date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-06-18T08:11:10.000Z
තැපැල් සේවකයින් කොළඹට: ඉල්ලීම් ඉටුනොවීම නිසා වර්ජනය තවදුරටත්
තැපැල් සේවකයින් කොළඹට
COLOMBO (News 1st) - සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි. තැපැල් දෙපාර්තෙමේන්තුව පැවසුවේ, වැඩ වර්ජනය හේතුවෙන් දෛනිකව රුපියල් මිලියන 150 ක ආදායමක් දෙපාර්තමේන්තුවට අහිමි වන බවයි. බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් දැනට මතුව ඇති ගැටලු විසඳා දෙන ලෙස ඉල්ලමින් තැපැල් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ඡනයට අදට දින 8 ක් වේ . බලධාරීන් ගැටලුව විසඳීම සඳහා මැදිහත්වී නොමැති බව පවසමින් මධ්‍යම තැපැල හුවමාරුව අසළින් අද පෙරවරුවේ තැපැල් සේවකයින් විරෝධතා පාගමනක් ආරම්භ කළහ. ඒ, දිවයින පුරා තැපැල් සේවකයින් 2000 කගේ පමණ සහභාගිත්වයෙනි. පසුව පිරිස ඩී. ආර්. විජේවර්ධන මාවත ගාමිණි වටරවුම මරදාන ටෙක්නිකල් මංසන්ධිය ඔස්සේ කොළඹ කොටුව දක්වා පාගමනින් පැමිණියහ. විරෝධතාව හේතුවෙන් ඕල්කට් මාවතේ එක් මංතීරුවක් අවහිර වූ අතර ලෝටස් වටරවුමෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ද අවහිර විණි. පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට යෑමට උත්සාහ කළේ ඉන් අනතුරුවයි. පසුව විරෝධතාකරුවන් කිහිපදෙනෙකුට සාකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබුණි. තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, එච්. කේ. කාරියවසම්, නැවතත් රැවටීමක් කරලා තියෙන්නේ ජනාධිපිති ලේකම්වරයා නෙවෙයි අතිරේක ලේක්ම්වරු 2 ක් හිටියේ. අපි ආපු සංදේශය දීලා ආවා. අපි ඊට වැඩියේ දෙයක් අපි බලාපොරොත්තු වෙන්නෙ නෑ මේ යන ක්‍රමවේදය තුළ. ඒක නිසා අපි දීලා ආවා අපේ සටන අපි දිගටම ගෙන යනවා. ආණ්ඩුව මේ හඬට කන් දීලා මේකට විසඳුම් ලබාදෙන්න ඕනේ. එහෙම ලබාදුන්නේ නැත්නම් මේ අවුරුදු 12 ක් තිස්සේ 26000 ක් තැපැල් සේවකයෝ සහ ඔවුන්ගේ යැපෙන්නන් පෙළන මේ බඳවා ගැනීමේ පටිපාටිය අනිවාර්යෙන්ම සංශෝධනය කරලා ඒ විසඳුම් ලබාදෙන්න ඕනේ.
2018-06-18T07:30:28.000Z
ශ්‍රීලංකන් ගුවන්සේවා සභාපතිට ජනපති කොමිසමෙන් නියෝග
ශ්‍රීලංකන් ගුවන්සේවා සභාපතිට ජනපති කොමිසමෙන් නියෝග
COLOMBO (News 1st) - සාක්ෂිකරුවන්ට කිසිදු පුද්ගලයෙකුගෙන් හෝ ආයතනික මට්ටමින් බලපෑමක් නොවීමට වගබලා ගන්නා ලෙස ජනාධිපති කොමිසමෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපතිවරයාට නියෝග කර තිබේ. ශ්‍රීලංකන්, මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ්‍රීලංකන් කේටරින් සේවයේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා ගුවන් නියමුවන් තිදෙනෙකු අද කැඳවා තිබුණි. ශ්‍රීලංකන්, මිහින් ලංකා ගුවන් සේවාවල සහ ශ්‍රීලංකන් කේටරින් සේවයේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වන විට මහජන පැමිණිලි 44 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, පැමිණිලිවලට අදාළ විමර්ශන කටයුතු සඳහා විශේෂ කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක බවයි. නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතාගේ ප්‍රධානත්වයෙන් නීති කණ්ඩායමක් පත්කර ඇති අතර විමර්ශන සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද යොදවා තිබේ. ඔහු සඳහන් කළේ, ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කර වාර්තා ලබා ගැනීමට නියමිත බවයි. ශ්‍රීලංකන්, මිහින් හා ශ්‍රීලංකන් කෙටරින් යන ආයතනවල සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් පෙබරවාරි 14 වන දා විශේෂ කොමිසමක් පත් කළේ ය. ඒ, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙනි.
2018-06-18T07:00:46.000Z
දැයේ දරු පරපුර රැක ගැනීම සඳහා සියලු පාර්ශව එක්විය යුතුයි - ජනපති
දරු පරපුර රැක ගැනීමට සියලු පාර්ශව එක්විය යුතුයි
COLOMBO (News 1st) - දැයේ දරු පරපුර රැක ගැනීම සඳහා සියලු පාර්ශවයන් කොන්දේසි විරහිතව එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබේ. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ත්‍රික් වැඩසටහනට එක් වෙමිනි. එම සමුළුව අද පෙරවරුවේ කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත් විය. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානී බණ්ඩාර, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අංගජන් රාමනාදන්, කාදර් මස්තාන් හා උතුරු පළාත් සභාවේ ඇමතිවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක් ව සිටියහ.
2018-06-18T06:45:49.000Z
ජපානයේ ඔසාකා හි හටගත් භූ චලනයෙන් තිදෙනෙක් මරුට
ජපානයේ ඔසාකා හි භූ චලනයක්
ජපානයේ ඔසාකා හි හටගත් භූ චලනයකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව තව ත් පුද්ගලයින් 200 අධික පිරිසක් තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, භූ චලනයේ ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 6.1 ක් ලෙස සටහන් වූ අතර කියෝතෝ, ෂිගා, නාරා යන ප්‍රදේශවලට ද මෙම භූ චලනයේ ප්‍රභලත්වය දැනී ඇති බවයි. භූ චලනයේ බලපෑම හේතුවෙන් ඔසාකා නගරයේ දුම්රිය ගමනාගමනය සහ කර්මාන්තශාලාවල වැඩකටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති අතර ගිනි ගැනීම් රැසක් වාර්තා වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. කෙසේ වෙතත් භූ චලනය හේතුවෙන් මෙතෙක් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත. භූ චලනය සිදු වූ අවස්ථාවේ විදුලි සෝපානවල සිටි පුද්ගලයින්ට පිටතට යාමට නොහැකිව සිරව සිටි බව ද ඔසාකා සහ කියෝතෝ නගරවලින් වාර්තා වේ.
2018-06-18T05:19:19.000Z
ඝාතන කිහිපයකට සම්බන්ධ අංගොඩ ලොක්කාගේ සහයකයෙකු අත්අඩංගුවට
අංගොඩ ලොක්කාගේ සහයකයෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - මනුෂ්‍ය ඝාතන කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු බොරැල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය කළ වැටලීමකිනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ සහයකයෙකු බවයි. ඔහු සන්තකයේ තිබි මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් හා උණ්ඩ 5 ක් ද සොයා ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් තුළදී කාන්තාවක් ඝාතනය කිරීම හා මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී පොලී රොෂාන් නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරු බවට හඳුනාගෙන ඇත.
2018-06-18T04:45:30.000Z
ප්‍රවීණ ගායන ශිල්පි අයිවෝ ඩෙනිස් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පි අයිවෝ ඩෙනිස් අභාවප්‍රාප්ත වෙයි
COLOMBO (News 1st) - ප්‍රවීණ ගායන ශිල්පි අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 86 කි. සුනිල් ශාන්ත ශූරීන්ගේ ගීත කලාව පෙරට ගෙන යමින් අයිවෝ ඩෙනිස් මහතා ගීත කලාවට අනුපමේය මෙහෙයක් ඉටු කළේ ය.
2018-06-18T03:38:35.000Z
සපුගස්කන්දට තෙල් ගොඩබාන බෝයාවේ නළයක් කැඩීයයි
සපුගස්කන්දට තෙල් ගොඩබාන බෝයාවේ නළයක් කැඩීයයි
සපුගස්කන්ද තෙල් පිරිපහදුව දක්වා බොරතෙල් ගොඩබෑම සිදු කරන බෝයාවේ නළයක් කැඩී ගොස් තිබේ. ඛණීජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ නීල් ජයසේකර මහතා පැවසුවේ, සාගරයේ ඇති බොරතෙල් නෞකාව සහ බෝයාව සම්බන්ධ කෙරෙන පාවෙන නළයක් එලෙස කැඩි ගොස් ඇති බවයි. එම නළයේ අලුත්වැඩියා කටයුතු සඳහා නිලධාරීන් පිටත්ව ගොස් ඇති බව ඔහු පැවසී ය. කළමනාකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ, ඒ හේතුවෙන් බොරතෙල් ගොඩබෑමේ කටයුතුවලට බලපෑම් එල්ලවී නොමැති බවයි. කෙසේ වෙතත් මුහුද රළු වුවහොත් එම නළයේ අලුත්වැඩියා කටයුතුවලට බාධා මතුවිය හැකි බව ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=HsA77AO_PlA
2018-06-18T03:21:54.000Z
දකුණේ උණ 90% ක් පාලනය කළ බව සෞඛ්‍ය අංශ කියයි
දකුණේ උණ 90% ක් පාලනය කළ බව සෞඛ්‍ය අංශ කියයි
COLOMBO (News 1st) : දකුණු පළාතේ පැතිරී ගිය වෛරස් උණ රෝගී තත්ත්වය 90% ක් පාලනය කර ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. දකුණු පළාත් සෞඛ්‍යස්වා අ‍ධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා සඳහන් කළේ, මේ වනවිට පළාතේ සියලු ම ප්‍රාදේශීය මට්ටමේ රෝහල්වල සිට සියලු රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 50ක් පමණ දක්වා අඩු වී ඇති බවයි. නමත් ළමුන් පාසල් යැවීමේදී සෞඛ්‍ය ආරක්ෂිත පුරුදුවලට තවදුරටත‍් යොමු කිරීම වැදගත් බවද දකුණු පළාත් සෞඛ්‍ය ස්වා අ‍ධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය. පැතිරි ගිය වෛරස් උණ රෝගය පාලනය වෙමින් පැවැතිය ද දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවල ප්‍රාථමික අංශවල ළමුන් පාසල් යාමේ අඩුවක් පවතින බව අප වාර්තාකරුවෝ ප්‍රකාශ කළහ.
2018-06-18T03:05:03.000Z
තැපැල් සේවක විරෝධතාවක් හේතුවෙන් ලෝටස් පාර වසා දැමේ...
තැපැල් සේවක විරෝධතාවක් හේතුවෙන් ලෝටස් පාර වසා දැමේ
COLOMBO (News 1st) : වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දමා තිබේ. අප වාර්තාකරු පැවසුවේ මේ හේතුවෙන් ඕල්කට් මාවත, ඩී.ආර්.විජේවර්ධන මාවත ඇතුළු මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් පවතින බවයි. බඳවා ගැනීමේ පටිපාටියට විරෝධය පළකරමින් තැපැල් සේවකයින් ආරම්භ කල වැඩවර්ජනයට මේ වන විට සතියක් ගතව ඇති අතර ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වන්නේ ඉල්ලීම් සඳහා මෙතෙක් විසඳුම් ලබා නොදිමට එරෙහිවයි.
2018-06-18T02:40:21.000Z
විදෙස්ගත ලාංකික ශ්‍රමික අයිතීන් ගෝලීය සමුළුවකදී සාකච්ඡාවට ලක්වෙයි
විදෙස්ගත මෙරට ශ්‍රමිකයින්ගේ අයිතීන් සාකච්ඡාවට...
COLOMBO (News 1st) : පසුගිය දා සිංගප්පූරුවේදී අමෙරිකානු සහ උතුරු කොරියානු නායකයින් අතර ඓතිහාසික හමුව සිදුවද්දී අනෙක් පසින් පාරිභෝගික භාණ්ඩ පිළිබඳ ලොව විශාලතම සමුළුව ද එරටදී පැවැත්විණ. මෙවර සමුළුව විශේෂයෙන් ප්‍රධාන විධායක නිලධාරීන් සහ සංස්ථාපිත නායකයින් වෙනුවෙන් වෙන් කර තිබීම විශේෂත්වයකි. සිල්ලර වෙළෙඳුන්, නිෂ්පාදකයින් සහ ඔවුන්ගේ සේවා සපයන්නන් හා එක්ව අනාගත ව්‍යාපාර ප්‍රවණතා පිළිබඳ සාකච්ඡා කිරීම, දැනුම බෙදා හදා ගැනීම සහ වර්තමානයේ වඩාත් දැවෙන අභියෝග ජය ගැනීම සඳහා වඩාත් හොඳ ම භාවිතයන් පිළිබඳව සාකච්ඡා කිරීම මෙවර සමුළුවේ අරමුණ විය. අමෙරිකානු එක්සත් ජනපද හිටපු රාජ්‍ය ලේකම් මැඩලින් ඕල්බ්රයිට් , ජේම්ස් ක්වින්සි, Coca-Cola ආයතනයේ සභාපති, සිංගප්පූරු තොරුතුරු අමාත්‍ය S. ඊස්වරන් ඇතුළු ලෝක ප්‍රකට පුද්ගලයෝ ද මෙම දේශනය ඇමතූහ. මේ අතර, පාරිභෝගික භාණ්ඩ පිළිබඳ සමුළුවට සමගාමීව එරටදී රැකියාවේ සදාචාර සම්පන්නභාවය පිළිබඳ ගෝලීය සමුළුක් ද පැවැත්විණ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා සහභාගී වූ අතර ඊට අමතරව හොං කොංහි ව්‍යවස්ථාදායක සාමාජිකයෙක් මෙන් ම මිනිස් ජාවාරම පිළිබඳ ඔස්ට්‍රේලියානු තානාපතිවරයා ද මෙම සමුළුව නියෝජනය කළහ. ශෙවාන් ඩැනියෙල් මහතා මෙරට නියෝජනය කරමින් සමුළුවට එක්ව සිටි එකම දේශකයා, වූ අතර ඔහු එහිදී ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික ප්‍රධානී ඇන්ඩෲ ෆොරෙස්ට් විසින් මෙහෙයවන ලද බාලි ක්‍රියාදාමයෙහි වැදගත්කම පෙන්වා දුන්නේ ය. ඩැනියෙල් මහතා එහිදී නූතන වහල්භාවයට එරෙහිව ගෝලීය ස්ථාවරභාවයේ තීරණාත්මක අවශ්‍යතාව අවධාරණය කළේ, "අපි අපේ ශක්‍යතාවන්, හැකියාවන් පිටරටවලට අපනයනය කරමින්, අනවශ්‍ය දේ රට තුළට ආනයනය කරන බව බැලූ බැල්මට අපට පෙනෙන සත්‍යයක්" යනුවෙනි. ශෙවාන් ඩැනියෙල් මහතා සිය දේශනය තුළදී කළ එම ප්‍රකාශය සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් විය. දැනට විදෙස් ශ්‍රමිකයින් ලෙස ශ්‍රී ලාංකිකයින් මිලියන 1.5 ක් පමණ මැදපෙරදිග රටවල සේවය කරන අතර ඉන් බහුතරය නුපුහුණු ගෘහ සේවිකාවෝ වෙති.
2018-06-18T01:01:23.000Z
BREAKING : යාපනය මුහදේ අතහැර දැමූ නැවක් ගිනිගනී
යාපනය මුහදේ අතහැර දැමූ නැවක් ගිනිගනී
යාපනය, මයිලඩ්ඩි වරායට ආසන්න මුහුදේ අතහැර දැමූ නෞකාවක ගින්නක් හට ගෙන තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, ගින්න මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදා ගිනිනිවීම් භටයින් ක්‍රියා කරමින් සිටින බවයි. ඊයේ රාත්‍රියේ ඇතිවු ගින්න මැඩ පැවැත්වුව ද, අද පෙරවරුවේ යළිත් නෞකාවේ ගින්න හටගත් බව නාවික හමුදාව සඳහන් කළේ ය. කිංඩම් නැමති මෙම නෞකාවේ එන්ජින් කාමරයේ ගින්න ඇති බවට සැක කෙරෙයි. පෞද්ගලික සමාගමකට අයත් මෙම නෞකාව භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කළ එකකි. මෙම නෞකාව පසුගිය ජනවාරි මාසයේදී වැලිපරයක ගැටීමෙන් සිරවීම නිසා එය අතහැර දමා තිබේ. මේවන විටත් ගින්න මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදා ගිනිනිවීම් භටයින් කටයුතු කරමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළේ ය.
2018-06-17T23:41:15.000Z
ජනපති ට්‍රම්ප්ට එරෙහි අමෙරිකාවේ විරෝධතා
ජනපති ට්‍රම්ප්ට එරෙහි අමෙරිකාවේ විරෝධතා
අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් එරට පුද්ගලයන් රැසක් විරෝධතාවල නිරතව සිටිති. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙක්සිකෝ - අමෙරිකානු දේශ සීමාවේදී අමෙරිකාවට අනවසරයෙන් ඇතුළු වීමට ප්‍රයත්න දරන පවුල්වල දෙමව්පියන්ගෙන් දරුවන් වෙන් කිරීමට අමෙරිකානු ජනපතිවරයා ගත් පියවර විරෝධතාකරුවන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති බවයි. එම විරෝධතාවලට ඩිමොක්‍රටික් පක්ෂයේ මන්ත්‍රීවරු ද එක්ව සිටි අතර ඔවුන් පෙන්වා දෙන්නේ මෙය ජාතියක් ලෙස අමෙරිකානුවන්ගේ පිළිවෙතට පටහැනි බවයි. ඉකුත් අප්‍රේල් මස සිට මැයි මස දක්වා මෙක්සිකෝ අමෙරිකානු දේශ සීමාවේදී දෙමව්පියන්ගෙන් වෙන්කර ඇති දරුවන් සංඛ්‍යාව 2000කි. දේශසීමාවේදී අමෙරිකාවට අනවසරයෙන් ඇතුළු වීමට ප්‍රයත්න දරන පවුල්වල දරුවන් මවුපියන්ගෙන් වෙන්කර කඳවුරුවල රඳවා තැබෙන අතර නීතිය කඩ කිරීම හමුවේ දෙමව්පියන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කෙරෙනු ඇති. මේ අතර ජනපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තියට විරෝධී මතයක් ජනපති ආර්යාව වන මෙලානියා ට්‍රම්ප් ප්‍රකාශ කළා ය. ඒ රටක් ලෙස නීතිය අනුගමනය කළ යුතු බව විශ්වාස කරන නමුත් මානුෂිකව රාජ්‍ය පාලනය ගෙනයන රටක් බවට ද අමෙරිකාව පත්විය යුතු බව පවසමිනි.
2018-06-17T23:22:24.000Z
යාපනයේ වෙඩි තැබීම පිළිබඳ විමර්ශන ඇරඹේ
යාපනයේ වෙඩි තැබීම පිළිබඳ විමර්ශන ඇරඹේ
යාපනය, තෙලිප්පලෙයිහිදි පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගයෙකු මියයාම පිළිබඳ කන්කසන්තුරේ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඊට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ද පැවැත්වීමට නියමිතයි. ඊයේ යාපනය තෙලිප්පලෙයිහිදි දෙපිරිසක් අතර ගැටුමක් සමතයට පත් කිරීමට මැදිහත් වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩුවලින් පහරදීමට තැත් කළ අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගයෙකු ජීවිතක්ෂයට පත්විය. මල්ලක්කම් මංසන්දියේදී දෙපිරිසක් අතර හටගත් එම ගැටුමෙන් පුද්ගලයින් දෙදෙනක් තුවාල ලැබූහ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිසි නිලධාරීන් දෙදෙනා දියේ ගිලුණු පුද්ගලයෙකුගේ මළ සිරුරක් තෙලිප්පලෙයි රෝහල් වෙත රැගෙන යමින් සිටියදී මෙම ගැටුම සමතයට පත් කිරීමට මැදිහත් වී ඇති බවයි.
2018-06-17T22:50:34.000Z
මධ්‍යම තැපැල් හුවමාරුවේ ලක්ෂ ගණන් ලිපි ගොඩ ගැසෙයි
මධ්‍යම තැපැල් හුවමාරුවේ ලක්ෂ ගණන් ලිපි ගොඩ ගැසෙයි
වැඩ වර්ජනයේ නිරත තැපැල් සේවක ගැටලු විසඳීමේ අරමුණින් අද දිනයේ සාකච්ඡාවක් කැඳවා ඇතැයි, තැපැල්පති රෝහණ අබේරත්න පවසයි. තැපැල්පතිවරයා පැවසුවේ, සාකච්ඡාවට විෂය භාර අමාත්‍යවරයා ද සහභාගීවීමට නියමිත බවයි. ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, තම වැඩවර්ජනය ආරම්භ කර අදට සතියක් ගතවී ඇති බවයි. සිය වර්ජනයෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ පිට පළාත් තැපැල් ස්ථානවල ලක්ෂ 15 කට අධික ලිපි ප්‍රමාණයක් ගොඩ ගැසී ඇතැයි, ඔහු සඳහන් කළේ ය. තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවසුවේ, ජනතාව තවදුරටත් පීඩාවට පත් නොවන අයුරින් මෙම ගැටලුව අද දිනයේ විසඳීමට අපේක්ෂා කරන බවයි.
2018-06-17T22:07:53.000Z
40 වසරකට පසු පාපන්දු පිටියේ ජය අහිමි වූ බ්‍රසීලය..
40 වසරකට පසු පාපන්දු පිටියේ ජය අහිමි වූ බ්‍රසීලය..
