date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-05-15T11:26:40.000Z
සංගක්කාර හදිස්සියේ ක්‍රිඩා ඇමති හමුවූයේ ඇයි ?
සංගක්කාර හදිස්සියේ ක්‍රිඩා ඇමති හමුවූයේ ඇයි ?
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල ව්‍යවස්ථාව සහ ව්‍යුහය නැවත සකස් කිරීම තුළින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යා හැකි බවට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි. ඔහු මේ බව පැවසුවේ, අද සවස ක්‍රීඩා අමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක, කුමාර් සංගක්කාර, හැම වෙලාවෙම ක්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාවයි ව්‍යුහයයි හරි ආකාරව අලුත් විදිහකට හදන්න අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව හරිහමන් විදිහට පාවිච්චි කරලා හැදුවොත් එන එන පුද්ගලයන්ව ඉලක්ක කරගන්න ඕනෙත් නෑ. මේ පුද්ගලයාව ඒ පුද්ගලයාව කියලා ඉලක්ක කර ගන්න ඕනෙත් නෑ. කව්රු ආවත් ක්‍රිකට් ක්‍රීඩාවයි ව්‍යවස්ථාවයි ශක්තිමත්ව තියෙයි ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න
2018-05-15T09:42:49.000Z
චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් ලැබීම සතුටට කරුණක් ද?
චීනයෙන් ණයක් ලැබීම සතුටට කරුණක් ද?
COLOMBO (News 1st) - මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ පාලනය භාරගත් 2005 වසර වන විට ශ්‍රී ලංකාව ලබාගෙන තිබූ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 2222 කි. රාජපක්ෂ මහතාගේ පාලන කාලයෙන් අඩක්ගත වූ 2010 වසරේ එම ණය ප්‍රමාණය රුපියල් බිලියන 4590 ක් දක්වා ඉහළ ගොස් තිබිණි. ඔහු ජනාධිපතිවරණය පරාජයවී වත්මන් පාලනය රට භාරගත් 2015 වසර වනවිට රටේ මුළු ණය ප්‍රමාණය බිලියන 7391 ක් වනු ඇත. වත්මන් රජය යටතේ 2017 වසර නිමාවන විට රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 10313 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ රාජ්‍ය ආදායම ඉතා අඩු ප්‍රමාණයක පැවතීම රජයේ ණය බර ඉහළයාමට හේතුවී ඇති බවයි. එම ආදායම පසුගිය වසර ගණනාව තුළ රටේ එදිනෙදා වියදම් පියවා ගැනීමටවත් ප්‍රමාණවත් නොවූ බව මහබැංකුව පවසයි. එහි ප්‍රතිඵලයවී ඇත්තේ මහාපරිමාණ ව්‍යාපෘතිවලට මෙන්ම මීට පෙර ලබාගත් ණය වාරික ගෙවා දැමීමටත් රටේ එදිනෙදා වියදම් සඳහාත් යළිත් ණය ලබාගැනීමට සිදුවීමයි. මහ බැංකුවේ සංඛ්‍යාලේඛන අනුව 2018 වසර ආරම්භ වන විට මෙරට රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතක් ලෙස 77.6% ක් ලෙස දැක්විණි. රාජ්‍යයන් අතර සහයෝගයෙන් සහන පදනම මත අධාර ලබාගැනීම, ඉදිකර ක්‍රියාත්මක කර පවරාදීම හෝ ඉදිකර ක්‍රියාත්මක කිරීම වැනි උපාය මාර්ග මගින් සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමට වඩා අධික පොලියට ලබාගන්නා ණය යොදාගෙන මාර්ග ඉදිකිරීම වැනි ක්‍රියා රටට කෙතරම් හිතකර වෙයි ද? ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, වසන්ත සමරසිංහ, ඩොලර් බිලියනයක් ණය ගත්තා ලොකු හපන් කමක් වගේ හැබැයි ඒ ඩොලර් බිලියන අරගෙන ආපහු හැරෙනකොට ඩොලර් බිලියන ඉවරයි. අපි මේ අවුරුද්දට ‍බිලියන 4ක් ඩොලර් බිලියන 4ක විදේශිය ණය ගෙවන්න තියෙනවා. ඒ ණය සඳහා මුදල් හොයන්න ‍ඕනේ ගමේ ඉන්නවා පොලියට සල්ලි දෙන අය දැනගත්තහම සියයට 10 ටත් දෙනවා. වුවමනාව වැඩිනම් සියයට 10ට ත් ගන්නවා. මේ ආණ්ඩුව ණය ගන්නෙත් එහේම පහුගිය අවුරුදු 3 ට දින 1100 ක් පමණ මේ ආණ්ඩුවගත කරලා තියෙනවා. බිලියන 3300 ක් ණය කරලා තියෙනවා. දවසට කෝටි 300 ක් ණය කරලා තියෙනවා. ආණ්ඩුව තියෙන දේවල් විකුණන් විකුණන් ගිහිල්ලා අවසානයේ රාජ්‍ය ආදායම් ලබන ආයතනත් විකුණන්න ලැහැස්ති කරලා තියෙන්නේ ඒ පිටරටින් ණයගන්න තියෙන අපහසුතාව නිසා ඒ.ඩී.බී. එකේ කෝන්දේසි වල්ඩ් බෑන්ක් එකේ කොන්දේසි අයි.එම්.එෆ්. එකේ කොන්දේසි සම්පුර්ණ කරන්න ඒ නිසා මේක ආණ්ඩුවේ හපන්කමක්වත් හැකියාවක්වත් නෙවෙයි මේ ක්‍රමයට බැහැ ණය නොවි රට අගලක්වත් ඉස්සරට යන්න. වයඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, අචාර්ය අමින්ද පෙරේරා, ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාව බැලුවාම ඉතාම පැහැදිලියි අපි ඉතිහාසයේ වැඩිම ණය ගෙවීමක් සිද්ධ වෙන්නේ 2018 ට 19 ය 20 කියන කාලය තුළ 22 වෙනකම් අපිට යම් අකාරයක පීඩනයක් තියෙනවා. ඉතින් එ් වගේ අතිවිශාල ණය වෙච්ච වෙලාවක කෙනෙකුට හිතන්න පුලුවන් රජට තවදුරටත් ණය ගැනීම තුළින් අපේ රට අධික ණය බර තාවකට පත්වෙන්න පුලුවන් ආර්ථික වශයෙන් රට බංකොලොත් වෙන්න පුලුන් නේද කියලා. ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ සංවර්ධනයේ ප්‍රමුඛතාවන් අපි තාම හඳුනාගෙන නෑ කියන එකයි මගේ මතය. ප්‍රමුඛතාව තුළ මං විස්වාස කරනවා අගනුවර මේ රටේ මරමස්ථානය තියෙන්නේ බස්නාහිර පළාත තුළ මීට වඩා වේගවත් මර්ග සංවර්ධනයකට තමයි රජය ප්‍රමුඛතාව දිය යුත්තේ. ජාතික සමගි පෙරමුණේ නායක, අසාද් සාලි, අග්‍රාමාත්‍යතුමා කියනවා ලංකාවයම හොඳ නිව්ස් එකක් අපිට ඩොලර් බිලියන් එකක් හම්බවුණා චීනයෙන් මේ අධිවේගී මාර්ගය හදන්න. මීට ඉස්සර හිටපුවුන් ගෙවාගන්න බෑ කියලා අපි පුන පුනා කියලා. අපි දැන් චූන් ගන්නවා අපි ඊට වාඩ ලොන් ගත්තා කියලා තමයි දැන් මේතනදී බිලියනයක් දෙන්නේ මොකටද චීන සමාගම් මෙතෙන්ට ගෙනැල්ලා වැඩ කරන මිනිස්සුත් ගෙනැල්ලා අපේ ලාංකිකයන්ට අවස්ථාව නැතුව වැඩ කරනවා. හයිවේ එක හදන්න එකට බිලියනයක් යට කරනකොට අර ඉඩම් ටික ගත්ත මිනිස්සුන්ගේ තත්ත්වය මොකද් ද? ගෙවල් අහිමි වෙච්ච කට්ටියගේ තත්ත්වය මොකද්ද එවට කොම්පන්ෂෙෂන් කවුද ගෙවන්නේ මේ ඔක්කොම රටේ ආර්ථිකයට ගොඩවෙනකොට අපේ දරුවන්ගේ දරුවන්ටවත් පුලුවන් වෙයිද මේ ණය ගෙවලා ඉවර කරන්න. මලයාසියාවේ නව අග්‍රාමාත්‍ය ආචාර්ය මහතීර් මොහොමඩ් මහතා ඔවුන්ගේ රට පත්ව ඇති තත්ත්වය පිළිබඳව කළ මේ පැහැදිලි කිරීම අපේ රටටත් අදාල නොවන්නේ ද? මලයාසියානු අග්‍රාමාත්‍ය, ආචාර්ය මහතීර් මොහොමඩ්, ගොඩක් මිනිස්සු චීන ආයේජනයන්ට අකමැතියි. අපි පෙනී සිටින්නේ මැලේෂියාව වෙනුවෙන් අපි මලයාසියානුවන්ගේ අයිතීන් ආරක්ෂා කළ යුතුයි. අපිට අවශ්‍ය නෑ මේ රටේ කොටස් විදේශ ආයතනවලට විකුණන්න. මේ විදේශ ආයතන මලයාසියානු රිංගිට් ලක්ෂ 07 කින් විතර ජොහෝර්වල සම්පූර්ණ නගරයක් සංවර්ධනය කරනවා ලක්ෂ 07 ක් කොහෙන්ද එන්නේ. අපේ රටට ජනතාවට මුදල් නෑ මේ වගේ ඉහළ මුදලකට නිවාස මිලදී ගන්න ඉතින් ඒ ගොල්ලෝ විදේශිකයින් ගෙනවා. කිසිම රටක් කැමති නෑ තමන්ගේ රට තුළ විදේශිකයින් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවාට. එය තමා යුරෝපයේ සිදුවන්නේත් ඔවුන් වැටවල් හදනවා කටුකම්බි දානවා විදේශයින් රට තුළට ඒම වැලැක්වීමට අපේ රට තුළදී මේ ආයෝජනවලින් අපිට කිසි දෙයක් හම්බවෙන්නේ නෑ අපේ ජනතාවට රැකියා හම්බවෙන්නේ නෑ ඒ එන ජනතාව අඩුගානේ බදුවත්වත් ගෙවන්නේ නෑ ඔවුන් බදුවලින් නිදහස් ප්‍රශ්නය, එහෙනම් ඔබ කරන්න යන්නේ චීනයේ සිට එන සෘජු විදේශ ආයෝජන සීමා කරන්න ද? මලයාසියානු අග්‍රාමාත්‍ය, ආචාර්ය මහතීර් මොහොමඩ්, නැහැ සෘජු විදේශ ආයෝජනයක් කියන එකට හොඳ නිර්වචනයක් තියෙනවා. ඔවුන් මෙහෙ කර්මාන්ත ශාලා පටන්ගන්න ඕනේ නම් අපේ ජනතාවට එවට බඳවා ගන්න අපේ කළමනාකරුවන් ඒ සඳහා යොදාගන්න. එහෙනම් එම ආයෝජකයින්ට අවස්ථාව තියෙනවා.
2018-05-15T09:09:08.000Z
භූමිතෙල් මිල ඉහළ යාමෙන් පීඩා විඳින වතු ජනතාවගේ කඳුළු කතාව
භූමිතෙල් මිලෙන් පීඩා විඳින වතු ජනතාව
COLOMBO (News 1st) - භූමිතෙල් මිල ඉහළ දැමීමෙන් වතු ජනතාව මේ වනවිට පීඩාවට පත් ව සිටි. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ ඉදිකරන ලද බගවන්තලාවේ නිවාසවල ජනතාව දිවි ගෙවන්නේ ඉතාමත් අසීරුවෙනි. රුපියල් 500 ක අවම දෛනික අදායමකින් ජීවත් වන මෙම ජනතාව සිය දෛනික අවශතාවයන් සපුරාගන්නේ ද දැඩි දුෂ්කරතා මැද ය. කුප්පිලාම්පු එළියෙන් ආලෝකමත් වූ ඔවුන්ගේ ජීවිත තව ත් අඳුරුවීමට පටන්ගන්නේ භූමිතෙල් මිල ඉහළ යාමත් සමගිනි. මේ දිනවල පවතින වැසි සහිත කාළගුණයත් සමග මේ ජනතාවගේ එදිනෙදා කටයුතු සඳහා භූමිතෙල්වල අවශ්‍යතාවය වැඩි වශයෙන් දැනෙන්නට පටන් ගෙන තිබේ. අත්‍යවශ්‍ය බඩු මිල ඉහළ යාමෙන් පීඩාවිඳි මේ ජනතාව, භූමිතෙල් මිල ඉහළයාමත් සමග පත්ව ඇත්තේ කබලෙන් ලිපට වැටෙන තත්ත්වයකටයි.
2018-05-15T09:24:03.000Z
භාරතීය ජනතා පක්ෂයට කර්ණාටක ප්‍රාන්ත සභාවේ බලය ගිලිහෙන ලකුණු
කර්ණාටක බලය භාරතීය ජනතා පක්ෂයට ගිලිහෙන ලකුණු
(News 1st) කර්ණාටක ප්‍රාන්ත සභා මැතිවරණයෙන් තනි පක්ෂයක් ලෙස වැඩි ආසන සංඛයාවක් ජයග්‍රහණය කළ ද පාලක භාරතීය ජනතා පක්ෂයට, ප්‍රාන්තයේ පාලන බලය අහිමිවීමේ තත්ත්වයක් උද්ගතව තිබේ. ඒ, කොංග්‍රස් පක්ෂය, ජනතා දාල් පක්ෂය සමග සන්ධානගත වන බව ප්‍රකාශ කිරීමෙන් පසුවයි. ආසන 224 කින් සමන්විත කර්ණාටක ප්‍රාන්ත සභාවේ පාලන බලය හිමිකර ගැනීම සඳහා ආසන 112 ට වැඩි බහුතර බලයක් අවශ්‍ය වේ . ඉන් භාරතීය ජනතා පක්ෂයට ජයග්‍රහණය කළ හැකිවූයේ ආසන 104 ක් පමණි. කොංග්‍රස් පක්ෂය, ආසන 78 ක් ජයගත් අතර ජනතා දාල් පක්ෂය ආසන 37 ක් ජය ගත්තේ ය. ඒ අනුව එම පක්ෂ දෙකට හිමි ආසන සංඛ්‍යාව ආසන 115 කි . සන්ධානගත වී නව ප්‍රාන්ත ආණ්ඩුවක් පිහිටුවීමට කොංග්‍රසය දරන උත්සාහය පස්සදොරෙන් පාලන බලය ලබා ගැනීමේ උත්සාහයක් බවට භාරතීය ජනතා පක්ෂය චෝදනා කරයි. මේ අතර නව ප්‍රාන්ත රජයක් පිහිටුවීම සඳහා අද පස්වරුවේ කර්ණාටක ආණ්ඩුකාරවරයා හමුවීමට අපේක්ෂා කරන බව ජනතා දාල් පක්ෂ නායක එච්. ඩී. කුමාරස්වාමී ප්‍රකාශ කළේ ය.
2018-05-15T08:51:33.000Z
"20% ක ගාස්තු වැඩිවීමක් නොවුනොත් වර්ජනයකට යනවා" - බස් හිමියන්
"20% ක ගාස්තු වැඩිවීමක් නොවුනොත් වර්ජනයකට යනවා"
COLOMBO (News 1st) -අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 6.56 % වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය දුන් අවසරය පිළිබඳව පෞද්ගලික බස් හිමියන් අප්‍රසාදය පළ කරති. ඔවුන් පැවසූවේ, 20 % ක ගාස්තු වැඩිවීමක් නොමැති නම් හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ධාවනය නොකරන බවයි. අද පෙරවරු 11.00 ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් සාකච්ඡාවක් ආරම්භ විය. ඒ, ජනාධිපති ලේකමි කාර්යාලයේදී යි. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු කැබිනට් අමාත්‍යවරුන් සහභාගී සිටිය හ. අද පැවති රැස්වීමේදී ඩීසල් මිල වැඩිවීම හා අනෙකුත් කරුණු සලකා බලා බස් ගාස්තු වැඩි කිරීම සඳහා කළ ඉල්ලීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය, අශෝක අබේසිංහ, ඒ කැබිනට් පත්‍රිකාව අනුව 6.56 %කින් ඉහළ යාමට තීන්දු කරලා තියෙනවා. අවම බස් ගාස්තුව වැඩිවෙලා නැහැ. එය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙනවා. පෞද්ගික හා ලංගම බස් රථවලට මෙම මිළ ඉහළ යාම බලපානවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න, ඇත්තෙන්ම 6.5 කට අපිට ඒකඟ වෙන්න බැහැ බස් කර්මාන්තකරුවන් විදිහට මේ බස්ගාස්තුව සම්බන්ධව අපි තව අවුරුද්දක් බලන්න ඉන්න ඕනි. යම් ආකාරයට තව රුපියල් 6ක් 7කින් ඩිසල් වැඩි වුනොත් අපිට ඒක දරාගන්න සිද්ද වෙනවා. මේ පැහැදිලිවම ජාතික ගමනාගමන කොමිෂම අපිට කරපු කේනෙහිලිකමක් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේහි වගකීම සම්පුර්ණයෙන්ම නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා භාර ගත යුතුයි. අපිට දොස් කියන්න එපා. ඒ පිං අමාත්‍යවරයා අපිට කරලා තියෙන කේනෙහිලිකම්වලට අපිට බස් ධාවනයෙන් ඉවත් වෙන්න සිද්ද වෙනවා. මේ 17 වැනිදා සිට. පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සමිමේලනයේ සභාපති, සරත් විජිතකුමාර, මේ කියන බස් ගාස්තුවට අපි කැමති නැහැ අඩු තරමේ 15% කින්වත් වැඩි වෙන්න ඕනි එතකන් අඛණ්ඩ වර්ජනයකට යනවා. බදාදා මධ්‍යම රාත්‍රියෙන් පස්සෙ කිසිම බස් රථයක් ධාවනය වෙන්නේ නැහැ. පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සමිමේලනයේ, සම්පත් රණසිංහ, මේ අවස්ථාවේ බස් කර්මාන්තය තියෙන්නේ හතර ගාතේන් වැටිලා. ආයෙත් නැගිටින්න බැරි විදිහට වැටිලා තියෙන බස් කර්මාන්තය වල පල්ලට යවන්න තමා මේ රජය උත්සාහ කරන්නේ. රජයේ නාස්තිකාර වියදම් වහගන්න බස් හිමියන් මත බර පටවන්න හදනවා. ඒ ක්‍රමවේදයට අපි සම්පුර්ණයෙන්ම විරුද්ධයි. පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සමිමේලනයේ ලේකම්, අංජන ප්‍රියන්ජිත්, 20% ක බස් ගාස්තු සංශෝධනයක් අත්‍යවශයි. අවම ගාස්තුව රුපියල් 15 දක්වා වැඩි කරන්න ඕනිමයි. ඒහේම නැත්නම් අපි පෙර කිවා සේ 16 වෙනි දා මධ්‍යම රාත්‍රියෙන් පසු සමස්ත බස් හිමියන් ධාවනයෙන් ඉවත් වෙනවා. ඒ වගේම අඛණ්ඩ බස් රථ වර්ජනයකට යනවා. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය, අශෝක අබේසිංහ, පුද්ගලික් බස් රථ වර්ජනයක ගියොත් අපිට කඩිනමින් ගන්න තියෙන ක්‍රිය මාර්ග තමා ලංගම බස් රථවල රියැදුරු කොන්දොස්තරලාගේ නිවාඩු අවලංගු කරලා. අපේ තියෙන සියලුම බස් රථ ධාවනයේ යෙදවීම සහ අතිරේක දුම්රිය ධාවනයට යෙදවීම. තමා අපි ක්ෂණිකව ගන්න තියෙන ක්‍රියාමාර්ග ඊට පසුව අපි ඔවුන් සමග සාකච්ජාවට යනවා.
