date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-09-23T11:03:36.000Z | මාලදිවයින් ජනාධිපතිවරණය උණුසුම්... | මාලදිවයින් ජනාධිපතිවරණය උණුසුම්... | COLOMBO (News 1st) : මාලදිවයින් ජනාධිපතිවරණය අදයි. අද සවස 4ට අවසන්වීමට නියමිතව තිබු ඡන්දය ප්‍රකාශ කිරීමේ කාල සීමාව, රාත්‍රී 7 දක්වා දීර්ඝ කිරීමට එරට මැතිවරණ කොමිසමට සිදුවිය. ඡන්ද දායකයින්ගේ අනන්‍යතාව තහවුරු කිරීමේ ක්‍රමවේදයේ පැවති ප්‍රමාදය ඊට හේතුවයි. දූපත් 1192 කින් සමන්විත මාලදිවයින සැලකෙන්නේ ලොව කුඩා රාජ්‍යයක් හා සංචාරක පාරාදීසයක් ලෙසයි. ලක්ෂ 4ක් නොයික්ම වන ජනතාවක් වෙසෙන මාලදිවයින වෙත ලෝක දේශපාලනයේ වැඩි අවධානයක් යොමුවුයේ මතුව ඇති දේශපාලන බලඅරගලය හේතුවෙනි. 2018 ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන් දෙවන ධුර කාලයක් අපේක්ෂාවෙන් එක්ව සිටින අතර ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ඊබ්‍රහිම් මොහොමඩ් ප්‍රතිවාදී අපේක්ෂකයා ලෙස මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් එක්ව සිටී. දෙලක්ෂ හැට දෙදහස් එකසිය තිස් පහක් මෙවර ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිති. ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් මාලදිවයින තුළ ඡන්ද මධ්‍යස්ථාන 472 ක් පිහිටුවා ඇති අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක ද ඒ වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවා තිබිණ. මාලදිවයිනේ ඇතැම් දුපත් ආශ්‍රිතව ඡන්ද මධ්‍යස්ථාන විවෘත කිරීමටත් පෙර සිටම දිගු පෝලිම් දක්නට ලැබිණ. ජනාධිපතිවරණ අපේක්ෂකයින්ද දෙදෙනා ද අද පෙරවරුවේම සිය ඡන්දය භාවිත කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළහ. මෙවර ජනාධිපතිවරණයේදී අබ්දුල්ලා යාමීන්ට චීනයේ සහාය හිමිව ඇති අතර විපක්ෂ අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ්ට ඉන්දියාවේ සහාය හිමිව තිබේ. මේ අතර යුරෝපීය හවුල හා එක්සත් රාජධානිය ද මාලදිවයිනේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති අතර එරට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොකරන්නේ නම් ඉලක්ක ගත සම්බාධක පැණවීමට සුදානම් බවට ද ඔවුහු අනතුරු අඟවති. 2008 වසරේ ඔක්තෝබර් හිටපු ජනාධිපති මවුමුන් අබ්දුල් ගයුම් ධුරයෙන් ඉවත්වු අතර ඉන්පසු ප්‍රථම වරට මාලදිවයිනේ බහු පක්ෂ ජනාධිපතිවරණයක් පවත්වනු ලැබීය. දේශපාලන අර්බුදය උණුසුම් වුයේ ජනාධිපති අබ්දුල්ලා යාමීන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චකාරවරයා සහ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන රටේ හදිසි නීතිය පැනවීමත් සමගයි. |
2018-09-23T08:16:24.000Z | ඇඹිලිපිටියට තද සුළං ..අඩි 100 මාර්ගය අවහිර වෙයි | ඇඹිලිපිටියට තද සුළං ..අඩි 100 මාර්ගය අවහිර වෙයි | COLOMBO (News 1st) : ඇඹිලිපිටිය පදලංගල ප්‍රදේශය හරහා අද පස්වරුවේ තද සුළඟක් හමා ගියේ ය. අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, හමා ගිය තද සුළඟ හේතුවෙන්, අඩි 100 මාර්ගයට ගස් කඩා වැටී ඇති බවයි. ගස් කඩා වැටීමෙන් අවහිර වූ අඩි 100 මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි ද, එම මධ්‍යස්ථානය සඳහන් කළේ ය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, හමාගිය තද සුළඟත් සමඟ ගසක් කඩා වැටීමෙන්, බස් රථයකට ද හානි සිදුව ඇති බවයි. |
2018-09-23T07:11:41.000Z | කොග්ගල දුම්රිය අනතුරින් බිළිඳියක මියයයි | කොග්ගල දුම්රිය අනතුරින් බිළිඳියක මියයයි | COLOMBO (News 1st) : කොග්ගල පොහොර ගබඩා ආරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් එහි ගමන් ගත් මාස දෙකක් වයසැති බිළිඳියක මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, මාතර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි. දුම්රිය පැමිණෙන බවට සංඥා ක්‍රියාත්මක වී තිබියදී මෝටර් රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලැබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. |
2018-09-23T05:03:57.000Z | දකුණේ පාතාලය යළි හිස ඔසවයි | දකුණේ පාතාලය යළි හිස ඔසවයි | COLOMBO (News 1st) : තංගල්ලේ සහ හික්කඩුවේ අද සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඉන් එක් වෙඩි තැබීමක් හික්කඩුව බද්දේගම පාරේ තැපැල් කාර්යාලයක් අසලදී අද පස්වරුවේ සිදුවූ අතර ඉන් පුද්ගලයෙකු ඝාතනය විය. පොලිසිය සඳහන් කළේ, අද පස්වරු 2.45 ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 37 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකරනු ලැබ ඇති බවයි. වෙඩි තැබීම පාතාල කණ්ඩායමක ක්‍රියාවක් බවට තොරතුරු ලැබී ඇතැයි, පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. එහි ජේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී නමැත්තාගේ කණ්ඩායමක් විසින් එම වෙඩි තැබීම සිදුකරනු ලැබ ඇති බවයි. දෙපාර්ශවය අතර, කලක සිට තිබූ ආරවුලක් හේතුවෙන්, එම වෙඩි තැබීම සිදුව ඇතැයි ද එම නිලධාරියා අනාවරණය කළේ ය. මේ අතර තංගල්ල , කතරගම මාර්ගයේ වාඩිගල ප්‍රදේශයේදී දෙවැනි වෙඩි තැබීම සිදූ වූ අතර ඉන් ද පුද්ගලයක් මියගියේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ යතුරු පැදයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලාගොස් ඇති බවයි. වෙඩි තැබීම සඳහා රිපීටර් වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක පළ කරයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා තංගල්ල රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ, 42 හැවිරිදි තිස්ස පාර වැලිආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු ප්‍රදේශයේ වාහන සේවා සැපයුම් ස්ථානයක හිමිකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. |
2018-09-23T03:54:56.000Z | ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද වැසි | ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද වැසි | COLOMBO (News 1st) : උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලටත්, ගාල්ල, මාතර කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලටත් අද පස්වරුවේ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ද ඇති විය හැකි බවයි. ගිඟුරුම් සහිත ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද අපේක්ෂා කළ හැකි බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මේ අතර හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහල යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසී ය. |
2018-09-23T03:21:03.000Z | තංගල්ලේ වෙඩි තැබීමක්: ව්‍යාපාරිකයෙකු මරුට | තංගල්ලේ වෙඩි තැබීමක්: ව්‍යාපාරිකයෙකු මරුට | COLOMBO (News 1st) : තංගල්ල , කතරගම මාර්ගයේ වාඩිගල ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් පුද්ගලයක් ජීවිතක්ෂයට පත් විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, යතුරු පැදයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලාගොස් ඇති බවයි. වෙඩි තැබීම සඳහා රිපීටර් වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට සැක කරයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. මොහු ප්‍රදේශයේ වාහන සේවා සැපයුම් ස්ථානයක හිමිකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. තංගල්ල පොලිසිය මෙහෙයවීමෙන් ඝාතනය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. |
2018-09-23T02:12:18.000Z | එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගීවීමට ගිය ජනපති නිව්යෝක් නුවරට ළඟා වෙයි | ජනපති නිව්යෝක් නුවරට ළගා වෙයි | COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා අමෙරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ නිව්යෝක් නුවරට ළඟා විය. එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරය නිව්යෝක් නුවර එක්සත් ජාතින්ගේ මූලස්ථානයේදී හෙට ආරම්භ වේ. ඒ, එක්සත් ජාතීන් සියලු ජනතාවට සමීප කරවීම, සාධාරණ, සාමකාමී සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම යන තේමාව යටතේයි. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අනිද්දා පස්වරුවේ සැසිවාරය අමතනු ඇති. ජනාධිපතිතුමා මෙවර මහා මණ්ඩලය අමතනු ලබන්නේ 4 වැනි වරටයි. |
2018-09-23T01:35:55.000Z | නුවරඑළියේ හෝටලයක තෙවන මහලින් වැටී චීන කාන්තාවක් මරුට | හෝටලයක තෙවන මහලින් වැටී චීන කාන්තාවක් මරුට | COLOMBO (News 1st) - නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක තෙවනි මහලින් ඇද වැටී චීන ජාතික කාන්තාවක් මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, සංචාරයක් සඳහා නුවරඑළියට පැමිණි අවස්ථාවේ නවාතැන් ගෙන සිටි හෝටලයේදී ඇය මෙම අනතුරට මුහුණපා ඇති බවයි. මියගොස් ඇත්තේ 34 හැවිරිදි කාන්තාවකි. |
2018-09-23T01:29:01.000Z | එන්නතක් ලබාදීමෙන් පසු නුවරඑළියේ රෝගීන් පිරිසකට අක්ෂි ආබාධ - එන්නත් සම්පල පරීක්ෂණ සඳහා කොළඹට | එන්නතක් නිසා නුවරඑළියේ රෝගීන් පිරිසකට අක්ෂි ආබාධ | COLOMBO (News 1st) - අක්ෂි රෝග සඳහා ලබාදෙන එන්නතකින් පසු නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් පිරිසකට ඇස් පෙනීමේ ආබාධ මතු ව තිබේ. රෝගීන් නිව්ස්ෆස්ට් වෙත කියා සිටියේ, එන්තක ලබාදීමෙන් පසු තමන්ගේ පෙනීම නොමැති වී ගිය බවයි. මේ සම්බන්ධයෙන් නුවරඑළිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු කියා සිටියේ, එම එන්නත ලබාදීමෙන් පසු අදාළ රෝගීන්ට සංකූලතා මතුව ඇති බවයි. පසුගිය සතියේ සිට එන්නත ලබාගත් රෝගීන් 12 කට අධික සංඛ්‍යාවක් යළි ත් නුවරඑළිය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය. රෝගීන් වෙත ලබාදුන් එම එන්නතක් ඛාණ්ඩය මේ වනවිට වෙනත් රෝගීන් වෙත ලබාදීම අත්හිටුවා ඇත. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා අදාළ එන්නත් සාම්පල සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යොමු කර ඇති බව ද නුවරඑළිය රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය. |
2018-09-23T00:48:00.000Z | මතුගම - හොරණ මාර්ගය හරස් කරමින් පිරිසක් විරෝධතාවක | මතුගම - හොරණ මාර්ගයේ පිරිසක් විරෝධතාවක | COLOMBO (News 1st) - මතුගම - හොරණ මාර්ගයේ ගෝවින්න ප්‍රදේශයේ මාර්ගය හරස් කරමින් අද පෙරවරුවේ ගම්වාසීන් විරෝධතාවක නිරත විය. ඒ, හොරණ 285 මාර්ගයේ අතුරු මාර්ගයක් වන කොටා පාර ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමිනි. ගම්වාසීන් සඳහන් කළේ, වසර 15 කින් පමණ එම මාර්ගය ප්‍රතිසංස්කරණ කර නොමැති බවයි. මේ නිසා තමන්ගේ දෛනික කටයුතුවලට දැඩි බාධා මතුව ඇති බව ද ඔවුන් කියා සිටියහ. |
2018-09-23T00:34:40.000Z | ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළට | ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළට | ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව රත්‍රං අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 1199.73 ක් ලෙසයි. පසුගිය සතියේ රත්‍රං අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1119 ක් ලෙස සටහන් විය. ඉදිරි සති කිහිපයේ රත්‍රං මිල තව ත් ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසයි. |
2018-09-23T00:07:25.000Z | මාලදිවයින් ජනපතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ | මාලදිවයින් ජනපතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ | මාලදිවයින් ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භවී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ජනාධිපතිවරණය නිමිත්තෙන් රටපුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි. මාලදිවයින් ප්‍රගතිශීලි පක්ෂයේ අපේක්ෂක, ජනාධිපති අබ්දුල්ලා යාමීන් දෙවන ධූර කාලයක් අපේක්ෂාවෙන් මෙවර තරග බිමට පිවිස සිටින අතර ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ඊබ්‍රහිම් මොහොමඩ් ය. මාලදිවයින් මැතිවරණ කොමිසම පැවසූවේ, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් වන සියලු කටයුතු සම්පාදනය කර ඇති බවයි. මේ අතර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා සිය නිරීක්ෂණ කණ්ඩායම් යොමු නොකළ බව යුරෝපා සංගමය පවසා ඇත. ඔවුන් සඳහන් කරන්නේ මැතිවරණය නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතා හෝ සපුරාලීමට මාලදිවයින් රජය අපොහොසත් වීම හේතුවෙන් එම තීරණය ගත් බවයි. |
2018-09-22T22:32:46.000Z | සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා හෙවිවේට් කිරුළ දිනා ගනි | ඇන්තනි ජොෂුවා හෙවිවේට් කිරුළ දිනා ගනි | බ්‍රිතාන්‍ය සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ සහ වෘත්තීය බොක්සිං සංවිධානයේ හෙවිවේට් කිරුළ හිමිකර ගෙන තිබේ. ඒ, රුසියාවේ ඇලෙක්සැන්ඩර් පොවෙට්කින්ව පරාජය කරමිනි. බ්‍රිතාන්‍ය සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා හා රුසියාවේ ඇලෙක්සැන්ඩර් පොවෙට්කින් අතර අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ සහ වෘත්තීය බොක්සිං සංවිධානයේ හෙවිවේට් කිරුළ වෙනුවෙන් වූ තරගය එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී පැවැත් විය. මෙම තරගය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණි සිටි බව විදෙස් මාධයවල සඳහන් විය. තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් අතර කෙසේ වෙතත් 28 හැවරදි ජොෂුවා තරගය් 7 වන වටයේදී රුසියාවේ ඇලෙක්සැන්ඩර් පොවෙට්කින්ව පරාජය කරමින් අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ සහ වෘත්තීය බොක්සිං සංවිධානයේ හෙවිවේට් කිරුළ හිමිකර ගත්තේ ය. බ්‍රිතාන්‍ය සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා අන්තර්ජාතික බොක්සිං වළල්ලේ හිමිකර ගත් අඛණ්ඩ 22 වන ජයග්‍රහනය මෙය වනු ඇත. ඇන්තිනි ජොෂුවා මේ වන විට හෙවිවේට් ලෝක කිරුළට හිමිකම් කියන අතර පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඔහු එම ශූරතාව දිනා ගත්තේ යුක්රේනයේ ව්ලැදිමීර් ක්ලිෂ්කෝ පරාජය කරමිනි. තමා වයස අවුරුදු 40 වන තෙක් තරග බිමෙන් සමුගැනීමේ සූදානමක් නොමැති බවට බ්‍රිතාන්‍ය සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා පසුගියදා ප්‍රකාශ කළේ ය. |
2018-09-22T21:17:44.000Z | ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් වාර පුළුල් කෙරේ | ශ්‍රීලංකන් ගුවන් ගමන් වාර පුළුල් කෙරේ | COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගම එළැඹෙන ශීත ඝෘතුවේ සිය දිගු ගුවන් ගමන් කාලසටහනේ වෙනස්කම් රැසක් සිදුකර තිබේ. ඒ අනුව ජාතික ගුවන් සේවයට අයත් A330- 300 යානා ලබන මස 28 වන දා සිට දිනපතා මෙල්බර්න් මෙහෙයුම් සඳහා යොදා ගැනීමට සැළසුම් කර ඇතැයි ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ ය. එම සමාගම පැවසුවේ, ලබන මස 29 වන දා සිට කොළඹ සිට සිංගප්පූරුව දක්වා සිදු කෙරෙන ගුවන් ගමන් වාර පුළුල් කිරීමට පියවර ගෙන ඇති බවයි. සතිපතා ගුවන් මෙහෙයුම් වැඩි කිරීමත් සමග සතියකට ක්‍රියාත්මක ගුවන් ගමන් වාර 17 සිට 21 ක් දක්වා ඉහළ දමා තිබේ. ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සිදු කරන ගුවන් මෙහෙයුම් 7 ක්, එයාර්බස් 330-300 ගුවන් යානා මගින් මෙහෙයවනු ලබන අතර ඉතිරි ගුවන් මෙහෙයුම් 14 ක් නවතම A320 321 ගුවන් යානා මගින් ක්‍රියාත්මක කරන බවයි. එළෙස ධාරිතා වැඩිදියුණු කිරීමත් සමග සතියකට අතිරේක ආසන 2400 ක් පමණ වැඩි වී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. මේ අතර ලබන මස 27 වන දා සිට ක්රියාත්මක වන පරිදි හොංකොං මෙහෙයුම් අත්හිටුවීමට ද ශ්‍රීලංකන් ගුවන් සමාගම පියවර ගෙන තිබේ. සැළකිය යුතු කාලසීමාවක් තුළ වාණිජ ප්‍රතිඵල පිළිබඳ තක්සේරු කිරීමෙන් පසු එම පියවර ගෙන ඇත. හොංකොං වෙත යාමට සහ හොංකොං සිට පැමිණීමට දැනටමත් ටිකට්පත් මිලදී ගෙන ඇති මගීන්ට අනෙකුත් ගුවන් සමාගම් ඔස්සේ ගුවන් ගමන් සිදු කිරීමට කටයුතු සලසා දී ඇති බව ද එම සමාගම සඳහන් කළේ ය. |
