date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-04-07T21:18:53.000Z | සිරියාවේ විෂ වායු ප්‍රහාරයකින් 150 දෙනෙකු මරුට | සිරියාවේ විෂ වායු ප්‍රහාරයකින් 150 දෙනෙකු මරුට | COLOMBO (Newsfirst) - සිරියාවේ ග්වෝතා ප්‍රදේශයට එල්ල වූ විෂ වායු ප්‍රහාරයකින් පුද්ගලයින් 150 දෙනෙකු පමණ මියගොස් තිබේ. ප්‍රහාරය එල්ල වී ඇත්තේ නැගෙනහිර ග්වෝතා ප්‍රදේශයේ ඩවුමා නගරය ඉලක්ක කර ගනිමිනි. ප්‍රහාරයට ලක්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙය සැලසුම් සහගතව එල්ල කළ ප්‍රහාරයක් බව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ වෙතත් ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. |
2018-04-07T20:49:57.000Z | සා/පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කාල සීමාව දීර්ඝ කෙරේ | සා/පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කාල සීමාව දීර්ඝ කෙරේ | COLOMBO (Newsfirst) - 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයදුම්පත් ඉදිරිපත් කිරිම සඳහා ලබා දී තිබූ කාලය දීර්ඝ කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා ප්‍රකාශ කළේ, ඒ අනුව පාසල් අයදුම්කරුවන්ට සහ පෞද්ගලික අයදුම්කරුවන්ට අප්‍රේල් 12 වැනිදා දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයදුම් කළ හැකි බව ය. තැපැල් දෙපාර්තමේන්තුවේ පැවති තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් තැපැල්පතිවරයාගේ ඉල්ලීම පරිදි එම තීරණය ගත් බව ද ඔහු ප්‍රකාශ කළේය. පාසල් අයදුම්කරුවන්ට මීට පෙර එම අවස්ථාව ලබා දී තිබුණේ, පසුගිය 6 වනදා දක්වා පමණක් බව ද විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේය. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයින් 6,88,573 දෙනෙකු පෙනී සිටි අතර සියලු විෂයන් සඳහා A සමාර්ථ ලබාගත් සිසුන් සංඛ්‍යාව 9,960 කි. |
2018-04-07T20:37:46.000Z | අවුරුදු ධාවන තරගවලට පෙර මේ ගැනත් සිතන්න? | අවුරුදු ධාවන තරගවලට පෙර මේ ගැනත් සිතන්න? | COLOMBO (Newsfirst) - සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කෙරෙන මැරතන් ධාවන ඉසව්, පාපැදි තරග ඇතුළු ඉසව් සඳහා සහභාගී වීමට පෙර ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් සිදු කර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, බාහිර රෝගී අංශ සහිත දිවයිනේ ඕනෑම රෝහලකින් අදාළ පරික්ෂාවන් සිදු කර ගත හැකි බව ය. ක්‍රීඩා වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල මට්ටමින්, විශේෂ ඒකක ස්ථාපිත කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය. නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, පරික්ෂාවන් සිදු කිරිම සඳහා වෛද්‍යවරුන්, සෞඛ්‍යය වෛද්‍ය නිලධාරීන් ඇතුළු කණ්ඩායම් විශේෂ පුහුණුවකට යොමු කර ඇති බව ය. එම පරික්ෂාවන් සිදු කිරිම සඳහා බස්නාහිර පළාතේ පමණක් වෛද්‍යවරුන් දහසක පිරිසක් යොදවා ඇති බව ද ඔහු සඳහන් කළේය. පරික්ෂාවන් නොමිලේ සිදු කිරිමට ජනතාවට අවස්ථාව උදා කර දී තිබේ. පසුගිය වසරවල උත්සව අවස්ථාවලදී තරගකරුවන් මියයාම සැළකිල්ලට ගෙන නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ද වෛද්‍යවරයා නිව්ස්ෆස්ට් වෙත ප්‍රකාශ කළේය. |
2018-04-07T20:16:29.000Z | ඉන්ධන සඳහා කඩිනමින් මිල සුත්‍රයක්: ඛනිජ තෙල් සංස්ථාවේ සතියක අතිරේක පාඩුව රු. මිලියන 266ක් | ඉන්ධන සඳහා කඩිනමින් මිල සුත්‍රයක් | COLOMBO (Newsfirst) - ඉන්ධන මිල සම්බන්ධයෙන් මිල සුත්‍රයක් කඩිනමින් හඳුන්වා දෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ පිළිබඳ ඛනිජ තෙල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා සිදු කරමින් පවතින බව ය. අමාත්‍යාංශ මට්ටමින් අවසන් එකඟතාවලට එළැඹීමෙන් පසු මිල සුත්‍රය අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. මේ අතර, IOC සමාගම පසුගියදා ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සතියක අතිරේක පාඩුව රුපියල් මිලියන 266ක් බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් උපාලි මාරසිංහ මහතා ප්‍රකාශ කළේ, මේ තත්ත්වය හමුවේ ඛනිජ තෙල් නිතිගත සංස්ථාව දැඩි අසීරුතාවකට පත් ව ඇති බව ය. පවතින තත්ත්වය හමුවේ දෛනිකව රුපියල් මිලියන 38ක අතිරේක මුදලක් වැය කිරීමට රජයට සිදුවන බව ද උපාලි මාරසිංහ මහතා සඳහන් කළේය. |
2018-04-07T20:08:37.000Z | උත්සව සමය වෙනුවෙන් දක්ෂිණ අධිවේගයේ විශේෂ වැඩපිළිවෙළක් | උත්සව සමයේදී දක්ෂිණ අධිවේගයේ විශේෂ වැඩපිළිවෙළක් | COLOMBO (Newsfirst) - උත්සව සමය වෙනුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත, පින්නදූව සහ ගොඩගම හුවමාරු මධ්‍යස්ථාන ආශ්‍රිතව අතිරේක පිවිසීමේ සහ පිටවීමේ දොරටු විවෘත කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා ප්‍රකාශ කළේ, අදාළ කාල සීමාවේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ය. ඒ සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව ද ඕපනායක මහතා සඳහන් කළේය. උත්සව සමයේ අධිවේගී මාර්ග භාවිත කරන වාහන සංඛ්‍යාව දෛනිකව වැඩි වන බැවින්, ආරක්ෂිත ක්‍රමවේ ද අනුගමනය කරන්නැයි අධ්‍යක්ෂකවරයා රියැදුරන්ගෙන් ඉල්ලා සිටී. |
2018-04-07T19:42:14.000Z | අද ත් මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි | අද ත් මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි | COLOMBO (Newsfirst) - බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත් වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා පැවසුවේ කන්කසන්තුරේ සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමිටර් 70 - 80 ත් දක්වා විය හැකි බව ය. |
2018-04-07T11:38:58.000Z | මිහිලියා මෙත්සරණි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ස්කොෂ් කාන්තා ඉසව්වේ කේවල පළඟ ශූරතා අවසන් තරගයට | මිහිලියා මෙත්සරණි අවසන් තරගයට | COLOMBO (Newsfirst) - මිහිලියා මෙත්සරණි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ස්කොෂ් කාන්තා ඉසව්වේ කේවල පළඟ ශූරතා අවසන් තරගයට අද සුදුසුකම් ලැබුවා ය. මේ වන විට ශ්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගනිමින් පදක්කම් සටහනේ සිටින්නේ 12 වැනි ස්ථානයේ යි. මිහිලියා මෙත්සරනි අවසන් පූර්ව තරගයේදී කෙන්යානු ක්‍රීඩිකාව වට 3 ට 0 ක් ලෙස පරාජයට පත් කළා ය. ස්කොෂ් කාන්තා කේවල පළඟ ශූරතා අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිත ය. මෙම ක්‍රීඩා උළලේ බර ඉසිලීම පිරිමි ඉසව්වේ තවත් පදක්කම් බලාපොරොත්තුවක් අද ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේ ය. කිලෝග්‍රෑම් 77 පිරිමි තරග ඉසව්වට ශ්‍රී ලංකා කණ්ඩායම් නායක චින්තන ගීතාල් විදානගේ අද සහභාගී වූ අතර ඔහුට හිමි වූයේ 5 වන ස්ථානය යි. මීටර් 100 පිහිණුම් නිදහස් ආර ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අභිබවා ගිය මැතිව් අබේසිංහ මෙවර එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ, මීටර් 100 පිරිමි නිදහස් ආර ඉසව්වේ 7 වන මූලික වටයේ තරගයේදී තත්පර 49 යි දශම 1 යි 1 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි. කෙසේ වෙතත් මීටර් 100 පිහිණුම් නිදහස් ආර ඉසව්වේ අවසන් පූර්ව තරගයේදී මැතිව් අබේසිංහට හිමි වූයේ සිව් වැනි ස්ථානය යි. |
2018-04-07T11:01:33.000Z | දළු ඔයේ ගිලී 5 දෙනෙකු මරුට | දළු ඔයේ ගිලී 5 දෙනෙකු මරුට | COLOMBO (Newsfirst) - හුළු ගඟේ අතු ගංගාවක් වන දළු ඔයේ කළු පාලම අසලදී සැඩ පහරකට හසු වීමෙන් දිය නෑමට ගිය කාන්තාවන් 3 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, තවත් අයෙකු අතුරුදන්ව ඇති බව ය. ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලීසිය සඳහන් කළේ ය. |
2018-04-07T10:15:38.000Z | ජාතියේ ගුවන් සේවය වළපල්ලට තල්ලු කෙරූ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් වූ පමණින් සියල්ල නිවැරදි වේ ද? | ජාතියේ ගුවන් සේවයේ අද තත්ත්වයට වගකිය යුත්තේ කවුද? | COLOMBO (Newsfirst) - ශ්‍රීලංකන් ගුවන් සේවය දිගින් දිගට ම පාඩු ලැබීමට හේතු අපි පසුගිය කාලය පුරා වරින් වර අනාවරණ කළෙමු. නව සභාපතිවරයා කරන ප්‍රකාශවලින් ද සනාථ වන්නේ, අප දිගින් දිගට ම කළ හෙළිදරව් කිරීම් සත්‍ය හා නිවැරදි බව ය. අප මේ ආකාරයෙන් ම 2015 වසරේදී බැඳුම්කර වංචා පිළිබඳව සැමටත් කලින් අනාවරණය කළේ ය. ඒ මොහොතේ බලධාරීන් ක්‍රියාත්මක වූවානම් අද රටට මේ තරම් අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දීමට සිදු නොවේ. ශ්‍රීලංකන් ගුවන් සේවය පිළිබඳව මේ අනාවරණය නව සභාපතිවරයාගේ අවධානය පිණිසයි. ශ්‍රීලංකන් ගුවන් සේවය පිළිබඳව පසුගිය කාලය පුරා වැඩි අවධානයක් යොමු වුණේ අධික පාඩු ලැබීම, අදූරදර්ශී කළමනාකරණ ප්‍රතිපත්ති හා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ පරිපාලන නොහැකියාවන් හේතුවෙනි. රටට අතිවිශාල බරක් වූ ශ්‍රීලංකන් ගුවන් සේවය පවුල් පාලනයෙන් මුදා ගත්තැයි උදම් ඇනුව ද අගමැතිවරයා පත් කළ අධ්‍යක්ෂක මණ්ඩලය සාර්ථකව කළ කැපී පෙනෙන එකම දේ වූයේ ලැබූ පාඩුව තව තවත් වර්ධනය කිරීම ය. ඉකුත් අධ්‍යක්ෂ මණ්ඩල කාලය තුළ අධික ආර්ථික පාඩුවක් ඇති කළ දුර්වල තීරණ රැසක් ගැනිණි. ඉන් පළමු වැන්න වන්නේ, නිසි දැනුවත් භාවයකින් තොරව උපක්‍රමශීලී නොවී ගුවන් යානා ඇනවුම් අවලංගු කිරීම ය. මේ සඳහා 2016 වසරේදී රුපියල් මිලියන 2562ක් ද, 2017 දී රුපියල් මිලියන 14363ක් ද වන්දි මුදල් වශයෙන් ගෙවීමට සිදු විය. ශ්‍රීලංකන් ගුවන් සමාගම ඒ 350 ගුවන් යානා ඇනවුම් ලේඛනයේ පළමු කිහිප දෙනා අතර තම ඇනවුම යොමු කර තිබිණි. මේ ගුවන් යානා මාදිලියට ඇති ඉතා ඉහළ ඉල්ලුම නිසා අප අත්හරින ගුවන් යානා ලබා ගැනීමට වෙනත් ගුවන් සේවා දැඩි අවධානයකින් පසුවේ. ගුවන් යානා කර්මාන්තය පිළිබද අවබෝධයක් ඇති පාර්ශව පවසන්නේ මේ ස්ලොට්ස් හෙවත් ඇනවුම් ස්ථාන වලට ඩොලර් මිලියන 15ත් 20ත් අතර ඉහළ වටිනාකමක් ඇති බවයි. එවන් ගනුදෙනුකරුවෙකු සොයාගෙන සාකච්ඡා කර තම පාඩුව අවම කර ගන්නට ශ්‍රීලංකන් අධ්‍යක්ෂ මණ්ඩලය උත්සහ කර නැතැයි ඔවුහු පෙන්වා දෙති. වසර 18ක් පැරණි ඒ 330 වර්ගයේ ගුවන් යානා 3ක් තවත් වසර 6ක් සඳහා බද්ධට ගැනීම ද අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තවත් අදූරදර්ශී තීරණයකි. ගුවන් යානා පැරණි වන තරමට එහි නඩත්තු වියදම අධික වන අතර ම, භාවිතයේ විශ්වාසනීයත්වය ද බරපතල ලෙස පහළ යාමක් සිදුවේ. ගුවන් සේවයක් සැමවිට උත්සහ කරන්නේ තම ගුවන් යානා ඇනියේ දළ වයස අවම මට්ටමක පවත්වා ගැනීම ය. එමගින් මගීන් ආකර්ෂණය කර ගන්නට ඇති හැකියාව ඉහළ යයි. නමුත් ශ්‍රීලංකන් අධ්‍යක්ෂ මණ්ඩලය ගත් මෙම තීරණයත් සමග වියදම් අධික වීමත්, මගී ආකර්ෂණය පහළ යාමත් සිදු වේ. මේ අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රීලංකන් නව සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, පැවති අධ්‍යක්ෂ මණ්ඩලය කල් බදු ගිවිසුම්වලට එළැඹී ඇත්තේ, ගුවන් සේවා කර්මාන්තයේ පිළිගත් මිල ගණන්වලට වඩා 20%ත් 30%ත් අතර අධික මිල ගණන්වලට බව ය. දුර්වල ටිකට්පත් කළමනාකරණය හෙවත් ටිකට් පත් අලෙවි කිරීමේදී පිටස්තර පුද්ගලයින් හා ආයතන හරහා ගනුදෙනු කිරීම හේතුවෙන් ආයතනය වෙත ලබා ගැනීමට හැකිව තිබූ ඩොලර් මිලියන 100ක අධික ආදායමක් ද පසුගිය සමයේ පැවති පාලනාධිකාරිය විසින් අහිමි කරගෙන තිබේ. මේ ඉතා දීර්ඝ ලැයිස්තුවකින් කරුණු කිහිපයක් පමණි. ඩොලර් මිලියන 100 ගණනක් රටට අහිමි කරමින් ජාතියේ අභිමානය වන ජාතියේ ගුවන් සේවය වළපල්ලට තල්ලු කර, අගමැතිවරයා විසින් පත් කළ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් වූ පමණින් සියල්ල නිවැරදි වේ ද.? මේ නාස්තියට හා දූෂණයට වගකිව යුත්තේ රටේ ජාතික ගුවන් සේවය හෝ ජනතාව නොව පැවති පාලනාධිකාරිය හා ඔවුන්ට නායකත්වය දුන් දේශපාලන අධිකාරිය යි. |
2018-04-07T08:16:49.000Z | එ.ජා.ප.ය.ට නැවතත් නායකත්ව කමිටුවක් | එ.ජා.ප.ය.ට නැවතත් නායකත්ව කමිටුවක් | COLOMBO (Newsfirst) - එක්සත් ජාතික පක්ෂයට නැවතත් නායකත්ව කමිටුවක් පත් කිරීමට අද රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කළ බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි. අමාත්‍යවරයා කියා සිටියේ, එම කමිටුවට සාමාජිකයින් 12 දෙනෙකු ඇතුළත් බව ය. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පක්ෂ නායකත්වයේ සිටිය යුතු බව අද පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබේ. දැනට පවතින සෙසු තනතුරු ද ඒ ආකාරයෙන් පවත්වාගෙන යාමටත්, මහ ලේකම්, ජාතික සංවිධායක හා සභාපති තනතුරුවලට පත් කිරීම් සම්බන්ධයෙන් අද නම් කළ නායකත්ව කමිටුව අප්‍රේල් මස 30 වන දාට පෙර තීරණය කරනු ඇති බව ද ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ ය. |
2018-04-07T07:51:37.000Z | අලුත් අවුරුදු වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා | අලුත් අවුරුදු වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා | COLOMBO (Newsfirst) - සිංහල, හින්දු අලුත් අවුරුද්දට හරියටම තව දින 7යි. මේ දින 7 සාප්පු සවාරි වගේ ම ගම්බිම් බලා යන දින 7. ඒ වෙනුවෙන් ප්‍රවාහන අංශ අද සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ. අලුත් අවුරුද්ද වෙනුවෙන් සාප්පු සවාරි හා ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා බස් රථ ගමන්වාර 3500ක් ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ගමනා ගමන කොමිසම පවසයි. එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා පැවසුවේ, කොළඹ බැස්ටියන් මාවතේ සිට දිවයිනේ සියලු ම ප්‍රදේශ වෙත එම සේවා ක්‍රියාත්මක බව ය. මීට සමගාමීව අධිවේගී මාර්ගයේ බස් රථ ගමන්වාර සංඛ්‍යාව ද ඉහළ නංවා තිබේ. ලංකා ගමනා ගමන මණ්ඩලය ද අද සිට ලබන 24 වන දා දක්වා විශේෂ අලුත් අවුරුදු බස් සේවාවක් ආරම්භ කර තිබේ. මීට සමගාමීව අද සිට විශේෂ දුම්රිය සේවා ද ආරම්භ කර තිබේ. ඒ අනුව හෙට සවස 7.20 කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වා වායු සමනය කළ මැදිරියක් ද සහිත දුම්රියක් ගමන් ආරම්භ කිරීමට නියමිත ය. කොළඹ කොටුව සිට මහව දක්වා තවත් විශේෂ දුම්රියක් හෙට සවස 1.05ට ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, මහව සිට කොළඹ කොටුව බලා සවස 5.10ට දුම්රියක් ගමන් ආරම්භ කෙරේ. |
2018-04-07T08:40:02.000Z | සිරස මාධ්‍ය සේවකයින් භීතියට පත් කිරීම හෙළා දකිනවා - වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය | සිරස මාධ්‍ය සේවකයින් භීතියට පත් කිරීම හෙළා දකිනවා | COLOMBO (Newsfirst) - කොළඹ බේබෲක් පෙදෙසේ පිහිටි සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය වට කළ පිරිසක් කලහකාරී ලෙස හැසිරුණු පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මාධ්‍ය සංවිධාන හා දේශපාලන නායකයෝ පෙන්වා දෙති. වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය අද පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සිරස මාධ්‍ය සේවකයින් භීතියට පත් කිරීම පිළිකුලින් යුතුව හෙළා දකින බව ය. මාධ්‍ය නිදහස සිය ප්‍රධාන දේශපාලන පොරොන්දුවක් බවට පත් කර ගනිමින් බලයට පත්වූ මෙම රජය යටතේ සිදුවන මෙවැනි සිදුවීම්වල ප්‍රමාණාත්මක භාවය පිළිබඳව නොව ඒ පසුපස ඇති භයානක පණිවුඩය දෙස විවාත මනසකින් යුතුව කටයුතු කිරීම සියලු පාර්ශවයන්ගේ වගකීම බව ද වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි. මේ අතර පසුගිය 4 වන දා ඇතිවූ සිද්ධිය පිළිබඳව දේශපාලනඥයෝ ද අදහස් පළ කළහ. |
