date
stringlengths 24
24
| title
stringlengths 0
176
| short_title
stringlengths 10
69
| content
stringlengths 0
19.7k
|
---|---|---|---|
2018-02-14T10:01:41.000Z | විශ්වාසය දිනාගත් අයෙක් අගමැති කළ යුතුයි | විශ්වාසය දිනාගත් අයෙක් අගමැති කළ යුතුයි | COLOMBO (Newsfirst) - පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ගෞරවය සහ විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍ය ධූරයට පත් කර නව රජයක් පිහිටුවිය යුතු යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තිබේ. මේ ඉල්ලීම ඇතුළත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර ඇත්තේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා ය. ඇතැම් අමාත්‍යංශ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ගනු ලැබු සමහර තීරණ පිළිබඳව ප්‍රතිපත්තිමය එකඟතාවක් නොතිබුණ ද සාමුහික වගකීමට මැති ඇමතිවරුන් ගරු කළ බව ද මෙහි සඳහන් ය. වංචා මැඩලීම වෙනුවට බැඳුම්කර වංචාව වැනි දේ සිදු වූ අතර ඒවා අග්‍රාමාත්‍යවරයාගේ දැනුම මත සිදු ව ඇති බව රටට රහසක් නොවන වග ද මෙම ලිපියේ දැක්වා තිබේ. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල, වර්තමාන ජනමතය පිළිබිඹු කර ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන්වේ. එබැවින් එක්සත් ජාතික පක්ෂය ලැබු ඡන්ද සංඛ්‍යාව මත අග්‍රාමාත්‍යවරයා එම තනතුරේ තවදුරටත් රැඳී සිටිමින් රාජ්‍ය පාලනය මෙහෙයවීම අප පක්ෂයට එකඟ විය හැකි කරුණක් නොවන බව ද ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කර ඇත. ඔහු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා ඇත්තේ, පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ගෞරවය හා විශ්වාසය දිනාගත හැකි මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍ය ධූරයට පත් කර නව රජයක් පිහිටුවිය යුතු යැයි අදහස් කරන අතර ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අවස්ථාව ලබා දෙන ලෙසයි. https://www.facebook.com/NewsfirstSL/videos/1842235375836712/ |
2018-02-14T23:18:10.000Z | අයියාරී 16 සිට තිරගත කෙරේ | අයියාරී 16 සිට තිරගත කෙරේ | COLOMBO (Newsfirst) : අයියාරී බොලිවුඩ් චිත්‍රපටය අනිද්දා (16) සිට තිරගත කිරීමට සැලසුම් කර තිබේ. ෂිටාල් භාතියා හා ධාවල් ගාටාගේ ඒකාබද්ධ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය සංගීතයෙන් හැඩ කරන්නේ අන්කිත් තිවාරී, සංජෝයි චව්ද්රි ඇතුළු ශිල්පීන් ය. දේශපාලනය පදනම් කර ගත් කතා මාලාවක් පාදක කර ගනිමින් නිර්මාණය වූ අයියාරී බොලිවුඩ් චිත්‍රපටයට සිද්ධාර්ත් මල්හෝත්‍රා, මනෝජ් බජ්පායි ඇතුළු ශිල්පීහු රැසක් රංගනයෙන් එක්වෙති. අවස්ථා කිහිපයකදී තිරගත කිරීමට සූදානම් වුව ද ප්‍රදර්ශනය සඳහා අවසර ලබා ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් එය තිරගත කිරීම ප්‍රමාද විය. |
2018-02-14T07:37:27.000Z | තව ත් ජනපති කොමිසමකට පත්වීම් ලිපි | තව ත් ජනපති කොමිසමකට පත්වීම් ලිපි | COLOMBO (Newsfirst) - ශ්‍රීලංකන් ගුවන් සේවය, ශ්‍රීලංකන් කේටරිං සහ මිහින් ලංකා සමාගම්වල අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිලධාරීන් අද පත්වීම් ලිපි ලබා ගෙන ඇත. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිනි. ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා කටයුතු කරනු ඇති. විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ඊ. ඒ. පි. ආර් අමරසේකර මහතා, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති එම්. ඩී. ඒ. හැරල්ඩ් යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව්. ජේ. කේ ගීගනගේ මෙනවිය ද මෙහි සමාජිකයින් ලෙස කටයුතු කරනු ඇත. 2006 ජනවාරි මස 06 වන දින සිට 2018 ජනවාරි මස 30 වැනි දින දක්වා වූ කාලය තුළ සිදුවූවා යැයි සැලකෙන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය සහ පරීක්ෂණ කොට වාර්තා කිරීම අදාළ කමිටුවට විසින් සිදු කිරීමට නියමිත ය. |
2018-02-14T06:45:17.000Z | ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යයි | ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යයි | COLOMBO (Newsfirst) - ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ලෝක වෙළෙඳපාළේ රත්‍රං අවුන්සයක මිල සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් 1332 ක් වශයෙනි. වෙනත් මුදල් ඒකකයන්ට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ මිල පහළ යාම ලෝක වෙළෙඳපපොළේ රත්‍රං මිල ගණන් ඉහළ යාමට හේතු වූ බව වෙළෙඳපොළ විශ්ලේෂකයන් ප්‍රකාශ කර තිබේ. |
2018-02-14T08:55:10.000Z | ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් දෙකක් - නිලානිගෙන් ශ්‍රී ලංකා වාර්තාවක් | ඉන්දුනීසියාවේදී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කම් 2ක් | COLOMBO (Newsfirst) – ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 3000 බාධක දිවීමේ කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්වූවාය. ඇය එම ඉසව්වේ රන් පදක්කම හිමි කර ගත්තේ මිනිත්තු 9.55.59 ක කාලයක් වාර්තා කරමිනි. එය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක එම ඉසව්ව මිනිත්තු 10 ට අඩු කාලයකින් නිම කළ පළමු අවස්ථාව ලෙස ද වාර්තා වෙයි. නිලානි රත්නායක මීට පෙර මීටර් 1500 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. මේ අතර, මීටර් 3000 බාධක දිවීමේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ආර්. එම්. එස් පුෂ්පකුමාර සමත්විය. ඔහු එහිදී වාර්තා කළ කාලය මිනිත්තු 8:59.70 කි. ඊට අමතරව මීටර් 100 සහය දිවීමේ පිරිමි කණ්ඩායම රිදී පදක්කම හිමි කර ගත් අතර, මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායම ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්විය. මීටර් 800 කාන්තා ඉසව්වේ දී නිමාලී ලියනාරච්චි රිදී පදක්කම දිනා ගනිද්දී, ලොකඩ පදක්කම හිමිවුණේ ගයන්තිකා අබේරත්නට යි. තුන්පිම්ම ඉසව්වේදී සංජය ජයසිංහට සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවිය. මීට පෙර ලබා සිටි පදක්කම් මීටර් 100 - විනෝජ් සුරංජය - රන් මීටර් 400 - තරුෂ ධනංජය - රන් හෙල්ල විසිකිරීම (කාන්තා) - නදීශා දිල්හානී - රන් හෙල්ල විසිකිරීම - සම්පත් රණසිංහ - රිදී දශ ප්‍රයාම - අජිත් කරුණාතිලක - රිදී මීටර් 1500 - නිලානී රත්නායක - රිදී තුන්පිම්ම - විදූෂා ලක්ෂානි - රිදී තුන්පිම්ම - හෂිනි ප්‍රබෝදා - ලෝකඩ මීටර් 400 - දිලිප් රුවන් - ලෝකඩ මීටර් 5000 - ආර්.එම්.එස්. පුෂ්පකුමාර - ලෝකඩ දුර පැනීම - ප්‍රසාද් විමලසිරි - ලෝකඩ මීටර් 400 - උපමාලිකා රත්න කුමාරි - ලෝකඩ |
2018-02-14T05:08:51.000Z | ග්‍රෑන්ඩ්පාස්හි ගොඩනැගිල්ලක් කඩාවැටී 7 දෙනෙක් මරුට | ග්‍රෑන්ඩ්පාස්හි ගොඩනැගිල්ලක් කඩාවැටී 7දෙනෙක් මරුට | COLOMBO (Newsfirst) : ග්‍රෑන්ඩ්පාස්, බාබාපුල්ලි මාවතේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් හත්දෙනෙකු මියගොස් තව ත් පිරිසක් තුවාල ලබා තිබේ. ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ශමින්දි සමරකෝන් මහත්මිය සඳහන් කළේ, තුවාල ලැබු දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි. පෞද්ගලික ආයතනයකට අයත් පැරණි ගොඩනැගිලි සංකීරණයක් වන මෙය ගබඩාවක් ලෙස පවත්වාගෙන ගොස් තිබේ. ඉන් ගොඩනැගිලි දෙකක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය. ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යටවී සිරවි සිටි පුද්ලයින් ගලවා ගැනීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා ඇත. තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි. |
2018-02-14T04:45:42.000Z | කවුද මේ වැලන්ටයින් ? | කවුද මේ වැලන්ටයින් ? | Colombo (Newsfirst) පෙබරවාරි 14 වන දා තරුණ තරුණියන් කවුරුත් දැඩි උනන්දුවක් දක්වන දිනයකි. ඒ, වැලන්ටයින් දිනය හේතුවෙනි. ලොව පුරා සිටින සෑම පුද්ගලයෙකු ම පාහේ මෙම දිනය මහත් උනන්දුවෙන් සමරන්නේ තම ආදරණීයයන්ට විශේෂ ත්‍යාග පිරිනමමින් සිය ආදරය ප්‍රකාශ කරමිනි. අද වන විට වැලන්ටයින් දිනය වාණිජකරණය වී ඇති බවක් ද පෙනී යයි. මක්නිසාදයත් මෙම දිනය වෙනුවෙන් ම සැකසුණු විශේෂ තිලිණ වෙළෙඳපොළ තුළ තිබීම යි. මේ වන විට වාණිජකරණය වී තිබුණ ද වැලන්ටයින් දිනය පිළිබඳව අපූරු ඉතිහාසයක් තිබේ. එය 3 වන සියවස දක්වා දිව යයි. මෙම දිනය නම් කර තිබෙන්නේ, 3 වන සියවසේ රෝමයේ ජීවත් වූ කතෝලික පූජකවරයෙකු වන ශාන්ත වැලන්ටයින් නමිනි. වැලන්ටයින්ගේ කාලය තුළ රෝමානු වැසියන් රැසක් ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීම සිදු විණි. එම කාලයේ සිටි 2වන ක්ලෝඩියස් අධිරාජ්‍යයා දැඩි මිථ්‍යාදෘෂ්ටිකයෙකු වූ අතර ඔහු රෝම සොල්දාදුවන් ක්‍රිස්තියානි භක්තිකයින් සමග විවාහ වීම තහනම් කරමින් නීති පැනවිය. මේ හේතුවෙන් ශාන්ත වැලන්ටයින් පූජකවරයා එම සොල්දාදුවන් රහසිගත ක්‍රිස්තියානි උත්සවවලදී විවාහ කළේ ය. මේ නිසා ආදරයේ වැදගත්කම සහ විශ්වාසය සම්බන්ධයෙන් වැලන්ටයින් පූජකවරයාගේ කීර්ති නාමය පැතිරීම පටන් ගැනිණි. ක්ලෝඩියස්ට එරෙහිව ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වුණු වැලන්ටයින්, සිරගතව සිටියදී සිරකරුවන්ගේ රෝග සුවපත් කර තිබේ. එමෙන් ම බන්ධනාගාරගතව සිටින අවධියේදී එහි ජේලර්වරයාගේ අන්ධ දියණියගේ අන්ධභාවය සුවපත් කිරීමට වැලන්ටයින් පූජකවරයා සමත් වූ බව ජනප්‍රවාදයේ පවතී. වර්ෂ 269 පෙබරවාරි 14 වන දා ශාන්ත වැලන්ටයින් ඝාතනය කරන ලදී. වැලන්ටයින් ඝාතනය කර වසර 200කට වඩා වැඩි කාලයකින් පසුව පෙබරවාරි 14 වැලන්ටයින් දිනය ලෙස නම් කරන ලදී. මෙම කාලය වන විට රෝමය ක්‍රිස්තියානිකරණය වී තිබුණු අතර ඒ වන විට රෝමයේ තිබුණු මිථ්‍යාදෘෂ්ටිකත්වය නැති කිරීම සඳහා කතෝලික පල්ලි කටයුතු කළේ ය. මේ අතර සෑම වසරක ම පෙබරවාරි මාසයේ මිථ්‍යාදෘෂ්ටික පූජාවක් එවක පැවති අතර පාප් වහන්සේ විසින් එය අවලංගු කර පෙබරවාරි 14 වන දා වැලන්ටයින් දිනය ලෙස නම් කරනු ලැබී ය. මෙලෙස ඇරඹුණු වැලන්ටයින් දිනය අද වන විට ලොව සෑම පුද්ගලයෙක් ම පාහේ විවිධ අයුරින් සමරති. |
2018-02-14T03:01:58.000Z | ඇඟිලි කැත කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ලස්සන වෙයි ද? | ඇඟිලි කැත කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ලස්සන වෙයි ද? | මෙරට ඕනෑ ම මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට යන සෑම අයෙකුගේ ම අතේ කළු පැල්ලමක් ඉතිරි වෙයි. ඇතැම් විට මාස ගණනක් ගත වන තුරු මැකී නොයන එම පැල්ලම 'හොර ඡන්ද' වැළැක්වීම සඳහා භාවිත වන පරණ තාලේ උත්සහයකි. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයට මුවාවී අත් කැත කරන මේ ඇඟිලි කෝලම තවදුරටත් පවත්වාගෙන යා යුතු ද? යම් ඡන්දදායකයෙකු තම ඇඟිල්ල පාට කිරීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කළහොත් ඡන්ද පත්‍රිකාවක් නිකුත් නොකිරීමේ බලය මැතිවරණ නිලධාරීන්ට නීතියෙන් හිමිව තිබේ. මේ වන විට මෙරට ඡන්ද හිමි නාම ලේඛන පරිගණකගත කර තිබේ. එහෙයින්, එක් පුද්ගලයෙකුට දෙතැනක ඡන්දය සඳහා ලියාපදිංචි වීමේ ඉඩ ඇහිරී ඇත. අනෙක් අතට, අතීතයේ මෙන් නොව වලංගු අනන්‍යතා පත්‍රයක් නොමැතිව ඡන්දය ප්‍රකාශ කිරීමට දැන් අවසරයක් නොලැබේ. හොර හිත ඇති අයට පාට පැල්ලම මකා ගැනීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ඕනෑ තරම් අද විවෘත වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට ඉඩකඩ තිබේ. අනෙක් අතකින් බලද්දී ඡන්දය ප්‍රකාශ කිරීමට යන 99.9%කට ත් වැඩි සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පුරවැසියන්ට 'හොරුන්' කිහිප දෙනෙකු නිසා අනිවාර්ය 'බොඩි පේන්ට්' (Body Paint) සැසියක් ලබා දීම කොතෙක් දුරට ප්‍රජාතන්ත්‍රවාදී ද? ඇතැම් රටවල් වීසා නිකුත් කිරීමේදී ජෛව විද්‍යාත්මක දත්ත ලබා ගැනීම පිළිබඳව මෙරට මතුවූ විරෝධය අපේ මැතිවරණ නීතියේ ඇති මේ යල් පැන ගිය 'හණ ගැසීමට' එරෙහිව පළ නොවීම පුදුමයට කරුණකි. - අසෝක ඩයස් |
2018-02-13T20:41:34.000Z | නදීශා දිල්හානිගෙන් රන් පදක්කමක් - දින තුනේදී ශ්‍රී ලංකාවට පදක්කම් 12 ක් | ඉන්දුනීසියාවේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කම් 4 ක් | COLOMBO (Newsfirst) – ආසියානු ක්‍රීඩා උළෙලට පෙර ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ආරාධිත ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට නදීෂා දිල්හානී ක්‍රීඩිකාව සමත් වූවා ය. හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ඇය මෙහිදී දැක්වූ දක්ෂතාව මීටර් 55.13 කි. පසුගිය වසරේ පැවති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කමක් දිනාගත් ඇය පසුගිය දා මෙරට පැවති තේරීම් තරගාවලියේදී සිය උපරිම දක්ෂතාව දක්වමින් මීටර් 55.41 ක දස්කමක් දැක්වීය. මෙහිදී තුන්පිම්ම කාන්තා ඉසව්වෙන් ද පදක්කම් යුගලයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා දීමට විදූෂා ලක්ෂානි හා හෂිනි ප්‍රබෝධා සමත් වූහ. තුන්පිම්ම ශ්‍රී ලංකා වාර්තාව හිමි විදූෂා මීටර් 13.28 ක දස්කමක් දක්වමින් රිදී පදක්කම හිමි කරගත් අතර, හෂිනී ප්‍රබෝදා බාලසූරිය මීටර් 12.98 ක දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කම හිමි කර ගත්තාය. ඔවුන් දෙදෙනාට අමතරව සචින්තා දුලංජලී ද එම ඉසව්වට සහභාගී වුවත්, මීටර් 12.41 ක දක්ෂතාවක් දැකවූ ඇයට හිමිවූයේ පස් වන ස්ථානය යි. මේ අතර, මීටර් 5000 ඉසව්වට සහභාගී වූ ආර් එම් එස් පුෂ්පකුමාර 2015 වසරෙන් පසුව මෙරට ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත් ම කාලය වාර්තා කරමින් ලෝකඩ පදක්කමක් දිනා දීමට සමත්විය. මිනිත්තු 14:34.86 ක දක්ෂතාව ඔහුගේ පුද්ගලික හොඳ ම කාලය ලෙස ද වාර්තා වේ. මේ අනුව මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට රන් පදක්කම් 3 ක් ඇතුළුව පදක්කම් 12 ක් දිනා ගැනීමට සමත්ව සිටියි. එම පදක්කම් සටහන මෙසේ ය. මීටර් 100 - විනෝජ් සුරංජය - රන් මීටර් 400 - තරුෂ ධනංජය - රන් හෙල්ල විසිකිරීම (කාන්තා) - නදීශා දිල්හානී - රන් හෙල්ල විසිකිරීම - සම්පත් රණසිංහ - රිදී දස ප්‍රයාම - අජිත් කරුණාතිලක - රිදී මීටර් 1500 - නිලානී රත්නායක - රිදී තුන්පිම්ම - විදූෂා ලක්ෂානි - රිදී තුන්පිම්ම - හෂිනි ප්‍රබෝදා - ලෝකඩ මීටර් 400 - දිලිප් රුවන් - ලෝකඩ මීටර් 5000 - ආර්.එම්.එස්. පුෂ්පකුමාර - ලෝකඩ දුර පැනීම - ප්‍රසාද් විමලසිරි - ලෝකඩ මීටර් 400 - උපමාලිකා රත්න කුමාරි - ලෝකඩ |
2018-02-14T00:55:07.000Z | කන්‍යාභාවය සෙවීමට එරෙහිව ඉන්දියාවේ විරෝධතා | කන්‍යාභාවය සෙවීමට එරෙහිව ඉන්දියාවේ විරෝධතා | (Newsfirst) බටහිර ඉන්දියාවේ ගෝත්‍රික කණ්ඩායමක් තුළ ක්‍රියාත්මක වන කන්‍යාභාවය පරීක්ෂා කිරීමේ අමුතු සහගත චාරිත්‍රයකට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වේ. මෙහිදී 22 හැවිරිදි වියේ පසු වන ඇනීටා ඇය මුහුණ දුන් අපහසුතා පිළිබඳව විග්‍රහ කළා ය. ඇය පැවසුවේ, මීට වසර 2කට පෙර ඇගේ විවාහ මංගලෝත්සවයේදී ඇය මුහුණ දුන් අපහසුතා සිහි වෙද්දී තවමත් දෑස් කඳුළින් පිරී යන බව ය. ලක්ෂ 2ක පමණ පිරිසකගෙන් සැදුම් ලත් කන්ජාබාත් ගෝත්‍රයට අයත් වන මෙම පිරිස මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේදී වැඩි වශයෙන් දැකගත හැකි ය. වසර 2කට පෙර පැවති ඇගේ විවාහ මංගලෝත්සවයේදී ඇයට ද කන්‍යාභාවය පරීක්ෂා කිරීමේ චාරිත්‍රයට මුහුණ දීමට සිදුව තිබේ. මෙම චාරිත්‍රය මගින් ස්වාමිපුරුෂයා සමග යුග දිවියට පැමිණෙන කාන්තාව ධාර්මික ද, එසේ නොවන්නේ ද යන්න පිළිබඳව නිගමනය කරයි. මෙම චාරිත්‍රය එම ගෝත්‍රය තුළ සිදුවන විවාහ උත්සවවලදී අනිවාර්යයෙන් සිදු විය යුතු අංගයක් වන අතර මෙය පංචායත් නමින් හඳුන්වන ගම් සභාව බලාත්මක කර තිබේ. මෙහිදී විවාහ දිවියට එළැඹෙන යුවළට සුදු රෙදි කඩක් ලබා දී ඔවුන්ව ගම් සභාව හෝ පවුලේ උදවිය විසින් කුලියට ගනු ලැබූ හෝටල් කාමරයක් වෙත රැගෙන යනු ලැබේ. විවාහක යුවළ සංසර්ගයේ යෙදෙන තුරු පවුලේ උදවිය හෝටල් කාමරයෙන් පිටතට වී රැඳී සිටින අතර දෙදෙනා අතර සිදු වන සංසර්ගයේදී මනමාලියගේ යෝනියෙන් රුධිරය වහනය වූයේ නම් ඇය කන්‍යාවක් ලෙස පිළිගැනෙන අතර එසේ නොවූයේ නම් ඇයට මහත් අපහසුතාවලට මුහුණ දීමට සිදු වේ. මෙම චාරිත්‍රයේදී බිරිඳ සිය පිරිසිදු භාවය ඔප්පු කිරීමට අපොහොසත් වුවහොත් ස්වාමිපුරුෂයාට එම විවාහය අවලංගු කිරීමේ හැකියාව තිබේ. එමෙන් ම මෙහිදී ඇගේ පිරිසිදුභාවය පිළිබඳව ප්‍රසිද්ධියේ නින්දා සහගත අයුරින් ප්‍රශ්න කරන අතර ස්වාමිපුරුෂයාගේ පවුලට අගෞරවයක් කළා යැයි සලකා ඇගේ පවුලේ ඥාතීන්ට පහර කෑම්වලට පවා ලක් වීමට සිදු වෙයි. |
