date
stringlengths
24
24
title
stringlengths
0
176
short_title
stringlengths
10
69
content
stringlengths
0
19.7k
2018-02-26T11:40:42.000Z
දිවයින පුරා තවදුරටත් වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
දිවයින පුරා තවදුරටත් වැසි
COLOMBO (Newsfirst) - දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා තවදුරටත් වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබේ. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, බස්නාහිර, නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණ සහ සබරගමුව පළාත්වලත්, පො‍ළොන්නරුව දිස්ත්‍රික්කයෙත් සමහර ස්ථානවල ද තද වැසි ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ඇත. දිවයිනට ගිනිකොන සහ නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරි වළාකුළු පද්ධතිය හේතුවෙන් පුත්තලම සිට කොළඹ, හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමළය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුද ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර සුළඟේ වේගය පැයට කිලෝමෙීටර් 70 - 80 ත් අතර දක්වා ඉහළ යා හැකි බව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඒ සම්බන්ධයෙන් සැළකිලි මත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි.
2018-02-26T11:04:45.000Z
ව්‍යාපාරික උත්සවවලට යන මුවාවෙන් ජපන් පනින ජාවාරමක්
ව්‍යාපාරික උත්සවවලට යන මුවාවෙන් ජපන් පනින ජාවාරමක්
COLOMBO (Newsfirst) - පසුගිය වසරේ ජුනි මාසයේදී ජපානයේ පැවැති ‍ශ්‍රී ලංකා ෆෙස්ටිවල් නම් වැඩසටහනට, සහභාගී වූ ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකු නැවත නොපැමිණීම පිළිබඳ වාර්තාවක් කැඳවා ඇතැයි ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ගංගානාත් දිසානායක මහතා පවසා තිබේ. තානාපතිවරයා ප්‍රකාශ කළේ, එම උත්සවය සංවිධානය කළ ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයෙන් එම වාර්තාව කැඳවූ බවයි. ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිය සංවිධානය කළ බව කියන මෙම ශ්‍රී ලංකා ‍ෆෙස්ටිවල් වැඩසටහන පසුගිය වසරේ ජුනි මස 24, 25 යන දෙදින තුළ පවත්වා ඇත. ඒ, ජපානයේ ටෝකියෝ නුවර යොයෝගී උද්‍යානයේදී ය. මෙම උත්සවය සඳහා ශ්‍රී ලාකාවෙන් ගිය 33 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමෙන් 30දෙනෙකුම නැවත පැමිණ නැත. මෙම ශ්‍රී ලංකා ‍උත්සවය සඳහා සහභාගි වූ පිරිස් වෙත වීසා ලබා ගැනීම සඳහා ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා මෙරට ජපාන තානාපති කාර්යාලය වෙත ලිපි කිහිපයක් නිකුත් කර තිබේ. කෙසේ වෙතත් මෙම ජපානයේ පැවැති මෙම ශ්‍රී ලංකා උත්සවය සඳහා ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචා‍ර්ය ගංගානාත් දිසානායක මහතා ත් සහභාගීවී ඇත. අග්‍රමාත්‍ය අතිරේක මාධ්‍ය ලේකම් සමන් ආතාවුදහෙට්ටි ප්‍රකාශ කර සිටියේ, අදාළ කාරණා පිළිබඳව ලිඛිතව ඉල්ලීමක් කලොත් තමන් ඊට පිළිතුරක් ලබාදෙන බව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1856234731103443/
2018-02-26T09:43:14.000Z
දූෂණ හා වංචාවලට එරෙහි ක්‍රියාමාර්ග කඩිනම් කරන්න අගමැතිගෙන් කමිටුවක්
අගමැතිගෙන් කමිටුවක්
COLOMBO (Newsfirst) - දූෂණ හා වංචා සම්බන්ධව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කඩිනම් කිරීම සඳහා අමාත්‍යවරුන්ගෙන් සමන්විත කමිටු කිහිපයක් පත් කිරීමට තීරණය කළ බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුලු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් සමග අරලිය ගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත. දූෂණ හා වංචා සම්බන්ධව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග කඩිනම් කිරීම සඳහා රාජිත සේනාරත්න, ඩි. ඒම්. ස්වාම්නාදන් හා අජිත්. පී. පෙරේරා යන අමාත්‍යවරු තිදෙනාගෙන් යුත් කම්ටුව අග්‍රා‍මාත්‍යවරයා විසින් පත් කළ මෙම නිවේදනයේ සඳහන් ය. කම්ටුවේ ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ, නීතිය සාමය හා අමාත්‍යංශයේ ලේකම්වරයා යි. මීට අමතරව අපරාධ යුක්තිය පිළිබඳ විශ්වවිද්‍යාලයක් පිහිටුවීම අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් තව ත් කමිටුවක් පත් කර තිබේ. එම කමිටුව සඳහා පත්කර ඇත්තේ, සාගල රත්නායක හා තලතා අතුකෝරාල යන අමාත්‍යවරුන් ය . පොලිස් දෙපාර්තමේන්තුවේ දේශපාලන පළිගැනීම්වලට ලක් වුවන් පිළිබඳ කටයුතු කඩිනම් කිරීම සඳහා තිලක් මාරපන, රංජිත් මද්දුම බණ්ඩාර හා සාගල රත්නායක යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත තව ත් කම්ටුවක් පත් කළ බව ද මෙම නිවේදනයේ දැක් වේ. මෙහිදී අපරාධ වැටලීම් හා සංවිධිත අපරාධ මැඩලීම කටයුතු දිගින් දිගටම ක්‍රියාත්මක කරමින් අපරාධකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ගගත යුතු බව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත. කන්තා හිංසනයට අදාළ නීති ක්‍රියාත්මක විය යුතු බව ත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන් බව මෙම නිවේදනයේ සඳහන් වේ. පොලීසිය විසින් පවරන ලද නඩුවලදී අවාසිදායක තීරණයක් ලද වහාම ඒ පිළිබඳව අභියාචනයක් ඉදිරිපත් කළ යුතු බව ද මෙහිදී සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
2018-02-26T07:26:47.000Z
"අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සුදානම්"
"අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සුදානම්"
COLOMBO (Newsfirst) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් සූදානමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අද ප්‍රකාශ කර තිබේ. ඔහු මේ බව කියා සිටියේ, අද පුත්තලමේ පැවති පාක්ෂික හමුවක් අමතමිනි. https://www.facebook.com/NewsfirstSL/videos/1856102494450000/
2018-02-26T06:19:56.000Z
බොලිවුඩ් නිළි ශ්‍රීදේවි මියගියේ දියේ ගිලීමකින්
බොලිවුඩ් නිළි ශ්‍රීදේවි මියගියේ දියේ ගිලීමකින්
COLOMBO (Newsfirst) - සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රීදේවිගේ මරණය දියේ ගිලීමෙන් සිදු ව ඇති බව ඩුබායි මරණ පරීක්ෂණ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙතෙක් ඇය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවුයේ හෘදයාබාධයක් හේතුවෙන් සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රීදේවි ඊයේ හදිසියේ අභාවප්‍රාප්ත වූ බව ය. කෙසේ වෙතත් බිබිසී පුවත් සේවය වාර්තා කළේ, ඩුබායිහි ඇය නවාතැන් ගෙන සිටි ප්‍රසිද්ධ හෝටලයක නාන කාමරයේදී ඇය නාන බේසමේ ගිලිමෙන් අනතුරට පත් ව ඇති බව ය. ඇයගේ සිරුර අද රාත්‍රියේ මුම්බායි නුවරට රැගනෙ විත් පැය කිහිපයක් තුළ අවසන් කටයුතු සිදු කිරීමට කටයුතු යොදා ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් විය.
2018-02-26T05:31:21.000Z
ශ්‍රීලංකන් ගුවන් ගමන් ප්‍රමාද වෙයි
ශ්‍රීලංකන් ගුවන් ගමන් ප්‍රමාද වෙයි
COLOMBO (Newsfirst) - යානා දෙකක හටගෙන ඇති තාක්ෂණික දෝෂ හේතුවෙන්, ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් ගමන් ප්‍රමාද වන බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසා තිබේ. එහි මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් විදෙස්ගත වීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට පෙර Online මගින් ගුවන් ගමන් විස්තර පරීක්ෂා කරන ලෙසත් නැතහොත්, පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානයේ දුරකතන අංකය වෙත අමතන ලෙස ය. එම අංකය වන්නේ, 0197331979 යි. ඉන්දියාවේ කොචින් ගුවන්තොටුපොළේදී එක් යානයක කුරුල්ලෙකු ගැටීම හා තව ත් යානයක් දෝෂයකට ලක්වීම ඇතුළු සිදුවීම් කිහිපයක් හේතුවෙන්, මෙම තත්ත්වය උද්ගතව ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ ය. ගුවන් සේවා කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා තම කාර්ය මණ්ඩලය පැය 24 පුරා කටයුතු කරමින් සිටින බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
2018-02-26T03:49:07.000Z
අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි, ජනපති සහ අගමැතිට යළි සිතාසි
ජනපති සහ අගමැතිට යළි සිතාසි
COLOMBO (Newsfirst) : එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ජුලි 24 දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නැවත සිතාසි යැවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේ ය. ඒ එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ කැඳ වූ අවස්ථාවේදීයි. එම සාක්ෂිකරුවන් දෙදෙනා කාර්යය බහුලත්වය නිසා අද දින අධිකරණය හමුවේ පෙනී සිටිය නොහැකි බව නීතිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවත් ඔවුන් දෙදෙනාගේ සාක්ෂි ලබා ගැනීමෙන් පැමිණිල්ලේ සාක්ෂි විභාගය ආරම්භ කළ යුතු බව ත් පෙන්වා දෙමින් රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය කළ කරුණු දැක්විම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝග කළේ ය. මින් පෙර අවස්ථා ගණානාවකදී ම සිතාසි නිකුත් කොට තිබියදිත් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනා අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා නඩුවේ සාක්ෂි විභාගය කල් තැබීමට සිදුවූ බවත් එමගින් දෙපාර්ශවයට ම සාධාරණයක් ඉටු කිරීමට බාධාවක් වි ඇති බවත් එහිදී මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දුන්නේ ය. විත්තිකාර තිස්ස අත්තනායක මහතාට විත්තිකරුවෙකු ලෙස දිගට ම සිටිය නොහැකි බවත් එම නියෝගය නිකුත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය. යළි සිතාසි ලද විටක අධිකරණය හමුවේ පෙනි සිටින ලෙසට ද පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දීමට අද අධිකරණයට පැමිණ සිටි සාක්ෂිකරුවන්ට විනිසුරුවරයා එහිදී අවවාද කළේ ය. 2004 දෙසැම්බර් 22 දා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් එවකට විපක්ෂ නායකයා වූ රනිල් වික්‍රමසිංහ මහතාට හා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර රහස් ගිවිසුමක් ඇති බවට ප්‍රකාශ කිරීම මගින් ජනාධිපති මැතිවරණ පනත හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන දඬුවම් ලැබිය හැකි වැරදි සිදු කළේ, යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තිස්ස අත්තනායක මහතාට එරෙහිව මෙම නඩුව පවරනු ලැබ තිබිණ.
2018-02-26T02:37:16.000Z
මිරිජ්ජවිලදී වෙඩික්කරුවෙක් බස් රථයකට කඩා වැදී මගියෙක් මරා දමයි
මිරිජ්ජවිලදී බස් රථයක් තුළ වෙඩි තැබීමක්
COLOMBO (Newsfirst) : හම්බන්තොට, මිරිජ්ජවිලදී පෞද්ගලික බස් රථයකට අද දහවල් එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ , තංගල්ල මහාධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිට නැවත යමින් සිටි පුද්ගලයෙකු මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවයි. තුවක්කුකරු බස් රථය පිටුපසින් පැමිණ බස් රථයට ඇතුළුවවී මෙම වෙඩි තාබීම සිදුකර ඇත. වෙඩි තැබීමන් පසු සැකකරු මෝටර් රථයක නැග පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. වෙඩි තැබීම සිදුව ඇත්තේ මාතර සිට අම්පාර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයකදීයි. ඝාතනයට ලක්වූ පුද්ගලයා තංගල්ල රන්න ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු තාවකාලිකව සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර හම්බන්තොට රෝහලේ තැන්පත් කර තිබේ.
2018-02-26T02:14:07.000Z
දුප්පත් අපේ ජීවිතවල වටිනාකමක් නැද්ද?
අපේ දුප්පත් ජීවිතවල වටිනාකමක් නැද්ද?
COLOMBO (Newsfirst) : අලි මිනිස් ගැටුම මෙට ජන ජීවිත අවදානමේ හෙළූ ප්‍රධාන ගැටලුවක් වී හමාරය ය. උතුරු නැගෙනහිර ඇතුළු කෘෂිකර්මාන්තයෙන් දිවි සරි කර ගන්නා ජනතාව වනඅලි උවදුරේ ගොදුරක් වී ඇති අතර ඇතැම් ස්ථානවල අලිමිනිස් ගැටුමේ අවසන් වන්නේ, ජීවිත බිලි ගැනීමෙනි. සිය නිවස අසලදී වනඅලි ප්‍රහාරයට ලක්ව පුද්ගලයෙකුට දිවි අහිමි වීමේ සිදුවීමක් ගල්ගමුව, කුරුන්දන්කුලම ප්‍රදේශයෙන් ඊයේ වාර්තා විය. එම මරණයේ උණුසුම මැකෙන්නට පෙර අද උදෑසන ප්‍රදේශයේ කාන්තාවකට ජීවිතයක් අහිමිවිය. මෙම වනඅලි ප්‍රහාරය එල්ල වුණේ, අද උදෑසන 7ට පමණයි. අදාළ කාන්තාව නිවසේ සිට ගල්ගමුව මොරෙගොල්ලාගම මාර්ගයට පැමිණෙමින් සිටියදී වන අලි ප්‍රහාරයකට ලක්ව ඇත. අප වාර්තාකරු පැවසුවේ, එම කාන්තාව ප්‍රහාරයට ලක්වූ ස්ථානයේදී ම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මිය ගිය කාන්තාව වයස අවුරුදු 59ක් වූ ගල්ගමුව ප්‍රදේශයේම පදිංචිකාරියකි. මේ අතර වන අලි ගැටලුවට ස්ථිර විසඳුම් ඉල්ලමින් මහියංගණය - අම්පාර ප්‍ර‍ධාන මාර්ගය හරස් කරමින් අම්පාර දෙහිගොල්ල පූර්වාර්ම විහාරස්ථානය ඉදිරිපිට අද පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්විණ. මේ අතර උද්ඝෝෂණය හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල විය. ප්‍රදේශවාසීන් පැවසුවේ, සිය ගැටලුව පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවී නොමැති බවයි.
2018-02-26T00:50:01.000Z
මාධ්‍යවේදියෙක් ඔස්ට්‍රේලියා උප අගමැති පුටුවේ අසුන් ගනී
මාධ්‍යවේදියෙක් ඔස්ට්‍රේලියාවේ උප අගමැති වෙයි
හිටපු පුවත්පත් සංස්කාරකවරයෙකු වන මයිකල් මැකෝමැක් ඔස්ට්‍රේලියාවේ නව උප අග්‍රාමාත්‍යවරයා ලෙස තෝරා ගෙන තිබේ. ඒ, අවුරුදු දෙකක් තිස්සේ ඔස්ට්‍රේලියානු උප අග්‍රාමාත්‍ය ධුරය දැරූ බානබී ජොයිස්ගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි. පාලක සභාගයේ කනිෂ්ඨ හවුල්කරුවෙකු වන ජාතික පක්ෂයේ (National Party) නායකයා ලෙස පත් වී ඇති අතර ඒ අනුව ඔහු නිසඟයෙන් ම උප ජනාධිපති ධුරයට සුදුසුකම් ලබයි. මයිකල් මැකෝමැක් මයිකල් මැකෝමැක් යනු ඔස්ට්‍රේලියාවේ රිවරීනා ප්‍රදේශයේ ක්‍රියාත්මක වන The Daily Advertiser නමැති සඟරාවේ සංස්කාරකවරයා යි. දක්ෂ මාධ්‍යවේදියෙකු වූ ඔහු එම තනතුරට පත් වූයේ, 27 හැවිරිදි වියේදී ය. ඔහු ඔස්ට්‍රේලියානු ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද කටයුතු කළේ ය. බානබී ජොයිස්ගේ ඉල්ලා අස්වීම... ඔස්ට්‍රේලියානු උප අගමැති බානබී ජොයිස් මෙම තීරණය ගෙන ඇත්තේ, පසුගිය කාලය තුළ ඔහුගේ දේශපාලන ජීවීතයට එල්ල වූ චෝදනා හමුවේයි. ජොයිස්, ඔහුගේ හිටපු කාර්ය මණ්ඩල සේවිකාවක සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති බවට චෝදනා එල්ල විය. බානබී ජොයිස් මුහුණ පා සිටින දේශපාලනික අර්බුදය පසුගිය සති කිහිපය තුළ දැඩි ලෙස කථා බහට ලක්වූ අතර, ඔහු අගමැති ටර්න්බුල්ගේ ප්‍රසිද්ධ විවේචනයට ද ලක්විය. විදේශ වාර්තාවල දැක්වෙන්නේ, මෙහිදී අගමැතිවරයා, අමාත්‍යවරුන් තම සේවකයින් සමග රාජකාරීමය සබඳතා හැර වෙනයම් සම්බන්ධතා ඇති කර ගැනීම තහනම් කළ යුතුය යන්න තරයේ ප්‍රකාශ කළ බව ය. කෙසේ වෙතත් ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවන් තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව දිගින් දිගටම ජොයිස් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ය. හිටපු මාධ්‍ය උපදේශිකාවක වන විකී කැම්ප්ෂන් සමග පැවති ප්‍රේම සම්බන්ධතාව හේතුවෙන් උප අගමැති ධූරයේ රාජකාරී කටයුතුවලට බාධාවක් නොවූ බව ද ඔහු අවධාරණය කර තිබේ.
2018-02-25T23:12:39.000Z
වියානා ඇළට මෝටර් රථයක් පෙරළී අයෙක් අතුරුදන්
වියානා ඇළට මෝටර් රථයක් පෙරළී අයෙක් අතුරුදන්
COLOMBO (Newsfirst) : බදුල්ල - මහියංගණය ප්‍රධාන මාර්ගයේ වියානා ඇළට මෝටර් රථයක් පෙරළීමෙන් පුද්ගලයෙකු අතරුදන්වී තිබේ. පොලීසිය පැවසුවේ, අද පෙරවරුවේ බණ්ඩාරවෙල සිට මහියංගනය දෙසට ධාවනවූ මෝටර් රථය, මාර්ගයෙන් ඉවතට පැන ඇළට පෙරළී ඇති බවයි. එහිදී මෝටර් රථයේ ගමන් ගත් රියැදුරු ඇතුළු ති දෙනෙකු දිවි බේරා ගෙන ඇති අතර තවත් පුද්ගලයෙකු අතුරුදන්ව තිබේ. පොලීසිය පැවසුවේ මේ වන විට අතුරුදන්වූ පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි. අනතුරින් එක් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ සිව් දෙනෙකු ගමන් කරමින් සිට ඇත.