2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බ්‍රසීලය සහ ස්විට්සර්ලන්තය අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. ඒ අනුව 1978 වසරට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක මූලික වටයේදී බ්‍රසීලය සහභාගී වූ පළමු තරගය ජය ගැනීමට අසමත් වූ පළමු අවස්ථාව මෙයයි. තරගාවලියේ ඊ කාණ්ඩයේ මූලික වටයේ තරගයක් වූ මෙය රොස්ටොව් එරීනා ක්‍රීඩාංගණයේදී පැවත්විණ. තරගයේ පළමු අර්ධයේදී ප්‍රබල බ්‍රසීලය තරගයේ ඉදිරියෙන් සිටි අතර තරගය ආරම්භ වී මිනිත්තු 20කට පසුව කණ්ඩායම ගෝල රැස් කිරීම ආරම්භ කළේ ය. එම ගෝලය වාර්තා කරනු ලැබුවේ, පිලිපේ කුටීන්යෝ විසිනි. ඒ අනුව පළමු අර්ධය අවසන් වන විට ගෝල1ට 0ක් ලෙස බ්‍රසීලය පෙරමුණ ගත්තේ ය. ස්විට්සර්ලන්තය තරගයට අවතීරණ වූයේ දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 5කට පසුව ගෝලයක් රැස් කිරීමත් සමගයි. එම කණ්ඩායමේ සුබර් ගෝලය රැස් කළේ ය. කෙසේ නමුත් ඉන් අනතුරුව තරගය තියුණු ස්වභාවයක් ගත් අතර දෙපිළටම ගෝල වාර්තා කිරීමට නොහැකි විය. ඒ අනුව තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ස්විට්සර්ලන්තය සමත් විය. 1978 වසරට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක මූලික වටයේදී බ්‍රසීලය සහභාගී වූ පළමු තරගය ජය ගැනීමට අසමත් වූ පළමු අවස්ථාව මෙය වේ.
2018-06-17T20:18:06.000Z
කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩි තැබීම : කපුවා ඇතුළු නිවුන් සොයුරන් රිමාන්ඩ්
කිරිවෙහෙර හිමිට වෙඩි තැබූ සැකකරුවන් රිමාන්ඩ්
COLOMBO (News 1st) : කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත්වරයා හමුවට අද අලුයම ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සෙසු සැකකරුවන් දෙදෙනා අද දින තිස්සමහාරාම මහොස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් දෙදෙනා ඊයේ අත්අඩංගුවට ගැනිණ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, රුපියල් ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවක් මත වෙඩි තැබීම සිදුකර ඇති බවයි. කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු පෙරේදා අත්අඩංගුවට ගැනුණේ, පැපිලියානේදීයි. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන, මහසෙන් දේවාලයේ හිටපු කපු මහතා වන 40 හැවිරිදි අසේල ලක්මාල් බණ්ඩාර මෙන්ම 24 හැවිරිදි නිවුන් සහෝදරයින් එලෙස අත්අඩංගුවට ගත් බවයි. පසුගිය 12 වනදා රාත්‍රී 10.45 ට පමණ කතරගම, කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුවුණේ කිරිවෙහෙර වැඳපුදා යළි විහාරස්ථානයට වැඩම කරමින් සිටියදීයි. එහිදි ධම්මින්ද හිමියන් අසල සිටි තවත් හිමිනමක් ද තුවාල ලැබූහ. කිරිවෙහෙර පුදබිමේ ඇති මහසෙන් දේවාලයේ , හිටපු කපුමහතාගේ සැලසුමක් අනූව මෙම වෙඩි තැබිම සිදු කර ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය විය. වෙඩි තැබිමෙන් තුවාල ලැබූ ධම්මින්ද හිමියෝ මේ වනවිට ත් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිති.
2018-06-17T11:37:47.000Z
චන්දිමාල් චෝදනා ප්‍රතික්ෂේප කරයි: තරගයෙන් පසු ICCයෙන් විදිමත් කරුණු විමසීමක්
චන්දිමාල් චෝදනා ප්‍රතික්ෂේප කරයි
COLOMBO (News 1st) - පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසා ඇතැයි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය වාර්තා කළේය. මේ අතර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් හට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විදිමත් කරුණු විමසීමක් පවත්වන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) පවසයි. එම කරුණු විමසීමක් ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව සිදු කරන බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ. එම පරීක්ෂණය සඳහා තරගයේ පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමට අදාළ දර්ශන භාවිතා කිරීමට නියමිත අතර, එම තරගයේ තීරක, ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමග අදාළ කරුණු විමසීම සඳහා සහභාගී වීය යුතු බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
2018-06-17T09:59:29.000Z
යාපනයේ ගැටුමක් අතරතුර පොලිස් වෙඩි තැබීමකින් අයෙකු මරුට
යාපනයේ ගැටුමක පොලිස් වෙඩි තැබීමකින් අයෙකු මරුට
COLOMBO (News 1st) - යාපනය, තෙලිප්පලෙයි ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ගැටුමක් සමථයට පත් කිරිම සඳහා මැදිහත් වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩුවලින් පහරදීමට තැත් කළ අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගයෙකු මියගොස් තිබේ. දියේ ගිලුණු පුද්ගලයෙකුගේ මළ සිරුරක් තෙලිප්පලෙයි රෝහල වෙත රැගෙන යමින් සිටියදී අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා ගැටුම සමථයකට පත් කිරිමට මැදිහත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මල්ලක්කම් මංසන්ධියේදී දෙපිරිසක් අතර, හටගත් එම ගැටුමෙන් දෙදෙනකු තුවාල ලබා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
2018-06-17T09:11:21.000Z
අදාළ පාර්ශව සියලුදෙනා සම්බන්ධ වීමෙන් පන්දුවේ හැඩය වෙනස් කිරීමේ ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන් - කුමාර් සංගක්කාර
අපේ ක්‍රිකට් පිලට එල්ලවන චෝදනාව ගැන සංගා කතා කරයි
COLOMBO (News 1st) - පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කර තිබේ. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ක්‍රීඩකයන්ගේ ගෞරවය වෙනුවෙන් ‍පෙනී සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිතුක් කරමින් සඳහන් කළේය. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ, දිනේෂ් චන්දිමාල් එම ආයතනය ආචාර ධර්ම පද්ධතියේ නීති උල්ලංඝනය කර ඇති බව ය. නායක දිනේෂ් චන්දිමාල් සිදුකළ බව කියන වරද තහවුරු වන විඩියෝ දර්ශන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙතෙක් මාධ්‍යයට නිකුත් කර නොමැත. නමුත් ටෙස්ට් හෝ එක්දින ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන්ගේ හෝ පන්දු රකින්නන්ගේ සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ එලෙස පන්දුවේ එක් පැත්තක් ඔපදැමීමමයි . එලෙස පන්දුව ඔප දැමීම වරදක් ලෙස සැළකෙන්නේ නැත. සාන්ත ලූසියා දිවයිනේ ඩැරන් සමී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය වූ ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිඩකයින් පිටියට පිවිසිම ප්‍රතික්ෂේප කළේය. ඊට හේතු වූයේ දෙවැනි දිනයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දු යැවීමේදී පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමට උත්සහ දරා ඇති බවට විනිසුරුවරුන් කළ විමසීමකි. තරගයේ දෙවන දිනයේ සන්ධ්‍යාවේදී ධනංජය ද සිල්වා විසින් සිය අතේ වෙළුම් පටි මත පිරිමැදීමෙන් පන්දුවේ හැඩය වෙනස් කිරීමට උත්සාහ දරා ඇති බවට සැක කරමින් විනිසුරුවරුන් පන්දුවේ හැඩය පරීක්ෂා කළ අයුරු රූපවාහිනී තිරයේ දිස්විය. එම සිදුවීමෙස් පසු විනිසුරුවරුන් පසුදින එනම් ඊයේ දිනයේ තරගයට අලුත් පන්දුවක් ලබා දුන්නේය. ඊට විරෝධය පල කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරමින් ක්‍රීඩාගාරයේ රැඳී සිටියේය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් තරග තීරක ජවගල් ශ්‍රීනාත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ යන මහත්වරුන් අතර උණුසුම් සාකච්ඡාවක් ඇති විය. ඊයේ තරග ආරම්භය පැය 2ක් පමණ ප්‍රමාද වූ අතර අලීම් ඩාර් සහ ඉයන් ගෝල්ඩ් යන විනිසුරුවන් දෙදෙනා තීරණය කළේ, මෙම ක්‍රියාකාලාපය හේතුවෙන් ශ්‍රී ලංකා පිලට දඬුවම් වශයෙන් ප්‍රතිවාදී කොදෙව් කණ්ඩායමට අමතර ලකුණු 5 ක් පිරිනැමීමටයි. ඊයේ තරග නිමාවන විට කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 300 ක් රැස් කළේය. ශ්‍රී ලංකාව දිනය නිමාවේදී දෙවන ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 34 ක් රැස් කරගෙන සිටියේය. එල්ල වූ චෝදනාවන්ට විරෝධය පල කරමින් තව දුරට ත් සිය කණ්ඩායම තරගයට සහභාගී වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඊයේ රාත්‍රියේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කැප වී සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටී. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට චෝදනා එල්ල වුවහොත් ඊට විරුද්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙනී සිටින බව ද නිවේදනයේ තව දුරට ත් දැක්වේ. මේ සම්බන්ධයෙන් එංගලන්ත සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර පැවති ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනි විස්තර විචාරයට එක් වෙමින් හිටපු නායක කුමර් සංගක්කාර මහතා ද අදහස් පල කළේය. ප්‍රශ්නය - තුන් වැනි දිනයේදී තරගය සඳහා භාවිතා කළ පන්දුව වෙනස් කළා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විරෝධය පල කළ මේ ගැන ඔබ මොකද කියන්නේ? හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර දකුණු අප්‍රිකාවේ සිදු වුණු සිදුවීමත් එක්ක මම හිතන්නේ හැමෝම ඉක්මණින් කලබලවෙල වෙනවා. මේ සම්බන්ධයෙන් අපි හරියට කතා කළොත් මේ ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන්, නමුත් එයට අදාළ පාර්ශව සියලුදෙනා සම්බන්ධ විය යුතුයි වගේම කියන දේවල් පැහැදිල විය යුතුයි. මේ දර්ශන වලින් පෙනී යන්නේ හැමෝම සිනා මුසු මුහුණින් කතා කරනවා වගේම විනිවිඳ භාවය තහවුරු කරන්න ක්‍රීඩකයා තමන්ගේ අත පවා පෙන්වනවා. කණ්ඩායමේ කළමනාකරු, පුහුණුකරු සහ කණ්ඩායම් නායකයා මේ සඳහා සම්බන්ධ විය යුතුයි. අපි දර්ශන වලින් දැක්ක ඔවුන් අතර සිදුවුණු කතාබහ. මම දන්නවා හතුරුසිංහ ගැන ඔහු අනිවාර්යෙන්ම තමන්ගේ මතය ඉතාමත් ශක්තිමත්ව ඉදිරිපත් කරන බව. දඬුවම් ලකුණු 5 ක් එකතු කරලා තිබුණානම් තරගයේ ලකුණු තත්ත්වයට බලපානවා. පන්දුවේ ස්වභාවය වෙනස් වෙලා තියෙනවා නම් ශ්‍රී ලංකාව එයට කෙසේ වූවාද යන්න සාධාරණීයකරණය කරන්න හේතු පෙන්වන්න ඕනේ, කැමරා දර්ශන භාවිතා කරමින් තරග විනිසුරුවරුන්, මේ සම්බන්ධයෙන් නිවැරදි පැහැදිලි කර ගැනීමක් ලබා ගත යුතුයි. ඔස්ට්‍රේලියාවේ සිදුවු දේ ඔබ දුටුවා එහිදී පන්දුවේ ස්වභාවය පමණක් නොවේ ඒ සම්බන්ධය ගොඩක් දේවල් සිදු වුණා. මීට වැඩිය දැඩි තීරණ ගන්න තිබුණේ වසර ගණනාවකට කලින්, මේ සම්බන්ධයෙන් ඉතාමත් සාධාරණ ලෙස ඇහුම්කන් දෙන්න, හැමදෙනාම කියන දේ අහන්න, ඒ තුළින් නිවැරදි තීරණයකට එළැඹෙන්න‍ ආගන්තුක විචාරකයෙකු ලෙස නිව්ස්ෆස්ට් වෙනුවෙන් කොදෙව්හී සිට තොරතුරු ගෙන එන ජ්‍යෙෂ්ඨ නිතීඥ ගෝමීන් දයාශ්‍රී මහතා පැවසුවේ තමන් ස්වෙච්චාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට නීතිමය උපදෙස් ලබා දීමට සුදානම් බව ය. මුදලට තරග පාවාදීම අවස්ථා කිහිපයකදී සිදුවිය හැකිය. * ක්‍රීඩකයින් විසින් තරග පාවාදීම * විනිසුරුවන් විසිනි තරග පාවාදීම * තණතිලි සකසන්නන් විසින් තරග පාවාදීම එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දිනේෂ් චන්දිමාල්ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් චෝදනා ගොනු කරන්නේ නම් ඒ, සම්බන්ධයෙන් විධිමත් සාක්ෂි සහිත ස්වාධීන පරීක්ෂණයක් කළ යුතු වේ.
2018-06-17T08:43:15.000Z
සිංහරාජයේ අලි සහ ප්‍රදේශයේ ජනතාවගේ ජිවිත පිළිබඳ මට වගකියන්න බැහැ - සරත් ෆොන්සේකා
සිංහරාජයේ අලි සහ ප්‍රදේශවාසීන් ගැන මට වගකියන්න බෑ
COLOMBO (News 1st) - ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ සිටින වනඅලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම නතර කිරීමට තීරණය කර තිබේ. විෂය භාර අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙහෙයුම නතර කිරීමට තීරණය කළ බව ය. පසුගිය 15 වැනිදා සිට මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූයේ සිංහරාජ වනාන්තරය ආශ්‍රිත කලවාන, රජවත්ත හා කොපිකැල්ල ප්‍රදේශයෙනි. මෙහෙයුම අද අලුයම වන තුරුම ක්‍රියාත්මක විය. විධිමත් ක්‍රමවේදයක් සකසා තීරණයක් ගන්නා තුරු සිංහරාජ රක්ෂිතයේ සැරිසරන අලි දෙදෙනා තව දුරට ත් එම රක්ෂිතයේම ජීවත් වීමට ඉඩ හරින ලෙස ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට පසුගියදා උපදෙස් ලබා දුන්නේය. තිරසර සංවර්ධන හා වනජිවි අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා උදේ 7.30ට ජනාධිපතිතුමාගෙන් මට දුරකතන ඇමතිතුමාක් ආවා. පොළොන්නරුවේ ඉඳලාමයි මට කතා කළේ එතුමා මගෙන් ඇහුවා අලි අල්ලන එක් දැන් මොකද වෙන්නේ. මං කිව්වා නීත්‍යානුකුලව වැඩේ සිද්ධ වෙනවා. මේ වෙනකොට අලි ඉන්න තැන හඳුනාගෙන අලි අල්ලන්න පුළුවන් තැනකට තල්ලු කරනවා. ඊට පස්සේ මං තවකාලිකව හොරොව්පතානට ගෙනියන්න තමා මාස දෙකකට තුනකට සැලසුම් කරලා තියෙන්නේ කියලා. එතකොට එතුමා මගෙන් ඇහුවා දැන් මේ මගෙන් හැමෝම දුරකතන ඇමතුම් දෙනවා අලි හොරව්පතානට ගෙන ගියොත් මේක ප්‍රශ්නයක් වෙනවා නේද කියලා. මං කිවා අපේ පශූ වෛද්‍යවරු මට එහෙම්ම කියලා නැහැ. අපි ගෙනිච්චට ඒ අයට විශේෂ ආරක්ෂාවක් සපයනවා. කැම බීම දෙනවා තාවකාලිකව අපි ඒහෙම කරන්නේ. ඒහෙම් නොකළොත් මේ අලි දෙන්නාගේ ජිවිත ගැන කවුරුවත් වගකියන්නේත් නැහැ. ඊට පස්සේ එතුමා කිවා නැහැ ඔබතුමා සිංහරාජයේ ආරක්ෂිත තැනක් හදා ගන්නකම් මේ අලි දෙන්නට ඒ ප්‍රදේශයේ ඉන්න දෙන්න හැබැයි. මට කියන්න තියෙන්නේ ඒ අලි සුදුසු තැනකට දානකම් මේ මාස 3 යනකම් ඒ අලි ගැනත් ඒ ප්‍රදේශයේ ජනතාවගේ ජිවිතවලට මට වගකියන්න බැහැ. ඒ වගකීම අලි ගෙනියනවට කෑ ගහපු සියලු දෙනාට ගන්න වෙනවා. අලි දෙදෙනා රඳවා තැබීම සඳහා ආරක්ෂිත ස්ථානයක් හඳුනා ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව දකුණ සහ ඌව පළාත භාර සහකාර වනජීවි අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. දකුණ සහ ඌව පළාත භාර සහකාර වනජීවි අධ්‍යක්ෂ ප්‍රශන්ත විමලදාස මහතා අපේ කාර්යමණ්ඩල ස්ථානගත කරලා අලි දෙදෙනා ගම්වැචිලා වගා හානි දේපොළවලට හානි කරනවා නම් එක් පාලනය කරන්න. කණ්ඩායම් යොදවන්න උපදෙස් දුන්නා. ඉදිරි දින දෙක තුළ යම් විදියකින් සතුන් ආරක්ෂිතව තැබිය යුතු තැන් තිබෙනවාද? විදුලි වැඩක් ඉදිකිරිමේ හැකියාව තියෙනවාද? කියන කාරණය පිළිබඳව ක්ෂේත්‍ර පරික්ෂාවක් ඉදිරියේදි සිදු කරන බව එතුමා දැනුම් දුන්නා. මේ අතර පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පිරිසක් අද පෙරවරුවේ කලවාන, පොතුපිටිය, රඹුක ප්‍රදේශයේදී මෙම මෙහෙයුම නතර කරන ලෙස ඉල්ලා විරෝධය පල කළේය . වන අලි තර්ජනයෙන් පීඩා විඳින ගම්වාසීන් මෙහිදී පරිසරර සංවිධාවනවල පිරිසට විරෝධය පල කළ අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය ද කැඳවා තිබුණි .
2018-06-17T07:48:39.000Z
2015 - 2017 කාලසීමාවේ පර්පචුවෙල් සමාගම අවස්ථා 46,000කදී ගනුදෙනු කර ඇතැයි හෙළිවෙයි
පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම පිළිබඳ නවතම හෙළිදරව්ව
COLOMBO (News 1st) - 2015 සිට 2017 දක්වා කාලසීමාවේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම අවස්ථා 46,000කදී පමණ ගනුදෙනු සිදුකර ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ගනුදෙනු සඳහා යොදාගත් ඇතැම් චෙක්පත් හිමිකරුවන් නොවන පුද්ගලයින්ගේ නම් වලින් මාරු කර ඇති බව ය. එම ගනුදෙනු චෙක්පත් සහ වවුචර් මගින් සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඇතැම් ගනුදෙනු වලට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් කෙටි අක්ෂර වලින් සඳහන් කර ඇති බවට ද අනාවරණ වී තිබේ. මහ බැංකු අධිපතිවරයා 2016 සිදුකළ පැමිණිල්ලකට අනුව, කළ විමර්ශනවලදී මෙම තොරතුරු හෙළි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර මහ බැංකු බැඳුම්කර ගනුදෙනු විමර්ශන ජනපති සභා වාර්තාවේ සියලු ඇමුණුම් පාර්ලිමේන්තුවට ලබා දෙන්නැයි, පාර්ලිමේන්තුව, ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ, ඊට අදාළ ලිපිය ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා වෙත පසුගිය සතියේ යොමු කළ බව ය. ඇමුණුම් ලැබීමෙන් පසු ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග කතානායක කරූ ජයසූරිය මහතා විසින් ගැනීමට නියමිතව ඇති බව, ඔහු ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන්, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේය. ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් හෙට දින පාර්ලිමේන්තුවට යොමු කිරිමට පියවර ගෙන ඇති බව ය. මහ බැංකු බැඳුම්කර වාර්තාව හෝ එහි ඇමුණුම්වලට අදාළ ඕනෑම කරුණක් සම්බන්ධයෙන්, නීතිපති උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද, ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කළේය.
2018-06-17T07:35:41.000Z
කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුව රුපියල් ලක්ෂ 30යි
කිරිවෙහෙර වෙඩි තැබීමේ කොන්ත්‍රාත්තුව රු. ලක්ෂ 30යි
COLOMBO (News 1st) - කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීම, රුපියල් ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවක් මත සිදුවූවක් බව පොලීසිය පවසයි. තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවා සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවේ පැපිලියාන ප්‍රදේශයේදී ය . මහසෙන් දේවාලයේ ප්‍රධාන කපු මහතා ලෙස කටයුතු කළ අසේල බණ්ඩාර සහ සෙසු සැකකරුවන් එහිදී අත්අඩංගුවට නෙ තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඒ පාරේ නිවසක ඉන්නවා ප්‍රධාන සැකකරුගේ සහොදරියක්. මේ සැකකරුවන් තිදෙනා මේ නිවසට එමින් සිටියදි තමයි මේ අත්තඩංගුවට ගැනිම කළේ මේ නිවුන් සහොදරයො දෙන්නත් මේ වෙඩි තැබීම වනවිට ඒම ස්ථානයට පැමිණි දෙදෙනෙක් මේ සඳහා ආධාර අනුබල දුන් දෙන්නෙක් වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් අද දහවල් කතරගම ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මෙම වෙඩි තැබීම පුද්ගලයින් දෙදෙනකු ගිනි අවි 02 කින් සිදු කරලා තියෙනවා. අත්තඩංගුවට ගැනීමට හැකි වුණා වල්ලි මාතා ගම ප්‍රදේශයේ වාඩියක සැඟවිලා ඉද්දි අත්තඩංගුවට ගනු ලැබුවා. වෙඩි තියපු අනිත් පුද්ගලයා තමයි ගල්වල ගමගේ හසාන් අනුරාධ යන පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ අද දහවල් එම ප්‍රදේශයෙම සැරිසරමින් සිටියදී. මේ වෙනකොට 05 දෙනාම අත්අඩංගුවට අරන් තියෙන්නෙ. මේ වෙද්දි අනාවරණය වෙලා තියෙනවා ප්‍රධාන සැකකරු මේ කොන්ත්‍රාත්තුව දිලා තියෙන්නෙ රුපියල් ලක්ෂ 30 කට කියලා‍ තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකළ ප්‍රශ්ණ කිරීම්වලින් අනතුරුව සැකකරුවන් අද පස්වරු 1.30 ට පමණ කතරගම පොලීසිය වෙත රැගෙන ආවේය. සැකකරුවන් තිස්සමහරාම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කෙරුණේ අද පස්වරුවේදී ය . කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් භික්ෂූන් වහන්සේ නමක් කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියසදී වෙඩි ප්‍රහාරයට ලක් වූයේ ඉකුත් 12 වනදා රාත්‍රීයේදී ය. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. සිද්ධියෙන් තුවාල ලැබූ , අනික් භික්ෂුන් වහන්සේ තවමත් හම්බන්තොට මහ රෝහලේ ප්‍ර‍තිකාර ලබන බව අප වාර්තාකරු සඳහන් කළේය.