2018-09-22T20:45:37.000Z | තීරණාත්මක මාලදිවයින් ජනපතිවරණයේ ඡන්ද විමසීම අද යි | තීරණාත්මක මාලදිවයින් ජනපතිවරණයේ ඡන්ද විමසීම අද යි | තීරණාත්මක මාලදිවයින් ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද පැවැත්වේ. ජනාධිපති අබ්දුල්ලා යාමීන් දෙවන ධූර කාලයක් අපේක්ෂාවෙන් මෙවර තරග බිමට පිවිස සිටින අතර ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ඊබ්‍රහිම් මොහොමඩ්. එරට වේලාවෙන් අද උදෑසන 8.00 ට ආරම්භ වන ඡන්ද විමසීම පස්වරු 4.00 ට අවසන් වීමට නියමිත ය. ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව තුන් ලක්ෂ 50000 කි. ජනාධිපතිවරණය නිමිත්තෙන් රටපුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වනු ඇත. ඊයේ රාත්‍රියේ මාලේ අගනුවර පිහිටි විපක්ෂ මූලස්ථානය පොලීසිය යටතට ගනු ලැබිණි. පොලීසිය පැවසූවේ, අල්ලස් ලබාදීම සහ ජනාධිපතිවරණයට බලපෑම් කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව විපක්ෂ මූලස්ථානය අත්පත් කරගත් බවයි. එහෙත් මෙය ජනාධිපතිවරණය කඩා කප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් බවට විපක්ෂ නීතිඥයින් චෝදනා කරනු ඇත. ජනපති අබ්දුල්ලා යාමීන් මෙවර දෙවැනි ධූර කාලය සඳහා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැඩි ජනතා විරෝධය මධ්‍යයේ යි. ජනාධිපතිවරයා පැවති ඡන්ද ක්‍රමය වෙනස් කිරීමත් සමග ජනාධිපතිවරණයේ නීත්‍යානූකූලභාවය පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවට ජනතාව චෝදනා කරති. පසුගිය පෙබරවාරී මාසයේදී අබ්දුල්ලා යාමීන්ගේ රජය, මාලදිවයින් අගවිනිසුරුවරයා සහ හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගැනීමත් සමග රට තුළ ඇතිවූයේ දැඩි නොසන්සුන්තාවක් ය. දිනෙන් දින වර්ධනය වන රජයේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් මාලදිවයින් ජනතාව රජයට එරෙහිව ප්‍රබල විරෝධතාවක් ආරම්භ කළහ. පසුව ජනපති අබ්දුල්ලා යාමීන් හදිසි නීතිය ද පනවනු ලැබීය. පසුගිය කාලයේ අබ්දුල්ලා යාමීන්ගේ රජයේ ක්‍රියා පිළිවෙත් හේතුවෙන් ජාත්‍යන්තරයේ සෘජු අවධානය මාලදිවයින කෙරෙහි යොමු විණි. මෙවර ජනාධිපතිවරණයේදී අබ්දුල්ලා යාමීන්ට චීනයේ සහාය හිමිව ඇති අතර විපක්ෂ අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ්ට ඉන්දියාවේ සහාය හිමිව තිබේ. මේ හේතුවෙන් මෙවර මාලදිවයින් ජනාධිපතිවරණය, චීනය සහ ඉන්දියාව අතර සටහන් බව විදෙස් මාධ්‍ය පවසයි. දූපත් 1192 කින් සමන්විත මාලදිවයිනේ පුද්ගලයින් 4 ලක්ෂයක් පාලනය කිරීමේ බලය අබ්දුල්ලා යාමීන් යළි සියතට ගනීවිදැයි ලෝකයම අවධානයෙන් සිටි. |
2018-09-22T20:17:41.000Z | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරි සතියේ නව සාමාජිකයින් | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව සාමාජිකයින් | COLOMBO (News 1st) - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරි සතිය තුළ නව සාමාජිකයින් පත් කරන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පවසයි. ඒ, එහි සමාජිකයින් 5 දෙනෙකුගේ නිල කාලය ඊයේ අවසන්වීමත් සමග ය. ඩබ්.ඩී.ජේ. සෙනවිරත්න, විජිත හේරත්, තිලක් මාරපන, සිබ්ලි අශීස් සහ රධිකා කුමාරස්වාමි යන මහත්ම මහත්මීන්ගේ නිල කාලය අවසන් විය. ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවට අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ විපක්ෂ නායකවරයා නිල බලයෙන් තේරී පත්වන අතර තව ත් සාමාජිකයින් 6 දෙනෙකු ද ඊට ඇතුළත් වේ. සභාවේ 5 දෙනෙකුගේ නිල කාලය අවසන් වුව ද පසුගිය දා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පත් කළ මහින්ද සමරසිංහ මහතාගේ නිල කාලයට බලපෑමක් නැතැයි ද පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, නිල කාලය අවසන් වූ සාමාජිකයින් වෙනුවට නව සමාජිකයින් පත් කිරීම අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා විසින් සිදු කළ යුතු බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඉදිරි කටයුතු සඳහා කඩිනමින් නව පත් කිරීම් සිදු කළ යුතු වනු ඇති. මෙතෙක් එහි සමාජිකත්වය දැරූ සමාජිකයින්ට යළි එම සභාවට පත් විය නොහැකි වන බව ද පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා පැවසුවේ ය. කොමිෂන් සභා සඳහා නිලධාරීන් පත් කිරීම මෙන් ම රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සඳහා නිලධාරීන් පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කාර්යභාරය වේ. |
2018-09-22T19:58:00.000Z | නි. පොලිස්පති නාලක ද සිල්වා හා නාමල් කුමාරගේ දුරකතන සංවාද රජයේ රස පරීක්ෂක වෙතට | නි. පොලිස්පතිගේ දුරකතන සංවාද රජයේ රස පරීක්ෂක වෙතට | COLOMBO (News 1st) - ජනපති ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ චෝදනා එල්ල වී සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධි බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර යන මහත්වරුන් සිදු කළ බව කියැවෙන දුරකතන සංවාද රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සංවාදවල අන්තර්ගතය, කාල සීමාව සහ පටිගත වී ඇති හඬ, මෘදුකාංග උපයෝගී කර ගනිමින් සංශෝධනය වී ඇති ද යන්න සම්බන්ධයෙන් මෙහිදී තොරතුරු ලබා ගැනීමට නියමිත බවයි. ලබා ගන්නා තොරතුරු මත ඉදිරි විමර්ශන කටයුතු අපක්ෂපාතීව හා කඩිනමින් සිදු කිරීමට පියවර ගෙන ඇතැයි ද එම දෙපාර්තමේන්තුව පැවසුවේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් අධිකාරිවරයෙකුගෙන්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් සහ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා මේ වනවිට අනිවාර්ය නිවාඩු යවා ඇත. |
2018-09-22T19:38:34.000Z | පළාත් කිහිපයකට අද ත් තද වැසි: ධීවර ජනතාවට අනතුරු ඇඟවීම් | පළාත් කිහිපයකට අද ත් තද වැසි | COLOMBO (News 1st) - උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලට අද පස්වරුවේ මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය සඳහන් කළේ, අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසයි. හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකි අතර ඒ පිළිබඳව ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් සිටිය යුතු බව ඇය සඳහන් කළා ය. |
2018-09-22T19:26:01.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශිය පුවත් 1. එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීමට ජනපති අමෙරිකාව බලා යයි: එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රියේ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ගියේ ය. එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරය ලබන 24 වන දා ආරම්භ වේ. 2. දෙමටගොඩ දුම්රිය අංගනයේ නවතා තිබු දුම්රිය මැදිරි දෙකක ගින්නක්: දෙමටගොඩ දුම්රිය අංගනයේ නවතා තිබු දුම්රිය මැදිරි දෙකක ගින්නක් හටගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අලුත්වැඩියා සඳහා රැගෙනවිත් තිබු මැදිරි දෙකක් එළෙස ගිනි ගෙන ඇති බවයි. 3. “අපිට වෙන රටවල් පොහොසත් කරන්න ඕන නැහැ” – මහින්ද රාජපක්ෂ: රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතා පවසයි. 4. කිරුළපන වාහන ගමනාගමනය සීමා කෙරේ: කිරුළපන, විජය කුමාරතුංග මාවතේ කොළඹට ඇතුළුවන මංතීරුවේ රථ වාහන ගමනාගමනය සීමා කර තිබේ. පොලීසිය පැවසුවේ, අප ජල ව්‍යාපෘතියක් හේතුවෙන් පොල්හේන්ගොඩ හන්දියේ සිට පුර්වාරාම දක්වා ලබන 28 වන දා දක්වා කොළඹට ඇතුළු වන මංතීරුවේ රථ වාහන ධාවනය සීමා කර ඇති බවයි. 5. මේ වසරේ සිට සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ විභාගයට පෙර: මේ වසරේ සිට ප්‍රථම වරට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙර එහි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව පියවර තිබේ. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පැවසුවේ, ඒ අනුව මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන මස තෙවැනි සතියේ ආරම්භ කරන බවයි. විදෙස් පුවත් 6. ජනාධිපතිවරණයට පැය කිහිපයක් තිබියදී මාලදිවයින් විපක්ෂ කාර්යාලය පොලීසිය යටතට: මාලදිවයින් ජනාධිපතිවරණය අද පැවැත්වීමට නියමිත වේ. එවන් පසුබිමක මාලදිවයිනේ මාලේ අගනුවර පිහිටි විපක්ෂ අපේක්ෂකයාගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පොලීසිය යටතට ගත් පුවතක් වාර්තා විය. |
2018-09-22T11:21:12.000Z | ජනාධිපතිවරණයට පැය කිහිපයක් තිබියදී මාලදිවයින් විපක්ෂ කාර්යාලය පොලීසිය යටතට | මාලදිවයින් විපක්ෂ කාර්යාලය පොලීසිය යටතට | (News 1st) - මාලදිවයින් ජනාධිපතිවරණය හෙට පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති අබ්දුල්ලා යමීන් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අතර ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ ඉබ්‍රහීම් මොහොමඩ්. එවන් පසුබිමක මාලදිවයිනේ මාලේ අගනුවර පිහිටි විපක්ෂ අපේක්ෂකයාගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පොලීසිය යටතට ගත් පුවතක් මීට පැය කිහිපයකට පෙර වාර්තා විය. මාලේ අගනුවර පිහිටි විපක්ෂයේ අපේක්ෂක ඉබ්‍රහීම් මොහොමඩ්ගේ ප්‍රධාන මැතිවරණ ප්‍රචාරක මූලස්ථානය අද පස්වරුවේ වටලා ඇත්තේ පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකයක් විසිනි. අල්ලස් ලබා දීම සහ ජනාධිපතිවරණයට බලපෑම් කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව විපක්ෂ මූලස්ථානය අත්පත් කර ගත් බව පොලීසිය පවසයි. එහෙත් විපක්ෂ නීතිඥයින් සඳහන් කරන්නේ මෙය හෙට පැවැත්වෙන ජනාධිපතිවරණය කඩා කප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් බව ය. |
2018-09-22T09:16:38.000Z | එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීමට ජනපති අමෙරිකාව බලා යයි | ජනපති අමෙරිකාව බලා යයි | COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද රාත්‍රියේ අමෙරිකාවේ නිව් යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිත ය. එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සැසිවාරය ලබන 24 වන දා ආරම්භ වේ. එහි ප‍්‍රධාන සැසිවාරය ලබන 25 වන දා පැවැත්වෙන අතර එදින පස්වරුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කරනු ඇති. මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල ප‍්‍රධාන සැසිවාරයට සමගාමීව ලබන 24 වන දා පැවැත්වෙන ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුවේදී ද ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා දේශනයක් පැවැත්වීමට නියමිතව තිබේ. |
2018-09-22T09:07:58.000Z | මාලදිවයින් ජනාධිපතිවරණය හෙට: මෙරට සිටින මාලදිවයින් සිසුන්ට තර්ජන | මෙරට සිටින මාලදිවයින් සිසුන්ට තර්ජන | COLOMBO (News 1st) - මාලදිවයින් ජනාධිපතිවරණය හෙට පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති අබ්දුල්ලා යමීන් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අතර ඔහුගේ ප්‍රතිවාදියා වන්නේ, ඉබ්‍රහීම් මොහොමඩ්. ජනාධිපතිවරණයට මාලදිවයින සූදානම් වෙද්දී ශ්‍රී ලංකාවේ මාලදිවයින් සිසුන්ට තර්ජන එල්ල වී තිබේ. මාලදිවයිනේ හිටපු විදේශ අමාත්‍ය අහමඩ් නසීම් සිය ට්විටර් ගිණුමේ දක්වා තිබෙන්නේ, ඒකාධිපතිවරයාට ඡන්දය ලබා දෙන ලෙස බල කරමින් ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් තානපතිවරයා මෙරට සිටින මාලදිවයින් සිසුන්ට තර්ජනය කර ඇති බව ය. මේ සම්බන්ධව තොරතුරු දැන ගැනීමට මෙරට මාලදිවයින් තානාපතිවරයා සම්බන්ධ කර ගැනීමට අප උත්සය කළ ද එය අසාර්ථක විය. ට්විටර් ගිණුම හරහා ද මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලබා දෙන ලෙස අප ඔහුට දන්වා සිටියේ ය. මෙලෙස තර්ජනයට ලක් වූ මාලදිවයින් සිසුවෙක් අපි සම්බන්ධ කර ගත්තෙමු. එම සිසුවා අප සමග පැවසුවේ, මෙරට මාලදිවයින් තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ වත්මන් ආණ්ඩුවේ නිලධාරීන් කෙටි පණිවුඩ එවමින් සහ කායිකව හා මානසිකව තර්ජනය කරන බව ය. 2008 වසරේ ඔක්තෝබර් හිටපු ජනාධිපති මවුමුන් අබ්දුල් ගයුම් ධූරයෙන් ඉවත් වූ අතර ඉන්පසු ප්‍රථම වරට මාලදිවයිනේ බහු පක්ෂ ජනාධිපතිවරණයක් පවත්වනු ලැබුවේ ය. දිගින් දිගටම මාලදිවයින තුළ ක්‍රියාත්මක වන මෙම අර්බුදය පසුගිය පෙබරවාරි මාසයේදී ඇරඹෙන්නේ, ජනාධිපති අබ්දුල්ලා යමීන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චකාරවරයා සහ හිටපු ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටේ හදිසි නීතිය පැනවීමත් සමග ය. මෙම තත්ත්වය මාලදිවයින තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හා රජය අතර බල අරගලයක් ලෙස පෙන්නුම් කෙරුණ ද මෙය ඉන්දීය සාගරයේ චීනය සහ ඉන්දියාව අතර බල අරගලයට තවත් මුලපිරීමක් බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි. ජනාධිපතිවරණයේ සජීව තොරතුරු වාර්තා කිරීමට නිව්ස්ෆස්ට් අපට හැකියාවක් නොමැත. ඒ, මාලදිවයින් ජනාධිපතිවරණය වාර්තා කිරීමට ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට එය ආවරණය සඳහා අවසර ලබා නොදීම හේතුවෙනි. නමුත් නිව්ස්ෆස්ට් අප මාලදිවයින් ජනාධිපතිවරණයේ තොරතුරු නිරතුරුවම ඔබ වෙත ගෙන ඒමට සූදානම්. |
2018-09-22T08:56:14.000Z | ජය ඝෝෂා හා හූ හඬ මැද විවෘත වූ අත්තනගල්ලේ පාලම... | ජය ඝෝෂා හා හූ හඬ මැද විවෘත වූ අත්තනගල්ලේ පාලම... | COLOMBO (News 1st) - අත්තනගල්ල ඔය හරහා වැටී ඇති අත්තනගල්ල ගෝනෑගල පාලම හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරිණි. එහිදී පොදු ජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් විරෝධය දැක්වීමත් සමග ඇති වුණේ උණුසුම්කාරී තත්ත්වයකි. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග, පළාත් සභා පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් අත්තනගල්ල ගෝනෑගල පාලම විවෘත කිරීමට කටයුතු යොදා තිබිණි. එම පාලම ඉදිකිරීම ආරම්භ කළේ ඉකුත් පාලන සමයේ බව පවසමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ප්‍රදේශයේ දේශපාලනඥයින් සහ ආධාරකරුවන් පිරිසක් පාලම අසන්නයේ විරෝධතාවයේ නිරත වූහ. අවසානයේ පාලම විවෘත කෙරුණේ, පිරිසකයේ ජය ඝෝෂා සහ විරෝධතාකරුවන්ගේ හූ හඬ මධ්‍යයේ ය. පාලම විවෘත කිරීමෙන් අනතුරුව උත්සවයක් ද සංවිධාන කර තිබූ අතර අප වාර්තාකරු පැවසුවේ, ෆයිසර් මුස්තෆා අමාත්‍යවරයා උත්සවය ඇමතීමට පෙර එම ස්ථානයේ විදුලි බලය විසන්දි වූ බව ය. කෙසේ නමුත් විරෝධතාකරුවන්ගේ හූ හඬ මධ්‍යයේ අමාත්‍යවරයා පිරිස ඇමතුවේ ය. |
2018-09-22T04:47:12.000Z | යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල ලබන මස 3 වන දා සිට | යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල ලබන මස 3 වන දා සිට | COLOMBO (News 1st) - යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල සිව් වන වරටත් ලබන මස 3 වන දා සිට 8 වන දා දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 30කින් චිත්‍රපට 80කට අධික ප්‍රමාණයක් මෙවර යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කිරීමට නියමිත ය. උළෙලට සමගාමීව සිනමා සාකච්ඡා සහ වැඩමුලු පැවැත්වෙනු ඇති. |
2018-09-22T03:09:04.000Z | දෙමටගොඩ දුම්රිය අංගනයේ නවතා තිබු දුම්රිය මැදිරි දෙකක ගින්නක් | දෙමටගොඩ දුම්රිය අංගනයෙන් ගින්නක් | COLOMBO (News 1st) - දෙමටගොඩ දුම්රිය අංගනයේ නවතා තිබු දුම්රිය මැදිරි දෙකක ගින්නක් හටගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අලුත්වැඩියා සඳහා රැගෙනවිත් තිබු මැදිරි දෙකක් එළෙස ගිනි ගෙන ඇති බවයි. කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවා රථ දෙකක් පිටත් කර යවා ඇති බවයි. |