2018-02-25T23:35:19.000Z
පැපුවා නිව් ගිනියාවේ ප්‍රභල භූ චලනයක්
පැපුවා නිව් ගිනියාවේ ප්‍රභල භූ චලනයක්
පැපුවා නිව්ගිනියා රාජ්‍යයේ ප්‍රභල භූ චලනයක් හටගෙන තිබේ. එහි ප්‍රභලත්වය සටහන් වූයේ මැග්නිටියුඩ් ඒකක 7.5 ක් ලෙසිනි. කෙසේවෙතත් භූ චලනයෙන් කිසිඳු සුනාමි අවදානමක් නොමැති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ඒකකය සඳහන් කළේ ය.
2018-02-25T21:06:25.000Z
මහනුවර කණ්ඩායම ක්ලිෆර්ඩ් කිරුළ දිනා ගනී...
මහනුවර කණ්ඩායම ක්ලිෆර්ඩ් කිරුළ දිනා ගනී...
ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. ඒ අවසන් මහා තරගයේදී නාවික හමුදා කණ්ඩායම පරාජය කරමිනි. ශ්‍රී ලංකාවේ රග්බි නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය සුපිරි ක්‍රීඩක ෆසීල් මරීජා අන්තර් සමාජ රග්බි තරගාවලියේ අවසන් වරට සහභාගී වූ තරගය ද මෙයයි. තරගය කොළඹ සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්විණ. පළමු අර්ධයේ සිට ම සිය සුපුරුදු දක්ෂතා අතරට පිවිසි මහනුවර ක්‍රීඩකයින් එම අර්ධයේදී එක් උත්සහක දිනුමක් හා ප්‍රවර්ථනයක් සිහිතව ලකුණු 8 ක් රැස් කළේ ය. එම අර්ධයේදී නාවික හමුදා කණ්ඩායමට කිසිදු ලකුණක් වාර්තා කිරීමට අවස්ථාවක් හිමි නොවීය. දෙවන අර්ධයේදීද මහනුවර ක්‍රීඩකයින්ගෙන් ප්‍රබල අභියෝගයක් ප්‍රතිවාදී නාවික හමුදා කණ්ඩායමට එල්ල විය. උත්සහක දිනුම් 2 ක් හා ප්‍රවර්ථන දෙකක් ද සමගින් එම අර්ධයේදී මහනුවර ක්‍රීඩකයින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 17කි. ප්‍රතිවාදී නාවික හමුදා කණ්ඩායමට එම අර්ධයේදී එක් ප්‍රවර්ථනයක් හා එක් දඬුවම් පහරක් මගින් රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 7 ක් පමණි. ඒ අනුව තරගයේ අවසන් ලකුණු සටහන දැක්වුනේ ගෝල 21 ට 7 ක් ලෙස මහනුවර ක්‍රීඩකයින්ට ජය හිමිකර දෙමිනි. මහනුවර ක්‍රීඩා සමාජය මෙම වසරේ ලීග් ශූරතාවය මෙන්ම පිළිමළුන් පිටු දැකීමේ ශූරතාවය ද දිනා ගැනීමට සමත් විය.
2018-02-25T19:52:12.000Z
වියළි කාලගුණෙන් දිස්ත්‍රික් 5 ක ලක්ෂ තුනකට පීඩා..
වියළි කාලගුණෙන් දිස්ත්‍රික් 5 ක ලක්ෂ තුනකට පීඩා..
පවතින වියළි කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 5 ක ලක්ෂ තුනකට ආසන්න පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට තම දෛනික අවශ්‍යතා සඳහා ජලය සපයා ගැනීම දැඩි අසීරු වී ඇති බවයි. වියළි කාලගුණයෙන් වැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ, අනුරාධපුර , පොලොන්නරුව , පුත්තලම , මන්නාරම හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවලටයි. පවතින වියළි කාලගුණය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ජල සැපයුම සීමා කිරීමට සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි. එහි සභාපති අලහුඩීන් අන්සාර් මහතා පැවසුවේ, ගාල්ල මාතර ප්‍රදේශ ඇතුළු වියළි කාලගුණය පවතින ප්‍රදේශවල එලෙස ජල සැපයුම සීමා කර ඇති බවයි. අරපිරිමැස්මෙන් යුතුව ජලය පරිභෝජනය කරන ලෙස ඔහු ජනතාවට දැනුම් දෙයි. මේ අතර ජලය බෙදාහැරීම සඳහා ජල බවුසර් 200 කට අධික ප්‍රමාණයක් යොදවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය.
2018-02-25T22:44:03.000Z
කොරියන් විභාගයට අයැදුම්පත් නිකුත් කෙරේ
කොරියන් විභාගයට අයැදුම්පත් නිකුත් කෙරේ
COLOMBO (NEWSFIRST) : කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම අද ආරම්භ වේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ, අද සිට මාර්තු 02 දක්වා දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 18 කදී අයැදුම්පත් නිකුත් කෙරෙන බවයි. අනුව අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, මහනුවර, රත්නපුර, වවුනියාව, මතුගම, අම්පාර, මඩකලපුව, හලාවත, දඹුල්ල, ගාල්ල, යාපනය, පොළොන්නරුව, ත්‍රීකුණාමලය, තංගල්ල, සහන පියස සහ පන්නිපිටිය ආදී ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන වෙතින් එම අයදුම්පත් ලබාගත හැකියි. මෙවර විභාගය නිෂ්පාදන හා ඉදිකිරීම් යන ක්ෂේත‍්‍ර සඳහා පැවැත්වෙනු ඇති. මෙවර කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය පරිගණක ආශ‍්‍රිතව පැවැත්වෙන අතර, ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සඳහා මාර්තු මස 19 සිට මැයි 4 දින දක්වාත් නිෂ්පාදන ක්ෂේත‍්‍රය සඳහා මැයි 25 සිට ඔක්තොම්බර් 5 දක්වා ත් විභාගය පැවැත්වේ. මේ සඳහා අයැදුම් කළ හැක්කේ, වයස අවුරුදු 18 සිට 39 දක්වා ශ‍්‍රී ලාංකිකයින්ට පමණි. අයැදුම්පත‍්‍ර සම්පූර්ණ කිරීම සඳහා තම ගමන් බලපත‍්‍රය හා එහි පිටපතක් ද සෙ.මි 3.5 × 4.5 ප‍්‍රමාණයේ ඡායාරූප 3 ක් තිබිය යුතුයි. අයැදුම්පත‍්‍ර නොමිලේ නිකුත් කරන අතර විභාග ගාස්තු ලෙස අමරිකන් ඩොලර් 24 හෙවත් ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් 3,772.00 ගෙවිය යුතු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය. කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය සමත්වන අයැදුම්කරුවන්ගේ නම වසර දෙකක කාලයක් කොරියානු රැකියා වෙබ් අඩවියේ වලංගුව පවතිනු ඇති. කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය සමත්වීම කොරියාවේ රැකියාවක් ලැබීමට අනිවාර්යය සුදුසුකමක් නොවන අතරම රැකියා සඳහා තෝරා ගනු ලබන්නේ කොරියාවේ නිෂ්පාදන හා ඉදිකිරීම් අංශයේ පවතින පුරප්පාඩු මත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය. එම කාර්යාංශය පැවසුවේ, විභාගය සමත් කිරීමට බලාපොරොත්තුවන සංඛ්‍යාව විභාග ප‍්‍රතිඵල මත තීරණය කෙරෙන අතර, සමත්වූවන් සඳහා කුසලතා පරීක්ෂණයක් ද පැවැත්වෙන බවයි.
2018-02-25T19:09:58.000Z
'ජෝන් ද සිල්වා රඟහල විකිණීමේ සූදානමක් නැහැ'' - ජනපති
'ජෝන් ද සිල්වා රඟහල විකුණා දැමීමේ සූදානමක් නැහැ''
COLOMBO (Newsfirst) : ජෝන් ද සිල්වා සමරු රඟහලේ නවීකරණ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ. ජෝන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට විකුණා දැමීමට සුදානමක් පවතින බවට පළ වන වාර්තාවල සත්‍යතාවයක් නැතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.
2018-02-25T19:07:51.000Z
ජනපති ජින්පිංගේ ධුර කාලය තවත් දිගු වන ලකුණු
ජනපති ජින්පිංගේ ධුර කාලය තවත් දිගු වන ලකුණු
ජනාධිපතිවරයකුට ධූරයේ රැඳී සිටිය හැකි වාර ගණන දෙවරකට සීමා කළ නීතිය ඉවත්කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂය සුදානම් වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම නීතිය චීන ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වුවහොත් චීන ජනාධිපති ෂි ජින්පිං ට තවත් දීර්ඝ කාලයක් ධූරයේ රැඳී සිටීමට හැකි වනු ඇති බවයි. මෙය පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ යෝජනාවක් බව ද චීන මාධ්‍ය අවාරණය කළේ ය. වර්තමාන ව්‍යවස්ථා නීතිය අනුව චීන ජනාධිපතිවරයකුට ධූරයේ රැඳී සිටියේ හැකිවන්නේ අවුරුදු පහ බැගින් දෙවරක් පමණි. චීන ජනාධිපති ෂි ජින්පිං ගේ ප්‍රථම ධූර කාලය ද නොදුරේදී අවසන් වීමට නියමිත වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලබන මාර්තු මස 5 වන දා කොමියුනිස්ට් පක්ෂයේ වාර්ෂික හමුවේදී දෙවන ධුරකාලය සඳහා චීන ජනාධිපතිවරයා ලෙස ෂි ජින්පිං නිල වශයෙන් තෝරාගැනීමට නියමිත බවයි. මේ අනුව චීන ජනාධිපතිවරයා කෙතරමි කාලයක් බලයේ රැඳී සිටීවි ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද එරට දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
2018-02-25T11:18:39.000Z
'පය බරවායට පිටිකර බෙහෙත් බැන්ඳ' කැබිනට් සංශෝධනයක්
'පය බරවායට පිටිකර බෙහෙත් බැඳි' කැබිනට් සංශෝධනයක්
COLOMBO (Newsfirst) : කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙක් අද දිවුරුම් දුන්හ. ඒ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදීයි. මෙතෙක් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය ධූරය දැරූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඊට අමතරව අද සිට නීතිය හා සාමය පිළිබදව අමාත්‍ය ධූරයට හිමි ව තිබේ. ඒ මෙතෙක් එම අමාත්‍ය ධූරය දැරූ සාගල රත්නායක මහතාගෙන් එම අමාත්‍ය ධූරය ඉවත් කරමිනි. ඒ වෙනුවට සාගල රත්නායක මහතාට අග්‍රාමාත්‍යවරයා යටතේ තිබූ තරුණ කටයුතු විෂය ක්ෂේත්‍රයට අදාළ අමාත්‍ය ධූරය ලබා දී ඇති අතර ඒ අනුව ඔහු අද සිට තරුණ කටයුතු හා දක්ෂීණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති. මෙතෙක් නීතිය, සාමය හා දක්ෂින සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය දැරූ පියසේන ගමගේ මහතාගේ අමාත්‍ය ධූරය සංශෝධනය කරමින් ඔහු තරුණ කටයුතු හා දක්ෂීණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේ ය. එමෙන්ම අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල හා කබීර් හෂීම් අමාත්‍යවරුන්ගේ අමාත්‍ය ධූර හුවමාරු කර තිබේ. මෙතෙක් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කබීර් හෂිම් මහතා අද සිට උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍යධුරයේ කටයුතු කරනු ඇති. ඔහු මෙතෙක් දැරූ රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතායි. ඊට අමතරව ඔහුට මහනුවර සංවර්ධනය නමින් නව විෂය පථයක් ද පවරා තිබේ. මෙතෙක් ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හරීන් ප්‍රනාන්දු මහතාට අද සිට විදේශ රැකියා අමාත්‍ය ධූරයට හිමි විය. මෙතෙක් විදේශ රැකියා අමාත්‍ය ධූරයේ කටයුතු කළේ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියයි. කම්කරු රාජ්‍ය අමාත්‍ය ධූරය දැරූ රවින්ද්‍ර සමරවීර මහතා අද තිරසර සංවර්ධන හා වනජිවි අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. ඒ අනුව මෙතෙක් එම ධූරයේ කටයුතු කළ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අද සිට කටයුතු කරන්නේ බුද්ධශාසන අමාත්‍ය ධුරයේ පමණි. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ අජිත් පී.පෙරේරා මහතා අද බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, මත්ද්‍රව්‍ය නිවාරණ හා ප්‍රජා විශෝධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය. ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය. මෙතෙක් මන්ත්‍රී ධූරයක් පමණක් දැරූ ජේ.සී.අලවතුවල මහතා අද සිට ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති. මෙතෙක් එම තනතුරේ කටයුතු කළේ පසුගිය සමයේ ආණ්ඩුවෙන් ඉවත් වූ නිමල් ලංසා මහතායි.
2018-02-25T11:12:10.000Z
IRONMAN 70.3 පිරිමි ශූරතාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
IRONMAN 70.3 ශූරතාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
COLOMBO (Newsfirst) : එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔලිවියේ ගොඩාට් ''IRONMAN 70.3'' අන්තර් ජාතික තරගයේ පිරිමි අංශයේ ශූරතාව දිනා ගත්තේ ය. සිංගප්පූරුවේ ලිං අ චූ එහි කාන්තා අංශයේ ශූරතාවය දිනා ගතා ය. දකුණු ආසියානු රටකදී පළමුවරට පැවති මෙම තරගයට MBC/MTV සහ Newsfirst ප්‍රමුඛ ''චැම්පියන් නෙට්වර්ක්'' නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දුන්නේ ය. විදෙස් රටවල අතිශය ජනප්‍රිය මෙම IRONMAN තරගය ඒ පිහිනුම්, පා පැදි සහ මැරතන් යන ඉසව්වලින් සමන්විතයි. පළමු අදියරේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කිලෝ මීටර් 1. 9 ක දුරක් පිහිනීමට සිදු විය. ඉන් අනතුරුව කිලෝමීටර් 90 ක දුරක් පාපැදියේ ගමන් කළ යුතු අතර පසුව කිලෝ මීටර් 21 ක දුරක් ධාවනයේ යෙදිය යුතුයි. රටවල් 63 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 880 කට අධික පිරිසක් ඊට එක්ව සිටිති. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔලිවියේ ගොඩාට් පිහිණුම් ඉසව්ව මිනිත්තු 28 යි තත්පර 34 කින් , පා පැදි ඉසව්ව පැය 2 යි මිනිත්තු 8 යි තත්පර 55 කින් හා ධාවන ඉසව්ව පැය 1 යි මිනිත්තු 25 යි තත්පර 55 කින් අවසන් කරමින් තරගයේ ජයග්‍රහණය දිනා ගත්තේ ය. ඉතාලියේ ඩේවිඩ් රොසෙට්ටි එහි දෙවන ස්ථානය හිමිකර ගත් අතර තුන්වන ස්ථානය හිමි වූයේ ස්පාඤ්ඤයේ ෆ්රැන්සිස්කෝ ගේබ්රියල්ටයි. කාන්තා අංශයේ ශූරතාවය දිනා ගත් ලිං අ චූ පිහිණුම් ඉසව්ව මිනිත්තු 32 යි තත්පර 49 කින් , පාපැදි ඉසව්ව පැය 2 යි මිනිත්තු 26 යි තත්පර 17 කින් හා ධාවන ඉසව්ව පැය 1 යි මිනිත්තු 44 යි තත්පර 12 කින් අවසන් කළේ ය. එහි දෙවන ස්ථානය රුසියාවේ උශකොවා ස්වෙටිලානා හිමිවූ අතර තුන්වන ස්ථානය හිමිවූයේ ඕස්ට්‍රේලියවේ බ්‍රිට්නි කැම්බල්ටයි.
2018-02-25T07:35:34.000Z
දිවයින පුරා කාලගුණයේ වෙනසක්
දිවයින පුරා කාලගුණයේ වෙනසක්
COLOMBO (Newsfirst) : දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේ දිවයිනේ නැගෙනහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර , කළුතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි. ත්‍රිකුණාමලය සිට මඩකළපුව සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව ත් ගිඟුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව ත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. එම අවස්ථාවල මුහුදේ සුළං වේගය පැයට කිලෝමිටර් 70 ත්80 ත් දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.
2018-02-25T19:12:29.000Z
"සුපිරි තරුවක් වීම පහසු ක්‍රියාවක් නොවෙයි" - සල්මන් ඛාන්
"සුපිරි තරුවක් වීම පහසු ක්‍රියාවක් නොවෙයි"- සල්මන්
සිනමාව තුළ සුපිරි තරුවක් බවට පත්වීම පහසු ක්‍රියාවක් නොවූ බව සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් පවසයි. ඔහු පවසන්නේ, සිය ජීවිතයේ කටුක අත්දැකීම් ලද නමුත් තම වෘත්තීයේ ස්වරූපය හමුවේ එම අත්දැකීම් ලෝක සමග බෙදා ගැනීමට නොහැකි බවයි. එබැවින් මිනිසුන් බොහෝ විට අත්විඳින්නේ විනෝදකාමී සැහැල්ලුවෙන් දිවිගෙවන පුද්ගලයෙකු ලෙස තමා පෙන්වන ප්‍රතිරූපය පමණක් බව ද සල්මන් ඛාන් වැඩිදුරටත් පවසයි. 52 හැවිරිදි සල්මන් ඛාන් මෙම අදහස් පළ කළේ, TiE ගෝලීය සමුළුව අමතමිනි.
2018-02-25T06:23:35.000Z
ඊශ්‍රායල අගමැතිට එරෙහිව ජනතාව වීථි බසිති
ඊශ්‍රායල අගමැතිට එරෙහිව ජනතාව වීථි බසිති
දූෂණ චෝදනා එල්ල වී සිටින ඊශ්‍රායාල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා පුද්ගලයින් රැසක් විරෝධතාවල නිරත සිටී. ටෙල් අවීව් අගනුවරට රැස්වූ විරෝධතාකරුවන් උද්ඝෝෂණවල නිරතවූයේ නෙතන්යාහුට ද නීතිය අදාළ බවත් එරට දූෂිත අගමැතිවරයකුගෙන් යුත් මාෆියා රටක් බවත් පවසමිනි. අල්ලස් සහ දූෂණ චෝදනා හමුවේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කිරීම අනුමත කරමින් පසුගිය දා ඊශ්‍රායාල පොලීසිය ප්‍රකාශයක් ද නිකුත් කළේ ය.
2018-02-25T05:53:58.000Z
මංගල තෑග්ග පිපිරී මනාලයා මරු දකී: මනාලිය රෝහලේ
තෑග්ගක් ලෙසින් මගුල් ගෙදරට ආ මාරයා....