2018-02-13T22:37:47.000Z | ඊශ්‍රායල අගමැතිට එරෙහිව එරට පොලීසියෙන් අධිචෝදනා | ඊශ්‍රායල අගමැතිට එරෙහිව එරට පොලීසියෙන් අධිචෝදනා | (Newsfirst) ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට එරෙහිව එරට පොලීසිය අධිචෝදනා ගොනු කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල පොලීසිය පෙන්වා දෙන්නේ, අග්‍රාමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති අල්ලස් සම්බන්ධ නඩු 2කට අදාළව ප්‍රමාණවත් තරම් සාක්ෂි හමුවී ඇති බව ය. මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අගමැති නෙතන්යාහු පවසා ඇත්තේ, තමන්ට එල්ල කරන චෝදනා පදනම් විරහිත බව ය. තමන් තවදුරටත් අගමැතිවරයා ලෙස කටයුතු කරමින් තම කාර්යාලයේ රැඳී සිටින බව අගමැතිවරයා රූපවාහනී නාලිකාවකට පවසා තිබේ. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අගමැති නෙතන්යාහු චෝදනා ලැබිය යුතු ද යන්න සම්බන්ධ අවසාන වශයෙන් තීරණය කළ යුත්තේ ඊශ්‍රායල නීතිපතිවරයා බව ය. ධනවත් ව්‍යාපාරිකයින් ලබා දුන් බව කියන ත්‍යාගවල ව්‍යාජ බිල්පත් සම්බන්ධයෙන් සහ පුවත්පත් ප්‍රකාශකයෙකු සමග සිදු කෙරුණා යැයි කියන ගිවිසුමක් සම්බන්ධයෙන් නෙතන්යාහුට එරෙහිව චෝදනා එල්ල වේ. |
2018-02-13T21:48:58.000Z | ලසන්ත ඝාතනයේ තොරතුරු සැඟවූ නි.පොලිස්පති අත්අඩංගුවට | ලසන්ත ඝාතනයේ තොරතුරු සැඟවූ නි.පොලිස්පති අත්අඩංගුවට | Colombo (Newsfirst) මාධ්‍යවේදී ලසත්න වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ඔහු ඊයේ රාත්‍රියේ එලෙස අත්අඩංගුවට ගත් බව ය. ඔහු එවක ගල්කිස්ස ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා යි. අත්අඩංගුවට ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය. |
2018-02-13T20:31:02.000Z | පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමේ ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ | පළාත් පාලන ආයතන ස්ථාපිත කිරීමේ ගැසට් පත්‍රය අද | Colombo (Newsfirst) පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ ගැසට් පත්‍රය අද නිකුත් කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය පවසයි. එහි ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කළේ, මැතිවරණයෙන් පසුව ජාතික මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණයට එළැඹි බව ය. පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ සභික සංඛ්‍යාවට ඉඩකඩ ප්‍රමාණවත් වන පිරිදි එක් එක් පළාත් පාලන ආයතනවල ඉඩ පහසුකම් වැඩි කිරීම ද ආරම්භ කර ඇති බව පද්මසිරි මහතා සඳහන් කළේ ය. |
2018-02-13T20:01:49.000Z | අධිවේගයේ වේගයෙන් ගියොත් අද සිට වැඩ වරදී | අධිවේගයේ වේගයෙන් ගියොත් අද සිට වැඩ වරදී | Colombo (Newsfirst) අධිවේගී මාර්ගවල වේග සීමා උල්ලංඝනය කරන වාහන පරීක්ෂා කිරීම සඳහා නව වේග මාපක පද්ධතය අද සිට ක්‍රියාත්මක බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එහි අධිවේගී මාර්ග හා නඩත්තු අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ, අධිවේගී මාර්ගවල සිදුවන අනතුරුවලින් 27%ක් අධික වේගය හේතුවෙන් සිදුවන බවට නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ය. අද සිට ක්‍රියාත්මක මෙම පද්ධතිය මගින් අධිවේගී මාර්ගවල ධාවනය වන සියලු වාහනවල වේග සීමා නිරීක්ෂණය කෙරේ. වේග සීමා උල්ලංඝනය කෙරෙන වාහනවල ඡායාරූප සෑම පිටවීමේ ස්ථානයක් කරා සම්ප්‍රේෂණය කරන අතර එම ස්ථානවල ස්ථාපිත ටැබ් යන්ත්‍ර මගින් ඡායාරූප සහිත විස්තර පත්‍රිකාවක් රියැදුරන් වෙත ලබා දීමට නියමිත බව එස්. ඕපානායක මහතා පැවසුවේ ය. එම නිරීක්ෂණ පත්‍රිකාවේ වාහන අංකය, නිරීක්ෂණ දිනය, වේලාව සහ එම අවස්ථාවේ වේගය වැනි තොරතුරු ඇතුළත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. |
2018-02-13T11:27:48.000Z | යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න කමිටුවක් - සජිත් ප්‍රේමදාස | යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න කමිටුවක් | COLOMBO (Newsfirst) - විශේෂ කමිටුවක් ස්ථාපනය කර එම කමිටුවේ යෝජනා සමගින් යහපාලන රජය ඉදිරියට ගෙන යාම සඳහා ජනපති සමග පැවති සාකච්ඡාවෙන් පසු තීරණය කළ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේය. අමාත්‍යවරා ඒ බව සඳහන් කළේ, ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ කැබිනට් අමාත්‍යවරු අතර ජනාධිපති නිල නිවසේදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්ය. සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරට ත් සඳහන් කළේ, සාකච්ඡාවට පැමිණ සිටි ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශව නියෝජනය කළ අමාත්‍යවරුන් මෙම යෝජනාවට එකඟ වූ බව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1841190689274514/ |
2018-02-13T09:42:15.000Z | ජනපති සහ අගමැති අතර සාකච්ඡා අවසන් | ජනපති සහ අගමැති අතර සාකච්ඡා අවසන් | COLOMBO (Newsfirst) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් අතර තිබූ සාකච්ඡා මේ වන විට අවසන් වී තිබේ. මෙම සාකච්ඡාවේ අරමුණ හෝ එහි වෙනත් තොරතුරු මේ වනතෙක් මාධ්‍යයට වාර්තා වී නොමැත. ------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති නිල නිවසට පැමිණ තිබේ. එම සාකච්ඡාව සඳහා කැබිනට් අමාත්‍යවරුන් ද සහභාගි වී සිටින බව අප වෙත තොරතුරු වාර්තා වෙයි. පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුව ලද පරාජයත් සමග රට තුළ දේශපාලන වාතාවරණය වෙනස් වූ අතර ඊට පිළියම් යෙදීම සඳහා විවිධ සාකච්ඡා මේ වනවිට ආරම්භ වී තිබේ. නමුත් ජනපති සහ අගමැති අතර සාකච්ඡාවේ අරමුණ හෝ එහි වෙනත් තොරතුරු මේ වනතෙක් මාධ්‍යයට වාර්තා වී නොමැත. ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා අතර වර්තමාන දේශපාලන තත්ත්වය සහ මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ ඊයේ රාත්‍රියේ ද සාකච්ඡාවක් පැවැත්විය. එම සාකච්ඡාව පිළිබඳ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනු ලැබුවේ, මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳ සළකා බලා තමන්ට තීන්දුවක් ගැනිමට සිදුවන බව ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදි අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන් බව ය. එබැවින් ඊට පෙර ඒ පිළිබඳ අග්‍රාමාත්‍යවරයාටම තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපතිතුමා දැනුම් දුන් බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරට ත් සඳහන් කළේය. [caption id="attachment_113739" align="aligncenter" width="1280"] ජනාධිපති නිල නිවස ඉදිරිපිට තත්ත්වය[/caption] https://www.facebook.com/NewsfirstSL/videos/1840966875963562/ |
2018-02-13T07:33:03.000Z | 2017 සා/පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන සතියේ | 2017 සා/පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන සතියේ | COLOMBO (Newsfirst) - 2017 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන සතියේ ආරම්භවීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසා තිබේ. විභාග කොමසාරිස් ජෙනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. ඒ අනුව මේ මස 20 වන දායින් ආරම්භවන ප්‍රායෝගික පරීක්ෂණය මාර්තු මස 03 වන දා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ ය. නව නිර්දේශය යටතේ අපේක්ෂකයින් 174,507ක ප්‍රමාණයක් ද පැරණි නිර්දේශය යටතේ 5093දෙනෙකු ද පෙනී සිටීමට නියමිත ය. සියලු අපේක්ෂකයින් 179,600 ක ප්‍රමාණයක් පරීක්ෂණ මණ්ඩල 1632ක් හරහා ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත්වනු ඇත. |
2018-02-13T06:49:48.000Z | ආනයනික අර්තාපල් සඳහා බද්දක් පැනවීමට රජයේ අවධානය | ආනයනික අර්තාපල් සඳහා බද්දක් පැනවීමට රජයේ අවධානය | COLOMBO (Newsfirst) - ආනයනික අර්තාපල් සඳහා බද්දක් පැනවීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ. ඉදිරි දිනවලදී ඒ පිළිබඳ තීරණයක් ගන්නා බව රජයේ උසස් නිලධාරීවරයෙකු සඳහන් කළේ ය. ආනයනික අර්තාපල් මිල ඉතා පහළ මට්ටමක පැවතීම සහ දේශීය අර්තාපල් ගොවීන්ට නිසි මිලක් නොලැබීම හේතුවෙන් ආනයනික අර්තාපල් සඳහා බද්දක් පන වන ලෙසට ගොවීන් රජයෙන් ඉල්ලා ඇත. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් ඉදිරි දිනවලදී ආනයනික අර්තාපල් සඳහා බද්දක් පැනවීමට රජයේ අවධානය යොමු ව තිබේ. ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 38 - 60 ත් අතර මිලකට අළෙවි වන අතර දේශිය අර්තාපල් කිලෝග්‍රෑම 1ක් අළෙවි කෙරෙන්නේ රුපියල් 90 - 100 ත් අතර මිලකට වේ. |
2018-02-13T06:33:47.000Z | 20/20 තරගාවලියෙන් කුසල් ඉවතට: කුසල් ඇතුළට | කුසල් ඉවතට: කුසල් ඇතුළට | COLOMBO (Newsfirst) - කුසල් ජනිත් පෙරේරා, බංග්ලාදේශයට එරෙහි පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේ ය. බංග්ලාදේශයට එරෙහිව නම් කළ 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට කුසල් ජනිත් පෙරේරා ඇතුළත් ව සිටියේ ය. කෙසේ නමුත් ඔහු තාවකාලිකව තරගබිමෙන් ඉවත් ව සිටියේ, බංග්ලාදේශයේ පැවැති තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී ආබාධයකට ලක්වීම හේතුවෙනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයේ දැක්වූයේ, වෛද්‍ය උපදෙස් මත කුසල් ජනිත් පෙරේරා, ඉදිරියේදී පැවත්වීමට නියමිත පන්දුවාර 20/20 තරගාවලියෙන් ඉවත් කළ බවයි. ඔහු වෙනුවට කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා සංචිතයට කැඳවන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත. තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - බංග්ලාදේශ පන්දුවාර 20/20 තරගාවලිය ලබන 15 වන දා ආරම්භවීමට නියමිත වේ. |
2018-02-13T04:57:13.000Z | "තව ත් පක්ෂයක් සමග එකතුවීමට අවශ්‍ය නැහැ" - චමල් රාජපක්ෂ | "අපිට හවුලක් එපා" - චමල් රාජපක්ෂ | COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තව ත් පක්ෂයක් සමග එකතුවීමට අවශ්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ. ඒ බව ප්‍රකාශ කර ඇත්තේ, අද හම්බන්තොට ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. https://www.facebook.com/NewsfirstSL/videos/1840736829319900/ |
2018-02-13T02:41:40.000Z | ආයතන බහුතරයක අපි නැතුව බලය පිහිටුවන්න බැහැ - එ.ජ.නි.ස. | අපි නැතුව බලය පිහිටුවන්න බැහැ - එ.ජ.නි.ස. | Colombo (Newsfirst) පසුගියදා අවසන් වූ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ, පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේඛනයෙන් පත් වන නියෝජිතයින් නම් කිරීම සඳහා මැතිවරණ කොමිසම මගින් ලබා දෙන කොට්ඨාස පදනමේ මැතිවරණ ප්‍රතිඵල හා පත් විය යුතු නියෝජිත සංඛ්‍යාව තීරණය කළ පසු එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ලබා දෙන නිර්ණායක මත ආසන සංවිධායක හා දිස්ත්‍රික් නායකයින්ගෙන් විමසා අදාළ මන්ත්‍රීවරුන් පත් කරන බව ය. එක් පක්ෂයකට තනිව පාලන බලය පිහිටුවිය නොහැකි පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරී පත් වූ නියෝජිතයින්ට නිශ්චිත උපදෙස් හා මග පෙන්වීමක් කරනු ලබන බව ද සිය නිවේදනයෙන් පෙන්වා දෙයි. මෙතෙක් පාලන බලය පිහිටුවීම සඳහා කිසිදු පාර්ශවයක් සමග එකඟතාවකට පත්ව නොමැති බව ද මහින්ද අමරවීර මහතා සිය නිවේදනයෙන් දන්වා තිබේ. |
2018-02-13T06:26:48.000Z | දේශපාලන අර්බුදයේ වත්මන් තත්ත්වය-සජීවී (live blog) | දේශපාලන අර්බුදයේ වත්මන් තත්ත්වය-සජීවී (live blog) | https://www.facebook.com/NewsfirstSL/videos/1841141739279409/ https://www.facebook.com/NewsfirstSL/videos/1841090332617883/ https://www.facebook.com/NewsfirstSL/videos/1840966875963562/ |
2018-02-13T00:12:35.000Z | වැලිකඩ රැඳවියන්ට ස්ථාන මාරුවක්.. | වැලිකඩ රැඳවියන්ට ස්ථාන මාරුවක්.. | COLOMBO (Newsfirst) : වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 400ක් අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමට පියවර ගෙන තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ලබන මාසය තුළ ඔවුන් එලෙස මාරුකර යවන බවයි. දැනට වැලිකඩ බන්ධනාගාරයේ දැඩි තදබදයක් පවතින බව එම උසස් නිලධාරියා සඳහන් කළේ ය. එම නිලධාරියා සඳහන් කළේ, අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිරකරුවන් 1200කට පමණ පහසුකම් පවතින බවයි. මේ වන විට තංගල්ල බන්ධනාගාරය වසා දමා එහි සිටි රැඳවියන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරුකර තිබේ. වැලිකඩ බන්ධනාගාරයේ සිට මාරු කර යවනු ලබන සිරකරුවන් සඳහා අමතර බන්ධනාගාර නියාමකවරුන් පිරිසක් ද අනුයුක්ත කරන බව එම උසස් නිලධාරියා පැවසී ය. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සහ කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 8,000ක් පමණ සිටිති. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව 2014 වසරේදී ඉදිකිරීම් ඇරඹූ අගුණකොලපැලැස්ස නව බන්ධනාගාරය විවෘත කෙරුණේ, 2017 වසරේදී ය. රු. මිලියන 4996ක වියදමින් අක්කර 65ක භූමි ප්‍රමාණයක් ඉදි කළ මෙම බන්ධනාගාරයේ රැඳවියන් 1500 කට පහසුකම් ලබාදිය හැකි ය. අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට පිහිණුම් තටාංගනයක් ඇතුළු අංග සම්පුර්ණ ක්‍රීඩා සංකීර්ණයක්, බන්ධනාගාර රෝහලක් , වෘත්තීය පුහුණු මධ්‍යස් ථානයක් , කර්මාන්ත සංකීර්ණයක් සහ නිලධාරීන් සඳහා නිල නිවාස 140 ක් ඇතුළත් ය. |
2018-02-12T22:13:12.000Z | රනිල් අගමැති ධුරය අත්හරී ද...? | රනිල් අගමැති ධුරය අත්හරී ද...? | COLOMBO (Newsfirst) : රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දරන අදහස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තහවුරු කර ඇතැයි බීබීසී සිංහල සේවය වාර්තාකර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරයෙක් උපුටා දක්වමින් බීබීසී සිංහල සේවය වාර්තා කර තිබුණේ, එක්සත් ජාතික පක්ෂයෙන් නව අගමැතිවරයෙක් පත් කර ගන්නා මෙන් ජනාධිපතිවරයා එම පක්ෂයට දැනුම් දී ඇති බවයි. කෙසේ වෙතත් එම වාර්තාවේ දැක්වෙන්නේ, නිදහස් පක්ෂයට අවශ්‍ය පරිදි සිය පක්ෂයේ සංශෝධන සිදු නොවිය යුතු බවත් පක්ෂයේ සංශෝධන පක්ෂ අභ්‍යන්තරයට අවශ්‍ය පරිදි සිදුවි යුතු ය යන්න, අග්‍රාමාත්‍යවරයාගේ අදහස වී ඇති බවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්ව සජිත් ප්‍රේමදාස මහතාට හෝ කරූ ජයසූරිය මහතාට නායකත්වය ලබා දිය යුතු බවට පක්ෂය තුළින් ඉල්ලීම් මතුව ඇතැයි බීබීසී පුවත් වාර්තාවේ සඳහන් ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ද සම්බන්ධකර ගෙන තනි ආණ්ඩුවක් පිහිටුන වන බවට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ බව කියන අදහසට ප්‍රතිචාර ලෙස ජනාධිපතිවරයා එවැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට තමන් අමාත්‍ය පදවි ලබා නොදෙන බව පවසා ඇතැයි බීබීසී සිංහල සේවයේ සඳහන් ය. |
2018-02-12T21:44:06.000Z | අලි එළවීමට අලුත් තාක්ෂණයක් | අලි එළවීමට අලුත් තාක්ෂණයක් | Colombo (Newsfirst) වන අලි ගම් වැදීම වැළැක්වීම සඳහා නව තාක්ෂණය භාවිත කර වැඩපිළිවෙළක් සකස් කරන බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, අලි වැට දැනට ඉදි කර ඇතත් එය සියයට සියයක් සාර්ථක වී නොමැති බව ය. නව තාක්ෂණය භාවිත කර මන්නාරම දුම්රිය මාර්ගයේ අත්හදා බැලීම් සිදු කර ඇති බවත් එය සාර්ථක වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. ඉදිරියේදී අලීන් ගම් වැදීම නැවැත්වීමට සයිරන් නාදයක් භාවිත කිරීමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. |
2018-02-12T20:12:41.000Z | ලොව පුරා හින්දු බැතිමත්හු අද මහා ශිවරාත්‍රී දිනය සමරති | ලොව පුරා හින්දු බැතිමත්හු අද මහා ශිවරාත්‍රී සමරති | Colombo (Newsfirst) ලොව පුරා හින්දු බැතිමත්හු අද මහා ශිවරාත්‍රී දිනය සමරති. ශිව දෙවියන් උදෙසා පවත්වන උපහාර අතුරින් මහා ශිවරාත්‍රී දිනයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මහා ශිවරාත්‍රී දිනය ආරම්භයේ සිට විවිධ ආගමික වතාවත්වල නිරත වන බැතිමතුන් රාත්‍රිය පහන් කරන්නේ නිදි වර්ජිතව ය. අතීත කතාවක් මුල් කර ගනිමින් හින්දු බැතිමත්හු එම චාරිත්‍රය ඉටු කරති. මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ, සමස්ත ලෝකයට ම ශාන්තිය උදා වේවායි යන්න ය. අද වැනි උතුම් දිනයක මිනිසා තුළ නිධන්ගතව ඇති මමත්වය හා අහංකාරය දුරු කිරීමට ඉවහල් වන ප්‍රාඥා ආලෝකය පැතිරේවායි ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් ප්‍රාර්ථනා කර තිබේ. ලොව පුරා සිටින හින්දු ජනතාවට අර්ථ පූර්ණ, ප්‍රීතිමත් මහා ශිවරාත්‍රී දිනයකට සුබ පැතුම් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පළ කර තිබේ. |
