date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-03-10T00:07:00.000Z | මහනුවර සිදුවීම් පිළිබඳව විමර්ශනයට ජනපති විමර්ශන කමිටුවක් පත් කිරීමට තීරණය කෙරේ | මහනුවර සිදුවීම් විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක් | Colombo (Newsfirst) - මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ කළහකාරී තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති විමර්ශන කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. ඒ අනුව විශ්‍රාමික අධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ඉදිරියේදී නම් කිරීමට නියමිත ය. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, කළහකාරී සිදුවීමට මුල්වූ කරුණු අතර නීතිය හා විධානය කඩවී ඇත් ද, පුද්ගලයින්ට සිදුවූ ජීවිත හා දේපල හානි පූරණය කිරීම, සිදුවීම් පිටුපස කුමන්ත්‍රණකාරී හස්ථයක් ක්‍රියාත්මක වූයේ ද යන්න මෙමගින් විමර්ශනය කිරීමට නියමිත බව ය. මීට අමතරව අනාගතයේදී මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර සහ මෙම තත්ත්වය මැඩපැවැත්වීමට බලධාරීන් ක්‍රියාත්මක වූ ආකාරය සහ ඔවුන්ගේ වගවීම ආදි කරුණු පිළිබඳවත් මෙමගින් විමර්ශනය කෙරෙනු ඇති. |
2018-03-09T23:25:56.000Z | මුරුසි දිවයිනේ ජනපතිනී අමීනා ගුරීබ් ෆකීම් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි | මුරුසි ජනපතිනිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි | (Newsfirst) - මුරුසි දිවයිනේ ජනාධිපතිනී අමීනා ගුරීබ් ෆකීම් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ, මූල්‍ය වංචාවකට ලක්වීම හේතුවෙනි. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ පුණ්‍ය ආයතනයකට අයත් මුදල් පෞද්ගලිකව පරිහරණය කිරීමේ චෝදනාවට ලක්වීම හේතුවෙන් ජනපතිවරිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ය. අමීනා ගුරීබ් ෆකීම් අප්‍රිකානු කලාපීය රටක ජනාධිපති ධූරය හොබවන එක ම කාන්තාව යි. |
2018-03-09T23:06:00.000Z | ජනපති ලබන සඳුදා රාජ්‍ය සංචාරයක් සඳහා ජපානය බලා පිටත් වෙයි | ජනපති ලබන සඳුදා ජපානයේ සංචාරයක | Colombo (Newsfirst) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන සඳුදා ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, ජපන් අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ ආරාධනයක් අනුව ජපානයේ සංචාරයක නිරත වන ජනාධිපතිවරයා ලබන 17 වන දා දක්වා එරට රැඳී සිටීමට නියමිත බව ය. ජනාධිපතිවරයා ලබන 13 වන දා ජපානයේ අකිහිතෝ අධිරාජයා බැහැදැකීමට නියමිත ය. |
2018-03-09T21:40:05.000Z | කොළඹ වරාය නැව් තටාකාංගනයේදී විදුලි සැර වැදී අයෙක් මරුට | වරාය නැව් තටාකාංගනයේදී විදුලි සැර වැදී අයෙක් මරුට | Colombo (Newsfirst) - කොළඹ වරාය නැව් තටාකාංගනයේදී විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, 38 හැවිරිදි ඉන්දිය ජාතිකයෙකු එලෙස මිය ගොස් ඇති බව ය. අදාළ ඉන්දීය ජාතිකයා සේවයේ නිරතව සිටියදී ඊයේ රාත්‍රී 8.00ට පමණ විදුලි සැර වැදීමට ලක්ව ඇති අතර බරපතල තත්ත්වයෙන් යුතුව ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. |
2018-03-09T20:48:54.000Z | Sirasa Junior Super Star අවසාන මහා තරගය අද | Sirasa Junior Super Star අවසාන මහා තරගය අද | Colombo (Newsfirst) - සිරස ජූනියර් සුපර් ස්ටාර් අවසාන මහා තරගය අද රාත්‍රියේ රත්මලාන ස්ටයින් මැදිරියේදී පැවැත්වේ. තරගකරුවන් විශාල පිරිසක් අතරින් සිරස ජූනියර් සුපර් ස්ටාර් අවසන් මහා තරගයට සිව් දෙනෙක් සුදුසුකම් ලැබූහ. ඒ ඉෂිණි තමෝද්‍යා, රොවෙන් අර්ල්, පින්සර මධුභාෂණ හා සුමීරක අදීප යි. අද රාත්‍රී 7.30ට සිරස ජූනියර් සුපර් ස්ටාර් අවසන් මහා තරගය ඇරඹේ. අවසන් මහා තරගය රාත්‍රී 7.30 සිට සිරස TV ඔස්සේ සජීව ලෙස විකාශය කෙරෙන අතර එහි සමගාමී විකාශයක් සිරස FM ඔස්සේ ද සිදු කෙරේ. |
2018-03-09T19:54:40.000Z | මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය හැර සෙසු ප්‍රදේශවලට පැනවූ ඇඳිරි නීතිය ඉවතට | මහනුවර සෙසු ප්‍රදේශවලට පැනවූ ඇඳිරි නීතිය ඉවතට | Colombo (Newsfirst) - මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය හැර මහනුවර දිස්ත්‍රික්කයේ සෙසු සියලු ප්‍රදේශවලට ඊයේ රාත්‍රී 8.00 සිට පැනවූ ඇඳිරි නීතිය අද අලුයම 5.00ට ඉවත් කළ බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ, මේ වන විට මහනුවර ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් පවතින බව ය. මේ අතර කථානායක කරු ජයසූරිය මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයින් සහ මන්ත්‍රීවරුන් අද මහනුවර ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිත ය. එහිදී ආගමික නායකයින්, ජනතා නියෝජිතයින් හ ජනතාව හමුවීමට ද ඔවුන් සැලසුම් කර තිබේ. කථානායක කාර්යාලය නිවේදනය කළේ, කථානායකවරයා ඇතුළු පිරිස අද පෙරවරු 10.00ට මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක අනුශාසනා ලබා ගන්නා බව ය. ඉන් අනතුරුව මුස්ලිම් ආගමික නායකයින් හා ප්‍රජා නායකයින් සමග මහනුවර ප්‍රධාන මුස්ලිම් පල්ලියේදී සාකච්ඡාවක් ද පැවැත්වෙනු ඇති. |
2018-03-09T20:09:48.000Z | වවුනියාව රෝහලේ උපත ලැබූ දින 2ක් වයසැති බිළිඳෙකු අතුරුදන් | වවුනියාව රෝහලේදී දින 2ක් වයසැති බිළිඳෙකු අතුරුදන් | Colombo (Newsfirst) - වවුනියාව රෝහලේදී දින 2ක් වයසැති බිළිඳෙකු අතුරුදන් වී තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ, වවුනියාව බෝගස්වැව පදිංචි එම්.එම්. කල්‍යාණි මහත්මිය මීට දින 2කට පෙර බිහි කළ පිරිමි දරුවෙකි. ඇය පසුගිය 05 වන දා දරු ප්‍රසූතිය සඳහා වවුනියාව රෝහලට ඇතුළත්ව තිබේ. දරුවා අතුරුදන් වීමට පෙර සිය බිරිඳ සමග කාන්තාවක මිතුරු වී ඇති බවත් බිරිඳ වැසිකිළියට ගොස් නැවත පැමිණීමේදී දරුවා ද අදාළ කාන්තාව ද අතුරුදන්ව සිට බවත් කල්‍යාණි මහත්මියගේ ස්වාමි පුරුෂයා ඒ.ආර්. රාමනායක මහතා සඳහන් කළේ ය. ඒ සම්බන්ධයෙන් විමසීම සඳහා වවුනියාව රෝහලේ අධ්‍යක්ෂවරයා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වී ය. එම රෝහලේ ප්‍රකාශිකාවක පැවසුවේ, අතුරුදන්වූ දරුවා මෙතෙක් හමුවී නොමැති බව ය. මේ අතර මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. පොලීසිය පැවසුවේ, මෙතෙක් දරුවා සොයා ගැනීමට නොහැකි වී ඇති බව ය. |
2018-03-09T11:34:22.000Z | සීගිරියේ කැනීම් වලින් සැඟව ගිය ඉතිහාසයක අලුත් තොරතුරු මතුවෙයි | සීගිරියේ කැනීම් වලින් මතු වූ නවතම සොයා ගැනීම | COLOMBO (Newsfirst) - සීගිරිය භූමියේ ඇතුලත දියඅගලේ සිදු කරන ලද පුරාවිද්‍යා කැනීම් වලදී වැදගත් පුරාවිද්‍යාත්මක සාධක සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින්ට හැකිව තිබේ. මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව ඒකාබද්ධව සිදුකළ මේ කැනීම් සිදුකරනු ලැබුයේ උතුරු දියගලයි. මෙහිදී සිංහ හිසක්, හිස් කබල් හා වලං රාශියක් සොයාගෙන තිබේ. https://www.youtube.com/watch?v=Oz5S1jb_SBw |
2018-03-09T09:50:15.000Z | අන්තර්ජාලය හරහා ජාතීන් අතර අසමගිය ඇතිවන අයුරින් කටයුතු කළ අවුරුදු 17 සහ 18 තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට | කලහකාරි සිද්ධීන්වලට සම්බන්ධ 146ක් අත්අඩංගුවට | COLOMBO (Newsfirst) - පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් රටේ පවතින තත්ත්වය පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දැක්විය. කලහකාරි සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයින් 146 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. එම සැකකරුවන් 146 දෙනා තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ සැකකරුවන් 11 දෙනෙකු ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අන්තර්ජාලය හරහා ජාතීන් අතර අසමගිය ඇතිවන අයුරින් කටයුතු කළ අවුරුදු 17 සහ 18 තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ය. ඔවුන් හෝමාගම සහ කොල්ලුපිටියේ පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරට ත් සඳහන් කළේය. https://www.youtube.com/watch?v=0J887kG43ys https://www.youtube.com/watch?v=lGG38l1DtNc |
2018-03-09T07:14:27.000Z | නීතිය හා සාමය පිළිබඳ නව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර වැඩ භාර ගනී | අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර වැඩ භාර ගනී | COLOMBO (Newsfirst) - නීතිය හා සාමය පිළිබඳ නව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද සිය ධුරයේ වැඩ භාර ගත්තේය. රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ උදෑසන මෙම අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ය. රංජිත් මද්දුම බණ්ඩාර මහතා මීට අමතරව තව දුරටත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය ධූරයේ ද කටයුතු කරනු ඇත. https://www.youtube.com/watch?v=QVVSI7_uVCk |
2018-03-09T05:26:00.000Z | මහනුවරට අද රාත්‍රී 8 සිට හෙට අලුයම 5 තෙක් යළි ඇඳිරි නීතිය | මහනුවරට අද රාත්‍රී 8 සිට යළි ඇඳිරි නීතිය | COLOMBO (Newsfirst) - මහනුවර මහ නගර සභා බල ප්‍රදේශයට හැර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලට අද රාත්‍රී 8 සිට හෙට අලුයම 5 තෙක් යළි ඇඳිරි නීතිය පනවන බව පොලීසිය පවසයි. |
2018-03-09T05:01:52.000Z | මහනුවර පාසල් සඳුදා යළි විවෘත කෙරේ | මහනුවර පාසල් සඳුදා යළි විවෘත කෙරේ | COLOMBO (Newsfirst) - මහනුවර දිස්ත්‍රික්කයේ වසා දැමු සියලු පාසල් ලබන සඳුදා යළි විවෘත කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි. ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද මහනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය. පාසල් වසා දැමු දින සඳහා හිලව් සැසි පැවැත්විමට පියවර ගන්නේ ද යන්න පිළිබඳව ප්‍රධාන අමාතවරයාගෙන් අප විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, පළමු වාරයේදී පාසල්වල ක්‍රිඩා තරග පැවැත්වෙන බැවින් ඉදිරියේදී ඒ පිළිබඳව සළකා බලන බව ය. |
2018-03-09T03:36:24.000Z | සංචාරකයින් සඳහා සීගිරියේ උතුරු දොරටුව විවෘත කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ | සීගිරියේ උතුරු දොරටුව විවෘත කිරීමට පියවර | Colombo (Newsfirst) - සීගිරිය නැරඹීමට එන සංචාරකයින් සඳහා උතුරු දොරටුව විවෘත කිරීම කෙරෙහි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවධානය යොමුව තිබේ. මෙම උතුරු දොරටුව පිහිටා ඇත්තේ, පිදුරංගල කන්දට මුහුණලා යි. සීගිරියේ සිංහ පාදයට පිවිසෙන ස්ථානයට ඉදිරියෙන් පිහිටි මෙම උතුරු දොරටුව චන්ද්‍ර පාෂාණයෙන් නිම කළ පියගැට පෙළකින් සමන්විත වේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේ, සංචාරකයින්ගේ පහසුව වෙනුවෙන් මෙම උතුරු දොරටුව විවෘත කිරීමට තීරණය කර ඇති බව ය. |
2018-03-09T02:17:23.000Z | බගවන්තලාව, බොගවාන වතු යායේ පියෙකු සහ පුත්‍රයෙකු අතර ඇති වූ ගැටුමකින් පුත්‍රයා මරුට | පිය - පුතු ගැටුමකින් පුත්‍රයා මරුට | Colombo (Newsfirst) - බගවන්තලාව, බොගවාන වතු යායේ ඊයේ රාත්‍රියේදී පියෙකු සහ පුත්‍රයෙකු අතර ඇති වූ ගැටුමකින් පුත්‍රයා මිය ගොස් තිබේ. නිවස තුළ සිදුවූ පුද්ගලික ආරවුලක් මත මෙම පුද්ගලයා මිය ගොස් ඇති බව පොලීසිය පවසයි. මිය ගිය පුද්ගලයාගේ වයස අවුරුදු 43කි. බගවන්තලාව පොලීසිය නිවසේ සිටි පියා සහ බෑනාව සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, මෘත දේහය බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති බව ය. මේ සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ. |
2018-03-09T01:53:07.000Z | ඇලෝසියස්ට හා පලිසේනට ඇප දීම කොළඹ මහාධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ | ඇලෝසියස්ට ඇප දීම ප්‍රතික්ෂේප කෙරේ | Colombo (Newsfirst) - රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතාට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාට ඇප ලබා දෙන ලෙස කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද ප්‍රතික්ෂේප කළේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය පෙබරවාරි 4 වන දා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ එම සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දෙන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඔවුන් කොළඹ මහාධිකරණය හමුවට එම ප්‍රතිශෝධන අයැදුම්පත් ඉදිරිපත් කර තිබිණි. ඔවුන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත්වරිය විසින් නිකුත් කර ඇති නියෝගය නීත්‍යානුකූල නියෝගයක් බව මහාධිකරණයට පෙනී යන බව පෙන්වා දුන් විනිසුරුවරයා එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසට නොතීසි නිකුත් කිරීමකින් තොරවම එම ප්‍රතිශෝධන අයැදුම්පත් ප්‍රතික්ෂේප කළේ ය. අර්ජුන් ඇලෝසියස්ට හා කසුන් පලිසේනට චෝදනා එල්ල වී ඇත්තේ, ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබා ගත් රහස්‍ය දත්ත උපයෝගී කර ගනිමින් බැඳුම්කර වෙන්දේසි දෙකකදී රුපියල් කෝටි 9147 ක මුදලක් අයුතු ලෙස උපයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙනි. |