ඇරඹූ යුග දිවිය දින 5කින් නොසිතූ මොහොතක අවසනාවන්ත ලෙස අවසන් වූ අනුවේදනීය සිදුවීමක් ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයෙන් වාර්තා වේ. ඒ, විවාහ දා අමුත්තෙකුගෙන් දල තෑගි පාර්සලයක් පුපුරා යාමෙන් මනමාලයා මිය ගොස් මනමාලිය බරපතළ තුවාල ලැබී සිදුවීමකි. මෙම අවසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ, ඔඩීෂා ප්‍රාන්තයේ බොලන්ගියර් ප්‍රදේශයේ යුවළකි. විවාහ උත්සවයෙන් දින 5කට පසු මානාල යුවළ සිය පවුලේ ඥාතීන් හා එක්ව විවාහය දා ලද තෑගි පාර්සල පරීක්ෂා කර ඇති අතර එහිදී එක් පාර්සලයක් විවෘත කිරීමට උත්සාහ දරද්දී එහි පුපුරණද්‍රව්‍ය සහිත එම පාර්සලය පුපුරා ගොස් ඇත. සිදුවීමෙන් මානමාලයාගේ මිත්තණිය එම ස්ථානයේදී ම ජීවිතක්ෂයට පත්ව ඇති අතර මනමාලයා මිය ගොස් ඇත්තේ, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ය. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ මනමාලිය බර්ලා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නී ය. බෝම්බය සහිත තෑගි පාර්සලය ලබා දුන්නේ කවුරුන් ද සහ එහි කුමනාකාරයේ පුපුරණ ද්‍රව්‍ය තිබුණේ ද යන්න සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
2018-02-25T05:02:07.000Z
කොට්ටාවේ ගින්නෙන් ගොඩනැගිලි 3ක් විනාශයි
කොට්ටාවේ ගින්නෙන් ගොඩනැගිලි 3ක් විනාශයි
COLOMBO (Newsfirst) :කොට්ටාව නගරයේ හටගත් ගින්නෙන් ගොඩනැගිලි 3ක විනාශ වී තිබේ. පොලීසිය පැවසුවේ, මෝටර් රථ අමතර කොටස් අලෙවිසලක් ඇතුළු ගොඩනැගිලි 3 ක් ගින්නෙන් සම්පුර්ණයෙන් විනාශ වී ඇති බවයි. අද පස්වරුවේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ 3ක් යොදා ගැනිණ. ගින්නට හේතුව සහ සිදුවූ දේපළ හානිය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
2018-02-25T03:10:59.000Z
ඉදිරි සතිය තුළදී රත්‍රං මිල පහළට
ඉදිරි සතිය තුළදී රත්‍රං මිල පහළට
COLOMBO (Newsfirst) - ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් ඉදිරි සතියේ තරමක් පහළ යනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසා තිබේ. මීට සති දෙකකට පෙර මෙරට වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 54,650 ක් ලෙස දැක් විය. මේ වන විට රන් පවුමක මිල වන්නේ රුපියල් 53,550 කි.
2018-02-25T03:02:06.000Z
මින්නේරිය ජාතික වනෝද්‍යානයට මිලියන 238.83 ආදායමක්
මින්නේරිය ජාතික වනෝද්‍යානයට මිලියන 238.83 ආදායමක්
COLOMBO (Newsfirst) - 2017 වසරේ මින්නේරිය ජාතික වනෝද්‍යානයට සංචාරකයින් 163,557 කට අධික පිරිසක් පැමිණ තිබේ. එයින් උපයා ඇති මුදල රුපියල් මිලියන 238.83 කි. මේ අනුව මින්නේරිය ජාතික වනෝද්‍යානයට පසුගිය වසරේ දේශීය සංචාරකයින් 83,961 ක් සහ විදේශිය සංචාරකයින් 79,596 ක් පැමිණ තිබිණි.
2018-02-25T00:04:00.000Z
නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙන්න
නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය මෙන්න
COLOMBO (newsfirst) - ජනාධිපතිවරයා විසින් කරන ලද කැඳවීමට අනූව කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති කාර්යාලයට පැමිණෙමින් සිටිනු ඇත. ඒ, අද අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවනු ඇති බවට දේශපාලන මත පළවන පසුබිමක් තුළයි. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, මේ වන විට අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු වන බවයි. එහිදී ජනපති මෙමත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ, පළාත් පාලන මැතිවරණයේදී ජනතාව දුන් තීන්දුවට අනුව ජනතාවගේ යහපත උදෙසා සිය ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම රජය කටයුතු කළ යුතු බවත්, ආණ්ඩුවේ මුල්ම ප්‍රමුඛතාවය ජනතාවත් බවය. Updates:- ඒ අනුව, නව කැබිනට් සංශෝධනයට අනුව, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට - නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයාට - රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශය සාගල රත්නායක අමාත්‍යවරයාට - තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය පියසේන ගමගේ අමාත්‍යවරයාට - තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කබීර් හෂීම් අමාත්‍යවරයාට - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය රවින්ද්‍ර සමරවික්‍රම අමාත්‍යවරයාට - වජීවි සහ තිරසර සංවර්ධන අමාත්‍යංශය අජිත් පී පෙරේරා අමාත්‍යවරයාට - බන්ධනාගාර සහ ප්‍රතිසංස්කරණ, මත්ද්‍රව්‍ය නිවාරණ හා ප්‍රජා විශෝධන රාජ්‍ය අමාත්‍යාංශය හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට - විදුලි සන්දේශ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍යාංශය ජේ. සී අලවතුවල අමාත්‍යවරයාට - ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා අමාත්‍යවරයාට - ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යංශය https://www.facebook.com/NewsfirstSL/videos/1854656444594605/
2018-02-25T01:46:57.000Z
දකුණු අප්‍රිකාවට එරෙහි 20/20 තරගාවලියේ ජය ඉන්දියාවට
ද. අප්‍රිකාවට එරෙහිව ඉන්දියාවට තියුණු ජයක්
COLOMBO (Newsfirst) - දකුණු අප්‍රිකාව සමග පැවැති පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය, ඉන්දියාව තරග 2 ට 1 ක් ලෙස ජය ගෙන තිබේ. ඒ දෙරට අතර පැවැති අවසන් තරගය ලකුණු 7 කින් ජය ගනිමිනි. කේප් ටවුන් හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 172 ක් රැස් කළේ ය. එම ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකා ක්‍රීඩකයින්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 165 ක් පමණි.
2018-02-24T21:30:54.000Z
හලාවත රිය අනතුරින් 12 දෙනෙකුට තුවාල
හලාවත රිය අනතුරින් 12 දෙනෙකුට තුවාල
COLOMBO (Newsfirst) - පුත්තලම, කුමාරකට්ටුව මංසන්ධියේදී අද අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, අද අලුයම 2.00 ට පමණ යතුරු පැදියක් අනතුරකට පත්වීමෙන් පසු ව එම ස්ථානයට රැස් වූ පිරිස අනතුරට පත් කරමින් තව ත් මෝටර් රථයක් එම ස්ථානයෙන් ගමන් කර ඇති බව ය. එම අනතුරින් තුවාල ලැබුවන් පුත්තලම සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී මෝටර් රථයේ රියැදුරුට ප්‍රදේශවාසීන් පහරදීමක් ද සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේ ය. ඔහු ද පොලිස් ආරක්ෂාව යටතේ හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනු ඇත. අනතුරින් තව ත් යතුරුපැදි තුනකට හානි සිදු විය. සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
2018-02-24T21:14:03.000Z
ඡන්දයෙන් පත් වූ සභිකයින්ගේ නම් මැතිවරණ කොමිසමට එවන්නැයි උපදෙස්
ඡන්දයෙන් පත් වූ සභිකයින්ගේ නම් මැ. කොමිසමට එවන්න
COLOMBO (Newsfirst) - පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ සභිකයින්ගේ නම් ලබන 2 වන දාට පෙර මැතිවරණ කොමිසමට යොමු කරන්නැයි සියලු පක්ෂ ලේකම්වරුන්ට සහ ස්වාධීන කණ්ඩායම් නායකයින්ට දැනුම්දී තිබේ. එහි අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඒ ඒ පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය ද ඇතුළත් වන පරිදි සභික ධූර ප්‍රමාණයන් සියලු පක්ෂ වෙත මේ වන විටත් යොමු කර ඇති බවයි. මේ අතර පළාත් පාලන මැතිවරණයෙන්, කොට්ඨාසයේ සහ පළාත් පාලන මට්ටමින් 5%කට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් ඇති අපේක්ෂකයින්ගේ ඇප මුදල් රාජසන්තක කිරීමට පියවර ගෙන ඇත.
2018-02-24T20:50:45.000Z
''අයන් මෑන් සෙවන්ටි පොයින්ට් ත්‍රී'' අද ගාලු මුවදොරදී
''අයන් මෑන් සෙවන්ටි පොයින්ට් ත්‍රී'' ගාලු මුවදොරදී
COLOMBO (Newsfirst) - '' අයන් මෑන් සෙවන්ටි පොයින්ට් ත්‍රී '' අන්තර් ජාතික තරගය අද ගාලු මුවදොරදී පැවැත් වෙනු ඇත. දකුණු ආසියාවේ රටක පළමුවරට පැවැත්වෙන මෙම තරගයේ නිල මාධ්‍ය අනුග්‍රාහකත්වය දරන්නේ MTV/MBC සහ නිව්ස්ෆස්ට් ප්‍රමුඛ ''චැම්පියන් නෙට්වර්ක්'' ය. විදෙස් රටවල අතිශය ජනප්‍රිය මෙම අයන් මෑන් තරගය ඉසව් තුනකින් සමන්විත වේ. ඒ පිහිනුම්, පාපැදි සහ මැරතන් යන ඉසව්වලිනි. රටවල් 63 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 880 කට අධික පිරිසක් ඊට එක්වීමට නියමිත බව තරංග සංවිධායකයින් ප්‍රකාශ කර ඇත.
2018-02-24T20:24:38.000Z
කැබිනට් මණ්ඩලයේ වෙනස්කම් 8ක් බවට ආරංචි
කැබිනට් මණ්ඩලයේ වෙනස්කම් 8ක්
COLOMBO (Newsfirst) - අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද දිනයේ සිදුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර තිබේ. ඒ අනුව, අමාත්‍ය ධූර 8ක් පමණ සංශෝධනවීමට නියමිතව තිබෙන බව ද එම ආරංචි මාර්ග තහවුරු කර ඇත. එම ආරංචි මාර්ග සඳහන් කළේ, රජයේ ප්‍රබල අමාත්‍ය ධූර කිහිපයක් වෙනස් වන බවයි. අද උදෑසන 11.00ට සියලු අමාත්‍යවරුන් , නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති කාර්යාලයට කැඳවීමට නියමිතව තිබේ. අද සිදුවන කැබිනට් සංශෝධනයේදී තරුණ මන්ත්‍රීවරුන්ට වැඩි වගකීම් පැවරෙනු ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේ ය.
2018-02-24T19:40:46.000Z
ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවි අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවි අභාවප්‍රාප්ත වෙයි
COLOMBO (Newsfirst) - ලෝක ප්‍රකට, ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පිනි ශ්‍රීදේවි කපූර් අභාවප්‍රාප්ත වී තිබේ. ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ, ඩුබායිහි පැවති විවාහ මංගලෝත්සවයක් අතරතුර ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඇය මිය ගොස් ඇති බව ය. අභාවප්‍රාප්ත වන විට ශ්‍රීදේවිගේ වයස අවුරුදු 54 කි.
2018-02-24T09:39:06.000Z
ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියෝ දැයෙන් සමුගනිති
ගිරාඹේ ආනන්ද අනු නා හිමියෝ දැයෙන් සමුගනිති
Colombo (Newsfirst) - ශාසනික සහ සමාජීය වශයෙන් අනුපමේය යුග මෙහෙවරක නිරත වූ ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදු කෙරිණි. දින කිහිපයක් ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලැබූ පූජ්‍ය ගිරාඹේ ආනන්ද අනු නා හිමියන් පසුගිය අඟහරුවාදා අලුයම අපවත් විය. අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහා පිරිවෙනේ සහ පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ විහාරාධිපති ධූරය හෙබවූ උන්වහන්සේ බුද්ධ ශාසනය වෙනුවෙන් මෙන් ම රට දැය වෙනුවෙන් ද ඉටු කළේ මාහැඟි මෙහෙවරකි. අනු නා හිමියන් අපවත් වන විට වයස අවුරුදු 80කි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උන්වහන්සේට අවසන් බුහුමන් පුද කළේ ය. දේශපාලනඥයින් මෙන් ම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විශාල පිරිසක් අනුරාධපුරයට පැමිණ සිටියේ, උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා ය. පූජ්‍ය ගිරාඹේ ආනන්ද අනු නා හිමියන්ගේ දේහය ආදාහන පූජෝත්සවය සඳහා ශ්‍රී සාරානන්ද මහ පිරිවෙනේ සිට අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර උද්‍යානය වෙත වැඩම කෙරුණේ පෙරහැරකිනි. විශේෂ පීඨිකාවේ දේහය තැන්පත් කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් ඉටු කළේ, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය නාපානේ පේමසිරි හිමියන්. රැස්ව සිටි ජනතාවගේ සෝ සුසුම් මධ්‍යයේ අනු නා හිමි දේහය සහිත චිතකයට ගිනි දැල්විණි.
2018-02-24T08:40:58.000Z
ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය මන්දගාමී බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා කියයි
ශ්‍රී ලංකාව ගැන අල් හුසේන් කුමරුගෙන් යළි වාර්තාවක්
Colombo (Newsfirst) - වරදකරුවන් දඬුවම් නොලැබීම නතර කිරීම සඳහා ශ්‍රී ලංකාව මෙතෙක් කැමැත්තක් පෙන්වා නැතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු පවසයි. ඔහු මේ බව කියා සිටින්නේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයට පෙර වාර්තාවක් නිකුත් කරමිනි. මහ කොමසාරිස්වරයා මේ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ, 2015 වසරේ සිට ශ්‍රී ලංකා රජය තම කාර්යාලය සමග සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණය සමග අර්ථවත් ලෙස සම්බන්ධ වීම අගය කරන බව ය. එහෙත් මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවලියෙන් එකඟ වූ කරුණු ඉෂ්ඨ කිරීම වසරකට අධික කාලයක සිට නතර වී ඇති බව ඔහු පෙන්වා දී තිබේ. වද හිංසා පැමිණ වීම පිළිබඳ චෝදනා අඛණ්ඩව එල්ල වන අතර ත්‍රස්ත මර්දන පනත ඉවත් කිරීම, එම පනත යටතේ පවරා ඇති නඩු සම්බන්ධයෙන් විසඳුම් ලබා දීම හා ඉඩම් මුදා හැරීම වැනි විශ්වාසය ගොඩනැංවීමේ ක්‍රියා මන්දගාමී බව ද අදාළ වාර්තාවේ සඳහන් ය. වගවීම සහ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අඩු මට්ටමක පැවතීම පිළිබඳව ද මහ කොමසාරිස්වරයා අවධානය යොමු කර තිබේ. ශ්‍රී ලංකාවේ වගවීමේ සහ සංහිඳියාවේ ප්‍රගතිය තවත් ධෛර්යමත් කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලය අඛණ්ඩ කාර්යභාරයක නිරත විය යුතු බව ද සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ වාර්තාවේ සඳහන් ය. ඔහු සාමාජික රටවලින් ඉල්ලා සිටින්නේ, වගවීම ප්‍රවර්ධනය කිරීම උදෙසා විශ්වීය අධිකරණ ක්‍රියාවලියක් ක්‍රියාවට නංවන ලෙසට ය. මේ අතර ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015 දී ලබා දුන් කැපවීම් සම්පූර්ණ කිරීමට ක්‍රියා කරමින් සිටියත් ඒවා ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය අඩු මට්ටමකට සහ පසුබෑමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දී තිබේ.
2018-02-24T08:11:34.000Z
බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා - යුද හමුදාපති
බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා - යුද හමුදාපති
Colombo (Newsfirst) - යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා අද වව්නියාව 56 සේනාංකයේ පැවති උත්සවයකට සහභාගී විය. වව්නියාව, කොක්කෙළිය 56 සේනාංකයේ නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කළ යුද හමුදාපතිවරයා පසුව දියතලාවේදී බස් රථයක් තුළ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමට පිළිතුරු දුන්නේ ය.
2018-02-24T07:38:55.000Z
මහ මැතිවරණයක් ඉල්ලා ඒකාබද්ධය වීදි බැසීමට සැරසෙයි
මහ මැතිවරණයක් ඉල්ලා ඒකාබද්ධය වීදි බැසීමට සැරසෙයි
Colombo (Newsfirst) - මහ මැතිවරණයක් ඉල්ලා වීදි බසින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අද මාධ්‍යයට ඔවුන්ගේ සැලසුම අනාවරණය කළේ ය. මෙහිදී ඔහු පැවසුවේ ලබන 7 වන දා නුගේගොඩින් මෙම විරෝධතාව ආරම්භ කරන බව ය.
2018-02-24T07:20:18.000Z
අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට - ඇමති මහින්ද අමරවීර කියයි
අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට - ඇමති මහින්ද අමරවීර
Colombo (Newsfirst) - අමත්‍ය මණ්ඩල සංශෝධනය හෙට සිදුවන බව එකසත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද අගුණකොළ පැලැස්සේදී ප්‍රකාශ කළේ ය.
2018-02-24T05:20:20.000Z
අද අලුයම ක්‍රියාත්මක වූ පොලිස් මෙහෙයුමකින් විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 2564ක් අත්අඩංගුවට
අද අලුයම සිට ක්‍රියාත්මක වූ පොලිස් මෙහෙයුම
Colombo (Newsfirst) - අද අලුයම 2.00 සිට පැය 4ක් තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 2564 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ඒ අතර වරෙන්තුකරුවන් 720 දෙනෙකු සිටින බව ය. මෙහෙයුමේදී බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 504 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බලපත්‍ර නොමැතිව ගිනිඅවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 741කි. හෙරොයින් සහ වෙනත් මත්ද්‍රව්‍ය සහ මධ්‍යසාර සම්බන්ධයෙන් සැකකරුවන් 524 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ වැළැක්වීම සහ රිය අනතුරු අවම කිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 16256 දෙනෙකු සහභාගී වූ බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.