2018-04-07T07:09:18.000Z | "ඇමතිකම්වලින් ඉවත් වීමට සූදානම්" - නිදහස් පක්ෂ ඇමතිවරුන් 16 දෙනෙක් ජනපතිට දන්වති | "ඇමතිකම්වලින් ඉවත් වීමට සූදානම්" | COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සම්මුතිවාදී ආණ්ඩුවේ සිටින මැති ඇමතිවරුන් 16 දෙනෙකු සිය තනතුරුවලින් හා ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම් බව ජනාධිපතිතුමාට දන්වා තිබේ. එහෙත් තවමත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැත. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේ සිටින 16 දෙනෙක් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරුන් දෙදෙනා ඇතුළු 26 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ. කෙසේ වෙතත් විශ්වාසභංග යෝජනාව පිළිබඳව ඡන්ද විමසීම අවසන් වීමත් සමග එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 21 දෙනෙක් අත්සන් කර අගමැතිවරයාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ නිදහස් පක්ෂයේ 16 දෙනාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දුන්හ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 15 දෙනෙකු හා නියෝජ්‍ය කථානායකවරයාට එරෙහිව එය ඊයේ කථානායකවරයාට භාර දුන් නමුත් පස්වරුවේ වාර්තා වූයේ, එය ඉවත් කර ගැනීමට අගමැතිවරයා උපදෙස් දුන් බව ය. මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට පෙර පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සාකච්ඡා කළ යුතුව තිබූ නමුත් එවැන්නක් සිදුව නැතැයි අගමැතිවරයා සඳහන් කළ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ පිළිබඳව සඳහන් කරමින් ඊයේ පස්වරුවේ නිකුත් කළ නිවේදනයක සඳහන් විය. කෙසේ වෙතත් තමන්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ ස්ථාවරය යි. ලබන සඳුදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිත අතර එහිදී උද්ගතව ඇති තත්ත්වය සාකච්ඡා කරනු ඇති. |
2018-04-07T04:58:08.000Z | සල්මන් ඛාන්ට ඇප | සල්මන් ඛාන්ට ඇප | (Newsfirst) - වසර 5ක සිර දඬුවම් නියම වූ බොලිවුඩ් නළු සල්මන් ඛාන් ඇප මත මුදා හැර තිබේ. ඒ, ඔහු ඉදිරිපත් කළ ඇප ඉල්ලීම අද පස්වරුවේ රාජස්ථාන් අධිකරණයේදී සලකා බැලීමෙන් අනතුරුව ය. 1998 වසරේ සිනමා පටයක රූගත කිරීම් අතරතුර දුර්ලභ ඝණයේ මුවන් දෙදෙනෙකු මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ සල්මන් ඛාන්ට පසුගිය බ්‍රහස්පතින්දා වසර 5ක සිර දඬුවම් නියම කෙරිණි. ඒ අනුව රාජස්ථානයේ, ජෝද්පූර් බන්ධනාගාරයේ දින 2ක් ගත කිරීමෙන් අනතුරුව ඔහු අද ඇප මත මුදා හැරිණි. |
2018-04-07T02:55:24.000Z | මධ්‍යම කඳුකරයට තද වැසි | මධ්‍යම කඳුකරයට තද වැසි | COLOMBO (Newsfirst) - වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද පස්වරුවේ ප්‍රදේශ රැසකට මිලි මිටර් 100 ක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේ, වැසි සමග තද සුළං ද ඇතිවිය හැකි බව ය. මේ අතර ගෙවුනු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය යටියන්තොට ප්‍රදේශයෙන් වාර්තා විය. එය මිලි මීටර් 66 යි දශම 4කි. වව්නියාව, උලුක්කුලමට මිලි මීටර් 66 ක් රත්නපුර ඉළිඹුලුවට මිලි මීටර් 59 ක් සහ හංවැල්ල ප්‍රදේශයට මිලි මීටර් 58 ක වර්ෂාපතනයක් ගෙවුණු කාලය තුළ ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර විදුලිබලාගාර ආශ්‍රිත ජලාශ පවතින ප්‍රදේශ කිහිපයකට ද ඊයේ වැසි ලැබී තිබේ. ඒ අනුව මස්කෙළිය මිලි මීටර් 35 යි දශම 7 ක්, සමනලවැව මිලි මීටර් 41 ක්, මාඋස්සාකැලේ මිලිමීටර් 16 ක් සහ කොත්මලේ ජලාශය අවට ප්‍රදේශයට මිලිමීටර් 16 ක වර්ෂාපතයක් ලැබි ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසන්නේ, තව දුරට ත් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සියයට 50 දක්වා පහළ ගොස් ඇති බව ය. |
2018-04-07T02:44:35.000Z | මදූෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ ගෝලයින් 4ක් අත්අඩංගුවට | මදූෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ ගෝලයින් 4ක් අත්අඩංගුවට | COLOMBO (Newsfirst) - පාතාල නායක මාකඳුරේ මදූෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ සහයකයින් 4 දෙනෙකු මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ අද පෙරවරුවේ කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ය. ඔවුන් සන්තකයේ තිබී ගිනි අවි සහ ගංජා තොගයක් ද සිය භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. |
2018-04-06T21:06:06.000Z | රුසියානු සමාගම් 7කට සහ නිලධාරීන් 17 දෙනෙකුට එරෙහිව අමෙරිකාව සම්බාධක පනවයි | අමෙරිකාවෙන් රුසියාවට සම්බාධක කිහිපයක් | ලොවපුරා දූෂීත ක්‍රියා සිදුකළ බවට චෝදනා කරමින් අමෙරිකාව රුසියානු ජනපතිට හිතවත් සමාගම් සහ නිලධාරීන් පිරිසකට එරෙහිව සම්බාධක පනවා තිබේ. විදෙස් වාර්තාවන්හී දැක්වෙන්නේ රුසියානු සමාගම් 7කට සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් 17 දෙනෙකුට එරෙහිව එලෙස සම්බාධක පනවා ඇති බව ය. රාජ්‍ය හිමිකාරිත්වය සහිත සමාගම් 12ක් රාජ්‍ය අවි අපනයනකරුවකු හා බැංකුවකට එරෙහිව ද ඇමෙරිකාව තව දුරට ත් සම්බාධක පනවා ඇති බව සඳහන් ය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් ම්නුචින් කියා සිටියේ මෙය රුසියාව දූෂීත ක්‍රම මගින් ලාභ ලැබීමට එරෙහිව පැනවූ දඬුවමක් බව ය. |
2018-04-06T20:56:18.000Z | මාළු වර්ග 4 කට සහතික මිලක් | මාළු වර්ග 4 කට සහතික මිලක් | COLOMBO (Newsfirst) - ඉහළ මිල ගණන් යටතේ අලෙවි කෙරෙන මාළු වර්ග 4 ක් උත්සව සමයේ සහතික මිලට පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් ලංකා ධීවර සංස්ථාව ක්‍රියාත්මක කර තිබේ. එහි සාමාන්‍යාධිකාරි දහම් පුස්සැල්ල මහතා පැවසුවේ ලින්නා, බලයා, තලපත් සහ ඉස්සා යන යන මාළුවර්ග එලෙස සහතික මිලට අලෙවි කිරිමට පියවර ගන්නා බව ය. |
2018-04-06T20:46:40.000Z | නෙළුම් කුළුණ විවෘත කිරීම තවත් මාස 04 කින් ප්‍රමාද වෙයි | නෙළුම් කුළුණ විවෘත කිරීම මාස 04 කින් ප්‍රමාද වෙයි | COLOMBO (Newsfirst) - නෙළුම් කුළුණේ විවෘත කිරීම තවත් මාස 4 කින් පමණ ප්‍රමාද වී තිබේ. මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තුව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහචාර්ය, නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ උපදේශක කණ්ඩායමේ නායක මහාචාර්ය සමිත මානවඩු මහතා පැවසුවේ එහි ඇතැම් පරීක්ෂණ කටයුතු මෙතෙක් අවසන් කිරිමට නොහැකි වීම ඊට හේතුවී ඇති බව ය. නෙළුම් කුළුණේ සවිකළ යුතු ඇතැම් උපකරණ ආනයනය ප්‍රමාද වී ඇති බව ද මහාචාර්යවරයා සඳහන් කළේය. https://www.facebook.com/NewsfirstSL/videos/1903377076389208/ |
2018-04-06T20:06:40.000Z | අගලවත්තේදී මෝටර් රථයක් පාලමක ගැටීමෙන් පිය පුතු දෙපළක් මරුට | අගලවත්ත මෝටර් රථ අනතුරකින් පිය පුතු දෙපළක් මරුට | COLOMBO (Newsfirst) - බුලත්සිංහල - අගලවත්ත මාර්ගයේ කලවැල්ලාව ප්‍රදේශයේදි මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පිය පුතු දෙපළක් මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, මෝටර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පාලමක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය. අනතුරින් මියගිය පුත්‍රයාගේ අවුරුදු 11 ක් වයසැති දියණිය හා අවුරුදු 12 වයසැති පුත්‍රායා ද බරපතල තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර තිබේ. මියගිය පිය පුතු දෙදෙනාගේ වයස අවුරුදු 92 ක් හා 51 කි. ඔවුන් බේරුවල, පුස්සල මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. 51 හැවිරිදි මියගිය පුද්ගලයා ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකි. |
2018-04-06T19:54:55.000Z | තායිලන්ත යුද නෞකා 3ක් දිවයිනට | තායිලන්ත යුද නෞකා 3ක් දිවයිනට | COLOMBO (Newsfirst) - තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් නෞකා 3 ක් කොළඹ වරායට සේන්දු වී තිබේ. නාවික හමුදාවේ පැවසුවේ තායිලන්ත රාජකීය නාවික හමුදාවට අයත් බන්පාකොන්, මකුත්‍රාජකුමාන් සහ පට්ටනී යන යුද නෞකාවන් ත්‍රිත්වය පුහුණු සහ සුහඳ සංචාරයක් සඳහා ඊයේ කොළඹ වරායට සේන්දු වූ බව ය. දින 5 ක සංචාරයක් සඳහා සේන්දු වූ එම නෞකා ලබන මස 09 වන දා දිවයිනෙන් පිටත් වීමට නියමිත ය. ඡායාරූප - ශ්‍රී ලංකා නාවික හමුදාව |
2018-04-06T11:46:29.000Z | කුරුණෑගල ඌරාපොත්ත කණිෂ්ඨ විද්‍යාලයට ගම්මැද්දෙන් පානීය ජල ව්‍යාපෘතියක් | තවත් පාසලකට ගම්මැද්දෙන් පානීය ජලය | COLOMBO (Newsfirst) - කුරුණෑගල, ඌරාපොත්ත කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන් බීමට පිරිසිඳු ජල බිදක් නොමැතිව වසර ගණනාවක් පීඩා වින්දේය. අද ඔවුන්ගේ පාසල් නිවාඩුව ආරම්භ වන්නේ නම් අලුත් පාසල් වාරයට අලුත්ම බලාපොරොත්තුවක් ද ඇතිවයි. ගම්මැද්දේ අපේ කණ්ඩායම අද මෙම විද්‍යාලයට පානීය ජල ව්‍යාපෘතියක් ලබාදීමට මුලු පිරුවේය. දරුවන් 150 ක් ගුරුවන් 16 ක් සිටන කුරුණෑගල , ඌරපොත්ත කණිෂ්ඨ විද්‍යාලය කාලය සිට පිරිසිදු පානීය ජල සපයා ගැනීමේ ගැටලුවට මුහුණදී සිටිති. පාසල පුරා මෙලෙස ජල නළ එලා තිබුණ ද එමගින් ගලාඑමට තරම් ප්‍රමාණවත් ජලයක් පාසලේ පිහිටි ළිඳෙන් ලබාගැනීමට හැකියාවක් නොමැත. මේ පාසලේ දරුවන් මුහුණ දෙන එම ගැටලුව පිළිබඳව විදුහල්පතිවරයා ගම්මැද්ද අපේ කණ්ඩායම දැනුවත් කළේය. ඒ අනුව පාසලට නළ ළිඳක් ඉදිකර එම ගැටලුව විසඳීමට අප ගම්මැද්ද කණ්ඩායම තීරණය කළේය. ඊට අනුග්‍රහය දක්වන්න ප්‍රදේශයේම ව්‍යාපාරිකයෙකු වූ සුරේෂ් සංජීව මහතා පියවර ගැනිණි. සුරේෂ් සංජීව මහතා මීට වසරකට පෙර මිය ගිය තම පියා වෙනුවෙන් මෙම සත්කාර්යට දායක විය. https://www.facebook.com/newsfirst.gammadda/videos/1736207339768838/ |
2018-04-06T08:20:25.000Z | නියෝජ්‍ය කතානායක තිලංගට හා ශ්‍රීලනිප ඇමතිවරු 06 කට එරෙහිව එජාපයෙන් විශ්වාසභංගයක් | තිලංගට හා ශ්‍රීලනිප ඇමතිවරු 06 කට විශ්වාසභංගයක් | COLOMBO (Newsfirst) - අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේදී පක්ෂව ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනෙකු සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායක කරූ ජයසුරිය මහතාට අද පස්වරුවේ භාර දුන්නේය. https://www.facebook.com/NewsfirstSL/videos/1902835543110028/ |
2018-04-06T04:51:53.000Z | බ්‍රසීලයේ හිටපු ජනපති ලුලාද සිල්වාට වසර 12 ක සිර දඬුවමක් | බ්‍රසීලයේ හිටපු ජනපති ලුලාද සිල්වාට සිර දඬුවම් | බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුලාද සිල්වාට එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වසර 12 ක සිර දඬුවමක් නියම කෙරිණි. විනිසුරුවරයා එම නියෝගය කළේ, හිටපු ජනපතිවරයාට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ අභියාචනය විභාගයට ගනිමිනි. කෙසේ වෙතත් ඔහුට මූල්‍ය දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. |
2018-04-06T04:40:55.000Z | සතොස හිටපු සභාපති නලින් රුවන්ජීව රිමාන්ඩ් | සතොස හිටපු සභාපති නලින් රුවන්ජීව රිමාන්ඩ් | COLOMBO (Newsfirst) - අත්අඩංගුවට පත් සතොස හිටපු සභාපතිවරයෙකු වූ කේ. නලින් රුවන්ජීව ප්‍රනාන්දු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ. ඒ, සැකකරු කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සතොස හිටපු සභාපතිවරයකු වූ කේ. නලීන් රුවන්ජීව ප්‍රනාන්දු මහතා අද අලුයම කටුනායක ගුවන් තොටුපොලේදී පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. පොලීසිය සඳහන් කළේ, නඩුවක සැකකරුවෙකු වන ඔහු විදේශගතවීමට උත්සාහ කිරීමේදී මෙලෙස අත්අඩංගුවට ගැනුණු බව ය. සැකකරුට රුපියල් මිලියන 39 මුදල් අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. ඒ, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග මෙරටට රැගෙන ආ ක්‍රිඩා උපකරණ තොගයක් දේශපාලන කටයුතු අරමුණු කරගෙන බෙදාදීම සම්බන්ධයෙනි. මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතාට විදේශ ගමන් වළක්වමින් අධිකරණ නියෝගයක් ද නිකුත් කෙරිණි. |
2018-04-06T03:03:59.000Z | හිටපු ඇමති මහින්දානන්දගේ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි | හිටපු ඇමති මහින්දානන්දගේ පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ | COLOMBO (Newsfirst) - තමාව අත්අඩංගුවට ගැනීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දරන උත්සහය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොනුකර තිබූ පෙත්සම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය. යම් කිසි චෝදනාවක් සම්බන්ධයෙන් විමර්ශනය සිදු කිරීමෙන් අනතුරුව එම චෝදනාවට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වන ඕනෑම සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ බලය, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 32 වන වගන්තිය අනුව පොලීසියට හෝ විමර්ශන නිලධාරීන්ට බලය ඇති බවත්, පෙත්සම්කාර මන්ත්‍රීවරයා කළ ඉල්ලීම කිසිදු නීතිමය පදනමක් නොමැති බවත් පෙන්වා දුන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී. පද්මන්සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළේ ය. පාසල් හා ක්‍රීඩා සමාජ අතර බෙදා දීම සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි 5 කට අධික මුදලක් වැයකොට ලංකා සතොස හරහා තීරුබදු රහිතව ආනයනය කළ කැරම් හා දාම් ක්‍රීඩා උපකරණ තොගයක් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන කටයුතු සඳහා යොදා ගත්තේ යැයි චෝදනා කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තමාව අත්අඩංගුවට ගැනීමට සූදානම් බව පෙත්සම්කාර මන්ත්‍රීවරයා අභියාචනාධිකරණයට පෙන්වා දී තිබිණි. |
2018-04-06T02:43:32.000Z | අද මධ්‍යම රාත්‍රියේ සිට පොහොර අඩු මිලට | අද මධ්‍යම රාත්‍රියේ සිට පොහොර අඩු මිලට | COLOMBO (Newsfirst) - වී ගොවීන්ට සහ අතිරේක භෝග වගාකරුවන්ට අද මධ්‍යම රාත්‍රියේ සිට පොහොර ලබා ගැනීම සඳහා සහන ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. ඒ අනුව වී ගොවීන්ට රුපියල් 500 කට සහ අතිරේක භෝග වගාකරුවන්ට රුපියල් 1500ක මුදලකට අද මධ්‍යම රාත්‍රියේ සිට පොහොර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවේ ය. අද පෙරවරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා සඳහන් කළේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා ඊට අදාළ කටයුතු සිදුවන බව ය. මේ අනුව පෙර පැවති ක්‍රමයට ම පොහොර බෙදා හැරීම සිදුවන බව අමාත්‍යවරයා පැවසුවේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1902565156470400/ |
