන් මීට පෙර ද අධිකරණයට හා නීතිපති දෙපාර්තමේන්තුවට කරුණු වාර්තා කර ඇති බව ද තුෂාර උපුල්දෙණිය මහතා පැවසී ය. |
2018-09-14T03:03:53.000Z | වලවල් හාරා වතුර බොන විරුගම්මානයේ ජනතාව.. | වලවල් හාරා වතුර බොන විරුගම්මානයේ ජනතාව.. | COLOMBO (News 1st) : ගම්මැද්ද ගෙයින් ගෙට තුන්වන අදියරේ 18 වන දිනය අදයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් ද සමග ජනතා ගැටලු විමසමින් අදත් දිස්ත්‍රික්ක තුනක කණ්ඩායම් 6 ක් සංචාරය කරයි. අවිස්සාවේල්ල ශ්‍රී මුත්තුමාරී අම්මාන් කොවිලේ පැවති ආගමීක වතාවත්වලින් අනතුරුව අප එක් කණ්ඩායමක් අවිස්සාවේල්ල කිරිවන්දල විරුගම්මානයේ පහළ කොටසේ ජීවත් වන ජනතාව හමුවිය. පානීය ජලය නොමැති කමින් මෙම ගම්මානයේ පවුල 100 කට අධි පිරිසක් පීඩා විඳිති. සකසාගත් කුඩා වළකින් සිය පානීය ජල අවශ්‍යතාව සපුරා ගන්නා මේ ජනතාව ගෙවන්නේ ඉතා දුෂ්කර ජීවිතයකි. මෙම ගම්මානයට ඇති පිවිසුම් මාර්ග නිසි පරිදි නොමැති කමින් මේ ජනතාව තවදුරටත් අසරණ ව සිටිනු අපට නිරීක්ෂණය විය. යාපනය නල්ලූර් කොවිලේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව ජනතාව මුහුණ දෙන ගැටලු සොයා අප එක් කණ්ඩායමක් ඩෙල්ෆ් දුපත් වෙත පිටව ගියේ ය. එහි ගිය අප කණ්ඩායම පවුල් 1825 පමණ සිටින මාවැලිතුරේ ගම්මානයේ ජනතාවගේ ගැටලු විමසමින් ගමන් කරයි. ඔවුන් පවසන්නේ දූපතේ සිට ගොඩබිමට යාමට තමන්ට ඇත්තේ බෝට්ටු කිහිපයක් පමණක් බැවින් ගමනාගමනය සම්බන්ධයෙන් තමන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි. පවුල් 100 කට අධි පිරිසක් සිටින මෙම ගම්මානයේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුව පිරිසිදු පානීය ජල හිඟයයි. බීමට ජලය සොයා බොහෝ දුර පයින් යාමට සිදුව ඇති බව මේ ජනතාව අප සමග පැවසී ය. කුලී වැඩෙහි නිරතවෙමින් දිවි සරිකර ගන්නා ජනතාවක් සිටින මේ ගම්මානයේ පිවිසුම් මාර්ග ද නිසි පරිදි නොමැති කමින් මහත් පීඩාවකට පත්ව තිබේ. වගාවට ජලය නොමැති කමින් මහත් සේ අසරණව සිටින මොවුහු ආර්ථික ගැටලු රැසකින් මිරිකි සිටිති. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නානුඔය ඩෙස්ෆර්ඩ් වතුයායේ ජනතා ගැටලු සොය අප තවත් කණ්ඩායමක් ගමන් ආරම්භ කළේ ය. තේ කර්මාන්තය මූලික ජීවනෝපාය කරගත් වතු කම්කරුවන් රැසක් මෙහි වාසය කරයි. තමන්ගේ ශ්‍රමයට නිසි මුදලක් නොලැබීම නිසා මේ පිරිස මහත් සෙ අසරණ සිටී. තමන්ට ලැබෙන වැටප කිසිසේත් ප්‍රමානවත් නොවන බව මේ ජනතාව අප සමග පැවසී ය. මෙම ප්‍රදේශයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ග ද නිසි පරිදි නොමැත. මෙම ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුව නිවාස ගැටලුවයි. රන්ටැඹෙ රන්දෙණගල යන ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් සිදුවූ දැවැන්ත ව්‍යාපෘති හේතුවෙන් තමන්ගේ ඉඩම්වල අයිතිය අහිම ඇති බව මොවුහු අප සමග පැවසූහ. ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට පාරම්පරිකව උරුමවූ සිය මුල් බිම් නැවත ලබා දෙන ලෙසයි. https://www.facebook.com/NewsfirstSL/videos/2176615265908037/ |
2018-09-14T02:21:54.000Z | නිව්ස් ෆස්ට් අනාවරණයෙන් පසු නිලූෂියාට සරසවි වරම් | News1st අනාවරණයෙන් පසු නිලූෂියාට සරසවි වරම් | COLOMBO (News 1st) : අසාධාරණයකට ලක්වීමෙන් සරසවි වරම් අහිමිව සිටි වළපනේ නිලූෂියා මේරි සිසුවියට නිවුස් ෆස්ට් අනාවරණයෙන් පසු අද සරසවි වරම් හිමිවිය. ඒ උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුවයි. අසාධාරණයට ලක්ව සිටි දැරිය අද දිනයේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා හමුවිය. එහිදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා නියෝග කළේ, එම සිසුවිය ලබන සතියේ කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගන්නා ලෙසයි. 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් වාණිජ විෂය ධාරාවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 33 වැනියා ලෙස නිලූෂියා මේරි සමත්ව සිටියා ය. නමුත්, විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යොමු කළ ලිපිය ඇය වෙත ලැබී තිබුණේ, විශ්වවිද්‍යාල ලියාපදිංචිය සඳහා දින පසුවීමෙන් අනතුරුවයි. ඒ අදාළ ප්‍රදේශයේ ලිපි බෙදන්නා විසින් ලිපිය දින ප්‍රමාද කර ලබා දීම හේතුවෙනි. සිද්ධිය සම්බන්ධයෙන් ලිපි බෙදන්නා පොලිස් අත්අඩංගුවට පත්ව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. |
2018-09-14T00:29:03.000Z | කමිටු නිර්දේශ මත සිංගප්පුරු ගිවිසුමේ සංශෝධන කරන බව ජනපති කියයි | ගිවිසුම අහිතකර නම් තීරණයක් ගැනීමට පසුබට වෙන්නෙ නෑ | COLOMBO (News 1st) : තමන් පත් කළ කමිටුව ලබාදෙන නිර්දේශ මත සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුමේ සංශෝධන සිදු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිතුමා කියා සිටියේ කමිටු නිර්දේශවල ගිවිසුමේ අහිතකර කරුණු ඇතැයි සඳහන් වුවහොත්, ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පසුබට නොවන බවයි. එම නිසා සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුමේ ඇති කරුණු සම්බන්ධයෙන් තමන් පත් කළ කමිටුව හමුවට ගොස් කරුණු ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා සියලුම පාර්ශ්වයෙන් ඉල්ලා සිටියේ ය. තමන් කිසිදු අවස්ථාවක මැතිවරණ කල් දැමීමට අදහස් නොකරන බව පැවසු ජනාධිපතිතුමා , සීමා නිර්ණය ඇතුළු කරුණු සම්බන්ධයෙන් ගැටලු නිරවුල් වූ වහා පළාත් සභා ඡන්දය පවත්වන බව කියා සිටියේ ය. ජනාධිතිවරයා කියා සිටියේ රටේ ඡන්ද තුනෙන්ම මනාප ක්‍රමය ඉවත් කිරීම තම අරමුණ බවයි. තනතුරු දරණ ඇතැම් පුද්ගලයින් ඒ සඳහා සුදුසු දැයි නැවත සලකා බැලිය යුතු බව ද ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති හමුවේදී පැවසී ය. ඔහු කියා සිටියේ කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද දැඩි ස්ථාවරයක සිටින බවයි. මේ අතර, තමා ඝාතනය කිරිමේ ක්‍රමන්ත්‍රණයක් ඇතැයි කෙරෙන ප්‍රකාශ පිළිබඳව පොලිසියේ විශේෂ ඒකකයක්, පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද, ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය. එහි ප්‍රගතිය විමසා බැලීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු පිරිස විශේෂ සාකච්ඡාවක කැදවා ඇතැයි, ජනාධිපතිවරයා මෙම හමුවේදී පැවසී ය. මේ අතර, එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය හමුවට ලබන 25 වනදා නව විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසී ය. අදාළ යෝජනාවලිය මගින් යුද්ධයෙන් පසුව ඇතිව තිබෙන තත්ත්වයන් සුහදව විසඳා ගන්නේ, කෙසේ ද යන්න පිළිබඳව ජාත්‍යන්තරයේ අවධානය යොමු කරවීමට බලාපොරොත්තු වන බව ද, ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ය. ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ, අදාළ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය වෙත ඉදිරිපත් කිරීමට ද පියවර ගන්නා බවයි. මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පළ වන මත සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සිය අවධානය යොමු කළේ ය. ජනාධිපතිවරයා කියා සිටියේ, රටේ ආරක්ෂක තත්ත්වය සහ යුධ හමුදාව කිසිසේත් දුර්වල වී නොමැති බවයි. තරුණයින් පැහැරගෙන ගොස් ඝාතනය කර, සැකපිට සිටින ආරක්ෂක අංශ සමාජිකයින්ට තවමත් නඩු නොපවරා හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම හා රිමාන්ඩ් භාරයට පත් කිරිම සම්බන්ධයෙන්, පොලීසිය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපතිවරයා ජනාධිපතිවරයාගේ දෝෂ දර්ශනයට ලක්විය. මේ අතර, ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ, මිල සුත්‍රය හරහා සිදුව ඇත්තේ, මිල ඉහළ යාම බවයි. එබැවින් ඉන්ධන මිල සුත්‍රය ගැන ඉදිරියේදී තීරණයක් ගන්නා බව ද, ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ ය. 2019 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනය නොවැම්බර් 8 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ කියා සිටියේ ය. |
2018-09-14T00:14:39.000Z | එජා මහ මණ්ඩලය හමුවට විසඳුම් යෝජනාවලියක් | එජා මහ මණ්ඩලය හමුවට විසඳුම් යෝජනාවලියක් | COLOMBO (News 1st) : එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය හමුවට ලබන 25 වනදා නව විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් හමුවු අවස්ථවේදීයි. අදාළ යෝජනාවලිය මගින් යුද්ධයෙන් පසුව ඇතිව තිබෙන තත්ත්වයන් සුහදව විසඳා ගන්නේ, කෙසේ ද යන්න පිළිබඳව ජාත්‍යන්තරයේ අවධානය යොමු කරවීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ය. ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ, අදාළ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය වෙත ඉදිරිපත් කිරීමට ද පියවර ගන්නා බවයි. මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පළ වන මත සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමා සිය අවධානය යොමු කර තිබේ. ජනාධිපතිවරයා කියා සිටියේ, රටේ ආරක්ෂක තත්ත්වය සහ යුද හමුදාව කිසිසේත් දුර්වල වී නොමැති බවයි. තරුණයින් පැහැරගෙන ගොස් ඝාතනය කර සැකපිට සිටින ආරක්ෂක අංශ සමාජිකයින්ට තවමත් නඩු නොපවරා හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම හා රිමාන්ඩ් භාරයට පත් කිරිම සම්බන්ධයෙන් පොලිසිය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපතිවරයා ජනාධිපතිතුමාගේ දෝෂ දර්ශනයට ලක්විය. මේ අතර සිංගප්පුරු වෙළඳ ගිවිසුම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළේ ය. ජනාධිපතිවරයා කියා සිටියේ, සිංගප්පුරු වෙළඳ ගිවිසුම පිළිබඳ අධ්‍යනට පත් කර ඇති විද්වත් කමිටුව ලබා දෙන නිර්දේශ අනුව අවශ්‍ය පියවර ගන්නා බවයි. එහිදී ගිවිසුමේ අයහපත් කොටස් ඉවත් කිරිමට පියවර ගන්නා බව පැවසු ජනාධිපතිවරයා එහි වගකීම තමා භාර ගන්නා බව ද පවසා ඇත. මේ අතර, ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ, මිල සුත්‍රය හරහා සිදුව ඇත්තේ, මිල ඉහළ යාම බවයි. එබැවින් ඉන්ධන මිල සුත්‍රය ගැන ඉදිරියේදි තීරණයක් ගන්නා බව ද, ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත. 2019 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනය නොවැම්බර් 8 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියා සිටියේ ය. මෙහිදී මාධ්‍ය ප්‍රධානීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ අඩුපාඩු සකස් කර ඉක්මණින් පළාත් සභා ඡන්දය පවත්වන බවයි. සියලුම මැතිවරණවලින් මනාප ක්‍රමය ඉවත් කිරීම තම අපේක්ෂාව බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-09-13T22:05:18.000Z | ඌවට සහ මධ්‍යම පළාතට වැසි, කාලගුණෙන් අනාවැකි | ඌවට සහ මධ්‍යම පළාතට වැසි, කාලගුණෙන් අනාවැකි | COLOMBO (News 1st) : ඌව සහ මධ්‍යම පළාත්වලත් මඩකළපුව, අම්පාර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් තවදුරටත් අපේක්ෂා කෙරෙන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. මේ අතර හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 40 ත් 45 දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. |
2018-09-13T20:39:44.000Z | ෆ්ලොරන්ස් කුණාටුවට මුහුණ දීමට අමරිකාව සුදානම්.... | ෆ්ලොරන්ස් කුණාටුවට මුහුණ දීමට ඇමරිකාව සුදානම්.... | (News 1st) : ෆ්ලොරන්ස් සුළි කුණාටුව හේතුවෙන් විශාල ජීවිත හානි සංඛ්‍යාවක් සිදුවිය හැකි බවට අමරිකානු හදිසි ආපදා කළමනාකරණ ආයතනය අනාවැකි පළ කර තිබේ. එම ආයතනය නිවේදනය කරන්නේ සුළි කුණාටුව රට තුළට ඇතුළු වීමත් සමග විශාල ගංවතුර තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇති බවයි. උතුරු කැලොරිනා, දකුණු කැරොලිනා සහ වර්ජිනියා යන ප්‍රාන්තවලින් ඉවත් වන්නැයි පුද්ගලයින් මිලියන 1.7 කට මේ වන විටත් අනතුරු ඇඟවීම් නිකුත් කර අවසන් ය. උතුරු කැරොලිනා ප්‍රාන්තයේ වෙරළ ආශ්‍රිත ප්‍රදේශවලට ධාරාණිපාත වැසි ඇද හැළෙමින් ඇතැයි එරට කාලගුණ බලධාරීහු පැවසූහ. තද සුළං තත්ත්වයත් සමග පවුල් 11000 කට විදුලිය සැපයුම ද බිඳ වැටී තිබේ. කාලගුණ අංශ පවසන්නේ ෆ්ලොරන්ස් සුළි කුණාටුව නැගෙනහිර වෙරළ තීරයෙන් අද, අමරිකාවට ඇතුළු වනු ඇති බවයි. මෙය දශක 6කට පසු අමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයට කඩාවදිනු ඇතැයි විශ්වාස කෙරෙන ප්‍රබලම සුළිකුණාටුව වනු ඇති. කුණාටු අවදානම හේතුවෙන් ජෝර්ජියාව, උතුරු සහ දකුණු කැරොළිනා, වොෂින්ටනය, වර්ජිනියා සහ මේරිලන්ඩ් යන ප්‍රදේශවලට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කෙරිණ. දෙවන කාණ්ඩයේ සුළි කුණාටුවක් වන ෆ්ලොරන්ස් මේ වන විට හමා යන්නේ පැයට කිලෝමීටර 165 ක වේගයෙනි. |
2018-09-13T20:20:57.000Z | ශ්‍රී ලනිපයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙක් | ශ්‍රී ලනිපයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙක් | COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙකු පත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරයා ලෙස නීතීඥ උපාලි මොහොට්ටි මහතා පත්කර ඇති බවයි. ඒ මහතා ඊට අදාළ පත්වීම් ලිපිය ඊයේ පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ලබා ගත්තේ ය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව ආසන සංවිධායකවරයා ලෙස පත් කර ඇත්තේ එච්. ඩබ්ලිව්. ගුණසේන මහතායි. |