2018-06-17T07:15:14.000Z
තවත් වසරකින් අවසන් වන උමා ඔය ව්‍යාපෘතියේ කිලෝ මීටර් 8ක් දුර සිදුවන කැනීම්
උමා ඔය ව්‍යාපෘතියේ කිලෝමීටර් 8ක් දුර සිදුවන කැනීම්
COLOMBO (News 1st) - උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කිරීම සඳහා තවත් අවුරුද්දකට ආසන්න කාලයක් ගතවන බව එහි ඉංජිනේරුවරුන් පවසයි. ඊට හේතු වී ඇත්තේ කරඳගොල්ල උමං මාර්ගයේ කැනීම් කටයතුවලදී මතුවූ ජල කාන්දුව තවමත් සිදුවීමයි. ජනතා විරෝධය ආරම්භ වූ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩකටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබේ . 2008 වසරේදී උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වැඩකටයුතු ආරම්භ කෙරුණේ ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේදී ය. පරිසරවේදීන් දිගින් දිගටම චෝදනා කළේ, මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශ ලට සිදුව ඇති හානි වැළැක්වීම සඳහා ව්‍යාපෘති ඉංජිනේරුවරුන් කටයුතු කර නොමැති බව ය . ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව නෝර්වේජියානු විශේෂඥයින් පිරිසක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළේය . බදුලු ඔය අවස්ථා දෙකකදී හරස් කර ඉදිකර ඇති ඩයරබා හා පුහුල්පොල ජලාශවලට රැස්වෙන ජලය කරඳගොල්ල දක්වා රැගෙන එන්නේ කිලෝමීටර් 23ක් පමණ දිග භූගත උමං මාර්ගයකිනි . පළමු වරට එහි ජල කාන්දුවක් සිදුවූයේ 2014 වසරේ දෙසැම්බර් මාසයේදී ය . උමා ඔය ව්‍යාපෘතියේ කැනීම් අංශ භාර ඉංජිනේරු නිහාල් පෙරේරා මහතා අවසාන වතුර කාන්ඳුවීමෙන් පස්සේ අපේ නෝර්වේජියානු විශේෂඥයින් අපිටි උපදෙස් දුන්නා වතුර ඇතුළට එන එක හොඳටම සීමා කරන්නේ නැතුව හාරන්න එපා කියලා. තව අවුරුද්දයි මාස තුනක් විතර යනකොට කැනීම් කටයුතු අවසන් කරන්න පුළුවන් වෙයි විශේෂයෙන් වතුර උල්පත් වැඩියෙන් හම්බුණොත් තව පොඩ්ඩක් වැඩියෙන් යයි . කරඳගොල්ලේ උමං මාර්ගයේ මේ විනවිට කිලෝමීටර් 8ක පමණ දුරක් කැනීම් කර අවසන් කර තිබේ. තත්පරයකට ලීටර් 500 - 600 අතර ජල ප්‍රමාණයක් මේ වනවිට උමඟ තුළින් කාන්ඳු වෙමින් පවතී. ජලය කාන්දුවීම නිසා උමගේ කැනීම් , දිනකට මීටර් 2 ත් -3 ත් අතර ප්‍රමාණයකට සීමා කර ඇති අතර ක්‍රමානුකූලව ජලය කාන්දුවන ස්ථාන අවහිර කරනු ලැබේ. ව්‍යාපෘතිය යටතේ කැනීම් සිද්ධ වනවිට සුන්දර දියඇලි වලට ජල පෝෂක ප්‍රදේශවලට සහ මිනිස්සුන්ගේ ජීවිත වලට සිදුවුණේ කුමක්ද ? තොරතුරු හෙට බලාපොරොත්තු වන්න..
2018-06-17T04:50:15.000Z
කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට තව ත් දෙදෙනෙකු අත්අඩංගුවට
කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීම
COLOMBO (News 1st) - කතරගම, කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තව ත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය. ඒ අනුව වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2018-06-17T04:25:09.000Z
දිනේෂ් චන්දිමාල්ට ICCය චෝදනා ගොනු කරයි
දිනේෂ් චන්දිමාල්ට ICCය චෝදනා ගොනු කරයි
COLOMBO (News 1st) - බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී, පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් හට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) චෝදනා ගොනු කර තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ, දිනේෂ් චන්දිමාල් එම ආයතනය ආචාර ධර්ම පද්ධතියේ 2 යි දශම 2 යි 9 වගන්තියේ නීති උල්ලංඝනය කර ඇති බව ය. ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර තරගය අද සිව්වැනි දිනයට පැවැත් වීමට නියමිත ය.
2018-06-17T03:15:43.000Z
අතිරික්ත සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වගකිව යුතුයි - මුදල් අමාත්‍යාංශය
අතිරික්ත සේවක වැටුප් ගෙවීම් වගකීම ආයතන ප්‍රධානීන්ට
COLOMBO (News 1st) - රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයෙන් බැහැරව සේවක පිරිස් තබාගෙන ඔවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එම ආයතනවල සභාපතිවරුන්, විධායක නිලධාරීන් සහ ගණකාධිවරුන් වගකීම භාරගත යුතු බව රජය තීරණය කර තිබේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා සම්පුර්ණයෙන් රජය සතු සමාගම්වල අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල වැනි ව්‍යවස්ථාපිත ගෙවීම්, නිශ්චිත කාලය තුළ ගෙවීම ද අදාළ ආයතන ප්‍රධානීන්ගේ වගකීම වන බවයි. මේ වනවිට 7500 කට අධික සේවක පිරිසක් රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලයට අමතරව විවිධ රැකියාවල නිරතව සිටින බවට වාර්තා වන බව ද මුදල් අමාත්‍යාංශය පවසා ඇත. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, රාජ්‍ය සේවයේ ජ්‍යේෂ්ඨ විධායක මට්ටමේ තනතුරුවල වැඩි පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බවත් තනතුරේ උසස්වීම් ලැබීම සඳහා අවශ්‍ය වන සේවා කාලය සම්පුර්ණ කර ඇති නිලධාරීන්ගේ ප්‍රමාණය සීමිතවීම මෙයට ප්‍රධාන හේතුව බවයි. රාජ්‍ය අංශයේ සංවර්ධන නිලධාරී සේවයේ අනුමත තනතුරු 74, 872 ක් තිබෙන අතර දැනට 18,000 කට ආසන්න තනතුරු සංඛ්‍යාවක් පුරප්පාඩුව පවති. එහෙත් ඇතැම් ආයතනවල සංවර්ධන නිලධාරී සේවයේ නිලධාරීන්ට නිශ්චිත කාර්යභාරයක් හෝ විෂයානුබද්ධ වැඩ පැවරුමක් සිදුකර නොමැති බව ද කාර්ය මණ්ඩල සමාලෝචනයේදී නිරික්ෂණය වූ බව මුදල් අමාත්‍යාංශය පැවසීය.
2018-06-17T01:56:51.000Z
සෑම අවස්ථාවකම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනී සිටිනවා - ක්‍රිකට් ආයතනය
ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනී සිටිනවා
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා හා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඊයේ ඇති වූ සිදූවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, ක්‍රීඩාවේ මහත්මා ගුණය හේතුකොට ගෙන දෙරට අතර ටෙස්ට් තරගය ඉදිරියට ගෙන යාමට සහය දුන් බවයි. යම් හෙයකින් පන්දුවේ ස්වාභාවය වෙනස් කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුට හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා චෝදනා එල්ල වුවහොත් එයට විරුද්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙනි සිටන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. ක්‍රීඩා අමාත්‍ය, ෆයිසර් මුස්තාපා හා ක්‍රිකට් ආයනතයේ නිසි බලධාරියා ලෙස කටයුතු කරන කමල් පත්මසිරි මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද ස්ලිවා මහතා ඇතුලු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මේ සිදුවීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනිසිටන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ ය.
2018-06-17T02:08:40.000Z
ATM යන්ත්‍රවලින් ලක්ෂ 80 කට අධික මුදලක් වංචා කළ පුද්ගලයින්ට වැඩ වරදී
ATMයන්ත්‍රවලින් මුදල් වංචා කළ පුද්ගලයින්ට වැඩ වරදී
COLOMBO (News 1st) - ATM යන්ත්‍රවලින් රුපියල් ලක්ෂ 80 කට අධික මුදලක් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු මීගමුව, කුරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මීගමුව සහ ජාඇල පොලිස් බල ප්‍රදේශවල ATM යන්ත්‍රවලින් මෙම සැකකරුවන් මුදල් වංචා කර ඇති බවයි. සැකකරුවන්ගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව රුපියල් ලක්ෂ 28 ක මුදල් තොගයක් සහ වංචා කළ මුදලින් ලබාගත් යතුරු පැදියක් ද පොලීසිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් 26 හැවිරිදි මීගමුව පදිංචිකරුවන් වන අතර අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කළේ ය.
2018-06-17T00:59:11.000Z
'දැවෙන විහඟුන්' තිරගතවීමට සියල්ල සූදානම්
'දැවෙන විහඟුන්' තිරගතවීමට සියල්ල සූදානම්
COLOMBO (News 1st) - යොවුන් සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාරගේ 'දැවෙන විහඟුන්' සිනමා පටය ලබන 29 වන දා සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගතවීමට නියමිතව තිබේ. චාන්දනී සෙනවිරත්න, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, මහේන්ද්‍ර පෙරේරා ඇතුලු රංගන ශිල්පින් රැසක් ඊට රංගන දායකත්වය ලබාදෙනු ඇත. දැවෙන විහඟුන්, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් චිත්‍රපට උළෙල ඇතුලු ජාත්‍යන්තර සම්මාන උළෙල රැසකදී සම්මානයට පාත්‍ර විය.
2018-06-17T00:06:41.000Z
සිංහරාජ වනාන්තරයේ අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම නතර කෙරේ
සිංහරාජයේ අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම නතර කෙරේ
COLOMBO (News 1st) - ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ සිටින වන අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම නතර කර තිබේ. දකුණු හා ඌව පළාත භාර සහකාර වනජීවි අධ්‍යක්ෂ ප්‍රශාන්න විමලදාස මහතා ප්‍රකාශ කළේ, වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් තමන්ට ඒ සඳහා උපදෙස් ලැබුණු බවයි.‍
2018-06-16T23:46:25.000Z
නිව්ස්ෆස්ට් – එස්ලොන් දැනමුතු සායනය මහනුවරදී අද දෙවන දිනටත්
නිව්ස්ෆස්ට් – එස්ලොන් දැනමුතු සායනය අද දෙවන දිනටත්
COLOMBO (News 1st) - නිව්ස්ෆස්ට් - එස්ලොන් දැනමුතු සායනය අද දෙවන දිනටත් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදී පැවැත්වේ. සොඳුරු කැදැල්ලක සිහිනය සැබෑ කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීමට මෙම දැනමුතු සායනයේදී කටයුතු යොදා තිබේ. ගෘහ නිර්මාණ ශිල්පීන්, ජ්‍යෝතිෂ්‍යවේදීන්, සිවිල් ඉංජිනේරුවන් මේ සියලු දෙනා දැනමුතු සායනයේදී හමුවීමට අවස්ථාව හිමි වීම විශේෂත්වයකි. මෙහිදි පොඩිත්තන් වෙනුවෙන් කිඩ්ස්ෆස්ට් තිර පරීක්ෂණ සහ චිත්‍ර තරගයක් ද පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. දැනමුතු සායනය උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා පැවැත්වේ.
2018-06-16T21:29:16.000Z
රාමසාන් සමරමින් සිටි තලේබාන් සහ ඇෆ්ගන් වැසියන්ට බෝම්බ ප්‍රහාරයක්
තලේබාන් සහ ඇෆ්ගන් වැසියන්ට බෝම්බ ප්‍රහාරයක්
COLOMBO (News 1st) - රාමසාන් සමරමින් සිටි තලෙයිබාන් සාමාජිකයින් සහ ඇෆ්ගන් වැසියන් ඉලක්ක කර එල්ල වූ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ. ඊට, ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයින් මෙන්ම තලෙයිබාන් සාමාජිකයින් ද ඇතුළත් වේ. මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ, රාමසාන් උත්සවය වෙනුවෙන් ඇෆ්ගන් රජය සහ තලෙයිබාන් සංවිධානය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමකදීයි. නන්ගහාර් පළාතේ ජලාලාබාද් ප්‍රදේශයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් 54 දෙනෙකු තුවාල ලැබීය. නිරායුධ තලෙයිබාන් සාමාජිකයින් ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරට රැස් ව රාමසාන් උත්සවය සමරනු ලැබුවේ ඇෆ්ගන් වැසියන්ගේ හදවත් තුළ සාමය පිළිබඳ නව අපේක්ෂා දල්වමිනි. ඇතැම් තලෙයිබාන් සාමාජිකයින් නර්තනයේ යෙදෙමින් සෙල්ෆි ඡායාරූප ගනිමින් රාමසාන් උත්සවය සමරන අයුරු ද කැමරා කාචවල සටහන් විය. ඔවුන් සිය නෑ හිත මිතුරන් හමුවී රාමසාන් සමරන අවස්ථාවක එල්ල වූ බෝම්බ ප්‍රහාරයත් සමග ඇෆ්ගන් වැසියන්ගේ හදවත් තුළට යළි යුධ භීතිය දැනෙන්නට පටන් ගත් බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ ය. ප්‍රහාරයේ වගකීම, අයි එස් සංවිධානය විසින් භාරගෙන තිබේ. ප්‍රහාර එල්ල වී පැය කිහිපයකට පසු ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ගහානි ජාතිය අමතමින් සඳහන් කළේ, තලෙයිබාන් සංවිධානය සමග ඇතිකරගත් සටන් විරාමය දීර්ඝ කරන බවයි.
2018-06-16T21:11:21.000Z
ඔස්ට්‍රේලියාව පැරදු ප්‍රංශයට ජය
ඔස්ට්‍රේලියාව පැරදු ප්‍රංශයට ජය
COLOMBO (News 1st) - 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගය ජය ගැනීමට ප්‍රබල ප්‍රංශය සමත් විය. සී කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති මෙම තරගය රුසියාවේ කාසන් ක්‍රීඩාංගණයේදී පැවැත් විය. ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පලමු අර්ධයේදී දෙපිලටම ගෝල රැස් කිරීමට අවස්ථාවක් හිමිවී නොමැත. නමුත් තරගයේ දෙවන අර්ධයේදී දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමෙන් සිය කණ්ඩායමට පළමු ගෝලය වාර්තා කරදීමට ඇන්ටෝනියෝ ග්‍රිස්මන් සමත් වූයේ, තරගයේ 58 වන මිනිත්තුවේදීයි. ප්‍රතිවාදී ඔස්ට්‍රේලියා කණ්ඩායමේ මයිල් ජෙඩිනක් තරගයේ 62 වන මිනිත්තුවේදී දඬුවම් පහරක් මගින් සිය කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ ය. තරගයේ ජයග්‍රහණය දෙපිල අතර දෝලනය වෙමින් පවතින අවස්ථාවක ප්‍රංශ කණ්ඩායමේ පොග්බා සිය කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කළේ, තරගයේ 80 වන මිනිත්තුවේදීයි. ඒ අනුව ගෝල 2 ට 1 ක් ලෙස ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කර තරගයේ ජය තහවුරු කර ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත් විය.
2018-06-16T20:51:12.000Z
ශ්‍රී ලංකා - කොදෙව් දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද යි
ලංකා-කොදෙව් දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි
COLOMBO (News 1st) - තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද සිව්වන දිනටත් පැවැත්වේ. ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 9 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 34 කි. ටෙස්ට් තරගයේ තුන් වැනි දිනය වූ ඊයේ දිනය සඳහා තරගය ආරම්භ කිරීම පැය දෙකකට අධික කාලයක් ප්‍රමාද විය. ඒ, තරගයේ දෙවැනි දිනය දක්වා භාවිතා කළ පන්දුව ඊයේ වෙනස් කිරීමට විනිසුරුවරුන් ක්‍රියා කිරීමත් සමගිනි. තරගයේ දෙවන දිනයේ සන්ධ්‍යාවේදී ධනංජය ද සිල්වා විසින් සිය අතේ තිබු බැන්ඩේජ් මත පිරිමැදීමෙන් පන්දුවේ හැඩය වෙනස් කිරීමට උත්සාහ දරා ඇති බවට සැක මතුවීම හේතුවෙන් විනිසුරුවරුන් පන්දුවේ හැඩය පරීක්ෂා කිරීමට කටයුතු කර ඇත. ඉන් පසුව විනිසුරුවරුන් පන්දුව මාරුකිරීමට කටයුතු කර ඇති බව විදේස් වාර්තාවන් හී දැක්විය. කෙසේ වෙතත් පැය දෙකක ප්‍රමාදයකින් පසුව තරගය ආරම්භ කළා. ඊයේ දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන කොදෙව් කණ්ඩායම කඩුලු 2 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 123 කි. බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 300 ක් රැස් කළේ ය. ආරම්භක පිතිකරු ඩෙවොන් ස්මිත් ලකුණූ 61 ක් රැස් කළ අතර ශේන් ඩෝවිච් ලකුණු 55 කි. පන්දු යැවීමේදී ළහිරු කුමාර ලකුණු 86 ට කඩුලු 4 ක් දවා ගත් අතර කසුන් රාජිත ලකුණු 49 ට කඩුලු 3 ක් දවා ගත්තේ ය. අනතුරුව කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 47 ක් පිටුපසින් සිය දෙවන ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා දැවී ගියේ ලකුණු 20 ක් රැස් කරගෙන සිටියදීයි. ඊයේ දිනය නිමාවන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි මහේල උඩවත්ත ලකුණු 11 ක් රැස් කරගෙන සිටියේ ය.
2018-06-16T20:14:09.000Z
පළාත් කිහිපයකට අද ත් තද වැසි
පළාත් කිහිපයකට අද ත් තද වැසි
COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඇතැම් විට පැයට කිලෝමීටර් 60 පමණ දක්වා වැඩිවිය හැකි බවද ඔහු සඳහන් කළේ ය.
2018-06-16T20:07:10.000Z
සමෘද්ධිය ලැබීමට නුසුදුසු පවුල් 150,000 ක් සමෘද්ධිය ලබන බව හෙළිවෙයි
නුසුදුස්සන් 150,000 ක් සමෘද්ධිය ලබන බව හෙළිවෙයි
COLOMBO (News 1st) - සමෘද්ධි සහනාධාරය තවදුරටත් ලැබීමට නුසුදුසු පවුල් 150,000 ක් හඳුනාගෙන ඇති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජෙනරාල් ජේ. දඩල්ලගේ මහතා ප්‍රකාශ කළේ, එම පිරිස් ස්වේච්ඡාවෙන් ඉවත් වන්නේ නම් තව ත් පිරිසකට සමෘද්ධි සහනාධාරය ලබාදීමට හැකියාව ඇති බවයි. ඒ සඳහා ඔවුන් පෙළඹවීමේ වැඩසටහනක් ආරම්භ කරන බවබ ද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේ ය. මේ අතර පසුගිය දා ලැබුණු කැබිනට් අනුමැතිය අනුව තවත් 150,000 කට සමෘද්ධි සහනාධාරය ලබාදීම සඳහා ලබන මස 31 වන දා දක්වා අයැදුම්පත් ඉදිරිපත් කිරීමට ජනතාවට අවස්ථාව ඇති බව ද ජේ. දඩල්ලගේ මහතා පැවසීය.
2018-06-16T19:46:28.000Z
සිංහරාජයේ අලි දෙදෙනා ඇල්ලීමට අඛණ්ඩ මෙහෙයුම්
සිංහරාජයේ අලි දෙදෙනා ඇල්ලීමට අඛණ්ඩ මෙහෙයුම්
COLOMBO (News 1st) - ලෝක උරුම සිංහරාජ රක්ෂිතයේ සිටින අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක බව වනජීවි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු පැවසුවේ, ඒ සඳහා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි. සිංහරාජ වනාන්තරයෙන් අලි දෙදෙනා ඉවත් කළ හොත් එය ලෝක උරුම ලයිස්තුවෙන් ගිලිහී යාමේ අවදානමක් පවතින බවට කළ යුනෙස්කෝ සංවිධානයේ අනතුරු ඇඟවීම පිළිබඳව ද අප අමාත්‍යවරයාගෙන් විමසීමක් කළේ ය. අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් පළ කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ජනාධිපතිතුමා ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ සිටින වන අලි දෙදෙනා ඉවත් නොකරන ලෙසට තමන්ට උපදෙස් ලබා නොදුන් බවයි. මේ අතර 22 ගෙන් සමන්විත වනජීවි නිලධාරී කණ්ඩායමක් සිංහරාජ වනාන්තරයේ රැඳී සිටින බව ඌව සහ දකුණු පළාත භාර වනජීවි සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්ත විමලදාස මහතා සඳහන් කළේ ය.
2018-06-16T19:32:27.000Z
වර්ජනයේ නිරත තැපැල් සේවකයින් හා බලධාරීන් අතර හෙට සාකච්ඡාවක්
තැපැල් සේවකයින් හා බලධාරීන් අතර හෙට සාකච්ඡාවක්
COLOMBO (News 1st) - වර්ජනයේ නිරත තැපැල් සේවකයින් හා තමන් අතර සාකච්ඡාවක් හෙට පවත්වන බව තැපැල් සේවා අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පවසයි. ඔහු සඳහන් කළේ, බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් දැනට මතුව ඇති ගැටලු විසඳීම සඳහා මේ වනවිට අමාත්‍යංශ මට්ටමින් මැදිහත්වීම් කර ඇති බවයි. තැපැල් සේවක වැඩවර්ජනය හේතුවෙන් මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් සිදු ව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, තම වැඩවර්ජනය අද 7 වැනි දිනටත් ක්‍රියාත්මක බවයි. කිසිදු බලධාරියෙකු තම ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව ද ඔහු සඳහන් කළේ ය. වර්ජනය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ තුනක් හා කටුනායක ගුවන්තොටුපොළේදී විදේශීය තැපැල් මළු 1000 ක් පමණ ගොඩ ගැසි ඇති බව ද චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර වැඩවර්ජනයේ නිරත සියලු කාර්ය මණ්ඩලයට තම සේවා ස්ථානය වෙත හැකි ඉක්මනින් වාර්තා කරන්නැයි තැපැල්පතිවරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ද ඔහු ප්‍රතිචාර දැක්විය.
2018-06-16T11:20:50.000Z
කිරිවෙහෙර රජමහා විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට
කිරිවෙහෙරේ විහාරාධිපති හිමිට වෙඩි තැබීමේ සිද්ධිය
COLOMBO (News 1st) - කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් ඉලක්ක කර පසුගිය 12 වන දා රාත්‍රී 10.45 ට පමණ වෙඩි ප්‍ර‍හාරයක් එල්ල විය. කිරිවෙහෙර පුදබිමේ ඇති මහසෙන් දේවාලයේ හිටපු කපු මහතාගේ සැලසුමක් අනුව මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය විණි. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන මහසෙන් දේවාලයේ හිටපු කපු මහතා වන අසේල ලක්මාල් බණ්ඩාර ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අද රාත්‍රියේ පැපිලියාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා 24 හැවිරිදි නිවුන් සහෝදරයින් බව පොලීසිය පැවසුවේ ය.