2018-03-09T02:21:13.000Z | වසර 10කට පසු මොනරාගල සමනල ගහණය වැඩි වෙයි | වසර 10කට පසු මොනරාගල සමනල ගහණය වැඩි වෙයි | Colombo (Newsfirst) - මොනරාගල-බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහගොඩයාය හා හෙලගම යන ප්‍රදේශවල මේ දිනවල සමනලුන්ගේ ගහණය වැඩි වී තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, සති 2ක කාලයක සිට මෙලෙස සමනලුන්ගේ ගහණය වැඩි වී ඇති බව ය. සාමාන්‍යයෙන් මෙම කාලයේදී සමනලුන් මහගොඩයාය හා හෙලගම යන ප්‍රදේශ හරහා පියාසර කරන අතර මෙවර සමනලුන් වැඩි වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. ප්‍රදේශවාසීන් පවසන්නේ, වසර 10කට පසු මෙලෙස සමනල ගහණයේ වැඩි වීමක් දැකගත හැකි බව ය. උදෑසන 10.00ත් පස්වරු 1.00ත් අතර කාලය තුළදී මෙලෙස සමනලුන් පියසර කරනු බහුලව දැකිය හැකි ය. |
2018-03-09T00:29:03.000Z | ගාල්ල දිස්ත්‍රික්කයේ පොල් වගාවට මයිටා උවදුර පැතිරෙයි | ගාල්ලේ පොල් වගාවට මයිටා උවදුර | Colombo (Newsfirst) - ගාල්ල දිස්ත්‍රික්කයේ පොල් වගාවට මයිටා උවදුර පැතිර යමින් පවතින බව පොල් වගා හිමියෝ පවසති. ගොවීන් පවසන්නේ, මේ හේතුවෙන් තම පොල් වගාවන්හි ඵලදාව අඩු වීමේ අවදානමක් මතුව ඇති බව ය. ඒ අනුව එම උවදුර පිළිබඳව වගාකරුවන් දැනුවත් කර එය පාලනය කර ගැනීම සඳහා ප්‍රතිකාරකයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව පොල් සංවර්ධන මණ්ඩලයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කළේ ය. |
2018-03-08T23:22:22.000Z | නිදහස් කුසලානයේ බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ඉන්දියාවට කඩුලු 6ක ජයක් | බංග්ලාදේශයට එරෙහිව ඉන්දියාවට කඩුලු 6ක ජයක් | Colombo (Newsfirst) - නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කළේ ය. තරගාවලියේ දෙවන තරගය වූ මෙය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ඊයේ පැවැත්විණි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 4 බිඳ වැටුණේ, ලකුණු 72කදී ය. ලිටන් ඩාස් සහ සබීර් රහ්මාන් 5 වන කඩුල්ලට ලකුණු 35ක සබඳතාවක් ගොඩනැගූහ. ඩාස් ලකුණු 34ක් රැස් කළේ ය. රහ්මාන් ලකුණු 30යි. ජය්දේව් උනද්කට් ලකුණු 38ට කඩුලු 3ක් දවා ගත්තේ ය. වේග පන්දු යවන ක්‍රීඩක විජේ ශන්කර් ලකුණු 32ට කඩුලු 2ක් බිඳ හෙළුවේ ය. බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 139කි. ඉන්දීය කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 18යි පන්දු 4කදී කඩුලු 4ක් දැවී සිටියදී ය. ඉන්දීය මුල්පෙළ කඩුලු 2 ලකුණු 40කදී බිඳ වැටිණි. ශිඛර් ධවාන් සහ සුරේෂ් රයිනා අතර 3 වන කඩුල්ලේ සබඳතාව ලකුණු 68කි. රයිනා ලකුණු 28ක් රැස් කළේ ය. ධවාන් පන්දු 43කින් ලකුණු 55ක් රැස් කළ අතර ඊට 4 පහර 5ක් සහ 6 පහර 2ක් ඇතුළත් ය. තරගයේ වීරයා ඉන්දීය කණ්ඩායමේ විජේ ශන්කර් ය. |
2018-03-08T22:50:12.000Z | අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් | අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් | Colombo (Newsfirst) - අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය ඊට හේතුව යි. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, ඌව සහ සබරගමුව පළාත්වලත් අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100ක පමණ තද වැසි ඇති විය හැකි බව ය. දිවයිනට දකුණු සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් ගාල්ල සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා වාකරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 70 - 80 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු වීමේ වැඩි හැකියාවක් පවතින බැවින් ධීවර සහ නාවික ප්‍රජාවට විමසිලිමත්ව සිටින ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි. |
2018-03-08T22:22:47.000Z | ඉන්දියාවේ රසායන කර්මාන්ත ශාලාවක පිපිරීමක්: 3 දෙනෙකුට බරපතලයි | ඉන්දියාවේ රසායන කර්මාන්ත ශාලාවක පිපිරීමක් | (Newsfirst) - ඉන්දියාවේ මහාරාෂ්ටයේ පල්ගා ප්‍රදේශයේ රසායන කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ය. ඊයේ රාත්‍රී 11.15ට පමණ මෙම පිපිරීම සිදුවූ බව පල්ගාහි පොලීසිය පවසයි. අදාළ රසායන කර්මාන්ත ශාලාව තුළ සිදුවූ පිපිරීමත් සමග ඇති වූ ගින්න නිවා දැමීම සඳහා එරට ගිනි නිවීම් හමුදාව කටයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. |
2018-03-08T21:36:05.000Z | කිම් ජොන් අන් සහ ට්‍රම්ප් අතර හමුවක් නුදුරේදී ම | ට්‍රම්ප් උතුරු කොරියානු නායකයා හමුවීමට සැරසෙයි | (Newsfirst) - උතුරු කොරියානු නායකයා හමුවීමට අමෙරිකානු ජනාධිපතිවරයා කැමැත්ත පළ කර තිබේ. වොෂින්ටන්හි සංචාරයක නිරත දකුණු කොරියානු නියෝජිතයින් ප්‍රකාශ කළේ, න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සමගින් සාකච්ඡා පැවැත්වීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කැමැත්ත පළ කළ බව ය. ඒ අනුව ලබන මැයි මාසයේදී උතුරු කොරියානු නායකයා හමුවීමට ජනපති ට්‍රම්ප් සූදානම් බව දකුණු කොරියානු ආරක්ෂක උපදේශකවරයා ධවල මන්දිරයේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. |
2018-03-08T20:19:37.000Z | පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ සභික නාම ලේඛනය සහිත ගැසට් නිවේදනය අද නිකුත් කෙරේ | පුංචි ඡන්දයෙන් තේරීපත් වූවන්ගේ නම් අද ගැසට් කෙරේ | Colombo (Newsfirst) - පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ සභික නාම ලේඛනය සහිත ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිත බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව 25% ක කාන්තා නියෝජනය සහිතව සභික නාම ලේඛනය ගැසට් කෙරෙනු ඇති. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 8690කි. කොට්ඨාස මට්ටමින් කාන්තාවන් 535 දෙනෙකු පළාත් පාලන ආයතන සඳහා තේරීපත්ව ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය. කාන්තාවන් 1991 දෙනෙකු අතිරේක ලැයිස්තු හරහා නම් කිරීමට නියමිත ය. ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, උතුරු සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතන 15ක කාන්තා නියෝජනය සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇති බව ය. එම ආයතනවලට තරග කළ පක්ෂ සංඛ්‍යාව ඉහළ යාම ඊට හේතු වී ඇතැයි ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. මේ අතර පළාත් පාලන ආයතන ලබන 20 වන දා ස්ථාපිත කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පසුගියදා ප්‍රකාශ කළේ ය. |
2018-03-08T20:00:36.000Z | මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පැනවූ ඇඳිරි නීතිය ඉවත් කෙරේ | මහනුවරට පැනවූ ඇඳිරි නීතිය ඉවත් කෙරේ | Colombo (Newsfirst) - මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පැනවූ ඇඳිරි නීතිය අද උදෑසන 6.00ට ඉවත් කෙරිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මේ වන විට ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් පවතින බව ය. මේ අතර පැවැති තත්ත්වයත් සමග වාර්තා වූ නිවාස සහ දේපල හානි තක්සේරු කිරීම ආරම්භ කර ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා පැවසුවේ ය. ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව සඳහන් කළේ ය. |
2018-03-08T11:33:34.000Z | මහනුවර සිද්ධියේ සැකකරුවන් 10 දෙනා රඳවාගෙන ප්‍රශ්න කෙරේ | මහනුවර සිද්ධිය: සැකකරුවෝ දින 14ක් රඳවා ගැනෙති | Colombo (Newsfirst) - මහනුවර සිදුවීම් මෙහෙය වීමේ චෝදනා මත ත්‍රස්ත විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා දින 14ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට හදිසි නීති රෙගුලාසි යටතේ නියෝග කර තිබේ. වැඩිදුර විමර්ශන සඳහා එම සැකකරුවන් කොළඹට රැගෙන එමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. |
2018-03-08T11:22:30.000Z | 'නිල් මහා සටන' වාර්ෂික ක්‍රිකට් තරගය හෙට ඇරඹේ | 'නිල් මහා සටන' වාර්ෂික ක්‍රිකට් තරගය හෙට ඇරඹේ | Colombo (Newsfirst) - දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය හෙට ආරම්භ වේ. තරගය මෙවර පැවැත්වෙන්නේ 139 වන වරට ය. ඒ, කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ය. රාජකීය - ශාන්ත තෝමස් නිල් මහා සටන 1880 වසරේදී ආරම්භ විය. වසර 138ක ඉතිහාසය තුළ රාජකීය විද්‍යාලය තරග 35ක් ද ශාන්ත තෝමස් විද්‍යාලය තරග 34 ක් ද ජය ගෙන තිබේ. මෙවර තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලයට මෙවර නායකත්වය ලබා දෙන්නේ පසිදු සූරියබණ්ඩාර යි. ශාන්ත තෝමස් විද්‍යාලය ඩෙලෝන් පීරිස්ගේ නායකත්වයෙන් තරග බිමට පිවිසෙයි. මේ අතර යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය සහ යාපනය මධ්‍ය මහා විද්‍යාලය අතර 112 වන වරට පැවැත්වෙන උතුරු මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය අද යාපනය මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. පළමු ඉනිම ක්‍රීඩා කළ යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය සියලු කඩුලු දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 217කි. ඊට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන යාපනය මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී රැස් කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 43කි. |
2018-03-08T10:46:12.000Z | වෙඩි තැබීමකින් තුවාල ලැබූ පළාත් මන්ත්‍රී අමල් සිල්වා රෝහලට | වෙඩි තැබීමකින් තුවාල වූ මන්ත්‍රී අමල් සිල්වා රෝහලට | COLOMBO (News 1st) : රත්මලාන, කල්දේමුල්ල ප්‍රදේශයේ අද රාත්‍රීයේ සිදුවූ වෙඩි තැබීමකින් බස්නාහිර පළාත් මන්ත්‍රී අමල් සිල්වා තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, වෙඩි තැබීමෙන් පාදයකට තුවාල සිදුව ඇති බවයි. තුවාල ලැබූ මන්ත්‍රීවරයා මේ වන විට කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත. මෝටර් රථයකින් පැමිණි පිරිසක්, වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=v866tWMhGvk |
2018-03-08T10:50:59.000Z | ෆොන්සේකාගෙන් දැඩි අප්‍රසාදයක් | ෆොන්සේකාගෙන් දැඩි අප්‍රසාදයක් | Colombo (Newsfirst) - ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද වත්තල, එඬේරමුල්ල ප්‍රදේශයේ ජනතාව හමුවූ අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන්නේ ය. මෙහිදී මාධ්‍යවේදීන් නීතිය හා සාමය පිළිබඳ ඇමති ධූරය සරත් ෆොන්සේකා මහතාට ලබා නොදීම සම්බන්ධයෙන් විමසුවේ ය. ඊට පිළිතුරු ලබා දුන් සරත් ෆොන්සේකා මහතා පැවසුවේ, පොහොට්ටුවට ආශිර්වාද කරන පිරිස් එම ඇමති ධූරය තමාට ලබා දීම සම්බන්ධයෙන් බිය වූ බව ය. නීතිය හා සාමය පිළිබඳ ඇමති ධූරය වෙනත් ඇමතිවරයෙකුට ලබා දීම පිළිබඳව ෆොන්සේකා මහතා මෙහිදී සිය අප්‍රසාදය පළ කළේ ය. රට වෙනුවෙන් ඉදිරියේදී අවශ්‍ය පියවර ගන්නා බවද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙහිදී පැවසුවේ ය. |
2018-03-08T10:13:43.000Z | මහනුවර සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු 71 ක් අත්අඩංගුවට | මහනුවර සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට | Colombo (Newsfirst) - මහනුවර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ඇති වූ සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට 71 දෙනෙකු පොලිස් ස්ථාන කිහිපයකින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මෙම සිදුවීම් මෙහෙය වූ බවට සැකපිට 10 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබූ බව ය. අදාළ පිරිස දිගන සහ පූජාපිටිය ප්‍රදේශවලදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, මෙම සිදුවීම් සියල්ල මෙහෙයවූ ප්‍රධාන සැකකරු වන විදාන පතරණගේ අමිත් ජීවන් වීරසිංහ නමැත්තා ද අත්අඩංගුවට පත් වූවන් අතර වන බව ය. එමෙන් ම ඔහුගේ ප්‍රධාන සහයකයා ලෙස කටයුතු කළ නස්නාරම් පට්ටියගේ සුරේද සුරවීර නමැත්තා ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. |
2018-03-08T10:11:46.000Z | කතෝලික රදගුරු මණ්ඩලයෙන් නිවේදනයක් | කතෝලික රදගුරු මණ්ඩලයෙන් නිවේදනයක් | COLOMBO (News 1st) : ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස උද්ගතවී ඇති තත්ත්වය හමුවේ බුද්ධිමත්ව මෙන්ම ඉතා මානුෂීය ලෙස හැසිරිය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය පවසන්නේ, අතීතයේ ද මෙවැනි සිදුවීම්වලින් පාඩම් උගත් පිරිස් ලෙස මෙම සිදුවීම් දෙස වඩාත් දූරදර්ශි ලෙස හා මානුෂීය ලෙස අවධානය යොමුකර කටයුතු කළ යුතු බවයි. ජාතීන් අතර මෙන්ම ආගම් අතර සංහිඳියාවේ මනා පූර්වාදර්ශයන් සැපයු රටක් ලෙස මෙරට තුළ මෙවැනි හුදකලා සිදුවීම්වලට ආගමික හා ජාතික මුහුණුවරක් දීම ඒ වෙනුවෙන් පෙනී සිටින අන්තවාදීන්ට අවස්ථා සැපයීමක් බව එම නිවේදනයේ සඳහන් ය. කතෝලික රදගුරු මණ්ඩලය එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය සමනය කිරීම සඳහා සියලු ආගමික නායකයින්, දේශපාලන නායකයින් මෙන් ම විවිධ සංවිධාන ද සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කිරීම මෙම මොහොතේ වඩා වැදගත් බවයි. |