2018-09-13T20:08:44.000Z | උස්වැටකෙයියා වෙරළ තවදුරටත් භාවිතයට සුදුසු නැහැ | උස්වැටකෙයියා වෙරළ තවදුරටත් භාවිතයට සුදුසු නැහැ | COLOMBO (News 1st) : මුතුරාජවෙළ බෝයාවේ දැවි තෙල් නළයක සිදුවූ කාන්දුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිත බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, ඒ සඳහා ආයතන කිහිපයකින් නියෝජිතයින් පත් කිරීමට සැලසුම් කර ඇති බවයි. එම කමිටු වාර්තාව සති දෙකක් ඇතුළත ලැබීමට නියමිත බව ද ලේකම්වරයා සඳහන් කළේ ය. මේ අතර දැවි තෙල් කාන්දුව නිසා බලපෑමට ලක්වූ වෙරළ තීරය පවිත්‍ර කිරීම තාවකාලිකව අත්හිටවූ බව සමුද්‍රීය පරිසර ආරක්ෂන අධිකාරිය පවසයි. එහි සමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, මුහුදට මුසු වූ දැවි තෙල්වලින් 70% ක ප්‍රමාණයක් ඉවත් කිරීමට හැකි වූ බවයි. ස්වභාවික ක්‍රියාවලිය යටතේ, වෙරළ තීරයේ ඉතිරිව ඇති තෙල් ඉවත් වීමට යම් කාලසීමාවක් ගත වනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, බලපෑමට ලක්වූ උස්වැටකෙයියාව සිට පමුණුගම දක්වා වූ වෙරළ තීරය තවදුරටත් භාවිතයට සුදුසු නොවන බවයි. |
2018-09-13T19:40:46.000Z | ධීවර බෝට්ටුව නැවේ ගැටී මියගිය ධීවරයින්ට වන්දි | ධීවර බෝට්ටුව නැවේ ගැටී මියගිය ධීවරයින්ට වන්දි | COLOMBO (News 1st) : ධීවර යාත්‍රාවක, නෞකාවක් ගැටීමෙන් මියගිය ධීවරයින් සිව්දෙනා වෙනුවෙන් වන්දි ලබාදෙන බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ මහතා සඳහන් කළේ, මියගිය ධීවරයෙකු වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ලබාදීමට නියමිත බවයි. මේ අතර ධීවර යාත්‍රාවක ගැටුණු නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ මහතා සඳහන් කළේ, ධීවර යාත්‍රාවේ නෞකාව ගැටුණු වේලාව සම්බන්ධයෙන් යම් ගැටලු සහගත තත්ත්වයක් පවතින බවයි. ඒ හේතුවෙන් ධීවර යාත්‍රාවේ ගැටුණු නෞකාව සොයා ගැනීම ප්‍රමාද විය හැකි බව ද ඔහු සඳහන් කළේ ය. ගාල්ලට නාවික සැතපුම් 30 ක් පමණ දුරින් වූ මුහුදේදී ධීවර යාත්‍රාවක්, නෞකාවක ගැටීමෙන් ධිවරයින් සිව්දෙනෙකු මියගියේ පෙරේදා අලුයමයි. යාත්‍රාවේ සිටි එක් ධීවරයෙකු නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් මගින් බේරා ගෙන තිබිණ. බේරුවලින් මුහුදු ගිය මලිඳු පුතා නමැති ධීවර යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක් වූ අතර අනතුර සිදුවන විට යාත්‍රාවේ සිටි ධීවරයින් සංඛ්‍යාව 07 දෙනෙකි. ඒ අනුව අනතුරින් තවත් ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. නාවික හමුදාව සඳහන් කළේ අතුරුදන් වූ ධීවරයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. Photo courtesy : SL Navy |
2018-09-13T19:23:13.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) දේශීය පුවත්.... 1. හිටපු ජනපතිගේ ඉන්දීය සංචාරයේ පසුබිම කුමක් ද? : ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ එරට කොංග්‍රස් පක්ෂයේ නායකයින් හමු විය. මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඊයේ උදෑසන ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි මහතා හමු වූයේ, නවදිල්ලි නුවරදී ය. 2. මෙරට ඉන්දීය මහ කොමසාරිස් ත්‍රිකුණාමලයේ සංචාරයක : මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරය කරද්දී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතා ඊයේ ත්‍රිකුණාමලයේ සංචාරය කළේ ය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ඊයේ පෙරවරුවේ ත්‍රිකුණාමලයේදී නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරීන් ඇමතුවේ ය. 3. සබරගමුව සරසවියේ පිපිරීමක් : සබරගමුව විශ්වවිද්‍යාලයේ රසායනාගාරයක් තුළ ඊයේ පස්වරුවේ පිපිරීමක් සිදුව තිබේ. එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා සඳහන් කළේ, පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ය. 4. කතරගම, දෙටුගමුව සමෘද්ධි බැංකුවේ කොල්ලයක් : කතරගම, දෙටුගමුව සමෘද්ධි බැංකුව කොල්ල කා රුපියල් 790,000කට අධික මුදල් පැහැර ගෙන ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ උදෑසන බැංකුව විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ එහි දොර සහ ජනේලයක් කඩා දමා ඇති අතර CCTV කැමරා පද්ධතිය ගලවා ගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව ය. 5. මෙන්ඩිස් සමාගම ගැන තවත් හෙළිදරව්වක් : පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 27 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. 6. කුඩු ජාවාරම්කරුවෙකු බව කී මොහොමඩ් සිද්ධික් නිදහස් : ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මොහොමඩ් සිද්ධික් නමැත්තා ඇතුළු 5 දෙනෙකු හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනා යටතේ පවරා තිබූ නඩුවකින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළේ ය. 7. රක්වානේ වෙඩි තැබීමක් : රක්වාන උතුරු මනාපිටිය ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙකි. විදෙස් පුවත්.... 1. පිළිකා රෝගීන් පිළිබඳව නවතම අනාවරණයක් : මේ වසරේ නව පිළිකා රෝගීන් මිලියන 18.2ක් වාර්තා වනු ඇතැයි නවතම අධ්‍යයනයක් හෙළිකර තිබේ. පිළිකා හේතුවෙන් තවත් ලක්ෂ 96 ක පිරිසක් මේ වසරේ මිය යනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන් ය. ක්‍රීඩා පුවත්..... 1. ක්‍රිකට් මූල්‍ය අංශයේ තිලංග සුමතිපාලගේ සමාගමක සේවකයෙකුත් : එංගලන්ත තරග සංචාරයට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් විදේශීය පෞද්ගලික ගිනුමකට බැර කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. |
2018-09-13T10:58:07.000Z | නෙට්බෝල් හා කැරම් ශූරයින් ජනපති හමුවෙයි | නෙට්බෝල් හා කැරම් ශූරයින් ජනපති හමුවෙයි | COLOMBO (News 1st) - ආසියානු නෙට්බෝල් ශූර ශ්‍රී ලංකා කණ්ඩායම සහ කැරම් ලෝක කුසලානය දිනූ කණ්ඩායම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදු වූ අතර ඊට නෙට්බෝල් සහ කැරම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරීන්, ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ. |
