date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-08-24T08:59:40.000Z
පළාත් සභා සීමා නීර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරදියි
පළාත් සභා සීමා නීර්ණ කමිටු වාර්තාවට අන්ත පරාජයක්
COLOMBO (News 1st) - පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ කමිටු වර්තාව අද පාර්ලිමේන්තුවේදී පරාජය විය. මෙම කමිටු වාර්තාවට විරුද්ධව ඡන්ද 139ක් ලැබුණු අතර පක්ෂව කිසිදු ඡන්දයක් හිමි නොවිණි.
2018-08-24T08:34:18.000Z
විගණකාධිපතිවරයාගේ වැටුප අනුමත නොකිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කිරීමේ සූදානමක්
විගණකාධිපති වැටුප: එ.ජා. සංවිධානයට යාමේ සූදානමක්
COLOMBO (News 1st) - විගණකාධිපතිවරයාගේ වැටුප පාර්ලිමේන්තුවේ අනුමත නොකිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කරන බව විගණන සේවා සංගමය පවසයි. මේ අතර රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, රාජ්‍ය ආයතනවලට ඉහළ නිලධාරීන්ට ඉහළ වැටුප් ලබා දිය යුතු බව ය. පාර්ලිමේන්තුවේ එවැනි සංවාදයක් තිබුණ ද වත්මන් විගණකාධිපතිවරයා අදාළ තනතුරට පත්ව අද වන විට වසර 3ක් ගත වී තිබුණත් මෙතෙක් තනතුරට අදාළ වැටුප පාර්ලිමේන්තුවේ සම්මත වී නොමැත. ආදාළ වැටුප් යෝජනාව පාර්ලිමේන්තුව තුළ වසර කිහිපයක් කල් දමමින් තිබී එම යෝජනාව ඊයේ ඉවත් කර ගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ ය. අද විගණන සේවා සංගමය මේ පිළිබඳව අදහස් පළ කරමින් පැවසුවේ, මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කරන බව ය. වසර තුනකට ආසන්න කාලයක සිට විගණකාධිපතිවරයාගේ වැටුප හා දීමනා අනුමත නොකළ ද ඇතැම් රාජ්‍ය ආයතනවල ආණ්ඩුවේ හිතවතුන්ගේ වැටුප් පිළිබඳ ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. සුනිල් හඳුන්නෙත්ති - පා. ම ජනතා විමුක්ති පෙරමුණ "මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා වසර හැට සම්පූර්ණ වුණාට පස්සෙත් තවත් වසරක සේවා දිගුවක් ඉල්ලීමක් කරලා තිබුණා. නමුත් එම්. වසන්ත කුමාර කියන ඒ සාමාන්‍යාධිකාරීවරයා 2001 දී ඇවිත් තියෙන්නේ කොන්ත්‍රාත් පදනමින් ලක්ෂෙ වැටුපට. මේ වෙන කොට ලක්ෂ 21 ලබන කෙනෙක්. හිඟ වැටුප් වර්ධකයක් අරගෙන තියනවා. හිටපු සාමාන්‍යාධිකාරීවරයාටත් අදාළ වෙන විදියට ලක්ෂ 750ක් ඒ කාල සීමාවට." එපමණක් නොව මහජන බැංකුවේ අධ්‍යක්ෂ ධූරයක් දරණ ජෙහාන් අමරතුංග නමැත්තා තම සමාගමකට රුපියල් බිලියන 10ක ණයක් එම බැංකුවෙන් ලබා ගත් බව ද පසුගියදා අනාවරණය විය. රජයට හිතවත් පුද්ගලයින්ගේ එවැනි අක්‍රමිකතා පැවතුන ද ඔවුන්ට වැටුප් ගෙවීම අත්හිටුවීම හෝ තනතුරුවලින් ඉවත් කිරීමට පාලකියින් මෙතෙක් පියවර ගෙන නොමැත.
2018-08-24T02:32:21.000Z
ඩොලරයට සාපේක්ෂව රුපියල වාර්තාගත අගයකින් බාල්දු වෙයි
ඩොලරයට සාපේක්ෂව රුපියල වාර්තාගත ලෙස බාල්දු වෙයි
COLOMBO (News 1st) - ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද වාර්තාගත ලෙස පහළ ගියේ ය. ඒ අනුව අද අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වුණේ, රුපියල් 162.11ක් ලෙස යි. එහි ගැණුම් මිල රුපියල් 158.91කි.
2018-08-24T05:20:46.000Z
USS Anchorage ත්‍රිකුණාමල වරායට සේන්දු වෙයි
USS Anchorage ත්‍රිකුණාමල වරායට සේන්දු වෙයි
COLOMBO (News 1st) - අමෙරිකානු යුද නෞකාවක් අද පෙරවරුවේ ත්‍රිකුණාමල වරායට සේන්දු විය. මෙරටට පැමිණි එස්.එස්. ඇන්කරේජ් නම් අමෙරිකානු යුද නෞකාව මීටර් 208ක දිගකින් යුක්ත වන අතර මීටර් 32ක පළලින් යුක්ත වේ. නෞකාවේ ධාරිතාව ටොන් 35,000කි. මෙය හෙලිකොප්ටර් යානා 6කින් සමන්විත අතර මැරීන් සෙබළුන් ඇතුළු සමාජිකයින් 900 දෙනෙකුගෙන් ද සමන්විත වේ. ඒකාබද්ධ යුධ අභ්‍යාසයකින් පසු යූ.එස්.එස්. ඇන්කරේජ් නෞකාව ලබන 28 වන දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය.
2018-08-24T05:07:34.000Z
ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරයි
ගෝඨාභයට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු
COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අද පස්වරුවේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබී ය. ඒ, තංගල්ල වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කරමිනි. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශන කර ඉදිරිපත් කළ වාර්තා සලකා බැලූ නීතිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ලංකා ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එම සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරී බද්‍රා උදුලාවතී කමලදාස ඇතුළු විත්තිකරුවන් 7 දෙනාට එරෙහිව නඩු පවරා තිබේ. මෙය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පැවරූ දෙවන නඩුවයි.
2018-08-24T03:20:38.000Z
ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියාවේ අගමැති ධූරයට
ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියාවේ අගමැති ධූරයට
ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම්දී තිබේ. ඒ, මැල්කම් ටර්න්බුල්ට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ධූරය අහිමි වීම හේතුවෙනි. අද පැවති ඡන්ද විමසීමකින් පසු මැල්කම් ටර්න්බුල් පාලක ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම හේතුවෙන් ඔහුට අග්‍රාමාත්‍ය ධූරය ද අහිමි විය. මේ අනූව නව පක්ෂ නායකයා තෝරා ගැනීමට ඡන්ද විමසීමක් පැවති අතර එහිදී බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබාගත්තේ ස්කොට් මොරිසන් වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට විදේශ අමාත්‍ය ජූලි බිෂොප්, පීටර් ඩුටන් සහ ස්කොට් මොරිසන් පක්ෂ නායකත්ව සටනට ඉදිරිපත් වූ බවයි.
2018-08-24T02:35:23.000Z
ඉතිහාසයේ ප්‍රථම වරට ඩොලරයේ විකුණුම් අගය රුපියල් 162 ඉක්මවයි
රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය වාර්තාගත ලෙස ඉහළට
COLOMBO (News 1st) - ලාංකිය මූල්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ විකුණුම් අගය අමෙරිකානු ඩොලර් 162 ඉක්මවා තිබේ. ඒ අනුව අද අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල සටහන් වුයේ රුපියල් 162.11 ක් ලෙසයි. එහි ගැණුම් මිල දැක්වුණේ රුපියල් 158.91 ක් වශයෙනි.
2018-08-24T01:09:30.000Z
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් ඇතුලු විත්තිකරුවන් සිව්දෙනාට ඇප
ගාමිණී සෙනරත් මහතා ඇතුලු සිව්දෙනාට ඇප
COLOMBO (News 1st) - හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා ඇතුලු විත්තිකරුවන් සිව්දෙනා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් අද ඇප මත මුදා හැරිණි. ඒ, ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය සාපරාදි පරිහරණය ඇතුලු අධිචෝදනා 24 ක් යටතේ පවරා තිබූ නඩුව අද පළමු වරට කැඳ වූ අවස්ථාවේදීයි. විත්තිකරුවන් මුදා හැරුණේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2 ක් මතයි. ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කළ විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන්නැයි ද නියෝග කළේ ය. ගාමිණී සෙනරත් මහතාට අමතරව එම නඩුවේ සෙසු විත්තිකරුවන් වන්නේ පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න හා ලසන්ත බණ්ඩාර යන අයයි. එහිදී විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාරදුන්හ. ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් අවසරයකින් තොරව 2014 වසරේ පෙබරවාරි 01 වැනිදා සිට 2015 වසරේ ජනවාරි 20 වන දා අතර කාලයේදී කැන්විල් හෝල්ඩින්ග්ස් හෙලන්කෝ නැමති පෞද්ගලික සමාගමේ ආයෝජනය කිරීම ඇතුලු අධිචෝදනා 24 ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට නඩු පවරන ලදි. නඩුව අද කැඳවනු ලැබුවේ සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ ය. ලබන 19 වන දා නඩුව යළි කැඳවීමට දින නියම කෙරුණි. මෙය බරපතළ වංචා හා දූෂණ සම්බන්ධයෙන් පවරනු ලබන නඩු විභාගය සඳහා ස්ථාපිත කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකින් සමන්විත විශේෂ මහාධිකරණයේ පැවති පළමු නඩු විභාගයයි.
2018-08-24T00:48:05.000Z
ග්‍රාමීය වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි
වැව් 2400ක් ප්‍රතිසංස්කරණය ජනපති මූලිකත්වයෙන් ඇරඹේ
COLOMBO (News 1st) - එල්ලංගා පද්ධතිය හා බැඳුණු ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීම සහ වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් අද ආරම්භ විය. ඒ, පොල්පිතිගම කුඹුකුලාව වැව් ඉස්මත්තේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනි. ශ‍්‍රී ලංකාව සතු ගම කේන්ද්‍ර කරගත් වාරි තාක්ෂණය හෙවත් එල්ලංගා ගම්මාන ක‍්‍රමවේදය එක්සත් ජාතින්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ද ලොව වැදගත් කෘෂිකාර්මික උරුමයක් ලෙස හඳුනාගෙන තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/1798240913600826/
2018-08-24T00:11:35.000Z
විගණකාධිපති වැටුප ගැන විගණන සංගමයෙන් චෝදනා
විගණකාධිපති වැටුප ගැන විගණන සංගමයෙන් චෝදනා
COLOMBO (News 1st) - විගණකාධිපතිවරයාට හිමි වැටුප අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ප්‍රමාද කිරීම මූල්‍ය යහපාලනය තුරන් කිරීමට ගන්නා වෑයමක් බවට විගණන සේවා සංගමය පවසයි. එහි සභාපති, නීතිඥ කේ. එන්. එම්. කුමාරසිංහ මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන දැනුම්වත් කිරීමට ද සිය සංගමය පියවර ගන්නා බවයි. මේ සම්බන්ධයෙන් විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, තමන්ට හිමි වැටුප මේ දක්වා පාර්ලිමේන්තුවේදී අනුමත නොවුන ද වැටුප ගැන නොසිතා රට වෙනුවෙන් සිය රාජකාරිය පෙර පරිදිම ඉටු කරන බවයි. විගණකාධිපතිවරයාගේ වැටුප් අනුමත කිරීම සඳහා ඉදිරිපත් කර තිබු යෝජනාවක් ඊයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව ඉල්ලා අස්කර ගෙන තිබේ.
2018-08-23T23:27:49.000Z
පුත්තලම අවට මුහුදු මාළු ආහාරයට ගැනීම අහිතකර නොවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කියයි
පුත්තලම අවට මුහුදු මාළු ආහාරයට ගැනීම අහිතකර නැහැ
COLOMBO (News 1st) - පුත්තලම සහ අවට මුහුදු ප්‍රදේශවල මසුන් ආහාරයට ගැනීම සෞඛයට අහිතකර නොවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එහි සමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, ඉන්දියාවෙන් ඉවතලන සායනික ද්‍රව්‍ය මුහුදු ජලයට මුසු වුව ද මේ වන විට ඒවා තනුකකරණයකට ලක් ව ඇති බවයි. මේ අතර සායනික ද්‍රව්‍ය ඇතුලු අපද්‍රව්‍ය පුත්තලම වෙරළ තීරයට ගොඩගැසීමෙන් මත්ස්‍ය සම්පතට හානියක් සිදු ව ඇද්ද යන්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බව නාරා ආයතනය පවසා ඇත. එහි අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේ, විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා එම විමර්ශන සිදු කරන බවයි. සායනික ද්‍රව්‍ය, මුහුදු ජලයට මිශ්‍ර වී ඇද්ද යන්න සොයා බැලීමට සහ ඉන් සිදුවන හානිය පිළිබඳ විමර්ශනය සඳහා ජල සාම්පල් කොළඹට රැගෙන ආ බව ද ඔහු සඳහන් කළේ ය.
2018-08-23T23:14:09.000Z
සීමා නිර්ණ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද
සීමා නිර්ණ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද
COLOMBO (News 1st) - පළාත් සභාවල සීමා නිර්ණ කමිටු වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පැවැත් වේ. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ, උදෑසන 11.00 සිට පස්වරු 6.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිතව ඇති බවයි. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් වාර්තාව ඊයේ සභාගත කෙරුණි. මැතිවරණය මනාප ක්‍රමයට පැවැත්විය හකි ද? මේ සම්බන්ධයෙන් මැතිවරණ මහ ලේකම් කාර්යාලයෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පවතින නව නීතිය අනූව මනාප ක්‍රමයට මැතිවරණය පැවැත්විය නොහැකි බවයි. අද පැවැත්වෙන විවාදයේදී සීමා නිර්ණ කමිටු යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත නොවුනහොත්, කථානායකවරයා විසින් අගමැති ප්‍රධානත්වයෙන් 5 දෙනෙකුගෙන් සමන්විත සමාලෝචන කමිටුවක් පත් කළ යුතු වන බව ඔහු සඳහන් කළේ ය. එම සමාලෝචන කමිටුව, මාස දෙකක් තුළ සිය වාර්තාව ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ යුතු වනු ඇති. අනතුරුව ජනාධිපතිතුමා විසින් මැතිවරණය පැවැත්වීමට අදාළ අවසන් තීරණයක් ගනු ඇතැයි ද එම නිලධාරියා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, වත්මන් නීතිය යටතේ මිශ්‍ර සමානුපාතික ක්‍රමවේදයට මැතිවරණය පැවැත්විය යුතු බවයි.
2018-08-23T22:30:11.000Z
"අද පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳ වැටීමක් තියනවා" - දුලිප් මෙන්ඩිස්
"අද පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳ වැටීමක් තියනවා"
COLOMBO (News 1st) - පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමකට ගෙන ඒමෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය කළ හැකි බවට ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දුලිප් මෙන්ඩිස් මහතා පවසයි. වත්මන් ඕමාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ඒ මහතා මේ බව පැවසුවේ ස්පෝර්ට්ස්ෆස්ට් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. ඕමාන් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු, දුලිප් මෙන්ඩිස් අවුරුදු ගාණකට ඉස්සෙල්ලා ස්කූල් ක්‍රිකට් කීවාම ලංකාවේ මේ හැම එකක්ම ආසියාවේ හැම එකකින්ම ඉස්සරහට තිබුන තැනක්. අපි ඉස්සර කාලේ බලනකොට අරවින්ද ද සිල්වා ඉස්කෝලේ ඉඳලා කෙලින්ම ආවා නැෂනල් ටීම් එකට. අර්ජුන ආවා නැෂනල් ටීම් එකට. තව සමහර අය ආවා. ගොඩාක් ක්‍රිකට් ක්‍රීඩාකයෝ ආවා. අද මං හිතන්නේ නෑ ඒ වගේ තත්ත්වයක් තියෙනවා කියලා. ඉතිං මේකට හේතුවක් තියෙන්න ඕනේ. එක්කෝ පුහුණු කරන පුහුණුකරුවෝ හරි නැතුව ඇති. එක්කෝ ඒ ගොල්ලො ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩාව වන්ඩේ ක්‍රිකට් වැඩි ද? එතකොට ඒගොල්ලන්ගේ ටෙක්නික් එක සාකච්ඡා කරන්නේ නැද්ද? සමහර වෙලාවට ඉන්නවා ටෙක්නික් හරි නැති ක්‍රීඩකයෝ. නමුත් ඒ ගොල්ලන් ඉස්සරහට යන්න පුළුවන්. මේක වාඩි වෙලා කවද ද කවුද කතා කරලා තියෙන්නේ. අපේ ඇත්තටම අපේ බේස් එක ස්කූල් ක්‍රිකට්. ස්කූල් ක්‍රිකට්වලින් තමයි ඔක්කෝම හොඳ ක්‍රීඩකයෝ උඩට ගෙන්නේ. ඉතිං එතන හරියට එන්නෙ නැන්තම් අන්තිමට හරියට එන්නේ නෑ. අන්ඩර් ටුවෙන්ටි ත්‍රී එන්නේ නෑ. එතනින් ඉස්සරහට එන්නේ නෑ. සමහර ඒ ගොල්ලෝ එතනින්ම හැලෙනවා. ඉතිං ඒ ගොල්ලෝ බැලුවේ නැත්නම් මේ නැෂනල් ලෙවෙල් එකට එන්නේ නෑ ක්‍රීඩකයෝ https://www.facebook.com/NewsfirstSL/videos/267765630521419/
2018-08-23T21:50:02.000Z
මැල්කම් ටර්න්බුල් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට තීරණයක්
ඕස්ට්‍රේලියාවට නව අගමැතිවරයෙක්
මැල්කම් ටර්න්බුල් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට පාලක ලිබරල් පක්ෂය තීරණය කර තිබේ. ඒ, අද පැවති ඡන්ද විමසීමකදී යි. මේ අනූව නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වන ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙනු ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට විදේශ අමාත්‍ය ජූලි බිෂොප්, පීටර් ඩුටන් සහ ස්කොට් මොරිසන් ඒ සඳහා තරග වදින බවයි. ඕස්ට්‍රේලියානු නව අග්‍රාමාත්‍යවරයා ලෙස ස්කොට් මොරිසන් පත්වීමට වැඩි ඉඩක් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
2018-08-23T20:30:38.000Z
දුම්රිය වෘත්තිය සමිති අද වැටුප් කොමිසමේ සභාපතිවරයා හමුවෙයි
දු. වෘත්තිය සමිති අද වැටුප් කොමිසමේ සභාපති හමුවෙයි
COLOMBO (News 1st) - වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අද වැටුප් කොමිසමේ සභාපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව දුම්රිය වෘත්තිය සමිති පවසයි. දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා සඳහන් කළේ, එම සාකච්ඡාවෙන් පසු අවසන් තීරණයක් ගන්නා බවය. ජනාධිපතිතුමා සමග ඊයේ පැවති සාකච්ඡාව ද එකඟතාවයකින් තොරව අවසන් වූ බව ඔහු සඳහන් කළේ ය. දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් එම සාකච්ඡා පැවැත්වූයේ ජනාධිපති කාර්යාලයේදී යි. සාකච්ඡා අසාර්ථකවීමත් සමග ඉදිරි වෘත්ති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දුම්රිය වෘත්තිය සමිති විධායක කමිටු නියෝජිතයින් ද ඊයේ පස්වරුවේ රැස් විය. පසුගිය 8 වන දා පෙර දැනුම් දීමකින් තොරව දුම්රිය සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කෙරුණේ ජනාධිපතිතුමා මැදිහත්ව ගැටලු නිරාකරණය කරන බවට දුන් පොරොන්දුවකට අනුවයි. මේ අතර රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය කර ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනාධිපතිතුමාගේ නියෝග මත මේ වන විට විශේෂ කොමිසමක් පත් කර තිබේ. සාමාජිකයින් 15 දෙනෙකුගෙන් යුත් එම කමිටුවේ සභාපතිත්වය දරන්නේ එස්. රනුග්ගේ මහතායි.
2018-08-23T20:10:09.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. හිටපු ආරක්ෂක ලේකම්වරයා අධිකරණයට ගෙන්වීම වළක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්: හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ නඩු විභාගයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ පැවැත් විය. ඒ, තංගල්ල මැද මුලන ඩි. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුවේ සැකකරුවන් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට ලබන සැප්තැම්බර් 7 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී නිකුත් කර තිබූ සිතාසි නියෝග වහාම ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර ඇත. 2. දුම්රිය සේවකයින් යළි වැඩ වර්ජනයකට එළැඹෙයි ද?: දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වූ බව දුම්රිය වෘත්තීය සමිති පවසා තිබේ. ඔවුන් මේ බව පවසා ඇත්තේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 3. පෞද්ගලික රෝහල් මිල ලබන සතියේ නියාමනය කරන බව සෞඛ්‍ය ඇමති කියයි: පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේ සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ යටතේ විවිධ අයකිරීම් 53 ක මිල නියාමනය කරන බව ය. 4. මහින්දානන්දට විදෙස්ගත වීමට අධිකරණයෙන් අවසර: හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලබන 9 වන දා සිට 17 වන දා දක්වා විදේශගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අවසර ලබාදී තිබේ. මන්ත්‍රීවරයා චීනයේ පැවැත්වෙන මන්ත්‍රීවරුන්ගේ සමුළුවකට සහභාගී වීමට අවශ්‍ය බවට කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේ ය. 5. තමාට එරෙහි වරෙන්තුවේ හා චෝදනාවල පිටපත් දෙන්නැයි අර්ජුන මහේන්ද්‍රන් ජාත්‍යන්තර පොලීසියෙන් ඉල්ලයි: හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තු නියෝගය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව මීළඟ නඩු දිනයේදී වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය දැනුම් දුන්නේ, අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම සඳහා ගෙන ඇති නීතිමය පියවර පිළිබඳව එහිදී දැනුම් දෙන ලෙස ය. 6. මහජන බැංකු අධ්‍යක්ෂ ජෙහාන් අමරතුංගගෙන් රු. ලක්ෂ 34ක බදු පැහැර හැරීමක්: ජෙහාන් අමරතුංග නමැත්තා අධ්‍යක්ෂ ධූරයක් දරණ එම්.ටී.ඩී. වෝර්කර්ස් සමාගමට අනුබද්ධ සමාගමකින් රජයට අය විය යුතු රුපියල් ලක්ෂ 34ක බදු මුදල් ගෙවීම් පැහැර හැර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පවසයි. මේ ගැන කළ විමසීමකදී මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ, අධ්‍යක්ෂකවරුන් තමන් තනතුරු දරණ බැංකුවෙන් ණය ලබා ගැනීමට බාධාවක් නැති බව ය. 7. විශේෂ පුද්ගලයින්ගේ ජංගම දුරකතනවලට අවහිරතා සිදු වීම පිටුපස ඇත්තේ කුමක් ද?: මෙරට මාධ්‍ය ආයතන ප්‍රධානීන් රැසකගේ ජංගම දුරකතනවල ඊයේ උදෑසන සිට අවහිරතා සිදු වූ බවට තොරතුරු වාර්තා වේ. පසුගිය 8 වන දා ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබුණේ, ආණ්ඩුව තෝරා ගත් විශේෂ පුද්ගලයින්ගේ දුරකතන සංවාදවලට සවන් දීම හා නිරීක්ෂණය කිරීම ආරම්භ කර ඇති බවයි. වි‍දෙස් පුවත් 8. “රහස් හෙළි කිරීමට සූදානම්”- මයිකල් කොහේන්ගෙන් ට්‍රම්ප්ට අනතුරු අඟවීමක්: අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රහස් හෙළි කිරීමට සූදානම් බව ඔහුගේ හිටපූ පෞද්ගලික නීතිඥ මයිකල් කොහේන් පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ අමෙරිකානු ජනාධිපතිවරණයට රුසියාව මැදිහත්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන සඳහා සහයදීමට කැමති බව ය.