2018-03-08T09:45:43.000Z | CID ඉදිරියේ පෙනී සිටීමට අර්ජුන මහේන්ද්‍රන්ට දුන් කාලය අවසන් | අර්ජුන මහේන්ද්‍රන්ට අධිකරණය දුන් කාලය අදින් අවසන් | COLOMBO (News 1st) : හිටපු මහ බැංකු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි, දන්වා අධිකරණය ලබා දී තිබූ කාලය අදින් අවසන් වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය කුරියර් සේවාව ඔස්සේ හා ශීඝ්‍රගාමි තැපෑල ඔස්සේ යැවීමට නොහැකි වූ බව පසුගිය 2 වන දා පැවති නඩු විභාගයේදී නීතිපති දෙපාර්තමේන්තුව පැවසී ය. ඒ ලබා දී තිබූ සිංගප්පූරු ලිපිනයේ ඔහු නොසිටීම හේතුවෙනි. මහේන්ද්‍රන් මහතාගේ ජංගම දුරකතනයට ජාත්‍යන්තර කුරියර් සේවාවේ සිංගප්පූරු නියෝජිතයා විසින් ඇමතුමක් ලබා දී ඒ පිළිබඳ දැනුවත් කොට ඇති බව ද අධිකරණයේදී නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. එහෙත් එම ඇමතුමට පිළිතුරු දුන් ලක්ෂ්මන් නමැත්තා පවසා තිබුණේ මාර්තු 30 වන දින තමන් සිංගප්පූරුවට පැමිණෙන බවයි. මේ අනූව හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුණ මහේන්ද්‍රන් මහතා අද දිනය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු වේ. එලෙස පෙනී සිටීමට ඔහු අපහොසත් වුවහොත් අධිකරණය ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇති. |
2018-03-08T09:33:21.000Z | කප්පම් සිද්ධියක් මුල් කර කොටහේනේ වෙඩි තැබීමක් : පුද්ගලයෙක් මරුට | කප්පමක් මුල් වූ කොටහේනේ වෙඩි තැබීමෙන් අයෙක් මරුට | COLOMBO (News 1st) : කප්පම් මුදල් ලබා නොදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් කොටහේන, හෙටිටියාවත්ත ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. මෙම වෙඩි තැබීමෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් 2 දෙදෙනෙකු වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙන බව පොලීසිය සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=lb59VZYwohI |
2018-03-08T09:34:03.000Z | දරණාගම කුසලධම්ම නාහිමියනි, ඔබ වහන්සේට අජරාමර නිවන් සුව....! | දරණාගම කුසලධම්ම හිමියන්ට අජරාමර නිවන් සුව....! | Colombo (Newsfirst) - බුදු දහමේ චිරස්ථිතිය උදෙසා අනුපමේය සේවාවක නිරත වූ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ අද දැයෙන් සමුගත්තේ ය. උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අද පස්වරුවේ පැවැත්වුණේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී ය. අපවත්වී වදාළ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ට අවසන් ගෞරව දැක්වීමට ගිහි පැවිදි විශාල පිරිසක් අද පෙරවරුවේ සිට ශ්‍රී සම්බෝධි විහාරස්ථානයට පැමිණියහ. ශ්‍රී දේහය අද පස්වරු 2.00ට පමණ විහාරස්ථානයේ සිට පෙරහැරින් නිදහස් චතුරස්‍රය වෙත වැඩම කළේ ය. නිදහස් චතුරස්‍ර භූමියේ සකස් කළ විශේෂ පීඨිකාවක ශ්‍රී දේහය තැන්පත් කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කළේ, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේඩරුවේ උපාලි අනු නාහිමියන් විසිනි . අනතුරුව ත්‍රෛයි නිකායන් නියෝජනය වන පරිදි අනුශාසනා ද සිදු කෙරිණි. අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ සර්ව ආගමික නායකයෝ ද ආදාහන පූජෝත්සවයට සහභාගී වූහ. රැස්ව සිටි පිරිසගේ සෝ සුසුම් මධ්‍යයේ අද පස්වරුවේ ශ්‍රී දේහය අදාහනය කෙරිණි. |
2018-03-08T08:39:23.000Z | ජනපති මුස්ලිම් සංවිධාන නියෝජිතයෝ හමුවෙති | ජනපති මුස්ලිම් සංවිධාන නියෝජිතයෝ හමුවෙති | COLOMBO (News 1st) : රට තුළ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජමෙයිතුල් උලමා සංවිධානයේ නායකයින් හා මුස්ලිම් සිවිල් සමාජයේ නියෝජිතයින් පිරිසක් ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවූහ. සියලු ශ්‍රී ලාංකිකයින්ට සාමයෙන්, සමගියෙන් සහ සහජීවනයෙන් ජීවත් වීම සඳහා රට තුළ සාමකාමී පරිසරයක් ගොඩනැගීමට අවශ්‍ය ඕනෑ ම සහයක් ලබා දීමට සුදානම් බව මුස්ලිම් සංවිධාන ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ. ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ ඉතා සුළු අන්තවාදී පිරිස් මෙම කළහාකාරී සිදුවීම් ඇති කරන බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. සියලු ජාතීන්ට සමගියෙන් සහ සහජීවනයෙන් යුතුව ජීවත්වීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීම සඳහා ගතහැකි සෑම පියවරක් ම මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. |
2018-03-08T09:28:07.000Z | සියලු ජාතීන්ට සාධාරණය ඉෂ්ඨ කිරීම අපේ යුතුකමක් - රංජිත් මද්දුම බණ්ඩාර | ''සියලු ජාතීන්ට සාධාරණය ඉෂ්ඨ කිරීම අපේ යුතුකමක්'' | COLOMBO (News 1st) – නීතිය හා සාමය පිළිබඳ නව අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද උදෑසන දිවුරුම් දුන්නේ ය. ජනාධිපති කාර්යාලයේ පැවති දිවුරුම් දීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන් ම ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද එක් ව සිටියහ. රංජිත් මද්දුම බණ්ඩාර මහතා මීට අමතරව තවදුරටත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය ධූරයේ ද කටයුතු කරනු ඇත. නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මද්දුම බණ්ඩාර මහතා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත විය. ආගමික වතාවත්වලින් අනතුරුව අමාත්‍යවරයා ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන් ද බැහැදුටුවේ ය. මෙහිදී පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන් ගම්මැද්ද ක්‍රියාන්විතය පිළිබඳව ඇගයීමට ද ලක් කළේ ය. අනතුරුව නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පැවසුවේ, සියලු ජාතීන් අතර සමගිය ශක්තිමත් කොට සියලු දෙනාට ජීවත් විය හැකි පරිසරයක් ගොඩනැගීමේ වගකීම තම අමාත්‍යංශය සතු බව ය. |
2018-03-08T06:47:19.000Z | හලාවත දරුවා මැරූ කාමාතුර සැකකරු යළි රිමාන්ඩ් | හලාවත දරුවා මැරූ කාමාතුර සැකකරු යළි රිමාන්ඩ් | COLOMBO (News 1st) : හලාවත ඉරණවිල 9 හැවිරිදි දරුවාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු ලබන 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඒ සැකකරු අද හලාවත මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට අද ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණ ද හඳුනා ගැනීමට නියමිතව සිටි පුද්ගලයකු අධිකරණයට නොපැමිණීම හේතුවෙන් එය ලබන 22 වනදා ට කල් තැබිණ. දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ සැකකරු අධිකරණයට රැගෙන ආ අතර ඔහු දැක බලා ගැනීමට විශාල පිරිසක් අධිකරණ භූමියට පැමිණ සිටි බව අප වාර්තාකරු සඳහන් කළේ ය. පසුගිය මස 25 වන දා හලාවත, ඉරණවිල ප්‍රදේශයේදී මෙම දරුවා අතුරුදන් වූ අතර ඊට පසුදින ඔහුගේ සිරුර කැළෑබද ප්‍රදේශයක තිබී සොයා ගැනිණ. දරුවාගේ ඝාතනයට අදාළ පෙර ප්‍රවෘත්ති... |
2018-03-08T06:07:37.000Z | "මිනිස්සු ඇයි මේ තරම් ඉක්මනින් ඉතිහාසය අමතක කළේ ?"- යුද හමුදාපති | මිනිස්සු ඇයි මේ තරම් ඉක්මනින් ඉතිහාසය අමතක කළේ ? | COLOMBO (News 1st) : යුද හමුදාව රටේ උද්ගතව ඇති වාතාවරණය සමථයකට පත් කිරීමට ත් ජාති භේදයකින් තොරව සියලු ජනතාව ආරක්ෂා කිරීමට ත් බැඳී සිටින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක පවසයි. යුද හමුදාපතිවරයා මෙම අදහස් පළ කළේ, සියම් නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල නා හිමි බැහැදැකි අවස්ථාවේදීයි. මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ තත්ත්වය පාලනය වී ඇති බව යුද හමුදාපතිවරයා එහිදී නාහිමියන්ට දැනුම් දුන්නේ ය. පිටස්තර ප්‍රදේශවලින් මහනුවරට පැමිණි කණ්ඩායමක් තවමත් එහි සැරිසරන බව ත් එවන් පිරිස් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ත් යුද හමුදාපතිවරයා එහිදී අවධාරණය කළේ ය. තිස් අවුරුදු කුරිරු යුද සමය සිහිපත් කරමින් යුද හමුදාපතිවරයා පැවසුවේ, ජනතාව මෙතරම් ඉක්මනින් ඉතිහාසය අමතක කළේ මන් ද ? යන්න ගැටලු සහගත බවයි. යුද හමුදාපතිවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, මෙවන් අවස්ථාවලදී ක්‍රියාත්මක වීමට විශාල බලතල ඇති බවත් ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් ඒවා ක්‍රියාත්මක කර ජනතාව ම පීඩාවට පත් කිරීමට සූදානම් නොමැති බව ත් ය. සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අවහිර කර තිබීම තුළිත් අසත්‍ය තොරතුරු පැතිර යාම පාලනය වී ඇති බව පැවසූ යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, ලබන සඳුදා වන විට සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වය පත් කරන බවයි. https://www.youtube.com/watch?v=Vl1HXgsXBDU |
2018-03-08T05:30:26.000Z | ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ සෝපානයෙන් වැටී පුද්ගලයෙකු මරුට | ගම්පහ දිස්ත්‍රික් රෝහලේ සෝපානයෙන් වැටී අයෙක් මරුට | Colombo (Newsfirst) - ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ විදුලි සෝපානයෙන් වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, සෝපානය සිරවීමෙන් පසු එහි සිටි පුද්ගලයින් ඉවතට ගත් බව ය. සිරවී සිටි පුද්ගලයින් ඉවතට ගැනීමට යාමේදී එහි සිරවී සිටි අයෙකු සෝපානයෙන් යටට වැටී මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේ ය. |
2018-03-08T04:49:26.000Z | මහනුවර සිදුවීම් මෙහෙයවූ බව කියන 10ක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ අත්අඩංගුවට | මහනුවර සිදුවීම් මෙහෙය වූ 10 ක් අත්අඩංගුවට | Colombo (Newsfirst) - මහනුවර සිදුවීම මෙහෙයවූ බව කියන සැකකරුවන් 10 දෙනෙකු දිගන හා පූජාපිටිය යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර සිදූවිම්වලට සම්බන්ධ බව කියන සැකකරුවන් 10 දෙනෙකු අද අලුයම දිගන සහ පූජාපිටිය ප්‍රදේශවලදී පොලිස් තස්ත්‍ර විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, මෙම සිදුවීම් සියල්ල මෙහෙයවූ ප්‍රධාන සැකකරු වන විදාන පතරණගේ අමිත් ජීවන් වීරසිංහ නමැත්තා ද අත්අඩංගුවට පත් වූවන් අතර වන බව ය. එමෙන් ම ඔහුගේ ප්‍රධාන සහයකයා ලෙස කටයුතු කළ නස්නාරම් පට්ටියගේ සුරේද සුරවීර නමැත්තා ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. https://www.youtube.com/watch?v=mfgEcGCYStM |
2018-03-08T04:39:52.000Z | මහනුවරට හවස 6 සිට යළි ත් ඇඳිරි නීතිය | මහනුවරට හවස 6 සිට යළි ත් ඇඳිරි නීතිය | COLOMBO (News 1st) : මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අද පස්වරු 6.00 සිට හෙට උදෑසන 6.00 දක්වා යළි ඇඳිරි නීතිය පනවා තිබේ. එම ප්‍රදේශයට ඊයේ පැනවූ ඇඳිරි නීතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණයක් මත අද පෙරවරු 10.00 ට තාවකාලිකව ඉවත් කෙරිණ. ඒ, සාමාන්‍ය ජනතාවට ආහාරපාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට පහසුකම් සැපයීම සඳහා අවකාශය ලබාදීමට ජනතාවගෙන් ලැබෙන ඉල්ලීම් සලකා ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. රජය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා සානුකම්පිත හේතු මත ලබා දී ඇති මෙම සහන කාලය ඉතා වගකීමෙන් භාවිත කරන ලෙසයි. |
2018-03-08T03:41:01.000Z | ඉන්දීය සුපිරි ක්‍රීඩක දෝනි සහ රයිනා පහළ ශ්‍රේණිවලට | ඉන්දීය ක්‍රීඩක දෝනි සහ රයිනා පහළ දමයි | මෙවර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක වාර්ෂික ගිවිසුම් අනුව හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පහළ ශ්‍රේණියකට ඇතුළත් කර තිබේ. ඔහු පසුගිය වසරේ A+ මට්ටමේ ක්‍රීඩකයෙකු ලෙස වර්ග කර තිබුණු අතර මෙවර ඔහු A මට්ටමට පහළ දමා තිබේ. ඊයේ එළිදැක්වූ ගිවිසුම් වර්ගීකරණයට අනුව A+ මට්ටමට ඇතුළත් කර ඇති ඉන්දීය ක්‍රීඩකයින් මෙසේ ය. විරාට් කෝලි (නායක ) රෝහිත් ෂර්මා ශිඛර් ධාවන් භුවනේෂ්වර් කුමාර් ජෂ්ප්‍රිට් බුම්රාහ් ඔවුන්ට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් ගෙවනු ලබන වාර්ෂික වැටුප ඉන්දීය රුපියල් කෝටි 7කි. මේ අතර, A මට්ටමේ ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කර ඇති ක්‍රීඩකයින් පහත දැක්වේ. මහේන්ද්‍ර සිං දෝනි රවිචන්ද්‍රන් අශ්වින් රවීන්ද්‍ර ජඩේජා මුරලි විජේ චෙටෙස්වර් පුජාරා අජින්ක්යා රහානේ රිද්ධිමාන් සහා මෙම ශ්‍රේණියේ ක්‍රීඩකයින් සඳහා ගෙවනු ලබන වැටුප ඉන්දීය රුපියල් කෝටි 5කි. මේ අතර, කේ.එල්. රාහුල්, උමේෂ් යාදව්, කුල්ඩීප් යාදව්, යුස්වේන්ද්‍ර චහාල්, හර්ඩික් පණ්ඩ්‍යා, ඉෂාන්ත් ෂර්මා සහ දිනේෂ් කාර්තික් යන ක්‍රීඩකයින් B කාණ්ඩය යටතේ ඉන්දීය රුපියල් කෝටි 3ක් සඳහා ගිවිසුම්ගත කර තිබේ. ඉන්දීය රුපියල් කෝටියක වැටුප් ලබන ක්‍රීඩකයින් වන්නේ, කේඩාර් ජාදව්, මනිෂ් පාණ්ඩේ, අක්ෂාර් පටෙල්, කරුන් නායර්, සුරේෂ් රයිනා, පාර්තිව් පටෙල් සහ ජයන්ත් යාදව් ය. මේ අතර, සිය බිරිඳට වද හිංසා කළ බවට චෝදනා ලැබ සිටින මොහොමඩ් ෂාමි කිසිදු ශ්‍රේණියකට ඇතුළත් කර නොතිබීම විශේෂත්වයකි. |
2018-03-08T03:05:21.000Z | අර්ජුන මහේන්ද්‍රන්ට CID හමුවට පැමිණෙන්නැයි ලබා දුන් කාලය අවසන් | අර්ජුන මහේන්ද්‍රන්ට CID හමුවට ලබා දුන් කාලය අවසන් | COLOMBO (News 1st) - හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් අධිකරණය ලබාදී තිබූ කාලය අදින් අවසන් වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය කුරියර් සේවාව ඔස්සේ හා ශීඝ්‍රගාමි තැපෑල ඔස්සේ යැවීමට නොහැකි වූ බව පසුගිය 2 වන දා පැවති නඩු විභාගයේදී නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. ඒ, ලබාදී තිබූ සිංගප්පූරු ලිපිනයේ ඔහු නොසිටීම හේතුවෙනි. මහේන්ද්‍රන් මහතාගේ ජංගම දුරකතනයට ජාත්‍යන්තර කුරියර් සේවාවේ සිංගප්පුරු නියෝජිතයා විසින් ඇමතුමක් ලබාදී ඒ පිළිබඳ දැනුවත් කොට ඇති බව ද අධිකරණයේදී නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. එහෙත් එම ඇමතුමට පිළිතුරු දුන් ලක්ෂ්මන් නැමැත්තා පවසා ඇත්තේ, පෙබරවාරි මාසයේදී අර්ජුන් මහේන්ද්‍රන් යළි දිවයිනට පැමිණෙන බවයි. මේ අනූව හිටපු මහබැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් මහතා, අද දිනය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු වනු ඇත. එලෙස පෙනී සිටීමට ඔහු අපොහොසත් වුවහොත් අධිකරණය ඒ සම්බන්ධයෙන් කටයුතු කරණු ඇත. |