2018-04-06T01:26:04.000Z | ඔස්ට්‍රේලියා ක්‍රිකට් පිටිය කළඹන අපේ දරුවෙක්! | ඔස්ට්‍රේලියා ක්‍රිකට් පිටිය කළඹන අපේ දරුවෙක්! | ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් මේ වන විට විදේශ රටවල පුරවැසිභාවය ගෙන එම රටවල වාසය කරති. රටක බුද්ධිගලනය යනු එම රටේ අනාගත අභිවෘද්ධියට අතිශය හානිකර ය. එහෙත්, විවිධ හේතු මත ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් සිය මව් රට හැර ගොස් වෙනත් රටවල වෙසෙති. දශක කිහිපයකට පෙර එසේ එම රටවල පදිංචි වූ ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන් මේ වන විට එම රටවල උරුමක්කාරයින් වී හමාර ය. රට හැර යාම අනුමත කළ නොහැකි වුව ද ඔවුන්ගේ දරුවන් එම රටවල කැපී පෙනෙන දක්ෂතා දැක්වීම ගැන ශ්‍රී ලාංකිකයින් ලෙස අපට ආඩම්බර විය හැකිය. මෙරට නම් හෝ වාසගම් සහිත පුද්ගලයින් ලෝකය ජය ගැනීම පිළිබඳව නිහතමානීව සතුටු විය යුතු ය. රටේ ආඩම්බරය සිරිල් පොන්නම්පෙරුම, ආචාර්ය සරත් ගුණපාල, මහාචාර්ය මලික් පීරිස් ආදී විද්වතුන් කිහිප දෙනෙක් අපට එම ආඩම්බරය පිරිනමා තිබේ. කෙසේ වෙතත් ඔවුන් තවමත් මෙරට පදිංචිකරුවෝ වෙති. මේ අතර, ක්‍රිකට් ක්‍රීඩාවෙන් දක්ෂතා දක්වමින් ලාංකික සම්භවයක් සහිත දරුවන් රැසක් මේ වන විට විවිධ රටවල් නියෝජනය කර තිබේ. ශ්‍රී ලාංකිකයින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ඇෂ්ටන් අගා ශ්‍රී ලාංකික මවකගේ කුසින් බිහි වූ දරුවෙකි. කැනඩා ක්‍රිකට් කණ්ඩායමේ සිටි රුවිඳු ගුණසේකර වැන්නන් ද එසේ ය. මේ වන විට ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ඔස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින අතර ඔවුන්ගේ දරුවෝ එරට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වී සිටිති. අප හඳුන්වා දීමට සැරසෙන්නේ, එවැනි කැපී පෙනෙන දක්ෂතා දක්වමින් දිනෙන් දින ඔස්ට්‍රේලියානු ක්‍රිකට් අඹරේ දිලෙමින් සිටින පුංචි ක්‍රිකට් ක්‍රීඩකයෙකු පිළිබඳව ය. තිවී සල්වතුර (Thivi Salwathura) ඔහු නමින් තිවී සල්වතුර නම් වන්නේ ය. 12 හැවිරිදි තිවී ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් සමාජ කිහිපයකට ක්‍රීඩා කර තිබේ. ඔහු මෙම වසරේ Australian Cricket Institute මගින් පිරිනමන හොඳ ම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වී සිටී. ඔහු මෙම වසරේදී වයස අවුරුදු 17න් පහළ වැඩි ම ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානයේ පසුවන්නේ ලකුණු 570ක් රැස් කරමිනි. ඊට අමතරව ඔහු පන්දු යවන්නෙකු ලෙස කඩුලු 29ක් දවාගෙන තිබේ. මෙවැනි ක්‍රීඩකයින් ඉදිරියේදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ඇත. එසේ වීමට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරමු. |
2018-04-06T01:39:55.000Z | Gold Coast පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ඉන්දික දිසානායක රිදී පදක්කම දිනා ගනී | ඉන්දික දිසානායක රිදී පදක්කම දිනා ගනී | COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකාවේ ඉන්දික දිසානායක 2018 ගෝල්ඩ් කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 69 බර ඉසිලීම පිරිමි ඉසව්වේ රිදී පදක්කම අද දිනා ගත්තේ ය. ඔහු ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 137ක බරක් එසවූවේ ය. ඉන්දික ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට එසවූ බර කිලෝග්‍රෑම් 160කි. ඒ අනුව කිලෝග්‍රෑම් 297ක මුළු බරක් එසවූ ඔහුට හිමි වූයේ රිදි පදක්කම යි. මෙම ඉසව්වේ රන් පදක්කම වේල්සයේ ගැරත් එවන්ස්ට හිමි විය. |
2018-04-06T01:01:00.000Z | සැලිස්බරි විෂ රසායන ප්‍රහාරය ප්‍රබන්ධයක් බවට රුසියාවෙන් චෝදනා | සැලිස්බරි විෂ රසායන ප්‍රහාරය ප්‍රබන්ධයක් බවට චෝදනා | (Newsfirst) - සැලිස්බරි විෂ රසායන ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රබන්ධයක් නිර්මාණය කර ඇති බවට රුසියාව චෝදනා එල්ල කර තිබේ. රුසියාව පවසන්නේ, බ්‍රිතාන්‍ය ගින්දර සමගින් සෙල්ලම් කරමින් සිටින බව ය. එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති වැසිලින් නිබෙන්සියා ආරක්ෂක කවුන්සිලයේ පැවති රැස්වීමක් අමතමින් මේ බව කියා සිටියේ ය. බ්‍රිතාන්‍යයේ අවශ්‍යතාව තම රටේ තත්ත්වය පහත හෙලීම බව ද එහිදී රුසියානු තානාපතිවරයා අවධාරණය කළේ ය. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය තවදුරටත් පවසන්නේ සැලිස්බරි ප්‍රහාරය පිටුපස රුසියාව සිටින බව ය. එහෙත් එම චෝදනාව රුසියාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබේ. මේ අතර එක්සත් ජාතීන්ගේ බ්‍රිතාන්‍ය නියෝජිත කැරෙන් පියර්ස් කියා සිටියේ, සැලිස්බරි ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාවට ද විමර්ශනයක් සිදු කර ඔවුන්ගේ මතය තහවුරු කළ හැකි බව ය. |
2018-04-06T00:41:06.000Z | වෛෂ්ණාවී සිනමා පටය අද සිට දිවයින පුරා සිනමා ශාලාවල | වෛෂ්ණාවී සිනමා පටය අද සිට දිවයින පුරා සිනමා ශාලාවල | COLOMBO (Newsfirst) - ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මියගේ වෛෂ්ණාවී සිනමා පටය අද සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වේ. එය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ කතා සංකල්පයට අනූව නිර්මාණය වූවකි. ජනප්‍රිය රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම සමගින් තුමිදු දොඩංතැන්න එහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබති. |
2018-04-05T23:35:42.000Z | උත්සව සමය වෙනුවෙන් පොල් රු.75කට අලෙවි කිරීමට පියවර | උත්සව සමය වෙනුවෙන් පොල් රු.75කට | COLOMBO (Newsfirst) - උත්සව සමය වෙනුවෙන් රුපියල් 75ක පමණ මිලකට පොල් අලෙවි කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගෙන තිබේ. එහි සභාපති කපිල යකන්දාවල මහතා ප්‍රකාශ කළේ, ඇතැම් ප්‍රදේශවල ජංගම රථ මගින් පොල් අලෙවි කරන බව ය. ලබන සතියේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසුවේ ය. වෙළෙඳ පොළේ තවමත් පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 80ත් 100ත් අතර මිලකට ය. |
2018-04-05T22:43:20.000Z | සිරස මූලස්ථානය අසල ඇති වූ කලහකාරී සිදුවීම ජනපති හෙළා දකී | සිරස මූලස්ථානය අසල කලහකාරී සිදුවීම හෙළා දකිනවා | COLOMBO (Newsfirst) - සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලය අසල ඇති වූ කලහකාරී සිදුවීම තමා හෙළා දකින බවත්, තමා සහ තම රජය නිදහස් මාධ්‍ය ප්‍රතිපත්තියට ගරු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග දැන් පැවැත්වෙන හමුවේදී ය. ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය |
2018-04-05T22:20:48.000Z | පළාත් පාලන පනත සංශෝධනය කළ යුතු බව ජනපති කියයි | පළාත් පාලන පනත සංශෝධනය කළ යුතු බව ජනපති කියයි | COLOMBO (Newsfirst) - පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත වහාම සංශෝධනය කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, පවතින පළාත් පාලන පනතට අනුව ජන මතය පිළිනොගන්නා තත්ත්වයක් උද්ගතව ඇති බව ය. මැතිවරණයෙන් ජයග්‍රහණය කළ පක්ෂ සමග විරුද්ධ පක්ෂ එක්වීම හරහා ජන මතයට නිසි වටිනාකමක් නොලැබෙන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, පළාත් පාලන ආයතන මන්ත්‍රී සංඛ්‍යාව 4000ක් දක්වා අඩු කළ යුතු බව ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග දැන් පැවැත්වෙන හමුවේදී ය. |
2018-04-05T20:49:22.000Z | අංගොඩ ලොක්කාගේ තවත් ආධාරකරුවන් 4ක් අත්අඩංගුවට | අංගොඩ ලොක්කාගේ තවත් ආධාරකරුවන් 4ක් අත්අඩංගුවට | COLOMBO (Newsfirst) - සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ අංගොඩ ලොක්කා නමැත්තාගේ තවත් ආධාරකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව තිබේ. ඒ අනුව අත්අඩංගුවට පත්ව ඇත්තේ, පොතුපිටිය කන්කානම්ගේ ධනුෂ්ක ගයාන් සිල්වා හෙවත් රොබා, ගණිතදේවලාගේ සරත් කුමාර රණසිංහ, අලහකෝන් ආරච්චිගේ යොහාන් ප්‍රදීප් කුමාර හෙවත් සුද්දා සහ ක්‍රිෂාන් නිලංග දාබරේ හෙවත් බබා යන පුද්ගලයින් ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, පසුගිය මාර්තු 19 වන දා අතුරුගිරිය පොලිස් වසමේ ගල්වරුසාව ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ පසුගිය මාර්තු 26 වන දා අතුරුගිරිය පොලිස් වසමේ ම නිවසකට වෙඩි තබා අලාභ හානි කිරීම යන අපරාධවලට මොවුන් සම්බන්ධ වී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ය. මොවුන් සන්තකයේ තිබී ටී 56 වර්ගයේ ගිනිඅවියක්, මැගසින් එකක් සහ උණ්ඩ 12ක්, අපරාධ සඳහා යොදා ගත් යතුරු පැදියක්, ත්‍රිරෝද රථයක්, කඩු 3ක්, පිහි 3ක්, කේරළ ගංජා කිලෝ 2යි ග්‍රෑම් 150ක ප්‍රමාණයක් සහ රුපියල් 79800ක් වටිනා මුදල් ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර හලාවතදී පොලිස් භාරයට ගත් රුපියල් කෝටි දෙකහාමාරකට අධික කේරළ ගංජා තොගය සැකකරුවන් යාපනයේ සිට කොළඹට රැගෙන එමින් තිබූ ඒවා බවට තහවුරු වී තිබේ. |
2018-04-05T20:00:08.000Z | සා/පෙළ නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් භාර ගැනීම හෙටින් අවසන් | සා/පෙළ නැවත සමීක්ෂණ අයැදුම්පත් භාර ගැනීම හෙට දක්වා | COLOMBO (Newsfirst) - 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයැදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය හෙටින් අවසන් වේ. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා ප්‍රකාශ කළේ, පෞද්ගලික අයැදුම්කරුවන්ට අප්‍රේල් 12 වන දා දක්වා ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම් කළ හැකි බව ය. මේ වන විට නැවත සමීක්ෂණය සඳහා සුළු අයැදුම්පත් ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයින් 688,573 දෙනෙකු පෙනී සිටි අතර සියලු විෂයන් සඳහා A සාමාර්ථ ලබා ගත් සිසුන් සංඛ්‍යාව 9960කි. |
2018-04-05T11:32:07.000Z | සිරස ඉදිරිපිට කළහ කිරීම තවත් මාධ්‍ය සංවිධානයක් හෙළාදකී | සිරස ඉදිරිපිට සිද්ධිය මාධ්‍ය සංවිධානයක් හෙළාදකී | COLOMBO (News 1st) : MTV/MBC ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරී ප්‍රහාර එල්ල කිරීමට කළ උත්සහය තමන් තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍ය සංසදය පවසයි. ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍ය සංසදය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, සිරස මාධ්‍ය ආයතනය ඉලක්කකර ගනිමින් පහරදීමට උත්සහ දැරීමේ සිද්ධිය මාධ්‍ය සංවිධානයක් ලෙස කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. මාධ්‍ය ආයතනයක් ඉදිරිපිට මෙලෙස නොසන්සුන් ලෙස හැසිරුණු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස එම සංසදය අවධාරණය කරයි. මාධ්‍ය නිදහසට සහය දක්වන වත්මන් රජය මෙවැනි සිද්ධීන් හා සම්බන්ධවන පුද්ගලයන්ට එරෙහිව වහා කටයුතු කර මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට මැදිහත්විය යුතු බව ශ්‍රීලංකා මුස්ලිම් ජනමාධ්‍ය සංසදය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත. |
2018-04-05T11:12:09.000Z | ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වැළකූ අතුරු තහනම යළි දිගු වෙයි | ගෝඨාභය අත්අඩංගුවට ගැනීම: අතුරු තහනම යළි දිගු වෙයි | COLOMBO (News 1st) : ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් පසුගිය නොවැම්බර් 9 වන දා අභියාචනාධිකරණය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට දුන් අතුරු තහනම් නියෝගය ලබන මැයි මස 26 වන දා දක්වා අද යළි දීර්ඝ කෙරිණ. ඩි. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිම සඳහා රජයේ දේපළ යොදා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තමන් අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බව වසමින් රාජපක්ෂ මහතා මෙම වාරණ නියෝගය ඉල්ලා තිබිණ. ඊට අදාළ පෙත්සම අද අධිකරණය හමුවේ කැඳවනු ලැබී ය. ඝෝඨාභය රාජපක්ෂ මහතා මෙම පෙත්සම ගොනු කර ඇත්තේ පොදු දේපළ පනත යටතේ තමා අත්අඩංගවට ගෙන නීතිමට පියවර ගැනීම වලක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමිනි. ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට අභියාචනාධිකරණය අද තීරණය කළේ ය. ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමකින් තොරව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ අවසරය මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඇති බව පෙන්වා දුන් අභියාචානාධිකරණයේ සභාපති විනිසුරු පී. පත්මන් සූරසේන හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල ලබන මැයි මස 25 වැනිදා පෙත්සම් විභාගය ආරම්භ කිරීමට තීරණය කළේ ය. |
2018-04-05T11:21:45.000Z | ලොව ජ්‍යෙෂ්ඨතම සිනමාකරු ලෙස්ටර් 99 වැනි වියට පාතබයි | හෙළ සිනමාවේ පියා 99 වැනි වියට පා තබයි | COLOMBO (News 1st) : ලොව ජ්‍යේෂ්ඨතම සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිසත් මහතා අද සිය 99 වැනි ජන්ම දිනය සමරයි. ඒ වෙනුවෙන් ඔහුගේ කථා සංකල්පයකට අනුව නිර්මාණය කෙරුනු වෛෂ්ණාවී සිනමාපටය ද අද සිට තිරගත වීම ආරම්භ කළේ ය. 99 වන වියට පා තබන ලෙස්ටර් පිළිබඳ සටහනක්.. 1919 වසරේ අද වැනි දිනක දෙහිවලදී උපන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි සිසුවෙකි. වයස අවුරුදු 17දී ඩේලි නිව්ස් පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස වෘත්තිය දිවිය ඇරඹු ඔහු 1947 දී වැඩිදුර අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍යයට පිටත්ව ගියේ ය. පත්‍රකලාවේදියෙකු ලෙස වෘත්තීය දිවිය ඇරඹුව ද සිනමාව කෙරෙහි පැවති ඇල්ම නිසා ම ඔහු කෙටි චිත්‍රපට නිර්මාණකරණයට පිවිසියේ තමා සතු ද්විභාෂා දැනුම ද උපයෝගී කර ගනිමිනි. 1956 වසරේ දෙසැම්බර් 29 වෙනිදා රේඛාව චිත්‍රපටය තුළින් ඔහු මහා සිනමා විප්ලවයක ආරම්භය සනිටුහන් කළේ ය. ඔහු ඉතිහාසයට ඒකව සිටින්නේ චිත්‍රාගාර තුළ අමුද්‍රව්‍ය යොදා ගනිමින් මැවුණු කෘත්‍රිම රූ රටා වෙනුවට සිනමා කැමරාව චිත්‍රාගාරයෙන් පිටතට ගෙන ගොස් ස්වභාවිකත්වය සිනමාවට ආරෝපණය කළ පළමු ලාංකීය සිනමාකරුවා ලෙසයි. නව දිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් රණමයුර සම්මානය හිමි කර ගන්නට ඔහු සමත් විය. සංදේශය, ගම්පෙරළිය, රන්සළු, දෙලොවක් අතර, ගොළු හදවත, නිධානය, වෑකන්ද වලව්ව වැනි අනගි නිර්මාණ ලෙස්ටර්ගේ සිනමා චාරිකාවේ මං සලකුණු කිහිපයකි. 1963 වසරේදී ගම්පෙරළිය චිත්‍රපටය නිපදවීමත් සමග ඔහු ආසියාවේ හොඳ ම සිනමාකරුවන් දස දෙනා අතරට ඇතුළත් වු ඔහු 1972 නිර්මාණය කළ නිධානය, ආසියාවේ හොඳ ම චිත්‍රපට දහයට ඇතුළත් විය. රිදී තිරයේ නිර්මාණ තුළින් හැමදාමත් තරුණ ඔහු වයසින් මුහුකුරා ගිය ද එදා මෙදා තුර මෙරට තුළ බිහිවූ අග්‍රගන්‍ය සිනමාකරු ලෙස ලාංකීය ජන මතකයේ සදාතනිකයි. https://www.facebook.com/NewsfirstSL/videos/1901717936555122/ |
2018-04-05T10:50:02.000Z | කන්තලේ වලස් ප්‍රහාරයකින් සිව්දෙනෙක් දැඩි සත්කාරයේ | කන්තලේ වලස් ප්‍රහාරයකින් සිව්දෙනෙක් දැඩි සත්කාරයේ | COLOMBO (News 1st) : කන්තලේ 97 ප්‍රදේශයේදී වලසෙකු පහර දීම හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. ඔවුන් සිව්දෙනා ම මේ වනවිට සිටින්නේ, දැඩි සත්කාර ඒකකයේයි. අද අලුයම 4ට පමණ ආගමික සඳහා දේවස්ථානයට ගිය පුද්ගලයෙකු කන්තලේ 97 ප්‍රදේශයේ සිරාජ් නගර්හිදී වලසෙකුගේ පහර දීමටට ලක්වූ අතර ඉන් පසු තවත් පුද්ගලයින් තිදෙනෙකුටම එම වලසා හානි කර ඇතැයි වාර්තා වේ. ඔවුන් මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ කන්තලේ මූලික රෝහලේ සහ ත්‍රිකුණාමලය මූලික රෝහලේ දැඩි සත්කාරක ඒකකවලයි. වලසාගෙන් සිරාජ් නගර් ප්‍රදේශයේ වෙළඳසලකට ද දැඩි හානි සිදුව තිබේ. මේ අතර කන්තලේ වන ජීවී නිලධාරින්ගේ මූලිකත්වයෙන් අද දහවල් එම වලසා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වූයේ වෙන්රාසපුරම් වැව් රක්ෂිතයේදීයි. එහිදී වලසා සොයා ගැණුනු අතර වනජීවී නිලධාරින්ට ද එම වලසා හානි කිරීමට උත්සහා දැරීමේදී සත්ත්වයාට වෙඩි වැදී තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, වෙඩි වැදුණු වලසා ගිරිතලේ වන ජීවී කාර්යාලය වෙත රැගෙන යන අතරතුර මිය ගිය බවයි. එම සත්ත්වයා ජලභීතිකා රෝගයෙන් පෙළී ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇතැයි ද අප වාර්තාකරු පැවසී ය. |