2018-09-22T02:44:55.000Z | ගල්කිස්සේ සිට රඹුක්කනට නව සුඛෝපභෝගී දුම්රියක් | ගල්කිස්සේ සිට රඹුක්කනට නව සුඛෝපභෝගී දුම්රියක් | COLOMBO (News 1st) - ගල්කිස්ස හා රඹුක්කන අතර වායු සමනය කළ සුඛෝපභෝගී දුම්රියක් ලබන 25 වන දා සිට ධාවනයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, එම දුම්රිය සෑම දිනකම පෙරවරු 8.30 ට ගල්කිස්සෙන් පිටත්වන අතර පස්වරු 4.10 ට රඹුක්කනින් යළි ත් ගල්කිස්ස බලා පිටත්වන බවයි. එකවර 100 දෙනෙකුට මෙම දුම්රියේ ගමන් කළ හැකි ය. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කොටුව හා වේයන්ගොඩ දුම්රිය ස්ථානවලද මෙම සුඛෝපභෝගී දුම්රිය නවත්වන බවයි. සංචාරක අවශ්‍යතාවන් සපුරාලීම සඳහා මෙම දුම්රිය ධාවනයට යොදවන බව ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කර ඇත. |
2018-09-22T02:30:15.000Z | "අපිට වෙන රටවල් පොහොසත් කරන්න ඕන නැහැ" - මහින්ද රාජපක්ෂ | "අපිට වෙන රටවල් පොහොසත් කරන්න ඕන නැහැ" | COLOMBO (News 1st) - රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, අද කලකට පසු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. |
2018-09-22T02:00:31.000Z | රුපියල අවප්‍රමාණය වැළැක්වීමට රජය අසමත්වී ඇති බවට හිටපු ජනපතිගෙන් චෝදනා | රුපියල අවප්‍රමාණයවීම වැළැක්වීමට රජය අසමත් | COLOMBO (News 1st) - රුපියල අවප්‍රමාණය වැළැක්වීමට රජය අසමත්වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිතුමා ඒ බව පැවසුවේ, අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි. එම ප්‍රවෘත්ති සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් රැසක් එක් ව සිටියහ. |
2018-09-21T23:45:40.000Z | 2019 ක්‍රිකට් ලෝක කුසලානය අද ගාලු මුවදොරදී ප්‍රදර්ශනයට | ක්‍රිකට් ලෝක කුසලානය අද ගාලු මුවදොරදී ප්‍රදර්ශනයට | COLOMBO (News 1st) - 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන්ට හිමිවන කුසලානය කොළඹ ගාලු මුවදොරදී අද ප්‍රදර්ශනය කෙරේ. ඒ, එම කුසලානය ලොව පුරා රැගෙන යන චාරිකාවේ එක් පියවරක් ලෙසිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසූවේ, අද පස්වරු 4.00 සිට ක්‍රිකට් ලෝක කුසලානය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත බවයි. මේ අතර පිළිවෙලින් කෑගල්ල සහ සීගිරියේදී හෙට සහ අනිද්දා එම කුසලානය ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබේ. |
2018-09-21T21:32:05.000Z | රුපියල් කෝටි 3 කට වාලම්පුරියක් අළෙවි කරන්න ගිය චීවරධාරියා STF භාරයට | වාලම්පුරියක් අළෙවි කරන්න ගිය චීවරධාරියා STF භාරයට | COLOMBO (News 1st) - රුපියල් කෝටි 3 කට වාලම්පුරියක් අළෙවි කිරීමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙකු දෙවුන්දර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, ඒ අතර චීවරධාරියෙකු ද වන බවයි. ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා ගන්දර පොලීසියට භාරදී ඇත. |
2018-09-21T21:20:52.000Z | ඉන්දියාවට සම්බාධක පනවන බවට අමෙරිකාවෙන් අනතුරු ඇඟවීමක් ! | අමෙරිකාවෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීමක් ! | ඉන්දියාවට එරෙහිව සම්බාධක පනවන බවට අමෙරිකාව අනතුරු අඟවා තිබේ. ඒ, ඉන්දියාව රුසියාවෙන් එස් 400 වර්ගයේ නව ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක් මිලදී ගැනීමට විරෝධය පළ කරමිනි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියානු සාගර කලාපයේ වත්මන් දේශපාලන වාතාවරණය හමුවේ නව මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට ඉන්දීය රජය සැලසුම් කර තිබූ බවයි. මේ අතර චීනය රුසියාවෙන් යුද ගුවන් යානා හා ගුවන් ආරක්ෂක මිසයිල මිලදී ගැනීම හේතුවෙන් අමෙරිකාව චීන හමුදාවට එරෙහිව සම්බාධක පැනවීමට ද ඊයේ දිනයේ පියවර ගත්තේ ය. තම හමුදාවට එරෙහිව පැනවූ සම්බාධක ඉවත් කර නොගන්නේ නම් අමෙරිකාවට ඉදිරියේදී දරුණු ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි චීනය සඳහන් කළේ ය. |
2018-09-21T21:03:16.000Z | ශ්‍රී.ල.නි.ප නව සංවිධායකවරුන් සහ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් පිරිසකට පත්වීම් | ශ්‍රී.ල.නි.ප ආසන සංවිධායක ධූර අලුත් වෙයි | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරුන් හා සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් පිරිසකට ඊයේ පත්වීම් ලබාදී තිබේ. ඒ, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතිනි. ඒ අනුව දයාසිරි ජයසේකර මහතා පත් කර ඇත්තේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සමසභාපති සහ පන්නල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සමසභාපතිවරයා ලෙසයි. නව පත්වීම් අනුව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මැද කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධූරයට පත්කර තිබේ. පළාත් අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ සහ ජී.එච් බුද්ධදාස යන මහත්වරුන් පත්කර ඇත්තේ කඩුවෙල ආසනයේ සමසංවිධායකවරුන් ලෙසිනි. සුමිතා ප්‍රියංගනී අබේධීර මහත්මිය මතුගම ආසනයේ මතුගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය භාර සමසංවිධායකවරිය ලෙසත් සුරංග හිදැල්ලාරච්චි මහතා මතුගම ආසනයේ දොඩංගොඩ ප්‍රාදේශීය බල ප්‍රදේශය භාර සමසංවිධායකවරයා සහ දොඩංගොඩ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සමසභාපතිවරයා ලෙසත් පත් කර ඇත. අමිල හර්ෂණ මහතා පත්කර ඇත්තේ, බෙන්තර ඇල්පිටිය ආසනයේ සංවිධායක ලෙස හා බෙන්තොට ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවේ සමසභාපතිවරයා ලෙසයි. කරන්දෙණිය ආසනයේ සංවිධායක ලෙස හා එහි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සමසභාපතිවරයා ලෙස සුසන්ත ලාල් ජයවීර මහතා පත්කර කෙරිණි. තිසර ගුණසිංහ මහතා පත්කර ඇත්තේ, හබරාදුව ආසනයේ සංවිධායක ලෙස හා එහි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සමසභාපතිවරයා ලෙසයි. නව පත්වීම් අනුව අතුල කුමාර රාහුබද්ද මහතා රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සමසභාපතිවරයා සහ රත්නපුර ආසනයට අයත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සමසභාපතිවරයා ලෙසත් වෛද්‍ය කීර්ති ෆොන්සේකා මහතා යාපහුව ආසනයේ සංවිධායකවරයා ලෙසත් පත්වීම් ලැබු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සමසභාපතිධූරයට පත්කර ඇති අතර පියසේන ගමගේ මහතා ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සමසභාපතිවරයායි. පුත්තලම දිස්ත්‍රික්කයේ මුන්දලම ප්‍රදේශීය සභාවේ සම්බන්ධීකරණ කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ ඒ. එච්. එම්. තාහිර් මහතායි සුසිල් ප්‍රේම්ජයන්ත, ඩබ්ලිව්. ඩී. ජේ සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, ටී. බී. ඒකනායක සහ ගුණරත්න වීරකෝන් යන මහත්වරුන් ආසන සංවිධායක ධූරවලින් ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ධූර සඳහා මෙම පත්වීම් සිදු කර කෙරිණි. |
2018-09-21T20:48:39.000Z | අධිතාක්ෂණික කැමරා මගින් දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් | ප්‍රථම වරට අධිතාක්ෂණික කැමරා මගින් ඇස් පරීක්ෂාවක් | COLOMBO (News 1st) - මෙරට ප්‍රථම වරට අධිතාක්ෂණික රෙට්නල් කැමරාවක් මගින් දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් කොළඹ ජාතික අක්ෂි රෝහල ආරම්භ කර තිබේ. ජාතික අක්ෂි රෝහල පැවසුවේ, මෙවැනි කැමරාවකින් දියවැඩියා රෝගීන්ගේ ඇස් පරීක්ෂාව ඉතා නිවැරදිව හා කෙටි කාලයක් තුළ සිදුකළ හැකි බවයි. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ජීවත්වන දියවැඩියා රෝගීයකුට සතියේ වැඩකරන දිනක ජාතික අක්ෂි රෝහලට පැමිණ ඇස් පරීක්ෂා කරගත හැකි වේ. මෙම ඇස් පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ලබන මස 21 වැනි දා දක්වා පමණි. |
2018-09-21T20:29:20.000Z | කිරුළපන වාහන ගමනාගමනය සීමා කෙරේ | කිරුළපන වාහන ගමනාගමනය සීමා කෙරේ | COLOMBO (News 1st) - කිරුළපන, විජය කුමාරතුංග මාවතේ කොළඹට ඇතුළුවන මංතීරුවේ රථ වාහන ගමනාගමනය සීමා කර තිබේ. පොලීසිය පැවසුවේ, අප ජල ව්‍යාපෘතියක් හේතුවෙන් පොල්හේන්ගොඩ හන්දියේ සිට පුර්වාරාම දක්වා ලබන 28 වන දා දක්වා කොළඹට ඇතුළු වන මංතීරුවේ රථ වාහන ධාවනය සීමා කර ඇති බවයි. එම මාර්ගයේ ගමන් ගන්නා මහජනතාවට සහ රියැදුරන්ට අදාළ කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දී ඇත. මේ අතර ජලනල එලීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් ග්‍රෑන්ඩ්පාස් වින්සන්ට් පෙරේරා මාවතේ බබාපුල්ලේ හන්දියේ සිට ආමර්වීදිය අතර කොටසෙහි රථ වාහන ධාවනය ද ලබන 24 වන දා දක්වා සීමා කර ඇත. |
2018-09-21T20:05:32.000Z | මේ වසරේ සිට සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ විභාගයට පෙර | මේ වසරේ සිට සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ විභාගයට පෙර | COLOMBO (News 1st) - මේ වසරේ සිට ප්‍රථම වරට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙර එහි ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව පියවර තිබේ. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පැවසුවේ, ඒ අනුව මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන මස තෙවැනි සතියේ ආරම්භ කරන බවයි. ප්‍රායෝගික පරීක්ෂණවලට අදාළ විභාග ප්‍රවේශ පත්‍ර ඉදිරියේදී තැපැල් කරන බව ද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින හා වේලාවන් විභාග දෙපාර්තමේන්තුවේ www.donenets.lk යන වෙබ් අඩවියේ පළකර ඇති බවයි. |
2018-09-21T19:50:42.000Z | එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා ජනපති අද අමෙරිකාවට | ජනපති අද අමෙරිකාවට | COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිත වේ. එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරය ලබන 24 වන දා ආරම්භ වීමට නියමිත වනු ඇති. එහි ප‍්‍රධාන සැසිවාරය ලබන 25 වන දා පැවැත්වෙන අතර එදින පස්වරුවේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත ය. මේ අතර එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල ප‍්‍රධාන සැසිවාරයට සමගාමීව ලබන 24 වන දා පැවැත්වෙන ගෝලීය සාමය සඳහා වූ නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුවේදී ද ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා දේශනයක් පැවැත්වීමට නියමිත ය. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මෙම සැසිවාරයට සහභාගීවන ලෝක නායකයන් කිහිප දෙනෙකු සමග ද සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. |
2018-09-21T19:35:17.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | දේශිය පුවත් 1. රවී කරුණානායකට දුන් අධිකරණ නියෝග තාවකාලිකව අත්හිටුවයි: බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ මත රවී කරුණානායක මහතා දුන් සාක්ෂි සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම පරිදි නිකුත් කළ සියලු නියෝග තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර තිබේ. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, නියෝග ස්ථිරවම අවලංගු කරන්නේ ද නැති ද යන්න ලබන 28 වන දා ප්‍රකාශයට පත් කරන බවයි. 2. සයිටම් වෛද්‍ය උපාධිය ලබා ගත් සිසුවියක් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග: සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත් සිසුවියක් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට අභියාචනාධිකරණය දුන් තීන්දුව වහාම ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කළේ ය. 3. නියඟයෙන් පීඩා විඳින ජනතාවට සහන ලබාදීමට දුර්වලවීම ගැන ජනපතිගේ කනගාටුව: නියඟයෙන් පීඩාවට පත් ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා රුපියල් මිලියන 900 ක් වෙන් කළ බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ, ඊයේ පෙරවරුවේ මහවිලච්චියේදී සාරවත් දේශයක වාපි සංග්‍රාමය, වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි. 4. ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම, ලුතිනන් කර්නල් එරන්ද පීරිස් රිමාන්ඩ්: මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා ලුතිනන් කර්නල් එරන්ද පීරිස් මහතා ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 5. ප්‍රසන්න රණවීරට හා විමල් වීරවංශට පාර්ලිමේන්තු තහනමක්: ප්‍රසන්න රණවීර හා විමල් වීරවංශ යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු රැස්වීම් සති කිහිපයකට අත්හිටුවනු ලැබුවේ ය. ඒ අනුව ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට සති හතරක පාර්ලිමේන්තු තහනමක් පැනවෙන අතර විමල් වීරවංශ මන්ත්‍රීවරයාට සති දෙකක පාර්ලිමේන්තු තහනමක් පැනවේ. 6. ශ්‍රී.ල.නි.ප.යේ ප්‍රබලයින් කිහිපයකට ආසන සංවිධායක ධූර අහිමි වෙයි: ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ලෙස කටයුතු කළ සුසිල් ප්‍රේමජයන්ත, ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, ටී.බී. ඒකනායක සහ ගුණරත්න වීරකෝන් යන මහත්වරුන් ආසන සංවිධායක ධූරවලින් ඉවත් කර තිබේ. විදෙස් පුවත් 7. වික්ටෝරියා විලේ මගී යාත්‍රාවක් පෙරළීමෙන් මියගිය ගණන 86 ක් දක්වා ඉහළට: ටැන්සානියාවේ වික්ටෝරියා විලෙහි මගී යාත්‍රාවක් පෙරළීමෙන් මියගිය සංඛ්‍යාව 86 ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් වාර්තා අනාවරණ කළේ, අනතුරින් මගීන් 100 දෙනෙකුගේ දිවි බේරාගෙන ඇති බවයි. |
2018-09-21T11:00:30.000Z | සීනි බදු වැඩි කිරීම පිටුපස සිටින මහමොළකරු කවු ද? | සීනි බදු වැඩි කිරීම පිටුපස සිටින මහමොළකරු කවු ද? | COLOMBO (News 1st) - ජනතාවට නොදැනන අයුරින් ඔවුන්ගේ මුදල් සොරකම් කළ අවස්ථා ගණනාවක් අපි පසුගිය දිනවල වාර්තා කළෙමු. එහි අලුත්ම පුවත වාර්තා වන්නේ ශ්‍රී ලංකාවට සීනි ගෙන්වීමේ ව්‍යාපාරය හරහායි. සීනි සඳහා මෙතෙක් පනවා තිබූ රුපියල් 31.00 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කර නව බදු ව්‍යුහයක් හඳුන්වාදීමට පසුගිය අඟහරුවාදා මුදල් අමාත්‍යාංශය පියවර ගත්තේ ය. මේ අනුව පිටරටින් ගෙන්වන සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා තීරුබදු රුපියල් 8.00 ක්, රුපියල් 30.00 ක නිෂ්පාදන බද්දක්, 2% ක ජාතිය ගොඩනැගීමේ බද්දක් සහ තව ත් 7.5% පමණ වරාය හා ගුවන්තොටුපොළ බද්දක් අය කරනු ලැබේ. අනයනකරුවන් පවසන පරිදි අද ලෝක වෙළෙඳපොළේ සීනි කිලෝග්‍රෑම් එකක මිල දළ වශයෙන් රුපියල් 56 ක් පමණ වේ. නව බදු ක්‍රමයට අනුව සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා අද වනවිට දැරිය යුතුව ඇති බදු ප්‍රමාණය රුපියල් 43.00 ක් පමණ වනු ඇත. මේ අනුව රුපියල් 31 ක්ව තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කර නව පැන වූ නව බදු ව්‍යුහය නිසා සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා අමතරව රුපියල් 12 ක පමණ මුදලක් දැරීමට ආනයනකරුවන්ට සිදු ව තිබේ. මුදල් අමාත්‍යාංශයේ තර්කයවී ඇත්තේ ලෝක වෙළෙඳපොළේ සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා ගෙවිය යුතු මිල පසුගිය කාලයට සාපේක්ෂව අඩුවී ඇති බැවින් සිල්ලට වෙළෙඳපොළට මෙම වෙනස බලපෑමක් ඇති නොකරන බවයි. නමුත් මෙම බදු පැනවීමට පෙර තොග වෙළෙඳපොළේ රුපියල් 91 කට පමණ අළෙවි වූ සීනි කිලෝග්‍රෑම් එකක මිල අද වනවිට රුපියල් 103 ඉක්මවා ඇත. දළ වශයෙන් රුපියල් 10 කට වැඩි ප්‍රමාණයකින් තොග වෙළෙඳපොළේ පමණක් සීනි කිලෝග්‍රෑම් එකක මිල වැඩිවී ඇත. ඊයේ පාරිභෝගික අධිකාරියට පැමිණ සීනි ආනයනකරුවන් කළ සාකච්ඡාවේදී අනාවරණය වූයේ, සීනි මෙට්‍රික් ටොන් හතලිස් දහසක් පමණ මෙම බදු වෙනස්කමට පෙර මෙරටට ගෙන්වා ගබඩා කරගෙන ඇති බවයි. මෙම තොග සීනි ව්‍යාපාරිකයින් තිදෙනෙකු සතුව පවතින බව ද එහිදී අනාවරණය විය. එහිදී ප්‍රකාශ වූයේ පිරමිඩ් විල්මර්, විල්සන් ට්‍රේඩින් සහ පල්ලෙගොඩ ට්‍රේඩින් නමැත් සමාගම් තුන සතුව මෙම තොග ඇති බවයි. සීනි ආනයනකරුවන් පවසන ආකාරයට ඉන් එක් සමාගමක් බදු වෙනස් කිරීමට පෙර සෙසු ව්‍යාපාරිකයින් සතුව තිබූ තොග ද මිලදී ගෙන තිබේ. රුපියල් 10.00 කින් සීනි කිලෝග්‍රෑම් එකක තොග මිල වැඩිවූයේ යැයි උපකල්පනය කළොත් දළ වශයෙන් මේ ව්‍යාපාරිකයින් තිදෙනාට මෙට්‍රික් ටොන් හතලිස් දහසෙන් පමණක් ලැබෙන ලාභය රුපියල් මිලියන 400 කි. දැන් සිදුවී ඇත්තේ කුමක්ද? මුදල් අමාත්‍යාංශය නිවේදන පිට නිවේදන නිකුත් කරමින් සීනිවල සිල්ලර මිල වැඩිවන්නේ නැතැයි ප්‍රකාශ කළත් මේ වනවිටත් තොග මිල පමණක් රුපියල් 12 ඉක්මවා වැඩිවී තිබේ. අවසානයේ සිදුව ඇත්තේ ජනතාව මත මෙම බර පටවා උපයා ගන්නා ලාභයෙන් වැඩි කොටස ව්‍යාපාරිකයින් තිදෙනෙකු විසින් බෙදා ගැනීමයි. ජනාධිපතිතුමනි, ඔබතුමාගේ අවධානයට. |
