date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-05-04T21:29:48.000Z
වහාම ක්‍රියාත්මක වන පරිදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරින් ඉවතට
ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරින් ඉවතට
COLOMBO (News 1st) - වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එච්.එම්.බී.පී. හේරත් මහතා තනතුරින් ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත. ඒ, අද ආරම්භවීමට නියමිත දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හා ක්‍රීඩා උපදේශකයින්ට අවශ්‍ය නේවාසික පහසුකම් නිසි පරිදි සැලසීමට අසමත්වීම හේතුවෙනි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය සඳහන් කළේ, උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනෙකු සහ ක්‍රීඩා උපදේශකයින් 15 දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉරිපත් වන බවයි. මෙම පිරිසට නේවාසික පහසුකම් සලසා තිබුණේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සතු ටොරින්ටන්හි පිහිටි නේවාසිකාගාරයේ ය. ඊයේ උදේ සිට නේවාසිකාගාරය තුළ විදුලිය බිඳ වැටී තිබු අතර ඒ හේතුවෙන් එහි සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ගැටලු රැසකට මුහුණදීමට සිදුවිණි. මෙම ගැටලුව විසඳීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ අතර අමාත්‍යවරයා මැදිහත්වීමෙන් අනතුරුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් බස් රථ යොදා හෝටලයක නවාතැන් ගැනීමට සැලැස් වූ බව ද ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
2018-05-04T21:03:45.000Z
ආනයනික අර්තාපල් හා ලොකු ළූණු මිල ඉහළට
ආනයනික අර්තාපල් හා ලොකු ළූණු මිල ඉහළට
COLOMBO (News 1st) - ආනයනික අර්තාපල් හා ලොකු ළූණු මිල ගණන් ඉහළ ගොස් තිබේ. ඒ සඳහා වන ආනයන බදු ඉහළ දැමීමත් සමගයි. ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් සඳහා වන ආනයන බද්ද පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 40 දක්වා ඉහළ දැමුණි. අප වාර්තාකරු පැවසුවේ, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අර්තාපල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 65 - 70 ත් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
2018-05-04T20:40:46.000Z
උතුරු කොරියාව සහ දකුණු කොරියාවේ වේලාව එකක් වෙයි
උතුරු කොරියාව සහ දකුණු කොරියාවේ වේලාව එකක් වෙයි
COLOMBO (News 1st) - කොරියානු දෙරටේ නායකයින් අතර පැවති ඓතිහාසික හමුවෙන් පසුව දකුණු කොරියාවට සම වන පරිදි උතුරු කොරියාව සිය වේලාව වෙනස් කර තිබේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, උතුරු කොරියානු වේලාවෙන් ඊයේ රාත්‍රි 11.30 ට පමණ මෙම වෙනස සිදුකර ඇති බව ය. ඒ අනුව දකුණු කොරියානු වේලාවට සමාන වන පරිදි උතුරු කොරියානු වේලාව මිනිත්තු 30 ක් පමණ ඉදිරියට ගෙනවිත් ඇති බව සඳහන් වේ. මෙය කොරියානු දෙරට ඒකාබද්ධ කිරීමේ පළමු ප්‍රායෝගික පියවර බව දකුණු කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය සඳහන් කළේ ය. එමෙන්ම උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ අමෙරිකානු ජනපති අතර හමුව සඳහා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිනයක් ලබා දුන් බව ද එම වාර්තාවන්හි දැක්වෙනු ඇති. මේ අතර උතුරු කොරියානු නායකයා සහ තමන් අතර හමුව සඳහා දිනයක් සහ ස්ථානයක් මේ වන විටත් වෙන් කර ඇති බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදීන් සමගින් පැවසු බව විදේස් වාර්තා සඳහන් කළේ ය. ජනපති ට්‍රම්ප් එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, එය ඉතා ඉක්මනින්ම නිවේදනය කරනු ඇති බවයි. එහිදී බොහෝ යහපත් දෑ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් යහපත් ප්‍රතිඵල අත්වනු ඇති බවත් ජනපති ට්‍රම්ප් පවසා ඇත. උතුරු කොරියානු නායකයා සමග සාකච්ඡා පැවැත්වීමට පෙර මේ මස 22 වන දා අමෙරිකානු ජනපති හා දකුණු කොරියානු ජනපති අතර සාකච්ඡාවක් ධවල මන්දිරයේදී පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.
2018-05-04T20:04:01.000Z
Facebook හරහා සිදුවන මූල්‍ය වංචා සීඝ්‍රයෙන් ඉහළට
Facebook හරහා සිදුවන මූල්‍ය වංචා සීඝ්‍රයෙන් ඉහළට
COLOMBO (News 1st) - Facebook හරහා සිදුවන මූල්‍ය වංචා සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි ශ්‍රී ලංකා පරිගණක තොරතුරු හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යේෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ, එවැනි සිදුවීම් සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ පමණක් පැමිණිලි 6 ක් ලැබී ඇති බවය. අදාළ පැමිණිලි අනුව වංචා කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් ලක්ෂ 20 කට අධික බව ද ඔහු පැවසුවේය.
2018-05-04T19:56:39.000Z
"කැබිනට් මණ්ඩලයේ විෂය පථය ගැසට් කිරීමට මෙතෙක් ලැබී නැහැ" - රජයේ මුද්‍රණාලය කියයි
"කැබිනට් මණ්ඩලයේ විෂය පථය ගැසට් කිරීම තවම නැහැ"
COLOMBO (News 1st) - පසුගිය දා පත්කෙරුණු අමාත්‍යවරුන්ගේ විෂය පථය ගැසට් කිරීම සඳහා මෙතෙක් ලැබී නොමැති බව රජයේ මුද්‍රණාලය පවසයි. රජයේ මුද්‍රණාලාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය පැවසුවේ, එම විෂය පථය ලද විගස ගැසට් කිරීමට අපේක්ෂා කරන බව ය. කැබිනට් අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය ඇතුලත් ගැසට් නිවේදනය පසුගිය අඟහරුවාදා නිකුත් කළ බවත් රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය ඊයේ දිනයේ නිකුත් කළ බවත් ඇය සඳහන් කළා ය.
2018-05-04T19:43:26.000Z
ගංවතුර අවස්ථාවකදී ඔබ ආරක්ෂා වන්නේ කෙසේ ද? ගම්මැද්දෙන් ජනතාව දැනුවත් කිරීම අද සිට
ගංවතුර අවස්ථාවකට සුදානම්වන්නේ කෙසේ ද?
COLOMBO (News 1st) - ගංවතුරට පෙර සූදානම්වීම අරමුණු කර ගනිමින් නිව්ස්ෆස්ට් ගම්මැද්ද ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළු මාලාව අද ආරම්භ වේ. එම දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වෙන්නේ රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල තෝරාගත් අවදානම් ප්‍රදේශ ආශ්‍රිතවයි. ආසියානු ෆැසිපික් සහයෝගිතා සංවිධානය, දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සහයෝගය ද ඇතිව මෙය සංවිධානය කෙරෙනු ඇති. මෙහි සමාරම්භක වැඩමුළුව අද රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවලදී පැවැත්වීමට නියමිත ය. මෝසම් වර්ෂා සමය ආරම්භවීමත් සමග දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල ඇතිවිය හැකි ආපදාවන් අවම කර ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණ වේ.
2018-05-04T19:25:38.000Z
උෂ්ණාධික කාලගුණය මේ මස මැද දක්වා: ජලය වැඩිපුර පානය කරන්නැයි උපදෙස්
උෂ්ණාධික කාලගුණය මේ මස මැද වන තෙක්
COLOMBO (News 1st) - උෂ්ණාධික කාලගුණ තත්ත්වය මේ මස මැද භාගය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පරිසරයේ උෂණත්වය ඉහළ යාම, ආර්ද්‍රතාව වැඩි වීම හා සුළං වේගය අඩුවීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි. පසුගිය සති කිහිපයේ දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 35 - 38 ත් අතර අගයක් දක්වා ඉහළ ගොස් ඇත. මීට සාපේක්ෂව ආර්ද්‍රතාව ද ඉහළ යාම හේතුවෙන් ජනතාවට දිවා කාලයේ දැඩි අපහසුතාවකට පත්වීමට සිදුවිණි. මේ අතර පවතින අධික හිරු රශ්මිය හේතුවෙන් සිරුරට අහිතකර බලපෑම් එල්ලවිය හැකි බව සෞඛ්‍ය අංශ පවසා ඇත. දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ, කායික රෝග විශේෂඥ වෛද්‍ය දිල්හාර් සමරවීර මහතා පැවසුවේ, අධික හිරු රශ්මිය හේතුවෙන් පහසුවෙන්ම සිරුර විජලයට ලක්විය හැකි බවයි. අධික හිරු රශ්මිය හේතුවෙන් මතුවන අපහසුතා මග හරවා ගැනීම සඳහාගත යුතු ක්‍රියාමාර්ග ද ඔහු සඳහන් කළේ ය. අහිතකර බලපෑම්වලින් වැලැකීම සඳහා දිනකට ජලය ලීටර් 3 කට ආසන්න ප්‍රමාණයක් පානය කරන ලෙස දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය දිල්හාර් සමහරවීර මහතා දැනුම්දී ඇත.
2018-05-04T11:38:08.000Z
විදුලිය සහ ජලය නොමැතිව පීඩා විඳින දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩකයින්
විදුලිය සහ ජලය නොමැතිව පීඩා විඳින මලල ක්‍රීඩකයින්
COLOMBO (News 1st) -දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල හෙට දිනයේදී ආරම්භ වීමට තිබියදී, ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවාතැන් ගෙන සිටින නේවාසිකාගාරයේ ජලය සහ විදුලිය නොමැති බව වාර්තා වේ. ක්‍රීඩා උළෙල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය. ඒ, සඳහා රටවල් 7 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊට එක් වන අතර ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනෙකු මෙවර තරගාවලියට සහභාගී වේ. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවාතැන් ගෙන සිටිනනේ ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් ටොරින්ටන් ක්‍රීඩක නේවාසිකාගාරය තුළයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද පෙරවරුවේ සිට විදුලිය සහ ජලය නොමැති කමින් අසීරුතාවයකට පත්ව තිබුණි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාගේන් ස්පෝර්ට් ෆස්ට් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, අදාළ ගැටලුව පිළිබඳ තමන් දැනුවත් වූයේ රාත්‍රීයේදී බව ය. කෙසේ වෙතත් අදාළ ගැටලුව නිරාකරණය කර ගැනීමට මේ වනවිට උපදෙස් ලබා දී ඇති බව ද ඔහු වැඩි දුරට ත් සඳහන් කළේය. https://www.facebook.com/NewsfirstSL/videos/1935865619807020/
2018-05-04T11:23:25.000Z
ගංවතුර අවස්ථාවකදී ඔබ ආරක්ෂා වන්නේ කෙසේද? ගම්මැද්ද වැඩමුළු මාලාව හෙට සිට ඇරඹෙයි
ගංවතුර අවස්ථාවකදී ඔබ ආරක්ෂා වන්නේ කෙසේද?
COLOMBO (News 1st) - ගංවතුරට පෙර සුදානම් වීම අරමුණු කර ගනිමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවක් පැවැත්වීමට ගම්මැද්ද කටයුතු යොදා තිබේ. එම දැනුවත් කිරිමේ වැඩමුළු පැවැත්වෙන්නේ රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල තෝරාගත් අවදානම් ප්‍රදේශ ආශ්‍රිතවයි. ආසියානු ෆැසිපික් සහයෝගිතා සංවිධානය, දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සහයෝගය ද ඇතිව මෙය සංවිධානය කෙරේ. මෙහි සමාරම්භක වැඩමුළුව හෙට රත්නපුර සහ මාතර දිස්ත්‍රික්කවලදී පැවැත්වීමට නියමිත ය. මෝසම් වර්ෂා සමය ආරම්භවීමත් සමග දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල ඇතිවිය හැකි ආපදාවන් අවම කර ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණ වේ. https://www.facebook.com/newsfirst.gammadda/videos/1764362930286612/
2018-05-04T11:12:56.000Z
වීසා නොමැතිව ලෙබනන්හි සිටි ලාංකිකයින් 58ක් යළි දිවයිනට
ලෙබනන්හි සිටි ලාංකිකයින් 58ක් යළි දිවයිනට
COLOMBO (News 1st) - වීසා නොමැතිව ලෙබනන්හි සේවය කළ ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙකු අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ, මෙම පිරිස අතර ගෘහ සේවයේ නියුතු කාන්තාවන් පිරිසක් ද වන බව ය ලෙබනන් රජය ප්‍රකාශයට පත්කර ඇති පොදු සමා කාලය යටතේ එම පිරිස දිවයිනට පැමිණි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.
2018-05-04T11:06:52.000Z
කම්කරු දිනය සැමරීමට දේශපාලන පක්ෂ වලින් ලංගම බස් 750ක්
කම්කරු දිනය සමරන්න ලංගම බස් 750ක්
COLOMBO (News 1st) - කම්කරු දින සැමරුම් රැළි සඳහා බස් රථ 750 කට අධික ප්‍රමාණයක් මේ වනවිට දේශපාලන පක්ෂ විසින් ඉල්ලුම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. එහි ‍නියෝජ්‍ය සමාන්‍යාධිකාරි ආර්.ටී. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ, ඉල්ලුම් කරන බස් රථ සඳහා සියලු මුදල් ගෙවීමෙන් පසු, නිදහස් කිරිමට පියවර ගන්නා බව ය. කම්කරු දින රැළි වෙනුවෙන්, බස් රථ ලබා දීමෙන් ලබන 08 වැනිදා සාමාන්‍ය සේවා සැපයීමේදී ගැටලු ඇතිවිය හැකි බව ද චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේය. එම තත්ත්වය පාලනය කර ගනිමින්, මැයි දින රැළි වෙනුවෙන් බස් රථ නිදහස් කිරිමට සැලසුම් කර ඇති බව ද ඔහු පවසයි.
2018-05-04T11:01:21.000Z
පොලිස් නිලධාරීන් 18 දෙනෙකුට වහාම ස්ථාන මාරුවීම්
පොලිස් නිලධාරීන් 18 දෙනෙකුට වහාම ස්ථාන මාරුවීම්
COLOMBO (News 1st) - වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන් 18 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, පොලිස් කොමිසමේ නිර්දේශයන්ට යටත්ව මෙම මාරුවිම් ලබා දුන් බව ය. ඒ, අනුව පොලිස් අධිකාරිවරයකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 17 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
2018-05-04T10:56:08.000Z
රුපියල් කෝටි 4 කට අධික රත්‍රං තොගයක් සමග සැකකරුවෙකු කටුනායකදී රේගු භාරයට
රුපියල් කෝටි 4 ක රත්‍රං සමග සැකකරුවෙකු රේගු භාරයට
COLOMBO (News 1st) - රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් රත්‍රං තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සදහන් කළේ සැකකරු සන්තකයේ තිබී සොයාගත් රත්‍රං ප්‍රමාණය කිලෝග්‍රෑම් 7 කට ආසන්න බව ය. සැකකරු ගුවන් තොටුපොළේ බදු රහිත භාණ්ඩ අලෙවි කරන වෙළඳසැලක සේවය කරන්නෙකු වන අතර ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ දුන් තොරතුරක් මත ඔහු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
2018-05-04T10:49:01.000Z
අල්ලස් සිද්ධිය ආණ්ඩුව දෙදරීමේ ප්‍රතිඵලයක් - ජෝන්ස්ටන් ප්‍රනාන්දු
අල්ලස් සිද්ධිය ආණ්ඩුව දෙදරීමේ ප්‍රතිඵලයක්
COLOMBO (News 1st) - ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී ආචාර්ය අයි.කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියසේන දිසානායක යන මහත්වරුන්ගේ සේවය වහාම අත්හිටුවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ නියෝග කර තිබේ. ජනාධිපතිතුමා බලධාරීන්ට උපදෙස් දී ඇත්තේ ඔවුන්ට එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ය. ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියසේන දිසානායක යන මහත්වරුන් ඊයේ පස්වරුවේ කොළඹ තරුපහේ හෝටලකදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කෝටි දෙකක අල්ලසක් ලබාගැනීමේදී ය. සැකකරුවන් ඊයේ රාත්‍රියේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. ඊයේ රාත්‍රියේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කල නිවේදනයක දැක්වුණේ, අල්ලසට සහ දූෂණයට එරෙහි රජයේ ස්ථිරසාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ වැගත්කම මෙම සිද්ධියෙන් තහවුරු වන බව ජනාධිපතිතුමා පෙන්වා දෙන බව ව. නීතිය ක්‍රියාත්මක කරන රජයේ නිලධාරීන්ට සිය රාජකාරිය නිසිලෙස ඉටුකිරීමට වත්මන් රජය යටතේ ඇතිකර තිබෙන ස්වාධීන සහ අපක්ෂපාතී පසුබිම පිළිබදව තමා සතුටු වන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. මෙම අල්ලස් ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් අද විවිධ අදහස් පලවිය. කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කිර්ති තෙන්නකොන් මහතා ආණ්ඩුවක් බලයට ඇවිල්ලා ඉතාම කෙටි කාලයක් තුළ මේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත ක්‍රියාත්මක කිරිම සඳහා ආයෝජකයකු සොයා ගන්නට කැවිමක් කරනවා. මේකේ සමිපුර්ණ ආයෝජනය ඇමරිකානු ඩොරල් මිලියන 100ක් මේ ගිවිසුම අනුව මේ කර්මාන්ත ශාලාව පටන් ගන්නට අවශ්‍ය කටයුතු කළා. මේකේ තිබෙන අබලි යකඩව වටිනාකම රුපියල් කො‍්ටි 50ක් කියන එක්ට දළ ඇස්තමේන්තුවක් තියෙනවා. මේ යකඩ ටික මේ ගැණුම්කරුවාට නොදි ඉන්නට මේ ඉඩමි අමාත්‍යාංශයේ ලේකමිවරයා දැවන්ත උත්සහයක් ගත්තා. මසයකට ඉස්සරලා විශ්‍රාම ගිහිල්ලා නැවත ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානියා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩට යනවා. මොහු එතනට ගිහිල්ලා ඉතාම කෙටි කාලයක් තුළ ආපසු මේ වැඩේටම අත ගසනවා. ඒ සඳහා ඔහුන්ගෙන් ඉල්ලා සිටි මුදල කෝටි 60ක් එතකොට කිසිම ආයෝජකයකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කෝටි 50ක් වටින දේකට පගාව විතරක් කෝටි 60ක් ගෙවන්න හැබැයි ඒ ආයෝජකයාට එහේම කරන තත්වයකට පත් වෙන්න සිද්ද වෙනවා. ඒ සඳහා පිඩා කිරිමේ අවස්ථාව ලැබෙනවා. මොකද ඔවුන් මේ වෙනකොටත් ඇමරිකානු ඩොරල් මිලියන 10ක් ලංකාවේ රජයට ගෙනත් තියෙන නිසා. මෙන්න මේක තමයි. දිගින් දිගටම රාජ්‍ය සේවයේ නිලධාරින් ලංකාවේ ආයෝජකයින් ආවාම ඔවුන්ට කරන පිඩාව මේක කරන නිසා තමයි. අද ලංකාවට ආයෝජකයො එන්නේ නැත්තේ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ව්‍යාපෘතිය සම්මත කිරිමට හා ඉඩම් ලබාදීමට පරක්කු වෙලා තියෙනවා. මේක තිබුණ යෝජනාවක්. මේ ඉඩමට අවශ්‍ය බඩු බාහිර ආදියේ ප්‍රශ්ණයක් තිබුණා. යකඩ පිළිබඳව එක්කඟතාවයක් තිබුණේ නැහැ. එක් නිසා තමයි. මේක බේරුම් ක්‍රමයකට යන්න වුණේ. ඉඩම් අමාත්‍යාංශය මගින් ඉඩම් නිදහස් කරන්න වුණා. ප්‍රශ්ණය - බේරුම් ක්‍රමය කියන්නේ රුපියල් මිලියන 20ක් කප්පම් දෙන එකද ? අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඕක එයාලගෙන් අහන්න මේවා මේහෙම හෙළි වෙන්නේ අපි විනිවිදභාවෙයෙන් කටයුතු කරන නිසා.වෙන එක්ම රජයක එහේම අහුවෙලා තියෙනවාද? අපි මේවා ගැන අවධානයෙන් ඉන්නේ අපිට කියන්න බැහැ හැම රජයේ නිලධාරියකුම අවංකද නැද්ද කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේකේ ඉන්නේ අගමැතිතුමා පිටුපස්සේ. මේ තමයි ආණ්ඩුව දෙදරිල්ලේ ප්‍රතිඵල. නැත්නම් මේක කවදාවත් අහුවෙන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ගිහිල්ලා පැමිණිලි කරාම ගානට සෙට්කරලා අල්ලලා දුන්නා. ඒක තමයි ඇත්ත කතන්දරේ.නැත්නම් ඔය සල්ලි ගත්ත ඒවා අහුවෙන්නෙත් නෑ ඔය හොරු අහුවෙන්නෙත් නෑ https://www.facebook.com/NewsfirstSL/videos/1935670639826518/
2018-05-04T09:39:13.000Z
පිටරටින් සහල් ගෙන්වීම නවතා දැමීමේ වාසිය කාටද? ගොවියාටද? පාරිභෝගිකයාටද? මෝල් හිමියාටද?