2018-04-05T10:16:24.000Z | සිරස කාර්යාලය ඉදිරිපිට කළහ කළ පිරිස මෙහෙයවූයේ කවුද ? | සිරස කාර්යාලය ඉදිරිපිට කළහ කළ පිරිස මෙහෙයවූයේ කවුද | COLOMBO (News 1st)ඊයේ රාත්‍රී සිරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරුණු කණ්ඩායම මෙහෙයවූ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ යනු කවු ද? කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ නමැත්තා සිරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට කලහකාරී අයුරින් හැසිරීමෙන් පසුව ගංගාරාම විහාරස්ථානයේදී දැකගත හැකිවූයේ අග්‍රාමාත්‍යවරයා සමගයි. ඔහු ගංගාරාම විහාරස්ථාවේ අගමැතිවරයා සමීපයේ සිටින දර්ශන රාජ්‍යය මාධ්‍ය විසින් ද විකාශය කරනු ලැබිණ. මේ අතර කිත්සිරි රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයාට සුබ පතමින් අද කොළඹ නගරයේ ස්ථාන ගණනාවක කට්වුට් ප්‍රදර්ශනය කර තිබිණ. 2009 වසරේ දෙසැම්බර් 31 වනදා ඩේලි මිරර් පුවත්පත වාර්තා කළේ, සංවිධානාත්මක අපරාධ චෝදනා මත කිත්සිරි රාජපක්ෂ ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි. මාධ්‍ය ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරෙමින් මාධ්‍යවේදීන් බිය වැද්දීමට යොදාගන්නේ මෙවැනි පුද්ගලයින් ද? ඊයේ සිද්ධිය අතරතුර දැකගත හැකිවූ කොලොන්නාව උප සභාපති අනුර ලියනගේ මහතා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ දේශාපාලන හිතවතෙකි. සිරස ප්‍රධාන කාර්යාලය පසුකරමින් ගිය ඔහු ද පසුව අගමැතිවරයා සමග ගංඟාරාම විහාරයේ සිටිනු දැකගත හැකිවිය. https://www.facebook.com/NewsfirstSL/videos/1901588096568106/ |
2018-04-05T09:04:58.000Z | සිරස මූලස්ථානයට මැර පිරිසකගෙන් ගිනිකෙළි පීඩා | සිරස මූලස්ථානයට මැර පිරිසකගෙන් ගිනිකෙළි පීඩා | එදා, - මහින්ද රාජපක්ෂ පාලන සමය - ලසන්ත වික්‍රමතුංග ඝාතනය. - ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන්වීම. - සිරස දෙපානම මැදිරි සංකීර්ණයට කඩා වැදී එල්ල කළ මැර ප්‍රහාරය. - සිරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට රැස්වී එල්ල කළ ගල්මුල් ප්‍රහාරය. - කීත් නොයාර්, පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන්, ඇතුළු මාධ්‍යවේදීන් ගණනාවකට වරින් වර එල්ල කළ ප්‍රහාර. - මාධ්‍යවේදීන් විශාල පිරිසක් රට හැරයන තත්ත්වයට පත්කිරීම. මේවා නවතා මාධ්‍ය නිදහස තහවුරු කරන බවට 2018 / 02 / 07 වන දා රාත්‍රියේ කොස්ගස් හන්දිය රැස්වීමකදී අග්‍රාමාත්‍යවරයා පොරොන්දු විය. "අපි තමයි මේක ආරම්භ කරලා මේ නිදහස ඇති කළේ, නිදහස් සමාජයක් නැතුව අපිට ඉදිරියට යන්න බෑ. සත්‍ය ප්‍රවෘත්ති දාන්න පුළුවන්. අසත්‍ය ප්‍රවෘත්ති දාන්න පුළුවන්. මේ හැම නිදහසම තියෙන්නේ අපි ඇති කරපු නිදහස් සමාජයේ කියලා මන් කියන්න කැමතියි" අගමැතිවරයා එසේ පැවසුව ද ඊයේ රාත්‍රියේ අප ලැබූවේ ඊට හාත්පසින්ම වෙනස් අත්දැකීමකි. විශ්වාසභංග යෝජනාව පිළිබඳව ඡන්ද විමසීම අවසන්වී විනාඩි කිහිපයකට පසුව සිරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට රැස්වූ මැර පිරිසක් කළහකාරී ලෙස හැසිරීම නිසා පැයකට අධික කාලයක් News 1st කාර්යය මණ්ඩලය දැඩි දුෂ්කරතාවකට පත්විය. පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම අවසන්වීමත් සමග රාත්‍රී 10 ට පමණ පැමිණි මැර පිරිසක් කොළඹ බේබෘක් පෙදෙසේ පිහිටි සිරස ප්‍රධාන කාර්යාලය වටකළහ. අප මෙම ප්‍රවෘත්තිය අද අවස්ථා කිහිපයකදී විකාශය කිරීමෙන් අනතුරුව මෙම පිරිස මෙහයවූ මෙම පුද්ගලයා හඳුනාගත් ජනතාව අපගේ ක්ෂණික ඇමතුම් අංකය අමතා මොහුගේ අනන්‍යතාව තහවුරු කළේ ය. එම තොරතුරුවලට අනුව මෙම පුද්ගලයා එක්සත් ජාතික පක්ෂයේ කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ නමැත්තායි. මෙම නාගරික මන්ත්‍රීවරයාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන කාර්යාලයේ ඉදිරිපස දොරටුව අවහිර කළ පිරිස පසුව ගිනිකෙළි දල්වමින් තර්ජනය කළේ ය. ප්‍රධාන මාර්ගය ද අවහිර කළ පිරිස දිගින් දිගටම තර්ජනාත්මක ප්‍රකාශ කරමින් කළහකාරී ලෙස හැසිරුණහ. කාර්යාල පරිශ්‍රයට පිවිසෙන දොරටු සියල්ල අවහිර කිරීම නිසා News 1st කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවකට පත්වූ අතර ආයතන පරිශ්‍රයෙන් පිටවීයාම පවා අවහිර විය. මේ අතරවාරයේ පොලිස් කණ්ඩායමක් පැමිණි අතර ඔවුන්ගේ මැදිහත්වීමෙන් පිරිස පාලනය කිරීමට පියවර ගත්තේ ය. අප උදෑසන සිට වරින්වර විකාශය කළ දර්ශන දුටු ජනතාව අප අමතා දැන්වූ තොරතුරු අනුව කොළොන්නාව නගර සභාවේ උප සභාපති අනුර ලියනගේ මහතා ද සිද්ධිය වන අවස්ථාවේ ප්‍රධාන කාර්යාලය අසලින් ගමන් කරනු දැකගත හැකිවිය. https://www.facebook.com/NewsfirstSL/videos/1901550336571882/ |
2018-04-05T08:25:21.000Z | ද. ආසියානු නිදහස් මාධ්‍යවේදීන්ගේ සංගමයත් සිරස කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය හෙළාදකී | තවත් මාධ්‍ය සංගමයක් සිරසට එල්ල වූ ප්‍රහාරය හෙළාදකී | COLOMBO (News 1st) : දකුණු ආසියානු නිදහස් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව ද ඊයේ සිරස ප්‍රධාන කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය හෙළා දැක තිබේ. එම ශාඛාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ , මෙය ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට එල්ල වූ නිර්ලජ්ජිත ප්‍රහාරයක් බවයි. ප්‍රවෘත්ති මාධ්‍ය ආයතනයක් බිය ගැන්වීමට මෙලෙස ක්‍රියා කිරීම අදහස් ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝණය කිරීමක් බව ද දකුණු ආසියානු නිදහස් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව සඳහන් කර තිබේ. |
2018-04-05T08:02:59.000Z | පානීය ජල බෝතල්වල ප්‍රමිතිය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි | ජල බෝතල්වල ප්‍රමිතිය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි | COLOMBO (News 1st) : පානීය ජල බෝතල්වල මිල හා ප්‍රමිතිය පිළිබඳව වහා ම වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ. දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතවෙන් මතුව ඇති පානීය ජල ගැටලුව හමුවේ ඇතැම් ව්‍යාපාරිකයින් විසින් ප්‍රමිතියෙන් තොරව සහ අධික මිල ගණන් යටතේ පානීය ජල බෝතල් අලෙවි කරනු ලැබීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද ජනාධිපති කාර්යාලයේ පැවති අවස්ථාවේදීයි. දිස්ත්‍රික්ක 09 පවුල් 1,43,235 දෙනෙක් වියළි කාලගුණය හේතුවෙන් මේ වනවිට පීඩාවට පත්ව සිටිති. ඔවුන්ට අවශ්‍ය පානීය ජල පහසුකම් සපයා දීම, වියළි සලාක ලබාදීමේ වැඩ සටහනේ ප්‍රගතිය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳ මෙහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශ නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. |
2018-04-05T07:52:24.000Z | පාසල් පැවැත්වෙන කාලය තුළ ටියුෂන් පන්තියට වැට බැඳෙන ලකුණු | පාසල් කාලය තුළ ටියුෂන් පන්ති තහනම්...? | News 1st (COLOMBO) පාසල් පැවැත්වෙන පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා කාලය තුළ උපකාරක පන්ති පැවැත්වීම වැළැක්වීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඇතැම් අවස්ථාවලදී පාසල් දරුවන් පාසල් නොපැමිණ, උපකාරක පන්තිවලට සහභාගීවීම විලාසිතාවක් වී ඇති බවයි. එම තත්ත්වය තුළ පාසල්වල අධ්‍යාපනය කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර උසස් පෙළට අදාළ ඇතැම් ප්‍රායෝගික පරීක්ෂණ කටයුතු සහ අධ්‍යාපන කටයුතු ද දරුවන්ට අහිමි වී තිබේ. ඇතැම් පාසල්වල උසස් පෙළ පන්තිවල සිසුන් පාසල් පැමිණීම ශීඝ්‍ර ලෙස පහත වැටීමට මෙය හේතුවක් වී ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙයි. |
2018-04-05T07:19:34.000Z | ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යන ලකුණු | රත්‍රං මිල ඉහළ යන ලකුණු | News 1st : මේ වසර අවසන් වීමට පෙර ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1450 ක් දක්වා ඉහළ යනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ මුල් කාර්තුව තුළ ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල 3. 61% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බවයි. කෙසේ වෙතත් ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේදී ලෝක වෙළෙඳපොළේ රත්‍රං සඳහා පවතින ඉල්ලුම ඉහළ ගොස් ඇත්තේ 1% කින් පමණක් බව ද වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති. මේ වනවිට ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක් අලෙවි කෙරෙන්නේ අමෙරිකානු ඩොලර් 1335යි ශත 10 ක මිලකටයි. |
2018-04-05T06:14:52.000Z | සෞදි ආරබිය තහංචියක් ඉවත දමයි.. | සෞදි ආරබිය තහංචියක් ඉවත දමයි.. | News 1st : සෞදි ආරබිය ක්‍රමක්‍රමයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් වෙත ප්‍රවේශ වෙමින් සිටී. පසුගිය දා කාන්තාවන්ට රිය ධාවනය සඳහා අවසර ලබා දුන් සෞදි අරාබිය මේ වන විට වසා දමා තිබූ සිනමා කාර්මාන්තයේ දොරටු විවර කිරීමට ද ක්‍රියා කරමින් සිටී. ඒ අනුව 35 වසරකට පසු ප්‍රථම වරට ලබන අප්‍රේල් 18 වන දා සෞදි ආරාබියේ සිනමා ශාලාවක් විවෘත කරනු ඇති. එදිනට සිනමා ලෝලීන් වෙනුවෙන් 'Black Panther' චිත්‍රපටය තිරගත කරනු ඇති. මෙම චිත්‍රපට ප්‍රදර්ශනය සිදු වන්නේ, ඉදිරි අවුරුදු 5 තුළදී සෞදියේ නගර 15ක් ආවරණය කරමින් සිනමා ශාලා 40ක් විවෘත කිරීමේ පස් අවුරුදු සැලැස්මේ පළමු පියවර ලෙසියි. වසර 2030 දර්ශනය ලෙසින් එරට ආර්ථික සහ සමාජීය ප්‍රතිසංස්කරණයක් සඳහා වන යෝධ පියවර තැබුවේ, සෞදියේ මොහොමඩ් බින් සල්මාන් රජු විසිනි. 70 දශකයේදී සෞදි ආරබියේ සිනමා කර්මාන්තය ක්‍රියාත්මක වූ අතර විවිධ බලපෑම් මත එය වසා දැමිණ. ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ, කාන්තා පිරිමි ලෙස සිනමා ශාලා තුළ කොටස් වෙන් නොකෙරෙනු ඇති බවයි. කෙසේ වෙතත් කුමන ආකාරයේ සිනමා නිර්මාණ මෙම සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය සඳහා අවසර ලැබෙන්නේ ද? යන්න පිළිබඳව ත් පැහැදිලිවී නොමැත. සල්මාන් රජුගේ 2030 දැක්ම අනුව තෙල් අපනයනය මත පදනම්ව ඇති සෞදි ආර්ථිකය ඉන් ඔබ්බට ගෙන ගොස් නව රැකියා අවස්ථා හඳුන්වා දීම ඇතුළු වැඩපිළිවෙළක් ඇතුළත් ය. මේ අතර 32 හැවිරිදි සල්මාන් රජු 2018 වසරේදී සෞදි අරාබියේ කාන්තාවන්ට පළමු වරට රිය පැදවීම සඳහා අවසර ලබා දුන්නේ ය. |
2018-04-05T04:42:17.000Z | සල්මන් ඛාන්ට වසර 5ක සිර දඬුවමක් | සල්මන් ඛාන්ට වසර 5ක සිර දඬුවමක් | සල්මන් ඛාන් යනු බොලිවුඩ් සිනමාවේ විය පත් නොවන සුපිරි නළුවෙකි. වයස අවුරුදු 52ක් ඉක්මවුව ද ඔහු තවමත් ඉන්දීය තරුණියන්ගේ සිහින පෙම්වතා ය. දක්ෂතාව අතින් සල්මන් ඛාන් දෙවන අමිතාබ් භච්චන් බවට පත් වනු ඇති බවට සිනමා විශ්ලේෂකයින් අනාවැකි පළ කර තිබිණි. එහෙත්, රාජේෂ් ඛන්නාගේ නොසැලකිලිමත් හැසිරීම නිසා අමිතාබ් භච්චන් සුපිරි තරුවක් බවට පත්වූ සේ ම සල්මාන්ගේ දඩබ්බරකම් නිසා ඔහු වෙනුවට ෂාරුක් ඛාන් සුපිරි තරුව බවට පත් විය. සුපිරි තරුවක් බවට පත්වෙමින් සිටියදී සල්මන් ඛාන් අධ්‍යක්ෂවරුන් සමග ගැටලු ඇති කර ගත්තේ ය. බොහෝ නිළියන් සමග ප්‍රේම සබඳතා පැවැත්වීය. එපමණක් නොව ඔහු විවිධ ක්‍රියාකාරකම් නිසා නීතියේ රැහැනට ද හසු විය. පදික වේදිකාවේ නිදා සිටි යාචකයෙකු සිය රථයෙන් යට කර මරණයක් කළ බවට වූ පැමිණිල්ලෙන් ඔහු යන්තම් ගැලවිණි. ඊට අමතරව ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාවකින් ද ඔහු නිදහස් විය. කෙසේ වෙතත්, ඔහු 1998 වසරේ කළ වරදකට ඊට වස 20කට පෙර එනම් මේ වසරේදී ඔහු වරදකරු වී ඇති බව වාර්තා වේ. ඒ, 1998 වසරේදී රූගත කිරීමක් අතරතුර දුර්ලභ ගණයේ ගෝනුන් දෙදෙනෙකු ඝාතනය කිරීමක් සම්බන්ධයෙනි. ජෝද්පූර්හි අධිකරණයක විභාග වූ මෙම නඩුවෙන් ඉන්දීය රු. 10000ක මුදලක දඩයක් නියම කර ඇති අතර ඔහුට වසර 5ක සිර දඬුවමක් ද නියම කර තිබේ. කෙසේ වෙතත්, මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සල්මන් ඛාන්ට අවස්ථාවක් පවතී. |
2018-04-05T04:09:23.000Z | MTV/MBC මාධ්‍ය ජාලය අසල සිදුවීම ජනමාධ්‍ය සන්ධානය හෙළාදකී | MTV/MBC මාධ්‍ය ජාලය අසල සිදුවීම හෙළාදකී | COLOMBO (News 1st) : MTV/MBC මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලය අසල ඊයේ රාත්‍රියේ වූ සිදුවීම හෙළා දකිමින් ලොව විශාලතම ජනමාධ්‍ය සංවිධානයක් වන ජනමාධ්‍ය සන්ධානය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය නිකුත් කළ එහි ප්‍රධාන විධායක නිලධාරි සැලී ඈන් විල්සන් මහත්මිය සඳහන් කරන්නේ, ඊයේ රාත්‍රියේ MTV/MBC මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලය අසල වූ සිදුවීම පිළිබඳ අසන්නට ලැබීමෙන් විමතියට පත් වූ බවයි. එම මාධ්‍ය ජාලය ජනමාධ්‍ය සන්ධානයේ දිර්ඝ කාලීන සාමාජිකයෙකු වන අතර ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් දිනාගත් ආයතනයක් ද බැවින් එය ඉදිරිපිට මෙවැන්නක් සිදුවීම සම්පූර්ණයෙන් ම පිළිගත නොහැක්කක් බවයි. එබැවින් මෙම සිදුවීම සම්බන්ධව සියලු තොරතුරු පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව සැලී ඈන් විල්සන් මහත්මිය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. https://www.facebook.com/NewsfirstSL/videos/1901251643268418/ |
2018-04-05T02:53:37.000Z | සිරස මාධ්‍ය ජාලය ඉදිරිපිට කළහකාරී හැසිරීම මාධ්‍යට එල්ල කළ තර්ජනයක් - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය | සිරස ඉදිරිපිට කළහකාරී හැසිරීම මාධ්‍යට කළ තර්ජනයක් | COLOMBO (Newsfirst) - සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය අවහිර කරමින් පිරිසක් ඊයේ සිදුකළ කළහකාරි හැසීරීම මාධ්‍යට එල්ල කළ තර්ජනයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සී. දොඩාවත්ත මහතා පවසයි. https://www.facebook.com/NewsfirstSL/videos/1901234226603493/ ඊයේ රාත්‍රියේ විශ්වාසභංගය පිළිබඳ ඡන්ද විමසීම අවසන් වී විනාඩි කිහිපයක් ගතව යද්දී කොළඹ බේබෲක් පෙදෙසේ පිහිටි සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය වටකළ පිරිසක් කළහකාරී ලෙස හැසිරුණි. මේ හේතුවෙන් පැයකට අධික කාලයක් නිව්ස්ෆස්ට් කාර්ය මණ්ඩලයට පරිශ්‍රය තුළ කොටු වී සිටින්නට සිදුවිය. කළහකාරී ලෙස හැසිරුණු පිරිස සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පිපිරීම් සිදුකරමින් පැයකට අධික කාලයක් රැඳී සිටියේය. කොළ පැහැති කොඩි ද අතැතිව පැමිණි මෙම කණ්ඩායම අතර එක්සත් ජාතික පක්ෂ කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ නැමැත්තා ඉදිරියෙන්ම සිටියේය. මෙම පිරිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසළට රැස්වී සංවිධානාත්මක අයුරින් පැමිණ මෙම ක්‍රියාවේ නිරත වී තිබුණි. පැයකට අධික කාලයක් රැඳී සිටි පිරිස පසුව ඉවත් කෙරුණේ පොලිසියේ මැදිහත් වීමෙනි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව ගෙන එනු ලැබුවේ ඒකාබද්ධ විපක්ෂය විසිනි. එබැවින් කිත්සිරි රාජපක්ෂ මහතාට අප සිහිපත් කරනුයේ ඔබ යා යුතුව තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිටට බව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1901204999939749/ |
2018-04-05T01:20:55.000Z | පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී දිනූෂා ගෝමස් ලෝකඩ පදක්කමක් දිනා ගනී | දිනූෂා ගෝමස් ලෝකඩ පදක්කමක් දිනා ගනී | COLOMBO (Newsfirst) - ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී තව ත් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ අනුව කිලෝ ග්‍රෑම් 48 බර ඉසිලීම කාන්තා තරගයට එක් වූ දිනූෂා ගෝමස් එහි ලෝකඩ පදක්කම දිනා ගත්තා ය. ඇය එසවූ මුළු බර කිලෝ ග්‍රෑම් 155කි. ඇය ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 70ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 85ක බරක් එසවූවා ය මේ අතර 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගත්තේ බර ඉසිලීමේ ක්‍රීඩක චතුරංග ලක්මාල්. ඔහු කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගත්තේය. |