2018-02-12T12:37:40.000Z | JUST IN:- මම ගන්න කළින් තීන්දුවක් ගන්න - ජනපති අගමැතිට දැනුම් දෙයි | මම ගන්න කළින් තීන්දුවක් ගන්න - ජනපති අගමැතිට කියයි | COLOMBO (Newsfirst) - රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡාව අවසන් වී තිබේ. ජනාධිපති නිල නිවසේදී අද රාත්‍රියේ පැවැති එම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම, පක්ෂ මහලේකම් කබිර් හෂිම්, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු කිහිප දෙනෙකුද එක්ව සිටි බව අප වාර්තාකරුවන් සඳහන් කළේය. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ සාකච්ඡාවේදී මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳ සළකා බලා තමන්ට තීන්දුවක් ගැනිමට සිදුවන බව ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදි අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන් බව ය. එබැවින් ඊට පෙර ඒ පිළිබඳ අග්‍රාමාත්‍යවරයාටම තීන්දුවක් ගන්නා ලෙස ජනාධිපතිතුමා දැනුම් දුන් බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරට ත් සඳහන් කළේය. https://www.facebook.com/NewsfirstSL/videos/1839962839397299/ |
2018-02-12T11:27:19.000Z | පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නැයි අගමැතිට යෝජනාවක් | පක්ෂ නායකත්වයෙන් ඉවත් වන්නැයි අගමැතිට යෝජනාවක් | COLOMBO (Newsfirst) - එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන්, ඉල්ලා අස්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පක්ෂය නියෝජනය කරන රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කණ්ඩායමක් ඉල්ලා තිබේ. ඒ, අද සවස අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී ය. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ අග්‍රමාත්‍යවරයා අතර මෙම සාකච්ඡාව පැවැත් වූයේ, අරලියගහ මන්දිරයේදීයි. https://www.facebook.com/NewsfirstSL/videos/1839892406071009/ |
2018-02-12T10:29:13.000Z | "සාකච්ඡාවේ අවධානයට යොමු වූ කරුණු පිළිබඳ මෙතෙක් මාධ්‍යයට හෙළිකර නැහැ" | ජනපති සහ අගමැති අතර සාකච්ඡාව අවසන් | COLOMBO (Newsfirst) - UPDATE 10.50 P.M රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡාව අවසන්වී තිබේ. ජනාධිපති නිල නිවසේදී අද රාත්‍රියේ පැවැති එම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු කිහිප දෙනෙකු ද එක් ව සිටි බව අප වාර්තාකරු සඳහන් කළේ ය. පැය දෙකක පමණ කාලයක් පැවැති එම සාකච්ඡාවේදී අවධානයට යොමු වූ කරුණු පිළිබඳ මෙතෙක් මාධ්‍ය වෙත තොරතුරු අනාවරණයවී නොමැත. https://www.facebook.com/NewsfirstSL/videos/1839918996068350/ ------------------------------------------------------------------------------------------------------------ 09.30P.M - රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ආරම්භවී තිබේ. අග්‍රාමාත්‍යවරයා එම සාකච්ඡාව සඳහා සහභාගි වූයේ, පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් හමුවීමෙන් අනතුරුව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1839865242740392/ |
2018-02-12T10:14:39.000Z | ඇලෝසියස් සහ පාලිසේනගෙන් ප්‍රකාශ ලබා ගැනීමට CID යට අවසර | ඇලෝසියස් සහ පාලිසේනගෙන් ප්‍රකාශ ගැනීමට CID යට අවසර | COLOMBO (Newsfirst) - රක්ෂිත බන්ධනාගාරගත ව සිටින අර්ජුන් ඇලෝසියස්ගෙන් සහ කසුන් පාලිසේන යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට ලිඛිතව නියෝග කර තිබේ. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පවතින පරීක්ෂණ සඳහා සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව පෙන්වා දෙමින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව ලබන 13, 14 සහ 15 යන තෙදින සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස, කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට අද නියෝග කළා ය. |
2018-02-12T09:33:04.000Z | පොහොට්ටුවේ ජය පහසු වුණේ එජාපයේ දැඩි පසුබෑම නිසයි | පොහොට්ටුවේ ජය පහසු වුණේ එජාපයේ දැඩි පසුබෑම නිසයි | COLOMBO (Newsfirst) - එක්සත් ජාතික පක්ෂය මෙවර පළාත් පාලන මැතිවරණය පරාජයවීමත් සමග අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහාතා නායකත්වය පත්වීමෙන් පසු පරාජයට පත් වූ 29වන ඡන්ද විමසීම බවට පත්වනු ඇත. එක්සත් ජාතික පක්ෂය ආරම්භක මැතිවරණය වන 1947දී වැඩි මහජන මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබා ගනිමින් ආණ්ඩු බලය දිනාගැනීමට පක්ෂය සමත් වූ අතර විටින් විට තාවකාලික පරාජයන් ලැබුව ද ඒවා ඉතාමත් කෙටි කාලීන විය. 1977 මැතිවරණයෙන් 6 න් 5 ක බලයක් පිිහිටුවීම එක්සත් ජාතික පක්ෂයේ සුවිශේෂි සංධිස්ථානයකි. එහෙත් එම පක්ෂය 1994 වර්ෂයෙන් පසු පක්ෂයේ දැඩි පසු බෑමකට ලක් වූයේ 1995 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නායකත්වයට පත්වීමත් සමග වේ. 2001 වසරේ පැවති මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ යළි ත් ආණ්ඩු බලයට පත් වූ නමුත් 2004 සිට 2015 දක්වා යළි රාජ්‍ය බලය ලබා ගැනීමට නොහැකි වූ අතර ජනාධිපතිවරණය සඳහා ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කරගත නොහැකි තත්ත්වයට පත් විණි. තනි පක්ෂයක් ලෙස ආණ්ඩු බලය හිමිකර ගැනීමට හැකි ඡන්ද පදනමකින් යුතුව සිටි එක්සත් ජාතික පක්ෂය 2004 මහමැතිවරණය සඳහා තරග වැදුනේ එක්සත් ජාතික පෙරමුණ ලෙසිනි. එහිදී ද ලබාගත හැකි වූ ඡන්ද ප්‍රතිශතය 37.8 %ක් වූ අතර දිනාගත හැකි වුයේ, පාර්ලිමේන්තු ආසන 82 ක් පමණි. ඒ, 2001 වසරේදී ලබාගත් 46% ක ප්‍රතිශයේ සිට දැවැන්ත පහළ යාමකි. එක්සත් ජාතික පෙරමුණ මේ වන විට සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දෙමළ ප්‍රගතිශිලී සන්ධානය , ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ජාතික කම්කරු සංගමය සහ කඳුරට ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ රැසකින් සමන්විත වේ. 2010 පාර්ලිමේන්තු මැතිවරණය ඡන්ද පදනම 29% ක් දක්වා පහළ ගිය අතර 2015 වසරේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පැවති මැතිවරණයේදී යළි ත් එය 46% ක් දක්වා ඉහළ ගියේ ය. එහෙත් පළාත් පාලන මැතිවරණයේදී එය යළි ත් 32.61% දක්වා පහත බැසිනි. https://www.facebook.com/NewsfirstSL/videos/1839791089414474/ |
2018-02-12T08:05:45.000Z | මේක ජනතාව දුන් රතු එළියක් | මේක ජනතාව දුන් රතු එළියක් | COLOMBO (Newsfirst) - පළාත් පාලන මැතිවරණයෙන් පසුව උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යධූර දරන්නන් අද අරලියගහ මන්දිරයට කැඳවිය. මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සමග කෙරෙන සාකච්ඡාව තවදුරටත් පැවැත්වෙනු ඇති. https://www.facebook.com/NewsfirstSL/videos/1839682242758692/ |
2018-02-12T07:11:01.000Z | BREAKING : අගමැති සමග කිසිඳු එකඟතාවක් නැහැ - ජනපති | අගමැති සමග කිසිඳු එකඟතාවක් නැහැ - ජනපති | COLOMBO (Newsfirst) - පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර, පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හෝ ආණ්ඩුවේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ කිසිඳු තීරණයකට හෝ එකඟතාවකට එළැඹ නැති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම නිවේදනයේ දැක්වෙන්නේ, ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර, ඇතිවුවා යැයි කියන එකඟතා පිළිබඳව ඇතැම් මාධ්‍ය තුළ විවිධ මත පළවෙමින් ඇති බව ය. එම මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරට ත් දැක්වේ. |
2018-02-12T07:27:48.000Z | නාමල් රාජපක්ෂට විදේශගත වීමට අධිකරණයෙන් අවසර | නාමල් රාජපක්ෂට විදේශගත වීමට අධිකරණයෙන් අවසර | COLOMBO (Newsfirst) - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට විදේශගත වීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබාදී තිබේ. අධිකරණය මෙම අවසරය ලබාදී ඇත්තේ, පෙබරවාරි මස 24 වන දා සිට මැයි මස 18 වන දා දක්වා විදේශගත වීමට අවසර ඉල්ලා ඔහු අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව වේ. මේ අනුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ, අධිකරණභාරයේ ඇති විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව මුදා හරින ලෙස ය. නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට දන්වා ඇත්තේ, පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැසියකට සහ තරුණ සම්මේලන දෙකකට තමාට සහභාගීවීමට ඇති බවයි. පාපන්දු ක්‍රීඩාවේ ප්‍රවර්ධනය සඳහා ක්‍රිෂ් ලංකා නැමති ඉන්දියානු සමාගමක් පරිත්‍යාග කළ රුපියල් මිලියන 70කට ආසන්න මුදලක් සාවද්‍ය සාපරාදී ලෙස පරිහරණ, අවභාවිත කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ සැකකරුවෙකු වන නාමල් රාජපක්ෂ මහතාට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත වීම වළක්වා තිබුණි. |
2018-02-12T05:18:03.000Z | බුදු දහම සහ කිතු දහම එක්වුණු අපූරු පන්සල - රිදී විහාරය | බුදු දහම සහ කිතු දහම එක්වුණු අපූරු පන්සල | ආගමික සංහිඳියාව පිළිබඳව අප නොයෙකුත් වර කතා කරමු. ජාතික සංහිඳියාවක් සඳහා ආගමික සංහිඳියාව ද අත්‍යවශ්‍ය සාධකයකි. මෙම ආගමික සංහිඳියාවට කදිම නිදසුනක් සපයන ස්ථානයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇත. රුවන්වැලි සෑයට රිදී මතුවෙයි ඒ, රිදී විහාර රජ මහා විහාරය යි. මෙය එසේ මෙසේ විහාරස්ථානයක් නොවේ. ජනප්‍රවාදයේ පවතින ආකාරයට රුවන් වැලි සෑය අවසන් කිරීම සඳහා රිදී ගෙනගොස් ඇත්තේ රිදී විහාරයේ මතුවූ බව කියන රිදී ගොබයකිනි. ඇත් දළ කැටයම් ඊට අමතරව, මෙරට හොඳ ම ඇත් දළ කැටයම් ඇත්තේ ද, රිදී විහාරය සතුව ය. ජේසුස් වහන්සේගේ ජීවිත කතාව මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ, එහි ඇති සැතපෙන පිළිමය ඉදිරිපිට මල් අසුනේ ජේසුස් වහන්සේගේ ජීවිත කතාව දැක්වෙන පිඟන් ගඩොල් කැබලි අල්ලා තිබීම යි. මෙම පිඟන් ගඩොල් 19 වන සියවසේ එහි පැමිණි ජර්මානු නිලධාරිවරයෙකු තිලිණ කර ඇති අතර එවකට විහාරාධිකාරී හිමියන් විසින් ඒවා මල් අසුනේ තබා ඇත. කිතු දහම සහ බුදු දහම එකට එක්ව පවතින දුර්ලභ ස්ථානයක් ලෙස මෙය ලෝක ප්‍රකට ය. |
2018-02-12T03:26:22.000Z | ඡන්දයෙන් තේරී පත් වූ සභිකයින් මාර්තු 5 අලුත් රාජකාරියට | ඡන්දයෙන් තේරුණු සභිකයින් මාර්තු 5 අලුත් රාජකාරියට | COLOMBO (Newsfirst) : පළාත් පාලන ආයතන 340 සඳහා මෙවර ඡන්ද විමසීමේදී තේරී පත්වූ සභිකයින් ලබන මස 5 වන දා රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිත බව පළාත් හා පළාත් පාලන ආමාත්‍යංශ්‍ය පවසයි. එහි ලේකම් කමල් පද්මසිරි මහතා පැවසුවේ, ඊට අදාල ගැසට් නිවේදනය ලබන 14 වන දා නිකුත් කරන බවයි. අලුතෙන් පළාත් පාලන ආයතනයක් පත් වූ පසු එහි සභිකයින් තේරී පත් වූ බවට මැතිවරණ කෙමෙිෂන් සභාව ගැසට් නිවේනයක් නිකුත් කළ යුතු වේ. මෙවර පළාත් පාලන මැතිවරණයේදී ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා 222 කට අධික සංඛ්‍යාවක ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය. එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ආයතන සංඛ්‍යාව 41 ක ජය තහවුරු කර ගත් අතර ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පළාත් පාලන ආයතන 34 ක ජය තහවුරු කර ගැනීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන ආයතන 7 ක් ජය ගනිද්දී ලංකා කම්කරු කොංග්‍රසය ද ආයතන 5 ක් දිනාගෙන තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආයතන 4 ක බලය හිමිව ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන සංඛ්‍යාව 3කි. ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන ආයතන 5 ක බලය තහවුරු කර ගත්තේ ය. පළාත් පාලන ආයතන 340ක් සඳහා සභිකයින් 8,356 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා මෙවර මැතිවරණය පැවැත්විය. මෙවර පළාත් පාලන ඡන්දයට තරග වැද සිටි අපේක්ෂකයින් ගණන 57,252කි. |
2018-02-12T01:56:52.000Z | හිටපු ජනපති මහ මැතිවරණයක් ඉල්ලයි | හිටපු ජනපති මහ මැතිවරණයක් ඉල්ලයි | COLOMBO (Newsfirst) : පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන්නැයි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී. හිටපු ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළේ, කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමිනි. ඡන්ද ප්‍රතිඵල අනුව ආණ්ඩුව ජනතා මතයට කන්දිය යුතු ඇති බව ත් හිටපු ජනාධිපතිවරයා එහිදී පැවසී ය. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ ජනතාවට කෘතඥ වීමට ද හිටපු ජනාධිපතිවරයා අමතක නොකළේ ය. |
2018-02-12T00:28:17.000Z | අමරිකාවේ සිටි ගෝඨාභය රාජපක්ෂ දිවයිනට එයි | අමරිකාවේ සිටි ගෝඨාභය දිවයිනට එයි | COLOMBO (Newsfirst) : හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන දිවයිනට පැමිණියේ ය. අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ, ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවේ සිට ඩුබායි හරහා දිවයිනට පැමිණි බවයි. |
2018-02-11T23:15:46.000Z | මගීන් 71කට මරු කැඳවූ ගුවන් අනතුරට හේතුව අභිරහසක් | ජීවිත 71ක් බිලි ගත් රුසියා ගුවන් අනතුර අභිරහසක්..? | COLOMBO (Newsfirst) : පුද්ගලයින් 71 දෙනෙකුට මරු කැඳවමින් මොස්කව් නුවරදී අනතුරට පත් රුසියානු ගුවන්යානා අනතුරට හේතුව සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙස එරට ජනාධිපති ව්ලැදිමීර් පූටින් නියෝග කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යානය අනතුරට පත්වීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැති බවයි. යානය කඩා වැටෙන විට එය ගිනිගෙන දැවෙමින් තිබූ බවට සිද්ධිය ඇසින් දුටුවකු ප්‍රකාශ කළ බවට ද වාර්තා වී ඇත. විදෙස් වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වෙන්නේ, හිම සහිත ප්‍රදේශයකට කඩා වැටී ඇති යානයේ සුන්බුන් සහ මියගිය අයගේ සිරුරු කොටස් විශාල ප්‍රදේශයක පැතිර ඇති බවයි. ගුවන් බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අනතුරට පෙර පාලක මධ්‍යස්ථානයට යානයෙන් කිසිදු හදිසි ඇමතුමක් හෝ ලැබී නොමැති බවයි. මියගිය අයගේ අනන්‍යතාවය තහවුරු කිරීමට DNA පරීක්ෂණ පැවැත්වීමට සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. රුසියාවේ ඕස්ක් නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානය අනතුරට පත්වන අවස්ථාවේ මගීන් 65 දෙනෙකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු සිට ඇත. කෙසේ වෙතත් යානය අනතුරට ලක්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත... |
2018-02-11T22:20:58.000Z | පෞ. ආරවුලක් ඝාතනයකින් කෙළවරයි | කඩවත ඝාතනයක් : කතක් ඇතුළු 3ක් අත්අඩංගුවට | COLOMBO (Newsfirst) : මහර, කඩවත ප්‍රදේශයේදී පුද්ගලයකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, 119 දුරකථන අංකයට ලද පණිවුඩයක් අනුව තුවාල සහිතව වැටී සිටි පුද්ගලයකු රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි. මියගොස් ඇත්තේ 46 ගනේමුල්ල කොස්සින්න පදිංචිකරුවෙකි. මියගිය පුද්ගලයා වෑන් රථයකින් පැමිණෙමින් සිටියදී මෙම ඝාතනය සිදුව ඇති අතර පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට සැකකාරියක ඇතුළු ති දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. |