2018-03-08T00:58:42.000Z | ඉන්දියාව හා බංග්ලාදේශය අද තරග බිමට | ඉන්දියාව හා බංග්ලාදේශය අද තරග බිමට | COLOMBO (News 1st) - නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී අද පැවැත්වීමට නියමිතව තිබේ. තරගාවලියේ දෙවැනි තරගය වන මෙය අද රාත්‍රි 7.00 ට ආරම්භවීමට නියමත ය. |
2018-03-07T23:15:27.000Z | රංජිත් මද්දුමබණ්ඩාර නීතිය හා සාමය පිළිබඳ නව අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි | නීතිය හා සාමය පිළිබඳ නව ඇමති රංජිත් මද්දුමබණ්ඩාර | COLOMBO (News 1st) - නීතිය හා සාමය පිළිබඳ නව අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා මීට ටික වේලාවකට පෙර දිවුරුම්දී තිබේ. ජනාධිපති කාර්යාලයේ පැවති දිවුරුම්දීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන් ම ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද එක් ව සිටියහ. රංජිත් මද්දුමබණ්ඩාර මහතා මීට අමතරව තවදුරටත් රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යධූරයේ ද කටයුතු කරණු ඇත. 1982 වසරේ මොරණගල දිස්ත්‍රික් සංවර්ධන සභාවේ සභාපතිධූරයට පත් වූ රංජිත් මද්දුමබණ්ඩාර මහතා 1988 ප්‍රථම පළාත් සභා මැතිවරණයේදී ඌව පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස පත් වූ අතර 1989 සිට මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරණු ඇත. ඔහු 2001- 2003 එක්සත් ජාතික පක්ෂ රජයේ සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේ ය. https://youtu.be/CBKM7AkjSqE |
2018-03-07T22:32:25.000Z | මහනුවරට පැන වූ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කර සවස 6.00 යළි පැනවෙයි | මහනුවරට පැන වූ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරේ | COLOMBO (News 1st) - මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය අද පෙරවරු 10.00 ට ඉවත් කර සවස 6.00 ට නැවත පැනවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අත්සනින් නිකුත් වූ නිවේදනයක දැක්වූයේ ඊට අදාළ නියෝග ජනාධිපති ලේකම්වරයා විසින් පොලිස්පතිවරයා වෙත යවා ඇති බවයි. සාමාන්‍ය ජනතාවට ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට පහසුකම් සැපයීම සඳහා අවකාශය ලබාදීමට ජනතාවගෙන් ලැබෙන ඉල්ලීම් සලකා ජනාධිපතිතුමා විසින් මෙම තීරණය ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. රජය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා සානුකම්පිත හේතු මත ලබාදී ඇති මෙම සහන කාලය ඉතා වගකීමෙන් භාවිත කරන ලෙසයි. https://youtu.be/MjTJJIm39MA |
2018-03-07T23:29:13.000Z | මොරටුව සරසවියට නවක සිසුන් බඳවා ගැනීමේ යෝග්‍යතා පරීක්ෂණ කල් දැමේ | මොරටු සරසවියේ යෝග්‍යතා පරීක්ෂණ කල් දැමේ | COLOMBO (News 1st) - ලබන 10 හා 11 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ මොරටුව විශ්වවිද්‍යාලයට නවක සිසුන් බඳවා ගැනීමේ යෝග්‍යතා පරීක්ෂණ කල් දමා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එහි උපකුලපති කපිල පෙරේරා මහතා සඳහන් කළේ, 2017 හා 2018 අධ්‍යයන වර්ෂවලට අදාළව මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර තිබු බවයි. රට තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ සලකා බලා මෙම තීරණය ගත් බව ද එම නිවේදනයේ සඳහන් වේ. |
2018-03-07T21:57:41.000Z | ප්‍රබල හිම කුණාටුවකින් අමෙරිකාවේ ජන ජීවිත අඩාල වෙති | ප්‍රබල හිම කුණාටුවකින් අමෙරිකාවේ ජන ජීවිත අඩාලයි | ප්‍රබල හිම කුණාටුවක බලපෑම හමුවේ අමෙරිකාවේ ජන ජීවිතය අඩාලවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් නිව්ජර්සි, නිව්යෝර්ක් සහ පිලඩෙල්ෆියා ගුවන්තොටුපොළවල ගුවන් ගමන්වාර 2600 කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති බවයි. මේරිලන්ඩ් සිට මේන් දක්වා දිවිගෙවන මිලියන 50 කට අධික ජන පිරිසක් මෙම හිමකුණාටුවෙන් පීඩාවට පත් ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. පිලඩෙල්ෆියා ආණ්ඩුකාර ටොම් වුල්ෆ් හිම කුණාටුව හමුවේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය. |
2018-03-07T20:43:53.000Z | පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ අදාහන පූජෝත්සවය අද යි | දරණාගම කුසලධම්ම හිමියන්ගේ අදාහන පූජෝත්සවය අද | COLOMBO (News 1st) - කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති අපවත්වී වදාළ ගෞරව ශ්‍රාස්තවේදී පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන්ගේ දේහය පිළිබඳ අදාහන පූජෝත්සවය අද පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිත ව තිබේ. මහා සංඝරත්නය ප්‍රමුඛ සැඳැහැවතුන්ගේ අවසන් ගෞරව සඳහා දේහය මේ වනවිට තැන්පත් කර ඇත්තේ කොළඹ සම්බෝධි විහාරස්ථානයේ ය. අදාහන පෙරහැර පස්වරු 1. 45 ට විහාස්ථානයෙන් පිටත්වීමට සැලසුම් කර ඇති බව ආදාහන කමිටුවේ සාමාජික ජෙනරාල් දයා රත්නායක මහතා සඳහන් කළේ ය. වර්ෂ 1963 ජුලි මස 29 වන දින මාකොළ දරණාගම උපත ලැබූ උන් වහන්සේ අපවත්වන විට 54 වන වියේ පසු විය. |
2018-03-07T20:26:14.000Z | දෙවන වන දිනටත් ගම්මැද්ද ශ්‍රීපාද පිං බිමට... | දෙවන වන දිනටත් ගම්මැද්ද ශ්‍රීපාද පිං බිමට | COLOMBO (News 1st) - ගුවන් හමුදාවේ 67 වැනි සංවත්සරයට සමගාමීව ගම්මැද්ද හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක් ව ඊයේ ආරම්භ කළ ශ්‍රීපාද ස්ථාන පුදබිමේ ගමන් මග පිරිසිදු කිරීමේ වැඩසටහනේ දෙවන දිනය අද යි. ගුවන්හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට ගුවන් හමුදා සමාජිකයින් 500කට ආසන්න පිරිසක් එක් ව සිටි. මෙම වැඩසටහන යටතේ ශ්‍රීපාද ස්ථානයට පිවිසෙන හැටන් සහ රත්නපුර මාර්ග දෙකම පිරිසිදු කෙරෙනු ඇත. මෙහිදී පියගැටපෙළවල් ප්‍රතිසංස්කරණය, වන්දනාකරුවන් දමාගොස් ඇති නොදිරණ ද්‍රව්‍ය එක්රැස් කිරීම, විදුලි නඩත්තු කටයුතු හා ජල නල නඩත්තු කටයුතු අද ත් සිදු කිරීමට නියමිත වේ. |
2018-03-07T20:04:12.000Z | කඩාකප්පල් ක්‍රියාවන්වල නිරත වන්නන් ගැන දැනුම්දීමට විශේෂ සහය සේවා මධ්‍යස්ථානයක් | කඩාකප්පල් ක්‍රියාවන් ගැන දැනුම්දීමට මධ්‍යස්ථානයක් | COLOMBO (News 1st) - ජාතිවාදය හා ආගම්වාදය දඩමීමා කර ගනිමින් කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි නිරතවන්නන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා සහාය සේවා මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව පවසා තිබේ. එම මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මක වනු ඇති. කඩාකප්පල්කාරි ක්‍රියාවන්හි නිරතවන හා එවැනි ක්‍රියා සැලසුම් කරන පුද්ගලයින් හෝ පුද්ගල කණ්ඩායම් පිළිබඳව තොරතුරු ලබාගැනීමටත් එම ක්‍රියා ක්ෂණිකව මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහාත් සහය මෙම මධ්‍යස්ථානය හරහා සැපයෙනු ඇත. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ ක්‍රියාත්මක වන මෙම ක්ෂණික සහය සේවා මධ්‍යස්ථානයට 0711 261 261 දුරකතන අංකයෙන් හෝ [email protected] විද්‍යුත් තැපෑල හරහා තොරතුරු ලබාදෙන ලෙසත්, අවශ්‍ය ක්ෂණික සහය ලබාගන්නා ලෙසත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා ඇත. |
2018-03-07T19:30:23.000Z | අද සවස 4.00 තෙක් මහනුවරට ඇඳිරි නීතිය | අද සවස 4.00 තෙක් මහනුවරට ඇඳිරි නීතිය | COLOMBO (News 1st) - මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පැන වූ ඇඳිරි නීතිය අද පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක බව පොලීසිය පවසා තිබේ. පොලීසිය සඳහන් කළේ, රාජ්‍ය සේවකයින්, පොලිස් නිලධාරින් සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් හැර අන් සියලු දෙනා ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළ මහජන පාරක, දුම්රිය මාර්ගයක, උද්‍යානයක, විනෝදාස්වාදක පිටියක හෝ වෙන කිසියම් පොදු ස්ථානයක සිටීම හෝ ඒ හරහා යාම ද තහනම් බවයි. එවැනි ස්ථානයක් භාවිත කිරීමට හෝ එවැනි ස්ථානයක් මත සිටීමට හෝ එහි ගමන් කිරීමට කිසියම් අයෙකුට අවශ්‍ය වුවහොත්, අදාළ අවශ්‍යතාව සඳහන් කර කවර හෝ පොලිස්ථානයක ස්ථානාධිපතිවරයකුගෙන් ලිඛිත අවසර පත්‍රයක් ලබාගත යුතු බව පොලිස්පතිවරයා අවධාරණය කර ඇත. ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාරව දඬුවම් ලැබීය හැකි වරදක් බවයි. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඊයේ රාත්‍රි මහනුවර දිස්ත්‍රික්කයේ සාමකාමී වාතාවරණයක් පැවති බවයි. |
2018-03-07T19:12:38.000Z | ජාත්‍යන්තර කාන්තා දිනය අද යි | ජාත්‍යන්තර කාන්තා දිනය අද යි | COLOMBO (News 1st) - ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබේ. මෙවර ලෝක කාන්තා දිනයේ තේමාව වන්නේ, "නාගරීක සහ ග්‍රාමීය කාන්තාවන්ගේ ක්‍රියාකාරකම් සවිබලගැන්වීම සඳහා මේ සුදුසුම වේලාව" යන්නයි. ඒ වෙනුවෙන් වූ ජාතික උත්සවය අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පොළොන්නරුවේදී පැවැත්වෙනු ඇත. ඒ, දියුණුවේ මංපෙත් හෙළි කරයි, ඇය සවිමත් යන තේමාව යටතේයි. |
2018-03-07T11:38:59.000Z | ආණ්ඩුව හරි ආකාරයෙන් නියෝගය දෙන්න ප්‍රමාද වුණා - හිටපු ජනපති | "ආණ්ඩුව නියෝගය දෙන්න ප්‍රමාද වුණා" - හිටපු ජනපති | COLOMBO (News 1st): හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුරයට පැමිණියේ ය. ශ්‍රී මහ බෝධින්වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි හිටපු ජනාධිපතිවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම ශ්‍රි නිවාස නාහිමියන් ද බැහැදුටුවේ ය. ශ්‍රි නිවාස නා හිමියන් එහිදී උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ව කරුණු පැහිදිලි කළ අතර එහිදී හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, ආණ්ඩුව නිසිලෙස නියෝග දීමට ප්‍රමාද වූ නිසා මෙවන් තත්ත්තවයක් උද්ගත වූ බවයි. ප්‍රමාද වුණා. ආණ්ඩුව යම් කිසි නියෝගයක් දෙන්න එපැයි හරි ආකාරයෙන්. ඒ නියෝගය දෙන්න ප්‍රමාද වුණා. නාහිමියන් සහ හිටපු ජනාධිපතිවරයා අතර ඇති වූ සංවාදය.... ශ්‍රි නිවාස නා හිමි : පුංචි පුංචි දේවල් තමයි මහා විශාල වෙන්නේ. ත්‍රිවීල් රථයක මොකද්ද ගැටලුවක්නේ. හිටපු ජනපති: මේ ඕවර් ටේක් කරන්න ඉඩ දුන්නේ නැහැ කියලා. |
2018-03-07T11:33:50.000Z | අලුත්කඩේ බණ්ඩාරනායක මාවත අසළින් මිනිස් හිසක් හමුවේ | අලුත්කඩේ බණ්ඩාරනායක මාවත අසළින් මිනිස් හිසක් හමුවේ | COLOMBO (News 1st) - අලුත්කඩේ බණ්ඩාරනායක මාවත අසළ පිහිටි මුරපොල අසළ තිබී මිනිස් හිසක් පොලීසිය විසින් අද උදෑසන සොයා ගෙන තිබේ. මෙම මිනිස් හිස සොයාගෙන ඇත්තේ, කෙසෙල්වත්ත පොලීසියට ලද තොරතුරකට අනුව ය. කසළ බෑගයක බහා දමාගොස් තිබු මෙම මිනිස හිස සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව පොලීසිය පැවසුවේ ය. මෙම ස්ථානයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළේ ය. පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ කරුණු මත පොලීසිය සැකපළ කළේ, 2018 පෙබරවාරි 16 වන දින එම ප්‍රදේයේදී ම සිදු වූ ඝාතනයට මෙම සිදුවීමේ ද සම්බන්ධයක් ඇති බවයි. මේ අතර අද දින මියගොස් සිටින තැනැත්තා මුල්ලේරියාව පොලිස් වසමේ පදිංචි පණ්ඩිතගේ ශාන්ත කුමාර හෙවත් කොස් මල්ලි යන අය බවට විමර්ශනවලදී අනාවරණයවී තිබේ. පොලීසිය පැවසුවේ, මෙය සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් බවයි. https://youtu.be/kBc9WvfZbts |
2018-03-07T11:22:16.000Z | 139 වන 'නිල් මහා සටන' අනිද්දා ඇරඹෙයි | 139 වන 'නිල් මහා සටන' අනිද්දා ඇරඹෙයි | COLOMBO (News 1st) - කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර විද්‍යාලාන්තර වාර්ෂික ක්‍රිකට් තරගය, 139 වන 'නිල් මහා සටන' අනිද්දා (09) වන දා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිත ව තිබේ. රාජකීය තෝමස් නිල් මහා සටන ලොව අඛන්ව පැවැත්වෙන ක්‍රිකට් තරග අතර දෙවන දීර්ඝතම ඉතිහාසයට හිමිකම් කියන අතර එය දෙවනි වන්නේ ඉන් වසරකට පෙර ආරම්භ කරන ලද ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ශාන්ත පීතර හා ඇඩිලේඩ් ඇල්ෆ්‍රඩ් කුමර විදුහල අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයට පමණි. රාජකීය තෝමස් නිල් මහා සටන 1880 වසරේදී ආරම්භ වන අතර වසර 138 ක ඉතිහාසය තුළ රාජකීය විද්‍යාලය තරග 35 ක් ද ශාන්ත තෝමස් විද්‍යාලය තරග 34 ක් ද ජයගෙන තිබේ. ගීශාන්ත් පණ්ඩිතරත්නගේ නායකත්වට යටතේ අවසන් වරට 2016 වසරේදී රාජකීය ක්‍රීඩකයින් නිල් මහා සටන ජය ගත් අතර ශාන්ත තෝමස් විදයාලය අවසන් වරට නිල් මහා සටන ජය ගත්තේ 2007 වසරේදී අශාන් පිරීස්ගේ නායකත්වයෙන් ය. කොළඹ රාජකීය විද්‍යාලයට මෙවර නායකත්වය ලබා දෙන්නේ පසිඳු සූරියබණ්ඩාර යි. |