පිටරටින් සහල් ගෙන්වීම නවතා දැමීමේ වාසිය කාටද?
COLOMBO (News 1st) - පිටරටින් සහල් ගෙන්වීම පාලනය කිරීමට ද රජය මේ වනවිට තීරණය කර තිබේ. සහල් ආනයනය නතර කිරීමේ වාසිය ගොවියාටද? පාරිභෝගිකයාටද? මෝල් හිමියාටද? 2016 වසරේ සිට පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ 2017 වසරේ වී නිෂ්පාදනයට දැඩි බලපෑම් එල්ල විය. ඒ අනුව දශකයට පමණ පසු අඩුම වී නිෂ්පාදනය වාර්තා වූයේ ඉකුත් වසරේදී ය. දේශීය පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොවීම නිසා ඉන්දියාව පකිස්ථානය, මියන්මාරය, කාම්බෝජය, වියට්නාමය වැනි රටවලින් සහල් ආනයන කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පියවර ගැනිණි. ඒ, අනුව සහල් ආනයනය කිරීමේදී පනවා තිබූ බදු වරින් වර අඩුකිරීමට පියවර ගැනිණි. මහ බැංකුවේ වාර්තාවලට අනුව ඉකුත් වසරක පමණ කාල සීමාව තුළ සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 8 ක් පමණ ආනයන කර තිබේ. කෙසේ වෙතත් ඉකුත් මහ කන්නයේ අස්වැන්න ඉහළ මට්ටමක පැවැති හෙයින් මැයි මස 01 වෙනිදා රැස්වුණු ජීවන වියදම් කමිටුව තීරණය කර ඇත්තේ තව දුරට ත් සහල් ආනයනය කිරීමේ අවශයතාවක් රටතුළ නොමැති බවටයි. ඒ, අනුව පනවා තිබු සත 25 බද්ද නැවතත් පෙර තිබු තත්ත්වයට පත් කරමින් අප්‍රේල් 30 වැනිදා සිට මෙරටට ආනයනය කරන සහල් පාලනයකට ලක්කර තිබේ. ජීවන වියදම් කමිටුව සඳහන් කළේ, මේ යටතේ සහල් කිලෝග්‍රෑම් එකක් ආනයනයට රුපියල් 70 කට වඩා මිලක් වැයවන බව ය. ගොවීන් පහුගිය කන්නෙ කන්න ගාණක් අපි දුක් විඳලා දුක් විඳලා පහුගිය මාස් කන්න, කන්න පහු වෙලා හරි කරගත්තා. ඒ කරගත්ත එකේ ප්‍රතිඵලය මොකක්ද අස්වැන්නෙන් 50%යි. ගොයම් ටික කපලා වී ටික විකුණගන්න ගියපුවාම මෝල් කාරයාට ඕන විදිහට තමයි වී ටික ගන්නෙ. මේ පොළොන්නරුවෙ ප්‍රධාන මෝල්කරුවන් 5 දෙනෙක් එකතු වෙලා ඒ 5 දෙනාගෙ තීන්දු තීරණ මත තමයි අද වී මිල තීන්දු වෙලා තියෙන්නෙ. රුපියල් 80ට එහා තමයි හැම හාල් කිලෝ එකක්ම තියෙන්නෙ. හැබැයි ගොවියගෙ වී ටික ගන්නෙ රුපියල් 35යි 40ත් අතර. බලන්න කොච්චර ලාභයක් ලබනවද කියලා. වී ටික අඩුවට අරගෙන හාල් ටික වැඩි මිලට විකුණනවා. දුප්පත් මිනිහට කන්න හාල් නෑ දැඩි තීරණ අරගෙන මේ පාලන මිල හරියට ක්‍රියාත්මක කරන්න ඒක පෞද්ගලික වෙළෙන්දටත් දාන්න ඕන මොකද දැන් මේක මහපාරෙ. පොඩි මෝල්ටික ‍‍ඔක්කොම දැන් වැහිලා ඉවරයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා දේශීය ගොවියාගේ වී අස්වැන්න නිකුත් වනකොට ඉතාමත් අඩුමිලකට තමයි මේවා මිලදී ගත්තේ මහා පරිමාණ මෝල් හිමියන්. අපි මේ අවස්ථාවේදී කියන්නේ 2017 දෙසැම්බර් මාසය වනකොට ගන්න ඕන තීරණයක් .එහෙම නැත්තම් මහ කන්නයේ වී අස්වැන්න් නෙලන කොට ගන්න ඕන තීරණයක් දැන් ගැනීම කිසිම පලක් නෑ. මෙය අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමක් විදියටයි අපි නම් කරන්නේ. මහා පරිමාණ මෝල් හිමියන්ට මේ ගොඩගහ ගන්න තියලා මේ ආනයනික සහල් ඊට පස්සේ මාස 6ක් 7ක් වෙනකන් ඔවුන් ඒක ගොඩ ගහලා තියෙනවා.ඔවුන්ට තොග තිබෙනවා. ඔවුන් ගොඩ ගැහුවාට පස්සේ නීතියක් දානවා.ඒක නිසා මේ රටේ පාරිභෝගිකයාට මේකෙන් සහනයක් ලැබෙන්නේ නෑ ආර්.බී. මාවලගෙදර මහතා - සහල් මෝල් හිමිකරුවෙක් අපි දැන් මේ දවස්වල වී ගැනීමට හැකියාවක් නෑ. මොකද හාල් විකිණීමත් අඩුයි. වෙළඳපොලේ ලොකු රටහාල් ප්‍රමාණයක් ගෙනල්ලා තියෙනවා ඒ හින්දා අපේ හාල් ඉල්ලුම 99%ක්ම අඩු වෙලා තියෙන්නෙ. මේක මහා පරිමාණ වී මෝල් හිමියො දෙන්නෙක් තුන්දෙනෙක් තමා මේක හැමදේම කරගෙන යන්නෙ. ඉතින් එයාලගෙ උවමනා එපාකම් මතයි, ඇමතිවරුන්ගෙ උවමනා එපාකම් මතයි තමා මේ සියළුම දේවල් වෙන්නෙ සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් ඩබ්.ඩී .කේ මුදිත් පෙරේරා මහතා සහල් ආනයනය කරන්න අවශ්‍යතාවක් තිබ්බේ නෑ ලංකාවේ හාල් මිල ඉහළ ගියේ වී හිගයක් හින්දා නෙවෙයි මහා පරිමාණ සමාගම් 2 3 ක් අධික ලාභ පරමාර්ථයෙන් ගබඩා වී තොගවලින් පිරවීම හින්දා. කෘතිම හාල් මිල ඉහළ යාමක් තිබ්බේ. නමුත් රජය මේ ගැටලුව වැරදි විදියට නිර්වචනය කරගෙන සහල් ආනයනය කළා. හැබැයි දේශීය වෙළදපලේ ඒකෙන් සහල් මිල පහළ ගියෙත් නෑ. සිද්ධ වුණේ අනවශය ලෙස සහල් තොග රටතුළට ආනයනයට වෙලා වී තොග මිල පහළ යාම පමණයි. අපි හිතන්නේ රජය බොහොම ප්‍රමාද වෙලා තමයි සහල් ආනයනය නවත්වන්ඩ තීරණය ගත්තේ. මේකේ වාසිය ගොවියාට ගියෙත් නෑ. සුළු හා මධ්‍ය පරිමාණ සහල් හිමියන්ට ගියෙත් නෑ. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා දේශිය හාල් මේ වෙනකොට 2017 ජනවාරි සිට මේ වෙනකොට නිෂ්පාදනය වෙලා තියෙනවා හාල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 52ක්.එතකොට අපේ හාල් පරිභෝජනය තියෙන්නේ අවුරුද්දකට අපට අවශය වන්නේ හාල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 24යි.මාසෙකට ලක්ෂ 2යි.එහෙම නම් මෙ හාල් ප්‍රමාණය අපිට සෑහෙනවා මාස 27 කට. එතකොට එහෙම තියෙද්දිද් හාල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 11 කට වැඩි ප්‍රමාණයක් පිට රටින් ගෙනත් තියෙනවා. මේ වෙනකොට හාල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 29 ක් අපේ රටේ තියෙනවා. එහෙමනම් යල කන්නයේ අස්වැන්න ගැන නොසලා හැරියත් මාස 14 හමාරකට අවශය හාල් තොග අපේ රටේ දැන් තියෙනවා. එහෙනම් මේ හාල් තොග දැන් කොහෙද තියෙන්නේ මේ හාල් රජය සතුව තියෙනවාද?පොඩි මෝල් සතුව තියෙනවාද?ගොවියො ලග තියෙනවාද? නෑ. එහෙමනම් මේ හාල් තොග හංගෙන ඉන්නේ .වී තොග හංගෙනන තියෙන්නේ හංගලා ඉවරවෙලා රුපියල් 90 ගණන්වලට එකසිය ගණන්වලට පාරිභෝගිකයාට හාල් විකුණනවා.මේක තමයි තත්ත්වේ https://www.facebook.com/NewsfirstSL/videos/1935664193160496/
2018-05-04T04:49:21.000Z
දිස්ත්‍රික්ක කිහිපයකට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි ඇතිවිය හැකියි
COLOMBO (News 1st) - දකුණ, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත්වලට ත්, කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට ත් මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, දිවයින ආශ්‍රිත පහල වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් වැසි තත්ත්වය වර්ධනය වී ඇති බව ය. ගිඟුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකියි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. වැසි සහිත කාලගුණික තත්ත්වය ලබන 07 වැනිදා උදෑසන දක්වා පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
2018-05-04T02:05:29.000Z
කිරි පිටි මිල ඉහළට
කිරි පිටි මිල ඉහළට
COLOMBO (News 1st) - කිලෝග්‍රෑමයක කිරි පිටි පැකට්ටුවක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 50කින් ඉහළ දමා තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කළේ, ජීවන වියදම් කමිටුව ලබා දුන් නිර්දේශ පරිදි මිල වැඩි කිරීමට සමාගම්වලට අවසර දුන් බව ය. මිල ගණන් ඉහළ දැමිය හැක්කේ, නිෂ්පාදිත දිනය මැයි මස 05 වන දා එනම් හෙට දිනය සඳහන් කිරි පිටි පැකට් පමණි. එහෙත් ළදරු කිරි පිටි මිල ඉහළ යාමක් සිදු නොවන බව පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කළේ ය.
2018-05-04T01:55:01.000Z
ජොන්ස්ටන්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි
ජොන්ස්ටන්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වේ
COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉදිරිපත් කළ යුතු වත්කම් බැරකම් ප්‍රකාශ වසර 5ක කාලයක් ඉදිරිපත් නොකිරීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවරා ඇති නඩුවල සාක්ෂි විභාගය ජූලි 23 වන දා ආරම්භ කිරීමට අද දින නියම කෙරිණි. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ අද අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ය. නඩුවේ පැමිණිල්ලේ 4 වන සාක්ෂිකරුට එදින අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දන්වා සිතාසි යැවීමට ද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අද අධිකරණය හමුවේ පෙනී සිටි 3 වන සාක්ෂිකරුට ජූලි 23 යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අවවාද කළේ ය. නඩුවේ පැමිණිල්ලේ දෙවන සාක්ෂිකරු ලෙස නම් කර ඇති හිටපු ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා එදින අධිකරණයට කැඳවීමට පියවර ගන්නා බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ ය. https://www.youtube.com/watch?v=9FIJuntpigo
2018-05-04T01:38:54.000Z
බැසිල්ට එරෙහි නඩුව කල් යයි
බැසිල්ට එරෙහි නඩුව කල් යයි
COLOMBO (News 1st) - රජයේ මුදල් භාවිත කර දිවි නැගුම ලිත් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුව ලබන ජූලි මස 17 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද නියෝග කළේ ය. නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් ලබන 9 වන දා දක්වා බල පැවැත්වෙන පරිදි තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව විත්තියේ නීතිඥයෝ කරුණු දක්වමින් පෙන්වා දුන්හ. එම කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය කල් තැබුවේ ය. නීතිපතිවරයා විසින් නඩුව පවරා ඇත්තේ, පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක් වැය කර මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් දිවි නැගුම ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කර බෙදා හැරීම ඇතුළු අධි චෝදනා යටතේ ය. https://www.youtube.com/watch?v=qUUKoxW5-xY
2018-05-04T01:27:02.000Z
මුරපද වෙනස් කරන්නැයි ට්විටර් සමාගමෙන් ඉල්ලීමක්
මුරපද වෙනස් කරන්නැයි ට්විටර් සමාගමෙන් ඉල්ලීමක්
(News 1st) - ට්විටර් සමාජ මාධ්‍ය භාවිත කරන සියලු ම ග්‍රාහකයන්ට ට්විටර් මාධ්‍ය සමාගම විසින් සිය මුරපද වෙනස් කරන ලෙස ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ට්විටර් මාධ්‍ය සමාගම පැවසුවේ, පවතින තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මුරපද වෙනස් කිරීමට සියලු ම ග්‍රාහකයින්ගෙන් ඉල්ලීම් කරන බව ය. කෙසේ වෙතත් මුරපද හා අභ්‍යන්තර තොරතුරු අවභාවිතයක් සිදු වී නොමැති බව ද ඔවුන් පවසයි. ට්විටර් සමාජ මාධ්‍ය සමාගම සිදු කළ පරීක්ෂණයකින් එය තහවුරු කළ හැකි බව ද ඔවුන් සහතික වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.
2018-05-04T00:26:00.000Z
අනපේක්ෂිත සිදුවීම් හේතුවෙන් අදත් ගුවන් ගමන් 2ක් ප්‍රමාදයි
අදත් ගුවන් ගමන් 2ක් ප්‍රමාදයි
COLOMBO (News 1st) - අනපේක්ෂිත සිදුවීම් හේතුවෙන් ගුවන් ගමන් 2ක් අදත් ප්‍රමාද කිරීමට සිදු වූ බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි. මේ අනුව අද පෙරවරු 7.35ට ඉන්දියාවේ කොචින් බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානය පැය 5ක් ප්‍රමාද කිරීමට සිදුවන බව කටුනායක ගුවන්තොටුපොළ සඳහන් කළේ ය. එය පියාසර කිරීමට සැලසුම් කර ඇත්තේ, දහවල් 12.30ට ය. පෙරවරු 8.35ට ඉන්දියාවේ චෙන්නායි බලා පියාසර කිරීමට නියමිතව තිබූ යානය ද පෙරවරු 10.10 දක්වා ප්‍රමාද කළ බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකරු සඳහන් කළේ ය. ඉන්දියාවට බලපා ඇති දූවිලි කුණාටු සහිත කාලගුණ තත්ත්වය මීට හේතුව යි.
2018-05-03T23:52:11.000Z
කළුතර - කොළඹ පෞද්ගලික බස් සේවකයින් වැඩ වර්ජනයක
කළුතර - කොළඹ පෞද්ගලික බස් සේවකයින් වැඩ වර්ජනයක
COLOMBO (News 1st) - කළුතර - කොළඹ පෞද්ගලික බස් සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, පෞද්ගලික බස් රථ රියැදුරෙකුට කළ පිහි ඇනුමකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමිනි. බස් රථ 275ක් පමණ ධාවනයෙන් ඉවත් වී සිටින බව අප වාර්තාකරු පැවසුවේ ය. බස් රථ සේවකයින් ඉල්ලා සිටින්නේ, පිහි ඇනුම සිදු කළ පුද්ගලයාව අත්අඩංගුවට ගන්නා ලෙස ය. මේ වන විට පෞද්ගලික බස් රථ රියැදුරු කළුතර නාගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි. බස් රථ වර්ජනය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව අප වාර්තාකරු පැවසුවේ ය.
2018-05-03T23:24:58.000Z
ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳ ම නිළියට හිමි සම්මානය ශ්‍රීදේවිට
අභාවප්‍රාප්ත වූ ශ්‍රීදේවිට සම්මානයක්
(News 1st) - 2018 ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේදී හොඳ ම නිළියට හිමි සම්මානය අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පිනී ශ්‍රීදේවිට පිරිනැමිණි. එම සම්මානය ඇය වෙනුවෙන් ලබා ගත්තේ ශ්‍රීදේවිගේ ස්වාමිපුර්ෂයා වන බෝනී කපූර්, දියණියන් වන ජාන්වී කපූර් සහ කුෂී කපූර් ය. 2017 වසරේ තිරගත වූ මාම් සිනමා පටයේ රංගනය වෙනුවෙන් ඇයට මෙම සම්මානය පිරිනැමිණි. දශක 5ක සිය සිනමා චාරිකාව තුළ ශ්‍රීදේවි ජාතික සම්මාන උළෙලකදී හොඳ ම නිළියට හිමි සම්මානය දිනා ගත් ප්‍රථම අවස්ථාව මෙය වේ. ඒ අනුව ඇයට මෙම සම්මානය හිමි වූයේ, අභාවයෙන් මාස දෙකකට පසුව ය. 2018 ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙල ජනාධිපති රාම් නාත් කෝවින්ද්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ නවදිල්ලි නුවරදී පැවැත්විණි.
2018-05-03T22:51:08.000Z
පාසල්, විශ්වවිද්‍යාල, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල සිනමා රස වින්දන වැඩසටහන් පැවැත්වීමට තීරණයක්
සිනමා රස වින්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ තීරණයක
COLOMBO (News 1st) - පාසල්, විශ්වවිද්‍යාල, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල සිනමා රස වින්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කර තිබේ. එහි සභාපති සිතේන්ද්‍ර සේනාරත්න මහතා සඳහන් කළේ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය සමග ඒකාබද්ධව එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇති බව ය. මේ අනුව රාජ්‍ය අනුග්‍රහය යටතේ සිනමා වැඩමුළු සහ සම්මන්ත්‍රණ පවත්වනු ඇති.
2018-05-03T22:12:03.000Z
රත්තරන් බිස්කට් 16ක් සමග 4 දෙනෙකු රේගු අත්අඩංගුවට
රත්තරන් බිස්කට් 16ක් සමග 4 දෙනෙකු රේගු අත්අඩංගුවට
COLOMBO (News 1st) - ඉන්දියාවේ මුම්බායි සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්තරන් බිස්කට් 16ක් සමග ඉන්දීය ජාතිකයින් 4 දෙනෙකු රේගු අත්අඩංගුවට පත්ව තිබේ. මෙම රත්තරන් බිස්කට් තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂයකි. රේගු නිලධාරීන් පැවසුවේ, රත්තරන් බිස්කට් තොගය කිලෝග්‍රෑම් 1.66ක බරකින් යුක්ත බව ය. ඉන්දීය ජාතිකයින් 4 දෙනා මෙම රත්තරන් බිස්කට් තොගය සිය ඇඳුම්වල සඟවා රැගෙන ඒමේදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව වැඩිදුර විමර්ශන සිදු කරයි.