2018-02-11T21:48:21.000Z | ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 5ක් | ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී ලංකාවට පදක්කම් 5ක් | COLOMBO (Newsfirst) : ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවත්වෙන ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව මේ වන විට රන් පදක්කම් 2ක් ද සමගින් මුළු පදක්කම් 5ක් දිනා සිටී. ඉදිරියේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය ක්‍රියාත්මකයි. විනෝජ් සුරංජය ද සිල්වා, ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 පිරිමි ධාවන ඉසව්ව ජය ගත්තේ ය. ඒ, තත්පර 10.3ක දක්ෂතාවක් දක්වමිනි. එහි මූලික වටයේ තරගයේදී ඔහු තත්තපර 10.28ක දක්ෂතාවක් දැක්වූ අතර එය මෙවර තරග සමයේදී ඔහුගේ හොඳ ම දක්ෂතාව ද වේ. මේ අතර මීටර් 400 පිරිමි ධාවන ඉසව්වට එක් වූ තුෂාර ධනංජය එහි රන් පදක්කම දිනා ගත්තේ තත්පර 46.83ක දක්ෂතාවක් දක්වමිනි. එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිලීප රුවන්ට හිමි විය. මේ අතර හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ රිදී පදක්කම හිමි වූයේ මීටර 75යි දශම 3.9ක දක්ෂතාවක් දැක්වූ සම්පත් රණසිංහටයි. මීටර 400 කාන්තා ධාවන ඉසව්වට එක් වූ උපමාලිකා රත්න කුමාරි ලෝකඩ පදක්කම හිමි වු අතර ඇය දැක්වූ දක්ෂතාව තත්පර 54.89කි. |
2018-02-11T20:57:04.000Z | සතියක් යනතුරු පෙළපාළි තහනම් | සතියක් යනතුරු පෙළපාළි තහනම් | COLOMBO (Newsfirst) : සතියක් යනතුරු පෙළපාලි සහ රැළි පැවැත්වීමෙන් වළකින ලෙස පොලීසිය දේශපාලන පක්ෂවලට දැනුම් දෙයි. පෙළපාළි අදිය පැවැත්වු වහොත් ඒවා වීඩියෝගත කරන ලෙස ත් ඒවාට සම්බන්ධ වන පුද්ගලයින්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත් සෑම පොලිස් ස්ථානයකට ම දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, මැතිවරණයට අදාළව බරපතළ සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි. |
2018-02-11T11:03:28.000Z | පළාත් පාලන ආයතන බහුතරයක ජය පොදුජන පෙරමුණට | පළාත් පාලන ආයතන බහුතරයක ජය පොදුජන පෙරමුණට | COLOMBO (Newsfirst) : මෙවර පළාත් පාලන මැතිවරණයේදී ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා 222 කට අධික සංඛ්‍යාවක ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය. එක්සත් ජාතික පක්ෂය ජය තහවුරු කරගත් පළාත් පාලන ආයතන සංඛ්‍යාව 41 කි. ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පළාත් පාලන ආයතන 34 ක ජය තහවුරු කරගැනීමට සමත්ව තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස දිනාගත් පළාත් පාලන ආයතන සංඛ්‍යාව 7 කි. ලංකා කම්කරු කොංග්‍රසය ද ආයතන 5 ක් දිනාගෙන තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ආයතන 4 ක බලය හිමිව ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන සංඛ්‍යාව 3කි. ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන ආයතන 5 ක බලය තහවුරු කර ගත්තේ ය. |
2018-02-11T10:48:31.000Z | මගීන් 71 ක් රැගත් රුසියානු ගුවන් යානයක් කඩා වැටෙයි | මගීන් 71 ක් රැගත් රුසියානු ගුවන් යානයක් කඩා වැටෙයි | COLOMBO (Newsfirst) : රුසියාවේ මොස්කව් නුවරදී රුසියානු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 71 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි රුසියානු මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගුවන් යානය අනතුරට පත්වන විට එහි මගීන් 65 දෙනෙකු සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු සිට ඇති බවයි. මෙලෙස කඩා වැටී ඇත්තේ, රුසියාවේ ඕස්ක් නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබූ යානයකි. මොස්කව් නුවරින් ගුවන්ගත වී විනාඩි 10 කට පසු යානය රේඩාර් පථයෙන් ඉවත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. අනතුරට හේතුව මෙතෙක් හෙළිවී නොමැත. |
2018-02-11T09:04:01.000Z | ජනතා තීන්දුව අනතුරු ඇඟවීමක් - කබීර් හෂීම් | එජාප මහ ලේකම්ගෙන් නිවේදනයක්.... | COLOMBO (Newsfirst) : පළාත් පාලන ඡන්දයේදී ජනතාව අනතුරු ඇඟවීමක් සිදුකර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මහතා අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ ය. ඡන්ද ප්‍රතිඵල නිකුත්වීමත් සමග අද පස්වරු 1.30ට පමණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් පිටව ගිය අයුරුයි මේ.... මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනතාව දුන් තීන්දුව හිස නමා පිළිගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මහතා අද නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ. එහි සඳහන් වන්නේ මේ පිළිබඳව ගැඹුරින් සිතා බලා තම කාර්යයභාරය වඩාත් නිවැරදිව, වේගවත්ව ඉටුකිරීමට කැපවන බවයි. |
2018-02-11T08:24:29.000Z | ඉදිරි දින කිහිපයේ සුවිශේෂි වෙනසක්...? | ඉදිරි දින කිහිපයේ සුවිශේෂි වෙනසක්...? | COLOMBO (Newsfirst) : ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල නිකුත්වීමත් සමග අද දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් අතුළු පාර්ලිමේන්තු කණ්ඩායම කොළඹ පිහිටි නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. දීර්ඝ වේලාවක් පැවති මෙම හමුවේදී ඡන්ද ප්‍රතිඵල පිළිබඳව පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් රැසක් කරුණු විග්‍රහකර තිබේ. ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව එම සාකච්ඡාවට සහභාගි වූ කිහිප දෙනෙක් මාධ්‍යයට අදහස් පළ කළහ. එහිදී නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික, අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පැවසුවේ, ජනාධිපතිවරයා කඩිනමින් රටට දැනෙන වෙනසක් සිදු කරනු ඇති බවයි. "දීර්ඝ වශයෙන් සාකච්ජා කළා ජනාධිපතිතුමා ඒ සියලු දෙනාට අදහස් කියන්න කිවා ජනාධිපතිතුමා තමුන්නාසේලාට කියන්න කිවා දැනෙන් වෙනසක් කරනවා කියලා" මේ අතර අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ, ජනාධිපතිවරයා සිදු කිරීමට යනව වෙනස කුමක් දැයි, නුදුරේදී ම දැන ගැනීමට හැකි වනුඇති බවයි. "ඒ සියලු පාර්ශව සමඟ සාකච්ජා කරලා ඉතාම ඉක්මනින් රටට දැනෙන වෙනසක් කරන බව කිවා මැතිවරණ කාලෙදිත් ඒ බව කිව්වා. ඉන් ඒහාට තේරුම් කරන්න බැහැ. හැබැයි ඒ දැනෙන වෙනස මොකක් ද කියන එක දින කිහිපයක් තුළදී දැනගන්න පුළුවන් වෙයි" අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පැවසුවේ, ඉදිරි දින දෙක තුළ යළි ත් වරක් හමුවී සාකච්ඡා කිරීමට තීරණය කළ බවයි. වෙනස යනු එජාපයෙන් ඉවත් වීම දැයි, රැස්වීමෙන් පසු ඉවතට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහේටිටිගම මහතාගෙන් මාධ්‍යවේදිහු විමසා සිටියහ. එහිදී ඇති වූ සංවාදය මාධ්‍යවේදී පැනය: - වෙනසක් කියන්නේ ඇමතිතුමා ඔබතුමාලා යු ඇන් පියෙන් ඉවත් වෙනවාද ඇමතිතුමා ? අමාත්‍ය නිශාන්ත මුතුහේටිටිගම : - ඒ ඒ තින්දුව ජනාධිපතිතුමා දෙනවා මාධ්‍යවේදී පැනය: - ඇගමැති ඉවත් වෙන්න කියලා ඉල්ලිමක් තියෙනවා ? අමාත්‍ය නිශාන්ත මුතුහේටිටිගම : - ඒහේම තියෙනවා මාධ්‍යවේදී පැනය: - ඔයලත් එහේම කියනවාද ? අමාත්‍ය නිශාන්ත මුතුහේටිටිගම: - අපි කියනවා අපි කියනවා. |
2018-02-11T05:21:10.000Z | කොළඹ මහ නගර සභාව මෙවර ත් එජාපයට | කොළඹ මහ නගර සභාව මෙවර ත් එජාපයට | COLOMBO (Newsfirst) : මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් කොළඹ මහ නගර සභාවේ බලය යළි තහවුරු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් වී තිබේ. ඒ අනුව ඡන්ද 131,353 ක් ලබා ගනිමින් මහ නගර සභාවේ මන්ත්‍රී ධුර 60ක් තමන් සතු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්ව සිටී. ඡන්ද 60,087 ක් ලබා ගනිමින් එහි දෙවන ස්ථානයට පත්ව ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. එම පෙරමුණට හිමිව ඇති මන්ත්‍රි ධුර සංඛ්‍යාව 23කි. ඡන්ද 31,421 ක් ලබා ගනිමින් කොළඹ මහ නගර සභාවේ තෙවන ස්ථානයට පත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව ඇති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 12කි. මේ අතර එක්සත් ප්‍රගතිශීලී සන්ධානය ඡන්ද 27,168ක් ලබා ගනිමින් කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී ධුර 10ක් ලබා ගැනීමට සමත්ව ඇත. |
2018-02-11T03:58:03.000Z | අවසන් ප්‍රතිඵලය එන්න තවත් ප්‍රමද වෙයි...? | අවසන් ප්‍රතිඵලය එන්න තවත් ප්‍රමද වෙයි | COLOMBO (Newsfirst) : පළාත් පාලන මැතිවරණයේ සියලු ප්‍රතිඵල නිකුත් කර අවසන් කිරීමට තවත් පැය කිහිපයක් ගත වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම කොමිසන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, තවත් 100කට අධික පළාත් පාලන ආයතනවල ප්‍රතිඵල නිකුත් කිරීමට ඇති බවයි. බොහොමයක් ඡන්ද මධ්‍යස්ථාන මට්ටමේ ප්‍රතිඵල හා තැපැල් ඡන්ද ප්‍රතිඵල වගුගත කිරීමේ ස්ථානයට ලබාදීමේ ප්‍රයෝගික ගැටලු ඇති වී ඇති හෙයින් ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලිය ස්වයං ජනන ක්‍රමවේදය හරහා සිදු කිරීමට අපහසු වී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. මේ අතර පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පැහැදිලි කිරීමක් කර තිබේ. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවල හා කොට්ඨාසවල ඡන්දය ගණන් කිරීම අවසන් වී ෆැක්ස් සහ දුරකථනය හරහා ප්‍රතිඵල තේරීම් භාර නිලධාරීන් වෙත ලැබී ඇති නමුත් අතින් ගෙන එන ප්‍රතිඵල ප්‍රකාශ සසඳා බැලීමට තේරීම් භාර නිලධාරීන්ට සිදුව ඇති බවයි. එක ම කොට්ඨාසයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේදී තැපැල් ඡන්ද ප්‍රතිඵල එකතු කර ප්‍රකාශ කර ඇති නමුත් ඇතැම් ස්ථානවල තේරීම් භාර නිලධාරීන්ට ෆැක්ස් මගින් එවා ඇත්තේ ප්‍රතිඵල වාර්තා දෙකෙන් එකක් පමණක් බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. එය සමස්ත ප්‍රතිඵලය සකස් කිරීම්දී නැවත නැවතත් පරීක්ෂා කිරීමට තේරීම් භාර නිලධාරීන්ට සිදුවූ හෙයින් ඒ ඒ පළාත් පාලන ආයතනවල සමස්ත ප්‍රතිඵල ප්‍රකාශ කිරීමට තවත් සැලකිය යුතු වේලාවක් ගත වූ බව එම නිවේදනයේ සඳහන් ය. එහි දැක්වෙන්නේ එමෙන් ම පළාත් පාලන ආයතනයක සියලූ ම කොට්ඨාසවල ප්‍රතිඵල තේරීම් භාර නිලධාරීන් දත්ත පද්ධතියට ඇතුළත් කරන තෙක් එම පළාත් පාලන ආයතනයේ සමස්ත ප්‍රතිඵලය මාධ්‍ය වෙත නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බවයි. |
2018-02-11T00:15:27.000Z | පශ්චාත් මැතිවරණ සමයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් | පශ්චාත් මැතිවරණ සමයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් | COLOMBO (Newsfirst) - පශ්චාත් මැතිවරණ සමයේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඒ සදහා ජංගම මුර සංචාර දිවයින පුරා යොදවා ඇති බව ය. |
2018-02-10T21:52:42.000Z | පුංචි ඡන්දයේ මේ වන විට පොදුජන පෙරමුණ ඉදිරියෙන් | පුංචි ඡන්දයේ මේ වන විට පොදුජන පෙරමුණ ඉදිරියෙන් | COLOMBO (Newsfirst) - පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට ආරම්භවී තිබේ. දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනූව ඉදිරියෙන් ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දකුණු පළාතේ මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති සෑම පළාත් පාලන බල ප්‍රදේශයක ම බලය තහවුරු කර ගැනීමට සමත් ව තිබේ. ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම ප්‍රාදේශිය සභාව පොදුජන පෙරමුණ ජය ගෙන ඇත්තේ, ඡන්ද 24,507 කින් ය. එම පෙරමුණට හිමි වූ සභික සංඛ්‍යාව 17 කි. එක්සත් ජාතික පක්ෂයට එම ප්‍රාදේශිය සභාවෙන් ඡන්ද 10,251 ක් ලැබුණු අතර ඔවුන්ට සභික ධූර 6ක් හිමි විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයට එම ප්‍රාදේශිය සභාවෙන් ඡන්ද 5,636 ක් හිමි වූ අතර ලැබුණු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 2 කි. මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික නිදහස් පෙරමුණ සහ ජනසෙත පෙරමුණට මෙන් ම ස්වාධීන කණ්ඩායමකට රත්ගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී ධූරය බැගින් හිමි විය. බලපිටිය ප්‍රාදේශිය සභාවේ ද බලය හිමි වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි. ඡන්ද 20,7444 ක් ලබාගත් එම පෙරමුණ බලපිටිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී ධූර 18 ක් ලබාගත් අතර ඡන්ද 11,313 ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයට එම ප්‍රාදේශිය සභාවනේ හිමි වූයේ මන්ත්‍රී ධූර 8 ක් පමණි. මීට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලපිටිය ප්‍රාදේශිය සභාවෙන් ඡන්ද 4032 ක් හිමි වූ අතර ඔවුන්ට හිමි වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 3 කි. බෙන්තොට ප්‍රාදේශිය සභාවේ ද ජය හිමි වූයේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ය. ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 14,659 කි. හිමි වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 13 කි. ඡන්ද 8,273 ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයට බෙන්තොට ප්‍රාදේශිය සභාවෙන් මන්ත්‍රී ධූර සංඛ්‍යාව 2 ක් හිමි විය. ඡන්ද 6698 ක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අම්බන්ගොඩ නගර සභාවේ ද බලය හිමි කර ගෙන තිබේ. ඔවුන්ට හිමි වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 10 කි. එක්සත් ජාතික පක්ෂයට එම නගර සභාවෙන් ඡන්ද 4,260 ක් හිමි වූ අතර ඔවුන්ට මන්ත්‍රී ධූර 6 ක් ද හිමි විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයට එම නගර සභාවෙන් හිමි වූයේ මන්ත්‍රී ධූර 3ක් පමණි. තංගල්ල නගර සභාවේ බලය ද ඡන්ද 2248 ක් දිනාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වූ අතර ඔවුන්ට එහි හිමි වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 7 ක් වේ. එක්සත් ජාතික පක්ෂය එම නගර සභාවෙන් ඡන්ද 2136 ක් ලබා ගනිමින් මන්ත්‍රී ධූර 7ක් හිමි කර ගෙන තිබේ. ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එම නගර සභාවෙන් මන්ත්‍රී ධූර 2 බැගින් හිමිකර ගත්තේ ය. පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශිය සභාවේ බලය ද හිමි වූයේ පොදුජන පෙරමුණටයි. එම ප්‍රාදේශිය සභාවෙන් ඔවුන් ඡන්ද 3,924 ක් හිමිකර ගත් අතර ලැබුණු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 6 කි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 2,826 ක් ලබා ගනිමින් මන්ත්‍රි ධූර 5 ක් හිමිකර ගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ මුස්ලිම් කොංග්‍රසය වනාතවිල්ලුව ප්‍රාදේශිය සභාවෙන් මන්ත්‍රී ධූර 2 බැගින් හිමිකර ගෙන ඇත. ඉලංගෙයි තමිල් අරසු පක්ෂය කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පූනකරී සහ පච්චිලෙයි පල්ලි ප්‍රාදේශිය සභාවල බලය හිමිකර ගනු ලැබුවේ එම ප්‍රාදේශිය සභාවල සභික ධූර 17 ක් ලබා ගනිමිනි. මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩපත්තු ප්‍රාදේශිය සභාවෙන් ඡන්ද 6292 ක් ලබාගනිමින් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ජය හිමිකර ගත් අතර ඔවුන්ට හිමි වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 9 ක් වේ. එම ප්‍රාදේශිය සභාවෙන් එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ධූර 3 ක් හිමිකර ගත් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධූර 2 ක් හිමි විය. මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තායි නැගෙනහිර ප්‍රාදේශිය සභාවේ බලය ද ඡන්ද 1,836 ක් ලබාගනිමින් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය හිමිකර ගත්තේ ය. ඡන්ද 5304 ක් ලබා ගනිමින් මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනේ නිරත ප්‍රාදේශිය සභාවේ බලය තහවුරු කරගත්තේ ද ඉලංගෙයි තමිල් අරසු පක්ෂය යි. නුවරඑළිය ප්‍රාදේශිය සභාවේ බලය ඡන්ද 15,240 ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂය හිමිකර ගත් අතර ඔවුන්ට හිමි වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 9 කි. ලංකා කම්කරු කොංග්‍රසය නුවරඑළිය ප්‍රාදේශිය සභාවෙන් මන්ත්‍රී ධූර 7 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වුයේ මන්ත්‍රී ධූර 5 ක් පමණි. මොණරාගල දිස්ත්‍රික්කයේ තනමල්විල ප්‍රාදේශිය සභාවේ බලය ඡන්ද 25,796 ක් ලබාගත් පොදුජන පෙරමුණට හිමි වූ අතර ඔවුන් ලබාගත් මන්ත්‍රී ධූර සංඛ්‍යාව 20 කි. එම ප්‍රාදේශිය සභාවෙන් එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධූර 7 ක් හිමි වූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධනායට හිමි වූයේ මන්ත්‍රී ධූර 3ක් පමණ ය. බදුල්ල ප්‍රාදේශිය සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි විය. ඒ, ඡන්ද 8813 ක් ලබාගනිමිනි. ඔවුන්ට එහිදී හිමි වූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව 7 කි. එක්සත් ජාතික පක්ෂයට එම ප්‍රාදේශිය සභාවෙන් ඡන්ද 8225 ක් ලැබුණු අතර ඔවුන්ට ද මන්ත්‍රී ධූර 7 ක් හිමි විය. කෙසේ වෙතත් බදුල්ල මහනගර සභාවේ බලය හිමි වූයේ එක්සත් ජාතික පක්ෂයටයි. ඔවුන් ඡන්ද 9,370 ක් ලබාගනිමින් එම මහනගර සභාවේ මන්ත්‍රී ධූර 9 ක් හිමිකර ගත්තේ ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම මහනගර සභාවෙන් මන්ත්‍රී ධූර 8 ක් හිමිකර ගෙන තිබේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූයේ මන්ත්‍රී ධූර 5ක් පමණි. |