2018-05-15T11:10:37.000Z
සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමේ අපට නොපෙන්වන තිත්ත පැත්ත
සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමේ අපට නොපෙන්වන තිත්ත පැත්ත
COLOMBO (News 1st) - පසුගිය දා අත්සන් කරන ලද සිංගප්පුරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව දැඩි කතා බහක් ඇති වෙමින් පවති. විශේෂයෙන්ම වෘත්තියවේදීන් සහ ඔවුන්ගේ සංවිධාන ගණනාවක් මෙම ගිවිසුම රටට මෙන්ම ශ්‍රී ලංකාවේ රැකියා වෙළෙඳපොළට බරපතළ ලෙස අහිතකර බව පෙන්වා දෙති. අද පැවතී මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය සඳහන් කළේ, මෙම ගිවිසුම ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම වංචාව බවයි. මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර දේශීය වෘත්තීයවේදීන්ගේ අදහස් ලබාගැනීමට බලධාරීන් කටයුතු නොකිරීම සහ පෙන්වා දුන් අහිතකර කරුණු හිතා මතා අමතක කර දැමීම ද මෙහිදී විවේචනයට බඳුන් විය.
2018-05-15T07:12:12.000Z
ලූණු සහ අර්තාපල් ගොවීන් රැකගැනීමට වැඩපිළිවෙළක්
ලූණු සහ අර්තාපල් ගොවීන් රැකගැනීමට වැඩපිළිවෙළක්
COLOMBO (News 1st) - ලූණු සහ අර්තාපල් ගොවීන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් සැකසීමට කණ්ඩායමක් පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබේ. එම අමාත්‍යංශය සඳහන් කළේ, අර්තාපල් සහ ලූණු ගොවීන්ට සිය නිෂ්පාදන සඳහා සරිලන මිලක් ලබාදීම මෙහි අරමුණ බවයි. මේ අතර බීජ ලූණු වශයෙන් මෙක්ට්‍රික් ටොන් 7000 ක් පමණ මිලදී ගැනීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.
2018-05-15T06:41:37.000Z
කහටගස්දිගිලිය රෝහල ඉදිරිපිට පිරිසක් විරෝධතාවක
කහටගස්දිගිලිය රෝහල ඉදිරිපිට පිරිසක් විරෝධතාවක
COLOMBO (News 1st) - අනුරාධපුර - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගය අවහිරකරමින් කහටගස්දිගිලිය ප්‍රාදේශීය රෝහල ඉදිරිපිට අද උද්ඝෝෂණයක් පැවැත් විය. මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුනේ රෝහල් සංවර්ධන කමිටුවයි. මේ සඳහා වෙළෙඳ ප්‍රජාව මෙන්ම රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්න පිරිස් එක්ව සිටියහ. උද්ඝෝෂකයින් පැවසූවේ, මීට කලකට පෙර පහසුකම් සහිතව තිබූ කහටගස්දිගිලිය ප්‍රාදේශීය රෝහල මේවන විට අභාවයට ගොස් අති බවයි. විරෝධතාකරුවන් පැය භාගයක පමණ කාලයක් අනුරාධපුර - ත්‍රිකුණාමල මාර්ගය රෝහල ඉදිරිපිටින් අවහිර කර ඇත. පසුව එක් මන්තීරුවන් පමණක් විවෘත කරමින් මාර්ගයේ ගමනාගමනයට ඉඩ සලසා දී තිබේ.
2018-05-15T06:08:23.000Z
ඇණහිටි විදුලි බලය යථා තත්ත්වයට
ඇණහිටි විදුලි බලය යථා තත්ත්වයට
COLOMBO (News 1st) - බියගම - පන්නිපිටිය විදුලි සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයේ තාක්ෂණික දෝෂය යථා තත්ත්වයට පත්කර ඇතැයි විදුලි බල හා පුනර්ජනණීය බලශක්ති අමාත්‍යංශය පවසයි. බියගම - පන්නිපිටිය විදුලි සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද පෙරවරුවේ කොළඹ ප්‍රදේශ රැසක විදුලි බලය ඇණහිට තිබේ. එලෙස විදුලි බලය ඇණහිට තිබුණේ ශ්‍රී ජයවර්ධනපුර, රත්මලාන, දෙහිවල, පන්නිපිටිය යන ග්‍රීඩ් උපපොලවල වලින් විදුලිය බෙදාහරින ප්‍රදේශවලටයි. ගිගාවොට් 220 ක සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය අද පෙරවරු 7.20 ට පමණ, එලෙස තාක්ෂණික දෝෂයකට ලක්ව තිබේ.
2018-05-15T05:25:36.000Z
අසාධ්‍ය තත්ත්වයේ සිටි අනෙක් බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයාත් මිය යයි
දෙවන රග්බි ක්‍රීඩකයාත් මිය යයි
COLOMBO (News 1st) - සුහද රග්බි තරගාවලියකට සහභාගිවීම සඳහා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත ව සිටි බෙඩ් තෝමස් රිඩ් මීට සුළු මොහොතකට පෙර මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. මිය ගිය රග්බි ක්‍රීඩකයාගේ වයස අවුරුදු 27 ක් වනු ඇත. පෙරේදා දිනයේදී ඔහුගේ කණ්ඩායමේ තව ත් රග්බි ක්‍රීඩකයෙකු ද කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේ ය. ඔහුගේ මිය යාමට හේතුව මත්පැන් හා මත්ද්‍රව්‍ය ගෙන ඇති බවට හෙළිවී ඇත. ඒ මරණය සම්බන්ධයෙන් අද පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි. මරණයට හේතුව සඳහා තවදුරටත් විමර්ශනය කළ යුතු බව ද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තවේ සඳහන් වේ. සුහද රග්බි තරගාවලියක් සඳහා දිවයිනට පැමිණ කොළඹ නවාතැන් ගෙන සිටි රග්බි ක්‍රීඩකයා පෙරේදා රාත්‍රියේ මිය ගියේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.
2018-05-15T02:12:02.000Z
අද මැදියම් රැයේ සිට බස් ගාස්තු ඉහළට
අද මැදියම් රැයේ සිට බස් ගාස්තු ඉහළට
බස් ගාස්තු 6.56කින් ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවී තිබේ. මෙම ගාස්තු සංශෝධනය අද මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වනු ඇති. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති M.A.P. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, ඉන්ධන මිල ඉහළ යාම හා වාර්ෂික ගාස්තු සංශෝධනය පදනම් කර ගනිමින් මෙම ගාස්තු ඉහළ දැමීම සිදු කළ බවයි. කෙසේ වෙතත් අවම ගාස්තුව වන රුපියල් 10 මිලෙහි වෙනසක් සිදු නොවන බව සභාපතිවරයා සඳහන් කළේ ය.
2018-05-15T01:01:41.000Z
දිලුම් අමුණුගම පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට
දිලුම් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට
COLOMBO (News 1st) : පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, මහනුවර - දිගන ප්‍රදේශයේ ඇති වූ සිදුවීම් පිළිබඳ ප්‍රකාශයක් ලබාදීමට ඔහු පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවා ඇති බවයි. පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මේ වන විට ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටිනු ඇත.
2018-05-14T23:56:48.000Z
කොළඹ ප්‍රදේශ රැසකට විදුලි බලය ඇණහිටී
කොළඹ ප්‍රදේශ රැසකට විදුලි බලය ඇණහිටී
COLOMBO (News 1st) : බියගම - පන්නිපිටිය විදුලි සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක විදුලි බලය ඇණහිට තිබේ. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ අදාළ තත්ත්වය යටතේ මේ වන විට ශ්‍රි ජයවර්ධනපුර. රත්මලාන, දෙහිවල, පන්නිපිටිය යන ග්‍රීඩ් උප පොළවල් හරහා විදුලිය බෙදාහරින ප්‍රදේශවලට විදුලි බලය ඇණහිට ඇති බවයි. ගිගාවොට් 220 ක සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයය අද පෙරවරු 7.20 ට පමණ, එලෙස තාක්ෂණික දෝෂයකට ලක්ව තිබේ. සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, විදුලි රැහැන් පද්ධතිය යථා තත්ත්වයට පත්කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බවයි. අදාළ ප්‍රදේශවලට කඩිනමින් විදුලි බලය ලබාදීමට කටයුතු කරන බව ද විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ ය.
2018-05-14T21:38:16.000Z
තහනම් සමයේ කැමරන්ට සමාවක්
තහනම මැද සමාවක්...
පන්දුව පළුදු කීරීමේ චෝදනාවට වැරදිකරු වීම හේතුවෙන් මාස 9 ක කාලයක් තරග තහනමකට ලක්ව සිටින ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට්ට එරට අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අනුමැතිය ලබා දී තිබේ. දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී පන්දුව පළුදු කිරීමේ වරද හේතුවෙන් කැමරන් බැන්ක්‍රොෆ්ට්, හිටපු ඔස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් තරග තහනමකට ලක් කෙරිණ. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පසුගිය දා ස්ටීවන් ස්මිත්ට සහ ඩේවිඩ් වෝනර්ට එරට අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේදී නිව්සවුත් වේල්ස් ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවසර ලබා දුන්නේ ය. කැමරන් බැන්ක්‍රොෆ්ට් ද විලිටන් කණ්ඩායම නියෝජනය කරමින් අන්තර් සමාජ තරගාවලියට සහභාගී වීමට අනුමැතිය ලබා දී තිබෙන්නේ ඉන් අනතුරුවයි. ඒ අනුව ඉදිරි තරග සමයේදී බැන්ක්‍රොෆ්ට අන්තර් සමාජ තරග සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාව තිබේ. ඔහු අන්තර් සමාජ තරග සඳහා තම කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරන බව විලිටන් කණ්ඩායම ටුවිටර් පණිවුඩයක් පළ කරමින් දන්වා තිබේ.
2018-05-14T21:12:09.000Z
දොඩංවල බිංගෙය අසලින් ගමන අවදානම්...!
දොඩංවල බිංගෙය අසලින් ගමන අවදානම්...!
COLOMBO (News 1st) : මහනුවර, අනිවත්ත උමං මාර්ගයේ දොඩංවල බිංගෙය අසල සිදුවු නායයාම තවදුරටත් සක්‍රීය බව අපදා කළමනාකරණ මධ්‍යස්තානය පවසයි. එම මධ්‍යස්ථානය පැවසුවේ, අද දිනයේ නායයෑම් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි. එහි දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කළේ, ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ විශේෂ නිරීක්ෂණ කණ්ඩායමක් ඊට එක්වන බවයි. ඊයේ උදෑසන නායයාමට ලක්වූ මහනුවර, අනිවත්ත උමං මාර්ගයේ දොඩංවල බිංගෙය අසල මාර්ගය තවදුරටත් අවදානම් තත්ත්වයේ පවතින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. ඒ හේතුවෙන් ඊයේ සිට මේ වන තෙක් එම මාර්ගය වසා දැමීමට ද පොලීසිය කටයුතු කර තිබේ. පවතින අවදානම් තත්ත්වය නිසා අද දිනයේ ද රියැදුරන් හැකි තාක් විකල්ප මාර්ග භාවිත කළ යුතු බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ආයතනය ජනතාවට දැනුම් දෙයි.
2018-05-14T20:12:35.000Z
ගාසා තීරයේ යළි ගිනි ඇවිළෙයි
ගාසා තීරයේ යළි ගිනි ඇවිළෙයි
පුද්ගලයින් 55 දෙනෙකුට මරු කැඳවමින්, ඊශ්‍රායල හමුදා ගාසා තීර‍යට එල්ල කළ ප්‍රහරය සිය ආරක්ෂාව උදෙසා එල්ල කළ ප්‍රහාරයක් බව එරට රජය පවසයි. 2014 වර්ෂයෙන් පසුව ගාසා තීරයේ සිදුවූ දරුණුතම ප්‍රහාරය ඊයේ ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරනු ලැබූ මෙම ප්‍රහාරය බව පලස්තීන බලධාරීහු පවසති. ප්‍රහාරයෙන් පුද්ගලයින් 2700කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන් ය. මෙම ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ සිය හමුදා ගාසා තීරයේ කැරළිකාරි ලෙස හැසිරෙන හමාස් අන්තවාදීන්ට එරෙහිව ස්වයං ආරක්ෂාව උදෙසා මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. හමාස් අන්තවාදීන්හට ඊශ්‍රායලය විනාශ කිරීමේ අවශ්‍යතාවක් ඇති බව ද අගමැතිවරයා පවසා තිබේ. කෙසේ වෙතත් මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් පලස්තීන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මෙය මිලේච්ඡ සමූහ ඝාතනයක් ලෙසයි. මේ අතර ඊයේ සිදුවූ මෙම ප්‍රහාරය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව මේ පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ. ඊශ්‍රායලයේ අමෙරිකානු තානාපති කාර්යාලය, ටෙල් අවිව් සිට ජෙරුසලමට මාරු කිරීමට සහ ඊශ්‍රායලයේ අගනුවර ලෙස තමන් ජෙරුසලම හඳුනා ගන්නා බවට අමෙරිකානු ජනපති ගත් තීරණය සමග ඊට එරෙහිව පලස්තීනයේ සති 6ක කාලයක සිට දැඩි විරෝධතා රැළි පැවැත්විණ. නැවත පැමිණිමේ රැළිය ලෙස නම් කෙරුණු එම රැළිය ඊයේ දිනයේ නව අමෙරිකානු තානාපති කාර්යාලය විවෘත කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය පළ කරමින් පවසා ඇත්තේ නැගෙනහිර ජෙරුසලම පලස්තීනයේ අනාගත අගනුවර බවයි. අමෙරිකාව, ජෙරුසලමේ ආධිපත්‍ය ඊශ්‍රායලයට සතු කරවීමට සහය දෙන බවත් ඊශ්‍රායලය ජෙරුසලම, නොබෙදිය හැකි ප්‍රාග්ධනයක් ලෙස සලකන බවත් පලස්තීන විරෝධතාකරුවෝ වැඩිදුරටත් චොදනා කරති. කෙසේ වෙතත් සිය අයිතිය වෙනුවෙන් සිදුකරන මෙම විරෝධතාව නොනැවතී අද දිනයෙත් සිදුකිරීමට නියමිත බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව සඳහන් ය.
2018-05-14T19:47:36.000Z
මලල ක්‍රීඩාකාවකගේ කතාවක් හෙළි කෙරෙන 'උදුම්බරා' ඇරඹේ
'උදුම්බරා' රූගත කිරීමේ ඇරඹේ
COLOMBO (News 1st) : කැපිටල් මහරාජා සංවිධානය විසින් නිෂ්පාදනය කරනු ලබන නවතම චිත්‍රපටය වන උදුම්බරාහි රූගත කිරීම් ඊයේ නිල වශයෙන් ඇරඹිණ. උදුම්බරා චිත්‍රපටයේ රූගත කිරීම් ආගමානුකූලව ආරම්භ කෙරුණේ, මොරටුව, ලූනාව ප්‍රදේශයේදීයි. මලල ක්‍රීඩාකාවකගේ කතා පුවතක් තේමා කරගත් උදුම්බරා චිත්‍රපටය සඳහා නදීෂා හැන්ඩර්සන් , ජැක්සන් ඇන්තනී , ජයනි සේනානායක , සරත් කොතලාවල , ජනක කුඹුකගේ ඇතුළු රංගන ශිල්පීහු රැසක් රංගනයෙන් දායක වෙති. ශක්ති ටී.වී. හිටපු නාලිකා ප්‍රධානී කේ.එස්. චමත් රාජාගේ අධ්‍යක්ෂණයක් වන උදුම්බරාහි ප්‍රධාන චරිතයට දායක වන්නේ නදීෂා හැන්ඩර්සන් ය.
2018-05-14T19:14:17.000Z
බස් ගාස්තු වැඩි කරන යෝජනාව අද කැබිනට් අනුමැතියට..?
බස් ගාස්තු වැඩි කරන යෝජනාව අද කැබිනට් අනුමැතියට?
COLOMBO (News 1st) : පෞද්ගලික බස් ගාස්තු ඉහළ දැමීම පිළිබඳ කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිත වේ. නිව්ස් ෆස්ට් කළ විමසීමකදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ, පෞද්ගලික බස් සංගම්වලින් ලද ඉල්ලීම් සලකා බලමින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට තීරණය වූ බවයි. ඒ අනුව එම කැබිනට් පත්‍රිකාව අද ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති. ඉන්ධන මිල වැඩිවීමත් සමග පෞද්ගලික බස්හිමියන්ට සිදුවූ බලපෑම පිළිබඳ රජයේ අවධානය යොමු කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ ක‍ළේ ය . ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ලංකා ගමනාගමන මණ්ඩලයේ හා දුම්රිය ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. බස් ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් බස් සංගම් නියෝජිතයින්ගේ අදහස් විමසීම සඳහා ඊයේ ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ද පැවැත්විණ. කෙසේ වෙතත් බස් සංගම් නියෝජිතයින් පවසන්නේ ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව සමග ඊයේ පැවති සාකච්ඡා අසාර්ථක බවයි.
2018-05-14T11:33:41.000Z
ශ්‍රී ලංකා සිංගප්පුරු වෙළෙඳ ගිවිසුමේත් ගැටලුවක් ?
ශ්‍රී ලංකා සිංගප්පුරු වෙළෙඳ ගිවිසුමේත් ගැටලුවක් ?