2018-08-23T11:37:19.000Z
හිටපු ආරක්ෂක ලේකම්වරයා අධිකරණයට ගෙන්වීම වළක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්
ගෝඨාභය අධිකරණයට ගෙන්වීම වළක්වමින් නියෝගයක්
COLOMBO (News 1st) - හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ නඩු විභාගයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද පැවැත්විණි. තංගල්ල මැද මුලන ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුවේ සැකකරුවන් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට ලබන සැප්තැම්බර් 7 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී නිකුත් කර තිබූ සිතාසි නියෝග වහාම ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද පස්වරුවේ නියෝග කළේ ය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ගොනු කළ නඩුවක් සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය විසින් පසුගිය ජූලි 20 වන දා එම සිතාසි නියෝග නිකුත් කර තිබිණි. කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කර තිබූ එම සිතාසි නියෝග නෛතික වශයෙන් විශාල වරදක් බවත්, අභියාචනාධිකරණ විසින් නිකුත් කර ඇති නියෝග කඩ කිරීමක් බවක් පෙන්වා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස ඔහුට හිමි බලතල අනුව එම සිතාසි නියෝග වහාම අවලංගු කිරීමට නියෝග කළේ ය.
2018-08-23T11:19:52.000Z
පසුගිය මාස 6 තුළ මත්පැන් අලෙවිය පහතට
පසුගිය මාස 6 තුළ මත්පැන් අලෙවිය පහතට
COLOMBO (News 1st) - පසුගිය මාස හයේදී මත්පැන් අලෙවිය 11%කින් පහත වැටී ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මේ අතර අද පාර්ලිමේන්තුවට ගෙන ආ සංශෝධනයකින් මත්පැන් බෝතල් සඳහා විශේෂ ස්ටිකරයක් හඳුන්වා දීමට යෝජනා කෙරිණි. මුදල් ඇමතිවරයා පැවසුවේ, මෙමගින් රුපියල් බිලියන 20කට වැඩි ආදායමක් උපයා ගැනීමට රජය බලාපොරොත්තු වන බව ය.
2018-08-23T10:27:29.000Z
සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ගැන රජයේ පැහැදිලි කිරීම් සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධීයි - වෘත්තීයවේදීන්ගෙන් චෝදනා
සිංගප්පූරු ගිවිසුම:පරස්පර විරෝධී පැහැදිලි කිරීමක්
COLOMBO (News 1st) - සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, ලිපි ශීර්ෂ හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ අත්සනින් ද තොරව ය. සිංගප්පූරු ගිවිසුම පිළිබඳව ඇත්ත නැත්ත යනුවෙන් ඊයේ දිනයේ මාධ්‍ය වෙත නිකුත් කළ අදාළ නිවේදනය මගින් කරුණු කිහිපයක් කෙරෙහි අවධානයට යොමු කර තිබේ. ලිපි ශීර්ෂ හෝ වගකිව යුතු නිලධාරියෙකුගේ අත්සනින් තොරව නිකුත් කර තිබූ අදාළ නිවේදනය පිළිබඳව නිව්ස්ෆස්ට් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් විමසා සිටි අතර එහිදී ඔවුන් සඳහන් කළේ, අදාළ නිවේදනය ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය කළ ඉල්ලීමකට අනුව මාධ්‍යය වෙත එවූ බව ය. සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව මෙරට විද්වතුන්ගේ හෙළිදරව් කිරීම් හමුවේ මෙම නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කර ඇති බව එම නිවේදනයේ අන්තර්ගත කරුණුවලින් පෙනී යයි. අදාළ නිවේදනය සම්බන්ධයෙන් අද පැවැති මාධ්‍ය හමු කිහිපයකදී ද අදහස් පළ විය. මෙහිදී අදහස් පළ වූයේ, සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුම ගැන රජයේ පැහැදිලි කිරීම් සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී බව ය. මේ අතර සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් එල්ල වන ප්‍රධාන චෝදනාවක් වනුයේ ගිවිසුම හරහා කැළි කසළ, සායනික අපද්‍රව්‍ය, න්‍යෂ්ටික අපද්‍රව්‍ය වැනි අපද්‍රව්‍ය ලංකාවට ආනයනය කිරීමට ඉඩ සලසා තිබීම පිළිබඳව යි. කෙසේ වෙතත් ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එම චෝදනා යළිත් ප්‍රතික්ෂේප කළේ ය. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසුව ද විද්වතුන් දිගින් දිගටම පෙන්වා දෙන්නේ, මෙම ගිවිසුම හරහා මෙරටට විවිධ අපද්‍රව්‍ය බාධාවකින් තොරව ගෙන ඒමට අවකාශය පවතින බව ය. එමෙන් ම එලෙස ආනයනය කරන විවිධ වර්ගයේ කසළ මෙරටදී කුමන කටයුත්තක් වෙනුවෙන් යොදවන්නේ ද යන්නත් මේ වන විට අපහැදිලි ය. ලෝක වෙළෙඳ සංවිධානයේ මෙරට හිටපු නිත්‍ය නියෝජිතයෙකු මෙන් ම ජාතික වෙළෙඳ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මෙරට හිටපු උපදේශකවරයෙකු වන ගෝමී සේනාධීර මහතා පෙන්වා දෙන්නේ, මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට බරපතල ගැටලු රැසකට මුහුණ දීමට සිදු වනු ඇති බවට ය. මෙරට සිදු වූ මහා පරිමාණ වංචාව බැඳුම්කර වංචාව කුඩා දරුවෙකු පවා මේ වන විට දන්නා කරුණකි. පාර්ලිමේන්තුවේදී බැඳුම්කර විවාදය පැවති අවස්ථාවේදී සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේ, දෙමළ පිටපතක් නොමැති නිසා විවාද කළ නොහැකි බව ය. නමුත් සිංගප්පූරු - ශ්‍රී ලංකා ගිවිසුමේ සිංහල හෝ දෙමළ පිටපතක් මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැත. එම කරුණ ගැන මන්ත්‍රීවරයා සලකා නොබැලුවේ ඇයි ? මෙයින් හෙළි වන්නේ එකම විදිහට හිතන අගමැතිවරයාගෙත්, සුමන්තිරන් මන්ත්‍රීවරයාගෙත් වංක ක්‍රියාකලාපය නොවේ ද ? ජනාධිපතිතුමනී, බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිසම පත් කළේ ඔබතුමන් ය. ඉන් හෙළිදරව් වූ කරුණු පිළිබඳව ගත් ක්‍රියාමාර්ග ගැන ජනතාවගේ පැහැදීමක් නොමැත. ඔබතුමන් මේ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටිය යුතු යි.
2018-08-23T09:33:38.000Z
විශේෂ පුද්ගලයින්ගේ ජංගම දුරකතනවලට අවහිරතා සිදු වීම පිටුපස ඇත්තේ කුමක් ද?
ආණ්ඩුව විශේෂ පුද්ගලයින්ගේ දුරකතන සංවාද නිරීක්ෂණයක
COLOMBO (News 1st) - මෙරට මාධ්‍ය ආයතන ප්‍රධානීන් රැසකගේ ජංගම දුරකතනවල අද උදෑසන සිට අවහිරතා සිදු වූ බවට තොරතුරු වාර්තා වේ. පසුගිය 8 වන දා ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබුණේ, ආණ්ඩුව තෝරා ගත් විශේෂ පුද්ගලයින්ගේ දුරකතන සංවාදවලට සවන් දීම හා නිරීක්ෂණය කිරීම ආරම්භ කර ඇති බව ය. ඊට අදාළ විශේෂ ඒකකයක් නුගේගොඩ ප්‍රදේශයේ පිහිටුවා ඇති බව ද එම වාර්තාවේ සඳහන් ය. මේ අතර පසුගිය 8 වන දාම මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළේ ය. ඩේලි මිරර් පුවත්පත් වාර්තාවට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ අදාළ දුරකතන සංවාද නිරීක්ෂණය සිදු වන බව සඳහන් ය. ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් හා මාධ්‍ය ප්‍රධානීන්ගේ දුරකතන සංවාදවලට ඇහුම්කන් දීමට හා නිරීක්ෂණයට විශේෂ උපකරණ කට්ටල ජපානයෙන් ගෙන්වා ඇති බව ද ඩේලි මිරර් පුවත්පත වාර්තා කළේ ය. මෙලෙස විශේෂ පුද්ගලයින්ගේ ජංගම දුරකතන අවහිරතා සිදු වීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබෙමින් පවතින බව ද වාර්තා වේ.
2018-08-23T09:09:17.000Z
මහජන බැංකු අධ්‍යක්ෂ ජෙහාන් අමරතුංගගෙන් රු. ලක්ෂ 34ක බදු පැහැර හැරීමක්
මහජන බැංකු අධ්‍යක්ෂ අමරතුංගගෙන් බදු පැහැර හැරීමක්
COLOMBO (News 1st) - මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු තමන් අධ්‍යක්ෂ ධූරයක් දරණ වෝර්කර්ස් සමාගමට රුපියල් කෝටි 1000ක ණය මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අපි පසුගියදා විශේෂ අනාවරණයක් කළෙමු. ජෙහාන් අමරතුංග නමැත්තා අධ්‍යක්ෂ ධූරයක් දරණ එම්.ටී.ඩී. වෝර්කර්ස් සමාගමට අනුබද්ධ සමාගමකින් රජයට අය විය යුතු රුපියල් ලක්ෂ 34ක බදු මුදල් ගෙවීම් පැහැර හැර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පවසයි. මේ ගැන කළ විමසීමකදී මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ, අධ්‍යක්ෂකවරුන් තමන් තනතුරු දරණ බැංකුවෙන් ණය ලබා ගැනීමට බාධාවක් නැති බව ය. නමුත් එම ණය ලබා දීම සඳහා පිළිගත හැකි ඇපයක් අවශ්‍ය වනවා මෙන් ම ණය නැවත ගෙවීමේ හැකියාව ද සලකා බැලිය යුතුව තිබිණි. රුපියල් ලක්ෂ 35කට ආසන්න හිඟ මුදලක් රජයට ගෙවීමට ඇති, එමෙන්ම 2015 වසරේ සිට ජල සහ විදුලිය බිල්පත් ගෙවා නැති සමාගමක් හෝ එහි මව් සමාගම රුපියල් කෝටි දහසක ණයක් ලැබීමට සුදුස්සෙක් වන්නේ කෙසේ ද ?
2018-08-23T08:55:27.000Z
දුම්රිය සේවකයින් යළි වැඩ වර්ජනයකට එළැඹෙයි ද?
දුම්රිය සේවකයින් යළි වැඩ වර්ජනයකට එළැඹෙයි ද?
COLOMBO (News 1st) - දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වූ බව දුම්රිය වෘත්තීය සමිති පවසයි. අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති එම සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව සඳහන් කළේ ය. දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කැබිනට් අනුකමිටුව ඇති කර ගත් එකඟතා ඉටු කර නොමැති බව පවසමින් වෘත්තීය සමිති නියෝජිතයෝ වරින් වර වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹුණහ. පසුගියා 8 වන දා පූර්ණ දැනුම් දීමකින් තොරව ආරම්භ කළ වැඩ වර්ජනය අවසන් කෙරුණේ, ජනාධිපතිවරයා මැදිහත්ව ගැටලු නිරාකරණය කරන බවට දුන් පොරොන්දුවකට අනුව ය. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කැබිනට් මණ්ඩලයේදීත් ඉන් පිටතත් දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට දැඩි සේ විරෝධය පළ කළේ ය. ප්‍රශ්නය - "ඇමතිතුමා දැන් මේ වෙන කොට දුම්රිය වර්ජනය පිළිබඳව ඔබතුමා කිව්වා වැටුප් වැඩි කරන්නේ නෑ කියලා." මංගල සමරවීර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය "වැඩි කරන්නේ නැහැ." අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මේ හේතුවෙන් අනෙකුත් ක්ෂේත්‍රවල ද මේ වැටුප් විෂමතා මතු විය හැකි බව ය. මේ වන විටත් රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය කර ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනාධිපතිතුමාගේ නියෝග මත විශේෂ කොමිසමක් පත් කර තිබේ. දුම්රිය, සෞඛ්‍ය, උසස් අධ්‍යාපන හා අධ්‍යාපන, තැපැල් යන ක්ෂේත්‍රවල වැටුප් විෂමතා අවම කිරීමට සුදුසු විසඳුම් හා තවත් යෝජනා කිහිපයක් සඳහා කොමිසමේ නිර්දේශ ලැබීමට නියමිත ය.
2018-08-23T08:11:27.000Z
තමාට එරෙහි වරෙන්තුවේ හා චෝදනාවල පිටපත් දෙන්නැයි අර්ජුන මහේන්ද්‍රන් ජාත්‍යන්තර පොලීසියෙන් ඉල්ලයි
මහේන්ද්‍රන් ජාත්‍යන්තර පොලීසියෙන් ඉල්ලීමක් කරයි
COLOMBO (News 1st) - හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තු නියෝගය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව මීළඟ නඩු දිනයේදී වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නීතිපතිවරයාට නියෝග කළේ ය. කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය දැනුම් දුන්නේ, අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම සඳහා ගෙන ඇති නීතිමය පියවර පිළිබඳව එහිදී දැනුම් දෙන ලෙස ය. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය මේ බව දැනුම් දුන්නේ ය. එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළේ, අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව ඇති වරෙන්තුව හා චෝදනා සම්බන්ධයෙන් වන පිටපත් ලබා දෙන ලෙසට ජාත්‍යන්තර පොලීසිය හරහා ඉල්ලීමක් කර ඇති බව ය. මේ සම්බන්ධයෙන් අධ්‍යයන කරමින් සිටින බවත් එය නීතිමය ඉල්ලීමක් ද නැද්ද යන්න ඉදිරියේදී තීරණය කරන බවත් නීතිපති දෙපාර්තමේන්තුව මෙහිදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය. නීතිපති දෙපාර්තමේන්තුව අද නඩුවේදී ප්‍රකාශ කළේ, පර්පෙවුචල් ට්‍රෙෂරීස් සමාගමට අයත් බව කියන රුපියල් බිලියනයක මුදල ආපසු දෙන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග කරන්නැයි විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීමට විරුද්ධත්වය දක්වන බව ය. ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන මුවාවෙන් එම සමාගමට අයත් අතිශය රහස්‍ය තොරතුරු ලබා ගැනීමේ උත්සහයක නිරතව ඇති බව ය. කිසිදු සමාගමක පෞද්ගලික රහස්‍ය තොරතුරු ලබා ගැනීමේ අවශ්‍යතාවක් විමර්ශන නිලධාරීන්ට නොමැති බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයට පෙන්වා දුන්නා ය. ඇය කියා සිටියේ, මහ බැංකු බැඳුම්කර වංචාවෙන් උපයා ගත් මුදල් තුන්වන පාර්ශවවලට ලබා දීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළි වන පෞද්ගලික තොරතුරු අනාවරණය නොකෙරෙන බව ය. අපරාධ නඩුවක් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය විමර්ශන සිදු කිරීමේ අයිතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති බවත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ නීතිඥවරයා පෙන්වා දෙන කරුණුවලට වඩා ඉතාමත් රහසිගත තොරතුරු ඔස්සේ පවා විමර්ශන කිරීමේ අයිතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති බව මහේස්ත්‍රාත්වරිය එහිදී පෙන්වා දුන්නා ය. මේ අතර අද නඩුව විභාගයට ගනිමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 30 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
2018-08-23T06:27:57.000Z
මහින්දානන්දට විදෙස්ගත වීමට අධිකරණයෙන් අවසර
මහින්දානන්දට විදෙස්ගත වීමට අධිකරණයෙන් අවසර
COLOMBO (News 1st) - හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලබන 9 වන දා සිට 17 වන දා දක්වා විදේශගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද අවසර ලබා දුන්නේ ය. ඒ, ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය යන වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය සහ විශ්වාසය කඩ කිරීමේ චෝදනා යටතේ පවරා ඇති නඩුවකට අදාළව ය. එම නඩුවේ විත්තිකරුවෙකු වන මන්ත්‍රීවරයා චීනයේ පැවැත්වෙන මන්ත්‍රීවරුන්ගේ සමුළුවකට සහභාගී වීමට අවශ්‍ය බවට කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේ ය. නඩුවේ වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් 31 වන දා දක්වා කල් තැබීමට ද නියෝග කළ විනිසුරුවරයා එහි 5 වන, 8 වන සහ 12 සහ 21 වන පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට යළි එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කළේ ය.
2018-08-23T05:20:27.000Z
අක්කරෙයිපත්තුව ආලිඅඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරියෙකු අල්ලස් දැලේ
අල්ලස් ගත් සංවර්ධන නිලධාරියෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - අක්කරෙයිපත්තුව ආලිඅඩිවෙම්බු ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරියෙකු අල්ලසක් ලබා ගැනීමේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, මාර්ග සංවර්ධන කටයුත්තක් සඳහා කොන්ත්‍රාත් මුදල් ලබා ගැනීම ඉක්මන් කිරීම සඳහා ඔහු එම අල්ලස ඉල්ලා ඇති බව ය. එලෙස ඉල්ලා ඇති මුදල රුපියල් 60000කි. ඉන් රුපියල් 15000ක් මීට පෙර ලබා ගෙන ඇති අතර ඉතිරි රුපියල් 45000 ලබා ගැනීමට යාමේදී ඔහු අත්අඩංගුවට ගැනිණි.