2018-06-16T10:59:48.000Z
ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් 2වන ටෙස්ට් ක්‍රිකට් තරගය: පන්දුව මාරු කිරීම නිසා තරගය පැය 2ක් ප්‍රමාද වෙයි
පන්දුව මාරු කිරීම නිසා තරගය පැය 2ක් ප්‍රමාද වෙයි
(News 1st) - ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය 3 වැනි දිනය සඳහා ආරම්භ කිරීම පැය 2කට අධික කාලයක් ප්‍රමාද විය. ඒ, තරගයේ දෙවැනි දිනය දක්වා භාවිත කළ පන්දුව අද වෙනස් කිරීමට විනිසුරුවරුන් ක්‍රියාකිරීමත් සමග ය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් තරග තීරක ජවගල් ශ්‍රීනාත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ යන මහත්වරුන් අතර උණුසුම් සාකච්ඡාවක් ඇති වී තිබේ. තරගයේ දෙවන දිනයේ සන්ධ්‍යාවේදී ධනංජය ද සිල්වා විසින් සිය අතේ තිබූ බැන්ඩේජ් මත පිරිමැදීමෙන් පන්දුවේ හැඩය වෙනස් කිරීමට උත්සහ දරා ඇති බවට සැක මතුවීම හේතුවෙන් විනිසුරුවරුන් පන්දුවේ හැඩය පරීක්ෂා කිරීමට කටයුතු කර තිබේ. කෙසේ වෙතත් ඉන් පසුව විනිසුරුවරුන් පන්දුව මාරු කිරීමට කටයුතු කර ඇති බව විදෙස් වාර්තාවන්හි දැක්වේ. මෙහිදී පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී නොමැති අතර අද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුව මාරු කිරීමට විරෝධය දක්වමින් පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කළහ. තරග තීරකවරයා, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැඳී සිටි විවේකාගාරයට ගොස් ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
2018-06-16T09:50:53.000Z
පොලීසිය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර බස් රථයක් තුළදී ඇති වූ ගැටුම
බස් රථයක් තුළ ඇති වූ ගැටුම
COLOMBO (News 1st) - පොලීසිය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර අද බස් රථයක් තුළදී ඇති වූ ගැටුමක් අතරතුර ගිනිඅවියක් ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. කොළඹ සිට කදුරුවෙල බලා ධාවනය වූ බස් රථයක මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව පොළොන්නරුව විශේෂ වැටලීම් ඒකකයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හබරණ ප්‍රදේශයෙන් බස් රථයට ගොඩ වී තිබේ. පොලීසිය පැවසුවේ, එහිදී පොලිස් නිලධාරියෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අතර පොර බැදීමක් ඇති වූ බව ය. එම අවස්ථාවේදී පොලිස් නිලධාරියා සතු ගිනිඅවිය ක්‍රියාත්මක වීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු තුවාල ලබා තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවත් ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් පැකට් 10ක් සොයා ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. තුවාල ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අනෙක් සැකකරු මේ වන විට පොලිස් භාරයේ සිටින බව ය.
2018-06-16T09:00:13.000Z
ක්‍රීඩා ඇමතිගේ ආරාධනාවට අරවින්ද ද සිල්වාත් බෑ කියයි
ක්‍රීඩා ඇමතිගේ ආරාධනාවට අරවින්දත් බෑ කියයි
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක් භාර ගන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා ද ප්‍රතික්ෂේප කර තිබේ. Sports 1st කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට මෙය සුදුසු ම අවස්ථාව නොවන බව ය. එම යෝජනාව මේ වන විට කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, රොෂාන් මහානාම සහ මුත්තයියා මුරලිදරන් යන ක්‍රීඩකයින් ද ප්‍රතික්ෂේප කර තිබේ. https://www.youtube.com/watch?v=77iKXDIT5i4
2018-06-16T08:11:19.000Z
වනජීවීන්ට අද අත්ව ඇති ඉරණම‍
වනජීවීන්ට අද අත්ව ඇති ඉරණම‍
COLOMBO (News 1st) - ජානාධිපතිවරයා විසින් ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ සිටින වන අලි දෙදෙනා ඉවත් නොකරන ලෙසට තමන්ට උපදෙස් ලබා නොදුන් බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, අද පෙරවරුවේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කරමිනි. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය "මම ඊයේ උදේ ඉඳලා එනකොට ජනාධිපතිතුමාට කතා කළා. මං මේ ප්‍රශ්නය කිව්වා. ජනාධිපතිතුමා මගෙන් එක ප්‍රශ්නයයි ඇහුවේ. පශූ වෛද්‍යවරු කියනවා අලි දෙන්නා හොරොව්පතානට ගිහින් දැම්මොත් දේශගුණය බලපායි කියලා. මං එතුමාට කිව්වා අපි මාස දෙක තුනකට ගෙනියන්නේ. සිංහරාජයේම හදනවා අක්කර 50ක විතර කෑම බීම එක්ක තැනක්. ඊළඟට මං කිව්වා එහේ හිටියොත් අලි දෙන්නා මාස තුනකටත් කලින් හක්කපටස් එක්ක හරි බැඳපු තුවක්කුවක් හරි පත්තුවෙයි. එහෙම් වුණොත් අලි දෙන්නාගේ ජීවිතවලට කවුරුවත් වගකියන්නේ නැහැ කියලා. ඊට පස්සේ මගේ හිතවත් මගේ බලු පැටියට එහෙම ප්‍රතිකාර කරන පශු වෛද්‍යවරයා මාර්ගයෙන් කොළඹ ඉන්න පශු වෛද්‍යවරු දෙන්නෙක් කතා කර ගත්තා. ඒ අය මේ වැඩේට යන්න ඉදිරිපත් වුණා" ප්‍රශ්නය - "නන්දන අතපත්තු දූෂිතයි කියලා තමා කියන්නේ. වනජීවී අමාත්‍යංශය යටතේ පශු වෛද්‍යවරුන් සිටිත්දී ඒ අයගෙන් සේවය ලබා ගන්නේ නැතුව නන්දන අතපත්තුගෙන් සේවය ලබා ගන්න තීරණය කළේ ඇයි එතුමාට කීයක් ගෙවනවා ද?" පිළිතුර -" නන්දන අතපත්තු ඇතුළු කණ්ඩායම මේක කරනවා කිව්වාට පස්සේ අපේ දෙපාර්තමේන්තුවේ පශූ වෛද්‍යවරු ඒ අයගේ වැඩ වර්ජනය නැවැත්තුවා. දැන් ඒ අය ඉදිරිපත් වෙලා ඉන්නවා කරන්නම් කියලා. දැන් වැඩේ ලේසියි. මුදල් හදල් අපි කතා කළේ නැහැ" ප්‍රශ්නය - "සිංහරාජය කියන්නේ ලෝක උරුමයක්. සිංහරාජයෙන් ඒ අලි ඉවත් කළොත් ලොක උරුම කැටගරි එකෙන් අයින් වෙනවා. ඒකට මොකද කරන්නේ?" පිළිතුර - "සිංහරාජය කැටගරිවලින් ඉවත් වෙන්න කලින් මට යුනේස්කෝවේ පොරොන්දුවක් දෙනවා නම් අලි මැරෙන්නේ නැහැ මේ අලි දෙන්නාට ජීවිත ආරක්ෂාව තියෙනවා වගකීමක් දෙනවා නම් සිංහරාජය අවට නැවත මිනිස්සු මැරෙන්නේ නැහැ කියලා. එහෙනම් මං ලෝක උරුමය කියන කතාව පිළිගන්නවා. ඒ පොරොන්දුව දෙන්නේ නැත්නම් අපිට ඒ අය කියන දේ පිළිගන්න බැහැ" ඌව සහ දකුණු පළාත භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්ත විමලදාස මහතා සඳහන් කළේ, 22ගෙන් සමන්විත කණ්ඩායමක් තවදුරටත් සිංහරාජ වනාන්තරයේ රැඳී සිටින බව ය. අලි දෙදෙනා සැරි සරන ප්‍රදේශ හා එම සතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කෙරෙන අතර අලි දෙදෙනා මේ වන විට සිංහරාජ රක්ෂිතයට මායිම්ව තිබෙන බෝධියතැන්න ප්‍රදේශයේ රැඳී සිටින බව ද ඔහු පැවසුවේ ය.
2018-06-16T04:50:57.000Z
සති 3ක් තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 16ක් අත්අඩංගුවට
අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 16ක් අත්අඩංගුවට
COLOMBO (News 1st) - සති 3ක් තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඉන් 08 දෙනෙකු අංගොඩ ලොක්කාගේ සහ මාකදුරේ මදූෂ්ගේ ගෝලයින් බවට තහවුරු වී ඇති බව ය. මේ වන විට දිවයින පුරා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට අයත් කඳවුරු 63ක් ක්‍රියාත්මක බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, මේ අතරින් සැකකරුවන් 10 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර 6 දෙනෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාස නිලධාරීන්ගේ භාරයේ රඳවා තබා ගෙන ප්‍රශ්න කරගෙන යන බව ය. මේ අතරින් වැඩි පිරිසක් බස්නාහිර, දකුණු සහ මධම පළාතේ සිදු කළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් බව ඔහු සඳහන් කළේ ය. මෙම මෙහෙයුමේදී ගිනිඅවි 8ක් හෙරොයින් කිලෝග්‍රෑම් 05ක් සහ කේරළ ගංජා කිලෝ 300කට අධික ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.
2018-06-16T03:05:09.000Z
ක්‍රීඩා ඇමතිගේ ආරාධනාව කුමාර් සංගක්කාර ත් ප්‍රතික්ෂේප කරයි
ක්‍රීඩා ඇමතිගේ ආරාධනාව සංගක්කාර ත් ඉවත දමයි
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයකු ලෙස නම් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා කළ ආරාධනය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු ඒ බව ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් මගින් දන්වා තිබේ. ක්‍රිකට් පරිපාලන කටයුතු සඳහා උපදේශකවරුන් ලෙස කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන් සහ රොෂාන් මහානාම යන මහත්වරුන් ඇතුළත් කමිටුවක් පත් කිරීමට යෝජනා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පෙරේදා නිවේදනය කළේය. නමුත් මහේල ජයවර්ධන, රොෂාන් මහානාම සහ මුත්තයියා මුරලිදරන් ද ක්‍රීඩා අමාත්‍යවරයා කළ ආරාධනාව ඊයේ ප්‍රතික්ෂේප කළේය.
2018-06-16T02:10:26.000Z
පෞද්. රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමේදී අය කරන 15% වැට් බද්ද ලබන සතියේ සිට ඉවතට
පෞද්. රෝහල්වලින් අය කරන 15% වැට් බද්ද ඉවතට
COLOMBO (News 1st) - පෞද්ගලික රෝහල් වලින් ප්‍රතිකාර ගැනීමේදී අය කරන 15% ක වැට් බද්ද ලබන සතියේ සිට ඉවත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, මාතර ප්‍රදේශයේ දැන් පැවැත්වෙන උත්සවයකට එක්වෙමිනි.
2018-06-16T01:53:18.000Z
විසඳුම් සඳහා සාකච්ඡා කළ හැකියි: වහාම සේවයට වාර්තා කරන්න - තැපැල්පති
වහාම සේවයට වාර්තා කරන්න - තැපැල්පති
COLOMBO (News 1st) - වැඩ වර්ජනයේ නිරත සියලු කාර්ය මණ්ඩලයට තම සේවා ස්ථානය වෙත හැකි ඉක්මණින් වාර්තා කරන්නැයි තැපැල්පති රෝහණ අබේරත්න මහතා ඉල්ලීමක් කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සාධාරණ බව තැපැල් සේවා අමාත්‍යාංශය පිළිගන්නා බව ය. එම ඉල්ලීම් සඳහා ඉදිරි මාසය ඇතුලත සියලු දෙනාට පිළිගත හැකි විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ. මේ අතර බඳවා ගැනීමේ පටිපාටිය ඇතුළු කරුණු දෙකක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද 6 වැනි දිනටත් ක්‍රියාත්මක වේ. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ සිය වැඩ වර්ජනය හේතුවෙන් විදෙස් තැපැල් මළු දහසකට ආසන්න ප්‍රමාණයක් කටුනායක ගුවන් තොටුපොළේ ගොඩගැසී ඇති බව ය. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ මෙන්ම දිවයින පුරා තැපැල් කාර්යාලවල ද ලිපි විශාල සංඛ්‍යාවක් ගොඩගැසී ඇතැයි ඔහු සඳහන් කළේය.
2018-06-16T01:15:04.000Z
ලෝක උරුම දඹුලු විහාරයේ බුදු පිලිමවල බදාම ගැලවී යාමේ අවදානමක්
දඹුලු විහාරයේ බුදු පිලිමවල බදාම ගැලවී යාමේ අවදානමක
COLOMBO (News 1st) - ලෝක උරුම ඓතිහාසික රංගිරි දඹුලු රජ මහා විහාරයේ ඇති කුඩා බුදු පිලිම 18ක බදාම ගැලවී යාමේ අවදානමක් මතුව තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගුහා තුළ ඇති තෙතමනය මේ තත්ත්වයට ප්‍රධාන හේතුව බව ය. වැසි දිනවල පරිසරයේ තෙතමනය උරා ගැනීමත් සමග ප්‍රසාරණයට ලක්වන පිලිම අභ්‍යන්තරයේ ඇති දැව කොටස් උණුසුම් දිනවල සංකෝචනය වීම වසර ගණනාවක් පුරා සිදුවීම හේතුවෙන් පිලිමවල බදාම ස්ථරයට හානි වී ඇති බව දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණවලදී හෙළිව තිබේ. ඒ, අනුව අදාළ බුදු පිළිබඳ කඩිනමින් සංරක්ෂණය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දඹුලු විහාරයේ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ පිලිම සංරක්ෂණය කරන බව ය. මහනුවර යුගයට අයත් මෙම බුද්ධ ප්‍රතිමා අවසන් වරට සංරක්ෂණයකට ලක් කළේ, 1996 වසරේදී ය.
2018-06-16T00:59:34.000Z
එකට එක කිරීමක් ලෙස චීනයෙන් අමෙරිකාවට තීරු බදු
එකට එක කිරීමක් ලෙස චීනයෙන් අමෙරිකාවට තීරු බදු
(News 1st) - චීනය අමෙරිකානු නිෂ්පාදන සඳහා තීරු බදු පැනවීමට සූදානම් වේ. අමෙරිකානු නිෂ්පාදන 659 ක් සඳහා චීනය තීරුබදු පැනවීමට පියවර ගෙන ඇත්තේ අමෙරිකාව චීන නිෂ්පාදන සඳහා තීරු බදු පැනවීමට එකට එක කිරීමක් ලෙස ය. ඩොලර් බිලියන 50ක වටිනාකමින් යුත් අමෙරිකානු නිෂ්පාදන සදහා සියයට 25ක තීරු බද්දක් පැනවීම චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අමෙරිකාව නව තීරු බදු පැනවීම හා සබඳතාවක් දක්වන බව ද චීනය නිවේදනය කළේය. විදෙස් වාර්තා පවසන්නේ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට එරෙහිව තීරු බදු පැනවීම ලොව ප්‍රබලතම ආර්ථිකයන් දෙක අතර පවතින වෙළෙඳ යුද්ධය තවත් තීව්‍ර කරන්නක් බව ය.
2018-06-16T00:40:05.000Z
සා/පෙළ විභාගයේ විෂයන් සංඛ්‍යාව 6 ක් දක්වා අඩු කිරීමට සැලසුම්
සා/පෙළ විෂයන් ගණන 6 ක් දක්වා අඩු කිරීමට සැලසුම්
COLOMBO (News 1st) - අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් සංඛ්‍යාව 6 දක්වා අඩු කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් ඊට අදාළ සැලසුම් මේ වනවිට සකස් කරමින් ඇති බව ය. ඉදිරියේදී වෘත්තීය විෂයන් 26 ක් හඳුන්වා දීමට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
2018-06-16T00:20:37.000Z
මී උණ රෝගීන් වාර්තා වීම ඉහළට
මී උණ රෝගීන් වාර්තා වීම ඉහළට
COLOMBO (News 1st) - මී උණ රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ වසරේ ගතවූ කාලය තුළ මී උණ වැළඳුණු රෝගීන් 1,710 දෙනෙකු වාර්තා වී ඇති බව ය. මේ මාසය තුළදී පමණක් වාර්තා වන මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව 163කි. මේ වසරේ ගතවූ මාස 6 තුළදී කළුතර දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගින් 245 දෙනෙකු වාර්තා වී ඇතැයි වංසගත රෝග විද්‍යා ඒකකය පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවේ මී උණ රෝගයෙන් ආරක්ෂා වීම සඳහා විශේෂ සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කරන ලෙස ය.
2018-06-15T22:45:47.000Z
හෙරොයින් ජාවාරමේ නිරත සැකකරුවෙකු පූජාපිටියේදී අත්අඩංගුවට
හෙරොයින් ජාවාරමේ නිරත සැකකරුවෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - මහනුවර, පූජාපිටිය, දොලපිහිල්ල ප්‍රදේශයේදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ මහනුවරට දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරිමේදී හෙරොයින් ග්‍රෑම් 12 යි මිලිග්‍රෑම් 350 ක් සන්තකයේ තබාගෙන සිටියදි සැකකරු අත්අඩංගුව ගත් බව ය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, බටගොල්ලන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2018-06-15T21:38:43.000Z
රාගම, ගල්වලක දියනෑමට ගිය පුද්ගලයෙකු මරුට
රාගම, ගල්වලක දියනෑමට ගිය පුද්ගලයෙකු මරුට
COLOMBO (News 1st) - රාගම, ගල්වල ප්‍රදේශයේ අතහැර දමන ලද ගල් වලක දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි මහර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු තවත් මිතුරන් දෙදෙනෙකු සමග ඊයේ පස්වරුවේ ගල් වලේ දියනෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට ලක්ව තිබේ. මේ අතර මීගමුව, කොච්චිකඩේ, ඒත්තුකාල මුහුදේ දියනෑමට ගොස් අතුරුදන්වූ 16 හැවිරිදි තරුණයින් දෙදෙනාගේ සිරුරු සොයා තව දුරට ත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
2018-06-15T21:32:12.000Z
ජය පැරදුමෙන් තොරව අවසන් වූ පෘතුගාල හා ස්පාඤ්ඤ පාපන්දු සටන
ජය පැරදුමෙන් තොර වූ පෘතුගාල හා ස්පාඤ්ඤ පාපන්දු සටන
(News 1st) - 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බී කාණ්ඩයේ පෘතුගාලය හා ස්පාඤ්ඤ කණ්ඩායම් අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන දිනය සනිටුහන් කරමින් ඊයේ දිනයේදී තරග තුනක් පැවැත්විය. ඒ, ඊජිප්තුව හා උරුගුවේ කණ්ඩායම අතර ත්, මොරොක්කෝව හා ඉරානය අතරත් සහ පෘතුගාලය හා ස්පාඤ්ඤය කණ්ඩායම් අතරයි. දිනයේ බොහෝ දෙනාගේ අවධානය දිනාගත්තේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රෝනාල්ඩෝගේ නායකත්වයෙන් යුතු පෘතුගාල පාපන්දු කණ්ඩායමත් දියේගෝ කොස්ටාගේ නායකත්වයෙන් යුත් ස්පාඤ්ඤ කණ්ඩායම අතර තරගයයි. තරගය රුසියාවේ සෝචිහීදී පැවැත්විය. 78,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ පැවති තරගය ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගැනිණි . තරගයේ පළමු අර්ධයේ සිව්වන මිනිත්තුවේදී පෘතුගාලය කණ්ඩායමට හිමිවූ දඬුවම් පහරක් මත ක්‍රියාත්මකවූ පෘතුගාල නායක ක්‍රිස්ටියානු රොනාල්ඩෝ තරගයේ පළමු ගෝලය රැස් කිරීමට සමත්විය. ඒ අනුව ක්‍රියාත්මකවූ ප්‍රතිවාදී ස්පාඤ්ඤය පළමු අර්ධයේ 24 වන මිනිත්තුවේදී ගෝලයක් රැස් කළේය. සෝචිහී ෆිෂ්ට් ක්‍රීඩාංගණය උණුසුම් කරමින් පැවති තරගයේ පළමු අර්ධය නිමාවට පත් වනවාත් සමගින් 44 වන මිනිත්තුවේදී තවත් ගෝලයක් රැස් කර ගැනීමට පෘතුගාලය සමත්විය. ඒ අනුව පළමු අර්ධය අවසන් වූයේ ගෝල 2 ට 1 ක් ලෙසින් පෘතුගාල කණ්ඩායම තරගයේ පෙරමුණේ පසුවෙමිනි. ආක්‍රමණශිලී තරග රටාවක නිරතවෙමින් තරගයේ 55 වන හා 58 වන මිනිත්තුවලදී නැවතත් ක්‍රියාත්මකවූ ස්පාඤ්ඤය තවත් ගෝල දෙකක් රැස් කර ගත්තේය. සමස්ත තරගය පුරා විශිෂ්ඨ දක්ෂතා ප්‍රදර්ශනය කළ පෘතුගාලය දෙවන අර්ධය ද නිමාවට පත්වීම සදහා මිනිත්තු දෙකක් තිබියදී තවත් ගෝලයක් රැස් කරගැනීමට සමත්විය. ඒ අනුව සමස්ත තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත්වූයේ ගෝල 3 බැගින් රැස් කරගනිමින් දෙපිලම සම තත්ත්වයේ පසුවෙමිනි. තරගයේ වීරයාට හිමි සම්මානය පෘතුගාලය වෙනුවෙන් සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රෝනාල්ඩෝ හිමි කර ගත්තේය . මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය රුසියාවේ සත්කාරකත්වයෙන් නගර 11 ක ක්‍රීඩාංගණ 12 ක පැවැත්වේ. මේ අතර ඊජිප්තුව හා උරුගුවේ කණ්ඩායම් අතර පැවති උරුගුව ගෝල 1 - 0ක් ලෙස ජය වාර්තා කළේය. මොරොක්කෝව සමග පැවති තරගයෙන් ගෝල 1 - 0 ක් ලෙස ජය ගැනීමට ඉරානය සමත් විය.