2018-02-24T04:39:06.000Z
පලිසේනගේ ටිකට් කපයි: ඇලෝෂියස් තවමත් බන්ධනාගාර රෝහලේ
පලිසේනගේ ටිකට් කපයි: ඇලෝෂියස් රෝහලේ
COLOMBO (Newsfirst) - බන්ධනාගාර රෝහල්ගත කළ කසුන් පලිසේන මහතා අද දහවල් යළි බන්ධනාගාර ගතකර ඇති අතර, අර්ජුන් ඇලෝෂියස් මහතා තව දුරට ත් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. අර්ජුන් ඇලෝෂියස් හා කසුන් පාලිසේන යන අය රෝහල් ගතකරන ලෙස බන්ධනාගාර රෝහලට අනුයුක්තව මැගසින් බන්ධනාගාරයේ රෝගීන් පරික්ෂා කරන වෛද්‍යවරයා නියෝග කරන්නේ පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේදී ය. ඒ, වෛද්‍ය පරීක්ෂණයක් සඳහායි. කසුන් පලිසේන මහතාට කොන්දේ ඇති වේදනාවක් හේතුවෙන් මෙම වෛද්‍ය පරීක්ෂණ නිර්දේශ කර ඇති අතර අර්ජුන් ඇලෝසියස් මහතාට මුත්‍රා අමාරුවක් සහ හිස රුදාවක් හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණ නිර්දේශ කර තිබේ. ඒ අනුව එදින පස්වරුවේම අර්ජුන් ඇලෝෂියස් හා කසුන් පාලිසේන යන මහත්වරුවන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරිණි. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී.
2018-02-24T04:01:18.000Z
තුන් ප්‍රයාම ජාත්‍යන්තර තරගයක් හේතුවෙන් හෙට කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා
හෙට කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා
COLOMBO (Newsfirst) - තුන් ප්‍රයාම ජාත්‍යන්තර තරගයක් හේතුවෙන් හෙට පෙරවරුවේ කොළඹ ප්‍රදේශයේ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරෙන බව පොලීසිය පවසයි. ඒ, අනුව හෙට පෙරවරු 5 සිට දහවල් 12 දක්වා කාලය තුළ කොළඹ කොටුව, චෛත්‍ය පාර, ගාලුමුවදොර මැද පාර, ගාලු පාර, කොල්ලුපිටිය මංසන්ධිය දක්වා ත් කොල්ලුපිටිය දුම්රිය පොළ පාර සහ මුහුදුබඩ මාර්ගය වැල්ලවත්ත. දක්වා මාර්ගවල එලෙස වාහන ගමනා ගමනය සීමා කෙරෙනු ඇති. අදාළ මාර්ගය භාවිත කරන ජනතාව හෙට පෙරවරුවේ විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද පොලීසිය දැනුම් දෙන්නේය.
2018-02-24T03:12:41.000Z
බ්ලැක් පැන්තර් වාර්තාගත ආදායමක් උපයයි
බ්ලැක් පැන්තර් වාර්තාගත ආදායමක් උපයයි
බ්ලැක් පැන්තර් (Black Panther) හොලිවුඩ් චිත්‍රපටය පසුගිය සතිය තුළ උතුරු අමෙරිකාවේ ප්‍රදර්ශනය තුළින් අමෙරිකානු ඩොලර් මිලියන 27කට අධික ආදායමක් උපයා තිබේ. විදෙස් වාර්තා පවසන්නේ, නොදුරේදීම එය අමෙරිකානු ඩොලර් මිලියන 300 ආදායම් වාර්තාව ඉක්මවා යනු ඇති බව ය. තිරගත කළ දෙවන සති අන්තය තුළදීම ඩොලර් මිලියන 100 ආදයම් වාර්තාව ඉක්මවීමට එම චිත්‍රපටය සමත් විය.
2018-02-24T01:34:17.000Z
ළමුන් පිරිසක් අපයෝජනය කළ චීවරධාරීන් දෙදෙනෙකු ඇතුළු 08ක් අත්අඩංගුවට
ළමුන් පිරිසක් අපයෝජනය කළ චීවරධාරීන් අත්අඩංගුවට
COLOMBO (Newsfirst) - කුරුණෑගල, රස්නායකපුර, උඩහේනගම ප්‍රදේශයේ ළමා නිවාසයක ළමුන් පිරිසක් අපයෝජනය කළ චීවරධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ළමා නිවාසයේ ළමයින් 12 දෙනෙකු ඔවුන් අපයෝජනයට කර ඇති බව ය. අවුරුදු 8 ත් 12 ත් අතර ළමයින් පිරිසක් එලෙස අපයොජනයට ලක්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් එම ළමුන් අවස්ථා 32 කදි අපයෝජනයට ලක්කර ඇති බව ය. අත්අඩංගුවට ගත් චීවරධාරීන් අවුරුදු 16 හා 17 යන වයස්වල පසුවන්නන් වේ. සෙසු සැකකරුවන් අවුරුදු 20 හා 22 යන වයස්වල පසුවන බව පොලීසිය සඳහන් කළේය. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බාලවයස්කරුවන් පුනරුත්ථාපන නිවාසයකට යොමු කර ඇති අතර සෙසු පිරිස ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. පොලීසිය සඳහන් කළේ, අපයෝජනයට ලක්වූ ළමයින් වෛද්‍ය පරීක්ෂණ සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ. 1991 වසරේ ආරම්භ කළ මෙම ළමා නිවාසයේ සිටින ළමයින් සංඛ්‍යාව 36කි. මේ අතර පසුගිය දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් ළමයින්ට එරෙහි හිංසන ක්‍රියා වාර්තා විය. නෙට් බෝල් පුහුණුවීම් සඳහා නොපැමිණීම හේතුවෙන් ගම්පොල ප්‍රදේශයේ පාසලක සිසුවියකට ක්‍රීඩා භාර ගුරුවරයා කළ පහරදීම ඉන් එක් සිදුවීමකි. අදාළ පහරදීම සිදුකළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මතමුදා හැර තිබේ. පහර කෑමට ලක්වූ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවිය ගම්පොල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා මේ වනවිට පිටව ගොස් තිබේ. මේ අතර කොළඹ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු විසින් සිසුන් සිව් දෙනෙකුට අමානුෂික ලෙස පහරදිමේ සිදුවීමක් ද පසුගියදා වාර්තා විය. අදාළ සිසුන් ප්‍රතිකාර ලබා මේ වනවිට පිටව ගොස් ඇති බව කළුබොවිල ශික්ෂණ රෝහල් පොලීසිය සඳහන් කළේය. කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙකුගේ නියෝගය මත එම පාසලේ ශිෂ්‍යයෙකුට අමානුෂික ලෙස පහරදීමක් ද පෙරේදා දිනයේ වාර්තා විය. මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ මාවතගම, පරගහදෙණිය ප්‍රදේශයේ පදිංචි එම පාසලේ 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි. ඔහුගේ පන්ති භාර ගුරුවරයා විසින් මෙලෙස සිසුවාට පහරදෙන ලෙස එම පන්තියේම ඉගෙනුම ලබන අනෙක් සිසුන්ට පවසා තිබේ. දිගින් දිගටම සිදුවන මෙම ළමා හිංසන ක්‍රියා සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා මහත්මියගෙන් නිව්ස් ෆස්ට් විමසීමක් කළේය. https://www.youtube.com/watch?v=e8GfVhd69oI
2018-02-24T00:04:35.000Z
පුත්තලම රිය අනතුරකින් දරුවෙකු මරුට
පුත්තලම රිය අනතුරකින් දරුවෙකු මරුට
COLOMBO (Newsfirst) - පුත්තලම, පල්ලම ප්‍රදේශයේ සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. වතුපොල - පල්ලම මාර්ගයේ ධාවනය වූ යතුරු පැදියක් ට්‍රැක්ටරයක ගැටීමෙන් 15 හැවිරිදි දරුවෙකු මියගොස් ඇති අතර ඔහු පල්ලම, පොක්තුකුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පල්ලම, ආඩිගම ප්‍රදේශයේදී පාපැදිකරුවෙකු ගල්වලකට වැටීමෙන් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ අදාළ පුද්ගලයා සිය පාපැදියෙන් අසළ වෙළෙඳසැලකට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති බව ය.
2018-02-23T23:30:07.000Z
එ.ජා. ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරකවරිය අභාවප්‍රාප්ත වෙයි
ඌනා මැකෝලි අභාවප්‍රාප්ත වෙයි
COLOMBO (Newsfirst) - එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරිය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත ඌනා මැකෝලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. වසර 17ක කාලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කළ ඌනා මැකෝලි මහත්මිය මීට පෙර පැනමා, ටොගෝ, සුඩාන්, කෙන්යා සහ ඇන්ගෝලා රාජ්‍යයන්හි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිතවරිය ලෙස කටයුතු කළා ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ඇය එඩිතර, ප්‍රබෝධමත් ශක්තිමත් නායිකාවක් ලෙස සිය ජීවිතය ලෝක වාසීන්ගේ යහපත උදෙසා කැප කළ බව ය. අභාවප්‍රාප්ත වන විට 54 වන වියේ පසු වූ අයර්ලන්තයේ සහ එක්සත් රාජධානියේ පුරවැසියෙකු වන ඌනා මැකෝලි මහත්මිය පුතුන් දෙදෙනෙකුගේ ආදරණීය මවකි. මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇගේ හදිසි අභාවය පිළිබඳව සිය ශෝකය පළ කළේ ය.
2018-02-23T22:07:53.000Z
ලොව විශාලතම මොලයේ ගෙඩිය පැය 7ක සැත්කමකින් පසු ඉවත් කෙරේ
ලොව විශාලතම මොලයේ ගෙඩිය ඉවත් කෙරේ
අවුරුදු 31වයස පුද්ගලයෙකුගේ කිලෝ ග්‍රෑම් 1.8ක් බරැති මොලයේ ගෙඩියක් ඉවත් කිරීමට ඉන්දියාවේ, මුම්බායිහී වෛද්‍ය කණ්ඩායමක් සමත් වී තිබේ. මෙය ලෝකයේ දැනට වාර්තා වී ඇති විශාලතම මොලයේ ගෙඩිය බවට වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙම සැත්කම සිදුකර තිබෙන්නේ පසුගිය 14 වන දා ය. ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හී සාප්පු හිමිකරුවෙකු වන සන්ත්ලාල් පාල් නමැති ඔහු, මොලයේ හටගත් මෙම ගෙඩිය හේතුවෙන් පසුගිය අවුරුදු තුනක කාලය තුළ දැඩිලෙස පිඩා විඳ තිබේ. එම ගෙඩිය ඔහුගේ හිස් කබලේ 10%ක පමණ ප්‍රමාණයක් ද වර්ධනය වී තිබුණි. සන්ත්ලාල් පාල්ගේ මෙම සැත්කම සිදු කිරීම මීට පෙර රෝහල් 3කින්ම ප්‍රතික්ෂේප කර බව ඇතැයි ඔහුගේ බිරිඳ ප්‍රකාශ කළ බව විදෙස් වාර්තා පවසයි.
2018-02-23T21:15:26.000Z
අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ
අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන බන්ධනාගාර රෝහලට
COLOMBO (Newsfirst) මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීම සඳහා ඔවුන් දෙදෙනා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර ඇති බව ය. ඔවුන් දෙදෙනා එලෙස රෝහල් ගත කරන ලෙස බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා බන්ධනාගාර අධිකාරිවරයා වෙත දැනුම් දී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
2018-02-23T21:28:08.000Z
ඉන්දියා - ද.අප්‍රිකා තීරණාත්මක 20/20 තරගය අද
ඉන්දියා - ද.අප්‍රිකා තීරණාත්මක 20/20 තරගය අද
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තීරණාත්මක පන්දුවාර විස්සයි විස්ස 3වන සහ අවසන් ක්‍රිකට් තරගය කේප් ටවුන්හිදී අද පැවැත්වේ. තරග 3කින් සමන්විත තරගාවලියේ මේ වනවිට දෙපිලම එක් තරගය බැගින් ජයගෙන සිටී. දෙපිල අතර පැවති දෙවන තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 6ක විශිෂ්ට ජයක් හිමිවිය.
2018-02-23T20:40:25.000Z
සෝමාලියාවේ බෝම්බ ප්‍රහාර දෙකකින් 18ක් මරුට
සෝමාලියාවේ බෝම්බ ප්‍රහාර දෙකකින් 18ක් මරුට
සෝමාලියාවේ, මොගඩිෂු අගනුවර ජනාධිපති මන්දිරය අසළදී මෝටර් රථ බෝම්බ ප්‍රහාර 2ක් එල්ල කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, එම ප්‍රහාරවලින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව ය. එක් මෝටර් රථ බෝම්බ ප්‍රහාරයක් ජනාධිපති මන්දිර දොරටුව අසළදී පුපුරා ගොස් ඇති අතර දෙවැනි මෝටර් රථ බෝම්බ ප්‍රහාරය ඊට යාබදව පිහිටි ජාතික බුද්ධි අංශ නියෝජිත ආයතන කාර්යාලය අසළදි පුපුරුවා හැර තිබේ. සෝමාලියානු බලධාරීන් පැවසුවේ ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදින් 05 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ බව ය. මෙම මෝටර් රථ බෝම්බ ප්‍රහාරවල වගකිම සෝමාලියාවේ අල්ෂබාහ් සටන්කාමින් විසින් භාරගනු ලැබ තිබේ. අල්ෂබහ් සටන්කාමින් කියා සිටියේ ප්‍රහාරයේදී හමුදා සෙබළුන් 15 දෙනෙකු ඝාතනය කළ බව ය.
2018-02-23T20:26:57.000Z
කච්චතිව් දූපතේ වාර්ෂික මංගල්‍යය අද
කච්චතිව් දූපතේ වාර්ෂික මංගල්‍යය අද
COLOMBO (Newsfirst) - කච්චතිව් දූපතේ ශාන්ත අන්තොනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යට අද ආරම්භ වේ. මේ සඳහා මෙරට සහ ඉන්දීය බැතිමතුන් දහස් ගණනක් සහභාගිවීමට නියමිත ය. සහභාගිවන බැතිමතුන්ගේ ආරක්ෂාවට සහ ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු යොදා තිබේ.
2018-02-23T20:07:47.000Z
වියලි කාලගුණයෙන් ලක්ෂ 3කට පීඩා: 17,000කට අධික ගොවිබිම් ප්‍රමාණයකට හානි
වියලි කාලගුණයෙන් ලක්ෂ 3කට පීඩා
COLOMBO (Newsfirst) - වියලි කාලගුණය හේතුවෙන් 17,000කට අධික ගොවිබිම් ප්‍රමාණයක් විනාශ වී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. එහි සභාපති සිඩ්නි ගජනායක මහතා පැවසුවේ ගොවීන්ගෙන් ඒ පිළිබඳව තමන්ට පැමිණිලි ලැබී ඇති බව ය. වගා හානි වූ ගොවියෙකු සඳහා රුපියල් දස දහසක වන්දි මුදලක් ලබා දෙන බව ද ඔහු පවසයි. පවතින වියලි කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 5 ක ලක්ෂ 3කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. වියලි කාලගුණයෙන් වැඩි බලපෑමක් එල්ල වී තිබෙන්නේ අනුරාධපුරය, පොලොන්නරුව, පුත්තලම, මන්නාරම හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවලටයි. මේ අතර විදුලි බලාගාර ආශ්‍රිත ජල මට්ටම පහළ ගිය ද විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය. පේරාදේණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය රේඛානි ආන්ති මහත්මිය පැවසුවේ රට තුළ ඇතිවන ක්ෂුද්‍ර දේශගුණික වෙනස්වීම් ජනතාවට වෙනස් කළ නොහැකි බව ය. මේ අතර අද සිට වියලි කාලගුණයේ වෙනසක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, ඌව, පොලොන්නරුව සහ හම්බන්තොට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2න් පමණ පසු වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දර්ශන චමිල් ප්‍රේමතිලක මහතා පවසයි. https://www.facebook.com/NewsfirstSL/videos/1852915434768706/
2018-02-23T09:06:02.000Z
පාතාල කල්ලි නායක දඩල්ලගේ මංජු මරුට
පාතාල කල්ලි නායක දඩල්ලගේ මංජු මරුට
COLOMBO (Newsfirst) - වත්තල, මහපල්ලිය රථ ගාලේ පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් පාතාල කල්ලි නායක දඩල්ලගේ මංජු නැමැත්තා ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ඔහු සමග සිටි තවත් පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ය. නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් මහපල්ලිය රථ ගාලේ රැඳී සිටින බවට ලද තොරතුරක් අද පස්වරු 1.30 ට පමණ ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුවන් පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින්ට වෙඩි තබා තිබේ. එහිදී එල්ල කළ ප්‍රති ප්‍රහාරවලින් මංජු නැමැත්තා මියගොස් ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් ක‍ළේය.
