date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-08-02T04:19:09.000Z | කොල්වින් ගුණරත්න වෛද්‍ය සභා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි | කොල්වින් ගුණරත්න ඉල්ලා අස්වෙයි | COLOMBO (News 1st) - මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට භාරදුන් බවයි. මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා, පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත්විය. |
2018-08-02T01:30:51.000Z | මූල්‍ය ජාවාරමක් හේතුවෙන් ශ්‍රී ලාංකික සිසුන් 800 කගේ නවසීලන්ත වීසා යළි සමාලෝචනය කෙරේ | ලාංකික සිසුන් 800 ගේ නවසීලන්ත වීසා යළි සමාලෝචනයට | ශ්‍රී ලාංකික සිසුන් සඳහා ලබාදී ඇති ශිෂ්‍ය වීසා අයැදුම්පත් 800 කට අධික සංඛ්‍යාවක් පිළිබඳව සමාලෝචනය කිරීමට නවසීලන්ත ආගමන විගමන බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ, ඔවුන් වීසා අයැදුම්කිරීම සඳහා ප්‍රමාණවත් තරම් මුදල් සිය ගිණුම්වල හැඟවීම සඳහා ව්‍යාජ ක්‍රමවේද අනුගමනය කර ඇති බව හෙළිවීම හේතුවෙනි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම සිසුන් මූල්‍ය ආයතන මාර්ගයෙන් තමන් සතුව ප්‍රමාණවත් මුදල් ඇති බව හැඟවීම සඳහා ක්‍රියා කර ඇති බවයි. මෙම ජාවාරම පිළිබඳව පසුගිය ජනවාරි මාසයේදී නවසීලන්ත ආගමන විගමන බලධාරීන් අනාවරණය කරගෙන ඇත. ශ්‍රී ලාංකික සමාගමක් විසින් සිසුන්ට සිය මූල්‍ය හැකියාව පෙන්වීම සඳහා ව්‍යාජ ලියකියවිලි සකස් කර දී ඇති බව අනාවරණය වී ඇතැයි එරට මාධ්‍ය අනාවරණය කළේ ය. |
2018-08-02T00:42:58.000Z | පොල් මද ආනයනය අත්හිටුවයි | පොල් මද ආනයනය අත්හිටුවයි | COLOMBO (News 1st) - ආනයනකරුවන් විසින් පොල් මද ආනයනය නතර කරනු ලැබ ඇතැයි, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ජේ. එච්. රංජිත් මහතා සඳහන් කළේ, පසුගිය කාලයේ ඉන්දුනිසියාව සහ පිලිපීනය යන රටවලින් මෙරටට පොල් මද මෙට්‍රික් ටොන් 2000 ක් පමණ ගෙන්වනු ලැබ ඇති බවයි. මේ වන විට ප්‍රමාණවත් තරම් පොල් අස්වැන්නක් ලැබීම හේතුවෙන් ඔවුන්ට මෙරටින් පොල් මිලදී ගැනීමට හැකිවීම හේතුවෙන් ආනයනකරුවන් විසින් පොල් මද ආනයනය නතර කරනු ලැබ ඇතැයි, ලේකම්වරයා සඳහන් කළේ ය. පොල් මද ආනයනයට කර්මාන්තකරුවන් 12 දෙනෙකු පසුගිය කාලයේ අවසර ඉල්ලා ඇත. මේ දිනවල වෙළෙඳපොළේ පොල් ගෙඩියක් අළෙවි වන්නේ රුපියල් 40 ත් රුපියල් 80 ත් අතර මිලකට ය. |
2018-08-02T00:26:45.000Z | ලාඕසයට පැමිණීමෙන් පසු වීසා ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව | ලාංකිකයින්ට ලාඕසයෙන් වීසා ලබාගැනීමට අවස්ථාවක් | COLOMBO (News 1st) - වලංගු ගුවන් බලපත්‍ර හිමි ශ්‍රී ලාංකිකයින්ට, ලාඕස ජනතා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජාත්‍යන්තර දේශ සීමාවට පැමිණීමෙන් පසු වීසා අයැදුම් කිරීමට අවස්ථාව ලබාදී තිබේ. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලාංකිකයින් සඳහා මෙම අවස්ථාව ලබාදී ඇති බවයි. ලාඕසය, ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව ලබාදී ඇත්තේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීමේ අරමුණිනි. |
2018-08-01T23:48:43.000Z | ශිෂ්‍යත්ව හා උ/පෙළ සිසුන් වෙනුවෙන් සිසු සැරිය බස් රථ 770 ක් ක්‍රියාත්මක කෙරේ | ශිෂ්‍යත්ව හා උ/පෙළ සිසුන්ට සිසුසැරිය ක්‍රියාත්මකයි | COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් සිසු සැරිය බස් රථ 770 ක් ධාවනයට එක් කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි මෙහෙයුම් අධිකාරි සරත් වල්ගම්පාය මහතා පැවසුවේ, විභාග අවසන් වනතෙක් එම බස් සේවා ක්‍රියාත්මක බවයි. යම් ප්‍රදේශයක ඒ පිළිබඳ ගැටලු ඇත්නම්, 011 7 555 555 යන දුරකතන අංකයට දැනුම් දෙන්නැයි ද සරත් වල්ගම්පාය මහතා පැවසීය. |
2018-08-01T21:44:28.000Z | එක්දින තරග පරාජයට දික්වැල්ල කරුණු පහදයි | එක්දින තරග පරාජයට දික්වැල්ල කරුණු පහදයි | COLOMBO (News 1st) - දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් තරගය පුරාවට සිදූ වු සුළු වැරදි හමුවේ එම තරගය පරාජයට පත්වීමට සිදූ වූ බව ශ්‍රී ලංකා ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, තරගයට පසු පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි. තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය කඩුලු 4 කින් ජය ගැනීමට දකුණු අප්රිකා කණ්ඩායම සමත් විය. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවාසානයේ කඩුලු 8 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 244 කි. ලකුණු 245 ක ජයග්‍රාහී ඉලක්කයක් සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් එම ඉලක්කය පසු කළේ පන්දුවාර 42 යි පන්දු 5 ක් අවාසනයේ කඩුලු 6 ක් පමණක් දැවී තිබියදීයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක, නිරෝෂන් දික්වැල්ල අපේ අතින් වැරදි වුණා තරගය පුරාවට. තරගයක් ජයග්‍රහනය කරනවානම් සුළු සුළු වැරදා හුගක් කරලා අපිට තරගයක් ජය ගන්න බැහැ. නමුත් වැරදි දෙක තුනක් වෙන්න පුළුවන්. අපි ඒ වැරදි මහදාගෙන තරගය ඇතුලේම ඒ වැරදි හදාගෙන අපිට ජයග්‍රහනය කරා යන්න පුළුවන් නම් අපිට හොඳ දෙයක් ඒක තරගය ජයගන්න. ඒත සුළු සුළු වැරදි තරගය පුරාවට හුඟක් වේලාවට කළොත් අපිට තරගය ජයගන්න අමාරුයි. මං හිතන්නේ ඒ සුළු සුළු වැරදි හදාගෙන ඉදිරි තරග 3 ක්‍රීඩා කළොත් අපිට අනිවාර්යෙන් ජය ගන්න පුළුවන්. මේ අතර දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති අවසන් එක්දින තරග 10 ම පරාජයට පත්වීම පිළිබඳ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සඳහා දික්වැල්ල අදහස් පළ කළේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ ක්‍රීඩක, නිරෝෂන් දික්වැල්ල, කිසිම චකිතයක් වත් අපි ඔය තරග 10 ක් එකදිගට පරාද වුනා කියා හිතන්නේ නැහැ. මොකද අපි තරගයෙන් තරගයට තමා ක්‍රීඩා කරන්න යන්නේ. අපි බලන්නේ ඒ තරගය කොහොමද ජයග්‍රහනය කරන්නේ කයලා. එදා තරගයේදී අපේ කඩුලු 5 ක් ගියා අඩු ලකුණු සංඛ්‍යාවකට. අද තරගයේදී කඩුලු 2 ක් මුදලී දැවී ගියා. ඒකෙන් අපි පොඩි පසුබැමකට ලක්වුනත් අපි හිතන්නේ ඒ අවස්ථාවේදී ඒ තරගය කොහොමද ජයග්‍රහනය කරන්නේ කියලා. ඊයේ පැවැති තරගය අතරතුර තමන්ට ඇති වූ ආබාද පිළිබඳව ද දික්වැල්ල අදහස් පළ කළේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක, නිරෝෂන් දික්වැල්ල, අපි ෆිසියොත් එක්කත කතා කළා. එක්ස්රේ එකක් ගත්තා. එක්ස්රේ එකේ කිසිම ෆැකචර් එකක්වත් වෙන මුකුත්ම නැහැ. තව දවස් 3 ක් තියෙනවා. මං හිතනවා ක්‍රීඩා කරන්න පුළුවන් වෙයි කියලා |
2018-08-01T21:21:39.000Z | සිම්බාබ්වේ ඡන්ද ප්‍රතිඵලයට එරෙහිව විරෝධතාවල නිරත විපක්ෂ ආධාරකරුවන්ට හමුදාවෙන් වෙඩි ප්‍රහාර | සිම්බාබ්වේ විපක්ෂ ආධාරකරුවන්ට වෙඩි ප්‍රහාර | සිම්බාබ්වේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමත් සමග කුපිත වූ විපක්ෂ ආධාරකරුවන් වෙත රජයේ හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබේ. විපක්ෂ ආධාරකරුවන් විරෝධතා ආරම්භ කළේ, මැතිවරණයෙන් පාලක සානු පී එෆ් පක්ෂය විශාල ජයග්‍රහණයක් කරා ගමන් කරමින් සිටින බව එරට මැතිවරණ කොමිසම ඊයේ ප්‍රකාශ කිරීමෙන් පසුවයි. විපක්ෂ ආධාරකරුවන් හරාරේ අගනුවරට රැස්ව විරෝධතාවල නිරත වූයේ, සානු පී එෆ් පක්ෂය මෙවර මැතිවරණයේදී දූෂණ සහ අක්‍රමිකතාවල නිරත වූ බවට චෝදනා කරමිනි. සිම්බාබ්වේ රජය සඳහන් කළේ, විපක්ෂ එම්.ඩී.සී සන්ධානයේ ආධාරකරුවන්ගේ ප්‍රචණ්ඩ හැසිරීම් මර්දනයට හමුදාව යෙද වූ බවයි . මෙම ප්‍රහාර හෙළා දුටු එම් ඩී සී සන්ධානය, මෙය හිටපු ජනපති රොබට් මුගාබේ පාලන සමයේ පැවති අඳුරු යුගය සිහිපත් කරවන්නක් බව ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් මෙවර මැතිවරණ ප්‍රතිඵලවලට අනුව සිම්බාබ්වේ මීළඟ ජනාධිපතිවරයා කවුරුන්දැයි යන්න මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත. ඉකුත් සඳුදා පැවති ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට සිම්බාබ්වේ මැතිවරණ කොමිසම මෙතරම් දීර්ඝ කාලයක් ගැනීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ ද අවධානය යොමුව තිබේ. ජනාධිපති එමර්සන් මනගග්වා සඳහන් කළේ, නිල ප්‍රතිඵලය ප්‍රමාදවීමට විපක්ෂ සන්ධානය සහ එහි නායකත්වය වගකිව යුතු බවයි. අඛණ්ඩව පැවැත්වෙන විරෝධතා විසුරුවා හැර සාමය ස්ථාපිත කිරීම සඳහා හරාරේ අගනුවරට හමුදාව යෙද වූ බව සිම්බාබ්වේ අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. මෙතෙක් ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵල අනුව පාලක සානු පී එෆ් පක්ෂය ආසන 140 ක් දිනාගෙන ඇති අතර විපක්ෂ සන්ධානය දිනාගෙන ඇත්තේ ආසන 58 ක් පමණි. සිම්බාබ්වේ පහළ මන්ත්‍රණ සභාවේ සම්පූර්ණ ආසන සංඛ්‍යාව 210 කි. ජනාධිපතිවරණයේ අවසන් නිල ප්‍රතිඵලය ඊයේ පස්වරුවේ නිකුත් කිරීමට නියමිතව තිබූන ද මැතිවරණ කොමිසම ඊයේ නිකුත් කර තිබුණේ පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල පමණි. කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කිරීමට සිදුවන්නේ ලබන 4 වන දා බව එරට මැතිවරණ කොමිසම පැවසීය. |
2018-08-01T21:01:09.000Z | භික්ෂූන් වහන්සේලාට නව රක්ෂණ ක්‍රමයක් | භික්ෂූන් වහන්සේලාට නව රක්ෂණ ක්‍රමයක් | COLOMBO (News 1st) - භික්ෂූන් වහන්සේ වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ. බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේ, ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති බවයි. පිරිවෙන් අධ්‍යාපනය ලබන හා රාජ්‍ය සේවයේ යෙදෙන භික්ෂූන් වහන්සේලා එම රක්ෂණ ක්‍රමයට ඇතුළත් නොවන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. |
2018-08-01T20:40:16.000Z | හෘද රෝග හේතුවෙන් දෛනිකව 150 දෙනෙකු මියයයි | හෘද රෝග හේතුවෙන් දිනකට 150 දෙනෙකු මරුට | COLOMBO (News 1st) - හෘද රෝග හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් 150 දෙනෙකු පමණ මිය යන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා සඳහන් කළේ, ඉන් 25% ක් තරුණයින් බව ය. |
2018-08-01T20:24:40.000Z | ලොව වැඩිම වාහන බද්ද ශ්‍රී ලංකාවේ - දුමින්ද දිසානායක | ලොව වැඩිම වාහන බද්ද ශ්‍රී ලංකාවේ | COLOMBO (News 1st) - ලෝකයේ වැඩිම වාහන බද්ද ක්‍රියාත්මක වන්නේ මෙරට බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයේ උත්සවයකට එක්වීමෙන් අනතුරුවය. වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය, දුමින්ද දිසානායක ලෝකයේ වැඩිම වාහන බද්ද ක්‍රියාත්මක වන්නේ ලංකාවේ ඒ නිසා මේක ගැන මෙයිට වැඩිය හිතන්න ඕනේ |
2018-08-01T19:52:29.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | 1. එන්ජින් ධාරිතාව 1000 ට අඩු වාහනවල තීරු බදු ඉහළට: එන්ජින් ධාරිතාව 1000 ට අඩු වාහන සඳහා අය කරන තීරු බදු ඉහළ නංවා ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. ඒ අනුව එන්ජින් ධාරිතාව 1000 ට අඩු සාමාන්‍ය මෝටර් රථ සඳහා වන බද්ද අද සිට රුපියල් ලක්ෂ 15කි. එන්ජින් ධාරිතාව 1000 ට අඩු හයිබ්‍රිඩ් මෝටර් රථ සඳහා වන බදු රුපියල් දොලොස් ලක්ෂ පනස් දහසකි. 2. ‘පිබිදෙමු පොළොන්නරුව’ ජනතා අයිතියට: ‘පිබිදෙමු පොළොන්නරුව’ වැඩසටහන යටතේ ඉදිකළ ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීම ඊයේ දිනයේ ආරම්භ විය. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ය. මෙම වැඩසටහන යටතේ සංවර්ධන ව්‍යාපෘති 180 ක් ඊයේ සහ අද ජනසතු කිරීමට නියමිත වේ. 3. අලුතින් ඉඳි කිරීමට නියමිත ක්‍රිකට් ක්‍රීඩාංගණ ගැන අගමැති කී දේ: ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අනාගතය හා අලුතින් ඉදිකිරීමට බලාපොරොත්තුවන ක්‍රිකට් ක්‍රීඩාංගණ පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවැති උත්සවයකදී අදහස් පළ කළේ ය. 4. MDT හා ගනුදෙනු ගැන මහජන බැංකුව කරුණු පහදයි: එම්.ටී.ඩී වෝකර්ස් සමාගම සහ මහජන බැංකුව අතර සිදුවී ඇති ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් මහජන බැංකුව විසින් සිදු කර තිබේ. මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත්තේ, මහජන බැංකුව එම්.ටී.ඩී වෝකර්ස් සමාගමේ ණයකර මිලදී ගැනීම සහ පෙර ලබාදුන් ණය අක්‍රියවී ඇති ආකාරය ගැන හිටපු ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරී රුසිරිපාල තෙන්නකෝන් මහතා කළ අනාවරණයට පිළිතුරු ලෙසයි. 5. දුම්වැටියකින් අය කරන සුරා බද්ද ඉහළ දමයි: දුම්වැටියකින් අය කරන සුරා බද්ද රුපියල් 3.80කින් ඉහළ දමා තිබේ. මේ අනුව දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ යනු ඇති. විදෙස් පුවත් 6. මෙක්සිකෝවේ ගුවන් යානා අනතුරකින් 101 දෙනෙකුගේ දිවි ගලවා ගනී: මෙක්සිකෝවේ ඩුරන්ගෝ ප්‍රදේශයේ මගීන් 101 දෙනෙකු රැගත් ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි සියලු දෙනා දිවි ගලවා ගැනීමට සමත්ව තිබේ. අනතුරින් පුද්ගලයින් 85 දෙනෙකු තුවාල ලැබූ අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. |
2018-08-01T11:20:48.000Z | MBC සමූහ අධ්‍යක්ෂිකා ශාන්ති භගිරදන් ආසියාවේ විශිෂ්ටතම කාන්තා නායිකාවක ලෙස ඇගයීමට ලක්වෙයි | ශාන්ති භගිරදන් කාන්තා නායිකාවක් ලෙස ඇගයෙයි | COLOMBO (News 1st) - කැපිටල් මහරාජා සංවිධානයට අනුබද්ධ MBC නෙට්වර්ක්ස් පෞද්ගලික ආයතනයේ සමූහ අධ්‍යක්ෂිකා ශාන්ති භගිරදන් මහත්මිය අද ආසියාවේ විශිෂ්ටතම කාන්තා නායිකාවක් ලෙස ඇගයීමට ලක් විය. ඒ, සිංගප්පුරුවේදී පැවති ආසියා කාන්තා නයකත්ව සම්මාන ප්‍රධානෝත්සවයේදී. සී.එම්.ඕ එෂියා ආයතන විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය අද සිංගප්පුරුවේදී පැවැත්වුනේ රටවල් 110 නියෝජිතයින්ගේ සහභාගීත්වයෙනි. ආසියා කාන්තා නයකත්ත්ව සම්මාන ප්‍රධානෝත්සවය පැවැත්වෙන්නේ ලෝක කන්තා නායකත්ව කොංග්‍රසයට අනුබද්ධවයි. ශාන්ති භගිරදන් මහත්මිය මෙහිදී ආසියාවේ විශිෂ්ටතම කාන්තා නායිකාවන් 25 දෙනා අතරට එක් විය. |
2018-08-01T10:45:38.000Z | දෙවන බැඳුම්කර කොල්ලය ගැන News 1st අනාවරණය ඉදිරි දිනවලදී | දෙවන බැඳුම්කර කොල්ලය ගැන අනාවරණය ඉදිරියේ | COLOMBO (News 1st) - සාමාන්‍ය ජනතාවගේ බලාපොරොත්තුව වූ තමන්ගේම වාහනයක් හිමිකර ගැනීමේ සිහිනයත් දැන් ක්‍රම ක්‍රමයෙන් ජනතාවගෙන් ඈත්වෙමින් තිබේ. දිනෙන් දින ඉහළ යන බඩු මිල, අඛණ්ඩව කඩා වැටුන රුපියල පමණක් නොව 3% ආසන්න අගයකින් පොලී අනුපාත වැඩිවීම මේවා සියල්ලට බැඳුම්කර හොරුන් කොල්ල කෑ ජනතාවගේ මුදල් හේතුවක් නොවේ ද? 2015 පෙබරවාරි 27 වන දා සිදු කළ පළමු බැඳුම්කර වංචාවෙන් එම මොහොතේ සිදු වූ පාඩුව රුපියල් මිලියන 869 ඉක්මවන බව විගණකාධිපතිවරයා අනාවරණය කළේ ය. මේ වනවිට හෙළිවී ඇත්තේ වසර 30 ක කාලය අවසන් වනවිට මේ පාඩුව බිලියන ට්‍රිලියන ගණනින් ඉහළ යන බවයි. වඩාත් භයානක කරුණ වූයේ අවුරුදු ගණනාවක් දහඩිය මහන්සියෙන් උපයන මාසික වැටුපෙන් සේවක අර්ථ සාධක අරමුදලේ වැඩකරන ජනතාව තැන්පත් කළ මුදල ද බැඳුම්කර හොරුන් පැහැර ගැනීමයි. විශ්‍රාම ගන්නා දිනයේදී අවසානයේ ඉතිරිවන මුදල ද මේ අයුරින් කොල්ල කා තිබියදී ඉතිරිවන මුදලට ද බදු පැනවීමට තරම් සාහසික මට්ටමකට බැඳුම්කර කොල්ලය ව්‍යප්තවී තිබේ. දැනට අනාවරණයවී ඇත්තේ පළවෙනි බැඳුම්කර සොරකමේ පාඩුව පමණි. මේ සොරකම ගැන පරීක්ෂණ වෙමින් තිබියදී 2016 වසරේ තව ත් වංචා සහගත ගනුදෙනුවක් සිදු වූයේ පළමු ගනුදෙනුවට වඩා වැඩි මුදලක් රටට අහිමි කරමිනි. කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, කීර්ති තෙන්නකොන් දෙවෙනි බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් බැඳුම්කර කොමිෂන් සභාවේදී අනාවරණය වෙලා තියෙන කරුණු කාරනා ඉතාමත් සීමිත බව ඉතාමත්ම පැහැදිලිව අපි හඳුනාගේන තිබෙනවා. ඒ වගේම මේ බැඳුම්කර වංචාව ආශ්‍රිත සිදුවෙලා තියෙන මූල්‍ය වංචාව රුපියල් බිලියන 11 කට වැඩි ප්‍රමාණයක් බව ප්‍රකාශයට පත්වෙන්නේ මේ පළවෙනි බැඳුම්කර සිද්ධිය ආශ්‍රිතව මිසක්කා දෙවෙනි බැඳුම්කර සිද්ධිය හා එකතු කරලා සමස්ත බැඳුම්කර වංචාව පිළිබඳව නොවන බව ඉතාමත්ම පැහැදිලිව අවධාරණය කරන්න ඕනේ. ඒ තුළ ඔවුන් ලඝුකරන්න හදනවා මේ සිදුවෙච්ච මූල්‍ය වංචාව රුපියල් බිලියන 12 ක් පමණයි කියන කාරනයට. මෙහි කිසිදු සත්‍යතාවක් නෑ අද වෙනකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, මහපොළ, මහ බැංකු අරමුදල්, සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල්, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, රක්ෂණ භාරය එ වගේම ලංකා බැංකුවේ මුදල් පොම්ප කිරීමේ ක්‍රියාවලිය තුළ මෙ රටට මේ රටේ ජනතාවට සිදු කරලා තියෙන වංචාවේ පරිමාව රුපියල් බිලිවන 32 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වෙනවා දෙවෙනි බැඳුම්කරය හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් පිළිබඳව විමර්ශන සිදුකළ යුතුව පවතිනවා. දෙවන බැඳුම්කර වංචාව ගැන නිව්ස්ෆස්ට් අනාවරණය ඉදිරි දිනවල බලාපොරොත්තු වන්න... |
2018-08-01T09:51:43.000Z | MDT හා ගනුදෙනු ගැන මහජන බැංකුව කරුණු පහදයි | MDT හා ගනුදෙනු ගැන මහජන බැංකුව කරුණු පහදයි | COLOMBO (News 1st) - එම්.ටී.ඩී වෝකර්ස් සමාගම සහ මහජන බැංකුව අතර සිදුවී ඇති ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් මහජන බැංකුව විසින් සිදු කර තිබේ. මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත්තේ, මහජන බැංකුව එම්.ටී.ඩී වෝකර්ස් සමාගමේ ණයකර මිලදී ගැනීම සහ පෙර ලබාදුන් ණය අක්‍රියවී ඇති ආකාරය ගැන හිටපු ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරී රුසිරිපාල තෙන්නකෝන් මහතා කළ අනාවරණයට පිළිතුරු ලෙසයි. එම්.ටී.ඩී වෝකර්ස් සමාගම මහජන බැංකුවෙන් ලබාගෙන ඇති ණය වර්තමානයේ ක්‍රමික ගණයේ පවතින ණය බව මහජන බංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යොමු කළ ලිපියකින් පෙන්වා දී ඇති. සියලුම බැංකු තම දෛනික ව්‍යාපාර කටයුතු අතරතුර ව්‍යාපාර අවදානම් අඩු කර ගැනීමේ පියවරක් වශයෙන් විවිධ ණය ප්‍රධානය කිරීමටත්, කොටස් වෙළෙඳපොළ, භාණ්ඩාගාර බැඳුම්කර, භාණ්ඩාගාර බිල්පත්, ණයකර වැනි ආයෝජන අවස්ථා ප්‍රයෝජනයට ගැනීමත් සිදු කරන බව මෙම ලිපියේ දැක්වේ. ඒ අනුව 2015 වසරේදී මහජන බැංකුව විසින් එම්.ටී. ඩී වෝකර්ස් සමාගමේ මහජන ණය කර නිකුතුවේදී රුපියල් මිලියන 500 ක මුදලක් එම ණයකර සඳහා 9.75% ක පොලී අනුපාතයකට අයෝජනය කළ බව මෙහි සඳහන් ය. ලිපියේ දැක්වෙන පරිදි ඊට මහජන බැංකුව අනුමැතිය දී ඇත්තේ අනෙකුත් ආයෝජනයන්ගෙන් ලැබුණු ඉපයුම් අනුපාත ගණනය කර සසඳා බැලීමෙන් අනතුරුව බවයි. මෙම ආයෝජනය සිදුවන කාලයේදී බැංකු විසින් වෙනත් පාර්ශවයක් වෙත ණය ලබාදීමේ සාමාන්‍ය පොලී අනුපාතය 13.11% ක් බව මහජන බැංකුව පෙන්වා දේ. ආදායම් බදු ගෙවීමෙන් අනතුරුව බැංකුවේ ශුද්ධ පොලී අනුපාතය 9.44% ක් බවත් අදාළ කාලය තුළදී භාණ්ඩාගාර බැඳුම්කර, භාණ්ඩාගාර බිල්පත් සඳහා පොලී අනුපාතය 7.08% ක් බව ද ලිපියේ දක්වා ඇත. එහි වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ, ණයකර හරහා උත්පාදනය වන පොලී ආදායම් සඳහා ආදායම් බදු ගණනය නොකෙරෙන බැවින් සිය බැංකුවට වැඩි ප්‍රතිලාභ හිමි වී ඇති බවයි. කොළඹ කොටස් වෙළඳපොළේ සමීපව ගනුදෙනු නිරීක්ෂණය කරන ලැයිස්තුවට ඇතුළත්ව ඇති සමාගමක ණයකර මිලදී ගැනීමට තරම් මහජන බැංකුව දුර්වල නැතැයි රුසිරිපාල තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි. වෙළඳපොළේ වඩා වැඩි පොලියක් නැතහොත් ආදායමක් ඉපැයිය හැකි අවස්ථා තිබියදී මේ සමාගමේ ණයකර මිලදී ගත්තේ අධ්‍යක්ෂවරයා කෙරෙහි ඇති ලැදියාව හැර වෙන කුමක් නිසාදැයි ඔහු ප්‍රශ්න කරනු ඇත. මේ පිළිබඳව තව ත් තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.... |