2018-02-10T15:37:40.000Z | ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාදයට මැතිවරණ කොමිසම හේතු පහදයි | ප්‍රතිඵල ප්‍රමාදයට මැතිවරණ කොමිසම හේතු පහදයි | Colombo (Newsfirst): පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, ඡන්ද මධ්‍යස්ථානවල හා කොට්ඨාසවල ඡන්ද ගණන් කිරීම අවසන් වී ප්‍රතිඵල තේරීම් භාර නිලධාරීන් වෙත ෆැක්ස් හා දුරකතන හරහා ලැබී ඇති නමුත් අතින් ගෙන එන ප්‍රතිඵල ප්‍රකාශ සසඳා බැලීමට තේරීම් භාර නිලධාරින්ට සිදුව ඇති බව ය. එමෙන් ම එකම කොට්ඨාසයේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේදී තැපැල් ඡන්ද ප්‍රතිඵල එකතු කර ප්‍රකාශ කර ඇති නමුත් සමහර ස්ථානවල තේරීම් භාර නිලධාරීන්ට ෆැක්ස් මගින් එවා ඇත්තේ, ප්‍රතිඵල වාර්තා දෙකෙන් එකක් පමණක් නිසා සමස්ත ප්‍රතිඵලය සකස් කිරීමේදී නැවත නැවතත් පරීක්ෂා කිරීමට තේරීම් භාර නිලධාරීන්ට සිදුවී ඇති බව ය. මේ හේතුවෙන් පළාත් පාලන ආයතනවල සමස්ත ප්‍රතිඵල ප්‍රකාශ කිරීම තවත් සැලකිය යුතු වේලාවක් ගත වනු ඇති බව මැතිවරණ කොමිසම පවසයි. මේ අතර පළාත් පාලන ආයතනයකම කොට්ඨාසවල ප්‍රතිඵල තේරීම් භාර නිලධාරීන් විසින් දත්ත පද්ධතියට ඇතුළත් කරන තෙක් එම පළාත් පාලන ආයතනයේ සමස්ත ප්‍රතිඵලය මාධ්‍ය වෙත නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව ද මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. |
2018-02-10T13:36:37.000Z | පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි | පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය | Colombo (Newsfirst) පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් විය. ඒ, මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තායි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ ය. එම ප්‍රතිඵල අනුව ඉලංගෙයි තමිල් අරසු පක්ෂය ඡන්ද 1836ක් ද, එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1505ක් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 523ක් ද දිනා ගෙන තිබේ. |
2018-02-10T12:03:35.000Z | ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය තරුණයෙකු බසයට යටවී මරුට | පුංචි ඡන්දයට ගෙදර ගිය අවසන් ගමන | COLOMBO (Newsfirst) : ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය තරුණයෙකු බස් රථයකට යට වී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ සිට හැටන් දක්වා ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක පාපුවරුවේ සිටි තරුණයෙකි. අප වාර්තාකරු පැවසුවේ, එම තරුණයා ඇඳ වැටී එම බස් රථයට ම යටවී මියගොස් ඇති බව ඒ අවට ජනතාව පැවසූ බවයි. අනතුර සිදුව ඇත්තේ කිතුල්ගල බිබිලිඔය ප්‍රදේශයේදී ය. කොළඹ සේවය කරන ඔහු ඡන්දය භාවිත කිරීම සඳහා මස්කෙළියට යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇත. බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තර සැකපිට අත්තඩංගුවට ගෙන ඇතැයි වාර්තා විය. |
2018-02-10T10:58:15.000Z | ජය සමරන පෙළපාළි, රැස්වීම් හෙට තහනම් | ජය සමරන පෙළපාළි, රැස්වීම් හෙට තහනම් | COLOMBO (Newsfirst) : ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු හෙට දිනයේ පෙළපාළි, රැස්වීම් කිසිවක් පැවැත්විය නොහැකි බව පොලීසිය පවසයි. පළාත් පාලන ඡන්ද විමසීම සාමකාමීව පැවති බවත් බරපතළ සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති බව ත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසී ය. කෙසේ වෙතත් පළාත් පාලන ඡන්ද විමසීම ආශ්‍රිතව නීති කඩ කළ අපේක්ෂකයින් 8 දෙනෙකු සහ ඡන්දදායකයින් 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව ඡන්ද මාධ්‍යස්ථානය තුළදී ඡන්ද පත්‍රිකා ඡායාරූපගත කිරීම සම්බන්ධයෙන් ද පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. |
2018-02-10T09:16:19.000Z | බරපතළ සිදුවීම් කිසිවක් නැහැ, ඡන්දය සාමකාමීයි.. | ඡන්දයට අදාළ බරපතළ සිදුවීම් කිසිවක් නැහැ.. | COLOMBO (Newsfirst) : අද පැවති පළාත් පාලන ඡන්ද විමසීම ආශ්‍රිතව බරපතළ සිදුවීම් වාර්තා නොවුණු අතර ඇතැම් ස්ථානවල ඡන්ද නීති කඩකිරීම් කිහිපයක් පමණක් වාර්තා විය. නාවලපිටිය සෙම්රොක්වත්ත ප්‍රදේශයේදී කිසියම් පිරිසක් පොදුජන පෙරුමුණේ ඡන්දපොළ නියෝජිතයාට තියුණු ආයුධයකින් පහර දී තිබේ. අප වාර්තාකරු පැවසුවේ දෑත් තුවාල වීම නිසා ඔහු නාවලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බවයි. නාවලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන මෙම පුද්ගලයාට සිය ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දීමට ද රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබිණ. මේ අතර මහනුවර වටදෙණිය, අප්පල්ලාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ ඡන්ද පත්‍රිකාවේ ඔහු මියගොස් ඇති බව සටහන්ව තිබිණ. ඡන්දය භාවිත කිරීම සඳහා මෙම පුද්ගලයා වටදෙණිය විජයලංකා කනිෂ්ඨ විදුහලට ගිය අවස්ථාවේදී එහි සිටි නිලධාරීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහුට ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබාදී තිබේ. මැතිවරණ කාල සීමාව තුළ ප්‍රචාරණ කටයුතු තහනම් වුවත් නීති විරොධී ලෙස මැතිවරණ ලකුණු ප්‍රදර්ශනය කිරීම්, පත්‍රිකා බෙදා හැරීම් වැනි සිද්ධීන් පුත්තලම ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් වාර්තා විය. මේ අතර එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දෙන්නැයි සඳහන් කර, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ අත්සන සහිතව ලිපියක් මුද්‍රණය කර බෙදා හැරීමේ සිද්ධියක් අකුරුස්ස ප්‍රදේශයෙන් වාර්තා විය. මේ පිළිබඳව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා දික්වැල්ල පොලීසියට පැමිණිල්ලක් ද කර තිබේ. සිද්ධිය සම්බ්න්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරල්ලෙරුම මහතා බුලත්සිංහල පොලීසිය ඉදිරිපිට දෙවන දිනටත් අද සත්‍යග්‍රහයේ නිතර විය. ඒ සිය ආධාරකරුවෙකුට පහරදීමේ සිද්ධියක් සම්බ්න්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට චෝදනා කරමිනි. |
2018-02-10T07:42:12.000Z | සියලු ඡන්ද ප්‍රතිඵල හෙට මධ්‍යහ්නයට පෙර : ප්‍රකාශිත ප්‍රතිශතය 65% ඉක්මවයි | සියලු ඡන්ද ප්‍රතිඵල හෙට මධ්‍යහ්නයට පෙර | COLOMBO (Newsfirst) : හෙට දහවල් 12ට පෙර සියලු ම ඡන්ද කොට්ඨාසවල ප්‍රතිඵල නිකුත් කර අවසන් කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. සභාපතිවරයා මේ බව පැවසුවේ, ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු පැවති මාධ්‍ය හමුව අමතමිනි. ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 65% ඉක්වා ඇති බව ත් එය තවදුරටත් ඉහළ යා හැකි බව ත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවසී ය. ඡන්ද විමසීම සාමාකාමීව පැවත්වීමට සහය වූ ආරක්ෂ අංශයට විශේෂ ස්තූතියක් පළ කළ සභාපතිවරයා සාමකාමීත්වය සිහිනයක් නොකළ පුරවැසියන් ඇතුළු දේශපාලනඥයින්ට ද ස්තූතිය පළ කර සිටියේ ය. කෙසේ වෙතත් ඡන්දපොළතුළදී ඡන්ද පත්‍රිකාවල ඡයාරූපගත් ඡන්ද දායකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇති බව ද ඔහු එහිදී සඳහන් කළේ ය. මේ අතර ඊයේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේදී සිදුවූ අපහසුතාව සම්බන්ධයෙන් කනගාටුව පළ කළ සභාපතිවරයා කියා සිටියේ එහි වගකීම තමා භාර ගන්නා බවයි. ඡන්ද විමසීමට අදාළව කිසිදු බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බවත් පශ්චාත් මැතිරණ සමය ද සමාකාමීව ගත කර ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ය. |
2018-02-10T07:12:04.000Z | රංගන හේරත්ගේ වාර්තාවට සචින්ගෙන් සුබ පැතුම්! | රංගන හේරත්ගේ වාර්තාවට සචින්ගෙන් සුබ පැතුම්! | බංග්ලාදේශය සමග අද අවසන් වූ දෙවන ටෙස්ට් තරගයේදී රංගන හේරත් අවසන් කඩුල්ල දවා ගැනීමත් සමග ඔහු නව වාර්තාවකට හිමිකම් කීමට සමත් විය. ඒ, ලොව වැඩි ම ටෙස්ට් කඩුලුලාභී වමත් පන්දු යවන්නා බවට පත් වෙමිනි. මෙහිදී, ඔහු අභිබවා ගියේ තරග 104කදී ටෙස්ට් කඩුලු 414ක් දවාගෙන සිටි පකිස්ථානයේ වසීම් අක්‍රම් ය. මේ වන විට රංගන හේරත් ටෙස්ට් තරග 89කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 415කි. ලොව වැඩි ම ටෙස්ට් කඩුලුලාභීන් අතර රංගන හේරත් පසුවන්නේ, 12 වන ස්ථානයේ ය. රංගන හේරත්ගේ දක්ෂතාව අගයමින් ඉන්දීය සුපිරි ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් සුබ පැතුමක් ට්විටර් වෙත මුදා හැර තිබේ. |
2018-02-10T06:48:31.000Z | ගිනිගත් දෙරටක විරසකයට සිසිලස කැන්දූ ශීත ඔලිම්පික් | ගිනිගත් උතුර - දකුණ ශීත ඔලිම්පික් නිසා සිසිල් වෙයි | COLOMBO (News1st) : සිය රටේ සංචාරයක නිරත වන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ට ආරාධනා කර තිබේ. ඒ ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමින්, දකුණු කොරියානු ජනාධිපති ,උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ගේ සොයුරිය හමු වූ අවස්ථාවේදීයි. දකුණු කොරියාවේ සෝල් අගනුවර ජනාධිපති මන්දිරයේදී පැවති එම හමුවට උතුරු කොරියානු නාමමාත්‍රික නායක කිම් යොන්ග් නාම් ද සහභාගී වූ අතර එහිදී උතුරු කොරියානු නායකයාගේ ආරාධනාව ඔහුගේ සොයුරිය විසින් දකුණු කොරියානු ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබ තිබේ. උතුරු කොරියානු නායකයා හැකිතාක් ඉක්මනින් දකුණු කොරියානු ජනාධිපතිවරයා හමුවීමට කැමැත්තෙන් පසුවන බව ද එම ආරාධනයේ වැඩිදුරටත් සඳහන් ය. 1950 දශකයේ කොරියානු යුද්ධයෙන් පසුව උතුරු කොරියාවෙන් ජ්‍යේෂ්ඨතම රාජතාන්ත්‍රිකයින් පිරිසක් දකුණු කොරියාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙවර ශීත සෘතු ඔලිම්පික් උළෙල, දකුණු කොරියාවේදී පැවැත්වෙන අතර එය ඊයේ ආරම්භ විය. |
2018-02-10T06:22:54.000Z | ගීතයක සැබෑ හිමිකාරීත්වය කාට ද? - කුජගේ විග්‍රහය | ගීතයක සැබෑ හිමිකාරීත්වය කාට ද? | ගීතයක හිමිකාරීත්වය සම්බන්ධයෙන් මේ වන විට දැඩි මතවාදමය තත්ත්වයක් මෙරට තුළ උද්ගත වී තිබේ. මීට පෙර සංගීත නිර්මාණ ශිල්පීන්, පද රචකයින් සහ ගායන ශිල්පීන් තුන් පත් රෑනක් සේ එකට බැඳී සිටිය ද මුදලෙහි බලය ඉස්මතු වී මේ පාර්ශව තුන එකිනෙකාට එරෙහිව අවි අමෝරාගෙන සිටීම ජාතියේ අභාග්‍යයකි. ගීතයක අයිතිය සංගීත නිර්මාණකරුවා, පද රචකයා සහ ගායකයා යන පාර්ශව තුනට ම අයත් බවට මෙතෙක් පිළිගැනිණි. ගායන ශිල්පියාට ගීතයේ අයිතියක් හිමි බව එච්. ආර්. ජෝතිපාලගේ සහ තවත් ගායකයින් කිහිප දෙනෙකුගේ නිර්මාණ සම්බන්ධයෙන් දුන් නඩු තීන්දුවලින් ද තහවුරු වී තිබේ. කෙසේ වෙතත්, තනු නිර්මාණකරු සහ පද රචකයා පමණක් ගීතයේ අයිතිය උසුළන බවට මතවාදයක් මේ වන විට මතුව ඇත. ඒ අනුව, තනු නිර්මාණකරුවන් සහ පද රචකයින් තර්ක කරනුයේ ගීතය ගයමින් ගායකයා මුදල් උපයන බැවින් ඔහු උපයන මුදලින් කොටසක් තමන්ට හිමි විය යුතු බවට ය. මේ වන විට ප්‍රවීණ ගායකයින් කිහිප දෙනෙකු ගැයූ ගීතවලට ලක්ෂ ගණනින් මුදල් ඉල්ලා නොතීසි නිකුත් කර ඇතැයි වාර්තා වේ. ගායකයා ගීත ගයමින් මුදල් උපයන බව සැබෑවකි. එහෙත්, තනු නිර්මාණකරු සහ පද රචකයා වෙහෙස වනුයේ එක් වරක් පමණි. ගායකයා මුදල් උපයනුයේ ගීත යළි යළිත් ගැයීමෙනි. අනෙක් අතට, ගායකයෙකු ගීතයක් නොගයා සිටී නම් තනු රචකයාට සහ පද රචකයාට සිය නිර්මාණ හමස් පෙට්ටියේ තබාගෙන උඩ බලාගෙන සිටිනු හැර කළ හැකි අන් යමක් නැත. මේ හේතුවෙන්, ගායකයාට ගීයක අයිතිය හිමි නැති බවට තර්ක කිරීම යුක්ති යුක්ත නොවේ. තව ද, යම් ගායකයෙකු පෙර ගයන ලද අවස්ථාවලට අදාළව වන්දි මුදල් ඉල්ලීම ද සාධාරණ නැත. ඉදිරියේදී මුදල් උපයන අවස්ථා වෙනුවෙන් යම් කොටසක් ගායකයා සමග ඇති කරගන්නා ගිවිසුමක් මත ලබා ගැනීමේ හැකියාව සෙසු නිර්මාණකරුවන්ට තිබේ. මෙම අර්බුදය හොඳින් අවසන් නොවුණහොත් ගායකයින් තමන්ගේ පද රචනා ගැයීමට යොමු වනු ඇත. එය ගීතවල සාහිත්‍යමය අගය හීන වීමට බලපානු ඇත. කුජගේ විග්‍රහය |
2018-02-10T05:03:15.000Z | පළාත් පාලන ඡන්ද විමසීම අවසන්.. | පළාත් පාලන ඡන්ද විමසීම අවසන්.. | COLOMBO (Newsfirst) : පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම දැන් අවසන් විය. අද පැවති ඡන්ද විමසීමේදී දිස්ත්‍රික්ක රැසකම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවා තිබේ. පළාත් පාලන ආයතන 340ක් සඳහා සභිකයින් 8,356 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා මෙවර මැතිවරණය පැවැත්විය. මෙවර පළාත් පාලන ඡන්දයට තරග වැද සිටි අපේක්ෂකයින් ගණන 57,252කි. ඔවුහු මහ නගර සභා 24 ක්, නගර සභා 40ක් සහ ප්‍රාදේශීය සභා 276 ක් සඳහා තරග වැදී සිටියහ. ඡන්දදායකයින් 15,760,862ක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි අතර මිශ්‍ර ක්‍රමක් යටතේ මෙවර පළාත් ඡන්ද විමසීම පැවත්විණ. |
2018-02-10T02:02:40.000Z | බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලි ජය ශ්‍රී ලංකාවට - මංගල තරගය ක්‍රීඩා කළ අකිලට කඩුලු 8 යි | බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට | බංග්ලාදේශය සමග පැවති ටෙස්ට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස ශ්‍රී ලංකා අද ජය ගැනීමට සමත්විය. ඒ, දෙරට අතර දෙවැනි තරගය ලකුණු 215 කින් ජය ගැනීමත් සමග ය. මීර්පූර්හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු 222ට පිළිතුරු ලෙස බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 110කට දැවී ගියේ ය. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 226කි. ඒ අනුව ලකුණු 339ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයට අද සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 123ක් පමණි. එහි දී සිය මංගල තරගය ක්‍රීඩා කළ අකිල ධනංජය ලකුණූ 24 කට කඩුලු 5 ක් දවා ගත් අතර, රංගන හේරත් ලකුණු 49 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත්විය. අකිල ධනංජය පළමු ඉනිමේදී ද කඩුලු 3 ක් දවා ගැනීමට සමත්විය. තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. |
2018-02-10T00:23:00.000Z | ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ දෝෂ ඇතත් ඡන්දයට බාධා නැහැ | ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ දෝෂ ඇතත් ඡන්දයට බාධා නැහැ | COLOMBO (Newsfirst) - ඇතැම් ඡන්දදායකයින්ගේ ඡන්ද දැන්වීම් පත්‍රිකාවල අදාළ ඡන්දදායකයා මියගොස් ඇති බවට සහ විදේශගතවී ඇති බවට මුද්‍රා තබා ඇති අවස්ථා කිහිපයක් පිළිබඳ වාර්තා විය. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, යම් හෙයකින් ඡීවතුන් අතර සිටින පුද්ගලයකුට මෙවැනි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් ලැබී ඇත්නම්, අදාළ ඡන්ද මධ්‍යස්ථානයට ගොස් තමන්ගේ අනන්‍යතාව තහවුරු කර ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව පවතින බවයි. මෙවැනි ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් පිළිබඳ ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් වාර්තාවී තිබේ. |
2018-02-09T23:01:20.000Z | මැතිවරණය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් | මැතිවරණය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් | COLOMBO (Newsfirst) - අද දින පැවැත්වෙන මැතිවරණය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වනු ඇත. මැතිවරණයේ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 6,000 කට අධික සංඛ්‍යාවක් යොදවා සිටින අතර මැතිවරණයේ ආරක්ෂාව සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 65,000 කි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සෑම ඡන්ද මධ්‍යස්ථානයක් සඳහා ම පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යොදවා සිටින බව ය. ඡන්ද මධ්‍යස්ථානයේ සිට මීටර් 400 ක වපසරියක් තුළ පුද්ගලයින් එක්රැස්වී සිටීම වරදක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. |