2018-02-23T08:05:22.000Z
ජාතික ඔලිම්පික් කමිටුවේ නව සභාපති ධුරය සුරේෂ් සුබ්‍රමනියම්ට
ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය සුරේෂ් සුබ්‍රමනියම්ට
COLOMBO (Newsfirst) - වසර 9 කට පසුව පැවැති ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයෙන් නව සභාපතිවරයා ලෙස සුරේෂ් සුබ්‍රමනියම් මහතා තේරීපත් විය. ඒ අද පැවැති ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී ඡන්ද 18 ක් හිමි කර ගනිමිනි. එහිදී අනෙක් සභාපති ධූර අපේක්ෂකයා වූ රොහාන් ප්‍රනාන්දු මහතාට හිමිවූයේ ජන්ද 12 ක් පමණි. ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයෙන් ලේකම් ධුරයට මැක්ස්වෙල් ද සිල්වා තේරී පත්විය
2018-02-23T06:05:17.000Z
බටහිරින් අපට තෑගි කළ අපේ ම ඥානය - පළමු දිගහැරුම
බටහිරින් අපට තෑගි කළ අපේ ම ඥානය - 1
ඈත අතීතයේ සිට ම පෙරදිග අපට විශාල අසාධාරණයකට ලක්වීමට සිදුව තිබේ. ඒ, පෙරදිග පැවති විශිෂ්ට ඥානය අපරදිගට කොල්ල කාගෙන ගොස් එම ඥානය අපරදිගට අයත් බවට ලෝකය විශ්වාස කිරීම හේතුවෙනි. අංශ රැසක අතීතය පිරික්සීමේදී පෙනී යන්නේ, බටහිරින් පෙරදිගට විශේෂයෙන් මෙරටට ආනයනය වූ තාක්ෂණය සහ ඥානය අපේ ම මුතුන් මිත්තන් ගොඩ නැගූවක් බව ය. මෙය තහවුරු කිරීම සඳහා විශේෂ ලිපි පෙළක් සම්පාදනය කිරීමට අදහස් කළේ, පසුගාමී ජාතියක් (මෙහිදී ජාතිය යනු සිංහල ජන වර්ගය නියෝජනය කිරීම සඳහා වන සර්ව නාමයක් නොවන බව සලකන්න. එය සමස්ත ශ්‍රී ලංකාවේ විසූ සහ වෙසෙන මිනිස් ජාතිය අර්ථවත් කෙරේ) ලෙස චින්තනය මෙහෙයවන අපගේ ආත්ම විශ්වාසය වර්ධනය කිරීමේ අරමුණ පෙරදැරිව ය. මෙහි පළමු ලිපිය 'විජයාගමනය' ආශ්‍රිතව සම්පාදනය කිරීමට තීරණය කළෙමි. 'විජයාගමනය' සම්බන්ධ සිද්ධිය සැලකීමේදී අවධානය යොමු කළ යුතු සුවිශේෂී කාරණා දෙකක් තිබේ. 1. විජය මෙරටට පැමිණීම විජය දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණීම ම පෙරදිග පැවති තාක්ෂණික ඥානයේ ස්වභාවය පැහැදිලි කරන්නකි. ඔහු මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ ගොඩ බැස්සා නම් ඔහු තවත් පිරිසක් සමග මෙරටට පැමිණියේ කෙසේ ද? ඔහු පැමිණියේ දින ගණනක් මුහුදේ සංචාරය කළ හැකි ආකාරයේ යාත්‍රාවකින් විය නොහැකි ද? එසේ නම් මීට වසර දහස් ගණනකට පෙර මුහුදු යාත්‍රා තිබී ඇතැයි උපකල්පනය කිරීමට සිදුවේ. ඊට අමතරව රාවණා රජුගේ දඬුමොනරය පිළිබඳව ද අපි අසා ඇත්තෙමු. මේ කරුණුවල සත්‍යතාවක් ඇත්නම් ඉන්දියාව ද අයත් පෙරදිග කලාපයේ අතිශය දියුණු තාක්ෂණික ඥානයක් පැවති බවට තර්ක කළ හැකි ය. 2. කුවේණිය අනෙක් අතට වංශ කතාවල දැක්වෙන පරිදි ලක්දිව ශිෂ්ටාචාරවත් වූයේ විජයාගමනයෙන් පසුව ද යන්න සලකා බැලිය යුතු ය. විජය ගොඩ බසින විට කුවේණිය කපු කටිමින් සිටි බව එම වංශ කතාවල ම දැක්වේ. කුවේණිය විසින් කපු කටින ලද්දේ ඇයි? ඒ, මෙරට ජනයා වස්ත්‍ර අඳින යම් ශිෂ්ටාචාරවත් ජීවන තත්ත්වයක පසුවූ බැවින් විය යුතු ය. අනෙක් අතට කපු කටින යන්ත්‍ර සැකසීමට තරම් දැනුමක් මෙරට තිබිණි. මෙම කරුණු දෙක සැලකිල්ලට ගැනීමේදී අපට පැහැදිලි කර ගත හැකි වන්නේ, අපගේ මුතුන් මිත්තන් සතුව බටහිරට පෙර තාක්ෂණික දැනුමක් පැවති බව ය. එම දැනුම විදේශ ආක්‍රමණ හරහා සිදුවූ ව්‍යසනයන් හේතුවෙන් අපට අහිමි වී තිබේ. එම ආක්‍රමණ හරහා අපෙන් බටහිර රටවලට රැගෙන ගිය දැනුම දීර්ඝ කාලයකට පසුව බටහිරකරණය වී අපට ම ලැබී ඇත. අප සිතනුයේ, එම දැනුම ඔවුන්ගේ කියා ය. එහෙත්, එය මිථ්‍යාවකි. වෙනත් මුහුණුවරකින් බටහිර රටවල් අපට තෑගි කළේ අපගේ ම ඥානය යි. (මෙය ඉතිහාසය පිළිබඳ විශ්ලේෂණයක් නොවන අතර අපගේ ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳව නැවත වරක් ධනාත්මකව සිතීමට කරන ඇරයුමකින් කළ පැහැදිලි කිරීමක් බව සලකන්න) - ශාස්ත්‍රවේදී කුමුදු ජයවර්ධන
2018-02-23T01:48:32.000Z
ඔස්ට්‍රේලියානු උප අගමැති, සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි
බානබී ජොයිස් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි
(Newsfirst) ඔස්ට්‍රේලියානු උප අගමැතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ප්‍රකාශ කර තිබේ. ඔස්ට්‍රේලියානු උප අගමැති බානබී ජොයිස් මෙම තීරණය ගෙන ඇත්තේ, පසුගිය කාලය තුළ ඔහුගේ දේශපාලන ජීවීතයට එල්ල වූ චෝදනා හමුවේ ය. එළැඹෙන සඳුදා ඔහු ජාතික පක්ෂයේ නායක තනතුරෙන් ද ඉවත් වන බව බානබී ජොයිස් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තාහි සඳහන් ය. ජොයිස්, ඔහුගේ හිටපු කාර්යය මණ්ඩල සේවිකාවක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බව ඔහුට එල්ල වූ නවතම චෝදනාව වේ. කෙසේ වෙතත් ඔහු අගමැති ධූරයට අදාළ නීතී උල්ලංඝනය කර තිබේ ද යන්න පිළිබඳ නැගෙන ප්‍රශ්නවලට මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත. බානබී ජොයිස් මුහුණ පා සිටින දේශපාලනික අර්බුදය පසුගිය සති කිහිපය තුළ දැඩි ලෙස කථා බහට ලක්වූ අතර, ඔහු අගමැති ටර්න්බුල්ගේ ප්‍රසිද්ධ විවේචනයට ද ලක්විණි. විදේස වාර්තාහි දැක්වෙන්නේ, මෙහිදී අගමැතිවරයා, අමාත්‍යවරුන් තම සේවකයින් සමග රාජකාරීමය සබඳතා හැර වෙනයම් සම්බන්ධතාවන් ඇති කර ගැනීම තහනම් කළ යුතුය යන්න තරයේ ප්‍රකාශ කළ බව ය. කෙසේ වෙතත් ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවන් තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව දිගින් දිගටම මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ය. හිටපු මාධ්‍ය උපදේශිකාවක වන විකී කැම්ප්ෂන් සමග පැවති ප්‍රේම සම්බන්ධතාව හේතුවෙන් උප අගමැති ධූරයේ රාජකාරී කටයුතුවලට බාධාවක් නොවූ බව ද ඔහු අවධාරණය කර තිබේ.
2018-02-23T01:21:41.000Z
වසර 25ක සේවා කාලයක් ඉක්මවූ රජයේ සේවකයින්ට නව බදු සහන යටතේ වාහන ආනයනයට අවස්ථාව
රාජ්‍ය සේවකයින්ට වාහන ආනයනයට නව බදු සහන
Colombo (Newsfirst) රාජ්‍ය සේවකයින් සඳහා වාහන ආනයනය කිරීමේදී පනවා තිබූ රෙගුලාසි කිහිපයක් සංශෝධනය කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. මුදල් අමාත්‍යංශයේ ලේකම් එච්.එස්. සමරතුංග මහතා සඳහන් කළේ, 2018 අයවැය යෝජනාවලට අනුව වාහනයේ එනජින් ධාරිතාව මත බදු අය කිරීමේ ක්‍රමවේදය ආරම්භ කර ඇති බව ය. රාජ්‍ය සේවකයින් සඳහා වාහන ආනයනයේදී වාහනයේ වටිනාකම මත මීට පෙර බදු අය කරනු ලැබී ය. වාහනයේ එන්ජින් ධාරිතාව මත බදු අය කිරීමේ ක්‍රමවේදය ඇතුළත් නව චක්‍රලේඛය අමාත්‍යංශ ලේකම්වරුන් වෙත යොමු කර ඇතැයි ද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. නව චක්‍රලේඛයට අනුව වසර 25ක සේවා කාලයක් ඉක්ම වූ රජයේ සේවකයින්ට වාහන ආනයනය කිරීමට අවස්ථාව හිමිවනු ඇති. එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, අමාත්‍යංශ ලේකම්වරුන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ට රුපියල් මිලියන 22ක බදු සහන හිමි වන බව ය. අමාත්‍යංශ අතිරේක ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු දෙවන කාණ්ඩයේ නිලධාරීන් සඳහා හිමි වන බදු සහනය රුපියල් මිලියන 16කි. අනෙකුත් මාණ්ඩලික ශ්‍රේණිවල නිලධාරීන් සඳහා රුපියල් මිලියන 12ක බදු සහන හිමි වන බව ද ජේ.ජේ. රත්නසිරි මහතා ප්‍රකාශ කළේ ය. නව සංශෝධන මේ මස පළමු වන දා සිට ක්‍රියාත්මක ය.
2018-02-23T00:02:18.000Z
2018 උ/පෙළ සඳහා අයදුම් කිරීමට දී තිබූ කාලය අදින් අවසන්
උ/පෙළ සඳහා අයදුම් කිරීමට දී තිබූ කාලය අදින් අවසන්
Colombo (Newsfirst) 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අයදුම්පත් ඉදිරිපත් කිරීමට දී තිබූ කාලය අදින් අවසන් වේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරයා මාර්ගයෙන් ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අයදුම්පත් තැපෑලෙන් යොමු කළ යුතු බව ය. අද දිනය තුළ තැපෑලට යොමු කරන අයදුම්පත් භාර ගන්නා බව ද විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා ප්‍රකාශ කළේ ය.
2018-02-22T22:16:58.000Z
කහගොල්ලේදී බස් රථයක සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක්
කහගොල්ලේ සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට කමිටුවක්
Colombo (Newsfirst) දියතලාව, කහගොල්ල ප්‍රදේශයේදී බස් රථයක් තුළ අත් බෝම්බයක් පුපුරා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට යුද හමුදාපතිවරයාගේ නියෝගය මත විශේෂ කමිටුවක් පත් කර තිබේ. ඒ, මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙනි. අදාළ කමිටුවට සාමාජිකයින් 5 දෙනෙකු ඇතුළත් ය. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේ, සිද්ධිය පිළිබඳ පූර්ණ වාර්තාවක් දෙන්නැයි යුද හමුදාපතිවරයා අදාළ කමිටුවට උපදෙස් ලබා දී ඇති බව ය. බස් රථයේ සිටි යුද හමුදා සාමාජිකයෙකු සතුව තිබූ අත් බෝම්බයක් පුපුරා යාමෙන් අනතුර සිදුව ඇති බව මේ වන විටත් තහවුරු වී අවසන් ය. දැනට එම හමුදා සාමාජිකයා බරපතල තුවාල ලබා දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබයි. ඔහු සුව වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන පීඩාකාරී පනත යටතේ පුද්ගලයින් 19 දෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කළේ ය. සිද්ධියෙන් තුවාල ලැබූ 9 දෙනෙක් තවදුරටත් දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබති.
2018-02-22T21:51:05.000Z
unicef සංවිධානයේ නි. අධ්‍යක්ෂවරයා ධූරයෙන් ඉල්ලා අස්වෙයි
unicefහි නි. අධ්‍යක්ෂවරයා ධූරයෙන් ඉල්ලා අස්වෙයි
(Newsfirst) එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජස්ටින් ෆෝසයිත් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ, විනය විරෝධී චෝදනා එල්ල වීම හේතුවෙනි. ෆෝසයිත් 2011 සහ 2015 කාල සීමාව තුල සේව් ද චිල්රන් සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද කටයුතු කළේ ය. විදෙස් වාර්තා අනාවරණය කළේ, එම කාල සීමාව තුළ එල්ල වූ විනය විරෝධී චෝදනා හේතුවෙන් ඔහු මෙලෙස යුනිසෙෆ් සංවිධානයේ වත්මන් ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ය. සිය කාර්ය මණ්ඩලයේ තරුණියන්ට නුසුදුසු කෙටි පණිවුඩ යැවීම හා ඔවුන්ගේ ඇඳුම් පිළිබඳ නුසුදුසු අදහස් පළ කිරීම එම චෝදනා අතර වේ. යුනිසෙෆ් නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වෙමින් ෆෝසයිත් අවධාරණය කළේ, වත්මන් ධූරය හේතුවෙන් නොව සෙව් ද චිල්රන් සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ සමයේ සිදු කළ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් පමණක් තමන් මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කළ බව ය.
2018-02-22T20:53:25.000Z
බැඳුම්කර හා මහා පරිමාණ වංචා විමර්ශන වාර්තා පිළිබඳ විවාදය මාර්තු 20ත් 23ත් අතර පැවැත්වෙන ලකුණු
බැඳුම්කර වාර්තා පිළිබඳ විවාදය මාර්තු 20ත් 23ත් අතර
Colombo (Newsfirst) බැඳුම්කර ගනුදෙනු විමර්ශන ජනපති කොමිසමේ සහ මහා පරිමාණ වංචා විමර්ශන ජනපති කොමිෂන් සභාවේ වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය යළි ලබන මාර්තු 20ත් 23ත් අතර පැවැත්වීමේ හැකියාවක් පවතින බව පාර්ලිමේන්තුව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පක්ෂ නායකයින් සමග ඒ පිළිබඳ සාකච්ඡා කර දින නියම කර ගන්නා බව ය. පසුගිය 21 වන දා පැවැත්වීමට නියමිතව තිබූ බැඳුම්කර ගනුදෙනු විමර්ශන ජනපති කොමිසමේ සහ මහා පරිමාණ වංචා විමර්ශන ජනපති කොමිෂන් සභාවේ වාර්තා පිළිබඳ විවාදය කල් තැබිණි. ඒ, අදාළ වාර්තාවල දෙමළ පරිවර්තන නොමැති වීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් විරෝධය දැක්වීම හේතුවෙනි. මේ සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, බැඳුම්කර ගනුදෙනු විමර්ශන ජනපති කොමිසමේ වාර්තාව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබීම හේතුවෙන් එය විවාදයට ගැනීමේ බාධාවක් නොමැති බව ය. එහෙත් මහ පරිමාණ වංචා විමර්ශන ජනපති කොමිෂන් සභා වාර්තාව මෙතෙක් ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාවලට පරිවර්තනය කර නොමැත. අදාළ පරිවර්තන කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, එම වාර්තාව පරිවර්තනය කිරීම සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට භාර දී ඇති බව ය. එම පරිවර්තන ක්‍රියාවලිය කඩිනම් කරන්නැයි අද යළි රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට දැනුම් දෙන බව ද ජනාධිපති ලේකම්වරයා පැවසුවේ ය. මහා පරිමාණ වංචා විමර්ශන ජනපති කොමිෂන් සභා වාර්තාව පිටු 8000කින් සමන්විත ය.
2018-02-22T20:22:12.000Z
වියළි කාලගුණයෙන් 293,000කට අධික පිරිසකට පීඩා
වියළි කාලගුණයෙන් 293,000කට අධික පිරිසකට පීඩා
Colombo (Newsfirst) පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 293,000කට අධික ය. අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, මන්නාරම සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට මින් වැඩිම බලපෑමක් එල්ල වී තිබේ.
2018-02-22T19:57:05.000Z
මෙරටට කෘත්‍රීම වැසි ඇති කළ හැකි බවට තායිලන්ත විශේෂඥයින්ගෙන් සහතිකයක්
මෙරටට කෘත්‍රීම වැසි ඇති කළ හැකි බවට සහතිකයක්
Colombo (Newsfirst) මෙරටට කෘත්‍රීම වැසි ඇති කිරීමේ හැකියාවක් පවතින බව තායිලන්ත විශේෂඥ කණ්ඩායම තහවුරු කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයෙහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, කෘත්‍රීම වැසි නිර්මාණය සඳහා ඇති ශක්‍යතාව අධ්‍යයනයට මෙරටට පැමිණි තායිලන්ත විශේෂඥ කණ්ඩායම කළ ක්ෂේත්‍ර‍ නිරීක්ෂණ කටයුතුවලින් අනතුරුව මේ පිළිබඳව දැනුම් දී ඇති බව ය. කෘත්‍රීම වැසි නිර්මාණය කිරීම සඳහා මෙරටට පැමිණි 5 දෙනෙකුගෙන් සමන්විත තායිලන්ත තාක්ෂණික නිලධාරී කණ්ඩායම, පසුගිය 20 වන දා විදුලි බලාගාර ආශ්‍රිතව ක්ෂේත්‍ර චාරිකාව ආරම්භ කළේ ය. ඒ, මාවුස්සාකැළේ සහ කාසල්රී ජලාශ්‍ර කේන්ද්‍ර කර ගනිමිනි. දින 3ක කාලයක් ක්ෂේත්‍ර චාරිකාවේ නිරත වීමෙන් අනතුරුව එම කණ්ඩායම කෘත්‍රීම වැසි ඇති කළ හැකි බව තහවුරු කර තිබේ. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් සියලු කටයුතු සොයා බැලීමට කමිටුවක් ද පත් කරන බව ය.
2018-02-22T11:44:40.000Z
Komaali Kings හෙට සිට දිවයින පුරා සිනමාහල්වල
Komaali Kings හෙට සිට දිවයින පුරා සිනමාහල්වල
COLOMBO (Newsfirst) : ශ්‍රී ලාංකේය සිනමා කේෂ්ත්‍රයට නවමු අත්දැකීමක් එක් කරමින් 'Komaali Kings' දෙමළ සිනමාපටයේ මංගල දර්ශනය අද පස්වරුවේ කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ. කින්ස් රත්නම්ගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය වසර 40කට පසු ශ්‍රී ලංකික දෙමළ සිනමා කර්මාන්තයෙන් බිහි වු පළමු චිත්‍රපටියයි. Maharaja Entertainment බෙදාහැරීමක් වන මෙය හෙට සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වනු ඇති.
2018-02-22T11:18:40.000Z
ගොවීන්ට රජයෙන් නොමිලේ වගා රක්ෂණයක්
ගොවීන්ට රජයෙන් නොමිලේ වගා රක්ෂණයක්
COLOMBO (Newsfirst) : බෝග වර්ග කිහිපයක් සඳහා ගොවීන්ට නොමිලේ වගා රක්ෂණයක් ලබාදීමට රජය තීරණය කර තිබේ. අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසුවේ, වී, බඩ ඉරිඟු සේයා, මිරිස්, ලොකු ළූණු, අර්තාපල් ගොවීන්ට අක්කරයට රුපියල් 40000ක වගා රක්ෂණයක් ලබා දෙන බවයි. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මීට පෙර අදාළ රක්ෂණය සඳහා ගොවීන් රු 1000ක දායකත්වයක් ලබා දියු යුතුව තිබුණ ද නව තීන්දුව අනුව එය අහෝසි වන බවයි.
2018-02-22T10:36:17.000Z
ක්‍රිස්ටෝෆ් අබු ඩාබි පා පැදි සවාරියේ පළමු අදියර ජය ගනී
අබුඩාබි පාපැදි සවාරියේ පළමු අදියර අවසන්
නෝර්වේ ජාතික ඇලෙක්ඇන්ඩර් ක්‍රිස්ටෝෆ් අබු ඩාබි පා පැදි සවාරියේ පළමු අදියරේ ජය හිමි කර ගත්තේ ය. මෙම තරගයේ බ්‍රිතාන්‍ය පාපැදි ශූර මාක් කෙවෙන්ඩිෂ් අනතුරකට ලක් විය. 2015 වසරේදී ආරම්භ වූ අබු ඩාබි පාපැදි සවාරිය මෙවර පැවැත් වෙන්නේ සිව් වන වරටයි. අදියර 5 කින් සමන්විත පා පැදි සවාරියේ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 687. 6කි. එහි පළමු අදියරේ කිලෝ මීටර් 189 ක දුරකින් යුතු වූ අතර එහි ජය හිමි කර ගත් ඇලෙක්ස් ඇන්ඩර් ක්‍රිස්ටෝෆ් ඒ සඳහා ගත කළ කාලය පැය 4යි මිනිත්තු 48යි තත්පර 24 කි. ඉතාලියේ ඔන්ඩ්‍රෙයා ගුවර්දිනී එහි දෙවැනි ස්ථානය හිමි කර ගත්තේ ය. තුන් වැනි ස්ථානය හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ කේලබ් එවන් සමත් විය. කිලෝ මීටර් 154 ක දුරකින් යුත් පාපැදි සවාරියේ දෙවැනි අදියර අද පැවැත්වේ.