2018-06-15T21:17:18.000Z
සෙමින් ගොඩ නැගෙන කොදෙව් ඉනිම ශ්‍රී ලංකාවට අභියෝගයක්වන ලකුණු
සෙමින් ගොඩ නැගෙන කොදෙව් ඉනිම
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද තුන්වැනි දිනටත් පැවැත්වේ. ඊයේ දිනය අවසන් වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 2 ක් දැවී, ලකුණු 118 ක් රැස් කරගෙන සිටියේය. ශාන්ත ලුසියාහිදී පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 253ක් රැස් කළේය. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 119 ක් ලබා ගත්තේය. කුසල් මෙන්ඩිස් ලකුණු 45 ක් රැස් කළේය . ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් 6 දෙනෙකුටම ලකුණු 10 යේ සීමාව පසුකිරීමට හැකිවූයේ නැහැ . පන්දු යැවීමේදී ෂැනොන් ගාබ්‍රියෙල් කඩුලු 5 ක් දවා ගත්තේය. කෙමර් රොච් කඩුලු 4 යි . පිළිතුරු සිය පළමු ඉනිම සදහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ලේ සබඳතාවය ලකුණු 59කි. ඊයේ දිනයේදී තරගයට වර්ෂාවෙන් ද බාධා එල්ල විය. කොදෙව් ඉනිමේ දෙවන කඩුල්ල ලකුණු 115දී දැවී ගියේය. ඊයේ දිනය නිමාවන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ඩෙවෝන් ස්මිත් නොදැවී ලකුණු 53 ක් ලබා සිටියේය.
2018-06-15T20:45:20.000Z
නිව්ස්ෆස්ට් - එස්ලොන් දැනමුතු සායනය මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදී
නිව්ස්ෆස්ට් - එස්ලොන් දැනමුතු සායනය මහනුවරදී
COLOMBO (News 1st) - නිව්ස්ෆස්ට් - එස්ලොන් දැනමුතු සායනය අද සහ හෙට මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හිදී පැවැත්වේ. සොඳුරු කැදැල්ලක සිහිනය සැබෑ කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දීමට මෙම දැනමුතු සායනයේදී කටයුතු යොදා තිබේ. ගෘහ නිර්මාණ ශිල්පීන්, ජ්‍යෝතිෂ්‍යවේදීන්, සිවිල් ඉංජිනේරුවන් මේ සියලු දෙනා දැනමුතු සායනයේදී හමුවීමට අවස්ථාව හිමි වීම විශේෂත්වයකි. මෙහිදි පොඩිත්තන් වෙනුවෙන් කිඩ්ස්ෆස්ට් තිර පරීක්ෂණ සහ චිත්‍ර තරගයක් ද පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. දැනමුතු සායනය උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා පැවැත්වේ. මේ, දැනමුතු සායනය පිළිබඳ තොරතුරු ගෙන එන නිව්ස්ෆස්ට් අධ්‍යක්ෂ, සාමාන්‍යධිකාරි යසරත් කමල්සිරි මහතා. [audio mp3="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/06/YASARATH-KAMALSIRI-.mp3"][/audio]
2018-06-15T20:50:46.000Z
අමෙරිකානු ජනපතිගේ හිටපු ප්‍රචාරක කළමනාකරු රක්ෂිත බන්ධනාගාරයට
ට්‍රම්ප්ගේ හිටපු ප්‍රචාරක කළමනාකරු රිමාන්ඩ්
(News 1st) - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු ප්‍රචාරක කළමනාකරු පෝල් මනාෆෝට් නඩු විභාගයකින් තොරව බන්ධනාගාරගත කිරීමට වොෂින්ටන් ඩී සී විනිසුරුවරයෙකු විසින් නියෝග කරනු ලැබ තිබේ. වොෂින්ටන් ඩී සී විනිසුරුවරයා පෝල් මනාෆෝට් බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත්තේ ඔහුගේ ඇප අයැදුම්පත ද අවලංගු කරමිනි. ඔහුට එල්ල වන චෝදනාව වන්නේ ජංගම දුරකතන භාවිත කරමින් ඇප කොන්දේසි කඩ කිරීමයි . මේ අතර බදු වංචා, මුදල් විශුද්ධිකරණය හා නීති විරෝධී බලපෑම් කිරීම යන චෝදනා ද පෝල් මනාෆෝට්ට එල්ල වේ. විදෙස් වාර්තාවන්හී දැක්වෙන්නේ පෝල් මනාෆෝට් නඩු විභාගය තවත් අලෙවිකරණ ව්‍යායාමයක් ලෙස සැළකූ බව අමෙරිකානු දිසා විනිසුරු අමී බර්මන් ජැක්සන් ප්‍රකාශ කළ බව ය. මෙය ඉතා අසාධාරණ ක්‍රියාවක් බව සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේය. පෝල් මැනාෆෝර්ට් පැනවූ දඬුවම දැඩි බවත් තව දුරට ත් නඩු විභාගය සඳහා ඔහු නොයා යුතු බවත් ජනපතිවරයා වැඩි දුරට ත් ප්‍රකාශ කළේය.
2018-06-15T20:43:09.000Z
පරිත්‍යාගයට මුල්තැන දෙමින් ඉස්ලාම් බැතිමත්හූ රාමසාන් සමරති
ඉස්ලාම් බැතිමත්හූ රාමසාන් සමරති
COLOMBO (News 1st) - ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන ඊදුල් ෆීතර් හෙවත් රාමසාන් උත්සවය ‍අදට යෙදී තිබේ. ඉස්ලාම් දින දර්ශනයට අනුව ෂවුවාල් මාසයේ නව සඳ ඊයේ දැකීමෙන් අනතුරුව කොළඹ මහ පල්ලිය රාමසාන් දින සැමරුම අද පැවැත්වීමට තීරණය කළේය. ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උත්සවය සමරන්නේ මාසයක උපවාසයකින් අනතුරුවයි. මේ අතර රාමසාන් දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන් මහතා පැවසුවේ ඉස්ලාම් බැතිමතුන් පරිත්‍යාගය, සාමය හා ගෞරවය මුල් කර ගත් රාමසාන් උත්සවය මුළු මහත් ලෝකයටම උතුම් පණිවුඩයක් ලබාදෙන බව ය. ලෝක ප්‍රජාව කෙරෙහී සාමය හා සංහිඳියාව ප්‍රවර්ධනය කර ගනිමින් සහන ශීලි ජීවන රටාවක් නිර්මාණය කරගත හැක්කේ, අන්‍යයන් කෙරෙහී සංවේදීවීම තුළින් බව පෙන්වා දෙන ජනාධිපතිතුමා රාමසාන් දිනයේදී සමස්ත ශ්‍රී ලංකාවාසී හා ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන්ට සිය සුබ පැතුම් පල කළේය. තමන් තුළ පවත්නා දුර්ගුණ දමනය කරමින් මනුෂ්‍යත්වයේ හා පරිත්‍යාගශීලිත්වය ගොඩනැංවීමට රාමසාන් උපවාස සමයෙන් මහත් පන්නරයක් ලබාදෙන බව අග්‍රමාත්‍යවරයා නිකුත් කළ රාමසාන් දින සුබ පැතුම් පණිවුඩයේ දැක්වේ. මෙය මුස්ලිම් ජනතාවට පමණක් නොව සමස්ත මානව වර්ගයාටම නව ජීවන් දැක්මක් ලබාදෙන වටිනාආගමික පිලිවෙතක් බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබපැතුම් පණිවුඩයෙන් පෙන්වා දෙන්නේය.
2018-06-15T20:20:17.000Z
විදෙස් තැපැල් මළු දහසක් කටුනායක ගුවන් තොටුපොළේ ගොඩ ගැසේ
විදෙස් තැපැල් මළු දහසක් කටුනායක ගොඩ ගැසේ
COLOMBO (News 1st) - සිය වැඩ වර්ජනය හේතුවෙන් විදෙස් තැපැල් මළු දහසකට ආසන්න ප්‍රමාණයක් කටුනායක ගුවන් තොටුපොළේ ගොඩගැසී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසයි. එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ සිය වර්ජනයෙන් මේ වනවිට සියලු තැපැල් සේවා අඩාල වී ඇති බව ය. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ මෙන්ම දිවයින පුරා තැපැල් කාර්යාලවලද ලිපි විශාල සංඛ්‍යාවක් ගොඩගැසී ඇතැයි ඔහු සඳහන් කළේය.
2018-06-15T20:13:37.000Z
කතරගම පොලීසියට වැඩිපුර නිලධාරීන්
කතරගම පොලීසියට වැඩිපුර නිලධාරීන්
COLOMBO (News 1st) - කතරගම පොලීසිය සඳහා වැඩිපුර නිලධාරීන් යොදවන ලෙස උපදෙස් ලබා දී ඇතැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිට කතරගම ප්‍රදේශයේ ආරක්ෂාව තරකර ඇති බව ය. මේ අතර අපරාධ සිදුකර මෙරටින් පලාගොස් විදේශයන්හී සැඟවී සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා පවසයි.
2018-06-15T20:05:18.000Z
වායු ගෝලීය කැළඹීම් හා විපර්යාස අධ්‍යයනයට අමෙරිකානු විශේෂඥයින් පිරිසක් දිවයිනට
අමෙරිකානු විශේෂඥයින් පිරිසක් දිවයිනට
COLOMBO (News 1st) - මෙරට ඉහළ අහසේ සිදුවන වායු ගෝලීය කැළඹීම් හා විපර්යාස පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා අමෙරිකානු විශේෂඥයින් පිරිසක් ඊයේ දිවයිනට පැමිණියේය. ඔවුන් පැමිණියේ අමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ පර්යේෂණ උපකරණ සහිත ගුවන් යානයකිනි. ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය එක්ව සිදුකරන අධ්‍යයනයට එක්වීම සඳහා මෙම අමෙරිකානු ගුවන් හමුදාවට අයත් හරිකේන් හන්ටර්ස් බල ඇණිය දිවයිනට පැමිණ තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ, කාලගුණ විපර්යාස පිළිබඳ විශේෂඥයින් පිරිසක් මෙම යානයෙන් දිවයිනට පැමිණි බවයි. නාරා ආයතනයේ ව්‍යාපෘතියක් සඳහා මොවුන් මෙලෙස පැමිණ තිබේ. පර්යේෂණ කටයුතු සඳහා ශ්‍රී ලාංකික විශේෂඥයින් පිරිසක් ද අයත්. මේ දිවයිනට පැමිණීමෙන් අනතුරුව නිව්ස්ෆස්ට් වෙත අදහස් දැක්වූ ශ්‍රී ලාංකික විද්‍යාඥ, මහාචාර්ය හරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා. [audio mp3="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/06/06-16-PRO-HARENDRA-01-NEW.mp3"][/audio] මහාචාර්ය හරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙම පර්යේෂණ හරහා ලබාගන්නා දත්ත ඔස්සේ ස්වභාවික ආපදා අවම කර ගැනීමේ අවස්ථාව හිමිවන බව ය. [audio mp3="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/06/06-16-PRO-HARENDRA-02-NEW.mp3"][/audio] https://www.facebook.com/NewsfirstSL/videos/1986971888029726/
2018-06-15T09:33:12.000Z
මහේල, මුරලි සහ මහානාම ක්‍රිකට් උපදේශකයින් ලෙස එක්වන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
මහේල, මුරලි සහ මහානාමගේ අවසන් තීන්දුව
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයින් ලෙස කටයුතු කරන්නැයි කල ඉල්ලීම හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ප්‍රතික්ෂේප කර තිබේ. ක්‍රිකට් පරිපාලන කටයුතු සඳහා උපදේශකවරුන් ලෙස කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා සහ රොෂාන් මහානාම යන මහත්වරුන් ඇතුළත් කමිටුවක් පත් කිරීමට යෝජනා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ඊයේ නිවේදනය කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් මහේල ජයවර්ධන මහතා පවසා තිබුණේ පසුගිය සමයේ වසරක කාලයක් ක්‍රිකට් කමිටුවක සහ මාස 6 ක කාලයක් විශේෂ උපදේශක කමිටුවක සාමාජිකයෙකු ලෙස කටයුතු කළ නමුත් කිසිඳු නිර්දේශයක් එම කමිටුවලින් ඉදිරිපත් නොවූ බව ය‍. පවතින ක්‍රමවේදය පිළිබඳව තමන්ට කිසිඳු විශ්වාසයක් නැතැයි ඔහු සඳහන් කර තිබුණි. මහේල ජයවර්ධන මහතා ඉල්ලා තිබුණේ කාලය අපතේ හරින මෙවැනි නිෂ්ඵල කටයුතු සඳහා තමන් භාවිත නොකරන ලෙස ය. මේ අතර ඈෂ්ලි ද සිල්වා මහතාගේ නිවේදනයට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක රොෂාන් මහනාම මහතා ද ප්‍රතිචාර දක්වා තිබේ. ඔහු පවසා සිටියේ අවංකභාවය, විනිවදභාවය හා දේශපාලන අතගැසීම්වලින් තොර අවස්ථාවක ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් එක් වීමට තමන් සූදානම් බව ය. මෙම අවස්ථාව තුළ තමා එවැන්නක් නොදකින බැවින් ඒ සදහා එක් විය නොහැකි බව රොෂාන් මහානාම මහතා ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් යවමින් දන්වා තිබේ. මේ අතර මුත්තයියා මුරලිදරන් මහතා දන්වා සිටියේ යෝජනාවට ස්තූතිවන්ත වන නමුත් මෙම තීරණය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරිපාලන වශයෙන් මෙවන් දරුණු තත්ත්වයකට පත්වන තෙක් බලා සිටීම කණගාටුවට කරුණක් බව ය. තනතුර ප්‍රතික්ෂේප කරන මුරලිදරන් මහතා මහේල ජයවර්ධන මහතාගේ ප්‍රකාශය තමන්ද අනුමත කරන බව පවසයි. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අභියාචනා තීන්දුවෙන් පස්සේ මට බලයලත් නිලධාරියෙක් පත් කරන්න වුණා. ඒ වගේම රටේ ක්‍රිකට් වලට ඉදිරි ගමනට අපිට අපේ ක්‍රිකට් ක්‍රීඩකයින් සේවය අත්‍යවශයයි කියන එක අපි දන්නා කවුරුත්. ඒ වගේ මේ උදවිය රටේ සම්පතක්. ඒ නිසා මේ අවස්ථාවේදී මේ ප්‍රතික්ෂේප කරන එක කොච්චර සදාචාරාත්මකද කියලා මම ඒ උදවියගෙන්ම අහන්න කැමති. හේතුව ඒ උදවිය ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් යමක් ලබලා තියෙනවා. අපි බලන්න ඔනේ යමත් ලබලා තියෙනවා නම් ඒ තුළින් නැවත මොනවද අපි දෙන්න ඔනේ කියන එක. කෙනෙකුට ඇගිල්ල දික් කරලා.ක්‍රමවේදයට ඇගිල්ල දික් කරන එක කරන්න පුලුවන්.හැබැයි මම ක්‍රීඩා ඇමති හැටියට වගකීමෙන් ක්‍රීඩා කරනවා. මම ඒ උදවියට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ස්වාධීනව වැඩ කරන්න අවස්තාව ලබා දීලා තියෙනවා.ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට්වල ඉදිරි ගමනට ඒගොල්ලන්ගේ සේවය අත්‍යවශයයි කියන එක ගැන අපි සියළු දෙනාම දන්නා කාරනාවක්.ඒ නිසා ඒගොල්ලන් නැවත ඒ පිලිබද සලකා බැලිය යුතුයි නියක එකයි මගේ මතය. https://www.facebook.com/NewsfirstSL/videos/1986278554765726/
2018-06-15T08:46:57.000Z
මුස්ලිම් බැතිමත්හූ හෙට රාමසාන් සමරති
මුස්ලිම් බැතිමත්හූ හෙට රාමසාන් සමරති
COLOMBO (News 1st) - නව සඳ දිස්වීම හේතුවෙන් රාමසාන් උත්සවය හෙට පැවැත්වෙන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය. මුස්ලිම් බැතිමතුන් රාමසාන් උත්සවය සමරන්නේ, මාසයක උපවාසයකින් අනතුරුවයි.
2018-06-15T08:30:18.000Z
අන්තර්ජාලයේ හුවමාරු වන බොරු ප්‍රවෘත්ති (Fake News) හඳුනාගන්නේ කෙසේද?
අන්තර්ජාලයේ බොරු ප්‍රවෘත්ති හඳුනාගන්නේ කෙසේද?
COLOMBO (News 1st) - බොරු ප්‍රවෘත්ති හෙවත් Fake News යනු ලෝකය පුරා මේ වනවිට බොහෝ දෙනෙකු අවධානය යොමු කරන සහ බොහෝ දෙනෙකු අපහසුතාවයට පත්කරන කරුණක්. නීති රීති සහ සම්ප්‍රදාය නිසාම පුවත්පත් සහ රූපවාහිනී මාධ්‍ය කලාව තුල එතරම්ම බොරු ප්‍රවෘත්ති ප්‍රචාරණයක් සිදු නොවූවත්, වර්තමානයේ ෆේස්බුක් වැනි සමාජජාල මාධ්‍ය හරහා බොරු පුවත් ඉතා සීඝ්‍රයෙන් හුවමාරු වනවා. ඒ හරහා ජීවිත හානි පවා සිදුවී ඇති අතර ලෝකයේ දේශපාලන සහ ආර්ථික රටාවට ඉන් ඇතිවුණ බලපෑමත් ඉතා විශාලයි. බොරු ප්‍රවෘත්ති යනු? බොරු පුවතක් යනු කිසියම් හෝ කූඨ අරමුණක් සහිතව, හිතා මතාම කරුණු විකෘති කරමින් හෝ මවා පාමින් මූලාශ්‍ර රහිතව පළ කරන පුවතක්. බොරු පුවත් පළ කරන්නේ ඇයි? බොරු පුවත් පළකරන්නාට විවිධ අරමුණු තිබිය හැකියි. සමහර විටක බොහෝ දුරදිග සිතා බලා යම් ව්‍යාපාරික හෝ දේශපාලන අරමුණක් වෙනුවෙන් මෙම පුවත් පළකරන්න යම් පාර්ශවයක් කටයුතු කල හැකියි. එසේම පුද්ගලයෙකුගේ හෝ ආයතනයක කිර්තිනාමය විනාශ කිරීමට ද බොරු පුවත් යොදාගත හැකියි. කිසිස්දු සැලසුමකින් තොරව සමාජයට වැරදි තොරතුරක් ලබාදී පොදු ජනතාව රැවටෙන අයුරු දෙස බලා සතුටු වීමේ මානසිකත්වයකින් යුතු පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට වුවත් ව්‍යාජ පුවත්/ බොරු පුවත් පළ කල හැකියි. බොරු පුවත් වල විකාශණය මානව ශිෂ්ඨාචාරය තරම්ම දුර ඉතිහාසයකට උරුමකම් කියන අතර පළමුවන සියවසේදී මාර්ක් ඇන්තනී නම් වූ රෝමානු දේශපාලකයා සියදිවි නසාගැනීමට හේතුවද ඔහු පිළිබඳ පැතිරුණු වැරදි ආරංචියක් බවයි වාර්තා වන්නේ. ව්‍යාජ පුවත් හදුනා ගන්නේ කෙසේද? බොරු පුවත් හදුනා ගැනීමට නම් ඔබට යම් ප්‍රමාණයක බුද්ධියක් මෙන්ම ලෝක ස්වභාවය ගැන අවබෝධයක් තිබිය යුතුයි. බැලූ බැල්මට සාමාන්‍ය පුද්ගලයෙකුට නම් බොරුවක් බව හැගී යන බොහෝ පුවත්, ජායාරූප හෝ වීඩියෝ දර්ශණ දුටු සැනින් ඇත්තක් සේ සළකා හුවමාරු කරගන්නා අය අපේ සමාජයේ ඉතා සුලභයි. 2016 වසරේදී ඇමරිකානු ජනාධිපතිවර්ණ සමයේදී කල සමීක්ෂණය්කදි හෙලිවී තිබෙන්නේ ජනාධිපතිවරණය පිළිබඳ බොරු පුවත් 20ක් ඒ පිළිබඳව පළ කල නිවැරදි පුවත් 20කට වඩා වැඩි ජනතා අවධානයක් දිනාගෙන ඇති බවයි. ශ්‍රි ලංකාවේදී මෙම තත්වය වඩාත් දරුණුයි. නිවැරදි කරුණු මත පදනම්ව ලියූ විශ්ස්වාසනීය පුවත් කිසිවෙකුටත් ආශ්වාදයක් ගෙන එන්නේ නෑ. නමුත් ව්‍යාජ පුවත් සමාජය ඉතා ඉක්මනින් තිගැස්මකට ලක්කරන අතර පුවතක නිරවද්‍යතාවය හදුනා ගැනීමට නොහැකි තරමු අඩු බුද්ධි මට්ටමක් සහිත පුද්ගලයින්ට එයින් තමන්ගේ ජාතිවාදී, ආගම්වාදී සහ සමහරක් පරිභෝජනවාදී හැගීම් ඉක්මනින්ම දෙගුණ තෙගුණ වනවා. ව්‍යාජ පුවත් පළකරන්නන්ගේ අරමුණත් එයයි. පුස්තකාල සංගම්වල ලෝක සම්මේලනය ( International Federation of Library Associations and Institutions - IFLA) විසින් ව්‍යාජ පුවත් හදුනා ගැනීම සඳහා මහජනතාව අවධානය යොමුකළ යුතු කරුණු කිහිපයක් පිළිබඳව සරළ පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. බොරු පුවතක් හදුනාගැනීම සදහා පහත සදහන් කරුණු කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න. 1. මූලාශ්‍රය සොයන්න. 2. සිරස්තලය පමණක් නොව මුලු පුවතම කියවන්න. 3. පුවත් රචකයා හෝ වාර්තා කරු පිළිබඳව සොයන්න. 4. පුවත සනාථ කරන බාහිර මූලාශ්‍ර කෙරෙහිද අවධානය යොමු කරන්න. 5. පුවත පළකල දිනය බලන්න. 6. එය විහිලුවක්ද යන්න තහවුරු කරගන්න. 7. එම පුවත නිසා ඔබේ සිතුවිලි වලට ඇතිවූ බලපෑම ගැන නැවත සිතන්න. 8. පුවත පිළිබඳව වැඩි අවබෝධයක් සහිත පාර්ශවයකින් විමසන්න. ව්‍යාජ පුවත් නිසා සිදුවූ බරපතළ හානි පිළිබඳව උදාහරණ ලෝක ඉතිහාසයේ ඕනෑ තරම් ඇති අතර මේ වන විට නිදහස්ව තොරතුරු ගලා යන සමාජයක ජීවත් වන අපගේ ජීවිත වලට එල්ල කරන බලපෑම ඉතා ප්‍රභලයි. පසුගිය දශකයේදී ෆේස්බුක් වැනි සමාජජාල මාධ්‍ය වල සීඝ්‍ර ව්‍යාප්තිය නිසා සහ එම මාධ්‍ය වල තොරතුරු ගලා යාමට කිසිදු නියාමනයක් නොමැති නිසාත් මෙම බොරු/ ව්‍යාජ පුවත් අර්බුදය උග්‍ර වී තිබෙනවා. ෆේස්බුක් සමාගම මේ වනවිට මෙම ව්‍යාජ පුවත් හදුනාගනිමින් ඒවා පැතිරයාම වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ. ශ්‍රී ලංකාවේ ජීවත්වන අපද ඉතා ඉක්මනින්ම බොරු ප්‍රචාරයන්ට රැවටෙන සුලු ජාතියක්. බොහෝ විට ඉතා සාමකාමීව විසදාගත හැකිව තිබූ සුලු සුලු ජනවාර්ගික සහ ආගමික ගැටලූන් බොරු ප්‍රචාරයන් හරහා විශාල සමාජ අර්බුදයන් බවට පත්වූ අවස්ථා ශ්‍රී ලංකා ඉතිහාසයේ සුලභයි. මෙම ලිපියේ අරමුණ ඔබ වඩාත් අවබෝධයෙන් යූතු මිනිසෙකු ලෙස නිදහසේ තොරතුරු සංසරණය වන මෙම යුගයේදී කල්පනාකාරීව කටයුතු කිරීමට පෙළඹවීමයි. එම නිසා මින් මතුවට සත්‍ය අසත්‍යතාවය පිළිබඳව නිසි පිරික්සීමකින් තොරව කිසිදු පුවතක් එකිනෙකා අතර හුවමාරු කිරීමට දායකත්වය දක්වන්න එපා. ඔබේ අවබෝධය අපේ රට මීට වඩා සුන්දර කිරීමට බොහෝ දායකත්වයක් දක්වනු ඇත.