2018-03-07T10:56:14.000Z | මහනුවර ජනාධිපති මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් | මහනුවර ජනාධිපති මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් | COLOMBO (News1st) : මහනුවර දිස්ත්‍රික්කයේ මතුව ඇති තත්ත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණ. මේ අවස්ථාවට මල්වතු, අස්ගිරි උභය පාර්ශව නියෝජනය කරමින් අනුනායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය හා මුස්ලිම් මව්ලවිතුමාලා ඇතුළු අන්‍යාගාමික නායකයෝ, මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීහු සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු ද එක්ව සිටියහ. එහිදී ජනාධිපතිවරයා මෙලෙස අදහස් පළ කළේ ය. "අද දවස වන විට මහනුවර දිස්ත්‍රික්කයේත් ඉන් පිටස්තර ප්‍රදේශවලත් ඇති වී තිබෙන අපේ ජාතික සමගිය බිද වැටීමේ අපේ ගැටුම් සහගත අවසනාවන්ත තත්වය සම්බන්ධයෙන් අපේ අනුනානයක හාමුදුරුවනේ රජය විදිහට මීට දින තුනක සිට රජය පැත්තෙන් ගන්න පුලුවන් සෑම ක්‍රියාමාර්ගයක්ම ගත්තා කියලා කියන්න පුුලුවන්. ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගෞරවනීය පුජනීය මහා සංඝරත්නය විසින් විශේෂයෙන්ම මහනුවර ප්‍රදේශය තුල වැඩවසන ඔබවහන්සේලාගේ අනුශාසාන අවවාද මහනුවර ප්‍රදේශයට විතරක් නෙවේ. අපිට රට වශයෙන්ම වැදගත් වෙනවා. මෙතනදි ඇත්තටම වැදගත් වෙන්නේ. මහජනයාට සියලු පාර්ශවවලට අදහස් දෙන එක අපි කොහොමද සන්සුන්ව ඉන්නේ සාමය ආරක්ෂා කරගන්නේ කියන කාරණය තමයි ඒ සදහා අපි හැම කෙනෙක්ම කැපවෙන්න ඕනේ" |
2018-03-07T10:48:45.000Z | "දැන් ඔක්කොම එළිවෙමින් තියෙනවා" - රාජිත | "දැන් ඔක්කොම එළිවෙමින් තියෙනවා" - රාජිත | COLOMBO (News 1st) : මහනුවර දිස්ත්‍රික්කය පුරා ම හමුදාව යොදවා ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න පවසයි. "මේ ප්‍රදේශය ඉතා විශාල ප්‍රදේශයක්. ඒ හැමතැනම හමුදා යොදවා තියෙනවා. මුළු නුවර ප්‍රදේශයේ ම ඊයේ රෑ වුනේ ඉන්සිඩන්ට් දෙකයි. ඒ වෙලා මොහොතකින් අපේ හමුදාව ඒතැන්වලට ගිහින් කළයුතු දේ කළා. අද උදේ සිදුවුණු යම් ස්ථානවල ඇතිවුණ දේ ඊට වඩා වෙනස් .මොකද ඒ අයට ඇටෑක් කරන්න යද්දී ඒ අයත් රෙස්පොන්ඩ් කරනවා" අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මේ බව පැවසුවේ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. රට තුළ උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීමට නම් සිංහල හා මුස්ලිම් ජනතාව ඒගැන හිතලා කටයුතු බව ත් එහිදී විජේගුණරත්න මහතා සඳහන් කළේ ය. මේ අවස්ථාවෙ කතාකරන්න ඕනෑ මේක වැඩිකරන්න නෙවෙයි මේ තත්ත්වය අඩුකරන්න.අඩු කරන්න නම් අපේ ඉන්න සිංහල හා මුස්ලිම් ජනතාව ඒගැන හිතලා කටයුතු කරන්න ඕනෑ. හදිසී නීතිය ක්‍රියාත්මකව ඇති මොහොතකදී ත් මෙවන් ක්‍රියා සිදුවන්නේ, කෙසේ ද යන්න සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ ය. අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න ඊට දුන්නේ මෙවන් පිළිතුරකි. ''ඇදිරි නීතිය ඊයේ රෑ තිබුණා. සිදුවීම් දෙකයි වුණේ, අද උදේ අයින් කළා. මේ දැම්මේ පොලිස් ඇඳිරි නීතිය. දැන් ඒ වෙනුවට රජයෙන් නිකුත් කරන ඇඳිරි නීතිය දාලා ප්‍රදේශය පාලනය කරන්න කටයුතු කරනවා'' මේ අතර අග්‍රාමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද කැබිනට් හමුවේදී ප්‍රශ්න කෙරිණ. කැබිනට් හමුවේදී මාධ්‍යවේදී නැගූ පැනයන්ට සම කැබිනට් ප්‍රකාශකවරයා ලබා දුන් පිළිතුරු පහතින්..... මාධ්‍යවේදී පැනය : ඊයේ අග්‍රමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කියනවා පොලිස් බුද්ධි අංශවල ක්‍රියාත්මකවීම අඩුමට්ට පැවතුනා ඒකයි මේවගේ තත්ත්වයක් ඇතිවෙන්න හේතුව කියලා? අමාත්‍ය රාජිත සේනාරත්න: ඒක නිසා තමයි හදිසි නීතිය ප්‍රකාශයට පත් කරලා ත්‍රිවිධ හමුදාව පාවිච්චි කරලා තියෙන්නේ. මාධ්‍යවේදී පැනය : මේ වන කොට ආරක්ෂක අංශවල මැදිහත්වීම ගැන ඔබතුමාල තෘප්තිමත් ද ? ඒක ඉස්සරහට වැඩිදියුණු කරන්න මොක ද කරන්නේ. අමාත්‍ය රාජිත සේනාරත්න: සියලුම දේවල් කරන්න වෙන්නේ ආරක්ෂක අංශ නේ.අවුරුදු 30 යුද්ධයක් අවසන් කළේ ආරක්ෂක අංශනේ. ඒ නිසා අපිට විශ්වාස තියන්න වෙනවා ආරක්ෂක අංශ කෙරෙහි මාධ්‍යවේදී පැනය : මේකට මැදිහත්වීම් කරන කල්ලි කණ්ඩායම්වලට එරෙහිව කටයුතු කරන්නේ කොහොම ද ඔවුන් අත්අඩංගුවට ගන්නේ කොහොමද? අමාත්‍ය රාජිත සේනාරත්න: දැනට ඒ පිළිබද වාර්තා එමින් තියෙනවා.මොකද සිද්ධියක් වුණාම එකපාර තේරෙන්නේ සිද්ධියට පිටුපස හිටපු අය එන්නේ නෑ.එදාට අත්අඩංගුවට ගනනේ සිද්ධියට සම්බන්ධ අය.ඒ අයගෙන් ප්‍රශ්න කලාම තමයි එළිවෙන්නේ කවුද ඒ අය මෙහෙව්වේ. කවුද ඒ අයට බස් අරන් දුන්නේ.දැන් කියමින් තියෙනවා ඒ අය. දැන් නොයෙකුත් අයගේ නම් එළිවෙමින් තියෙනවා. මාධ්‍යවේදී පැනය : ඇමතිතුමා ඒ දේශපාලඥයින්ගේ නම් ද? අමාත්‍ය රාජිත සේනාරත්න: මන්ත්‍රීවරයෙක් හා මන්ත්‍රීවරයෙක්ගේ ලේකම්වරයෙක්ගේ. ඒ එක්කම තියෙනවා අනිත් අය ප්‍රදේශිය සභා මන්ත්‍රීවරු. මේ ප්‍රධානම සිද්ධින්වලට තවත් දිස්ත්‍රික් සංවිධායකවරයෙක්ගේ නමක්. තවත් ඒම පක්ෂයට සම්බන්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක්. මේ විදිහට නම් එළිදරව් වෙමින් යනවා. පරීක්ෂණ දිගටම කරනවා. ඒ අයගේ කටඋත්තර අනුව තවත් අය අත්අඩංගුවට ගන්නවා. සමාජ වෙබ් අඩවි පිළිබඳ වාර්තා වෙනවා.කවුද ඒව මෙහෙයවන්නේ කියලා. එකෙන් කොටසක් ආණ්ඩුවට විරුද්ධව තව කොටසක් ජාතිවාදය ප්‍රචාරය කරන්න. මේ ඔක්කොම එළිවෙමින් තියෙනවා. https://youtu.be/3YsOSlqjAZQ |
2018-03-07T10:38:16.000Z | ගම්මැද්ද ශ්‍රී පාද පිං බිමේ මෙහෙවරක... | ගම්මැද්ද ශ්‍රී පාද පිං බිමේ මෙහෙවරක... | COLOMBO (News 1st) - බුදුන්වහන්සේගේ තෙවන ශ්‍රී ලංකා ගමන සනිටුවහන් කරමින්, වාම සිරි පතුල සළකුණු කර ඇති ශ්‍රීපාද ස්ථානය ශ්‍රී ලාංකීය බැතිමතුන්ගේ මහත් ගෞරවාදරයට පත් වන ස්ථානයකි. එම පුදබිමේ ගමන් මග පිරිසිදු කිරීමේ වැඩසටහනක් ගම්මැද්ද හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක් ව අද ආරම්භ කළේ ය. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ගුවන් හමුදාවේ 67 වැනි සංවත්සරයට සමගාමීව ය. සමන් දෙවිඳුන්ගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අද වැඩසටහන ආරම්භ කෙරිණි. ගුවන්හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට ගුවන් හමුදා සමාජිකයින් 100 කට ආසන්න පිරිසක් එක් විය. ශ්‍රීපාද ස්ථානයට පිවිසෙන හැටන් සහ රත්නපුර මාර්ග දෙකම මෙම වැඩසටහන යටතේ පිරිසිදු කිරීම සිදු කෙරිණි. මෙහිදී පියගැටපෙළවල් ප්‍රතිසංස්කරණය, වන්දනාකරුවන් දමාගොස් ඇති නොදිරණ ද්‍රව්‍ය එක්රැස් කිරීම, විදුලි නඩත්තු කටයුතු හා ජල නල නඩත්තු කටයුතු සිදු කර ඇත. ගම්මැද්ද හා ගුවන් හමුදාව එක් ව සිදු කරන ශ්‍රීපාද ස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහන හෙටත් දවස පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත වනු ඇත. https://youtu.be/ZlrSaUS6GjQ |
2018-03-07T09:34:30.000Z | "බෞද්ධ - මුස්ලිම් සමාජ සබැඳියාව දුර්වල වෙලා නැහැ" : කබීර් හෂීම් | "බෞද්ධ - මුස්ලිම් සමාජය සබැඳියාව දුර්වල වෙලා නැහැ" | COLOMBO (News 1st) - රට තුළ හටගෙන ඇති නොසන්සුන්තාවට අදාළ මූලික සිද්ධියට සම්බන්ධ පිරිස් සහ ප්‍රකෝපකාරී සිදුවීම්වලට සම්බන්ධවූවන් අත්ඩංගුවට ගෙන ඇතැයි, විශේෂ කාර්ය භාර අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසයි. අමාත්‍යවරයා මෙ බව පැවසුවේ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය. ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට සම්බන්ධ සියලු දෙනාට ම මධ්‍යස්ථව නීතිය ක්‍රියාත්මක කරන බව ත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු සැකයක් තබා නොගත යුතු බව ත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ ය. අමාත්‍යවරවයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, රටේ සියලු ම පුරවැසියන්ගේ අයිතිවාසිකම් රැකීමට රජය බැඳී සිටින බවයි. "මේ රටේ සියලුම පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් තියෙනවා. තමන්ගේ ජීවිතය, වත්කම් රැකගැනීමේ ඒ අයිතිය අපේ ව්‍යවස්ථාවේ වගේම ලෝකේ සෑම ව්‍යවස්ථාවකම තියෙනවා. ඒ ආරක්ෂාවන් ක්‍රියාත්මක කිරීමට රජය බැඳී සිටිනවා" කැබිනට් සාකච්ඡාවට එක්ව සිටි මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසුවේ, අතීතයේ සිට සිංහල සහ මුස්ලිම් සමාජ අතර ඉතා ශක්තිමත් සබැඳියාවක් පැවති බවයි. එම ශක්තිමත් සබඳතාව බිඳ හෙළීමට දේශප්‍රේමීන් යැයි කියා ගන්නා පිරිසක් ක්‍රියා කරමින් සිටින බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය. "බෞද්ධ ජනතාව සමග මුස්ලිම් සමාජය තිබුණු සබඳතාව මෑත ඉදන් තිබුණ එකක් නෙවෙයි.රජකාලේ ඉදන් තිබුණු දෙයක්. මෑත කාලීනව ඒක තවත් ශක්තිමත් වෙලා තියෙනව මිසක් දුර්වල වෙලා නෑ. ඒවගේ සම්බන්ධයක් කඩාකප්පල් කරන්න තමන්ගේ පටු අරමුණු ඉටුකරගන්න වැඩකරන පිරිසක් අද මේ රටේ දේශප්‍රේමීන් කියලා කථාකරනවා.අද රටට ලොකු හානියක් කරනවා. තමන්ගේ නිවෙස්වල ඉදන් මේවා මෙහෙයවනවා කියල තොරතුරු අපට ලැබෙනවා.අපිට පෙනෙන්නේ මේක එක් කණ්ඩාමක් කරන වැඩක් කියන එක" |
2018-03-07T08:39:15.000Z | සාමය ඇති කිරීමට සහය වන්නැයි, ජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි | ජනපතිගෙන් ඉල්ලීමක්.... | COLOMBO (News1st) :ගැටුම්කාරී තත්ත්වය මගහරවා සියලු ම ජාතීන් අතර සාමය ඇති කිරීම සඳහා සර්ව ආගමික නායකයින් ඇතුළු සියලු දෙනාගේ මැදිහත්වීම අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද පැවති කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමිනි. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ, රට තුළ උද්ගතව ඇති තත්ත්වය සමනය කිරීම සඳහා මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. "මේ ජාතීන් අතර ප්‍රශ්නය නවත්වන්න, අවශ්‍ය ක්‍රියමාර්ග සියල්ල අරන් තියෙනවා. යුද, නාවික , ගුවන් , පොලිසිය විශේෂ කාර්ය බලකාය ඇතුළු සියලු අංශ යොදවා තියෙනවා. මේ ප්‍රදේශවලට සාමාන්‍ය ජන ජීවිත යථාතත්ත්වයට පත්කරන්න සාමය ආරක්ෂා කරන්න ගැටුම් වැළැක්වීම සඳහා කටයුතු කරන්න" මේ අතර සාමකාමී වාතාවරණයක් ඇති කිරීම සඳහා මැදිහත්වන ලෙස ද ජනාධිපතිවරයා මහානායක හිමිවරුන් ඇතුළු සියලු ආගමික නායකයින්ගෙන් ඉල්ලා සිටියේ ය. වැඩිදුරටත් කරුණු දක්වමින් ජනාධිපතිවරයා එහිදී පැවසුවේ, ඇතැම් අන්තවාදී පිරිස් රට තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට ක්‍රියා කරිමින් සිටින බවයි. "නමුත් අපිට පෙනී යනවා සංවිධානාත්මක වූ අන්තවාදී පිරිස් විසින් රට තුළ නොසන්සුන්තාවක් ඇති කරන්න ක්‍රියාත්මක වන බවයි" මෙවන් අවස්ථාවක සිංහල, දමිළ, මුස්ලිම් සහෝදර ජනතාව අතර ගැටුම් ඇතිවීම වැළැක්වීමටත් සමගියෙන් වැඩකටයුතු කිරීමටත් ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයා ප්‍රාදේශීය දේශපාලන නායකයින්ගෙන් ද ඉල්ලීමක් කළේ ය. |
2018-03-07T07:05:04.000Z | රටේ තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව.. | රටේ තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව.. | COLOMBO (News1st) : රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණ. https://www.youtube.com/watch?v=1oAw_Q-Lcbw |
2018-03-07T06:49:05.000Z | මහනුවර සුමංගල - රාහුල එක්දින තරගය කල් යයි | මහනුවර සුමංගල - රාහුල එක්දින තරගය කල් යයි | COLOMBO (News 1st) - මහනුවර ශ්‍රී සුමංගල විදුහල සහ කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල අතර පැවැත්වීමට නියමිතව තිබු වාර්ෂික එක්දින මහ ක්‍රිකට් තරගය දින නියමයකින් තොරව කල් දමා තිබේ. ඒ, මහනුවර දිස්ත්‍රික්කයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙනි. මෙම ක්‍රිකට් තරගය පැවැත්වෙන නිශ්චිත දිනයක් තවමත් ප්‍රකාශයට පත් කර නොමැත. මෙම එක්දින ක්‍රිකට් තරගය ලබන ඉරිදා (11 වැනිදා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. |
2018-03-07T06:06:36.000Z | හෙට(8) හවස 4 තෙක් මහනුවරට ඇඳිරි නීතිය : පොලීසියේ නිවාඩු අවලංගුයි | හෙට(8) හවස 4 තෙක් මහනුවරට ඇඳිරි නීතිය | COLOMBO (News 1st) : මහනුවර දිස්ත්‍රික්කයට පැන වූ ඇදිරි නීතිය අද පස්වරු 4 සිට හෙට පස්වරු 4 දක්වා බලපැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාරව පොලිස්පතිවරයා සතු බලය අනුව ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළ බව නිවේදනයක් නිකුත් කරන පොලිස්පති පූජිත් ජයසුන්දර පවසයි. පොලිස්පතිවරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, රාජ්‍ය සේවකයින්, පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හැර අන් සියලු දෙනා ඇඳරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ මහාමාර්ග, දුම්රිය මාර්ග, උද්‍යාන, විනෝදාස්වාදක පිටියක හෝ වෙන කිසියම් හෝ පොදු ස්ථානවල සිටීම හෝ ඒ හරහා යාම තහනම් බවයි. එවැනි ස්ථානයක් භාවිත කිරීමට හෝ එවැනි ස්ථානයක් මත සිටීමට හෝ එහි ගමන් කිරීමට කිසියම් අයෙකුට අවශ්‍ය වුවහොත් , අදාළ අවශ්‍යතාව සඳහන් කර කවර හෝ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකුගෙන් ලිඛිත අවසර පත්‍රයක් ලබාගත යුතු බව පොලිස්පතිවරයා අවධාරණය කරයි. ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. පොලීසියේ නිවාඩු අවලංගුයි... මේ අතර වහා ම ක්‍රියාත්මක වන පරිදි සියලු පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මහනුවර පාසල් වැසේ..... මේ අතර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලු පාසල් වසා දමා තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, නැවත දැනුම් දෙන තුරු එම පාසල් වසා තැබෙන බවයි. Social Media අවහිරයි.... මේ අතර සමාජ ජාලා වෙබ් අඩවිවලට පිවිසීම තාවකාලිකව අවහිර කර තිබේ. විදුලි සංදේශ නියාමන කොමිසම සඳහන් කළේ, මේ යටතේ ෆේස් බුක්, ටිව්ටර්, වස්ට් ඇප්, වයිබර්, යුටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම් ඇතුලු සමාජ ජාල වෙබ් අඩවිවලට ඇතුළුවීම තාවකාලිකව අවහිර කළ බවයි. අසත්‍ය තොරතුරු පැතිරයාම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ ය. |