2018-08-01T09:08:44.000Z | 'පිබිදෙමු පොළොන්නරුව' ජනතා අයිතියට | 'පිබිදෙමු පොළොන්නරුව' ජනතා අයිතියට | COLOMBO (News 1st) - 'පිබිදෙමු පොළොන්නරුව' වැඩසටහන යටතේ ඉදිකළ ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීම අද ආරම්භ කෙරුණි. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ය. මෙම වැඩසටහන යටතේ සංවර්ධන ව්‍යාපෘති 180 ක් අද සහ හෙට ජනසතු කිරීමට නියමිත වේ. මේ යටතේ නව පාසල් ගොඩනැගිලි, බස් නැවතුම්පොළවල්, පානීය ජල ව්‍යාපෘති, රාජ්‍ය ආයතන සඳහා පහසුකම් සහිත ගොඩනැගිලි ඇතුලු ව්‍යාපෘති ගණනාවක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. අද ව්‍යාපෘති ජනසතු කිරීමේ ආරම්භය සනිටුවහන් කෙරුණේ දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයෙනි. කෝටි 16 ක වියදමින් එම විද්‍යාලයේ ඉදිකළ දෙමහල් පාසල් ගොඩනැගිල්ල ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පත් විය. මේ අතර මැදිරිගිරිය බස් නැවතුම්පොළ විවෘත කිරීම ද අද පෙරවරුවේ සිදු කෙරුණේ පිබිදෙමු පොළොන්නරුව වැඩසටහනට සමගාමීවයි. මැදිගිරිය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ද අද ජනාධිපතිතුමා එක් විය. මැදිරිගිරිය වාරි කළමනාකරණ කාර්යාලය ජනතා අයිතියට පත් කෙරුණේ ඉන් අනතුරුවයි. මේ අතර මැදිරිගිරිය ජාතික පාසලේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට ද ජනාධිපතිතුමා එක් විණි. මෙම තෙමහල් ගොඩනැගිල්ල ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකර තිබේ. |
2018-08-01T09:47:57.000Z | අලුතින් ඉඳි කිරීමට නියමිත ක්‍රිකට් ක්‍රීඩාංගණ ගැන අගමැති කී දේ | ඉඳි කිරීමට නියමිත නව ක්‍රීඩාංගණ ගැන අගමැති කී දේ.. | COLOMBO (News 1st) - ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අනාගතය හා අලුතින් ඉදිකිරීමට බලාපොරොත්තුවන ක්‍රිකට් ක්‍රීඩාංගණ පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවැති උත්සවයකදී අදහස් පළ කළේ ය. අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ, අපි බලාපොරොත්තුවෙනවා මෙතන විශාල දැනට අලුත් ගොල්ෆ් පිට්ටනි 3 ක් ආරම්භ කරන්න ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව කරන්න උවමනා ක්‍රීඩාංගණ 2 ක් ඇති කරන්න ඉන්නේ. එකක් තමයි අද මෙතන තියෙන මේ ක්‍රීඩාංගණය නමුත් යුනෙස්කෝ වාර්තා අනුව යුනෙස්කෝවට අනුකුලව අපිට ඒක සකස් කරන්න පුලුවන් මේක කුඩා පිට්ටනියක්. අනිත් ක්‍රීඩාංගණ විශේෂයෙන්ම කොග්ගල පැත්තේ යෝජනා කරලා තියෙනවා. මධ්‍ය කාලීනව ඒක දියුණු කරන්න ඉන්නේ. මාතරත් සමහර ජාත්‍යන්ත එකක් යොදවලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මත්තල ගුවන්තොටුපොළ ක්‍රියාත්මක කරන්න සමහරවිට වල්අලිවලට අමතරව සුරියවැව ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්න අවස්ථාව තියෙනවා. මේක කොග්ගල එකක් දාන්න කිව්වම ගියේ ආණ්ඩුවෙන් කවුරුත් විරුද්ධ වුනේ නැහැ. මේ ආණ්ඩුවෙන් අපි ඒ ස්ථානය තොරගෙන තිබ්බ නිසා වෙන ස්ථාන ගන්නේ නැතිව ඒ ස්ථානයේම හදන්න ඒනේ කියලා තීරණය කළාම මෙන්න විශාල උද්ඝෝෂණයක් අතිවෙනවා. ඉතින් මම දන්නේ නැහැ. ඒකයි මම හිතන්නේ විශේෂයෙන්ම අපේ යුතුකම තියෙන්නේ අපි ක්‍රීඩාව දියුණු කරන කොට මේ ප්‍රදේශය ඉදිරියට ගෙනියන්න ඉතින් මම බලාපොරොත්තුවෙනවා විද්‍යුත් අපේ පුද්ගලික මාධ්‍ය සම්පුර්ණ සහයෝගය දෙයි කියල මේක සම්පුර්ණයෙන් ඉදිරියට ගෙනියන්න ගරු අග්‍රාමාත්‍යතුමනි, මාධ්‍යයේ අනාවරණ පිළිබඳව අදහස් දක්වමින් මාධ්‍යයේ සහයෝගය බලාපොරොත්තු වන ඔබ අප විශ්වාස කරන්නේ කෙසේ ද? 19 වන සංශෝධනය හරහා මාධ්‍යවේදීන් සිරගත කිරීමටත් මාධ්‍යයට දඩ පැනවීමටත් හැකි වගන්ති ඇතුළත් කළ අයුරු ඔබට අමතක ද? අප ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට නොපතන්නට අද ඒවා නීතිගතව අවසන් නොවේ ද? මහා බැඳුම්කර වංචාවේදී පාර්ලිමේන්තුව නොමග යවමින්, අර්ජුන් මහේන්ද්‍රන් රැක ගැනීමට ජනතා නියෝජිතයින්ට කියූ බොරු ඔබට අමතක ද? දැන් මාධ්‍යයේ සහය ඉල්ලන ඔබ රංග කලංසූරිය, ප්‍රදීප් වීරසිංහ වැනි පුද්ගලයින් යොදාගෙන මාධ්‍ය මර්දනය කිරීමට ලියවිල්ලක් සකස් කරමින් සිටින බව අමතක වූවා ද? වොක්ස්වැගන් කර්මාන්තශාලා අරඹන්නට, ශ්‍රී ලංකාවටම වයිෆයි ලබා දෙන්නට, පුංචි පවුල් වෙත කාර් ලබා දෙන්නට කප්පරක් පොරොන්දු දුන් ඔබ ඒ කිසිවක් ඉටු නොකළ බව ඔබට අමතක ද? මත්තල ගුවන්තොටුපොළ හම්බන්තොට වරාය පිටරැටියන්ට පැවරූ රටේ ජනතාව විශ්වාස කරන්නේ කෙසේ ද? පාර්ලිමේන්තුවේ බහුතරය පවා අහිමි මොහොතක ඔබට අගමැති වන්නට සහය දුන් ජනාධිපතිවරයාට පවා එරෙහිව කළ කී දෑ ජනතාවට අමතකව ඇතැයි සිතන්නේ ද? තනතුර සහ බලය රැක ගැනීම වෙනුවෙන් පක්ෂ ප්‍රතිසංවිධානය කරන බවට පොරොන්දුදී සිදු කළ එකම හා ලොකුම වෙනස බවට පත් වූයේ අකිල විරාජ් කාරියවසම් පක්ෂ මහ ලේකම් තනතුරට ගෙන ඒම පමණක් බව අමතක ද? මෙතරම් පොරොන්දු කන්දරාවකට පයින් ගැසූ ඔබ මාධ්‍ය ඇත්ත හෙළි කරන අවස්ථාවල මෙලෙස මාධ්‍යයේ සහයෝගය බලාපොරොත්තු වන්නේ ඔබේ අරමුණු ඉටුකර ගන්නා තුරු මාධ්‍යය ද ඔබේ බොරු පොරොන්දු හමුවේ මුලාවේ යැයි සිතා ද? |
2018-08-01T06:58:15.000Z | නිල්ගල රක්ෂිතයෙන් කොටි දෙනකගේ සිරුරක් හමුවෙයි | නිල්ගල රක්ෂිතයෙන් කොටි දෙනකගේ සිරුරක් හමුවෙයි | COLOMBO (News 1st) - ගල්ඔය ජාතික වනෝද්‍යානයේ, මොණරාගල නිල්ගල රක්ෂිතය තුළ තිබී අද තව ත් කොටි දෙනකගේ සිරුරක් හමුවිය. පොලීසිය ප්‍රකාශ කළේ, එම සත්ත්වයා ඊයේ මියගොස් සිටියදී හමු වූ කොටි දෙදෙනාගේ මව විය හැකි බවයි. මේ අතර ඊයේ හමු වූ කොටි දෙදෙනාගේ සිරුර පිළිබඳ පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක බව වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ ය. කොටිදෙනගේ සිරුර හමුව ඇත්තේ, නිල්ගල රක්ෂිතයේ බෝවැල්ල එගොඩපිටිය ප්‍රදේශය ආසන්නයේ තිබියදීයි. අඩි 7 ක් පමණ දිගැති එම කොටි දෙන අවුරුදු 15 ක් පමණ වයසේ පසු විය. සිරුර සොයා ගන්නා විටත් කොටිදෙනගේ හිස කඳින් වෙන් ව තිබු බව අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය. ගල්ඔය වනජීවි කාර්යාලය දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වනු ඇත. මේ අතර මියෙගාස් සිටියදී ඊයේ හමු වූ කොටි දෙදෙනාගේ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය උඩවලව ඇත් අතුරු සෙවනේදී සිදු කෙරුණි. ඒ, ඌව පළාත භාර වනජීවි පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතා විසිනි. අවුරුදු එකහමාරක් පමණ වයසැති එම සතුන් දෙදෙනා යම් විෂ ද්‍රව්‍යයක් ශරීරගත කර ඝාතනය කර තිබූ බවට මූලික පරීක්ෂණවලදී හෙළිව තිබේ. ඒ අනුව මීට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස තමන් පොලීසියට දැනුම් දුන් බව, වනජීවි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළා. කොටි මියගොස් සිටි ස්ථානය සමීපයේ මියගිය ගවයෙකුගේ සිරුරු කොටස් ද තිබී සොයා ගැණුනු අතර ඒ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලීසිය පැවසී ය. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අද බිබිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර මේ සම්බන්ධයෙන් අගෝස්තු 23 වන දා අධිකරණයට කරුණු දැක්වීමට නියමිත බව ගල්ඔය වනජීවි කාර්යාලයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ ය. |
2018-08-01T05:32:28.000Z | ඇවන්ට්ගාඩ් ගබඩා භාරකරුට හා මෙහෙයුම් කළමනාකරුට ඇප | ඇවන්ට්ගාඩ් ගබඩා භාරකරුට හා මෙහෙයුම් කළමනාකරුට ඇප | COLOMBO (News 1st) - ඇවන්ට්ගාඩ් නෞකාවේ ගබඩා භාරකරු සහ මෙහෙයුම් කළමනාකාරවරයා ඉදිරිපත් කළ ඇප අයැදුම්පත් සලකා බැලු ගාල්ල මහාධිකරණය අද ඔවුන්ට ඇප නියම කර තිබේ. ඒ, ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසිනි. එසේ ඇප නියම වූයේ ඇවන්ට්ගාඩ් නෞකාවේ අවි ගබඩාවේ භාරකරු වන දොන් තෝමස් ඇල්බට් විජේතුංග තිලකරත්න සහ එම නෞකාවේ මෙහෙයුම් කළමනාකරු මිල්ලනියගේ සුමුදු නිලුපුල් කොස්තා යන මහත්වරුන්ටයි. එහිදී එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ විසිපහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ විනිසුරුවරයා ඔවුන්ට විදේශගතවීම ද තහනම් කළේ ය. විනිසුරුවරයා නියෝග කළේ, සැකකරුවන්ට සෑම මසකම අවසන් ඉරු දින කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙසයි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2015 ඔක්තෝබර් 13 වන දින නීති විරෝධී ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී ඇවන්ට්ගාඩ් නෞකාව අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේ ය. එම නෞකාවේ තිබී ටී 56 ගිනි අවි 549, 84 එස් ගිනි අවි 264 ක් උණ්ඩ 204,674 ක් සහ එල්.එම්.ජි. ගිනි අවි 2 ක් සොයාගනු ලැබිණි. |
2018-08-01T01:33:58.000Z | එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහනවල තීරු බදු ඉහළට | එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහනවල තීරු බදු ඉහළට | COLOMBO (News 1st) - එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහන සඳහා අය කරන තීරු බදු ඉහළ නංවා ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. ඒ අනුව එන්ජින් ධාරිතාව 1000ට අඩු සාමාන්‍ය මෝටර් රථ සඳහා වන බද්ද අද සිට රුපියල් ලක්ෂ 15කි. එන්ජින් ධාරිතාව 1000ට අඩු හයිබ්‍රිඩ් මෝටර් රථ සඳහා වන බදු රුපියල් දොලොස් ලක්ෂ පනස් දහසකි. මේ අනුව ඇල්ටෝ වර්ගයේ පෙට්‍රල් මෝටර් රථයක් රුපියල් 345,000 කින් පමණ වැඩි වනු ඇති. හයිබ්‍රිඩ් වැගන්ආර් වර්ගයේ රථයක මිල රුපියල් 425,000 කින් පමණ වැඩි වනු ඇති. මුදල් අමාත්‍යංශය පවසන්නේ අද දිනට පෙර ණයවර ලිපි විවෘත කර 2019 ජනවාරි 31 වන දිනට පෙර නිශ්කාශනය කරන වාහන සඳහා අදාළ බදු සංශෝධන අදාළ නොවන බව ය. |
2018-08-01T01:00:16.000Z | වැල්ලවත්තේදී මෝටර් රථයකින් හෙරොයින් ජාවාරම් කළ පිරිසකට පොලීසියෙන් වෙඩි | වැල්ලවත්තේදී හෙරොයින් ජාවාරම් කළ පිරිසකට වෙඩි | COLOMBO (News 1st) - වැල්ලවත්ත ප්‍රදේශයේදී මෝටර් රථයකින් හොරොයින් ජාවාරමේ යෙදුණු බව කියන පිරිසකට කළ වෙඩි තැබීමකින් එක් අයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, ලැබුණු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් ජීප් රථයකින් හා ත්‍රිරෝද රථයකින් ගොස් වැල්ලවත්ත චාලිමන්ට් පාරේ හෝටලයක් ඉදිරිපිට නවතා තිබූ මොටර් රථයක් පරීක්ෂා කිරිමට තැත් කීරීමේදී රථය වේගයෙන් පළා යාමට උත්සහ කර ඇති බව ය. එහිදී මෝටර් රථය තාප්පයක හා කොස්තාපල්වරයෙකුගේ ශරීරයේ ගැටී ඇති අතර ඉන් කොස්තාපල්වරයා තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, එම අවස්ථාවේදී එහි සිටි තවත් පොලිස් කොස්තාපල්වරයෙකු කළ වෙඩි තැබීමකින් රථයේ සිටි අයෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කළ බව ය. එලෙස තුවාල ලබා ඇත්තේ, 39 හැවිරිදි හෙට්ටිආරච්චිගේ කමල් අබේරත්න නමැති 39 හැවිරිදි ගෝනපොළ ඔලබොඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. |
2018-08-01T00:37:54.000Z | වෛද්‍යවරුන්ගේ දීමනා ඉහළ නැංවීමේ තීරණයක් | වෛද්‍යවරුන්ගේ දීමනා ඉහළ නැංවීමේ තීරණයක් | COLOMBO (News 1st) - වෛද්‍යවරුන්ගේ හදිසි කැඳවුම් රාජකාරී ඇතුළු බාධක හා පැමිණීමේ දීමනා ඉහළ නැංවීමට මහා භාණ්ඩාගාරය තීරණය කර තිබේ. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, වෛද්‍යවරයෙකුට රුපියල් 15000කින් සහ විශේෂඥ වෛද්‍යවරයෙකුට රුපියල් 25000 කින් හදිසි කැඳවුම් දීමනාව ඉහළ දැමීමට තීරණය කළ බව ය. ඉදිරියේදී ඊට අදාළ යෝජනාව කැබිනට් අනුමැතිය සඳහා යොමු කරන බව ද මහා භාණ්ඩාගාර ප්‍රකාශකයා සඳහන් කළේ ය. සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරයෙකුට සියලු දීමනා ඇතුළත්ව හිමි වන පළමු මාසික වැටුප රුපියල් 167,000 කි. නව දීමනාවත් සමග ඔවුන්ගේ මාසික වැටුප රුපියල් 182,000ක් දක්වා ඉහළ යනු ඇති. පළමු මාසික වැටුප රුපියල් 250,000ක් වන විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මාසික වැටුප රුපියල් 275,000ක් දක්වා ඉහළ යයි. ලබන 3 වන දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනයක් පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ, හදිසි කැඳවුම් රාජකාරී දීමනාව ඉහළ නංවා ගැනීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කර ගනිමිනි. සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා අනුව වෛද්‍යවරුන් එලෙස හදිසි කැඳවීම් සඳහා පැමිණීම තහවුරු කිරීමට කිසිදු ලේඛනයක් නොමැත. වෛද්‍යවරුන්ට එවැනි හදිසි කැඳවීම් කරන්නේ, හදිසි ශල්‍යකර්ම කිරීම සඳහා පමණි. මෙරට තුළ එවැනි ශල්‍යකර්ම සිදු කරන රෝහල් ගණන 48කි. එහෙත් මෙරට සිටින වෛද්‍යවරුන් 18000කට නව දීමනාව හිමි වේ. වෛද්‍යවරුන් සිය දීමනා ඉහළ දමන්නැයි ඉල්ලීම් කරන්නේ, තමුන් එවැනි හදිසි කැඳවීම් සඳහා පැමිණෙන බවට තහවුරු කළ හැකි ලේඛනයක් හෝ නොමැතිව ය. මීට වසර කිහිපයකට පෙර රෝගී ප්‍රඥ්ඥප්තියක් ගෙන ඒමට සූදානම් වූ අවස්ථාවේ ද රජයේ වෛද්‍යවරු ඊට විරෝධය පළ කළහ. රෝගී ප්‍රඥ්ඥප්තිය නීතිගත කළේ නම් මෙම සියලු කරුණු විනිවිද භාවයකින් යුතුව ඔප්පු කිරීමට හැකිව තිබිණි. |
2018-07-31T22:59:47.000Z | මෙක්සිකෝවේ ගුවන් යානා අනතුරකින් 101 දෙනෙකුගේ දිවි ගලවා ගනී | මෙක්සිකෝවේ ගුවන් යානා අනතුර | (News 1st) - මෙක්සිකෝවේ ඩුරන්ගෝ ප්‍රදේශයේ මගීන් 101 දෙනෙකු රැගත් ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි සියලු දෙනා දිවි ගලවා ගැනීමට සමත්ව තිබේ. ප්‍රාන්ත ආණ්ඩුකාර හොසේ අයිස්පුරෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව තහවුරු කළේ ය. අනතුරින් පුද්ගලයින් 85 දෙනෙකු තුවාල ලැබූ අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. මගීන් 97 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු රැගත් එරෝමෙක්සිකෝ ගුවන් සේවයට අයත් AM 2431 යානය අනතුරට ලක් වූයේ ගුවාඩලුපේ වික්ටෝරියා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට මෙක්සිකෝ සිටි අගනගරය කරා පියාසර කරමින් සිටින අතරතුර ය. අනතුරට පත් වන විට යානය ගුවන්තොටුපොළින් පිටත්ව සැතපුම් 6ක් පියාසර කර තිබිණි. අධික වර්ෂාව මධ්‍යයේ යානය ගුවන්ගත කර ඇති අතර අනතුරට හේතුව අයහපත් කාලගුණ තත්ත්වය බව ගුවන්තොටුපොළ බලධාරීහු පවසති. මෙම අනතුරට පසු ගුවාඩලුපේ වික්ටෝරියා ගුවන්තොටුපොළ වසා දැමිණි. |
2018-07-31T22:40:29.000Z | දුම්වැටියකින් අය කරන සුරා බද්ද ඉහළ දමයි | දුම්වැටියකින් අය කරන සුරා බද්ද ඉහළ දමයි | COLOMBO (News 1st) - දුම්වැටියකින් අය කරන සුරා බද්ද රුපියල් 3.80කින් ඉහළ දමා තිබේ. මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එම බදු ඉහළ දමා ඇති බව ය. මේ අනුව දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ යනු ඇති. ඒ සමගම රුපියල් 50 ක්ව පැවති දුම්වැටියක් 55 දක්වාත්, 55 ක්ව පැවති දුම්වැටියක මිල රුපියල් 60 දක්වාත් ඉහළ යනු ලැබේ. |
2018-07-31T22:22:36.000Z | වර්ණ යෙදූ බාල පරිප්පු මෙරට වෙළෙඳපොළේ | වර්ණ යෙදූ බාල පරිප්පු මෙරට වෙළෙඳපොළේ | COLOMBO (News 1st) - රතු වර්ණය යෙදූ ප්‍රමිතියෙන් තොර පරිප්පු විශේෂයක් මෙරට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ, පසුගිය මාස කිහිපයේ වෙළෙඳපොළේ කළ වැටලීම්වලින් මේ පිළිබඳව අනාවරණය වූ බව ය. දැනට මෙම පරිප්පු විශේෂය අනුරාධපුර හා රත්නපුර දිස්ත්‍රික්කවල වෙළෙඳ සල්වල විකිණීමට තබා තිබියදී සොයා ගෙන ඇති බව ද ඔහු පැවසුවේ ය. මහේන්ද්‍ර බාලසූරිය මහතා ජනතාවට දැනුම් දෙන්නේ, එම පරිප්පු විශේෂය පිසීම සඳහා සේදීමේදී පැහැය වෙනස් වන්නේ නම් වහාම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කරන ලෙස ය. මේ පිළිබඳව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, ප්‍රමිතියෙන් තොර මෙවැනි ආහාර පිළිබඳව ආහාර පනත යටතේ නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය ඇති බව ය. මේ අතර මේ වසරේ මුල් මාස 06 තුළ කළ වැටලීම් 1576 කින් නඩු 4762 ක් පැවරූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කළහ. ඉන් අය කර ගෙන ඇති දඩ මුදල රුපියල් එක්කෝටි 21 ලක්ෂ 76000කි. ආහාර නිෂ්පාදනවල ලේබල් නොගැසීම, පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, ආපන ශාලා හා ආහාර නිෂ්පාදනය කරන ස්ථාන අපිරිසිදුව පවත්වාගෙන යාම ආදී චෝදනා රැසක් සම්බන්ධයෙන් එම නඩු පැවරූ බව මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ ය. |
2018-07-31T20:51:40.000Z | ශ්‍රීලංකන් හා මිහින් ලංකා අක්‍රමිකතා සොයන ජනපති කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ | ශ්‍රීලංකන් අක්‍රමිකතා සොයන ජනපති කොමිසමේ නිල කාලය | COLOMBO (News 1st) - ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සේවාවල හා ශ්‍රීලංකන් කේටරින් ආයතනවල සිදු වූ බව කියන අක්‍රමිකතා සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය තවත් මාස 5කින් දීර්ඝ කර තිබේ. එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේ, කොමිසමේ නිල කාලය හෙටින් අවසන් වීමට නියමිතව තිබූ බව ය. ජනාධිපතිතුමා විසින් එහි නිල කාලය දෙසැම්බර් 31 වන දා දක්වා දීර්ඝ කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර තිබේ. මේ අතර ආරියදාස කුරේ මහතා පැවසුවේ කොමිසමේ සාක්ෂි විභාගය අදත් පැවැත්වෙන බව ය. ශ්‍රීලංකන්, මිහින් හා ශ්‍රීලංකන් කෙටරින් යන ආයතනවල සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම කොමිසම පත් කළේ, ඉකුත් පෙබරවාරි 14 වන දා ය. විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා සභාපතිත්වය දරණ එම කොමිසමේ සෙසු සමාජිකයින් වන්නේ අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමලත් විගණකාධිපති එම්.ඩී.ඒ. හැරල් යන මහත්වරුන් සහ ශ්රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ජේ.කේ. ගීගනගේ මෙනවිය යි. |