2018-05-03T20:00:19.000Z
බදුල්ල හල්දුම්මුල්ලේ නාය යාම් තවදුරටත් සක්‍රීයයි
බදුල්ල හල්දුම්මුල්ලේ නාය යාම් තවදුරටත් සක්‍රීයයි
COLOMBO (News 1st) - බදුල්ල, හල්දුම්මුල්ල සිට ගිනිගත්ගල ප්‍රදේශයට යන මාර්ගය ආශ්‍රිත කඳුවැටිය තවමත් නාය යමින් පවතියි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, දින 5කට පෙර මෙම නාය යාම ආරම්භ වී ඇති බව ය. මේ වන විටත් අක්කර 4ක පමණ ප්‍රදේශයක් නාය ගොස් තිබේ. අවදානම් තත්ත්වය හේතුවෙන් අදාළ ප්‍රදේශයේ පදිංචි පිරිස් මේ වන විටත් ඉවත් කර අවසන් ය. නාය යාම හේතුවෙන් හල්දුම්මුල්ල සිට ගිනිගත්ගල ප්‍රදේශයට යන ප්‍රධාන මාර්ගය වසා දමා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය. ඉන් කිරිමැටිය, නිදන්ගොඩ, ගිනිගත්ගල යන ග්‍රාමසේවා වසම් තුනෙහි පවුල් 600කට අධික පිරිසකගේ ගමනා ගමනයට බාධා මතුව ඇති බව අප වාර්තාකරු පැවසුවේ ය. මාර්ගය පහළ ප්‍රදේශයේ බදුල්ල - රත්නපුර ප්‍රධාන මාර්ගය පිහිටා ඇති අතර මේ වන විට එම මාර්ගය පස් කඳු කඩා වැ‍ටීමේ අවදානමකට ලක්ව තිබේ. නාය යාම සිදු වූ ස්ථානයේ සිට බදුල්ල - රත්නපුර ප්‍රධාන මාර්ගයට ඇති දුර ප්‍රමාණය මීටර් 50කි. හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ, අද දිනයේත් වැසි ඇද හැළුණහොත් ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටීමේ අවදානමක් ඇති බව ය. අනතුරුදායක තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමේ පුවරු සවි කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ ය.
2018-05-03T19:40:20.000Z
කිරිපිටි මිල රු.20කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුවෙන් නිර්දේශ
කිරිපිටි මිල රු.20කින් ඉහළ දැමීමට නිර්දේශ
COLOMBO (News 1st) - කිරිපිටි ග්‍රෑම් 400 පැකැට්ටුවක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමිටුව නිර්දේශ ඉදිරිපත් කර තිබේ. එහි සමාජික අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ය. මේ අතර කිරිපිටි මිල ඉහළ නොදමන්නේ නම් මෙරට සිදු කරන මෙහෙයුම්වලින් ඉවත් වන බව ප්‍රධාන පෙළේ සමාගමක් පසුගියදා රජයට දන්වා තිබිණි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ජ්‍යේෂඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ පිළිබඳ අවස්ථා දෙකකදී අදාළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ජීවන වියදම් කමිටුවට කරුණු දැක්වූ බව ය.
2018-05-03T19:27:35.000Z
අල්ලස් ගත් ජනපති කාර්යාල මාණ්ඩලික ප්‍රධානියා සහ දැව සංස්ථාවේ සභාපති රිමාන්ඩ්
අල්ලස් ගත් ඉහළ නිලධාරීන් දෙදෙනා රිමාන්ඩ්
COLOMBO (News 1st) - අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියසේන දිසානායක යන මහත්වරුන්ගේ සේවය වහාම අත්හිටුවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේ. ඔවුන්ට එරෙහිව කිසිදු බලපෑමකින් තොරව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි ද ජනාධිපතිතුමා බලධාරීන්ට උපදෙස් දුන්නේ ය. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, අල්ලසට සහ දූෂණයට එරෙහි රජයේ ස්ථිරසාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ වැදගත්කම මෙයින් තහවුරු වන බව ය. නීතිය ක්‍රියාත්මක කරන රජයේ නිලධාරීන්ට සිය රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට වත්මන් රජය යටතේ ඇති කර තිබෙන ස්වාධීන සහ අපක්ෂපාතී පසුබිම පිළිබඳව තමා සතුටු වන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා කොළඹ තරු පහේ හෝටලයක් තුළදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබු‍වේ ඊයේ පස්වරුවේදී ය. රුපියල් කෝටි 56ක අල්ලසක් ඉල්ලා එය කෝටි 10කට කේවල් කර රුපියල් කෝටි 2ක අත්තිකාරම් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී මොවුන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා නිව්ස්ෆස්ට් කළ විමසීමකදී සඳහන් කළේ ය. මේ අතර ඊයේ රාත්‍රියේ ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. https://www.youtube.com/watch?v=biusxftHL3U
2018-05-03T11:53:04.000Z
අල්ලස් ගත් ජනපති කාර්යාල නිලධාරියාගේ සහ සංස්ථා සභාපතිගේ සේවය අත්හිටුවන්නැයි, ජනපතිගෙන් නියෝග
අල්ලස් ගත් ජනපති කාර්යාල නිලධාරියාගේ වැඩ තහනම්
COLOMBO (News 1st) : අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට ගැනුණු ජනාධිපති කාර්යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරියාගේ සහ රාජ්‍ය සංස්ථා සභාපතිවරයාගේ සේවය වහාම අත්හිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, කිසිදු බලපෑමකින් තොරව එම නිලධාරීන්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි සියලු අංශවලට ජනාධිපතිවරයා නියෝග කළ බවයි. අල්ලස් හා දූෂණයට එරෙහි රජයේ ස්ථීරසාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ වැදගත්කම මෙයින් තහවුරු වන බව ද අදාළ නිවේදනයේ සඳහන් ය..
2018-05-03T11:01:53.000Z
ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ධුරය පේෂල ජයරත්නට
ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ධුරය පේෂල ජයරත්නට
COLOMBO (News1st) : ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පේෂල බණ්ඩාර ජයරත්න මහතා පත්කර තිබේ. ඊයේ පස්වරුවේ පේෂල ජයරත්න මහතා ජනාධිපති නිල නිවසේදී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය. මීට පෙර පේෂල ජයරත්න මහතා කටයුතු කළේ, උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙසයි
2018-05-03T10:16:01.000Z
අනපේක්ෂිත සිදුවීම් නිසා ශ්‍රී ලංකන් ගුවන් ගමන් 5ක් ප්‍රමාදයි
ශ්‍රී ලංකන් ගුවන් ගමන් 5ක් ප්‍රමාදයි
COLOMBO (News 1st) : අනපේක්ෂිත සිදුවීම් හේතුවෙන් ගුවන් ගමන් 5 ක් අද දිනයේ ප්‍රමාද කිරීමට සිදුවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි. කොළඹ සිට මෙල්බන්, ජෙඩා, ක්වලාලාම්පුර්, බැංකොක් සහ මෙල්බන් සිට කොළඹට පැමිණිමට නියමිත තිබු ගුවන් යානයක් එලෙස ප්‍රමාද වු බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි. මැදපෙරදිග සිට පැමිණි ගුවන් යානයේ සිටි මගියෙකු රෝගාතුර වීම හේතුවෙන් ගුවන් යානය ඉන්දියාවේ කොචින් නුවරට ගොඩබැස්සවීමට සිදුවීමත්, කුවෙට් සිට පැමිණි ගුවන් යානය දුවිලි කුණාටුව හසුවීමත් සමග ඉංජිනේරු සහාය ලබා ගැනීමට සිදුවීම එම ගුවන් ගමන් ප්‍රමාදයන්ට හේතු වී තිබේ. තවත් ගුවන් යානා දෙකක මතු වූ තාක්ෂණික දෝෂ ද එම ගුවන් ගමන් ප්‍රමාදවීමට හේතු වූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ ය.
2018-05-03T10:07:29.000Z
ගම්මැද්දෙන් තවත් ජනතා සත්කාරයක්
ගම්මැද්දෙන් තවත් ජනතා සත්කාරයක්
COLOMBO (News 1st) : ඉදිරියේදී ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ගම්මැද්ද විසින් සංවිධානය කරනු ලබන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ඉදිරි දිනවලදී පැවැත්වීමට සූදානම්කර තිබේ. ආපදා තත්ත්වයන් හේතුවෙන් ජීවිත මෙන්ම දේපොළ රැසක් ද පසුගිය කාලයේ රටට අහිමිවිය. ‍එම ආපදා තත්ත්වයට මුහුණ දීමේ අරමුණින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ආපදා කළමනාකරණය පිළිබඳ ආසියා ෆැසිපික් සහයෝගීතා සංවිධානය සහ ගම්මැද්ද එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබේ. ලබන සෙනසුරාදා සිට දින 3 ක් මාතර, රත්නපුර, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්ක 4 කදී මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට නියමිතයි. මෙම වැඩසටහන සඳහා උපදේශකයන් ලෙස එක්වන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආපදා කළමනාකරණය පිළිබඳ ආසියානු ෆැසිපික් සහයෝගීතා සංවිධානයයි.
2018-05-03T09:06:40.000Z
ඉන්දියාවේ බසයක් පෙරළී මගීන් 27ක් මරුට
ඉන්දියාවේ බසයක් පෙරළී මගීන් 27ක් මරුට
COLOMBO (News 1st) : ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මුසාෆාෆූර් සිට නව දිල්ලි දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයකි. අනතුරක් වළක්වා ගැනීමට යාමේදී බස්රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගිනි ගැනීමෙන් අනතුර සිදුව තිබේ. ඉන්දීය බළධාරීන් සඳහන් කළේ, ප්‍රදේශයට පවතින අධික වර්ෂාවත් සමග මාර්ගය ලිස්සන සුළු බැවින් මෙම අනතුර සිදුවන්නට ඇතැයි සැක පළ කරන බවයි.
2018-05-03T09:54:27.000Z
තජුඩීන් ඝාතනය:හිටපු ජනපති පවුලේ නාවික ආරක්ෂකයින් ගැන පරීක්ෂණ
හිටපු ජනපති පවුලේ නාවික ආරක්ෂකයින් ගැන පරීක්ෂණ
රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය සම්භන්ධ නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගැනිණ. අද නඩුව විභාගයට ගැනුණේ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සමාජිකයින්ගේ ආරක්ෂාවට යොදවා සිටි නාවික හමුදා සාමාජිකයින් භාවිත කළ දුරකථන සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට පියවර ගෙන ඇතැයි, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දැනුම් දුන්නේ ය. විමර්ශන නිලධාරීන් කියා සිටියේ තජුඩීන් මහතා ඝාතනයට ලක්වීමට ටික වෙලාවකට පෙර ඔහු පැවැත්වූ සාදයේ සිටි කාන්තාවක් ඔහුගේ ජංගම දුරකතනයට යොමුකර ඇති සැක සහිත කෙටි පණිවුඩ සම්බන්ධයෙන් පුද්ගලයින් රැසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවයි. නඩුව ජුනි 29 වන දා දක්වා කල් තැබීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය. නඩුවේ සැකකරුවන් වන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර , නාරාහෙන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති ධමිමික පෙරේරා යන මහත්වරු ද අද අධිකරණය හමුවේ පෙනි සිටියහ.
2018-05-03T08:37:27.000Z
හල්දුමුල්ලේ කඳු වැටියක් නාය යයි
හල්දුමුල්ලේ කඳු වැටියක් නාය යයි.
COLOMBO (News 1st ) : බදුල්ල, හල්දුමුල්ල සිට ගිනිගත්ගල ප්‍රදේශයට යන මාර්ගය ආශ්‍රිත කඳු වැටිය නාය යමින් තිබේ. අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, දින 4ක සිට මෙම නායයාම ආරම්භ වී ඇති බවයි. අද අලුයම වනවිට තත්ත්වය වඩාත් වර්ධනය වී ඇති අතර ප්‍රදේශයේ අක්කර 4 ක පමණ ප්‍රදේශයක් නාය ගොස් තිබේ. අද පෙරවරුව වනවිට නාය යාමෙන් හල්දුමුල්ල සිට ගිනිගත්ගල ප්‍රදේශයට යන ප්‍රධාන මාර්ගය මුළුමනින්ම අවහිර විය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, අවදානම් තත්ත්වය හේතුවෙන් අදාළ ප්‍රදේශයේ පදිංචි පිරිස් මේ වනවිටත් ඉවත් කර ඇති බවයි. නායයාම හේතුවෙන් කිරිමැටිය, නිදන්ගොඩ, ගිනිගත්ගල ග්‍රාමසේවා වසම් තුනෙහි පවුල් 600 කට අධික පිරිසකගේ ගමනා ගමනයට බාධා මතුව ඇති බව අප වාර්තාකරු පැවසී ය. මාර්ගය පහළ ප්‍රදේශය බදුල්ල - රත්නපුර ප්‍රධාන මාර්ගය පිහිටා ඇති අතර මේ වනවිට එම මාර්ගයට පස් කඳු කඩා වැ‍ටීමේ අවාදානමකට ලක්ව තිබේ. නායයාම සිදුවූ ස්ථානයේ සිට බදුල්ල - රත්නපුර ප්‍රධාන මාර්ගයට ඇති දුර ප්‍රමාණය මීටර් 50 කි. හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ, අද දිනයේත් වැසි ඇද හැලුණ හොත් ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටීමේ අවදානමක් ඇති බවයි. අනතුරුදායක තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමේ පුවරු සවිකර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසී ය. එම අධිකාරියේ ප්‍රෙද්ශය භාර නිලධාරියෙකු පැවසුවේ, තවදුරටත් අවදානමක් තත්ත්වයක් මතුවන්නේ නම් මාර්ගයේ වාහන ගමනා ගමනය නවතා දැමීමට පියවර ගන්නා බවයි.
2018-05-03T06:21:50.000Z
ඔබත් මේ ගැන දැනුවත් ද?
ඔබත් මේ ගැන දැනුවත් ද?
COLOMBO (News 1st) - සමාජ ජාල මාධ්‍ය හරහා වංචනික ක්‍රියා රැසක් සිදුවන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංගමය පවසයි. එම සංගමය පවසන්නේ, සමාජ ජාල මාධ්‍ය හරහා විවිධ පුද්ගලයින්ගෙන් වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීම් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව ය. මෙලෙස වංචනික ක්‍රියාවන්ට ගොදුරු වූ පුද්ගලයින් 5 දෙනෙකුගෙන් පරිගණක හදිසි ප්‍රතිචාර සංගමයට මෑතකදී පැමිණිලි ලැබී තිබේ. පරිගණක හදිසි ප්‍රතිචාර සංගමය පවසන්නේ, අදාළ පුද්ගලයින් 5 දෙනාගෙන් රුපියල් මිලියන 1.8කට වැඩි මුදලක් වංචනික කණ්ඩායම් විසින් ලබා ගෙන ඇති බව ය. මෙම වංචා සිදු වන්නේ කෙසේ ද? වංචනික කණ්ඩායම් ප්‍රථමයෙන් ම සමාජ ජාල මාධ්‍ය හරහා ඉලක්ක කර ගනු ලැබූ පුද්ගලයින්ව මිත්‍ර කර ගනියි. ඉන් පසුව වටිනා ත්‍යාගයක් එවීමට ඇතැයි පවසමින් ඒ සඳහා රේගු ගාස්තු ගෙවීමට මුදල් එවන ලෙස දැනුම් දෙනු ලබයි. පරිගණක හදිසි ප්‍රතිචාර සංගමයට අනුව මෙලෙස මෙම වංචාවන්ට ගොදුරු වූ බවට පැමිණිලි කර ඇත්තේ, අවුරුදු 50ත් 60ත් අතර වියේ පසුවන කාන්තාවන් ය. එම කාන්තාවන්ගෙන් එක් අයෙකු විවාහක සහ අනෙක් කාන්තාවන් වැන්දඹු හෝ අවිවාහක කාන්තාවන් ය. මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙස පරිගණක හදිසි ප්‍රතිචාර සංගමයේ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
2018-05-03T06:05:30.000Z
පළාත් රැසකට ඉදිරි පැය කිහිපයේ මහ වැසි
පළාත් රැසකට ඉදිරි පැය කිහිපයේ මහ වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට ඉදිරි පැය 7 ක කාලය තුළ ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි වැසි ,බලාපොරොත්තු විය හැකි බවයි. ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල පැයට කිලෝමිටර් 70-80 ක පමණ තද සුළං ද ඇතිවිය හැකි වේ. ගිඟුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී අකුණු අනතුරු වළක්වා ගැනීමට ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
2018-05-03T05:42:35.000Z
දූවිලි කුණාටුවකින් ඉන්දියාවේ 100 දෙනෙක් මරුට
දූවිලි කුණාටුවකින් ඉන්දියාවේ 100 දෙනෙක් මරුට
දූවිලි කුණාටුවකින් ඉන්දියාවේ පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාවේ රාජස්ථාන් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත වැසියන් මෙලෙස දූවිලි කුණාටුවෙන් මියගොස් ඇති බවයි. තවත් පුද්ගලයින් විශාල පිරිසක් දූවිලි කුණාටුව හේතුවෙන් තුවාල ලබා ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය. කුණාටුවේ බලපෑමෙන් රාජස්ථාන් සහ උත්තර් ප්‍රදේශ් ආශ්‍රිතව විදුලිය ඇණහිට, නිවාස රැසකට ද දැඩි හානි සිදුවී තිබේ. කුණාටුව හටගත් අවස්ථාවේ මියගිය පුද්ගලයින් බහුතරයක් සිය නිවෙස් තුළ නිදා සිට ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ඉන්දීය බලධාරීහු පවසති.
2018-05-03T05:28:39.000Z
ලොකු ලූනු සහ අර්තාපල් බදු ඉහළට...
ලොකු ලූනු සහ අර්තාපල් බදු ඉහළට...
ආනයනික ලොකු ලූනු සහ අර්තාපල් සඳහා වන ආනයනික බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 40 දක්වා ඉහළ දැමූ බව මුදල් අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ලොකු සහ අර්තාපල් මිල පහළ යාමත් සමග දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර ගත් බවයි. මේ අනුව රුපියලක්ව පැවති ලොකු ආනයනික ලූනු බද්ද රුපියල් 40 ක් දක්වා ඉහළ දමා තිබේ. මෙතෙක් රුපියල් 30 ක්ව පැවති අර්තාපල් සඳහා පැන වු ආනයන බද්ද ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 40 දක්වා ඉහළ දැමිණ.
2018-05-03T04:28:58.000Z
සහල් ආනයනයට දී තිබූ අවසරයට වැට බැඳේ...
සහල් ආනයනයට දී තිබූ අවසරයට වැට බැඳේ...
සහල් ආනයනය අත්හිටුවීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. අමාත්‍යාංශය සඳහන් කළේ, අප්‍රේල් මස 30 වන දා දක්වා සහල් ආනයනයන කිරීමට අවසර දී තිබූ බවයි. වී අස්වැන්න වෙළෙඳපොළට ලැබෙන බැවින් ගොවියාට නිසි මිලකට වී අලෙවි කර ගැනීමට අවස්ථාවට ලබාදීම සඳහා මෙම පියවර ගත් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.
