id
int64
1.52k
119k
url
stringlengths
31
789
title
stringlengths
1
109
text
stringlengths
2
589k
7,252
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%20%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9
ශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩ
ඉතිහාසය ශ්‍රී ලංකාවේ ඓතිහාසික යුග පිළිබඳ විමසිලිමත් දෑසින් බැලුවහොත්, අනුරාධපුර යුගයේ සිට කන්ද උඩරට මහනුවර යුගය දක්වා ම විවිධ මුලාශ්‍ර වලින් කරන ලද කැටයම් කලාව අනුක්‍රමයෙන් විකසනය වෙමින් පැවති බවට සාධක දැකගත හැකි වේ. ශ්‍රී ලංකාවේ මුල්ම ජාන පදිකයන් ලෙස සැලකෙන ආර්යයන් තුළ පවා යකඩ භාවිතය පිළිබඳ දැනුම පැවති බවට ඓතිහාසික මූලාශ්‍ර වල දැක්වෙන "අයෝ", "අයස්" යන පද සාක්ෂි දරයි. ආර්යයන් කෘෂි කර්මාන්තයට හුරු වීමත් සමඟ නඟුල, කැත්ත, උදැල්ල ආදී උපකරණ සකස් කර ගත් බව දක්නට ලැබේ. බෞද්ධාගම මෙරටට හදුන්වා දීමෙන් පසුව එනම් ක්‍රි.පූ.06 වන ශත වර්ෂයට පසුව සංඝමිත්තා තෙරණිය සමඟ භාරතයෙන් පැමිණි ශිල්ප ශ්‍රේණි දහ අටක කණ්ඩායම ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල ව්‍යාප්ත විමත් සමඟ යකඩ හා වානේ සම්බන්ධ කර්මාන්ත ද ශීඝ්‍ර ලෙස වර්ධනය විය. එමෙන්ම එම කර්මාන්තයෙහි නිර්මාණාත්මක බව හා සූක්‍ෂ්ම බව ද ක්‍රමයෙන් වර්ධනය විය. ඒ අනුව යකඩ උණු කිරීම හා වානේ සකස් කිරීම අතීත කාලයේ සිටම ශ්‍රී ලංකාවේ සිදු කළ බවට සාධක ස්ථාන රැසක සිදු කළ පුරා විද්‍යාත්මක කැනීම් වලින් සොයා ගෙන තිබේ. අභයගිරි කැනීම් වලදී ලෝකුරු කම්හලක නටඹුන් හමුවී ඇති අතර ලෝකඩ වලින් කරන ලද කාසි ද හමුවී ඇත. එසේම බලන්ගොඩට නුදුරු ගම්වල සහ නුවර දිස්ත්‍රීක්කයේ ද යකඩ හා වානේ කර්මාන්තය පදනම් වූ භාණ්ඩ නිෂ්පාදනය සිදු කර ඇත. කොත්මලේ යකඩ සඳහා ද කිරිවවුල (උඩු නුවර) පිත්තල භාණ්ඩ සඳහා ද ප්‍රසිද්ධියට පත්ව තිබීමෙන් ඒ බව සනාථ වේ. ප්‍රමාණාත්මකව ගත් කළ මෙම භාණ්ඩ නිෂ්පාදනය ඉතා අල්ප වුව ද ඒවා තත්ත්වයෙන් උසස් ඉතා විශිෂ්ට නිර්මාණයන් විය. අතීතයේ ශ්‍රී ලංකාවෙන් සිරියාවට පවා කඩු සෑදීමට අවශ්‍ය වානේ අපනයනය කළ බව ඔබ ඇසූ විට මවිතයට පත් වේවි. නමුත් එය සැබෑවකි. පොළොන්නරු යුගය වාස්තු විද්‍යාත්මක මූලාශ්‍ර වලට අනුව 06 වෙනි ශත වර්ෂයේ සිට විකසනය වෙමින් ආ යකඩ හා වානේ කර්මාන්තය 12 වෙනි ශත වර්ෂයේ පොළොන්නරු යුගය වන විට වානේ නිෂ්පාදනය දක්වා ව්‍යාප්ත විය. වානේ හා තඹ වලින් නිර්මාණය කළ, කතුරු ස්කැල්පල(සැත්) අඬු සහ ඉඳිකටු ආදී ශල්‍ය උපකරණ සමහරක් පොළොන්නරුවේ ආලාහන පිරිවෙන් කැනීම් වලදී සහ මිහින්තලේ රෝහල් භූමිය ආශ්‍රිත කැනීම් වලින් සොයා ගෙන ඇත. මහනුවර යුගය මහාවංශ වාර්තා වලට අනුව මහනුවර යුගයේ සිට ලෝකඩ හා පිත්තල භාන්ඩ නිෂ්පාදනය විකසනය වූ බව දැක්වේ. පසු කාලීනව ඉන්දියානු වානේ ශිල්ප තාක්ෂණයේ බලපෑම හා ආභාසය ශ්‍රී ලංකානු වානේ කරුවන්ට ලැබිණි. පිත්තල භාණ්ඩ සහ වානේ මිශ්‍ර කර්මාන්ත වලදී ඉන්දියානු විධි ක්‍රම භාවිතා කර ඇත.දෙවන ලෝක යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය වර්ධනය වීමත් සමඟ ම පිත්තල භාණ්ඩ නිෂ්පාදනය ද වර්ධනය විය. එයට හේතු වූයේ පිත්තල සැමරුම් හා තෑගි භාණ්ඩ වලට ලැබුණු ඉහළ ඉල්ලුමයි. එම කාලයේ සැමරුම් ලෙස බහුලව භාවිතා වු පිත්තල භාණ්ඩ අතර, පිත්තල බන්දේසි බිත්ති ඵළක විසිතුරු සත්ත්ව රූප පාත්‍ර බදුන් සහ පෝච්චි ආදිය ප්‍රධාන විය. සකස් කරන ක්‍රම පිත්තල වලින් කරන ලද භාණ්ඩ (තඹ සහ සින්ක් මිශ්‍ර) වර්ග දෙකකට බෙදිය හැක. .තලා සකස් කර ගත් (මිටිය ආධාරයෙන් හැඩය සකසා ගත්) .වාත්තු කරන ලද (ලෝහ උණු කොට අච්චුවකට දැමීමෙන් රූප ඉස්මතු වන ආකාරයට සකස් කිරීම) වාත්තු කිරීම කරනුයේ, වාත්තු කර්මයේ දක්ෂ වැඩ කරුවන් විසිනි. එමෙන්ම, මිටියෙන් තලා භාණ්ඩ නිපදවීම හා කැටයම් කෙටීම වානේ කර්මාන්තයේ නිපුණතාවයකින් යුත් කැටයම් කරුවන් විසින් කරනු ලැබීය. පිත්තල මගින් නිර්මාණය කර ගන්නා ලද භාණ්ඩ රුසක් අපට දැක ගත හැකි වේ. දොර අඟුල්, සරනේරු සහ යතුරු කැරැලි ආදී කුඩා උපකරණ වල සිට බන්දේසි, පහන්, ගිර, හුණු කිල්ලෝට ආදී භාණ්ඩ දක්වා සෑම භාණ්ඩයකම පාහේ සංකීර්ණ විවිධ හැඩයන් සහ මෝස්තර නෙළා ඇත. දුම්කොළ හෙප්පු සහ බුලත් හෙප්පු ආදිය තඹ සහ රිදියෙන් කැටයම් කර තිබේ. බොහෝ විට මෙම භාණ්ඩ කැටයම් කර තිබෙන්නේ සාම්ප්‍රදායික මෝස්තර වලිනි. සැරසිලි මෝස්තර උදාහරණ ලෙස මහනුවර යුගය වන විට ‍ ජනප්‍රියව පැවති සැරසිලි මෝස්තර වන ඉර - සඳ, හංස පූට්ටුව, ලිය වැල්, පලා පෙති, අරිම්බුව, කිදුරංගනාව වැන සියුම් මෝස්තර මෙම පිත්තල භාණ්ඩ වල කැටයම් කර ඇති අයුරු දැකගත හැක. එමෙන්ම කලාත්මක ලක්‍ෂණ වලින් යුත් කුඩා බුලත් වංගෙඩි(betel-pounders), පිත්තල පහන් ආදිය විවිධ ඓතිහාසික යුග වලදී වානේකරුවන් විසින් නිපදවනු ලැබීය. එම භාණ්ඩ වලින් ඔවුන්ගේ තාක්‍ෂණික නිපුණතිවය පෙන්නුම් කරනු ලබන අතර, විවිධ ඓතිහාසික යුග වල ඒවාටම ආවේණික වූ ලක්‍ෂණ ද දැකගත හැකි වේ. බෞද්ධ හා හින්දු පන්සල් වල ද, ක්‍රිස්තියානි පල්ලි වල ද ඇති සීනු පිළිබඳව විමසිල්ලෙන් බැලුවහොත් ඒවා පිත්තල වලින් නිම කර ඇති බව දැකගත හැකි වේ.ඒ අනුව තැලීම සහ වාත්තු කිරීම මඟින්, රිදියෙන් හෝ තඹ වලින් ඉතා අනඟි කැටයම් සහිතව පිත්තල භාණ්ඩ නිර්මාණයට මහනුවර යුගය ඉතා ජනප්‍රිය වූ බව පෙනේ. පිත්තල වලින් කරන ලද භාණ්ඩ ගිරය(arecanut slicers)- පිත්තල වලින් කරන ලද කපන තලය රහිත එදිනෙදා භාවිතයට ගන්නා උපකරණයකි. මේවා සමහරක රිදී කම්බියෙන් කරන ලද නිර්මාණ හෝ එබ්බවූ නිර්මාණ දැක ගත හැක. බුලත් වංගෙඩි(betel-pounders)- ඉතා සූක්‍ෂ්ම කුඩා යකඩ වංගෙඩි සමඟ පිත්තල මෝල්ගස් එකල නිර්මාණ අතර දැක ගත හැකි වේ.මේවා යකඩින් නිර්මාණය කළ අතර ඝන දෙවි සංකේත යන්ද නිමවන ලදී. ඇත්කඳ ළිහිණියාගේ දිගු නියවල හැඩය මූලික කර ගෙන ඇත. කිල්ලෝටය(lime-boxes)- තඹ හෝ පිත්තල වලින් නිපදවිය. කලාතුරකින් යකඩ හෝ වානේ වලින් දැක ගත හැකි වේ. විවිධ මෝස්තර වල පිත්තල කිල්ලෝට යුරෝපානු බලපෑම පෙන්නුම් කරයි. හෙප්පු(betel-boxes)- නුවර යුගයේ පැතැලි, ඕවලාකාර, පිත්තල වලින් සෑදු ඕලන්ද දුම්කොළ හෙප්පු ජනප්‍රිය විය. බුලත් හෙප්පු ද එසේමය. නමුත් ඒවායේ කැටයම් කර තිබුණේ සාම්ප්‍රදායික සිංහල මෝස්තරයන් ය. හෙප්පු වැනි දේවල් හි මිටවල් සාමාන්‍යයෙන් සෑදුවේ පිත්තල වලින් වන අතර උත්සව වලදී භාවිතා කරන ඒවායේ රිදියෙන් මිටවල් සකස් කරන ලදී. මැටි බඳුන්(pots)- මැටි භාජන සහ කළ පිත්තල සහ ලෝකඩ වලින් වාත්තු කර තිබේ. චාරිත්‍ර සඳහා ගනු ලබන කළ එනම්, කොතලය විහාරස්ථාන වැනි පූජනීය ස්ථාන වලින් බහුලව සොයා ගත හැක. මෙවැනි කෙමිය විවෘත කොතල සාමාන්‍යයෙන් මල් ආසන වලට තබන මල් වලට පැන් ඉසීම සඳහා පැන් පුරවා තැබීමට භාවිතා කර ඇත. සමහර අවස්ථා වලදී පානීය ජලය දැමීමට ද භාවිතා කර ඇත. තෙල් කුලාව- තෙල් කුලාව යනු කළයකි. පටු කට්ට සහිත කෙමියකින් යුත් මෙය පහන් දැල්වීම සඳහා අවශ්‍ය පොල් තෙල් දැමීමට භාවිතා කරන ලදී. කෙණ්ඩිය- දිගටි කෙමිය සහිත භාජනයකි. තඹ, පිත්තල හෝ රිදී භාවිතා කර මෙහි මූඩිය සාදා ඇත. ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයේ ජීවත් වන දමිළ ජනතාව විශාල වශයෙන් පිත්තල භාණ්ඩ භාවිතා කරයි. විශේසයෙන්ම දුර බැහැරින් ජලය ගෙන ඒම සඳහා ස්ත්‍රී පාර්ශ්වය මේවා භාවිතා කරයි. ශ්‍රී ලංකාවේ මධ්‍යම සහ දකුණු කොටස් වල පදිංචි වූ වාත්තු කර්මයෙහි නිපුණ ශිල්පියා විශාල පිත්තල පහන් නිර්මාණය කරන ලදී. ඒවා මංගල, අවමංගල වැනි විශේෂ අවස්ථාවන් වලදී භාවිතා කරනු ලැබේ. මෙලෙස ගත් කල ශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩ නිෂ්පාදනය කර්මාන්තයක් ලෙස ඈත අතීතයේ සිට ක්‍රමිකව විකාශනය වූවක් බව පැහැදිලි වේ. එපමණක් නොව එම කර්මාන්ත වලට එකල ප්‍රධාන වූ ප්‍රදේශ අද ද එම කර්මාන්ත වලට ජනප්‍රිය වී පවතින අතර පාරම්පරික උරුමයක් ලෙස ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය කියා පාන්නක් ලෙස ද දැක්විය හැක. වර්තමානයේ ශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩ පිළිබඳ සලකා බැලීමේදී ඒවා බෙහෙවින් ජනප්‍රිය බව පැහැදිලි වේ. සෑම පුද්ගලයකුම පාහේ පිත්තල භාණ්ඩ එක් රැස් කිරීමට කැමැත්තක් දක්වයි. මන්ද යත්, වත්මන් සමාජයේ සෞභාග්‍යමත් බව පෙන්වන්නක් ලෙස ද පිත්තල භාණ්ඩ සැලකෙන බැවිනි. විශේෂයෙන්ම පැරැණි පිත්තල භාණ්ඩ(antique brassware) රැස් කිරීම සඳහා සැවොම ආශා කරන්නේ ඒවායේ පවතින කලාත්මක ලක්ෂණ සලකා බලාම පමණක් නොව ඒවා ඉතා මිල අධික භාණ්ඩ ද වන බැවිනි. එම නිසා වත්මන් පිත්තල භාණ්ඩ කර්මාන්තය වෙනස් දිශාවක ගමන් කරමින් පවතී. එනම්, පැරැණි පිත්තල භාණ්ඩ වල ස්වරූපය හා එම කැටයම් සහිත නව පිත්තල භාණ්ඩ නිෂ්පාදනය කිරීමයි. අලංකාර මල් පෝච්චි, බිත්ති ඵලහ, වෙනත් විසිතුරු භාණ්ඩ මේවා අතර ඉතා ජනප්‍රිය වේ. පිංතූර ගැලරිය පැරැණි පිත්තල භාණ්ඩ නව පිත්තල භාණ්ඩ මූලාශ්‍ර Sunday Observer, Junior Observer මේවාද බලන්න ශ්‍රි ලංකාවේ මැටි මුර්ති
7,256
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA
මත්ද්‍රව්‍ය
මොළයේ ක්‍රි‍යාකාරිතවය කෙරේ බලපාන සහ මොළයේ සාමාන්‍ය මානසික ක්‍රියාකාරිත්වය වෙනස් කරන නීති විරෝධී ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය ලෙස නීතියෙන් සැලකේ. මරිජුවානා හා බ්‍රවුන් ෂුග' (පිරිපහදු නොකළ හෙරොයින්), වැනි දේවල් ද උද්‍රහරණ ලෙස දැක්විය හැක.පාලනයක් ඇතිව සීමිතව භාවිතා කරන ඛෙහෙත් ද්‍රව්‍යයන් වන මෝෆින් වැනි වේදනානාශකවල ද වෙයි.හෙරොයින් වලින් ලබා ගන්නා දෑ අඩංගුය.ෆාමසි වලින් ලබා ගන්නා වේදනා සමනක,සිත සන්සුන් කරවන සුළුඛෙහෙත් ද්‍රව්‍ය ද මෙම ගණයට අයත් වෙයි.බොහෝ සංස්කෘතින් තුළ ඊට ආ‍වෙණික වූ සුවිශේෂී වූ මත්ද්‍රව්‍ය ඇත.දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන මෙම ද්‍රව්‍ය ආගමික හා විනෝද කටයුතු සඳහා ද භාවිතා කරයි. මත්ද්‍රව්‍ය භාවිතය මෙ අනුව සෑම දෙනාම පාහේ සිය ජීවිතයේ කිසියමි කාලයකදී හෝ අවස්ථාවකදී මත්ද්‍රව්‍ය භාවිතා කර තිඛෙන්නට පුළුවන.නිදි කිරා වැටීම වැළැක්වීමට ද ශරීරය ප්‍රාණවත්ව තබා ගැනීමට ද අපි කෝපි පානයකරමු.බුලත් කෑමට දූම්කොළ භාවිතා කරයි.එසේ නැතහොත් වෛද්‍යමය හේතූන් මත ‍මත්ද්‍රව්‍යයක් ලෙස හැඳින්වෙන ද්‍රව්‍යයන් නියම කර භාවිතා කිරීම සිදූවෙයි . මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතා කිරීම මත්ද්‍රව්‍ය සියල්ලම වාගේ සමාජීය වශයෙන් පිළි ගැනීමට පාත්‍ර වන අතර වෛද්‍යමය වශයෙන් විඳ දරා ගත හැකි ආරක්ෂා සහිත ප්‍රමාණවලින් පරිහරණව කළ හැකි වුවද,මෙම සීමා වලින් බැහැර වීම නිසා වෛද්‍යමය,සමාජයීය,මනෝවිද්‍යාත්මක හා නෛතික ප්‍රශ්නවලට මඟ සැලසේ.අනිසි ලෙස මත්ද්‍රව්‍ය පරිහරණව යනු මෙයයි.පුද්ගලයෙකු අත්හදා බැලීමක් ලෙස සෙමින් සෙමින් නිතිපතා භාවිතා කරන විට හුරුපුරුදු වීම නැතහොත් වෛද්‍යවරයෙකු විසින් නියම කරනු ලබන මත්ද්‍රව්‍යක් එබඳු නිර්දේශයක් හෝ වෛද්‍යමය අවශ්‍යතාවයකින් තොරව භාවිතා කිරීම ද අනිසි ලෙස පරිහරණය කිරීමකි.මත්ද්‍රව්‍ය අයථා පරිහරණයට බලපෑම් කරන සාධක අතර පුද්ගලයා,මත්ද්‍රව්‍ය වර්ගය සහ භාවිතයට අදාළ සමාජ සංස්කෘතික සන්දර්භය වෙයි.පුද්ගලයා මත්ද්‍රව්‍ය අයථා පරිහරණයට යොමු වන්නේ මත්ද්‍රව්‍ය හා එහි බලපෑම පිළිබඳ විශ්වාසයන් ද ,මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට හේතුවන පුද්ගලයාගේ භාවික තත්ත්වය ද , පීඩාකාරී අවස්ථාවලට මුහුණ දීමේ උපක්‍රම හා ස්වයං නිර්ණය පිළිබඳ ප්‍රශ්න ද හේතු වෙයි.අනිසි ලෙස භාවිතය රඳා පවතින මත්ද්‍රව්‍ය වර්ගය සහ එහි බලපෑම් වන්නේ එම ද්‍රව්‍යයන්ගේ ප්‍රමාණය සහ පිරිසිදු බව තනි ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍යයන් ගණනාවක සංයෝජනයක් ලෙස භාවිතා කිරීමයි.අයථා පරිහරණයට අදාළ සමාජ සංස්කෘතික සන්දර්භයන්වලින් ද මෙ සඳහා ඉඩ ප්‍රස්ථා සැලසේ.ඒ යටතේ මත්ද්‍රව්‍ය සපයා ගැනීමට හා මිලට ගැනීමට හැකියාව,ද්‍රව්‍යයේ නෛතික තත්ත්වය,මාධ්‍යයන්ගෙන් ඉදිරිපත් වන සැටි,භාවිතය පිළිබඳ පොදු විශ්වාසයන්,අගය කරන කණ්ඩායම්,සමාජ තත්ත්වය පීඩාකාරී තත්ත්වයන් හා ස්ත්‍රී පුරුෂභාවයට අදාළ ගැටළු වෙයි. මත්ද්‍රව්‍යවලට පුද්ගල ඇබ්බැහි වීම කිසියමි මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වීම යන්නෙන් අදහස් වන්නේ වෛද්‍යමය,සමාජයීය හා නෛතික ප්‍රතිඵල කුමක් වුවද,ඒ ගැන නොතකා අදාළ මත්ද්‍රව්‍ය අනිවාර්යයෙන්ම භාවිතා කිරීමට යොමු වීමයි.අදාළ චර්යා වෙයි නියැලීම අනිවාර්ය යන හැඟීම,චර්යාව පාලනය කර ගැනීමට ඇති හැකියාව හීන වීම, චර්යාව නැවැතැවු විට ඇතිවන සිත් ‍වීදනාව හා එම චර්යාව නිසා අයහපත් ප්‍රතිඵල උද්ගත වන බව සනාථ කෙරෙන සාක්ෂි තිබුණ ද,දිගින් දිගටම එම චර්යාවෙහි නිරත වීම ඇබ්බැහි වීමේ මෙහි ප්‍රධානතම ලක්ෂණයකි.දුම් නොබොන මිත්‍රයන්ගේ හෝ පවුලේ සාමාජිකයන්ගේ විරුද්ධත්වය නොතකා සිගරටි බීමට පුරුදු වූවෙකු මොවුන්ය.මෙවැනි ප්‍රශ්න ඇතිවන ආකාරයට මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතයට ඇබ්බැහි වූවන් සමාජය විසින් ලේබල් කිරීම සිදුවෙයි.එනම් බේබද්දා,කුඩුකාරයා,සිගරටි පිස්සා ලෙසයි. සහිෂ්ණුතාවය කිසියමි පුද්ගලයෙකු සිරිතක් වශයෙන් මත්ද්‍රව්‍යයක් භාවිතා කරන්නට වූ කළ කායික ක්‍රියාවලියේ දී එම මත්ද්‍රව්‍යය ශරීරය තුළ රුඳි තිබීමට ඉඩ සැලසෙන පරිද්දෙන් ශරීරය ද අනුවර්තනය ද විම ආරමිභ වෙයි.එම මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙි ප්‍රමාණය වැඩිවන තරමට ඒ සඳහා ශරීරය විසින් කරනු ලබන අනුවර්තනය ද විශාල වෙයි.මත්ද්‍රව්‍ය වලින් අපගේ මොළයේ ස්වභාවිකව නිපදවෙන ඇතැමි රසායනික ද්‍රව්‍යවල ක්‍රියාකාරිත්වය අක්‍රිය කරවයි.ඒ අනුව මෙකී රසායනික ද්‍රව්‍යවල ස්වභාවික නිෂ්පාදන ප්‍රමාණය හා ක්‍රියාකාරිත්ව හැකියාව අනුක්‍රමයෙන් හීන වී යයි.ඒ හේතුව මත අදාළ මත්ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයකින් හෝ ඉදහිට භාවිතයෙන් ලබා ගත් ප්‍රතිඵල අත්පත් කර ගැනීම සදහා ඇබිබැහි වූවන්ට වඩාත් විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් නිරතුරුව ම ගැනීම අවශ්‍ය වෙයි .මෙම ක්‍රියාවලිය හැඳින්වෙන්නේ කිසියමි මත්ද්‍රව්‍යයකට සහිෂ්ණුතාවය වර්ධනය වීම ලෙසින්ය.ඇතැමි මත්ද්‍රව්‍ය නිසා මිනිස් සිරුරෙහි සීඝ්‍රයෙන් සහිෂ්ණුතාවය වර්ධනය වෙයි.උදා-නිකොටින්,දුඹුරු සීනි,එමෙන් ම මත්පැන් වැනි මත්ද්‍රව්‍ය හේතුවෙන් මෙම ප්‍රතිඵලය ඇතිවනුයේ වඩාත් සෙමෙන්ය. රැඳි පැවැත්ම කිසියමි මත්ද්‍රව්‍යයකට ඇබිබැහි වීමේ ලක්ෂණ හා චර්යාවන් මිනිසුන් වෙතින් ප්‍රදර්ශනය වන්නට පටන් ගත් කළ ඔවුන් එකී මත්ද්‍රව්‍ය මත රැඳි සිටීමට පටන් ගනියි.කිසියමි මත්ද්‍රව්‍යයන් භාවිතය මත කායික (භෞතික)හෝ මානසික වශයෙන් මිනිසුන් රැඳි සිටීමට පුළුවන.එ මගින් අදාළ පුද්ගලයා බීමතින් හෝ මත්ද්‍රව්‍ය භාවිතය නිසා බොහෝ කාලයක් අපතේ යවමින් හෝ ඒවායේ භාවිතයෙන් පසු පැන නගින කායික මානසික ප්‍රතිඵල වලට මුහුණ දෙමින් සිටීමට හැකිවෙයි .ශාරීරික සෞඛ්‍ය පිරිහීමට පුළුවන.පවුලේ සාමාජිකයන් හෝ යහළු මිත්‍රාදින්ගේ නොසලකා හැරීමට භාජනය වෙයි.නැත්නමි ඔවුන්ට අක්‍රෝෂ පරිභව කරමින් සිටියි.මෙහි ප්‍රතිඵලයක් ලෙස හිතවත් පිරිසගෙන් හුදකලා වීම හා දුරස් වීම සිදුවෙයි.මත්ද්‍රව්‍ය භාවිතය නිසා රැකියා අහිමි වීමට ද ඉඩ ප්‍රස්ථා උදා වෙයි.මෙකී ගැටළු මත පුද්ගලයා තුළ උද්ගත වන මානසික අවපීඩන තත්ත්වයෙන් තාවකාලික සහනයක් ලබා ගැනීමට පුද්ගලයා මධ්‍යසාර හෝ මත්ද්‍රව්‍ය භාවිතය කරා යොමු වෙයි.මෙසේ ඇබ්බැහි වීම මත්ද්‍රව්‍ය මත යැපීම,නැත්නම් රැඳි පැවැත්ම නම් වෙයි.එමගින් පුද්ගලයාට ශාරීරිකවද මානසිකවද ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වෙයි. කායික හා මානසිකව ඇතිවන බලපෑම මත්ද්‍රව්‍යය භාවිතා කළ කාල පරිච්ඡේදය භාවිතා කළ ප්‍රමාණය අනුව පුද්ගලයා වෙත වන බලපෑම් ද වෙනස් වෙයි.ඇතැම් බලපෑම් ක්‍ෂණිකය.කෙටි කාලීනය.දිගු කාලයක් පුරා අනිසි ලෙස පරිහරණය කර තිබීමෙහි ප්‍රතිඵලයක් ලෙස බලපෑම් පැන නගියි.ඇතැමි බලපෑම් තාවකාලිකය.එම බලපෑම් රඳා පවතින්නේ ද්‍රව්‍ය භාවිතා කරන කාලය තුළ දී පමණි.අනෙක් අතට තවත් සමහර ද්‍රව්‍ය භාවිතය අතහැර දමා තිබීමෙන් පසුව වූවද යළිත් උද්ගත වන්නට ඉඩ තිඛෙයි.මෙම බලපෑම් මානසික හා කායික බලපෑම් යනුවෙන් දෙවර්ගයකට වෙන් කර හඳුනා ගත හැකිය. මනස තුළ ඇතිවන බලපෑම් මතක ශක්තියට හානි පැමිණීම. සමීපූර්ණ සිහි බූද්ධියට හානි පැමීණීම. කෙටි කාලීනව අමතක වන සූළු ගතිය. විනිශ්චය හා තීරණවලට එළඹීමෙහි හැකියාවට බාධා පැමීණීම. සංවෙදනාවන්ට බාධා පැමිණේ. අභිප්‍රේරණ ගැටළු මතු වෙයි. ආක්‍රමණශීලී ප්‍රවේගකාරී සිතුවිලි ඇති වීම. තදින් කලබල වීම/නොසන්සුන්කම/නොරිස්සුමි ගතිය/ආවෙගශීලීත්වය/කෝපය හා තරහින් නිතර පසු වීම. නින්දට බාධා ඇති වීම. අදහස් විරහිත බව. සිත එක එල්ලය තබා ගැනීමෙ අපහසුතාවය. ඉචිඡාභංගත්වයට පත් වීම. උත්සුක බව /මානසික පීඩනය /අවපාතය. මානසික රෝග උද්ගත වීමේ අවධානය. හුදකලා වීම ,දුරස් වීමට ප්‍රිය කිරීම. ශාරීරිකව ඇතිවන බලපෑම් අක්මාව වකුගඩු හා මොළයට ආශ්‍රිතව ඇතිවන බලපෑම්. හෘදය හා පෙනහලූ ආශ්‍රිත රෝග උදා,ස්වසන රෝග ඒඩීස් හා සෙංගමාලය බී සහ සී වැළදීමෙ අවධානම. අධ්‍යාතතිය. ප්‍රචණ්ඩ ක්‍රියාවලට ගොදුරු වීම. බඩගිනින /කෑම අරුචීය. සිහි නැතිව යාමෙ හා මිය යෑමේ අවධානම. තිගැස්ම. විකාරයෙන් නන් දෙඩවිම. ලිංගික අප්‍රාණිකත්වය. තමන් සමඟ හා සෙසු අය සමඟ පවත්නා සමිබන්ධතාවලට වන බලපෑම් දැඩි ලජ්ජාව වරදකාරී හැඟීම්. ආත්ම ගෞරවහ නැතිවීම. පාලන බලය විරහිතබව හා අසරණ වූ බවට ඇතිවන හැඟීම. ප්‍රශ්නයක් ඇතිබව ප්‍රතික්ෂේප කිරීම. පවුලේ සාමාජිකයන් සමඟ පවත්වන සබඳතා අඛණ්ඩව සිදු නොවීම. පවුලෙන් හා හිතමිතුරන්ගෙන් දුරස්ථ වීම. පවුලේ සාමාජිකයන් නොසලකා හැරීම. අඹුසැමියන් අතර ගැටුම් ඇතිවීම. පවුලේ ප්‍රශ්න නිසා නිතරම ගේ දොර අඩදබර බහුල වීම. නිවස තුළ කායික හා ලිංගික ප්‍රචණ්ඩත්වය පැන නැඟීම. පවත්නා තත්ත්වය පිළිබඳ පිළිකුලක් කෝපයක් හා අසරණ බවක් පවුලේ සාමාජිකයන් තුළ පැන නැගීම. මත්ද්‍රව්‍ය භාවිත කරන්නා පවුලේ ප්‍රධාන ආදායම් උපයන්නා වූ විට සෙසූ සාමාජිකයන්ගේ අවශ්‍යතා පරිපූර්ණ කිරීමෙහි නොහැකියාව. මත්ද්‍රව්‍ය භාවිත කරන්නා පිිළිබඳ අවිශ්වාසය නොරිස්සුම ලජ්ජාව පැන නැගීම. සේවයට නොපැමිණීම,කාර්යයයේ අදක්ෂබව,අකාර්යයක්ෂමතාවය හේතුවෙන් රැකියාව අහිමිවීම ද සිදුවිය හැකිය. මත්ද්‍රව්‍ය පිළිබඳ වැරදි හේතුවෙන් සිර ගත වීමට ද හැකිය. මුදා ගැනීම කිසියමි මත්ද්‍රව්‍යයක් භාවිත කිරීම අනුක්‍රමයෙන් අඩු කිරිම හෝ එය භාවිතා කිරීමෙන් මුළුමනින්ම මුදා ගැනීම අත්හැර දැමීමට සැලැස්වීම යන්නෙන් අදහස් වෙයි.මෙම ක්‍රියාවලිය හා බැඳී පවත්නා මනෝ විද්‍යාත්මක හා භෞතික ලක්ෂණ මුදා ගැනීමෙහි ලක්ෂණ ලෙස අර්ථකතනය කළ හැකිය.මෙම ලක්ෂණ රඳා පවතින්නේ ඒ ඒ නියත මත්ද්‍රව්‍ය මතය.නිදසුන් ලෙස,දුඹුරු සීනි හා මත්පැන්වලින් වැළකී සිටීම නිසි උණ,සීතල,ගැස්ම,වමනය,මස්පිඩු පෙරළීම, හිසරදය,පාචනය හා තදබල වේදනා පහළ වීමට ඉඩ තිඛෙයි.ගංජා භාවිතය නැවැත්වීම නිසා නිනිදට බාධා ඇති වෙයි.එනම් නින්ද නොයාම,නපුරු හීන පෙනීම ආදියයි.තවද ආහාර අරුචිය,උද්දීපනය,ව්‍යාකූලතා,දහඩිය දැමීම,හැඩීම,උණ හා සීතල ද,අද්භූත හීන පෙනීම වැනි ලක්ෂණ පහළ වීමට ඉඩ තිඛෙයි.මත් ද්‍රව්‍යය භාවිතය නැවැත්වීම නිසා පැන නගින ලක්ෂණවල තීව්‍රතාව රදා පවතින්නේ සහිෂ්ණුතා මටිටම මතය.අඩු නිරීම හෝ නවත්තා දැමීම දිගින් දිගටම පවත්වා ගෙන යන විට නිශ්චිත කාලයක් තුළ ඉතා උග්‍ර අතට හැරී අනුක්‍රමයෙන් අඩුවී ගොස් අදාළ මත්ද්‍රව්‍යයේ බලය විරහිත වන විට ඒ අනුව ශරීරය යළි හැඩ ගැසෙන්නට පටන් ගනියි.ඒ අනුව මෙකී තීව්‍ර ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් සෙමෙන් අතුරුදහන් වී යයි. පින්තුර ගැලරිය මේ අඩවිත් බලන්න ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නය දුම්වැටි තහනම අඩවියෙන් බැහැර පිටුත් බලන්න Prescription Drugs - Information, Interactions & Side Effects World Health Organization National Drug Strategy - Australian National Council on Drugs
7,257
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%9D%E0%B7%82%E0%B6%BA
විශ්වකෝෂය
විශ්වකෝෂයක් යනු ලෝකයේ නොයෙකුත් විෂය පිළිබඳ හෝ එක් විෂයක් පිළිබඳ හෝ දැනුම් සම්භාරයහි පරිපූර්ණ සාරාංශයක් රැගත් සංග්‍රහයක් හෙවත් විමර්ශන කෘති විශේෂයකි. විශ්වකෝෂ ලිපි හෝ සංලේඛ ආකාරයෙන් සකස් කර ඇති අතර මාතෘකා අනුව අකාරාදී පිළිවෙළට පෙළගස්වා ඇත. බොහෝවිට විශ්වකෝෂ ලිපි ශබ්දකෝෂ ලිපිවලට වඩා දීර්ඝ සහ විස්තරාත්මක ඒවා වෙයි. පොදු වශයෙන් බලන විට ශබ්දකෝෂයක් යම්කිසි වචනයක් පිළිබද ව වාග්විද්‍යාත්මක තොරතුරු දැක්වෙන අතර විශ්වකෝෂ ලිපියක් තුළ යම් විෂයක් තුළ මාතෘකාවට අදාළ වන සිද්ධි වාචක තොරතුරු ඉදිරිපත් කෙරෙයි. විශ්වකෝෂයන් වසර දෙදහසකට ආසන්න සමයක සිට පැවත එන අතර පැරණිම කෘතිය වන්නේ අද පවා දක්නට ඇති ප්ලීනි දි එල්ඩර් විසින්  ක්‍රි. ව. 77 දී සිට රචනා කරන ලද සහ ඔහුගේ මරණය සිදු වූ ක්‍රි. ව. 79 වන විට සම්පූර්ණයෙන් සංශෝධනය වී නොතිබුණු  Naturalis Historia  ය. නූතන විශ්වකෝෂයන් පැන නැගුණේ 17වැනි සියවසේ දී පමණ රචනා වූ ශබ්දකෝෂයන් වෙතිනි. විශ්වකෝෂ
7,258
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB%20%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B7%92%E0%B6%BA
කළුතර බෝධිය
වර්ෂ 2320 කටත් වඩා ඉපැරණි කළුතර බෝධිය ලෝකයේ පැරණිතම වෘක්‍ෂය වන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙවන අංකුර පෙළට අයත් වේ. මහා බෝධි වංශය සඳහන් කරන පරිදි කළුතර බෝධි පරිශ්‍රයේ උඩ මළුවේ වැඩ සිටින්නේ එම දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේයි. එහි සඳහන් වන්නේ එය “මහා ජල්ලික” නම් ගමක රෝපණය කරන ලද බවයි. එම ගම කළුතර බැව් අවිවාදයෙන් පිළිගැනේ. මේ කාල වකවානුව තුළ උඩ මළුවේ (වර්තමාන වටදාගේ පිහිටි ස්ථානයේ) "ගංගාතිලකය" නම් වූ විහාරයක් පැවති බව සඳහන්වේ. වරින් වර විදේශ ආධිපත්‍යයට පත්වූ මෙම භූමිය බ්‍රිතාන්‍යයන්ට අයත්ව සිටි කාලයේ බැතිමතුන්ට වන්දනාමාන කිරීමට වත් ඉඩ නොදී ඇති බව සඳහන්වේ. වර්තමානයේ අටවිසි බුද්ධ ප්‍රතිමා ස්ථාපිත කර සාදන ලද ප්‍රාකාරයත්, රන් වැටත් බෝධීන් වහන්සේගේ තේජාන්විත භාවය මනාව ඉස්මතු කර පෙන්වයි. මෙයට දකුණු දෙසට වන්නට ඇති ධර්ම ශාලාවට යාබදව බ්‍රිතාන්‍යයින්ට අයත් ඵ්ජන්ත නිල නිවස සේ භාවිත ගොඩනැගිල්ල ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකරන ලද්දකි. වර්තමානයේ මෙය නව ප්‍රතිසංස්කරණය කර ඇති අතර එහි කොටසක් ගබඩාව ලෙස ද, ප්‍රධාන කොටස තාවකාලික භික්‍ෂු ලැගුම් ගෙය ලෙස ද භාවිතා කරයි. ඉතිහාසය මෙම පූජනීය ස්ථානය දැනට වසර 2320කටත් වඩා ඈත යුගයක සිට ආරක්ෂාරීව පැවත තිබේ. සුප්‍රසිද්ධ කළුතර පුරවරය අතීතයේදීද ලංකා රාජධානි වල අතිශය වැදගත් නගරයක් වූ බවට මහා වංශය සාක්‍ෂි දරයි. එනම් මෙම නගරය ගංගා මුවදොරක් අසළ පිහිටා තිබීම නිසා තොටුපොල නගරයක් සේ භාවිතයට අතිශය යෝග්‍යය වීමයි.සිංහල-පෘතුගීසි පාලනය යටතේ අතීතයෙදී වෙළඳ වරායක් ලෙස කළුතර පාලනය කළ පෘතුගීසිහු කි.ව.1597 දී කළුතර මුළුමනින්ම තම අණසක යටතට ගත්හ. "ජෙරනිමෝ ද අසවේදෝ" නම් පෘතුගීසි සෙනෙවියා කළු ගං තීරයට යාබඳ බිම් කොටසක් තම පාලන කේන්ද්‍රස්ථානය සේ තෝරාගත් බව පැවසේ. අසවේදෝ පසුව මෙම ස්ථානය ස්ථිර යුධ බල කොටුවක් බවට පත් කළේය. එහිදී මෙම කුඩා කඳු ගැටය මුදුනේ තිබූ "ගංගාතිලකය" නම් වූ විහාරය ඔවුන් විනාශකර එහි දේවස්ථානයක් තනවා ඇත. මෙම බල කොටුවේ බාහිර සීමාව අද පවා පැහැදිලි ව හඳුනාගත හැකිවේ. කළුතර මුහුදුබඩ මහා මාර්ගය තැනවීමට අඩිතාලම දමන ලද්දේ ලංදෙසින් විසිනි. ඔවුන් 1656 දී කළුතර බල කොටුව අල්ලා ගත්හ.ඒ අනුව කළුතර සිට කොළඹට මහා මාර්ගය ඉදිවිය.ඊට හේතු පාදක වූයේ කළුතර තිබූ වාණිජ වටිනාකමයි. කළුතර 1796 දී ඉංග්‍රීසීන්ට අයත් විය.19 සියවස අගදී මෙහි පැරණි බල කොටුවේ කුඩා කඳු ගැටය මුදුනේ ඔවුන් දිසාපති නිල නිවස ඉදි කළේය. කළුතර බෝධියේ උඩ මළුවේ වැඩ සිටින්නේ අනුරාධපුර "ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ" ගෙන් පැන නැගුනු දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේ නමක් බව මහා බෝධි වංශයේ සඳහන් වේ.එහි “මහා ජල්ලික”නම් ගමක් ගැන සඳහන් වන අතර එම ගම කළුතර බැව් අවිවාදයෙන් පිළිගැනේ. 16 වන සියවසේ විදේශ බල කොටුවක් බවට පත්වූ වර්තමාන උඩ මළුව තුල මෙම බෝධීන් වහන්සේ ශත වර්ෂ 5ක් පමණ කලක් විරාජමානව වැඩ වසයි.ගාලු කෙළඹ මහා මාර්ගයටත් දුම්රිය මාර්ගයටත් අතර රමණීය භූමි භාගයක් තුළ මනාසේ වැඩුනු තවත් බෝධීන් වහන්සේ නමක් සියවස් ගණනක සිට දක්නට ලැබුණු බවට ඓතිහාසික සාධක ඇත.එය ක්‍රි.ව. 1042 දී කළුතර පාලනය කළ ඉන්දීය සම්භවයක් ඇති “වික්‍රම පාණ්ඩ්‍ය රජ පහත මළුවේ රෝපණය කරන ලද්දක් බව සැලකේ. ඵ් වන විටද උඩ මළුවේ ගංගාතිලක විහාරය පැවතුනු බැව් විශ්වාස කෙරේ. මෑත කාලීන සංවර්ධනය ක්‍රි.ව. 1921 දි බලපිටියේ වංශවත් පරපුරක් නියෝජනය කල නීතීඥ “ශ්‍රීමත් සිරිල් ද සොයිසා” නම් වූ යුග පුරුෂයා කළුතර අධිකරණයේ සේවයට පැමිණීම මෙම‍ ඓතිහාසික සිද්ධස්ථානයේ වත්මන් අසිරියේ පළමු අදියර වේ. 1921 වර්ෂයේ දී තවත් දානපතියන් හා ඵක්ව පහත මළුවේ බෝධීන් වහන්සේගේ සංවර්ධනයට ඵතුමා විසින් පියවර ගෙන ඇත. 1939 වන විට පහත මළුවේ කුඩා චෛත්‍ය හා ගඟ ආසන්නයේ බුදු මැදුර තැනීම ආරම්භ කර ඇත. 1953 වන විට කළුතර බෝධි භාරකාර මණ්ඩලය පිහිටවා ඇති අතර පසු කලෙක ඊට පහල හා උඩ මළුවේ හිමිකාරත්වය ලැබී ඇත. උඩ මළුවේ වන දැවැන්ත චෛත්‍යට මුල්ගල තබන ලද්දේ 1964 දී වන අතර, ඊට 1974 දී කොත් පැළදවා ඇත. මෙම සියළුම බෝධීන් වහන්සෙලාගේ නිරන්තර සෞඛ්‍ය තත්වය සොයා බැලීමට ඵ් සඳහාම විශේෂතා ඇති වෛද්‍යවරුන්ද යොදා තිබීම විශේෂත්වයකි. කළුතර බෝධි පරිශ්‍රයේ නම කියවෙත්ම “නීතීඥ ශ්‍රීමත් සිරිල් ද සොයිසා” මහතාගේ නාමය අමතක කළ නොහැකියි. කළුතරට ඉමහත් සේවාවක් කළ මෙතුමාගේ සද්කාර්යන් අතර කළුතර බාලිකා විද්‍යාලය හා කළුතර විද්‍යාලය ඇරඹීම, කතරගම කිරිවෙහෙර ප්‍රතිසංස්කරණය කර අද ඇති තත්වයට පත් කිරීම, එම මාර්ගය සෑදීම, කතරගම වන්දනාවේ පැමිණෙන්නන්ට සුවිසල් විවේකාගාරයක් ඉදිකිරීම, ඇතුළු තවත් පුණ්‍යකර්ම රාශියකි. 1896-12-21 දී බලපිටියේ උපත ලැබූ එතුමා 1978-01-02 දින අභාවප්‍රාප්ත විය. එතුමාගේ පිළිරුවක් කළුතර බෝධි පරිශ්‍රයේ ඇති අතර එය 1986-02-23 දින නිරාවරණය කෙරිනි. ඉංග්‍රිසි යුගයේ ඉදිකල බව සැලකෙන රිමාන්ඩ් බන්ධනාගාරය මෑතක් වනතුරු බෝධීන් වහන්සේට දකුණු පසට වන්නට තිබී ඇති අතර පසුව බෝධි භාරකාර මණ්ඩලයේ ඉල්ලීම මත එම ස්ථානයෙන් බැහැර කර තිබේ. රැඳවියන් භාවිතා කළ නාන ලිඳ අදටත් ඵම භූමියේ දැකගත හැකියි.2007-11-01දින මේ බෝ සමිඳු වැඩ වසන මළුව තෙක් පියගැට පෙල හා එම මග සරසා වියනක් සෑදීම ආරම්භ කර ඇති අතර එය මෙම භූමියේ යෝජිත නවතම ඉදිකිරීම වේ. කළුතර බෝධි භාරකාර මණ්ඩලය අධිරාජ්‍යවාදී යුගය නිමාකරමින් නිදහසින් පසු ශ්‍රී ලාංකික නිලධාරියෙක්කළුතර පාලනයට පැමිණියේ 1949 දීය.ඒ උප දසාපති C.P. ද සිල්වා මහතායි. බෞද්ධ නිලධාරියෙක් වූ ඔහු ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ ගමනට මහත් රුකුලක් විය. ඒ වන විට උත්තර මංඩල සභාවේ උප සභාපති තනතුර දැරූ සිරිල් ද සොයිසා මහතා අගමැතිD.S.සේනානායක මහතාට උඩමළුවේ ඓතිහාසික ගංගාතිලක විහාරය පිහිටි භූමි භාගය (ඒ වන විට පෘතුගීසින් එය විනාශ කර ඇත) හා දෙතිස් ඵල බෝධියේ හිමිකම කළුතර බෞද්ධ සංගමයට පවරන ලෙස යෝජනාවක් ඉදිරිපත් කළේය. එහෙත් එම සංගමය නීත්යාඉනුකූල නොවන බැවින් රජය එය ප්‍රතික්ෂේප කළ පසු නීත්‍යානුකූල ව්‍යවස්ථාපිත සංවිධානයක් බිහිකිරීමට සිරිල් ද සොයිසා මහතා පියවර ගත්තේය. ඒ අනුව 1951-11-07 දින සභාපති, ලේකම් ඇතුළු සාමාජිකයින් 08 කින් යුතු කළුතර බෝධි භාරකාර මණ්ඩලය පිහිටුවීය. එහි පාලන භාරකාරීත්වය සිරිල් ද සොයිසා මහතා හා නීතීඥ V.T. ද සොයිසා මහතා දැරීය.වසර දෙකකට පසු අගමැති ජෝන් කොතලාවල මහතා උඩමළුව හා පහත මළුව ඇතුළු වර්තමාන පරිශ්‍රය බෝධි භාරකාර මණ්ඩලයට පවරා දෙනු ලැබීය.එදා මෙදා තුර වර්තමාන අප දකින කළුතර බෝධි පරිශ්‍රයේ ප්‍රගතියට 100% කින් සක්‍රීය දායකත්වය ලබා දෙන්නේ බෝධි භාරකාර මණ්ඩලයයි. පූජා භූමිය ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති බැවින් මෙහි ප්‍රධාන ආදායම් මාර්ගය දායක පඬුරු වේ. ඒ හැරුනු කොට දායකයින්ස්වකැමැත්තෙන් කරන පරිත්‍යාග මත මෙම පරිශ්‍රයේ අභිවෘධිය සිදුවේ.(මෙහි නේවාසික භික්‍ෂු වාසයක් හෝ විහාරාධිපති භික්‍ෂූන්ද නැත.) දිනපතා හේවිසි ශබ්ද පූජා පවත්වා උදෑසන 6.30ට, පෙ.ව11.30ට, ප.ව 6.00ට බෝධිරාජයාණන් වහන්සේලාට හා චෛත්‍ය, විහාර තුල වැඩ හිඳිනා බුද්ධ ප්‍රතිමා වහන්සේලා හමුවේ බුද්ධ පූජා පවත්වන අතර, සෑම දිනකම ධර්ම දේශනා, සෙනසුරාදා හා ඉරිදා විශේෂ ධර්ම දේශනා,සතර පෝයට සිල් සමාදන් වන බැතිමතුන්ට ධර්ම දේශනා, දිනපතා පැමිණෙන බැතිමතුන්ට සියළු පහසුකම් සැපයීම බෝධි භාරකාර මණ්ඩලයේ නිත්‍ය සේවාවන් වේ. පහළ මළුවේ බෝධිය උතුරින් කළු ගගට යාබද බුදු මැදුරෙන් ද, නැගෙනහිරින් ගාලු-කොළඹ මහා මාර්ගයෙන් ද,දකුණු පසින් කුඩා ‍චෛත්‍ය වහන්සේටත් බටහිරින් ගාලු-කොළඹ දුම්රිය මාර්ගයටත් මැදි වූ කුඩා වපසරියක වැඩ සිටින මේ මහා බෝධි වෘක්‍ෂය ක්‍රි.ව.1042ක් පමණ ඉතිහාසයකට හිමිකම් කියයි. ඉන්දීය සම්භවයක් ඇති “වික්‍රම පාණ්ඩ්‍යය” නම් කුමාරයා සොළීන් ගෙන් මිදීමට දකුණට පලා යන ගමනේදී මෙම බෝධි අංකුරය රෝපණය කල බව සැලකේ. ඵ් වන විටද උඩ මළුවේ ගංගාතිලක විහාරය පැවතුනු බැව් විශ්වාස කෙරේ.ක්‍රි.ව. 1377දී කළුතර තෙක් දුම්රිය මාර්ගය දිගුවීමත් සමග ඉංග්‍රිසි ජාතිකයින් මෙය කපා දැමීමට උත්සාහ කළද එය ව්‍යාර්ථ වී ඇත.වර්තමාන පහළ මළුවේ අභිවෘධියට කටයුතු කර ඇත්තේ ශ්‍රීමත් සිරිල් ද සොයිසා නීතීඥ මහතායි. ගම්මන්පිල උපාසක මහතාද ඔහු හා වන්දනා මාන කළ බව සදහන් වේ. පානදුර දානපතියෙකු වූ ජෙරමියස් ඩයස් මැතිණියගෙන් ලද රු.1000/= මුදල වැය කරමින් මෙම බෝධිය වටා කුඩා ප්‍රාකාරයක් හා වර්තමාන පිංකැටය ඇති ස්ථානයේ මල් අසුනක් ද තනවා තිබේ. එතැන් සිට හුදකලාව සිටි මේ බෝධිය කෙරෙහි කෙමෙන් බැතිමතුන්ගේ අවධානය යොමු විය.1931 වර්ෂයේ ජුනි මස ශ්‍රීමත් සිරිල් ද සොයිසා හා උක්වත්තේ ජයසුන්දර මැතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් “කළුතර බෞද්ධ සංගමය” පිහිට වූ අතර, එහි ප්‍රධාන අරමුණ වූයේ ද මෙම පරිශ්‍රය දියුණු කිරීමයි. පසු කලෙකදී බෝධි භාරකාර මණ්ඩලය විසින් අලංකාර ප්‍රාකාරයක් සිව් කොනට හා නැගෙනහිරට විහිදුනු බුදු කුටි පහක් හා 1991 වසරේ ඉදිකරන ලද රන් වැටකින් බෝධීන් වහන්සේ ගේ ආරක්‍ෂාවත්, අලංකාරයත්, බැතිමතුන්ගේ පහසුවත් සලසා තිබේ. විශේෂ කරුණු :- ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිඳුන්ගේ අයිතියෙන් යුත් “ස්වර්ණපාලි” නම් බස් සේවයක් මෙකල ආරම්භ විය. මෙම බස් රථ කළුතර පසු කර යන සෑම අවස්ථාවකම පඬුරක් දමා යා යුතු යැයි ඔහු විසින් නීතියක් පැනවීය. ඔහුගේ සේවයෙන් ඉවත්වූ රියදුරෙක් වෙනත් අයෙකුගේ බස් රථයක සේවය කර ඇති අතර දිනක් මෙම පඬුරු දැමීම දැඩි විචේචනය කරමින් ඔහු කළුතර බෝධිය පසු කර ගොස් ඇති අතර නුදුරේදීම අනතුරට පත්ව ඇත. මේ සිද්ධිය ප්‍රසිද්ධවත්ම බෝධිය පිළිබදව දැඩි විශ්වාසයක් හා භක්තියක් ඇතිකරගත් බැතිමතුන් බෝධිය පසුකර යන සෑම අවස්ථාවකදීම පඬුරක් දැමීමට පුරුදු විය. වර්තමානයේද ආගමික හේදයකින් තොරව බෝධිය පසුකර යන අය පඬුරු දමා යනු දැකිය හැකියි. අද පූජනීය ස්ථානයක් සේ ලංකාවේ පඬුරු තුලින් වැඩිම ආදායම් ලබන එකම පූජනීය ස්ථානය වන්නේ ද කළුතර බෝධියයි. පහළ මළුවේ උතුරු පස බුදු මැදුර ක්‍රි.ව. 1939 වන විට “සවුත්ලන්ඩ්” නමින් ප්‍රසිද්ධියට පත්වූ සිරිල් ද සොයිසා මහතාගේ බස් රථ සේවයෙන් ලද ආදායමත්, බැතිමතුන්ගෙන් ලද ආධාරත් එකතුකර මෙම බුදු මැදුර සාදන ලද බව කියවේ. පහළ බෝධියට උතුරු පසින් මෙම බුදු මැදුර පිහිටා ඇත.කළු ඟඟට යාව බැම්මක් බැඳ එහි පස් පුරවා සාමාන්‍ය මේසන් බාස් වරු ලවා මෙහි නිම කිරීම් කලද, මේ තාක් කිසිම උපද්‍රවයකට ලක්ව නොතිබීම විශේෂත්වයකි. ශාන්ත ඉරියව්වකින් වැඩ හිඳිනා සැරියුත් මුගලන් අගසව් දෙනමගේ පිළිමයන් මෙම බුදු මැදුර තුළ නෙලා ඇත.සිදුහත් උපත, කිරිපිඬු පූජාව, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කිරීම වැනි ඓතිහාසික කතාවන් හා නෙළුම් මල් රටාවන් මනාව තෙලි තුඩින් සිත්තම් කිරීම තුළින් බෞද්ධ විහාරයක අංග ලක්ෂණයන් මෙම බුදුමැදුර තුල විදහා පා ඇත. පහළ මළුවේ චෛත්‍යය පහළ මළුවේ බෝධීන් වහන්සේට දකුණු පසට වන්නට පිහිටා ඇති මෙය ප්‍රමාණයෙන් කුඩාය. වර්ෂ 1939 දී පමණ මෙහි ආරම්භය සිදුවූ බව සඳහන් වේ. මෙම චෛත්‍යයත්,ගංගාව අසල බුදු මැදුරත් ඵකම කාලයක ඇරඹුනු බව දැක්වේ. මෙම චෛත්‍යය වන්දනා කිරීමට සතර අතට විහිදුනු කුඩා බුදු කුටි 4ක් හා මල් ආසන 4ක් නිමවා ඇත. ක්‍රි.ව. 1942 වසරේ වැඩ අවසන් වූ පසු ඵම වසරේම මැයි මස වෙසක් පුර පසලොස්වක පොහෝ දින ඊට කොත් පලඳවා ති‍බේ. විශේෂ කරුණු :- මෙම චෛත්‍යයට කොත් පැලඳවීම සියළු ආගමික වතාවත් මැද මහත් උත්සවාකාරයෙන් සිදුවූ බව කියවේ.මේ මඟුල් බෙර ශබ්ද පූජාව පවත්වන විට ඉන් නිකුත්වූ ශබ්දයන් නිසා උඩ මළුවේ සිටි සුදු ජාතික ඒජන්තවරයා උරණ වී බෙරකරුවන් පන්නා දැමූ බවත් ඉන්පසු ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා බෙරකරුවන් 100ක් දෙනා ගෙනවිත් දවස පුරා බෙර වයා ඇති බවත් එවිට සුදු ජාතිකයා නිල නිවසද අතහැර ගිය බවත් සඳහන් වේ. පසුව රැස්ව සිටි සැදැහැවතුන් අමතා ප්‍රකාශයක් කළ මෙතුමා නුදුරු දිනකදීම උඩ මළුව ඉංග්‍රිසි ජාතිකයන් ගෙන් මුදවා පූජා භූමියක් කරන බව දන්වා තිබේ. පහළ මළුවේ දකුණු පස බුදු මැදුර පහළ මළුවේ චෛත්‍යට දකුණු පසට වන්නටත් ආනන්ද බෝධීන් වහන්සේට උතුරු පසට වන්නටත් මෙම බුදු මැදුර පිහිටා තිබේ.අතීතයේ මේ ගොඩනැගිල්ල නගර සභා කාර්යාල ගොඩනැගිල්ලට අයත්ව පැවතුනු අතර 1960-70 වර්ෂ තුල කච්චේරියට අයත් ගොඩනැගිල්ල බෝධි භාරකාර මණ්ඩළයට පවරා ගැනීම මත මේ ගොඩනැගිල්ලද පවරා ගන්නා ලදී.පසුව ධර්ම ශාලාවකට ඔබින අයුරින් සකසන ලද එහි විශාල හිඳි පිළිමයක් අඹා පුද පූජා හා ධර්ම ශ්‍රවණයට උචිත වන අයුරින් සකසා තිබේ. ආනන්ද බෝධීන් වහන්සේ 1960 වසරේ ඉන්දියාවේ මහා බෝධි සමාගමේ සාමාජිකයෙක්ව සිටි ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතා ජේතවනාරාමයේ සංචාරයක නිරතව සිටියදී එහි වැඩ සිටින ආනන්ද බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙරටට වැඩමවාගෙනවිත් මෙම ස්ථානයේ රෝපණය කර ඇත.පහළ මළුවේ දකුණු පස බෝධි පරිශ්‍ර සීමාවේ අන්තිමට වන්නට මෙය රෝපණය කර ඇත. නැගෙනහිර කුඩා බුදු මැදුරකින්ද, බටහිර දිශාව මල් ආසනයෙන්ද මෙහි මළුව නිර්මාණය වී ඇත.දශක 4ක් ඉක්මවා වැඩ සිටිනා බෝධීන් වහන්සේ සමස්ථයක් ලෙස ඉතාමත් නිරෝගීසුවයෙන් වැඩ සිටි නමුත් වරින් වර රෝගාතුර වූ පසු බටහිර දිශාවට විහිදුනු ශාඛාවන් කපා ඉවත් කර ඇති බව පෙනේ. පසුකාලීන සංවර්ධන කටයුතු තුළින් බෝධි භාරකාර මණ්ඩළය විසින් 1997-06-20 පොසොන් පොහෝදා ඝණ්ඨාර කුළුණක් සාදා මේ මළුවේ නිරාවරණය කර තිබේ.මෙම මළුවේ අළුතින්ම ඉදිකිරීමට නියමිතව ඇත්තේ බෝධි ඝරයක් හා අලංකාර රන් වැටකි.බාහිර පරිසරයෙන් බෝධීන් වහන්සේට වන උපද්‍රව අවම කිරීම බෝධි ඝරයේ ප්‍රධාන අරමුණයි. බෝධීන් වහන්සේලා දෙනම හා චෛත්‍යය රාජයාණන් දෙනම වන්දනා කරන ගාථාව සම්බුද්ධ චේතියං සුගංච දුමින්දද්වන්දං සම්බුද්ධ බිම්බපති මණ්ඩි මන්දිරංඛ නන්වාන ලද්ධ කුසලේන භවේ සුඛංච සංසාර මුඤ්චන සුඛංච සීවංලභාමි. උඩ මළුවේ චෛත්‍යය (වටදාගෙය) වර්ෂ 1953 දී උඩ හා පහල මළුවේ අධිකාරීත්වය බෝධි භාරකාර මණ්ඩලයට පවරා ගැනීමෙන් පසුව උඩ,කඳුගැටය පිහිටි ප්‍රදේශය සංවර්ධනය කර ඵහිද පූජනීය බිමක් කිරීමට සිරිල් ද සොයිසා මහතා පියවර ගත්තේය. ඵහි ප්‍රතිපලයක් වශයෙන් 1964 දී විශාල වටදාගෙයක් තැනීමට මුල්ගල තබන ලදී. වටදාගෙය පිහිටි මෙම භූමියේ වර්ගඵලය වර්ග අඩි 7150කි. චෛත්‍යයේ විෂ්කම්භය අඩි 95.4කි.මෙහි උස අඩි 185 කි. වට ප්‍රමාණය අඩි 335කි. අගල් 5ක ඝනකමින් යුත් කොන්ක්‍රීට් තට්ටුවකින් චෛත්‍යය රාජයා නිමවා ඇත. මෙහි තීන්ත ආලේපයට ගතවන්නේ සතියක කාලයකි. අති දැවැන්ත ප්‍රාකාරයක් මේ වටා සාදන ලද අතර, වටදාගෙයි අනුරූ 4 කින් සිව්කොන සරසා තිබේ. වටදාගේ ඇතුලත බිත්තියේ පන්සිය පනස් ජාතක කථාවේ සම්බුද්ධ චරිතයේ විවිධ තැන් නිරූපනය කරන්නා වූ විචිත්‍රවත් චිත්‍ර 75කින් යුක්ත වේ. මෙය චෛත්‍ය කුහරයට ගමන් කල හැකි ලොව ඇති ඵකම චෛත්‍ය ද වෙයි. මේ මහා විශ්වකර්ම නිර්මාණය 1974 ජනවාරි 24 දින උත්සවාකාරයෙන් කොත් පැළද, පූජනීයත්වයට පත්කර තිබේ. ඉංජිනේරු ශිල්පයේ අද්විතීය තැනක් හිමි කරගෙන සිටි ඒ. එන්. එස්. කුලසිංහ මහතා මෙම වටදාගෙයි නිර්මාපකයායි. මෙහි චිත්‍ර 75, මහනුවර චිත්‍ර ශිල්පියෙකු විසින් සිත්තම් කර තිබේ. වටදාගෙය මධ්‍යයේ ඇති කුඩා චෛත්‍යය මෙම විශ්මිත වටදාගෙය මධ්‍යයේ උස අඩි 26ක චෛත්‍යයක්(කුඩා ප්‍රමාණයේ) පිහිටා තිබේ. සාම්ප්‍රදායික චෛත්‍යක සියළු කලා නිර්මාණයන් නිරූපණය කොට මෙම චෛත්‍යය නිමවා ඇති අතර සතර අතට මුහුණ ලා සමාධි සුවයෙන් වැඩ සිටින බුදුරදුන් නිරූපිත හිඳි පිළිම 4 කින් හා මල් ආසන 4 කින් මෙය අංග සම්පූර්ණ චෛත්‍යයක ලක්‍ෂණ විද්‍යාමාන කරයි. මෙහි ධාතු නිධානය හා කොත් පැළඳවීම 1980-02-28 දින සිදුවිය.වටදාගෙයට පිවිසෙන මග දොරටු 3 කින් සමන්විතයි. ඵ් උතුරු පසින් හා දකුණු පසින්ය. මකර රූ දෙකකින් හා සඳකඩ පහනකින් මේ දොරටු දෙපස අලංකාරව සරසා ඇත.ශ්‍රී ලාංකේය ඉදිකිරීම් කලාව ලෝක තලයට ගෙනගිය මේ විශ්මිත වටදාගෙය, ඇතුලත චෛත්‍යය හා ඵහි නිර්මාණ සිරිල් ද සොයිසා මහතාගේ සිතේ සනිටුහන් වූ පරිදිම ජීවමාන කිරීමට දායක වූයේ නිර්මාණ ශිල්පී ජස්ටින් සමරසේකර ඇසෝෂියේට් හා ඉංජිනේරු දේශබන්දු විද්‍යාජෝති ආචාර්ය A.N.S. කුලසිංහයන් ඇතුළු පිරිසේ දායකත්වයෙනි.අදටත් මෙහි භූමි නිර්මාණය, සැලසුම්කරණය හා තාක්‍ෂණය දෙස් විදෙස් ඉංජිනේරුවන් පවා මවිත කරන්නට සමත්ය. මෙම පූජා භූමිය පුරාවටම ඉහලම තාක්‍ෂණයක් උපයෝගී කරගත් ජල රටා පද්ධතියක් ද ඇති බැව් කියවේ. ධර්ම ශාලාව ඉපැරණි කච්චේරිය පැවති ස්ථානය ලෙස සැලකෙන මෙම භූමි භාගයේ මෙම සුවිසල් ධර්ම ශාලාව ඉදිකර ඇත. කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ හා බෞද්ධ ජනතාවගේ ආධාරයෙන් මෙහි නිමැවුම සිදුවී ඇති අතර 1994-05-13 වෙසක් පොහෝ දින එවකට ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති ඩී. බී. විජේතුංග මහතා අතින් විවෘත කරන ලද බව සඳහන් වේ. ශ්‍රී ලංකාවේ පමණක් නොව ආසියාවේ ද විශාලතම ධර්ම ශාලාව වන මෙහි ඇති ප්‍රයෝජනය පසක් වන්නේ පුර පසලොස්වක පොහෝ දිනයන්ට පෙහෙවස් සමාදන් වන උපාසක උපාසිකාවන් දහස් ගණනකට ඉඩ හසර ලබා දෙන සෙවනක් බැවිනි. සක්මන් මළුව කළු ගං ඉවුරට යාබඳව කොන්ක්‍රීට් වැටකින් සීමාකර ගං ඉවුර දිගේ පටු තීරුවකින් සමන්විත මෙම වැලි මළුව පහන් සිතින් භාවනානුයෝගීව සක්මන් කිරීමටත් සිත සංසුන් කරගැනීමටත් හැකි ස්වභාවික පරිසර පද්ධතියකින් හෙබි බිමකි. මෑත කාලයේ වර්ෂ 2000-05-17 වෙසක් දින බෝධි භාරකාර මණ්ඩලයේ සංවර්ධන ව්‍යාපෘති යටතේ මෙය නිර්මාණය කර විවෘත කරන ලදී. යටි බිම් හරස් මග (උමං මාර්ගය) මෙම පූජා භූමියට පැමිණෙන දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ පහසුවසඳහා නව පාලම ඉදිකිරීම යටකතේ එවකට ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ නියමය පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය මගින් නිමවූ මෙම පාලමට සම්බන්ධ උමං මාර්ගය 1990- 01-27 දින එවකට අගමැති D.B. විජේතුංග මහතා විසින් විවෘත කරන ලදී. පොහෝ දින වලට වන්දනා කටයුතු පිණිස පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව හා ආරක්‍ෂාව පිණිසත්, ගාලු-කොළඹ මහා මාර්ගයේ ඒ හෙතුවෙන් ඇතිවන රථ වාහන තදබදය අවම කිරීම පිණිසත් මෙම උමං මාර්ගය බෙහෙවින් ඉවහල් වේ. පිංතූර ගැලරීය ආශ්‍රිත ග්‍රන්ථ 1.රත්නසේකර, ටියුලා “කළුතර මහ බෝ සමිඳුගේ හා කළුතර පුරවරයේ ඓතිහාසික පසුබිම” තේජානි ප්‍රින්ටර්ස්, කළුතර ,2000-05-12 2.රංගල්ල, සංජීව කුමාර “කළුතර ඓතිහාසික බෝ සමිඳු” ප්‍රින්ට්ස් අයි ප්‍රමෝෂන්ස් එගොඩවත්ත පාර,බොරලැස්ගමුව ,2007- නොවැම්බර් මේවාද බලන්න කළුතර බාහිර සබැදි http://www.kalutarabodhiya.org/history.htm http://www.kalutarabodhiya.org/contact%20us.htm පූජනීය ස්ථාන - ශ්‍රී ලංකා කළුතර දිස්ත්‍රික්කයේ බෞද්ධ සිද්ධස්ථාන‎
7,394
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%20%E0%B7%83%E0%B6%B6%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%20%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
සබරගමුව විශ්වවිද්‍යාලය රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රදේශයේ බෙලිහුල්ඔය පිහිටා ඇත. එය ලෝකාන්තය පාමුල සමනල වැව අද්දර කඳු යායකින් වට වූ මනස්කාන්ත භූමියක පිහිටා ඇත.ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය භූවිඥාපන, ව්‍යවහාරික විද්‍යාව, කෘෂි විද්‍යාව, කළමනාකරණ, භාෂා හා සමාජ විද්‍යාව, තාක්ෂණ පීඨය හා වෛද්‍ය පීඨය යන පීඨ හතකින් සමන්විත වන අතර අධ්‍යයන අංශ පහළොවක් යටතේ උපාධි පාඨමාලා දහ හතරක් සඳහා උපාධි පිරිනමනු ලබයි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 12 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 12277 ස්‌ථානය හිමිකරගෙන තිබෙයි. ඉතිහාසය 1992 වර්ෂයේ අනුබද්ධ විශ්වවිද්‍යාලයක් වශයෙන් ආරම්භ වූ අතර 1996 දී ජාතික විශ්වවිද්‍යාලයක් වශයෙන් ස්ථාපනය කරන ලදි. ගරු මහාචාර්ය ජේ.ඩී.ඩබ්.පී.සී. සෝමසුන්දර මහතාගේ මූලිකත්වයෙන් යුතුව අධ්‍යයන පාඨමාලා 4න් සමන්විතව ආර්ම්භ කරන ලදි. විශ්වවිද්‍යාල ව්‍යුහය ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය භූවිඥාපන, ව්‍යවහාරික විද්‍යාව, කෘෂි විද්‍යාව, කළමනාකරණ හා භාෂා හා සමාජ විද්‍යාව යන පීඨ පහකින් සමන්විත වන අතර අධ්‍ය්නාංශ පහළොවක් යටතේ උපාධි පාඨමාලා දහ හතරක් සඳහා උපාධි පිරිනමනු ලබයි. ආවාර්ය මණ්ඩලයේ ව්‍යුහය ජ්‍යේෂ්ඨ මහාචාර්යවරුන්ගේ සිට තාවකාලික ශිල්ප ප්‍රදර්ශකවරු දක්වා විහිදී පවතී. කෘෂි විද්‍යා පීඨය සඳහා පර්යේෂණාගාර හතරක් ඇත. අධ්‍යාපන පීඨ හා අංශය කෘෂිකර්ම විද්‍යාව අධ්‍යාපන පීඨය කෘෂිව්‍යාපාරය කළමනාකරණයඅංශය අපනයන කෘෂිකර්මාන්තයඅංශය පශු සම්පත නිෂ්පාදනයඅංශය ප්‍රායෝගික විද්‍යා අධ්‍යාපන පීඨය බාහිර විද්‍යාව අංශය ආහර විද්‍යාව සහ තාක්ෂණ අංශය ස්වාභාවික සම්පත්අංශය පරිගණක සහ තොරතුරු පද්ධතිය අංශය ක්‍රීඩාව විද්‍යාව සහ කළමනාකරණය අංශය බාහිර අධ්‍යාපනය අංශය භූවිඥාපනඅධ්‍යාපන පීඨය මැනුම සහ භූමිතිවිද්‍යාව අංශය සිතියම් විද්‍යාව, ඡායාලේඛනමිතිය, දූරස්ථ සංවේදනය කිරීම සහ භූගෝලීය තොරතුරු පද්ධතිය (GIS)අංශය කළමනාකරණ අධ්‍යාන පීඨය ව්‍යාපාර කළමනාකරණය අංශය ගණකාධිකරණය සහ මුදල් පාලනය අංශය සංචාරක ව්‍යාපාරය කළමනාකරණය අංශය අලෙවිකරණය අංශය සමාජ විද්‍යාව සහ භාෂා පීඨය සමාජ විද්‍යාව අංශය භාෂා අංශය ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීම් අංශය බාහිර සබැදි ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වර්ගීකරණය 2014 "ලංකා යුනිවර්සිටි නිව්ස්” වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුළ පිහිටි විශ්වවිද්‍යාල
7,620
https://si.wikipedia.org/wiki/2008%20%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%92%2014
2008 ජුනි 14
විමල් අබේසුන්දර අද දැයෙන් සමුගනී (රජයේ නිල පුවත් වෙබ් අඩවිය) උසස් පෙළ දවස් දෙකකින් කල් යයි (විමසුම) මාලදිවයින් ජනපති අද ශ්‍රී ලංකාවට (විමසුම) “චේ” 80 වන ජන්ම දිනය අදයි (විමසුම) කොළඹ රත්නපුර පරණ පාර හංවැල්ලෙන් තාවකාලික ව වැසේ (රජයේ නිල පුවත් වෙබ් අඩවිය) The magnitude 7.0 2008 Iwate Earthquake shakes Iwate and Miyagi Prefectures on Japan's main island of Honshū, killing at least 6 people and injuring at least 8 others.(BBC), (AFP via News Limited), (AP via Forbes) වැල්ලවත්ත දුම්රිය මාර්ගයේ බෝම්බ තැබූ කොටියා ලංකා බැංකු මූලස්ථාන ඒ.සී. පද්ධතියේ ප‍්‍රධානියා (දිනමිණ) මිහින්තලා ආලෝක පූජාව 17දා සිට ඇරැඹේ (දිනමිණ)
7,621
https://si.wikipedia.org/wiki/2008%20%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%92%2015
2008 ජුනි 15
එස්.බී පත් කිරීම ගැන තවම තීරණයක් නෑ- තිස්ස අත්තනායක (විමසුම) ගුවන් තොටුපොළට නව සංචාරක ප්‍රවර්ධන කාර්යාලයක් (රජයේ නිල පුවත් වෙබ් අඩවිය) විදුලි දුම්රිය සේවයක් (රජයේ නිල පුවත් වෙබ් අඩවිය) ත්‍රස්තවාදීන් ඇල්ලීමට සිවිල් ඇඳුමෙන් සැරසුණ පොලිස් කණ්ඩායම් (රජයේ නිල පුවත් වෙබ් අඩවිය) සංචාරක කර්මාන්තය නැංවීමට ජපන් ආධාර (රජයේ නිල පුවත් වෙබ් අඩවිය) මහාමාර්ග අවහිර කරන ඉදිකිරීම්වලට එරෙහි නීතිමය පියවර (රජයේ නිල පුවත් වෙබ් අඩවිය)
7,752
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%20%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%20%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය
ඉතිහාසය බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කරනු ලැබූ ලුතිතන් ජෙනරාල් රොබට් ස්ටීවන් ස්මිත් බේඩ්න් පවල් විසින් ලියූ 'Scouting for Boys' නම් ග්‍රන්ථය, 1908 වසරේ ජනවාරි 08 වන දින ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරයේ මූලික අඩිතාලම විය. බේඩ්න් පවල් සාමිවරයා ලියූ ග්‍රන්ථයේ අන්තර්ගත දෑ ප්‍රායෝගිකව සිදුකර බැලීම උදෙසා සහ බාලදක්ෂ ව්‍යාපාරය ප්‍රචලිත කිරීම සඳහා 1907 ගිම්හාන කාලයේ එංගලන්තයේ බ්‍රවුන්සි දූපතේ කඳවුරක් පැවැත්වීය. එය ලොව විශාලම ස්වේච්ඡා සංවිධානයේ ආරම්භය විය. බේඩ්න් පවල්ට බාලදක්‍ෂ ව්‍යාපාරය මුළු ජීවිතයම වූයේය, එහෙයින් මෙතෙක් සේවය කළ හමුදා සේවයෙන් ඔහු අස්වී මුළු ජීවිත කාලයම මෙයට කැප කරමින් ලොව වටා සංචාරය කරමින් එය ව්‍යාප්ත කළේය. 1920දී ලන්ඩනයේදී පළමු වන ජාත්‍යන්තර සම්මේලනය ජමිබෝරිය පවත් වන්නට විය. මේ අයුරින් පියවරෙන් පියවර පැමිනි බාලදක්‍ෂ ව්‍යාපාරය අද වන විට ලෝක තරුණ සංවිධානයන් ලෙස ප්‍රචලිත වී ඇත. වර්තමානය වන විට ලොව පුරා රටවල් 216කට අධික ප්‍රමාණයක් සාමාජිකයන් මිලියන 28කට වැඩි පිරිසක් ලෝක බාලදක්‍ෂ ව්‍යාපාරයේ ලියාපදිංචි වී සිටිති. බාලදක්‍ෂ ආදර්ශපාඨය වන්නේ "සූදානම්ව සිටිනු" යන්නය. මෙයින් අදහස් වන්නේ බාලදක්‍ෂයා සැම විටම කයින් හා මනසින් තම යුතුකම් ඉටු කිරීමට සූදානම්ව සිටින බවයි. බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා ලොව පුරා විසිරී සිටින බාලදක්ෂයින් B.P යන ආදර නාමයෙන් හඳුන්වන “ගිල්වෙල්හි රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩන් පවෙල් සාමිවරයා” බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාය. 1857 පෙබරවාරි මස 22 දින එංගලන්තයේ ලන්ඩනයේ උපත ලැබීය. මෙතුමා ගේ පියා “ඔක්ස්ෆර්ඩ් හි මහාචාර්ය බේඩන් පවෙල්”ය. මව “හෙන්රිආටා ග්‍රෙස් ස්මිත් බේඩන් පවෙල්” මැතිණියයි. B.P ට වයස අවුරුදු 03 දී තම පියා මිය ගියේය. පවුලේ දරුවන් 09 දෙනෙකි බී.පී 06 වෙනියා විය. “ට්‍රම්බිජ් වේල්ස්හි රොස්හිල්” පාසලෙන් තම මූලික අධ්‍යාපනය ලද B.P වයස අවුරුදු 13 දී ශිෂ්‍යත්වයක් ලබා “චාර්ටර් හවුස්” විද්‍යාලයට ඇතුළත්විය. ඔහු ඉගෙනීමට එතරම් දක්ෂයකු නොවීය. කුඩාකළ සිටම තම සොයුරන් සමඟ කඳවුරු බැඳීම, කඳු නැගීම, බෝට්ටු පැදීම වැනි එළිමහන් ක්‍රියාවල යෙදීම නිසා ක්‍රියාශීලි ළමයෙකු ලෙස පාසලේදී පාපන්දූ ක්‍රීඩාවට, චිත්‍ර ඇඳීමට, රඟපෑමට විශේෂ දක්ෂතා පෙන්වීය. වයස අවුරුදු 19 දී අධ්‍යාපනය අවසන් කොට උප ලුතිනන් වරයෙකු ලෙස හමුදාවේ අශ්වාරෝහක බලකායට බැඳී ඉන්දියාවට ගියේය.පසුව අප්‍රිකාවට ගිය ඔහු අප්‍රිකාවේ සූළුවරුන්,නපුරු අෂාන්ති ගෝත්‍රිකයින්,වනචාරී මැට බෙල්ලන්ට විරුද්ධව සටන් මෙහෙය විය. මෙහිදී ඔහුට "ඉම්පිසා" එනම් කිසිදා නොනිදන වෘකයා යන නමක්ද, ලොකු තොප්පිකාරයා අරුත් ඇතිව "කැන්ටැන්කි" යන නමක්ද පට බැඳුනි. B.P ගේ ධෛර්යය, ගවේෂණ දක්ෂතාවය, පියවර අනුව යාම යන දක්ෂතාවයින් නිසා මෙම නම් පට බැඳීමට හේතුවිය. සූළු නායකයා "දිනිසූළු" අඩි 24ක් දිග සතුන්ගේ ඇට වලින් සාදන ලද පබළු මාලයක් දීමත්, වමතින් අතට අත දීමත් පසු කාලයේ බාලදක්ෂ කටයුතු වලට වැදගත් විය. 1889 දී දකුණු ඇමරිකාවේ කේන්ද්‍රස්ථානය ලෙස සැළකූ මැෆකින් නගරය පුරා දින 217 වටලා ගෙන සිටි සතුරන්ගෙන් ආරක්ෂා කර බේරා ගන්නා ලදී. 1901 දී B.P බ්‍රිතාන්‍යයට පැමිණියේ වීරයකු ලෙසිනි. ඔහු සොල්දාදුවන් සඳහා ලියන ලද "බාලදක්ෂ කටයුතු සඳහා උපදෙස්" යන පොත ළමුන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබුණි.මෙමගින් ළමයින්ට විශාල සේවයක් කළ හැකි බව අවබෝධ කරගත් B.P 1907 අගෝස්තු 01 සිට 08 දක්වා එංගලන්තයේ ඉංග්‍රීසි ඕඩයේ බ්‍රවුන්සි දූපතේදී ළමයින් 20 දෙනෙකුගෙන් ලෝකයේ ප්‍රථම බාලදක්ෂ කඳවුර පැවැත්වීය. එහි සාර්ථකත්වය නිසාම 1908 වර්ෂයේදී "බාලදක්ෂ විද්‍යාව" ප්‍රකාශයට පත් කරන ලදී. ඒ හේතුවෙන් බාලදක්ෂ ව්‍යාපාරය අන් රටවලටද පැතිර ගියේය. බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් සේවය සඳහා 1910 දී ලුතිනන් ජෙනරල් පදවියට පත්ව සිටි B.P යුධ සේවයෙන් ඉල්ලා අස්විය. ඔහු 1912 දී “ඔලෙව් සෙන්ටි ක්ලෙයාර් සොමෙන්ස්” මෙනවිය සමඟ විවාහ විය. 1920 දී ලොව මුල්ම බාලදක්ෂ සමුළුවේදී B.P ලෝක බාලදක්ෂ නායකයා විය. 1929 දී V වන ජෝර්ජ් රජු ඔහුට "ගිල්වෙල්හි බේඩන් පවෙල්" යන වංශාධිපති පදවියකින් ගෞරව කරන ලදී. 84 වන ඡන්ම දිනයට ආසන්නව තිබියදී 1941 ජනවාරි 08 වන දින B.P පරලොව සැපත් විය. - බාලදක්‍ෂ නීතිය - • බාලදක්ෂයා විශ්වාස කටයුතු අයෙකි. • A Scout Is Trustworthy. • බාලදක්ෂයා පක්ෂපාතී අයෙකි. • A Scout Is Loyal. • බාලදක්ෂයා හිතවත්ව උදව් කරන්නෙකි. • A Scout Is Friendly And Considerate. • බාලදක්ෂයා සෑම බාලදක්ෂයෙකුගේම සහෝදරයෙකි. • A Scout Is A Brother To Every Other Scout. • බාලදක්ෂයා ආචාරශීලි අයෙකි. • A Scout Is Courteous. • බාලදක්ෂයා කරුණාවන්ත තැනැත්තෙකි. • A Scout Is Kind. • බාලදක්ෂයා කීකරු තැනැත්තෙකි. • A Scout Is Obedient. • බාලදක්ෂයා සතුටින් සිටින්නෙකි. • A Scout Is Cheerful. • බාලදක්ෂයා සකසුරුවම් අයෙකි. • A Scout Is Thrifty. • බාලදක්ෂයා සිත, කය හා වචනයෙන් පිරිසිදු අයෙකි. • A Scout Is Clean In Thought, Word And Deed. - බාලදක්‍ෂ පොරොන්දුව - මාගේ ආගම හා රට කෙරෙහි යුතුකම් ඉටු කිරීමට ද, සෑම කල්හිම අනුන්ට උපකාර කිරීමට ද, බාලදක්ෂ නීතියට කීකරු වීමට ද, මාගේ අවංක විශ්වාසය උඩ මාෙග් සම්පූර්ණ උත්සාහය යෙදීමට ගෞරව බහුමානයෙන් යුතුව පොරොන්දු වෙමි. On My Honour I Promise To Do My Best To Do My Duty To My Religion And My Country To Help Other People At All Times To Obey To The Scout Law. - ලෝක බාලදක්‍ෂ පදක්කම - •තරු කොන් දහය - බාලදක්ෂ නීති දහය. •පත්තිරු තුන - පොරොන්දුවේ කරුණු තුන. •ඊ හිස - නිවැරදි දිශාව හා උසස් වීම පෙන්නුම් කරයි. •වෘත්තාකාර ලණුව - ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ සමගිය/සහෝදරත්වය/එකට බැඳී සිටින බව •පිරිමි ගැටය - ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ සමගිය/එකට එකතුවුණූ සහෝදරත්වය/අනුන්ට උපකාර කිරීමට බැඳී සිටින බව. ශ්‍රි ලංකා බාලදක්ෂ ලාංඡනය ලෝක බාලදක්ෂ පදක්කම ඇසුරින් ආචාර්ය ඩබ්ලිව්.ඒ.ආරියසේන මහතා විසින් 1962දී ලංකා බාලදක්ෂ 50වෙනි සංවත්සරය සඳහා නිර්මාණය වූ ස්වර්ණ ජයන්ති මුද්දරය සඳහා නිර්මාණය කෙරුණු පදක්කම පසුකාලීනව ශ්‍රී ලංකාවේ බාලදක්ෂ සාමාජික පදක්කම වූ බව ස්කවුටින් සඟරාව විසින් වාර්තා කර ඇත. ඉන් පෙර යුගයෙහි එංගලන්ත බාලදක්ෂයන් භාවිත කල ලෝකඩ පදක්කම මධ්‍යයෙහි CEYLON නැමති අකුරු සහිත ලෝකබාලදක්ෂ පදක්කම සාමාජික පදක්කම ලෙස භාවිතා විය. දේශීයත්වය හා සෞභාග්‍ය නිරූපනය කිරීම සඳහා නෙළුම් පෙති වටයකින් යුක්ත වන අතර ලෝක බාලදක්ෂ සලකුණ මධ්‍යයෙහි රාජ්‍ය ලාංඡනයෙහි සිටින කඩුවක් අතින් ගත් සිංහයා යොදා තිබේ. ශ්‍රී ලංකා බාලදක්‍ෂ ලාංඡනයේ අර්ථය •කඩුවක් සුරතින් ගත් සිංහයා - ශ්‍රී ලංකේය අනන්‍යතාව •තරුකොන් දහය - බාලදක්ෂ නීති දහය •පත්තිරු තුන - පොරොන්දුවේ කරුණු තුන •කොළ පාට - සොබා දහමට ඇති ලැදි බව / එළිමහන් දිවිය •ලා රෝස පාට - නිහතමානී බව / සමානාත්මතාව / උපේක්ෂශීලී බව •පලා පෙති දහසය - දේශීය සංස්කෘතික ලක්ෂණ බාලදක්‍ෂයකුට ප්‍රයෝජනවත් ගැට වර්ග පිරිමි ගැටය රුවල් ගැටය කොස් පට්ටා ගැටය කඹ කොට කිරීමේ ගැටය වටයක් පටලැවු වළලු දෙකේ ගැටය ලණු අග වෙලීම ගිණි නිවන්නාගේ පුටු ගැටය නොලිස්සන තොන්ඩු දෙකේ ගැටය මංපහරන්නාගේ ගැටය ජිවිතාරක්ෂක ගැටය තණ්ඩෙල් ගැටය කතිර බැම්ම හතරැස් බැම්ම ශ්‍රී ලංකාවේ බාලදක්‍ෂ ව්‍යාපාරය මෙය ශ්‍රී ලංකා බාලදක්‍ෂ ව්‍යාපාරයේ 110 වන වසරයි. ලෝක බාල දක්‍ෂ ව්‍යාපාරය ආරම්භ වී වසර පහකට පසුව එනම් 1912 වසරේදී ලංකා බාල දක්‍ෂ ව්‍යාපාරය ආරම්භ විය. ඉංග්‍රීසි ජාතික එෆ්.ජී.ස්ටීවන්ස් මහතාගේ ප‍්‍රමුඛත්වයෙන් 1912 දී ලංකා බාලදක්‍ෂ කටයුතු මාතලේ ක්‍රිස්තු දේව විද්‍යාලයෙන් ආරම්භ විය. ජුනි 02 දිනය ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයෙහි ආදිකතෘ දිනය ලෙස සලකනු ලැබේ. 1915 වනවිට ආචාර්යවරුන්ද ඇතුළුව ලංකාව පුරා බාලදක්‍ෂයන් ගණන 248කි. 1916 දී ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ වෘක පෝතක අංශය ඇරඹුණ දින දී ම ලංකාවේ ප්‍රථම වෘක පෝතක රැළ වන 2 වන ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයීය පෝතක රැළෙහි ආරම්භය ද 1918 දී කොළඹ දී අරඹන ලද ලංකාවේ මුහුදු බාලදක්ෂ අංශය ද 1920 දී අරඹන ලද මානවක බාලදක්ෂ අංශය ද ස්ටීවන්ස් යුගයට අයත් වේ. ඒ අනුව එවකට දීප්තිමත් ම බාලදක්ෂ සමූහය වූ 2 වැනි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙහි පෝතක බාලදක්ෂයන් 50 දෙනෙකුගෙන් යුත් රැළක් පිහිටවනු ලැබිණ. එවකට රිච්මන්ඩ් විද්‍යාලයීය බාලදක්‍ෂ ආචාර්ය ඡේ. වී. මෙන්ඩිස්‌ සහ එහි සහාය බාලදක්‍ෂ ආචාර්ය මෙන්ම වෘක පෝතක බාලදක්‍ෂ ආචාර්ය එස්‌. සී. වික්‍රමරත්න, සහාය වෘක පෝතක බාලදක්‍ෂ ආචාර්යවරුන් වූ ටී. යූ. ද සිල්වා සහ එස්‌. විඡේසූරිය යන මහත්වරු කටයුතු කළහ. ශ්‍රී ලංකා බාලදක්‍ෂ ව්‍යාපාරයේ විශේෂ සිදුවීම් කිහිපයක් '''ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ ඉතිහාසය.''' 1907 දී  එංගලන්තයේ ඇරඹි බාලදක්ෂ ව්‍යාපාරය ඉන් වසර 5කට පසු, 1911 දී එවකට මාතලේට අනියුක්ත ව ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ (PWD) සිවිල් ඉංජිනේරුවෙකු ලෙස සේවය කළ ඉංගිරීසි ජාතික ප්‍රැන්සිස් ජෝර්ජ් ස්ටීවන්ස් මහතාට බේඩ්න් පවල් සාමිතුමා විසින් අරඹන ලද ළමා ව්‍යාපාරය ලංකාවේ ස්වදේශික දරුවන් වෙත හදුන්වාදීමේ අදහස ඇති විය. ෆැන්සිස් ජෝන් ස්ටීවන්ස් මහතා විසින් 1912 දී මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයේදී ශ්‍රී ලංකාවේ මුල් ම බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කරන ලදී. ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයකු වූ ඒ මහතා සේවය කළ සෑම පළාතකම බාලදක්ෂ කටයුතු ආරම්භ කළේය. එෆ්.ජී.ස්ටීවන්ස් මහතා විසින් ක්‍රිස්තුදේව විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම ආරම්භ කරනු ලැබූ ව ද එහි භාරකාරත්වය දැරීමට එතුමාට නො හැකි විය. ඒ් සදහා ක්‍රිස්තුදේව විද්‍යාලයේ එවක විදුහල්පතිතුමාගේ සොයුරු වූ එම විද්‍යාලයේ ම සේවය කල ඩී. චාල්ස් ජයසිංහ මහතා වෙත පවරනු ලැබිණ. ඒ අනුව ලංකාවේ ප්‍රථම බාලදක්ෂ නායකයා වනුයේ චාල්ස් ජයසිංහ මහතා ය. බී. පී. තුමා විසින් එෆ්. ජී. ස්ටීවන්ස් මහතා යටත්විජිත කොමසාරිස් ධුරයට පත්කරනු ලැබීමෙන් අනතුරු ව 1914දී බිතාන්‍ය බාලදක්ෂ සංගමයෙහි ලංකා ශාඛාව (British Boy Scout Association Ceylon Branch) වශයෙන් පිළිගැනීම සිදුවිය. 1914 පැන නැගුණු පළමු ලෝක සංග්‍රාමයත් සමග ම එෆ්.ජී.ස්ටීවන්ස් මහතා නැවත කොළඹට ස්ථාන මාරු කරන ලැබු අතර පසුව මෙසපොතේමියාවේ යුද සේවය කැඳ වූ හෙයින් F.G පියර්ස් මහතා බාලදක්ෂ කටයුතු භාරව ක්‍රියා කළේය. එතුමාද ඉන්දියාවේ සේවයට ගිය අතර සර් එඩ්වඩ් ඩෙන්හැම්, J.H ද සේරම්, වර්නන් ග්‍රේනියර් යන ත්‍රිත්වය බාලදක්ෂ ව්‍යාපාරයේ මූලිකත්වය ගත්හ. එෆ්. ජී. ස්ටීවන්ස් මහතාගේ වසර 33ක බාලදක්ෂ ව්‍යාපාරයට කරනු ලැබූ විශිෂ්ට සේවය අගයමින් බී. පී. තුමා විසින් පෞද්ගලික ව ඇගයීමට ලක්කරමින් ‘රිදී වෘකයා’ සම්මානය ද ප්‍රදානය කරන ලද්දේ ය. ලෝක බාලදක්ෂ නායකතුමාගේ ලංකා සංචාරය 1921 දී පළමු වරට ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නායක බේඩන් පවෙල් සාමිවරයා සහ ඔලේව් සෙන්ට් ක්ලෙයාර් මැතිනියගේ ලංකාවට සැපත් වීම සිදු විය. එම අවස්ථාවේ දී ඔවුන් පිළිගැනීමට කොළඹ ගාලූ මුවදොර පිටියේ රැළියක් පැවැත්විය. 1934 බී.පී. තුමා තම මෙනෙවිය සමග දෙවන වරටත් ලංකාවට පැමිණීම. ලංකා පළමු බාලදක්ෂ කණ්ඩායම් බස්නාහිර පළාතේ පළමු ප්‍රාදේශීය ශාඛා සංගමය පිහිට වූ අතර 1913 දී මහනුවර ධර්මරාජයේ ද, 1914 දී ගාල්ල මහින්දයේ ද බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කළේ ය. ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස එෆ්. ජී. පියර්ස් මහතා ක්‍රියා කළේ ය. මින්පසු මාරුවීම් ලද දිස්ත්‍රික්ක තුළ ද බාලදක්ෂ කණ්ඩායම් ආරම්භ කරමින් බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන ලදී. 1914 දී පළමුවන කොළඹ සමූහය ගාලු මුවදොර පිහිටි ක්‍රිස්තුදේව දෙව්මැදුරේ අරඹන ලදී. ඒය අාණ්ඩුකාර උතුමන්ගේ කණ්ඩායම ලෙසින් ද හැදින් වේ. 1 වන මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය - 1912 1 වන මහනුවර ධර්මරාජ විද්‍යාලය - 1913 1 වන කොළඹ අග්‍රාණ්ඩුකාරතුමාගේ කණ්ඩායම - 1914 2 වන කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගමය - 1914 1 වන ගාල්ල මහින්ද විද්‍යාලය - 1914 2 වන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය - 1914 ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයේ වැදගත් සිදුවීම් 1915 - මුල්ම බාලදක්ෂ සංගණනය. (බාලදක්ෂයින් / නායකයින් 248) 1916 - පෝතක බාලදක්ෂ අංශය ආරම්භ වීම. 1917 - පළමු බාලදක්ෂ රැළිය කොළඹ හැව්ලොක් පිටියේදී පැවැත්වීම. 1917 දී මහනුවර ධර්මරාජ විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල දක්ෂතම බාලදක්ෂ සමූහයට හිමි රජුගේ ධජය දිනා ගැනීම. දෙවන වතාවටත් 1918 දී මහනුවර ධර්මරාජ විද්‍යාලයේ බාලදක්ෂ කණ්ඩායම විසින් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල දක්ෂතම බාලදක්ෂ සමූහයට හිමි රජුගේ ධජය දිනා ගැනීම. 1918 -මුහුදු බාලදක්ෂ අංශය ආරම්භ වීම. 1919- තෙවන වරටත් රජුගේ ධජය දිනා ගැනීම 1920 - පළමු බාලදක්ෂ ජම්බෝරියට තේනුවර මහතා සහභාගි වීම. 1921 – B.P තුමා හා ආර්යාව පළමු වරට ලංකාවට පැමිණීම. 1924 - පළමුවන ලී පදක්කම් පාඨමාලාව මෝදරදි පැවැත්වීම. 1931 - කළුතර ද සේරම් බාලදක්ෂ ජනපදය ඇරඹීම. 1934 - B.P තුමන් දෙවන වර ලංකාවට පැමිණීම. 1945 - රුපියලේ වැඩ ව්‍යාපාරය ආරම්භ වීම. 1952 - පළමු ජාතික ජම්බෝරිය පැවැත්වීම 1955 - ශ්‍රී ලංකාව ලෝක බාලදක්ෂ සම්මේලනයේ සාමාජිකත්වය ලබා ගැනීම. 1957 - ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය නීතිගත කිරීම. 1962- පළමු බාලදක්ෂ මුද්දරය නිකුත් වීම. 1975 පළමු ජාතික කබෝරිය පැවැත්වීම. 1990 - පළමු සාක් ජම්බෝරිය පැවැත්වීම. 1991 - ප්‍රථම ජාතික ඉන්ඩාබා සමුළුව පැවැත්වීම. 2001 - ශ්‍රී ලංකා රැජිණ හා ජනාධිපති බාලදක්ෂ සංසදය ඇරඹීම. සමස්ත ලංකා බාලදක්ෂ රැලි 1917 - පළමුවන සමස්ත ලංකා රැලිය, හැව්ලොක් රේස් පාඨමාලාව, කොළඹ, 1918 - 2 වන සමස්ත ලංකා රැලිය, බැරැක්ක, මහනුවර, 1919 - 3 වන සමස්ත ලංකා රැලිය, මහනුවර, 1921 - 4th All Ceylon Rally, හැව්ලොක් රේස් පාඨමාලාව, කොළඹ, (බී.පී.තුමාගේ පැමිණීම) 1922 - 5 වන සමස්ත ලංකා රැලිය, මහනුවර, (වේල්ස් කුමරුගේ නැගෙනහිර සංචාරය 23 මාර්තු 1922) 1924 - 6 වන සමස්ත ලංකා රැලිය, කොළඹ, (බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර විලියම් මැනිංගේ උතුමාණන්ගේ සමුගැනීමේ උත්සවය) ජාතික බාලදක්ෂ ජම්බෝරි 1952 - පළමු ජාතික ජම්බෝරිය - කොළඹ 1962 - දෙවන ජාතික ජම්බෝරිය - කොළඹ 1985 - තෙවන ජාතික ජම්බෝරිය - අනුරාධපුරය 1992 - සිව්වන ජාතික ජම්බෝරිය - කුරුණෑගල 1998 - පස්වන ජාතික ජම්බෝරිය - මහනුවර 2002 - සයවන ජාතික ජම්බෝරිය - ගාල්ල 2006 - හත්වන ජාතික ජම්බෝරිය - නුවරඑළිය 2010 - අටවන ජාතික ජම්බෝරිය - හම්බන්තොට 2016 - නමවන ජාතික ජම්බෝරිය -යාපනය 2020- දසවන ජාතික ජම්බෝරිය-ත්‍රීකුනාමලය ජාතික බාලදක්ෂ කබෝරි 1975 - පළමු ජාතික කබෝරිය - ගාල්ල 1984 - දෙවන ජාතික කබෝරිය - කොළඹ 1986 - තෙවන ජාතික කබෝරිය - ගාල්ල 1995 - සිව්වන ජාතික කබෝරිය - කළුතර 1996 - පස්වන ජාතික කබෝරිය - වත්තල / ජා ඇල 2000 - සයවන ජාතික කබෝරිය - මීගමුව 2004 - හත්වන ජාතික කබෝරිය - මහනුවර 2007 - අටවන ජාතික කබෝරිය - ගාල්ල 2010 - නමවන ජාතික කබෝරිය - අඟුණුකොලපැලැස්ස 2013 - දසවන ජාතික කබෝරිය - වත්තල / ජා ඇල 2016 - එකළොස්වන ජාතික කබෝරිය - ගාල්ල ශ්‍රී ලංකාවේ පැවති සාක් ජම්බෝරි දකුණු ආසියාතික භූගෝලීය කලාපය මුල්කොට ගෙන ඇති වූ කලාපීය සංවිධානය ‘සාක් ’ සංවිධානය යනුවෙන් හැඳින්වේ. SOUTH ASIAN ASSOCIATION FOR REGIONAL CO-OPERATION යන සංවිධාන නාමය සංක්‍ෂිප්ත නාමයක් වශයෙන් සාක් (SAARC) යනුවෙන් භාවිතයේ යෙදේ. සාක් යන අන්වර්ථ නාමයෙන් අදහස් වන දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය නැතහොත් කලාපීය සහයෝගිතා ජම්බෝරි කීපයක් ම මේ වන විට පවත්වා අැත. 1990 - පළමු සාක් ජම්බෝරිය - කොළඹ 2000 - දෙවන සාක් ජම්බෝරිය - නුවරඑළිය ශ්‍රී ලංකාවේ පැවති ආසියා පැසිපික් කලාපීය ජම්බෝරි ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කර වසර 100ක් ගත වන 2012 වර්ෂය ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයට සුවිශේෂී සන්ධිස්ථානයකි. ඒ් වෙනුවෙන් සියවස ජම්බෝරිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේ කණ්ඩලම ඩී.එස්.සේනානායක පිටියේ දී පැවැත් විය. 29 වැනි ආසියා පැසිෆික් කලාපීය ජම්බෝරිය රටවල් 20 බාලදක්ෂයින් සහභාගී වූහ. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය අයත්වන ආසියා පැසිෆික් කලාපීයරටවල බාලදක්ෂයන් විසින් පවත්වන කලාපීය ජම්බෝරි 30 මේ වන විට පවත්වා අැත. 2012 - 29වන කලාපීය ජම්බෝරිය - දඹුල්ල ජාත්‍යන්තර ජම්බෝරි ලෝක බාලදක්‍ෂ සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර ජම්බෝරි කීපයක් ද අැත. ගුවන් ජම්බෝරිය jamboree on the air ( JOTA) අන්තර්ජාල ජම්බෝරිය jamboree on the internet (JOTI) කෙටිපණිවිඩ ජම්බෝරිය jamboree on the sms (JOTS) ලෝක බාලදක්ෂ ජම්බෝරි ලෝකයේම බාලදක්ෂයින් වෙන්වෙන් පැවැත් වූ පළමු ජම්බොරිය වන්නේ බී.පී.තුමාගේ ප්‍රධානත්වයෙන් 1920දී ලන්ඩන් නුවර ඔලිම්පියාහි පැවැත් වූ පළමු ජම්බෝරියට ලෝකයේ රටවල් 34කින් බාලදක්ෂයින් 8,000ක් සහභාගී වූහ. අවසන් වරට පැවැත් වූ 23 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරිය 2015දී ජපානයේදී පැවැත්විය. ඒ සඳහා රටවල් 216ක් නියෝජනය කරමින් ලොව පුරා බාලදක්ෂයින් 32000ක් මෙවර ජම්බොරියට එක්වූහ. ශ්‍රී ලංකා බාලදක්‍ෂ පදක්කම් ක්‍රමය සිඟිති අංශය සාමාජික පදක්කම සතුට දිනුම පෝතක අංශය සාමාජික පදක්කම් ලෝකඩතරු පදක්කම් රිදීතරු පදක්කම් රන්තරු පදක්කම් බාලදක්‍ෂ අංශය ජාතික බාලදක්ෂ සාමාජික පදක්කම. බාලදක්ෂ ආචාර්යවරයාගේ ප්‍රදානය. සමූහ බාලදක්ෂ ආචාර්යවරයාගේ ප්‍රදානය. දිසා කොමසාරිස් ප්‍රදානය. ප්‍රධාන කොමසාරිස් අභියෝගතා ප්‍රදානය (අනිවාර්ය ප්‍රදානයක් නොවේ මූලාශ්‍ර පරිශීලක:Scouting magazine https://baladakshaya.blogspot.com http://www.scouting.lk/ http://www.srilankascouts.lk/si/component/content/article/76.html
7,825
https://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B7%80%20%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%20%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA
ද්විධ්‍රැව සන්ධි ට්‍රාන්සිස්ටරය
ද්වීධ්‍රැවීය සන්ධි ට්‍රාන්සිස්ටරය (බීජේටී) යනු ට්‍රාන්සිස්ටර වර්ගයකි. මෙම ත්‍රි-අග්‍ර උපාංගය මාත්‍රණය කල අර්ධසන්නායක ද්‍රව්‍යයන් උපයෝගී කොට නිෂ්පාදනය කර ඇති අතර වර්ධන කාර්යයක් සඳහා හෝ ස්විචයක් ආකාර කාර්යයන් සඳහා හෝ භාවිත කල හැක. ද්වීධ්‍රැවීය ට්‍රාන්සිස්ටර එලෙස නම් කර ඇත්තේ ඒවායේ ක්‍රියාකාරිත්වය ඉලෙක්ට්‍රෝනයන් හා කුහරයන් යන දෙක මතම රඳා පවතින නිසාය. බහුතර වාහකයන් ගලා යෑම මත යැපුනද, ට්‍රාන්සිස්ටර ධාරාවෙන් වැඩි කොටසක් සුළුතර වාහකයන් ගලා යෑම මත රඳා පවතින හෙයින් බීජේටී වර්ගීකරණය වනුයේ 'සුළුතර-වාහක' උපාංගක් ලෙසය. |- align = "center" | || PNP |- align = "center" | || NPN හැඳින්වීම NPN ට්‍රාන්සිස්ටරයක්, හවුලේ භාවිත කරන ඇනෝඩ ප්‍රදේශයක් හා දියෝඩයන් දෙකකින් සමන්විත ලෙස සැලකිය හැක. සාමාන්‍ය භාවිතයේදී, පාදම–විමෝචක සන්ධිය පෙර නැඹුරුවකට ලක්කිරීම හා පාදම–සංග්‍රාහක සන්ධිය පසු නැඹුරුවකට ලක්කිරීම සිදු කෙරේ. උදාහරණයක් ලෙස NPN ට්‍රාන්සිස්ටරයක, පාදම–විමෝචක සන්ධියට ධන වෝල්ටීයතාවක් යෙදූ කල, තාපජ ලෙස ජනනය වූ වාහකයන් හා හායිත පෙදෙසෙහි විකර්ෂක විද්‍යුත් ක්ෂේත්‍රය අතර සමතුලිතතාවය අසමබර වී, තාපජ ලෙස ජනනයවූ ඉලෙක්ට්‍රෝන වලට පාදම පෙදෙසට තල්ලුවී යෑමට අවස්ථාව ලබා දෙයි. මෙම ඉලෙක්ට්‍රෝක පාදම පෙදෙස ඔස්සේ විමෝචකය අසල අධි සාන්ද්‍රණයක් ඇති කලාපයෙහි සිට සංග්‍රාහකය අසල අව සාන්ද්‍රණයක් ඇති කලාපය වෙතට ඔබමොබ සැරිසරයි (හෝ "විසරණය වෙයි"). පාදම p-වර්ගය ලෙස මාත්‍රණය කිරීම හේතුවෙන්, පාදමෙහිදී කුහර බහුතර වාහක වන බැවින්, පාදමෙහි ඇති ඉලෙක්ට්‍රෝන හඳුන්වන්නේ සුළුතර වාහකයන් ලෙසය. ට්‍රාන්සිස්ටරයක පාදම පෙදෙස පටු ලෙස නිමැවිය යුත්තේ, අර්ධසන්නායකයේ සුළුතර වාහක ආයු කාලයට වඩා අඩු කාලයකදී එය හරහා වාහක විසරණය වීම තුලින්, සංග්‍රාහක–පාදම සන්ධිය වෙතට ලඟාවීමට පෙර ප්‍රතිසංයෝජනය වන්නාවූ වාහක ප්‍රතිශතය අවම මට්ටමක පවත්වා ගෙන යෑම උදෙසාය. පාදමෙහි ගනකම, ඉලෙක්ට්‍රෝනයන්හි විසරණ පරාසයට වඩා අඩු විය යුතුය. සංග්‍රාහක–පාදම සන්ධිය පසු-නැඹුරු කරනුයේ, සංග්‍රාහකයෙන් පාදම වෙතට ඉලෙක්ට්‍රෝන තල්ලුව සුළුවෙන් සිදුවන අතරතුර, පාදම ඔස්සේ සංග්‍රාකය දෙසට විසරණය වන ඉලෙක්ට්‍රෝන, සංග්‍රාහක-පාදම සන්ධියෙහි හායිත පෙදෙසෙහි විදුලි ක්ෂේත්‍ර‍ය පිහිටෙන්, සංග්‍රාහකය වෙතට වේගයෙන් ඇදී යෑම සහතික වනු පිණිසය. ට්‍රාන්සිස්ටර
7,950
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%9C%E0%B6%AF%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A%20%E0%B7%84%E0%B7%8F%20%E0%B6%9C%E0%B7%9C%E0%B6%B8%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F
සොදොම් හා ගොමෝරා
උප්පත්ති කථාව පරිදී, සොදොම් (, ග්‍රීක Σόδομα) සහ ගොමෝරා (, ග්‍රීක Γόμορρα) දෙවියන්වහන්සේ විසින් විනාශ කරන ලද නගර දෙකකි.
7,958
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%84
මොරතිහ
ඉතිහාසය හා විකාශනය සමාජ ව්‍යුහය ජනප්‍රවාද හා වෘතාන්ත පිහිටීම ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මොරතිහ ගම පිහිටා ඇත. සිතියම් සහ මාර්ග අන්තර්ජාලානුසාරයෙන් මොරතිහ සිතියම 7°30'24"N 80°29'21"E කුරුනෑගල සිතියම සෞන්දර්ය
7,961
https://si.wikipedia.org/wiki/%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD%20%E0%B6%B8%E0%B7%9E%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA
චන්ද්‍රගුප්ත මෞර්ය
ඇතැම්විට සරල ලෙස චන්ද්‍රගුප්ත ලෙස හැඳින්වෙන, චන්ද්‍රගුප්ත මෞර්ය (සංස්කෘත: चन्द्रगुप्त मौर्य), (උපත ක්‍රිපූ 340 ගණන්, පාලනය ක්‍රිපූ 320 ගණන් – ක්‍රිපූ 298 ගණන් ), මෞර්ය අධිරාජ්‍යයේ නිර්මාතෘ විය. ඉන්දියානු අර්ධද්වීපයෙහි වැඩි කොටසක් එක්සේසත් කිරීමෙහි ලා චන්ද්‍රගුප්ත සමත් විය. ඉන්දියාව පළමුවෙන් එක්සේසත් කළ තැනැත්තා ලෙසද ඉන්දියාවේ පළමු සැබෑ අධිරාජයා ලෙසද චන්ද්‍රගුප්ත සැලකීමෙහි ලා ඉහත කරුණ ඉවහල් විය. විදේශීය ග්‍රීක හා ලතින් විස්තරයන්හි, චන්ද්‍රගුප්ත හැඳින්වෙනුයේ සන්ඩ්‍රොකුප්ටොස් (Σανδρόκυπτος), සන්ඩ්‍රොකොට්ටොස් (Σανδρόκοττος) හෝ ඇන්ඩ්‍රොකොට්ටුස් ලෙසිනි. චන්ද්‍රගුප්තයන්ගේ විජයග්‍රහණයන්ට පෙරාතුව, කුඩා ප්‍රාදේශීය රාජධානින් ගණනාවක් වයඹදිග අර්ධද්වීපය තුළ සිය බලපරාක්‍රමය පැතිරවූ අතර, ගංගානදී ආශ්‍රිත තැනිතලාව තුල ජයකෙහෙලි නැංවූයේ නන්ද අධිරාජ්‍යයයි. චන්ද්‍රගුප්තයන්ගේ අභිභවනයන්ට පසුව, මෞර්ය අධිරාජ්‍යය නැගෙනහිරින් බෙංගාලය සහ ඇසෑමය සිට, බටහිරින් ඇෆ්ගනිස්තානය හා බලුකිස්තානය දක්වාද, උතුරින් කාශ්මීරය(වයඹ) හා නේපාලය(ඊසාන) සිට, දකුණින් ඩෙකෑන් සානුව දක්වාද පැතිරිණි. ඔහු යම්තම් 20 වැනි වියපත් වත්ම ඇලෙක්සැන්ඩරයන්ගේ මැසිඩෝනියානු මාණ්ඩලිකයන් පරාජය කිරීම හා නන්ද අධිරාජ්‍යය අභිභවනය කිරීමෙහි සිට, දකුණුදිග ආසියාව තුළ මධ්‍යගත පාලනය නතු කර ගැනීම දක්වා විහිදෙන, ඔහුගේ මස්තකප්‍රාප්තීන්, ඉන්දියානු ඉතිහාසයේ අති සුප්‍රකට සිද්ධීන් ලෙස තවමත් සැලකේ. වසර දෙදහසක් ඉක්මවීමෙන් පසුවද, චන්ද්‍රගුප්ත හා, මහා අශෝක ඇතුළු ඔහුගේ අනුප්‍රාප්තිකයන්ගේ සම්ප්‍රසාධනයන්, දකුණු ආසියාතික හා ලෝක ඉතිහාසයෙහි පුරාවෘත්ත අධ්‍යයනයෙහි විෂය වස්තූන්ව පවතියි. ග්‍රීසියේ සෙලියුසිඩ් රාජ්‍යයේ පාලකයා වන සෙලියුකස් I සමඟ චන්ද්‍රගුප්ත නැවතත් යුද්ධයකට එළඹුණි. 305 පූර්ව ‍පොදු යුගයේදී ඇති වූ මහා සංග්‍රාමයේ දී ඔහු විසින් ඉන්දියාවේ වයඹ දිග ප්‍රදේශ නැවතත් අල්ලාගැනීමට උත්සාහ කරන ලදි. එහෙත් ඔහු අසාර්ථක විය. අවසානයේ පාලකයෝ දෙදෙනා සාම ගිවිසුමකට එකඟ වූහ. ‍රණකාමී ගිවිසුම අවසන් විය. රජ පෙළපත් අතර විවාහ සම්බන්ධතා සහ ග්‍රීසියේ වැසියන් සහ ඉන්දියානු වැසියන් අතර විවාහ සම්බන්ධකම් ගොඩ නැගුණි. චන්ද්‍රගුප්තට පැර‍පාමිසාදය (කාම්බෝජ සහ ගාන්ධාර), ඇරකෝසියා (කන්දහාර්) සහ ගෙඩ්රෝසියා( බලුකිස්ථානය) යන මාණ්ඩලික ප්‍රදේශ හිමි වූ අතර සෙලියුකස්I ට යුධ ඇතුන් 500 ක් ලැබුණි. 301 වන පූර්ව ‍‍පොදු යුගයේ දී ඇති වූ ඉප්සස් යුද්ධයේ දී බටහිර හෙල්ලනිස්ටික් රජු පරදා ජයග්‍රහණය ලැබීමට සෙලියකස් I ට ඇතුන් බෙහෙවින් උපකාරී විය. අනතුරුව ජාත්‍යන්තර සම්බන්ධතා පිහිටවූ අතර ඵෙතිහාසික වෙගස්තීනුවන්, ඩෙයිමාකෝස් සහ ඩයිනිසියස් වැනි ග්‍රීසින් කිහිපදෙනෙකුම මයුර රජ මාළිගයේ වාසය කළහ. චන්ද්‍රගුප්ත, පාඨලීපුත්‍රයේ විශාල පාලක මණ්ඩලයක් සහිතව ශක්තිමත් මධ්‍යම රාජ්‍යයක් පිහිට වුයේය. මෙගස්තීනුන්ට අනුව මෙම මාළිගය ද්වාර 64 කින් සහ කුළුණු 570 කින් යුක්ත දැවමය බිත්තියකින් වටවී තිබුණි. එය අසිරිමත් අසමසම සූසා සහ එක්බැටානා වැනි මාළිගාවලටත් තරඟකාරී එකක් විය. චන්ද්‍රගුප්තගේ පුත් බින්දුසාර, ඔහුගේ මයුර රාජ්‍යයේ පාලනය දකුණු ඉන්දියාව දක්වා ව්‍යාප්ත කළේය. ඔහුගේ මාළිගයේ ඩෙයිමාකස් (ස්ට්‍රාබෝI 70 ) නම් ග්‍රීක තානාපතිවරයෙක් ද සිටියේ ය. මූලාශ‍්‍ර ඉන්දියාව
7,968
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%20%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B7%83%E0%B7%8A
අජන්ත මෙන්ඩිස්
බලාපුවඩුගේ අජන්තා වින්ස්ලෝ මෙන්ඩිස් (උපත මොරටුවෙහිදී, 1985 මාර්තු 11 දිනදී) යනු ශ්‍රීලාංකීක ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයෙකි. දකුණු-අත් ලැසි-මද වේග පන්දු යවන්නෙකු ලෙස වර්ගීකරණයට ලක් වුවද, අජන්තා මෙන්ඩිස් යනු ගුග්ලි, පිට-බිඳුම් (ඕෆ් බ්‍රේක්), උඩු-දඟ (ටොප් ස්පින්), ලැසි-ඉපිලුම් (ෆ්ලිපර්ස්) සහ පා-බිඳුම් (ලෙග් බ්‍රේක්) යන පන්දු යැවීම් ශෛලීන් මිශ්‍රණයක් උපයෝගී කරගන්නා දඟ පන්දු යවන්නෙකි. ඔහු සතුව ඇති පන්දු එවීමේ ශෛලීන් සමුදාය හමුවේ පිතිකරුවන් වික්ෂිප්තව අන්දමන්දව ඔහුගේ නිත්‍ය පන්දු එවීම කුමක්දැයි තෝරාබේරා ගැනුමට නොහැකිව අවිනිශ්චිතව ලතැවුනු අවස්ථා එමටය. මෙන්ඩිස්, 2007-08 ක්‍රීඩා වාරයෙහිදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සඳහා වඩාත් ඵලදායී කඩුළු දවා ගන්නා වූ අතර, 10.56ක සාමාන්‍යයක් ඇතිව හා කඩුළු දවා ගැනීමේ සීඝ්‍රතාවය 31 ක් සහිතව කඩුළු 46ක් තරග හයකදී හිමි කර ගත්තේය. හමුදා ජීවිතය සාමාන්‍ය සෙබෙලකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත අැතුලත් වීමෙන් පසු ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරමින් දක්ෂතා දැක්වීමට සමත්විය. ඉන්පසු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රභල පන්දු යවන්නෙකු වශෙයන් දැක්වූ වාර්තාගත දක්ෂතා හේතුවෙන් යුද්ධ හමුදාව තුල කොමිෂන් ලත් නිලධාරියෙකු ලෙස උසස්වීම් ලද අතර, වර්තමානයේ ලුතිතන්වරයෙකු වශයෙන් ඔහුගෙ සේවය යුද හමුදාව වෙත ලබාදෙයි. මූලාශ්‍ර බාහිර සබැදි Cricinfo profile How to bowl the Carrom Ball http://www.indianexpress.com/story/330604.html http://content-pak.cricinfo.com/magazine/content/story/359207.html http://www.tehelka.com/story_main39.asp?filename=hub280608theslowkiller.asp 1985 උපත් ක්‍රිකට් ක්‍රීඩකයෝ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෝ
7,975
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%9D%E0%B6%A4%E0%B7%8A%E0%B7%81%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%9D%E0%B6%BD%E0%B7%8F
කෝඤ්ශ්කෝවෝලා
(Końskowola, IPA : [kɔɲskɔ'vɔla]) යනු අග්නිදිග පෝලන්තයේ ග්‍රාමයකි. මෙය පිහිටා ඇත්තේ පුලාවි හා කුරුෆ් අතර කුරුකා ගඟ අසබඩය. මෙම ග්‍රාමය එම දිස්ත්‍රික්කයේ ප්‍රධාන ග්‍රාමය වන අතර ලුබ්ලින් පලාතට අයත්වේ. 2004 වර්ශය වන විට මෙහි ජනගහනය 2188 කි. පෝලන්තය
7,978
https://si.wikipedia.org/wiki/%E0%B6%B7%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B1%20%E0%B6%A4%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA
භයතුපට්ඨාන ඤාණය
බුදුදහමට අනුව වත් පිළිවෙත් පුරන්නකු තුළ පහළ වන විශේෂිත ඤාණ අතුරෙන් භයතුපට්ඨාන ඤාණය තුළින් චිත්ත අභ්‍යන්තරයේ පහළ වන අකුසල චේතනා, පාප ක්‍රියා බවට පරිවර්තනය වීම වළක්වයි. පාප ක්‍රියා කිරීමට ලැජ්ජා හෝ බිය නැති නිසාම මිනිස්සු සිත, කය, වචනය යන තිදොරින් අකුසල් රැස් කර ගනිති. පව් කිරීමට ලැජ්ජා හෝ බිය නැති පුද්ගලයකු බවට පත්වන්නේ ධර්මතා පිළිබඳ ඔවුන්ගේ අනවබෝධය හා නොදන්නාකමයි. එවැනි අය බුදුරජාණන් වහන්සේ නම් කර ඇත්තේ බාලයන් ලෙස ය. මහාමංගල සූත්‍රයේ දී බාලයන් ඇසුරු කිරීමෙන් වළකන ලෙස 'අසේවනාච බාලානං' යනුවෙන් දේශනා කොට ඇත. ප්‍රාණඝාතය, හොරකම් කිරීම, වැරැදි කාම සේවනය, බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස්වචන කීම, මිථ්‍යා දෘෂ්ඨි අභිධ්‍යා, ව්‍යාපාද යන දස අකුසල් කිරීමට යොමු වන්නේ භයතු පට්ඨාන ඤාණය නැතිවීම නිසා ය. දඬුවම් හා අපකීර්ති අවලාද ඇති වෙතැයි යන හැඟීමෙන් පව්කම් වලින් වැළකී සිටීමකි. එවැනි සිත් ඇති අය බොහෝ විට අන් අයට නොහැගෙන නොපෙනෙන පරිදි රහසින් හෝ පවුකම් වලට පෙළඹෙන අය බවට පත්වෙති. භයතු පට්ඨාන ඤාණය පහළ වූවකු ගේ සිත තුළ අකුසල කර්ම සිදුකිරීමෙන් ඇති වන ඵලවිපාක ගැන මනා අවබෝධයක් ඇති නිසා, මෙලොව පරලොව වශයෙන් අත්විඳින්නට වන භයානක ප්‍රතිඵල කිසිම සැකයකින් තොරව දන්නා නිසාත්, එසේම විශ්වාස කරන නිසාත් පව් කිරීමට බිය වෙයි. ගිනි පෙල්ලෙන් බැට කෑ අයකුට ඒ නිසා ඇති වන වේදනාව අත්දැකීමෙන් දන්නා නිසා කණා මැදිරි එළියටත් බිය වන්නාක් මෙන් පව් කළොත් ලැබෙන ප්‍රතිඵල ගැන සැක හැර දන්නා භයතු පට්ඨාන ඥාණයෙන් යුක්ත වූවෝ සුළු වෙන් හෝ පවක් කිරීමට බිය වෙති. භයතු පට්ඨාන ඤාණයෙන් යුක්ත පුද්ගලයා ජාති, ජරා, මරණ ආදී ඝෝර භව දුක් ගැන ඇති අවබෝධය හේතුවෙන් සතර අපාය, ප්‍රේත යෝනිය, තිරිසන් අපාය ආදී දුගති වල ඉපදී දුක් විඳීමට හේතු වන පාපා කර්ම කිසිම හේතුවක් නිසා කිරීමට බිය වෙයි. නව විධ විදර්ශනා ඤාණ අතරත් දසවිධ විදර්ශනා ඤාණ අතරත් භයතු පට්ඨාන ඤාණය ඇතුළත්ව ඇත. ඉන් අදහස් වන්නේ විදර්ශනා නුවණින්ම භයතු පට්ඨාන ඤාණය වඩවා ගත යුත්තක් බවයි. සසරේ ඇති බියකරු ස්වභාවය නොදන්නා නිසා බොහෝ අය කිසිම ලජ්ජාවක් බියක් නැතිව පාප කර්ම කරති. සිත, කය, වචනය යන තිදොරින් කරන පාප කර්මවලට අනුව මෙලොව පරලොව වශයෙන් සිදුවන හානිය ගැන හොද වැටහීමක් ඇතිවන්නේ භයතුපට්ඨාන ඤාණය තුළිනි. හොර බොරු වංචා කපටිකම් කර මෙලොව වශයෙන් විශාල දියුණුවක් ලබා සැප සම්පත් භුක්ති වින්දත් එම සැප සම්පත් දැහැමින් උත්සාහයෙන් වීර්යයෙන් ලබා ගත් දේ නොවන බව එවන් කොනකුගේ යටි සිත දකියි. ඒ නිසා මෙලොව වශයෙන් බාහිර ලෝකයට පෙන්වන ලොකුකම් හයිය, ඔවුන්ගේ අධ්‍යාත්මය තුළ ඇති වී නැති බැවින් තමා කළ පව්කම් යටිසිතින් කොඳුර කොඳුර මතකයට නැගෙන මොහොතක් මොහොතක් පාසා පසුතැවිල්ලෙන් පෙළෙන අයෙකු බවට පත්වෙයි. මෙම ස්වභාවය ටිකෙන් ටික ශරීරය දුර්වල වෙමින් මහලු වන විට වැඩි වැඩියෙන් දැනෙන්නට වෙයි. මරණාසන්න මොහොත වන විට කර්මයක් හෝ කර්ම නිමිත්තක් වශයෙන් මෙම සිත් නිතර නිතර පහළවීම හේතුකොට ගෙන මානසික තත්ත්වය බෙහෙවින් දුර්වල වීම මෙන්ම අපිරිසුදු වීම ද සිදුවෙයි. මරණාසන්න මොහොත වන විට කර්ම හෝ කර්ම නිමිති වශයෙන් මෙම සිත් නිතර නිතර පහළ වෙයි. එබැවින් බොහෝ විට අවසාන වශයෙන් පහළ වන භවාංග සිත මෙන්ම චුති සිත බවට එවැන්නක් පත්වුවහොත් මරණින් පසු පේ‍්‍රත ලෝක, තිරිසන් අපාය වැනි දුගති යන පුනර්භවයක් ලැබෙයි. මෙම දුගතිගාමි භව චක්‍රය ගැන කිසිම සැකයකින් තොරව දැනීමක් ඇති වන්නේත්, විශශ්වාසයක් පිළිගැනීමක් ඇති වන්නේත් භයතු පට්ඨාන ඤාණය නමැති විදසුන් නුවණ මුහුකුරා ඇති තරමට ය. එබැවින් එවැනි නුවණක් ඇති අය මොනම හේතුවක් නිසා හෝ පාප ක්‍රියාවලට පෙළඹෙන හෝ අනුබල දෙන පුද්ගලයෝ නොවෙති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න බෞද්ධයෝ ධර්මය කෙරෙහි සැක නොඋපදවා අකුසල විපාක විශ්වාස කරමින් තම ජීවිත තුළට සැනසීම උදා කර ගත්හ. අතීතයේ විසූ මුතුන්මිත්තෝ මේ සඳහා බෝහෝ විට පන්සිය පනස් ජාතක පොතේ කතා ආදර්ශයක් කර ගත්තා සේ පේ‍්‍රතවත්ථු, විමානවත්ථු කතා ද ථෙර ථෙරී අපදානද ඒවායින් කියැවෙන කර්ම විපාකද විශ්වාස කළහ. එම කතා සිය දරු මුණුපුරන්ට ඉගැන්වූහ. අද කුඩා දරුවන්ට කතා කියාදීමේ සම්ප්‍රදාය බොහෝ නිවෙස් තුළ දකින්නට නැති අතර, ඒ වෙනුවට රූපවාහිනි වැනල් මගින් විකාශනය කරන කාටුන් චිත්‍රපට බැලීමට යොමුව ඇත. එමගින් දරවන්ට තාවකාලික විනෝද ආශ්වාසයක් මිස පව් පින් හෝ අපාය දිව්‍ය ලෝක, බ්‍ර‍්‍රහ්ම ලෝක ගැන හැඟීම් සිත් තුලට ඇතුළු වන්නේ නැත. යම්කිසි කථාන්තරයක් දරුවකු අසා සිටින විට එම කතාවට අදාල චිත්ත රූප ඒ ඒ අයගේ දැනීමට අනුව සිත තුළ මැවෙයි. එය අසා සිටින දරුවාගේ නිර්මාණාත්මක දැනීම සංවර්ධනය වීමට ද එය හේතු වෙයි. විශ්ව සාහිත්‍ය කෘති පවා පසුව බිහිවන්නේ එසේ ඔවුන් තුළ ඇතිවන දැනීම් හා හැඟීම් නිසා ය. මෙකල බහුතරයක් වැඩි හිටියන් තුළ පවා සතර අපාය, පේ‍්‍රත ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ගැන සැක සංකා මිස විශ්වාසයක් නැත. මේ නිසා වැඩි දෙනෙකු තුළ ඤාණයක් වශයෙන් භයතු පට්ඨාන ඤාණය වැඩෙන්නේ නැත. කිසියම් විෂයයක් පිළිබඳ දැනීමක් හේතුකව ඇති වන්නේ නැත. ඒ සඳහා දැන ඉගෙන ගෙන, එසේ ඉගෙන ගත් දේ පිළිබඳ සොයා විමසා බැලීමක් අවශ්‍ය ය. එසේ නම් භයතු පට්ඨාන ඤාණය පහළ වීමටත් බුදු දහම අනුව ධර්මතා ගැන දැන ඉගෙන ගෙන, ඒ ගැන විමසා බලා ධර්මය අවබෝධ කර ගැනීම අවශ්‍ය ය. එසේ සත්‍යාවබෝධය ලැබෙන විට සංසාර ගමනේදී ඒ ඒ ඝෝර භව තුළ දී අත්විඳින්නට සිදුවන අප්‍රමාණ වූ භයානක දුක්කම්කටොලු පිළිබඳ ඇතිවන දැකීම නිසා භයතු පට්ඨාන ඤාණය උපදියි. එයම පුද්ගලයා පාපයෙන් වැළැක්වීමට හේතු වෙයි. අකුසල් බුදු දහම සහ බුද්ධාගම
7,979
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%20%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA
මක්කම විහාරය
http://www.lakehouse.lk/budusarana/2008/07/10/tmp.asp?ID=fea03 ධාතු විස්තරය, කොහොඹ යක්කම හෙවත් විජේරාජ කතාව, ගොයම් කවි, සත් අඩි උපත, ඔංචිලිවාරම්, තලමල විස්තරය, කෝකිල සන්දේශය, කඩතුරා කවි, සන්නි කවි, දැදුරුඔය අසබඩ විත්ති, අපේ හෙළ සිංහල ඉතිහාසය ආදී විවිධ කෘතීන්හි දැකීමට ලැබෙන නාමයකි මක්කම. පොළොන්නරු යුගයෙන් පසුව ලියැවුණු විහාර අස්න නම්වූ විහාර නාමලේඛනය, පසුව මහ පිරිත් පොත හෙවත් පිරුවානා පොත්වහන්සේට ද ඇතුළත් කර ඇත. මෙම තොරතුරු අනව මක්කම නම් වූ නගරයක් සහ මක්කම නම් වූ විහාරයක් පිළිබඳව තොරතුරක් හෙළිවේ. දැනට ලෝකයේ සම්මත වී ඇති ලෝක සිතියම් පළමුව නිර්මාණය කර ඇත්තේ ගී‍්‍රක් ජාතික ටොලම් විසිනි. ටොලමිගේ ලංකා සිතියමට ඇතුළත් කර ඇති ග්‍රාම නාම පිහිටි ස්ථාන අනුව මල්වතු ඔයත් කලාඔයත් අතර ප්‍රදේශය මරගන ලෙස සඳහන් කර තිබේ. ඉතිහාසයේ සඳහන් වන පරිදි ටොලමි ජීවත්ව සිටියේ ක්‍රි.ව. 140 කාලයේය. එදවස ලංකාවේ රජතුමා වූයේ ගජබා රජතුමාය යන්න ඉතිහාසයේ සඳහන් ය. ගජබා රජතුමා සොළී දේශයට පිහිනා ගියේ මෙම අසලින්ය. ඒ බව මෙසේ දැක්වේ. මෙකල රජ කළ පවර ගජබා නිරිඳු මාවටුපුරෙන් සොළි ර ට එකල සැටවස් පුරා ගෙන ගිය දොළොස් දහසක් දනන් සිර කො ට අසා රැහැණිවැ ගදා ගෙනැ පසළොස්රියන් තුන්රියන් දිග ව ට මුද පිනා උරතලෙයි ගෑ සඳුන් නොමකා ගොසින් එතර ට ගජබා රජතුමා ගේ මාමා වූ මහල්ලකනාග රජතුමාගේ පුත්‍රයෙකි. කණිටඨතිස්ස රජතුමා මෙතුමා ක්‍රි.ව. 165 – 193 අතර කාලයේ වසර 28 ක් ලක් රජය කරවූ බව වංශකථා වළ සඳහන් ය. කණිටඨතිස්ස රජතුමා විසින් පිහිටුවන ලද සෙල්ලිපියක මගනනකර (මගනනගර) යන්න සඳහන් ය. කලාඔය ආසන්නයේ ඇති ඔච්චාපුකල්ලුවේ කැලෑවට ගිය විහාරයක් කුඹ විහාරය ලෙස සඳහන් වන්නේ සෙල්ලිපියකය. එහි සඳහන් පුවතට අනුව හෙළි වන්නේ මගන නකරයෙහි වෙවල මිතියෙහි වූ චුදනක වැව කුඹ විහාරයට පූජා කර ඇති බවයි. ( “....... ටොලමිගේ සිතියමෙන් ද විල්පත්තුවේ ඔච්චාපුකල්ලුවේ ඇති කනිට්ඨතිස්සගේ (167 –186) ශිලාලිපියෙන් ද පැහැදිලි වනුයේ මගණ පිහිටා තිබුණේ බටහිර වෙරළෙහි මෝදරගම් ආරේ මෝය සමීපයේ බවය.....” (පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය. 96 පිට) මෙහිම ඇති පැරණි සෙල්ලිපියකට අනුව මෙම ගල්ලෙන් විහාරය පළමුව කරවා ඇත්තේ කණරජතුමා ය. රඣ – කණශ - පුත – කණශ - ලෙණෙ – අගත- අනගත – චතුදිශ - ශගශ Rajha – Kanasa puta rajhaputa – Kanasa – lene agata – anagata – catudisa – sagasa (INSCRIPTION OF CEYLON. VOI:1:1 P.09.NO 111)කණරජතුමා යනු, බම.කුබ. (බම්බා, කුම්බා) Parumaka – Bama – puta – parumaka – Tisaha lene SagaSa No 130 යන රජවරු දෙදෙනාගේ පිය රජතුමා ය. කුම්බා රජතුමාගේ දියණිය අල්ලිරාණි හෙවත් වල්ලිකුමරිය ය. මැය සරණ පාවාගෙන සිටියේ ගිරිභද්‍ර සෙන්පතිතුමා ය. බුදුරදුන් කලාඔය දිගේ ගිරිබාවට වඩින විට බුදුරදුන්ට බාධා කළේ මොහු ය. ගෞතම බුදුරජාණන් වහන්සේ මොහුට විෂකුම්භ සූත්‍රය දේශනා කළේ ඉහත සඳහන් කළ කුඹ විහාරයේ දී ය. මෙය සඳහන් වන්නේ අප්‍රකට පුස්කොළ ග්‍රන්ථයක් වන යක්‍ෂ ගෝත්‍රිකයින්ගේ වරිගපූර්ණිකාවයෙහි ය. එම ග්‍රන්ථයෙන් උපුටා ගත් කොටසක් සිංහල පරිවර්තනය මෙසේ ය. “.......කලාඔයට ආසන්න විල්පත්තු (කඳුරු පදියම) කැලෑවේ පිහිටි වැලි වෙහෙර ද බුදුන්ගේ ශ්‍රී පාද පත්මයෙන් පවිත්‍ර වූ ස්ථානයකි. නර්මදා නදියේ වැලි තලාවක බුදුන්ගේ එක් සිරිපතුලක් පිහිටා ඇති බව (නම්මදාය නදියා පුලිනේචතීරේ) බෞද්ධයෝ විශ්වාස කරති. එය කවර ස්ථානයක පිහිටියක් ද යන්න මතභේදයකට තුඩු දී ඇත්තකි. බුදුන්ගේ වැඩම කිරීම වැළැක්වීම සඳහා ගිරිභද්‍ර සෙන්පතිතුමා විසින් යෙදූ හමුදාව අවි බිම තබා බුදුන්ගෙන් බණ ඇසූ ස්ථානය වැළි වෙහෙරයි. එනට ඒකරාශී වූ යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ඉල්ලීම පරිදි ශ්‍රී පාද ලාංඡනයක් පිහිටුවා වදාළ බව ජනප්‍රවාදයෙහි එයි. ශ්‍රී පාද වන්දනාව ශ්‍රී ලාංකිකයන්ට ආවේණික වන්දනා ක්‍රමයක් වූ බැවින් එම ශුද්ධ භූමි සතරම ශ්‍රී ලංකාවේ පිහිටන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. බුදුරජාණන් වහන්සේ ධූමක කද්දිර නම් යක්‍ෂ ගෝත්‍රික ජන පදයට වැඩම කිරීම අප්‍රකටව පැවතීම නිසා මේ වටිනා ස්ථාන පුරාවිද්‍යාවේ අවධානයට යොමු නොවීම කණගාටුවට කරුණකි......” (කර්තෘ ශාස්ත්‍රපති පණ්ඩිත මානෑවේ විමලරතන හිමි ජයබිම ත්‍රිපිටක ධර්මායතන පිරිවෙන මැදගම මහගල්කඩවල 2001/01/16 මුද්‍රණය) පිරිත් පොතෙහි සඳහන් විහාර නාමලේඛනය අනුව මුන්නේස්සරම විහාරය ළඟට එන්නේ ඇත්තල විහාරයයි. ඊළඟට එන්නේ මක්ම විහාරයයි. මක්කම විහාරය ළඟට එන්නේ මන්නාරම විහාරයයි. මේ අනුව මුන්නේස්සරම විහාරය සහ මන්නාරම විහාරය යන විහාරයන් දෙක මැද ඇත්තේ ඇත්තල විහාරය සහ මක්කම විහාරයන් දෙක ය. අද මෙම විහාරයන් දෙකම දැකීමට නොමැත. නමුත් සද්ධර්ම රත්නාකරය අනුව දාඨාසේන යෝධයාණෝ ඉන්දියාවට පැන යාම සඳහා කලාඔය දිගේ මුහුදු තීරයට ආ දින මෙහි සිටි කොවුලෙක් බෝධියකට ජලය දැමීම හා වැලි පිරවීම පිළිබඳ කථාවේ දී හමුවන බෝධිය නූතන කල්පිටිය නාවික හමුදා කඳවුර අසල ඇති බෝධිය යි. මක්කම විහාරය ගල්ලෙන් සහිත විහාරයකි. මෙම ගල්ලෙන් කඩා විනාශ කළේ ලංදේසීන්ය. අද දිනද නාවික හමුදා කඳවුර තුළ මක්කම විහාරයට අයත් ගල්ලෙන් පොළොව යටදී දැකියහැකිය. ගල් පර්වතය උඩම උඩම උඩ මක්කම වැල්ලේ වසින වසින වැසි ඒ ගල පල්ලේ යැයි ඔන්චිලිවාරම් වලදී හෙළි වන්නේමක්කම ගල්ලෙන් විහාරයට අයත් ගල්පර්වතයයි. මෙම ගල් ලංදේසීන් විසින් කඩා කොටුව සෑදීමට ගන්නා ලදී. මෙම ගල් කුට්ටි 1891 දී ඉංගී‍්‍රසීන් විසින් කැමරා කර තිබේ.ඉංගී‍්‍රසීන් විසින් දමා ඇති නීති අනුව මෙම ඡායාරූප අපට නැවත ඡායාරූප ගත නොහැක. ආරක්‍ෂක හේතු මත කල්පිටිය නාවික හමුදා කඳවුර ඡායාරූප ගැනීමට නොහැක. විස්තර සඳහා බලන්න.THE PORTUGUESE CHAPEL IN THE KALPITIYA FORT N.& Q. XXX.I.IV 78, 1925. 162 –166 PERERA.FR.S.G DISCOVERING CEYLON. R.L.BROHIER (බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව 82 පිට අභය හේවාවසම් පරිවත්නය) තත්ත්වය මෙසේ වන විට කෝකිලයාට මුල්ගිරිගල තිලක පිරිවෙන් හිම විධානය කළ, බල මා මිතුරු සඳ ඇත්තාල මක්කම (කෝකිලය 202 ) යන සිව් පදයේ හතරවන පාදයට අයත් මක්කම අද අපිට අහිමි වී ඇත. සක්වල ගල පිට යකු සිට තරග කරපි මුනි රජ හට යක්සෙන් තොපි විමන් දවමි කැපගනු බත්ගොටු හනි කට මක්කම සමනල සිරිපා තැබූ මුනිඳුගෙ පා දෙට කස්සප මුනිඳුගෙ අන ලමි වරෙන් මෙරග සැණකෙළි යට ඉතිහාසයේ සැගව ඇති මක්කම විහාරය සහ කෛලාශකුට විහාරය යන විහාරයන් දෙක ලංකාවේ පෞරාණික විහාරයන් ය. “මඩිගණාසිකො ඛුද්දතිස්සත්ථෙරො මහිද්ධිකො කෙලාසෙ සටඨිසහස්සානං දත්වාන පරිභුඤ්ජි තං” කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සතර බුදුවරුන් වැඩ සිට මිනිසුන් මෝක්‍ෂයට මග පෙන් වූ තැන මොක්අම මක්කම විනැයි පාලි ඬරුක්තියක් ඇතැයි අපට පළමුව කීවේ, උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝසභාවේ කෝට්ටේ පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක, නාමලේඛක ධුරන්ධර මහොපාධ්‍යාය, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනහි ආචාර්ය, සාහිත්‍යාචාර්ය, භාෂාශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත මාදිවෙල චන්දවිමල නා හිමියන් ය. උන්වහන්සේගේ ද දැනුම සහ අවවාද කැටි කොට මවිසින් මක්කම ලංකාවේ බව ඔප්පු කර ඇත. එම ග්‍රන්ථය නම් කළේ “දකුණු බුදුසිරිපතුල පිහිටි මක්කම සහ රාවණ රජුගේ සෙල්ලිපි” යනුවෙනි. මෙම ග්‍රන්ථය මෙතෙක් විවේචනයකට හසුවී නැත. මුක්කම නූතන බත්තලම්ගුණ්ඩුව ඇතුළත මුක්කම යන නමින් ස්ථානයක් තිබේ. විමසා බැලීම පාඨක ඔබ සතු ය. කෝකිල සංදේශය සක්වල ගලපිට යකු සිට තරග කරපි මුනි රජ හට යක්සෙන් තොපි විමන් දවමි කැප ගනු බතගොටු හනි කට මක්කම සමණල සිරිපා තැබු මුනිදුගෙ පා දෙට කස්සප මුනිදුගෙ අණ ලමි වරෙන් මෙරග සැණකෙළි යට වැටුණු තලිය තලි තුනකට පල්ලේයා ඉසුණු බුදු රැසින් මහමෙර එල්ලේයා ලකුණු බලාලා මහ මෙර පල්ලේයා දකුණු සිරිපතුල මක්කම වැල්ලේයා මක්කම වැඩ තිබූ වම් පා දෙක එක්කම මිණි මෙකල දිවසින් දැක සක් දෙවිඳුට උපමා කළ අණ සක නික්මෙනි සිව් ජලකඳ ගිරි අර ණෙක සත්පුර ඔබ දෙවියන් දැක මුණිඳුන් අණ සිරස දරයි මක්කම සිරි පතුල තබා දෙවරම වෙහෙරට වැ ඩියයි ලක් සඳු පියස මක්කම මොක් හිමි ප දක්කම සිවි මුරු වැ ඩක්කම සරණ වැඳලා කියමි යක්කම උඩම උඩම උඩ මක්කම වැල්ලේ වසින වසින වැසි ඒ ගල පල්ලේ දුවන දුවන නැව සමුදුර පල්ලේ අපිත් පඳිමු දැන් රන් ඔන් චිල්ලේ ලස්සන සෝබන සමගම බබළන මක්කම සිරිපා සමනල වැඳගෙන ලස්සන තලමල කිනිති පෙළින් පෙළ විස්තර තලමල පච්චවෙල වෙල මැද සතර දෙනයි අපි ආවේ ඔක්කොම සතර පිටට කැරකෙයි සොඳ ගෙත්තම සතර වටට අල්ලන මාලක්කම සතර බුදුන් වැඩි වැල්ලයි මක්කම මක්කම තිබූ පාදපත්ම එක්කම සමනල වඳින්ඩ දුක් මම කවි කර පවසමි සමන් දෙවිඳු මේ උතුමන්ඩ ඔක්කොම ගවරැළි වැනසුනි මෙදා යුගේ බැරි ගෙවන්ඩ මක්කම සමණල බලයෙන් නරකද පැත්තක් ඇරෙන්ඩ ගත පිවිතුරු සරහන ගෙල ප දක්කම කරවනතුරු ලිය නෙත රුසිරු වැක්කම සැදිවිසිතුරු තුරු මග දෙපස එක්කම බලමා මිතුරු සඳ ඇත්තාල මක්කම විහාර
7,982
https://si.wikipedia.org/wiki/%E0%B6%BD%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9C%E0%B6%B8%20%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%20%E0%B7%80%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BB
ලුණුගම ලෙන් වෙහෙර
පිහිටීම කොළඹ සිට කැලණිය, මල්වාන, දෙකටන හරහා කිරිඳිවැල මාර්ගයේ පුටුපාගල මංසන්දිය පසු කොට කිලෝමීටර්යක් (සැකපුම් 0.6 ක්) යනවිට හමුවන පැපෙ‍ාල්ගස්දෙනිය හන්දියෙන් දකුණට හැරී කිලෝමීටර් දෙකක් (සැකපුම් 1.25 ක්) මග ගෙවා මෙම විහාරස්ථානයට පැමිණිය හැකිය. එසේ ‍නොමැතිනම් කොළඹ අවිස්සාවේල්ල පරණ පාරේ හංවැල්ලෙන් හැරී පූගොඩ හරහා කිරිඳිවැල මාර්ගයේ කිලෝමීටර් 6 ක් (සැතපුම් 3.72 ක්) ගිය පසු වම් අතට ඇති ගල්පොතුගොඩ මාර්ගයේ කිලෝමීටර් 3.5 ක් (සැතපුම් 2.2 ක්) යනවිට මෙම විහාරය හමුවේ. පරිපාලන කොට්ඨාශ වර්තමාන පරිපාලන කොට්ඨාශ බෙදීම අනුව බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, පහල ලුණුගම ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ හෙවත් පුරාණ කෙ‍ාට්ඨාශ බෙදීමට අනුව ගම්පහ දිසාවේ, සියනෑ කෝරළයේ, ගඟබඩ පත්තුවේ පිහිටි ඓතිහාසික ලුණුගම ග්‍රාමයේ, දකුණු මායිමේ මෙම සිරි පැරකුම්බා රාජමහා විහාරය පිහිටා ඇත. බස්නාහිර - ගිණිකොණ දිසානුගතව කිලෝමීටරයක් (සැකපුම් 0.6 ක්) පමණ දුරකට විහිදෙන මීටර විසිපහක් ( අඩි 80 ක්) පමණ උස ගල් තලාවකට මායිම්ව පිහිටි මෙම මනරම් ලුණුගම ගම් පියසට උතුරු දෙසින් මණ්ඩාවලද, ඊසාන දෙසින් පැල්පිට හා අනුරාගොඩද, නැගෙනහිර දෙසින් කුමාරිමුල්ල හා පූගොඩද, ගිණිකොණ දෙසින් ගල්පොතුගොඩ හා කපුගොඩද, දකුණු දෙසින් වානළුවාව හා ඉන්දොලමුල්ලද, නිරිත දෙසින් පැලහැලද, බටහිර දෙසින් පුටුපාගලද, වයඹ දෙසින් කෑරගලද පිහිටා ඇත. භූගෝලීය පිහිටීම උතුරු අක්ෂාංශ 060 55’ හා බටහිර දේශාංශ 800 05’ හි ද මුහුදු මට්ටමේ සිට මීටර් 60 ක් (අඩි 200 ක්) පමණ උසකින් ද ‍ලුණුගම සිරි පැරකුම්බා රාජමහා විහාරය පිහිටා ඇත. ඉතිහාසය ලිඛිත ඉතිහාසය මහාවංශයට අනුව බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 1953 (සද්ධර්මරතනාකරයට අනුව 1958) කට පසුව එනම් ක්‍රිස්තු වර්ෂ 1410 (සද්ධර්මරතනාකරයට අනුව 1415) දී කෝට්ටේ රජවූ ශ්‍රී පරක්‍රමබාහු හෙවත් සිරි පැරකුම්බා හෙවත් හයවන පරාක්‍රමබාහු රජතුමා, ලුණුගම ලෙන් විහාරයක් කරවූ බව ඔහුගේ රාජ්‍ය වර්ෂයෙන් හත්වැන්නෙහි එනම් ක්‍රිස්තු වර්ෂ 1417 (සද්ධර්මරතනාකරයට අනුව 1422 විය හැකිය) දී ඔහුගේම අනුමැතියෙන්, පූජ්‍යපාද ධම්මදින්නාචාර්යය විමලකීර්ති හිමියන් විසින් රචනාකරන ලද ‘සද්ධම්මරතනාකරය’ නම් ග්‍රන්ථයේ සඳහන් වේ. . (සද්ධම්මරතනාකරය, ධර්මකීර්ති, කේ. ඇල්., 1912, විඥාපනය ii සහ මහා වංශය, වීරසේකර, ගුණපාල, 1955, පරි 91,583) “....... අප බුදුන් පිරිනිවී එක්වාදහස් අටපනස් වනු පොසොන් මසට ලක් සසුන් පිහිටි එක්වා හත්සිය දෙවිසි අවුරුද්දක් පිරුණේය. එකල්හි ශාක්‍ය කුල පරම්පරානුගත අමිත ශ්‍රී වික්‍රමාන්විත පරාක්‍රමබාහු නම් මහරජතෙම ශ්‍රී ලංකද්වීපයෙහි රාජශ්‍රීයට පැමිණියේය. ................ ශ්‍රී පරාක්‍රමබාහු මහරජතෙම ......................... කුසලට ආකර වූ ත්‍රිවිධරත්නය හස්තප්‍රප්තකොටගෙන දන්තධාතූන් වහන්සේට තුන්මාල් ප්‍රාසාදයක් හා මහත් මණ්ඩපයක් කරවා රන්කොත් පළඳවමින් ...................... , ....................... සමන්ත කූට පර්වතයෙහි ජින වර චරණ ලාංඤඡනය නමස්කාර කරනු පිණිස යන එන්නවුන් අන්තරාමාර්ග කාන්තරයෙහි යාත්‍රාසනාදීන් විඳගන්නා ව්‍යසන අසා අම්බලමක් එතැන්හි කරවා .................... සපරගමු විහාරගෙයි ඔත්පිළිමගෙය මුල්පිස කරවා, තවද කැලණි විහාරයේ මහා චෛත්‍ය සුන්බුන් තැන් ප්‍රකෘතිවත් කොට ........................... අභිනවද ගම්බිම් පුදමින් විහාර දේවාලයන් වර්ධනය කොට, තවද පැපිලියානෙහි .ලෙන විහරය ........................... ස්වකීය මාතා නාමයෙන් අමුතු පිරිවෙනක් අස්වා උවමනා කප්පිය පරිෂ්කාර පනවා නිරන්තරයෙන් සංඝයා වහන්සේ වස්වා කුල වර්ධනය කෙරෙමින්, තවද ලුණුගම ප්‍රාහ්භාරාන්තරයෙහි දිග දස රියන් පුළුල සරියන් පිළිම ගෙයක් කරවා බෝ මැඩ වජ්‍රාසනාරූඩව දිවසෙනග පිරිවරා බුදුවන්නට වැඩ උන්නාක් මෙන් වඩු දෙරියන් උස වැඩ උන් පිළිමයක් කරවා එසේම සිටි පිළිම දෙදෙනෙකුත් වහන්සේ හා නාථ මෛත්‍රිය රූප පිහිටුවා විහාර තත්‍රැප්පාදිය පුදමින් මතු වර්ධනය වන ලෙස සලස්වා, තවද අත්තනගලු විහාරයෙහි දෙමහල් සාංඝික සංඝාරාමයක්ද, දාගැබක්ද ................. තවද දොරණගොඩ විහාරයෙහි ..................... පිහිටි දාගැබ ජරාවාස හරවා ....................” (සද්ධම්මරතනාකරය, ධර්මකීර්ති, කේ. ඇල්., 1912, පරි 12, 295 - 298) ලුණුගම විහාරය සම්බන්ධව හමුවන ප්‍රධානම හා ප්‍රභලම සාධකය මෙම ඓතිහාසික ලේඛණයයි. මීට අමතරව ලුණුගම සිරි පැකුම්බා විහාරස්ථානය සම්බන්ධව හා අවට ප්‍රදේශ සම්බන්ධව පවත්නා ජනප්‍රවාද ද, අවට පිහිටි ඓතිහාසික වැදගත්කමකින් යුතු ස්ථාන පිළිබඳ තොරතුරු ද මෙම ස්ථාන‍ෙය් ඉතිහාසය පිළිබඳව සමාලෝචනයකදී සැලකිල්ලට ගත හැකි සාධක වේ. කෑරගල පිරිවෙන ලුණුගම විහාරට ඉතා සමීපව බටහිර දෙසින් පිහිටි කෑරගල පද්මාවතී පිරිවෙන කෝට්ටේ යුගයේ පැවති ප්‍රධාන අධ්‍යාපන ආයතනයක් බවත්, විශාල වශයෙන් සංඝයා වහන්සේලා වැඩසිටි බවත් කෝට්ටේ යුගයේම රචිත හංස සන්දේශයට අනුව සිතාගත හැකිය. මෙම භූමියේ ඇති සෙල් ලිපි දෙකට අනුව සිරිසඟබෝ ශ්‍රී විජයබාහු (හතර වන විජයබාහු - ක්‍රි.ව. 1285 - 1287, හෝ පස්වන විජයබාහු - ක්‍රි.ව. 1347 දක්වා - විය හැකිය - මහාවංශය) රජතුමගේ සමයේ අර්ථනායක හා දළ‍ෙසන්ගමු යන දෙදෙනා, අලගක්කෝණාරයන්ගේ (තුන්වන වික්‍රමබාහු - ක්‍රි.ව. 1351ට පසු සමයක් - රජ සමයෙහි ජයවර්ධන කෝට්ටේ නමින් රාජධානියක් ඉදිකළ ප්‍රභූ රාජයෙක් යැයි ද, පසුව පස්වන භුවනෙකභාහු ලෙස රජ වූයේ මොහුයැයිද කියවේ - මහාවංශය) සොහොයුරිය වූ පද්මාවතී කුමරියට වැඳ පුදා ගැනීම සඳහා කරවූ බවත්, හයවන පරාක්‍රමබාහු රජ තුමා මෙම පිරිවෙනට අවට ගම් පූජා කළ බවත් කියවේ. (ගම්පහ දිස්ත්‍රික්කය, ආචාර්ය ඩයස්, මාලනී, පරි 26, 229) ජනප්‍රවාද ලුණුගම හා අවට ප්‍රදේශයේ පිහිටි ස්ථාන පිළිබඳව ඇති ජනප්‍රවාද ලුණුගම ඉතිහාසය පිළිබඳව සොයා බැලීමේදී සැලකිලිමත්විය යුතුය. ලුහු ගම - ලුණුගම වළගම්බා රජතුමා (පැමිණ) වහ වහා (රාජකාරියක් සඳහා) පිටව ගිය ගම ‘ලුහු ලුහු ගම’  ‘ලුහුගම’, කට වහරේදී ‘ලුණුගම’ වූ බව ජනප්‍රවාදයකි. (විහාරාධිපති පූජ්‍ය ලුණුගම සුමනරතන හිමි.) ලුණුගං කන්ද පෘතුග්‍රීසීන් සමග පැවති සටනකදී සිංහල හමුදා සැඟව සිට පහරදුන් ස්ථානයක් බවත්, බැලුන් ගලක් ලෙස භාවිතා කළ බවත් ප්‍රදේශයේ පවතින ජනමතයකි. (විශ්‍රාමලත් විදුහල්පති එචි.පී.රණතුංග මයා.) කෑරගල පිරිවෙනට ඇති සම්බන්ධය කෑරගල පිරිවෙනේ නේවාසික භික්ෂූන් වහනසේලාගේ වන්දනාමාන කිරීම සඳහා ලුණුගම විහාරයක් කරවූ බව ප්‍රදේශයේ පවතින එක් ජනප්‍රවාදයකි. (විහාරාධිපති පූජ්‍ය ලුණුගම සුමනරතන හිමි.) වානළුවාව වසභ රජතුමා කරවූ වැවෙහි වාන කැඩී ගිය (සිඳලූ) පසු වැව තිබූ ප්‍රදේශය ‘වාන සිඳලූ වැව’  ‘වාන ලූ වැව’  ‘වානලුවාව’ වූ බව ජනප්‍රවාදයකි. (විහාරාධිපති පූජ්‍ය ලුණුගම සුමනරතන හිමි.) මංඩාවල අලගක්කෝණාර නැමති ප්‍රභූවරයාගේ සහෝදරිය වූ පද්මාවතී කුමරියට ‘මංඩාවිල’ ගමේ මාළිගාවක් කරවා ඇත. මංඩාවිල පසුව මංඩාවල වී ඇත. (ගම්පහ දිසාව, දේවප්‍රිය, සිරිසේන, පරි 13, 162) අනුරගොඩ පද්මාවතී කුමරියට වැඳ-පුදා ගැනීම පිණිස කෑරගල කරවූ විහාරය විවෘත කිරීමට පැමිණි හයවන පරාක්‍රමභාහු රජතුමා දින කිහිපයක් එහි නතරවී සිට අනුර නැකතින් නැගෙනහිර ‍ෙදසට ගොස් නතර වූ තැන අනුරාගොඩ නම් විය. (ගම්පහ දිසාව, දේවප්‍රිය, සිරිසේන, පරි 13, 162) පූගොඩ රජ්ජුරුවෝ කෑරගලින් පිටත්ව මැදගම පිහිටි දෙතිස්ඵල බෝධීන් වහන්සේ නමස්කාර කිරීම සඳහා කැලණි මිටියාවතේ ගමන් කිරීමේදී පිස නිම කළ කැවුම් ගොඩක් දැක “පූප ගොඩක්” යැයි පවසා ඇත. පූප+ගොඩ, ‘ප’ ලොප් වී ‘පූගොඩ’ විය. (ගම්පහ දිසාව, දේවප්‍රිය, සිරිසේන, පරි 13, 162) අමුණුකුඹුර අනුරාධපුරයෙන් පළාවිත් මාළිගාතැන්නේ සැඟව සිටි වළගම්බා රජතුමාට හා සේනාවට ආහාර පිණිස වගා කළ අමුණක කුඹුර, අමුණුකුඹුර නම් විය. (ගම්පහ දිසාව, දේවප්‍රිය, සිරිසේන, පරි 13, 163) දොම්පෙ දැහැමි සිරිසබෝ රජතුමාගේ සමයේ ජනයාට වින කළ රක්තාක්ෂි නම් රාක්ෂයා රජු විසින් දමනය කළ පසු අනුරාධපුරයෙන් පළාවිත් දකුණෙන් වූ ප්‍රදේශයක දැඩි දොම්නසින් විසීය. ඒ ප්‍රදේශය පසු කලෙක දොම්පෙ නම් විය. (ගම්පහ දිසාව, දේවප්‍රිය, සිරිසේන, පරි 13, 157) අවට වැදගත් ඓතිහාසික ස්ථාන ලුණුගම අවට ඓතිහාසික වශයෙන් ඉතාමත් වැදගත් ස්ථාන රාශියක් ඇති අතර ලුණුගම පිළිබඳව අධ්‍යනය කිරීමේදී එම ස්ථානවල ඓතිහාසික වැදගත්කම සලකා බැලීම වටී. මණිඅක්ඛිත නැමති නාග ග්‍රෝතික රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කළ බුදුරජානන්වහන්සේ දානය වැළඳීම සඳයා වැඩ සිටි රත්න මණ්ඩපය මැදි කොට චෛතියක් කරවූ බවත්, උන්වහන්සේ කැලණි ග‍ඟේ දිය ස්නානය කළ බවත් නානකඩධාතුව මැදි කර එගොඩ කැළණියේ චෛත්‍යක් කරවූ බවත් ඉතිහාසයේ කියවේ. දේවානම්පියතිස්ස රජ සමයේ රුහුණේ මාගම රජ කළ මානා රජුගේ පුත්‍රයා වූ යටාලතිස්ස කැලණියේ රජකම් කළේය. යටාලතිස්සගේ පුත්‍රයා ගෝඨාභය මාගමද ඔහුගේ පුත් කැලණිතිස්ස කැලණියේද රාජ්‍ය කරවූහ. මුහුද ගොඩගලා කැලණිතිස්ස රජතුමා ජීවිතක්ෂයට පත්වීම නිසා කැලණියේ උප රාජධානිය අවසන් විය. පසුව දුටුගැමුණු රාජ සමයේ (ක්‍රි. පූ. 161-137) භික්ෂූ මධ්‍යස්ථානයක්ව පැවතිනි. එසේම කණිට්ඨතිස්ස (ක්‍රි. ව. 167-186), වෝහාරිකතිස්ස (ක්‍රි. ව. 209-231), පළමුවැනි වික්‍රමබාහු (ක්‍රි. ව. 1111-1132), නිශ්ශංකමල්ල (ක්‍රි. ව. 1187-1196), තුන්වන විජයබාහු (ක්‍රි. ව. 1232-1236), දෙවන පරාක්‍රමබාහු (ක්‍රි. ව. 1236-1270), ආදී රාජ යුගවලදී කැලණිය ආශ්‍රිතව වැදගත් සිදුවීම් වූ බව වංශ කථාවල සඳහන් වේ. (ගම්පහ දිසාව, දේවප්‍රිය, සිරිසේන, පරි 13, 50-57) මීට අමතරව වාරණ, මැදදේගම, පිළිකුත්තුව, කොස්කඳවල, දංගල්ල, අත්තනගල්ල, මාළිගාතැන්න, කෑරගල, සමනබැද්ද, අලවල මහකන්ද, කොස්සින්න, වෑබඩ, මාහොල්ඔළුව, ආදී ඓතිහාසික වැදගත්කමින් යුතු ස්ථාන රාශියක් ලුණුගම අවට පිහිටා ඇත. විහාරය බෞද්ධ සිද්ධස්ථානයක් අංග සම්පූර්ණ වීම සඳහා අවශ්‍ය ශාරීරික, පාරිභෝගික හා උද්දේශික යන ත්‍රිවිධ වන්දනා ස්ථාන වන චෛත්‍ය, බෝධිය හා පිළිම ගෙය යන ත්‍රිවිධ විහාරාංගයන්ගෙන්ම සමන්විත ලුණුගම සිරි පැරකුම් රජමහා විහාරය වර්තමානයේ ප්‍රදේශයේ ප්‍රචලිත විහාරස්ථානයකි. දොම්පෙ, දෙකටන, දෙල්ගොඩ, පූගොඩ, කිරිඳිවැල ආදී අවට පිහිටි ගම්, නියන් ගම් හා නගරවල ‘ලුණුගම පන්සල’ නමින් ප්‍රසිද්ධ මෙම ස්ථානයට මේවන විට අක්කර 15ක පමණ භූමි ප්‍රමාණයක් අයිතිව ඇත. උතුරු හා නැගෙනහිර දෙදිසාවෙන් ප්‍රධාන මාර්ගයටද, දකුණු දෙසින් වෙල් යායටද, බස්නාහිර දෙසින් ගල් තලාවකටද මායිම්ව පිහිටා ඇති මේ භූමියේ සාරවත් පොල් වගාවක් ඇත. ධර්ම ශාලාව උතුරු දෙසින් හා නැගෙනහිර දෙසින් ප්‍රවිශ්ඨ මාර්ග දෙකක් ඇති අතර, උතුරු ප්‍රවිශ්ඨ මාර්ගයේ මීටර් 100 (අඩි 330) ක් පමණ එනවිට දකුණු පසින් ධර්ම ශාලාව පිහිටා ඇත. පැත්තක දිග මීටර් 18.3 (අඩි 60) ක් වූ ආයත චතුරශ්‍ර ගොඩනැගිල්කි. වරින් වර ප්‍රතිසංස්කරණය කර ඇති මෙම ගොඩනැගිල්ලේ වඬිම්බුවේ සඳහන්වන පරිදි මෙම ගොඩනැගිල්ල ක්‍රි. ව. 1884 දි ඉදි කළ හෝ ප්‍රතිසංස්කරණය කළ හෝ බව අනුමාන කළ හැකිය. ලෙන් පිළිම ගෙය මෙම ධර්ම ශාලාව අභියසින් බස්නාහිර දෙසට ගමන් කරන විට මීටර් 0.15 (අඟල් 6) බැගින් උස ගල් පඩි 45 කින් සමන්විත පඩිපෙලක් හමුවේ. ධර්ම ශාලව පිහිටි බිමේ සිට විහාර මළුවට උස මීටර් 6.75 ක් (අඩි 22.15 ක්) පමණ වේ. මෙම මළුවේ වම් පසට වන්නට ලුණුගම සිරි පරකුම් රජමහා විහාරයේ විශේෂිතම වූ අංගය වන ඓතිහාසික ගල් ලෙන පිහිටා ඇත. උසින් මීටර් 15.25 ක් (අඩි 50 ක්) පමණ වූ මෙම විශාල ගල් ලෙන පළලින් මීටර් 20 ක් (අඩි 65.5 ක්) පමණ වේ. අධ්‍යනය කළ මෙම වකවානුවේ ද, එනම් ක්‍රි. ව. 2008 ද ඉදිකිරීම් සිදුවෙමින් පවතින නව විහාර මන්දිරය ඇතුලත වරින් වර ප්‍රතිසංස්කරණයන්ට භාජනය වූ පැරණි ලෙන් විහාරය පිහිටා ඇත. ඝණ්ඨාර කුළුණ හා බෝධීන් වහන්සේ මෙම විහාර මන්දිර‍ෙය් සිට ඉදිරිය බලන විට වම් පසින්, විහාරය අභියසම ඝණ්ඨාර කුළුණක්ද, ඒ අසලම මීටර් 15 ක් (අඩි 50) පමණ ප්‍රදේශයක් වසගෙන නැගී සිටි බෝධීන් වහන්සේ නමක්ද වේ. චෛත්‍යය ඝණ්ඨාර කුළුණ හා බෝධීන් වහන්සේ අතරින් ඉදිරියට යනවිට මීටර් 7ක් (අඩි 23 ක්) පමණ උසින් පිහිටි මළුවක ඉදිකිරීම් අවසන් නොවූ විශ්කම්භය මීටර් 3.65 ක් (අඩි 12 ක් ) පමණ වූ චෛත්‍යයකි. මෙහි ඉදිකිරීම් මීට වසර 10 කට පමණ ‍ෙපර ආරම්භ වූ බවට දැනගන්නට ලැබිනි. දිය කඳුර උතුරු පිවිසුම් මාර්ගයෙන් ඉදිරියට යනවිට විහාරස්ථාන භූමිය හරහා ගලා යන දිය කඳුරකි. මෙම දිය කඳුර වියලි කාලයේ පවා නොසිඳී පවතින බව දැනගන්නට ලැබිනි. මෙම දිය කඳුර මෙන්ම ලුණුගම කඳුවැටියෙන් ඇරඹී, වසර පුරාම අනවරතව ගලනා දිය කඳුරු කිහිපයක්ම ලුණුගම පංසල අවට තිබේ. ඒවා අතරින් ‘ලුණුගම පීල්ල’ නමැති කුඩා දිය ඇල්ල දැඩි නියඟයකදි පවා නොසි‍ඳෙන බවට ප්‍රකටය. ගල් තලාවේ පඩිපෙල විහාරස්ථාන භූමිය මධ්‍යයට වන්නට ඇති වැලිමළුවට නැගෙනහිර පිවිසුම් මාර්ග‍ෙයන්ද පිවිසිය හැකිය. එම මළුවේ සිට බස්නාහිර දෙසින් මීටර් පණහක් (අඩි 160 ක්) පමණ ඔබ්බෙන් වූ ගල් තලාවක මනාව සකස්කරන ලද පඩිපෙලක් ඇත. මෙම පඩිපෙල, ඒ ඔස්සේ වානළුවාව ගම් පියසට වැටී තිබූ මාර්ගයේ ශේෂ වූ කොටසක් බව විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ මතයයි. පොත්ගුල නැගෙනහිර ප්‍රවිශ්ඨය අභිමුවෙහිම ඇත්තේ ක්‍රි.ව. 1959 දී ඉදි කරන ලද බව සඳහන්වන දෙමහල් පොත්ගුලයි. ප්‍රතිසංස්කරණය කළ යුතු තත්වයේ පවතින මෙම ගොඩනැගිල්ලේ වටිනා ධර්ම ග්‍රන්ථ රාශියක් තැම්පත් කොට ඇත. සංඝාවාසය ඉහත සඳහන් කළ වැලිමළුවේම උතුරු ප්‍රවිශ්ඨය අභිමුවෙහි අභිනව සංඝාවාසය පිහිටා ඇත. මැද මිදුලක් සහිතව ඉදිකොට ඇති මෙම ගොඩනැගිල්ල ඉතා හොඳ තත්වයේ පවතී. දෙවන ගල්ලෙන එම සංඝාවාසයට පසුපසින් මීටර් 100 ක් (අඩි 330 ක්) පමණ ඔබ්බෙහි ගල් තලාව ආසන්නයේ වෙන් වෙන්ව පිහිට ගල් කුළු කිහිපයකි. ඒ අතර ඇති එක් ගල් ලෙනක් පළලින් මීටර් 6 ක් (අඩි 19.7 ක්) පමණ වන අතර මීටර් 3 ක් (අඩි 9.8 ක්) පමණ උසකදී කටාරමක් කොටා ඇත. එම කටාරම ආසන්නයේ ‘844 ක්’ හා ‘ශු ක ව’ ලෙස කියවිය හැකි අක්ෂර පේලි දෙකක් දක්නට ලැබේ. එම ලෙනට දකුණු දෙසින් පිහිටා ඇති ගල් කුළක කොටසක් ඉන් ගැලවී බිම පතිතව ඇති සෙයක් පෙනේ. එම ‍ෙකාටසේ හැඩය සලකා බලන කල එය ගැලවී වැටීමට ප්‍රථම එම ගල් කුළද ලෙනක ස්වරූපය ගත් බව පෙනේ. ලෙන් කටාරම් මෙම ගල් ලෙනෙහි කටාරම් කොටා තිබූ බවත් ඒවා අභිනව විහාර කර්මාන්ත වලදී විහාරයේ වහලයටත් සිවිලිමටත් අතර තිබෙන බවත් විහාරාධිපති හිමියෝ පැවසූහ. එසේම මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධනයන්ගේ Landscape Pattern and the Architecture of the ‘Len Vihara’ sites at Kelani Valley Basin නැමැති ලේඛනයේද ලුණුගම පිහිටි ලෙන් දෙකෙහිම කටාරම් ඇති බව සඳහන් වේ. දෙවන ගල් ලෙනෙහි ඇති කටාරම ප්‍රදේශයේ හමුවන අනෙක් කටාරම්වලට වඩා වෙනස් ශෛලියක් ගනී. එබැවින් මෙම කටාරම කොටූ කාලය පිළිබඳව ගැඹුරු අධ්‍යනයක් කළ යුතුය. ශිලා ලේඛණ ‍ලුණුගම දෙවන ගල් ලෙනෙහි ‘8 4 4 ක්’ හා ‘ශු ක ව’ ලෙස කියවිය හැකි අක්ෂර පේලි දෙකකි. මෙයින් කිය වෙන්නේ “ශුද්ධ වූ ශක වර්ෂ 844 දී” යන්න විය යුතුය. ශක වර්ෂ ආරම්භ වන්නනේ ක්‍රිස්තු වර්ෂ 78 දීය. ඒ අනුව ශක වර්ෂ 844 යනු ක්‍රි. ව. 922 වේ. මේ පොළොන්නරුවේ රජ කළ හතරවන කාශ්‍යප රාජ සමයයි (ක්‍රි.ව. 912-929). මේ සමයේ රුහුණේ සිටි මිහිඳු නම් ප්‍රාදේශීය රජ කෙනෙකු ගැන සඳහන් වේ. ඒ සමයෙහි ඔහු ප්‍රදේශය සුඛිත මුදිත කළ බවත් විහාරාම ප්‍රතිසංස්කරණය කරවූ බවත් කියවේ. (මහා වංශය, පරි 52, 384) ඒ අනුව ක්‍රි. ව. 922 කාලයේද ලුණුගම ලෙන් ආශ්‍රිතව යම් වාස්තු නිර්මාණයක් කළේද යන මතය සාකච්ඡා කළ යුතුය. මෙහි ඇත්තේ ‘1844’ නම් (‘1’ මැකී ගොස් ඇත්නම්) ඒ ක්‍රි.ව. 1922 විය යුතුය. මේ යුගය ලංකාවේ බෞද්ධ ප්‍රබෝධයක් ඇතිවී විශාල ලෙස විහාරාරාම ප්‍රතිසංස්කරණ කළ කාලයයි. ලුණුගමට ආසන්නයේ පිහිටි සමනබැද්ද, ගනේගොඩ රජමහා විහාරයේ ද ක්‍රි.ව. 1920 දී ප්‍රතිසංස්කරණ කර ඇති බැවින් ලුණුගමද යම් ප්‍රතිසංස්කරණ සිදුවන්නට ඇතැයි නිගමනය කළ හැකිය. (බණ්ඩාරනායක,එස්, සෝමදේව, ආර්, 1999, 237-244). එසේම අවධානයට භාජනය කළ යුතු අනෙක් කරුණ වන්නේ ලුණුගම ඇති විශාල ගල්ලෙනෙහි අභිලේඛණ නොමැති වීමයි. මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධනයන්ගේ Landscape Pattern and the Architecture of the ‘Len Vihara’ sites at Kelani Valley Basin නැමැති ලේඛනයේද ලුණුගම පිහිටි එක් ලෙනකවත් අභිලේඛණ ඇති බවක් සඳහන් නොවේ. (අභිනව විහාර කර්මාන්තයේදී, විහාර ගෙයි වහලයට හා සිවිලිමට අතර කොටසට සැඟවී යම් අභිලේඛණයක් ඇත්දැයි දැනගන්නට නොමැත). චිත්‍ර හා මූර්ති සද්දම්මරතනාකරයෙහි සඳහන් වන පරිදි මෙහි වැඩ උන් පිළිමයක්, සිටි පිළිම දෙදෙනෙකුත් වහන්සේ හා නාථ මෛත්‍රිය රූප ඒ දවස කරවා ඇත. වර්තමානයේ ද එම විස්තරයේ සඳහන් පරිදිම උසින් යුක්ත වූ වැඩ උන් පිළිමය, ප්‍රතිමා ගෘහයේ ප්‍රධාන අංගය ලෙස දක්නට තිබේ. එසේම වැඩ උන් පිළිමය දෙපසින් නාථ හා මෛත්‍රිය ප්‍රතිමා දෙක පිහිටා ඇත. වැඩ සිටි පිළිමය අභිමුවෙහි සිටිනා විට වම් පසින් සිටි පිළිමයක්ද දකුණු පසින් සැතපෙන පිළිමයක්ද ඇත. මෙම ප්‍රතිමා ගෘහයෙහි පිළිම පිහිටා තිබෙන ආකාරයෙහි විශේෂත්වයක් ඇත. පිළිම ගෙයක්තුල සැතපෙන පිළිමය, හිටි පිළිමය හා වැඩ උන් පිළිමය යන පිළිම වහන්සේලා තුන්නම ස්ථාපනය කරනවිට, සැතපෙන පිළිමය සඳහා බොහෝ විට තෝරගෙන ඇත්තේ දිගින් වැඩි අංශයයි. එහෙත් මෙම පිළිම ගෙයි සැතපෙන පිළිමය ඇත්තේ පටු බිත්තියක් දිගේය. සැතපෙන පිළිමයක් නොමැතිව හිටි පිළිමයක් හෝ වැඩ උන් පිළිමයක් විහාර ගෙයි කරන්නේ නම් එය ද්වාර අභිමුවෙහි ස්ථාපනය කරයි. මෙම පිළිම ගෙයිද වැඩ උන් පිළිමය මූළික වන පරිදි ද්වාර අභිමුවෙහි පිහිටුවා ඇත. එසේම මෙම බුද්ධ ප්‍රතිමා තුනෙහි ශෛලීන් සලකා බැදීමේදී ප්‍රධාන වශයෙන් ශෛලීන් දෙකක් ඇති බව හඳුනා ගත හැකිය. සැතපෙන පිළිම‍ෙය් හා හිටි පිළිමයේ මුහුණ, සිවුරේ රැලි, සිවුර 20 වන සියවසේ මෙන්ම වර්තමානයේද ඉදිකරනු ලබන බුද්ධ ප්‍රථිමාවල ලක්ෂණ පෙන්වයි. වැඩ උන් පිළිමයේද ශීර්ෂ කොටසේ ඇත්තේද අනෙක් පිළිම වහන්සේලාගේ ශීර්ෂ කොටස් වලට සමාන ලක්ෂණය. එසේම වැඩ උන් පිළිමයේ ශීර්ෂය ශරීරයේ අනෙක් කොටස් සමග ප්‍රමාණ අනුපාතිකව නොගැලපේ. ශීර්ෂය කුඩා බවක් පෙනේ. ශීර්ෂපත තුනම සමාන ලක්ෂණ සහිත ඒවාය. මේ ආකාරයේ ශීර්ෂපත ගම්පල හෝ නුවර යුග වල දක්නට නොමැත. ශීර්ෂයේ තරමට ප්‍රමාණයෙන් සමාන, විශාල ශීර්ෂපත දක්නට ඇතතේ පසුකාලීන නිර්මාණවලදීය. එහෙත් වැඩ උන් පිළිමයේ ශරීර කොටසේ ලක්ෂණයනට සමාන ලක්ෂණ සහිත පිළිම ගඩලාදෙණියේ හා ලංකාතිලක විහාරයේ දී දක්නට ලැබේ. මේවා ගම්පොල යුගයේ කරවූ ඒවාය. එසේම මෙම ප්‍රතිමා ගෘහයේ ඇති සියළුම ප්‍රතිමා ඉතා දීප්තිමත් වර්ණයන්ගෙන් යුක්තය. ඒවා නවීන තින්තාලේප බව හඳුනා ගත හැකිය. මෙම කරුණු සලකා බැලීමේදී, හයවන පරාක්‍රමබාහු රජතුමා විසින් කරවනු ලැබූ හිටි පිළිම දෙකත්, වැඩ උන් පිළිමයේ ශීර්ෂ කොටසත් හායනය වීම නිස‍ා පසු කාලයේ (බොහෝ විට ධර්ම ශාලාව කරවූවායැයි අනුමාන කරන 1844 දි හෝ ලංකාවේ විශාල බෞද්ධ පුනරුදයක් ඇතිවූ 1920 - 1930 දශකයේ) නව හිටි පිළිමයක්, සැතපෙන පිළිමයක් හ වැඩ උන් පිළිමයේ ශීර්ෂය කරන්ට ඇතැයි නිගමනය කළ හැකිය. සාහිත්‍යමය මූලාශ්‍ර ලුණුගම සිරි පැරකුම්බා රජමහා විහාරයේ පුරාවිද්‍යාත්මක පසුබිම සාකච්ඡා කිරීමේදී සාහිත්‍යමය මූලාශ්‍ර හමු වන්නේ හයවන පර‍ාක්‍රමබාහු හෙවත් ශ්‍රී පරාක්‍රමබාහු හෙවත් සිරි පැරකුම්බා රජුගේ යුගයෙනි. හයවෙනි පරාක්‍රමබාහු රජතුමා සාහිත්‍යමය කේෂ්ත්‍රයේ අභිවෘද්ධිය සඳහා මෙන්ම බුද්ධ සාසනය ආරක්ෂා කිරීම සඳහා බොහෝ සෙයින් උනන්දු වූහ. ශ්‍රී ලාංකීය රාජ්‍යයේ අයිතිය පිළිබඳ සංකේතය වූ දන්ත ධාතූන් වහන්සේ සඳහා තුන් මහල් ප්‍රාස‍ාදයක් කරවූහ. ජරා වාසව විනාශ වෙමින් පැවති ස්ථාන පිළිසකර කරවූහ. අභිනව විහාරාරාම කරවූහ. අම්බලන්, විශ්‍රාම ශාලා වැනි මහජන උපයෝගීතා ගොඩනැගිලි කරවූහ. ස්වභාවික උවදුරු මෙන්ම බෞද්ධ විරෝධී ආක්‍රමිණිකයින්ගෙන් පැමිණි උපද්‍රව හේතුවෙන් විනාශ වෙමින් පැවති කැලණිය ‍ෛචත්‍ය, අත්තනගල්ල, දොරණගොඩ, ගඩලාදෙනිය, ලංකාතිලකය, මහියංගනය ආදී ස්ථාන ශ්‍රී පරාක්‍රමබාහු රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරවූ හා තත්වය වැඩි දියුණු කරවූ ස්ථාන වේ. තම මෑණියන් නමින් කරවූ පැපිලියානේ සුනේත්‍රාදේවී පිරිවෙන ප්‍රමුඛව ශාස්ත්‍රීය අධ්‍යාපනයේ දියුණුව සඳහා පිරිවෙන් රාශියක් කරවූහ. එසේම, එම පිරිවෙන්හි වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාගේ සාසනික අවශ්‍යතා සඳහා මෙන්ම, මහජනතාවගේ වන්දනාමාන සඳහා අභිනව විහාරාරාම කරවූහ. (සද්දම්මරතනාකරය, පරි 12, 297, 298) ඒ අතර කියවෙන අපගේ ප්‍රස්තුතය වන ලුණුගම ලෙන් විහාරය, සිරිපැරකුම්බා රජතුමා අභිනවයෙන් ඉදි කළ ස්ථානයක්ද, නො එසේනම් ප්‍රතිසංස්කරණය කළ ස්ථානයක්ද යන වගට නිගමනයකට, අප විසින් පරිශීලනය කළ සාධක භාවිතයෙන් එළඹිය නොහැකි විය. කාල සංසන්දනය මෙම ඓතිහාසික තොරතුරු සලකා බැලීමේදී පළමුවම ලෙන් විහාරය කරවූ කාලයත්, ඒ පිළිබඳව වාර්තා කර ඇති ලේඛණය කරවූ කාලයත් සංසන්දනය කළ යුතුය. මහා වංශයට අනුව හයවන ශ්‍රී පැරකුම්බා රජතුමා රජ පැමිණියේ බුද්ධ වර්ෂ 1953 (ක්‍රි. ව. 1410) දීය. (මහා වංශය, පරි 91, 583) සද්දම්මරතනාකරයෙහි බුද්ධ පරිනිර්වානයෙන් වසර 1958 ට පසුව රජ වූ බව සඳහන් වේ. එනම් ක්‍රි. ව. 1415 දී බවය. (සද්දම්මරතනාකරය, පරි 12, 295) එම නොගැලපීම කෙසේ වුවද මේ සටහන් අනුව එළඹිය හැකි නිගමනය වන්නේ, සිරි පැරකුම්බා රජතුමා මෙම ලෙන් විහාර කර්මාන්තය කරවූයේ ක්‍රිස්තු වර්ෂ 1410 පසුව යන්නයි. එසේම ලෙන් විහාර කර්මාන්තය පිළිබඳව කියවෙන පූජ්‍යපාද ධම්මදින්නාචාර්යය විමලකීර්ති හිමියන් විසින් රචනාකරන ලද ‘සද්ධම්මරතනාකරය’ ග්‍රන්ථය බුද්ධ වර්ෂ 1965 දී කරවන ලද්දකි. එනම් ක්‍රිස්තු වර්ෂයෙන් 1422 දීය. (සද්දම්මරතනාකරය, විඥාපණය, ii) ලුණුගම ලෙන් විහාර කර්මාන්තය පිළිබඳව ක්‍රි. ව. 1422 දී ලියන ලද ග්‍රන්ථයක සඳහන් වීමට නම් එම කර්මාන්තය ඊට ප්‍රථම සිදුවිය යුතුය. ඒ අනුව එළඹිය හැකි නිගමනය වනුයේ “..... තවද ලුණුගම ප්‍රාහ්භාරාන්තරයෙහි දිග දස රියන් පුළුල සරියන් පිළිම ගෙයක් කරවා බෝ මැඩ වජ්‍රාසනාරූඩව දිවසෙනග පිරිවරා බුදුවන්නට වැඩ උන්නාක් මෙන් වඩු දෙරියන් උස වැඩ උන් පිළිමයක් කරවා එසේම සිටි පිළිම දෙදෙනෙකුත් වහන්සේ හා නාථ මෛත්‍රිය රූප පිහිටුවා විහාර තත්‍රැප්පාදිය පුදමින් ..... ” යනුවෙන් සඳහන් වන විහාර ඉදිකිරීම ක්‍රිස්තු වර්ෂ 1410 - 1422 යන කාල පරාසය තුල සිදුකර ඇති බවය. එසේම මෙම ලෙන් විහාරය ඉදිකොට ඇත්තේත්, ඒ පිළිබඳ තොරතුරු වාර්තා කොට ඇතිතේත් (සද්දම්මරතනාකරය රචනා කොට ඇත්තේත්) වසර 7 ක් වැනි කෙටි කාලයක් පරාසයක් තුල බැවින් හා එම ඉදිකිරීම කරවූ අයගේ ( හයවන පරාක්‍රමබාහු රජතුමාගේ) ඇනවුමින් හෙවත් ඉල්ලීමෙන් කළ ලේඛනයක සඳහන් වී තිබීම නිසාත් මෙහි ඇති තොරතුරු වඩාත් නිවරදි බවට සැලකිය හැකිය. ස්ථානය නිගමනය ‘සද්දම්මරතනාකරයෙහි’ සඳහන් වන ලුණුගම ලෙන් විහාරය අපගේ අධ්‍යනයට භාජනය වූ ස්ථානයමද යනවග සලකා බැලීම ද කළ යුතුය. ලුණුගම ලෙන් විහාරය පිළිබඳව කියවෙන වෙනත් කොටසක් සද්දම්මරතනාකරයෙහි නැතුවාක් මෙන්ම, විස්තර සඳහන් වන කොටසෙහි ද ස්ථානය හඳුනා ගැනීමට කිසිදු සටහනක් හෝ ගමන් විස්තරයක් හෝ නොමැත. කරුණු එසේ වුවද මෙම ස්ථාන සංසන්දනය කළ හැකි සාධක දෙකක් තිබේ. ඒවානම් මිනුම් සංසන්දනය හා චිත්‍ර හා මූර්ති සංසන්දනය වේ. ‘සද්දම්මරතනාකරයෙහි’ සඳහන් වන මිනුම් හා වර්තමානයේ ඉතිරිව ඇති කොටස් වල මිනුම් සංසන්දනය කිරීමෙන්, ‘සද්දම්මරතනාකරයෙහි’ සඳහන් වන ස්ථානය හා මෙම ස්ථානය එකම ස්ථානය බවට නිගමනයකට පැමිණිය හැකිය. එසේම ‘සද්දම්මරතනාකරයෙහි’ සඳහන් වන චිත්‍ර හා මූර්ති පිළිබඳ තොරතුරු වර්තමානයේ චිත්‍ර හා මූර්තිවල ඉතිරිව ඇති කොටස් සමග සංසන්දනය කිරීමෙන්, ‘සද්දම්මරතනාකරයෙහි’ සඳහන් වන ස්ථානය හා මෙම ස්ථානය එකම ස්ථානය බවට නිගමනයකට පැමිණිය හැකිය. මිනුම් සංසන්දනය වරින් වර සමාජයේ මතු වූ බෞද්ධ ප්‍රබෝධය නිසා සැදැහැ සිතින් සිදු කළ විහාරාරාම ප්‍රතිසංස්කරණය කිරීම්වලදී මෙම ලෙන් විහාරයේද වෙනස්කම් සිදුකෙරී ඇත. එසේ වුවද වර්තමානයේ දක්නට ලැබෙන විහාර ගෙයද ප්‍රමාණ වලින් සද්දම්මරතනාකරයෙහි දැක්වෙන ප්‍රමාණයන්ට හොඳින් ගැලපේ. වර්තමානයේ පිළිම ගෙය දිගින් අඟල් 300 ක් (සෙන්ටි මීටර් 760 ක්) වේ. පළලින් අඟල් 220 ක් (සෙන්ටි මීටර් 560 ක්) වේ. සද්දම්මරතනාකරයෙහි සඳහන් වන්නේ “....... දිග දස රියන් පුළුල සරියන් පිළිම ගෙයක්......” ලෙසය. එනම් දිග රියන් 10 ක් හා පළල රියන් 6 ක් වන බවයි. වර්තමානයේ භාවිතයේ ‍ෙනාමැති මිණුම් ඒකකයක් වන රියනට අඟල් 24 කි (සෙන්ටි මීටර් 61 කි). (වාස්තු විද්‍යාව හෙවත් ගෘහ නිර්මාණ ශිල්පය, අප්පුහාමී, හරමානිස්, 1937, 57) රියනට අඟල් 18 ක් ලෙස සලකන අවස්ථාද ඇත. එහෙත් ඒ ප්‍රමාණය සැලකීම සඳහා ප්‍රමාණවත් සාධක හමු‍ නොවේ. එබැවින් රියන අඟල් 24ක් ලෙස ගත්විට මෙම පිළිම ගෙයෙහි දිග අඟල් 240 ක් (සෙන්ටි මීටර් 610 ක්) හා පළල අඟල් 146 ක් (සෙන්ටි මීටර් 370 ක්) විය යුතුය. එය කුඩා අවකාශයක් වන අතර වර්තමානයේ ඇති ප්‍රමානයන්ට ද ‍ෙනාගැලපේ. එ‍ෙහත් සද්දම්මරතනාකරයෙහි පිළිම‍ෙයහි උස දක්වා ඇත්තේ “...වඩු දෙරියන් උස වැඩ උන් පිළිමයක් කරවා ..” ලෙසය. එහි සඳහන් වන ඒකකය වඩු රියන වේ. (එකම වාක්‍ය ඛණ්ඩයක දැක්වෙන මෙම මිණුම් ඒකක දෙකම එකක් ලෙස - එනම් වඩු රියන ලෙස සලකා බැලේ) වඩු රියන ද අද වන විට සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් වූ ඒකකයක් වුවත් ජ්‍යෙතිශ්ශාස්ත්‍රයේ වාස්තු විද්‍යා ග්‍රන්ථයන්හි වඩු රියන පිළිබඳව සඳහන් වේ. මය නම් පුරාණ වාස්තු විද්‍ය ඍෂිවරයාගේ ‘මය මතය’ නම් ග්‍රන්ථයේ වඩුරියන පිළිබඳව මෙසේ දැක්වේ. “යහපත් ලෙසින් සිඳගත් මගුල් කප ගෙන මනිනා වඩු රියන මෙලෙසට ගනු ඇඳින දකුණෙන් එක් රියන් වියතක් සිව්ඟුලෙන මෙලෙස වඩු රියන මැනගනු වඩු විසින” (ගෘහ නිර්මාණ ශිල්පය හා වාස්තු විද්‍යාව, විජේදාස, පී.බී., පරි 1,5) ඒ අනුව වඩු රියන යනු අදාල වාස්තු කර්මාන්තයේ හිමිකරුගේ හෝ එය කරවන්නාගේ සුරතේ රියනක් එනම් වැලමිටෙන් නවා ඇඟිලි දිගහල අතේ මැදඟිල්ලේ මුදුනේ සිට වැලමිටේ පහළ කෙලවර දක්වා දිගත්, සුරතේ වියතක් එනම් අත්ල විදාහලවිට මාපටඟිල්ලේ කෙලවරේ සිට සුළඟිල්ලේ කෙලවර දක්වා දිගත්, සුරත් මාපටඟිල්ලේ අග පුරුක් හතරක දිගත් එකතු කළ විට ලැබෙන දිග වේ. මේ අනුව උස අඩි 5 ක් (සෙන්ටි මීටර් 150 ක්) හෝ 6 ක් (සෙන්ටි මීටර් 180 ක්) වන පුද්ගලයකුගේ වඩු රියන අඟල් 28 ක් ‍(සෙන්ටි මීටර් 71.12 ක්) හෝ 29 ක් (සෙන්ටි මීටර් 73.66 ක්) වේ. එහෙත් සූර්ය වංශයේ උපන් පරාක්‍රමබාහු රජතුමාගේ සුරතෙන් වඩු රියන අඟල් 30 ක් (සෙන්ටි මීටර් 76.2 ක්) පමණ වන්නට ඇතැයි නිගමනය කළ හැකිය. ඒ අනුව ගත්විට සද්දම්මරතනාකරයෙහි සඳහන් පරිදි පිළිම ගෙයෙහි දිග අඟල් 300 ක් (සෙන්ටි මීටර් 760 ක්) හා පළල අඟල් 180 ක් (සෙන්ටි මීටර් 460 ක්) වේ. එයින් දිග වර්තමාන දිග හා සැස‍ඳේ. පසුව කරන ලද ප්‍රතිසංස්කරනයකදී පිළිම ගෙයෙහි ඉදිරි බිත්තිය වෙනස් කර ඉදිකරන්නට ඇතැයිද, ඒ අවස්ථාවේදී ප්‍රතිමා ගෘහයේ පළල වැඩි වන්නට ඇතැයිද නිගමනය කළ හැකිය. මෙම ලෙනෙහි ඇති වැඩ උන් පිළිමය අඟල් 58 ක් (සෙන්ටි මීටර් 147ක්) උස වේ. “...වඩු දෙරියන් උස වැඩ උන් පිළිමයක් කරවා ..” ලෙස සද්දම්මරතනාකරයෙහි දැක්වෙන අයුරින් උස අඟල් 60 ක් (සෙන්ටි මීටර් 152 ක්) වේ. ඒ අනුව මෙම උස ද ගැලපේ. (ප්‍රතිසංස්කරණ වලදී ශීර්ෂ කොටස අළුතින් ඉදිකළ බවටත්, එය තිබූ ප්‍රමාණයට වඩා කුඩා වී ඇති බවටත් සාධක හමුවේ. 4.5 චිත්‍ර හා මූර්ති උප පරිච්ඡේදය බලන්න) ප්‍රාග්භාරය සද්දම්මරතනාකරයෙහි සඳහන් වන්නේ “ලුණුගම ප්‍රාහ්භාරාන්තරයෙහි දිග දස රියන් පුළුල සරියන් පිළිම ගෙයක් කරවා ...” ආදී ලෙසය. මෙහි ‘ප්‍රාහ්භාරාන්තරයෙහි’ යනු ප්‍රාග්භාර අන්තරායහි යන්නයි. ප්‍රාග්භාරය යනු ‘පර්වතය ඉදිරියට නෙරා යාමෙන් වූ ගුහාව’ යන්නයි. (ශ්‍රී සුමංගල ශබ්දකෝෂය, ද්විතීය භාගය,665) එය සාමාන්‍යයෙන් ‘ගල් ලෙන’ ලෙස සඳහන් වන ගල් ගුහාවකට වඩා විශාලත්වයෙන් හා ඉදිරියට නෙරා ඒමෙන් වැඩි ගල් ගුහාවන් සඳහා යොදන නාමයකි. ලුණුගම සිරි පරකුම්බා පිරිවෙනෙහි ප්‍රශ්තුත ගල් ගුහාවද ප්‍රමාණයෙන් හා ඉදිරියට නෙරා ඒමෙන් විශාල ගල් ගුහාවකි. මෙම ගල් ගුහවේ, පිළිම ගෙය පිහිටි මළුවේ සිට ඉදිරියට නෙරා ඇති කොටස දක්වා උස මීටර් 15.54 ක් (අඩි 51ක්) වේ. මුළු ලෙනේ දිග මීටර් 19.15 ක් (අඩි 63ක්) වේ. ගලෙන් ආවරණය ප්‍රදේශය ගල් බිත්තියේ සිට ඉදිරියට මීටර් 9.60 ක් (අඩි 31.5ක්) වේ. මේ අනුව සලකා බලන කල මෙම ගල් ලෙන ඉතා විශාල හා පර්වතය ඉදිරියට නෙරා ඒම නිසා ඇතිවූ ගල් ගුහවෙක් හෙවත් ප්‍රාහ්භාරයක් බව පැවසිය හැකිය. මූල ඓතිහාසික යුගය මිහින්තලය, රජගල වැනි වියලි කලාපයේ පිහිටි, ලංකාවේ මූල ඓතිහාසික යුගයට අයත් ඓන්ද්‍රීය බෞද්ධ විහාරාරාම හා සමාන වූ ස්ථාන 33 ක් පමණ තෙත් කලාපයට අයත් පහල කැලණි ගංගා ද්‍රෝණියේ දක්නට ලැබේ. මේවා අතරින් සමනබැද්ද, ඇඹුල්ගම, ලෙනවර, ලෙනෙගම්පොල හා අස්මඩල ‍මෙන්ම ලුණුගම ද ඉතා සුවිශේෂී ආවේණික ලක්ෂණ වලින් හෙබි ස්වාභාවික ලෙන් විහාර වේ. එක්වරම පොළොවෙන් උත්සන්න වූ කඳු බෑවුමක වූ මළුවක පිහිටා ඇති මෙම ගල් ගුහා අතරින් ලුණුගම හා අස්මඩල පිහිටා ඇත්තේ මධ්‍ය මට්ටමේ වූ තැනිතලාවකය. (The Excavation at Samanabedda Ganegoda Raja-Maha Viharaya: an early historic monastic site in the lower-Kelaniya basin, Somadeva, R, Adikari, G, Solangaarachchi, R, Gunawardhana, P, 1996) මෙලෙස ලෙන්විහාර ලෙස සමාන ලක්ෂණ වලින් යුක්ත, එකම ප්‍රදේශයක එකිනෙකට ආසන්නව පිහිටි මෙම ලෙන් එකම යුගයේ බෞද්ධ භික්ෂූ ආරාම ලෙස පවතින්නට ඇතැයි නිගමනය කළ හැකිය. එම ලෙන් විහාර අතරින් ලුණුගමට ඉතා ආසන්නව පිහිට සමනබැද්ද ලෙන් විහාරය පිළිබඳව ඓතිහාසික විස්තරයක්, ගඩලාදෙණි විහාරයේ වැඩ විසූ දෙවෙනි ධර්මකීර්ති සංඝරාජ මාහිමිපාණන් වහන්සේ විසින් රචිත සද්ධර්මලංකාරය කෘතියෙහි ‘සමණගාම වස්තු’ ලෙස දක්වා ඇති අතර එම විස්තරයට අනුව අනුරාධපුරයේ උත්තිය රජතුමා (ක්‍රි.පූ. 201 - 191) රාජ්‍ය කරන කාලයේ සෑගිරියේ වාසය කළ භික්ෂූන් වහන්සේලා 12 නමක් ශ්‍රමණග්‍රාමයට වැඩම කළ බවක් කියවේ. (සමනබැද්ද රජමහා විහාර පුරාවත, පූජ්‍ය දීපානන්ද හිමි, පාළුගම). මේ අනුව ලුණුගම ලෙනද තත් යුගයේ සංඝයාවහන්සේලා වැඩසිටි ස්ථානයක් ලෙස නිගමනය කළ හැකිය. ප්‍රාග් ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය; පුරා ශිලා යුගය, මධ්‍ය ශිලා යුගය, පශ්චම ශිලා යුගය හා නව ශිලා යුගය වශයෙන් ප්‍රධාන කොටස් 4 ට බෙදා අධ්‍යනය කරයි. මෙහි පුරා ශිලා යුගය නැවත පහල පුරා ශිලා යුගය, මධ්‍ය පුරා ශිලා යුගය හා ඉහල පුරා යුගය යනුවෙන් අනු කොටස් 3 ට බෙදා ඇත. ලංකාවේ පැරණිම සාධක හමුවන්නේ මධ්‍ය පුරා ශිලා යුගයෙනි. ඒ මීට වසර 125,000 ට පෙර කාල නිර්ණයක් සහිත ගල් ආයුධ කිහිපයක් හා මිනිස් හිස් කබලක කොටස් කිහිපයකි. (දැරණියගල, පී, 1958 සහ ආචාර්ය අබේරත්න, එම්.) එහෙත් අදට වසර 40,000 ක සිට වසර 1,800 ක කාලයකට ගැනෙන ලංකාවේ මධ්‍ය ශිලා යුගයට අයත් යැයි කාල නිර්ණය කළ පුරාවිද්‍යාත්මක සාධක රාශියක් ලංකාව පුරා විහිදුනු, 100 කට අධික පුරාවිද්‍යා කැණීම්වලින් හමුවී ඇත. සිතුල්පව්ව, පාහියංගල, බටදොඹලෙන, කිතුල්ගල බෙලි ලෙන, සීගිරි අසල පොතාන හා අලිගල, බෙල්ලන්බැඳිපැලැස්ස, ඌව පළාතේ තෙලුල්ල, කෑගල්ල අසල දොරවක් කන්ද මෙන්ම ලුණුගම අවට පිහිටි අවිස්සාවේල්ලේ අස්මඩල, වාරණ, පිළිකුත්තුව හා මාලිගාතැන්න ආදී ස්ථානයන්හි කළ පුරාවිද්‍යාත්මක කැණීම් වලින් ලබාගත් මිනිස් ඇට සැකිලි, ආයුධ, ආහාර විධි සම්බන්ධ සාධක මගින් මෙම යුගය පිළිබඳ පැහැදිලි මතයක් ප්‍රකාශ කර ඇත. (අධිකාරී,ජී, තන්තිලගේ,ඒ, 2006). මෙම ප්‍රාග් ඓතිහාසික ජනාවාස පිළිබඳ කළ අධ්‍යනයන්‍ වලදී සොයාගෙන ඇත්තේ, ආදි මානවයා වාසය සඳහා තෝරා ගත් ගල් ගුහා ආසන්නයේ ආයුධ සකස් කරගත් පර්යන්ත ගල් සහිත ස්ථානද, පානය සඳහා නොසි‍ෙඳන ජල මූලාශ්‍රද තිබූ බවයි. ලුණුගම ගල් ගුහාව ආසන්නයේද මෙවැනි පර්යන්ත ගල් කුළු කිහිපයක්ම ඇති අතර, ගල් ගුහාව අසලින්ම ගලා බසිනා දිය කඳුර මෙන්ම ඊට ඉතා ආසන්නයේ පිහිටි ලුණුගම පීල්ල ඔවුන්ගේ ජල මූලාශ්‍ර වූවා විය හැකිය. වසර 600 ක පමණ ලිඛිත ඉතිහාසයක් ඇති මෙම දීර්ඝ කාලීන පූජා භූමියේ මතුපිටින් කිසිම පුරාවිද්‍යාත්මක සාධකයක් සොයා ගැනීම අසීරු වුවද, විධිමත් ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාත්මක කැණීමක් කිරීම සඳහා ප්‍රමුඛ අවධානය යොමුවිය යුතු ස්ථානයක් ලෙස ලුණුගම සිරි පැරකුම් රජ මහා විහාරය හැඳින්විය හැකිය. ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය අප්පුහාමි, හරමානිස්, වාස්තු විද්‍යාව හෙවත් ගෘහ නිර්මාණ ශිල්පය, 1937 දේවප්‍රිය, එස්, ගම්පහ දිසාව, 2000 මහාවංශය (සිංහල අනුවාදය), 1955, වීරසේකර, ගුණපාල, කොළඹ විජේදාස, පී. බී., ගෘහනිර්මාණ ශිල්පය හා වාස්තු විද්‍යාව ශ්‍රාස්ත්‍රවේදී දීපානන්ද හිමි, පාළුගම, සමනබැද්ද රජමහා විහාර පුරාවත, ශ්‍රී ලංකාවේ මොසොලිතික යුගයේ අවසානය පිළිබඳ නව ප්‍රවේශයක්, අධිකාරී, ජී, අර්ජුන තන්තිලගේ, ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, 2006 ශ්‍රී සුමංගල ශබ්දකෝෂය, ද්විතීය භාගය සද්දම්මරතනාකරය, 1912, ධර්මකීර්ති, කේ. ඇල් (සංස්) සුරවීර, ඒ.වී., ගම්පහ දිස්ත්‍රික්කය සමාජ සංස්තෘතික ගවේෂණ, 1999, සංස්කෘතික දෙපාර්තමේන්තුව Prof. Gunawardana, P, Landscape Pattern and the Architecture of the ‘Len Vihara’ at Kelani Valley Basin, An unpublished Report Somadewa, R, Gamini Adikari, R. Solongaarchchi, P. Gunawardana, The Excavation at Samanabedda Ganegoda Rajamaha Viharaya: An early Historic Monastic Site in the Lower Kelaniya Basin, An unpublished Report Sri Lanka 1:50,000 Map Sheet No. 67, 2001, Survey Department විහාර ගම්පහ දිස්ත්‍රික්කයේ බෞද්ධ සිද්ධස්ථාන
7,983
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%A2%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%20%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%9A
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (ඉංග්‍රීසියෙන් Sri Jayawardenepura Kotte), මෙන්ම කෝට්ටේ ලෙසින්ද හැඳින්වෙන නගරය යනු, ශ්‍රී ලංකාවෙහි අග නගරයයි. වාණිජමය අග නගරය වන්නාවූ කොළඹ නගරයෙහි නැගෙනහිර නාගරිකයන්ට ඔබ්බෙහි පිහිටි මෙය නව අග නගර ප්‍රදේශය ලෙසින්ද සමහරවිට හැඳින්වේ. එහි නව ගොඩනැගිල්ල 1982 අප්‍රේල් 29 දින දී උත්සවාකාරයෙන් විවෘත කිරීම හා සමගම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෙම ප්‍රදේශයෙහි ස්ථාපනය විය. ඉතිහාසය දියවන්නා ඔය සහ කොලොන්නාව ඔය යන ජල ප්‍රවාහ ද්වයයෙහි දෙමෝදර හි දරුගම නම් ගම්මානය පිහිටියේය. දරුගම ස්වභාවයෙන්ම ආරක්ෂාදායී ස්ථානයක් බැවින් සතුරන්ට එහි ලඟා වීම අතිශයින් දුෂ්කර විය. නිශ්ශංක අලගක්කෝනාර නම් සෙන්පතියා, 13 වන සියවසෙහිදී, මෙහි කෝට්ටේ නමින් (අර්ථය 'කොටුව') බලකොටුවක් තැනුවේ යාපන රාජධානියෙහි ආර්ය චක්‍රවර්ති ගේ ආක්‍රමණයන්ට මුහුණ දෙනු වස්ය. අලගක්කෝනාර යන් කුරුණෑගල පාලනය කරමින් සිටි වගක් ඉබන් බතූතා විසින් විස්තර කෙරුනද, අනෙකුත් මූලාශ්‍රයන් දක්වන්නේ, ඔහු වර්තමාන කළුතර දිස්ත්‍රික්කයෙහි රයිගම් කෝරළයෙහි බණ්ඩාර (ආරක්ෂක) ලෙසින් කටයුතු කල බවක්ය. කෝට්ටේ අබිමුව චක්‍රවර්තිගේ හමුදාව රඳවා තබා ගත් අලගක්කෝනාර විසින්, නිරිත දිගින් පිහිටි පානදුරයෙහිදී සතුරාගේ ආක්‍රමණික නාවික බළ ඇණිය පරාජයට පත් කෙරිණි. කෝට්ටේ හි ත‍්‍රිකෝණයක හැඩැති ජල දුර්ගයේ (දිය බලකොටුවේ) දිගු පැති දෙකක් සැදුවේ දියවන්නා ඔයේ වගුරු බිම්ය; කෙටි (බිම්) පැත්ත ඔස්සේ විසල් දිය අගල ( 'ඇතුළු දිය අගල') ක් කණින ලදි. නගරයෙහි ආරක්ෂාව තර කරන ලද්දේ කබුක් පාෂාණයෙන් තැනුනු ප්‍රාකාර භාවිතයෙනි. ප්‍රාකාර සිට රජ මාලිගා දැරූ අලංකෘත තෙමහල් ගොඩනැගිලි දක්වා සියල්ල තැනීම සඳහා ප්‍රධාන අමු ද්‍රව්‍යයන් වශයෙන් භාවිත වී ඇත්තේ කබුක් සහ මැටි ය. කබුක් ගල් සඳහා ගල්වලක් ලෙසින් භාවිත කල ස්ථානයක් අද දිනත් ආනන්ද ශාස්ත්‍රාලයය (ප්‍රදේශයෙහි පාසලක්) පරිශ්‍රයෙහි දක්නට ඇත. පෘතුගීසින් 1505 දී දිවයිනට සම්ප්‍රාප්ත වූ අතර රජු විසින් මුලදී හරසරින් පිළිගන්නා ලදි. එහෙත් හමුදාවාදී හා ඒකාධිකාරීවාදී අභිමතයන් සහිත වූ ඔවුන් 1565 වන විට නගරය තුල තම අණසක පැතිරවූහ. අසබඩ සීතාවක රාජධානියෙහි හමුදා ඛණ්ඩ වෙතින් එල්ල වූ නිරන්තර පහර දීම් දරා ගත නොහැකි වූ පෘතුගීසිහූ නගරය අතහැර ගොස් ඔවුන්ගේ නව අග නගරය ලෙසින් කොළඹ ස්ථාපනය කර ගත්හ. නාමය ජයවර්ධනපුර නම් පුරාණ නාමය හා නගරයෙහි වර්තමාන නාමය අතර එතරම් වෙනසක් නැත. සංචාරක ආකර්ෂණ කෝට්ටේ ගල් අම්බලම - කෝට්ටේ අම්බලම මෙරට දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය කොළඹ - නුගේගොඩ මාර්ගය, බත්තරමුල්ල - දෙහිවල මාර්ගය සහ බොරැල්ල - තලවතුගොඩ යන මාර්ග එකිනෙක හමුවන තුන්මන් හන්දියේ පිහිටා ඇත. බාහිර සබැදි Goverment Government of Sri Lanka Official Web Portal The Parliament of Sri Lanka CIA Fact book Ministry of Defence : Sri Lanka Education University of Sri Jayawardenepura Nugegoda Public Library History 1400-1565 A. D Decline of the Sinhalese Kingdom Kotte's History Ruins of the ancient Kotte Kingdom Sports Sri Lanka Sports News සිතියම් Sri Jayawardenapura-Kotte is at coordinates මූලාශ්‍ර ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන අගනගර නගර - සැලසුම් කල ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ජනාකීර්ණ ප්‍රදේශ
7,985
https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%20%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1
ගාමිණී කුලරත්න
කෝප්‍රල් ගාමිණී කුලරත්න PWV, SLSR (S/34553) ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදාවේ සේවයකල සෙබලෙකි. ඔහු අලිමංකඩ ක්‍රියාන්විත රාජකාරියේදී මරණයට පත්විය. ළමා කාලය ගාමිණී කුලරත්න උපත ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1966 අගෝස්තු 22 දා හසලක දීය. සහෝදරයන් 4 දෙනකු හා සහෝදරියන් 1 අයෙකි. කීනපැලැස්ස කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබීය. ගාමිණීට වයස 15දී පියා මියගොස් ඇත. ගාමිණී උසස් අධ්‍යාපනය ලද්දේ හසලක මහ විදුහලෙනි. කෝප්‍රල් ගාමිණී 1987 අගෝස්තු 27 යුද හමුදා සේවයට එක් විය. අම්පාර හමුදා සටන් ක‍්‍රම පුහුණු පාසලෙන් පාඨමාලා හදාරා අවසන් වූ පසු අඹේපුස්ස, හම්බන්තොට, තංගල්ල, කන්කසන්තුරේ, පළාලි යන කඳවුරුවල සේවය කිරීමට ගාමිණීට සිදුවිය. අවසානයේදී ඔහු අලිමංකඩ කඳවුරේ සේවයට එක්විණ. මරණය 1991 ජුලි 10 වැනිදා රාත්‍රියේ 5000 කට අධික LTTE සටන්කරුවන් පිරිසක් සෙබලුන් 600 කින් සමන්විත අලිමංකඩ හමුදා කඳවුර වට කරන ලදි. සිංහ රෙජිමේන්තුවේ 6 වන බළ ඇණියට බැඳී සිටි ලාන්ස් කෝප්‍රල් ගාමිණි කුලරත්නට රෙජිමේන්තුවේ සෙසු සෙබලුන් සමග LTTE ප්‍රහාර ගැන සෝදිසියෙන් සිටීමට පැවරුණි. රාත්‍රිය වනවිට LTTE ය විසින් ප්‍රහාර කිහිපයක්ම දියත් කරන ලදි. සිය ගණනක් සටන් කරුවන් කඳවුර වටකරන ලැබූ අතර එයින් ආරම්භ වූ සටන අතර මැදදී යුධ ටැංකියක පෙනුම ගත් සන්නාහ සන්නද්ධ බුල්ඩෝසරයක් කඳවුර දෙසට ඇදුනි. මැෂින් තුවක්කුවකින් හා උන්ඩ විශාල ප්‍රමාණයකින් සන්නද්ධ වූ බුල්ඩෝසරය කඳවුරේ දකුණු දොරටුව දෙසට ගමන් කළේය. ලාන්ස් කෝප්‍රල් කුලරත්න ට පෙනී ගියේ අධික ලෙස සන්නාහ ව තිබූ මෙම බුල්ඩෝසරයට කඳවුරේ රැකවල් බිඳ ඇතුල්වීම ඉතාම පහසු ක්‍රියාවක් බවයි. අලිමංකඩ සතුරන් අතට පත්වීම රටට විශාල පාඩුවක් වන්නට ඉඩ තිබුණි. මේ අතර LTTEය විසින් කඳවුරට මෝටාර් ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්හ. තුවාල වී මියයන සෙබලුන්ගේ සහ පිපිරුම් වල හඬ මධ්‍යයේද සියලුම දෙනාගෙ අවධානය යොමුවූයේ ක්‍රමයෙන් කඳවුරට ළඟාවෙන බුල්ඩෝසරය වෙතය. ලාන්ස් කෝප්‍රල් කුලරත්න, අත් බෝම්බ දෙකක් රැගෙන බුල්ඩෝසරය දෙසට දිව ගියේය. LTTE ය එල්ල කළ වෙඩි ප්‍රහාර නොසලකා ඔහු බුල්ඩෝසරයේ ඉණිමග නැග, අත් බෝම්බ දෙක බුල්ඩෝසරය තුලට විසි කළේය. අත් බෝම්බ විසින් බුල්ඩෝසරය ක්‍රියා විරහිත කළ අතර, පිපිරීම් කිහිපයකට හසුවූ ලාන්ස් කෝප්‍රල් කුලරත්න මරණයට පත් විය. ඒත් සමගම ශ්‍රී ලංකානු සිවිල් යුද්ධයේ දරුණුතම සටනක් නිමා විය. කෝප්‍රල් කුලරත්නගේ නිර්භීත ක්‍රියාව නිසා අලිමංකඩ කඳවුර සතුරන්ට යටත්වීම වැලකුනි. මෙම පරාර්ථකාමි නිර්භීත ක්‍රියාව වෙනුවෙන් ඔහුව මරණයෙන් පසු කෝප්‍රල් තනතුරට උසස් කරන ලදි. එමෙන්ම 1991 ඔක්තෝබර් 10 වැනිදා කෝප්‍රල් කුලරත්නට ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉහළම පදක්කම වන පරම වීර විභූෂනය පිරිනමන ලදි. එම තනතුරින් පිදුම් ලැබූ පළමු පුද්ගලයා කෝප්‍රල් කුලරත්න විය. පසුව ඔහු හසලක වීරයා යන නමින් හඳුවන ලදි. බාහිර සබැඳුම් Sri Lanka Army Ministry of Defence : Sri Lanka Media Center for National Security : Sri Lanka SPUR හසලක_ගාමිණී_කුලරත්නගේ සැබෑ කතාව (ELAKIRI.COM) මූලාශ්‍ර No one told him - he knew what had to be done: Sunday Times Article Sri Lankan Army Website Article Created by using Blogspot Article that released under the GNU Free Documentation License Army, Sri Lanka. (1st Edition - October 1999). "50 YEARS ON" - 1949-1999, Sri Lanka Army. ISBN 995-8089-02-8 1966 උපත් 1991 මරණ චරිත කතා හමුදා සාමාජිකයන් - ශ්‍රී ලංකා ජාතික වීරයන් - ශ්‍රී ලංකා පරම වීර විභූෂණය ලාභීන් පරම වීර විභූෂනය - පදක්කම ලබාගත් නිලධාරීන් ලාංකික සිංහලයෝ
7,998
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%20%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B6%BA
විනය පිටකය
භික්කු විනය ඇතුලත් පිටකයයි. භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා බුදු රජාණන් වහන්සේ විසින් පැනවු ශික්ෂා පද, ප්‍රඥ්ප්ති, විනය කර්ම ආදිය විනය පිටකයේ අඩංගුය. මෙහි භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා නියෝග පනවා ඇති හෙයින් විනය පිටකයට ආනා දෙසනා යැයිද කියනු ලැබේ. විනය පිටකයේ ප්‍රධාන කොටස් තුනකි. සුත්ත විභංග බන්ධක පරිවාර විනය පිටකය බාහිර සබැඳුම් විනය පිටකය - 2500 බුද්ධ ජයන්ති ත්‍රිපිටක සංස්කරණය විනය පිටකය : සිංහල තේරුම
7,999
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%20%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B6%BA
සූත්‍ර පිටකය
සූත්‍ර පිටකය ත්‍රිපිටකයේ කොටසකි. සූත්‍ර පිටකයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ධර්මය පිළිබඳ ප්‍රතිපාදනයයි. බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද දේශණා මෙහි ඇතුළත් වේ. පොදු ජනයාට අවබෝධ වන ලෙස සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් ඔබ්බට නොගොස් දෙසු අවවාදාන්විත සූත්‍ර, උපමා කතා ගාථා ආදී වූ උපදේශයන් අඩංගු වන්නේද සුත්‍ර පිටකයේය. සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් පවත්වන ලද හෙයින් මෙයට වෝහාර දේසනා යැයිද කියනු ලැබේ. මුල් සූත්‍ර ග්‍රන්ථ මූලික වශයෙන් බුද්ධ භාෂිත අඩංගුවන කොටස් මුල් සූත්‍ර ග්‍රන්ථ නමින් හැඳින්වේ. මෙම කොටස් ප්‍රථම ධර්ම සංගායනාවේදීම සම්පිණ්ඩනය කල බවට සැලකේ. දීඝ නිකාය කොටස් 3ක් යටතේ මෙහි සූත්‍ර 34ක් වේ. බුදු රජාණන් වහන්සේගේ සමකාලීන දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර අඩංගු වන්නේ ද ‍ දීඝ නිකායේය. මජ්ඣිම නිකාය මෙහි මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර 152ක් ඇත. කර්මය, ධ්‍යාන, සමාධි, ආත්මවාදයේ දෝෂ සහ නිර්වාණය ආදිය පිළිබඳ විස්තර මෙම සූත්‍ර වල අඩංගුය.පණ්ණාසක වශයෙන් 3 කි. සංයුක්ත නිකාය මෙම සංයුත්තනිකාය තුළ කොටස් පහකි. මෙහුදි බුදුරජාණන් වහන්සේ විසින් බ්‍රාහ්මණ , ගෘහපති, දේවතා ආදී පුද්ගලයන්ගෙගප්‍රශ්න විසඳු ආකාරය දැක්වේ. අට්ඨකතාචාර්‍ය බුද්ධදත්ත හිමිට අනුව නම් මෙම සංයුත්තනිකායෙහි සූත්‍ර 7762 කි. නමුත් බුද්ධ ජයන්ති ත්‍රිපිටකයෙ සූත්‍ර පිටකයෙ එන සංයුත්තනිකාය තුළ එතරම් සූත්‍ර අපට හමු නොවේ. මෙහි සූත්‍ර දේශනා ගද්‍ය පද්‍ය ලෙසින් අපට අධ්‍යනයේදි හමු වේ. ධාතු, ඛන්ධ , ධ්‍යාන, මාර්ගඵල, සතිපට්ඨාන, බොජ්ඣංග ලෙස බොහෝ ධර්ම කරුණු ඇතුළත් වේ. අංගුත්තර නිකාය මෙය නිපාත 11 කට බෙදා ඇත.බුද්ධ දේශනාව තුළ අන්තර්ගත කරුණු අංගයෙන් අංගයට කරුණු ඇතුලත්කොට ඇති හෙයින් අංග+උත්තර > අංගුත්තර යන නාමය යෙදීම සිදුකොට ඇත.කරුණු එකක් පමණක් ඇතුලත් සූත්‍ර ඒකක නිපාතයටත් ,කරුණු 2 ක් අන්තර්ගත සූත්‍ර දුක නිපාතයටත් වශයෙන් කරුණු 11ක් අන්තර්ගත සූත්‍ර ඒකාදස නිපාතයටත් අන්තර්ගත කොට ඇත.නිපාත වශයෙන් 11 ක් වුවද සූත්‍ර වශයෙන් 9557ක් අංගුත්තර නිකායේ විද්‍යමාන වෙයි. පශ්චාත් සූත්‍ර ග්‍රන්ථ ඛුද්දක නිකාය සමහර සම්ප්‍රදායන්ගේ පමණක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අතුලත්කොට ඇති පශ්චාත් සූත්‍ර ග්‍රන්ථ කොටසකි. මෙම නිකායට ‍ග්‍රන්ථ 15 ක් අයත් වේ. ග්‍රන්ථ 15 නම්: 1:ඛුද්දක පාඨ 2:ධම්ම පද 3:උදාන 4:ඉති උත්තක 5:සුත්ත නිපාත 6:විමාන වත්ථු 7:පේත වත්ථු 8:ථේර ගාථා 9:ථේරී ගාථා 10:ජාතක 11:නිද්දෙස 12:පටිසම්භිදා 13:අපදාන 14:බුද්ධ වංශ 15:චරියා පිටක බාහිර යොමු සම්පූර්ණ සූත්‍ර පිටකය ත්‍රිපිටකය සිංහලෙන් thipitaka books සූත්‍ර පිටකය
8,000
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%20%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B6%BA
අභිධම්ම පිටකය
මාතෘ දිව්‍ය රාජයා උදෙසා බුදුන් වහන්සේ කල දේශනය. එකම සිද්ධාන්තයක් හෝ විෂයයක් පිළිබඳව දිග්-දර්ශණ (Intelligence) ආදී බොහෝ ප්‍රභේද කර දැක්වීම සහ නිර්වාණය දෙසට යොමුවූ ධර්මය ප්‍රතිපාදනය කිරිම නිසා මෙම පිටකය අභිධම්ම ලෙස නම් කරයි. සූත්‍ර පිටකයේ විස්තර කර ඇති සිද්ධාන්ත හා විෂයයන් පිළිබඳව පැහැදිලි කිරීම් සිදු කිරීම සහ සහ ඒවා පිළිබඳ ශාස්ත්‍රීය දෘෂ්ටියකින් යුතුව විවේචනයන් ඉදිරිපත් කිරීම ආදිය ප්‍රධාන වශයෙන් අභිධම්ම පිටකයෙන් සිදු කෙරේ. අභිධම්ම පිටකයට පරමත්ථ දේසනා‍ යැයි ද කියනු ලැබේ. මෙහි ග්‍රන්ථ 7ක් ඇතුලත් වේ. 1. ධම්මසංගණිප්පකරණය 2. විභංගප්පකරණය 3. කථාවත්ථුප්පකරණය 4. පුද්ගලපඤ්ඤත්තිප්පකරණය 5. ධාතුකථාප්පකරණය 6. යමකප්පකරම්ණය 7. පට්ඨානප්පකරණය
8,001
https://si.wikipedia.org/wiki/%E0%B6%A2%E0%B6%BA%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%20%E0%B6%9C%E0%B7%8F%E0%B6%AE%E0%B7%8F
ජයමංගල ගාථා
ජීවිතයේ මංගල සම්මත අවස්ථාවල දී "ජයමංගල ගාථා" සජ්ඣායනා කිරීම සම්ප්‍රදායක් ලෙස සිදුවේ. විශේෂයෙන් ම බෞද්ධ යුවලක් යුග දිවියට එළඹෙන විවාහ මංගල්‍ය උත්සවයක දී මෙය අනිවාර්ය අංගයක් ලෙස සිදුවේ. ජයමංගල ගාථා කීම සිදු කෙරෙන්නේ සත්‍යානුභාවය මුල්කොට ගෙන සෙත් පැතීම සඳහා ය. ජයමංගල ගාථාවල කියැවෙන්නේ බුදුන්ගේ අසිරිමත් වූ ගුණ තේජස සහ නොයෙක් අවස්ථාවල දී ජයගත් ආකාරය යි. එසේ ජය ගන්නා වූ ගෞතම මහා මුනීන්ද්‍රයන් වහන්සේගේ තේජසින් ඔබට ජය මංගලයක් වේවා (තං තේජසා භවතු තේ ජයමංගලානි) යනුවෙන් ඒ සෑම ගාථාවක් ම අවසානයේ සෙත් පතනු ලැබේ. අට්ඨ ගාථා සහ ඒවායේ තේරුම් 1 බාහුං සහස්ස මභිනිම් මිත සා යුධං තංදාසක්‌ මවාගෙන අතුත් අවියෙන් සමත් වූගිරි මේඛලං උදිත ඝෝර සසේන මාරංගිරි මේඛලා ඇතු නැගී සිටි මාර සේනාදානාදි ධම්ම විධිනා ජිත වා මුනින්දෝදානාදි දම් විදි බෙලෙන් දිනුවේ මුනින්දාතං තේජසා භවතු (තේ) ජය මංගලානීඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා 2 මාරාතිරේක මභියුජ් ජිත සබ්බ රත්තිංඒ මාරයා හට වඩා නපුරක්‌ බිරම් වූඝෝරම්පනාලවක මක්ඛ මථද්ධ යක්ඛංබෝසත් අතින් හොර අලව් යකු කෝපවත් වූඛන්තී සුදන්ත විධිනා ජිත වා මුනින්දෝමෙත් සිත් වඩා යස ලෙසින් දිනුවේ මුනින්දාතං තේජසා භවතු (තේ) ජය මංගලානීඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා 3 නාලාගිරිං ගජවරං අතිමත්ථ භූතං නාලාගිරි ඇත් රජා ඇතිතෙක්‌ම රා බී දාවග්ගිචක්ක මසනීව සුදාරු නන්තං සෝකා දෙමින් හෙණ හඬක්‌ ලෙස බෝ බිරම් වූ මෙත්තම්බුසේක විධිනා ජිත වා මුනින්දෝමෙත්පැන් ඉසීමෙන් වහා දිනුවේ මුනින්දාතං තේජසා භවතු (තේ) ජය මංගලානීඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා 4 උක්ඛිත්ත ඛග්ග මතිහත්ථ සුදාරුනංතංඋස්‌සා සියුම් කගපතක්‌ සුරතින් රැගත් වූදාවන්තියෝ ජනපදංගුලිමාල වන්තංබෝසේ රකුස්‌යුරු අඟුල්මල් නම් සොරා ඒ ඉද්ධීභිසංඛතමනෝ ජිත වා මුනින්දෝපාලා යසේ ඒ ඉඳු බෙලෙන් දිනුවේ මුනින්දාතං තේජසා භවතු (තේ) ජය මංගලානීඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා 5 කත්වාන කට්ඨමුදරං ඉවගබ්භිනීයාරාසේ බැඳන් බොරු බඩක්‌ ගැබිනි විලාසෙන්චිඤ්චාය දුට්ඨ වචනං ජනකාය මජ්ඣේආවේ නිගාකර සභාවට චින්චිමානාසන්තේන සෝම විධිනා ජිත වා මුනින්දෝසන්සුන් ලෙසින් ගුණ වඩා දිනුවේ මුනින්දාතං තේජසා භවතු (තේ) ජය මංගලානීඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා 6 සච්චං විහාය මති සච්චක වාදකේතුං වාදෙන් සමත්කම් නැගු කොඩියක්‌ විලාසෙන්වාදාභිරෝපිතමනං අති අන්ධ භූතං ඇත්තෙත් වෙනස්‌ සිතැති සච්චකයා විවාදීපඤ්ඤා පදීප-ජලිතෝ ජිත වා මුනින්දෝදල්වා පහන් ගුණ නැණින් දිනුවේ මුනින්දාතං තේජසා භවතු (තේ) ජය මංගලානීඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා 7 නන්දෝපනන්ද භුජගං විබුධං මහිද්ධිංනන්දොපනන්ද භුජගා ඉදුයෙන් සමත් වූපුත්තේන ථේර භුජගේන ධම්මාපයන්තෝ සෑසී මුණි පුතු ලවා දැහැමින්ද දැමීමෙන්ඉද්ධූපදේස විධිනා ජිත වා මුනින්දෝපාලා තෙදින් සිතු බෙලෙන් දිනුවේ මුනින්දාතං තේජසා භවතු (තේ) ජය මංගලානීඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා 8 දුග්ගාහදිට්ථි භුජගේන සුදට්ඨ හත්ථංදාසක්‌ ලොවේ බබළනා එළියෙන් දිමුත් වූබ්‍රහ්මං විසුද්ධි ජුතිමිද්ධි බකාභිධානංබෝසේ පසන් මහබඹා වරදී වදාළාඤාණාගදේන විධිනා ජිත වා මුනින්දෝයහපත් උතුම් නැණ බෙලෙන් දිනුවේ මුනින්දාතං තේජසා භවතු (තේ) ජය මංගලානීඒ තේජසින් ජය මඟුල් ඔබට ලැබේවා අවසානය ඒතා පි බුද්ධ ජය මංගල අට්ඨ ගාථාමේ ලෙස බුදුන් ජය මඟුල් අට මගී මතාසේයෝ වාචකෝ දිනදිනේ සරතේ මතන්දීයම් ඒ කෙනෙක්‌ දින දිනේ සොඳසේ කියයි නම්හිත්‍වාන නේක විවිධානි-ඡුපද්දවානිනානා උපද්දාව නසා සිත දුක නොවීමෙන්මොක්ඛං සුඛං අධිගමෙය්‍ය නරෝ සපංඥෝඅක්‌වේ සැපත් අමපුරේ සව් දුක්‌ නසාලා
8,020
https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%94%20%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
බිතු සිතුවම්
බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වු බුදුරජාණන් වහන්සේ නියෝජනය කරන ප්‍රධාන සංකේත තුනකි. බෞද්ධ විහාරයකට අයත් චෛත්‍යය, බෝධිය, බුදුපිළිම වහන්සේ මුලික කොට ගෙන බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති ශිල්පය, කැටයම් කලාව මෙන්ම චිත්‍ර ශිල්පය ආදී සියලුම කලා ශිල්පයන්වර්ධනය වී ඇත. ලංකාවට බුදු දහම පැමිණීමට පෙර සිටම මෙරට චිත්‍ර කලාවක් පැවති බවට බලි චිත්‍ර කලාව ආදී දේශිය චිත්‍ර කලාවන් ගෙන් පැහැදිලි වේ. බුදු දහම ලංකාවට පැමිණි පසු බුදු සිරිත හා ජාතක කතා ආශ්‍රය කොට ගෙන චිත්‍ර කලාව වැඩි වර්ධනය විය. ආදිම බෞද්ධ චිත්‍ර අනුරාධපුර යුගයේ මුල් යුගයේ සිතුවම් දැනට විද්‍යමාන නොවීම මත පුරාවිද්‍යාත්මක සාධක මත පදනම් වී එකල චිත්‍ර කලාව පිළිබද විමසීම දුෂ්කර වේ. නමුත් බෞද්ධ සාහිත්‍යය ඇසුරෙන් විමසීමේදී බෞද්ධ භික්ෂුන් වහන්සේද බෞද්ධ කලා ශිල්ප පෝෂණය කිරීමේදී පුරෝගාමී මෙහෙවරක් සිදු කර තිබේ. චුල්ල වග්ගයේ සේනාසනක්ඛන්දයේ දැක්වෙන පරිදි භික්ෂු ආරාමයන්හි සුදු පාට හා ගුරු පාට වර්ණ ආලේප කිරීම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ බව පෙනී යයි. බෞද්ධ චිත්‍ර කලාවේ මුල් අවස්ථා මෙම වර්ණ භාවිතය තුළ දැකිය හැකිය. මෙසේ වර්ණාලේපිත ඔපමට්ටම් කළ බිත්ති මත මල්කම් ලියකම් ආදී ස්වභාවික දර්ශන සිතුවම් කිරීම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ. ථේර ගාථා අටුවාව අනුව බිම්බිසාර රජු විසින් බුද්ධ චරිතාපදානය සිතුවමට නඟා තම මිතුරකුට යැවූ බව සදහන් වේ. ජාතක තථා තුළද සිතුවම් කලාව පිළිබදව විස්තර සදහන් බව කුස ජාතකය ආදිය මගින් පෙනී යයි. මෙවැනි සිතුවම් කලාවන් මහින්දාගමනයත් සමගම ලංකාවට දායාද කොට ලැබිණි. සංඝමිත්තා තෙරණියගේ දේහය ආදාහනය කරන ලද්දේ ථූපාරාමයට නැගෙනහිරින් පිහිටි චිත්‍ර ශාලාව ආසන්නයේ බව මහා වංශයේ සඳහන් වේ. මෙය බොහෝවිට චිත්‍ර සඳහා වෙන්කළ ගොඩනැගිල්ලක් විය හැක. ලෝවාමහාපාය තැනීම පිළිබද විස්තර කරනු ලබන වංශය තුළ රහතන් වහන්සේ විසින් දේව විමානයක් හිදැගුලෙන් වස්ත්‍රයක ඇඳ රජුට ඉදිරිපත් කළ බව දක්වයි. පස්වන සියවසේ බුද්ධඝෝෂ අටුවාචාරින් විසින් රචනා කරන ලද විසුද්ධි මාර්ගයෙහි කුරණ්ඩක ලෙනෙහි සත්බුදුවරුන්ගේ අභිණිෂ්ක්‍රමණය සිතුවම් කර තිබු බවත් එය ඉතාම මනරම් බවත් සඳහන් වේ. සීගිරි බිතු සිතුවම් ලංකාවේඇති පැරණිම සිතුවම් ලෙස පස්වන සියවසට අයත් සීගිරි චිත්‍ර හදුන්වනු ලැබේ. මල් ලියකම් සහිත අලංකාර ශීර්ෂාභරණයෙන් සැරසුන හිස් ඇති විවිධ ඉරියව් වලින් යුත් උඩුකය පමනක් දැක්වෙන නාරි රූප මෙම චිත්‍ර මගින් දැක්වේ. කාශ්‍යප රජුගේ බිසෝවරු හා සේවිකාවන් පිදුරංගල විහාරයට මල් පූජාව සඳහා යන අයුරු මෙම චිත්‍ර මගින් නිරූපනය කරන බවද ඔවුන් අප්සරාවන් බවද ඔවුන් විජ්ජුලතා හා මේඝලතා නිරූපනය කරන බවටද විවිධ මත පළ වී ඇත. මෙම සිතුවම් දඹදිව අජන්තා විහාරයේ බෞද්ධ සිතුවම් ගුරු කොට ගෙන නිර්මාණය කර ඇති බවටද මතයක් පල වී ඇත. දැනට සිතුවම් 21ක් පමණක් දක්නට ලැබුණද එහි සිතුවම් පන්සිය ගණනක් තිබූබව සීගිරි කුරුටු ගී ඇසුරෙන් පෙනි යයි. සිරුරේ ව්‍යුහය පිළිබඳව මනා අවබෝධයකින් යුක්තව මෙම චිත්‍ර නිර්මාණය කර ඇති බව පෙනි යයි. රටේ වෙනත් කිසිදු ස්ථානයකින් මෙතරම් ලාලිත්‍යකින් යුත් සුන්දර සිතුවම් හමු වී නැත. චිත්‍ර ඇදීම සඳහා ගල්තලය පිළියෙල කර ඇත්තේ මැටි,කිරිමැටි,දහයියා හා කොහුබත් වලින් සකස් කර ගෙන ඇති මිශ්‍රනයක් ආලේප කිරීමෙනි. ඒ මත සුදු හුණු ගා පිරිමැද රතු පැහැයෙන් ආකෘති ඇද තිබේ. ඉන් පසු කහ,රතු හා කොළ වර්ණ යොදා චිත්‍ර සම්පූර්ණ කර ඇත. ශරීරයේ හා අඟපසග වල හැඩය පෙනෙන පරිද්දෙන් රේඛා භාවිතා කර තිබේ. විශේෂයෙන්ම අත් ඇගිලි නිරෑපනය කිරීමේදි ඉතා සියුම් ලෙස රේඛා හසුරුවා ඇත. සිහිනිඟ හා පියයුරු වලින් මෙම චිත්‍ර වලට වඩාත් සජීවි බවක් ලැබී ඇත. හිඳගල චිත්‍ර සීගිරි චිත්‍ර සම්ප්‍රදාය ගුරු කරගත් චිත්‍ර මහනුවර ආසන්නයේ හිඳගල විහාරයේ දක්නට ඇත. ක්‍රි.ව. 7 වන සියවසට අයත් මෙම චිත්‍ර දැන් මැකී ගොස් තිබේ. සීගිරි සිතුවම් වලටත් වඩා ප්‍රාණවත් බවක් රේඛා භාවිතය තුළින් මෙම චිත්‍රවලට ලැබී ඇත. මිනිස් රූප නොයෙක් ඉරියව් වලින් දැක්මට මෙම සිත්තරා සමත් වී ඇත.මිහින්තලේ දාගැබක දාතු ගර්භය තුළින් හමුවු දේවතාවන් වළාකුළු වලින් මතු වන අයුරු දැක්වෙන සිතුවමද සීගිරි චිත්‍රවල ලක්ෂන දරා ඇත. ආකෘතික රේඛා පමණක් දක්ණට ඇති මෙම චිත්‍ර 8 වන සියවසට අයත්ය. පොළොන්නරු යුගයේ බිතු සිතුවම් පොළොන්නරු යුගයේ චිත්‍ර කලාව ඉතා දියුණු තත්වයක තිබුණු බවටත් රජ මාළිගා හා සරස්වතී මණ්ඩපය සිතුවම් වලින් අලංකාර කර තිබුබවත් චූලවංශයේ සඳහන් වේ. පොළොන්නරු යුගයේ පැරණිම චිත්‍ර 1වන විජයබාහු රජ සමයට අයත් වන අතර එය මහියංගනය ථූපයේ ධාතු ගර්භයෙන් හමු වී තිබේ. රේඛා වලින් රූප සටහන් ඇඳ වර්ණ සංයෝජනය කර ඇති මෙම චිත්‍ර මගින් අනුරාධපුර යුගයේ චිත්‍ර ශිල්පය අඛන්ඩව පොළොන්නරු යුගයට පැමිණි බව සනාථ කරයි. මාර පරාජය පිළිබදව තේමා කොට ඇති මෙම චිත්‍ර පැහැදිළි රේඛා භාවිතය මගින් උසස් ස්ථනයක් ලබා ගෙන තිබේ. සීගිරි චිත්‍ර සිහිගන්වන සුළු මනහර රේඛා භාවිතයකින් දෙවිවරුන්ගේ සිරුරු නිර්මාණය කර ඇති අතර රතු,කළු,කහ හා සුදු වර්ණ වලින් නිමා කර ඇති මෙම චිත්‍ර උසස් සෞන්දර්යකින් යුක්ත වේ. දිඹුලාගල විහාරයේ චිත්‍රද පොළොන්නරු යුගයේ චිත්‍ර අතර වැදගත් තැනක් හිමිකර ගනී.මේ චිත්‍ර අතර සස ජාතකය, දේවදත්ත තෙරුන් ආශ්‍රිත කථා පුවත්ද දැකිය හැකි අතර ඒවා දැන් මැකී යමින් පවතී. දිඹුලාගල පර්වතය ආශ්‍රිත පුල්ලිගොඩ පර්වත කුහරයක ඇති සිතුවම්,පොළොන්නරුව ගල් විහාරයේ හා ලංකාතිලක විහාරයේ ශේෂ වී ඇති සිතුවම්ද පොළොන්නරු යුගයේ චිත්‍ර කලාවේ සුවිශේෂි ලක්ෂණ පිළිබඹු කරයි. මහියංගන විහාරයේ බිතු සිතුවම් මෙම චිත්‍ර අතරින් විශාලම චිත්‍රය ලෙස සැළකිය හැක්කේ බුදුරදුන් බෝ මුල අබියස වැඩ සිටින ආකාරයත් ඒ අසළින් තාපස ලීලාවක් දක්වන අයෙකු වාඩි වී සිටින ආකාරයත් දැක්වෙන චිත්‍රයයි. බුද්ධත්වයට පත්වීම දැක්වෙන චිත්‍රයේ බුදුරදුන් වැද පුදා ගැණීමට තුන් ලොවින් පැමිණි දෙවියන්ද මල් අතින් ගත් විෂ්ණු දෙවියන්ද මාරයා පැරදී පලා යාමද දක්නට ලැබේ. චිත්‍රකරණය සඳහා යොදාගෙන ඇති වර්ණ අතර රතු, කහ, සුදු, දුඹුරු යන වර්ණ උපයෝගී කරගෙන ඇත. පොළෙන්නරු යුගයේ සාම්ප්‍රදායික රේඛා චිත්‍ර අතර පැරණිතම චිත්‍ර වශයෙන් මෙම චිත්‍ර හැදින්විය හැකිය. එකොළොස්වන ශත වර්ෂය තරම් පැරණි යුගයක කලා කරුවෙකුගේ තෙළිතුඩින් සිත්තම්ව මිනිස් ඇසට නොපෙනී වර්ෂ දහසකට නොඅඩු කාලයක් තැන්පත්ව තිබුණු මේ අග්‍රගණ්‍ය කලාකෘති මුළු ලොවටම ප්‍රදර්ශනය වන ආකාරයෙන් වර්තමානයේ අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ සුරක්ෂිතව තබා ඇත. තිවංක පිළිම ගේ බිතු සිතුවම් පොළොන්නරු යුගයේ විශාලතම චිත්‍රාවලිය තිවංක පිළිම ගෙය තුළ දක්නට ලැබේ.මෙහි ගන්ධකුටියේ ඇති චිත්‍ර විශාල වශයෙන් බුද්ධ චරිතය නිරූපනය කරන අතර අන්තරාලයේ සිතුවම් වලින් ජාතක කථා නිරූපණය කරයි. මට සිළිටු කළ වියළි බිත්ති මත රතු පැහැයෙන් චිත්‍රවල බාහිර රේඛා නිරූපනය කර ඇති අතර රතු,කහ හා කොළ වර්න යෙදා චිත්‍ර සම්පූර්ණ කර තිබේ. ගැලපෙන පරිදි රේඛා නැමීමෙන්ද, රේඛාවල මහත අඩුවැඩි කිරීමෙන්ද,කුඩා සිහින් ඉරි කැබලි යෙදීමෙන්ද සිතුවම්වල වටකුරු බව ලබාගෙන තිබේ. අජන්තා චිත්‍ර සම්ප්‍රදාය අඛන්ඩව ලංකාවේ 12 වන සියවස දක්වාම පැවති බව තිවංක පිළිම ගේ බිතු සිතුවම් මගින් පැහැදිළි වේ. බුදුහිමි දෙව්ලොව සිට සංකස්ස පුර වෙත වැඩම කිරීම,විශාලා මහනුවර තුන්බිය දුරලීමට වැඩම කිරීම පිළිබද සිතුවම් අදද පැහැදිලිව හදුනා ගත හැක. සංකස්ස පුරයට වැඩම කිරීම පිළිබද සිතුවම අජන්තා සිතුවම් වලට වඩාත් සමීප බවක් දක්වයි. අන්තරාලයේ සිතුවම් වලින් සස ජාතකය විදහා දැක්වෙන සිතුවම පැහැදිලිව හදුනා ගත හැක. හාවෙකුව උපන් බෝසතුන් සක් දෙවියන්ට තම ඇඟ මස් දන් දීම හා ඒ සිද්ධිය සිහි වීමට සඳ මත හාවෙකුගේ සිතුවමක් සිතුවම් කිරීම දැක්වෙන මෙම සිතුවමට අමතරව වෙස්සන්තර ජාතකය,ගුත්තිල ජාතකය,සාම ජාතකය,කුස ජාතකය,මහා උම්මග්ග ජාතකය, පිළිබිඹු කරන චිත්‍ර ද මේ සිතුවම් අතර දක්නට ඇත. ගර්භ ගෘහය හා අන්තරාලය අතර ඇති බෝසතාණන් වහන්සේට මිනිස් ලොව උපත සඳහා ආරාධනා කරනු ලබන චිත්‍රය මගින් විවිධ මුහුණු හැඩ ඇදීමේ නිපුණතාවය විදහා දක්වයි. මෙහි බෝධිසත්ව රූපය අජන්තා ගුහාවල එන "පද්මපාණී"බෝසත් රුවට යම් සමානත්වයක් දක්වන බව පෙනී යයි. එක් එක් පුද්ගලයන්ගේ ඇදුම්,ආභරණ නිරූපනය මහත් උනන්දුවකින් සිදුකර ඇති කලාකරුවා ඉතා සියුම් මෝස්තර නිරූපණය කිරීමට යොමු වී ඇත. අජන්තා චිත්‍ර සම්ප්‍රදාය අවසන් වරට දක්නට ලැබෙන පොළොන්නරු යුගයේ බිතු සිතුවම් ලොව කිසිදු චිත්‍ර සම්ප්‍රදායකට දෙවනි නොවේ. මහනුවර යුගයේ බිතු සිතුවම් පොළොන්නරු යුගයෙන් පසු දඹදෙණිය,යාපහුව,ගම්පොල, කෝට්ටේ,සීතාවක රාජධානි බිහි වූවත් ඒ යුගවල චිත්‍ර කලාව පිළිබදව අද වන විට කිසිදු සාධකයක් ඉතිරිව නොමැත. වරින් වර සිදු කරනු ලැබූ ප්‍රතිසංස්කරණ හේතුවෙන් ගඩලාදෙණිය,ලංකාතිලකය,දඹුල්ල,රිදීවිහාරය, කෝට්ටේ,කැලණිය වැනි කලා නිකේතන තුළ අද දක්නට ලැබෙන්නේ 16 වන සියවසෙන් පසුව අදින ලද සිතුවම්ය. මහනුවර රාජධානි සමයේ සිංහල රාජාවලියේ අවසන් රජු වන වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු විසින් දළදා මාළිගාවේ දෙමහල් පායක් සාදා ඊට ඇතුළු වන දොරටු චිත්‍ර මගින් අලංකාර කළ බවට සදහන් වූවත් අද වන විට එම චිත්‍ර දක්නට නැත. ඉන් පසු ශ්‍රී විජය රාජසිංහ රජ සමයේ උපසම්පදාව සමඟ සියම් රටෙන් පැමිණි ශාසනික ප්‍රබෝධය සමඟ උඩරට විහාරාරාම අලුත්වැඩියා කර ඒවා චිත්‍ර වලින් අලංකාර කර ඇත.කීර්ති ශ්‍රී රාජසිංහ රජ සම‍යේ ඇති වූ චිත්‍ර කලාවේ දියුණුව පිළිබඳ ශේෂ සටහන් දෙගල්දොරුව,දඹුල්ල,රිදීවිහාරය,කැලණිය(පරන විහාරය),තුළ අද ද දැකිය හැක. මහනුවර යුගයේ බිතු සිතුවම් ඉතා විශිෂ්ඨව සුරැකී දෙගල්දොරුව,රන්ගිරි දඹුලු විහාරය,රිදීවිහාරය තුල දක්නට ඇත.මෙම චිත්‍ර රැසක්ලෙන් තුළ සිතුවම් කර තිබීම මත ඒවා ස්වභාවිකවම ආරක්ෂා වී ඇත. දෙගල්දොරුව විහාරයේ බිතු සිතුවම් මහනුවර ලේවැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ලෙන්විහාරය තුළ ‍ශෛලමය බිත්ති මඟින් විහාර ගෘහය වෙන් කර තිබේ. ලෑලි වලින් සාදා ඇති සිවිලිම මත අලවන ලද රෙද්දක පළා පෙති,ජ්‍යාමිතික හැඩතල වලින් යුත් වියන් මෝස්තරය ඇඳ ඇත. විහාරයේ ඉදිරි බිත්තිය සම්පූර්ණයෙන්ම ජාතක කථා සිතුවම් වලට වෙන් වී තිබේ.බිත්තියේ තීරු වශයෙන් හෙවත් සිතියම් පටි ලෙස ජාතක කථා නිරූපනය කර තිබේ. අඛන්ඪ කථන ක්‍රමය හෙවත් කථා නායකයා කීප වරක් පුනපුනා පෙනෙන පරිදි එකම කථාවේ සිද්ධි කීපයක් එකට දැක්වීමේ ක්‍රමය මෙහිදී සිත්තරා අනුගමනය කර ඇත.නූතන චිත්‍රපටයක් මෙන් කථාව දිගටම දිග හැරෙන ලෙස වෙස්සන්තර ජාතකය, සීලව ජාතකය, සුතිසෝම ජාතකය හා සත්ත භුත්ත ජාතක කථා නිරූපනය කර තිබේ.වෙස්සන්තර ජාතකයේ චිත්‍ර පහත දැක්වෙන පරිදි නිරූපනය කර ඇත. 01. සිවි රට සඳ මහ රජානෝ රජ කරන වග. 02. බිහි වූ කෙනෙහි මවු දේවීන්ගෙන් දාන වස්තු ඉල්ලු වග. 03. රාජාභිෂේක කළ වග. 04. ඇලි ඇතා දන් දුන් වග. 05. වෙසතුරු රජානෝ දශරාජ ධර්මයෙන් රාජ්‍ය කළ වග. 06. හසුන් ගෙනවුත් සැල කළ වග. 07. සත්සතු මහදන් දුන් වග. 08. වංක ගිරියට වඩින්න අවසර ගත් වග. 09.අසුන් දන් දුන් වග. 10. දෙවියෝ රථය ඇදපු වග. 11. නැවත රථය දන් දුන් වග. 12.12. තිස් යොදුන් දුර ගෙවා චේතිය රට ජයතුරා නුවර ශාලාවට වැඩිය වග. 13. චේතිය රජ හට අමාත්‍යයන් සැල කල වග. 14. චේතිය රජු ඇතුලු දහසක් රජ්ජුරුවෝ සුලුවන ගෙවා ගොස් මහ වනයට පාර කියා වැඩිය වග. 15. ජූජකයාගේ අඹුව ළිදට ගොස් කලහ වූ වග. 16. දැසි දසුන් ගෙනෙන්නට යන වග. 17. වැදි මුදලියා විසින් විදින්නට තැනූ වග. 18. ජාලිය ක්‍රිෂ්ණජිනා දෙදෙනා දන් දුන් වග. 19. අච්චුත තාපසයන් පාර කියූ වග. 20. මද්‍රී දේවී හඬා වැටුන වග. 21. දෙදෙනාම ඉසිවෙස් ගෙන පැවිදි වූ වග. 22.මද්‍රී දේවී සිහිමුලා වී වැටුන වග. 23.දෙවියෝ දෙමාපිය වෙස් ගෙන වනාන්තරයේදී උදවු කරන වග. 24. සඳ මහරජානෝ ක්‍රිෂ්ණජිනාවන්ගේ බරට කිරා රන් මසු දුන් වග. 25. රස බොජුන් අනුභව කර ජූජකයා මරණ ප්‍රාප්ත වූ වග. බුදු ගෙහි ඇතුළු පියැස්ස බදාමයෙන් වසා චිත්‍ර ඇදීමට භාවිතා කර ඇත. පියැස්ස මධ්‍යයේ මාර පරාජය දැක්වෙන චිත්‍රයක් ඇත.මෙම දෙගල්දොරුව හා මහනුවර යුගයේ අනිකුත් චිත්‍ර පොළොන්නරු සම්ප්‍රදායෙන් දැඩිව වෙනස් වේ. මහනුවර යුගයේ චිත්‍රවලින් මුහුනෙන් සිතුම් පැතුම් ප්‍රකාශ කිරීමට හෝ අත්වල මුද්‍රා වලින් අදහස් ප්‍රකාශ කිරීමට උත්සහ නොකරයි. රූපවල ශරීර හෝ අංගෝපාංගවල වටකුරු බව හෝ එළිය අඳුර දැක්වීමට හෝ පර්යාලෝකය දැක්විමක්ද සිදු නොකරයි. නමුත් මෙම චිත්‍ර පාඨකයාගේ ඇස පිනවයි. මීට අමතරව බොහෝ බිතුසිතුවම් දක්නට ලැබෙන අතර ඒවා පෞඪ ලාංකීය ඉතිහාසය ලොවට විදහා දක්වන නිහඬ මූලාශ්‍ර වේ. පින්තූර ගැලරිය සීගිරි චිත්‍ර හිඳගල චිත්‍ර මහියංගන විහාරයේ බිතු සිතුවම් තිවංක පිළිම ගේ චිත්‍ර දඹුල්ල චිත්‍ර දෙගල්දොරුව චිත්‍ර කැලණිය(පරන විහාරය)චිත්‍ර උපකාර කර ගත් මූලාශ්‍ර ලංකා කලා ඉතිහාසය- බී.එස්. විජේරත්න. මධ්‍යකාලීන කලා ශිල්ප-ආනන්ද කුමාරස්වාමි. ලංකා විශ්ව විද්‍යාලයේ ලංකා ඉතිහාසය. බෞද්ධ ශිෂ්ඨාචාරයේ මූලධර්ම- චන්දිම විජේබණ්ඩාර හා එච්.එම්. මොරටුවේගම. මේ අඩවිත් බලන්න මහනුවර යුගයේ සිතුවම් කලාව ශ්‍රී ලංකාවේ ඉපැරණි කලා ශිල්ප දෙගල්දොරුව අඩවියෙන් බැහැර පිටු www.geocities.com/srilankanart/main.html www.artsrilanka.org/buddhistart/
8,021
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%20%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
ශ්‍රී ලංකාවේ කම්කරු නීතිය
කම්කරු නීතිය හැඳින්වීම කම්කරු නීතිය යනුවෙන් අදහස් කරනු ලබන්නේ සේව්‍ය-සේවක යන දෙපාර්ශ්වයේම වගකීම්, අයිතිවාසිකම් හා ගිවිසුම් පිළිබඳ නීතියයි. ඒ අනුව කම්කරු නීතියට පාදක වන්නේ සේව්‍ය-සේවක සම්බන්ධතාවයයි. කම්කරු නීතියේ ඉතිහාසය 18 වන ශතවර්ෂයේදී යුරෝපය තුළ ඇති වූ කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට කම්කරු පන්තිය , වැටුප් ලබන පන්තිය හෝ වැඩ කරන පන්තිය යන විවිධ නම් වලින් හඳුන්වනු ලබන පිරිසක් බිහි විය. ශ්‍රමය පමණක් තම එකම සම්පත කොට ගත් ඔවුනට අතීතයේදී තම ශ්‍රමය සඳහා සාධාරණ මිලක් හෝ වටිනාකමක් ශ්‍රම වෙළඳපොළ තුළ හිමි වූයේ නැත. ඊට ප්‍රධාන ලෙසම හේතු වූයේ ඔවුන්ගේ ශ්‍රමය ලබා ගන්නා සේවායෝජකයින් ආර්ථිකමය වශයෙන් ප්‍රබල ස්ථානයක සිටීමත් ඔවුන් හා සාපේක්ෂව බලන කළ ශ්‍රමිකයින්ගේ කේවල් කිරීමේ ශක්තිය අඩු වීමත්ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස සේවායෝජකයා විසින් නියම කරනු ලබන කොන්දේසි වලට යටත්ව තම ශ්‍රමය සැපයීමට ඔවුන්ට සිදු වූ අතර ඒ හේතුවෙන් කම්කරු ජනයාගේ ශ්‍රමය සූරා කෑමට ලක් විය. එම යුගයේදී යුරෝපීය රාජ්‍යයන් විසින් ගෙන ගිය නිර්බාධක ආර්ථික ප්‍රතිපත්තිය හේතුකොටගෙන කම්කරුවන්ට සිදු වූ අසාධාරණයන් අවම කිරීම සඳහා රාජ්‍ය මැදිහත් වීමක් සිදු නොවූ හෙයින් කම්කරු පන්තිය දැඩි පිඩනයකට හසුව ජීවත් වූහ. නමුත් පසුකාලීනව කාල්මාක්ස් විසින් ඉදිරිපත් කරන ලද දර්ශනයත් කම්කරුවන් ඒකරාශී වීමත් කම්කරුවන් වෙනුවෙන් සිදු කළ උද්ඝෝෂණත් හේතුකොටගෙන රජයන් සිය නිර්බාධක රාජ්‍ය ප්‍රතිපත්තිය වෙනස් කරමින් රටේ අඩු වරප්‍රසාද ලත් හෝ වරප්‍රසාද නොලත් ජනකොටස් පිළිබඳව සොයා බලා ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා කටයුතු කළ යුතු බව තේරුම් ගැනීමෙන් පසුව එම රාජ්‍යයන්ද සුභසාධනවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ආරම්භ කළහ. අඩු වරප්‍රසාද ලත් කොටසක් වූ කම්කරු පන්තිය බලවත් සේවායෝජකයින් හමුවේ විඳි දුක් කරදර තරමක් දුරට හෝ තුනී කරලීම සඳහා රජය විසින් සේව්‍ය-සේවක සම්බන්ධතාවයට මැදිහත් විය.මේ අනුව සේවා ගිවිසුමට බලපෑම් කිරීම සඳහා ක්‍රමක්‍රමයෙන් රජයන් විසින් සුභසාධන නීති පැනවීම ආරම්භ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කම්කරු නීතිය බිහි විය. ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියක් බිහි වූ අන්දම බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකාව යටත් කර ගැනීමෙන් පසු ඔවුන් විසින් උඩරට ප්‍රදේශයන්හි ආරම්භ කළ වතු කර්මාන්තය හරහා මෙරට කාර්මික විප්ලවයක් සිදු විය. එම වකවානුවේදී වැවිලි කර්මාන්තය සඳහා අවශ්‍ය වූ කම්කරුවන් ලංකාවෙන් සොයා ගත නොහැකි වූ බැවින් දකුණු ඉන්දියාවෙන් අඩු කුලියට කම්කරුවන් ගෙන්වා ගන්නා ලදී. ඒ අනුව අප රටේ කම්කරු පන්තියක් ආරම්භ වූයේ දකුණු ඉන්දියානු කම්කරුවන්ගෙනි.ලංකාවට නිදහස ලැබී විවිධ කර්මාන්ත ආරම්භ කරන තෙක්ම බ්‍රිතාන්‍යයන් මෙම රටේ වෙනත් කර්මාන්ත බිහි කිරීමට උත්සුක නොවීම හේතුවෙන් බොහෝ කලක් යන තෙක් ලංකාවේ කම්කරු පන්තියේ වර්ධනයක් සිදු නොවීය. මේ නිසා අප රටේ මුලින්ම ඇති වූ නීති කිහිපය පවා වතුකරයේ ඉන්දියානු කම්කරුවන්ට අදාළ ඒවා විය. මෙරට මුල්ම කම්කරු නීතිය පනවනු ලැබුවේ 1841 දීය. 1948ට පෙර මෙරට පනවා තිබුණේ කම්කරු නීති 18ක් පමණි. දැනට විවිධ අංශ ආවරණය කරමින් පනත් 600ක් පමණ කම්කරු නීතිය සම්බන්ධයෙන් පැනවී ඇත. මෙම නීති රීති ක්‍රියාත්මක කිරීම සඳහා එවකට සිටියේ කම්කරු පාලකවරයෙකි. නමුත් අද ඒ වෙනුවට කම්කරු කොමසාරිස්වරයකු සිටී. කම්කරු නීති වල අරමුණු කම්කරු නීති ක්‍රියාවට නැංවීම හරහා ඉටු කර ගැනිමට බලාපොරොත්තු වන අරමුණු කිහිපයක් පවතී, I) සමාජ සාධාරණත්වය තහවුරු කිරීම II) විධිමත් සේව්‍ය-සේවක සම්බන්ධතාවයක් ගොඩ නැඟීම හරහා කාර්මික සාමය ඇති කිරීම III) සේවකයින්ගේ අවම සේවා කොන්දේසි පිළිබඳ සම්මුතින් පැනවීම IV) කාර්මික ආරවුල් වැළැක්වීම සහ අවම කිරීම V) කම්කරුවන්ගේ අයිතිවාසිකම් හා වගකීම් ආරක්ෂා කිරීම සහ තහවුරු කිරීම, කම්කරුවන්ට සවන් දීම. VI) ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම VII) අසාධාරණ සේවා සමාප්තීන් පිළිබඳ කටයුතු කිරීම හා රැකියාව සුරක්ෂිත කිරීම VIII) සේවකයින් පිළිබඳ තොරතුරු හෙළිදරව් කර ගැනීම හා ඒවා රැස් කිරිම කම්කරු සබඳතා විධිමත් කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ප්‍රධාන කම්කරු නීති (ව්‍යවස්ථාපිත අණපනත්) එක් එක් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විවිධාකාර වූ කම්කරු අණපනත් ක්‍රියාත්මක වේ. * සේවා කොන්දේසි සහ නියමයන් 1) 1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක පනත 2) 1947 අංක 47 දරණ පඩි පාලක සභා ආඥා පනත * කාර්මික සම්බන්ධතා 1) 1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනත 2) 1935 අංක 14 දරණ වෘත්තීය සමිති ආඥා පනත 3) 1971 අංක 45 දරණ කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත * ස්ත්‍රීන්, ළමුන් සහ තරුණයින් සේවයේ යෙදවීමේදී අදාළ වන විශේෂ කොන්දේසි 1) 1956 අංක 47 දරණ ස්ත්‍රීන් ළමුන් සහ තරුණයින් සේවයේ යෙදවීමේ පනත 2) 1934 අංක 39 දරණ මාතෘ ප්‍රතිලාභ ආඥා පනත 3) 1939 අංක 32 දරණ ප්‍රසූතිකාධාර ආඥා පනත * සේවක විශ්‍රාම ප්‍රතිලාභ 1) 1958 අංක 15 දරණ සේවක අර්ථ සාධක අරමුදල් පනත 2) 1980 අංක 46 දරණ සේවක භාර අරමුදල් පනත 3) 1983 අංක 12 දරණ පාරිතෝෂික දීමනා පනත * සේවක සුරක්ෂිතතාවය හා සෞඛ්‍යය ආරක්ෂා කිරීම 1) 1942 අංක 45 දරණ කර්මාන්තශාලා ආඥා පනත 2) 1934 අංක 19 දරණ කම්කරු වන්දි ආඥා පනත * ශ්‍රමිකයින් පුහුණු කිරීම 1) 1971 අංක 49 දරණ ජාතික ආධුනිකත්ව මණ්ඩල පනත 2) 1978 අංක 08 දරණ පෞද්ගලික අංශයේ පුහුණු වන්නන් සේවයේ යෙදවීමේ පනත කම්කරු නීති ක්‍රියාත්මක කිරීම ඉහත දක්වන්නට යෙදුණු කම්කරු අණපනත් වල ඇතුළත් ප්‍රතිපාදන සේවායෝජකයින් විසින් නියමාකාරයෙන් ක්‍රියාත්මක කරයිද යන්න සොයා බැලීමේ කාර්යය පැවරී ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුවටය. එම කොන්දේසි හා නියමයන් උල්ලංගනය කරන්නන්ට විරුද්ධව නීති මඟින් කටයුතු කිරීම කම්කරු කොමසාරිස්වරයාගේ වගකීමකි. එම කොන්දේසි හා නියමයන් කැඩීම දඩ මුදලකට හා/හෝ සිරදඬුවමකට යටත් කළ හැකි වරදවල් ලෙස සැළකේ. මේ අඩවිත් බලන්න ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ජාත්‍යන්තර අපරාධ අධිකරණය ශ්‍රී ලංකාවේ පවත්නා වූ නීති තත්වය ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය සිවිල් නඩු සම්බන්ධ ශ්‍රී ලංකාවේ පවත්නා වූ නීති තත්වය ශ්‍රී ලංකාවේ විවාහ නීතිය ශ්‍රී ලංකාවේ ඉඩම් ලියාපදිංචිය පාරිභෝගික ආරක්ෂණය මහජන අර්ථසිද්ධි නඩුකර සාක්‍ෂි අත්අඩංගුවට ගැනීම මූලික අයිතිවාසිකම් නීතිය
8,022
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%B1%E0%B6%A9%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%20%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
ශ්‍රී ලංකාවේ නඩත්තු නීතිය
හැදින්වීම පුළුල් වු සමාජ සංස්ථාවක ‍මූලික අඩිතාලම සපයනු ලබන්නේ පවුල නැමැති ඵ්කකයෙනි.මේ නිසාම අප 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27(12) මගින් දක්වන්නේ රජය විසින් පවුල සමාජයේ මුලික ඒකකය වශයෙන් පිළිගෙන ආරක්‍ෂා කළ යුතු බවයි.එනම් අප රටේ මූලික නීතිය වශයෙන් සලකන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ද පවුල් සංස්ථාවට වැදගත් ස්ථානයක් ලබා දී ඇත.මෙසේ සමාජයේ වැදගත් ස්ථානයක් හිමි කර ගන්නා පවුල තුළ මව,පියා,දරුවන් ආදී ලෙස කොටස් කීපයක් සිටින අතර ඔවුනොවුන් කෙරෙහි පවතින්නා වූ අන්‍යෝන්‍ය යුතුකම් සහ වගකීම් මූලික කර ගෙන ඒ කී පවුල් සංස්ථාව ඉදිරියට ගමන් කරනු ලබයි. මෙලෙස ස්වාමියා හා බිරිද,දෙමව්පියන් හා දු දරුවන් අතර අන්‍යෝන්‍ය යුතුකම් සහ වගකීම්වල එක් සංධිස්ථානයක් ලෙස නඩත්තු නම් වූ සංකල්පය හදුන්වා දිය හැකිය. නඩත්තු නීතියේ ආරම්භය සහ විකාශනය - 1841 අයාල ආඥා පනත මෙහි යම් තැනැත්තෙකු විසින් ඔහුගේ භාර්යාව සහ දරුවන් අනාථ බවට හෝ නඩත්තුවෙන් තොර බවට පත් ‍කෙරෙන විධි විධාන ඇතුලත් කරන ලදී. පසුව 1889 අංක 19 දරණ නඩත්තු ආඥා පනත වර්ථමාන නීතිය-1999 අංක 37 දරණ නඩත්තු පනත මේ සදහා 1992 එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පාදක කොට ගෙන ඇත. නඩත්තු පනත පූර්විකාව දක්වන්නේ තම නඩත්තුව තමා විසින්ම කර ගත නොහැකි ළමයින්, වියපත් දරුවන්,ආබාධිත දරුවන් සහ කලත්‍රයන් නඩත්තු කිරීම සදහා ද ළමා අයිතිවාසිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ සම්මුතියේ විධිවිධානවලට සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සදහාද විධි විධාන සැලැස්වීම සදහා වූ පනතක් බව දක්වයි.ඒ අනුව වර්තමානයේ නඩත්තු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ 1999 අංක 39 දරණ නඩත්තු පනතයි.‍මේ තුළ මුල් පන‍තේ තිබූ පුරුෂයා විසින් පවුල නඩත්තු කළ යුතුය යන ප්‍රතිපාදනය මෙයින් ඉවත් කර කලත්‍රයා යන්න සදහන් කර තිබීමය. ඒ අනුව ස්වාමියා-භාර්යාව ලෙස ලබා ගැනීම සම්බන්ධව නීතිය වර්ධනය කර ඇත. පන‍තේ මුලික අරමුණ වී ඇත්තේ තමාට තමා පෝෂණය කර ගත නොහැකි ළමයින්,වියපත් දරුවන්,ආබාධිත දරුවන් සහ කලත්‍රයන් නඩත්තු කිරීමය. 1.කලත්‍රයන් නඩත්තු කිරීම. 2(1) වගන්තිය:තමාට තමාව නඩත්තු කර ගත නොහැකි කලත්‍රයෙකු නඩත්තු කිරීමේ වගකීම ප්‍රමාණවත් වත්කමක් ඇති අනෙක් කලත්‍රයා විසින් සිදු කළ යුතුය. මෙහිදී කලත්‍රයා යන්නට බිරිද හෝ ස්වාමියා ඇතුළත් වේ.ස්වාමියාටද බිරිදගෙන් නඩත්තු ඉල්ලා සිටීමේ හැකියාවක් මේ යටතේ ලබා දී ඇත. එහිදී ඔහුට රැකියාවක් නොමැති වීම යන්න පිළිබද පමණක් සලකා නොබලන අතර ශරීර සෞඛ්‍යය,ආදායම් සලකා බලයි. කලත්‍රයෙකුට නඩත්තු ඉල්ලා සිටිය නොහැකි අවස්ථා (i)අන්‍යෝන්‍ය කැමැත්ත මත වෙන්ව සිටීම (ii)ඉල්ලීම කරන කලත්‍රයා අනාචාරයේ හැසිරීම (iii)ද්වේෂ සහගත අතහැර යාමකදී නඩත්තු කළ හැක්කේ ස්වාමියා හෝ බිරිද පමණකි.දික්කසාද වූ ස්ත්‍රීය -භාර්යාව හෝ පුරුෂයා -ස්වාමියා යන අර්ථයට නොගැනේ. 1.දරුවන් නඩත්තු කිරීම. 2(2)වගන්තිය:තමාට තමාව නඩත්තු කර ගත නොහැකි දරුවෙකු නඩත්තු කිරීම ප්‍රමාණවත් වත්කමක් ඇති මව්පියන් විසින් සිදු කළ යුතුය. මෙහිදී මව,පියා යන ‍දෙදෙනාම දරුවාගේ නඩත්තු සම්බන්ධයෙන් වගකීමෙන් බැදේ. ළමයා යන්නෙන් පන‍තේ 22 වගන්තියේ අර්ථනිරූපණ වගන්තිය ප්‍රකාරව වගන්තිය විවාහයෙන් උපන් විවාහයෙන් නූඋපන් වයස දහඅටට නොඑළබුණ දරුවෙක් අදහස් වේ. 2(3)වගන්තිය:තමාට තමාව නඩත්තු කර ගත නොහැකි වියපත් දරුවන්ටද නඩත්තු ඉල්ලා සිටිය හැකිය. වියපත් දරුවා යනු විවාහයෙන් උපන් වගන්තිය විවාහයෙන් නූඋපන් වයස දහඅටට වැඩි හෝ විසිපහට අඩු දරුවෙක් අසහස් වේ. 2(4)වගන්තිය:කවර වයසක වුවද තමාට තමාව නඩත්තු කර ගත නොහැකි ආබාධිත දරුවෙකු නඩත්තු කිරීම මව්පියන්ගේ වගකීමකි. 3.1999 අංක 39 දරණ නඩත්තු පනත යටතේ ඉල්ලීමක කළ හැකි වන්නේ, 4(1)(අ)වගන්තිය:ළමයෙකු හෝ ආබාධිත දරුවෙකු විසින් හෝ ඔවුන් වෙනුවෙන් භාරකරුවෙකුට (ආ)වියපත් දරුවෙකුට පනත යටතේ සදහා ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවක,ඒ වියපත් දරුවා විසින් හෝ ඔහු වෙනුවෙන් ඕනෑම අයෙකුට, (ඇ)කලත්‍රයෙකු නම් ඔහුට හෝ ඇයට හැකි අතර යම් නොහැකියාවක් ඇත්නම් ඇය හෝ ඔහුවෙනුවෙන් කවර හෝ තැනැතතෙකුට නඩත්තු සදහා ඉල්ලා සිටිය හැකිය. 1889 පනත යටතේ නම් ලංකාවේ ඕනෑම ප්‍රදේශයකදී නඩත්තු සම්බන්ධව ඉල්ලීමක් සදහා නඩු පැවරිය හැකි නමුත් නව නීතිය අනුව අදාළ පාරශවයන් පදිංචි අධිකරණ බල ප්‍රදේශයේ පමණක් නඩු පැවරිය හැකිය. 12(2)වගන්තිය:වගඋත්තරකරු නොමැති වුවද මහේස්ත්‍රාත් අධිකරණයක නඩුවක් පවත්වාගෙන යාමට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 192 වගන්තිය හරහා හැකිය. කාන්තාවට වත්කමක් නැත්නම් මේ පනත යටතේ නඩත්තු යුතුකම ප්‍රතික්ෂේප කරයි. උඩරට නීතිය යටතේ නඩත්තුව මේ යටතේ (1)ව්‍යවස්ථාපිත නීතිය (2)ව්‍යවස්ථාවට පිටින් නීතිය ලෙස ආකාර 2කි. කෙසේ වුවද උඩරැටියන්ට ද පොදු නීතිය ද යම්තාක් දුරකට අදාළ වේ.(සාමාන්‍ය නීතිය යටතේ ඔවුන්ට විවාහ විය හැකි බැවිනි.) දරුවන් සම්බන්ධව ගත් කළ දීග විවාහයකදී නම් පියා විසින් ද, බින්න විවාහයකදී නම් මව විසින් ද දරුවා පෝෂණය කළ යුතු ය. අවිවාහජ දරුවන් සම්බන්ධව "මව අවජාතක දරුවෙකු බිහි නොකරයි" යන සංකල්පය මත මව විසින් දරුවා පෝෂණය කළ යුතු ය. ස්වාමියා හා බිරිද සම්බන්ධයෙන් දීග විවාහයකදී නම් ස්වාමියා විසින් ද, බින්න විවාහයකදී නම් බිරිද විසින් ද පෝෂණය කළ යුතු ය. දීග විවාහයක දියණියක් විවාහය අතහැර නැවත මුල් නිවසට පැමිණ පසු ඇයව දෙමාපියන් හෝ වැඩිමහල් සහෝදරයන් විසින් ද පෝෂණයකළ යුතු ය. 1999 පනත මෙන්ම උඩරැටියන්ට පමණක් සීමා වූ අනෙකුත් ප්‍රතිකර්මද නඩත්තු සම්බන්ධව අදාළ කර ගත හැකිය. බොහෝ විට 1938 උඩරට නීතිය ප්‍රකාශ කිරීමේ හා සංශෝධනය කිරීමේ පනත අදාළ වේ. උඩරට නීතිය යටතේ පවතින තවත් අවස්ථාවක් වන්නේ ස්වාමියා අන්තිම කැමති පත්‍රයක් රහිතව මිය ගිය විට ස්වාමියාගේ පරවේණි දේපළ නැත්නම් හා ප්‍රමාණවත් නොවේ නම් දරුවන් නඩත්තු කිරීම තමාගේ ජීවිත බුක්තියට යටත්ව ලැබුණු අත්පත් කරගත් දේපළ යොදාගෙන බාලවයස්කාර විවාහජ දරුවන් නඩත්තු කළ යුතු ය. මේ ආකාරයට ලංකාවේ නඩත්තු සම්බන්ධයෙන් පවතින නීතිය දැක්විය හැකිය. බාහිර සබැදි 1999 අංක 37 දරන නඩත්තු පනත සුබලියා එදිරිව කන්නන්ගර - නඩු තීන්දුව
8,023
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1%20%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%20%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B6%BB
මහජන අර්ථසිද්ධි නඩුකර
සාමාන්‍යයෙන් පුද්ගලයකු විසින් අධිකරණමය ක්‍රියාවලියක් සදහා යොමුවනුයේ තමාට සිදුවූ යම් අසාධාරණයක් හෝ අයුක්තියක් වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරවා ගැනීමටය. නොඑසේ නම් තමන් මුහුණපාන නීතිමය ගැටලුවක් නිරාකරණය කරගැනීමටය. එහෙත් මහජන අර්ථසිද්ධි නඩුකරයකදී කෙරෙනුයේ තමාගේ යහපත වෙනුවෙන් නඩු පැවරීමක් නොව සමාජයේ පොදුමහත් ජනතාවගේම යහපත උදෙසා යම් පුද්ගලයකු හෝ ආයතනයක් අධිකරණමය ක්‍රියාමාර්ගයකට එළඹීමය. මහජන අර්ථසිද්ධි නඩුකරයන්හි ඉතිහාසය මහජන අර්ථසිද්ධි නඩුකර පිළිබද සිද්ධාන්තය මුල්වරට එළිදැක්වුනේ 1960 දශකයේ මැද භාගයේදී ඇමරිකා එක්සත් ජනපදයේදීය. ඉන් පසු එම සංකල්පය 1970 දශකයේදී එංගලන්තයට හා ඉන්දියාවටද සංක්‍රමණය විය. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ අපගේ අසල්වැසි ඉන්දියාව " මහජන අර්ථසිද්ධි නඩුකර " යන විෂයෙහි වර්ධනය සඳහා අතිශයින් වැදගත් කාර්යභාරයක් ඉටුකොට ඇති බවය. හිටපු ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වූ ක්‍රිෂ්ණ අයියර් විනිසුරුතුමා සහ පී.එන්.භගවතී අගවිනිසුරුතුමන් විසින් මහජන අර්ථසිද්ධි නඩුකර විෂයෙහි අන්තර්ජාතිකව වැදගත් වන නඩු තීන්දු රාශියක්ම ප්‍රකාශයට පත්කොට ඇත. ශ්‍රී ලංකාවේ අධිකරණයන්ද මහජන අර්ථසිද්ධි නඩුකර විෂයෙහි ඉන්දීය නීති පද්ධතිය තුළ ඇතිවූ වර්ධනයන් සැලකිල්ලට ගෙන අප නීති පද්ධතියෙහි නිම් වලලු පුළුල් කොට ඇත. මේ නිසා මහජන අර්ථසිද්ධි නඩුකර යන්න පාර්ලිමේන්තු පනතක් මගින් පනවන ලද නීතියක් නොව අධිකරණමය ක්‍රියාදාමය තුළ වර්ධනය වූ ප්‍රවනතාවයක් ලෙස හැදින්විය හැකිය. මහජන අර්ථසිද්ධි නඩුකරයක් පැවරිය හැක්කේ කාටද? නෛතික ස්ථතිය හෙවත් Locus Standi යන නෛතික සංකල්පය අනුව යම් පුද්ගලයකු නඩුවක් පැවරිය හැක්කේ පුද්ගලිකවම තමා සම්බන්ධයෙනි. උදාහරණයක් ලෙස මූලික අයිතිවාසිකම් කඩවූ පුද්ගලයාට හෝ ඔහුගේ නීතිඥයාට පමණි. එම පුද්ගලයා සම්බන්ධකර නොගෙන ඔහුගේ ඥාතීන්ට හෝ ඔහු වෙනුවෙන් වෙනත් සංවිධානයකට මූලික අයිතිවාසිකම් නඩුකරයක් ගොනුකළ නොහැක. එහෙත් මහජන අර්ථසිද්ධි නඩුකරයකදී පුද්ගලයකුට හෝ සංවිධානයකට තමන් ඍජුවම සම්බන්ධ නොවන කාරණයක් සම්බන්ධයෙන් වුවද නඩු පැවරීමට හැකියාවක් ඇත. කෙටියෙන් පවසතොත් පොදු මහජනතාවගේ සුභසිද්ධිය උදෙසා අව්‍යාජව සැලකිලිමත්වන ඕනෑම පුද්ගලයකුට හෝ සංවිධානයකට මහජන අර්ථසිද්ධි නඩුකරයක් ගොනුකළ හැක. විවිධ රටවල නඩු මහජන අර්ථසිද්ධි නඩුකර 01. Mc Mehtha vs Union of India (Tanerries Case) 02. Mc Mehtha vs Union of India (Sriram Gasleak case) 03. Juan Anthonia Oposa vs Fulgensio Factoran 04. Smithcline Beecham vs State Phamaceutical co-operation 05. Bulankulama v Ministry of Industrial Development (884/99) - Sri Lanka ආශ්‍රිත ලිපි නීතිය ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ජාත්‍යන්තර අපරාධ අධිකරණය ශ්‍රී ලංකාවේ මහජන අර්ථසිද්ධි නඩුකර නීතිය
8,024
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%20%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A
මූලික අයිතිවාසිකම්
සෑම පුද්ගලයකුම මෙලොව ජීවත් වන විට යුතුකම් හා බැදීම් ඉටු කිරීම සඳහා වූ කිසියම් සබඳතාවයක් දරයි.එය දහමට, සිරිත් විරිත් වලට,නීතියට ආදී වශයෙන් විවිධ විය හැකිය.රටවැසියකු වු විට රටේ නීතියට,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂ නියමයන්ට හා මානව අයිතිවාසිකම් ප්‍රකාශනයේ යුතුකම් හා අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට බැදියාවක් ඇතිවේ. ඉතිහාසය අතීතයේ සිට මේ මොහොත දක්වා වූ කාලපරිච්ඡේදය තුල මිනිසාගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන නොනවත්වා ක්‍රියාවට නැංවෙයි.1215 මැග්නා කාටා ගිවිසුම,1776 ඇමරිකානු නිදහස් සටන සහ 1971 අයිතිවාසිකම් ප්‍රකාශනය,1789 ප්‍රංශ විප්ලවය ආදී ප්‍රකාශන විප්ලව හරහා අයිතිවාසිකම් පිළිබද සංකල්පය බිහිවූ අතර මානව හිමිකම් නීතියෙහි පිබිදීම උදෙසා 19 වන සියවසේදී තෝමස් හොබ්ස්,ජෝන් ලොක් වැනි දාර්ශනිකයන්ගේ මත පදනම් විය.මානව අයිතිවාසිකම් පිළිබද සංකල්පය 1948 මානව අයිතිවාසිකම් පිළිබද විශ්ව ප්‍රකාශනය,1966 ආර්ථික සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුතිය,1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුතිය සහ පසුව කී සම්මුති දෙකට අදාල වෛයිකල්පිත සම්මුතීන් දෙකක් අන්තර්ගත කරමින් සකස් කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පනත එලිදැක්වීමත් සමග බලවත් ලෙස ස්ථාවර විය.අයිතිවාසිකම් යන්න මානව අයිතිවාසිකම් හා මූලික අයිතිවාසිකම් ලෙස දෙයාකාරයකට බෙදේ.විශ්වයේ සමස්ථ මානව වර්ගයාට අදාල වන්නා වූ අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් වේ.මේ ආකාරයට වර්ධනය වූ මානව අයිතිවාසිකම් අතරින් යම් යම් අයිතිවාසිකම් එක් එක් රාජ්‍යයන් විසින් තම රටේ සාමාජික,ආර්ථික,දේශපාලනික,සංස්කෘතික හා වෙනයම් ආවේණික තත්‍වයන්ට උචිත වන ආකාරයට පමනක් උකහා ගෙන එසේත් නැතිනම් අත්‍යවශ්‍යයෙන්ම රැකිය යුතුයයි තමන් පිළිගන්නා අයිතිවාසිකම් ඒ ඒ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කර නෛතිකව බලාත්මක කලහ.එම අයිතිවාසිකම් අප මූලික අයිතිවාසිකම් ලෙස හදුනා ගනී.ඒ අනුව මානව අයිතිවාසිකම් වලින් යම් යම් අයිතිවාසිකම් ක්‍රමිකව විකාශනය වීම හරහා මූලික අයිතිවාසිකම් බවට පත්වී ඇති අතර ඒ අනුව එක් එක් රටවල් පිළිගෙන ඇති මූලික අයිතිවාසිකම් එක හා සමාන නොවේ.උදාහරනයක් වශයෙන් අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව "ජීවත් වීමේ අයිතිය" පිළිනොගත්තද දකුණු අප්‍රිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගනී. විවිධ අධිකරණ බලසීමා තුල මූලික අයිතිවාසිකම් ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේ වත්මන් (1978) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ජේදය මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සාකච්ජා වෙයි. 10 වන ව්‍යවස්ථාව සිතීමේ නිදහස,හෘදය සාක්‍ෂියේ නිදහස සහ ආගමික නිදහස (සෑම තැනැත්තකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළද ගැනීමේ නිදහසද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද ඇතුළුව සිතීමේ නිදහසට,හෘදය සාක්‍ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය. 11වන ව්‍යවස්ථාව වධහිංසා වලින් නිදහස (කිසිම තැනැත්තකු වධහිංසා වලට හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකළ යුත්තේය) 12 වන ව්‍යවස්ථාව (1) සර්ව සාධාරණත්‍වයේ අයිතිවාසිකම (නීතිය පසිදලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය.) (2)කීසිම පුරවැසියකු වර්ගය,ආගම,භාෂාව,කුලය,ස්ත්‍රී පුරුෂ භේදය,දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය. 13 වන ව්‍යවස්ථාව අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්,රදවා තබා ගැනීමෙන් සහ දඩුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම (1)නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේය.යම් තැනැත්තකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මතද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේය. (2)අත් අඩංගුවෙහි තබා ගනු ලැබූ හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කරනු ලැබූ සෑම තැනැත්තකුම නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටිය අනුව ආසන්නතම නිසි අධිකරණයේ විනිශ්චයකාරවරයා ඉදිරියට ගෙන යා යුතු අතර,නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව ඒ විනිශ්චයකාරවරයා විසින් කරනු ලැබූ ආඥාව/ලැබූ ආඥාව /මත සහ ආඥාව ප්‍රකාර මිස,ඒ තැනැත්තා තවදුරටත් අත්අඩංගුවෙහි තබා ගැනීම හෝ රදවා තබා ගැනීම හෝ ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම හෝ නොකළ යුත්තේය.......) 14 වන ව්‍යවස්ථාව භාෂණයේ,රැස්වීමේ,සමාගමයේ,රැකියාවේ සහ යාම්ඊම් යනාදියේ නිදහස අ)භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට ආ) සාමකාමීව රැස්වීමේ නිදහසට ඇ) සමාගමයේ නිදහසට ඈ) වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැදීමේ නිදහසට ඉ) එකලාව හෝ අන් අය හා සමඟ ,ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව ,තම ආගම,ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්,පිළිපැදීමෙන්,ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශකිරීමේ නිදහසට ඊ) එකලාව හෝ අන් අය හා සමඟ හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විදීමේ හා වැඩිදියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිතා කිරීමේ නිදහසට උ) එකලාව හෝ අන් අය හා සමඟ යම් නීත්‍යානුකූල රැකියාවක,වෘත්තියක,කර්මාන්තයක,වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට ඌ) ශ්‍රී ලංකාව තුල යාම ඊමේ නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට ,සහ එ) ශ්‍රී ලංකාවට පෙරලා පැමිණීමේ නිදහසට හිමිකම් ඇත්තේය.... මේ අඩවිත් බලන්න මූලික යුතුකම් මානව අයිතිවාසිකම් 1945 ට පෙර හා පසු මානව අයිතිවාසිකම් නීතිය මූලික අයිතිවාසිකම්
8,025
https://si.wikipedia.org/wiki/%E0%B7%85%E0%B6%B8%E0%B7%8F%20%E0%B7%83%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%9D
ළමා සොල්දාදුවෝ
ඉතිහාසය ලොව පුරා බොහෝ රටවල යුද්ධය උදෙසා ඝෘජු සහ වක්‍ර ලෙස ළමුන් යොදවා ගන්නා ආකාරය දක්නට ලැබේ. එවන් පසුබිමක් තුල ළමුන් යුද්ධයේ යොදවා ගැනීම පිළිබඳව මෙහි විවරණය කෙරේ. ළමුන් යුධ සේවයේ යොදවා ගැනීම අතීතයේ සිට පැවත එන්නකි. එනයින්ම ඉතිහාසය දෙස බැලීම දගත්ය.ඉතිහාසය තුල බොහෝ සංස්කෘතීන් තුලදී ළමුන් යුධමය කටයුතු වල යොදවා ගැනීම දක්නට ලැබේ. බයිබලය තුල මෙන්ම හිට්ටි සහ ඊජිප්තුයානු කලාකෘති (චිත්‍ර) තුලද නිරූපණය කෙරේ. ඇමරිකානු සිවිල් යුද්ධ සමයේ ළමා සොල්දාදුවන් යොදාගෙන ඇත. මධ්‍යතන යුගය යුරෝපය වර්ෂ 1212 දී දහස් ගණන් ළමුන් යුධ සේවයේ යොදවා ගෙන ඇත. British Royal Navy Boer Way Robert Baden- Powell දෙවන ලෝක යුධ සමය හිට්ලර්ගේ හමුදාව තුල දක්නට විය. Battle of Berlin ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය ජාත්‍යන්තර සම්මුතීන් සහ ප්‍රකාශනයන් මෙන්ම බොහෝ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක හා මහා මණ්ඩල නිර්දේශයන් දක්නට ලැබේ. ප්‍රඥප්තීන් Genewa Convention Additional Protocal 1 International Armed Conflict,1997 Genewa Convention Additional Protocol 2 Non - International Armed Conflict, 1977 Internationl Convention on the Rights of Child,1989 African Charter on the Rights and Welfare of the Child, 1999 Worst forms of Child labour Convention,1999 Rome Statute of the International Criminal Court, 1998 එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩල යෝජනා යෝජනා අංක 1261, (1999) යෝජනා අංක 1314, (2000) යෝජනා අංක 1379, (2001) යෝජනා අංක 1460, (2003) යෝජනා අංක 1539, (2004) යෝජනා අංක 1612, (2005) අනෙකුත් යෝජනාවන් Cape Town Principles and Best Practice on the Prevention of Recruitment of Children in to the Armed Forces, 1977 European Parliament Resolution on Child Soldiers, 1998 Maputo Declaration on the use of Child Soldiers, 1999 Montevideo Declaration on the Use of Child Soldiers, 1999 Amman Declaration on the Use of Child Soldiers, 2001 Paris Principle, 2007 ජාත්‍යන්තර මානුෂවාදී නීතිය 1977 ජිනීවා සම්මුතියෙහි 77 වගන්තිය තුලින් ළමුන් යුධ සේවයෙහි යොදවා ගැනීමට එරෙහිව ප්‍රතිපාදන දක්වාලයි. ජාත්‍යන්තර කම්කරු නීතිය බලහත්කාරයෙන් හෝ අනිවාර්ය ලෙස ළමුන් යුද්ධයට යොදවා ගැනීමට එරෙහිව සම්මුතීන් නිර්මාණය කොට ඇත. International Labour Organisation Worstforms of Child Labour Convention, 1999 මෙම සම්මුතියට පාර්ශව වූ සෑම රාජ්‍යක්ම ළමුන් යුධ කටයුතු වල යෙදවීම වරදක් කොට දක්වා එහිදි දණ්ඩනයන් දක්වාලිය යුතු වේ. අද දවස තුල ලොව පුරා ළමා සොල්දාදුවන්   වර්තමානය වන විට 300,000 කට අධික ලෙස වයස අවුරදු 18 ට අඩු දරුවන් ලොව පුරා රටවල් 30 ක පමණ යුධ සේවයෙහි යෙදී සිටී. ඔවුන්ගෙන් සමහරු ළමුන් වයස අවුරුදු 8 ටත් අඩුය. අප්‍රිකාව අප්‍රිකානු මහද්වීපය තුල 200,000 කට අධික දරුවන් යුධ සේවයෙහි නියුක්ත වේ. බෲනායි,චැඩ් කොංගෝ රාජ්‍යය, රුවන්ඩා, සියරාලියෝන්, සෝමාලියා, සුඩානය හා උගන්ඩාව දැක්විය හැකිය. උගන්ඩාව තුල Lord Resistance Army ලෙස දක්වයි. ආසියාව ආසියාව තුල දහස් ගණනක් ළමුන් යුධ සේවයෙහි යෙදී සිටී. ලාඕසය, මියන්මාරය, ඇෆ්ඝනිස්ථානය, ඉන්දුනීසියාව, ශ්‍රි ලංකාව, පිලීපීනය, තුල දක්නට ලැබේ. මොවුන් දුරට රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ ත්‍රස්ත්‍රවාදීන්ගේ යුධ කටයුතුවල යුක්ත වේ. ශ්‍රි ලංකාව දහස් ගණන් දරුවන් එල්.ටි.ටි.ඊ ත්‍රස්තයින් යටතේ යුධ කටයුතු වල නිරත වේ. මොවුන්ව අන්වර්ථ නාමයෙන් Baby Battalian ලෙස දක්වාලයි. වියට්නාමය වියට්නාම යුධ සමයේ ඇමරිකානු හමුදාවන්ට එරෙහිව ළමුන් යුධ සේවයේ නිරත විය. යුරෝපය බ්‍රිතාන්‍ය හමුදාවට (British Army) ඇතුල්වීමට අවම වයස ලෙස අවුරුදු 16 දක්වාලයි. ඒ උදෙසා දෙමාපිය අවසරය අවශ්‍ය වේ. 40% ක් පමණ බ්‍රිතාන්‍ය හමුදාවන්ට ඒකාග්‍ර වන්නේ මෙම වයස තුලදී බව දක්වාලයි. නමුත් එය ස්වෙච්ඡා සේවාවකි. මැද පෙරදිග ඉරාන- ඉරාක යුද්ධය වර්තමාන වාර්තා අනුවද මෙම දෙපාර්ශවයම ළමුන් යුධ කටයුතු වල යොදා ගනී. පලස්තීනය උතුරු ඇමරිකාව ඇමරිකාව යුධ සේවයට බැදීමට අවම වයස අවුරුදු 17 කී ලතින් ඇමරිකාව ලතින් ඇමරිකාව තුල 11000 ට අධික ළමුන් පිරිසක් යුධ කටයුතු වල නිරත වන බවට දක්වාලයි. එහිදි කොළොම්බියාව ප්‍රධාන කොට ගනී. ගරිල්ලා හා අනෙකුත් රාජ්‍ය විරෝධි කණ්ඩායම් ළමුන් යොදවා ගැනීම දක්නට ලැබේ. බොලීවියාව තුලද 40% ක් පමණ අවුරුදු 18 ට අඩු ළමුන් යුධ කටයුතු වල නිරත වේ. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ස්වෙච්ඡාවෙන් යුද්ධයට බැදීමේ වයස අවුරුදු 16 බව දක්වාලයි. එහිදි ඕස්ට්‍රේලියාව, කැනඩාව, සිංගප්පූරුව මේ අනුව උදාහරණ ලෙස දක්වාලිය හැකියි. නවසීලන්තය තුලද අවම වයස අවුරුදු 17 ලෙස දැක්වූවද නමුත් වෙඩි තැබීමට හැකියාව ලැබෙනුයේ වයස අවුරුදු 18 ට පසුවීමෙන් අනතුරුවය. ළමුන් යුධ කටයුතු වල නිරත වීම වලක්වාලීම ළමුන් යුධ කටයුතු වල යෙදීම වලක්වාලීම උදෙසා ලොව පුරා යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වනු දක්නට ලැබේ. උදාහරණ ලෙස Coalation to Stop the Use of Child Soldiers යුද්ධයෙන් අනතුරුව එම දරුවන් සමාජය විවෘත කරලීමේදී ප්‍රධාන ලෙසම ගැටලු මතුවනු දක්නට ලැබේ. නිසි අධ්‍යාපනයක් නොවීම පවුලේ සාමාජිකයින් නොවීම ප්‍රචණ්ඩත්වයට නැඹුරු වීම මෙම තත්ත්වය තුල ඔවුන් පුනුරුත්තාපනයට ලක් කිරීම අවශ්‍ය වේ. ශ්‍රි ලංකාවේ තත්ත්වය L.T.T.E සංවිධානය තුල ළමුන් යුධ සේවයට යොදා ගන්නා ලදී. ශ්‍රි ලංකාව අපරානුමත කර ඇති සම්මුතීන් Convention on the Rights of the Child. Optional Protocol to the Convention on the Rights of the Child on the involvement of the Children in armed conflict දේශීය නීතිය තුල 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂණ අධිකාරි පනත. 1939 ළමයින් හා තරුණයින් පිළිබඳ පනත. කලාපීය එකඟතා Saarc Conention on the Regional Arragement for the promotion of Child Welfare in the South Africa. වැදගත් නඩු තීරණයන් 2006 Armed Activities on the Territoy of the Congo vs Uganda මූලාශ්‍ර International Comparative of Human Rights Law- Fr Noel Dias Sri Lankan Journal of International Law Vol -06 1994 Sri Lankan Journal of International Law Vol 15 - 2003 Winning Peace U.N.D.P Magazine Sources UNESCO Magazine පිංතූර ගැලරිය මේවාද බලන්න මානව අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් 1945 ට පෙර හා පසු ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් බාහිර සබැඳි ළමා සොල්දාදුවන් ළමා සොල්දාදුවන් ළමා සොල්දාදුවන්
8,026
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%B3%E0%B6%9A%E0%B6%A9%E0%B6%B4%E0%B7%84%E2%80%8D%E0%B6%AB%E0%B7%9A%20%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B6%B1%E0%B6%BA
සඳකඩපහ‍ණේ විකාසනය
සඳකඩපහ‍ණේ ඓතිහාසික පසුබිම කැටයම් කලාව යනු මහින්දාගමනයෙන් පසුව ලංකාවට ලැබුනු දායාදයකි. ලාංකේය කැටයම් කලාව පිළිබඳ හැදෑරීමේදී වාහල්කඩ, කොරවක්ගල,මුරගල, පියගැටපෙළ මෙන්ම සඳකඩපහණට ද හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. පැරණි විහාර දොරටුවක අංගයක් වන සඳකඩපහණ පසුකාලීනව රජමාලිගා වැනි ප්‍රභූ ගොඩනැගිලි ආශ්‍රිතවද දක්නට ලැබේ. විහාරයකට ඇතුලු වීමේදී පළමුව පයගැටෙන කැටයම් සහිත වූ අර්ධ කවාකාර ගල් පඩිය "සඳකඩපහණ" ලෙස හදුනාගැනේ. සශ්‍රීකත්වය සහ අභිවෘද්ධිය පිළිබඳ විශ්වාසයන් සමඟ බැදී ඇති සංකේතයක් ලෙස එය මුලදී ගොඩනැගිලි දෙරටු අලංකාරකයක් විය. මුල් යුගයේ නිර්මාණය වූ සඳකඩපහණ් කැටයමින් තොර වූ අතර පසු කාලීනව හෙළ කලාකරුවාගේ විස්මිත හැකියාවන් මෙම ශෛලමය නිර්මාණය හැඩකරන්නට ඇත. කෙසේවෙතත් සඳකඩපහණ ආශ්‍රිතව සිදුකල පුරාවිද්‍යාත්මක පර්යේෂණ වලට අනුව එය බෞද්ධ පදනමක් සහිතවූත්, දාර්ශනික අගයකින් යුක්තවූත්, විශිෂ්ට නිර්මාණයක් හා ලෝක උරුමයක් ලෙස ද නම්කර ඇත. "අඩ්ඩචන්දකපද ගණ්ඨිකා" යන පාලි පදයෙන් බිදී මුල් යුගයේදී "අඩසඳ පහණ" ලෙස හැදින්වූ අතර පසුකාලීනව සඳකඩපහණ ලෙස භාවිතා වී ඇත. සඳකඩපහණේ විකාසනය යුග තුනක් ඔස්සේ දැක්විය හැකිය. එනම් අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය හා පොළොන්නරු යුගයේ සිට මහනුවර දක්වා වූ යුගය වශයෙනි. අනුරාධපුර යුගයේ සඳකඩපහණ අනුරාධපුර යුගය යනු බුදු දහමේ ආලෝකය ලංකාවට ලැබුණු හා සීග්‍ර වර්ධනයක් ඇති වූ රජරට කේන්ද්‍ර කරගත් පළමු රාජ යුගයගි. කැටයම් කලාව ඇතුළු අනෙකුත් ශිල්ප ක්‍රම බොහෝමයක වාගේම සඳකඩපහණේ ආරම්භයද මෙම යුගයේ දී සිදුවේ. තවද එහි වර්ධනයේ උපරිම අවස්ථාවද මෙම යුගයේදීම සිදුවීම වි‍ශෙෂ ලක්‍ෂණයකි. විහරදොරටුවක් ආශ්‍රිතව පියගැ‍ට පෙළට යාබදව කැටයම් රහිත වූ හතරැස් පාටිකාව සඳකඩපහණේ ආරම්භක අවස්ථාවයි. අභයගිරියේ සන්නිපාත ශාලාවේ පිහිටි පාටිකාව මෙන්ම ‍ජේතවන විහාර භූමියේ ඇති පාටිකාව ඉහත කරුණට නිදසුන් සපයයි. පසුව මෙහි හතරුස් හැඩය වෙනස්වී අර්ධ කවාකාර කැටයමි රහිත ගල් පුවරුවක් ලෙස සකස් වී ඇත. එවැනි සඳකඩපහණ් ජේතවන විහාර භූමියේ ස්ථාන කීපයකම දක්නට ඇත. එහෙත් තවත් නොබෝ කලක් ගත වනවිට ක්‍රම ක්‍රමයෙන් සඳකඩපහණ කැටයම් කර තිබේ. පළමුව අර්ධ පද්මයද, පසුව සත්ව රූපාවලියද, ඉන් පසුව ලියවැල් ආදී අනෙක් කැටයම් මෙයට ආරෝපනය වී තිබේ.සඳකඩපහණ හා ඒ ආශ්‍රිත කැටයම් පිළිබඳ අධ්‍යනය කිරීමේ දී අනුරාධපුර යුගයේ කැටයම් කරුවාට අද්විතීය ස්ථානයක් හිමි වේ. ඉතා සරල ලෙසත්, චාම් ලෙසත් කැටයම් කිරීම නිසා සඳකඩපහණ මෙම යුගයේදී දැකුම්කළු උසස් නිර්මාණයක් බවට පත් වී තිබේ. තවද ඇත්, අස්, සිංහ, ගව, හංස ආදී සත්ව රූප පිටතට නෙරා එන පරිදි ජීවමාන ස්වරූපයෙන් නිමවා ඇත. අනුරාධපුර යුගයේ විශිෂ්ටතම සඳකඩපහණ ලෙස සලකනු ලබන්නේ බිසෝමාලිගයේ ඇති සඳකඩපහණයි. එහි කැටයම් ඉතා ගැඹුරින් හා සියුම්ව නිර්මාණය කර ඇත. ඒවායේ ප්‍රාණවත් බවක්ද, සතුන්ගේ ගමන් විලාසයෙන් සංසාර ගමන වේගවත් කර පෙන්වයි. එතරම් තාත්වික වෙනත් සඳකඩපහණක් දැකිය නොහැක. අනුරාධපුර යුගයේ සදකඩපහණ විශිෂ්ට කලා නිර්මාණයක් වීමට බලපෑ කරුණු අතර කැටයම් සීමිත කිරීමත් ඒවාට ජීවමාන ස්වරූපයක් හා ප්‍රාණවත් බවක් ආරෝපණය කිරීමත් දැක්විය හැකිය. පොළොන්නරු යුගයේ සඳකඩපහණ අනුරාධපුර යුගයෙන් පසු එනම් පොළොන්නරු යුගය වනවිට සදකඩපහණ නම් වූ ශෛලමය නිර්මාණයේ මූලික වෙනස් කම් කිහිපයක් සිදුවී ඇත. වැදගත්ම ලක්‍ෂණය වන්නේ කැටයම් බාහුල්‍යයයි. එනම් පොළොන්නරු කැටයම් කරුවා සඳකඩපහණට බොහෝ කැටයම් ආරෝපනය කර ඇත. මුල් යුගයේදී මෙන් නොව සත්ව රූප වෙන වෙනම පේළිවල නිරූපණය කර ඇත. තවද ලියකම් ද විශාල වශයෙන් වැඩි වී තිබේ. මෙම කැටයම් බාහුල්‍යය නිසා සඳකඩපහණේ පෙර තිබූ චාම්බව හා ප්‍රසන්න බව හීන වී ඇත. පොළොන්නරු සඳකඩපහණහි දක්නට ලැබෙන මීලඟ සුවිශේෂී ලක්‍ෂණය වන්නේ ගව රූපය ඉවත් කිරීමයි. මේ සදහා හින්ඳු ආගමික බලපෑම් හේතු වී ඇත. ගවයා හින්ඳු ආගමේ පූජනීය සත්වයෙකි, පයට පෑගීම වැලැක්වීම සඳහා ගවයා සඳකඩපහණෙන් ඉවත් කරන්නට ඇත. තවද මෙම යුගයේ ඇතැම් සඳකඩපහණ් වල සිංහ රූපයද ඉවත්කොට ඇත. ඒ වෙනුවට රටා මෝස්තර, ලියවැල් ආරෝපනය වී ඇත. මෙම යුගයේ කැටයම් කරුවා ගල් බිංදු මෝස්තරය, රටා ‍මෝස්තරය ආදී වශයෙන් තවත් තීරු කිහිපයක් සඳකඩපහණට එකතුකර ඇත.පොළොන්නරු යුගයේ සඳකඩපහණ සීමාඝරය හා වටදාගෙය නම් ස්ථානවල පාටිකා ස්ථානවල පාටිකා ස්වරූපයෙන් පවතින නිර්මාණ හමු වේ. විශේෂත්වය වන්නේ අනුරාධපුර යුගයේ ආගමික ස්ථානවල දක්නට ලැබුනු සඳකඩපහණ පොළොන්නරු යුගයේදී බොහෝ විට රජ මාලිගා අසලද දක්නට ලැබීමයි. මෙම යුගයේ විශිෂ්ටතම සඳකඩපහණ ලෙස හදුනාගෙන ඇත්තේ පොළොන්නරු වටදාගෙය ආශ්‍රීතව ඇති සඳකඩපහණයි. මීට අමතරව පොළොන්නරු සඳකඩපහ‍ණේ දැකියහැකි තවත් සුවිශේෂී ලක්‍ෂණයක් වන්නේ සත්ව රූප අර්ධ උන්නත ලෙස කැටයම් කර තිබීමයි. පොළොන්නරු යුගයෙන් පසු මහනුවර යුගය දක්වා පොළොන්නරු යුගය වනවිට කැටයම් බාහුල්‍යය නිසා අර්ධ කවයකට වඩා විශාල වූ සඳකඩපහණ, මහනුවර යුගය වනවිට ඊටත් වඩා වෙනස් හැඩයක් ගනී. එනම් මෙතෙක් පැවති අර්ධ වෘත්තාකාර ස්වරූපය වෙනස් වී ක්‍රමයෙන් ඉදිරියට නෙරාගිය ආකාරයක් දක්වයි. මහනු‍වර යුගය වනවිට සඳකඩපහණෙහි අර්ධ පත්මය සම්පූර්ණ පියුමක් ලෙස නිර්මාණය කොට ඇත. ලියකමින් හා මල් කමින් අලංකරණය වූ නිසා සත්ව රූප ඉවත්ව ගොස් ඇත. ත්‍රිකෝණාකාර ස්වරූපයක් දක්වන මහනුවර යුගයේ හොදම සඳකඩපහණ හමුවන්නේ දළඳා මාළිගයෙනි. තවද ගංගාරාමය, මහනුවර විෂ්ණු දේවාලය, දෙගල් දෙරුව, ගඩලා දෙනිය, ලංකා තිලක, අස්ගිරි විජය සුන්දරාරාමය වැනි විහාරාරාම වලද මහනුවර යුගයට අයත් සඳකඩපහණ දක්නට ලැබේ. සඳකඩපහණේ නිරූපිත දාර්ශනික අගය සඳකඩපහණ විශිෂ්ඨ කලා නිර්මාණයක් ලෙස හැදින්වීමට හේතු වන්නේ එහි ඇති කැටයම් වලින් නිරූපණය වන භාවය හා දාර්ශනිකමය වටිනා කම නිසාවෙනි. මෙහි දාර්ශනික වටිනාකම පිළිබඳ විවිධ මත පලකල උගතුන් අතර මහාචාර්ය පරණ විතාන, මහාචාර්ය එච්. සී. පී. බෙල්, මහාචාර්ය හොකාර්ට්, මහාචාර්ය විනී විතාරණ හා සී. ටී. දේවේන්ද්‍ර යන විද්වතුන් ප්‍රමුකස්ථානයක් ගනී. සිංහල බෞද්ධ කලා ශිල්පියාගේ කලා කෞශල්‍යය ප්‍රකට කිරීම සඳහා නිරූපිත හොදම නිර්මාණය සඳකඩපහණ බව " හොකාර්ට් මහතාගේ" මතයයි. තවද ඔහු පවසන පරිදි කලා නිර්මාණයක තිබිය යුතු නිර්මලත්වය හා චාම් සුන්දරත්වය සඳකඩපහණෙහි අන්තර් ගත වී ඇත. ඇත්, අශ්ව, හංස, ගව යන සතුන් හතර දෙනාගෙන් සැඳුම්ලත් අලංකාර සත්ව පේලිය පමණක් විග්‍රහ කරණ එච්. සී. පී. බෙල් නම් වු පුරා විද්‍යාඥයා මීට වෙනස් වූ අදහසක් ප්‍රකාශ කරයි. ඔහුගේ මතයට අනුව මෙම නොනැවතී ගමන් කරණ සිවුපාවුන් හතර දෙනා මගින් සිවු දෙසින් එන භික්‍ෂූණ් වහන්සේලාට එකී ආරාමය විවෘතව ඇති බව ප්‍රකාශ වේ. සඳකඩපහණ හා ඒ ආශ්‍රිත කලා නිර්මාණ වල ඇති සෞන්දර්යාත්මක බව අභිබවා, වෙනස් ආරයකින් පරීක්‍ෂණ පැවත් වූ මහාචාර්ය විනී විතාරණ මහතා මෙහි කැටයම් සම්භන්ධයෙන් විශේෂිත වූ අදහස් ප්‍රකාශ කරයි. ඔහුගේ මතයට අනුව සඳකඩපහණ සූර්ය හා චන්‍ද්‍ර යන දෙවි වරුන් දෙදෙනා හා සශ්‍රීකත්වය ඇදහීම සඳහා නිර්මාණය කරණ ලද්දකි. ඔහුට අනුව පද්මය සෞඛ්‍ය හා වාසනාව නිරූපනය කරයි, ලියවැල සියළු වෘක්‍ෂලතා වල ජීවය සංකේතවත් කරයි. තවද මෙහි දැක්වෙන සත්ව රූප විවිධ දෙවිවරුන්ගේ වාහන සංකේතවත් කරයි. නිදසුනක් ලෙස හංසයා බ්‍රහ්මගේ ආසනයද, ඇතා ඉන්‍ද්‍රගේ අසනය බවද දක්වයි. සී. ටී. දේවේන්‍ද්‍ර මහතා සියළු සඳකඩපහණ් පිළිබඳ පොදු මතයක් දක්වයි. ඒනම් " සඳකඩපහණ යනු විහාර හා ගෙඩනැගිලි දෙරටු අලංකාර කිරීම සඳහා යෙදාගත් සාර්ථක උපායක්" ය යන්නයි. මෙම සියළු විද්වත් මතවාද අභිබවමින් සමස්ථ බෞද්ධ මතයට සාපේක්‍ෂ වන පරිදි හරවත් හා සාධාරණ මතයක් ඉදිරිපත් කිරීමට මහාචාර්ය පරණ විතාන මහතට හැකිවිය. ලංකාවේ සියළු සඳකඩපහණ් පිළිබඳ අධ්‍යනය කිරීමෙන් පුසුව "අනුරාධපුර බිසෝ මාලිගයේ සඳකඩපහණ" විශිෂ්ටතම සඳකඩපහණ ලෙස එම මහතා විසින් නම් කරනු ලැබීය. ලංකාවේ පමනක් නොව දැනට ලෝකයේ ඇති වටිනාම සඳකඩපහණ ලෙසද මෙය සලකනු ලබයි. පරණ විතාන මහතා එම සඳකඩපහණ ආශ්‍රිතව තම විග්‍රහය ඉදිරිපත් කරයි. පළා පෙති මෝස්තරය, නොනැවතී ගමන් කරන සිවුපා රූප පේලිය, විශාල ලියවැල, හංසා වලිය, කුඩා ලියවැල, අර්ධ පද්මය යනාදී වශයෙන් ප්‍රධාන කැටයම් ඔස්සේ පරණ විතාන මහතා අදහස් ඉදිරිපත් කරයි. ගිනිසිළුවන් පිටතට විහිදෙන පළා පෙති මෝස්තරයෙන් දැක්වෙන්නේ, රාග, ද්වේශ, මෝහ ගින්නෙන් සත්වයා දැවෙන බවයි. නොනැවතී ගමන් කරන ඇත්, අශ්ව, සිංහ හා ගව සත්ව රූප පේළියෙන්, ජාති, ජරා, වියාධි, මරණ, යනාදී ඉපිද ඉපදී මැරි මැරී යන භව චක්‍රය නිරූපණය කරයි. විශාල ලියවැල තන්හා ලතාවයි මෙලොව උපදින සියළු සත්වයෝ එකී තෘෂ්ණා ලතාවෙන් වෙලී බැදී පැටලී සිටින බව දක්වයි. හංසාවලිය මගින් පෙර කී තෘෂ්ණා ලතාවෙන් මිදීම සඳහා ආර්ය මාර්ගයට පිළිපන් අර්ය ශ්‍රාවකයන් නිරුපනය කරයි. කුඩා ප්‍රමාණයේ ලියවැල ආර්ය මාර්ගයේ හැසිරීම නිසා තුනී කරගෙන ඇති තෘෂ්ණාව නිරූපණය කරයි. විකසිත අර්ධ පද්මය බ්‍රහ්ම ලෝකය හෝ නිර්වාණය නිරූපණය කරයි. මෙම බෞද්ධ දාර්ශනික සිද්ධාන්තය අනුරාධපුර බිසෝමාලිගයේ සඳකඩපහණ සේම තවත් බොහෝ සඳකඩපහණ් වලට තේමාව වූ බව සඳහන් කල හැකිය. නමුත් මෙය සියළු සඳකඩපහණ් වල තේමාව ලෙස ගත නොහැකිය. මන්ද යත් මෙම තේමාවෙන් තොර සඳකඩපහණ් ලංකාවේ මෙන්ම ඉංදියාව, චීනය වැනි වෙනත් රට වලද දැකිය හැකි නිසාවෙනි. නමුත් සඳකඩපහණ මගින් සංසාරයත් නිවණත් සංකේතවත් කර ඇත්තේ සිංහල කලා කරුවා පමණි. සමාලෝචනය අනුරාධපුර යුගයෙන් ඇරබෙන සඳකඩපහණේ හැඩය පවා පසු කාලයේ දී වෙනස් වි ඇත. මුල් යුගයේ දී කැටයම් රහිත පාටිකා ලෙස තිබිනි. පසුව ක්‍රමයෙන් අර්ධ කවාකාර හැඩයක් ගෙන කැටයම් වලින් අලංකාරවත් විය. ඒ ඒ යුගයන් අනුව කැටයම් වල ස්වරූපය වෙනස් වෙමින් පැවත ආවේය. භාරතයෙන් බුදු දහමත් සමඟ ලංකාවට පැමිණි කැටයම් කලාවේ එක් අංගයක් වූ සඳකඩපහණ අනුරාධපුර, පොළොන්නරු, මහනුවර ආදී යුග ඔස්සේ විකාසනය වී පසුව එය චීනය, ජපානය, බුරුමය, තායිලන්තය වැනි රටවල් කරා ද ව්‍යාප්ත වී ඇත. ඡායාරූප ගැලරිය අනුරාධපුර යුගය පොළොන්නරු යුගය මහනුවර යුගය විශේෂ සඳකඩපහණ් මේ අඩවිත් බලන්න සඳකඩපහණ ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය 01. සීලානන්ද හිමි ජී. , ජයසේකර සී. පී. , 2000; සඳකඩපහණ; සරස්වතී ප්‍රකාශකයෝ, දිවුලපිටිය. 02. ප්‍රේමරත්න කේ. බී. 2001 අප්‍රියෙල්; පුලතිසි කලා ඉතිහාසය; නිශාන්ත ප්‍රකාශකයෝ, ගනේමුල්ල. 03. වික්‍රමගේ චන්ද්‍රා 1995; ශ්‍රී ලංකාවේ පැරණි ගොඩනැගිලි දොරටු; ශ්‍රී ලංකා සංස්කෘතික ශාස්ත්‍රායනය. 04. බෞද්ධ කටයුතු දෙපාර්ථමේන්තුව 2002; බෞද්ධ සංස්කෘතිය.
8,028
https://si.wikipedia.org/wiki/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%91%20%E0%B6%B6%E0%B7%85%E0%B6%BD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A
ලංකාවේ කැලෑ බළලුන්
ශ්‍රී ලංකාවේ ජිවත් වන විවිධ සත්ත්ව වර්ග අතුරින් කැලැ බළලුන්ට හිමි වන්නේ විශේෂ ස්ථානයකි.කැලෑ බළලුන් විද්‍යාත්මකව වර්ග කිරීමේදී ක්ෂීරපායි වර්ගයේ,කානිවෝරා ගෝත්‍රයේ,ෆෙලීඩේ කුලය ලෙස වර්ග වේ.ෆෙලීඩේ කුලයට අයත් කැලෑ බළලුන් විශේෂ 36 ක් ලොව පුරා වෙසෙන බව සොයා ගෙන ඇත.ඒ අතුරින් ලංකාවේ වාසය කරන විශේෂ 3 ක් වේ. හඳුන් දිවියා -(Fishing Cat-Prionailurus viverrinus) වල් බළලා -(Jungle Cat-Felis chaus kelarti) කොළ දිවියා -(Rusty sportted Cat-Prionailurus rubiginosus) අඳුන් (හදුන්) දිවියා හදුන් දිවියා ශ්‍රී ලංකාවේ වෙසෙන බළල් කුලයේ දෙවැනි විශාලතම සත්ත්වයායි.ශ්‍රී ලංකාවේ සියලු දේශගුණික කලාප වල හදුන් දිවියා දැකිය හැකිය.රටේ හැම ප්‍රදේශයකම ඉන්නා සතෙකි.කොළඹ වැනි ජනගහනය වැඩි ප්‍රදේශ වල පවා මේ සත්ත්වයා වාසය කරයි.බහුලව දක්නට ලැබෙන්නේ තෙත් භූමි වලය. එසේම කුඹුරු ආශ්‍රිතවද දක්නට ලැබේනමුත් වර්තමානයේදි මෙම සත්ත්වයා ඇතැම් ප්‍රදේශ වලට පමණක් සීමා වී පවතිනවා. හදුන් දිවියා යනු කොළ දිවියා මෙන් විවිධ වාසස්ථානයන්හි ජිවත් විය හැකි වල් බළළෙකු නොවේ.මොහුට ජිවත් වීමට විශේෂ වූ පරිසරයක් අවශ්‍ය වේ.හදුන් දිවියා වාසස්ථාන විශේෂී(Habitat specialist)සතෙක් ලෙස හදුන්වනවා.ජලාශ්‍රිත ස්ථාන වල පමණක් වෙසෙන,ජලයට ඇලුම් කරන,මේ සත්ත්වයාගේ වාසස්ථාන පහත රට තෙත් කලාපයේ පිහිටි වගුරු බිම්,කඩොලාන ප්‍රදේශ,කලපු හා සියලුම කලාප හරහා ගලා යන ගංගා,ඇළ දොළ,වැව් අමුණුයි.මොහු හොඳ දක්ෂ කිමිදුම් කරුවකුද වේ.හදුන් දිවියාට දිගු ශරිරයක් ඇත. භාගයට වර්ධන‍ය වුණ කොටියෙකු පෙනුමක් ඇත.ලොම් ලා දුඹුරැ පාටයි.එහි අපිළිවෙලට චිහිදුන තද දුඹුරැ ලප ඇත.උදර ප්‍රදේශය සුදුයි.කනෙහි පිටිපස්ස කලුයි.ඒ මධ්‍යයෙහි සුදු ලපයක් ඇත.හදුන් දිවියා නිශාචර සතෙකි.කෑම සොයන්නේ සැරි සරන්නේ රැටය.අහාර ලෙස මාලුන්,කුරැල්ලන්,කුඩා ක්ෂිරපායි.දඩයම් කරයි. හදුන් දිවියාගේ ලොම් ස්ථර දෙකක් ඇත. එමනිසා මොහු වතුරේ සිටින විට සම දක්වාම තෙත් වන්නේ නැත.මෙ ලොම් වැස්ම හදුන් දිවියාට වියළිව හා උණුසුම්ව ඉන්න උදව් වේ.ඔවුන්ගේ පාද පිහිටා ඇති ආකාරය ඔවුන්ට පිහිනීමට උදව් ‍වේ. ඔහුගේ ඉදිරි පාද වල අසාමාන්‍ය ලෙස දික් වූ ඇගිලි හා නිය ඇත. බිළාල පවුලට අයත් අනිත් සතුන්ගේ මෙන් නොව මොවුන්ගේ නිය සම්පූර්ණයෙන් ආවරණය වී නැත.සාමාන්‍යයෙන් අන් බළල් මෙන් හදුන් දිවියා වතුරට අකමැති නැත.එමනිසා මොවුන් නොගැඹුරු ජලයේ පිහිනමින් මාලුන්,ගෙමබන්,මැඩියන්,ගොලූබෙල්ලන්,කකුළුවන්,ඉස්සන් වැනි සතුන් දඩයම් කරනවා. මොවුන්ගේ ගුහා සාදා ඇත්තේ ඝන පදුරු සහිත ප්‍රදේශ,ඉලුක් ගාල්,බෙන සහිත ගස් හා පර්වත වල පැලුණු තැන් වලය. දින 65-70ක ගර්භනි කාලයකින් පසු පැටව් ඉපදෙයි.මොවුන් අවුරුදු 12ක් පමණ ජිවත් වේ.මොවුන්ගේ තර්ජනයට ඇති ප්‍රධාන තර්ජනය වන්නේ ඔවුන්ගේ වාසස්ථාන වන තෙත් බිම් විනාශ වීමය. වල් බළලා මොහු ලොව වෙසෙන බළල් විශේෂයේ(Felis chause)හි ඵක් උප විශේෂයකි.හදුන් දිවියාට වඩා කුඩාය.මොහු ලංකාවේ පහත රට,වියළි හා ශුෂ්ක කලාප වල ව්‍යාප්ත වී සිටින්නෙකි.මෙම කලාප වල ඇළ දොළ ආසන්නයේ,විවෘත බිම් හා වගා බම් ආශ්‍රිතව මොවුන් ගැවසෙයි.රාත්‍රියේ කුඹුරු හා කෙසෙල් වතු ආශ්‍රිතවද දැකිය හැකියි.දඹුල්ල,සිගිරිය,තිස්සමහාරාමය,සුරියවැව ප්‍රදේශ වල මොවුන්ව නිතර දැකිය හැකිය.මේ සත්ත්වයා වැඩිපුර ක්‍රියාකාරි වන්නේ රාත්‍රි කාලයේදිය.මොවුන් දිවා කාලයේදි තුරු මුදුන් මත ලැග සිටී. වල් බළලා තමාට වැඩි බලයෙන් අඩු ඕනිම සතෙක්ව ආහාරයට ගනී.එනම් කුරැල්ලන්,මීයන්,හාවුන් හා කුඩා ක්ෂිරපායි සතුන්.සාමාන්‍යයෙන් ගෘහස්ථ බළලෙකුට හැඩයෙන් සමානයි.ගෘහස්ථ බළලෙකුට වඩා කොට වලිගයක් හා දිගු කකුල් ඇත.පිරිමි සතුන් හා ගැහැණු සතුන් හැඩරුවෙන් වෙනස්ය.ගැහැණු සතුන් කුඩාය.පිරිමි සතුන් සාමාන්‍යයෙන් රාත්තල් 15ක් පමණ බරය.උතුරු ප්‍රදේශ වල ජිවත් වන වල් බළලුන් අලු දුඹුරු පැහැතිය.දකුණු ප්‍රදේශ වල ජිවත් වන බළලුන් වඩාත් කහ හා රතු පැහැතියි.මුහුණේ හා කකුල් වල ලා දුඹුරැ පැහැති ඉරි තිබේ.කන උඩ තද දුඹුරු හා කලු පැහැති ලොම් ඇත.මොවුන්ගේ දඩයම් කරන චර්යා අනිත් බළලුන්ට සමානයි.කුරුමානම අල්ලා දඩයම මතට පනී.කුඩා මුව පැටවුන් වුවද මරා දමයි.දහවල් කාලයේදි ක්‍රියාශීලිය.අන්තරායකදි සැග වීමට හා විවේක ගැනීමට ගුහාවට යයි.ප්‍රජනනය සිදු කරන කාලය පලාත අනුව වෙනස් වේ.ගර්භනී කාලය සති 8ක් පමණ වේ.එකවර පැටවුන්3-4ක් පමණ බිහි කරයි. කොළ දිවියා කොළ දිවියා ලංකාවේ හා ඉන්දියාවේ පමණක් දැකිය හැකි සත්ත්වයෙකි.කොළ දිවියා ලෝකයේ වාසය කරන කැලෑ බළලුන් අතරින් කුඩාම කැලෑ බළලාය.මේ සත්ත්වයා නිවර්තන තෙත් වනාන්තර,සිංහරාජය වැනි වැසි වනාන්තර,හොර්ටන් තැන්න,නුවර ඵළිය වැනි ප්‍රදේශ වල පිහිටි කදුකර තෙත් වනාන්තර වල මෙන්ම වියළි හා අතරමැදි කලාපයේ කැළෑ හා ශුෂ්ක ප්‍රදේශ වල කටු පදුරැ සහිත ලඳු කැලෑ ආශ්‍රිතවද දැකිය හැකිය.රට පුරා පැතිරී ඇත.කදුකර පළාත් වල ඉඳලා වෙරළබඩ දක්වාත් තෙත් හා වියළි කලාප වලත් වනාන්තර වලත් දක්නට ඇත. කොළ දිවියා ඉතා කුලෑටි සතෙකු වේ.එසේම මොහු වාසස්ථාන වලට අනුවර්තනය විය හැකි සතෙකු ලෙස(HabitatGeneralist)හදුන්වනවා.ප්‍රමාණයෙන් ගෘහ ආශ්‍රිත කුඩා බළලෙකුට සමානයි.කලාතුරකින් දක්නට ලැබෙන සතෙකි.නිශාචර දඩයක් කරුවෙකි.කෘමීන්,කුඩා කුරුල්ලන්,මීයන්,ගෙම්බන්,කුඩා උරගයින්,ගෘහ ආශ්‍රිතව ඇති කරන කුකුලන් ආහාරයට ගනී. ප්‍රජනනය අවුරැද්දට එක් පාරක් සිදු වේ.1-3 දක්වා පැටවුන් ප්‍රමාණයක් දින 65ක ගර්භනි කාලයකින් පසු ප්‍රසූත කරයි.වැඩුණු සතුන්ගේ ඇති ලප කුඩා පැවෙුන්ගේ නැත.කලු ඉංගිරියාව ලා නිල් පාටයි.වර්ධනය ගෘහ ආශ්‍රිත බළලෙතුට සමානයි.නිශාචර සතෙකි.ගස් මතත් පදුරු සහිත වන ලැහැබ වලත් දැක ගත හැකිය.පැටවුන්ගේ ලොම් ලා පැහැතිය.මොවුන්ගේ හමේ මලකඩ රතු පාට පැල්ලන් ඇත.එමනිසා මොවුන්ට Rusty spotted යන නම සෑදී ඇත.එම රතු පැහැති ලප හිස මත හා කොන්දේ දාර සේ පිහිටනවා.උදරය යට සුදු පාටයි.සාමාන්‍ය දිග අගල් 18 ක් පමණය.වලිගය ඹහුගේ ශරිරයේ දිගින් භාගයක් පමණක් වේ. මේ සත්ත්වයාද මිනිස් ක්‍රියාකාරකම් නිසා වාස භූමි අහිමි වීමෙන් වද වී යාමේ තර්ජනයට මුහුණ පා සිටී. එසේම රථ වාහන අනතුරු වලට ලක්වීම මෙන්ම, කුකුල් කූඩු ආදියට හානි කිරීම නිසා වස තැබිමද මෙම සතුන් අඩුවීමට බෙහෙවින් බලපා ඇත. එසේම සුරතලයට ඇති කිරීම නිසාද,ගෙවල් වල සාදන බළලුන් සමග අභිජනනය වීම නිසාද මොවුන් තවදුරටත් වද වී යාමේ තර්ජනයට මුහුණ පා සිටී. කැලෑ බළලුන් මැරීම හෝ කැලෑ බළලුන්ට හිංසාකිරීම ශ්‍රී ලංකා වනජිවී සංරක්ෂණ පනතට අනුව නීති විරෝධි ක්‍රියාවකි.මේ පනත යටතේ මොවුන් සංරක්ෂිත සත්ත්ව කොටසක් ලෙස නම් කොට ඇත.පරිසරයේ වැදගත් කොටස් කරුවකු වන කැලෑ බළලා විලෝපිකයකු වශයෙන් ආහාර දාමයේ ඉහළින්ම සිටින්නෙකි.ආහාර දාමයේ පහළින්ම සිටින ශාක භක්ෂකයන්ගේද ශාක වර්ග වලද සමතුලිතතාව පවත්වා ගැනීමට ඔවුන් අවශ්‍යයි.ඒ අනුව මොවුන් පරිසරයෙන් ඉවත් වීමෙන් පරිසර සමතුලිතතාව බිද වැටේ.කැලෑ බළලුන් සංරක්ෂණය කල හැක්කේ ඔවුන්ගේ වාසස්ථාන සුරක්ෂිත කිරිමෙනි.එමනිසා මිනිසුන් විසින් මේ සතුන් වාසය කරන පරිසර පද්ධති ආරක්ෂා කිරිමට දායක විය යුතුය. දිවින්
8,029
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF
ස්කන්ද
කාර්තිකේය (සංස්කෘත:कार्तिकेय), ස්කන්ධ, කුමාර, සුබ්‍රමන්‍ය, ෂන්මුඛ, මුරුගන් ආදී නම් වලින් හඳුන්වනු ලබන්නේ යුද්ධයට අධිපති හින්දු දෙවියන් වේ. ඔහු ශිව සහ පාර්වතී දේවියගේ වැඩිමහල් පුත්‍රයා වන අතර ගණේෂගේ සහෝදරයා ය. පුරාණ කාලයේ සිටම ඉන්දියානු උපමහාද්වීපයේ වැදගත් දෙවියෙකු වන කාර්තිකේය දකුණු ඉන්දියාව, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවල විශේෂයෙන් ජනප්‍රිය වූ අතර ප්‍රධාන වශයෙන් මුරුගන් ලෙස වන්දනාමාන කරයි. කාර්තිකේය යනු වෛදික යුගයට අයත් පුරාණ දෙවියෙකි. 1වන සියවසේ සහ ඊට පෙර, ඔහු හින්දු දෙවියකු වන අග්නි සමඟ හමුවන පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ඔහු මුල් හින්දු ආගමේ සැලකිය යුතු දෙවියෙකු වූ බව හැඟවේ. එතුමා එල්ලෝරා ගුහා සහ එලිෆන්ටා ගුහා වැනි ඉන්දියාව පුරා බොහෝ මධ්‍යකාලීන විහාරස්ථානවල දක්නට ලැබේ. ස්කන්ද නිරූපකය සැලකිය යුතු ලෙස වෙනස් වේ. එතුමා සාමාන්‍යයෙන් නිරූපනය වන්නේ පරවානි නමින් හැඳින්වෙන ඉන්දියානු මොණරෙකු පිට නැගී හෝ අසල සිටින සදාකාලික යොවුන් කුමාරයෙකු ලෙසය. ඇතැම් විට ආයුධ වලින් සැරසී සිටින අතර ඇතැම් විට ඔහු දරා සිටින කොඩියේ කුකුළෙකු ඇත. බොහෝ විට එක් හිසකිනුත්, ඇතැම් විට හිස් හයකිනුත් පෙන්නුම් කෙරේ. ආශ්‍රේයයන්
8,030
https://si.wikipedia.org/wiki/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%20%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8
ලංකාවේ නියෝජන ක්‍රම
හැදින්වීම සෑම රටකම ඒ ඒ රටේ ජනතාව පාලනය කිරීම සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සිදු කරයි. එම නියෝජිතයන් තෝරා ගැනීමේ කාර්යය සඳහා විවිධ රටවල් විවිධ ක්‍රම උපයෝගී කර ගනී. ලංකාවේ නියෝජන ක්‍රම ලෝකයේ නියෝජිතයන් තෝරා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රම වලින් දෙකක් ලංකාවේ මෙතෙක් නියෝජිතයන් තෝරා ගැනීම සඳහා විවිධ ක්‍රම භාවිතා කර තිබේ. එනම් සරල බහුතර (සාපේක්ශ වැඩි ඡන්ද) නියෝජන ක්‍රමය සමානුපතික නියෝජන ක්‍රමය සාපේක්ෂ වැඩි ඡන්ද නියෝජන ක්‍රමය සරල බහුතර ක්‍රමය, කේවල වැඩි ඡන්ද නියෝජන ක්‍රමය ලෙසත් හදුන්වනු ලබයි.සාපේක්ෂ වැඩි ඡන්ද නියෝජන ක්‍රමය යනු යම් මැතිවරණ කොට්ඨාසයකට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන්ට සාපේක්ෂව එක් වැඩි ඡන්දයක් හෝ ලබා ගෙන ඇති අපේක්ෂකයා නියෝජිතයා වශයෙන් තෝරා ගනු ලබන ක්‍රමයයි. මෙම ක්‍රමය 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහ 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව යටතේ ලංකාවේ ක්‍රියාත්මක විය. උදා සමානුපතික නියෝජන ක්‍රමය දෙන ලද ඡන්ද සංඛ්‍යාවට සමානුපාතික වන ආකාරයට ආසන බෙදා වෙන් කරනු ලබන ක්‍රමය සමානුපතික නියෝජන ක්‍රමය ලෙස හදුන්වනු ලැබේ. මෙම ක්‍රමය 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හදුන්වා දෙනු ලැබූ අතර වර්ථමානයේ ලංකාවේ මෙම ක්‍රමය ක්‍රියාත්මක වේ. උදා (තෝරා ගත යුතු නියෝජිතයන් ගණන 10 යයි සිතමු) ව්‍යවස්ථාදායකයට නියෝජිතයන් තෝරා ගැනීමේදී අවධානය යොමු කරන අංශ මැතිවරණ කොට්ඨාස බෙදා වෙන් කිරීම නාම යෝජනා කිරීම ඡන්දය ප්‍රකාශ කිරීම මන්ත්‍රීන් තෝරා ගැනීම පුරප්පාඩු පිරවීම මැතිවරණ කොට්ඨාස බෙදා වෙන් කිරීම සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා 1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක වූ සාපේක්ෂ වැඩි ඡන්ද නියෝජන ක්‍රමය තුල මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව තීරණය කිරීමේ වගකීම මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කොමිෂන් සභාව වෙත පවරා තිබුණි. එහිදී, 01පලාතේ ජන සංඛ්‍යාව 02පලාතේ වර්ග සැතපුම් ගණන යන කරුණු පිළිබඳ සැලකිලිමත් විය ජනසංඛ්‍යාව 1972 ට පෙර පලාතේ ජන සංඛ්‍යාව 75000 න් බෙදා ආසන ගණන සොයා ගනු ලැබීය. 1972 න් පසු පලාතේ ජන සංඛ්‍යාව 90000න් බෙදා ආසනගණන සොයා ගනු ලැබීය. වර්ග සැතපුම් පදනම පලාතේ වර්ග සැතපුම් ගණන 1000න් බෙදා ආසන ගණන සොයා ගනු ලැබීය. සාපේක්ෂ වැඩි ඡන්ද නියෝජන ක්‍රමය යටතේ පිහිටවූයේ ඒක මන්ත්‍රී ඡන්ද කොට්ඨාසයි. ජන වර්ග රාශියක් ජීවත් වන ප්‍රදේශ සඳහා බහු මන්ත්‍රී කොට්ඨාස පිහිටුවා ඇත. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක වන සමානුපාතික නියෝජන ක්‍රමය යටතේද මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කොමිෂන් සභාව වෙත මැතිවරණ කොට්ඨාස තීරණය කිරීමේ වගකීම පවරා තිබුණි.එහිදී පහත සඳහන් කරැණු නකරේ අවධානය යොමු කරනු ලැබීය. එනම්, ලංකාව 20-25 අතර මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාවකට බෙදා වෙන් කිරීම,පලාතක ක්‍රියාත්මක වන පරිපාලන දිස්ත්‍රික්කයක් මැතිවරණ කොට්ඨාසයක් බවට පත් කිරීමට උත්සාහ ගැනීම ,මැතිවරණ කොට්ඨාස වලට නමක් ලබා දීම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් ගණන 225කි. ඉන් 29ක් ජාතික ලයිස්තු පදනමින් තෝරා ගනු ලැබූ අතර ඉතිරි 196 පලාතකට 04 බැගින් ආසන 36ක්ද ඉතිරි 160 රටේ මුළු ඡන්ද සංඛ්‍යාව 160න් බෙදා පරිමිත ඡන්ද සංඛ්‍යාව සොයා ගැනීමෙන් අනතුරුව ඒ ඒ කොට්ඨාසයේ ඡන්ද සංඛ්‍යාව පරිමිත ඡන්ද සංඛ්‍යා‍වෙන් බෙදීමෙන්ඒ ඒ කොට්ඨාසයේ මන්ත්‍රීන් ගණන සොයා ගනු ලැබීය. ඡන්දය දෙන ආකාරය සාපේක්ෂ වැඩි ඡන්ද නියෝජන ක්‍රමය තුල සරල ක්‍රමයක් භාවිතා විය. අදාල පක්ෂයට ඡන්දය දීමෙන් අනතුරුව අපේක්ෂකයාගේ නම සහ සළකුණ ඉදිරියේ ඡන්දය භාවිතා කරන ලදි.සමානුපාතික ක්‍රමය සංකීර්ණ ක්‍රමයකි. තමන් කැමති දේශපාලන පක්ෂයට ඡන්දය දීමෙන් අනතුරැව මනාප 03 ක් ලකුණු කල හැකිය. මන්ත්‍රීන් තෝරා ගන්නා ආකාරය සාපේක්ෂ වැඩි ඡන්ද නියෝජන ක්‍රමය යටතේ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් අතරින් වැඩිම ඡන්ද ගබා ගත් අපේක්ෂකයා මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වේ . සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ අනුගමනය කරන්නේ තරමක් සංකීර්ණ ක්‍රමයකි. එහිදී පළමුවෙන්ම ඒ ඒ මැතිවරණ කොට්ඨාසයේ වැඩිම ඡන්ද ලැබූ පක්ෂයට ප්‍රසාද ආසනයක් හිමි කර දෙනු ලබයි. ඉන් අනතුරුව 5%ට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති දේශපාලන පක්ෂ හෝ ස්වාධීනකණ්ඩායම්තරගයෙන් ඉවත් කරනු ලැබේ.ඉන් අනතුරැව ඒ ඒ පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් ලබා ඇති ඡන්ද සංඛ්‍යාවට සාපේක්ෂව ආසන බෙදා වෙන් කිරීම සිදු කරනු ලබයි.එහිදී,වලංගු මුළු ඡන්ද සංඛ්‍යාව තවදුරටත් තෝරා ගත යුතු මන්ත්‍රීන් සංඛ්‍යාවන් බෙදා සම්ප්‍රයුක්ත ඡන්ද සංඛ්‍යාව සොයා ගනු ලබයි. ඉන් පසුව ඒ ඒ පක්ෂයට හිමි ආසන සංඛ්‍යාව සොයා ගැනීම සඳහා ඒ ඒ පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව සම්ප්‍රයුක්ත ඡන්ද සංඛ්‍යාවෙන් බෙදනු ලබයි. ඒ ඒ පක්ෂයට හිමි ආසන සංඛ්‍යාව සොයා ගත් පසුව අපේක්ෂකයන් ලැබූ මනාප සංඛ්‍යාව මත තෝරා ගත් මන්තීවරැ කවුදැයි තීරණය කරනු ලබයි. පුරප්පාඩු පිරවීම සාපේක්ෂ වැඩි ඡන්ද නියෝජන ක්‍රමය යටතේ පුරප්පාඩු පිරවීම සඳහා අතුරු මැතිවරණයක් පවත්වනු ලබයි. සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පුරප්පාඩුවක් ඇති වුවහොත් ලයිස්තුවේ ඊළගට වැඩිම මනාප ලබා ගෙන ඇති පුද්ගලයා තෝරා පත් කර ගනු ලබයි. මේ අඩවිත් බලන්න ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුව පින්තූර ගැලරිය
8,031
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82%E0%B7%92
සාක්‍ෂි
නඩු කටයුත්තක් ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය වැදගත්ම දෙය වන්නේ සාක්‍ෂියයි. ප්‍රශ්නගත කරුණු සම්බන්ධව එය විසඳීමට විවිධ කරුණු ඉදිරිපත් වේ. මෙයින් නඩු කටයුත්තට අදාළ කරගත හැකි දේවල් සාක්‍ෂි ලෙස සැලකිය හැකිය. මේ සම්බන්ධයෙන් ලංකා නීතිය තුළ 1895 අංක 14 දරණ සාක්‍ෂි ආඥා පනත වැදගත් වේ. සාමාන්‍ය වර්ගීකරණය ලිඛිත සාක්‍ෂි අධිකරණයේ විභාගය සඳහා ඉදිරිපත් කරන සියළුම ලේඛන වේ. වාචික සාක්‍ෂි සාක්‍ෂි ඉදිරිපත් කරන ආකාරය අනුව එය සාමාන්‍ය ව්‍යවහාරයේදීද ලිඛිත හා වාචික සාක්‍ෂි ලෙස වර්ග කරයි. නීතිය තුළද එය ඒ ආකාරයෙන් වර්ගීකරණයට ලක්වෙනු දක්නට ලැබේ. සාක්‍ෂි ආඥා පනතේ අර්ථ නිරූපණ වගන්තිය වන තෙවන වගන්තිය දක්වන පරිදි සාක්‍ෂි යන්නට කථිත සාක්‍ෂි මෙන්ම ලේඛනගත සාක්‍ෂිද අදාළ වන බව දක්වයි.කථිත සාක්‍ෂි යනු පරීක්‍ෂණයට විෂය වන කරුණු සම්බන්ධයෙන් සාක්‍ෂිකරුවන් විසින් උසාවියට ඉදිරිපත් කළ යුතු යැයි අධිකරණය නියම කරන හෝ ඉදිරිපත් කිරීමට ඉඩ දෙන ප්‍රකාශ වේ. අධිකරණ පරීක්‍ෂණයට ඉදිරිපත් කරන සියලු ලේඛන ලේඛනගත සාක්‍ෂි වේ. සාක්‍ෂි වර්ගීකරණය සාක්‍ෂි වල වටිනාකම අනුවද අපට ඒවා වර්ගීකරණයට ලක් කළ හැකිය. එනම් , හොඳම සාක්‍ෂි හා අප්‍රධාන සාක්‍ෂි මුල් සාක්‍ෂි හා ප්‍රවාදක සාක්‍ෂි ඇස දුටු සාක්‍ෂි හා පරිවේශනීය සාක්‍ෂි කථිත , ලේඛනගත හා ද්‍රව්‍යමය සාක්‍ෂි පිළිගත යුතු යැයි හැඟෙන සාක්‍ෂි හා තීරණාත්මක සාක්‍ෂි ප්‍රාථමික හා ද්විතියික සාක්‍ෂි සාමාන්‍ය සාක්‍ෂි හා විශේෂ සාක්‍ෂි වශයෙනි. 01.හොඳම සාක්‍ෂි හා අප්‍රධාන සාක්‍ෂි. හොඳම සාක්‍ෂි යනු ප්‍රශ්නගත කරුණ සම්බන්ධයෙන් වන වැදගත්ම සාක්‍ෂියයි. එනම් වඩාත් යෝග්‍යතම සාක්‍ෂියයි. උදාහරණ ලෙස විවාහයක් ප්‍රශ්නගත වන විට විවාහය පැවති බවට වන හොඳම සාක්‍ෂිය වන්නේ " විවාහ සහතිකය " යි. උපතක් සම්බන්ධයෙන් නම් උප්පැන්න සහතිකයයි. හොඳම සාක්‍ෂියට යටත්ව ප්‍රශ්නයට අදාළ කරගත හැකි සාක්‍ෂි අප්‍රධාන සාක්‍ෂි වේ.ඉහත උදාහරණයේදීම " විවාහ සහතිකය " හොඳම සාක්‍ෂිය වන විට විවාහ උත්සවය සංවිධානය කිරීම පිළිබඳ සාක්‍ෂි අප්‍රධාන සාක්‍ෂි ලෙස ඉදිරිපත් විය හැකිය. මෙකී වර්ගීකරණය තුළින් අප්‍රධාන සාක්‍ෂි වල කිසිඳු වැදගත්කමක් නොමැති බවක් දක්වන්නේ නැත.නමුත් හොඳම සාක්‍ෂි නිසා අප්‍රධාන සාක්‍ෂි වල වටිනාකම අඩු වේ. ලේඛනගත සාක්‍ෂියක් හා කථිත සාක්‍ෂියක් වන විට හොඳම සාක්‍ෂිය වන්නේ ලේඛනගත සාක්‍ෂියයි. මෙලෙස හොඳම සාක්‍ෂිය තීරණය වන්නේ සිද්ධිමය සාධක මත හා ඉසව්ගත කරුණු අනුවය. 02.මුල් සාක්‍ෂි හා ප්‍රවාදක සාක්‍ෂි මුල් සාක්‍ෂි යනු තමන් ලද අත්දැකීමක් තුළින්ම යමෙක් ඉදිරිපත් කරන සාක්‍ෂිය. එය දෑසින් දැකීමෙන් , ශ්‍රවනයෙන් , ස්පර්ශයෙන් , රසයෙන් , හෝ ගන්ධයෙන් ලද අත්දැකීමක් විය හැකිය. ප්‍රවාදක සාක්‍ෂි යනු තමන්ගේ ඉන්ද්‍රිය මඟින් නොව වෙනත් අයෙකු එසේ අවබෝධ කරගත් දේවල් අසා දැනගෙන ඉදිරිපත් කරන සාක්‍ෂිය.සරලවම කිවහොත් තවත් අයෙකු කියන ලද දෙයක් වෙනත් අයෙකු විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීම ප්‍රවාදක සාක්‍ෂි ඉදිරිපත් කිරීමකි. මෙම සාක්‍ෂි වර්ග දෙකෙන් වැඩි වටිනාකම හිමිවන්නේ මුල් සාක්‍ෂි වලටය. බොහෝ විට අධිකරණය ප්‍රවාදක සාක්‍ෂි පිළිගන්නේ නැත.නමුත් එයට ව්‍යතිරේඛ පවතී. 03.ඇස දුටු සාක්‍ෂි හා පරිවේශනීය සාක්‍ෂි ඇස දුටු සාක්‍ෂි යනු නඩුවේ සිද්ධියට අදාළව යමෙක් ප්‍රකාශ කරන සාක්‍ෂිය.එනම් ප්‍රශ්නගත සිද්ධිය සිදු වූ ආකාරය පිළිබඳව කරන ප්‍රකාශයන්ය. උදාහරණ ලෙස Y නම් පුද්ගලයා Z නම් පුද්ගලයාට වෙඩි තබනු තමන් දුටු බවට X පවසයි නම් එය Y විසින් Z ගේ මරණය කළ බවට ඉදිරිපත් වන ඇස දුටු සාක්‍ෂියකි. පරිවේශනීය සාක්‍ෂි යනු ප්‍රශ්නගත කරුණු පිළිබඳව යම් යම් නිගමනයන්ට එළඹීමට උපකාරීවන කරුණු පිළිබඳව වන සාක්‍ෂි වේ. මේවා විමර්ශනය මඟින් නිගමනයන්ට එළඹීමක් සිදු වේ. බොහෝ විට මිනීමැරුමක් වැනි අපරාධයකදී ඇස දුටු සාක්‍ෂි ඉදිරිපත් වන අවස්ථා විරලය. එවන් විටෙක පරිවේශනීය සාක්‍ෂි මඟින් නඩුව විසඳීමට උත්සාහ දරනු ලැබේ.පරිවේශනීය සාක්‍ෂි වලට උදාහරණ ලෙස මිනීමැරුමකදී කාලයක් පුරා දෙපාර්ශවය අතර අමනාපයක් පැවති බව , අදාළ ස්ථානයේ ඔහු සිටි බවට වන සාක්‍ෂි අදාළ කරගත හැකිය. ඒ අනුව ඇස දුටු සාක්‍ෂි නැති විටෙක හෝ ඇස දුටු සාක්‍ෂි ප්‍රමාණවත් නොවන විටෙක පරිවේශනීය සාක්‍ෂි උපයෝගී කර ගනී. 04.කථිත , ලේඛනගත හා ද්‍රව්‍ය සාක්‍ෂි කථිත සාක්‍ෂි යනු යම් කරුණක් සම්බන්ධව කරනු ලබන ප්‍රකාශයන්ය. සාක්‍ෂි ආඥා පනතේ 59 - 60 දක්වා වගන්ති වල කථිත සාක්‍ෂි පිළිබඳව දක්වයි. 59 වගන්තිය දක්වන පරිදි ලේඛනවල අඩංගු කරුණු හැර අන් සියලු කරුණු කථිතව ඔප්පු කළ හැකිය. ලේඛනගත සාක්‍ෂි යනු ලිඛිතව ඉදිරිපත් කරන සාක්‍ෂිය. ද්‍රව්‍යමය සාක්‍ෂි යනු ප්‍රශ්නගත සිද්ධියට අදාළ කරුණු වල පවතින යම් ද්‍රව්‍යයක් සම්බන්ධව ඉදිරිපත් කරන සාක්‍ෂිය. උදාහරණ ලෙස සොරකමකදී නම් සොරාගත් භාණ්ඩ , මිනීමැරුමකදී නම් යොදාගත් ආයුධය , කූඨ ලේඛන සම්බන්ධව නම් අත් අකුරු සාම්පල මෙලෙස ද්‍රව්‍යමය සාක්‍ෂි ලෙස ඉදිරිපත් කළ හැකිය. මෙකී වර්ගීකරණයෙන් වැඩි වටිනාකම ලිඛිත හා ද්‍රව්‍යමය සාක්‍ෂි වලට හිමි වේ. ලේඛනගත සාක්‍ෂි පවතින විට කථිත සාක්‍ෂි ප්‍රතික්ෂේප වේ. නමුත් ද්‍රව්‍යමය සාක්‍ෂි කිසිඳු විටෙක ප්‍රතික්ෂේප නොවේ. 05.පිළිගත යුතු යැයි හැඟෙන සාක්‍ෂි හා තීරණාත්මක සාක්‍ෂි පිළිගත යුතු යැයි හැඟෙන සාක්‍ෂි යනු යම් කරුණක් බැලූ බැල්මට ඔප්පු කිරීමට භාවිතා කරන සාක්‍ෂිය. මේවා අත්‍යවශ්‍යයෙන්ම පිළිගත යුතු සාක්‍ෂි නොවේ. මේවා බිඳ හෙළිය හැකි සාක්‍ෂි වේ. නමුත් තීරණාත්මක සාක්‍ෂි එලෙස බිඳ හෙළිය නොහැකිය. මෙයට උදාහරණ ලෙස බිඳ හෙළිය නොහැකි පූර්ව නිගමන දැක්විය හැකිය. 06.ප්‍රාථමික හා ද්විතියික සාක්‍ෂි ප්‍රාථමික සාක්‍ෂි වලදී ඇති හොඳම සාක්‍ෂිය ලෙස සලකන්නේ ප්‍රාථමික සාක්‍ෂියයි. නමුත් ද්විතියික සාක්‍ෂි වලදී එයට වඩා හොඳ සාක්‍ෂි පැවතිය හැකිය. ලේඛනගත සාක්‍ෂි වලදී ප්‍රාථමික සාක්‍ෂිය වන්නේ මුල් ලේඛනයයි. එහි පිටපතක් ද්විතියික වේ.නමුත් මුල් ලේඛනයේම සහතික කළ පිටපතක් ප්‍රාථමික සාක්‍ෂි වේ. ලේඛනගත සාක්‍ෂියක් ඉදිරියේ කථිත සාක්‍ෂිය ද්විතියික වේ. සාක්‍ෂියක ප්‍රාථමික හෝ ද්විතියික බව අදාළ සිද්ධිමය සාධක මත තීරණය වේ. නීතිපති එරෙහිව ජේමිස් නම් නඩුවේදී අතින් ලියූ ලේඛනයක කාබන් පිටපතක් ප්‍රාථමික සාක්‍ෂියක් ලෙස පිළිගන්නා ලදී. එයට හේතුව එය මුල් ලේඛනයේම කාබන් පිටපතක් වීම නිසාය. 07.සාමාන්‍ය සාක්‍ෂි හා විශේෂ සාක්‍ෂි සාමාන්‍ය සාක්‍ෂි යනු ප්‍රශ්නගත කරුණ ඔප්පු කිරීමට හෝ අනුමානයකට පැමිණීමට හැකි සාක්‍ෂිය. උදාහරණ ලෙස සෙනඟ පිරුණු ස්ථානයක මිනීමැරුමක් වූ විට එය දැකීමෙන් ඉදිරිපත් කරන සාක්‍ෂි සාමාන්‍ය සාක්‍ෂි වේ. නමුත් යම් දෙයක් පිළිබඳව විශේෂඥයෙක් ඉදිරිපත් කරන සාක්‍ෂි විශේෂ සාක්‍ෂි වේ. උදාහරණ ලෙස ගබ්සාවක් සම්බන්ධව ප්‍රශ්නගත වන විට එවැන්නක් කළේද යන්න සම්බන්ධව එහි විශේෂඥයෙකු , වෛද්‍යවරයෙකු ඉදිරිපත් කරන සාක්‍ෂි විශේෂ සාක්‍ෂි වේ. මේ අනුව උසාවියක ඉදිරිපත් කෙරෙන සාක්‍ෂි වලට ඒවායේ වටිනාකම අනුව , වැදගත්කම අනුව හිමිවන ස්ථානයන් වෙනස් වේ.ඒවා විවිධ වර්ගීකරණයන්ට යටත් වන බව මෙයින් වටහාගත හැකිය. මූලාශ්‍ර සාක්‍ෂි නීතිය (මහාචාර්ය ජී . එල් . පීරිස් ) මේ අඩවිත් බලන්න නීතිය
8,032
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%20%E0%B7%83%E0%B6%B7%E0%B7%8F
ශ්‍රී ලංකාවේ පළාත් සභා
1987 ජුලි මස 29 වන දින ජේ.ආර්.ජයවර්ධන හා රැජිව් ගාන්ධි මහතා අතර ඇති වූ ඉන්දු - ලංකා ගිවිසුම පළාත් සභා පිහිටුවීමෙහිලා මූලික විය. මේ නිසා ලංකාවේ පළාත් සභා ඉන්දියානු මොඩලයට නිර්මාණය කරන ලද්දක් බව විචාරකයන්ගේ මතයයි. මේ අනුව ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය හදුන්වාදුන් අතර එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 154(අ) සිට 154(ඩ) දක්වා අලුතින් පරිච්ඡේදයක් ඇතුළත් විය. එපමණක් නොව 1987 අංක 42 දරණ පළාත් සභා පනත ද හදුන්වා දෙන ලදී. thumb|312x312පික්|ශ්‍රී ලංකාවේ පළාත් අරමුණු ස්වාධීන රජයක් විසින් රටේ සමස්ත ජනතාවගේම අපේක්‍ෂාවන් සඵල කරනවා යයි කිව නොහැක. එහිදී සුලු පිරිසක් අත බලය ඒකරාශී වන අතර විශාල පිරිසක් ඔවුන් යටතේ යැපීමට සලස්වයි. මේ තුළින් ඇතිවන්නේ සමාජ අසහනය මිස සුබසාධනය නොවේ. පළාත් සභා පිහිටුවීමෙහිලා මෙකි කාරණාවද ඉවහල් වී ඇති බව නොකිවමනාය. පළාත් සභා ක්‍රමය තුළින් තරුණ නායකත්වයක් ඇති කොට පාලන බලතල ජනතාවට සමීප කිරීම අපේක්‍ෂාව විය. මෙම තත්වය ක්‍ෂණයකින් උදාවූවක් නොවේ. එහිදී චෙල්වනායගම් මහතා ෆෙඩරල් පක්‍ෂය පිහිටුවා ගෙන බලය උපරිම ලෙස විමධ්‍යගත කරන ලෙස ඉල්ලා සිටිම, 1971 ඇතිවූ අධිරාජ්‍යවාදීන්ට එරෙහි සමාජවාදී තරුණ කැරැල්ල, 1957 ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම් ආදිය නිදර්ශන වේ. සැකැස්ම මේ අනුව ශ්‍රී ලංකාවේ පළාත් සභා 9ක් ඇති කරන ලද අතර උතුරු හා නැගෙනහිර එක් පළාත් සභාවක් ලෙසත් අනෙක් පළාත් එක් එක් පළාත් සභා ලෙසත් පිහිටුවා තිබුණි. (වර්තමානයේ උතුරු හා නැගෙනහිර පළාත් සභා වෙන් වෙන්ව පාලන කටයුතු සිදු කරයි.) එක් එක් පළාත් සභාව සඳහා ආණ්ඩුකාරවරයෙක්, මැති ඇමතිවරු, කැබිනට් මණ්ඩලයක්, පාර්ලිමේන්තුවක්, රාජ්‍ය සේවා කොමිසමක්, පොලිස් කොමිසමක්, මහාධිකරණයක්, යනාදිය ස්ථාපිත කිරීමට ප්‍රතිපාදන යොදා තිබේ. එසේම පළාත් සභා විසින් ක්‍රියාත්මක කළ යුතු ආයිතමයන්ද දක්වා තිබේ. පළාත් සභා ලැයිස්තුව හා සමගාමි ලැයිස්තුව ඒ අතර වේ. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ පාලන බලතල ප්‍රභූ පන්තියට පමණක් සීමා වී තිබුණි. එකි ක්‍රමය වෙනස් කරමින් තරුණ නායකයන්ට අවස්තාව ලබාදිමට පළාත් සභා පිහිටුවිම මගින් අපේක්‍ෂා කළේය. මේ අනුව පළාත් සභා 09 සඳහා මන්ත්‍රීවරුන් 455ක් සමානුපාතික ක්‍රමය යටතේ තෝරාපත් කර ගනු ලබන අතර ඒ හරහා පාලන බලතල ජනතාවට සමිප කෙරේ. පාලන බලතල පළාතේ මනිත්‍රීවරුන්ට ලබා දීම තුළ තම පළාත සංවර්ධනය කළ යුතු යයි ඔවුන් අතර හැගීමක් ඇතිවේ. එහිදි ඔවුන් ඔවුන්ගේ මානව සම්පත් හා භෞතික සම්පත් නිසි පරිදි කළමනාකරණය කරමින් පළාතේ සංවර්ධනය යථාර්තයක් බවට පත් කිරීමට කටයුතු කරයි. එසේම දූෂණය, වංචාව, ප්‍රමාදය අවම වී කංඩිනම් සංවර්ධනයක් පළාත තුළ ඇති වේ. එමගින් රටේ සංවර්ධනය කඩිනම් වේ. එපමණක් නොව ඉතා සීමිත වූ ජන කොටසක් තමන්ගේ අවශ්‍යතා තමන් අතරින්ම ඉටු කර ගැනීම තුළ විශාල ජන කණ්ඩායමක් වශයෙන් ඇතිවන නොගැලපීම් දුරස්ව යයි. එය ජන වාර්ගික ගැටුමට සාධනීය පියවරක් වේ. පළාත් බස්නාහිර පලාත නැගෙනහිර පලාත උතුරු පලාත දකුණු පලාත වයඹ පලාත ඌව පලාත උතුරු මැද පලාත සබරගමු පලාත මධ්‍යම පළාත වර්තමාන තත්වය පළාත් සභාවේ මූලිකාංග දෙසට අවදානය යොමු කිරීමේදි සමානුපාතික නියෝජනය යටතේ මැතිවරණයකින් තෝරා පත්කර ගනු ලබන පාර්ලිමේන්තුවක් පළාත් සභා සතු වේ. ඔවුන් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දී වැඩ බාර ගත යුතු අතර ආණ්ඩුකාරවරයා විසින් පළතේ විධායකය රජයයි. 154(ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයාව පත් කරනු ලබයි. පළාත් සභා සතුව මහ ඇමතිවරයෙක් වන අතර ඔහු පත්කිරීම ආණ්ඩුකාරවරයා විසින් සිදු කරනු ලබයි. පළාත් සභා කැබිනට් මණ්ඩලය පත් කිරීම මහා ඇමතිවරයාගේ උපදෙස් මත ආණ්ඩුකාරවරයා විසින් සිදු කරනු ලබන අතර එය ප්‍රධාන අමාත්‍යවරයාද ඇතුළුව සාමාජිකයන් 04කට නොවැඩි විය යුතුයි. එසේම මහජන ආරක්‍ෂාවට පොලිස් කොමිසමක් වන අතර යුක්තිය පසිදලීම සඳහා පළාත්බඳ මහාධිකරණයක් ද වන්නේය. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 09 වන උප ලේඛණය යටතේ පළාත් සභා, සංවෘත හා සමගාමි වශයෙන් ලැයිස්තු 03ක් යටතේ බලතල බෙදා හැරීමක් කර තිබේ. මේ අනුව පළාත්සභා ලැයිස්තුවේ කාරණා සම්බන්දයෙන් ස්වාධීන බලයක් පළාත්සභා සතු වන අතර සමගාමී ලැයිස්තුවේ කාරණා සම්බන්දයෙන් අභිමතයක්ද වේ. මේ ආකාරයට ප්‍රතිපාදන තිබුණද පළාත් සභා අසාර්ථක යයි චෝදනා එල්ල වේ. එසේ වීමට හේතු වී ඇත්තේ ඉන් අපේක්‍ෂා කළ අරමුණු ඉටු නොවීමයි. විශේෂයෙන්ම ජනවාර්ගික ප්‍රශ්නයට විසදුමක් නොලැබීම ඒ අතර ප්‍රධාන වේ. පළාත් සභා හදුන්වා දීමේ මූලික අරමුණ වූයේ උතුරු නැගෙනහිර ජනවාර්ගික ප්‍රශ්නයට විසදුමක් ලබා දීමයි. නමුත් එතී පළාත් සභාව(උතුරු-නැගෙනහිර) වසරක් වැනි ඉතා කෙටි කාලයක් තුළ බිඳ වැටුණි. මේ ආකාරයට පළාත්සභා අසාර්ථක වීමේ ප්‍රබල හේතුකාරකය වූයේ නිසි බලතල පළාත්සභාවන්ට ලබා නොදීමයි. එම නිසා තරුණ නායකයන්ට රිසිසේ ක්‍රියා කරන්නට අවස්තාවක් නොලැබුණි. ඔවුන්ට තවදුරටත් මධ්‍යම ආණ්ඩුවේ බලයට නතුව දාසයන් සේ කටයුතු කිරීමට සිදු විය. මේ නිසා සමහර නායකයන් අරගල කරන්නටද විය. නිදසුනක් ලෙස 1988දී උතුරු-නැගෙනහිර මහ ඇමතිවරයා වූ වර්ධරාජා පෙරුමාල් ඉඩම් බලතල ලබා ගැනීමට උත්සහ දැරූ අතර 1993දී චන්ද්‍රිකා කුමාරතුංග බස්නාහිර පළාතේ පොලිස් බලතල ලබා ගැනීමට වෙහෙසුණි. මේ අනුව බලතල බෙදීමේ දෝෂය නිසා ජනතාව තුළ කළකිරීමක් ඇති විය. නැගෙනහිර පළාත් සභා ඡන්දයෙන් පසු ඉඩම්, පොලිස් හා අධිකරණ බලතල ලබා දෙන බව පැවසුවද ඒවා ලබා දෙන තුරු විශ්වාසය තැබීමේ නොහැකියාවක් ජනතාව තුළ ඇති වී තිබෙන්නේ නිරායාසයෙනි. පළාත් සභා අසාර්ථක වීමේ හේතු අතර පළාත් සභා ස්වාධීන නොවීම එහිලා ප්‍රධාන වේ. ඒකීය රාජ්‍ය සංකල්පය තුළ බලය බෙදා හැරීමේදී පාර්ලිමේන්තුව උත්තරීතර වීම සාධාරණය. නමුත් උත්තරීතරභාවය ප්‍රයෝජනයට ගනිමින් පළාත් සභා අනිසි ආකාරයෙන් මර්දනය කරන්නේ නම් පළාත් සභා පිහිටුවීමේ අරමුණ ඉටුවන්නේද? පළාත් සභාවේ විධායකය රජයන්නා වූ ආණ්ඩුකාරවරයා පක්‍ෂග්‍රාහී වීම පළාත් සභා අසාර්ථකවීමෙහිලා ප්‍රබල ලෙස බලපා තිබේ. ආණ්ඩුකාරවරයා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. මෙහිදී ජනාධිපතිවරයා ස්වාධීන අයෙකු පත් කරනු ලැබුවත් එකී පත් කරන්නා තමාට පක්‍ෂග්‍රාහී කෙනෙකු බව කවුරුත් දන්නා රහසකි. ඒ අනුව පත් කරනු ලබන ආණ්ඩුකාරවරයා නිතැතින්ම ක්‍රියා කරන්නේ ජනාධිපතිවරයාගේ අරමුණු සාක්‍ෂාත් කර ගැනීමට මිස පළාත සංවර්ධනය කිරීමට හෝ පළාතේ ජනතාවගේ අරමුණු ඉටු කිරීමට යැයි අපේක්‍ෂා කළ නොහැක. 154(ඊ) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට යටත්ව පළාත් සභාවේ බහුතර මන්ත්‍රීන්ගේ සහය ලබා ගැනීමට හැකි යයි ආණ්ඩුකාරවරයා අපේක්‍ෂා කරන මන්ත්‍රීවරයා ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පත් කිරීම සිදු කරයි. යම්, යම් අවස්තාවල ආණ්ඩුකාරවරයා ඔහුගේ අභිමතය (discretion) අනිසි ආකාරයෙන් භාවිතා කිරීමක්ද දක්නට ලැබේ. තමන් රුචි නියෝජිතයන්ව පළාත් සභාවන්ට තෝරා පත් කිරීම ජනතාව සිදු කරයි. එහිදී යම් පක්‍ෂයක් බහුතරය දිනා ගනීද එකී පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන් බහුතර ජනතාවක් අපේක්‍ෂා කරයි. නමුත් ආණ්ඩුකාරවරයා මැදිහත් වී එය මර්දනය කරන්නේ නම් ජනතාව උදාසීන වන්නේ නිරායාසයෙනි. ආණ්ඩුකාරවරයාට දී ඇති බලතල යටතේ පළාත් සභා විසිරුවා හැරීමද වේ. යම් ආකාරයකට ජනාධිපතිවරයාගේ උපදෙස් මත යම් පළාත් සභාවක් විසුරුවා හැරීමට කටයුතු කරයි නම් ජනතාවගේ ඉච්ඡා භංගත්වයක් ඇතිවන අතර පළාත් සභාවන්හි නාස්තියද වැඩි වේ. 154(උ) ව්‍යවස්ථාව යටතේ පළාත් සභාවන්ට ප්‍රඥප්ති සෑදීමට බලය ලබාදී තිබුණත් එය කොතෙක් දුරට ප්‍රායෝගික ද යන්න විමසා බැලිය යුතුය. පළාත් සභාවන්ට ප්‍රඥප්ති සෑදීමට බලය දීම යනු ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 76 ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමකි. නමුත් IN RE THE THIRTEENTH AMENDMENT හිදී බහුතර විනිසුරු මඩුල්ල කියා සිටියේ එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමක් නොවන බවයි. එනම් පළාත් සභාවන්ට දී ඇති බලතල අභිබවා සිටීමට පාර්ලිමේනුතුවට හැකියාවක් ඇති බවයි. එසේම පළාත් සභා ලැයිස්තුවේ ඇති කාරණා සම්බන්ධයෙන් ප්‍රඥප්ති සෑදීමට බලය පළාත් සභාවන්ට ලබාදී තිබුණද ප්‍රඥප්තියක් නීතියක් බවට පත්වන්නේ ආණ්ඩුකාරවරයා අත්සන් තිරීමෙන් අනතුරුවය. යම් අවස්ථාවක ආණ්ඩුකාරවරයා ඊට අකමැති වන්නේ නම් එය සංශෝධනයට ආපසු යවයි. නැවත ඉදිරිපත් කිරීමේදීද එයට ආණ්ඩුකාරවරයා අකමැති වන්නේ නම් එහි නෛතිකභාවය තීරණය කර ගැනීමට වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි. එසේ ප්‍රඥප්තිය අත්සන් කිරීම නොකරන්නේ ජනාධිපතිවරයා හෝ මධ්‍යම ආණ්ඩුව දිනවීමේ අපේක්‍ෂාවෙන් නම් පළාත් සභා පිහිටුවීම තුළින් අපේක්‍ෂා කළ කඩිනම් සංවර්ධනය උදා කිරීම පරාජය වේ. සමගාමී ලැයිස්තුවේ කාරණාවක් සම්බන්ධයෙන් ප්‍රඥප්තියක් සකස් කරන්නේ නම් ඒ පිළිබඳව පාර්ලිමේන්තුවෙන් විමසීමක් කළ යුතුය. එසේම පාර්ලිමේන්තුව සමගාමි ලැයිස්තුවේ කරුණක් සම්බන්ධයෙන් නීතියක් සකස් කරන්නේ නම් සියලු පළාත් සභාවලින් විමසීමක් කළ යුතුය. එහෙත් ප්‍රායෝගිකව බලන කල පාර්ලිමේන්තුව සමගාමී ලැයිස්තුවේ බලතල භුක්ති විද ඇත්තේ තනි හා අනන්‍ය ස්වරූපයකිනි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිලිගැනීමට පළාත් සභාවන්ට සිදු වේ. එසේම පළාත් සභාවන්ට දී තිබෙන බලතලද යම් යම් අවස්ථාවන් වලදී උදුරා ගැනීමක් මධ්‍යම ආණ්ඩුව විසින් සිදු කරනු ලබයි. පළාත් සභා සම්බන්ධයෙන් අමානුෂික ලෙස සැලකීමක් වන්නේ 154(උ)(11) ව්‍යවස්ථාවයි. ඒ අනුව පළාත් සභා ලැයිස්තුවේ දක්වා ඇති කරුණක් සම්බන්ධයෙන් වෙනත් යම් රටක් හෝ රටවල් සමග ඇති කර ගන්නා යම් ගිවිසුමක්, එකගවීමක් හෝ සම්මුතියක් කාර්ය පටිපාටිය නොවන වෙනත් ආකාරයකින් නීති සෑදිය හැකි වීමයි. මේ ආකාරයට බලය දකුණු අතින් දී වමතින් ආපසු ගැනීම තුළ පළාත් සභා දැඩි අපහසුතාවකට පත්ව තිබේ. 155(3)(අ) ව්‍යවස්ථාව යටතේ මහජන ආරක්‍ෂාව සම්බන්ධයෙන් නීති සැකසීමේ හැකියාවක් ජනාධිපතිවරයා සතු වේ. මෙහිදී සෑම නීතියක්ම යටපත් වේ. ඒ අනුව හදිසි නීතිය යටතේ දිගින් දිගටම නීති සම්පාදනය කිරීමට වුවහොත් පළාත් සභාවන්හි ප්‍රඥප්ති සෑදීමේ හැකියාව කිසිදා සැබෑ නොවන සිහිනයක් වේ. එනම් පළාත් සභාවන්හි ප්‍රයෝජනයක් නැති තත්වයට පත්වේ. මධ්‍යම රජයේ බලය පළාත් සභාවන්ට විමධ්‍යගත කිරීමේ වැදගත් අවස්ථාවක් ලෙස රාජ්‍ය සේවය පිළිබඳ බලතල ලබාදීම දැක්විය හැකිය. රාජ්‍ය සේවය පිළිබඳව කටයුතු කිරීම විධායකය යටතේ රාජ්‍ය සේවා කොමිසන් සභාව හරහා සිදුවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ට යටත්ව රාජ්‍ය සේවා කොමිසන් සභාව හා රාජ්‍ය සේවා කාරක සභාව ලංකාවේ ක්‍රියාත්මක විය. මේ යටතේ මූලික වශයෙන් රාජ්‍ය නිලධාරීන් පත් කිරීම, මාරු කිරීම, විනය පාලනය, සේවයෙන් ඉවත් කිරිම ආදිය සිදු කරනු ලබයි. 1987 පළාත් සභා පිහිටුවීමත් සමග රාජ්‍ය සේවය පළාත් සභා මට්ටමින් ඇති කරන ලදි. පළාත් සභා පනතේ 32 වගන්තිය මගින් පළාත් රාජ්‍ය සේවය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබධව පැහැදිලිව දක්වයි. ඒ අනුව ආණ්ඩුකාරවරයා හරහා පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාව සඳහා නිලධාරීන් පත් කරනු ලබයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, රාජ්‍ය නිලධාරීන් අධිකරණ නිලධාරීන් නොවන ඕනෑම තැනැත්තන් 3කට නොඅඩු සංඛ්‍යාවක් ඒ සඳහා පත් කරනු ලබයි. එසේම පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාව විසින් කරනු ලැබූ රාජ්‍ය නිලධාරීන් පත් කිරීම, මාරු කිරීම, විනය පාලනය, සේවයෙන් ඉවත් කිරීම පිළිබඳ වන තීරණයක් වෙනස් කිරීමේ හැකියාව ආණ්ඩුකාරවරයා සතු වේ. මෙහිදීද ආණ්ඩුකාරවරයා පක්‍ෂග්‍රාහි නොවේ යයි කිව නොහැක. නිදසුනක් ලෙස වයඹ පළාත් සභාව තුළ ඇති වූ ගැටුම දැක්විය හැක. මේ ආකාරයට පළාත් සභාව තුළ දිගින් දිගටම ගැටුම් ඇති වන්නේ නම් එම පළාත් සභා සාර්ථක වේ යයි කිව නොහැක. පළාත් සභා අසාර්ථක වීමේ මූලිකම හේතුව වන්නේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලුකාරීත්වය බව පෙනී යයි. පළාත් සභාවේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මූලික ප්‍රතිපාදන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 154(ක) ව්‍යවස්ථාවේ දක්වා තිබේ. මේ අනුව මුදල් කොමිසන් සභාව පළාත් සභා මුදල් කටයුතු පාලනයේදී අතිශයින් වැදගත් කාර්යයක් ඉටු කරයි. එම කොමිසන් සභාව මධ්‍යම ආණ්ඩුව සතු වූවකි. පළාත් සභා පනත දක්වන ආකාරයට පළාත් සභාවලට සිව් ආකාරයකින් මුදල් ලැබේ. නමුත් පළාත් සභා පනතේ 19 වගන්තියේ මේ සම්බන්ධ සියලු ප්‍රතිපාදන දක්වමින් අවසානයේදී ඒ සඳහා රීති සෑදීමේ හැකියාවක් ආණ්ඩුකාරවරයාට ලබ දී තිබේ. එමගින්ද යම් ආකාරයකට මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් බලපෑම් කිරීමේ හැකියාවක් මධ්‍යම රජයට ලැබී තිබේ. මුදල් කොමිසන් සභාවේ අනුමැතිය මත වාර්ෂිකව පළාත් සභා සඳහා මුදල් බැර කෙරේ. එකී වෙන් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේ කාර්යයද මුදල් කොමිසන් සභාව සිදු කරනු ලබයි. එමගින් විද්‍යමාන වන්නේ මූල්‍යමය කටයුතු සම්බන්ධයෙන් පළාත් සභා වෙත ස්වාධීනත්වයක් නොමැති බවයි. එනම් මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමේදී මධ්‍යම ආණ්ඩුව ඒ ඒ පළාත් සභාවන් සඳහා ඍජුව බලපෑම් කිරීමට අවස්ථාවක් ලැබී තිබේ. පළාත් සභා වෙත ලැබෙන බදු මුදල් දෙසට අවදානය යොමු කිරීමේදී ආදායම් බදු හා සුරා බදු එකතු කිරීමට පළාත් සභාවන්ට අවස්ථාව දී නොමැත. එම බදු දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් එකතු කරනු ලැබේ. එනිසා පළාත් සභාවලට බදු මුදල් වලින් ලැබෙන ආදායම් අල්පය. පළාත් සභාවලට විමධ්‍යගත කොට ඇති බලතල සලකා බලන විට ඒවා ක්‍රියාත්මක කිරීමට සරිලන ආදායමක් පළාත් සභාවලට ලැබිය යුතුය. එම බලතල ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් ආදායම් නොලබන්නේ නම් එකී බලතල විමධ්‍යගත කිරීමේ ඵලක් නැත. පළාත් සභා අසාර්ථක වීමෙහිලා බලපෑ සාධක සාරාංශයක් වශයෙන් ගත් කල මූලික වශයෙන් පළාත් සභාවලට නිසි බලතල ලබා නොදීම, විධායකය හා ව්‍යවස්ථාදායකය නිරන්තරයෙන් පළාත් සභා කටයුතුවලට ඇගිලි ගැසීම සිදු කිරීම, පළාත් සභාවල ආණ්ඩුකාරවරයා නිරන්තරයෙන් මධ්‍යම ආණ්ඩුවේ ඉත්තෙකු බවට පත්වීම, පළාත් සභාවන් මහජනතාව සමග බද්ද නොවීම, පළාත් සභාවන්ගේ ආදායම් ඌණතාවය, පළාත් සභාවන්හි සම්පත් අසම ව්‍යාප්තිය යනාදි හේතූන් දැක්විය හැකිය. එකී කාරණා නිසා පළාත් සභා ක්‍රමය කෙරෙහි ජනතාව තුළ උදාසීනත්වයක් ඇතිවී තිබේ. යෝජනා පළාත් සභා පවත්නා තත්වයෙන් ගොඩ ගැනීමට නම් එක් එක් පළාත් සභාවන්ට නිසි බලතල නිසි බලතල ලබා දී පළාත් සභාවන්ට ස්වාධීනව කටයුතු කිරීමට හැකිවන සේ පත් කිරීම් සිදු කිරීම හා ප්‍රමාණවත් ආදායම් ලබා ගැනීමට හැකිවන සේ මධ්‍යම ආණ්ඩුව විසින් කටයුතු සම්පාදනය කිරීම යුගයේ අවශ්‍යතාවයකි. මෙය තමන්ගේ වාසියට යොදා නොගෙන සමස්ත ජනතාවගේම සහ රටේම අභිවෘද්ධිය උදෙසා ක්‍රියාවට නැංවීම කළ යුතුය. මේවාද බලන්න ඉන්දු-ලංකා ගිවිසුම බාහිර සබැදි රාජ්‍ය නිවේදන රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය පළාත් සභාව
8,033
https://si.wikipedia.org/wiki/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%20%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%20%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
ජාත්‍යන්තර අපරාධ අධිකරණය
හැදින්වීම ජාත්‍යන්තර අපරාධ අධිකරණය යනු ජාත්‍යන්තර ප්‍රජාව විසින් බිහිකරගන්නා ලද ස්වාධීන වූත් ස්ථිර වූත් අධිකරණ ක්‍රමයකි.මෙය ක්‍රියාත්මක වන්නේ 1998 ජූලි 17 වන දින සම්මත කරගන්නා ලද රෝම ව්‍යවස්ථාව (Rome Statute) තුළිනි.වර්ග ඝාතනය,මනුෂ්‍යත්වයට එරෙහි වූ වෙනත් අපරාධ, යුධ අපරාධ,සහ ආක්‍රමණික අපරාධ යන බරපතල අපරාධ සඳහා වරදකරුවන් වන පුද්ගලයන්ට දඬුවම් දීම පිණිස විශ්ව රාමුවක් මෙයින් ස්ථාපිත කර ඇත.රෝම නගරයේදී අනුමත කර ගන්නා ලද මෙම ව්‍යවස්ථාව බලාත්මක වීමට ලෝකයේ රටවල් 60 ක අපරානුමත කිරීම් අවශ්‍ය වනු ඇත. ජාත්‍යන්තර අපරාධ අධිකරණය නෙදර්ලන්තයේ හේග් නගරය මූලස්ථානය කරගෙන පිහිටුවා ඇත.මෙය ජාත්‍යන්තර සම්මුතියක් මඟින් පිහිටුවන ලද්දක් නිසා එක්සත් ජාතීන්ගේ ආයතනයක් නොවූවද විවිධ ගිවිසුම් මඟින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වයි. සුවිශේෂී ලක්ෂණ තවදුරටත් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ගැන අධ්‍යයනය කිරීමේදී එහි පවතින සුවිශේෂී ලක්ෂණ හඳුනාගත හැකිය.ඒ අනුව තනි පුද්ගලයන්ට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමටත් නඩු පැවරීමටත් මෙම අධිකරණයට බලය ලැබී තිබේ.යුගෝස්ලාවියා සහ රුවන්ඩා යන රාජ්‍යවල සිදු වූ අපරාධයන් පිළිබඳ සොයා බැලීමට මින් පෙර පිහිටුවන ලද තත්කාර්ය විනිශ්චය සභා මෙන් නොව මෙම අධිකරණය ස්ථිර අධිකරණයකි.ඒනිසා ලෝකය පුරා සිදුවන අපරාධ සම්බන්ධයෙන් කඩිනම්,කාර්යක්‍ෂම විසදුම් ලබා දීමට මෙම අධිකරණයට හැකියාව පවතී.තවදුරටත් මෙම අධිකරණය දේශීය අධිකරණ මෙන් නොව අපරාධකරුවන් සඳහා ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාවේ යොදවනු ඇත. රෝම ව්‍යවස්ථාව එසේම ජාත්‍යන්තර අපරාධ අධිකරණය ක්‍රියාත්මක වන්නා වූ රෝම ව්‍යවස්ථාව අනුව එහි පූර්විකාව මඟින්ද පිළිගෙන ඇත්තේ බරපතල අපරාධ ලෝකයේ සාමය,ආරක්ෂාව සහ මනා පැවැත්මට තර්ජනයක් වන හෙයින් මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම වැළැක්වීම උදෙසා වඩාත් ඵලදායී උපාය මාර්ගයක් තිබීමේ හදිසි අවශ්‍යතාවයයි.මෙම රෝම ව්‍යවස්ථාවලිය කොටස් 13 කින්ද,ව්‍යවස්ථා128කින්ද සමන්විත වන අතර එහි සිව්වන කොටස මඟින් අධිකරණයේ සංයුතිය සහ පරිපාලනය පිළිබඳ විග්‍රහ කර ඇත.එහිදී අධිකරණයේ විනිසුරුවරුන්ගේ සුදුසුකම් සහ ස්වාධීනත්වයන් දක්වන අතර එම අධිකරණය විනිසුරුවරුන් 18 දෙනෙකුගෙන් සමන්විත බවද වේ.එම විනිසුරුවරුන් පත් කරනු ලබන්නේ මෙම ව්‍යවස්ථාවට අනුමැතිය දී ඇති රටවල 2/3ක ඡන්දයෙන් වන අතර ඔවුන්ගේ ධූර කාලය වසර 9කි.එම නිල කාලය නැවත දීර්ඝ කළ නොහැක.මෙම විනිසුරුවරුන් පූර්ව විභාග අවස්ථාව,විභාග අවස්ථාව සහ අභියාචන අවස්ථාව ලෙස අංශ තුනකට වෙන් කර ඇත. අධිකරණ බලය ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ බල සීමාවට ඇතුළත් වන අපරාධයන් සම්බන්ධ සාකච්ඡා කිරීමේදී ,රෝම ව්‍යවස්ථාවේ 1වන ව්‍යවස්ථාව ප්‍රකාශ කරනුයේ " ජාත්‍යන්තර සැලකිල්ලට ලක්වන වඩාත්ම බරපතල අපරාධ සම්බන්ධයෙන් එම අධිකරණයට බලය හිමිවන බවයි".එනම් ජන ඝාතන ,යුධ අපරාධ,මානුෂිකත්වයට එරෙහිව සිදු කරන අපරාධ සහ ආක්‍රමණ අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට එම අධිකරණයට හැකියාව පවතී. රෝම ව්‍යවස්ථාව මඟින් මෙම අපරාධයන් පිළිබඳ තවදුරටත් විග්‍රහ කරන අතර එහි 6 වන ව්‍යවස්ථාව මඟින් වර්ග ඝාතනය (Genocide) යන්න නිර්වචනය කරයි.ඒ අනුව පහත දැක්වෙන තහනම් ක්‍රියාවන්,ජාතික හෝ වාර්ගික හෝ ආගමික හෝ ජන සමූහයක් සම්පූර්ණයෙන් හෝ කොටසක් ලෙස විනාශ කිරීමේ චේතනාව ඇතිව ,සිදු කර තිබේ නම් එවැනි ක්‍රියාවක් ජන ඝාතන යන්නට ඇතුළත් වේ. කණ්ඩායමක සාමාජිකයන් ඝාතනය කිරීම කණ්ඩායමක සාමාජිකයන්ට බරපතල ශාරීරික හෝ මානසික හානි සිදු කිරීම. කණ්ඩායමක භෞතික විනාශය මුළුමනින්ම හෝ කොටසක් ලෙස සිදුවීමට ඉඩ සලසන පරිදි හිතාමතාම තත්ත්වයන්/කොන්දේසි ඇති කිරීම. කණ්ඩායමක උපත් සිදුවීම වැළැක්වීම අරමුණු කොටගෙන යම් යම් ක්‍රියාමාර්ග දියත් කිරීම. එක් කණ්ඩායමක සිටින දරුවන් බලහත්කාරී ලෙස වෙනත් කණ්ඩායමකට මාරු කිරීම. ව්‍යවස්ථාවලියේ 25(3)(ආ) ව්‍යවස්ථාව යටතේ ජන ඝාතන සඳහා වූ වැරදි සිදු කරනු ලැබූ පුද්ගලයකුට අනුබල දුන් හෝ සහාය දුන් හෝ නියෝග කළ හෝ ඕනෑම පුද්ගලයකු ජන ඝාතන වරද සම්බන්ධයෙන් වරදකරු කර ඇත.මේ අනුව පුද්ගලයාගේ තරාතිරම නොසලකා ඕනෑම තැනැත්තෙකුට එරෙහිව ජන ඝාතන සම්බන්ධයෙන් නඩු පැවරිය හැකිය. මානුෂිකත්වයට එරෙහිව සිදු කරන අපරාධ(Crimes against humanity) යන්න රෝම ව්‍යවස්ථාවේ 7 වන ව්‍යවස්ථාව මඟින් විග්‍රහ කරන අතර ඒවා ආකාර තුනක් මඟින් සාමාන්‍ය අපරාධයන්ගෙන් වෙනස් කර දක්වයි.ප්‍රථමයෙන් එවැනි වරදක් සිදුකර තිබිය යුත්තේ පුළුල් ලෙස පැතිරුනු හෝ සැලසුම්ගත වූ ප්‍රහාරයක කොටසක් වශයෙනි.දෙවනුව,එවැනි වරද සිවිල් ජනතාවකට එරෙහිව දැන දැනම එල්ල කරන ලද්දක් විය යුතුය.තෙවනුව,එවැනි වරදක් සිදුකරන ලද්දේ රාජ්‍යයක හෝ සංවිධානයක ප්‍රතිපත්තියකට අනුකූලව විය යුතුය.මේ ආකාරයට මෙවැනි වරදක් රජයේ නියෝජිතයන් විසින් හෝ ඔවුන්ගේ අනුග්‍රහය සහිතව ක්‍රියාත්මක වන තැනැත්තන් විසින් හෝ සිදුකරනු ලැබිය හැකි අතර,තවදුරටත් රෝම ව්‍යවස්ථාව මඟින් එවැනි වැරදි මොනවාද යන්න දක්වා ඇත.මිනීමැරීම,මූලෝත්පාඨනය,වහල්කමට ගැනීම,ජන සමූහයක් රටින් නෙරපීම හෝ බලහත්කාරයෙන් විතැන් කිරීම,සිරගත කිරීම,වධහිංසා කිරීම,ස්ත්‍රී දුෂණය,ලිංගික වහල් කමට ගැනීම,බලහත්කාර ගණිකා සේවනය,බලහත්කාර ගැබ් ගැන්වීම,වඳබවට පත් කිරීම ආදී බරපතල ලිංගික අපරාධ,වර්ග හිංසාව,වර්ණ භේද අපරාධ,අතුරුදහන් කිරීම,බරපතල කායික හෝ මානසික හානි කිරීම් ඇතුළු ජගත් ප්‍රජාව වේදනාවට පත් කරන වෙනත් අති අමානුෂික අපරාධ ඒ යටතට ඇතුළත් කර තිබේ. එසේම මෙවැනි ක්‍රියා යුධමය වාතාවරනයක් තුළ දීම සිදුවීම අවශ්‍ය නොවන අතර සාමකාමී කාලයක් තුළදී සිදු කළද වරදක් සේ සලකනු ලබයි. රෝම ව්‍යවස්ථාවේ 8 වන ව්‍යවස්ථාව යටතේ දීර්ඝ වශයෙන් යුධ අපරාධ(War Crimes) යන්න විස්තර කර තිබේ. මෙම අපරාධ බොහොමයක්ජාත්‍යන්තර මානුෂවාදී නීතිය(International Humanitarian Law) මඟින් හඳුනාගන්නා ලද අපරාධයන්ය.1907 සිව්වන හේග් සම්මුතිය සහ එහි රෙගුලාසි,1949 ජීනීවා සම්මුතීන් හතර සහ 1977දී ඇතිකරගත් එහි අතිරේක සම්මුතීන් මඟින් මෙන්ම ජාත්‍යන්තර චාරිත්‍රානුකූල නීතිය මඟින්ද හඳුනාගනු ලැබූ ජාත්‍යන්තර සන්නද්ධ ගැටුම් තුළදී සිදුකරනු ලබන විවිධ ආකාරයේ වූ අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ අධිකරණ බලය මෙම 8 වන ව්‍යවස්ථාව යටතේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ලබා දී ඇත.එසේම සිවිල් යුද්ධ වැනි අභ්‍යන්තර සන්නද්ධ ගැටුම් වලදී සිදු වන යුධ අපරාධ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ අධිකරණ බලයද මෙම අධිකරණය වෙත ලබා දී තිබීම සුවිශේෂී වේ. රෝම ව්‍යවස්ථාවලිය මඟින් ආක්‍රමණික අපරාධ (The Crime of aggression) සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ජාත්‍යන්තර අපරාධ ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත බලය ලබා දුන්නද ආක්‍රමණික අපරාධ යනු මොනවාද යන්න නිර්වචනය කර නැත.එබැවින් ඒ සම්බන්ධයෙන් රෝම ව්‍යවස්ථාවට අත්සන් කර ඇති පාර්ශවයන් විසින් තවදුරටත් සාකච්ඡා කළ යුතුව තිබේ. ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත අධිකරණ බලය ලබා දී ඇත්තේ රෝම ව්‍යවස්ථාව බලාත්මක වීමෙන් පසුව සිදු කරනු ලැබූ අපරාධ සම්බන්ධයෙන් පමණි.එනම් අතීතයට බලපෑමක් නැත. ජාත්‍යන්තර අපරාධ අධිකරණයට නඩුගෙන එන ආකාරය සහ එහි අධිකරණ බලය පිළිගැනීම තවදුරටත් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියට නඩු ගෙන එන්නේ කෙසේද යන්න සලකා බලන කල, මෙයට පාර්ශව වූ රාජ්‍යයන් විසින්[13/14ව්‍යවස්ථා] එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින්ද[13(ආ) ව්‍යවස්ථාව] නඩු මෙහෙයවන්නා විසින් ඉදිරිපත් කරනු ලබන මෝසමක් මඟින්ද[15 ව්‍යවස්ථාව] නඩු කටයුතු පැවරිය හැකිය. අදාළ අපරාධය පිළිබඳව දැනුම් දීම හෝ පැමිණිල්ල යොමු කිරීම සිදු කළේ රාජ්‍යයක් විසින් නම් හෝ අභිචෝදකවරයා විසින් නම් එහිදී මෙම අධිකරණයට අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට නම්, අදාළ අපරාධය සිදු වූ ස්ථානයට අයත් රාජ්‍යය හෝ චූදිත තැනැත්තාගේ ජාතිකත්වය හිමිවන රාජ්‍යය අතරින් එක් රාජ්‍යයක් හෝ වැඩි ගණනක් මෙම අධිකරණ බලය පිළිගෙන තිබීම අවශ්‍ය වේ.එසේ නැතිනම් ව්‍යවස්ථාවට අත්සන් කර තිබීම අවශ්‍ය වේ. මෙම ව්‍යවස්ථාවට අත්සන් තබා නොමැති හෝ අපරානුමත කර නොමැති රාජ්‍යයන් මෙම අධිකරණයේ අධිකරණ බල සීමාවට අයත් නොවූවද මෙම අධිකරණයේ අධිකරණ බලය පිළිගෙන ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරවීමට සහාය දැක්විය හැකිය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් කිසියම් තත්ත්වයක් පිළිබඳව මෙම අධිකරණයේ අවධානය යොමු කරනු ලැබූ විට,මෙම අධිකරණයේ අධිකරණ බලය යටතට ගැනෙන ඕනෑම අපරාධයක් සම්බන්ධයෙන් ,ඕනෑම පුද්ගලයකුට එරෙහිව,කිසිදු රටක කැමැත්ත විමසීමකින් තොරව, නඩු කටයුතු ආරම්භ කිරීමට නඩු පවරන්නාට බලය ඇත. එසේ වුවද රාජ්‍ය පාර්ශවයක් විසින් අධිකරණයේ අධිකරණ බලය ක්‍රියාත්මක කරනු ලැබූ විටක හෝ නඩු පවරන්නාට පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය වූ විටක හෝ අධිකරණයට අධිකරණ බලය ඇත්තේ මෙම අධිකරණයේ අධිකරණ බලය පිළිගන්නා රාජ්‍යයන්ගේ පුරවැසියන් හෝ භූමිය සම්බන්ධව වන නඩු සඳහා පමණි. ජාත්‍යන්තර අපරාධ අධිකරණය සම්මුතිය අනුමත කිරීමෙන් හෝ එම අධිකරණයේ අධිකරණ බලය පිළිගන්නා ප්‍රකාශයක් කිරීමෙන් හෝ රාජ්‍යයකට මෙම අධිකරණයේ අධිකරණ බලය නිල වශයෙන් පිළිගත හැකිය. ජාත්‍යන්තර අපරාධ අධිකරණය ක්‍රියාත්මකවීමට දේශීය ප්‍රතිකර්ම හමාර කළ යුතුද? ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් නඩුවක් භාර ගැනීමට නම් එම නඩුව සම්බන්ධයෙන් දේශීය ප්‍රතිකර්ම භාවිතා කර තිබීම අවශ්‍ය නැත.මක්නිසාදයත් මෙම අධිකරණය අභියාචනා අධිකරණයක් නොවන හෙයිනි.එසේ වුවත් කිසියම් නඩුවක් දේශීය අධිකරණ මඟින් නිසි ලෙස විභාග කර තිබේ නම් හෝ එසේ කරමින් පවතින්නේ නම් එවැනි නඩුවක් විභාග කිරීම සඳහා භාර නොගන්නා බවට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් ප්‍රකාශ කළ හැකිය. මක්නිසාදයත් ජාත්‍යන්තර අපරාධ අධිකරණය මඟින් ජාතික අධිකරණ බලය යටපත් කිරීමක් සිදු වන්නේ නැත.රෝම ව්‍යවස්ථාවේ 1 වැනි ව්‍යවස්ථාව මඟින්ම දක්වනුයේ මෙම අධිකරණය ජාතික අපරාධ අධිකරණ බලයට අනුපූරක වන බවයි.එනම් අදාල අපරාධ සම්බන්ධව වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම පිළිබඳ වගකීම දරන රාජ්‍යය විසින්,එම චූදිත තැනැත්තා එම රාජ්‍යයේ පදිංචිකරුවෙකු හෝ රට වැසියෙකු වන විටක ,එම තැනැත්තාට එරෙහිව නඩු පැවරීමට නොහැකියාවක් තිබෙන විට හෝ එසේ නඩු පැවරීමට කැමැත්තක් නොමැතිව සිටින විටක පමණක් එකී අපරාධය සම්බන්ධයෙන් පියවර ගැනීමේ බලය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට හිමිවන බවයි.මේ අනුව දේශීය අධිකරණ එලෙස කටයුතු කිරීමට අපොහොසත් වන විටක අපරාධ නඩු පැවරීමට හා විභාග පවත්වාගෙන යාමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය ක්‍රියා කරනු ලබයි. ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ඇති තවත් සුවිශේෂී ලක්ෂණයක් නම් රාජ්‍ය නායකයන්ට ලබා දෙන විනීර් මුක්තිය ඉන් බැහැර කර තිබීමයි.එනම් රාජ්‍ය හෝ ආණ්ඩුවක නායකයෙකු හෝ සාමාජිකයකු හෝ පාර්ලිමේන්තු සාමාජිකයකු හෝ යන කිසිම අයෙකු අපරාධ වගකීමෙන් බැහැර නොවන බව රෝම ව්‍යවස්ථාවලිය පැහැදිලිවම පිළිගනී. පාර්ශවයන්ගේ අයිතිවාසිකම් එසේම තවදුරටත් රෝම ව්‍යවස්ථාවලිය යටතේ විත්තිකරුවන්ගේ,විපතට පත්වූවන්ගේ හා සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකරදීම උදෙසාද ප්‍රතිපාදන සලසා ඇත.ඒ අනුව සාධාරණ නඩු විභාගයක් පවත්වාගෙන යාම සහ විධිමත් ක්‍රියාදාමයන් සඳහා වූ සියළු ජාත්‍යන්තර සම්මතයන් අදාල කර ගැනීමට ක්‍රියා කර ඇති අතර නඩු විභාගයේ සෑම අදියරකදීම විත්තිකරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කර ඇත.මෙහිදී නීතීඥ සහාය ලබා ගැනීමේ අයිතිය සැකකරුවන්ට මෙන්ම චූදිතයන්ටද ලබාදී ඇත.වරදකරුවකු කිරීමට පෙර සෑම චූදිතයකුම නිර්දෝෂී බවට පූර්ව නිගමනය කරනු ලබයි.එසේම විත්තිකරු නොමැතිව නඩු විභාග පැවැත්වීමට අවසරයක් නොමැති අතර කෙතරම් බරපතල වූ අපරාධයක් සිදු කළ පුද්ගලයකු වුවද මරණ දඬුවම පැනවීමේ බලයක් මෙම අධිකරණයට නැත. විපතට පත්වූවන්ගේ හා සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව,ආත්ම ගරුත්වය,ශාරීරික මානසික සුවතාවය සහ පුද්ගලිකත්වය තහවුරු කිරීම සඳහාද අධිකරණය බැඳී ඇත.ලිංගික හෝ ලිංගිකත්වය මත පදනම් වූ අපරාධ සහ ප්‍රචණ්ඩ ක්‍රියාද ළමුන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වන නඩු විභාග වලදීද මේ තත්ත්වය සලකා බැලේ.එසේම විපතට පත්වූවන්ට සැලසිය යුතු සහන සම්බන්ධයෙන්ද ඒ පිළිබඳව වරදකරුවන්ට එරෙහි නියෝග පැනවීම සම්බන්ධයෙන්ද මූලික ප්‍රතිපත්ති සකස් කිරීමේ බලය මෙම අධිකරණය සතු වේ.එහිදී සහන සැලසීම සඳහා භාර අරමුදලක් ඇති කරගැනීමටද අධිකරණයට හැකියාව පවතී. නියෝග බලාත්මක කිරීම ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අධිකරණ නියෝග බලාත්මක කිරීම සම්බන්ධව සලකා බැලීමේදී රෝම ව්‍යවස්ථාවලියට පාර්ශව වූ රාජ්‍යයන් මෙම අධිකරණය සමඟ සම්පූර්ණයෙන්ම සහයෝගයෙන් කටයුතු කිරීමට නීතිමය වශයෙන් බැඳී සිටී.එහිදී තම දේශීය නීතියේ විධිවිධාන නිසි පරිදි පවතින බවට සහතික කිරීමේ වගකීම රාජ්‍යයන් සතු වනු ඇත.විශේෂයෙන්ම මෙම අධිකරණයේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලීමක් ලැබුනු විට, එක්සත් ජාතීන්ගේ සියළුම සාමාජිකයන් ඒ සඳහා සහයෝගය දීමට බැඳී සිටී.එවිට රාජ්‍යයන් මෙම ව්‍යවස්ථාව අනුමත කර තිබේද නැද්ද යන්න අදාල නැත. යම් හෙයකින් රාජ්‍ය පාර්ශවයන් එසේ සහයෝගය නොදී සිටී නම් එහි ප්‍රථිඵලද රෝම ව්‍යවස්ථාවේ දක්වා තිබේ.එහිදී අදාළ රාජ්‍ය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා රාජ්‍ය පාර්ශව සම්මේලන වෙත යොමු කිරීමට මෙන්ම එසේ සහාය නොදී සිටිනුයේ ආරක්ෂක මණ්ඩලය විසින් යොමු කරන ලැබූ කරුණක් සම්බන්ධයෙන් නම් එම සහාය නොදීම පිළිබඳව ආරක්ෂක මණ්ඩලයට දැනුම් දීමටද හැකිය. ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නියෝග යොමු කරනුයේ අදාල වැරදිකරුවන් භාර ගැනීමට කැමැත්ත දක්වා ඇති රාජ්‍යයන් වෙතය.එහිදී තීන්දු ක්‍රියාත්මක කිරීම මෙන්ම සිරගෙවල් පිළිබඳව අධීක්ෂණයද මෙම අධිකරණය මඟින් සිදු වේ. අරමුදල් සපයාගන්නා අකාරය මෙම කාර්යයන් ඉටු කිරීමේදී ජාත්‍යන්තර අපරාධ අධිකරණයට මුදල් සපයනු ලබන ආකාරයද වැදගත් වේ.එහිදී රාජ්‍ය පාර්ශවයන් විසින් ගෙවනු ලබන තක්සේරු කළ දායක මුදල්ද, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලබා දෙනු ලබන අරමුදල්ද මඟින් අධිකරණයට මුදල් සපයා ගන්නා අතර ඊට අමතරව රාජ්‍යයන් විසින්ද, ජාත්‍යන්තර සංවිධාන විසින්ද, පුද්ගලයන් විසින්ද ,සමාගම් විසින්ද,වෙනත් ආයතන විසින්ද ස්වේච්ඡාවෙන් ලබාදෙනු ලබන අරමුදල් භාර ගැනීමට මෙම අධිකරණයට හැකියාව පවතී. ආශ්‍රිත මූලාශ්‍ර ව්‍යවස්ථා The Rome Statute Of The International Criminal Court ලිපි ජාත්‍යන්තර අපරාධ අධිකරණය-තිශාන්ත විජයකෝන්/ඉන්දික සම්පත් කුරේ පින්තූර මේ අඩවියත් බලන්න වර්ග සංහාරය නීතිය
8,034
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%20-%20%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F
සූර්ය විදුලිය - ශ්‍රී ලංකා
ගග හැඳින්වීම බලශක්ති මාධ්‍යක් ලෙස සූර්ය විදුලි බලය ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.වර්තමානයේ නාගරික ප්‍රදේශ ආශ්‍රිතවද ඉල්ලුමක් ඇති වීම නව ප්‍රවනතාවක් ලෙස දක්නට හැක.ඉහළ යන ලෝක ඉන්ධන අර්බුධයත් සමඟ විකල්ප බලශක්ති භාවිතය කෙරේ ඉහළ අවධානයක් යොමු වී තිබෙන අතර සූර්ය විදුලි බලය ඒ අතර ඉහළ අවධානයකට ලක් වී තිබේ.සූර්ය විදුලි බලය පිළිබඳ තාක්ෂණය ලෝකය තුළ හඳුනාගෙන වසර ගණනාවක් ගත වුවද එය ලංකාව තුළ භාවිතයට පැමිණියේ 1986 තරම් මෑත කාලිනවයි. ලෝක ඉන්ධන අර්බුධය අද ලෝකය මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත් වී තිබේ.ලොව බහුලව භාවිතා කරන බලශක්ති ප්‍රභවය ලෙස පොසිල ඉන්ධන හැඳින්විය හැක.කාර්මික විප්ලවයෙන් පසුව සහ ලෝක ජනගහණ වර්ධනය හේතුවෙන් බලශක්ති භාවිතයේ සීඝ්‍ර ඉහළ යාමක් හඳුනා ගත හැක.පොසිල ඉන්ධන භාවිතයත් සමඟ ක්ෂය වන අතර නැවත නිෂ්පාදනය වසර දහස් ගණනක් තිස්සේ මන්දගාමී ස්වරූපයකින් සිදුවන ක්‍රියාවලියකි.මේ තත්වය තුළ ඉහළ යන ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම බරපතල ගැටලුවක් බවට පත් වී තිබේ.අද දවසේ බලශක්ති භාවිතය එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත් වී තිබීම තුළ සූර්ය විදුලි බලය,සුළං බලය,මුහුදු රළ,ජීව වායු ආදී විකල්ප බලශක්ති මාධ්‍ය කෙරේ මෑත කාලීන අවධානය යොමු වී තිබේ.මෙම විකල්ප අතරින් සූර්ය විදුලි බලය කාර්යක්ෂම හා ඵලදායී ක්‍රමයක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ඉහළ මට්ටමක පවතී. විශේෂ ලක්ෂණ පෘථිවි තලයට පතිත වන සූර්ය ශක්තිය පැය දෙකක් තුළ භාවිතා කළ හොත් එමගින් මුළු ලෝකය‍ටම අවශ්‍ය බලශක්තිය නිපදවිය හැකි බව ඒ සම්බන්ධ පරීයේෂණ කළ විද්‍යාඥන්ගේ අදහසයි.එමෙන්ම සහරා කාන්තාරයෙන් 1/8 ක ප්‍රමාණයක් තුළ සූර්ය පැනල සවි කළ හොත් ලෝකයටම අවශ්‍ය විදුලි බලය නිපදවිය හැකි බව ඔවුහු දක්වති.සූර්ය විදුලි බල නිෂ්පාදනයේදී මූලික පිරිවැය පමණක් දැරිය යුතු අතර නඩත්තු වියදම් ඉතා අවම මට්ටමක පවතී.එය සූර්ය විදුලි බල භාවිතයේ ප්‍රධානතම ප්‍රතිලාභයකි.පරිසර හිතකාමී බව අනෙක් ප්‍රධානතම ප්‍රතිලාභය ලෙස දැක්විය හැක. සූර්ය විදුලි භාවිතයේ අවශ්‍යතාව ලංකාවේ විදුලිය නිෂ්පාදනයෙන් 65% පමණ සිදු වනුයේ ඉන්ධන බලාගාර ආශ්‍රිතවයි.30% පමණ ජල විදුලි බලාගාර ආශ්‍රිතව ද ඉතිරි 5% විකල්ප බල ශක්ති මාධ්‍යන් මගින් ද නිෂ්පාදනය කරනු ලබයි.ලංකාවේ විකල්ප විදුලි බල නිෂ්පාදන මාධ්‍යක් ලෙස බහුලව භාවිතා වන්නේ සූර්ය ශක්තියයි.නමුත් එය මුළු විදුලි බල නිෂ්පාදනයෙන් ඉතා සුළු ප්‍රතිශතයක් පමණි.මිලියන 19.5 ක් වන ශ්‍රි ලංකාවේ ජනගහණයෙන් 40% පමණ විදුලි බල පහසුකම් නොමැත.රජයේ දත්ත අනුව ඉන් 50% ආසන්න ප්‍රමාණයකට ජාතික විදුලි බල පද්ධතියෙන් විදුලි බලය ලබා ගැනීමට ප්‍රවේශ විය නොහැක.වාර්ෂිකව ලංකාවේ විදුලි බල ඉල්ලුම 8% ප්‍රතිශතයකින් ඉහළ නගිනු ලබන බව හා 2010 වන විට එය දෙගුණ වන බව මහ බැංකු වාර්තා අනුව පෙනී ගොස් තිබේ.නමුත් මේ වන විට වාර්ෂිකව ජාතික විදුලි බල පද්ධතිය මගින් සපයනුයේ 1% ප්‍රමාණයක් පමණි.මේ තත්වය තුළ සූර්ය විදුලි බලය කෙරේ ලංකාව ඉහළ අවධානයක් යොමු කළ යුතුව ඇත. සූර්ය විදුලිය පිළිබඳ තාක්ෂණය සූර්ය විදුලි බල නිෂ්පාදනය ඉතා සරල තාක්ෂණයක් භාවිතා කොට සිදු කරන්නකි.එහිදී සිලිකන්([[silicon]),බෝ‍රෝන්(borown) වැනි ද්‍රව්‍ය භාවිතා කර සකස් කරන ලද පැනලය (panel) මත සූර්ය කිරණ පතිත කළ විට විද්‍යුතය නිෂ්පාදනය වේ.නිෂ්පාදිත විද්‍යුතය පාලකයක්(controller) හරහා ගමන් කරවා බැටරියක් (battery)තුළ තැන්පත් කරනු ලබන අතර නැවත පාලකයක් හරහා ගමන් කරවා අවශ්‍යතා සඳහා විදුලිය බෙදා හැරේ.මෙම පැනල් විවිධ ධාරිතාවලින් සීමාවකින් තොරව සකස් ගගුලැලි හැකි අතර සාමාන්‍යයෙන් 40w (වොට්),50w,60w,70w,80 w ,100ආදී වශයෙන් ගෘහස්ථ භාවිතය සඳහා සකස් කර තිබේ. සූර්ය විදුලි බල භාවිතයෙන් විශාල කර්මාන්ත ශාලාවන්හි විදුලි අවශ්‍යතාවය වුවද සපුරාලිය හැක.සූර්ය විදුලිය භාවිතයෙන් තම සම්පුර්ණ විදුලි අවශ්‍යතා සපුරා ගනු ලබන පරිසර හිතකාමී පළමු කර්මාන්ත ශාලාව මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉදි වෙමින් පවතී. තාක්ෂණය දියුණු කිරීම සූර්ය විදුලි බලය මගින් සාමාන්‍ය ගෘහස්ථ පාරිභෝජන අවශ්‍යතා එනම් ආලෝකය ලබා ගැනීම,ගුවන් විදුලි යන්ත්‍ර,කළු සුදු රූපවාහිනී භාවිතය (DC විදුලි උපකරණ) ආදිය ඉටු කර ගත හැක.නමුත් දියුණු කරන ලද ඉන්වර්ටර් (Invertor) තාක්ෂණය භාවිතයෙන් සූර්ය විදුලි බල පද්ධතියක් මගින් ඕනෑම විදුලි බල අවශ්‍යතාවක් ඉටු කර ගත හැකි සේ සකස් කළ හැක.ඒ වැනි පද්ධතියක් මගින් ශීතකරණ,පරිඝනක,වර්ණ රූපවාහිනී වැනි (AC විදුලි උපකරණ) උපකරණද භාවිතා කළ හැක.මෙහිදී දැරිය යුතු මූලික පිරිවැය ඉහළ වීම නිසා මෙම ක්‍රමය ලංකාව තුළ ව්‍යාප්ත වී නොමැත.සාමාන්‍ය ගෘහස්ථ අවශ්‍යතා ඉටු කරන සූර්ය විදුලි පද්ධතියක මිල රුපියල් 50 000 ඉක්මවා තිබෙ.මෙම මිල සාමාන්‍ය ජනතාවට දරා ගත හැකි මිලක් යැයි කිව නොහැක.මූලික අවශ්‍යතා ඉටු කරන සූර්ය විදුලි බල පද්ධතියක මිල එතරම් අධික නම් දියුණු කළ පද්ධතියක මිල කෙසේවත් ජනතාවට දරා ගත නොහැකිවනු ඇත. සූර්ය පැනල නිෂ්පාදනයද ඉතා සරල තාත්ෂණයක් භාවිතා කරනු ලබන්නකි.නමුත් ලංකාවේ සූර්ය විදුලි පද්ධති නිෂ්පාදනය නොකරන අතර ඉන්දියාව,චීනය,ඕස්ටේලියාව වැනි රටවලින් ආනයනය කරනු ලැබේ.මෙහිදී අවධානයට ලක් කළ යුතු ප්‍රධාන කරුණ සුර්ය පැනල් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය වන බෝරෝන්.සිලිකන් වැනි ද්‍රව්‍ය ලංකාවේ පැවතීමයි.එම අමුද්‍රව්‍ය භාවිතා කොට ලංකාව තුළ පැනල් නිෂ්පාදනය කරන්නේ නම් සූර්ය විදුලි පද්ධති වල මිල ඉතා පහළ මට්ටමකට අඩු කළ හැක. රාජ්‍ය මැදිහත්වීම සූර්ය විදුලිය නිෂ්පාදනය සම්බන්ධයෙන් ලංකාවේ රාජ්‍ය අංශයේ මැදිහත් වීම ඉතාම පහළ මට්ටමක පවතින අතර මෙම කාර්ය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශය වෙත පැවරී ඇත.රජය මගින් ලෝක බැංකු ආධාර මත රුපියල් 10000 ප්‍රතිදානයක් සූර්ය විදුලි බල පද්ධතියක් මිල දී ගන්නා ප්‍රධාන විදුලිය නොමැති පාරිභෝගිකයන් වෙත ලබා දුන්නද එය ප්‍රමාණවත් මැදිහත් වීමක් නොවේ.සර්වෝදය වැනි රාජ්‍ය නොවන සංවිධාන මගින්ද පාරිභෝගිකයන් වෙත ණය පහසුකම් සපයනු ලැබේ.ලංකාවේ සූර්ය විදුලිය සම්බන්ධව Solar Industrial association යන ආයතනය(SIA) ක්‍රියාත්මක වන අතර සූර්ය විදුලි බලය ලබා දීම සම්බන්ධ ආයතන මෙහි ලියාපදිංචි විය යුතුය.දැනට ආයතන 18 පමණ මෙහි ලියාපදිංචි කර තිබේ. නව ප්‍රවනතා ලංකාවේ සූර්ය විදුලිය දඹුල්ල, කතරගම, ඇඹ්ලිපිටිය, රත්නපුරය, දැරණියගල, යටියන්තොට ආදී ප්‍රදේශවල බහුලව භාවිතා වනු දැකිය හැක.නාගරික ප්‍රදේශ ආශ්‍රිතවද සූර්ය විදුලිය ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනු දැකිය හැක.නගර ආශ්‍රිතව සූර්ය උණු ජල පද්ධතිවලට ඉහළ ඉල්ලුමක් ඇති වී තිබේ.ලෝකයේ ඇතැම් රටවල සූර්ය විදුලි බලය මගින් ධාවනය වන මෝටර් රථ,බෝට්ටු ආදියද නිපදවා තිබේ. ජර්මනිය තුළ සූර්ය විදුලිය ඉතා කාර්යක්ෂම හා ඵලදායි ලෙස භාවිතා කරනු ලැබේ.එරට නිවෙස්වල සවි කරන ලද සූර්ය විදුලි පද්ධතිවල අතිරික්ත විදුලි බලය ජාතික පද්ධතිය වෙත එකතු කරනු ලබන අතර ඒ වෙනුවෙන් රජය විසින් නිවැසියන් වෙත ගෙවීමක්ද කරනු ලබයි. ලංකාවේද ඉතාම මෑතදී බත්තරමුල්ල, තලවතුගොඩ ප්‍රධාන මාර්ගය තුළ මාර්ග ආලෝකරණ සූර්ය විදුලි ව්‍යාපෘතියක් සකසා තිබේ.මෙම නව නැඹුරුව අගය කළ හැකි තත්වයක් වන අතර එය රට පුරා ව්‍යාප්ත කළ හැකි නම් අගනේය.වර්තමාන විදුලි අර්බුධය ජය ගැනීම‍ට විකල්ප බල ශක්ති මාධ්‍යක් ලෙස සූර්ය විදුලි බලය ඉතා වැදගත් වනු ඇත. මූලාශ්‍ර
8,035
https://si.wikipedia.org/wiki/%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8
ආරාම
හැදින්වීම ග්‍රී ලාංකීය ඉතිහාසයේ අනුරාධපුර යුගයේ සිට යුග ගණනාවක් තුල නිර්මාණය වෙමින් පැවති සුවිශේෂි බෞද්ධාගමික කලා නිර්මාණයක්ලෙස ආරාම හදුන්වාදිය හැක.මෙම ලිපිය තුලින් අනුරාධපුර යුගයේ ක්‍රි. පූ. 3 සිට ක්‍රි. ව. 10 දක්වා කාලපරිච්ජේදය තුල නිර්මාණය කරනලද ආරාම පිළිබඳ තොරතුරු දැක්වෙයි.අනුරාධපුර යුගයේ ආරාම නිර්මාණය හා එහි පාලනය සිදු වු ආකාරයත් ආරාම නිර්මාණයට පාදක වූ හේතූන්, එහි මූලාරම්භය හා වර්ධනයත් එහි පාලන කටයුතු සිදු වූ ආකාරයත්මෙමගින් විස්තර කරේ. ආරාම බිහිවීම ප්‍රථමයෙන් ම සිදු වුයේ අනුරාධපුර යුගයේය. ආරාම යනු භික්‍ෂුන්ගේ වාසස්ථාන සඳහාත් අනෙකුත් කාර්යයන් උදෙසාත් නිර්මාණය කරන ලද්දකි. මුල් යුගයේ ආරාම නොතිබුණ අතර භික්‍ෂුන් වාසය සඳහා යොදා ගත්තේ ගල්ලෙන්ය. එසේ ලෙන් වල වාසය කිරිමට එක් හේතුවක් වූයේ ලෙන් භාවනායෝගිව වැඩසිටීමට වඩාත් සුදුසු බවට අතීතයේ සිටම සලකුණු ලැබීමයි. උදා: තම්බපණ්ණියේ චූලනාග ලෙන, උදුම්බරගලලෙන ද බොහෝ භික්‍ෂුන් භාවනාව සඳහා වඩින ලද ලෙන් ලෙස සඳහන් වේ. අනෙක් හේතුව නම් ආරාම සැකසීම අපහසු කටයුත්තක් වීමයිමෙම ගල්ලෙන් රාජමහාමාත්‍යයන් විසින් භික්‍ෂූන්ට පූජා කරන ලද ඵ්වා වේ.ලෙන් වල වාසය කළ භික්‍ෂූන් අනෙකුත් භික්‍ෂූ වාසස්ථානවල වාසය කළ භික්‍ෂූන්ට වඩා පූජ්‍ය යැයි එකල සලකන ලදි. එයට හේතුව ආදාම කාලයේ භික්‍ෂූහු ඉතා සුශීල වීමයි. මෙකල ලෙන් ඇරෙන්නට භික්‍ෂූන්ගේ වාසය සඳහා කොළඅතු සෙවිලි කරන ලද පන්සල් ද තිබුණු බවට අතීත ග්‍රන්ථවල සඳහනවේ.බුදුදහම රජයේත් රටවැසියන්ගේත් ආගම බවට පතවීමත් සමඟ භික්‍ෂූන්ට ආගමික කාර්යන් සඳහා රට වැසියන් සමඟ සම්බවන්ධ වීමට සිදුවිය. එහිදී භාක්‍ෂූන්ට වනාන්තර හා දුරබැහැර පිහිටි ලෙන්වල වැඩ විසීමට නොහැකි වූ අතර ජනාවාස ආශ්‍රිතව වැඩවිසීමට සිදු විය. එබැවින් ගම් ආශ්‍රිතව වැඩ විසීමට සිදුවිය. එබැවින් ගම් ආශ්‍රිතව ආරාම බිහිවන්නට විය.එම ආරාම බිහි වූ ආකාරය හා එහි පාලනය පිළිබඳවත් අනුරාධපුර යුගයේ සුප්‍රසිද්ධ විහාර පිළිබඳවත් මෙම ලිපියේ සඳහන් වේ. අනුරාධපුර යුගයේ ආරාම නිර්මාණය වී ඇති ආකාරය ලංනකාවේ බිහි වූ පලමු ආරාමය අනුරාධපුර මහමෙව්නා උයනෙහි දෙවනපෑතිස් රජු කරවූ තිස්සමහාරාමයයි. මෙය පසු කලෙක මහාවිහාරය ලෙස හඳුන්වන ලදි. මුලින්ම කාලප්‍රසාද පිරිවෙණ නමින් භික්‍ෂූනගේ ආවාසය සඳහා මැටි වලින් කරවන ලද ගෙයක් ලෙස මෙය පැවත ඇත. පසු කලෙක රජවරු හා ඇමතිවරු භික්‍ෂූන්ගේ ප්‍රයෝජනය සඳහා ගෙවල් කිහිපයක් මහමෙව්නා උයනෙහි සාදා ඇත. මේ කාලයේම රුහුණ හා සෙසු පළාත් වලද විශාල ආරාම බිහි වී ඇත. දුටුගැමුණු රජු කාලයේ දී ප්‍රසාද ගණනාවකින් යුත් අනුරාධපුර මහාවිහාරය බිහි විය.අභයගිරිය හා ජේතවනය අනුරධපුරයෙහි පිහිටි ප්‍රධාන ආරාම දෙකකි. ආරාම, විහාර යන නමින් ද හඳුන්වනු ලබන අතර විහාරයක තිබිය යුතු අත්‍යවශ්‍ය අංග කිහිපයකි. එනම් චෛත්‍යය, ලැගුම් ගෙය, ධර්ම දේශනා කරන ස්ථානයයි. ආරාම භූමිය ඇතුලත ප්‍රධාන පූජ්‍ය වස්තුව වූයේ බුදුන් වහන්සේගේ ධාතු නිධන් කළ චෛත්‍යයයි.චෛත්‍යය වටා සුදුවැලි ඇතිරූ මළුවක් ඇත. එම මළුව වටා පවුරක් ඇති අතර ඊට ඉහලින් ඇතුළු මළුව පිහිටා ඇත. මෙම මළුව වටා ඇත් රූප වලින් පවුරක් ද මහ දොරටු සතරෙහි තොරන් හතරක් තිබී ඇත. චෛත්‍යය ලංකාවේ ආරාමයක අංගයක් බවට පත්ව ඇත්තේ ථූපාරාමය කරවීමෙන් පසුවයි. චෛත්‍යය හැරුණු විට ආරාමයක ප්‍රධාන කොට සලකන ලද්දේ බෝධියයි. බෝමළුවෙහි සතර දිසාවෙහි තොරන් සතරක් ද බෝධිය වටා උස් ගල් මළුවක් ද තිබී ඇත. මීට අමතරව බෝධිය අසල බෝධිඝරය හෙවත් බෝගෙයක් විය. එහි බුදුපිළිමය තැන්පත් කර ඇත. ආරාමයකදී බෝධියට ලැබුණේ බුදුන් වහන්සේගේ ශාරීරික ධාතූන්ට ලැබෙන ගෞරවයට පමණක් දෙවැනි වූ තැනකි.මීළඟට වැදගත් අංගය වූයේ බුදුපිළිමය තැන්පත් කර ඇති පඨමාඝර හෙවත් පිළිම ගෙයයි. දුටුගැමුණු රජතුමා මහා සෙල් පිළිමයක් ථූපාරාමයෙන් රැගෙන ගොස් ප්‍රාචීනතිස්සපබ්බත නම් ආරාමයක වැඩහිදුවා ඇත.එය විශේෂයෙන් පූජ්‍ය වූ දෙයක් ලෙස එකළ සලකන ලද ප්‍රකට ප්‍රතිමාවකි. මෙලෙස ආරාම වල පිළිම ගෙවල් සාදා පිළිම තැන්පත් කර තිබුණත් පාලි අට්ටකතා වල හා ජූජාපටිපාටියේ පිළිම ගෙවල් ගැන සඳහන් වී නැත. නමුත් ආරාමයක අනෙකුත් අංග ගැන ඒවායෙහි සඳහන් වී ඇත. පිළිම ගෙය ගැන සඳහන් නොවීමට හේතු ලෙස සිතිය හැකි වන්නේ හෙළ අටුවා ලියන කළ ඇතැම් විට ආරාම වල පිළිම ගෙවල් නොතිබෙන්නට ඇති බවත් නැතිනම් එකළ ධාතු නිදන් කළ බුදුපිළිම පමණක් පූජ්‍ය වස්තූකන් ලෙස සැලකීමත් හා බොහෝ බුදු පිළිම ප්‍රමාණයෙන් කුඩා වීමත්ය.එමෙන්ම එකළ පිළිම අඩු සංඛ්‍යාවක් තිබුණු අතර දාන මාන කටයුතු වලදී ඒවා එහා මෙහා ගෙනයාමට සිදුවිය. එහෙයින් පිළිම තැන්පත් කිරීමට විහාර ගෙයක් අවශ්‍යම නොවීය.මෙම හේතූන් නිසා පිළිම ගෙය ගැන සඳහන් කිරීමට එතරම් සැලකිල්ලක් දක්වා නැතැයි සිතිය හැක.ක්‍රි.ව.5 වන ශත වර්ෂය පමණ වන විට පිළිම ගෙය තරමක් විශාල මන්දිරයන් බවට පත්ව ඇත. 1 වන මුගලන් රජු කළ ලංකාවට වැඩම කරවන ලද කේශධාතුව තැන්පත් කරන ලද්දේ පිළිම ගෙයකය. ආරාමයක මීළග වැදගත්ම අංගය වූයේ ධර්ම දේශනා ඇසීමට ඇති ධර්ම ශාලාවයි. ලෝවාමහාපායේ පහත මාලය ධර්මශාලාවක් වශයෙන් පැවත ඇත. එකළ ධර්ම ශාලාව සැප පහසු එකක් ලෙස පැවතිණි. විශාල පිරිසකට ඉඩ කඩ නොතිබුණු අතර අවට වල් බිහි වී ඇත.සෑම විහාරයකම පෝය ගෙයක් ද විය. භික්‍ෂූන් පසලොස්වක පෝය දා විනය කර්ම සෑම විහාරයකම පෝය ගෙයක්ද විය.භික්ෂූන් පසළොස්වක පෝයදා සහ මාසේ පෝයදා විනය කර්ම කිරීම සදහා රැස්වී ඇත්තේමෙමස්ථානයටයි. ලෝවාමහාපාය, අනුරාධපුර මහාවිහාවාසී භික්ෂූන්ගේ පෝය ගෙය විය.අනුරාධපුරයෙහිම ථූපාරාමය,මිරිසවැටිය,දකුණු වෙහෙර ආදී ආරාමවල වෙනවෙනම පෝය ගෙවල් තිබී ඇත.මේවාහි සතරවාසල දොර-කොටු හතරක් තිබී ඇති අතර ඒවායෙහි දොරටුපාල රූපද තිබී ඇත.පසුකලකදී ඇතැම් ආරාමවල සම්බුද්ධ ධාතුන් තැන්පත් කර තැබීම පිණිස දාගැබී තිබී ඇත.මෙම ගෙවල් කේෂ ධාතූ හා දන්ත ධාතූ වැඩසිටුවීම පිණිස කරවා ඇත.අනුරාධපුර දළදා ගෙය අතිශයින් පූජ්‍ය හා ශෝභාසමිපන්න වූ මන්දිරයයකි.දළදා මැදුරේ මළුව හුණින් කළ ඇත් රූප වලින් අලංකාර කොට ඇත.එමෙන්ම මහා විහාරයත,ජේතවනය හා අභයගිරිය වැනි විශාල ආරාම සමහරක රත්න ප්‍රාසාද නම් ගොඩනැගිල්ලක් තිබී ඇති අතර එය කුමක් සඳහා යොදා ගනු ලැබුවේදැයි තීරණය කිරීමට හැකියාවක් නොමැති වී ඇත. එකල හැම ආරාමයකම බත් හලක් (හත්තසාලා) තිබුනු අතර භික්ෂූන්ට දන් පිළිගන්වා ඇත්තේ මෙහිය.මුලින්ම දේවානම්පියතිස්ස රජු විසින් මහාවිහාරයෙහි කරවන ලද බත්හල 'මහාපාලි'නමින් හදුන්වා ඇත.එය අනුරාධපුරයේ සියලුම ප්‍රධාන ආරාමවල භික්ෂූන් ට පොදු බත්හලක් වී ඇත.බත් දැමීම සදහා ගලින් කළ ඔරුද තිබී ඇත.එකල ආරාමවල පිරිවෙන් බොහෝ ගණනක් තිබීමද විශේෂත්වයකි. අනුරාධපුර මහවිහාරයේ පිරිවෙන් හා ප්‍රසාද 364ක් තිබී ඇත.ථූපාරාමයේද පිරිවෙන් රැසක් තිබී ඇත.භික්ෂූන් සෙනසුන් සදහා පරිභෝග කළ ස්ථානය විහාරය,ආවාසය හෝ පිරිවෙන නම් විය.සම්පූර්ණ ආරාමයක දොරටුවේ දොරටු පැන් මඩිය නම් ගොඩනැගිල්ලක් තිබිණි. එහි පැන් කළයත් තබා ඇති අතර එයින් වන්දනාකරුවන් අත් දෝවනය ,මල්වලට පැන් ඉසීමට හා බීමට යොදා ගෙන ඇත.උදා- ජේතවනාරාමයේ විශාල දොරටු පැන් මඩිය නම් ගොඩනැගිල්ලක් තිබී ඇත. පඨානඝර හෙවත් ආරාම ගෘහයද ආරාමවල තවත් වැදගත් අංගයක් විය.මුලදී මෙම ගොඩනැගිල්ල භාවනා කිරීමට පාවිච්චි කර ඇති අතර පසුකලකදී ආරාමයේ නායක ස්ථවිරයන්ගේ ලැගුම් ගෙය වී ඇත. ඇතැම් විට පඨානඝරය තුළ ධර්ම දේශනා ද පවත්වා ඇත. ආරාමයක ප්‍රධාන අංග වලින් එකක් ලෙස වැසිකිළියද සදහන් කළ හැකිය. ආරාම භූමිය ඇතුළත සුදුසු තැන් වල මුසුන් මඩු හා දර මඩු ද තිබී ඇත. මීට අමතරව පැන් මඩුවක්ද තිබී ඇත. පොත්ගුල්ද ආරාමවල තිබී ඇති අතර අනුරාධපුරයේ හා මාගම විශාල ආරාමවල පොත්පත්ද රැස්කර තබා ඇත. ක්‍රි.ව. 4හා 5වන ශතවර්ෂවලදී දීපවංශයද පාලි අට්ඨ කතාද මහවංශයද ලියැවී ඇත. බුද්ධඝෝෂාචාරයන් පාලි අට්ඨ කතා ලියුවේ ගන්ථාකර විහාරයෙහි වැඩ සිටිමින් බව මහවංශයේ දක්වා ඇත. අනුරාධපුර යුගයේ ආරාම පාලනය ආරාමයක පාලනය මුලුමනින්ම සංඝයා සතු කාර්යයක් විය.එක එක ආරාමයෙහි නේවාසික මහා ස්ථවිර කෙනෙක් සිට ඇත.ආරාමයේ විනයත් සාමයත් ගැන වගකීම පැවරුනේ උන් වහන්සේටය.විහාර,ගම් නොතිබුණු කාලයේ ආරාම පාලනය සුලු කටයුත්තක් වුවද ජනාවාස බිහිවීමත් සග පිරිස වැඩි වීමත් සමග ආරාම පාලනය කිරීම භාරදූර කටයුත්තක් විය.පුරාණ ලංකාවේ ආරාම පාලනය වූ ආකාරය ගැන සෙල් ලිපිවල දැක්වේ.ආරා‍මයෙහි සංඝයාද ආරාමිකයන්ද,දාසයන්ද විහාර ගම් පාලනයද පිළිබද එකල ව්‍යවස්ථා තිබී ඇත.එක් එක් අය විසින් ඉටු කළ යුතු කාර්ය නියම කොට දිවෙල්ද එක් එක් කාර්යට ගෙවිය යුතු පඩිනඩි ද නියම කොට තිබිණි.මෙම සියලු පාලන කටයුතු සලසන ලද්දේ සංඝයාගෙන් විමසා ඔවුන්ගේ කැමැත්ත අනුවය.ආරාම තුළ දී ආහාර ලබා ගැනීම,බෙහෙත්,ගිතෙල් ආදිය ලබා ගැනීම භික්ෂූන් විසින් වැඩිමහල් පිළිලෙට ගොස් ලබා ගත යුතු විය.දුසිල් හෙණුන්ට ආරාමයේ වාසය තහනම් වූ අතර ආරවුල් ඇති කර ගන්නා භික්ෂූන්ට ආහාර නොදී ඒවා බලු කපුටු ආදී සතුන්ට දැමිය යුතු බව එක් සෙල් ලිපියක දක්වා ඇත.එසේම වෙනත් ආරාම වලට අධාර කරන්නන් හෝ වෙනත් ආරාම සමග ආශ්‍රය කරන්නන් ඒ ආරාමයෙහි නොවිසිය යුතු බව ජේතවන සංස්කෘත සෙල් ලිපියේ දක්වා ඇත.මීට අමතරව ආරාම භූමියේ ගහකොළ කැපීමද තහනම් වූ අතර එසේ තහනම් කර ඇත්තේ පිටස්තර අමුත්තන්ගෙන් ආරාම රැක ගැනීම පිණිසය.මෙකළ අභයගිරියේ භික්ෂූන් 5000 ක් ද මහාවිහාරයේ භික්ෂූන් 3000 ක් ද වැඩවසා ඇත.මේනිසා ආරාම වල නඩත්තුව සදහා විශාල පිරිසක් සිට ඇත.පස්වන මිහිදු රජුගේ මිහින්තලා සෙල් ලිපියෙහි දැක්වෙන ආකාරයට මිහින්තලේ ආරාමයේ විවිධ වැඩකටයුතු පිණිස ස්ථිර සේවකයෝ 200ට වඩා සිට ඇත.ආරාමයේ සියලු කාර්මිකයින්ට ද භික්ෂූන්ට ද රාජකාරියට වැටුප් ගෙවන ලදි.ආරාම නඩත්තු කර බලා ගැනීම පිණිස විශාල මුදලක් අවශ්‍ය වූ අතර එම ආදායම විවිධ මාර්ගයෙන් ලබා ගෙන ඇත.සැදැහැවතුන් තම වත්කමින් කොටසක් සංඝයාට පූජා කර ඇති මුත් ඒ අල්ප වශයෙනි.එම නිසා ස්ථිර ආදායම් මාර්ග හතරක් තිබී ඇත.එනම් ගම්බිම් හා කෙත්වතු,වැව් හා වේලි,පොලී ලබාගැනීම,බදු හා දඩ මුදල් අයකර ගැනීමයී. මෙකළ රජවරුන් සහ මෙහෙසියන් විසින් ද වෙනත් පුද්ගලයන් විසින් ද ආරාම වලට වැව් හා වේ ලි රාශියක් ද පූජා කර ඇත.ථෙරිය නිකායට ධාතුසේන රජු වැව් 18 ක් පූජා කර ඇත.එම වැව් හා වේලි වටිනා ආදායම් මාර්ගයක් ලෙස පැවත ඇති අතර දිය බදු නමින් බද්දක් වශයෙන් එම ආදායම ලබා ගෙන ඇත. 4වන හා 5වන ශත වර්ෂ වන විට ආර්ථිකමය වශයෙන් වෙනස්කම් සිදු වූ අතර ආගමික කටයුතු වලද පුදපූජා ක්‍රම වෙනස් විය.කෙත් වතු වැව් වේලි වෙනුවට ‍භෝග හා මිල මුදල් තැන්පත් කිරීම සිදු විය.උදා:-ඇමතියකුගේ පුතකු වූ සිරිනෙක නම් අයෙක් නුවර ට නැගෙනහිරින් පිහිටි දේවගිරි නම් ආරාමයක ප්‍රයෝජනය සදහා මහබතක ශ්‍රේණියෙහි කහවනු 100ක් තැන්පත් කළ බව ලබු ඇට බැදිගල ලිපියෙහි සදහන් වේ.තවත් ආදායම් ක්‍රමයක් නම් ආරාමවල දාසයන්ගේ නඩත්තුව සදහාත් ඔවුන් දාසකමින් මුදවාලීම සදහාත් මුදල් පූජා කිරීමයි.දාසයකු ලෙස සිටියදී පැවදි කරලීමද තහනම් විය.දාසයන් එම දාස බවින් මුදවාලීමත් ඔවුන්ගේ නඩත්තුවට මුදල් පරිත්‍යාග කිරීමත් මහගු පිනක් ලෙස සළකන ලදී.උදා- අනුරාධපුරයේ අභයගිරියේ දාසයන්ගේ පැවැත්ම පිණිස කහවනු පූජා කළ අය පිළිබද එම යුගයේ තිබී හමු වූ හයවන හා හත්වන ශත වර්ෂවලට අයත් නකටි සෙල් ලිපි 8ක සදහන් වී ඇත.එසේම ආරාමයක දාසයකු ලෙස කැපවීම මහත් ථල මහානිසංශ ගෙන සදන ආගමික පිංකමක් ලෙස සැළකිණි. 8වන අග්බෝ රජු තම මෑණියන් ලවා තමා සංඝයාට ජූජා කරවා තමාගේ වටිනාකමට සරිලන මුදලක් ගෙවූ බව සදහන් වේ.ක්‍රි.ව.පස්වන ශතවර්ෂයේ සිට අටවන ශතවර්ෂය පමණ වනතෙක් මෙම ආගමික සිරිත පැවත ඇති බව සෙල් ලිපිවල දක්වා ඇත.මෙම වහල් වෙළදාමෙන්ද සැබෑ වෙළදාමෙන්ද ආරාම වලට විශාල ආදායමක් ලැබී ඇත. එසේම අනුරාධපුර නගරයට ගෙනන ලද එක් එක් වී මල්ලෙන් පතක බද්දක් සංඝයාගේ පොදු ලහබත් හල වූ මහා පාලියේ පැවැත්ම පිණිස අය කරන ලද බව දහවන සියවසට අයත් සෙල් ලිපියක දක්වා ඇත.මෙම විවිධ ආදායම් මාර්ග හේතුවෙන් මෙම යුගයේ ආරාම ධන ධාන්‍යයෙන් පිරී පැවත ඇත.ඇතැම් රජවරු විපතට පත් අවස්ථාවලදී ඔවුන්ට ආධාර කිරීමට තරම් වත් පොහොසත්කමක් ආරාම වලට තිබී ඇත. මෙම යුගයේ භික්ෂුනී ආරාමද පැවත ඇත.දේවානම්පියතිස්ස රජුගේ අනුලාදේවිය ඇගේ පිරිවර ස්ත්‍රීන් සදහා අනුරාධපුරයෙහි මෙහෙන වරක් කරවා ඇත.මෙම භික්ෂු භික්ෂුණි ආරාම අසළ වෙදහල් ද පැවත ඇති බව අනුරාධපුරයේ යුගයේ තිබු විවිධ සෙල්ලිපි හා පුරා විද්‍යා නටඹුන් වලින් පෙනී යයි. අනුරාධපුර යුගයේ සුවිශේෂි ආරාම මහාවිහාරය අනුරාධපුර යුගයේ තිබූ විශාලතම හා වැදගත්ම ආරාමය වූයේ මහාවිහාරයයි.ථෙරවාදී බුදුදහම ආරක්ෂා වූයේ ද මෙම විහාරෙහිය.මහාවිහාරය ගොඩනැගිලි කිහිපයකින් යුක්ත වූ අතර ඉතා සමෘද්ධිමත් විහාරයක් විය. ලෝවාමහාසෑය,මහාථූපය,ස්වර්ණමාළී මහාසෑය,මහා බෝධි යන ස්ථාන මහා විහාරයට අයත් විය.මෙහි භික්ෂූන් 3000ක් වැඩවාසය කර ඇත.තවද බුදුදහම වැලඳ ගැනීම පිණිස විදේශිකයෝ ද මහාවිහාරයට පැමිණ ඇත.මෙම යුගයේ මහාවිහාර හා අභයගිරි විහාර භික්ෂූහු අතර විවිධ මත ගැටුම් ඇති වී තිබේ.එය ථෙරවාදී හා මහායාන බුදුදහම අතර ඇති වූ නිකායවාදී මතභේධයකි.එසේම බ්‍රාහ්මණතිස්ස සාගතයෙහිදීද දමිළ ආක්‍රමණ වලදීද භික්ෂූන් විසින් අතහැර දැමීමක් ද සිදු විය.කෙසේ වෙතත් අනුරාධපුර යුගය පමණක් නොව ලාංකීය ආරාමයන් පිළිබද විමසීමේදී මහවිහාරය ප්‍රමුඛස්ථානයක් ගනී. ථුපාරාමය ථූපාරාමයද අනුරාධපුරයේ ඇති පූජනීය වූ විහාරයකි.එහි දාගැබෙහි කකුසද,කෝණාගම,කාශ්‍යප හා ගෞතම යන බුදුවරුන්ගේ ධාතු නිදන් කර ඇතැයි විශ්වාස කෙරේ.එසේම බුදුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදීමෙන් මෙම ‍චෛත්‍ය පාරිශුද්ධ කරන ලද බවට විශ්වාසයක් පවතී.ථූපාරාම විහාරයෙහි ශ්‍රීමහ බෝධියේ පැලයක් රෝපණය කර තිබේ.තවද ගජබාහු රජු විසින් ථුපාරාමයේ සංඝයා වෙත කරන ලද පරිත්‍යාගයක් ගැන පාලුමැකිච්චාව ශිලා ලිපියෙහි දැක්වේ. ඉසුරුමුණිය හා වෙස්සගිරිය මෙම විහාර දෙක කරවන ලද්දේ දේවානම්පියතිස්ස රජු විසිනි.ස්වභාවිකව පිහිටි ගලක් හාරා වෙස්සගිරිය නිර්මාණය කරඇත.මහාවිහාරය,ථූපාරාමය,චේතියවහාරය,ඉසුරැමුණිය හා වෙස්සගිරිවිහාර අනුරාධපුර පංච මහා විහාර ලෙස හදුන්වන ලදි.නමුත් අනෙකුත් විහාර මෙන් ඉසුරුමුණිය හා වෙස්සගිරිය ගැන තොරතුරු පලිඅටිඨකතාවන් හි සඳහන් වී නොමැත. අභයගිරිවිහාරය අභයගිරිය වට්ටගාමිණීඅභය රජු විසින් කරවන ලද්දකි.එකල අභයගිරිය හා ජේතවන විහාර දෙක,අභයගිරිය ජේතවනය ලෙසත් ජේතවනය අභයගිරිය ලෙසත් වරදවා වටහාගෙන ඇති බව ගයිගර් මහතා විසින් පෙන්වා දී ඇත. වෛතුල්‍යයවාදීන්ගේ ප්‍රධානස්ථානය වූයේ අභයගිරියයි.නිකාය භේදය නිසා මහාවිහාරවාසීන් සමග මතභේද ඇති වීමද මහායාන බුදු සසුනෙහි චිරස්ථිතිය උදෙසා කටයුතු කිරීම නිසාද අභයගිරි විහාරවාසීන් වැදගත්වේ. දක්ඛිණගිරි විහාරය අනුරාධපුර නගරයට දකුණු දෙසින් පිහිටා ඇති මෙම විහාරය කලක් සාගලිය නිකායෙහි ප්‍රධාන ස්ථානය වී පැවතිණි. අට්ඨ කතා වලද මහවංශයෙහිද දක්ඛිණගිරි විහාරය ගැන සදහන් වේ.සද්ධාතිස්ස රජු විසින් කරවන ලද්දක් වන මෙම විහාරය කලක් රහතුන් වහන්සේලාගේ වාසස්ථානයක් ලෙස ප්‍රකටව ඇත. සමාලෝචනය ලාංකීය ඉතාහාසය දෙස බැලූ විට අනුරාධපුර යුගය ලාංකීය සංස්කෘතික අංග වර්ධනයට මූලික වූ අතිශය වැදගත් යුගයක් ලෙස හැදින්විය හැක. බෞද්ධ සංස්කෘත වර්ධනයෙහිලා මෙකළ සිටි රජවරු හා රට වැසියන් ඉමහත් ලෙස දායක වී ඇත. අනුරාධපුර යුගයේ සියලු ආගමික ගොඩනැගිලි ආරාම ඇසුරින් නිර්මාණය වී ඇත. අනුරාධපුර යුගය මෙකළ රටේ අගනුවර වශයෙන් පැවතීම තුල එහි වූ විහාරාරාම විශේෂ සැලකිල්ලට ලක්ව ඇත. එමෙන්ම මුල් යුගයේ ගල්ලෙන් භික්‍ෂූ වාසස්ථාන වූ අතර පසු කලෙක ඒවා විශාල ගොඩනැගිලි වලින් යුත් ආරාම බවට පත්ව ඇත. ආරාම පාලනය විධිමත් අයුරින් පැවත ඇත. ආරාම වලට ලැබුණූ ආදායම් තුලින් පෙනී යන්නේ විශාල ධනස්කන්ධයක් ආරාම සතුව පැවති බවයි.ආරාම මගින් විශාල ධන පරිත්‍යාග ද සිදුකර ඇත.අනුරාධපුර යුගයේ ආරාම ලාංකීය සංස්කෘතියටත් බුදු සසුනටත් මධස්ථානයක් වී ඇත. ආශ්‍රිත සාහිත්‍යය මූලාශ්‍ර වල්පොළ ශ්‍රී රාහුල ස්වාමීන්වහන්සේ - 1999,ලක්දිව බුදුසමයේ ඉතිහාසය,ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශන,කොළඹ 10. අධිකාරම් ඊ. ඩබ්.- පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය හෙවත් පාලි අට්ටකථා වලින් අනාවරණය වන ලංකාවේ බුදුසමයේ තත්වය, ජේ. කේ. ජී.ජයවර්ධන සහ සමාගම, කොළඹ. ද ලැනරෝල් වි.ඩි. (සංස්කරණය)- 1961 ජූලි, ලංකා ඉතහොසය(පූර්වභාගය), ඇම්.ඩි.ගුණසේන සහ සමාගම,කොළඹ. සුරවීර ඒ.වි.-අනුරාධපුර සමාජය.