COLOMBO (News 1st) - සිංගප්පුරු සහ ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම තුළින් සිංගප්පුරු ජාතිකයින්ට සහ සිංගප්පුරුවේ ස්ථිර පදිංචි පුද්ගලයින්ට මෙරට රැකියා අවස්ථා විවෘත වන බව විවිධ සංවිධානයන්හි වෘත්තියවේදීන් පෙන්වා දෙති. කෙසේ වෙතත් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත. අප මේ සම්බන්ධයෙන් වාර්තා කරන්නේ නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳව විරෝධය දැක්වීමට නොව, මහජනතාව දැනුවත් කිරීම මාධ්‍ය ආයතනයක් වශයෙන් අප සතු වගකීමක් ලෙස සළකමිනි. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය පැවසුවේ, මෙරට අයෝජන සිදු කරන සිංගප්පුරු සමාගමක ශාඛා අතර හුවමාරු වන කළමනාකරුවන්, විධායකයන් හා විශේෂඥයින් යන ඉහළ නිලධාරී මට්ටමේ සේවය කරන සිංගප්පුරු ජාතිකයින් සඳහා පමණක්ම සීමා කොට මෙරටට ඇතුල්වීමට අවස්ථාව ලබාදී ඇති බවයි. එමෙන්ම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, එවැනි සේවකයින් අවම වශයෙන් අදාළ ආයතනයේ මාස 12 ක කාලයක් සේවයේ නිරතව සිටිය යුතු බව ය. මෙම ගිවිසුමෙන් කුසලතාවයන්ට ප්‍රමුඛස්ථානය ලබාදෙමින් කටයුතු සැලසුම් කර ඇති බව ද අමාත්‍යංශය පවසයි.
2018-05-14T11:10:15.000Z
හිස් වූ තානාපති පුටු නිසා රාජ්‍යතාන්ත්‍රික සේවාවේ බිඳවැටීමක් ?
රාජ්‍යතාන්ත්‍රික සේවාවේ බිඳවැටීමක් ?
COLOMBO (News 1st) - විදේශ කටයුතු අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අනුව අමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය, රුසියාව, බ්‍රසීලය සහ කෙන්යාව යන රටවල තානාපති හා මහ කොමසාරිස් තනතුරු පුරප්පාඩුවී ඇත. මාස 9 ක සිට අමෙරිකාවට ශ්‍රී ලංකාවෙන් තානාපතිවරයෙකු පත් කිරීමට ආණ්ඩුව අසමත් වී තිබේ. මාස 3 ක සිට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරය පුරප්පාඩුව පවති. ලොව තව ත් ප්‍රබල රාජ්‍යයක් වන රුසියාවේ ද ශ්‍රී ලංකා තානාපති ධූරය මාස 3 ක සිට පුරප්පාඩුව පැවතීම විශේෂත්වයක් වනු ඇත. පසුගිය වසර 2 ඇතුළත අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා රාජතාන්ත්‍රික විදෙස් සංචාර 10 කට වැඩි සංඛ්‍යාවකට සහභාගී වී තිබේ. 2017 ජනවාරි 16 වන දා අගමැතිවරයා ස්විට්සර්ලන්ත සංචාරයක 2017 පෙබරවාරි13 වන දා සිට අගමැතිවරයා සිව්දින ඔස්ට්‍රේලියානු සංචාරයක දින 5 ක සංචාරයක් සඳහා 2017 අප්‍රේල් 10 වන දා අග්‍රාමාත්‍යවරයා ජපානයට එම වසරේම අප්‍රේල් 16 වන දා අගමැතිවරයා වියට්නාම සංචාරයක 2018 මාර්තු 11 වන දා ජාත්‍යන්තර සූර්ය බලශක්ති සමුළුවේ සමාරම්භක උළෙල සඳහා ජනපති ඉන්දියාවට 2018 මාර්තු 12 වන දා අනතුරුව ජපන් සංචාරයකට ජනපති එක්වෙයි පසුගිය මස 18 වන දා පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට එක්සත් රාජධානියේ ජනපති නිල සංචාරයක 2018 මැයි 12 දෙදින නිල සංචාරයක් සඳහා ජනපති ඉරානයට ආණ්ඩු කරන දේශපාලන නායකයින් හා මැතිඇමතිවරුන් එතෙර සංචාර සඳහා වැය කළේ මෙරට මහජනතාවගේ මුදල් නමුත් ශ්‍රී ලංකාවට ලැබුණු අයෝජන හා ප්‍රතිලාභ මොනවා ද?
2018-05-14T09:46:35.000Z
කෑගල්ල - බුලත්කොහුපිටිය මාර්ගය තාවකාලිකව වසා දැමේ
කෑගල්ල - බුලත්කොහුපිටිය මාර්ගය තාවකාලිකව වසා දැමේ
COLOMBO (News 1st) - කෑගල්ල - බුලත්කොහුපිටිය මාර්ගයට ගල් පෙරලීම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ඒ හේතුවෙන් ජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.
2018-05-14T09:32:07.000Z
ගෝලීය ආර්ථික වෙනස් වීමට ශ්‍රී ලංකාව සුදානම් ද?
ගෝලීය ආර්ථික වෙනස් වීමට ශ්‍රී ලංකාව සුදානම් ද?
COLOMBO (News 1st) - වියත්මග වාර්ෂික සමුළුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ඊයේ පස්වරුවේ කොළඹදී පැවැත් විය. බුද්ධියෙන් බලගැන්වුනු ශ්‍රී ලංකාවක් යන තේමාවෙන් පැවති මෙම සමුළුවේදී 2030 කරා යන ජාතිය ගොඩ නැගීමේ මාර්ග සැලසුමට අවශ්‍ය ප්‍රායෝගික හා උපායමාර්ගික දැක්ම මෙහිදී ප්‍රකාශයට පත් කෙරිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ද සමුළුවට ආරාධනා ලැබ සිටි අතර වෘතිකයින්, වියතුන්, ව්‍යවසායකයින් හා ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් ඊට එක් ව සිටියහ. විද්‍යාජෝති ආචාර්ය බන්දුල විජේරත්න, ආචාර්ය මොහොමඩ් ඉස්මාල් රම්සි, මනෝ සේකරම්, එරන්ද ගිනිගේ, මහාචාර්ය රොහාන් ගුණරත්න හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ එහිදී අදහස් පළ කළහ. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව අමතමින් කියා සිටියේ, ගෝලීය ආර්ථීක අභියෝගවලට ශ්‍රී ලංකාව සූදානම් විය යුතු බවයි. හිටපු ආරක්ෂක ලේකම්, ගෝඨාභය රාජපක්ෂ 20යි 30 වර්ශය වන විට චීනයේ ආර්ථීකය අමෙරිකාවේ ආර්ථිකය වගේ දෙගුණයක් වෙනවා. ඉන්දියාවේ ආර්ථිකය තුන්වන ස්ථානයට පත් වෙනවා. ජපානය හතරවන ස්ථානයටත් ඉන්දුනිසියාව පස්වන ස්ථානයටත් පත්වනවා. චීනයේ, ඉන්දියා, ජපානය, ඉන්දුනිසියා ආසියාවේ මුළු ලෝකයේම පළවෙනි, දෙවනි, තුන්වන, හතරවන, පස්වන ස්ථානවලට පත්වන විට ගෝලීය ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය ඉන්දු ආසියා ප්‍රදේශයට පැමිනෙවා. මේ ගෝලීය ආර්ථික වෙනස් වීමට ශ්‍රී ලංකාව සුදානම් ද? ආර්ථික වර්ධනය තමයි අද තියෙන සෑම ප්‍රශ්නයටම පිළිතුර. අපි අපේ රටේ මුලික පදනම විය යුත්තේ ආර්ථික වර්ධනය. ආර්ථික වර්ධනය තමයි අඩි තාලම අපි ආර්ථික වර්ධනය ආර්ථික ව්‍යුහය වෙනස් කර ගන්නට අවශ්‍යයි. ආර්ථීක ස්ථාවරයට හා තිරසාර වර්ධනයට නිසි අධ්‍යාපනයක් අවශ්‍යයි. ජනතාවගේ අවශ්‍යතායන් වඩාත් පුළුල් වෙලා තියෙනවා. ද්‍රව්‍යයම අවශ්‍යතා සහ සංස්කෘතික අවශ්‍යතාවයන් ප්‍රජාතත්ත්‍රවාදය වර්ධනය විශේෂයෙන්ම සැම ජන කොටසක් තුළම ඇති සමානතාවය තහවුරු කිරීම, සැම පුද්ගලයෙක්ටම වටිනාකමට ගරු කිරීම නිදහස ඒ වගේම ඒම නිත්‍ය ආධිපත්‍ය ප්‍රවර්ධනය, සාධාරනත්වය හා යුක්තිය ආරක්ෂාව ඒ වගේම තරුණ පරපුරට විශේෂයෙන්ම හොඳ පරිසරයක් වෙනුවෙන් ඇති ඉල්ලිම ද අද වැඩි වෙලා තියෙනවා. ආර්ථීක ප්‍රතිසංස්කරණයන් සහ නීතිමය පාලනය මේ යන දෙකම එක්ව යා යුතුයි. පරිපුර්ණ නීතියේ ආධිපත්‍ය ඇති කිරීමට නම් නීතිය ක්‍රියා කිරීමට සහතික කරන්න අවශ්‍යයි. ඒ වගේම අධිකරණයේ යුක්තියට ඉඩ දිය යුතුයි ඒ වගේම මේ රටේ සියලු දෙනාම ව්‍යවස්ථාවට ගරු කර යුතුයි. සියලුම පුද්ගලයින් සියලුම සංවිධාන ව්‍යවස්ථා රාමුව තුළ ක්‍රියා කළ යුතුයි. කිසිම පුද්ගලයෙන් ව්‍යවස්ථා හා නීතිය අභිබවා යෑමට අයිතියක් නැහැ. අපිට මේ ආර්ථිකය වර්ධනයට තවත් බාධාවක් තමයි රාජ්‍යතන්ත්‍රය තුළ ඇති දුෂණය, පාලකයන් හා නිලධාරීන් දුෂණයෙන් ඇත් කිරීමට අපි තීරණගත යුතුයි. ඉහළ මට්ටමේ දේශපාල හා නිලධාරීන් බිහි කිරීම ඉතාමත් වැදගත් වෙනවා. අවසානයේ ආර්ථීකයක් ගොඩ නගන්නේ ප්‍රතිපත්ති හා පිළිවෙත් මත නෙමෙයි ඒ ප්‍රතිපත්ති හා පිළිවෙත් ක්‍රියාත්මක කරන මිනිසුන් මතයි. ඒ වගේම ආර්ථීකයක් ගොඩ නැගෙන්නේ ප්‍රාග්ධන ගලනය මත නොවේ. ඒ ප්‍රාග්ධනය නිසි අයුරින් ආයෝජනය කරන මිනිසුන් මතයි. ආර්ථීකය ගොඩ නැගෙන්නේ ආර්ථීක විශේෂඥයින් ඉදිරිපත් කරන නිෂ්පාදන හා අපනයන දත්ත මත නොවේ. දිනපතා බස් රථයෙන් හෝ පයින් වැඩට ගිහින්ලා ඒහෙම නැත්තම් ගොවිපොළට ගිහිල්ලා පැය 8 කට වැඩි ප්‍රමාණයක් කාර්මාන්ත ශාලාවක හෝ ගොවිපලේ වැඩ කරන මිනිසුන් මතයි.
2018-05-14T08:58:38.000Z
ඇමති ආරක්ෂකගේ ගිනි අවිය ගත්තේ කවුද?
ඇමති ආරක්ෂකගේ ගිනි අවිය ගත්තේ කවුද?
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අසළ පැවැති පිළිගැනීමක් අතරතුරදී ඇමති ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයෙකුගේ අතුරුදන් වූ ගිනි අවිය සොයා තවමත් පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. එම ගිනි අවියේ භාවිත කළ පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් ඇමති ආරක්ෂක අංශය විසින් විනය පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. අදාළ උත්සවය පසුගිය 08 වැනිදා පැවැත්වුණේ ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන් පිළිගැනීම සඳහායි.
2018-05-14T08:32:11.000Z
චීනයෙන් ශ්‍රී ලංකාවට සතුටුදායක පුවතක්
චීනයෙන් ශ්‍රී ලංකාවට සතුටුදායක පුවතක්
COLOMBO (News 1st) - චීනය විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ණයක් ලබාදීමට එකඟතාව පළ කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මීට සුළු මොහොතකට පෙර දැනුම්දී තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ, ශ්‍රී ලාංකාවේ චීන තානාපතිවරයා අද අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් පසු මෙම සතුටුදායක ප්‍රවෘත්තිය දැනුම්දී ඇති බවයි. මෙම ණය මුදල චීනය විසින් ලබාදීමට එකඟවී ඇත්තේ, මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් සඳහා ය. අග්‍රාමාත්‍ය කාර්යාලය මෙය සතුටුදායක ප්‍රවෘත්තියක් ලෙස හුවාදැක්වුව ද අමෙරිකානු ඩොලර් බිලියනයක් ණයට ගැනීම යනු ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් බිලියන 160 කට ආසන්න අතිවිශාල මුදල් ප්‍රමාණයක් චීනයට ණය වීමකි. අදාළ ණය ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතියක් හිමි වුයේ ද? එම ණය කොන්දෙසි කවරේ ද පොලී අනුපාත හා වාරික ගෙවීම් කරන්නේ කෙසේදැයි, පිළිබඳව මේ රටේ මහජනතාව දැනගත යුතු බව අප සිහිපත් කිරීමට කැමත්තෙමු.
2018-05-14T11:03:19.000Z
ඉන්ධන මිල වැඩි කිරීමෙන් අමාරුවේ වැටුණු ප්‍රවාහන, බලශක්ති හා ධීවර ක්ෂේත්‍රය
ඉන්ධන මිල වැඩි කිරීමෙන් අමාරුවේ වැටුණු ක්ෂේත්‍ර
COLOMBO (News 1st) - ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කිරීමත් සමග ප්‍රවාහන, බලශක්ති හා ධීවර ක්ෂේත්‍රවලට බලපෑම් එල්ල විය. පෞද්ගලික බස් රථ හිමියන් බස් ගස්තු වැඩි කිරීමට යෝජනා කරද්දී ධීවරයින් සහනාධාර වෙනුවට පැවති මිලට ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලීම් කළහ. පසුගිය 10 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ඩීසල් ලීටරයක් රුපියල් 14 කින් හා භූමිතෙල් ලීටරයක් රුපියල් 57 කින් ඉහළ නැගිනි. මෙයින් දැඩි බලපෑමක් එල්ලවන ප්‍රවාහන ක්ෂේත්‍රයේ නිරත පෞද්ගලික බස් සංගම් සිය ගාස්තු 10% - 15% ත් ප්‍රමාණයකින් ඉහළ නංවන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් කළහ. මේ පිළිබඳ තීරණයක් ගැනීමට අද ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් බස් සංගම් නියෝජිතයින් පැවත් වූ සාකච්ජාවේදී තීරණය වී ඇත්තේ හෙට දිනයේ ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට ය. ඒ මේ පිළිබඳ කැබිනට් මණ්ඩලය ගන්නා තීරණයෙන් අනතුරුව බව අමාත්‍යාංශ ප්‍රකාශකවරයෙකු සඳහන් කළේ ය. මේ අතර මීගමුව, හලාවත, පුත්තලම හා යාපනය ප්‍රදේශවල ධීවරයින්ගෙන් බහුතරයක් අද මුහුදු යෑමෙන් වැලකි සිටියහ. ඒ, තමන්ට පැවති මිලට ඩීසල් ලබාදෙන ලෙස ඉල්ලමිනි. මෙවර ඉන්ධන මිල සංශෝධනයේදී භූමිතෙල් මිල 127% කින් ඉහළ නැගිනි. ඒ ධීවරයින් මෙන්ම විදුලිබලය නොමැති දිවයිනේ බොහෝ නිවාසවල ජනතාව තම බලශක්ති අවශ්‍යතාව සඳහා භූමිතෙල් බහුලව භාවිතා කරන තත්ත්වයක් හමුවේයි. අඩු ආදායම් ලාභි විදුලිය නොමැති පවුල් ඒකක සහ භූමිතෙල් භාවිත කරන භූමිතෙල් භාවිත කරන ධීවරයින්ට භූමිතෙල් සහනාධාරය තවදුරටත් ලබාදීමට රජය තීරණය කළේ ය. ඊට අදාළ මුදල් ප්‍රතිලාභීන්ගේ ගිනුම්වලට සෘජුව බැර කිරීමට කටයුතු කරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය නිකුත් කර නිවේදනයේ සඳහන් වේ.
2018-05-14T07:16:51.000Z
ලසන්ත ඝාතනයේ තොරතුරු සැඟවූ නි.පොලිස්පති යළි ත් රිමාන්ඩ්
ලසන්ත ඝාතනයේ තොරතුරු සැඟවූ නි.පොලිස්පති රිමාන්ඩ්
COLOMBO (News 1st) - ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන සිද්ධිය පිළිබඳ තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල සහ විශ්‍රාමික හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර යන මහත්වරුන් ලබන 25 වන දා තෙක් අද යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඒ, අදාළ නඩුව අද ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි. තුන්වැනි සැකකරු වන නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුර මැදගොඩ මහතා අද දින තම සේවා දායකයා ඇප මත මුදා හරින ලෙසට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේ ය. නමුත් අනුර මැදගොඩ මහතා අසනීපව සිටින බැවින් ඒ වෙනුවෙන් කරුණු දැක්වීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙස නීතිඥ සාරංග වෙදසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලා ඇත. එම ඉල්ලීම පිළිබඳ සලකා බැලු අධිකරණය ලබන 25 වැනි දිනට පැමිණිල්ල කැඳවීම කල් තබා තිබේ. දෙවන සැකකරු වන පොලිස් පරීක්ෂක තිස්ස සුගතාපාල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රසික වීරතුංග මහතා තම සේවා දායකයා වෙනුවෙන් මීළඟ නඩු දිනයේදී ඇප ඉල්ලීමට බලාපොරොත්තු වන බව කියා සිටියේ ය. සැකකරුවන් දෙදෙනා ලබන 25 වන දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විනිසුරුවරයා නියම කළේ ය.
2018-05-14T05:06:15.000Z
ඉවතලන ද්‍රව්‍යවලින් නිෂ්පාදනය කළ මෝටර් රථ ප්‍රදර්ශනයක් යාපනයේදී
යාපනයේ පැවති අමුතු මෝටර් රථ ප්‍රදර්ශනය
COLOMBO (News 1st) - ඉවතලන ද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරන ලද මෝටර් රථ ප්‍රදර්ශනයක් ඊයේ දිනයේ යාපනයේදී පැවැත් විය. එම මෝටර් රථ නිෂ්පාදනය කර ඇත්තේ, යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරවනබවානන්ද අයියර් මහතා විසිනි. දේශිය නිෂ්පාදන ඉහළ නැංවීම උදෙසා මෙම මෝටර් රථ නිපදවූ බව මහචාර්යවරයා පවසයි. මෙම ප්‍රදර්ශනයට මෝටර් රථ වර්ග 4 ක් එක් කර තිබුණි. ඒවා මෙසේය, 1. අල්ට්‍රා ලයිට් පිකප් (මෙහි දෙදෙනෙකුට ගමන් කර හැකියි) 2. Jaffna Style Cool Car (එක් පුද්ගලයෙකුට ගමන් කර හැකියි) 3. සෝලා පවර් බේබි කාර් (ළමයි සඳහා) 4. පැඩල් පවර් කාර් (ළමයි සඳහා) තව ද මේ අතර මහාචාර්ය සරවනබවානන්ද අයියර් මහතා විසින් නිෂ්පාදනය කරන ලද යතුරු පැදියක් ද නිමවා තිබේ.