2018-04-04T23:18:22.000Z | විශ්වාසභංගයේ ඡන්ද විමසීමෙන් පසු පිරිසක් සිරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට කළහකාරීව හැසිරෙයි | සිරස මාධ්‍ය ජාලය අසළදී පිරිසක් කළහකාරීව හැසිරෙයි | COLOMBO (Newsfirst) - විශ්වාසභංගය පිළිබඳ ඡන්ද විමසීම අවසන් වී විනාඩි කිහිපයක් ගතව යද්දී කොළඹ බේබෲක් පෙදෙසේ පිහිටි සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය වටකළ පිරිසක් කළහකාරී ලෙස හැසිරුණි. මේ හේතුවෙන් පැයකට අධික කාලයක් නිව්ස්ෆස්ට් කාර්ය මණ්ඩලයට පරිශ්‍රය තුළ කොටු වී සිටින්නට සිදුවිය. කළහකාරී ලෙස හැසිරුණු පිරිස සිරස මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පිපිරීම් සිදුකරමින් පැයකට අධික කාලයක් රැඳී සිටියේය. කොළ පැහැති කොඩි ද අතැතිව පැමිණි මෙම කණ්ඩායම අතර එක්සත් ජාතික පක්ෂ කොළඹ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ නැමැත්තා ඉදිරියෙන්ම සිටියේය. මෙම පිරිස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසළට රැස්වී සංවිධානාත්මක අයුරින් පැමිණ මෙම ක්‍රියාවේ නිරත වී තිබුණි. පැයකට අධික කාලයක් රැඳී සිටි පිරිස පසුව ඉවත් කෙරුණේ පොලිසියේ මැදිහත් වීමෙනි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව ගෙන එනු ලැබුවේ ඒකාබද්ධ විපක්ෂය විසිනි. එබැවින් කිත්සිරි රාජපක්ෂ මහතාට අප සිහිපත් කරනුයේ ඔබ යා යුතුව තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිටට බව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1901056889954560/ 2nd Update https://www.facebook.com/NewsfirstSL/videos/1901113229948926/ 3rd Update https://www.facebook.com/NewsfirstSL/videos/1901204999939749/ 4th Update https://www.facebook.com/NewsfirstSL/videos/1901251643268418/ |
2018-04-04T22:17:01.000Z | කබීර් හෂීම් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි | කබීර් හෂීම් එජාප මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි | COLOMBO (Newsfirst) - එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයෙන් තමා ඉල්ලා අස් වූ බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ඊට අදාළ ලිපිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කල බව ය. පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුවේ යෝජනා ක්‍රියාත්මක කිරීමට ඉඩ සලසමින් තමා මේ තීරණය ගත් බව ද ඔහු වැඩි දුරට ත් සඳහන් කළේය. |
2018-04-04T21:14:13.000Z | විශ්වාසභංගය ජයගත් අගමැති ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගනී | විශ්වාසභංගය ජයගත් අගමැති ගංගාරාම විහාරස්ථානයට | COLOMBO (Newsfirst) - විශ්වාසභංගය යෝජනාවෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගත්තේය. එහිදී ගංගාරාම විහාරධිපති පූජය ගල්බොඩ ඥාණිස්සර නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද කිරීම සඳහා සෙත් පිරිත් සජ්ඣායනා කළේය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් එක්ව සිටියහ. ආගමික වතාවත්වලින් අනතුරුව අග්‍රාමාත්‍යවරයා විහාරස්ථානයෙන් පිටව ගියේ ඔහුට සුබ පැතීමට පැමිණ සිටි ජනතාවට අචාර කරමිනි. https://www.facebook.com/NewsfirstSL/videos/1900963329963916/ |
2018-04-04T20:47:34.000Z | පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව පළමු පදක්කම දිනා ගනී | ශ්‍රී ලංකාව පළමු පදක්කම දිනා ගනී | COLOMBO (Newsfirst) - ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට බර ඉසිලීම කිලෝ ග්‍රෑම් 56 බර පන්තියෙන් තරග කළ චතුරංග ලක්මාල් සමත් විය. ඒ, එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනිමිනි. ඔහු ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 114ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 134ක් එසවිය. ඒ අනුව චතුරංග එසවු මුළු බර කිලෝ ග්‍රෑම් 248කි. මෙම ඉසව්වේ රන් පදක්කම මලයාසියාවට හිමි වූ අතර රිදී පදක්කම දිනා ගත්තේ ඉන්දියාවයි. |
2018-04-04T20:34:10.000Z | අගමැතිට විරුද්ධව ඡන්දය දුන් මැති ඇමතිවරුන්ට කැබිනට් මණ්ඩලයේ ඉන්න බැහැ - රාජිත සේනාරත්න | අගමැතිට විරුද්ධ වූ අයට කැබිනට් මණ්ඩලයේ ඉන්න බැහැ | COLOMBO (Newsfirst) - විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට විරුද්දව ඡන්දය භාවිත කළ මැති ඇමතිවරුන්ට කැබිනට් මණ්ඩලයේ ඉඩක් නැති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ විශ්වාසභංගයේ ඡන්ද විමසීමෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. සති අන්තය හෝ සඳුදා වන විට කැබිනට් සංශෝධනයක් කරන බව ද රාජිත සේනාරත්න මහතා වැඩි දුරට ත් කියා සිටියේය. https://www.facebook.com/NewsfirstSL/videos/1900935739966675/ |
2018-04-04T20:14:52.000Z | විශ්වාසභංගයට මුහුණ දුන්නේ පුද්ගලයෙකු ආරක්ෂා කිරීමට නොව ආණ්ඩුව ආරක්ෂා කිරීමටයි - අගමැති | අපිට අලුත් ගමනක් යන්න තියෙනවා - අගමැති | COLOMBO (Newsfirst) - රටට නව ගමනක් යාමට තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ විශ්වාසභංගය ජය ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය. විශ්වාසභංගයට මුහුණ දුන්නේ පුද්ගලයෙකු ආරක්ෂා කිරීමට නොව ආණ්ඩුව ආරක්ෂා කිරීමට බව ද අග්‍රාමාත්‍යවරයා වැඩි දුරට ත් සඳහන් කළේය. https://www.facebook.com/NewsfirstSL/videos/1900920283301554/ |
2018-04-04T19:33:09.000Z | අනධ්‍යන සේවක වර්ජනය 37 වැනි දිනටත් | අනධ්‍යන සේවක වර්ජනය 37 වැනි දිනටත් | COLOMBO (Newsfirst) - විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ වර්ජනය 37 වැනි දිනටත් ක්‍රියාත්මකයි. තම ඉල්ලීම් ලබාදීමේ චක්‍රලේඛය නිකුත් කිරීමට විෂය භාර අමාත්‍යාංශය තව දුරට ත් අසමත්ව සිටින බව විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තිය සමිති කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පවසයි. මෙම අඛණ්ඩ වැඩ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන 30ක අධ්‍යයන කටයුතු අද 14 වන දිනටත් අඩාල වී තිබේ. |
2018-04-04T11:06:57.000Z | අග්‍රාමාත්‍යවරයා විශ්වාසභංගය ජයගනී | අග්‍රාමාත්‍යවරයා විශ්වාසභංගය ජයගනී | COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසභංගය ජයග්‍රහණය කළේ ය. විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද 122 ක් ලැබුණු අතර පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව කි 76කි මන්ත්‍රීවරුන් 26 සභාගර්භයට පැමිණ සිටියේ නැත. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු ප්‍රමුඛ ආර්. සම්බන්දන් ප්‍රමුඛ දෙමළ ජාතික සංන්ධානය විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය භාවිත කළහ. අනුර කුමාර ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරු සියලු දෙනා අගමැතිට එරෙහි විශ්වාසභංගයට පක්ෂව සිය ඡන්දය භාවිත කළහ. මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ විශ්වාසභංගයට පක්ෂව සිය ඡන්දය භාවිත කළහ. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී පෙරවරුවේ ආරම්භ විය. යෝජනාව ඉදිරිපත් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි. විවාදය ආරම්භ කරමින් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා සඳහන් කළේ, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙම විශ්වාසභංග යෝජනාවට සහාය පළ කළ යුතු බවයි. පසුගිය 16 වන දා කථානායකවරයාට භාරදුන් මෙම විශ්වාසභංග යෝජනාවෙන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව චෝදනා 14 ක් ගොනු කර තිබිණ. යෝජනාව ස්ථිර කරනු ලැබුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා විසිනි. |
2018-04-04T09:33:21.000Z | "හෙට ගෙදර ගියත් කමක් නැහැ... අපට කොන්දක් තියනවා" - ඇමති දයාසිරි | "හෙට ගෙදර ගියත් කමක් නැහැ" - ඇමති දයාසිරි | COLOMBO (News 1st) - අගමැතිට එරෙහි විශ්වාසභංගයට පක්ෂව සිය ඡන්දය දෙන බව අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි. "අපට කොන්දක් තියනවා විශ්වාසභංගයට පක්ෂව අත උස්සලා හෙට ගෙදර ගියත් කමක් නැහැ" අමාත්‍යවරයා මේ බව පැවසූවේ, විශ්වාසභංග විවාදයට එක්වෙමිනි. ආණ්ඩුවක් විදියට තව දුරටත් ඉදිරියට යන්නේ නම් ඒ ප්‍රතිපත්ති මාලාවක් යටතේ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. එසේම එජාපයට නිදහස් පක්ෂයේවත්, නිදහස් පක්ෂයට එජාපයේවත් ඉදිරි ගමන තීන්දු කිරීමට අයිතියක් නැති බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ ය. |
2018-04-04T08:23:57.000Z | නුදුරේදී ම කැබිනට් මණ්ඩලය ත් අලුත් වෙන ලකුණු...? | නුදුරේදී ම කැබිනට් මණ්ඩලය ත් අලුත් වෙන ලකුණු...? | COLOMBO (News 1st) : ඉදිරියේදී නව කැබිනට් මණ්ඩලයක් තෝරා පත් කර ගන්නා බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු දෙමිනි. කැබිනට් සංශෝධනයකට නොගොස් අලුත් ම කැබිනට් මණ්ඩලයක් තෝරා පත් කිරීමට තමා යෝජනා කළ බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසී ය. https://youtu.be/5e2bGxqclyU |
2018-04-04T06:13:53.000Z | BREAKING : විශ්වාසභංගයේදී ගන්නා තීරණය ගැන රංගේබණ්ඩාර හෙළි කරයි | විශ්වාසභංගය ගැන රංගේබණ්ඩාරගේ තීරණය මෙන්න | COLOMBO (News 1st) : අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය භාවිත කරන බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර පවසයි. ඔහු මේ බව පැවසුවේ, වසන්ත සේනානායක රාජ්‍ය අමාත්‍යවරයා සමග මාධ්‍ය හමුවකට එක්වෙමිනි. https://youtu.be/7dp080HDErM |
2018-04-04T04:30:23.000Z | "හැකි නම් තනි ආණ්ඩුවක් හදා පෙන්වන්න"- සුසිල් ප්‍රේමජයන්ත | "හැකි නම් තනි ආණ්ඩුවක් හදා පෙන්වන්න" - සුසිල් | COLOMBO (News 1st) : පුළුල් සන්ධානයක් සහිත ආණ්ඩුවක් පිහිටුවන බව අගමැතිට එරෙහි විශ්වාස භංග යෝජනා විවාදයට එක් වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයත්න පැවසී ය. මේ අතර හැකියාවක් තිබේ නම්, තනි ආණ්ඩුවක් පිහිටුවා පෙන්වන ලෙස ද අමාත්‍යවරයා එහිදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට අභියෝග කළේ ය. මේ අතර සියලු දෙනාගේ උත්සාහය මහබැංකු හිටපු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් රැක ගැනීම සඳහා බවට ද ප්‍රේමජයන්ත මහතා චෝදනා කළේ ය. |
2018-04-04T03:30:56.000Z | අලි රංචුවක ගැටුණු සුඛෝපභෝගී බස් රියට වෙච්ච දේ | අලි රංචුවක ගැටුණු සුඛෝපභෝගී බස් රියට වෙච්ච දේ | COLOMBO (Newsfirst) - මහනුවර - යාපනය මාර්ගයේ කැකිරාව, කොරෝසගල්ල ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් අලි රංචුවක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රීයේ ය. කලා වැව් රක්ෂිතයේ සිට හබරණ රක්ෂිතය දක්වා වන අලි ගමන් අලිමංකඩ හරහා වැටී ඇති ප්‍රධාන මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබේ. මෙම ස්ථානයේ කිසිදු දැන්වීම් පුවරුවක් නොමැති බැවින් වන අලි ගැටීමෙන් අනතුරු බහුලව සිදු වේ. |
2018-04-04T01:58:14.000Z | අල්ලස් ලබා ගත් දෙදෙනෙකුට වසර 4ක සිර දඬුවම් | අල්ලස් ලබා ගත් දෙදෙනෙකුට වසර 4ක සිර දඬුවම් | COLOMBO (Newsfirst) - පුද්ගලයෙකුගෙන් රුපියල් 3000ක අල්ලසක් අයැදීම සහ ලබා ගැනීම යන අධිචෝදනා දෙකට වරදකරු කරනු ලැබූ අම්පාර දිසා අධිකරණයේ හිටපු රෙජිස්ට්‍රාර්වරයාට වසර 4ක සිර දඬුවමක් හා රුපියල් 6000ක දඩයක් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා අද නියම කළේ ය. රුපියල් 1500ක අල්ලසක් අයැදීම සහ ලබා ගැනීම යන අධිචෝදනා දෙකට වරදකරු කරනු ලැබූ අම්පාර දිසා අධිකරණයේ හිටපු ප්‍රධාන ලිපිකරුට වසර 4ක සිර දඬුවමක් හා රුපියල් 6000ක දඩයක් ගෙවීමට ද එහිදී විනිසුරුවරයා නියෝග කළේ ය. අම්පාර දිසා විනිසුරුවරයා විසින් ලබාදෙන ලද නඩුවක තීන්දු පිටපතක් ලබා දීම සඳහා අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගෙන් එකී අල්ලස ඉල්ලා ලබා ගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුවක් විභාග කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් එම චෝදනා 4ටම වරදකරුවන් බවට නියෝග කරමින් මෙම දඬුවම් නියම කළේ ය. 2009 ජූලි මස 17 වන දින එකී අල්ලස ලබාගෙන ඇතැයි පැමිණිල්ලෙන් කියැවිණි. |
2018-04-04T00:03:00.000Z | විශ්වාසභංගයට ශ්‍රී.ල.නි.ප.ය සහය දෙනවා - ලක්ෂ්මන් යාපා සහ ඩිලාන් කියයි | "විශ්වාසභංගයට ශ්‍රී.ල.නි.ප.ය සහය දෙනවා" | COLOMBO (Newsfirst) - ඒ.ච්.එම්. ෆවුසි රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවත්, විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවත් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ය. මේ අතර අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ද පැවසුවේ, විශ්වාසභංග යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය භාවිත කරන බව ය. මහින්ද අමරවීර මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 30 දෙනෙකු පමණ සහභාගී වූ ඩිලාන් පෙරේරා මහතා පවසයි. එහි බහුතරයේ තීරණය වූයේ, විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීම බව ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ ය. ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ, මෙම රැස්වීම සඳහා ඒ.ච්.එම්. ෆවුසි මහතා සහභාගී නොවූ බව ය. |
2018-04-03T23:04:36.000Z | විශ්වාසභංගයට ශ්‍රී.ල.නි.ප.ය ඡන්දය නොදී සිටීමට තීරණය කරයි - ඒ.එච්.එම්. ෆවුසි | විශ්වාසභංගය පිළිබඳ ශ්‍රී.ල.නි.ප.යේ ස්ථාවරය | COLOMBO (Newsfirst) - විශ්වාසභංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය නොදී සිටීමට තීරණය කර ඇති බව ඒ.එච්.එම්. ෆවුසි මහතා පවසයි. අග්‍රාමාතයවරයාට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය අද පෙරවරු 10.00ට ඇරඹීමට නියමිත ය. විශ්වාසභංගයට අදාළ ඡන්ද විමසීම අද රාත්‍රී 9.30ට පැවැත්වේ. |
2018-04-03T22:16:17.000Z | YouTube මූලස්ථාන පරිශ්‍රයේ වෙඩි තැබීමකින් අයෙක් මරුට | YouTube මූලස්ථාන පරිශ්‍රයේ වෙඩි තැබීමක් | (Newsfirst) - ජනප්‍රිය වෙබ් අඩවියක් වන යූටියුබ්හි මූලස්ථන පරිශ්‍රයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් තිබේ. අමෙරිකාවේ, උතුරු කැලිෆෝනියාහි පිහිටි යූටියුබ් මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුව තිබේ. විදෙස් වාර්තාහි දැක්වෙන්නේ, කාන්තාවක විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර පසුව ඇය තමාට ද වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන ඇති බව ය. වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 3 දෙනෙකු තුවාල ලබා තිබේ. එරට සෞඛ්‍ය අංශ පවසන්නේ, තුවාල ලැබූ අයගේ තත්ත්වය ඉතා බරපතල බව ය. අනතුරින් තුවාල ලබා ඇත්තේ 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, 32 සහ 27 වන වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙකි. වෙඩි වැදුණු පිරිමි පුද්ගලයා ප්‍රහාරය එල්ල කළ කාන්තාවගේ පෙම්වතා බව අමෙරිකානු පොලීසිය ප්‍රකාශ කළේ ය. වෙඩි ප්‍රහාරය කුමක් අරමුණෙන් සිදු කළා ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. |