2018-03-07T05:16:07.000Z | "Online වීසා"වලින් කෝටි 700ක ආදායමක් | "Online වීසා"වලින් කෝටි 700ක ආදායමක් | COLOMBO (News 1st) - 2017 වසරේදී මෙරටට පැමිණෙන විදේශිකයින්ට Online ක්‍රමයට ගුවන්තොටුපොළේදීම වීසා නිකුත් කිරීමෙන් රුපියල් කෝටි 700ක ආදායමක් ලැබී ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසා තිබේ. මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් ඔවුන්ගේ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙත අයදුම්පත් ඉදිරිපත් කොට වීසා ලබාගත යුතු ව තිබිණි. ආගමන හා විගමන පාලක ජෙනරාල් එම්. එන්. රණසිංහ මහතා පැවසූවේ, එහෙත් දැන් මෙම Online වීසා ක්‍රමය මගින් ප්‍රමාදයෙන් තොරව කඩිනමින් වීසා ලබා ගත හැකි වීම හේතුවෙන් විදේශ සංචාරකියින් අතර එය බෙහෙවින් ජනප්‍රියවී ඇති බවයි. උතුරු කොරියාව, සිරියාව වැනි රටවල් කිහිපයකට හැර ලොව අන් සෑම රටකින් ම පැමිණෙන විදේශිකයින්ට ගුවන්තොටුපොළේදීම Online වීසා ලබාගත හැකි වේ. Online වීසා නිකුත් කිරීම අප්‍රේල් මස 1වන දා සිට වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා එහි පරිගණක පද්ධතිය මේ දිනවල නවීකරණය කරගෙන යන බව ද ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයා වැඩිදුරටත් පවසා ඇත. |
2018-03-07T04:04:05.000Z | මහනුවරට වහා ම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය | වහා ම ක්‍රියාත්මක වන පරිදි මහනුවරට ඇඳිරි නීතිය | වහා ම ක්‍රියාත්මක වන පරිදි මහනුවර දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, සාමකාමීව නිවෙස්වල රැඳී සිටින ලෙසයි. මේ අතර මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලු පාසල් වසා දමා තිබේ. නිවේදනයක් නිකුත් කරමින්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, නැවත දැනුම් දෙන තුරු එම පාසල් වසා තැබෙන බවයි. |
2018-03-07T03:20:59.000Z | Facebook ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අවහිර කෙරේ | Facebook ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි අවහිර කෙරේ | Colombo (Newsfirst) - සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අවහිර කර ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. එම කොමිසන් සභාව සඳහන් කළේ, Facebook, Viber, Whatsapp, Youtube, Instagram ඇතුළු සමාජ ජාල වෙබ් අඩවිවලට පිවිසීම තාවකාලිකව අවහිර කළ බවයි. සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විවිධ අසත්‍ය තොරතුරු පැතිර යාම හේතුවෙන් මෙම පියවර ගත් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ ය. අසත්‍ය තොරතුරු පැතිරයාම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ ය. මේ වනවිට සමාජ ජාලා වෙබ් අඩවි අවහිර කර ඇති බැවින් නිවැරදි තොරතුරු ඔබගේ ජංගම දුරකථනය ලබා ගැනීම සඳහා ඔබට Newsfirst SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රීය කර ගත හැකියි. |
2018-03-07T02:55:17.000Z | ආදරය ප්‍රතික්ෂේප කළ විද්‍යාඥවරියකට අයින්ස්ටයින් ලියූ සටහනක් ඉහළ මිලකට අලෙවි වෙයි | අයින්ස්ටයින්ගේ සටහනක් වාර්තාගත මිලකට | (Newsfirst) - නොබෙල් ත්‍යාගලාභී භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් සිය ආදරය ප්‍රතික්ෂේප කළ විද්‍යාඥවරියකට ලියූ සටහනක් වාර්තාගත මිලකට අලෙවි වී තිබේ. එම සටහන ඉතා සංවේදී ලෙස ජර්මානු භාෂාවෙන් ලියන ලද්දකි. ජෙරුසෙලමේ පැවති වෙන්දේසියකදී ඒ සඳහා නියම වූ මිල අමෙරිකානු ඩොලර් 6100කි. 42 හැවිරිදි අයින්ස්ටයින් 1921 වසරේදී එය ලියා ඇත්තේ 22 හැවිරිදි වියේ පසු වූ එළිසබෙතා පිචීනි නම් රසායන විද්‍යා ශිෂ්‍යාවකට ය. ඉතාලි ජාතික තරුණියක වන එළිසබෙතා, අයින්ස්ටයින්ගේ සොහොයුරිය සමගින් එවකට මහල් නිවසක රැඳී සිට තිබේ. ඇය හමුවීමට අයින්ස්ටයින් වඩාත් කැමැත්තෙන් පසු වූවත් එළිසබෙතා එය ප්‍රතික්ෂේප කළේ, ප්‍රසිද්ධ පුද්ගලයින් මුණගැසීමට ඇය තුළ පැවැති ලජ්ජාශීලිත්වය හේතුවෙනි. සිය බලාපොරොත්තුව ඉටු නොවූ පසු ඇල්බට් අයින්ස්ටයින් එළිසබෙතා පිචිනීට මෙම සටහන ලබා දී ඇත්තේ, මිත්‍රත්වයේ සමරුවක් ලෙසින් බව දැක්වේ. |
2018-03-07T00:13:43.000Z | මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට යළි පොලිස් ඇඳිරි නීතිය | මහනුවරට යළි පොලිස් ඇඳිරි නීතිය | Colombo (Newsfirst) - මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි යළි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බව ය. |
2018-03-07T00:32:02.000Z | මදුරු මර්දනයට බඳවා ගත් සේවකයින්ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කෙරේ | මදුරු මර්දන සේවකයින්ගේ කොන්ත්‍රාත් කාලය දිග් කෙරේ | Colombo (Newsfirst) - මදුරු මර්දන කටයුතු සඳහා බඳවා ගත් සේවකයින්ගේ කොන්ත්‍රාත් කාලය වසරකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ, ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් සකස් කරන්නැයි විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් දුන් බව ය. මදුරු මර්දනය සඳහා කැබිනට් අනුමැතිය යටතේ කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් සේවකයින් සංඛ්‍යාව 1500කි. |
2018-03-06T22:52:16.000Z | සෞඛ්‍ය රියැදුරන් අද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක | සෞඛ්‍ය රියැදුරන් අද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක | Colombo (Newsfirst) - සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්ත සියලු ම සෞඛ්‍ය රියැදුරන් අද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වේ. ඒ, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් රියැදුරන් වෙනත් දෙපාර්තමේන්තුවලට මාරු කිරීමට විරෝධය පළ කරමිනි. සමස්ත ලංකා සෞඛ්‍ය රියැදුරන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් නිශාන්ත මහතා නිව්ස්ෆස්ට් වෙත පැවසුවේ, අසනීප නිවාඩු දමා සියලු ම සෞඛ්‍ය රියැදුරන් අද දිනයේ සේවයෙන් ඉවත් වන බව ය. කෙසේ වෙතත් රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අත්‍යවශ්‍ය ගිලන් රථ සේවා පමණක් පවත්වාගෙන යන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-03-06T22:32:52.000Z | ගුවන් හමුදාව හා ගම්මැද්ද එක්ව ක්‍රියාත්මක කරන ශ්‍රී පාද මළුව පිරිසිදු කිරීමේ වැඩසටහන අද ඇරඹේ | ශ්‍රී පාදය පිරිසිදු කිරීමට ගම්මැද්දත් එක්වෙයි | Colombo (Newsfirst) - ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව ශ්‍රී පාද මළුව පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද ආරම්භ වේ. ඒ සඳහා අනුග්‍රහය ලබා දෙන්නේ නිව්ස්ෆස්ට් ගම්මැද්ද යි. මෙම වැඩසටහන යටතේ අද සහ හෙට යන දින 2ක තුළ ශ්‍රී පාද මළුව පිරිසිදු කිරීමේ කටයුතු ක්‍රියාත්මක කෙරේ. |
2018-03-06T20:53:51.000Z | ට්‍රම්ප්ගේ ආර්ථික උපදේශකවරයා ධූරයෙන් ඉවත් වෙයි | ට්‍රම්ප්ගේ ආර්ථික උපදේශකවරයා ධූරයෙන් ඉවත් වෙයි | (Newsfirst) - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික උපදේශකවරයා සිය ධූරයෙන් ඉවත් වී තිබේ. අමෙරිකානු ජනාධිපති ආර්ථික උපදේෂක ගැරී කෝන්ගේ ඉල්ලා අස්වීම, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩු කාලය තුළ ඉල්ලා අස්වූ ඉහළ තනතුරු දරණ පුද්ගල ලැයිස්තුවට එක්වන නවතම නාමය වේ. විදෙස් වාර්තාහි දැක්වෙන්නේ, යකඩ සහ ඇලුමිනියම් සඳහා වන බදු මුදල් ඉහළ දැමීමට ජනපති ට්‍රම්ප් කළ සැලසුම නිදහස් වෙළෙඳාමට හිතැති ගැරී කෝන් කෝපයට පත් කළ බව ය. තම රටට සේවය කිරීම තමා ලද ඉහළ ම භාග්‍ය බව ගැරී කෝන් ධවල මන්දිරය විසින් නිකුත් කළ ඔහුගේ ඉල්ලා අස්වීමේ නිවේදනයේ පවසා තිබේ. 57 හැවිරිදි ගැරී කෝන්, ගෝල්ඩ්මන් සැච්ස් බැංකුවේ හිටපු සභාපතිවරයා ය. පසුගිය වසරේ අග භාගයේ ජනපති ට්‍රම්ප් කළ නව බදු ප්‍රතිසංස්කරණයේදී ගැරී කෝන් විශාල කාර්ය භාරයක් ට්‍රම්ප් වෙනුවෙන් කළ බව සඳහන් ය. කෙසේ වෙතත් විදෙස් වාර්තාහි දැක්වෙන්නේ, ජනපති ට්‍රම්ප් සහ ගැරී කෝන් අතර එතරම් හොඳ සබඳතාවක් නොපැවති බව ය. |
2018-03-06T20:17:32.000Z | ඊයේ රාත්‍රියේ රැස්වූ කැබිනට් මණ්ඩලය මධ්‍යම රාත්‍රිය ඉකුත් වන තුරු සාකච්ඡාවක | කැබිනට් මණ්ඩලය මැදියම් රැය පසුවන තුරු සාකච්ඡාවක | Colombo (Newsfirst) - කැබිනට් මණ්ඩලය ඊයේ රාත්‍රියේ රැස්විය. මෙහිදී කැබිනට් තීරණ මෙන් ම රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ද සාකච්ඡා වී තිබේ. ඊයේ පෙරවරුවේ සාමාන්‍ය පරිදි රැස්වීමට නියමිතව තිබූ කැබිනට් මණ්ඩලය මෙලෙස රැස්වුණේ ඊයේ රාත්‍රියේ ය. ඒ, කැබිනට් තීරණ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ය. මෙම රැස්වීම මධ්‍යම රාත්‍රිය ඉකුත් වන තුරුම පැවති බව අප වාර්තාකරු පැවසුවේ ය. |
2018-03-06T19:42:41.000Z | මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ | මහනුවරට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට | Colombo (Newsfirst) - මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 6.00ට ඉවත් කෙරිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, මේ වන විට ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් පවතින බව ය. |
2018-03-06T11:34:12.000Z | ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් | ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් | COLOMBO (Newsfirst) - නිදහස් කුසලාන තුන්කොන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5ක විශිෂ්ට ජයක් අද වාර්තා කළේය. ලකුණු 175ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 18යි පන්දු 3කදී කඩුලු 5ක් දැවී සිටියදී ය. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. ඉන්දීය ඉනිම ආරම්භ කළේ, නායක රෝහිත් ශර්මා සහ ශිකර් ධවාන්. දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ නායක රෝහිත් ශර්මා ලකුණු නොලබා පිටියෙන් ඉවත් විය. සුරේෂ් රයිනාට රැස් කිරීමට හැකි වූයේ එක් ලකුණක් පමණි. වේගවත් පිතිරහඹයක නිරත වූ ශිඛර් ධවාන් පන්දු 49කින් ලකුණු 90ක් රැස් කළේය. ඊට 6 පහර 6ක් සහ 4 පහර 6ක් ඇතුළත් විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 174ක් රැස් කළේය. කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ ය. මෙන්ඩිස් ලකුණු 11කට පිටියෙන් ඉවත් විය. ගුණතිලක ලකුණු 19යි. කුසල් ජනිත් පෙරේරා අර්ධ ශතකයක් වාර්තා කළ අතර ඔහු පන්දු 37කදී ලකුණු 66ක් ලබා ගත්තේය. කුසල් ලකුණු 50 සීමාව පසු කළේ පන්දු 22කින් 6 පහර 3ක් සහ 4 පහර 5ක් ද සමගිනි. නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 14කට පිටියෙන් ඉවත් විය. වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ තිසර පෙරේරා ලකුණු 22ක් ලබා ගත්තේය. තරගයේ වීරයා සම්මානය කුසල් ජනිත් පෙරේරාට හිමිවිය. |
2018-03-06T11:11:36.000Z | ශ්‍රීපාද මළුවට යන මාර්ගය පිරිසිඳු කිරීමට ගුවන් හමුදාව සමග ගම්මැද්ද අත්වැල් බැඳගනී | ශ්‍රීපාදය පිරිසිඳු කරන්නට ගම්මැද්ද මුල පුරයි | COLOMBO (News 1st) - ගුවන් හමුදාවේ 67 වැනි සංවත්සරයට සමගාමීව නිව්ස්ෆස්ට් ගම්මැද්ද හා එක් ව ශ්‍රීපාද ස්ථානය පිරිසිඳු කිරීමේ වැඩ සටහනක් හෙට ආරම්භ කිරීමට නියමිතව තිබේ. ශ්‍රීපාදය, ජාති ආගම් භේදයෙනේ තොරව බොහෝ දෙනා වන්දනා මාන කරන පූජනීය ස්ථානයකි. නමුත් ශ්‍රී පාද සමයේ එහි යන එන ඇතැම් සංචාරකයින් තැන තැන කසළ බැහැර කිරීමත් සමග එහි සුන්දරත්වයට වන හානිය ලඝු කොට තැනිය නොහැකියි. එබැවින් හෙට සහ අනිද්දා දෙදින ශ්‍රීපාද ස්ථානය පිරිසිඳු කිරීමේ ජාතික ක්‍රියාන්විතයකට මුල පිරෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 67 වන සංවත්සරයට සමගාමීව වේ. ඊට නිව්ස්ෆස්ට් ගම්මැද්ද ද එක්වන්නේ මෙය ජාතික වැදගත්කමින් යුතු ක්‍රියාන්විතයක් වන නිසාය. https://www.facebook.com/newsfirst.gammadda/videos/1702749313114641/ |
2018-03-06T10:49:33.000Z | රුසියානු ගුවන්යානයක් කඩා වැටී 32 දෙනෙකු මරුට | රුසියානු ගුවන්යානයක් කඩා වැටී 32 දෙනෙකු මරුට | COLOMBO (News 1st) - සිරියාවේදී රුසියානු හමුදා ගුවන්යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ. රුසියානු ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, මියගිය අය අතරට මගීන් 26 දෙනෙකු සහ ගුවන්යානා කාර්යමණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ද අයත් බවයි. යානය අනතුරට ලක්වීමේ හේතුව තවමත් තහවුරු වී නොමැති අතර එය කාර්මික දෝෂයක් විය හැකි බව රුසියානු බලධාරීන් පෙන්වා දෙති. |