2018-02-09T22:16:49.000Z | මැතිවරණයේ පැමිණිලි භාරගැනීම ඇරඹෙයි | මැතිවරණයේ පැමිණිලි භාරගැනීම ඇරඹෙයි | COLOMBO (Newsfirst) - පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීමට අද උදෑසන 6.00 සිට ජාතික මැතිවරණ කොමිසමේ ජාතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය සැළසුම් කර තිබේ. නිවේදනයක් නිකුක් කරමින් ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ, සෑම පළාතක් ම ආවරණය වන පරිදි මෙම පැමිණිලි විමර්ශන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන බවයි. මේ අනූව, බස්නාහිර පළාතේ පැමිණිලි 011-2 86 64 48 නැගෙනහිර පළාතේ පැමිණිලි 011-2 86 64 70 මධ්‍යම පළාතේ පැමිණිලි 011-2 86 64 78 උතුරු පළාතේ පැමිණිලි 011-2 86 64 92 දකුණු පළාතේ පැමිණිලි 011 - 2 86 64 93 උතුරු මැද පළාතේ පැමිණිලි 011-2 86 64 95 වයඹ පළාතේ පැමිණිලි 011-2 86 64 96 සබරගමුව පළාතේ පැමිණිලි 011- 2 86 64 98 ඌව පළාතේ පැමිණිලි 011-2 86 65 04 යන දුරකතන අංකවලට ඉදිරිපත් කළ හැකි බව මැතිවරණ කොමිසම පවසා තිබේ. මීට අමතරව ජාතික මැතිවරණ විමර්ශන පැමිණිලි මධ්‍යස්ථානයට සම්බන්ධව පොලිස් පැමිණිලි ඒකකයක් ද ස්ථාපිත අතර එහි දුරකතන අංක වන්නේ 011- 2 86 65 41 සහ 011- 2 86 65 46 යන අංකයන් ය. |
2018-02-09T20:04:29.000Z | 2018 පළාත් පාලන ඡන්ද විමසීම ඇරඹෙයි | 2018 පළාත් පාලන ඡන්ද විමසීම ඇරඹෙයි | COLOMBO (Newsfirst) - ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මිශ්‍ර ක්‍රමයට පවත්වන පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම අද (10) පෙරවරු 7.00 ට ආරම්භ විය. පස්වරු 4.00 ට ඡන්ද විමසීම අවසන්වීමට නියමිත වේ. ඡන්දදායකයින් එක්කෝටි පනස් හත් ලක්ෂ හැටදහස් අටසිය හැට දෙකක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිනු ඇත. අද දින පැවැත්වෙන ඡන්ද විමසීමේදී පළාත් පාලන ආයතන 340කට සභිකයින් 8,356 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිත වේ. මෙවර පළාත් පාලන ඡන්දයට තරගවදින අපේක්ෂකයින් ගණන 57,252කි. ඔවුන් මහනගර සභා 24 ක්, නගර සභා 40 ක් සහ ප්‍රාදේශීය සභා 276 ක් සඳහා තරග වදිනු ඇත. අද පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ මධ්‍යස්ථාන 13, 374 කදී ය. ප්‍රථමවරට මිශ්‍ර ක්‍රමයට පවත්වන 2018 පළාත් පාලන මැතිවරණයේදී සැළකිය යුතු වෙනස්කම් කිහිපයක් ම සිදු කර තිබේ. ඒ අනූව පළාත් පාලන ආයතන සංඛ්‍යාව සහ සභික ධූර සංඛ්‍යාව සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙතෙක් පැවති පළාත් පාලන ආයතන සංඛ්‍යාව 335 ක් වන අතර එය 341 දක්වා වැඩිවී තිබේ. පොළොන්නරුව මහනගර සභාව, මිල්ලනිය, නෝර්වුඩ්, ආගරපතන, කොටගල හා මස්කෙළිය යන ප්‍රාදේශීය සභා අලුතින් එකතුවීම ඊට හේතු විය. එහෙත්, ජනවාරි 30 වන දා නාම යෝජනා ගැටලුවක් මත, ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය. අදාළ අතුරු තහනම නඩුව විභාගකර අවසන් වන තෙක් ක්‍රියාත්මක බැවින් අද ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සඳහා ඡන්ද විමසීම සිදු නොවනු ඇත. ඒ අනුව අද ඡන්ද විමසීම සඳහා සළකා බැලෙන්නේ පාළාත් පාලන ආයතන 340 ක් පමණි. එමෙන්ම, මෙතෙක් පළාත් පාලන ආයතන නියෝජනය කළ සභිකයන් සංඛ්‍යාව 4486 සිට 8356 දක්වා ඉහළ ගොස් පවති. ඒ අනූව වැඩි වූ සභික ධූර ගණන 3870 ක් වේ. නව ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන් 60%ක් ඡන්ද කොට්ඨාස ක්‍රමයට ද ඉතිරි 40% සමානුපාතික ක්‍රමයට ද තෝරා පත් කර ගැනීමට නියමිත ය. මේ අතර ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දදායකයාට හිමිවන ඡන්ද පත්‍රිකාවේ සඳහන් වන්නේ, ඒ ඒ පළාත් ආයතනයට තරග කරන දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල නම් හා ඒවායේ ඡන්ද ලකුණු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසා තිබේ. එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, කොට්ඨාසවල නම් සහ අංක අපේක්ෂකයින්ගේ නම් යනාදී කිසිවක් ඡන්ද පත්‍රිකාවල සඳහන් නොවන බවයි. ඔබ කැමැති පක්ෂය / ස්වාධීන කණ්ඩායමේ නම සහ සළකුණ සඳහන් තීරුවේ ඡන්ද සළකුණට දකුණු පසින් වූ හිස් කොටුවේ එකම එක කතිරයක් ( X ) පමණක් යෙදීමෙන් ඔබගේ ඡන්දය සළකුණු කළ යුතු බව ඔහු සඳහන් කළේ ය. ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඡන්දදායකයින්ට දැනුම් දෙන්නේ, පස්වරු 4.00 දක්වා බලා නොසිට ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කරන ලෙස ය. |
2018-02-09T10:56:48.000Z | මැතිවරණ රාජකාරි මග හැරියොත් වැඩ වරදී | මැතිවරණ රාජකාරි මග හැරියොත් වැඩ වරදී | COLOMBO (Newsfirst) – පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් රාජකාරි සඳහා යොදවා සිටින විවිධ හේතු ඉදිරිපත් කරමින් සේවයට වාර්තා නොකරන රජයේ නිලධාරින් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගවලට එළඹෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිසම නිවේදනය කළේ, මැතිවරණ කොමිෂන් සභාවේ විධාන අනුව ක්‍රියා කිරිමට සියලුම රාජ්‍ය නිලධාරින් බැඳී සිටින බව ය. මැතිවරණ කොමිෂන් සභාවේ විධාන උල්ලංඝනය කිරීම රුපියල් ලක්ෂයක දඩයක් හෝ වසර 03ක සිර දඬුවමකට හෝ එකී දඩය සහ බන්ධනාගාර ගත කිරීම යන දඬුවම් දෙකටම යටත්වීමට හේතුවන වරදක් ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 104 උ ව්‍යවස්ථාවේ නිශ්චිතවම සඳහන් කර ඇති බව ද මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේය. හෙට පැවැත්විමට නියමිත පළාත් පාලන ආයාතනය ඡන්ද විමසීම් රාජකාරි සඳහා යොදවා සිටින ඇතැම් රජයේ නිලධාරීන්, සේවකයින් සාධාරණ නොවන විවිධ හේතු ඉදිරිපත් කරමින් රාජකාරියට පැමිණිමෙන් වැළකී සිටිමට උත්සාහ කරන බවට ලැබුණු තොරතුරු මත මේ පිළිබඳව අවධාරණ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය. |
2018-02-09T08:04:48.000Z | මෙවර දිගම සහ කොටම ඡන්ද පත්‍රිකාව | මෙවර දිගම සහ කොටම ඡන්ද පත්‍රිකාව | COLOMBO (Newsfirst) - මෙවර පළාත් පාලන මැතිවරණයේ දිගම ඡන්ද පත්‍රිකාව තිබෙන්නේ මඩකලපුව මහ නගර සභාවට සහ මුතූර් ප්‍රාදේශීය සභාවට බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. සභිකයින් 33 දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් මඩකලපුව මහ නගර සභාවට දේශපාලන පක්ෂ 11ක් සහ ස්වාධීන කණ්ඩායම් 5ක් තරග වදී. ඒ අනුව කණ්ඩායම් ගණන 16කි. මුතූර් ප්‍රාදේශීය සභාවට ද සභිකයින් 21 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා කණ්ඩායම් 16ක් තරග වදිනු ලැබේ. ඊට දේශපාලන පක්ෂ 14ක් සහ ස්වාධීන කණ්ඩායම් 2ක් ඇතුළත්ය. මේ අතර මෙවර පළාත් පාලන මැතිවරණයේ කොටම ඡන්ද පත්‍රිකාව තිබෙන්නේ පානදුර නගර සභාවට බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. සභිකයින් 16 දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ 5ක් සහ ස්වාධීන පක්ෂ 3ක් තරග වදී. ඒ අනුව මුළු කණ්ඩායම් ගණන 8කි. පළාත් පාලන ආයතන 341ක් සඳහා සභිකයින් 8,356 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා වූ පළාත් පාලන මැතිවරණය හෙට පැවැත්වේ. ඊට මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 276ක් ඇතුළත් ය. |
2018-02-09T03:57:47.000Z | ඡන්ද විමසීම් ගැන පැමිණිලි කළ හැකි දුරකතන අංක | ඡන්ද විමසීම් ගැන පැමිණිලි කළ හැකි දුරකතන අංක | COLOMBO (Newsfirst) - පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීමට හෙට උදෑසන 6.00 සිට ජාතික මැතිවරණ කොමිසමේ ජාතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය සැලසුම් කර තිබේ. නිවේදනයක් නිකුක් කරමින් ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ, සෑම පළාතක් ම ආවරණය වන පරිදි මෙම පැමිණිලි විමර්ශන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන බව ය. මේ අනුව බස්නාහිර පළාතේ පැමිණිලි 0112 86 64 48 යන දුරකතන අංකයට ඉදිරිපත් කළ හැකි ය. නැගෙනහිර පළාතේ පැමිණිලි 0112 86 64 70 අංකයටත්, මධ්‍යම පළාතේ පැමිණිලි 0112 86 64 78 අංකයටත් ඉදිරිපත් කළ හැකි ය. උතුරු පළාතේ පැමිණිලි ඉදිරිපත් කළ හැක්කේ, 0112 86 64 92 යන දුරකතන අංකයට ය. දකුණු පළාතේ මැතිවරණ පැමිණිලි 0112 86 64 93 ට හා උතුරු මැද පළාතේ පැමිණිලි 0112 86 64 95 යන දුරකතන අංකවලට ඉදිරිපත් කළ හැකි අතර වයඹ පළාතේ මැතිවරණ පැමිණිලි 0112 86 64 96 යන දුරකතන අංකයට ඉදිරිපත් කළ හැකි බව මැතිවරණ කොමිසම පවසයි. සබරගමුව පළාතේ මැතිවරණ පැමිණිලි හෙට උදෑසන 6.00 සිට 0112 86 64 98 ට සහ ඌව පළාතේ පැමිණිලි 0112 86 65 04ට ඉදිරිපත් කළ හැකි ය. මීට අමතරව ජාතික මැතිවරණ විමර්ශන පැමිණිලි මධ්‍යස්ථානයට සම්බන්ධව පොලිස් පැමිණිලි ඒකකයක් ද ස්ථාපිත අතර එහි දුරකතන අංක වන්නේ 0112 86 65 41 සහ 0112 86 65 46 යන අංක යි. |
2018-02-09T01:36:20.000Z | ඇලෝසියස්ට හා පලිසේනට ඇප ලබා දීම සම්බන්ධයෙන් දැඩි විරුද්ධත්වයක් | ඇලෝසියස්ට හා පලිසේනට ඇප දීමට දැඩි විරුද්ධත්වයක් | Colombo (Newsfirst) රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන්ට ඇප ලබා දීම සම්බන්ධයෙන් දැඩි විරුද්ධත්වයක් දක්වන බවට නීතිපති දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ලිඛිතව කරුණු දක්වනු ලැබී ය. එම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබා දීම සඳහා නඩුව ලබන 16 වන දා පස්වරු 2.00ට කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එහිදී නියෝග කළා ය. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබා ගත් රහස්‍ය තොරතුරු උපයෝගී කර ගනිමින් බැඳුම්කර වෙන්දේසි දෙකකදී නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රුපියල් කෝටි 9147ක මුදලක් උපයා ගැනීම අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන මහත්වරුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා වේ. |
2018-02-09T00:46:04.000Z | බංග්ලාදේශ පළමු ඉනිම 110කට සීමා වෙයි | බංග්ලාදේශ පළමු ඉනිම 110කට සීමා වෙයි | Colombo (Newsfirst) ශ්‍රී ලංකා - බංග්ලාදේශ 2වන ටෙස්ට් ක්‍රිකට් තරගය අද දෙවන දිනටත් මීර්පූර්හිදී පැවැත්වේ. තරගාවලියේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම සියලු කඩුලු දැවී ලකුණු 110කට සීමා විය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ බංග්ලාදේශයේ පිතිකරුවන් 6 දෙනෙක්ට ලකුණු 2 සීමාව පසු කිරීමට නොහැකි වූහ. බංග්ලාදේශය වෙනුවෙන් මෙහෙදි හසාන් නොදැවී ලකුණු 38ක් ද ලයිටන් ඩාස් ලකුණු 25ක් ද රැස් කළහ. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් සහ අකිල ධනංජය අතර කඩුලු 3 බැගින් බෙදී ගියහ. දිල්රුවන් පෙරේරා කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. තරගාවලියේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 222කි. |
2018-02-09T00:12:13.000Z | Ice Cricket: ලෝකයේ ම නෙත් යොමු වූ දැවැන්තයින්ගේ අයිස් ක්‍රිකට් | ලෝකයේ ම නෙත් යොමු වූ දැවැන්තයින්ගේ අයිස් ක්‍රිකට් | Ice Cricket: ස්විට්සර්ලන්තය යනු ක්‍රිකට් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුළන රටක් නොවේ. එහෙත්, ස්විට්සර්ලන්තය යනු හිමපතනයන් සම්බන්ධයෙන් නම් ප්‍රසිද්ධියක් උසුළන රටකි. හිම සහ ක්‍රිකට් අතර ද සමීප සම්බන්ධයක් පවතින බව අප අසා නැත. එහෙත්, ස්විට්සර්ලන්තයත් ක්‍රිකට් සහ හිමත් එකට එක්වූ අවස්ථාවක් ස්විට්සර්ලන්තයේ සෙන් මොරිට්ස් (St. Moritz) ප්‍රදේශයෙන් වාර්තා විය. මෙම අයිස් ක්‍රිකට් (Ice Cricket) තරගය ජැක් කලිස්ගේ සහ විරෙන්දර් ෂෙවාග්ගේ කණ්ඩායම් අතර පැවැත්විණි. එම කණ්ඩායම් දෙක මෙසේ ය. Badrutt’s Palace Diamonds: Virender Sehwag (c), Mohammad Kaif, Lasith Malinga, Michael Hussey, Mahela Jayawardene, Zaheer Khan, Ajit Agarkar, Tillakaratne, Andrew Symonds, Joginder Sharma, Ramesh Powar, Rohan Jain Royals: Jacques Kallis (c), Shahid Afridi, Shoaib Akhtar, Nathan McCullum, Daniel Vettori, Grant Elliott, Monty Panesar, Graeme Smith, Owais Shah, Abdul Razzaq, Jacques Kallis, Matt Prior, Aidan Andrews මෙම තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංග ද සහභාගි වූහ. මෙහිදී, පළමුවෙන් පන්දුවට පහර දුන් Diamonds කණ්ඩායම පන්දු වාර 20 තුළදී ලකුණු 166ක් රැස් කළේ ය. විරෙන්දර් ෂෙවාග් පන්දු 31කදී ලකුණු 62ක් රැස් කිරීමට සමත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Royals කණ්ඩායම ලකුණු 166 පසු කරමින් තරගයේ ජය හිමි කර ගත්තේ ය. මෙම තරගය පැවති අවස්ථාවට පකිස්ථානයේ හිටපු ක්‍රිකට් නායක වසීම් අක්‍රම් ද එක් විය. |
2018-02-08T23:32:48.000Z | ලොව වාර්තාගත මිලකට අලෙවි කිරීමට සූදානම් වන දියමන්තිය | වාර්තාගත මිලකට අලෙවි කිරීමට සූදානම් වන දියමන්තිය | (Newsfirst) විශාල ප්‍රමාණයෙන් යුත් නිකැළැල් සුදු පැහැ දියමන්තියක් ලන්ඩනයේදී ලොව වාර්තාගත මිලකට අලෙවි කිරීමට සූදානම් වේ. විදෙස් වාර්තාවන්හි දැක්වෙන්නේ, කැරට් 102ක බරින් යුත් එම දියමන්තිය විශාල ස්ට්‍රෝබෙරි ගෙඩියක ප්‍රමාණයෙන් යුත් බව ය. කැරට් 118ක බරින් යුත් විශාල දියමන්තියක් 2013 වසරේදී හොංකොංහිදී ද වාර්තාගත මිලකට අලෙවි කෙරිණි. |
2018-02-08T20:46:50.000Z | පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පෙට්ටි සහ නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය උදේ 8 සිට | ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය උදේ 8 සිට | Colombo (Newsfirst) පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි සහ නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම අද පෙරවරු 8.00ට ආරම්භ වේ. ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු සිදුවන බව ය. පළාත් පාලන ආයතන 341ක් සඳහා සභිකයින් 8356 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා මෙවර මැතිවරණය පැවැත්වේ. ඊට මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 276ක් ඇතුළත් ය. මේ අතර නිව්ස්ෆස්ට් දවස වැඩසටහන සමග එක්වෙමින් මෙවර මැතිවරණයේදී ඡන්ද දායකයා තම ඡන්දය සලකුණු කළ යුතු ආකාරය පිළබඳව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා උපදෙස් ලබා දුන්නේ ය. ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කරුණු පැහැදිලි කළේ ය. |
2018-02-08T19:53:31.000Z | මැතිවරණය සාමකාමීව පැවැත්වීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් | මැතිවරණය සාමකාමීව පැවැත්වීමට විශේෂ වැඩපිළිවෙළක් | Colombo (Newsfirst) පළාත් පාලන මැතිවරණය සාමකාමීව පැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. මැතිවරණයට ඇති සූදානම සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේ ය. පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ, මැතිවරණය සම්බන්ධයෙන් මෙතෙක් ලැබී ඇති සියලු පැමිණිලි විභාග කර ඇති බව ය. තෝරා ගත් ඇතැම් ප්‍රදේශවලට විශේෂ පොලිස් කණ්ඩායම් අනුයුක්ත කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, මැතිවරණ රාජකාරී සම්බන්ධයෙන් නිශ්චිත උපදෙස් මාලාවක් සියලු නිලධාරීන්ට අද ලබාදෙන බව ය. මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ සියලු ආරක්ෂක රාජකාරී මීට ටික වේලාවකට පෙර ආරම්භ කළ බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සියලු පොලිස් නිලධාරීන් අදාළ රාජකාරී ස්ථාන වෙත යොමු කර ඇති බව ය. දිවයිනේ තෝරා ගත් ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ ජංගම සේවා 100කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. |
2018-02-08T10:17:42.000Z | මෙවර ඡන්දයෙන් සභාපති හෝ නගරාධිපති පත් වන්නේ කෙසේ ද? | මෙවර ඡන්දෙන් සභාපති / නගරාධිපති පත් වන්නේ කෙසේ ද? | COCLOMBO (Newsfirst) : මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී අතිරේක ලේඛනය යටතේ ඉදිරිපත් වන කිසිදු අපේක්ෂකයෙකුට හෝ අපේක්ෂිකාවකට පළාත් පාලන ආයතනයක සභාපති හෝ නගාරාධිපති තනතුරට පත් වීමට අවකාශ හිමි නෙවේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නීති නිලධාරිනී, ගයනි ප්‍රේමතිලක මහත්මිය පැවසුවේ, නව පනත යටතේ යම් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් 50% වඩා ආසන ලබාගෙන ඇති අවස්ථාවක එම පක්ෂයේ ලේකම්වරයාට හෝ ස්වාධීන කණ්ඩයාමේ නායකයාට ඡන්දයෙන් තෝරා පත් කර ගත් අපේක්ෂයින් අතරින් අයෙකු එම පළාත් පාලන ආයතයේ ප්‍රධානියා ලෙස පත් කළ හැකි බවයි. එහෙත් යම් හෙයකින් පළමු අවස්ථාවේ පත් වූ සභාපති හෝ නගරාධිපති ඉල්ලා අස්වූ අවස්ථාවකදී සභිකයින් අතරින් අයෙකු පළාත් පාලන ආයතනයේ ප්‍රධානියා ලෙස තෝරා පත් කර ගැනීමේ හැකියාව පවතී. තව ද නව පනත යටතේ අයවැය පරාජය වුව ද ප්‍රථම වසර දෙක තුළදී පළාත් පාළන ආයතනයේ සභාපතිට හෝ නගරාධිපතිට ධුරය අහිමි නොවනු ඇති. ගයනි ප්‍රේමතිලක මහත්මිය වැඩිදුරටත් පැවසුවේ, තෙවන වර්ෂයේදී පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට සෙසු සභිකයින්ගේ මතයට සවන් දීමට සිදුවනු ඇති බවයි. |