2018-08-23T03:58:03.000Z
කණ්ඩායම් 10ක් බලාපොරොත්තු සුන් කර ගනිමින් ඉවතට විසි වෙයි
බලාපොරොත්තු කඩවූ ශ්‍රී ලංකා කණ්ඩායම් 10ක් විසිවෙයි
ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා 8කට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයකට බලාපොරොත්තු වූ දක්ෂතා අතරට පැමිණීමට නොහැකිව තිබේ. ඒ අනුව තරගාවලියේ පස්වැනි දිනය වන විට කණ්ඩායම් 8කට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත. ඒකල හා කණ්ඩායම් වශයෙන් පැවති මෙම ක්‍රීඩා 8 සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනා පළමු වටයෙන්ම ඉවත් වීම විශේෂත්වයක් විය. බර ඉසිලීම පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී, පදක්කම් තුනක් දිනාගත් බර ඉසිලීමේ කණ්ඩායමට ආසියානු ක්‍රීඩා උළෙලේ දී බලාපොරොත්තු සුන් කර ගනිමින් නැවත සිය රට බලා පැමිණීමට සිදුව තිබේ. ක්‍රීඩකයින් දෙදෙනෙකු හා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු මෙවර සහභාගී වූවද ඉන් තිදෙනෙකුටම තරගය සාර්ථකව අවසන් කිරීමේ අවස්ථාව අහිමි විය. හංසිනී ගෝමස්ට හා තිලංක පළඟසිංහට ස්නැච් ක්‍රමයෙන් මූලික බර ප්‍රමාණය තෙවරක් උත්සාහ කිරීමෙන් පසුවත් සාර්ථක කර ගැනීමට නොහැකි විය. පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම දිනා ගත් ඉන්දික දිසානායක ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට මූලික බර ප්‍රමාණය සාර්ථකව එසවීමට අපොහොසත් වීම මත ඉවත් වීමට සිදුවිණි. මෙහිදී කණ්ඩායමේ ගෞරවය රැකගත් චමරි වර්ණකුලසූරිය කිලෝග්‍රෑම් 53 ට අඩු බර පන්තියට ඉදිරිපත් වෙමින් ක්ලීන් ඇන් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 96 ක බරක් ඔසවමින් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත් වූවාය. ඇය එසවූ සමස්ත බර ප්‍රමාණය වූ කිලෝග්‍රෑම් 169 අනුව ඇයට හිමි වූයේ තරගයේ 10 වැනි ස්ථානය යි. මල්ලවපොර එක් ක්‍රීඩකයෙකු මීට සහභාගී වූ අතර ඔහුට මූලික වටයේදී පළමු වටයෙන්ම ඉවත් වීමට සිදු වූයේ තරගාවලියේ පළමු දිනය ආරම්භ වීමත් සමගයි. ටෙනිස් මෙවර ක්‍රීඩකයින් දෙදෙනෙකු හා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගී වූ අතර, අවසන් ක්‍රීඩිකාවන් 64 දෙනොගේ වටයේදී අනීකා සෙනෙවිරත්න මොගෝලියානු ක්‍රීඩිකාවක පරාජය කරමින් අවසන් 32 අතරට පිවිසීමට සමත් වුවද ඇයට එම තරගයෙන් පරාජය වීමට සිදු විය. මීට පිරිමි කේවල අංශයෙන් සහභාගී වූ තිවංක ශාමෙල් ද මාලදිවයින් ක්‍රීඩකයෙකු අවසන් 64 වටයේදී පරාජය කරමින් අවසන් 32 වටයට පිවිසියේ ය. නමුත් ඔහුට ද අනීකාට මෙන්ම එම වටයේදී පරාජය වීමට සිදු වූයේ එක් වටයක් හෝ ජය ගැනීමේ අවස්ථාව නොලබමිනි. සෙස්සන් වූ යසිත් ද සිල්වා හා අංජලිකා කුරේරාට කේවල ඉසව්වෙන් පළමු වටයෙන්ම දරුණු පරාජයන්ට මුහුණ දීමට සිදු වූහ. ටෙනිස් කණ්ඩායම පිරිමි යුගල, කාන්තා යුගල හා මිශ්‍ර යුගල ඉසව් සඳහා ද ඉදිරිපත් වුවද, එහිදී ද ඔවුන්ට අත්වූයේ පළමු වටයේදීම පරාජය භාර ගැනීමට ය. ටයිකොන්ඩෝ මෙවර ටයිකෝන්ඩෝ ඉසව්වට ක්‍රීඩකයන් තිදෙනෙකු හා ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගී වුවත් ඉන් 5 දෙනෙක්ටම පළමු වටයෙන්ම ඉවතට විසි වීමට සිදු වූහ. ඉන් එක් ක්‍රීඩිකාවක තරගයෙන් ඉවත්ව ඇති අතර අනෙක් සියලු දෙනා පරාජයට පත් වූහ. අද පැවති කිලෝග්‍රෑම් 49ට අඩු බර පන්තියේ අවසන් 16 අතර තරගයකදී කුමුදු කල්පනී පකිස්ථාන ක්‍රීඩකාවක 28-14 ක් ලෙස පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා ය. ඇය එම තරගය ද ජය ගත්තේ නම් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට අවස්ථාව තිබුණ ද, එම වටයේදී ඇයට ජපාන ක්‍රීඩකාවක හමුවේ දැවැන්ත පරාජයකට මුහුණ දීමට සිදු වූවාය. කබඩි කබඩි ක්‍රීඩාවෙන් සාධනීය වෙනසක් සිදු කිරීමට කාන්තා කණ්ඩායම උත්සහ කළ ද ඔවුනට ද සිදු වූයේ පළමු වටයෙන් ඉවතට විසි වීමටයි. පළමු තරගයේදීම තායිලන්තය හමුවේ පරාජය වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්, ඉන්දුනීසියාව හා ජපානය පරාජය කරමින් පදක්කමක් ලබා ගැනීමේ බලාපොරොත්තු ඉහළ නංවා ගත්තා ය. කෙසේ වෙතත් මූලික යටයේ අවසන් තරගයේදී ප්‍රබල ඉන්දියාව හමුවේ දැවැන්ත පරාජයක් හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව පළමු තරගයේදී ආබාධයකට ලක් වීමෙන් රෝහල්ගත කල බවට ද වාර්තා විය. නමුත් පසුව වාර්තා වූයේ ඇය ආබාධය සහිතව තරගයට සහභාගී වී ඇති බව ය. කබඩි පිරිමි කණ්ඩායම මූලික වටයේ සහභාගී වූ තරග 4න් ජය ගත්තේ එක් තරගයක් පමණි. ඔවුහු තායිලන්තය පරාජය කළ ද ඉන්දියාව, බංග්ලාදේශය හා කොරියාව හමුවේ පරාජයට පත් වූහ. මෙවර පදක්කමක් දිනා ගැනීමේ වැඩි අවධානයකින් සහභාගී වූ කබඩි කණ්ඩායමට බලාපොරොත්තු සුන් කර ගැනීමට සිදුවීම හේතුවෙන්, එම සංගමේ සභාපති අනුර පතිරණ මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ද වාර්තා වේ. බීච් වොලිබෝල් අතීතයේ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු මට්ටමේදී දක්ෂතා දැක් වූ මෙම ක්‍රීඩාවට මෙවර එක් කණ්ඩායමක් පමණක් ඉදිරිපත් විය. අසංක ප්‍රදීප් කුමාර හා ශෂිමාල් යාපා සහභාගී වූ මෙම තරගාවලියේ ශ්‍රී ලංකාවට පරාජය කළ හැකි වූයේ දකුණු කොරියාව පමණි. කසක්ස්තානය හා කටාර් කණ්ඩායම් හමුවේ පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු වටයෙන්ම නැවති සිය රට බලා පැමිණීමට සිදුව ඇත. වුෂූ මෙවර වුෂූ ක්‍රීඩාවේ සන්දා ඉසව්වට ක්‍රීඩකාවක් හා ක්‍රීඩකයෙක් පමණක් සහභාගී වූහ. එහිදී මධුමාලී වීරසිංහට පළමු වටයෙන් ඉවත් වීමට සිදු වූ අතර නිපුන බලවර්ධනට පදක්කමක් හිමි කර ගැනීමේ මහඟු අවස්ථාවක් ගිලිහී ගියේ ය. සුපිරි 16 වටයේදී ලාඕස් ක්‍රීඩකයෙකු පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි නිපුන, එම වටයේදී වියට්නාමයේ 19 හැවිරිදි ක්‍රීඩකයෙකු හමුවේ පරාජයට පත් විය. නිපුන එම වටය ජය ගත්තේ නම් ඔහුට ලෝකඩ පදක්කම හිමි වන අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව තිබිණි. ස්කෝෂ් මෙවර ක්‍රීඩකයින් දෙදෙනෙකු හා ක්‍රීඩිකාවන් දෙදෙනකු මීට සහභාගී වුවද තරගාවලිය සංචාරයක් පමණක් කර ගත් ඔවුහු ස්කොෂ් තරග පැවති පළමු දිනයේදී පළමු වටවලදීම වට 3-0 ලෙස කේවල ඉසව්වලදී පාරාජය වූහ. මෙවර රවිඳ ලක්සිරි, මොහොමඩ් වකීල්, මිහිලියා මෙත්සරණි හා නවුෂාඩ් ඉසඩීන් සහභාගී වූහ. ඔරු පැදීම ක්‍රීඩා උළෙලේ ඔරු පැදීමේ තරග සඳහා සිව් දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් මෙවර සහභාගී වේ. කණ්ඩායම් ඉසව්වට පමණක් සහභාගී වන මොවුන් මූලික වටයේදී හිමි කර ගත්තේ, කණ්ඩායම් අටෙන් 8 වන ස්ථානය යි. එහිදී ජය වාර්තා කළ පළමු කණ්ඩායම් දෙක අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් අතර පරාජිත කණ්ඩයම් 6 අතර පැවති තරගයෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ, අවසන් ස්ථානය වේ. මේ වන විට ශ්‍රී ලංකාව අවසන් කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරගයට සහභාගී වනු ඇත. දුනු විදීම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදින එකම ක්‍රීඩකයාට ද අද තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. ඒ, අවසන් ක්‍රීඩකයින් 16 දෙනාගේ වටයේදී චීන තායිපේ ක්‍රීඩකයෙකු හමුවේ ලැබූ පරාජයත් සමගිනි.
2018-08-23T03:12:23.000Z
උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම ඇරඹෙයි
උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම ඇරඹෙයි
COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම අද ආරම්භ විය. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ, ලබන 5 වන දා දක්වා උත්තර පත්‍ර ඇගයීම සිදුවන බවයි. ඒ වෙනුවෙන් දිවයින පුරා පිහිටුවා ඇති මධ්‍යස්ථාන ගණන 37 කි. අද විෂයන් 28 ක පිළිතුරු පත්‍ර ඇගයීම ආරම්භ කර ඇත. විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, අනෙක් විෂයන්වල පිළිතුරු පත්‍ර ඇගයීම විභාගය අවසන් වීමෙන් පසු සිදු කරන බවයි.
2018-08-22T23:43:41.000Z
ඇඹිලිපිටියේදී අඹ අපනයන කලාපයක් ඇරඹෙයි
ඇඹිලිපිටියේදී අඹ අපනයන කලාපයක් ඇරඹෙයි
COLOMBO (News 1st) - මෙරට ප්‍රථම අඹ අපනයන කලාපයක් ඇඹිලිපිටියේදී ආරම්භ කර තිබේ. පොහොසත් රටක් 2025 යන ව්‍යාපෘතියට අනුව රට පුරා ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන යටතේ ඇඹිලිපිටියේ අඹ පැළ 60,000 ක් වගා කිරීමට නියමිත ය. මේ යටතේ ඇඹිලිපිටියේ ග්‍රාම සේවා කොට්ඨාස 40 ක අඩු ආදායම්ලාභී පවුල් සඳහා අඹ පැළ ප්‍රදානය කිරීම ද සිදු විණි. අඹ අස්වැන්න වී අළෙවි මණ්ඩලයට අයත් ගබඩාවල ගබඩා කෙරෙනු ඇත.
2018-08-22T23:05:23.000Z
පෞද්ගලික රෝහල් මිල ලබන සතියේ නියාමනය කරන බව සෞඛ්‍ය ඇමති කියයි
පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේ
COLOMBO (News 1st) - පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේ සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ යටතේ විවිධ අයකිරීම් 53 ක මිල නියාමනය කරන බව ය. මිල නියාමනය කිරීමේ අවසන් ලැයිස්තුව කඩිනමින් ලබා දෙන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය. වාර්තාව ලැබුණු පසු මිල නියාමනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසූවේ, සැත්කම්, රසායනාගාර පරීක්ෂණ, දරු ප්‍රසූත ඇතුලු විවිධ අයකිරීම් මෙහිදී නියාමය කරන බව යි.
2018-08-22T21:32:01.000Z
ස්වර්ණාභරණ තොගයක් සමග කාන්තාවන් සිව්දෙනෙකු අත්අඩංගුවට
ස්වර්ණාභරණ රැගෙනා ආ කාන්තාවන් සිව්දෙනාට වැඩ වරදී
COLOMBO (News 1st) - නීති විරෝධීව මෙරටට රැගෙන ආ ස්වර්ණාභරණ තොගයක් සමග කාන්තාවන් සිව්දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගු අත්අඩංගුවට පත් ව තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, ඔවුන් සිංගප්පූරුවේ සිට මුම්බායි හරහා දිවයිනට පැමිණ ඇති බවයි. සොයාගත් ස්වර්ණාභරණ තොගයේ වටිනාකම රුපියල් 95 ලක්ෂ 71320 කි. ඔවුන් පිළියන්දල, බත්තරමුල්ල සහ මුල්ලේරියාව යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ. https://www.facebook.com/NewsfirstSL/videos/461149494373119/
2018-08-22T21:13:27.000Z
"රහස් හෙළි කිරීමට සූදානම්"- මයිකල් කොහේන්ගෙන් ට්‍රම්ප්ට අනතුරු අඟවීමක්
මයිකල් කොහේන්ගෙන් ට්‍රම්ප්ට අනතුරු අඟවීමක්!
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රහස් හෙළි කිරීමට සූදානම් බව ඔහුගේ හිටපූ පෞද්ගලික නීතිඥ මයිකල් කොහේන් පවසයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ අමෙරිකානු ජනාධිපතිවරණයට රුසියාව මැදිහත්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන සඳහා සහයදීමට කැමති බව ය. මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී මූල්‍ය නීති උල්ලංඝණය කළ බවට එල්ලවන චෝදනාවලට තමා වරදකරු බව මයිකල් කෝහෙන් ඊයේ නිව්යෝර්ක් අධිකරණයකදී පිළිගත්තේ ය. ඔහු සඳහන් කළේ, මැතිවරණයට බලපෑම් කිරීමේ අරමුණින් ජනපති ට්‍රම්ප්ගේ උපදෙස් මත තමන් එය සිදුකළ බවයි. ජනපති ට්‍රම්ප් සමග පැවති පෞද්ගලික සබඳතාවක් මාධ්‍යට හෙළි කිරීම වැළැක්වීම සඳහා කාන්තාවකට මුදල් ලබාදුන් බව ද ඔහු පැවසීය. බැංකු වංචා, බදු ගෙවීම් පැහැර හැරීම් ඇතුලු චෝදනා 8 කට වරදකරු බව පිළිගැනීමත් සමග මයිකල් කෝහෙන්ට නියම කළ වසර 65 ක සිරදඬුවම වසර 5 ක් සහ මාස 3 ක් දක්වා සීමා වනු ඇති. මේ අතර ජනපති ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල හිටපු සභාපති පෝල් මැනෆෝර්ට් ද බැංකු සහ බදු වංචාවලට සම්බන්ධ වරදකරුවෙකු බව වර්ජනියා අධිකරණය ඊයේ තීන්දු කළේ ය. අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, මයිකල් කොහේන් ලාභ ලැබීමේ අරමුණින් සාවද්‍ය ප්‍රකාශ කරන බවයි. කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ ජනපති ට්‍රම්ප්ට ද නීතිය හමුවේ පෙනීසිටීමට සිදුවනු ඇති බවට මත පළ වුව ද ජනාධිපති ධූරයේ රැඳී සිටින තෙක් ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනුකළ නොහැකි බව විචාරකයින් පෙන්වා දෙනු ඇත.
2018-08-22T20:55:55.000Z
බෝතල් කළ පානීය ජලය භාවිතයේදී විමසි‍ලිමත් වන්නැයි උපදෙස්
බෝතල් කළ පානීය ජලය භාවිතයේදී ඔබ දැනුවත් ද?
COLOMBO (News 1st) - වෙළෙඳපොළේ පවතින බෝතල් කළ පානීය ජලය භාවිතයේදී විමසි‍ලිමත් වන්නැයි, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික යසස් මුදලිගේ මහතා සඳහන් කළේ, පාසල් නිවාඩු සමයේ චාරිකා යාමේදී නිවසින් ජලය ගෙනයාම වඩාත් සුදුසු බවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික යසස් මුදලිගේ මහතා සඳහන් කළේ, දුර ගමන් සේවා බස් රථ නැවතුම්වල පවතින ආපනශාලා පරීක්ෂාව වැඩිකර ඇති බව ය. මීට පෙර ලබා දී ඇති නිවේදන අනුව ක්‍රියාත්මක නොවන ආපනශාලා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව ද ඔහු අවධාරණය කර ඇත.
2018-08-22T20:00:17.000Z
බදුල්ලේ විශේෂඥ වෛද්‍යවරයා අනුරාධපුර ශික්ෂණ රෝහලට
බදුල්ලේ විශේෂඥ වෛද්‍යවරයා අනුරාධපුර ශික්ෂණ රෝහලට
COLOMBO (News 1st) - අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය සැත්කම් සඳහා බදුල්ල මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා අනියුක්ත කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්ථාන මාරුවීම ලබාදී ඇති බව ය. නතරවුණු සැත්කම් කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බව ද ඔහු පැවසුවේ ය. අනුරාධපුර රෝහලේ සේවය කළ ස්නායු ශල්‍ය වෛද්‍යවරයා පහර කෑමකට ලක්වීම හේතුවෙන් රෝහලේ ස්නායු ශල්‍ය සැත්කම් සිදුකිරීම සඳහා බාධා මතු ව තිබේ. ඉන්, මේ වන විට පීඩාවට පත් ව ඇති රෝගීන් සංඛ්‍යාව 800 කි. පසුගිය 3 වන දා පෙරවරුවේ හිඳගල මාර්ගයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරය අසළ සිය මෝටර් රථය නවතා සිටියදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය යොහාන් කෝරලගේ මහතාට මෙම පහරදීම සිදු විය.
2018-08-22T19:42:24.000Z
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩු විභාගය හෙට
ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩු විභාගය හෙට
COLOMBO (News 1st) - ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පවරන ලද ප‍්‍රථම නඩුව හෙට කැඳවීමට නියමිතව ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. මෙම විශේෂ මහාධිකරණය පිහිටවනු ලැබුවේ, නඩු ප්‍රමාදවීම මගහැරවීමේ අරමුණිනි. නීතිපති ජයන්ත ජයසුරීය මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුලු සිව්දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව විශේෂ මහාධිකරණය හමුවේ ප්‍රථමයෙන් කැඳවීමට නියමිතව ඇති බවයි. ලිට්ට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය සාපරාදි පරිහරණය ඇතුලු අධිචෝදනා 24 ක් යටතේ මෙම නඩුව පවරා තිබේ. ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම විනිසුරු මඩුල්ල වන කොළඹ මහාධිකරණයේ කටයුතු කරන සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාගයට ගැණෙනු ඇති. නීතිපති ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළේ, විශේෂ මහාධිකරණයේ අධිකාරී පත‍්‍රය කොළඹ මහාධිකරණයේ ප‍්‍රධාන ලේඛධිකාරීවරයාට භාරදී ඇති බවයි. ඒ අනුව හෙට සිට එහි නඩු විභාග කිරීම සඳහා නීතිමය අවසරය හිමි ව තිබේ.
2018-08-22T19:27:22.000Z
අර්ධ සුඛෝපභෝගී බස් සේවය ඉවත් කිරීම පිළිබඳ සෙවීමට විශේෂ කමිටුවක්
අර්ධ සුඛෝපභෝගී බස් ඉවත් කිරීම ගැන සෙවීමට කමිටුවක්
COLOMBO (News 1st) - අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවය ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති එම්. ඒ. පී. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, අර්ධ සුඛෝපභෝගී සේවාවල නිරත බස් රථ, සාමාන්‍ය සේවා සඳහා හෝ සුඛෝපභෝගී සේවා සඳහා යෙදවීමට බස් හිමියන්ට අවස්ථාව දී ඇති බවයි. ඊට අදාළ කරුණු විමසීම් මේ දිනවල සිදුවනු ඇති. බස් හිමියන් 50 දෙනෙකු මේ වන විටත් සේවා මාරු කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වා ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේ ය. එම සියලු කරුණු ඇතුළත් වාර්තාව භාරදීමෙන් පසු අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා ඇත.
2018-08-22T19:07:46.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත් 1. ජපාන ආරක්ෂක ඇමති ත්‍රිකුණාමලයේ සහ හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක: ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩේරා මහතා ඊයේ පස්වරුවේ හම්බන්තොට වරායේ සහ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි, වරාය ආශ්‍රිත නිරීක්ෂණ චාරිකාව නිරත විය. 2. කණ්ඩලමේ මුවෙක් දඩයම් කෙරූ තිදෙනෙකුට වැඩ වරදී: දඹුල්ල කණ්ඩලම වැව් රක්ෂිතයේ මුවෙකු මරා මස් කිරීමට සුදානම්ව සිටි තිදෙනෙකු දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් කණ්ඩලම තලවගහඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. 3. ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි හිටපු ජනපති හමුවෙයි: භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි මහතා අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු විය. ඒ, වීරකැටිය මැදමුලන රාජපක්ෂ නිවසේදී ය. 4. රාජ්‍ය සේවක වැටුප් විෂමතා පිළිබඳ සොයා බැලීමේ කොමිසම ගැසට් කෙරේ: රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය කර ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනාධිපතිතුමාගේ නියෝග මත විශේෂ කොමිසමක් පත් කර තිබේ. ඊයේ රාත්‍රියේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ කොමිසම සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත අතර එහි සභාපතිත්වය දරන්නේ හිටපු ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රනුග්ගේ මහතා ය. විදෙස් පුවත් 5. වෙනිසුවෙලාවට ප්‍රභල භූ කම්පනයක්: වෙනිසුවෙලාවේ කැරකාස් අගනුවර ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. එහි ප්‍රබලත්වය සටහන් වූයේ, මැග්නිටියුඩ් ඒකක 7.3ක් ලෙස ය.
2018-08-22T10:47:34.000Z
ජපාන ආරක්ෂක ඇමති ත්‍රිකුණාමලයේ සහ හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක
ජපාන ආරක්ෂක ඇමති හම්බන්තොට නිරීක්ෂණ චාරිකාවක
COLOMBO (News 1st) - ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩේරා මහතා අද පස්වරුවේ හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාව නිරත වූ බව අප වාර්තාකරු සඳහන් කළේ ය. ගුවන් මගින් හම්බන්තොටට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍යවරයා අනතුරුව හම්බන්තොට වරාය පරිශ්‍රය නිරීක්ෂණය කර ඇත. මේ අතර නාවික හමුදාව සඳහන් කළේ, ජපාන ආරක්ෂක අමාත්‍යවරයා අද පෙරවරුවේ නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරය කළ බවයි. එහිදී නාවික හමුදා සම්ප්‍රදානුකූලව සම්මාන මුරයක් ජපාන ආරක්ෂක අමාත්‍යවරයාට පිරිනැමුණු අතර නැගෙනහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා විසින් ඔහු පිළිගනු ලැබිණි. අනතුරුව නැගෙනහිර නාවික විධායන භාර නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නන්දන ජයරත්න මහතා විසින් නැගෙනහිර නාවික විධානයේ ව්‍යූහය සහ නාවික හමුදාව කරණු ලබන කාර්යභාරය සම්බන්ධයෙන් ජපාන ආරක්ෂක අමාත්‍යවරයා දැනුවත් කළේ ය. සුහද සංචාරයක් සඳහා පසුගිය 20 වන දා දිවයිනට පැමිණි ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් -ඉකසුචී- නෞකාවේ නිරීක්ෂණ චාරිකාවට ද ජපන් ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී එක් විය.