2018-05-14T03:31:23.000Z
ගම්මැද්ද ඊරියගොල්ලේ ජන දුක නිවා ලූ වගයි...!
ගම්මැද්ද ඊරියගොල්ලේ ජන දුක නිවා ලූ වගයි...!
COLOMBO (News 1st) වසර ගණනාවක් ජලය නොමැතිව පීඩා විඳි රඹුක්කන ඊරියගොල්ල ජනතාවගේ පිපාසය නිවන්නට ගම්මැද්ද අද සමත් විය. රඹුක්කන ඊරියගොල්ල ගම්වැසියන්ට සිහිනයක්ව තිබූ පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා මුල් ගල් තැබුණේ, පසුගිය වසරේ නොවැම්බර් 03 වන දායි. මේ සඳහා ගම්මැද්ද අරමුදල හා එක්ව අනුග්‍රහය දැක්වූයේ වෛද්‍ය මනේකා බ්‍රිටෝ, වෛද්‍ය ශානක බෙරේරා සහ වෛද්‍ය ෂමේන්ද්‍රි තල්පාවිලයි බත බුලතින් සාරවත් ප්‍රදේශයක් වුවත්, ඊරියගොල්ල ගම්මානයේ ජනතාවට මෙතෙක් කලක්, පිරිසිදු ජල බිඳක් ලැබී නොතිබිණ. වසර ගණනක සිට ජල ගැටලුවෙන් පීඩා විදි මේ ජනතාවගෙන් ඇතමෙකු වකුගඩු රෝගයට පවා ගොදුරු වී තිබිණ. ඊරියගොල්ල ජනතාවගේ ගැටලුවට විසඳුමක් දෙමින් ඇරඹි ජල ව්‍යාපෘතිය අද උදෑසන එළැඹි සුබ මොහොතින් ජනතා අයිතියට පත් කරන්නට නිව්ස් ෆස්ට් ගම්මැද්ද කණ්ඩායම සමත් විය. ජල ව්‍යාපෘතිය සදහා වැය කල මුදල රුපියල් ලක්ෂ 16කි.
2018-05-14T00:58:24.000Z
බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයෙක් කොළඹ හෝටලයකදී මියයයි
බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයෙක් කොළඹ හෝටලයකදී මියයයි
සුහද රග්බි තරගාවලියක් සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. කළමනාකරුවෙක් හා ක්‍රීඩකයින් 22 දෙදෙනෙකුගෙන් යුත් රග්බි කණ්ඩායමක් පසුගිය සතියේ මෙරටට පැමිණියහ. පොලීසිය පැවසුවේ, පසුගිය 12 වන දා කොළඹ ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පැවැති එම සුහද තරගාවලියකට ඔවුන් සහභාගී වී ඇති බවයි. ඔවුන් ක්‍රීඩා සංකීර්ණයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකට ද සහභාගී වී තිබේ. අනතුරුව ඔවුන් නැවති සිටි හෝටලයට පැමිණ රාත්‍රී 10. 30 ට පමණ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට ගොස් ඇති බව පොලිස් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය. ඊයේ දිනයේ අලුයම 4 ට පමණ හෝටලයට පැමිණි ක්‍රීඩකයින් දෙදෙනෙකු උදෑසන 10 ට පමණ ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ. ප්‍රතිකාර ලබමින් සිටියදී එක් ක්‍රීඩකයෙකු දහවල් 12 ට පමණ මියගොස් ඇති අතර මිය ගිය ක්‍රීඩකයා වයස අවුරුදු 26 හැවිරිදි හාවඩ් තෝමස් ඇනඩෘ නම් පුද්ගලයෙකි. අනෙක් ක්‍රීඩකයා අසාධ්‍ය තත්ත්වයෙන් මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු 27 හැවිරිදි බෙට් තෝමස් රීඩ් යන පුද්ගලයෙකි.
2018-05-13T23:55:05.000Z
ඉන්දීය ජීවිත 60ක් අයහපත් කාලගුණයට බිලි
ඉන්දීය ජීවිත 60ක් අයහපත් කාලගුණයට බිලි
COLOMBO (News 1st) : කුණාටු සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ ප්‍රදේශ රැසක පුද්ගලයින් 60 දෙනෙකු පමණ මිය ගොස් තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මියගිය පුද්ගලයන්ගෙන් 38 දෙනෙකු ම උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත වැසියන් බවයි. ඒ අනුව ඉකුත් දින 12 ක කාලය තුළ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කුණාටු හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 120 කි. මෙම කුණාටු තත්ත්වය ඉන්දියාවේ උතුරු ප්‍රදේශය, ඊසානදිග ප්‍රදේශය සහ දකුණු දිග ප්‍රදේශයේ ප්‍රාන්ත 4 ක ජනතාවට දැඩි බලපෑම් එල්ල කර ඇතැයි ද මාධ්‍ය වාර්තාවල සඳහන් ය. අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ, නවදිල්ලි නුවර ආශ්‍රිතව ගුවන් ගමන් සහ දුම්රිය ප්‍රවාහන සේවා අඩාල වී තිබේ. මෙම තත්ත්වය ඉදිරි පැය 72 ක කාලයක් දක්වා කාශ්මීරය සහ ආන්ද්‍රා ප්‍රදේශ් අතර ප්‍රදේශ සඳහා බලපැවැත්වෙනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීහු අනතුරු අඟවති.
2018-05-13T23:32:09.000Z
හික්කඩුවේ හෝටලයක් වටලා තරුණියන් ඇතුළු 19ක් අත්අඩංගුවට ගනී
සාදයක් අතරතුර හික්කඩුවේ හෝටලයක් වටලයි
COLOMBO (News 1st) : හික්කඩුව, වෑවල ප්‍රදේශයේ හෝටලයක සාදයක් අතරතුර පොලීසිය කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කරගත් තරුණ තරුණියන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම සාදය පවත්වා ඇති බවයි. ඒ අනුව මීටියාගොඩ පොලීසිය කරන්දෙණිය හා බද්දේගම පොලිස් ස්ථානවල නිලධාරින්ගේ ද සහය ඇතිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මෙම වැටලීම සිදු කර එහි සිටි තරුණ තරුණියන් පරීක්ෂාවට ලක්කර තිබේ. පොලීසිය පැවසුවේ, එහිදී ගංජා, කොකේන්, සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් සිව් දෙනෙකු හා සැකාරියන් ති දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
2018-05-13T22:47:18.000Z
පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වී සූදු පොළේ සැකකරු මරුදකී ..?
පොලිස් වෙඩි පහරින් සූදු පොළේ සැකකරු මරුට
COLOMBO (News 1st) : ඌරගස්මන්හන්දිය, කළුවලගොඩ ප්‍රදේශයේ සූදූ ක්‍රීඩාවේ නිරතව සිටි පුද්ගලයින් සොයා කළ හදිසි වැටලීමකදි එක් සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ රාත්‍රී 11.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් හා සූදු ක්‍රීඩාවේ යෙදුන පිරිසක් අතර ඇතිවූ පොරබැදීමකදී පොලිස් පරීක්ෂකවරයෙකු අත තිබූ ගිනි අවිය ක්‍රියාත්මකවී ඇති බවයි. වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, එම ප්‍රදේශයේම පදිංචිව සිටි 57 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර පොලීසිය පවසන්නේ, එහි සිටි පුද්ගලයින් පිරිසක් කළ පහරදීමකින් පොලිස් නිලධාරින් 5 දෙනෙකු ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, පොලිස් නිලධාරීන්ට සූදු ක්‍රීඩාවේ නිරතවූ පිරිස බාධා කර නිලධාරීන් කඩු සහ පොලුවලින් පහර දී ඇති බවයි. එම අවස්ථාවේ පොලීසිය හා අදාළ පිරිස් අතර පොරබැදීමක් සිදුව ඇති බව ත් එහිදී පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේ ගිනි අවිය ක්‍රියාත්මක වී පුද්ගලයෙකු මියගොස් ඇති බවයි. ඔහුගේ මළ සිරුර මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන තෙක් පොලිස් ආරක්ෂාව යටතේ තබා තිබේ. අවමගුල් නිවසක, 7 දින දානමය පිංකම අවසන් වී පුද්ගලයින් පිරිසක් සූදු ක්‍රීඩාවේ යෙදී සිට ඇති අතර එම ස්ථානයට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් පැමිණිමෙන් පසු මෙම තත්ත්වය උද්ගතවු බව ප්‍රදේශවාසීහු සඳහන් කළහ.
2018-05-13T20:20:16.000Z
මැඩ්රිඩ් ටෙනිස් ශූරතාව ජර්මනියේ සෙව්රෙව්ට
මැඩ්රිඩ් ටෙනිස් ශූරතාව ජර්මනියේ සෙව්රෙව්ට
ජර්මනියේ ඇලෙක්සැන්ඩර් සෙව්රෙව් මැඩ්රිඩ් විවෘත ටෙනිස් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ ය. ඒ අවසන් මහා තරගයේදී ඔස්ට්‍රියාවේ ඩොමිනික් තීම් පරාජය කරමිනි. මැඩ්රිඩ් විවෘත ටෙනිස් තරගාවලිය 2002 වසරේදී ආරම්භ විය. මෙවර මැඩ්රිඩ් විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් මහා තරගයේදී ජර්මනියේ ඇලෙක්ස්සැන්ඩර් සෙව්රේව් සමග තරග වැදුණේ ඔස්ට්‍රියාවේ ඩොමිනික් තීම්. වැඩි දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ සෙව්රේව් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් විය. ඔහු තරගය ජය ගත්තේ තරග වට 2 ට 0 ක් ලෙසයි. තරගයේ වට දෙක ම ලකුණු 6ට 4ක් බැගින් ජය ගැනීමට සෙව්රේව් සමත් විය. මේ වන විට ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්හි තුන්වැනි ස්ථානය ඇලෙක්සැන්ඩර් සෙව්රෙව්ට හිමිව ඇති අතර ඩොමිනික් තීම් එහි සත්වැනි ස්ථානයේ රැඳී සිටිති.
2018-05-13T19:56:37.000Z
තැපැලේ පරිගණක ජාලය හෙට යථා තත්ත්වයට
තැපැලේ පරිගණක ජාලය හෙට යථා තත්ත්වයට
COLOMBO (News 1st) : පරිගණක ජාලයේ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය හෙට දිනයේ යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. තැපැල්පති රෝහණ අබේරත්න මහතා ප්‍රකාශ කළේ, විද්වත් කමිටුවක් මගින් මේ වන විට පරිගණක ජාලයේ හටගෙන ඇති දෝෂ හඳුනා ගත් බවයි. එම දෝෂ නිවැරදි කිරිම සඳහා සියලු කණ්ඩායම්වලට උපදෙස් ලබා දුන් බව ද ඔහු පැවසී ය. කෙසේ වෙතත් තැපැල් ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණේ, කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, මාස 6 කාලයක් සිට මෙම දෝෂ සහිත තත්ත්වය හටගෙන තිබූ බවයි. ඒ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් විසඳුම් ලබා නොදීම හේතුවෙන් දෙපාර්තමේන්තු ආදායමට ද විශාල බලපෑමක් එල්ල වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
2018-05-13T19:47:52.000Z
වයඹ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සංකේත වැඩ වර්ජනයක
වයඹ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සංකේත වැඩ වර්ජනයක
වයඹ පළාතේ සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. එහි ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසුවේ, ඉල්ලීම් 8 ක් මුල් කර ගනිමින් මෙම සංඛේත වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි. මෙම වැඩ වර්ජනය යටතේ ඩෙංගු මර්දන රාජකාරිවලින් ද තම සාමාජිකයින් ඉවත් වන බව ඔහු සඳහන් කළේ ය. මේ අතර ලංකා විදුලිබල මණ්ඩල විදුලි ඉංජිනේරුවන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද පස්වන දිනටත් ක්‍රියාත්මක වන බව විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති සෞම්‍යකුමාර වඩුගේ මහතා සඳහන් කළේ ය. පසුගිය අගහරුවාදා සිට ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන්නේ විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමිනි.
2018-05-13T19:29:00.000Z
බස් ගාස්තු සංශෝධන විද්වත් කමිටුව අද රැස්වෙයි
බස් ගාස්තු සංශෝධන විද්වත් කමිටුව අද රැස්වෙයි
COLOMBO (News 1st) : බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බස් ගාස්තු සංශෝධනය සඳහා වූ විද්වත් කමිටුව අද දිනයේ රැස්වන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පැවසුවේ, ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව කොපමන සංඛ්‍යාවකින් බස් ගාස්තු ඉහළ නැංවිය යුතු ද යන්න අදාළ කමිටුව රැස්වී සාකච්ඡා කර නිදේශ ඉදිරිපත් කිරීමට නියමිත බවයි. කෙසේ වෙතත් බස් ගාස්තු සංශෝධනය සඳහා එම කමිටුව ඉදිරිපත් කරන නිර්දේශ කැබිනට් මණ්ඩලයට යොමුකර අනුමැතිය ලබාගත යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය. කෙසේ වෙතත් පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියන්ජිත් මහතා ඊයේ පැවසුවේ, 15% කින් බස් ගාස්තු ඉහළ දැමීමට රජයට පියවර නොගත හොත් 16 වනදා සිට බස් ධාවනයෙන් ඉවත් වන බවයි.
2018-05-13T10:30:28.000Z
ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් ශූරතාව බස්නාහිර පළාතට
ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් ශූරතාව බස්නාහිරට
COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ ඩී. ජී. ඩී. සඳනුවන් 44 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් පිරිමි ධාවන තරග අද ජය ගත්තේ ය. මැරතන් කාන්තා ඉසව්වේ ජය බස්නාහිර පළාතේම සුජානි පෙරේරා ට හිමි විය. කුරූණෑගල, පාදෙණියේදී පැවති පිරිමි මැරතන් තරගයේ ජය හිමි කර ගත් ඩී. ජී. ඩී. සඳනුවන් පැය 2 යි මිනිත්තු 26 යි තත්ත්පර 23 කින් තරගය අවසන් කළේ ය. දෙවැනි සහ තුන්වැනි ස්ථාන පිළිවෙලින් බස්නාහිර පළාත නියෝජනය කළ එස්. ටී. ගුණසේකර සහ මහේෂ් ගුණතිලකට හිමි විණි. පැය 2 යි මිනිත්තු 55 යි තත්ත්පර 3 ක කාලයකින් තරගය නිමා කළ සුජානි පෙරේරා මැරතන් කාන්තා අංශයේ ජය හිමි කර ගත්තා ය. බස්නාහිර පළාත නියෝජනය කළ කුමාරි ප්‍රනාන්දු දෙවැනි ස්ථානය හිමි කර ගත් අතර සබරගමුව පළාත නියෝජනය කළ නිසංසලා බණ්ඩාර තෙවැනි ස්ථානය ලබා ගනිමින් තරගය නිම කළාය.
2018-05-13T09:56:29.000Z
විදුලි ගාස්තු ත් ඉහළ යයි ද?
විදුලි ගාස්තු ත් ඉහළ යයි ද?
COLOMBO (News 1st) - විදුලි ගාස්තු මිල වැඩිවීමක් සිදුවිය හැකිදැයි, විදුලිබල හා පුනර්ජනණීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළහ. ඒ, ඊයේ කටුනායක අයෝජන කලාපයේ පැවති වැඩසටහනකින් අනතුරුවයි. මාධ්‍යවේදී ප්‍රශ්නය, චෝදනාව එල්ල වන්නේ තෙල් මිල ඉහළ යාමත් එක්ක විදුලිය මිලත් ඉහළ යයි කියලා? විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය, ‍ දැනට එහෙම නෑ අපි හැම විටම මේ රටේ පාරිභෝගික ජනතාවට ඔවුන් පිළිබඳව උපරිම සැලකිල්ලෙන් තමයි බිල අපි තීරණය කරන්නේ විදුලි බල මණ්ඩලය වාණිජ ආයතනයක් කිව්වට මම හිතන්නේ මේ රටේ තියෙන ප්‍රධානතම සුබසාධන ආයතනයක්. ඒකකයක සාමාන්‍ය මිල 17 / 18 වෙනවා දැන් මේ තෙල් මිලත් එක්ක මදක් වැඩි වෙයි. අපි ආදායම් අඩු පාරිභෝගිකයට එ්කකයක් විකුණන්නේ රුපියල් 4 ට දැඩි කුතුහලයක් ඇති කර ගන්න අවශ්‍ය නෑ අපි වඩාත් හොඳ තීරණයේ හැම වෙලාවේම ඉන්නවා කියලා මම කියනවා
2018-05-13T09:35:47.000Z
අවමය රු. 15 දක්වා වැඩි නොකළොත් 16 දා බස් වර්ජනයක්....?
අවමය රු. 15 දක්වා වැඩි නොකළොත් 16 දා බස් වර්ජනයක්
COLOMBO (News 1st) - පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් මේ වන විටත් බස් රථ සඳහා අවම ගාස්තු රුපියල් 15 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබේ. සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනය පැවසූවේ, එම යෝජනාවට එකඟ නොවුනහොත් ලබන 16 වන දා සිට වර්ජනයකට යෑමට සිදුවන බවයි.
2018-05-13T20:36:23.000Z
රජ මගුළට රැජිණගෙන් අවසරයි
රජ මගුළට රැජිණගෙන් අවසරයි
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ අමෙරිකානු නිළි මේගන් මර්කල්ගේ විවාහයට බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහරැජිණ නිල වශයෙන් අනුමැතිය ලබා දී තිබේ. ඒ ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල්‍යය පැවැත්වීමට සතියක් තිබියදීයි. බ්‍රිතාන්‍ය නීති ප්‍රකාරව හැරී - මෙගන් විවාහය සිදුකිරීමට නම් රැජිණගේ නිල අනුමැතිය ලබා ගත යුතු වන අතර එසේ නොවුව හොත් ඔවුන් දෙදෙනාගේ දරුවන් , රජකමට උරුමකම් කීමට සුදුසුකම් නොලබනු ඇති.