2018-04-03T20:34:13.000Z | අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ දේශපාලන පක්ෂවල අවසන් තීරණය කුමක් ද ? | දේශපාලන පක්ෂවල අවසන් තීරණය කුමක් ද ? | COLOMBO (Newsfirst) - අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ දේශපාලන පක්ෂවල අවසන් තීරණය කුමක් ද ? මේ පිළිබඳව ඊයේ රාත්‍රී වන තුරුත් කොළඹ ස්ථාන ගණනාවකදී සාකච්ඡා පැවැත්විණි. ජාතික ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කරුවෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැති ඇමතිවරු ඊයේ රාත්‍රියේ මේ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කළහ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ. එච්.එම් ෆවුසි මහතා පැවසුවේ, විශ්වාසභංග යෝජනාව පිළිබඳව ජනපති සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ නමුත් අවසන් තීරණයක් නොගත් බව ය. මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා අද උදෑසන 9.00ට අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිල නිවසේදී රැස්වන බව ද ෆවුසි මහතා පැවසුවේ ය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශ්වාසභංගයේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කළහ. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විශ්වාසභංගය පිළිබඳව සිය ස්ථාවරය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත. මේ පිළිබඳව ඊයේ අවස්ථා ගණනාවකදී සාකච්ඡා පැවති අතර පස්වරුවේ පැවති සාකච්ඡාව ද අවසන් වූයේ එකඟතාවකින් තොරව ය. ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය පක්ෂයේ ස්ථාවරය පිළිබඳව ඊයේ රාත්‍රියේ නිව්ස්ෆස්ට් සටන වැඩසටහනට එක්වෙමින් පැවසුවේ ය. මෙහිදී ඔහු පැවසුවේ, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු සියලු දෙනාම විශ්වාසභංගයේදී අගමැතිට එරෙහිව සිය ඡන්දය ප්‍රකාශ කරන බව ය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනා විශ්වාසභංගයේදී ආණ්ඩුවට පක්ෂව ඡන්දය භාවිත කිරීමට තීරණය කර තිබේ. ඒ, ඊයේ රාත්‍රියේ මුස්ලිම් කොංග්‍රස් පක්ෂ මූලස්ථානයේදී මේ පිළිබඳව කළ සාකච්ඡාවකින් අනතුරුව ය. මේ අතර සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම ද විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට සහය පළ කරන බව පැවසුවේ ය. |
2018-04-03T19:43:13.000Z | අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය පෙරවරු 9.30 සිට | අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය 9.30 සිට | COLOMBO (Newsfirst) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව අද විවාදයට ගැනේ. උදෑසන 9.30ට ආරම්භ වන විවාදය රාත්‍රී 9.30 දක්වා පැවැත්වෙනු ඇති. රාත්‍රි 9.30ට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත ය. ඒකාබද්ධ විපක්ෂයේ මූලිකත්වයෙන් සැකසූ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පසුගිය 16 වන දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් කථානායක කරු ජයසූරිය මහතා වෙත භාර දුන්හ. ඊට අත්සන් තැබූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 55කි. විශ්වාසභංගයට අත්සන් කළ මන්ත්‍රීවරුන් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය ධූර දරණ ටී.බී. ඒකනායක, නිශාන්ත මුතුහෙට්ටිගම හා කේ. කාදර් මස්තාන් යන මහත්වරුන් ද වේ. මෙම විශ්වාසභංග යෝජනාවෙන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව චෝදනා 14ක් යටතේ කරුණු ගොනු කර තිබේ. එම කරුණු, * සම්මතයට පටහැනිව ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් ඉවත් කර තමන් යටතට පත් කර ගැනීම. * ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවූ අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධූරයට යෝජනා කිරීම. * මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ වීම. * පිටිපන කමිටුව පත් කර බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින් බේරා ගැනීමට උත්සහ කිරීම. * බැඳුම්කර වංචනිකයින් ආරක්ෂා කරමින් සැබෑ කරුණු වසන් කරමින් 2015 මාර්තු 17 දින පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීම. * බැඳුම්කර වංචාව පිළිබඳ කෝප් කමිටුවේ විමර්ශන යන අතුරතුර එහි සාමාජිකයින්ට බලපෑම් කිරීම. * බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට හෙළිවූ නියෝජ්‍ය මහ බැංකු අධිපති පී. සමරසිරිට මුදල් අමාත්‍යංශයේ උපදේශක තනතුරක් ලබා දීමට ඇමති මණ්ඩලයට නිර්දේශ කිරීම. * අර්ජුන මහේන්ද්‍රන්ට මහ බැංකු අධිපති ධූරය අහිමි වීමෙන් පසු ඔහුට සිය අමාත්‍යංශයේ උපදේශක තනතුරක් ලබා දීම. * අර්ජුන මහේන්ද්‍රන්ට විදේශගත වී අධිකරණය මග හැරීමට අවස්ථාව සලසා දීම. * රටේ ආර්ථික සහ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් වැදගත් අණ පනත් උල්ලංඝනය කිරීම. * ආර්ථීක කළමනාකරණ කමිටුව හරහා ක්‍රියාත්මක කළ යෝජනා හේතුවෙන් රට ආර්ථීක අර්බුදයට ගමන් කිරීම. * මහනුවර ඇතිවූ කලහකාරී තත්ත්වය පාලනයට නීතිය සහ සාමය අමාත්‍ය ධූරය දරමින් නිසි පියවර නොගැනීම. |
2018-04-03T12:11:30.000Z | විශ්වාසභංගයේදී මුස්ලිම් කොංග්‍රසයේ සහය අගමැතිට | විශ්වාසභංගයේදී මුස්ලිම් කොංග්‍රසයේ සහය අගමැතිට | COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු 07 දෙනා විශ්වාසභංගයේදී අගමැතිට පක්ෂව ඡන්දය භාවිත කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ නායක රවුෆ් හකීම් පවසයි. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ය. |
2018-04-03T11:41:07.000Z | වරලත් ගණකාධිකාරිවරුන්ගේ 32 වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය කොළඹදී | වරලත් ගණකාධිකාරිවරුන්ගේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය | COLOMBO (Newsfirst) - වරලත් ගණකාධිකාරිවරුන්ගේ 32 වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අද කොළඹදී පැවැත්විය. මෙම සම්මන්ත්‍රණය සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදී වෙනස් ආකාරයට සිතීම සහ කටයුතු කිරීම පිළිබදව ක්‍රියාකාරකම් වලින්ද සමන්විත විය. මෙම අවස්ථාවට සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල්, ජනශක්ති ඉන්ෂුවරන්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි රමේෂ් ෂැෆ්ටඩ් යන මහත්වරුන් විශේෂ ආරාධිතයින් ලෙස එක්ව සිටියහ. https://www.facebook.com/NewsfirstSL/videos/1899129986813917/ |
2018-04-03T09:50:28.000Z | ගම්මැද්දෙන් තව ත් පානීය ජල ව්‍යාපෘතියක් | ගම්මැද්දෙන් තව ත් පානීය ජල ව්‍යාපෘතියක් | COLOMBO (News 1st) - ගම්මැද්ද වැඩදහස ක්‍රියාන්විතය යටතේ මින්නේරිය අක්කර 70 ශ්‍රී විජය ධර්මායතන සේනාසනයේ පානීය ජල ව්‍යාපෘතිය අද විවෘත කෙරිණි. ඊට අනුග්‍රාහක දායකත්වය ලබාදී ඇත්තේ, එස්ලෝන් ලංකා පුද්ගලික සමාගමයි. බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා අනුපමේය සේවාවක් සිදු කරන මෙම සෙනසුනේ, භීක්ෂුන් වහන්සේ අට නමක් වැඩ වෙසෙනු ඇත. වකුගඩු රෝගය බහුල ප්‍රදේශයක පිහිටි මෙම විහාරස්ථානයට වැඩවසන භික්ෂූන් වහන්සේ මෙතෙක් කල් ජලය ලබා ගත්තේ ප්‍රදේශයේ ප්‍රජාමූල ජල ව්‍යාපෘතියකිනි. එහෙත් වසරේ බොහෝ කාලයක් දැඩි වියලි කාලගුණ තත්ත්වයක් පවතීම හේතුවෙන් ලැබෙන ජලය සීමිත වේ. සීමාසහිත කැපිටල් මහාරාජා සංවිධානයට අයත් එස්ලෝන් ලංකා පුද්ගලික සමාගම පානීය ජල ව්‍යාපෘතියක් ඉදි කිරීමට සිය කැමැත්ත පළ කළේ ගම්මැද්ද වැඩදහස ක්‍රියාන්විතයට ශක්තියක් වෙමිනි. මීට සමගාමීව එස්ලෝන් ආයතනය සහ ගම්මැද්ද එකතුව තුරු කැපකරු නමින් පැල සිටුවීමේ වැඩසටහනකට එක් විය. https://www.facebook.com/newsfirst.gammadda/videos/1732966806759558/ |
2018-04-03T10:33:26.000Z | ගෙවුණු වසර 3 තුළ අගමැතිගේ කෙරුවාව... | ගෙවුණු වසර 3 තුළ අගමැතිගේ කෙරුවාව... | COLOMBO (News 1st) - 2015 ජනවාරි 8 වෙනසට පස්සේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කළේ සුළුතරයක් තියෙද්දි නිදහස් පක්ෂයේ සහය ඇතිවය. පසුගිය මහ මැතිවරණයේත් රනිල් වික්‍රමසිංහ මහතාට ආණ්ඩුවක් සෑදීමට බහුතරයක් නොලැබිණි. මේ ගත වූ වසර 3 ඇතුළත රනිල් වික්‍රමසිංහ සහ කණ්ඩායම කළ දේවල් පහත පරිදී වේ. 1. මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ මහ බැංකුව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස තමන් යටතට ගැනීම. 2. ගජමිතුරන් කිහිපදෙනෙකුට ප්‍රබල අමාත්‍යාංශ ලබාදීම. 3. විධායක ජනපති බලතළ සීමා කිරීමේ පිරිසිදු අදහසින් ජනපති ඉදිරිපත් කළ 19 වන සංශෝධනයට හොර රහසේම තමන්ට වාසිදායක කරුණු ඇතුළත් කිරීම. 4. අගමැතිවරයාගේ බලතළ පුළුල් කරන වගන්ති, අගමැති ඉවත් කිරීමට තිබූ අවස්ථා සීමා කිරීම ආදිය කදිම උදාහරණකි. 5. ජනාධිපතිවරයා මෙන්ම කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනෙකු විරුද්ධවෙද්දී සිංගප්පූරුවෙන් ගෙන් වූ අර්ජුන් මහේන්ද්‍රන්ට මහ බැංකුවේ අධිපතිධූරය පිරිනැමීම. 6. ආණ්ඩුව පිහිටුවා සති කිහිපයක් තුළ බැඳුම්කර වංචාව සිදු කර ආණ්ඩුවත්, එක්සත් ජාතික පක්ෂයත් අර්බුදයෙන් අර්බුදයට පත් කිරීම. 7. ජනාධිපතිවරයාගේ නිර්දේශ ද නොතකා ICTA ආයතනයට හිතවතුන් පත්කර ජාතික ගෙවීම් වේදිකාව හරහා රටේ මූල්‍ය පද්ධතිය අනාරක්ෂිත කිරීමට උත්සාහ කිරීම. 8. ලෝකප්‍රකට වොක්ස්වාගන් කම්හලක් කුලියාපිටියේ ඉදිකරන බව පවසා මෙරට සමාගමකට වාහන එකලස් කරන කම්හලකට පහසුකම් සැලසීම. 9. ප්‍රමුඛ ටයර් කම්හලක් අරඹන බව පවසමින් රාජපක්ෂ පාලන සමයේ ගනුදෙනු පිළිබඳව චෝදනා එල්ල වූ පුද්ගලයින් සමග ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීම. 10. මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ අක්‍රමිකතා ජපානයේ සාධාරණ වෙළෙඳ කොමිසම පවා දඩුවම් කළ සමාගමකට මධ්‍යම අධිවේගයේ කොන්ත්‍රාත්තු පිරිනැමීම. 11. එල්එන්ජී බලාගාරයක් ඉදිකරන්නේ යැයි පවසා ක්‍රියවළියම අඩපන කර රට බලශක්ති ක්ෂේත්‍රෙය් අර්බුදයකට පත් කිරීම. 12. මහින්ද රාජපක්ෂ පාලන සමයේ අක්‍රමිකතා සහ වංචා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ මන්දගාමී බව. 13. උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට නීතිය හා සාමය ඇමති ධූරය වෙනස්වනතෙක් කල්ගත වීම. 14. ලසන්ත වික්‍රමතුංග ඝාතන සැකකරුවන් තවමත් නීතිය ඉදිරියට ගෙනඒමට අසමත් වීම. 15. ඇවන්ගාඩ් පරීක්ෂණ වෙනත් පැතිවලට යොමුකර චෝදනා දුර්වල කරවීම. මේ කිහිපක් පමණි, රටේ ජනතාවට මේ කළ කී දේ කිසිදිනක අමතක නොවනු ඇත..... https://www.facebook.com/NewsfirstSL/videos/1899044596822456/ |
2018-04-03T09:50:59.000Z | අගමැතිට මොකද වෙන්නේ? අවසන් තීරණයට තව පැය කිහිපයයි | අගමැතිට මොකද වෙන්නේ? අවසන් තීරණයට තව පැය කිහිපයයි | COLOMBO (News 1st) - අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව ඇත. විවාදය අවසානයේ රාත්‍රී 9.00 ට ඡන්ද විමසීම ආරම්භවීමට නියමිත වේ. අද ත් දවස පුරා මේ සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පැවැත් විය. තව ත් තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වෙනු ඇත. අද උදෑසන පැවති කැබිනට් රැස්වීම පැයකටත් වඩා අඩු කාලයකින් අවසන්වී තිබේ. රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් පැවසුවේ, ඊයේ රාත්‍රී පක්ෂය ගත් ඒකමතික තීරණය අනුව ඉල්ලා අස්වන්නැයි අගමැතිවරයාට දැන් වූ බවයි. අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ කැබිනට් රැස්වීම ආරම්භවීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් සිදු විය. ජනාධිපති නිල නිවසේ සිදු වූ මෙම හමුවේදී සාකච්ඡා වූ කරුණු අනාවරණය නොවීය. අනතුරුව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස් වූ අතර එය අවසානයේ නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අග්‍රාමාත්‍යරයාට දැනුම්දී තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම කැඳවා කොළඹ විජේරාම නිවසේදී සාකච්ඡා කර ඇත. එය අවසානයේ මාධ්‍යයට අදහස් දැක් වූ පිරිස පැවසුවේ, හෙට පැවැත්වෙන විවාදයේදී අදහස් දක්වන කථිකයින් හා වේලාව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි. හෙට විවාදයටත් ඡන්දය විමසන අවස්ථාවටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ ය. විශ්වාසභංග යෝජනාව පිළිබඳව තවමත් දෙමළ ජාතික සන්ධානය අවසන් තීරණයක් ගෙන නොමැත. අද සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ද ජනාධිපතිතුමා හමු විය. දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ මාවෙයි සේනාධිරාජා යන මහත්වරුන් ජනාධිපති කාර්යාලයට පැමිණ ජනාධිපතිතුමා සමග සාකච්ඡා කර ඇත. මේ අතර ජනාධිපතිතුමා හමුවීමෙන් පසුව අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් රැස් විණි. උදෑසන සාකච්ඡාවට නොපැමිණි සුමන්දිරන් මන්ත්‍රීවරයා පස්වරුවේ දැකගත හැකිවුවත් මේ සාකච්ඡාවත් අවසන්වූයේ තීරණයකින් තොරව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1898977220162527/ |
2018-04-03T08:11:28.000Z | මහ රෑට කොළඹ හොරෙන් රේස් පැද්ද යතුරු පැදි 10ක් පොලිස් දැලේ | හොරෙන් රේස් පැද්ද යතුරු පැදි 10ක් පොලිස් දැලේ | COLOMBO (News 1st) - අධික වේගයෙන් කොළඹ වීදිවල රේස් පදින යතුරු පැදි 10 ක් පොලිස් භාරයට ගෙන තිබේ. ඒ, කොළඹ 07 කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශයට අයත් මාර්ගවල රාත්‍රී කාලයේ අනවසරයෙන් මෝටර් රථ ධාවන තරගවලට යොදා ගත් යතුරු පැදි ය. කුරුඳුවත්ත පොලීසිය පැවසුවේ, ධාවන තරග සඳහා යොදාගන්නා මාදිලියේ සුඛෝපභෝගී මෝටර් රථයක් ද තම භාරයට ගත් බවයි. රාත්‍රී කාලයේ සංචාරයේ යෙදෙන පොලිස් මෝටර් රථවලට රාජකාරියේ යෙදීමට පවා අපහසු ලෙස එම යතුරු පැදි හා මෝටර් රථ අධික වේගයෙන් ධාවනය කර තිබේ. ඒ අනූව සිකුරාදා රාත්‍රියේ කුරුඳුවත්ත පොලීසිය සිදු කළ මෙහෙයුමකින් පසු පොලිස් භාරයට ගැණුන මෙම යතුරු පැදි සියල්ල එන්ජින් ධාරිතාව සිසී 400 හා සීසී 600 අතර අධිසුඛෝපභෝගී ගණයට අයත් ඒවා ය. පොලිස් භාරයේ ඇති යතුරු පැදි බොහෝමයක් මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නීති රිතීවලට පටහැනිව එකලස් කළ ඒවා බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවත් කුරුඳුවත්ත පොලීසිය පවසා ඇත. |
2018-04-03T07:21:59.000Z | ගුවන්තොටුපොළ සේවක වර්ජනය තාවකාලිකව අත්හිටුවයි | ගුවන්තොටුපොළ සේවක වර්ජනය තාවකාලිකව අත්හිටුවයි | COLOMBO (News 1st) - ගුවන්තොටුපොළ සේවක වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ. ගුවන්තොටුපොළ සහ ගුවන්තොටුපොළ සේවා සමාගමේ අන්තර් සමාගම් සේවක සංගමයේ ලේකම් ඒ. ටී. එස් උදයංග මහතා පැවසුවේ, අද පස්වරුවේ බලධාරීන් සහ වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව එම පියවර ගත් බවයි. සේවක වැටුප රුපියල් 10,000 කින් වැඩි කරන ලෙස ඉල්ලමින් ගුවන්තොටුපොළ සේවකයින් ඊයේ දිනයේ සිට විරෝධතා ව්‍යාපාරයේ නිරත විය. ඊට සහය පළ කරමින් කටුනායක, රත්මලාන සහ මත්තල ගුවන්තොටුපොළ සේවකයින් ද විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව ඒ. ටි. එස්. උදයංග මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. අදාළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවා රැසකට බාධා මතුවී තිබේ. ගුවන්තොටුපොළේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය ඒකාබද්ධව මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබුණි. |
2018-04-03T06:24:31.000Z | "දෙමළ ජාතික සන්ධානය විශ්වාසභංග විවාදයට සහභාගි නොවිය යුතුයි" - චාල්ස් නිර්මලනාදන් | "දෙමළ ජා.සන්ධානය විශ්වාසභංගයට සහභාගි නොවිය යුතුයි" | COLOMBO (News 1st) - දෙමළ ජාතික සන්ධානය අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයට සහභාගි නොවිය යුතු බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා පවසා ඇත. සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් ඔහු ප්‍රකාශ කර සිටියේ, වැරැද්ද සිදු කළේ කවරෙකු වුවත් ඔහු රටේ ජනපති හෝ අගමැති වෙන්න පුළුවන් ඒ, වැරැද්ද පිළිබඳ සත්‍ය තහවුරු වුවහොත් ඔවුන් එම තනතුරෙන් ඉවත්වීමයි යහපාලනය. මේ විවාදයට සහභාගි නොවී සිටීම සුදුසුයි කියා මා අපේ රැස්වීමේදි යෝජනා කරනවා. අප සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනාම මේ ගැන තීරණයකට එයි කියලා විශ්වාස කරනවා. |