2018-07-31T20:25:52.000Z | ගාල්ලට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලබා දෙනවා - අගමැති | ගාල්ලට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් | COLOMBO (News 1st) - ගාල්ලට තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ, ගාල්ලේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි. |
2018-07-31T20:08:37.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) 1. රුපියල් බිලියන 10ක බැංකු ගනුදෙනුව පිළිබඳව ලංකා බැංකු සේවක සංගමය මහජන බැංකුවෙන් කරුණු විමසයි. 2. බිබිල නිල්ගල රක්ෂිතය තුළ මිය ගිය ශ්‍රී ලංකා කොටි දෙදෙනෙකුගේ සිරුරු වනජීවී නිලධාරීහු ඊයේ පස්වරුවේ සොයාගනු ලැබූහ. 3. රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට පරිබාහිර සේවකයන් බඳවාගෙන වැටුප් ගෙවීම් තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. 4. අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තනාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ. 5. පස් හැවිරිදි දැරියක ලිංගික අපයෝජනයට ලක් කරන ලද 69 හැවිරිදි පුද්ගලයෙකුට වසර 8ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේ ය. විදෙස් පුවත් 6. ඉරාන ජනාධිපති හසන් රුහානී හමුවීමට තමන් සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ක්‍රීඩා පුවත් 7. මුදලට තරග පාවා දුන් බවට තමාට සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අවින්ද ද සිල්වාට එරෙහිව එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරන බවට හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. |
2018-07-31T19:54:11.000Z | නිල සංචාරයක් සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරිය අද දිවයිනට | පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරිය අද දිවයිනට | COLOMBO (News 1st) - සිව් දින නිල සංචාරයක් සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අද දිවයිනට පැමිණීමට නියමිත ය. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, 2016 වසරේ අප්‍රේල් මස මහ ලේකම් ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව ඇය මෙරට සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙය බව ය. මහ ලේකම්වරිය අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් හමුවීමට නියමිතව තිබේ. ඊට අමතරව ඇය මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද හමුවීමට නියමිතව තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය. පොදු රාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් අතර වෙළෙඳාම වැඩි දියුණු කිරීම හා ලන්ඩනයේදී පවත්වන ලද 2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේදී එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීමේහිලා සහයෝගීතාව වර්ධනය කර ගැනීම මහ ලේකම්වරියගේ එම හමුවීම්වල අරමුණ වේ. |
2018-07-31T19:41:05.000Z | කොටවෙහෙරගල රක්ෂිතයේ ගින්නකින් අක්කර 15ක් විනාශ වෙයි | කොටවෙහෙරගල ගින්නකින් අක්කර 15ක් විනාශ වෙයි | COLOMBO (News 1st) - වැල්ලවාය කොටවෙහෙරගල රක්ෂිතයේ ඇති වූ ගින්නකින් අක්කර 15කට අධික ප්‍රමාණයක් විනාශ වී තිබේ. අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ, ඊයේ පස්වරුවේ මෙම ගින්න හටගත් බව ය. මේ අතර අනුරාධපුර පූජා නගරයේ මල්වතු ඔය රක්ෂිතයේ ඊයේ සවස ගින්නක් ඇති විය. මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් මෙම ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබිණි. අනතුරුව අනුරාධපුර මහ නගර සභවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් පැමිණ දැඩි පරිශ්‍රමයක් දරා ගින්න මැඩ පවත්වා තිබේ. ගින්නෙන් අක්කර 10ක් පමණ මුළුමනින්ම විනාශ විය. |
2018-07-31T11:15:11.000Z | දරුවන්ගේ දැනුම නගා සිටුවන්නට ගම්මැද්ද මුල පුරයි | ගම්මැද්දෙන් තව ත් ප්‍රජා සත්කාරයක් | COLOMBO (News 1st) - දැයේ දරුවන්ට දැනුමෙන් සවිමත් වන්නට අත්වැලක් වන්නට ගම්මැද්ද මහජන සේවා ක්‍රියාන්විතය යටතේ අද අප තව ත් පියවරක් තැබුවෙමු. ඒ, කියවීම තුළින් පිරිපුන් මිනිසුන් පිරිසක් දැයට දායාද කිරීමේ අරමුණිනි. දඹුල්ල වෑවලවැව සිරිමෙවන් ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුවන්ට පුස්තකාල ගොඩනැගිල්ලක් තිබුණ ද කියවීම සඳහා ප්‍රමාණවත් තරම් පතපොත තිබුණේ නැත. ඒ දරුවන්ගේ දැනුම පිපාසය වෙනුවෙන් ශක්තියක් වූ ගම්මැද්ද කණ්ඩායම ඔවුන්ට උපකාර කළේ ය. මෙම පොත් ගම්මැද්ද වැඩසටහනට පරිත්‍යාග කළේ බිග්බැඩ්වුල්ෆ් පොත් ප්‍රදර්ශනයෙනි. |
2018-07-31T10:40:32.000Z | අර්ජුන සහ අරවින්ද ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාවලට පිළිතුරු දෙයි | අර්ජුන,අරවින්ද තරග පාවාදීමේ චෝදනාවලට පිළිතුරු දෙයි | COLOMBO (News 1st) - මුදලට තරග පාවාදුන් බවට තමාට සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අවින්ද ද සිල්වාට එරෙහිව එල්ල වූ චෝදනා ප්‍රතික්ෂේප කරන බවට හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, තමන්ට එරෙහිව එල්ල වූ චෝදනා පිළිබඳව දැනුවත් කිරීමට කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවට එක් වෙමිනි. අද පැවැති මෙම මාධ්‍ය හමුවේදී අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා මහත්වරුන්ට එරෙහිව මුදලට තරග පාවාදුන් බවට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා එල්ල කළ චෝදනාව පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළහ. හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග, ලක්නව් තරගයකදී චෝදනාවක් එල්ල වෙලා තිබුනා, 1994 දී මට මතක හැටියට. ඊට පස්සේ ලෝක ක්‍රිකට් කවුන්සිලයෙන් ඇවිල්ලා ඒ පරීක්ෂණය ඉවර වුනාට පස්සේ ලෝක ක්‍රිකට් කවුන්සිලයෙන් මාවයි අරවින්දවයි දෙන්නවම නිදහස් කරලා තියෙනවා. මං හිතන්නේ මේ රටේ හැම දෙනාම මේක දන්න දෙයක්. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අරවින්ද ද සිල්වා, පොලිටීෂියන්ස්ලා මේ කතාව කීවාම මං මේ කණෙන් අහලා මේ කණෙන් පිට කරනවා. ක්‍රිකට් කමිටි එකේ හිටියා, එයා මට වරින්වර කිවුවා, වයිස් ප්‍රසිඩන්ට් හැටියට එන්ඩ, උදව් කරන්ඩ, මං හිතන්නේ මේ වගේ ඇලිගේෂන් එකක් තිබුනා නම් එයාගේ යුතුකමක් එයාට මට කතා නොකර ඉන්න. මම කොහෙට ගියත් මම කාට වුණත් මම යස් කියන ජාතියේ කෙනෙක් නෙවී අර්ජුන වුනත් දන්නවා. බවුන්ඩ්‍රි ලයින් එකෙන් ඇතුළට ගියාට පස්සේ මොන මේක තිබුනත්, සීයට සීයක් දීලා ඒකට ක්‍රීඩා කරන කෙනෙක්. හැම සිලෙක්ටර්ටම පේමන්ට් එකක් කරනවා. ඉතිං මම ගියේ එතෙන්ට උදව්වක් කරන්න. මේ ලෙටර් එකත් එක්ක චෙක් දෙකක් දීලා තිබුනා. මේ මේකේ තියෙනවා මේ චෙක් දෙක මං ආයේ රිටර්න් කරලා මට සල්ලි මුකුත් ඕනේ නෑ කියලා. ඔහොම ඒවා මං අහලා තියෙනවා. මං ගහන කාලෙත් කියලා තියෙනවානේ මේ කාර් එකක් ගත්තොත් විතරයි මං ගහන්නේ කියලා. ඉතිං ඒවා අහලා තියෙන හන්දා මං ඕවා ගණන් ගන්නේ නෑ. දන්නේ නැති මිනිස්සු කොච්චර හම්බ වෙනව ද? ඉතිං කිවුවානම් මෙහෙම හම්බ වුණා කියලා, අපි කොහොමද දන්නේ ඉතිං ඒ ගොල්ලන් පස්සේ මොනාහරි මෙව්වා කරලානම් අපි කොහොමද දන්නේ, මෙයා ඇවිල්ලා අපිට කතා කරලා කියලා. හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග, ඩොලර් පහලොස් දාහ ගන්ඩ අපිට ඇඩ්වර්ටීස්මන්ට් එකකට යන්න තිබුනා. මම ජීවිතේට ඇඩ්වර්ටීස්මන්ට් එකකට ගිහින් නෑ.. අපිට මේ ඩොලර් පහලොස්දාහ ලොකු නෑ. ක්‍රීඩකයෝ හැටියට අපි අවුරුදු 20ක් විතර ක්‍රීඩා කරලා තියෙනවා. රුපියල් 250යි අපිට ගෙවුවේ එක ටෙස්ට් මැච් එකකට. හැබැයි අපි ක්‍රිකට් ගැහුවේ මේ රටට. සල්ලි බලාගෙන නෙවී. ඒක හන්දා මං මේ කොහෙද යන අපතයෝ කියන කතා ගණන් ගන්නේ නෑ. අන්න ඒකයි අපිට දින්නන පුළුවන් වුනේ. අපි සල්ලි බලාගෙන ගියානම් ඩොලර් පහලොස් දාහ අපිට ගන්ඩ ඕන නෑ. ඩොලර් මිලියන පහලොස් දාහක් විතර ගන්න තිබුනා ඔය මැච් එක පරදින්න අපි දෙන්නා එක් වුණානම්. ක්‍රිකට් පාලක මණ්ඩලයේ පහුගිය කාලේ වචේච දේවල්. ලංකාවේ පළවෙනි වතාවට දේශීය ක්‍රිකට් තරග පාවාදීම්වලට අහු වුනා. ඒකට කවුද සම්බන්ධ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයගේ කණ්ඩයාම දැන් පරීක්ෂණයක් තිබුනා. ක්‍රීඩා ඇමතිතුමා කියන ඇමතිතුමා කිව්වා සුමානෙන් එයා දඬුවම් දෙනවා කියලා. මං හිතන්නේ දැන් මාස ගාණක් ගිහින් තියෙනවා. ලංකාවේ දේශීය තරග පාවාදීම්වලට යනවා නම් එතකොට මේ ගොල්ලෝ වීදුරු ගෙවල්වල ඉඳලා අහිංසක මිනිස්සුන්ට ගල් ගහන්න හදනවා. ඉතිං මේ ගොල්ලොත් දැන ගන්න ඕනේ ඒ ගොල්ලෝ කොහෙද ඉන්නේ කියලා. ජාත්‍යන්තර තරගවලටත් අපි දැක්කා පහුගිය කාලේ ලෝක ක්‍රිකට් කවුන්සිලයෙන් ඇවිත් පරීක්ෂණ කළා. ක්‍රිකට් සම්බන්ධ වෙලා තියෙන්නේ ක්‍රීඩා ඇමතිවරයාට. මම දන්නේ නෑ ක්‍රීඩා ඇමතිවරයාගේ විෂය ''පතයට '' අයත්ද කියලා ක්‍රිකට්. අන්න ඒක හොයලා බලන්න ඕනේ දැන්. මං අද මාධ්‍යයේ දැක්කා සුමතිපාල ගිහිල්ලා විකට්ටුව චෙක් කරන්න. ඊට පස්සේ මං දන්නෑ මේක මාධ්‍යයේ ගිය එකක්. බෙටිං ප්‍රසන්ටේජ් එක වෙනස් වුණා කියලා. ඔන්න ඕවා තමයි හොයලා බලන්න ඕනේ. ඒකයි මං කියන්නේ ක්‍රීඩා ඇමතිවරයා දැන ගන්න ඕනේ, මෙවැනි දේවල් වුනානම් පරීක්ෂණයක් කරලා ඒවා නවත්වන්න. ජනාධිපති නීතිඥ කෙනෙක් හැබැයි මං දන්නේ නෑ එයාට ක්‍රිකට් එයාට යටත්ද කියලා. ක්‍රිකට් වෙනම දුවනවා. |
2018-07-31T09:32:31.000Z | බිබිල නිල්ගල රක්ෂිතය තුළ මියගිය ශ්‍රී ලංකා කොටි දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි | නිල්ගල රක්ෂිතයේ මියගිය කොටි දෙදෙනාගේ සිරුරු හමුවේ | COLOMBO (News 1st) - බිබිල නිල්ගල රක්ෂිතය තුළ මියගිය ශ්‍රී ලංකා කොටි දෙදෙනෙකුගේ සිරුරු වනජීවි නිලධාරීන් විසින් අද පස්වරුවේ සොයාගනු ලැබිණි. අප වාර්තාකරු සඳහන් කළේ, බිබිල කරාඩුගල පොලීසියට ලැබුණු තොරතුරක් මත වනජීවි නිලධාරීන් සමග කළ පරීක්ෂාවකදී මෙම සතුන්ගේ සිරුරු හමු වූ බවයි. නිල්ගල රක්ෂිතයේ බෝවැල්ල එගොඩපිටිය ප්‍රදේශයේ මෙම කොටි දෙදෙනාගේ සිරුරු එකම ස්ථානයක වැටී තිබියදී හමුවිය. ඌව මධ්‍යම කලාප භාර වනජීවි පශු වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්. ඒ. ධර්මකීර්ති මහතා සඳහන් කළේ, මෙම කොටි දෙදෙනා කිසියම් විෂක් ශරීරගත කර මරාදමන්නට ඇතැයි සැකකරන බවයි. කොටි දෙදෙනා මියගොස් සිටි ස්ථානය සමීපයේ මියගිය ගවයෙකුගේ කොටස් ද තිබී සොයා ගැනුණි. |
2018-07-31T09:16:48.000Z | බිලියන 10 ක ගනුදෙනුව ලංකා බැංකු සේවක සංගමය මහජන බැංකුවෙන් කරුණු විමසයි | ප්‍රශ්නගත බිලියන 10 මහජන බැංකු ගනුදෙනුව | COLOMBO (News 1st) - රුපියල් බිලියන 10 ක බැංකු ගනුදෙනුව පිළිබඳව ලංකා බැංකු සේවක සංගමය මහජන බැංකුවෙන් කරුණු විමසා තිබේ. මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකුට අයත් සමාගමකට රුපියල් බිලියන 10 ක ණය මුදලක් ලබාදීම පිළිබඳව මේ වනවිට පුළුල් සාකච්ඡාවක් ඇතිවී ඇත. සතිඅන්ත දේශය පුවත්පත පසුගිය ඉරිදා අනාවණය කළේ, මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකුට අයත් සමාගමකට රුපියල් බිලියන 10 ක ණය මුදලක් ලබාදී ඇති බවයි. බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජෙහාන් අමරතුංග මහතා විධායක උපසභාපති ධූරය දරන එම්. ටී. ඩී වෝර්කර්ස් සමාගමට බැංකුවේ ණය කමිටුවේ ද අනුමැතිය මත මෙම මුදල ලබාදී ඇතැයි නිව්ස්ෆස්ට් පසුව කළ විමර්ශනවලදී අනාවරණය විය. ලංකා බැංකු සේවක සංගමයේ මහ ලේකම් රංජන් සේනානායක, ණය මුදලක් ලබා දෙනකොට බැංකුවක් තුළ ඒ ගනුදෙනුකරුවාගේ වත්කම් ඔහුගේ ගෙවීමේ හැකියාව. ඔහුට මේ ණය මුදල සඳහා ලබාදිය හැකි සුරැකුම් මේ සියල්ල සලකා බලලා බැංකුවක් විසින් ණය ලබාදෙන පිළිගත් ක්‍රමවේදයන් අනුව තමයි. අධ්‍යක්ෂවරයකුට වුවද ණය මුදල් ලබාදිමේදී ලබාදිය යුත්තේ. ඒ වගේම අධ්‍යක්ෂවරයකුට ණය මුදලක් ලබාදිමේදී මේ ණය මුදල අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන නිසා විශේෂයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් තියෙනවා. ඒවා නිසිලෙස අනුගමනය කර තිබෙනවා ද කියන කාරණය සම්බන්ධයෙන් අපි සොයා ලබනවා ඒ විතරක් නෙවෙයි. අපි මහජන බැංකුවේ පාලන අධිකාරියෙන් ලිඛිත විමසිමක් කළා. මේ කරුණ සම්බන්ධව පැහැදිලි කිරීමක් අපිට කරන්න කියලා. මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා මේ සම්බන්යෙන් කරුණු පැහැදිලි කරමින් අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වූයේ, එම්.ටී.ඩී වෝර්කර්ස් සමාගම 2004 සිට මහජන බැංකුව සමග විශ්වසනීයව ගනුදෙනු කර ඇති අතර වරින්වර මූල්‍ය පහසුකම් ලබාගෙන නිසි පරිදි හා ක්‍රමානුකූලව ඊට අදාළ ආපසු ගෙවීම් සිදුකර ඇති බවයි. මෙම සමාගමට ණය ලබාදීමේදී අනුගමනය කළ යුතු ශ්‍රී ලංකා මහබැංකුවේ රෙගුලාසි නිසිලෙස අනුගමනය කරමින් එම ණය මුදල ප්‍රධානය කර ඇති බව මහජන බැංකුවේ සභාපතිවරයා පෙන්වා දෙයි. ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු හා ණය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩල ණය කමිටුවේ නිර්දේශ ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය අනුව මෙම ණයමුදල ලබාදී ඇති බවයි. මහ බැංකුව විසින් පනවා ඇති සියලු අවශ්‍යතා සපුරා ඇති බව තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් අධ්‍යක්ෂ මණ්ඩලය ඊට අනුමැතිය ලබාදී ඇතැයි මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසීය. ඔහු අවධාරණය කළේ, ඕනෑම ණය මුදලක් ප්‍රධානය කිරීමේදී මහජන බැංකුව සැලකිල්ලට ගනු ලබන්නේ නිසි ක්‍රමවේදයන් පමණක් මිස වෙනත් කිසිදු පුද්ගලයෙකුගේ හෝ ආයතනයක නිර්දේශ හෝ බලපෑම් නොවන බවයි. මේ අතර පසුගිය ජුලි 29 වන දා එම්.ටී.ඩී වෝකර්ස් සමාගම ලබාගත් රුපියල් බිලියනයක ණයක් අක්‍රීය ණය මුදලක් බවට පරිවර්තනය කර ඇතැයි තමන්ට වාර්තාවන බව මහජන බැංකුවේ හිටපු සභාපති රුසිරිපාල තෙන්නකෝන් මහතා පැවසුවේ ය. ඔහු අනාවරණය කළේ, මිලියන 500 ක මුදලක් මහජන බැංකුව විසින් එම්. ටී. ඩී වෝකර්ස් සමාගමේ 9.75% ක පොලී අනුපාතිකයක් මත ආයෝජනය කර ඇති බවයි. මෙය ඉතා අඩු පොලී අනුපාතිකයක් බවත් රාජ්‍ය බැංකුවක් මුදල් එවැනි අඩු පොලී අනුපාතිකයටකට ආයෝජනය කිරීම ප්‍රශ්න සහගත බවත් රුසිරිපාල තෙන්නකෝන් මහාත පැවසීය. 2015 දෙසැම්බර් 31 වන දා වනවිට එම්.ටී.ඩී වෝර්කර්ස් සමාගමේ සිව්වන විශාලතම කොටස්හිමියා වී තිබුනේ මහජන බැංකුවයි. අගමැතිවරයාගේ සමීපතමයෙකු වන නෙරන්ජන් දේවාදිත්‍ය මහාතා ද මෙම සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකි. ජාතික සමගි පෙරමුණේ මහ ලේකම්, අසාද් සාලි මේකේ කිසිම දෙයක් දැන් මහජන බැංකුවේ බොඩ් එකට කරගන්න බැහැ. දේශපාලන පැත්තෙන් මලික් සමරවික්‍රම මහතාගේ මිත්‍රයෙක් කියලා. ජේහාන් අමරතුංග කියලා දැන් මේ කම්පැනි එක මේච්චර විශාල මුදලක් අරගෙන තියෙනවා කිවාම අපි හෙව්වා. මහ බැංකුවෙන් මේක අනුමත කරලා එවලා තියෙන්නේ. ඔන්න බලා ගන්න මහජනතාවගේ සල්ලි අය විදිහ. 70% ක් බොන්ඩ්වලින් ඇවිල්ලා තියෙනවා. 30% කට (කොල් ඇක්ටර් තියෙනවා.) එක නැතුව නෙවෙයි. ඒ බැංකුවේම බොඩ් එකේ වාඩ්වෙලා. ඒ බැංකුවෙන්ම ණය ගන්න පුළුවන්ද සාදාචාර වශයෙන් හරි ද කියන එක තමයි. මගේ ප්‍රශ්නය. තමුන්ගේ බලය පාවිච්චි කරලා. මහ බැංකුව පාවිච්චි කරනවා. එදා ගාමිණි සෙනරත් මේකට මැදිහත් වෙලා. මේ ඔක්කොම කරලා දෙනවා. එතකොට දැන් ඉන්නේ. ගාමිණි සෙනරත්ගේ වැඩ බලා ගන්නේ මලික් සමරවික්‍රමනේ හැම කොන්ත්‍රාත්තුවෙන්ම අද රටේ ප්‍රශ්නයක් නම් ඒ ප්‍රශ්නයේ අනිවාර්යෙන්ම මලික් මහත්යාගේ නම තියෙනවා. දූෂණයක් ද එතන මලික්ගේ නම තියෙනවා. එයා කියයි. මං සල්ලිකාරයෙක්. ඔව් සල්ලිකාරයින්ට තමා තන්හාව හැදෙන්නේ පොඩි මිනිහටත් වඩා තියෙන වුණ්ටනේ හැදෙන්නේ. නැත්නම් මහ බැංකුව කඩයි ද? මහ බැංකුවේ වංචාව සිදු වූ අයුරු ඔබට මතක ද? මාමා විසින් මහ බැංකුව තුළ සිට බෑනාට වාසිදායක අයුරින් කටයුතු කර මහජන මුදල් බිලියන ගණන් අහිමි කළ බව දැන් තහවුරුවී තිබේ. රාජ්‍ය බැංකුවක් තුළ අධ්‍යක්ෂවරයෙකුව සිට තමන් සේවය කරන සමාගමට ණය අනුමත කර ගැනීම ලැදියාවන් අතර ගැටුමක් නොවන්නේ කෙසේ ද? බිලියන 10 ක් වැනි විශාල මුදලක් ණය ලෙස ලබාදීමේදී බැංකුවට ඇති සුරක්ෂිත භාවය කුමක් ද? මහජන මුදල් යොදාගෙන කරන මේ ගනුදෙනු ගැන නිව්ස්ෆස්ට් තවදුරටත් සෙවිල්ලෙන්. තව ත් අනාවරණ ඉදිරියේදී බලාපොරොත්තු වන්න... |
2018-07-31T07:12:22.000Z | රාජ්‍ය ආයතනවල පරිබාහිර සේවකයින්ට වැටප් ගෙවීමේ තහනමක් | රාජ්‍ය ආයතනවල පරිබාහිර සේවකයන්ට වැටුප් ගෙවීම තහනම් | COLOMBO (News 1st) - රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට පරිබාහිර සේවකයන් බඳවාගෙන වැටුප් ගෙවීම් තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලට කාර්ය මණ්ඩල බඳවා ගැනීම හා ඔවුන්ට වැටුප් ගෙවීම වළක්වාලමින් මෙම චක්‍රලේඛය නිකුත් කළ බවයි. එම උපදෙස්වලට පටහැනිව බඳවාගන්නා කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් අදාළ ආයතනය, රේඛීය අමාත්‍යාංශයේ ලේකම්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, පළාත් ප්‍රධාන ලේකම් හා මූල්‍ය අංශයේ ප්‍රධානීන් විසින් වගකීම දැරිය යුතු වනු ඇති. මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, රජයේ ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයෙන් බැහැර සේවක පිරිස් තබාගනිමින් වැටුප් ගෙවීම පිළිබඳ අදාළ ආයතනවල සභාපතිවරු, විධායක නිලධාරීන් හා ගණකාධිකාරීවරු වගකීම භාරගත යුතු බවයි. චක්‍රලේඛයට අනුව පළාත් සභා ඇතුළු සියලුම රාජ්‍ය ආයතන දැනටමත් අතිරික්ත සේවක පිරිසක් සිටින්නේ නම් ඒ පිළිබඳ සළකා බැලීම සඳහා සේවක සංඛ්‍යා හා වැටුප් තොරතුරු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත දැනුම්දිය යුතු වේ. |