2018-05-03T04:03:12.000Z
කිරිපිටි ඇණවුම් කිරීම නතර කෙරේ
කිරිපිටි ඇණවුම් කිරීම නතර කෙරේ
COLOMBO (News 1st) - කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කර ඇති බවට කිරිපිටි සමාගම් ආරංචි මාර්ග ​​සඳහන් කරන බව මාධ්‍ය වාර්තා කර තිබේ. ඔවුන් එලෙස තොග ඇණවුම් කිරීම නතර කර තිබෙන්නේ කිරිපිටි මිල වැඩි කිරීමට මෙතෙක් අවසර නොදීම හේතුවෙනි. ඒ අනුව ඉකුත් සතියේ සිට කිරිපිටි තොග අලුතින් ඇණවුම් කිරීම නතර කර ඇති බව ත් එබැවින් මේ මස අවසානයේදී පමණ වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක් ඇතිවීමට බොහෝදුරට ඉඩ ඇති බව කිරිපිටි සමාගම් පවසන බව මාධ්‍ය වාර්තා කර තිබුණි. කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 100කින් වැඩි කිරීමට අවසර ලබාදෙන ලෙස ජීවන වියදම් කමිටුවෙන් හා පාරිභෝගික අධිකාරියෙන් කිරිපිටි සමාගම් ඉල්ලීමක් කර තිබේ. මේ පිළිබඳව අප පාරිභෝගික අධිකාරියෙන් විමසීමක් කළ නමුත් ඔවුන්ගේ ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුණි.
2018-05-03T01:08:10.000Z
8 වැනිදා ජනපති කරන ප්‍රකාශය ගැන විවාදය 10 වැනිදා පාර්ලිමේන්තුවේදී
8 වැනිදා ජනපති කරන ප්‍රකාශය ගැන විවාදය 10 වැනිදා
COLOMBO (News 1st) - ලබන 08 වැනිදා ආරම්භ වන 08 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සැසිවාරය විවෘත කිරිමේදි ජනාධිපතිතුමා කරන ප්‍රකාශය සම්බන්ධයෙන් ලබන 10 වැනිදා විවාදයක් පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ. එම තීරණය ගනු ලැබුවේ කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී ය. https://www.facebook.com/NewsfirstSL/videos/1934061173320798/
2018-05-03T00:35:02.000Z
චීනය ලොව විශාලතම චිත්‍රපට නිෂ්පාදනාගාරය විවෘත කරයි
චීනය ලොව විශාලතම චිත්‍රපට නිෂ්පාදනාගාරය විවෘත කරයි
COLOMBO (News 1st) - චීනය ලොව විශාලතම චිත්‍රපට නිෂ්පාදනාගාරය විවෘත කළේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හොලිවුඩයට අභියෝගයක් වන ලෙසින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපට නිෂ්පාදනාගරය තුළ වාර්ෂිකව චිත්‍රපට සහ රූපවාහිනී ටෙලි නාට්‍ය 100 ක් පමණ නිෂ්පාදනය කෙරෙනු ඇති බව ය. ඩොන්ග් ෆැන්ග් යින්ග් ඩු යනුවෙන් නම් කර ඇති මෙම චිත්‍රපට නිෂ්පාදනාගාරය ඉදි කිරීමට වැයවී ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 7 යි දශම 9 කි.
2018-05-03T00:00:17.000Z
ජංගම දුරකතන නිසා ලන්ඩන් නුවර පිපිරීමකින් 30කට තුවාලයි
ලන්ඩන් නුවර පිපිරීමකින් 30කට තුවාලයි
එංගලන්තයේ ලන්ඩන් නුවර යුදෙව් ජාතිකයන්ගේ සැමරුමකදී සිදුවූ පිපිරිමකින් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේ, සැමරුම් හේතුවෙන් දල්වා තිබූ ගින්නට ජංගම දුරකතන විසි කිරීමෙන් එම පිපිරීම හටගෙන ඇති බව ය. සිද්ධියෙන් තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල දැයි මෙතෙක් තහවුරු වී නොමැත.
2018-05-02T23:53:17.000Z
දිමුත් කරුණාරත්නට කොදෙව් තරගාවලිය අහිමි වීමේ අවදානමක්
දිමුත්ට කොදෙව් තරගාවලිය අහිමි වීමේ අවදානමක්
COLOMBO (News 1st) -ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට මේ දිනවලදී පැවැත්වෙන සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වීමේ අවදානමට ලක්ව සිටී. ඒ, ඔහු අබාධයකට ලක්වීම හේතුවෙනි. ඊයේ ආරම්භ වූ සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර පැවැති පුහුණුවීම් සැසියකදී දිමුත්ගේ අතක ඇඟිල්ලක අස්ථි බිඳීමක් සිදුව ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය. සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානම්ව සිටි දිමුත්ට එම තරගාවලිය මෙන්ම ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ද මේ ආබාධය හේතුවෙන් අහිමි වීමේ අවදානමක් ඇති වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැඩිදුරටත් සදහන් කරන්නේ දිමුත් කරුණාරත්න වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත බව ය.
2018-05-02T23:42:50.000Z
වේයන්ගොඩදී සිය බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
වේයන්ගොඩදී බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
COLOMBO (News 1st) - වේයන්ගොඩ, කටුවස්ගොඩ ප්‍රදේශයේදි සිය බිරිඳට පහරදී ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, ව්‍යායාම කිරීමට උපයෝගි කර ගන්නා ඩම්බෙල් නැමති උපකරණයකින් සැකකරු සිය බිරිඳට ඊයේ රාත්‍රි පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බව ය. මියගොස් ඇත්තේ 27 හැවිරිදි කාන්තාවකි. මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද වතුපිටිවල රෝහලේදි සිදු කිරීමට නියමිත ය. මේ අතර වීරවිල, කම්බිවත්ත අක්කර 80 උඩුවිල ප්‍රදේශයේ පිහිටි සිය නිවස ඉදිරිපිට තුවාල සහිත වැටී සිටි පුද්ගලයෙකු තිස්සමහාරාම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතරුව මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ 87 හැවිරිදි පුද්ගලයෙකි.
2018-05-02T22:38:51.000Z
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රිදී පදක්කම සොරාගත් පුද්ගලයා තවමත් නිදැල්ලේ
ලෙස්ටර්ගේ පදක්කම සොරාගත් පුද්ගලයා තවමත් නිදැල්ලේ
COLOMBO (News 1st) - ප්‍රවීණ සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ඉන්දියාවෙන් පිරිනැමුණු රණ මයුර සම්මානය සමග ලබා දුන් රිදියෙන් තැනූ පදක්කම සොරකම් කිරීම සම්බන්ධයෙන් මේ වනතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට නොහැකි වූ බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසියේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ය. එම පදක්කම අතුරුදන් වූයේ ඒ මහතාගේ දේහය අසල තබා තිබියදී ය. ජීවිතේ එක් වරක් පමණක් අද්විතීය සිනමාකරුවෙකුට හිමිවන මෙම පදක්කම 2000 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට 31 වන අන්තර් ජාතික ඉන්දීය සිනමා සම්මාන උළෙලේදී පිරිනැමුණේ සිනමාවට ඔහු කළ මෙහෙවර අගයමිනි. මිල කළ නොහැකි මෙම පදක්කම මුළු මහත් ජාතියටම ආඩම්බර විය හැක්කකි. එම පදක්කම ශ්‍රී ලංකාවේ කීර්තී නාමය ලොවට විදහා දැක්වීම එයට හේතුවයි. එය හිමි කරගත් ශ්‍රි ලාංකේය සිනමාවේ පියා ලෙස සැලකෙන ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිරීස් මහතාගේ දේහය නිවසේ තැන්පත් කර තිබියදීම අදාළ පදක්කම අතුරුදන්වීම කණගාටුවට කරුණකි. කිසියම් අයෙකු එය සොරාගත්තේ නම්, ඔහු ලැජ්ජාවට පත්විය යුතු අතර එය අතිශයින්ම නින්දිත ක්‍රියාවකි. එම නිසා ඒ පිළිබඳව තොරතුරක් දන්නා අයෙකු වෙත්නම් වහාම පොලිස් මූලස්ථානය දැනුවත් කිරීමට කාරුණික වන්න. මේ දුරකථන අංකය 011 2 421 111
2018-05-02T21:24:15.000Z
වල්හපුතැන්න - ගිනිගත්ගල මාර්ගය අශ්‍රිත කඳු වැටියේ නාය තවදුරටත් සක්‍රීය වෙයි
නායක් සක්‍රීය වෙයි
COLOMBO (News 1st) - වල්හපුතැන්න - ගිනිගත්ගල මාර්ගය අශ්‍රිත කඳු වැටියේ හටගත් නාය තව දුරට ත් සක්‍රීය වී තිබේ. බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්. උදය කුමාර මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රියේත් එම ප්‍රදේශය ආශ්‍රිතව ගල් පෙරලිම් වාර්තා වූ බව ය. ඒ අනුව ප්‍රදේශය ආශ්‍රිතව පවුල් දෙකක් අද උදෑසන ඉවත් කළ බව ඔහු සඳහන් කළේය. එම කන්ද නායයන අවස්ථාවේ කැමරාවක සටහන් වූ දර්ශන පෙලක් මෙන්න https://www.facebook.com/NewsfirstSL/videos/1933974826662766/ https://www.facebook.com/NewsfirstSL/videos/1933936056666643/
2018-05-02T20:26:13.000Z
ෆේස්බුක් අවුල් කළ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දැමීමේ තීරණයක්
FB අවුල් කළ ඇනලිටිකා සමාගම වසා දැමීමේ තීරණයක්
ෆේස්බුක් ආයතනය අර්බුධයකට ලක්කළ බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දැමීමට තීරණය කර තිබේ. කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමට එල්ලවන ප්‍රභලතම චෝදනාව වන්නේ සිය පාරිභෝගිකයන්ගේ දේශපාලන අවශ්‍යතා සපුරාලීම සඳහා පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත අයුතු ලෙස එක්රැස් කිරීමයි. ජනපති ට්‍රම්ප් දිනවීමට කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම, සිය ගිණුම් හිමියන් මිලියන 87 කගේ පමණ පෞද්ගලික තොරතුරු අවභාවිත කළ බව ෆේස්බුක් සමාගම පවසයි. මේ හේතුවෙන් ෆේස්බුක් සමාගම පිළිබඳ පැවති විශ්වාසය කඩවීම හමුවේ එහි කොටස්වල අගය ද විශාල ලෙස පහත වැටුණි. කෙසේ වෙතත්, කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දැමුණ ද ඊට එරෙහි විමර්ශන කටයුතු අඛණ්ඩව පැවැත්වෙනු ඇතැයි ෆේස්බුක් සමාගම ප්‍රකාශ කළේය.
2018-05-02T20:07:07.000Z
නව පාර්ලිමේන්තු සැසිය පිළිබඳ පක්ෂ නායක රැස්වීමක්
නව පාර්ලිමේන්තු සැසිය පිළිබඳ පක්ෂ නායක රැස්වීමක්
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයින්ගේ හමුවක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. ඒ, කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි. කතානායක මාධ්‍ය ඒකකය සඳහන් කළේ, උදෑසන 9 ට කතානායක නිල කාර්යාලයේදී එම හමුව පැවැත්වෙන බව ය. එළඹෙන 8 වනදා ආරම්භ වීමට නියමිත නව පාර්ලිමේන්තු සැසිවාරය සම්බන්ධයෙන් මෙහිදී මූලිකව සාකච්ඡා කිරීමට නියමිත බව ද කතානායක මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
2018-05-02T20:01:36.000Z
ප්‍රදේශ රැසක අද උණුසුම් කාලගුණ තත්ත්වයක්
ප්‍රදේශ රැසක අද උණුසුම් කාලගුණ තත්ත්වයක්
COLOMBO (News 1st) - උතුර, උතුරු මැද, නැගෙනහිර පළාත්වල බොහෝ ස්ථානවලත් වයඹ සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලත් අද දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ පිළිබඳව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ය. ඊයේ පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය වාර්තා වන්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙනි. එය සෙල්සියස් අංශක 37 යි දශම 1 කි. ඊයේ පස්වරු 2.30 පමණ වනවිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය වාර්තා වූයේ සෙල්සියස් අංශක 35 යි දශම 5 ක් ලෙස ය. මෙවැනි උණුසුම් කාලගුණ තත්ත්වයකදී ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් වැඩබිම් වල සේවය කිරීමේදී සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙස ත් කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව උපදෙස් දෙන්නේය. නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව සැළකිලිමත් වන ලෙස ත්, කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසත් අදාළ උපදෙස්වල දැක්වේ. මේ අතර, දිවයිනේ ප්‍රදේශ රැසක අද සිට වැසි තත්වයේ වැඩි වීමක් ද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළේ, බස්නාහිර, දකුණ, සබරගමු, මධ්‍යම සහ වයඹ පළාත්වල අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව ය. ඇතැම් විට උතුරු මැද පළාත තුළ ද වැසි තත්ත්වය බලාපොරොත්තු විය හැකි බව ද ඔහු පවසයි. වැසි සමග අකුණු අනතුරු ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳව ජනතාව සැළකිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළේය.
2018-05-02T11:40:11.000Z
ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක්
ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීමක්
COLOMBO (News 1st) - ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. සුළං වේගය පැයට කිලෝමීටර් 70 - 80 දක්වා ක්ෂණිකව ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳ විමසිලිමත්වන ලෙස ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය ධීවර හා නාවික ප්‍රජාව වෙත උපදෙස් ලබාදී තිබේ.
2018-05-02T11:26:23.000Z
ලෙස්ටර් ජේම්ස් පීරිස්ට පිරිනැමුණු සම්මානයක් අතුරුදන්
ලෙස්ටර් ජේම්ස් පීරිස්ට පිරිනැමුණු සම්මානය අතුරුදන්
COLOMBO (News 1st) - ප්‍රවීණ සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ඉන්දියාවෙන් පිරිනැමුණු රණ මයුර සම්මානය සමග ලබා දුන් රිදියෙන් තැනූ පදක්කම අතුරුදන්ව තිබේ. ඒ එම පදක්කම ඒ මහතාගේ දේහය අසල තබා තිබියදීයි. ජීවිතේ එක් වරක් පමණක් අද්විතීය සිනමාකරුවෙකුට හිමිවන මෙම පදක්කම 2000 වසරේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට 31 වන අන්තර් ජාතික ඉන්දීය සිනමා සම්මාන උළෙලේදී පිරිනැමුණේ සිනමාවට ඔහු කළ මෙහෙවර අගයමිනි. මුදලටත් වඩා වටිනා මිල කළ නොහැකි මෙම පදක්කම මුළු මහත් ජාතියටම ආඩම්බර විය. එම පදක්කම ශ්‍රී ලංකාවේ කීර්තී නාමය ලොවට විදහා දැක්වීම එයට හේතුවයි. එය හිමිකරගත් ශ්‍රී ලාංකේය සිනමාවේ පියා ලෙස සැලකෙන ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිරීස් මහතාගේ දේහය නිවසේ තැන්පත් කර තිබියදීම අදාළ පදක්කම අතුරුදන්වීම කනගාටුවට කරුණකි. කිසියම් අයෙකු එය සොරාගත්තේ නම්, ඔහු ලැජ්ජාවට පත්විය යුතු අතර එය අතිශයින්ම නින්දිත ක්‍රියාවක් ද වේ. එම නිසා ඒ පිළිබඳව තොරතුරක් දන්නා අයෙකු වෙත්නම් පහත අංකය අමතා වහා ම පොලිස් මූලස්ථානය දැනුවත් කිරීමට කාරුණික වනලෙස පවුලේ ඥාතීහු ඉල්ලා සිටිති. දුරකථන අංකය: 0112 421111 https://www.youtube.com/watch?v=WCbAAn2izxk
2018-05-02T09:06:20.000Z
සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් දැයෙන් සමුගනී
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් දැයෙන් සමුගනී
COLOMBO (News 1st) - අද්විතීය සිනමාවේදී අභාවප්‍රාප්ත, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කෙරුණි. ඒ, රාජ්‍ය ගෞරව සහිතවයි. හෙළ සිනමාවේ පියා ලෙස සැලකෙන ලොව ජ්‍යේෂ්ඨතම සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා පසුගිය 29 වන දා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. ඒ වන විට ඔහු පසුවූයේ 99 වන වියෙහි ය. දේශීය හා විදේශීය කලාකරුවන්, සිනමා නිෂ්පාදකයින් හා රසිකයින් රැසක් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අදත් පැමිණ සිටියහ. තිඹිරිගස්යාය, ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ දේහය අද පස්වරු 3.00 ට පමණ කොළඹ නිදහස් චතුරශ්‍රයට රැගෙන ආවේ රිය පෙරහැරකිනි . ජාතික චිත්‍රපට සංස්ථාව අසළදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙනුවෙන් විශේෂ උපහාරයක් ද පුද කෙරිණි. නිදහස් චතුරශ්‍රයේ සකස් කර තිබූ විශේෂ පීඨිකාවේ දේහය තැන්පත් කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කර ඇත. ඉන්දීය සිනමාවේදී අදූර් ගෝපාල් ක්‍රිෂ්ණන්, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට අවසන් ගෞරව පුදකිරීම සඳහා නිදහස් චතුරශ්‍රයට පැමිණියේ ය. සියලු දෙනා අවසන් ගෞරව පුදකිරීමෙන් අනතුරුව, විශේෂ පීඨිකාවෙන් දේහය අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන ස්ථානය වෙත රැගෙන ගොස් තිබේ. සංදේශය සිනමා පටයේ ඉංග්‍රීසි බලකොටුවේ අනුරුවක ආකාරයෙන් ඉදිකර තිබූ චිතකයේදී ඔහු අවසන් ගමන් ගියේ ලෝක සිනමා සිතියමේ සදාතනික රන් රේඛාවක් ලියා තබමිනි.
2018-05-02T08:01:25.000Z
ලොව වායු දූෂණය වැඩි නගර 20න් 14ක් ම ඉන්දියාවේ
ලොව වායු දූෂණය වැඩි නගර 20න් 14ක් ම ඉන්දියාවේ
ලොව වායු දූෂණය වැඩි ම නගර 20 අතරට ඉන්දියාවේ නගර 14 ක් අයත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම වාර්තාවට අනුව ලොව දූෂිතම වායු සහිත නගරය වන්නේ ඉන්දියාවේ කාන්පූර් නගරයයි. ඒ අනුව ෆරීඩාබාද් , වාරණාසී , ගයා , පැට්නා , දිල්ලි , ලක්නව් , අග්‍රා , මුසාෆර්පූර් , ශ්‍රී නගර් ,ගර්ගැඔන් , ජායිපූර් , පටියාලා , ජෝද්පූර් යන නගර ලොව වැඩිම වායු දූෂණයට ලක්ව ඇති සෙසු ඉන්දීය නගර ලෙස සැලකේ. වායු දූෂණයේ බලපෑමෙන් ඉන්දියාවේ වාර්ෂිකව මියයන පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 1 .1 කි. මෙම වාර්තාව නිකුත්කිරීමට පදනම් වූයේ , 2016 වසරේ නිකුත් කළ දත්ත බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ ය.
2018-05-02T07:43:38.000Z
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළට
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් ඊයෙ දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල සටහන්වූයේ අමෙරිකානු ඩොලර් 1309 යි සත 71 ක් ලෙසයි. වෙනත් මුදල් ඒකකවලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය පහළ යාම , ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් ඉහළ යාමට හේතු වූ බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ ප්‍රකාශ කළහ.