2018-03-06T09:06:29.000Z | කුපිත කිරීම් වලින් කුපිත නොවූ ජනතාවට උපහාරය | කුපිත කිරීම් වලින් කුපිත නොවූ ජනතාවට උපහාරය | COLOMBO (News 1st) - අද අප අත්විඳින්නේ අද ඊයෙක මුල පිරුණු දෑ නොවෙයි. සමගිය පරාජය කර අසමගිය සදාතනික කිරීම සඳහා දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ සංවිධානාත්මක ප්‍රතිපත්තියක ප්‍රතිඵල වේ. නමුත් අවසානයේ දිනන්නේ කවු ද ? පරදින්නේ කවු ද ? අද අප අත්විඳිමින් සිටින මේ තත්ත්වය තුළ 1983 වසරේ අඳුරු මතකය යළි ත් සිහිපත් කළ යුතුමයි. රටේ සිව් දෙස ගම් නියම් ගම්වල වීදි දිගේ ගලාගිය ලේ දහරා අවසානයේ පරම්පරා ගණනාවක් විහිද ගියේ ය. සිදු වූ දේපොළ හානි මැනිය හැකි මුත් අහිමි වූ වටිනා ජීවිත හා එමගින් ජනිත වූ අපේක්ෂා භංගත්වයේ තරම මැනිය හැක්කේ කාට ද ? නීතිය හා සාමය තහවුරු කිරීම එවක පැවති ආණ්ඩුවේ වගකීම වුව ද එය ඉටු කිරීමට සමත් වූයේ නැත. තමන්ට ආරක්ෂාව සපයනු ඇති බවට ජනතාව තබා තිබූ විශ්වාසය එම ආණ්ඩුව විසින් ම ඉවත දැමීම හේතුවෙන් ජාතියක් ඊට වන්දි ගෙව්වේ දශක ගණනාවක් පුරා වැගිරු රුධිරයෙනි. සමාජය තුළ බිය හා සැක ඇතිකර පසෙකටවී බලා සිටීම ප්‍රශ්න ඇති කරන්නන් හා කුපිතකරවන්නන්ගේ ක්‍රමයයි. අවසානයේ ජාතිය එක්සේසත් කිරීමට ඉතිරි වන්නේ කවුරුන් ද ? පරම්පරා ගණනාවකට සිදු වන හානි පූරණය කිරීමට ඉතිරි වන්නේ කවුරුන් ද? අනාගතයේදී ඇතිවිය හැකි යුද්ධ හා සටන්වලදී සටන් කරන්නට ඉතිරි වන්නේ කවුරුන් ද ? නිවෙස්වල යළි ලිප ගිනි දැල්විය හැකි පරිදි ආර්ථිකය යළි ගොඩ නැංවීමට ඉතිරි වන්නේ කවුරුන් ද? ගිලන් හා තුවාල ලද අප රැක බලාගන්නට ඉතිරි වන්නේ කවුරුන් ද ? අපගේ දරුවන්ගේ අනාගතයට වගකියන්නට ඉතිරි වන්නේ කවුරුන් ද ? ප්‍රශ්න ඇති කරන්නන් වීදි නොබැස අපේක්ෂා භංගත්වය හා කැඩුණු බිදුණු ජාතියක් අපට ඉතිරිකර සැඟවෙයි. කෙසේ නමුදු අද අපට ආඩම්බරවිය හැකි ය. කුළු ගැන්වෙන හා අනුග්‍රහය ලත් ජාතිවාදය මැද වුවද අපගේ ජාතිය එකාවන් ව සිටියි. විශේෂයෙන් ම ඊයේ රාත්‍රියේදී, ජනතාව අතර එකිනෙකා කෙරෙහි වූ ආදරය, සමගිය හා ශක්තියේ තරම අප අත්දුටු බව පිළිගත යුතුමය. ඒ වෙනුවෙන් රටේ ජනතාවට ආචාරය මෙන් ම ගෞරවය ද හිමිවිය යුතුව ඇත. ඊයේ ඇති වූ අවාසනාවන්ත සිද්ධිය හමුවේ එය මැඩලනු පිණිස ජනාධිපතිතුමාත් ආණ්ඩුවත් යුහුසුළුව ක්‍රියාත්මකවීම ගැන ඔවුන්ට ආචාරය පුදකළ යුතුම වේ. ජනතාව වෙනුවෙන් තම වගකීම ඉටුකරමින් අතලොස්සකගේ නීච ප්‍රයත්නයන්වලින් ජනතාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක හමුදාවලට හා පොලීසියට ද ගෞරවය හිමිවිය යුතු ය. අප අද කරන දේ ආදීනව අප කෙරෙහි පමණක් නොව දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් බලපානු ඇත. එබැවින්, ශක්තිමත් හා එක්සත් ශ්‍රී ලංකාවක් සඳහාවන අපගේ කැපවීම ජව ගැන්වීමට අප මෙය අවස්ථාවක් කරගත යුතු ය. එබැවින් ම අප එකාවන්ව එක හඬින් අපගේ ජාතියේ සතුට හා සෞභාග්‍යයට වින කරන සියල්ල ප්‍රතික්ෂේප කර කුණු කූඩයට දැමිය යුතු කාලය දැන් දැන් උදාවී ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/1865575610169355/ |
2018-03-06T08:36:36.000Z | මහනුවරට යළි ත් පොලිස් ඇඳිරි නීතිය | මහනුවරට යළි ත් පොලිස් ඇඳිරි නීතිය | COLOMBO (News 1st) - මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට යළි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. ඒ අද රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා බලපැවැත්වෙන පරිදි ය. පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, තෙල්දෙණිය පොලිස් වසමේ ඇතිවී තිබෙන තත්ත්වය හේතුවෙන් මේ පියවර ගත් බවයි. |
2018-03-06T07:55:13.000Z | විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් විරෝධතාවක | විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් විරෝධතාවක | COLOMBO (News 1st) - විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට විරෝධතාවක නිරත විය. විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව එම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ වැටුප් වැඩි කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනි. අද පෙරවරුවේ නිදහස් චතුරශ්‍රයට රැස් වූ ඔවුන් එතැන් සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා පාගමනින් පැමිණ මෙලෙස විරෝධතාවයේ නිරත විය. අප වාර්තාකරු පැවසුවේ, මේ හේතුවෙන් කොමිසම ඉදිරිපස මාර්ගය පැයක පමණ කාලයක් අවහිර වූ බවයි. ඒ හේතුවෙන් කොළඹ පුරහල ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් ද හට ගත්තේ ය. විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සමසභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා ප්‍රකාශ කළේ, සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය අපොහොසත්වීම හේතුවෙන් මෙම විරෝධතාවය සංවිධානය කළ බවයි |
2018-03-06T07:37:30.000Z | ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් | ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් | COLOMBO (News 1st) - සතියක කාල සීමාවක් සඳහා ජනාධිපතිතුමා දිවයින පුරා හදිසි අවස්ථාවක් අද ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස බලාත්මක කරමිනි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, පසුගිය සති දෙකක කාලය පුරා සිදු ව ඇති කළහකාරී සහ සාපරාධි ක්‍රියා සහ එම සිද්ධි නිසා සිදු ව ඇති ජීවිත සහ දේපළ හානිවීම්, ඇතුලු කරුණු 05 ක් මුල්කර ගනිමින් මෙම හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කළ බවයි. මෙම සිදුවීම් ඇතැම් අවස්ථාවලදී ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් තුළ සිදු ව ඇති අතර සංවිධානාත්මක කණ්ඩායම් මගින් ද සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා තිබේ. මෙම තත්ත්වය සමනය කිරීම සඳහා ගත යුතු අත්‍යවශ්‍ය පියවරක් ලෙස සීමිත වපසරියකින් යුතුව මහජන ආරක්ෂක පනතේ දෙවන කොටස ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ද අදාළ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. https://www.facebook.com/NewsfirstSL/videos/1865410206852562/ |
2018-03-06T08:49:28.000Z | උදෑසන කාලයට බොරැල්ල දෙසට අමතර මංතීරුවක් | උදෑසන කාලයට බොරැල්ල දෙසට අමතර මංතීරුවක් | COLOMBO (News 1st) - රාජගිරිය ගුවන් පාලම අවට අතුරුමාර්ගවල ඉදිකිරීම් කටයුතු නිම වෙන තුරු උදෑසන කාර්ය බහුල වේලාවන් තුළ අමතර මංතීරුවක් බොරැල්ල දෙසට ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ. එම අධිකාරිය සඳහන් කළේ, එම අමතර මංතීරුව ලබන 8 වන දා සිට සතියේ සෑම දිනකම උදෑසන 6.30 සිට 9.00 දක්වා ක්‍රියාත්මක වන බවයි. කාර්ය බහුල වේලාවන්හිදී බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේ සිට රාජගිරිය ගුවන් පාලම ඔස්සේ ආයුර්වේද මංසන්ධිය දක්වා අමතර මංතීරුවක් විකල්ප දිශාවට දිවෙන මංතීරුව දිගේ ක්‍රියාත්මක කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසා ඇත. බත්තරමුල්ල දෙස සිට පැමිණෙන රථවාහන පාර්ලිමේන්තු වටරවුම අසළින් අමතර මංතීරුවට ඇතුලු විය හැකි අතර පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ පැමිණෙන රථවාහන ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන මාර්ගයේ ඇතුල් කෝට්ටේ මංසන්ධියෙන් අමතර මං තීරුවට ඇතුලුවීමට හැකියාව පවති. මෙම අමතර තීරුව ශ්‍රී ජයවර්ධනපුර ප්‍රධාන මාර්ගය දිගේ රාජගිරිය ගුවන් පාලම ඔස්සේ බොරැල්ල ආයුර්වේද මංසන්ධිය දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇත. |
2018-03-06T05:46:53.000Z | ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වූ 'අන් හී ජුන්ග්' ධූරයෙන් ඉල්ලා අස්වෙයි | ආණ්ඩුකාර 'අන් හී ජුන්ග්' ධූරයෙන් ඉල්ලා අස්වෙයි | COLOMBO (News 1st) - ලිංගික හිංසන චෝදනාවක් සම්බන්ධයෙන්, දකුණු කොරියානු ආණ්ඩුකාරවරයෙකු ඉල්ලා අස් වී තිබේ. දකුණු කොරියාවේ පළාත් ආණ්ඩුකාරවරයෙකු ලෙස කටයුතු කළ අන් හී ජුන්ග් මෙලෙස සිය ධූරයෙන් අද ඉල්ලා අස් වී තිබේ. අන් හී ජුන්ග් පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයේදී ප්‍රමුඛ අපේක්ෂකයෙකු වූ අතර ජනාධිපති මූන් ජේ ඉන්ගේ ඩිමොක්‍රටික් පක්ෂයේ ඉහළ සාමාජිකයෙක් ලෙස කටයුතු කළේ ය. තමාට එල්ලවන ලිංගික හිංසන චෝදනාව සම්බන්ධයෙන්, ඔහු සිය සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ සමාව ඇයද ඇති බව සඳහන් වේ. අන් හී ජුන්ග්ට එරෙහිව එල්ල වූ මෙම චෝදනව පිළිබඳව දකුණු කොරියානු වැසියන් කම්පාවට පත්වූ බව විදෙස් වාර්තාහි දක්වා ඇත. කෙසේ වෙතත් ඇතැමුන් පැවසූවේ, මෙම සිදුවීම තුළින් දකුණු කොරියාව තුළ පවතින පුරුෂාධිපත්‍ය සමාජ සංස්කෘතිය වෙනස් වී කාන්තාවන් සඳහා හිතවත් සමාජයක් ගොඩනැගීමට උපකාරි වනු ඇති බවයි. |
2018-03-06T04:53:29.000Z | ජනපති නියමයෙන් රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ | රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ | COLOMBO (News 1st) - රටේ ඇතැම් ස්ථානවල පවතින අසතුටුදායක ආරක්ෂක තත්ත්වය මගහරවා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය මීට ටික වේලාවකට පෙර සිය නිල ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ, අපරාධකරුවන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලීසිය සහ සන්නද්ධ හමුදා බලගැන්වීම උදෙසා එම පියවර ගත් බව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1865258483534401/ |
2018-03-06T01:53:14.000Z | රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමේ තීරණයක් | දින 10ක කාලයක් රට තුළ හදිසි අවස්ථාවක් | COLOMBO (News 1st) දින 10ක කාලයක් රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇතැයි, අමාත්‍ය S.B. දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආමත්‍යවරුන්ගේ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි. |
2018-03-06T01:30:17.000Z | II වන ලෝක යුද සමයේ සුන්බුන් මහමුහුදෙන් මතුවෙයි | II වන ලෝක යුද සමයේ සුන්බුන් මහමුහුදෙන් මතුවෙයි | II වන ලෝක යුද සමයට අයත් ගුවන් යානා හාරක නෞකාවක සුන්බුන් කොටස් සොයාගෙන තිබේ. දෙවන ලෝක යුද සමයේදී මුහුදුබත් වූ මෙම අමෙරිකානු ගුවන් යානා හාරක නෞකාවේ කොටස් හමුවී ඇත්තේ, ඔස්ට්‍රෙලියානු මුහුදු කලාපයෙනි. යූඑස් එස් ලෙක්සින්ග්ටන් නමැති මෙම නෞකාවේ සුන්බුන් හම වී ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර මුහුදු තීරයේ සිට කිලෝමීටර 800ක දුරින් කිලෝමීටර 3ක පමණ ගැඹුරු මුහුදු පතුලේයි. විදෙස් වාර්තාහි දැක්වෙන්නේ, මීට අවුරු 76කට පෙර එනම් 1942 වසරේ මැයි මස 4 ත් 8ත් අතර දිනකදී ඔස්ට්‍රේලියාවේ කොරල් මුහුද ප්‍රදේශයේ පැවති සටනකදී අතුරුදන් ව ඇති බවයි. එම ගැටුම්වලින් 200කට අධික කාර්යය මණ්ඩල සාමාජිකයින් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. මයික්‍රොසොෆ්ට් සම නිර්මාතෘ පෝල් ඇලන් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් නෞකාවේ සුන්බුන් සොයා ගනු ලැබ ඇති අතර අමෙරිකානු නාවික හමුදාව එහි නිරවද්‍යතාවය තහවුරු කර තිබේ. |
2018-03-06T00:51:10.000Z | හමුදා නිල ඇඳුමෙන් Facebook තහනම් | හමුදා නිල ඇඳුමෙන් Facebook තහනම් | Colombo (Newsfirst) - ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට සිය නිල ඇඳුම භාවිත කරමින් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවිවල පෙනී සිටීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. මේ සම්බන්ධව යුද හමුදාව මගින් චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා නිව්ස්ෆස්ට් වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ය. ගුවන් සහ නාවික හමුදාවල ද එම නීතිය පනවා ඇති බව සඳහන් වන අතර මීට මාස කිහිපයකට පෙර ආරක්ෂක අංශ සාමාජිකයින් වෙනුවෙන් පනවන ලද එම නීතිය පසුගිය සතියේ යළි බලගන්වන චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. යම් හමුදා සාමාජිකයෙක් එසේ පෙනී සිටියහොත් අදාළ චක්‍රලේඛයේ සඳහන් පරිදි විනය නීති අනුගමනය කිරීමට නියමිත බව ද හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා ද මේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර ඇති අතර අදාළ නීතීය පිළිබඳව විනය භාර හමුදා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද වාර්තා වේ. |
2018-03-06T00:33:49.000Z | නිදහස් කුසලානය සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද තරග බිමට | නිදහස් කුසලානයට ශ්‍රී ලංකාව හා ඉන්දියාව තරග බිමට | Colombo (Newsfirst) - කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරමින් තරග එකින් එක ජය ගෙන ඉදිරියට යාමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට පෙර පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශ කණ්ඩායම් අතර තුන්කොන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ශ්‍රී ලංකාව හා ඉන්දියාව තරග බිමට පිවිසීමට නියමිත ය. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00ට ආරම්භ වේ. |
2018-03-05T23:48:15.000Z | තෙල්දෙණිය සහ පල්ලෙකැලේට යළි පොලිස් ඇඳිරි නීතිය | තෙල්දෙණිය සහ පල්ලෙකැලේට යළි පොලිස් ඇඳිරි නීතිය | JUST IN : තෙල්දෙණිය සහ පල්ලෙකැලේ පොලිස් බල ප්‍රදේශවලට යළි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. පොලීසිය පැවසුවේ, වහා ම ක්‍රියාත්මක වන පරිදි අද දිනය පුරාවට මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බවයි. මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය සඳහා ඊයේ පැනවූ පොලිස් ඇඳිරි නීතිය අවසන් කෙරුණේ, අද උදෑසන 6ටයි. මේ අතර මහනුවර දිගන ප්‍රදේශයේ සිදුවූ බව සඳහන් සිදුවීම පිළිබඳව අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා පොලීසියට හා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා පොලීසියට හා යුද හමුදාව වෙත උපදෙස් දී ඇත්තේ, ප්‍රදේශයේ සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසෙයි. ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන් වැළැක්වීම සඳහා ද සියලු පාර්ශවයන් සමග වගකීමෙන් කටයුතු කරන ලෙස ආරක්ෂක අංශ වෙත වැඩිදුරටත් උපදෙස් දී ඇති ජනාධිපතිවරයා ප්‍රදේශයේ සාමය ස්ථාපනය කිරීම වෙනුවෙන් ගත යුතු සියලු පියවර ගන්නා ලෙස ද උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය. |