2018-09-21T11:02:18.000Z | රවී කරුණානායකට දුන් අධිකරණ නියෝග තාවකාලිකව අත්හිටුවයි | රවීට දුන් අධිකරණ නියෝග තාවකාලිකව අත්හිටුවයි | COLOMBO (News 1st) - බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ මත රවී කරුණානායක මහතා දුන් සාක්ෂි සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම පරිදි නිකුත් කළ සියලු නියෝග තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කර තිබේ. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, නියෝග ස්ථිරවම අවලංගු කරන්නේ ද නැති ද යන්න ලබන 28 වන දා ප්‍රකාශයට පත් කරන බවයි. මේ සම්බන්ධයෙන් ලිඛිත දේශන ලබන 26 වන දා අධිකරණය හමුවේ ගොනු කරන ලෙස නීතිපතිවරයාට සහ වගඋත්තරකාර පාර්ශවයට අධිකරණය අද නියෝග කළේ ය. ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මෝසමක් මගින් නඩුව කැඳවමින් අද අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ වූ කරුණු සම්බන්ධයෙන් නඩු පැවරීමේ බලය නීතිපතිවරයාට ඇති නමුත් එහිදී අනාවරණය නොවූ කරුණු සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස උපදෙස්දීමේ බලයක් නීතිපතිවරයාට නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කිරීමට අවශ්‍ය නම් ජනාධිපති කොමිසන් සභාව යළි ස්ථාපිත කිරීමෙන් මිස වෙනත් ආකාරයකින් කිරීමේ නෛතික හැකියාවක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේ ය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට පෙන්වා දුන්නේ මෙම පරීක්ෂණ සිදු කරනුයේ ද්වේශ සහගත අරමුණින් නොවන බැවින් රවී කරුණානායක මහතාට ද නිර්දෝෂීභාවය පෙන්වීමට මෙය හොඳම අවස්ථාවක් බව ය. |
2018-09-21T10:58:40.000Z | කැබිනට් මණ්ඩලය ගැන අනුර දිසානායකගේ මතය | කැබිනට් මණ්ඩලය ගැන අනුර දිසානායකගේ මතය | විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා කැබිනට් මණ්ඩලය ගැන අද පාර්ලිමේන්තුවේදී විග්‍රයක් කළේ ය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක, අපේ රටේ ඉතාමත් වැදගත් සම්පතක් බවට පත් වී තිබෙන ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකිර්ණය මුලුමනින්ම ඉන්දියානු සමාගමක් වෙත ලබාදීමේ සැලැස්මක් තමයි තියෙන්නේ. වර්තමාන ආණ්ඩුවේ ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලියේ ඉතාම භයානකකාරී ක්‍රියාවලියකට තමයි පසුගිය අගෝස්තු මාසේ 7 වන දා කැබිණට් මණ්ඩලයේ තීරණය අරන් තියෙන්නේ. මේ කැබිනට් මණ්ඩලයම 2016 යේ 6 වන මාසේ 1 වන දා මෙම තෙල් ටැංකි සංකීර්ණය තෙල් සංස්ථාව හරහා සංවර්ධනය කිරීමටත් ඒ සඳහා ඩොලර් මිලියන 10 ක් වැය වන බවටත් එය වසර 4 ක් ඇතුළත ප්‍රතිපූර්ණය කළ යුතු බවත් කැබිනට් මණ්ඩලයම තීර්ණය කලා. අපි නෙවෙයි. 2016 යේ 6 වන මාසේ 1 වදා කැබිනට් පත්‍රිකාව අනුමත කරන්නත් නැවත එය ප්‍රතික්ෂේප කරන්නත් හේතුව කුමක්ද කියලා පාර්ලිමේන්තුවට අදාළ අමාත්‍යවරයා විසින් පැහැදිලි කළ යුතුව තියනවා. මෙම ටැංකි පද්ධතියේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටියදී එම කටයුතු අදිසි හස්තයක් විසින් නතර වූ බව ද අපුගිය කාලයේ වාර්තා වුනා. මෙම ජාතික සම්පත රටට අහිමි වීමේ අවදානමක් මතුවී අවසන්. රටේ ජාතික සම්පත් අළෙවිකරණ බෝකර්වරුන්ගේ සංගමයක් බවට මේ කැබිනට් මණ්ඩලය පත් වෙලා හමාරයි. තමුන්නාසේලා තීරණ ගන්නේ ජාතික සම්පත් විකුණන්න. තමුන්නාසේලා දන්නවා මේකට ඇවිත් උත්තර දෙන්න බැරි බව. ඒක තමයි අර්ජුන රණතුංග තෙල් සංස්ථාව භාර ඇමතිවරයා, අනෝමා ගමගේ නියෝජ්‍ය අමාත්‍යවරිය මේ අවස්ථාවට සහභාගී නොවෙන්නේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක, ඔබතුමා කැබිනට් මණ්ඩලයේ හිටියනේ. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, අදාළ ඇමතිවරයා එන්න එපැයි. ඔබතුමා මගෙන් අහුවනම් මම උත්තර දෙනවා. |
2018-09-21T10:55:25.000Z | නියඟයෙන් පීඩා විඳින ජනතාවට සහන ලබාදීමට දුර්වලවීම ගැන ජනපතිගේ කනගාටුව | වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය ඇරඹේ | COLOMBO (News 1st) - නියඟයෙන් පීඩාවට පත් ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා රුපියල් මිලියන 900 ක් වෙන් කළ බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ, අද පෙරවරුවේ මහවිලච්චියේදී සාරවත් දේශයක වාපි සංග්‍රාමය, වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි. වාරි ප්‍රතිසංස්කරණ ජාතික වැඩසටහනේ අනුරාධපුර දිස්ත්‍රික් ව්‍යාපෘතිය අද ආරම්භ කෙරුණේ මහවිලච්චිය, නබඩගස්දිගිලිය වැව පිළිසකර කිරීම අරඹමින් ය. මෙම ව්‍යාපෘතිය යටතේ වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කෙරන අතර එම කටයුතු සඳහා දායකත්වය ලබා දෙන්නේ යුද හමුදා ඉංජිනේරු බලකායයි. ජනාධිපති මෛත්රීපාල සිරිසේන, කන්න හයක් පාළුයි වේල් ගාණක් කන්න නැතුව අනුරාධපුර යුවළක් මුරුංගා කොළ කාළා. මම මේකට විශේෂ නිලධාරියෙක් මේ ගමට යැව්වා. මේ ගමේ තත්ත්වය බලන්න. එක දෙයක් කියන්න ඕනෑ මේ විදිහට වෙන්න දෙන්න බෑ. එක ගමක ග්‍රාමසේවා වසමක නිලධාරී කීයක් ඉන්නවා ද පළාත් සභාව, ප්‍රාදේශීය සභාව, පාර්ලිමේන්තු මැති ඇමතිවරු ඉන්නවා. මේ සෑම කෙනෙක්ම අවබෝධයකින් ගම්වල මොකද වෙන්නේ කියලා බලන්න ඕනෑ. මම හරිම කණගාටු වෙනවා. එහෙම කෑම නෑ කියලා දවස් ගණන් කන්න බැරි දෙයක් කකා ඉන්න මේ රටේ කොහේ හෝ ගමක වෙනවා නම් මේක ඛේදවාචකයක්. අපි හැම කෙනෙක්ම මේ වැරැද්ද පිළිගන්න ඕනෑ. මම මගේ ඉඳලා මේ වැරැද්ද පිළිගන්නනවා. මේක නම් ගමේ තත්ත්වය ජනාධිපතිවරයා විදිහට මගේ දැඩි කණගාටුව ප්‍රකාශ කරනවා. ඒ අයගෙන් මම සමාව ඉල්ලනවා. මම සමාව ඉල්ලනවා. මගෙන් පහළ හැම කෙනෙක්ම මේ තත්ත්වයට වගකියන්න ඕනෑ. මේ විදිහේ බඩගින්නේ ඉන්න දෙන්න බෑ කාටවත් ආණ්ඩුවක් විදිහට. එච්චර ආණ්ඩුව හිඟමනට වැටිලා නෑ ඒ අයට උදව් නොකරන්න තරම්. මහවැලි ජනතාවට ඉඩම් ඔප්පු ලක්ෂයක් ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා ඉඩම් ඔප්පු 2500 ක් පිරිනැමීම මේ උත්සවයේදී ආරම්භ විය. අද පෙරවරුවේ රුපියල් මිලියන 800 ක වියදමින් ස්ථාපත කරන ලද ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධති 500 ක පිරිසිදු පානීය ජලය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කිරීමේ පුණ්‍යෝත්සවය ද පැවැත්වුනේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්යෙනි. මීට සමගාමීව මිහින්තලය, කුරුන්දන්කුලම මිහිඳු ආරණ්‍ය සේනාසනයේ ස්ථාපිත කර ඇති 500 වැනි ප්‍රතිආශ්‍රැතිකරණ ජල පද්ධතිය ජනාධිපතිතුමා අතින් දුරස්ථ සන්නිවේදන තාක්ෂණය ඔස්සේ විවෘත කෙරුණි. මේ අතර සිරිල් ධර්මවර්ධන පදනම මගින් ක්‍රියාත්මක කරන වකුගඩු හා පිළිකා රෝගීන් සඳහා නොමිලේ ලබාදෙන ප්‍රවාහන සේවාව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර රෝහලේදී අද ආරම්භ කෙරුණි. මේ අවස්ථාවට සිරිල් ධර්මවර්ධන පදනමේ සභාපති බිනර ධර්මවර්ධන මහතා ඇතුළු පිරිසක් එක් ව සිටිය හ. |
2018-09-21T05:55:02.000Z | ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම: ලුතිනන් කර්නල් එරන්ද පීරිස් රිමාන්ඩ් | ලුතිනන් කර්නල් එරන්ද පීරිස් රිමාන්ඩ් | COLOMBO (News 1st) - මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා ලුතිනන් කර්නල් එරන්ද පීරිස් මහතා ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, සැකකරු අද හෝමගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, 2009 අගෝස්තු 08 වන දා එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් දිනකට පසු මුදා හැරීම සහ 2010 වසරේ ජනවාරි මස 24 වන දා එක්නැලිගොඩ මහතා නැවත වරක් පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ලුතිනන් කර්නල්වරයා ඊයේ අත්අඩංගුවට ගත් බවයි. |
2018-09-21T05:13:37.000Z | වික්ටෝරියා විලේ මගී යාත්‍රාවක් පෙරළීමෙන් මියගිය ගණන 86 ක් දක්වා ඉහළට | වික්ටෝරියා විලේ යාත්‍රාවක් පෙරළී මගීන් 86 ක් මරුට | ටැන්සානියාවේ වික්ටෝරියා විලෙහි මගී යාත්‍රාවක් පෙරළීමෙන් මියගිය සංඛ්‍යාව 86 ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් වාර්තා අනාවරණ කළේ, අනතුරින් මගීන් 100 දෙනෙකුගේ දිවි බේරාගෙන ඇති බවයි. එහෙත් ඔවුන් අතරින් 32 දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බව වාර්තා වේ. යාත්‍රාව අනතුරට ලක්වන විට එහි සිට ඇති මගීන් සංඛ්‍යාව 400 කි. පමණ ඉක්මවා මගීන් රැගෙන යාම හේතුවෙන් යාත්‍රාව පෙරළී තිබේ. කෙසේ වෙතත් ටැන්සානියා බලධාරීන් සැක පළකරන්නේ අනතුරින් පුද්ගලයින් 200 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි. මීට පෙර 1996 වසරේදී වික්ටෝරියා විලෙහි යාත්‍රාවක් පෙරළීමෙන් පුද්ගලයින් 500 දෙනෙකු මිය ගිය අතර 2012 වසරේදී යාත්‍රාවක් පෙරළී පුද්ගලයින් 145 දෙනෙකු මියහ. |
2018-09-21T04:57:20.000Z | මුහුදේ ගිලී කථිකාචාර්යවරියක් මරුට | මුහුදේ ගිලී කථිකාචාර්යවරියක් මරුට | COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය වෙරළ තීරයේ තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, එම සිරුර වව්නියාව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවකගේ බවට හඳුනාගෙන ඇති බවයි. ඇය නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමලය මණ්ඩපයේ කථිකාචාර්යවරියක් බව ද පොලීසිය පැවසුවේ ය. මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ත්‍රිකුණාමලය රෝහලට රැගෙන යාමට නියමිත වේ. |
2018-09-21T02:54:10.000Z | අඹේපුස්ස යුද හමුදා කඳවුරේ සෙබළෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කෙරේ | අඹේපුස්ස යුද හමුදා කඳවුරේ සෙබළෙකු ඝාතනය කෙරේ | COLOMBO (News 1st) - අඹේපුස්ස යුද හමුදා කඳවුරේ මුර කුටියක සේවය කළ යුද හමුදා සෙබළෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, අද අලුයම 4.40ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බව ය. මිය ගොස් ඇත්තේ, 21 හැවිරිදි බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඝාතනය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බව ද පොලීසිය සඳහන් කළේ ය. |
2018-09-21T02:05:17.000Z | 2019 වසරේ ලෝක ක්‍රිකට් ශූරයින්ට පිරිනමන කුසලානය දිවයිනට | 2019 ලෝක ක්‍රිකට් ශූරයින්ට පිරිනමන කුසලානය දිවයිනට | COLOMBO (News 1st) - 2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනමන ශූරතා කුසලානය දිවයිනට රැගෙන ආවේ ය. ඒ, එම කුසලානය ලොව වටා රැගෙන යාමේ චාරිකාවේ තවත් එක් අදියරක් ලෙසයි. 2019 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනමන කුසලානය ඊයේ දිනයෙදී කොළඹ නිදහස් චතුරස්‍රයේදී ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළේ ය. ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සහ 1996 ලෝක කුසලානය දිනා ගත් කණ්ඩායමට නායකත්වය දුන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් එම කුසලානය නිදහස් චතුරස්‍රය වෙත රැගෙන ආවේ ය. මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා ද සහභාගී වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක රංගන හේරත් හැර ජාතික කණ්ඩායම නියෝජනය කරන වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු එම අවස්ථාවට සහභාගී නොවීම ද විශේෂත්වයකි. මෙම කුසලානය දින 4ක් පුරා ශ්‍රී ලංකාව තුළ ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර නගර කිහිපයක සංචාරය කිරීමට ද නියමිත ය. ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩා නොකරන රටවල් සඳහා ද මෙවර ලෝක කුසලානය ප්‍රදර්ශනය කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තිරණය කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව නේපාලය, අමෙරිකාව, ජර්මනිය ඇතුළු රටවල් 11කට ලෝක කුසලානය මෙවර රැගෙන යාමට නියමිත ය. ලෝක කුසලානය රැගත් කණ්ඩායම ලබන වසරේ පෙබරවාරි 19 වන දා මහා බ්‍රිතාන්‍යයට පැමිණීමෙන් පසු ලෝක කුසලානය රැගත් සංචාරය අවසන් වේ. |
2018-09-21T00:58:36.000Z | ප්‍රසන්න රණවීරට හා විමල් වීරවංශට පාර්ලිමේන්තු තහනමක් | ප්‍රසන්න රණවීරට හා වීරවංශට පාර්ලිමේන්තු තහනමක් | COLOMBO (News 1st) - ප්‍රසන්න රණවීර හා විමල් වීරවංශ යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු රැස්වීම් සති කිහිපයකට අත්හිටුවනු ලැබුවේ ය. ඒ අනුව ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට සති හතරක පාර්ලිමේන්තු තහනමක් පැනවෙන අතර විමල් වීරවංශ මන්ත්‍රීවරයාට සති දෙකක පාර්ලිමේන්තු තහනමක් පැනවේ. මීට අදාළව ඡන්ද විමසීම මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී පැවත්විණි. අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ, ප්‍රසන්න රණවීර මහතාට පාර්ලිමේන්තු තහනම පැනවීමට අදාළව පක්ෂව ඡන්ද 41ක් සහ විපක්ෂව ඡන්ද 21ක් ලැබුණු බව ය. විමල් වීරවංශ මහතාට පාර්ලිමේන්තු තහනම පැනවීමට අදාළව පක්ෂව ඡන්ද 39ක් සහ විපක්ෂව ඡන්ද 21ක් ලැබිණි. මෙම ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තු සභා ගර්භයේ රැඳී සිටියේ ය. |
2018-09-21T00:00:41.000Z | සයිටම් වෛද්‍ය උපාධිය ලබා ගත් සිසුවියක් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග | ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වෛද්‍ය සභාවට නියෝගයක් | COLOMBO (News 1st) - සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත් සිසුවියක් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට අභියාචනාධිකරණය දුන් තීන්දුව වහාම ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මීට ටික වේලාවකට පෙර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝග කළේ ය. ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව ලබා දුන්නේ අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමිනි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වැරදි ක්‍රියාමාර්ග නිසා අදාළ සිසුවිය වෛද්‍ය සභාවේ ලියාපදිංචි කිරීම ප්‍රමාද වූ බව ද ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළේ ය. |
2018-09-20T23:42:50.000Z | ජලභීතිකා රෝගය යළි හිස එසවීමේ අවදානමක් | ජලභීතිකා රෝගය යළි හිස එසවීමේ අවදානමක් | COLOMBO (News 1st) - ජලභීතිකා රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුව තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ, සුනඛ එන්නත් කිරීමේ ක්‍රියාවලිය වසර දෙකක සිට අඩපණ වීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ය. ජලභීතිකා රෝගය වැළඳීම හේතුවෙන් වසරේ මේ දක්වා කාලය තුළ මරණ 13ක් වාර්තා වී තිබේ. පසුගිය වසරේ එම සංඛ්‍යාව 23කි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දත්ත අනුව මේ වසරේ සුනඛයින් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවකට පමණක් ජලභීතිකා මර්ධනයට එන්නත් කර තිබේ. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව මෙරට සුනඛ ගහණයෙන් 80%ක් එන්නත් විය යුතු ය. නවතම සංඛ්‍යාලේඛන අනුව මේ වන විට මෙරට සුනඛ ගහණය ලක්ෂ 20කට අධික බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මීට වසර දෙකකට පෙර කැබිනට් පත්‍රිකාවක් මගින් සුනඛ එන්නත් කිරීම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව යටතට පත් කර ඇති බව ය. එන්නත් කිරීම සඳහා ප්‍රමාණවත් නිලධාරීන් නොමැති වීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේ ය. |