2018-04-03T06:10:20.000Z | විශ්වාසභංගයට පෙර අගමැති ධූරයෙන් ඉවත් විය යුතු ද? | විශ්වාසභංගයට පෙර අගමැති ධූරයෙන් ඉවත් විය යුතු ද? | COLOMBO (News 1st) - විශ්වාසභංගයට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් විය යුතු ද? නැද් ද? මේ නිව්ස්ෆස්ට් නිල Facebook පිටුව හරහා පීපල්ස් පවර් මහජන මත විමසුමේදී අද අප යොමු කළ ප්‍රශ්නය යි. අද පස්වරු 5.00 වන විට ජනතාව ප්‍රතිචාර දැක් වූ අයුරුයි මේ... 65% ක් පැවසූවේ, විශ්වාසභංගයට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් විය යුතු බවයි. විශ්වාසභංගයට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධූයෙන් ඉවත් නොවිය යුතු යැයි පවසා ඇත්තේ, 35% ක් පමණි. |
2018-04-03T05:57:09.000Z | මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක් | මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට වැඩපිළිවෙළක් | COLOMBO (News 1st) - සියලුම මහවැලි ජලාශවල මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ඇරඹීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සුදානම් වනු ඇත. එම අමාත්‍යංශය සඳහන් කළේ, මොරගහකන්ද සහ කළුගඟ ජලාශ ආශ්‍රිතව දිවිගෙවන ධීවර ජනතාවගේ ඉල්ලීමක් මත මෙම පියවර ගෙන ඇති බවයි. 2018 වසර අවසානය වන විට මේ රටේ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය මෙ. ටොන්. 2,38,000 දක්වා ඉහළ නැංවීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ඉලක්කය වනු ඇත. |
2018-04-03T03:21:10.000Z | පේරාදෙණියේ ගණිකා නිවාසයක් වටලයි: ආයුර්වේද වෛද්‍යවරියකුත් අත්අඩංගුවට | පේරාදෙණිය පාරේ ගණිකා නිවාසයක් වටලයි | COLOMBO (News 1st) : මහනුවර, පේරාදෙණිය මාර්ගයේ සම්භාහන මධ්‍යස්ථානයක් නමින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් මහනුවර පොලිස් දුෂණ මර්දන කොට්ඨාසය විසින් ඊයේ වටලනු ලැබී ය. වැටලීමේදී ගණිකා වෘත්තියේ නියළුණ බවට සැකපිට කාන්තාවක් 6 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර සම්භාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය ආයුර්වේද වෛද්‍යවරියක ද වේ. තලාතුඔය, මරාස්සන පුජා පිටිය, කොළඹ පදිංචිකාරියෝ වන මෙම කාන්තාවෝ වයස අවුරුදු 39, 42, 35, 28 සහ 30 යන වයස්වල පසුවෙති. මීට අමතරව සාම්භාහන මධ්‍යස්ථානයේ කළමනාකරු ද අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් වසර ගණනාවක සිට මෙම ගණිකා නිවාස පවත්වාගෙන ගොස් ඇති බවයි. අත්අඩංගුවට පත් පිරිස අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. https://www.youtube.com/watch?v=5P8Y4ARnurc |
2018-04-03T01:29:40.000Z | අගමැති ඉවත් වෙන්නෙ නැත්නම්, අපි තීන්දුව ක්‍රියාත්මක කරනවා - SB | ''විශ්වාසභංගෙ ගැන අපි ඒකමතික තීන්දුවක් ගත්තා"- SB | COLOMBO (News 1st) : විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඡන්දය ලබාදීම සඳහා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන් බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි. අමාත්‍යවරයා කියා සිටියේ කැබිනට් රැස්වීම අවසානයේ මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරාට දැනුම් දුන් බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/1898567226870193/ |
2018-04-03T01:02:14.000Z | ගුවන්තොටුපොළ සේවකයෝ සේවාවලින් ඉවත් වෙති | ගුවන්තොටුපොළ සේවකයෝ සේවාවලින් ඉවත් වෙති | COLOMBO (News 1st) : කටුනායක ගුවන්තොටුපොළ සේවකයින් සේවාවලින් ඉවත් වී තිබේ. ගුවන්තොටුපොළ සේවකයින් මෙලෙස සේවයින් ඉවත්ව ඇත්තේ, වසර තුනකින් ලබා දෙන වැටුප් වැඩිවීම ලබා දෙන ලෙස ඉල්ලමිනි. අද පෙරවරුවේ බලධාරීන් සමග පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් සේවකයින් සේවයෙන් ඉවත්ව ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1898565113537071/ |
2018-04-03T00:27:28.000Z | නෙල්සන් මැන්ඩෙලාගේ අයෝමය ශක්තිය මිය යයි | නෙල්සන් මැන්ඩෙලාගේ අයෝමය ශක්තිය මිය යයි | දකුණු අප්‍රිකාවේ වර්ණ භේද වාදයට තිත තැබූ අමරණීය ජනපති නෙල්සන් මැන්ඩෙලාට අයෝමය ශක්තියක් වූ ඔහුගේ බිරිඳ විනී මැඩිකීසෙලා මැන්ඩෙලා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇය පසු වූයේ, 81 වන වියේ ය. දකුණු අප්‍රිකාවෙන් වර්ණ භේද වාදය තුරන් කිරීමට දශක තුනක් පුරා නෙල්සන් මැන්ඩෙලා අනේක විධ දුක් ගැහැට වින්දේ විනී මැන්ඩෙලා සමගිනි. සිය ස්වාමි පුරුෂයාගේ යුග මෙහෙවරට ඇය ශක්තියක් වූවා පමණක් නොව ඇය එම ව්‍යාපාරයෙහි පුරෝගාමී චරිතයක් ද වූවා ය. ඇය සිය ස්වාමි පුරුෂයා ද සමගින් සිරගත වූයේ ද, එම අරගලයේදී දැක්වූ දායකත්වය නිසා ම ය. කෙසේ වෙතත්, වර්ණ භේද වාදය පිටුදැකීමේ ව්‍යාපාරයට ඇය දැක්වූ දායකත්වයේ ගෞරවය වසර ගණනාවක් ගත වෙද්දී දේශපාලනික වශයෙන් බොඳ වී ගියේ ය. මේ අතර, ඇයගේ ජීවිත කතාව අළලා 2011 වසරේදී 'විනී මැන්ඩෙලා' නමින් චිත්‍රපටයක් ද නිර්මාණය විය. විවාහය ඇය 1936 වසරේ උපත ලැබූ අතර පසුව සමාජ සේවිකාවක ලෙස සේවය කළා ය. 1957 වසරේදී නෙල්සන් මැන්ඩෙලා හමුවී 1958 වසරේදී ඔහු සමග විවාහ වූ විනී, දියණියන් දෙදෙනෙකුගේ මවකි. පසුව 1963 වසරේදී නෙල්සන් මැන්ඩෙලා සිරගත කෙරුණු අතර ඔහු 1990 වන තෙක් නිදහස ලැබුවේ නැත. මෙම කාලය ඇතුළත විනී සහ නෙල්සන් වෙන්ව සිටි අතර 1992 වසරේදී ඔවුන් දෙදෙනා දික්කසාද වූහ. දේශපාලනික දිවිය විනී මැන්ඩෙලා 1994 සිට 1996 දක්වා කාලය තුළ දකුණු අප්‍රිකාවේ කලා, සංස්කෘතික, විද්‍යා සහ තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළා ය. මරණය විනී මැන්ඩෙලාගේ ඥාතීන් පවසන්නේ, ඇය දීර්ඝ කාලීනව රෝගී තත්ත්වයක පසුවූ බව ය. ඒ අනුව, ඊයේ සවස් වරුවේ ඇය අවසන් හුස්ම හෙළූ බව ඔවුහු පවසති. |
2018-04-02T23:23:44.000Z | අගමැති ඇතුළු UNP මන්ත්‍රී කණ්ඩායමක් හදිසියේ ම ජනපති නිල නිවසට | අගමැති ජනපති නිල නිවසට යයි | COLOMBO (News 1st) : ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම ජනාධිපති කාර්යාලයේදී මේ වන විට පැවැත්වේ. කැබිනට් සාකච්ඡාව ආරම්භ වූයේ අග්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් අද පෙරවරුවේ ජනාධිපතිවරයා ජනාධිපති නිල නිවසේදී හමුවීමෙන් පසුවයි. https://www.youtube.com/watch?v=DsWDnCLnKIU |
2018-04-02T23:07:09.000Z | අංගොඩ ලොක්කාගේ ප්‍රධාන සහයකයා STF දැලට හසුවෙයි | අංගොඩ ලොක්කාගේ ප්‍රධාන සහයකයා STF දැලට හසුවෙයි | COLOMBO (News 1st) : පාතාල නායක අංගොඩ ලොක්කාගේ ප්‍රධාන සහයකයා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, චීටි නොහොත් සරත් කුමාර නමැති අදාළ සැකකරු අද උදෑසන කොටිකාවත්ත ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් බවයි. 41 හැවිරිදි අදාළ සැකකරු සන්තකයේ තිබී අත්බෝම්බයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ. ඔහු අද සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිතව තිබේ. |
2018-04-02T22:29:28.000Z | විදුලිසැර වැදීමෙන් දඹුල්ලේ එක ම පවුලේ දෙදෙනෙකු මරුට | විදුලිසැර වැදීමෙන් දඹුල්ලේ එකම පවුලේ දෙදෙනෙකු මරුට | COLOMBO (Newsfirst) - විදුලිසැර වැදීමෙන් දඹුල්ල, කිරළැස්ස ප්‍රදේශයේදී එක ම පවුලේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දඹුල්ල, කිරළැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි හා 56 හැවිරිදි වියේ පසුවන එකම පවුලේ මව සහ පියා යි. සිද්ධියෙන් තවත් අයෙකු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ සවස කෙක්කක් ආධාරයෙන් පොල් කැඩීමට යාමේදී අසල තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මොවුන් මෙම අනතුරට පත් විය. සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක ය. |
2018-04-02T20:29:39.000Z | ලිඛිතව තම ඉල්ලිම් ලබා දෙන්නේ නම් වර්ජනය අත්හරින බව අනධ්‍යයන සේවකයෝ කියති | අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අද දිනයේත් | COLOMBO (Newsfirst) - ඊයේ පැවති සාකච්ඡාවේදී එකඟ වූ පරිදි අද දිනයේ ලිඛිතව චක්‍රලේඛයක් මගින් තම ඉල්ලීම් ලබා දෙන්නේ නම් වැඩ වර්ජනය අත්හරින බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති එකාබද්ධ කමිටුව පවසයි. එහි සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පැවසුවේ ඊයේ පස්වරුවේ තම සංගමය රැස්ව එම තීරණය ගත් බව ය. ඊයේ පස්වරුවේ අමාත්‍ය කබීර් හෂීම්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා සමග අනධ්‍යයන සේවකයින් පැවැත්වූ සාකච්ඡාවේදී තම ඉල්ලීම් ලබා දීමට එකඟතාව පළ කළ බව එඩ්වඩ් මල්වත්තගේ මහතා සඳහන් කළේ ය. අනධ්‍යයන සේවක වැඩ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක ය. |
2018-04-02T19:54:11.000Z | රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නම් විශ්වාසභංගය හකුලා ගන්නවා - නිශාන්ත මුතුහෙට්ටිගම | අගමැති ඉල්ලා අස්වන්නේ නම් විශ්වාසභංගය හකුලා ගන්නවා | COLOMBO (Newsfirst) - රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නම් විශ්වාසභංග යෝජනාව හකුලා ගැනීමට සූදානම් බව වරාය නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. ඔහු ඒ බව පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ද ඊයේ පස්වරුවේ විශ්වාසභංගය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ය. එම සාකච්ඡාව ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි. https://www.youtube.com/watch?v=IqD1DRKOKuc |
2018-04-02T11:45:19.000Z | දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය අවසන් වන්නේ කවදාද? | දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය අවසන් වන්නේ කවදාද? | COLOMBO (Newsfirst) - දැඩි අව් රශ්මිය, මේ දිනවල කාගේත් කතාබහට ලක්ව ඇති මාතෘකාවකි. කොළඹ, අනුරාධපුරය, කුරුණෑගල, මහනුවර, මාතර සහ හම්බන්තොට ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව දැඩි අව් රශ්මිය හේතුවෙන් පීඩා විඳින අයුරු අපට දැකගත හැකි විය. මිනිසුන්ට පමණක් නොව සතුන්ටද මෙය එක සේ පීඩාවකි. නමුත් උණුසුම් කාලගුණය නිසා පළතුරු බීම වෙළඳාමටනම් තිබෙන්නේ සෑහෙන ඉල්ලුමකි. මේ දිනවල දහවල් සහ රාත්‍රි කාලයේ පවතින දැඩි උණුසුම් තත්ත්වයට හේතුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. ප්‍රේමලාල් මහතාගෙන් අප විමසීමක් කළේය. සූර්ය විකිරණ වැඩිපුර ලැබීම හේතුවෙන් ඊට සමාන්තරව උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බව එස්. ප්‍රේමලාල් මහතා පවසයි. නාගරික ප්‍රදේශවල කොන්ක්‍රීට් ගොඩනැගිලිවලට දහවල් කාලයේදී උරා ගන්නා හිරු රශ්මිය රාත්‍රි කාලයේදී පිට කිරීම හේතුවෙන් රාත්‍රි කාලය වෙනදාට වඩා උණුසුම් බව එස්. ප්‍රේමලාල් මහතා කියා සිටියේය. මැයි මාසයේ නිරිතදිග මෝසම ආරම්භයත් සමග මෙම දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. ප්‍රේමලාල් මහතා වැඩි දුරට ත් සඳහන් කළේය. දැඩි උණුසුම මිනිසාගේ ශරීර සෞඛ්‍යට බලපාන්නේ කෙසේද? මේ පිළිබඳව අප දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය දිල්හාර් සමරවීර මහතාගෙන් විමසීමක් කළ විට ඔහු පැවසුවේ මේ දිනවල හිරු රශ්මියට නිරාවරණය වී සිටින්නේ නම් වඩාත් හොඳ බව ය. ඊට අමතරව වැඩිපුර පානීය ජලය භාවිත කරන ලෙස ද වෛද්‍ය දිල්හාර් සමරවීර මහතා උපදෙස් ලබා දුන්නේය. https://www.youtube.com/watch?v=OaTWszFVpV8 |
2018-04-02T09:28:05.000Z | විශ්වාසභංගයට සහය දෙන පා ගමනට මහජනතාවගේ ප්‍රසාදය | විශ්වාසභංගයට සහය දෙන පා ගමනට මහජනතාවගේ ප්‍රසාදය | COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට සහය දක්වමින් මහනුවරින් ආරම්භ වූ පා ගමනේ තෙවන දිනය අද යි. අද පෙරවරුවේ පා ගමන ආරම්භ වූයේ නෙළුම්දෙණිය නගරයෙනි. එක්සත් ජාතික පක්ෂය සුරැකිමේ සංවිධානය හා එක්සත් ජාතික නිදහස් පෙරමුණ එක් ව මෙම පා ගමන සංවිධාන කර ඇත. ඒකාධිපති ගජ මිතුරු වියරුව පරදන ජන බල අරගලය යන්න මෙහි තේමාවයි. |
2018-04-02T08:33:27.000Z | විශ්වාසභංගයේදී මැති ඇමතිවරුන්ගේ තීරණ මුදලට වෙනස් වෙයි ද? | විශ්වාසභංගයේදී මැති ඇමති තීරණ මුදලට වෙනස් වෙයි ද? | COLOMBO (News 1st) - විශ්වාසභංගයේදී මැති ඇමතිවරුන්ගේ තීරණ මුදලට වෙනස් වෙයි ද? මේ නිව්ස්ෆස්ට් නිල Facebook පිටුව හරහා පීපල්ස් පවර් මහජන මත විමසුමේදී අද අප යොමු කළ ප්‍රශ්නය යි. අද පස්වරු 7.00 වන විට ජනතාව ප්‍රතිචාර දැක් වූ අයුරුයි මේ... 75% ක් පැවසූවේ මැති ඇමතිවරුන් මුදලට තීරණ වෙනස් කරනු ඇති බවයි. මුදලට තීරණ වෙනස් නොකරනු ඇතැයි පවසා ඇත්තේ, 25% ක් පමණි. |
2018-04-02T08:20:25.000Z | විශ්වාසභංගය ගැන ජනපති හා අගමැති අතර සාකච්ඡා | විශ්වාසභංගය ගැන ජනපති හා අගමැති අතර සාකච්ඡා | COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ජනාධිපති කාර්යාලයේදී මේ වන විට හමුවක් පැවැත්වෙනු ඇත. |
2018-04-02T10:39:20.000Z | අගමැතිගේ ඉරණම විසඳන විශ්වාසභංගයට කුමක් වෙයි ද? | අගමැතිගේ ඉරණම විසඳන විශ්වාසභංගයට කුමක් වෙයි ද? | COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මාට එරෙහි විශ්වාසභංගය පිළිබඳව දෙමළ ජාතික සන්ධානය තවමත් අවසන් තීරණයක් ගෙන නැතැයි පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්. සම්බන්ධන් මහතා පවසා ඇත. ඔහු කියා සිටියේ, පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් පත්කර ගැනීමේ කටයුතු තවමත් සිදුවන බැවින් විශ්වාසභංගය පිළිබඳ තීන්දුව ගැනීම ප්‍රමාදවී ඇති බවයි. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවනබවන් මහතා අද යාපනයේදී පක්ෂයේ ස්ථාවරය පිළිබඳව ඉඟි පළ කළේ ය. දෙමළ ජාතික සන්ධානයේ පා.ම, ඊ. සරවනබවන්, රනිල් වික්‍රමසිංහ මහතා මේ විශ්වාශභංග යෝජනාවෙන් ජයග්‍රහනය කළා නම් එතුමා සමග තවදුරටත් රජයේ රැඳි නොසිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කර තිබෙනවා. එම නිසා අපි මේක වැඩි අවධානයට යොමු කරනවා අපේ අවශ්‍යතාය ඉටු කිරීම සඳහා තුනෙන් දෙකේ බලයක් නැති ආණ්ඩුවක් නැත්නම් අපිට ප්‍රයෝජනයක් නෑ. සරවනබවන් මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළත්, දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් පොදු මතයේ සිටින්නේ ද යන ප්‍රශ්නයක් ඇත. ඔවුන් වෙන වෙනම ගොස් අගමැතිවරයාගේ කණ්ඩායම හමුවී සාකච්ඡා කර තිබේ. ශිව ශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයේ ඊ. පී. ආර්. එල්. එෆ් පක්ෂය නියෝජනය කර ඇත. අද ඔහුගේ පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් තනිව අගමැති හමුවී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමතිවරයා පහුගියදා ප්‍රකාශ කළේ, එම්. ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා ඊළග සැරේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න සූදානමින් සිටින බවයි. ඒ ගැන ජනතාව තුළ ත් සැකයක් පවති. දෙමළ ජාතික සන්ධානයේ පොදු මතය කිහිප දෙනෙක් එකතුවී සල්ලිවලට, නැත්නම් වෙනත් වරප්‍රසාදවලට පාවා දෙයි ද? ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කියන්නෙත් තවම තීරණයක් අරගෙන නොමැති බවයි. නමුත් මුස්ලිම් කොංග්‍රසයට විශ්වාසභංගයේදී අගමැතිවරයාට සහයෝගය දෙන්න පුළුවන් ද? ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක, ඒ. එච්. එම්. හාරිස්, අම්පාරේ සිද්ධියෙන් පසුව එහි පැමිණෙන ලෙස අපි අග්‍රාමාත්‍යවරයාට දිගටම පැවසුවා. නමුත් අම්පාර ප්‍රදේශයට එන්න තරම් අග්‍රාමාත්‍යවරයාට ධෛර්යක් තිබුන් නෑ එතුමා ඔලුවිල් ප්‍රදේශයට ඇවිත් එතනින් යන්න ගියා. නුවර දිගන ප්‍රදේශයේ නොසන්සුන්තාවක් මතු වූ අවස්ථාවේදී මම අග්‍රාමාත්‍යවරයාට මේ බව පැවසුවා හැකි ඉකිමනින් මේක පාලනය කරන්න කියලා මම ඉල්ලුව නමුත් එතුමා එකට ඇහුම්කම් දුන්නෑ. අග්‍රාමාත්‍යවරයාට මම එක දෙයක් කියන්න කැමතියි ඔබතුමා දේශපාලන වශයෙන් අර්බුදයකට මහුණදීලා තියෙනවා. අපි අවසාන වශයෙන් ඔබතුමාට අවවාද කරනවා විශ්වාශභංග යෝජනාවේදී මුස්ලිම් පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් 21 දෙනාම ඔබතුමාට එරෙහිව ඡන්දය ප්‍රකාශක කිරීමට වෙයි කියන එක කියන්න කැමතියි එක්සත් සාම පෙරමුණේ මහ ලේකම්, හසන් අලි, රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධූරය දරන විට තමයි අම්පාර හා නුවර ප්‍රදේශයේ සිදු වූ සිදුවීම් වුනේ. විශ්වාසභංග යෝජනාවේ 14 වැනි වගන්තිය ලෙස මෙය සඳහන් වෙනවා. එම නිසා එම කාරනාව අපිට අවධානයට යොමු කරන්න නැතුව ඉන්න බෑ මේක පදනම් කරගෙන අවසන් තීන්දුවට යන එක හොඳයි කියන එකයි අපේ ස්ථාවරය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදීත් කොටි ගණනන් මුදල් හුවමාරුවන එක මම දැක්කා අද මේවායේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙලා තියෙනවා. මේ පසුබිම තුළ රාවුෆ් හකීම් ඇමතිවරයා කුමන තීරණයක් ගනීවි ද? අගමැතිවරයාගේ කණ්ඩායම එක්ක වරින් වර කතා කරලා මේ ස්ථාවරය වෙනස් කරයි ද? වෙනස් කළොත් ඒ කුමක් සඳහා ද? රටේ ජනතාවට තියෙන ප්‍රශ්නය මේ... https://www.youtube.com/watch?v=Oa_0tX9LNyg |