2018-05-13T06:48:14.000Z
ඉන්දුනීසියා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස එක ම පවුලේ සාමජිකයින් 7ක්
ඉන්දුනීසියා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස එක ම පවුලක්
ඉන්දුනීසියාවේ සුරභයා නගරයේ දේවස්ථාන තුනක් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර පිටුපස එකම පවුලක සාමාජිකයින් සිටින බවට තොරතුරු හෙළි වී තිබේ. එරට ප්‍රධාන දෙවන නගරය වන සුරභයා නගරයට අද එල්ල වූ මෙම ප්‍රහාරවලින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. පොලීසිය පවසන්නේ, සැකකාර මව සහ දරුවන් දෙදෙනෙකු එක් දේවස්ථානයකට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර ඇති බවයි. පවුලේ පියා සහ තවත් තිදෙනෙක් එක් ව අනෙක් දේවස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවට ඉන්දුනීසියා පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා ඇත. අයි. එස්. සටන්කාමීන් ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇති අතර 2005 වසරෙන් පසු ඉන්දුනීසියාවට එල්ල වූ බරපතළම ත්‍රස්ත ප්‍රහාරය මෙය ලෙස සැලකේ. ඉන්දුනිසියානු ජනගහනයෙන් 90%ක් ඉස්ලාම් ජනතාව වන අතර ක්‍රිස්තියානි, හින්දු සහ බෞද්ධයෝ ද සැලකියයුතු පිරිසක් එරට ජීවත් වෙති. 2005 වසරේදී ඉන්දුනීසියාවේ බාලි දූපතට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූහ.
2018-05-13T06:39:35.000Z
පොහොර ලබාදීමේ නව ක්‍රමවේදයක් පිළිබඳ රජයේ අවධානය
පොහොර ලබාදීමේ නව ක්‍රමවේදයක් පිළිබඳ රජයේ අවධානය
COLOMBO (News 1st) - ගොවීන් සඳහා පොහොර ලබාදීමේ නව ක්‍රමවේදයක් පිළිබඳ රජයේ අවධානය යොමුව තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ගොවීන් සමග සාකච්ඡා කරන බවයි. නව ක්‍රමවේදය මහ කන්නයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. මේ අතර පොහොර ආනයනකරුවන් සංඛ්‍යාව 20 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇත. අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, මේ වන විට ලියාපදිංචි ආනයනකරුවන් සංඛ්‍යාව 12 ක් බවයි. ලියාපදිංචි පෞද්ගලික අංශයේ ආනයනකරුවන් සඳහා සීමාවකින් තොරව, පොහොර ගෙන්වීමට අවසර ලබාදීමට පියවර ගත් බව ද අමාත්‍යවරයා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, පෞද්ගලික අංශය මගින් ආනයනය කෙරෙන පොහොර නිසි ප්‍රමිතියෙන් යුතු පොහොර ද යන්න දැඩිව පරීක්ෂා කරන බවයි.
2018-05-13T03:09:38.000Z
පස්සරදී සැඩ පහරකට හසුවීමෙන් කුඩා දැරියක් මරුට
පස්සරදී සැඩ පහරකට හසුවීමෙන් දැරියක් මරුට
COLOMBO (News 1st) - පස්සර, එගොඩගල ප්‍රදේශයේ ඇල මාර්ගයකින් එගොඩවීමට යාමේදී සැඩ පහරකට හසුව 10 හැවිරිදි දැරියක් මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඇය සහ කාන්තාවක් ඇලෙන් එගොඩවීමට යාමේදී හැඩ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බව ය. ඔවුන් දෙදෙනා බේරාගෙන පස්සර රෝහලට ඇතුලත් කිරීමෙන් එම දැරිය මියගොස් තිබේ.
2018-05-13T01:07:19.000Z
ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉරාන ජනපති හමුවෙයි
ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉරාන ජනපති හමුවෙයි
COLOMBO (News 1st) - ඉරානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද එරට ජනාධිපති හසන් රූහානි මහතා හමු විය. ඒ, ටෙහෙරාන් නුවර පිහිටි ජනාධිපති කාර්යාලයේදීයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉරාන රජයෙන් හිමිවූයේ ඉහළ පිළිගැනීමකි. ඉරාන – ශ‍්‍රී ලංකා ආර්ථික හා වෙළෙඳ සබඳතා වැඩිදියුණු කර ගැනීම මෙන්ම ශ‍්‍රී ලංකාව තුළ ඉරාන ආයෝජන දිරිමත් කිරීම පිළිබඳව ද මෙම සංචාරයේදී අවධානය යොමුවී තිබේ. ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග හා ඉන්ධන පිරිපහදු සංකීර්ණ ඉදිකිරීමටත්, පවතින පිරිපහදු සංකීර්ණ පුළුල් කිරීමටත් ඉරානය සහාය ලබාදෙන බව ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා මෙහිදී සඳහන් කළේ ය. කොළඹ සහ ටෙහෙරාන් අතර සෘජු ගුවන් සේවා ආරම්භ කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉරානයෙන් ඉල්ලිමක් කර ඇත. මෙහිදී දෙරට අතර ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබිණි. ඒ, මත්ද්‍රව්‍ය නිවාරණය, සංස්කෘතික, අධ්‍යාපන, සිනමා හා සෞඛ්‍ය ක්ෂේත්‍රවලට අදාලවයි.
2018-05-13T00:24:53.000Z
සනී ඩියෝල් වෙනස් වෙයි
සනී ඩියෝල් වෙනස් වෙයි
(News 1st) - ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පියෙකු වන සනී ඩියෝල්, චිත්‍රපට අධ්‍යක්ෂණකවරයෙකු ලෙස සිනමා ලෝලීන් අතරට පැමිණීමට සූදානම් වේ. ඒ, පල් පල් දිල්කේ පාස් නැමති චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමිනි. කරන් ඩියොල් සහ සහේර් බම්බා ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය, ඔක්තෝබර් 5 වැනිදා සිට ලොවපුරා සිනමා ශාලාවල තිරගත වනු ඇති.
2018-05-13T00:18:37.000Z
සිනමා ශාලා සංවර්ධනයට ණය යෝජනා ක්‍රමයක්
සිනමා ශාලා සංවර්ධනයට ණය යෝජනා ක්‍රමයක්
COLOMBO (News 1st) -සිනමා ශාලා නඩත්තුව සහ නවීකරණය සඳහා සුදුසු ණය යෝජනා ක්‍රමයක් සකස් කිරීමට නිර්දේශ වී තිබේ. ඒ, සිනමාවේ ගැටලු විසඳීම සඳහා පත්කළ ජනාධිපති විද්වත් කමිටුවේ යෝජනාවලට අනුවයි. දැනට මෙරට තුළ පවතින මිලිමීටර 35 ප්‍රක්ෂේපණ යන්ත්‍ර භාවිත කරන සිනමා ශාලා ගණන 41 කි. එම සිනමා ශාලා ඩිජිටල්කරණය කිරිම සඳහා අවශ්‍ය මුදල් සැපයීම, මෙම ණය යෝජනාවලිය හරහා සිදුවනු ඇති.
2018-05-12T23:00:03.000Z
මාතර - කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ධීවරයින් පිරිසක් උද්ඝෝෂණයක
මාතර - කතරගම පාර අවහිර කරමින් ධීවරයින් උද්ඝෝෂණයක
COLOMBO (News 1st) - මාතර - කතරගම ප්‍රධාන මාර්ගය හුංගම, ගුරුපොකුණ මංසන්ධිය අවහිර කරමින් ධීවරයින් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. ඒ, භුමිතෙල් සහ ඩීසල් මිල ඉහළ දැමීම විරෝධය පල කරමිනි. රජය විසින් භූමිතෙල් සහ ඩීසල් මිල වැඩි කිරීම හේතුවෙන් තම ජීවනෝපාය කරගත නොහැකිව තමන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව උද්ඝෝෂණයේ නිරත ධීවරයින් පවසයි. රජය විසින් පසුගියදා ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග භූමිතෙල් මිල රුපියල් 57 කින් ද ඔටෝ ඩීසල් මිල රුපියල් 14 කින් ද සුපිරි ඩීසල් මිල රුපියල් 9කින් ද වැඩි කරනු ලැබිණි.
2018-05-12T22:05:58.000Z
මලයාසියානු විවෘත හා යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක් හා එක් රිදී පදකක්මක්
ශ්‍රී ලංකාවට රන් පදක්කම් 2 ක් හා එක් රිදී පදකක්මක්
COLOMBO (News 1st) - 95 වන මලයාසියානු විවෘත හා යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම් 2 ක් හා එක් රිදී පදකක්මක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකාවේ විනෝජ් සුරංජය මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට සමත් විය. ඒ, අවසන් තරගයේදී තත්පර 10 යි දශම 2 යි 7 ක දක්ෂතාවක් දක්වමිනි. එය මීටර් 100 තරග ඉසව්වේ විනෝජ්ගේ හොඳම දක්ෂතාව ලෙස වාර්තා වන අතර මේ වන තෙක් එය නිල වශයෙන් නිවේදනය කර නොමැත. ශ්‍රී ලංකාවේ රුමේෂිකා රත්නායක ද මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ තත්පර 11 යි දශම 7 යි 6 ක දක්ෂතාවක් දක්වමිනි. මීටර් 400 පිරිම ධාවන තරග ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවීමින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ සමත් විය. දින 3 ක් පුරා මලයාසියාවේ ක්වාලාලාම්පූර් හීදී පැවැත්වෙන තරගාවලියේ අවසන් දිනය අදයි.
2018-05-12T21:50:56.000Z
භූමිතෙල් සහනාධාරය ලබන 01වනදා සිට
භූමිතෙල් සහනාධාරය ලබන 01වනදා සිට
COLOMBO (News 1st) - භූමිතෙල් මිල වැඩි කළ ද, විදුලිය සැපයුම් නොමැති සමෘද්ධි ප්‍රතිලාභින්ට සහ වතුකරයේ ජනතාවට මෙන්ම විදුලිය සැපයුම නැති ප්‍රදේශවල ජනතාවට භූමිතෙල් සහනාධාර ලබන මස 01 වැනිදා සිට ගෙවීමට කටයුතු යොදා ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ, අනුව එම ප්‍රතිලාභය හිමිවන පවුල් සංඛ්‍යාව පවුල් 47,555කි. මහා භාණ්ඩාගාරයෙන් මේ වනවිට විදුලිය නොමැති සමෘද්ධිලාභීන්ගේ සමෘද්ධි දීමනාවට අමතරව භූමිතෙල් සහනාධාරය ගෙවීමට සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයට ප්‍රතිපාදන නිකුත් කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. දිවයින පුරා බාහිර මෝටර් බෝට්ටු භාවිත කරන ධීවරයින් සංඛ්‍යාව 24, 282කි. ඔවුන් සඳහා ද අදාළ දීමනාව ලබන මස 01 වැනිදා සිට ගෙවනු ඇති. ඉන්ධන මිල වැඩි කිරීම සදහා වන මිල සුත්‍රය අමාත්‍ය මන්ඩලය විසින් අනුමත කර පසුගිය 10 වැනිදා සිට ක්‍රියාත්මකයි. ඒ අනුව සෑම මාස දෙකකට වරක් විදේශිය වෙළඳපොලේ ඉන්ධන මිල උච්චාවචනය වීම අනුව දේශීය වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් අඩු වැඩි වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.
2018-05-12T21:42:41.000Z
නව අමාත්‍යාංශවල විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ
නව අමාත්‍යාංශ විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය
COLOMBO (News 1st) - නව අමාත්‍යාංශවලට අදාළ සංශෝධිත විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනී මහත්මිය සඳහන් කළේ, ඊයේ මධ්‍යම රාත්‍රියේ ගැසට් පත්‍රය නිකුත් කළ බව ය. නව සංශෝධිත විෂය පථයන් අනුව, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ විෂය පථයට අයත් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය ඉවත්කර තිබේ. සමාජ සවිබලගැන්වීම් හා සුබ සාධන අමාත්‍යංශය යටතේ පැවති විෂයන් අමාත්‍යංශ දෙකක් යටතේ ගැසට් කර තිබේ. ඒ අනුව , සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය යටතේ ගැසට් කර ඇත්තේ, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික සමාජ සංවර්ධන ආයතනය, ග්‍රාම සංවර්ධන පුහුණු හා පර්යේෂණ ආයතන සහ සමාජ ආරක්ෂණ මණ්ඩලය යි. සමාජ සුබ සාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය යටතට අලුතින් එක්වී ඇති විෂයන් වන්නේ, වැඩිහිටි තැනැත්තන් සඳහාවන ජාතික සභාව, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය, ආබාධිත සහිත තැනැත්තන් සඳහාවන ජාතික මහලේකම් කාර්යාල හා ආබාධිත තැනැතන් සඳහාවන ජාතික සභාවයි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ පැවති හිඟුරාන සීනි කර්මාන්ත සමාගම, ලංකා සීනි පුද්ගලික සමාගම හා ජාතික කඩදාසි සංස්ථාව ඉන් ඉවත් කර රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශ යටතේ ගැසට් කර තිබේ. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති උක් පර්යේෂණ ආයතනය ද ගැසට් කර ඇත්තේ රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශය යටතේදී ය. රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශය යටතේ පැවති හොටෙල් ඩිවලපර්ස් පුද්ගලික සමාගම ඉන් ඉවත් කර තිබේ. කෙසේ වෙතත් සියලුම රාජ්‍ය බැංකු, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම හා මිහින් ලංකා පුද්ගලික සමාගම තව දුරට ත් ක්‍රියාත්මක වන්නේ මෙම අමාත්‍යාංශය යටතේදී ය. ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ මෙතෙක් කලක් පැවති වී අලෙවි මණ්ඩලය හා හදබිම කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ගැසට් කර තිබේ. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය යටතේ පැවති, මහපොළ භාරකාර අරමුදල සහ ඊට සම්බන්ධ කාර්යන් ඉවත් කර එය උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පවරා තිබේ.
2018-05-12T21:30:26.000Z
ප්‍රංශයට යළි ත් ත්‍රස්ත ප්‍රහාරයක්
ප්‍රංශයට යළි ත් ත්‍රස්ත ප්‍රහාරයක්
(News 1st) - ප්‍රංශයට යළි ත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මධ්‍යම පැරිසියේ සංචාරකයන් බහුලව ගැවසෙන ඔපෙරා දිස්ත්‍රිකයේදී පිහියක් අතැතිව සිටි පුද්ගලයකු එල්ල කළ ප්‍රහාරයකින් එක් පුද්ගලයකු මියගොස් තවත් සිව් දෙනකු තුවාල ලබා ඇති බව ය. ප්‍රංශ ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ප්‍රහාරකයා ද මියගොස් තිබේ. ප්‍රහාරයේ වගකිම අයි.එස්. ත්‍රස්ත්‍රවාදින් භාරගෙන ඇති අතර ඔවුන් කියා සිටියේ තම සොල්දාදුවෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබූ බව ය බවය. මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් කියා සිටියේ යළි ත් වරක් ප්‍රංශයට රුධිරයෙන් වන්දි ගෙවීමට සිදුවු නමුත් සතුරන්ට කිසිඳු නිදහසක් ලබා නොදෙන බව ය.
2018-05-12T21:10:24.000Z
කෑගල්ල, පිංදෙණියේ නිවාස පෙළක් මතට ගසක් කඩා වැටෙයි
කෑගල්ල, පිංදෙණියේ නිවාස පෙළක් මතට ගසක් කඩා වැටෙයි
COLOMBO (News 1st) - කෑගල්ල, පිංදෙණිය අක්කර 50 ප්‍රදේශයේ නිවාස පෙළක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයින් 45 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ගස කඩා වැටීමෙන් එහි සිටි ගැහැණු ළමුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ය. ඔවුන් මේ වනවිට පිංදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. අනතුරින් නිවාස 8 කට අලාභ හානි සිදුව තිබේ. මේ අතර දකුණ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි ස්වභාවික විපත් පිළිබඳ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන්, කළේ දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වී ඇති බව ය. මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. වැසි තත්ත්වයත් සමඟ කදුකර ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව වඩාත් විමසිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
2018-05-12T21:01:38.000Z
හදිසි වර්ජනයෙන් අපහසුතාවට පත් වූ දුම්රිය මගීන්ට ප්‍රවේශපත්‍ර මුදල් යළි ලබා දීමට පියවර
හදිසි වර්ජනයට මුහුණ දුන් දුම්රිය මගීන්ට සහනයක්
COLOMBO (News 1st) - හදිසි වර්ජනයක් හේතුවෙන් පෙරේදා බදුල්ල - කොළඹ සහ කොළඹ - බදුල්ල රාත්‍රි තැපැල් දුම්රිය දෙකේ මගීන් සඳහා ප්‍රවේශපත්‍ර ගාස්තු ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එහි ගමනාගමන අධිකාරි ගාමිණි සෙනවිරත්න මහතා පැවසුවේ අදාළ දුම්රියන් නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ නවතා දැමීම හේතුවෙන්, නාවලපිටියේ සිට ගමනාන්ත දක්වා ප්‍රවේශපත්‍ර ගාස්තු ගෙවීමට පියවර ගෙන ඇති බව ය. ඒ අනුව, අදාළ මඟින් සතු ප්‍රවේශපත්‍රය ඕනෑම දුම්රිය ස්ථානයකට ඉදිරිපත් කිරිමෙන් පසු අදාළ මුදල් ලබා ගත හැකි බව ද, ඔහු සඳහන් කළේය. මේ අතර, අදාළ සිද්ධියට වගකිවයුතු නාවලපිටිය දුම්රිය ස්ථානයේ මෙහෙයුම් කටයුතු භාර නිළධාරීවරයා සහ ඊට සම්බන්ධ නිළධාරීන් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ගාමිණි සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ, නියෝජ්‍ය ගමනාගමන අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මගින් විමර්ශන ක්‍රියාත්මක බව ය. විමර්ශන වාර්තා ලැබීමෙන් පසු, ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද, ඔහු සඳහන් කළේය. මේ අතර හදිසි වර්ජනයක් සඳහා එක්වෙමින් සේවය පැහැර හැරි මහනුවර, රඹුක්කන, අලුත්ගම සහ මරදාන දුම්රිය ස්ථානවල සේවකයින් සම්බන්ධයෙන් ද විනය පරික්ෂණ ආරම්භ කරන බව ද ගමනාගමන අධිකාරිවරයා සඳහන් කළේය. දුම්රිය නියාමකවරයෙකු, ස්ථානාධිපතිවරයෙකුට බැන වැදීමේ සිදුවීමක් මුල්කර ගනිමින් රඹුක්කන සිට උඩරට දුම්රිය මාර්ගයේ සියලු දුම්රිය ස්ථානවල සේවකයින් පෙරේදා අලුයම හදිසි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත විය. ඒ හේතුවෙන්, මගීන් දැඩි අපහසුතාවයකට පත්වූහ.