2018-03-05T23:37:09.000Z | පුරාවිද්‍යා ආඥා පනත ඉදිරියේදී සංශෝධනය කෙරේ | පුරාවිද්‍යා ආඥා පනත ඉදිරියේදී සංශෝධනය කෙරේ | Colombo (Newsfirst) - පුරාවිද්‍යා ආඥා පනත ඉදිරියේදී සංශෝධනය කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. මණ්ඩාවල මහතා සඳහන් කළේ, 1998 වර්ෂයේ එම පනත සංශෝධනය කිරීමෙන් පසුව එය මෙතෙක් සංශෝධනය කර නොමැති බව ය. පෞරාණික වටිනාකම් සහිත ස්ථානවල ඉදිකරන අනවසර ඉදකිරීම් ඉවත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ වන තෙක් බලයක් නොමැති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි. ඔහු සඳහන් කළේ, මීට පෙර විශ්වවිද්‍යාල අචාර්යවරු එවකට සිටි අමාත්‍යවරයාට වාර්තාවක් ඉදිරිපත් කළ ද එය සංශෝධනය කර නොමැති බව ය. |
2018-03-05T23:04:41.000Z | මවකට සහ දියණියකට මරු කැඳවූ මාරක අනතුරක් | මවකට සහ දියණියකට මරු කැඳවූ මාරක අනතුරක් | COLOMBO (News 1st ) : අහංගම, හාතපැලෑන ප්‍රදේශයේදී මෝටර් රථයක් ටිපර් රථයක ගැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, 25 හැවිරිදි දියණියක සහ 65 හැවිරිදි මවක එලෙස මියගොස් ඇති බවයි. අනතුරින් කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙකුට තුවාල සිදුවී ඇතැයි ද පොලිසිය පැවසී ය. |
2018-03-05T21:49:07.000Z | 'ඔස්කා' සම්මාන සොරා පොලිස් අත්අඩංගුවට | 'ඔස්කා' සම්මාන සොරා පොලිස් අත්අඩංගුවට | මෙවර ඔස්කා හොඳ ම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූ ෆ්‍රැන්සස් මැක්ඩොමන්ට්ගේ සම්මානය සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ පුද්ගලයා මැක්ඩොමන්ට් ලද සම්මානය එලෙස සොරකම් කර ඇත්තේ, උළෙලින් පසු පැවති භෝජන සංග්‍රහය අතරතුරදීයි. අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු ඇප මත මුදා හැර ඇති 47 හැවිරිදි සැකකරු අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කර තිබේ. සැකකරු ළඟ තිබූ මැක්ඩොමන්ට්ගේ නම සහිත එම සම්මානය යළි ඇයට භාර දී ඇති අතර සම්මානය සොරාගෙන ඇති පුද්ගලයා සම්මාන උළෙලින් පසු පැවැත්වෙන නිල භෝජන සංග්‍රහය සඳහා අවසර ලත් අයෙකු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මැක්ඩොමන්ට් ඔස්කා හොඳ ම නිළිය සම්මානය හිමි වූයේ, Martin McDonagh විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ Three Billboards Outside Ebbing, Missouri චිත්‍රපටයේ අතිදක්ෂ රංගනය වෙනුවෙනි. 60 හැවිරිදි මැක්ඩොමන්ට් චිත්‍රපටය තුළදී සිය දියණිය දූෂණය කර මරා දැමූ ඝාතකයින් සොයා යන මවකගේ චරිතයට පණ පොවන්නී ය. අතිඋත්කර්ෂවත් 90 වන ඔස්කා සම්මාන උළෙල ඊයේ පැවැත්වුණේ, ලොස්ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදීයි. |
2018-03-05T21:34:22.000Z | අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට | අගමැතිට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට | Colombo (Newsfirst) - අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුවේ අද දින ප්‍රධාන කාර්යය වී තිබෙන්නේ, ප්‍රතාපන විරෝධී සහ ප්‍රතිතෝලන බදු සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීම ය. කෙසේ වෙතත් කාගේත් අවධානයට ලක්ව තිබෙන්නේ, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාව පිළිබඳව ය. ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ, මෙම විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ය. ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති. |
2018-03-05T20:25:38.000Z | ගුවන් ගමන් ප්‍රමාද වීම ගැන ශ්‍රීලංකන් සමාගම කරුණු පහදයි | ගුවන් ගමන් ප්‍රමාද වීම ගැන ශ්‍රීලංකන් සමාගම පහදයි | Colombo (Newsfirst) - ශ්‍රීලංකන් සමාගමේ ගුවන් යානා 4ක හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන්වල ප්‍රමාදයක් සිදූ වූ බවට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට වාර්තාවක් ලබා දී තිබේ. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් රවීන්ද්‍ර හේවා විතාරණ මහතා සඳහන් කළේ, තම අමාත්‍යංශය මගින් කළ ඉල්ලීම අනුව එම වාර්තාව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පලාන අධිකාරිය ලබා දී ඇති බව ය. කාර්මික දෝෂයට ලක්වූ ගුවන් යනා 4න් 2ක් අලුත්වැඩියා කර ඇති බව ද එම වාර්තාව මගින් ප්‍රකාශ කර තිබේ. පසුගියදා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාද වීමෙන් මගීහු දැඩි දුෂ්කරතාවට ලක්වූහ. |
2018-03-05T19:54:41.000Z | මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට | මහනුවරට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට | Colombo (Newsfirst) - මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 6.00ට ඉවත් කෙරිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, මේ වන විට ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් පවතින බව ය. මේ අතර මහනුවර දිගන ප්‍රදේශයේ සිදුවූ බව සඳහන් සිදුවීම පිළිබඳව අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලීසියට හා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ. ජනාධිපතිවරයා පොලීසියට හා යුද හමුදාව වෙත උපදෙස් දී තිබෙන්නේ, ප්‍රදේශයේ සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ය. ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන් වැළැක්වීම සඳහා ද සියලු පාර්ශවයන් සමග වගකීමෙන් කටයුතු කරන ලෙස ආරක්ෂක අංශ වෙත වැඩිදුරටත් උපදෙස් දී ඇති ජනාධිපතිවරයා ප්‍රදේශයේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් ගත යුතු සියලු පියවර ගන්නා ලෙස ද උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය. |
2018-03-05T08:52:48.000Z | නිදහස් කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් - චන්දික හතුරුසිංහ | නිදහස් කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් | COLOMBO (News 1st) - නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසා තිබේ. ඔහු මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පුහුණු සැසියකට එක් වෙමිනි. ශ්‍රී ලංකාව, ඉන්දියාව හා බංග්ලාදේශ කණ්ඩායම් සහභාගී වන නිදහස් කුසලාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භවීමට නියමිතව ඇත. මෙම රටවල් තුන අතර පන්දුවාර 20 යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් පවත්වන ප්‍රථම අවස්ථාව මෙයයි. තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ශ්‍රී ලංකාව හා ඉන්දියාව හෙට තරග බිමට පිවිසෙනු ඇත. ඒ අනුව නිදහස් කුසලානයේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ, එළඹෙන 18 වන දායි. |
2018-03-05T10:46:12.000Z | වෙළෙඳපොළ පොලී අනුපාත ගැන මහ බැංකුවේ අදහස | වෙළෙඳපොළ පොලී අනුපාත ගැන මහ බැංකුවේ අදහස | COLOMBO (News 1st) - මෑත කාලීනව වෙළෙඳපොළ පොලී අනුපාත ඉහළ යෑමක් අපේක්ෂා නොකරන බව ශ්‍රී ලංකා මහබැංකුව අවධාරණය කර තිබේ. මහබැංකුව පෙන්වා දෙන්නේ, පොලී අනුපාත ඉහළ යන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මේ නිවේදනය නිකුත් කරන බව යි. ශ්‍රී ලංකා මහබැංකුව පෙන්වා දෙන්නේ, මතුපිට උද්ධමනය, මූලික උද්ධමනය, උද්‍ධමන අපේක්ෂා, පුළුල් මුදල් සැපයුමේ වර්ධනය, ණය හා ආර්ථික කටයුතුවල ප්‍රසාරණය මෙන් ම ජාත්‍යන්තර සංචිතවල මට්ටම අනුව පොලී අනුපාත ඉහළ යෑමක් අපේක්ෂා කළ නොහැකි බව ය. මෑත කාලීන ගෝලීය වෙළෙඳපොළ වර්ධනයන් සහ ආර්ථිකමය නොවන සාධක හේතුකොටගෙන ඇති වූ අවිනිෂ්චිතතා හේතුවෙන් පෙබරවාරි මාසයේ දේශීය වෙළෙඳපොළ තුළ යම් විචල්‍යතාවක් ඇතිවුව ද එය කෙටි කාලයක් පමණක් පවතිනු ඇතැයි යන්න මහබැංකුවේ අපේක්ෂාවයි. මහබැංකුව පෙන්වා දෙන්නේ, විදේශිය විනිමය වෙළෙඳපළෙ යළි ස්ථායි මට්ටමකට දැනටමත් ළඟාවී ඇති අතර රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ තුළ වූ අවිනිෂ්චිතතා සැලකිය යුතු ලෙස පහව ගොස් ඇති බව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1864370613623188/ |
2018-03-05T10:36:55.000Z | රෝහල් ගාස්තුව ගෙවා ගැනීමට නොහැකිව පිටරටක තනි වූ මහනුවර පවුලක කඳුළු කතාව | රෝහල් ගාස්තු ගෙවීමට නොහැකිව පිටරටක තනි වූ පවුලක් | COLOMBO (News 1st) - රෝහල් ගාස්තුව ගෙවා ගැනීමට නොහැකිව පිටරටක තනිවුණ පුංචි පවුලක් ගැන සංවේදී කතාවක් අපට අසන්නට ලැබුණි. ඔවුන් අපෙන් ඉල්ලා සිටියේ ඒ කතාව රටට කියන ලෙසයි. සනුකි සෙහෙත්මා බණ්ඩාර නම් 7 හැවිරිදි ඒ පුංචි දියණිය මාස 4 ක් තිස්සේ මව්රට දකින්නට පෙරුම් පුරමින් සිටි. ඇය මේ වන විට සිටින්නේ, ඉන්දියාවේ නාරායන් හෙල්ත් රෝහලේ තැලිසීමියා ප්‍රතිකාර ඒකකයේ ය. මහනුවර දිස්ත්‍රික්කයේ අංකුඹුර එගොඩවත්තේ පදිංචි සිසිර ප්‍රදීප් වීරසිංහ දියණියගේ පියා ය. ඔහු වෘත්තියෙන් පොලිස් කොස්තාපල්වරයෙකි. සිසිරගේ සහ දිලානි මල්ලිකා කුමාරිගේ එක ම සම්පත වූයේ පුංචි සනුකි යි. ඇයට මාස 3 සපිරෙන විටම තැලිසීමියා රෝග ලක්ෂණ ඇති වූ බව මව්පියන් අප වෙත පැවසුවේ ය. වෛද්‍ය පරීක්ෂණ ගණනාවකින් පසු ඇය තැලිසීමියා ආසාධිතයෙකු බව තහවුරු වූ අතර එතැන් පටන් මව්පියන් වැඩිපුර කාලයගත කළේ රෝහල්වලයි. පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් සහ මහනුවර මහරෝහලේ රුධිර පාරවිලයන ඒකකවලින් සනුකිට අවශ්‍ය රුධිරය ලබා ගැනීම මාසයකට වරක් කළ යුතු විණි. අවුරුදු 6 සපිරෙන විට අංකුඹුර ප්‍රාථමික පාසලට ඇතුළත්ව සම වයසේ දරුවන් මෙන් අධ්‍යාපනය හැදෑරුවත් ඇය වරින් වර රෝගී වූයේ මව්පියන් අසරණ කරවමිනි. වෛද්‍යවරුන් නිර්දේශ කළේ, ඉතා ඉක්මණින් ඇටමිදුළු බද්ධ කළ යුතු බවයි. ඉන්දියාවේ නාරයන් හෙල්ත් රෝහල, සනුකිගේ රුධිරයට ගැලපෙන ඇටමිදුළු මුලින් ම සොයා ගත්තේ ය. එහෙත් ඒ සඳහා අවශ්‍ය වූ මුදල රුපියල් ලක්ෂ 65 කි. විවිධ අරමුදල් හා ධානපතීන්ගේ උපකාරයෙන් එම මුදල සොයාගත් මව්පියන් ඇය සමග ඉන්දියාවට ගියේ පසුගිය ඔක්තොම්බර් 19 වන දාය. ඒ අනුව ඉකුත් වසරේ නොවැම්බර් 08 වන දා සිදු කළ සැත්කම සාර්ථක විය. නමුත් දියණියගේ පියා පැවසූවේ, සැත්කම වේලාවේදී ඇති වූ ආසාදන තත්ත්වයක් හේතුවෙන් වැඩිපුර ප්‍රතිකාර ඇයට කරන්න සිදුවීමෙන් මසකට වැඩි කාලයක් රෝහලේ නතරවී සිටිමට සිදු වූ බවයි. එහිදී ලක්ෂ 65 ට අමතරව තව ත් ලක්ෂ 57 ක් ගෙවීමට ඔවුන්ට සිදු විය. මේ හේතුවෙන් ප්‍රතිකාර ලැබූ පුංචි දියණියට තවමත් නිවසට එන්නට හැකි වුයේ නැත. ගෙදර යාම, පුංචි සනුකි දිවා රෑ දකින සිහිනයකි. රැකියාවෙන් පමණක් දරු පවුල රකින සනුකිගේ පියාට ද අමතර රුපියල් ලක්ෂ 57 රෝහල් ගාස්තුව යනු මහමෙරකටත් වැඩි බරකි. දැරියගේ පියා අවසානයේ සියලු දෙනා ඉල්ලා සිටියේ, තම පුංචි දියණියට මව් රටට පැමිණිමට පුළුවන් කෙනෙක් සිටි නම් උදව් උපකාර කරන ලෙසයි. https://www.facebook.com/NewsfirstSL/videos/1864373293622920/ |
2018-03-05T09:09:19.000Z | වැලිකඩ ගැටුමට එරෙහි නන්දිමාල් සිල්වාගේ පෙත්සම ඉවතට | වැලිකඩ ගැටුමට එරෙහි පෙත්සම ඉවතට | COLOMBO (News 1st) - වැලිකඩ බන්ධනාගාරයේ පැවැති උද්ඝෝෂණයක් අතරතුර ප්‍රහාරයක් එල්ලකොට රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට, වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම, විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම අභියාචනාධිකරණය අද නිශ්ප්‍රභ කර තිබේ. 2012 නොවැම්බර් 9 වැන දා සිදු වූ එම ප්‍රහාරයට වගකිව යුතු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස ඉල්ලා, සුදේෂ් නන්දිමාල් ද සිල්වා නැමැත්තා විසින් ගොනුකර තිබූ එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු, ප්‍රීති පද්මන් සුරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන් හමුවේ අද කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම සිද්ධිය සම්බන්ධයෙන්, විධිමත් පරීක්ෂණයක් මේ වන විටත් ආරම්භ කර ඇති බැවින්, ඉල්ලා ඇති පරිදි එම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බව ය. |
2018-03-05T06:22:10.000Z | මහනුවර වූ සිදුවීම පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් | මහනුවර වූ සිදුවීම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න | COLOMBO (News 1st) - මහනුවර දිගන ප්‍රදේශයේ අද දින සිදු ව ඇති සිදුවීම පිළිබඳ අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලීසියට හා ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබේ. ජනාධිපතිතුමා පොලීසියට හා යුද හමුදාව වෙත උපදෙස් ලබාදී තිබෙන්නේ, ප්‍රදේශයේ සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසයි. ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් වැලැක්වීම සඳහා ද සියලු පාර්ශවයන් සමග වගකීමෙන් කටයුතු කරන ලෙස ආරක්ෂක අංශ වෙත වැඩිදුරටත් උපදෙස්දී ඇති ජනාධිපතිතුමා ප්‍රදේශයේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන්ගත යුතු සියලු පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. |
2018-03-05T05:51:31.000Z | GIT විභාගය Online ක්‍රමයට | GIT විභාගය Online ක්‍රමයට | COLOMBO (News 1st) - සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය Online ක්‍රමය ඔස්සේ පැවැත්වීමට අවධානය යොමුවී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසා තිබේ. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පැවසුවේ, එම විභාගය ප්‍රායෝගික පරීක්ෂණයක් ලෙස Online ක්‍රමය ඔස්සේ පැවැත්වීමට කරුණු අධ්‍යයනය කරමින් සිටින බවයි. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.