2018-08-22T06:46:04.000Z
කණ්ඩලමේ මුවෙක් දඩයම් කෙරූ තිදෙනෙකුට වැඩ වරදී
කණ්ඩලමේ මුවෙක් දඩයම් කෙරූ තිදෙනෙකුට වැඩ වරදී
COLOMBO (News 1st) - දඹුල්ල කණ්ඩලම වැව් රක්ෂිතයේ මුවෙකු මරා මස් කිරීමට සුදානම්ව සිටි තිදෙනෙකු දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් කණ්ඩලම තලවගහඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. පොලීසියට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රියේ සිටි වටලා සිටි පොලීසිය අද පෙරවරුවේ සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ දැඩි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුවයි. සැකකරුවන් තිදෙනා සමග සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා පතොරොත් තුවක්කුවක් සහ ජීවි උණ්ඩ පොලිස්භාරයට ගැණිනි. සැකකරුවන් අද දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/448980968932155/
2018-08-22T05:54:26.000Z
ශ්‍රී.ල.නි.ප ආසන සංවිධායකවරු නොමැති දිස්ත්‍රික්කවලට ආසන සංවිධායකවරු තෝරා ගැනීමට කමිටු පත් කෙරෙයි
ශ්‍රී.ල.නි.ප ආසන සංවිධායකවරු තේරීමට කමිටු පත්කෙරේ
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු නොමැති දිස්ත්‍රික්ක සඳහා ආසන සංවිධායකවරු තෝරා ගැනීමට කමිටු පත් කර තිබේ. පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, ආසන සංවිධායකවරු සඳහා ඉල්ලුම් කරන ලද අයගේ අයැදුම්පත් පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට එම කමිටුවලට පවරා ඇති බවයි. ඉන් අනතුරුව අදාළ නිර්දේශ ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. යාපනය දිස්ත්‍රික්කය, නැගෙනහිර පළාත, වයඹ පළාත, දකුණු පළාත, ගාල්ල දිස්ත්‍රික්කයන්හි ආසන සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ ය.
2018-08-22T05:03:26.000Z
මහනුවර ශික්ෂණ රෝහලට නව හදිසි අනතුරු ඒකකයක්
මහනුවර ශික්ෂණ රෝහලට නව හදිසි අනතුරු ඒකකයක්
COLOMBO (News 1st ) - මහනුවර ශික්ෂණ රෝහලට නව හදිසි අනතුරු ඒකකයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ. රෝහල් අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා සඳහන් කළේ, නව හදිසි අනතුරු ඒකකය ඇඳන් 190 කින් සමන්විත බවයි. මහනුවර ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයක් නොමැති අතර හදිසි ප්‍රතිකාර ඒකකයක් පමණක් දැනට ක්‍රියාත්මක වේ. රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, එම හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන බව යි. අලුතින් ස්ථාපිත කෙරෙන හදිසි අනතුරු ඒකකයට ඇඳන් 06 කින් සමන්විත දැඩි සත්කාර ඒකකයක් ද ඇතුළත් වේ.
2018-08-22T04:49:40.000Z
වඳුරඹදී නිධන් හැරූ පුද්ගලයින් 16 දෙනෙකුට වැඩ වරදී
වඳුරඹදී නිධන් හැරූ පුද්ගලයින් 16 දෙනෙකුට වැඩ වරදී
COLOMBO (News 1st) - වේයන්ගොඩ, වඳුරඹ ප්‍රදේශයේ විහාරස්ථානයකට අයත් ඉඩමක නිධන් හැරූ සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අදාළ විහාරස්ථානයට අයත් පිං කුඹුර නැමති ස්ථානයේ නිධානයක් හාරා ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත පැවැත් වූ විමර්ශනයකින් අනතුරුව මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි. අදාළ සැකකරුවන් එම ස්ථානයේ අඩි 12 ක පමණ වලක් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් හාරා ඇති අතර එම යන්ත්‍රය මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩබිමක සේවය සඳහා යොදා ගැණුනක් බවට අනාවරණය කර ගැනීමට පොලීසිය සමත් වී ඇත. ඉන් අනතුරුව එහි රියැදුරා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලදී සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් අද අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
2018-08-22T03:09:21.000Z
ආසියානු ක්‍රීඩා උළෙලේදී සහය පිහිණුම් තරග ඉසව්වේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව බිඳ වැටෙයි
සහය පිහිණුම් තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉවතට
COLOMBO (News 1st) - ආසියාවේ ශක්තිය තේමා කොට ගත් 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග අද සිව් වන දිනටත් පැවැත්වේ. අද දිනයේ ආරම්භක තරග ලෙස පැවැත්වුණේ පිහිණුම් තරග ඉසව්වයි. එහි ශ්‍රී ලංකා නියෝජනය සිදු වූයේ පිරිමි මීටර් 100x4 නිදහස් ආර සහය පිහිණුම් ඉසව්වේ ය. ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ, කයිල් අබේසිංහ, චෙරන්ත ද සිල්වා සහ අකලංක පිරීස් මෙම තරග ඉසව්වට සහභාගී වූහ. එම තරග ඉසව්වේ දෙවන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසනාවන්ත ලෙස තරගයෙන් ඉවත් වීමට සිදු වුණේ තරගයේ නියමිත නීති හා රෙගුලාසි කඩ කිරීම හේතුවෙනි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මීටර් 100x4 පිරිමි නිදහස් ආර සහය පිහිණුම් කණ්ඩායම මෙලෙස තරගයේ නීතී රීති කඩ කළ ආසන්න දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර නිමාවට පත් වූ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මෙම තරග ඉසව්වේ අවසන් මහා තරගයේදී ද මෙලෙස ශ්‍රී ලංකා සහය පිහිණුම් කණ්ඩායම තරගයෙන් ඉවත් විය. මේ අතර පිරිමි කිලෝග්‍රෑම් 63 බර පන්තියේ ටයිකොන්ඩෝ තරග ඉසව්වේ අවසන් 16 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ චලින්ද සම්පත් සමත් විය. ඒ, තරගයේ මූලික වටයේ පැවති තරගයකදී ජපානයේ හොම්මා මැසනොජොව පරාජය කරමිනි. ලකුණු 21 ට 18 ක් ලෙස සම්පත් තරගය ජය ගත්තේ ය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ චලින්ද සම්පත්ට එම තරග ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි විය. ඒ අවසන් 16 දෙනාගේ තරග වටයේදී උස්බකිස්ථාන ක්‍රීඩකයෙකු හමුවේ පරාජයට පත් වීම හේතුවෙනි. ලකුණු 22 ට 6 ක් ලෙස චලින්ද එම තරගය පරාජයට පත් විය.
2018-08-22T01:20:45.000Z
ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි හිටපු ජනපති හමුවෙයි
ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි හිටපු ජනපති හමුවෙයි
COLOMBO (News 1st) - භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන ආචාර්ය සුබ්‍රමනියන් ස්වාමි මහතා අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු විය. ඒ, වීරකැටිය මැදමුලන රාජපක්ෂ නිවසේදී ය. සුබ්‍රමනියන් ස්වාමි මහතා රාජපක්ෂ නිවසේ තැන්පත් කර තිබූ මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරු චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහයට ද අවසන් ගෞරව දක්වනු ලැබී ය.
2018-08-22T01:03:39.000Z
අවුරුදු 18ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශගත වීමට අවසර ලබා නොදෙන්නැයි ඉල්ලීමක්
විදෙස්ගත වන මව්වරුන් සම්බන්ධයෙන් ඉල්ලීමක්
COLOMBO (News 1st) - වයස අවුරුදු 18ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශගත වීමට අවසර ලබා නොදෙන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදේශ රැකියා අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කරයි. ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති එච්. අබේරත්න මහතා සඳහන් කළේ එම ලිපිය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය මගින් අදාළ අමාත්‍යංශය වෙත යොමු කළ බව ය. වයස අවුරුදු 5ට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ රැකියා සඳහා පිටත් වීම සම්බන්ධයෙන් නීතිමය පසුබිම විදේශ රැකියා නියුක්ති කාර්යංශය තමන්ගෙන් විමසා තිබූ බව ද ඔහු පැවසුවේ ය. එම විමසීමට පිළිතුරු ලෙස වයස අවුරුදු 18ට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශගත නොකරන ලෙසට දන්වා ලිපියක් යැවූ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. මේ අතර විදේශගත වන දරුවන් සිටින කාන්තාවන්ගේ පවුල් පසුබිම් වාර්තා ගැනීම පිළිබඳව යළි සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කර තිබේ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ගත් තීරණයක් අනුව ය. අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, එම කමිටුව සඳහා අමාත්‍යවරුන් වන සරත් අමුණුගම, හරීන් ප්‍රනාන්දු , තලතා අතුකෝරළ, චන්ද්‍රානි බණ්ඩාර සහ තමන් ඇතුළත් බව ය. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිදු කළ ඉල්ලීමක් අනුව අදාළ කමිටුව පත් කර තිබේ. මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, කාන්තාවන් විදේශගත වීමේදී ඉදිරිපත් කරන පවුල් පසුබිම් වාර්තා සම්බන්ධයෙන් ගැටලු රැසක් මතුව ඇති බව ය. ඒ හරහා වංචා රැසක් සිදුව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ හේතුවෙන් විදේශගත වීමේදී කාන්තාවන් සම්බන්ධයෙන් පවුල් පසුබිම් වාර්තා වෙනුවට වෙනත් ක්‍රියා මාර්ගයකට අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය.
2018-08-21T23:57:06.000Z
පේරාදෙණිය සරසවි සිසුන් පිරිසකගේ නොමනා ක්‍රියා හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු සැත්කම් නවතී
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු සැත්කම් නවතී
COLOMBO (News 1st) - අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය සැත්කම් සියල්ල තවදුරටත් අත්හිටුවා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මේ පිළිබඳව කළ විමසීමකදී රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා සඳහන් කළේ, ශල්‍යකර්ම සිදු කිරීමට ඇති රෝගීන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවන බව ය. පහර දීමක් හේතුවෙන් දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබන අනුරාධපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා මෙතෙක් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් සැත්කම් නවතා දැමීමට සිදු වූ බව ද ඔහු පැවසුවේ ය. වැඩ බලන රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ, පුහුණුව ලත් වෛද්‍යවරයෙකු සැත්කම් සිදු කිරීම සඳහා ලබන සඳුදා සිට රෝහලට අනියුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය එකඟ වී ඇති බව ය. මේ අතර පහර කෑමට ලක් වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය යොහාන් කෝරළගේ මහතා පැවසුවේ, වෛද්‍ය වාර්තා අනුව තවත් මාස තුනක් යන තෙක් යළි සේවයට වාර්තා කිරීමට තමන්ට නොහැකි වන බව ය. පසුගිය 3 වන දා පෙරවරුවේ හිඳගල මාර්ගයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරය අසල සිය මෝටර් රථය නවතා සිටියදී අදාළ වෛද්‍යවරයාට මෙම පහර දීම සිදු විය. පහර කෑමෙන් තුවාල ලැබූ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයා පේරාදෙණිය මහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඉන් පිටව ගියේ පසුගිය 18 වන දා ය. එම වෛද්‍යවරයාට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් මෙම පහර දීම සිදු කර ඇති අතර පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 3 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ය.
2018-08-21T23:33:32.000Z
මන්නාරම සමූහ මිනී වළෙන් සොයා ගත් මිනිස් ඇට සැකිළි සංඛ්‍යාව 90 දක්වා ඉහළට
මන්නාරම සමූහ මිනී වළෙන් ඇට සැකිළි 90ක් සොයා ගැනේ
COLOMBO (News 1st) - මන්නාරම සමූහ මිනී වළේ කැණීම්වලදී සොයා ගත් මිනිස් ඇට සැකිළි සංඛ්‍යාව 90ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ස්ථානයේ කැණීම් ආරම්භ කෙරුණේ, පසුගිය මාර්තු මාසයේදී මන්නාරම සතොස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා පොළව කැනීමේදී අස්ථි කොටසක් සොයා ගැනීමත් සමග ය. මන්නාරම අධිකරණයේ නියෝගයකට අනුව මෙම කැණීම පසුගිය මැයි මස 28 වන දා ආරම්භ කෙරිණි. ඒ සඳහා මන්නාරම රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ චමින්ද රාජපක්ෂ මහතා ඇතුළු අධිකරණ වෛද්‍ය නිලධාරීන් පිරිසක් හා වෝහාරික පුරාවිද්‍යා පරීක්ෂණ සඳහා ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා එක්ව සිටිති. සොයා ගත් ඇට සැකිළි අතර කුඩා ළමයින් 7 දෙනෙකුගේ ඇට සැකිළි ද වේ. ඇතැම් ඇට සැකිළි වයෝවෘද්ධ කාන්තාවන්ගේ හා පිරිමින්ගේ බව ද නිලධාරීහු ප්‍රකාශ කළහ. අප කළ විමසීමකදී මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසුවේ, මෙම පුද්ගලයින්ගේ සිරුරු වළ දමා ඇත්තේ අවිධිමත් ආකාරයෙන් බව ය. එය ඉතා කලබලයෙන් සිදු කළ ක්‍රියාවක් බව ද පරීක්ෂණවලදී හෙළිව තිබේ. මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසුවේ, කැණීම්වලින් අනතුරුව මන්නාරම අධිකරණයට සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන බව ය.
2018-08-21T22:31:12.000Z
අලුතින් සමෘද්ධි සහනාධාරය ඉල්ලා අයැදුම්පත් ලක්ෂ 5ක්
අලුතින් සමෘද්ධි සහනාධාරය ඉල්ලා අයැදුම්පත් ලක්ෂ 5ක්
COLOMBO (News 1st) - අලුතින් සමෘද්ධි සහනාධාරය ඉල්ලා අයැදුම්පත් ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ජේ. දඩල්ලගේ මහතා සඳහන් කළේ, එම අයැදුම්පත් යොමු කළ පුද්ගලයින්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කෙරෙන බව ය. සුදුසුකම් ඇති 150000 කට ලබන මාසය තුළ සමෘද්ධි සහනාධාරය ලබා දෙන බව ද ඔහු පැවසුවේ ය. දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් සංඛ්‍යාව දහතුන් ලක්ෂයකට අධිකයි.
2018-08-21T22:04:02.000Z
රාජ්‍ය සේවක වැටුප් විෂමතා පිළිබඳ සොයා බැලීමේ කොමිසම ගැසට් කෙරේ
රාජ්‍ය සේවක වැටුප් පිළිබඳ සෙයා බැලීමේ කොමිසම
COLOMBO (News 1st) - රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය කර ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනාධිපතිතුමාගේ නියෝග මත විශේෂ කොමිසමක් පත් කර තිබේ. ඊයේ රාත්‍රියේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ කොමිසම සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත අතර එහි සභාපතිත්වය දරන්නේ හිටපු ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන එස්. රනුග්ගේ මහතා ය. කොමිසමේ ලේකම්වරයා ලෙස එච්.ජී. සුමනසිංහ මහතා පත් කර තිබේ. කොමිසම මගින් දැනට විවිධ අසමානතාවයන්ට ලක්ව ඇති එක් එක් සේවාවල වැටුප් තල සමාලෝචනයට ලක් කර ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීම මෙම කොමිසම හරහා සිදු කරනු ඇති. මීට අමතරව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සේවයට යෝජිත වැටුප් පරිමාණය ලබා දීමේදී ඇති වන බලපෑම අධ්‍යයනය කිරීම සහ එහිදී මතු වන ගැටලු විසඳීම සඳහා ක්‍රමවේද යෝජනා කිරීම ද මෙම කොමිසම මගින් සිදු කරන කාර්යයන් අතරට ඇතුළත් ය. මෑතකදී වැටුප් හා දීමනා වැඩි කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කරන ලද දුම්රිය සේවය, සෞඛ්‍ය, උසස් අධ්‍යාපන හා අධ්‍යාපන, තැපැල් සේවය ආදී ක්ෂේත්‍ර සඳහා දැනට ක්‍රියාත්මක වන වැටුප් චක්‍ර ලේඛ මගින් වැටුප් විෂමතාවයන් සිදුව ඇත්නම් එය අවම කිරීම සඳහා විසඳුම් යෝජනා කිරීම ද කොමිසමේ ප්‍රධාන කාර්යයකි. පසුගිය 20 වන දා කොමිසමේ නිල කාලය ආරම්භ වන අතර මාස 2ක කාල සිමාවක් එය බලාත්මක වනු ඇති.
2018-08-21T20:17:42.000Z
වෙනිසුවෙලාවට ප්‍රභල භූ කම්පනයක්
වෙනිසුවෙලාවට ප්‍රභල භූ කම්පනයක්
(News 1st) - වෙනිසුවෙලාවේ කැරකාස් අගනුවර ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. එහි ප්‍රබලත්වය සටහන් වූයේ, මැග්නිටියුඩ් ඒකක 7.3ක් ලෙස ය. භූ කම්පනයෙන් සිදු වූ ජීවිත හෝ දේපල හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත. මේ අතර ජපානයට යළිත් වරක් ප්‍රබල සුළි කුණාටු දෙකකින් බලපෑම් එල්ල වී තිබේ. කගෝෂිමා නගරාසන්නයේ පිහිටි අමාමි දූපත්වලට කිලෝමීටර 180ක් ඈතින් පිහිටි සෝලික් සුළි කුණාටුව අද පස්වරු 4.00 පමණ වන විට ජපානයට කඩා වදිනු ඇතැයි එරට කාලගුණ බලධාරීන් පුරෝකථනය කර තිබේ. ප්‍රදේශ රැසකට ඇද හැලෙන ධාරානිපාත වැසි සහ සුළං හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුව තිබේ. කගෝෂිමා නගරයේ පවුල් 20,000කට මේ වන විටත් විදුලිය සැපයුම බිඳ වැටී අවසන් ය.
2018-08-21T20:02:53.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) 1. ඊයේ පස්වරුවේ කොළඹ පැවති විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලීසියට සිදු විය. 2. ශ්‍රීලංකන් ගුවන් සමාගම පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තු නිලධාරීන්ට අමාත්‍ය ආචර්ය සරත් අමුණුගම මහතා ඊයේ ප්‍රකාශයක් ලබා දුන්නේ ය. 3. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මිනීමැරුම් හා වෙඩි තැබීම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. 4. මින් ඉදිරියට මෙරට රජයේ වියදමින් මහා පරිමාණ විදුලි බලාගාර ඉදිනොකිරීමට තීරණය කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි. 5. මෙරට සංචාරයක නිරත ජපාන ආරක්ෂක අමාත්‍යවරයා අනූනම අවුරුදු බදු ක්‍රමය යටතේ චීන රජය විසින් පාලනය කරනු ලබන හම්බන්තොට වරායේ සංචාරයක අද නිරත වීමට නියමිත ය. විදෙස් පුවත් 6. පකිස්ථාන නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් 524 ක් වූ සිය සේවක කාර්ය මණ්ඩලය 2 දෙනෙකු දක්වා අඩු කර තිබේ. ක්‍රීඩා පුවත් 7. 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේදී පිරිමි මීටර් 50 නිදහස් ආර පිහිණුම් ඉසව්වේ 6 වන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේදී මැතිව් අබේසිංහ 5 වන ස්ථානය හිමි කර ගනී.
2018-08-21T19:49:03.000Z
අවුරුදු 35ට අඩු පුද්ගලයින්ට ත්‍රිරෝද රථ රියැදුරු බලපත්‍ර ලබා නොදීමට ගෙන ආ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි
ත්‍රිරෝද රථ රියැදුරු බලපත්‍ර ගැන ගෙන ආ යෝජනාව ඉවතට
COLOMBO (News 1st) - අවුරුදු 35ට අඩු පුද්ගලයින්ට ත්‍රිරෝද රථ පැදවීමට රියැදුරු බලපත්‍ර ලබා නොදීමට ගෙන ආ යෝජනාවක් කැබිනට් මණ්ඩලයේදී ප්‍රතික්ෂේප වී තිබේ. අමාත්‍ය දයා ගමගේ මහතා සඳහන් කළේ, කැබිනට් සාමාජිකයින් බහුතරයක් විරුද්ධ වීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප වූ බව ය.
2018-08-21T19:39:16.000Z
ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු හජ් උත්සවය සමරති
ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු හජ් උත්සවය සමරති
COLOMBO (News 1st) - පරිත්‍යාගය හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් ලොව පුරා ඉස්ලාම් බැතිමත්හු අද හජ් උත්සවය සමරති. නබිනායක තුමන්ගේ ඉගැන්වීමට අනුව මුස්ලිම් ජනතාව ඊත් - උල් - අල්හා හෙවත් හජ් උත්සවය සමරනු ලබන්නේ සමගියෙන් එක්රැස් වෙමිනි. මේ අතර හජ් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ, විවිධ බෙදීම්වලින් මිනිස් වර්ගයා අවුලට පත් ලොවක මිනිසුන් අතර පැවැත්විය යුතු බැඳීමේ මහිමය පිළිබඳව හජ් උත්සවයෙන් පුළුල් ආදර්ශයක් ලබා දෙන බව ය. ශුද්ධ වූ මක්කම කෙන්ද්‍ර කර ගනිමින් මනුෂ්‍යයන් අතර සමානාත්මතාවේ පණිවුඩය රැගෙන යන මුස්ලිම් ජනතාවට සිය පණිවුඩයෙන් ජනාධිපතිතුමා සිය සුබ පැතුම් එක් කරයි.