2018-09-20T22:11:08.000Z | නියං සහනාධාර වෙනුවෙන් රජයෙන් මිලියන 9000ක්: සහන කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් | නියං සහනාධාර වෙනුවෙන් රජයෙන් මිලියන 9000ක් | COLOMBO (News 1st) - දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවට කඩිනම් සහන සලසන්නැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ. මෙම සහන කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 9000කි. වියළි කාලගුණයෙන් මේ වන විට උතුරු මැද පළාතේ පුද්ගලයින් 420,000ක් පමණ දැඩි පීඩාවට පත්ව ඇති අතර ඔවුන් සඳහා සහන සැලසීමට ත්‍රිවිධ හමුදාවේ දායකත්වය ද ලබා ගෙන තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, සහනාධාර ලබා දීමේ වැඩසටහන අද සහ හෙට ක්‍රියාත්මක බව ය. ඒ අනුව වියළි ආහාර මල්ලක් සමුපකාර හරහා ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මේ අතර එල්ලංගා වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික ව්‍යාපෘතිය හරහා වැව් දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ කඩිනම් වැඩපිළිවෙළ අද ආරම්භ වේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, එල්ලංගා වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම අනුරාධපුර මහවිලච්චිය නැඹඩගස්දිගිලිය වැව කේන්ද්‍ර කර ගනිමින් අද සිදු කෙරෙන බව ය. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහනේදී විලච්චිය, නොච්චියාගම හා මහවිලච්චිය, දුනුමඩලාව එල්ලංගා පද්ධතිය එලෙස ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බව මහවැලි සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය. එහි අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, එම ප්‍රදේශයේ වැව් 17ක් මේ යටතේ ප්‍රතිසංස්කරණය කරන බව ය. |
2018-09-20T22:00:01.000Z | ශ්‍රී.ල.නි.ප.යේ ප්‍රබලයින් කිහිපයකට ආසන සංවිධායක ධූර අහිමි වෙයි | ශ්‍රීලනිපයේ ආසන සංවිධායක ධූරවල වෙනසක් | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් ලෙස කටයුතු කළ සුසිල් ප්‍රේමජයන්ත, ඩබ්ලිව්.ඩී.ජේ සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, ටී.බී. ඒකනායක සහ ගුණරත්න වීරකෝන් යන මහත්වරුන් ආසන සංවිධායක ධූරවලින් ඉවත් කර තිබේ. ඒ, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ රාත්‍රියේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ය. පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, ආසන බල මණ්ඩල පිහිටුවා නොමැති වීම හේතුවෙන් ඔවුන් සංවිධායක ධූරවලින් ඉවත් කර, නව සංවිධායකරුවන් පත් කිරීමට පියවර ගත් බව ය. ඉවත් කරන ලද ආසන සංවිධායකවරුන් වෙනුවට නව ආසන සංවිධායකවරුන් පත් කිරීම අද පස්වරුවේ සිදු කරන බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ ය. |
2018-09-20T20:33:06.000Z | බංග්ලාදේශය පරදා ඇෆ්ගනිස්ථානය ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් 4 අතරට | බංග්ලාදේශයට, ඇෆ්ගනිස්ථානය හමුවේ දැවැන්ත පරාජයක් | (News 1st) - ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැති තරගය ලකුණු 136කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය. ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 6 වන තරගය ලෙස මෙම තරගය බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර තරගය අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 255කි. ඇෆ්ගනිස්ථාන ඉනිමේ පළමු කඩුලු 2 ලකුණු 28ක් තුළ බිඳ වැටී තිබියදී තෙවැනි කඩුල්ල සඳහා එක්වූ මොහොමඞ් ශාසාඩ් සහ හෂ්මතුල්ලා ශහිඩි ලකුණු 51ක සබඳතාවක් ගොඩනැගූහ. සිය එක්දින දිවියේ 3 වන අර්ධ ශතකය ලබා ගනිමින් ඇෆ්ගනිස්ථාන ඉනිම ගොඩනැගූ හෂ්මතුල්ලා ශහිඩි දැවී ගියේ ලකුණු 58 ක් රැස් කර ගෙන සිටියදී ය. ලකුණු 160කට කඩුලු 7ක් දැවී පසුබෑමකට ලක්ව සිටි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ දමමින් ඔවුන්ගේ ඉනිමේ 8 වන කඩුල්ල සඳහා පන්දු 55 කදී ලකුණු 95ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීමට ගුල්බදින් නයිබ් සහ රෂීඩ් ඛාන් සමත් වීම විශේෂත්වයකි. එහිදී වේගවත් පිති හරඹයක නිරත වූ රෂීඩ් ඛාන් පන්දු 32 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 57ක් රැස් කිරීමට සමත් විය. රෂීඩ් ඛාන්ට අනගි සහයක් ලබා දුන් ගුල්බදින් නයිබ් පන්දු 38 කදී හතරේ පහර 5 ක් සමගින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 42 කි. අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 256ක ඉලක්කයක් කරා හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 42 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 119ක් පමණි. බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුවන් 8 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදුන්නේ ය. ශකීබ් අල් හසන් ලකුණු 32ක්, මහ්මුදුල්ලා ලකුණු 27 ක් සහ මොසැඩෙක් හුසේන් නොදැවී ලකුණු 26ක් රැස් කිරීමට සමත් වූහ. තරගයේ වීරයාට හිමි සම්මානය දිනා ගත් රෂීඩ් ඛාන් පිතිකරණයෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දැක්වූ අතර පන්දුවාර 9 ක් නිලකුණු පන්දුවාර 3ක් සමගින් ලකුණු 13කට ඔහු දවා ගත් කඩුලු ගණන 2කි. මුජීබ් උර් රහ්මන් සහ ගුල්බදීන් නයිබ් කඩුලු 2 බැගින් දවා ගනිමින් ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වූහ. |
2018-09-20T20:14:09.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. ආන්දෝලනයට තුඩු දී තිබෙන සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිටුපස ත් අර්ජුණ මහේන්ද්‍රන් සිටින බව ඊයේ අනාවරණය විය. 2. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුධ හමුදා ලුතිනන් කර්නල් එරන්ද පිරිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 3. ඉහළ යන උෂ්ණත්වය හා වෙනස් වන වර්ෂාපතන රටාවන් ශ්‍රී ලංකාවට තර්ජනයක් වන අතර එමගින් දළ දේශීය නිෂ්පාදිතයට හා ජීවන තත්ත්වයට බලපෑම් එල්ල විය හැකි බව ලෝක බැංකුවේ නවතම වාර්තාවක් අනාවරණය කර තිබේ. 4. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට ලබන මස 5 වන දා සිට 20 වන දා දක්වා විදේශගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා ඊයේ අවසර දුන්නේ ය. 5. පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට ලක් වූ MTD වෝකර්ස් සමාගමේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවා ඇතැයි, කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි. විදෙස් පුවත් 6. උතුරු කොරියාව සමග යළි සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව අමෙරිකාව පවසයි. ක්‍රීඩා පුවත් 7. පනත වෙනස් කරන බව පවසමින් ක්‍රීඩා අමාත්‍යවරයා බොරුවෙන් හා වංචාවෙන් ක්‍රිකට් නිලවරණය කල් දමන බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන එස්.බී. දිසානායක මහතා චෝදනා කරයි. |
2018-09-20T19:57:53.000Z | ඉහළ දැමූ සීනි තොග මිල රුපියල් 4කින් පහළ යයි | ඉහළ දැමූ සීනි තොග මිල රුපියල් 4කින් පහළ යයි | COLOMBO (News 1st) - ඉහළ දැමූ සීනි තොග මිල ගණන් යළි සංශෝධනය කළ බව සීනි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති පී.එම්. අබේසේකර මහතා සඳහන් කළේ, රුපියල් 15ක් දක්වා ඉහළ දැමූ සීනි තොග මිල රුපියල් 11ක් දක්වා සංශෝධනය කර ඇති බව ය. ඒ අනුව සීනී කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 101ක් වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර මුදල් අමාත්‍යංශය පසුගිය 19 වන දා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ, සීනි මත පැනවූ නව බදු හේතුවෙන් සිල්ලර මිල වැඩි කිරීමට අවසර ලබා නොදෙන බව ය. පසුගිය 18 වන දා සිට ක්‍රියාත්මක නව බදු සංශෝධන යටතේ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 42ක බද්දක් අය කළ පසු ද ආනයනකරුවන්ට සීනි ආනයනයෙන් ලාභයක් තිබෙන බව මුදල් අමාත්‍යංශය පෙන්වා දෙයි. මුදල් අමාත්‍යංශය පවසන්නේ, ජාත්‍යන්තර වෙළෙඳපොළේ සීනි මිල අඩු වීම මේ තත්ත්වයට හේතුව බව ය. |
2018-09-20T19:42:40.000Z | බස් ගාස්තු ඊයේ මැදියම් රැයේ සිට ඉහළට | බස් ගාස්තු ඊයේ මැදියම් රැයේ සිට ඉහළට | COLOMBO (News 1st) - සමාන්‍ය සේවා බස් ගාස්තු 4% කින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමිණි. එහෙත් අවම බස් ගාස්තුව වන රුපියල් 12හි වෙනසක් සිදු නොවේ. ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, සුඛෝපභෝගී බස් සේවා ගාස්තු ඉහළ දැමීමක් සිදු නොවන බව ය. අර්ධ සුඛෝපභෝගී සේවා ගාස්තු ද, 4% කින් ඉහළ දැමෙන අතර, සමාන්‍ය සේවා ගාස්තු මෙන් එකහමාරක ගුණයක්, අර්ධ සුඛෝපභෝගී සේවා සඳහා අය කරන බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ගාස්තු ද ඉහළ දැමිණි. එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ආර්.ටී. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, සමාන්‍ය සේවා ගාස්තු පමණක් 4%කින් ඉහළ දමා ඇති බව ය. මේ අතර ඉන්ධන මිල සූත්‍රයට අනුව බස් ගාස්තු සංශෝධනය වන ආකාරයේ ක්‍රමවේදයක් ඉදිරියේදී සකස් කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා සඳහන් කළේ ය. මේ අතර ලබන මස පළමු වන දා සිට ක්‍රියාත්මක නව දුම්රිය ගාස්තු සංශෝධනය ද මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව දුම්රිය ගාස්තු 15%කින් ඉහළ යනු ඇති. දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරී ඒන්.ජේ. ඉඳිපොළගේ මහතා සඳහන් කළේ, නව ගාස්තු සංශෝධනය යටතේ අවම ගාස්තුව වන රුපියල් 10හි කිසිදු වෙනසක් සිදු නොවන බව ය. නමුත් අවම ගාස්තුව සඳහා වන දුර කිලෝමීටර් 9 සිට කිලෝමීටර් 7 දක්වා සීමා කර තිබේ. මෙලෙස දුම්රිය ගාස්තු සංශෝධනය වන්නේ 2008 වසරෙන් පසුව ය. මේ අතර දුම්රිය ආසන වෙන් කිරීමේ ගාස්තු නොවැම්බර් මාසයේ සිට 20%ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, දුම්රිය ගාස්තු ඉහළ දැමීමත් සමග ආසන වෙන් කිරීමේ ගාස්තු ද ඉහළ යන බව ය. |
2018-09-20T11:12:29.000Z | එක්නැලිගොඩ පැහැර ගැනීම :ලුතිනන් කර්නල් එරන්ද පිරිස් CID අත්අඩංගුවට | ලුතිනන් කර්නල් එරන්ද පිරිස් CID අත්අඩංගුවට | COLOMBO (News 1st) : මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුධ හමුදා ලුතිනන් කර්නල් එරන්ද පිරිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ අද පස්වරුවේ ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුවයි. අත්අඩංගුවට ගත් ලුතිනන් කර්නල්වරයා හෙට හෝමගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, 2009 අගොස්තු 08 වනදා එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් දිනකට පසු මුදා හැරීම සහ 2010 වසරේ ජනවාරි මස 24 වනදා එක්නැලිගොඩ මහතා නැවත වරක් පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම යන චෝදනා යටතේ ලුතිනන් කර්නල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි. |
2018-09-20T10:45:32.000Z | රුපියලේ අගය තවදුරටත් පහළ යයි | රුපියලේ අගය තවදුරටත් පහළ යයි | COLOMBO (News 1st) : ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වන රුපියලේ අගය අද තවදුරටත් පහළ ගියේ ය. ඒ අනුව අමෙරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 168 ශත 63ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල 168 ශත 63 ක් ලෙසත් ගැණුම් මිල 165 ශත 5 ලෙසත් සටහන්ව තිබිණ. මේ අතර ශ්‍රී ලංකාවේ විනියමය අනුපාතය මත ඇතිවී තිබෙන පීඩනය ලිහිල් කිරීම සඳහා ඊයේ රාත්‍රි සිට ක්රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යංශය විසින් රථවාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී 100%ක ආන්තික තැන්පතුව අනිවාර්ය කිරීමට පියවරගත් බව මුදල් අමාත්‍යංශ පවසයි. ණයවර ලිපි විවෘත කිරීම සඳහා අව්‍යශ මුදල් ආනයනකරුවන් වෙත කල්බදු ක්‍රමය යටතේ ණය නිකුත් නොකරන ලෙස වාණිජ බැංකු හා මූල්‍ය ආයතන වෙත සීමා පනවා තිබෙන බව එම නිවේදනයේ සඳහන් ය. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙලෙස ආන්තික මුදල් තැම්පතු අවශ්‍යතාව හේතුවෙන් වාහන ආනයන සීමා වීම හරහා විදේශ විනිමය රටින් බැහැරවීම සැළකිය යුතු ලෙස අඩුවනු ඇති බවයි. මුදල් අමාත්‍යංශය එලෙස සඳහන් කළ ද මෙවන් පසුබිමක් තුළ පසුගිය දා රජය විසින් විවිධ පාර්ශවයන් වෙත තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරනු ලැබ තිබේ. |
2018-09-20T07:39:45.000Z | ලෝක බැංකුවෙන් නවතම අනාවරණයක් | ලෝක බැංකුවෙන් නවතම අනාවරණයක් | COLOMBO (News 1st): ඉහළ යන උෂ්ණත්වය හා වෙනස් වන වර්ෂාපතන රටාවන් ශ්‍රී ලංකාවට තර්ජනයක් වන අතර එමගින් දළ දේශීය නිෂ්පාදිතයට හා ජීවන තත්ත්වයට බලපෑම් එල්ල විය හැකි බව ලෝක බැංකුවේ නවතම වාර්තාවක් අනාවරණය කර තිබේ. දකුණු ආසියාවේ දේශගුණ විපර්යාස බලපෑම් උච්ච වන ස්ථාන - උෂ්ණත්වයේ බලපෑම හා ජීවන තත්ත්වයේ ඇතිවිය හැකි වෙනස්කම් නමැති වාර්තාවට අනුව දකුණු ආසියාවේ ජනගහනයෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් මේ වන විටත් දිවි ගෙවන්නේ, අනතුරුදායක ස්ථානවලයි. වසර 2050 වන විට ශ්‍රී ලංකාවේ උතුරු හා වයඹ පළාත් සාමාන්‍ය උෂ්ණත්වයේ වැඩිවීමකට හා වර්ෂාපතනයේ වැඩිවීමකට භාජනය විය හැකි අදාළ වාර්තාව පෙන්වා දෙයි. 2015 පැරිස් ගිවිසුමෙහි නිර්දේශයන්ට අනුව කාබන් විමෝචනය අඩුකිරීමට පියවර ගත්ත ද 2050 වන විට ශ්‍රී ලංකාවෙහි සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.0 සිට 1.5 දක්වා ඉහළ යා හැකි අතර කිසිදු පියවරක් නොගතහොත් එම අගය සෙල්සියස් අංශක දෙකක් දක්වා ඉහළ යා යැකි බව ද වාර්තාවේ සඳහන් ය. එම වාර්තාව සකස් කළ ලෝක බැංකුවෙහි දකුණු ආසියා කලාපයෙහි ප්‍රධාන ආර්ථික විශේෂඥවරයෙකු වන මුතුකුමාර මනී මහතා කියා සිටියේ, කාලගුණ විපර්යාස මගින් ඒක පුද්ගල පරිභෝජන මටිටම පහළ ගොස් දරිද්‍රතාව හා ආදායම් විෂමතා ඉහළ යා හැකි බවයි. දේශගුණික උණුසුම් ස්ථාන හඳුනා ගැනීම මගින් ප්‍රතිපත්ති සම්පාදකයින් හට අදාළ ස්ථාන හා වඩාත්ම පීඩාවට පත් ජනතාව හඳුනා ගැනීමට හැකි වන අතර ඒ සඳහා අවශ්‍ය සම්පත් හා පියවර ගැනීමට ප්‍රමුඛතාව ලබා දීමට උපකාරී වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය. |
2018-09-20T07:28:56.000Z | කුමන අභියෝග හමුවේ වුව රට වෙනුවෙන් කැපවන බව ජනපති කියයි | කුමන අභියෝග හමුවේ වුව රට වෙනුවෙන් කැපවෙනවා - ජනපති | COLOMBO (News 1st) : බලයට පත් සෑම ආණ්ඩුවක්ම තමන්ගේ ආණ්ඩු බලය ආරක්ෂා කර ගැනීමට උතුරු නැගෙනහිර මහජන නියෝජිතයින් භාවිත කළා මිස, එම ජනතාවගේ ආර්ථික හා සංවර්ධන ගැටලු විසඳීමට හැකි දේශපාලන නියෝජනයක් සඳහා පසුබිම නිර්මාණය කර නොදුන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ උතුරු නැගෙනහිර ජන වාර්ගික ගැටලුව ඇතිවීමට හේතු වූ කරුණු ගණනාවක් අතර නිසි දේශපාලන නායකත්වයක් එම පළාත් තුළින් නියෝජනය නොවීම ද ප්‍රධාන හේතුවක් බවයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුළුල් සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් ආරම්භ කළ - සිරිසර පිවිසුම -සංවර්ධන වැඩ සටහන යටතේ නිම කෙරුණු තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් අද ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ය. කිසියම් දිස්ත්‍රික්කයක සංවර්ධනය කරා යන ගමනේදී එම දිස්ත්‍රික්කයේ එක් කැබිනට් අමාත්‍ය ධුරයක්වත් නියෝජනය විය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ රට කැඩෙන්නේ නැති සහ බෙදෙන්නේ නැති බලය බෙදීමක් පිළිබඳ සංකල්පය යථාවත් වන්නේ එවන් අවස්ථාවලදී බවයි. කුමන අභියෝග පැමිණිය ද රටේ හෙට දවස වෙනුවෙන් කැප වන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ ය. |
2018-09-20T07:19:58.000Z | මොන බණ කිව්වත් ඇමති ක්‍රිකට් නිලවරණය කල් දාන්නෙ හිතා මතා | ''ඇමති ක්‍රිකට් නිලවරණය කල් දාන්නෙ හිතා මතාමයි'' | COLOMBO (News 1st) : පනත වෙනස් කරන බව පවසමින් ක්‍රීඩා අමාත්‍යවරයා බොරුවෙන් හා වංචාවෙන් ක්‍රිකට් නිලවරණය කල් දමන බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන එස්.බී. දිසානායක මහතා චෝදනා කරයි. හිටපු අමාත්‍යවරයා මෙම චෝදනාව එල්ල කළේ, අද පස්වරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. |