2018-05-12T20:39:35.000Z
මිල ඉහළ දැමූ කිරිපිටි තවමත් වෙළඳපොළට නිකුත් කර නැහැ - පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
මිල වැඩි කළ කිරිපිටි තවමත් වෙළඳපොළට නිකුත් කර නැහැ
COLOMBO (News 1st) - මිල ඉහළ දැමූ සම්පුර්ණ යොදය සහිත කිරිපිටි මෙතෙක් වෙළඳපොළට පැමිණ නැතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එහි සභාපති හසිත තිලකරත්න මහතා ප්‍රකාශ කළේ, ඒ හේතුවෙන් වැඩි මිලට කිරිපිටි මිලදී ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව ය. පසුගිය 05 වනදායින් පසු නිෂ්පාදිත කිරිපිටි සඳහා පමණක් මිල ඉහළ දමා ඇති බව ද ඔහු වැඩි දුරට ත් අවධාරණය කළේය. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/05-13-HASITHA-THILAKARATHNA.mp3
2018-05-12T20:27:12.000Z
වෙහෙරගල සහ උඩවලව වාන් දොරටු විවෘත කෙරේ
වෙහෙරගල සහ උඩවලව වාන් දොරටු විවෘත කෙරේ
COLOMBO (News 1st) - පවතින වර්ෂාවත් සමග වෙහෙරගල සහ උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ. ඒ, අනුව වෙහෙරගල ජලාශයේ වාන් දොරටු දෙකක් ඊයේ මධ්‍යම රාත්‍රියේ විවෘත කළ බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ප්‍රාදේශිය වාරි ඉංජිනේරු අමිල ශිරන්ත මහතා සදහන් කළේ මේ හේතුවෙන් මැණික් ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බව ය. ඒ අනුව සෙල්ලකතරගම සහ කතරගම ප්‍රදේශ ආශ්‍රිත ජනතාව සැළකිලිමත් විය යුතු බව ඔහු සඳහන් කළේය. මේ අතර උඩවලව ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබේ.
2018-05-12T20:19:54.000Z
ගල් පෙරලීමෙන් පස්සර - නමුනුකුල මාර්ගයේ වාහන ධාවනයට බාධා
පස්සර - නමුනුකුල මාර්ගයේ වාහන ධාවනයට බාධා
COLOMBO (News 1st) - පවතින වර්ෂාව හේතුවෙන් ගල් පෙරලීම නිසා බදුල්ල, පස්සර - නමුනුකුල මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ එබැවින් කඳුකර ප්‍රදේශයේ ජනතාව විමසිලිමත්ව සිටින්න ලෙසය. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/pr-online-audio-converter.com_.mp3
2018-05-12T20:01:31.000Z
ගාල්ලේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි
ගාල්ලේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි
COLOMBO (News 1st) - තද වැසි හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබෙන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ, අනුව ගාල්ල නගරය ආසන්න සංඝමිත්තා පාර ද යට වී තිබේ. එමනිසා පවුල් කිහිපයක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ කර්නල් දම්පත් රත්නායක මහතා පවසයි. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/05-13-DHAMPATH-RATHNAYAKE-.mp3
2018-05-12T19:32:28.000Z
දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක්: තද වැසි ඇතිවිය හැකියි
දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක්
COLOMBO (News 1st) - දකුණ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි ස්වභාවික විපත් පිළිබද අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ, දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වී ඇති බව ය. මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. වැසි තත්ත්වයත් සමග කඳුකර ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව වඩාත් විමසිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ ඒ පිළිබඳව පැහැදිලි කරන මේ එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා. https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/05/05-13-PRADEEP-KODIPPILI-.mp3
2018-05-12T10:02:14.000Z
හිටපු ඇමති මර්වින්ට අමතක වූ රජ පෙළපත
හිටපු ඇමති මර්වින්ට අමතක වූ රජ පෙළපත
COLOMBO (News 1st) - නිවාස ව්‍යාපෘතියක් සඳහා බිම් සැකසීමේදී පුරාවස්තු පිහිටි භූමියක් විනාශ කළ බවට චෝදනා එල්ල වූ අනුරාධපුර ඉපලෝගම, පලුගොල්ලාගම ප්‍රදේශයේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහාතා අද සංචාරය කළේ ය.
2018-05-12T09:53:56.000Z
ජාතික රෝහලේ සහ අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍ර තවමත් භාවිතයට නොගන්නේ ඇයි?
මෙරටට ගෙනා පෙට් ස්කෑනර් භාවිතයට නොගන්නේ ඇයි?
COLOMBO (News 1st) - මහරගම අපේක්ෂා රෝහලේ හා ජාතික රෝහලේ සවි කර ඇති පෙට් ස්කෑනර් යන්ත්‍ර භාවිතයට ගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ‍ජාතික රෝහලට මීට වසර එකහාමාරකට පමණ පෙර ආනයනය කළ පෙට් ස්කෑනර් යන්ත්‍රය ද අද වන විටත් භාවිතට ගෙන නැතැයි වෘත්තීය සමිති චෝදනා කරයි. ජාතික රෝහලේ පෙට් ස්කෑනර් යන්ත්‍රය පිළිබඳව පසුගිය ජනවාරි මස 17 වන දා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ මෙවැන්නකි. "ඒක යූස් කරන්න අයිසොටෝප්ස් ඕන. එතනයි ප්‍ර‍ශ්නේ තියෙන්නේ. කෑලි අඩුවක් නෙවෙයි. අයිසොටෝප්ස් ගේන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවෙන් මෙහාට ගේනකොට සියයට 80 ක් අයිසොටෝප්ස් ඉවරයි. සියයට 20 යි පාවිච්චි කරන්නේ. සියයට 80 ක් අතරමගදී නැති වෙනවා. නියුක්ලියර් එක ස්ටෝර් කරන්නේ, ඇටමික් එනර්ජි ඔතොරිටි එකේ.ඒ නිසා මම දැන් විදේශ ආයෝජකයෝ එක්ක සාකච්ඡා කරලා තියෙනවා අයිසොටෝප්ස් ලංකාවේ හදන්න. නැත්තම් අපි කෝටි ගානක් වියදම් කරනවා රුපියල් ලක්ෂෙක විතර අයිසොටෝප්ස් පාවිච්චි කරනවා. නමුත් මේ ටිකට ඒ අයිසොටෝප්ස් ටික ගෙන්නන්න අපි ක්‍රියා කරනවා. ඒක ඊආර්ටි එකටයි එන්පීඩී එකටයි යවලා භාණ්ඩාගාරයේ ඒගොල්ලන්ගේ අනුමැතිය එනකල් බලාගෙන ඉන්නවා." අමාත්‍යවරයාගේ ප්‍රකාශයට මාස 4ක් ගත වුවත් අද වන විටත් ජාතික රෝහලේ පෙට් ස්කෑනර් යන්ත්‍රය ක්‍රියාත්මක නොමැත. මහරගම අපේක්ෂා රෝහලට කලක සිට අඩුවක්ව පැවති පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මීට මසකට පෙර ලබා දුන්නේ මෙරට පරිත්‍යාග ශීලීන්ගේ ආධාර උපකාර මත ය. නමුත් එම යන්ත්‍රය සඳහා අවශ්‍ය අයිසොටෝප්ස් නමැති වර්ණක මෙතෙක් රජය විසින් රෝහලට ලබා දීමට නොහැකි වීම හේතුවෙන් එය ප්‍රයෝජනයට ගත නොහැකි බව අප කළ විමසීමකදී රෝහල් බලධාරීහු සඳහන් කළහ. එය අද වන විට භාවිත වන්නේ, සීටී ස්කෑන් සිදු කිරීමට පමණි.
2018-05-12T09:21:32.000Z
ලෝක දේශපාලනය තුළ දූෂිතයින්ට නිසි දඬුවම් ලැබෙද්දී ශ්‍රී ලංකාව දූෂණයට එරෙහිව ගෙන ඇති පියවර කුමක් ද?
ශ්‍රී ලංකාව දූෂණයට එරෙහිව ගෙන ඇති පියවර කුමක් ද?
COLOMBO (News 1st) - දූෂණ චංචාවලට සම්බන්ධ රාජ්‍ය නායකයින්ට සහ පාලකයින්ට නීතිය ක්‍රියාත්මක වීම මේ වන විට ලෝකයේ බොහෝ රටවල දැකිය හැකි කරුණකි. දේශපාලන නායකයින්ට දූෂණ චෝදනා එල්ල වන පසුබිමක දකුණු අප්‍රිකානු ජනාධිපති ජෙකොබ් සුමාට ද එවැනි ම තත්ත්වයකට මුහුණ පෑමට සිදුව තිබේ. දූෂණ චෝදනාවලට අදාළව දකුණු අප්‍රිකානු මහාධිකරණය හමුවේ ජේකොබ් සුමාට එරෙහිව ගොනු කර ඇති අපරාධ නඩු සංඛ්‍යාව 783කි. රාජ්‍ය සම්පත්, මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලාද සිල්වා මේ වන විටත් පසුවන්නේ සිරගතව ය. හිටපු ජනාධිපතිනී ඩෙල්මා රූසෝෆ්ට ද මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වී තිබේ. පේරු රාජ්‍යයේ ජනාධිපති පෙඩ්රෝ පැබ්ලෝ කුසින්ස්කී සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේ එරට ඉදිකිරීම් සමාගමකින් නීති විරෝධී ලෙස මුදල් ලබා ගත් බවට චෝදනා එල්ල වීමත් සමග ය. ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් හා ඔහුගේ පුතුන් දෙදෙනාට වසර 3ක සිර දඬුවම් නියම කෙරුණේ, රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ වරදට ය. මේ ජාත්‍යන්තර දේශපාලනය තුළ වාර්තා වුණු පාලකයින්ගේ වංචා දූෂණ සම්බන්ධ සිද්ධීන්වලින් කිහිපයක් පමණි. නමුත්, මෙරට පසුගිය සමයේ මෙන් ම වත්මන් පාලනය යටතේ ද දූෂණ චෝදනා එල්ල වූ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කුමක් ද?
2018-05-12T08:00:11.000Z
මලයාසියානු හිටපු අගමැති මැලේ ජාතික සන්ධානයේ නායකත්වයෙන් සහ බරසාන් ජාතික සන්ධානයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි
නජීබ් රසාක් පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙයි
(News 1st) - පැවති මැතිවරණයෙන් පරාජයට පත් වූ මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මැලේ ජාතික සන්ධානයේ නායකත්වයෙන් සහ බරසාන් ජාතික සන්ධානයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. එරට මාධ්‍ය වාර්තා කළේ, එක්සත් මැලේ ජාතික සන්ධානයේ නව නායකයා ලෙස හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අහමඩ් සහිඩ් හමිඩ් පත් කර ඇති බව ය. හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා ‍හේතුවෙන් ඔහුට එරෙහිව මලයාසියානු ආගමන විගමන බලධාරීන් විසින් අද පෙරවරුවේ සංචාරක තහනමක් පැනවීමට ක්‍රියා කරනු ලැබී ය. ඒ, ඔහු අද පෙරවරුවේ සිය බිරිඳ සමග ඉන්දුනීසියාවේ සංචාරයක් සඳහා පිටව යෑමට නියමිතව තිබියදී ය.
2018-05-12T05:01:01.000Z
පොලිස් මෙහෙයුමකින් 2051 දෙනෙකු අත්අඩංගුවට
පොලිස් මෙහෙයුමකින් 2051 දෙනෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - දිවයින පුරා සිදු කළ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 1329 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 2051 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ඊයේ රාත්‍රී 11.00 සිට අද අලුයම 3.00 දක්වා සිදු කළ එම වැටලීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ය. එම මෙහෙයුමේදී අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 151 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 571කි. අපරාධ වැළැක්වීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම වැටලීම් ක්‍රියාත්මක කළ බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
2018-05-12T03:27:47.000Z
පෘථිවියෙන් පිටත ග්‍රහලෝකයක් වෙත පරීක්ෂණ සඳහා පළමු වරට හෙලිකොප්ටර් යානයක්
ග්‍රහලෝකයක් වෙත පරීක්ෂණ සඳහා හෙලිකොප්ටරයක්
COLOMBO (News 1st) - පෘථිවියෙන් පිටත ග්‍රහලෝකයක් වෙත පරීක්ෂණ සඳහා පළමු වරට හෙලිකොප්ටර් යානයක් යැවීමට නාසා ආයතනය සූදානම් වේ. විදෙස් වාර්තාවන්හී දැක්වෙන්නේ අමෙරිකානු අභ්‍යවකාශ ආයතනයක් මගින් 2020 වසරේදී අඟහරු ග්‍රහයා වෙත යැවෙන රෝවර් යානයක් සමගින් එම හෙලිකොප්ටර් යානය යැවීමට සැලසුම් කර ඇති බව ය. ටෙනිස් පන්දුවක් තරම් විශාලත්වයකින් යුත් කිලෝ ග්‍රෑම් 1 දශම 8 ක බරින් යුත් එම හෙලිකොප්ටර් යානය පියවි ලෙස නිර්මාණය කිරීමට වසර 4 ක කාලයක් ගතව ඇති බව ද සඳහන් වේ.
2018-05-12T03:16:58.000Z
ධීවරයින්ට විමසිලිමත් වන්නැයි උපදෙස්
ධීවරයින්ට විමසිලිමත් වන්නැයි උපදෙස්
COLOMBO (News 1st) - පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 යි දශම 5 දක්වා ඉහළ යාමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ ලබන 15 වැනිදා දක්වා එම තත්ත්වය පැවතිය හැකි බව ය. ඒ පිළිබඳ‍ව ධීවර හා නාවික ප්‍රජාව විමසිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
2018-05-12T03:09:41.000Z
රත්මලාන සහ මීරිගම රෙදිපිළි ආයතන 2ක් ගිනි ගනී
රත්මලාන සහ මීරිගම රෙදිපිළි ආයතන 2ක් ගිනි ගනී
COLOMBO (News 1st) - රත්මලාන, බොරුපන පාරේ පෞද්ගලික ඇගළුම් ආයතනයක ගබඩාවක මේ වනවිට ගින්නක් හටගෙන තිබේ. දෙහිවල ගල්කිස්ස ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ ගින්න නිවීම සඳහා සිය සේවා රථ දෙකක් යොමු කර ඇති බව ය. අද පස්වරු 1.30 ට පමණ ගින්න හටගෙන තිබේ. ගල්කිස්ස ගිනි නිවීම් ඒකකයෙන් ද සේවා රථ 3 ක් යොමු කළ බව එහි නිලධාරියෙකු සඳහන් කළේය. මේ අතර මීරිගම නගරයේ රෙදිපිළි වෙළඳසැලක ගින්නක් හටගෙන තිබේ. ගම්පහ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්නෙන් වෙළඳසැලය හානි සිදුව ඇති බව ය. ගිනි නිවිම් සේවා රථ 2ක් යොමු කර ගින්න මේ වනවිට මැඩපවත්වා ඇතැයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
2018-05-12T02:58:19.000Z
'රාසි' චිත්‍රපටය පළමු දිනයේම ඉන්දීය රුපියල් කෝටි 3ක් උපයයි
'රාසි' පළමු දිනයේම ඉන්දීය රුපියල් කෝටි 3ක් උපයයි
(News 1st) – රාසි බොලිවුඩ් චිත්‍රපටය තිරගතවීම් ආරම්භක දිනයේ ඉන්දීය රුපියල් කෝටි 3 කට අධි ආදායමක් ඉපයීමට සමත්ව තිබේ. වෙළඳපොළ විශ්ලේෂකයින් චිත්‍රපටය නිකුත් කිරීමට පෙර පුරෝකතනය කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 5 කට අධික ආදායමක් උපයනු ඇති බවටයි. බොලිවුඩ් නිලි ආලියාභාත් රගන රාසි බොලිවුඩ් චිත්‍රපටය ඉන්දියාව පුරා සිනමාශාලා වෙත ඉයේ නිකුත් කෙරිණි.
2018-05-12T01:07:41.000Z
අනුරාධපුරයේදී සුඛෝපභෝගි මෝටර් රථයක් ගිනි ගනී
අනුරාධපුරයේදී සුඛෝපභෝගි මෝටර් රථයක් ගිනි ගනී
COLOMBO (News 1st) - අනුරාධපුරය, හරිස්චන්ද්‍ර මාවතේදී සුඛෝපභෝගි මෝටර් රථයක ගින්නක් හටගෙන තිබේ. ගින්න හටගෙන තිබෙන්නේ ඊයේ රාත්‍රියේදී ය. අප වාර්තාකරු පැවසුවේ මෝටර් රථය පැදවූ පුද්ගලයා සිය රාජකාරි ස්ථානයේ සිට යළි නිවස බලා යන අතරතුර ගින්න හටගෙන ඇති බව ය. අනුරාධපුරය මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය විසින් ගින්න මැඩපවත්වා තිබේ. ගින්නෙන් මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි. මෝටර් රථය පැදවූ පුද්ගලයා අනුරාධපුරයේම පදිංචිකරුවෙකි.
2018-05-11T23:46:21.000Z
මලයාසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට සහ ඔහුගේ බිරිඳට රටින් පිටවීම තහනම් කෙරේ
නජීබ් රසාක්ට සහ බිරිඳට මලයාසියාවෙන් පිටවීම තහනම්
මලයාසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට සහ ඔහුගේ බිරිඳට රටින් පිටවීම තහනම් කර ඇතැයි එරට ආගමන විගමන බලධාරීන් අද නිවේදනය කළේය. ඒ, හිටපු අග්‍රාමාත්‍යවරයා පවුලේ සාමාජිකයින් සමග ඉන්දුනීසියාවේ ජකර්තා නුවර වෙත සංචාරයක් සදහා පිටව යාමට නියමිතව තිබියදී ය. 2015 වසරේදී රාජ්‍ය ආයෝජන අරමුදලින් ඩොලර් මිලියන 700 කට අධික මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබේ. පසුගිය බදාදා පැවති මලයාසියානු මහ මැතිවරණයෙන් නජීබ් රසාක් පරාජයට පත් වූ අතර 92 හැවිරිදි මහාතීර් මොහොමඩ් එරට නව අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. මලයාසියානු නව අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ හිටපු අග්‍රාමාත්‍යවරයාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් යළි විමර්ශනයක් කර රටට අහිමි වූ මුදල් අත්කර ගන්නා බව ය. හිටපු අග්‍රාමාත්‍යවරයා රටින් බැහැරවන බවට ලද තොරතුරත් සමග ඊට විරෝධය පල කරමින් පුද්ගලයින් සිය ගණනක් ක්වාලාලම්පූර් නුවර සුල්තාන් අබ්දුල් අසීස් ෂා ගුවන්තොටුපොළ අසලට රැස්ව තිබේ. ඔවුන් ගුවන් තොටුපොළ දෙසට මෝටර් රථ ඇතුළු වීම අවහිර කර ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළේය.