2018-07-31T06:45:31.000Z | පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරිය නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට | පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම්වරිය හෙට දිවයිනට | COLOMBO (News 1st) - පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සිව්දින නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණීමට නියමිත වේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, 2016 වසරේ අප්‍රේල් මස මහ ලේකම් ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව ඇය මෙරට සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙය බවයි. මහ ලේකම්වරිය හෙට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් හමුවීමට නියමිතව ඇත. ඊට අමතරව ඇය මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු ද හමුවීමට නියමිතව තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය. මහ ලේකම්වරියගේ එම හමුවීම්වල අරමුණ වන්නේ අන්තර් පොදු රාජ්‍ය මණ්ඩලයීය වෙළෙඳාම වැඩිදියුණු කිරීම සහ ලන්ඩනයේදී පවත්වන ලද 2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේදී එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරිමෙහිලා සහයෝගිතාව වර්ධනය කර ගැනීමයි. |
2018-07-31T06:10:49.000Z | දැරියක් අපයෝජනය කළ 69 හැවිරිදි පුද්ගලයෙකුට සිරදඬුවම් | දැරියක් අපයෝජනය කළ69හැවිරිදි පුද්ගලයෙකුට සිරදඬුවම් | COLOMBO (News 1st) - පස් හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරන ලද 69 හැවිරිදි පුද්ගලයෙකුට වසර 8 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. ඒ, එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ය. අසල පිහිටි වෙළඳසැලට රැගෙන යන මුවාවෙන් එම දැරිය නිවසින් රැගෙන ගොස් 2009 වසරේ ඔක්තෝම්බර් මස 22 වැනිදා දැරිය ලිංගික අපයෝජනයට ලක් කර තිබේ. රුපියල් 20,000ක දඩයක් හා රුපියල් 50,000ක වන්දියක් ගෙවන ලෙසට මහාධිකරණ විනිසුරුවරයා සැකකරුට නියෝග කළේය. |
2018-07-31T06:01:11.000Z | ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි විවෘත වරෙන්තුවක් | ජාලිය වික්‍රමසූරියට විවෘත වරෙන්තු | COLOMBO (News 1st) - අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තනාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ. අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තනාපති ජාලිය වික්‍රමසූරිය මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නැවතත් වරෙන්තු නිකුත් කළා ය. එම සැකකරුට විදේශගත වීම සඳහා අධිකරණය හමුවේදී ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ ජාලිය වික්‍රමසූරිය මහතාගේ බිරිඳ සහ ඔහුගේ ඥාති සොහොයුරිය අත්අඩංගුවට ගැනීමට ද මහේස්ත්‍රාත්වරිය එහිදී නැවත වරෙන්තු නිකුත් කර තිබේ. සැකකාර ජාලිය වික්‍රමසූරිය මහතා අමෙරිකානු ශ්‍රී ලංකා තනාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැගීම සඳහා වැය කළ රුපියල් කෝටි ගණනක මුදලින් කොටසක් ලබාගෙන ඇති බවටත් එම සැකකරු නීති විරෝධි අන්දමින් පරිබාහිර පුද්ගලයින් විදේශගත කර ඇති බවට මෙන් ම ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ අලුත්වැඩියා කිරීමට වෙන් කළ මුදල් ද ලබාගෙන ඇති බව අනාවරණය වී ඇතැයි පෙන්වා දෙමින් මූල්‍ය අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කළා ය. ජාලිය වික්‍රමසූරිය මහතාට විදේශගත වීමට අවසර ලබාදීමේදි ඇපයක් ලෙස ඉදිරිපත් කළ දේපොළ රාජ්‍ය සන්තක කරනා ලෙස විමර්ශන නිලධාරීන් එහිදී කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 27 වන දා නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරිය තීරණය කර තිබේ. |
2018-07-31T02:27:37.000Z | කුඩු ළඟ තබා ගත්තාට, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් | කුඩු ළඟ තබා ගත්තාට, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් | COLOMBO (News 1st) හෙරොයින් ග්‍රෑම් 3.05ක ප්‍රමාණයක් ජාවාරම් කිරීම හා සන්තකයේ තබා ගැනීම යන අධිචෝදනා 2 කට වරදකරු වූ විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ අද ජීවිතාන්තය දක්වා සිරඳඩුවම් නියම කළේ ය. එම විත්තිකරු 2013 ජුලි 3 වන දා දක්වා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය රක්ෂිත බන්ධනාගාරයට පත්කිරීමෙන් පසුව බන්ධනාගාරයට ගෙන යන අවස්ථාවේදී එකී මත්ද්‍රව්‍ය තොගය ඔහු සන්තනයේ තිබීයදී බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණ. එම නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර තිබු පුද්ගලයා සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේ ය. |
2018-07-31T00:22:18.000Z | අනුරාධපුරයේ අනතුරකින් පුද්ගලයින් 8කට තුවාල | අනුරාධපුරයේ අනතුරකින් පුද්ගලයින් 8කට තුවාල | COLOMBO (News 1st) අනුරාධපුර - පුත්තලම ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබේ. අද උදෑසන 7ට පමණ අනුරාධපුර - පුත්තලම ප්‍රධාන මාර්ගයේ 27 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ. යාපනය සිට කල්පිටිය බලා ධාවනය වූ ගුවන් හමුදා බස්රථයක්, කොළඹ සිට යාපනය බලා ගමන් කරමින් තිබු වෑන් රථයක ගැටී අනතුර සිදුව ඇති බව සඳහන් ය. අනතුරෙන් තුවාල ලබා ඇත්තේ, වෑන් රථයේ ගමන් ගත් 8 දෙනෙකි. ඔවුන් නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. https://www.facebook.com/NewsfirstSL/videos/2062200290506885/ |
2018-07-31T02:58:30.000Z | නවසීලන්ත වීසා ලබා ගැනීමට කළ වංචාවක් ගැන හෙළිදරව්වක් | නවසීලන්තයට වීසා ලබා ගැනීමට කළ වංචාවක් හෙළිවෙයි | COLOMBO (News 1st) නවසීලනත්යේ අධ්‍යාපනය හැදෑරීම සඳහා යන මුවාවෙන් ව්‍යාජ ලෙස වීසා ඉල්ලුම් කළ ශ්‍රී ලාංකික පිරිසක් සම්බන්ධයෙන් එරට ආගමන බලධාරීන්ගේ අවධානය යෙමුවී ඇතැයි, එරට මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ මුම්බායිහි පිහිටි වීසා මධ්‍යස්ථානය වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශන කටයුතුවල නිරතවූ එරට බලධාරීන් විසින් මෙම වංචාව හෙළිකර ගෙන තිබේ. මෙරට ප්‍රධාන පෙළේ ආයතනයක් විසින් මෙලෙස ව්‍යාජ ලේඛන සකස් කර නවසීලන්තයට සිසු සිසුවියන් යැවීමේ ජාවාරමක නිරතවී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. මේවනවිට ද ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එරට වාසය කරන බවත්, ඔවුන් යොමු කළ ලේඛන සම්බන්ධයෙන් ද අවධානය යොමුකරනු ඇති බව ද එම වාර්තාවල සඳහන් ය. ඉහත සඳහන් කළ වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කරන අවස්ථාවේදී අයැදුම් පත් 88 ක් ශ්‍රී ලංකාවෙන් ලැබී තිබූ බව සඳහන් කර ඇති එරට ආගමන සම්බන්ධ අමාත්‍යවරයා ඉන් 83 ක් ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත් බව ද සඳහන් කර තිබේ. මේවනවිට නවසීලන්තයේ රැඳී සිටින පිරිස අතර ද වංචා සහගත ලෙස තම රටට ඇතුළුවූවන් සිටිනු ඇති බව අනුමාන කළ හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ. පවතින තත්ත්වය මත ඔවුන්ගේ ලිපිලේඛන පරිශීලනය කිරීමට ප්‍රයෝගිකව අපහසු බවත්, මේවන විට ඉන් අයැදුම් පත් 895 ක් සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බව ද ඔහු පවසා තිබේ. විමර්ශනය අවසානයේ, සැකකටයුතු අයදුම්කරුවන් සම්බන්ධයෙන් වාර්තා වනු ඇති බවත්, ඔවුන්ට වීසා දිගුවක් සඳහා ඉල්ලුම් කිරීමේදී එම දිගුව ලබා නොදීමට අවධානය යොමුව ඇති බව ද අමාත්‍යවරයා පවසා තිබේ. මෙම වංචාවට සම්බන්ධ ආයතනය මේ වන විටත්, තහනම් කිරීමට හා ඔවුන් හා කිසිදු සබඳකමක් නොපැවැත්වීමටත් පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. නවසීලන්තයේ අධ්‍යාපනය හැදෑරීම සඳහා ප්‍රමාණවත් මූල්‍ය ශක්තියක් ඇති බවට තහවුරු කරමින් පැමිණෙන සිසු සිසුවියන් රැසක් මේ වන විට අධ්‍යාපන කටයුතු සිදුකරගැනීමට නොහැකි තත්ත්වයක පසුවීම නවසීලන්ත උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ද දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. |
2018-07-31T00:02:40.000Z | වැලිකඩ සිද්ධියේ රංගජීව හා ළමාහේවා යළි ත් රිමාන්ඩ් | නියෝමාල් රංගජීව හා ළමාහේවා යළි රිමාන්ඩ් | COLOMBO (News 1st) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ, වැටලීම් අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හා හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් ලබන 7 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ. සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. නියෝමාල් රංගජිව හා එමිල් රංජන් ළමාහේවා යන මහත්වරුන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් හා රැඳවියන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි. |
2018-07-30T23:53:34.000Z | පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් | පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් | පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙළ මහතා සඳහන් කළේ, අද පස්වරු 3.00 ට එම රැස්විම පැවැත්වීමට නියමිත බවයි. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව එම සාකච්ඡාවේදී අවධානය යොමු වනු ඇති බවයි. |
2018-07-30T23:19:10.000Z | ශ්‍රී ලංකා ලංකා ලයන්ස් වොලිබෝල් කණ්ඩායමට ජාත්‍යන්තර ජයක් | ශ්‍රී ලංකාවේ ලංකා ලයන්ස් කණ්ඩායමට ජාත්‍යන්තර ජයක් | COLOMBO (News 1st) : 2018 ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලියේ දී ඔස්ට්‍රේලියාවේ කැන්බෙරා හීට් කණ්ඩායමට එරෙහිව පැවති මූලික වටයේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ ලංකා ලයන්ස් කණ්ඩායම සමත් විය. මෙය වාර්තා අතරට එක්වන්නේ මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ජාත්‍යන්තර තලයේ වාර්තා කළ ඉහළම ජයග්‍රහණයක් ලෙසයි. 2018 ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලිය මියන්මාරයේ තයි-ෆෙයි-තෝ නගරයේදී පැවැත්වේ. ශ්‍රී ලංකාව නියෝජනයක කරමින්, ලංකා ලයන්ස් කණ්ඩායම මෙම තරගාවලියට සහභාගීවේ. මූලික වටයේදී සී කාණ්යෙන් තරග වදින ලංකා ලයන්ස් කණ්ඩායමට තරගාවලියේ පළමු තරගයේදී ඔස්ට්‍රේලියාවෙන් පැමිණි කැන්බෙරා හීට් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට සිදුවිය. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගයේ පළමු වටයේ ජය තහවුරු කර ගත්තේ ලකුණු 25 ට 20 ක් ලෙසයි. ලකුණූ 25 ට 21 ක් ලෙස දෙවන වටය ද ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තුන්වැනි වටය ජයගත්තේ, ලකුණු 25 ට 9 ක් ලෙසයි. ඒ අනුව තරග වට 3 ට 0 ක් ලෙස ප්‍රබල ඔස්ට්‍රේලියාව පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ජය තහවුරු කර ගත්තේ ය. ශ්‍රී ලංකාවේ ලංකා ලයන්ස් කණ්ඩායම් තරගාවලියේ මූලික වටයේදී ඔස්ට්‍රේලියාවේ කැන්බරා හීට් කණ්ඩායමට අමතරව තායිලන්තයේ නකොන් රශසිමා හා හොං කොං හී යාන් චායි කණ්ඩායම් වලට එරෙහිව තරග වැදීමට නියමිතයි. ලංකා ලයන්ස් හා හොං කොං හි යාන් චායි කණ්ඩායම අතර තරගය අද පස්වරුවේ පැවැත්වේ. තරගාවලියේ මූලික වටයේදී වැඩිම ප්‍රසාද ලකුණුලාභීන් බවට පත්වන කණ්ඩායම් දෙක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි. පසුගිය මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ සේවය කරන සර්බියානු ජාතික වොලිබෝල් පුහුණුකරු ඩෙජාන් ඩුලිසිවික් මහතා පළමු වතාවට ශ්‍රී ලංකා කණ්ඩායමක් සමග ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වන්නේ මෙම තරගාවලියේදීවේ. |
2018-07-30T21:43:32.000Z | රාජ්‍ය සේවා කම්කරු නිලධාරීහු නඩු කටයුතුවලින් ඉවත්වෙති | රාජ්‍යසේවා කම්කරු නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගයක | COLOMBO (News 1st) කම්කරු විනිශ්චය සභාවල සියලු නඩු කටයුතුවලින් ඉවත්වීමට රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. එහි සභාපති ඉරේශ් චින්තක ගමගේ මහතා සඳහන් කළේ, අල්ලස් කොමිසම විසින් තම නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට විරෝධය පළ කරමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම පියවර ගත් බවයි. මේ අතර අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් නුවරඑළිය හා කල්මුණේ කම්කරු කොමසාරිස් කාර්යයාලවල නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබී ය. එහි විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසුවේ, නුවරඑළිය කම්කරු අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව සාක්ෂි ලබා දීම සඳහා පැමිණීම වෙනුවෙන් මොවුන් දෙදෙනා නානුඔය ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගෙන් අල්ලස් ලබාගෙන ඇති බවයි. නුවරඑළිය කම්කරු කොමසාරිස් කාර්යාලයේ නිලධාරියා රුපියල් 1000 ක අල්ලසක් හා කල්මුණේ කම්කරු කොමසාරිස් කාර්යයාලයේ නිලධාරියා රුපියල් 8000 ක අල්ලසක් ලබාගෙන ඇතැයි ඔහු සඳහන් කළේ ය. |
2018-07-30T21:30:01.000Z | ජනපති ට්‍රම්ප් ඉරාන ජනපති හමුවීමට සූදානම් | ජනපති ට්‍රම්ප් ඉරාන ජනපති හමුවීමට සූදානම් | ඉරාන ජනාධිපති හසන් රුහානී හමුවීමට තමන් සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අමෙරිකානු ජනපතිවරයා කියා සිටියේ ඔවුන්ට අවශ්‍ය ඕනෑ ම වේලාවක පූර්ව කොන්දේසිවලින් තොරව ඉරාන නායකයින් හමුවීමට තමන් සූදානම් බවයි. ඕනෑ ම අයෙකු හමුවීමට වඩාත් කැමැත්තෙන් පසුවන බවත් සාකච්ඡා පිළිබඳ තමන් විශ්වාසය තබන බවත් ධවල මන්දිරයේ පැවති හමුවකදි ජනපති ට්‍රම්ප් මාධ්‍යවේදීහු අමතමින් කියා සිටියහ. ජනපති ට්‍රම්ප් එලෙස සාමකාමී ප්‍රවේශයකින් අදහස් පල කළ ද ඔහු සහ ඉරාන ජනපතිවරයා අතර මේ මස මුල්භාගයේදී එවන් සාමකාමී බවක් නොපැවතිණ. බ්‍රිතාන්‍ය , ප්‍රංශය , චීනය , රුසියාව , ජර්මනිය ඇතුළු 2015 ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට සම්බන්ධ රටවල විරෝධය නොතකා අමෙරිකාව ඉදිරි දින කිහිපය තුළ ඉරානයට යළි සම්බාධක පැනවීමට සූදානම් වන බව ද සඳහන් වේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ මැදපෙරදිග කලාපය තුළ ඉරාන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අමෙරිකාව දැඩි සැකයකින් පසුවන බවයි. මේ අතර අමෙරිකානු ජනපතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරාන ජනපති රුහානීගේ උපදේශකවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ න්‍යෂ්ටික ගිවිසුම යළි ඇති කර ගැනීම සහ ඉරාන ජාතික අයිතිවාසිකම්වලට ගරු කිරීම සම්බන්ධයෙන් සාකච්ජා මාර්ගයට එළැඹීම වඩාත් සුදුසු වන බවයි. |
2018-07-30T21:19:08.000Z | බියගමට පැය 15ක ජල කප්පාදුවක් | බියගමට පැය 15ක ජල කප්පාදුවක් | COLOMBO (News1st) බියගම උතුර ඇතුළු ප්‍රදේශ කිහිපයක අද පෙරවරු 9 සිට රාත්‍රී 12 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, බියගම නිදහස් වෙළඳ කලාපයේ ජලය බෙදා හරින නළ මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි. සියඹලාපේවත්ත, අළුබෝවිල, දෙල්ගොඩ, අකුරුමුල්ල, කඳුබොඩ, උලහිටිවල, වල්ගම, යබරලුව, මල්වාන, දොම්පේ, නාමළුව, දෙකටන, නාරම්පල සහ ගල්වලබොඩ යන ග්‍රාම නිලධාරි වසම්වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි. |
2018-07-30T20:23:11.000Z | බිත්තර ආනයනය අත්හිටුවයි | බිත්තර ආනයනය අත්හිටුවයි | COLOMBO (News 1st) බිත්තර ආනයනය අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ. අමාත්‍ය ගාමිණි විජිත් විජයමුණි ද සොයිසා මහතා පැවසුවේ, දේශීය බිත්තර නිෂ්පාදකයාට සිදුවන ගැටලු මුල් කර ගනිමින් එම තීරණය ගත් බවයි. බිත්තර ආනයනය කිරීම හේතුවෙන් දේශීය බිත්තර නිෂ්පාදකයාට පාඩු ලැබීමට සිදු වූ බව ද ඔහු සඳහන් කළේ ය. |
2018-07-30T20:14:40.000Z | උසස් පෙළ උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් | උ/පෙළ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් | COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වේ. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, මෙය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ය. ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය. |
2018-07-30T20:15:06.000Z | උතුර සංවර්ධනය කරන ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වෙයි | ජනාධිපති කාර්ය සාධක බලකාය රැස්වෙයි | COLOMBO (News 1st) උතුරු නැගෙනහිර පළාත්වල දියත් කර ඇති සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ පස්වරුවේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පළමු වරට රැස්විය. ජනාධිපතිවරයා සභාපතිත්වය දරන මෙම මෙම කාර්ය සාධක බලකාය පත් කෙරුණේ, පසුගිය ජුනි 5 වන දින විශේෂ ගැසට් නිවේදනයෙනි. අග්‍රාමාත්‍යවරයා, කැබිනට් අමාත්‍යවරුන් 15 දෙනෙකු පළාත් දෙකේ ආණ්ඩුකාරවරු හා ප්‍රධාන අමාත්‍යවරු අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු හා ත්‍රිවිධ හමුදා ප්‍රධානීහු මෙම කාර්ය සාධක බලකායේ සෙසු සාමාජිකයෝ වෙති. |