2018-09-20T07:03:49.000Z | ආන්දෝලනාත්මක සිංගප්පූරු ගිවිසුම පිටුපස ත් අර්ජුණ මහේන්ද්‍රන්...! | සිංගප්පූරු ගිවිසුම පිටුපස ත් අර්ජුණ මහේන්ද්‍රන්... | COLOMBO (News 1st) : ආන්දෝලනයට තුඩු දී තිබෙන සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිටුපස ත් අර්ජුණ මහේන්ද්‍රන් සිටින බව අද අනාවරණය විය. වෘත්තිය සංවිධාන ගණනාවක් ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සමග පැවති සාකච්ඡාවකදී කළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම කරුණු අනාවරණය විය. https://www.youtube.com/watch?v=yik7o8JPl2Y |
2018-09-20T06:25:17.000Z | මන්ත්‍රී ගම්මන්පිලට විදේශගතවීමට අවසර ලැබෙයි | මන්ත්‍රී ගම්මන්පිලට විදේශගතවීමට අවසර ලැබෙයි | COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට ලබන මස 5 වන දා සිට 20 වන දා දක්වා විදේශගතවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා අද අවසර දුන්නේ ය. ඒ, අදාළ කාලය තුළදී බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ රැස්වීම් මාලාවකට සහභාගීවීමට නියමිත බව පෙන්වා දෙමින් කළ කරුණු දැක්වීම සලකා බලමිනි. මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ, රුපියල් ලක්ෂ 10 ඇප බැඳුම්කරණයක් මත මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහරින ලෙසයි. නඩුවේ වැඩිදුර විභාගය ලබන මස 21 වන දා යළි කැඳවීමට නියමිත වේ. |
2018-09-20T05:52:33.000Z | ගම්මැද්ද වැවෙන් වැවට වාර්තාව එළිදකී | ගම්මැද්ද වැවෙන් වැවට වාර්තාව එළිදකී | COLOMBO (News 1st) : ගම්මැද්ද වැවෙන් වැවට වාර්තාව එළි දැක්වීමේ උත්සවය පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී මේ වන විට පැවැත් වේ. මෙම වාර්තාව සකස් කරනු ලැබුවේ, ගම්මැද්ද කණ්ඩායම සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂ පර්යේෂණ කණ්ඩායමක් විසිනි. ශ්‍රී ලාංකේය වාරි තාක්ෂණයේ අභිමානවත් උරුමය සොයා යමින් ගම්මැද්ද වැවෙන් වැවට ගවේෂණය ඇරඹුණේ පසුගිය වසරේ දෙසැම්බරයේදීයි. එහි දෙවැනි අදියර මේ වසරේ ජනවාරි මාසයේදී ක්‍රියාත්මක කෙරුණු අතර සමීක්ෂණ වාර්තාව සැකසීම ඉන්පසු ඇරඹිණ. එල්ලංගා පද්ධතියට අයත් වැව් සහ ජලවහන රටා සිතියම්ගත කිරීම මෙහි විශේෂ අවස්ථාවකි. මෙහිදී අධ්‍යයනයට ලක් කෙරුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි බෙල්ලන්කඩවල එල්ලංගා පද්ධතියයි. එම අධ්‍යයනය අතරතුර ශ්‍රී ලංකාවේ එල්ලංගා පද්ධතිය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝව පියවර ගැනීම විශේෂ සිද්ධියකි. ගම්මැද්ද වැවෙන් වැවට වෙබ් අඩවිය මේ උත්සවයේදී එළිදැක්වුණු අතර මේ වෙනුවෙන් නිර්මාණය කෙරුණු ගීතය ද එළිදැක්විණ. https://www.youtube.com/watch?v=jT6POcVGCt8 |
2018-09-20T05:22:29.000Z | ආන්දෝලනයකට තුඩු දුන් MTD වෝකර්ස් සමාගමේ කොටස් වෙළදපොළ ගනුදෙනු අත්හිටුවයි | MTD වෝකර්ස්හි කොටස් වෙළදපොළ ගනුදෙනු අත්හිටුවයි | COLOMBO (News 1st) : පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට ලක් වූ MTD වෝකර්ස් සමාගමේ කොටස් වෙළදපොළ ගනුදෙනු අත්හිටුවා ඇතැයි, කොළඹ කොටස් වෙළදපොළ පවසයි. එහි නිල වෙබ් අඩවියේ අද පස්වරු 3.37ට ප්‍රසිද්ධියට පත් කළ නිවේදනවල දැක්වෙන්නේ එම සමාගමේ ගනුදෙනු අත්හිටුවා ඇති බවයි. මේ අතර ණයකර නිකතුවක් සම්බන්ධයෙන් MTD වෝකර්ස් සමාගමෙන් කරුණු විමසීමක් සිදු කර ඇති අතර තවමත් ඊට පිළිතුරක් නොලැබීම නිසා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි කොටස් වෙළදපොළ ආරංචි මාර්ග පැවසී ය. මහජන බැංකුවේ අධ්‍යක්ෂ ධුරයක් දරමින් මෙම සමාගමට බිලියන ගණනින් ණය ලබාගත් බවට එහි විධායක උප සභාපති ජෙහාන් අමරතුංග නමැත්තාට පසුගිය දිනවල චෝදනා එල්ල විය. |
2018-09-20T03:18:39.000Z | රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙයි | රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙයි | අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියලේ අගය අද දින වාර්තාගත අයුරින් තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 168.63 ක් ලෙසිනි. ඊට සාපේක්ෂව බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක් රුපියල් 222.98 ක මිලට අළෙවි කෙරේ. යුරෝ එකක් අළෙවි කෙරෙන්නේ රුපියල් 198.32 ක මිලකටයි. |
2018-09-20T01:17:20.000Z | හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ | හැටන් - කොළඹ මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ | COLOMBO (News 1st) - හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල, කුයිල්වත්ත ප්‍රදේශයේ ගිලා බැසීමට ලක්වී ඇති මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. පැවති අධික වර්ෂාවත් සමග එම මාර්ගයේ විශාල කොටසක් ගිලා බැසීම හේතුවෙන් එම ස්ථානයේ රථ වාහන ගමනාගමනය එක මංතීරුවකට පමණක් සීමා කෙරිණි. නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය විසින් ගිලා බැසීමට ලක් වූ කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ විට ආරම්භ කර ඇත. නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙකු කියා සිටියේ, එම ප්‍රතිසංස්කරණ කටයුතු දින කිහිපයක් තුළ සිදු කර එම මාර්ගයේ මංතීරු දෙකේම රථ වාහන ගමනාගමනය සඳහා විවෘත කරන බවයි. |
2018-09-20T00:49:35.000Z | සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ගැන මලික් සමරවික්‍රමගෙන් හෙළිදරව්වක් | සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ගැන මලික්ගෙන් හෙළිදරව්වක් | COLOMBO (News 1st) - සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ කිසිදු වැඩපිළිවෙළක් නොතිබුණු බව ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පිළිගෙන ඇත. ඒ, වෘත්තිය සංවිධාන ගණනාවක් මේ පිළිබඳ අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී කළ ප්‍රශ්න කිරීම් හමුවේයි. සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම පිළිබඳ ඇත්ත දැන් හෙළිව තිබේ. ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් අද රාත්‍රි 7.00 නිව්ස්ෆස්ට් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න... |
2018-09-19T22:11:45.000Z | එක්දින ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහි තරගය කඩුලු 8 කින් ඉන්දියාව ජයගනී | පකිස්ථානය පැරදු ඉන්දියාවට ජය | ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහි තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඩුබායිහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 43 යි එක් පන්දුවක් අවසානයේදී ලකුණු 162 කට දැවී ගියේ ය. ඔවුන්ගේ මුල් පෙළ කඩුලු 2 ලකුණු 3 කදී බිඳ වැටීමෙන් අනතුරුව බාබර් අසාම් සහ ෂොහීබ් මලීක් අතර තුන්වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 82 කි. අසාම් ලකුණු 47ක් රැස් කළේ ය. ශොහීබ් මලීක් ලකුණු 43 යි. ඉන්දීය කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම අබියස පකිස්ථාන පිතිකරුවන් සත්දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වූයේ නැත. බුවනේස්වර් කුමාර් ලකුණු 15 ට කඩුලු 3 යි. කේදර් ජාදෙව් ලකුණු 23 ට කඩුලු 3ක් දවා ගත්තේ ය. ඉන්දීය පිළිතුරු ඉනිම ආරම්භ කළේ, නායක රෝහිත් ශර්මා සහ ශිකර් ධවාන් ය. ශර්මා අර්ධ ශතකයක් වාර්තා කළේ ය. ධවාන් ලකුණු 46 යි. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 86 කි. අනතුරුව පිටියේ ස්ථාවර වූ අම්බටි රයිදු සහ දිනේෂ් කාර්තික් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය. ඉන්දීය කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 29කදී කඩුලු 2ක් දැවී සිටියදීයි. තරගයේ වීරයා ඉන්දියාවේ බුවනේස්වර් කුමාර් වේ. |
2018-09-19T20:37:03.000Z | ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාවේ අද විශේෂ රැස්වීමක් | ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාවේ අද විශේෂ රැස්වීමක් | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද පැවැත්වීමට නියමිත වේ. පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ, පක්ෂ සභාපති ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන බවයි. අද පස්වරු 6.00 ට මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-09-19T20:30:28.000Z | උ.කොරියාව සමග යළි සාකච්ඡා ඇරඹීමට අමෙරිකාව සූදානම් | උ.කොරියාව සමග යළි සාකච්ඡා ඇරඹීමට අමෙරිකාව සූදානම් | උතුරු කොරියාව සමග යළි සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව අමෙරිකාව පවසයි. ඒ, උතුරු සහ දකුණු කොරියාව අතර න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් නව ගිවිසුමකට අත්සන් තබා පැය 24 ක් ගතවීමට පෙරාතුවය. ලබන සතියේ නිව්යෝක් නුවරදී තමා හමුවන්නැයි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ උතුරු කොරියානු විදේශ අමාත්‍ය රී යොන්ග් හෝට ඇරයුම් කර තිබුණි. ඊට අමතරව සිය නියෝජිතයින් සමග ඕස්ට්‍රේලියාවේ වියානා නුවරදී දෙවැනි සාකච්ඡා වටයක් සඳහා පැමිණෙන්නැයි ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා උතුරු කොරියාවට ඇරයුම් කර තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ග් අතර ඓතිහාසික හමුව පැවැත්වූයේ පසුගිය ජූනි මස 12 වන දාය. |
2018-09-19T19:40:35.000Z | මෙරට පළමු කොන්ක්‍රීට් අලි වැට ගොමරන්කඩවලදී ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට | මෙරට පළමු කොන්ක්‍රීට් අලි වැට අද ජනතා අයිතියට | COLOMBO (News 1st) - ගස් කඳන් වෙනුවට කොන්ක්‍රීට් කණු යොදා මෙරට ප්‍රථම වරට සකස් කළ ත්‍රිකුණාමලය, ගොමරන්කඩවල අලි වැට අද විවෘත කිරීමට නියමිත වේ. ඒ, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. කිලෝමීටර් 30 ක් දිග මෙම අලි වැට ඉදි කර ඇත්තේ යුද හමුදාවේ ද ශ්‍රම දායකත්වයෙනි. මේ අතර සිරිසර පිවිසුම වැඩසටහන යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අද ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ. ප්‍රතිසංස්කරණය කළ ගෝමරන්කඩවල බක්මීවැව ද අද ජනතා අයිතියට පත් කිරීමට නියමිත ය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, දිස්ත්‍රික්කයේ එල්ලංගා වැව් 500 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් මේ වනවිට ක්‍රියාත්මක බවයි. මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ දුෂ්කර පාසල්වල ගුරු නිවාස 100 ක් ද මේ වනවිට ආරම්භ කර තිබේ. |
2018-09-19T19:18:55.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | විදෙස් පුවත් 1. කාන්තා සනීපාරක්ෂක තුවාවලට පැනවූ බද්ද ඉවතට: කාන්තා සනීපාරක්ෂක තුවා සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා පනවා තිබූ 40% ක සෙස් බද්ද ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. 2. මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්: බුදු සසුන සුරක්ෂිත කිරීම උදෙසා ක්‍රියා මාර්ග ගන්නැයි ඉල්ලමින් යෝජනා මාලාවක් සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි පාර්ශවයන්හි මහ නාහිමිවරුන් ජනාධිපතිතුමාට සංදේශයක් යොමුකර තිබේ. 3. ‘සීනි මිල වැඩි කිරීමට අවසර දෙන්නෙ නැහැ’ – මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්: ඊයේ සිට සීනි මත නව බදු පැන වුව ද සීනිවල මිල වැඩි කිරීමට අවසර ලබා නොදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කෙසේ වෙතත් බදු පැනවීම හේතුවක් කර ගනිමින් සීනි අනායනකරුවන් හෝ බෙදා හරින්නන් සීනිවල සිල්ලර මිල ඉහළ දමන්නේ නම්, පාරිභෝගික පනත යටතේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද රජය අවධාරණය කර සිටියි. 4. නි. පොලිස්පති නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යවන්නැයි නිර්දේශ: නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යවන්නැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය නිර්දේශ කර තිබේ. අමාත්‍යංශය සඳහන් කළේ, අදාළ නිර්දේශ ජාතික පොලිස් කොමිසමට යොමු කළ බවයි. 5. හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට: අද සිට ක්රියාත්මක වන පරිදි බස් ගාස්තු 4% කින් ඉහළ දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අවම ගාස්තුව වන රුපියල් 12 හි කිසිදු වෙනසක් සිදු නොවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. විදෙස් පුවත් 6. ටෙන්ඩර් කැඳවීමකින් තොරව මාලදිවයින් දූපත් 50ක් බදු දී ඇති බවට හෙළිවෙයි: මාලදිවයින් රජයේ දූෂණ සහ අක්‍රමිකතා රැසක් නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ. එම වාර්තාවට අනුව සංචාරක කර්මාන්තයේ නිරත ආයතන සඳහා මහජන ටෙන්ඩර් කැඳවීමෙන් තොරව මාලදිවයින් දූපත් 50 ක් බදු දීමට රජය අවස්ථා ගණනකදී පියවර ගෙන ඇති බව සඳහන් ය. එවැනි බදු දීමේ ගිවිසුම් 50කින් 24ක්ම සිදු ව ඇත්තේ මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ අනුමැතිය සහිතවයි. ක්‍රීඩා පුවත් 7. තියුණු තරගයකින් පසු ඉන්දියාව ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් සිව්දෙනාගේ වටයට: තියුණු තරගයකින් පසුව 2018 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් සිව්දෙනාගේ තරග වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ, හොං කොං කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 26 කින් ජය ගනිමිනි. |
2018-09-19T11:09:56.000Z | කාන්තා සනීපාරක්ෂක තුවාවලට පැනවූ බද්ද ඉවතට | කාන්තා සනීපාරක්ෂක තුවාවලට පැනවූ බද්ද ඉවතට | COLOMBO (News 1st) : කාන්තා සනීපාරක්ෂක තුවා සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා පනවා තිබූ 40% ක සෙස් බද්ද ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, අද පස්වරුවේ මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹි බවයි. එම තීරණය හෙට ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ද මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය. දැනට කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා අය කෙරෙන සමස්ත බදු ප්‍රමාණය 102%කි. |
2018-09-19T10:06:37.000Z | මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් | මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් | COLOMBO(News 1st): බුදු සසුන සුරක්ෂිත කිරීම උදෙසා ක්‍රියා මාර්ග ගන්නැයි ඉල්ලමින් යෝජනා මාලාවක් සියම් මහා නිකායේ මල්වතු අස්ගිරි පාර්ශ්වයන්හි මහ නාහිමිවරුන් ජනාධිපතිතුමාට සංදේශයක් යොමුකර තිබේ. මහ නාහිමිවරුන් මේ සංදේශයේ සිහිපත් කර සිටින්නේ වර්තමානයේ ගිහි පැවිදි කිහිපදෙනෙකු විසින් සංවිධානාත්මකව සූක්ෂමව ධර්ම විනයට පටහැනි ශාසන විරෝධී ක්‍රියාකාරකම් රාශියක් සිදුකරගෙන යන බවයි. එම පිරිස් ත්‍රිපිටික සූත්‍ර ධර්මවලට හා වචනවලට අත්තනෝමතික ලෙස විකෘති අර්තකතන ඉදිරිපත් කරමින් බුද්ධ ධර්මය ද, දිවයිනේ නොයෙකුත් ස්ථාන නාමයන්ට පදනම් විරහිත කරුණු හා අදහස් බද්ධ කොට බුද්ධ චරිතය හා ශාසන ඉතිහාසය වෙනස් කරමින් ද, මිත්‍යා සංකල්ප හා දෘෂ්ටිවාද බෞද්ධ සමාජය පුරා පතුරවමින් සිටින බව එහි සඳහන් ය. මහනාහිමියන් පෙන්වා දෙන්නේ අරහත්වය , සෝතාපන්න භාවය වැනි උත්තරීමනුස්ස ධම්ම තමන් තුළ ඇතැයි, අදාළ පිරිස් පැවසීම භික්ෂූත්වය අහිමි වන පාරාජිකාවක් බවයි. තත්ත්වය සැලකිල්ලට ගෙන මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය කාරක සංඝ සභික නායක ස්වාමීන්වහන්සේලා සහ විද්‍යෝදය විද්‍යාලංකාර පරිවේනාධිපති නායක භික්ෂු වහන්සේ සහ ධර්මධර භික්ෂූන් වහන්සේ රැස්ව රජයේ මෙන්ම බෞද්ධ ජනතාවගේ අවධානයට යොමුකරවීමට ගනු ලැබූ තීරණ 6 ක් මහනාහිමියන් ජනාධිපතිවරයාට දන්වා තිබේ. |
2018-09-19T07:15:21.000Z | කරාඩුගල ජල ගැටලුවටත් ගම්මැද්දෙන් විසඳුම් | කරාඩුගල ජල ගැටලුවටත් ගම්මැද්දෙන් විසඳුම් | COLOMBO (News 1st) : දීර්ඝ කාලයක සිට ජල අර්බුදයකට මුහුණ පා සිටින බිබිල, කරාඩුගල අතරගල්ලෑව ගම්මානයේ ජනතාව වෙනුවෙන් පානීය ජල ව්‍යාපෘතියක් සඳහා අද මුල්ගල් තැබිණ. ඒ ගම්මැද්ද වැඩ 1000ක් ව්‍යාපෘතිය යටතේයි. ජල පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම ගම්මානයේ ජනතාව දැඩි පීඩාවට පත්ව සිටියේ ය. මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය ලබා දෙන්නේ මීගමුව ධීවර සංස්ථා විධායක නිලධාරීන්ගේ සුබ සාධක සංගමයයි. |
2018-09-19T07:00:57.000Z | 'සීනි මිල වැඩි කිරීමට අවසර දෙන්නෙ නැහැ' - මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක් | 'සීනි මිල වැඩි කිරීමට අවසර දෙන්නෙ නැහැ' | COLOMBO (News 1st) : ඊයේ සිට සීනි මත පැනවූ නව බදු පැන වුව ද සීනිවල මිල වැඩි කිරීමට අවසර ලබා නොදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මුදල් අමාත්‍යාංශය අද නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ඊයේ සිට ක්‍රියාත්මක නව බදු සංශෝධන යටතේ සීනි කිලෝග්‍රැමයක් සඳහා රුපියල් 42 ක බද්දක් අය කරන බවයි. නමුත්, නව බදු පැනවීමෙන් පසුව වුව ද සීනි ආනයනකරුවන්ට ඉන් අවාසියක් සිදු නොවන බව මුදල් අමාත්‍යංශය පෙන්වා දෙයි. කෙසේ වෙතත් බදු පැනවීම හේතුවක් කර ගනිමින් සීනි අනායනකරුවන් හෝ බෙදා හරින්නන් සිනිවල සිල්ලර මිල ඉහළ දමන්නේ නම්, පාරිභෝගික පනත යටතේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද රජය අවධාරණය කර සිටියි. සීනි සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කර තිබුණ ද අවශ්‍යතාවක් වුව හොත් එම උපරිම සිල්ලර යළි පැනවීමට ක්‍රියා කරන බව ද මුදල් අමාත්‍යංශය නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. කෙසේ වෙතත් සීනි ආනයනයකරුවන්ගේ සංගමයේ උප සභාපති හේමක ප්‍රනාන්දු මහතා සඳහන් කළේ රේගු බදු ඉහළයාම හේතුවෙන් වහා ම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 15 කින් සීනි කිලෝග්‍රෑම් 1ක තොග ඉහළ දමන බවයි. ඒ අනුව සීනි කිලෝග්‍රෑම් 1ක නව තොග මිල රුපියල් 105 ක් බව ඔහු සඳහන් කළේ ය. |
2018-09-19T05:06:00.000Z | සීනි මිල ත් ඉහළ යයි | සීනි මිල ත් ඉහළ යයි | COLOMBO (News 1st) : වහා ම ක්‍රියාත්මක වන පරිදි සීනි කිලෝ ග්‍රෑම් එකක තොග මිල රුපියල් 15 කින් ඉහළ දමා තිබේ. සීනි ආනයනයකරුවන්ගේ සංගමයේ උප සභාපති හේමක ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, රේගු බදු ඉහළ යාම හේතුවෙන් මෙම වැඩි කිරීම සිදුව ඇති බවයි. ඒ අනුව සීනි කිලෝග්‍රෑම් එකක තොග මිල රුපියල් 105කි. |
2018-09-19T04:11:19.000Z | නි. පොලිස්පති නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යවන්නැයි, නිර්දේශ | නි. පොලිස්පති නාලක ද සිල්වාට අනිවාර්ය නිවාඩු | COLOMBO (News 1st) : නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අනිවාර්ය නිවාඩු යවන්නැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය නිර්දේශ කර තිබේ. අමාත්‍යංශය සඳහන් කළේ, අදාළ නිර්දේශ ජාතික පොලිස් කොමිසමට යොමු කළ බවයි. මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමෙන් News1st විමසීමක් කළේ ය. එහි උසස් නිලධාරියෙකු සදඳහන් කළේ, කොමිසම හෙට රැස් වී අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවසන් තිරණයක් ගන්නා බවයි. |
2018-09-19T01:45:14.000Z | හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට | හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට | COLOMBO (News 1st) - හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්රියාත්මක වන පරිදි බස් ගාස්තු 4%කින් ඉහළ දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. බස් සංගම් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා මීට ටික වේලාවකට පෙර මාධ්‍ය හමුවේ සඳහන් කළේ ය. අවම ගාස්තුව වන රුපියල් 12හි කිසිදු වෙනසක් සිදු නොවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=Gb1TC5plhtg |
2018-09-19T00:55:38.000Z | අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් උපවාසයක් අරඹති | අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් උපවාසයක | COLOMBO (News 1st) - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසක් ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, රැඳවියන් 08 දෙනෙකු උපවාසයට එක්ව සිටින බව ය. තමන්ට එරෙහිව නඩු කටයුතු කඩනමින් කරන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔවුන්ගේ ඉල්ලීම් අධිකරණ අමාත්‍යංශයට යොමු කර ඇති බව ය. |
2018-09-19T00:34:50.000Z | බලංගොඩදී ලොරියක් පෙරළීමෙන් දෙදෙනෙකු මරුට | බලංගොඩදී ලොරියක් පෙරළීමෙන් දෙදෙනෙකු මරුට | COLOMBO (News 1st) - බලංගොඩ ශෛලතලාරාමය අතුරු මාර්ගයේදී ලොරියක් පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, ලොරිය කඳු සහිත ප්‍රදේශයක ගමන් කිරීමේදි රියැදුරු පාලනයෙන් මිදී එය පසු පසට ධාවනය වී ඇති බව ය. එහිදී ලොරිය නැවැත්වීමට රෝදවලට ආධාරක තැබීමට යාමේදි එය පෙරළී මෙම අනතුර සිදුව තිබේ. මිය ගොස් ඇත්තේ 57 හා 38 හැවිරිදි බලන්ගොඩ කිරිදිගල හා මුගුණමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. තුවල ලැබූ පුද්ගලයින් දෙදෙනා බලංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබති. |
2018-09-19T00:17:52.000Z | ගාමිණි සෙනරත්ට එරෙහි නඩුව ලබන මස 29 සිට අඛණ්ඩව විභාග කිරීමට තීරණය කෙරේ | ගාමිණි සෙනරත්ට එරෙහි නඩුව ලබන මස 29 සිට අඛණ්ඩව | COLOMBO (News 1st) - ලිට්ට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් අවභාවිත කිරීම ඇතුළු අධි චෝදනා 24ක් යටතේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන මස 29 වන දා සිට දිනපතා විභාගයට ගැනීමට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේ ය. විනිසුරු මඩුල්ල තීරණය කළේ, එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කොට ඇති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, නීතිඥ රුවන් ධර්මවර්ධන ඇතුළු පැමැණිල්ලේ සාක්ෂිකරුවන් සිව් දෙනෙකුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට ය. එම නඩුව ලබන 28 වන දා යළි කැඳවීමට ද අධිකරණය එහිදී නියෝග කළේ ය. |
2018-09-18T21:41:09.000Z | ටෙන්ඩර් කැඳවීමකින් තොරව මාලදිවයින් දූපත් 50ක් බදු දී ඇති බවට හෙළිවෙයි | මාලදිවයින් රජයේ දූෂණ සහ අක්‍රමිකතා රැසක් හෙළි වෙයි | (News 1st) - මාලදිවයින් රජයේ දූෂණ සහ අක්‍රමිකතා රැසක් නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ. ඒ, ලබන ඉරිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් දෙවන වරටත් ධූරය සඳහා තේරීපත් වීමට ජනාධිපති අබ්දුල්ලා යමීන් සූදානම් වන පසුබිමකදී ය. එම වාර්තාවට අනුව සංචාරක කර්මාන්තයේ නිරත ආයතන සඳහා මහජන ටෙන්ඩර් කැඳවීමෙන් තොරව මාලදිවයින් දූපත් 50ක් බදු දීමට රජය අවස්ථා ගණනකදී පියවර ගෙන ඇති බව සඳහන් ය. එවැනි බදු දීමේ ගිවිසුම් 50කින් 24ක්ම සිදුව ඇත්තේ මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ අනුමැතිය සහිතව ය. මාලදිවයින් විගණකාධිපතිවරයා පවසන්නේ, විශාල වට්ටම් සහිතව සිදු කෙරුණු මෙම බදු දීම් නීති විරෝධී බව ය. ඉන් එක ගිවිසුමකට ජනාධිපතිවරයා සෘජුවම සම්බන්ධ වී ඇති බව ද හෙළි කෙරිණි. සිංගප්පූරුවේ ප්‍රකෝටිපති හෝටල් හිමිකරුවෙකු වන ඔන්ග් බෙන්ග් සෙන්ග් මාලදිවයින් දූපත්වල සිය හෝටල් ඉදිකිරීමට අවසර දීම වෙනුවෙන් මාලදිවයින් ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයාට අධිසුඛෝපභෝගී හෝටල් කාමර පිරිනැමූ බව ද එම වාර්තාවේ සඳහන් ය. මාලදිවයින් ජනාධිපතිවරයාට එරෙහි දූෂණ චෝදනා එල්ල වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර මීට පෙර අවස්ථාවකදී විවිධ පාර්ශවයන්ගෙන් ලද මුදල් භාර ගත් බව ද ඔහු පිළිගත්තේ ය. |
2018-09-18T20:19:52.000Z | තියුණු තරගයකින් පසු ඉන්දියාව ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් සිව් දෙනාගේ වටයට | හොං කොං කණ්ඩායමට එරෙහිව ඉන්දියාවට ජය | (News 1st) - තියුණු තරගයකින් පසුව 2018 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් සිව් දෙනාගේ තරග වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ, හොං කොං කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 26කින් ජය ගනිමිනි. කෙසේ වෙතත් මෙම තරගයේදී තවමත් ජාත්‍යන්තර එක්දින වරම් ලබා නොමැති හොං කොං කණ්ඩායමේ දක්ෂතා කැපී පෙනිණි. තරගය ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසියේ වාසියේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛයාව 285කි. ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා ලකුණු 23ක් රැස් කළ අතර දිගු කලකට පසුව ඉන්දීය එක්දින සංචිතය නියෝජනය කළ අම්බටි රයිදු සිය 7 වන එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 60ක් රැස් කළේ ය. ආරම්භක පිතිකරු ශිකර් ධාවාන් සිය එක්දින දිවියේ 14 වන ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 127කි. ඔහුගේ ඉනිමට හතරේ පහර 15ක් හා හයේ පහර 2ක් ඇතුළත් ය. නොදැවී කඩුල්ලේ රැඳී සිටි කේදාර් ජාදෙව් ලකුණු 28යි. පන්දු යැවීමේදී කින්ඡිට් ශා කඩුලු 3ක් දවා ගත් අතර එශන් ඛාන් කඩුළු 2ක් දාවා ගත්තේ ය. අනතුරුව ලකුණු 286ක දැවැන්ත ඉලක්කයක් සඳහා හොං කොං ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ නායක අනුශ්මන් රත් හා නිසාකට් ඛාන් ය. ඉන්දීය පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහර දුන් ඔවුන් දෙදෙනා හොං කොං ඉනිමේ පළමු කඩුල්ල සඳහා ගොඩනැගූ සබඳතාව ලකුණු 174කි. එය වාර්තා අතරට එක් වන්නේ, හොං කොං පිතිකරුවන් දෙදෙනෙකු පළමු කඩුල්ල සඳහා ගොඩනැගූ ඉහළ ම ලකුණු සබඳතාව හා ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගූ ඉහළ ම ලකුණු සබඳතාව ලෙස යි. 7 වන එක්දින අර්ධ ශතකය වාර්තා කළ නායක අනුශ්මන් රත් ලකුණු 73ක් රැස් කළේ ය. ආරම්භක පිතිකරු නිසාකට් ඛාන් ලකුණු 92ක් රැස් කළේ සිය 3 වන එක්දින අර්ධ ශතකය වාර්තා කරමිනි. කෙසේ වෙතත් හොං කොං ආරම්භක පිතිකරුවන් යුගලය සාර්ථක ආරම්භයක් ලබා දුන්න ද සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට හැකියාවක් නොලැබිණි. එශන් ඛාන් ලකුණු 22ක් රැස් කළ අතර කින්ශිට් ශා ලකුණු 17යි. තරගයේ ජයග්‍රහණය සිය කණ්ඩායමෙන් ගිලිහී තිබූ මොහොතක ක්‍රියාත්මක වූ කලීල් අහමඩ් සිය මංගල එක්දින තරගයට ඊයේ සහභාගී වූ අතර ඔහු දවා ගත් කඩුලු සංඛ්‍යාව 3කි. යුස්වේන්ද්‍රර් චහාල් කඩුලු 3ක් දවා ගත් අතර කුල්දීප් යාදේව කඩුලු 2යි. |
2018-09-18T19:59:09.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. පලාලි ගුවන්තොටුපොළ ඉන්දියාවට ලබා නොදෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය. 2. පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට ඉන්දීය ගුවන් සේවා අධිකාරිය සූදානම් වන බව ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත ඊයේ වාර්තා කළේ ය. 3. ගෑස් මිල ඉහළ දැමීමටත් කිරිපිටි මිල පහළ දැමීමටත් ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ. 4. පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ක්රියාත්මක වන පරිදි සීනි කිලෝවක් සඳහා පනවා තිබූ ආනයනික බදු රුපියල් 18කින් ඉහළ දමා තිබේ. 5. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියලේ අගය ඊයේ දින වාර්තාගත අයුරින් අවප්‍රමාණය වී තිබේ. විදෙස් පුවත් 6. අමෙරිකාව චීනයෙන් ආනයනය කරන ඩොලර් බිලියන 200 ක වටිනාකමින් යුත් භාණ්ඩ සඳහා නව බදු පනවා තිබේ. ක්‍රීඩා පුවත් 7. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයැද සිටියි. |
2018-09-18T19:47:09.000Z | අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ දැමූ නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය පියවර | තිරිඟු පිටි මිල ඉහළ දැමූ නිෂ්පාදකයින්ට වැඩ වරදියි | COLOMBO (News 1st) - තම අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල රුපියල් 5කින් වැඩි කිරීමට පියවර ගත් තිරිඟු පිටි නිෂ්පාදකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 87ක් බව ය. එම මිල ඉක්මවා තිරිඟු පිටි අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ද එම නිවේදනයේ සඳහන් ය. පසුගිය මස 31 වන දා රාත්‍රියේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම පියවර ගත්තේ ය. ඔවුන් පැවසුවේ, බදු සංශෝධන හා රුපියලේ අගය පහළ යාම මිළ ඉහළ දැමීමට හේතු වූ බව ය. |
2018-09-18T19:34:30.000Z | බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් අද තීරණාත්මක සාකච්ඡාවක් | බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් අද සාකච්ඡාවක් | COLOMBO (News 1st) - ඩීසල් මිල ඉහළ දැමීමත් සමග බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද පැවැත්වේ. ඒ, ප්‍රවාහන අමාත්‍යවරයා හා පෞද්ගලික බස් සංගම් අතර ය. ප්‍රවාහන අමාත්‍යංශයේදී අද පෙරවරු 10.00 ට ආරම්භ වන සාකච්ඡාවේදී බස් ගාස්තු වැඩි කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ. පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, සාකච්ඡාවේදී දැනට අකර්මන්‍යව පවතින මිල සූත්‍රය යළිත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් කරන බව ය. අවම ගාස්තුව ඉහළ දැමීම ඇතුළු 10%ක බස් ගාස්තු වැඩි වීමක් තමන් අද දිනයේ අපේක්ෂා කරන බව පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ ය. ඉන්ධන මිල සූත්‍රය අනුව මාස දෙකක් ඇතුළත ඩීසල් ලීටරයක මිල රුපියල් 14කින් වැඩි විය. |
2018-09-18T11:16:20.000Z | සීනි සඳහා පනවා තිබූ ආනයනික බදු ඉහළට | සීනි සඳහා පනවා තිබූ ආනයනික බදු ඉහළට | COLOMBO (News 1st) - ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්රියාත්මක වන පරිදි සීනි කිලෝවක් සඳහා පනවා තිබූ ආනයනික බදු රුපියල් 18කින් ඉහළ දමා තිබේ. සීනි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ, අදාළ ගැසට් නිවේදනය මගින් සීනි අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවෙන් ද ඉවත් කර ඇති බව ය. සීනි කිලෝවක් සඳහා ඊයේ මධ්‍යම රාත්‍රිය වන තුරු අය කළ ආනයනික බද්ද රුපියල් 31කි. නමුත් ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ නව අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව ආනයනික බදු රුපියල් 18කින් ඉහළ දමා ඇතැයි සීනි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. මෙම බදු වැඩි වීමත් සමග අද උදෑසන වන විට පිටකොටුව ඇතුළු නාගරික ප්‍රදේශයන්හි සීනි අලෙවි සල්වල තොග මිල සටහන් වූයේ රුපියල් 110ක් ලෙසයි. ඊයේ සීනි කිලෝවක තොග මිල පැවතියේ රුපියල් 90ක් ලෙසයි. |
2018-09-18T11:07:12.000Z | ගෑස් මිල නගී, කිරිපිටි මිල බසී | ගෑස් මිල නගී, කිරිපිටි මිල බසී | COLOMBO (News 1st) - ගෑස් මිල රුපියල් 195කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ. පසුගිය 13 වන දා රැස් වූ ජීවන වියදම් කමිටුව මෙම තීරණය ගෙන ඇත්තේ ගැස් සමාගම් කළ ඉල්ලීම් සලකා බලමිනි. ඒ පිළිබඳව අද පෙරවරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය ද දැනුවත් කිරීමට අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කටයුතු කර තිබේ. එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව තීරණය කළ බව ය. එමෙන් ම කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 25කින් අඩු කිරීමට ද ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ. මේ කරුණු පිළිබඳ අවසන් තීරණය ලබන බ්‍රහස්පතින්දා ගැනීමට නියමිත බව ද ජීවන වියදම් කමිටුව සඳහන් කළේ ය. |
2018-09-18T10:32:18.000Z | එ.ජා.ප.ය ගොඩනගන්න ඉදිරිපත් කළ රුවන් විජේවර්ධන කමිටු වාර්තාවට මොකද වුණේ? | රුවන් විජේවර්ධන කමිටු වාර්තාවට මොකද වුණේ? | COLOMBO (News 1st) - ආණ්ඩු බලය දරමින් සිටියදී එක්සත් ජාතික පක්ෂය පසුගිය පළාත් පාලන මැතිවරණය පරාජයට පත් විය. ඉන් පසු පක්ෂය යළි ජයග්‍රාහී මාවතට ගෙන ඒමට ආදාළ යෝජනා ඉදිරිපත් කිරීමට රුවන් විජේවර්ධන කමිටුව පත් කළේ ය. කමිටුව විසින් අධ්‍යයනය කර ඉදිරිපත් කළ යෝජනාවන්ට අද වන විට සිදුව ඇත්තේ කුමක් ද? මේ ඒ පිළිබඳ විමසා බැලීමක්. සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත වූ රුවන් විජේවර්ධන කමිටුව 2018 මාර්තු මාසයේදී දින 3ක් අරලියගහ මන්දිරයේ රැස්වී වාර්තාව සකස් කොට ලබා දුන් අතර එහිදී පහත යොජනා ඉදිරිපත් කළේ ය. එහි පළමු යෝජනාව වූයේ පක්ෂ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රීයකරණයකට ලක් කළ යුතු බව ය. ඒ සඳහා ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට පසුව පක්ෂ නායකත්වය ඡන්දයකට යොමු කිරීමට ව්‍යවස්ථාව තුළ ඉඩකඩ තිබිය යුතු බව යෝජනා කර තිබේ. පක්ෂයේ සභාපති, මහ ලේකම්, ජාතික සංවිධායක ඇතුළු පක්ෂයේ ප්‍රධාන තනතුරු සියල්ලම වඩා ක්‍රියාශීලී නායකයින්ට ලබා දීම විජේවර්ධන කමිටුවේ තවත් ප්‍රධාන යෝජනාවකි. පක්ෂය තුළ ප්‍රබල ප්‍රතිසංවිධානයක් විය යුතු බවට පවතින ජන මතයට ගරු කරමින් පක්ෂයේ මීළඟ නායකත්වය පත් කිරීම ද යෝජනා කෙරිණි. රට පුරා ගොස් පක්ෂයේ සංවිධාන ගොඩනැගීමට නියෝජ්‍ය නායකතුමාට පක්ෂ ව්‍යවස්ථාවෙන් බලතල පවරා දීම ද තවත් යෝජනාවකි. පක්ෂයේ මහ ලේකම් ධූරය සඳහා පක්ෂයේ ඕනෑම අයෙකුට සෘජුව සම්බන්ධීකරණය විය හැකි පරිදි ඉදිරි මැතිවරණයකදී ජාතික ලැයිස්තුවෙන් පත්වීමේ පදනම මත දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු පත් කිරීමට යෝජනා කෙරිණි. රුවන් විජේවර්ධන කමිටු වාර්තාව තුළ සාධනීය යෝජනා රැසක් තිබුණ ද අවසානයේ සිදු වූයේ පක්ෂ මහ ලේකම් ධූරයට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත්වීම පමණි. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය ව්‍යවස්ථාව යොදා ගනිමින් බලය තහවුරු කර ගන්නා අයුරින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයා සතු බලතල ඩැහැ ගැනීමට ද ක්‍රියා කළේ ය. |
2018-09-18T10:20:03.000Z | මැතිව්ස් ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව අයැදියි | මැතිව්ස් ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව අයැදියි | COLOMBO (News 1st) - ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයැද සිටියි. ඒ, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය හමුවේ ලද දරුණු පරාජයන් හේතුවෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වීම හේතුවෙනි. මෙවර ආසියානු කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම දැක් වූ දුර්වල පිතිකරණ විලාශය බොහෝ දෙනාගේ අවධානයට ලක් විය. පළමු තරගයේදී පළමු කඩුලු 4 ම දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ය. එය එසේ සිදුවිය හැකි ද යන්න පිළිබඳව ක්‍රීඩා ලෝලීන් තුළ ඇත්තේ සැකයකි. එසේම පළමු තරගයේදී දසුන් ශානක සහ දෙවන තරගයේදී ශෙහාන් ජයසූරිය දුවද්දී දැවී ගියේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ කැඳවීම් අනුව වීම ද කැපී පෙනිණි. බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූයේ කෙතරම් අඩු දක්ෂතාවක් දැයි තහවුරු වන්නේ කිසිවෙකුත් ලකණු 50 සීමාව පසු කිරීමට අපහොසත් වීම මත ය. එය ක්‍රීඩකයින්ගේ දුර්වලතාවක් ද නැතිනම් පිතිකරණ පුහුණුකරුගේ උපදෙස් හේතුවෙන් ඇති වූවක් ද යන්න පිළිබඳව ගැටලු මතු කරයි. ඊට හේතුව පිතිකරණ පුහුණුකරු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පිතිකරණ විලාශයන්හි වෙනසක් කර ඇති බවට තොරතුරු වාර්තා වීමයි. මෙම තරග දෙක තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම ද පැවතියේ ඉතාමත් දුර්වල තත්ත්වයක ය. විස්මය දනවන අත හැරුණු උඩ පන්දු ඊට කදිම උදාහරණයි. තේරීම් කමිටුවේ තේරීම් පිළිබඳව විවේචන එල්ල වෙද්දී එහි එකම සාධනීය කරුණ ලෙස දැක්විය හැක්කේ ලසිත් මාලිංග මාධ්‍යයේ දැඩි බලපෑම මත කණ්ඩායමට එක් කිරීම පමණි. ඉකුත් වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 60කට සහභාගී වූ අතර ඉන් තරග 18ක් ජය ගෙන පරාජය වූ තරග ගණන 37කි. 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලි 15කදී ජයගෙන ඇත්තේ තරගාවලි 4ක් පමණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා හා බලධාරීන් සිදු කරනු ලබන පරිපාලනමය දුර්වලතාවයන් හරහා මෙලෙස විනාශ වන්නේ මුළු මහත් රටක් ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවයයි. විෂය භාර අමාත්‍යවරයා මෙන්ම ක්‍රීඩාවේ නිසි බලධරයාද වරප්‍රසාද උදෙසා පමණක් ක්‍රියාත්මක නොවී ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ උන්නතිය වෙනුවෙන් කටයුතු නොකරන්නේ නම් මෙවැනි පරාජයන් ඉදිරියේදීත් අරුමයක් නොවනු ඇති. 2019 ලෝක කුසලානයට වැඩි කල් නොමැත. බලධරයිනි දැන්වත් අවධි වන්න.... |
2018-09-18T09:47:27.000Z | පලාලි ගුවන්තොටුපොළ ඉන්දියාවට දෙන්නේ නැහැ - නිමල් සිරිපාල ද සිල්වා | "පලාලි ගුවන්තොටුපොළ ඉන්දියාවට දෙන්නේ නැහැ" | COLOMBO (News 1st) - පලාලි ගුවන්තොටුපොළ ඉන්දියාවට ලබා නොදෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය. පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට ඉන්දීය ගුවන් සේවා අධිකාරිය සූදානම් වන බවට ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත අද ප්‍රසිද්ධ කළ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. |
2018-09-18T08:51:30.000Z | 20ට සහය දෙන මන්ත්‍රීවරුන්ට මුදල් - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක් | 20ට සහය දෙන මන්ත්‍රීවරුන්ට මුදල් - සරත් වීරසේකර | COLOMBO (News 1st) - ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙන බවට ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පැවසුවේ ය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද පස්වරුවේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ය. ව්‍යවස්ථා විශාරදයින් යැයි තමන් විසින්ම හඳුන්වා ගන්නා මෙම මහත්වරුන් වරින් වර මේ පවසන්නේ කුමක් ද? නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට යැයි පවසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් ලෙස පාර්ලිමේන්තුව වරින් වර රැස්වී, විවිධ කමිටු ද පත් කර ගනිමින් රටේ ජනතාවගේ මුදල් මිලියන ගණනින් වියදම් කරමින් පසුගිය දිනවල නැටූ නාඩගම කුමක් ද? බලය බෙදීම, විධායක බලතල මෙකී නොකී බොහෝ කතා ජනතාව ඉදිරියේ කියූ ජයම්පති වික්‍රමරත්න ආචාර්යවරයා දැන් පවසන්නේ ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ 20 වඩාත් හොඳ බවයි. එය වඩාත් හොඳ යැයි කීමට මෙතරම් ජනතා මුදල් සහ පාර්ලිමේන්තුවේ කාලය විනාශ වන තෙක් බලා සිටියේ ඇයි? නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය මෙන්ම 20 වන සංශෝධනය ද සැබෑ ජනතා අවශ්‍යතා ඉටු කරන අරමුණකින් ඉදිරිපත් වූ අදහස් නොවන බව ජනතාවාදී බොහෝ දෙනාගේ මතය යි. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාටම ගැලපෙන දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා ද මෙම ක්‍රියාවලියේ මුල්පුටුවල අසුන්ගෙන සිටියි. 19 වන සංශෝධනයේදී පෙරමුණේ රාළලා ලෙස ක්‍රියා කළ මෙම පිරිස අවසානයේ සිදු කළේ කුමක් ද? ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කර පහසුවෙන් ඉවත් කළ නොහැකි පරිදි අරුම පුදුම අගමැතිවරයෙකු නිර්මාණය කිරීම නොවේ ද? පැහැදිලි බහුතර ජනතා කැමැත්ත නැති පුද්ගලයෙකුගේ බලතල වැඩි කිරීමට උනන්දු වූ මෙම පුද්ගලයින් දැන් යළිත් උනන්දු වෙමින් සිටින්නේ විධායක බලතල ද එම පුද්ගලයා අතට පත් කිරීමට නොවේ ද? පුදුමය නම් ජනාධිපතිතුමාගේ ව්‍යවස්ථා විශාරදයින් ලෙස පෙනී සිටින ෆයිසර් මුස්තෆා මහතා වැනි ජනාධිපති නීතිඥවරුන් ද 19 වන සංශෝධනය නිර්මාණය කළ පිරිස අතර සිටීම ය. ජනතාවට දෙයක් පෙන්වා, අධිකරණයට තව දෙයකුත්, පාර්ලිමේන්තුවට වෙනම ම දෙයකුත් ඉදිරිපත් කර සම්මත කර ගත් බවට ආණ්ඩුවට විපක්ෂයෙන් චෝදනා එල්ල වූයේ වරක් දෙවරක් නොවෙයි. ඒවාට මූලිකත්වය ගත්තේ ද මේ ව්‍යවස්ථා විශාරදයින්ම බව රටම දන්නා රහසකි. රටේ ජනතාවට ගොනාට අන්දවමින් මේ අය ඉටු කරමින් සිටින්නේ කාගේ කොන්ත්‍රාත්තුවක් ද? ජනතාව බුද්ධිමත් බව පමණක්, ව්‍යවස්ථා විශාරදයින් යැයි කියාගන්නා අයට යළි සිහිපත් කළ යුතුමයි. මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙන මන්ත්‍රීවරුන්ට මුදල් ලබා දීමේ සූදානමක් ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා සඳහන් කළේ ය. ඔහු මේ බව අනාවරණය කළේ මාධ්‍ය හමුවක් කැඳවමිනි. |
2018-09-18T06:18:15.000Z | රුපියල වාර්තාගත ලෙස බාල්දු වෙයි | රුපියල වාර්තාගත ලෙස බාල්දු වෙයි | COLOMBO (News 1st) - අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියලේ අගය අද දින වාර්තාගත අයුරින් අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 166.64ක් ලෙස යි. ඊට සාපේක්ෂව බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක් රුපියල් 226.36ක මිලට අලෙවි කෙරේ. යුරෝ එකක් අලෙවි කෙරෙන්නේ රුපියල් 196.02ක මිලකට ය. |
2018-09-18T06:06:19.000Z | අද රාත්‍රියේ ධාවනය කිරීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය අවලංගු කෙරේ | රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කෙරේ | COLOMBO (News 1st) - කොළඹ කොටුවේ සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය දක්වාත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව සිට කොළඹ කොටුව දක්වාත් අද රාත්‍රියේ ධාවනය කිරීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය අවලංගු කර තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, පලුගස්වැව සහ ගල්ඔය අතර පුවක්පිටිය ප්‍රදේශයේදී වන අලි 5 දෙනෙකු අද අලුයම 4.00ට පමණ ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටීමත් සමග දුම්රිය පීළි පැනීම හේතුවෙන් මේ පියවර ගත් බව ය. මේ අතර කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා දුම්රිය ධාවනය මහව දක්වා තවදුරටත් සීමා කර ඇති බව ද පාලක මැදිරිය ප්‍රකාශ කළේ ය. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, මඩකලපුව සිට කොටුව දක්වා දුම්රිය ධාවනය ද ගල්ඔය දක්වා සීමා කර ඇති බව ය. හෙට උදෑසන වන විට අදාළ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි. |
2018-09-18T04:19:53.000Z | පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය ඉන්දීය ගුවන් සේවා අධිකාරියට | පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය ඉන්දියාවට | COLOMBO (News 1st) - පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට ඉන්දීය ගුවන් සේවා අධිකාරිය සූදානම් වන බව ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත අද වාර්තා කළේ ය. ඉන්දීය ගුවන් සේවා අධිකාරියේ ඉඩම් කළමනාකරණ සහ ව්‍යාපාර සංවර්ධන කටයුතු භාරව සිටින විධායක අධ්‍යක්ෂ අනිල් ගුප්තා සහ එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ ඒකාබද්ධ ලේකම් සන්ජේ පාන්ඩේ යන මහත්වරුන් ඊයේ පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනයට අදාළ ගිවිසුමක් අත්සන් කර තිබේ. ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කළේ, පලාලි ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට අදාළව සවිස්තර වාර්තාවක් සකස් කිරීමට ඉන්දීය ගුවන් සේවා අධිකාරිය සූදානම් වන බව ය. එම ආයතනය මේ වන විට ඉන්දියාවේ නාගරික හා නාගරික නොවන ගුවන්තොටුපොළ 60 කට අධික ප්‍රමාණයක් සංවර්ධනය කර ඇති අතර මහා පරිමාණයෙන් විදෙස් රටවලට සිය ව්‍යාපෘති පුළුල් කිරීම ඔවුන්ගේ අපේක්ෂාව බව ද පුවත්පත් වාර්තාවේ සඳහන් ය. ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත පවසන්නේ, උතුරු පළාතේ ඉල්ලීමක් පරිදි පලාලි ගුවන්තොටුපොළ දියුණු කිරීමට ඉන්දියාව මීට කලකට පෙර එකඟතාව පළ කර තිබූ බව ය. පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමත් සමග දකුණු ඉන්දියාවට, මලයාසියාව හා තායිලන්තය වැනි ගමනාන්තවලට උතුරු පළාතේ ජනතාවට සෘජුව ගමන් කිරීමේ පහසුකම සැලසෙනු ඇතැයි එහි සඳහන් ය. පළාලි ගුවන්තොටුපොළට අමතරව කන්කසන්තුරේ සහ මත්තල ගුවන්තොටුපොළ දියුණු කිරීමට ද ඉන්දියාව යෝජනා කර ඇතැයි ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත පවසයි. යාපනය, පලාලි ගුවන්තොටුපොළ තවත් මත්තලක් වෙයි ද? |
2018-09-18T03:01:40.000Z | ඇරැව්වල ඝාතනය: තවත් සැකකරුවන් 2ක් අත්අඩංගුවට | ඇරැව්වල ඝාතනය: තවත් සැකකරුවන් 2ක් අත්අඩංගුවට | COLOMBO (News 1st) : මහරගම, ඇරුව්වලදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලද තොරතුරුවලට අනුව ඔවුන් දෙදෙනා ඊයේ පස්වරුවේ කඩුවෙල හා නාරාහේන්පිට ප්‍රදේශවලදි අත්අඩංගුවට ගත් බවයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 24 හා 32 යන වයස්වල පසුවන කඩවත හා ඇඹිලිපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. අත්අඩංගුවට එම සැකකරුවන් සතුව තිබී මෝටර් රථ 2 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවටගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 8 කි. මේ අතර එම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් සිව් දෙනා සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මීට පෙර අත් ඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය නුගේගොඩ මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස පළමු වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුගිය 7 වන දා ඇරැව්වල පුරාණ විහාරස්ථානය අසලදී අදාළ ඝාතනය සිදුව තිබිණ. https://www.youtube.com/watch?v=GcKLCjRIGOY |
2018-09-18T02:18:27.000Z | එමිල් ළමාහේවා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට | එමිල් ළමාහේවා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට | COLOMBO (News 1st) : 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් සහ සැකකරුවන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා යටතේ සැකපිට අත්තඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ලබන ඔක්තොම්බර් 2 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේ ය. අතිරේක මහේස්ත්‍රාත්වරයා එම නියෝගය සිදු කළේ, එම ඝාතනවලට යොදා ගත්තේ යැයි, පැවසෙන ගිනිඅවි හා අජීවි පතොරම් ඉදිරිපත් කොට කැඳවූ රස පරීක්ෂක වාර්තා මේ දක්වා ලැබී නොමැති බව පෙන්වා දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් අනතුරුවයි. |
2018-09-18T00:40:05.000Z | කඩවත මහ පාරේ යකඩ ලොරියක් පෙරළෙයි | කඩවත මහ පාරේ යකඩ ලොරියක් පෙරළෙයි | COLOMBO (News 1st) : කඩවත නගරයේදී යකඩ ටොන් 24 ක් රැගත් ලොරි රථයක් පෙරළී ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, අද පෙරවරු 8.45 ට පමණ නුවර දෙස සිට පැමිණි අදාළ ලොරි කඩවත බස් නැවතුම දෙසට ගමන් කිරීමට යාමේදී වේගය පාලනය කරගත නොහැකිව මාර්ගය හරහා පෙරළි ගොස් ඇති බවයි. අනතුරින් කිසිවෙකුට හානියක් සිදුව නැති අතර ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසී ය. |
2018-09-17T22:09:50.000Z | චීන - අමෙරිකා විරසකය දරුණු වෙයි | චීන - අමෙරිකා විරසකය දරුණු වෙයි.. | COLOMBO (News 1st) : අමෙරිකාව චීනයෙන් ආනයනය කරන ඩොලර් බිලියන 200 ක වටිනාකමින් යුත් භාණ්ඩ සඳහා නව බදු පනවා තිබේ. ඒ, දෙරට අතර පවතින වෙළෙඳ යුද්ධය තවදුරටත් උත්සන්න කරමිනි. මෙම නව ආනයන බදු චීන භාණ්ඩ 5000 කට අධික සංඛ්‍යාවක් ඉලක්ක කරගනිමින් පැනවෙන අතර මෙය අමෙරිකාව මෙතෙක් චීනයට එරෙහිව පැනවූ විශාලම බද්ද ලෙස සටහන් ය. නව බදු සඳහා චීනයෙන් ආනයනය කෙරෙන අත්බෑග් සහල් සහ රෙදිපිළි ද ඇතුළත් ය. ලබන 24 වන දින ක්‍රියාත්මක වීමට නියමිත මෙම බදු 10% සීමාවේ සිට ඇරඹෙන අතර දෙරට මේ පිළිබඳ එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත් ලබන වසරේ සිට එය 25% ක් දක්වා ඉහළ නැංවෙනු ඇති. මෙම නව බදු චීනයේ අසාධාරණ වෙළෙඳ ප්‍රතිපත්තිවලට පිළිතුරක් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් චීනය ඊයේ කියා සිටියේ අමෙරිකාව නව බදු පැනවුවහොත් ඊට එරෙහිව ප්‍රතිචාර දක්වන බවයි . |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.