2018-05-11T23:30:14.000Z
පොලිස් නිලධාරීන් 28 දෙනෙකුට වහාම ස්ථාන මාරුවීම්
පොලිස් නිලධාරීන් 28 දෙනෙකුට වහාම ස්ථාන මාරුවීම්
COLOMBO (News 1st) - පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 28 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුකිරීම් සිදුකර ඇති බව ය. ස්ථාන මාරු ලැබූ පිරිස අතර සහකාරපොලිස් අධිකාරීවරුන් 06 දෙනෙකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 06 දෙනෙකු ද වේ. මීට අමතරව පොලිස් පරීක්ෂකවරුන් 15 දෙනෙකුද ස්ථාන මාරුවීම් ලැබූ පිරිසට අයත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
2018-05-11T21:34:54.000Z
රෆායල් නඩාල් මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවතට
රෆායල් නඩාල් මැඩ්රීඩ් ටෙනිස් තරගාවලියෙන් ඉවතට
ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පැවති තරගයෙන් පරාජයට පත්විය. මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරාගවලිය මේදින වලදී ස්පාඤ්ඤයේදී පැවැත්වේ. ඔස්ට්‍රියාවේ ඩොමිනික් තීම් රෆායල් නඩාල් සමග තරග කළේය. තරගයේ පළමු වටය ලකුණු 7ට 5ක් ලෙසින් තීම් ජය ගත්තේය. ඔහු පැවති දෙවැනි වටය ද ජය ගත්තේ ලකුණු 6ට 3ක් ලෙසනි. අවසන් තරග සටහන දැක්වුණේ ලකුණු 2 ට 0 ක් ලෙසින් ඔස්ට්‍රියාවේ ඩොමිනික් තීම්ට ජය හිමිකර දෙමිනි. ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් මෙවර මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් වන්නේ මැටි සහිත ටෙනිස් පිටියකදී තරග ජයග්‍රහණ 50 හේ සීමාව පසු කළ ලොව පළමු ක්‍රීඩකයා වෙමිනි. ඒ අනුව මීට වසර 34කට පෙර අමෙරිකාවේ ජෝන් මැකින්රෝ ටෙනිස් තරග වට වැඩිම සංඛ්‍යාවක් ජය ගනිමින් පිහිටුවා තිබූ වාර්තාව මේවන විට නඩාල් සතු වේ. මැකින්රෝ එම වාර්තාව පිහිටුවා තිබුණේ ටෙනිස් තරග වට 49ක් ජය ගනිමිනි.
2018-05-11T21:27:05.000Z
න්‍යෂ්ටික අවි අත්හරින්නේ නම් උතුරු කොරියාව නගා සිටුවීමට සහාය දෙනවා - අමෙරිකාව
න්‍යෂ්ටික අවි අත්හරින්නේ නම් උ. කොරියාව අමෙරිකාවෙන
COLOMBO (News 1st) - උතුරු කොරියාව න්‍යෂ්ටික අවි අත්හරින්නේනම් එරට යළි ගොඩනැගීමට සහාය දෙන බව අමෙරිකාව පවසයි. අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ වාර්තාකරුවන් හමුවේ කියා සිටියේ උතුරු කොරියාව සමෘද්ධිමත් කිරීම සඳහා සිය දකුණු කොරියානු මිත්‍රයින් සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව ය. මයික් පොම්පියෝ උතුරු කොරියානු සංචාරය නිමවා යළි සිය රට පැමිණි විගස එම අදහස් පල කළ බව විදෙස් වාර්තා සඳහන් කළේය. එහිදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමගින් වඩාත් සාර්ථක ලෙස සාකච්ඡා පැවැත්වූ බව ද රාජ්‍ය ලේකම්වරයා වැඩි දුරට ත් කියා සිටියේය. මේ අතර අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර හමුව ලබන ජුනි 12 වන දින සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත ය. මීට පෙර එකිනෙකාට නිග්‍රහ සහ තර්ජන එල්ල කරගත් අමෙරිකානු සහ උතුරු කොරියානු නායකයින් හමුවන බව නිවේදනය කෙරුණේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර පැවති ඓතිහාසික හමුවෙන් අනතුරුවයි.
2018-05-11T21:11:42.000Z
ජනපති ඉරානයේ සංචාරයක
ජනපති ඉරානයේ සංචාරයක
COLOMBO (News 1st) - ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද ඉරානය බලා පිටත්ව යාමට නියමිත ය. ඒ, ඉරාන ජනාධිපති හසන් රූහානි මහතාගේ විශේෂ නිල ඇරයුමකට අනුවයි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම සංචාරය අතරතුරදී ඉරාන ජනාධිපතිවරයා හමු වී දෙරටේ ආර්ථික සහ වෙළඳ සබඳතා වර්ධනය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත ය.
2018-05-11T21:00:36.000Z
බස් ගාස්තු ඉහළ දැමීමේ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට යොමු කළ යුතුයි - අශෝක් අබේසිංහ
බස් ගාස්තු ඉහළ දැමීමේ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට?
COLOMBO (News 1st) - පෞද්ගලික බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධ ඉල්ලීමට අනුමැතිය දීම සඳහා කැබිනට් මණ්ඩලයට යොමු කළ යුතු බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ඉන්ධන මිල වැඩි වීමෙන් පෞද්ගලික බස් හිමියන්ට ඇතිව තිබෙන බලපෑම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බව ය. ඉදිරි සතිය තුළ බස් ගාස්තු සියයට 10 කින් ඉහළ දැමිය යුතු බව මේ අතර ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් ලංකා ගමනාගමන මණ්ඩලයේ හා දුම්රිය ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ත්‍රිරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් රජය නියාමනය නොකරන බව ය.
2018-05-11T20:00:22.000Z
දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමට රණවිරුවන් භාවිත නොකළ යුතුයි - ජනපති
දේශපාලන අරමුණු උදෙසා රණවිරුවන් භාවිත නොකළ යුතුයි
COLOMBO (News 1st) - කිසියම් දේශපාලන පක්ෂයක් තම දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා රණවිරුවන් භාවිත කරන්නේ නම් එය කිසිසේත් සදාචාරාත්මක නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, 'වයඹ රණ අභිමන්' රණවිරු ස්මාරකය ඊයේ පස්වරුවේ කුරුණෑගලදී විවෘත කරමින් ය. රණවිරුවන්ට ජාතියේ උපහාර පුද කරමින් ඔවුන්ගේ වරප්‍රසාද දිනා දීමට කටයුතු කරනු මිස කිසිඳු අවස්ථාවක රණවිරුවන් අවතක්සේරුවට ලක් කිරීමට වත්මන් රජය කටයුතු නොකළ බව ජනාධිපතිතුමා එහිදී සඳහන් කළේය. කුරුණෑගල - දඹුල්ල මාර්ගය සංවර්ධනය කිරීමේදී තාවකාලිකව ඉවත් කෙරුණු රණවිරු ස්මාරකය වෙනුවට මෙම නව ස්මාරකය පෙර එය පැවති කුරුණෑගල මාලිගා පිටිය ක්‍රීඩාංගනය අසලම ඉදි කර තිබේ.
2018-05-11T20:43:05.000Z
රජයේ ඉඩම්වල අනවසර පදිංචිකරුවන් 250,000 ක්
රජයේ ඉඩම්වල අනවසර පදිංචිකරුවන් 250,000 ක්
COLOMBO (News 1st) - පුද්ගලයින් දෙලක්ෂ පනස් දහසට අධික පිරිසක් නීති විරෝධීව රජයේ ඉඩම්වල පදිංචිව සිටින බව ඉඩම් ප්‍ර‍තිසංස්කරණ කොමිසන් සභාව පවසයි. එහි විධායක අධ්‍යක්ෂ ප්‍රේමබන්දු රුවන් පතිරණ මහතා සඳහන් කළේ, දීප ව්‍යාප්තව සිදුකළ සමීක්ෂණයකින් මෙම පිරිස හඳුනාගත් බව ය. රත්නපුර, ගාල්ල, මහනුවර, නුවරඑළිය, මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්වල ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවට අයත් ඉඩම්වල අනවසර පදිංචිකරුවන් වැඩි වශයෙන් සිටින බව ද ඔහු පවසයි. වසරේ ගත වූ කාලය තුළ ඉන් තොරාගත් තුන් දහසකට නිත්‍යානුකුල ඔප්පු ලබා දීම සිදුකර ඇති බව ද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම පවසයි. ප්‍රේමබන්දු රුවන්පතිරණ මහතා සඳහන් කළේ, නීති විරෝධීව රජයේ ඉඩම්වල පදිංචිව සිටින තවත් පුද්ගලයින් 75,000කට මේ වසරේ නිත්‍යානුකුල හිමිකම ලබාදීමට කටයුතු කරන බව ය.
2018-05-11T20:04:30.000Z
සමෘද්ධි බැංකු නියාමනයට අධීක්ෂණ කමිටුවක් පත් කිරීමේ තීරණයක් - මහ බැංකු අධිපති
සමෘද්ධි බැංකු නියාමනයට අධීක්ෂණ කමිටුවක්?
COLOMBO (News 1st) - සමෘද්ධි බැංකු නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ, මුදල් අමාත්‍යාංශයේ සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයින් ඇතුළත් වන අධීක්ෂණ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මේ පිළිබඳව සාකච්ඡා වූ බව ය. දිවි නැගුම පනත යටතේ පිහිටුවා ඇති සමෘද්ධි බැංකු පාලනය වන්නේ කළමණාකරණ කමිටුවක් මගිනි. එම කමිටුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයින් දෙදෙනෙකු ද ඇතුළත් වේ. මහ බැංකු අධිපතිවරයා පැවසුවේ සමෘද්ධි බැංකු සඳහා නව අධීක්ෂණ කමිටුවක් පිහිටුවීමට යෝජනා වූයේ ඒවායේ පාලනය වඩාත් ශක්තිමත් කොට ජනතාවට පුළුල් සේවයක් ලබා දීමේ අරමුණින් බව ය.
2018-05-11T11:41:30.000Z
කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ
කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ
COLOMBO (News 1st) - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය අද නිවේදනය කළේය. ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළැඹෙන මැයි මස 26 වනදා සිට ජූනි මස 28 වනදා දක්වා පැවැත්වේ. ඒ සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ දිනේෂ් චන්දිමාල්ටයි. කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා ,ධනංජය ද සිල්වා, හා රොෂේන් සිල්වා ද එම සංචිතයට ඇතුළත් ය. නිරෝෂන් දික්වැල්ල , රංගන හේරත්, දිල්රුවන් පෙරේරා , අකිල ධනංජය , ජෙෆ්රි වැන්ඩසී , ළහිරු ගමගේ , ළහිරු කුමාර හා අසිත ප්‍රනාන්දුද 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබේ. සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා දක්වන කසුන් රාජිත හා මහේල උඩවත්ත ද මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවා තීබීමී විශේෂත්වයකි. ඇන්ජලෝ මැතිව්ස් හා සුරංග ලක්මාල් ද මෙම සංචිතයට ඇතුළත් අතර ඔවුන්ගේ අබාධ තත්ත්වය සුව වුවහොත් පමණක් තරගාවලියට සහභාගි කරවා ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
2018-05-11T09:39:50.000Z
මිරිස්ස වෙරළ තීරයේ කඩා ඉවත් කළ අනවසර ඉදිකිරීමක ගින්නක්
මිරිස්ස වෙරළ තීරයේ ගින්නක්
COLOMBO (News 1st) - UPDATE - අනවසර ඉදිකිරීම් ඉවත් කරනු ලැබූ මිරිස්ස වෙරළ තීරයේ ගින්නක් හටගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ කඩා ඉවත් කරන ලද වෙළඳසැලක එම ගින්න හටගෙන ඇති බව ය. මාතර, නගර සභාවේ ගිනි නිවීම් ඒකකය විසින් ගින්න නිවීමේ කටයුතු සිදු කරන බව අප වාර්තාකරු පවසයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මිරිස්ස වෙරළ තීරයේ අනවසර ඉදිකිරිම් 20ක් පමණ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද ඉවත් කරනු ලැබිණි.
2018-05-11T08:58:17.000Z
මිරිස්ස වෙරළ තීරයේ අනවසර ඉදිකිරිම් ඉවතට
මිරිස්ස වෙරළ තීරයේ අනවසර ඉදිකිරිම් ඉවතට
COLOMBO (News 1st) - මිරිස්ස වෙරළ තීරයේ හඳුනාගත් අනවසර ඉදිකිරිම් 20ක් පමණ අද ඉවත් කරනු ලැබිණි. ඒ, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. අප වාර්තාකරු පැවසුවේ අදාළ ඉදිකිරීම් සිදු කර තිබු පුද්ගලයින්ට මීට පෙර අවස්ථා කිහිපයකදීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලිපි මගින් ඒවා ඉවත් කර ගන්නා ලෙසට දැනුම් දී තිබූ බවය. එය නොතකා කටයුතු කිරීම හේතුවෙන් අදාළ ඉදි කිරීම් ඉවත් කිරීමට පියවර ගැනිණි. අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ අවස්ථාවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග වෙරළ ආරක්ෂක බලකාය, පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය ද එක්ව සිටි බව අප වාර්තාකරු සඳහන් කළේය.
2018-05-11T08:19:44.000Z
අල්ලස් ගත් ආදායම් තක්සේරු නිලධාරියෙකුට වසර 14 ක සිර දඬුවමක්
අල්ලස් ගත් ආදායම් තක්සේරු නිලධාරියෙකු සිපිරිගෙට
COLOMBO (News 1st) - දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ අනුරාධපුර පළාත් කාර්යාලයේ සේවය කළ ආදායම් තක්සේරු නිලධාරියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද වසර 14 ක සිර දඬුවම් නියම කළේය. ඒ, 2004 වසරේදී පුද්ගලයකුගෙන් රුපියල් 15,000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කරමිනි. සිර දඬුවමට අමතරව රුපියල් 9,000 ක දඩයක් ද නියම කළ විනිසුරුවරයා, විත්තිකරු අල්ලස් ලෙස ලබාගත් රුපියල් 15,000 ක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමට ත් නියම කළේය. 2004 වසරේ ජුනි මස‍ 01 වැනි දින බන්දුල මුණසිංහ මහතාගෙන් එකී අල්ලස ලබාගෙන තිබේ. ඒ, දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ කාර්යාලය, කොළඹ දිසා අධිකරණය හමුවේ පවරා තිබු නඩුවක චෝදනාවලින් මුදා හැරිමට ලිපියක් නිකුත් කිරීම සඳහායි. අද මෙම සිර දඬුවම නියම කරනු ලැබුවේ වසර 12 ක දිර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි.
2018-05-11T08:11:29.000Z
නව මහාධිකරණ විනිසුරුවරුන් 13 දෙනෙකු දිවුරුම් දෙයි
නව මහාධිකරණ විනිසුරුවරුන් 13 දෙනෙකු දිවුරුම් දෙයි
COLOMBO (News 1st) - නව මහාධිකරණ විනිසුරුවරුන් 13 දෙනෙකු අද අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ, උපරිමාධිකරණ සංකීර්ණයේ පැවති උත්සවයකදී ය. ගම්පහ දිසා විනිසුරු ආර්. එස් .එස් සපුවිද, කොළඹ දිසා විනිසුරු සුජීව නිශ්ශංක, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර සහ අත්තනගල්ල දිසා විනිසුරු එස්. ඒ. අයි .එස් සුරවීර යන මහත්වරුන් නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවරුම් දුන්නේය. මීට අමතරව කොළඹ අතිරේක දිසා විනිසුරු එම්. පී . එම් අබේරත්න, කොළඹ අතිරේක දිසා විනිසුරු එම්.එම්.එස්.වයි. මාපා බණ්ඩාර සහ වව්නියාව දිසා විනිසුරු එස්. නන්දසේකරන් මහත්මිය ද නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ. හෝමාගම දිසා විනිසුරු ක්‍රිෂාන්ති අමරතුංග මහත්මිය, මොරටුව දිසා විනිසුරු ඩබ්ලිව්. වයි.එස්. ප්‍රනාන්දු මෙනෙවිය සහ අවිස්සාවේල්ල දිසා විනිසුරු එම්.ජී.ජී. සිරිපාල, ත්‍රිකුණාමලය දිසා විනිසුරු එන්.එම්.එම්. අබ්දුල්ලා යන මහත්වරුන්ද අද දිවුරුම් දුන් නව මහාධිකරණ විනිසුරුවරුන් වේ. හොරණ දිසා විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ද නව මහාධිකරණ විනිසුරුවරයකු ලෙස අද අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මීට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ එස්. සුසෙයිදාසන් මහතා ද නව මහාධිකරණ විනිසුරුවරයකු ලෙස අද දිවුරුම් දුන්නේය.
2018-05-11T08:02:57.000Z
2017 උ/පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට
2017 උ/පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට
COLOMBO (News 1st) - 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පවසයි. විභාග කොමසාරිස්වරයා පැවසුවේ ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව ය.
2018-05-11T06:47:19.000Z
සයිටම් සිසුන් 980ක් කොතලාවල වෛද්‍ය පීඨයට අනුයුක්ත කිරීමට කැබිනට් පත්‍රිකාවක්
සයිටම් සිසුන් 980ක් කොතලාවලට
COLOMBO (News 1st) - ලබා ඇති සුදුසුකම් ඇගයීමට ලක්කර සයිටම් වෛද්‍ය සිසුන් 980ක පමණ පිරිසක් කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්ත කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමු කළ බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.
2018-05-11T06:30:01.000Z
පොල්අතුමෝදර පාලම බලහත්කාරයෙන් විවෘත කරන්න ගිය වැලිගම ප්‍රා. සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට
බලෙන් පාලමක් විවෘත කරන්න ගිය මන්ත්‍රීන් අත්අඩංගුවට
COLOMBO (News 1st) - ජපන් සහයෝගිතා අරමුදලේ ආධාර මත ඉදිකළ වැලිගම, පොල්අතුමෝදර පාලම බලහත්කාරයෙන් විවෘත කිරීමට තැත් කරමින් විරෝධතාවයේ නිරත වූ වැලිගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, එම පාලම අද පෙරවරු 11 ට මැති ඇමතිවරුන් පිරිසක් සහ මෙරට ජපාන තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට සැලසුම් කර තිබූ බව ය. එහෙත් පෙරවරු 9.30 ට පමණ එම ස්ථානයට පැමිණි වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති, උප සභාපතිවරයා ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් කලහකාරි ලෙස හැසිරෙමින් පාලම විවෘත කිරීමේ නාම පුවරුවට හානි කරමින් පොලිස් රාජකාරියට බාධා කරමින් උද්ඝෝෂණයේ නිරත වූ බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය. ඒ අනුව එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරින් එම පිරිස අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර ඇති අතර එහිදී සභාපතිවරයා සහ උප සභාපතිවරයා ඇතුළු පිරිසක් පලාගොස් තිබේ. කෙසේ වෙතත් එම අවස්ථාවේ උද්ඝෝෂණයට සහභාගී වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිණි.