2018-06-15T05:16:02.000Z
උඩුදුම්බර, පොප්පිටිය පාලම ගම්මැද්දෙන් ජනතා අයිතියට
උඩුදුම්බර, පොප්පිටිය පාලම ගම්මැද්දෙන් ජනතා අයිතියට
COLOMBO (News 1st) - ගම්මැද්ද ගමින් - ගමට වැඩ දහසක් ව්‍යාපෘති මාලාව යටතේ පැවති 615 වන ව්‍යාපෘතිය වන මහනුවර, උඩුදුම්බර, පොප්පිටිය පාලම අද ගම්මැද්දෙන් ජනතා අයිතියට පත් කෙරිණි. මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ , පොප්පටිය ප්‍රදේශයේ පවුල් 500 කට අධික පිරිසක් ජීවත් වේ. මෙම ගම්මානයට පිවිසෙන එකම පිවිසුම් මාර්ගය වූ ගෙදරඔය හරහා වැටී ඇති ඉලුක්පැන්න සපත්තු පාලම කලක සිට අබලන්වීම හේතුවෙන් ගම්මුන් මුහුණපා තිබුනේ දැඩි දුෂ්කරතාවයකටයි. අධික වර්ෂාවක් සහිත දිනවලදී කිලෝමීටර 5 ක දුරක් ගෙවා තම නිවෙස් කරා ගමන් ගන්නා වූ මේ ගම්මුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ ගොවිතැන් කටයුතු සඳහා ද මෙය දැඩි බාධාවක්ව පැවතුණි. ප්‍රදේශවාසීන් එක්ව මේ පිළිබඳව ගම්මැද්ද මහ ලේකම් කාර්යාලයට කළ ඉල්ලීමකට අනුව සපත්තු පාලම එම ස්ථානයෙන් ඉවත්කොට අඩි 60 කින් සමන්විත නව පාලමක් ඉදි කෙරිණි . මේ සදහා අනුග්‍රහය දැක්වූයේ MAS ඉන්ටිමේට්ස් පෞද්ගලික සමාගමයි. පාලම ජනසතු කිරීමේ උත්සවයට කැපිටල් මහරාජා ආයතනයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල්, නිව්ස්ෆස්ට් අධ්‍යක්ෂ සාමාන්‍ය අධිකාරී යසරත් කමල්සිරි, නිව්ස්ෆස්ට් පරිපාලන අධ්‍යක්ෂ කිත්සිරි දයානන්ද, ගම්මැද්ද මහලේකම් ප්‍රසන්න අතුකෝරාළ, කණ්ඩායම් කණ්ඩායම් නායක අමීන් අස්හර්, MAS ඉන්ටිමේට්ස් පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු, එම ආයතනයේ නිෂ්පාදන අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු සහ මානව සම්පත් අධ්‍යක්ෂ දිනාල් පීරිස් යන මහත්වරුන් එම අවස්ථාවට එක්ව සිටියහ. https://www.facebook.com/newsfirst.gammadda/videos/1806144239441814/
2018-06-15T02:46:55.000Z
නජීබ් රසාක්ට නඩු පැවරීමේ සූදානමක්
නජීබ් රසාක්ට නඩු පැවරීමේ සූදානමක්
(News 1st) - මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට මුදල් විශුද්ධිකරණය හා රාජ්‍ය දේපල අවභාවිතය යන චෝදනා මත නඩු පැවරීමට එරට විමර්ශකයින් සූදානම් වේ. ඔහුට එරෙහි චෝදනාව වන්නේ එම්.ඩී.බී. නමැති රාජ්‍ය අරමුදලින් මුදල් අවභාවිත කිරීම ය. එම අරමුදලෙන් ඩොලර් මිලියන ගණනක මුදල් හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික ගිණුම්වලට බැර කළ බවට වාර්තා පළව තිබේ. කෙසේ වෙතත් නජීබ් රසාක් තමාට එරෙහිව එල්ල වන චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේ ය. මලයාසියානු නව අග්‍රාමාත්‍ය මහාතීර් මොහොමඩ් කියා සිටියේ, අදාළ රාජ්‍ය අරමුදලෙන් සොරාගත් මුදල් යළි අය කර ගැනීමට කටයුතු කරන බව ය. වගකිවයුතු පුද්ගලයින්ට දඬුවම් ලබා දෙන බව ද මහාතීර් මොහොමඩ් අවධාරණය කළේ ය. මලයාසියානු නව නීතිපති ටොමී තෝමස් කියා සිටියේ, අපරාධ හා සිවිල් විධාන යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යයනය කරමින් සිටින බව ය. එම චෝදනාවට වරදකරු වන අයෙකුට මලයාසියාවේ නීතිය අනුව වසර 5ක උපරිමයක් දක්වා සිර දඬුවම්, දඩ මුදල් හා කස පහර ලබා දිය හැකි ය. කෙසේ වෙතත් වයස අවුරුදු 50ට වඩා වැඩි පුද්ගලයින්ට කස පහර ලබා නොදෙනු ඇති.
2018-06-15T01:34:40.000Z
සිංහරාජයේ අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බව ඇමති සරත් ෆොන්සේකා කියයි
සිංහරාජයේ අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම් අඛණ්ඩව
COLOMBO (News 1st) - සිංහරාජ වනාන්තරයේ සිටින වන අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ, එම වන අලි දෙදෙනා රක්ෂිතයේ ම රඳවා තබන ලෙසට තමාට හෝ නිලධාරීන්ට කිසිදු නියෝගයක් නොලැබුණු බව ය. සිංහරාජ රක්ෂිතයේ සැරිසරන අලි දෙදෙනා විධිමත් ක්‍රමවේදයකින් තීරණයක් ගන්නා තුරු තවදුරටත් එම රක්ෂිතයේ ම රඳවා තබන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නේ ය. එහෙත් ඒ සම්බන්ධයෙන් තමාට උපදෙස් නොලැබීම හේතුවෙන් ජනාධිපතිතුමා සමග අද ඒ පිළිබඳව සාකච්ඡා කළ බව සරත් ෆොන්සේකා මහතා පවසයි. වන අලි දෙදෙනා අල්ලා හොරොව්පතාන රක්ෂිතයට තාවකාලිකව මුදා හැරීමට ජනාධිපතිතුමා එහිදී අනුමැතිය දුන් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේ ය. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළේ අලි දෙදෙනාගේ සහ එම ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව සඳහා තාවකාලිකව මෙම පියවර අනුගමනය කරන බව ය. සිංහරාජය තුළ අක්කර 50ක පමණ ආරක්ෂාකාරී භූමියක් කොටු කර යළි එම අලි දෙදෙනාව සිංහරාජ රක්ෂිතයට ගෙන එන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. කෙසේ වෙතත් වන අලි දෙදෙනා හොරොව්පතාන රක්ෂිතයට මුදා හැරීම සම්බන්ධයෙන් පරිසරවේදීහු තවදුරටත් සිය විරෝධය පළ කරති. යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සිංහරාජ වනාන්තරයේ මේ වන විට දිවි ගෙවන්නේ මෙම වන අලි දෙදෙනා පමණි. එම අලි තෙත් කලාපීය පරිසර පද්ධතිවලට හුරුවූවන් ය. එම වන අලි ඉන් ඉවත් කිරීමට යුනෙස්කෝ සංවිධානය ද වනජීවී අමාත්‍යංශයෙන් කරුණු විමසා තිබේ. ඒ සම්බන්ධයෙන් ද නිව්ස්ෆස්ට් තිරසර සංවර්ධන, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, සිංහරාජ රක්ෂිතයෙන් අලි දෙදෙනාව ඉවත් කිරීම සම්බන්ධයෙන් යුනෙස්කෝ සංවිධානය සිය විරෝධය පළ කරමින් ලිපියක් යොමු කර ඇති බව ය. කෙසේ වෙතත් අමාත්‍යවරයා පවසන්නේ අලි දෙදෙනාගේ සහ මිනිසුන්ගේ ජීවිතවල ආරක්ෂාව පිළිබඳව සලකා බලා මෙම පියවර ගන්නා බව ය.
2018-06-15T00:38:41.000Z
කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිගේ ඝාතනය
COLOMBO (News 1st) - කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල් සම්පත් මහතා වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අදාළ සැකකරු කහව ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී ය. පසුගිය 8 වන දා කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කළේ, ගාල්ල කොරකීණ මන්සන්ධිය ආසන්නයේදී ඔහු කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී ය. ඩොනල් සම්පත් මහතා හා තවත් තිදෙනෙකු කැබ් රථයකින් ඌරගස්මන්සන්ධිය දෙස සිට කරන්දෙණිය දෙසට ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ඔවුන්ට වෙඩි තබා තිබිණි.
2018-06-14T20:50:18.000Z
හෙරොයින් තොගයක් සමග වෙළේ සුදාගේ සහයකයෙකු අත්අඩංගුවට
හෙරොයින් තොගයක් සමග වෙළේ සුදාගේ සහයකයෙකු කොටුවෙයි
COLOMBO (News 1st) - පිළියන්දල මාවිත්තර ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් සමග වෙළේ සුදාගේ සහයකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් කළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගත් බව ය. එහිදී සැකකරු සතුව තිබී සොයා ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 2කි. ඊට අමතරව ගිනිඅවි සහ උණ්ඩ තොගයක් ද සොයා ගෙන ඇතැයි පොලීසිය පැවසුවේ ය.
2018-06-15T00:03:51.000Z
ඔස්ට්‍රේලියාවේ සිට එවූ හූනන් විශේෂයක් රේගු භාරයට
ඔස්ට්‍රේලියාවේ සිට එවූ හූනන් විශේෂයක් රේගු භාරයට
COLOMBO (News 1st) - ඔස්ට්‍රේලියාවේ සිට කුරියර් සේවාව හරහා මෙරටට එවන ලද හූනන් විශේෂයකට අයත් සතුන් 32 දෙනෙකු රේගු භාරයට ගෙන තිබේ. රේගු වැඩබලන මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසුවේ, පරිගණක උපාංග තුළ බහා මෙම සතුන් තොගය සූක්ෂම ලෙස කළුතර ප්‍රදේශයේ ව්‍යාජ ලිපිනයක් වෙත එවා ඇති බව ය. මෙරටට ආවේණික නොවන හූනන් විශේෂයකට අයත් එම සතුන් 32 දෙදෙනා පිළිබඳව මේ වන විට රේගුවේ ජෛව විවිධත්ව ඒකකය මගින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේ ය. වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ, එම සතුන් හානිකර මෙන් ම ආක්‍රමණශීලී සත්ත්ව විශේෂයක් විය හැකි බවට සැක කරන බව ය.
2018-06-14T23:52:19.000Z
සීමිත ඉඩ සහිත ගෙවතුවල පළතුරු වගාව සඳහා දිරි ගැන්වීමට පියවර
පළතුරු වගාව සඳහා දිරි ගැන්වීමට පියවර
COLOMBO (News 1st) - සීමිත ඉඩ සහිත ගෙවතු සහ තට්ටු නිවාසවල පළතුරු වගාව සඳහා ගෘහණියන් දිරි ගැන්වීමට කෘෂීකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම වැඩපිළිවෙළ නාගරික නිවාස සඳහා ඉතාම යෝග්‍ය බව ය. රසායනික පොහොර හා කෘමිනාශකවලින් තොරව කාබනික පොහොර හා ජෛව පාලන ක්‍රම මගින් වගාව සාර්ථකව පවත්වාගෙන යාමට ඇති හැකියාව මින් අත්වන වාසි බව දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
2018-06-14T22:48:18.000Z
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී රුසියාවෙන් ලෝක වාර්තාවක්
රුසියාවෙන් ලෝක වාර්තාවක්
(News 1st) - 1934 වසරට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක සමාරම්භක තරගයක් වැඩි ම ගෝල පරතරයකින් ජය ගත් සත්කාරක කණ්ඩායම ලෙස රුසියාව ඉතිහාසයට එක් වෙයි. ඒ, මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු තරගය ගෝල 5ට 0ක් ලෙස විශිෂ්ට ලෙස ජය ගනිමිනි. මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය රුසියාවේ මොස්කව්හිදී අති උත්කර්ෂවත් ලෙස ඊයේ ආරම්භ විය. 78000කට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ ලුස්නිකි ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගයේදී සත්කාරක රුසියාවේ ප්‍රතිවාදීන් වූයේ සෞදි අරාබිය යි. තරගය ආරම්භයේ සිටම සත්කාරක රුසියාවෙන් ඉහළ දක්ෂතා දක්නට ලැබිණි. ඔවුන් ගෝල රැස් කිරීම ආරම්භ කළේ, තරගයේ 12 වන මිනිත්තුවේදී ය. ඒ අනුව රුසියානු කණ්ඩායමේ යූරි ගසින්ස්කි මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ගෝලයක් රැස් කළ පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් විය. තරගයේ පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු 2කට පෙර රුසියාව සිය දෙවැනි ගෝලය ද වාර්තා කළේ ය. එම ගෝලය වාර්තා කළේ චබුසොෆ්. සෞදි අරාබියට පළමු අර්ධයේදී ගෝල රැස් කිරීමට නොහැකි විය. තරගයේ දෙවැනි අර්ධය තරගකාරී ස්වභාවයක් ගත් නමුත් රුසියාව 71 වන මිනිත්තුවේදී සිය 3 වන ගෝලය වාර්තා කළේ ය. ඔවුන් තම සිව් වැනි සහ 5 වැනි ගෝල වාර්තා කළේ, තරගයේ ආබාධ සඳහා ලබා දුන් අතිරේක කාලයේදී ය. රුසියාවෙන් එල්ල වූ අභියෝගය හමුවේ සෞදි අරාබියට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට නොහැකි විණි. රුසියාව වෙනුවෙන් චබුසොෆ් මෙම තරගයේදී ගෝල 2ක් වාර්තා කළේ ය. ඒ අනුව සත්කාරක රුසියාව තරගය ජය ගත්තේ, ගෝල 5ට 0ක් ලෙස යි. 1934 වසරේදී සත්කාරක ඉතාලිය හමුවේ අමෙරිකාව ගෝල 7ට 1ක් ලෙස පරාජය වීමෙන් අනතුරුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු තරගයේදී සත්කාරක කණ්ඩායමක් ඉහළ ම ගෝල පරතරයකින් තරගයක් ජය ගත් පළමු අවස්ථාව මෙය වේ.
2018-06-14T22:10:53.000Z
තර්ජන සහිත ආගමික නියෝජිතයින්ට පොලිස් ආරක්ෂාව
තර්ජන සහිත ආගමික නියෝජිතයින්ට පොලිස් ආරක්ෂාව
COLOMBO (News 1st) - විවිධ බලපෑම්වලට ලක්ව සිටින පූජ්‍ය පක්ෂයට සහ අනෙක් පාර්ශවයන්ට පොලිස් ආරක්ෂාව ලබා දෙන බව රජය පවසයි. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ, එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් කරන අධ්‍යයනයකින් අනතුරුව අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව ය.
2018-06-14T20:33:02.000Z
විභාග ගාස්තු හා දඩ පත්‍රිකා ගෙවීමට විකල්ප ක්‍රම
විභාග ගාස්තු හා දඩ පත්‍රිකා ගෙවීමට විකල්ප ක්‍රම
COLOMBO (News 1st) - සියලු විභාගවලට අදාළ ගෙවීම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් සිදු කිරීමට අවස්ථාව ලබා දී තිබේ. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, ක්‍රියාත්මක තැපැල් වර්ජනය හේතුවෙන් එම පියවර ගත් බව ය. මේ දිනවල පැවැත්වෙන විභාගවල ප්‍රවේශ පත්‍ර මෙතෙක් නොලැබුණු අපේක්ෂකයින්ට විභාග සඳහා පෙනී සිටීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයි ද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේ ය. මේ අතර රථ වාහන වැරදිවලට අදාළ දඩ මුදල් ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ගෙවීමේ අවස්ථාව ලබා දී ඇතැයි පොලීසිය පවසයි.
2018-06-14T19:34:50.000Z
තැපැල් සේවක වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ 13ක් ගොඩගැසෙයි
තැපැල් සේවක වර්ජනය 5 වන දිනටත්
COLOMBO (News 1st) - තැපැල් සේවකයින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට දින 5ක්. මේ වන විට මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ 13ක ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවට වාර්තා වේ. තැපැල් වෘත්තීය සමිති එකමුතුව පැවසුවේ, වර්ජනය හේතුවෙන් සියලු තැපැල් කාර්යාල වසා දමා ඇති බව ය. එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, මෙතෙක් රජය තම ගැටලු විසඳීමට මැදිහත් නොවීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ය. බඳවා ගැනීමේ පටිපාටියට විරෝධය පළ කරමින් තැපැල් වෘත්තීය සමිති එකමුතුව වැඩ වර්ජනය ආරම්භ කළේ, සඳුදා පස්වරුවේ සිට ය. මේ සම්බන්ධයෙන් තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති පත්‍රිකාව සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා අවසන් තීරණයක් ලැබීමට නියමිත බව ය.
2018-06-14T11:29:27.000Z
මේගන් මහ රැජිණ සමග රජ ගමනක
මේගන් මහ රැජිණ සමග රජ ගමනක
මෑතකදී රජ පවුලට එක් වූ සසෙක්ස්හි ආදිපාදවරිය පළමු වරට මහ රැජිණ සමග සිය පළමු රාජකීය සංචාරයේ නිතර වී තිබේ. සසෙක්ස්හි ආදිපාදවරිය මේගන් එළිසබත් රැජිණ සමග චෙෂයර් ප්‍රාන්තයේ කළ මෙම සංචාරයට හැරී කුමරු එක්ව නොමැත. මර්සිස් ගේට්වේ පාලම සහ චෙස්ටර් ස්ටෝරේෂ් රඟහල විවෘත කිරීමට සහභාගී වූ දෙදෙනා පසුව චෙස්ටර් ටවුන් ශාලාවේදී දිවා ආහාරය සඳහා සහභාගී වූහ. මෙය මේගන් සිය සැමියා වන හැරී කුමරු නොමැතිව මහ රැජිණ සමග සහභාගී වූ පළමු උත්සවය මෙය වීම විශේෂත්වයකි.
2018-06-14T09:55:40.000Z
ජීවිත 7ක් බිලිගත් ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සිතාමතා සිදුකළ අනතුරක් ද?
හෙළිදරව්ව.....