2018-08-21T09:45:33.000Z
ඝාතන රැසකට සම්බන්ධ දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට
ඝාතන රැසකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මිනීමැරුම් හා වෙඩි තැබීම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය අද අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ මෝදර මුතුවැල්ල මාවතේදී පසුගිය අගෝස්තු 03 වන දා දහවල් ගෝපාල පිල්ලේ බාලචන්ද්‍රන් නමැත්තා ඝාතනය කිරීම, ජූලි 08 වන දා කොළඹ ජම්පටා විදීයේදී වෙඩි තබා අඹු සැමි යුවලක් ඝාතනය කිරීම මෙන් ම ඝාතනය වූ පාතාල කල්ලි සාමාජිකයෙකු වන කොස් මල්ලිගේ හිස කොළඹට රැගෙන ඒම ඇතුළු අපරාධ රැසක් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සිදු කර ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සැකකරුවන් දෙදෙනා එකම පවුලේ සහෝදරයින් වන අතර වැඩිමහල් සහෝදරයාගේ වයස අවුරුදු 21කි. පොලීසිය කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, මීට වසර 04කට පෙර ඔවුන්ගේ මව වෙඩි තබා ඝාතනය කිරීම හා මීට මාස කිහිපයකට පෙර පියාට වෙඩි තැබීමේ සිද්ධියට පළි ගැනීමේ අරමුණින් මොවුන් මෙම ඝාතන සිදු කර ඇති බව ය.
2018-08-21T10:15:54.000Z
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වංචා දූෂණ ගැන CIDය ඇමති සරත් අමුණුගමගෙන් ප්‍රශ්න කරයි
CIDය ඇමති සරත් අමුණුගමගෙන් ප්‍රශ්න කරයි
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගම පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තු නිලධාරීන්ට අමාත්‍ය ආචර්ය සරත් අමුණුගම මහතා අද ප්‍රකාශයක් ලබා දුන්නේ ය. කොමිෂන් සභාවට ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැහැදිලි කළේ, 2014 ක්වලාලාම්පූර් සිට කොළඹ බලා පියාසර කළ යුතු වූ ගුවන් යානයන් සිංගප්පූරුවට ගොස් ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන් බව ය. අදාළ සිද්ධිය සිදු වන අවස්ථාවේ සිංගප්පූරුවේ සිට ලංකාවට පැමිණීමට නියමිත මගින් අතර තමන් ද සිටි බව අමුණුගම මහතා ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මේ සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ නිලධාරීන් තමන්ගෙන් ප්‍රශ්න කළ බව ය. මේ සම්බන්ධයෙන් අවසන් තීරණය කොමිසමේ නිලධාරීන් විසින් ගනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මීට පෙර කොමිසම ඉදිරියේ අනාවරණය වූයේ හිටපු ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ක්වලාලාම්පූර් සිට කොළඹ බලා පියාසර කිරීමට තිබූ ගුවන් යානයක් සිංගප්පූරුවට ගෙන්වා ගෙන ශ්‍රී ලංකාවට පැමිණි බව ය. ඔහු ඊට හේතු ලෙස එහිදී ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත වූ දූත පිරිසක් ගෙන්වා ගැනීමට එසේ පියවර ගත් බව ය. මෙයින් ගුවන් මගීන් 120කට අධික පිරිසක් ගැටලුවලට මුහුණ දී තිබිණි. ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී අනාවරණය වූයේ එම දුත පිරිසට අයත් වූයේ ආචාර්ය සරත් අමුණුගම, ශ්‍රීලංකන් හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ හා ඔහුගේ බිරිඳ බව ය.
2018-08-21T09:21:51.000Z
ඇමති කෙසේ කීවත් ඇත්ත මේකයි....
ඇමති කෙසේ කීවත් ඇත්ත මේකයි....
COLOMBO (News 1st) - මින් ඉදිරියට මෙරට රජයේ වියදමින් මහා පරිමාණ විදුලි බලාගාර ඉදිනොකිරීමට තීරණය කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි. මේ සම්බන්ධයෙන් අද කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අදහස් පළ කළේ ය. ප්‍රශ්නය - ඇමතිතුමා රජය ප්‍රතිපත්තිමය තීරණයක් අරන් තියෙනවා ද මින් ඉදිරියට විදුලි බලාගර ඉදිනොකර සිටීමට? අජිත් පී. පෙරේරා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය "විදුලි බලාගාර ඉදිකරනවා. රජය මුදල් ආයෝජනය කරලා රජයේ අයිතියට විදුලි බලාගාර ඉදිකරන්නේ නැහැ. ඒක අලුත් ප්‍රතිපත්තියක් නෙවෙයි. ගොඩක් කල්. අපි අන්තිමටම එසේ ඉදිකරන බලාගරය තමයි මහාපරිමාණ බලාගාර අතුරින් මන්නාරමේ මෙගාවොට් 100ක සුළං බලාගාරය. ඒ බලාගාරයෙන් පසුව රජය විසින් රජයේ අරමුදල් යොදලා බලාගාර හදන්නේ නැහැ. ඉදිරියේ අපි ඉදිකරන බලාගාර අපි බලාපොරොත්තු වෙන්නේ සමහර බලාගර විදුලිබල මණ්ඩලය හා හවුල්කාරිත්වය ඇති හවුල් ව්‍යාපාර හැටියට. ඒවගේම තවත් බලාගර අපි ටෙන්ඩර් ක්‍රියාවලිය මගින් පෞද්ගලික අංශයට අවස්ථාව දෙනවා. අපි අඩුම මිලට විදුලිය මිලට ගන්නවා. ජාවාරම් ක්‍රමයට යාලු මිතුරු ක්‍රමයට විදුලිය මිලදී ගැනීම වෙනුවට අපි බලාපොරොත්තු වෙන්නේ තරගකාරී ක්‍රමයට යන්න" අමාත්‍යවරයා එසේ යාලු මිතුරු ක්‍රමයට විදුලිය මිලදී ගැනීම සිදු නොකරන බව කීව ද නිව්ස්ෆස්ට් අවස්ථා ගණනාවකදී ම ඒ සම්බන්ධ තොරතුරු ලිපි ලේඛන සහිතව පෙන්වා දුන්නේ ය. ඒස් ඇඹිලිපිටිය විදුලි බලාගාරයම රුපියල් කෝටි 230ක් වැනි මුදලකට මිලදී ගැනීමට හැකියාව තිබියදී විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 540ක් වැනි මුදලක් වැය කර විදුලිය පමණක් මිලදී ගැනිමට යළි ගිවිසුම්ගත වීම හාස්‍යයට කරුණකි. ඇමතිතුමනී මේ හිතමිතුරුකම් නොවේ ද? ලංකා විදුලිබල මණ්ඩලය වාර්ෂිකව මහජන උපයෝගීතා කොමිසමට දළ වශයෙන් මිලියන 50ක පමණ නියාමන ගාස්තු ගෙවිය යුතු වුවත් එම මුදල ගෙවීමට නම් මහජන උපයෝගීතා කොමිසමේ වත්මන් අධ්‍යක්ෂක ජනරාල් එම ධූරයෙන් ඉවත් විය යුතු බවට සඳහන් කරමින් ලිපියක් යොමු කළේ කුමන පදමකින් ද ? ඇමතිතුමනී විදුලි පාරිභෝගික ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට සිටින මහජන උපයෝගීතා කොමිසමේ ප්‍රධානියා ඉවත් කිරීමට අර අදින්නේ ඔබලාගේ හිත මිතුරුකම්වලට බාධා ඇති වන නිසා නොවේ ද? ඉදිරියේදී රටේ මහා පරිමාණ විදුලි බලාගාර ඉදිකිරීම නවතා රටේ විදුලි අවශ්‍යතාව සපුරාලීමේ මුවාවෙන් මොවුන් උත්සහ කරන්නේ හිතවත් පෞද්ගලික සමාගම්වලින් අනිසි ලාභ ඉපැයීමට ද ? එසේත් නැතිනම් විදුලි මාෆියාව තවදුරටත් වර්ධනය කිරීමට ද ? අඩු වියදම් ක්‍රම ඔස්සේ සැමට විදුලිය ලබා දීමට පොරොන්දු දුන්න ද අද සිදුව ඇත්තේ ජනතාව අසරණ වීමක් නොවේ ද ?
2018-08-21T08:39:06.000Z
ජපාන ආරක්ෂක ඇමති, ජනපති හමුවෙයි
ජපාන ආරක්ෂක ඇමති, ජනපති හමුවෙයි
COLOMBO (News 1st) - මෙරට සංචාරයක නිරත ජපාන ආරක්ෂක අමාත්‍යවරයා අනූනම අවුරුදු බදු ක්‍රමය යටතේ චීන රජය විසින් පාලනය කරනු ලබන හම්බන්තොට වරායේ සංචාරයක නිරත වීමට නියමිත ය. එමෙන් ම ඔහු ත්‍රිකුණාමලය වරායන්හි ද සංචාරය කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. දෙදින සංචාරයක් සඳහා ජපාන ආරක්ෂක අමාත්‍යවරයා ‍දිවයිනට පැමිණියේ ඊයේ රාත්‍රියේ ය. ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොදෙරා මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. ජපාන ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙරට සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වීම වි‍ශේෂත්වයකි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේ පැවති මෙම හමුවේදී දෙරට අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු වූ බව ය. ජනාධිපතිවරයාගේ පසුගිය ජපාන රාජ්‍ය සංචාරයේදී ඇති කර ගත් එකඟතා ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ. ජනාධිපතිතුමාගේ හා ජපාන අග්‍රාමාත්‍යවරයාගේ මීට ඉහතදී පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ජපාන රජය වෙරළ සංරක්ෂණය සඳහා වෙරළාරක්ෂණ යාත්‍රා දෙකක් ලබා දී තිබේ. එහි වටිනාකම රුපියල් බිලියන 1.8කි. මේ අතර ජපාන ආරක්ෂක අමාත්‍යවරයාගේ සංචාරය අතරතුර අද පෙරවරුවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ද හමු විය. ජපාන ධූත පිරිස හෙට පස්වරුවේ දිවයිනෙන් පිටව යාමට නියමිත ය. මේ අතර ජපානයේ ආරක්ෂ අමාත්‍යවරයා අද පස්වරුවේ ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් හමු විය.
2018-08-21T04:48:41.000Z
හිටපු ජනපතිගේ සොහොයුරෙකු අභාවප්‍රාප්ත වෙයි
හිටපු ජනපතිගේ සොහොයුරෙකු අභාවප්‍රාප්ත වෙයි
COLOMBO (News 1st) - හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරෙකු වන චන්ද්‍රා රාජපක්ෂ මහතා අභාවප්‍රාප්තවී තිබේ. අප වාර්තාකරු පැවසුවේ, අසනීප තත්ත්වයෙන් තංගල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව ය.
2018-08-21T04:42:57.000Z
ඇමති විජයදාසට විරෝධය පා අන්තරේ සිසුහු වීදි බසිති: පොලීසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර
අන්තරේ විරෝධතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර
COLOMBO (News 1st) - අද පස්වරුවේ කොළඹ පැවති විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට පොලීසියට සිදු විය. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මෙම විරෝධතාව සංවිධාන කර තිබිණි. අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා පනවා ඇති පන්ති තහනමකට විරෝධය පළ කිරීම හා ඇමති විජයදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයකට විරෝධය දක්වමින් මෙය පැවැත්විණි. කොළඹ පුරහලට පැමිණි විරෝධතාකරුවන් වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පරිශ්‍රය දෙසට යාමට උත්සහ කළත් ඊ‍ට ඉඩ නොලැබිණි. විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලීසිය ජල සහ කඳුළු ගැස් ප්‍රහාර එල්ල කළේ ය. මද වේලාවකින් පසුව විසිර ගිය විශ්වවිද්‍යාල සිසුන් යළි පුරහල ආසන්නයේ රැඳී සිටීම හේතුවෙන් ඔවුන් පළවා හැරීමට පොලීසියට සිදු විය. එම ප්‍රහාරයෙන් පසුව ද විරෝධතාකරුවෝ පුරහල ප්‍රදේශයේ රැඳී සිටියහ.
2018-08-21T01:22:44.000Z
ජනපති කාර්යාලයේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියා යළි රිමාන්ඩ්
කුසුම්දාස මහානාම යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) : ජනාධිපති කාර්යාලයේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන් ලබන 4 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ, ඉන්දීය ජාතික සමාගම්කරුවෙකුගෙන් රුපියල් මිලියන 20 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනි. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තෙවන වරටත් කරන ලද ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණ.
2018-08-21T01:09:14.000Z
මහවලගේ ගාමිණීගේ ඇප ඉල්ලීම ඉවතට
මහවලගේ ගාමිණීගේ ඇප ඉල්ලීම ඉවතට
COLOMBO (News 1st) : ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්තඩංගුවට ගෙන සිටින ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලකවරයකු ලෙස කටයුතු කළ මහවලගේ ගාමීණීට ඇප ලබා දෙන ලෙසට කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ප්‍රතික්ෂේප කළේ ය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, එම සැකකරු ලබන 4 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. ජපානයෙන් ආනයනය කළ වසර 10කට වැඩා පැරණි වාහන 2ක් ශ්‍රී ලංකා රේගුවෙන් මුදා හැරීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් එම අල්ලස ලබා ගත් අවස්ථවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව විසින් සැකකරු තලවතුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබී ය.
2018-08-21T02:44:54.000Z
මැතිව් සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී 5 වන තැනට
මැතිව් සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී 5 වන තැනට
News 1st : 18 වන ආසියානු ක්‍රීඩා උළෙල මේ දිනවල ඉන්දුනිසියාවේ ජකර්තා නුවරදී පැවැත්වේ. එහි තුන්වන දිනයේ ආරම්භක තරග ලෙස පිහිණුම් තරග ඉසව් පැවැත්වුණු අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි මීටර් 50 පිරිමි නිදහස්ආර පිහිණුම් ඉසව්වට සහභාගී වුණේ, ශ්‍රී ලංකාවේ පිහිණුම් ක්‍රීඩාවේ සොහොයුරන් ලෙස සැලකෙන මැතිව් අබේසිංහ හා කයිල් අබේසිංහයි. පිරිමි මීටර් 50 නිදහස් ආර පිහිණුම් ඉසව්වේ 6 වන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය සඳහා මැතිව් අබේසිංහ සහභාගී වූ අතර එහිදී ඔහුට හිමිවුයේ 5වන ස්ථානයයි. ඔහු දැක්වූ දක්ෂතාව තත්පර 22.88 ක් වූ අතර කෙසේ වෙතත් ඔහුට තරගයේ ඉදිරි වට සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාවක් හිමි නොවීය. ශ්‍රී ලංකාවේ කයිල් අබේසිංහ පිරිමි මීටර් 50 නිදහස් ආර තරග ඉසව්වේ හත්වන සුදුසුකම් ලබා ගැනීමේ තරගයට සහභාගී වූ අතර එහිදී ඔහුට හිමිවූයේ එහි අවසන් ස්ථානයයි. ඔහු තරගය අවසන් කළේ, තත්පර 23 . 46 ක කාලයක් සටහන් කරමිනි. මේ අතර ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමග සිය මූලික වටයේ තරගයක් සඳහා සහභාගී විය. කෙසේ වෙතත් එම තරගයේ ජය හිමිවුණේ, ඉන්දියාවටයි. ලකුණු 38 ට 12 ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාජය කරමින් ඉන්දීය ක්‍රීඩිකාවන් තරගයේ ජය තහවුරු කර ගත්තේ ය. ශ්‍රී ලංකාවේ බ්ලේෂ් ප්‍රනාන්දු ඉන්දියාවේ කුමාර් අක්ෂේ සමග කිලෝග්‍රෑම් 80 ට වැඩි බර පන්තියේ ටයිකොන්ඩෝ තරග ඉසව්වේ අවසන් 16 දෙනාගේ තරග වටයට අද සහභාගී විය. කෙසේ වෙතත් ඉන්දීය ක්‍රීඩකායා එම තරගය ලකුණු 13 ට 8 ක් ලෙස ජය ගත්තේ ය.
2018-08-20T22:51:00.000Z
ඉන්ධන පිරවුම්හලේ අනතුරින් සේවකයා මියයයි
ඉන්ධන පිරවුම්හලේ අනතුරින් සේවකයා මියයයි
COLOMBO (News 1st) : සපුගස්කන්ද, හෙයියන්තුඩුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සිදුවූ අනතුරකින් එහි පොම්පකරුවෙකු මියගොස් තිබේ. එම සේවකයා මීටරය පරීක්ෂා කිරීමේ කටයුත්තක් සඳහා භූගත ඉන්ධන සහිත කොටසට බැස යළි පිටතට පැමිණීමට උත්සාහ කරන අවස්ථාවේ ඔහුගේ හිස මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
2018-08-20T21:47:11.000Z
ගිනිඅවි සහ කඩු ත් එක්ක සැකකරුවන් 8ක් STF දැලේ
ගිනිඅවි සහ කඩු ත් එක්ක සැකකරුවන් 8ක් STF දැලේ
COLOMBO (News 1st) : සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් 8 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී ගිනි අවි 5ක් සහ කඩු 5ක් ,උණ්ඩ 16 ක් හෙරෝයින් සහ ගංජා ද සිය භාරයට ගත් බවයි. මෙහෙයුමෙන් මහනුවරට මහ පරිමාණයෙන් ගංජා සපයන ප්‍රධාන සැකකරුවකු ද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් වයස අවුරුදු 30 45 යන වයස්වල පසුවන වැලිකන්ද කතරගම සහ නුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. අද අලුයම මෙම පිරිස මහනුවර ,පුෂ්පදාන මාවතේ බහිරවකන්ද ආසන්නයේදී අත්තඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භකර ඇතැයි ද එම ජ්‍යෙෂ් නිලධාරියා සඳහන් කළේ ය.
2018-08-20T21:02:35.000Z
කළහකාරිව හැසිරුණු වැලිකඩ කාන්තා රැඳවියන් ගැන විමර්ශන
කළහ කළ වැලිකඩ කාන්තා රැඳවියන් ගැන විමර්ශන
COLOMBO (News 1st) : වැලිකඩ බන්ධනාගාරයේ කළහකාරී ලෙස හැසිරුණු කාන්තා රැඳවියන් සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයෙකු යටතේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල් දෙණිය මහතා පැවසුවේ, ඊයේ පස්වරුවේ කළහකාරී ලෙස හැසිරුණ කාන්තා රැඳවියන් සම්බන්ධයෙන් පොදු දේපළවලට හානි කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට ද පියවර ගන්නා බවයි. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තා රැඳවියක වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවීමට විරෝධය පළ කරමින් ඊයේ පස්වරුවේ ඔවුහු කළහකාරිව හැසිරුණහ. ඒ බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක වහළ මත නැගීමෙන් අනතුරුවයි. කළහකාරිව හැසිරුණු කාන්තා රැඳවියන් 50 දෙදෙනෙකු කළුතර , ගාල්ල සහ තවත් බන්ධනාගාර කිහිපයකට මාරුකර යැවිණ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඊයේ පස්වරුවේ කළහකාරිව හැසිරුණු කාන්තා රැඳවියන් 100 දෙනෙකුට අධික පිරිසක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බවයි.
2018-08-20T20:33:42.000Z
පකිස්ථාන අගමැති කාර්යමණ්ඩලය 2ක් දක්වා අඩු කරයි
පකිස්ථාන අගමැති කාර්යමණ්ඩලය 2ක් දක්වා අඩු කරයි
News 1st : පකිස්ථාන නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් 524 ක් වූ සිය සේවක කාර්ය මණ්ඩලය 2 දෙනෙකු දක්වා අඩු කර තිබේ. පකිස්ථාන අග්‍රාමාත්‍යවරයෙකුට නිල වශයෙන් සේවකයින් 524 දෙනෙකු සහ මෝටර් රථ 80 ක් හිමිවේ. ඒ අනුව සිය සේවක මණ්ඩලය දෙදෙනෙකු දක්වා අඩු කළ පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙඩි නොවදින මෝටර් රථ සංචිතය 33 දක්වා අඩු කිරීමට ද තීරණය කර තිබේ. මැතිවරණයට පෙර ඔහු ජනතාවට ලබා දුන් පොරොන්දු සැබෑ ලෙසම ඉටුකරන බව මින් මනාව ඔප්පු වන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති. පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී ජනතාව අමතමින් ඔහු පවසා ඇත්තේ රටේ ජනතාව වෙනුවෙන් වියදම් කිරීමට ප්‍රමාණවත් මුදල් රට තුළ නොමැති අවස්ථාවක අනවශ්‍ය ලෙස තම සුව පහසුව වෙනුවෙන් මුදල් නාස්ති කළ නොහැකි බවයි. එමෙන් ම රටේ දූගීභාවය තුරන් කිරීම වෙනුවෙන් සිය සුඛෝපභෝගී ජීවිතය අත්හැර ජනතාවගේ මුදල් ආරක්ෂා කරන බවට ද පකිස්ථාන අගමැතිවරයා එරට ජනතාවට පොරොන්දු වී තිබේ. පකිස්ථානයේ ණය බර අඩු කිරීමේ අරමුණින් ධනවත් පන්තියෙන් යළි බදු අය කර ගත යුතු බවට ඔහු ඊයේ ප්‍රකාශ කළේ ය. සිය කාර්යාලයට අනියුක්තව ඇති වෙඩි නොවදින සුඛෝපභෝගී රථ අළෙවි කර දැමීමට ද ඉම්රාන් ඛාන් තීරණය කර ඇත්තේ රටේ ණය බරින් ජනතාව මුදා ගැනීමේ අරමුණිනි. ඒ අනුව පාකිස්තානු නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, ජනතා බදු මුදලින් සුඛෝපභෝගී ජීවිත ගත කරන ලෝක නායකයින්ට සැබෑ ආදර්ශයක් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින්ගේ මතයයි.
2018-08-20T20:22:13.000Z
ජපාන ආරක්ෂක ඇමති දිවයිනට
ජපාන ආරක්ෂක ඇමති දිවයිනට
COLOMBO (News 1st) : ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනෝරි ඔනොඩේරා මහතා දෙදින සංචාරයක් සඳහා දිවයිනට පැමියේ ය. කටුනායක බනඩාරනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකරු සඳහන් කළේ, ඊයේ රාත්‍රි 10.10ට ඉන්දියාවේ දිල්ලි සිට පැමිණි ශ්‍රි ලංකන් ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණි බවයි. ජපාන ආරක්ෂක අමාත්‍යවරයා සමග 19 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් දිවයිනට පැමිණ තිබේ. මෙම සංචාරය තුළදී ජපාන ආරක්ෂක අමාත්‍යවරයා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.