2018-02-08T09:52:57.000Z | නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශකට එරෙහි පරීක්ෂණ CIDයෙන් ඉවත් කරන්නැයි, ඉල්ලීමක් | DKPට එරෙහි විමර්ශන CIDයෙන් ඉවත් කරන්නැයි ඉල්ලීමක් | COCLOMBO (Newsfirst) : නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී. කේ. පී. දසනායක මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව සිදුකරන පරීක්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලෙසට, විත්තියේ නීතිඥවරුන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. එම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යේෂ්ඨ අධි නීතිඥවරයා විරුද්ධත්වය පළ කළේ ය. ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 22 වන දා නිකුත් කිරීමට එහිදී තීරණය කළ මහේස්ත්‍රාත්වරිය එම නඩුවේ 8 වන සහ 9 වන සැකකරුවන් දෙදෙනා එදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ය. එම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින නාවික හමුදා කර්මාන්ඩ්ර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තා විදේශගත වීම වළක්වමින් නියෝගයක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය ඔහු ලංකාවට පැමිණිය හොත් ලංකාවෙන් පිටතට යන අවස්ථාවකදී රඳවා ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස ආගමන විගමන පාලකවරයාට නියෝග කළේ ය. කර්මාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගැනීමට අධිකරණය නිකුත් කර ඇති විවෘත වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ. 2008 වසරේදී කොළඹදී සුදු වෑන් භාවිත කරමින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු මේ වන විට ඇපමත මුදාහැර තිබේ. |
2018-02-08T07:44:49.000Z | ඡන්ද පොළේදී 'මොබයිල්' බෑ | ඡන්ද පොළේදී 'මොබයිල්' බෑ | COLOMBO (Newsfirst) : මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද පොළවලට පැමිණෙන ඡන්දදායකයින්ට ජංගම දුරකතන භාවිතය තහනම් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, ඡන්ද පොළේදී ජංගම දුරකතන භාවිතය, ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම තහනම් බව ය. පසුගිය මැතිවරණවලදී ඡන්දය සලකුණු කළ පත්‍රිකා සමාජ ජාල වෙබ් අඩවි වෙත මුදා හැරීමක් වාර්තා වීම මෙම තීරණයට බලපා තිබේ. මීට අමතරව, අවිආයුධ සන්තකයේ තබා ගැනීම, දුම් පානය, මත් පැන් සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතය ද සුපුරුදු පරිදි තහනම් වේ. |
2018-02-08T06:55:39.000Z | ඡන්දය දා සුරාසල් වැසෙයි | ඡන්දය දා සුරාසල් වැසෙයි | COLOMBO (Newsfirst) - ලබන සෙනසුරාදා දිවයිනේ සියලු සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ. එහි කොමසාරිස් ජෙනරාල් හෙලන් මීගස්සමුල්ල මහත්මිය සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය හේතුවෙන් මෙම පියවර ගත් බවයි. |
2018-02-08T05:59:02.000Z | බංග්ලාදේශ හිටපු අගමැතිනි කලීඩා සියා සිපිරි ගෙට.... | බංග්ලාදේශ හිටපු අගමැතිනි කලීඩා සියා සිපිරි ගෙට | COLOMBO (Newsfirst) : බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය බෙගම් කලීඩා සියාට වසර 5 ක සිරදඬුවම් නියම වී තිබේ. ඒ ඇයට එල්ල වී තිබූ දූෂණ චෝදනාවලට අධිකරණය හමුවේ වරදකාරිය වීම හේතුවෙනි. බංග්ලාදේශයේ ඩකා අගනුවර අධිකරණයකදී අද මෙම තීන්දුව ලබා දී තිබේ. එම තීන්දුවට විරෝධය පළ කරමින් ඇයගේ ආධාරකරුවන් විශාල පිරිසක් අධිකරණය ඉදිරිපිට රැස්ව සිටි අතර, ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර ද එල්ල කළ බව විදෙස් වාර්තාවල සඳහන් ය. නඩුවට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ, එම පිරිස විසුරුවා හැරීමෙන් අනතුරුව ය. ළමා සුබසාධන කටයුතු සඳහා ලැබුණු අනතර්ජාතික මූල්‍ය පරිත්‍යාග අනිසි ලෙස භාවිත කළ බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබිණ. නමුත් එම චෝදනා දිගින් දිගට ම ප්‍රතික්ෂේප කරන බංග්ලාදේශ හිටපු අගමැතිනිය (72) කියා සිටින්නේ, මෙය දේශපාලන පළි ගැනීමක් බවයි. |
2018-02-07T21:17:53.000Z | පළාත් පාලන මැතිවරණයේ රාජකාරී සඳහා රාජ්‍ය නිලධාරීන් 175000ක් | මැතිවරණ රාජකාරී සඳහා නිලධාරීන් 175000ක් | Colombo (Newsfirst) පළාත් පාලන මැතිවරණයේ රාජකාරී සඳහා කොළඹින් පිටත් වන විශේෂ නිලධාරීන් පිරිසක් අද එක් එක් පළාත් පාලන බල ප්‍රදේශ කරා පිටත්ව යන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. මැතිවරණ කොමිසම සඳහන් කළේ, විශේෂ සම්බන්ධීකරණ සහකාර තේරීම් භාර නිලධාරීන් පිරිසක් මෙලෙස පිටත් කර යවන බව ය. ඒ සඳහා නිලධරීන් 400ක් ඇතුළත් ය. ඔවුන් මැතිවරණය දා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන්ට ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සම්බන්ධීකරණය සඳහා අවශ්‍ය සහය ලබා දෙනු ඇති. මේ අතර මැතිවරණයේ රාජකාරී සඳහා 175000කට අධික රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාවක් යෙදවීමට නියමිත ය. අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා පැවසුවේ, ඔවුන් හෙට දිනයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත වාර්තා කළ යුතු බව ය. මැතිවරණ රාජකාරී පැහැර හරින නිලධාරීන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසුවේ ය. |
2018-02-07T20:37:46.000Z | මාලදිවයිනේ අර්බුදයට මැදිහත් වීමට එ.ජා. ආරක්ෂක මණ්ඩලය සැරසෙයි | මාලදිවයිනේ අර්බුදයට එක්සත් ජාතීන් මැදිහත් වන ලකුණු | Colombo (Newsfirst) මාලදිවයිනේ දේශපාලන අර්බුදයට මැදිහත් වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සූදානම් වේ. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මාලදිවයිනේ දේශපාලන අර්බුදය පිළිබඳව අද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එහිදී මාලදිවයිනේ දේශපාලන අර්බුදය පිළිබඳව විමර්ශනය කිරීමට විශේෂ කමිටුවකට පැවරෙනු ඇති බව ය. මාලදිවයිනේ දේශපාලන අර්බුදය ප්‍රජාතන්ත්‍රවාදයට දැඩි පහරක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් රාඩ් අල් හුසේන් කියා සිටියේ ය. මාලදිවයිනට පනවා ඇති හදිසි තත්ත්වය නිමා කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටාරේස් මීට පෙර මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යාමීන්ගෙන් ඉල්ලා සිටියේ ය. මේ අතර මාලදිවයිනේ දේශපාලන අර්බුදයට වෙනත් රටවල් මැදිහත් වුවහොත් එය එරට තත්ත්වය තවදුරටත් සංකීර්ණ භාවයට පත් කරනු ඇතැයි චීනය පවසයි. මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් එරට දේශපාලන අර්බුදය විසඳීමට ඉන්දීය හමුදාවේ සහය පැතීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීනය ප්‍රකාශ කළේ, කිසිදු රටක් මාලදිවයිනේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමෙන් වැළකිය යුතු බව ය. මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට තමන් සහය දක්වන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් චීනය වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමේ ප්‍රතිපත්තිය අනුගමනය කරන බව ද කියා සිටියේ ය. මේ අතර පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මාලදිවයිනේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සිංගප්පූරුව ද සිය ජනතාවට දැනුම් දුන්නේ ය. |
2018-02-07T20:00:52.000Z | බෙල්ලන්විල විමලරතන නා හිමියන්ට අජරාමර නිවන් සුව....! | බෙල්ලන්විල විමලරතන නා හිමියන්ට අජරාමර නිවන් සුව..! | Colombo (Newsfirst) :අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නා හිමියන්ගේ දේහය පිළිබඳ අදාහන පූජෝත්සවය අද පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී සිදු කෙරිණි. අද පස්වරු 12.30 ට පමණ දේහය රැගත් පෙරහැර බොරලැස්ගමුව නගරය ඔස්සේ රත්තනපිටියට පැමිණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයට ළඟා විය. එහිදී විශ්වවිද්‍යාල උපකුලපතිතුමා ඇතුළු විශ්වවිද්‍යාල අචාර්ය මණ්ඩලය විසින් නාහිමියන්ගේ දේහය එහිදී භාර ගනු ලැබිණි. මහා සංඝරත්නය ප්‍රමුඛ මහජනතාව උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩාංගනයට පැමිණ සිටි බව අප වාර්තාකරු සඳහන් කළේ ය. මහා සංඝරත්නයේ අනුශාසනාවලින් අනතුරුව අවමංගල සභාව විසින් වැඩකටයුතු ආරම්භ කරනු ලැබිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ද අවමංගල්‍ය උත්සවය සඳහා පැමිණි සිටියහ. මෙරට උගත් ධර්මධර සඟ පරපුරේ මිණි පහනක් බඳු වූ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නා හිමියෝ පසුගිය සෙනසුරාදා අපවත් වූහ. ඒ, හදිසි අනතුරකට ලක් ව රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අපවත්වන විට 77 හැවිරිදි වියේ පසු වූ උන්වහන්සේ පර්යේෂණ ග්‍රන්ථ රැසක් පළ කර ඇති අතර ධර්ම ප්‍රචාරය සඳහා දේශ දේශාන්තරවල සංචාරය කරමින් විශාල මෙහෙයක් ද ඉටු කළ යථිවරයාණන් වහන්සේ නමකි. |
2018-02-07T11:39:30.000Z | පොලීසිය මේ අතට ගන්නේ, කාගේ නීතියක් ද? (VIDEO) | පොලීසිය මේ අතට ගන්නේ, කාගේ නීතියක් ද? (VIDEO) | COLOMBO (NEWSFIRST) : කොල්ලුපිටිය පොලීසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සාමාන්‍ය පුරවැසියෙකුට අඩන්තේට්ටම් කිරීමේ සිදුවීමක් වාර්තා වේ. ඊයේ පෙරවරු 11.30ට පමණ මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ, කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ වෙරළ දෙසට වන්නට පිහිටි නිවසක හිමිකරුවෙකි. කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ වෙරළ දෙසට වන්නට පිහිටි අදාළ පුද්ගලයාගේ නිවසට ගමන් කරන පෞද්ගලික මාර්ගයේදී පොලීසිය මොහුට අඩන්තේට්ටම් සිදු කරන්නේ, තර්ජනාත්මකවයි. පසුව පොලීසිය එම පුද්ගලයා, ඔහුගේ සහෝදරයා සහ පුත්‍රයා කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් තිබේ. එලෙස රැගෙන ගිය ඔවුන් තිදෙනා අද උදෑසන දක්වා පොලිස් ස්ථානයේ රඳවා ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ. කොල්ලුපිටිය පොලීසිය 'බී' වාර්තාවක් මගින් කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වෙත දැනුම් දී ඇත්තේ,, සැකකරුවන් පොලිස් රාජකාරියට බාධා කළ බවයි. එහෙත් ඒ කාගේ, කුමන රාජකාරියකට ද යන්න බී වාර්තාවේ සඳහන් කර නොමැත. මේ අතර අදාළ ප්‍රශ්නගත මාර්ගයට සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ගොස් ඇත්තේ, පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පෞද්ගලික දුරකථන ඇමතුමක් මත බව පැවසු ව ද එය තහවුරු කිරීමට පොලීසිය සමත්ව නොමැත. මේ අතර අත්අඩංගුවට ගැණුනු තිදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට ප්‍රථම කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් කිසියම් ලේඛන කිහිපයකට අත්සන් ලබා ගැනීමට උත්සාහ දරා තිබේ. ඊයේ සිද්ධිය අතරතුර ඇද වැටී තුවාල ලැබූ එම නිවසේ පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකුගෙන් පොලීසිය අද ප්‍රකාශ ද සටහන් කර ගෙන ඇත්තේ, ඔවුන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි.. පොලීසියේ අඩම්තේට්ටම්වලට ලක් වූ මෙම පුද්ගලයා ටෙන්ඩර් අක්‍රමිකතාවක් මුල්කර ගෙන පොලීසියට එරෙහිව පැවරූ නඩුවක් මේ වන විට කොළඹ වාණිජ අධිකරණය හමුවේ විභාග වෙමින් පවතී. ඊට අදාළ අල්ලස් කොමිසමේ ද විමර්ශනයක් ද ක්‍රියාත්මකයි. කොල්ලුපිටිය පොලීසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ මේ නොමනා හැසිරීම පොලීසියට එරෙහිව අධිකරණය හමුවට ගොස් සිටින පුද්ගලයෙකුට එරෙහිව අපරාධ හංවඩුව ගැසීමේ අරමුණින් සිදුවූවක් ද? සිදුවීමට අදාළ දර්ශන පෙළ පහතින්.... |
2018-02-07T10:10:34.000Z | කොළඹ පුරපති අපේක්ෂක අසාද් සාලිගෙන් හෙළිදරව්වක් | රෝසිගේ පුත්‍රයා ගැන සාලිගෙන් හෙළිදරව්වක් | COLOMBO (Newsfirst) : එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ පුරපති අපේක්ෂක අසාද් සාලි මහතා අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් අනාවරණයක් සිදු කළේ ය. ඔහු එහිදී එලෙස අනාවරණය කළේ, කොළඹ පුරපති අපේක්ෂිකාවගේ පුතණුවනු ත් බැඳුම්කර වංචාවට සම්බන් බවට වන තෙරතුරකි.. එහිදී පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන සහ නුවන් සල්ගාදු අතර වූ දුරකථන සංවාදයක කොටසක් මාධ්‍යවේදීන්ට අසන්නට සැලැස්වූ අතර එය පහතින් දැක් වේ. මේ අතර මෙම මාධ්‍ය සාකච්ඡාවකට එක්ව සිටි හිටපු ජ්‍යේෂ්ඨ බැංකු නිලධාරී රුසිරිපාල තෙන්නකොන් මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේ ය. "මේ වාර්තාවේ පිටු අංක 305 යේ දුරකතන සංවදය අද බන්ධනාගාරගත වෙලා සිටින කසුන් පලිසේන කියන ප්‍රධාන විධායක නිලධාරිවරයයා පර්පෙචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ මේ කාරණයට මැදිහත් විච්ච ගණුදෙනුව මෙහෙයවපු තැනැත්තා ඔහු පණිවිඩයක් දෙනවා ඒ සමාගමේ ගිණුම් නිලධාරියෙකුවන නුවන් සල්ගාදුට මේ පණිවිඩය දෙන්නේ පලවෙනි කෝප් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දිලා ඉවරවෙලා ඒක ටිකක් නරක පැත්තට යන බව තේරිච්ච කාලෙක ඔහු කියනවා සිංගප්පුරුවේ ඉදලා මේ දුරකථන පණිවිඩය දීලා නුවන් සල්ගාදුට කියනවා ගිහිල්ල ගනිං මං දිපු ප්‍රකාශයේ පිටපතක්. කාගෙන්ද ගන්නේ රෝසි සේනානානයකගේ පුතාගෙන් නුවන් සල්ගාදු නැමැත්තාගෙන් කොමිසම ඉදිරියේ කෙලින්ම අහනවා කවුද රෝසි කියන්නේ එතකොට උත්තරේ දෙනවා නුවන් සල්ගාදු පාර්ලිමේන්තු මන්ත්‍රි කෝප් කාරක සභාවේ නියෝජිත රෝසි සේනානානයක මහත්මිය කවුද පුතා කනිෂ්ක සේනානායක'' එල්ල වන මෙම චෝදනාව සම්බන්ධයෙන් විමසීමට රෝසි සේනානායක මහත්මිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවී ය. |
2018-02-07T09:14:21.000Z | රටේ ණය බර රු. 10,000,000,000,000 පනී... | රටේ ණය බර රු. 10,000,000,000,000 පනී.. | COLOMBO (Newsfirst) : රටේ ණය ප්‍රමාණය කොපමණ දැයි නිශ්චිතව ගණන් බැලීමට නොහැකි වී ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි. "අතත පය බැදලා මුහුදට දාපු මනුස්සයෙක් වගේ ජබි ගහ ගහා ඉන්නවා වැඩක් කරන්න පුළුවන් තත්ත්වයක් අද නෑ. කවුරු හරි මගෙන් ඇහුවොත් රටේ තියෙන ණය ප්‍රමාණය කීය ද කියන්න කියලා මට දෙන්න පුළුවන් උත්තරය තමයි කරුණාකරලා වයිමගෙන් අහන්න කියන එක.එච්චරටම රාජ්‍ය අංශයේ ණය කළමනාකරණය අවුලෙන් අවුලට පහුගිය දශකය තුළ පත්කරලයි තියෙන්නේ'' මේ අතර විගණකාධිපති වාර්ෂික වාර්තාව එළි දක්වමින් ඔහු කියා සිටියේ 19 වන සංශෝධනයට අනුව සම්මත කළ යුතු විගණන පනත තවදුරටත් ප්‍රමාදවීම තුළ ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවයි. ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, පසුගිය දශකය තුළ රාජ්‍ය අංශයේ ණය කළමනාකරණය අවුල්සහගත තත්ත්වයකට පත්ව ඇති බවයි. රටේ ණටය බර පිළිබඳ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා.... |
2018-02-07T08:36:33.000Z | ඇමති මලික්ගේ අයුතු භුක්තියට වැඩ වරදින ලකුණු | ඇමති මලික්ගේ අයුතු ඉඩම් භුක්තියට වැඩ වරදින ලකුණු | COLOMBO (Newsfirst) : කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට එරෙහිව අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබේ. ඒ, මලික් සමරවික්‍රම මහතා නිත්‍යනූකූල හිමිකමක් නොමැති රුපියල් කෝටි 18 ක වටිනාකමකින් යුත් වැලිකඩ ප්‍රදේශයේ ඉඩමක් බලහත්කාරයෙන් භුක්ති විඳින බවට පවසමිනි. "කෝට්ටේ මහනගර සභාව වැලිකඩ පොලිසියට යාබදව තියන ඉඩම සහ නගර සභාවේ ඉඩම යාබදව නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමක් තියනවා ඒකෙන් පර්චස් 40 ක ප්‍රමාණයක් මලික් සමරවික්‍රම ඇමතිතුමා දීර්ඝ කාලීන බදු පදනම මත තමන් බදු අරගෙන තියනවා.. එතුමා බදු ගත්ත ඉඩම පිටිපස්සේ තව ඉඩමක් තියනවා පර්චස් 36 ක ඉඩමක් මේ පර්චස් 36 වර්තමාන වෙළෙඳපොළ වටිනාකම දැන් අවුරුදු තුනකට ඉස්සල්ලා ලක්ෂ 50 යි එක පර්චස් එකක්. මේ පර්චස් 36 මලික් සමරවික්‍රම ඇමතිතුමා කිසිම නිත්‍යනූකුල අයිතියක් නැතුව වැටවල් ගහගෙන රජයේ ඉඩමක් බලෙන් බුක්ති විඳිනවා කෝටි 18 ක ඉඩමක්" පැමිණිල්ල මගින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති සහ නාගරික සංවර්ධන අධිකාරියේ තොරතුරු ලබාදෙන නිලධාරියාට ද චෝදනා එල්ල කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට අභියෝග කර සිටියේ, තමා සමග සජීවි විවාදයකට පැමිණෙන ලෙසයි. "මලික් සමරවික්‍රම ඇමතිතුමෝ අනුන්ගේ ඉඩම් අල්ලන් ඉන්නේ නැතුව තමන්ට මේ ඉඩමේ අයිතිය තියනවා නම් ඇවිල්ලා ප්‍රකාශ කරන්න ඔබතුමාත් එක්ක සජීවි විවාදයකට ඇවිල්ලා මට ඔප්පු කරන්න පුළුවන් මේ කෝටි 18 ක් වටින ඉඩම ඔබතුමා බලෙන් අල්ලන් ඉන්නවා කියලා" ඔහු වැඩිදුරටත් පැවසුවේ, මලික් සමරවික්‍රම වැනි ඇමතිවරුන් හමුවේ රටේ නීතිය යට වීමට ඉඩ දී බලා සිටිය නොහැකි බවයි. |