පසුගිය පෙබරවාරි මස 14 වන දා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පෞද්ගලික ව්‍යාපාරික ස්ථානයක ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එහි අයිතිකරු සහ පුද්ගලයින් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම සිදුවීම වාර්තාවී මාස 4 ක් සම්පූර්ණ වන අද දින තම මියගිය ඥාතීන්ට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා සාමකාමී විරෝධතාවක් පැවැත්විණ. ගොඩනැගිල්ලේ අයිතිකරු වන තහිර් අබ්බාස් ගුලාම් හුසේන් ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ ගොඩනැගිල්ලට ඇතළු වන අයුරු දැකවෙන දර්ශන CCTV කැමරාවක සටහන්ව තිබේ. ග්‍රෑන්ඩ්පාස් බාබාපුල්ලි මාවතේ පිහිටි කුළුබඩු හා තේ කොළ අපනයන කරන පෞද්ගලික සමාගකට අයත් මෙම ගබඩා සංකීර්ණය මතට ඒ අසල ඇති ගොඩනැගිල්ලක තාප්පයක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණ. එදින එම අනතුරින් ආයතනයේ හිමිකරු වූ තහිර් අබ්බාස් ගුලාම් හුසේන් මහතා ඇතුළු සේවකයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරින් තවත් සේවකයින් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදු විය. අද එම ස්ථානයේදී මියගිය සේවකයින්ගේ ඥාතීහු හා සේවකයෝ ආයතනය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරතවූහ. 2017 වසරේ ජුනි 9 වන දා මෙම පරිශ්‍රයේදී මෙම ව්‍යාපාරයට සම්බන්ධ එක් පාර්ශවකරුවෙකු මෙන්ම කොටස්කරුවෙකු වන ශබීර් අබ්බාස් ගුලාම්හුසේන් මහතා සිය කාර්යාලයේදී ජීවිතක්ෂයට පත්විය. ඉන් හරියටම මාස 8 කට පසුව ඔහුගේ සොහොයුරු තහීර් අබ්බාස් ගුලාම්හුසේන් මියයන්නේ කඩා වැටුණු ගොඩනැගිල්ලට මැදිවීමෙනි. මේ මරණ පිළිබඳව මේ වනවිට පවුලේ ඥාතීන් සැක පළ කරන අතර ඔවුන් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර යුක්තිය ඉටුකර දෙන ලෙසයි. https://www.youtube.com/watch?v=EdU0ZNIZWRc
2018-06-14T09:30:52.000Z
ශ්‍රීලංකන් ගැන ජනපති කොමිසමේදී තවත් සුවිශේෂී හෙළිදරව්වක්
ශ්‍රීලංකන් ගැන තවත් සුවිශේෂී හෙළිදරව්වක්
ශ්‍රීලංකන්, මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් කේටරින් යන සමාගම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද තවත් සුවිශේෂී කරුණු කිහිපයක් අනාවරණ විය. ශ්‍රී ලංකා ගුවන් නියමු සංසදයේ සභාපති කැප්ටන් රුවන් විතානගේ මහතා අද කොමිසමේදී සඳහන් කළේ, 2012 වසරේ සිට 2017 වසර දක්වා ශ්‍රීලංකන් ගුවන් සමාග‍මේ සේවක සංඛ්‍යාව 5594 දෙනෙකුගේ සිට 7021 දෙනෙකු දක්වා ශීඝ්‍රයෙන් වැඩි වූ බවයි. ඊට සාපේක්ෂව සේවකයින්ගේ වියදම් ද වැඩි වූ බව කැප්ටන් රුවන් විතානගේ මහතා කොමිසමේදී සඳහන් කළේ ය. ඒ අනුව 2014 සිට 2015 දක්වා සේවක වියදම රුපියල් බිලියන 2 .5 කින් ද 2015 සිට 2016 දක්වා රුපියල් බිලියන 2 .3 කින් ද ඉහළ ගොස් තිබේ. 2016 සිට 2017 දක්වා රුපියල් බිලියන 2කින් සේවක වියදම් වැඩි වී ඇති බව ද මෙහිදී අනාවරණ විය. මෙලෙස සේවක වියදම් වැඩී වී ඇත්තේ ශ්‍රීලංකන් ගුවන් සමාගම , විශාල අදායමක් උපයන අවස්ථාවක නොවන බව ද ගුවන් නියමු සංසදයේ සභාපතිවරයා සඳහන් කළේ ය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සුදුසුකම් ලත් නියමුවන් සමාගමේ කටයුතු නොකිරීම නිසා නියමුවන් සඳහා වාර්ෂික නිවාඩු ද නොලැබුණු බවයි. ඊ - ටොප්ස් සහතිකය නැතිවීම හරහා මේ වන විට ගුවන් යානා වක්‍රාරයෙන් තම ගමානන්තය දක්වා ගමන් කළ යුතු අතර ඉන් අධික වියදමක් හා වැඩි කාලයක් සමාගමට දැරීමට සිදුවන බව ද කැප්ටන් රුවන් විතානගේ මහතා මෙහීදි පෙන්වා දුන්නේ ය. ඔහු වැඩිදුරට් කියා සිටියේ දුර්වල පරිපාලන කටයුතු නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවූ බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන විධායක නිලධාරියා සතුව අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම් දී පියවරක් ගැනීමට වගකීමක් තිබූ බවයි. ඊ - ටොප්ස් සහතිකය නැතිවීම නිසා මේ වන විට ඒ 320 හා ඒ 321 ගුවන් යානා 6ක් ගමනාන්ත දක්වා වක්‍රාකාරව ගමන් කිරීමට සිදුව ඇති බව ද කොමිසමේදී අනාවරණ විය. https://www.youtube.com/watch?v=Zo93CEnPmkg
2018-06-14T09:02:06.000Z
කොළඹ වාහන තදබදය අවම කළ නොහැක්කේ ඇයි? 
කොළඹ වාහන තදබදය අවම කළ නොහැක්කේ ඇයි? 
අනෙකුත් ආයතනවල සහය නොලැබීම හේතුවෙන් කොළඹ රථවාහන තදබදය පාලනය කිරීම අපහසු වී ඇතැයි පොලීසිය පවසයි. කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ සුමිත් නිශ්ශංක මහතා සඳහන් කළේ, රථවාහන තදබදය පාලනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, නගර සභාව සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ සහය අත්‍යාවශ්‍ය බවයි. කොළඹ නගරයේ ඇතැම් මාර්ගවල , වාහන ධාවනය කිරීමට නොහැකි ලෙස කැඩී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. ඊට අමතරව මාර්ග සොයා ගැනීමට හැකි පුවරු සවිකර නොතිබීම හේතුවෙන් ද කොළඹ නගරයේ රථවාහන තදබදය වැඩි වී ඇති බව පොලිසිය පවසයි. පොලීසිය පවසන්නේ, කොළඹ නගරයේ දිනපතා පැවැත්වෙන උද්ඝෝෂණ ද නගරයේ රථවාහන තදබදය වැඩිවීමට තවත් හේතුවක් බවයි. කොළඹ නගරයට දිනකට රථවාහන ලක්ෂ දෙකහමාරක් ඇතුළු වන අතර ලක්ෂ දෙක හමාරක් රථවාහන කොළඹින් පිටවන බව ද පොලීසිය පවසයි. දිනකදී නගරය තුළ ධාවනය වන රථවාහන සංඛ්‍යාව තුන්ලක්ෂ විසිපන්දහසකි.
2018-06-14T08:03:37.000Z
කිරිවෙහෙර විහාරාධිපතිහිමිට වෙඩි තැබූ සැකකරුවන් තවමත් නිදැල්ලේ
කිරිවෙහෙර නා හිමියන්ට වෙඩි තැබූ සැකකරුවන් නිදැල්ලේ
COLOMBO (News 1st) : කතරගම කිරිවෙහෙර රජමහාවිහාරයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබූ සිද්ධියේ නිසිදු සැකකරුවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. කිරිවෙහෙර විහාරාධිපති හිමියන් ඉලක්ක කර වෙඩි ප්‍ර‍හාරයක් එල්ල වූයේ, පෙරේදා රාත්‍රී 10.45ට පමණයි. ජිප් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විහාරාධිපති හිමියන්ට හා තවත් හිමිනමකට වෙඩි තබා පලා ගොස් තිබිණ. කිරිවෙහෙර පුදබිමේ ඇති මහසෙන් දේවාලයේ , හිටපු කපුමහතාගේ සැලසුමක් අනුව , මෙම වෙඩි තැබිම සිදු කර ඇති බවට පොලීසිය සැක පළ කරයි. ඒ අනුව සිදුකළ විමර්ශනවලදි හෙළි වූයේ වෙඩි තැබීම සඳහා භාවිත කළ වාහනය ද එම පුද්ගලයාට අයත් එකක් බවයි. ඊයේ රාත්‍රිය වනතුරුම සැකකරුවන්ගෙන් ප්‍ර‍ශ්න කළ බව පොලීසිය ප්‍රකාශ කළේ ය. එහෙත් ඊයේ දිනය තුළ ඔවුන් අත්අඩංගුවට ගැනීමට හෝ ජීප් රථය සිය භාරයට ගැනීමට පොලීසිය කටයුතු කර නොතිබිණ. ජීප් රථය පොලිස් භාරයට ගැනුණේ ද අද උදෑසනයි. මෙම සිද්ධියේ ප්‍ර‍ධාන සැකකරු ලෙස හඳුනා ගෙන ඇති කතරගම මහසෙන් දේවාලයේ හිටපු කපුමහතා වන අසේල බණ්ඩාර නමැත්තා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව වාර්තා වේ. කතරගම පොලිසීය සඳහන් කළේ , සෙසු සැකතරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ප්‍ර‍ධාන සැකකරුගේ සොහොයුරෙකු බවයි. අනෙක් පුද්ගලයා මහසෙන් දේවාලයේ සහායකයකු ලෙස සේවය කළ අයෙකි. ඔවුන් දෙදෙනාගෙන් අඛණ්ඩව ප්‍ර‍ශ්න කරන බව පැවසුණ ද අද පස්වරුව වනවිටත් ඔවුන් අත්අඩංගුවට ගෙන නොතිබිණ. පූජනීය කතරගම කිරිවෙහෙර පුදබිමේදී සංඝයා වහන්සේ දෙනමකට ප්‍ර‍සිද්ධියේ වෙඩි තැබූ සැකකරුවන් හඳුනා ගෙන තිබියදී ත්, සිද්ධිය සිදුවී පැය 48 ක් ගෙවී ගොස් තිබීයදී ත්, එක් සැකකරුවෙකු හෝ තවමත් අත්අඩංගුවට ගෙන නොමැත. ගිනිඅවි සහිතව අපරාධයක් සිදුකිරීමට පැමිණි පිරිසක් ප්‍ර‍සිද්ධ සිද්ධස්ථානයක් වෙත පැදවූ ජීප් රථය එක් පොලිස් මුරපොළකින් හෝ පරීක්ෂාවට ලක්නොවීම ද සැකය දනවන කරුණකි. කෙසේ වෙතත්, පුදබිමේ පිවිසුම් දොරටු හතරේ යොදවා ඇති ආරක්ෂාව ප්‍ර‍මාණවත් නොමැති බව කිරිවෙහෙර ආශ්‍රිත විහාරස්ථානවල භිකෂූන් වහන්සේ ප්‍රකාශ කළේ ය. වෙඩි ප්‍ර‍හාරයට ලක්වූ කිරිවෙහෙර විහාරාධිපති හිමියෝ මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍ර‍තිකාර ලබති. රෝහල් ප්‍ර‍කාශකයෙකු පැවසුවේ , උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි. සිද්ධියෙන් තුවාල ලැබූ , අනෙක් භික්ෂුන් වහන්සේ තවමත් හම්බන්තොට මහරෝහලේ ප්‍ර‍තිකාර ලබන බව අප වාර්තාකරු පැවසී ය. https://www.youtube.com/watch?v=A7EGMMtqzjE
2018-06-14T07:39:34.000Z
ගෝඨාභය අධිකරණයේ පෙනී සිටීමට එකඟ වෙයි
ගෝඨාභය අධිකරණයේ පෙනී සිටීමට එකඟ වෙයි
COLOMBO (News 1st) : හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ, නීතිමය පියවර ගැනීම සහ අත්අඩංගුවට ගැනීම වළක්වමින් නිකුත් කර තිබූ නියෝගය තවදුරටත් බලාත්මක කිරීමට අභියාචානාධිකරණය අද නියෝග කළේ ය. ඒ පෙත්සම අභියාචානාධිකරණ සභාපති විනිසුරු පී. පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳ වූ අවස්ථාවේදීයි. තංගල්ල ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් භාවිත කළේ, යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව එම නඩුව ගොනු කර තිබේ. ලබන 25 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සීතාසි ලද විටෙක අධිකරණය හමුවේ පෙනී සිටීමටත්, සිය සේවාදායකයා එකඟ වන බව රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා මහතා අභියාචානාධිකරණය හමුවේ කියා සිටියේ ය. පෙත්සම යළි ලබන 25 වන දා කැඳවීමට නියමිතයි.
2018-06-14T07:25:48.000Z
"සිංහරාජ අලි රක්ෂිතයෙන් ඉවත් කරන්න එපා''- ජනපති
සිංහරාජ අලි රක්ෂිතයෙන් ඉවත් කරන්න එපා
සිංහරාජ රක්ෂිතයේ සැරිසරන දුර්ලභ ඝනයේ අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේ ම රඳවා තබන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ එම අලි දෙදෙනා වෙනත් වාසස්ථානයක් කරා යොමු කිරීමට සිදුවන්නේ නම්, ඒ පිළිබඳව විශේෂඥ දැනුමැති පිරිසක් විසින් සිදුකරන ලද පූර්ණ විද්‍යාත්මක අධ්‍යයනයකින් අනතුරුව පමණක් ඉදිරි පියවර ගන්නා ලෙසයි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙරට අලි සම්පත රැක ගැනීම සඳහා එම සතුන්ට අයත් භූමිය තුළ ම සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙසයි. එම අලි දෙදෙනාගෙන් ප්‍රදේශවාසීන්ට සිදුවන බාධා වැළැක්වීමට ඒ ආශ්‍රිත අලිවැට ඉදි කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ද ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ ය.
2018-06-14T07:02:47.000Z
"උ. කොරියාවට එරෙහි සම්බාධක ඉවත් කරන්නෙ නැහැ'' - අමෙරිකාව
අමෙරිකාවෙන් උ. කොරියාවට ඉඟියක්
උතුරු කොරියාව සම්පූර්ණයෙන් ම න්‍යෂ්ටික අවිහරණය කළ බවට සපත කරන තුරු එරටට එරෙහි ආර්ථික සම්බාධක ලිහිල් නොකරන බව අමෙරිකාව අවධාරණය කරයි. අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ බව අවධාරණය කර ඇත්තේ, දකුණු කොරියාවේ සෝල් නුවර පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. මෙම මාධ්‍ය හමුව සඳහා දකුණු කොරියානු සහ ජපාන රාජ්‍ය ලේකම්වරුන් ද සහභාගී වී ඇත. රාජ්‍ය ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර පසුගිය දා පැවති ඓතිහාසික හමුවෙන් දිනකට පසුවයි. පසුගිය සමයේ දැඩි ප්‍රතිවාදීන් ලෙස වාග් සංග්‍රාමවල නිරත වූ අමෙරිකා - උතුරු කොරියා නායක දෙපළ පසුගිය 12 වනදා සිංගප්පූරුවේදී මුහුණට මුහුණ හමුවීමෙන් පසු නව දෙරට අතර සබඳතාවක් ගොඩ නගා ගැනීම සඳහා වන ගිවිසුමකට ද එළැඹිණ. සිංගප්පූරු හමුවෙන් පසු රාජ්‍ය ලේකම්වරයා දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ඇත්තේ, හමුව පිළිබඳව සිය කලාපීය මිතුරු රටවල් දැනුවත් කිරීම සඳහායි. රාජ්‍ය ලේකම්වරයා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පවසා ඇත්තේ, 12 වන දා හමුව දෙරටේ සබඳතා නව සබඳතාවක් වෙනුවෙන් වූ හැරවුම් ලක්ෂයක් බවයි.
2018-06-14T06:51:44.000Z
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිරදඬුවම්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිරදඬුවම්
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද මාස 6 ක සිර දඬුවමක් නියම කළේ ය. ඒ වසරක කාලයක් සඳහා ලබාදී තිබූ දඬුවම මාස 6ක් දක්වා කාලයකදී ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කිරීමට හෝමාගම මහේස්‍ත්‍රාත් උදේශ් රණතුංග මහතා නියම කිරීමෙන් අනතුරුවයි. සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට බැණ තර්ජනය කිරීම සහ අධිකරණයට බලහත්කාරයෙන් කඩා වැදීම යන චෝදනාවලට වරදකරු වීමෙනි. සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙස ද, මහේස්ත්‍රාත්වරයා, ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියෝග කළේ ය. සිර දඬුවම්වලට අමතරව උන්වහන්සේට නියම කළ දඩ මුදල රුපියල් තුන්දහසකි. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකපිට අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ නිලධාරියා, 2016 වසරේ ජනවාරි මස 25 වන දා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ උන්වහන්සේ එලෙස අධිකරණයට බලහත්කාරයෙන් කඩා වැදී තිබිණ. https://www.youtube.com/watch?v=l5TDcOKlNCo
2018-06-14T04:39:21.000Z
කාන්තා ක්‍රිකට් පුහුණුකරු ඉල්ලා අස්වෙයි
කාන්තා ක්‍රිකට් පුහුණුකරු ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු හේමන්ත දේවප්‍රිය මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඔහුගේ ඉල්ලා අස්වීම තම ආයතනය වෙත ලැබී ඇති බවයි. 2016 වසරේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරට පත් කළ දේවප්‍රිය මහතා පෞද්ගලික කාරණාවක් මත ඉල්ලා අස්වීම ඉදිරිපත් කර ඇති බවට එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.
2018-06-14T04:14:55.000Z
යශෝධ රංගේ බණ්ඩාර නඩුව අවසන් වන තුරු රිය ධාවනය තහනම්
ඇමති රංගේ බණ්ඩාරගේ පුතාට ඇප
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතා අද ඇප මත මුදා හැරිණ. ඒ සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. සැකකරුට රුපියල් 50,000ක ශරීර ඇපයක් නියම කළ ඇති අතර ඔහුගේ රියැදුරු බලපත්‍රය අධිකරණය භාරයට ගෙන ඇත. මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, නඩුව අවසන් වන තුරු රිය ධාවනය නොකරන ලෙසයි. සැකකරු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිට ගිලන් රථයකින් හලාවත මහේස්ත්‍රාත් අධිකරණය භූමියට රැගෙන ඒමෙන් පසු මහේස්ත්‍රාත්වරයා ගිලන් රථයට පැමිණි සැකකරු පරීක්ෂා කළේ ය. යශෝධ රංගේ බණ්ඩාර මහතාගේ රිය අනතුරින් හානියට පත් නිවස යළි සකස් කර දෙන බවට ඔහුගේ නීතිඥවරු අධිකරණයේදී කියා සිටියහ. පසුගිය 6 වන දා අලුයම 12.15 පමණ ආරච්චිකට්ටුව, කෝට්ටපිටිය මංසන්ධියේදී කැබ් රථයේ වේගය පාලනය කරගත නොහැකිව සිදුවූ රිය අනතුරකින් ඔහු ඇතුළු තවත් පුද්ගලයෙකුට තුවාල සිදුවිය.
2018-06-14T02:26:19.000Z
ජුරාසික් වර්ල්ඩ්: ෆෝලන් කින්ඩම් අමෙරිකාවේදී එළිදැක්වෙයි
ජුරාසික් වර්ල්ඩ්: ෆෝලන් කින්ඩම් එළිදැක්වෙයි
COLOMBO (News 1st) - ලොව ප්‍රකට ජුරාසික් වර්ල්ඩ්: ෆෝලන් කින්ඩම් චිත්‍රපටය අමෙරිකාවේ ලොස්ඇන්ජලිස්හිදී එළිදැක්විය. ජුරාසික් වර්ල්ඩ් චිත්‍රපටය 2015 වසරේ ලොව බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළමින් බිලියන 1.67 ක ආදයමක් උපයා තිබේ. ජේ. ඒ බයෝනාගේ අධ්‍යක්ෂණයක් වන ජුරාසික් වර්ල්ඩ්: ෆෝලන් කින්ඩම් චිත්‍රපටය පිටපත කෝලින් ට්‍රේවෝරෝ සහ ඩෙරික් කොනොලි ගෙනි. ක්‍රිස් ප්‍රැට්, බ්‍රයිස් හවර්ඩ් ඇතුළු ශීල්පින් රැසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබේ. ජුරාසික් වර්ල්ඩ්: ෆෝලන් කින්ඩම් චිත්‍රපටය වෙනුවෙන් ඩොලර් මිලියන 170 ක මුදලක් වැය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
2018-06-14T01:09:45.000Z
ක්‍රිකට් නිලවරණයේ අතුරු තහනම ඉවතට
ක්‍රිකට් නිලවරණයේ අතුරු තහනම ඉවතට
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කර තිබේ. ඒ, එම නිල වරණයට අදාළව නිශාන්ත රණතුංග මහතා ගොනු කළ පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදීයි. එම පෙත්සම මීට පෙර කැඳවූ අවස්ථාවේදී අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවේ, මැයි මස 31 වන දා නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අත්හිටුවමිනි. https://www.youtube.com/watch?v=6XVO8RJ8p2U
2018-06-14T00:53:26.000Z
එළවළු, පළතුරු ආනයනයට රජයේ අනුමැතිය අනිවාර්යයි
එළවළු, පළතුරු ආනයනයට රජයේ අනුමැතිය අනිවාර්යයි
COLOMBO (News 1st) - මෙරට නිෂ්පාදනය කළ හැකි එළවළු, පළතුරු ඇතුලු ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා රජයේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කර තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව කැබිනට් අනුමැතිය ලබාගැනීමට ද ඉදිරියේදී කටයුතු කරන බවයි.
2018-06-14T00:28:22.000Z
මෙරට සිටි චීන ජාතිකයින් 16 දෙනෙකු පිටුවහල් කෙරේ
චීන ජාතිකයින් 16 දෙනෙකු පිටුවහල් කෙරේ
COLOMBO (News 1st) - නීති විරෝධීව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් 16 දෙනෙකු අද පිටුවහල් කර තිබේ. ආගමන විගමන පාලක චමින්ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, චීන ජාතිකයින් 26 දෙනෙකු කොම්පඤ්ඤ වීදිය, ජස්ටිස් අක්බාර් වීදියේදී පෙරේදා අත්අඩංගුවට ගත් බවයි. ඉන් 10 දෙනෙකු රටින් පිටුවහල් කර ඇත. වලංගු වීසා නොමැතිව රැඳී සිටින විදේශීකයින් සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම්, දැනුම් දෙන ලෙස ද ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව 1962 දුරකතන අංකය ඇමතීමෙන් අදාළ තොරතුරු ලබා දිය හැකියි.
2018-06-13T21:45:03.000Z
2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අද ඇරඹෙයි
2018 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අද ඇරඹෙයි
COLOMBO (News 1st) - 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද රුසියාවේ සත්කාරකත්වයෙන් ආරම්භ වනු ඇත. ලොව පුරා කළාප 6 කින් සුදුසුකම් ලැබූ කණ්ඩායම් 32 ක් එක් කුසලානයක් වෙනුවෙන් අද තරග බිමට පිවිසීමට නියමිත වේ. සිව් වසරකට වරක් පැවැත්වෙන මෙම අසිරිමත් ක්‍රීඩා සැණකෙළිය වෙනුවෙන් ලොව පුරා පාපන්දු ලෝලීන් පසුවන්නේ නොඉවසිල්ලෙනි. ලබන මස 15 වන දා අවසන් වන තරගාවලිය රුසියාවේ නගර 11ක ක්‍රීඩාංගණ 12 කදී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් ය. ස්පාර්ටක්, ඔට්ක්රිටි, ක්‍රෙස්ටෝව්ස් කයි, ෆිශ්ට් ඔලිම්පික්, සාමාරා, කාසන්, රොස්ටොව්, වොල්ගෝග්‍රැඩ්, නිශ්නි, සැරන්ස්ක්, යෙකටරින්බර්ග් හා කැලිනින්ග්‍රැඩ් යන ක්‍රීඩාංගණවල තරග පැවැත් වේ. මූලික වටයේදී කාණ්ඩ 8 ක් යටතේ පැවැත්වෙන මෙවර තරගාවලියට නව තාක්ෂණික උපක්‍රම රැසක් ද යොදාගෙන තිබෙන්නේ රුසියාවේ ආධිපත්‍ය ලොවට කියා පාමිනි. වීඩීයෝ පුනරූපණ තාක්ෂණය මෙන්ම තරගය පැවැත්වෙන අතරතුර ක්‍රීඩකයින්ගේ පිළිබඳ තොරතුරු විනිසුරුවරුන්ට දැන ගැනීම සඳහා අධිසංවේදී තාක්ෂණික උපකරණ යොදා ගැනීමට ද මෙවර සැලසුම් කර තිබේ. අද ආරම්භ වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට රුසියාව සතියකට පමණ ඉහතදී සූදානමින් සිටි අතර එම තරගාවලියට සමගාමීව විශේෂ සංගීත ප්‍රසංගයක් ඊයේ දිනයේදී සංවිධානය කර තිබුනේ, රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ගේ ප්‍රධානත්වයෙන් ය. අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ ද මෙම අවස්ථාවට සහභාගී විය. ලෝක කිරුළ දිනාගන්නා රටේ නම එම රටවල ජාතික භාෂාවෙන් කුසලානයේ යටිපතුලෙහි, සටහන කිරීම එදා පටන් පැවත ආ සම්ප්‍රදායකි. පසුගිය වස වත්මන් ලෝක ශූර ජර්මනිය එම අවස්ථාව උදා කරගත් අතර මෙවර එම අවස්ථාව කවුරුන් උදා කර ගන්නේ ද යන්න පිළිබඳ ලෝකයේ පාපන්දු ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානයට යොමුව තිබේ. කෙසේ වෙතත් මේ රන් කුසලානයේ සටහන් කිරීමට ඉඩ ඇත්තේ, තව ත් රටවල් තුනක නම් පමණි. ඒ හේතුවෙන් ලෝක කුසලාන පාපන්දු තරගාවලි ශත සංවත්සරය යෙදෙන 2030 වසරේදී නව කුසලානයක් හඳුන්වාදීමට මේ වනවිට සංවිධායකයන්ගේ අවධානය යොමු ව තිබේ. 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් එහි පළමු තරගය සත්කාරක රුසියාව සහ සෞදි අරාබිය අතර මොස්කව්හිදී පැවැත් වේ. එම තරගය අද මෙරට වේලාවෙන් රාත්‍රී 8.30 ට ආරම්භවීමට නියමිත අතර ඊට පෙර විචිත්‍රවත් සමාරම්භක උත්සවයක් ද පැවැත්වීමට නියමිතය.