2018-02-22T10:05:51.000Z
බ්‍රිතාන්‍යයයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ධුරයෙන් සමු ගැනීමේ සූදානමක
අමාරි විජේවර්ධන ධුරයෙන් සමු ගැනීමට සැරසෙයි
COLOMBO (Newsfirst) : බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි විජේවර්ධන මහත්මිය ධුර කාලය ස්වකැමැත්තෙන් අවසන් කිරීමට තීරණය කර තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ, අමාරි විජේවර්ධන මහත්මිය ස්වකැමැත්තෙන් මාර්තු 31 වනදායින් ධුර කාලය ලබන අවසන් කිරීමට තීරණය කර ඇති බවයි. මේ අතර බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා අද යළි ත් ශ්‍රී ලංකාවට පැමිණියේ ය. අද දහවල් 12.33 තුනට පමණ ලන්ඩන් සිටි පැමිණි යානයකින් ඔහු මෙරටට පැමිණ තිබේ.
2018-02-22T09:22:35.000Z
"කැබිනට් වෙනස මහලු ගණිකාවක් කන්‍යාවියක් කිරීමේ උත්සාහයක් වැනියි"
නිදහස් පෙරමුණට කැබිනට් සංශෝධනය පේන හැටි..
COLOMBO (Newsfirst) : සිදු කිරීමට සූදානම් වන කැබිනට් සංශෝධනය මහලු ගණිකාවකට පවුඩර් දමා කන්‍යාවියක් කිරීමට දරන උත්සාහයක් බදු බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි. එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් පැවසුවේ, එය අණ්ඩුව යම් ප්‍රතිසංස්කරණයක් කළ බවට ලෝකයාට පෙන්වීමට දරන උත්සාහයක් පමණක් බවයි. "දැන් ආණ්ඩුව මේ නාට්‍යයේ සමාප්තිය කරා ඇවිල්ලා ඒක යම්කිසි ප්‍රතිසංස්කරණයක් කරා කියලා ලෝකෙට පෙන්නන්න කැබිනට් සංශෝධනයක් කරන්න අද ලෑස්ති වෙලා තිබෙනවා. මේක ඇත්තටම අද මහලු ගණිකාවකට පවුඩර් දාලා කන්‍යාවියක් කරන්න හදනවා වගේ වැඩක් මේ" එමෙන් ම හවුල් ආණ්ඩුවේ තවදුරටත් රැඳිය හැකි පාර්ශව පිළිබඳව ද ඔහු එහිදී පැහිදිලි කිරීමක් සිදු කළේ ය. "අනාගතේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක. දීග කාලා UNP ජන්දේ ඉල්ලන්න බලාගෙන ඉන්න අයට මේ හවුල ඇතුළට යන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව. ඒවගේ ම සල්ලි කුට්ටිය අරගෙන එහෙම නැත්නම් තනතුරු තන්‍ය මාන්‍ය වරප්‍රසාද අරගෙන 2020 දේශපාලනයෙන් සමුගන්න ඉන්න අයටත් මේ හවුල් ආණ්ඩුව ඇතුළේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් 2020 දේශපාලනයෙන් විශ්‍රාම යන අයටත් මේ හවුල ඇතුලේ ඉන්න පුළුවන්"
2018-02-22T08:09:34.000Z
නාමල් රාජපක්ෂට රට යන්න අවසර ලැබෙයි
නාමල් රාජපක්ෂට රට යන්න අවසරයි
COLOMBO (Newsfirst) : රුපියල් මිලියන 15 ක මුදලක් අයථා ලෙස උපයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමු සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අප්‍රේල් 26 තෙක් විදෙස්ගත වීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය අද අවසර ලබා දුන්නා ය. සැකකාර නාමල් රාජපක්ෂ එංගලන්තයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැසි වාරයකට සහ නේපාලයේ පැවැත්වෙන තරුණ සම්මේලන 2 ක් සඳහා සහභාගී විමට නියමිත බව පෙන්වා දෙමින් මෝසමක් මගින් අදාළ නඩුව කැඳවා කළ කරණු දැක්විම සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය එම අවසරය ලබා දුන්නා ය. නාමල් රාජපක්ෂ මහතාට අයත් හෙලෝකෝප් සමාගම ශ්‍රීලංකන් ගුවන් සමාගමට භාණ්ඩ සැපයූ සමාගමක් සමග කළ ගනුදෙනුවකදී අයථා ලෙස රුපියල් මිලියන 15 ක මුදලක් උපයා ගැනීම ඇතුළු චෝදනා යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එම නඩුව පවරා තිබිණ. නඩු විභාගය යළි අප්‍රේල් මස 26 වන දා කැඳවිමට නියමිතයි.
2018-02-22T07:47:58.000Z
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්‍යවශ්‍ය අපරාධකරුවෙකු ලෙස නම් කෙරේ
උදයංග වීරතුංග අත්‍යවශ්‍ය අපරාධකරුවෙකු ලෙස නම් කෙරේ
Colombo (Newsfirst) රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ජාත්‍යන්තර පොලීසිය විසින් අත්‍යවශ්‍ය අපරාධකරුවෙකු ලෙස නම් කර තිබේ. විශ්වාසදායි ආරංචි මාර්ගවලට අනුව උදයංග වීරතුංග මහතා පසුගිය 4 වන දා ඩුබායි රටින් පිටව යෑමට තැත් කිරීමේදී ඩුබායි බලධාරීන් විසින් රඳවාගෙන ප්‍රශ්න කළ බවට තොරතුරු ලැබී තිබේ. කෙසේ වෙතත් වැඩිදුර විමර්ශනවලට ඉඩ ලබා දෙමින් ඔහුව නිදහස් කළ බව ද වාර්තා විණි. මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලීසිය හරහා අයැදුම් කර ලබා ගත් රතු නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව උදයංග වීරතුංග මහතා ඩුබායි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. මෙහි පරීක්ෂණවලට සම්බන්ධ ඉහළ නිලධාරියෙකු නිව්ස්ෆස්ට් වෙත තහවුරු කළේ, උදයංග වීරතුංග ඩුබායි පොලීසිය ඉදිරියේ පෙනී සිටීම මගහැර ඇති බව ත් ඔහු ඩුබායි නිවසෙන් පැන ගොස් ඇති බවත් ය. ඒ අනුව ඩුබායි පොලීසිය ඔහු අත්‍යවශ්‍ය පුද්ගලයෙකු ලෙස නම් කර තිබේ. පරීක්ෂණ මෙහෙයවන ඉහළ නිලධාරියා තහවුරු කළේ, මෙම සිද්ධිය විමර්ශන සිද්ධියක් ලෙස සලකන අතර එය සිදු කෙරෙන්නේ මෙරට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවකට අනුව බව ය. යුද මෙහෙයුම් සඳහා මිග් ප්‍රහාරක යානා 4ක් මිලදී ගැනීම සහ තවත් යානා 4ක් සම්බන්ධව අමෙරිකානු ඩොලර් මිලියන 7ක වංචාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණවලට අදාළව උදයංග වීරතුංග මහතා සැකකරුවෙකු ලෙස නම් කර තිබේ. මෙම ප්‍රහාරක ගුවන් යානා අලෙවිකරු මෙරට විමර්ශන නිලධාරීන්ට පවසා ඇත්තේ, එම යානා සඳහා ඔවුන්ට ලැබුණේ, ඩොලර් මිලියන 7ක මුදලක් පමණක් බව ය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඔවුන්ගේ ලංකා බැංකු ගිණුම හරහා මෙම ප්‍රහාරක ගුවන් යානා සඳහා ඩොලර් මිලියන 14ක් ගෙවා ඇති බව ය. එය අනුමත කර ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් බව ත් උදයංග වීරතුංග මහතා අතරමැදියෙකු ලෙස කටයුතු කර ඇති බව ත් ආරංචි මාර්ග සඳහන් කළේ ය. මීට අදාළ ගිවිසුම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, අලෙවිකරු සහ නියෝජිතයින් අත්සන් තබා ඇත්තේ, ගුවන් හමුදා මූලස්ථානයේ සහ උදයංග වීරතුංග තානාපතිවරයෙකු ලෙස කටයුතු කළ නිල නිවසේදී ය. මීට පෙර අවස්ථා කිහිපයකදී උදයංග වීරතුංග මහතා ෆේස්බුක් ගිණුම හරහා කියා සිටියේ තමන්ට විරුද්ධව කිසිදු අවස්ථාවක රතු නිවේදනයක් නොතිබූ බව ය. ඒ වෙනුවට අන්තර්ජාතික පොලීසිය මගින් නිල් නිවේදනයක් පමණක් නිකුත් කර තිබූ බවට සටහනක් තබා තිබිණි. කෙසේ වුවත් මේ වන විට ජාත්‍යන්තර පොලීසිය ඔහු අත්‍යවශ්‍ය අපරාධකරුවෙකු ලෙස නම් කර තිබේ.
2018-02-22T06:02:40.000Z
ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය හෙට...
ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය හෙට....
COLOMBO (Newsfirst) : හෙට පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී බැඩ්මින්ටන් සහ හොකී සංගම් සඳහා ඡන්දය භාවිත කළ නොහැකි බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. වසර 9 කට පසු පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. නිලවරණයෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලන බව ද ක්‍රීඩා අමාත්‍යවරයා පැවසී ය.
2018-02-22T05:46:38.000Z
වගා කටයුතුවලට ලබා දෙන රජයේ ඉඩම් සඳහා බදු සහන
වගා කටයුතුවලට ලබා දෙන රජයේ ඉඩම් සඳහා බදු සහන
COLOMBO (Newsfirst ) : කෘෂිකාර්මික කටයුතු සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දෙන ඉඩම් සඳහා බදු සහන ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව කෘෂි ක්ෂේත්‍රයේ සංවර්ධනය ඉලක්ක කරගනිමින් කෘෂිකර්ම කටයුතු සඳහා රජයේ ඉඩම් ආඥා පනත යටතේ දීර්ඝකාලීන බදු පදනම මත ඉදිරියේදී ඉඩම් ලබා දීමේදී පහත බදු සහන හිමිවනු ඇති. i) වාර්ෂික බදු මුදල මෙන් තෙ ගුණයක් ලෙස එක් වරක් පමණක් අය කරනු ලබන වාර මුදල අය නොකිරීම. (ii) සෑම වර්ෂ 05කට වරක් 50%කින් වැඩි වන පරිදි සිදු කරනු ලබන බදු මුදල් ප්‍රතිශෝධනය වෙනුවට, බදු ප්‍රතිශෝධනය කරනු ලබන වර්ෂයට පෙර වර්ෂයේ පැවති බදු මුදලට 20%ක ප්‍රමාණයක් පමණක් එකතු කිරීමෙන් ප්‍රතිශෝධනය කිරීම. (iii) පළමු බදු කාලය අවසන් වීමෙන් පසු බදු කාලය නැවත දීර්ඝ කිරීමේදී, මුල් බදු කාලය අවසානයේ අය කළ බදු මුදලට 20%ක ප්‍රමාණයක් එකතු කර ලබා ගන්නා අගය දෙවන බදු කාලයේ ආරම්භක බදු මුදල ලෙස සැලකීම. 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනත යටතේ නිවාස ඉදි කිරීමට හා වාණිජ කටයුතු සඳහා බදු පදනම මත ඉඩම් බැහැර කිරීමේදී බදු සහන ලබා දුන්න ද කෘෂිකාර්මික කටයුතු සඳහා එම ආඥාපනත යටතේ රජයේ ඉඩම් ලබා දීමේදී වාණිජ පදනමින් ඉඩම් බැහැර කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය අනුගමනය කෙරිණ. මේ අනුව මෙතෙක් මහා පරිමාණ කෘෂිකාර්මික සංවර්ධන කටයුතු සඳහා රජයේ ඉඩම් නිකුත් කිරීම සීමා වී තිබිණ. කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා විසිනි.
2018-02-22T05:32:14.000Z
2017ට සාපේක්ෂව 2018 ජනවාරි මාසය තුළ කොළඹ වරායට නැව් පැමිණීමේ වර්ධනයක්
කොළඹ වරායට නැව් පැමිණීමේ වර්ධනයක්
Colombo (Newsfirst) 2017 වර්ෂයේ ජනවාරි මාසයට සාපේක්ෂව 2018 ජනවාරි මාසයේ කොළඹ වරායට නෞකා පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. බහලු නෞකා, සාම්ප්‍රදායික නැව් බඩු නෞකා, අනෙකුත් නෞකා සහ නෞකා අලුත්වැඩියාව හා නැංගුරම් කිරීම් තුළින් 2017 වර්ෂයේ ජනවාරි මාසයට සාපේක්ෂව 2018 වර්ෂයේ ජනවාරි මාසය වන විට 8.1%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. වරාය අධිකාරිය පැවසුවේ, 2018 ජනවාරි මාසය තුළ පැමිණ ඇති බහලු නෞකා සංඛ්‍යාව 332ක් වන අතර එය ගිය වසරට සාපේක්ෂව 9.2%ක වර්ධනයක් බව ය.
2018-02-22T05:04:16.000Z
විමල්ට එරෙහිව ටිල්වින් දැමූ නඩුව 11 වන දාට කල් යයි
විමල්ට එරෙහිව ටිල්වින් දැමූ නඩුව 11 වන දාට කල් යයි
Colombo (Newsfirst) සිය බුද්ධිමය දේපල අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන්දි ඉල්ලා විමල් වීරවංශ මහතාට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ගොනු කළ නඩුවේ වැඩිදුර විභාගය මැයි 11 වන දා දක්වා කල් තැබීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා අද නියෝග කළේ ය. ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් රුපියල් මිලියන 50ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා ටිල්වින් සිල්වා මහතා එම නඩුව ගොනු කර තිබේ. විමල් වීරවංශ මහතා ඔහුගේ නමින් ප්‍රකාශයට පත් කළ 'නැත්ත වෙනුවට ඇත්ත' යන ග්‍රන්ථයේ සම්පූර්ණයෙන් ම පාහේ අඩංගු වී ඇත්තේ, විත්තිකාර විමල් වීරවංශ මහතා සිය පක්ෂයේ සිටියදී තමා පක්ෂ විධායක කමිටුව හමුවේදී ඉදිරිපත් කළ අදහස් හා යෝජනා බව ටිල්වින් සිල්වා මහතා පෙන්වා දී තිබේ. ඒවා ඔහුගේ අදහස් ලෙස හුවා දැක්වීම මගින් විමල් වීරවංශ මහතා සිය බුද්ධමය දේපල අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ටිල්වින් සිල්වා මහතා අධිකරණයට පෙන්වා දී තිබිණි.
2018-02-22T03:33:29.000Z
වස විසෙන් තොර ගොවිපොළවල් 25,000ක් ඇරඹීමට පියවර
වස විසෙන් තොර ගොවිපොළවල් 25,000ක් ඇරඹීමට පියවර
COLOMBO (Newsfirst) - වස විසෙන් තොර ආදර්ශ ගොවිපොළවල් 25,000ක් ආරම්භ කිරීමට ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන තීරණය කර තිබේ. එම වැඩසටහන සඳහන් කළේ, ගෘහණිය මුල් කර ගත් එම ආදර්ශ ගොවිපොළෙන් නිවසට අවශ්‍ය එළවළු පලා වර්ග නිෂ්පාදනයට වැඩි අවධානයක් යොමු කෙරෙන බව ය. ගෙවත්ත, පෝෂ්‍යදායී සහ ඹෟෂධීය ගුණයෙන් යුතු ආහාර සපයන ගෙඋයනක් ලෙස සංවර්ධනය කර ගැනීමට ගෘහණියන් දිරි ගැන්වීම මෙහි අරමුණයි.
2018-02-22T01:27:52.000Z
ලෝක කැරම් සංගමයේ සභාපති ජෝසප් මෙයර් දිවයිනට
ලෝක කැරම් සංගමයේ සභාපති ජෝසප් මෙයර් දිවයිනට
COLOMBO (Newsfirst) - ලෝක කැරම් සංගමයේ සභාපති ජෝසප් මෙයර් මහතා ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත 50 වන ජාතික කැරම් ශූරතාවය හෙවත් ශ්‍රී ලංකා කැරම් ස්වර්ණ ජයන්තිය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසිනි. 50 වන ජාතික කැරම් ශූරතාවය හෙවත් ශ්‍රී ලංකා කැරම් ස්වර්ණ ජයන්තිය එළඹෙන ඉරිදා ආරම්භවීමට නියමිත වේ. ලෝක කැරම් සංගමයේ සභාපති ජෝසප් මෙයර් මහතා ශ්‍රී ලංකාවට පැමිණි ඇත්තේ ශ්‍රී ලංකා ස්වර්ණ ජයන්තියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ය.
2018-02-22T00:40:13.000Z
ජනපති පාර්ලිමේන්තු සභාවේ අසුන්ගනී
ජනපති පාර්ලිමේන්තු සභාවේ අසුන්ගනී
COLOMBO (Newsfirst) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සභවට පැමිණ තිබේ. අභාවප්‍රාප්ත හිටපු අමාත්‍යවරයකු වූ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා පිළිබඳව ශෝක යෝජනාව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන අවස්ථාවේදී ජනාධිපතිතුමා සභාගර්භයට පැමිණියේ ය.