2018-07-30T20:02:46.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්... | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්... | COLOMBO (News 1st) 1.අපනයන දෙපාර්තමේන්තු පාලක මහගමගේ ගාමිණි යළි රිමාන්ඩ් : රුපියල් ලක්ෂ 2 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටින ආනයන සහ අපනයන දෙපාර්තමේන්තුවේ පාලකවරයා ලෙස කටයුතු කළ මහගමගේ ගාමිණි මහතා, ලබන 7 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ ය. එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අවසන්ව නොමැති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කරන ලද කරුණු දැක්විම හේතුවෙනි. 2.ඉඹුල්පේ කන්දේ ගින්න තවදුරටත් පැතිරෙයි : බළංගොඩ, ඉඹුල්පේ පරවියන්ගල කන්දේ හටගත් ගින්න තවදුරටත් ව්‍යාප්ත වෙමින් ඇතැයි, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කීර්ති ජයසිංහ මහතා පවසයි. ඔහු පැවසුවේ, ගින්න මැඩපැවැත්විම සඳහා ඊයේ සිට ගත් උත්සාහය ව්‍යර්ථ වී ඇති බවයි. ගින්නෙන් මේ වන විටත් අක්කර 50 කට අධික ප්‍රමාණයක් විනාශ වී තිබේ. 3.විදුලිබල හා උපයෝගිතා කොමිසමේ සභාපතිවරු කෝප් කමිටුව හමුවට : ලංකා විදුලිබල මණ්ඩලයේ හා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරුන් ලබන 7 වන දා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ, බලාගාරවලින් විදුලිය මිල දී ගැනීම හා විදුලි ඒකකයක් සඳහා ගෙවන මිල තීරණය කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීමට සභාපතිවරුන් එලෙස කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි. 4. නි. ආමත්‍ය රන්ජන් රාමණායකට එරෙහි නඩුව කැඳවයි : ශ්‍රී ලංකාවේ අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් බහුතරයක් දුෂිත බවට කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට සිදුවී ඇති අපහාසයට දඬුවම් නොකළ යුත්තේ මන්දැයි විමසන කෙටුම්පත් ආඥාවක් නීතිපතිවරයා විසින් වග උත්තරකාර රංජන් රාමනායක මහතාට හා ශ්‍රෙෂ්ඨාධිකරණයට භාර දුන්නේ ය. මීට අදාළ නඩුව නැවත අගොස්තු මස 8 වන දා කැඳවීමට නියමිතයි. 5. කෝටි 1000 ක ණයක් තමන් සේවය කරන බැංකුවෙන්ම ගත් බැංකු අධ්‍යක්ෂකවරයෙකු ගැන හෙළිදරව්වක් : රාජ්‍ය බැංකුවක අධ්‍යක්ෂවරයෙකු තමන් අධ්‍යක්ෂ ධූරය දරණ සමාගමකට එම බැංකුවෙන් ම රුපියල් කෝටි 1000 ක පමණ ණය මුදලක් ලබාගැනීමේ දූෂිත ගනුදෙනුවක් පුවත්පතක් අනාවරණය කර තිබේ. දිනපතා දේශය පුවත්පත ඊයේ විශේෂ හෙළිදරව්වක් කරමින් මේ ගනුදෙනුව අනාවරණය කළේ ය. 6. ගුවන්තොටුපොළවල් ආශ්‍රිතව සරුංගල් යැවීමේදී සැළකිලිමත් වන්නැයි උපදෙස් : ගුවන්තොටුපොළවල් ආශ්‍රිතව සරුංගල් යැවීමේදී සැළකිලිමත් වන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය ජනතාවට දැනුම්දී තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, ගුවන්තොටුපොළවල් ආසන්නයේ කිලෝමීටර 5 ක සීමාවේ සරුංගල් යැවීම නීතිවිරෝධී සහ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. 7. සූරියවැව ප්‍රදේශීය ලේකම් කාර්යාලය වැටලු ප්‍රදේශවාසීන් විසුරුවා හැරේ : හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදී දේපොළ අහිමිවූවන්ට වන්දි ඉල්ලා පැවති විරෝධාතවයකදී අද උණුසුම් තත්ත්වයක් ඇති විය. හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදී මාර්ගය දෙපස දේපොළ අහිමි වූ ජනතාවට වන්දි මුදල් නොලැබීම හේතුවෙන් මෙම සත්‍යග්‍රය ආරම්භ කෙරිණ. විදේශීය පුවත්... 1. කරුණානිධිගේ තත්ත්වය යහපත් අතට : තමිල්නාඩුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකු වන තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍ය කරුණානිධිගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වේ. ඔහු ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහල නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. ක්‍රීඩා පුවත්... 2. ගාල්ල ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ඉවත් කිරීමට යුනෙස්කෝ සංවිධානය නිර්දේශ නිකුත් කර නැහැ : ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිහිටි ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධව යුනෙස්කෝ සංවිධානය විසින් නිර්දේශ නිකුත් කර ඇති බවට පළවු වාර්තාවල සත්‍යතාවයක් නැතැයි හිටපු පුරාවිද්‍යා සංරක්ෂණ අධ්‍යක්ෂ ගාමිණි විජේසූරිය මහතා පවසයි. වරායක් ඉදිකිරීම සම්බන්ධයෙන් තොරතුරු තම සංවිධානය වෙත 2019 දෙසැම්බර් පළමු වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස යුනෙස්කෝ ගාල්ලේ වාර්තාවේ සඳහන් බව ද ඔහු සඳහන් කළේ ය. |
2018-07-30T11:16:09.000Z | ගාල්ල ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් ඉවත් කිරීමට යුනෙස්කෝ සංවිධානය නිර්දේශ නිකුත් කර නැහැ | ගාලු ක්‍රීඩාංගණය: යුනෙස්කෝව නිර්දේශ නිකුත් කර නැහැ | COLOMBO (News 1st) - ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිහිටි ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධව යුනෙස්කෝ සංවිධානය විසින් නිර්දේශ නිකුත් කර ඇති බවට පළවු වාර්තාවල සත්‍යතාවයක් නැතැයි හිටපු පුරාවිද්‍යා සංරක්ෂණ අධ්‍යක්ෂ ගාමිණි විජේසූරිය මහතා පවසයි. වරායක් ඉදිකිරීම සම්බන්ධයෙන් තොරතුරු තම සංවිධානය වෙත 2019 දෙසැම්බර් පළමු වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස යුනෙස්කෝ ගාල්ලේ වාර්තාවේ සඳහන් බව ද ඔහු සඳහන් කළේ ය. අද උදෑසන විකාශ වූ පැතිකඩ වැඩසටහන එක්වෙමින් ලෝක උරුම කටයුතු පිළිබඳ නියෝජ්‍ය සම්බන්ධීකාරක ලෙස වසර 3 ක් කටයුතු කර ඇති හිටපු පුරාවිද්‍යා සංරක්ෂණ අධ්‍යක්ෂ ගාමිණි විජේසූරිය මහතා මෙම අදහස් පළ කර තිබේ. හිටපු පුරාවිද්‍යා සංරක්ෂණ අධ්‍යක්ෂ, ගාමිණි විජේසූරිය, බන්දුල එතන මගෙන් කිහිප දෙනෙක් ප්‍රශ්න කළේ, විශේෂයෙන් අවසාන රැස්වීම තිබ්බේ පහුගිය ජූලි මාසේ මමත් එතන හිටියා. ඒක තිබ්බේ බරහේන්වල. ඒ රැස්වීමෙන් ගන්න තීරණ තමා ඔබ දන්නවා ජාත්‍යන්තර ආයතන තීරණ ගන්නේ කොහොමද කියලා. මේ සාකච්ඡාව තිබ්බා 2008 ඉදන් 2018 වෙනකන්. 18 තීරණවල ඔය ක්‍රීඩාංගණය ඉවත් කිරීම හෝ එකේ තියෙන පැවිලියන් හෝ ඉවත් කිරීම පිළිබඳ කිසිම සඳහනක් වෙලා නැහැ. කලින් සාකච්ඡාවක් තිබුණා ඒකයි මම කිව්වේ 200 2009 කාලවල. එතකොට ඒ සාකච්ඡා දිගින් දිගටම යනකොට ඒ සාකච්ඡාව යොමුවුනා වෙනත් පැති වලට. විශේෂයෙන් අර වරායක් හදන්න හදනවා. ඒක පිළිබඳ එකකොට මේකේ ඔය ලෝක උරුම කියන ස්ථාන පිළිබඳ කලමනාකරණය කරන්න. ඒක නම් මටත් පුදුමයි. ඒ කියන්නේ කවුරු හරි බැලුවනම් ඒ අවසාන තීරණය බොහොම පැහැදිළිව තියෙනවා මොනවද අපේ රජයෙන් ඉල්ලලා තියෙන්නේ කියලා. අපේ රජයට කියලා තියෙනවා අර වරාය ගැන විස්තර එවන්න එහෙම නැත්නම් තව එකේ කලමනාකරණය කරන්න ගැන විස්තර අහලා 2019 දෙසැම්බර් පළමු වන දට විස්තරයක් එවන්න කියලා තමයි තියෙන්නේ. |
2018-07-30T09:38:11.000Z | කෝටි 1000 ක ණයක් තමන් සේවය කරන බැංකුවෙන්ම ගත් බැංකු අධ්‍යක්ෂකවරයෙකු ගැන හෙළිදරව්වක් | කෝටි1000ක ණයක් ගත් බැංකු අධ්‍යක්ෂක ගැන හෙළිදරව්වක් | COLOMBO (News 1st) - රාජ්‍ය බැංකුවක අධ්‍යක්ෂවරයෙකු තමන් අධ්‍යක්ෂ ධූරය දරණ සමාගමකට එම බැංකුවෙන් ම රුපියල් කෝටි 1000 ක පමණ ණය මුදලක් ලබාගැනීමේ දූෂිත ගනුදෙනුවක් පුවත්පතක් අනාවරණය කර තිබේ. දිනපතා දේශය පුවත්පත ඊයේ විශේෂ හෙළිදරව්වක් කරමින් මේ ගනුදෙනුව අනාවරණය කළේ ය. පුවත්පත පැවසූවේ, රාජ්‍ය බැංකුවක අධ්‍යක්ෂවරයකු ලබාගෙන ඇති මෙම ණය මුදල බැංකුව පිහිටුවාගත වූ වසර 65 ක කාලය තුළ ලබාදුන් විශාලතම ණය මුදල බවයි. වාර ගණනාවකදී බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ණය කමිටුවේ පූර්ණ අනුමැතිය ඇතිව මෙම ණය මුදල ලබාදී ඇතැයි දේශය පුවත්පත වාර්තා කළේ ය. දේශය පුවත්පත අදාළ රාජ්‍ය බැංකුවේ සභාපතිවරයාගෙන් මේ පිළිබඳව විමසා තිබූ අතර ඔහු පවසා තිබුනේ මෙම තොරතුර සත්‍යයක් බවයි. නමුත් විධිමත් ආකාරයට මෙම ණය මුදල ලබාදී ඇතැයි සභාපතිවරයා දේශය පුවත්පතට පවසා තිබේ. පුවත්පත් වාර්තවේ දැක්වූයේ බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු සම්බන්ධ සමාගමකට ණය ලබාදීම ලැදියාවන් අතර නීතිමය ගැටුමක් හට නොගන්නේදැයි කළ විමසීමට සභාපතිවරයා පිළිතුරු දිය නොහැකි බව පැවසූ බවයි. මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් කළ කරුණු විමසා බැලීමේදී අනාවරණය වූයේ රුපියල් කෝටි 1000 ක මෙම ණය මුදල මහජන බැංකුව විසින් සී එම් එල් වෝකර්ස් නමැති ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගමට මුදාහැර ඇති බවයි. 2014 වන විටත් බැංකුව එම සමාගමට රුපියල් කෝටි 5000 ක පමණ ණය නිකුත් කර තිබූ බව මහජන බැංකුවේ ණය කමිටුවේ සභාපති ආචාර්ය අමින්ද මෙත්සිල මහතා අප කළ විමසීමේදී පැවසුවේ ය. ඔහු පෙන්වා දුන්නේ, එම ණය මුදල් නිසි අයුරින් අදාළ සමාගම පියවා ඇති බවයි. මේ අනුව රුපියල් කෝටි 5000 ක උපරිමයකට යටත්ව වෝකර්ස් සමාගමට ණය මුදා හැරීමට හැකියාව ඇතැයි ආචාර්ය අමින්ද මෙත්සිල මහතා ප්‍රකාශ කළේ ය. සී.එම්.එල් වෝකර්ස් සමාගමේ 2016 / 2017 වාර්ෂික වාර්තාවට අනුව සමූහයේ විධායක උපසභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ජෙහාන් අමරතුංග නමැත්තායි. ඔහු මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි. 2010 සිට ඔහු මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කරනු ඇත. එවක බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ, ගාමිණී සෙනරත් මහතායි. මේ අතර සී.එම්.එල් වෝකර්ස් සමාගම රජයේ මාර්ග, පාලම් ඇතුලු ඉදිකිරීම් ව්‍යපෘති ගණනාවක් සිදු කරන අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ කොටසක් ද ඊට ඇතුළත් වේ. තමන් අධ්‍යක්ෂ ධූරයක් දරන රාජ්‍ය බැංකුවෙන් කෝටි 1000 ක පමණ ණය මුදලක් ලබාගෙන තමන්ගේ සමාගමකට ප්‍රතිලාභ අත්කරදීම සාධාරණ ද? නීත්‍යානූකූල ද? රාජ්‍ය බැංකුව සතුව ඇත්තේ රටේ ජනතාවගේ මුදල්. සිදුකළ යුතුව ඇත්තේ ඒවා නිසි පරිදි කලමනාකරණය කරමින් ප්‍රතිලාභ රටේ ජනතාවට අත්කරදීම නොවේ ද? රාජ්‍ය බැංකුවක් ලෙස රුපියල් කෝටි 1000 ක් වැනි මුදලක් ණයක් ලසෙ ලබාදීමේදී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම නිසි ක්‍රමවේදයට අනුව සිදුවූවා ද? නිව්ස්ෆස්ට් මේ පිළිබඳව අවධානයෙන්. අප සතුව ඇති තව ත් තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.. |
2018-07-30T08:32:36.000Z | රුපියල් 20,000 ක අල්ලසක් දුන් චීන ජාතිකයෙකු හම්බන්තොටදී අත්අඩංගුවට | රුපියල් 20,000ක අල්ලස් දුන් චීන ජාතිකයා අත්අඩංගුවට | COLOMBO (News 1st) - අල්ලසක් දීමට තැත් කළ බවට සැක පිට චීන ජාතිකයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුනේ මහවැලි අධිකාරියේ අඟුණකොළපැලැස්ස කොට්ඨාස කාර්යාලයේ නිලධාරීයකු කළ පැමිණිල්ලකට අනුවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, මාතර හම්බන්තොට අධිවේගී මාර්ගයට කලුගල් සපයනු ලබන චයිනා ස්ටේට් ගල්වල ව්‍යාපෘතියේ බී කොටස සඳහා වෙඩි බෙහෙත් බලපත්‍රය දීර්ඝ කර ගැනීමට අඟුණකොළපැලැස්ස මහවැලි කොට්ඨාස කාර්යාලට පැමිණ තිබු බවයි. එහිදී ඔහු අදාළ රාජකාරිය කර ගැනීම සඳහා මහවැලි කාර්යාලයේ කළමනාකරුට රුපියල් 20,000 ක අල්ලසක් දීමට උත්සාහ කළ බවට අඟුණකොළපැලස්ස පොලීසියට දුරකතන ඇමතුමක් ලැබී තිබුණි. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළේ ය. එහිදී ඔහු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර හෙට දිනයේ ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මේ අතර අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රචාරණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානි ලුවි ට එරෙහිව අද නඩු පවරනු ලැබුණි. සිය තනතුර භාවිතා කරමින් අයුතු ලෙස මුදල් හා දේපොළ අත්පත් කර ගැනීම හා වෙනත් පුද්ගලයින්ට ලාභ ප්‍රයෝජන අත්පත්කර ගැනීම සඳහා ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ය. |
2018-07-30T08:42:23.000Z | සූරියවැව ප්‍රදේශීය ලේකම් කාර්යාලය වැටලු ප්‍රදේශවාසීන් විසුරුවා හැරේ | වන්දි ඉල්ලූ සූරියවැව ප්‍රදේශවාසීන් විසුරුවා හැරේ | COLOMBO (News 1st) - හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදී දේපොළ අහිමිවූවන්ට වන්දි ඉල්ලා පැවති විරෝධාතවයකදී අද උණුසුම් තත්ත්වයක් ඇති විය. හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදී මාර්ගය දෙපස දේපොළ අහිමි වූ ජනතාවට වන්දි මුදල් නොලැබීම හේතුවෙන් ආරම්භ කළ සත්‍යග්‍රයට අදට දින 45 ක් වනු ඇත. අද උදෑසන මෙම පිරිස සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පිවිසෙන මාර්ග 2 ම අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කළහ. පසුව මෙම ස්ථානයට පැමිණි හම්බන්තොට සහකාර පොලිස් අධිකාරිවරයා විරෝධතාකරුවන්ට දැනුම් දුන්නේ මාර්ගයෙන් ඉවත්වෙන ලෙසයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ පිරිස පසුව සූරියවැව ඇඹිලිපිටිය මාර්ගයේ අවහිර කරමින් විරෝධතාවයේ නිරත විය. අනතුරුව පොලීසිය මැදිහත්වී පිරිසි විසුරුවා හැරීම සඳහා පියවර ගෙන තිබේ. |
2018-07-30T07:11:18.000Z | ගුවන්තොටුපොළවල් ආශ්‍රිතව සරුංගල් යැවීමේදී සැළකිලිමත් වන්නැයි උපදෙස් | ගුවන්තොටුපොළවල් ආශ්‍රිත සරුංගල් යවන්න එපා! | COLOMBO (News 1st) - ගුවන්තොටුපොළවල් ආශ්‍රිතව සරුංගල් යැවීමේදී සැළකිලිමත් වන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය ජනතාවට දැනුම්දී තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, ගුවන්තොටුපොළවල් ආසන්නයේ කිලෝමීටර 5 ක සීමාවේ සරුංගල් යැවීම නීතිවිරෝධී සහ දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. සරුංගල් හා ඒවා යැවීමට උපයෝගි කර ගන්නා නුල් ආදිය පැටලීම හේතුවෙන් ගුවන් යානා පියාසර කිරීමට උපයෝගි කර ගන්නා අවර පෙතිවලට සහ විවිධ කොටස්වලට හානි සිදුවීම හේතුවෙන් ගුවන් අනතුරු සිදුවීමට ඉඩ ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ ය. එබැවින් සරුංගල් යැවීමට වැඩි උනන්දුවක් දක්වන මෙම කාලසීමාව තුළ ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන මෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්. එම්. සී නිමල්සිරි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි. |
2018-07-30T06:31:30.000Z | දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි | දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවයි | COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රියේ ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය අත්හිටුවා තිබේ. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති ජනක ප්‍රනාන්දු මහතා පැවසුවේ, අමාත්‍ය අචාර්ය සරත් අමුණුගම මහතා සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි. දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකරුවන් සහ දුම්රිය රියැදුරන් එක් ව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබුණි. |
2018-07-30T02:55:20.000Z | විදුලිබල හා උපයෝගිතා කොමිසමේ සභාපතිවරු කෝප් කමිටුව හමුවට | විදුලිබල මණ්ඩල සභාපති කෝප් කමිටුව හමුවට | COLOMBO (News 1st) ලංකා විදුලිබල මණ්ඩලයේ හා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරුන් ලබන 7 වන දා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ, බලාගාරවලින් විදුලිය මිල දී ගැනීම හා විදුලි ඒකකයක් සඳහා ගෙවන මිල තීරණය කිරිම සම්බන්ධයෙන් කරුණු විමසීමට සභාපතිවරුන් එලෙස කෝප් කමිටුව හමුවට කැඳවා ඇති බවයි. අදාළ සභාපතිවරුන් ලබන 7 වන දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට පැමිණිමට නියමිතව තිබේ. |
2018-07-30T02:51:01.000Z | නි. ආමත්‍ය රන්ජන් රාමණායකට එරෙහි නඩුව කැඳවයි | නි. ආමත්‍ය රන්ජන් රාමණායකට එරෙහි නඩුව කැඳවයි | ශ්‍රී ලංකාවේ අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් බහුතරයක් දුෂිත බවට කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට සිදුවී ඇති අපහාසයට දඬුවම් නොකළ යුත්තේ මන්දැයි විමසන කෙටුම්පත් ආඥාවක් අද නීතිපතිවරයා විසින් වග උත්තරකාර රංජන් රාමනායක මහතාට හා ශ්‍රෙෂ්ඨාධිකරණයට භාර දුන්නේ ය. මීට අදාළ නඩුව නැවත අගොස්තු මස 8 වන දා කැඳවීමට නියමිතයි. නීතිපතිවරයා විසින් සකස්කරන ලද චෝදනා පත්‍රය ද ඇතුළත් එකි කෙටුම්පත් ආඥාව පිළිබඳ විනිසුරු මඩුල්ල සෑහිමකට පත්වන්නේ නම්, එකි කෙටුම්පත් අඥාවේ සඳහන් චෝදනා ශ්‍රෙෂ්ඨාධිකරණ රේජිස්ටාර්වරිය විසින් කියවා දී නඩු විභාගය ආරම්භ කිරිමට තීරණය කරනු ඇති. පසුගිය වසරේ ජුනි මාසයේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී නියොජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් ශ්‍රී ලංකාවේ අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් බහුතරයක් දුෂිත බවට සිදුකරන ලද ප්‍රකාශය මගින් අධිකරණයට අපහාසයක් වී ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්න ලෙස ඉල්ලා පූජ්‍ය මාගල් ක්න්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික යුධ හමුදා නිලධාරි සුනිල් පෙරේරා මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ. එම පැමිණිල්ල සලකා බැලූ අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් එක ප්‍රකාශය මගින් බැලු බැල්මටම අධිකරණයට අපහසයක් වී ඇතැයි, නිගමනය කර විත්තිකාර රංජන් රාමනායක මහතාට එරෙහිව ගතයුතු පියවර සම්බන්ධයෙන් අද දිනයේ කරුණු දක්වන ලෙස නීතිපතිවරයාට නියොග කර තිබිණ. |
2018-07-30T02:46:29.000Z | ඉංගිරිය පොලිස් OICගේ වැඩ තහනම් | ඉංගිරිය පොලිස් OICගේ වැඩ තහනම් | පොලිස්පතිවරයා විසින් වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කරනු ලැබ තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කරනු ලැබූ බවයි. මීට අමතරව නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පොලිස් නිලධාරීන් තිදෙනාගේ ද වැඩ තහනම්කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඊයේ සිට බලපැවැත්වෙන පරිදි සිද්ධියට සම්බන්ධ උපපොලිස් පරීක්ෂක සැරයන් සහ කොස්තාපල්වරයාගේ සේවය අත්හිටවූ බවයි. පෙරේදා රාත්‍රියේ ඉංගිරිය ප්‍රදේශයේ මාර්ගයක සිටි හමුදා සෙබළෙකු සහ ආබාධිත පුද්ගලයෙකු නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එම නිළධාරීන්ට චෝදනා එල්ල වී තිබේ. පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන්, පානදුර කොට්ඨාසය භාර පොලිස් අධීකාරිවරයා විසින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. අදාළ නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම ස්ථානයේ සිටි උප පොලිස් පරික්ෂකවරයා බීමත්ව සිට ඇති බව ද ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ය. |
2018-07-30T02:10:38.000Z | කේරළ ගංජා සමග පුද්ගලයින් 9ක් අත්අඩංගුවට | කේරළ ගංජා සමග පුද්ගලයින් 9ක් අත්අඩංගුවට | COLOMBO (News 1st) දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලින් කේරළ ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වේයන්ගොඩ ,පුලියංකුලම ,වැල්ලවත්ත සහ බොරලැස්ගමුව යන ප්‍රදේශ ආශ්‍රිතව සිදුකළ වැටලිම්වලිනි. සැකකරුවන් සන්තකයේ තිබී කේරළ ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 35 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇති අතර එහි වටිනාකම රැපියල් ලක්ෂ විසි හතරදහසකට ආසන්නයි. සැකකරුවන් අද අධිකරණවලට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ. |
2018-07-30T02:06:53.000Z | සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් | සූරියවැව ප්‍රා. ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් | COLOMBO (News 1st) ප්‍රදේශවාසීන් පිරිසක් හම්බන්තොට සූරියවැව ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ පිවිසුම් දොරටු අවහිර කරමින් අද පෙරවරුවේ විරෝධතාවක නිරත විය. ඒ, සුරියවැව - හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදී ඉඩම් අහිමි වූවන්ට මෙතෙක් වන්දි ගෙවා නොමැති බව පවසමිනි. කඩිනමින් තමන්ට වන්දි මුදල් ලබා දෙස ප්‍රදේශවාසීහු මෙහිදී ඉල්ලා සිටියහ. |
2018-07-30T01:30:56.000Z | අපනයන දෙපාර්තමේන්තු පාලක මහගමගේ ගාමිණි යළි රිමාන්ඩ් | අපනයන දෙපාර්තමේන්තු පාලක ගාමිණි යළි රිමාන්ඩ් | COLOMBO (News 1st) රුපියල් ලක්ෂ 2 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිටින ආනයන සහ අපනයන දෙපාර්තමේන්තුවේ පාලකවරයා ලෙස කටයුතු කළ මහගමගේ ගාමිණි මහතා, ලබන 7 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේ ය. එම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අවසන්ව නොමැති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කරන ලද කරුණු දැක්විම හේතුවෙනි. ජපානයෙන් නිත්‍යනුකූලව ආනයනය කළ කළ වසර 10 කට වඩා පැරණි වාහන දෙකක් රේගුවෙන් මුදා හැරීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 02 ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් පසුගිය දා ඔහු අත්අඩංගුවට ගැනිණ. |
2018-07-30T00:29:47.000Z | ඉඹුල්පේ කන්දේ ගින්න තවදුරටත් පැතිරෙයි | ඉඹුල්පේ කන්දේ ගින්න තවදුරටත් පැතිරෙයි | COLOMBO (News 1st) බළංගොඩ, ඉඹුල්පේ පරවියන්ගල කන්දේ හටගත් ගින්න තවදුරටත් ව්‍යාප්ත වෙමින් ඇතැයි, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කීර්ති ජයසිංහ මහතා පවසයි. ඔහු පැවසුවේ, ගින්න මැඩපැවැත්විම සඳහා ඊයේ සිට ගත් උත්සාහය ව්‍යර්ථ වී ඇති බවයි. ගින්නෙන් මේ වන විටත් අක්කර 50 කට අධික ප්‍රමාණයක් විනාශ වී තිබේ. ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඉඹුල්පේ පරවියන්ගල කන්ද විශ්වවිද්‍යාල සිසුන් අතර ප්‍රකටව ඇත්තේ, ආදර කන්ද ලෙසිනි. https://www.facebook.com/NewsfirstSL/videos/2060337457359835/ |
2018-07-30T00:11:25.000Z | කිරිබත්ගොඩ සංගීතයක් අතරතුර පිහිඇණුමක් | කිරිබත්ගොඩ සංගීතයක් අතරතුර පිහිඇණුමක් | COLOMBO (News 1st) කිරිබත්ගොඩ, ඩිංගියාවත්ත ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයකදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අද අලුයම එම ඝාතනය සිදුව ඇති බවයි. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, කඩවත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකි. ඒ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේ ය. |
2018-07-29T04:49:22.000Z | මත්පෙති සමග කාර්මික විද්‍යාල සිසුවක් අත්අඩංගුවට | මත්පෙති සමග කාර්මික විද්‍යාල සිසුවක් අත්අඩංගුවට | මත්පෙති තොගයක් සමග කාර්මික විද්‍යාල සිසුවකු මැදවච්චිය ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂකාර්ය බලකාය සඳහන් කළේ, එම සිසුවා සතුව මත්පෙති එක්දහස් හාරසියයක් තිබූ බවයි. එම මත්පෙති කාර්මික විද්‍යාලයේ සිසුන්ට අලෙවි කිරීම සඳහා කිසියම් ස්ථානයකින් මිලදී ගත් බව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලිදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. |
2018-07-29T04:31:38.000Z | ඉන්දීය ධීවර යාත්‍රා 173ක් නිදහස් කිරීමට අවධානය | ඉන්දීය ධීවර යාත්‍රා 173ක් නිදහස් කිරීමට අවධානය | මෙරට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවර යාත්‍රා 173ක් නිදහස් කිරීමට රජයේ අවධානය යොමු ව තිබේ. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ, මීට වසර ගණනාවකට පෙර අත්අඩංගුවට ගත් යාත්‍රා එලෙස නිදහස් කිරීමට පියවර ගන්නා බවයි. ඒ අනුව එම යාත්‍රා සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුව හා නාවික හමුදාව මඟින් ලබා දෙන වාර්තා අනුව ඉදිරි පියවර ගන්නා බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. මේ අතර අනවසර ධීවර කටයුතුවල නිරත වූ මෙරට ධීවර යාත්‍රාවක් ඉන්දීය ආරක්ෂක අංශ භාරයේ පවතින බව ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ය. එම අමාත්‍යාංශය පැවසුවේ, එම ධීවර යාත්‍රාව නිදහස් කිරීම කෙරෙහි ඉන්දීය රජයේ අවදානය යොමු ඇති බව දන්වා ඇති බවයි. කෙසේ වෙතත් මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතු සිදුකරන විදේශීය ධීවර යාත්‍රා සම්බන්ධයෙන් මෙරට ක්‍රියාත්මක නව නිතිය සමඟ මුහුදු සීමා උල්ලංඝනය කරමින් ඉන්දීය ධීවරයින් මෙරටට පැමිනීමේ සැලකිය යුතු අඩුවක් පවතින බව ද අමාත්‍යාංශය සඳහන් කළේ ය. එම නිතිය පසුගිය පෙබරවාරි මස 9 වනදා සිට ක්‍රියාත්මකයි. නව නිතිය ක්‍රියාත්මක වීමෙන් පසු ඉන්දීය ධීවර යාත්‍රා 5 ක් අත්අඩංගුවට ගත් බව, අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. මෙරට අත්අඩංගුවේ ඇති එම යාත්‍රා ද අගෝස්තු මස 30 වනදා යළි හිමිකරුවන් වෙත ලබා දීමට නියමිතයි. නව නීතිය යටතේ මුහුදු සීමා උල්ලංඝනය කරන ධීවර යාත්‍රා මුදා හැරීම සඳහා රුපියල් ලක්ෂ 75 ක් දක්වා දඩ පැනවිය හැකි අතර යාත්‍රාවේ දිග අනුව දඩ මුදල් වෙනස් වන බව ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. |
2018-07-29T22:06:30.000Z | කරුණානිධිගේ තත්ත්වය යහපත් අතට | කරුණානිධිගේ තත්ත්වය යහපත් අතට | (News 1st) - තම්ල්නාඩුවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකු වන තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍ය කරුණානිධිගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වේ. ඔහු ප්‍රතිකාර ලබන පෞද්ගලික රෝහල නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. තමිල්නාඩු DMK පක්ෂ නායක එම්. කරුණානිධිගේ වයස 94කි. පසුගියදා අලුයම ඔහු චෙන්නායිහි රෝහලකට ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධය මුල්වරට අනාවරණය කළේ ය. ඔහු තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ධූර කාල 5ක් කටයුතු කර තිබේ. |
2018-07-29T20:47:53.000Z | අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයක | දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයකට සැරසෙයි | අද මධ්‍යම රාත්‍රියේ සිට රාජකාරියෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා දුම්රිය සථානාධිපති සංගමය පවසයි. එහි සභාපති ජානක ප්‍රනාන්දු මහතා පැවසුවේ, වැටුප් ගැටලුව සම්බන්ධයෙන් වූ කැබිනට් පත්‍රිකාව තවදුරටත් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. සිය වැඩ වර්ජනය සහා දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන්, රියදුරන් මෙන්ම අධීක්ෂණ කළමනාකරුවන් ද එක්වන බව ඔහු සඳහන් කළේ ය. |
2018-07-29T20:43:03.000Z | ප්‍රදේශ රැසකට අද තද සුළං | ප්‍රදේශ රැසකට අද තද සුළං | පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේ ප්‍රහාරත්මක සුළං ඇතිවිය හැකි බවයි. දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්ම වූ වැසිද ඇතිවිය හැකි බව ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලික් ප්‍රනාන්දු මහතා පැවසී ය. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසී ය. |
2018-07-29T20:32:36.000Z | හෘදයාබාධවලින් මිය යන දෙමව්පියන්ගේ දරුවන්ට සුරක්ෂා නැහැ? | ඇතැම් දරුවන්ට සුරක්ෂා නැහැ? | හෘදයාබාධ හේතුවෙන් මිය යන දෙමව්පියන්ගේ දරුවන්ට පාසල් සිසුන් සඳහා වූ සුරක්ෂා රක්ෂණාවරණ වැඩපිළිවෙළ යටතේ ප්‍රතිලාභ හිමිනොවීම පිළිබඳ වෘත්තීය සමිති දැඩි විරෝධය පළ කරයි. ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ, මෙරට ජනතාවගෙන් විශාල පිරිසක් හෘදයාබාධවලින් මියයන බවයි. එලෙස මියයන දෙමව්පියන්ගේ දරුවන්ට ද එම රක්ෂණාවරණය හිමිවිය යුතු බව ඔහු සඳහන් කළේ ය. |
2018-07-29T20:20:16.000Z | වසර 15කට පසු අඟහරු පෘථිවියට ආසන්නවෙයි | වසර 15කට පසු අඟහරු පෘථිවියට ආසන්නවෙයි | වසර 15කට පසුව අඟහරු පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරමින් තිබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරක විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. එය ඉතා දීප්තිමත්ව රාත්‍රී අහසෙහි අද සහ හෙට දිනයේදී දැක ගත හැකි බව ඔහු සඳහන් කළේ ය. හිරු බැස යාමත් සමග නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවන අඟහරු අලුයම් කාලයේ බටහිර ක්ෂිතිජයෙන් බැස යන තෙක්ම රාත්‍රී අහසෙහි සඳුට පසුව දිස්වන දීප්තිමත්ම වස්තුව ලෙස මේ දිනවල දැකගත හැකි වන බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය. අඟහරු රතු - තැඹිළි පැහැයක් ගන්නා අතර රාත්‍රි කාලයේදී දීප්තිමත්ව දිස්වන නිසා එය ඉතා පහසුවෙන් හඳුනාගැනීමට හැකි වේ. හෙට රාත්‍රියේදි එය පෘථිවියට කිලෝමීටර් මිලියන 57.6ක් ආසන්නයෙන් ගමන් කරන බව මහචාර්ය චන්දන ජයරත්න මහතා පැවසී ය. මේ අතර සෙනසුරු, බ්‍රහස්පති සහ සිකුරු ග්‍රහලෝකයන් ද මේ දිනවල රාත්‍රී අහසෙහි නැගෙනහිර සිට බටහිර දෙසට චාපයක් අයුරින් පිළිවලින් පිහිටන විරළ දසුනක් දැකගැනීමේ අවස්ථාව ද උදාවී තිබේ. අඟහරු ඇතුළු ග්‍රහලෝක නැරඹිමේ සුවිශේෂි අවස්ථාව ද මහජනතාවට හිමි වේ. රාත්‍රි අහස නිරීක්ෂණ කඳවුරක් හෙට කොළඹ විශ්වවිද්‍යාලයේ රාත්‍රි 7.00 සිය රාත්‍රි 10.00 දක්වා විශ්වවිද්‍යාලිය ක්‍රීඩා පිටියේ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළේ ය. |
2018-07-29T19:35:53.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත් | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) දේශීය පුවත්... 1. ගම සංවර්ධනයට කමිටුවක් : ග්‍රාමීය සංවර්ධනයට අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් යුත් කමිටුවක් පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවසී ය. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, මඩකළපුව දිස්ත්‍රික්කයේ මන්මුනෙයි පත්තු ආරෙන්පරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 2.බුලත්සිංහල කොල්ලයේ තතු රැසක් හෙළිවෙයි : බුලත්සිංහල පහළ නාරගල ප්‍රදේශයේ සිදුවූ රුපියල් කෝටියකට අධික මුදල් කොල්ලය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මුදල් රැගෙන ගිය වෑන් රථයේ රියැදුරා සහ පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියා පැය 48 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය ඊයේ අවසර ලබා දුන්නේ ය. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් ඊයේ මතුගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ බවයි. 3. උ/පෙළ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව දුරකතන සංඥා අවහිර කෙරේ : අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව දුරකතන සංඥා අවහිර කිරීමට තීරණය කර තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, දිවයින පුරා හඳුනාගත් මධ්‍යස්ථාන ආශ්‍රීතව මෙම සංඥා අවහිර කිරීමට නියමිත බවයි. 4. ශ්‍රීලංකන් ගුවන් සේවයට අලුත් සමාජිකයෙක් : ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා නව එයාර් බස් ඒ ත්‍රී ටුවෙන්ටි වන් නියෝ වර්ගයේ ගුවන් යානයක් එක් කර තිබේ. ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පසුගිය රජය සමයේ කළ ඇනවුමක් අනුව යානය අද මෙරටට ළඟා වූ බවයි. පසුගිය රජය විසින් එයාර් බස් නියෝ යානා 6 ක් ඇනවුම් කර තිබු අතර එම ඇනවුම අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත ලැබුණු අවසන් යානය මෙය බව ද අදාළ ප්‍රකාශකයා සඳහන් කළේ ය. 5. ඉංගිරිය පොලිසියේ නිලධාරින් 3 දෙනෙකු අත්අඩංගුවට : නීති විරෝධීව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉංගිරිය පොලිස්ථානයේ නිලධාරීන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනිණ. පොලිසිය සඳහන් කළේ, ඔවුන් පසුගිය දා දිනෙක රාත්‍රි ඉංගිරිය ප්‍රදේශයේ මාර්ගයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ය. අත්අඩංගුවට ගත් එක් පුද්ගලයකු හමුදා සෙබළෙකු වන අතර අනෙක් පුද්ගලයා ආබාධිත පුද්ගලයෙකි. විදෙස් පුවත්... 1.ඉම්රාන් ඛාන් 14ට පෙර දිවුරුම් දෙන ලකුණු... : පකිස්ථාන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඉම්රාන් ඛාන් ලබන 14 වන දා ට පෙර එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇතැයි, තරීක් ඒ ඉන්සාෆ් පක්ෂය පවසයි. කෙසේවෙතත් පකිස්ථාන මැතිවරණයෙන් ජයගත් තරීක් එ ඉන්සාෆ් පක්ෂයට එරට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකරගැනීමට අවැසි අවම ආසන සංඛ්‍යාව ජයගැනීමට නොහැකි විය. ක්‍රීඩා පුවත් 1.දකුණු අප්‍රිකාවට කඩුලු 5ක ජයක් : ශ්‍රී ලංකාව පැරදවු දකුණු අප්‍රිකාව පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක ජයක් හිමි කර ගත්තේ ය. ලකුණු 194 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් ජය වාර්තා කළේ පන්දුවාර 31 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී තිබියදීයි. |
2018-07-29T10:34:44.000Z | පවිත්‍රා වන්නිආරච්චිට සොයිසාගෙන් චෝදනාවක් | පවිත්‍රා වන්නිආරච්චිට සොයිසාගෙන් චෝදනාවක් | ඒකාබද්ධ විපක්ෂයේ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කටයුතු කරන බවට රංජිත් සොයිසා මන්ත්‍රීවරයා අද චෝදනා කළේ ය. ඔහු මෙම චෝදනාව කළේ, ඇඹිලිපිටිය විහාරස්ථානයක ඊයේ පැවති පුණ්‍යෝත්සවයකට හිටපු ජනාධිපතිවරයා සහභාගී නොවීම නිසා ඇතිවූ තත්ත්වය පිළිබඳව ප්‍රතිචාර දක්වමිනි. ඇඹිලිපිටිය, හීන්දළුක්හින්න වනවාසල නාග විහාරස්ථානයේ බුදු පිළිම වහන්සේ නිරාවරණය කිරීමට මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවී චමල් රාජපක්ෂ මහතා පැමිණීම නිසා ඊයේ උණුසුම් තත්ත්වයක් ඇති විය. එහිදී චමල් රාජපක්ෂ මහතා දුරකතනයෙන් මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ කරදුන් අවස්ථාවේ ලැබුණු ප්‍රතිචාරය ගැන උත්සවයේ සංවිධායකයෝ දැඩි අප්‍රසාදයක් පළ කළහ. |
2018-07-29T08:52:26.000Z | ග්‍රාමීය සංවර්ධනයට අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කමිටුවක් | ග්‍රාමීය සංවර්ධනයට කමිටුවක් | ග්‍රාමීය සංවර්ධනයට අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් යුත් කමිටුවක් පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ''ගම්පෙරළිය කියන්නේ විශාල ව්‍යාපෘතියක් නෙමෙයි.ව්‍යාපෘති 10000ක් 15000ක් පොඩි ඒවා.ඒ නිසා මේක අපිට සාර්ථක කරන්න තියනවා.අපි බලාපොරොත්තු වෙනවා ප්‍රමාද වෙලා තියන පියවර සියල්ලම ඉවත් කරන්න.මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් කොමිටියක් පත් කරලා තියනවා ලේකම්වරුන්ගෙන්. අන්තිමට සියලුම ව්‍යෘපෘති ඒ අය තෝරන්න යනවා.ඒ ව්‍යෘපෘති ඔක්කොම හදුනාගත්තාම මගේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමා ඒවා දැනුම් දෙනවා දිසා ලේකම්ට.වහාම ක්‍රියාත්මක කරන්න කියනවා දිසා ලේකම් ප්‍රාදේශීය ලේකම්ට යවලා.ඒවා ගැන සමීක්ෂණය කරන්න තව කණ්ඩායමක් ව්‍යාපෘති කළමණාකරණ ඇමති සාගල රත්නායක ඇමතිතුමා,රාජ්‍ය මුදල් ඇමති එරාන් වික්‍රමරත්න ඇමතිතුමා,රාජ්‍ය ස්වදේශ කටයුතු ඇමති ජේ සී අලවතුවල ඇමතිතුමා , රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමති නිරෝෂන් පෙරේරා මැතිතුමා මැතිතුමාත් මේ ව්‍යාපෘති සියල්ලම සමාලෝචනය කරනවා'' අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, මඩකළපුව දිස්ත්‍රික්කයේ මන්මුනෙයි පත්තු ආරෙන්පරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මහල් 2කින් සමන්විත ප්‍රදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රජය රුපියල් දෙකෝටි 70 ලක්ෂයක් වැය කර තිබිණ. ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස එහි සංචාරයක ද නිරත විය. |
2018-07-29T08:28:00.000Z | බුලත්සිංහල කොල්ලයේ තතු රැසක් හෙළිවෙයි | බුලත්සිංහල කොල්ලයේ තතු රැසක් හෙළිවෙයි | බුලත්සිංහල පහළ නාරගල ප්‍රදේශයේ සිදුවූ රුපියල් කෝටියකට අධික මුදල් කොල්ලය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මුදල් රැගෙන ගිය වෑන් රථයේ රියැදුරා සහ පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියා පැය 48 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් අද මතුගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ බවයි. කොල්ලයට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශයේ වෙළඳ ආයතනවල ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇති දර්ශන ද උපයෝගී කරගන්නා බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් ද අනියුක්ත කර තිබේ. පොලීසිය සඳහන් කළේ, කොල්ලකෑම සිදුවන අවස්ථාවේ ආරක්ෂක නිලධාරියා සතුව ගිනි අවිය නොතිබුණු බවයි. කොල්ලය සිදුවන විට මුදල් සහිත සේප්පුව රඳවා තිබූ වෑන් රථයේ පිටුපස දොර ද විවෘත කර තිබූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පොලීසිය සඳහන් කළේ, මෙම කොල්ලය සැලසුම් සහගතව සිදුකර ඇති බවට ද කරුණු අනාවරණය වෙමින් ඇති බවයි. නාරාහේන්පිටි ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක නිලධාරින් බුලත්සිංහල නාරගල ප්‍රදේශයේ ATM යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා අදාළ මුදල් රැගෙන යමින් සිටියදී මෙම කොල්ලය සිදුව තිබේ. වෑන් රථය වෙළඳසලක් අසල නවතා එහි පැමිණි පිරිස ආහාර ගනිමින් සිටියදි ජිප් රථයකින් පැමිණ කොල්ලකරුවන් අදාළ මුදල් රැගෙන පලාගොස් තිබුණේ මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කරමිනි. |
2018-07-29T07:26:20.000Z | සංචාරක හිතකාමි ත්‍රිරෝද රථ සේවයක් | සංචාරක හිතකාමි ත්‍රිරෝද රථ සේවයක් | මෙරට සංචාරක හිතකාමි ත්‍රිරෝද රථ සේවාව අද ආරම්භ වේ. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 5.30ට කොළඹ ගාලු මුවදොර පිටියේදීයි. මෙහිදී සංචාරක හිතකාමී ත්‍රිරෝද රථ පුහුණුව සාර්ථකව නිම කරන ලද රියැදුරන් 150 දෙනෙකුට ඊට අදාළ මුද්‍රාව සහ සහතිකපත් සංකේතාත්මකව පිරිනැමීම මෙම උත්සවයේ දී සිදු කෙරෙනු ඇති. එම මුද්‍රාව අදාළ ත්‍රිරෝද රථවල ප්‍රදර්ශනය කිරීමට ඉඩ ලැබෙන අතර එමගින් සංචාරකයන්ට එම ත්‍රිරෝද පහසුවෙන් හඳුනා ගැනීමට හා ඒවායේ සේවාව ලබා ගැනීමටත් අවස්ථාව සැලසෙයි. මේ වන විට කොළඹ, ඇල්ල, බෙන්තොට සහ දෙණියාය යන ප්‍රදේශවල ත්‍රිරෝද රථ රියැදුරන් 750කට ආසන්න ප්‍රමාණයක් මෙම පුහුණුව අවසන් කර ඇති අතර ඔවුන්ට ද ඉදිරි කාලය තුළ මෙම මුද්‍රාව සහ සහතිකපත් ලබා දීමට නියමිතයි. එමෙන්ම සංචාරක හිතකාමී ත්‍රිරෝද රථ රියැදුරන් සඳහා වෙන්වූ හැඳුනුම්පතක් ලබා දීමට සංචාරක සංවර්ධන අධිකාරිය කටයුතු යොදා තිබෙනවා. ත්‍රිරෝද රථවලට අමතරව අවන්හල් සඳහාත්, සංචාරක සත්කාරක නිවාස සඳහාත් මෙම සංචාරක හිතකාමි මුද්‍රාව ඉදිරියේ දී ලබා දීමට කටයුතු කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය. |
2018-07-29T06:24:08.000Z | ඉම්රාන් ඛාන් 14ට පෙර දිවුරුම් දෙන ලකුණු... | ඉම්රාන් ඛාන් 14ට පෙර දිවුරුම් දෙන ලකුණු... | පකිස්ථාන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඉම්රාන් ඛාන් ලබන 14 වන දා ට පෙර එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇතැයි, තරීක් ඒ ඉන්සාෆ් පක්ෂය පවසයි. කෙසේවෙතත් පකිස්ථාන මැතිවරණයෙන් ජයගත් තරීක් එ ඉන්සාෆ් පක්ෂයට එරට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකරගැනීමට අවැසි අවම ආසන සංඛ්‍යාව ජයගැනීමට නොහැකි විය. මන්ත්‍රී ආසන 342 කින් යුත් පකිස්ථාන පහළ මන්ත්‍රණ සභාවේ බහුතරය හිමි කරගැනීමට තරීක් එ ඉන්සාෆ් පක්ෂයට ආසන 172 ක් හිමිකර ගත යුතු වුවත් මෙවර මැතිවරණයෙන් එම පක්ෂය දිනාගත්තේ ආසන 115 ක් පමණි. බහුතරය හිමිකරගැනීමට අවශ්‍ය සැලසුම් මේ වන විට ක්‍රියාත්මක කෙරෙන බව ද තරීක් එ ඉන්සාෆ් පක්ෂ සාමාජිකයෝ ප්‍රකාශ කළහ. පකිස්ථාන මැතිවරණය දූෂිත සහ වංචනික බවට පකිස්ථාන ජනතා පක්ෂය සහ පකිස්ථාන මුස්ලිම් ලීගය චෝදනා කරයි. |
2018-07-29T06:24:09.000Z | උ/පෙළ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව දුරකතන සංඥා අවහිර කෙරේ | විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව දුරකතන සංඥා අවහිර කෙරේ | COLOMBO (News 1st) - අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව දුරකතන සංඥා අවහිර කිරීමට තීරණය කර තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, දිවයින පුරා හඳුනාගත් මධ්‍යස්ථාන ආශ්‍රීතව මෙම සංඥා අවහිර කිරීමට නියමිත බවයි. විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සහ ශ්රී ලංකා ගුවන් හමුදාවේ සංඥා බලකායේ ද සහය ලබා ගනිමින් එම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. නව තාක්ෂණය භාවිත කරමින් සිදුවන විභාග අක්‍රමිකතා අවම කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි. මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු වේ. විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, මෙය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. අගෝස්තු මස 06 වන දා ආරම්භ වන මෙවර උසස් පෙළ විභාගය සැප්තැම්බර් පළමු වනදායින් අවසන් වේ. ඒ සඳහා පෙනී සිටින පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන් සංඛ්‍යාව 321,469 කි. මේ අතර ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම ද අගෝස්තු පළමු වැනි දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු වේ. අගෝස්තු මස 05 වන දා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 355,326 කි. |
2018-07-29T05:44:16.000Z | ඉන්දීය ධීවර යාත්‍රා 173 ක් නිදහස් කිරීමට රජයේ අවධානය | ධීවර යාත්‍රා 173 ක් නිදහස් කිරීමට රජයේ අවධානය | COLOMBO (News 1st) - මෙරට අත්අඩංගුවේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා 173 ක් නිදහස් කිරීමට රජයේ අවධානය යොමු ව තිබේ. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ, මීට වසර ගණනාවකට පෙර අත්අඩංගුවට ගත් යාත්‍රා එලෙස නිදහස් කිරීමට පියවර ගන්නා බවයි. ඒ අනුව එම යාත්‍රා සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුව හා නාවික හමුදාව මගින් ලබා දෙන වාර්තා අනුව ඉදිරි පියවර ගන්නා බව ද අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ අතර අනවසර ධීවර කටයුතුවල නිරත වූ මෙරට ධීවර යාත්‍රාවක් ඉන්දීය ආරක්ෂක අංශ භාරයේ පවතින බව ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. එම අමාත්‍යාංශය පැවසුවේ, එම ධීවර යාත්‍රාව නිදහස් කිරීම කෙරෙහි ඉන්දීය රජයේ අවධානය යොමු ඇති බව දන්වා ඇති බවයි. කෙසේ වෙතත් මුහුදු සීමා උල්ලංඝණය කරමින් ධීවර කටයුතු සිදු කරන විදේශීය ධීවර යාත්‍රා සම්බන්ධයෙන් මෙරට ක්‍රියාත්මක නව නීතිය සමග මුහුදු සීමා උල්ලංඝණය කරමින්, ඉන්දීය ධීවරයින් මෙරටට පැමිණීමේ සැලකිය යුතු අඩුවක් පවතින බව ද අමාත්‍යාංශය සඳහන් කළේ ය. එම නීතිය පසුගිය පෙබරවාරි මස 9 වන දා සිට ක්‍රියාත්මකයි. නව නීතිය ක්‍රියාත්මකවීමෙන් පසු ඉන්දීය ධීවර යාත්‍රා 5 ක් අත්අඩංගුවට ගත් බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. මෙරට අත්අඩංගුවේ ඇති එම යාත්‍රා ද අගෝස්තු මස 30 වන දා යළි හිමිකරුවන් වෙත ලබාදීමට නියමිත ය. නව නීතිය යටතේ, මුහුදු සීමා උල්ලංඝණය කරන ධීවර යාත්‍රා මුදා හැරීම සඳහා රුපියල් ලක්ෂ 75 ක් දක්වා දඩ පැනවිය හැකි අතර යාත්‍රාවේ දිග අනුව දඩ මුදල් වෙනස් වන බව ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. |
2018-07-29T05:30:35.000Z | ද. අප්‍රිකාවට කඩුලු 5ක ජයක් | ද. අප්‍රිකාවට කඩුලු 5ක ජයක් | ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගය දකුණු අප්‍රිකාව කඩුලු 5 කින් ජය ගත්තේ ය. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය ලබා දුන් සියවන එක්දින ක්‍රිකට් තරගය ද මෙයයි. උපුල් තරංග සමගින් නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළහ. ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 36 කදී බිඳ වැටිණ. අනතුරුව කුසල් ජනිත් පෙරේරා සහ තිසර පෙරේරා හය වැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 92 ක සබඳතාවක් ගොඩනැගූහ. තිසර පෙරේරා ලකුණු 49 ට දැවී ගිය අතර කුසල් ජනිත් පෙරේරා සිය එක්දින දිවියේ 10 වන අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 81 ක් රැස් කළේ ය. ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 34 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 193 ක් පමණි. ට්‍රබ්රායිස් ශම්සි සහ කගීසෝ රබාඩා අතර කඩුලු 4 බැගින් බෙදී ගියේ ය. ජයග්‍රහණය සඳහා ලකුණු 194 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි දකුණු අප්‍රිකා කණ්ඩායමේ මුල් කඩුලු 2 ලකුණු 31 කදී බිඳ වැටිණ. ක්වයිටන් ඩී කොක් ලකුණු 47 ට දැවී ගිය අතර නායක ෆෆ් ඩු ප්ලෙසීස් ද ලකුණු 47 ක් ලබා සිටියදී දැවී ගියේ ය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින්, ජේ.පී ධුමිනි ලකුණු 53 ක් රැස් කළේ ය. අකිල ධනංජය පන්දුවාර 10 කදී ලකුණු 50 ට කඩුලු 3 ක් දවා ගත්තේ ය. ලකුණු 194 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් ජය වාර්තා කළේ පන්දුවාර 31 ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී තිබියදීයි. |
2018-07-29T04:46:58.000Z | ශ්‍රීලංකන් ගුවන් සේවයට අලුත් සමාජිකයෙක් | ශ්‍රීලංකන් ගුවන් සේවයට අලුත් සමාජිකයෙක් | COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා නව එයාර් බස් ඒ ත්‍රී ටුවෙන්ටි වන් නියෝ වර්ගයේ ගුවන් යානයක් එක් කර තිබේ. ශ්‍රීලංකන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පසුගිය රජය සමයේ කළ ඇනවුමක් අනුව යානය අද මෙරටට ළඟා වූ බවයි. පසුගිය රජය විසින් එයාර් බස් නියෝ යානා 6 ක් ඇනවුම් කර තිබු අතර එම ඇනවුම අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත ලැබුණු අවසන් යානය මෙය බව ද අදාළ ප්‍රකාශකයා සඳහන් කළේ ය. ජර්මනියේ නිෂ්පාදිත ඒ ත්‍රී ටුවෙන්ටි වන් නියෝ ගුවන් යානය හැම්බර්ග් නුවර සිට අද මෙරටට ළඟා විය. නව ගුවන් යානය තව ත් දින දෙකකින් පමණ මගී ප්‍රවාහන සේවා සඳහා එක් කිරීමට නියමිත වනු ඇති. ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ, පැය තුනක වැනි කෙටි ගමන් සඳහා එයාර් බස් නියෝ යානය යොදා ගැනීමට නියමිතව ඇති බවයි. දැනට ලෝකයේ ඇති ගුවන් යානා අතුරින් නවීනතම ගුවන් යානයක් ලෙස ද මෙම යානය හඳුන්වනු ඇත. පහසුකම් රැසකින් සමන්විත එයාර් බස් නියෝ යානය ඉන්ධන පිරිමැසුම්දායක බවින් ද ධාරිතාව ද ඉතා ඉහළ මට්ටමක පවතින බව ගුවන් සමාගමේ ප්‍රකාශකයා සඳහන් කළේ ය. එයාර් බස් නියෝ යානයක වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 129 කි. මේ අතර පසුගිය රජය සමයේ ඇනවුම් කළ ඒ 350 යානා හතරක ඇනවුම් වත්මන් රජය යටතේ අවලංගු කෙරුණි. |
2018-07-29T03:24:19.000Z | මැදවච්චියේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මරුට | මැදවච්චියේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මරුට | COLOMBO (News 1st) - මැදවච්චිය, වල්පොල, උස්ගල ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මියගොස් තිබේ. පොලිසිය සඳහන් කළේ, පාපැදියකින් නිවසට පැමිණෙමින් සිටියදී ඔහුට එම පහරදීම සිදු කර ඇති බව ය. වන අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබු ඔහු මැදචච්චිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ. අනතුරුව එහිදී ඔහු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 68 හැවිරිදි මැදච්චිය ,වල්පොල පදිංචිකරුවෙකි.ற |
2018-07-29T03:16:21.000Z | එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ නීතී විරෝධීව රැඳී සිටින ලාංකිකයින්ට මාස 3ක පොදු සමා කාලයක් | එ. අරාබී එමීර් හි සිටින ලාංකිකයින්ට පොදු සමාවක් | COLOMBO (News 1st) - එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ නීතී විරෝධීව රැඳී සිටින ලාංකිකයින් සඳහා මාස 3ක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. විදේශ සේවා නියක්ති කාර්යංශයෙ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ, අගොස්තු මස 01 වැනිදා සිට ඔක්තෝම්බර් 31 දක්වා එම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර ඇති බව ය. වීසා නොමැතිව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණිම සඳහා අබුඩාබිහි පිහිටි තානාපති කාර්යාලයට හෝ ඩුබායි හි ඇති කොන්සල්ජනරාල් කාර්යාලයට ගොස් තාවකාලික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගත හැකි බව ද එම නිලධාරියා සඳහන් කළේය. ශ්‍රී ලාංකිකයින් 125,000ක් පමණ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ වනවිට සේවය කරමින් සිටී. වාර්ෂිකව එක්සත් අරාබී එමීර් රාජයේ සේවය සදහා 30,000කට ආසන්න පිරිසක් මෙරටින් පිටත්ව යන බව ද එම නිලධාරියා වැඩි දුරට ත් සඳහන් කළේය. |
2018-07-29T02:15:57.000Z | ඉංගිරිය පොලිසියේ නිලධාරින් 3 දෙනෙකු අත්අඩංගුවට | ඉංගිරිය පොලිසියේ නිලධාරින් 3 දෙනෙකු අත්අඩංගුවට | COLOMBO (News 1st) - නීති විරෝධීව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉංගිරිය පොලිස්ථානයේ නිලධාරීන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රි ඉංගිරිය ප්‍රදේශයේ මාර්ගයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ය. අත්අඩංගුවට ගත් එක් පුද්ගලයකු හමුදා සෙබළෙකු වන අතර අනෙක් පුද්ගලයා ආබාධිත අයෙකි. ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි එම ස්ථානයේ සිටි උප පොලිස් පරික්ෂකවරයා බීමත්ව සිටි බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය. අනෙක් දෙදෙනා සාජන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා හොරණ පොලිස්ථානයේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පත් කර තිබේ. |
2018-07-29T02:11:20.000Z | ශ්‍රීදේවිගේ චරිතය නිරූපණය කරන්න රකුල් ප්‍රීත් සිංට අවස්ථාව | රකුල් ප්‍රීත් සිංට ශ්‍රීදේවි වෙන්න අවස්ථාවක් | COLOMBO (News 1st) - ජනප්‍රිය ඉන්දීය නිළි රකුල් ප්‍රීත් සිංට, අභාවප්‍රාප්ත ප්‍රවීන ඉන්දීය නිළි ශ්‍රීදේවිගේ චරිතය නිරූපණය කිරීමට අවස්ථාව උදාවී තිබේ. ඒ, ප්‍රවීන දකුණු ඉන්දීය සිනමාකරුවෙකු වන රාමා රාඕගේ චරිතාපදානය ඇසුරින් නිර්මාණය වන සිනමා පටය වෙනුවෙනි. රාමා රාඕ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, නිෂ්පාදකවරයෙකු, තිර රචකයෙකු, රංගන ශිල්පියෙකු මෙන්ම ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිවරයෙකු ද වේ. නව සිනමා පටයේදී ශ්‍රීදේවිගේ චරිතයට රංගන දායකත්වය ලබාදීමට රකුල් ප්‍රීත් සිංට අවස්ථාව උදා වී ඇත්තේ, රාමා රාඕගේ චිත්‍රපට සඳහා රංගන දායකත්වය ලබාදුන් සුපිරි තරු චරිත ද ඊට ඇතුළත් වීමත් සමගිනි. |
2018-07-29T01:22:10.000Z | කණ්ඩලම වැවේ ගිලී තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගනී | කණ්ඩලම වැවේ ගිලී තරුණයෙකු මියයා ගැන පරීක්ෂණ | COLOMBO (News 1st) - කණ්ඩලම වැවේ ගිලී තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. පොලීසිය සදහන් කළේ ඊයේ පස්වරුවේ 16 දෙනෙකුගෙන් යුත් පිරිසක් විනෝද චාරිකාවක් සඳහා පැමිණ මත්පැන් පානය කරමින් සොරොව්ව අසල දියනාමින් සිට ඇති බව ය. එම අවස්ථාවේ අදාළ තරුණයා දියේ ගිලී මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 21 හැවිරිදි උණවටුන පදිංචි තරුණයෙකි. ඔහුගේ සිරුර දඹුල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරිමට නියමිත ය. එලෙස විනෝද චාරිකාවක පැමිණ ඇත්තේ පානදුර ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන පිරිසකි. |
2018-07-29T00:06:33.000Z | රිය අනතුරකින් යුවලක් මරුට | රිය අනතුරකින් යුවලක් මරුට | COLOMBO (News 1st) - අම්පාර - කල්මුණේ ප්‍රධාන මාර්ගයේ වලතාපිටිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් දරුවෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, පස් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය. අනතුරින් බරපතල තුවාල ලැබූ ඔවුන් අම්පාර රෝහලට ඇතුළත් කිරිමෙන් පසු දෙදෙනෙකු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ වෑන් රථයේ රියැදුරු සහ ඔහුගේ බිරිඳයි. ඔවුන් මහන්බෝග, හත්තිස්ස පදිංචිකරුවන් වන අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ. |
2018-07-28T23:51:27.000Z | උ/පෙළ විභාගයේ උපකාරක පන්ති සහ දේශන අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් | උ/පෙළ උපකාරක පන්ති අනිද්දා අවසන් | COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන සහ සම්මන්ත්‍රණ අනිද්දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු වේ. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සදහන් කළේ, මෙය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ය. අගෝස්තු මස 06 වැනිදා ආරම්භ වන මෙවර උසස් පෙළ විභාගය සැප්තැම්බර් 01 වෙනිදා අවසන් වේ. ඒ, සඳහා පෙනී සිටින පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන් සංඛ්‍යාව 321,469 කි. මේ අතර ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම ද අගෝස්තු පළමු වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළයුතු වේ. අගෝස්තු මස 05 වැනිදා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 355,326කි. |
2018-07-28T22:49:10.000Z | ඡන්ද විමසීමෙන් දින 3කට පසු පකිස්ථාන මහ මැතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් වෙයි | පකිස්ථාන මහ මැතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් වෙයි | COLOMBO (News 1st) - පකිස්ථාන මහ මැතිවරණයේ නිල ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ, මහ මැතිවරණය පවත්වා දින තුනකට පසුවයි. ආසන 270 කින් සමන්විත පකිස්ථාන පාර්ලිමේන්තුවේ ආසන 115 ක සරල බහුතරයක් දිනා ගැනීමට ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් තරික් ඊ ඉන්සාෆ් පක්ෂය සමත් විය. සිරගතව සිටින පකිස්ථාන හිටපු අගමැති නවාස් ශරීෆ්ගේ සොහොයුරු ශබාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් යුත් මුස්ලිම් ලීගය දිනාගෙන ඇති ආසන සංඛ්‍යාව 64 කි. පකිස්ථාන හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝගේ සහ හිටපු ජනපති අසීෆ් අල් සල්දාරිගේ පුත් බිලාවල් භූතෝ සල්දාරීගේ නායකත්වයෙන් යුත් ජනතා පක්ෂය ආසන 43 ක ජය හිමිකර ගත්තේය. කෙසේ වෙතත් ආණ්ඩුවක් පිහිටුවීමට නම් ආසන 137 ක බහුතරයක් ලබාගත යුතුයි. ආසන 115 ක් සමඟින් මැතිවරණය ජයගත් ඉම්රාන් ඛාන්ට අග්‍රාමාත්‍ය ධුරය ලබාගැනීමට නම් සන්ධාන ගතවීමට සිදුවේ. ඔහු, මේ වන විටත් සෙසු පක්ෂ සමඟ ඊට අදාළ සාකච්ඡා ආරම්භ කර අවසන් ය. කෙසේ වෙතත් පකිස්ථාන මැතිවරණ කොමිසම නිල ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඉම්රාන් ඛාන් සිය පාක්ෂිකයින් සමඟ වීදී බැස ප්‍රීති ඝෝෂාවල නිරත විය. මේ වන විට 65 වන වියෙහි පසුවන ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් ලැබූ ජයග්‍රහණයත් සමගින් පකිස්ථානයට නව යුගයක් උදාවනු ඇතැයි දේශපාලන විචාරකයින් පවසයි. ඉම්රාන් ඛාන් 1992 ක්‍රිකට් ලෝක කුසලානය දිනු පකිස්තාන කණ්ඩායමේ නායකයා ද වේ. 1996 වසරේ සිට සක්‍රීයව දේශපාලන කටයුතු වල නිරත වන ඔහු පැමිණි ගමන් මග මල් යහනාවක් වූයේ නැහැ. ඇතැම් අවස්ථාවන්වල සිය දේශපාලන මතවාද හේතුවෙන් සිරගත වන්නට පවා ඔහුට සිදුවිය. පරාජිත ප්‍රතිවාදී දේශපාලන කණ්ඩායම් මෙම මැතිවරණය දුෂිත යැයි චෝදනා නැගුවද ඉම්රාන් ඛාන් පවසන්නේ මෙය පකිස්ථානයේ පැවැත්වූ පිරිසිදුම මැතිවරණය බව ය. පකිස්ථානයේ බලය, ඉම්රාන් ඛාන්ගේ සියතට පත්වීමත් සමග ත්‍රස්තවාදය මෙන්ම වාර්ගික ගැටුම් ද අවසන් වනු ඇති බවට දේශපාලන විචාරකයින් මත පල කරනු ලැබේ. උදාවන හෙට දිනයේ, යුධ භීතිය වෙනුවට, සාමයේ සොම්නසින් පකිස්ථානුවන්ගේ හදවත් පිරි යනු ඇති බව දේශපාලන විචාරකයින් වැඩි දුරට ත් සඳහන් කළේය. |
2018-07-28T22:10:48.000Z | වසර 4කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින ජයක් සොයා ශ්‍රී ලංකා පිල අද තරග බිමට | ශ්‍රී ලංකා-ද. අප‍්‍රිකා එක්දින තරගාවලිය අද ඇරඹෙයි | COLOMBO (News 1st) - සංචාරක දකුණු අප්රිකා කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පැවැත්වේ. ඒ, රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ය. මෙවර තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම යළිත් නිත්‍ය නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට හිමිව තිබේ. දකුණු අප්රිකා කණ්ඩායම සුපුරුදු පරිදි මෙවර තරගාවලියේදී ද මෙහෙයවන්නේ ෆෆ් ඩු ප්ලෙසිස් විසිනි. වසර 26 ක් පැරණි දෙරට අතර එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළ එක්දින ක්‍රිකට් තරග 68ක දී එකිනෙකා මුණ ගැසී තිබේ. දකුණු අප්‍රිකාව ඉන් තරග 35ක් ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව ජයගෙන ඇති තරග ගණන 29කි. තවත් තරග 3ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇති අතර එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන් වී තිබේ. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව එක්දින තරගයකදී අවසන් වරට මුණගැසී ඇත්තේ නිමාවූ ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ය. ඊට පෙර 2016 වසරේ අග භාගයේදී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව එක්දින තරගාවලියකදී මුණගැසුණු අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 5 ට 0ක් ලෙස පරාජයට පත්විය. 2014 ජුලි මස 9 වනිදාට පසුව පවත්වා ඇති කිසිඳු එක්දින තරගයකදී හෝ දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී නොමැත. තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද උදෑසන 9.45 ට ආරම්භ වීමට නියමිත ය. |
2018-07-28T21:04:11.000Z | රාජ්‍ය සේවකයින්ගෙන් 44%කට පරිගණක සාක්ෂරතාව නැහැ - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව | රාජ්‍ය සේවකයින්ගෙන් 44%කට පරිගණක සාක්ෂරතාව නැහැ | COLOMBO (News 1st) - රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවා නියුක්තිකයින්ගෙන් 44%කට පරිගණක සාක්ෂරතාව නොමැති බව නවතම අධ්‍යනයකින් අනාවරණ වී තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ. සතරසිංහ මහතා සඳහන් කළේ, මෙරට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවා නියුක්තිකයින් මිලියන 1.1ක් සිටින බව ය. ඔවුන්ගෙන් 62% කට විද්‍යුත් තැපෑල භාවිත කිරීමට නොදන්නා බව ද අනාවරණය වී ඇතැයි ඔහු සඳහන් කළේය. |
2018-07-28T20:55:12.000Z | වැඩවර්ජනය කළ දුම්රිය සේවකයින් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් | වැඩවර්ජනය කළ දුම්රිය සේවකයින් ගැන පරීක්ෂණයක් | COLOMBO (News 1st) - පෙර දැනුම්දීමකින් තොරව මගීන් අපහසුතාවයට පත්වන පරිදි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවූ සේවකයින් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි සමාන්‍යාධිකාරි එස්.එම්. අබේවික්‍රම මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව හෙට වෘත්තීය සමිතිවලින් කරුණු විමසන බව ය. සාකච්ඡා මාර්ගයෙන් ගැටලුවලට විසඳුම් ලබාගත හැකි පසුබිමකදී මගී ජනතාව අපහසුතාවට පත්වන පරිදි කටයුතු කිරීම කණගාටුදායක බව ද, දුම්රිය සමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේය. දුම්රිය ස්ථානාධිපතිවරු, නියාමකවරු, පාලකවරු හා දුම්රිය රියැදුරන් පසුගිය 26 වනදා පැය දෙකක දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත විය. ඒ, මරදාන ප්‍රදේශයේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් සම්බන්ධ ආරවුලක් මුල් කරගනිමිනි. පෙර දැනුම්දීමකින් තොරව සිදුකළ එම වැඩ වර්ජනයෙන් මගීන් දැඩි අපහසුතාවට පත්විය. මේ හේතුවෙන් මගීන් නොසන්සුන්වීමත් සමග කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගැනිණි. |
2018-07-28T20:39:49.000Z | බන්ධනාගාර රැඳවියන් ජාවාරම් කිරීමට හේතුව ඇමති රංජිත් මද්දුම බණ්ඩාර කියයි | බන්ධනාගාර රැඳවියන් ජාවාරම් කිරීමට හේතුව | COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් රැඳවියන් ලෙස ද විවිධ අක්‍රමිකතා සිදුකිරීමට හේතු වී ඇත්තේ, බන්ධනාගාර තුළ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, බන්ධනාගාර තුළ සිදුවන ජාවාරම් මැඩලීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ය. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/07/07-29-RANJITH-MADDUMABANDARA-online-audio-converter.com_.mp3 |
2018-07-28T20:29:52.000Z | බුලත්සිංහල රුපියල් කෝටියේ මංකොල්ලයට පැමිණි වාහනය හඳුනා ගනී | බුලත්සිංහල මංකොල්ලයට පැමිණි වාහනය හඳුනා ගනී | COLOMBO (News 1st) - බුලත්සිංහල, නාරගල ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික මුදලක් මංකොල්ලකෑමට පැමිණි වාහනය හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි. ATM යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා පෞද්ගලික සමාගමක් විසින් රැගෙන යමින් තිබූ රුපියල් කෝටියකට අධික මුදලක් ඊයේ රාත්‍රියේ මංකොල්ලකා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතාප සඳහන් කළේ, සැකකරුවන් මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර මුදල් රැගෙන පලාගොස් ඇති බව ය. මංකොල්ලය සඳහා පුද්ගලයින් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේය. එම අවස්ථාවේ මුදල් රැගෙන යන කණ්ඩායමේ සිටි ආරක්ෂක නිලධාරියෙකු සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ ආරක්ෂක නිලධාරියා සතු ගිනි අවිය කොල්ලය සිදුවන අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී නොමැත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබෙන අතර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක කරනු ලැබේ. |
2018-07-28T19:52:52.000Z | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… | COLOMBO (News 1st) දේශීය පුවත් 1. බුලත්සිංහල රුපියල් කෝටියක මංකොල්ලයක්: බුලත්සිංහල, නාරගල ප්‍රදේශයේදී ATM යන්ත්‍රවල තැන්පත් කිරිම සඳහා පෞද්ගලික සමාගමක් විසින් රැගෙන යමින් තිබු රුපියල් කෝටියකට අධික මුදලක් මංකොල්ලකා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මුදල් රැගෙන යමින් සිටි පිරිසට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඔවුන් පලාගොස් ඇති බව ය. 2. සුරක්ෂා රක්ෂණයට මුවාවී මහා පරිමාණ මහජන මුදල් කොල්ලයක්: හතලිස් පන් ලක්ෂයක් වන මෙරට පාසල් සිසුන් ආවරණය වන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන සුරක්ෂා රක්ෂණ ආවරණය හරහා මූල්‍ය වංචාවක් සිදුවන බවට ගුරු සංගම් චෝදනා කරමින් පවසයි. ගුරු සංගම්වලට අනුව අමාත්‍යාංශය රුපියල් මිලියන 27,000 ක් එම රක්ෂණ වැඩසටහන සඳහා වාර්ෂිකව වැය කරන අතර එයින් සියයට 90 ක් ප්‍රතිරක්ෂණය වෙනුවෙන් ඉන්දීය ප්‍රතිරක්ෂණ සමාගමකට ගෙවා තිබේ. 3. ලක්දනවි බලාගාරයේ හිමිකාරත්වය දරන සමාගමේ සිදු වූ බව කියන සැක සහිත ගනුදෙනු රැසක් තව දුරට ත් හෙළිවෙයි: කෙරවලපිටියේ, ලක්දනවි විදුලි බලාගාරයේ හිමිකාරත්වය දරන සමාගමේ සිදුවුණු බව කියන සැක සහිත ගනුදෙනු රැසක් පිළිබඳව අප පසුගියදා තොරතුරු අනාවරණය කළේය. ලක්දනවි සමාගමේ හිමිකාරත්වය දරන වෙනත් සමාගම් සහ පාර්ශව පිළිබඳව ඇති සංකුලතා නිසා එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් පවතින බව අප පසුගියදා පල කළ පුවතට පදනම් වූ වෙරිටේ රිසර්ච් ආයතනයේ වාර්තාවේ දැක්වේ. 4. නකල්ස් රක්ෂිතයේ පුද්ගලික ව්‍යාපාර ඇරඹීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ නැහැ – කබීර් හෂීම්: මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබ්ර් හෂිම් මහතා ඊයේ කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව නකල්ස් රක්ෂිතය පිළිබඳව මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබදව මාධ්‍යයට අදහස් දැක්විය. එහිදී ඔහු සඳහන් කළේ, නකල්ස් රක්ෂිතයේ පුද්ගලික ව්‍යාපාර ඇරඹීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර නොමැති බව ය. 5. කටුනායක ගුවන්තොටුපොළේ මගී පිවිසුම්වල ආරක්ෂාව දැඩි කෙරේ: කුවෙට් ජාතික යුවළක් රේගු නිලධාරීන් 5 දෙනෙකුට පහර දීමේ සිද්ධියය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පිවිසුම්වල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ. විදෙස් පුවත් 1. ‘ජොන්දාරී’ නිසා ජපානයේ ගුවන් ගමන් 377 ක් අවලංගු වෙයි: ජොන්දාරී සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ගුවන් ගමන් 377ක් අවලංගු කර ඇතැයි ජපන් බලධාරීන් පවසයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, සුළි කුණාටුව හේතුවෙන් බටහිර ජපානයට ගංවතුර සහ නායයෑම් තත්ත්වයක් උද්ගතව ඇති බව ය. 2. පකිස්ථාන මහ මැතිවරණය යළි පවත්වන්නැයි ප්‍රතිවාදී දේශපාලන පක්ෂවලින් ඉල්ලීම්: මැතිවරණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් නව ඡන්ද විමසීමක් පවත්වන ලෙස පකිස්ථානයේ ප්‍රතිවාදී දේශපාලන පක්ෂ ඉල්ලා සිටී. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, පසුගිය බදාදා පැවති මහ මැතිවරණයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් බලයට පත් වීමට නියමිතව තිබියදී ප්‍රතිවාදී දේශපාලන පක්ෂ කිහිපයකින් සැදුම්ලත් කණ්ඩායමක් ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් නව ඡන්ද විමසීමක් ඉල්ලා සිටින බව ය. ක්‍රීඩා පුවත් 1. ජෙරොම් වැල්කිගේ අභියාචනය ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය ඉවත දමයි: අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හිටපු ලේකම් ජෙරොම් වැල්කි තමන්ට එරෙහිව පනවා ඇති දස වසරක තහනමට එරෙහිව ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයට යොමු කළ අභියාචනය ප්‍රතික්ෂේප වී තිබේ. 2. විනයක් නැති ක්‍රීඩකයෙකුට සමාව දෙන්න බැහැ – ඇන්ජලෝ මැතිව්ස්: විනයක් නොමැති කිසිඳු ක්‍රීඩකයෙකුට සමාව දිය නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, අද ආරම්භවීමට නියමිත ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. |
2018-07-28T11:31:39.000Z | බුලත්සිංහල රුපියල් කෝටියක මංකොල්ලයක් | බුලත්සිංහල රුපියල් කෝටියක මංකොල්ලයක් | COLOMBO (News 1st) - බුලත්සිංහල, නාරගල ප්‍රදේශයේදී ATM යන්ත්‍රවල තැන්පත් කිරිම සඳහා පෞද්ගලික සමාගමක් විසින් රැගෙන යමින් තිබු රුපියල් කෝටියකට අධික මුදලක් මංකොල්ලකා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මුදල් රැගෙන යමින් සිටි පිරිසට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඔවුන් පලාගොස් ඇති බව ය. එම අවස්ථාවේ මුදල් රැගෙන යන කණ්ඩායමේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරියෙකු සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. |
2018-07-28T10:41:30.000Z | සුරක්ෂා රක්ෂණයට මුවාවී මහා පරිමාණ මහජන මුදල් කොල්ලයක් | සුරක්ෂා රක්ෂණයට මුවාවී මහජන මුදල් කොල්ලයක් | COLOMBO (News 1st) - හතලිස් පන් ලක්ෂයක් වන මෙරට පාසල් සිසුන් ආවරණය වන පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන සුරක්ෂා රක්ෂණ ආවරණය හරහා මූල්‍ය වංචාවක් සිදුවන බවට ගුරු සංගම් චෝදනා කරමින් පවසයි. ගුරු සංගම්වලට අනුව අමාත්‍යාංශය රුපියල් මිලියන 27,000 ක් එම රක්ෂණ වැඩසටහන සඳහා වාර්ෂිකව වැය කරන අතර එයින් සියයට 90 ක් ප්‍රතිරක්ෂණය වෙනුවෙන් ඉන්දීය ප්‍රතිරක්ෂණ සමාගමකට ගෙවා තිබේ. ඒ, ප්‍රතිරක්ෂණය කළයුතු තරමේ අවදානමක් නොතිබියදී බව එම සංගම්වල චෝදනාවයි. රක්ෂණ යෝජනා ක්‍රමය ආරම්භ කර ගෙවුණු මාස 6 තුළදී වන්දි ලෙස ගෙවා ඇත්තේ රුපියල් මිලියන 52 ක් පමණි. වසර අවසානය වනවිට එම වන්දි ප්‍රමාණය මිලියන 130 ක් පමණ වනු ඇති බවට අනුමාන කෙරේ. ගුරු සංගම් පෙන්වා දෙන්නේ එම උපකල්පන අනුව සුරක්ෂා රක්ෂණය, ප්‍රතිරක්ෂණය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ය. රාජ්‍ය සේවකයින් සඳහා වන අග්‍රහාර රක්ෂණය වෙනුවෙන් රජය ශ්‍රී ලංකා රක්ෂණ භාර අරමුදල වෙත රුපියල් බිලියන 12 ක පමණ මුදලක් වාර්ෂිකව ගෙවුව ද එය ප්‍රතිරක්ෂණය කර නොමැත. එවැනි තත්ත්වයක් තුළ සුරක්ෂා රක්ෂණයෙන් සිදුවන්නේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කළයුතු මුදල් විදේශිය ප්‍රති රක්ෂණ සමාගමක් වෙත ගෙවීම බව ගුරු සංගම් චෝදනා කරමින් පවසයි. |
2018-07-28T10:26:43.000Z | ලක්දනවි බලාගාරයේ හිමිකාරත්වය දරන සමාගමේ සිදු වූ බව කියන සැක සහිත ගනුදෙනු රැසක් තව දුරට ත් හෙළිවෙයි | ලක්දනවි හිමිකාරත්වය දරන සමාගම ගැන හෙළිදරව්වක් | COLOMBO (News 1st) - කෙරවලපිටියේ, ලක්දනවි විදුලි බලාගාරයේ හිමිකාරත්වය දරන සමාගමේ සිදුවුණු බව කියන සැක සහිත ගනුදෙනු රැසක් පිළිබඳව අප ඊයේ තොරතුරු අනාවරණය කළේය. මේ ඒ පිළිබඳව තවත් කරුණු අප වෙත වාර්තා වී තිබේ. ලක්දනවී සමාගමේ හිමිකාරත්වය දරන වෙනත් සමාගම් සහ පාර්ශව පිළිබඳව ඇති සංකුලතා නිසා එහි සැබෑ අයිතිකරු කවුරුන්ද යන්න පිළිබඳව ගැටලුකාරී තත්වයක් පවතින බව අප ඊයේ පල කළ පුවතට පදනම් වූ වෙරිටේ රිසර්ච් ආයතනයේ වාර්තාවේ දැක්වේ. ශ්‍රී ලංකා රජය විසින් දරන ලද අති විශාල අවදානම සඳහා මණ්ඩලය වෙත කිසිඳු ගෙවීමක් සිදු නැති අතර, සියයට 4.8%ක් පමණක් හිමි ලක්දනවි සමාගමට සියයට 39.75%ක ලාභාංශ ගෙවා තිබේ. සංසන්දනාත්මක ලෙස බලන විට පෙනී යන්නේ බිලියන 22.7ක අති විශාල ණය කන්දරාවක වගකීම භාරගත් රජයේ පිහිටෙන් වෙනත් කොටස්කරුවන් ඉතාම සූක්ෂම අන්දමින් බිලියන ගණන් ලාභ ඉපයීමට කටයුතු කර ඇති බව ය. තවද ලක්දනවී ආයතනයෙන් විදුලි මිලදී ගැනීම් ගිවිසුම් සකස් කරන විට විදුලි බල මණ්ඩලය ඉතාම බරපතල සැකයන් ඇතිවන ආකාරයෙන් කටයුතු කර තිබේ. එනම් මණ්ඩලයට ලාභ සහගත කරුණු ඉතාම සැක සහිත ලෙස නොසළකා හරිමින් අදාළ සමාගමට වාසිදායක වන කරුණු සඳහා කිසිඳු පැකිලීමකින් තොරව එකඟ වෙමින් ගිවිසුම්ගත වීමයි. මෙම වාර්තාවේ අවසාන වශයෙන් කියවෙන්නේ සියයට 5ක අයිතිකාරිත්වයක් දරමින්, සියයට 2ක් පමණ ප්‍රාග්ධනය යොදවමින් කටයුතු කළ ලක්දනවී සමාගම අතිවිශාල ලාභයක් ලබද්දී, සියයට 98%ක ප්‍රාග්ධනය යොදවමින් සහ අවදානම දරමින් කටයුතු කල ශ්‍රී ලංකා රජය නොසළකා හැර සදාචාර විරෝධීව කටයුතු කර ඇති බව ය. LTL හෝල්ඩින්ස් සමාගම සහ ඒ යටතේ ක්‍රියාත්මක උප සමාගම්වල ඇති ගැටලු සම්බන්ධයෙන් මීට පෙර ද බලධාරීන්ගේ අවධානයට යොමු කර තිබේ. අටවැනි පාර්ලිමේන්තුවේ පළමු කෝප් කමිටු වාර්තාව හෙළි කරන කරුණු ඒ අතර විශේෂයි. කොප් කමිටුව පවසන පරිදි LTL සමාගමේ සියයට 63ක කොටස් විදුලි බල මණ්ඩලය විසින් දැරුවද මෙම සමාගමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයට පවතින්නේ සීමාසහිත වූ මැදිහත්වීමේ බලයකි. එමෙන්ම LTL සහ එහි උප සමාගම් ලාභාංශ වැඩි ප්‍රමාණයක් භුක්තිවිදීම නිසා විදුලි බල මණ්ඩලයට ලැබෙන ලාභාංශයන්හි පහළ යාමක් ඇති විය හැකි බවට ද කෝප් කමිටුව අනතුරු අඟවන්නේ 2016 වසරේදී ය. 2016.03.08 වන දින ගෙවන ලද ලාභාංශ පිළිබඳ වාර්තාව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පරීක්ෂාවට ලක්වන අතර එම ගණනය කිරීම්වලට අනුව විදුලි බල මණ්ඩලයට රුපියල් මිලියන 7184 ක ලාභාංශ ලැබිය යුතුයි. නමුත් විදුලි බල මණ්ඩලයේ ගිණුම් වලට අනුව ලැබී ඇත්තේ රුපියල් මිලියන 6952 ක පමණ ලාභාංශයකි. දූෂණයට විරුද්ධව බලයට පැමිණි රජයක් තුලින් මෙවැනි දෑ බලාපොරොත්තු විය හැකිද? විදුලි බල අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ, ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්. බී. ගනේගල LTL හෝල්ඩින්ග්ස් හි ප්‍රධානීන් ලෙස කටයුතු කරන විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ද ඇතුළුව අරුණ කුමාර සමරසිංහ යු ඩී ජයවර්ධන, එම්.ජේ.එම්.එන්. මරික්කාර්, රවින්ද්‍ර කේ. පිටිගලගේ යන මහත්වරු ඇතුළු බලධාරීන් මේ තත්ත්වය සම්බන්ධයෙන් දක්වන්නේ කුමන ප්‍රතිචාරයක්ද? මහජනතාව විමසිල්ලෙන්... |
2018-07-28T07:01:21.000Z | විනයක් නැති ක්‍රීඩකයෙකුට සමාව දෙන්න බැහැ - ඇන්ජලෝ මැතිව්ස් | විනයක් නැති ක්‍රීඩකයෙකුට සමාව දෙන්න බැහැ-මැතිව්ස් | COLOMBO (News 1st) - දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට තමා ඇතුළු කණ්ඩායම මනා සූදානමකින් පසු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. දෙරට අතර හෙට ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලිය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියට තරග 5 ක් ඇතුළත් අතර එහි පළමු තරගය හෙට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත ය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් හොඳ සූදානමක් තියෙනවා මම හිතන්නේ ටෙස්ට් තරගාවලියෙන් පස්සේ ඒ ලබා ගත්ත කොන්ෆිඩන්ට් අපි වන්ඩේ වලට ලබාගෙන තියෙනවා. නමුත් අපිට කිසිසේත්ම දකුණු අප්රිකා කණ්ඩායම ලේසියට ගන්න බෑ මොකද ඔවුන්ට අත්දැකීම් බහුල ක්‍රීඩකයින් ඉන්නවා එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ විනය සම්බන්ධයෙන් ද මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස් මෙසේ සඳහන් කළේය. හුඟාක් කණගාටුයි කණ්ඩායම මේ හොඳට ක්‍රීඩා කරන වෙලාවක ක්‍රීඩකයෙකු නැති වෙන එක ගැන. ඒ වගේම ඕනේම ක්‍රීඩකයෙක් විනයක් නොමැතිව කටයුතු කරනවානම් ඒ පිළිබඳව අපි සමාව දෙන්න බෑ. එගොල්ලෝ කණ්ඩායමේ හොඳම ක්‍රීඩකයා වෙන්න පුළුවන් නමුත් කණ්ඩායමේ නීතීන්වලට පටහැනිව විනය විරෝධී ක්‍රියාවන්වලට අපිට ඉඩදිය නොහැකී දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ෆෆ් ඩූ ප්ලේසී එක්දින තරගවලට සාදන තණතිලි සාමාන්‍යයෙන් ටෙස්ට් ක්‍රිකට් තරගවලට හදන තණතිලිවලට වඩා හොඳයි. කෙසේ වුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හොඳ දඟ පන්දු යවන්න සිටිනවා. ඒක කොහෙමත් නැති වෙන දෙයක් නෙවෙයි. නමුත් අපේ කණ්ඩායමේ නවක ක්‍රීඩකයින් මේ වගේ තණතීරුවල ක්‍රීඩා කරන්නේ පළමු වතාවට ඒ නිසා මේක ඔවුන්ට හොඳ අත්දැකීමක් වෙයි |
2018-07-28T06:49:57.000Z | නකල්ස් රක්ෂිතයේ පුද්ගලික ව්‍යාපාර ඇරඹීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ නැහැ - කබීර් හෂීම් | නකල්ස් ගැන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ නැහැ | COLOMBO (News 1st) - මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබ්ර් හෂිම් මහතා අද කෑගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව නකල්ස් රක්ෂිතය පිළිබඳව මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබදව මාධ්‍යයට අදහස් දැක්විය. මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය - ඇමතිතුමා නකල්ස් රක්ෂිතය ගැන ඔබතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා පුද්ගලික ව්‍යාපාර අරඹන්න තමයි පත්‍රිකාව ඉදිරිපත් කරලා තියෙන්නෙ? මහා මාර්ග හා මර්ග සංවර්ධන අමාත්‍ය කබ්ර් හෂිම් මහතා මම නම් දන්නෙ නෑ මම එහෙම කැබිනට් පත්‍රිකාවක් පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරලත් නෑ කැබ්නට් පත්‍රිකාවක් දලා තිබුණා අපි පාඩු විදින රාජ්‍ය වැවිලි සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නසිප්ට් කියන වැඩපිළිවෙළ මත දේශීය ආයෝජකයන්ට ව්‍යාපෘති ආරම්භ කිරිමේ වැඩපිළිවෙලක් කිසිසේත් ඒක රක්ෂිතවල කරන්න අපි අනුමැතියක් දෙන්නෙ නෑ දෙන්න ඉල්ලත් නෑ දේශීය හෝ විදේශීය ආයොජකයින්ට ව්‍යාපෘති ආරම්භ කිරීමට රක්ෂිතවල අනුමැතියක් ලබා නොදීමට නම් රක්ෂිතවල සීමා මායිම් දැන සිටිය යුතුයි. ඒසේ නොමැතිනම් රක්ෂිතයෙන් බැහැර යැයි පවසමින් රක්ෂිතය තුළද ආයෝජකයින්ට ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දීමේ හැකියාවක් තිබේ. මේ නිසා නකල්ස් රක්ෂිතයේ මායිම් පිළිබදව අප වන සංරක්ෂණ දේපාර්තමේන්තුවෙන් තොරතුරු විමසීමක් කළේය. පසුගිය මස 22 වැනිදා මේ පිළිබඳවතොරතුරු ඉල්ලා අප යෑවූ ලිපියට නැවත පිළිතුරු ලිපියක් අප වෙත ලැබෙන්නේ මේ මස 24 වැනිදායි. නමුත් එමගින් ද ඔවුන් දන්වා සිටින්නේ ඒ පිළිබඳව තොරතුරු ලබා දීමට අදාළ අංශ මෙතෙක් අපොහොසත්ව ඇති බැවින් අපගේ වීමසීම්වලට පිළිතුරු දීමට තවත් කල් අවශ්‍ය බව ය. මේ ආකාරයට තම දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතවල මායිම, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද නොදන්නා විට අමාත්‍යවරයා ආයෝජකයින්ට රක්ෂිතවල ව්‍යාපෘති කිරීමට ඉඩ නොදෙනාවා කීම කොතරම් තාර්කිකද? |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.