2018-02-07T07:19:11.000Z | මැතිවරණ ප්‍රචාරණය අද මැදියම් රැයෙන් අවසන් | මැතිවරණ ප්‍රචාරණය අද මැදියම් රැයෙන් අවසන් | COLOMBO (Newsfirst) : පළාත් පාලන මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරුන් සහ අපේක්ෂකයින් දැනුවත් කර ඇති බවයි. අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වන අපේක්ෂකයින්ට එරෙහිව ඕනෑ ම පුද්ගලයෙකුට අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවිය හැකියි. එවැනි අපේක්ෂකයින් මැතිවරණයෙන් තේරී පත්වුව හොත් ඔවුන්ගේ සභිකත්වය අහෝසි වනු ඇතැයි ද අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර අද මධ්‍යම රාත්‍රියෙන් පසු ඡන්ද ඉල්ලා ගෙයින් ගෙට යාම ද තහනම් වේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පවසන්නේ එම නීති කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි. මෙම නීතිය ලබන 11 වන දා දක්වා බලාත්මක වනු ඇති. |
2018-02-07T05:50:11.000Z | මැතිවරණ කොමසාරිස්ගෙන් විශේෂ ඉල්ලීමක් | මැතිවරණ කොමසාරිස්ගෙන් විශේෂ ඉල්ලීමක් | COLOMBO (Newsfirst) : ඡන්ද බලය හිමි සිසුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි වන පරිදි පෞද්ගලික අධ්‍යාපන ආයතනවල දේශන සහ විභාග සැලසුම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව එම ආයතන ප්‍රධානීන්ගෙන් හා පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ, ඡන්ද විමසීම පැවැත්වෙන දිස්ත්‍රික්කවල ඇතැම් පෞද්ගලික අධ්‍යාපන ආයතනවල දේශන හා විභාග හේතුවෙන් සිසුන්ට තම ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවට වාර්තා වී ඇති බවයි. එබැවින් මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස මැතිවරණ කොමිසම එම පෞද්ගලික ආයතන ප්‍රධානීන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරයි. |
2018-02-07T01:07:33.000Z | ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මාලදිවයින් ජනපති අහෝසි කරයි | ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මාලදිවයින් ජනපති අහෝසි කරයි | COLOMBO (Newsfirst) - මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අහෝසි කර තිබේ. මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ගෙන ඇත්තේ, අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරුවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් ගත වූ පසුව ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජනාධිපති අබ්දුල් යාමීන්ගේ ඉල්ලීම මත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් තිදෙනෙකු මෙම නියෝගය ලබා දී ඇති බවයි. එරට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 2වන දා නියෝග කළේ, මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඇතුළු විපක්ෂ දේශපාලනඥයින් බන්ධනාගාරයෙන් මුදාහැර යළි නඩු විභාග පැවැත්විය යුතු බව ය. ඊට මාලදිවයිනේ වත්මන් රජය ප්‍රතිචාර නොදැක්වීම හමුවේ ජනතා විරෝධතා මතු වූ අතර එය පාලනයට වත්මන් රජය රට තුළ හදිසි නීතිය ද ක්‍රියාත්මක කර තිබේ. වත්මන් ජනපති අබ්දුල් යාමීන් පැවසුවේ, තමාට එරෙහිව දේශපාලන කුමන්ත්‍රණයක් දියත් වන බව ය. ජනපතිවරයාගේ නියෝගය මත අගවිනිසුරුවරයා සහ හිටපු ජනපතිවරයෙකු වූ මවුමර් ගයූම් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන් අනතුරුව ය. එරට විපක්ෂය රට තුළ උද්ගතවී ඇති අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තරයට මැදිහත් වන ලෙස ඉල්ලා සිටින බව විදෙස් වාර්තාහි සඳහන් වේ. |
2018-02-06T22:09:10.000Z | උදයංග වීරතුංග ගැන විමර්ශනයට කණ්ඩායමක් අබුඩාබියට | උදයංග වීරතුංග ගැන විමර්ශනයට කණ්ඩායමක් අබුඩාබියට | COLOMBO (Newsfirst) - අත්අඩංගුවට ගෙන සිටින රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සඳහා නිලධාරින් 7 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද අබුඩාබි බලා පිටත් ව යාමට නියමිතව තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ, එම කණ්ඩායමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරියෙකු, නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරින් දෙදෙනෙකු, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනෙකු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු ඇතුළත් බවයි. මෙය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදුවන ක්‍රියාවලියක් වන අතර අද අබුඩාබි බලා යන කණ්ඩායම අදාළ බලධාරින් සමග සාකච්ඡා කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුරංග මහතා ඩුබායි ගුවන් තොටුපලේදී එරට පොලිස් අත්අඩංගුවට පත්වූයේ පසුගිය 4 වන දා ය. |
2018-02-06T20:53:38.000Z | ඡන්දය වෙනුවෙන් අද සිට විශේෂ බස් රථ සේවාවක් | ඡන්දය වෙනුවෙන් අද සිට විශේෂ බස් රථ සේවාවක් | COLOMBO (Newsfirst) - පළාත් පාලන මැතිවරණය වෙනුවෙන්, අද පස්වරුවේ සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසා තිබේ. එහි මෙහෙයුම් අධිකාරි ආර්. ටී. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, ඒ සඳහා අතිරේක බස් රථ 150ක් යොදවන බවයි. මැතිවරණ කටයුතු සඳහා මැතිවරණ කොමිෂන් සභාව සහ දිස්ත්‍රික් ලේකම්වරුන් මේ වන විට බස් රථ 1000 කට ආසන්න ප්‍රමාණයක් ඇණවුම් කර ඇතැයි ද ඔහු පැවසුවේ ය. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන්, ගම්බිම් බලා යන ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා ලබන 11 සහ 12 යන දෙදින අතිරේක බස් සේවා ක්‍රියාත්මක බව ආර්. ටී. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කර තිබේ. |
2018-02-06T20:43:43.000Z | ඡන්ද ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් | ඡන්ද ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් | COLOMBO (Newsfirst) - පළාත් පාලන මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතව තිබේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරුන් සහ අපේක්ෂකයින් දැනුවත් කර ඇති බවයි. අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වන අපේක්ෂකයින්ට එරෙහිව, ඕනෑම පුද්ගලයෙකුට අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවිය හැකි වනු ඇත. එවැනි අපේක්ෂකයින් මැතිවරණයෙන් තේරී පත්වුවහොත්, ඔවුන්ගේ සභිකත්වය අහෝසි වනු ඇතැයි ද අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියේ ය. මේ අතර අද මධ්‍යම රාත්‍රියෙන් පසු ඡන්ද ඉල්ලා ගෙයින් ගෙට යෑම ද තහනම් වේ. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පැවසූවේ, එම නීති කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය දැඩි ව ක්‍රියාත්මක කරන්නැයි සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි. මෙම නීතිය ලබන 11 වන දා දක්වා බලාත්මක වනු ඇති. |
2018-02-06T10:55:06.000Z | ඡන්දය නිසා වසා තබන පාසල් මෙන්න | ඡන්දය නිසා වසා තබන පාසල් මෙන්න | කොළඹ (නිව්ස්ෆස්ට්) පළාත් පාලන මැතිවරණ හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් මේ මස 9 වැනි සිකුරාදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මීට අමතරව ඡන්ද රාජකාරි කටයුතු සඳහා යොදා ගන්නා තවත් පාසල් 19 ක් හා අධ්‍යාපන විද්‍යාපීඨ දෙකක් හෙට සිට වසා තැබෙනු ඇති. ඒ අනුව වසා තැබෙන පාසල් මෙසේය. * කොළඹ, රාජකීය විද්‍යාලය * කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය * කළුතර ඥාණෝදය මහා විද්‍යාලය * පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය * මහනුවර රාජකීය විද්‍යාලය * මාතලේ සංඝමිත්තා විද්‍යාලය * නුවරඑළිය ගාමිණි ජාතික පාසල * ගාල්ල සවුත්ලන්ඩ විද්‍යාලය * හම්බන්තොට සුචී ජාතික පාසල * යාපනය මධ්‍ය විද්‍යාලය * මඩකලපුව හින්දු විදුහල * ත්‍රීකුණාමලය විපුලානන්ද විද්‍යාලය * කුරුණෑගල මලියදේව විද්‍යාලය * කුරුණෑගල සර් ජොන් කොතලාවල විද්‍යාලය * පුත්තලම හින්දු විද්‍යාලය * අනුරාධපුරය මධ්‍ය මහා විද්‍යාලය * බදුල්ල විහාරමහාදේවී විද්‍යාලය * මොණරාගල රාජකීය විද්‍යාලය කෑගල්ල ස්වර්ණ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය, ගම්පහ පන්නල ගෙදර අධ්‍යාපන විද්‍යාපීඨය සහ පුලතිසි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය හෙට සිට සිකුරදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. |
2018-02-06T10:17:52.000Z | ඇලෝසියස් හා මහේන්ද්‍රන් රටට කළ තවත් පාඩුවක් | මාමයි බෑණයි රටට කළ තවත් පාඩුවක් | කොළඹ (නිව්ස්ෆස්ට්) හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් යන මහත්වරු රටට කළ තවත් පාඩුවක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා හෙළි කළේ ය. ''මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා තිබෙන කිලෝමීටර් 32 ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 138ක ණයක් ජපානයේ ටෝකියෝ මිට්ෂුබිසී බැංකුවෙන් ලබාගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් ණයක් ලබා ගත්තාම ඒ ණය ආපසු ගෙවීමට නොහැකිවේ යන අවදානම බැංකුව දකිනවා නම් ඒ ණය රක්ෂණය කරනවා. ණය අවදානම අඩු වුණ නිසා යුද්ධයෙන් පස්සේ සාමාන්‍ය රක්ෂණ ගාස්තුව විදියට ගෙවන්න සිද්ධ වුණේ සියයට 2ත් 5ත් අතර වගේ ගාණක්. නමුත් මේ ණය සඳහා ගෙවිය යුතු රක්ෂණ ගාස්තුව සියයට 10ක්. ඒ කියන්නේ රුපියල් බිලියන 14ක්. මේ ණය මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවත් සමග සාකච්ඡා කළ ජපානයේ මිට්ෂුබිසී බැංකුවේ දේශීය නියෝජිතයා අර්ජුන් ඇලෝසියස්. සෑම විදේශ ණයක්ම කොන්දේසි රටට හිතකර ද කියලා තීරණය කරන්න මුදල් මණ්ඩලය විසින් අනුමත කළ යුතුයි. මුදල් මණ්ඩලය කියන්නේ අර්ජුන් ඇලෝසියස්ගේ මාමා මහ බැංකු අධිපති ලෙස සභාපති ධූරය දරපු තැන. මෙතනදී මේ දැවැන්ත රක්ෂණ මුදලත් සමග ණය මුදල මුදල් මණ්ඩලය අනුමත කරනවා. මේ තමයි බැඳුම්කර වංචාවේ දෙවැනි කොටස. පළවෙනි කොටසේ හිටපු ප්‍රධාන නළුවෝ දෙන්නාම තමයි දෙවැනි කොටසේත් රඟ පාන්නේ.'' |
2018-02-06T09:16:15.000Z | ''තහනම් වචනය නොකියා ඉන්න අගමැතිතුමා පරිස්සම් වුණා'' - අනුර කුමාර | ''අගමැති පරිස්සම් වුණා'' - අනුර කුමාර | කොළඹ (නිව්ස්ෆස්ට්) බැඳුම්කර ගනුදෙනු හා මහා පරිමාණ වංචා දුෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිළිබඳ විවාදය අද පාර්ලිමෙන්තුවේදී පැවැත්විණි. යෝජනාව ඉදිරිපත් කළේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ය. |
2018-02-06T08:12:21.000Z | ''මහජන මුදල් සොරා කෑ පසුගිය රජයේ නියෝජිතයින්ට එරෙහිවත් කටයුතු කරනවා'' - මලික් සමරවික්‍රම | දූෂණ, වංචා සම්බන්ධයෙන් මලික් සමරවික්‍රම කියන කතාව | කොළඹ (නිව්ස්ෆස්ට්) රට තුළ මතුව ඇති දූෂණ හා වංචා පිළිබඳ සංවාදය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම මහතා අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළේ ය. නිවේදනයක් නිකුත් කරමින් මලික් සමරවික්‍රම මහතා පෙන්වා දෙන්නේ, වාසි තකා පොදු ආයතනවලින් ප්‍රයෝජන ගන්නා පුද්ගලයින්ට එරෙහිව ජාතික ආණ්ඩුව තුළ එක්සත් ජාතික පක්ෂය තීරණාත්මක ක්‍රියා පටිපාටියක් දියත් කර ඇති බව ය. පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීම එහි එක් පියවරක් බව නිවේදනයේ සඳහන් ය. එමෙන් ම මහජන මුදල් සොරා කෑ පසුගිය රජයේ පුද්ගලයින්ට එරෙහිව තම පක්ෂය කටයුතු කර ඇති බව ද මලික් සමරවික්‍රම මහතා සිය නිවේදනයේ සඳහන් කර තිබේ. |
2018-02-06T07:10:12.000Z | මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීම නිසා සිදු වූ හානිය පිළිබඳ වාර්තාව ජනපතිට | මීතොටමුල්ලේ සිදු වූ හානිය පිළිබඳ වාර්තාව ජනපතිට | කොළඹ (නිව්ස්ෆස්ට්) කොළොන්නාව මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීම නිසා සිදු වූ හානිය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දුන්නේ ය. ඒ, එම කමිටුවේ සභාපති විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු අචාර්ය චන්ද්‍රදාස නානායක්කාර මහතා විසිනි. මීතොටමුල්ලට කසළ බැහැර කිරීම පිළිබඳ කෙටි කාලීන සහ දිගු කාලීන නිර්දේශ මෙම වාර්තාව තුළින් ඉදිරිපත් කර තිබේ. බස්නාහිර පළාත තුළ කසල බැහැර කිරීම කළමනාකරණය සඳහා මධ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද මෙම කමිටු වාර්තාව තුළින් පෙන්වා දී තිබේ. ජනාධිපතිවරයා කමිටු වාර්තාව භාර ගනිමින් ප්‍රකාශ කළේ, මෙහි නිර්දේශ හා යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී අදාළ අමාත්‍යංශ හා ආයතන වෙත උපදෙස් ලබා දෙන බව ය. කොළොන්නාව මීතොටමුල්ල කසළ බැහැර කිරීමේ කටයුතු සඳහා භාහිර ආයතන වෙත ගෙවා ඇති මුදල් 2015 සහ 2016 වසර තුළ අසාමාන්‍ය අයුරින් වර්ධනය වී ඇති බව ද කමිටු වාර්තාව පෙන්වා දෙයි. එහි දැක්වෙන්නේ කොළඹ මහ නගර සභාව විසින් 2014 වසරේ ඒ සඳහා සිදු කළ වියදම රුපියල් මිලියන 64ක් වන අතර 2015 වර්ෂයේ රුපියල් මිලියන 192 ක් ලෙස ද, 2016 වර්ෂයේ රුපියල් මිලියන 232ක් ලෙස ද එම ගෙවීම් වර්ධනය වී තිබෙන බව ය. |
2018-02-06T06:03:52.000Z | 9 මැතිවරණ කොමිසම, අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවාඩු ඉල්ලයි | මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් | කොළඹ (නිව්ස්ෆස්ට්) පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන 09 වන දා දිවයිනේ සියලු පාසල්වලට නිවාඩු ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් රත්නායක මහතා සඳහන් කළේ, 8 වන දා දිනයේ පාසල් පැවැත් වීමෙන් අනතුරුව මැතිවරණ කටයුතු සඳහා ග්‍රාම සේවා නිලධාරීන් වෙත පාසල් භාර දෙන ලෙසට අධ්‍යාපන ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළ බව ය. ඒ අනුව 9 වන දා දිනය සම්පූර්ණයෙන් ම මැතිවරණ කටයුතු සඳහා පාසල් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කළ බව ද අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ ය. |
2018-02-06T05:20:50.000Z | මැතිව්ස්ට 20යි 20 තරගාවලිය ත් අහිමි වෙයි | මැතිව්ස්ට 20යි 20 තරගාවලිය ත් අහිමි වෙයි | කොළඹ (නිව්ස්ෆස්ට්) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්, බංග්ලාදේශයට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියටද සහභාගී නොවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ, ඔහුගේ ආබාධය සුව නොවීම හේතුවෙනි. සත්කාරක බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට එම තරගාවලිය අහිමි විය. ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියෙන් ද ඔහු විවේක ගැන්වූයේ එම ආබාධ තත්ත්වය හේතුවෙනි. කෙසේ නමුත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මැතිව්ස්ගේ සහභාගීත්වය තවමත් තීරණය කර නොමැති බව ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරට ත් දැක්වේ. තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - බංග්ලාදේශ පන්දුවාර 20යි 20 තරගාවලිය ලබන 15 වැනිදා ආරම්භ වීමට නියමිත ය. |
2018-02-06T01:51:53.000Z | ගම්පහ පුද්ගලයෙකු වෙඩි තබා මරා දමයි | ගම්පහ පුද්ගල ඝාතනයක්... | COLOMBO (Newsfirst) : ගම්පහ, කෙහෙල්බද්දරදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, අද පෙරවරු 8.30 පමණ සිදුවූ වෙඩි තැබීමකින් 65 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනයට ලක්ව ඇති බවයි. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි. |
Subsets and Splits
No saved queries yet
Save your SQL queries to embed, download, and access them later. Queries will appear here once saved.