2018-05-02T06:56:26.000Z
යුද හමුදා මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්
යුද හමුදා මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර රිමාන්ඩ්
COLOMBO (News 1st) - මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අනුබල දුන් බව කියන 8 වන සැකකරු වන විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරල් හිටපු මාණ්ඩලික ප්‍රධානී අමල් කරුණාසේකර මහතා යළි ලබන 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරු අද ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. එහිදී මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ, කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් දොම්පේ බදුවත්ත ප්‍රදේශයේ නිවසක රඳවා ගෙන සිටි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුර අනාවරණයවී නොමැති හෙයින් සැකකරුට ඇප ලබාදිය නොහැකි බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අමල් කරුණාසේකර මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඒ මහතා රඳවා සිටින හමුදා රෝහලේදී ඊට අවශ්‍ය පහසුකම් ලෙසට බන්ධනාගාර අධිකාරීවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය. මෙම සිද්ධියේ පළමු සැකකරු වන මේජර් දිසානායක මුදියන්සේලාගේ බුලත්වත්ත මහතාට යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද අද නොතිසි නිකුත් කෙරිණි.
2018-05-02T07:21:34.000Z
සිනමා නිර්මාණවල වටිනාකම තීරණය කිරීමට කමිටුවක්
සිනමා නිර්මාණවල වටිනාකම තීරණය කිරීමට කමිටුවක්
නව සිනමා පටවල කලාත්මක හෝ වාණිජ වටිනාකමක් තිබේ ද? යන්න පිළිබඳ තීරණය කිරීම සඳහා ත්‍රිපුද්ගල ස්වාධීන කමිටුවක් පත් කිරීමට යෝජනා වී තිබේ. ඒ සිනමා කේෂත්‍රයේ ගැටලු විසඳීම සඳහා පත්කළ ජනාධිපති විද්වත් කමිටුවේ නිර්දේශවලට අනුවයි. අදාළ කමිටුවෙන් ප්‍රතික්ෂේප වන සිනමා පට නැවත සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල අභියාචනා මණ්ඩලයක් පත්කිරීමට ද යෝජනා වී තිබේ.
2018-05-02T06:32:21.000Z
නව කැලණි පාලමේ අලුත්වැඩියාවක් හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක්
නව කැලණි පාලම අසළ විශේෂ රථ වාහන සැලැස්මක්
COLOMBO (News 1st) - නව කැලණි පාලමේ අලුත්වැඩියාවක් හේතුවෙන් හෙට සිට ලබන 05 වන දා දක්වා ඒ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. ඒ අනුව අදාළ කාලය තුළ දිවා හා රාත්‍රි කාලයේ වරින් වර පාලම මතින් වාහන ධාවනය සීමා කෙරෙන බව පොලීසිය සඳහන් කළේ ය. මේ හේතුවෙන් කොළඹ - නුවර මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹින් පිටවිමේදී සහ කොළඹට ඇතුලුවීමේදී කැලණි වට රවුම අසළ ඇතිවන වාහන තදබදය අවම කිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
2018-05-02T05:09:53.000Z
වසරක් තුළ ද. ආසියානු කලාපයේ මාධ්‍යවේදීන් 33 දෙනෙකු ඝාතනය වෙයි
ද. ආසියාවේ මාධ්‍යවේදීන් 33 කට ජීවිත අහිමි වෙයි
COLOMBO (News 1st) - 2017 වසරේ සිට මේ වසරේ අප්‍රේල් මාසය දක්වා කාලය තුළ දකුණු ආසියානු කලාපය පුරා මාධ්‍යවේදීන් 33 දෙනෙකු ඝාතනයට ලක් විය. ජාත්‍යන්තර ජනමාධ්‍ය සංවිධානයක් වන IFJ සංවිධානය ප්‍රකාශ කළේ, ඒ අතරින් මාධ්‍යවේදීන් 22 දෙදෙනෙකුම ඇෆ්ඝනිස්ථානයේදී ඝාතනයට ලක් ව ඇති බවයි. ඒ අනුව දකුණු ආසියාව ලොව මාධ්‍යවේදීන් සඳහා අනතුරුදායකම කලාපය බවට පත් ව ඇති අතර මෙම තත්ත්වය වැලැක්වීමට කලාපීය රටවල් කඩිනම් පියවරගත යුතු බව ද එම සංවිධානය අවධාරණය කළේ ය.
2018-05-02T03:32:53.000Z
තේ සහ රබර් සඳහා ග්ලයිෆොසෙට් භාවිත කිරීමට පනවා ඇති තහනම ඉවතට
ග්ලයිෆෝසෙට් භාවිත කිරීමට පනවා ඇති තහනම ඉවතට
COLOMBO (News 1st) - තේ සහ රබර් වගාව සඳහා ග්ලයිෆොසෙට් භාවිත කිරීමට පනවා ඇති තහනම ඉවත් කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ශ්‍රී ලංකාවේ තේ සම්බන්ධයෙන් චීන වෙළෙඳපොළ තුළ සීමා පැනවීමේ අවදානමක් මතුව ඇති බැවින් මෙම පියවර ගත් බව අමාත්‍යවරයා කියා සිටියේ ය.
2018-05-02T03:38:35.000Z
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු යකා නටති
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු යකා නටති
COLOMBO (News 1st) - හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර අද උණුසුම් තත්ත්වයක් හට ගත්තේ ය. ඒ, ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩී.ආර්. උඩවත්ත මහතා සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමග ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ප්‍රාදේශීය සභාව තුළ කළහකාරී ලෙස හැසිරී ඇති අතර පසුව මන්ත්‍රීවරුන් අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තේ ය. සිද්ධිය පාලනය කිරීම සඳහා පොලීසිය ද මැදිහත්ව තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/1933110146749234/
2018-05-02T02:55:55.000Z
දියණියන් දෙදෙනෙකු තම මවට කළගුණ සැලකූ අයුරු
දියණියන් දෙදෙනෙකු තම මවට කළගුණ සැලකූ අයුරු
COLOMBO (News 1st) - මව්වරුන් මහමෙරක් තරම් සෙනෙහස දී දරුවන් උස් මහත් කළත් මේ පුවත අනුරාධපුර විහාරපළමුගම ප්‍රදේශයේ තනී වූ මවක් පිළිබඳවයි. පී. ධර්මලතා නම් ඇය අවුරුදු 58 වන වියේ පසුවෙයි. මේ අම්මා පිළිකා රෝගයකින් පෙළෙන තැනැත්තියකි. දූවරුන් දෙදෙනෙකුගේ සහ පුතණුවකුගේ මවක වන ඇය මේ වන විය යන එනමක් නොමැතිව අනුරාධපුර පොලීසියේ තනිව සිටියි. මෙම මව පසුගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිළිකා සායනයට ගොස් නැවත ගෙදර පැමිණි අවස්ථාවේදී සිය දුවරුන් දෙදෙනා විසින් මව ගෙදරින් එළවා තිබේ. කරකියා ගැනීමක් නොමැති වූ මෙම මව අසල පිහිටි බස් නැවතුම්පොළක සිටියදී අනුරාධපුර පොලීසිය පැමිණ ඇය රැගෙන ගොස් තිබේ. මව පවසන්නේ, තම නිවස දූවරුන්ට ලියාදෙන ලෙස බල කරමින් ඇයි නිවසෙන් එළවා දැමූ බව ය. පොලීසිය මැදිහත් වීමෙන් මව දරුවන් වෙත භාර දීමට කටයුතු කළත් පොලීසිය ගිය පසු නැවතත් දරුවන් විසින් මව එළවා දමා තිබේ. https://www.youtube.com/watch?v=KZA24B9kGLo
2018-05-02T01:15:15.000Z
නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු මෙන්න...
නව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු මෙන්න...
COLOMBO (News 1st) - නව රාජ්‍ය අමාත්‍යවරුන් 8 දෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්හ. අද පෙරවරු 10.30 ට පමණ මෙම දිවුරුම්දීම සිදුවුයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාලිත රංගේ බණ්ඩාර මහතා අද දිවුරුම් දුන්නේ ය. ආපදා කළමනාකරණය ඔහුගේ රාජ්‍ය අමාත්‍ය ධූරයට අලුතින් එක් වූ විෂයයි. දිලිප් වෙදආරච්චි මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය. ග්‍රාමීය ආර්ථික කටයුතු ඔහුගේ අමාත්‍යංශයට එක් ව ඇති නව විෂයයි. එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා මහතා මහා මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුනි. ඔහු මීට පෙර කටයුතු කළේ, පුනරුත්ථාපන හා නැවත පදිංචිකිරීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසිනි. මොහාන් ලාල් ග්‍රේරු මහතා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර සංස්කෘතික කටයුතු ඔහුට අලුතින් එක්කර ඇත. චම්පිකා ප්‍රේමදාස මහතා දිවුරුම් දුන්නේ, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අමාත්‍යවරයා ලෙසයි. කර්මාන්ත හා වානිජ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චම්පිකා ප්‍රේමදාස මහතා මීට පෙර කටයුතු කළේ ය. ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා විද්‍යා හා තාක්ෂණ, පර්යේෂණ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයායි. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු, උඩරට උරුමය ඔහුගේ අමාත්‍යංශයට එක් වූ නව විෂයන් වේ. ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ක්‍රීඩා සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නා ය. මීට පෙර මහින්ද අමරවීර මහතා දැරූ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යධූරය වීරකුමාර දිසානායක මහතාට ලබාදී තිබේ. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අමීර් අලි මහතා අද දිවුරුම් දුන් අතර මීට පෙර ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දුනේෂ් ගන්කන්ද මහතා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුනි. රන්ජන් රාමනායක මහතාට හිමිවූයේ සමාජ සවිබලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය ධූරයයි. මීට පෙර ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුත කළ එච්. එම්. එම් හාරිස් මහතා අද රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය. විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ, කරුණාරත්න පරණවිතාන මහතායි. සාරති දූෂ්මන්ත් මහතා අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇත. තිරසර සංවර්ධන, වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ පාලිත තෙවරප්පෙරුම මහතායි. සමාජ සුබ සාධන හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මුත්තු සිවංලිගම් මහතා දිවුරුම් දුන්නේ ය. මනූෂ නානායක්කාර මහතා විදේශ රැකියා, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයායි. ජාතික ඒකාබද්ධතා, සංහිදියා සහ රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අලි සහීර් මවුලානා මහතා අද දිවරුම් දුන්නේ ය. මේ අතර ඊයේ කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙක් ද දිවුරුම් දුන්හ. ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ පත්කළේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය පිළිබඳ අමාත්‍යවරයා ලෙසයි. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් එස්. බී. නාවින්න මහතා අභ්‍යන්තර හා වයඹ කටයුතු සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේය. කෘෂිකර්ම අමාත්‍යධූරයේ දිවුරුම් දුන්නේ මහින්ද අමරවීර මහතායි. දුමින්ද දිසානායක මහතා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස පත්කෙරිණි. විජිත් විජයමුණි සොයිසා මහතා, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාවරයා ලෙස දිවුරුම් දුන් අතර සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යවරයා ලෙස පී. හැරිසන් මහතා පත්කර ඇත. කබීර් හෂීම් මහතා අධිවේගී මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා නීතිය හා සාමය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යවරයා ලෙසත් ඊයේ දිවුරුම් දුනි. තලතා අතුකෝරළ මහත්මිය අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරියයි. ඩී. එම්. ස්වාමිනාදන් මහතා නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම්, උතුරු පළාත් සංවර්ධනය සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යධූරයට පත්කෙරිණි. ෆයිසර් මුස්තාෆා මහතාට හිමවූයේ ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ධූරයයි. ව්‍යාපෘති කළමනාකරණය, යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස සාගල රත්නායක මහතා ඊයේ දිවුරුම් දුන්නේ ය. මනෝ ගනේෂන් මහතා ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යවරයායි. දයා ගමගේ මහතා සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ප්‍රාදේශීය සංවර්ධන, තිරසර සංවර්ධනය හා වනජීවී අමාත්‍යධූරය හිමි විණ. රවීන්ද්‍ර සමරවීර මහතා දිවරුම් දුන්නේ, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයා ලෙසයි. අමාත්‍යධූරයෙන් ඉවත්කර සිටි විජයදාස රාජපක්ෂ මහතා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස ඊයේ නැවත පත්වීම් ලබා ගත්තේ ය. https://www.youtube.com/watch?v=fFmYfxy7yT8 https://www.youtube.com/watch?v=VGHZqIhyDjc
2018-04-30T22:30:57.000Z
රාජේෂ්වරි රාසයියා මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
රාජේෂ්වරි රාසයියා මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
COLOMBO (News 1st) - අභාවප්‍රාප්ත රාජේෂ්වරි රාසයියා ලියෝන් මහත්මියගේ අවසන් කටයුතු හෙට පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය. කලක් රෝගාතූරව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රාජේෂ්වරි රාසයියා ලියෝන් මහත්මිය අභාවප්‍රාප්ත වන විට 78වන වියේ පසුවූවා ය. බැස්ටියන්පිල්ලෙයි සහ නේසම්මා යුවළට දාව ඇය, 1940 අගෝස්තු 15 වන දින උපත ලැබුවා ය. රාජේෂ්වරි රාසයියා ලියෝන් මහත්මිය, සවරිමුතු රාසයියා ලියෝන් මහතාගේ දයාබර බිරිඳයි. ඇය ඉන්බරාජ් ලියෝන්, රංජිත් ලියෝන්, යෝගරාජ් ලියෝන්, ඉදයරාජ් ලියෝන්, අභාවප්‍රාප්ත උදය රාජ් ලියෝන් සහ සෙල්වකුමාරි යන අයගේ ආදරණීය මැණියන් ය. ඇයගේ පුතණුවන් වන සුප්‍රසිද්ධ ව්‍යාපාරික රංජිත් ලියෝන්, ලිබරා සමාගමේ කොටස්කරුවෙකි. අභාවප්‍රාප්ත රාජේෂ්වරි රාසයියා ලියෝන් මහත්මියගේ දේහය මේ වන විට කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(02/05/2018) පස්වරු 4.00ට බොරැල්ල පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිත ය. https://www.youtube.com/watch?v=uCiBpDnRDHA&feature=youtu.be
2018-05-01T23:33:03.000Z
මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 27 දෙනෙකු යළි රිමාන්ඩ්
මහනුවර සිද්ධිය: අත්අඩංගුවට පත් වූවන් යළි රිමාන්ඩ්
COLOMBO (News 1st) - මහනුවර ආශ්‍රිතව පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 27 දෙනෙකු ලබන 14 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරුවන් අද තෙල්දෙණිය මහේස්ත්‍රාත් එම්.එච්. ෆරිඩ්ඩීන් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. සැකකරුවන් අතර සිටින කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජයග්‍රහණය කළ මන්ත්‍රී සමන්ත පෙරේරා මහතා ලබන 9 වන දා පැවැත්වෙන සභා වාරය සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
2018-05-01T23:20:10.000Z
Live - ආණ්ඩුවේ ඔළු මාරුව තවදුරටත්
Live - ආණ්ඩුවේ ඔළු මාරුව තවදුරටත්
2018-05-01T22:50:10.000Z
පදික මාරුවක් මත සිදු වූ අනතුරකින් දෙදෙනෙකු මරුට
පදික මාරුවක් මත සිදු වූ අනතුරකින් දෙදෙනෙකු මරුට
COLOMBO (News 1st) - මිනුවන්ගොඩ - වේයන්ගොඩ මාර්ගයේ දෙවලපල ප්‍රදේශයේදී පදික මාරුවක් මත සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, පදික මාරුව මතින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රිරෝද රථයක ගැටී එය පෙරළී යාමෙන් අනතුර සිදුව ඇති බව ය. අනතුරෙන් මිය ගොස් ඇත්තේ, පදික මාරුව මතින් ගමන් ගත් 58 හැවිරිදි හා 47 හැවිරිදි දෙවලපල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. අනතුරෙන් ත්‍රිරෝද රථ රියැදුරා ද තුවාල ලබා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
2018-05-01T22:14:16.000Z
රැකියා විරහිත උපාධිධාරීන් 20000කට පත්වීම්
රැකියා විරහිත උපාධිධාරීන් 20000කට පත්වීම්
COLOMBO (News 1st) - රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයේ පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වන විට අවසන් කර ඇති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි. එහි අතිරේක ලේකම් අසංග දයාරත්න මහතා සඳහන් කළේ, ඉන් තෝරා ගත් උපාධිධාරීන් 20000කට ලබන ජූනි මාසයේදී පත්වීම් ලබා දෙන බව ය. කෙසේ වෙතත් එලෙස බඳවා ගන්නේ, 2016 දෙසැම්බර් මස 31 හෝ ඊට පෙර උපාධිය ලබා ගත් පිරිස් පමණක් බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර වසර දෙකක්ව තිබූ ඔවුන්ගේ පුහුණු කාලය වසරක් දක්වා අඩු කිරීමට ද රජය තීරණය කර තිබේ. ඒ අනුව පුහුණු කාලයෙන් අනතුරුව රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් එම 20000ට හිමි වන අතර එතෙක් මාසිකව ඔවුන්ට රුපියල් 20000ක දීමනාවක් ලබා දෙන බව ද අතිරේක ලේකම්වරයා සඳහන් කළේ ය. දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී පැවති සම්මුඛ පරීක්ෂණවලට උපාධිධාරීන් 57000ක් පමණ සහභාගී වූ බව ද ඔහු පැවසුවේ ය. ඒ අනුව ඉතිරි රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ආකාරය පිළිබඳව නිව්ස්ෆස්ට් අතිරේක ලේකම්වරයාගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, ඒ සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ රජය බව ය.
2018-05-01T21:15:08.000Z
ප්‍රංශ ජනපතිට එරෙහිව විරෝධතා
ප්‍රංශ ජනපතිට එරෙහිව විරෝධතා
(News 1st) - පැරීසියේ මැයි දිනය වෙනුවෙන් විරෝධතාවක් පැවැත්විණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විරෝධතාවයේදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව ය. මෙම විරෝධතා රැලිය පවත්වා ඇත්තේ, ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්ක්‍රෝන් ගෙන ඇති රාජ්‍ය අංශයේ ශ්‍රම ප්‍රතිසංස්කරණයට එරෙහිව ය. විරෝධතාකරුවන් මාර්ගයේ කඩසාප්පු හා දේපළවලට හානි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම මැයි දින විරෝධතාවට කම්කරු වෘත්තීය සමිතීන්හි පුද්ගලයින් 1200කට අධික පිරිසක් එක්ව ඇති බව ය. ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට එරට පොලීසිය පියවර ගත්තේ ය.
2018-05-01T20:02:36.000Z
සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය අවසන් වෙයි
සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය අවසන් වෙයි
COLOMBO (News 1st) - දින 3ක් පුරා පැවති සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය ඊයේ අවසන් විය. ඊයේ රත්‍රියේ ද වෙසක් කලාපයට විශාල පිරිසක් පැමිණ සිටියහ. දින තුනක් සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයයේ දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍ර වූ සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු මහ රහත් ධාතූන් වහන්සේ අද පෙරවරුවේ යළිත් එම ධාතූන් වහන්සේ වැඩ වසන විහාරස්ථාන වෙත වැඩම කර වීමට නියමිත ය. ඒ, විශේෂ පුද පූජාවන් හා තේවාවලින් අනතුරුව ය. කොළඹ 02 බේබෲක් පෙදෙසේ පිහිටි සිරස මූලස්ථාන පරිශ්‍රයේ දින තුනක් පැවති සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේ අවසන් දිනය වූ ඊයේ දින මැදියම් රැය ඉක්මවීමෙන් පසුව ද ධාතූන් වහන්සේ වන්දනාවට විශාල සැදැහැවතුන් පිරිසක් පැමිණියහ. ඒ, මිහින්තලේ රජමහා විහාරස්ථානය, ගාල්ල පරමානන්ද රජමහා විහාරස්ථානය, තිස්සමහාරාම රාජමහා විහාරය සහ මරදාන අග්‍රශ්‍රාවක විහාරස්ථානවලින් වැඩම කරවූ සර්වඥ හා මහරහත් ධාතූන් වහන්සේ එකම ස්ථානයකදී වැඳපුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව උදා කර ගැනීමේ අරමුණිනි. මෙවරත් සිරස වෙසක් කලාපය තොරණ, පහන් කූඩු සහ දන්සල්වලින් ද සමන්විත විය. https://www.youtube.com/watch?v=Uf1KIe8f29A
2018-05-01T19:47:24.000Z
බදුල්ල, ගිනිගන්ගල ප්‍රදේශයට නාය යාම් අනතුරු ඇඟවීම්
බදුල්ල, ගිනිගන්ගල ප්‍රදේශයට නාය යාම් අනතුරු ඇඟවීම්
COLOMBO (News 1st) - බදුල්ල - රත්නපුර මාර්ගයට ආසන්නව සිදුව ඇති නාය යාමේ අවදානම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. නාය යාම් අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ, නාය යාමේ ලක්ෂණ අධ්‍යයනයට නිලධාරියෙකු යොමු කර ඇති බව ය. නාය යාම් අවදානමක් හේතුවෙන් බදුල්ල - ගිනිගන්ගල මාර්ගය ඊයේ සිට තවමත් තාවකාලිකව වසා දමා තිබේ. බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක ඊ.එල්.එම්. උදය කුමාර මහතා සඳහන් කළේ හල්දුම්මුල්ල, වල්හපුතැන්න ප්‍රදේශයේ මාර්ගයක් නාය යාම් අවදානම් තත්ත්වයේ පවතින බැවින් මෙම තීරණය ගත් බව ය.