2018-05-11T06:16:57.000Z
රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ධුරය ශාන්ත බණ්ඩාරට
රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ධුරය ශාන්ත බණ්ඩාරට
COLOMBO (News 1st) - රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිබේ. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති නිල නිවසේදී අද දහවල් ශාන්ත බණ්ඩාර මහතා වෙත ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
2018-05-11T06:08:30.000Z
ආහාර පානවල මිල ගණන් අනිවාර්යෙන්ම ඉහළ දමනවා - සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය
ආහාර පානවල මිල ගණන් අනිවාර්යෙන්ම ඉහළ දමනවා
COLOMBO (News 1st) - ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් ඉදිරියේදී අනිවාර්යෙන්ම ආහාර පානවල මිල ගණන් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. නිව්ස්ෆස්ට් ඩිජිටල් කළ විමසීමකදී එහි ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ ක්ෂේත්‍රයේ හෝටල් හිමියන් මේ වනවිට දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ය. ඔවුන්ගේ ප්‍රවාහන සේවා වැඩිපුරම සිදු කරනු ලබන්නේ ත්‍රීරෝද රථ සහ ටැක්සි සේවාවන්ගෙන් බැවින් ඉන්ධන මිල ඉහළ යාමත් සමග ප්‍රවාහන ගාස්තු ද ඉහළ ගොස් ඇති බව ඔහු පවසයි. අල, ලූණු සහ පරිප්පුවල බදු මුදල් වැඩි කිරීමද ආහාර පානවල මිල ගණන් ඉහළ දැමීමට ගත් තිරණයට තවත් හේතුවක් බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේය. රජය විසින් ආහාර පානවලට මිල සූත්‍රයක් හඳුන්වා නොදීම හේතුවෙන් තව දුරටත් ක්ෂේත්‍රය තුළ තමන් අර්බුදයකට ලක්ව සිටින බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි. ආහාර පාලවල මිල ගණන් වැඩි කරනු ලබන ආකාරය පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බව අසේල සම්පත් මහතා වැඩිදුරටත් කියා සිටියේය. මේ අතර ගෑස් මිල වැඩි කිරීම හේතුවෙන් කෑම පැකට්ටුවක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමටට ද සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පසුගියදා තීරණය කළේය.
2018-05-11T04:03:33.000Z
උදයංග වීරතුංග ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි
උදයංග වීරතුංගගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවතට
COLOMBO (News 1st) - රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා තමා අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති වරෙන්තුව යළි කැඳවන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලු අවස්ථාවේදී ය. තම බැංකු ගිණුම් තහනම් කර ඇති නියෝගය අවලංගු කරන ලෙසත්, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ෆැන්සිස් මහතාගෙන් රුපියල් කෝටි 10ක වන්දියක් ඉල්ලා උදයංග වීරතුංග මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි.
2018-05-11T01:58:40.000Z
උඩරට දුම්රිය සේවක වර්ජනය අවසන්
උඩරට දුම්රිය සේවක වර්ජනය අවසන්
COLOMBO (News 1st) - උඩරට දුම්රිය ස්ථානවල සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, දුම්රිය ගමනා ගමන කටයුතු යළි ආරම්භ කළ බව ය. කෙසේ වෙතත් බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වන සියලු දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව ද පාලක මැදිරිය පැවසුවේ ය. දුම්රිය නියාමකවරයෙකු, ස්ථානාධිපතිවරයෙකුට බැන වැදීමේ සිදුවීමක් මුල් කර ගනිමින් උඩරට දුම්රිය මාර්ගයේ සියලු දුම්රිය ස්ථානවල සේවකයෝ අද අලුයම මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළහ. බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය සහ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රිය අද අලුයම නාවලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ හදිසියේ නවතා දැමීම නිසා මගීන් පත් වූයේ දැඩි අපහසුතාවකට ය. දුම්රිය සේවක වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා මහනුවර දුම්රිය ස්ථානයේ දෛනික කටයුතු මුළුමනින් ම ඇණහිට තිබිණි. අප වාර්තාකරු සඳහන් කළේ, දුම්රිය මෙහෙයුම් ස්ථානාධිපති කාර්යාලය ද වසා දමා තිබූ බව ය. මේ අතර අද උදෑසන පොල්ගහවෙළ සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය ද සම්පූර්ණයෙන් ඇණහිට තිබිණි. අප වාර්තාකරු පැවසුවේ, පොල්ගහවෙළ දුම්රිය ස්ථානයේ සිටි මගීන් දැඩි අපහසුතාවකට පත් වූ බව ය. වර්ජනය හේතුවෙන් ගනේමුල්ල දුමිරිය ස්ථානයේ සිටි මගීහු ද දැඩි පීඩාවට පත් වූහ.
2018-05-11T00:44:43.000Z
බටහිර ඔස්ට්‍රේලියාවෙන් අභිරහස් මරණ 7ක්
බටහිර ඔස්ට්‍රේලියාවෙන් අභිරහස් මරණ 7ක්
(News 1st) - බටහිර ඔස්ට්‍රේලියාවෙන් අභිරහස් ලෙස මිය ගොස් සිටි පුද්ගලයින් 7 දෙනෙකුගේ සිරුරු හමු වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම සිරුරු බටහිර ඔස්ට්‍රේලියාවේ ග්‍රාමීය ප්‍රදේශයක පිහිටි ගොඩනැගිල්ලක තිබී සොයාගෙන ඇති බව ය. එම ගොඩනැගිල්ල තුළ තිබී සිරුරු 5ක් ද ඉන් පිටත තිබී තවත් සිරුරු 2ක් ද සොයාගෙන තිබේ. මිය ගිය පුද්ගලයින් අතර ළමුන් 4 දෙනෙකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් මිය ගිය ආකාරය මෙතෙක් බලධාරීන් තහවුරු කර නොමැත. කෙසේ වෙතත් ඒ අවට තිබී ගිනිඅවි 2ක් සොයා ගත් බව එරට පොලීසිය පවසයි.
2018-05-11T00:36:40.000Z
ඒ.එච්.එම්. ෆවුසිට ඇමති ධූරයක්
ඒ.එච්.එම්. ෆවුසිට ඇමති ධූරයක්
COLOMBO (News 1st) - ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ.එච්.එම්. ෆවුසි මහතා අද පෙරවරුවේ දිවුරුම් දුන්නේ ය. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී ය. මේ අතර ජනාධිපති නීතිඥ ආරිය බණ්ඩාර රැකව මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
2018-05-11T00:00:14.000Z
භූමිතෙල් සහනාධාරය බැංකුවට
භූමිතෙල් සහනාධාරය බැංකුවට
COLOMBO (News 1st) - විදුලි බලය නොමැති සමෘද්ධී ලාභී පවුල් සඳහා සහ ධීවර ප්‍රජාවට භූමිතෙල් සහනාධාර මුදල් බැංකු ගිණුම් මගින් ලබා දීමට රජය තීරණය කර තිබේ. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශ ලේකම් උපාලි මාරසිංහ මහතා ප්‍රකාශ කළේ, අද සිට එම සහනාධාර ක්‍රමය ක්‍රියාත්මක බව ය. ඒ අනුව සමෘද්ධි ලාභීන් සඳහා මාසයක කාලයකට භූමිතෙල් ලීටර් 15කට අදාළ මුදල් ඔවුන්ගේ ගිණුම් වෙත ලබා දීමට සැලසුම් කර තිබේ. මසකට ධීවර ප්‍රජාවට භූමිතෙල් ලීටර් 375ක් සඳහා මුදල් ලබා දීමට නියමිත බව ද අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.
2018-05-10T23:15:43.000Z
රෆායල් නඩාල් මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට
මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරගාවලිය
(News 1st) - ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. මැඩ්රීඩ් විවෘත ටෙනිස් තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයේ තරග ස්පාඤ්ඤයේදී ඊයේ පැවැත්විණි. එහිදී ලොව අංක එකේ ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමග තරග කළේ, ආර්ජන්ටිනාවේ දියෙගෝ ශ්වෝස්මන්. තරගයේ පළමු වටය ලකුණු 6ට 3ක් ලෙස නඩාල් ජය ගත්තේ ය. ඔහු දෙවන වටය ජය ගත්තේ, ලකුණු 6ට 4ක් ලෙස ය. ඒ අනුව වට 2ට 0ක් ලෙස නඩාල් තරගය ජය ගත්තේ ය. එම ජයග්‍රහණයත් සමග නඩාල් මැටි සහිත ටෙනිස් පිටියකදී ටෙනිස් තරග වට 50 සීමාව පසු කළේ ය. ඒ අනුව ටෙනිස් තරග වට වැඩි ම සංඛ්‍යාවක් ජය ගනිමින් මීට වසර 34කට පෙර අමෙරිකාවේ ජෝන් මැකින්රෝ පිහිටුවා තිබූ වාර්තාව ද මේ වන විට නඩාල් සතු වේ. මැකින්රෝ එම වාර්තාව පිහිටුවා තිබුණේ, ටෙනිස් තරග වට 49ක් ජය ගනිමිනි.
2018-05-10T22:56:13.000Z
අමාත්‍යංශ විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය ජනපති අධීක්ෂණයට
අමාත්‍යංශ විෂය පථයන්: ගැසට් නිවේදනය ජනපති වෙත
COLOMBO (News 1st) - අමාත්‍යංශ විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය අනුමැතිය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර තිබේ. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, ජනාධිපතිතුමා විසින් සිදු කරනු ලබන අධ්‍යයනවලින් පසු එය ගැසට් කිරීමට නියමිත බව ය. ඒ අනුව අමාත්‍යංශ නව විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය. අදාළ අමාත්‍යංශ සතු ආයතන විද්‍යාත්මක පදනමින් වෙන් කිරීමට පියවර ගෙන ඇති බව ද ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවේ ය.
2018-05-10T22:44:34.000Z
රාසි බොලිවුඩ් චිත්‍රපටය අද සිට ඉන්දියාව පුරා සිනමා ශාලාවල
'රාසි' අද සිට ඉන්දියාව පුරා සිනමා ශාලාවල
(News 1st) - පූර්ව ප්‍රචාරක පටය නිකුත් වීමත් සමගින් බොහෝ දෙනාගේ අවධානය යොමු වූ රාසි බොලිවුඩ් චිත්‍රපටය අද සිට ඉන්දියාව පුරා සිනමා ශාලාවල තිරගත වේ. ඊට ප්‍රධාන චරිත නිරූපණයෙන් එක් වන්නේ, බොලිවුඩ් නිලි ආලියා භාත් සමගින් නළු විකී කෞෂාල්. රාසි සිනමා පටය මේ වන විටත් බොහෝ දෙනාගේ ප්‍රියත ම චිත්‍රපටයක් බවට පත්ව ඇති බව ආලියා භාත් ප්‍රකාශ කළා ය.
2018-05-10T22:16:23.000Z
මහනුවර අධිකරණ සංකීර්ණය ආසන්න දුම්රිය මාර්ගයේදී දුම්රියේ ගැටීමෙන් දෙදෙනෙකු මරුට
දෙදෙනෙකුට මරු කැඳවූ මහනුවර දුම්රිය අනතුර
COLOMBO (News 1st) - මහනුවර අධිකරණ සංකීර්ණය ආසන්න දුම්රිය මාර්ගයේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, ඊයේ රාත්‍රියේ සිදු වූ එම අනතුරින් තුවාල ලැබූ ඔවුන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව ය. මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ. අනතුරින් මිය ගොස් ඇත්තේ, 79 හැවිරිදි සුදුහුම්පළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මිය ගිය අනෙක් පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැති බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. මේ අතර හබරාදුව කොග්ගල ප්‍රදේශයේදී වෑන් රථයක දුම්රියක් ගැටී තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරු සිය රාජකාරිය පැහැර හැරීම හේතුවෙන් අනතුර සිදුව ඇති බව ය. අනතුරින් කිසිවෙකුටත් හානි සිදුව නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් ගේට්ටු මුරකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2018-05-10T21:54:22.000Z
ත්‍රිකුණාමලයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
ත්‍රිකුණාමලයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය සිරිමාපුර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පෙරවරු 6.00ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බව ය. මිය ගොස් ඇත්තේ, 45 හැවිරිදි සිරිමාපුර ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකි. ඔහු සිය ලොරි රථයේ සිටියදී එම වෙඩි තැබීමට ලක්ව තිබේ. වෙඩි තැබීම සඳහා මෝටර් රථයකින් සැකකරුවන් 3 දෙනෙකු පැමිණ ඇති අතර ඔවුන් කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට නිලධාරීන් 80 දෙනෙකු පමණ යොදවා ඇති බව පොලීසිය ප්‍රකාශ කළේ ය.
2018-05-10T20:31:42.000Z
ජාතික විගණන පනත විවාදයට ගැනීම තවදුරටත් කල් යයි
ජාතික විගණන පනත විවාදයට ගැනීම තවදුරටත් කල් යයි
COLOMBO (News 1st) - ජාතික විගණන පනත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම තවදුරටත් කල් යාමේ තත්ත්වයක් මතුව තිබේ. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ, එම පනත අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණ ද එම විවාදය කල් දමා ඇති බව ය. පෙරේදා රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන ඇති බව ද ලේකම්වරයා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේ ය. ඒ, ජාතික විගණන පනත කඩිනමින් විවාදයට ගන්නැයි කථානායක කරු ජයසූරිය මහතා ද ඉල්ලීමක් කර ඇති පසුබිමකදී බව ද ඔහු සඳහන් කළේ ය. ජාතික විගණන පනත විවාදයට ගැනීම ප්‍රමාද වන්නේ ඇයි...? මේ පිළිබඳව සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. අමාත්‍යවරයා පැවසුවේ, ජාතික විගණන පනතේ ඇතැම් වගන්ති සංශෝධනය විය යුතු බවට රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් ඇති බව ය. ඔවුන්ගේ ඉල්ලීම අනුව එම විවාදය කල් දැමූ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ ය. පනතේ සඳහන් වගන්ති 5කට නව සංශෝධන සිදු වන බව ද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ ය. මේ සම්බන්ධයෙන් විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාගෙන් ද අප කළ විමසීමකදී ඔහු පැවසුවේ, උද්ගතව ඇති තත්ත්වය තුළ තම කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වන බව ය.
2018-05-10T20:14:37.000Z
ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස්, දුම්රිය, ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ යන ලකුණු
බස්, දුම්රිය, ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ යන ලකුණු
COLOMBO (News 1st) - ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව බස් ගාස්තු, ත්‍රිරෝද රථ හා දුම්රිය ගාස්තු ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන සංගම් පවසයි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ, තම කර්මාන්තයට වන බලපෑම පිළිබඳ අවධානය යොමු කර ගාස්තු ඉහළ දැමීමට යෝජනා කරන බව ය. වැඩි වන ගාස්තු ප්‍රතිශතයන් සම්බන්ධයෙන් අද පස්වරුවේ ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ප්‍රකාශ කළේ, 15%කින් පමණ ගාස්තු සංශෝධනය විය යුතු බව ය. ඊට අදාළ යෝජනා රජයට ඉදිරිපත් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රිරෝද රථ ගාස්තු ද ඉහළ දැමීමට පියවර ගන්නා බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති කේ.ඩී. අල්විස් මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, ඒ අනුව පළමු ගාස්තු අවස්ථාව ඉහළ දැමීමේ සූදානමක් පවතින බව ය. මේ අතර 15%කින් ඉහළ දැමීමට යෝජනා වී තිබූ දුම්රිය ගාස්තු ද එම ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ යා යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි ජ්‍යේෂඨ නිලධාරියෙකු සඳහන් කළේ, ගාස්තු ඉහළ දැමීමේ ප්‍රතිශතය සම්බන්ධයෙන් යළි අමාත්‍යංශයට යෝජනා ඉදිරිපත් කරන බව ය. වෘත්තීය සමිති විසින් සිදු කිරීමට සූදානම් වන ගාස්තු ඉහළ දැමීමට රජයේ අවසර හිමි වෙයි ද? මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ජී.එස්. විතානගේ මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ, ලැබෙන ඉල්ලීම් අනුව නිසි ක්‍රියාවලියකට යටත්ව ඒ පිළිබඳව කටයුතු කරන බව ය. බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විද්වත් කමිටුව රැස් කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා පැවසුවේ, ලබන සතිය ඇතුළත අවසන් තීරණයකට එළැඹෙන බව ය. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් මිල ගණන් ඉහළ දැමීමට පියවර ගැනිණි. ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අලෙවි කරන ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137 කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 20 කින් වැඩි කර ඇති අතර එම වර්ගයේ ලීටරයක නව මිල රුපියල් 148 කි. ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 14 කින් වැඩි කර තිබේ. සුපිරි ඩීසල් ලීටරයක මිල වැඩි කර ඇත්තේ රුපියල් 09කිනි. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 57 කින් වැඩි කර තිබේ. ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 101 කි. මෙම මිල ගණන් වෙනස් වීමට සමානව තම නිෂ්පාදනවල මිල ගණන් ද ඉහළ දමන බව ලංකා ඉන්දීය තෙල් සමාගම ප්‍රකාශ කළේ ය. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 151කි. ලංකා ඉන්දීය තෙල් සමාගමේ නව මිල ගණන් අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 111ක් වේ. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 119 ක් දක්වා ද ඉහළ දමා තිබේ. මේ අතර ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ, මාස දෙකෙන් දෙකට ඉන්ධන මිල වැඩි හෝ අඩු විය හැකි බව ය.
2018-05-10T19:41:54.000Z
උඩරට දුම්රිය සේවකයින් හදිසි වර්ජනයක
උඩරට දුම්රිය සේවකයින් හදිසි වර්ජනයක
COLOMBO (News 1st) - බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය සහ කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රිය අද අලුයම නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ හදිසියේ නවතා දමා තිබේ. අදාළ දුම්රිය සේවකයින් එලෙස සිය රාජකාරීවලින් ඉවත්ව ඇත්තේ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරමිනි. රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් මේ වන විට නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ නවතා දමා තිබේ. මගීන් සඳහන් කළේ, කිසිදු දැනුම් දීමකින් තොරව මෙලෙස දුම්රිය නවතා දැමීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ය. ඒ සම්බන්ධයෙන් දුම්රිය පාලක මැදිරියෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මේ පිළිබඳව විමසීමට නාවලපිටිය දුම්රිය ස්ථානය හා සම්බන්ධ වීමට නොහැකි වී ඇති බව ය. දුම්රිය නියාමකවරයෙකු, ස්ථානාධිපතිවරයෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් මුල් කර ගනිමින් රඹුක්කන සිට උඩරට දුම්රිය මාර්ගයේ සියලු දුම්රිය ස්ථානවල සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවට තොරතුරු ලැබී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ඒ හේතුවෙන් රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියන් 5ක් ද අවලංගු කිරීමට සිදුව ඇති බව එම ප්‍රකාශකයා නිව්ස්ෆස්ට් වෙත පැවසුවේ ය. දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු පැවසුවේ, සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ය. කෙසේ වෙතත් දුම්රිය මගීන් ගමනාන්තය දක්වා ප්‍රවාහනය කිරීමට බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය.