id
int64 1.52k
119k
| url
stringlengths 31
789
| title
stringlengths 1
109
| text
stringlengths 2
589k
|
---|---|---|---|
9,583 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%20%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%20%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%20%E0%B7%80%E0%B7%9A%E0%B6%BD
|
සෞඛ්‍ය සම්පන්න ආහාර වේල
|
සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් යනු හොද සෞඛ්‍ය තත්ත්වයක් වර්ධනය ක කිරීම හා සම්බන්ධ ප්‍රායෝගීකරණයකි.
මෙය සිදු කරනු ලබන්නේ සියළුම ආහාර කාණ්ඩවලින් ප්‍රමාණවත් තරම් පෝෂ්‍ය පදාර්ථ ලැබෙන අන්දමින් පරිභෝජනයට ගැනීම මගිණි. මෙහිදී ආහාරයට ප්‍රමාණවත් පරිදි ජලය එකතු කර ගැනීම ද එකසේ වැදගත්ය. මානව පෝෂණය වඩාත් සංකිර්ණ මාතෘකාවක් වන අතර සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් යන්න එක් එක් අවස්ථාවන්වලදී විවිධ වේ. ඒ සදහා පුද්ගලයාගේ ප්‍රවේනික සැලැස්ම, අවට පරිසරය සහ සෞඛ්‍ය තත්ත්වය බලපායි. මානව ජනගහනයෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා නොගැනීම හේතුවෙන් ඇති වී ඇති ප්‍රධානතම අවහිරතාවය වී ඇත්තේ ආහාර ඌණතාවය සහ මන්ද පෝෂණයයි. මීට ප්‍රතිවිරුද්ධ වශයෙන් සංවර්ධිත රටවල ඇති ප්‍රධානතම ගැටළුව වනුයේ අධි ස්ථුලතාවයයි.
පෝෂණය පිළිබද සමස්ත විග්‍රහයක්
පොදුවේ ගත් කළ සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අන්තර්ගත වනුයේ ;
පුද්ගලයෙකුගේ පරිවෘත්තිය සහ අනෙකුත් ක්‍රියාකාරිත්වයන් පවත්වා ගත හැකි පරිදි ප්‍රමාණවත් කැළරි ප්‍රමාණයකින් සහ එය සිදු කළ යුත්තේ සම්පුර්ණ දේහස්කන්ධයෙන් 30% කටත් වඩා ආසන්න ප්‍රමාණයකට මේද ගබඩාවීමක් සිදු නොවන පරිදිය. බොහෝ පුද්ගලයන් සදහා දිනකට අවශ්‍යයැයි සම්මත කරන ලද ශක්ති ප්‍රමාණය කැළරි 2000 ක් වන අතර එය පුද්ගලයාගේ වයස , ස්ත්‍රී පුරුෂ භාවය, උස හා බර අනුව වෙනස් වේ.
ඒක අසංතෘප්ත, බහු අසංතෘප්ත සහ සංතෘප්ත මේද සමග සමතුලිත ඔමේගා - 6 සහ ඔමේගා - 3 ලිපිඩ ප්‍රමාණවත් තරම් අන්තර්ගත වන පරිදි මේදය ආහාරයට ගත යුතුය. මෙහි දිනකට අවශ්‍ය යැයි සම්මත කරන ලද මේද ප්‍රමාණය ග්‍රෑම් 65 කි.
කාබෝහයිඩ්‍රේට සහ ලිපිඩ අතර නිවැරදි අනුපාතයක් පවත්වා ගෙන යාම. මෙය 4 : 1 අනුපාතයට ලබාගත යුතු අතර කාබෝහයිඩ්‍රේට ග්‍රෑම් 4 කට ලිපිඩ ග්‍රෑම් 1 ක් වන පරිදි ලබාගත යුතුය.
අතිරේක වශයෙන් සංතෘප්ත මේදය ලබාගැනීමෙන් වැළකීම.
අන්තර් මේද පරිභෝජනයෙන් වැළකීම.
සෛල ප්‍රතිසංස්කරණය සහ පරිවාහක ප්‍රෝටීන සෑදීම සදහා ප්‍රමාණවත් පරිදි අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල පරිභෝජනය කිරීම. (සියළුම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සතුන් තුළ අන්තර්ගත වන අතර සහල් සහ මෑ කුලේ ශාක හැර ඇතැම් ශාක මගින් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ලබාදෙනු ලැබේ)
විටමින් සහ ඇතැම් ඛනිජ ලවණ වැනි අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක වර්ග ලබාගත යුතුය.
සෘජුවම විෂ සහගත (බරලෝහ) සහ පිළිකාකාරක (බෙන්සීන්) ද්‍රව්‍ය ආහාරයට නොගැනීම.
මානව ව්‍යාධි ජනකයින් විසින් අපවිත්‍ර වූ ආහාර ද්‍රව්‍ය පරිභෝජනයෙන් වැළකීම. (උදා - e.coli, සහ පටිපණුවන්ගේ බිත්තර)
කුඩා ප්‍රමාණයේ මාත්‍රා වලින් සහ ඉදහිට පරිභෝජනය කිරීමෙන් හානි දායක නොවන හෝ වාසි සහගත වන ඇතැම් ආහාර වර්ග දිගු කාලයක් හෝ විශාල ප්‍රමාණයේ මාත්‍රා වන්ගෙන් ආහාරයට නොගෙනීම.
විශාල වශයෙන් දිගු කාලයක් භාවිතා කිරීමේදී සෘජුවම හානිකර ප්‍රතිඵල ලබාදෙන ආහාර හෝ ද්‍රව්‍යයන් උදා - එතිල් මධ්‍යසාරය
සිරුරේ අනෙකුත් ක්‍රියාවලීන් සමග අධි මාත්‍රාවන්වල දී ක්‍රියාකාරිත්වයට බාදා පමුණුවන ආහාර වර්ග. උදා - පිරිසිදු කරන ලද මේස ලුණු
සිරුරෙහි සාමාන්‍ය ක්‍රියාකාරිත්වයන් අපහසුතාවයට ලක්කරන ආහාර වර්ග. උදා - ප්‍රමාණවත් තරම් තන්තු අන්තර්ගත නොවන පිරිසිදු කරන ලද කාබොහයිඩ්‍රේට වර්ග
|
9,585 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%AF%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8
|
සර්පයන් දෂ්ඨකිරීම
|
සර්ප දෂ්ඨ කිරීමක් යනු සර්පයෙකු විසින් සපා කෑමකි. සර්පයෝ සමාන්‍යෙයන්ආහාර ගන්නා අවස්ථාවන්හිදී ඔවුන්ගේ ගොදුරට දෂ්ඨ කළද ඇතැම් විට මිනිසුන්ටද දෂ්ඨ කරති. මිනිසුන්ට මෙම සර්ප දෂ්ඨ කිරීම් මග හරවා ගැනීමට සහ ප්‍රතිකාර කිරීම සඳහා සර්පයන් දෂ්ඨ කිරීමේ ෙහ්තුව පිළිබද අවබෝධයක් තිබීම ඒවා වළක්වා ගැනිමේ ක්‍රම ප්‍රථමාධාර සහ රෝහල්ගත කිරීමේදී ලැබෙන ප්‍රතිකාර පිළිබද අවබෝධයක් තිබීම උපකාරී වේ.
ප්‍රථමාධාර
අවස්ථාවන්හිදී
|
9,587 |
https://si.wikipedia.org/wiki/%E0%B6%86%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA
|
ආඝාතය
|
මොළයට රුධිරය සපයන්නා වූ රුධිර වාහිණීවල අවහිරතාවයක් ඇති වීම නිසා ඉතා ඉක්මනින් මොළයේ ක්‍රියාකාරිත්වය අඩපණවීම හේතුවෙන් ආඝාතය () නැමති තත්ත්වය ඇතිවේ. මෙය මොළයට රුධිරය සැපයීම අඩාල වීමෙන් රුධිර වාහිණි තුල රුධිර කැටියක් සෑදිමෙන් හෝ වෙනත් ස්ථානයක ඇති වූ ලේ කැටියක් මොළයේ රුධිරවාහිණි වෙත ඇතුළුවීමෙන් හෝ මොළය තුල රුධිර ගැලීමකට ලක්වීමෙන් සිදුවිය හැකිය. අන්තිමේදී මෙය මොළයේ රුධිර සංසරණ පද්ධතියයේ වන අනතුරක් ලෙස හැඳින් වුවද දැන් ආඝාතය යන වචනය බහුලව ව්‍යවහාර කෙරේ.
නිවැරදිව හඳුනාගෙන අදාල අවස්ථාවන්හි දී ප්‍රතිකාර ලබා නොදුන හොත් මෙමගින් සදාකාලිකවම ස්නායු අක්‍රියවීමක්, මෙමගින් ඇතිවන සංකූලතාවයන් සහ මරණ පවා ඇති විය හැකිය. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ හා යුරෝපයේ වැඩිහිටියන් තුල ආබාධිත තත්ත්වයන් ඇති කරන ප්‍රධානතම හේතුව වේ. දැනට ලොව පුරා සිදුවන මරණ අතරින් එය දෙවැනි ස්ථානයට පත්ව ඇතත් නොබෝ දිනකින්ම එය අංක එකේ ස්ථානයට පත්වන බවට සාක්ෂි ඇත. වයසින් වැඩිමහළු වත්ම අධික රුධිර පීඩනය, මීට පෙරත් ආඝාතය ඇතිවී තිබීම, දියවැඩියාව, අධි කොරස්ටරෝල් සහිත වීම. දුම්පානය කිරීම, උපත් පාලක පෙති පානය කිරීම සහ රුධිරය කාටි ගැසිමේ වැඩි ප්‍රබලතාවයක් ඇති රෝගීන් හට නැවත වරක් අඝාතය ඇතිවීමේ අවධානමක් ඇත. අධික රුධිර පීඩනය, රෝගය ඇති වීමට ඇති අවධානමක් ඇති සාධක අතරින් වෙන්කළ හැකි වැදගත්ම සාධකය වේ.
1970 දී ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් රෝගය සඳහා නිවැරදි අර්ථ දැක්වීමක් ලබාදී ඇත. ''මොළය තුල රුධිර සංසරණ පද්ධතියේ ඇතිවන යම් හේතුවක් නිසාවෙන් ස්නායු වල ඇතිවන දුර්වල තාවයන් පැය විසිහතරක කාලයක් ඇතුලත විනාශ වන ස්නායු පටක වල ක්‍රියාකාරිත්වය නැවත යථාතත්ත්වයට පත්කර ගැනීමේ හැකියාව පිළිබඳව විග්‍රහ කෙරේ. නමුත් මෙම පැය විසිහතරේ කාල සීමාව ඇතැම්විට මතභේදාත්මක වේ. කෙටිකාලීනව මොළයට රුධිරය සැපයීම අවහිර වීම නිසා ඇතිවන ආබාධිත තත්ත්වය අඝාතයකින් වෙනකර හඳුනා ගැනීමට මෙම පැය විසිහතරේ කාලසිමාව භාවිතා වේ. මෙකි තත්ත්වය පැය විසිහතරක කාලයක් තුල නැවත මුළුමනින්ම යථාතත්ත්වයට පත්වේ. කෙසේ නමුත් ප්‍රතිකාර ක්‍රමවල් සොයාගැනීමත් සමගම අඝාත තත්ත්වය හඳුනාගත් අවස්ථාවේදීම ප්‍රතිකාර කිරීම මගින් රෝගයේ දරුණු ප්‍රතිඵල වලක්වා ගත හැකිය. රුධිර කැටි දියකර හැරීමේ ඖෂධ, රුධිර පට්ටිකා එකතුවීම වලක්වන ඇස්ප්‍රීන්, ඩයිපිරිඩමෝල් වැනි ඖෂධ අධි රුධිර පීඩනය පාලනය කිරීම. කොලෙස්ටරෝල් පාලනය කිරීම සහ රුධිරය කැටිගැසීම වළක්වාලන ඖෂධ මගින් රෝගයට ප්‍රතිකාර ලබාදීමට පුළුවන. මීට අමතරව භෞතචිකිත්සාව හා වෘත්තීමය චිකිත්සාව මගින්ද රෝගීන්ට ප්‍රතිකර කෙරේ.
ආශ්‍රිත
Cerebrovascular disease
Dejerine–Roussy syndrome
Functional Independence Measure
Lipoprotein(a)
Mechanism of anoxic depolarization in the brain
Ultrasound-enhanced systemic thrombolysis
Weber's syndrome
මූලාශ්‍ර
භාහිර සබැඳි
DRAGON Score for Post-Thrombolysis
THRIVE score for stroke outcome
National Institute of Neurological Disorders and Stroke
Causes of death
RTT
RTTEM
ආඝාතය
|
9,588 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
|
ස්වස්ථතාව
|
ස්වස්ථතාව යනු මනා සෞඛ්‍ය තත්ත්වයක් සහ පිරිසිදු කම පවත්වා ගැනීම සදහා සිදු කරනු ලබන ක්‍රියාකාරකම්ය. සනීපාරක්ෂාව යන විද්‍යාත්මක යෙදුමෙන් විස්තර කරනුයේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වා ගෙන යාමයි. මෙම යෙදුම පෞද්ගලික සනීපාරක්ෂාව, ගෘහස්ත සනීපාරක්ෂාව, දන්ත සනීපාරක්ෂාව සහ වෘත්තීමය සනීපාරක්ෂාව සමග යෙදෙන අතර එය මහජන සෞඛ්‍ය විග්‍රහ කරන අවස්ථාවල දී බහුලවම භාවිතා වේ. සනීපාරක්ෂාව හෙවත් ඉංග්‍රීසියෙන් Hygiene යන වචනය ගොඩනැගී ඇත්තේ සෞඛ්‍ය, පිරිසිදුකම හා සනීපාරක්ෂාව සදහා අධිපතිව විසූ ග්‍රීක දෙවගනක වූ Hygieia ගෙනි. සනීපාරක්ෂාව යනු සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීම සහ ආරක්ෂා කර ගැනීම පිළිබදව ද හදාරන විද්‍යාවකි. මෙය Hygienics ලෙස ද හැදින්වේ.
මෙයත් බලන්න
ස්වකීය ස්වස්ථතාව
ස්වස්ථතාව
|
9,589 |
https://si.wikipedia.org/wiki/%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%20%E0%B7%83%E2%80%8D%E0%B7%8A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
|
ආහාර ස‍්වස්ථතාව
|
ආහාර ද්‍රව්‍යවල සුරක්ෂිත භාවය
ආහාර ද්‍රව්‍යවල සුරක්ෂිත භාවය යනු විද්‍යාත්මක විග්‍රහකිරීමක් වන අතර මෙමගින් සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර ද්‍රව්‍ය පරිහරණය කිරීම, පිළියෙල කිරීම සහ ගබඩා කිරීම මගින් ආහාර මගින් බෝවන රෝග ඇති වීම වළක්වාගත හැකිය. මෙහිදී අති භයානක සෞඛ්‍ය අවදානම් තත්ව වළක්වා ගත හැකි ක්‍රමෝපායන් පිළිබදව විග්‍රහ කරනු ලබයි. ආහාර මගින් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට රෝග බෝකිරීමක් ඇති කළ හැකි අතර ආහාර ද්‍රව්‍ය මත බැක්ටීරියාවන් වර්ධනය වීමෙන් ආහාර විෂවීම ඇති වේ. සංවර්ධිත රටවල ආහාර පිළියෙල කිරීමේ දී සංකිර්ණ සම්මතයන් ඇති නමුත් සංවර්ධනය නොවූ රටවල ආහාරවල සුරක්ෂිතතාවය පිළිබදව ඇති ප්‍රධානතම සාධකය වන්නේ සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ප්‍රමාණවත් තරම් ඇති ද යන්නයි. මෙයද ආහාරවල සුරක්ෂිතතාවය පිළිබදව එක්තරා වැදගත් අංගයකි.
|
9,598 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA
|
බයිබලය
|
හැදින්වීම
ශුද්ධවූ බයිබලය
කිතු දහම අනුගමනය කරන කිතුනුවන්ගේ අති පූජනීය ග්‍රන්ථයයි. ක්‍රිස්තු පූර්ව 1513 වන වසරේ පමණ සිට ක්‍රිස්තු වර්ෂ 96
වන වසර පමණ දක්වා කාලය තුළ ලියැවී ඇත. පැරණි ගිවිසුම හා අලුත් ගිවිසුමයැ යි දෙ කොටසකට මෙම පොත බෙදා ඇත. එම කොටස් දෙක තුළම වෙන් වෙන් මිනිස් සහායක කතුවරුන් විසින් ලියන ලද පොත් 66ක් පවතී. එනම් ශුද්ධ බයිබලයෙහි ප‍්‍රධාන කර්තෘ දෙවියන් වහන්සේ වන අතර උපකාරක කර්තෘ මිනිසා වේ. කිතුනුවන්ගේ ඇදහීම වන්නේ ශුද්ධවූ බයිබලය දේවානුභාවයෙන් (Divinely Inspired) ලියන ලද බවයි. ලොව වැඩිම භාෂා ගණනකට පරිවර්තනය කර ඇති පොතයි. මෙම පොත විවිධ භාෂා 400 කට පමණ ද මෙහි කොටස් විවිධ භාෂා 1810 කට පමණ ද පරිවර්තනය කොට ඇත. ලොව මෙතෙක් වැඩිම පිටපත් ගණනක් මුද්‍රණය කර ඇති හා අලෙවි කර ඇති පොත ද මෙයයි.
මිනිසාට මෙලොවින් පසු ස්වර්ග රජ්‍යයට යාහැකි එකම මාර්ගය මෙම පොත පමනක් බව ලොකවසි බිලියන දෙකක පමණ් ක්‍රිස්තියනි ජනතාවගෙ එකම විශ්වසය වේ.
හෙබරවු බයිබලය මින් අතරින් පැරනිම වන අතර කි.පු 132 වන විට ග්‍රික භාශාවට පරිවර්තනය කරන ලදි. මුල් පොත් ටෝරා නමින් හදුන්වන අතර එවා දිවැසිවර මෝසස් විසින් දෙවියන් වහන්සෙගේ ආනුභාවයෙන් ලියු බව සටහන්වේ.
බයිබලය ජුදා ආගම සහ ක්‍රිස්තියනි ආගම තුල ශුද්ධවු ග්‍රන්තයකි. නව ගිවිසුම ග්‍රික් භාශාවෙන් ලියා ඇති අතර පැරණි ගිවිසුමේ බොහො පොත් හේබ්‍රවු භාශාවෙන් ලියා ඇත. පැරණි ගිවිසුමේ පොත් 39ක් ඇති අතර එ්වා කොටස් 5කට බෙදිය හැකි ය.
නීති පොත් (උත්පත්ති, නික්මයාම, ලෙවී ව්‍යවස්ථාව, ගණන් කථාව, ද්විතීය නීති සංග‍්‍රහය)
ඉතිහාස පොත් (ජෝෂුවා, වීරාවලිය, රූත් කථාව,1 සාමුවෙල්, 2 සාමුවෙල්, 1 රාජාවලිය, 2 රාජාවලිය, 1 වංශාවලිය, 2 වංශාවලිය, එස්රා, නෙහෙමියා, එස්තර්,)
ප‍්‍රඥා සාහිත්‍යය (ජෝබ්, ගීතාවලිය, හිතෝපදේශය, ධර්මදේශකයා, පේ‍්‍රම ගී)
4.දිවැසිවර ග‍්‍රන්ථ (යෙසායා, ජෙරමියා, විලාප ගී, එසකියෙල්, හොසියා, ජෝවෙල්, ආමොස්, ඔබදියා, ජෝනා, මීකා, නාහුම්, හබක්කුක්, ශෙපනියා, හග්ගායි, සෙකරියා, මලාකි)
5. එළිදරව් සාහිත්‍යය (දානියෙල්)
දේවානුභාවයෙන් රචිත ශුද්ධවු බයිබලය ලෝකයේ සියළුම කිතුනු දේශයන්හි ජීවත්වන ක්‍රිස්තු භක්තිකයින්ගේ ඇදහිල්ලට පදනම් වන අති පූජනීය ග්‍රන්ථය වේ.ශුද්ධවූ බයිබලයෙන් ඉගැන්වෙන මූලික සත්‍යය වනුයේ සියල්ල මවා පාලනය කරන සදාතනික වූද අසම සම වු දෙවියන් වහන්සේ හා සම්භන්ධතාවයට හෙවත් උන්වහන්සේ සමග ගිවිසුමකට ඇතුලත් වීමෙන් මිනිසාට සදාතනික ජීවිතය සහ විමුක්තිය සුවය ලැබිය හැකි බවය.මිණිසාට ගැලවීම ලබාගත හැකි වනුයේ මෙම ගිවිසුමට ඇතුලත් විමෙන් පමනකි.බයිබලයෙහි ඒකායන පරමාර්ථය වනුයේ මිනිසා වෙත මෙම විමුක්ති මාර්ගය අනාවරණය කිරිමෙන් ඔහු දෙවියන් වහන්සේ සමග ගිවිසුමට ඇතුලත්ව එය පවත්වා ගත යුත්තේ කෙලෙසද යන්න දැක්වීමය.
වසර එක්දහස් හයසියයක කාල පරාසයක් තුලදී දේවාතාවරණය ලත් කර්තෘවරැන් විසින් ලියන ලද මෙම ඉපැරණී පූජණීය ග්‍රන්ථයේ වැදගත්කම යම් යුගයකට හෝ කාල පරිච්ඡේදයකට හෝ සීමා කල නොහැක්කේ එහි ගැබ්වෙන දිව්‍ය පණිවිඩය සදාතනික වන්නක් වන හෙයිනි.මේ වන විට සම්පූර්ණ බයිබලය භාෂාවන් දෙසීය හැටකටත් අධික සංඛ්‍යාවකට ද එයින් උපටාගනු ලැබූ කොටස් භාෂාවන් දෙදහස් තුන්සිය පනහකට වැඩි සංඛ්‍යාවකට පරිවර්ථනය කර ඇත.
සත්‍ය වශයෙන් මෙය පොත් මාලාවක එකතුවක් වන ශුද්ධ බයිබලය එකම ග්‍රන්ථයක් ලෙස සැලෙකනුයේ එහි කේන්ද්‍රීය තේමාව එකක් වන බැවිනි.මෙම තේමාව වනුයේ දෙවියන් වහන්සේ හා මිනිසා අතර සම්භන්ධතාවයයි.දේව සැලැස්මට අනුව පරිපූර්ණතාවයට හිමිකම් කියු මිනිසා
ශුද්ධවූ බයිබලය
පරණ ගිවිසුම:
උත්පත්ති
1 පරිච්ඡේදය
පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක.
2 පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය; ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන්වහන්සේගේ ආත්මය ජලමතුයෙහි හැසිරෙමින් සිටිසේක.
3 දෙවියන්වහන්සේ: එළිය වේවයි කීසේක; එවිට එළිය විය.
4 එළිය යහපත් බව දෙවියන්වහන්සේ දුටුසේක. දෙවියන්වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන්කොට
5 එළියට දවාලය කියාද අන්ධකාරයට රාත්‍රියය කියාද නම් තැබූසේක. සවස විය, උදය විය, ඒ එක දවසක්ය.
6 දෙවියන්වහන්සේ: ජල මධ්‍යයෙහි අවකාශයක් වේවා, එය කරණකොටගෙන ජලය ජලයෙන් වෙන්වේවයි කීසේක.
7 දෙවියන්වහන්සේ අවකාශය සාදා අවකාශයට උඩින් තිබුණු ජලයෙන් අවකාශයට යටින් තිබුණු ජලය වෙන්කළසේක; ඒ එසේ විය. 8දෙවියන්වහන්සේ අවකාශයට අහසය කියා නම් තැබූසේක. සවස විය, උදය විය, ඒ දෙවෙනි දවසක්ය.
9 දෙවියන්වහන්සේ: අහසට යටින් තිබෙන ජලය එක් තැනකට රැස් වේවා, වියළි බිම පෙනේවයි කීසේක. ඒ එසේ විය.
10 දෙවියන්වහන්සේ: වියළි බිමට පොළොවය කියාද රැස්වූ ජලයට මුහුදය කියාද නම් තැබූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක.
11 දෙවියන්වහන්සේ: පොළොව වනාහි තෘණද බීජ උපදවන පලාද ඒ ඒ වර්ග ලෙස ඵල දරන බීජ සහිත ඵල වෘක්ෂද පොළොව පිට හටගන්වාවයි කීසේක. ඒ එසේ විය.
12 තෘණද ඒ ඒ වර්ග ලෙස බීජ උපදවන පලාද ඒ ඒ වර්ග ලෙස බීජ සහිත ඵලදරන වෘක්ෂද පොළොවෙන් හටගත්තේය. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක.
13 සවස විය, උදය විය, ඒ තුන්වෙනි දවසක්ය.
14 දෙවියන්වහන්සේ: රාත්‍රියෙන් දවාල වෙන් කිරීමට අහස්තලයෙහි ආලෝකයෝ වෙත්වා, ඒවා ලකුණු පිණිසද සෘතු පිණිසද දවස් පිණිසද අවුරුදු පිණිසද වෙත්වා,
15 පොළොවට එළිය දීමට ඒවා අහස්තලයෙහි ආලෝකයන් පිණිස වෙත්වයි කීසේක. ඒ එසේ විය.
16 දෙවියන්වහන්සේ මහත් ආලෝක දෙක සෑදූසේක; වඩා මහත් ආලෝකය දිවාභාගය කෙරෙහි අධිපතිකම්කරන පිණිසය, කුඩා ආලෝකය රාත්‍රි භාගය කෙරෙහි අධිපතිකම් කරන පිණිසය. උන්වහන්සේ තාරකාද සෑදූසේක.
17 පොළොවට එළිය දෙන පිණිසත් දවාල කෙරෙහිද රාත්‍රිය කෙරෙහිද අධිපතිකම් කරන පිණිසත්
18 අන්ධකාරයෙන් එළිය වෙන්කරන පිණිසත් දෙවියන්වහන්සේ ඒවා අහස්තලයෙහි තැබූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක.
19 සවස විය, උදය විය, ඒ සතරවෙනි දවසක්ය.
20 දෙවියන්වහන්සේ: ජලය වනාහි එහි හැසිරෙන ජීවමාන සත්වයන් බොහෝකොට හටගන්වාවා, පක්ෂීහු පොළොවට උඩින් ආකාශ කුක්ෂියෙහි පියාසරකෙරෙත්වායි කීසේක.
21 තවද දෙවියන්වහන්සේ ඉතා මහත් ජලචර සත්වයන්ද ඒ ඒ වර්ගලෙස ජලයෙහි බොහෝසෙයින් හටගත්තාවූ එහි හැසිරෙන පණ ඇති සියලු සත්වයන්ද ඒ ඒ වර්ග ලෙස පියාපත් ඇති සියලු පක්ෂීන්ද මැවූසේක.
22 දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක. දෙවියන්වහන්සේ උන්ට ආශීර්වාදකොට: ඔබ සැම සඵලව බෝවෙමින් මුහුදු ජලය පුරා පැතිර සිටිව්, පක්ෂීහුද පොළොවෙහි බෝවෙත්වයි කීසේක.
23 සවස විය, උදය විය, ඒ පස්වෙනි දවසක්ය.
24 දෙවියන්වහන්සේ: පොළොව වනාහි ඒ ඒ වර්ග ලෙස තිරිසනුන්ද බඩගා යන ජාතීන්ද පොළොවේ මෘගයන්ද යන ජීවමාන සත්වයන් ඒ ඒ වර්ග ලෙස හටගන්වාවයි කීසේක. ඒ එසේ විය.
25 දෙවියන්වහන්සේ ඒ ඒ වර්ග ලෙස පොළොවේ මෘගයන්ද ඒ ඒ වර්ග ලෙස සිව්පාවුන්ද ඒ ඒ වර්ග ලෙස භූමියෙහි බඩගා යන සියලු සතුන්ද සෑදූසේක. දෙවියන්වහන්සේ ඒ යහපත් බව දුටුසේක.
26 තවද දෙවියන්වහන්සේ: අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදම්හ; ඔව්හු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයෙහි පක්ෂීන් කෙරෙහිද තිරිසනුන් කෙරෙහිද මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩුකෙරෙත්වයි කීසේක.
27 දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක, දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක; පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක.
28 දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: ඔබ සැම බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නැයි කීසේක.
29 තවද දෙවියන්වහන්සේ: බලව, මුළු පොළෝතලයෙහි ඇති බීජ දරන සියලු පලාද බීජ දරන ඵල ඇති සියලු වෘක්ෂයන්ද ඔබ සැමට දුනිමි; එය ඔබ සැමට ආහාර පිණිස වන්නේය.
30 පොළොවේ සියලු මෘගයන්ටත් ආකාශයේ සියලු පක්ෂීන්ටත් පොළොව පිට බඩගා යන පණ ඇති සියලු සතුන්ටත් ආහාර පිණිස සියලු නිල් පලා දුනිමියි කීසේක. ඒ එසේ විය.
31 දෙවියන්වහන්සේ තමන් සෑදූ සියල්ලම දුටුසේක, බලව ඒ ඉතා යහපත්ව තිබුණේය. සවස විය, උදය විය, ඒ සවෙනි දවසක්ය.
නව ගිවිසුම
මතෙව් 1
ආබ්ර්හමිගේ ද දාවිත්ගේ ද පුත්ර් වූ ජේසුස්
1 ක්රිරස්තුන් වහන්සේගේ වංශාවලිය මෙසේ ය-. 2 ආබ්ර.හමිට දාව ඊසාක් ද-, ඊසාක්ට දාව ජාකොබ් ද-, ජාකොබ්ට දාව ජූදා සහ ඔහුගේ සහෝදරයෝ ද උපන්හ-. 3 ජූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ් හා ශෙරා ද-, පෙරෙශ්ට දාව හෙශ්රොදන් ද-, හෙශ්රොහන්ට දාව ආරාමි ද-, 4 ආරාමිට දාව අමිනාදාබ් ද-, අමිනාදාබ්ට දාව නාෂොන් ද-, නාෂොන්ට දාව සල්මොන් ද-, 5 සල්මොන්ට දාව රාහාබ්ගෙන් බෝවස් ද-, බෝවස්ට දාව රූත්ගෙන් ඕබෙද් ද-, ඕබෙද්ට දාව ජෙස්සේ ද-, 6 ජෙස්සේට දාව දාවිත් රජ ද උපන්නෝ ය-. දාවිත් රජුට දාව උරියාගේ භාර්යාව වී සිටි ස්ත්රි යගෙන් සලමොන් ද-, 7 සලමොන්ට දාව රෙහොබෝවමි ද-, රෙහොබෝවමිට දාව අ-,යා ද-, අ-,යාට දාව ආසප් ද-, 8 ආසප්ට දාව ජෙහොෂාපාත් ද-, ජෙහොෂාපාත්ට දාව ජෝරාමි ද-, ජෝරාමිට දාව උශ්ශියා ද-, 9 උශ්ශියාට දාව ජෝතාමි ද-, ජෝතාමිට දාව ආහස් ද-, ආහස්ට දාව හෙසකියා ද-, 10 හෙසකියාට දාව මනස්සේ ද-, මනස්සේට දාව ආමොස් ද-, ආමොස්ට දාව ජෝසියා ද-, 11 බ-,ලෝනියට විප්ර වාසගතවීම සිදුවූ මේ කාලයේ දී ජෝසියාට දාව ජෙකොනියා ද ඔහුගේ සහෝදරයෝ ද උපන්නෝ ය-. 12 බ-,ලෝනියේ විප්ර වාසයෙන් පසු ජෙකොනියාට දාව ෂෙයල්තියෙල් ද-, ෂෙයල්තියෙල්ට දාව සෙරුබාබෙල් ද-, 13 සෙරුබාබෙල්ට දාව අ-,යුද් ද-, අ-,යුද්ට දාව එලියාකිමි ද-, එලියාකිමිට දාව ආශොර් ද-, 14 ආශොර්ට දාව සාදොක් ද-, සාදොක්ට දාව ආකීමි ද-, ආකීමිට දාව එලියුද් ද-, 15 එලියුද්ට දාව එලෙයාසර් ද-, එලෙයාසර්ට දාව මත්තාන් ද-, මත්තාන්ට දාව ජාකොබ් ද-, 16 ජාකොබ්ට දාව මරිය තුමීගේ පුරුෂයා වූ ජෝසෙප් ද උපන්නෝ ය; මරිය තුමීගෙන් ක්රිගස්තුස් නමි වූ ජේසුස් වහන්සේ උපන් සේක-. 17 මෙසේ ආබ්රවහමි පටන් දාවිත් දක්වා පරමිපරා සියල්ල දස සතරකි; දාවිත් පටන් බ-,ලෝනියේ විප්රාවාසගතවීම දක්වා පරමිපරා දස සතරකි; බ-,ලෝනියේ විප්රාවාසගතවීමේ කාලයේ පටන් ක්රි ස්තුන් වහන්සේ දක්වා පරමිපරා දස සතරකි-.
ජේසුස් වහන්සේගේ උපත
18 ජේසුස් ක්රිකස්තුන් වහන්සේගේ උපත සිදුවූයේ මෙසේ ය-. උන් වහන්සේගේ මෑණයන් වූ මරිය තුමී ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටිය දී-, ඔවුන් එක් වන්න පෙර-, ශුද්ධාත්මයාණන් අනුහසින් ඈ ගැබ්ගෙන සිටින බව දැනගන්නා ලදී-. 19 ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප්-, සත් පුරුෂයෙකු වූ බැවින් ඇය ප්රසසිද්ය්යේ නින්දාවට නොපමුණුවන අදහසින්-, රහසින් ඇය අත්හැරදමන්න සිතාගත්තේ ය-. 20 එහෙත්-, ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටිය දී-, සමිඳ්රුණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී-, දාවිත්ගේ පුත් ජෝසෙප්-, ඔබේ -,රිඳ වන මරියා පාවාගන්නට -,ය නොවන්න; මන්ද-, ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසිනි-. 21 ඈ පුතෙකු -,හි කරන්නී ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තැ-,ය යුතු ය; මන්ද-, සිය සෙනභ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝ යයි කී ය-. 22 මේ සියල්ල සිදුවූයේ සමිඳ්ර්ණන් වහන්සේ දිවැසිවරයා ලවා කියෙවූ කීම ඉටු වන පිණස ය-. එනමි: 23 මෙන්න-, කන්යාපවක් ගැබ්ගෙන පුතෙකු -,හි කරන්නී ය; උන් වහන්සේට එමිමානුවෙල් යන නාමය තබනු ඇත-, යනු ය-. ඒ නාමයේ අර්ථය නමි-, දෙවියන් වහන්සේ අප සමභ ය යනුයි-. 24 ජෝසෙප් නින්දෙන් අවදි වූ විට සමිඳ්ර ණන් වහන්සේගේ දූතයා ඔහුට අණ කළ ලෙස-, සිය -,රිඳ කැන්දාගෙන ගියේ ය-. 25 එහෙත්-, ඇයට පුත්රළයා ලැබෙන තුරු ඔහු ඇය සමභ එක් නො වී ය-. ඔහු උන් වහන්සේට ජේසුස් යන නාමය තැ-, ය-.
මතෙව් 2
මතෙව් 2
ශාස්ත්‍රවන්තයන්ගේ පැමිණීම
1 හෙරොද් රජු දවස ජුදයේ බෙත්ලෙහෙමෙහි ජේසුස් වහන්සේ උපන් කල-, පෙර- දිගින් ශාස්ත්රේවන්තයෝ ජෙරුසලමට අවුත්-, 2 ජුදෙව්වරුන්ට රජ ව උපන් උතුමාණෝ කොතැන්හි ද? අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිග දී දැක-, එතුමාණන්ට නමස්කාර කරන පිණස ආවෙමුයි කී හ-. 3 එපවත් ඇසූ හෙරොද් රජ ද මු ළු ජෙරුසලමි ජනතාව ද කැළඹුණාහ-. 4 එකල ඔහු සෙනභගේ සියලු නායක පූජකයන් ද විනයධරයන් ද රැස් කරවා-, ක්‍රිස්තුන් වහන්සේ කොතැන්හි උපදින සේක් දැයි ඔවුන්ගෙන් විචාළේ ය-. 5 ඔව්හු කතා කොට-, ජුදයේ බෙත්ලෙහෙමෙහි ය; ඒ ගැන දිවැසිවරයා මෙසේ ලියා තිබේ; 6 'එමිබා-, ජුදා දේශයේ බෙත්ලෙහෙම! තී ජුදාගේ භූපතීන් අතර කිසි සේත් අල්ප නොවන්නී ය-. මන්ද; මාගේ ඉශ්රායෙල් සෙනභ පාලනය කරන මූලිකයෙකු තී කෙරෙන් නික්මෙනු ඇතැ' යි ඔහුට කී හ-. 7 එකල හෙරොද් ශාස්ත්රගවන්තයන් රහසින් කැඳවා-, තාරකාව පෙනුණු වේලාව ඔවුන්ගෙන් හොඳින් දැනගෙන-, 8 ඔබ ගොස් ඒ ළදරුවා ගැන හරි ලෙස විමසන්න; ඔබ විමසා සොයාගත් පසු-, මාත් ගොස් උන් වහන්සේට නමස්කාර කරනු පිණස මටත් දන්වන්න කියා-, ඔවුන් බෙත්ලෙහෙමට යැවී ය-. 9 රජුගේ බස් අසා ඔව්හු පිටත් ව ගියහ-. පෙරදිග දී ඔවුන් දුටු තාරකාව-, ළදරුවා සිටි තැනට අවුත් ඉහළින් නවතින තුරු-, ඔවුන්ට පෙරටුවෙන් ගියේ ය-. 10 තාරකාව දැක ඔව්හු අතිශයින් ප්රී්ති ප්රේමෝද වූ හ-. 11 ඔව්හු ගෙට පිවිස-, ළදරුවා සිය මව වූ මරිය තුමී හා සමභ සිටිනු දැක-, පසභ පිහිටුවා වැඳ-, සිය කරඬු ඇර රන් ද-, තුවරලා ද-, ගන්ධරස ද යන පඬුරු උන් වහන්සේට පිදූ හ-. 12 තවද-, හෙරොද් වෙත ආපසු නොයන ලෙස සිහිනයකින් දන්වනු ලැබූ ඔව්හු අන් මභකින් සිය රට බලා ගියහ-.
මිසරයට පලා යාම
13 ඔවුන් ගිය පසු සමිඳ්ර ණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ජෝසෙප්ට දර්ශනය වී-, ඔහු අමතා-, නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණයන් ද රැගෙන මිසරයට ගොස්-, මා දන්වන තුරු එහි නවතින්න-. මන්ද-, හෙරොද් රජ ළදරුවා මරාදැමීමට සොයතියි කී ය-. 14 ඔහු රාත්රිවයෙහි නැඟිට ළදරුවා ද උන් වහන්සේගේ මෑණයන් ද රැගෙන මිසරයට ගොස්-, 15 හෙරොද්ගේ මරණය දක්වා එහි සිටියේ ය-. මෙසේ වූයේ-, මිසරයෙන් මාගේ පුත්රදයා කැඳවාගතිමියි කියා සමිඳ්රුණන් වහන්සේ විසින් දිවැසිවරයා කරණකොටගෙන කියන ලද කීම ඉටු වනු පිණස ය-.
පැරණි බයිබල් ඡායාරැප
මෙම බයිබල් ඡායාරැප(English Wikipedia එකෙන් ලබාගන්නා ලදි
ශුද්ධවූ බයිබලය
මතෙව් 3
ස්නාවක ජොහන්ගේ දේශනාව
1 ඒ දවස්වල දී ස්නාවක ජොහන් අවුත්, ජුදයේ පාළුකරයෙහි දේශනා කරමින්, 2 පසුතැවී සිත් හරවා ගන්න; මන්ද, ස්වර්ග රාජ්ය ය ළභ යයි කී ය. 3 කුමක් හෙයින් ද යත්: ' සමිඳුන්ගේ මාවත පිළියෙළ කරන්න; එතුමන් හට ඇද නැති මාවත් සාදන්නැ'යි පාළුකරයෙහි මොරගා කියන හඬක් යයි, දිවැසිවර යෙසායා පැවසුවේ මොහු ගැන ය. 4 මෙකී ජොහන් ඔටු ලොමි වස්ත්රායක් ඇඳ-, ඉණ වටා හමි පටියක් බැඳ සිටියේ ය. පළඟැටියන් හා වන මී ඔහුගේ ආහාරය විය. 5 එකල ජෙරුසලමේ ද මුළු ජුදයේ ද ජොර්දාන් අවට මුළු පෙදෙසේ ද වැසියෝ ඔහු වෙත පැමිණ, 6 පාපෝච්චාරණය කරමින්, ජොර්දාන් ගංගාවෙහි ඔහු අතින් ෆබව්තීස්ම-ස්නාපනය ලැබූ හ. 7 එහෙත්-, බව්තීස්ම-ස්නාපනය ලබන පිණස පරිසිවරුන්ගෙන් ද සද්දුසිවරුන්ගෙන් ද බොහෝ දෙනෙකු එනු දුටු ඔහු ඔවුන්ට කතා කොට, පොළොං වංශය, එන්න තිබෙන උදහසින් පලා යාමට ඔබට අවවාද කෙළේ කවරෙක් ද? 8 එසේ නමි-, ඔබ පසුතැවී සිත් හරවා ගත් බව ඔබේ හැසිරීමෙන් පෙන්වන්න. 9 'ආබ්රදහමි අපගේ පියාණෝ ය'යි කියාගන්නට නොසිතන්න-. ඒ මන්ද-, මේ ගල්වලින් වුව ද ආබ්රගහමිට දරුපරපුරක් උපදවා දෙන්න දෙවියන් වහන්සේට පුළුවනැ යි මම ඔබට කියමි-. 10 තවද-, දැනට ම පොරොව ගස් මුල්වලට තබා තිබේ. එබැවින් හොඳ පල නොදෙන සියලු ගස් කපා ගින්නෙහි දමනු ලැබේ. 11 මම නමි-, පසුතැවී සිත හරවා ගැනීමේ ලකුණක් වශයෙන් වතුරෙන් බව්තීස්මස්නාපනය කරමි. එහෙත්-, මට පසුව එන තැනැත්තේ මට වඩා ආනුභාසමිපන්න ය-. මම උන් වහන්සේගේ පාවහන් ගෙන යාමට තරමි වත් නොවටිමි-. උන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් ද ගින්නෙන් ද ඔබ බව්තීස්ම-ස්නාපනය කරන සේක. 12 උන් වහන්සේගේ අතෙහි කුල්ල ඇත. උන් වහන්සේ සිය කමත හොඳ හැටි පිරිසිදු කර, ධාන්යන අටුවල රැස් කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවන සේකැයි කී ය.
ජේසුස් වහන්සේගේ බව්තීස්ම-ස්නාපනය
13 එකල ජේසුස් වහන්සේ ස්නාවක ජොහන් විසින් බව්තීස්ම-ස්නාපනය කරගනු ලබන පිණස ගලීලයේ සිට ජොර්දානට වැඩම කළ සේක-. 14 එහෙත්-, ජොහන් උන් වහන්සේ වළක්වමින්-, ඔබෙන් බව්තීස්ම-ස්නාපනය ලැ,ය යුත්තේ මම ය; එහෙත්, ඔබ මා වෙත එන සේක් දැයි ඇසී ය. 15 ජේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින්, දැනට ඉඩ දෙන්න; මෙසේ දේව කැමැත්ත මුළුමනින් ඉටු කිරීම අපට සුදුසු යයි වදාළ සේක-. එවිට ජොහන් ඊට එකභ විය-. 16 ජේසුස් වහන්සේ බව්තීස්ම-ස්නාපනය ලැබ-, එකෙණෙහි ම දියෙන් ගොඩ ආ සේක-. එවිට ස්වර්ගය විවර විය-. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිමින් තමන් පිට පැමිණෙනු උන් වහන්සේ දුටු සේක-. 17 තවද, මොහු මාගේ පිර පැයාදර පුත්රේයා ය; මොහු කෙරේ මම ඉතා ප්රදසන්න වී සිටිමියි ස්වර්ගයෙන් හඬක් නික්මිණ.
මතෙව් 4
ජේසුස් වහන්සේ පරීක්ෂා කරනු ලැබීම
1 එකල ජේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණස ශුද්ධාත්මයාණන් විසින් පාළුකරයට පමුණුවනු ලැබූ සේක. 2 දහවල් සතළිසක් ද රෑ සතළිසක් ද නිරාහාර ව උන් පසු, උන් වහන්සේට සාගිනි ඇති විය. 3 එවිට පරීක්ෂාකාරයා උන් වහන්සේ වෙත අවුත්, ඔබ දෙවියන් වහන්සේගේ පුත්ර්යා නමි මේ ගල් ගෙඩි-, පාන් ගෙඩි වන්න අණ කළ මැනවැයි කී ය. 4 උන් වහන්සේ උත්තර දෙමින්, 'මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව; දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් ය' කියා ලියා ඇතැයි වදාළ සේක. 5 එවිට යක්ෂයා උන් වහන්සේ ශුද්ධ නුවරට පමුණුවා දේව මාලිගාවේ කොත මුදුනේ සිටුවා, 6 ඔබ දෙවියන් වහන්සේගේ පුත්රගයා නමි-, පහතට පනින්න; 'උන් වහන්සේ සිය දූතයන්ට ඔබ ගැන අණ දෙනු ඇත-. ඔබේ පය කිසිසේත් ගලක නොවදින පිණස-, ඔව්හු සිය අත්වලින් ඔබ උසුලනු ඇතැ'යි ලියා තිබේ යයි උන් වහන්සේට කී ය-. 7 ජේසුස් වහන්සේ ද කතා කොට, 'තාගේ දෙවි ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරන්න' කියාත් ලියා ඇතැයි වදාළ සේක-. 8 යළිත් යක්ෂයා උන් වහන්සේ ඉතා උස් කන්දකට පමුණුවා-, ලෝකයේ සියලු රට රාජ්ය යන් සහ ඒවායේ යසශ්රිකය උන් වහන්සේට පෙන්වා, 9 ඔබ දණන් වැටී මට නමස්කාර කරන්නෙහි නමි-, මේ සියල්ල ඔබට දෙන්නෙමියි උන් වහන්සේට කී ය. 10 එවිට ජේසුස් වහන්සේ, කතා කරමින්-, සාතන් පලා යව! 'නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න; උන් වහන්සේට පමණක් සේවය කරන්න' කියා ලියා ඇතැයි ඔහුට වදාළ සේක. 11 එකල යක්ෂයා උන් වහන්සේ අත්හැර ගියේ ය. දේව දූතයෝ අවුත් උන් වහන්සේට උපස්ථාන කළහ.
ගලීලයේ සේවය ඇරඹීම
12 ජොහන් හිරභාරයට ගනු ලැබූ බව අසා, ජේසුස් වහන්සේ ගලීලයට වැඩම කළ සේක. 13 උන් වහන්සේ නාසරෙත් නුවර හැර සාබුලොන් සහ නප්තලී පෙදෙසෙහි මුහුදුබඩ පිහිටි කපර්ණවුමට පැමිණ එහි විසූ සේක. 14 මෙසේ කෙළේ, යෙසායා දිවැසිවරයා මඟින් කියන ලද දේ ඉටුවන පිණස ය. එනමි: 15 ජොර්දානෙන් එතෙර මුහුදු මාවතෙහි පිහිටි, එමිබා! සාබුලොන් රට, නප්තලී රට, විජාතීන්ගේ ගලීලය! 16 ගනඳුරෙහි කල් යැවූ සෙනභ මහත් එළියක් දුටහ-. මරණ අඳුර ඇති දේශයෙහි වෙසෙන්නවුන්ට එළිය උදාවිය යනු යි-. 17 එවක් පටන් ජේසුස් වහන්සේ-, පසුතැවී සිත් හරවා ගන්න; ස්වර්ග රාජ්යඑය ආසන්න ය කියා දේශනා කරන්න පටන්ගත් සේක-.
ධීවරයන් සතර දෙනා කැඳවීම
18 උන් වහන්සේ ගලීලයේ මුහුදුබඩ ඇවිදින විට, ධීවර සහෝදරයන් දෙදෙනෙකු වන පේදුරු නමි ලත් සීමොන් ද ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද මුහුදේ දැළක් හෙළනු දැක, 19 මා අනුව එන්න; මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරමි''යි වදාළ සේක. 20 එකෙණෙහි ම ඔව්හු දැල් හැරදමා උන් වහන්සේ අනුව ගියහ. 21 උන් වහන්සේ එතැනින් ගොස් තවත් සහෝදරයන් දෙදෙනෙකු වන සෙබදීගේ පුත් ජාකොබ් ද ඔහු සොහොයුරු ජොහන් ද ඔවුන්ගේ පියා වන සෙබදී සමභ ඔරුවේ හිඳ දැල් එලලනු දැක, ඔවුන් කැඳවා වදාළ සේක. 22 එකෙණෙහි ම ඔව්හු ඔරුව ද පියා ද අත්හැර උන් වහන්සේ අනුව ගියහ.
මහා ජනකායකට සුව සෙත
23 තවද, ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල අනුශාසනා කරමින් ද රාජ්යදය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද සෙනභ අතර සියලු ආකාර ලෙඩ රෝග සුව කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.. 24 උන් වහන්සේගේ කීර්ති රාවය සිරියාව පුරා පැතිරිණ. නානා රෝග පීඩාවලින් පෙළුණු සියලු රෝගීහු ද දුෂ්ටාත්මාවේශ වූ අය ද මීමැස්මොර රෝගීහු ද අංසබාග රෝගීහු ද උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දෝ ය. උන් වහන්සේ ඔවුන් සුවපත් කළ සේක-. 25 ගලීලයෙන් ද දෙකපොලිසයෙන් ද ජෙරුසලමෙන් ද ජුදයෙන් ද ජොර්දාන් ගභ එගොඩින් ද මහා ජනකායක් උන් වහන්සේ පසුපස්සේ ගියහ..
පැරණි බයිබල් ඡායාරැප
මෙම බයිබල් ඡායාරැප(English Wikipedia එකෙන් ලබාගන්නා ලදි
ආශ්‍රිත ලිපි
කුරානය
ත්‍රිපිටකය
ශුද්ධවූ බයිබලය
ජේසුස් ස්වාමින් වහන්සේගේ ජීවිතයට සමීප ඡායාරැපයන් කිහිිපයක්
කිතු දහම
|
9,601 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B7%80%20%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8
|
නව ගිවිසුම
|
නව ගිවිසුම බයිබලයේ දෙවන කොටසයි. අළුත් ගිවිසුම යනුවෙන් ද හදුන්වයි.
(ඊට පළමු වන කොටස හෙබ්රව් බයිබලයයි.) පැරණි ගිවිසුම. මෙය ග්‍රීක ගිවිසුම. ග්‍රීක ශුද්ධ වූ ලියවිලි යනුවෙන් ද හඳුන්වයි. මෙය ග්‍රීක ශුද්ධ ලියවිලි ලෙස ද හැදින්වේ. (මෙය ග්‍රික භාෂාවෙන් පරිවර්තනය කරන ලද්දකි.) මෙහි මුල් ආකෘතිය ලියනු ලැබුවේ ක්‍රි.ව. 45 පසු හා ක්‍රි.ව. 1540 පෙර සිටි කතෘවරුන් විසිනි. (Koine Greek භාෂාවෙනි.) එහි ග්‍රන්ථ 27 ක් සියවස් ගණනක් පුරා ම ඒකරාශි කොට තනි ග්‍රන්ථයක් බවට පත් කෙරිණි. නව ගිවිසුම, නූතන බටහිර සංස්කෘතිය හැඩගැස්වීමට බොහෝ සෙයින් ඉවහල් වේ. බහුතරයකගේ නිකායන් මෙම ග්‍රන්ථ 27 (ජේසුස් ක්‍රිස්තුගේ පුජක ධුරය සම්බන්ධ කරගත් සිදුවීම් / කතාන්තර සතර, එනම් ශුබාරංචියයි.) සමග එකග වේ. මෙහි සටහන් කර ඇති ග්‍රන්ථ නිශ්චිත පිළිවෙකට තිබිය යුතුයැයි කියා සැලකිල්ලට නො ගැනේ. ජේසුස් වහන්සේ Aramiaia භාෂාවෙන් කථා කළ ද නව ගිවිසුම ලියා තිබුනේ ග්‍රික භාෂාවෙනි.
අලුත් ගිවිසුම - නිර්මාණය කළ දිනයන්
නිර්මාණය කළ යුගය
සම්ප්‍රදායට අනුව, පාවුළුගේ ලියවිලි ශුද්ධ ලියවිල්ලේ පෙරමුණ ගත්තේය. එහි අවසානයට පත් වූයේ ජෝහාන්ගේ ලියවිලිය. (renaeus of Lyons) ඉරේනියස් පැවසු අන්දමට මතෙව් හා මාක්ගේ ශුභාරංචි ලියවුනේ පේදුරු හා පාවුළු රෝමයේ දේශනා කරන කාලයේය. ලුක් ශුබාරංචිය ද එම කාලයේම හෝ ඊට ටික කලකට පසුව ලියවුනු බව ඔහු පැවසුවේය.
නව ගිවිසුමේ ඇති ශුද්ධ ලියවිලිවල දිනගත කිරීම් සම්බන්ධයෙන් බොහෝ වියතුන් එකඟත්වය පළ කළහ. ඒ අනුව ශුභාරංචියේ මාක්ව 65 ට පෙර ද 75 ට පසු ද දින ගත කර තිබේ. මතෙව්ව දින ගත කර ඇත්තේ 70 – 85 අතර දීය. ලුක්ව 80- 95 අතර දින ගත කර ඇත. නව ගිවිසුමේ මුල් ග්‍රන්ථය වන්නේ පාවුළුගේ සන්දේශය වන පළමු තෙසලෝනිවරුන්ය. සංස්කෘතික ලේඛකයන් නො වූවන්ගේ සන්දේශ 70 -150 ත් අතර දින ගත කෙරේ.
1830 දී ජර්මානු වියතුන් මෙම ග්‍රන්ථ 3 වන සියවසටත් පසුව දිනගත කර තිබේ. නමුත් අලුත් ගිවිසුමේ පිටපත් හා අසම්පූර්ණ කොටස් අවසාන වශයෙන් දින ගත කිරීමේ දී විවිධ හේතු නිසා ප්‍රශ්න නැගේ. ඊට අමතරව අලුත් ගිවිසුමේ ග්‍රන්ථ 27 ක් අතුරින්, 10 ක් කොරින්ත් සභාවේ ලියවිලි මඟින් උපුටා දක්වන අතර, ඉන් 16 ක් ෆිලිප්පි සභාවේ ලියවිලි මඟින් උපුටා දැක්වේ. ඒ අනුව අලුත් ගිවිසුමේ සමහර ග්‍රන්ථ පළමු දළ සටහන් වේ. ඉතිරි ග්‍රන්ථ ඊට පසු කාලයේ දී Clement හෝ Polycarp මඟින් සම්පූර්ණ කළ බවට නිශ්චිත කළ හැකි වේ.
නව ගිවිසුම - ආධිපත්‍යය
විවිධ අවබෝධතා හා නිසි ආධිපත්‍යවලින් එකිනෙකට වෙනස් වුවත් සියලුම ක්‍රිස්තියානුවෝ නව ගිවිසුමට ගෞරවය දක්වති. නව ගිවිසුමේ ආධිපත්‍ය අදහස්, දේවානුභාව මතයන් මත තීරණය වේ. යම් පුද්ගලයෙකු බයිබලය හා සම්බන්ධ ධර්මය (Inerrancy) පිළිගන්නා තරමට ම, දෙවියන් වහන්සේගේ චරිතය පිළිබඳව එම කෙනාගේ දේවානුභාවය ඉමහත්ය. මෙම පදයන්හි අර්ථය පැහැදිලි කිරීමට අපහසු බැවින් මේවා අවුල් සහගත විය හැකිය.නමුත් මෙම පදයන් මෙලෙස තේරුම් ගත හැකිය.
Infallibility - නොවරදින සුළු බව, ධර්මය සම්බන්ධයෙන් බයිබලය ඒකාන්තයෙන් ම නිවැරදි වීම.
Inerrancy - කරුණු අවධාරණයන් අනුව බයිබලය ඒකාන්තයෙන් ම නිවැරදි වීම.
Authoritativeness - සදාචාරය සම්බන්ධ ප්‍රශ්නවල දී බයිබලය ඒකාන්තයෙන් ම නිවැරදි වීම.
ආචාර්ය පීටර් ස්ටෝනර් වැනි ක්‍රිස්තියානු වියතුන් බයිබලයේ දිවැසියාව දැක, බයිබලයේ දේවානුභාවය සම්බන්ධයෙන් තර්ක කළහ. මෙලෙස තර්ක කිරීමට හේතු වූයේ බයිබලය විශ්වාස කළ හැකි බව පෙන්වීමටයි. බටහිර දේශය හාස්කම් පිළිබඳ සාක්ෂි මෙයට විරුද්ධව උපයෝගි කරගති.හාස්කම් ගැන විශ්වාසයක් නොමැති බටහිර ජනතාව විසින් (David hume) ඩේවිඩ් හුම්ගේ තර්ක හෝ (Deism) ඩෙයිසම් ගේ තර්ක ඉදිරිපත් කරනු ලැබේ.
මෙම සියළුම මතයන්ට අදාළ අදහස්, බයිබලයේ අඩංගු විවිධ ග්‍රන්ථ (ඉතිහාසය, කාව්‍ය) වලින් නිවැරදි ලෙස පහදා දේ.
ශුද්ධවූ බයිබලය
කිතු දහම
|
9,602 |
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A
|
කිතුනුවන්
|
කිතු දහම අදහන්නන්. ක්‍රිස්තියානියන් ලෙස ද හැදින්වේ. ලොව පුරා කිතුනුවන් 2,000,000,000ක් පමණ සිටින බව කියැවේ.
|
9,605 |
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%20%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%20%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%BA
|
ක්‍රිස්තු පූර්ව යුගය
|
යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපතට පෙර කාලය හැදින්වෙන නමයි.
|
9,609 |
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B6%BA
|
විශ්වය
|
විශ්වය යන වදන අසන බොහෝ දෙනෙකු සිතන්නේ එය ඈත අභ්‍යවකාශයේ ඇති දෙයක් ලෙසිනි. එය එසේ නොවේ. විශ්වය යයි කී විට ඔබට පෙනෙන, නොපෙනෙන, ඇසෙන, නොඇසෙන ආදී වූ සියල්ල අයත්ය. ඔබේ ගෙය, ගම, නගරය හා රට විශ්වයට අයත්ය.
විද්‍යාඥයෝ මේ විශ්වයේ ස්වභාවය හා එය ආරම්භ වූ ආකාරය ගැන ගවේෂණ රැසක් සිදු කොට ඇත. ඔවුන් ඒ ගැන යම් යම් කරුණු දැනගෙන අැතත් බොහෝ දේ දැනගෙන නැත. ඔවුන්ට විශ්වය ගැන සියලු දේ දැනගන්නට හැකි වේද?, එය කළ හැකිද? කියා කිසිවකුට කීමට නුපුළුවන.
විශ්වය නිර්මාණය වී අති ප්‍රධාන කොටස් ලෙස විද්‍යාඥයින් සලකන්නේ චක්‍රාවාටයි. අප වෙසෙන පෘථිවිය අයත් වන්නේද එවන් චක්‍රාවාටයකටය. චක්‍රාවාටයකට තාරකා බිලියන ගණනක් ඇතුලත්ය. අප වෙසෙන පෘථිවිය අයත් චක්‍රාවාටයේ තරු බිලියන සියයක් පමණ ඇතයි පැවසේ. ඊට ක්ෂීරපථය යන නම භාවිතා කරයි.
විද්‍යාඥයන් පවසන පරිදී චක්‍රාවාට කිහිපයක් එක්ව තැනුණු චක්‍රාවාට පොකුරු ඇත. ගෝලාකාර, විවෘත, ඉලිප්සාකාර, සර්පිලාකාර, ලිහිල්, සලාවැටුම් ආකාර වැනි විවිධ කාණ්ඩ වලට අයත් චක්‍රාවාට පොකුරු අතැයි විද්‍යාඥයින් පවසයි.
අප අයත් චක්‍රාවාටය ඇති ප්‍රදේශයේ මැගලයින් ක්ලවුඩ්, මහා වලසා, ස්කල්ප්ටර් ඩ්‍රැකෝ, ඇන්ඩ්‍රොමීඩා හා ලියෝ ආදී චක්‍රාවාට සමූහයක් ඇතැයි පැවසේ. ඒ හැම "ස්ථානීය" කණ්ඩායම යන නමින් "පොකුරක්" සේ හැඳින්වේ. එවන් පොකුරු රැසක් එක්වීමෙන් සුපිරි පොකුරක් සෑදේ.
1917 දී ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කළ සාපේක්ෂතා වාදය ඔස්සේ සිත මෙහෙය වූ රුසියානු යුදෙව් ජාතික ඇලෙක්සැන්ඩර් ෆ්‍රීඩ්මාන් විශ්වයේ ඇති චක්‍රාවාට එකිනෙකින් ඈත් වෙමින් පවතින බව ප්‍රකාශ කළේය. එඩ්වින් පි. හබල් හා මිල්ටන් හියුමේසන් යන තාරකා විද්‍යාඥයින් දෙදෙනා 1929 දී ඒ අදහස වඩාත් පැහැදිලි කොට තහවුරු කොට තිබේ.
විශ්වය යනු කුමක්ද?
විශ්වය යනු ඉමක් කොනක්, කෙලවරක් දැකගත නොහැකි මන්දාකිනි හෙවත් චක්‍රාවාට සමූහයකි. විශ්වයට නිහාරිකා, චක්‍රාවාට, තාරකා, ග්‍රහලෝක, ධූමකේතු, ග්‍රාහක, වායු, දූවිලි ආදී අද පවත්නා සියලු දේ අයත්ය. මෙතෙක් පැවති සහ අනාගතයේ පවත්නා දෙවල්ද ඊට අයත්ය.
මීට සියවසකට පෙර විද්‍යාඥයන් විශ්වාස කළේ සම්පූර්ණ විශ්වය යනු ක්ෂීර පථ මන්දාකිනිය පමණක් බවයි. කෙසේවෙතත් 20වන සියවසේදී තාරකා විද්‍යාවේ භෞතික විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟම විශ්වය කොතරම් විශාලද කියා තේරුම්ගන්න පටන්ගත්තා. නමුත් විශ්වය පිළිබඳ සියලුම කාරණා අවබෝධ කරගැනීමට ඔවුන්ට හැකි වී නැති බව ඔවුන් පිළිගන්නවා. උදාහරණයකට මෑත දශක කිහිපය ඇතුළත ඔවුන් වටහාගෙන තිබෙන දෙයක් නම් විශ්වය පිළිබඳ නොදන්නා කාරණා සියයට 90කට වඩා තිබෙන බවයි. මේ නිසා මෙතෙක් පිළිගෙන තිබූ භෞතික න්‍යායන්වල නිරවද්‍යතාව පිළිබඳවද ඔවුන් තුළ සැක මතු වී තිබෙනවා.
භෞතික විද්‍යාඥයන් විසින් 19වන සියවස අග භාගයේදී ආලෝකයේ වේගය පිළිබඳ නව සොයාගැනීම් අනාවරණය කළා. මේ පිළිබඳව මනුෂ්‍යයන්ට නොයෙකුත් දේ පැහැදිලි කළේ ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් වන ඇල්බට් අයින්ස්ටයින් විසිනුයි. ඔහු සොයාගත්තේ සියලුම චලිත සාපේක්ෂ බවයි. මෙය හැඳින්වූයේ සාපේක්ෂතා වාදය ලෙසයි. මෙම සාපේක්ෂතා වාදය ගොඩනැඟීම සඳහා අයිසැක් නිව්ටන් විසින් භෞතික විද්‍යාව පිළිබඳව ප්‍රකාශයට පත් කළ නීති රීති අයින්ස්ටයින් නැවත සංශෝදනය කර යොදාගත්තා.
චක්‍රාවාට
අවුරුදු බිලියන ගණනකට පෙර ඇති විශාල පිපිරීමකින් චක්‍රාවාට නිර්මාණය වූ බව විශ්වාස කෙරේ. මේවා අතිවිශාල ගුරුත්වය මගින් එකිනෙක බැඳී ඇති මිලියන බිලියන ගණනක් වූ තාරකා, වායූන් සහ දූවිලි අංශුන් ගෙන් සැදුම්ලත් අන්තර්තාරකා මාද්‍ය(interstellar medium) සහ අඳුරු පදාර්ථයෙන් සමන්විත පද්ධති විශේෂයකි. සාමාන්‍යයෙන් ගත් කල චක්‍රාවාට පොදු ගුරුත්වකේන්ද්‍රයක් වටා භ්‍රමණයවන තාරකා මිලියන දහයකින් (107) පමණ සැදුම්ලත් වාමණයින්ගේ සිට ට්‍රිලියනයක් (1012) පමණ තාරකා ගහනයකින් යුතු යෝධ චක්‍රාවාට දක්වා පරාසයක පැතිර පවතී.
පැහැදිලි අහස ඇති රාත්‍රියක අහස දෙස බැලූ විට අපට අනන්ත අප්‍රමණ තාරකා පෙනේ. ඒවා බොහොමයක් සෞරග්‍රහ මණ්ඩලයට සහ එය අයත් ක්ෂීරපථයට අයත්ය.
තාරකා
තාරකාවක් යනු ඉතා විශාල, දීප්තිමත්,ගුරුත්වාකර්ශණ බලයෙන් ප්ලස්මා එකට එකතු වී සෑදුනු ගෝලයකි.තරුවක ආයු කාලය අවසානයේ එය තුල පිරිහුණු පදාර්ථ ප්‍රමාණයක්ද අඩංගු වේ. පෘථිවියට ළඟම තාරකාව සූර්යයා වන අතර පෘථිවිය මත ඇති ශක්තියෙන් බොහෝ ප්‍රමාණයක මූලාශ්‍රය වනුයේ සූර්යයාය. අනෙකුත් තාරකා රාත්‍රි කාලයේදී පෘථිවියට දර්ශනය වන අතර සූර්යයා වඩා දීප්තියෙන් නොබබළන අවස්ථාවන්හිදී හෝ වායුගෝලීය සංසිද්ධි වලින් අවහිර නොවූ අවස්ථාවන්හිදී අචල දීප්තිමත් ලක්ෂ්‍ය සමූහයක් ලෙස බොහෝ විට දැක ගත හැක. ඉතිහාසයෙහි අහසේ වඩා හොඳින් මතු වී පෙනුනු තාරකා එකට එකතු කොට තාරකා රාශි සහ තාරකා මණ්ඩල වශයෙන් හඳුනාගත් අතර වඩාත්ම දීප්තිමත් තාරකා සුදුසු ලෙස නම් කරනු ලැබීය. තාරකා විද්‍යාඥයින් විසින් සකස් කරන ලද සවිස්තර තාරකාවන්ගේ නාමාවලිය සම්මත වූ තාරකාවන්ගේ තත්වයන් පිළිබඳ විස්තර අඩංගු වේ.
සුපර්නෝවා
සියලූම ආකාරයේ තාරකා කිසියම් දිනක මිය යායුතුයි. එයින් ඇතැම් තාරකාවක් ඉතාසන්සුන්ව මිලින වී මිය යන අතර ඇතැම් තාරකා මියයන්නේ සුපර්නෝවා නමින් හැඳින්වෙන ඉතාමත් ප‍්‍රචණ්ඩවූ අතිශයින් දැවැන්ත පිපිරීමක් සමගයි. සුපර්නෝවා අවස්ථාවකට පත්වී මිය යාමට නම් තාරකාවක ස්කන්ධය අපේ සූර්යාගේ ස්කන්ධය මෙන් අට ගුණයක්වත් විය යුතුයි. සුපර්නෝවා පිපිරීමක් ඇතිවන්නේ තාරකාව සතු හයිඩ‍්‍රජන් ඉන්ධන ප‍්‍රමාණය දැවී යාමෙන් පසු තාරකාව රතු දැවැන්තයෙකු (Red giant) බවට ප‍්‍රසාරණය වීම නිසයි. මෙසේ ප‍්‍රසාරාණයවන තාරාකාවේ මදය වඩවඩා ගිනියම් වීම නිසා හයිඩ‍්‍රජන් සහ හීලියම් සංඝටනය වීමෙන් වඩා සංකීර්ණ වු ඔක්සිජන්, කාබන් සහ කැල්සියම් ද අනෙකුත් මූල ද්‍රව්‍ය 86 ද බිහිවෙනවා. ඊළඟට සිදුවන්නේ තාරකාවේ මදය කඩාවැටී සුපර්නෝවා පිපිරීම සිදුවීමයි . එසේ තාරාකාව පුපුරායාමේදී තාරකාව තුළ බිහිවූ සියළු මූලද්‍රව්‍ය අවකාශයේ විසිරි ගොස් නව තාරකා බිහිකිරීමට දායක වෙනවා. එය හරියට මිය ගිය සත්ව ශාකාදී ජීවීන් පසට ජීර්ණය වී යලි අළුත් ජීවීන් බිහිකිරීමට දායක වෙනවා වගෙයි.
විශ්වයේ උපත පිළිබඳ මත
මහා පිපිරුම් වාදය
මුලින්ම අනන්තයට ලංවී තිබුණු විශ්වයේ උෂ්ණත්වය මේ වෙනකොට අංශක 1.028 දක්වා අඩුවෙලා (ඉතා කුඩා සංඛ්‍යා දහයේ ඍණ බලය යොදා දක්වනවා වගේම ඉතා විශාල සංඛ්‍යා ලියන්නේ ඍණ ලකුණ නොදා අවශ්‍ය කරන බලයේ අගය පමණක් දහයට මඳක් ඉහළින් ලිවීමෙන්. මෙහිදී 1.028 කියන්නේ දශමස්තානයට වමෙන් 1 හා සමග බිංදුවේ ඒවා 28ක් තිබීමයි. වෙනත් විදියකින් කිව්වොත් මේ කියන්නේ අංශක ටි‍්‍රලියන 10,000 ඒවා ටි‍්‍රලියනයක්), එය හිතාගැනීමටත් නොහැකි අධික උෂ්ණත්වයක්. මේ වෙන කොට විශ්වයේ ඝණත්වය ජලයේ ඝණත්වය වගේ 1.078 ගුණයක්. ඊළඟට තත්පරයකින් අංශූමාත‍්‍රයකදී විශ්වයේ ප‍්‍රමාණය 1050 ගුණයකින් පමණ, එනම් විශ්වය ගැලැක්සියක් තරමට ප‍්‍රමාණයෙන් වැඩිවුණා. සාමාන්‍යයෙන් මේ ප‍්‍රසාරණය තමයි බිග් බෑන්ග් නොහොත් මහා පිපිරීම යනුවෙන් හැඳින්වෙන්නේ.
මහා පිපිරුම් වාදය මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ ජෝර්ජ් ගැමොව් නම් රුසියනු ජාතික විද්‍යාඥයාය. පසුව ඇබේ ලමේත්‍ර නම් ප්‍රංශ විද්‍යඥයෙක් එම මතය විස්ථාරණය කළේය. මොවුන් විශ්වය පිළිබඳ ප්‍රකාශ කළේ මෙවන් අදහසකි.
ඈත අතීතයේ විශ්වයේ සියලු කොටස් එක්තැන්ව තිබිණි. එම කුඩා එකතුව තුල සිදූවූ මහා පිපිරුමකින් විශ්වයේ සියලු කොටස් විසිරී ගියේය. ඒ විසිරී ගිය කොටස් වලින් චක්‍රාවාට නිර්මාණය වූ මූලද්‍රවය පහළ විය.
CERN ආයතනයේ ALICE උපකරණය භාවිතා කරන පර්යේෂක කණ්ඩායමක් පෙන්වා දෙන්නේ විශ්වයේ මුල් අවධියේදී එය ඝනත්වයෙන් සහ උෂ්ණත්වයෙන් ඉතා වැඩි ද්‍රවයක් ලෙස පැවතුන බවයි.
හැකි උපරිම ශක්තියෙන් ඊයම් න්‍යෂ්ටි ත්වරණයට ලක්කර එකිනෙක ගැටීමට සැලැස්වීමෙන් ALICE උපකරණය තුල දැඩි උෂ්නත්වයෙන් සහ ඝනත්වයෙන් යුත් උප-පරමාණුක අංශු සෑදීමට හැකි විය. මෙම අවස්ථාව විශ්වය බිහිවීමෙන් පසුව ප්‍රථම මයික්‍රෝ තප්පර කිහිපයට සමාන ය. මෙම පුංචි "මහා පිපිරුම" සිදුවීමේදී අංශක ට්‍රිලියන 10කට අධික උෂ්නත්වයක් ජනනය වූ බවද විද්‍යාඥයින් පවස යි.
මෙවන් උෂ්නත්වයකදී සමාන්‍ය පදාර්ථ නම් උණු වී "සූපයක්" (soup) නිර්මාණය වේ. මෙය ක්වාක්-ග්ලූවෝන් ප්ලාස්මා (en:quark-gluon plasma) නම් වේ. මීට පෙර ඇමරිකාවේදී මීට අඩු ශක්ති යටතේ කල පර්යේෂණ වලදී පෙන්වා දුන්නේ මෙවන් අවස්ථාවලදී නිර්මාණය වන අංශු ද්‍රව ලෙස ක්‍රියා කරන බවයි. නමුත් බොහෝ දෙනා අපේක්ෂා කලේ ක්වාක් ග්ලූවෝන් ප්ලාස්මාව වායුවක් ලෙස ක්‍රියා කරනු ඇතැයි කියා ය.
මේ අනුව බලන කල මහා පිපිරුමෙන් පසුව විශ්වය ද්‍රවයක් ලෙස පැවතුන බව පැහැදිලි ය. මේ අතර විද්‍යාඥයින් නිරීක්ෂණය කල අනෙක් දේ නම් මීට පෙර භෞතික විද්‍යා ආකෘති වල පෙන්වා දුන්නාට වඩා වැඩි උපපමාණුක අංශු ප්‍රමාණයක් නිෂ්පාදනය වීම යි.
පෘථිවිය, මෙසේ පහල වූ අපේ චක්‍රාවාටයට අයත් සෞරග්‍රහ මණ්ඩලයේ එක් සාමාජිකයෙක් වේ.
අමතර අංශුව
මහාපිපිරීම සිදුවී ගතවූ පළමු තත්පරය තුළදී ශක්තිය මගින් අංශු (particles) මෙන්ම ප‍්‍රතිඅංශු (anti-particles) ද බිහිවුණා. එහෙත් එසේ බිහිවූ අංශු ප‍්‍රතිඅංශු සමග එකිනෙක හා ගැටුනු සැනින් ඒ දෙවර්ගයම එකිනෙකා විනාශ කළා. එහෙත් මෙහිදී අංශුවලට තරමක වාසියක් සැළසුණේ සෑම අංශු හා ප‍්‍රති අංශු කුට්ටම් බිලියනයකටම එක් අමතර අංශුවක් බිහිවූ නිසයි. මෙසේ බිහිවූ අමතර අංශු නොනැසී බේරුණා.ඒ අන්දමින් අමතර අංශුවක් බිහිවුනේ ඇයිදැයි විද්‍යාඥයන් හරියටම දන්නේ නැහැ. මෙසේ නොනැසී බේරුණු අංශු නොවන්නට බිහිවී තත්පරයක්වත් ගතවෙන්නටත් පෙරාතුව පදාර්ථ විශ්වය (material universe) නිමාවට පත්ව යාමට ඉඩ තිබුණා. අප අද දක්නා සමස්ත පදාර්ථ විශ්වයම ඇති වුණේ එසේ නොනැසී බේරුණු අංශු වලිනුයි. මේ අංශූ විශ්වය පවතිනතුරු පවතීවි. ඒ අනුව විශ්වයේ ඇති පදාර්ථ ප‍්‍රමාණය සදාකාලිකවම එක සමානයි.
මහා පිපිරුම් වාදයෙන් ප්‍රකට වන කරුණු
විශ්වයේ අද පවත්නා මූලද්‍රව්‍යයන්ගේ උපත සිදුවූ අයුරු.
විශ්වය පුරා පැතිර ඇති ක්ෂුද්‍ර තරංග වල පසුබිම් විකිරණය සිදුවන ආකාරය.
ස්ථාවර තත්ත්ව වාදය
මෙම මතය මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ ඔස්ට්‍රියානු ජාතිකයන් වූ හර්මන් බොන්ඩ් හා තෝමස් ගෝල්ග් යන විද්‍යාඥයින් දෙදෙනාය. පසුව බ්‍රිතාන්‍ය ජාතික ෆ්‍රෙඩ් හොයිල් එය තවත් පැහැදිලි කළේය.
මේ මතයෙන් ප්‍රකාශ වන්නේ ඈත අතීතයේ සිට මේ දක්වා විශ්වය එකම ස්වරූපයෙන් පැවති බවත්, අනාගතයේ ද එම ස්වරෑපයෙන් ම පවත්නා බවත්ය.
මෙම මතයෙන් ප්‍රකට වන මූලික අදහස
විශ්වයේ අැති චක්‍රාවාට නිරන්තරයෙන්ම ප්‍රසාරනය වෙයි.
චක්‍රාවාට කලින් කලට අතුරුදහන් වෙයි.
ඒ වෙනුවට නව චක්‍රාවාට පහල වෙයි.
නව ස්ථාවර තත්ත්ව වාදය
නව ස්ථාවර තත්ත්ව වාදය ඉදිරිපත් කිරීමට මුල් වූයේ බ්‍රිතාන්‍ය ජාතික ෆ්‍රෙඩ් හොයිල්, ශ්‍රී ලාංකික විද්‍යාඥ චන්ද්‍රා වික්‍රමසිංහ, හා ඉන්දියානු ජයන්ත් නාලිකර් යන විද්වතුන්ය.
මේ මතයෙන් ප්‍රකාශ වූයේ විශ්වය ආරම්භයක් නැති අසීමිත වයසක් ඇති දෙයක් බවයි. එහි අගක් මුලක් නැත. කාලය අතින් අසීමිතය. අපරිමිතය. එහි තැන් තැන්හි සිදුවන කුඩා පිපුරුම් නිසා එසේ සිදුවන ප්‍රදේශ ප්‍රසාරණය වේ.
බ්‍රිතාන්‍ය ජාතික ස්ටීවන් හෝකින්ස් නම් විද්‍යාඥයා විශ්වය පිළිබඳව විස්තර කිරීමට ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව උපයෝගී කරගෙන ඇත.
ස්පන්දමාන විශ්ව වාදය
මෙම නවතම මතය ඉදිරිපත් කරන ලද්දේ විලියම් බොනර් නම් බ්‍රිතාන්‍ය ජාතික තාරකා විද්‍යාඥයා විසිනි.
මේ මතයෙන් ප්‍රකශ වන්නේ විශ්වයේ මුල මැද හෝ අග නැති බව නොවේ. එය අනන්ත කාලයක් පවත්නා බවයි. එය අවස්ථාවක ඝන වස්තුවක් සේ එකට පැවතුණි. දැන් එය විසිරෙමින් පවතී. එසේ විසිර ගිය එය යළි එක් රැස් වේ. යළිත් විසිරේ. යළි එක් රැස් වේ. මෙම ක්‍රියාවලිය නොකඩවාම සිදුවේ.
මේ මතය භෞතික විද්‍යවේ නියමයන්ටත්, අයින්ස්ටයින් හෙළි කළ සාපේක්ෂතා වාදයටත් බෙහෙවින් එකඟ බැව් පැවසේ. එහෙත් මෙය විශ්වයේ සම්භවය ගැන විස්තර නොකරයි.
විශ්වය බිහිවූ ආකාරය
හීලියම් හා හයිඩ්‍රජන් න්‍යෂ්ටි ඇතිවීම
ආරම්භයේදී ළදරු විශ්වයේ උෂ්ණත්වය ඉතාමත් ඉහළ මට්ටමකයි පැවතුණේ. ඒ උෂ්ණත්වය අංශක ටි‍්‍රලියනයේ ඒවා ටි‍්‍රලියන 10,000 ට වැඩියි. පදාර්ථ ඇතිකරගැනීමට නොහැකිව ‘ක්වාර්ක්’ (quarks)යනුවෙන් හැඳින්වෙන මූලික අංශු ඒ වෙන විට ඉතා උකු අංශු සූපයක තදින් කැළතෙමින් තිබුණා. ඉන්පසු විශ්වයේ වයස තත්පරයකින් අංශුමාත‍්‍රයක් වූ විට විශ්වයේ උණුසුම අංශක ටි‍්‍රලියන 10 දක්වා අඩුවුණා. එසේ උෂ්ණත්වය අඩුවූ විට ක්වාර්ක් නමැති මූලික අංශු එකතුවීමෙන් ප්‍රෝටෝන් සහ නියුට්‍රෝන බිහිවුණා. ඉන්පසු විශ්වය බිහිවී විනාඩි තුනක් ගතවෙන විට විශ්වයේ උෂ්ණත්වය අංශක බිලියන 10ක් දක්වා අඩුවුණා. මේ උෂ්ණත්වයේදී ප්‍රෝටෝන් සහ නියුට්‍රෝන එකතුවීමෙන් හීලියම් න්‍යෂ්ටිත්, ඉතුරුවුණ ප්‍රෝටෝන් වලින් හයිඩ‍්‍රජන් න්‍යෂ්ටිත් හැදුනා.
ප්‍රථම පරමාණු ඇතිවීම
විශ්වයේ වයස අවුරුදු 300,000ක් වූ විට විශ්වයේ උෂ්ණත්වය අංශක 3,000 කට පමණ අඩු වුණා. එවිට ප්‍රෝටෝන් තවත් අංශු වර්ගයක් වන ඉලෙක්ට්‍රොන සමග එක්වී ප‍්‍රථම පරමාණු, එනම් හීලියම් සහ හයිඩ‍්‍රජන් පරමාණු සැදුවා. එක ප්‍රෝටෝනයක් සහ එක නියුට්‍රොනයක් සහිත වූ හයිඩ‍්‍රජන් තමයි ඉතාමත් සරලම පරමාණුව. හීලියම් පරමාණුවට ප්‍රෝටෝන දෙකකුත්, නියුට්‍රෝන දෙකකුත්, ඉලෙක්ට්‍රෝන දෙකකුත් තියෙනවා. (විශ්වයේ ඇති සමස්ත පරමාණු සංඛ්‍යාවෙන් 60% ක්ම හයිඩ‍්‍රජන් පරමාණු වන අතර 8%ක් පමණ හීලියම් පරමාණුයි. ජීවය සඳහා අතිශයින් වැදගත්වන මූලද්‍රව්‍යද ඇතුළුව අනෙකුත් සියළු මූලද්‍රව්‍ය 89 ම ඇතිවූයේ ඉනික්බිතිව බිහිවූ තාරකා තුළයි. ඒ මූලද්‍රව්‍ය 89 ම සතු මුළු පරමාණු ප‍්‍රමාණය විශ්වයේ ඇති මුළු පරමාණු ප‍්‍රාමාණයෙන් 1% කට වඩා වැඩි නැහැ.)
තාරකා බිහිවීම
විශවයේ ඇතිවුණු හයිඩ‍්‍රජන් මුලින්ම මීදුමක් වගේ වෙලා ඊට පස්සේ කැළැති කැළති දරණු ගැහෙන්නට පටන් ගත්තා. එසේ දරණු ගැහුණු හයිඩ‍්‍රජන් ගුරුත්වාකර්ෂණ බලය නිසා ගෝල බවට පත් වෙන්න පටන් ගත්තා. ලොකු වෙන්න ලොකු වෙන්න මේ ගෝලවල ගුරුත්වාකර්ෂණ බලය තව තවත් වැඩි වුණා. ගුරුත්වාකර්ෂණය වැඩිවෙන පමණට තවතවත් හයිඩ‍්‍රජන් ඒ ගෝල කරා ආකර්ෂණය වුණා. එතකොට ඒ ගෝල තව තවත් ලොකු වුණා. එහෙම ලොකුවෙන්න ලොකු වෙන්න ගෝලවල සම්පීඩනයත් ඒ අනුව රත්වීමත් තව තව වැඩි වුණා. රත්වීම අතිශයින් ඉහළ මට්ට්මට පැමිණි විට ඒ දැවැන්ත හයිඩ‍්‍රජන් ගෝල ගිනිගෙන මව් තාරකා බවට පත්වුණා. අවකාශය පුරා හැම තැනකම ඒ විදියට දැවැන්ත මව් තාරකා ඇති වුණා.
ගැලැක්සි හෙවත් මන්දාකිණි බිහිවීම
විශ්වයේ වයස අවුරුදු බිලියනයයි: ගැලැක්සි නොහොත් බිලියන ගණන් තරු සමූහගත වූ මන්දාකිණි බිහිවීමට පටන් ගත්තා. එතැන් සිට දිගින් දිගටම විවිධ ස්වරූපයේ සහ ප‍්‍රමාණයේ ගැලැක්සි බිහිවුණා. මේ විදියට අප වෙසෙන ක්ෂීරපථ (Milky way) ගැලැක්සියද ඇතුළුව ගැලැක්සි බිලියන ගණනාවක් ඇති වුණා. කලුවර රැයක දිලි දිලී මැණික් වගේ දිදුලන තාරකා බිලියන ගණනාවක් ඒ හැම ගැලැක්සියකම එක්ව තිබුණා. අපේ ක්ෂීරපත ගැලැක්සිය වැනි ඇතැම් ගැලැක්සි මැද ගුරුත්වාකර්ෂණය කොයිතරම් වැඩි වුණාද කිව්වොත් ඒ නිසා බ්ලැක් හෝල් එකක් ඒ කියන්නේ ඉමක් කොණක් නැති කලුකුහරයක් ඇතිවුණා. ළඟපාත තිබුණු තාරාකා, ධූලි වලාකුළු පමණක් නොවෙයි ආලෝකය පවා මේ කුහරය ඇතුළට ඇදලා ගත්තා. හරියට දිය සුළියකට අසුවුණ සුන්බුන් වගේ ඒ හැම දෙයක්ම කුහරයේ අන්ධකාර අගාධය තුළ නොපෙනී ගියා. කලුකුහරයේ ගුරුත්වාකර්ෂණයට අසුවෙන මානයේ තිබුනු සියලූම තාරකා, ධුලි වළාකුලූ ඇද ගෙන ඉවර වු විට සියල්ල සන්සුන් වුණා. දැන් ක්ෂීරපථ ගැලැක්සියත් බිලියන ගණනාවක් වූ අනෙක් ගැලැක්සි සියල්ලත් හොඳට ලොකු මහත් වෙළා.
සූර්යයා සහ ග්‍රහයෝ බිහිවීම
විශ්වයේ වයස අවුරුදු බිලියන හතයි: විද්‍යාඥයන්ට නිශ්චිතවම දින වකවානු කීමට නොහැකි වුවද අපේ මව්තාරකාව සුපර්නෝවා පිපිරීමට ලක්වන්නට ඇත්තේ මේ අවධියේදී විය යුතුයි. ඇතැම් විට එවැනි මව්තාරකා එකකට වැඩිගණනක් පිපිරීම නිසා ඇති වූ ධූලි වලාවෝ පසු කලෙක අපේ සෞරග‍්‍රහ මණ්ඩලය ඇති කිරීමට දායක වෙන්නට ඇතිඒ ගැන තවම අප හරියට දන්නේ නැහැ.
විශ්වයේ වයස අවුරුදු බිලියන අටයි: මුලින්ම ධුලි සහ වායු මහා වලාවක් ලෙස ඇරඹී කෙමෙන් කෙමෙන් සෞර ග‍්‍රහ මණ්ඩලය බිහිවීමට සැරසෙයි. අති දැවැන්ත ධූලි වලාව සෙමින් සෙමින් දිගටි කවපෙත්තක ස්වරූපය ගනී. ගුරුත්වාකර්ෂණයෙන් එකිනෙකා වෙත ඇදී යන ධූලි පිණ්ඩ ග‍්‍රහවස්තුවල මුල් හැඩය ගනී. අධික ගුරුත්වාකර්ෂණයෙන් ගිනියම් ව ඇතිවන න්‍යෂ්ථික විලයනය (nuclear fusion) සමග කවපෙත්ත මැද සූර්යා බිහිවෙයි. හයිඩ‍්‍රජන් හීලියම් බවට හරවමින් සිදුවන න්‍යෂ්ථික විලයනය නිසා සූර්යයා දීප්තියෙන් දිදුලයි.
පෘථිවිය බිහිවීම
විශ්වයේ වයස අවුරුදු බිලියන අටහමාරයි: සූර්යයාගේ න්‍යෂ්ටික විලයනය ඇතිවීමෙන් අවුරුදු මිලියන 500ක් ගතවූ පසු දිගටි කවපෙත්තක හැඩයගෙන තිබූ ග්‍රහ පිණ්ඩ එකතුවේ පිට පැත්තේ සිට ග‍්‍රහ ලෝක හැඩගැසීම ඇරඹෙයි. මෙසේ සැදුනු ග‍්‍රහ වස්තුන් අතරින් තුන් වැනි ග‍්‍රහ වස්තුව වන පෘථිවිය ජීවය ඇතිවීම සඳහා සුදුසු තරම් දුරකින් සූර්යයා වටා කක්ෂ ගතවී පරිභ‍්‍රමණය වෙයි.
විශ්වයේ වයස
විශ්වයේ ඇති ගැලැක්සි අතර ඇති පරතරය කෙමෙන් කෙමෙන් වැඩිවෙමින් යනවා යන්නෙන් තේරුම් ගත හැක්කේ මුල සිටම විශ්වය ප‍්‍රසාරණය වෙමින් පවතින බවයි- කාලය ඔස්සේ ආපස්සට ගමන් කිරීමට හැකි නම් මේ ගැලැක්සි සියල්ලම කෙමෙන් කෙමෙන් එකිනෙකට ලංවී හෙවත් සංකෝචනය වී අවසානයේ වැලි කැටයකටත් වඩා කුඩාවට හැකිළී එක්වෙන හැටි දැන ගන්නට ලැබේවි. ගැලැක්සි එකිනෙකින් ඈත්වන වේගය අනුව ඒවා එකට එක්ව පැවතුණේ කෙතරම් කලකට ඉහතදී දැයි ගණනය කළ හැකියි. ඒ අනුවයි විශ්වයේ වයස අවුරුදු බිලියන 13.7ක් පමණ වන බව දැනගත්තේ.
ආශ්‍රිත
Cosmic Calendar (scaled down timeline)
Cosmic latte
Detailed logarithmic timeline
Earth's location in the universe
False vacuum
Future of an expanding universe
Galaxy And Mass Assembly survey
Heat death of the universe
History of the center of the Universe
Illustris project
Non-standard cosmology
Nucleocosmochronology
Parallel universe (fiction)
Rare Earth hypothesis
Space and survival
Terasecond and longer
Timeline of the early universe
Timeline of the far future
Timeline of the near future
Zero-energy universe
මූලාශ්‍ර
පාද සටහන්
උපහරණ
භාහිර සබැඳි
NASA/IPAC Extragalactic Database (NED) / (NED-Distances).
There are about 1082 atoms in the observable universe – LiveScience, July 2021.
This is why we will never know everything about our universe – Forbes, May 2019.
වීඩියෝ පට
Cosmography of the Local Universe at irfu.cea.fr (17:35) (arXiv)
The Known Universe
Understand The Size Of The Universe
3-D Video (01:46) – Over a Million Galaxies of Billions of Stars each – BerkeleyLab/animated
Astronomical dynamical systems
තාරකා විද්‍යාව තුළ සංකල්ප
Environments
ප්‍රධාන මාතෘකා ලිපි
Physical cosmology
තාරකා විද්‍යාව
භෞතික විද්‍යාව
විද්‍යාව
|
9,610 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92%20%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8
|
පැරණි ගිවිසුම
|
කිතුනුවන්ගේ පූජනීය පොත වන ශුද්ධවූ බයිබලයේ ක්‍රි.ව. 01 වන වසරට පෙර ඉතා ඈත අතීත යුගය පිළිබදව ලියැවුනු කොටස් ඇතුළත් ඛන්ඩයයි. යේසුස් වහන්සේ පොළවට වැඩීමට පෙර කාලයේ යුදෙව් ජාතිකයන්ගේ ඉතිහාසය පුරා දෙවියන් වහන්සේ ක්‍රියා කළ ආකාරය හා යුදෙව් ආගමික නීති පිළිබදවද මෙහි සදහන් වේ.
යුදෙව් ආගම ‘Tanakh ’යන පදය පොදුවේ භාවිතයට ගත්තේය. මෙය පසුව ක්‍රිස්තියානු පැරණි ගිවිසුම මඟින්ද තෝරා ගනු ලැබුණි. හෙබ්රව් බයිබලය ද පැරණි ගිවිසුම නමින් හෝ Tanakh ලෙස ප්‍රකාශ කෙරේ.
ක්‍රිස්තියානු බයිබලයේ ආගමික නීති සම්බන්ධ ග්‍රන්ථ දෙකෙන්, පැරණි ගිවිසුම එකකි. විවිධ ක්‍රියාවන් සම්භාරයකින් යුක්ත මෙය හෙබ්රව් බයිබලය හා අනුරූපීය. නැගෙනහිර යුරෝපය හා මැදපෙරදිග සම්ප්‍රදායික සභාවට සමගාමී වන මෙම ග්‍රන්ථ ග්‍රීක පරණ තෙස්තමේන්තුව (Septuagint) යනුවෙන් ද හඳුන්වනු ලැබේ. හෙබ්රව් බයිබලය නිර්මාණය කිරීම හා සකස් කිරීම කරනුයේ 12 වන සහ 2 වන සියවසේ ජේසු උපතට පෙරය යන්න බොහෝ ශාස්ත්‍රවන්තයින්ගේ පිළිගැනීමයි. ජේසුස් වහන්සේ සහ උන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඔවුන්ගේ ඉගැන්වීම් මෙහිදී ප්‍රකාශ කළහ. (මොසෙස්තුමන්ගේ නීති පොත, දිවැසිවරු, ශිත හා ශුද්ධ ලියිවිලි) (ලුක් 24:44) ජේසුස් වහන්සේ සහ ඔවුන්ගේ ශ්‍රාවකයෝ පිළිබඳව සටහන් හෝ වාර්තාද නව ගිවිසුමේ අඩංගුව තිබේ.
කිතු දහම
ශුද්ධවූ බයිබලය
පැරණි ගිවිසුමට අයත් පොත් ගණන 46 කි. ඒවා නම්,
උත්පත්ති
නික්මයාම
ලෙවී ව්‍යවස්ථාව
ගණන් කථාව
ද්විතීය නීතී සංග්‍රහය
ජොෂුවා
වීරාවලිය
රූත්ගේ කථාව
1 සාමුවෙල්
2 සාමුවෙල්
1 රාජාවලිය
2 රාජාවලිය
1 වංශාවලිය
2වංශාවලිය
එස් රා
නෙහෙමියා
එස්තර්
ජෝබ්
ගීතාවලිය
හිතෝපදේශ
ධර්මදේශකයා
ප්‍රේම ගී
විලාප ගී
යෙසායා
ජෙරමියා
එසකියෙල්
දානියෙල්
හොසියා
ජොවෙල්
ආමොස්
ඔබදියා
ජෝනා
මීකා
නාහුම්
හබක්කුක්
ශෙපනියා
හග්ගයි
සෙකරියා
මලාකි
තෝබිත්
ජූදිත්
බාරුක්
සිරාක්
1 මකබි
2 මකබි
එස්තර්
ප්‍රඥාව
නව ගිවිසුමට අයත් පොත් ගණන 27 කි. ඒවා නම්,
මතෙව්
මාක්
ලූක්
යොහාන්
ක්‍රියා
රෝම
1 කොරෙන්ති
2 කොරෙන්ති
ගලාති
එපීස
පිලිප්පි
කොලොස්සී
1 තෙසලෝනික
2 තෙසලෝනික
1 තිමෝති
2 තිමෝති
තීතස්
පිලමොන්
හෙබ්‍රෙව්
ජාකොබ්
1 පේදෘස්
2 පේදෘස්
1 යොහාන්
2 යොහාන්
3 යොහාන්
ජූද්
එළිදරව්
අඩවියෙන් බැහැර පිටු
ද්විතීයික සම්මත ග්‍රන්ථ
පංච පුස්තකයේ කතෲත්වය
|
9,611 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
|
මුද්‍රණය
|
මුද්‍රණය යනු තීන්ත යොදාගෙන, මුද්‍රණය යන්ත්‍ර ආධාරයෙන් කඩදාසි මත අකුරු සහ රූප ප්‍රතිනිර්මාණය කරන ක්‍රියාවලි යයි. සාමාන්‍යෙන් මහා පරිමාන කර්මාන්තයක් ලෙස සිදු කෙරෙන අතර ප්‍රකාශනයේ අත්‍යවශ්‍ය කොටසකි.
ඉතිහාසය
යුරෝපය
වර්ෂ 1300දී අච්චු මුද්‍රණ කලාව යුරෝපයට පැමිණියේ රෙදි මත මුද්‍රණ කටයුතු සිදුකිරීම සඳහා ය. ආගමික අරමුණු සඳහා විශාල වශයෙන් අලංකාර ලෙස පින්තාරු මුද්‍රණය කරන ලදී. වර්ෂ 1400 පමණ වන විට කඩදාසි පහසුවෙන් ලබාගත හැකි වූ නිසා, ධර්මයානුකූල ලී කැටයම් අච්චු මගින් මුද්‍රණය කරන ලද කඩදාසි හා ක්‍රීඩා කිරීමට භාවිතා කරන කඩදාසි කුටිටම්, වැඩි වශයෙන් දක්නට හැකි විය. 1425 සිට මෙම මුද්‍රණ කටයුතුවල සීග්‍ර වැඩිවීමක් දක්නට ලැබුණි.
පහළොස්වන සියවසේ මැද භාගය පමණ වනවිට ලී කැපුම් පොත් හා බ්ලොක් පොත්, විස්තර හා පින්තූර දෙකම ඇතුලත් කොට නිර්මාණය විය. පොත් හා අත් පිටපත් එහා මෙහා ගෙනයා හැකි ලෙස සකසන ලදී. විද්‍යාර්ථීන් අතර මේ පිළිබඳව විවිධ මත වාද ඇති විය. ඔවුන්ගේ හඳුන්වා දීම් කලින් සිදු කරනවාද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ මතය වුයේ එම හඳුන්වා දීම් ජංගම ආකාරයෙන් සිදු කිරීම සුදුසු බවයි.(1440-1460)
මුද්‍රණ ක්‍රියාවලිය සඳහා කඩදාසි අවශ්‍ය වූ අතර ඒවා යුරෝපයට ගෙන එන ලද්දේ චීනයෙනි. ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ කඩදාසි චීනයෙන් ගෙන්වනු ලැබුවත් ඒවායේ මුද්‍රණය කිරීමේ හැකියාව නොතිබුණු බවයි. ඇතැම් සාක්ෂි වලින් මුද්‍රණ ශිල්පයයේ ආභාෂය ලද්දේ ආසියාවෙන් සහ යුරෝපයෙන් ලැබුණු බව තහවුරු වේ.
අතින් පිටපත් කිරීම හෝ අච්චු මඟින් මුද්‍රණයට සාපේක්ෂව ජංගම ආකාරයේ මුද්‍රණ ක්‍රියාවලිය මඟින් එම කේෂ්ත්‍රයේ වෙනස්කම් රැසක් සිදු කරයි.
ප්‍රකාශණ
|
9,614 |
https://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B7%83%20%E0%B6%B4%E0%B6%AB%E0%B6%AD
|
දස පණත
|
දස පණත (බයිබලීය හෙබ්‍රෙව් עשרת הדברים \ עֲשֶׂרֶת הַדְּבָרִים, aséret ha-dvarím, lit. The decalogue', The decalogue. මිෂ්නයික් හෙබ්‍රෙව් עשרת הדיברות \ עֲשֶׂרֶת הַדִּבְּרוֹת, aséret ha-dibrot, lit. The Decalogue, The Ten Words'') යනු යුදෙව් ආගමේ සහ ක්‍රිස්තියානි ධර්මයේ මූලික කාර්යභාරයක් ඉටු කරන ආචාර ධර්ම හා නමස්කාරයට අදාළ බයිබලීය මූලධර්ම සමූහයකි. දස පනතේ පාඨය හෙබ්‍රෙව් බයිබලයේ දෙවරක් දිස්වේ: නික්මයාම පොතේ 20:2–17 සහ ද්විතීය නීති සංග්‍රහය පොතෙහි 5:6–21.
ටෝරාහි නික්මයාම පොතට අනුව, බයිබලානුකුල සීනයි කන්දේදී මෝසෙස්ට දස පනත් හෙළි කරන ලද අතර ගිවිසුම් පෙට්ටියේ තබා ඇති ගල් පුවරු දෙකක දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන් කොටා ඇත.
දස පනත ලියා ඇත්තේ කවදාද සහ කවුරුන් විසින්ද යන්න පිළිබඳව විද්වතුන් එකඟ නොවෙති, සමහර නවීන විද්වතුන් යෝජනා කරන්නේ ඒවා හිත්තයිට් සහ මෙසපොතේමියානු නීති සහ ගිවිසුම් මත ආදර්ශයට ගත් ඒවා විය හැකි බවයි.
|
9,615 |
https://si.wikipedia.org/wiki/%E0%B6%8B%E0%B6%B4%E0%B6%AD
|
උපත
|
උපත යනු ජීවියෙක් මව් කුසෙන් එළියට පැමිණීමය.
ජීවය
ජීව විද්‍යාව
උපත් වර්ග කිහිපයක් ඇත.
සාමාන්‍ය,නිවුන්,දෙමුහුන්,මලදරු,නොමේරූ වැනි ඒවා උපතේ කොටස් ය.
|
9,616 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
|
මරණය
|
මරණය යනු, සුවිශේෂවූ පණැති ජීවියෙකු නොනැසී පවත්වා ගෙන යන සමස්ත ජීවවිද්‍යාත්මක කෘත්‍යයන්ගේ ස්ථීර නිරෝධය වෙයි. බොහෝ විට "මොළයේ මරණය" පුද්ගලයෙකුගේ මරණය ලෙස සලකනු ලබයි. දිනපතාම ලොව පුරා මිනිසුන් 150,000 කට අධික ප්‍රමාණයක් මරණයට පත්වේ.මෙය ස්වාභාවික හේතූන් මත හෝ ඇතැම් විට බාහිර බලපෑමක් මත සිදුවේ. ශරීර අභ්‍යන්තරයේ හටගන්නා රෝග (හෘදයාබාධ,පිළිකා වැනි) මගින් ශරීරයේ ජීවක්‍රිය/පරිවෘත්තිය පවත්වාගෙන යන වැදගත් ඉන්ද්‍රියයන්ට හානි වීම නිසා සිදුවන
මරණ ස්වාභාවික හේතූන් මගින් සිදුවන මරණ", "ස්වාභාවික මරණ" ලෙසද, සියදිවි හානිකර ගැනීම, හදිසි අනතුරු, මිනිසුන් විසින්
පුද්ගලයෙකුට සිදුකරනු ලබන ශාරීරික හානි ආදිය නිසා ශරීරයේ ජීවක්‍රිය/පරිවෘත්තිය පවත්වාගෙන යන වැදගත් ඉන්ද්‍රියයන්ට හානි වීමෙන් සිදුවන මරණ "බාහිර බලපෑම් මත සිදුවන මරණ" ලෙස හැඳින්විය හැකිය.
|
9,617 |
https://si.wikipedia.org/wiki/Stress%20management
|
Stress management
|
මානසික ආතතිය පාලනය කිරීම
මානසික ආතතිය පාලනය කිරීමේදී එක්තරා පුද්ගලයෙකුගේ මනෝ විද්‍යාත්මක ආතතීන් දරා ගැනීමට හැකියාව ඇති වන අන්දමට විවිධ ක්‍රමෝපායන් හදුන්වාදීම සිදුකරනු ලබයි. මානසික ආතතිය යනු සටන් කිරීම හෝ පලායාම සදහා පුද්ගලයෙකුගේ අභ්‍යන්තර හෝ බාහිර උත්තේජයක් සදහා දක්වන භෞත විද්‍යාත්මක ප්‍රතිචාරයකි. මානසික ආතතිය පාලන කිරීම වඩාත් ඵලදායි වන්නේ වෙනස් වූ විවිධ අසීරු අවස්ථාවන් සදහා මුහුණ දීම පිණිස විවිධ ක්‍රමෝපායන් භාවිතා කිරීමට ඔහුට හැකි වූ විටය.
|
9,618 |
https://si.wikipedia.org/wiki/Models%20of%20stress%20management
|
Models of stress management
|
මානසික ආතතිය පාලනය පිළිබදව ආදර්ශයන්
ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් ගොඩ නැගුණු ආකෘතිය
රිචඩ්ලාසර්ස් සහ සුසෑන් ෆෝක්මන් විසින් 1984 දී යෝජනා කරන ලද අන්දමට මානසික ආතතිය ඇති වන්නේ බාහිර ඇති සම්පත් සහ ඉල්ලුම අතර අසමතුලිතතාවයක් පවතින විටදී හෝ යම්කිසි පුද්ගලයෙකු හට ආවේණික දරාගැනීමේ හැකියාවට වඩා පිටතින් ඇති කරන පීඩනය ඉහළ ගිය අවස්ථාවන්හිදීය. මෙම සංකල්පය මත පදනම්ව මානසික ආතතිය පාලනය පිළිබදව වැඩ සටහන් වර්ධනය වී ඇති අතර මානසික ආතතිය යනු ඒ සදහා හේතු වන දෙයට දක්වන සෘජු ප්‍රතිචාරයක් නොවන අතර එය අදාල ගැටළුව විදදරා ගැනීම සහ ඒ සදහා ප්‍රතිචාර දැක්වීමට පුද්ගලයෙකුට ඇති හැකියාව මත පදනම්ව ඇති වන්නකි. මේ අනුව මානසික ආතතිය වෙනස් කිරීමට හෝ පාලනය කිරීමට හැකියාවක් ඇත.
ඵලදායි මානසික ආතති පාලන වැඩසටහනක් ඇති කිරීම සදහා මුලික වශයෙන් ඔහුගේ හෝ ඇයගේ මානසික ආතතිය පාලනය කිරීමට මුලිකවන සාධක හදුනාගැනීම සහ මෙම ඉලක්ක සාධකයන් සදහා ඵලදායි ලෙස ප්‍රතික්‍රියා දැක්විය හැකි ක්‍රමෝපායන් හදුනා ගැනීම අවශ්‍ය වේ. ලාසර්ස් සහ ෆෝක්මන්ගේ විග්‍රහ කිරීමට අනුව මානසික ආතතිය පුද්ගලයෙකු සහ ඔහුගේ බාහිර වටපිටාවේ ඇති වන ගනුදෙනුවක් ලෙසට විග්‍රහ කර ඇත. මෙම ආකෘතිය මගින් ඇති වූ සංකල්පයක් වනුෙය් මානසික ආතතිය යනු ඒ සදහා හේතු වන සාධකයන් කෙතරම් දුරට තක්සේරු කරන්නේ ද යන වග සහ යම්කිසි පුද්ගලයෙකු ගැටළු සහගත අවස්ථාවක් සදහා මුහුණදීම සදහා ඔහු තුළ ඇති සම්පත් කෙතරම් දුරට භාවිතා කරන්නේ ද යන්න මත පදනම් වය. මෙම ආකෘතිය මගින් මානසික ආතතිය සහ ඒ සදහා හේතු වන සාධකය අතර ඇති සම්බන්ධතාවය බිදදමා ඇති අතර එමගින් යෝජිතව ඇත්තේ ඇතිවන්නා වූ ගැටළුව ධනාත්මකව සහ අභියෝගාත්මක එකක් ලෙස විනා තර්ජනයක් ලෙස බාර නොගෙන තමාට එම ගැටළුව සදහා මුහුණදීමට ප්‍රමාණාත්මක හැකියාවක් ඇති බවට ආත්ම විශ්වාසයක් ඇති නම් මානසික ආතතිය පාලනය කිරීම ගැටළුක් නොවන බවයි. මානසික ආතතියට ලක්වූ පුද්ගලයන් ගැටළු සදහා ප්‍රතික්‍රියා දක්වන ආකාර වෙනස් කිරීමෙන් සහ ඒ සදහා මුහුණදීමට ඔවුන් තුළ ඇති ආත්ම විශ්වාසය වැඩිදියුණු කර ගැනීමට හැකියාව ලබාදීම මගින් එවන් පුද්ගලයන් හට ඇතිවන මානසික ආතතිය අවම කර ගැනීමට උපකාර කළ හැකිය.
සෞඛ්‍ය සාක්ෂාත් කරණය / සහජ සෞඛ්‍ය ආදර්ශ
ඉහත කී සංකල්පයන් සොයාගෙන ඇත්තේ මානසික ආතතිය ඒ සදහා හේතු වන යම්කිසි දෙයක් නිසාම අත්‍යවශ්‍යයෙන්ම ඇතිවන්නක් නොවන බව යන සිද්ධාන්තය මත පදනම්වයි. යම්කිසි ගැටළුවක් සදහා පුදුගලයෙකු මුහුණ දෙන ආකාරය සහ එය විදදරා ගැනීමට ඔහු තුළ ඇති හැකියාව පිළිබදව අවධානය යොමු කිරීමට මෙමගින් එම අවස්ථාවේ දී අදාල පුද්ගලයාගේ ඇතිවන සිතුවිලි පිළිබදව අවධානයක් යොමු කෙරේ. මෙහිදී සදහන් වනුයේ පීඩාකාරී බාහිර වටපිටාවන් සදහා පුද්ගලයෙකු දක්වන ප්‍රතිචාර සදහා හේතු වනුයේ එම අවස්ථායව් දී ඔහු හෝ ඇය තුළ ඇති වන සිතුවිලි මාලාව අනුව බවයි. මෙම ආකෘතිය මගින් විග්‍රහ කරන අන්දමට මානසික ආතතිය ඇති වනුයේ පුද්ගලයෙකුට ඇති වන ගැටළු අනාරක්ෂිත බව සහ සෘණාත්මක සංකල්ප යන මානසික පෙරනය තුළින් ගමන් කිරීමෙන් පසුවය. තවද මානසික සුවතාවය ඇති වනුයේ අවට ලෝකය කෙරෙහි නිෂ්චල මනසකින් සහ අභ්‍යන්තර ප්‍රඥාවකින් යුතුව සාමාන්‍ය අවබෝධයක් ඇති අවස්ථාවන්හිදීය.
මෙම ආකෘතිය මගින් විග්‍රහ කරන අන්දමට ආතතියට ලක්වූ පුද්ගලයන් හට අනාරක්ෂිත අවස්ථාවන්හි දී තමාට ඇතිවන සිතුවිලි පිළිබද අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලබාදීමෙන් සහ ධනාත්මක සංකල්පයන් ඇති කර ගැනීමට අවස්ථාව ලබාදීමෙන් ඔවුන්ගේ ආතතිය අඩු කළ හැකිය.
|
9,619 |
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C
|
රෝග
|
රෝග, ලෙඩ හෙවත් අසනීප යනු යම්කිසි ජිවියෙකුගේ දේහමය ක්‍රියාකාරිත්වයන් අඩපන කරන අසාමාන්‍ය තත්වයක් වන අතර මෙහිදී ඒ සදහා විශේෂිත රෝග ලක්ෂණ ඇති කරයි. මෙය මිනිසෙකු තුල, වෙනත් සත්ත්වයෙකු තුල හෝ යම් ශාකයක් තුල ඇතිවිය හැක.
මිනිසුන් තුළ රෝගයක් ලෙස විග්‍රහකරනුයේ වඩාත් පුළුල් ලෙස වේදනාවක්, අකර්මණ්‍යවීමක්, ආතතියක්, සමාජීය ගැටළුවක් හෝ අදාල පුද්ගලයා හට මරණය පවා ලගාකර දෙන හෝ එම රෝගියා හා සබධතා පැවැත්වූ වෙනත් පුද්ගලයින්ට ඒ හා සමානව ගැටළුවලට මුහුණ පෑමට සිදුවන තත්වයකි. මෙම පුළුල් විග්‍රහකිරීම තුළ අනතුරු, ආබාධිත වීම්, රෝගී තත්වයන්, සින්ඩ්‍රෝම, ආසාදන, තනි තනිව ඇතිවන රෝග ලක්ෂණ, හැසිරීමේ ඇතිවන වෙනස්කම් සහ ආකෘති හෝ ක්‍රියාකාරිත්වයෙහි ඇතිවන අසාමාන්‍ය වෙනස් වීම් අන්තර්ගත වේ. වෙනත් අවස්ථාවන්වල දී සහ අවශ්‍යතාවයන්වලදී ඉහත සදහන් කළ ඒවා වෙන් වෙන්ව හදුනාත හැකි කාණ්ඩයන් ලෙස විග්‍රහ කරනු ලැබේ.
රෝගයක් ඇතිවීමට කෙරෙහි බලපාන හේතූන් බාහිර සාධක (උදා - බැක්ටීරියා, වෛරස ආසාදන හේතුවෙන්) හෝ අභ්‍යන්තර සාධක (උදා - Autoimmune Diseses) ලෙස දැක්විය හැක.
රෝග තුන් ආකාරයකට වෛද්‍යවරුන් නිර්වචනය කරයි.
Disease, Illness හා Sickness
මහාචාර්ය වෛද්‍ය මාර්ෂල් මැරින්කර් වසර 20 කට පෙර disease, illness and sickness අතර වෙනස හඳුනා ගැනීමට උපකාරී වන ක්‍රමයක් යෝජනා කරන ලදී. ඔහු මෙම "සෞඛ්‍ය ක්‍රම තුන" පහත පරිදි සංලක්ෂිත කරයි.
Disease
බොහෝ විට භින්නෝන්මාදය මෙන් උගුරේ ආසාදනය මෙන්ම බ්රොන්කස් පිළිකා වැනි ශාරීරික ව්‍යාධී ක්‍රියාවලියකි. රෝගය හඳුනා ගන්නා ගුණාත්මකභාවය ජීව විද්‍යාත්මක සම්මතයෙන් යම් අපගමනයකි. වෛද්‍යවරුන්ට දැකීමට, ස්පර්ශ කිරීමට, මැනීමට, සුවඳ දැනීමට හැකි බැවින් රෝගය පිළිබඳව අරමුණක් ඇත. වෛද්‍ය විද්‍යාවේ දෘෂ්ටි කෝණයෙන් මූලික කරුණු ලෙස Disease රෝග අගය කරනු ලැබේ .
Illness
Illness යනු හැඟීමක්, සෞඛ්‍ය සම්පන්න නොවන අත්දැකීමක් වන අතර එය සම්පූර්ණයෙන්ම පුද්ගලික, රෝගියාගේ අභ්‍යන්තරයයි. බොහෝ විට එය disease සමඟ එන නමුත් එය පිළිකාවේ හෝ ක්ෂය රෝගයේ හෝ දියවැඩියාවේ මුල් අවධියේදී මෙන් රෝගය ප්‍රකාශයට පත් නොවිය හැකිය. සමහර විට කිසිදු රෝගයක් disease සොයාගත නොහැකි ලෙස අසනීපය පවතී. රෝගියාගේ රෝගය නිශ්චය කරගත හැකි කිසිවක් වෛද්‍යවරයාට ඉදිරිපත් නොකර සිටීමට රෝගියාට හැකිය.
Sickness
Sickness යනු බාහිර වූත් පොදු වූත් සෞඛ්‍යමය තත්ත්වයේ පිරිහීම් ආකාරයයි. Sickness යනු සමාජ භූමිකාවකි, තත්වයකි, ලෝකයේ සාකච්ඡාමය තත්වයකි. එසේම ‘අසනීප sick’’ යනුවෙන් හැඳින්වෙන පුද්ගලයා සහ ඔහුව හඳුනා ගැනීමට සහ නඩත්තු කිරීමට සූදානම් සමාජයක් අතර කේවල් කිරීමකි. Illness මත පමණක් Sick වීම ඉතාමත් අවිනිශ්චිත තත්ත්‍වයකි. නමුත් disease පැවතීම sick වීමට බල නොපායි. නිදන්ගත රෝගයකින් පෙළෙන අයකුට, උග්‍ර රෝගයකින් පෙලෙන කෙනෙකුට වඩා රෝග sick වීමට අඩු ආරක්ෂාවක් ඇත; උදා. - ශල්‍යකර්මයකට වඩා මනෝචිකිත්සක රෝග ඇති අය.
ආශ්‍රිත ලිපි
Cryptogenic disease, a disease whose cause is currently unknown
Developmental disability, severe, lifelong disabilities attributable to mental or physical impairments
Environmental disease
Host–pathogen interaction
Lists of diseases
Mitochondrial disease
Philosophy of medicine
Plant pathology
Rare disease, a disease that affects very few people
Sociology of health and illness
Syndrome
මූලාශ්‍ර
භාහිර සබැඳි
"Man and Disease", BBC Radio 4 discussion with Anne Hardy, David Bradley & Chris Dye (In Our Time, 15 December 2002)
CTD The Comparative Toxicogenomics Database is a scientific resource connecting chemicals, genes, and human diseases.
Free online health-risk assessment by Your Disease Risk at Washington University in St. Louis
Health Topics A–Z, fact sheets about many common diseases at the Centers for Disease Control
Health Topics, MedlinePlus descriptions of most diseases, with access to current research articles.
NLM Comprehensive database from the US National Library of Medicine
OMIM Comprehensive information on genes that cause disease at Online Mendelian Inheritance in Man
Report: The global burden of disease from the World Health Organization (WHO), 2004
The Merck Manual containing detailed description of most diseases
Actuarial science
Medical terminology
Medicine in society
|
9,620 |
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%20%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
|
වෛද්‍ය සමාජවිද්‍යාව
|
වෛද්‍ය සමාජවිද්‍යාව යනු නොයෙකුත් රෝග අවස්ථාවන්හිදී පුද්ගලයන්ගේ හැසිරීම් පිළිබදව කෙරෙන අධ්‍යයනයකි. මෙහිදී වෛද්‍ය යන වචනය යෙදුනද වෛද්‍ය වෘත්තිකයන්ගේ හැසිරීම පමණක්ම අධ්‍යයනය නොකරයි. සියළුම මානව වර්ගයාගේ සෞඛ්‍ය සහ රෝගී අවස්ථාවන්හි දී ඔවුන් දක්වන චර්යාත්මක ප්‍රතිචාර පිළිබදව හදාරනු ලබයි.
වෛද්‍ය සමාජ විද්‍යාවේදී පුද්ගලයෙකු හෝ පුද්ගලයන් සමූහයක් සෞඛ්‍ය තත්වය පවත්වාගෙන යාම, රෝග අවස්ථාවකදී ක්‍රියා කරන ආකාරය හා සෞඛ්‍ය සේවා පද්ධතිය අතර දක්වන අන්තර්ප්‍රතික්‍රියා පිළිබදව අවධානය යොමු කරනු ලබයි. මෙහිදී භෞතික සහ කෘත්‍යමය ලෙස සිදුවූ අකර්මණ්‍යවීමකට උපරිම ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමට හැකියාව ලබාදේ. මෙහිදී අපගේ සෞඛ්‍ය තත්වය සහ පරිසරය මගින් මානසික වශයෙන් කෙසේ බලපෑමක් ඇති කරයිද යන්න පිළිබදව හදාරනු ලබයි.
වෛද්‍ය සමාජ විද්‍යාවෙහි පියා ලෙස සලකනුයේ ටැල්කොට් පාසන්ස් වන අතර එසේ වීමට හේතුව ඔහු විසින් සොයාගන්නා ලද “රෝගියෙකුගේ භූමිකාව” නම් විග්‍රහ කිරීමයි. මෙමගින් නිරෝගී පුද්ගලයෙකුට සාපෙක්ෂව රෝගී වූ පුද්ගලයෙකු නිරූපණය කරන භූමිකාවෙහි වෙනස විස්තර කරයි. ඔහු පුද්ගලයෙකු රෝගී වූ අවස්ථාවේ දී ඔහුගේ අභිප්‍රායන් රෝගියෙකුගේ භූමිකාව ලෙස විස්තර කරයි. නමුත් පාසන් විසින් මෙහිදී වෛද්‍යවරයෙකු වෙනත් වෛද්‍ය ආයතනයක් මගින් නිරූපණය කරන භූමිකාව විස්තර කර නොමැත. රෝගියෙකුගේ භූමිකාව කොටස් 4 කින් යුක්ත වේ.
සමාජයෙහි සාමාන්‍ය වශෙයන් සිදුවන වගකීම්වලින් නිදහස් වී සිටීමේ හැකියාව
තමා රෝගී වීමට කිසිදු වගකීමක් නොමැති බව පැවසීමට ඇති අයිතිවාසිකම
රෝගය සුව වීමට ඇති අවශ්‍යතාවය
නිසි වෛද්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබාගැනීමට රෝගියා බැදී සිටීම.
වෛද්‍ය සමාජ විද්‍යාව සාමාන්‍යයෙන් සමාජ විද්‍යාව , සායනික මනෝ විද්‍යාව සහ සෞඛ්‍ය අධ්‍යයනයන්හි කොටසක් ලෙස ඉගැන්වේ. තවද වෛද්‍ය විද්‍යාවෙහි ආචාර ධර්ම පද්ධතිය පිළිබදව අධ්‍යයනය කිරීමක් වශයෙන් එය විශේෂඥ උපාධිවලට ද අන්තර්ගත වේ.
එක්සත් රාජධානියෙහි විශේෂඥ උපාධි සදහා වෛද්‍ය සමාජ විද්‍යාව අන්තර්ගත වන ආයතන වශයෙන් නොටින්හැම් සරසවියේ ලන්ඩන් සරසවිය සහ ගෝල්ඩ්ස්මිත් විද්‍යාලය හැදින්විය හැකිය.
මනෝ විද්‍යාව
|
9,623 |
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA
|
වසංගතවේදය
|
වසංගත අධ්‍යයනය
වසංගතවේදය () වූ කලී වසංගත අධ්‍යයනය මගින් ජන ගහනයක සෞඛ්‍ය සහ ලෙඩ රෝග සදහා හේතු වන කරුණු පිළිබදව අධ්‍යයනය කිරීම වන අතර එමගින් මහජන සෞඛ්‍ය වැඩිදියුණු කිරීම සහ රෝග වළක්වා ගැනීම සදහා ෙනායෙකුත් මැදිහත් වීම් සිදුකරනු ලබයි. මෙය මහජන සෞඛ්‍ය පර්යේෂණ පිළිබදව ඇති මූලික ක්‍රමෝපායක් ලෙස සැලකෙන අතර එය සාක්ෂි මත පදනම් වූ වෛද්‍ය විද්‍යාව මගින් රෝග සදහා ඇති අවධානම් සාධක හදුනාගැනීමක් සිදුකරන අතර වඩාත් ප්‍රශස්ත ප්‍රතිකාර ක්‍රමෝපායන් සපයා දෙනු ලබයි.
බෝවන සහ බෝ නොවන රෝග පිළිබදව වූ වසංගත වේදියෙකුගේ කෘත්‍ය වසංගත රෝග අවස්ථාවන් පර්යේෂණයට ලක්කිරීම, දත්ත රැස්කිරීම සහ විශ්ලේෂණය, සංඛ්‍යාත්මක දත්ත සටහන් කිරීම සහ ඒවායෙහි ප්‍රතිඵල පිළිබදව නොයෙකුත් සගරාවලට ලිපි පලකිරීම දක්වාත් විවිධ වේ. වසංගත වේදියෙකුට රෝග පිළිබදව අවබෝධයක් ලබාගැනීම සදහා ජීව විද්‍යාව පිළිබදව ද රෝග සදහා ඇති අවධානම් සාධක පිළිබදව අවබෝධයක් ලබාගැනීම සදහා සමාජ විද්‍යාව සහ දර්ශනවේදය පිළිබදව ද අවබෝධයක් තිබිය යුතුය.
ඉතිහාසය
ග්‍රීක ජාතික වෛද්‍ය වරයෙකු වූ හිපොක්‍රටීස් ඇතැම් අවස්ථාවලදී වසංගත වේදයෙහි පියා ලෙස හැදින්වේ. රෝගවල ඇති වීම සහ ඒ සදහා අවට පරිසරයෙහි ඇති බලපෑම පිළිබදව ඇති සම්බන්ධතාව මුල් වරට නිරීක්ෂණය කළ පුද්ගලයා වූයේ ඔහුය. ඔහු විසින් යම්කිසි ප්‍රදේශයකට පමණක් ආවේනික වූ ඒක දේශික රෝග තත්වයන් සහ වසංගත රෝග යන සොයා ගැනීම් සිදුකරන ලදී.
රෝගවල මුලාරම්භය පිළිබදව මුල් යුග වලදී පැවති සිද්ධාන්තයක් වනුයේ එය මිනිසුන්ගේ අති සුඛෝපභෝගි ජීවිතවල ඇති වරදක් නිසා මූලික වශයෙන් ඇති වූවක් බවයි. මෙය ප්ලේටෝ සහ රෝසියෝ වැනි දාර්ශනිකයන් සහ ජොනතන් ස්විෆ්ට් වැනි සමාජ විචාරකයන් විසින් ප්‍රකාශයට පත් කරන ලදී. මධ්‍යයතන ඉස්ලාමික ලොවෙහි විසූ ඉස්ලාම් ජාතික වෛද්‍යවරුන් ආසාදිත රෝගවල බෝවන සුළු ස්වභාවය සොයාගන්නා ලදී. පර්සියානු ජාතික වෛද්‍යවරයෙකු වූ ඇවිසෙනා නූතන වෛද්‍ය විද්‍යාවෙහි පියා ලෙස වෛද්‍ය විද්‍යාවේ සිද්ධාන්ත පද්ධතියෙහි හැදින්වේ. ඔහු විසින් ක්ෂය රෝගය සහ ලිංගාශ්‍රිත රෝගවල බෝවන සුළු ස්වභාවය සොයාගන්නා ලද අතර ජලය, පස් හා සිරුරෙන් ස්‍රාවයවන අපවිත්‍ර වූ ද්‍රව්‍යය මගින් රෝග බෝකිරීමට හැකියාව ඇති බව සොයා ගන්නා ලදී. ඔහු රෝග බෝවීම වැළැක්වීම සදහා නිරෝධායන ක්‍රම, ඒ සදහා ඇති අවධානම් සාධක අධ්‍යයනය කිරීම සහ යම්කිසි රෝගයක් හදුනා ගැනීම පිළිබදව ක්‍රම ඉදිරිපත් කරන ලදී.
14 වන ශත වර්ෂයේදී මහාමාරිය මගින් අල් අන්ඩාලුස් ප්‍රදේශයෙහි කළු මරණ සංඛ්‍යාව ඉහළ යත්ම ඉබන් කාටිමා විසින් කරන ලද උපකල්පනයක් වූයේ ආසාදිත රෝග ඇති වනුයේ මිනිස් සිරුර තුළට ඇතුළු වන ඉතා කුඩා අංශු විශේෂයක් නිසා වන බවයි. තවත් 14 වන ශතවර්ෂයේ විසූ අරාබි ජාතික වෛද්‍යවරයෙකු වූ ඉබන් අල් කාටිබ් විසින් (1313 – 1374) රචිත මහාමාරිය පිළිබදව වූ නිබන්ධයෙහි සටහන් වනුයේ ඇදුම් පැලදුම්, පරිහරණය කරන ද්‍රව්‍ය හා ආභරණ මගින් එක් රෝගියෙකුෙගන් තවත් කෙනෙකුට ස්පර්ශය මගින් රෝග බෝ කිරීමට හැකියාව ඇති බවයි.
16 වන ශතවර්ෂයෙහි මැද භාගයේදී විසූ ෆ්ලෝරන්ස් ප්‍රදේශයෙන් පැමිණි ප්‍රසිද්ධ ඉතාලි ජාතික වෛද්‍යවරයෙකු වූ ගිරෝලේනෝ ෆ්රුකැස්ටොරෝ විසින් යෝජනා කරන ලද සිද්ධාන්තයක් වූයේ ඉතා කුඩා ඇසට නොපෙනෙන ජීවී අංශු මගින් රෝග ඇති කරන බවයි. ඒවා වාතය මගින් ව්‍යාප්ත වීමට හැකි අතර ස්වයං ගුණනය වීමට හැකියාව ලබමින් ගින්දර මගින් විනාශ කළ හැකි බවට ඔවුන් විශ්වාස කළහ. මෙම ආකාරයටම ඔහු ගැලන් විසින් ඉදිරිපත් කළ සිද්ධාන්තයක් වූ රෝගී පුද්ගලයාගෙන් නික්මෙන විෂ වායු පිළිබදව සිද්ධාන්තය නිෂ්ප්‍රභා කරන ලදී. 1543 දී ඔහු De contagione et contagiosis morbis නම් ග්‍රන්ථය රචනා කරන ලදී. එකල ඔහුගේ සිද්ධාන්ත මත පදනම් ව පෞද්ගලික සහ පාරිසරික සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට මුල්ම පුරෝගාමියා වූයේ ඔහුය. මෙම සිද්ධාන්ත 1675 දී ඇන්ටන් වෑන් ලීවන් හුක් විසින් මුල්ම අන්වීක්ෂය සොයා ගන්නා තෙක් ඔප්පුකල නොහැකි විය.
ආධුනික විද්‍යාඥයකු වූ ජෝන් ග්‍රාන්ට් 1662 දී Natural and Political Observations … upon the Bills of Mortality නම් කෘතිය ප්‍රකාශයට පත් කරන ලදී. එමගින් ඔහු මහාමාරිය රෝගය ඇති වීමට ප්‍රථම ලන්ඩනයේ මරණ අනුපාතය අධීක්ෂණය කරන ලද අතර නූතන සහ පැරණි බොහොමයක් රෝගවල කාලයට අනුව ඇතිවන ප්‍රවණතාවය ජීවී දත්ත වගු ආශ්‍රීතව වාර්තා කරන ලදී. ඔහු රෝග පිළිබදව වූ විවිධ සිද්ධාන්තයන් සදහා සංඛ්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කළ අතර ඇතැම් ඒවා පිළිබදව පුළුල්ව ව්‍යාප්තව පැවති මති මතාන්තර නිෂ්ප්‍රභා කරන ලදී.
1854 දී ලන්ඩනයේ සොහෝ දිස්ත්‍රික්කයේ වසංගත රෝගයක්ව පැවති කොළරාව මර්දනය කිරීමට පුරෝගාමි වූ ප්‍රසිද්ධ පුද්ගලයෙකු වූයේ වෛද්‍ය ජෝන් ස්නෝය. රෝගය ව්‍යාප්ත වීමට හේතුව මාර්ගවල පැවති පොදු ජල පොම්පයක් බව ඔහු හදුනා ගත් අතර එය ඉවත් කිරීම මගින් වසංගත රෝග තත්වය නිමා කිරීමට හැකියාව ලැබුණි. (වෛද්‍ය ස්නෝ විසින් ඉහත කී ක්‍රියාමාර්ග ගන්නා අවස්ථාව වන විට වසංගත රෝග තත්වය ස්වභාවිකවම නිමාවෙමින් පැවතිණි ද යන්න පිළිබදව ප්‍රශනාර්ථයක් පවතී. මෙය ඉතිහාසය තුළ ප්‍රජා සෞඛ්‍ය පිළිබදව සිදු වූ ප්‍රධාන සිදුවීමක් ලෙස සැලකෙන අතර වසංගතවේදය නිර්මාණය වීම සදහා මූලික අඩිතාලම මෙමගින් බිහි වුණි.
මේ හා සම්බන්ධ අනෙකුත් කැපීපෙනෙන පුරෝගාමියෙකු වන්නේ ඩෙන්මාක් ජාතික වෛද්‍ය වරයෙකු වූ පී.ඒ. ශ්ලේස්නර් ය. ඔහු 1849 දී අයිස්ලන්තයේ වෙස්ට්මානා දූපත්වල අළුත උපන් බිලිදුන් තුළ ඇති වූ පිටගැස්ම වසංගත රෝග තත්වය වළක්වා ගැනීම සදහා කටයුතු කරන ලදී. තවත් ඉතා වැදගත් වෛද්‍යවරයෙකු වන්නේ හංගේරියානු ජාතික වෛද්‍යවරයෙකු වූ ඉග්නාස් සෙමෙල්විස් ය. ඔහු 1847 දී වියානාවෙහි රෝහල්වල ළදරු මරණ අනුපාතය විෂබීජ මරණ ක්‍රමෝපායන් හදුන්වාදීම මගින් අවම කරන ලදී. ඔහුගේ සොයා ගැනීම් 1850 දී ප්‍රකාශයට පත් කරන ලද අතර ඔහුගේ සමකාලීනයන් විසින් ඔහු කල මෙහෙය එතරම් ඇගයීමකට ලක් නොකළ අතර අකණ්ඩව පවත්වාගෙන නොයන ලදී. බ්‍රිතාන්‍ය ජාතික ශල්‍ය වෛද්‍යවරයෙකු වූ ජෝසප් ලිස්ටර් විසින් 1865 දී ලුවී පාස්චර්ගේ සොයා ගැනීම් අනුව යමින් විෂබීජ නාශක ද්‍රව්‍යයන් හදුන්වා දෙන තෙක්ම ඒවා බහුල වශයෙන් භාවිතයට ෙනාගැණින.
20 වන ශත වර්ෂයේ මුල භාගයේදී රොනාල්ඩ් රෝස්, ඇන්ඩර්සන් ග්‍රේ මැකෙන්ඩ්‍රික් සහ අනෙක් අය විසින් වසංගත වේදය සදහා ගණිත ක්‍රම හදුන්වාදෙන ලදී.
රිචඩ් ඩෝල් සහ ඔස්ටින් බ්‍රැඩ්ෆෝඩ් හිල් විසින් 1954 දී ප්‍රකාශයට පත්කර බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ගේ අධ්‍යයනයක ප්‍රතිඵලයක් වූයේ දුම්කොළ පානය සහ පෙනහළු පිළිකා අතර සම්බන්ධතාවය පිළිබදව වූ සැකය ස්ථාපිත කරමින් දැඩි සංඛ්‍යාත්මක වශයෙන් සාක්ෂි ඉදිරිපත් වීමයි.
ජීව විද්‍යාව
වසංගතවේදය
|
9,625 |
https://si.wikipedia.org/wiki/Population-based%20health%20management
|
Population-based health management
|
ජනගහනය මත පදනම්ව සෞඛ්‍ය කළමණාකරණය
වසංගතවේදය පිළිබදව වූ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ ඒ පිළිබදව සිදු කළ අධීක්ෂණයන්හි ප්‍රතිඵලයක් වශයෙන් ජනගහනය මත පදනම්ව සිදු කරන සෞඛ්‍ය කළමණාකාරිත්වය ඇති වීමට කැපීපෙනෙන දායකත්වයක් ලබාදුණි.
ජනගහනය මත පදනම්ව කරන සෞඛ්‍ය කළමණාකාරිත්වය මගින් ,
ඉලක්ක ජනගහනයක සෞඛ්‍ය අවශ්‍යතා සහ සෞඛ්‍ය තත්වය තක්සේරු කිරීමට
එම ජනගහනයෙහි සෞඛ්‍ය තත්වය වැඩි දියුණු කර ගැනීම සදහා අතර මැදි වැඩ සටහන් ඇති කිරීමට සහ
ප්‍රජාවෙහි සංස්කෘතිමය සහ සෞඛ්‍ය පිළිබදව වූ සම්පත් අනුව යමින් එකී ජනගහනයෙහි සාමාජිකයන් හට කාර්යක්ෂම සහ සුක්ෂම ලෙස සේවාවන් සැපයීම සිදුකළ හැකිය.
නූතන ජනගහනය මත පදනම්ව සිදුකරන සෞඛ්‍ය කළමණාකාරිත්වය ඉතා සංකිර්ණ වූවකි. ඒ සදහා වසංගතවේදය පිළිබදව ප්‍රායෝගික දැනුම සහ අධීක්ෂණය කිරීමේ හැකියාව ඉතා වැදගත් වේ. (වෛද්‍ය විද්‍යාත්මක, දේශපාලනික, කාර්මික සහ ගණිතය පිළිබදව ඇති දැනුම ඉතාවැදගත්ය) එමගින් ඵලදායී සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ජනගහනය වෙත සැපයීමට හැකිය. මෙම කර්තව්‍ය සදහා නූතන අවධානම් කළමණාකාරිත්වය පිළිබදව දුරදක්නා දෘෂ්ටියක් සහ මරණ අනුපාතය පිළිබද සංඛ්‍යාන දත්තවල සිදුවීම සහ ව්‍යාප්තිය පිළිබදව දැනීමක් නූතන ජනගහනය මත පදනම් වූ සෞඛ්‍ය අවශ්‍යතාවයන් කලමණාකාරිත්වය සදහා අත්‍යවශ්‍ය වේ. තවද මෙමගින් අනාගතයේදී ජනගහනය තුළ ඇති වූයේයැයි අනුමාන කළ හැකි සෞඛ්‍ය ගැටළු පිළිබදව යහපත් ප්‍රතිචාර දැක්වීමට සහ නිසි පරිදි කළමණාකරණය කිරීමට හැකියාව ලැබේ.
මෙලෙස ජනගහනය මත පදනම්ව සෞඛ්‍ය කළමණාකාරිත්වය සිදුකරන සහ එහි කර්තව්‍යයන් මගින් වසංගතවේදය පිළිබදව ප්‍රායෝගික ප්‍රතිඵල ලබාගන්නා සංවිධාන වනුයේ Canadian Strategy for Cancer Control , Health Canada Tobacco Control Programs , Rick Hansen Foundation සහ Control Research Initiative ය.
මෙම සංවිධාන මගින් අවධානමට ලක් වූ ජීවිත පිළිබදව ජනගහනය මත පදනම් වූ සෞඛ්‍ය කළමණාකාරිත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී ජන ගහන විද්‍යාව, සෞඛ්‍ය ඒජන්සි මෙහෙයුම් පර්යේෂණ සහ ආර්ථික විද්‍යාව පිළිබද දැනුම ප්‍රමාණාත්මක ලෙස දත්ත අධීක්ෂණය කිරීමේදී යොදා ගනී.
ජනගහයෙහි ජීවිත කෙරෙහි ඇති බලපෑම පිළිබදව අධ්‍යයනය කිරීම : ජනගහනයෙහි අළුතෙන් ඇති වන රෝග තත්වයන් ඒවායේ ව්‍යාප්තිය , අඩු වයසකදී සිදුවන මරණ සංඛ්‍යාව සහ ආබාධිත තත්වය හා මරණය මගින් ජීවිතකාලයෙන් අහිමිවන වසර සංඛ්‍යාව පිළිබදව අධ්‍යයනය කිරීම මගින් අනාගතයේදී රෝග තත්වයන් මගින් ජනගහනය වෙත ඇති කරන බලපෑම පිළිබදව අවබෝධයක් ලබාගැනීම.
ශ්‍රම බලකාය මගින් ජීවිතයට ඇති වන බලපෑම අධ්‍යයනය කිරීම : මෙහිදීද ශ්‍රමබලකායෙහි අළුතෙන් ඇති වන රෝග තත්වයන් ඒවායේ ව්‍යාප්තිය, අඩු වයසකදී සිදුවන මරණ සංඛ්‍යාව සහ ආබාධිත තත්වය හා මරණය මගින් ජීවිත කාලයෙන් අහිමි වන වසර සංඛ්‍යාව පිළිබදව සොයා බැලේ.
රෝග මගින් ආර්ථිකයට ඇති කරන බලපෑම පිළිබදව සොයා බැලීම : මෙමගින් අනාගතයේදී ඇති විය හැකි රෝග තත්වයන් මගින් පෞද්ගලික අංශයෙහි ආදායම් මාර්ග කෙරෙහි ඇති කරන ලබපෑම් පිළිබදව සොයා බැලීම් සිදු කරනු ලබයි. (වේතන, සෞඛ්‍ය සේවාවන් සැපයීම සදහා සිදුවන වියදම් සහ අනෙකුත් වියදම්)
|
9,626 |
https://si.wikipedia.org/wiki/Diabetes%20%28Treatment%20and%20management%29
|
Diabetes (Treatment and management)
|
ප්‍රතිකාර ක්‍රම සහ රෝග පාලනය
දියවැඩියාව යනු කාලික රෝගයකි. එය සුවකළ නොහැක. දියවැඩියාව නිසා පසුව කෙටිකාලීනව සහ දිර්ඝ කාලීනව ඇති වන ගැටළු වළක්වා ගැනීම සදහාත් නිසිකලට නිවැරදි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය. මීට අමතරව රෝගියා දැනුවත් කිරීම, නිවැරදි ආහාර රටාවකට පුරුදු වීම, ව්‍යායාම කිරීම සහ තමා විසින්ම නිවසේදී රුධිර සීනි මට්ටම පරීක්ෂා කර ගැනීම මගින් කෙටි කාලීනව සහ දිගු කාලීනව රුධිර සීනි මට්ටම යහපත් මට්ටමක පවත්වා ගැනීමද එකසේ වැදගත් වේ. සුපරික්ෂාකාරී ලෙස රෝග පාලනය කිරීම මගින් දිගු කාලීනව ඇති වන සංකූලතාවයන් හි අවධානම අඩුවේ. මෙය ආහාර රටාව, ව්‍යායාම සහ බර අඩු කර ගැනීම (දෙවන වර්ගයේ දියවැඩියාව සදහා) , විවිධ දියවැඩියා ඖෂධ භාවිතා කිරීම (දෙවන වර්ගයේ දියවැඩියා සදහා) සහ ඉන්සියුලින් භාවිතා කිරීම (පළමු වන වර්ගයේ සහ ඖෂධ සදහා ප්‍රතිචාර නොදක්වන දෙවන වර්ගයේ රෝගීන් සදහා) මගින් සිදුකර ගත හැකිය. මීට අමතරව දිය වැඩියාව මගින් රුධිර සංසරණ පද්ධතියෙහි රෝග ඇති වීමේ අවධානම අඩුවේ. එම නිසා එදිනෙදා දින චර්යාවන්හි වෙනස් කම් ඇති කර ගැනීම අධි රුධිර පීඩනය සහ අධි කොලේස්ටරෝල් පාලනය කර ගැනීම සදහා උපකාරී වේ. තවද ව්‍යායාම් කිරීම, දුම්පානයෙන් වැළකීම, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පරිභෝජනය කිරීම සහ ඇතැම් අවස්ථා වලදී රුධිර පීඩනය පාලනය කිරීම සදහා විවිධ ඖෂධ භාවිතා කිරීමද නිර්දේශ කෙරේ. බොහෝ පළමු වර්ගයේ දියවැඩියාව සදහා ලබාදෙන ප්‍රතිකාර ක්‍රම වලට NPH ඉන්සියුලින් සහ කෘතිමව නිෂ්පාදනය කරන ලද ඉන්සියුලින් වර්ග වන Humalog, Novolog හෝ Apidra භාවිතා කිරීමද එසේත් නැතිනම් Lantus/Levemir සහ Humalog හෝ Novolog සහ Apidra යන ඉන්සියුලීන් වර්ග වල සංකලනයන්ද භාවිතා වේ. පළමු වන වර්ගයේ දියවැඩියාව සදහා අනෙකුත් විකල්ප ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ ඉන්සියුලීන් එන්නත් කරන කුඩා පොම්පයක් මගින් අදාල හෝමෝනය ශරීර ගත කිරීමයි. Cozmo, Animas, Medtronic, Minimed සහ Omnipod යනු බහුලවම භාවිතා වන එහි ජනප්‍රියතම වෙළද නාමයන්ය.
එක්සත් රාජධානිය වැනි රටවල දියවැඩියා රෝගීන් සදහා ප්‍රතිකාර ක්‍රම බහුලව ලබාදෙනුයේ රෝහල් වලින් පිටතය. රෝහල් මගින් විශේෂිත ප්‍රතිකාර ලබාදෙන්නේ රෝගයෙහි සංකූලතා ඇති විට, රුධිර සීනි මට්ටම අපහසු වු විට හෝ සමීක්ෂණ අවස්ථාවන්හි දී පමණි. ඇතැම් අවස්ථා වලදී සාමාන්‍ය වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරුවන් කණ්ඩායමක් ලෙස රෝගියා සදහා ප්‍රතිකාර ලබාදීමට තම අත්දැකීම් බෙදා ගනිති. අක්ෂි විශේෂඥයින්, පාද රෝග චිකිත්සකයින්, ආහාර වේදීන්, භෞත චිකිත්සකයින්, විශේෂ පුහුණුව ලද හෙදියන් හා අනෙකුත් ඒ පිළිබද පුහුණුව ලද පුද්ගලයන් විසින් සාමුහිකව කණ්ඩායමක් ලෙස ප්‍රතිකාර ලබාදීමේ දී ක්‍රියාකාරී වෙති. සංවර්ධිත රටවල (උදා - ඇමරිකා එක්සත් ජනපදය වැනි) ජනතාව සෞඛ්‍ය සේවා ලබාගැනීමේදී යන වියදම තමාවිසින් දැරිය යුතු අතර එම නිසා ඔවුන් හට දියවැඩියාව වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යන වියදම ඉතා අධික වේ. ලබාගන්නා ප්‍රතිකාර ක්‍රම හා ඖෂධ වලට අමතරව අවම වශයෙන් සති තුනකට හෝ හයකට වරක් වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබාගැනීම අවශ්‍ය වේ.
|
9,627 |
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA
|
රක්තවේදය
|
රක්තවේදය (Rheumatology) යනු හන්දි ගත රෝග නිර්ණය කිරීම හා ප්‍රතිකාර ලබාදීම හා සම්බන්ධ වෛද්‍ය විද්‍යාවේ උප ක්ෂේත්‍රයකි. රක්තවේදය පිළිබද විශේෂඥ වෛද්‍ය වරයෙකු විසින් හන්දි පත්, මෘදු පටක සහ ඒ අවට සන්ධාරක පටකවල ඇති වන රෝග සදහා ප්‍රතිකාර කරනු ලැබේ. Rheumatology යන වදන බිහිවී ඇත්තේ ග්‍රීක භාෂාවෙන් Rheuma යනු දිය පහරක් මෙන් ගලායන සහ -ology යනු පිළිබද අධ්‍යයනය යන අර්ථය ඇතිවයි.
රක්තවේදය යනු සීඝ්‍ර ලෙස දියුණුවක් පෙන්නුම් කරන වෛද්‍ය විද්‍යාවේ එක් ක්ෂේත්‍රයකි. මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ රෝග ඇති වීමට හේතුවන ප්‍රතිශක්ති කරන ක්‍රියාවලිය පිළිබදව වඩා හොද අවබෝධයක් ලබාගැනීමත් සමගම නව විද්‍යාත්මක සොයා ගැනීම් බිහි වී ඇත. රක්ත වේදයෙහි ඇති වන රෝග කෙරෙහි හේතුව ලෙස හදුනා ගෙන ඇත්තේ ප්‍රතිශක්ති කරන පද්ධතියෙහි ඇති වන වෙනස්කම්ය. ප්‍රතිශක්ති කරන විද්‍යාව මගින් මෙකී රෝග ඇති වීමෙහි හේතුව සහ එම රෝග වල ලක්ෂණ විග්‍රහ කරයි . තවද දැනට භාවිතා වන නව ප්‍රතිකාර ක්‍රමද ප්‍රතිශක්ති කරන වේගය මත පදනම්ව බිහිවී ඇත. හන්දිපත් රෝග කෙරෙහි බලපාන ප්‍රවේනි ගත සාධක පිළිබදව වඩා හොද අවබෝධයක් ලබා ගැනීම මගින් රක්තවේදය නව විද්‍යාත්මක සොයා ගැනීම් මත පදනම් වු වෛද්‍ය ක්ෂේත්‍රයක් බවට පත්වී ඇත. නව ප්‍රතිකාර ක්‍රමවේදයන් ගොඩනැගී ඇත්තේ ප්‍රතිශක්ති කරණය පිළිබදව වු සමීක්ෂණ, සයිටෝ කයින, T වසා සෛල හා B වසා සෛල වල ක්‍රියාකාරිත්වය මත පදනම්වය. අනාගතයේදී මේ සදහා ලබාදෙන ප්‍රතිකාර ක්‍රම ජාන චිකිත්සාව කෙරෙහි වැඩි අවධානයක් ලබා දෙනු ඇත. රක්ත වේදයෙහි දැනට භාවිතා වන ක්‍රමෝපායන් බහුලවම පදනම් වී ඇත්තේ සායනික පරීක්ෂණ සහ සාක්ෂි මත පදනම්ව ලබාදෙන ප්‍රතිකාර ක්‍රම මතයි. මෙමගින් එම රෝගීන්ට ආබාධිත තත්ත්වයකින් තොරව ආසන්න වශයෙන් සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයක් ගත කළ හැකිය. මෙම වෛද්‍ය ක්ෂේත්‍රයෙහි විශේෂඥ දැනුමක් ඇති වෛද්‍යවරුන් රක්තවේදීන්ය. (Rheunatologists)
|
9,628 |
https://si.wikipedia.org/wiki/Diabetes%20-%20Genetics
|
Diabetes - Genetics
|
ප්‍රවේනිය
පළමු වර්ගයේ සහ දෙවන වර්ගයේ දිය වැඩියාව සුළු වශයෙන් හෝ ප්‍රවේනි ගත වේ. පළමු වන වර්ගයේ දියවැඩියාව ඇතැම් වෛරස ආසාදන මගින් ඇති විය හැකි අතර සුළුතරයක් මානසික ආතතිය හෝ ඇතැම් රසායනික ද්‍රව්‍ය සහ ඖෂධ වැනි බාහිර සාධක වලද නිරාවරණය වීම මගින් ඇති විය හැකිය. මෙලෙස ඉහති කී සාදක වලට නිරාවරණය වු පසු ඒ ඒ පුද්ගලයන් හට දියවැඩියාව ඇති වීමක් සඳහා හේතු කාරක වන ජානමය කොටසක් අන්තර්ගතය. එය වනුයේ HLA ප්‍රවේනි දර්ශකය. එසේ නමුත් පළමුවන වර්ගයේ දියවැඩියාව ඇති වීම සඳහා බාහිර පරිසරයේම සාධකයක් බලපායි. පළමු වන වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයින්ගෙන් ඉතා සුළු ප්‍රමාණයක විකෘති ජානයක් මගින් ඇති කරන දියවැඩියාව දක්නට ඇත. මෙය Maturity Onset Diabetes of the Young (MODY) නම් වේ.
දෙවන වර්ගයේ දිය වැඩියාව සඳහා වඩාත් ප්‍රබල ආවේනික රටාවක් ඇත. දෙවන වර්ගයේ දියවැඩියාව ඇති ඉතාමත් සමීප ඥාතීන් ඇති පුද්ගලයෙකුට එම වර්ගයේ දියවැඩියාව ඇතිවීම සඳහා වඩාත් වැඩි අවධානමක් ඇත. එලෙස දියවැඩියාව ඇති සමීප ඥාතීන් සංඛ්‍යාව වැඩිවත්ම දියවැඩියාව ඇති වීමේ අවධානමද ඒ හා සමානව ඇති වේ. ඒකාන්ඩජ නිවුන් දරුවන්ගේ මෙලෙස දියවැඩියාව ඇති වීමේ අවධානය සියයට 100 ක් වන අතර දියවැඩියාව ඇති බවට පවුල තුළ ඉතිහාසයක් ඇති පුද්ගලයන්ගේ එය සියට 25 කි. මෙකී පුද්ගලයන්ගේ ජාන තුළ KCNJ 11 නම් ජාන කොටසක් පිහිටා ඇති අතර මෙමගින් අග්න්‍යාශයෙහි අයිලට් (Islet) සෛල වල ATP සඳහා සංවේදී පොටෑසියම් චැනලය සඳහා කේත සපයන අතර එමගින් ග්ලයිකෝජන් වැනි පෙප්ටයිඩ නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රෝග්ලුකෝජන් ජාන සඳහා ද කේත සපයයි. මීට අමතරව දෙවන වර්ගයේ දිය වැඩියාව ඇති කිරීම සඳහා වඩාත් තද බල අවදානම් සාධකයක් වන අධිස්ථුලතාවයද ජාන මගින් උරුමවේ.
Myotonic dystrophy හා Friedreich’s ataxia හා Wolfram’s syndrome වැනි ජාන ගත රෝග වලදී ද දියවැඩියාව ඇති වේ. මෙය ප්‍රධාන වශයෙන් ළමා කාලයේදී පෙන්නුම් කෙරේ. අමිෂ්ට මේහය, දියවැඩියාව, ඇස්පෙනීම දුර්වල වීම සහ ශ්‍රවණාබාධ ඇති වීම ඉහත රෝග වලදී ඇතිවේ.
|
9,629 |
https://si.wikipedia.org/wiki/Rheumatologist
|
Rheumatologist
|
රක්තවේදීන්
රක්තවේදියෙකු යනු රක්ත වේදය පිළිබදව විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය විද්‍යාව සහ අස්ථි චිකිත්සාව සදහා විශේෂ උපාධි සහිත වෛද්‍ය වරයෙකි. මෙම ක්ෂේත්‍රයෙහි පුහුණුව ලබාගැනීම සදහා උපාදි ශිෂ්‍යයෙකු ලෙස වෛද්‍ය විද්‍යාලයෙහි වසර 4 ක පුහුණුවක් ද ඉන්පසුව ඇමරිකා එක්සත් ජනපදයේ නම් ඊට අමතරව වසර 2 ක් හෝ 3 ක් පශ්චාත් උපාධි පුහුණුවක් ද අවශ්‍යවේ. රක්ත වේදයෙහි පශ්චාත් උපාධි අපේක්ෂකයන් හට විශේෂ පුහුණුව ලබාගත යුතු කාලසීමාව විවිධ රටවල් වල අවශ්‍යතාවය අනුව වෙනස්වේ. රක්ත වේදියෙකු යනු හන්දිපත් , පේශී හා අස්ථි වල රෝග නිර්ණය පිළිබදව හා ප්‍රතිකාර ක්‍රම පිළිබදව අතිරේක පශ්චාත් උපාධි පුහුණුවක් ලද වෛද්‍ය වරයෙකි. ඇතැම් රක්තවේදීන් විසින් ආබාධිත තත්ත්වයට පත් කරන සහ ඇතැම් විට මාරාන්තික හන්දිපත් රෝග සදහා වඩා හොද ප්‍රතිකාර ක්‍රම සොයාගැනීම හා සම්බන්ධව පරීක්ෂණ පවත්වති. ප්‍රතිකාර ක්‍රම පදනම් වී ඇත්තේ විද්‍යාත්මක පරීක්ෂණ මතය. රක්ත වේදය තුළ දැනට භාවිතා වන ක්‍රමෝපායන් බෙහෝ විට සාක්ෂි මත පදනම්ව ඇත.
රක්තවේදීන් විසින් හන්දිපත් ප්‍රදාහය, ඇතැම් ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග, මස්පිඩු සහ අස්ථීවල රෝග සහ ඔස්ටියෝපොරෝසිස් යන රෝග සදහා ප්‍රතිකාර කරයි.මේවායෙහි හටගන්නා රෝග තත්ත්වයන් 200 කට වඩා වැඩි ප්‍රමාණයක් ඇත. ඒවායින් සමහරක් නම් රුමටෝයිට් හන්දි ප්‍රදාහය, ඔස්ටියෝ ආතරයිටීස්, රක්තවාතය, ලූපස්, කොන්ද කැක්කුම, ඔස්ටියෝපොරෝසිස්, ෆයිබ් රෝමයැල්ජියා සහ ඛණ්ඩරාවල ආසාදනයන්ය. මේවායින් සමහරක් දරුණු රෝග තත්ත්වයන් වන අතර රෝග නිර්ණය හා ප්‍රතිකාර ක්‍රම අපහසුය. මෙහිදී සන්දාරක පද්ධතිය හා සම්බන්ධ මෘදු පටක වල රෝග තත්ත්වයන්ටද ක්‍රීඩාව හා සම්බන්ධ මෘදු පටකවල රෝග තත්ත්වයන්ටද භෞත චිකිත්සක ක්‍රමද ආබාදිත පුද්ගලයන් හට පුණුරුත්තාපන ක්‍රමවේදයන්ද භාවිතා වේ. මෙහිදී අදාල රෝගියා දැනුවත් කිරීමේ වැඩ සටහන්ද වෘත්තීමය චිකිත්සාවද එකසේ වැදගත් කමක් ගනී.
ලොවපුරා රක්තවේදීන් නියෝජනය කරන ජාත්‍යන්තර සංවිධානයන් බොහෝමයක් ඇත. American College of Rheumatology (ACR) , European League Against Rheumatism (EULAR) , Asia Pacific League of Associations for Rheumatology (APLAR) , International League of Associations for Rheumatology (ILAR) යනු මෙම ක්ෂේත්‍රයෙහි ඇති ජාත්‍යන්තර සංවිධාන කිහිපයකි. තවද, එක් එක් ජාතීන් නියෝජනය වන අන්දමට රක්ත වේදීන් ඉහත කී සංවිධානයන් නියෝජනය කරති. ඔවුන් ජාත්‍යන්තරව රක්තවේදය පිළිබද නව දැනුම ව්‍යාප්ත කිරීමට ඇප කැපවී සිටී.
ආසන්න වශයෙන් රක්ත වේදය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් 480 ක් එක්සත් ජනපදය තුළ ෙස්වය කරති. මෙම ක්ෂේත්‍රයෙහි විශේෂඥ දැනුම කෙරෙහි ඇති ඉල්ලුම සහ දිනෙන් දින සීඝ්‍රව වැඩිවන වයස් ගත ජනගහනයෙහි වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සදහා සියලුම රටවල්වල රක්තවේදීන්ගේ සංඛ්‍යාව වැඩිවෙමින් පවතී.
|
9,632 |
https://si.wikipedia.org/wiki/Ayurveda%20%28Overview%29
|
Ayurveda (Overview)
|
ආයුර්වේදය (සමස්ත විග්‍රහය)
ආයුර්වේදාවත්වරණයට අනුව ආයුර්වේදය බිහිවී ඇත්තේ බ්‍රහ්ම නම් හින්දු දෙවියෙකු විසින් විශ්වය මැවීමේදී සිදු කරන ලද දිව්‍යමය හෙළිදරව්වකට අනුවය. මෙය අනෙකුත් දෙවියන් වෙත හෙළිදරව් කරන ලද්දේ දිව්‍යමය සාගරය කලඹමින් පැමිණි දිව්‍යමය චිකිත්සක වරයෙකු වු ධන වන්තරී විසිනි. බ්‍රහ්ම දේවියන් විසින් ආයුර්වේදය පිළිබද දැනුම ශ්ලෝක ආකාරයට ගායනා කොට සෘජුවම දක්ෂ ප්‍රජාපතී වෙත යවන ලද අතර ධර්මයෙහි ආරක්ෂක දෙවියන් ලෙස හැදින් වෙන ඉන්ද්‍ර දෙවියන් හට අවසානයේදී එම දැනුම ලබාදෙන ලදී. මෙම ලේඛනයන්ට අනුව ප්‍රථම වරට ආයුර්වේදයෙහි නිපුණත්වයක් දක්වන ලද මානවයා වුයේ ඉන්ද්‍ර දෙවියන්ගෙන් ආයුර්වේදය උගත් බාරද්වාජයි. බාරද්වාජ විසින් ඉන්පසු ප්‍රාඥයින් කණ්ඩායමක් වෙත ආයුර්වේදය පිළිබද දැනුම ලබාදුන් අතර ඉන්පසු ඔවුන් විසින් තම ශිෂ්‍යයන් වෙත ඒ දැනුම ලබාදෙන ලදී. ආයුර්වේදය මුල්වරට ලේඛන ගත කොට ඇත්තේ අග්නිවේෂ මගින් අග්නිවේෂ්තන්ත්‍රනම් ග්‍රන්ථයේය. මෙම ගන්ත්‍රය පසුකාලීනව චරක විසින් සංශෝධනය කොට චරක සම්හිත ලෙස හදුන්වන ලදී. ආයුර්වේදය පිළිබදව සදහන් කෙරුණු වෙනත් ග්‍රන්ථයක් වන්නේ ධන වන්ත්‍රිගේ ශිෂ්‍යයෙකු වු ශුස්රුත විසින් රචිත ශුස්රුත සම්හිත නම් ග්‍රන්ථයයි. ශුස්රුත ආයුර්වේදයෙහි ශල්‍ය වෛද්‍යයෙහි පියා ලෙස හැදින්වේ. ශුස්රුත සම්හිතයෙහි ධනවන්ත්‍රි විසින් උගන්වනලද ශල්‍ය ක්‍රම වලට අමතරව ශුස්රුත විසින් නිරීක්ෂණයන් සහ සොයා ගැනීම් මගින් හෙළිදරවු කරන ලද විකලාංගවේදී , ප්‍රසව හා නාරිවේදී සහ අක්ෂි රෝග පිලිබදව ද විග්‍රහ කර ඇත. ශුස්රුත සම්හිතය හා චරක සම්හිතය තක්ෂිලා සහ නාලන්ද යන පුරාණ විශ්ව විද්‍යාලයන්හි පරීශීලනය කරන ලද ලිඛිත ග්‍රන්ථයන්ය. මෙම ග්‍රන්ථයන් රචනා වී ඇත්තේ මුල් යුගවල දී වන අතර ඒවා වේද සංස්කෘතියෙහි පුජනීය ලෙස සැලකේ. ආයුර්වේදයෙහි පුජනීයත්වය මූලික කොට සලකන අතර ආයුර්වේදයෙහි විවිධ අංගයන්හි පුජනීයත්වයෙන් සලකන කොටස් අන්තර්ගතය.
NeedToAddCategory
|
9,633 |
https://si.wikipedia.org/wiki/%E0%B6%A2%E0%B7%9B%E0%B7%80%20%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA
|
ජෛව තාක්ෂණය
|
ජෛව තාක්ෂණය යනු ජෛව විද්‍යාව මත පදනම්ව ඇති තාක්ෂණයක් වන අතර විශේෂයෙන්ම මෙය කෘෂිකර්මය ආහාර විද්‍යාව සහ වෛද්‍ය ක්ෂේත්‍රයන් හි සිදු වන භාවිතයන් සදහා යොදා ගනී. එක්සත් ජාතීන්ගේ ජෛව විවිධත්වය පිළිබදව හෝ සම්මුතිෙයහි සදහන් වන ආකාරයට ජෛව තාක්ෂණය අර්ථ දක්වා ඇත්තේ,
“විශේෂිතත වූ ප්‍රයෝජනයක් ලබාගැනීම සදහා නිෂ්පාදනයක් හෝ ක්‍රියාවලියක් නවීකරණය කරනු පිණිස ජෛව විද්‍යාත්මක පද්ධති, ජීවීන් හෝ එහි ව්‍යුත්පන්නයන් සදහා තාක්ෂණය යොදා ගැනීමයි.”
ජෛව තාක්ෂණය බොහෝ අවස්ථාවලදී 21 වන ශත වර්ෂයෙන් ප්‍රවේනි ඉන්ජිනේරු විද්‍යාව හැදින්වීම සදහා ලබාදුණි. කෙසේ වුවද මෙමගින් මිනිසුන්ගේ අවශ්‍යතාවය මත පදනම්ව ජීවී ද්‍රව්‍යය නවීකරණය වීමක් සිදු කෙරිණි. දේශීය ශාක වර්ග වඩාත් හොද අස්වැන්නක් ලැබෙන පරිදි ස්වාභාවික වර්ණය සහ දෙමුහුන් කිරීම මගින් නවීකරණය කෙරුණි. ජෛව ඉංජිනේරු විද්‍යාව යනු සියළුම ජෛව තාක්ෂණික යොදා ගැනීම් මත පදනම් වූ විද්‍යාවකි. නූතන තාක්ෂණය සහ නව ප්‍රවේශයන් සංවර්ධනය වීමත් සමගම සාම්ප්‍රදායික ජෛව තාක්ෂණ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ නිම්වළලු පුළුල් වූ අතර ඔවුන්ගේ නිෂ්පාදනයන් වන ගුණාත්මක බව වර්ධනය කරමින් එම පද්ධතිවල නිෂ්පාදන හැකියාව ඉහළ නැංවුණි.
1971 ට ප්‍රථම ජෛව තාක්ෂණය යන යෙදුම ප්‍රාථමික වශයෙන් යොදා ගැනුනේ ආහාර නිෂ්පාදනය සහ කෘෂිකර්මාන්තයේදීය. 1970 වේ සිට එය බටහිර විද්‍යාත්මක සංවිධාන මගින් විද්‍යාගාර මත පදනම් වූ ක්‍රමෝපායන් ලෙස ජෛව විද්‍යාත්මක පර්යේෂණයන් සදහා අන්තර්ගත කරන ලදී. ඩී.එන්.ඒ ප්‍රතිසංයෝජනය, පටක වර්ධක මාධ්‍යයක් ලෙස භාවිතා කිරීම, ජීවී ශාක තුළ තිරස් ජාන ප්‍රවාහනය සහ ධාරක ජීවියෙකු තුළට බැක්ටීරියාවක් වාහකයා ලෙස භාවිතා කරමින් ඩී.එන්.ඒ ප්‍රවාහනය කිරීම මේ සදහා නිදසුන්ය. සත්‍ය වශයෙන්ම මෙම විග්‍රහ කෙරුම අතීතයේ දී සහ නූතනයේදී කාබනික ද්‍රව්‍යයන් භාවිතා කරමින් ආහාර නිෂ්පාදනය වැඩිකර ගැනීම සදහා සිදු කරන ලද සියළුම ක්‍රමෝපායන් හැදින්වීම සදහා පුළුල් වශයෙන් භාවිතා කළ යුතු වේ. එමනිසා මෙම යෙදුම පහත ආකාරයට ද අර්ථ දැක්විය හැකිය. “දේශීය හෝ විද්‍යාත්මක දැනුම භාවිතා කරමින් ක්ෂුද්‍ර ජීවීන් හෝ උසස් ජීවීන්ගේ සෛල සහ පටක කළමණාකරණය කරමින් ආහාර කර්මාන්තයෙහි සහ එහි පාරිභෝගිකයන් හට තත්වයෙන් උසස් වෙළද ද්‍රව්‍ය සහ සේවාවක් සැපයීමයි.
ජෛව තාක්ෂණය ප්‍රවේනි විද්‍යාව, අනුක ජීව විද්‍යාව, ජෛව රසායනය, කළල විද්‍යාව සහ සෛල ජීව විද්‍යාව සමග සම්බන්ධතා දක්වන අතර ඒවා රසායනික ඉංජිනේරු විද්‍යාව, තොරතුරු තාක්ෂණය සහ රොබෝ විද්‍යාව වැනි ප්‍රායෝගික සංකල්පයන් සමග ද සම්බන්ධතා පවතී. ව්‍යාධි ජෛව තාක්ෂණය මගින් ප්‍රයෝජනවත් ප්‍රතිඵල ලබාගත හැකි පරිදි ව්‍යාධි ජනකයින් සහ ඔවුන්ගේ ව්‍යුත්පන්නයන් උපයෝජනය කරන ආකාරය පිළිබදව විස්තර කරනු ලබයි.
මූලාශ්‍ර
භාහිර සබැඳි
What is Biotechnology? – A curated collection of resources about the people, places and technologies that have enabled biotechnology
Science news website for biotech update
Life sciences industry
ජෛව විද්‍යාව
ජීව විද්‍යාව
විද්‍යාව
|
9,634 |
https://si.wikipedia.org/wiki/Ayurveda%20%28Development%29
|
Ayurveda (Development)
|
ආයුර්වේදයෙහි වර්ධනය
බුදුන්ගේ සමයෙහි (බු.ව 520 කාලයේදී) ආයුර්වේද ක්‍රම වේදයන් වඩාත් පෝෂණය වු අතර මේ කාල සීමා වලදී ආයුර්වේ වෛද්‍ය වරුන් රසදිය සහ සල්ෆර් අන්තර්ගත ඖෂධ වර්ග භාවිතා කරන ලදී. මේ කාලයේදී රසදිය, සල්ෆර් සහ අනෙකුත් ලෝහ වර්ගයන් ශාකමය ඖෂධ හා සංකලනය කරමින් විවිධාකාර ඖෂධයන් නිෂ්පාදනය කෙරුණි. මේ කාලයේ දී විසූ වැදගත් ආයුර්වේද වෛද්‍යවරයෙකු වන්නේ නාගර්ජුනය. ඔහු ශාකසාර ඖෂධ භාවිතා කරමින් විවිධ රෝග සදහා ප්‍රතිකාර ක්‍රම සොයා ගත්තේය. නාගර්ජුන විසූ කාලයේදී සූර නන්ද, නාග්බෝධි, යශෝධාන, නිත්‍යනාග, ගෝවින්ද, අනත්දේව් සහ වාග් බට්ට යන අයද වාසය කළහ. ආයුර්වේදය පිළිබද දැනුම මේ කාලය තුළදී වැඩි දියුණු වු අතර මෙහිදි නවතම සහ වඩාත් කාර්යක්ෂම ඖෂධ වර්ග නිෂ්පාදනය වුණි. ඒනිසා මේ කාලසීමාව ආයුර්වේදයෙහි ස්වර්ණමය යුගය ලෙස හැදින්වේ. අශෝක අධිරාජ්‍යයා (බු.ව 304 – 232) විසින් කාලිංඝ යුද්ධයේදී ලබාගත් ජයග්‍රහණයත් සමගම බුදු දහමින් ලැබු ඉගැන්වීම් වලට අනුව තම රාජධානිය තුළ කිසිදු ලේ සැලීමක් සිදු කිරීම බු.ව 250 දී තහනම් කරන ලදී. මේ නිසා ශල්‍ය කර්ම ක්‍රම සිදු කරන ලද ආයුර්වේද වෛද්‍ය වරුන්ට සැත්කම් ක්‍රම අත්හැරීමට සිදු වු අතර ඔවුන් ඒ වෙනුවට නවතම විකල්ප වෛද්‍ය ක්‍රම භාවිතා කරන ලදී. මේ කාලයේ දී ආයුර්වේද ක්‍රමය නැවත වරක් නව ඖෂධ වර්ග, නව ක්‍රම වේදයන් සහ නව සොයාගැනීම් වලින් ස්වයංපෝෂිත විය. මේ කාලයේ දී ශල්‍ය වෛද්‍ය විද්‍යාව ක්‍රමයෙන් භාවිතයට නොගන්නක් බවට පත්වුණි.
චන්ද්‍ර ගුප්ත මෞර්ය (ක්‍රි.ව 375 – 415) සමයෙහිදී ඉන්දීය වෛද්‍ය ක්‍රමවේදයන්හි ප්‍රධාන ෙකාටසක් ලෙස ආයුර්වේදය සැලකු අතර බ්‍රිතාන්‍යයන් එරට තුළ ජනාවාස ඇති කර ගන්නා තුරුම එය එසේ පැවතිණි.
චක්‍රපානී දත්ත (දත්ත ශර්මා) යනු බෙන්ගාලයෙහි විසු වේද බ්‍රාහ්මණයෙකු වන අතර ඔහු චක්‍රදත්ත නමින් ආයුර්වේද ග්‍රන්ථයන් රචනා කරන ලදී. චක්‍රපානි දත්ත මහා ලක්ෂ්මන් සෙන් රජුගේ රාජ්‍ය වෛද්‍ය වරයා විය. ඇතැම් අය විශ්වාස කරන අන්දමට චක්‍ර දත්ත ආයුර්වේදයෙහි හරය ලෙස හැදින්වේ.
බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාව පාලනය කරන සමයේදී බටහිර වෛද්‍ය ක්‍රමයන් බහුලව ව්‍යාප්ත වුවද ඉන්දියානුවන් විසින් ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේදයන් සුරක්ෂිතව භාවිතයට ගන්නා ලදී. දශක ගණනාවක් මුළුල්‍ලේ විවිධ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලවල කීර්තිය සහ හැකියාවන් කැපීපෙන ලෙස පිරිහීමට ලක්වූයේ බටහිර වෛද්‍ය විද්‍යාව සහ බටහිර වෛද්‍ය ක්‍රමය භාවිතයට ගන්නා රෝහල් බිහිවීමත් සමගමය. කෙසේ නමුත් 1970 මුල භාගයේ සිට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ වටිනාකම පිළිබදව ක්‍රමයෙන් අවබෝධ වීමට පටන් ගත් අතර අද වන විට ඉන්දියාව පුරාම ආයුර්වේද රෝහල් සහ වෛද්‍ය වරුන් වඩාත් වැඩි වශයෙන් බිහිවෙමින් පවතී. එමෙන්ම ශාකසාර ඖෂධ නිෂ්පාදනය සහ අලෙවි කිරීම කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර ඒවායෙහි ප්‍රතිලාභ පිළිබදව විද්‍යාත්මක සාක්ෂි පවතී. මේ වන විට ලොව පුරාම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය භාවිතයට ගැනේ.
NeedToAddCategory
|
9,639 |
https://si.wikipedia.org/wiki/%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%20%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%80%E0%B7%93%E0%B6%B8
|
තුවාල සුවවීම
|
තුවාල සුවවීම හෙවත් සුවවීම යනු හානියට පත් වූ හෝ විනාශ වූ පටක සහිත ප්‍රදේශයක ප්‍රමාණය අවමකර ගැනීම සදහා ශරීරයෙහි සෛල මගින් ප්‍රතිජනනය හා ප්‍රතිසංස්කරණය කිරීම සිදුවන ක්‍රියාවලියකි. සුව වීමේදී හානි වූ පටක ඉවත් කිරීම සහ ඒවා නව පටක මගින් ප්‍රතිස්ථාපනය කිරීම යන අංග දෙකම සිදුවේ.
මෙලෙස ප්‍රතිස්ථාපනය සිදු කිරීම ක්‍රම දෙකකට සිදුවේ
ප්‍රතිජනනය මගින් (Regeneration) මෙහිදී කුණු වූ පටක හා සෛල එහි මුලින්ම පැවති සෛලවලින්ම නැවත ප්‍රතිස්ථාපනය කරනු ලබයි.
අළුත් වැඩියා කිරීම මගින් (Repair) මෙහිදී තුවාල වූ පටක කැළලක් මගින් ප්‍රතිස්ථාපනය කරයි.
බොහෝමයක් වූ අවයවවල සුවවීම ඉහත සදහන් කළ ක්‍රමෝපායන් දෙකේම සංකලනයක් ලෙස සිදුවේ.
ප්‍රති ජනනය මගින් සුවවීම
තුවාලයක් ප්‍රතිජනනය මගින් සුවවීම සඳහා එලෙස හානි වූ සෛල වර්ගයට ගුණනය වීමේ හැකියාව තිබිය යුතුය. බොහෝ සෛලවලට මෙම හැකියාව ඇතත් හෘද පේෂී සහ ස්නායුවලට ගුණනය වීමේ හැකියාව නොමැත.
සෛලවලට වර්ධනය වීම පිණිස කොලජන් මගින් ආධාරය සපයන රාමුවක් අවශ්‍ය වේ. බොහෝ සෛල සඳහා පාදස්ථ පටලයක් හෝ ෆයිබ්‍රොබ්ලාස්ට් මගින් නිර්මාණය වූ කොලජන් පද්ධතියක් අන්තර් ගත බැවින් එමගින් සෛලවල වර්ධනය සඳහා මග පෙන්වනු ලබයි. සෛලවලට රුධිරය සැපයීම අඩාල වීම මගින් සහ බොහෝමයක් ධූලක වර්ග මගින් කොලජන් විනාශයට පත් නොකරන බැවින් එය අවට ඇති සෛල මරණයට පත් වුවද එය දිගින් දිගටම පවතී.
ප්‍රතිජනනය සඳහා උදාහරණ
වකු ගඩුවල වෘක්කාණුවල සෛල මරණයෙන් පසු (Acute Tubular Necrosis) ඒවා නැවත වරක් සුවවීම සම්පූර්ණයෙන්ම සිදු වනුයේ ප්‍රතිජනනය මගිනි. මෙලෙස වකුගඩුවල සෛල මරණයට පත් වනුයේ වකුගඩුවේ අපිච්ඡද පටක ඔක්සිජන් ඌණතාවය නිසා විනාශයට පත් වීම (රුධිර පීඩනය අඩුවීම හෝ වකු ගඩුවලට රුධිර සැපයුම කැපීපෙනෙන ලෙස අඩු වූ අවස්ථාවන් වලදී) මගින් හෝ ප්‍රතිජීවක ඖෂධ , බර ලෝහ හෝ කාබන්ටෙට්‍රා ක්ලෝරයිඩ් වැනි ධූලක මගිනි.
අළුත්වැඩියා කිරීම මගින් සුවවීම
ප්‍රතිජනනය සිදුවිය නොහැකි සෛලවල තුවාල වීමකදී ඒවා සුවවීම සිදුවනුයේ එම සෛල අළුත්වැඩියාව මගිනි. (උදා - හෘද පේෂි සහ නියුරෝන) තවද සෛල වටා ඇති කොලජන් රාමුවට හානි සිදුවන අවස්ථාවල දී හෝ (උදා - එන්සයිම මගින් හෝ භෞතික වශයෙන් විනාශ වන අවස්ථාවන්හිදී) සම්පූර්ණයෙන්ම කොලජන් රාමුව බිඳ වැටෙන අවස්ථාවන්හිදී (ලේ සැපයුම් අවහිර වීම නිසා සෛල විනාශයට පත්වන අවස්ථාවහිදී) සුවවීම සෛල අළුත් වැඩියාව මගින් සිදුවේ.
සෛලවලට හානි සිදුවීමක් සිදු වූ ක්ෂණයකින්ම තුවාල සුවවීමේ ක්‍රියා දාමයන් ආරම්භ වේ. මෙම ක්‍රියාදාමයන් සාමාන්‍යයෙන් අවධි 3 කින් සිදුවේ.
ආසාදනය
සෛල ගුණනය සහ
සෛල පරිණත වීමේ අවධියේය.
ආසාදනය වීමේ අවධියේදී මහාභක්ෂානු සහ අනෙකුත් භක්ෂක සෛල බැක්ටීරියා සහ විනාශ වූ පටක මරණයට පත් කරමින් වර්ධක හොමෝන වැනි රසායනික සාධක නිදහස් කරනු ලබයි. එමගින් ෆයිබ්‍රෝබ්ලාස්ට , අපිච්ඡද සෛල සහ ආස්තරණ සෛල අදාල ප්‍රදේශයට සංක්‍රමණය වීමෙන් ගුණනය වීමෙන් හානියට පත් වූ හෝ තුවාල වූ සෛල අවට කේෂ නාලිකා සෑදීමක් සිදු කරනු ලබයි.
සෛල ගුණනය වීමේ අවධියේදී ක්‍රියාකාරී ෆයිබ්‍රෝබ්ලාස්ට විශාල ප්‍රමාණයක් අන්තර්ගත පරිණත නොවූ කණිකා කෘත පටක සෑදේ. (Granulation tissue) මෙම ෆයිබ්‍රෝබ්ලාස්ට ඉතා ක්ෂණයකින් තුන්වන වර්ගයේ කොළජන් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරමින් විවෘත තුවාලයෙහි ඇති සිදුරු සියල්ලම පුරාවා දමනු ලබයි. මෙම කණිකාකෘත පටක තරංග ආකාරයකට තුවාලයේ මායිමේ සිට මැද දක්වා වර්ධනය වෙමින් ගමන් කරනු ලබයි.
මෙම කණිකාකෘත පටක පරිණත වීමත් සමගම ෆයිබ්‍රෝබ්ලාස්ටර් මගින් කොළජන් සුළු ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර ඒවා දිගටි සිහින් ස්වරූපයක් ගනී. මේ සමගම එමගින් වඩාත් ශක්තිමත් පළමු වන වර්ගයේ කොලජන් නිෂ්පාදනය වීම ආරම්භ කරයි. ඇතැම් ෆයිබ්‍රෝබ්ලාස්ට මෘදු පේෂිවල අන්තර්ගත ඇක්ටින් හා සමාන මයෝ ෆයිබ්‍රෝබ්ලාස්ට බවට පරිණත වීමක් සිදුවේ. එමගින් ඒවාට සංකෝචනය වීම මගින් තුවාලයෙහි ප්‍රමාණය කුඩා කළ හැකිය.
තුවාල සුවවීමේ පරිණතවීමේ අවධියේ දී කණිකාකෘත පටකවල ඇති අනවශ්‍ය රුධිර වාහිණී ස්වාභාවිකව සිදුවන සෛල මරණය (Apoptosis) මගින් ඉවත් කරනු ලබන අතර තුන්වන වර්ගයේ කොලජන් පළමුවන වර්ගයේ කොළජන් මගින් විශාල වශයෙන් ප්‍රතිස්ථාපනය කරනු ලබයි. මුල් අවස්ථාවන්හිදී අසංවිධානාත්මකව සැකසී තිබූ කොලජන් මෙහිදී ආතති රේඛාවන් ඔස්සේ එකිනෙක හා හරස් අතට සම්බන්ධවෙමින් පෙළ ගැසේ. ඉහතින් සඳහන් කරන ලද අවධිය වසරක් හෝ ඊට වැඩි කාලයක් තිස්සේ වුවද පැවතිය හැකිය. අවසාන වශයෙන් කොළජන් වලින් කැළලක් නිර්මාණය වන අතර ඉතා කුඩා ප්‍රමාණයක ෆයිබ්‍රෝබ්ලාස්ට සංඛ්‍යාවක් ඉතිරිවේ.
සාමාන්‍ය සැත්කම් කැපුමක් සම්මත කාලසීමාවන් මගින් සිදුවන සිදුවීම් මාලාවක් වශයෙන් ක්‍රියාවට නැංවෙයි. මුල් අවස්ථාවේදී රුධිර කැටියක් සෑදීම, පැය 3 සිට පැය 24 ක් අතර කාලසීමාවකදී නියුට්‍රෝෆිල මගින් අදාල තුවාලය දෙසට ආක්‍රමණය කිරීම සහ පැය 24 සිට 48 ක් දක්වා කාලයක දී අපිච්ඡද සෛල අනූනන විභාජනය මගින් ගුණනය වීම සිදු වේ. මෙම අවස්ථාවෙන් පසු සුවවීම මින්පෙර සඳහන් කරන ලද ක්‍රියාමාර්ගය ඔස්සේ සිදුවේ.
මෙලෙස බොහොමයක් අපිච්ඡද පටක මරණයට පත් වුවද යම් ස්ථානවල අපිච්ඡද පටක තවදුරටත් ජීවීව පවතී. මීට අමතරව වකුගඩුවේ නාලිකාවල කොලජන් රාමුව සම්පුර්ණයෙන්ම යථාතත්වයෙන්ම පවතී.
ඉහතින් සඳහන් කළ පරිදි මෙලෙස ඉතිරිව පවතින අපිච්ඡද පටකවලට පාදස්ථ ස්ථරය මගපෙන්වීමක් ලෙස භාවිතා කරමින් ගුණනය වීමෙන් අවසානයේදී වකුගඩුව සාමාන්‍ය තත්වයට පත් කළ හැකිය. මෙලෙස ප්‍රතිජනනය සම්පුර්ණ වීමෙන් පසුව සිදුවූ හානිය අන්වීක්ෂයකින් පවා දැක බලාගත නොහැකි මට්ටමට පැමිණේ.
සෞඛ්‍යය
ජීව විද්‍යාව
|
9,642 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%9A
|
ප්‍රතිජීවක
|
ප්‍රතිජීවක එසේත් නැත්නම් ප්‍රතිබැක්ටීරියක් යනු, බැක්ටීරියා වැඩීම ප්‍රතිෂේධ කරන හෝ බැක්ටීරියා මරා දමන හෝ කාරකයකි.
මෙම පදය බොහෝ විට, ප්‍රතිජීවක(ය) යන පදය හා සමගින්, තුල්‍යාර්ථ ලෙසින් භාවිතා වෙයි. වර්තමානයේ, කෙසේවෙතත්, විවිධ බෝවෙන රෝග සඳහා හේතුවන කාරක පිළිබඳ වැඩි දැනුම සමග, ප්‍රතිජීවක(ය) යන්නෙන් අදහස් වන්නේ, ප්‍රති-දිලීර සහ අනෙකුත් සංයෝගද අඩංගු, පුළුල් ප්‍රතික්ෂුද්‍රජීවි සංයෝග පරාසයක්ය.
සමස්ත විග්‍රහය
ක්ෂිරපායීන්ට එරෙහිව විශාල වශයෙන් විෂ සහගතවන ස්ට්‍රිචිනීන් හා ආසනික් වැනි රසායනික සංයෝග ප්‍රතිජීවක නාශක සොයාගැනීමට ප්‍රථම භාවිතා කරන ලදී. කෙසේ නමුත් පසුකාලීනව සොයා ගන්නා ලද ප්‍රතිජීවක ඖෂධ මගින් රෝගියා සදහා ඉතා කුඩා හෝ ඇතැම් අවස්ථාවලදී අහිතර කර ප්‍රතිවිපාක කිසිසේත් ලබානොදෙන අතර ඉලක්ක ස්ථානය වෙත ඉතා ඉහළ කාර්යක්ෂමතාවකින් ක්‍රියාකර ප්‍රතිඵල ලබාදේ. බොහොමයක් බැක්ටිරීයාවන්ට එරෙහි ප්‍රතිජීවක ඖෂධ මගින් වෛරස , දිලීර හෝ වෙනත් ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව ක්‍රියාකාරිත්වයක් නොපෙන්වයි. බැක්ටීරියාවන්ට එරෙහි ප්‍රතිජීව ඖෂධ ඒවා ඉලක්ක කරන කෘත්‍ය අනුව වර්ගී කරණයකට ලක්කරනු ලබයි. වඩාත් පටු ක්ෂේත්‍රයකට විහිදී පවතින ප්‍රතිජීවක ඖෂධ (Narrow – spectrum) ග්‍රෑම් වර්ණකය මගින් වර්ණ ගැන්වෙන හෝ වර්ණ නොගැන්වෙන යන එක්තරා බැක්ටිරීයා කාණ්ඩයක් පමණක් ඉලක්ක කර ගනිමින් ක්‍රියාකාරී වේ. මේ අතර වඩාත් පුළුල් ක්‍ෂේත්‍රයකට විහිදී පවතින ප්‍රතිජීවක ඖෂධ (Broad – spectrum) මගින් වඩාත් පුළුල් ක්ෂේත්‍රයක බැක්ටීරියාවන්ට එරෙහිව ක්‍රියා කළ හැකිය.
එක් එක් ප්‍රතිජීවක ඖෂධයක පරිසරය අදාල ආසාදනය පිහිටි ස්ථානය, ආසාදනය සිදුවූ ස්ථානයට ප්‍රතිජීවක ඖෂධයට ලගා වීමේ හැකියාව සහ අදාල ක්ෂුද්‍ර ජීවියාට ප්‍රතිජීවක ඖෂධය අක්‍රීය කිරීමට හෝ එරෙහිව ක්‍රියා කිරීමට ඇති හැකියාව අනුව නිර්ණය වේ. ඇතැම් බැක්ටීරියාවන්ට එරෙහි ප්‍රතිජීවක ඖෂධ මගින් බැක්ටීරියාවන් මරණයට පත් කරන අතර වෙනත් ප්‍රතිජීවක මගින් බැක්ටිරියාවල ගුණනය වීම වළක්වනු ලබයි.
මුඛ මාර්ගයෙන් ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම ඉතා පහසු වන අතර ඒවා රෝගය වඩාත් උත්සන්න වනාවූ අවස්ථාවන්හිදී ලබාදෙයි. වඩාත් පුළුල්ව සිරුර පුරාම විහිදී පවතින බැරෑරුම් ආසාදනයක් සදහා පුතිජීවක ඖෂධ ශිරා ගත කරනු ලැබේ. ඇතැම් අවස්ථාවල දී ප්‍රතිජීවක ඖෂධ ඇස්වලට යොදන බින්දු හෝ ආලේපණයක් ලෙසට භාවිතා කෙරේ.
පසුගිය වසර කිහිපය තුළ සායනික භාවිතය සදහා අළුත් වර්ගවල ප්‍රතිජීවක ඖෂධ 3 ක් සොයා ගෙන ඇත. මෙමගින් පසුගිය වසර 40 ක කාලසීමාවක් තුළ අළුත් ප්‍රතිජීවක ඖෂධයක් සොයා නොගැනීමන් ඇතිවූ හිස්තැන පිරවුණි. මෙලෙස සොයා ගන්නා ලද නව ප්‍රතිජීවක ඖෂධ පහත සදහන් පරිදි කාණ්ඩ තුනකට බෙදා දැක්වේ.
චක්‍රීය ලිපෝපෙප්ටයිඩ (ඩැප්ටොමයිසීන්)
ග්ලිසිල්සයික්ලීන් (ටිග් සයික්ලීන්) සහ
ඔක්සසෝලිඩිනෝන් (ලිනෙසොලීඩ්) ය.
ටිග් සයික්ලීන් යනු වඩාත් පුළුල් ක්ෂේත්‍රයකට ක්‍රියාකාරීවන ප්‍රතිජීවකයක් වන අතර අනෙක් වර්ග දෙක ග්‍රෑම් ධන බැක්ටීරීයාවන් මගින් සිදුවන ආසාදන සදහා පමණක් එරෙහිව ක්‍රියාකරයි. මෙලෙස නව ප්‍රතිජීවක ඖෂධ වර්ගවල සොයා ගැනීම අවශ්‍ය වනුයේ ප්‍රතිජීවක සදහා බැක්ටීරියාවන් ඇති කරගෙන ඇති ප්‍රතිරෝධීතාවයට එරෙහිව ක්‍රියාකිරීම සදහාය.
ඉතිහාසය
20 වන ශතවර්ෂය වන තෙක් බැක්ටීරියාවන් මගින් මානවයන් හට ඇති කරන රෝග (ක්ෂය රෝගය, මහාමාරිය හෝ ලාදුරු) සදහා ක්‍රියාකාරීවන ප්‍රතිජීවක ද්‍රව්‍යයන් හදුනාගැනීමට හෝ නිෂ්පාදනය කිරීමට හැකියාව නොතිබුණද මීට වසර 2500 කට ඉහත පුරාතන චීන ජාතිකයන් විසින් ප්‍රතිජීවක ඖෂධ වර්ග භාවිතා කළ බවට සාක්ෂි පවතී. පුරාතන ඊජිප්තු ජාතිකයන් සහ ග්‍රීක ජාතිකයන් විසූ සංස්කෘතීන් තුළ දීලීර වර්ග සහ ශාක වර්ග නොයෙකුත් ආසාදනයන් සදහා ප්‍රතිකාර කිරීම පිණිස භාවිතා කළ බවට තොරතුරු ඇත. මෙමගින් ඉහතින් සදහන් කරන ලද ද්‍රව්‍යවලින් ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය කිරීමේ ප්‍රතිවිකතාව (Antibiosis) නම් සංසිද්ධිය බිහිවුණි. ප්‍රතිවිකතාවය මුල්වරට විස්තර කරන ලද්දේ 1877 දී ලුවීපාස්චර් සහ රොබට් කොක් විසින් වාතය මගින් ව්‍යාප්ත වන බැසිලස බැක්ටීරියාවක් මගින් බැසිලස් ඇන්ත්‍රසිස් හි වර්ධනය නැවැත්විය හැකි බවට සිදු කළ නිරීක්ෂණයකින් පසුවය. පෙනිසීලියම් විශේෂ වන ඇති ප්‍රතිජීවක ගුණාංග පිළිබදව මුල්ම වරට විස්තර කරනු ලැබුවේ 1897 දී ප්‍රංශයේ විසූ අර්නස්ට් දුෂේන් විසින් කෙසේ නමුත් ඔහු විසින් සිදුකරන ද ක්‍රියාකාරකම් ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් විසින් පෙනිසිලීන් නම් ප්‍රතිජීවකය සොයා ගන්නා තෙක් විද්‍යාත්මක ප්‍රජාවගේ අවධානයට එතරම් ලක්නොවුණි.
ප්‍රතිජීවක ඖෂධ මගින් සිදු කරන චිකිත්සාව සදහා නූතන පර්යේෂණ ජර්මනිය තුළ ආරම්භ කෙරුණේ 1909 දී පෝල් අර්ලිච් විසින් සල්වාසන් නම් පටු ක්ෂේත්‍රයක ක්‍රියාකාරීවන ප්‍රතිජීවක ඖෂධය සොයා ගැනීමත් සමගය. මෙමගින් එවකට පුළුල්ව ව්‍යාප්තව තිබූ සෞඛ්‍ය ගැටළුවක් වූ උප දංශය රෝගය සදහා කාර්යක්ෂමව ප්‍රතිකාර කෙරුණි. මෙම ඖෂධය එකල වෙනත් ස්පයිරොකීටාවන් මගින් ඇති කරන රෝග සදහා ලබදායි ලෙස භාවිතා කෙරුණද නූතන වෛද්‍ය විද්‍යාව තුළ එය තව දුරටත් භාවිතා නොවේ.
1928 දී ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් විසින් පෙනිසිලීන් නම් ඖෂධය සොයාගැනීමත් සමගම බ්‍රිතාන්‍ය තුළ තව දුරටත් ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය කෙරුණි. මෙයින් වසර 10 කටත් වඩා වැඩි කාලයකින් පසුව අර්නස්ට් චේන් සහ හොවාඩ් ෆ්ලෝරි විසින් ඇලෙක්සැන්ඩර් විසින් සිදු කරන ලද ක්‍රියාකාරකම් කෙරෙහි උනන්දුවක් දක්වන ලද අතර ඔවුන් විසින් පෙනිසිලීන්වල වඩාත් පිරිසිදු කරන ලද නිෂ්පාදනයක් සොයා ගත්හ. මොවුන් තිදෙනා 1945 දී වෛද්‍ය විද්‍යාව සදහා වූ නොබෙල් ත්‍යාගය හිමිකරගත්හ. 1939 දී රෙනේ ඩූ බෝස් විසින් ග්‍රැමිසිඩීන් නම් ප්‍රතිජීවකය සොයාගත් අතර එය මුල්වරට වාණිජ වශයෙන් නිෂ්පාදනය කරන ලද ප්‍රතිජීවකයවන අතර දෙවන ලෝක යුධ සමයේදී තුවාල කරුවන්ගේ භාවිතය සදහා ඉතා ඉහළ ඵලදායීතාවයකින් යුතුව භාවිතා කරන ලදී. හෝවාඩ්ගේ පෙනිසිලීන් හා සම්බන්ධව සිදුකරන ලද පර්යේෂණවලට නව ජීවයක් ලබාදීම වෙනුවෙන් ඔහු ඩුබෝස් හට සිය කෘතඥතාවය පිරිනමන ලදී.
ප්‍රතිජීවක ඖෂධ යන යෙදුම මුල් අවස්ථාවලදී යොදා ගනු ලැබුයේ දිලීර හෝ වෙනත් ක්ෂුද්‍ර ජීවීන්ගෙන් නිස්සාරණය කර ගනු ලැබූ ද්‍රව්‍ය හැදින්වීමටය. නමුත් පසුකාලීනව කෘතිමව හෝ අර්ධ වශයෙන් කෘතිමව නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රතිජීවක ගුණයක් සහිත ඖෂද සදහා ද එලෙස හදුන්වන ලදී. ප්‍රතිජීවක ඖෂධ මගින් බොහොමයක් රෝග සුව කිරීම සදහා උපකාර කළ හැකිය.
අහිතරකර ඵලවිපාක
භාවිතා කරන ප්‍රතිජීවක ඖෂධය සහ ඉලක්ක කරන ක්ෂුද්‍ර ජීවි විශේෂය අනුව ප්‍රතිජීවක ඖෂධවල අහිතකර ඵලවිපාක විවිධ වේ. මේවා උණ, ඔක්කාරය යන රෝග ලක්ෂණවල සිට වඩාත් බැරෑරුම් ආසාත්මිකතාවයන් දක්වා විවිධ විය හැකිය. වඩාත් බහුලවම ඇතිවන අහිතකර ඵල විපාකය වනුයේ පාචනයයි. මෙය නිර්වායු බැක්ටීරියාවක්වන ක්ලොස්ට්රිඩියම් ඩෙෆිසිලේ නම් බැක්ටීරියාව මගින් ඇති කරන අතර අන්ත්‍රයෙහි සාමාන්‍ය බැක්ටීරියා ගහණයෙහි තුල්‍යතාවය වෙනස් කරන ප්‍රතිජීවක ඖෂධ මගින් එසේ සිදුවේ. මෙලෙස ව්‍යාධිජනක බැක්ටිරීයාවන්ගේ වර්ධනය වීමක් වැළැක්වීම සදහා ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරන අවස්ථාවන්හිදී ප්‍රෝබයොටික් නම් ඖෂධ භාවිතා කිරීම සිදු කරනු ලබයි. මෙලෙස ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීමේදී යෝනිමාර්ගයෙහි සාමාන්‍ය වශයෙන් ජීවත් වන බැක්ටිරීයාවන් විනාශයට පත්කරන අතර එවිට එම ප්‍රදේශවල කැන්ඩිඩා නම් යීස්ට් වර්ගය වර්ධනය වීමෙන් ආසාදනයට ලක්විය හැකිය. වෙනත් අහිතකර ඵලවිපාකයන් වනුයේ ප්‍රතිජීවක ඖෂධ වෙනත් ඖෂධ වර්ග සමග අන්තර් ක්‍රියා දැක්වීමයි. උදා - ක්විනලෝන් නම් ප්‍රතිජීවක වර්ග කෝටිකෝ ස්ටිරෝයිඩ ඖෂධ සමග එකට භාවිතා කරන අවස්ථාවන්හිදී එම රෝගීන්ගේ ඛණ්ඩරාවලට හානිවීමේ අවධානම ඉහළ යයි.
මේ හා සමානවම ඇති තවත් කල්පිතයක් වනුයේ ඇතැම් ප්‍රතිජීවක මගින් උපත් පාලන පෙතිවල කාර්යක්ෂමතාවය කෙරෙහි බලපෑම් ඇති කරන බවයි. කෙසේ වුවද බොහොමයක් අධ්‍යයන මගින් පෙනී ගොස් ඇත්තේ ප්‍රතිජීවක ඖෂධ මගින් උපත් පාලනය කෙරෙහි කිසිදු බලපෑමක් සිදු නොවන බවයි. කෙසේ නමුත් ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරන අවස්ථාවන්හිදී ඉතා සුළු ප්‍රතිශතයක් වූ කාන්තාවන් ප්‍රමාණයක් උපත් පාලන පෙතිවල කාර්යක්ෂමතාවය අඩු බවට අත්දකිති.
මූලාශ්‍ර
ප්‍රතිජීවක
වෛද්‍ය ප්‍රතිකාර
|
9,648 |
https://si.wikipedia.org/wiki/%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A
|
එන්නත්
|
එන්නතක් යනු () එක්තරා රෝගයක් සදහා ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කර ගැනීම පිණිස ඇති නිෂ්පාදනයකි. මෙම වැක්සීන් යන වදන නිර්මාණය වුයේ එඩ්වඩ් ජෙනර් විසින් ගව වසූරිය රෝගය සදහා එන්නත් කරන ලද ද්‍රව්‍ය මගිනි. (ලතින් භාෂාවෙන් “වැකා” යනු ගවයින් වේ.) මෙලෙස නිෂ්පාදනය කරන ලද එන්නත මගින් මිනිසුන්හට වසූරිය රෝගයට එරෙහිව ප්‍රතිශක්තිකරණයක් ලබාදෙන ලදී. ජෙනර් විසින් සිදු කරන ලද කර්තව්‍ය ලුවී පාස්චර් සහ අන්‍යයන් විසින් වැඩි දියුණු කරන ලදී. මෙම එන්නත් පිළිබද වූ සංකල්පය මුලින්ම ඇතිවන ලද්දේ චීනයේදී සැරබාල කරන ලද වසූරිය රෝගකාරක වෛරසය මගින් සුළු වශයෙන් පුද්ගලයන් සිතාමතාම ආසාදනයට ලක්කිරීම මගිනි. ජෙනර් විසින් අවබෝධ කරගන්නා ලද්දක් වූයේ ගව වසූරිය රෝගය ඇති වූ කිරිදොවන්නන් හට වසූරිය රෝගය ඇති නොවන බවයි. මෙලෙස එන්නත් ලබාදීම සහ ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලිය එන්නත්කරණය නම් වේ. එන්නත්කරණ ක්‍රමය වඩාත් ආරක්ෂාකාරී වීම හේතුවෙන් 1948 දී එන්ගලන්තයේ දී රෝග කාරක වසූරිය වෛරසය සිරුර තුළට ඇතුළු කිරීම තහනම් කරන ලදී.
එන්නත් වර්ග අනාගතයේදී රෝග ඇති වීම වැළැක්වීම සහ ඒවායේ ඇතිවන හානිකර විපාකයන් වළක්වා ගැනීම සදහා භාවිතා කළ හැකි අතර ඇතැම් රෝග සුව කර ගැනීම සදහා ද එන්නත් වර්ග භාවිතා වේ. (උදා - පිළිකා රෝග සදහා ප්‍රතිකාර ක්‍රමයක් ලෙසට එන්නත් වර්ග භාවිතා කිරීම පිළිබදව පර්යේෂණ පවතී)
එන්නත් වර්ග
එන්නත් යනු මරණයට පත් වූ හෝ අක්‍රීය කරන ලද ජීවීන් වන අතර ඒවායින් නිෂ්පාදනය කරන ලද පවිත්‍ර ද්‍රව්‍යයන් වේ.
සාම්ප්‍රදායික එන්නත් වර්ග හතරකි.
මරණයට පත් කරන ලද ක්ෂුද්‍ර ජීවි සහිත එන්නත් වර්ග - මේවා යනු රසායනික ද්‍රව්‍ය හෝ තාපය භාවිතා කරමින් මරණයට පත් කරන ලද හානිදායක ක්ෂුද්‍ර ජීවින්ය. උදාහරණ නම් සෙම්ප්‍රතිෂ්‍යා උණ, මහාමාරිය සහ හෙපටයිටිස් ඒ රෝග සදහා ඇති එන්නත් වර්ග.
ජීවී නමුත් සැරබාල කරන ලද ක්ෂුද්‍ර ජීවින්ගෙන් නිර්මාණය කරන ලද එන්නත් වර්ග - මේවා යනු ජීවි ක්ෂුද්‍ර ජීවින්වන අතර ඒවායෙහි හානිකර ගුණාංගයන් මර්ධනයවන පරිදි වර්ධනය කිරීම මගින් හෝ පුළුල් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කිරීම සදහා සමීපව හානිදායි නොවන ජීවි විශේෂයන් භාවිතා කරමින් නිෂ්පාදනය කර ඇත. මේවා නිරෝගී වැඩිහිටියන් සදහා වඩාත් හිතකර එන්නත් වර්ග වන අතර එමගින් වඩාත් කල්පවත්නා ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර ලබාදෙයි. උදාහරණ නම් කහඋණ, සරම්ප, රුබෙල්ලා සහ කම්මුල්ගාය යන රෝග සදහා ලබාදෙන එන්නත් වර්ගයි. ජීවී ක්ෂය රෝග එන්නත බෝවන සුළු වර්ගවලින් නිෂ්පාදනය වූවක් නොවන අතර බී.සී.ජී. නම් ඒ හා සමාන වර්ගයක් මගින් නිෂ්පාදිත එන්නතක් ඇමරිකා එක්සත් ජනපදයේ බහුලවම ලබාදෙන්නක් නොවේ.
ටොක් සොයිඩ - මේවා රෝග ඇති කළ නොහැකි අක්‍රීය කරන ලද ධූලක ද්‍රව්‍යයන් වේ. මෙහිදී අදාල ක්ෂුද්‍ර ජිවියා එන්නතට අන්තර්ගත නොවේ. මෙම ධූලක මගින් නිෂ්පාදිත එන්නතක් වනුයේ පිටගැස්ම සහ ගලපටලය එන්නතයි. සියළුම ටොප්මසයිඩ වර්ග ක්ෂුද්‍ර ජිවීන්ට එරෙහිව භාවිත නොවේ. උදාහරණ - ක්‍රෝටාලිස් ඇට් රොක්ස් නම් ටොක්සොයිඩය ගැරඩියන් දෂ්ඨ කිරීමට එරෙහිව සුනඛයන් හට ලබාදෙන එන්නතකි.
උප ඒකක - අක්‍රීය කරන ලද ක්ෂුද්‍ර ජීවීන් ප්‍රතිශක්තිකරණ පද්ධතියට හදුන්වාදීම වෙනුවට අදාල ක්ෂුද්‍ර ජිවීයාගේ කොටසක් මගින් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර ඇති කළ හැකිය. මේ සදහා කදිම නිදසුනක් වනුයේ හෙපටයිටිස් බී එන්නතයි. මෙහිදී අදාල වෛරසයෙහි පෘෂ්ඨයෙහි ඇති ප්‍රෝටීන ද්‍රව්‍ය මගින් එන්නත නිෂ්පාදනය කර ඇත. Human Papillomavirus නම් වෛරස් එන්නත නිෂ්පාදනය කර ඇත්තේ වෛරසයෙහි කැප්සිඩ ප්‍රෝටීන මගිනි.
නව්‍යකරණය වූ එන්නත් වර්ගද බිහිවී ඇති අතර ඒවා භාවිතයට ගැනේ.
සංයුග්මක එන්නත් - ඇතැම් බැක්ටීරියාවන් සදහා ඉතා දුර්වල වශයෙන් ප්‍රතිශක්තීකරණය ඇති කළ හැකි පොලිසැකරයිඩ බාහිර අවරණයන් ඇත. නමුත් මෙම භාහිර ආවරණයන් ප්‍රෝටීන සමග (උදා - ධූලක) සම්බන්ධ කිරීම මගින් ප්‍රතිශක්තීකරණ පද්ධතියට මෙම පොලිසැකරයිඩ වර්ග ප්‍රෝටීන ප්‍රතිදේහ ජනකයක් ලෙසට හදුනාගත හැකිය. මෙම ක්‍රියාවලිය හිමෝපිලස් ඉන්ෆ්ලූවෙන්සා බී එන්නත සදහා භාවිතා කර ඇත.
ප්‍රතිසංයෝජන එන්නත් - එක් ක්ෂුද්‍ර ජිවියෙකුෙග් භෞතික ගුණාංග සහ අනෙක් ක්ෂුද්‍ර ජීවියෙකුගේ ඩී.එන්.ඒ ද්‍රව්‍ය සංයෝජනය කිරීම මගින් අති සංකිර්ණ ආසාදන ක්‍රියාවලියක් ඇති රෝග සදහා ප්‍රතිශක්තිකරණය ලබාදිය හැකිය.
ඩී.එන්.ඒ එන්නත්කරණය - පසුගිය වසර කිහිපයක් තුළ ආසාදිත රෝග කාරකයෙහි ඩී.එන්.ඒ මගින් නිෂ්පාදනය කරන ලද ඩී.එන්.ඒ. එන්නත් බිහිවී ඇත. මෙය ක්‍රියාකාරී වනුයේ වෛරස හෝ බැක්ටිරීයා ඩී.එන්.ඒ මිනිස් හෝ සත්ව සෛලවලට ඇතුළු කිරීමෙනි. ප්‍රතිශක්තිකරණ පද්ධතියෙහි ඇතැම් සෛල මෙම ඩී.එන්.ඒ මගින් ඇති කරන ප්‍රෝටීනවලට සහ ඒවා අන්තර්ගත සෛලවලට එරෙහිව පහර දෙති. මෙම සෛල දිගුකාලයක් ජීවත්වන බැවින් මෙම ප්‍රෝටීන ස්වාභාවිකවම නිෂ්පාදනය කරන ව්‍යාධි ජනකයා පසුකාලීනව සිරුර තුළට ඇතුළුවුවහොත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් එයට එරෙහිව ක්ෂණිකව ප්‍රහාර එල්ල කරයි. මෙම ඩී.එන්.ඒ එන්නත්වල එක් වාසියක් වනුයේ ඒවා නිෂ්පාදනය කිරීම සහ ගබඩාකර තබාගැනීම ඉතා පහසුවීමයි. මෙම එන්නත් තවමත් පර්යේෂණාත්මක මට්ටමේ පවතී.
බොහෝමයක් එන්නත් වර්ග නිෂ්පාදනය කර ඇත්තේ අක්‍රීය කරන ලද හෝ සැර බාලකරන ලද ක්ෂුද්‍ර ජීවි විශේෂ වලින් වන අතර කෘතිම එන්නත් වර්ග සදහා කෘතිම පෙප්ටයිඩ, කාබෝහයිඩ්‍රේට හෝ ප්‍රතිදේහ ජනක වර්ග භාවිතා කරයි.
එන්නත්කරණ වැඩසටහන
කුඩා ළමුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය එන්නත් කිරීමකින් පසුව ඒ සදහා ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලීන් ඇති කිරීමට සමත් අන්දමට වර්ධනය වූ පසුව එන්නත් ලබාදීම මගින් රෝග සඳහා ආරක්ෂාව ලබාදිය හැකිය. අමතර එන්නත් වර්ග ලබාදීම මගින් පුර්ණ ප්‍රතිශක්තීකරණය ලබාදීමට පුළුවන. මෙමගින් සංකීර්ණ එන්නත් වැඩසටහනක් නිර්මාණය වුණි. ඇමරිකා එක්සත් ජනපදයෙහි ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ උපදේශාත්මක කමිටුව විසින් රෝග නිවාරණ මධ්‍යස්ථානය මගින් අනුමත කරන ලද එන්නත්වලට අමතරව හෙපටයිටිස් ඒ, හෙපටයිටිස් බී, පෝලියෝ, කම්මුල්ගාය, සරම්ප, රුබෙල්ලා, ගලපටලය, කක්කල් කැස්ස, පිටගැස්ම, හිමොෆිලියාව, ඉන්ෆ්ලුවෙන්සාව, පැපොල, රෝටා වෛරස ආසාදන, මෙනින්ගෝකොකල් සහ නියුමෝනියාව යන රෝගවලට එරෙහිව එන්නත් ලබාදීම අනුමත කර ඇත. විශාල ප්‍රමාණයක් වූ එන්නත් සහ වර්ධක එන්නත් ලබාදීම මගින් එම එන්නත් සදහා සම්පුර්ණ අනුකූලතාවයක් රෝගීන්ගෙන් ලැබේ ද යන්න පිළිබඳව සැකසහිතය. (වයස අවුරුදු 2 වන විට කුඩා ළමයෙකුට එන්නත් 24 ක් ලබාදේ.) එන්නත් සඳහා අනුකූලතාවයන් අඩුවීමත් සමගම එයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමක් වශයෙන් ඒ පිළිබදව නිවේදනය කිරීම සහ එන්නත් වර්ග කිහිපයක් එක විට ලබාදීමක් සිදුකෙරේ. එමගින් එක් වර රෝග කිහිපයක් සදහා ප්‍රතිශක්තීකරණයක් ඇති කෙරෙයි.ළදරුවන් හට එන්නත් සහ වර්ධක එන්නත් ලබාදීමට අමතරව අනෙකුත් වයස් කාණ්ඩවල සහ ජීවිත කාලය මුළුල්ලේම වරින් වර එන්නත් ලබාදීම සිදුකෙරේ. සරම්ප , පිටගැස්ම, ඉන්ෆ්ලුවෙන්සාව සහ නියුමෝනියාව සදහා මෙලෙස එන්නත් ලබාදීම සිදුකෙරේ. ගර්භණී මවුවරුන් වරින්වර රුබෙල්ලා හෙවත් ජර්මන් සරම්ප රෝගය කෙරෙහි ප්‍රතිරෝධීතාවයක් දක්වන්නේ ද යන්න පිළිබදව සොයා බැලේ.මානව පැතිලෝමා වෛරස එන්නත ඇමරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියෙහි වයස අවුරුදු 9 සිට 25 අතර පුද්ගලයන් හට නිර්දේශ කරයි. වයස් ගත පුද්ගලයන් හට එන්නත් ලබාදීමේදී එම වයස් කාණ්ඩ සදහා මාරාන්තික රෝගයන්වන නියුමෝනියාව සහ ඉන්ෆ්ලුවෙන්සා යන රෝග කෙරෙහි අවධානය යොමු කෙරේ. වසර 2006 දී පැපොල වෛරසය මගින් ඇති කරන Shingles නම් රෝගය සදහා එන්නතක් හදුන්වා දෙන ලදී. මෙම රෝගයට බහුලව වශයෙන් ගොදුරු වනුයේ වැඩිහිටියන්ය.
ඕස්ට්‍රේලියාවෙහි ෆෙඩරල් රජය එන්නත්කරණය මගින් ලබාගන්නා ලද ඇතැම් වාසි සහගත තත්ත්වයන් නිසා එරටෙහි එන්නත්කරණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබුණි. මෙහිදී කුඩා ළමුන් එන්නත් කිරීමකින් තොරව පාසලට ඇතුළු කිරීමට අවසර නොලැබේ. එසේ කිරීමට අවශ්‍ය නම් ඔවුන්ගේ දෙමාපියන් විසින් තම දරුවන් එන්නත් කිරීම ප්‍රතික්ෂේප කරමින් ව්‍යවස්ථානුකූල ප්‍රකාශනයක් වෛද්‍යවරයෙකු හෝ වෙනත් නිලධාරියෙකු සමග සාකච්ඡා කිරීමෙන් පසුව බාරදිය යුතුය.මේ හා සමානව පාසල්වලට ඇතුළු වීමට ප්‍රථම එන්නත් කිරීම හා සම්බන්ධ නීති රීති කැනඩාවේ ඇතැම් ප්‍රදේශවල වසර කිහිපයක් පැවත තිබුණි. කුඩා ළමුන් එන්නත් කිරීම, එසේ නොකිරීමට වඩාත් පහසු සහ ලාභදායි ක්‍රමයක් බවට මේ සමගම පත්වුණි. විවිධ පීඩාකාරී තත්වයන්ට මුහුණ පෑමත් සමගම එන්නත්කරණයට විරුද්ධ පුද්ගලයින් ඒ පිළිබදව තම මතයන් අත්හරින ලදී.
එන්නත්
|
9,653 |
https://si.wikipedia.org/wiki/%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%20%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%20%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B6%B3%E0%B7%99%E0%B6%B1%20%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C
|
ආහාර මගින් වැලඳෙන රෝග
|
ආහාර මගින් වැලඳෙන රෝග යනු ආහාර පරිභෝජනය නිසා හටගන්නා රෝගී තත්ත්වයන්ය. මෙය බහුලවම ආහාර විෂවීම ලෙස හැදින්වුව ද බහුතරයක් හටගනුයේ ව්‍යාධිජනක බැක්ටීරියා, වෛරස, රෝග කාරක ප්‍රෝටීන් අංශු හෙවත් Prions සහ පරපෝෂිතයන් විසින් ආහාර ද්‍රව්‍ය අපවිත්‍ර කිරීම තුළින් විනා ස්වාභාවිකව පවතින විෂකාරක ද්‍රව්‍ය හෝ රසායනික ද්‍රව්‍ය මගින් නොවේ.
නූතන ලෝකයේ බලපෑම
නූතන අවධිවල සිදු වූ ආහාර නිෂ්පාදනයේ හා කාර්මීකරණයේ ශීඝ්‍ර ගෝලීයකරණය නිසා ආහාර ද්‍රව්‍ය අපවිත්‍ර වීමේ සම්භාවිතාව ඉහළ ගොස් තිබේ. ආහාර විෂ වීම නිසා ඇතිවන වසංගත රෝග තත්ත්වයන් මීට පෙර කුඩා ජන කොට්ඨාශයක් අතර දක්නට ලැබුණ ද මේ වන විට එය ගෝලීය අර්බුදයක් බවට පත්ව ඇත. ආහාර ආරක්ෂණ අධිකාරිය මගින් ලොව පුරා දේශීය වශයෙන් සහ ජාත්‍යන්තරව ආහාර ද්‍රව්‍යවල ආරක්ෂාව පිළිබද තොරතුරු හුවමාරු කර ගැනීම සදහා උපකාරී වන අතර හදිසි අවස්ථාවන්හි දී ක්ෂණිකව තොරතුරු ලබා ගැනීමට හැකි වී ඇත.
ලොව පුරා ආහාර මගින් බෝවන රෝග ඇතිවීමේ ප්‍රවනතාව ගණනය කිරීම අපහසු වුව ද වසර 2000 දී මෙමගින් ඇතිවන පාචන රෝගී තත්ත්වයන් නිසා මිලියන 2.1 ක් පමණ වු පිරිසක් මරුමුවට පත්ව තිබේ. මෙයින් බහුතරයක් සිදුවී ඇත්තේ අපවිත්‍ර වූ ආහාර හා පානීය ජලය මගිනි. මීට අමතරව පාචනය යනු ළදරුවන් සහ කුඩා ළමුන්ට මන්ද පෝෂණය ඇති කරවන ප්‍රධාන සාධකයකි.
කාර්මිකරණය වු රටවල පවා සෑම වසරක් තුළම ජනගණයෙන් 30% ක් පමණ ආහාර මගින් බෝවන රෝග හේතුවෙන් පීඩා විදිති. ඇමරිකා එක්සත් ජනපදයේ සෑම වසරක් තුළ ම මෙය මිලියන 76 ක් වන අතර එමගින් රෝහල්ගතවීම් 325,000 සහ මරණ 500 ක් සිදු වී තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල මෙකී තත්ත්වය වඩාත් අහිතකර ලෙස බලපා ඇත්තේ එම රටවල පරපෝෂිතයින්ගෙන් ඇතිවන රෝග ඇතුළුව පුළුල් පරාසයක විහිදෙන රෝග ව්‍යප්තියක් දක්නට ඇති බැවිනි. ආහාර මගින් බෝවන රෝගවලට සමාජය තුල අහිතකර සහ වඩාත් පුළුල්ව පැතිරුණු බැලපෑමක් ඇති කළ හැකි අතර ඒ සදහා අතීතයෙන් ද සාක්ෂි ඇත. 1994 දී සැල්මොනෙල්ලා බැක්ටීරියාව මගින් අපවිත්‍ර වූ අයිස් ක්‍රීම් ආහාරයට ගැනීම නිසා ඇමරිකා එක්සත් ජනපදය තුළ පුද්ගලයින් 2,24000 පමණ රෝගී වී ඇත. 1988 දී චීනයේ යාකෘත් ප්‍රදානය (Hepatitis A) නම් වසංගත තත්ත්වය ඇතිවුයේ ආසාදිත බෙල්ලන් ආහාරයට ගැනීමෙනි. මෙමගින් 3,00000 පුද්ගලයින් ප්‍රමාණයක් රෝගී තත්ත්වයට පත්වුහ.
ආහාර ද්‍රව්‍ය අපවිත්‍ර වීම කිසියම් සමාජයක් තුළ සමාජීය හා ආර්ථික වශයෙන් දැඩි පීඩනයක් එල්ල කරයි. ඇ.එ.ජ.යේ 1997 වසරේදි මෙමගින් සිදු වූ පාඩුව වෛද්‍ය ගාස්තු සහ නිෂ්පාදිතයේ අපතේ යාම් ඇතුළුව ඇමරිකානු ඩොලර් බිලියන තිස් පහකි. 1991 දී පේරු ජනපදයේ කොලරා රෝගයේ ආගමනයත් සමග ම එම වසර තුළ මත්ස්‍ය නිෂ්පාදනය අපනයනය කිරීමට නො හැකි වීමෙන් සිදු වූ පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 500කි.
|
9,654 |
https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%8A%20%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%20%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B8%E0%B6%BA
|
ගල්ෆ් යුද්ධ සින්ඩ්‍රෝමය
|
ගල්ෆ් යුද්ධ සින්ඩ්‍රෝමය එසේත් නැත්නම් ගල්ෆ් යුධ සින්ඩ්‍රෝමය ({{|Gulf War syndrome, Persian Gulf War syndrome) යනු 1991 දී පර්සියානු ගල්‍ෆ් යුද්ධ යේදී සටන් වැදුනු හමුදා සේවයේ නිරත වුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙනස්කම් හා උපත් ආබාධ ඇති කරන ලද රෝගී තත්වයකි. මෙම රෝග ලක්ෂණ ඇතිවීම සදහා ගල්ෆ් යුද්ධ ය බලපෑමක් ඇති කරත්ද ගල්ෆ් යුද්ධ යෙහි නිරත වු හමුදා නිලධාරීන් අනෙකුත් අයට වඩා වැඩිපුර අවධානමක් තිබිණිද යන්න අපහැදිලි ය.
දිගු කාලීන තෙහෙට්ඩු ගතිය, මාංශ පේශීන් හි පාලනය අඩාලවීම , හිසරදය , කැරකැවිල් ල සිරුරේ සමතුලිතතාව නැතිවීම , මතකයෙහි ඇති අර්බුද , මාංශ පේශී , හන්දිපත්වල රුදාව , ආහාර අජීර්ණය , සමේ රෝග , හුස්ම ගැනීමේ අපහසුතාව සහ ඉන්සියුලින් හෝර්මෝන ය සදහා සිරුරේ ඇති ප්‍රතිරෝධීතාව මෙහි විවිධාකාරවු රෝග ලක්ෂණ වේ. මොළයේ පිළිකා නිසා ඇතිවන මරණ , චාලක ස්නායු වල ඇතිවන රෝගී තත්වයක් වන ඒමයෝට්‍රොපික් ලැටරල් ස්ක්ලෙරෝසිස් හෙවත් Gehrig’s disease සහ ෆයිබ්රොමයැල්ජියා නම් රෝගී තත්වයන් ගල්ෆ් යුද්ධ ය හා ආශ්‍රිතව ඇතිවන්නක් බව ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් හදුනාගෙන ඇත. ගල්ෆ් යුද්ධ ය අවසානයේ සිට එක්සත් ජනපද හමුදා නිලධාරීන්ගේ පාලක මණ්ඩලය සහ බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය මගින් ගල්ෆ් යුද්ධයෙහි නිරතවු හමුදා නිලධාරීන් පිළිබදව අධ්‍යයනයන් ගණනාවක්ම කර ඇත. නුතන අධ්‍යයනයන් මගින් හෙලිවී ඇත්තේ යුද්ධයෙහි නිරත වු හමුදා නිලධාරීන්ට හා නිරත නොවු හමුදා නිලධාරීගේ ශාරීරික සෞඛ්‍ය අතර වෙනසක් නොමැති බවයි. වාර්ථා වී ඇති අන්දමට ගල්ෆ් යුධ සින්ඩ්‍රෝමය හා ආශ්‍රිතව ෆයිබ්‍රොමයැල්ජියා , දිගුකාලීව ශාරීරික තෙහෙට්ටුව ඇති වීම , සමෙහි ඇතිවන කැසීම හා ආහාර අජීර්ණය යන රෝග ඇතිවන බවයි. යුද්ධයෙහි නිරත හමුදා නිළධාරීන් අතර මරණ අනුපාතිකය ඉහල වන අතර ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ වාහනවල සිදුවන හදිසි අනතුරු වේ.
රටවැසිභාවය අනුව හමුදා නිලධාරීන්ගේ වෛද්‍ය ගැටළු
ඇමරිකානු සේනාංකය මගින් පිහිටුවන ලද ගල්ෆ් යුද්ධය හා ආශ්‍රිත දත්ත ගබඩාවෙහි 700,000 ක්වු ගල්ෆ් යුද්ධ යෙහි නිරත ඇමරිකානු කාන්තාවන් හා පිරිමින්ගෙන් 30% ක් පමණ ලියාපදිංචි වී ඇත. ඇතැමුන් තවමත් අවුල් සහගත බැරෑරුම් සෞඛ්‍ය ගැටළු වලින් පීඩා විදිති. පහතින් දක්වා ඇති වගු මගින් නිරූපනය වන්නේ යුද්ධ යෙහි නිරත වු ඒකාබද්ධ සේනාංකයන්හි දත්තයි. එක් එක් ජාතීන් වල හමුදා නිළධාරීන් විවිධ භූගෝල විද්‍යාත්මක තත්ව වලට අනුරූපව ඔරොත්තු දී ඇති බැවින් ඒ පිළිබදව අධ්‍යයනය කරන විශේෂඥයින් මෙම සංඛ්‍යා දත්ත උපයෝගි කර ගනිමින් විවිධ අවස්ථාවන් වලට මුහුණ දුන් පුද්ග ලයින් පිළිබදව සොයා බැලේ.
ඇමරිකා එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ අධික ප්‍රතිශතයකින් යුක්තව රෝගී තත්වයන් වාර්ථාවී ඇත්තේ අනෙකුත් ජාතීන් හා සන්සන්දනය කරනවිට එහි අධිකව කෘෂිරසායන ද්‍රව්‍ය භාවිතා කිරීම , ඇන්ත්‍රැක්ස් එන්නත භාවිතා කිරීම හා ඉහල ප්‍රතිශතයකින් යුක්තව තෙල් දුම ආඝ්‍රාණ කිරීම හේතුවෙනි. ප්‍රංශය ඉතා අවම කෘෂිරසායන ද්‍රව්‍ය භාවිතා නොකිරීමත් නිසා ඉතා පහල රෝගී ප්‍රතිශතයක් වාර්ථා වේ. ප්‍රංශ සේනාංක උතුරු නැගෙනහිර හා අනෙකුත් ප්‍රධාන සටන් මෙහෙයුම්වල සේවයේ නියුතු වී සිටිති.
ආශ්‍රිත
Organophosphate-induced delayed neuropathy
Ukrainian syndrome
Environmental issues with war
Michael Donnelly, an activist for those affected by Gulf War illness
Post-traumatic stress disorder
Burn pits
මූලාශ්‍ර
භාහිර සබැඳි
සහලක්ෂණ
Ailments of unknown cause
ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආබාධ
Neurological disorders
Military personnel
Iraqi chemical weapons program
ගල්ෆ් යුද්ධය
|
9,656 |
https://si.wikipedia.org/wiki/%E0%B7%84%E0%B7%98%E0%B6%AF%20%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%20%E0%B6%B8%E0%B7%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA
|
හෘද ස්පන්දන මොනිටරය
|
හෘද ස්පන්දන මොනිටරය යනු හෘද ස්පන්දන වේගය නිවැරදිව එම අවස්ථාවේදීම බලාගත හැකි උපකරණයකි. මෙහි කොටස් දෙකකි. එනම් පටියක් සහිත පපුවට සවි කරන ට්‍රාන්ස් මීටරය හා ඔරලෝසුවක් වැනි මැණික් කටුවට සම්බන්ධ කරන සංග්‍රාහකයයි. පටි රහිත හෘද ස්පන්දන මොනිටරයක් ඇතත් එහි ක්‍රියාකාරිත්වය මුල් නිෂ්පාදන තරම් ඉහළ නොවේ. වඩාත් දියුණු කරන ලද උපාංගවල මීට අමතරව අදාල පුද්ගලයන් නිරෝගීභාවය මැන බලමින් හෘදය වස්තුවේ ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් ද ගණනය කරනු ලැබේ.
හෘදය වස්තුවේ විද්‍යුත් වෝල්ටීයතාවයෙහි වෙනස්වීම් නිරීක්ෂණය කිරීම සදහා සම සමග සම්බන්ධවන ඉලෙක්ට්‍රෝඩ පපුවට සම්බන්ධ කරන කොටසෙහි ඇත. (වැඩි විස්තර සදහා විද්‍යුත් ඛන්තුක රේඛනය බලන්න) හෘද ස්පන්දනය අනාවරණය කර ගත් කල්හි සන්නිවේදනය වන රේඩියෝ සංඥා සංග්‍රාහකය මගින් හදුනාගෙන හෘද ස්පන්දන වේගය ලබා දේ. මෙම සංඥා සරල රේඩියෝ සංඥා හෝ පපුවට සම්බන්ධ කොටසෙන් ලැබෙන කේත සංඥා ක්‍රමයක් විය හැකිය. පසුව සදහන් කරන ලද සංඥා ක්‍රමය මගින් එක් පුද්ගලයකුගේ සංග්‍රාහකයක් මගින් අවට සිටින පුද්ගලයින්ගේ ට්‍රාන්ස්මීටර් මගින් නිකුත් කරන සංඥා අනාවරණ වීම වළකයි.
වැඩි දියුණු කරන ලද විවිධාකාර වූ සංග්‍රාහක වර්ග ඇත. මෙමගින් ව්‍යායාම් කරන අවස්ථාවන්හිදී හෘද ස්පන්දන වේගය , කාල සීමාව හා දහනය කරන ලද කැලරි ප්‍රමාණයන් ලබාදෙන අතර ඒවා පරිඝනකගත කළ හැකිය.
1977 දී විද්‍යුත් සමාගමක් මගින් නිකුත් කරන ලද වෙබ් පිටුවක සදහන් වන්නේ ඔවුන් විසින් ප්‍රථම ඉතා නිරවද්‍ය රැහැන් රහිත විද්‍යුත් ඛන්තුක හෘද ස්පන්දන වේග මොනිටරයක් පින්ලන්ත ජාතික හිම මත ලිස්සායාමේ කණ්ඩායම සදහා පුහුණු වීමේදී උපකාරකයක් ලෙසට නිකුත් කර ඇති බවයි.
වසර 2005 දෙසැම්බර් මාසයේ දී හෘද ස්පන්දන වේග සංවේදනය කරන ක්‍රීඩාවල දී භාවිතාවන බ්‍රෙසියරයක් ඇගළුම් කර්මාන්ත ශාලාවක් මගින් නිෂ්පාදනය කර ඇත. මෙහි අන්තර්ගත විශේෂ උපකරණයක් හා සංඝටකයක් මගින් හෘද ස්පන්දන වේගය සංවේදනය කොට මැණික් කටුවේ ඇති සංග්‍රාහකය වෙතට සංඥා පරිවහනය කරයි. පපු පෙදෙසට භාවිතා කරන පටි සහිත උපකරණය වෙනුවට මෙම තනපටය මගින් පහසුවක් ලබා දේ.
නුතනවේදී මෙම සංකල්පයම යොදා ගනිමින් ලෝක ප්‍රසිද්ධ ඔලිම්පියක් රන් පදක්කම් ලාභීනි මෙලනි වැලේරියෝ ඇතුළුව තවත් බොහෝ දෙනා හෘද ස්පන්දන වේග පාලනය පිළිබද පුරුදු පුහුණු කරති.
|
9,657 |
https://si.wikipedia.org/wiki/Hyperthermia
|
Hyperthermia
|
අධි ශාරීරික උෂ්ණත්වය
Heat stroke හෝ Sunstroke යනු අධි ශාරීරික උෂ්ණත්වය යන්නෙහි වඩාත් ඔබ්බට ගිය අංගයකි. මෙය සිරුරෙන් පහකළ හැකි ප්‍රමාණයට වඩා වැඩි තාප ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමෙන් හෝ අවශෝෂණය කිරීමෙන් ඇති වේ. මෙය සාමාන්‍යයෙන් සිදු වනුයේ තාපයට අධික වශයෙන් නිරාවරණය වීමෙනි. සිරුරෙහි තාපය යාමනය කිරීමේ ක්‍රියාකාරිත්වය මෙහිදී අවසාන වශයෙන් යටපත් වන අතර එයට තාපය ඵලදායීලෙස පාලනය කිරීමට නොහැකි වී සිරුරෙහි උෂ්ණත්වය පාලනය කළ නොහැකි අන්දමට ඉහළ යයි. මෙය වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු තත්ත්වයකි.
ඖෂධ හෝ වෛද්‍ය උපකරණ මගින් සිරුරෙහි අධික උෂ්ණත්වය ඇති කළ හැකිය. මෙම ක්‍රියාකාරිත්වයන් පිළිකාවන් සහ වෙනත් තත්ත්වයන් සදහා ප්‍රතිකාර කිරීමට යොදා ගනී. ඇතැම් වර්ගවල නිර්වින්දනය කිරීම්වලදී අධික වශයෙන් සිරුරෙහි උෂ්ණත්වය ඇති වීම දුලබ සංකූලතාවයකි.
අධිශාරීරික උෂ්ණත්වයේදී විරුද්ධ අංගය වනුයේ අව ශාරීරික උෂ්ණත්වයයි. මෙහිදී ජිවියෙකුගේ දේහ උෂ්ණත්වය සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියාකාරිත්වයන් සිදු කර ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා පහල බසී.
රෝග ලක්ෂණ
සිරුර මගින් සිදු කර ගනු ලබන උෂ්ණත්ව පාලනය කිරීමේ වඩාත් වැදගත් ක්‍රියාකාරකමක් වනුයේ දහඩිය දැමීමයි. මෙම ක්‍රියාවලිය මගින් සිරුර අභ්‍යන්තරයෙන් උෂ්ණත්වය අවශෝෂණය කර ගෙන එය තාප විකිරණ හෝ සංවහණය මගින් පිටකර හරී. දහඩිය වාෂ්ප වීම මගින් තව දුරටත් සිරුර සිසිල් කරනු ලබයි. එසේ වනුයේ මෙම සිරුර අභ්‍යන්තරයේ සිදු වන ක්‍රියාකාරිත්වය මගින් සිරුරෙන් තවදුරටත් තාපය බැහැර කරන බැවිනි. මෙම ක්‍රියාකාරිත්වයන් මගින් සිරුර ප්‍රමාණාත්මකව විජලනය වූ පසු දහඩිය නිෂ්පාදනය වළක්වා ගැනීම පිණිස ඉහත සදහන් කළ පරිදි සිරුරෙන් උෂ්ණත්වය බැහැර කිරීම නවතී. සිරුරෙන් තව දුරටත් දහඩිය පිට කිරීමට හැකියාවක් නොමති වූ අවස්ථාවලදී සිරුර අභ්‍යන්තරයෙහි උෂ්ණත්වය ඉතා සීඝ්‍රයෙන් ඉහළයයි.
මෙම අවස්ථාවන්වලදී අදාල පුද්ගලයා සිහි විකල් වන අතර ඔහු ආක්‍රමණ ශීලිමත් වූ පුද්ගලයෙකු වන අතර එවිට බෙහෝ අවස්ථාවන් වලදී හිස රදයක් ද ඇති වේ. අදාල පුද්ගලයා එකවරම හිටගත හොත් විජලනය නිසා රුධිර පීඩනය පහළයාම හේතුවෙන් කර කැවිල්ල ඇතිවීම හෝ සිහි නැති වීම සිදු වේ. රුධිර පීඩනය පහලයත්ම සිරුරට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් ලබාදීමට හෘදය වස්තුව දරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස හෘද ස්පන්ධන වේගය සහ ශ්වසන වේගය ඉහළ යයි. රුධිරවාහිණී විස්තාරණය වී සිරුර අභ්‍යන්තරයෙන් තාපය ඉවත් කිරීමට ගන්නා ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස සම රතුපැහැ වීමක් සිදු වේ. මෙලෙස රුධිර පීඩනය පහළ වැටීමෙන් රුධිරවාහිණි සංකෝචනය වීම හේතුවෙන් ඉහතින් සදහන් කරන ලද Heat Stroke නම් තත්ත්වය ඇති වන අතර එමගින් අවපැහැ ගැන්වූ හෝ නිල් පැහැති සමේ වර්ණයක් ඇති වේ. අධික ලෙස උෂ්ණත්වය දමීම පසු අවස්ථාවකදී උණ ඇති වු විටකදී මෙන් සීතල ඇති වීමක් හා වෙව්ලීමක් සිදු වේ. විශේෂයෙන්ම කුඩා ළමුන් වැනි ඇතැම් රෝගීන්ට මෙහිදී වලිප්පුව ඇති වේ. ක්ෂණිකව විජලනයට ලක්වී සිරුරෙහි උෂ්ණත්වය ඉහළයාමෙන් වමනය, ඔක්කාරය හා ඇතැම් අවස්ථාවලදී තාවකාලිකව අන්ධතාවය ද ඇති විය හැකිය. අවසානයේදී සිරුරෙහි අවයව අකර්මණ්‍ය වීමත් සමගම සිහි නැතිවීම හා කෝමා තත්ත්වය ඇති වේ.
ඇතැම් ඉතා දුලබ අවස්ථාවලදී ප්‍රමාණවත් තරම් අධික උෂ්ණත්වයක් සිරුරෙහි නොතිබුණ ද ඇතැම් රෝගීන් ඉහත කී රෝග ලක්ෂණ පෙන්නුම් කරති.
ප්‍රථමාධාර
මෙය වහා රෝහල් ගත වීමක් අවශ්‍ය හදිසි තත්ත්වයක් වන අතර ඉතා ක්ෂණයකින් දේශීය හදිසි අනතුරු අංශයට දැනුම් දීමක් කළ යුතුය. සිරුරෙහි උෂ්ණත්වය ක්ෂණයකින් පහත දැමීමක් සිදු කළ යුතුය. අදාල රෝගියා ගෘහස්ත හෝ සෙවන ඇති ස්ථානයක් වැනි සිසිල් ප්‍රදේශයකට රැගෙන යායුතු අතර උෂ්ණත්වය බැහැර වීම වැඩි කිරීම පිණිස ඇදුම් ඉවත් කළ යුතුය. මෙමගින් අක්‍රීය වශයෙන් සිසිල් වීමක් සිදු වේ. ඉන්පසුව සක්‍රීයව සිරුර සිසිල් කිරීමේ ක්‍රම අනුගමනය කළ යුතුය. අදාල පුද්ගලයා සිසිල් ජලයෙන් නෑවීම මගින් මෙය සිදු කරගත හැකිය. කෙසේ නමුත් රෝගියා තෙත තුවා හෝ රෙදි වලින් එතීම මගින් ඒවා තාප පරිවාහකයන් ලෙස ක්‍රියාකර සිරුරෙහි උෂ්ණත්වය වැඩිකිරීමක් සිදු විය හැකිය. සිරුරෙහි කද කොටස, හිස, බෙල්ල සහ ඉකිලි ප්‍රදේශයද සිසිල් ජලය යෙදීමෙන් අදාල රෝගියා සිසිල් කළ හැකිය. ජලය වාෂ්ප කිරීම පහසු කිරීම සදහා විදුලි පංකාවක් භාවිතා කළ හැකිය. අයිස්වල හෝ සිසිල් ජලයෙහි රෝගියා ගිල්වීම මගින් සමෙහි රුධිරවාහිණි සංකෝචනය වීමෙන් සිරුර අභ්‍යන්තරයෙන් තාපය ඉවත් වීම වළකින නිසා එය හානිකර විය හැකිය.
අයිස් මෙන් සිසිල් නොමැති නමුත් මද සිසිල් ඇති ජලය සහිත ටැංකියක රෝගියා ගිල්වීම සිරුර සිසිල් කිරීම සදහා පිළිගත් ක්‍රමයයි. මේ සදහා පුද්ගලයන් 4 දෙනකු හෝ 5 දෙනකුගේ උදවු අවශ්‍යවන අතර ප්‍රතිකාරය අවසන් වනතුරුම රෝගියා සමීපව නිරීක්ෂණය කළ යුතුය. මෙම ක්‍රියාවලිය සිහිය නොමැති රෝගියෙකු හට සිදු නොකල යුතු අතර වෙනත් විකල්පයක් නොමැති නම් පමණක් රෝගියාෙග් හිස ජල මට්ටමෙන් ඉහළට වන පරිදි පවත්වා ගත යුතුය.
අදාල රෝගියා සජලනය කිරීම සිසිල් කිරීමේ දී වඩාත් වැදගත්ම අංගයයි. මෙය ප්‍රමාණවත් පරිදි දියර පානයට දීමෙන් සිදු කළ හැකිය. වාණිජව ඇති සිරුරෙහි ආස්‍රැතියට සමාන ආස්‍රැතියක් සහිත දියර වර්ග පානයට දීමට ද පිළිවන. ඇතැම් අවස්ථාවලදී හදිසි අනතුරු අංශයේ සේවකයෙකු හැරෙන්නට වෙනත් පුද්ගලයෙකු විසින් මෙලෙස පානීය ද්‍රව්‍යය ලබාදීම අනුමත නොකරයි. අදාල රෝගියා සිහි විකල්ව, සිහි නැතිව හෝ මුඛ මාර්ගයෙන් දියර වර්ග ලබාගැනීමට අපොහොසත් නම් දියරයන් ශිරා ගත කිරීම මගින් රෝගියා සජලනය කරනු ලබයි.
අදාල රෝගියාට මධ්‍යසාර ලබාදීම මගින් තවදුරටත් ඔහු විජලනයට ලක්වන අතර සිහි විකල් බව වැඩිවන බැවින් එය සිදු නොකළ යුතුය. පුහුණු වෛද්‍ය වෘත්තිකයෙකු මගින් රෝගියාගේ තත්ත්වය නිරතුරුවම අධීක්ෂණයට ලක්කළ යුතුය. රෝගියාගේ හෘද ස්පන්ධන වේගය සහ ශ්වසනය නිරතුරුවම අධීක්ෂණයට ලක්කළ යුතු අතර ඔහුගේ හෘදය අක්‍රීය වේනම් කෘතිම ශ්වසනය දීමක් අවශ්‍ය වේ.
රෝගියාෙග් ශ්වසන මාර්ගය ආරක්ෂා කිරීම සදහා ඔහු සුවය ලැබීමේ පිහිටුමෙහි (Recovery Position) තැබිය යුතුය.
References
http://en.wikipedia.org/wiki/Heat_exhaustion
|
9,659 |
https://si.wikipedia.org/wiki/%E0%B6%A0%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7%E0%B6%9A%20%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%AF%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B6%AB%E0%B6%BA
|
චුම්භක අනුනාද ප්‍රතිරූපණය
|
චුම්භක අනුනාද ප්‍රතිරූපණය හෙවත් එම්.ආර්.අයි. පරිලෝකන ක්‍රමය මිනිස් සිරුරේ වෙනස් වීම් හා ක්‍රියාකාරීත්වය අධ්‍යනය කිරීම සදහා විකිරණ විද්‍යාවේදී භාවිතා වන ක්‍රමවේදයකි. මෙමගින් සිරුරේ විවිධ තල ඔස්සේ විස්තරාත්මක විග්‍රහයක් කළ හැකිවේ. චුම්භක අනු පාද ප්‍රතිරූපණතාවක් එම්. ආර්.අයි. ස්කෑන් ක්‍රමයේදී සි.ටී. ස්කෑන් යන්ත්‍රයක් මගින් ලබාදෙනවාට වඩා හොඳ විභේදන බලයකින් යුක්තව ප්‍රතිභිම්බ ලබාදේ. මේ නිසා විශේෂයෙන්ම ස්නායු පද්ධතිය, මාංශ පේශි වල, රුධිර සංසරණ පද්ධතීන් හා විවිධ පිලිකා රෝග වලදී ප්‍රතිභිම්බ ලබාගෙන රෝග විනිශ්චය සදහා අම්.ආර්.අයි. චිකන් ක්‍රමය භාවිතයට ගැනෙයි. සී.ටී ස්කෑන් ක්‍රමයේදී මෙන් මෙහිදී අයනීකාරක විකිරණ ද්‍රවයන් භාවිතයට නොගනී. ඒ වෙනුවට මෙහිදි සිරුරේ අන්තර්ගත ජල අණු වල ඇති හයිඩ්‍රජන් පරමාණු වල නෂ්ටික චුම්භකනය කල හැකි ශක්තිමත් චුම්බක ක්ෂේත්‍රයක් භාවිතා කෙරේ. මෙලෙස චුම්භකනය කරන ලද කිරණ ක්‍රමානුකූලව පිළිවෙලකට සැකසීම සදහා රේඩියෝ සංඛ්‍යාතයෙන් යුත් ක්ෂේත්‍රයක් භාවිතා කරන අතර එමගින් ස්කෑන් යන්ත්‍රයක් මගින් ග්‍රහණය කර ගත හැකි අන්දමට හයිඩ්‍රජන් නෂ්ටීන් මගින් භ්‍රමණය වන චුම්භක ක්ෂේත්‍රයක් නිර්මාණය කෙරේ. මෙම සංඥාවන් අමතර චුම්භක ක්ෂේත්‍රයක් මගින් සිරුරේ ප්‍රතිභිම්භයක් ඇති කරගත හැකි ආකාරයට සම සුදුවනු ලැබේ.
එම්.ආර්.අයි. ස්කෑන් ක්‍රමය නෂ්ටික චුම්භක අනුනාද ප්‍රතිරූපණය ලෙසද හැදින් වුණි. නමුත් න්‍යෂ්ටික යන වදන මහජනතාවගේ මනසෙහි අයනීකාරක විකිරණවලට නිරාවරණය වීමක් යන ප්‍රතිරූපයක් ඇති කරන නිසාවෙන් දැනට එය චුම්භක අනුනාද ප්‍රතිරූපණය හෙවත් එම්.ආර්.අයි. ලෙස හැදින්වේ. නූතන එම්.ආර්.අයි. ස්කෑන් ක්‍රමය හදුන්වාදීමේදී දායක වූවන් අතරින් පෝල් ලටර්බර්ග් මුල්තැනක් ගනී. "එකිනෙක සම්බන්ධ කිරීම" යන තේරුම ඇතිව ග්‍රීක වදනකින් එම්.ආර්.අයි. ස්කෑන් ක්‍රමය මුලින්ම ඔහු විසින් හදුන්වන ලදී. මෙමගින් ස්ථිතික හා අනුක්‍රමික චුම්භක ක්ෂේත්‍රයන් අතර අනෝන්‍ය ප්‍රතික්‍රියාවෙන් ප්‍රතිනිම්නයක් ඇති කිරීම යන අරැත්දේ. කෙසේ වුවද මෙම වදන දැනට භාවිතා නොවේ.
වෛද්‍යවේදය
|
9,661 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%20%E0%B6%B4%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA
|
මන්ද පෝෂණය
|
මන්දපෝෂණය :-මන්දපෝෂණය යනු අවිධිමත් හා ප්‍රමාණාත්මක නොවන ආහාර රටාවක් නිසා ඇති කරන තත්ත්ව විග්‍රහ කිරීමට භාවිතා කෙරෙන වෛද්‍ය විද්‍යාත්මක යෙදුමකි. මෙය බොහෝ අවස්ථාවලදී යොදා ගනුයේ අවපෝෂණය විග්‍රහ කිරීමට වන අතර මෙහිදී ප්‍රමාණවත් නොවූ ආහාර පරිභෝජනය, ආහාර අවශෝෂණයේදී ඇති වන ගැටළු හා පෝෂක ද්‍රව්‍ය සිරුරෙන් අධිකව ඉවත් වී යාමක් සිදු වේ.මන්දපෝෂණය යන යෙදුම අධිපෝෂණය ගැනද විග්‍රහ කෙරෙන අතර එය ඇති වනුයේ අධිකව ආහාර පරිභෝජනය හේතුවෙනි. යම්කිසි පුද්ගලයෙකු දීර්ඝකාලයක් මුළුල්ලේ නියමිත අදාල ප්‍රමාණයට පෝෂක පදාර්ථ හා සංඝටක වලින් යුත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පරිභෝජනය නොකලහොත් මන්දපෝෂණයට ලක්වේ. මෙලෙස මන්දපෝෂණය ඇති වීමට හේතු වන්නේ නිරාහාරව සිටීම, නොයෙකුත් රෝගාබාධ හා ආසාදනයන්ය.
සංවර්ධනය වෙමින් පවතින රටවල දරිද්‍රතාවය නිසා නිරෝගී සෞඛ්‍ය සම්පන්න දේහ ක්‍රියාකාරිත්වයක් පවත්වා ගැනීමට තරම් ප්‍රමාණාත්මක අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබීයාම නිසා මන්දපෝෂණය ඇති වේ. ලෝකයේ දුර්භික්ෂ තත්ත්වයන් බලපා ඇති කොටස්වල බුද්ධි මට්ටම ඌණ වීම සදහා ප්‍රධානතම හේතුව මෙය වේ. සංවර්ධිත රටවල අධික ලෙස ආහාර ද්‍රව්‍ය පරිභෝජනය කිරීම හා වැරදි ආහාර රටාවන් නිසා සමතුලිත ආහාර වේලක් නොලැබීයාම නිසා අධිස්ථුලතාව හෙවත් අධිපෝෂණය ඇති වේ.
බහුතරයක් වූ මන්දපෝෂණයට ලක්වූ ජනතාවගේ ආහාර වේලෙහි ප්‍රමාණාත්මකව කැළරි අන්තර්ගත නොවන අතර ආහාර වේලෙහි ප්‍රෝටීන්, විටමින් හා අනෙකුත් අත්‍යවශ්‍ය සංඝටක වලින්ද ඌණ වේ. මන්දපෝෂණය නිසා හට ගන්නා රෝගී තත්ත්වයන් ඌණතා රෝග නම් වේ. විටමින් C ඌණතාවය නිසා හටගන්නා ශීතාද රෝගය ප්‍රසිද්ධ දැනට බහුලව දක්නට නොලැබෙන ඌණතා රෝගයකි.
බහුලවම දක්නට ලැබෙන මන්දපෝෂණ තත්ත්වය වන්නේ ප්‍රෝටීන- ශක්ති - මන්දපෝෂණය හා ක්ෂුද්‍ර පෝෂකවල ඇති ඌනතාව නිසා හටගන්නා මන්දපෝෂණයයි. ප්‍රෝටීන - ශක්ති - මන්දපෝෂණය යනු ශක්ති ජනක ආහාර ද්‍රව්‍ය හා ප්‍රෝටීන නිසි පරිදි නොලැබීයාම හා අවශෝෂණය නොවීම නිසා ඇතිවන තත්ත්වයකි. සිරුරේ වර්ධනය හා ක්‍රියාකාරිත්වය සදහා සුළු ප්‍රමාණවලින් අත්‍යවශ්‍ය විටමින් හා ඛණිජ ලවණවල ඌණතාවය නිසා ඇති වන රෝග ක්ෂුද්‍ර පෝෂක ඌණතාවය නම් වේ. මෙමගින් විවිධාකාර වූ රෝගාබාධ හා සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය අඩපණ වීම සිදුවේ. විටමින් A ඌණතාවය නිසා සිරුරේ රෝගවලට ඇති ප්‍රතිරෝධීතාවය අඩුවේ. යකඩ, අයඩීන් හා විටමින් A ඌණතාවය බහුලව දක්නට ඇති අතර ප්‍රධානතම ප්‍රජා සෞඛ්‍ය අර්බුදයක් බවට පත්ව ඇත. මේවායෙහි ඌණතාවය නිසා කුරුබව ඇති වීම , බුද්ධි මට්ටම හීන වීම , සංජානන ආබාධ, සමාජශීලි බව අඩුවීම පෞරුෂ වර්ධනය අඩාල වීම, ශක්ති සම්පන්න බව හා මාංශ පේශිවල වර්ධනය අඩපණ වීම ඇතුළුව සමස්තයක් වශයෙන් ගත් කළ සෞඛ්‍ය මට්ටම අඩාල වීමක් සිදුවේ. මන්දපෝෂණ අනෙකුත් දුර්ලබ බලපෑමක් වන්නේ සමෙහි කළු පැහැති ලප මතුවීමයි.
කුසගින්න යනු සිරුරට ආහාර ලබාදීම අත්‍යවශ්‍ය බව හගවන සාමාන්‍ය ස්වාභාවික ප්‍රතික්‍රියාවකි. කුසගින්න මගින් පුද්ගලයෙකුගේ මානසික තත්ත්වයට ද බලපෑමක් ඇති කරයි. මෙමගින් පුද්ගලයෙකුගේ මන්දපෝෂණ තත්ත්වය පිළිබදව මූලික අවබෝධයක් ලබාගත හැකිවේ.
|
9,665 |
https://si.wikipedia.org/wiki/Medical%20imaging
|
Medical imaging
|
වෛද්‍ය විද්‍යාවේදී භාවිතාවන ප්‍රතිරූපණ ක්‍රම
වෛද්‍ය විද්‍යාවේදී භාවිතාවන ප්‍රතිරූපණ ක්‍රම යන්නෙන් අදහස් කරනු ලබන්නේ සායනික අවශ්‍යතාවයන් (රෝගී තත්ත්වයන් හදුනාගැනීම හා රෝග නිර්ණය කිරීම සදහා වෛද්‍ය ක්‍රමෝපායන් භාවිතා කිරීම) හෝ වෛද්‍ය විද්‍යාවේදී (මිනිස් සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය හා පිහිටීම අධ්‍යයනය කිරීම සදහා) මිනිස් සිරුරෙහි කොටස්වල ප්‍රතිබිම්භ ඇති කිරීම සදහා ක්‍රියාවට නැගෙන ක්‍රියාවලියක් හෝ තාක්ෂණයකි. එය ජෛව විද්‍යාත්මක ප්‍රතිරූපණය, විකිරණ විද්‍යාව, විකිරණවේදය, එන්ඩොස්කොපි, උෂ්ණත්ව විද්‍යාව, වෛද්‍ය ඡායාරූපකරණය සහ ක්ෂුද්‍ර ජීව විද්‍යාව යන පුළුල්ව විහිද පැවති ක්ෂේත්‍රයන්ගේ එක් උපක්ෂේත්‍රයක් වේ. EEG හෙවත් Electroencephalography යන මොළයෙහි ක්‍රියාකාරිත්වය පිළි තොරතුරු ලබාගන්නා පරීක්ෂණයෙහි සහ චුම්භක ක්ෂේත්‍රයක් භාවිතා කරමින් ද එම තොරතුරු ලබාගන්නා Magnetoencephalography හෙවත් MEG පරීක්ෂණ වලදී ද මනිනු ලබන සහ පටිගත කරනු ලබන දත්ත මගින් ප්‍රතිබිම්භ හෝ ප්‍රතිරූපණ ලබා නොදෙන අතර එමගින් ලබාදෙන සිතියමක් ආකාරයේ දත්ත වෛද්‍ය ප්‍රතිරූපණ ක්‍රම මගින් ද නිරීක්ෂණය කළ හැකිය.
සායනික භාවිතාවේ දී වෛද්‍ය ප්‍රතිරූපණ ක්‍රම විකිරණවේදය හෝ සායනික ප්‍රතිරූපණ ක්‍රමවලට සමාන කමක් දක්වන අතර මෙලෙස ලැබෙන ප්‍රතිබිම්භ පිළිබදව විග්‍රහ කිරීමක් හා රෝග විනිශ්චය ලබාදීමක් සිදු කරන පුද්ගලයා විකිරණවේදය පිළිබදව විශේෂඥ දැනුමක් ඇති වෛද්‍යවරයෙකි. රෝග නිර්ණය කර ගැනීම සදහා විකිරණවේදය භාවිතා කර ගැනීම වෛද්ය විද්‍යාත්මක ප්‍රතිරූපණ ක්‍රමවල තාක්ෂණික අංශයන් නිරූපණය කරයි. විකිරණවේදියා හෝ විකිරණවේදය පිළිබද කාර්මික ශිල්පියා රෝග නිර්ණය කිරීමට හැකියාවක් සහිතවන පරිදි වෛද්‍ය ප්‍රතිරූපණ ක්‍රම ලබාදීම සදහා වගකීමක් දරන අතර ඇතැම් අවස්ථාවල දී විකිරණවේදය පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් විසින් ද ඇතැම් විකිරණවේදී පර්යේෂණයන් සිදු කරනු ලබයි.
විද්‍යාත්මක අත්හදා බැලීම්වල ක්ෂේත්‍රයක් වශයෙන් වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිරූපණ ක්‍රම ජෛව වෛද්‍ය ඉන්ජිනේරු විද්‍යාව, වෛද්‍ය භෞතික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව යන ක්ෂේත්‍රයන්හි උපක්ෂේත්‍රයන් ලෙසට අන්තර්ගත වේ. උපකරණ භාවිතය පිළිබදව පර්යේෂණ සහ ඒවා වර්ධනය කර ගැනීම, ප්‍රතිරූප ලබාගැනීම සහ ප්‍රමාණාත්මකරණය යන ඒවා ජෛව වෛද්‍ය ඉන්ජිනේරු විද්‍යාව , වෛද්‍ය භෞතික විද්‍යාව සහ කම්පියුටර් විද්‍යාව මගින් සිදු කරනු ලබයි. වෛද්‍ය ප්‍රතිරූපණ ක්‍රම පිළිබද අධ්‍යයනය විකිරණ විද්‍යාවේදී භාවිතා කරන අතර ස්නායු විද්‍යාව, හෘද රෝග සහ මනෝ විද්‍යාව යන ක්ෂේත්‍රයන්හි ද මෙහි භාවිතය තව දුරටත් පර්යේෂණ මට්ටමේ පවතී. වෛද්‍ය ප්‍රතිරූපණ ක්‍රම පිළිබදව වර්ධනය වී ඇති ක්‍රමෝපායන් විද්‍යාත්මක සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ද භාවිතා කරනු ලබයි.
වෛද්‍ය ප්‍රතිරූපණ ක්‍රම මගින් රෝගියාට අවම වශයෙන් හෝ කිසිදු වශයෙන්වත් හානියක් හෝ රිදීමක් ඇති නොවන පරිදි සිරුර අභ්‍යන්තරයෙහි ප්‍රතිබිම්භ ලබාගනු ලැබේ. මේ ආකාරයටම වෛද්‍ය ප්‍රතිරූපණ ක්‍රම ගණිත විද්‍යාවේ ප්‍රතිලෝම ගැටළුවලට ලබාදෙන පිළියම් ලෙසට දක්නට හැකිය. මෙමගින් අදහස් වන හේතුව (ජීවී පටකවල ගුණාංග) එහි බලපෑමෙන් (නිරීක්ෂණය කරනු ලබන සංඥා) අධ්‍යාහාර වන බවයි. අල්ට්‍රා සවුන්ඩ් හෙවත් අතිධ්වනි තරංග භාවිතා කරන අවස්ථාවන්හි දී එහි භාවිතා කරන දණ්ඩක් වැනි කොටසෙහි අතිධ්වනි පීඩන තරංග ඇති අතර ඒවා සිරුර අභ්‍යන්තරයෙහි ඇති පටක මතින් ග්රහණය කර ගැනීමෙන් අභ්‍යන්තර කොටස්වල ප්‍රතිබිම්භ ලබාදෙනු ලැබේ. ප්‍රක්ෂේපණවිකිරණ වේදයේදී එලෙස භාවිතා කරන දණ්ඩ එක්ස් කිරණවන අතර ඒවා අස්ථි, පේශි සහ මේද පටක මගින් විවිධ ප්‍රමාණවලින් අවශෝෂණය කරමින් ප්‍රතිබිම්භ ලබාදෙනු ලැබේ.
භාහිර සබැඳි
වෛද්‍යවේදය
|
9,667 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4
|
සරම්ප
|
වෛරස වර්ගීකරණය
වර්ගය - (-) ssRNA
ගෝත්‍රය - Mononegavirales
කුලය - Paramyxoviridae
ගණය - Morbillivirus
රුබෙයෝලා නමින්ද හැදින්වෙන සරම්ප රෝගය මෝබිලි වෛරස් නම් ගණයට අයත් පැරාමික්සො වෛරසය මගින් ඇති කරනු ලැබේ.
රෝගය ව්‍යාපත් වන්නේ ආසාදිත රෝගයකුගේ නාසයෙන් හා මුඛයෙන් පිටවන බිදිති කෙලින්ම හෝ වාතය මාර්ගයෙන් ව්‍යාප්තවීම මගිනි. රෝගය සදහා ප්‍රතිශක්තිකරණය නොමැති අය අතරින් 90% කටම අසාදිත රෝගයකු මාර්ගයෙන් රෝගය බෝවේ. ඒ නිසා සරම්ප රෝගය ඇතැයි අනුමාන කෙරෙන සෑම රෝගියකුහටම ඉහත ආකරයට වාතය මගින් බෝවීම වැලැක්වීම සදහා ආරක්ෂිත විධිවිධාන යෙදිය යුතුවේ.
සරම්ප රෝගයෙහි බීජෞෂණ සමය වන්නේ රෝග ලක්ෂණ නොමැති දින 4 සිට 12 දක්වා වු කාල පරිච්ඡේදයයි. ආසාදිත රෝගීන්ට රෝග ලක්ෂණ ඇතිවු අවස්ථාවේ සිට සිරුර පුරා ලප ඇතිවී දින තුනක් සිට පහත් අතර කාලය ගතවන තෙක්ම තවෙකෙකුට රෝගය බෝ කිරීමේ හැකියාව ඇත. සරම්ප රෝග ය බුද්ධ වර්ෂ 600යෙන් ඔබ්බටද වාර්ථාවේ. කෙසේ වුවද රෝගය පිළිබදව මුල්ම විද්‍යාත්මක වාර්ථාවක් ඉදිරිපත් කරන ලද්දේ බුව . 860 –932 කාලයේදී විසු පර්සියානු ජාතික විද්‍යාඥයකු විසිනි. ඔහු විසින් රචිත ග්‍රන්ථයක වසුරිය හා සරම්ප රෝගය අතර වෙනස්කම් හා රෝගය හදුනාගන්නා ආකාරය විස්තර කර තිබිණි. පසුගිය වසර 150 තුල සරම්ප රෝගය හේතුවෙන් ලොව පුරා ජනාතාව මිලියන 200ක් පමණ මියගොස් ඇත.
1954 දී ඇමරිකානු ජාතික එකලොස් හැවරිදි ඩේවිඩ් එඩ්මන්ඩ්සන් නම් රෝගී පිරිමි ළමයාගේ සිරුරෙන් ලබාගන්නා ලද වෛරසය විද්‍යාඥයන් විසින් කුකුළු කලල මාධ්‍යයක වර්ධනය කරන ලදී. මෙලෙස මේ වන විට වෛරසයේ ප්‍රභේද 21ක් හදුනාගෙන ඇත. 1963 සිට බලපත්‍ර ලද රෝගය සදහා ප්‍රතිශක්ති එන්නත් භාවිතයට ගැනේ.
ජර්මන් සරම්ප යනු රුබෙල්ලා වෛරසය මගින් ඇති කරන මෙයට අදාල නොවන රෝගී තත්වයකි.
මූලාශ්‍ර
රෝග
බෝවන රෝග
|
9,670 |
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%20%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B0%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%92%20%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%91%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%20%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA
|
වෛද්‍ය විද්‍යාවේදී අතිධ්වනි ස්කෑන් ක්‍රම භාවිතය
|
මෙය සිරුර අභ්‍යන්තරයෙහි ඇති පේශි හා අවයවවල ප්‍රමාණය, ව්‍යුහය සහ රෝග තත්ත්වයන් පිළිබදව දෘශ්‍යමාන ප්‍රතිබිම්භ ලබාගත හැකි අති ධ්වනි තරංග මත පදනම්ව බිහි වූ ප්‍රතිබිම්භ ඇති කර ගැනීමේ ක්‍රමයකි. ගර්භණී අවස්ථාවන්හි දී මෙහි භාවිතය මහජනතාව අතර පුළුල් වශයෙන් අවබෝධයක් ලබා ඇත. වෛද්‍ය විද්‍යාවේදී රෝග නිර්ණය සහ රෝග සදහා ප්‍රතිකාර කිරීමට අති ධ්වනි ස්කෑන් ක්‍රම බහුලවම භාවිතා වේ.
අති ධ්වනි ස්කෑන් ක්‍රමය හෙවත් Ultrasound Scan ක්‍රමයේදී Ultrasound යන වදන භාවිතා වනුයේ මිනිසුන්ගේ ශ්‍රව්‍ය පරාසයට (20000Hz හෝ 20kHz) වඩා ඉහළ සංඛ්‍යාතයක් සහිත ධ්වනික ශක්තිය පිළිබදව හැදින්වීමටයි. රෝග නිර්ණය සදහා අති ධ්වනි තරංග භාවිතයේදී මිනිසාගේ සාමාන්‍ය ශ්‍රවණ සීමාවට වඩා සිය ගුණයක් ඉහළ සංඛ්‍යාත පරාසයකින් යුත් 2megahertz සිට 18 megahertz අතර සංඛ්‍යාතයන් භාවිතා වේ. මෙලෙස අදාල සංඛ්‍යාත සීමාව තෝරා ගැනීම ලබාගන්නා ප්‍රතිබිම්භයෙහි අවකාශන විභේදන බලය සහ අදාල අවයවය සිරුර තුළ කෙතරම් ගැඹුරින් පිහිටා ඇත්ද යන්න මත පදනම් වේ. අඩු සංඛ්‍යාත මගින් අඩු විභේදන බලයන් ඇති කරන අතර සිරුර අභ්‍යන්තරයටම ගොස් ප්‍රතිබිම්භ ඇති කරනු ලබයි.
References
http://en.wikipedia.org/wiki/Medical_ultrasonography
|
9,672 |
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%94%E0%B6%B0%E0%B7%92%E0%B6%BB%20%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B6%AB
|
රුධිර පරීක්‍ෂණ
|
රුධිර පරික්ෂාවක් () යනු, සාමාන්‍යයෙන්, කටුවක්, හෝ ඇඟිලිවිදිනයක් භාවිතයෙන්, අතෙහි ශිරාවකින් නිශ්කර්ශය කර ගන්නා රුධිර සාම්පලයක් පරික්ෂණාගාර විශ්ලේෂණයට ලක් කිරීමයි.
රුධිඅර පරික්‍ෂාවන් භාවිතා කරනුයේ, රෝග, ඛනිජ අන්තර්ගතය, ඖෂධ සඵලත්වය, සහ ඉන්ද්‍රියයන්හි ක්‍රියාකාරිත්වය වැනි කායික-විද්‍යාමය සහ ජෛවරසායනික තත්ත්වයන්, සමාපනය කිරීමටය. රුධිර පරික්‍ෂාව යන වදන භාවිත වුවද, බොහෝ චර්යානුගත පරික්‍ෂාවන්, ( රක්තවේදය සඳහා වුවන් හැර) සිදුකරනුයේ, රුධිර සෛල වෙනුවට, ප්ලාස්මා හෝ රුධිර ද්‍රවය කෙරෙහිය.
නිශ්කර්ශනය
ඉදිකටුවක් මගින් ශිරාවක් සිදුරුකොට විශ්ලේෂණය කිරීම සදහා රුධිරය ලබාගැනීම, රුධිර සෛල සහ රුධිර ප්ලාස්මය ලබාගත හැකි සාපේක්ෂව එතරම් වේදනාකාරී නොවන ක්‍රමයකි. සිරුර පුරාම ඔක්සිජන් සහ පෝෂණ ද්‍රව්‍ය පරිවහණය කිරීමේ මාධ්‍යයක් ලෙස හා බහිස්ස්‍රාවීය ද්‍රව්‍ය අදාල අවයව වෙත පරිවහණය කිරීමේ මාධ්‍යක් ලෙස රුධිරය ක්‍රියාකරයි. රුධිරයෙහි සංයුතිය විවිධ රෝගි තත්ත්වයන් අනුව වෙනස් වේ. එම නිසා විවිධ රෝග අවස්ථාවන්හි දී රුධිරය පරීක්ෂාවට ගැනේ.
රුධිර පරීක්ෂණ වර්ග
ජෛව රසායනික විශ්ලේෂණය
ප්‍රධාන වශයෙන් මනිනු ලබන රසායන ද්‍රව්‍ය වනුයේ සෝඩියම් , පොටෑසියම් , ක්ලෝරයිඩ්, බයිකාබනේට් , යූරියා , නයිට්‍රජන් . මැග්නීසියම් , ක්‍රියටිනීන් හා ග්ලූකෝස් ය. ඇතැම් අවස්ථාවලදී කැල්සියම් ද අන්තර්ගත වේ.
ඇතැම් රුධිර පරීක්ෂණ උදා - රුධිර ග්‍ලූකෝස් , කොලෙස්ටරෝල් හෝ ලිංගාශ්‍රිත රෝග පිළිබද පරීක්ෂා කිරීම සදහා පරීක්ෂණයට පෙර පැය අටේ සිට දොළහ අතර කාලයක් නිරාහාරව සිටිය යුතුය.
බොහෝමයක් රුධිර පරීක්ෂණ සදහා රුධිරය ලබාගනුයේ රෝගියාගේ ශිරාවෙනි. නමුත් ඇතැම් විශේෂ රුධිර පරීක්ෂණ උදා - ධමනිවල රුධිරයෙහි වායු සාන්ද්‍රණය මැනීම සදහා ධමනියකින් රුධිරය ලබාගත යුතුය. මෙහිදී ධමනිගත රුධිරයෙහි කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් ප්‍රමාණ මගින් පෙනහලුවල ක්‍රියාකාරිත්වය පිළිබද අවබෝධයක් ලබාගත හැකිය. ඇතැම් අවස්ථාවලදී මෙකී පරීක්ෂණය මගින් රුධිරයෙහි pH අගය සහ බයිකාබනේට් මට්ටම පිළිබද අවබෝධයක් ලබාගත හැකිය.
ග්ලූකෝස් සීග්‍රම් පරීක්ෂණයකදී (glucose tolerance test) වරින්වර රුධිරය ලබාගැනීම මගින් සිරුරෙන් ග්ලූකෝස් පරිභෝජනය කරන වේගය නිර්ණය කරගත හැකිය.
වසර 2008 දී විද්‍යාඥයින් විසින් ප්‍රකාශයට පත්කළ ආකාරය අනුව ඛේට පරීක්ෂාවක් මගින් ද රුධිර පරීක්ෂාවක් වෙනුවට අදාල කර්තව්‍ය සිදු කරගත හැකිය. මෙමගින් ඒ සදහා වැයවන වියදම අඩුවන අතර ඉදිකටු භාවිතා කිරීමේදී ඇතිවන අපහසුතාව ද මග හැරේ.
සාමාන්‍ය පරාස
සෝඩියම් (Na) 136 – 145 mmol /L
පොටෑසියම් (K) 3.5 – 4.5 mmol /L
යූරියා 2.5 – 6.4 mmol /L (රුධිර යූරියා නයිට්‍රජන්)
යූරියා 7 – 18 mg/dL
ක්‍රියටිනීන් (පිරිමි) 62 – 115 mol /L
ක්‍රියටිනීන් (ගැහැණු) 53 – 97 mol /L
ක්‍රියටිනීන් (පිරිමි) 0.7 – 1.3 mg/dL
ක්‍රියටිනීන් (ගැහැණු) 0.6 – 1.1 mg/dL
ග්ලූකෝස් (නිරාහාර) 3.9 – 5.8 mmol /L
ග්ලූකෝස් (නිරාහාර) 70 – 105 mg/dL
අණුක දත්ත
ප්‍රෝටීන
ප්‍රෝටීන විද්‍යුතාගමනය. (පොදුවේ භාවිතා කරන පරීක්ෂණයකි. නියත පරීක්ෂණයක් නොවේ)
Western bolt (පොදුවේ භාවිතා කරන පරීක්ෂණයකි. නියත පරීක්ෂණයක් නොවේ)
අක්මාවේ ක්‍රියාකාරීත්වය සොයා බැලීම සිදු කරන පරීක්ෂණ (Liver function tests)
වෙනත්
පොලිමරේස් දාම ප්‍රතික්‍රියා (DNA) . නූතනයේදී DNA පරීක්ෂණ ඉතා කුඩා රුධිර ප්‍රමාණයකින් වුවද සිදු කළ හැකිවේ. එය අධිකරණ වෛද්‍ය විද්‍යාව තුළ බහුලව භාවිතා කෙරුන ද රෝග නිර්ණය කිරීම සදහා පොදුවේ යොදා ගනී.
Northern bolt (RNA)
ලිංගාශ්‍රිත රෝග
සෛලීය නිර්ණය කිරීම්
රුධිර සෛල පරීක්ෂාව (full blood count)
MCV හෝ Hematocrit
රක්තානුවල අවසාදනය වීමේ සීඝ්‍රතාව.
(Erythrocyte Sedimentation rate – ESR)
රුධිර ගැලපීම්. රුධිර පාරවිලයනයක් සදහා හෝ අවයව බද්ධ කිරීමක් සදහා රුධිර වර්ගය නිර්ණය කිරීමට.
රුධිරය වර්ධක මාධ්‍යයක වගා කිරීම. ආසාදනයක් ඇතැයි සැක ඇති වූ අවස්ථාවලදී බහුලව සිදු කෙරේ. ධනාත්මක ප්‍රතිඵල ලබා දෙන සහ ප්‍රතිජීවක ඖෂධවල සංවේදී රටාවන් අනුව ප්‍රතිකාර ක්‍රම පිළිබදව නිර්ණයකට ඒම සදහා උපකාරී වේ.
මූලාශ්‍ර
රුධිර පරීක්ෂාවන්
|
9,676 |
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B7%84%E0%B7%92%20%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%20%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F
|
වෛද්‍ය විද්‍යාවෙහි හදිසි අවස්ථා
|
වෛද්‍ය විදාවේ හදිසි අවස්ථාවක් යනු පුද්ගලයෙකුගේ ජීවිතයට හෝ දිගුකාලීන සෞඛ්‍යයට ක්ෂණිකව තර්ජනයක් ඇති කරන අනතුරක් හෝ රෝගී තත්ත්වයකි. මෙම හදිසි අවස්ථාවන් සදහා එම අවස්ථාවන්හි ක්‍රියාකාරී වීමට ප්‍රමාණවත් තරම් සුදුසුකම් ලැබූ වෙනත් පුද්ගලයෙකුගෙන් උපකාර අවශ්‍ය වේ. කෙසේ නමුත් ඇතැම් හදිසි අවස්ථා සදහා අදාල රෝගියා විසින්ම ප්‍රතික්‍රියා දක්වනු ලබයි. හදිසි අනතුරු තත්ත්වයෙහි බැරෑරුම්කම අනුව ලබාදෙන ප්‍රතිකාර ක්‍රම ප්‍රථමාධාර ලබාදෙන්නන්ගේ සිට හදිසි අනතුරු සදහා ප්‍රතිකාර ලබාදෙන ශල්‍ය වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් දක්වා විවිධ වේ.
ඕනෑම හිදිසි අනතුරු අවස්ථාවකදී ඒ සදහා දක්වන ප්‍රතිචාර එම අවස්ථාව, අදාල රෝගියා සහ ඔහුට උපකාර කිරීම පිණිස ඇති සම්පත් ප්‍රභවයන් අනුව විවිධ වේ. තවද අදාල හදිසි අවස්ථාව ඇති වූයේ රෝහලක් තුළද ඉන් පිටතදීද යන්න මත දක්වන ප්‍රතිචාර විවිධ වේ.
ප්‍රතිචාර
රෝහලකින් පිටතදී හදිසි අවස්ථාවන් ඇති වූ විට හදිසි වෛද්‍ය ප්‍රධධතිකාර ක්‍රම ලබාගැනීම පිණිස දේශිය වශයෙන් පවත්නා හදිසි දුරකථන අංක වන 999, 911, 112 හෝ 000 අමතා අදාල සේවය ලබාගත හැකිය. මෙලෙස දුරකථන ඇමතුම් ලැබෙන අවස්ථාවන්හිදී AMPDS වැනි ප්‍රශ්නාවලියකට ලක්කිරීමෙන් ඇමතුම් ලබාදෙන්නාගේ නම හා ස්ථානය අනුව ඔවුන් ප්‍රමුඛතා පිළිවෙලකට ලක් කෙරේ.
ප්‍රථමාධාර ලබාදීම සදහා පුහුණුව ලැබූ පුද්ගලයන්ට ඊළග මට්ටමේ නිත්‍ය ප්‍රතිකාර ලැබෙන තෙක් රෝගියා සදහා සීමිත මට්ටමකට ප්‍රථමාධාර ලබාදිය හැකිය. ප්‍රථමාධාර ලබාදීමට හැකියාව නොමැති අයටද සංසුන්ව සිටීමෙන් හා අනතුරට ලක්වූ පුද්ගලයා සමග රැදිසිටීමෙන් ප්‍රථමාධාර ලබාගැනීමට උපකාර කළ හැකිය. හදිසි අනතුරු අවස්ථාවලදී සේවාවන් ලබාදෙන පුද්ගලයන් විසින් කරනු ලබන පොදු පැමිණිල්ලක් වනුයේ අනතුරට ලක්වූ ස්ථානය අවට සිටින පුද්ගලයන් එක් රැස්වීමෙන් රෝගියාට ඇතිවන අපහසුතාවය වැඩිවීම සහ ඔවුනට අදාල සේවාව නිසි පරිදි ලබාදීමට නොහැකි වීමයි. හැකිනම් හදිසි අනතුරු අංශයකට දැනුම් දී ඇත්දැයි තහවුරු කර ගැනීම මුලින්ම සිදු කළ යුතුය. තවත් පුද්ගලයෙකු විසින් හදිසි අනතුරු අංශයෙන් පැමිණේදැයි සොයාබැලීම සහ ඔවුන් අදාල ස්ථානයට රැගෙන ඒම සදහා යෙදිය යුතුය. අමතරව ඇති පුද්ගලයින් අනතුරට ලක්වූ රෝගියාගෙන් ඉවතට අවට ඇති ජනතාව ඉවත් කිරීමට යෙදවිය හැකිය. එමගින් ප්‍රතිකාර ලබාදෙන්නන්ට ප්‍රමාණවත් තරම් ඉඩ ලබාගත හැකිය.
ඇතැම් රටවල හිදිසි අවස්ථාවකදී උපකාර කිරීමට ඉදිරිපත් වන සිවිල් ජනතාව ආරක්ෂා කිරීම සදහා හොද නීති පද්ධතියක් ඇත. තමාගේ දැනුම මට්ටම සහ පුහුණුවට අනුව සාධාරණීකරණය කළ හැකි අන්දමට ක්‍රියාකාරීවන පුද්ගලයෙකුට හදිසි අවස්ථාවකදී නිසි පරිදි ක්‍රියාත්මක විය හැකිය. ප්‍රතිකාර ලබාදීම ආරම්භ කළ පසුව ප්‍රථමාධාර ලබාදෙන්නා අදාල රෝගියාට වඩාත් ඉහළ මට්ටමේ ප්‍රතිකාර ක්‍රම ලැබෙන තුරු රෝගියාගෙන් හෝ අදාල ස්ථානයෙන් බැහැර නොයා යුතුය. මෙමගින් රෝගියා අතර මැදදී අත්හැර දැමීමක් සිදු නොවන අතර එසේ සිදු කළ හොත් ප්‍රථමාධාර ලබාදෙන්නාට එරෙහිව නීතිමය ක්‍රියාකාරකම් සිදු කළ හැකිය. මෙලෙස රෝගියා ඉහළ මට්ටමේ සෞඛ්‍ය ආයතනයකට යවන තුරු හෝ තවදුරටත් ප්‍රථමාධාර ලබාදීම ආරක්ෂාකාරී නොවන්නේ නම් හෝ ප්‍රථමාධාර ලබාදෙන්නා ඔහුට එල්ල වන අනතුරුවලින් හෝ විඩාව නිසා පීඩාවට පත්වන්නේ නම් හෝ පමණක් ප්‍රථමාධාර ලබාදෙන්නා හට තමාගේ ප්‍රතිකාර ලබාදීම නැවැත්විය හැකිය.
රෝගීන් හට ශ්වසනය නොමැති වීම හා හෘද ස්පන්ධනය නතර වූ අවස්ථාවන් වලදී අවධි හතරකින් යුත් මුළධර්මයන් සිදු කරනු ලබයි. ඒවා නම් ඉක්මනින් අදාල ස්ථානයට ලගා වීම, ඉක්මනින් කෘතීම ශ්වසනය ලබාදීම, වහා හෘදයට විද්‍යුත් කම්පන ලබාදීම සහ ඉක්මනින් ජිවිත ආරක්ෂක ක්‍රම ක්‍රියාත්මක කිරීම.
අදාල අවස්ථාව හානිකර නම් සහ එමගින් රෝගියා තවදුරටත් අනතුරට ලක්කරයි නම් අදාල ප්‍රදේශයෙන් තුවාල ලැබූවන් ඉවත් කිරීම සදහා විශේෂ දැනුමක් අවශ්‍ය වේ. එය හදිසි වෛද්‍ය සහ ගිනි නිවන සේවාවන්හි වෘත්තිකයන් මගින් සිදු කළ යුතුය.
සායනික ප්‍රතිචාර
රෝහල් මට්ටමේදී ප්‍රමාණවත් තරම් සේවක මණ්ඩලයක් හදිසි අවස්ථාවක් සදහා ක්‍රියාකාරී වීම පිණිස සිටිය යුතුය. බොහෝ හදිසි අනතුරු වෛද්‍යවරුන් හදිසි අනතුරු අවස්ථා, කෘතිම ශ්වසනය ලබාදීම සහ ACLS සහතික කරණය ලබාදීම සදහා පුහුණු වී ඇත. විනාශකාරී සහ සංකිර්ණ හදිසි අවස්ථාවලදී බොහෝ රෝහල් සදහා අදාල ස්ථානය තුළ හා ඉන් පිටත තම සේවකයින් ක්ෂණිකව බෙදා හැරීම සදහා කෙටුම්පත් ඇත.
හදිසි අනතරු අංශවලදී සහ නේවාසික රෝගීන්ගේ හදිසි අවස්ථාවලදී ක්‍රියාකාරී වීම සදහා මූලික වැඩි දියුණු කරන ලද ජීවිතාරක්ෂක ක්‍රම පිළිබද මූලික කෙටුම්පත් පවතී. හදිසි අවස්ථාවන් ඇති වීම සදහා හේතුව බැහැර කිරීමට ප්‍රථම ප්‍රමාණවත් තරම් රුධිර පීඩනයක් සහ ඔක්සිජන් සැපයීමක් රෝගියාට තිබේදැයි සොයා බැලීම වැදගත්ය. දරුණු රුධිර වහණියකදී රුධිරවාහිණී කලම්ප කිරීම මගින් ලේ ගමනය වැළැක්වීම සිදු කළ හැකිය.
References
http://en.wikipedia.org/wiki/Medical_emergency
|
9,680 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA
|
ප්‍රතිශක්තිකරණවේදය
|
ප්‍රතිශක්තිකරණවේදය යනු ජෛව වෛද්‍ය විද්‍යාවෙහි ශාඛාවක් වන අතර, එමගින් සියළුම ජීවි විශේෂවල ප්‍රතිශක්තිකරණ පද්ධති පිළිබදව අධ්‍යයනය කෙරේ. එමගින් නිරෝගි සහ රෝගී අවස්තාවන්හි දී ප්‍රතිශක්තිකරණයෙහි භෞතික ක්‍රියාකාරිත්වය ප්‍රතිශක්තිකරණ රෝග වලදී (ස්ව-ප්‍රතිශක්ති රෝග, අධි ආසාත්මිකතා, ප්‍රතිශක්ති ඌණතා, බද්ධ කල අවයව ප්‍රතික්ෂේප කිරීම වැනි) සහ ප්‍රතිශක්තීකරණ පද්ධතිය තුළ හා ඉන් පිටත රසායනික හා භෞතික ප්‍රතික්‍රියාවන් පිළිබදව හදාරයි. ප්‍රතිශක්තිකරණ විද්‍යාව වෛද්‍ය විද්‍යාව තුළ විවිධ යොදා ගැනීම් වල පාත්‍ර වී ඇත. තවද මෙය තවදුරටත් විවිද අංග වලට බෙදී පවතියි.
සාම්ප්‍රදායික ප්‍රතිශක්තිකරණවේදය
මෙය වෛද්‍ය ක්ෂේත්‍ර හා බැදී පවතියි. එමගින් දේහ පද්ධති, ව්‍යාධි ජනකයින් සහ ප්‍රතිශක්තිය අතර ඇති සම්බන්ධතාවය පිළිබද අධ්‍යයනය කෙරේ. ප්‍රතිශක්තිකරණ පිළිබද මුල් යුග වල දී රචිත ලේඛනයන් වනුයේ ක්‍රි.පූ. 430 දී ඇතැන්ස් නුවර පැවති මහාමාරිය වසංගතය පිළිබදව සදහන් වූවකි. මෙහි දී සදහන්වී ඇති අන්දමට රෝගය ඇතිවී සුව වූ පුද්ගලයන් හට නැවත රෝගය ඇති නොවී රෝගි අයහට ප්‍රතිකාර කිරීමට හැකියාවක් ඇත. බොහෝ පුරාණ සමාජයන්හි පවා මෙම සංකල්පය පිළිබදව අවබෝධයක් තිබුණ ද 19 සහ 20 වන ශතවර්ශයෙහි ඉහත සදහන් කල සොයාගැනීම් අවශ්‍යවන තෙක් එය විද්‍යාත්මක සිද්ධාන්තයක් බවට සංවර්ධනය වී නොතිබුණි.
ප්‍රතිශක්තිකරණ විද්‍යාවේ ප්‍රධාන අංගයන් වනුයේ ප්‍රතිශක්ති කරන පද්ධතියෙහි සෛල කොටස්වල සහ අණුවල ක්‍රියාකාරිත්වයන් සහ කෘත්‍යයන් පිළිබදව අධ්‍යයනය කිරීමයි. ප්‍රතිශක්තිකරණ පද්ධතියෙහි සෛල කොටස්වල සහ අණුවල ක්‍රියාකාරිත්වය සහ කෘත්‍යයන් පිළිබද අධ්‍යයනය කිරීමයි. සහජ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා (Innate immune System) අත්කරගත් හෝ අනුගත වන ප්‍රතිශක්තිකරණ පද්ධතිය (acquired or adaptive immune System) ලෙසයි. පසුව සදහන් කල පද්ධතිය නැවතත් 'ප්‍රතිදේහමය' සහ (humoral) 'සෛලමය' (cellular) ලෙසට කොටස් දෙකකට බෙදේ.
ප්‍රතිදේහ මගින් පාලනය වන (humoral) ප්‍රතික්‍රියාවන් ප්‍රතිදේහ හා ප්‍රතිදේහ ජනක අතර අන්තර් ප්‍රතික්‍රියා සිදුවීමෙන් ඇතිවේ. ප්‍රතිදේහ යනු ප්‍රතිශක්ති සෛල (B වසා සෛල) මගින් මුදා හරින විශේෂ ප්‍රෝටීන වර්ගයකි. ප්‍රතිදේහ ජනක යනු ප්‍රතිදේහ නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති ඕනෑම ද්‍රව්‍යයන්ය. එබැවින් ප්‍රතිශක්තිකරණ විද්‍යාව යනු මෙම ජෛව විද්‍යාත්මක අංගයන් පිළිබදව අවබෝධයක් ලබාගන්නා විද්‍යාවකි. කෙසේ වුව ද මේ හා සමානවම වැදගත් අංගයක් වනුයේ සෛල මගින් ඇති කරන ප්‍රතිචාරයන්ය (Cellular response). මෙමගින් ප්‍රතිදේහ මගින් වන ප්‍රතික්‍රියාවන් පාලනයට අමතරව ආසාදිත සෛල විනාශ කිරීමට උපකාරී වේ. මෙම පද්ධති දෙකම එකිනෙකා මත යැපෙමින් ප්‍රතික්‍රියා දක්වයි. 21 වන ශතවර්ෂයේ දී ප්‍රතිශක්තිකරණ විද්‍යාවේ සියලුම විශේෂ අවකාශයන්හි පර්යේෂණ ඇත්වීමත් සමග එහි නිම්වළලු පුළුල් විය. සෛල, අවයව සහ පද්ධතිවල ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලි පිළිබද අධ්‍යයනය කිරීම මෙහිදී සිදු කෙරිණ. තවද ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් පිට සිදුවන ප්‍රතිශක්තිකරණ ක්‍රියා පිළිබදව හැදෑරේ.
සායනික ප්‍රතිශක්තිකරණවේදය
සායනික ප්‍රතිශක්ති විද්‍යාව යනු ප්‍රතිශක්ති කරන පද්ධතියේ අක්‍රමිකතා නිසා හටගන්නා රෝග පිළිබඳව සිදුකරන අධ්‍යයනයයි. (ප්‍රතිශක්ති කරන පද්ධතිය නිසි පරිදි ක්‍රියාකිරීමට අපොහොසත් වන අවස්ථා, අමතර ක්‍රියාකාරීත්වයන් සහ එහි සෛල කොටස්වල අසාමාන්‍ය වර්ධනය) මෙමගින් අනෙකුත් පද්ධතියන්හි රෝග ලක්ෂණ ඇති කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරීත්වයන් මුල්වන අවස්තාවන් පිළිබඳව ද අධ්‍යයනය කෙරේ.
ප්‍රතිශක්ති කරන පද්ධතියේ අක්‍රමිකතා නිසා ඇති වන රෝග කොටස් දෙකකට පුළුල් වශයෙන් කොටස් දෙකකට බෙදේ. ඒවානම් ප්‍රතිශක්ති කරන පද්ධතියේ ඇතැම් කොටස් ප්‍රමාණවත් පරිදි ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වන ප්‍රතිශක්තිකරණ ඌණතා තත්වයන් සහ (උදා - Chronic gramulomatous disease) අදාල පුද්ගලයාගේ සිරුර තුළ ඇති සෛලවලට එරෙහිව ස්වයං ප්‍රතිශක්තිකරණයක් ඇතිවන ස්වයං ප්‍රතිශක්තිකරණ තත්වයයි. (උදා - Systemic lupus erythematosus, රුමටොයිඩ් හන්දි ප්‍රදාහය, හෂිමොටෝ රෝගය සහ උග්‍රපේශි දුර්වලතාවය හෙවත් මයස්තීනියා ග්‍රාවිස් නම් රෝග තත්වයයි. ප්‍රතිශක්ති පද්ධතියේ වෙනත් දුර්වලතා වනුයේ විවිධ ආසාත්මික තත්වයන්ය. මෙහි දී හානිකර නොවන නොයෙකුත් සංඝටකයන් වෙත ප්‍රතිශක්ති කරන පද්ධතිය අසාමාන්‍ය ලෙස තදින් ප්‍රතිචාර දක්වයි. (උදා - ඇදුම සහ වෙනත් ආසාත්මික ද්‍රව්‍ය)
ප්‍රතිශක්ති කරන පද්ධතිය කෙරෙහි බලපාන ප්‍රසිද්ධ රෝගයක් වනුයේ HIV වෛරසය මගින් ඇති කරන ඒඩ්ස් රෝගයයි. ඒඩ්ස් යනු CD4+(“උපකාර”) සෛල, T සෛල සහ මහාභක්ෂානු සෛල HIV වෛරසය මගින් විනාශයට පත් කරනු ලබන ප්‍රතිශක්ති කරන ඌණතා රෝගයකි.
සායනික ප්‍රතිශක්ති වේදියෙකු බද්ධ කරන ලද අවයව සිරුර මගින් ප්‍රතික්ෂේප කිරීම වැළක්වීම පිළිබඳව අධ්‍යයනය කරයි.
ප්‍රතිශක්තිකරණවේදය
Subjects taught in medical school
|
9,681 |
https://si.wikipedia.org/wiki/T%20%E0%B7%83%E0%B7%9B%E0%B6%BD
|
T සෛල
|
T සෛල යනු සුදු රුධිර සෛල වලට අයත් වසා සෛල වර්ගයකි. මෙමගින් සෛල මගින් ඇති කරන ප්‍රතිශක්තිකරණය සදහා කැපීපෙනෙන කෘත්‍යයක් ඉටු කරයි. මේවා අනෙකුත් වසා සෛල වන B සෛල සහ NK සෛල වලින් වෙන්කොට හදුනාගත හැක්කේ එම සෛල වල මතුපිට පෘෂ්ටයෙහි T ෛසල ප්‍රතිග්‍රාහක යනුවෙන් විශේෂ ප්‍රතිග්‍රාහක පිහිටා ඇති බැවිනි. මෙම සෛල වලට T සෛල යැයි හැදින්වනුයේ ඒවා හටගන්නා තයිමසය (Thymus) නම් ග්‍රන්ථිය නමිනි.
ජීව විද්‍යාව
|
9,683 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%94%20%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA
|
ස්නායු වෛද්‍යවේදය
|
ස්නායු විද්‍යාව යනු ස්නායු පද්ධතියෙහි අක්‍රමිකතාවයන් පිළිබඳව අධ්‍යයනය කරන වෛද්‍ය විද්‍යාවේ විශේෂ අංගයකි. මෙමගින් මධ්‍යම, පර්යන්ත සහ ස්වයං සාධක යන ස්නායු පද්ධතියෙහි රෝග පිළිබඳ නිර්ණය කිරීම සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව හැදැරේ. තවද ඉහත කී පද්ධතීන්වල ආවරණ, රුධිර වාහිණී සහ මාංශපේශීන් වැනි අනෙකුත් සියලුම පටක වර්ග පිළිබඳවද එහිදී අධ්‍යයනය කරයි. කුඩා ළමුන්ට ඇති වන ස්නායු රෝග පිළිබඳව ප්‍රතිකාර කිරීම ළමා රෝග ස්නායුවේදීන් විසින් සිදු කරනු ලැබේ. ස්නායුවේදීයෝ සායනික පර්යේෂණ, සායනික අධ්‍යනයන් සහ මූලික පරිවර්තනාත්මක අධ්‍යයනයන් පිළිබඳව ද හදාරති. එක්සත් රාජධානියෙහි ස්නායු වෛද්‍ය විද්‍යාව නම් ක්ෂේත්‍රය කෙරෙහි විවිධ වෘත්තිකයන්ගේ දායකත්වය ලැබේ. ජෛව වෛද්‍ය පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින්ව ස්නායු වෛද්‍ය විද්‍යාවෙහිදී කාර්මික සහ රසායනාගාර යන උපක්ෂේත්‍රයන්හි විශේෂඥ දැනුම පිළිබඳව සිසුන්ට අවබෝධය ලබාගැනීම සඳහා තෝරා ගනු ලැබේ.
ඉතිහාසය
ටෙපනේෂන් ලෙසින් හදුන්වන ශල්‍ය වෛද්‍ය ක්‍රමයේදි හිසරෑය. මානසික ආකෘතිය සහ හිස්කබලේ ඇතිවන තෙරපීම් සුවකිරිමේ අරමුණින් හිස්කබල විදීම හෝ ඇකිලිම සිදු කරයි. මෙම ක්‍රමය නවශිලා යුගයේදි පවා ලොව වටා විවිධ සංස්කෘතින් විසින් තම රෝගින් හට සිදු කර ඇත. ක්‍රි.පු. 500 වන සියවසේ දී ලියන ලද ඊජිප්තු ලිපි රේඛන වලට අනුව අතීත ඊජිප්තුවන් මොළයට වන හානිය පිළිබදව දැනුවත් තිබි ඇත.
හිස්කබල පුරවන ද්‍රවයක් ලෙස මුල් කානිව මොලය හදුන්වන ලදි. ඊජිප්තුවේ අතීතයේ සිටම නවිකරණයේ දි මොළය සිරැරෙන් අයින් කර ඇත.එම යුගයේදි බුද්ධිය හදවත මගින් පාලනය කරන බව විශ්වාස කෙරිණි. හෙරඩෝටස් මමිකරණය පිළිබද විස්තර කරමින් කියා සිටියේ මමිකරණය සිදු කිරිමේදි මුලින්ම යකට කොක්කක් ආධාරයෙන් මොළය හා සම්බන්ධ සියලු කොටස් ඉවත් කරනු ලබයි. ඉතිරිව වන අනෙක් කොටස් සදහා බෙහත් දමයි.
හිපොක්‍රටීස් සහ ඇරිස්ටෝටල් යුගය දක්වාම හදවත බුද්ධියෙහි මුලය බව විශ්වාස කෙරිණි. නමුත් මෙම තර්කය හිපොක්‍රටිස්ගේ ගෝලයෙකු වන ගැලන් විසින් ප්‍රකිශේප කරන ලදි. ඔහු රෝම ග්පැසියේටර් වෛද්‍යවරයෙකු වු අතර තම රෝගින් පරික්ෂා කරන විට ඔහුට නිරික්ෂණය වුයේ වුයේ එම රෝගින් හට මෝළයේ තුවාල සිදු වි විට මානසික ඉන්ද්‍රිය ශක්තිය නැති වන බවයි.
අබුල්කසිසි හි ඇල් ඇන්ඩලාස් වලදී ස්නායු ශල්‍ය සිකු කිරිමට අවශ්‍ය ද්‍රවය සහ තාක්ෂණය සොයා ගන්නා ලදි. ඉන්පසු ඇවරෝස් විසින් පාකින්සන් රෝගය මෙනින් ජසිටින් වැනි මොළය හා ආශ්‍රිත රෝග සොයා ගන්නා ලදි. මයිමෝනයිඩ් ස්නායු මානසික චිකිත්සාව හා සම්බන්ධ ආකෘතින් පිළිබදව ග්‍රන්ථයක් ලියමින් ජලභීතිකා රෝගය සහ බෙඩෝනා මත්ගතිය පිලිබදව විස්තර කරන ලදි.
වර්තමානයේදි මොළයෙහි ක්‍රියාකාරිත්වය හා මොළය හා සම්බන්ධ ලෙඩ රෝග පිළිබදව පරික්ෂණ බොහොමයක් විවිධ රටවල් තුළ පැවැත්වේ.
ස්නායු විද්‍යාවෙහි ප්‍රධාන අනු කොටස්
වර්තමානයේ ස්නායු විද්‍යාව සම්බන්ධයෙන් කරන අධ්‍යනයන් හා පරික්ෂණ ඇසුරින් ස්නායු විද්‍යාව ප්‍රධාන අනු කොටස් කිහිපයකට බොදා දැක්විය හැකිය. ඒ අනුව ස්නායු විද්‍යාව
1.අණුක සහ සෛලීය ස්නායු විද්‍යාව
2.හැසිරිම් හ සම්බන්ධ ස්නායු විද්‍යාව
3.පද්ධතී ස්නායු විද්‍යාව
4.සංවර්ධනාත්මක ස්නායු විද්‍යාව
5.ඡානාත්මක ස්නායු විද්‍යාව
6.න්‍යායික සහ සංඛ්‍යාත්මක ස්නායු විද්‍යාව
7.ලෙඩරෝග සහ වයස්ගත විම්
8.ස්නායු ඉංජිනේරැ විද්‍යාව
9.ස්නායු වාග් වේදය
10.ස්නායු වේදය
දළ විශ්ලේෂණය
20 වන සියවසේ දෙවන භගෙයේදී අණුක ජීව විද්‍යාව ස්නායු ජාලයන් සහ සංඛ්‍යාත්මක ස්නායු විද්‍යාව හා සිදුනවු විප්ලවයන් නිසා ස්නායු පද්ධතිය පිළිබදව සිදුකළ විද්‍යාත්මක පරියේෂණයෙන් බොහෝ සෙයින් දියුණු විය. මෙසේ සිදුකළ විද්‍යාත්මක පරයේෂණයන් බොහෝ සෙයින් දියුණු විය. මෙසේ සිදු කළ විද්‍යාත්මක පරයේෂණයන් තුළින් නියුරෝනයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය පිළිබද අනුමාන කළ හැකි විය. තවද ස්නායු ජාලයන් තුළින් ඥානය, චිත්තවේගයෙන්, කායික ප්‍රතික්‍රියා නිර්මාණ්‍ය කරන අයුරැදු දැන ගැනිමට හැකි විය.
ස්නායු පද්ධතිය නියුරෝන ජාලයක් සහ අනෙකුත් උදව්කාරක සෛල තුළින් නිර්මාණය වි ඇත. සෑම කර්තව්‍යයක් සදහාම ක්‍රියාකිරිමට අවක්‍ය කරන කෘත්‍යාත්මක පරිපථ නියුරෝන තුළින් නිර්මාණය වේ. එම නිසා ස්නායු විද්‍යාව විවිධ මට්ටම් ඔස්සේ අධ්‍යනය කළ හැකිය. ස්නායු විද්‍යාව අණුක මට්ටමින් සෛලි මට්ටමින් පද්ධතික මට්ටමින් අධ්‍යනය කළ හැකිය.
නිරෝන අණුක සංඥාවන්ට ප්‍රචිකාර දක්වන ආකාරය සහ ආවේග වහක සංකීර්ණ සම්බන්ධක සකස් කරගන්නා අන්දම අණුක මට්ටමින් ස්නායු විද්‍යව පිලිබදව පරික්ෂණ සිදු කිරිමේදි අධ්‍යනය කරනු ලබයි. මෙහිදි අණුක විද්‍යව සහ ජාන උපයෝගී කරගනිමින් ස්නායු වර්ධනය වන ආකාරය සහ විනාශ වන ආකාරය පිළිබදව ද ගවේෂණය සිදු කරයි.
සෛලීයය මට්ටමින් ස්නායු විද්‍යාව පිළිබදව පරික්ෂණය සිදු කිරිමේදි නියුරෝන කායික විද්‍යාත්මකව සහ විද්‍යුත් රසායනික සංඥා ක්‍රියාකරවන ආකරය පිලිබද අධ්‍යනය කරයි.
ස්නායු විද්‍යාව පිළිබද පද්ධතින් මට්ටමින් පරික්ෂණ සිදු කිරිදේ ස්නායු පරිපථයන් ව්‍යවච්ඡේදකව සහ භෞතික වේදිව කායික විද්‍යාත්මක ක්‍රියා සිදු කරන ආකරයට අධ්‍යනය කෙර්. උදාහරණය වශයෙන් ප්‍රතික්‍රියාවන් සිදු කිරිම ධාරණ ශක්තිය පවත්වාගෙන යන ආකාරයට පිළිබදව පරික්ෂණ පවත්වයි.
References
http://en.wikipedia.org/wiki/Neurology
ස්නායු පද්ධතිය
ජීව විද්‍යාව
|
9,685 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%20%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
|
සායනික කෘත්‍යයන්
|
ස්නායුවේදීන් ඉහත දැක්වෙන රෝග නිර්ණය කිරීමට සහ ප්‍රතිකාර කිරීමක් සදහා බැදී සිටිති. ස්නායු රෝග සදහා ශල්‍ය කර්මයක් මගින් ප්‍රතිකාර කිරීම අවශ්‍ය වූ විට ස්නායු වෛද්‍යවරයා එම රෝගියා ස්නායු ශල්‍ය වෛද්‍ය වරයෙකු වෙතට යොමු කරයි. ඇතැම් රටවල ස්නායු වෛද්‍ය වරයෙකු සතුව ඇති නීතිමය වගකීමක් වනුයේ රෝගියෙකු මියගොස් ඇති බවට සැක ඇති වූ අවස්තාවන්වල දී මොළය මරණයට පත්වී ඇති බවට නිගමනය කිරීමයි. ස්නායු වෛද්‍යවරුන් විසින් ඇතැම් ප්‍රවේනිගත රෝගවල ප්‍රධාන රෝග ලක්ෂණයන් ස්නායු පද්ධතිය හා ආශ්‍රිතව ඇති වන විට ඒ සදහා ප්‍රතිකාර කරනු ලබයි. කොදු ඇට පෙළ සිදුරුකොට සුශුම්නාවෙන් තරල කොටස් ලබාගැනීමත් බොහෝ අවස්තාවන්හි දී සිදුකරනු ලබන්නේ ස්නායු වෛද්‍ය වරයෙකු මගිනි. ඇතැම් ස්නායුවේදීන් අමතක වීම, චාලක රෝග, හිසරදය, අපස්මාරය, නින්ද හා සම්බන්ධ රෝග, කාලිකව ඇතිවන වේදනාව පාලනය කිරීම, multiple sclerosis හා අනෙකුත් ස්නායු රෝග යන උපක්ෂේත්‍රයන් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වති.
අතිපිහිත වන ක්ෂේත්‍ර
විශේෂ ක්ෂේත්‍රයන්හි සිදුවන අතිපිහිත වීම් රටකින් රටකට සහ එකම රටක විවිධ භූගෝලිය වෙනස්කම් අනුව විවිධ වේ. හිසට ඇතිවන අනතුරක් මගින් වන දුබලතාවයන් සනායු ශල්‍ය වෛද්‍යවරයෙකු මගින් ප්‍රතිකාර කරනු ලබන අතර ඒ අනතුර හේතුවෙන් පසුකාලීනව ඇති වන ප්‍රතිවිපාක වලට ස්නායු වෛද්‍ය වරයෙක් මගින් විශේෂ පුනරුත්තාපන වෛද්‍ය ක්‍රම මගින් ලබාදෙනු ලැබේ. ආඝාතය ඇති රෝගීන් සදහා රෝහල් තුළ සම්ප්‍රදායිකව ප්‍රතිකාර ක්‍රම ලබාදුන්න ද ස්නායු පද්ධතියෙහි ධමනිවල සැත්කම් සිදුකරන ස්නායු ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයක් බිහිවීමත් සමගත ආඝාතය ඇති රෝගීන් සදහා සුවිශේෂ ප්‍රතිකාර ක්‍රම ලබාදීමට හැකිවේ. JCAHO ආඝාත මධ්‍යස්ථාන පිහිටු වීමත් සමගම ස්නායු වෛද්‍යවරුන් මගින් ප්‍රාථමික සහ තෘතීය මට්ටමෙන් රෝහල් මගින් ලබාදෙන ප්‍රතිකාර ක්‍රමවල කැපී පෙනෙන වෙනස්කම් ඇති කෙරුණි. ස්නායු පද්ධතියෙහි ඇතැම් ආසාදිත රෝග , ආසාදිත රෝග සදහා විශෙෂඥවරුන් මගින් ප්‍රතිකාර කරනු ලැබේ. සාමාන්‍ය වෛද්‍යවරු මගින් හිසරදය ඇතිවීමට මූලික හේතුව සොයාබලා බොහෝ අවස්තාවල දී ප්‍රතිකාර කරනු ලැබේ. සයටිකාව හා අනෙකුත් කාර්මික දෝෂ නිසා ඇති වන ස්නායු පද්ධතියෙහි රෝග තත්වයන් සදහා ප්‍රතිකාර කරනු ලබන්නේ සාමාන්‍ය වෛද්‍යවරුන් මගින් වන අතර ඔවුන් විශේෂ ප්‍රතිකාර ක්‍රම සදහා ස්නායු වෛද්‍යවරුන් හෝ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්වෙත යොමු කරනු ලැබේ. නින්දයාම හා සම්බන්ධ රෝග සදහා ශ්වසන රෝග පිළිබදව විශේෂඥ වෛද්‍යවරුන් ද ප්‍රතිකාර කරති. මස්තිෂ්කයෙහි දුර්වල තත්වයන් නිසා ඇතිවන Cerebral Palsy නම් රෝගය සදහා මුල් අවස්ථා වල දී ප්‍රතිකාර කරනු ලබන්නේ ළමා රෝග විශේෂඥවරුන් මගින් වන අතර රෝගියා එක් වයස් කාණ්ඩයක් දක්වා පැමිණි කල වැඩිහිටියන්ගේ ස්නායු රෝග සදහා ප්‍රතිකාර කරනු ලබන ස්නායු වෛද්‍යවරයෙක් වෙත යොමු කෙරේ.
සායනික ස්නායු මානසික විශේෂඥවරු (Clinical Neuropsychologist) රෝග නිර්ණය, පුනරුත්තාපන ක්‍රමෝපායන්, සංජානන හැකියාවන් සහ දුර්වලතා වාර්තාකරණය සහ ඒවා කාලයත් සමග වෙනස්වන ආකාරය පිළිබද මැන බැලීම සදහා මොළයෙහි හැසිරීම හා සම්බන්ධ සම්බන්ධතාවයන් පිළිබද අධ්‍යයනය කරති.
සායනික ස්නායු භෞතිකවේදය සදහා ඇති සම්බන්ධතාව
ඇමරිකා එක්සත් ජනපදය හා ජර්මනිය වැනි ඇතැම් රටවල ස්නායු වෛද්‍යවරු ඉහත කී ක්ෂේත්‍රයෙහි විශේෂඥ දැනුම ලබා ඇත. මෙම ක්ෂේත්‍රය මගින් EEG, EMG සහ ස්නායු පද්ධතියේ සන්නයන කෘත්‍ය පිළිබදව හැදැරේ. මෙය එක්සත් ජනපදය හා ස්වීඩනය වැනි රටවල ස්වාධීන ක්ෂේත්‍රයකි.
References
http://en.wikipedia.org/wiki/Neurology#Clinical_tasks
|
9,688 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B6%B1%E0%B7%9D%20%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA
|
මනෝ වෛද්‍යවේදය
|
මනෝ චිකිත්සාව යනු මිනිසාගේ මානසික රෝග පිළිබදව අධ්‍යනය කෙරෙන, ඒවා වළක්වා ගැනීම හා ප්‍රතිකාර කිරීම සදහා උපයෝගි කර ගන්නා වෛද්‍ය විද්‍යාෙව් සුවිශේෂි අංශයකි. මනෝ විද්‍යාවේ සායනික යොදාගැනීම් අවට ලෝකය හා මානසික රෝගීන් අතර ප්‍රතකාර කිරීමේදි පාලමක් බවට පත්ව ඇත. මෙහි වූ පර්යේෂණ හා සායනික යොදා ගැනීම් විෂයාන්තර වේ. මේ නිසා මනෝ විද්‍යාවේ පර්යේෂණ හා ප්‍රයෝගික යෙදීම් අතර විවිධ උප ක්ෂේත්‍ර පවතී. මනෝ විද්‍යාඥයින් මනෝ විද්‍යාවේ නවීනතම ඖෂධ, රෝග නීර්ණය ක්‍රම හා රෝග/ වර්ගී කරනයන් භාවිතයට ගන්නා වෛද්‍ය වරයා හා රෝගියා අතර ඇති සම්බන්ධතාවය ඉතා හොද විශේෂඥාණයක් ඇති වෛද්‍යවරැන්වේ.
බුද්ධ වර්‍ෂ පස්වන සියවසේ සිට පැවත එන මනෝ විද්‍යාව, මානසික රෝග අත්භූත බලවේගයක් නිසා හටගන්නා බවට ඇති වූ සංකල්පයත් සමග හටගත්තකි. එකල මෙකී මානසික රෝග සුව කිරීමේ වගකීම හා හැකියාව පැවරැනේ පුජක වරැන් වෙතය. මෑදභාගයේදී මානසික රෝගීන් සදහා රෝහල් ඉදි කරන ලද්දේ භාරකාර ආයතනයක් ලෙසටය. ඒවා විසින් මුලික ප්‍රතිකාර ක්‍රම ලබාදුනි. දහ අට වන සියවස වන විට මානසික රෝගීන් සදහා වඩාත්ම පුළුල් වූ ප්‍රතකාර ලබාදීම සදහා මානසික සෞඛ්‍ය ආයතනයක් පිහිටු වන ලදී. මෙලෙස මුල් අවදී වලදී ලද මැදිහත් වීම නිසා දහ නව වන සියවස වන විට රෝගීන් සංඛ්‍යාව ඉහළයත්ම ලබාදෙන ප්‍රතිකාර වල ගුණාත්මක භාවය පහල බැසීමක් හා අදාල ආයතන වල හා මනෝ විද්‍යාවේ කිර්තියටද හානිවීමක් සිදු වී ඇත. නමුත් විසි වන ශතවර්ෂයේදී රෝග පිලිබදව ජීව විද්‍යාත්මක අවබෝධයක් ලගබාගැනීම හා නව රෝග වර්ගී කරණ පද්ධතියක් හදුන්වා දීම නිසා මනෝ විද්‍යාව නව ජීවයක් ලබාගනී. මනෝ විද්‍යාව අසීරැ විද්‍යාත්මක දිශාවක් වෙත ගමන් කිරීම නසා එහි වෛද්‍ය වරයා හා රෝගියා අතර සබදතා වෙනස් මුහුණු වරක් ගනී. මේ වෙනස් වීම නිසා සමාජය තුල මනෝ විද්‍යාව කෙරෙහි සෘණාත්මක ආකල්පය නැතිවුණි. චින්තන රටාවේ වෙනස්වීම හා නව ප්‍රතිකාර ක්‍රම වල හදුන්වාදීම නසා මානසික රෝහල් ඉවත් කැර ගැනීමට පවා සිදුවුණි. මානසික රෝග හදුනා ගැනීම හා ප්‍රතිකාර ක්‍රම වේදයන්හි වූ කැපී පෙනෙන වෙනස්කම් නිසා ජීව විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක යන අංග දෙක අතර ඇති කුසලතාව හදුනා ගැනීමට ක්ෂේත්‍රය තුල වඩා නැඹුරැතාවක් ඇත. මේ නිසා වෙන් මානසික රෝග වල උපත, වර්ගී කරණය හා ප්‍රතිකාර ක්‍රම පිලිබදව කෙරෙන පර්යේෂණ සදහා කැපීපෙනෙන ඉල්ලුමක් ඇත.
වෛද්‍යවේදය
මනෝ වෛද්‍යවේදය
ජීව විද්‍යාව
මනෝ විද්‍යාව
|
9,691 |
https://si.wikipedia.org/wiki/%E0%B6%A0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%20%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%20%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF%20%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
|
චර්ම රෝග පිළිබද අධ්‍යයන විද්‍යාව
|
චර්ම රෝග පිළිබද අධ්‍යයන විද්‍යාව යනු සම සහ එහි ව්‍යුත්පන්නයන් (කෙස්, ශ්වේද ග්‍රන්ථි) පිළිබදව අධ්‍යයනය කෙරෙන වෛද්‍ය විද්‍යාවේ එක් ශාඛාවකි.
උපකොටස්
සමාජ රෝග සහ රුධිර වාහිණි පිළිබද අධ්‍යයන විද්‍යාව
සමාජ විද්‍යාව යනු ලිංගාශ්‍රිත රෝග පිළිබද රෝග නිර්ණය හා ප්‍රතිකාර ලබාදෙන උපක්ෂේත්‍රයක් වන අතර රුධිර වාහිණී පිළිබද අධ්‍යයන විද්‍යාවේ දී ශිරා පද්ධතියේ ඇති වන ගැටළු පිළිබද අධ්‍යයනය කෙරේ. මෙම අංශ දෙකෙහිම විශේෂඥ දැනුමක් චර්ම රෝග විශේෂඥ වෛද්‍ය වරුන්ට ඇත.
සිරුර අලංකරණය කිරීම පිළිබද චර්ම රෝග විද්‍යාව
චර්ම රෝග ක්ෂේත්‍රයෙහි වැදගත් ස්ථානයක් ඉහත කී අංගයට හිමිවේ. චර්ම රෝග විශේෂඥයින් මෙහි මූලික නිර්මාතෘන්ය. වසර 1900 දී කුරුලෑ නිසා ඇතිවන කැළැල් සහ සම මතුපිට ඇති අනෙකුත් දුර්වලතා සහ ආබාධ මගහරවා ගැනීම සදහා චර්ම රෝග විශේෂඥයන් විසින් නොයෙකුත් ක්‍රමෝපායන් භාවිතා කරන ලදී. රූපාලංකාරය වැඩි කිරීම පිළිබදව විශේෂඥ දැනුම ලබා ඇති චර්ම රෝග විශේෂඥවරු විසින් වයස් ගත වීමේ ලක්ෂණ නැවත යතා තත්වයට පත් කළ හැකි වේදනාකාරී නොවන ක්‍රමෝපායන් හදුනාගෙන ඇත. ආහාර සහ ඖෂධ අධිකාරිය මගින් සමෙහි ඇති රැළි සදහා ප්‍රතිකාර කිරීමට Botox නම් ඖෂධය භාවිතා කිරීමට අනුමැතිය ලබාදී ඇත. මෙමගින් ඇහි බැම හැකිලීමේ දී සහ ඇස් යට සමෙහි ඇතිවන රැළි අවම කිරීමට උපකාරී වේ. මුහුණහි සමෙහි ඇති වන රැළි හිරවීමට සහ ඒවා නැවත ඇති වීම අවම කිරීමට නොයෙකුත් පිරවුම් කාරක භාවිතා කෙරේ. මෙලෙස භාවිතා වන පිරවුම් කාරක ද්‍රව්‍යයන්හි වෙළද නාම වර්ග කිහිපයක් නම් Restylane, Perlane, Juvederm, Radiesse සහ Cosmoplast ය. චර්ම රෝග විශේෂඥයින් නොයෙකුත් ශක්ති ජනක ප්‍රභවයන් භාවිතා කරමින් ප්‍රතිකාර ක්‍රම ලබාදීමේ පුරෝගාමීන් වන අතර ඒවා නම් රේඩියෝ සංඛ්‍යාත, අධෝරක්ත කිරණ, අති ප්‍රබල ආලෝක කිරණ සහ ප්‍රකාශගති ප්‍රතිකාර ක්‍රමයි.
චර්ම රෝග පිළිබද සැත්කම්
මේවා සිදුකරනු ලබන්නේ චර්ම රෝග විශේෂඥවරුන් මගිනි. චර්ම රෝග පිළිබදව ලබාදෙන පුහුණුවෙහි එක් වැදගත් අංගයක් වන්නේ සැත්කම් ක්‍රම පිළිබදව ලබාදෙන දැනුම වන අතර සියලුම චර්ම රෝග විශෙෂඥවරුන් සමෙහි සිදු කරන සැත්කම් පිළිබදව හොද පුහුණුවක් ලබා ඇත. උතුරු ඇමරිකාවෙහි සමෙහි රෝග සැත්කම් පිළිබදව එක් වසරක විශේෂ පුහුණුවක් මුලික පුහුණුවෙන් පසුව ලබාදේ. මෙහිදී ශුද්‍ර සැත්කම් ක්‍රම පිළිබදව ද පුහුණු වීම පිළිබදව අවධානයක් යොමු කෙරේ. (Mohs’ micrographic Surgery) මෙම ක්ෂේත්‍රය පිළිබදව කැමැත්තක් දක්වන බොහෝ චර්ම රෝග වෛද්‍යවරුන් American College of Mohs micrographic Surgery and Cutaneous Oncology සහ American Society for Dermatologic Surgery යන ආයතනවල සාමාජිකත්වය ලබාගෙන පුහුණුව ලබාගනිති.
සමෙහි රෝග පිළිබදව සැත්කම් සිදුකිරීමේ දී භාවිතාවන ක්‍රමෝපායන් වනුයේ ලේසර් කිරණ භාවිතය, සම්ප්‍රදායික සැත්කම් ක්‍රම, විද්‍යුත් සැත්කම්, ක්‍රියෝ සැත්කම්, ප්‍රකාශගති ප්‍රතිකාර ක්‍රම, මේද ඉවත් කිරීම, ඇසිපියෙහි සිදුකරන සැත්කම් මුහුණෙහි සමෙහි රැළි ඉවත් කිරීමට සිදුකරන සැත්කම් සහ ආලේප කරන හා එන්නත් කරන පිරවුම්කාරක වර්ග භාවිතා කරමින් සිදුකරන සැත්කම්ය. ඇතැම් විශේෂ පුහුණුව ලැබූ චර්ම රෝග පිළිබද ශල්‍ය වෛද්‍යවරුන් Mohs’ සැත්කම් සිදුකරති. මෙය වරින්වර ඇතිවන ප්‍රතිකාර කිරීමට අපහසු සැත්කම් සදහාත් ලබාදෙන ඵලදායි ප්‍රතිකාර ක්‍රමයකි.
ප්‍රතිකාර ක්‍රම
සම බාහිරව ලබාදෙන අාලේපන ප්‍රතිකාර ක්‍රම සදහා වඩාත් යෝග්‍ය වේ. සමෙහි ඇතිවන ආසාදන රෝග සදහා ප්‍රතිජීවක ආලේපන ද ස්ටීරොයිඩ සහිත ආලේපන වර්ග විවිධ ආසාත්මිකතා නිසා ඇතිවන චර්ම රෝග සදහා ද භාවිතා කෙරේ. චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රතිශක්ති කරණය වැඩි දියුණු කර ගැනීමේ ප්‍රතිකාර ක්‍රම හදුන්වා දී ඇත. ඒවා නම් සම මතුපිටෙහි ඇතිවන පිළිකාවන් සදහා ලබාදෙන Imiquimod ආලේපන වර්ග සහ ඉන්නන් සදහා ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නත් ප්‍රතිකාර ක්‍රමයි.
ආලේපන ප්‍රතිකාර ක්‍රම
බහුතරයක් චර්ම රෝග සදහා ආලේපන ප්‍රතිකාර ක්‍රමයන් භාවිතා කෙරුණද මුඛ මාර්ගයෙන් ලබාදෙන ඖෂධ වර්ග ද භාවිතා කරයි. ප්‍රතිජීවක ඖෂධ, ප්‍රතිශක්තිකරණය මර්දනය කිරීමේ ඖෂධ හෝ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කර ගැනීමට භාවිතා කරන ඖෂධ වර්ග විවිධ සමෙහි පිළිකා හා රෝග තත්වයන් සදහා භාවිතා කරයි. Isotretinoin යනු උග්‍ර ලෙස කුරුලෑ ඇති වන අවස්ථාවන්හි දී ලබාදෙන ඖෂධයක් වන අතර එමගින් ජීවිත කාලය මුළුල්ලේම රෝගය නැවත ඇති වීම වළක්වාලයි. ඇමරිකා එක්සත් ජනපදය විසින් Isotretinoin නිර්දේශ කිරීමේදී එය පාලනය කිරීමක් ආහාර සහ ඖෂධ අධිකාරිය මගින් සිදුකරයි. ප්‍රතිකාර ක්‍රමයක් ලෙසට ලේසර් තාක්ෂණය හදුන්වාදීමත් සමගම විවිධ නව ප්‍රතිකාර ක්‍රමෝපායන් බිහිවෙමින් පවති.
ආලෝක ප්‍රතිකාර ක්‍රම
මෙහිදී පාරජම්බුලකිරණ භාවිතා කරනු ලැබේ. තවද මුඛ මාර්ගයෙන් ලබාගන්නා සහ ආලේප කරනු ලබන ඖෂධ ද සමෙහි රෝග සදහා ප්‍රතිකාර කිරීමේ දී භාවිතා වේ.
සැත්කම් මගින් ලබාදෙන ප්‍රතිකාර ක්‍රම
නහර ගැට ගැසීම සහ ඇතැම් පිළිකා රෝග සදහා චර්ම රෝග ශල්‍ය වෛද්‍යවරයෙකු මගින් ලබාදෙන සැත්කම් ක්‍රම උපකාරී වේ. නහර ගැට ගැසීම සදහා එලෙස අවහිර වූ ශිරා සදහා එන්නත් ලබාදීම මගින් හෝ Nd : YAG ලේසර් ප්‍රතිකාර ක්‍රම මගින් සුවයක් ලබාදිය හැකිය. සමෙහි ඇතිවන පිළිකා සදහා ප්‍රතිකාර ලබාදීමේ දී Mohs සැත්කම් ක්‍රම, ක්‍රියෝ සැත්කම්, එක්ස්කිරණ හෝ ප්‍රතිශක්තිය වැඩි දියුණු කර ගැනිමේ ප්‍රතිකාර ක්‍රම වන Imiquimod භාවිතා කෙරෙයි.
මානසිකව ඇතිවන චර්ම රෝග
මෙලෙස මානසික වශයෙන් හටගන්නා චර්ම රෝගයන් සදහා ප්‍රතිකාර කිරීමේදී විවිධ මෝහන ක්‍රමෝපායන් සහ අනෙකුත් මානසික ප්‍රතිකාර ක්‍රමයන් භාවිතා කෙරේ.ඇතැම් පුද්ගලයින්ගේ පෙර ජීවිතයේ අත්දැකීම් සුව නොවන චර්ම රෝග වලට හේතු ලෙස හදුනාගෙන ඇත.පෙර භවයක සර්ප විසක් සරීර ගතවී පාදයක් මත ඇති වූ තුවාලය සුව කරගැනීමට නොහැකිව පාදය වනවී මරණයට පත් කාන්තාවකගේ මේ භවයේ ද එම පාදය මත සුව නොවන චර්ම රොගයක් සැදී කුඩා කාලයේ සිටම පීඩා විදිමින් ජීවත් වී ඇත.2011 වසරේ දී මෝහන චිකිත්සක ආචාර්ය ප්‍රියන්ත ඒකනායක මහතා එම කාන්තාව මොහන ප්‍රතිගමනයට ලක්කොට පෙර සිදුවීම අනාවරණය කරගෙන delete method නමැති චිකිත්සක ක්‍රමවේදය භාවිත කරමින් සාර්ථකව ඇයව සුවපත් කරනු ලැබූහ.මාසයක් පමණ කල්ගතවීමෙන් පසු ඇයගේ තුවාල කැලැල්ද මැකීගොස් තිබුණි.
මානසික ආතතිය දිගුකල් පැවතීම නිසා ද චර්ම රෝග හටගනී.ආතතියෙන් මිදෙන්න සිරුරට නිකුත්වන ඇඩ්‍රිනලීන් හෝමෝනය ප්‍රතික්‍රියා කිරීමෙන් පසු හටගන්නා කෝටිසෝල් නමැති රසායනිකය සිරුරට නිකුත් කෙරේ.ඒවා සිරුරෙහි පිට සම මත තැම්පත් වී සමට හානි සිදු කරයි.සම මත මේද හා විවිධ අපද්‍රව්‍ය තැම්පත් වී ආසාදන ඇතිවේ.කෝටිසෝල් සිරුරෙහි ප්‍රතිශක්තිය අඩු කරන බැවින් රෝග පැතිරීම වේගවත් වේ.බඩවැල් වල ඇතුළු බිත්ති වල හා විවිධ ඉන්ද්‍රිය වල අභ්‍යන්තරයේ ද විවිධ ආසාදන හටගනී.ලිහිලන අභ්‍යාස,භාවනාව,ක්‍රීඩා කිරීම හා මෝහන පුතිකාර වැනි සිරුරට ප්ලීස හෝමෝන නිකුත් කරන ක්‍රියා මගින් මේ තත්වය නිට්ටාවට සුව කළ හැකිය.
|
9,693 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%20%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA
|
සාස් රෝගය
|
උග්‍ර ශ්වසන රෝග සින්ඩ්‍රෝමය හෙවත් Sever acute respiratory syndrome (SARS) යනු SARS කොරෝනා වෛරසය මගින් (SARS – CoV) මිනිසුන්ට ඇති කරන ශ්වසන රෝගයකි. 2002 නොවැම්බර් මාසයේ සිට 2003 ජුලි මාසය අතර කාලය තුළ මෙමගින් වසංගත රෝග තත්ත්වයක් ඇති වූ අතර එමගින් රෝගීන් 8096 දෙනෙක් ආසාදනයට ලක් වූ අතර මරණ 774 ක් සිදු වුණි. (මරණ අනුපාතිකය 9.6% ක් වුණි.) මෙම දත්ත 2004 අප්‍රේල් 21 වනදා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිකුත් කරන ලද ඒවාය.
රෝග ලක්ෂණ
මුල්ම අවස්ථාවලදී ඇති වන රෝග ලක්ෂණ වනුයේ උණ, ඇගපතෙහි ඇතිවන කැක්කුම, කම්මැලිකම, ආහාර ජීරණ පද්ධතියේ ඇති වන රෝග ලක්ෂණ, කැස්ස, උගුරෙහි ඇති වන වේදනාව සහ වෙනත් විශේෂ නොවූ රෝග ලක්ෂණයන්ය. සියළුම සාර්ස් රෝගීන්ට ඇතිවන පොදු රෝග ලක්ෂණය වනුයේ 380C (100.40F) ට වඩා ඉහළ මට්ටමකට හටගන්නා උණයි. රෝගයෙන් පසු අවධිවලදී හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති වේ. රෝග ලක්ෂණ ඇති වනුයේ අදාල රෝග කාරක වෛරසයට නිරාවරණය වී දින 2 සිට 3 අතර කාලයක් ගත වූ පසුව වන අතර නමුත් දින 13 කට පසුව පමණ කාලයකට පසුව වුවද රෝගය ඇති වූ බවට වාර්තා වී ඇත. බොහෝ අවස්ථාවලදී රෝග ලක්ෂණ ඇති වනුයේ දින 2 සිට 3 අතර කාලයකදීය. මෙම රෝගීන්ගෙන් 10 % සිට 20% අතර සංඛ්‍යාවට කෘතිමව යන්ත්‍රයක් මගින් ශ්වසනය ලබාදීම අවශ්‍ය වේ.
රෝග විමර්ශන ක්‍රම
සාර්ස් රෝගීන්ගේ පපුවෙහි ලබාගන්නා එක්ස් කිරණ ඡායා රූප එක් එක් රෝගියාට අනුව වෙනස් වේ. සාර්ස් රෝගය සදහාම ආවේනික පිහිටුමක් ගන්නා එක්ස් කිරණ ප්‍රතිබිම්භයක් නොමැති අතර පෙනහළුවල ඕනෑම කොටසක තැනින් තැන ඇතිවන අසාමාන්‍ය පිහිටීම් පොදුවේ දක්නට ඇත. රෝගය ඇති වී මුල් අවස්ථාවලදී ලබාගන්නා පපුවෙහි එක්ස් කිරණ ඡායා පිටපත නිරෝගී එකක් විය හැකිය.
බොහෝ අවස්ථා වලදී රුධිරයෙහි සුදු රුධිර සෛල සහ රුධිර පට්ටිකා ප්‍රමාණය පහත බසියි. රෝගය මුල් අවස්ථාවලදී සුදු රුධිරාණුවල නියුට්‍රෝෆීල ප්‍රමාණය ඉහළ යන අතර එයට සාපේක්ෂව වසා සෛල ප්‍රමාණය පහත බැසීමෙන් සමස්තයක් වශයෙන් ගත් කළ සම්පුර්ණ සුදු රුධිරාණු ප්‍රමාණය පහත බසී. අනෙකුත් විද්‍යාගාර පරීක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ලැක්ටේට් ඩිහයිඩ්‍රජනේස් , ක්‍රියටිනීන් කයිනෙස් යන එන්සයිම හා C – Reactive protein ප්‍රමාණය එහිදී ඉහළ යන බවයි.
රෝග නිර්ණයකට එළඹිය හැකි පරීක්ෂණ
2003 වසරේ අප්‍රේල් 12 වනදා සාර්ස් ඇති කිරීමට හේතු කාරක වන කොරෝනා වෛරසයෙහි ආර්.එන්.ඒ. පිහිටුම සොයා ගැනීමත් සමගම රෝගය නිෂ්චිතවම නිර්ණය කරගැනීම සදහා භාවිතා කළ හැකි රෝග නිර්ණය කිරීමේ කට්ටල නිෂ්පාදනය කර ඇති අතර ඒවායෙහි භාවිතය පිළිබදව අත්හදා බැලීම් සිදු කෙරෙමින් පවති.
රෝග නිර්ණය කර ගැනීමේ ක්‍රමෝපායන් තුනක් මේ වන විට බිහිවී ඇත. ඉන් පළමු වැන්න වනුයේ ELISA (enzyme-linked immunosorbent assay) හෙවත් සාර්ස්වලට එරෙහිව සිරුර තුළ නිෂ්පාදනය කර ගන්නා ලද ප්‍රතිදේහ හදුනා ගැනීමට යොදා ගන්නා ලද පරීක්ෂණයයි. නමුත් මෙය වලංගු වනුයේ රෝග ලක්ෂණ ඇති වී දින 21 කට පසුවය. දෙවැන්න වනුයේ රෝග ලක්ෂණ ඇති වී දින 10 කට පසුව ප්‍රතිදේහ හදුනාගත හැකි Immunofluorescence assay නම් පරීක්ෂණ වන අතර මෙය සදහා විශේෂිත අන්වීක්ෂයක් හා එය ක්‍රියාකරවීම සදහා පුහුණුව ලද ක්‍රියාකරවන්නෙකු අවශ්‍ය වන බැවින් වැඩි මුදලක් සහ ශ්‍රමයක් වැය කර සිදු කළ යුතු පරීක්ෂණයකි. අවසාන පරීක්ෂණය වන්නේ Polymerase Chain reaction (PCR) පරීක්ෂණය වන අතර එය මගින් රෝගියෙකුගේ, රුධිරය, සෙම, පටක සාම්පල හා මළපහවල අන්තර්ගත සාර්ස් වෛරසයෙහි ප්‍රවේනික ද්‍රව්‍ය හදුනා ගත හැකිය. මෙම පරීක්ෂණය සුවිශේෂ එකක් වන නමුත් එහි සංවේගතාවය එතරම් ඉහළ නොවේ. මෙමගින් අදහස් වනුයේ PCR පරීක්ෂණය සදහා ඉතා තදින් ප්‍රතිචාර දක්වන පුද්ගලයෙකු සාර්ස් රෝගය ඇත්තෙකු ලෙසට නම් කළ හැකි නමුත් එම පරීක්ෂණය සදහා ප්‍රතිචාර නොදක්වන රෝගියෙකු හට සාර්ස් රෝගය නොමැති බවට තහවුරු කළ නොහැක.
References
http://en.wikipedia.org/wiki/Severe_acute_respiratory_syndrome
|
9,696 |
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%20%E0%B7%83%E0%B7%84%20%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%20%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA
|
කථන සහ භාෂා ව්‍යාධිවේදය
|
කථන හා වියාධි විද්‍යාව යනු පුද්ගලයෙකුගේ කථනය, භාෂාව, සංජායනය හඩෙහි ඇතිවන ආබාධ, ගිලීමේ අපහසුතා සහ ඒවා සදහා පුනරුප්තාපනය හා නිවැරැදි කිරීම් ප්‍රතිකාර ලබාදෙන ක්‍රමවේදයකි. කථනය හා භාෂා ව්‍යාධිවිද්‍යාඥයින් හෝ කථන හා භාෂා චිකිත්සකවරුන් විසින් මෙකි රෝගීන්ගේ හඩ ඉපදවීම, කථනය වැඩිදියුණු කිරීම, ගිලිමේ අපහසුතා සහ භාෂා අවශ්‍යතා පාසල් වලදී, රෝහල් වලදී සහ වෙනත් ස්ථාන වලදී කථන චිකිත්සාව මගින් ප්‍රතිකාර ලබාදේ.
සන්නිවේදනය සදහා කථනය (උච්චාරණය, කටහඩ හැසිරවීම, වේගය, තීව්‍රතාවය,) (ධ්වනි විද්‍යාව, ශබ්ද අධ්‍යන විද්‍යාව, රූපකාරය, ක්‍රියාකාරක පද සම්බන්ධය, අර්ථ විචාරය, උපයෝගි බස සම්බන්ධ වාග් විද්‍යාව) කථන හා ව්‍යවහාරික භාෂාව, (ලිවීමේදි හා කියවීමේදි භාවිතා වන) සහ මුහුණෙන් වන හැගීම් ප්‍රකාශ කිරීම් හා ඉරියව් අන්තර්ගත වේ. මුඛයේ ස්වරාලයේ සහ ග්‍රසනිකාවට අයත් ගැලීමේ ක්‍රියාවලිය ආශ්‍රත රෝග කථන චිකිත්සාව යටතේ ප්‍රතිකාර කරනු ලැබේ. රෝයේ තීව්‍රතාවය හා ස්වභාවය අනුව ඒ සදහා ලබාදෙන ප්‍රතිකාර ක්‍රම ශාරීරික සුවතා ව්‍යායාම, නිරතුරුවම සිදුකරන පුහුණු වීම්, සන්නිවේදනය වැඩිදියුණු කිරීම සදහා ශ්‍රව්‍ය දෘෂ්‍යක්‍රම භාවිතා කිරීම වැනි ඒවා වේ. කථන චිකිත්සාව සදහා සංඥා භාෂාව හා පින්තූර මගින් සංකේත ක්‍රම භාවිතා කිරීම සිදුවේ.
භාෂා චිකිත්සකවරුන් ගිලිමේ ඇති අපහසුතාවන් සදහා ප්‍රතිකාර කිරීම සදහාද පුහුණු වී ඇත.
මෙය,
කථන හා භාෂා ව්‍යාධි විද්‍යාව (SLP) ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේද
එක්සත් රාජධානියේ, අයර්ලන්තන් හා දකුණු අප්‍රිකාවේ කථන හා භාෂා චිකිත්සාව ලෙසද
ඕස්ට්‍රේලියාවේ කථන ව්‍යාධි විද්‍යාව ලෙසද
නවසිලන්තයේ කථන භාෂා චිකිත්සාව ලෙසද හැදින්වේ.
මීට අමතරව වෙනත් ආකාර වලින් ද මෙය විස්තර කොරේ.
මෙය කථනය ඇති කරන්නා වු අවයව වල ඇති වන රෝගි තත්වයන් කෙරෙහි ප්‍රතිකාර ලබාදෙන්නා වු වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යනයකි. කථන අවයව වන්නේ මුඛයා උගුර, ස්වර තන්තු හා පෙනහළුය. ස්වර තන්තු වල හා ස්වරාලයේ ඇති පිළිකා ස්වර තන්තු වල අක්‍රමිකතා සහ කථනය ඇති කරන අවයව වල කථන පාලනයෙහි අක්‍රමිකතා සදහා මෙහිදි ප්‍රතිකාර කෙරේ.
ඇමරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය වෛද්‍යවරුන්ද කථනය හා සම්බන්ධ රෝග තත්ත්ව සදහා පුහුණු කොට ඇත. මෙම කථන චිකිත්සාව වෛද්‍ය ක්ෂේත්‍රයේ තවත් උපක්ෂේත්‍රයකි. මෙම කථන චිකිත්සකවරුන් කථන අපහසුතා සහ ගිලීමේ අපහසුතා පිලිබදව ප්‍රතිකාර කරති. මෙමගින් ස්වරාලයේ අක්‍රමිකතා උගුර බැරැන්ඩිවීම සහ ගැස්ට්‍රයිස්ට් රෝගය හා සම්බන්ධ ආහාර උගුරට ඒම හදුනාගැනීම සහ ප්‍රතිකාර කිරීම සිදු කෙරේ. මෙම කථන චිකිත්සකවරුන් මගින් ප්‍රතිකාර ලබන රෝගීන් අතරට කථන ආබාධ ඇති කුඩා ළමුන්, ස්වරාල සැත්කම් කරන ලද රෝගීන්, ගිලිමේ අපහසුතා ඇති රෝගීන් සහ ස්වරාල අබාධ ඇත්තවුන් අන්තර්ගතවේ.
දුර්අක්‍ෂරතාව
|
9,698 |
https://si.wikipedia.org/wiki/%E0%B6%A0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%20%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%20%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA
|
චර්ම රෝග නිර්ණය
|
අක්‍රමවත් වර්ණයක් හෝ හැඩයක් සහිතව සමෙහි ඇතිවන උපන් ලපයක් චර්ම රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය වරයෙකු මගින් පරීක්ෂා කොට බැලීම මගින් එය බරපතල සහ ජීවිතයට අවධානම් එල්ල කරන සමෙහි පිළිකා විශේෂයක් වන මාරාන්තික මෙලනෝමාවක් දැයි යන්න නිර්ණය කළ හැකිය. ඇසට පෙනෙන දේ පිළිබද අධ්‍යයනය කිරීමෙන් සහ ඩර්මොටොස්කෝපික පරීක්ෂණයකින් පසුව (මෙය ඉහත කී ආකාරයේ උපන් ලපයකින් ආලෝකය පරාවර්ථනය කිරීමක් සිදුනොවී දර්ශනය කරගත හැකි නව උපකරණයකි.) චර්ම රෝග විශේෂඥයකු විසින් සැක සහිත උපන් ලපයෙහි කොටසක් ලබාගෙන බයොප්සි පරීක්ෂාවකට ලක්කරයි. මෙය මාරාන්තික පිළිකා කාරක ඇත්නම් එය මුළුමනින්ම ඉවත් කරනු ලැබේ.
සායනික ඉතිහාසය
වෛද්‍යවරයෙකු හමුවීමට ගිය විට ඔහු මුලින්ම රෝගය පිළිබදව අවබෝදයක් ලබාගන්නේ රෝගියා විසින් හෙළි කරන තොරතුරු වලිනි. අනෙකුත් සමෙහි රෝගවලින් නිවැරදි රෝග නිර්ණයක් ලබාගැනීම සදහා වෛද්‍යවරයා විසින් වඩාත් සවිස්තර ලෙස රෝග ලක්ෂණ ඇති වූ කාලසීමාව, රෝගය ඇති වීමේ රටාව, කැසීමක් හෝ වේදනාවක් ඇත්ද යන වග විවිධ ආහාර වර්ග හිරු එළිය ඇතැම් ඖෂධ හා ඇදුම් මගින් රෝගයෙහි තත්වය උත්සන්න කරත් ද නැත්ද යන වග පිළිබදව තොරතුරු ලබාගැනේ. සමෙහි රෝග ඇති වීම සදහා වෙනත් නිදන් ගත රෝගයක් ඇති බවට සැක කෙරෙන අවස්ථාවන්හි දී අමතර සවිස්රාත්මක ලෙස රෝග ලක්ෂණ පිළිබදව ප්‍රශ්න කිරීමක් සිදුකරන අතර එමගින් රෝගයට හේතුව අවබෝධකර ගත හැකිය. (Lupus erythematosus රෝගීන්ට හන්දිපත් වේදනාව ඇති වන අවස්ථාවන්හි දී )
රෝගියා පරීක්ෂා කිරීම
චර්ම රෝග පිළිබද රෝග නිර්ණයකට පැමිණිමේ දී රෝගය ඇතිවන්නාවූ අවයවය දැක බලා ගැනිමේ හැකියාව ලැබීම මගින් රෝග නිර්ණය කිරීමට පහසු වේ. රෝගියා පරීක්ෂා කිරීම සිදුකරනු ලබන්නේ දිප්තිමත් ආලෝකයක් සහිතවය. මෙහිදී ඇතැම් දිලීර රෝග සහ දුර්වර්ණ ලප ඇති අවස්ථාවන්හි දී වෛද්‍යවරයා විසින් Wood’s ආලෝකය භාවිතා කරනු ලබන අතර Dermatoscope නම් උපකරණය මගින් සැක සහිත කැළල වඩා විශාල කොට දර්ශනය කර ගත හැකිය. මෙම උපකරණය මගින් සාමාන්‍ය උපන් ලපයක් මෙලනෝමාවක් මගින්ද Seborrheic Keratosis සාමාන්‍ය ලපයකින් ද වෙන්කර ගත හැකිය. සමෙහි ඇති වන රෝග පිළිබදව රූප විද්‍යාත්මක වර්ගීකරණයක් එම රෝග පිළිබදව නිර්ණයකට ඒම සදහා උපකාරී වේ. සමෙහි රෝග පිළිබදව රෝග නිර්ණයන් හට පැමිණීමේ දී රෝග ලක්ෂණ සහ අදාල තුවාලයෙහි පැතිරීම උපකාරීවේ.
ක්ෂුද්‍ර ජීව විද්‍යාව
සැක සහිත ආසාදිත සමෙහි ඇති පැල්ලමෙන් ලබා ගන්නා ලද කොටස් වර්ධක මාධ්‍යයක වර්ධනය කිරීම මගින් හෝ ග්‍රෑම් වර්ණකය මගින් වර්ණ ගැන්වීමෙන් රෝගය ඇති කිරීමට හේතු වන ව්‍යාධිජනකයා හදුනා ගත හැකි අතර සෘජුවම අදාල ප්‍රතිකාර ක්‍රමය ලබාදිය හැකිය.
බයොප්සි පරීක්ෂණය
ඇතැම් අවස්ථාවන්හි දී සමෙහි ඇතිවන පිළිකා තත්වයක් පිළිබදව සැක සහිත නම් චර්ම රෝග විශේෂඥවරයා විසින් අදාල ප්‍රදේශය හිරිවැට්ටවීමකින් පසුව කුඩා පටක කොටසක් ලබාගෙන ව්‍යාධිවේදය පිළිබදව විශේෂඥ දැනුමක් ඇති චර්ම රෝග විශේෂඥවරයෙකු ලවා පරීක්ෂා කර ගැනීමකින් නිවැරදි රෝග නිර්ණයකට එළෙඕ.
References
http://en.wikipedia.org/wiki/Dermatology#Diagnosis
ක්‍ෂුද්‍රජීවවේදය
ජීව විද්‍යාව
|
9,702 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%20%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%20%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
|
පිළිකා රෝග අධ්‍යයන විද්‍යාව
|
පිළිකා රෝග අධ්‍යයන විද්‍යාව () යනු පිළිකා වල වර්ධනය, රෝග නිර්ණය, ප්‍රතිකාර ක්‍රම සහ වළක්වා ගැනීම පිළිබදව අධ්‍යයනය කරනු ලබන වෛද්‍ය විද්‍යාවෙහි එක් ශාඛාවකි. පිළිකා රෝග පිළිබදව විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය වරයෙකු පිළිකා රෝග විශේෂඥවරයෙක් නම් වේ. Oncology යන වදන ග්‍රීක භාෂාවෙන් ගෙඩියක් යන තේරුම ඇති onkos සහ අධ්‍යයනය යන තේරුම ඇති - ology යන වචන වලින් බිදි ආවකි.
පිළිකා රෝග විශේෂඥයකු විසින් පිළිකා රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී භෞත චිකිත්සකයින්, උපදේශකයින් සහ සායනික ජාන විද්‍යාව යන අංග වල උපකාර ලබාගනී. වෙනත් ආකාරයකින් පැවසුව හොත් පිළිකාරෝග පිළිබද විශේෂඥවරයෙකුට රෝගියෙකුට ප්‍රතිකාර ලබාදීමේදි ව්‍යාදි වේදියෙකුගේ උපදෙස් ලබාගනිමින් අදාල පිළිකාවෙහි නියම ජීව විද්‍යාත්මක තත්වය පිළිබද අවබෝධයක් ලබාගත යුතුය.
පිළිකා රෝග අධ්‍යයන විද්‍යාවේදි;
පිළිකා රෝග හදුනා ගැනීම
ප්‍රතිකාර කිරීම (උදා - ශල්‍යකර්ම, රසායනික චිකිත්සාව, විකිරණ චිකිත්සා සහ අනෙකුත් ක්‍රම)
සාර්ථක ප්‍රතිකාර ක්‍රම වලින් පසු පිළිකා රෝගීන් පිළිබද සොයා බැලීම.
පිළිකා රෝග මගින් අසාධ්‍යයට පත් වු රෝගින් හට සහනයක් ලබාදෙන ප්‍රතිකාර ක්‍රම ලබාදීම.
පිළිකා රෝග සදහා ප්‍රතිකාර කිරීමේ දී ආචාර ධර්ම පිළිබද සැලකීමට ගැනීම.
රෝග විමර්ශනය කිරීම. පිළිබද අවධානය යොමු කෙරේ.
ජනගහනයක් තුළ හෝ;
ප්‍රවේනි ගත උරුමයක් ඇති (පියයුරු පිළිකා) පිළිකාවන් සහිත රෝගීන්ගේ ඥාතීන්.
ජීව විද්‍යාව
|
9,704 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%20%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A
|
ප්ලාස්ටික් සැත්කම්
|
ප්ලාස්ටික් සැත්කම් යනු පුද්ගලයෙකුගේ පෙනුම හෝ දේහයේ ක්‍රියාකාරීත්වය වෙනස් කර ගැනීම සදහා විවිධ ශල්‍ය වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය නොවන උපක්‍රම භාවිතා කරමින් සිදුකරන වෛද්‍ය විද්‍යාවේ විශේෂ වූ අංගයකි. මේවා කෙනෙකුගේ රූප සෝබාව වර්ධනය කරගැනීමට හෝ යම් අවයවයක් යතා තත්ත්වයට පත්කර ගැනීම සදහා සිදුකරගනු ලබන සැත්කමක් විය හැකිය. පෙනුම වර්ධනය කරගැනීම සදහා මෙම සැත්කම් සිදුකිරීමේදී බාහිර රූප සෞන්දර්යය කෙරෙහි පමණක් අවධානය යොමු කෙරේ. මේ නිසා ප්ලාස්ටික් සැත්කම් ඇතැම් අවස්ථාවලදී රූ වඩවන ශල්‍ය කර්මයක් යන වැරදි තේරුම් ඇතිව ව්‍යවහාර වේ. ඇතැම් අවස්ථා වලදී රුව වඩවන හා ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන අංග දෙකම ඉටු කරන සැත්කම්ද සිදු කෙරේ. ප්ලාස්ටික් යන වචනය ප්ලාස්ටිකොස් යන ග්‍රීක වදනින් බැදී එන්නකි. මෙය ෙවනස් කිරීම හෝ හැඩ කිරීම යන අරුත් දේ. පොලිමර් ද්‍රව්‍යයන්ගෙන් සෑදුනු අප එදිනෙදා භාවිතා කරන ප්ලාස්ටික් සමග මෙහි කිසිදු සබදතාවයක් නොමැත. ප්ලාස්ටික් සැත්කම් සිදුකරන වෛද්‍යවරු සිරුරේ ඇට, කාටිලේජ, පේෂි, මේදය හා සමෙහි හැඩගැන්වීම් සහ වෙනස් කම් ඇති කරති.
නිර්මාණාත්මක ප්ලාස්ටික් සැත්කම්
මේවා පහත සඳහන් අවස්ථාවලදී සිරුරේ ක්රියාකාරීත්වයේ සිදුවන වෙනස්වීම් යථාතත්ත්වයට පත්කරගැනීම සඳහා සිදු කෙරේ.
පිලිස්සීම
මුහුණේ අස්ථි බිදීයාම වැනි අනතුරු නිසා වන තුවාල
උපතේදී පිහිටන අසාමාන්‍යතා
නොයෙක් රෝග හෝ ආසාදන නිසා වන වෙනස් වීම්.
පියයුරු පිලිකා වලදී, හිසෙහි හා ගෙලෙහි ඇති වන පිලිකා හා බඩවැලෙහි වූ පිළිකා
ඉහත කී සැත්කම් සාමාන්‍ය යෙන් සිදු කරනු ලබන්නේ දේහයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම සඳහා වුවද සාමාන්ය පෙනුම ආසන්න වශයෙන් හෝ ලබාදීම සඳහා ද ඒවා සිදුකෙරේ. මෙම සැකත්කම් සඳහා රක්ෂණාවරණයක් සිදුකරන අතර අදාල සැත්කමට අනුව එය විවිධ වේ.
මෙලෙස බහුලව සිදු කරන ශල්‍ය කර්ම වන්නේ පියයුරු පිලිකා වලදී පියයුරු ඉවත කල පසු ඒවා නැවත පෙර පරිදිම යථා තත්ත්වයට පත් කිරීම සිදු කරන ශල්‍ය කර්ම , තල්ලෙහි හා තොල් වල ඇති වන විකෘත්ති තා, අධිකව පිලිස්සීම නිසා සිදුවන විකෘති, උපතින්ම බාහිර කන පිහිටා නොමැති රෝගීන්ට එය නැවත යථාතත්ත්වයට පත් කිරීම සහ හිසෙහි හා ගෙලෙහි සැත්කම් මගින් ඇති වන හිදස් පිරවීම සඳහා වන සැත්කම්ය.
සිරුරේ කැළල වැසීම සදහා අදාල ස්ථානයේ පටක කොටස් නොමැති වූ විට ශල්‍ය වෛද්‍ය වරුන් ක්ෂුද්‍ර සැත්කම් ක්‍රම භාවිතා කෙරේ. මෙහිදී සම පේශී, ඇට , මේද, සහිත වූ පටක කොටස් ඉවත් කොට ඒවා දේහයේ වෙනත් ස්ථානයක මිලිමීටර් 1 - 2 ප්‍රමාණයේ ධමනි ශිරා සහිත රුධිර සැපයුම සමග බද්ධ කිරීම සිදුකෙරේ.
මූලාශ්‍ර
සැත්කම්
ශල්‍ය වෛද්‍ය විද්‍යාව
|
9,707 |
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%20%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA
|
ක්‍රීඩා වෛද්‍යවේදය
|
ක්‍රීඩා කිරීමේදී හා ව්‍යායාම් කිරීමේදී අස්ථි හා මාංශපේෂීන් හි ඇතිවන ආබාධ වළක්වාගැනීම , හදුනාගැනීම හා ප්‍රතිකාර කිරීම සදහා වු විශේෂ වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන් මේ නමින් හැදින්වේ. මෙම ක්‍රීඩා වෛද්‍ය කණ්ඩායමට අදාල ක්‍රීඩකයා හැරුණු විට කායික වෛද්‍යවරයෙක් , ශල්‍ය වෛද්‍යවරයෙක් , මලල ක්‍රීඩා පුහුණු කරුවන් හා අනෙකුත් පුහුණු කරුවන් , භෞත චිකිත්සකයින් හා වෙනත් පුද්ගලයින් අයත්වේ. ක්‍රීඩාවෙහි ඇති තරගකාරීත්වය නිසාම ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවේ ප්රධාන අරමුණ වනනේ අදාල රෝගියා ඉක්මනින් සුවපත් කර ගැනීමයි. මෙමගින් මෙම ක්ෂේත්‍රයෙහි නව ක්‍රමෝපායන් හා අදහස් ඇතිවී තිබේ.
ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව යන්න බොහෝ විට අර්ථ දක්වීම අපහසු වේ. එසේ වන්නේ එය සෞඛ්‍ය සේවකයින් , පර්යේෂකයින් සහ අධ්‍යාපනවේදීන් සහභාගීකරවා ගන්නා විවිධත්වයකින් යුක්ත වෙසෙසියාවක් බැවිනි. මෙමගින් ප්‍රතිකාර කිරිම සහ පුනරුත්ථාපනයට අමතරව වලක්වාගැනීම පිළිබදවද අවධානය යොමු කෙරේ.
මෙහි පුළුල් පරාසයක් ඇතත් ක්‍රීඩා සම්බන්ධෙයන් ඇතිවන ආබාධ මාංශ පේශීවල හා අස්ථිවල හටගන්නා බැවින් එය විකලාංග වෛද්‍ය ක්ෂේත්‍රයේම අංගයක් ලෙස බොහෝ දෙනා සිතති. ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව මීට අමතරව තවත් බොහෝ පුළුල් පරාසයක විහිදී පවතී. ක්‍රීඩාවේදී ඇතිවන රෝගාබාධ හෝ අනතුරු පරිසරාත්මක ශාරීරික සහ මානසික යන හේතුන් නිසා ඇතිවිය හැකිවේ. ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව හෘද රෝග , ශ්වසන රෝග , චර්ම රෝග , අක්ෂි රෝග , පුනරුත්තාපනය හා විකලාංග වේදය , දන්ත වෛද්‍ය , භෞතවේදය , ජීව කාර්මික විද්‍යාව හා අනතුරු පිළිබදව අධ්‍යයනය කෙරෙන විශේෂඥ ක්ෂේත්‍රයකි. උදාහරණයක් ලෙසට පුහුණුවීම් සිදුකරන අවස්ථාවන්හිදී සිදුවන දේශගුණික විපර්යාස හා භූමි මට්ටමේ වෙනස්වීම් අදාල ක්‍රීඩකයාගේ දක්ෂතා අඩපණ වීමක් සිදුවිය හැකි අතර එය ජීවිතයටද තර්ජනයක් එල්ල කරයි. ක්‍රීඩිකාවන්ගේ මාස්ශුද්ධියේ වු අක්‍රමිකතා , අස්ථිවල ඝණත්වය හා සම්බන්ධ රෝග , ආහාර , වයස්ගතවීම හා ගැබිනි සමය ආශ්‍රිතව ඇතිවන අපහසුතා පිළිබදව ප්‍රතිකාර කිරීම සදහා පුළුල් පරාසයක් ඔස්සේ ව්‍යාප්ත වු දැනීමක් අවශ්‍ය වේ. අන්තරාසර්ග පද්ධතිය ආශ්‍රිත රෝග හා ක්‍රීඩකයන්ගේ අනෙකුත් රෝග සදහා ප්‍රතිකාර කිරීමට වෛද්‍ය විද්‍යාවේ සහ ක්‍රීඩාව සම්බන්ධ විශේෂඥ දැණුම අවශ්‍ය වේ.
ක්‍රීඩාවේදී නොයෙකුත් ඖෂධ වර්ග භාවිතා කිරීම , මත් ද්‍රව්‍ය වර්ග භාවිතය පාලය කිරීම සහ ක්‍රීඩකයින්ගේ ලිංග නිර්ණය කිරීම සංකීර්ණ මානසික , නීතිමය හා සෞඛ්‍යමය ගැටළු පැනනංවයි. ජාත්‍යන්තර ක්‍රීඩා අවස්ථාවන්හිදී විදෙස් රටවල්හි අදාල දේශගුණයට ඔරොත්තු දෙන පරිදි ක්‍රිඩකයින්ගේ සෞඛ්‍ය තත්වය සමතුලිතව පවත්වා ගැනීම තවත් ගැටළුවකි. මෙමගින් නව ක්ෂේත්‍රයන්හි අධ්‍යයනයන් හා වඩාත් ව්‍යාප්ත වු සායනික හා මුලික විද්‍යාවන් ආශ්‍රිත සමීක්ෂණයන් වැඩි දියුණු වී ඇත.
ජීව විද්‍යාව
|
9,708 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%20%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%20%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA
|
ප්ලාස්ටික් සැත්කම්වල ඉතිහාසය
|
ප්ලාස්ටික් සැත්කම් බුද්ධ වර්ෂ 700 තරම් දිගු ඉතිහාසයකට දිවෙයි. අතීත ඉන්දියාවෙහි බුද්ධ වර්ෂ 8 වන සියවසේ මුල් යුගයේ විසූ සුශ්‍රැත නම් වෛද්‍යවරයා හට හම බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීමට හැකියාව කිබූ බවට වාර්තා ඇත. සුශ්‍රැත සම්හිතයෙහි ඔහු විසින් සිදු කරන ලද නාසයෙහි සහ කනෙහි සැත්කම් පිළිබදව විග්‍රහ කෙරේ. 18 වන ශත වර්ෂයේ අග භාගය වන තෙක්ම ඉන්දියාවෙහි පැවති ප්ලාස්ටික් සැත්කම් පිළිබදව වූ දැනුම ගැන Gentleman’s Magazine නම් කෘතියෙහි සදහන් වේ.
බුද්ධ වර්ෂ පළවන සියවසෙහි මුල භාගයෙහි විසු රෝමාණුවන් හට විනාශ වූ කණක් බද්ධ කිරීම වැනි සරළ ක්‍රමෝපායන් සිදු කිරීමට හැකියාව තිබූ බවට සාක්ෂි ඇත. 1465 දී රචිත ග්‍රන්ථ වලට අනුව අධෝව්‍යපනිය පිළිබදව (Hypospadias) වර්ගීකරණයක් විස්තරාත්මකව සදහන් කර ඇත. මෙහිදී බාහිර මුත්‍ර විවරය පිහිටීම පිළිබදව විස්තරාත්මක විග්‍රහයක් ලබාදී ඇත. තවද උභයාර්ථ ලිගේන්ද්‍රිය පිළිබදව වර්ගීකරණය හා විස්තර කිරීමක් කර ඇත. පහලොස් වන ශතවර්ෂයේ මැද භාගයේ දී යුරෝපයෙහි Heinrich Von Pfolspeundt විසින් සුනඛයන් විසින් කා දමා විනාශ කරනු ලැබූ නාසයක් නැවත පුනරුත්ථාපනය කිරීම පිළිබදව විග්‍රහ කර ඇත. මෙය සිදු කිරීම අතෙහි පිටුපසෙහි ඇති සම කොටසක් ඉවත් කර එය අදාල ස්ථානයට බද්ධ කිරීම මගින් කෙරේ. නමුත් හිසෙහි හෝ මුහුණෙහි සිදු කරන සැත්කම් සදහා ඇති අවධානම හේතු කොට ගෙන 19 වන සහ 20 වන ශත වර්ෂයන් වන තෙක්ම ඒවා බහුලව සිදු නොවුනි.
නිර්වින්දන ක්‍රම පිළිබදව සොයාගැනීම් ඇති වීමට ප්‍රථම සිදු කරන ලද සියලුම සැත්කම්වල දී රෝගියාට අතිශය වේදනාකාරී තත්වයන්ට මුහුණ දීමට සිදු වුණි. සැත්කම් නිසා ඇතිවන බැක්ටීරියා ආසාදන ප්‍රමාණය විෂබීජහරණ ක්‍රම හා ජීවානුහරණ ක්‍රම හදුන්වාදීමත් සමගම කැපී පෙනෙන ලෙස පහත වැටුණි. තවද පෙනිසිලින් සහ සල්ෆර් අන්තර්ගත ප්‍රතිජීවක ඖෂධ හදුන්වාදීමත් සමගම ඉහතකී ආසාදනයන් වළක්වා ගැනීමට හැකියාවන් ලැබුණි.
1791 දී Chopart විසින් බෙල්ලෙන් ලබා ගන්නා ලද පටක කොටසක් භාවිතා කර තොලෙහි සැත්කමක් සිදු කරන ලදී. 1814 දී Joseph Carpue විසින් රසදිය මගින් සිදු කරන ලද ප්‍රතිකාර ක්‍රමයක් හේතුවෙන් සිය නාසය අහිමි වූ බ්‍රිතාන්‍ය හමුදා සේවකයෙකු හට සැත්කමක් සාර්ථක ලෙස සිදුකරන ලදී. කාල්ෆර්ඩිනන්ඩ් නම් ජර්මානු ජාතික ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් 1818 දී ඔහු විසින් නාසයෙහි සිදු කරනු ලැබූ සැත්කම් පිළිබදව ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කරන ලදී. ඔහු විසින් මුල් යුගවල දී සිදු කරන ලද සැත්කම් ක්‍රමයට වඩා නිදහස් සම බද්ධ කිරීමේ ක්‍රමයක් උපයෝගී කර ගනිමින් නව ඉතාලි ක්‍රමයක් භාවිතා කරන ලදී. 1845 දී Johann Friedrich Dieffenbach විසින් නාසයේ සිදු කරන සැත්කම් පිළිබදව විස්තරාත්මක විග්‍රහයක් රචනා කරන ලදී. මෙය Operative Chirurgie ලෙස නම් කරන ලද අතර පුනුරුත්ථාපනයට පත් කරන ලද නාසයක් නැවත සැත්කමකට භාජනය කිරීම මගින් එහි පෙනුම වැඩි දියුණු කර ගත හැකි අන්දම විස්තර කරන ලදී. ඇමරිකානු උගුර ,කන , නාසය පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකු වූ ජෝන් රෝ විසින් තරුණ කාන්තාවකගේ නාසයෙහි වූ ගැටිත්තක් සැත්කමක් මගින් ඉවත් කර යථා තත්වයට පත් කරන ලදී. 1892 දී Robert Weir විසින් ගිලුණු නාසයක සිදු කරන ලද බද්ධ කිරීමේ සැත්කමක් අසාර්ථක වුණි. 1896 දී ජර්මානු ජාතික මුත්‍රා රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකු වූ James Israel හා 1889 දී ඇමරිකානු ජාතික George Monks විසින් නාසයෙහි වූ ආබාධයක් සදහා සාර්ථකව අස්ථි බද්ධ කිරීමක් මගින් සැත්කමක් සිදුකරන ලදී. 1898 දී ජර්මානු ජාතික විකලාංග ශල්‍ය වෛද්‍යවරයකු වන Jacques Joseph විසින් ප්ලාස්ටික් සැත්කම් පිළිබදව මුල්ම සදහන් කිරරීමක් සිදුකරන ලදී. 1928 දී ඔහු විසින් Nasenplastik und Sonstige Gesichtsplastik ප්‍රකාශයට පත් කරන ලදී.
ඇමරිකා එක්සත් ජනපදයේ මුල්ම ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයා වූයේ වෛද්‍ය John Peter Mettauer ය. 1827 දී විදලිත තල්ල (Cleft Palate) සහිත රෝගියකු හට ඔහු විසින් නිර්මාණය කරගන්නා ලද උපකරණ භාවිතා කරමින් මුල්වරට සැත්කමක් සිදු කරන ලදී. නවසීලන්ත ජාතික උගුර ,කන , නාසය පිළබද විශේෂඥවරයකු වූ සර් හැරල්ඩ් ගිලීස් විසින් පළමු වන ලෝක යුද්ධයේ දී මුහුණෙහි තුවාල නිසා විකෘතිතා ඇතිවූ රෝගීන්හට නුතන ප්ලාස්ටික් සැත්කම් ක්‍රම සිදු කරන ලදී. ඔහු විසින් කරන ලද වැඩ කටයුතු ඔහුගේ ආදි ශිෂ්‍යයකු වූ Archibald McIndoe විසින් දෙවන ලෝක යුධ සමයේ දී වඩා ව්‍යාප්ත කරන ලදී. ඔහු RAF ගුවන් සේවකයන් දරුණු ලෙස පිලිස්සුම් තුවාල ඇති අවස්ථාවන්හි දී ප්‍රතිකාර ක්‍රම ලබාදුන් පුද්ගලයන් අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගනී. Archibald McIndoe විසින් සිදු කරන ලද පර්යේෂණාත්මක ප්‍රතිකාර ක්‍රම පසුකාලීනව Guinea Pig Club ඇති වීම සදහා හේතු වුණි. 20 වන ශතවර්ෂයේ දී ප්ලාස්ටික් සැත්කම් ඇමරිකා එක්සත් ජනපදය තුළ ඉමහත් වූ විශේෂ ඥාණයක් ලබා ගති. වෛද්‍ය Vilray Blair යනු මෙම ක්ෂේත්‍රයෙහි එක් නිර්මාතෘවරයකු වන අතර ඔහු සෙන්ලුවිස් මිසූරි හි වොෂින්ටන් සරසවියෙහි ප්ලාස්ටික් සහ ප්‍රතිසංස්කරණ සැත්කම් පිළිබදව ප්‍රධානියා විය. ඔහු විසින් පළමුවන ලෝක යුද්ධයේ දී සංකීර්ණ වශයෙන් මුඛය හා හණු ප්‍රදේශයෙහි තුවාල ඇතිවූ සෙබලුන්හට ප්‍රතිකාර කරන ලද අතර ඔහු විසින් රචිත ‘ මුහුණ ප්‍රතිසංස්කරණය කිරීමේ ශල්‍ය විද්‍යාව’ ප්‍රකාශනය මගින් එම ක්ෂේත්‍රයෙහි විශේෂඥ දැනුම ලබාගත හැකිය. ඔහු දන්ත වෛද්‍ය විද්‍යාව පිළබදව දැණුමක් නොමැතිව ඇමරිකානු මුඛ සහ ප්ලාස්ටික් සැත්කම් සංගමයට තේරී පත් වූ මුල්ම ශල්‍ය වෛද්‍යවරයා වන අතර ඔහු විසින් පසු කාලීනව ප්ලාස්ටික් සැත්කම් ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛයන් වූ ශල්‍ය වෛද්‍යවරුන් සදහා දැනුම ලබා දී ඇත.
References
http://en.wikipedia.org/wiki/Plastic_surgery#History
|
9,712 |
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%20%E0%B6%B7%E0%B7%9E%E0%B6%AD%E2%80%8D%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA
|
ව්‍යායාම භෞතවේදය
|
ව්‍යායාම භෞතවේදය යනු ව්‍යායාම කිරීමේ දී මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය හා සැකැස්වීම වෙනස්වන අන්දම පිළිබදව සිදුකරන අධ්‍යයනයකි. මේ සදහා ව්‍යායාමයේ දී සිරුරේ ඇතිවන ප්‍රතිචාර පිළිබද ව පුළුල් දැනීමක් හා සැලකිය යුතු මට්ටමක අධ්‍යයනය කිරීමත් අත්යාවශ්‍ය වේ.
ව්‍යායාම භෞතවේදීන් ද අධ්‍යයනය කෙරෙනුයේ මිනිස් ශක්ති පරිවහනය , ශක්තිය වැයවීම , ශක්ති ජනනය කිරීමේ හැකියාව , ස්නායු පද්ධතිය , ශ්වසන පද්ධතිය , රුධිර සංසරණය , අස්ථි හා මාංශ පේශී , අන්තරා සර්ග පද්ධතිය , රෝග ඇතිවීම පාලනය කිරීම , පුහුණු විමේ ක්‍රම අවට පරිසරයේ බලපෑම සහ ශක්ති ජනක ක්‍රම ආදිය ගැනයි.
ව්‍යායාම භෞත වේදය විවිධ රසායනික ක්ෂේත්‍රවල විශේෂණය වී ඇත. ඒවා නම් හෘද පුනරුත්තා පනය , සමීක්ෂණ මත පදනම් වූ ව්‍යායාම භෞතවේදය (උදා - උණුසුම දරා ගැනීමේ ක්‍රියාකාරකම් , භූමියෙහි උස වෙනස්වීම අනුව ක්‍රියාකාරකම්වල වෙනස්වීම , ද්‍රව තුලිතතාව , සෛල තුළ ලැක්ටේට් යාන්ත්‍රණය , චාලක ක්‍රියා , සහ පේශී තන්තුවල ඇදීමේ හැකියාව) සහ රෝග හා ආබාධ වළක්වා ගැනීම සදහා ශාරීරික සුවතාවය වර්ධනය කරගැනීමේ වැඩසටහන් ආදියයි.
ඕස්ට්‍රේලියාවේ ව්‍යායාම භෞතවේදය
ව්‍යායාම භෞතවේදියෙකු යනු ශාරීරික සුවතාවය පිළිබදව වූ ක්ෂේත්‍රයන්හි ව්‍යායාම , පුනරුත්ථා පන සෞඛ්‍ය හා ශාරීරික යෝග්‍යතාව පිළිබදව විශේෂඥ දැනුමක් ඇති වෘත්තිකයෙකි. ශාරීරික සුවතාවය හා පුනරුත්තාපනය පිළිබදව ඇති දැනුම් සම්භාරය ඉහළ යත්ම එහි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විශේෂඥයින්ගේ නැගී ඒම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.
ව්‍යායාම භෞතවේදියෙකු මගින් වෘත්තිමය සේවාවන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සැපයේ. ඒවානම් චිකිත්සක් හා පුනරුත්ථා පන ක්‍රමයක් ලෙසට ව්‍යායාම යොදා ගැනීම , රෝග වළක්වා ගැනීම සහ ස්වාධීනව හොදින් ක්‍රියාකාරී වීම සදහා යන ක්ෂේත්‍ර ඔස්සේය.
ව්‍යායාම
|
9,714 |
https://si.wikipedia.org/wiki/%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BA%20%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%20%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA
|
ලාංකීය ආයුර්වේද සම්ප්‍රදාය
|
ශ්‍රී ලංකාව සතුව එයටම ආවේණික වු සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයක් ඇත. මෙම ක්‍රමය සියවස් ගණනාවක සිට දිවයින තුළ පුරුදු පුහුණු කොට ඇත. ශ්‍රී ලංකාවේ ආයුර්වේද සම්ප්‍රදාය ඉන්දියාවේ 'සිද්ධ' ආයුර්වේද ක්‍රමයද අරාබියේ 'යුනානි' වෛද්‍ය ක්‍රමයේද සම්මිශ්‍රණයකි. වඩාත් වැදග් වන්නේ දේශීය චිකිත්සා හෙවත් සිංහල වෙදකම යනුවෙන් හැදින්වෙන ලංකාවට පමණක් ආවේණික වු දේශීය වෛද්‍ය ක්‍රමයයි.
ඉතිහාසය
වසර තුනදාහක කාලයක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන වට්ටෝරු ක්‍රම පදාක කර ගැනීමෙන් ශ්‍රී ලංකාව තුළ එය ආවේණික වු දේශීය ආයුර්වේද පද්ධතියක් ගොඩ නැංවී ඇත. වෛද්‍යවරුන් වශ යෙන් ප්‍රචලිත ව සිටි පුරාණ රජවරුද ආයුර්වේදයේ ජීවනය සහ දීර්ඝ කාලීන පැවැත්ම තහවුරු කිරීම සදහා කැපී පෙනෙන ප්‍රයත්නයක් ගත්හ. ක්‍රි.ව. 398 දී විසු බුද්ධදාස රජතුමා ආයුර්වේදයෙහි ලා බොහෝ බලපෑමක් ඇතිකළ වෛද්‍යවරයෙකු ලෙස සදහන් කළ හැකිය. 'සාරාර්ථ සංග්රහය' නමින් එතුමා විසින් රචනා කළ සවිස්තරාත්මක ලේඛනය අද දින පවා ශ්‍රී ලාංකික වෛද්‍යවරු පරිහරණය කරති.
පුරාණ සෙල්ලිපි මගින්ද ආදි ශ්‍රී ලංකාව තුළ ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ සංවිධානාත්මක වෛද්‍ය සේවාවක් පැවති බවට සාක්ෂි ඇත. ලෝකයේ ප්‍රථමවරට රෝගීන් වෙනුවෙනුම කැපවුණු ආරෝග්‍යශාලා පද්ධතියක් පිහිටුවන ලද්දේ ශ්‍රී ලංකාවේ බවට වාර්තා වීඇත. මිහින්තලා කදු මුහදුනේ ලොව ප්‍රථම ආරෝග්‍ය ශාලාව පැවති බවට විශ්වාස කරන ගොඩනැගිල්ලක නටඹුන් ඇත. මෙම නටඹුන් කෙරෙහි ආකර්ශනය වන විදේශිකයෝද ඒවායේ ශ්‍රී විභූතිය දැක මවිත වෙති. එකළ පැවති රෝග සුව කිරීම සහ රෝගීන්ට ලබා දුන් සත්කාර පිළිබද සංකේතාත්මක හැගීමක් මෙම ස්ථාන වලට ගිය අපට දැනේ.
දුරාතීතයේදී ආයුර්වේද වෛද්‍යවරු සමාජ අනුක්‍රමාධිපත්‍යයෙහි උතුම් ස්ථානයක් හිමි කර ගත්තේ ඔවුන්ට රාජකීය අනුග්‍රහය හා උපකාරය ලැබීම හේතුකොටගෙනය. 'ඔබට රජෙකු වීමට නොහැකි නම් වෙදෙකු වන්න' යනු මේ හේතුවෙන් ගොඩ නැගුණු ප්‍රසිද්ධ කියමනකි. බුද්ධාගමෙහි ආගමනයක් සමග ආයුර්වේදය සහ රාජකීයයන් අතර පැවති අන්තර් සම්බන්ධතාවය ශ්‍රී ලංකාවේ දේශපාලනය කෙරෙහි ද බලපෑම් ඇති කොට ඇත.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙහි ඉලක්ක
රෝග වලක්වා ගැනීම
රෝග වලට ප්‍රතිකාර කිරීම හා සුව කිරීම
මෙම ඉලක්ක මගින් තුන් වැදෑරුම් ආකාරයකට සෞඛ්‍යය වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වෙයි.
මානසික
ශාරීරික
අධ්‍යාත්මික
කුමාර තන්ත්‍රය
ආශ්‍රිත
සිංහල අත් බෙහෙත්
ආයුර්වේදය
|
9,719 |
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%20%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%20%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
|
අනුබද්ධදාහය රෝග ලක්ෂණ
|
රෝග ලක්ෂණ බොහොමයක් දක්නට ලැබෙන්නේ දකුණු ජගන ලේනයේය. (Right iliac fossa) උදර කුහරයේ බිත්තිය ස්පර්ශ කිරීම ඉතා කුඩා පීඩනය කිරීමකට වුවද සංවේදී වේ. තවද, උදර කුහරයේ බිත්තිය මත පීඩනයක් යොදා අත ඉවතට ගැනීමේදී අධික වේදනාවක් ඇති වේ. උණ්ඩුකපුච්ඡය මහාඅන්ත්‍රයට පිටුපසින් පිහිටි අවස්ථා වලදී උදරකුහරයේ දකුණු පස පහළ කොටසෙහි ඉහත සදහන් කල පරිදි පීඩනයක් යෙදුව ද වේදනාවක් ඇති නොවනුයේ වාතය පිරී විස්තාරණය වී ඇති මහාඅන්ත්‍රයේ කොටස මගින් යොදනු ලබන පීඩනය ආසාදනය වූ උණ්ඩුකපුච්ඡය මත ක්‍රියාත්මක වීම වළක්වාලීම හේතුවෙනි. තවද,උණ්ඩුකපුච්ඡය ශ්‍රෝණිමේඛලාව තුළ පිහිටා ඇති අවස්ථා වලදී ද වේදනාවක් ඇති ෙනාවේ. මෙහි දී ගුදමාර්ගය තුළට ඇගිල්ලදමා පරීක්ෂා කිරීමේදී ගුදමාර්ගය සහ මුත්‍රාශය අතර ඇති කොටසෙහි වේදනාවක් ඇතිවේ. කහින විට McBurney’s Point නම් උදරකුහරය මත ඇති ස්ථානයෙහි වේදනාවක් ඇති වීම උණ්ඩුකපුච්ඡය ආසාදනය වී ඇති අවස්ථාවන් වලදී ඒ බව දැන ගැනීමට ඇති පහසුම සහ වේදනාව අවම මාර්ගයයි. උදර කුහරය ස්පර්ශ කිරීමේදී රෝගියා උදර කුහරයේ බිත්තිය තද කිරීමකට ලක් කරමින් වේදනාවට පත්වන්නේ නම් එය පරිතාන ප්‍රදාහය ඇති බවට තද බල සාක්ෂියකි. එවිට වහාම ක්‍රියාත්මක වන පරිදි සැත්කමක් මාර්ගයෙන් උණ්ඩුකපුච්ඡය ඉවත් කළ යුතුය. අනෙකුත් රෝග ලක්ෂණ වනුයේ ;
Rovsing’s ලක්ෂණය
මෙහිදී වම් ජගන ලේනය (Left iliac fossa) මත තද පීඩනයක් යෙදීම මගින් දකුණු ජගන ලේනයෙහි හි වේදනාවක් ඇති වේ. මෙය සොයාගනු ලැබුයේ Niels Thorkild Rovsing විසිනි. මෙම ලක්ෂණය උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය හදුනාගැනීමට භාවිතා කෙරේ. අවරෝහණ මහාන්ත්‍රිකය මත යොදන පීඩනයක් මගින් උදරකුහරයේ දකුණු පස පහළ කොටසෙහි වේදනාවක් ඇති වේ.
Psoas ලක්ෂණය
ඇතැම් අවස්ථා වලදී ආසාදිත උණ්ඩුකපුච්ඡය උදරකුහරයෙහි Psoas නම් පේෂිය මත පිහිටන අතර මෙහිදී රෝගියා දකුණු කකුල උකුල් ඇටය ලගින් නැවී සිටින අන්දමට පිහිටුවා ගැනීමෙන් වේදනාව අවමකර ගනී.
Obturator ලක්ෂණය
මෙහිදී ආසාදිත උණ්ඩුකපුච්ඡය Obturator internus නම් පේශිය සමග ස්පර්ශව පවතී. උකුල් ඇටය ලගින් පාදය නැවීමෙන් සහ ඇතුළතට කරකැවීමෙන් එම පේශි සංකෝචනය වේ. මෙමගින් අධශ්ඡඨරය (Hypogastriem) පෙදෙසෙහි වේදනාවක් ඇති වේ.
References
http://en.wikipedia.org/wiki/Appendicitis#Signs
|
9,723 |
https://si.wikipedia.org/wiki/%E0%B6%A7%E0%B6%BA%E0%B7%92%E0%B6%B4%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%20%E0%B6%8B%E0%B6%AB
|
ටයිපොයිඩ් උණ
|
ටයිපොයිඩ් උණ හෙවත් උණ සන්නිපාතය ඇති වනුයේ Salmonella enterica serovar Typhi නම් බැක්ටීරියාව මගිනි. මෙය ලොව පුරා බහුලව ඇති අතර රෝගය ව්‍යාප්ත වන්නේ ආසාදිත රෝගියෙකුගේ මළද්‍රව්‍ය මගින් අපවිත්‍රවු ආහාර හෝ ජලය පරිභෝජනයට ගැනීමෙනි. මෙලෙස ශරීර ගත වන බැක්ටීරියාවන් රුධිරය තුල ගුණනය වී ආහාර ජීරණ පද්ධතිය තුලට අවශෝෂණය වීමෙන් පසුව මළ පහ සමග පිටතට බැහැර කෙරේ. මෙම ජීවි විශේෂය ග්‍රෑම් වර්ණකයෙන් වර්ණ නොගැන්වෙන කුඩා දන්ඩක හැඩ ඇති බැක්ටිරීයාවක් වන අතර එහි ඇති කෂිකාව මගින් චලනය සිදු කර ගනී. මේ බැක්ටිරීයාව 370 C වු උෂ්ණත්වයෙහි හොදින් වර්ධනය වේ. (සාමාන්‍ය මිනිස් දේහ උෂ්ණත්වය)
රෝග වලක්වා ගැනීම
නිවැරදි සනිපාරක්ෂක ක්‍රම සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම මගින් ටයිපොයිඩ් උණ වලක්වාගත හැකිය. ටයිපොයිඩ් උණ සතුන්ට ඇති නොවන අතර එමනිසා රෝගය ව්‍යාප්ත වනුයේ එක් මිනිසකුෙගන් තවත් මිනිසකුට පමණි. මිනිසුන්ගේ මල පහ සහ මුත්‍රා පරිභෝජනය කරනු ලබන ආහාර සහ පානීය ජලය සමග ස්පර්ශ වීමට හැකියාව ඇති වටපිටාවක් පමණක් ටයපොයිඩ් උණ ව්‍යාප්ත වේ. එම නිසා සුපරික්ෂාකාරීව ආහාර පිලියෙල කිරීම සහ එයට පෙර දෑත් හොදින් සොදා ගැනීම ඉතා වැදගත් වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ටයිපොයිඩ් උණ වළක්වා ගැනීම සදහා එන්නත් වර්ග දෙකක් මේවන විට සොයා ගෙන ඇත. මේවා නම් ජීවි මුඛ එන්නතක් වන Ty21a සහ එන්නත් ගත කරනු ලබන VI පොලිසැකරැයිඩ එන්නතක්ය. මෙම වර්ග දෙකෙන්ම 50% සිට 80% දක්වා ආරක්ෂාවක් ලබාදෙන අතර ටයිපොයිඩ් උණ බහුලවම ඇති ප්‍රදේශ වලට යන සංචාරකයින්ට එය ලබාදෙනු ලැබේ. අජීවි සම්පුර්ණ බැක්ටීරියා සෛලය මගින් නිෂ්පාදනය කරන ලද පැරණි එන්නතක්ද ඇති අතර එය ඉහතින් සදහන් කරන ලද අළුත් එන්නත් වර්ග දෙක නොමැති රටවල් සදහා ලබාදේ. නමුත් මෙම එන්නතින් ඇති අතුරු විපාක ඉතා ඉහල බැවින් (එන්නත් ගතකරනු ලබන ස්ථානයෙහි වේදනාව සහ ආසාදනය වීම) මෙම එන්නත තවදුරටත් නිර්දේෂ නොකෙරේ.
රෝග ව්‍යාප්තිය
මළපහ ද්‍රව්‍ය මත ලැගුම් ගන්නා පියාඹන කෘමීන් මගින් දුර්වල සනීපාරක්ෂක සහ සෞඛ්‍ය ක්‍රමයක් ඇති වටපිටාවක අදාල බැක්ටීරියාව ව්‍යාප්ත විය හැකිය. වැසිකිලි ගිය පසු හොදින් අත්සේදීම සහ ආහාර ද්‍රව්‍ය ඇල්ලීමට ප්‍රථමයෙන් ද අත් සොදා ගැනීම පිලිබදව පොදු ජනතාව දැනුවත් කිරීම සහ උනන්දු කිරීම මගින් රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කල හැකිය. ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානය මගින් හෙලි කර ඇති දත්ත වලට අනුව පානීය ජලය ක්ලෝරීන් කරණය කිරීම මගින් ඇමරිකා එක්සත් ජනපදය තුල ටයිපොයිඩ් උණ පැතිරීම කැපීපෙනෙන ලෙස අඩුවී ඇත.
ආසාදිත පුද්ගලයෙක් රෝග ලක්ෂණ නොපෙන්වා අදාල බැක්ටිරීයාව සිරුර තුල රැගෙන යන පුද්ගලයෙකු විය හැකිය. නමුත් ඔහුට අනෙකුත් පුද්ගලයින් ආසාදනය කිරීමේ හැකියාව ඇත. රෝග පාලන මධ්‍යස්ථානයට අනුව ටයිපොයිඩ් උණ ඇති රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 5% ප්‍රමාණයක් රෝගය සුවවීමෙන් පසුව වුවද රෝග කාරක බැක්ටිරීයාව සිරුර තුල රැගෙන යයි. ලෝක ප්‍රසිද්ධව ඇති මෙලෙස රෝග ලක්ෂණ නොමැතිව අදාල බැක්ටීරීයාව රැගෙන යන පුද්ගලයකුවන්නේ ටයිපොයිඩ් මේරීය. ඇය ඇයගේ ජීවිත කාලය තුල පුද්ගලයින් 47 දෙනෙකුට රෝගය ඇති කල අතර ආසාදිත රෝගීන් තිදෙනෙකුට මරු කැදවු තරුණ කෝකියෙකි. සම්පුර්ණ වශයෙන් හොද සෞඛ්‍ය තත්ත්වයක් ඇති පුද්ගලයෙක් මගින් වසංගත රෝග තත්ත්වයක් ඇති කල මුල්ම අවස්ථාව ලෙස මෙය හැදින්වේ.
රෝග
|
9,724 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA
|
පාචනය
|
වෛද්‍ය විද්‍යාවේදී පාචනය යනු, නිරතුරුවරම තරලමය ආකාරයට මළපහ පිටවීමයි.
පාචනය බොහෝ පුද්ගලයන් තුළ අප්‍රසන්න හැගීමක් ඇති කළ ද සාමාන්‍යය සහ දරුනු තත්ත්වයේ පාචනයන් සංවර්ධනය වෙමින් පවතින රටවල ළදරු මරණ ඇති වීම කෙරෙහි ප්‍රධාන බලපෑමක් ඇති කරයි. ලොව පුරා පාචනය ප්‍රධාන වශයෙන් ඇති වන්නේ ‘ආන්ත්‍රික ප්‍රදාහය‘ හේතුවෙනි.
ඇතිවීමට හේතු
පාචනය බොහෝ විට ඇති වනුයේ වෛරස ආසාදනය, පරපෝෂිතයන් හෝ බැක්ටීරියා ධූලක මගිනි. සෞඛ්‍ය ආරක්ෂිත ජීවන තත්ත්වයක් සහිත ප්‍රමාණවත් පරිදි ආහාර සහ පිරිසිදු ජලය ඇති නිරෝගී පුද්ගලයෙකු වෛරස ආසාදනයක් මගින් දින කිහිපයක් තුළ යථා තත්ත්වයට පත්වේ. කෙසේ වුවද රෝගි සහ මන්ද පෝෂණයට ලක් වූ පුද්ගලයින්ට පාචනය ඇති වූ කල්හි ඔවුන් අධිකව විජලනයට පත් වන අතර නිසි ප්‍රතිකාර නොලැබුණ හොත් එය ඔවුන්ගේ ජීවිත අවධානමට ලක් කරයි. පාචනය ඇතැම් අවස්ථා වලදී අතීසාරය, Montezuma’s Revenge, කොළරාව සහ බැක්ටීරියානු ආහාර විෂවීම යන බැරෑරුම් රෝග තත්ත්වයන්හි ලක්ෂණයක් වන අතර ඇතැම් විට එය Crohn’s disease හෝ බිම්මල් විෂවීම යන රෝග තත්ත්වයන් ඇති බව පෙන්නුම් කරයි. උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය ඇති රෝගීන්ට සාමාන්‍යයෙන් පාචනය ඇති නොවුනද උණ්ඩුකපුච්ඡය පුපුරා ගොස් ඇති අවස්ථාවලදී පාචනය ඇති වේ.
ලැක්ටෝස් නම් සීනි වර්ගය ජීර්ණය කළ නොහැකි රෝගීන්ට කිරි ආහාර ගැනීමේදී පාචනය ඇති වේ.
පාචනය ඇති අවස්ථාවන්හිදි දේහයෙන් ඉවත් වන තරල ප්‍රමාණය නැවත යතා තත්ත්වයට පත් කරගැනීම සදහා ප්‍රමාණවත් පරිදි පානීය ද්‍රව්‍ය ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙලෙස ගන්නා පානීය ද්‍රව්‍යයන් පෝෂක ද්‍රව්‍ය ලවණ සහ ලුණු අන්තර්ගත වන පරිදි ගැනීම වඩාත් උචිත වේ. බොහෝ පුද්ගලයන් හට මීට වඩා ප්‍රතිකාර ලබාගැනීම අනවශ්‍ය වේ. පහත දැක්වෙන අවස්ථා වලදී පාචනය ඇති වන විට වෛද්‍ය උපසදස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
ළදරුවන්ට පාචනය ඇති වන අවස්ථා
කුඩා ළමුන් හට මධ්‍යම ප්‍රමාණයෙන් හෝ දරුණු ලෙස පාචනය ඇති වන අවස්ථා
පාචනය සමග රුධිරය පිටවන අවස්ථා
දින දෙකකට වඩා පාචනය පවතින අවස්ථා
උදරයෙහි වේදනාව, උණ සහ බර අඩු වීම වැනි රෝග ලක්ෂණ ඇති වන අවස්ථා
සංචාරකයින් හට පාචනය ඇති වන අවස්ථා (මෙහිදී බොහෝ විට පාචනය ඇති වනුවය් පරපෝෂීන් මගිනි.)
ආහාර ද්‍රව්‍ය අලෙවි කරන්නන් හට පාචනය ඇති වන අවස්ථා (මොවුන් අන්අයටද පාචනය ඇති කිරීමට වැඩි සම්භාවිතාවක් ඇත)
රෝහල් දිවා සුරකුම් මධ්‍යස්ථාන වැඩිහිටි සුරකුම් මධ්‍යස්ථාන වැනි ආයතන වල පාචනය ඇති වන අවස්ථා
කුඩා ළමයින්ගේ පාචන රෝග නිර්ණය කිරීමට දර්ශකයක් භාවිතා කිරීම.
මූලාශ්‍ර
රෝග
|
9,727 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%20%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C
|
පාචනයේ වර්ග
|
පාචනයේ වර්ග 4 කි. ස්‍රාවීය පාචනය , ආස්‍රැති පාචනය, ආහාර මාර්ගයේ චලනයන් හා සම්බන්ධ පාචනය සහ ආසාදිත පාචනය.
ස්‍රාවීය පාචනය
ස්‍රාවීය පාචනය යනු ආහාර මාර්ගයේ සක්‍රීයව සිදුවන ස්‍රාවයන්ගේ වැඩිවීමක් හෝ අවශෝෂණය අඩුවීමක් නිසා හටගන්නකි. මෙහිදී ආහාර මාර්ගය ආකෘතියේ සුළු වෙනස්වීමක් ඇති අතර බොහෝ අවස්ථා වලදී ආකෘතිය සාමාන්‍ය මට්ටමින් පවතී. මේ ආකාරයේ පාචනය ඇති වීමට ප්‍රධානතම හේතුව වන්නේ ක්ලෝරයිඩ් අයන වැනි ඇනායන ශ්‍රාවය වේගවත් කරන කොළරා ධූරක මගින් ඇති කරන පාචනයයි. මෙහිදී ආන්ත්‍රික කුහරය තුළ ආරෝපිත අයන වල සමතුලිතතාවය පවත්වා ගැනීම සදහා සෝඩියම් අයන ජලය සමග පිටතට ගමන් කරයි.
ආස්‍රැති පාචනය
ආස්‍රැති පාචනය ඇතිවන්නේ අන්ත්‍රය තුළ ආස්‍රැතික ද්‍රව්‍යයන්ගේ ප්‍රමාණය ඉහළ ගිය විට අන්ත්‍රය තුළින් අධිකව ජලය ඉවත්වන බැවිනි. මෙය ආහාර ජීරණයෙහි අක්‍රමිකතාවය නිසා ඇති විය හැකිය. උදා - අග්න්‍යාසයෙහි රෝග, සිලියැක් රෝගය. මෙහිදී ආහාර මාර්ගයේ කුහරය තුළ ඉතිරිවන පෝෂක පදාර්ථ වෙතට සිරුර තුළින් ජලය අවශෝෂණය කොට පාචනය ලෙස සිරුරෙන් ඉවත් කරයි.
ආහාර මාර්ගයේ චලනයන් හා සම්බන්ධ පාචනය
මෙය ඇති වන්නේ ආහාර ජීරණ පද්ධතියෙහි චලනයන් අසාමාන්‍ය ලෙස ඉහළ ගිය විටයි. මෙලෙස ආහාර ද්‍රව්‍ය ඉතා වේගයෙන් ගමන් කරන විට ප්‍රමාණවත් පරිදි පෝෂ්‍ය ද්‍රව්‍ය සහ ජලය අවශෝෂණය කිරීමට කාලයක් නොලැබේ. මේ නිසා වැඩි ජල ප්‍රමාණයකින් යුක්තව මළ ද්‍රව්‍ය පාචනය ලෙස බැහැර කෙරේ. වේගස් ස්නායුව ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීමේදී, දියවැඩියාව නිසා ස්නායු දුර්වල වීමේ දී සහ මාස්ශුද්ධිය ඇතිවීමේ දී වන සංකූලතාවයක් ලෙසට ඉහත කී පාචනය ඇතිවිය හැකිය.
ආසාදිත පාචනය
ආසාදිත පාචනය ඇති වන්නේ ආහාර මාර්ගයේ ශ්ලේෂ්මල පටක හෝ අංගුලිකා වලට හානිවීමක් සිදුවීමේදීය. මෙමගින් ප්‍රෝටීන වලින් අනුන තරලයක් අක්‍රීයව බැහැර කෙරෙන අතර මෙලෙස හානිවන තරලයන් නැවත සිරුරට අවශෝෂණය කරගැනීමේ හැකියාව අවම වේ. ඉහත සදහන් කළ පාචන වර්ග තුනෙහිම ලක්ෂණ මෙම වර්ගයේ පාචනයට ඇත. බැක්ටීරියා ,වෛරස , පරපෝෂි ආසාදන සහ ආහාර මාර්ගයෙහි ආසාදනයන් ඇති කරන ප්‍රතිශක්ති කරන පද්ධතියේ ගැටළු නිසාද ආසාදිත පාචනය ඇති වේ.
රෝග
|
9,732 |
https://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B7%84%E0%B7%92%20%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%20%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
|
දියවැඩියාවෙහි රෝග ලක්ෂණ
|
අධික ලෙස මුත්‍රා පිටවීම, දැඩිලෙස තිබහ ඇතිවීම සහ ආහාර රුචිය වැඩිවීම යනු දියවැඩියාවේ ප්‍රධාන රෝග ලක්ෂණ තුනයි. මෙමගින් නිතර නිතර මුත්‍රා පිටවීම නිසා වරින්වර ජලය පානයට ගැනීම අවශ්‍ය වීම සහ කුසගින්න ඉහළයාමක් සිදුවෙයි. පළමු වන වර්ගයේ දියවැඩියාව ඇති විශේෂයෙන් කුඩා ළමුන්ට ඉහත කී රෝග ලක්ෂණ ඉක්මනින් ඇති වේ. කෙසේ නමුත් දෙවන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන්ට රෝග ලක්ෂණ මතුවීම පමාවන නමුත් ඇතැම් අවස්ථා වලදී තදින් රෝග ලක්ෂණ නොපෙන්වන අතර විටෙක රෝග ලක්ෂණ නොමැතිව වුවද දෙවන වර්ගයේ දියවැඩියාව ඇති වේ. පළමු වන වර්ගයේ දියවැඩියාවේ දී වේගවත් සහ කැපී පෙනෙන ලෙස බරෙහි අඩුවීමක් සිදුවන අතර ඇග පතෙහි තෙහෙට්ටුවද ඇති වේ. බර අඩුවීම හැරුණු කළ අනෙකුත් රෝග ලක්ෂණ සියල්ලක්ම පාලනය නොකල දෙවන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන්ට අති විය හැකිය.
රුධිරයෙහි ග්ලුකොස් සාන්ද්‍රණය වකුගඩුවල ග්‍ලුකෝස්වල දේහලීය අගයට වඩා ඉහළ ගිය විට වකුගඩු වල අවිදුර සංවලිත නාලිකාවෙහි ග්ලුකොස් අවශෝෂණය අසම්පුර්ණ වන බැවින් මුත්‍රා සමග ග්ලුකෝස් පිට වේ. මුත්‍රා වල ආශ්‍රැතික පීඩනය ඉහළයාම නිසා වකුගඩු වලින් ජලය ප්‍රතිශෝෂණ කිරීම වැළකීමේන් මුත්‍රා නිෂ්පාදනය කිරීමේ වේගය වැඩි වන අතර සිරුරින් වැඩි වශයෙන් ජලය ඉවත් වෙයි. මෙලෙස ආශ්‍රැතිය නිසා සිරුරේ සෛල වලින් ඉවත් වන තරල පරිමාව මගින් විජලනය ඇති වීම වැළක්වීම සදහා අදාල රෝගියාට නිතරම පිපාසය ඇති වේ.
දිගුකාලීනව රුධිර ග්ලුකෝස් මට්‍ටම ඉහළයාම හේතුවෙන් ඇසෙහි අක්ෂි කාචය තුළට වැඩි ග්ලුකොස් ප්‍රමාණයක් අවශෝෂණය වීමෙන් එහි හැඩය වෙනස් වීමෙන් රෝගියාගේ දෘෂ්ටියෙහි වෙනස්කම් ඇති වේ. ඇස් පෙනීම බොදවීම දියවැඩියාව ඇති බවට හදුනා ගැනීම සදහා වඩාත් බහුලවම දක්නට ඇති රෝග ලක්ෂණයකි. පළමු වන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන් හට ඉතා ඉක්මනින් ඇස්පෙනීම දුර්වල වන අතර දෙවන වර්ගයේ දියවැඩියාව ඇති අයගේ දෘෂ්ටිය පරිහානියට පත් වනුයේ ක්‍රම ක්‍රමයෙන් දිගුකාලයක් තුළදීය.
සාමාන්‍යයෙන් පළමුවන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන් දියවැඩියාව නිසා ඇති වන කීටෝන අම්ලතාවය සමග මුල් වරට රෝගය ඇති බවට හදුනාගැනේ. මෙහිදී අදාල රෝගියාගේ පරිවෘත්තීය ක්‍රියාවල අක්‍රමිකතාවයක් ඇති වන අතර රෝගියා හුස්ම ගැනීම වේගවත් හා ගැඹුරු එකක් වන අතර (Kussmaul breathing) හුස්ම වල ඇසිටෝන දුගදක් නිකුත් කරයි. තවද අධිකව මුත්‍රා පිටවීම, ඔක්කාරය, වමනය, උදරයෙහි වේදනාව සහ සිහිකල්පනාවෙහි වෙනස් වීම ඇති වේ. කීටෝන අම්ලතාවය වඩාත් දරුණු තත්ත්වයකට පත් වු විට එමගින් කෝමා තත්ත්වයක් ඇති විය හැකි අතර මරණයද ලගා කර දිය හැකිය. මෙය වහා ක්‍රියාත්මක වන පරිදි රෝගියා රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදිය යුතු තත්ත්වයකි.
මේ ආකාරයෙන්ම සමාන බැරෑරුම් තත්ත්වයක් වනුයේ කීටෝන මගින් ඇති නොවන රුධිරයෙහි ආස්‍රැතිය ඉහළයාම මගින් ඇති වන කෝමා තත්ත්වයයි. (Hyperosmolar nonketotic coma) මෙය දෙවන වර්ගයේ දියවැඩියාව ඇති රෝගීන් අතර බහුල වන අතර මෙය ප්‍රධානය ඇති වනුයේ සිරුරෙන් ජලය ඉවත් වීම නිසා ඇති වන විජලනය හේතුවෙනි. මෙහිදී රෝගියා අධිකව සීනි සාන්ද්‍රණයක් ඇති තරල වර්ග පානයට ගනු ලබන අතර විෂම චක්‍රයක් ආකාරයට සිරුරින් තවදුරටත් ජලය ඉවත් වේ.
දියවැඩියාව නිසි ලෙස පලනය නොකලේ නම් ඈතිවිය හැකි සංකූලතා 2කි.
macro vascular හා micro vascular
micro vascular
ප්‍රධාන ව්යාධි 3 කි.එනම් අක්ෂි,ස්නායු හා වෘක්කීය යනුවෙනි.(ophthalmopathi,neuropathi and nepropathi)
|
9,734 |
https://si.wikipedia.org/wiki/%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%20%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B6%AB
|
එක්ස් කිරණ
|
එක්ස් කිරණ (Rontgen කිරණ) යනු එක්තරා ආකාරයක විද්‍යුත් චුම්බක විකිරණ වර්ගයක් වන අතර එහි තරංග ආයාමය නැනෝ මීටර් 10 සිට 0.01 දක්වා වේ. එහි සංඛ්‍යාතය 30PHz සිට 30EHz අතර වේ. ඒවා ගැමා කිරණ වලට වඩා දිගු වන අතර UV කිරණ වලට වඩා කෙටිය. ඒවා විකිරණ විද්‍යාව සහ ස්පටික විද්‍යාවේදී රෝග නිර්ණ ක්‍රමයක් ලෙසට භාවිතයට ගැනේ. එක්ස් කිරණ එක්තරා ආකාරයක අයනීකාරක විකිරණයක් වන අතර එවැන්නක් හානි දායක විය හැකිය. එක්ස්කිරණ වලට එය සොයාගත් Wilhelm Conrad Roentgen ගේ නමින් රෝන්ජෙන් කිරණ ලෙසද හැදින්වේ.
වෛද්‍ය විද්‍යාවේ භාවිතය
රෝන්ජෙන්ගේ සොයාගැනීමෙන් පසුව වෛද්‍ය ක්ෂේත්‍රයෙහි ප්‍රතිරූපණ ලබාගැනීම සදහා එක්ස්කිරණ භාවිතයට ගැණිනි. විකිරණ වේදය වෛද්‍ය විද්‍යාවෙහි විශේෂ ක්ෂේත්‍රයකි. විකිරණ ශිල්පින් විසින් විකිරණ රේඛනය සහ අනෙකුත් ක්‍රම රෝග නිර්ණය සදහා භාවිතයට ගැනේ. මෙය එක්ස් රේ තාක්ෂණය මගින් බහුලවම ගන්නා ප්‍රයෝජනයයි.
එක්ස් කිරණ විශේෂයෙන්ම සංධාරක පද්ධතියේ රෝග හදුනාගැනීම සදහා උපකාරීවේ. මීට අමතරව මෘදු පටක වල ඇති ඇතැම් රෝග හඳුනා ගැනීමටද පුළුවන. නියුමෝනියාව, පෙනහළු පිලිකා හෝ පෙනහළු වල නොයෙකුත් තරලයන් රැස්වීම උරස්කුහරයේ එක්ස්කිරණ ඡායාරූපයක් මගින්ද, උදරකුහරයේ එක්ස්කිරණ ඡායාරූපයක් මගින් අන්ත්‍රයෙහි ඇතිවන අවහිරතා, වායු එක්රැස්වීම් සහ තරල එක්රැස්වීම් දැක බලාගත හැකිය. ඇතැම් අවස්ථාවලදී පිත්තාශයේ ගල් හෝ වකුගඩුවල ගල් එක්ස් රේ ඡායාරූපයක් මගින් දැකබලා ගැනීම අපහසු වන්නේ ඒවා එක්ස්කිරණ සදහා පාර දෘෂ්‍ය බැවිනි. සම්ප්‍රදායික එක්ස් රේ ඡායාපිටපතක් මොළය මාංපේශි වැනි පටක කොටස් වල රෝග තත්ත්වයන් හදුනා ගැනීමට බාවිතා කළ නොහැක. මෙවන් පටක සදහා විකල්ප ක්‍රමයන් වන්නේ Computed axial tomography හෙවත් CT ස්කෑන් ක්‍රමය, විදයුත් චුම්භක ප්‍රතිරූපණය හෙවත් MRI ස්කෑන් සහ අතිධ්වනි ස්කෑන් (Ultrasound Scan) ක්‍රමයන්ය. වසර 2005 සිට ඇමරිකා එක්සත් ජනපදය මගින් එක්ස්කිරණ පිලිකා කාරක ද්‍රව්‍යයක් බවට නම් කර ඇත.
පිලිකා රෝග සදහා බහුලවම සුවකිරීමේ ක්‍රමයක් ලෙසට භාවිතා වන විකිරණ චිකිත්සාවේදී ඉතා විශාල ශක්ති ප්‍රමාණයකින් යුක්ත විකිරණ භාවිතාවේ.
එක්ස් කිරණ නලයක ඵලදායිතාවය 2% ත් වඩා අඩුය. මින් නිපදවන ශක්තියෙන් වැඩි කොටසක් භාවිතා වනුයේ එහි වු ඇනෝඩයෙහි උෂ්ණත්වය වැඩිකිරීම සදහායි.
ලක්ෂණ
එක්ස් කිරණ ෆෝටෝන පරමාණු අයනීකරණයට හා අණුක බැඳුම්කර කඩාකප්පල් කිරීමට අවශ්‍ය ශක්තිය රැගෙන යයි. මෙය අයනීකරණ විකිරණ වර්ගයක් නිකුත් කරයි. එම නිසා සජීවී පටක වලට හානිකර වෙයි. ඉතා කෙටි කාලයක් පුරා ඉතා ඉහළ විකිරණ මාත්‍රාවකට නිරාවරණය වීම විකිරණ ලෙඩ රෝග ඇති වීමට හේතු වන අතර, අඩු මාත්‍රා විකිරණ-ප්‍රේරණය පිළිකා පිළිබඳ වැඩි අවධානමක් ඇති කරයි. වෛද්‍ය ප්‍රතිරූපණයේදී, මෙම වැඩි වූ පිළිකා අවධානම සාමාන්‍යයෙන් විකිරණ පරීක්ෂණයේ ප්‍රතිලාභ මත බොහෝ සෙයින් නොසලකනු ලබයි. එක්ස් කිරණවල අයනීකරණ හැකියාව පිළිකා ප්‍රතිකාරයේදී විකිරණ ප්‍රතිකාර මගින් මාරාන්තික සෛල විනාශ කිරීමට යොදා ගත හැකිය.
දෘඪ X-කිරණවලට වැඩි අවශෝෂණයකින් හෝ විසිරී යාමකින් තොරව සාපේක්ෂව ඝන වස්තූන් හරහා ගමන් කළ හැකිය. මෙම හේතුව නිසා, දෘශ්‍ය පාරාන්ධ වස්තූන්ගේ අභ්‍යන්තරය නිරූපණය කිරීමට X-කිරණ බහුලව භාවිතා වේ. බොහෝ විට දක්නට ලැබෙන යෙදුම් අතර වෛද්‍ය විකිරණවේදය සහ ගුවන් තොටුපළ ආරක්ෂක ස්කෑනර් යන්ත්‍ර වේ. නමුත් කර්මාන්ත වල (උදා: කාර්මික විකිරණවේදය සහ කාර්මික CT ස්කෑනිං) සහ පර්යේෂණ සඳහා (උදා: කුඩා සත්ව CT) ඉහත ක්‍රමවේද වැදගත් වේ. එක්ස් කිරණ වර්ණාවලියේ විශාලත්වයේ අනුපිළිවෙල අනුව විනිවිද යාමේ ගැඹුර වෙනස් වේ. මෙමඟින් වස්තුව හරහා ප්‍රමාණවත් සම්ප්‍රේෂණයක් ලබා දීමටත් ඒ සමඟම රූපයේ හොඳ විභේදනයක් ලබා දීමටත් යෙදුම සඳහා ෆෝටෝන ශක්තිය සකස් කිරීමට ඉඩ සලසයි.
X-කිරණවල දෘශ්‍ය ආලෝකයට වඩා ඉතා කෙටි තරංග ආයාමයක් ඇති අතර එමඟින් සාමාන්‍ය අන්වීක්ෂයකින් දැකිය හැකි ප්‍රමාණයට වඩා කුඩා ව්‍යුහයන් ගවේෂණය කිරීමට හැකි වේ. මෙම ගුණය එක්ස් කිරණ අන්වීක්ෂයේ දී අධි-විභේදන රූප ලබා ගැනීමටත්, එක්ස් කිරණ ස්ඵටික විද්‍යාවේදී ස්ඵටිකවල පරමාණුවල පිහිටීම තීරණය කිරීමටත් භාවිතා කරයි.
පදාර්ථය සමඟ අන්තර්ක්‍රියා
එක්ස් කිරණ ද්‍රව්‍ය සමඟ ප්‍රධාන ආකාර තුනකින් අන්තර් ක්‍රියා කරයි; එනම් ප්‍රකාශ අවශෝෂණය, කොම්ප්ටන් විසිරීම සහ රේලී විසිරීම හරහා වෙයි. මෙම අන්තර්ක්‍රියා වල ශක්තිය එක්ස් කිරණවල ශක්තිය සහ ද්‍රව්‍යයේ මූලද්‍රව්‍ය සංයුතිය මත රඳා පවතී; නමුත් රසායනික ගුණ මත බොහෝ විට රඳා නොපවතී, මක්නිසාද යත් X කිරණ ෆෝටෝන ශක්තිය රසායනික බන්ධන ශක්තීන්ට වඩා බෙහෙවින් වැඩි බැවිනි. ප්‍රකාශ අවශෝෂණය හෝ ප්‍රකාශ විද්‍යුත් අවශෝෂණය යනු මෘදු X-ray තන්ත්‍රයේ සහ අඩු දෘඩ X-ray ශක්ති සඳහා ප්‍රමුඛ අන්තර්ක්‍රියා යාන්ත්‍රණයයි. ඉහළ ශක්තීන්හිදී, කොම්ප්ටන් විසිරීම ප්‍රමුඛව සිදුවෙයි.
ප්‍රකාශ විද්‍යුත් අවශෝෂණය
ඒකක ස්කන්ධයකට ප්‍රකාශ විද්‍යුත් අවශෝෂණයක සම්භාවිතාව Z3/E3 ට ආසන්න වශයෙන් සමානුපාතික වේ, එහිදී Z යනු පරමාණුක ක්‍රමාංකය වන අතර E යනු සිද්ධි ෆෝටෝනයේ ශක්තිය වේ. අන්තර්ක්‍රියා සම්භාවිතාවේ හදිසි වෙනස්කම් ඇති, අවශෝෂණ දාර ලෙස හැඳින්වෙන අභ්‍යන්තර කවච ඉලෙක්ට්‍රෝන බන්ධන ශක්තීන්ට ආසන්නව මෙම නියමය වලංගු නොවේ. කෙසේ වෙතත්, අඩු ෆෝටෝන ශක්තීන් සහ ඉහළ පරමාණුක ක්‍රමාංක සඳහා ඉහළ අවශෝෂණ සංගුණක සහ ඒ අනුව කෙටි විනිවිද යාමේ ගැඹුරේ සාමාන්‍ය ප්‍රවණතාවය ඉතා ප්‍රබල වේ. මෘදු පටක සඳහා, 26 keV ෆෝටෝන ශක්තියක් දක්වා ප්‍රකාශ අවශෝෂණ ආධිපත්‍යය දරන අතර අනතුරුව කොම්ප්ටන් විසිරීම හට ගනී. වැඩි පරමාණුක ක්‍රමාංකයක් සහිත ද්‍රව්‍ය සඳහා මෙම සීමාව වැඩි වේ. අස්ථිවල ඇති අධික කැල්සියම් ප්‍රමාණය (Z = 20) සහ ඒවායේ අධික ඝනත්වය, වෛද්‍ය රේඩියෝ ඡායා රූපවල ඒවා ඉතා පැහැදිලිව පෙන්නුම් කිරීමට හේතුවෙයි.
ඒ photoabsorbed ෆෝටෝන ස්ථාන මාරු එහි සියලු ශක්තිය එය අන්යේන්ය සමඟ ඇති ඉලෙක්ට්රෝනයක්, මේ අනුව, ඉලෙක්ට්රෝන බැඳී හා එහි මාර්ගය වැඩි පරමාණු අයනීකරණයට කිරීමට ඉඩ ඇත බව මීතේන්වල නිෂ්පාදනය කරනු ලැබූ පරමාණුවක් අයනීකරණ. පිටත ඉලෙක්ට්රෝන පුරප්පාඩු ඉලෙක්ට්රෝන තත්ත්වය පුරවා එක්කෝ ලක්ෂණයක් ෆෝටෝන [පැහැදිලි කිරීමක් කරන්න] හෝ භු ඉලෙක්ට්රෝන සටහන් වනු ඇත. මෙම බලපෑම එක්ස් කිරණ වර්ණාවලියක් හෝ භු ඉලෙක්ට්රෝන වර්ණාවලීක්ෂණය මගින් මූලද්රව්ය හඳුනාගැනීම සඳහා යොදා ගත හැකිය.
කොම්ප්ටන් විසිරීම
Compton විසිරීම එක්ස්-රේ කිරණ හා වෛද්ය සේයාරූප මෘදු පටක අතර අතිප්රමුඛ අන්තර් වේ. [12] Compton විසිරීම පිටත ෂෙල් ඉලෙක්ට්රෝන විසින් එක්ස් කිරණ ෆෝටෝන ක අනම්ය විසිරීම වේ. මෙම ෆෝටෝන බලශක්ති කොටසක් එමගින් පරමාණුව අයනීකරණ හා එක්ස් කිරණ තරංග ආයාමය වැඩි වන විසිරීම ඉලෙක්ට්රෝන මාරු කර ඇත. විසිරී ෆෝටෝන ඕනෑම දිශාවකට යන්න පුළුවන්, නමුත් මුල් දිශාව සමාන දිශාව විශේෂයෙන් අධි ශක්ති එක්ස්-රේ කිරණ සඳහා වඩාත් ඉඩ ඇත. විවිධ විසිරීම කෝණ සඳහා සම්භාවිතාව ද ක්ලයින්-Nishina සූත්රය විසින් විස්තර කර ඇත. මෙම ස්ථාන මාරු බලශක්ති සෘජුවම බල ශක්තිය හා ගම්යතාව සංරක්ෂණය සිට විසිරීම කෝණය ලබා ගත හැක.
රේලී විසිරීම
පැහැයකින් දිස් එක්ස් කිරණ පාලන තන්ත්රය අධිපති ඉලාස්ටික් විසිරීම යාන්ත්රණයකි. [13] අනම්ය ඉදිරියට විසිරීම එක්ස්-රේ කිරණ සඳහා පමණක් තරමක් 1. [14] පහත වන වර්තනාංකයක්, උද්ගත
නිපදවීම
සෑම මොහොතකම, X කිරණ උපයෝගී කර නිෂ්පාදනය කරනු ලබයි, ප්රමාණවත් ශක්තිය අංශු (ඉලෙක්ට්රෝන හෝ අයන) ද්රව්යයක පහර චෝදනා කළේය.
ඉලෙක්ට්‍රෝන මගින් නිෂ්පාදනය
සමහර පොදු ඇනෝඩය ද්රව්ය සඳහා ලාක්ෂණික එක්ස් කිරණ විමෝචනය රේඛා. [15] [16]
ඇනෝඩය
ද්රව්ය පරමාණුක
අංකය ෆෝටෝන බලශක්ති [keV] තරංග ආයාමය [nm ට]
Kα1 Kβ1 Kα1 Kβ1
74 59,3 67,2 0,0209 0,0184 W
මෝ 42 17,5 19,6 0,0709 0,0632
Cu 29 8,05 8,91 0,154 0,139
Ag 47 22,2 24,9 0,0559 0,0497
ගා 31 9,25 10,26 0,134 0,121
49 24,2 27,3 0,0512 0,455 දී
60 kV පවත්වාෙගන ගිය rhodium ඉලක්කය සහිත එක්ස් කිරණ නල විසින් නිකුත් කරන එක්ස්-රේ කිරණ වර්ණාවලි. සුමට, අඛණ්ඩ වක්රය bremsstrahlung නිසා වන අතර, කරල් rhodium පරමාණු සඳහා ලක්ෂණයක් කේ රේඛා වේ.
එක්ස්-රේ කිරණ එක්ස්-කිරණ නලයක්, ඉහළ ප්රවේගය උණුසුම් කැතෝඩ විසින් නිකුත් ඉලෙක්ට්රෝන කඩිනම් කිරීමට අධි බලැති විදුලි භාවිතා කරන රික්ත නලයක් විසින් ජනනය කල හැක. ඉහළ ප්රවේගය ඉලෙක්ට්රෝන එක්ස්-රේ කිරණ නිර්මාණය, ඇනෝඩය, ලෝහ ඉලක්කය එක්ක හැප්පෙන්න. [17] වෛද්ය එක්ස් කිරණ නල ඉලක්කය සාමාන්යයෙන් ටංස්ටන් හෝ rhenium වඩාත් ඉරිතලා-ප්රතිරෝධී ලෝහ මිශ්රණය (5%) සහ ටංස්ටන් (95%), නමුත් සමහර අවස්ථාවලදී මෘදුයි එක්ස්-රේ කිරණ මෙන් අවශ්ය විට මීට වඩා වැඩි විශේෂිත යෙදීම සඳහා ෙමොලිබ්ඩිනම් පැප්. නියැදි යකඩ අන්තර්ගත වලින් ප්රතිදීප්තිමිතික වෙනත් ආකාරයකින් ප්රශ්නයක් ඉදිරිපත් විය හැකි විට කොබෝල්ට් විට භාවිතා කරමින් සමග ස්ථිතික දී, තඹ ඉලක්කය, බොහෝ සුලභ වේ.
බිහි එක්ස් කිරණ ෆෝටෝන එසේ 80 kV නල 80 ට වඩා වැඩි ශක්ති සමග එක්ස්-රේ කිරණ නිර්මාණය කළ නොහැක, නළ ගුණයක් ඉලෙක්ට්රෝන චෝදනාව මත වෝල්ටීයතාවය සමාන වන මෙම සිද්ධිය ඉලෙක්ට්රෝන, බලශක්ති විසින් සීමා උපරිම ශක්තිය keV. ඉලෙක්ට්රෝන ඉලක්කය පහර විට, එක්ස්-රේ කිරණ දෙකක් වෙනස් පරමාණුක ක්රියාවලීන් විසින් නිර්මාණය කර ඇත:
ලාක්ෂණික එක්ස් කිරණ විමෝචනය (X-එක්ස්කිරණ ප්රතිදීප්තිමිතික): ඉලෙක්ට්රෝන අවශ්ය ශක්තිය තිබේ නම් එය ලෝහ පරමාණුවක් අභ්යන්තර ඉලෙක්ට්රෝන කටුවෙන් එළියට ක කක්ෂීය ඉලෙක්ට්රෝන තට්ටු කළ හැකි අතර, එහි ප්රතිඵලයක් ලෙස ඉහළ ශක්ති මට්ටම් වලින් ඉලෙක්ට්රෝන පසුව පුරප්පාඩු වූ පුරවනවා හා එක්ස් කිරණ ෆෝටෝන විමෝචනය. මෙම ක්රියාවලිය විවික්ත සංඛ්යාත ස්වල්පයක සමහර විට වර්ණාවලි රේඛා ලෙස සඳහන් එක්ස්-රේ කිරණ සඳහා විමෝචන වර්ණාවලිය, නිෂ්පාදනය කරයි. වර්ණාවලි
මූලාශ්‍ර
එක්ස් කිරණ
|
9,736 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94
|
සත්තු
|
සත්තු යනු අනිමාලියා හෙවත් මෙටාසෝවා රාජධානියට අයත් බහුසෛලික, සුන්‍යෂ්ඨික ජීවින් වේ. ඔවුන්ගේ දේහ විලාශයන් ඔවුන් වර්ධනය වීමේදි යම්කිසි ස්ථිර තාවයකට ලක්වුවද ඇතැම් ජීවින් රූපාන්තරණය නම් ක්‍රියාවලියක් ඔස්සේ ඔවුන්ගේ ජිවිතයේ පසුකාලයන්හිදි යම්කිසි වෙනස් වීම් වලට ලක්වේ. බෙහෝමයක් සත්ත්වයන් හට සංචරණය විමේ හැකියාව පවතින අතර ඔවුන්ට එය ඉබේ හෝ ස්වාධීනව සිදුකරගත හැකිය. සතුන් විෂම පෝෂිකයන් වන අතර ඔවුන් තම පැවැත්ම සඳහා වෙනත් ජීවින් (ශාක) මත පදනම් වේ.
පොසිල සාක්ෂි වලට අමතරව මීට වසර මිලියන 542 කට ප්‍රථම කේම්බ්‍රීය පිපිරුම සිදුවු අවස්ථා වේදි සිදු වු ක්‍රියාවලීන් හේතු වෙන් මුල්ම සාගර ජීවි විශේෂය මගින් සත්ත්ව වංශය ඇතිවු බවට සාක්ෂි ඇත.
සතුන්ගේ ලක්‍ෂණ
ව්‍යුහය
ඉස්පන්ජියන් වැනි (පොරිෆේරා වංශිකයන්) සුළු ෙවනස්කම් කිහිපයක් හැරුණු කොට සත්ත්වයින්හට වෙන්වෙන් වශයෙන් පටකවලට විශේෂණය වී පවතින දේහ ඇත. මේවා සංකෝචනය සහ සංචරණය පාලනය කරන මාංශ පේෂි සහ ස්නායු සංඥා පරිවහණය කරන ස්නායු පටක වලින් ද සමන්විත වේ. මීට අමතරව විවිර එකක් හෝ දෙකක් සහිත අභ්‍යන්තර ආහාර ජීර්ණ පද්ධතියක් ද අන්තර්ගත වේ. මෙලෙස සංවිධානාත්මක දේහ සහිත ජිවීන් හට මෙටාසොවාවන් යයි හැදින්වේ. මෙටාසෝවාවන් යන වදන සත්වයන් සඳහා පොදුවේ භාවිතා වන අවස්ථාවන්හිදී ඉයුමෙටාසෝවාවන් ලෙස හැඳින්වේ.
සියළුම සතුන්හට සුන්‍යෂ්ඨික සෛල අන්තර්ගත වේ. ඒවා කොලජන් සහ ප්‍රත්‍යස්ථ ග්ලයිකෝ ප්‍රෝටීනවලින් වටවු බහිස්සෛලීය කොටසකින් වටවී ඇත. මේවා අස්ථි, බහිස්සැකිලි, ආවරණය කටු වැනි ආකාති සැදීමට කැල්සිනීත වී ඇත. ජීවීන්ගේ වර්ධනයේදී ඒවා සාපේක්ෂ වශයෙන් සුනම්‍ය ආකෘතියක් සාදන අතර එමගින් සෛලවලට එකිනෙක චලනය වීමේ හැකියාවක් ලබාදෙන අතර එමගින් සංකිර්ණ ආකෘතියක් සාදනු ලබයි. මීට අමතරව වෙනත් ශාක සහ දිලීර වර්ග වැනි බහු සෛලික ජීවි විශේෂවලට සෛල බිත්ති මඟින් එකිනෙක බැඳ පවත්වා ගන්නා සෛල අන්තර්ගත වේ. ඒවා දිගින් දිගටම සිදුවන වර්ධනය මගින් තව දුරටත් වැඩි දියුණු වේ. සත්ත්ව සෛල වලට ආවේනික වන පරිදි ඒවාට අන්තර් සෛලීය බන්ධන පිහිටා ඇත. ඒවා තද සන්ධි, හිදැස් සන්ධි සහ ඩෙස්ම සෝම නම් වේ.
ප්‍රජනනය සහ වර්ධනය
ආසන්න වශයෙන් සියළුම සත්වයින් යම්කිසි ආකාරයක ලිංගික ප්‍රජනනයකට භාජනය වේ. පරිණත ජීවින් දුවිගුණ හෝ බහු ගුණ වේ. ඔවුන් සතුව යම් විශේෂණය වු ප්‍රජනක සෛල පිහිටා ඇති අතර ඒවා ඌණන විභාජනයට ලක්වී කුඩා චලනය විය හැකි ශුක්‍රාණු හෝ විශාල චලනය විය නොහැකි ඩිම්භ නිෂ්පාදනය කරයි. ඒවා එකිනෙක පෑහි යුක්තානුවක් සාදන අතර එය නව ජීවියෙකු බවට පරිවර්ථනය වේ.
බොහෝසත්වයින් හට අලිංගික ප්‍රජනනයක් ද සිදු කල හැකිය. මෙය සිදුවනුයේ පාතනෝද්භවය මගිනි. මෙහිදී ලිංගික එක්වීමකින් තොරව සරු බීජ උපදවන අතර ඇතැම් අවස්ථා වලදී බෙදීම මගින් ද අලිංගික ප්‍රජනනය සිදුවේ.
යුක්තානුව මුල් අවස්ථ වලදී කුහර සහිත බ්ලස්ටුලාව නම් ගෝලයක් බවට පත් වේ. මෙය පසු කාලීනව නාවත සකස් වීම් වලට සහ විශේෂණය වීමට ලක්වේ. ඉස්සන්ගේ බ්ලස්ටුලා පිළවුන් අළුත් ස්ථානයකට පිහිනා ගොස් නව ආකාරයකට ගොඩ නැංවීමට හැකියාව ඇත. ඇතැම් බොහෝ ආකාර වලදී මේ බ්ලස්ටුලාවන් වඩාත් සංකිර්ණ නැවත සකස් වීම් වලට ලක්වේ. එය මුලින්ම ආහාර ජීර්ණ කුටීරයක් සහිත ගැස්ටෘලාවක් බවට පරිවර්තනය වේ. ඉන්පසු එය වෙන වෙනම පවත්නා ජනක ස්ථර දෙකකට වෙන්වේ. ඒවා නම් පිටතින් පවත්නා බහිෂ්චර්මය හා අන්තස්චර්ණයයි. බොහෝ අවස්ථා වලදී මේවා අතර මධ්‍යස්ථානයක්ද වර්ධනය වන අතර මෙම ප්‍රජනක ස්ථාර පසුකාලීනව සිරුරේ අවයව සහ පටක බවට විශේෂණය වේ.
බොහෝ සත්ත්වයින් සුර්යා ලෝකයෙන් ලබාගන්නා ශක්තිය වක්‍රාකාරව භාවිතා කර ගනිමින් වර්ධනය වේ. ශාක මෙම සුර්යයා ලෝකය ශක්තිය බවට පර්වර්ථනය කරමින් සරල සීනි නිෂ්පාදනය කරන ප්‍රභාසංස්ලේශණය නම් ක්‍රියා වලිය සිදු කරනු ලබයි. මෙය සිදු කිරීම ආරම්භ කරනුයේ කාබන් ඩයෝක්සයිට් අණුවක් සහ ජල අණුවක් භාවිතා කර ගිනිමිනි. ප්‍රභාසංස්ලේෂණය මගින් සුර්යයාගේ ඇති ශක්තිය රසා‍්‍යනික ශක්තිය ලෙසට ග්ලුකොස් අණු අතර ගබඩා කරන අතර ඔක්සිජන් මුදාහරිනු ලැබේ. මෙකි සීනි වර්ග ඉන්පසු ශාක වල වර්ධනය සදහා අවශ්‍ය ගොඩනැගීම් අණු ලෙසට භාවිතා කරනු ලබයි. සතුන් විසින් මෙම ශාක අනුභව කරන අවස්ථාවක දී හෝ වෙනත් සත්වයෙකු විසින් ශාක අණුභව කරන සත්ත්වයෙකු භක්ෂණය කිරීමේදී ශාක මගින් සංස්ලේශණය කරන ලද මෙම සීනි වර්ග සතුන් විසින් ද පරිභෝජනය වීමක් සිදුවේ. මේවා සෘජුවම සතුන්ගේ වර්ධනයට උපකාරි වන අතර ඒවා බිද හෙලිමෙන් එහි ගබඩා වු සුර්යය ශක්තිය මුදා හැරීමෙන් සත්ත්වයින් හට වර්ධනයට සහ සංචරණයට අවශ්‍ය ශක්තිය ලබාදේ. මෙම ක්‍රියාවලිය ග්ලයිකොලිසිය නම් වේ.
අධික ආර්ධතාවය සහිත සහ සිසිල් දේශගුණයක් සහිත සාගර පතුල වල ජීවත් වන ජීවින් සුර්යය ශක්තිය මත පදනම් නොවෙති. ඒ වෙනුවට රසායනික සංස්ලේෂක සහ ඉයු බැක්ටීරියාවන් ආහාර දාම වල පදනම සකසති.
සත්ත්‍ව වර්ගීකරණය
සත්ත්‍ව විද්‍යාත්මක වර්ගීකරණය
ප්ලැටිසෝවා සත්ත්වයන්
ප්ලැටිසෝවාවන්හට ප්ලැටිහෙල්මින්තස් හෙවත් පැතලි පණුවන් අයත් වෙයි. මොවුන් මුල් අවධි වලදි සලකනු ලැබුවේ වඩාත්ම ආදි ද්විපාර්ශ්විකයන් ලෙස වන අතර නමුත් දැන් වන විට ඔවුන් වඩාත් සංකිර්ණ පුර්වජයන්ගෙන් පැවත එන බවට පෙනි ගොස් ඇත.
මෙම කාණ්ඩයට අයත් වන ජීවින්ගෙන් බොහෝමයක් පරපෝෂිතයින් වන අතර ඒ සඳහා පටිපණුවන් සහ පැතැල්ලන් අයත්වෙයි. පැතලි පණුවන් හට ඔවුන්ගේ සමීපතම ඥාතීන්වන අන්වීක්ෂීය ගැස්ට්‍රෝට්‍රිකාවන්ට මෙන් සීලෝමයක් හෙවත් දේහ කුහරයක් නොමැත.
අනෙකුත් මෙයට අදාල වංශිකයින් බොහෝමයක් අන්වීක්ෂීය වන අතර ඔවුන් හට ව්‍යාජ සීලෝමයක් පවති. වඩාත්ම ප්‍රමුඛතමයන් වනුයේ රොටිෆේරාවන්ය. මොවුන් ජලජ පරිසර වල වඩාත් බහුලවම දක්නට ඇත. තවද ඔවුන් සඳහා ඇකැන්තෝසෙෆලාවන් හෙවත් උල් සහිත හිසක් ඇති පණුවන්ද අයත්වෙයි. මීට අමතරව Gnathostomulida, Micrognathozoa සහ Cycliophora වන් අයත්ය. මෙම කාණ්ඩ සඳහා සංකිර්ණ හනු පවතින අතර ඒවා සඳහා Gnathifera යැයි ව්‍යවහාර කෙරේ.
ඩියුටෙරස්ටෝම් ජීවින්
ඩියුටෙරස්ටෝම් ජීවින් ප්‍රොටෝස්ටෝම් වරුන් වන අනෙකුත් ද්විපාර්ශවිකයින්ට වඩා ක්‍රම කිහිපයකින් වෙනස්ය. මෙම දෙකොටසම සම්පුර්ණ ආහාර ජීර්ණ මාර්ගයක් පවති. කෙසේ නමුත් ප්‍රොටොස්ටෝම් වරුන්ගේ ආහාර මාර්ගයෙහි මුල්ම විවරය මුඛය බවට විකසනය වන අතර වෙනමම පිහිටි ගුද මාර්ගයක් ඇති වේ. ඩියුටෙරස්ටෝම් වරුන්හට මෙහි ප්‍රතිවිරුද්ධ දෙය සිදුවේ. බොහෝ ප්‍රොටොස්ටොම්වරුන්ගේ ගැස්ට්‍රැලාවෙහි අභ්‍යන්තරය සෛල මගින් පිරිපවතින අතර එමගින් මධ්‍යචරණය සාදනු ලැබේ. මෙය Schizocoelous වර්ධනය යැයි හැඳින්වේ. නමුත් ඩියුටෙරස්ට්‍රොවරුන්හට මෙය අන්තස්චර්මය ඇතුලට නැමීමක් මගින් ඇති වේ. ඩියුටෙරස්ට්‍රොම් වරුන්හට උදරීය ස්නායු වෙනුවට පාෂ්ඨීය ස්නායු පිහිටන අතර ඔවුන්ගේ කළල විවිධ විභේදනයන්ට ලක්වේ.
මේසියල්ල මගින්ම ඩියුටෙරස්ටෝම් වරුන් සහ ප්‍රොටොස්ටෝම් වරුන් එකිනෙකට වෙනස් ඒක වංශික පරම්පරාවන් බවට යෝජනා කෙරේ. ඩියුටෙරස්ටෝම් වරුන්ගේ ප්‍රදාන වංශිකයින් වනුයේ Echinodermata සහ Chordata වන්ය. මුලින් සඳහන් කරන ලද වංහිකයින් හට අරීය සමමිතියක් ඇති අතර ඔවුන් සම්පුර්ණයෙන්ම කරදියෙහි වාසය කරති. උදාහරණ නම් තාරකා මත්ස්‍යයින්,මුහුදු කොල්ලන් සහ මුහුදු කැකිරිය. කෝඩාටාවන් වඩාත් ප්‍රමුක වන්නේ පාෂ්ඨ වංශකයින්ගෙන් වන අතර ඔවුන් කෂේරුවකින් යුක්ත වන සත්ත්වයින්ය. මොවුන් සඳහා මත්ස්‍යයින්, උභය ජීවින්, උරගයින්, පක්ෂීන් සහ ක්ෂිරපායින් අයත්වේ.
මීට අමතරව ඩියුටරස්ටොම්වරුන්ට අර්ධ කශේරකයින් අයත්ය. ඔවුන් අද වන විට ප්‍රමුඛ නොවුවද වැදගත් ෙපාසිල graptolites මෙම කාණ්ඩයට අයත්වෙයි.
Chaetognatha හෝ ඊතල පණුවන් ද මෙම ඩියුටරස්ටෝම් වර්ගයට අයත්ය. නමුත් වඩාත් මෑතකදී සිදු කල අධ්‍යයනයන් මගින් ඔවුන් සඳහා ප්‍රොටොස්ටොම් වරුන්ට සම්බන්ධයක් ඇති බවට සොයා ගෙන ඇත.
Lophotrochozoa
Lophotrochozoa වන් හට සත්ත්ව වංශයෙහි වඩාත් සාර්ථක මෘද්වංශකයින් සහ ඇනලිඩාවන් අයත් වේ. මොලොස්කාවන් හට ගොලුබෙල්ලන්, බෙල්ලන් සහ දැල්ලන් ද ඇනලිඩාවන් හට කණ්ඩනය වු පණුවන් හෙවත් ගැඩවිලුන් සහ කූඩැල්ලන් අයත් වේ. මෙම කාණ්ඩ දෙකම කලක් තිස්සේ සමීප සම්බනන්ධතාවයක් පවතින බවට සලකනු ලබන්නේ ඔවුන්හට පොදු trochophore පිළවුන් හේතුවෙනි. නමුත් ඇනලිඩාවන් සන්දිපාදිකයන් හට වඩාත් සමීප සම්බන්ධතාවයක් ඇති බවට සැලකේ. මෙසේ වන්නේ ඔවුන් දෙවර්ගයම කණ්ඩනය වී ඇති බැවිණි. මෙය අභිසාරි පරිණාමයක් ලෙස සැලකේ. එසේ වන්නේ එම වංශ දෙකෙහි රූපාකාරයේ සහ ජානමය වශයෙන් ඇති වෙනස්කම් මත පදනම්වය.
Lophotrochozoa වන් හට නෙමටෝඩා හෙවත් පටිපණුවන් අයත්වේ. Sipuncula සහ මුඛය වටා පක්ෂ්ම රාහියක් පිහිටා ඇති ඇතැම් වංහිකයින් හට lophophore යැයි හැදින්වේ. මොවුන් සම්ප්‍රදායික වශයෙන් එක්ව ගත් කල lophophorates යැයි වර්ග කරනය කරනු ලැබේ. නමුත් දැනට පෙනිගොස් ඇති අන්දමට ඔවුන් නෙමටෝඩාවන් හට සමීප සම්බන්ධතාවයක් ඇති සහ ඇතමුන් මෘද්වංශිකයන්ට සහ ඇනලිඩාවන්ට සමාන සම්බන්ධතාවයක් ඇති paraphyletic ලෙසට වර්ගිකරණය කරනු ලැබේ. ඔවුන්හට බෙල්ලන් හෙවත් Brachiopoda වන් අයත්වෙයි. ඔවුන් පොසිල වාර්තා වල වඩාත් ප්‍රමුඛ වේ. Entoprocta, Phoronida සහ Bryozoaහෙවත් පාසි වැනි සතුන්ද අයත්ය.
වෙනත් වර්ගීකරණය
සත්ත්ව ලෝකයේ විශේෂ 1,260,000ක් පමණ සංඛ්‍යාවක් ඇතැයි සැලකේ.ආහාර නිපදවීමේ හැකියාවක් නැති බැවින් සතුන් විෂමපෝෂීන් වේ.
ඇනිමාලියා රාජධානියට අයත් සතුන් කොඳු ඇට පෙළ (කශේරුව) දැරීම හෝ නොදැරීම මත කාණ්ඩ 2කි
අපෘෂ්ඨවංශීන්
පෘෂ්ඨවංශීන්
අපෘෂ්ඨවංශීන්
කශේරුවක් නැති සතුන් අපෘෂ්ඨවංශීන් ලෙස හැඳින්වේ.ඔවුන් නැවත ප්‍රධාන වංශ 5කට බෙදේ.
)නිඩාරියා/සිලින්ටරේටා
)ඇනෙලිඩා
)මොලුස්කා
)ආත්‍රෝපෝඩා
)එකයිනොඩර්මේටා
සීලන්ටරේටා
නිඩාරියා වංශයේ වර්ග
හයිඩ්‍රොසොවා Hydrozoa
ස්කයිපොසොවා Scypozoa
ඇන්තොසොවා Anthozoa
ඇනෙලිඩා
ඇනෙලිඩා වංශයේ වර්ග
පොලිකීටා Polychaeta
ඔලිගොකීටා Oligochaeta
හිරුඩිකීටා Hirudichaeta
මොලුස්කා
මොලුස්කා වංශයේ වර්ග
1) බයිවැල්වියා
2) ගැස්ට්‍රොපෝඩා
3) සෙෆලොපෝඩා
4) පොලිප්ලැකොෆොරා
ආත්‍රෝපෝඩා
අත්‍රෝපෝඩා වංශයේ වර්ග
1) ක්‍රස්ටේසියා
2) ඉන්සෙක්ටා
3) කයිලොපොඩා
4) ඩිප්ලොපෝඩා
5) ඇරක්නිඩා
එකයිනොඩර්මේටා
එකයිනොඩමේටා වංශයේ වර්ග
1) ඇස්ටෙරොයිඩියා
2) ඔෆියුරොයිඩියා
3) එකිනොයිඩියා
4) හොලොතුරොයිඩියා
5) ක්‍රිනොයිඩියා
පෘෂ්ඨවංශීන්
==== කශේරුවක් ඇති සතුන්
පෘෂ්ඨවංශීන් ලෙස හැඳින්වේ. ඔවුන් නැවත ප්‍රධාන වංශ 5කට බෙදේ.====
පිස්කේස්
ඇම්ෆිබියා
රෙප්ටීලියා
ආවේස්
මැමේලියා
|
9,737 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%84%E0%B7%94%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%93%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
|
බහුරූපීතාව
|
බහුරූපීතාව යනු සමහර මූලද්‍රව්‍ය ව්‍යුහ 2ක් හෝ වැඩි ගණනක් ලෙස ස්වභාවයේ පැවතීමේ සංසිද්‍ධියයි. මෙම විවිධ ආකාරවල පරමාණු සැකැස්ම එකිනෙකට වෙනස් වනඅතර ඒ සඳහා බන්ධන ස්වභාවය බලපායි.මෙම වෙනස් ආකාර ඒවා තැනී ඇති මූලද්‍රව‍්‍යයේ බහුරූපී ආකාර සේ සැලකේ. බහුරූපීතාවය සඳහා උදාහරණයක් ලෙස කාබන්හි බහුරූපී ආකාර දෙකක් වන දියමන්ති හා මිනිරන් සැලකිය හැක. දියමන්තිවලදී කාබන් පරමාණු එකිනෙක වසුත්කලීය බැදී ත්‍රීමාණ දැලිසක් සාදන අතර මිනිරන්වලදී කාබන් පරමාණු ෂඩාස්‍රාකාරව තලීයම සකස් වී තිබේ.
බහුරූපීතාව සඳහා යොදාගන්නා ඉංග්‍රීසි වචනය “Allotropy” ග්‍රීක භාෂාවෙන් බිඳී ආ වචනයක් වන අතර එය “allos” හා “tropos” යන වචන යුගලෙහි එකතුවෙන් සෑදී ඇත. “allos” යන්නෙන් “අනෙක” යන්න හැඟෙන අතර “tropos” යන්නෙන් “ක්‍රමය” යන්න අදහස් වේ.
බහුරූපීතාව අදාල වන්නේ එකම මූලද්‍රව්‍යයේ එකම භෞතික ස්වභාවයේ පවතින වෙනස් ආකාර සඳහා පමණි. එබැවින් එකම මූලද්‍රව‍්‍යයේ ඝන , ද්‍රව හා වායු කලාප එකිනෙකෙහි බහුරූපී ආකාර ලෙස නොසැලෙක්. සමහර මූලද්‍රව්‍යවල බහුරූපී ආකාර ඉහත අවසාන 3 හිම පැවතිය හැක. උදා - ඔක්සිජන් මූලද්‍රව්‍යයේ O2 ඩයිඔක්සිජන් හා O3 ට්‍රයිඔක්සිජන් / ඕසෝන් යන බහුරූපී ආකාර යුගල ඝන ද්‍රව හෝ වායු වන අවස්ථා 3න් ඕනෑම එකක පැවතිය හැක. අනෙකුත් මූලද්‍රව්‍යවල බහුරූපී ආකාර එක් කලාපයකට පමණක් සීමා වේ. උදාහරණයක් ලෙස ගතහොත් පොස්පරස්හි ඝන කලාපයේ බොහෝ බහුරූපී ආකාර පවතින නමුත් ද්‍රව තත්වයට පත් කළ විට ඒ සියල්ලෙන්ම එකම P4 ව්‍යුහ දරණ ද්‍රව පොස්පරස් ලැබේ.
ආශ්‍රිත
Isomer
Polymorphism (materials science)
සටහන්
මූලාශ්‍ර
භාහිර සබැඳි
Allotropes – Chemistry Encyclopedia
රසායන විද්‍යාව
Inorganic chemistry
භෞතික රසායන විද්‍යාව
|
9,742 |
https://si.wikipedia.org/wiki/%E0%B6%A2%E0%B7%9B%E0%B7%80%20%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
|
ජෛව රසායන විද්‍යාව
|
ජීව රසායන විද්‍යාව, ජෛව රසායන විද්‍යාව එසේත් නැත්නම් ජෛව රසායනවේදය යනු ජීවින්ගේ සිරුර තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා පිළිබදව සිදුකරන අධ්‍යයනයයි. මෙහිදී ප්‍රෝටීන, කාබෝහයිට්‍රේට, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල සහ වෙනත් ජෛව අණු වැනි සෛලීය ද්‍රව්‍යවල ව්‍යුහය හා කෘත්‍ය පිළිබදව අධ්‍යයනය කරනු ලබයි. රසායනික ජීව විද්‍යාව (Biochemistry) මගින් ජෛව රසායනික විද්‍යාවේ ඇති වන යම් යම් ගැටළුවලට රසායනික සංස්ලේෂණය මගින් විසදුම් ලබාදේ.
විවිධ ආකාරයේ ජෛව අණු විශාල ප්‍රමාණයක් තිබුණද ඒවායින් බොහෝමයක් සංකීර්ණ විශාල බහු අවයවික අණු වන අතර (Polymers) මේවා සෑදි ඇත්තේ ඒ හා සමාන පුනරාවර්ථනය වන ඒක අවයවික කුඩා උප ඒකක මගිනි. (Monomers) ඉහත සදහන් කළ බහු අවයවික ජෛව අණු සදහා විවිධ ආකාරයේ උප ඒකක වර්ග ඇත. උදාහරණයක් ලෙස ප්‍රෝටීන යනු ඇමයිනෝ අම්ල 20 ක් හෝ වැඩි ප්‍රමාණයකින් සෑදි ඇති බහු අවයවිකයකි. ජෛව රසායනික විද්‍යාවේදී ප්‍රෝටීන වැනි වැදගත් ජෛව අණුවල රසායනික ගුණාංගයන් පිළිබදව අධ්‍යයනය කරනු ලබයි. උදාහරණයක් ලෙස එන්සයිම මගින් උත්ප්‍රේරණය වන ප්‍රතික්‍රියා පිළිබදව මෙහිදී අධ්‍යයනය කරයි.
සෛල පර්වෘත්තියෙහි සහ අන්තරාසර්ග පද්ධතියෙහි ජෛව රසායනික විද්‍යාව පිළිබද වඩාත් පුළුල් ලෙස විග්‍රහ කර ඇත. ජෛව රසායනික විද්‍යාවේ වෙනත් ක්ෂේත්‍රයන් වනුයේ ඩී.එන්.ඒ සහ ආර්.එන්.ඒ වැනි ජාන කේත , ප්‍රෝටීන් සංස්ලේෂණය, සෛල පටලවල පරිවහණය සහ සංඥා ගමනා ගමනය පිළිබදව කරන අධ්‍යයනයන්ය.
ජෛව රසායන විද්‍යාව (ග්‍රීක භාෂාවෙන් βίος, bios, ‘ජීවිතය’ හා ඊජිප්තුව භාෂාවෙන් kēme , ‘පෘථිවිය’) යනු සජීවී පටකවල රසායනික ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීමයි. ප්‍රෝටීන , කාබොහයිඩ්‍රේට් , ලිපිඩ , න්‍යෂ්ටික අම්ල හා අනෙකුත් ජෛව අණු වැනි සෛලික අංගවල ක්‍රියාකාරිත්වය හා ව්‍යුහය පිළිබදව කටයුතු කරයි. ජෛව රසායනය තුළින් නැගෙන බොහෝ ප්‍රශ්නවලට රසායනික විශ්ලේෂණ තුළින් දියුණු කරන ලද මෙවලම් භාවිතයෙන් පිළිතුරු සැපයීමට රසායනික ජිව විද්‍යාව උත්සාහ දරයි.
විවිධ ජෛව අණු විශාල සංඛ්‍යාවක් තිබුණ ද බොහොමයක් එක සමාන පුනරාවර්තී උප ඒකක (ඒක අවයවක ලෙස හදුන්වන) විශාල සංඛ්‍යාවක එකතුවෙන් ඇතිවන විශාල හා සංකීර්ණ අණු වෙයි. (බහු අවයවක ලෙස හදුන්වන) සෑම බහු අවයවක ජෛව අණු කණ්ඩායමකටම වෙනස් උප කොටස් කාණ්ඩ ඇත. උදාහරණ ලෙස ප්‍රෝටීන් යනු ඇමයිනෝ අම්ල 20 ක් දක්වා හෝ ඊට වැඩි ප්‍රමාණයකින් සෑදී ඇති බහු අවයවයකි. ජෛව රසායනය ප්‍රෝටීන් වැනි වැදගත් ජෛව අණුවල රසායනික ගුණ අධ්‍යයනය කරයි. විශේෂයෙන් එන්සයිමීය උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවල රසායනය.
සෛල පරිවෘත්තීය හා අන්තරාසර්ග පද්ධතියෙහි ජෛව රසායනය පුළුල් ලෙස විස්තර කර ඇත. ජෛව රසායනයේ අනෙකුත් අංශවලට ප්‍රෙව්ණි කේත (DNA , RNA) , ප්‍රෝටීන් සංස්ලේෂණය , සෛල පටල ප්‍රවාහනය හා සංඥා සම්ප්‍රේෂණය ඇතුළත් වේ.
මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ භෞමික ජෛව විද්‍යාව පිළිබදව පමණි. කාබන් සහ ජලය පදනම් කරගත් දැනට පවතින සියලු ජීවී ප්‍රභේද පැවැත එන්නේ එකම පොදු පූර්වජයාගෙන් නිසා ඒවාට පවතිනුයේ සමාන ජෛව රසායනයි. වෙනස් ජෛව අණුවල අත්පුරුව වැනි මූලිකවම පදනමක් නොමැති දේවලට පවා එය එසේමය. විකල්ප ජෛව රසායනයක් පැවතීම හෝ එහි ප්‍රායෝගික බව නොදන්නා කරුණකි.
ඉතිහාසය
මුල් කාලයේදී , ජීවය පවතින දෑ නවීන විද්‍යාවේ නියමයන්වල විෂයක් නොවන අතර අජීවී දෑ නවීන විද්‍යාවේ නියමයන්වල විෂයක් යන්න පොදු මතයක් විය. එය එසේ ප්‍රකාශ වූයේ ජීවිකොටස් වලට පමණක් තවත් ජීවි අණු බිහිකළ හැක යන මතයේ සිටියි. ඉන් පසු 1828 දී ෆෙඩ්රික් වෝලර් (Fredrich Wohler) විසින් යූරියා සංස්ලේෂණය නමින් ලිපියක් පල කරන ලද අතර එහිදී ඔහු විසින් කාබනික සංයෝගයන් කෘතීමව නිපදවිය හැකි බව ඔප්පු කර පෙන්වන ලදී.
ජෛව රසායන නවීන විද්‍යාවේ උදාව ලෙස සලකනුයේ ප්‍රථම එන්සයිමය වන ඩයස්ටේස් යලි සොයා ගැනීමයි. (diastase) (අද එය හදුන්වන්නේ ඇමයිලෙස් නමිනි.) එය 1833 දී ඇන්ඩෙස්මේ පේයන් විසින් සොයා ගන්නා ලදී. ඉන්පසු 1896 දී එඩ්වර්ඩ් බුච්නර් (Eduard Buchner) විසින් සෛලයක් පිටත සිදුවන ජෛව රසායනික ක්‍රියාවලියක් ආදර්ශනය කළේය. ඒ යීස්ට් සෛල මගින් මධ්‍යසාර සෑදෙන පැසවීමේ ක්‍රියාවලියයි. එසේ වුවත් “ජෛව රසායන නවීන විද්‍යාව” වචනය මූලිකව භාවිතා වී ඇත්තේ 1882 දීය. කෙසේ වෙතත් එය සාමාන්‍ය පිලිගැනීමට ලක්වූයේ ජර්මන් ජාතික රසායන නවීන විද්‍යාඥයෙකු වූ කාලර් නෙයුබර්ගේ යටතේ 1903 දීය. මෙයට පෙර එම කාලයේදී එය හැදින්වූයේ කායික රසායන නවීන විද්‍යාව වශයෙනි. ඉන්පසුව 20 වන සියවසේ මැද භාගය වන තුරු එය එතරම් උසස් තත්ත්වයකට නොපැමිණි අතර 20 වන සියවසේ මැද භාගයේදී සොයාගත් නවීන විද්‍යාත්මක උපකරණයක් වන වර්ණ ඡායාරූපකරණයන්, X කිරණ විවර්තනය, NMR වර්ණාවලීක්ෂයන්, විකිරණ හා සමස්ථානික නාමකරණයන්, ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයන් හා අණුකමය ගති ආදර්ශකය (Molecular Dynamic Simulation) වැනි උපකරණවල උදවුව හරහා විවිධවූ අණු හා සෛලවල පරිවෘත්තීය ක්‍රියාවලීන් පිළිබදව සවිස්තරාත්මක විශ්ලේෂණයන් කිරීමට හැකියාව ලැබුණි. එහිදී ග්ලයිකෝසිස් හා කර්බ් චක්‍රය (ස්ට්‍රික් අම්ල වක්‍රය) උදාහරණ වේ.
ජෛව රසායන ඉතිහාසයේ අද්විතීයිය යොදාගැනීමක් වන්නේ ජානය සොයා ගැනීමක් එය මගින් සෛල තුළ තොරතුරු හුවමාරු වන අයුරු හඳුනාගැනීමත් ජෛව රසායන නවීන විද්‍යාවේ මෙම කොටස අණුක ජීව නවීන විද්‍යාව ලෙස හදුන්වයි. 1950 දී ජේම්ස් ඩී. වොට්සන්, ෆ්රැන්සිස් ක්‍රික්, රොසැලින්ඩ් ෆ්රැන්ක්ලින් හා මයුරිස් විල්කින්ස් යන පුද්ගලයන් විසින් DNA වල ව්‍යුහය හා එහි තොරතුරු හුවමාරුව සම්බන්ධයෙන් ක්‍රියාකාරී වු වැදගත් පුද්ගලයන් වේ. ජෝර්ජ් බීඩ්ල් හා එඩ්වඩ් ටැටුම් විසින් දිලීර වල එක් එන්සයිමයක් එක් ජානයක් ක් නිපද වීම ආදර්ශනය කිරීම නිසා 1958 දී නොබෙල් ත්‍යාගය දිනා ගන්නා ලදී. 1988 දී කොලින් පිත්ෆෝක් DNA සාක්ෂි තුලින් අණාවරණය කරගත් දත්ත හේතුවෙන් වරදකරු වු ප්‍රථම පුද්ගලයා වූ අතර එය අධිකරණ වෛද්‍ය නවීන විද්‍යාවේ නව කොටසක් විය. ඉතා මෑතදී ඇන්ඩෘ z ෆයර් හා ක්රෙයිග් සී.මෙලොයි (Craig C. Mello) විසින් 2006 දී RNA නිරෝධනය (RNA interference [RNA I ]) සොයා ගැනීම වෙනුවෙන් 2006 වසරේ නොෙබල් ත්‍යාගය ද හිමි වුණි.
අද මයිකල් ඊ. සුගාර් විසින් පිහිටුවන ලද පරිදි ජෛව රසායන නවීන විද්‍යාව කොටස් තුනකි. ශාක ජෛව රසායන නවීන විද්‍යාව තුලින් ස්වයංපෝෂී ජීව කොටස් ප්‍රභාසංස්ලේෂණය පිළිබදව හා වෙනත් ශාකවල විශේෂිත ජෛව රසායනික ක්‍රියාවලි අධ්‍යයනයත් , සාමාන්‍යය ජෛව රසායන නවීන විද්‍යාව තුලින් සත්ව හා ශාකවල ජෛව රසායන ක්‍රියාවලින් හා මනුෂ්‍ය/ වෛද්‍ය/ ඖෂධ ජෛව රසායන නවීන විද්‍යාව තුලින් මිනිසුන්ගේ හා විවිධ වූ රෝගාබාධවල ජෛව රසායනික ක්‍රියාවලිය අධ්‍යයනය කෙරේ.
අනෙකුත් අණුක මට්ටමේ ජෛව විද්‍යාවලට ඇති සම්බන්ධය
ජෛව රසායනයේ පරීක්ෂණයන් ජෛව රසායනයටම අදාල විශේෂ තාක්ෂණික ක්‍රම භාවිතයට ගනී. නමුත් දැන් වැඩි වශයෙන් මේවා ප්‍රවේණි විද්‍යාව , අණුක ජීව විද්‍යාව හා භෞතිකයේ තාක්ෂණික ක්‍රම හා අදහස් සමග සම්බන්ධ වේ. ඒවායේ තාක්ෂණික ක්‍රම හා අන්තර්ගතය අතින් කොටස් අතර කිසිම විටෙක පැහැදිලි වෙන් කිරීමක් නොතිබුණි. නමුත් අතීතයේ මෙම අංශවල සාමාජිකයන් විශාල ලෙස වෙන් කර තිබිණි. වර්තමානයේ අණුක ජීව විද්‍යාව හා ජෛව රසායනය යන අංශ එකිනෙක හුවමාරු කළ හැකි තරම්ය. පහත දැක්වෙන්නේ එම ක්ෂේත්‍ර අතර සබඳතාව දක්වන පටිපාටිකයකි.
· ජෛව රසායනය යනු ජීව පටක තුළ සිදුවන රසායනික ද්‍රව්‍ය හා ජෛව ක්‍රියාවලි පිළිබඳ අධ්‍යයනයයි. ජෛව රසායනඥයන් ජෛව අණුවල ව්‍යුහය හා ක්‍රියාව පිළිබඳ ප්‍රභලව අවධානය යොමු කරයි. ජෛව ක්‍රියාවලි පිටුපස රසායනය අධ්‍යයනය හා ජීවීය ලෙස සක්‍රීය අණු සංස්ලේෂ්ණය ජෛව රසායනයේ උදාහරණ ලෙස දැක්විය හැක.
· ප්‍රවේණි විද්‍යාව පටකවල ප්‍රවේණි වෙනස්කම් මගින් ඇතිවන ප්‍රතිඵල නොසිත්ත දර්ශය පිළිබඳ අධ්‍යයනයයි. සාමාන්‍ය සංරචකයක නොමැති වුවද මෙය තාර්කිකව නිගමනය කළ හැක. (උදා - ජානය) නොහික්ත දර්ශ සමග හෝ ස්වාභාවික රූපානුදර්ශය සමග සංසන්දනය කළහ. ක්‍රියාකාරී කොටස් එකක් හෝ කිහිපයක් නොමැතිවීමෙන් ඇතිවන විකෘති දර්ශ පිළිබඳව - අධ්‍යයනය ද මෙහිදී සිදු කෙරේ. එවන් අධ්‍යයන වලින් සිදු කරන සරල අර්ථ දැක්වීම් ජාන අන්තර්ක්‍රියා මගින් ව්‍යාකූලත්වයකට පත් කළ හැකි වේ.
· අණුක ජීව විද්‍යාව යනු ප්‍රවේණි ද්‍රව්‍ය ගුණනය වීම, පිටපත් කිරීම හා පරිවර්තනය කිරීම වැනි ක්‍රියාවලිවලට ආධාර දෙන අණු පිළිබඳ අධ්‍යයනයයි. අණුක ජීව විද්‍යාවේ ප්‍රධානම පදනම වන්නේ ප්‍රවේණි ද්‍රව්‍යය RNA බවට පිටපත් වී ප්‍රෝටීන බවට පරිවර්තනය වීමයි. මෙමගින් වඩාත් සරලව ක්ෂේත්‍රය හඳුනාගැනීමට හොඳ ආරම්භයක් සපයයි. මෙමගින් RNA වල නව කෘත්‍ය පිළිබඳව වඩා හොඳින් අවබෝධ කරගත හැකි වී ඇත.
· රසායනික ජීව විද්‍යාවේදී ජෛව පද්ධතිවලට අඩුම බලපෑමක් ඇති කරන කුඩා අණු මත පදනම් වූ නව මෙවලම් දියුණු කිරීම හා ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳ විස්තරාත්මක තොරතුරු සැපයීම සිදු කරයි. තව දුරටත් රසායනික ජීව විද්‍යාව මගින් ජෛව අණු හා කෘත්‍රීම උපකරණ අතර කෘත්‍රීම මුහුම් සිදු කිරීමට ජෛව පද්ධති යොදවනු ලැබේ.
ආශ්‍රිත
ලැයිස්තු
Important publications in biochemistry (chemistry)
List of biochemistry topics
List of biochemists
List of biomolecules
ආශ්‍රිත
Astrobiology
Biochemistry (journal)
Biological Chemistry (journal)
Biophysics
Chemical ecology
Computational biomodeling
Dedicated bio-based chemical
EC number
Hypothetical types of biochemistry
International Union of Biochemistry and Molecular Biology
Metabolome
Metabolomics
අණුක ක්ෂුද්‍ර ජීව විද්‍යාව
Molecular medicine
Plant biochemistry
Proteolysis
Small molecule
Structural biology
TCA cycle
සටහන්
a. Fructose is not the only sugar found in fruits. Glucose and sucrose are also found in varying quantities in various fruits, and sometimes exceed the fructose present. For example, 32% of the edible portion of a date is glucose, compared with 24% fructose and 8% sucrose. However, peaches contain more sucrose (6.66%) than they do fructose (0.93%) or glucose (1.47%).
මූලාශ්‍ර
භාහිර සබැඳි
The Virtual Library of Biochemistry, Molecular Biology and Cell Biology
Biochemistry, 5th ed. Full text of Berg, Tymoczko, and Stryer, courtesy of NCBI.
SystemsX.ch – The Swiss Initiative in Systems Biology
Full text of Biochemistry by Kevin and Indira, an introductory biochemistry textbook.
ජීව විද්‍යාව
විද්‍යාව
රසායන විද්‍යාව
ජෛව තාක්ෂණය
Molecular biology
|
9,746 |
https://si.wikipedia.org/wiki/Lophotrochozoa
|
Lophotrochozoa
|
Lophotrochozoa වන් හට සත්ත්ව වංශයෙහි වඩාත් සාර්ථක මෘද්වංශකයින් සහ ඇනලිඩාවන් අයත් වේ. මොලුස්කාවන් හට ගොලුබෙල්ලන්, බෙල්ලන් සහ දැල්ලන් ද ඇනලිඩාවන් හට කණ්ඩනය වු පණුවන් හෙවත් ගැඩවිලුන් සහ කූඩැල්ලන් අයත් වේ. මෙම කාණ්ඩ දෙකම කලක් තිස්සේ සමීප සම්බනන්ධතාවයක් පවතින බවට සලකනු ලබන්නේ ඔවුන්හට පොදු trochophore පිළවුන් හේතුවෙනි. නමුත් ඇනලිඩාවන් සන්දිපාදිකයන් හට වඩාත් සමීප සම්බන්ධතාවයක් ඇති බවට සැලකේ. මෙසේ වන්නේ ඔවුන් දෙවර්ගයම කණ්ඩනය වී ඇති බැවිණි. මෙය අභිසාරි පරිණාමයක් ලෙස සැලකේ. එසේ වන්නේ එම වංශ දෙකෙහි රූපාකාරයේ සහ ජානමය වශයෙන් ඇති වෙනස්කම් මත පදනම්වය.
Lophotrochozoa වන් හට නෙමටෝඩා හෙවත් පටිපණුවන් අයත්වේ. Sipuncula සහ මුඛය වටා පක්ෂ්ම රාහියක් පිහිටා ඇති ඇතැම් වංහිකයින් හට lophophore යැයි හැදින්වේ. මොවුන් සම්ප්‍රදායික වශයෙන් එක්ව ගත් කල lophophorates යැයි වර්ග කරනය කරනු ලැබේ. නමුත් දැනට පෙනිගොස් ඇති අන්දමට ඔවුන් නෙමටෝඩාවන් හට සමීප සම්බන්ධතාවයක් ඇති සහ ඇතමුන් මෘද්වංශිකයන්ට සහ ඇනලිඩාවන්ට සමාන සම්බන්ධතාවයක් ඇති paraphyletic ලෙසට වර්ගිකරණය කරනු ලැබේ. ඔවුන්හට බෙල්ලන් හෙවත් Brachiopoda වන් අයත්වෙයි. ඔවුන් පොසිල වාර්තා වල වඩාත් ප්‍රමුඛ වේ. Entoprocta, Phoronida සහ Bryozoaහෙවත් පාසි වැනි සතුන්ද අයත්ය.
References
http://en.wikipedia.org/wiki/Animals#Lophotrochozoa
|
9,747 |
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%20%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%20%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA
|
රසායනික මුලිකාංග ඉතිහාසය
|
සංයෝගය යන යෙදුම (Stoicheia) ක්‍රි.පු. 360 ග්‍රීක දාර්ශනික ප්ලේමෝ විසින් ටයිමස් නැමති ඔහුගේ කතිකාවෙහි මුලින්ම යොදා ගන්නා ලදී. මෙහි අඩංගු වන්නේ කාබනික හා අකාබනික දේහ වල සංයුතිය වන අතර එය රසායන විද්‍යාව පිළිබද ආකෘතික ශාස්ත්‍රිය ග්‍රන්ථයකි. ප්ලේටෝ විශ්වාස කරන ලද්දේ සෑම සංයෝගයකම කුඩා කොටස් tetrahedrom (ගින්න) Octahedron (වාතය) Icosachedrom (ජලය) සහ ඝන ද්‍රව්‍ය වලට අයත් වන බවයි. ක්‍රි.පු. 350 දී පමණ ජිවත් වු එම් Empedopcles නැමති ග්‍රීක දාර්ශනිකයාගේ මූලද්‍රව්‍ය හතර යන පදයට අනුව ඇරිස්ටෝටල්ද ‘මූලද්‍රව්‍ය’ එනම් ස්වර්ගය සැකසීම යොදා ගන්නා ලදී. ඇරිස්ටෝටල් සංයෝගයක් විස්තර කරන ලද්දේ මුලිකාංග - අනෙකුත් දේහ වියෝජනය කිරීමට හැකියාව ඇති නමුත් එයටම කුඩා කොටස් වලට කැඩීමට හැකියාව නොමැති දේහ.
මෙම සිද්ධාන්තයට අනුව ක්‍රි.ව. 790 දී ඇරබියානු රසායන විද්‍යාඥයකු වන ජබිර් ඉබ්න් හයියාන් පැවසුවේ ලෝහ සංයෝග හතරකින් සෑදි ඇති බවයි. එනම් පර්ෆර් “ගිනි ගන්නා සුළු පාෂාණ” ගිනි ගන්නා සුළු බවයේ සිද්ධාන්ත පෙන්නුම් කරන දේ මර්කර් ලෝහමය වස්තුන්ගේ සිද්ධාන්ත අඩංගු දේ යන ද්‍රව්‍යයි. ඉන් ටික කලකට පසු මෙම මතවාදය මුලිකාංග තුන පිළිබදව අරාබියානු මතවාදය බවට පත්විය. සල්ෆර් ගිනිගන්නා සුළු බව පෙන්වන අතර මර්කර් වාෂ්පශීලි බව සහ තිරසාර බවද පොඩියම් ෆ්ලොරයිඩ් ඝනභාවයද ලබාදේ.
1524 දි ස්විස්ටර්ලන්ත ජාතික රසායන විද්‍යාඥයකු වු පරිස්ලස් ඇරිස්ටෝටල්ගෙ සංයෝග හතර පිළිබද මතවාදය යොදා ගන්නා ලදී නමුත් ඔහු පෙන්නුම් කරන ලද්දේ ඒවා දේහ වල සිදුවන්නේ ගෙබර්ගේ මුලිකාංග තුනට අනුව බවයි. පැරස්ලස්ට අනුව මෙම මතවාද මුලික වන අතර එය සාධාරනිය කරනය කිරීමට දැව ගින්නේ දැවෙන ආකාරය විස්තර කරන ලදී. මර්කරි වල පංශක්ති මුලධර්මය දක්නට ලැබෙන අතර එබැවින් එය දුමට ඇල්ලු විට දර කැබැල්ලක් දෙකට වෙන්වේ. දුම නියෝජනය කරනු ලබන්නේ වාශ්පශීලි බවයි. (මර්කරි මුලිකාංගයයි) තාපය ලබාදෙන ගිනිදලු ගිනිගන්නා සුළු බව නියෝජනය කරන අතර (සර්ෆර්) අවශේෂ අළු ඝන භාවය නියෝජනය කරයි. (සෝඩියම් ෆ්ලෝරයිඩ්)
1669 දි ජර්මානු භෞතික විද්‍යාඥයකු සහ රසායන විද්‍යාඥයකු වන ජෝර්හාන් බෙචර් ඔහුගේ කෘතිය පල කරන ලදී. මෙහිදි පැරස්ලස් ගේ අදහස් වැඩිදියුණු කරමින් ඔහු තර්ක කරන ලද්දේ දේහ වල සංයුතිය ජලය වාතයේ සහ තුන්වර්ගයක පස් වලින් සමන්විත වේ. ඒවා නම් terrafluida, රසදිය මූලද්‍රව්‍ය වාෂ්පශීලි බව සහ ද්‍රව්‍ය බව ඇති කිරීමට උපකාරී වේ. Terrafluida ගිනිගන්නා සුළු බව සහ බැදුනු ගතිය ඇති කරන ඝණිය මුලද්‍රව්‍ය සහ terra pinguis වලට තෙල් සහ ගිනි ගන්නා සුළු බවක් ලබාදෙන මේද සහිත මුලද්‍රව්‍ය. මෙම පස් වර්ග තුන ගෙබර්ගේ සංකල්ප තුන සමග ගැලපේ. උදාහරණයක් ලෙස බෙචර්ට අනුව ලී කැබැල්ලක් අළුවලින් සහ terra pinguis වලින් සමන්විත වේ. ලී කැබැල්ල ගිනි තබන විට terra pinguis නිකුත් වන අතර අළු ඉතිරිවේ. වෙනත් වචන වලින් කියන්නේ නම් දහනයේ දී පසු වල මේද බව දැවී යයි. 1661 දී රෝබට් බොයිලි පෙන්නුම් කරන ලද ආකාරයට මුතුන් මිත්තන් නිගමනය කලාට වඩා මුලික සංයෝග 4 කට වඩා එහි අන්තර්ගතය රසායනික මුලද්‍රව්‍ය වල ප්‍රථම නුතන නාමා වලිය ලබාදෙන ලද්දේ ඇන්ටන් ලැබායිසර්ගේ රසායනික විද්‍යාවේ මුලිකාංග යන ආලෝකය සහ ශක්ති ඒකකයද ඇතුලත්ව මුලද්‍රව්‍ය 33 ක් අඩංගු මුලද්‍රව්‍යයන් මිගිනි. පිලිගනු ලැබු මුලද්‍රව්‍ය 49 න් 45 කම පරමාණුක බල 1818 දී ජොන්ස් ජාකෝබ් බර්සේලියස් විසින් නිගමනය කරන ලදී. දිමිත්‍රි මෙන්ඩලීව්ගේ 1869 ආවර්තිතා වගුවේ මුල ද්‍රව්‍ය 66 ක් දක්නට ලැබුණි.
බොයිලිගේ සිට 20 වන ශත වර්ෂය දක්වා, මුලද්‍රව්‍යයක් නිගමනය කරන ලද්දේ ශුද්ධ ද්‍රව්‍යයක් වන අතර එය ඉතා කුඩා කොටස් වලට විභේජනය කල නොහැකියි යනුවෙනි. වෙනත් අයුරින් පවසන්නේ නම් රසායනික ද්‍රව්‍යයක් රසායනකි ක්‍රියාවලියක් මගින් තවත් රසායනික ද්‍රවයයකට වෙන්කල නොහැකි බවයි. 1913 දී හෙන්රි මොස්ලේ විසින් සොයාගන්නා ලද්දේ පරමාණුවේ පරමානුක අංකයේ භෞතික තත්ත්වය යනු න්‍යෂ්ටියේ ආරෝපණයි. ආරෝපන නම් කිරීමේදී මෙයින් පසුව සිදුවිය . සමාවයික සහ ඇලත්‍රෝප නිසා ඇති වෙනස් කම්ද මෙම ආරෝපණය නම් කිරීම නිසා සිදුවිය.
1919 දී ප්‍රසිද්ධ මුලද්‍රව්‍ය 72 ක් දක්නට ලැබුණි. 1955 දී මුලද්‍රව්‍ය 101 ක් සොයාගත් අතර ඒවා මෙන්ඩලීවියම් යන නමින් නම් කරන ලද්දේ මෙන්ඩලීවිට් ගෞරවයක් වශයෙනි. මෙන්ඩලීව් යනු ආවර්තිතා ආකාරයට මුලද්‍රව්‍ය සකස්කල පළමු පද්ගලයා වේ. 2006 ඔක්තෝබර් මාසයේදී මුලද්‍රව්‍ය 118 වාර්තා වුවද මුලද්‍රව්‍ය 117 ද තවම විද්‍යාගාර තත්ත්වයේ නිපදවා නොමැත.
References
http://en.wikipedia.org/wiki/Chemical_element#History
විද්‍යාව
රසායන විද්‍යාව
|
9,750 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%82%E0%B6%BA%E0%B7%94%E0%B6%A2%20%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA
|
සංයුජ බන්ධනය
|
සහසංයුජ බන්ධන රසායනික බන්ධන විශේෂයක් වන අතර , පරමාණු අතර හෝ පරමාණු හා වෙනත් සහසංයුජ බන්ධන අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගැනීම මගින් බන්ධන නිර්මාණය කිරීම සහසංයුජ බන්ධනවලට ලාක්ෂණික වේ. එනම් පරමාණු ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගන්නා විට ඒවා අතර ඇතිවන ආකර්ෂණ හා විකර්ශන බලවල ස්ථායීතාව සහසංයුජ බන්ධනයක් හෝ සැලකිය හැක.
ඇගොස්ටික බන්ධන , ලෝහක බන්ධන ත්‍රිකේන්ද්‍රීය ද්වී ඉලෙක්ට්‍රෝනික බන්ධන , සිග්ම බන්ධන හා පයි බන්ධන යනාදී බන්ධන වර්ග රැසක් සහසංයුජ බන්ධන ලෙස වර්ග කළ හැක. සහසංයුජ බන්ධනයේ සදහා වූ ඉංග්‍රීසි නාමය 1939 වසරේදී නිර්මාණය කරන ලද්දකි. “සහසංයුජ” නම් වදනෙහි “සහ” යන උපසර්ගයන් “එක්ව ක්‍රියාවේ යෙදෙන” නැතහොත් “එක්තරා දුරකට යුගලමය ලෙස ක්‍රියා කරන” වැනි අරුතක් ගෙන දේ. ඒ අනුව “සහසංයුජ” යන්නෙන් අදහස් වනුයේ සංයුජතාවත් හවුල් කරගන්නා යන අරුත වේ. මෙම අර්ථය සංයුජතා කවච බන්ධන සිද්ධාන්තය හා ගැලපීමක් පෙන්වයි. H2 අණුවක හයිඩ්‍රජන් පරමාණු යුගල සහසංයුජ බන්ධනයක් හරහා ඉලෙක්ට්‍රෝන යුගලක් හවුලේ තබාගැනීම මේ සදහා උදාහරණයක් වේ.
බන්ධනයක සහසංයුජ ලක්ෂණ ඉතා ඉහළ වන්නේ බන්ධනය වූ පරමාණුවල විද්‍යුත් සෘණතා ආසන්න වශයෙන් වත් සමාන වන විටයි. එබැවින් එකම මූලද්‍රව්‍යයේ පරමාණු දෙකක් නොවුන ද ආසන්න වශයෙන් සංසන්දනය කළ හැකි තරමේ විද්‍යුත් සෘණතාවක් දරණ පරමාණු දෙකක් අතර සහසංයුජ බන්ධනයක් ඇති විය හැක. සහ සංයුජ බන්ධනයකදී ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමක් සිදුවන බැවින් ඉලෙක්ට්‍රෝන විස්ථානගත තත්වයක පවතී යයි කියමු. තවද අයනික බන්ධන වෙන් කොට , සහසංයුජ බන්ධනවල ශක්තිය රදා පවතින්නේ බහු පරමාණුක අණුවල පරමාණු අතර ඇති කෝණික සම්බන්ධතාවය මතයි.
බන්ධන පෙළ
සහසංයුජ බන්ධනයක් ඇති කිරීමට සහභාගී වන ඉලෙක්ට්‍රෝන යුගල ගණන ප්‍රකාශ කෙරෙන මිණුමක් ලෙස බන්ධනයක පෙළ සැලකිය හැක. මෙය ද්වි අණුක සංයෝග අණු අතර බන්ධන විස්තර කිරීමට හදුන්වා දී ඇතත් බහු පරමාණුක අණුවල පවතින බන්ධන විස්තර කිරීමට ද යොදා ගනු දැකිය හැක.
වඩාත් බහුලතම සහසංයුජ බන්ධන වර්ගය වන්නේ ඒක බන්ධන වේ. ඒක බන්ධනයක් ඇතිවීමට එක් ඉලෙක්ට්‍රෝන යුගලක් හවුලේ තබාගැනීම සිදුවිය යුතුය. බොහෝ විට මෙය එක් සිග්මා බන්ධනයන් ඉලෙක්ට්‍රෝන යුගලකට වඩා සහභාගී වීමෙන් සියලු සහ සංයුජ බන්ධන බහු බන්ධන නම් වේ.
ඉලෙක්ට්‍රෝන යුගල් 2ක් හවුලේ තබා ගැනීමෙන් ද්විත්ව බන්ධන ඇතිවේ. මෙහිදී බොහෝ විට එක් බන්ධනයක් සිග්මා බන්ධනයක් ද අනෙක පයි බන්ධනයක් ද වේ. මෙවැනි බන්ධන සදහා උදාහරණය එතිලීන්හි කාබන් පරමාණු අතර දැකිය හැක.
ත්‍රිත්ව බන්ධනයක් සෑදීමට ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් සහභාගී වන අතර බොහෝ විට ත්‍රිත්ව බන්ධනය එක් බන්ධනයක් සිග්මා බන්ධනයක් වන අතර අනෙක් බන්ධන යුගල පයි බන්ධන වේ. හයිඩ්‍රජන් සයනයිඩ් අණුවෙහි කාබන් හා නයිට්‍රජන් පරමාණු අතර ඇත්තේ ත්‍රිත්ව බන්ධනයකි.
මොලිබ්ඩිනම් හා රීතියම් වැනි ආන්තරික මූලද්‍රව්‍ය පරමාණු අතර චතුර් බන්ධන දැකිය හැක. මේ සදහා තවත් උදාහරණයක් ලෙස ද්විත්ව ටන්ග්ස්ටන් චාතුර්ත (hpp) පෙන්වාදිය හැක.
පංච බන්ධන ඇතැම් ඩයික්‍රෝමියම් සංයෝගවල පවතින බව අනාවරණය කරගෙන තිබේ.
ද්වි පරමාණුක මොලිබ්ඩනම් හා ටන්ග්ස්ටන් පරමාණු අතර පෘෂ්ඨ බන්ධන පවතී.
ඉහත වර්ගීකරණය ශක්තිමත් හා ව්‍යාප්ත එකක් වන නමුදු බොහෝ බන්ධන ව්‍යුහ විස්ථානගත තත්වයක ඉලෙක්ට්‍රෝනවලින් යුතු බැවින් , එහි වලංගුභාවය සීමා සහිත වේ. ත්‍රිකේන්ද්‍රීය බන්ධන ඉහත සම්මුතීන්වලට එකගව නොහැසිරීම මේ සදහා උදාහරණයකි.
References
http://en.wikipedia.org/wiki/Covalent_bond
|
9,752 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%84%E0%B7%83%E0%B6%82%E0%B6%BA%E0%B7%94%E0%B6%A2%20%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA
|
සහසංයුජ බන්ධනය
|
සහසංයුජ බන්ධන රසායනික බන්ධන විශේෂයක් වන අතර , පරමාණු අතර හෝ පරමාණු හා වෙනත් සහසංයුජ බන්ධන අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගැනීම මගින් බන්ධන නිර්මාණය කිරීම සහසංයුජ බන්ධනවලට ලාක්ෂණික වේ. එනම් පරමාණු ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගන්නා විට ඒවා අතර ඇතිවන ආකර්ෂණ හා විකර්ශන බලවල ස්ථායීතාව සහසංයුජ බන්ධනයක් හෝ සැලකිය හැක.
ඇගොස්ටික බන්ධන , ලෝහක බන්ධන ත්‍රිකේන්ද්‍රීය ද්වී ඉලෙක්ට්‍රෝනික බන්ධන , සිග්ම බන්ධන හා පයි බන්ධන යනාදී බන්ධන වර්ග රැසක් සහසංයුජ බන්ධන ලෙස වර්ග කළ හැක. සහසංයුජ බන්ධනයේ සදහා වූ ඉංග්‍රීසි නාමය 1939 වසරේදී නිර්මාණය කරන ලද්දකි. “සහසංයුජ” නම් වදනෙහි “සහ” යන උපසර්ගයන් “එක්ව ක්‍රියාවේ යෙදෙන” නැතහොත් “එක්තරා දුරකට යුගලමය ලෙස ක්‍රියා කරන” වැනි අරුතක් ගෙන දේ. ඒ අනුව “සහසංයුජ” යන්නෙන් අදහස් වනුයේ සංයුජතාවත් හවුල් කරගන්නා යන අරුත වේ. මෙම අර්ථය සංයුජතා කවච බන්ධන සිද්ධාන්තය හා ගැලපීමක් පෙන්වයි. H2 අණුවක හයිඩ්‍රජන් පරමාණු යුගල සහසංයුජ බන්ධනයක් හරහා ඉලෙක්ට්‍රෝන යුගලක් හවුලේ තබාගැනීම මේ සදහා උදාහරණයක් වේ.
බන්ධනයක සහසංයුජ ලක්ෂණ ඉතා ඉහළ වන්නේ බන්ධනය වූ පරමාණුවල විද්‍යුත් සෘණතා ආසන්න වශයෙන් වත් සමාන වන විටයි. එබැවින් එකම මූලද්‍රව්‍යයේ පරමාණු දෙකක් නොවුන ද ආසන්න වශයෙන් සංසන්දනය කළ හැකි තරමේ විද්‍යුත් සෘණතාවක් දරණ පරමාණු දෙකක් අතර සහසංයුජ බන්ධනයක් ඇති විය හැක. සහ සංයුජ බන්ධනයකදී ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමක් සිදුවන බැවින් ඉලෙක්ට්‍රෝන විස්ථානගත තත්වයක පවතී යයි කියමු. තවද අයනික බන්ධන වෙන් කොට , සහසංයුජ බන්ධනවල ශක්තිය රදා පවතින්නේ බහු පරමාණුක අණුවල පරමාණු අතර ඇති කෝණික සම්බන්ධතාවය මතයි.
බන්ධන පෙළ
සහසංයුජ බන්ධනයක් ඇති කිරීමට සහභාගී වන ඉලෙක්ට්‍රෝන යුගල ගණන ප්‍රකාශ කෙරෙන මිණුමක් ලෙස බන්ධනයක පෙළ සැලකිය හැක. මෙය ද්වි අණුක සංයෝග අණු අතර බන්ධන විස්තර කිරීමට හදුන්වා දී ඇතත් බහු පරමාණුක අණුවල පවතින බන්ධන විස්තර කිරීමට ද යොදා ගනු දැකිය හැක.
වඩාත් බහුලතම සහසංයුජ බන්ධන වර්ගය වන්නේ ඒක බන්ධන වේ. ඒක බන්ධනයක් ඇතිවීමට එක් ඉලෙක්ට්‍රෝන යුගලක් හවුලේ තබාගැනීම සිදුවිය යුතුය. බොහෝ විට මෙය එක් සිග්මා බන්ධනයන් ඉලෙක්ට්‍රෝන යුගලකට වඩා සහභාගී වීමෙන් සියලු සහ සංයුජ බන්ධන බහු බන්ධන නම් වේ.
ඉලෙක්ට්‍රෝන යුගල් 2ක් හවුලේ තබා ගැනීමෙන් ද්විත්ව බන්ධන ඇතිවේ. මෙහිදී බොහෝ විට එක් බන්ධනයක් සිග්මා බන්ධනයක් ද අනෙක පයි බන්ධනයක් ද වේ. මෙවැනි බන්ධන සදහා උදාහරණය එතිලීන්හි කාබන් පරමාණු අතර දැකිය හැක.
ත්‍රිත්ව බන්ධනයක් සෑදීමට ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් සහභාගී වන අතර බොහෝ විට ත්‍රිත්ව බන්ධනය එක් බන්ධනයක් සිග්මා බන්ධනයක් වන අතර අනෙක් බන්ධන යුගල පයි බන්ධන වේ. හයිඩ්‍රජන් සයනයිඩ් අණුවෙහි කාබන් හා නයිට්‍රජන් පරමාණු අතර ඇත්තේ ත්‍රිත්ව බන්ධනයකි.
මොලිබ්ඩිනම් හා රීතියම් වැනි ආන්තරික මූලද්‍රව්‍ය පරමාණු අතර චතුර් බන්ධන දැකිය හැක. මේ සදහා තවත් උදාහරණයක් ලෙස ද්විත්ව ටන්ග්ස්ටන් චාතුර්ත (hpp) පෙන්වාදිය හැක.
පංච බන්ධන ඇතැම් ඩයික්‍රෝමියම් සංයෝගවල පවතින බව අනාවරණය කරගෙන තිබේ.
ද්වි පරමාණුක මොලිබ්ඩනම් හා ටන්ග්ස්ටන් පරමාණු අතර පෘෂ්ඨ බන්ධන පවතී.
ඉහත වර්ගීකරණය ශක්තිමත් හා ව්‍යාප්ත එකක් වන නමුදු බොහෝ බන්ධන ව්‍යුහ විස්ථානගත තත්වයක ඉලෙක්ට්‍රෝනවලින් යුතු බැවින් , එහි වලංගුභාවය සීමා සහිත වේ. ත්‍රිකේන්ද්‍රීය බන්ධන ඉහත සම්මුතීන්වලට එකගව නොහැසිරීම මේ සදහා උදාහරණයකි.
|
9,756 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B6%B1%E0%B6%B1%E0%B6%BA%20%E0%B7%83%E0%B7%84%20%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA
|
සත්ත්වයින්ගේ ප්‍රජනනය සහ වර්ධනය
|
ආසන්න වශයෙන් සියළුම සත්වයින් යම්කිසි ආකාරයක ලිංගික ප්‍රජනනයකට භාජනය වේ. පරිණත ජීවින් දුවිගුණ හෝ බහු ගුණ වේ. ඔවුන් සතුව යම් විශේෂණය වු ප්‍රජනක සෛල පිහිටා ඇති අතර ඒවා ඌණන විභාජනයට ලක්වී කුඩා චලනය විය හැකි ශුක්‍රාණු හෝ විශාල චලනය විය නොහැකි ඩිම්භ නිෂ්පාදනය කරයි. ඒවා එකිනෙක පෑහි යුක්තානුවක් සාදන අතර එය නව ජීවියෙකු බවට පරිවර්ථනය වේ.
බොහෝසත්වයින් හට අලිංගික ප්‍රජනනයක් ද සිදු කල හැකිය. මෙය සිදුවනුයේ පාතනෝද්භවය මගිනි. මෙහිදී ලිංගික එක්වීමකින් තොරව සරු බීජ උපදවන අතර ඇතැම් අවස්ථා වලදී බෙදීම මගින් ද අලිංගික ප්‍රජනනය සිදුවේ.
යුක්තානුව මුල් අවස්ථ වලදී කුහර සහිත බ්ලස්ටුලාව නම් ගෝලයක් බවට පත් වේ. මෙය පසු කාලීනව නාවත සකස් වීම් වලට සහ විශේෂණය වීමට ලක්වේ. ඉස්සන්ගේ බ්ලස්ටුලා පිළවුන් අළුත් ස්ථානයකට පිහිනා ගොස් නව ආකාරයකට ගොඩ නැංවීමට හැකියාව ඇත. ඇතැම් බොහෝ ආකාර වලදී මේ බ්ලස්ටුලාවන් වඩාත් සංකිර්ණ නැවත සකස් වීම් වලට ලක්වේ. එය මුලින්ම ආහාර ජීර්ණ කුටීරයක් සහිත ගැස්ටෘලාවක් බවට පරිවර්තනය වේ. ඉන්පසු එය වෙන වෙනම පවත්නා ජනක ස්ථර දෙකකට වෙන්වේ. ඒවා නම් පිටතින් පවත්නා බහිෂ්චර්මය හා අන්තස්චර්ණයයි. බොහෝ අවස්ථා වලදී මේවා අතර මධ්‍යස්ථානයක්ද වර්ධනය වන අතර මෙම ප්‍රජනක ස්ථාර පසුකාලීනව සිරුරේ අවයව සහ පටක බවට විශේෂණය වේ.
බොහෝ සත්ත්වයින් සුර්යා ලෝකයෙන් ලබාගන්නා ශක්තිය වක්‍රාකාරව භාවිතා කර ගනිමින් වර්ධනය වේ. ශාක මෙම සුර්යයා ලෝකය ශක්තිය බවට පර්වර්ථනය කරමින් සරල සීනි නිෂ්පාදනය කරන ප්‍රභාසංස්ලේශණය නම් ක්‍රියා වලිය සිදු කරනු ලබයි. මෙය සිදු කිරීම ආරම්භ කරනුයේ කාබන් ඩයෝක්සයිට් අණුවක් සහ ජල අණුවක් භාවිතා කර ගිනිමිනි. ප්‍රභාසංස්ලේෂණය මගින් සුර්යයාගේ ඇති ශක්තිය රසා‍්‍යනික ශක්තිය ලෙසට ග්ලුකොස් අණු අතර ගබඩා කරන අතර ඔක්සිජන් මුදාහරිනු ලැබේ. මෙකි සීනි වර්ග ඉන්පසු ශාක වල වර්ධනය සදහා අවශ්‍ය ගොඩනැගීම් අණු ලෙසට භාවිතා කරනු ලබයි. සතුන් විසින් මෙම ශාක අනුභව කරන අවස්ථාවක දී හෝ වෙනත් සත්වයෙකු විසින් ශාක අණුභව කරන සත්ත්වයෙකු භක්ෂණය කිරීමේදී ශාක මගින් සංස්ලේශණය කරන ලද මෙම සීනි වර්ග සතුන් විසින් ද පරිභෝජනය වීමක් සිදුවේ. මේවා සෘජුවම සතුන්ගේ වර්ධනයට උපකාරි වන අතර ඒවා බිද හෙලිමෙන් එහි ගබඩා වු සුර්යය ශක්තිය මුදා හැරීමෙන් සත්ත්වයින් හට වර්ධනයට සහ සංචරණයට අවශ්‍ය ශක්තිය ලබාදේ. මෙම ක්‍රියාවලිය ග්ලයිකොලිසිය නම් වේ.
අධික ආර්ධතාවය සහිත සහ සිසිල් දේශගුණයක් සහිත සාගර පතුල වල ජීවත් වන ජීවින් සුර්යය ශක්තිය මත පදනම් නොවෙති. ඒ වෙනුවට රසායනික සංස්ලේෂක සහ ඉයු බැක්ටීරියාවන් ආහාර දාම වල පදනම සකසති.
ආශ්‍රිත
http://en.wikipedia.org/wiki/Animals#Reproduction_and_development
|
9,766 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
|
නිරුක්ති විද්‍යාව
|
නිරුක්ති විද්‍යාව යනු වචනයන්ගේ ඉතිහාසය, ඒවායේ මූලෝත්පත්තිය, සහ කාලයත් සමග ඒවායේ ස්වරූපය හා අර්ථය වෙනස් වී තිබෙන ආකාරය අධ්‍යයනය කිරීම වේ.
|
9,770 |
https://si.wikipedia.org/wiki/%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A9
|
ලිපිඩ
|
ලිපිඩ යන වදනෙහි විවිධාකාර අණු පරාසයක් අඩංගු වන අතර බොහෝ දුරට ඉටි , මේද අම්ල , මේද අම්ලවලින් ව්‍යුත්පන්න වූ පොස්පොලිපිඩ , (Phospholipds) , ස්පින්ගොලිපිඩ (sphingolopids) , ග්ලයිකොලිපිඩ (glycolipids) හා ටර්ප නොයිඩ (terpenoids) ඇතුළත්ව ජීව විද්‍යාත්මක පසුබිමක් ඇති සාපේක්ෂව ජල අද්‍රාව්‍ය හෝ නිර්ධ්‍රැවීය සංයෝග සියල්ලම ලෙසද සැළකිය හැක. සමහරක් ලිපිඩ රේඛීය ඇලිෆැටික අණු වන අතර අනෙක් ඒවා චක්‍රීය ව්‍යුහ වෙයි. සමහරක් ඇරෝමැටික වන අතර සමහරක් එසේ නෙවේ. සමහරක් සුනම්‍ය වන අතර සමහරක් දෘඩ වේ.
බොහොමයක් ලිපිඩවලට විශාල ලෙස නිර්ධ්‍රැවීය වුවත් යම්තාක් දුරට ධ්‍රැවීය ගුණ ඇත. සාමාන්‍යයෙන් ඒවායේ ව්‍යුහයෙන් විශාල කොටසක් නිර්ධ්‍රැවීය හෝ ජලභීතික වන අතර ජලය වැනි ධ්‍රැවීය ද්‍රාවක සමග හොදින් අන්තර්ක්‍රියා නොකරයි. ඒවායේ ව්‍යුහයේ තවත් කොටසක් ධ්‍රැවීය හෝ ජලාකර්ශක වන අතර ජලය වැනි ධ්‍රැවීය ද්‍රාවක සමග හොදින් ක්‍රියාකාරී වේ. මෙම නිසා ඒවා උභයගුණික අණු බවට පත්වේ. (ජලකර්ශක හා ජලභීතික ගති ගුණ දෙකම ඇති) පොස්පොලිපිඩහි පහත විස්තර කළ ඇති පරිදි ධ්‍රැවීය කාණ්ඩ සැළකිය යුතු තරම් විශාල හා වඩා ධ්‍රැවීය වේ.
ලිපිඩ යනු අපගේ දෛනික ආහාර පරිභෝජනයේ අත්‍යවශ්‍යය කොටසකි. බටර් , චීස් , ගිතෙල් වැනි අප විසින් පිසීමට හා ආහාරයට ගන්නා බොහොමයක් තෙල් හා කිරි නිෂ්පාදන මේද වලින් යුක්ත වේ. එළවළු තෙල් විවිධ බහු අසංතෘප්ත මේද අම්ලවලින් (PUFA) පොහොසත්ය. ලිපිඩ අඩංගු ආහාර ශරීරය තුළදී ජීර්ණය වී මේද හා ලිපිඩවල අවසාන ජීර්ණ ඵල වන මේද අම්ල හා ග්ලිසරෝල් බවට පත්වේ.
References
http://en.wikipedia.org/wiki/Biochemistry#Lipids
බොහෝ ලිපිඩ අාකාර පැව
තියද සත්‍ය ලිපිඩ ලෙස හැඳින්විය හැක්කේ මේද හා තෙල් පමණි. මේද හා තෙල් සෑදෙන්නේ මේද අම්ල අණු 3ක් එක් ග්ලිසරෝල් අණුවක් හා බැඳුනු විටය.මෙම බන්ඳන එස්ටර බන්ඳන යැයි හඳුන්වනු ලැබේ.
මෙය ට්‍රයිඒසයිල්ග්ලිසරයිඩ හෙවත් මේද අණුවක් ලෙස හඳුන්වයි.
ට්‍රයිඒසයිල්ග්ලිසරයිඩ ආකාර 2 කි.
1.මේදය(ග්ලිසරෝල් හා සංතෘප්ත මේදය එකතු වී
2.තෙල්(ග්ලිසරෝල් හා අසංතෘප්ත මේදය එකත් වී
|
9,773 |
https://si.wikipedia.org/wiki/%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%20%E0%B6%85%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%20%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA
|
යාන්ත්‍රණික අකාබනික රසායනය
|
ප්‍රතික්‍රියා මාර්ග පිළිබද යොමු වූ රසායන විද්යාවේ වැදගත් හා ජනප්‍රියත්වය ඉහළ යන අංශයකි. විවිධ කාණ්ඩවල සංයෝගවල ප්‍රතික්‍රියාවල යාන්ත්‍රණ වෙන් වෙන්ව මෙහිදී සාකච්ඡා කරනු ලැබේ.
ප්‍රධාන කාණ්ඩ මූලද්‍රව්‍ය හා ලැන්තනයිඩ
13 – 18 කාණ්ඩවල ප්‍රධාන සංයෝගවල යාන්ත්‍රණ කාබනික රසායනය යටතේ සාකච්ඡා කරනු ලැබේ. (කාබනික සංයෝග ප්‍රධාන කාණ්ඩ සංයෝග වේ) C , N , O හා F ට වඩා බර මූලද්‍රව්‍ය බහුල ලෙස ඔක්ටේට් නීතියෙන් අනුමාන කළ ඉලෙක්ට්‍රෝන ගණනට වඩා වැඩි ඉලෙක්ට්‍රෝන ගණනක් ඇති සංයෝග සාදයි. මෙය අධි සංයුජ අණු පිළිබද විස්තරයේ විස්තර කර ඇත. මෙම හේතුව නිසා ඒවායේ ප්‍රතික්‍රියා යාන්ත්රණ කාබනික සංයෝගවලින් වෙනස් වේ. කාබන්වලට වඩා සැහැල්ලු මූලද්‍රව්‍යය (B , Be ,Li) මෙන්ම Al හා Mg විද්‍යුත් වශයෙන් කාබො කැටායනවලට සමාන ඉලෙක්ට්‍රෝන ඌන ව්‍යුහ බහුලව තනයි. එවැනි ඉලෙක්ට්‍රෝන ඌන සංයෝග සංඝටිත මාර්ග හරහා ප්‍රතික්‍රියා වීමට කැමැත්තක් දක්වයි. ලැන්තනයිඩ පිළිබද රසායනය ඇළුමිනියම් පිළිබද රසායනයේ දක්නට ඇති බොහෝ අංග පරාවර්තනය කරයි.
ආන්තරික ලෝහවල සංකීර්ණ
ආන්තරික ලෝහවල ප්‍රතික්‍රියා යාන්ත්රණ ප්‍රධාන කාණ්ඩ සංයෝගවලින් වෙනමම සාකච්ඡා කරනු ලැබේ. බන්ධන සෑදීමේ දී ඩී - කාක්ෂිකවල වැදගත් කාර්ය භාර්ය, ප්‍රතික්‍රියා මාර්ගවලට හා ලිගන ආදේශ හා විඝටනය වීමේ සීඝ්‍රතාවලට සෘජුවම බලපායි. මෙම මාතෘකා පිළිබද කරුණු දායක රසායනය හා ලිගන යන මාතෘකාව මගින් ආවරණය කර ඇත. සම්බන්ධ වීම හා විඝටනය වීම යන මාර්ග දෙකම අධ්‍යයනය කර ඇත.
යාන්ත්‍රික ආන්තරික ලෝහ රසායනයේ වැදගත් අංගයක් වන්නේ ප්‍රොටෝ දර්ශීය සංකීර්ණ [M(H2O)]+ වල නිදහස හා බන්ධන ජලය හුවමාරුව මගින් විදහා දැක්වෙන සංයෝගවල චාලක විස්ථායී බවයි.
[M(H2O)6]n+ + 6 H2O* → [M(H2O*)6]n+ + 6 H2O
මෙහි H2O+ යනු ජලයේ සමස්ථානිකය උදා H217O
ආවර්තිතා වගුව පුරා ජල හුවමාරු සීඝ්‍රතාවේ විශාලත්වය 20 ගුණයකින් පමණ වෙනස් වේ. ලැන්තනයිට් එක් අන්තයක ඇති අතර Ir(III) සංයෝගය වඩාත්ම මන්දගාමී වේ.
ඔක්සිකරණ - ඔක්සිහරණ ප්‍රතික්‍රියා
ඔක්සිකරණ - ඔක්සිහරණ ප්‍රතික්‍රියා ආන්තරික මූලද්‍රව්‍ය සදහා බහුලව පවතී. ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියා වර්ග දෙකක් සැලකිල්ලට ගනී. පරමාණු මාරු ප්‍රතික්‍රියා (ඔක්සිකාරක එකතුවීම / ඔක්සිහාරක ඉවත්වීම වැනි) හා ඉලෙක්ට්‍රෝන මාරු ප්‍රතික්‍රියා මූලික රෙඩොක්ස් ප්‍රතික්‍රියාවත්‘ස්වයං හුවමාරුවක්’ වේ. ඔක්සිකාරකයක් හා ඔක්සිහාරකයක් අතර පිරිහුණු ප්‍රතික්‍රියාවක් මෙයට ඇතුළත් වේ. උදාහරණ ලෙස
[MnO4]− + [Mn*O4]2− → [MnO4]2− + [Mn*O4]−
ලිගන ප්‍රතික්‍රියා
නිදහස් ලිගන හා බන්ධන වූ ලිගන ප්‍රතික්‍රියාකාරිත්වයේ වෙනස්කම් දක්වයි. උදාහරණ ලෙස [Co(NH3)6]3+ හි ඇමෝනියා ලිගනවල ආම්ලිකතාව ඇමෝනියාවලට සාපේක්ෂව වැඩිය. ලෝහ කැටායනවලට බැදුණු ඇල්කේන නියුක්ලියොපයිල කෙරෙහි සක්‍රීය වේ. විශාල හා කාර්මිකව වැදගත් අංශ රදා පවතින්නේ කාබනික ලිගනවල ප්‍රතික්‍රියාකාරිත්වය වෙනස් කිරීමට ලෝහවලට ඇති හැකියාව නිසාය.
සමජාතීය උත්ප්‍රේරණය ද්‍රාවණවල දී ඇතිවන අතර විෂම ජාතීය උත්ප්‍රේරණය වායුමය හෝ ද්‍රවණය වූ උපස්ථර ලෝහ පෘෂ්ඨ සමග අන්තර්ක්‍රියා කරන විට ඇතිවේ. සාම්ප්‍රදායිකව සමජාතීය උත්ප්‍රේරණය කාබනික ලෝහ රසායනයේ කොටසක් ලෙස සලකන අතර විෂම ජාතීය උත්ප්‍රේරක පෘෂ්ටීය විද්‍යාවේ දී (ඝන අවස්ථාව පිළිබද රසායනයේ උප අංශයකි) සාකච්ජා වේ. නමුත් මූලික රසායනික නීති සමාන වේ. ආන්තරික ලෝහ CO , H2 , O2 හා C2H4 වැනි කුඩා අණු සමග ඒවාට ආවේණික ක්‍රමයකට ප්‍රතික්‍රියාවේ. මේවායේ කාර්මික වැදගත්කම උත්ප්‍රේරණයේ ක්‍රියාකාරී අංශ පවත්වා ගැනීමට හේතුවේ.
References
http://en.wikipedia.org/wiki/Inorganic_chemistry#Mechanistic_inorganic_chemistry
|
9,776 |
https://si.wikipedia.org/wiki/%E0%B6%BD%E0%B7%9D%E0%B7%84%E0%B6%9A%20%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1
|
ලෝහක බන්ධන
|
ලෝහක බන්ධන යනු ලෝහ තුළ සන්නායක ඉලෙක්ට්‍රෝන ලෙස හදුන්වන විස්ථාපිත වූ ඉලෙක්ට්‍රෝන හා ලෝහ අයන අතර ඇති වන ස්ථිති විද්‍යුත් ආකර්ෂණයයි. ධන ලෙස ආරෝපිත ලෝහ අයන දැලිසක් අතර නිදහස් ඉලෙක්ට්‍රෝන හුවමාරු වීමක් මෙහිදී සිදු වන නිසා ලවණ තුල ඇති බන්ධන සමග මෙම ලෝහක බන්දන සැසදිය හැක. ලෝහක බන්ධන ශක්තිය, ආහනයතාව, නම්‍යතාව, තාප සන්නයනය හා විද්‍යුත් සන්නයනය හා ප්‍රභාව වැනි ලෝහවල භෞතික ගුණ රැසකට හේතු පාදක වේ.
ලෝහ බන්ධන අධ්‍රැවීය වේ. මන්දයත් මිශ්‍ර ලෝහවල දී බන්ධනය වීමේ අන්තර් ක්‍රියාවට සහභාගී වන පරමාණුවල විද්‍යුත්සෘණතාවයන් අතර වෙනස ඉතා කුඩා අතර (සංශුද්ධ ලෝහවල දී සුළු වශයෙන් වත් නොමැත.) අන්තර් ක්‍රියාවේදී භාවිතා වන ඉලෙක්ට්‍රෝන අස්ථානගත වන්නේ ලෝහයේ ස්ඵටික දැලිස හරහාය.
ලෝහ පරමාණුවල ඒවායේ අවර්ණ හා ශක්ති මට්මටම්වලට සාපේක්ෂව ඒවායේ සංයුජතා කවචවල ඇත්තේ අඩු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවකි. එවැනි ඉලෙක්ට්‍රෝන පහසුවෙන් පරමාණුවලින් ඉතිරි වී අස්ථාන ගත වේ. එමගින් විශාල ධන අයන දැලිස පුරා ව්‍යාප්ත වූ ඉලෙක්ට්‍රෝන වල චලනයට ඇති නිදහස් නිසා පරමාණුවලට හෝ සතරවලට එකිනෙක මත ලිස්සා යාමේ හැකියාව ලබාදේ. ලෝහවල අහන්‍යතාව හා නන්‍යතාවයට හේතු වන්නේ එයයි.
ලෝහවල ඉලෙක්ට්‍රෝන හා ධන අයන අතර ප්‍රභල ආකර්ෂණ බල ඇත. එය බිද හෙලීමට විශාල ශක්තියක් අවශ්‍ය වේ. එමනිසා ලෝහවලට සමාන්‍යයෙන් විශාල ද්‍රවාංක හා තාපාංක අගයන් අයනික බන්ධන වල මූලධර්මයට සමාන වේ.
ලෝහයේ සන්නායක ඉලෙක්ට්රෝන සෘණ ලෙස අාරෝපිත වී සයුරේ ස්වාධීනව චලනය වන නිසා ලෝහ විද්‍යුත් සන්නායකතාවය දක්වයි. අලෝහ කිහිපයක් විද්‍යුතය සන්නයනය කරන අතර ග්‍රැෆයිට් විශේෂ වේ. (ලෝහවල මෙන් නිදහස් ඉලෙක්ට්‍රෝන ඇත.) තවද අයනික සංයෝගවල විලීන හා ජලීය ද්‍රාවණ ද නිදහස් අයන ඇති නිසා විද්‍යුතය සන්නයනය කරයි.
තාප සන්නයනය ද එම මූලධර්මය මතම පදනම්ව ක්‍රියා කරයි. අනෙකුත් ද්‍රව්‍යවල ඇති සවිවූ ඉලෙක්ට්‍රෝනවලට වඩා වැඩි සීඝ්‍රතාවයකින් නිදහස් ඉලෙක්ට්‍රෝනවලට ශක්තිය ගෙනයා හැක.
ලෝහ පරමාණුවල යාබද පරමාණුව සමග හවුලේ තබා නොගන්නා හෝ අයන සෑදීමට නිදහස් නොකරන එක් සංයුජ ඉලෙක්ට්‍රෝනයක් හෝ ඇත. ඒ වෙනුවට ලෝහ පරමාණුවල බාහිර කවච අතිච්ඡාදනය වේ. ඒවා සහසංයුජ බන්ධනවලට සමාන වේ.
|
9,792 |
https://si.wikipedia.org/wiki/%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%20%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%20%E0%B6%86%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B7%80
|
රසායනික ගුණවල ආවර්තිතාව
|
ආවර්තිතා වගුවේ ප්‍රධාන ප්‍රයෝජනයක් වන්නේ මුලද්‍රව්‍යයක් වගුවේ පිහිටා ඇති ස්ථානය අනුව එහි ගති ගුණ අනුමාන කළ හැකි වීමයි. සිරස්ව තීරු දිගේ චලනය වන විට හා තිරස්ව පේළි දිගේ චලනය වන විට ගතිගුණ වෙනස් වන්නේ දෙආකාරයකට බව සැලකිය යුතුය.
කාණ්ඩ හා ආවර්ත
ආවර්තිතා වගුවේ සිරස් තීරු කාණ්ඩ ලෙස හදුන්වනු ලබයි.
මුලද්‍රව්‍ය වර්ගීරණයේ වඩාත්ම වැදගත් ක්‍රමය ලෙස කාණ්ඩ දැක්විය හැකිය. සමහරක් කාණ්ඩවල මුලද්‍රව්යවලට අතිශයින් සමාන ගතිගුණ තිබෙන අතර කාණ්ඩය පහළට යම් කිසි පැහැදිලි ප්‍රවණතාවයක් ද දක්නට ලැබේ. මේ නිසා මෙම කාණ්ඩවලට සරළ නම් (ක්‍රමානුකූල නොවන) දී ඇත. උදා : ක්ෂාර ලෝහ, ක්ෂාරීය පාංශු ලෝහ , හැලජන හා උච්ච වායු , සමහරක් කාණ්ඩ අඩු සමානතා සහ සිරස් ප්‍රවණතා දක්වයි. (උදාහරණ ලෙස 14 හා 15 කාණ්ඩ) මේවාට සරළ නම් නොමැති අතර කාණ්ඩ අංකයෙන් හදුන්වනු ලබයි.
ආවර්තිතා වගුවේ පේළි ආවර්ත ලෙස හදුන්වනු ලැබේ.
කාණ්ඩ මුලද්‍රව්ය වර්ගීකරණයට සාමාන්‍යයෙන් භාවිතා කරන ක්‍රමය වුවත් සමහර කොටස්වල දී තිරස් සමානතා හා ප්‍රවණතා සිරස් කාණ්ඩ ප්‍රවණතාවලට වඩා කැපී පෙනෙන අවස්ථා ඇත. මෙය d ගොණුවේදී (ආන්තරික ලෝහ ) හා f ගොණුවේදී තහවුරු වෙයි. එහිදී ලැන්තනයිඩ හා ඇක්ටිනයිඩ තිරස් මුලද්‍රව්‍ය ශ්‍රේණි 2ක් නිර්මාණය කරයි.
කාණ්ඩවල ආවර්තිත ප්‍රවණතා
පරමාණුක ව්‍යුහය පිළිබද නුතන ක්වොන්ටම් යාන්ත්‍රණ සිද්ධාන්ත කාණ්ඩ ප්‍රවණතා විස්තර කරන්නේ එකම කාණ්ඩය තුළ ඇති මුල ද්‍රව්‍යවල සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රොනික සැකැස්ම ඒවායේ සමාන ගති ගුණ සදහා වැදගත් සාධකයකි. එකම කාණ්ඩයේ මුලද්‍රව්‍යවල පරමාණුක අරය , අයනීකරණ ශක්තිය හා විද්‍යුත් ඍණතාව විචලනය වන්නේ යම් කිසි රටාවකට අනුකූලවය. කාණ්ඩයේ ඉහළ සිට පහළට මුලද්‍රව්‍යවල පරමාණුක අර වැඩිවේ. න්‍යෂ්ටියට වඩා ඈතින් පිහිටයි. එමනිසා ඉහළ සිට පහළට ලිහිල්ව බැදී ඇති නිසා ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම පහසුය. කාණ්ඩයක ඉහළ සිට පහළට සංයුජතා ඉලෙක්ට්‍රෝන හා න්‍යෂ්ටිය අතර දුර වැඩිවන නිසා විද්‍යුත් සෘණතාව ද අඩු වේ.
ආවර්තවල ආවර්තික ලක්ෂණ
එකම ආවර්තයේ මුලද්‍රව්‍යය පරමාණුක අරය, අයනීකරණ ශක්තිය , ඉලෙක්ට්‍රෝන බන්ධුතාවය හා විද්‍යුත් සෘණතාවයේ දී යම් ප්‍රවණතා පෙන්වයි. ආවර්තයක වමේ සිට දකුණට සාමාන්‍යයෙන් පරමාණුක අරය අඩු වේ. මෙසේ වන්නේ දකුණට යන විට මුලද්‍රව්‍යවලට අලුතෙන් ප්‍රෝටෝනයක් හා ඉලෙක්ට්‍රෝනයක් එකතුවීම නිසා ඉලෙක්ට්‍රෝන වඩාත් න්‍යෂ්ටිය දෙසට ඇදීමයි. මෙය පරමාණුක අරය අඩු වීමට මෙන්ම අයනීකරණ ශක්තිය වැඩිවීමට ද හේතුවේ. මුලද්‍රව්‍ය වඩාත් තදින් බැදී ඇති විට ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට වැඩි ශක්තියක් අත්‍යවශ්‍ය වේ. ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට වැඩි ශක්තියක් අත්‍යවශ්‍ය වේ. ඉලෙක්ට්‍රෝන මත න්‍යෂ්ටිය මගින් ඇති කරන තල්ලුව නිසා විද්‍යුත් සෘණතාව ද අයනීකරණ ශක්තිය මෙන්ම ඉහළ යයි. උච්ච වායු හැරුණු කොට ලෝහ (ආවර්තයේ වම්පස) සාමාන්‍යයෙන් අඩු ඉලෙක්ට්‍රෝන බන්ධුතා දක්වන අතර අලෝහ (ආවර්තයේ දකුණ පස) වැඩි ඉලෙක්ට්‍රෝන බන්ධුතා දක්වයි.
උදාහරණ
උච්ච වායු
18 කාණ්ඩයේ සියලු මුලද්‍රව්‍යය (උච්ච වායු)වල සංයුජතා කවචය සම්පුර්ණ වී ඇත. එනම් ඒවාට සංයුජතා කවචය සම්පුර්ණ කර ගැනීම සදහා වෙනත් මුලද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කළ යුතු නොවේ. එමනිසා අනෙක් කාණ්ඩවලට වඩා ප්‍රතික්‍රියාශීලිත්වයෙන් අඩුය. හීලීයම් හා නියෝන් උච්ච වායු වල වඩාත්ම නිෂ්ක්‍රීය මුලද්‍රව්‍ය වේ. මෙම කාණ්ඩයේ ප්‍රතික්‍රියාශීලීත්ව ආවර්ත සමග වැඩිවේ. බර උච්ච වායුවල ඉලෙක්ට්‍රෝන කවච විශාල නිසා ඒවා ප්‍රතික්‍රියා කරවීම පහසුය. නමුත් ඒවායේ ද ප්‍රතික්‍රියාශීලීත්වය ඉතා අඩුය.
හැලජන
හැලජන ලෙස හදුන්වන 7වන කාණ්ඩයේ මුලද්‍රව්‍ය වලට ඒවායේ කවච පුරවා ගැනීම සදහා අවශ්‍ය එක් ඉලෙක්ට්‍රෝනයක් පමණි. එමනිසා ප්‍රතික්‍රියාවල දී ඒවා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට පෙළඹේ. (ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ප්‍රවණතාව විද්‍යුත් සෘණතාව ලෙස හදුන්වයි) මෙම ගුණය ෆ්ලුවොරීන්හි (වඩාත්ම විද්‍යුත් සෘණ මුලද්‍රව්‍යය) වඩාත් හොදින් විද්‍යාමාන වේ. ආවර්තය වැඩි වන විට මෙය ක්‍රමයෙන් අඩුවේ.
මෙහි ප්‍රතිඵලයක් ලෙස සියලු හැලජන හයිඩ්‍රජන් සමග අම්ල සාදයි. හයිඩ්‍රොෆ්ලූවොරීන් අම්ලය , හයිඩ්‍රොක්ලෝරික් අම්ලය , හයිඩ්‍රොබ්‍රෝමික් අම්ලය හා හයිඩ්‍රොඅයඩික් අම්ලය මේ සදහා නිදසුන් වන අතර ඒ සියල්ල HX ආකාර වේ. ඒවායේ ආම්ලිකතාව කාණ්ඩය පහළට වැඩි වේ. අයඩීන් හා ෆ්ලුවොරීන් සැලකීමේ දී විශාල I- අයන ජලීය ද්රවණයක දී කුඩා F- අයනයට වඩා ස්ථායීවන නිසා ආරෝපණය විසිරුවා හැරීමට ඇත්තේ කුඩා පරිමාවකි.
ආන්තරික ලෝහ
ආන්තරික ලෝහවල ද (3 කාණ්ඩයේ සිට 12 දක්වා) ආවර්ත හරහා තිරස් ප්‍රවණතා මෙන්ම කාණඩ හරහා සිරස් ප්‍රවණතාව ද එක ලෙස වැදගත් වේ. මෙහි යාබද කාණ්ඩ අතර වෙනස්කම් ක්‍රමානුකූල නොවේ. මේවා වැඩි වශයෙන් සංගත විශේෂ ලෙස ප්‍රතික්‍රියා සදහා එක්වේ.
ලැන්තනයිඩ හා ඇක්ටිනයිඩ්
ලැන්තනයිඩ් (57 -71 දක්වා මුලද්‍රව්‍යය) හා ඇක්ටිනයිඩ (89 -103 දක්වා මුලද්‍රව්‍යය) ආන්තරික මුලද්‍රව්‍යවලටත් වඩා එකිනෙකට සමානකම් පෙන්වයි. මෙම මුල ද්‍රව්ය මිශ්‍රණයක් වෙන් කිරීම ඉතා පහසුය. මෙය යුරේනියම් රසායනිකව පිරිසිදු කර ගැනීමේ දී වැදගත් වේ. යුරේනියම් න්‍යෂ්ටික බලය සම්බන්ධයෙන් වැදගත් ප්‍රභවයකි.
References
http://en.wikipedia.org/wiki/Periodic_Table_of_the_Elements#Periodicity_of_chemical_properties
|
9,799 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B7%E0%B7%9E%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%20%E0%B6%9C%E0%B7%94%E0%B6%AB
|
භෞතික ගුණ
|
භෞතික ගුණයක් යනු, එහි අගය භෞතික පද්ධතියක තත්ත්වයක් විස්තර කරන්නාවූ මැනිය හැකි ඕනෑම ගුණාංගයකි.
භෞතික රාශීන්
de:Stoffeigenschaft#Physikalische Stoffeigenschaften
|
9,810 |
https://si.wikipedia.org/wiki/%E0%B6%A9%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%83%E0%B7%9D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9D
|
ඩයිනසෝරයෝ
|
ඩයිනසෝරයන් යනු වසර මිලියන 160 ක් පමණ කාලයක් ට්‍රයෑසික් යුගයේ අග භාගයේ සිට (වසර මිලියන 230 කට පමණ පෙර) ක්‍රිටේසියස් යුගයේ අග භාගය අතර (වසර මිලියන 65 කට ප්‍රථම) කාලසීමාව තුළදී භෞමික පරිසර පද්ධති වල ජීවත් වු වඩාත් ප්‍රමුඛතම පෘෂ්ඨවංශී සත්ත්ව කොට්ඨාශය වේ. මොවුන්ගෙන් බහුතරයක් ක්‍රිටේසියස් - තෘතියික නෂ්ඨ වීමේ අවධි වල දී වඳවී යාමට ලක්වුණි.
1862 දී ආකියොප්ටෙරික්ස්ගේ සොයාගැනීමත් සමගම ඩයිනෝසෝරසයන් සහ පක්ෂීන් අතර සම්බන්ධතාවයක් ඇති බවට මුල් වරට සොයාගැනුනි. ආකියොප්ටෙරික්ස් ජීවින්ගේ සොයාගැණුනු පොසිල භවනය වු පිහාටු මගින් ඔවුන්ගේ සමකාලීන කුඩා විලෝපීය ඩයිනෝසොරසයන් වන කොම්ප්සෝග්නැතස් ජීවින්ගෙන් පැහැදිලිවම වෙන්කර හඳුනාගැණුනි. 1970 දී සිට සිදුකරන ලද සමීක්ෂණ වලින් සොයාගත් පරිදි තේරෝපොඩ් ඩයිනෝසෝරසයින් යනු පක්ෂීන්ගේ වඩාත් සමීපතම පුර්වජයන්ය. කෙසේ නමුත් බහුතරයක් පාෂාණි ධාතු විද්‍යාඥයින්ට අනුව පක්ෂීන් යනු දැනට ජීවත්ව පවතින එකම ඩයිනෝසෝරසයක් වන අතර ඇතැම් අය විශ්වාස කරන අන්දමට ඩයිනෝසෝරසයන් සහ පක්ෂීන් එකම ජීවි කාණ්ඩයක් යටතේ වර්ගි කරණය කල යුතුය. කිඹුලන් යනු ඩයිනෝසෝරසයන්ට සමීප ඥාතිකමක් දක්වන දැනට ජීවත්ව පවතින තවත් ජීවි විශේෂයක් වන අතර ඔවුන් දෙවර්ගයම ආකෝසෝරියා නම් කාණ්ඩයෙහි සාමාජිකයින්ය. ආකෝසෝරියාවන් යනු උභය ජීවි විශේෂයක් වන අතර ඔවුන් පර්මියානු යුගයේ අගභාගයේදී මුල් වරට ඇති වු අතර ට්‍රයෑසික යුගයේ මැද භාගයේදී ප්‍රමුඛත්වයට පත්වුණි.
20 වන ශත වර්ෂයේ මුල් භාගයේදී පමණ විද්‍යඥයින් සහ මහජනතාව විශ්වාස කල අන්දමට ඩයිනෝසෝරසයන් යනු මන්දගාමි, දියුණු මොළයක් නොමැති සිසිල් රුධිරයක් සහිත ජීවින්ය. කෙසේ නමුත් 1970 සිට සිදු කරන ලද සමීක්ෂණ ප්‍රතිඵල මගින් ඔවුන් සක්‍රිය ජීවීන් වන අතර ඔවුනට ඉතා ඉහළ පරිවෘත්තියක් සහ සාමාජීය අන්තර්ක්‍රියා සඳහා අනුවර්තනය වීමේ හැකියාවක් ඇති බවට සොයා ගැණුනි. මෙලෙස මුල් අවධි වලදි ඇති කර ගන්නා ලද ආකල්ප වල වෙනස්කම් වලට හේතු වුයේ තේරෝපොඩ් ඩයිනෝසෝරසයන් මගින් පක්ෂීන් ඇති වු බවට වු සාක්ෂීය.
ඩයිනෝසෝරසයන්ගේ මුල්ම පොසිල 19 වන ශත වර්ෂයේ මුල් අවධි වලදී හඳුනාගත් අවස්ථාවේ සිටම ලොව පුරා කෞතුකාගාර වල විශාල වශයෙන් පිහිටා තිබෙන මෙම ඩයිනෝසෝරසයන්ගේ සැකිලි සඳහා වඩාත් වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබුණි. ඩයිනෝසෝරසයන් ලෝකයෙහි සංස්කෘතියෙහි කොටසක් බවට පත් වු අතර කුඩා ළමුන් සහ වැඩිහිටියන් අතර අඛණ්ඩව මේ වන තෙක් ජනප්‍රියත්වයට ලක්ව ඇත. මෙම ජීවින් වඩාත් හොඳින් අලෙවි වන ග්‍රන්ථ සහ චිත්‍රපට වලට (ජුරාසික් පාක්) මාතෘකා සැපයු අතර ඔවුන් පිළිබඳව සිදු කරන නව සොයා ගැනීම් මාධ්‍යයන් මගින් අඛණ්ඩව ආවරණය කරයි.
ඩයිනෝසෝරස යන යෙදුම ඇතැම් අවස්ථා වලදී අවිධිමත් ලෙස ප්‍රාග්ඓතිහාසික යුගයේදී විසු අනෙකුත් උරගයින් වන Pelycosaur dimetrdon, පිහාටු සහිත Pterosaurs, ජලජ Ichthyosaurs, Plesiosaurs සහ Mosasaurs වරුන් හැඳින්වීමට යොදා ගැණුනි. කෙසේ නමුත් මෙයින් එක් කාණ්ඩයක්වත් ඩයිනෝසෝරසයන් නොවීය.
ඉංග්‍රීසි භාෂාවේ කථා ව්‍යවහාරයේදී “Dinosaur” යන යෙදුම යල්පැන ගිය හෝ අසාර්ථක පුද්ගලයෙක් හෝ දෙයක් පිළිබඳව විග්‍රහකිරීමට ඇතැම් විට යොදා ගැනේ. මෙම යෙදුම යොදා ගැනීමට වඩාත් හේතුවක් වුයේ ඩයිනෝසෝරසයන් මන්දගාමි සහ සිසිල් රුධිරයකින් යුක්ත ජීවින් බවට හැඳින්වීමත් සමගය.
|
9,818 |
https://si.wikipedia.org/wiki/%E0%B7%84%E0%B6%82%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD
|
හංවැල්ල
|
හංවැල්ල යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත තුල කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි. නගරය කැලණි ගඟ ඉවුරට මායිම්ව පිහිටා තිබේ.
පිහිටීම
ඉතිහාසය
පැරණි බලකොටු නුවරක් වූ මෙම නුවර අතීතයේ ගුරුබැවිල නම් විය.
ආශ්‍රිත
ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන
ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ජනාකීර්ණ ප්‍රදේශ
|
9,819 |
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%20%E0%B6%9C%E0%B6%9F
|
කැළණි ගඟ
|
කැළණි ගඟ, ශ්‍රී ලංකාවේ විශාලම ගංගා වලින් එකකි. සමනල කන්ද මුදුනෙන් පටන් ගෙන, මෙම ගඟ මුහුදට වැටෙන්නේ කොළඹ නගරයට ආසන්නයෙනි.
ඇකඩමි සම්මාන දිනූ ක්වායි ගඟේ පාලම (The Bridge on the River Kwai) නම් වූ චිත්‍රපටිය නිපදවන ලද්දේ, කිතුල්ගල ආසන්නයේ කැළණි ගඟ ආශ්‍රිතවය.
මූලාශ්‍ර
ශ්‍රී ලංකාවේ ගංගා
|
9,821 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A
|
මුස්ලිම්
|
ඉස්ලාම් ආගම අදහන සියලුම ජනයා මුස්ලිම් යනුවෙන් හඳුන්වනු ලබයි එබැවින් මුස්ලිම් යන්නෙන් ආගමක් අදහන පිරිසක් මිස ජාතියක් හෝ කුලයක් අදහස් නොවේ.
මුස්ලිම් පුද්ගලයෝ
|
9,826 |
https://si.wikipedia.org/wiki/%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%20%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B7%80
|
හින්දි භාෂාව
|
හින්දි (දේවනාගරී: हिन्दी, IAST: Hindī), හෙවත් නූතන සම්මත හින්දි (දේවනාගරී: मानक हिन्दी, IAST: Mānak Hindī) ඉන්දියාවේ රාජ්‍ය භාෂාවයි. ඉන්දියාව මුල්කර ගනිමින් ලොව පුරා ජනයා 10,5000,000ක ගේ මව් බස හා දෙවන බසයි. ඉන්දියාවේ පමණක් ජනයාගෙන් 60%ක් පමණ මෙම බස දනිති.
මූලාශ්‍ර
යන්න
ඉන්දියාව
|
9,828 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E2%80%8D%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%20%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%20%28%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%29
|
නයිට්‍රික් අම්ලය (ලක්ෂණ)
|
සංශුද්ධ නිර්ජලීය නයිට්‍රික් අම්ලය (100%) ඝනත්වය 1522 kgm-3 වූ අවර්ණ ද්‍රවයකි. -420C දී ඝනීභවනය වී සුදු ස්ඵටික බවට පත්වන මෙය 830C දී නටයි. කාමර උෂ්ණත්වයේ දී පවා ආලෝකය යටතේ නැටීමේ දී පහත සමීකරණයේ පරිදි නයිට්‍රජන් ඩයොක්සයිඩ් සාදමින් ආංශික විඝටනයට ලක්වේ.
4HNO3 → 2H2O + 4NO2 + O2 (72°C)
එනම් නිර්ජලීය නයිට්‍රික් අම්ලය විඝටනය වැළැක්වීම සදහා 00C ට අඩු උෂ්ණත්වවල ගබඩා කර තැබිය යුතුය. ඉහළ උෂ්ණත්වවල දී පිටවන NO2 අම්ලයේ දියවී එය කහ හෝ රතු පැහැති වේ. සංශුද්ධ අම්ලය වාතයට නිරාවරණය කළ විට සුදු පැහැති දුමාරයක් පිටවන අතර NO2 දියවූ අම්ලය වාතයට නිරාවරණය කළ විට රතු - දුඹුරු පැහැති වාෂ්පයක් පිට වේ. එම නිසා එය 'රතු සධුම අම්ලය' හෝ 'සධුම නයිට්‍රික් අම්ලය' ලෙස හැදින්වේ.
නයිට්‍රික් අම්ලය ජලය සමග ඕනෑම අනුපාතයකින් මිශ්‍ර කළ හැකි අතර තනුක කරණයෙන් 1atm දී තාපාංකය 120.50C වූ 68% HNO3 ඇසෙයොට්‍රොපයක් ලබාදේ. දන්නා ඝන හයිඩ්‍රේට දෙකක් ඇත. මොනොහයිඩ්‍රේට් (HNO3.H2O) හා ට්‍රයිහයිඩ්‍රේට් (HNO3.3H2O)
නයිට්රජන් ඔක්සයිඩ නයිට්‍රික් අම්ලයේ ද්‍රාව්‍ය අතර ඔක්සයිඩයේ සාන්ද්රණය මත පදනම් වන සියලුම භෞතික ගුණවලට මෙය බලපෑම් ඇති කරයි. ද්‍රව කාලපයට උඩින් වාෂ්ප පීඩනය, තාපාංකය හා පෙර සදහන් කළ පැහැය ප්‍රධාන වශයෙන් මෙයට ඇතුළත් වේ.
නයිට්‍රික් අම්ලයේ වැඩි සාන්ද්‍රණ තාපය හෝ ආලෝකය හමුවේ වියෝජනය වේ. මෙමගින් ද්‍රවය මතුපිට වාෂ්ප පීඩනය සැලකිය යුතු ලෙස වෙනස් වෙයි. මන්ද, සෑදෙන නයිට්‍රජන් ඔක්සයිඩ පුර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් අම්ලයේ දියවන බැවිනි.
ආම්ලික ගුණ
නයිට්‍රික් අම්ලය ක්ෂාර , භාෂ්මික ඔක්සයිඩ හා කාබනේට සමග ඇමෝනියම් නයිට්‍රේට් වැනි ලවණ සාදයි. නයිට්‍රික් අම්ල ඔක්සිකාරක ස්වභාවය නිසා ලෝහ සමග ප්‍රතික්‍රියාවීමේ දී එහි ප්‍රෝටෝනය දායක නොකරයි. (එනම් H2 නිදහස් නොකරයි.)තවද සෑදෙන ලවණ වඩා වැඩි ඔක්සිකරණ අවස්ථාවල පිහිටයි. මේ හේතුව නිසා ප්‍රභල විඛාදනයක් අපේක්ෂා කළ හැකි අතර සුදුසු ලෙස විඛාදනයට ඔරොත්තු දෙන ලෝහ හා මිශ්‍ර ලෝහ භාවිතයෙන් එමගින් ආරක්ෂා විය යුතුය.
නයිට්‍රික් අම්ලයේ විඝටන නියතය (pKa) 1.4 වන අතර ජලීය ද්‍රාවණවල දී එය සම්පුර්ණයෙන්ම වාගේ 0.1moll-1 දී 93%) අයනීකරණය වී නයිට්‍රේට අයන NO3- හා හයිඩ්‍රොසෝනියම් ලෙස හදුන්වන සජල ප්‍රෝටෝන H3O+ ලබාදේ.
HNO3 + H2O → H3O+ + NO3-
ඔක්සිකාරක ගුණ
ලෝහ සමග ප්‍රතික්‍රියා
නයිට්‍රික් අම්ලය ප්‍රභල ඔක්සිකාරකයක් නිසා බෙහොමයක් කාබනික ද්‍රව්‍ය සමග ප්රචණ්ඩ ලෙස ප්‍රතික්‍රියා කරන අතර සමහරක් විට පිපිරුම් ද සිදු විය හැක. අම්ලයේ සාන්ද්‍රණය ,උෂ්ණත්වය හා ඔක්සිහාරක ද්‍රවය මත ලැබෙන ඵල වෙනස් විය හැකිය. අනගි ලෝහ කුලය හා සමහරක් මිශ්‍ර ලෝහ හැරුණු කොට සියලු ලෝහ සමග අම්ලය ප්‍රතික්‍රියා කරයි. සාන්ද්‍ර අම්ලය භාවිතයෙන් ඔක්සිකාරක ප්‍රතික්‍රියාව සිදුවන්නේ නම් නයිට්‍රජන් ඩයොක්සයිඩ (NO2) සෑදීමේ දී වැඩි ප්‍රවණතාවක් ඇතැයි පොදු නීතියක් ඇත.
Cu + 4HNO3 → Cu(NO3)2 + 2NO2 + 2H2O
අම්ලය තනුක විට ආම්ලික ගුණය වඩාත් ඉස්මතු වන අතර නයිට්‍රජන් ඔක්සයිඩ් (NO) සෑදීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත.
3Cu + 8HNO3 → 3Cu(NO3)2 + 2NO + 4H2O
නයිට්‍රික් අම්ලය ඔක්සිකාරකයක් ලෙස හැසිරුණත් එමගින් හයිඩ්‍රජන් ලබා දෙන්නේ කලාතුරකිනි. සීතල තනුක නයිට්‍රික් අම්ලය මැග්නීසියම් , මැංගනීස් හා කැල්සියම් සමග පමණක් ප්‍රතික්‍රියා වී හයිඩ්‍රජන් ලබාදේ.
Mg(s) + 2HNO3 (aq) → Mg(NO3)2 (aq) + H2 (g)
අකර්මණ්‍යතාව
ක්‍රෝමියම් , යකඩ හා ඇලුමිනියම් තනුක නයිට්‍රික් අම්ලයෙහි පහසුවෙන් දියවන මුත් සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය සමග ප්‍රතික්‍රියාවේ දී ලෝහය මත ලෝහ ඔක්සයිඩ පටලයක් සෑදී තව දුරටත් ලෝහය ඔක්සිකරණය වීමෙන් වළකයි. මෙය අකර්මණ්‍යතාව ලෙස හැදින්වේ.
අලෝහ සමග ප්‍රතික්‍රියාව
සිලිකන් හා හැලජන හැර අනෙකුත් අලෝහ මුලද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා වී එම අලෝහ ඒවායේ උපරිම ඔක්සිකරණ අවස්ථාවට ඔක්සිකරණය කරන අතර සාන්ද්‍ර අම්ල භාවිත කළේ නම් නයිට්‍රජන් ඩයොක්සයිඩ් ද තනුක අම්ල භාවිතා කළේ නම් නයිට්‍රජන් ඔක්සයිඩ ද නිපදවේ.
C + 4HNO3 → CO2 + 4NO2 + 2H2O
හෝ
3C + 4HNO3 → 3CO2 + 4NO + 2H2O
References
http://en.wikipedia.org/wiki/Nitric_acid#Properties
|
9,832 |
https://si.wikipedia.org/wiki/%E0%B6%9D%E0%B6%B1
|
ඝන
|
ඝන යනු පදාර්ථයේ එක් අවස්ථාවක් වන අතර එය [පරිමාව|පරිමාවේ]] හා හැඩයේ වෙනස්වීම්වලට ප්‍රතිරෝධීතාවයක් දක්වයි. අන්වීක්ෂීය ලෙස නිරීක්ෂණය කළ විට ඝනයන්ට පහත දැක්වෙන ගුණ ඇත.
අණුවේ පරමාණු එකට ළංව ඇසිරී ඇත.
මෙම සංඝටක මූලද්‍රව්‍යවලට නියමිත ස්ථානයක් ඊට අදාලව ඇත. මෙය ඝනයේ දෘඪතාව කෙරෙහි බලපායි. ඛනිජ විද්‍යාව හා ස්ඵටික විද්‍යාවේ ස්පටික දැලිසක් යනු එයමට ආවේණික පරමාණු දැලිසක ස්ථානගත වීමයි.ස්පටික ආකෘතිය ඒකක කෝෂවලින් තැනුනකි. පරමාණු කිහිපයක් සුවිශේෂී අයුරකට ස්ථානගනී. එය අයනිකව ත්‍රිමාණ දැලිස පැතිරෙමින් පවතින්නකි. ඒකකයක් අතර පවතින පරතරය දැලිස් පරාමිති ලෙස හදුන්වයි. ස්පටිකයේ සමමිතික ගුණ එහි අවකාශ කාණ්ඩයේ අන්තර්ගත ෙව්. ස්පටික ආකෘතිය හා සමමිතිය එහි නිශ්චිත ගුණ කිහිපයක් කෙරෙහි ප්‍රධාන කාර්යක් ඉටු කරයි. ඒවා නම් බෙත්ම , ඉලෙක්ට්‍රොනික ආකෘතිය හා ප්‍රකාශ වේ.
ප්‍රමාණවත් බලයක් යෙදුවහොත් මෙම ගුණවලට බාධා පැමිණිය හැක. එසේ වනුයේ ස්ථිර විදර්ශනයට ලක්වන බැවිනි.
ඝනවලට තාප ශක්තියක් ඇති බැවින් එහි පරමාණු ඉතා සෙමින් කම්පනයට භාජනය වේ. එම නිසා මෙම පරමාණු තිබුණු තත්වයට පත් කිරීම සාමාන්‍ය තත්ව යටතේ සිදු කළ නොහැක.
ඝන සමග කටයුතු කරන භෞතික විද්‍යාවේ අංශය ඝන - අවස්ථා භෞතික ලෙස කියනු ලැබේ. එය solid state physics ද්‍රව්‍ය විද්‍යාව මූලික වශයෙන් ඝනවල ශක්තිය හා අවස්ථා විපර්යාස යන ගුණ පිළිබදව සලකා බලයි. එය ඝන - අවස්ථා භෞතික විද්‍යාව සමග බොහෝ සෙයින් එකට යයි. ඝන - අවස්ථා රසායන විද්‍යාවේ මෙම ක්ෂේත්‍ර 2 සමග එකට යයි. නමුත් එය නවීන සංයෝග සෑදීම අත්‍යාවශ්‍ය වේ.
සැහැල්ලුම ඝනය වනුයේ ‘එයරෝජෙල්’ නිෂ්පාදිත සැහැල්ලුතම එයරෝජෙල් හි ඝනත්වය 1.9mg/cm3 හෝ 1.9 kg/m3 ජලයේ ඝනත්වයෙන් 530න් 1කි. (1/530)
පදාර්ථය
භෞතික විද්‍යාව
රසායන විද්‍යාව
|
9,836 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%20%E0%B6%B7%E0%B7%9E%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%20%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA
|
සම්මත භෞතික තත්වය
|
රසායන විද්‍යාවේදී කිසියම් ද්‍රව්‍යයක සම්මත භෞතික තත්වයන් සලකනු ලබන්නේ එම ද්‍රව්‍යය 1bar / 100 kpa පීඩනයක් යටතේ පවතින විටයි. (මෙය 1990 දී 1atm / 101.325kpa වල සිට සංශෝධනය කරන ලදී) මෙම සම්මත පීඩනය ප්‍රකාශයට පත් කරන ලද්දේ ශුද්ධ සහ ව්‍යවහාරික රසායනය සදහා වූ අන්තර්ජාතික එකමුතුව හෙවත් IUPAC මගිනි. කිසියම් ද්‍රව්‍යයක සම්මත භෞතික තත්වය ඕනෑම උෂ්ණත්වයක් සදහා ප්‍රකාශ කළ හැකි නමුත් වඩාත් බහුලව භාවිතා වන්නේ සෙල්සියස් අංශක 25 (298.15 K ) ක උෂ්ණත්වයයි. එහෙත් භෞතික විද්‍යාව සහ ඉංජිනේරු විද්‍යාව වැනි විෂයයන්ට අදාලව මතුවූ ගැටළුවලදී සම්මත උෂ්ණත්වය හා පීඩන තත්ත්ව (STP) සැලකීමේදී බහුලව සෙල්සියස් අංශක 0 (273.15 K) උෂ්ණත්වය ද යොදාගෙන තිබෙනු දැකිය හැක.
කිසියම් ද්‍රව්‍යයක සම්මත භෞතික තත්ව අභිමත පරිදි තෝරාගත් ශූන්‍ය නොවන අගයක් වන අතර එය ස්වාභාවිකව පවතින රාශියක් නොවේ.
කිසියම් ද්‍රව්‍යයක සම්මත භෞතික තත්ව යනු එම ද්‍රව්‍යයේ භෞතික තත්වය හා බැදී පවතින ගුණයක් වන තාප ගතික ලක්ෂණ එන්තැල්පි, එන්ට්‍රෝපිය හා නිදහස් ගිබ්ස් ශක්තිය වැනි පරාමිතීන් තීරණය කිරීම සදහා යොදා ගන්නා භෞතික තත්වයයි. උදා - සම්මත තත්වයන් යටතේ මූලද්‍රව්‍යයක උත්පාදන එන්තැල්පිය ශූන්‍ය වේ.
ද්‍රාවණයක් තුළ පද්ධති ද්‍රව්‍යයක් සදහා හෝ රසායනික ප්‍රතික්‍රියාවකට අදාලව සම්මත තත්වය සැළකීමේදී සියලු ද්‍රව්‍යයන්හි සාන්ද්‍රණය සලකනු ලබන ඒකක ක්‍රමය යටතේ ඒකීය අගයන් (හෝ වෙනත් නිශ්චිතව ප්‍රකාශ කළ අගයන්) දැරිය යුතු වේ. ද්‍රාවණයක් අපරිමිත තනුකකරණය නියමයට අනුව හැසිරෙන බව උපකල්පිත අවස්ථාවකදී නම් ඉහත ප්‍රකාශ අනුව පැහැදිලි වේ. මවුලික සාන්ද්‍රණයක් යටතේ 1 mol dm−3 අගය හෝ මවුලීය සාන්ද්‍රණයේ ඒකක අනුව 1 mol kg−1 අගය දැරිය යුතු වේ. මවුල භාගය ඇසුරින් සැලකීමේදී සම්මත තත්වය වන්නේ සලකන ලද ද්‍රව්‍යයේ ද්‍රව හෝ ඝාත තත්වයේ පවතින සංශුද්ධ සාම්පලයකි. එහි මවුල භාගය /X නමුත් ප්‍රතික්‍රියාවක් සැලකීමේ දී එක් එක් ප්‍රතික්‍රියක ප්‍රභේද මිනුම් කිරීමට භාවිතා කළ සම්මත තත්වයන් යටතේ පරීක්ෂණ කිරීම අතාත්වික වුවද එවැනි තත්වයන් පදනම් කරගනිමින් පොදු එකග තාවයක් යටතේ පරීක්ෂණ කිරීමෙන් ඒකාකාර නිරීක්ෂණ ලබාගත හැකි වේ.(1molL-1A හා සංශුද්ධ B අතර ප්‍රතික්‍රියාව වැනි තත්ව පරිපූර්ණයට ලබාගැනීම කළ නොහැකි බව සිහි කළ යුතුය) නමුත් මෙසේ එක්තරා නිරීක්ෂණ ලැබෙනුයේ යොදා ගන්නා සම්මත තත්වයන් එකම ඒවා වීම පමණි.
ද්‍රාවණ සම්බන්ධ රසායනයේ දී ඉහළ උෂ්ණත්ව හා පීඩන තත්ව යටතේදී සම්මත අගයයන් බොහෝ විට අදහස් වන්නේ ද්‍රවණයේ සාන්ද්‍රණය උපකල්පිත සම්මත අගයන් වන බවයි. මෙම සම්මත අගයන් බොහෝ විට 1 mol kg−1 හෝ ඒකීය මවුල භාගයක් වේ. තවද ද්‍රාවණයේ සංඝටක පරිපුර්ණව හැසිරෙන බවත් ද්‍රවණයක් ද පරිපුර්ණ හැසිරීමක් (අපරිමිත තනුකකරණයට අදාල වීම වැනි) දක්වන බවත් උපකල්පනය කෙරේ. නමුත් මෙසේ සම්මත තත්වයන් ප්‍රකාශ කිරීමේදී IUPAC මගින් ප්‍රකාශ කළ ආකාරයට සම්මත උෂ්ණත්වයක් හෝ පීඩනයක් ප්‍රකාශ නොකෙරේ. ඊට හේතුව ද්‍රාවණයක් විශාල පරාසයක් පැතිරුණු උෂ්ණත්ව හා පීඩන වෙනස්කම්වලට ලක්වන තත්ව යටතේ එසේ නොකිරීම වඩාත් පහසු බැවැනි.
ද්‍රව්‍යයක සම්මත භෞතික තත්වයක් වැනි අභිමත ශූන්‍ය නොවන ඒකක සලකුණු කිරීමට ෆ්ලිම්සෝල් සලකුණ (A) යොදා ගැනේ. මෙය 19 වැනි ශතවර්ෂයේ සිට පැවත එන ක්‍රමයක් වේ. නමුත් පසු කාලීන ග්‍රන්ථයන්හිදී මුද්‍රණකරුවන්ගේ අපහසුතාවයන් හේතුවෙන් ෆ්ලිම්ෆෝල් සලකුණ වෙනුවට ශූන්‍ය (0) යොදා තිබෙනු දැකිය හැකිය.
ආශ්‍රිත
http://en.wikipedia.org/wiki/Standard_state
රසායන විද්‍යාව
භෞතික විද්‍යාව
|
9,844 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%20%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
|
සෛද්ධාන්තික රසායන විද්‍යාව
|
සෛද්ධාන්තික රසායන විද්‍යාවට රසායනික සංසිද්ධි පහදා දීමට හා අනුමාන කිරීමට භෞතික විද්‍යාව යොදා ගැනීම ඇතුළත් වේ. මෑත අවුරුදුවල දී එය මවුලිකව ක්වොන්ටම් රසායන විද්‍යාව පිළිබද අවධානය යොමු කර ඇත. එනම් රසායන විද්‍යාවේ ගැටළු සදහා ක්වොන්ටම් යන්ත්‍රයේ යෙදීම් උකහා දැක්විය හැකිය. සෛද්ධාන්තික රසායන විද්‍යාව ඉලෙක්ට්‍රෝනික ව්‍යුහය ගතිකය හා චාලක රසායනය යන අංශවලට, විවිධ කලාපවල ඇති නිකර රසායන විද්‍යාවේ වෙනත් විවිධාකාර පර්යේෂක අංශවලට විවිධ කලාපවල ඇති රසායන විද්‍යාවේ ගණිතමය වර්ගීකරණයට (උදා - චාලනය පිළිබද ඉගෙනීම) හා නුතන ගණිත දියුණුව මූලික අධ්‍යාපන අංශ වෙත යෙදිය හැකි දැයි අධ්‍යයනය (උදා - ඉලෙක්ට්‍රෝනික ව්‍යුහය අධ්‍යයනයට ස්ථල විද්‍යාව පිළිබද න්‍යාය යෙදිය හැකි වීම) වැනි දේ ඇතුල් වේ. සෛද්ධාන්තික රසායන විද්‍යාවේ පෙර සදහන් කළ කොටස සමහර විටෙක ගණිතමය රසායන විද්‍යාව ලෙසද හැදින්වේ.
පරිගණකමය රසායන විද්‍යාව යනුවෙන් බොහෝ විට අර්ථ දක්වන්නේ ව්‍යවහාරික පසුබිමක් යටතේ ඇති සෛද්ධාන්තික රසායන විද්‍යාවේ, විවිධ වර්ග වල post Hartree – Fock, ඝනත්වය ක්‍රියාකාරී සිද්ධාන්තය අර්ධ අනුභාවික ක්‍රම (උදාහරණ ලෙස PM3) හෝ බල ක්ෂේත්‍ර ක්‍රම වැනි ආසන්න කිරීම් සිදුකරන ක්‍රියා පටිපාටිය ආදිය සමඟ සැබැදුනු ක්ෂේත්‍රයක් වුවද ඉහත සඳහන් කළ බොහෝමයක් අංශ පරිගණකමය රසායන විද්‍යාව ලෙස වර්ගීකරණය කරයි. සමහරක් රසායනික මතවාදීන් ක්වොන්ටම් ලෝකයේ අන්වීක්ෂීය සංසිද්ධි හා පද්ධතිවල විශාල අන්වීක්ෂිය ගුණ අතර සම්බන්ධයක් ඇති කිරීමට ස්ථිතිකමය යාන්ත්‍රණ යොදා ගනී.
රසායනික ගැටළු වලට එල්ලවන වන සෛද්ධාන්තිකමය ප්‍රහාර ඈත අතීතය කරා දිවයයි. නමුත් ඕස්ට්‍රේලියානු භෞතික විද්‍යාඥ අර්වින් ෂ්රූඩින්ගර් විසින් ෂ්රූඩින්ගර් සමීකරණය නිර්මාණය කිරීමට පෙර පැවතියේ දල හා කල්පිතමය ක්‍රමයයි. වර්තමානයේ දී ක්වොන්ටම් ක්ෂේත්‍ර සිද්ධාන්ත හා අසමතුලිත ග්‍රීන් කාණ්ඩ Nonequilibrium Green function Theory වැනි වඩා දියුණු සෛද්ධාන්තික පිවිසුම් භාවිතා වේ.
සෛද්ධාන්තික රසායනයේ අංශ
ක්වොන්ටම් රසායනය
රසායන විද්‍යාවට ක්වොන්ටම් යාන්ත්‍රණ යෙදීම්
පරිගණකමය රසායනය
රසායන විද්‍යාව පරිගණක කේතවල යෙදීම්
අණුක නිරූපණය
ක්වොන්ටම් යාන්ත්‍රණය යොදා ගෙන අණුක ව්‍යුහය නිරූපණය කිරීමේ ක්‍රමය. අණුක ඇඳීම , ප්‍රෝටීන - ප්‍රෝටීන් අණු ඇඳීම , ඖෂධ නිර්මාණය, සංයෝජනීය රසායනය ආදී උදාහරණ වේ.
අණුක ගතිකය
පරමාණු හා අණු එකතුවකදී න්‍යෂ්ටියේ චලනය ආදර්ශනය කරන සම්භාවිත යාන්ත්‍රණවල යෙදීම්
ගණිතමය රසායනය.
වොන්ටම් යාන්‍ත්‍රණ යොදා නොගෙන ගණිතමය ක්‍රම මගින් අණුක ව්‍යුහය විස්තර කිරීම හා අනුමාන කිරීම.
අණුක යාන්ත්‍රණය
අන්තර්ක්‍රියා බලවල එකතුවක් ලෙස අන්තර හා අන්තඃඅණුක විභව ශක්ති තල ආදර්ශනය
සෛද්ධාන්තික රසායන චාලනය
ප්‍රතික්‍රියාකාරී මුලද්‍රව්‍ය හා ඒවායේ අදාල අන්තර් සමීකරණ හා බැදුණු ගතික පද්ධති පිළිබද සෛද්ධාන්තික අධ්‍යයනය
සමීප ලෙස විස්තර කරන ලද අංශ
ඓතිහාසිකව, සෛද්ධාන්තික රසායන විද්‍යාවේ යෙදීම් පහත පර්යේෂණ අංශ මත පදනම් විය.
පරමාණුක භෞතික විද්‍යාව - ඉලෙක්ට්‍රෝන හා පරමාණුක න්‍යෂ්ටි සම්බන්ධවන අංශය
අණුක භෞතික විද්‍යාව - අණුක න්‍යෂ්ටි වටා ඉලෙක්ට්‍රෝන පැවතීම හා න්‍යෂ්ටියේ චලනය පිළිබද අංශයයි. මෙය සාමාන්‍යයෙන් යෙදෙන්නේ වායු කලාපයේ පරමාණු කිහිපයකින් යුත් අණුවලටය. නමුත් ඇතැමුන් සිතන්නේ අණුක භෞතිකය, රසායන ද්‍රව්‍යවල කැපීපෙනෙන ගුණ පිළිබද අධ්‍යයනයක් යනුවෙනි.
භෞතික රසායන විද්‍යාව හා රසායනික භෞතික විද්‍යාව - ලේසර් තාක්ෂණය, සියම් පැදවුම් දණ්ඩ සහිත අන්වීක්ෂය ආදී භෞතික ක්‍රම මගින් සොයා ගන්නා ලද රසායනයයි. ක්ෂේත්‍ර දෙක අතර ප්‍රධාන වෙනස භෞතික රසායනය රසායන විද්‍යාවේ අංශයන් වන අතර රසායනික භෞතික විද්‍යාව භෞතික රසායනයේ අංශයකි. ප්‍රායෝගික මෙම වෙනස අපහැදිලිය.
May – body theory - සංරචක විශාල සංඛ්‍යාවකින් යුත් පද්ධති පෙන්වන ප්‍රතිඵල පිළිබද අධ්‍යයනය. මෙය ක්වොන්ටම් භෞතික මත පදනම් වී ඇත. වැඩි වශයෙන් දෙවන ක්වොන්ටමීකරණ රූප ප්‍රධාන වාදය හා ක්වොන්ටම් විද්‍යුත් චලනය මේ සඳහා භාවිතා වේ.
සෛද්ධන්තික රසායනික අංශ ඒ ඒ පර්යේෂණ අංශවල කොටස් ලෙස සමහර විටෙක දර්ශනය වුවත්, ඝනත්වය ක්‍රියාකාරී සිද්ධාන්තය හා අණුක යාන්ත්‍රණය වැනි වෙනත් ක්‍රමවල නැගී සිටීමත් සමග යෙදීම්වල පරාසය, ජීව රසායනය, සංක්ෂිප්ත පදාර්ථය භෞතිකය, නැනෝ තාක්ෂණය හෝ අනුක ජීව විද්‍යාව වැනි රසායන විද්‍යාව හා භෞතික විද්‍යාවට අදාල රසායනික පද්ධති දක්වා පුළුල් වී ඇත.
References
http://en.wikipedia.org/wiki/Theoretical_chemistry
රසායන විද්‍යාව
|
9,846 |
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA
|
අනුමාපනය
|
අනුමාපන විද්‍යාගාරයේ දී ප්‍රමාණාත්මක රසායනික විශ්ලේෂණයක් සිදු කරන පොදු ක්‍රමය වන අතර එමගින් දන්නා ප්‍රතික්‍රියකයක සාන්ද්‍රණය සොයා ගත හැකිය. පරිමා මිණුම් අනුමාපණයේ දී වැදගත් කාර්ය භාරයක් උසුලන නිසා මෙය පරිමාමිතික විශ්ලේෂණය ලෙසද හඳුන්වයි. අනුමාපකය ලෙස හඳුන්වන දන්නා සාන්ද්‍රණයකින් යුත් ප්‍රතිකාරකයක (සම්මත ද්‍රාවණයක්) දන්නා පරිමාවක් සාන්ද්‍රණය නොදන්නා විෂ්ලේෂණ ද්‍රවණය සමග ප්‍රතික්‍රියා කරවනු ලැබේ. අනුමාපකය එකතු කිරීමට ක්‍රමාංකිත බියුරෙට්ටුවක් භාවිතයෙන් අන්ත ලක්ෂයේ දී වැයවී ඇති ද්‍රාවණ ප්‍රමාණය නිවැරදිව කියවා ගත හැක. අන්ත ලක්ෂ්‍ය යනු අනුමාපනය අවසාන වන ලක්ෂ්‍ය වන අතර එය හඳුනා ගන්නේ දර්ශකය මගිනි. (පහත බලන්න) මෙය සමතුලිතතා ලක්ෂ්‍යයේ පරිමාවටම සමානය. එනම් අනුමාපනයේ මවුල ගණන විශ්ලේෂකයේ මවුල ගණනට සමාන වේ. නැතහොත් එහි ගුණාකාරයක් වෙයි. (බහු ප්‍රෝටීන අම්ලවල දී මෙන්) සාමාන්‍ය ප්‍රබල අම්ල ප්‍රභල භෂ්ම අනුමාපනයක දී අන්ත ලක්ෂ්‍යයේ දී ප්‍රතික්‍රියකයේ PH අගය 7 ට ආසන්න වන අතර එහිදී දර්ශකය මගින් ස්ථිර වර්ණ විපර්යාසයක් පෙන්නුම් කරයි. නමුත් වෙනත් අනුමාපන වර්ග බොහොමයක් ද ඇත. (පහත බලන්න)
ප්‍රතික්‍රියාවක අන්ත ලක්ෂ්‍ය හදුනාගැනීමට විවිධ ක්‍රම භාවිතා කළ හැකිය. බහුල ලෙස යොදා ගන්නේ දෘෂ්‍ය දර්ශකයි. (ප්‍රතික්‍රියා මිශ්‍රණයේ වර්ණය වෙනස් කරන) සරළ අම්ල භෂ්ම අනුමාපනවල දී පිනෝප්තලීන්, PH දර්ශකය යොදා ගත හැක. එය එක්තරා PH අගයකට (8.2 ක් පමණ) පත් වූ විට හෝ ඉක්ම ගිය විට රෝස පැහැ වේ. මෙතිල් ඔරේන්ජ් තවත් උදාහරණයක් වන අතර එය අම්ලවල දී රතු පැහැවන අතර ක්ෂාරීය ද්‍රාවණවල දී කහ පැහැති වේ.
සියලු අනුමාපන සදහා දර්ශක අවශ්‍ය නොවේ. ඇතැම් අවස්ථාවල දී ප්‍රතික්‍රියක හෝ ඵලවල ප්‍රභල වරණයකින් යුක්තවන අතර ඒවා දර්ශක ලෙස සැලකිය හැකි වේ. උදාහරණයක් ලෙස පොටෑසියම් පර්මැංගනේට් (රෝස/ දම්) අනුපාතයක් ලෙස යොදා ගෙන සිදු කරන ඔක්සිකරණ - ඔක්සිහරණ අනුමාපනවල දී දර්ශකයක් අවශ්‍ය නොවේ. අනුමාපනය ඔක්සිහරණය වන විට එය අවර්ණ වෙයි. සමතුලිත ලක්ෂ්‍යට පසුව වැඩි පුර අනුමාපක තිබේ. අන්තලක්ෂ්‍ය හදුනාගන්නේ අනුමාපන කරන ද්‍රවණයේ ප්‍රථමයෙන්ම ඇති වන ලා රෝස පැහැයෙනි.
PH වක්‍රයේ ගණිතමය ස්වභාවයට අනුව සංක්‍රමණය වීම ඉතාමත් තියුණුය. ඒ කෙසේ ද යත් අන්ත ලක්ෂ්‍යයට මොහොතකට පෙර එක්වන එක් අනුමාපන බිංදුවකින් දර්ශකයේ ක්ෂණික වර්ණ පරාසයක් ඇති වීමට තරම් සැලකිය යුතු PH වෙනසක් සිදුවීමයි. දර්ශකයේ වර්ණ වෙනස්වන ස්ථානය හා අනුමාපනයේ සත්‍ය සමතුලිත ලක්ෂ්‍යය අතර ඉතා සුළු වෙනසක් තිබේ. මෙය දර්ශක දෝෂය ලෙස හඳුන්වන අතර එය නිර්ණය කළ නොහැකි තරම් කුඩා වේ.
|
9,848 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%BA%20%E0%B6%B4%E0%B6%AE%E0%B6%BA
|
පරිසර විද්‍යාවේ විෂය පථය
|
පරිසර විද්‍යාව සාමාන්‍යයෙන් ජීවීන් පිළිබඳව හදාරන ජීව විද්‍යාවෙහි ශාඛාවක් ලෙසට සැලකේ. ජීවි විශේෂ විවිධ මට්ටම් වලින් හැදැරීය හැකිය. එනම් ජෛව රසායන විද්‍යාව සහ අණුක ජීව විද්‍යාවේදී ප්‍රෝටීන් සහ න්‍යෂ්ඨික අම්ල පිළිබඳවද, සෛල ජීව විද්‍යාවේදී සෛලීය මට්ටමින්ද, උද්භිද විද්‍යාව සහ සත්ත්ව විද්‍යාවේදී එක් එක් ජීවි මට්ටමින්ද අවසානයේදී ජනගහනය, ප්‍රජාවන්, පරිසර පද්ධති සහ සමස්ථයක් වශයෙන් ගත් කල ජෛව ගෝලය වශයෙන් ද මෙලෙස ජීවින් පිලිබදව අධ්‍යයනය කල හැකිය. පරිසර විද්‍යාව බහුවිධ විද්‍යාවකි. එසේ වන්නේ එය පෘථිවිය මත ඇති ජීවයෙහි සංවිධානය පිළිබඳව ඉහළ මට්ටමින් අවධානය යොමු කරන බැවින් සහ ජීවීන් සහ ඔවුන්ගේ පරිසරය අතර අන්තර් සම්බන්ධතාවය පිළිබඳව හදාරන බැවිනි. පරිසර විද්‍යාවේදී භූ ගෝලීය විද්‍යාව, භූ ගර්භ විද්‍යාව, කාලගුණ විද්‍යාව, පාංශු විද්‍යාව, ජාන විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ බැරුරුම් ලෙස අවදානය යොමු කරනු ලබයි. මේ හේතුවෙන් පරිසර විද්‍යාව සාකල්‍ය විද්‍යාවක් ලෙසට ඇතමුන් විසින් හදුන්වනු ලැබේ. මෙලෙස ජීව විද්‍යාව පරිසර විද්‍යාව පිළිබඳව අවබෝධය ලබාදෙන උපක්ෂේත්‍රයක් බවට පත් ව ඇත. Robert Ulanowicz විසින් සඳහන් කල අන්දමට පරිසර පද්ධති වල හැසිරීම පිළිබඳව දැනට ගොඩනැගි ඇති සංකල්පය අනෙකුත් විද්‍යාවන් මත පදනම්ව බහිර්නිවේෂණය පිළිබඳව වු ලෝක ප්‍රජාවගේ අදහස් සමග සමාන නොවේ.
කෘෂිකර්මය, ධීවර කර්මාන්තය වනාන්තර විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ නාගරික සංවර්ධනය යනු ක්‍රේබ්ස් (1972: 4) ගේ පරිසර විද්‍යාව පිළිබඳ විග්‍රහ කිරීමට අනුව එයට අදාල වන මානව ක්‍රියාකාරකම්ය. ඔහුගේ නිර්වචනයට අනුව ජීවින් හදුනාගත් ස්ථාන වල එම ජීවින් කොපමණ ප්‍රමාණයක් සිටීද සහ ඔවුන් එහි ඇති වුයේ මන්ද යන්න පිළිබඳව විග්‍රහ කරයි.
ජෛව විවිධත්වය ප්‍රමාණාත්මක කිරීම සහ ජනගහන ගතිකය යන පරිසර විද්‍යාත්මක දැනුම මගින් පරිසර විද්‍යාව සහ එහි ප්‍රතිපත්ති හා ඉලක්ක විග්‍රහ කිරීම සඳහා විද්‍යාත්මක පදනමක් සපයයි. මීට අමතරව ස්වභාව ධර්මය පිළිබඳව වු සාකල්ය්‍ය දෘෂ්ඨියක් මගින් පරිසර විද්‍යාව සහ ඒ පිළිබඳව අධ්‍යයනය ගැන විග්‍රහ කර ඇත.
මී මැස්සන්ගේ ජිවන චක්‍රය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පරිසර විද්‍යාඥයන්ගේ ප්‍රවේශයන් පහතින් දැක්වේ.
යම්කිසි ජීවි විශේෂයක එකිනෙකා අතර හැසිරීමේදී ඇති වන අන්තර් සම්බන්ධතාවයන් චර්යාත්මක පරිසර විදයාව නම් වේ. - උදාහරණයක් ලෙස මෙහිදි රජමී මැස්සිය වැඩකාර මී මැස්සන් හා පිරිමි මී මැස්සන් සමග දක්වන සම්බන්ධතාවයන් පිළිබඳව හදාරයි.
යම්කිසි ජීවි විශේෂය සංවිධානාත්මක ක්‍රියාකාරකම් ප්‍රජා පරිසර විද්‍යාව නම් වේ. - උදාහරණයක් ලෙස මී මැස්සන්ගේ ක්‍රියාකාරීත්වය නිසා මල් ඇති වන ශාක වල පරාගනය සිදුවේ. මී වද මගින් වෙනත් ජීවි විශේෂ වන වලසුන් වැනි ජීවින්ට ආහාර සපයයි.
යම්කිසි ජීවි විශේෂයක් සහ බාහිර පරිසරය අතර ඇති සම්බන්ධතාවය පරිස්ථිතික පරිසර විද්‍යාව නම් වේ. - උදාහරණයක් ලෙස මී මැස්සන්ගේ ක්‍රියාකාරකම් සඳහා පරිසරයෙන් ඇති වන බලපෑම. පරිසරයෙහි ඇතිවන වෙනස්කම් නිසා මී මැස්සන්ගේ මරණය සිදු විය හැකිය. බාහිර පරිසරය මෙලෙස මීමැස්සන්ගේ මරණය සඳහා වගකිව යුතු අතර එය ඔවුන්ගේ පැවැත්ම සඳහාද උපකාරීවේ.
පරිසර විද්‍යාව
|
9,850 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%20%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92
|
පරිසර පද්ධති
|
පරිසර පද්ධතිය (හෝ පාරිසරික පද්ධතිය) සමන්විත වන්නේ ඔවුන් අන්තර් ක්‍රියා කරන සියලුම ජීවීන් සහ භෞතික පරිසරයයි. මෙම ජෛව හා අජීවී සංරචක පෝෂක චක්‍ර සහ ශක්ති ප්‍රවාහයන් හරහා එකට සම්බන්ධ වේ. ශක්තිය ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය හරහා පද්ධතියට ඇතුළු වන අතර ශාක පටක තුලට ඇතුල් වේ. ශාක හා එකිනෙකා මත පෝෂණය කිරීමෙන්, පද්ධතිය හරහා පදාර්ථ හා ශක්තිය චලනය කිරීමේදී සතුන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඒවා පවතින ශාක හා ක්ෂුද්‍ර ජීවී ජෛව ස්කන්ධ ප්‍රමාණයට ද බලපායි. මිය ගිය කාබනික ද්‍රව්‍ය බිඳ දැමීමෙන්, දිරාපත් කරන්නන් කාබන් නැවත වායුගෝලයට මුදාහරින අතර, මිය ගිය ජෛව ස්කන්ධවල ගබඩා කර ඇති පෝෂ්‍ය පදාර්ථ නැවත ශාක හා ක්ෂුද්‍ර ජීවීන්ට පහසුවෙන් භාවිතා කළ හැකි ආකාරයක් බවට පරිවර්තනය කිරීමෙන් පෝෂක චක්‍රය පහසු කරයි.
පරිසර පද්ධති බාහිර හා අභ්‍යන්තර පාරිසරික සාධක මගින් පාලනය වේ. දේශගුණය, පස සහ භූ විෂමතාවය ඇති කරන මව් ද්‍රව්‍ය වැනි බාහිර සාධක පරිසර පද්ධතියක සමස්ත ව්‍යුහය පාලනය කරන නමුත් ඒවා පරිසර පද්ධතියට බලපාන්නේ නැත. අභ්යන්තර සාධක පාලනය කරනු ලබන්නේ වියෝජනය, මූල තරඟය, සෙවන, බාධා, අනුප්රාප්තිය සහ පවතින විශේෂ වර්ග මගිනි. සම්පත් යෙදවුම් සාමාන්‍යයෙන් බාහිර ක්‍රියාවලීන් මගින් පාලනය වන අතර, පරිසර පද්ධතිය තුළ මෙම සම්පත් ලබා ගැනීම අභ්‍යන්තර සාධක මගින් පාලනය වේ. එබැවින් අභ්‍යන්තර සාධක පරිසර පද්ධති ක්‍රියාවලීන් පාලනය කරනවා පමණක් නොව ඒවා මගින්ද පාලනය වේ.
මූලාශ්‍ර
සමස්ථ විග්‍රහය
පරිසර පද්ධතිය යන වදන මුල් වරට ඇති කරන ලද්දේ රෝයි ක්ලැප් හැම් විසින් 1930 දීය. ඔහු මෙය සඳහන් කරන ලද්දේ පරිසරයෙහි වු භෞතික සහ ජීවි අංග එකිනෙකට ඒකකයක් වශයෙන් ඇති අන්තර් සම්බන්ධතාවයන් පිළිබඳ සලකමිනි. බ්‍රිතාන්‍ය ජාතික පරිසර විද්‍යාඥයකු වන ආතර් ටැන්ස්ලේ විසින් පසුකාලීනව මෙය විග්‍රහ කරන ලද්දේ වප්‍රජාව (ජිවි විශේෂ සමුහයක්) සහ ඔවුන්ගේ ජෛවස්ථානය (එම ජීවින් ජිවත් වන පරිසරය) අතර පවතින අන්තර් සම්බන්ධතාවයක් ලෙසය.
පරිසර පද්ධතිය පිළිබඳව ඇති සංකල්පයට මුලික වී ඇති කරුණ නම් ජීවින් අඛණ්ඩ වශයෙන් එකිනෙකා සමග සම්බන්ධතාවයන් ඇති කරගන්නා අතර ඔවුන් ජීවත් වන බාහිර පරිසරය සමගද එම අවස්ථා වේදීම සම්බන්ධතාව ඇතිකරගනියි යන්නයි. මානව පරිසර පද්ධති යන සංකල්පයට භූමිකාව වී ඇත්තේ මිනිසා සහ ස්වභාව ධර්මය යන ද්විධාකරණය සහ සියළුම ජීවින් පරිසර විද්‍යාත්මකව එකිනෙකා සහ ඔවුන්ගේ ජෛවස්ථාන සමග ඇති කර ගන්නා සම්බන්ධතාවයන් මත පදනම්වය.
පරිසර පද්ධති පිළිබඳව සාකච්ඡා කිරීම විවිධ ආකාර වලින් සිදු කල හැකි අතර ජීවීන් සඳහා ඔවුන්ගේ පරිසරය අතර පවත්නා ඕනෑම සම්බන්ධතාවයක් විග්‍රහ කරනු ලබයි. මෙම පද්ධතියක් නිවසක්හෝ විශ්ව විද්‍යාලයක් වැනි කුඩා ඒකකයක් විය හැකි අතර රටක් හෝ ප්‍රාන්තයක් මෙන් විශාල එකක් විය හැකිය. එවිට මෙය මානව පරිසර පද්ධතියක් ලෙස විග්‍රහ කරනු ලබයි. මෙම මානව පරිසර පද්ධති එකිනෙක හා සම්බන්ධව පුද්ගලිකවම විග්‍රහ කරන බැවින් ඒවා හට ස්වාධීනව පැවතිය නොහැකි අතර ජෛව ගෝලය සැදීම සඳහා සියළුම මානව පරිසර පද්ධති සමග සංකිර්ණ ජාලයක් ලෙසට අන්තර් ක්‍රියා දක්වනු ලබයි. අවසාන වශයෙන් පෘතුවි පෘෂ්ඨය මත ඇති එකදු ස්ථානයක් වත් මිනිසාගේ ස්පර්ශයෙන් මිදි නොමැත. එමනිසා සියළුම පරිසර පද්ධති වඩාත් නිරවද්‍ය ලෙස මානව පරිසර පද්ධති යැයි හැඳින්විය හැකිය.
මේවාත් බලන්න
ජලාශ්‍රිත පරිසර පද්ධති
මහා සමුද්‍ර පරිසර පද්ධති
මානව පරිසර පද්ධති
පරිසර පද්ධති
|
9,852 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%BB%20%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B7%93%20%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E2%80%8D%20%E0%B7%84%E0%B7%8F%20%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E2%80%8D
|
ස්ථිර තාපී රත්කිරීම් හා සිසිල් කිරීම්
|
ස්ථිර තාපී රත්කිරීම් හා සිසිල් කිරීම් සාමාන්‍යයෙන් වායුවක පීඩනයේ වෙනස් වීම් නිසා සිදුවන ක්‍රියාවලීන්ය. වායුවක පීඩනය වැඩි කරන විට එය ස්ථිර තාපී රත්වීමකි. ඩීසල් එන්ජිමක ඉන්ධන දහනය සඳහා අවශ්‍ය උෂ්ණත්වයට ඉන්ධන මිශ්‍රණය රත් කිරීමට එහි සම්‍පීඩන පහර තුලදී ඉන්ධන මිශ්‍රණය පීඩනයකට ලක්වේ. එහිදී ස්ථිර තාපී රත්කිරීමක් සිදුෙව්. එසේම ජෙට් එන්ජින් තුල ඉන්ධන විදීම හා දහනය සදහා ප්‍රමාණවත් තරම් වාතය සම්පීඩනය කර ගැනීම ස්ථිර තාපී උණුසුම්කරණය මත පදනම්ව සිදු කෙරේ.
ස්ථිර තාපී රත් කිරීම් වායු ස්කන්ධයක් පහල බසින විට පෘතුවියේ වායුගෝලය තුලද සිදුෙව්.
උදා . කටබාවියානු සුළං සහ ෆෝහේන් සුළං දහරා (මේවා කඳු බෑවුම් ඔස්සේ පහළට හමායයි)
ස්ථිර තාපී සිසිලනය යම් පද්ධතියක් මඟින් අවට පරිසරය මත කාර්යය කෙරෙන විට එහි පීඩනය අඩු වීමේදී සිදුවන ක්‍රියාවලියකි. ස්ථිරතාපී ක්‍රියාවලි තරලයක් තුළම සිදුවිය යුතු නැත. (0K ට වඩා කෙල්විනයකින් දාහෙන් හෝ මිලියනයකින් එකක් පමණ ඉහල උෂ්ණත්ව දක්වා) ඉතා පහල උෂ්ණත්වයන් ලබා ගැනීමට භාවිතා කරන තාක්ෂණයකි ස්ථිරතාපී විචුම්‍භක කරනය . මෙහිදී චුම්භකමය ද්‍රව්‍යක් මත ක්‍රියා කරන චුම්‍භක ක්ෂේත්‍රයේ වෙනසක් ඇති කිරීමෙන් ස්ථිරතාපී සිසිලනය සිදු කෙරේ. ස්ථිරතාපී සිසිලනය පෘථිවි වායුගෝලයේ කඳු අතර ඇතිවන මුවා වායු තරංග මගින් ඇති ෙව්.මේ ඔස්සේ වාතය තුෂාර අංකයට වසා සිසිල් වූ විට ඡත්‍ර හා මාසුර වලාකුළු සදහා ඇති ෙව්.
පිපිරුමට පෙර ඉහල නගින මාග්මා ද ස්ථිරතාපී සිසිලනයකට ලක් ෙව්.
මෙම උෂ්ණත්ව වෙනස් පරිපුර්ණ වායු නියම සහ ද්‍රවස්ථිති සමීකරණය මඟින් ප්‍රමාණීකරණ කල හැක.
කිසිම විපර්යාසයක් පරිපුර්ණ ස්ථිරතාපී නොෙව්. බොහොමයක් ක්‍රියාවලි ස්ථිර තාපී ක්‍රියාවලි වලට ආසන්න වන අතර ස්ථිරතාපී උපකල්පන මගින් ඒවා පහසුවෙන් ස්ථිර තාපී බවට පත්කල හැක. නමුත් සෑම විටම මෙම ක්‍රියාවලියන්හි දී තාපහානියක් සිදුවේ. එයට හේතුව පරිපුර්ණ පරිවාරක නොපැවතීමයි.
References
http://en.wikipedia.org/wiki/Adiabatic_process#Adiabatic_heating_and_cooling
|
9,854 |
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8F%E0%B6%9A%20%E0%B7%80%E0%B6%BD%20%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A%20%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA
|
ශාක වල පරිණාමයේ ඉතිහාසය
|
ශාක නොයෙකුත් ශ්‍රේණි සමුහයක් ඔස්සේ දැනට පවත්නා සංකිර්ණ ආවෘත බීජක ශාක බවට පරිණාමය වී පවති. මේවා මෙකි අවධියට පරිණාමය වී ඇත්තේ ආදි යුගයේ පැවති ඇල්ගි, බ්‍රයෝෆයිටාවන්, ලයිකෝපෝඩාවන් පර්නාංග සහ විවෘත බීජක වලිනි. මෙලෙස සරල ශාක ඒවා පරිණාමය වන පරිසරය තුළ අඛන්ඩව දියුණුවී නව ශ්‍රේණි සාදයි. මෙකි නව ශ්‍රේණිවල ශාක විශේෂ අවසානයේදි වඩාත් ඔවුන්ගේ පුර්වජයන්ට වඩා බොහෝ ආකාර වලින් සාර්ථකත්වයට පත්ව ඇත. තව දුරටත් බොහෝ සත්ත්ව ලෝක අධ්‍යයනයන්ට අනුව සංකිර්ණ විශේෂණයන් ඇති වනුයේ වඩාත් සංකිර්ණව එම අවස්ථාව වන විටදී පැවති විශේෂ වලිනි.
සාක්ෂි වලට අනුව ඇල්ගි විශේෂ පොලොවෙහි තුල ඇති වුයේ වසර මිලියන 1200 කටත් ප්‍රථමවය. භෞමික ශාක ඇති වුයේ ඉන් බොහෝ කාලයකට පසුව වසර මිලියන 500 කට ප්‍රථමයෙන් වු ඕඩෝවිසියන් යුගයේදීය. මේවා සිලුරියන් යුගයේදි හෙවත් වසර මිලියන 420 කට ප්‍රථමයෙන් වු යුගයකදී වඩාත් හොදින් විවිධත්වයට පත්වන ලදී. මෙම ශාක විවිධත්වයට පත්වීමේ ඵල ඩෙවෝනියන් පොසිල වල කැපිපෙනෙන ලෙස දක්නට ඇති අතර ඒවාට Rhynie තිරුවානා යැයි කියනු ලැබේ.යමහල් වල ශිලා භාවකය වී ඇති මේවා යුගයේ ශාක වල සෛලීය විස්තර සංරක්ෂණය කොට ගෙන ඇත. ඩෙවෝනියන් යුගයේ මැද භාගය වන විට පැවති ශාක වල, අද පවතින ශාක වල හඳුනාගත් බොහොමයක් ගති ලක්ෂණ පැවතී ඇත. පත්‍ර සහ ඵල පිළිබදව සොයා ගන්නා ලද ඒවාය. ඩෙවෝනියන් යුගයේ අගභාගයේදී මෙකි ශාක යම්කිසි විදග්ධතාවයකට ලක්ව ඇති අතර එමගින් වඩාත් උස හාක සහිත වනාන්තර සෑදිමට හැකියාව ලැබී ඇත. ඩෙවෝනියන් සමයට පසුව පරිණාමය හා සම්බන්ධ බලපෑම් දිගටම පැවත ඇත. බොහෝමයක් ශාක වර්ග සාපේක්ෂ වශයෙන් Permo-Triassic වදවී යාමෙන් බෙරී පැවත ඇති අතර ප්‍රජාවන්ගේ ව්‍යුහයන් ඇතැම් අවස්ථා වලදී වෙනස්ව පවති. මෙම හේතුවෙන් සපුෂ්ප ශාක Triassic යුගයේදි ඇති වී ඇත. (වසර මිලියන 200 කට ප්‍රථමයෙන්) වඩාත් මෑතකදී පරිණාමය වු ශාක වර්ගය වනුයේ තෘණ වර්ගයි. මේවා වසර මිලියන 40 කට ප්‍රථමයෙන් වඩාත් වැදගත් ස්ථානයක් ගති. මෙම තෘණ වර්ග සහ වෙනත් අනෙකුත් විශේෂ අඩු කාබන් ඩයොක්සයිට් ප්‍රමාණයක් සහ උණුසුම් වියළි තත්ත්ව පවතින නිවර්තන කලාප වල පසුගිය වසර මිලියන 10 ක කාලයක් මුළුල්ලේ ඔවුන්ගේ පරිවෘත්තිය ක්‍රියාවලින‍් පවත්වා ගෙන යෑම සදහා නව ක්‍රමෝපායන් ඇති කර ගෙන ඇත.
වෙනස්වන ජීවන චක්‍ර
සියළුම බහුසෛලික ශාක සඳහා අවධි දෙකකින් යුතු ජීවන චක්‍රයක් ඇත. (ඇතැම් අවස්ථා වලදී මෙය පරම්පරාවක් ලෙසට හැදින්වේ.) මින් එක් අවධියක් ජන්මානුශාක වන අතර ඒවා සඳහා තනි වර්ණ දේහ පවති. (මෙය 1n ලෙස හැදින්වේ) මේවා මගින් ජන්මානු නිෂ්පාදනය කරනු ලබයි. (ස්ත්‍රී සහ පුරුෂ ජන්මානු) අනෙකුත් අවධිය වනුයේ බීජානු ශාකය වන අතර ඒවා සඳහා යුගලවු වර්ණ දේහ පවති. (මෙය 2n ලෙස හැදින්වේ.) මේවා මගින් බීජානු නිෂ්පාදනය කරනු ලබයි. මෙම අවධි දෙක ඇතැම් අවස්ථා වලදී එකහා සමාන වන අතර ඇතැම් අවස්ථාවන්හිදි ඒවා එකිනෙකට හාත්පසින් වෙනත් ශාක වර්ග දෙකක් වේ.
ශාක පරිණාමයේ යටපත් කිරීමේ රටාව ශාක අවධියෙහි කැපිපෙනෙන අඩුවීමක් ඇති වීම සහ බීජානු ශාක අවධියෙහි ප්‍රමුඛවීමක්ඇති කරයි. භෞමික ශාක වල පුර්වජයන් වන ඇල්ගි සෑම අවස්ථාවකදීම ඒකගුණ ජීවන චක්‍රයක් පෙන්නුම් කරන අතර ඒක සෛලික යුක්තානුවක් සාදමින් ද්විගුණ හෙවත් 2n අවධියක් ඇති කර ගනී. සියළුම භෞමික ශාක ද්විගුණ ඒවා වන අතර එනම් ඒවා සඳහා ඇති සියළුම ඒක ගුණ සහ ද්විගුණ අවධි සියල්ලම බහු සෛලික වේ.
මෙලෙස ඉහතින් සඳහන් කල ආකාරයට භෞමික ශාක සඳහා ද්විකවක ජීවන චක්‍රයක් පැවතිමේ පැහැදිලි කිරීම සඳහා සිද්ධාන්ත දෙකක් භාවිතා වේ.
මින් පලමු වැන්න අන්තර් නිවේශණ සිද්ධාන්තය වන අතර (මෙය විරෝධී හෝ අන්තරස්ථ සිද්ධාන්තය ලෙසද හැඳින්වේ) එමගින් බීජානු අවධිය යන්න කෘත්‍යමය වශයෙන් නව සොයාගැනීමක් බවට විශ්වාස කරනු ලබයි. මෙලෙස බීජානු අවධිය ඇති වීම
සිදුවන්නේ අලුතෙන් ඇති වුණු යුක්තානුවේ සෛල අනූනන විභාජනයට ලක්වීමෙන් වන අතර එහි සෛල පසු අවධියකදී උණන විභාජනයට ලක්වීමෙන් බීජානු නිපදවනු ලබයි. මෙම සිද්ධාන්තය මගින් විස්තර කරන ආකාරයට ප්‍රථම බීජානුව ජන්මානුවට වඩා වඩාත් වෙනස් රූපානු දර්ශයක් ඇති කර ගන්නා අතර ඒවා එකකට එකක් ස්වාධීන වේ. මෙය අප දන්නා බ්‍රයෝෆයිටාවන් සමග වඩාත් හොඳින් සංසන්දනය කල හැකි අතර මෙහිදි තලසාකාර ජන්මානු ශාකය සරල බීජානු ශාකයක් මගින් පරපෝෂි තත්ත්වයට පත් කරනු ලැබේ. මෙහිදි බිජාණුධානියක් මගින් එවා එකිනෙකට සම්බන්ධ කරනු ලබයි. ආදි සරල බීජානු ශාක වල වඩාත් කැපිපෙනෙන ලෙස ඉහළ යන සංකිර්ණතාවය ඇති වී ඇත්තේ ඒවා සඳහා ප්‍රභාසංස්ලේශණය සිදු කර ගන්නා සෛල ඇතිවීමත් සමගය. මෙමගින් ඒවා බීජානු ශාකය මත යැපිමෙන් නිදහස් වී ඇති අතර මෙය අද දින දක්නට ඇති ඇතැම් Hornworts (Anphoceros) වල පෙන්නුම් කරයි. අවසානයේදී ප්‍රතිඵලය වනුයේ බිජානු ශාක වල අවයව සහ වාහිණි පටක ඇතිවීමෙන් එය වඩාත් ප්‍රමුඛ අවධිය වීමයි. මෙලෙස විකසනය වීමෙන් සනාලශාක හෙවත් ට්‍රැකියෝෆයිටාවන් ඇතිවුණි. මෙම සිද්ධාන්තය සඳහා වඩාත් හොදින් ආධාර සපයනු ලැබුවේ ඉතා කුඩා Cooksonia ප්‍රභේද ජන්මානු ශාක පරමුපරාව මගින් වඩාත් හොඳින් ආධාර ලැබීම යන නිරීක්ෂණය මත පදනම්වය. වඩාත් විශාල අක්ෂීය දේහ ව්‍යුහයක් සහිත වීමෙන් සහ ප්‍රභාසංස්ලේශක පටක වඩාත් වැඩි ප්‍රමාණයක් පැවතීමෙන් හා එසේ විමෙන් හොඳින් සංදාරණය වීමට හැකියාව ලැබීමෙන් ප්‍රමාණවත් පරිදි බිජානු ශාක අවධියක් ඇති කිරීම සඳහා වඩාත් හොඳ මාධ්‍යයක් සපයනු ලබයි.
වෙනත් සංකල්පයක් වනුයේ පරිණාමය පිළිබඳව වු සිද්ධාන්තයයි. (සමජාත සිද්ධාන්ත) මෙමගින් විග්‍රහකරනුයේ යුක්තානුව ජනනය වීමෙන් පසු ඌණන විභාජනය සිදුවීමට ඇති වු ප්‍රමාදයක් හේතුවෙන් බීජානු වල ඇති වීම ක්ෂණයකින් සිදුවු බවයි. එකම ජානමය ද්‍රව්‍ය භාවිතා කෙරුණ ද ඒක ගුණ සහ ද්විගුණ අවධි දෙකම පෙනුමෙන් එකහා සමාන වේ. මෙමගින් ඇතැම් ඇල්ගි වල හැසිරීම විග්‍රහ කෙරෙන අතර ඒවා මගින් ප්‍රත්‍යවර්ථි ලෙස එකහා සමාන බීජානු හා ජන්මානු ශාක ඇති කරනු ලබයි. භෞමික පරිසරය සඳහා පසු කාලීනව ඇති කර ගන්නා අනුවර්ථනයක් වනුයේ භෞමික පරිසරය තුළ දී ඇති විය හැකි විජලනයේ ආරක්ෂා වීමට ක්‍රමෝපායන් ඇති වීමයි. මෙමගින් ලිංගිකව සිදු කරන ප්‍රජනනය අපහසු වන අතර එයට ප්‍රතිඵලයක් වශයෙන් ලිංගිකව ක්‍රියාකාරි ජන්මානු වල සරල වීමක් සිදුව ඇත. තවද බීජානු අවධිය වඩාත් හොඳින් විකසනය වීමෙන් ජල ප්‍රතිරෝධි බීජානු මගින් ව්‍යාප්ත වීමට වඩා හොඳ හැකියාවක් ලැබී ඇත. මෙම පරිණාමය පිළිබඳව වු සංකල්පය පැහැදිලි කිරීම සඳහා එක හා සමාන සංකිර්ණත්වයකින් යුතු බිජානු ශාක සහ ජන්මානු ශාක වල පටක ව්‍යුහය අධ්‍යයනය කිරීමෙන් අවබෝධයක් ලබාගත හැකිය.
ආශ්‍රිත ලිපි
Evolution of herbivory
Evolutionary history of life
Paleobotany
Plant evolutionary developmental biology
Timeline of plant evolution
මූලාශ්‍ර
භාහිර සබැඳි
Evolution And Paleobotany at Britannica
Evolution of plants
Plant sexuality
|
9,856 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%BB%20%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B7%93%20%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%20%E0%B7%84%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%20%E0%B6%AF%E0%B7%93%E0%B6%B8
|
ස්ථිර තාපී ක්‍රියාවලි හදුන්වා දීම
|
තාප ගති විද්‍යාෙව්දී ස්ථිර තාපී ක්‍රියාවලියක් හෝ සමකැලරික ක්‍රියාවලිය සිදුවන පද්ධතියන් ඉවතට හෝ පද්ධතිය වෙතට කිසිඳු තාප හුවමාරුවක් සිදු නොවන තාප ගතික ක්‍රියාවලියකි. ස්ථිරතාපී (adiabatic) යන්නෙහි වචනාර්ථය ( ග්‍රීක ἀ-διὰ-βαῖνειν ) “තාප විපර්යාසයක් නොමැති” යන්න ගම්‍යවන තේරුම ඇති, “සංචරණය කිරීමට අපහසු” යන්නයි. උදාහරණයක් වශයෙන් “ස්ථිරතාපී සීමාව” යනු කිසිඳු තාප විපාර්යාසයක් සිදු නොවන සීමාවයි. මෙම සීමාවෙන් වට වූ සීමාවකින් වට වු පද්ධතියක් ස්ථිරතාපී ලෙස ( තාපජමය) පරිවෘත පද්ධතියක් යනුවෙන් හදුන්වයි. පරිවෘත පෘෂ්ඨය ස්ථිරතාපී සීමාව වශයෙන් සැලකිය හැකිය. තවත් උදාහහරණයක් ලෙස ස්ථිර තාපී දාහක උෂ්ණත්වය දැක්විය හැක. ගිනි දැල්ලෙන් ඉවතට තාප හානියක් නොවන පරිසරයක එය ලබා ගන්නා උපරිම උෂ්ණත්වය ස්ථිර තාපී දාහක උෂ්ණත්වය ලෙස හැඳින්විය හැක. ප්‍රත්‍යාවර්ථ ස්ථිර තාපී ක්‍රියාවලි “සම එන්ට්‍රොපිත” විපර්යාසය යනුවෙන් හඳුන්වයි. එමෙන්ම කිසිඳු කාර්යයක් සිදු අප්‍රතිවර්ත්‍ය ස්ථිරතාපී ක්‍රියාවලි සම එන්තැල්පික විපර්යාසය ලෙසද හඳුන්වයි. උදාහරණයක් වශයෙන් දුස්‍රාවිතා ප්‍රතිරෝධය නිසා සිදුවන එන්ට්‍රොපියේ වුඩි විම දැක්විය හැක.
යම් පද්ධතියක් එහි උෂ්ණත්වය නියත වන පරිදි අවට පරිසරය සමග තාපය හුවමාරු කර ගනී නම් පද්ධතිය තුල සිදුවන ක්‍රියාවලිය ක්‍රියාවලියක් වශයෙන් හැඳින්වේ. උෂ්ණත්වය තාපගතිකතාව එන්ට්‍රොපිය සමඟ ප්‍රතිබද්ධ වන නිසා සමෝෂ්ණ ක්‍රියාවලි ප්‍රත්‍යාවර්ථ විපර්යාසයක් සඳහා වන ස්ථිරතාපී ක්‍රියාවලින්ට ප්‍රතිබද්ධ ෙව්.
තාපගතික පද්ධතියක සිදුවන තාප විපර්යාසයත් පරිසරයත් පද්ධතියක් අතර සැලකිය යුතු තාප හුවමාරුවක් නොවන පරිදි ඉතා ඉක්මනින් සිදුවේ නම් එය ස්ථිරතාපී ක්‍රියාවලියක් වශයෙන් සැලකිය හැක. යම් තාපගතික පද්ධතියක් පරිණාමයක් පරිසරය සමග තාපය හුවමාරු කරගනිමින් පද්ධතිය තුල උෂ්ණත්වය නොවෙනස්ව පවත්වමින් ඉතා සෙමෙන් සිදු ෙව් නම් එවැනි පද්ධතියක් සමෝෂ්ණ ක්‍රියාවලියක් වශයෙන් හැදින්වේ.
References
http://en.wikipedia.org/wiki/Adiabatic_process
|
9,860 |
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B7%80%20%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
|
සත්ත්‍ව සංහතිය
|
සත්ත්ව සංහතිය යනු යම්කිසි ප්‍රදේශයකට හෝ කාලසීමාවකට හෝ අදාල වන්නාවූ සියළුම සත්ත්වයන් වෙත්. ශාකයන්ට අනුරූප අදාල යෙදුම වන්නේ ශාක සංහතිය යන්නයි.
සත්ත්ව විද්‍යාඥයින් සහ පාෂෘණ ධාතු විද්‍යාඥයින් සත්ත්ව සංහතිය යන යෙදුම යොදා ගන්නේ යම්කිසි විශේෂ කාලයකදී හෝ ප්‍රදේශයකදී හෝ හමුවන්නාවූ සත්ත්වයන් ගොන්නක් පිළිබඳව හැදින්වීමටයි. නිදසුන - "සොනොරන් කාන්තාරයේ සත්ත්ව සංහතිය " හෝ "බර්ජස් ෂේල් හි සත්ත්ව සංහතිය".
පාෂාණ ධාතු විද්‍යාඥයන් විසින් ඇතැම් අවස්ථාවලදී සත්ත්ව සංහතිමය අවධියන් පිළිබඳව සඳහන් කරන අතර, එයින් අදහස් වන්නේ සජාතීය ෆොසිල අඩංගු වන්නාවූ පාෂාණ මාලාවකි.
සත්ත්ව සංහතිය සඳහා භාවිතා වන ඉංග්‍රීසි පදය වැහැරී ඇත්තේ, සශ්‍රීකත්වය හා පොළොව පිළිබඳ රෝම දෙවඟන වූ ෆවුනා, රෝම දෙවි ෆවුනස්, හා ෆවුන්වරුන් ලෙස හැඳින්වුනු මේ හා බැඳි වන භූතාත්ම අනුසාරයෙනි. මෙම වදන් තුනම, ග්‍රීක දෙවි පැන් ගේ නාමය හා සජාතීය වන අතර, පැනිස් යන්න සත්ත්ව සංහතියට යෙදෙන ග්‍රීක වදන වේ. සත්ත්වයන් වර්ගීකරණය කොට දක්වා ඇති කෘතියන් සඳහාද ෆවුනා යන පදය යොදා ගෙන ඇත. ඔහුගේ ෆවුනා සුවේසිකා යන කෘතිය සඳහා 1747දී ලිනේයස් විසින් මෙම පදය මුලින්ම භාවිතා කර ඇත.
|
9,864 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%91%E0%B6%A7%E0%B7%92%20%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%93%20%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
|
පැලෑටි වර්ගී කරණය
|
ශාක වර්ග නොයෙකුත් පැලෑටි වර්ග බවට ඔවුන් බිහිවන ප්‍රදේශය, කාලසීමාව, විශේෂ පරිසරය හෝ දේශ ගුණය අනුව වර්ගි කරණයට ලක්කොට ඇත. ඒවා ඇති වන ප්‍රදේශ භූගෝල විද්‍යාත්මකව පැහැදිලි වාසස්ථාන බවට හදුනා ගෙන ඇති අතර ඒවා කඳු ප්‍රදේශ හෝ තැනිතලා භූමියක් විය හැකිය. පැලෑටි වර්ග ඓතිහාසික යුගවලදී පැවති පොසිල ශාක වර්ගද විය හැකිය. පැලෑටි වර්ග ඒවා ඇති වන විශේෂ පරිසරය අනුව නවතත් වර්ගීකරණය කල හැකිය.
• ආවෙනික පැලෑටි - යම්කිසි ප්‍රදේශයකට ආවේනික දේශිය ශාක වර්ග
• කෘෂි කර්මික සහ උද්‍යාන පැලෑටි - මිනිසා විසින් සිතා මතා වගා කරනු ලබන ශාක වර්ග
• වල් පැලෑටි - සාම්ප්‍රදායික වශයෙන් මෙම වර්ගිකරණය වලංගු වන්නේ වගා කරනු ලබන බෝගයට අනවශ්‍ය ලෙස වර්ධනය වන විනාශයට පත් කර දැමිය යුතු පැලෑටි වර්ගයි. නූතනයේදී මෙම යෙදුම ශාක වර්ගිකරණය කිරීම සඳහා ඉතා අවම වශයෙන් භාවිතා කරනු ලබන්නේ ඒ සඳහා විවිධ වර්ග තුනක ශාක වර්ග අන්තර්ගත වන බැවිනි. ඒවා නම් වල් විශේෂ හා ආක්‍රමණ ශීලි විශේෂයි. (මේවා වල් පැලෑටි විය හැකි හෝ නොවිය හැකිය) අනෙක නම් ආවේනික සහ හදුන්වාදෙනු ලැබු වල් විශේෂ නොවන කෘෂිකාර්මික වශයෙන් වැදගත් කමක් නොමැති විශේෂයි. පෙර අවස්ථා වලදී වල් පැලෑටි ලෙස හඳුන්වනු ලැබු බොහෝ ආවේනික ශාක පැලෑටි විවිධ පරිසර පද්ධති සඳහා අවශ්‍ය සහ වාසි දායක බවට හඳුනාගෙන ඇත.
බැක්ටිරියා විශේෂද ඇතැම් අවස්ථාවන්හි දී ශාක ගණයට අන්තර්ගත කොට ඇත. ඇතැම් අවස්ථා වලදී බැක්ටීරියා වර්ග සහ ශාක වර්ග වෙන්වෙන්ව භාවිතයට ගැනේ.
References
http://en.wikipedia.org/wiki/Flora#Flora_classifications
|
9,866 |
https://si.wikipedia.org/wiki/%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%20%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94
|
හරිතාගාර වායු
|
හරිතාගාර වායු යනු වායුගෝලයේ ඇති වායූන් වන අතර ඒවා මගින් අභ්‍යාවකාශයට තාපය ගලායාම අඩු කරති. එමගින් ගෝලීය උෂ්ණත්වය වැඩිවීමට දායක වන අතර එය හරිතාගාර ආචරණය නම් වේ. හරිතාගාර වායු පෘථිවියේ උෂ්ණත්වය පවත්වා ගෙන යාමට අත්‍යවශ්‍ය වේ. එම වායූන්ගේ බලපෑම නැති වුවහොත් පෘථිවිය නියමිත කාල සීමාවට පෙර ඉතා ශීත වීමට හැක. එසේම හරිතාගාර වායූන්ගේ වැඩිවීමද පෘථිවියේ මාරක තත්ත්වයට උෂ්ණත්වය ඉහළ නැංවීමට හැකි වන අතර, වායුගෝලීය කාබන්ඩයෙක්සයිඩ් ප්‍රතිශතය 9651% වන සිකුරු ග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය 4670C (8720f) වේ.
විවිධ ස්වභාවික හා කාර්මික ක්‍රියාවලීන් මගින් හරිතාගාර වායු නිපදවෙයි මෑත කාලීන වායුගෝලීය CO2 මට්ටම 380 ppmv වේ.
අයිස් මධ්‍යස්ථ පාදක වුණු සාම්පල සහ වර්තාවල කාලීන CO2 මට්ටම පූර්ව කාර්මික අවධියට ආසන්නම කාලය තුළ මට්ටමට වඩා 100 ppmv විය. ඒ කාලය තුළ මිනිස් බලපෑම නොසලකා හැරිය හැකි තරම් වේ.
හරිතාගාර වායු සහ හරිතාගාර ආචරණය
වායු ගෝලයෙහි හරිතාගාර වායු මගින් ඇති කරනු ලබන අවශෝෂක තිරූවල රටාවන් සහ සුර්යය විකිරණය හා ඉහළයන තාප විකිරණය මගින් ඒවායේ බලපෑම
සුර්යයා ලෝකය පෘතුවි පෘෂ්ඨයට ළගා වන විට එයින් කොටසක් අවශෝෂණය වී පෘථිවි පෘෂ්ඨය උණුසුම් කරනු ලබයි. පෘතුවි පෘෂ්ඨය සුර්යයාගේ පෘෂ්ඨයට වඩා බොහෝ සිසිල් නිසා එමඟින් සුර්යයාට වඩා දිගු තරංග ආයාමයක් සහිතව ශක්තිය විකිරණය කරනු ලබයි. එනම් උපරිමය මයික්‍රෝමිටර් 10 ක් පමණ වු අධෝරක්ත විකිරණ වේ. වායුගෝලය මගින් සුර්යයා මගින් නිකුත් කරන කෙටි කරංග ආයාමයක් සහිත තරංගවලට වඩා පෘථිවිය මඟින් නිකුත් කරන දිගු තරංග ආයාමයක් සහිත තාපය අවශෝෂණය කරනු ලබයි. මෙලෙස අවශෝෂණය කර ගන්නා ශක්තිය මගින් වායු ගෝලය උණුසුම් කරනු ලබන අතර එය පෘථිවි පෘෂ්ඨයෙන් නිකුත් කරන සංවේදී වෙනත් තාපයන් මගින්ද උණුසුම් වේ. හරිතාගාර වායු මගින් දිගු තරංග ආයාම සහිත විකිරණ වර්ග අභ්‍යවකාශයේ ඉහළට සහ පෘථිවි පෘෂ්ඨය වෙතටද නිකුත් කරනු ලබයි. මෙලෙස පහලට නිකුත් කරන දිගු තරංග ආයාම සහිත විකිරණ මගින් හරිතාගර ආචරණය ඇති කරනු ලබයි. මෙම යෙදුම ඇතැම් අවස්ථාවලදී මත භේදාත්මක වනුයේ මෙම ක්‍රියාවලිය නියම හරිතාගාරවල උෂ්ණත්වය ඉහළ නැංවීමට යොදා ගනු ලබන ක්‍රියාවලිය නොවන බැවිනි.
පෘතුවිය මත ඒවායෙහි බහුලතාවය අනුව වඩාත් සුලභ හරිතාගාර වායුන් නම්
ජල වාෂ්ප
කාබන්ඩයොක්සයිඩ්
මීතේන්
නයිට්‍රස් ඔක්සයිඩ්
ඕසෝන්
CFC
වඩාත්ම ශක්තිමත් හරිතාගාර වායූන් නම්
ජල වාෂ්ප - මෙමගින් 36% – 70% අතර ප්‍රමාණයක හරිතාගාර ආචරණයක් පොළොව මත ඇති කරනු ලබයි.
කාබන්ඩයොක්සයිඩ් - 9% - 26%
මීතෙන් - 4% - 9%
ඕසෝන් - 3% - 7%
ඇතැම් වායූන් මගින් යම්කිසි ප්‍රමාණයක හරිතාගාර ආචරණයක් ඇති කරන බවට ප්‍රකාශ කිරීම අපහසු වේ. එසේ වන්නේ හරිතාගාර ආචරණය ඇති වීම වායු වර්ග කිහිපයක එකතුවෙන් සිදු වන බැවිනි. අනෙකුත් හරිතාගාර වායූන් නම් නයිට්‍රික්ඔක්සයිඩ්, සල්ෆර්හෙක්සාෆ්ලුවොරයිඩ්, හයිඩ්‍රෝෆුලුවොරෝකාබන් සහ ක්ලෝරෝෆ්ලෝරෝකාබන් (වැඩිදුර විස්තර සඳහා හරිතාගාර වායු IPCC ලැයිස්තුව බලන්න)
වායුගෝලයෙහි ප්‍රධාන සංඝටකයන් වන නයිට්‍රජන් සහ ඔක්සිජන් වායු හරිතාගාර වායූන් නොවේ. මෙසේ වන්නේ එකම පරමාණු වර්ගයකින් අන්තර්ගත ද්වි අණුක නයිට්‍රජන් සහ ඔක්සිජන් වැනි වායු වර්ග අධෝරක්ත විකිරණ අවශෝෂණය හෝ මුදාහැරීමක් සිදු නොකරන බැවිනි. එසේ වන්නේ මෙකී අණු කම්පනය වීමේදී එහි ද්විධ්‍රැවීය චලිතයෙහි ශුද්ධ වෙනස් වීමක් ඇති නොවන බැවිනි. අණුක කම්පනයන් සිදු වන්නේ අධෝරක්ත කිරණවල ෆෝටෝනවල සංඛ්‍යාතවලට සමාන වූ ශක්තීන්ගේ වෙයි. විෂම න්‍යෂ්ටික ද්වී පරමාණුක අණු වන කාබන්මොනොක්සයිඩ් හි හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් වැනි අණු අධෝරක්ත කිරණ අවශෝෂණය කරගන්නා අතර ඒවා වායු ගෝලයෙහි ඉතා කෙටි කාලයක් පවතියි. මේ හේතුවෙන් ඒවා කැපී පෙනෙන ලෙස හරිතාගාර ආචරණය වෙත බලපෑමක් ඇති නොකරයි.
19 වන ශත වර්ෂය අගභාගයේදී සිදු කරන ලද පරීක්ෂණවලින් සොයා ගන්නා ලද්දේ නයිට්‍රජන් සහ ඔක්සිජන් අධෝරක්ත කිරණ අවශෝෂණය කර නොගන්නා බවත් කාබන් ඩයෝක්සයිටඩ් වැනි වෙනත් වායූන් අධෝරක්ත කිරණ අවශෝෂණය කර ගන්නා බවත්ය. 20 වන ශත වර්ෂයේ මුල භාගයේදී සොයා ගන්නා ලද පරිදි ප්‍රධානතම හරිතාගාර වායු පෘථිවියේ උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට දායක වී ඇත.
හරිතාගාර වායු පිටවීම
ඇන්ටාටිකාවේ අයිස් හරයන්ගෙන් ලබාගත් මිණුම් පෙන්ණුම් කරන පරිදි කාර්මික වායු විමෝචනය ආරම්භයට ඉතා ආසන්න කාලයකදී වායුගෝලීය CO2 ප්‍රමාණය පරිමාව කොටස් දශලක්ෂයකට 280 පමණ විය. (ppm – ඒකක uL/L ලෙසට ඇතැම් විට භාවිතා වන අතර, පරිමා කොටස් දශලක්ෂ්‍යයකට කොටස් ලෙස භාවිතා වේ) එම සාම්පල වලින්ම ලබාගත් දත්ත පෙන්නුම් කරන්නේ ඊට ෙපර වර්ෂ 10000ක පමණ කාලයක් තුල CO2 සාන්ද්‍රනය 260 සිට 280 ppm අතර ප්‍රමාණයේ පැවති බවයි.
ෆොසිල වූ ශාක පත්‍රවල සාක්ෂි අධ්‍යයනයකදී යෝජනා වූයේ වර්ෂ 7000 – 10 000 පමණ පෙර CO2 මට්ටම විශාල වෙනස් වීමක් පෙන්ණුම් කර අතර එය 300 ppm ට වඩා ඉහළ වූ බවය. කෙසේ වෙතත් අනිත් තර්කය වූයේ මෙම සොයා ගැනීම් වල ක්‍රමාංකනය සහ අපවිත්‍රනය යන ප්‍රශ්න, සත්‍යය CO2 විචලතාවය පිළිබඳව ප්‍රශ්නයට වඩා වැඩියෙන් ඉපිල්ලී පෙනෙන බවයි.
කාර්මික විප්ලවය ඇරඹීමෙන් පසු හරිතාගාර වායු වර්ග කිහිපයක්ම වැඩි වීමක් පෙන්නුම් කළ අතර CO2 සාන්ද්‍රණය 100 ppm පමණ වැඩි විය. (280 ppm සිට 380 ppm) ප්‍රථම 50 ppm නැග්ම සිදුවී ඇත්තේ කාර්මික විප්ලවය ආරම්භයේ සිට1973 දක්වා වූ වසර 200 ක කාළය තුළය. ඊළග 50 ppm නැග්ම අවු 33 ක් තුළදී සිදු විය . ඒ 1973 සිට 2006 කාලය තුළය. බොහෝ නිරීක්ෂණයන් අන්තර්ජාල වායුගෝලීය රසායනික නිරීක්ෂණ දත්ත ගබඩා දැකිය හැක.
|
9,871 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%90%E0%B6%A7%E0%B6%BB%E0%B7%92
|
බැටරි
|
ඉලෙක්ට්‍රෝන විද්‍යාවේදී , රසායනික ශක්තිය ලෙස ශක්තිය ගබඩා කරන ශ්‍රේණිගතව සම්බන්ධ කළ විද්‍යුත් ශක්තිය නිපදවිය හැකි විද්‍යුත් කෝෂ 2ක් හෝ කීපයක් බැටරියක් නම් වේ. භාවිතය නිසා එක් විද්‍යුත් කෝෂයක් ද බැටරියක් සේ හැදින්වීමට අප යොමුව ඇත. දැනට විද්‍යුත් රසායනික කෝෂ වර්ග කිහිපයක් පවතී. ගැල්වානී කෝෂය, විද්‍යුත් විච්ඡේද කෝෂ , ඉන්ධන කෝෂ හා වෝල්ටීය කෝෂ ඒවායින් කිහිපයකි. අභ්‍යන්තර රසායනය , ගලායන ධාරාව හා උෂ්ණත්වය මත බැටරියක ලක්ෂණ වෙනස් වේ.
බැටරි පොදුවේ වර්ග 2කට වෙන් කරනු ලැබේ. ප්‍රාථමික (ඉවතලිය හැකි) හා ද්විතීක ( නැවත ආරෝපණය කළ හැකි) වශයෙනි. ප්‍රාථමික කෝෂවල රසායන ද්‍රව්‍ය අප්‍රතිවර්ත ලෙස ප්‍රතික්‍රියාව කර විද්‍යුතය උපදවන නිසා නිසා ඒවා රසායන ද්‍රව්‍ය අවසන් වන තෙක් ක්‍රියා කරන අතර එක් වරක් පමණක් භාවිතයට නිමවා ඇත. ද්විතීක කෝෂවල භාවිතා වන රසායනික ද්‍රව්‍ය ප්‍රතිවර්ත්‍යව ප්‍රතික්‍රියා කරන නිසා නැවත ආරෝපණය කළ හැක. ඒවා මඟින් ධාරාව ලබා දෙන දිශාවට විරුද්ධ දිශාව ඔස්සේ ධාරාවක් යැවීම මඟින් ආරෝපණය කළ හැක. ද්විතීක කෝෂ වාර ගණනාවක් නැවත ආරෝපණය කළ හැකි නිසා ඒවා ‘ආරෝපණය කළ හැකි කෝෂ’ සේද හැදින්වේ. නරක් වීමෙන් පසු සමහර බැටරි ප්‍රතිචක්‍රීකරණය කළ හැක.
මුල් කාලීනව යම් බැටරි ආකාරයක් භාවිතා කරන්නට ඇති වුව ද නූතන බැටරියේ වැඩි දියුණුව ඇරඹුනේ ඉතාලි ජාතික භෞතික විද්‍යාඥ ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා විසින් 1800 දී වෝල්ටීය පුංජය සොයා ගැනීමත් සමගය. ඉන්පසු බැටරිය ප්‍රවාහනය(එහා මෙහා ගෙනයාම)පහසු වීම නිසාත් එමඟින් කරගත හැකි කාර්යන් බහුල වීම නිසාත් ජනප්‍රියත්වයට පත් විය. බැටරිය පුළුල්ව භාවිතයත් සමග පරිසර පිළිබඳ මහත් අවධානයක් දැක්වීමට සිදුවිය. බැටරියේ අඩංගු බැර ලෝහ මඟින් සිදුවන පරිසර දූෂණය මීට හේතු විය. බොහෝ පිළිසැකසුම් සමාගම් ප්‍රතිචක්‍රීකරණය කිරීම මඟින් අපද්‍රව්‍ය බැහැර කිරීමේදී පොළවට යටවන බැටරි ප්‍රමාණය අවම කර ගැනේ.
ඉතිහාසය
අද සමාජයේ භහුල වශයෙන් භාවිතා කරන මෙම බැටරිය මුලින්ම සොයාගනු ලැබුයේ ඉතාලි ජාතික ,කොමෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා විසිනි. ඉතාලි ජාතික ලුයීජි ගැල්වානි 1791දී, දිනක් ගෙම්බෙකු විච්චේදනය කරමින් සිටින විට ගෙඹි කකුලෙ එක් පසක ස්නායු තන්තුවක් තඹ කම්බියකට සවිකර, අනෙක් කෙලවර විච්චෙදන පිහියේ සවිකර පිහිය මගින් ගෙඹි කකුලෙ ඇඟිලි ස්පර්ශ කරන විට කකුල මදක් ගැස්සෙන බව නිරික්ශණය කරන ලදී. මියගිය සතකුගේ පටක වලට විද්යුනතය ලබාදුන් විට මෙලෙස ගැස්සීමක් ඇතිවන බව පෙරසිටම දැනසිටි කරුණක් විය. ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා මෙම ගෙඹි කකුලේ ගැස්සීමද සිදුවනුයේ විදුලිය නිසා යැයි උපකල්පනය කළේය. ගෙඹි කකුලේ පවතින රසායනික සහ වෙනස් ලෝහ වර්ග දෙක නිසා මෙය සිදුවන බව හෙතෙම උපකල්පනයකර, පරීක්ශන පවැත්වීය. ඇලෙස්සැන්ඩ්‍රෝ වෝල්ටා ලුණු(NaCl(aq)) පෙඟවූ කඩදාසි දෙපසට Zn සහ Cu තහඩු තබා තනි කොශයක් සාදා එවැනි කෝශ ගනනාවක් සමාන්තරගතව සවිකර බැටරියක් නිපදවූයේය. මෙය වෝල්ටා පුංජය ලෙස හදුන්වයි.
කෝශයක සිදුවන රසායනික ක්‍රියාවලිය
බැටරියක් යනු එහි පවතින රසායනික ශක්තිය කෙලින්ම විද්‍යුත් ශක්තිය බවට පත් කරන උපකරණයකි. කෝශ කීපයක් එකතු වීමෙන් බැටරියක් සෑදෙයි. කෝශයක අර්ධ කෝශ දෙකකි. එක් අර්ධ කෝශයක ඉලෙක්ට්‍රෝඩයක් සහ විද්‍යුත් විච්චේද්‍යයක් පවතියි. මෙහි පවතින ඉලෙක්ට්‍රෝඩයක් යනු ලෝහ තහඩුවකි. විද්යුතත් විච්චේද්‍යය යනු අයනික ද්‍රාවණයකි.
ඇනායන යනු (-) ආරෝපිත අයනයි.(උදා:-Cl-,SO42-)
කැටායන යනු (+) ආරෝපිත අයනයි.(උදා:-Zn+,Cu2+)
මෙවැනි කෝශයක ඇති ඉලෙක්ට්‍රෝඩ ෆැරඩේගේ සම්මතයට අනුව නම් කරයි. ඒ අනුව, ඔක්සිකරනය වන හෙවත් ඉලෙක්ට්‍රෝන පිටවන ඉලෙක්ට්‍රෝඩ ඇනෝඩය ලෙසද, ඔක්සිහරණය වන ඉලෙක්ට්‍රෝඩය හෙවත් ඉලෙක්ට්‍රෝන ලබාගන්නා ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය ලෙසද හදුන්වයි. මේ අනුව මෙවැනි කෝශයක ඇනොඩය යනු (-) අග්ර්ය වන අතර කැතොඩය යනු (+) අග්‍රය වෙයි. සෑම අර්ධ කෝශයකම පවතින ලෝහයකට ඊටම ආවේණික වන ඔක්සිකරණ හැකියාවක් පවතියි. එය සම්මතයක් ලෙස H වල ඔක්සිකරණ හැකියාවට සාපේක්ශව ලියා දක්වයි. මෙම අගය සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය ලෙස හඳුන්වයි. මේ අනුව අදාල ඉලෙක්ට්රෝලඩ දෙකෙහි සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවයන්ගේ වෙනස මගින් සමස්ත කෝශයේ වෝල්ටීයතාවය ලබාගත හැකිය.
Zn යනු Cu වලට වඩා අධික ලෙස ඔක්සිකරණය හෙවත් ඉලෙක්ට්රෝවන පිට කිරීමට නැඹුරුතාවයක් දක්වන ලෝහයකි. විද්‍යුත් රසායනික ශ්‍රේණිය අනුව එය තේරුම් ගත හැකිය. මේ නිසා Zn ඉලෙක්ට්‍රෝඩය Cu ඉලෙක්ට්‍රෝඩයට වඩා සිඝ්‍රයෙන් ඉලෙක්ට්‍රෝන පිට කරයි. ඒ නිසා Zn ඉලෙක්ට්‍රෝඩය අසල ඉලෙක්ට්‍රෝන පීඩනය, Cu ඉලෙක්ට්‍රෝඩය අසලට වඩා වැඩිවෙයි. මෙම ඉලෙක්ට්‍රෝන පීඩන වෙනස නිසා Cu තහඩුවේ සිට Zn තහඩුවට ධාරාවක් ගලයි.
Zn ඉලෙක්ට්‍රෝඩයේ සහිත අර්ධ කෝශයේ සිදුවන ප්‍රතික්‍රියාව.
Zn Zn2+ --- E0Zn = -0.76V
Cu ඉලෙක්ට්‍රෝඩයේ සහිත අර්ධ කෝශයේ සිදුවන ප්‍රතික්‍රියාව.
Cu Cu2+ --- E0Cu = +0.34V
සමස්ථ කෝශ ප්‍රතික්‍රියාව.
Cu2+ + Zn Cu + Zn2+
ෆැරඩේ ගේ නියම වලට අනුව සමස්ථ කෝශයේ විද්‍යුත් ගාමක බලය.
E = E0Zn - E0Cu
E = +0.34 – (-0.76) = +1.10
වර්ගීකරණය
බැටරි වර්ගීකරණය කිරිම ආකාර කීපයකටම සිදුකළ හැකිය. ප්‍රධාන වශයෙන් ප්‍රාථමික සහ ද්විතීක කෝශ ලෙස කොටස් දෙකකට බෙදයි. ඊට අමතරව,
බැටරි වල ප්‍රමාණය.(Sizes)
නැවත භාවිතා කිරීමේ හැකියාව.(Reusable)
බැටරි වල ශක්ති ඝනත්වය.(Energy Density)
විශිෂ්ට ශක්තිය.(Specific Energy)
යන කරුණු මත පදනම්වද බැටරි කාණ්ඩ වලට වෙන් කළ හැකිය.
ප්‍රථමික සහ ද්විතීක කෝශ ලෙස වර්ගීකරණය
ප්‍රාථමික කෝශ
ප්‍රාථමික බැටරි යනු එක් වරක් පමණක් භාවිතා කළ හැකි බැටරිය. මෙම බැටරි නැවත ආරෝපණය කළ නොහැකිය. මක්නිසාදයත්, මෙම බැටරි වල සිදුවන රසායනික ප්‍රතික්‍රියාව ප්‍රත්‍යාවර්ත නොවීමයි. නමුත් විශාල ශක්තියක් වැය කර ආරෝපණ ප්‍රතික්‍රියාව සිදුකළ හැකිය. නමුත් එය ආර්ථික අතින් අවාසිදායක ක්‍රියාවලියකි. මෙම බැටරි බොහෝවිට ජංගම උපකරණ වලට යොදාගනියි. නමුත් එකවර විශාල ධාරාවක් ලබාගන්න උපකරණ වලට මෙම බැටරි යොදාගැනීම අපහසුය. බහුලව භාවිතාවන මෙම ඛාන්ඩයට අයත් වන බැටරි වර්ග ලෙස ඇල්කලයින් සහ සින්ක්-කාබන් බැටරි පෙන්වාදිය හැකිය. පහත දැක්වෙන බැටරි වර්ගද නැවත ආරෝපණය කළ නොහැකි ප්‍රාතමික බැටරිය.
ද්විතික කෝශ
ද්විතික බැටරි යනු එක් වරකට වඩා භාවිතා කළහැකි බැටරිය. මෙම බැටරි වර්ගය වර්ථමානයේ ඉතා සිඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින වර්ගයකි. මෙහි පැරණිතම බැටරියකට දිය හැකි උදාහරණයක් වණුයේ ඊයම්-අම්ල කෝශයයි. දැනට භහුලව භාවිතාවන මෙම ඛාණ්ඩයට අයත් බැටරිය වනුයේ LI¬¬¬+ බැටරියයි. Ni-Cd,Ni-MH යන බැටරි වර්ග තවමත් දියුණු වෙමින් පවතියි.
ප්‍රාථමික කෝශ වලට වඩා මෙම බැටරි වල ධාරිතාවය ඉහළය. එමෙන්ම විශිෂ්ට ශක්තිය(Specific Energy) ඉහළය. එම නිසා වැඩි කාලයක්, වැඩි ධාරාවක් ලබාගන්නා උපකරණ වලට මෙම බැටරි උචිතය. මෙම බැටරි වල 10Ah-100Ah වැනි අධික ධාරාවක් ලබාගැනීමේ හැකියාව ඇත.
බැටරි වල ප්‍රමාණය
නොයෙක් ප්‍රමාණවල බැටරි වෙලදපොලේ ලබා ගැනීමට හැකිය. මෙම බැටරි වල ප්‍රමාණයන් නියමිත සම්මතයකට අනුව සකසා ඇත. කුමන සමාගමකින් නිපද වුවද මෙම සම්මතයන්ට අනුව බැටරි නිපද විය යුතුය. නමුත් විවිද සමාගම් අනුව බැටරි වල කල්පැවැත්ම, වෝල්ටීයතාවය ආදී කරුණු වෙනස් විය හැකිය. සම්මත ප්‍රමාණ කීපයක් පහත දැක්වෙයි.
4.5V (3R12) battery
D cell
C cell
AA cell
AAA cell
AAAA call
A23 cell
9V PP3 battery
Button cell (CR2032,LR44)
නැවත භාවිතා කිරීමේ හැකියාව
ද්විතීක බැටරි නැවත ආරොපණය කළ හැකිය. මෙසේ ආරෝපණය කිරීමේදී සිදුවනුයේ කෝශයේ ආරෝපණ ක්‍රියාවලියයි. එනම් මෙහිදී සිදුවන කෝශ ප්‍රතික්‍රියාව ප්‍රත්‍යාවර්ත වෙයි.
බැටරියේ පවතින වියෝජනය වූ රසායනික භාහිර විද්‍යුත් ශක්තිය ලබාගෙන නැවත මුල් ආකාරයට සැකසෙයි.
බැටරි වල විශිෂ්ට ශක්තිය
ශක්ති ඝනත්වය යනු යම් බැටරියක ඒකක ස්කන්ධයක පවතින විද්‍යුත් ශක්තියයි. මෙය JKg-1 හෝ WhKg-1වලින් මනිනු ලබයි. ජංගම උපකරණ වැනි කුඩා, සැහැල්ලු උපකරණ නිපදවන විට මෙම සාධකය ගැන අවධානය යොමු කිරීම වැදගත් වෙයි.
විශිෂ්ට ශක්තිය = බැටරියේ මුලු ශක්තිය/ බැටරියේ පරිමාව
බැටරි වල ශක්ති ඝනත්වය
බැටරියක ශක්ති ඝනත්වය යනු එම බැටරියේ ඒකක පරිමාවක ඇතුළත්ව ඇති ශක්තියයි. ශක්ති ඝනත්වය වැඩි බැටරි යනු කුඩා සහ වැඩි ශක්තියක් පවතින බැටරි වෙයි. ජංගම දුරකතන, GPS උපාංග වැනි කුඩා මෙන්ම වැඩි කාලයක් තුළ ශක්තිය ලබාදීමට අවශ්‍ය උපකරණ වලට මෙම බැටරි ගැලපෙයි.
මෙම ගුණාංගය Jm-3 හෝ Whl-1වලින් මනිනු ලබයි.
ශක්ති ඝනත්වය = බැටරියේ මුලු ශක්තිය/ බැටරියේ මුලු ස්කන්ධය
වර්ග
කෝශයක් (Battery) යනු, විදයුත් ශක්තිය ලබාදිය හැකි උපකරණයකි. කෝශයක් හෙවත් බැටරියක් සෑදි ඇත්තේ කුඩා කොටස් (Cells) එකක් හෝ කිහිපයක් එකතු වීමෙනි. මෙහිදී පිටතට ලබාදෙන විද්යුිත් ශක්තිය ජනනය කරනු ලබන්නේ කෝශය මගිනි. කෝශයේ පවතින රසායනික, යාන්ත්‍රික, න්‍යශ්ටික හෝ වෙනත් ශක්තියක් එහිදී විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වෙයි.
අද භාවිතයේ පවතින බොහෝ බැටරි වල සිදු වනුයේ රසායනික ශක්තිය, විද්‍යුත් ශක්තිය බවට පත් වීමයි.
ඇල්කලයින් බැටරි
මෙය ප්‍රාථමික බැටරි විශේයකි. මෙම බැටරිය Zn සහ MnO2 රසායනික මගින් විද්‍යුත් ශක්තිය උත්පාදනය කරයි. මෙහි නැවත ආරෝපණය කළහැකි වර්ගයක්ද පවතියි. සින්ක්-කාබන් සහ සින්ක්-ක්ලෝරයිඩ් බැටරි සමග සසඳන කළ මෙම වර්ගයේ වැඩි ශක්ති ඝණත්වයක් පවතියි. ඇල්කලයින් බැටරිය Union Carbide Corporation සමාගම වෙනුවෙන් Lewis Urry විසින් 1950 දී නිපදවන ලදී. මෙම බැටරිය Everady යන වෙලඳ නාමයෙන් ප්‍රසිද්ද විය. 1957දී මෙම බැටරිය සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගන්නා ලදී.
මෙම බැටරියෙ - අග්‍රය හෙවත් ඇනෝඩය Zn කුඩු වලින් නිර්මිතය. එය බැටරිය වටා විසිරී පැවතීම නිසා වැඩි ධාරාවක් ලබා ගත හැකිය. කැතෝඩය හෙවත් + අග්‍රය MnO2 සහ KOH මිශ්‍රණයකි. KOH මෙහිදි කෝශ ප්‍රතික්‍රිවයාවට සහභාගී නොවන නමුත්, කෝශ ප්‍රතික්‍රියාව(රෙඩොක්ස් ප්‍රතික්‍රියාව) වීමට අවශ්‍ය භාෂ්මික මාධ්‍ය සපයයි.
Zn(s) + 2OH−(aq) → ZnO(s) + H2O(l) + 2e− [e° = -1.28 V]
2MnO2(s) + H2O(l) + 2e− → Mn2O3(s) + 2OH−(aq) [e° = +0.15 V]
E = E0MnO2(s) - E0 Zn(s)=+0.15-(-1.28)=+1.43
මේ අනුව සාමාන්‍ය ඇල්කලයින් බැටරියක විද්‍යුත් ගාමක බලය 1.5V පමණ වන බව පෙනීයයි. මෙම බැටරි විවිධ ප්‍රමාණ වලින් ඇති නිසා එම ප්‍රමාණ අනුව ලබාගත හැකි උපරිම ධාරාව තීරණය වෙයි. සාමාන්‍යයෙන් AA බැටරියකින් 700mA පමණ ධාරාවක් ලබාගත හැකිය. AAA, AA, C, sub-C, D යන සම්මත ප්‍රමාණ වලින් මෙම බැටරි නිපදවයි.
ඊයම්-අම්ල බැටරි
මෙය ලෙඩ්-අම්ල ඇකියුමිලෙටරය, ලෙඩ්-ඇසිඩ් බැටරිය යන නම් වලින්ද හඳුන්වයි. මෙය මුලින්ම සොයාගත් ද්විතික කෝශයයි. මෙය කිහිප වරක් නැවත ආරෝපණය කල හැකිය. මෙම බැටරි මෝටර් රථ, හදිසි විදුලි ඇනහිටුම් පරිපත, නවීන හයිබ්රිතඩ් මෝටර් රථ, සූර්ය කෝශ වල ශක්තිය ගබඩාකර තබාගැනීම, පරිගණක වල UPS(Uninterruptible Power Supplies) සඳහා භාවිතා කරයි. මෙම බැටරි තෙත් කෝශ (Wet Cell) වෙයි. මෙහි තනුක H2SO4 අම්ලය සහිතය. ඉලෙක්ට්රෝoඩ ලෙස ඊයම්(Pb) තහඩු ඇත. බැටරියෙන් ධාරාවක් ලබාගැනීමෙදී මෙම Pb තහඩු H2SO4 සමග ප්‍රතික්‍රිහයාකර PbSO4 සාදයි. තවද ජලයද නිපදවයි.
Pb(s) + H2SO4(aq) → PbSO4(s) + 2H+(aq) + 2e
PbO2(s) + H2SO4(aq) + 2H+(aq) + 2e → PbSO4(s) + 2H2O(l)
නැවත ආරෝපණය කිරීමේදී ,පෙරදී සෑදුනු PbSO4, නැවත Pb සහ PbO2 බවට පරිවර්ථනය වෙයි. නමුත් මෙහිදී නැවත H2SO4 සෑදීමක් සිදු නොවේ. මෙනිසා මෙම බැටරි වලට නඩත්තුවක් අවශ්‍යම වෙයි.
PbSO4(s) + 2H+(aq) + 2e → Pb(s) + H2SO4(aq)
PbSO4(s) + 2H2O(l) → PbO2(s) + H2SO4(aq) + 2H+(aq) + 2e
යම් හෙයකින් නැවත ආරොපණය කිරිමෙදී වැඩිපුර ආරෝපණයක් සිදුවුවහොත් O2 සහ H2 සෑදී කෝශය විනාශ වෙයි.
ලිතියම් අයන බැටරි
මෙම බැටරි විශේෂය වර්ථමානයේ භහුලව භාවිතා වෙමින් පවතියි. ජංගම උපාංග, වෛද්‍ය උපකරණ වල, කුඩා ඉලෙක්ට්‍රොනික උපාංග (Strip Watch,MP3/4 player, BIOS memory)Electric මෝටර් රථ වල සහ නවීන චන්ද්‍රිකාවල මෙම බැටරි භාවිතා වෙයි. මෙම බැටරි මෙසේ ජනප්‍රිය වීමට හේතුව එහි පවතින වැඩි ශක්ති ඝනත්වයයි. එමෙන්ම මෙහි කාර්යක්ශමතාවය හා සැසඳූ විට මෙහි නිෂ්පාදන වියදම ද පහලය. වෙනත් බැටරි වර්ග වලට සාපේක්ශව මෙම බැටරි වල සිදුවන රසායනික ක්‍රියාවලිය සංකීර්ණය. මෙහි ඇනෝඩය ලෙස කාබන් C වල එක් ස්වරූපයක් වන Graphite භාවිතා කරයි. කැතොඩය ලෙස ලෝහ වර්ග කීපයක ඔක්සයිඩ භාවිතා කරයි.
lithium cobalt oxide
lithium iron phosphate
lithium manganese oxide
විද්‍යුත්විචේද්‍යය ලෙස ද රසායනික මිශ්‍රන කීපයක් භාවිතා කරයි. නමුත් මෙම රසායනික ජලීය ඒවා (aqueous) නොවෙයි. මක්නිසාදයත්, Li යනු ජලය සමග ප්‍රතික්‍රියා කරන ලෝහයකි. එමනිසා කාබනික ද්‍රාවණයක දියකරන ලද Li යොදා ගනියි. මෙම කාබනික ද්රායවක වර්ග තුනකි.
ethylene carbonate
diethyl carbonate
complexes of lithium ions
මෙම ද්‍රාවණ වල දිය කරනු ලබන Li ලවණ වර්ග කිහිපයකි.
lithium hexafluorophosphate (LiPF6)
lithium hexafluoroarsenate monohydrate (LiAsF6)
lithium perchlorate (LiClO4)
lithium tetrafluoroborate (LiBF4)
lithium triflate (LiCF3SO3)
බැටරිය නිපදවීමේදී යොදාගන්නා ඉලෙක්ට්‍රොOඩ, විද්‍යුත්විච්චේද්‍යය අනුව බැටරියේ කොශ වෝල්ටීයතාවය, ශක්ති ඝනත්වය, ආරෝපණය කළහැකි වාර ගනන යනාදිය තීරණය වෙයි.
නිකල්-කැඩ්මියම් බැටරි
මෙම බැටරි ඇල්කලයින් බැටරි වලට කදිම ආදේශකයකි. මෙම බැටරි වල සාමාන්‍යකෝශ වෝල්ටීයතාවය 1.2V පමණ වෙයි. මෙම බැටරි Sealed සහ Vented යන වර්ග දෙකකින් පවතියි. Sealed බැටරි භහුලව භාවිතාකරයි. කුඩා සෙල්ලම් උපාංග, විදුලි පන්දම්, Emergency light system යනාදියට කුඩා බැටරි භාවිතා කරයි. මෙම බැටරි වල Button type cells පරිගණක වල BIOS memory, කුඩා කැමරා වල Flasher unit යනාදියෙදි භාවිතා කරයි. Ni-Cd cells එකතු කර සාදන ලද විශාල බැටරි Standby Power Supply, ගුවන්යානා, බොට්ටුද, Electrical මෝටර් රථ, චන්ද්‍රිකා යනාදියේදී භාවිතා කරයි.
පළමු Ni–Cd බැටරිය නිපදවන ලද්දේ ස්වීඩන් ජාතික Waldemar Jungner විසින් 1899 දීය. එකල පැවති ලෙඩ්-ඇසිඩ් බැටරියට තරගයක් වශයෙන් මෙම බැටරිය නිපදවන ලදී. මෙම බැටරි ආරෝපණය කිරීමට අධික ධාරාවක් සහ අධික කාලයක් අවශ්‍ය වෙයි. Ni-Cd බැටරියේ කැතොඩය(3) nickel(III) oxide-hydroxide වලින්ද, ඇනෝඩය(4) කැඩ්මියම් වලින්ද, විද්‍යුත්විච්චේද්‍යය I potassium hydroxide(KOH)(2) ද වෙයි. මෙහි විද්‍යුත්විච්චේද්‍යයි සහ ඇනෝඩය, කැතොඩය එකම ආවරණයකින් වෙන් කරයි. සියල්ල ලෝහ ආවරණයකින් ආවරණයකර ඇත.(1) ආරෝපණ සහ විසර්ජණ ක්‍රියාවලියේදී සිදුවන රසායනික ප්‍රතික්‍රියාවන්.
ඇනෝඩය අසල සිදුවන ප්‍රතික්‍රියාව
Cd + 2OH- Cd(OH)2 + 2e
කැතෝඩය අසල සිදුවන ප්‍රතික්‍රියාව.
2NiO(OH) + 2H2O + 2e 2Ni(OH)2 + 2OH-
2Ni(OH) + Cd +2 H2O 2Ni(OH)2 + Cd(OH)2
මෙය ජලීය මාධ්‍යක සිදුවන නිසා ජලය පවතියි. මෙහි KOH මගින් ප්‍රතික්‍රියාව සිදුවීමට අවශ්‍ය භාශ්මික මාධ්‍යය සපයයි. ප්‍රතික්‍රියාව ප්‍රත්‍යාවර්ථ නිසා ආරෝපණය වීමෙදී මෙයම අනෙක් දිශාවට සිදු වෙයි.
නිකල්-මෙට්ල් හයිඩ්‍රයිඩ් බැටරි
මෙය බොහෝ දුරට Ni-Cd බැටරියට සමානය. මෙහිදීද කැතොඩය ලෙස nickel oxyhydroxide (NiOOH) යොදාගනියි. නමුත් ඇනෝඩය ලෙස මෙහිදී යොදාගනු ලබන්නේ H+ අවශෝෂනය කළහැකි මිශ්‍ර ලෝහයකි. මෙයද නැවත ආරොපණය කළහැකි ද්විතික බැටරියකි. Ni-Cd බැටරියකමෙන් තුන් ගුණයක පමණ ධාරිතාවයක් මෙම බැටරි වල පවතියි. AA-Size බැටරියක 1100mAh - 3100mAh පමණ ධාරිතාවක්ද, කෝෂ වෝල්ටීයතාවය 1.2V ද පමණ වෙයි. සාමාන්‍ය ශක්ති ඝනත්වය ලිතියම් අයන බැටරියකට සමානය. මෙම බැටරිවල පවතින අධික ධාරිතාවය නිසා මෙම බැටරි Electric motarcar වලට බහුලව භාවිතාවෙයි.(General Motors EV1, Honda EV Plus, Ford Ranger EV,Vectrix) හයිබ්‍රිඩ් මෝටර් රථ වලටද භාවිතා කරයි.(Toyota Prius, Honda Insight, Ford Escape Hybrid, Chevrolet Malibu Hybrid,Honda Civic Hybrid ).
මෙහි රසායනික ක්‍රියාවලියද Ni-Cd බැටරි වලට බොහෝ දුරට සමානය.
ඇනෝඩය අසල සිදුවන ප්‍රතික්‍රියාව.
H2O + M + e OH- + MH
(M යනු මිශ්‍ර ලෝහයයි. මිශ්‍ර ලෝහයේ හයිඩ්ර්යිඩ්රහයිඩය MH ය.)
කැතෝඩය අසල සිදුවන ප්‍රතික්‍රියාව.
Ni(OH)2 + OH- NiOOH + H2O + e
ඉහත දැක්වෙන ප්‍රතික්‍රියා විසර්ජනය වීමේදී සිදු වෙයි. ප්‍රතික්‍රියාව ප්‍රත්‍යාවර්ත නිසා ආරෝපණය වීමෙදී මෙයම අනෙක් දිශාවට සිදු වෙයි.
රසදිය ඔක්ස්යිඩ් බැටරි
( Mercury oxide)
Uthpala Adeesha bandara warshakoon 8- B
සිල්වර් ඔක්සයිඩ් බැටරි
මෙම බැටරි ප්‍රාථමික කෝශ විශේෂයකි. නැවත ආරෝපණය කළ නොහැකිය. මෙහි විෂිශ්ට ශක්තිය ඉහළ අගයකි. එනිසා මෙය සැහැල්ලු විදුලි උපාංග සඳහා භාවිතා කරයි. මිල අධික Strap watch වලට භාවිතා කරයි. තවද, Mark 37 ටොර්පිඩෝව, Alfa class සබ්මැරීන වල මෙම බැටරිය සහිතය. මෙම බැටරි මිලෙන් අධිකය. ලිතියම් බැටරියකට සාපෙක්ශව මෙහි 40% ආයු කාලයක් පවතියි. විසර්ජනය වීම සාමාන්‍ය ඇල්කලයින් බැටරියකට වඩා සීඝ්‍රයෙන් සිදුවෙයි. මෙහි ඇනෝඩය ලෙස ZnO2 කුඩු භාවිතාවෙයි. කැතොඩය පිරිසිදු Ag වලින් නිර්මිතය. විද්‍යුත්විච්චේද්‍යය ලෙස KOH හෝ NaOH භාවිතා වෙයි.
මෙහි විසර්ජණ ක්‍රියාවලියේදී,
Zn + Ag2O ZnO + 2 Ag සිදුවෙයි.
ආරෝපණයේදී Ag නැවත ඔක්සිහරණය වෙයි,
2Ag + 2OH– → Ag2O + H2O + 2e
Ag + 2OH– → 2AgO + H2O + 2e
Button Cells
මෙම බැටරි බොහෝ කුඩා උපකරණ වල දැකිය හැකිය. වෛද්‍ය උපකරණ, සෙල්ලම් උපාංග සහ නොයෙක් තාක්ශනික උපකරණ වල දැකිය හැකිය. මෙම බැටරි වලටම විශේෂ රසායනික ක්‍රියාවලියක් නොමැත. මෙම බැටරි සිල්වර්-ඔක්සයිඩ්, ලිතියම්, ඇල්කලයින් වැනි බැටරිම වේ.
සූර්යය කෝශ
සූර්ය ශක්තිය මගින් විදුලිය නිපදවයි. න්‍යෂ්ටික කෝශ න්‍යෂ්ටික ශක්තියද, මෙතනෝල්/එතනෝල් සහිත කෝශ ඒවායේ පවතින රසායනික ශක්තියද විද්‍යුත් ශක්තිය බවට පරිණාමනය කරයි.
බැටරි ප්‍රතිචක්‍රීකරණය
සියලුම බැටරි වර්ගවල සිදුවනුයේ රසායනික ක්‍රියාවලියකි. මෙම රසායනික ක්‍රියාවලිය නිම වීමෙන් පසුව එම බැටරිය නිසි අයුරින් ඉවත දැමිය යුතුය. මක්නිසාදයත් බැටරි වල පවතින රසායනික ද්‍රව්‍ය පරිසරයට සහ සත්ත්වයන්ට අහිතකර බැවිනි. බොහෝ බැටරි වල පවතින Hg, Cd, Ni, Mn, Cr වැනි ලෝහ බැර ලෝහ ඝණයට අයත් වේ. මෙම බැර ලෝහ බැටරි අක්‍රමවත් ලෙස පරිසරයට බැහැරලීමෙන් එම ලෝහ ශාක මගින් උරාගනු ලබයි. මෙම ශාක ආහාරයට ගන්නා මිනිසුන් සහ සතුන් අධික ලෙස බැර ලෝහ තම ශරීරයට ඇතුළු කර ගනියි.
විවිද බැටරි වර්ග වල පවතින රසායනික ද්‍රව්‍ය නිසා මිනිසුන්ට අක්මාවේ විවිධ රෝග, වකුගඩු රෝග ආදිය සහ සමහර පිලිකාවන්ද සෑදීමේ ප්‍රවණතාවයක් ඇත. Zn, C සහ විවිද ඔක්සයිඩ මෙන්ම නවීන ලිතියම් බැටරි වල භාවිතා කරන කාබනික ද්‍රව්‍යද මිනිසාට අහිතකරය. මෙම නිසා ඉවතලන බැටරි ප්‍රතිචක්‍රීකරණය සඳහා නියමිත වැඩ පිළිවලක් අත්‍යවශය. භාවිතා කරන බැටරි වලින් 90% ම ප්‍රතිචක්‍රීකරණය කල හැකිය. විශේෂයෙන් ලෙඩ්-ඇසිඩ් බැටරි, ඇල්කලයින් බැටරි සහ Button type බැටරි කාර්යක්ශමව ප්‍රතිචක්‍රීකරණය කළ හැකිය. යම් බැටරියක් යොදා යම් නිශ්පාදනයක් කරන සමාගමක් (උදා:-ජංගම දුරකථන) එම උපාංගයේ ආයු කාලය අවසන වූ පසුව එය නැවත ලබාගෙන ප්‍රතිචක්‍රීකරණයකට ලක් කළ යුතු බවට නීති දැන් ක්‍රියාත්මක වෙයි. මෙම නීති යුරෝපා සංගමය තුළ දැඩිව ක්‍රියාත්මක වෙමින් පවත්යි. ජපානය, කොරියාව, ජර්මනිය, එක්සත් රාජධානිය, ඇමෙරිකාව සහ තවත් නොයෙක් රටවල් වල පවතින NOKIA, SONY, TOSHIBA, SAMSUNG, General Electrical වැනි සමාගම් මෙම නීතිය අනුව තම නිෂ්පාදන නැවත ලබාගෙන ප්‍රතිචක්‍රීකරණය සඳහා මධ්‍යස්ථාන ද පිහිටුවා ඇත.
විදුලි කෝෂ
බැටරිය (විද්‍යුතය)
|
9,872 |
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%20%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%20%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%20%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92
|
මහා සමුද්‍ර පරිසර පද්ධති
|
මහා සමුද්‍ර පරිසර පද්ධති යනු ගංමෝය සහ ද්‍රෝණි සහිත වෙරළ බඩ ප්‍රදේශයෙන් ද මහාද්වීපික බෑවුම්වලින් ද වටවී ඇති පිටත සීමා ප්‍රධාන සාගර දියවැල් පද්ධති ද වන ලෝකයේ සාගරවලින් කොටසකි. මේවා සාපේක්ෂ වශයෙන් විශාල කලාප වන අතර වර්ග කිලෝ මීටර් 200 000 හෝ ඊට වඩා විශාල වේ. මෙම පද්ධති විශේෂ අංග ලක්ෂණයන් සහිත වන අතර ඒවා නම් අගාධ මිතිය, ජලගුණ විද්‍යාව, නිෂ්පාදණතාව සහ නිවර්තනීය යැපෙන්නන්ගේ ජනගහණය වේ.
මෙම පද්ධති සංරක්ෂණය කිරීමේ අරමුණින් එක්සත් ජනපද සාගර සහ වායුගෝලීය සංවිධාන (NOAA) විසින් එම ප්‍රදේශ සාගරවල සංරක්ෂණය කළ යුතු ප්‍රදේශ ලෙස හඳුන්වාදීමට සංවර්ධනය කර ඇත.
නමුත් මහා සමුද්‍ර පරිසර පද්ධති මගින් ආවරණය වන්නේ මහද්වීපික සීමාවන් පමණක් වන අතර ගැඹුරු සාගර සහ සමුද්‍රියික දූපත් ඒවාට අයත් නොවේ. ලෝකයේ වාර්ෂික මුහුදු මත්ස්‍යය අස්වැන්නේ ජෛව ස්කන්ධයෙන් 95% නිපදවන්නේ මෙම පද්ධති 64 මගිනි. බොහෝ ගෝලීය සාගර දුෂණ වීම්, පමණ ඉක්මවා ප්‍රයෝජන ගැනීම (සූරා කෑම) සහ වෙරළ බඩවාස භූමි වෙනස්වීම පවා මෙම පරිසර පද්ධති වල සිදු වේ.
මෙම සමුද්‍ර පරිසර පද්ධතිවලින් 33 පමණ ජෛවස්කන්ධ අස්වැන්නේ වෙනස්වීම්වලට බලපාන මූලික හේතු NOAA මගින් මෙහෙය වන ලද අධ්‍යයනය නැවත සමාලෝචනය කර වෙළුම් 10 මගින් ප්‍රසිද්ධියට පත්කර ඇත.
පරිසර පද්ධති
|
9,874 |
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B6%B6%E0%B6%A9%20%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4
|
වෙරළබඩ කලාප
|
වෙරළබඩ යන්නෙන් අදහස් වන්නේ සමුද්‍රයක හෝ මුහුදක මුහුදු තීරුවක් වන අතර විශාල මෝයක ඇළක හෝ ගංගාවක ඉවුරු ප්‍රදේශයයි. මෙය සාමාන්‍යයෙන් නාම විශේෂණයක් ලෙස භාවිතා කලද නාම පදයක් ලෙසද ඇතැම් අවස්ථා වලදී භාවිතයට ගැනේ. වෙරළබඩ කලාප කලාතුරකින් ජලයෙන් යටවෙන ඉහල ජල මට්ටමේ සිට නිරන්තරව ජලයේ ගිලි පවතින වෙරළ සිමාව දක්වා දිවේ. මේ සඳහා අන්තර් උදම් සහ උප වෙරළබඩ කලාප අයත් වේ. වෙරළබඩ කලාප හෙවත් Littoral යන වදන ගොඩ නැගි ඇත්තේ ලතින් භාෂාවෙන් වෙරළ යන තේරුම ඇති Litus, Litoris වදනෙනි.
උදම් රැලි නොපෙනිය හැකි තරම් කුඩා ජලාශ වලද වෙරළබඩ යන්නෙහි වෙනත් අර්ථ කථනයන් භාවිතයට ගත යුතුය. ස්වාභාවික සම්පත් සඳහා වු මින සෝටා දෙපාර්තමේන්තුවෙහි අර්ථ දැක්වීම් වලට අනුව වෙරළබඩ යන්නෙහි තේරුම අඩි 15 ට වඩා අඩු ගැඹුරකින් යුක්ත ජලාශයක කොටසක් යන්නයි. මෙය බොහෝමයක් ජලාශ්‍රිත ශාක ප්‍රජාවන්ට වාසස්ථාන සපයයි. මෙයට හේතුව වන්නේ ඉහළ ප්‍රමාණ වලින් මෙම ජලාශ වලට ලැබෙන සුර්යයා ලෝකය නිසා එහි කැපිපෙනෙන ලෙස ශාක වලට ප්‍රභසෙංස්ලේශණය සිදුකල හැකි බැවිනි.
ජලයට ආසන්නයේ පිහිටීම නිසා වෙරළබඩ කලාප වලට එයටම ආවේනික වු ලක්ෂණ සමුහයක් පිහිටා ඇත. මෙකි ජලයෙහි විකාදන හැකියාව නිසා විශේෂ ආකාර වල වැලි කඳු සහ පුනිල මෝයවල් නිර්මාණය වී ඇත. මුහුදු වෙරළ හරහා වෙරළබඩ කලාපයෙහි මෙකි ස්වාභාවික ගමන් කිරීම වෙරළබඩ ප්ලාවිතය නම් වේ. ජෛව විද්‍යාත්මක වශයෙන් ජලයෙහි සුලභ පැවැත්ම නිසා මෙකි ප්‍රදේශ වල ශාක සහ සත්ව ප්‍රජාවෙහි විශිෂ්ඨ විවිධත්වයක් පවති. ඊට අමතරව ජලය වාශ්ප වීම මගින් ඇති කරන ආර්ද්‍රතාවය නිසා ඇති කරන ශුද්‍ර කාලගුණික තත්ත්වය විශේෂ ආකාර වල ජීවින්ගේ වර්ධනයට උපකාර සපයයි.
වෙරළබඩ කලාපය අධිතීරස්ථ කලාපය හෙවත් spray Zone හා මහද්වීපික පෘෂ්ඨයෙහි කෙලවර දක්වා දිවෙන උපතිරස්ථ කලාප අතර පිහිටා ඇත.
|
9,876 |
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8F%E0%B6%9A
|
ශාක
|
ශාක යනු ජිවයෙහි විශේෂ ආකාරයක් වන අතර ඒ සඳහා පදුරු, තෘණ වර්ග, පර්නාංග, හරිත ඇල්ගි, පෙද වර්ග, වැල් වර්ග සහ ඖෂධ පැලෑටි අයත්වෙයි. 350000 ප්‍රමාණයක ශාක විශේෂ ප්‍රමාණයක් ඇතැයි මේ වන විට ගණන් බලා ඇත. ඒවා බීජ ශාක, bryophyte සහ පර්නාංග වේ. 2004 දී සොයා ගෙන ඇති ආකාරයට 287,655 ප්‍රමාණයක් විශේෂ හඳුනාගෙන ඇති අතර ඉන් 258,650 ප්‍රමාණයක් මල් හට ගන්නා ශාක වන අතර 15,000 ප්‍රමාණයක් bryophyte වේ. හරිත ශාක ඇතැම් අවස්ථාවලදී metaphytes ලෙස හැඳින්වෙන අතර ප්‍රභාසංස්ලේෂණය මගින් සුර්යය ශක්තිය තිර කරනු ලබති.
වර්ධනය
ශාකයක් සෑදී ඇති ඝණ ද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ වායුගෝලයෙනි. ඒ ප්‍රභාසංශ්ලේෂණය නම් වූ ක්‍රියාවලිය හරහාය. ශාක හිරු එළියෙන් ශක්තිය ලබාගෙන වායු ගෝලයෙන් ලබාගත් CO2 සරල සීනි බවට පත් කරයි. මෙම සීනි එහිදී ගොඩනැංවීමේ කොටස් සේ එකතු වී ශාකයේ ප්‍රධාන ව්‍යුහමය සංරචක ගොඩ නංවනු ලබයි. ශාක පස කෙරෙහි ප්‍රාථමික විශ්වාසය රඳවා ආධාරය සහ (ප්‍රමාණාත්මක වශයෙන්) ජලය ලබා ගනී. නයිට්‍රජන්, පොස්පරස් සහ අනෙකුත් තීරණාත්මක පෝෂක මූල ද්‍රව්‍ය පසේත් අඩංගුවේ.
බොහෝ ශාකවල සාර්ථක වර්ධනය සඳහා ඒවාට වායුගෝලීය ඔක්සිජන් ශ්වසනය සඳහාද මූල පද්ධතිය වටා ඇති ඔක්සිජන් ද අවශ්‍ය වේ. කෙසේ වෙතත් විශේෂිත සනාල පැලෑටි කිහිපයක් (කඩොලාන ශාක වැනි)මූල මණ්ඩලය අවට ඔක්සිජන් හීන වූ පරිසරවල වර්ධනය වේ.
අර්ථ දැක්වීම
ඇරිස්ටෝටල් විසින් සියළුම ජීවි ද්‍රව්‍ය ශාක (සංචරනය කල නොහැකි) සහ සත්ව (සංචරනය කල හැකි සහ ආහාර ද්‍රව්‍ය සොයා ගමන් කල හැකි) ලෙස කොටස් දෙකකට බෙදන ලදී. ලිනේයස්ගේ වර්ගි කරණයේදී ඔහු මේවා ශාක (Metaphyta හෝ Plantae) සහ සත්ව (Metazoa) රාජධානි ලෙසද වර්ගි කරණය කරන ලදී. එතැන් පටන් ශාක රාජධානිය විවිධ ඒහා අදාල නොවන කාණ්ඩ සමගද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වුණි. ඒවා නම් දිලීර වර්ග සහ ඇතැම් ඇල්ගි විශේෂයි. මේවා පසුකාලීනව අලුත් රාජධානියකට වෙන්කර හරින ලදී. කෙසේ නමුත් මේවා බොහෝ අවස්ථා වලදී තව දුරටත් ශාක රාජධානියට අන්තර්ගත ලෙස සලකනු ලැබේ.
ශාක යන නාමකරණය යම්කිසි විශේෂ අවස්ථාවකදී යොදා ගත හොත් එය සාමාන්‍යයෙන් එකි වර්ග තුනෙන් එකකට අයත්වේ. කුඩාම සිට විශාලතම අවස්ථාව දක්වා මෙකි වර්ගිකරණයන් තුල පහත පරිදි වේ.
• ගොඩබිමෙහි ඇති ශාක - මේවා Embryophyta හෝ Metaphyta ලෙසද හැදින්වේ. කුඩාම ශාක වර්ගීකරණ කුලකය පහතින් නිරූපණය කර ඇත.
• හරිත ශාක - මේවා Viridiplantae, Viridiphyta හෝ Chlorobionta ලෙසද නම් කෙරෙන අතර ඉහතින් සදහන් කරන ලද Embryophyta, Charophyta සහ Chlorophyta (කොළ පැහැ ඇල්ගි වර්ග) වර්ගයට අයත්වෙයි.
• Archaeplastida මේවා ශාක sensu lato ලෙසද හැදින්වේ. Plastida හෝ Primoplantae වලට ඉහති කී කොළ පැහැති ශාක අන්තර් ගත වන අතර Rhodophyta (රතු ඇල්ගි) සහ Glaucophyta වන්ද අයත්වෙයි. පුළුල්ම ශාක වර්ගි කරණයේදී මෙහි බොහෝමයක් වු සුනෂ්ටිකයෙන් අන්තර්ගත වන අතර ඒවා ඔවුන්ගේ chloroplast ලබාගෙන ඇත්තේ සයනෝ බැක්ටිරීයාවන් භක්ෂණය කිරීමෙනි.
වෙනත් ආකාරයකින් කිවහොත් ප්‍රභාසංස්ලේෂණය සිදු කරන වෙනත් ජිවීන්ද ශාක ලෙස හැදින්වෙන අතර ඒවා සම්ප්‍රදායික වර්ගිකරණයට අන්තර්ගත නොවන අතර ඔවුන් සැබෑ ශාක වලට සමීප සම්බන්ධතාවයක් නොපවත්වයි. ශාක විශේෂ 375000 ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර සෑම වසරකදීම අළුතින් ශාක විශේෂ කිහිපයක් සොයා ගන්නා අතර ඒ පිළිබඳව විග්‍රහ කරනු ලබයි.
ඇල්ගී
බොහෝ ඇල්ගි වර්ග ශාක රාජධානිය යටතට වර්ගිකරණය නොකෙරේ. ඇල්ගි වර්ග විවිධ කාණ්ඩ වලට අයත් ඇල්ගි වර්ග ප්‍රභාසංස්ලේශණය මගින් ශක්තිය නිපදවන ජීවින් විශේෂ වේ. මින් එක් එක් ඇල්ගි විශේෂ ප්‍රභාසංස්ලේශණය නොකරන වෙනස් පුර්වජයින්ගෙන් පැවත එයි. මෙම ඇල්ගි අතුරෙන් වඩාත් පැහැදිලි විශේෂය වනුයේ ශාක සමුද්‍ර විශේෂයි. මොවුන් බහු සෛලික ඇල්ගි විශේෂ වන අතර දළ වශයෙන් භෞමික ශාක වලට සමානකම් දක්වයි. නමුත් මේවා කොළ, රතු සහ දුඹුරු ඇල්ගි ලෙසට වර්ගිකරණයක් සිදු කරනු ලබයි. මෙකී එක් එක් ඇල්ගි වර්ගද විවිධ අන්වීක්ෂීය සහ එක් සෛලික විශේෂ ලෙසට වර්ගීකරණය කර ඇත.
ඇල්ගි වර්ග අතරින් වර්ග දෙකක් පමණක් භෞමික ශාක වලට (Emvriophytes) සමීප සම්බන්ධතාවයක් ඇතැයි සැලකේ. මින් මුල්ම කාණ්ඩය වනුයේ Charophyta වන් වන අතර එමගින් embryophyta වන් ඇති වු බවට සැලකේ. Emdryophyte සහ Charophyte යන කාණ්ඩ දෙකෙහි සංකලනයන් හරිත ඇල්ගි වල (Chlorophyta) දක්නට ඇති අතර මෙහි වඩාත් පැහැදිලි නොවු කාණ්ඩය එක්ව ගත් කල හරිත ශාක හෝ viridiplantae ලෙසට හැඳින්වේ. ශාක රාජධානිය මෙකි ඒකවංශික වර්ගි කරණයට අයත්වෙයි. හරිත ඇල්ගි වල ඇති යම්යම් වෙනස්කම් හැරුණු කොට ඉහත කී සියළුම වර්ග වල සෛල බිත්ති සෙලියුලෝස් වලින් සැදුම් ලත් අතර හරිත වර්ණක A සහ B අන්තර්ගත හරිතප්‍රද ඇති අතර ආහාර ද්‍රව්‍ය පිෂ්ඨය ලෙස ගබඩා කරනු ලැබේ. ඔවුන් තර්කුවක් නොමැතිව අනුනන විභාජනයට ලක්වන අතර පැතලි මියර සහිත මයිටකොන්ඩ්‍රියාවන් අන්තර්ගත වේ.
හරිත ශාක වල හරිත ලව පටල දෙකකින් ආස්තරණය වී ඇති අතර එමගින් ඔවුන් සයනෝ බැක්ටිරීයාවන්ගෙන් සම්භවය වී ඇති බවට සාක්ෂි ඇත. මෙය අනෙකුත් ඇල්ගි වර්ග දෙක වන Rhodophyta හෙවත් රතු ඇල්ගි සහ Glaucophyta සදහාද සත්‍යවේ. මෙම සියළුම කාණ්ඩ තුන සදහා පොදු සම්භවයක් අතැයි විශ්වාස කෙරෙන අතර ඔවුන් Archaeplastida නම් වර්ගිකරණයට යටත් වෙයි. මීට අමතරව බොහෝමයක් අනෙකුත් ඇල්ගි වර්ග (උදා - haterokonts, haptophytes, dinoflagellates සහ euglenids) සදහා ද ආස්තරණ පටල තුනකින් හෝ හතරකින් ආවරණය වු හරිත භක්ෂණය පවතී. ඔවුන් හරිත ශාක වල සමීප ඥාතීන් නොවන අතර එහි හරිත ලව ලබාගෙන ඇත්තේ රක්ෂණය කරන ල හෝ සහජීව චර්යා පෙන්වන ද හරිත හෝ රතු ඇල්ගි වලිනි.
දිලීර
දිලීර කලින් ශාක රාජධානියට ඇතුළත්කර තිබුණද, එය තව දුරටත් ශාක ලෙස නොසැලකේ. කළල ශාක සහ ඇල්ගී මෙන් නොව දිලීර ප්‍රභාසංශ්ලේෂක නොවන අතර මෘතෝපජීවී එනම් අවට පරිසරයේ ඇති ද්‍රව්‍ය බිඳ දමා දේහයට උරාගැනීමෙන් ආහාර ලබාගනී.දිලීර ශාක වර්ගයක් නොවන නමුත් අතීතයෙදී ශාක ලෙස සලකා තිබෙන අතර එය උද්භිද විද්‍යාඥයින්ගේ විෂය ධාරාවට ඇතුළත් යයි සළකා ඇත. දිගුකලක සිට දිලීර පරිණාමිකව ශාකවලට වඩා සතුන්ට සමීපයැයි හඳුනාගෙන තිබිණ.නමුත් ඒවා තවමත් මූලික උද්භිද විද්‍යා පාඨමාලාවල ගැඹුරින්ම ආවරණය කරන අතර සත්ව විද්‍යා මූලික පාඨමාලාවලදී එය අනිවාර්‍ය් නොවේ.බොහෝ දිලීර සෑදී ඇත්තේ දිලීර සූත්‍රකා ලෙස හඳුන්වන අන්වීක්ෂීය ව්‍යුහ වලින් වන අතර ඒවා සෛලවලට බෙදී හෝ නොබෙදී හෝ පැවතුනත් සූන්‍යෂ්ටික න්‍යෂ්ටිදරයි. දිලීරවල ප්‍රජනක ව්‍යුහ වන්නේ ඵලදේහ නොහොත් වඩාත් හුරුපුරුදු ලෙස බිම්මල්ය. මොවුන් කිසිම ප්‍රභාසංශ්ලේෂක කණ්ඩායමකට අයත් නොවන අතර සතුන්ගේ ළඟම නෑයන්වේ. මේ නිසා දිලීරවලට ඔවුන්ගේම රජධානියක් ඇත.
ව්‍යුහය, වර්ධනය හා විකසනය
ශාකයක් සෑදී ඇති ඝණ ද්‍රව්‍යය වලින් වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ වායුගෝලයෙනි. ඒ ප්‍රභාසංස්ලේශණය නම් වූ ක්‍රියාවලිය හරහාය. ශාක හිරු එළියෙන් ශක්තිය ලබාගෙන වායු ගෝලයෙන් ලබාගත් CO2 සරල සීනි බවට පත් කරයි. මෙම සීනි එහිදී ගොඩනැංවීමේ කොටස් සේ එකතු වී ශාකයේ ප්‍රධාන ව්‍යුහමය සංරචක ගොඩ නංවනු ලබයි. ශාක පස කෙරෙහි ප්‍රාථමික විශ්වාසය රඳවා ආධාරය සහ (ප්‍රමාණාත්මක වශයෙන්) ජලය ලබා ගනී. නයිට්‍රජන්, පොස්පරස් සහ අනෙකුත් තීරණාත්මක පෝෂණ මූල ද්‍රව්‍ය පසේත්අඩංගුවේ.
බොහෝ ශාකවල සාර්ථක වර්ධනය සඳහා ඒවාට වායුගෝලීය ඔක්සිජන් ශ්වසනය සඳහා මූල පද්ධතිය වටා ඔනක්සිජන් ද අවශ්‍ය වේ. කෙසෙ වෙතත් විශේෂිත සනාල පැලෑටි කිහිපයක් (කඩොලාන ශාක වැනි)මූල මණ්ඩලය අවට ඔක්සිජන් හීන වූ පරිසරවලද වර්ධනය වේ .
පාරිසරික විද්‍යාවට අනුව ශාකවල වැදගත්කම
මිනිසා විසින් ප්‍රයෝජනයට ගන්නා ශාක පිළිබඳව අධ්‍යයනය කිරීම ආර්ථික උද්භිද විද්‍යාව හෙවත් මානවවංශ උද්භිත විද්‍යාව ලෙස හැඳින්වේ.මේවා බොහෝවිට සමානාර්ථපද ලෙස භාවිත කළත්, ඇතැමුන් ආර්ථික උද්භිත විද්‍යාව ප්‍රධාන වශයෙන් නවීන වගාකල ශාක පිළිබඳ මානව වංශ උද්භිද විද්‍යා අධ‍්‍යයනයන් පාරම්පරික ශාක වර්ග දේශීය ජනයා විසින් භාවිත කිරීම පිළිබඳ යොමුවී ඇතිබව සලකනු ලබයි.මානවයා විසින් ශාක වගාකිරීම මිනිස් ශිෂ්ටාචාරයේ පදනම වූ කෘෂිකර්මයෙහි කොටසකි.ශාක කෘෂිකර්මය,සත්ත්ව විද්‍යාව, උද්‍යාන පාලනය හා වන විද්‍යාව ලෙස කොටස් වලට බෙදී ඇත.
ආහාර අර්ථයෙන් සියළු මානව පෝෂණය කෙළින්ම හෝ වක්‍රව ගොඩබිම් ශාක මත රඳාපවතී.බොහෝ මානව පෝෂණය ධාන්‍ය වර්ග විශේෂයෙන් බඩ ඉරිඟු ,තිරිඟු සහ සහල් මත හෝ වෙනත් ප්‍රධාන ආහාර බෝග වන අර්තාපල් මඤ්ඤොක්කා සහ රනිල මත රඳා පවතී.ශාකවල ආහාරයට ගන්නා වෙනත් කොටස් අතරට පළතුරු, එළවළු, කජු, ඖෂධ, කුළු බඩු සහ ආහාරයට ගතහැකි මල් වර්ග අයත් වේ.ශාක වලින් ලබාගන්නා බීම වර්ග වලට කෝපි,තේ, වයින්, බියර් සහ මධ්‍යසාර අයත්වේ. ප්‍රධාන වශයෙන්ම සීනි ලබාගන්නේ උක් සහ බීට් වළිනි. අහාර පිසින තෙල් සහ මාගරින් ලබාගන්නේ බඩඉරිඟු, සොයා බෝංචි, කැනෝලා, සැෆ් මල් , සූරියකාන්ත, ඔලිව් සහ වෙනත් ශාක වලින්ය.අහාර ආකලන වලට ගම් ඇරබික්, ගුවාගම්, ලොඅකස්ට් බෝංචි ගම්, පිෂ්ඨය සහ පෙක්ටීන් අයත් වේ.
ආහාර නොවන නිෂ්පාදන
ගොඩනැගිලි තැනීමට දැව,ලී බඩු,කඩදාසි,කාඩ්බෝඩ්,සංගීත භාණ්ඩ සහ ක්‍රීඩාභාණ්ඩ සෑදීමට උපයෝගී කොට ගනී.බොහෝ විට රෙදි සෑදීමට කපු,තණ හෝ සෙලියුලෝස් වලින් වෙන්කරගත් රෙයෝන් සහ ඇසිටේට් වැනි කෘතිම කෙඳි යොදාගනී.ශාකවලින් ලබාගන්නා පුනර්ජනනය කළ හැකි ඉන්ධන වලට දර, පීට් සහ අනෙකුත් ජෛව ඉන්ධන අයත් වේ. ගල් අඟුරු සහ පෙට්‍රෝලියම් ශාක වලින් ව්‍යුත්පන්නවූ පොසිල ඉන්ධන වලට අයත් වේ. ශාක වලින් ලබාගන්නා ඖෂධ අතරට ඇස්ප්‍රීන්, ටැක්සොඅල්, මොර්ෆීන් ,ක්වීනීන්, රෙසර්පින්, කොල්චිසීන්, ඩිජිටාලිස් සහ වින්ක්‍රිස්ටීන් අයත්වේ. ගින්කෝ, එකිනසියා, ෆීවර්ෆිව් සහ සෙන්ට් ජෝන්ස්වර්ට් වැනි ඖෂධීය පරිපූරක සිය ගණනක් ඇත.ශාක වලින් ලබගන්නා කෘමිනාශක අතරට නිකොටීන්, රොටෙනොඅන්, ස්ට්‍රිච්නීන් සහ පයිරත්‍රීන් අයත්වේ. ශාක වලින් ලබගන්නා මත්ද්‍රව්‍ය වලට ඕපියම්,කොකේන් සහ මරිජුවනා ඇතුලත්වේ. ශාක වලින් ගන්නා විශ අතරට රිසීන්, හෙම්ලොක් ක්‍යුරෙයා අයත්ය.ශාක කෙඳි වර්ග ,සුගන්ධ තෙල්, ඩයි වර්ග, වර්ණක ,ඉටිවර්ග, ටැනින්, ගස් වලින් ගන්නා කිරි වර්ග,ගම්, රෙසින්, ඇල්කොලොයිඩ, ඇම්බර් සහ වල්ක වැනි බොහෝ ස්වාභාවික නිෂ්පාදන වල ප්‍රභවයන් ශාකවේ.ශාක වලින් නිපදවාගන්නා නිෂ්පාදන අතරට සබන්,ආලේප,ෂැම්පු,සුවඳ විළවුන්, රූපලාවන්‍ය ද්‍රවය, ටර්පන්ටයින්,රබර් ,වාර්නිෂ්, ලිහිසි තෙල්,ලිනොලියම්, ප්ලාස්ටික්,තීන්ත,චුයින්ගම්, සහ හණ කඹ අයත් වේ.අපරිමිත ප්‍රමාණයක්වූ කාර්මිකව නිපදවන කාබනික රසායන ද්‍රව්‍ය වල,මූලික රසායනික ද්‍රව්‍යවල ප්‍රාථමික ප්‍රභවය වන්නේද ශාකය මෙම රසායනික ද්‍රව්‍ය විශාල විවිධත්වයකින් යුතු පර්යේෂණ හා අධ්‍යයනයන්ට උපයෝගීකොට ගනී.
ශාක කොටස්වල සෞන්දර්යාත්මක ප්‍රයෝජන
දහස් ගණන් ශාක විශේෂ මිනිසාගේ අවට පරිසරය අලංකාර කිරීමට වගාකරනු ලබන අතර ඒවා සෙවණ ලබාදීම, උෂ්ණත්වය අඩුකර ගැනීමට, සුළඟේ වේගය අඩුකර ගැනීමට, ඝෝෂාව අඩුකිරීමට, පෞද්ගලිකත්වය සලසා ගැනීමට සහ පාංශු ඛාදනය වලක්වා ගැනීම ආදියටද යොදාගනී.මිනිසුන් කැපූමල්, වේලන ලද මල් සහ ගෘහාශ්‍රිත ශාක වර්ග ගෘහස්ථව ප්‍රයෝජනයට ගනී.එළිමහනේදී ඔවුන් තණකොළ පිට්ටනි සැදීම සඳහා තණකොළ , සෙවණ ලබාදෙන ගස්, අලංකරණය සඳහා වූ ගස් වර්ග.පඳුරු , වැල් ,පළාවර්ගයට අයත් බහුවාර්ෂිකයෝ සහ පාත්තිවලට යොදාගන්නා ශාක ආදිය ප්‍රයෝජනයට ගනී.ශාකවල අනුරූ බොහෝ විට චිත්‍ර කලාව ,ගෘහ නිර්මාණ ශිල්පය , රසවින්ධනය,භාෂාව සහ ඡායාරූපකරණයට සහ රෙදිපිළිමත මුදල් ,මුද්දර, කොඩිමත හා වංශවතුන්ගේ ලාංඡන ලෙසද යොදාගනී.ජීවී ශාක කලාවට යොදාගන්නා ක්‍රම අතරට පඳුරු නොයෙක් හැඩ වලට කැපීම, බොන්සායි, ඉකෙබානා සහ විවිධ ආධාරක මත වැවීම අයත් වේ.අලංකාර ශාක ටියුලිප් මේනියාවේදී මෙන් ඇතැම් විට ඉතිහාසයේ ගමන් මඟ වෙනස්කර ඇත.සංචාරක ව්‍යාපාරයේදී ශාක වර්ෂයකට ඩොලර් බිලියන ගණනින් ලබාදෙන පදනම වී ඇත්තේ වෘක්ෂ උද්‍යාන, උද්භිද උද්‍යාන, ඓතිහාසික උද්‍යාන, වන උද්‍යාන, ටියුලිප් සැණකෙළි, වැසිවනාන්තර,වර්ණවත් ශරත් පත්‍ර ඇති වනාන්තර සහ සකුරා මල් පිපෙන කාලයට පවත්වන සැණකෙළි ආදියට සංචාරකයන් අකර්ශනය වන නිසාය.වීනස් ෆ්ලයිට්‍රැප් සංවේදී ශාකය සහ පුනර්ජීවන ශාකය ආදිය ඒවායේ අපූරුබව නිසා විකිණුන ශාකවලට උදාහරණයන්ය.
ශාකවල විද්‍යාත්මක සහ සංස්කෘතිකමය ප්‍රයෝජන
වෘක්ෂවල වර්ධක වළලු පුරා විද්‍යාවේදී කාළ නිර්ණය සඳහා සහ අතීතයේ පැවැති දේශගුණය පිළිබඳව දැනගැනීම සඳහා වූ වැදගත් ක්‍රමයකි. මූලික ජීව විද්‍යාත්මක පර්යෙෂණ ශාක යොදාගෙන සිදුකර ඇත.උදාහරණයක් ලෙස ජාන විද්‍යාවේ ග්‍රෙගරි මෙන්ඩල්ගේ නීතිය සොයාගෙන ඇත්තේ පී ශාක උපයෝගී කොටගෙනය. අභ්‍යවකාශ නැවතුම් පොළවල්,අභ්‍යවකාශ ජනපද යම් දිනක ජීවිතය රැකගැනීමට ශාකමත විශ්වාසය තබනු ඇත.ශාක ජාතික හා ජනපද ලාංඡන ලෙස යොදාගන්නා අතර එයට ජනපද පුෂ්පය, ජනපද ගස ඇතුලත් වේ. ඓතිහාසිකව වෘක්ෂවලට ගරුකරනු ලබන අතර බොහෝ ඒවා ජනප්‍රියය.ශාක විසින් ලෝක වර්තා ගණනාවක්ම දරනු ලැබේ.සිහිවටන ත්‍යාග සහ උපත්, මරණ,විවාහ සහ නිවාඩු දින සැමරීමට ශාක සිටුවනු ලැබේ.ශාක පුරාණ ප්‍රවාද වල ,ආගම් වල සහ සාහිත්‍යයේ ප්‍රමුඛ ස්ථානයක් ගනී. මානව උද්භිද විද්‍යා ක්ෂේත්‍රයේ පාරම්පරික සංස්කෘතීන් ශාක භාවිතා කල ආකාරය අධ්‍යයනය කරන අතර එය තර්ජනයට ලක්වූ ශාක සංරක්ෂණයට සහ නව ඖෂදීය ශාක සොයා ගැනීමට උපකාරී වේ. උද්‍යාන කරණය එක්සත් ජනපදයේ වඩාත්ම ජනප්‍රියයි. එරට විවේක කාලයට කරන ක්‍රියකාරකම නම් ශාක සිටුවීමයි.ශාක සමඟ වැඩකිරීම හෙවත් උද්‍යාන විද්‍යා චිකිත්සාව දියවැඩියා රෝගීන් පුනරුප්ථාපනය කිරීමට උපකාරී වේ. දුම්කොළ ,මරිජුවානා සහ ඕපියම් වැනි ශාක මානසික තත්වයට බලපාන රසායන ද්‍රව්‍ය වනඅතර ඒවා නිස්සාරණය කරගනී.
ශාකවල සෘණාත්මක බලපෑම
වල් පැළෑටි යනු මිනිසාට අනවශ්‍ය ස්ථාන වල වැඩෙන ශාකයන්ය.මිනිසුන් විසින් ශාක ඔවුන්ගේ උපන් භූමියට වඩා බොහෝ ඈත ප්‍රදේශ වලට පතුරුවාහරිනු ලබන අතර මෙසේ හඳුන්වාදුන් ශාකවලින් සමහරක් ආක්‍රමණකාරී ශාක බවට පත්ව දේශීය විශේෂ ඉවත්කරමින් පවතින පරිසර පද්ධතියට හානි සිදුකරයි.ආක්‍රමණකාරී ශාක විසින් වගාකල බෝග වර්ග විස්ථාපනය කිරීම නිසා වාර්ෂිකව ඩොලර් මිලියන ගණනින් පාඩු සිදුවේ.ඒවා නිෂ්පාදන වියදම ඉහල දමන අතර විනාශ කිරීමට රසායන ද්‍රව්‍ය භාවිතාකිරීමෙන් පරිසරයට බලපෑම් එල්ලවේ.
පැළෑටි මිනිසාටද හානිදායක වේ. ශාක විසින් නිපදවන සුලඟේ පාවී යන පරාග නිසා පීනස් රෝගීන් හට ආසාත්මිකත ඇතිවේ. විෂ සහිත ශාක වර්ග පුළුළ් විවිධත්වයකින් පැතිර ඇත.විෂ සහිත අයිවි වැනි ශාක වර්ග සමෙහි ගැටුන විට කැසීම් ඇතිකරයි. දුම්කොළ, මරිජුවානා, කොකේන් සහ ඕපියම් වැනි ඇතැම් ශාක වල මානසිකත්වයට බලපාන රසායන ද්‍රව්‍ය උකහා ගැනීම හෝ දුම් පානයෙන් සෞඛ්‍යට හානි සිදුවේ. එමෙන්ම මරණය පවා සිදුවේ.ශාක වලින් උපදවාගන්නා නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය ආර්ථිකය කෙරෙහි සෘණාත්මකව බලපාන අතර එය වැඩකරන්නාගේ නිෂ්පාදිත ධාරිතාව හා බලාත්මක කිරීමේ වියදම් අඩුකිරීම කෙරෙහි බලපායි.ඇතැම් ශාක වර්ග ශරීරයට උකහාගත් විට මිනිසාට හා සතුන්ට ආසාත්මික ප්‍රතික්‍රියා ඇතිකරන අතර තවත් ශාක ආහාර අපත්‍ය වීමක් ඇතිකරයි.එය සෘණාත්මක සෞඛ්‍ය බලපෑමකි.
මූලාශ්‍ර
ජීව විද්‍යාව
|
9,880 |
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B7%80%E0%B6%AD%E0%B6%BD%20%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B6%AB
|
අවතල දර්පණ
|
සටහන - මෙහි S යනු වස්තුව හා දර්පණය අතර දුරයි.
අවතල දර්පණයකට හෝ අභිසාරී දර්පණයකට පතන ආලෝකයෙන් එපිටට වක්වූ පරාවර්තක පෘෂ්ඨයක් ඇත. උත්තල දර්පණ මෙන් නොව අවතල දර්පණ මගින් වස්තුව හා දර්පණය අතර දුර අනුව පවතින විවිධ වර්ගයේ ප්‍රතිබිම්භ ලබා දේ.
මෙම දර්පණ අභිසාරී දර්පණ ලෙස හඳුන්වනුයේ ඒවා මතට පතිත වන ආලෝකය අභිසරණය කිරීමට (එකතු කිරීමට) පෙළඹෙන බැවිණි. මෙහිදී සමාන්තර කිරණ නාභිය වෙත අභිසරණය වේ. මෙය සිදුවන්නේ පරාවර්තක පෘෂ්ඨය සඳහා අභිලම්භයේ දිශාව තැනින් තැනට වෙනස් වන බැවින් ආලෝකය විවිධ කෝණවලින් පරාවර්තනය වීම නිසයි.
ප්‍රතිබිම්භ
S < F
* S < F විට ප්‍රතිබිම්භය
අතාත්විකයි
උඩුකුරුයි
විශාලයි
S = F
* S = F විට ප්‍රතිබිම්භය අනන්තයේ සෑදේ
මෙහිදී පරාවර්තනය වූ ආලෝක කිරණ සමාන්තර වන අතර එකිනෙක හමු නොවේ. මේ අවස්ථාවේදී ප්‍රතිබිම්භයක් ඇති නොවේ නැතහොත් වඩාත් නිවැරදිව ප්‍රතිබිම්බයක් අනන්තයේ හටගැනීම සිදු වේ යැයි කිව හැක.
F < S < 2F
* F < S < 2F
තාත්විකයි
යටිකුරුයි (සිරස්)
විශාලයි
S = 2F
* S = 2F විට ප්‍රතිබිම්භය
තාත්විකයි
යටිකුරුයි (සිරස්)
වස්තුව හා විශාලත්වයෙන් සමානයි
S > 2F
* S > 2F විට ප්‍රතිබිම්භය
තාත්විකයි
යටිකුරුයි (සිරස්)
කුඩායි
අවතල දර්පණ
en:Curved mirror#Concave mirrors
|
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.