2018-05-01T19:28:11.000Z
රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සංශෝධනය අද
රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සංශෝධනය අද
COLOMBO (News 1st) - රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සංශෝධනය අද සිදුවේ. ජනාධිපති ලෙක්ම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අද පෙරවරු 10.00ට පමණ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කරන බව ය. මෙහිදී රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ද පත්වීම් ලැබෙනු ඇති. ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ, දිවුරුම් දීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපතිතුමා සියලු කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇමතීමට ද නියමිත බව ය. මේ අතර ඊයේ දිනයේදී කැබිනට් අමාත්‍ය ධූර 18ක් සඳහා නව අමාත්‍යවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
2018-05-01T11:11:12.000Z
ප්‍රියන්ත ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි
ප්‍රියන්ත ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි
COLOMBO (News 1st) - ප්‍රවීණ ගායන ශිල්පී, සී. ටී ප්‍රනාන්දු මහතාගේ පුත් ජයප්‍රිය ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද රාත්‍රියේ කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය. කලක් රෝහල්ගතව සිටි ඒ මහතා මිය යන විට 65 වන වියෙහි පසුවිණි. සී. ටී ප්‍රනාන්දු මහතාගේ අභාවයෙන් පසු ඔහුගේ ගීත නිර්මාණ රසිකයින් අතරට ගෙන ගියේ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතායි. දේහය පිළිබඳ අවසන් කටයුතු ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ දායකත්වයෙන් සිදු කරන බව එහි සභාපති කීර්ති පැස්කුවෙල් මහතා සඳහන් ක‍ළේ ය.
2018-05-01T10:42:36.000Z
ලෝක කම්කරු දිනය අද යි
ලෝක කම්කරු දිනය අද යි
COLOMBO (News 1st) - ලෝක කම්කරු දිනය අදට යෙදී තිබේ. 1886 මැයි මස 01 වන දා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වී පැය 8 ක වැඩමුරයක් ඉල්ලා කළ සටන සිහි කරමින් ලොවපුරා ජනතාව කම්කරු දිනය සමරුහ. ඊට සමගාමීව මෙරට කම්කරු ව්‍යාපාරයේ පියා ලෙස සැලකෙන ඒ. ඊ ගුණසිංහ මහතාගේ 127 වැනි ගුණ සමරුව පිටකොටුවේ පිහිටි ගුණසිංහ ප්‍රතිමාව අභියසදී අද පැවැත් විණි. කම්කරු දිනය මෙරට නිවාඩු දිනයක් බවට පත් කිරීමට මුල් වූ හිටපු අමාත්‍ය ටී. බී ඉලංගරත්න මහතාගේ 27 වෙනි ගුණානුස්මරණය වෙනුවෙන් අද කොළඹ නවම් මාවතේදී උත්සවයක් පැවැත් විය. සමෘද්ධි කෘෂි නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් තව ත් කම්කරු දින සැමරුමක් අද තලංගමදී පැවැත් විය. සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති ගණනාවක් ඒකාබද්ධව අද කම්කරු දිනය සැමරුවේ කොළඹ ජේ. ආර් ජයවර්ධන කේන්ද්‍රයේදීයි. නිදහස් වෙළෙඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය සංවිධානය කළ මැයි දින රැලිය අද කොළඹදී පැවැත් විය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාලිගාවත්තේදී මැයි දිනය සැමරුවේ ය. ජනතා විමුක්ති පෙරමුණ යාපනයේත් දෙමළ ජාතික සන්ධානය උතුරු පළාතේ ස්ථාන කිහිපයකදීත් මැයි දින සමරු උත්සව සංවිධානය කර තිබුණි. https://www.youtube.com/watch?v=ZK1spwkoZ9o
2018-05-01T10:25:52.000Z
හිටපු ජනපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 25 වන ගුණ සැමරුම
දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 25 වන ගුණ සැමරුම
COLOMBO (News 1st) - හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 25 වැනි ගුණ සැමරුම අදට යෙදී තිබේ. රණසිංහ ප්‍රේමදාස අද්විතීය නායකත්වය ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ඉටු කළ මෙහෙවර අමරණීය වේ. කම්කරු පක්ෂයෙන් දේශපාලන අත්පොත් තැබූ ප්‍රේමදාස මහතා කොළඹ නගර සභාවට තේරී පත්වූයේ නියෝජ්‍ය පුරපති පදවිය ද ලබමිනි. ජනතා මෙහෙවර වෙනුවෙන් ඔහුගේ කැපවීම 1965 දී පාර්ලිමේන්තු අසුනක් ජයගැනීමකින් අගය කෙරුණි. එතැන් සිට පළාත් පාලන අමාත්‍යධූරය, අගමැති ධූරය සහ මෙරට දෙවැනි විධායක ජනපති ධූරය දක්වා රණසිංහ ප්‍රේමදාස මහතා පැමිණි ගමන් මග සුන්දර එකක් නොවීය. සැමට සෙවන වැඩ සටහන අගමැතිවරයාව සිටි සමයේම ඇරඹූ ප්‍රේමදාස මහතා ජනාධිපතිධූරයට පත් වූ වහාම ඉන්දීය සාමසාධක හමුදා ආපසු යැවීමට ගත් පියවර රටේ ජනතාවගේ ඇගයීමට ලක් විය. ගම් උදාව, උදාකල ගම්මාන, ආදර්ශ ගම්මාන ආදී නොයෙකුත් වැඩපිළිවෙළ හරහා ඔහුගේ උත්සාහය වූයේ වසර 2000 දී සැමට සෙවන ලබාදීමයි. ග්‍රාමීය සංවර්ධනය ගැන සිහින දුටු රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇගලුම් කම්හල් 100 ක් ආරම්භ කර එය 200 ක් දක්වා ව්‍යාප්ත කරමින් තරුණ තරුණියන් දහස් ගණනකට නව රැකියා උත්පාදනය කර දුනි. අපනයන ආදයම එවක ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර කොටස් වෙළෙඳපොළ දර්ශක පවා වාර්තාගත ලෙස ඉහළ ගියේ ය. දිළිඳු ජනතාව වෙනුවෙන් ජනසවිය හඳුන්වාදුන් රණසිංහ ප්‍රේමදාස මහතා කැපකරු මාපිය ක්‍රමය හරහා දහස් ගණන් දරුවන්ගේ අනාගතය ද සුරක්ෂිත කළේ ය. 1993 වසරේ මැයි පෙළපාලිය අතරතුර අනපේක්ෂිත මොහොතක ප්‍රේමදාස මහතා දැයෙන් සමුනොගත්තේ නම් අද රට කෙතරම් සංවර්ධනයක් ළඟා කරගනු ඇත් ද? රණසිංහ ප්‍රේමදාස මහතා සිහිපත් කරමින් අද උදෑසන කොළඹ, අලුත්කඩේ පිහිටි පිළිරුව අභියස පැවති සැමරුම් උත්සවයට පවුලේ ඥාතීන් සමග ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා ද සහභාගි විය. https://www.facebook.com/NewsfirstSL/videos/1932040960189486/
2018-05-01T10:17:12.000Z
"නියමට විද්‍යාත්මකව කරලා තියෙනවා.." - හිටපු ජනපති
"නියමට විද්‍යාත්මකව කරලා තියෙනවා.."
COLOMBO (News 1st) - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන මහත්වරුන් කැබිනට් සංශෝධනය ගැන අද ප්‍රතිචාර දැක් විය. https://www.facebook.com/NewsfirstSL/videos/1932030960190486/
2018-05-01T08:43:01.000Z
මහාධිකරණ විනිසුරු සංගමය ජනපති හමුවට යාමේ සූදානමක
මහාධිකරණ විනිසුරු සංගමය ජනපති හමුවට යාමේ සූදානමක
COLOMBO (News 1st) : ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේදී සිදුවන බව කියන ගැටලු පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ජනාධිපතිතුමා හමුවට යාමට මහාධිකරණ විනිසුරු සංගමය තීරණය කර තිබේ. මෙම සංගමය අදාළ තීරණයට එළැඹ ඇත්තේ ඉකුත් දා පැවති එම සංගමයේ මහා සභා රැස්වීමේදී ය. මහාධිකරණ විනිසුරු සංගමයේ ආරංචි මාර්ග සඳහන් කළේ, අදාළ කරුණ සාකච්ඡා කිරීම සඳහා ම කැඳවන ලද එය , විශේෂ මහා සභා රැස්වීම්වාරයක් වූ බවයි. එහිදී විනිසුරුවරුන්ගේ මතය වී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේදී පෙර පැවති ක්‍රමවේදයන් සැලකිය යුතු මට්ටමින් වෙනස් වී ඇති බවයි. පහළ අධිකරණවල සිට ක්‍රමානුකූලව ඉහළ අධිකරණ කරා විනිසුරුවරුන් උසස්වීම් ලබමින් පත්ව යාම සම්ප්‍රදායානුකූලව සිදු වූවකි. නමුත් විශේෂයෙන් නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනවල ජ්‍යේෂ්ඨ නිලධාරීන් ද බාහිරින් පත් කිරීම සිදුවේ. මෙවන් බාහිරින් සිදු කරන පත් කිරීම් පමණ ඉක්මවා ඉහළ ගොස් ඇති බව මහාධිකරණ විනිසුරුවරුන්ගේ මතය වී තිබේ. ධූරාවලිය අනුව උපරිමාධිකරණ වන ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ට පහළින් සිටින්නේ මහාධිකරණ විනිසුරුවරුන් ය. මේ වන විට අභියාචනාධිකරණයට මහාධිකරණවලින් තෝරාගන්නා විනිසුරුවරුන් සංඛ්‍යාව සාපේක්ෂව අඩු ව ඇති බව මහාධිකරණ විනිසුරුවරුන් පෙන්වා දෙන මතයකි. විශේෂ මහා සභා රැස්වීම්වාරයක් කැඳවමින් අදාළ තීරණය ගැනීමට හේතු වී ඇත්තේ එම තත්ත්වය බව මහාධිකරණ විනිසුරු සංගමයේ ආරංචිමාර්ග සඳහන් ක‍ළේ ය. ඒ අනුව අනාවරණ වන්නේ මුල් අවස්ථා අධිකරණවල සිට ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් උපරිමාධිකරණවලට පත්ව ගොස් සේවය කරන විනිසුරුවරුන් මේ වන සිටින්නේ සීමිත සංඛ්‍යාවක් බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ධුර දරන එවන් විනිසුරුවරුන් සංඛ්‍යාව දෙදෙනෙකු බව ද අභියාචනාධිකරණයේ එම අගය හතරක් බව ද සඳහන් විය. අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ගණන 10ක් වන අතර අභියාචනාධිකරණයේ සමස්ත විනිසුරුවරුන් ගණන 12කි. කෙසේ වෙතත් විශේෂ මහා සභා රැස්වීමේ දී සාකච්ඡා වූ කරුණු අනුව උද්ගතව ඇතැයි කියන අහිතකර තත්ත්වය ද ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කිරීමට බලාපොරොත්තු වේ. මහාධිකරණ විනිසුරුවරවරුන්ගේ මතය වන්නේ සම්ප්‍රදායට පටහැනිව සිදුවන අදාළ කරුණ අධිකරණ ක්‍රියාවලියට ඉතා අහිතකර අන්දමින් බලපානු ඇති බවයි.
2018-05-01T07:13:46.000Z
ලසන්ත ඝාතනයේ තොරතුරු වසන් කිරීමේ චෝදනා ලැබු ප්‍රසන්න නානායක්කාර රිමාන්ඩ්
ලසන්ත ඝාතනය: ප්‍රසන්න නානායක්කාර රිමාන්ඩ්
COLOMBO (News 1st) - මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ තොරතුරු වසන් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා ලබන 14 වැන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ අදාළ නඩුව අද ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් මහතා හමුවේ කැඳ වූ අවස්ථාවේදීය. විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතාට ඇප ලබාදෙන්නැයි ඉල්ලා ඔහුගේ නීතිඥවරයා පසුගිය 23 වෙන දා අධිකරණය හමුවේ කරුණු දැක්විය. ඒ පිළිබඳව අද තීන්දුවක් ලබාදීමට නියමිතව තිබියදී පසුගිය 27 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් ඇප ඉල්ලිමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයෙකු ඉදිරිපත් කිරීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ය. ඒ අනුව රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඇප ඉල්ලිමට එරෙහිව අද අධිකරණයේදී කරුණූ ඉදිරිපත් කළේ ය. රජයේ නීතිඥවරයාගේ කරණු දැක්වීමට ප්‍රතිචාර දැක්වීම සඳහා ප්‍රසන්න නානායක්කාර මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ අනුර මැදගම මහතා කල් ඉල්ලා සිට තිබේ. ඒ අනුව දෙපාර්ශවයේම එකඟතාව මත නඩු විභාගය ලබන 14 වැනි දිනට කල් තැබුණු අතර අද අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් පරික්ෂක තිස්ස සුගතපාල මහතාද ලබන 14 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා.
2018-05-01T07:33:22.000Z
"මෙහෙම ගියොත් පක්ෂෙ ඇතුළෙම පිපිරීම සිදු වෙනවා" - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
"මෙහෙම ගියොත් පක්ෂෙ ඇතුළෙම පිපිරීම සිදු වෙනවා"
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ අර්බුදය පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හරහා යළිත් මතුවෙමින් පවති. පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේ, පසුපෙළ මන්ත්‍රීවරුන් අපෙක්ෂා කළ වෙනස්කම් සිදුව නොමැති බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/1931890506871198/
2018-05-01T07:23:25.000Z
බංග්ලාදේශය ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරට එයි  
බංග්ලාදේශය ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරට එයි  
COLOMBO (News 1st) - නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව බංග්ලාදේශය 8වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටී. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලේඛනය අද ප්‍රකාශයට පත් කෙරිණ. ඒ අනුව තවදුරටත් එහි පෙරමුණේ රැඳී සිටින්නේ ලකුණු 112 ක් රැස් කළ ඉන්දියාවයි. දකුණු අප්‍රිකාව දෙවැනි ස්ථානයේ රැඳී සිටී. මේ අතර තුන්වැනි ස්ථානයේ සිටි නවසීලන්තය සිව්වැනි ස්ථානය දක්වා පසුබැස ඇති අතර තුන්වැනි ස්ථානය හිමි ව ඇත්තේ ඔස්ට්‍රේලියාවටයි. බංග්ලාදේශය නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව 8 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 9 වැනි ස්ථානයට පත්ව තිබේ. ඔවුන් ශ්‍රේණිගත කිරීම්හි 9 වැනි ස්ථානයට පත් වූ පළමු අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකාව එම ලේඛනයේ 6 වන ස්ථානයේ රැඳී සිටී.
2018-05-01T06:15:42.000Z
අමාත්‍ය ධූරය ගැන මාධ්‍යවේදියෙකු ඇසූ පැනයට ඇමති ජෝන් දුන් පිළිතුර
ඇමති ජෝන්ට ඇමති ධූරය අහිමි වෙයි ද?
COLOMBO (News 1st) - අද පැවති කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළේ ය. මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ, ජෝන් අමරතුංග මහතාගේ අමාත්‍ය ධූරය, මන්ත්‍රී රවී කරුණානායක මහතාට ලබාදීමේ සූදානමක් ඇද්ද යන්න පිළිබඳවයි. මෙහිදී අමාත්‍ය ජෝන් අමරතුංග මහතා දැක් වූ අදහස... https://www.facebook.com/NewsfirstSL/videos/1931837446876504/
2018-05-01T05:32:24.000Z
වසර 23 ක් පුරා දූෂණයට වරදකරුවන් වී ඇත්තේ 4ක් පමණයි- අල්ලස් කොමිසම
වසර 23 ක් පුරා දූෂණයට වරදකරුවන් වී ඇත්තේ 4ක් පමණයි
COLOMBO (News 1st) - පසුගිය වසර 23 පුරා මහේස්ත්‍රාත් අධිකරණ මගින් දූෂණ චෝදනාවලට වරදකරුවන් බවට පත් කර තිබෙන්නේ සිව්දෙනෙකු පමණක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අධ්‍යක්ෂ ජෙනරාල් සරත් ජයමාන්න මහතා පවසන බව ඩේලි එෆ්.ටී. වෙබ් අඩවිය වාර්තා කර තිබේ. අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එම වෙබ් අඩවියට පවසා තිබෙන්නේ රටේ අධිකරණ පද්ධතියේ සංකීර්ණ නෛතික ක්‍රියා පටිපාටිය මෙන්ම චෝදනා සැපයීමේ දුෂ්කරතා හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇති බව ය. 1994 අල්ලස් හා දූෂණ පනත යටතේ පසුගිය වසර 23 තුළ එවැනි සිද්ධීන් 75 ක් විභාග කොට තිබුණත් සිව් දෙනෙකුට සාර්ථක ලෙස නඩු පැවරූ බව ත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩි දුරට ත් සඳහන් කර තිබේ.
2018-05-01T07:01:29.000Z
එදා වේල ද? දරුවාගේ අධ්‍යාපනය ද?
එදා වේල ද? දරුවාගේ අධ්‍යාපනය ද?