2018-04-02T06:37:00.000Z | පාතාල නායක ආමි සම්පත්ගේ ප්‍රධාන සහයකයෙකු කොටු වෙයි | පාතාල නායක ආමි සම්පත්ගේ ප්‍රධාන සහයකයෙකු කොටු වෙයි | COLOMBO (News 1st) - ප්‍රබල පාතාල නායකයෙකු වන ආමි සම්පත්ගේ ප්‍රධාන සහයකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, සැකකරු සතුව තිබී T 56 ගිනි අවි සඳහා යොදා ගන්නා උණ්ඩ තොගයක් ද හමු වූ බවයි. ජාඇළ ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර පාතාල නායකයින් වන පෙතියාගොඩ සංඛ සහ කොස්මල්ලී යන අයගේ සහයකයෙකු ද අද අතුරුගිරියේදී අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු සන්තකයේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ කේරල ගංජා කිලෝග්‍රෑම් 2ක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය. |
2018-04-02T04:58:15.000Z | භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියකට මහ බැංකුව සැරසේ | භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් | COLOMBO (News 1st) - 10,28000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව සූදානම් වනු ඇත. එම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙන්නේ අනිද්දා (04) දිනයේ වන අතර ඊට අදාළ ගෙවීම් අප්‍රේල් 6 වැනි දිනට පෙර කළ යුතු වේ. භාණ්ඩාගාර බිල්පත් සඳහා ලංසු ලබා ගැනීමේ අවසන් දිනය සහ වේලාව, අනිද්දා (04) පෙරවරු 11.00 බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය. |
2018-04-02T04:12:09.000Z | ශ්‍රීලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙකු පත් කෙරේ | ශ්‍රීලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙකු පත් කෙරේ | COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙකු සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් සිව්දෙනෙකු පත් කර තිබේ. සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ, රංජිත් ප්‍රනාන්දු මහතායි. මනෝ තිත්තවැල්ල, සුසන්ත කටුගම්පොල සහ අාචාර්ය රොෂාන් පෙරේරා අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇත. එයාර්මාෂල් කපිල ජයම්පති මහතා ද ගුවන් සේවයේ නව අධ්‍යක්ෂවරයෙකි. ශ්‍රීලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉල්ලා අස්වීමේ ලිපි පසුගිය 29 වන දා පිළිගැනීමෙන් අනතුරුව නව පත් කිරීම් සිදු කර ඇත. |
2018-04-02T00:39:25.000Z | එජාපයේ ප්‍රබල ඇමති දෙපළකට තනතුරු අහිමි කිරීමේ සූදානමක්..? | එජාප ප්‍රබල ඇමති දෙපළකට තනතුරු අහිමි වෙයි ද? | COLOMBO (News 1st) : ජෝන් අමරතුංග සහ ගාමිණි ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන් අමාත්‍ය තනතුරුවලින් ඉවත් කිරීමට ඊයේ රාත්‍රීයේ මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ නිවසේ පැවති සාකච්ඡාවකදී අවධානය යොමු කර ඇතැයි, එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් මෛත්‍රී ගුණරත්න පවසයි. ඔහු කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේ පිරිසකගේ ද සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී මීළඟ ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයා පිළිබඳව ද සාකච්ඡා කර ඇති බවයි. මේ පිළිබඳව මාධ්‍යට කරුණු පැහැදිලි කළ මෛත්‍රී ගුණරත්න.... |
2018-04-02T03:26:59.000Z | අඩියක් පස්සට නොගත්තොත් රනිලුත් 'සොල්' පක්ෂයත් 'සොල්' SOL - "Shit Out of Luck." | රනිල් අඩියක් පස්සට නොගත්තොත් මොක ද වෙන්නෙ? | සුරේඛා සමරසේන සාමාන්‍යයෙන්, ආණ්ඩු පක්ෂයකට හෝ අගමැතිවරයෙකුට හෝ ආණ්ඩුවේ අමාත්‍යවරයෙකුට එරෙහිව, විපක්ෂයක් විසින් ගෙන එනු ලබන විශ්වාසභංගයක් ජයග්‍රහණය කරන්නට නොහැකි වුණොත් එය එම විශ්වාසභංගය ගෙන ආ විපක්ෂයට 'පාරා වළල්ලක්' වනු ඇත. මක්නිසා ද යත් එහිදී ආණ්ඩුවේ හෝ අගමැතිවරයාගේ හෝ ඇමතිවරයාගේ ‘විශ්වාසය වඩාත් හොඳින් ම තහවුරු වූ බවක් හැඟවෙන නිසා ය. නමුත් අප්‍රේල් 4 වන දා පාර්ලිමේන්තුවේ විවාදයට සහ ඡන්ද විමසීමට භාජනය වන්නට නියමිත 'අගමැති රනිල්' ට එරෙහි 'විශ්වාස භංගය' එවැනි සාමාන්‍ය විශ්වාසභංගයක් නොවේ. එය ඉදිරිපත් කරන විපක්ෂය, දිනුවත් දිනුම් - පැරදුණත් දිනුම් වර්ගයේ සුවිශේෂී විශ්වාස භංගයක් වන්නේ, එය ගෙන එන 'දේශපාලන සන්දර්භය' අගමැතිවරයාට අතිශයින් ම අවාසි සහගත වන නිසා ය. එක් අතකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කේවල් කරමින් සිටින ජාතික ආණ්ඩුව අස්ථාවර ය. අනෙක් අතට නිදහස් පක්ෂයේ සභාපති ද වන ජනාධිපතිවරයාට යම් යම් කරුණු මත අගමැතිට 'විරුද්ධ නොවී බැරිය'. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ම සැලකිය යුතු බහුතරයක් පක්ෂ නායකයා /අගමැතිවරයා සමග නයි වෛරී ය. ඊට අමතරව ඉකුත් දා පැවති පළාත් පාලන මැතිවරණයේදී අගමැතිවරයාගේ නායකත්වයෙන් තරඟ වැදුණු එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජිත ය. ගාල්ල මීගමුව බදුල්ල වගේ දිනාගත් පළාත් පාලන ආයතනවල ද සභිකයින් පත් වෙද්දී ම නොපිට පෙරළී ගියේ ය. පිළිවෙළින් පළාත් සභා මැතිවරණයක්, මහ මැතිවරණයක් සහ ජනාධිපතිවරණයක් පෝළිමේ ය. ජනතා විමුක්ති පෙරමුණ, මහින්ද පිළ සමග කුමන නොඑකඟතා තිබුණ ත්, විශ්වාසභංගයේ කරුණු 13 ට හරයාත්මක වශයෙන් එකඟබව සහ ඊට පක්ෂව ඡන්දය දෙන බව පවසා ඇත. මේ අතර එක්සත් ජාතික පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් ව ආ අතුරලියේ රතන හිමි, විජේදාස රාජපක්ෂ, වසන්ත සේනානායක, පාලිත රංගේ බණ්ඩාර ඇතුළු තවත් කිහිප දෙනෙකු ම විශ්වාසභංගයට පක්ෂ බව ප්‍රසිද්ධියේ ම කියා ඇත. සැබැවින් ම අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඔහුගේ ම පක්ෂයෙන් ම ඉදිරිපත් වන්නට ගිය බව ද අමතක නොකළ යුතු ය. අංක ගණිතය දැනට ස්වාධීනව සිටින සහ විශ්වාසභංගයට සහය ඵල කරන බව සපථ කර ඇති අතුරලියේ රතන හිමි සහ විජේදාස රාජපක්ෂ හැරුණු කොට, විශ්වාසභංගයට එරෙහිව ඡන්දය දෙන්නට එ.ජා.පෙ.ට සිටින්නේ, මන්ත්‍රීවරුන් 105 ක් පමණි. නිදහස් පක්ෂයේ තීරණය මත ආණ්ඩු පක්ෂ එ.ජ.නි.ස. පිළ විශ්වාසභංගයට පක්ෂ වන්නට තීරණය කළ හොත් ඒකාබද්ධ විපක්ෂයේ එ.ජ.නි.ස. පිරිස (95)සහ ඊ.පී.ඩී.පී මන්ත්‍රීවරයා ද ඇතුළත් වන සමස්තය 96 කි. විශ්වාසභංගයේදී ජ.වි.පෙ. ඊට පක්ෂව ඡන්දය දෙන බව ප්‍රකාශ කර ඇති අතර, එතැන මන්ත්‍රීවරුන් 6 දෙනා ද පෙර කී 96 ට එකතු විය යුතු ය. එවිට විශ්වාසභංගයට පක්ෂවීමට මන්ත්‍රීවරුන් 102 ක් සිටී. අනිවාර්යයෙන් ම ආණ්ඩු පක්ෂයෙන් සුළු හෝ පිරිසක් මීට සහය ඵල කරතැ‘යි සිතියහොත්, ඒ ගණන කුඩා වුවත්, විශ්වාසභංගයට පක්ෂ ‘සරල බහුතරයක්‘ සාදාගැනීම අසීරු නැත. ඉහත ගණනය සම්පූර්ණයෙන් ම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 16 නොතකා හරිමිනි. මේ 16 දෙනා 'විශ්වාසභංගයට' පක්ෂ වෙතැ‘යි සිතිය නොහැකි වුවත්, එම කණ්ඩායම තුළ මේ වන විටත් පවතින මතවාදී නොඑකඟතා මත ඔවුන් අතරින් කිහිපදෙනෙක්වත්, ඡන්දය භාවිතයෙන් වැළකී සිටින්නට ඉඩ තිබිය හැක. මෙය ඔවුන් කණ්ඩායමක් වශයෙන් ද එළඹෙන්නට හැකි 'තීරණයක්' ද විය හැක. කෙසේ වෙතත්, මේ විශ්වාසභංගයේදී දෙමළ ජාතික සන්ධානයට විශාල කාර්යභාරයක් ඇත. ඒ ඔවුන්ගේ ඡන්ද 16 ‘අතිශයින් ම තීරණාත්මක‘ ලෙස බලපාන නිසා ය. එසේ ‘තීරණාත්මක බලපෑමක්‘ සිදු කරන්නට හැකි අනෙක් කණ්ඩායම, එක්සත් ජාතික පෙරමුණ තුළ සිටින ‘එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට‘ අයත් නැති, සංඛ්‍යාවෙන් 22 ක් වන සුළු පක්ෂ - මන්ත්‍රී කණ්ඩායම ය. ඇත්තෙන් ම හැම දෙනෙක් ම දෙමළ ජාතික සන්ධානය දෙස බලා සිටියත්, මේ කණ්ඩායම පිළිබඳ ඒ තරම් උනන්දු වන්නේ නැත. ඇත්තටම ඔවුන්, විශ්වාසභංග කාරණයේදී, දැනටමත් ‘තීරණාත්මක ලෙස බලපාන්නට‘ පටන් ගෙන ඇත්තේ අගමැතිවරයා වෙත, එක්තරා කොන්දේසියක් ඉදිරිපත් කරමිනි. ඔවුන් පෙන්වා දී ඇත්තේ, මෙහිදී රනිල් අගමැති ධුරයෙන් ඉවත් විය යුතු බවත්, ඒ වෙනුවට එ.ජා.ප.යෙන් වෙනත් අගමැතිවරයෙකු පත් කළ යුතු බවත් ය. එහිදී ඔවුන්ගේ තීරණය සාධාරනීකරණය කරන්නේ, විශ්වාසභංගයේ ජය තහවුරු කරගනිමින් මහින්ද රාජපක්ෂ කඳවුර වඩා බලවත් වීමට බලපෑ හැකි විය හැකි භාවයේ අවදානම භාරගතයුතු බව සහ අගමැතිවරයා විසින් ජාතික ආණ්ඩුවට විය හැකි හානිය අවම කරගැනීමට පියවර ගත යුතු බවයි. කෙසේ වෙතත්, අගමැතිවරයා මෙම කෝන්දේසිය නොසලකා හැරියහොත්, මෙකී 22 දෙනාගේ කණ්ඩායමේ සිටින මනෝ ගනේෂන් වැනි කිහිපදෙනෙකු හැර සෙසු පිරිස ද ඡන්දය භාවිතයෙන් වැළකී සිටින්නට ඉඩ ඇත. මක්නිසාදයත්, ඉදිරි මහ මැතිවරණයකුත් මුව විටේ තබාගෙන ඔවුන්ගේ යහපාලන -සුජාතභාවය විනාශ කරගැනීම එතරම් ප්‍රඥාගෝචර නැති බැවිනි. එමෙන් ම මෙය අගමැතිවරයාට ගන්නට බැරි තීරණයක් ද නොවන්නේ එය කාලාන්තරයක් තිස්සේ ම ඔහුගේ ම පක්ෂයේ ද ඉල්ලීමක් ලෙස ඉස්මතුවූවක් වන නිසා ය. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂයක් හැටියට, ‘විශ්වාසභංගයට‘ සහය ඵලකරන තීරණයක් ගත හැකි බව මේ වන විට ස්ථිර වන නමුත්, නැවත මහින්ද සමඟ වැඩ කරන්නට හිතන්නට බැරි දුමින්ද දිසානායක වැනි කිහිප දෙනෙකු ‘එ.ජා.ප.යට හේත්තු වීමේ අරමුණින්, විශ්වාසභංගයට විපක්ෂව ඡන්දය දීමට හෝ ‘ඡන්දයෙන් වැළකී සිටීමට ඉඩඇත. අප්‍රේල් 4 වැනිදායින් පසුව කෙසේ වෙතත්, විපක්ෂය 'දිනුවත් දිනන - පැරදුනත් දිනන' මෙකී විශ්වාසභංගය එය ගෙන එන මහින්ද රාජපක්ෂ කඳවුර සතුව දැනට ඇත්තේ, ඒකාබද්ධ විපක්ෂය ලෙස සන්ධානගත වූ ආසන 52 ක බලයකි. විශ්වාසභංගය දිනුවත් පැරදුනත් අප්‍රේල් 5 න් පසුව, එය සංඛ්‍යාත්මකව ඉහළ යා හැකි ය. එවිට ඔවුන් ඊ ළඟ මැතිවරණයකට මුහුණ දෙන්නේ, වඩා බලවත් කණ්ඩායමක් වශයෙනි. එමෙන් ම දිගින් දිගට ම පාර්ලිමේන්තුව තුළ ද ආණ්ඩුවට එරෙහි ඔවුන්ගේ 'කේවල් කිරීම්' වැඩි වනු ඇත. මේ අතර විපක්ෂයට විශ්වාසභංගය ජයග්‍රහණය කළ හැකි වෙතොත්, ආණ්ඩු මාරුවක් සිදු වනු ඇත. එක්සත් ජාතික පක්ෂය සිටින්නේ, විශ්වාසභංගය හේතුවක් නොවී පවා උග්‍ර අර්බුදයක ය. නායකත්වය ඇවිදින ‘මළ මිනියක්‘ බවට පත්ව ඇති බැවින් සහ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පුවක් වල්ල පොළවේ ගැසුවාක් මෙන් සී සී කඩ ව සිටින බැවිනි. ඉතිං යම් හෙයකින්, දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා හෝ නොලබා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කරුණාව ලබා හෝ නොලබා, පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දී හෝ නොදී යන කවරාකාරයේ තත්වයක් යටතේ වුවත්, යටත් පිරිසෙයින් සිදු විය හැකි කුමන හෝ යහපත් ආශ්චර්යයක් පදනම් කරගෙන අගමැතිට එරෙහි විශ්වාසභංගය පරාජය කළත්, නැවතත් ඔවුන්ට පක්ෂයේ අභ්‍යන්තර ගැටලු සමග තවදුරටත් හිර වී සිටින්නට සිදු වනු ඇත. එහෙයිනි, මේ විශ්වාසභංගය පරාජය කරන්නට හැකි වුවත් එක්සත් ජාතක පක්ෂයට අවසාන විග්‍රහයේදී නියත පරාජය ම අත් වනු ඇත්තේ. රනිල් යනු කවරෙක් ද? පක්ෂයක් විසින් එක්සත් ජාතික පක්ෂයට ලැබුණු කෑදර ම කෑදර සහ දඩබ්රම නායකයා ය. එමෙන් ම අතිශයින් ම අසාර්ථක ම නායකයා ද විය හැකි ය. පක්ෂය තුළ ඉතා දිගු කාලයක් තිස්සේ අත්තනෝමතික ලෙස බලය ‘දුර්-භාවිත‘ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පක්ෂය අභ්‍යන්තරික වශයෙන් පිරිහුණා පමණක් නොව, බාහිරින් ජනතා ආකර්ශනයෙන් ද පිරිහුණේ ය. 1994 සිට 2018 දක්වා අවුරුදු 24 ක් මුළුල්ලේ පක්ෂය තුළ නායකත්වය උසුලමින්, ආ ගමන තුළ මුළු අවුරුදු 24 ට ම, හතර වතාවක් අගමැති ධුරය දරන්නට අවස්ථාව උදා කරගත්තේ ය. ඒ පළමුවෙන් ම ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ හදිසි මරණයෙන් පසුව 1993 අවුරුද්දේ දී තුන් මාසයකට ය. ඉන්පසුව පැවැති 1994 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට දිනාගත හැකි වූයේ ආසන 94 ක් පමණි. 2001 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ආසන 109 ක් ලබාගත් අවස්ථාවේදී නැවතත් අගමැතිවරයා බවට පත් වූ නමුත්, 2004 දීත් මෙවැනි ම අප්‍රේල් මාසයක හරියටම කිව්වොත් අප්‍රේල් 6 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ම ජනාධිපතිනියක වූ චන්ද්‍රිකා බණ්ඩාරණායක විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් ආණ්ඩු බලය ද අගමැතිකම ද යන දෙකම අහිමි කරගත්තේ ය. ඉන් පසුව පැවැති 2004 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ලබා ගත හැකි වූයේ ආසන 82 ක් පමණි. 2010 මහ මැතිවරණයේදී තත්ත්වය තවත් නරක අතට හැරුණු අතට එක්සත් ජාතික පක්ෂය ආසන 60 ට බැස්සේ ය. නැවතත් 2015 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ජයග්‍රහණය මුවාවෙන් නිකම්ම අගමැතිකමට පත්වූ අතර ඒ අනුහස පාවිච්චි කරමින්, නැවතත් අවුරුදු 14 කට පසුව එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන 'සම්මුති ආණ්ඩුවක්' පිහිටුවාගෙන අගමැතිකමට පත් විය. කනගාටුව නම්, ඔහුගේ මේ ධුර කාලය අවසන් වන්නට යන්නේ ත්, පරිණත දේශපාලන නායකයෙකුගේ වගේ නොවීම ය. ඔහුට පටබැඳි නමක් වූ 'මිස්ටර් ක්ලීන්' යන්න මිථ්‍යාවක් බවට පත් කළ 'දූෂණ චෝදනා' ඇතිව ය. විශ්වාසභංගය දිනුවත් පැරදුණ ත්, එහි ඇති චෝදනා සියල්ල ම 'ඇත්ත' ය. පක්ෂ නායකකමක් එක්ක මේ තරම් බලය දුර්භාවිත කළ අයෙක් නැති තරමට ඉතිහාසගත වෙමින්, යම් හෙයකින් විධායක ජනාධිපතිකමක් ලැබුවේ නම් කුමකින් කුමක් කරගනී ද? යන ජනතා සැකය ද සාධාරනීකරණය කරමිනි. ඔහුගේ බලලෝභය සහ අත්තනෝමතික දඩබ්බරකම් නිසා පක්ෂය දිගින් දිගටම පිරිහුණේ ය. හිතුවක්කාරී ලෙස, රෝයල් මිතුරන්ගේ - ආර්ථික කමිටුව හෙවත් චන්ද්‍රිකාගේ කිචන් කැබිනට් එක වගේ එක මගින් රටට බලපාන සියලු වැදගත් තීන්දු තීරණ ගන්නට තරම් ම දඩබ්බර විය. එය එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ගේ දැඩි පිළිකුලට හේතු විය. දැන් ඒ සියල්ල ම නිසා, ආණ්ඩුව ද පක්ෂය ද පමණක් නොව තමාගේ නමට ඉතිරිව තිබුණු යම් ගුණයක් වේ නම් එය ද යන සියල්ල එක ම වළක වළලාගන්නට තතනන, 'රනිල්' යනු, තාර්කික හෝ යථාභූත ඥාණ විභාගයකින් විසඳාගන්නට බැරි, ඒ වෙනුවට ‘මනෝ විශ්ලේෂණය‘ වැනි ප්‍රවේශයකින් විසඳාගන්නට සිදුවන වර්ගයේ ‘අසාර්ථක සහ දඩබ්බර දේශපාලන නායකයෙකු ය කීම නිවැරදි ය. |
2018-04-02T01:35:19.000Z | මධුර විතානගේ කෝට්ටේ නගරාධිපති ධුරයට | මධුර විතානගේ කෝට්ටේ නගරාධිපති ධුරයට | COLOMBO (News 1st): ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ නගරාධිපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මධුර විතානගේ මහතා පත්විය. ඒ අද පැවැති ඡන්ද විමසීමේදී ඡන්ද 23 ක් ලබා ගනිමිනි. උපසභාපතිවරයා ද ලෙස පත්වුණේ, ප්‍රේමලාල් අතුකෝරාල මහතායි. මෙහිදී එක්සත් ජාතික පක්ෂයට ලැබුනේ ඡන්ද 11 ක් පමණි. දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයන්ත මාරසිංහ මහතා පත්විය. ඒ අද පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 10 ක් ලබාගනිමිනි. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දිඹුලාගල ප්‍රාදේශීය සභාව ජයගත්තේ ය. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.