2018-06-13T21:14:40.000Z
2020දී උ. කොරියාව න්‍යෂ්ටික අවි හරණය කළ රටක් ලෙස දැකීමට අපේක්ෂා කරන බව අමෙරිකාව කියයි
2020දී උතුරු කොරියාව පිළිබඳ අමෙරිකාවේ අපේක්ෂාව
COLOMBO (News 1st) - වසර 2020 වනවිට උතුරු කොරියාව ප්‍රධාන වශයෙන් න්‍යෂ්ටික අවි හරණය කළ රටක් බවට පත්වනු දැකීමට අමෙරිකාව අපේක්ෂා කරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසයි. ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශක පෝල් රයන් මාධ්‍ය අමතමින් කියා සිටියේ, උතුරු කොරියානු නායකයා හමුවීමෙන් අමෙරිකානු ජනාධිපතිවරයා ලද ජයග්‍රහණය අගය කළ යුතු බවයි. ඔහු මේ බව සඳහන් කළේ, අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් හමුවෙන් දිනකට පසුව ය. කොරියානු අර්ධද්වීපය පූර්ණ වශයෙන් න්‍යෂ්ටික අවි හරණය කළ කලාපයක් බවට පත්කිරීම වෙනුවෙන් කටයුතු කරන බවට උතුරු කොරියාව ද ප්‍රකාශයක් නිකුත් කරමින් එකඟ විය. කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊට අදාළව දෙරට අතර අත්සන් තැබුණු එකඟතාවයේ, උතුරු කොරියාව න්‍යෂ්ටික අවි අත්හරින කාලය හෝ අත්හැරීම සිදුකරන්නේ කෙසේ ද යන්න පිළිබඳ කරුණු ඇතුලත් නොවන බවයි. මේ අතර උතුරු කොරියාවෙන් න්‍යෂ්ටික අවි ප්‍රහාර එල්ලවීමේ අවදානමක් තවදුරටත් නැතැයි ජනපති ට්‍රම්ප් ඊයේ කියා සිටියේ ය.
2018-06-13T20:38:00.000Z
විශේෂ දීමනා ඉල්ලා රාජ්‍ය පරිපාලන නිලධාරීන් අද ලෙඩ නිවාඩු
විශේෂ දීමනා ඉල්ලා පරිපාලන නිලධාරීන් අද ලෙඩ නිවාඩු
COLOMBO (News 1st) - රජයේ පරිපාලන නිලධාරීන් අද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනු ඇත. ඒ, පරිපාලන සේවයට හිමිවිය යුතු විශේෂ දීමනා මෙතෙක් ලබා නොදීමට විරෝධය පළ කරමිනි. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, අද සිය ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ද පැවැත්වෙන බවයි.
2018-06-13T20:26:12.000Z
වෛද්‍ය උපදේශන, චැනලින් සහ රෝහල් ගාස්තු VAT බද්දෙන් නිදහස් කිරීම කෙරෙහි ජාතික ආර්ථික සභාවේ අවධානය
රෝහල් ගාස්තු VAT බද්දෙන් නිදහස් කිරීමට අවධානය
COLOMBO (News 1st) - වෛද්‍ය උපදේශන ගාස්තු, චැනලින් ගාස්තු සහ රෝහල් ගාස්තු වැට් බද්දෙන් නිදහස් කිරීම කෙරෙහි ජාතික ආර්ථික සභාවේ අවධානය යොමුව තිබේ. ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගැනීමට තීරණය වී ඇත්තේ, 12 වන වරටත් ජනාධිපති කාර්යාලයේදී රැස් වූ ජාතික ආර්ථික සභාවේදීයි. දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කරමින්, රටේ ජාතික ආර්ථීකය සංවර්ධනය කිරීම වෙනුවෙන් අවශ්‍ය සියලු විධිවිධාන යොදන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී උපදෙස් දී ඇත. දේශීය කර්මාන්තකරුවන් මුහුණ පා ඇති ප්‍රධාන ගැටලු 6 ක් මෙවර ආර්ථික සභාවේ අවධානයට යොමු විණි. ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේ, දේශීය කර්මාන්තකරුවන්ට සහනදායී පොළී යටතේ, ණය පහසුකම් ලබාදීමට රාජ්‍ය බැංකුවලට විශාල වගකීමක් ඇති බවයි. ලාභය උපරිම කර ගැනීමට උත්සහ නොකර රටේ දේශීය නිෂ්පාදකයින් දිරි ගැන්වීම මගින් රටේ සංවර්ධන ක්‍රියාවලියට දායකවීමට රාජ්‍ය බැංකු අවධානය යොමු කළ යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය. ආර්ථීක කළමනාකරණයේදී රටට අවශ්‍ය කඩිනම් වෙනස්කම් හා ගතයුතු තීන්දු තීරණ මෙන් ම ක්‍රියාත්මක කළ යුතු කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන ව්‍යාපෘති සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබේ.
2018-06-13T19:53:44.000Z
තැපැල් වර්ජනය තවදුරටත්...
තැපැල් වර්ජනය තවදුරටත්...
COLOMBO (News 1st) - තැපැල් සේවක වැඩ වර්ජනය අඛණ්ඩව සිදු කරන බව තැපැල් වෘත්තිය සමිති එකමුතුව පවසයි. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, සිය ඉල්ලීම්වලට බලධාරීන් මෙතෙක් විසඳුමක් ලබාදීමට අපොහොසත් වී ඇති බවය. ‍තැපැල් සේවක වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ පස්වරුව වනවිට ලිපි ලක්ෂ 10 කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇති බව තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසා ඇත. පසුගිය සඳුදා ආරම්භ කළ තැපැල් වෘත්තිය සමිති ව්‍යාපාරයට ඊයේ තව ත් වෘත්තීය සමිතියක් එක් ව තිබේ. ඒ, තැපැල් හා විදුලි සංදේ‍ශ නිලධාරීන්ගේ සංගමයයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් එච්. කේ. කාරියවසම් මහතා පැවසුවේ, බඳවා ගැනීමේ පටිපාටිය විධිමත් කරන තෙක් වැඩ වර්ජනයේ නිරත වන බවයි. මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි තේරීම් කවුළුව, ලිපි ගොඩ ගැසීම් කවුළු ආදි සියලුම කවුළු වසා ඇති බව අප වාර්තාකරු පැවසුවේ ය. මේ සම්බන්ධයෙන්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය එම්. එච්. ඒ හලීම් මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් යොමු කර ඇති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ලබන අඟහරුවාදා අවසන් තීරණයකට ලැබීමට නියමිත බවයි. සේවයට වාර්තා කරන තැපැල් සේවකයින් සඳහා කිසිදු බාධාවකින් තොරව කටයුතු කර ගෙන යෑමට අවස්ථාව සලසාදී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
2018-06-13T19:29:38.000Z
පස්සර වෙළෙඳසැලක වූ ගින්නකින් එකම පවුලේ කාන්තාවන් තිදෙනෙකු මරුට
පස්සර වෙළෙඳසැලක ගින්නක්: කාන්තාවන් තිදෙනෙකු මරුට
COLOMBO (News 1st) - පස්සර ප්‍රදේශයේ වෙළෙඳසැලක ඇති වූ ගින්නකින් එකම පවුලේ කාන්තාවන් තිදෙනෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, මියගිය පුද්ගලයින් අදාළ වෙළෙඳසැලේ කොටසක පදිංචිව සිටි බවයි. අද අලුයම හටගත් එම ගින්නෙන්, වෙළෙඳසැල සම්පුර්ණයෙන් ම විනාශ වී තිබේ. එලෙස මිය ගොස් ඇත්තේ, මව, ඇගේ දියණිය සහ ඥාති දියණියකි. ගින්න නිවා දැමුව ද එම ස්ථානයට මෙතෙක් ළඟාවීමට නොහැකි බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.
2018-06-13T11:07:35.000Z
නීතිවිරෝධී කේබල් රූපවාහිනි විකාශයන් තහනම් කරන්නැයි පැමිණිලි
නීතිවිරෝධී රූපවාහිනි විකාශ තහනම් කරන්නැයි ඉල්ලීමක්
COLOMBO (News 1st) - නීති විරෝධි කේබල් රූපවාහිනි නාලිකා සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකර නීතිය ක්‍රියාත්මක කරන ලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අද ඉල්ලීමක් කර තිබේ. ලියාපදිංචි නොකළ අනවසර කේබල් රූපවාහිනි සේවාවන් පවත්වාගෙන යන ආයතන, ලිපින සහ දුරකතන අංක අතුලත් ලේඛනයක් ද වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය විසින් විදුලි සංදේශ නියාම කොමිෂන් සභාවට අද භාර දුන්නේ ය. එම ලේඛනයට අනුව යාපනය දිස්ත්‍රික්කයේ එවැනි නීති විරෝධි කේබල් රූපවාහිනි සේවා 18 ක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 4 ක් අම්පාර දිස්ත්‍රික්කයෙන් 2 ක් සහ කඳුරට ප්‍රදේශවල තව ත් සේවා ස්ථාන 13 ක් ඇති බව සඳහන් ය. යාපනය දිස්ත්‍රික්කයේ අනාරක්ෂිත කේබල් රූපවාහිනි රැහැන් හේතුවෙන් සිදු වූ ජීවිත හානි පිළිබඳව නිව්ස්ෆස්ට් පසුගිය දිනවල වාර්තා කළේ ය. ඉන් එක් සිදුවීමක් පසුගිය 23 වන දා යාපනය නෙල්ලි අඩි ප්‍රදේශයෙන් වාර්තා වූ අතර වඩමාරච්ච් උතුර ප්‍රදේශයෙන් ද පසුගිය කාලයේ ජීවිත 04 ක් අහිමි විය.
2018-06-13T10:01:01.000Z
ශ්‍රීලංකන් අර්බුදය පිළිබඳ විමසන ජනපති කොමිසම හමුවේ තවත් අනාවරණයන්
ශ්‍රීලංකන් අර්බුදය විමසන කොමිසමේ තවත් අනාවරණයන්
COLOMBO (News 1st) - ගිවිසුම්වලට පටහැනිව කටයුතු කිරීමට එරෙහිව,මිහින් එයාර් පුද්ගලික සමාගම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වන පරිදි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට බලපෑමක් එල්ලවී තිබුනේදැයි පරීක්ෂා කරන ලෙස ජනාධිපති කොමිසම විමර්ශන නිලධාරීන්ට දන්වා තිබේ. ශ්‍රීලංකන්, මිහින් ලංකා සහ ශ්‍රීලංකන් කේටරින් යන සමාගම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදුන්නේ ආයෝජන මණ්ඩලයේ ආයෝජන අධ්‍යක්ෂවරයායි. මිහින් ලංකා ආයතන දිගින් දිගටම පාඩු ලබද්දී ඒ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයේ මෙහෙයුම් හා සුපරීක්ෂණ දෙපාර්තමේන්තු පියවර නොගැනීම සමබන්ධයෙන් කොමිසමේ අවධානයට ලක් විය. කොමිසමේදී අනාවරණ වූයේ, 2012 සිට 2018 දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මිහින් ලංකා ආයතනයට රුපියල් මිලියන 385.314ක බදු සහන ලබාදී ඇති බවයි. ඊට ආනයන තීරු ගාස්තු, ජාතිය ගොඩනැගීමේ බදු, එකතු කළ අගය මත බදු, නිෂ්පාදන බදු, සෙස් බදු සහ වරාය හා ගුවන්තොටුපොළ බදු ඇතුළත් ය. එමෙන්ම බදු සහන ඇතිව, මිහින් ලංකා ආයතනය රුපියල් මිලියන 40 ක වටිනාකමකින් යුත් භාණ්ඩ, සැපයුම්කරුට යළි ලබාදීමේ පදනම මත ආනයන කර ඇත. ඊට අමතර ශ්‍රීලංකන් ගුවන් සමාගම 2012 සිට 2015 දක්වා රුපියල් බිලියන 254 කුත් 2015- 2018 දක්වා තව ත් රුපියල් බිලියන 307කුත් භාණ්ඩ ආනයනයේදී බදු සහන ලෙස ලබා ඇති බව කොමිසමේදී අනාවරණ විය. 2012 සිට 2018 දක්වා ශ්‍රී ලංකා කේටරින් ආයතනයට රුපියල් බිලියන 5 ක් බදු සහන ලබාදී ඇති බව ද මෙහිදී අනාවරණ වූ තව ත් කරුණකි.
2018-06-13T09:43:45.000Z
බිලියන ගණනින් පාඩු ලබද්දී මිලියන ගණන් දීමනා ඉල්ලන ශ්‍රීලංකන් ප්‍රධාන විධායක නිලධාරියා
මිලියන ගණන් දීමනා ඉල්ලන ශ්‍රීලංකන් වි. නිලධාරියා..
COLOMBO (News 1st) - වසර තුනක් වැනි කාල සීමාවක් තුළ රටේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් සමාගම බිලියන ගණනින් පාඩු ලබන තත්ත්වයට පත් කළ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ මහතා කල්තියා විශ්‍රාම ගැනීමට කොන්දේසි මාලාවක් ඉදිරිපත් කර ඇති බව අප ඊයේ අනාවරණය කළෙමු. මේ විශේෂ හෙළිදරව්ව ඒ පිළිබඳවයි... 2015 වසරේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක චරිත රත්වත්තේ මහතාගේ සහෝදරයාවන සුරේන් රත්වත්තේ මහතා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් කළේ ය. මාසිකව රුපියල් මිලියන 3 ක වැටුපක් සහ ඊට අදාළ බදු සමාගම විසින් ගෙවීම සහ වාර්ෂික ආදායම් ඉලක්ක සපුරාලීම මත රුපියල් මිලියන 10 ක ප්‍රසාද දීමනාවක් ලබාදීම ඔහු සේවයට බඳවා ගැනීමේදී ඇති වූ එකඟතා අතර වේ. අධ්‍යක්ෂ මණ්ඩලයේ පොදු එකඟතාව නොලැබීම නිසා මාස 6 ක පරිවාස කාල සීමාවකට යටත්ව මෙම තනතුරට සුරේන් රත්වත්තේ මහතා පත් කළ අතර පසුව අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවක සඳහන් වූයේ අදාළ කාල සීමාවෙන් පසුව ඔහුගේ සේවය පසු විපරම් කළ යුතු බවයි. සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වෙන වෙනම මෙම ඇගයීම සිදුකළ යුතු බව අධ්‍යක්ෂ මණ්ඩල යෝජනාවේ සඳහන් ය. 2016 අප්‍රේල් මස 15 වන දා සුරේන් රත්වත්තේ මහතාගේ මාස 6 ක කාල සීමාව අවසන්වීමට නියමිතව තිබූ අතර ඊට පෙර තව ත් මාස 6 කට ඔහුගේ සේවා කාලය දීර්ඝ කරන ලෙස වෙද්දී එවක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් යෝජනා කර ඇත. අධ්‍යක්ෂ මණ්ඩලයේ ඇතැම් සාමාජිකයින්ගේ අදහස වූයේ, සුරේන් රත්වත්තේ මහතාගේ සේවය කාර්යක්ෂම නොවන බැවින් එය අත්හිටවිය යුතු බවයි. ඒ බව අධ්‍යක්ෂ මණ්ඩල සටහන් වාර්තාවල ද සඳහන්ව ඇත. කෙසේවෙතත් අවසානයේ අරලියගහ මන්දිරයට ශ්‍රීලංකන් සභාපතිවරයා කැඳවීමෙන් පසුව සුරේන් රත්වත්තේ මහතාගේ සේවය ස්ථිර කීරීමට පියවර ගැනිණි. වයස අවුරුදු 52 දී ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් ව වසර තුනකින් පසුව සමාගම බිලියන ගණනක පාඩු ලබන තත්ත්වයට පත්කර දැන් රත්වත්තේ මහතා කළින් විශ්‍රාම ගැනීම සඳහා යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත. ඔහු ශ්‍රීලංකන් සමාගමේ වත්මන් සභාපති රංජිත් ප්‍රනාන්දු මහතාට දන්වා ඇත්තේ, 2022 දක්වා සේවය කළ හැකිව තිබියදී කළින් විශ්‍රාම ගැනීම නිසා තමන්ට මාස 6 ක බදු සහිත වැටුප් අවශ්‍ය බවයි. ජූනි මස 1 සිට 6 දක්වා ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර පැවැත්වෙන ජාත්‍යන්තර ගුවන් සේවා සංසදයේ සම්මේලන සඳහා නිල තනතුරු දරණ අයුරින් සහභාගීවීමට අවස්ථාව ඉල්ලා සිටින ඔහු ජූනි මස 7 වන දා සිට වාර්ෂික නිවාඩු පදනම මත කටයුතු කරන බව දන්වා තිබේ. මාස 6ක වැටුප් ඉල්ලන රත්වත්තේ මහතා, ජූනි 1 වන දා සිට තමන් ශ්‍රී ලංකාවේ වාසය නොකරන බැවින් ඕස්ට්‍රේලියාවේ නීති අනුව අදායම් බදු ගෙවීමේ පූර්ණ වගකීම ශ්‍රීලංකන් ගුවන් සමාගම සතු බවයි. සියලු මුදල් රටින් බැහැරව ඇති සිය බැංකු ගිණුම වෙත ඕස්ට්‍රෙලියානු ඩොලර්වලින් ගෙවන ලෙස ද ඔහු දන්වා ඇත. තම බිරිඳ සමග ඕස්ට්‍රෙලියාවට යෑමට සහ ඒමට නිකුත් කළ දින සිට වසරක කාලයක් වලංගු වන ලෙස ව්‍යාපාරික පංතියේ ගුවන් ටිකට් පත් 6 ක් ලබාදෙන ලෙස අතිරේක දීමනාවල ඇතුළත් ය. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ, රත්වත්තේ මහතාගේ ඉල්ලීම් නොව ඔහුට ලබාදීමට සමාගම ඇති වූ එකඟතාව ගැන සාකච්ඡා කිරීම වැදගත් බවයි. නව ප්‍රධාන විධායක නිලධාරීවරයෙකු පත්කර ගන්නා තෙක් රත්වත්තේ මහතා අදාළ තනතුරේ තවදුරටත් කටයුතු කරමින් සිටි. සුරේන් රත්වත්තේ මහතා ඉල්ලා සිටින මුදල පිළිබඳව අප ඊයේ ප්‍රේක්ෂක මතය විමසුවෙමු. වැඩි දෙනෙකු ඊට දක්වා ඇති ප්‍රතිචාරය වන්නේ, රුපියල් මිලියන 18 ක මුදලක් ඔහු ඉල්ලා සිටින බවයි. සේවයට බඳවා ගැනීමේදී ඇතිකර ගත් එකඟතාව අනුව රුපියල් මිලියන 3 ක මාසික වැටුප පමණක් සැලකීමේදී මාස 6 ක් එම මුදල නිවැරදි විය හැකියි. එහෙත් ආයදම් බදු ඉල්ලා සිටින ගුවන් ප්‍රවේශ පත් ඇතුලු පහසුකම් සලකා බැලීමේදී මේ මුදල ඉතා ඉහළ අගයක් දක්වා වැඩිවනු ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගම සුරේන් රත්වත්තේ මහතා සේවය කළ 2015 වසරේදී රුපියල් බිලියන 16.3 ක පාඩුවක් ලැබූ අතර 2016 දී ලැබූ පාඩුව රුපියල් බිලියන 12 කි. පසුගිය වසරේ එය රුපියල් බිලියන 28.5 ක් දක්වා වැඩිවී තිබුණි. සමාගම පාඩු ලබන තත්ත්වයට පත්කර කළින් විශ්‍රාම ගැනීම සඳහා සුරේන් රත්වත්තේ මහතා ඉල්ලා සිටින මුදල පොදු මහජන සුබසාධනය සඳහා යෙදවුවහොත්, නිවාස කීයක් නම් ඉදිකළ හැකි ද? වකුගඩු රෝගයෙන් දුක් විඳින ගම්මානවල කොපමණ පිරිසකට පිරිපහදුකළ ජලය ලබාදිය හැකි ද? පිලිකා වැලදීමෙන් දුක්විදින කී දෙනෙකුට සහන සලසා දිය හැකි ද?
2018-06-13T08:23:35.000Z
අලව්වේ මාරක බස් අනතුරින් අයෙක් මරුට 30 දෙනෙකුට තුවාල
අලව්වේ මාරක අනතුරක්..
COLOMBO (News 1st) - අලව්ව - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කොහොලාන ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් 30 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ කොළඹ සිට ගල්නෑව සහ කදුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස්රථ දෙකක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. තුවාලකරුවන් අලව්ව සහ කුරුණෑගල රෝහල්වලට ඇතුලත් කර ඇත. අලව්ව රෝහලේ පුද්ගලයින් 30 දෙනෙකු ප්‍රතිකාර ලබන බව නිව්ස්ෆස්ට් කළ විමසීමකදී රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. ඉන් බරපතළ තත්ත්වයේ පසුවන 17 දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ. මියගොස් ඇත්තේ, අවුරුදු 60 පමණ පිරිමි පුද්ගලයකු බව පොලීසිය තහවුරු කළේ ය.