2018-02-22T07:36:56.000Z
දරුවෙකුට පහරදුන් විශ්‍රාමික පොලිස් නිලධාරියා අත්අඩංගුවට
දරුවෙකුට පහරදුන් පොලිස් නිලධාරියා අත්අඩංගුවට
COLOMBO (Newsfirst) - දරුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු හලාවත නගරයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස පහර දීමට ලක් ව ඇත්තේ වයස 14 හැවිරිදි දරුවෙකි. දරුවා තව ත් දෙදෙනෙකු සමග උණ පැළයක් කැපීමට යාමේදී සැකකරු ඔහුට බරපතළ ලෙස පහර දී ඇති බවට හලාවත පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය සඳහන් කළේ ය. පහර දීමෙන් දරුවාගේ කනකට තුවාල සිදුව ඇති අතර ඔහු මේ වනවිට හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් ඇත. සැකකරු අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
2018-02-22T00:24:50.000Z
ප්‍රමිතියෙන් තොර යතුරු පැදි හෙල්මට් සොයා මෙහෙයුම්
ප්‍රමිතියෙන් තොර යතුරු පැදි හෙල්මට් සොයා මෙහෙයුම්
COLOMBO (Newsfirst) - නිසි ප්‍රමිතියෙන් තොර යතුරු පැදි ආරක්ෂක හිස්වැසුම් අළෙවි කරන ස්ථාන පරීක්ෂා කිරීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව තීරණය කර තිබේ. එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේ, ඒ සඳහා වැටලීම් ආරම්භ කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් ලබා දුන් බවයි. ඒ අනුව ලබන මස සිට වැටලීම් ක්‍රියාත්මක කිරීමට නියමිත වේ. ඔහු සඳහන් කළේ, නිසි ප්‍රමිතියෙන් යුත් ආරක්ෂිත හිස් වැසුම් මිලදී ගැනීමට ජනතාව වගබලා ගත යුතු බවයි. නිසි ප්‍රමිතියෙන් තොර හිස් වැසුම් නොමැතිව යතුරු පැදි ධාවනය අනතුරුදායක බව ද වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළේ ය.
2018-02-21T23:54:49.000Z
තේ කර්මාන්තශාලාවල හදිස්සි තත්ත්ව පරීක්ෂාවක්
තේ කර්මාන්තශාලාවල හදිස්සි තත්ත්ව පරීක්ෂාවක්
COLOMBO (Newsfirst) - තේවලට සීනි කලවම් කර අළෙවි කරන බවට ලද තොරතුරු අනුව කර්මාන්ත ශාලා 82ක සාම්පල පරීක්ෂා කිරීමට ලබා ගත් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසා තිබේ. එහි සභාපති රෝහාන් පෙතියාගොඩ මහතා සඳහන් කළේ, පෙරේදා දිනයේ තම නිලධාරින් කණ්ඩායමක් සාම්පල පරීක්ෂාවට එම කර්මාන්ත ශාලාවලට නොදන්වා ගොස් ලබා ගත් බවයි. එම සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව තේවලට සීනි කලවම් කර ඇති බව තහවුරු වුවහොත් එහි නිෂ්පාදනය සහ අළෙවිය තහනම් කරන බව ද සභාපතිවරයා සඳහන් කළේ ය. තේවලට සීනි කලවම් කර හසුවිමෙන් පසුගිය දා රත්නපුර නගරයේ කර්මාන්ත ශාලා 2ක නිෂ්පාදන සහ අළෙවිය තහනම් කිරීමට පියවර ගත් බව ද ඔහු පැවසුවේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/1851028238290759/
2018-02-21T20:25:53.000Z
'නවාස් ශරීෆ්' පක්ෂ නායකත්වයට නුසුදුසු බවට තීරණයක්
'නවාස් ශරීෆ්' පක්ෂ නායකත්වයට නුසුදුසු බවට තීරණයක්
අගමැති ධුරයට නුසුදුසු බැවින් නවාස් ෂරිෆ්ගේ පක්ෂ නායකත්වය ද අහෝසි වන බව පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කර තිබේ. ඔහු අගමැති ධුරයට නුසුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ පසුගිය වසරේදීයි. නවාස් ෂරීෆ් අගමැති ධුරයට නුසුදුසු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ, 2016 වසරේ ආන්දෝලනාත්මක පැනමා ලියවිකිලි සම්බන්ධයෙන් ෂරීෆ් හා ඔහුගේ දරුවන් වැරදිකරුවන් බව සනාථ වන සාක්ෂි සලකා බැලීමෙන් පසුවයි. මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ද ෂරීෆ් පවුලට බොහෝ කලක සිට චෝදනා එල්ල විය. එහෙත් එම චෝදනා දිගින් දිගට ම ප්‍රතික්ෂේප කළ ෂරීෆ් තුන් වතාවක් එරට අගමැති ලෙස දිවුරුම් දුන්නේ ය. 2016 වසරේ අප්‍රේල් මාසයේදී පැනමාහි මොසැක් ෆොන්සේකා නීති සමාගමේ මූලිකත්වයෙන් බිහි වූ දේශසීමා රහිත සමාගම් දෙලක්ෂ දස දහසක ලියකියවිලි මිලියන 11.5 ක් පිළිබඳ තොරතුරු හෙළි විය. ලෝක ප්‍රසිද්ධ සමාගම් මෙන්ම රාජ්‍ය නායකයින් ද පැනමා ලිපිගොනු ලැයිස්තුවේ සිටින අතර පකිස්ථාන අගමැති නවාස් ෂෙරීෆ් , හිටපු අයිස්ලන්ත අගමැති සිග්මන්ඩර් ගුන්ලොග්සන් හා හිටපු එංගලන්ත අගමැති ඩේවිඩ් කැමරන්ගේ පියාගේ නම ද එම ලැයිස්තුවේ සඳහන් ය. මේ ගැන හෙළි වූ දිනට පසුදා අයිස්ලන්ත අගමැති සිග්මන්ඩර් ඉල්ලා අස්වු අතර නවාස් ‍ෂෙරීෆ්ට නඩු පැවරිණ. නඩු වාර ගණනාවකින් පසු හෙළි වූයේ නවාස් ෂරීෆ්ට හා ඔහුගේ දරුවන් වන හුසෙන්, හසන් හා මරීම් යන තිදෙනාට ලොව පුරා ඩොලර් බිලියන ගණනක වත්කම් ඇති බවයි. අධිකරණයේදී හෙළි වූ කරුණු අනුව හසන් නවාෂ් ෂරීෆ්, මොසැක් ෆොන්සේකා සමාගම මාර්ගයෙන් ලන්ඩනයේ හැන්ග්ඔන් හොල්ඩිංග්ස් සමාගම පවුම් මිලියන 5.5 කට මිලදී ගෙන තිබේ. ඔහු ලන්ඩනයේ තවත් සමාගම් 6 ක අධ්‍යක්ෂවරයෙකු ද වේ. කරාචි හා ලන්ඩන්හි බීසීසීඅයි බැංකුවේ සභාපති ආවාන් සහාන් අබාදි නවාස් ෂරීෆ්ගේ ඉතා සමීප මිතුරෙකු වන අතර 1980 දී එම බැංකුව මුදල් විශුද්ධිකරණය හා මුදල් වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබී ය. එහි විමර්ශන වාර්තාවේ 283 වැනි පිටුවේ සඳහන් වන පරිදි, බෙනාසීර් භූතොගේ ආණ්ඩුවෙන් අත්හිටුවනු ලැබු බොහෝ ව්‍යාපාර වලට මුදල් පොම්ප කර ඇත්තේ බීසීසීඅයි බැංකුවයි. භූතෝ රජය නවාෂ් ෂරීෆ්ගේ ව්‍යාපාර කිහිපයක්ද තහනම් කර තිබූ අතර ,ඒවා නැවත ඩුබායිහි ස්ථාපනය කිරීම සඳහා නවාස් ෂරීෆ්ට මුදල් ලබාදී ඇත්තේ ඔහුගේ පොහොසත් බැංකු මිතුරා බවද අධිකරණයේදී හෙළි වූ කරුණකි. නීතිවිරෝධී ලෙස පකිස්ථානු මුදල් වෙනත් රටවලට යැවීමට මුල්වූ එම බැංකුව සමඟ බොහෝ සබඳකම් පැවැත්වූ නවාස් ෂරීෆ් තවදුරටත් අගමැති ධුරයට සුදුසු නොවන බව ශ්‍රේෂ්ඨාධිරණයේ නිගමනය විය. චෝදනා දිගින් දිගට ම ප්‍ර‍තික්ෂේප කරමින් සිටි ෂරීෆ් අධිකරණ තීන්දුවට අනූව පසුගිය ජුලි 28 වන දා ඉල්ලා අස්විය. එහෙත් ඔහු සිය පක්ෂය වන පකිස්ථාන මුස්ලිම් ලීගයේ නායකත්වයෙන් ඉවත් නොවී ය. ඊයේ පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේ අධිකරණ තීරණයකින් අගමැති ධුරය අහිමි වු විගස පක්ෂ නායකත්වය ද අහෝසි වන බැවින් ෂරීෆ්ගේ තනතුරු වලංගු නොවන බවයි. ඒ අනූව අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූ දින සිට පක්ෂය සම්බන්ධයෙන් ෂරීෆ් ගනු ලැබු ඕනෑ ම තීරණයක් බල රහිත වනු ඇති. ෂරිෆ්ගේ තීරණයෙන් ලබා දුන් සෙනෙට් මණ්ඩල නිල වරණය සඳහා වන නාම යෝජනා පවා ඒ අනූව ප්‍ර‍තික්ෂේප වේ. මේ දිනවල නවාස් ෂරීෆ්ට එරෙහිව මූල්‍ය අක්‍ර‍මිකතා පිළිබඳ නඩුවක් ද එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වේ. එහි තීන්දුව ලැබෙන්නේ ලබන මාසයේදීයි. මෙවැනි පසුබිමක් කුළ පුරප්පාඩු වූ මුස්ලිම් ලීගයේ නායකත්වයට සුදුස්සෙකු තවමත් තීරණය කර නොමැත.
2018-02-21T19:33:36.000Z
කහගොල්ලේ වූ බස් රථ පිපිරීම ගැන පරීක්ෂණ ඇරඹේ
කහගොල්ලේ වූ බස් රථ පිපිරීම ගැන පරීක්ෂණ ඇරඹේ
COLOMBO (Newsfirst) - දියතලාව - කහගොල්ල ප්‍රදේශයේ බස් රථයක සිදු වූ පිපිරීම පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව පොලීසිය පවසා තිබේ. උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, අත්බෝම්බයක් පිපිරීමෙන් බස් රථය ගිනි ගෙන ඇති බවයි. රජයේ රස පරීක්ෂකවරයා ද බස් රථය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒ බව තහවුරු කර ඇත. මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා අවධාරණය කළේ ය. අනතුරින් බස් රථයේ ගමන් කළ මගීන් 19 දෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කෙරිණි. ඒ අතර යුද හමුදා සාමාජිකයින් 7දෙනෙකු, ගුවන් හමුදා සාමාජිකයින් 5 දෙනෙකු සහ සිවිල් වැසියන් 7 දෙනෙකු වනු ඇති. ඉන් හමුදා සෙබලුන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් අධ්‍යක්ෂ රංජිත් අමරකෝන් මහතා සඳහන් කළේ ය. මේ අතර හමුදා හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, යුද හමුදා පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/1851012194959030/
2018-02-21T11:28:03.000Z
නිල් මහ සටන: දින ප්‍රකාශයට පත් කෙරෙයි
නිල් මහ සටන: දින ප්‍රකාශයට පත් කෙරෙයි
COLOMBO (Newsfirst) - රාජකීය - ශාන්ත තෝමස් 139 වැනි නිල් මහ සටන වාර්ෂික ක්‍රිකට් තරගය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත් විය. නිල් මහ සටන ලබන මස 8 වන දා කොළඹ එස්. එස්. සී ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිත වේ. 1880 වසරේ සිට පැවැත් වූ නිල් මහ සටන අවස්ථා 35කදී රාජකීයයන් ජයගෙන ඇති අතර ශාන්ත තෝමස් විද්‍යාලය ජය ගත් වාර ගණන 34කි.
2018-02-21T10:21:55.000Z
SAITM සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට
SAITM සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට
COLOMBO (Newsfirst) : මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨය සඳහා ඇතුළත් කර ගැනීමට තිරණය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දි පැවති සාකච්ඡාවකදි මෙම තීරණයට එළැඹි බවයි. නීතිපති,කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති,කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ පිඨාධිපති,විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂණ් සභාවේ සභාපති ඇතුළු පිරිසක් මෙම සකාච්ඡාවට සහභාගී වී සිටි බව එම නිවේදනයේ සඳහන් ය. දැනට සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන 1000ක් පමණ වූ සිසුන්ගේ මූලික සුදුසුකම් පරීක්ෂා කර බලා මෙම ඇතුළත් කර ගැනීම සිදු කිරීමට එම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.
2018-02-21T09:17:31.000Z
ECTA ගිවිසුම එපා - වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ විරෝධතාවක
ECTA ගිවිසුම එපා
COLOMBO (Newsfirst) - වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ අද ඉන්දියානු මහකොමසාරිස් කර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. ඒ, ECTA ගිවිසුම සම්බන්ධ ඉන්දු - ශ්‍රී ලංකා සාකච්ඡා නවතා දමන ලෙස ඉල්ලමිනි. මෙහිදී විරෝධතාකරුවන් ECTA ගිවිසුමට විරෝධය පළ කරමින් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය වෙත ලිපියක් ද භාර දුනි. https://www.facebook.com/NewsfirstSL/videos/1850572628336320/
2018-02-21T09:25:16.000Z
ජාතික ගෙවීම් වේදිකාව ක්‍රියාත්මක කරන්නැයි යළිත් යෝජනාවක්
ජාතික ගෙවීම් වේදිකාව ක්‍රියාත්මක කරන්නැයි යෝජනාවක්
COLOMBO (Newsfirst) - මහබැංකුව සහ ICTA ආයතනය එක් ව සකස් කළ දෙමුහුන් සමාගමක් මගින් ජාතික ගෙවීම් වේදිකාව ක්‍රියාත්මක කරන ලෙස යළිත් යෝජනාවක් ඉදිරිපත්වී ඇත. එහෙත් ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයාගේ අදහස් වන්නේ, එවැනි සමාගමක් අවශ්‍ය නොවන බවයි. බැංකු, මූල්‍ය ආයතන, රාජ්‍ය ආයතන හා රටේ ජනතාව සම්බන්ධ කර Online ක්‍රමයට ගෙවීම් පියවීම් කළ හැකි ක්‍රමවේදය ජාතික ගෙවීම් වේදිකාවක් ලෙස සරළව පැහැදිලි කළ හැකි ය. සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස මුහුන්දන් කනගේ මහතා මැදිහත්වී මේ මහබැංකුවේ නියාමන බලය ද නොතකා ජාතික ගෙවීම් වේදිකාවක් සකස් කිරීමට දැරූ උත්සාහය පිළිබඳව අප දිගින් දිගටම කරුණු අනාවරණය කළෙමු. එම උත්සාහය අසාර්ථක වූයේ, කනගේ මහතාට අදාළ තනතුරු සඳහා සේවා දිගුවක් නොලැබීමත් සමග ය. නමුත් නැවතත් එම යෝජනාව වෙනත් ස්වරූපයකින් ඉදිරිපත්වී ඇත. අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පසුගිය ජනවාරි 12 වන දා මහබැංකුවේ අධිපතිවරයාට ලිපියක් මගින් දන්වා තිබුනේ දින දෙකකට පෙර ආර්ථීක කළමනාකරණ කැබිනට් අනුකමිටුව රැස්වී ගත් තීරණයට අනුව මහබැංකුව හා ICTA ආයතනය එක් ව අරඹන දෙමුහුන් සමාගමක් මගින් ජාතික ගෙවීම් වේදිකාවක් සකස් කිරීමට පියවර ගන්නා ලෙසයි. මේ අතර මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි ICTA ආයතනයේ සභාපති චිත්‍රාංගනී මුබාරක් මහත්මිය පසුව මහබැංකුවේ අධිපතිවරයාට දන්වා ඇත. එහෙත් මහබැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය 15 වන දා අග්‍රාමාත්‍ය ලේකම්වරයාට දන්වා ඇත්තේ, දැනටමත් මහබැංකුව යටතේ ඇති ලංකා ක්ලියර් සමාගම මෙම ක්‍රියාවලියේ නිරත ව සිටින බවයි. ආර්ථික කළමනාකරණ කැබිනට් අනුකමිටුව ජාතික ගෙවීම් වේදිකාව පිළිබඳව සාකච්ඡා කළ රැස්වීමට මහබැංකුවේ කිසිදු නියෝජිතයෙකු සහභාගි නොවූ බව ද ඔහු පෙන්වා දුන්නේ ය. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසූවේ, එම අනුකමිටුවේ සභාපතිවරයා වන අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශවයෙන් මෙම කරුණ පිළිබඳව අදාළ දිනයේ සාකච්ඡා නොකරන බව දැනුම්දීම නිසා අදාළ රැස්වීමට මහබැංකුව සහභාගි නොවූ බව ය. මේ අතර දෙමුහුන් ක්‍රමයේ සමාගමක් හරහා ජාතික ගෙවීම් වේදිකාව ක්‍රියාත්මක කළහොත් වෙනත් පාර්ශවයකට පෞද්ගලික රහසිගත බැංකු තොරතුරු ලැබීමට අවදානමක් ඇති බව දි අයිලන්ඩ් පුවත්පත අද අනතුරු අඟවා තිබුණි. https://www.facebook.com/NewsfirstSL/videos/1850518628341720/
2018-02-21T08:25:16.000Z
සිසුවියක දූෂණය කළ විදුහල්පතිවරයෙකුට 10 වසරක සිරදඬුවම්
සිසුවියක කෙළෙසූ විදුහල්පතිට 10 වසරක සිරදඬුවම්
COLOMBO (Newsfirst) : නව හැවිරිදි පාසල් දැරියක දූෂණය කළ යාපනය, කයිට්ස්හි විදුහල්පතිවරයයෙකුට යාපනය මහාධිකරණ විසින් අවුරුදු 10ක බරපතළ වැඩ සිහිත සිරදඬුවමක් නියම කරනු ලැබ තිබේ. යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසහර් ඉලංචෙලියන් අද මෙම නියෝගය නිකුත් කළේ ය. අදාළ විදුහල්පතිවරයාට රු. 10,000ක දඩයක් ද නියම කරමින් විනිසුරුවරයා නියෝග කළේ, අදාළ දඩය ගෙවීමට නොහැකි නම් සිර දඬුවම තවත් මසකින් දීර්ඝ කරන ලෙසයි. මීට අමතරව අදාළ දැරියට ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙස ද විනිසුරුවරයා අදාළ විත්තිකරුට නියෝග කළේ ය. එම වන්දි මුදල නොගෙවන්නේ නම්, ඔහුට එරෙහි බරපතළ වැඩ සහිත දඬුවම තවත් අවුරුදු 2කින් දීර්ඝ වනු ඇති. 2009 වසරේ නොවැම්බර් දිනකදී අදාළ විදුහල්පතිවරයා සිය කාර්යාලය තුළදී අදාළ සිසුවියට ලිංගික අතවර කර තිබිණ.