2018-08-20T20:06:17.000Z
කොළඹ කොටුවෙන් මහනුවරට විශේෂ දුම්රිය සේවයක්
මහනුවරට විශේෂ දුම්රිය සේවයක්
COLOMBO (News 1st) : මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවයක් අද සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේ, ඒ අනුව අද සිට ලබන 25 වන දින දක්වා කොළඹ කොටුව සහ මහනුවර අතර විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක බවයි. එම දිනවල උදෑසන 9.50ට කොළඹ කොටුවෙන් මහනුවර දක්වා දුම්රියක් ධාවනය වන අතර එය පස්වරු 1.15 ට මහනුවරට ළඟා වනු ඇති. එමෙන්ම මහනුවර සිට පෙරවරු 11.45 ට කොළඹ කොටුව සහ නාවලපිටිය දක්වා දුම්රිය දෙකක් ධාවනයට සැලසුම් කර තිබේ. ලබන 26 වන දින කොළඹ කොටුවෙන් උදෑසන 7.05ට ත් මහනුවරින් රාත්‍රී 7.00ට ත් දුම්රිය දෙකක් ධාවනයට යොදවා ඇති බව විජය සමරසිංහ මහතා සඳහන් කළේ ය.
2018-08-20T19:58:11.000Z
විශේෂ මහාධිකරණය අද විවෘත කෙරේ
විශේෂ මහාධිකරණය අද විවෘත කෙරේ
COLOMBO (News 1st) : රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්‍රමිකතා සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට පිහිටවූ විශේෂ මහාධිකරණය අද විවෘත කෙරෙයි. අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින් අද පෙරවරුවේ එම අධිකරණය විවෘත කරනු ලැබීමට නියමිත ය. මෙම විශේෂ මහාධිකරණය කොළඹ රථවාහන අධිකරණය පිහිටුවා තිබූ ගොඩනැගිල්ලේ ස්ථාපනය කර තිබේ. විවෘත කිරීමෙන් අනතුරුව එය අධිකරණ සේවා කොමිෂණ් සභාවට භාර දීමට නියමිතයි. රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්‍රමිකතා සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට පිහිට වූ විශේෂ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන මහාධිකරණ විනිසුරුවරුවෝ සහ විනිසුරුවරිය ඇතුළත් වෙති. හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු සිව් දෙනෙකුට ලබන 24 වන දා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට එහි විනිසුරු මඩුල්ල පසුගිය පළමු වනදා නියෝග කළේ ය. විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා පැවරූ ප්‍රථම නඩුව මෙයයි. 2014 පෙබරවාරි පළමු වන දා සිට 2015 ජනවාරි විසි වැනිදා අතර කාලය තුළ මුදල් සාවද්‍ය පරිහණය කිරීමෙන් පොදු දේපොළ පනත යටතේ ගැනෙන වැරදි හා ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි චෝදනා කරමින් ගාමිණි සෙනරත්, පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න හා කේ . ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබේ.
2018-08-20T19:48:24.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
COLOMBO (News 1st) දේශීය පුවත්.. 1. රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීමට කමිටුවක් : සමස්ත රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත්කිරීම සම්බන්ධයෙන් කමිටුවක් පත්කර තිබේ. 2. ආණමඩුව ආපනශාලාව වැනසූ මැර කල්ලියේ 3ක් අත්අඩංගුවට : පසුගිය 18 වන දා රාත්‍රියේ ආණමඩුව, ආඩිඟම ප්‍රදේශයේ ආපන ශාලාවකට කඩාවැදී එහි දේපොළවලට හානි කළ සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනිණ. 3. හිටපු ජනපතිගෙන් ගත් ප්‍රකාශය අද අධිකරණය හමුවට : මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලබාගත් ප්‍රකාශය ඊයේ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කෙරුණි. 4. වැලිකඩ කාන්තා රැඳවියන් පිරිසක් යළි විරෝධතාවයේ : වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් ඊයේ යළි විරෝධතාවක නිරත වූහ. 5. ත්‍රිරෝද රථ සේවා නියාමනයට කොමිසමක් : කුලී ත්‍රිරෝද රථ සේවා නියාමනය සඳහා නියාමන කොමිසමක් පිහිටුවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ පැවසී ය. 6. කීත් නොයාර්ගේ සිද්ධිය ගැන ප්‍රකාශ කළේ කිසිදු පාර්ශවයක් ගැන ද්වේශ සහගත හැඟීමකින් නොවේ”: මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා පොලීසිය වෙත ප්‍රකාශයක් ලබාදුන්නේ , කිසිදු පාර්ශවයක් පිළිබඳ ද්වේශ සහගත හැඟීමකින් නොවන බව කථානායක කරූ ජයසූරිය මහතා අවධාරණය කරයි. විදෙස් පුවත්... 1. ඊජිප්තු වැසියන්ගේ අන්තර්ජාල භාවිතට තහංචි : ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා එරට අන්තර්ජාල භාවිතය දැඩි කෙරෙන නව නීතියක් සඳහා අත්අසන් තබා තිබේ. ඊජිප්තු වැසියන්ගේ අන්තර්ජාල භාවිතට තහංචි ඊජිප්තු බලධාරීන් උපුටා දක්වමින් විදසේ මාධ්‍ය වාර්තා කරන්නේ, සයිබර් අපරාධ පාලනය මැඩලීමේ අරමුණින් මෙම නව නීති හඳුන්වා දී ඇති බවයි. 2. කේරළයේ ගංවතුරින් ලක්ෂ 8ක් අවතැන් : ගංවතුර හමුවේ ඉන්දීය කේරල ප්‍රාන්තයේ අට ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා වේ. එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ ගංවතුරෙන් කේරලයේ යටිතල පහසුකම්වලට සිදුවු හානිය අමෙරිකානු ඩොලර් බිලියන 3 කට ආසන්න බවයි.
2018-08-20T10:17:40.000Z
- බළලා මල්ලෙන් එළියට පැනීම -
- බළලා මල්ලෙන් එළියට පැනීම -
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කෑගල්ලේදී ප්‍රකාශයක් කළේ ය. අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ, 19 වන සංශෝධනය ඉස්සෙල්ලාම සම්මත කළා. ජනාධිපතිතුමා දැන් පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ, මාස තුනකට සැරයක්. ජනාධිපතිගේ කාලය අවුරුදු 5 කට සීමා කළා. පාර්ලිමේන්තු පාලනය වැඩි කරන්න, ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු නම් කරන්නේ අගමැති. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිතුමාට නෑ. දැන් අග්‍රවිනිශ්චයකාරවරයා තෝරන එක දැන් අපිට තෝරන්න බෑ. අපි තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳව පනත සම්මත කළා. ප්‍රදේශීය සභා ඡන්දය පැවතියේ අමාරුම කාලෙක. ආර්ථිකයේ ණය ගෙවන්න සිද්ධ වුණා. අගමැතිවරයාගේ මේ ප්‍රකාශය ගැන රටේ ජනතාව නම් කියන්නේ බළලා දැන් මල්ලෙන් පිටට පැන ඇති බවයි. 2015 ජනවාරි 8 වන දා ජනාධිපතිවරයා බලයට පත්වනවිට දුන් ප්‍රධාන පොරොන්දුවක් වූයේ ජනමත විචාරණයකින් තොරව විධායක ජනාධිපතිධූරයේ අත්හැරිය හැකි බලතළ අත්හරින බවයි. ජනතා පොරොන්දුව ඉටුකරමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් විධායක බලතළ සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කිරීමට ජනාධිපතිවරයා සැබෑලෙසම කැප විණි. එහෙත් ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න හා එම්. ඒ. සුමන්දිරන්වැනි පුද්ගලයින් යොදාගනිමින් අගමැතිවරයා අවසානයේ සිදු කළේ කුමක් ද? අගමැතිවරයාම දැන් පම්පෝරි ගසන ආකාරයට විධායක ජනාධිපතිවරයාත් අබිභවා ගිය බලයක් ඔහු වටා කේන්ද්‍රගතවී තිබේ. අවසානයේ සිදුව ඇත්තේ ජනාධිපතිවරයාට අවශ්‍ය අවස්ථාවක අගමැතිවරයා ධූරයෙන් ඉවත් කිරීමට නොහැකිවී ඇති අතරම ඇමතිවරුන් පිළිබඳව ද ජනාධිපතිවරයාට අභිමත පරිදි තීරණගත නොහැකි තත්ත්වයකට පත්වීමයි. විධායක ජනාධිපති බලතළ කප්පාදු කිරීමේ සැබෑ වුවමනාව යොදාගෙන අවසානයේ සිදු ව ඇත්තේ වෙනත් අයෙකු බොරදියේ මාලුබෑම නොවේ ද? අප මේ ගැන කොපමණ වාර ගණනකදී පෙන්වාදී ඇත් ද? දැන් අගමැතිවරයාගේ ම ප්‍රකාශයෙන් සිදු ව ඇති දේ ජනතාවට අවබෝධ වනු ඇත. ජනවාරි 8 වෙනස වෙනුවෙන් පෙළ ගැසුනු ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට මූලිකත්වය ගත් ජනාධිතිතුමා පාර්ලිමේන්තුවේ ආසන 46 ක් පමණක් හිමිව තිබූ පක්ෂයේ නායකයා අගමැති අසුනට පත් කළේ සද්භාවයෙන් විය යුතුයි. එහෙත් අවසානයේ සිදු වූයේ කුමක් ද? සූක්ෂම අයුරින් 19 වන සංශෝධනය හරහා බලය පැහැර ගැනීමට උත්සාහ කළා පමණක් නොව දූෂණයට, වංචාවට බාධාවක් වූ මාධ්‍ය නිහඬ කිරීමට ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කණ්ඩායම උත්සාහ කළේ ය. වාසනාවට මෙන් මාධ්‍යට අතපෙවීමට නොහැකිවූයේ අප නිදහස් මාධ්‍යයක් වෙනුවෙන් අධිකරණය හමුවේ පිහිට පැතූ නිසයි. එහෙත් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්යැයි කියන උපදේශකයින්ගේ ඇස්වසා විධායක බලතළ කොල්ලකෑමට 19 වන සංශෝධනය අපූරුවට යොදාගෙන ඇති අයුරු දැන් පැහැදිලිවන සත්‍යයකි. විධායක ජනාධිපති බලතළ කප්පාදුවෙන් නොනැවතුන පිරිස ජනවාරි 8 වන දා වෙනස සිදුවී සති කිහිපයකින් රටේ ආර්ථිකයේ මර්මස්ථානය වූ මහ බැංකුව හරහා ජනතාවගේ මුදල් කිහිපදෙනෙකු අතට පත්වන අයුරින් බැඳුම්කර වංචාව සිදු කළේ ය. බලයට පත් වූ වහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළේ තමන්ට සමීප හිතවතුන් අතට රාජ්‍ය බැංකු පද්ධතිය පත් කිරීමයි. ඉන් නොනැවතී එතෙක් මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ මහ බැංකුව තමන් යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශයට යටතට පවරා ගත්තේ ය. එසේ පවරාගත් මහ බැංකුවට තම මිතුරු අර්ජුන් මහේන්ද්‍රන් පත් කළේ සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වාගෙනයි. 2015 පෙබරවාරි 27 පළමු බැඳුම්කර වංචාවට මුල පිරුනේ මෙවැනි පසුබිමකයි. වංචාව දින කිහිපයකින් අනාවරණයවීමත් සමග වහා පරීක්ෂණයක් පවත්වා වාර්තාකරන ලෙස ජනාධිපතිවරයා සිය ලේකම්වරයාට නියෝග කළේ ය. ජනාධිති ලේකම්වරයා ක්‍රියාත්මකවීමට පෙර ඉදිරියට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂයේ හිතවත් නීතිඥවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර වංචාවක් නොවූ බව ජනතාව ඉදිරියේදී පෙන්වාදීමට උත්සාහ කළේ ය. ඒ අතරවාරයේ අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා කිරීම සඳහා අගමැතිවරයා පාර්ලිමේන්තුව තුළ පෙනී සිටියේ වරක් දෙවරක් නොවේ. ඩිව් ගුනසේකර මන්ත්‍රීවරයා සභාපති ධූරය දැරූ කෝප් කමිටුව මේ වංචාවේ අගමුල සොයන්නට වූ අතර අවසන් වාර්තාව නිකුත්වීමට දින කිහිපයක් තිබියදී පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. අගමැතිවරයාම කියන ආකාරයට ජනාධිපතිවරයාට තනිමතයට පාර්ලිමේන්තුව හැරිය නොහැකියි. එසේනම් එය සිදුවිය යුත්තේ අගමැතිවරයාගේ ඉල්ලීමට අනුවයි. හොරකම වසන්කිරීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට ගියත් නැවත පත් වූ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව ද වංචාව ගැන විමර්ශන ඇරඹිය. සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සභාපතිධූරය දරණ කෝප් කමිටුව විමර්ශන ආරම්භ කළා වහා සිදු වූයේ කමිටුවේ එක්සත් ජාතික් පක්ෂ සමාජික එම්.වේලුකුමාර් මන්ත්‍රීවරයා ඉවත්කර සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා ඊට ඇතුල් කිරීමයි. සේනසිංහ මන්ත්‍රීවරයා බැඳුම්කර වංචාවක් සිදුනොවූ බව පෙන්වාදීමට පොත් පවා රචනා කර ප්‍රසිද්ධ කළ අයෙකි. එහෙත් නායකයාගේ ලණුවක් කෑ සේනසිංහ මන්ත්‍රීවරයාට ද දැන් සත්‍යය අවබෝධවී ඇතැයි පෙනේ. අවසානයේ සිදුවූයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කෝප් කමිටු සාමාජිකයින් අවසන් වාර්තාවට පාද සටහන් යොදා දුර්වල කිරීමයි. කෝප් විමර්ශන සිදුවන කාලසීමාවේදීත් සුජීව සේනසිංහ, අජිත් පෙරේරා, හර්ෂණ රාජකරුණා සහ හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රීවරුන්ට අර්ජුන් ඇලෝසියස්ගෙන් ලැබුණු සිය ගනනක දුරකතන ඇමතුම් දැන් රටටම රහසක් නොවේ. ඩිව් ගුනසේකර වාර්තාව ප්‍රසිද්ධවීම වළක්වා හදුන්නෙත්ති කෝප් වාර්තාව පාද සටහන් මගින් දුර්වල කිරීමට මේ පුද්ගලයින් උත්සාහ කළේ මේ වංචාවට සම්බන්ධවූවන්ට සිරබත් කෑමට සිදුවන නිසාදැයි රටේ ජනතාව දැන් අසන ප්‍රශ්නයකි. වංචාව ගැන රටම කතාකරද්දී යළි ත් 2016 මාර්තු 29 හා 31 යන දින දෙකේ දෙවන බැඳුම්කර වංචාවත් සිදු කළේ ය.. දිගින් දිගටම ඇල්මැරුණු විමර්ශන තීරණාත්මක සංධිස්ථානයකට පැමිණියේ ජනාධිපතිවරයා මැදිහත්වී පත්කල ජනාධිපති කොමිෂන් සභාව නිසයි. ජනාධිපතිවරයා කොමිසම පත්කිරීමට පෙර අර්ජුන් මහේන්ද්‍රන්ගේ මහබැංකු අධිපති නිලකාලය දීර්ඝ නොකරද්දී අගමැතිවරයා මහබැංකුවට ගොස් තම මිතුරා ආරක්ෂා කරන බව තහවුරු කර ඇත. ජනාධිපති කොමිෂන් සභාවේදී නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින දප්පුලද ලිවේරා, යසන්ත කෝදාගොඩ වැනි දක්ෂ නීතිඥවරුන් හරස් ප්‍රශ්න අසමින් හොරකම හෙළිකරද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කිරීම නීතිපතිවරයාට පැවරුවේ ය. එසේ පැවරුවා පමණක් නොව අගමැතිවරයාගෙන් අසන ප්‍රශ්න කලින්ම ඔහුට ලැබීමට සලස්වා තිබුණි. අගමැතිවරයා පමණක් නොව මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් යන අමාත්‍යරුන්ගෙන් ද කොමිසම හමුවේ ප්‍රශ්න කළේ ඇල්මැරුණු ස්වරූපයෙනි. අවසානයේ සකස් කළ කොමිෂන් සභාවාර්තාවේ ද පිටු ගණනක් තවමත් ප්‍රසිද්ධකර නොමැති අතර හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉන් කොටසක් ලේඛනාගාරයට යවා තිබුනත් ඒවා ප්‍රසිද්ධියේ ලබාගැනීමට නොහැකිවී තිබේ. බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය තවමත් පැවැත්වීමට නොහැකිවී ඇත්තේ අගමැතිවරයාට සමීප දෙමළ සන්ධාන මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් එහි දෙමළ පරිවර්තනයක් ඉල්ලා සිටීම නිසායි. මේ අයුරින් පළමු බැඳුම්කර වංචාව වසන්කරද්දී දෙවන වංචාව පිළිබඳව කිසිදු විමර්ශනයක් සිදුවී නොමැත. දැන් තහවුරු වන්නේ කුමක් ද? 19 වන සංශෝධනයෙන් සිදු කළ දේ දැන් අගමැතිවරයාම හෙළි කර තිබේ. ඒ අයුරින්ම බැඳුම්කර සොරකමත් සොරුන් ආරක්ෂා කිරීම ගැනත් අප කළ අනාවරණයන් දැන් තහවුරුවී ඇත. දැන් බළලා මල්ලෙන් එළියට පැන ඇත්තේ වරක් දෙවරක් නොවේ. මින් පෙනී යන්නේ අගමැතිවරයා ජනතාව ඉදිරියේ පවසන දේට වඩා ඇත්ත වෙනස් බව නොවේ ද? ජනතා අවධානයට....