-- ළඟ ම පාසල හොඳ ම පාසලයි --- අධ්‍යාපන බලධාරීන්ගේ එම සංකල්පයට වලංගු නොවන දරුවන් පිරිසක් පිළිබඳව අනුරාධපුරයෙන් වාර්තතා වේ. නොච්චියාගම අධ්‍යාපන කලාපයට අයත් මඩදෙණිගම සහ බෙල්ලන්කල්ල ගම්මාන දෙකේ දරුවන්ට ළග ම පිහිටි පාසල සොයා සැතපුම් 7ක් දුර යාමට සිදුව තිබෙනවා... පොදු යැයි කියනා කිසිදු පහසුකමක් නැතිව දැඩි දුෂ්කරතා මධ්‍යයේ මේ ගම් දෙකේ ජීවත්වන පවුල් සංඛ්‍යාව 300ක්. හේනක් පිටියක් කර ගෙන ජීවත් වන මේ ජනතාව දරුවන් පාසලට ගෙන රැගෙන ගිය ඔවුන්ට එදා වේල අහිමි වෙනවා නියතයි. වන අලින් ගහන මහා මූකලාන මැදින් පිහිටි මේ පාරේ දරුවා තනිව ම පාසලට පිටත් කළ හොත් ඒ දැන දැන ම දරුවන්ගේ ජීවිත අවදානමේ හෙළීමක් උද්ගතව ඇති තත්ත්වය හමුවේ මේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රාථමික පාසලක් ලබා දෙන ලෙසයි. දරුවා පාසලට ගෙන ගිය හොත් ගොවි බිම් වන අලියාට දන් දුන්නා වැනි යි, ගොවි බිම රැකගෙන දරුවා තනිව පාසලට පිටත් කළ හොත් දැන දැනම සිය දරුවා වන අලියාට බිලි දුන්නා වැනියි. ඔවුන් මුහුණ දී සිටින මේ අවනඩුව ඉහළ යැයි කියා ගන්නා සියලු බලධාරීන්ට දැනුම් දුන්නත් ඒ දෙස ඇහැක් ඇර හෝ බලා ඇති බවක් නම් පෙනෙන්නට නැහැ. අර්ථයක් නැති මහා පරිමාණ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් යොදවන අපේ රටේ බලධාරීන්ට, රටේ ආනාගතය වෙනුවෙන් පාසලක් ඉදි කර දී අයෝජනයක් සිදු කිරීම වැනි සත් ක්‍රියාවකට සිත් පහළ නොවීම එක් අතකින් පුදුමයට කරුණක් නොවෙයි. එහෙත් මේ අසරණ මව්පියන් වෙනුවෙන් බලධාරීන්ගෙන් විමසිය යුතු එක් ප්‍රශ්නයක් තිබෙනවා. සංකල්ප නඩත්තු කිරීම පසෙක තබා දරු පරපුර වෙනුවෙන් ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාවට නැංවිය නොහැක්කේ ඇයි...? https://www.youtube.com/watch?v=UiMQ15lISfY
2018-05-01T03:19:04.000Z
වෙසක් සමය වෙනුවෙන් පැවැත්වූ දන්සල් 37ක් අත්හිටුවයි
වෙසක් සමය වෙනුවෙන් පැවැත්වූ දන්සල් 37ක් අත්හිටුවයි
COLOMBO (News 1st) - වෙසක් සමය වෙනුවෙන් පැවැත්වූ දන්සල් 37ක් අත්හිටුවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසුවේ, දන්සල් සඳහා මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර භාවිතය, රෝගී පුද්ගලයින් සේවයේ යෙදවීම සහ අපිරිසිදු බව හේතුවෙන් දන්සල් අත්හිටුවීමට පියවර ගත් බව ය. ඒ අතර සිසිල් බීම දන්සල් 24ක් ද බත් දනසල් 8ක් ද වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. දිවයින පුරා දන්සල් 3983ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර ලියාපදිංචි දන්සල් සංඛ්‍යාව 2625කි.
2018-05-01T03:02:47.000Z
විසිතුරු මත්ස්‍ය වගාව දිරි ගැන්වීමට පියවර
විසිතුරු මත්ස්‍ය වගාව දිරි ගැන්වීමට පියවර
COLOMBO (News 1st) - විසිතුරු මත්ස්‍ය වගාව දිරි ගැන්වීමට ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ. එම අධිකාරිය සඳහන් කළේ, දිවයින පුරා සුළු, මධ්‍යම සහ වාණිජ මට්ටමින් විසිතුරු මත්ස්‍ය වගාව දිරි ගැන්වීමට පියවර ගෙන ඇති බව ය. මෙම වසර තුළදී විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් රුපියල් මිලියන 2500ක ආදායමක් අපේක්ෂා කරන බව ද අධිකාරිය සඳහන් කළේ ය. විසිතුරු මත්ස්‍ය වගාව සඳහා තරුණ තරුණියන් දිරි ගැන්වීම හා ගොවිපොළ හිමියන් වාණිජ වගාව සඳහා දිරි ගැන්වීමට ද ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.
2018-05-01T01:54:42.000Z
සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේ අවසන් දිනය අදයි
සිරස වෙසක් කලාපයේ අවසන් දිනය අදයි
COLOMBO (News 1st) - සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේ අවසන් දිනය අදයි. වෙසක් කලාපයේ වැඩ වසන සර්වඥ හා මහරහත් ධාතූන් වහන්සේ වන්දනාමාන කර ගැනීමට ඊයේ රාත්‍රීයේ ද දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් පැමිණ සිටියහ. සර්වඥ, අග්‍රශ්‍රාවක හා මිහිදු මහරහතන් වහන්සේ ඇතුළු මහරහත් ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීම සඳහා පැමිණි සැදැහැවතුන්ගෙන් ඊයේ දිනය පුරා සිරස ප්‍රධාන කාර්යාල පරිශ්‍රය අවට පිරී ඉතිරී තිබිණි. මිහින්තලා රජමහා විහාරස්ථානයේ සිට වැඩම කරවූ සර්වඥ ධාතූන් වහන්සේ සහ අනුබුදු මිහිදු මහරහත් ධාතූන් වහන්සේ මෙන් ම තිස්සමහාරාම සඳගිරි සෑ සර්වඥ ධාතූන් වහන්සේ ද වන්දනාමාන කර ගැනීමට අදත් ජනතාවට අවස්ථාව හිමි වේ. මරදාන අග්‍රශ්‍රාවක මහා විහාරයේ සිට වැඩම කරවූ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහනසේ ද සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේදී දැකගත හැකි අතර එය වන්දනාමාන කර ගැනීමේ අවසන් දිනය අදයි. 19 වන සියවසේ අගභාගයේදී තායිලන්තයේ චූලාලංකාර රජු විසින් ගාල්ල ශ්‍රී පරමානන්ද රජමහා විහාරස්ථානයට පූජා කළ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ද මෙවර වෙසක් කලාපයට වැඩම කරවා තිබේ. මහා සංඝරත්නය, දේශපාලනඥයින් ඇතුළු තවත් විශාල පිරිසක් ද ඊයේ දිනය පුරා ධාතූන් වහන්සේලා වන්දනා කර ගැනීම සඳහා සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයට පැමිණ සිටියහ. ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට අමතරව සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය තුළට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් තවත් අංග රැසක් එක් කර තිබේ. සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය තුළ නිර්මාණය කර ඇති සුවිශේෂී අංග අතර කුක්කුට ජාතක කතා වස්තුව නිරූපණය කෙරෙන වර්ණවත් තොරණ කාගෙත් සිත් ගත් අංගයකි. කෙවිල්ටන් විදුලි උපාංග සමාගම ඉදිරිපත් කරන දර්ශනීය වෙසක් කූඩුව මෙන් ම ශ්‍රී ලංකා නාවික හමුදාව ඉදිරිපත් කරන වෙසක් පහන් කූඩු රැසකින් ද වෙසක් කලාපය වර්ණවත් වේ. සදැහැ ගී ප්‍රසංග සමග ද වෙසක් කලාපය වෙත පැමිණෙන සැදැහැවතුන්ට එක් විය හැකි ය. පැමිණෙන සැදැහැවතුන්ගේ විඩාව දුරු කිරීමේ අරමුණින් සංවිධාන වූ සිසිල් පැන්, කඩල දන්සැල් මෙන් ම බත් දන්සලක් ද වෙසක් කලාපය තුළ අදත් ක්‍රියාත්මක ය. මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විචිත්‍රවත් පෙරහැරකින් වෙසක් කලාපය අද රාත්‍රියේත් වර්ණවත් කිරීමට නියමිත ය.
2018-05-01T01:27:05.000Z
හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 25 වන ගුණ සැමරුම අලුත්කඩේ පිහිටි ප්‍රේමදාස මහතාගේ පිළිරුව අභියසදී
රණසිංහ ප්‍රේමදාස මහතාගේ 25 වන ගුණ සැමරුම
COLOMBO (News 1st) - හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 25 වන ගුණ සැමරුම අදට යෙදී තිබේ. එහි ප්‍රධාන සැමරුම් උත්සවය අද පැවැත්වුණේ, කොළඹ අලුත්කඩේ පිහිටි ප්‍රේමදාස මහතාගේ පිළිරුව අභියසදී ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවය ඇරඹුණේ, හිටපු ජනාධිපති බිරිඳ හේමා ප්‍රේමදාස මහත්මිය ඇතුළු පිරිස ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටියහ. ගුණානුස්මරණයට සමගාමීව පවුල් 2308කට නිවාස ඔප්පු පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි. කම්කරු පක්ෂයෙන් දේශපාලන අත්පොත් තැබූ රණසිංහ ප්‍රේමදාස මහතා මුලින් ම කොළඹ නගර සභාවට තේරී පත්වී ටික දිනකින් නියෝජ්‍ය පුරපති ධූරයට පත් විණි. ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ, 1965දී ය. එතැන් සිට පළාත් පාලන අමාත්‍ය ධූරය, අගමැති ධූරය සහ මෙරට දෙවන විධායක ජනපති ධූරය දක්වා ප්‍රේමදාස මහතා පැමිණියේ ය. මෙරට නිවාස විප්ලවයකට මුල් වූ ගම් උදාව මෙන් ම ජන සවිය, මාපිය කැපකරු ක්‍රමය, පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබා දීම ඇඟලුම් කම්හල් 200 වැඩසටහන ආදී යුග යුග අමතක නොවන ජන මෙහෙවරක නියැලුණ රණසිංහ ප්‍රේමදාස මහතා 1993 මැයි පෙළපාලියට සහභාගී වී සිටි අතුරතුර ඝාතනයට ලක් විය.
2018-05-01T00:54:14.000Z
අද පත් වූ නව කැබිනට් ඇමතිවරු මෙන්න...
අද පත් වූ නව කැබිනට් ඇමතිවරු මෙන්න...
COLOMBO (News 1st) - කැබිනට් සංශෝධනය මීට සුළු වේලාවකට පෙර අවසන් විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කැබිනට් අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු විය. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය. මෙහිදී කැබිනට් අමාත්‍ය ධූර 18ක් සංශෝධනය කෙරිණි. අද පත් කෙරූ නව කැබිනට් අමාත්‍ය ධූර පහත දැක්වේ. 1 ලක්ෂ්මන් කිරිඇල්ල - රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය 2 ආචාර්ය සරත් අමුණුගම - විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු හා උඩරට උරුමය අමාත්‍ය 3 එස්.බී. නාවින්න - අභ්‍යන්තර හා වයඹ කටයුතු සංවර්ධන අමාත්‍ය 4 මහින්ද අමරවීර - කෘෂිකර්ම අමාත්‍ය 5 දුමින්ද දිසානායක - වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය 6 පී. හැරිසන් - සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය 7 කබීර් හෂීම් - අධිවේගී මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය 8 රංජිත් මද්දුමබණ්ඩාර - නීතිය හා සාමය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය 9 තලතා අතුකෝරළ - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය 10 ෆයිසර් මුස්තෆා - ක්‍රීඩා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය 11 විජිත් විජයමුණි සොයිසා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය 12 ඩී.එම්. ස්වාමිනාදන් - පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම්, උතුරු පළාත් සංවර්ධනය සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය 13 සාගල රත්නායක - ව්‍යාපෘති කළමනාකරණය, යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය 14 මනෝ ගනේෂන් - ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය 15 දයා ගමගේ - සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය 16 ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා - තිරසර සංවර්ධනය, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ අමාත්‍ය 17 රවීන්ද්‍ර සමරවීර - කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය 18 විජයදාස රාජපක්ෂ - උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට මෙම සංශෝධනයේදී යළිත් අමාත්‍ය ධූරයක් හිමි වීම විශේෂත්වයකි. https://www.youtube.com/watch?v=S5dgZ_EcBtQ
2018-04-30T22:05:19.000Z
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව හෙට
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය කටයුතු හෙට
COLOMBO (News 1st) - අභාවප්‍රාප්ත ලොව ජ්‍යෙෂ්ඨතම සිනමාකරු, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, රසික රසිකාවියන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙමින් සිටිති. මහජන ගෞරව දැක්වීම සඳහා දේහය මේ වන විට තැන්පත් කර තිබෙන්නේ තිඹිරිගස්යාය, ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නිවසේ ය. අභාවප්‍රාප්ත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් හෙට සවස නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වේ. ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, හෙට පෙරවරුවේ නිවසේදී ආගමික වතාවත් පවත්වා රිය පෙරහැරකින් දේහය නිදහස් චතුරශ්‍රයට රැගෙන ඒමට නියමිත බව ය. ජාතික චිත්‍රපට සංස්ථාව අසලදී කලාකරුවන් විසින් දේහය භාර ගැනීමට නියමිතව තිබේ. ආදාහන උත්සව සංවිධායක කමිටුව පවසන්නේ, චිත්‍රපට සංස්ථාව අසලදී කලාකරුවන් විසින් පිළිගනු ලබන දේහය රූපවාහිනී සංස්ථාවත් ගුවන්විදුලි සංස්ථාවත් අතර මාර්ගය ඔස්සේ නිදහස් චතුරශ්‍රය වෙත ප්‍රවේශ වන බව ය. ආදාහන උත්සවය පැවැත්වෙන කාලයේදී කොළඹ නිදහස් චතුරශ්‍රය හා ඒ අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කළේ ය. ලොව ජ්‍යෙෂ්ඨතම සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා පෙරේදා රාත්‍රී 8.45ට පමණ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍ර‍තිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 99 වන වියෙහි පසු විය.
2018-04-30T20:39:48.000Z
ඉරානය රහසිගතව න්‍යෂ්ටික අවි වැඩසටහනක - ඊශ්‍රායලයෙන් චෝදනා
ඊශ්‍රායලයෙන්, ඉරානයට චෝදනා
(News 1st) - ඉරානය රහසිගතව න්‍යෂ්ටික අවි ක්‍රියාකාරකම් සිදුකරන බව ඊශ්‍රායලය පවසයි. රහසිගත න්‍යෂ්ටික ලිපි ගොනු අනාවරණය කරමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ, ඉරානය රහසිගතව න්‍යෂ්ටික අවි ක්‍රියාකාරකම් සිදු කරන බව ය. ඉරානය ලොව හමුවේ ඒ බව ප්‍රතික්ෂේප කළ ද පිටු දහස් ගණනකින් සමන්විත තොරතුරු මගින් එය අනාවරණය වන බව ද බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ ය. කෙසේ වෙතත් සම්බාධක ඉවත් කර ගැනීම සඳහා සිය න්‍යෂ්ටික බලශක්ති වැඩපිළිවෙළ නතර කර දැමීමට 2015 දී ඉරානය එකඟතාව පළ කළ බව විදෙස් වාර්තා සඳහන් කළේ ය. ඊශ්‍රායල අගමැතිවරයා පවසන්නේ, නමුත් එය ගිවිසුමකට පමණක් සීමා වී ඇති බව ය. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් නතර කිරීම සඳහා අමෙරිකාව සමගින් තවත් ජාත්‍යන්තර බලවතුන් 5 දෙනෙකු ගිවිසුමකට එළැඹුණ ද මේ වන විට එය අර්බුදයට ලක්ව තිබේ. ඔබාමා යුගයේ මෙම එකඟතාවෙන් අමෙරිකාව ඉවත්වීමේ තර්ජනයට ලක්ව ඇති අතර ජනපති ට්‍රම්ප් පවසන්නේ, එය නෙතන්යාහුගේ ඉදිරිපත් කිරීම්වල කොටසක් තමන් සලකන අතර පවතින තත්ත්වය අනුමත කළ නොහැකි බව ය. න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් මේ මස 12 වන දා හෝ ඊට පෙර තමන් තීරණයක් ගන්නා බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළේ ය. එහෙත් යුරෝපා බලවතුන් පවසන්නේ තමන් න්‍යෂ්ටික එකඟතාව ආරක්ෂා කිරීමට කැපවී සිටින බව ය.
2018-04-30T20:21:44.000Z
ලෝක කම්කරු දිනය අදයි
ලෝක කම්කරු දිනය අදයි
COLOMBO (News 1st) - ලෝක කම්කරු දිනය අදට යෙදී තිබේ. එහෙත් මෙවර අප මැයි දිනය සමරනු ලබන්නේ ලබන 7 වන දා ය. මැයි දිනය සමග යෙදී තිබෙන වෙසක් සතිය සැලකිල්ලට ගනිමින් මැයි පෙළපාලි සහ රැස්වීම් මැයි 7 වන දිනට කල් දැමීමට පසුගියදා රජය තීරණය කළේ ය. රජය එම තීරණයට එළැඹුණේ, මහා සංඝරත්නය කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි. මේ අතර මැයි 7 වන දා රජයේ නිවාඩු දිනයක් බවට ප‍්‍රකාශයට පත් කර ඇති අතර එදිනට ලෝක කම්කරු දින වැඩසටහන් සඳහා එක්වන ලෙස රජය සියලු දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති වෙතින් ඉල්ලා සිටියි. පැය 8ක වැඩමුරයක් ඉල්ලා ඇරඹුණු කම්කරු සටනක් මහා ලේ වැගිරීමකින් කෙළවර වූයේ, එක්තරා දිනයක් ලෝකයට කිසිදා අමතක නොවන ලෙස සලකුණු කරමිනි. ඒ, ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය යි. කම්කරු දිනයේ ඉතිහාසය... 1886 අද වැනි දිනක අමෙරිකාවේ චිකාගෝ නගරය උණුසුම් වූයේ අසාධාරණයට එරෙහිව නැගී සිටි කම්කරු පිරිසකගේ විරෝධතාවක් හේතුවෙනි. පසුව එම දිනය ලොව පුරා වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් අවධාරණය කරන සුවිශේෂී දිනය බවට පරිවර්තනය විය. ශ්‍රී ලංකාවේ කම්කරු ප්‍රජාව ලෝකවාසී කම්කරුවන් සමග එක්සත්ව පෙළ ගැසුණේ, සිය අයිතීන් දිනාගැනීමේ අඛණ්ඩ අරගලයේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. ලෝක ඉතිහාසයේ තවත් අමරණීය දිනයක සටහන් තබමින් වර්ෂ 1886 මැයි මස 01 වන දා අමෙරිකාවේ චිකාගෝ නුවරට කම්කරුවන් පිරිසක් රැස් වූයේ, තම වැඩමුරය පැය 8 කට සීමා කරන්නැයි ඉල්ලමිනි. එදා සටන් පාඨ කියමින් එම උද්ඝෝෂණයට එක්වූ පිරිස දහසකට අධික ය. වැඩ වර්ජනය දිගින් දිගට ම ක්‍රියාත්මක වෙද්දී තුන් වන දිනයේ ඊට එක්ව සිටි කම්කරුවන් පිරිස 65000 ඉක්මවීය. වර්ෂ 1886 මැයි මස 03 වනදා වැඩ වර්ජනයේ තීරණාත්මක දිනය විය. හාම්පුතුන්ගේ මෙහෙයවීමෙන් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් පිරිසක් වැඩ වර්ජනයට ප්‍රහාරයක් එල්ල කළේ, කම්කරුවන් සිව් දෙනෙකුගේ දිවි අහිමි කරමිනි. මේ පහර දීමට විරෝධය පළ කරමින් මැයි මස 04 වන දා හේමාර්කට් චතුරශ්‍රයට කම්කරුවන් පිරිසක් එක්වූහ. එදා පොලීසිය හා කම්කරුවන් වචන හුවමාරුවක පැටලුණු අවස්ථාවේ එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් එක් පොලිස් නිලධාරියෙකු මිය ගියේ ය. ගැටුමක් දක්වා වර්ධනය වූ එය තවත් උග්‍ර වූයේ, පොලිස් නිලධාරීන් 06 දෙනෙකුට ජීවිත අහිමි කරමිනි. ගැටුමින් මිය ගිය කම්කරුවන් සංඛ්‍යාව අදට ත් ගණන් බලා නොමැත. ඔගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්ඩ්න්ස්, ඇඩොල්ෆ් ෆීෂර්, එන්ගල්ස්, සැමුවෙල් ෆීල්ඩන්, ලුයිස් ලන්ග්, මයිකල් ස්ට්වැච් හා ඔස්කා නිබේ යන කම්කරු නායකයින් පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරිණි. ඒ අනුව ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් නියම වූ අතර සැමුවෙල් ෆීල්ඩන්, මයිකල් ස්ට්වැච් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳීමට සිදු විය. සෙසු කම්කරු නායකයින් පස් දෙනා එල්ලා මැරීමට නියම විය. 1889 වසරේ රැස්වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේ, පැය 8ක සේවා කාලයක් ඉල්ලා අරගල කරමින් රුධිරය වැගිරු තම සගයින් සදාතනිකව සිහිකිරීමට ය. ඒ අනුව සෑම වසරක ම මැයි 01 වන දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් වුණේ, අදට ත් කම්කරුවන්ගේ අයිතිවාසිකම් රැක දෙන දිනයක් ලෙස හඳුන්වමිනි.