2018-02-21T08:07:55.000Z
ලොව උසම හෝටලය ඩුබායිහිදී විවෘත වෙයි
ලොව උසම හෝටලය ඩුබායිහිදී විවෘත වෙයි
COLOMBO (Newsfirst) - ලොව උසම හෝටලය වන ජෙවෝරා හෝටලය ඩුබායිහිදී විවෘත කර තිබේ. එය මීටර 356ක් උසැති ලොව උසම හෝටලය ලෙස වාර්තා අතරට එක්වනු ඇත. තරු පහේ හෝටලයක් වන ජෙවෝරා හෝටලය රත්‍රං තේමාව යටතේ නිමවා තිබේ. අල් අටාර් සමාගම විසින් හෝටලයේ ඉදිකිරිම් කටයුතු සිදු කර ඇති අතර එය සම්පුර්ණ කිරීමට වසර 4ක්ගත වූ බව සඳහන් ය. මීට පෙර ලොව උසම හෝටලය ලෙස ගිනස් වාර්තා අතරට එක් ව සිට ඇත්තේ මීටර 355.35 ක් උසැති ඩුබායිහි ජේ. ඩබ්ලිව්. මැරියට් හෝටලයයි. තව ද ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා ගොඩැනැගිල්ල පිහිටා ඇත්තේ ද ඩුබායි රාජ්‍යයේ ය.
2018-02-21T08:28:56.000Z
ත්‍රිකුණාමලයේදී දුම්රියට පහර දුන් 4ක් අත්අඩංගුවට
ත්‍රිකුණාමලයේදී දුම්රියට පහර දුන් 4ක් අත්අඩංගුවට
COLOMBO (Newsfirst : )ත්‍රිකුණාමලය, පාලෙයිඋත්තු ප්‍රදේශයේදී දුම්රියකට පහර දී හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වර්ජන තීරණයක සිටි දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දෙඩංගොඩ මහතා පැවසුවේ, අද රාත්‍රියේ සිට දුම්රිය ගමන්වාර යථා පරිදි සිදු කිරීමට තීරණය කළ බවයි. ත්‍රිකුණාමලය පාලෙයිඋත්තු ප්‍රදේශයේදී කාන්තාවක දුම්රියේ ගැටීමෙන් පසු ඊට විරෝධය පළ කළ පිරිසක් පිරිසක් රාත්‍රි තැපැල් දුම්රියට පහර දී තිබිණ. දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමය පැවසුවේ, දුම්රියේ රියැදුරු හා සහයකයා සුළු තුවාල ලබා ඇති අතර දුම්රිය එන්ජිමට රුපියල් ලක්ෂ එක හමාරක පමණ හානියක් සිදුව ඇති බවයි. පැය දෙක හමාරක ප්‍රමාදයකින් පසු ඊයේ රාත්‍රි එම දුම්රිය කොළඹට ළඟා වී තිබිණ. පහරදීමට විරෝධය පළ කරමින් දුම්රිය රියැදුරන් අද උදෑසන සිට ත්‍රිකුණාමලය හා ගල්ඔය අතර දුම්රිය ධාවනයෙන් ඉවත් වු අතර ඔවුන්ගේ ඉල්ලීම වූයේ සිද්ධියට සම්බන්ධ පිරිස වහා ම අත්අඩංගුවට ගන්නා ලෙසයි. ත්‍රිකුණාමලය පොලීසිය සැකපිට පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීම නිසා වර්ජන තීරණය වෙනස් කළ බව සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසී ය. මේ වන විට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට අරන් තියෙනවා කියලා පොලීසිය දන්වලා තියෙනවා. ඒ අනුව අද රාත්‍රියේ තැපැල් දුම්රියේ සිට දුම්රිය ධාවන කටයුතු නැවත සිදු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා පැවසුවේ, දුම්රිය මාර්ගයේ ගමන් කිරීම නීතිවිරෝධී යැයි, මහජනතාව තරයේ සිහි තබා ගත යුතු බවයි.
2018-02-21T07:06:12.000Z
ජල කළමනාකරණයෙන් වගා සැලසුම් කරන්නැයි, ජනපතිගෙන් උපදෙස්
ජනපති මහවැලි වැඩසටහන්වල ප්‍රගතිය විමසයි
COLOMBO (Newsfirst) : ඉදිරියේදී ඇතිවිය හැකි වියළි කාලගුණික තත්ත්වයන් පිළිබඳව අවබෝධයෙන් යුතුව ජලාශවල ජල මට්ටම කළමනාකරණය කර ගනිමින් වගා සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ඒ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ මෙතෙක් ක්‍රියාත්මක වැඩ සටහන්වල ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව විමසා බැලීමේ සාකච්ඡාවට එක්වෙමිනි. ජනාධිපතිවරයා එහිදී පැවසුවේ, අදාළ සංවර්ධන ව්‍යාපෘති ජනතාවට කඩිනම් ප්‍රතිලාභ සැලසෙන අයුරින් විධිමත් හා කාර්යක්ෂම කරන ලෙසයි. අමාත්‍යාංශ කිහිපයක අමාත්‍යවරු සහ නිලධාරීහු ජනාධිපතිවරයා සමග මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
2018-02-21T06:12:37.000Z
කැබිනට් සංශෝධනයක් ළඟදී ම...?
කැබිනට් සංශෝධනයක් ළඟදී ම...?
COLOMBO (Newsfirst) : මේ සතියේ කැබිනට් සංශෝධනයක් සිදුවිය හැකි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීයි.
2018-02-21T06:49:06.000Z
2018 ජනවාරි මස උද්ධමනය 5.4% ක් දක්වා පහළට
2018 ජනවාරි මස උද්ධමනය 5.4% ක් දක්වා පහළට
COLOMBO (Newsfirst) - 2018 ජනවාරි මාසයේ ලක්ෂමය උද්ධමනය 5.4% ක් දක්වා අඩු වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසා තිබේ. ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, පසුගිය දෙසැම්බර් මාසයේ ලක්ෂමය උද්ධමනය 7.3% ක් ලෙස වාර්තා වූ බවයි. 2017 වසරේ ජනවාරි මාසයෙන් පසුව වාර්තා වූ අවම උද්ධමනය වාර්තා වූයේ ද මේ වසරේ ජනවාරි මාසයේ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. එළවළු, අමුමිරිස්, පොල්, රතුළූණු, සහල්, දෙහි, අර්තාපල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල අඩුවීම ද උද්ධමනය අඩුවීමට බලපා ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.
2018-02-21T06:02:19.000Z
ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්
ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්
COLOMBO (Newsfirst) : ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් විදෙස්ගතවීම තහනම් කර සිටින හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී මහතා අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දී තිබේ. ඔහු එලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දී ඇත්තේ, මීට පෙර අධිකරණය කළ දැනුම් දීමකට අනුවයි.
2018-02-21T03:10:41.000Z
කැලණි ගඟේ දිය නාමින් සිටියදී අතුරුදන්වූ තරුණයින් දෙදෙනාගේ සිරුරු සොයා ගැනේ
කැලණි ගඟේ අතරුදන්වූ තරුණයින්ගේ සිරුරු හමුවේ
Colombo (Newsfirst) කැලණි ගඟේ කොස්ගම කළුඅග්ගල ප්‍රදේශයේ දිය නාමින් සිටියදී අතුරුදන්වූ තරුණයින් දෙදෙනාගේ සිරුරු සොයාගෙන තිබේ. ඒ, නාවික හමුදාව හා පොලීසිය ඒකාබද්ධව කළ මෙහෙයුමකින් අනතුරුව ය. ඊයේ පස්වරුවේ එලෙස අතුරුදන් වූයේ, කහටපිටිය හා කළුඅග්ගල ප්‍රදේශයේ පදිංචි 19 හා 20 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි. මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ අද පැවැත්වීමට නියමිත ය. මොවුන් ඊයේ පස්වරුවේ කැලණි ගඟේ දිය නෑමට ගොස් ඇත්තේ, කොස්ගම කහටපිටිය ප්‍රදේශයෙනි.
2018-02-21T00:53:47.000Z
ට්‍රම්ප්, බම්ප් තහනම් කරයි
ට්‍රම්ප්, බම්ප් තහනම් කරයි
(Newsfirst) අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Bump-stock devices (අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවියක උණ්ඩ විසුරුවා හැරීමේ ශීඝ්‍රතාව වැඩි කරන උපාංග) තහනම් කිරීමට නියෝග කර තිබේ. මෙලෙස තහනම් කර ඇත්තේ, පසුගිය වසරේ සංගීත ප්‍රසංගයකදී පුද්ගලයින් 58 දෙනෙකු ඝාතනය කිරීම සිද්ධියක් සැලකිල්ලට ගෙන ය. එම අවස්ථාවේදී මෙම උපාංගය භාවිත කර ගනිමින් විනාඩියකදී උණ්ඩ සිය ගණනක් නිකුත් කර ඇති බව සනාථ වී තිබේ. ධවල මන්දිරයේදී අදහස් පළ කරමින් ට්‍රම්ප් පැවසුවේ, මෙලෙස මෙම උපාංග නීතිවිරෝධී කිරීමට අලුතින් නීතියක් සම්පාදනය කිරීමට එරට නීති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් විමසා ඇති බව ය.
2018-02-20T22:03:52.000Z
කහගොල්ලේදී බස් රථයක සිදුවූ පිපිරීම ත්‍රස්ත ක්‍රියාවක් නොවේ - හමුදා ප්‍රකාශක
කහගොල්ලේදී බස් රථයක සිදුවූ පිපිරීමකින් 19කට තුවාල
Colombo (Newsfirst) බණ්ඩාරවෙල - කහගොල්ල ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක පිපිරීමක් සමග ඇති වූ ගින්නෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 19 ක් දක්වා ඉහළ ගොස් තිබේ. හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, ඒ අතර හමුදා සාමාජිකයින් 12 දෙනෙකු වන බව ය. යුද හමුදා සාමාජිකයින් 7 දෙනෙක් සහ ගුවන් හමුදා සාමාජිකයින් 5 දෙනෙක් ඒ අතර සිටිති. සිද්ධියෙන් සිවිල් වැසියන් 7 දෙනෙකු ද තුවාල ලබා ඇති අතර කාන්තාවක ද ඒ අතර වන බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, හමුදා සාමාජිකයින් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බව ය. ඔවුහු මේ වන විට දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබති. එම පිපිරීම ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව ඔහු අවධාරණය කළේ ය. අද අලුයම 5.30ට පමණ පිපිරීමත් සමග එලෙස ගිනි ගැනීමට ලක් වුණේ, දියතලාව සිට දෙබරවැව දක්වා ගමන් ගත් බස් රථයකි. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, සිද්ධිය වූ ස්ථානයට රජයේ රස පරීක්ෂක නිලධාරීන් කැඳවා ඇති බව ය.
2018-02-20T20:10:26.000Z
ජාතික ආණ්ඩුව තවදුරටත් වලංගු ද? - කථානායක තීන්දුව අද
ජාතික ආණ්ඩුව තවදුරටත් වලංගු ද?
Colombo (Newsfirst) ජාතික ආණ්ඩුව තවදුරටත් වලංගු ද යන්න පිළිබඳ කථානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත ය. ඒ, ඊයේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇතිවූ විවාදය හේතුවෙනි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ඊයේ ප්‍රශ්න කළේ ය. මෙහිදී විපක්ෂයේ තර්කය වූයේ ජාතික ආණ්ඩුව තවදුරටත් වලංගු නොවන බව ය. කෙසේ වෙතත් මේ පිළිබඳව සොයා බලා විශේෂ ප්‍රකාශයක් කරන බව කථානායකවරයා පැවසුවේ ය.
2018-02-20T19:42:50.000Z
මෙරට බියර් භාවිතය 12%කින් ඉහළට
මෙරට බියර් භාවිතය 12%කින් ඉහළට
Colombo (Newsfirst) මෙරට බියර් භාවිතය 12%කින් ඉහළ ගොස් තිබේ. ඒ, පසුගිය අයවැයෙන් රජය බියර් සඳහා පනවා තිබූ බදු අඩු කිරීමත් සමග ය. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සඳහන් කළේ, පසුගිය මාස කිහිපයේ සුරාබදු දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මේ බව අනාවරණය වී ඇති බව ය. මෙරට සමස්ත මධ්‍යසාර භාවිතයෙන් බියර් භාවිතයට හිමිව තිබූ ප්‍රතිශතය 18%කි. පවතින තත්ත්වය මත එය තවදුරටත් වර්ධනය වනු ඇති බව ද දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සඳහන් කළේ ය. මෙම තත්ත්වය පිළිබඳව ලබන සඳුදා රැස්වන අධිකාරියේ කමිටු රැස්වීමේදී අවධානය යොමු කරන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ ය. ඒ අනුව බියර් භාවිතය වැඩිවීම පිළිබඳව වාර්තාවක් ජනාධිපතිවරයාට හා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලබා දීමට නියමිත ය.
2018-02-20T10:22:21.000Z
EAP සමූහ ව්‍යාපාරය අමෙරිකානු ඩොලර් මිලියන 60කට විකිණීමේ සූදානමක්
EAPසමූහ ව්‍යාපාරය ඩො.මිලියන 60කට විකිණීමේ සූදානමක්
COLOMBO (Newsfirst) - EAP සමූහ ව්‍යාපාරය බ්‍රිතාන්‍ය සමාගමකට අමෙරිකානු ඩොලර් මිලියන 60 කට විකිණීමේ සූදානමක් ඇතැයි අද වාර්තා විය. නිව්ස්ෆස්ට් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් විමසූවිට ඔහු කියා සිටියේ, EAP ව්‍යාපාරයේ හිමිකරුවන් සාකච්ඡා කරමින් සිටින අතර අවසන් තීරණයක් ගැනීමට මහබැංකුවේ අවසරය අවශ්‍ය බවයි. සිංගප්පූරුවේ සමාගමක් වන ස්ට්‍රේට්ස් ග්‍රිඩ් ලිමිටඩ් සහ අතරමැදියෙකු ලෙස කටයුතු කරන සුදීර් ජයරාම් නමැති මලයාසියානු ව්‍යාපාරිකයා මීට සම්බන්ධ අනෙක් පාර්ශවය බව ඩේලි එෆ්ටී පුවත්පත අද වාර්තා කළේ ය. ඊට අමතරව මෙහි මිලදී ගන්නා පාර්ශවය ලෙස හඳුන්වා ඇත්තේ බ්‍රිත්ලයිකා සමූහ ව්‍යාපාරයයි. එය ශ්‍රී ලංකාවේ උපන් ව්‍යාපාරික අලිරාජා සුබාස්කරන් මහතාට අයත් ව්‍යාපාරයකි. කෙසේවෙතත් මේ පුද්ගලයින් පිළිබඳව නිව්ස්ෆස්ට් ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයාගේ ත් රජයේ ත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ අවධානයට ලක් කරනු ඇත. මෙහි අතරමැදියෙකු බව කියන සුදීර් ජයරාම් නමැත්තා මීට පෙර කටුනායක ගුවන් තොටුපොළේදී නීතිවිරෝධී ලෙස විදේශීය මුදල් තොගයක් රටින් පිටකිරීමට උත්සාහ කර රේගු භාරයට ද පත් වූ අයෙකි. ඔහු හෝටන් ස්කෙවයාර් නමැති ඩොලර් මිලියන 250 ක් වටිනා ප්‍රශ්නගත ව්‍යාපෘතියේ ද හවුල්කරුවෙකු වනු ඇත. එම ව්‍යාපෘතියට සම්බන්ධ ආර්. එම්. මනිවානන් නමැත්තා සුප්‍රීම් සැට් ව්‍යාපාරය සමග ද සම්බන්ධ අතර 2000 වසරේදී ඉරාකයේ සිදු වූ බව කියන අාහාර සඳහා තෙල් වැඩසටහනේ වංචාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විමර්ශනයකට ද ලක් වූ අයෙකි. අලිරාජා සුබාස්කරන් මහතාගේ ලයිකා මොබයිල් සමාගම මේ වනවිට ප්‍රංශයේ මුදල් විශුද්ධිකරණයෙන් අපරාධ කිරීම යටතේ විමර්ශනයකට ලක් ව ඇති අතර බදු වංචා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ විමර්ශනයට ලක් ව තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/1849470405113209/
2018-02-20T08:53:15.000Z
ජාතික ආර්ථික සභාවේ නව වැඩපිළිවෙළ ලබන සතියේ
ජාතික ආර්ථික සභාවේ නව වැඩපිළිවෙළ ලබන සතියේ
COLOMBO (Newsfirst) - අද දිනයේ කැබිනට් රැස්වීමෙන් පසුව ජනපති ප්‍රධානත්වය දරන ජාතික ආර්ථික සභාව රැස් විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපති ධූරය දරන ජාතික ආර්ථික සභාවේ ලේකම් ධූරය දරනු ඇත්තේ, මහාචාර්ය ලලිත් සමරකෝන් මහතායි. මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා ආර්ථීක විද්‍යාඥයෙක්, වරලත් ගණකාධිකාරීවරයෙක් මෙන් ම මූල්‍ය පිළිබඳව මහාචාර්යවරයෙකු ද වනු ඇත. අගමැතිවරයා, මුදල් ඇමැතිවරයා, ජනාධිපති ලේකම්වරයා, අගමැති ලේකම්වරයා, අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා සභාවේ සෙසු සාමාජිකයින් වෙති. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, රටට අවශ්‍ය කඩිනම් ආර්ථික කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙළ, ජාතික ආර්ථික සභාව හරහා ලබන සතියේදී රටට ඉදිරිපත් කිරීමට අද රැස්වීමේදී තීරණය කළ බවයි. ආර්ථික කළමනාකරණයේදී රටට අවශ්‍ය කඩිනම් වෙනස්කම් සහ එහිදී ගතයුතු තීන්දු තීරණ, ක්‍රියාත්මක කළ යුතු කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩසටහන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජා කර තිබේ. රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිතුමා විසින් ජාතික ආර්ථික සභාව පත් කළේ පසුගිය වසරේදී ය. https://www.facebook.com/NewsfirstSL/videos/1849387831788133/
2018-02-20T07:17:26.000Z
අගහිඟ කලාකරුවන් 4000 කට මූල්‍ය ආධාර
අගහිඟ කලාකරුවන් 4000 කට මූල්‍ය ආධාර
COLOMBO (Newsfirst) - විවිධ කලා ක්ෂේත්‍රවල නියැළුණු අගහිඟ කලාකරුවන් 4000කට පමණ මේ වසරේදී මූල්‍යාධාර ලබාදීමට පියවර ගන්නා බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසා තිබේ. පසුගිය වසරේදී ආර්ථික අගහිඟ ඇති වියපත් කලාකරුවන් 1042ක් වෙනුවෙන් මූල්‍ය ආධාර ලබාදීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණවී ඇත්තේ, වයෝවෘද්ධ කලාකරුවන්ට ඔවුන්ගේ සැදෑ සමයේදී අත්වැලක් සැපයීමයි. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළේ, අවුරුදු 60 ඉක්ම වූ විශ්‍රාමික නොවන විවිධ කලා ක්ෂේත්‍රයන් හි නියුතු කලාකරුවන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අයැදුම්පත් කැඳවා එක් අයෙකුට රුපියල් 10,000 බැගින් වසරකට වරක් මූල්‍යාධාර ලබාදීමට කටයුතු කරන බවයි. තව ද මේ වනවිට කලාකරුවන් 3500ක් පමණ ලියාපදිංචි වී සිටින බවත් අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළා ය.