2018-08-20T07:36:39.000Z
ත්‍රිරෝද රථ සේවා නියාමනයට කොමිසමක් - මුදල් ඇමති කියයි
ත්‍රිරෝද රථ සේවා නියාමනයට කොමිසමක්
COLOMBO (News 1st) - කුලී ත්‍රිරෝද රථ සේවා නියාමනය සඳහා නියාමන කොමිසමක් පිහිටුවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/478999109232639/
2018-08-20T07:16:51.000Z
වැලිකඩ කාන්තා රැඳවියන් පිරිසක් යළි විරෝධතාවයේ
වැලිකඩ කාන්තා රැඳවියන් යළි ත් විරෝධතාවයේ
COLOMBO (News 1st) - වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් මේ වනවිට යළි විරෝධතාවක නිරත වේ. අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තා රැඳවියක් වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවීමට විරෝධය පළ කරමින් එම පිරිස විරෝධතාවයේ නිරත වන බවයි. අද පස්වරු 4.00 ට පමණ මෙම කාන්තා රැඳවියන් බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක වහලයක් මත නැගි විරෝධතාව ආරම්භ කළහ. මේ වනවිට වහලය මත කාන්තා රැඳවියන් 10 දෙනෙකුට ආසන්න පිරිසක් රැදී සිටින බව එම නිලධාරියා පැවසුවේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/278779516274710/
2018-08-20T07:04:45.000Z
ඡන්දය ප්‍රමාද කිරීම ගැන රජය වගකව යුතු බවට ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙන් චෝදනා
"ඡන්දය ප්‍රමාද කිරීම ගැන රජය වගකිව යුතුයි"
COLOMBO (News 1st) - ඡන්දය ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් රජය වගකව යුතු බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් පළ කළේ, අද උදෑසන පැවති පැතිකඩ වැඩසටහනට එක් වෙමිනි. ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, මහින්ද දේශප්‍රිය, මේ සම්බන්ධයෙන් වැදගත් නඩු තීන්දුවක් තියෙනවා. ගිය අවුරුද්දේ දෙසැම්බර්වල මේ නඩුව ප්‍රකාශ වුනා. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රමාදවීම් සම්බන්ධයෙන් ඒ නඩුවේදී පළාත් පාලන ඇමතිවරයා මැතිවරණ කොමිෂන් සභාවත් වැරදිකාරයෝ කරලා වගඋත්තරකාරයෝ කරලා තිබ්බේ. අපි පෙනී හිටියා නඩුවට අපි කිවුවා අමාත්‍යවරයා අනුමත කරලා පනතේ සංශෝධනයක් කෙරෙන කල් කොමිෂන් සභාවට ඡන්දය තියන්න බෑ කියලාත් ගරු ශ්‍රේෂ්ඨාධීකරණයේ තීන්දුවේ තියෙනවා මෙම ඡන්දය ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව නැතොත් රජය වගකිව යුතුයි කියලා දැන් කියනවා අර්ථනිරුපණ ආඥාපනත යටතේ නව පනත බලාත්මක කැ කියලා. ඒ කියන අපි ඔක්කොටම කියලා තියෙනවා කරුණාකරලා මේක අපිට ලිඛිතව දෙන්න කඩදාසියක්. අපි ගාව කඩදාසියක් තියෙනවා අපි කාටහරි කියන්න. ඒ කඩදාසිය දෙන්නේ නැ. අපි කැමතියි ඔක්තොම්බර් මාසේ මේ සේරම ඉවරවුනොත් අපිට 2018 ඡන්දේ හිමි නාම ලේඛණේ සහතික වෙනවා. එතකොට අපිට මේ අවුරුද්දේ අග එහෙම නැත්තන් ලබන අවුරුද්දේ මුල මේ පළාත් සභා විසිරෙන පළාත්සභා 3ක් විසිරිච්ච 3 ත් 6ම එක්වර තියන්න පුලුවන්. ඕනනම් මාර්තු මාසේ විසිරෙන්න තියෙන සභා 2 ත් එතන්ට අරගෙන සභා 7ක් අපට එකතැන තියන්න පුලුවන්. ඡන්දේ හිමි නාම ලේඛණය අපි අවුරුදු පතා සකස් කරනවා. 2018 දී වැඩි වෙන්නේ 140,000 යි. ලංකාවේ ඡන්ද වැඩිවීම ඇත්තටම මේක ලක්ෂ 2 කට වැඩි ප්‍රමාණයක් වෙන්න ඕනෑ. ඒක නිසා සැප්තැම්බර් 6 වෙනිදාට කළින් ඔබේ නම ඡන්ද ලැයිස්තුවේ නැත්නම් අපි එකේ ඩ්‍රාෆ්ට් එක අපේ වෙබ් එකේ දාලා තියෙනවා. ග්‍රාම නිලධාරින් ගාව තියෙනවා. පරීක්ෂා කරලා බලලා කරුණාකරලා මැතිවරණ කාර්යාලයට ලියන්න. සමහර වෙලාවට ජනවාරි 9 වෙනිදායින් පස්සේ තියෙන ජනාධිපතිවරනේ කවදා තියයිද කියලා කියන්න බැ. ඒකටත් ඡන්දේ දාන්න බැරි වෙනවා
2018-08-20T07:52:26.000Z
"කීත් නොයාර්ගේ සිද්ධිය ගැන ප්‍රකාශ කළේ කිසිදු පාර්ශවයක් ගැන ද්වේශ සහගත හැඟීමකින් නොවේ" - කථානායක
කීත් නොයාර්ගේ පැහැර ගැනීම ගැන කථානායක කී දේ
COLOMBO (News 1st) - මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා පොලීසිය වෙත ප්‍රකාශයක් ලබාදුන්නේ , කිසිදු පාර්ශවයක් පිළිබඳ ද්වේශ සහගත හැඟීමකින් නොවන බව කථානායක කරූ ජයසූරිය මහතා අවධාරණය කරයි. නිවේදනයක් නිකුත් කරමින්, කථානායකවරයා පෙන්වා දෙන්නේ එය නීතිගරුක පුරවැසියෙකු ලෙස නීතිය ත් යුක්තිය ත් ඉටු කිරීමට සහාය දීම පමණක් බවයි. කථාතානායක මාධ්‍ය ඒකකය විසින් අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීම පිළිබඳව පොලීසිය විසින් පවත්වන ලද පරීක්ෂණවලට අදාළව කථානායකවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සම්බන්ධයෙන් පසුගිය දා මාධ්‍යයන්හි පළ වූ වාර්තාවන් කෙරෙහි අවධානය යොමු කරමිනි. අදාළ පැහැර ගැනීමේ සිද්ධියෙන් පසුව පුවත්පත් කතෘවරු සහ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගෙන් ම ප්‍රකාශයන් ලබා ගැණුන අතර කථානාවරයාගෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව පොලීසිය විසින් අධිකරණය දැනුවත් කර අධිකරණයේ අනු දැනුම මත කථානායකවරයාගෙන් පැය 04 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බව නිවේදනයේ දැක්වේ. නීති ගරුක පුරවැසියෙකු විසින් ඉටු කළ යුතු යුතුකමක් ලෙස තමා අදාළ සිද්ධිය පිළිබඳ දන්නා සියලු තොරතුරු පැහැදිලිව සඳහන් කළ බව කථානායකවරයා පෙන්වා දෙන්නේ ය. නමුත්, මෙම ප්‍රකාශ ලබා දෙන ලෙස හෝ එය කවර ආකාරයක ප්‍රකාශයක් ද ? යන්න පිළිබඳව කිසිදු පාර්ශවයක බලපෑමක් හෝ යෝජනාවක් සිදු නොවූ අතර එය හුදෙක් අධිකරණය දැනුවත් කර පොලීසිය මගින් කරන ලද නීත්‍යානූකූල ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් පමණක් බව කථානයකවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/166421970862670/
2018-08-20T05:48:06.000Z
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් හෙට සිට විශේෂ දුම්රිය සේවාවක්
ඇසළ පෙරහැර වෙනුවෙන් හෙට සිට විශේෂ දුම්රිය සේවාවක්
COLOMBO (News 1st) - මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් හෙට සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේ, ඒ අනුව හෙට සිට ලබන 25 වන දින දක්වා කොළඹ කොටුව සහ මහනුවර අතර විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක බව ය. එම දිනවල උදෑසන 9.50 ට කොළඹ කොටුවෙන් මහනුවර දක්වා දුම්රියක් ධාවනය වන අතර එය පස්වරු 01.15 ට මහනුවරට ළඟා වනු ඇති. එමෙන් ම මහනුවර සිට පෙරවරු 11.45 ට කොළඹ කොටුවට සහ නාවලපිටිය දක්වා දුම්රිය දෙකක් ධාවනයට සැලසුම් කර තිබේ. ලබන 26 වන දින කොළඹ කොටුවෙන් උදෑසන 7.05 ටත් මහනුවරින් රාත්‍රි 7.00 ටත් දුම්රිය දෙකක් ධාවනයට යොදවා ඇති බව විජය සමරසිංහ මහතා සඳහන් කළේ ය.
2018-08-20T05:32:51.000Z
ගල්කිස්සේදී කළ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට
ගල්කිස්සේදී මත්ද්‍රව්‍ය සමග 28 දෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් සහ සැකකාරියන් 28 දෙනෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගල්කිස්ස හෝටලයක් අසළ පොලිස් මාර්ග බාධකයේදී යි. එම හෝටලයේ පැවති සාදය සඳහා සහභාගිවීමට පැමිණි පිරිසක් අයිස් නමැති මත්ද්‍රව්‍ය, මත්පෙති සහ නීති විරෝධී දුම්වැටි තොගයක් සමග එලෙස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් සහ සැකකාරියන් අවුරුදු 19 - 45 අතර වයසේ පසුවන බව පොලීසිය සඳහන් කළේ ය. සැකකරුවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් 15 දෙනෙකු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් මහතා නියෝග කර තිබේ. සෙසු සැකකරුවන් දඩ සහ ඇප මත මුදා හැරිණි.
2018-08-20T05:06:21.000Z
කීත් නොයාර් පැහැර ගැනීම: හිටපු ජනපතිගෙන් ගත් ප්‍රකාශය අද අධිකරණය හමුවට
හිටපු ජනපතිගෙන් ගත් ප්‍රකාශය අධිකරණය හමුවට
COLOMBO (News 1st) - මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලබාගත් ප්‍රකාශය අද ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කෙරුණි. ඒ, රජයේ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් ය. අදාළ ප්‍රකාශයෙන් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, කීත් නොයාර් මහතා පැහැරගත් දින තමන් වෙත ලැබුණු දුරකතන ඇමතුම් පිළිබඳ මතකයක් නොමැති බවයි. මෙම සිද්ධිය පිළිබඳ ආරංචි වූ විට, තමා ජනාධිපති ලේකම්වරයාට හෝ ආරක්ෂක ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඇතැම්විට පවසන්නට ඇති බව හිටපු ජනධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවසා තිබේ. රජයේ නීතිඥවරිය අධිකරණයට කියා සිටියේ, හිටපු ජනධිපතිවරයාට ලද ඇමතුම් ඔහු ප්‍රතික්ෂේප කර නොමැති බවයි. සිද්ධියේ 08 වැනි සැකකාර විශ්‍රාමික හමුදා මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතාගෙන් අධිකරණයේ අවසරය පරිදි තෙවන වරටත් ප්‍රකාශයක් ලබාගත් බව ද රජයේ අධිනීතිඥවරියා කියා සිටියා ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඕස්ට්‍රේලියාවට ගොස්, අගතියට පත්, මාධ්‍යවේදී කීත් නොයාර් මහතාගෙන් ලබා ගත් ප්‍රකාශයේ ලහුඬු විස්තරයක් ද රජයේ නීතිඥවරිය විසින් විවෘත අධිකරණය හමුවේ අනාවරණය කරන ලදි. කීත් නොයාර් මහතා එහිදී පවසා ඇත්තේ, 2008 වසරේ තමා නේෂන් පුවත් පතේ නියෝජ්‍ය කතෘවරයාව සිටියදී, සෙන්පති යන අනුවර්ථ නාමයකින් රජයේ හා හමුදාවල පවතින දුර්වලතා පිළිබඳ ලිපි පෙළක් පළ කළ බවය. එවකට ආරක්ෂක ඇමති, ආරක්ෂක ලේකම්, හමුදාව හා පොලීසියේ පැවති දුර්වලතා පිළිබඳ පෙන්වා දුන් බව ද කීත් නොයාර් මහතාගේ ප්‍රකාශයේ සඳහන් වේ. මෙම ලිපි පළවීමෙන් පසු දිනක තමා කොළඹ විශ්වවිද්‍යාලය වෙත යමින් සිටියදී හමුදා ජීප් රථ තමා ලහුබඳින බවට තමාට දැනී ගිය බවත්, තමා විශ්වවිද්‍යාලය පරිශ්‍රයට පිවිසීමත් සමග එම තත්ත්වය මග හැරී ගිය බවත් කීත් නොයාර් මහතා පවසා ඇත. ඔහු පවසා ඇත්තේ, පසුව එදින රාත්‍රියේ සුදු වැන් රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් කඩා වැදී තමාට පහරදී දෑස් බැඳ දමා පැහැර ගත් බවයි. එලෙස රැගෙන යන අතරතුර ද තමාට පහර දෙමින් එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සම්බන්ධතා ඇද්ද යන්න පිළිබඳව ද ප්‍රශ්න කළ බව කීත් නොයාර් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් ප්‍රකාශයේ සඳහන් වේ. අනතුරුව යම් ස්ථානයකට රැගෙනයාමෙන් අනතුරුව තම ඇඳුම් ගලවා, තමාට එල්ලා පහරදුන් බව කීත් නොයාර් මහතා පැවසීය. තමාට පහරදෙන අතරතුර, එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුට දුරකතන ඇමතුමක් ලැබුණු බවත්, හරි සර්, හරි සර් යනුවෙන් ඊට පිළිතුරුදීමෙන් අනතුරුව තමාට පහරදීම නතර වූ බවත් කීත් නොයාර් මහතාගේ ප්‍රකාශයේ සඳහන් විය. එහිදී කීත් නොයාර් මහතාට නැගිටින ලෙසත් මුහුණ සෝදා ඇඳුම් යළි ඇඳගන්නා ලෙස දැනුම් දී තිබේ. අනතුරුව තමාව දෙහිවල ප්‍රදේශයට ගෙනවිත් දැමූ බව කීත් නොයාර් මහතා ඕස්ට්‍රේලියාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් විය. ඔහු පැවසූවේ, අනතුරුව තමා රෝහල්ගත වූ බවත් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව ජීවිතාරක්ෂාව පතා ඕස්ට්‍රේලියාව බලා ගිය බවයි. මේ අතර කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්, දොම්පේ බදුවත්තේ රඳවා සිටි නිවාසයේ තොරතුරු වර්තමාන ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා ඇතත්, ඊට පිළිතුරු ලැබී නොමැති බව රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියා ය. ඇය සඳහන් කළේ, තවදුරටත් ආරක්ෂක ලේකම්වරයාගෙන් ඊට පිළිතුරු බලාපොරොත්තුවෙන් සිටින බවයි. ඊට සවන්දුන් ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය, ආරක්ෂක ලේකම්වරයාගෙන් තොරුතරු ලබා ගැනීමට සිහි කැඳවීමක් කරන ලෙසට රජයේ අධිනීතිඥවරියට දැනුම්දී ඇත. 08 වැනි, සැකකරු වෙනුවෙන් කර තිබු ඇප ඉල්ලීම සලකා බැලීම ලබන 27 වන දිනට කල්තැබූ අධිකරණය එදින තෙක් සැකකාර මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/495729960889986/
2018-08-20T03:08:11.000Z
තමා ලොව වාසනාවන්ත ම මිනිසා බව නික් කියයි
තමා ලොව වාසනාවන්ත ම මිනිසා බව නික් කියයි
News 1st : සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සමග විවාහ ගිවිස ගැනීම තමන් ලොව වාසනාවන්තම මිනිසා බවට පත් කළ බව අමෙරිකානු පොප් ගායක නික් ජොනාස් පවසයි. ඉකුත් ජුලි 18 වැනි දිනට යෙදුණු ප්‍රියංකා චොප්රාගේ උපන් දිනය දා විවාහ ගිවිස ගත් ඔවුන් පසුගිය දා ඉන්දියාවට පැමිණ සම්ප්‍රදායික විවාහ ගිවිස ගැනීමේ චාරිත්‍රවල නිරත වුයේ සිය සබඳතාව නිල වශයෙන් තහවුරු කරමිනි. නික් ජොනාස් සහ ප්‍රියංකා චොප්රා නොදුරු දිනකදීම යුගදිවියට එලඹෙනු ඇතැයි ද බොලිවුඩ් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ .
2018-08-20T02:57:19.000Z
බඩ ඉරිඟුවලට අද සිට සහතික මිලක්
බඩ ඉරිඟුවලට අද සිට සහතික මිලක්
COLOMBO (News 1st) : බඩ ඉරිඟු සඳහා අද දිනයේ සහතික මිලක් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසුවේ, කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව එම සහිතක මිල ප්‍රකාශයට පත්කරන බවයි. ඉදිරි කන්නයේ සිට එම සහිතක මිල යටතේ රජය බඩ ඉරිඟු මිලදී ගන්නා බව ද ඔහු පැවසී ය.
2018-08-20T02:36:43.000Z
වැලිගම හෝටලයක වෙඩි තැබීමක්
වැලිගම හෝටලයක වෙඩි තැබීමක්
COLOMBO (News 1st) : වැලිගම හෝටලයක සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු සමග ගිනි අවි දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ. වෙඩි තැබීම සිදුව ඇත්තේ, ඊයේ රාත්‍රී 11.00 ට පමණයි. පොලීසිය පැවසුවේ, එම ස්ථානයේ තිබී රිවෝල්වර් උණ්ඩ 7 ක් හා හිස් පතුරම් 3 ක් ද සොයා ගත් බවයි. හෝටලයේ සාදයක් පවත්වමින් සිටි පුද්ගලයින් 6 දෙනෙක් අතර ඇති වූ බහින් බස්වීමකින් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදු වන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
2018-08-20T00:29:58.000Z
ඊජිප්තු වැසියන්ගේ අන්තර්ජාල භාවිතට තහංචි
ඊජිප්තු වැසියන්ගේ අන්තර්ජාල භාවිතට තහංචි
News 1st : ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා එරට අන්තර්ජාල භාවිතය දැඩි කෙරෙන නව නීතියක් සඳහා අත්අසන් තබා තිබේ. ඊජිප්තු බලධාරීන් උපුටා දක්වමින් විදසේ මාධ්‍ය වාර්තා කරන්නේ, සයිබර් අපරාධ පාලනය මැඩලීමේ අරමුණින් මෙම නව නීති හඳුන්වා දී ඇති බවයි. ඒ අනුව ඊජිප්තු රජයට එරට ව්‍යවස්ථාවට, ජාතික ආරක්ෂාවට හෝ ආර්ථිකයට තර්ජනයක් වේ යැයි, හැඟෙන වෙබ් අඩවිවල ක්‍රියාකාරිත්වය අත්හිටුවිය හැකි වේ. එමෙන් ම එවැනි වෙබ් අඩවියක් පවත්වා ගෙන යාම මෙන්ම එවන් වෙබ් අඩවියකට පිවිස එය භාවිත කිරීම ද දඬුවම් ලැබිය හැකි වරදකි. තව ද ඊජිප්තු බලධාරීන් අවධාරණය කරන්නේ, රටේ අස්ථාවරත්වය මෙන්ම ත්‍රස්තවාදය මැඩලීම මෙවැනි නව පියවර අවශ්‍යවන බවයි. කෙසේ වෙතත් මානව හිමිකම් සංවිධාන ඊජිප්තු රජයට චෝදනා කරන්නේ, ආණ්ඩුවට විරුද්ධ මත මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින බවයි. තවද ආණ්ඩුවට චෝදනා එල්ල වන්නේ, මෙම නව නීතිය හඳුන්වා දීමටත් ප්‍රථම ඊජිප්තුව එරට ප්‍රධාන පෙළේ වෙබ් අඩවි 500කට අධික සංඛ්‍යාවක් අවහිර කර ඇති බවයි. පසුගිය වසරේදී ද එරට පාර්ලිමේන්තුව අන්තර්ජාල භාවිතයට සීමා පැනවෙන තවත් කෙටුම්පතක් සම්මත කර ගත් අතර ඊට අබ්දෙල් ෆටා අත්සන් තැබීමට ද නියමිත වේ. එකී නීතියට අනුව 5,000කට අධික අනුගාමිකයින් සිටින ඕනෑම සාමජ ජාල ගිණුමක් අධීක්ෂණයකට යටත්විය යුතු ය. ඊජිප්තු ජනතාවට වීදි විරෝධතා තහනම් අතර නව නීතියට අනුව ඊජිප්තු වැසියන්ට සිය විරුද්ධ මත ප්‍රකාශ කිරීමට තිබූ සමාජ මාධ්‍යට ද සීමා පැනවෙනු ඇති. හියුමන් රටියිට්ස් වොච් සංවිධානය පසුගිය මාසයේ අනතුරු ඇඟවිමක් නිකුත් කරමින් පැවසුවේ, ඊජිප්තු බලධාරීන් හදිසි නීතිය සහ අධිකරණය අවභාවිත කරමින් ජනමාධ්‍ය වේදීන් සහ ආණ්ඩුව විවේචනය කරන පිරිස්වලට අසාධාරණ ලෙස නඩු පවරමින් සිටින බව ය.
2018-08-19T23:24:06.000Z
මහමුහුදේ අනතුරට පත්ව සිටි ධීවරයින් මුදා ගැනේ
මහමුහුදේ අනතුරට පත්ව සිටි ධීවරයින් මුදා ගැනේ
COLOMBO (News 1st) : අම්බලන්ගොඩ ධීවර වරායෙන් මුහුදු ගොස් අනතුරට ලක්ව සිටි ධීවරයින් 11 දෙනෙකු මුදාගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ පෙරවරුවේ ධීවර කටයුතු සඳහා මුහුදු ගිය අදාළ ධීවරයින් පිරිස හික්කඩුව ප්‍රදේශයට ආසන්න මුහුදු සීමාවේදී දිය රැලකට හසුවී අනතුරට පත්ව තිබූ බවයි. යාත්‍රාව දිය රළ පහරකට හසුවී අනතුරට පත්වූ බවට ඊයේ පස්වරුවේ ඔවුන් ඥාතීන්ට දැනුම් දී තිබිණ. කෙසේ වෙතත් රාත්‍රී 9 න් පසු අදාළ ධීවරයින් සමග දුරකතන සම්බන්ධතා බිඳ වැටී තිබූ අතර මුදාගැනීමේ මෙහෙයුම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ නාවික හමුදාව දියත් කර තිබිණ.
2018-08-19T22:41:11.000Z
රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීමට කමිටුවක්
රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීමට කමිටුවක්
COLOMBO (News 1st): සමස්ත රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත්කිරීම සම්බන්ධයෙන් කමිටුවක් පත්කර තිබේ. නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේ, මුදල් අමාත්‍යවරයා විසින් එම කමිටුව පත්කිරීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි. ඊට අදාළව දුම්රිය සේවකයින්ගේ ද වැටුප් විෂමතා ඉවත් වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
2018-08-19T21:50:12.000Z
ආණමඩුව ආපනශාලාව වැනසූ මැර කල්ලියේ 3ක් අත්අඩංගුවට
ආණමඩුව ආපනශාලාව වැනසූ මැර කල්ලියේ 3ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) : පසුගිය 18 වන දා රාත්‍රියේ ආණමඩුව, ආඩිඟම ප්‍රදේශයේ ආපන ශාලාවකට කඩාවැදී එහි දේපොළවලට හානි කළ සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, ඊයේ රාත්‍රී 10 .00ට පමණ මොවුන් අත්අඩංගුවට ගත් බවයි. ඒ අතර කසිප්පු නිහාල් හෙවත් නිහාල් ප්‍රේමසිරි, තට්ට ගාමිණි හෙවත් ගාමිණි සරත් සහ ඉන්දික පුෂ්පකුමාර ද සිටිති. මේ අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලීසිය පැවසී ය. අදාළ මැර කල්ලිය පසුගිය දිනෙක රත්‍රී එම ආපනශාලාවට කඩා වැදී එහි දේපොළ විනාශ කරන අයුරු එහි සවිකර තිබූ CCTV කැමරා පද්ධතියේ සටහන්ව තිබිණ.
2018-08-19T20:52:32.000Z
මී උණ රෝගීන් වාර්තාවීම ඉහළට
මී උණ රෝගීන් වාර්තාවීම ඉහළට
COLOMBO (News 1st) : මී උණ රෝගීන් වාර්තාවීම ඉහළ යමින් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ, වසරේ ගතවූ කාලය තුළ මී උණ වැළඳුණු රෝගීන් 2691 දෙනෙකු වාර්තාවී ඇති බවයි. වැඩිම මී උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ, රත්නපුර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 436 කි. කළුතර, ගම්පහ ගාල්ල දිස්ත්‍රික්කවලින් ද මී උණ වැළඳුණු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවී තිබේ. කුඹුරු ආශ්‍රිත ප්‍රදේශවල වැඩි වශයෙන් මී උණ රෝගීන් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසී ය. මී උණ ව්‍යාප්තිය පාලනය සඳහා ගොවි ජනතාවට ඊට අවශ්‍ය ඖෂධ ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.