2018-04-30T20:03:46.000Z
බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශන
පුද්ගලයින් 30කට තුවාල සිදු කළ බස් රථ අනතුර
COLOMBO (News 1st) - පුද්ගලයින් 30 දෙනෙකුට තුවාල සිදු කරමින් කටුගස්තොට - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මඩවල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් ඊයේ පස්වරුවේ අනතුර සිදු විය. පොලීසිය පැවසුවේ, අනතුරට ලක්වූවන් ප්‍රතිකාර සඳහා මහනුවර සහ අවට රෝහල්වලට ඇතුළත් කර ඇති බව ය.
2018-04-30T19:52:06.000Z
අකුරට වැඩ වනජීවී නියාමක ගැටලු විසඳීමට විශේෂ සාකච්ඡාවක්
අකුරට වැඩ වනජීවී නියාමක ගැටලු විසඳීමට සාකච්ඡාවක්
COLOMBO (News 1st) - සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අද සාකච්ඡාවක් පැවැත්වෙන බව වනජීවී නියාමකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති ඉන්දික වසන්ත පීරිස් මහතා සඳහන් කළේ, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තම ඉල්ලීම්වලට විසඳුමක් නොලැබුණහොත් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන බව ය. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගම්වදින වන අලි පළවා හැරීම ඇතුළු කටයුතු රැසක් අඩාල වී ඇතැයි වනජීවී නියාමකවරුන්ගේ සංගමය පවසයි. වනජීවී නියාමකවරුන් පසුගිය සිකුරාදා සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන්නේ, දිරි දීමනා ගැටලුවක් මුල් කර ගනිමිනි. මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාගෙන් විමසීමක් කළේ ය. ඔහු පැවසුවේ, අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් වන අලීන් පළවා හැරීම් සහ ප්‍රතිකාර කිරීම්වලට කිසිදු බාධාවක් එල්ල වී නොමැති බව ය. වෙනත් නිලධාරීන් යොදවා එම කටයුතු සිදු කරන බව ඔහු සඳහන් කළේ ය.
2018-04-30T19:40:01.000Z
කැබිනට් සංශෝධනය අද පෙරවරුවේ
කැබිනට් සංශෝධනය අද පෙරවරුවේ
COLOMBO (News 1st) - අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක් අද සිදු වීමට නියමිතව තිබේ. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අද පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එය සිදුවන බව ය. කැබිනට් සංශෝධනය අද පෙරවරුවේ සිදුවන බව රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙක් ම තහවුරු කළහ. ඔවුන් පැවසුවේ, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය තනතුරු වෙනස් නොවනු ඇති බව ය. ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ, අද උදෑසන 9.30ට ජනාධිපති කාර්යාලයට පැමිණෙන්නැයි අමාත්‍යවරුන්ට දන්වා ඇති බව ය. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේදී පක්ෂව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 6 දෙනා මේ වන විට ඉල්ලා අස්වී සිටින අතර එම තනතුරුවලට තාවකාලිකව අමාත්‍යවරුන් පත් කර තිබේ. කම්කරු, සමාජ සුබ සාධන හා සවිබල ගැන්වීම් යන අමාත්‍යංශ මෙම තාවකාලික පත් කිරීම්වලදී එක්සත් ජාතික පක්ෂයට ලබා දුන්නේ ය. මේ වන විට එම විෂයන් භාරව කටයුතු කරන්නේ, අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ය.
2018-04-30T11:22:24.000Z
වෙසක් දුම්රිය සේවා කොයිබට ද..?
වෙසක් දුම්රිය සේවා කොයිබට ද..?
COLOMBO (News 1st) : වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ඊයේ, අද මෙන්ම හෙටත් ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් ය. අදාළ නිවේදනය අනූව හෙට අලුයම 1ට මරදාන සිට අලුත්ගම දක්වා විශේෂ දුම්රියක් ධාවනය කිරීමට නියමිත අතර, තවත් දුම්රියක් කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා ද හෙට අලුයම 1ට ගමන් ආරම්භ කිරීමට නියමිතයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පසුගිය 28 වන දා නිකුත් කළ නිවේදනයට අනූව මෙම විශේෂ දුම්රිය සේවා ආරම්භ වුණේ ඊයේ සිටයි. නමුත්, මාධ්‍ය හරහා දුම්රිය දෙපාර්තමේන්තුවත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවත් නිවේදනය කළ ආකාරයට විශේෂ දුම්රිය ධාවනය නොවූ බවට මගීන් චෝදනා කරයි. ඊයේ රාත්‍රි 8.30ට අලුත්ගම සිට මරදාන දක්වා ධාවනය කෙරෙන බව කී විශේෂ දුම්රිය ධාවනය නොවීමෙන් පීඩාවට පත් මගියෙකු අද උදෑසන අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලබා දී තිබුණේ, අද එම දුම්රිය ධාවනය වන බව සහතික කර ගැනීමේ අරමුණිනි.
2018-04-30T09:01:42.000Z
හෙට තවත් කැබිනට් සංශෝධනයක්....
හෙට තවත් කැබිනට් සංශෝධනයක්....
කඅමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට පෙරවරුවේ සිදුවන බව රජයේ අමාත්‍යවරු කිහිපදෙනෙක් ම තහවුරු කළහ. ඔවුන් පැවසුවේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය තනතුරු හෙට වෙනස් නොවනු ඇති බවයි. ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ, හෙට උදැසන 9.30ට ජනාධිපති කාර්යාලයට පැමිණෙන්නැයි අමාත්‍යවරුන්ට දන්වා ඇති බවයි. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගයේදී පක්ෂව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 6 දෙනා මේ වනවිට ඉල්ලා අස්වී සිටින අතර එම තනතුරුවලට තාවකාලිකව අමාත්‍යවරුන් පත්කර තිබේ. කම්කරු , සමාජ සුබ සාධන හා සවිබල ගැන්වීම් යන අමාත්‍යාංශ මෙම තාවකාලික පත්කිරීම්වලදී එක්සත් ජාතික පක්ෂයට ලබා දුන්නේ ය. මේ වනවිට එම විෂයයන් භාරව කටයුතු කරන්නේ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතායි. මේ අතර රවී කරුණානායක හා විජේදාස රාජපක්ෂ මහත්වරුන්ට නැවතත් අමාත්‍ය ධුර හිමිවේ දැයි මේ දිනවල බොහෝ දෙනෙකුගේ කථාබහට ලක්ව තිබේ. අමාත්‍ය දයා ගමගේ මහතාගේ මූලිකත්වයෙන් පැපිලියානේ ඉදි කළ තොරණ විවෘත කිරීමට ඊයේ අග්‍රාමාත්‍යවරයා පැමිණි අතර ඔහු විජේදාස රාජපක්ෂ මහතා සමග සමීප අසුනක වාඩිවී කථාබහ කරමින් සිටිනු දැකගත හැකි විය. https://www.youtube.com/watch?v=_wfwGB1gAok
2018-04-30T09:11:15.000Z
හෙළ සිනමා සිතියමේ සදාතනික රන් රේඛාව, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්...
හෙළ සිනමා සිතියමේ සදාතනික රන් රේඛාව....
COLOMBO (News1st) : සිනමාවේ සජිවී යුගයක් අවසන් කරමින් හෙළ සිනමාවට නිධානයක් වූ ලොව ජ්‍යේෂ්ඨතම සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත විය. ලොව ජ්‍යේෂ්ඨතම සිනමාකරු, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඊයේ රාත්‍රි 8.45 ට පමණ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍ර‍තිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 99 වැනි වියේ පසුවිය. දේහය, අද දහවල් තිඹිරිගස්යාය, ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නිවසට රැගෙන ආ අතර අනිද්දා පෙරවරු 10 දක්වා අවසන් ගෞරව දැක්වීම සඳහා එහි තැන්පත් කර තිබේ. ලබන බදාදා පස්වරු 4 ට දේහය පිළිබඳ අවසන් කටයුතු නිදහස් චතුරස්‍රයේදී සිදුකෙරෙන්නේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ ය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පිළිබඳව සටහනක්... 1919 වසරේ අප්‍රේල් 5 වනදා දෙහිවලදී උපන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි සිසුවෙකි. වයස අවුරුදු 17 දී ඩේලි නිව්ස් පුවත්ප‍තින් පත්‍ර‍කලාවේදියෙකු ලෙස වෘත්තිය දිවිය ආරම්භ කළ ඔහු, පසුව කෙටි චිත්‍ර‍පට නිර්මාණකරණයට පිවිසියේ තමා සතු ද්විභාෂා දැනුම ද උපයෝගී කරගනිමිනි. බ්‍රිතාන්‍යයට ගොස් සිනමාවේ සියලු හැඩතල උගත් ඔහු, 1956 වසරේ දෙසැම්බර් 29 වන දා රේඛාව සිනමා පටය රටට දායාද කරමින් මහා සිනමා විප්ලවයක ආරම්භය සනිටුහන් කළේ ය. එතෙක් පැවති හින්දි අනුකරණවාදී සිනමා රැල්ලට ප්‍ර‍බල අභියෝගයක් එල්ල කළ ඔහු , එදා සිනමාවට හෙළ ලකුණු මුසු කිරීමට සමත් විය. චිත්‍රාගාර තුළ අමුද්‍රව්‍ය යොදා ගනිමින් මැවුණු කෘත්‍රිම රූ රටා වෙනුවට, සිනමා කැමරාව චිත්‍රාගාරයෙන් පිටතට ගෙන ගොස් ස්වභාවිකත්වය සිනමාවට ආරෝපණය කළ පළමු ලාංකීය සිනමාකරුවා ලෙස ඔහු එදා ඉතිහාස ගතවිය. සිනමාව මායාවක් කළ කෘත්‍රිම දෙබස් වෙනුවට සාමාන්‍ය ජන ව්‍යවහාරය සිනමාවට ආරෝපණය කළ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා රේඛාවෙන් හෙළ සිනමා ගීත කලාවක ආරම්භය ද සනිටුහන් කළේ ය. ඔහු, රේඛාව ප්‍රංශයේ කාන්ස් සිනමා උළෙලට රැගෙන යන්නේ තම පළමු සිනමා නිර්මාණය මෙන්ම ශ්‍රී ලංකාව යන නාමය, ලෝක සිනමා සිතියමේ ඉහළින්ම සනිටුහන් කරමිනි. මහා ගත්කරු මාර්ටින් වික්‍ර‍සිංහයන්ගේ ගම්පෙරළිය, කළියුගය සහ යුගාන්තය යන තුන් ඈදුතු නවකතා, තුන්ඈදුතු සිනමා නිර්මාණ බවට පත් කළ ලෙස්ටර්, නවකතාව සිනමාවට නැගීමේ පුරෝගාමියෙකු බවට ද පත් විය. සංදේශය, රන්සළු, දෙලොවක් අතර, ගොළු හදවත, නිධානය, වෑකන්ද වලව්ව වැනි අනගි නිර්මාණ ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා චාරිකාවේ මං සලකුණු කිහිපයකි. 1963 වසරේදී ගම්පෙරළිය චිත්‍රපටය නිපදවීමත් සමග ආසියාවේ හොඳ ම සිනමාකරුවන් දස දෙනා අතරට ඇතුළත් වු ඔහු, 1972 නිර්මාණය කළ නිධානය, ආසියාවේ හොඳ ම චිත්‍රපට දහයට ඇතුළත් විය. ආසියාවට ද සිනමාවක් පවතින බව බටහිර ලෝකයට පෙන්වූ සිනමා නිර්මාණ ලෙස ලෝකයාගේ සම්භාවනාවට පත්ව ඇත්තේ ඉන්දියාවේ සත්‍යජිත් රායිගේ පාතර් පංචාලී, ජපානයේ අකිර කුරසෝවාගේ රෂෝමන් සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව යන සිනමාපට ත්‍රිත්වයයි. රේඛාවෙන් ඇරඹි සිය සිනමා චාරිකාව තුළ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා හෙළ සිනමාවට දායාද කර ඇති සිනමා පට ගණන 20 කි. ඔහුගේ අවසන් නිර්මාණය වන්නේ 2006 වසරේදී තිරගත වූ අම්මාවරුනේ සිනමාපටයයි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අවසන් ගමන් ගියේ ඔහුගේ කතා සංකල්පයකට අනුව ප්‍ර‍වීණ චිත්‍ර‍පට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ වෛෂ්ණාවි සිනමා පටය දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වෙමින් පවතින අවස්ථාවකදීයි. ධර්මසේන පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක, ප්‍ර‍සන්න විතානගේ, අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර ඇතුළු පසුව බිහිවූ මෙරට සම්මානනීය සිනමාකරුවන්, සිය සිනමා භාවිතය තුළ නිරූපණය කළේ ලෙස්ටර්ගේ සිනමා ආඛ්‍යානයයි. සිය ජීවිතය සේම, හරි හම්බ කරගත් සියලු වස්තූන් සිනමාව වෙනුවෙන් කැප කළ මේ මහා සිනමාකරුවා අවසානයේ කුලී නිවසකදී සිය ජීවිත ගමන අවසන් කළේ, සිනමාවේ පියාණන් යන විරුදාවලියට සැබෑම ජීවයක් මුසු කරමිනි. හෙළ සිනමාවේ පියාණන් වන, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් යන නාමය, ලෝක සිනමා සිතියමේ සදාතනික රන් රේඛාවක් වනු ඇති. https://www.youtube.com/watch?v=E9VHFlu5qUA
2018-04-30T09:21:19.000Z
සිරස වෙසක් කලාපයට දහස් සංඛ්‍යාත සැඳැහැවතුන් පිරිසක්
සිරස වෙසක් කලාපයට දහස් සංඛ්‍යාත සැඳැහැවත් පිරිසක්
සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපය වෙත වැඩම කෙරුණු සර්වඥ හා මහරහත් ධාතූන් වහන්සේ වන්දනාමාන කරගැනීමට අද අලුයම සිට දහස් සංඛ්‍යාත ජනතාවක් පැමිනෙමින් සිටිති. සර්වඥ , අග්‍රශ්‍රාවක හා මිහිදු මහරහතන් වහන්සේ ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා පැමිණි සැදැහැවතුන්ගෙන් අද උදෑසන සිට සිරස ප්‍රධාන කාර්යාල පරිශ්‍රය අවට පිරී ඉතිරී තිබිණ. අදත් සැදැහවතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාව උදාවුණේ, ධාතූන් වහන්සේ උදෙසා සිදුකළ තේවාවෙන් පසුවයි. මිහින්තලා රාජමහා විහාරස්ථානයේ සිට වැඩම කළ සර්වඥ ධාතුන් වහන්සේ සහ අනුබුදු මිහිදු මහරහත් ධාතූන් වහන්සේ මෙන්ම තිස්සමහාරාම සඳගිරි සෑ සර්වඥ ධාතූන් වහන්සේ ද වන්දනාමාන කරගැනීමට අදත් ජනතාවට අවස්ථාව හිමි වේ. මරදාන අග්‍රශ්‍රාවක මහා විහාරයේ සිට වැඩම කරවූ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහනසේද සිරස - යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයේදී දැකගත හැකි අතර එය වන්දනාමාන කර ගැනීමේ අවස්ථාව ද බැතිමතුන්ට හිමියි. 19 වන සියවසේ අගභාගයේදී තායිලන්තයේ චූලාලංකාර රජු විසින් ගාල්ල ශ්‍රී පරමානන්ද රජමහා විහාරස්ථානයට පූජා කළ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ද මෙවර වෙසක් කලාපයට වැඩම කරවා තිබේ. https://www.youtube.com/watch?v=QEzrtv98BOA මේ අතර සිරස වෙසක් කලාපය මෙවරත් අංග රැසකින් සමන්විත වේ. සිරස - යුනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයට සමගාමීව 5 වන වරටත් කෙවිල්ටන් පුද්ගලික සමාගම සංවිධානය කළ ලේ දන් දීමේ කඳවුර අද පෙරවරුවේ පැවැත්විණ. ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කළ විචිත්‍රවත් පෙරහැර ඊයේ රාත්‍රීයේ වීථි සංචාරය කළ අතර එය අදත් පැවැත්වීමට නියමිතයි. කුක්කුට ජාතක කථා වස්තුව රැගත් වෙසක් තොරණ හා ආලෝකෝ උදපාදී චිත්‍රපටය ප්‍රධාන වේදිකාවේදී දැක බලා ගැනීමේ අවස්ථාව ද සිරස යූනියන් ඇෂුවරන්ස් වෙසක් කලාපයට පැමිණෙන ඔබට උදාවේ. මේ අතර සිරස FM සංවිධාන කළ සමස්ත ලංකා සැදැහැ ගී තරගාවලියේ අවසන් අදියරද අද හෙට යන දිනයන්හිදී වෙසක් කලාපයේදී පැවැත්වේ. බැතිමතුන්ගේ පහස නිවීම සඳහා කඩල හා බත් දන්සල් අද ත් ක්‍රියාත්මක විය. https://www.youtube.com/watch?v=V2rw_yMZlRs
2018-04-30T04:38:31.000Z
එප්පාවල අපරාධ අංශ ස්ථානාධිපතිගේ වැඩ තහනම්
එප්පාවල අපරාධ අංශ ස්ථානාධිපතිගේ වැඩ තහනම්
COLOMBO (News 1st) : එප්පාවල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සේවය වහා ම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. ඒ පසුගිය 28 වන දා එප්පාවල මාවතවැව ශෛල්‍ය බිම්බාරාම විහාරස්ථනයේදී කාන්තාවන් ඇතුළු ගම්වාසින් පිරිසකට පහර දිමේ සිද්ධියට අදාළව සිදුකරන පරීක්ෂණවලට අදාළවයි. එප්පාවල මාවතවැව ශෛල්‍ය බිම්බාරාම විහාරස්ථනයේ භාරකරත්වය සම්බන්ධයෙන් කැකිරාව අධිකරණයේදී පැවති නඩුවකින් පසුව එහි භාරකාරත්වය මාලිගාතැන්නේ රතනසාර හිමියන්ට පැවරිමට යාමේදී ගම්වාසින් සහ පොලීසිය අතර ගැටුමක් හට ගැනිණ. ගම්වාසින් පිරිසක් මෙම විහාරස්ථානයේ භාරකාරත්වය හිටපු හිමිනම වන කුකුලේගම ශාන්තරතන හිමියන්ට ලබාදිය යුතු බවට ප්‍රකාශ කිරීමත් සමග ගම්වාසින් සහ හිමිවරැන් අතර ගැටුමක් හටගත් බව පොලීසිය පවසයි. ගැටුමට සම්බන්ධ කාන්තාවන් තිදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙක් එදින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැරිණ. සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීම සඳහා උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහ කැබිතිගොල්ලැව සහකාර පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ ආරම්භ කිරිමට පියවර ගත් බව පොලීසිය ප්‍රකාශ කළේ ය. ඒ අනුව සහකාර පොලිස් අධිකාරිවරයා විසින් සිදුකරන ලද පරීක්ෂණයෙන් අනතුරුව එප්පාවල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සේවය මෙලෙස අත්හිටුවා තිබේ.