2018-09-13T08:58:14.000Z | ඉන්දියාව, ලංකාවේ වෙළෙඳපොළට ඇතුළු වෙන්න හදනවා කියලා හිතන එක විහිළුවට කරුණක් - ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් | මෙරට ඉන්දීය මහ කොමසාරිස් ත්‍රිකුණාමලයේ සංචාරයක | COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරය කරද්දී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්දු මහතා අද ත්‍රිකුණාමලයේ සංචාරය කළේ ය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා අද පෙරවරුවේ ත්‍රිකුණාමලයේදී නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරීන් ඇමතුවේ ය. අද පස්වරුවේ මහ කොමසාරිස්වරයා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පරිශ්‍රයේ පිහිටි ලංකා ඉන්දීය තෙල් සමාගමේ කාර්යාලයට පැමිණියේ ය. එම අවස්ථාවේ ඔහු පිළිගැනීම සඳහා සවි කර තිබූ බැනරය ඔහුගේ පැමිණීමට පෙර ගලවා ඉවත් කළ අයුරු දැකගත හැකි විය. |
2018-09-13T08:28:05.000Z | නිව් යෝර්ක් ටයිම්ස් අනාවරණය හා හිටපු ජනපති ඉන්දියාවට සමීප වීම අතර සබඳතාවක් තිබේ ද? | හිටපු ජනපතිගේ ඉන්දියානු සංචාරයේ පසුබිම කුමක් ද? | COLOMBO (News 1st) - ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද එරට කොංග්‍රස් පක්ෂයේ නායකයින් හමු විය. මහින්ද රාජපක්ෂ මැතිතුමන් අද උදෑසන ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි මහතා හමු වූයේ, නවදිල්ලි නුවරදී ය. හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා ද මෙම හමුවට සහභාගී විය. ඉන්දීය සංචාරය අතරතුර මහින්ද රාජපක්ෂ මහතා වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු කිහිප දෙනෙකු සමග ද සාකච්ඡා කළේ ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පුත් නාමල් රාජපක්ෂ මහතා ද සමග ඉන්දියාවේ සිදු කරන මේ සංචාරයේ පසුබිම කුමක් විය හැකි ද? රටේ ජනාධිපති ධූරය දැරූ සමයේ මහින්ද රාජපක්ෂ මහතා චීනය සමග සමීපව කටයුතු කළ බව නොරහසකි. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග ඇතුළු දැවැන්ත ව්‍යාපෘති ඔහු ක්‍රියාත්මක කළේ චීනය සමග ය. නමුත් මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාව සමග මිත්‍රත්වයක් පෙන්නුම් කරන අතර පසුගියදා මෙරටට පැමිණි භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියන් ස්වාමි මහතාගේ ඇරයුමක් මත එරට සංචාරයක නිරත වෙමින් සිටියි. පසුගිය ජුනි මාසයේ 25 වන දා නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත මහින්ද රාජපක්ෂ මහතාගේ චීන සබඳතා පිළිබඳව කළ අනාවරණය ඔබට මතක ද? එම පුවත්පත අනාවරණය කළේ, 2015 ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා මහින්ද රාජපක්ෂ මහතාට අමෙරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් හම්බන්තොට වරාය ඉදිකළ චයිනා හාබර් නමැති චීන සමාගම ලබා දී ඇති බව ය. මාරියා අබි හබීබ් නමැති මාධ්‍යවේදීණියක මෙම තොරතුරු ඇතුළත් ලිපිය පුවත්පතට වාර්තා කර තිබිණි. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව ඇය ඉන්දියාවේ සිට සේවය කරන පුවත්පතේ දකුණු ආසියානු කලාපීය වාර්තාකාරිණියයි. ඉන්දියාවේ සිටින නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාකාරිණිය මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව අනාවරණය කළේ ඉන්දියාවේ අවශ්‍යතාව මත ද? මේ අනාවරණය නිසා මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දියාව සමග මිත්‍රත්වයක් යළි ගොඩනගා ගැනීමට සිදු වූවා ද? මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ උගුලකට හසු වුණා ද? |
2018-09-13T07:16:47.000Z | ශ්‍රී ලංකා ක්‍රිකට් වංචාව: තිලංග සුමතිපාලගේ සමාගමක සේවකයෙකුත් ක්‍රිකට් මූල්‍ය අංශයේ | ක්‍රිකට් මූල්‍ය වංචාව පිළිබඳව තවත් අනාවරණයක් | COLOMBO (News 1st) - එංගලන්ත තරග සංචාරයට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් විදේශීය පෞද්ගලික ගිනුමකට බැර කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. මෙහිදී හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට අයත් සමාගමක සේවය කළ පුද්ගලයෙකු ද වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ සේවය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පිළිගත්තේ ය. |
2018-09-13T06:30:45.000Z | සබරගමුව විශ්වවිද්‍යාලයේ පිපිරීමක් | සබරගමුව විශ්වවිද්‍යාලයේ පිපිරීමක් | COLOMBO (News 1st) - සබරගමුව විශ්වවිද්‍යාලයේ රසායනාගාරයක් තුළ අද පස්වරුවේ පිපිරීමක් සිදුව තිබේ. එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා සඳහන් කළේ, පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ය. පිපිරීම සිදු වන අවස්ථාවේ ශිෂ්‍යයින් රසායනාගාරය තුළ සිට ඇති නමුත්, ඔවුන්ට ඉන් අනතුරක් සිදු වී නැතැයි මහාචාර්යවරයා සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. |
2018-09-13T06:21:57.000Z | කතරගම, දෙටුගමුව සමෘද්ධි බැංකුවේ කොල්ල කෑමක් | කතරගම, දෙටුගමුව සමෘද්ධි බැංකුවේ කොල්ල කෑමක් | COLOMBO (News 1st) - කතරගම, දෙටුගමුව සමෘද්ධි බැංකුව කොල්ල කා රුපියල් 790,000කට අධික මුදල් පැහැර ගෙන ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද උදෑසන 8.15ට පමණ බැංකුව විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ එහි දොර සහ ජනේලයක් කඩා දමා ඇති අතර CCTV කැමරා පද්ධතිය ගලවා ගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව ය. සැකකරුවන් මුදල්වලට අමතර චෙක්පතක් ද කොල්ල කා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සොකෝ නිලධාරීන් සහ ඇඟිලි සලකුණු නිලධාරීන් විමර්ශන ආරම්භ කළ බව පොලීසිය සඳහන් කළේ ය. |
2018-09-13T06:09:37.000Z | බස්නාහිර පළාත් සභාවට ගැනීමට ගිය සැප පුටු අවලංගු කෙරේ | බස්නාහිර පළාත් සභාවට ගැනීමට ගිය සැප පුටු අවලංගුයි | COLOMBO (News 1st) - බස්නාහිර පළාත් සභාවේ නව සභා ගර්භයට පුටු මිලදී ගැනීම අවලංගු කළ බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි. අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය. මේ අනුව බෙල්ජියමෙන් පුටු මිලදී ගැනීම වෙනුවට දේශිය සමාගමක් හරහා පුටු මිලදී ගැනීමට අනුමැතිය ලබා දී තිබේ. පුටුවක් රුපියල් 644,000ක් වටිනා , පුටු 104 ක් මිලදී ගැනීමට ගෙන ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අක්‍රමිකතා පිළිබඳව පසුගියදා ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කර තිබිණි. |
2018-09-13T05:37:29.000Z | මෙන්ඩිස් සමාගම, පර්පෙචුවල් ට්‍රෙෂරීස් වෙනුවෙන් 3 වන පාර්ශවවලට මුදල් ගෙවූ වචුවර් පත් 102ක් විනාශ කර ඇති බව හෙළිවෙයි | මෙන්ඩිස් සමාගම පිළිබඳව අධිකරණයේදී තවත් හෙළිදරව්වක් | COLOMBO (News 1st) - පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 27 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. පර්පෙවුල් ට්‍රෙෂරීස් සමාගම විසින් මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාව සක්‍රීයව පැවති වකවානුවේදී ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමට ලබා දුන් මුදල් එම සමාගම විසින් සැක සහිත ලෙස තෙවන පාර්ශවයකට ලබා දීමට අදාළ වචුවර් පත් 102ක් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ උපදෙස් මත විනාශ කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී ඇතැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අද අධිකරණයේදී කියා සිටියේ ය. යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියේ, ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම විසින් දෙවන පාර්ශවයකට සැක සහිත ලෙස ලබා දී ඇති මුදල් චෙක්පත් බහුතරයක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී ඇති බව ය. එම සමාගම ඒවා කුමන පාර්ශවයකට ලබා දුන්නේ දැයි නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන ආරරම්භ කර ඇති බව ද ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී කියා සිටියේ ය. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ, ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ පරිගණක දත්ත පරීක්ෂා කරමින් සිටි අවස්ථාවේදී එම සමාගමේ වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරන සජිත් කළුපතිරණ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාධා කර ඇති බව ය. |
2018-09-13T02:58:55.000Z | රාජ්‍ය නිලධාරී වැටුප් වර්ධකවලට පෙර බෝ නොවන රෝග පරීක්ෂාවක් | රාජ්‍ය නිලධාරී වැටුප් වර්ධකවලට පෙර රෝග පරීක්ෂාවක් | COLOMBO (News 1st) : රාජ්‍ය නිලධාරීන්ට වාර්ෂික වැටුප් වර්ධක ලබාදීමට පෙර බෝ නොවන රෝග පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. අමාත්‍යවරයා සඳහන් කළේ ඊට අදාළ යෝජනාව, ලබන මාසයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. රාජ්‍ය සේවකයින් බෝ නොවන රෝගවලින් ආරක්ෂා කරගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත වේ. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කළේ, රාජ්‍ය සේවකයින්ගේ සහ වෘත්තිකයින්ගේ ගැටලු පිළිබඳ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෝ ද ඊට එක්ව සිටියහ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති වෘත්තීය සෞඛ්‍ය ගැටලු විසඳීමේ සැලස්ම පිළිබඳව ද එහිදී නිලධාරීන් දැනුවත් කෙරිණ. |
2018-09-13T02:53:22.000Z | අතිදුෂ්කර ජීවිත ගෙවන වසන්තපුරම් ජනතාව | අතිදුෂ්කර ජීවිත ගෙවන වසන්තපුරම් ජනතාව | COLOMBO (News 1st) : ගම්මැද්ද ගෙයින් ගෙට තුන්වැනි අදියරේ 16 වැනි දිනය අදයි. අද පෙරවරුවේ කිතුලකන්ද ගමට ගිය ගම්මැද්ද කණ්ඩායම ජනතාව සමග සාකච්ඡා කරමින් පොදු ගැටලු විමසී ය. හිටපු අමාත්‍යවරයෙකු වන බී.සිරිසේන කුරේ මහතා ද අද එහි පැමිණ සිටි අතර News 1st නාලිකා ප්‍රධානී සුරංග සේනානායක මහතා ද මේ කණ්ඩායම සමග එක්ව සිටියේ ය. පවුල් 180 සිටින මේ කඳුකර ගමේ ප්‍රධාන ප්‍රශ්නය ජල හිඟයයි. ජනතාව විසින් ම සකසාගත් ජල ව්‍යාපෘතියක් ඇතත් විදුලි බිල ගෙවාගත නොහැකිව දැන් එය ඇණහිට තිබේ. මේ ගමේ කාන්තාවන් බොහෝ දෙනෙකු පුවක් සුද්ද කිරීමේ නිරතව සිටින අතරඔවුන් ගත කරන්නේ දැඩි දුෂ්කර ජීවිතයකි. පාපාමෝටෙයි ධීවර ගම්මානයේ කළපුව ආශ්‍රිතව කර්මාන්තයේ නිරත පවුල් 60ක් වාසය කරන අතර ඔවුන් ගත කරන්නේ බෙහෙවින් දුෂ්කර ජීවිතයකි. වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන අය ද මේ කළපුවේ ධීවර කටයුතුවල යෙදීම මේ ගම්වැසියන්ට ඇති මූලික ගැටලුවයි. බලධාරීන් මෙම ගැටලුවට නිසි අවධානය යොමු නොකරන බව ද ඔවුහු පැවසූහ. ජල හිඟය ද මේ ගම්මානයේ ඇති ප්‍රධාන ගැටලුවකි. වසන්තපුරම් යනු නිවාස ගැටලුව නිසා පීඩාවට පත් ජනතාවක් වෙසෙන ගමක්පවුල් 300ක් පමණ සිටින අතර කුඩා නිවහන් තනාගෙන ජීවත් වේ. කුලී වැඩක යෙදී ඉතා අපහසුවෙන් දවසේ වියදම සරි කරගන්නා මොවුන්ටඅනාගතය පිළිබඳව පැහැදිලි අදහසක් නොමැත. වැසිකිළි පහසුකම් නොමැති කමින්ද ඔවුහු දුෂ්කරතාවට පත්ව සිටිති. කැටවල ගම්මානයට පිවිසෙන ප්‍රධාන මාර්ගය අබලන් වීම මේ ජනතාවගේ ප්‍රධාන ගැටලුවයි.පවුල් 250 ක් පමණ භාවිත කරන මෙය වසර ගණනකින් ප්‍රතිසංස්කරණය කර නොමැත. හාලිඇල සිට මහනුවරට යාමට ඇති කෙටිම මාර්ගය මෙයයි. පවුල් 700 පමණ මෙහි වාසය කරන අතර ජලය නොමැතිකමින් විඳින්නේ දැඩි පීඩාවකි. ජලය ලබාගැනීමට අවශ්‍ය ටැංකි/ නළ ඇතුලු සියල්ල රැගෙන විත ඇතත්, මාර්ග ගැටලුව නිසා එය ප්‍රමාද වෙමින් පවතී. ජනතාව පැවසුවේ මේ වන විට සිදුවන්නේ මුදල් නාස්තිය පමණක් බවයි. මාර්ගය සකස් කර දීමෙන් සියලු ගැටලු විසඳෙන බව ජනතාව පැවසී ය. https://www.youtube.com/watch?v=_zJokkQkLq4 |
2018-09-13T00:58:32.000Z | කුඩු ජාවාරම්කරුවෙකු බව කී මොහොමඩ් සිද්ධික් නිදහස් | මොහොමඩ් සිද්ධික් නිදොස් කොට නිදහස්.... | COLOMBO (News 1st) : ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මොහොමඩ් සිද්ධික් නමැත්තා ඇතුළු 5 දෙනෙකු හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනා යටතේ පවරා තිබූ නඩුවකින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද නියෝග කළේ ය. ඒ, එම වැටලීම සිදුකළ එවකට සහකාර පොලිස් අධිකාරීවරයකු වූ ප්‍රියන්ත ජයකොඩි සහ රංගන ගමගේ නමැති පොලිස් නිලධාරීන් දුන් සාක්ෂි පරස්පර බව පෙන්වා දෙමිනි. මේ අනුව විත්තකිරුවන්ට නගා ඇති චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර නොමැති බවට නියගමනය කළ විනිසුරුවරයා, විත්තියේ සාක්ෂි විභාගයකින් තොරව විත්තිකරුවන් නිදහස් කිරීමට නියෝගය කළේ ය. 2003 වසරේ පෙබරවාරි 03 වැනිදා හෙරොයින් ග්‍රෑම් 8.1 ක් සමග මොහොමඩ් සිද්ධික් ඇතුළු 5 දෙනෙකු මහරගමදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබී ය. මොහොමඩ් සිද්දික් නමැත්තා මෙම නඩුවෙන් නිදහස් කෙරුණ ද, මත්ද්‍රව්‍ය චෝදනා සහ මුදල් විශුද්ධිකරණය යටතේ ඔහුට එරෙහිව තවත් නඩු කිහිපයක් අධිකරණවල විභාග වෙමින් පවතී. |
2018-09-13T00:23:48.000Z | රක්වානේ වෙඩි තැබීමක් | රක්වානේ වෙඩි තැබීමක් | COLOMBO (News 1st) : රක්වාන උතුරු මනාපිටිය ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙකි. සිය නිවසේ රූපවාහිනි නරඹින් සිටින අතර තුර ඊයේ රාත්‍රි ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ. මිය ගිය පුද්ගලයාගේ සිරුර කහවත්ත රෝහලේ තැන්පත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි. |
2018-09-12T22:15:21.000Z | පිළිකා රෝගීන් පිළිබඳව නවතම අනාවරණයක් | පිළිකා රෝගීන් පිළිබඳ නවතම අනාවරණය | COLOMBO (News 1st) : මේ වසරේ නව පිළිකා රෝගීන් මිලියන 18.2ක් වාර්තා වනු ඇතැයි නවතම අධ්‍යයනයක් හෙළිකර තිබේ. පිළිකා හේතුවෙන් තවත් ලක්ෂ 96 ක පිරිසක් මේ වසරේ මිය යනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන් ය. පිළිකා රෝගයට අලුතින් ගොදුරුවන සංඛ්‍යාව, 2012 වසරට සාපේක්ෂව 4 %ක වර්ධනයකි. එම අධ්‍යනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලොව සෑම පුරුෂයන් පස්දෙනෙකුගෙන් එක් අයකුට ද, සෑම කාන්තාවන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට ද පිළිකා රෝගය වැළඳෙනු ඇති බවයි. රටක් සංවර්ධනය වීමත් සමඟ වෙනස්වන ජීවන රටා හමුවේ පිළිකා රෝගය වැළඳෙන ප්‍රතිශතය ඉහළ යන බව ද එම අධ්‍යනයේ වැඩිදුරටත් සඳහන් ය. ලොව පුරා මරණවලින් තුනෙන් එකක පිරිසක් පෙනහලු පිළිකා , පියයුරු පිළිකා සහ බඩවැල් ආශ්‍රිත පිළිකාවලින් මියයන බව ද එම අධ්‍යනයෙන් පෙන්වා දෙයි. |
2018-09-12T21:30:25.000Z | ගාලු මුහුදේ බෝට්ටු අනතුරින් දිවි බේරාගත් ධීවරයා... | ගාලු මුහුදේ බෝට්ටු අනතුරින් දිවි බේරාගත් ධීවරයා... | COLOMBO (News 1st) : ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටීමෙන් ධීවරයින් 4 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් මත පරීක්ෂණ ආරම්භ කළ බවයි. ඊයේ අලුයම මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බේරුවලින් මුහුදු ගිය මලිඳු පුතා නමැති ධීවර යාත්‍රාවකි. අනතුර සිදුවන විට බෝට්ටුවේ ධීවරයින් 7 දෙනෙකු යත්‍රාවේ සිට තිබේ. අනතුරින් තවත් ධීවරයින් තවත් දෙදෙනෙකු අතුරුදන්ව ඇති අතර එක් ධීවරයෙකු දිවි බේරාගනු ලැබු තිබේ. ධීවරයින්ගේ මෘත ශරීර ඊයේ රාත්‍රි ගාල්ල නාවික හමුදා කඳවුරට ගෙන එමෙන් පසුව කරාපිටිය ශික්ෂණ රොහල වෙත රැගෙන විත් තිබේ. පෙරළුණු යාත්‍රාවේ පුද්ගලයකු සිටින බවට බහාලුම් නෞකාවක් මගින් නාවික හමුදාවට කළ දැනුම්දීමකට අනුව ඊයේ දහවල් නාවික හමුදාව ඩෝරා යාත්‍රාවක් පිටත් කර යවා තිබිණ. එහිදී අදාළ ධීවරයා බේරාගෙන ඇති අතර කිමිඳුම්කරුවන් යොදවා කළ සෝදිසි කිරීමකදී මළ සිරුරු 4 ක් සොයාගෙන තිබේ. නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කළේ, අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා යොයා තවදුරටත් හේහෙයුම් ක්‍රියාත්මක බවයි. කෙසේ වෙතත් මේවන විට සිද්ධිය සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුව ද පරික්ෂණයක් ආරම්භ කර තිබේ. https://www.youtube.com/watch?v=3FHpAzWr2gE |
2018-09-12T20:18:53.000Z | කොළඹ දෙමහල් නිවසක ගින්නක් | කොළඹ දෙමහල් නිවසක ගින්නක් | COLOMBO (News 1st) : කොළඹ 2, පාර්ක් වීදියේ පිහිටි දෙමහල් නිවසක අද අලුයම ගින්නක් හටගත්තේ ය. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න නිවීම සඳහා සේවා රථ තුනක් පිටත්කර යැවූ බවයි. ගින්නෙන් එහි උඩු මහල සම්පූර්ණයෙන් හානි වී ඇතැයි, අප වාර්තාකරු සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=jfUhj5MtEg8 |
2018-09-12T20:00:08.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) දේශීය පුවත්... 1. හිටපු ජනපති මහින්ද ඉන්දී අගමැති මෝදි හමුවෙයි : ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනය වූ බවට ජාත්‍යන්තරයෙන් එල්ල වන චෝදනා අසත්‍යයක් බව ත් තම රජය යුදමය ක්‍රියාන්විතයක් දියත් කළේ, එල්.ටී.ටී.ඊ. සංවිධානයට විරුද්ධව මිස දෙමළ ජනතාවට එරෙහිව නොවන බව ත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නවදිල්ලි නුවරදී පැවසූ බව හින්දු පුවත්පත වාර්තා කළේ ය. 2. ජනපතිවරණ අපේක්ෂකත්වය ගැන මහින්දගෙන් ඉඟියක් : තම සහෝදරයාට නියත වශයෙන්ම 2019 ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු විය හැකි බව ඉන්දියාවේ සංචාරයක නිරත රාජපක්ෂ මහතා ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් පවසා ඇත. 3. ගාලු මුහුදේදී යාත්‍රාවක් නැවක ගැටී ධීවරයින් සිව් දෙනෙක් මරුට : ගාල්ලට නාවික සැතපුම් 30 ක් දුරින් වූ මුහුදේදී ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටීමෙන් ධීවරයින් 4 දෙනෙකු මියගොස් තිබේ. නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බන්ඩාර මහතා සඳහන් කළේ, යාත්‍රාවේ සිටි එක් ධීවරයෙකු නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් මගින් බේරාගත් බවයි. 4. ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි යළි රිමාන්ඩ් : තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා ලබන 26 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. 5. ගෝඨාභය රාජපක්ෂ CIDය හමුවට : මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය. විදෙස් පුවත්... 1. නවාස් ෂරීෆ්ට පැය 12ක නිදහසක් : බන්ධනාගාරගතව සිටින පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්, සිය බිරිඳගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට ලාහෝරයට පැමිණ තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඔහු සමග බන්ධනාගාරගතව සිටින දියණිය මර්යාම් නවාස් ද ලාහෝරයේ නිවසට පැමිණ ඇති බව ය. |
2018-09-12T19:21:23.000Z | ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉන්දියාව තවමත් පෙරමුණේ.... | ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉන්දියාව තවමත් පෙරමුණේ.. | COLOMBO (News 1st) : නවතම අන්තර්ජාතික ටෙස්ට් ක්රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි සිව්වන ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට එංගලන්තය සමත්ව තිබේ. ඒ, ඉන්දියාව සමග නිමා වූ ටෙස්ට් ක්රිකට් තරගාවලිය තරග 4-1ක් ලෙස ජය ගැනීමත් සමගයි. නවතම ටෙස්ට් ක්රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කරනු ලැබී ය. ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කීරීම්හි පස්වන ස්ථානයේ රැඳී සිටි එංගලන්ත කණ්ඩායම නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි හිමිව ඇත්තේ සිව්වන ස්ථානයයි. ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තරග 5 කින් සමන්විත ටෙස්ට් ක්රිකට් තරගාවලිය තරග 4 ට 1 ක් ලෙස ජය ගැනීම හේතුවෙන් මෙලෙස එංගලන්ත කන්ඩායම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ. එංගලන්ත කණ්ඩායමට මේ වන විට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 105කි. කෙසේ වෙතත් නවතම ශේණිගත කීරීම්වල තවමත් පෙරමුණ හිමිකර ගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 115 ක් හිමිකරගෙන සිටින ඉන්දීය කණ්ඩායමයි. ප්‍රසාද ලකුණු 106 ක් හිමිකරගෙන සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම ශ්‍රේණිගත කීරීම්වල දෙවන ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රේණිගත කීරීම්වල හිමිව ඇත්තේ 6 වන ස්ථානයයි. |
2018-09-12T10:27:49.000Z | හිටපු ජනපති මහින්ද ඉන්දී අගමැති මෝදි හමුවෙයි | හිටපු ජනපති මහින්ද ඉන්දී අගමැති මෝදි හමුවෙයි | COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනය වූ බවට ජාත්‍යන්තරයෙන් එල්ල වන චෝදනා අසත්‍යයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. තම රජය යුදමය ක්‍රියාන්විතයක් දියත් කළේ, එල්.ටී.ටී.ඊ. සංවිධානයට විරුද්ධව මිස දෙමළ ජනතාවට එරෙහිව නොවන බව ද හිටපු ජනාධිපතිවරයා අද නවදිල්ලි නුවරදී පැවසූ බව ද හින්දු පුවත්පත වාර්තා කළේ ය. භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ ආරාධනයකට අනුව ඉන්දිය සංචාරයක නිරත හිටපු ජනාධිපතිවරයා ඉන්දු ශ්‍රී ලංකා සහෝදරත්වයේ ඉදිරිමග යන්න තේමා කරගනිමින් පැවති සමළුවේ ප්‍රධාන දේශනය පැවැත්වී ය. එම දේශනයේදී හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන්ගේ රජය කිසිවිටකත් දෙමළ ජාතින් ඉලක්ක කර ජාතිවාදී යුද්ධයක් සිදුනොකළ බවයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්ථවාදී සංවිධානයට ශ්‍රී ලංකාවට ඉන්දියාවට පමණක් නොව සමස්ත ලෝකයටම තර්ජනයක් වූ බව මෙහිදී හිටපු ජනාධිපතිවරයා සිහිපත් කළේ ය. ත්‍රස්තවාදය අවසන් කිරීමේ වාසිය එක් ජාතියකට හෝ එක් රටකට සිමා නොවූ බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය . යුද්ධයේදී ත්‍රස්තවාදී සමාජිකයින් හතළිස් දහසක් මිය ගිය බවට පළ වූ ප්‍රචාර සාවද්‍ය බවත් එම සංඛ්‍යාව අටදහස නොඉක්මවන බව ද ඔහු සඳහන් කර තිබේ. මේ අතර අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා හමුවිය. ඉන්දියාවේ නවදිල්ලි නුවරදී එම හමුව සිදුවූ අතර මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද එක්ව සිටියේ ය. |
2018-09-12T07:42:55.000Z | ජනපතිවරණ අපේක්ෂකත්වය ගැන මහින්දගෙන් ඉඟියක් | ජනපතිවරණ අපේක්ෂකත්වය ගැන මහින්දගෙන් ඉඟියක් | COLOMBO (News 1st) : තම සහෝදරයාට නියත වශයෙන්ම 2019 ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු විය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඉන්දියාවේ සංචාරයක නිරත රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ, - ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තමන් නායකත්වය ලබාදෙන බව පවසන මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ ව්‍යවස්ථා සංශෝධනය අනුව තමන්ට යළිත් ජනාධිපතිවරණයට තරග කිරීමේ හැකියාව පිළිබඳව මත පළ වෙමින් ඇති බවයි. නමුත් එය අධිකරණය හමුවට යා යුතු කරුණක් බැවින් එම අවදානම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නැතැයි, රාජපක්ෂ මහතා පවසයි. ඒ අනුව වෙනත් ක්‍රියාමාර්ගයක් ලෙස සියලු දෙනාට පිළිගත හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කල හැකි බව ඔහුගේ අදහසයි. ජනාධිපති අපේක්ෂකයෙකුවීම සඳහා වයස අවුරුදු 35 සම්පූර්ණ විය යුතු බවට ඇතුළත් කළ වගන්ති නිසා තම පුත්‍රයාට 2019 දී තරග කළ නොහැකි බව පවසන මහින්ද රාජපක්ෂ මහතා නියත වශයෙන්ම තම සහෝදරයාට 2019 ජනාධිපති අපේක්ෂකයා විය හැකි බව පෙන්වා දෙයි. නමුත් ඔහු පවසන්නේ පක්ෂය සහ සන්ධානය ජනතාවට අවශ්‍ය කවුරුන් දැයි තීරණය කරනු ඇති බවයි. මේ අතර 2015 පරාජයට හේතුව ඉන්දියාවේ රෝ සංවිධානයේ මැදිහත්වීම බවට කළ ප්‍රකාශය පිළිබඳව ද හින්දු පුවත්පත මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසී ය. එහිදී ඔහු කියා සිටියේ තමන් රෝ සංවිධානය පමණක් නොව ජාත්‍යන්තර මැදිහත්වීම එම ප්‍රකාශයෙන් අදහස් කළ බවයි. ඉන්දියාව සම්බන්ධයෙන් මීට පෙර කළ ප්‍රකාශ වරදවා වටහාගැනීම නිසා සිදුවූ බව ද මහින්ද රාජපක්ෂ මහතා මේ සාකච්ඡාවේදීයි. ඔහු ද හින්දු පුවත්පතට අනාවරණය කර ඇත්තේ යුද්ධය පැවති 2009 කාල සීමාවේ ට්‍රොයිකා නමින් ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් පත්කර සිටි බවයි. ඔවුන් දිවා රාත්‍රී වෙනසක් නොමැතිව ඕනෑම අවස්ථාවක සම්බන්ධවී මතුවන ගැටලු නිරාකරණය කරගත් බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු කියා සිටින්නේ වර්තමානයේ ද එවැනි යන්ත්‍රණයක් තිබිය යුතු බවයි. ඉන්දියාව සමීප ඥාතියා සහ අසල්වැසියා බවත්, චීනය දිගු කාලීන මිතුරෙකු ලෙස සලකා කටයුතු කරන බවත් පවසන මහින්ද රාජපක්ෂ මහතා චීනය සමග තමන් කළ සියලුම කටයුතුවලදී ඉන්දියාවේ අභිලාසය අමතක නොකළ බවයි. |
2018-09-12T07:22:12.000Z | ගාලු මුහුදේදී යාත්‍රාවක් නැවක ගැටී ධීවරයින් සිව් දෙනෙක් මරුට | ගාලු මුහුදේදී ධීවරයින් 4කට ජීවිත අහිමි වෙයි | COLOMBO (News 1st) : ගාල්ලට නාවික සැතපුම් 30 ක් දුරින් වූ මුහුදේදී ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටීමෙන් ධීවරයින් 4 දෙනෙකු මියගොස් තිබේ. නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බන්ඩාර මහතා සඳහන් කළේ, යාත්‍රාවේ සිටි එක් ධීවරයෙකු නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් මගින් බේරාගත් බවයි. බේරාගනු ලැබූ ධීවරයා පවසා ඇත්තේ අද අලුයම සිය යාත්‍රාව නෞකාවේ ගැටුණු බවයි. පෙරළුණු බෝට්ටුවක පුද්ගලයකු සිටින බවට බහාලුම් නෞකාවක් මගින් නාවික හමුදාවට කළ දැනුම්දීමකට අනුව අද දහවල් නාවික හමුදාව ඩෝරා යාත්‍රාවක් පිටත් කර යවා තිබේ. එහිදී අදාළ ධීවරයා බේරාගෙන ඇති අතර කිමිඳුම්කරුවන් යොදවා කළ සෝදිසි කිරීමකදී මළ සිරුරු 4 ක් සොයාගත් බව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, බේරාගත් ධීවරයා සහ මෘත ශරීර මේ වනවිට ගාල්ල වරාය වෙත රැගෙන එමින් ඇති බවයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බේරුවලින් මුහුදු ගිය යාත්‍රාවකි. |
2018-09-12T05:17:18.000Z | තායි තරුණියන් 14ක් කොල්ලුපිටියේදී අත්අඩංගුවට | තායි තරුණියන් 14ක් කොල්ලුපිටියේදී අත්අඩංගුවට | COLOMBO (News 1st) : වීසා රෙගුලාසි උල්ලංඝණය කරමින් මෙරට රැඳී සිටි තායිලන්ත තරුණියන් 14 දෙනෙකු ආගමන - විගමන දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොල්ලුපිටිය ප්‍රදේශයේ අද පෙරවරුවේ කරන ලද වැටලිමකදී එම තරුණියන් සිය භාරයට ගත් බවයි. ආගමන - විගමන නීතිය අනුව ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය. ආගමන - විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ, මූලික විමර්ශනවලින් අනතුරුව එම තරුණියන් මෙරටන් පිටමං කිරීමට කටයුතු කරන බවයි. |
2018-09-12T05:02:22.000Z | උතුරුමැද ආණ්ඩුකාර ලේකම්ට අධිකරණයේ පෙනී සිටින්නැයි, නියෝග | උතුරුමැද ආණ්ඩුකාර ලේකම් අධිකරණය හමුවට | COLOMBO (News 1st) : උතුරුමැද පළාත් ආණ්ඩුකාර ලේකම්වරයාට, පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයාට සහ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබන පළමු වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස උතුරුමැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය අද නියෝග කළේ ය. ඒ උතුරුමැද පළාත් සෞන්දර්ය ගුරුවරුන් බඳවා ගැනීමේදී තරග විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් තමන් නොසලකා හැර අඩු සුදුසුකම් සහිත 8 දෙනෙකු නීතියට පටහැනිව බඳවා ගත් බවට චෝදනා කරමින් සෞන්දර්ය ඩිප්ලෝමාධාරීන් 5 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ නීති විරෝධීව ලබා දී ඇති එම සෞන්දර්ය ගුරු පත්වීම් අවලංගු කරන නියෝගයක් නිකුත් කර ,විධිමත් සම්මුඛ පරීක්ෂණයක් පවත්වා පෙත්සම්කරුවන් සෞන්දර්ය ගුරුවරුන් ලෙස බඳවා ගන්නා ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසයි. |
2018-09-12T00:33:24.000Z | සිය බිරිඳගේ අවසන් කටයුතුවලට සහභාගී වීමට නවාස් ෂරීෆ්ට පැය 12ක නිදහසක් | නවාස් ෂරීෆ්ට පැය 12ක නිදහසක් | (News 1st) - බන්ධනාගාරගතව සිටින පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්, සිය බිරිඳගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට ලාහෝරයට පැමිණ තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඔහු සමග බන්ධනාගාරගතව සිටින දියණිය මර්යාම් නවාස් ද ලාහෝරයේ නිවසට පැමිණ ඇති බව ය. අවමංගල්‍යයට සහභාගී වීම සඳහා රාවලන්පින්ඩි නුවර පිහිටි අඩිආලා බන්ධනාගාරයෙන් ඔවුන්ට ලබා දී ඇති කාලසීමාව පැය 12කි. පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ බිරිඳ වන කුල්සූම් නවාස් ඊයේ රාත්‍රියේ මිය ගියේ පිළිකා රෝගයක් හේතුවෙනි. ලාහෝර් නිවසට පැමිණීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මර්යාම් නවාස් සඳහන් කළේ, දින 5ක කාලයකට තමා සහ පියා නිදහස් කරන්නැයි පන්ජාබ් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බව ය. |
2018-09-12T00:11:51.000Z | තරුණයින් 11ක් පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය: ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි යළි රිමාන්ඩ් | ලු. කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි යළි රිමාන්ඩ් | COLOMBO (News 1st) - තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා ලබන 26 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරු කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන 19 වන දා විදෙස් සංචාරයකින් පසු යළිත් දිවයිනට පැමිණීමට නියමිත බව ය. ඔහු දිවයිනට පැමිණීමෙන් පසු ප්‍රකාශක් ලබා ගෙන අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. |
2018-09-11T23:59:02.000Z | ගෝඨාභය රාජපක්ෂ CIDය හමුවට | ගෝඨාභය රාජපක්ෂ CIDය හමුවට | COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය. ඒ, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වද හිංසා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ය. සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හා හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් යළි ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව නීතිපතිවරයා පසුගිය නඩු වාරයේ අධිකරණයට දැනුම් දුන්නේ ය. ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියේ ඒ අනුව කළ කැඳවීමකට අනුව ය. |
2018-09-11T23:15:31.000Z | රුසියාව සිය විශාලතම යුද අභ්‍යාසය දියත් කරයි | රුසියාව සිය විශාලතම යුද අභ්‍යාසය දියත් කරයි | (News 1st) - සීතල යුද්ධයෙන් අනතුරුව රුසියාව සිය විශාලතම යුද අභ්‍යාසය දියත් කළේ ය. ඒ, හමුදා භටයින් තුන් ලක්ෂයකගේ සහභාගීත්වයෙන් නැගෙනහිර සයිබීරියාවේදී ය. එය යුද ටැංකි 36000ක්, ගුවන් යානා 1000ක් සහ යුද නෞකා 80කින් සමන්විත ය. චීන හමුදා භටයින් 3200ක් සහ මොංගෝලියානු හමුදා භටයින් ඒ සඳහා එක්ව සිටීම ද විශේෂත්වයකි. වොස්ටොක් - 2018 ලෙස නම් කර ඇති එම යුද අභ්‍යාසය සතියක් පුරා පැවැත්වෙනු ඇති. රුසියාව අවසන් වරට මෙවැනි යුද අභ්‍යාසයක් පවත්වා ඇත්තේ 1981 වසරේදී ය. යුද අභ්‍යාසය අතරතුර නැගෙනහිර සයිබීරියාවේ වලදිවස්තොක් නුවරදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, චීන ජනාධිපති ෂී ජින්පින්ග් හමුවී තිබිණි. එහිදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සඳහන් කර තිබුණේ, දේශපාලන මෙන්ම ආරක්ෂක ක්ෂේත්‍රවලින් ද චීනය සමග විශ්වාසනීය බැඳීමක් පවතින බව ය. |
2018-09-11T22:39:59.000Z | විමල් උදය හපුගොඩආරච්චිගේ යකඩ සිල්පර 2017 හොඳ ම නවකතාවට හිමි රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි | යකඩ සිල්පර 2017 හොඳ ම නවකතාවට හිමි රාජ්‍ය සම්මානයට | COLOMBO (News 1st) - 2017 වසරේ හොඳ ම සිංහල නවකතාව ලෙස විමල් උදය හපුගොඩආරච්චි රචනා කළ යකඩ සිල්පර කෘතිය රාජ්‍ය සම්මානයට පාත්‍ර විය. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති 2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේදී ය. 2017 වර්ෂයේ ප්‍රකාශිත සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන්ම ප්‍රකාශිත විශිෂ්ටතම නිර්මාණාත්මක ග්‍රන්ථ හා ශාස්ත්‍රීය ග්‍රන්ථ රචනා කළ ලේඛක ලේඛිකාවෝ එහිදී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූහ. මෙහිදී හොඳ ම සිංහල කෙටි කතා සංග්‍රහය සඳහා වන රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබුවේ, ගිහින් එන්න කානිවල් කෘතිය රචනා කළ සුමුදු නිරාගී සෙනෙවිරත්න යි. 2017 වසරේ හොඳ ම ගී පදමාලා කෘතියට හිමි සම්මානය සඳකත් මිණ කෘතිය රචනා කළ සුනිල් සරත් පෙරේරා දිනා ගත්තේ ය. හොඳ ම කාව්‍ය ග්‍රන්ථයට හිමි සම්මානය හිමි වූයේ, සුනිල් විජේසිරිවර්ධන රචනා කළ ගිරි මුදුන මගේ නිවහන කෘතිය යි. හොඳ ම යොවුන් සාහිත්‍ය ග්‍රන්ථයට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය පියසිරි මාතරගේ රචනා කළ හිඹුටුදෙණිය කඳු පාමුල කෘතිය සම්මානය දිනා ගත්තේ ය. සිංහල දෙමළ සහ ඉංග්‍රීසී මාධ්‍යයෙන් සාහිත්‍යය වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් මහාචාර්ය ගනනාථ ඔබේසේකර , එම්. පොන්නම්බලම් හා මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස යන මහත්වරු සාහිත්‍යරත්න සම්මානයෙන් සම්මාන උළෙලේදී පිදූම් ලැබූහ. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.