2018-08-19T20:42:35.000Z
ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අද ත් තරග බිමට
ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අද ත් තරග බිමට
COLOMBO (News 1st) : ආසියාවේ ශක්තිය තේමා කොටගත් ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග අද දෙවන දිනටත් පැවැත් වේ. අද දිනයේත් ඉන්දූනිසියාවේ ජකර්තා නුවරදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තරග බිමට පිවිසීමට නියමිතයි. එහි තරග පැවැත්වෙන දෙවන දිනය වන අද දිනයේදී ශ්‍රී ලංකාවට පදක්කම් බලාපොරොත්තුවක් තබා ගත හැකි තරග ඉසව් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තරග බිමට පිවිසීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ අසංක මැදගෙදර හා මලින්ත ශශිමාල් පිරිමි යුගළ බීච් වොල්බෝල් තරග ඉසව්වේ මූලික වටයේ තරගය සදහා දකුණු කොරියාවත් සමග අද තරග බිමට පිවිසෙයි. ශ්‍රී ලංකා හොකි කණ්ඩායමද අද සිය පළමු තරගය සඳහා ජපානයත් සමග තරග වැදීමට නියමිතයි. ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කබඩි කණ්ඩායම්ද අද සිය මූලික වටයේ තරග සඳහා සහාභාගී වේ. 18 වන ආසියානු ක්‍රීඩා උළෙල ඔරු පැදීමේ තරග ඉසව්වේ මූලික වටය සඳහා ශ්‍රී ලංකාවේ පිරිමි ඔරු පැදීමේ කණ්ඩායම සහභාගී වන අතර අකලංක පීරීස් මීටර් 50 පිරිමි පසුපස ආර පිහිනුම් තරග ඉසව්ව සඳහා අද සහභාගී වීමට නියමිතයි. කිලෝග්‍රෑම් 58 පිරිමි ටයිකොන්ඩෝ තරග ඉසව්වේ අවසන් 31 දෙදෙනාගේ තරග වටය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරනනේ තිසර ධර්මප්‍රියා ය. ශ්‍රී ලංකාවේ නිසංසලා සඳමාලි ද කාන්තා කිලොග්‍රෑම් 67 තරග ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටය සඳහා අද සහභාගී වන්නී ය. ටෙනිස් ක්‍රීඩාවෙන් ද ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද තරග බිමට පිවිසෙන අතර පිරිමි ඒකල තරග ඉසව්ව සඳහා තිවංග ශ්‍රමාල් හා පිරිමි යුගල තරග ඉසව්ව සඳහා යසිත් රංගන සමග තිවංක ශ්‍රමාල් හා කාන්තා ඒකල තරග ඉසව්වට අනිකා සෙනෙවිරත්න හා අංජලි කුරේරා සහභාගී වීමට නියමිතයි. කාන්තා ටෙනිස් යුගළ තරග ඉසව්ව සදහාද ශ්‍රී ලංකාවේ අනිකා හා අංජලි තරග වදිති. ශ්‍රී ලංකා වොලිබොල් කණ්ඩායම ද තායිලන්තය සමග අද මූලික වටයේ තරගයක් සඳහා පිටිය පිවිසෙන අතර ශ්‍රී ලංකාවේ පැතුම් නුවන් පිරිමි කිලොග්‍රෑම් 60 බර පන්තියේ වුෂූ සන්දා තරග ඉසව්වේ අවසන් 16 දෙනාගේ තරගයකට අද තරග බිමට පිවිසීමට නියමිතයි. චීනය 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ පළමු දිනය අවසන් වන විට සමස්ත පදක්කම සටහනේ පෙරමුණ හිමිකර ගැනීමට සමත්ව සිටී. ඔවුන් රන් පදක්කම් 7 ක් රිදී පදක්කම් 5 ක් හා ලෝකඩ පදක්කම් 4 ක් සමගින් දිනා සිටින සමස්ත පදක්කම් ගණන 16 කි. රන් පදක්කම් 3 ක් රීදී පදක්කම් 6 ක් හා ලෝකඩ පදක්කම් 5 ක් ඇතුළුව සමස්ත පදක්කම් 14 ක් දිනගෙන ඇති ජපානය එහි පසුවන්නේ දෙවන ස්ථානයේයි. දකුණු කොරියාව රන් පදක්කම් 2 ක් රිදී පදක්කම් 3 ක් හා ලෝකඩ පදක්කම් 6 ක් ඇතුළුව සමස්ත පදක්කම් 11 ක් දිනාගනිමින් එහි තුන්වන ස්ථානයේ පසුවේ.
2018-08-19T20:06:07.000Z
පේරාදෙණියේ මාරක රිය අනතුරක්
පේරාදෙණියේ මාරක රිය අනතුරක්
COLOMBO (News 1st) : පේරාදෙණිය, හිඳගල මාර්ගයේදී යතුරු පැදියක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ගලහ වටරවුම දෙස සිට හිඳගල දෙසට ධාවනය වූ යතුරු පැදිය අද අලුයම එකට පමණ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ, අල්විස් වටරවුම තුළ පිහිටි පොකුණට පෙරලීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි 36 හා 37 යන වයස්වල පසු වූ පුද්ගලයින් දෙදෙනෙකි.
2018-08-19T19:50:51.000Z
දැඩි සුළං තත්ත්වය ක්‍රමයෙන් පහව යන ලකුණු
දැඩි සුළං තත්ත්වය ක්‍රමයෙන් පහව යන ලකුණු
COLOMBO (News 1st) : දිවයිනේ පවතින වැසි හා සුළං තත්ත්වය අද රාත්‍රියේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර බස්නාහිර පළාත, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලද සිහින් වැසි ඇතිවිය හැකි බවයි.
2018-08-19T19:46:10.000Z
කේරළයේ ගංවතුරින් ලක්ෂ 8ක් අවතැන්
කේරළයේ ගංවතුරින් ලක්ෂ 8ක් අවතැන්
News 1st : ගංවතුර හමුවේ ඉන්දීය කේරල ප්‍රාන්තයේ අට ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා වේ. එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ ගංවතුරෙන් කේරලයේ යටිතල පහසුකම්වලට සිදුවු හානිය අමෙරිකානු ඩොලර් බිලියන 3 කට ආසන්න බවයි. මේ වනවිට වර්ෂාව පහව ගොස් ඇතැත් බොහෝ පිරිසක් තවමත් ගංවතුරට හසුව අතරමංව සිටින බවට සැක පළ කෙරේ. ඉන්දීය බලධාරීන් පවසන්නේ, ගංවතුරෙන් අවතැන්වූවන් ලක්ෂ හයක් පමණ මේ වනවිට තාවකාලික රැඳවුම් කඳවුරුවල දිවිගෙවන බවයි.
2018-08-19T19:30:03.000Z
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
දේශීය පුවත්...... COLOMBO (News 1st) 1. ඔක්තෝබර් 1 සිට දුම්රිය ගාස්තු ඉහළට: ඔක්තෝබර් මස පළමු වැනිදා සිට දුම්රිය ගාස්තු 15% කින් ඉහළ දමන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. 2. වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 35,000 කට ඩෙංගු : සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා දිස්ත්‍රික්ක 5 ක සිදුකළ ඩෙංගු මර්දන මෙහෙයුමේදී පුද්ගලයින් 369 කට එරෙහිව නඩු පැවරා තිබේ. 3. උ/පෙළ විභාගය අතරතුර පරීක්ෂාවක් : හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් විභාගය මුහුණ දෙමින් සිටියදී හදිසි පරික්ෂාවට ලක් කිරීම හේතුවෙන් ඔවුන් අපහසුතාවට පත්ව ඇතැයි, ගුරු සංගම් චෝදනා කරයි. 4. දේශපාලකයින්ට දැන් ගම මතක් වෙන්නේ ඇයි? : ජනතාව හමුවේ ඇති ප්‍රධාන ගැටලුවලට මෙතෙක් විසඳුම් ලබාදීමට පැවති ආණ්ඩුවලට හා වර්තමාන ආණ්ඩුවට නොහැකිවී තිබේ. නිවුස් ෆස්ට් ඇතුළු මෙරට විද්‍යුත් මුද්‍රිත මාධ්‍යයන් කෙතරම් දැනුවත් කළද දේශපාලකයින් ඊට අවධානය යොමු නොකරන්නේ ඇයි ද යන්න ප්‍රශ්නාර්ථයකි. විදේශීය පුවත්.... 1. මැග්නිටියුට් ඒකක 8.2 ක ප්‍රබල භූ චලනයක් : ෆිජි දුපත් ආශ්‍රිත මුහුදේ මැග්නිටියුට් ඒකක 8.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූ චලනයක් සිදුව තිබේ. 2. ඉන්දුනීසියාවේ ලොම්බොක්හි ප්‍රබල භූ චලනයක් : ඉන්දුනීසියාවේ ලොම්බොක් ප්‍රදේශයේ මැග්නිටියුඩ් ඒකක 6 . 9 ක භූ චලනයක් සිදුවිය. ක්‍රීඩා පුවත්... 1. ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් වෙයි : ආසියානු ක්‍රීඩා උ‍ළෙලේ පිහිණුම් තරගවල පිරිමි මීටර් 200 නිදහස් ආර පිහිණුම් තරග ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කීරීමට සමත් විය.
2018-08-19T11:26:54.000Z
දේශපාලකයින්ට දැන් ගම මතක් වෙන්නේ ඇයි?
දේශපාලකයින්ට දැන් ගම මතක් වෙන්නේ ඇයි?
COLOMBO (News 1st) : ජනතාව හමුවේ ඇති ප්‍රධාන ගැටලුවලට මෙතෙක් විසඳුම් ලබාදීමට පැවති ආණ්ඩුවලට හා වර්තමාන ආණ්ඩුවට නොහැකිවී තිබේ. නිවුස් ෆස්ට් ඇතුළු මෙරට විද්‍යුත් මුද්‍රිත මාධ්‍යයන් කෙතරම් දැනුවත් කළද දේශපාලකයින් ඊට අවධානය යොමු නොකරන්නේ ඇයි ද යන්න ප්‍රශ්නාර්ථයකි. ජනතාවගේ මුදල් ජනතාව වෙනුවෙන් වියදම් නොකොට ගසා කෑවේ කවු ද? මෙරට ඉතිහාසයේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාව බැඳුම්කර වංචාව බව පොඩි ළමයෙකු පවා දන්නා කරුණකි. 2015 වසරේ මහබැංකු බැඳුම්කර වංචාවෙන් සිදුවු පාඩුව රුපියල් මිලියන සියගණනක් ඉක්මවන බව විශේෂඥයෝ දිගින් දිගටම පෙන්වා දුන්හ. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අනුව පළමු බැඳුම්කර වංචාවෙන් ජනතාවට සිදුවු පාඩුව රුපියල් මිලියන 8500කි. දෙවන බැඳුම්කර ගනුදෙනුවෙන් ද අතිවිශාල පාඩුවක් සිදුවු බව නොරහසකි. අධිවේගී මාර්ග ඉදිකිරීමේ මුවාවෙන් සිදුවූ පාඩුව වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ය. මෙවැනි දැවැන්ත හොරකම් නොවුනානම් ජනතා ගැටලු රැසකට සෘජු විසදුම් ලබාදීමට හැකියාව නොතිබුනා නෙවේද? වකුගඩු රෝගීන්ට හිසට සෙවනක් නොමැති මිනිසුන්ට බීමට ජලය නොමැති ජනතාවට ඇලදොල මංමාවත් ඉදිකිරිමට අලිමිනිස් ගැටුමට විසඳුම් දීම ජීවන වියදම අඩුකිරිමට මාර්ග තදබද අඩුකර පොදු ප්‍රවාහන සේවා විධිමත් කිරීමට තිබු අතිවිශාල ධනස්කන්ධය සොරකම් කලේ කවුද? ඔබත් අපත් අපගේ දරුවන්ටත් සදාකාලික ණය කරුවන් බවට පත්කළ හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් නීතිය හමුවට ගෙනඒම ප්‍රමාද කරන්නේ කවුරුන් ද? අගමැතිතුමනි , දැන්වත් බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් නීතිය හමුවට ගෙන ඒම ඔබතුමාගේ වගකීමක් නොවේද ? මේ මුදල් වලින් තමන්ගේ සාක්කු පුරවා නොගෙන ජනතාව වෙනුවෙන් වැය කළා නම් ජනතාවගේ ගැටලු විසඳීමට මැදිහත්වන්නට තිබිණ. සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය ජනතා ගැටලු විසඳීම සඳහා ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක් ගත්තේ , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී සහයෝගය ඇතිවයි . විශ්වවිද්‍යාල සමග එක්ව කළ සමීක්ෂණයින් මෙරට පොදු ජනතාව මුහුණ දී සිටින ගැටලු වර්ගීකරණයකට ලක්කර එකින් එක විසඳුම් සොයන්නට අපි ගම්නියම් ගම්වල සංචාරය කළෙමු. ඒ හැකි අයුරින් ජනතාවට උදව් කිරීමටයි . රටේ ජනතාව ජීවත් වීමට සුදුසු පරිසරයක් සකස් නොකරන්නේ , නම් ජනතාව මේ ආණ්ඩුවට පාඩම් උගන්වන කාලය වැඩ ඈතක නොවේ .
2018-08-19T11:01:54.000Z
ඉන්දුනීසියාවේ ලොම්බොක්හි ප්‍රබල භූ චලනයක්
ඉන්දුනීසියාවේ ලොම්බොක්හි ප්‍රබල භූ චලනයක්
News 1st : ඉන්දුනීසියාවේ ලොම්බොක් ප්‍රදේශයේ මැග්නිටියුඩ් ඒකක 6 . 9 ක භූ චලනයක් සිදුව තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, එමගින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බවයි. කෙසේ වෙතත් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසී ය.
2018-08-19T07:24:31.000Z
උ/පෙළ විභාගය අතරතුර සිසුන් හදිසි පරීක්ෂාවකට
උ/පෙළ විභාගය අතරතුර සිසුන් හදිසි පරීක්ෂාවකට
COLOMBO (News 1st) : හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් විභාගය මුහුණ දෙමින් සිටියදී හදිසි පරික්ෂාවට ලක් කිරීම හේතුවෙන් අපහසුතාවට පත්ව ඇතැයි, ගුරු සංගම් චෝදනා කරයි. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේ, සිසු සිසුවියන් විභාගයට මුහුණ දෙමින් සිටි අවස්ථාවේ එම ශාලාවට පත් කර සිටි අතිරේක ශාලාධිපතිවරයා විසින් සිසු සිසුවියන් කිහිප දෙනෙකු හදිසි පරීක්ෂාවකට ලක් කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස තමන් විභාග කොමසාරිස් ජනරාල්වරයාට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ද ඔහු පැවසී ය. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ, ඒ පිළිබඳව සොයා බැලීමට පියවර ගෙන ඇති බවයි.
2018-08-19T07:32:12.000Z
'ගෝල්' ආදායම රු. ලක්ෂ 300 ඉක්මවයි
'ගෝල්' ආදායම රු. ලක්ෂ 300 ඉක්මවයි
COLOMBO (News 1st) : සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ එම් එන්ටර්ටේන්මන්ට් නිෂ්පාදනය කළ ගෝල් සිනමා පටය 2018 වසරේ කෙටිම කාලයක් තුළ සී ඊ එල් මණ්ඩලයේ වැඩි ම ආදායමක් ඉපැයු චිත්‍රපටය බවට පත්ව තිබේ. සී ඊ එල් මණ්ඩලයේ ප්‍රකාශකයෙකු නිවුස් ෆස්ට් වෙත පැවසුවේ, පළමු සති තුන ඇතුළත එම චිත්‍රපටය වාර්තා කළ ආදායම රුපියල් ලක්ෂ 300 ක් පමණ වන බවයි. ගෙවුණු වසර කිහිපය තුළ මෙය දෙවැනි වන්නේ ධර්ම යුද්ධය චිත්‍රපටයට පමණක් බව ද ඔහු සඳහන් කළේ ය. රොහාන් පෙරේරාගේ අධ්‍යක්ෂණයක් වන ගෝල් සිනමා පටය මේ වන විට දිවයින පුරා සී ඊ එල් මණ්ඩලයේ සිනමා ශාලා 65ක පමණ තිරගත වේ. ප්‍රවීණ රංගන ශිල්පීන් වන ජයලත් මනෝරත්න, චාන්දනී සෙනවිරත්න, කෞෂල්‍යා ප්‍රනාන්දු ඇතුළු නළු නිළියෝ රැසක් ඊට රංගනයෙන් දායකත්වය දෙති. දිවයින පුරා පිහිටි සී ඊ එල් මණ්ඩලයේ සිනමා ශාලාවලදී ගෝල් සිනමා පටය දැන් ඔබටත් නැරඹිය හැකියි.
2018-08-19T06:00:45.000Z
කයිට්ස්හිදී පුද්ගල ඝාතනයක්
කයිට්ස්හිදී පුද්ගල ඝාතනයක්
COLOMBO (News 1st) : යාපනය, කයිට්ස් ප්‍රදේශයේදී පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ ලොරි රථයකින් පැමිණි සැකකරුවන් තිදෙනෙකු අදළ පුද්ගලයාට පහර දී පළා ගොස් ඇති බවයි. පහර දීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ, අවුරුදු 54 හැවිරිදි කරේනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පැවසී ය.
2018-08-19T03:33:39.000Z
සිසුන්ට ඉංග්‍රීසි ඉගැන්වීමට ජපානය රොබෝවරුන් යොදවයි
සිසුන්ට ඉංග්‍රීසි ඉගැන්වීමට ජපානය රොබෝවරුන් යොදවයි
පාසල් සිසුන්ට ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා පන්තිකාමර වලට රොබෝවන් යෙදවීමට ජපානය තීරණය කර තිබෙනවා. ජපාන අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ළමුන්ගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බවයි. ජපාන පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම යහපත් මට්ටම නොතිබීම, මෙවැනි තීරණයක් ගැනීමට හේතුවී තිබෙනවා. ලබන අප්‍රේල් මාසයේ සිට අත්හදා බැලීමක් ලෙස පාසල් 500 කට පමණ මෙම රොබෝවරුන් ලබාදීමට නියමිතයි. ස්පර්ශ කිරීමෙන් ක්‍රියාත්මක වන මෙම රොබෝවරුන් හරහා සිසුන්ගේ ඉංග්‍රීසි වචන උච්ඡාරණය මෙන්ම සංවාද පැවැත්වීමේ හැකියාව වර්ධනය වනු ඇතැයි ජපාන අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළා.
2018-08-19T03:15:28.000Z
ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල පහළට
ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල පහළට
ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව තරමක් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ලෝක වෙළඳපොලේ රත්‍රන් අවුන්සයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 1184 යි සත 60 ක් ලෙසයි. වෙනත් මුදල් ඒකක වලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාම, ලෝක වෙළඳපොලේ රත්‍රන් මිල ගණන් පහළ යාමට හේතුවී ඇතැයි වෙළඳපොල විශ්ලේෂකයන් ප්‍රකාශ කළා.
2018-08-19T03:13:23.000Z
මෙරට මෙතෙක් තිරගත නොකළ 'ප්‍රතිරාවය' අද පස්වරු 6 ට
මෙරට මෙතෙක් තිරගත නොකළ 'ප්‍රතිරාවය' අද පස්වරු 6 ට
මෙරට සිනමා ශාලාවල මෙතෙක් තිරගත නොකළ 'ප්‍රතිරාවය' සිනමා පටය, අද පස්වරු 6 ට ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී තිරගත වනවා. ඒ, හෙළ සිනමාවේ නිළි රැජිණ, මාලනී ෆොන්සේකා මහත්මියගේ සිනමා දිවියට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන චිත්‍රපට උළෙලේදීයි. ලබන 21 වැනිදා දක්වා පැවැත්වෙන චිත්‍රපට උළෙලේදී මාලනී ෆොන්සේකා මහත්මිය රංගන දායකත්වය ලබාදුන් විශිෂ්ට සිනමාපට තිරගත වනවා. 1968 වසරේ තිස්ස ලියනසූරිය මහතාගේ පුංචි බබා සිනමා පටයෙන් සිනමා කේෂත්‍රයට අවතීර්ණ වූ මාලනී ෆොන්සේකා මහත්මිය, මේ වන විට රංගන දායකත්වය ලබාදී ඇති සිනමාපට ගණන 155 ක්.
2018-08-19T03:10:54.000Z
බැදුම්කර ලේඛණ ප්‍රසිද්ධ කිරීමට පාර්ලිමේන්තුවට
බැදුම්කර ලේඛණ ප්‍රසිද්ධ කිරීමට පාර්ලිමේන්තුවට
මහ බැංකු බැදුම්කර වාර්තාවේ, ලකුණු කළ ලේඛණ රැසක් ප්‍රසිද්ධ කිරිමට අනුමැතිය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවට යොමු කර තිබෙනවා. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කලේ, ජනාධීපති ලේකම්වරයා විසින් කථානායකවරයා වෙත එම ලේඛණ යොමු කරනු ලැබ ඇති බවයි. එලෙස පාර්ලිමේන්තුවට යොමු කර ඇත්තේ ප්‍රසිද්ධ කිරීමෙන් පසු මහ බැංකු බැදුම්කර ගණුදෙණුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශන වලට බාධාවක් නොවන බවට නිතිපතිවරයා විසින් තහවුරු කළ ලේඛණයක්. නියෝජ්‍ය මහලේකම්වරයා සඳහන් කලේ, කථානායකවරයා පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කිරිමෙන් පසු එම ලේඛණ ප්‍රසිද්ධ කිරිම සම්බන්ධයෙන්, අවසන් තීරණයක් ගනු ඇති බවයි.
2018-08-19T01:57:32.000Z
අමතර ගාස්තුවකින් තොරව දකුණු ඉන්දියාවේ ඕනෑම ගුවන් තොටුපලකට
දකුණු ඉන්දියාවේ ඕනෑම ගුවන් තොටුපලකට
කටුනායක සිට ඉන්දියාවේ කොචින් බලා යාමට ගුවන් ටිකට්පත් ලබාගත් මගීන්ට අමතර ගාස්තු අය කිරීමකින් තොරව දකුණු ඉන්දියාවේ වෙනත් ඕනෑම ගුවන් තොටුපලට ළඟාවීමේ පහසුකම් සලසා ඇතැයි ශ්‍රි ලංකන් ගුවන් සමාගම පවසනවා. ඒ කේරල ප්‍රාන්තය බලපා ඇති අයහපත් කාලගුණයත් සමග කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපල තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 1979 දුරකථන අංකයෙන් විමසිය හැකි බවයි. එසේ නැතහොත් 00914842611313 යන දුරකථන අංකයෙන් ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපල කාර්යාලය සමග හෝ 00914842362042 යන දුරකථන අංකයෙන් කොචින් නුවර පිහිටි ශ්‍රි ලංකන් කාර්යාලය අමතා ගුවන් ගමන් පිළිබඳ තොරතුරු ලබාගත හැකියි.