8,036
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%93%20%E0%B6%B6%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83
වී බිස්ස
වී බිස්ස වනාහී සිංහල ගොවියාගේ වී වගාවේ පසු අස්වනු සංරක්‍ෂණය කරන නිර්මාණයකි. ඒ හා බැදුනු සංස්කෘතියෙහි බොහෝ ලක්ෂණ විද්‍යාත්මකය.භාණ්ඩ හුවමාරු ආර්ථිකයක් පැවති අතීත සමාජයෙහි වී බිස්සට සුවිශාල සමාජ වටිනාකමක් හිමිවිය.වී බිස්සක් නොතිබුණු ගොවි ගෙදර ආර්ථිකය අනාරක්ෂිත බව පිලිගත්තකි.ඵබදු නිවසකින් විවාහයක් කරගැනීම මදි පුංචිකමක් ලෙස සැලකීමට පවා ගැමි ජනයා පුරුදු වී සිටියේය.ඵහෙත් විසි ඓක්වෙනි සියවසට අවතීර්ණ වෙමින් සිටින අද දවසේ වී බිස්සේ උරුමයද එකී විද්‍යාත්මක සංස්කෘතියෙහි ලක්ෂණද මෙරට ගොවි සමාජයෙන් ඈත්වෙමින් තිබේ.ඊටද සමාජ සාධක ගණනාවක් බලපා ඇත.කාලයේ වැලිතලාවෙන් යටවී යන මෙම ඵෙතිහාසික විද්‍යාත්මක සංස්කෘතිය ගවේශණය කිරීම අතිශයින්ම වැදැගත්ය.එමගින් නෙලාගත හැකි වටිනාකම අනාගතයේදී තීරණය කෙරෙනු ඇත.එහෙත් එය ක්‍ෂණිකව පවත්නා වෙළදපොලේ රුපියල් සත වලට පෙරළිය නොහැක.වී බිස්ස වී බිස්ස හා බැදුණු ජන ජීවිතය සමිප්‍රදායික ගොවිතැනේදී වක් අත් ගැසීමේ පටන් අස්වනු කපා පාගා අටු කොටු ලන තෙක් අනුගමනය කරන සිරිත් විරිත්, විශ්වාස, ජන ඇදහිලි සම්ප්‍රදායින් රැසක් දක්නට ඇත.අනෙක් අතට මෙම චර්යා පද්ධතියෙන් බැහැරව කෘෂි කර්මාන්තයේ යෙදිය නොහැක.මන්දයත් ඒ තරමටම සම්ප්‍රදායික කෘෂි කර්මාන්තය හා ජන ජීවිතය එකිනෙකට බද්ධ වී තිබීමයි.එහි ප්‍රතිඵලයන් වූයේ කමත ගොවි ජන දිවියේ සිරිත් විරිත් පිළිබිඹු කරන කැඩපත බවට පත්වීමත් අස්වනු සංරක්ෂණයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වී බිස්සට හිමිවීමත්ය.වී බිස්ස වටාද අපූරු සිරිත් විරිත් පරම්පරාවක් ගොඩනැගී තිබේ.ඵය වී බිස්සක් බැදගැනිමේ සිට නැවත වී මුරයක් බිමට බෑම දක්වාම සිදුවන්නකි. ඵහෙත් මෙම සිරිත් විරිත් සියල්ල ගොඩනැගී ඇත්තේ ඵළිමහන් මැටි බිස්ස වටාය.ඵ් අනුව ගොවිජන ජීවිතයට වඩා සමීපව ඇත්තේ ඵළිමහන් මැටි බිස්ස බවට ඉතිහාසය සක්‍ෂි දරනවා ඇත. වී බිස්ස ආහාර සංරක්‍ෂිත භාවයේ සංකේතයයි.බිස්ස පිරී තිබේ නම් ජීවත් වීම ගැටළුවක් නොවේ.අද දවසේ ඉතිරිකිරීමේ බැංකුවට හිමි වී තිබෙන සමාජ තත්වය එදා භාණ්ඩ හුවමාරු ආර්ථිකයේදි,වී බිස්සට හිමි විය.වී බිස්ස අනාගත සුරක්‍ෂිතභාවයේ සංකේතයක් බැවින් ඒ වටා ගොඩ නැගුණු ජන සංස්කෘතියක්ද තිබේ.මෙම උප සංස්කෘතියෙහි සියලුම අංගෝපාංගයන් ගොඩනැගී ඇත්තේ බිස්ස සමඟ පවත්නා මානව ගණුදෙනු අනුවය.හා හා පුරා කියා බිස්සක් තනාගැනිම සදහා බිහිකූඩයක් බැදගත යුතුය.එය ආවාට ගියාට නැතිනම් කාය ශක්තිය තිබූ පමණින් ඉටුකර ගත නොහැක.ඒ සදහා සම්ප්‍රදායික වත් පිලිවෙත් රැසක් අනුගමනය කළ යුතුය. කුළුදුලේ බිහි කූඩයක් බැදීමට අදහස් කරන ගොවි ගෙදර ගෘහමූලික ගොවිරාළ පළමුවෙන්ම තම ගම්පලාතේ නැකත් රාළ මුණ ගැසී තම වේලා පත්කඩය ඔහුට පිලිගන්වා එය පරික්සා කර බලයි.එහිදී බිස්ස බැදීමට හොද දිනයක් සහ වේලාවක්ද,බිස්ස ඉඳුල් කිරීමට නැකත්ද පිලියල කර දෙයි.තවද කුළුදුලේ බිස්සක් ඉඳුල් කිරීම හෙවත් අලුතින් තනාගත් බිස්සකට හා හා පුරා කියා වී දැමීමද චාරිත්‍රයකට අනුව සිදුවිය යුත්තකි.මේ සදහා බොහෝ විට සිකුරාදා දිනයක් යොදා ගනු ලැබේ. මේ අනුව බලන කල වී බිස්ස හා ඒ වටා සම්ප්‍රදායික ගැමි ගොවියා අනුගමනය කළ බොහෝ චර්යාවන් සමාජ සම්මත සිරිත් බවට පෙරළී ඇති බව පෙනේ.ඒවායෙහි තිබෙන ගුණාගුණ දැන හෝ නොදැන පාරම්පරිකව අනුගමනය කිරීම සිරිත විය.පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන එන චර්යාවන් ඉදිරි පරපුරට තිළිණ කිරීමේ වගකීම පැවැතියේ වැඩිමල් ජන සමූහයට වූ අතර,එම වගකීම දිවි හිමියෙන් ආරක්‍ෂාකිරීමට තරම් අව්‍යාජත්වයක් සම්ප්‍රදායික එදා ගොවි සමාජය තුල විය. වී බිස්සෙහි විද්‍යාත්මක සංස්කෘතිය වී වගාවේ පසු අස්වනු සංරක්‍ෂණය විද්‍යාත්මකය.එය වසර දෙදහස් පන්සීයක් තරම් ආරම්භය මේසා දීර්ඝ කාලයකට උරුමකම් කීමය.එනමුදු වී බිස්සෙහි විද්‍යාත්මක සංස්කෘතිය කාලයේ වැලිතලාවෙන් යටපත් වි ඇත.වී බිස්ස වටා ගොඩ නැගුණු උප සංස්කෘතිය ඍජුවම ජන ජීවිතය හා බද්ධ වූවකි.එසේම සම්ප්‍රදායිකව අනුගමනය කල බිස්සක් තැනීමේ සිද්ධාන්තයන් සියල්ල විද්‍යාත්මකය. පොළව මත සිටුවන අටුපාදයේ සිට පිදුරු හත්තිය දක්වාම වී ඇටයෙහි ජීව ගුණය ආරක්‍ෂා කිරීමේ අරමුණින් යුක්තව බිස්ස තනා ඇත.වී බිස්සෙහි පාදම හෙවත් අටු කණු සදහා ගනු ලබන්නේ ගල් කණු හෝ ශක්තිමත් දැව අරටුය.එයද පොළොව මට්ටමේ සිට අඩියක් හෝ දෙකක් උසින් යුක්තය.මේ හේතුවෙන් පොළොව මතුපිට සිදුවන ජලය ගලායෑම්,උල්හෙල්ලම් හෝ මතුපිට පොළොව පසෙහි සිදුවන කිසිදු වෙනසක් බිස්සට බලපාන්නේ නැත. බිහි තට්ටුව ශක්තිමත් දැවයෙන් නිමවා ගෙන ඇත.බිහි කූඩය වියාගන්නේ වැල් සහ කෝටු මඩෙහිලා පදනම් කර ගැනීමෙනි.ඒ හේතුවෙන් බිහි කූඩයට කෘමි සතුන්ගෙන් හානි සිදුනොවේ.නොතෙමි තබා ගන්නේ නම් බිහි කූඩය වසර දෙසීයක් තරම් කාලයක් වුවද තබා ගත හැකි බව පැරුන්නන්ගේ මතයයි.බිස්සෙහි බඳ මැටියෙන් ඇත.බිහි කූඩය ඇතුළතින් සහ පිටතින් මැටි තට්ටු දෙකක් තුනීවට ගසා ගනු ලබන නිසා වී ඉපියන් බදු කුඩා කෘමි සතුන් ඇතිවිමට තිබෙන ඉඩකඩ අඩුය.අනෙක් අතට බිස්සට මැටි තෝරා ගන්නේ රතු හුඹගේ මැටිය.රතු හුඹගේ මැටි අංශු සියුම්ය.ඇලෙන සුලු ගුණයෙන් යුක්තය.වේලීම වේගවත්ය.පතුරු ගැලවීමක් ද නැත. මෙකී කාරණා සියල්ල ප්‍රයෝජනවත් වන්නේ බිස්සෙහි වී කල්තබා ගැනීම උදෙසාය.ඓහෙත් නූතනයේ වී කල් තබාගැනීම පිණිස භාවිතා කරනුයේ සිමෙන්ති ගොඩනැගිලිය.ඒවායේ බිත්තර වී කල්තබා ගැනීම දුෂ්කරය.මන්දයත් සිමෙන්ති පරිසරය වී ඇටයේ ජීව ශක්තිය මර්දනය කිරීමට සමත්වීමයි. බිස්සෙහි බඳ සම්පූර්ණයෙන්ම පාහේ මැටියෙන් නිමවා ඇති නිසා එහි ඇතුළත තිබෙන වී ඇටවලට වාතාශ්‍රය සැලසේ. ඊට හේතුව එහි ඇති සියුම් මැටි අංශුය.තවද බිස්ස කවාකාර පීප්ප හැඩයක් ගන්නා නිසා සියළුම ස්ථානවලට මැටි බිත්තිය මගින් ඒකාකාරීව වාතය සැපයීම සිදුකරයි. මේ හේතුවෙන් බිස්සෙහි කටට උඩින් ජල අංශු ඇතුළු නොවේ. මේ නිසා බිස්සෙහි ගබඩාගත වී අස්වැන්නෙහි පුස්බැඳීමක් සිදු නොවේ. එයද විද්‍යාත්මකවය. මෙහිදී සඳහන් කල යුතු තවත් දෙයක් වන්නේ කෘමි හානි වැළකීම සඳහා ගැමියා වී බිස්සට දමන කොහොඹ කොළ, කදුරු ගෙඩියා කොළ, නික කොළ, දෙහි කොළ බදු ශාකමය කොටස්ය. මෙමගින් ධාන්‍ය කෘමි හානිවලින් වැළකෙන බව ගැමියාගේ මතයයි. එමෙන්ම බිස්සට කිලි නොවැදීම සඳහා කොහොඹ කොළ තට්ටුවක් බිස්සෙහි මුදුනෙම්ම අතුරණු ලබයි. මේ සියළු සාධකවලින් අනාවරණය වන්නේ වී බිස්ස විද්‍යාත්මක පදනමක් මත ගොවි සමාජයේ ස්ථාපිත වී ඇති බවයි.වී බිස්ස නිර්මාණයේදී භාවිතයට ගත් තාක්‍ෂණයේ උසස් බව හා විදුහුරු බව මැනවින් පිළිබිඹු වේ. ඒ අනුව පෙනී යන්නේ සිංහල ගොවියාගේ කෘෂික ජීවිතයෙහි විචිත්‍රත්වය විසින් වී බිස්සට සියුම් කලාත්මක පරිසමාප්තියක් උරුමකොට තිබෙන බවයි. අනෙකුත් බිහි බැඳීම එළිමහන් පිදුරු බිස්ස අනුරාධපුර හා වව්නියා දිස්ත්‍රික්කවලට පමණක් ආවේණික වූ අපූරු මෙවලමකි, එළිමහන් පිදුරු බිස්ස. මෙහි සැකැස්ම එළිමහන් මැටි බිස්ස මෙන් නොව ඊට හාත්පසින්ම වෙනස්ය. පොළොව මට්ටමේ සිට අඩි හයක් හෝ ඊට මදක් ඉහළින් තනාගත් දැව වේදිකාවක් මත පිදුරු බිස්ස ඉදිකරනු ලබයි. එසේම පිදුරු බිස්සෙහි බිත්තිය සහ වහලය සම්පූර්ණයෙන්ම පිදුරුවලින් පමණක් තනාගෙන තිබේ. එළිමහන් මැටි බිස්සට මෙන් නොව එළිමහන් පිදුරු බිස්සට නිශ්චිත ස්ථානයක් නැත. ගොවි ගෙදරක ඉඩකඩ තිබෙන ඕනෑම ස්ථානයක් මේ සඳහා තෝරාගෙන ඇත. එය ගෙයි දොරකඩ හෝ නිවසේ පිටුපසට වන්නටද පුළුවන. වෙනසකට ඇත්තේ ඉඩකඩ තිබෙන ස්ථානයක් වීම පමණය. ඇතුළත පිදුරු බිස්ස ඉඩකඩ තිබෙන හෝ නිවෙස්වල ගෙයි ඇතුළත පිදුරු බිස්සක් දක්නට ලැබේ. එය 'ඇතුළත පිදුරු බිස්ස' නම් වේ. මෙම බිස්ස සම්පූර්ණයෙන්ම පිදුරුවලින් තනාගත්තකි. එළිමහන් පිදුරු බිස්සට මෙන් උමං ලී හෝ ආධාරක වැල් අවශ්‍ය නොවේ. අවශ්‍යවන්නේ පිදුරු හා මානව ශ්‍රමය පමණි. නිවසේ ඉඩකඩ තියෙන ස්ථානයක් මේ වෙනුවෙන් තෝරා ගනු ලබයි. බොහෝ විට මෙය ගබඩා කාමරයක් වේ. දැව බිස්ස ආදී වාසින් තමා වියලා ගත් දඩ මස් මී පැණිවල බහා තැබීමට දැව බෙන ප්‍රයෝජනයට ගත්හ. කෙමෙන් කෘෂිකාර්මික ජීවිතයට අවතීර්ණවීමෙන් පසුද දැව බෙන කෘෂිකාර්මික ප්‍රයෝජන පිණිස භාවිතා කරන්නට වූහ. දැව බෙන භාවිතයේ අවශ්‍යතාවය වූයේ බිත්තර වී සඳහා බවබෝග ආරක්ෂා කර ගැනීමය. ස්වාභාවික බෙන සහිත ගස් ඇතුළතින් විශාලකර දැව බිස්ස තනාගෙන ඇත. අද දවස වන විට දැව බිහි බහුල වශයෙන් භාවිතා නොවේ. විශාල ගස් හිඟ විම ධාන්‍ය ගබඩාකරණයේ වෙනත් සරල​ ක්‍රම සංවර්ධනය විම ඊට හේතුවයි. බිත්තර වී බිස්ස සම්ප්‍රදායික ගොවි ගෙදර වී බිසි කීපයක්ම තිබේ.ඒ විවිධ අවශ්‍යතාවයන්ට අනුවය.ඒ අනුව බිත්තර වී දමාගැනීම උදෙසා වෙනම බිස්සක් බැඳගත්හ.එය බිත්තර වී බිස්සය. බිත්තර බිස්ස ප්‍රමාණයෙන් කුඩා එකකි.මන්ද බිත්තර වී සඳහා අවශ්‍යවන්නේ කුඩා වී ප්‍රමාණයකි.එම ප්‍රමාණයට සරිලන ලෙසින් බිත්තර වී බිස්ස ඉදිකර තිබේ.අනෙක් අතට බිත්තර වී බිස්ස නිතර නිතර පරික්‍ෂා කළ යුතුය.ඒ බිත්තර වී වලට අනතුරක් සිදු වි ඇත්දැයි දැන ගැනීමටය.සාමාන්‍යයෙන් බිත්තර වී බිස්සක් අඩි පහක් හෝ හයක් පමණ උසැතිය.එහි වරු හත්තිය ඕනෑම විටක ඔසවා බැලීමට පුළුවනි. ගෝනි බිස්ස යටත් විජිත අවදියේ පටන් හන ගෝනි භාවිතයට ගැමි ජනයා පුරුදු වී තිබුණහ.මෙසේ හන ගෝනි භාවිතා වීමට පෙරාතුව පං මළු, කරත්ත මළු, ගල්ලැහැ මළු, පැස් පෙට්ටි බදු මෙවලම් මගින් ධාන්‍ය රැස් කරගන්නා ලදි.එහෙත් කාලයත් සමඟම ගෝනි මෙරට ගැමි ජන ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්විය.මෙ නිසා අද බොහෝ ගොවි ගෙවල ගෝනි වලට වී දැමීමෙන් කල්තබා ගනු ලැබේ.ඓහෙත් ගෝනි වල වී අසුරන විට විශාල ගෝනි සංඛ්‍යාවක් අවශ්‍ය වේ.ගෝනි කිහිපයක් එකට අල්ලා ගෝනි බිස්සක් සකස් කර ගත් විට එයට වී බුසල් විසිපහක් පහසුවෙන් දමාගත හැක. වී බිස්ස සපුරාම ගොවි සංස්කෘතියෙහි උරුමයකි.මේ අනුව බලන කළ වී බිස්ස බඳු අතීත ගොවි උරුමයකින් අනාගත ලෝකයට නෙළාගත හැකි සම්පත් අතිමහත් බව වැටහේ.එහෙත් ඉතිහාසයේ අවාසනාවන්ත යුගයක අපි ජීවත්වෙමු.එනම් අතීත සංස්කෘතික උරුමයන් පිළිබඳව කරුණු කාරණා දැන සිටි අපගේ වැඩිහිටි පරපුර අප අතරින් ඉවත් වෙමින් සිටීමය.තවද අද දවසේ උපදින පරපුර විද්‍යා හා තාක්ෂණ ලෝකයේ හිමිකරුවන්ය.එබදු සමාජ පරිසරයක එවන් සංස්කෘතික උරුමයක් පිළිබඳව දන්නා කරුණු සියල්ල හැකි පමණ ලේඛනගත කිරීම කාලෝචිතය. මූලාශ්‍ර ලේඛන වී බිස්ස, වී වගාවේ පසු අස්වනු සංරක්ෂණය පිළිබඳ ජනශ්‍රැති පර්යේෂණය, මහින්ද කුමාර දළුපොත. වැඩිදුර කියැවීම් වී වගාව සිරිලක වී වගාවේ ඉතිහාසය බත් වී ගොවිතැන
8,037
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%86%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%20%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA
ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය
හැදින්වීම ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය කිරීමේ ප්‍රධාන ක්‍රමවේදයන් වශයෙන් අධිකරණමය ක්‍රමවේදය සහ අධිකරණමය නොවන (ව්කල්ප ආරවුල් නිරාකරණය කිරීමේ යාන්ත්‍රනය)ක්‍රමවේදය යනුවෙන් හදුනා ගැනීමේ හැකියාව ඇත. අධිකරණම ක්‍රමවේදය යටතේ ශ්‍රී ලංකාවේ මහාධිකරණය, දිසා අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය සහ ප්‍රාථමි අධිකරණ පළමු අවස්ථා අධිකරණ වන අතර විනිසුරුවරයෙකු විසින් තීන්දුවක් ලබා දෙනු ලැබේ.යම් පාර්ශවයක් තීන්දුව සම්බන්ධයෙන් අතෘප්තිමත් නම් ඔහුට ඉහළ අධිකරණයට එනම් මහාධිකරණය,අභියාචනාධිකරණයට,හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට නැවත නඩුව විමසන ලෙසට ඉල්ලුම් කළ හැකිය.බලන්න: අධිකරණය විසින් නඩු විසදීමේදී ප්‍රධාන වශයෙන් විමර්ශනවාදී පටිපාටිය සහ එදිරිවාදී පටිපාටිය අනුගමනය කරනු දැක ගත හැකිය.විමර්ශනවාදී(inquisiitorial) පද්ධතිය සිවිල් නීති සම්ප්‍රධායට එදිරිවාදී පද්ධතිය (acquisitorial)පොදු නීති සම්ප්‍රධායටද දළ වශයෙන් යා කළ හැකිය.මෙම විභේදනය ද එකක් වන අතර සමහර අවස්ථාවන්හිදී විමර්ශනවාදී ලක්‍ෂණ පොදු නීතියේද දැකගත හැකිය.ශ්‍රී ලංකාවේ අධිකරණ තේරාවලියේදී විනිසුරුවරයා විසින්එදිරිවාදී පටිපාටිය අනුගමනය කරනු දැකිය හැක. ප්‍රාථමික අධිකරණ නඩුවක් විසදන පළමු අධිකරණයයි.දැනට ශ්‍රී ලංකාවේ එවැනි ප්‍රාථමික අධිකරණ දෙකක් ක්‍රියාත්මක වේ. අනෙක් ප්‍රදේශවල මහේස්ත්‍රාත් ප්‍රාථමික අධිකරණ වල බලතල දරයි.ප්‍රාථමික අධිකරණයක කාර්යපටිපාටිය 1979අංක 44දරණ ප්‍රාථමික අධිකරණ සංවිධාන පනත මගින් පාලනය වේ.right|200px ප්‍රාථමික අධිකරණයකට, ණය අලාබ ඉල්ලීම හෝ හිමිකම් පෑම සම්බන්ධ ආරවුල් රු1500නොඉක්මවන විටදී **ප්‍රාදේශීය ආයතන වලදී ආදායම් අයකර ගැනීමේ බලතල අපරාධ කරුණු ඉඩම් වල භුක්තිය සම්බන්ධ ආරවුල්.(66නඩු ) ව්‍යවස්ථාවලින් දක්වා ඇති ඕනෑම වරදවල් විමසිය හැක. මහේස්ත්‍රාත් අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණ 82 පමණ දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ.සැම මහේස්ත්‍රාත් අධිකරණයකටම අපරාධ නඩු විමසීමට බලතල ඇති අතර රු100,000 දක්වා ප්‍රමාණයකට පීඩාවට පත් පාර්ශවයට වක්දිනියම කිරීමේ බලය ඇත.යම් පාර්ශවකරුවකු මහේස්ත්‍රාත් අධිකරණ‍යේ වරදකරු කිරීම දඩුවම් හෝ නියෝග වලට අතෘප්තිමත් නම් ඊට එරෙහිව අභියාචනයක් අදාල පළාතේ මහාධිකරණයේ ගොනු කළ හැකිය. දිසා අධිකරණය සෑම දිස්ත්‍රික්කයකම අනුබද්ධිතව දිසා අධිකරණ පිහිටුවා ඇති අතරදැනට ශ්‍රී ලංකාව පුරාම දිසා අධිකරණ 57ක් පමණ ක්‍රියාත්මක වේ.නීතියෙන් අධිකරණයට යොමුකරන නඩුවලට අමතරව සියලු සිවිල්ආදායම් ,භාර,බං‍කොලොත්භාවය ,තෙස්තමේන්තු ප්‍රශ්න සදහා අධිකරණ බලය හා ‍වාර්තාගත කිරීමේ බලය දිසා අධිකරණය සතුය.රු මිලියන තුනකට අඩු වටිනාකමක් ඇති වානිජ ආරවුල් විසදිය හැකි අතර අභියාචනා සම්බන්ධව අභියාචනාධිකරණයට යොමු විය හැක. මහාධිකරණය ශ්‍රී ලංකා‍වේ සෑම කලාපයකම මහාධිකරණ පිහිටුවා ඇත. බරපතල අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරණ මුල් අවස්ථා අධිකරණය මෙයයි. මහාධිකරණයේ අපරාධ නඩු ආරම්භ කරනුයේ නීතිපති වරයා විසින් වන අතර පැමිණිල්ල රජයේ නිතීඥවරු විසින් මෙහෙය වනු ලැ‍බේ. පළාත්බද මහාධිකරණය පලාතතුල ක්‍රියාත්මක වන මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, ප්‍රාථමික උසාවි, විනිශ්චය සභා, වල තීන්දු වලට එරෙහි අභියාචනා පළාත්බද මහාධිකරණය විමසනු ලැබේ.මුල් අවස්ථා අධිකරණයක්, විනිශ්චය සභාවක් හෝ ආයතනයක් ලබාගෙන ඇති ඕනෑම නියෝගයක් හෝ තීන්දුවක් තහවුරු කිරීම‍ට ,නිශ්ප්‍රභා කිරීමට, නිවැරදි කිරීමට හෝ සංශෝධනය කිරීමටත් නව නඩු විභාගයක‍ට යොමු කිරීමටත් පළාත්බද මහාධිකරණයට බලතල ඇත. අභියාචනාධිකරණය මහාධිකරණය,මුල් අවස්ථා අධිකරණ,මහේස්ත්‍රාත් අධිකරණ,දිසා අධිකරණ,විනිශ්චය සභා විසින් නීතිය පිළිබඳව සිදුකළ වැරදීම් නිවැරදි කිරීමේ බලය.අභියාචනාධිකරණයට ඉන්ජන්ක්‍ෂන් හා රිට් ප්‍රදානය කිරීමේ බලතල ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය දේශීය නීතිය තුල ඉහළම සහ අවසන් අධිකරණය වේ. ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට යටත්ව ව්‍යවස්ථාවේ දක්වා ඇති බලතල &සම්බන්ධ කරුණු, මුලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම, අභියාචනා විමසී‍මේ අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතුය. විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ යාන්ත්‍රණය සමථකරණය යටතේ දෙපාර්ශවය විසින් අපක්‍ෂපාතීව ප්‍රශ්නගත පාර්ශවයන් සදහා අන්‍යෝන්‍යව පිළිගත හැකි එකගත්වයන් වර්ධනය කර ගැනීමටත්, සාකච්ඡා කිරීමටත් සමථකරුවකු පත් කර ගනී.බලාත්මක තීරණ ලබා දීමේ කියාවෙන් තොරය. සමථකරණ ක්‍රියාවලිය......, මුලාශ්‍ර කුඩාව්‍යාපාර සහ ආර්ථික ජීවන වෘත්තීන් සංවර්ධනයේ නෛතික පාර්ශවයන්.(ජාත්‍යන්තර සංවර්ධන නීති සංවිධානය) ජාත්‍යන්තර තුලනාත්මක හා මානව හිමිකම් පිළිබඳ නීතිය.-නො‍යෙල් ඩයස් පියතුමා. මේ අඩවිත් බලන්න ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ජාත්‍යන්තර අපරාධ අධිකරණය නීතිය
8,038
https://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%92%20%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
ගිවිසුමි නීතිය
අර්පණය හා ප්‍රතිග්‍රහණය ගිවිසුමි හැඳින්වීම: ගිවිසුමක් යනු නීතිය පිළිගන්නා හෝ නීති මඟින් ක්‍රියාත්මක කල හැකි බැඳීමි උද්ගත කිරීමට සමත් එකඟත්වයකී.තවද, පාර්ශවකරැවන් අතර ඇතිවන නීත්‍යානුකූලව ක්‍රියාත්මක කල හැකි අන්‍යෝන්‍ය එකඟත්වයකි.ගිවිසුමකට එළබෙන දෙපාර්ශවයක් අතර ඒ සඳහා වන බලවත් චේතනාවක් විය යුතුය. මෙම චේතනාව එක් පාර්ශවකරැවකු ගේ යෝඡනාවත් ,අනෙක් පාර්ශවකරැගේ පිළිගැනීමත් නියෝඡනය කරයි.මෙම යෝඡනාව හා පිළි ගැනීම ගිවිසුමි නීතිය තුල අර්පණය හා ප්‍රතිග්‍රහණය ලෙසින් හඳුනා ගනියි. අර්පණය යමි කිසි යෝඡනාවක් ලබන්නා හෙවත් අර්පණලාභියා විසින් එසේ කරනු ලබන යෝඡනාවක් පිළිගතහොත් ,තමා විසින් සිදු කරන නියමයන්ගෙන් බැදී සිටින බවට අර්පණකරැ විසින් අර්පණලාභියා වෙත දෙන පොරොන්දුවක් අර්පණයක් නමි වේ. අර්පණයක් සළකා බැලීමට සිදුකරන ආරාධනා නීතිය පිළිගන්නා අර්පණයක් ඇති නොකරයි.මේ අනුව අර්පණයකට කරන ආරාධනාවක නීතිමය ප්‍රතිථිල වන්නේ එය සලකා බලා එය ලැබු තැනැත්තා විසින් අර්පණයක් සිදු කිරීමයි. එවැනි ආරාධනා; වෙළඳ දැන්වීමි හා වෙන්දේසිකරැ විසින් කරන ආරාධනා ; ටෙන්ඩර් දැන්වීමක් ; පුවත් පත් වෙළඳ දැන්වීමි , මිල දර්ශන හා චක්‍රලේඛන . වෙළඳාම සඳහා භාණ්ඩ ප්‍රඳර්ශනය කිරීම , කාල සටහන් හා මගී ප්‍රවේශ පත්‍ර . අර්පණයක් බලාත්මක වීම ; බලාත්මක වීම ආරමිභ වන්නේ අර්පණලාභියා වෙත එය දැනගන්නට ලැබුණු පසුවයි .තමාගේ යෝඡනාව ඉදිපත් කිරීමට බලාපොරොත්තු වෙන පුද්ගලයා /පුද්ගලයන්ට තම අර්පණය පිළිබඳව අර්පණකරැ දැනුමි දීම අත්‍යවශ්‍ය වේ. අර්පණයක් අවසානයට පත්වීම: ප්‍රතිග්‍රහණයට පෙර අර්පණකරැ අර්පණය ඉල්ලා අස්කර ගැනීම . අර්පණය ප්‍රතික්ශේප කිරීම. කාලය ඉකුත් වීම. මරණය හෝ අශක්නුතාවය. තත්ත්වය ,ස්වභාවය හෝ අවස්ථාව වෙනස් වීම. අර්පණය ප්‍රතිග්‍රහණය කිරීම. ප්‍රතිග්‍රහණය අර්පණකරැ විසින් ඉදිරිපත් කරන යෝඡනාවක් අර්පණලාභියා විසින් එලෙසින්ම භාරගැනීම ප්‍රතිග්‍රහණය වේ .මෙය එලෙසින්ම පිලිගැනීම නීතියේ Mirror image rule ලෙස හදුන්වයි. මේ අනුව අර්පණලාභියාගේ කොන්දේසි ගිවිසුමේ නොතිබිය යුතුය. ප්‍රතිග්‍රහණය කල හැකි විවිධ ක්‍රම වාචිකව,ලිඛිතව,හෝ හැසිරීමෙන් අර්පණයක් ප්‍රතිග්‍රහණය කල හැකි බව නීතිය පිළිගනියි. වාචික හෝ ලිඛිත ප්‍රතිග්‍රහණයක් නීතිමය ගැටළු මතු නොකලද, හැසිරීමෙන් ප්‍රතිග්‍රහණය කිරීම පිළිබඳව නීතිය විශේෂයෙන් සළකා බලයි.හැසිරීමෙන් ප්‍රතිග්‍රහණය කරන විට අර්පණලාභියාගේ හැසිරීම හෝ ක්‍රියාව මඟින් අදාල අර්පණයේ වු නියමයන් එලෙසින්ම පිළිගන්නා බවට තුන්වැනි පාර්ශවයකට හැඟවීමට සමත් වු හැසිරීමක් විය යුතුය. නිහඬව සිටීමෙන් අර්පණයක් ප්‍රතිග්‍රහණය කල නොහැකි බව නීතිය පිළිගනියි.. ප්‍රතිග්‍රහණය කළ යුතු ආකාරය අර්පණයේ නියමයක් ලෙස සඳහන් කර තිබෙන අවස්ථාවලදී ,අර්පණලාභියා එම අර්පණය ප්‍රකාශිත අයුරින්ම ප්‍රතිග්‍රහණය කිරීමට බැඳී සිටියි. ප්‍රතිග්‍රහණය දැනුමි දීම අර්පණය ප්‍රතිග්‍රහණය කල බව අර්පණලාභියා විසින් අර්පණකරැ වෙත දැනුමි දීම අනිවාර්ය වේ.ප්‍රතිග්‍රහණයක් දැනුමි දීමේදී පාර්ශවකරැවන් එකිනෙකා ඉදිරියේ පෙනී සිටිමින් ඇති කරගන්නා ගිවිසුමි වලදී අර්පණකරැ වාචිකවම එය ඉදිරිපත් කරන අතර ලබන්නා එය වාචිකවම ප්‍රතිග්‍රහණය කරයි. මෙය ප්‍රතිග්‍රහණය පිළිබඳ සාමාන්‍ය රීතිය වුවද මෙයට ව්‍යාතිරේඛී ලෙස තැපැල් රීතිය භාවිත වේ .එනම් තැපැල් රීතියේදී අර්පණලාභියා විසින් ප්‍රතිග්‍රහණයේ ලිපිය තැපෑලට දැමූ විගස ප්‍රතිග්‍රහණය සම්පූර්ණ වන අතර ලිපියක් තැපැල් කල බව අර්පණකරැට දැනුමි දීම අවශ්‍ය නොවේ . තවද තැපැල් රීතිය හැම විටම යොදා ගන්නේ නැත : තැපෑලට දැමූ පමණින් ප්‍රතිග්‍රහණය සමිපූර්ණ වීම පිළි නොගන්නා අවස්ථාවක් ලෙස ලිපියක් කිසිම දිනක අර්පණකරැ වෙත ලඟා නොවුයේ නමි ප්‍රතිග්‍රහණය පිළිබඳව දැනගැනීමට ඇති නොහැකියාව නිසා එය වලංගු ලෙස ප්‍රතිග්‍රහණය කිරීමක් නොවේ. ප්‍රතිග්‍රහණය දැනුමි දීම සඳහා ක්ෂණික පණිවිඩ හුවමාරැ ක්‍රම යොදා ගන්නා අවස්ථාවන්හිදී තැපැල් රීතිය අඳාල නොවේ. පින්තූර ගැලරිය මේ අඩවිත් බලන්න |Contract law |ontract Law 02
8,039
https://si.wikipedia.org/wiki/%E0%B7%84%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A%E0%B6%9B%E0%B7%8F%20%E0%B7%81%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA
හස්තරේඛා ශාස්ත්‍රය
අතබලා සාස්තර කීම අද අත්භූත මන්දිරයකි.එය සජ්ජිතව ඇත්තේ සියලු රටවල පැරණි ශිෂ්ටාචාරයන්ගෙන් ණයට ඉල්ලාගත් ගල්වලිනි. ඔබගේ අත්ල ඔබගේ පෞද්ගලිකත්වයයි. තමාගේ චරිත ලක්‍ෂණ හා ශක්‍යතාවන් විදහා දැක්වෙන සම්පූර්ණ ප්‍රමානයේ සිතියමක් තමා එල්ලාගෙන ඇවිදින බව සිතන්නේ ටික දෙනෙකි.‍සිත්ගන්නා සුළු ඉගෙනීමක් වනවාත් හැර, වෘත්තීය මග පෙන්වීමක්, සෞඛ්‍ය ගැටලු පිළිබදව දැණුවත්වීමත, මනෝවිද්‍යාත්මක රෝග විනිශ්චයෙහි පහසුවෙත් යනාදි වැදගත් කටයුතු කෙරෙහි උපකාරවත් වනවා ඇත.ගුප්ත විද්‍යාවේ ජනිත භූමිය වු ඉන්දියාව, සෙසු රටවලට වඩා අඳාල විෂයන් අඳාලලියැවුනු පොත් පත් ඉමහත් සංඛ්‍යාවක් ඇතිරටකි. අතීතයට එබිකම් කර බලන විට, බෞද්ධ සාහිත්‍යයේ එන පුර්වෘත්වල සඳහන් පරිදි වැල්ලේ පා ගමනින් ගියකෙනෙකුගේ පා සටහන් නිරීක්‍ෂණය කර බලා, නොදුටු පුද්ගලයකු පිළිබදව තොරතුරු හෙලි කිරීමට තරම් සමත් ශාස්ත්‍රවන්කයින් පුරාන ඉන්දියාවේ විසූ බව පෙනේ.නවීන විද්‍යාවේ දියුනුවත් සමග මිත්‍යා ඇදහීම්, මිත්‍යා විශ්වාස (Superstiyion) ලෙසින් බැහැර කළ, ගුප්තවිද්‍යාත්මක විශ්වාස බෙහෙවිනි. එහෙත්, ්‍යෙතිෂය හා එකමඅත්වැල වැදගත් හස්තරේඛා ශාස්ත්‍රය, නොනැසී තවදුරටත් ඉදිරියට යනබව පෙනී යයි. මූලික චරිත වර්ග බොහෝ විට සංවෘත්තව අත් තබාගෙන සිටින තැනැත්තකුගේ චරිතයේ අඳුරු පැත්තක් ඇත. ඔහු සමහර විට මුසා බස් දොඩන කපටිකම් ඇති රැවටිලිකාරයෙකි. ස්වල්ප වශනයන් ඇගිලි සංවෘත්තව තබාගෙන ඇති, පහලට එල්ලා වැටෙන අත් සහිත අය. ස්වල්ප වශයෙන් සංවෘත ඇගිලි සහිත ව ස්වභාවික පහලට එල්ලා වැටෙන අත් සහිත අය. සම්පූර්ණයෙන්ම වාගේ ඇගිලි විවෘත කරගෙන සිටින,දෙපසින් අත වනමින් සිටින, තැනැත්තකු ඉක්මනින් පැහැදෙන, විලම්බීත පුද්ගලයෙකි. දෙපස අත් ඇතිව, තදින් මිට මොලවාගෙන සිටින්නා තක්කඩියෙකි. කෙනෙනුගේ අත් දඟලයිද, චංචල වේ ද, ඉහල පහල ගෙනයයා ද, විටෙක සාක්කුවේ දමාගෙන,නැවතත් ඉවතට ඇදගනී ද, හේ ශක්තිමත් චරිතයකි. නමුත් ඔහුට ප්‍රවේසමින් උපදෙස් දිය යුත්තේ, ඔහුගේ චිත්තාවිග පාලනය කලයුතු බැවිනි. යමක් ස්පර්ශ කිරීමෙන් වැලකී සිටීමට මෙන් අත් එහා මෙහා සසල කරයි ද, හේ සැකයෙන් සිටින, පමණ ඉක්මවා රකින, පරීක්‍ෂාකාරී කෙනෙකි. යමෙක්,කිසියම් දෙයක් අතගාමින් සිටීද, හේ කිසියම් දෙයක් ගැන කලබල වී ඇත. යමක් ඉදිරි පසින් දෙඅත් බදාගෙන සිටීද ඔහු ශාන්ත නිශ්චල ප්‍රකෘති, ස්වභාවය ඉන් පෙන්වා දෙයි. අත් දෝවනය කරන්නාක් මෙන් යමෙක් අත්දෙක අතුල්ලා ගනීද ඉන් ඔහුගේ කපටි වංක, ගතිගුණ, පෙන්වා ලයි. යමෙක් දෙපයින් අත් නොන්ඩිකර ගනු ලබයිද ඉන් ඔහුගේ රළු, ගොරෝසු ගති ලක්‍ෂණ සහ ඔහුට සියුම් හැගීම් නැති බව ඉන් ප්‍රකාශ වෙයි. යමෙකු පසු පසින් අත් බැදගෙන සිටීද, හේ පමණ ඉක්මවා පරීක්‍ෂාකාරී වන අතිශ්චිත කෙනෙකි. අත් වර්ග මූලික හස්තය -    උද්‍යෝගය හා කල්පනා ශක්තිය නැතිකම, අත්‍යාවශ්‍ය උවමනා දේවල් හැරුන විට, සෑම දෙයක් කෙරෙහි ම උදාසීන භාවය, කුපිත වූ කල සාහසික වීම හා බියසුලු   වීම. චතුරස්‍ර හස්තය - දූරදර්ශීභාවය, සත්‍යවාදී බව, උත්සාහය, පුරාණ චාරිත්‍ර ගරු කරන බව, ක්‍රමවත් බව අගයන, කල්පනා ශක්තියෙන් හීන බව. පළල් හස්තය - ප්‍රතිභාශක්තියෙන් හෙබි, නිපදවීම් සහ සෙයා ගැනීම් පිළිබදව ඇල්මක් දක්වන චංචල කලබල ස්වභාවයෙන් යුත්, ධෛර්‍යවන්ත, උද්යෝගිමත්, අධිශ්ඨානශීලී, දක්‍ෂකම් පෙන්වන අය වෙති. දාර්ශනික හස්කය - ගිණුම් කටයුතු කෙරෙහි නිපුනතාව, අධ්‍යාත්ම විද්‍යාව, ත්‍යාගශීලිබව, ගුප්ත, කලබල සහිත අව වෙති. වක්‍රාකාර හස්තය - කලාව පිළිබද දක්‍ෂතා ඇති, ඉක්මනින් කිපෙන, ඉන්‍ද්‍රියන් පිනවීමට කැමති, අලංකාරයට කැමති, නිවේදන කටයුතු පිළිබද මනා දක්‍ෂතා ඇති අය වෙති. අධ්‍යාත්මික හස්තය - අනාරක්‍ෂිත හැගිම් ඇති, තර්ක නැති, විනයක් නැති, වෙලාවට වැඩ කිරීමට හැගීමක් නැති අය වෙති. ඇගිලි ඇගිලි හි ආශ්‍රිත ග්‍රහයෝ සුලැගිල්ල - බුද වෙදැගිල්ල -රවී මැදගිල්ල - සෙනසුරු දබරැගිල්ල - බ්‍රහස්පති මහපටගිල්ල -සිකුරු ඒ ඒ ඇගිලිවලට අයත් ග්‍රහයෝ බ්‍රහස්පති තලාව සෙනසුරු තලාව ඇපලෝ තලාව බුධ තලාව පහල ගුජ කුජ තලාව ඉහල කුජ සිකුරු තලාව සඳු තලාව ග්‍රහයෝ හත් දෙකකි බ්‍රහස්පති තලාව සෙනසුරු තලාව ඇපලෝ තලාව බුධ තලාව සඳු තලාව සිකුරු තලාව කුජ තලාව ඇගිලිවල හැඩය උල්වූ හැඩය ශංක්වාකාර හැඩය චතුරස්‍රාකාර පළල් පිහිය වැනි සෘජු - කෙලින් පිහිටි ගැට මහිත ඇගිලිවල හැඩය සහ දිග දිගටි ඇගිලි මහත ඇගිලි සිහින් ඇගිලි නැමෙන සුළු ඇගිලි ගැට සහිත ඇගිලි සිනිදු ඇගිලි ඇගිලි පුරුක් දිගු ඇගිලි පුරුක් කොට ඇගිලි පුරුක් ඝණ ඇගිලි පුරුක් සිහින් ඇගිලි පුරුක් නියපොතු දීර්ඝ වු නියපොතු කෙටි නියපොතු පළල් නියපොතු සිහින් නියපොතු චතුරස්‍රාකාර නියපොතු පටු නියපොතු කවාකාර නියපොතු රේඛා ජිවන රේඛාව - මෙම රේඛාව දීර්ගායුෂ, ශක්තිය හා ජීවිතය පිළිබද ගුණාත්මක ලක්‍ෂණ හෙලිකරයි. අලස බව හා සිතෙහි කලබල ස්වභාවය පෙන්වයි. හෘද රේඛාව - හෘද රේඛාව, කෙනෙකුගේ චිත්තාවේග, සම්භන්ධතාවයන් හා උදාර බව ත්‍යාගශීලි බව පාලනය කෙරේ ශීර්ෂ රේඛාව - මෙම රේඛාව ස්මරණ ශක්තිය, බුද්ධිය, අවබෝධ ශක්තිය හා චිත්ත ඒකාග්‍රතාවය පිළිබද ශන්තීන් පාලනය කෙරේ දෛව රේඛාව - මෙම රේඛාවේ අත්ල පතුලෙන් පැන නැග සෙනසුරු තලාවට දිව යයි. ඒ ලෙසින් අත්ල දෙකට බෙදෙයි ඇපලෝ රේඛාව - මෙම රේඛාවෙන් පෙන්වන්නේ කෙනෙකුගේ දීප්තිය, කීර්තිය, පිළිගැන්ම හා සුඛෝපබෝගී ජීවිකයක ලක්‍ෂණයි. බුධ රේඛාව - ශරීරයේ සහ සිතෙහි සමබරතාවය මෙයින් අනාවරණය කරයි. විවාහ රේඛාව - මෙම රේඛාව , අත්ල අයිනෙන්,බුද තලාව දෙසට පැනනගී හෘද රේඛාත් බුධ ඇගිල්ලත් අතර පිහිටයි. ප්‍රබල රේඛාවෝ - මෙම රේඛාවෝ,සිකුරු තලාවේ සිටද ඉහල සහ පහල කුජ තලාවන්හි සිටද ලම්භාකාරව හරහට හෝ සමව ගමන් කරයි. කුජ රේඛාවෝ - මේවා සිකුැු තලාවේ පිහිටි සමකේන්‍ද්‍රීය රේඛවෝයි. රැසට් රේඛා - සෞඛ්‍ය තත්ත්වය, ධනය, බලය හෙලි කරයි. කාම රේඛාව - කෙනෙකුගේ ලෞකික ජීවිතය, කාමාසාව ගැන ලක්‍ෂණ හෙලිකරයි. ප්‍රතිභාණ රේඛාව - මතුවට වන සිද්ධීන් පෙරාතුව පැවසීමට ඇති හැකියාව, විග්‍රහ කෙරෙන රේඛාවයි. මුදු රේඛා ඇපලෝ මුදු රේඛා- එවැනි රේඛා ලක්‍ෂණ පිහිටි හස්තය හිමි තැනැත්තා, ආචාර ධර්ම වටිනාකම්,සෞන්දර්‍යයට ආදරය කරීම, සුඛෝපභෝගී යනදි ගුනාන්ග තුලින් ජය කණුව කරා පැමිණ තමාගේ අදහස් ඉටුකර ගනී. සොලමන් මුදුව- දැණුම, විචක්‍ෂණ බුද්ධිය නියෝජනය කරයි. සෙනසුරු මුදුව - හුදෙකලා වාසය සහ හැමදෙහි අශුභ දකින බව. සංකේත ලක්‍ෂණ තරු ලකුණ ධනවත්, බලවත් පුද්ගලයන් සමග සම්භන්ධතා, අතිශය දීප්තිමත් විවාහ, අංශභාගය, ඝාතනයට ලක් වීමකින් මිදීම, වංකභාවය, අවාසනාව, ආදරය කරණුලබන කෙනෙකුගේ අභාවය, විරුද්ද ලිංගිකයකු පිළිබද හේතු නිසා අවාසනාව ගෙනදීම. ලපය ලකුණ කීර්තිය විනාශ වීම, සමාජ තත්ත්වයට හානියක්, ව්‍යාපාර අසාර්ථක වීම, සටනකදී තුවාල සීදුවීම, නහරගත ආබාධ,බඩ ආශ්‍රිත ආබාධ,නින්දා,අපවාද, කෝපය ඇවිස්සීම, කීර්ති හානි, දුක් කරදර,මහලු වයසේ දුක් කරදුර කතිර ලකුණ වාසනාවන්ත විවාහයක්, හදිසි අනතුරු, රැවටීම, මයාව, වන්චාව, සටන් තුලින් අනතුරු, බරපතල මුදල් හානි,රාගාධික බව, ජීවිතයෙන් සමුගැන්ම, බලවත් අසීරුතාවන්ට පත්වීම, රැවටීම, වංචිවන්ට හසුවීම. ත්‍රිකෝන ලකුණ උසස් රාජ්‍ය තත්ත්වයක් ලැබීම, කලාවෙන් සමෘද්ධියට පත් වීම, ගුප්ත විද්‍යාවන් පිළිබද හැකියාවන්, හමුදා,යුද්ධ කටයුතු පිළිබද දක්‍ෂතා. චතුරස්‍ර ලකුණ සමාජ සුරක්‍ෂිතතාව ලැබීම, අනතුරු වලින් ප්‍රවේසම් වීම, විපතකින් ආරක්‍ෂා වීම, විවාහ බේරා ගැනීම, සමුද්ධිය, දුරුවල හදවත්, කීර්තිය හා වාසනාව,කරදර හිරිහැර සහිත මනස. කවය ලකුණ සමුද්ධිය, හිතවත්කම දියුණු වීම, පිළියම් වැද්ද නොගන්නා අයහපත් සෞඛ්‍ය තත්ත්වය, විපත්තිදායක ප්‍රතිපල ගෙනදේ. දැල් ලකුණ සදාචාරය පිරිහීම, ව්‍යාකූල අවුල් ජාලයක්, අහංකාර ව්‍යාජ පිළිවෙත්, සාහසික මරණයකි, විශ්වාසය කඩ වීම,ව්‍යාපාර හානි, ගමනේදී අලාභ,සම්භන්ධතාවයක් කෙලවර වීම, අනාගතය හෙලිකරණ සිහින. දූපත් ලකුණ මිතුරකු විසින් කරණුලබන විනාශයක්, අධ්‍යාත්මික දැණුම, සහජ සක්‍ෂතා අපතේ හැරීම, රැකියා බලාපොරොත්තු අපහමුතා, කාමමිත්‍යාචාරය නිසා අවාසනාවන්ත විවාහයක්, අභ්‍යන්තර ගැටුම්, සම්භන්ධතාවයක වරදකරු, නින්ද නොයෑමේ ආභාධ. සෝපාන රේඛා ලකුණ මහන්සියෙන් ඉහල නැගීම, රත් පිත් විකාරය, ව්‍යාපාර අසාර්ථක වීම, අයහපත් සෞඛ්‍ය. කැඩුණු රේඛා ලකුණ මහා විපතකි, ප්‍රේම සම්ශන්ධතා බිද වැටීම, පසුබෑම් සහිත සමුද්ධිය, අස්ථිරබව හා අනාරක්‍ෂිත බව, සීමාන්තික ලෙස ලිංගික අභිලාශයන් ඉටුකර ගැනීමෙහි නිරත වීම. බිදීගිය රේඛා ලකුණ අත්වැරැද්දකින් යන්තම් බේරීම, දුකෙන් පීඩාවට පත් වීම, ආඩම්බරය හේතුවෙන් ආදරය කරන්නෙකු අහිමි වීම, හිසේ තුවාල වීමක් වැලකීම. දම්වැල් රේඛා ලකුණ අලස ගතිය, තරහ යෑම, දුර්වල සෞඛ්‍ය, අසභ්‍ය, සල්ලාල, ආත්මාර්ථකාමීත්වය, අරගල කිරීම සහ දුඃඛිතකම. බාධක රේඛා ලකුණ කීර්තියට හානි, හෙද වාසනාව, අතිශය ධෛර්‍යය, විශිෂ්ට රැකියාව, ප්‍රසිද්ධිය. තිශූල රේඛා ලකුණ වාසනාව ගෙන එයි, විශිෂ්ඨ ජයග්‍රහන, පුදුමවන තරම් සමෘද්ධිය,ධනවත් ප්‍රසිද්ධියට පත් කෙනෙකි. සමාන්තර රේඛා කීපයක ලකුණු ස්ථාවර භාවය, හැම දෙයකම නරක පැත්ත ඉපන ස්වභාවය, විශිෂ්ටත්වය, නින්ද නොයෑම. ටස්ල් රේඛා ලකුණ වහා හෙම්බත් වීම, හදිසියේ අමතක වීම, කලබල නැති විවාහයකි, සහජ දmo " හස්තරේඛා ශාස්ත්‍රය"-පරිවර්ථනය / එඩ්වින් පලිහපිටිය " විදඨිත්මක හස්ත ජ්‍යෝතිෂ විද්‍යාව"-රංජිත් ප්‍රියන්ත " හස්කරේඛා විද්‍යාවෙන් ජීවිත අනාවැකි"-යසුතෝ නිෂිතානි " හස්තරේඛා විද්‍යාවේ විප්ලවය"-යසුතෝ නිෂිතානි " හස්තරේඛා"-මහින්ද එදිරිවීර මිනිස් දිවියේ කැඩපත - හස්තය''' -කාංචනා කොහොබන්ගේ "හස්තරේඛා විද්‍යාව"-ඩබ් . කිංස්ලි ප්‍රනාන්දු "ජිවිතයක කැඩපතවන් හස්ත රේඛා"-හස්ත රේඛා විශේෂඥ - ලුකස් වීරසිංහ " ධෛව හා රේඛා"-රුක්මනී විතානගේ "රේඛාවෙන් ජීවිතය"-චාර්ල්ස් එල්.විජය වික්‍රම "ධෛව හා රේඛා"-ඩ්.ආර්.සෙනෙවිරත්න "සිතියම් සහිත සමුද්‍රික ශේෂතරය"-ඩබ්ලිව්.ඒ.එෆ්.ධර්මවර්ධන මහත්මා "හස්ත රේඛා විද්‍යාව"-ඩබ්ලිව්.ඒ.උපාලි වර්ණසුරිය "හස්ත රේඛා ගුප්ත රහස්"-කමල් උග්ගල්ල "හස්ත රේඛා රත්නාකරය"-සේන අම්බලන්ගොඩ "ඉෂ්ටාර්ථ සිද්ධිය"-පි.කේ.ගුණසිංහ "භාරතීය සාමුද්‍රිකා ශාස්ත්‍රය - අත්ලෙන් කියැවෙන සැගවුණු රහස්"-විජය ශ්‍රී ජයසිංහ "හස්ත රේඛා විද්‍යාවට ඉගෙනුමට පහසු මග"-ඇම්.කටක්කාර් "දෙවයේ කැඩපත හස්ත රේඛා"-මහින්ද ජයසුරිය "හස්ත රේඛා විද්‍යාවේ මුලිකාංග"-පණ්ඩිත් ලක්ෂ්මිදෝස් "විශ්ව ගම්මානයට හස්ත රේඛා විද්‍යාව"-මිකා නකාගයිචි "අත් රේඛා සාස්තර''' "-ප්‍රේමා සුරවීර
8,040
https://si.wikipedia.org/wiki/%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%20%E0%B6%9C%E0%B7%84
එල්ලුම් ගහ
හැඳින්වීම කොළ නොමැති ගස ලෙස සියලු දෙනාම දන්නා එල්ලුම් ගස පිළිබඳව ඇත්තේ සුවිශේෂ කතාවකි. විශේෂයෙන්ම වරදට දඬුවම් කළ යුතුය යන්න මත පදනම් වු එල්ලුම් ගස ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීමට අතීත රජ දවස පැවති දඬුවම් ක්‍රමයද ඉවහල් වූවා යයි අනුමාන කළහැක. මන්ද එකල රාජ උදහසට හසුවන ඕනෑම කෙනෙකුට ප්‍රසිද්ධියේ උල තැබීම, ඇතුන් ලවා පෑගවීම, තෙල් කටාරම් වලට දැමීම වැනි දරුණු දඬුවම් දීමට රජවරුන් කිසිදා පැකිලුණේ නැති බව ඵෙතිහාසික කතා පුවත් වලින් අපට පෙනේ. ඒ ආකාරයේ දඬුවම් ක්‍රම නිසා අතීත සමාජයේ දඬුවමට ඇති බිය වර්ධනය වී එමගින් සමාජ දූෂිත ක්‍රියාවල යෙදීමට වූ පෙළඹවීම අඩුවිය. විශේෂයෙන්ම වර්තමානයේ විවිධ රටවල මරණ දඬුවම ක්‍රියාත්මක වීම විවිධ අදියර වලින් සිදු කළද, එල්ලුම් ගහ තවමත් ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන එකම ක්‍රමයයි. විවිධ රටවලදී මෙයට අමතරව විදුලි පුටුව, වෙඩි තැබීම යනාදිය ද සිදු කරනු ලබයි. අතීත ලංකාවේ මරණ දඬුවම අතීතයේ දී ලංකාවේ සැලකිය යුතු පුද්ගලයන් පිරිසක් මරණ දඬුවමින් සිය දිවි කෙළවර කරගත් බව ප්‍රකාශ වේ. බ්‍රිතාන්‍ය යුගයේ එල්ලුම්ගහ ක්‍රියාත්මක වූ අවස්ථාවක් ලෙස වෘත්තියෙන් වතු අධිකාරවරයෙකු වූ පුද්ගලයෙකුට වත්තේ ‍සේවකයෙකු මරා දැමීම සම්බන්ධයෙන් මරණ දඬුවම ලබා දී තිබේ. 1856 තරම් ඈතකදී කෑගල්ලේ කඩපිළකදී මරණීය දඬුවම ප්‍රසිද්ධියේ සිදුකළ අවස්ථාවක් ගැනද වාර්තා වේ. ඉන් පසුව මෑතකදී බණ්ඩාරණායක මිනීමැරුම් නඩුවේ එල්ලුම්ගහ නියම වූ මාපිටිගම බුද්ධරක්ඛිත, එච්. පී. ජයවර්ධන, තල්දූවේ සෝමාරාම යන තිදෙනාගෙන් තල්දූවේ සෝමාරාමට මරණ දඬුවම නියම වූයේ ප්‍රිවි කවුන්සල තීන්දුවෙනි. සිරගෙට නියම වූ පසුව ක්‍රිස්තියානි ආගම වැලඳගත් ඔහු 1962 ජූලි 6 වැනි දින එල්ලා මරණ ලදි. එල්ලුම්ගහට නියම වූ ප්‍රථම පොලිස් නිළධාරියා වූයේ සන්සෝනි පෙරේරා නම් අයෙකි. ආටිගල මිනීමැරුම් නඩුවේ විත්තිකරුවකු වූ ඔහුද සිය ජීවිතය නිමකර ගත්තේ එල්ලුම් ගසෙනි. මේ නඩුව විභාග වන විටත් ඔහු විශ්‍රාමික පොළිස් නිළධාරියෙක් වීම විශේෂත්වය විය. ජෝන් සිල්වා ඝාතනය හා හාරලක්ෂ මංකොල්ලය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ කොළොන්නාවේ මිනීපෙට්ටි ජේමිස් නොහොත් ජේමිස් සෙනෙවිරත්නත්, පිරිවෙන් ආයුර්වේද සිසුවකු වූ ප්‍රේමලාල් රාජපක්ෂත්, පොලිසියේ සේවය කළ මුණසිංහ, හමුදාවේ සේවය කළ පෙරේරා යන අයද මරණ දඬුවමට යටත් වූහ. එසේම බණ්ඩාරගම ලෑතරබාස් නම් පුද්ගලයා ඇතුළු තවත් තිදෙනෙකුටද මරණ දඬුවම නියම වූයේ වයිට්හවුස් නම් වත අධිකාරවරයාගේ ඝාතනය සම්බන්ධයෙනි. තවද වතු යායක වැටුප් මුදල් රැගෙන ගිය පාසල් ගුරුවරයෙකු මරා දැමීම හේතුවෙන් වතු කම්කරුවෙකු වූ වේලායුධන් හට මරණ දඬුවම නියම විය. ලංකාවේ එල්ලුම්ගහ තහනම් කිරීමට පෙර අවසන් වශයෙන් එල්ලුම්ගහට නියම වූයේ චන්ද්‍රදාස නොහොත් හොඳ පපුවාටය. ඒ සිය පෙම්වතිය මැරීමට දඬුවම් වශෙයන් එල්ලුම්ගහට නියම වූ අය සම්බන්ධයෙන් ප්‍රකට කතාවන් ද ගොඩනැගී තිබේ.විශේෂයෙන් එක් පුද්ගලයෙකුට මරණ දඬුවමට පෙර කණ්ණාඩියකින් මුහුණ පෙන්වූ විට ."බාරෝ උඹේ කෙරුමා අදින් ඉවරයි" යනුවෙන් පවසා ඇත. තවෙනකකු සිර මැදිරියේ බුද්ධ ප්‍රතිමාවක රූපයක් ඇඳ තිබෙනු දැක පුවත්පත් වේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ප්‍රකාශකර ඇත්තේ "මා නම් මගේ මරණය සිදුවන දිනය දන්නවා,නමුත් නුඹ නුඹේ මරණය සිදුවන දිනය දන්නවාද" යනුවෙනි. සුප්‍රසිද්ධ සපුවලාන ම්නීමැරුම් නඩුවේ එල්ලුම් ගහට නියම වූ සිරිසේන නම් අයෙක් ලියූ කවි 1954 වර්ෂයේදී පමණ එවක පුවත්පත්වල පළකොට තිබුණේ, එවකට අධිකරණ අමාත්‍යාංශයේ විශේෂ අවසරයක් මත සිරකරුවන් පිළිබඳව පරීක්ෂා කොට වාර්තා කිරීම සිදුකළ,පසුකලීනව ලංකාවේ ජනාධිපති බවට පත් වූ රණසිංහ ප්‍රේමදාස මහතා විසිනි. එරික් බචෝ නම් තැනැත්තා සිරකුටිය තුළ සිට පොතක් ලියූබව ද සඳහන් වේ. ලංකා නීතිය යටතේ මරණ දඬුවම ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ 114 වගන්තියේ රාජ්‍ය වැරදි සම්බන්ධයෙන් 129 වගන්තිය යටතේ හමුදාව තුළ කැරැල්ලක් සංවිධානය කිරීම සම්බන්ධයෙන්, 191 බොරු සාක්ෂි දීම සම්බන්ධයෙන්, 296 යටතේ මිනීමැරීම සිදු කරන අයෙකු සම්බන්ධයෙන්, 299 යටතේ සිය දිවි හානිකර ගැනීමට අනුබල දීම ද මරණ දඬුවමින් දඬුවම් කිරීමට හැකි වැරදි වෙයි. මීට අමතරව අන්තරායකර ඹෟෂධ ආඥා පනත යටතේ මත්කුඩු ජාවාරමේ යෙදීමද මරණ දණ්ඩණය ලැබීමට තරම් බරපතල වරදකි. එල්ලුම්ගහට නියම කිරීම අදාල නඩුවේ සාක්ෂි විමසා බලන විටක එකී වරදකරුට මරණ දඬුවම නියම කිරීමට තරම් පැහැදිලි සාක්ෂි තිබේනම් ද අනෙකුත් සාධක ද සොයාබලා දඬුවම් නියම කරයි. එහිදී අදාල තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර අධිකරණ ශාලාවේ විදුලි පහන් නිවා දමනු ලැබේ. මරණ දඬුවම නියම කළ වගන්තිය ලියා එය ලියූ පෑන කඩා දමනු ලැබේ. එල්ලුම්ගහ ක්‍රියාත්මක වීම ලංකා නීතිය යටතේ ජනාධිපතිවරයා නියම කරනු ලබන දිනයකදී එල්ලා මැරීම සිදු කරයි. මරණ දඬුවම නියම කරනු ලැබූ පුද්ගලයන් සිර මැදිරිවල වෙන වෙනම තබනු ලැබේ. දිනකට ශාරීරික ව්‍යායාම සඳහා පමණක් සීමිත වෙලාවක් එකී සිර මැදිරිවලින් එලියට ගනු ලැබේ. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පෙරදින පෝරකය අසල ඇති වෙනත් කාමරයක අවසාන දින රාත්‍රියේ රඳවා තබනු ලැබේ. එහිදී ඔහුගේ බර කිරා එම බරට සරිලන වැලි ගෝනියක් එල්ලා එල්ලුම් ගසේ ලණුව ක්‍රියාත්මක කර පරීක්ෂණයක් කරනු ලැබේ. සිරකරු කෑමට කැමති ආහාරයක් පිළියෙල කර දෙන අතර අවශ්‍ය නම් විස්කි ස්වල්පයක් ද බීමට දෙනු ලැබේ. තවද තමා කැමති ආගමික පූජකවරයෙක් ගෙන්වා ධර්ම දේශනාවක් ද කරනු ලැබේ. එක්තරා අවස්ථාවකදී මරණ දඬුවම ලබා සිටි සිරකරුවකුගේ අවසාන ඉල්ලීම වූයේ මිල්ටන් පෙරෙරා නම් ගායකයා ලවා ගීතයක් ගායනා කරවා ගැනීමයි සහ මරදාන බුහාරි හොටලයෙන් බුරියානි කෑම එකක් කෑමයි. ඒ අයුරින්ම කැමැත්ත ඉටුකරවා දුන් බවත්, පසුව සිරකරු පෝරකය වෙත ගියේ තමාම ඒ සින්දුව ගායනා කරමින් බවත් පැවසේ. ක්‍රියාත්මක කරන්නා එල්ලුම් ගස ක්‍රියාත්මක කරන පුද්ගලයා අලුගෝසුවා යන නමින් හඳුන්වයි. වර්තමානයේ නම් අලුගෝසුවා යනු කාර්යයන් කිරීමකින් තොරව වැටුප් ලබන්නෙකි. විශේෂයෙන්ම එයට හේතු වී ඇත්තේ එල්ලුම්ගහට ලැබුණු විරාමයේ පිහිට අලුගෝසවාටද ලැබී ඇති බැවිනි.මරණ දඬුවම ක්‍රියාත්මක කරන දින උදෑසන අදාල චෝදිත පුද්ගලයාට විශේෂ ඇඳුමක් අන්දවනු ලැබේ.එකී ඇඳුම ඇන්ද වූ පසු අත්දෙක සෙලවීමටවත් අවස්ථාවක් නොමැත. ඉන් පසුව ඔහුගේ මුහුණ කණ්ණාඩියකින් පෙන්වනු ලැබේ.එය තම මුහුණ දැකගැනීමට ලැබෙන අන්තිම අවස්ථාව වෙයි.ආගමික පූජකවර‍යෙකු පැමිණ ආගමික කටයුතු නිම වූ පසුව පෝරකය වෙත කැඳවාගෙන යනු ලැබේ.එසේම එල්ලුම් ගහ වර්තමානයේ ක්‍රියාත්මක කරනු ලබන්නේ නිළධාරීන් කිහිප දෙනෙකු ඉදිරිපිටදීය. මේ කණ්ඩායමට වෛද්‍යවරයෙකු ද ඇතුලත් වෙයි. එල්ලුම්ගහ තබා ඇත්තේ සිරගෙයි අඳුරු කාමරයක් තුලය. අද දවසේ බෝගම්බර සිර ගෙදර සහ වැලිකඩ සිර ගෙදර පමණක් එල්ලුම්ගස් තිබේ. ක්‍රියාත්මක වන දිනය එල්ලුම්ගහ ක්‍රියාත්මක වන දිනයේ අදාල අඳුරු කාමරය තුල එල්ලා මරණු ලබන්නාගේ නම දිනය සඳහන් කොට ඇත. එල්ලා මැරීමට යොදාගන්නා කඹය බෙල්ජියමෙන් ආනයනය කරනු ලැබේ. එල්ලුම් ගසට අවශ්‍ය කඹය මෙදා පාකිස්ථානයෙන් ගෙන්වීමටද කටයුතු යොදා ඇත. එල්ලීමේ දී බෙල්ල සිරවීමෙන් උගුරු දණ්ඩ කැඩීයාමක් සිදුවේ. මුහුණ වැසීම හෝ නොවැසීම සිදු කරන්නේ අදාල දඬුවම ලබන්නාගේ මනාපය පරිදිය. මරණ දඬුවම ක්‍රියාත්මක වූ පසු වෛද්‍යවරයෙකු විසින් අදාල සිරුර පරීක්ෂා කර හරියටම මිය ඇද්දැයි පරීක්ෂා කරනු ලැබේ. ඹහු එවිටද මියාගාස් නැතිනම් නැවත එල්ලුම්ගහ ක්‍රියාත්මක කොට මරා දැමීමට නොහැකිය. අදාල පුද්ගලයාගේ ශරීරය වලදැමූ පසුව ඒ මත පස් ගොඩගසනු නොලැබේ. එයට හේතුව ඔහු වරදකරුවෙකු ලෙස දඬුවම් ලබා මිය යාමයි.අප මෑතකදී සදාම් හුසේන් නම් හිටපු නායකයෙකුට එරෙහිව වර්ග ඝාතනය සිදු කිරීම වෙනුවෙන් ලබාදුන් මරණ දඬුවම ප්‍රසිද්ධියේ මාධ්‍ය ඔස්සේ දැක ගතිමු. එය එල්ලුම්ගහක් ක්‍රියාත්මක වන ආකාරය ලෝක ප්‍රජාවටම දැකගත හැකිවූ සුවිශේෂ අවස්ථාවක් වෙයි.මේ ආකාරයට බලන විට එල්ලුම්ගහ මරණ දඬුවම ලබාදීමේ දී උපයෝගී කරගන්නා ක්‍රම අතර තවම ප්‍රමුඛ ස්ථානය හිමි කරගෙන ඇත. මරණ දඬුවම තහනම් කිරීම ලංකාවේ මරණ දඬුවම ඉවත් කල යුතුයයි විවිධ අදහස් පල වී තිබේ.විශේෂයෙන්ම ලංකාව බෞද්ධ රටක් වීමත් බෞද්ධ ධර්මයේ වන අවිහිංසාවාදී ප්‍රතිපත්තියත් මෙයට මූලික වන්නට ඇත. මුල් යුගයේ සිටම අපේ රටේ පැවති මරණ දඬුවම ඉවත් කළ යුතු බවට මුලින්ම යෝජනාවක් ගෙන ආවේ එවක අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා විසිනි.1928 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගෙන ආ මෙම යෝජනාව ප්‍රතික්ෂේප වූයේ මෙයට විකල්ප දඬුවමක් නොවූ බැවිනි. 1936 දී පානදුර කොට්ඨාශය නියෝජනය කළ සුසන්තාද ෆොන්සේකා මහතා විසින් නැවතත් රාජ්‍ය මන්ත්‍රණ සභාවට එල්ලුම්ගහ තහනම් කිරීමේ යෝජනා ගෙන ආ අතර දිවි ඇති තෙක් බන්ධනාගාර ගත වීම විකල්ප වශයෙන් යෝජනා වී ඇති නමුත් එය ද ප්‍රතික්ෂේප විය. නීති පොතේ තවදුරටත් මරණ දඬුවම ලියවී තිබුණද එය ක්‍රියාත්මක කිරීම එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරණායක මහතා විසින් නවතා දමන ලදි. මේ පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද නමුත් සෙනෙට් සභාවෙන් සම්මත නොවූ නිසා දෙවන වර පාර්ලිමේන්තුවේ ඒකච්ඡන්දයෙන් සම්මත කර ගැනීම තුලින් ක්‍රියාත්මක විය. මේ නිසා එවකටත් මරණ දඬුවම නියම වී සිටි මරදන්කඩවල යකඩයා, කපිතාන් ආතර් පෙරේරා, එරික් බුචෝ යන අයට ජීවිතාන්තය දක්වා සිර දඬුවමට යටත් වීමට සිදු විය. නමුත් නැවත එල්ලුම් සම්බන්ධයෙන් කතාබහට ලක් වූයේ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ සරත් අඹේපිටිය මහතාගේ ඝාතනයත් සමගින්ය. විනිසුරු අඹේපිටිය ඝාතනය කළ නවුෆර් නැමැත්තා එල්ලා මැරිය යුතු බවට සමාජයේ බොහෝ දෙනා අදහස් දැක්වීම මෙයට හේතුව විය. නීතිඥ සංගමය මගින් ද මේ අදහස ස්ථිර විය. 2006 වසරේදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළ ආකර‍යට කුඩු ජා‍වාරම්කරුවන්, කුඩු ව්‍යාපාරිකයන් හට මරණ දඬුවම ක්‍රියාත්මක කරවන බව ප්‍රකාශ කලද, තවමත් මරණ දඬුවම ලංකාවේ ක්‍රියාත්මක නොවේ. මරණ දඬුවම ක්‍රියාත්මක කල හැක්කේ ජනාධිපතිතුමාට හෝ තුමියට පමණක් වන නමුදු මරණ දඬුවම නියම කල හැක්කේ අධිකරණයට පමණක් වීම සුවිශේෂත්වයකි. එසේ නොවී නියම කිරීම, ක්‍රියාත්මක කිරීම යන දෙකම එක් පුද්ගලයෙකුට පමණක් නියම වී කිබුණි නම්, එය අයහපත් ආකාරයට ද ක්‍රියාත්මක වීමට ඇතිවිය හැකිව තිබූ ඉඩකඩ මින් අහුරා දමා තිබේ. කෙසේ වුවද ලංකාව බෞද්ධ රටකි. ඒ සංකල්පය අනුව කෙනෙකුගේ ජීවිකය නැති කිරීම වරදකි. නමුත් එක් පුද්ගලයෙකුගේ ජීවිතය නැති කිරීම හෝ උක්ත දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වූ අනෙකුත් වැරදි සිදු වීම මගින් සමාජයට වන්නා වූ හානිය සුළුපටු නොවේ. වර්තමානය සැලකිල්ලට ගැනීමේ දී දඬුවමට බිය ඇති කිරීමටත්, අපරාධ වලක්වා ගැනීමටත් මරණ දඩුවම ඉවහල් වෙයි. නමුත් තවමත් ලංකාව තුල එල්ලුම් ගහ ක්‍රියාත්මක නොවේ. අගමැති බණ්ඩාරානායක මහතා එල්ලුම්ගස තහනම් කළද, ඊට පසුවද එල්ලුම් ගස ක්‍රියාත්මක විය. බණ්ඩාරනායක මහතා ඝාතනය කළ සෝමාරාම භික්ෂුවද එල්ලා මැරීය. නමුත් 1976-06-27 න් පසුව එල්ලා මරා දැමීම සඳහා මේ වනතෙක් එල්ලුම්ගස ක්‍රියාත්මක කර නැත. ආශ්‍රිත මූලාශ්‍ර 01. ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය. 02. එල්ලුම්ගහේ කතාව--ඇම්.සී. ඉඳුනිල් ප්‍රනාන්දු [2007 පෙබරවාරි 27 අඟහරුවාදා දිණමිණ පත්‍රය(පිටුව-04, මට තාම මතකයි)] නීතිය
8,041
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%20%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA
පරිසර දූෂණය
ස්වභාවික පරිසරයේ අංගයන‍්ට අහිතකර බලපෑමක් එල්ලවන ආකාරයට පාරිසරික බිඳ වැටීම පරිසර දූෂණය නම්වේ. අන් අයුරකින් කිව හොත් පරිසර දුෂණය යනු, පරිසරයේ වෙසෙන ජීවීන්ට හා පුද්ගලයනට හානිදායක ප්‍රමාණ වලින් හා හානිදායක විය හැකි කාල පරාසයක් තුළ ද්‍රව්‍ය හා ශක්තිය පරිසරයට නිදහස් කිරීමයි. යම්කිසි පරිසර පද්ධතියකට ගලා එන විෂ සහිත ද්‍රව්‍යය හේතුවෙන් ඒ තුළ ජීවත් වන ජීවීන්ට හෝ භෞතික දේවලට අස්ථායී බව , අපිළිවෙල, පීඩාව අපහසු බව ඇති කරයි නම් එය පරිසර දුෂණය ලෙස හඳුන්වාදිය හැක. පරිසර දූෂණය රසායනික ද්‍රව්‍ය හෝ ශබ්දය, තාපය, ආලෝකය යන ශක්ති ප්‍රභේද පරිසයට එක් වීමෙන් ද සිදු විය හැක. ස්වාභාවිකව ඇති විය හැකි එවන් දුෂණ කාරකවලින් සිදුවන විෂ හෝ වෙනත් බාධකවල ස්වාභාවික මට්ටම යම්කිසි මට්ටමකට වඩා වැඩි වුවහොත් පමණක් ඒවා දුෂක ලෙස ගැනේ. Point source & non point source pollution ලෙස කොටස් 2 කට කාණ්ඩ කළ හැකිය. තවත් විධියකට පද්ධතියක් තුළ අස්ථායී බව ඇති කරන හෝ ජීවීන්ගේ හෝ ඔවුන්ගේ ප්‍රජනන ක්‍රියාවලීන්ගේ බිඳවැටීම්වලට හේතු වන යම්කිසි ද්‍රව්‍යයක් එම පරිසරයට හඳුන්වාදීම දුෂණය ලෙස හැඳින්විය හැක. ජලය වැනි පොදු සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න ද්‍රව්‍යයක් වුවත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ලබාගත් විට දුෂණ කාරකයක් විය හැක. උදාහරණයක් ලෙස මිනිසෙකු ඉතා වැඩි ප්‍රමාණයක් ජලය පානය කළ හොත් කායික පද්ධති පීඩාවට ලක්වී ඒවායේ බිඳවැටීම් හේතුවෙන් මරණය ළඟා කරවීමට එය හේතු විය හැක. සිය දිවි නසාගැනීමට තැත් කිරීම‍‍ට, සහ ඒවා සාර්ථක කරගැනීමට ද හේතු කාරක වන ලෙස ජලය භාවිතා කළ අවස්ථා ඇත. මෙම සංකල්පය වඩාත් පුළුල්ව භාවිතයෙන් අධික ශබ්දයට නිරාවරණය වීමෙන් හමුදා අභ්‍යාසවල යෙදෙන අයගේ අධික ශබ්දයට මානසික අසමතුලිතතා ඇති වීම යම්කිසි කාර්යයක නිසියාකාරව යෙදීමට නොහැකි වීම සහ මනෝ විකෘතිතාවයන් ඇතිවීම වටහා ගත හැක. '==පරිසර දූෂණයට ලක්වන අංශයන්== පරිසර දුෂණය, පරිසරයේ සෑම අංශයක් කෙරෙහිම බලපායි. එනම් මිනිසා විසින් සාදන ලද පද්ධති වලට හෝ ස්වභාවික පද්ධති වලට මෙය බලපායි. මෙය සිදු වන්නේ මිනිසාගේ ක්‍රියා කාරකම් නිසා පරිසර දූෂණය සිදු වේ. වායුගෝලීය දූෂණය අප වටා ඇති හිස් අවකාශය වායුගෝලයයි.මෙහි විවිධ වායු වර්ග ඇත.තවද මෙම වායුගෝලය තුළ විවිධ චක්‍ර වර්ග අඩංගු වේ.ඒවා නම් ඔක්සිජන් චක්‍රය, කාබන්ඩයොක්සයිඩ් චක්‍රය ,ජල චක්‍රය වශයෙන් වේ.‍මේවා ස්වභාවික චක්‍ර ලෙස ක්‍රියා කරයි.මේවාට අනුකූල නොවන ආකාරය‍ට වායුගෝලයේ කො‍ටස් නිදහස් කරීම මෙන්ම අමතර වායූන් මෙන්ම වෙනත් ඝණ අංශු වර්ග වායුගෝලයට නිදහස් කිරීම සිදුවෙයි.මෙමඟින් වායුගෝලයේ තුල්‍යතාවය බිඳවැටේ.මෙය වායුගෝලීය දූෂණය නම් වේ. වෙනත් ලෙසකින් කිවහොත් වායු දුෂණය යනු, සෞක්‍යයට හානිදායක, පරිසරයට අහිතකර බලපෑම් ඇති කරන හා ස්වභාවික ක්‍රියාකාරිත්වයට බලපාන ද්‍රව්‍ය සහ ශක්තිය නිදහස් කිරීම නිසා වාතයේ තත්වය පිරිහී යාමයි. වායු දුෂක සහ ඒවායේ ප්‍රභව කර්මාන්ත - CO, CO2, SO2, NO2, CFC, බර ලෝහ වර්ග, දුම් වර්ග, හයිඩ්රෝකාබන් වර්ග කෘෂිකර්මාන්තය - පලිබෝධනාශක (කෘමි නාශක, දිලීර නාශක, වල් නාශක) වනාන්තර ගිනි තැබීම - CO2, CO, දුම් වර්ග ස්වභාවික හේතුන් වනාන්තර වල ලැව් ගිනි - CO2, CO, දුම් වර්ග ගිනි කඳු පිපිරීම් - CO2, CO, දූවිලි සුළඟ - දූවිලි වගුරු බිම් වල ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයන් - CH4 ගෘහස්ත ක්‍රියාකාරිත්වයන් පොසිල ඉන්ධන දහනය - CO2, CO, දුම් වර්ග දර දහනය - CO2, CO, දුම් වර්ග කැලි කසල දහනය - CO2, CO, දුම් වර්ග වායුගෝලීය දූෂණය‍ට බලපාන වායු වර්ග අහිතකර වායු වර්ග වායුගෝලයට නිදහස් වන්නේ අධික කාර්මීකරණය රථවාහන භාවිතය අධික ලෙස වැඩිවීම නිසාය වායුගෝලීය දුෂණයෙන් ඇතිවන අහිතකර බලපෑම් 01.හුස්ම ගැනීමේ අපහසුතා 02.ඇස් දැවිල්ල ඇතිවීම 03.ස්වසන මාර්ගය හා රුධිරය ආශ්‍රිත රෝග 04.මන්ද බුද්ධික දරුවන් බිහිවීම 05.ස්නායු ආබාධ ඇතිවීම 06.බෙලහීනතා තත්ව 07.පිලිකා තත්ව කාබන්මොනොක්සයිඩ් වල බලපෑම රුධිරයේ ඔක්සිජන් පරිවහන ධාරිතාව අඩු කරයි. උත්තේජන සංජානනය (දැනීම) දුබල වීම. දෘෂ්ටියට බාධා ඇති වීම. නිදිමත ඇති වීම. පේශි සමායෝජනය දුර්වල වීම. ඔක්කාරය දිගු කාලයක් ඉහළ කාබන්මොනොක්සයිඩ් සාන්ද්‍රණ වලට නිරාවරණය වීම මරණය ඇති කරයි. සල්ෆර්ඩයොක්සයිඩ් වල බලපෑම ඇදුම බ්‍රොන්කයිටිස් පෙනහළු පිළිකා ඇති වීම. අම්ල වැසි ඇති වීම. නයිට්රජන්ඩයොක්සයිඩ් වල බලපෑම රුධිරයේ ඔක්සිජන් පරිවහන ධාරිතාව අඩු කරයි. උග්‍ර පුප්පුශීය ශෝටය. (පෙනහළු තුළ තරල එක් රැස් වීම.)ප්‍රභා රසායනික දුමාරයහයිඩ්රෝකාබන් වල බලපෑම ප්‍රභා රසායනික ධුමිකා ඇති කරයි. ඇස් වල උද්දිපතාව ඇති කරයි. නිදිමත ඇති කරයි. ඇතැම් විට පිළිකා කාරක විය හැක. සමහරක් පෙනහළු පිළිකා ඇති කරයි. CFC වල බලපෑම පොලොව මට්ටමේදී හානියක් නැත. නමුත් ඉහළ වායු ගෝලයේදී ඕසෝන් ස්ථරයට හානි කරයි. අතිරික්ත කාබන්ඩයොක්සයිඩ් වල බලපෑම හරිතාගාර ආචරණය වැඩි කිරීම මගින් ගෝලීය උණුසුම වැඩි කරයි. ඕසෝන් වායුවේ බලපෑම මෙය ද්විතියික පරිසර දුෂක වායුවකි. මේවා, පොසිල ඉන්ධන දහනයේදී නිදහස් වන හයිඩ්රෝකාබන සුර්යයාලෝකයේ ඇති UV කිරණ සමඟ ප්‍රතික්‍රියා කර ප්‍රබල ඔක්සිකාරක ගුණයක් ඇති ද්විතියික දුෂක සෑදේ. මෙම ද්විතියික දුෂක නැවත ප්‍රාථමික දුෂක සමඟ ප්‍රතික්‍රියා කර ඕසෝන්, පෙරොක්සි ඒසයිල් නයිට්රේට (PAN) වැනි ප්‍රභල වායු දූෂක සෑදේ. ඕසෝන් මගින්, සතුන්ට ශ්වසන රෝග ඇති කරයි. කැස්ස, හුස්ම හිර වීම. නිවුමෝනියා තත්ත්ව. ඇදුම වැඩි වී පෙනහළු ක්‍රියාකාරිත්වයට බාධා කිරීම. ශ්වසන රෝග වලින් පීඩා විඳින අයට මෙය වඩාත් හානි කරයි. අංශුමය ද්‍රව්‍ය නිසා ඇති වන බලපෑම ශ්වසන රෝග ඇති කිරීම. පිළිකා කාරක වීම. පෘථිවියට ලැබේ සූර්ය කිරණ ප්‍රමාණය අඩු කිරීම. වායු දුෂණය නිසා ඇති වන (ගෝලීය) පාරිසරික ගැටළු අම්ල වැසි ඇති වීම. ඕසෝන් ස්ථරය ක්ෂය වීම. හරිතාගාර ආචරණය. ප්‍රකාශ රසායනික ධුමිකාව. අම්ල වැසි ඇති වීම අම්ල වැසි ඇති වීම යනු, මිනිසාට, වෙනත් ජීවීන්ට හා පරිසර පද්ධති වලට හානිකර තරමටම ආම්ලික වූ (PH අගය 5.2 ට අඩු) ජලය, හිම හෝ පිණි පතනය වීමයි. වායු දුෂණය නිසා වායු ගෝලයට එකතු වන සල්ෆර්ඩයොක්සයිඩ් හා නයිට්රජන්ඩයොක්සයිඩ් වැනි වායු වර්ෂා ජලයේ දිය වීම නිසා සල්ෆියුරික් අම්ලය සහ නයිට්‍රික් අම්ලය ප්‍රතිඵල වේ. මේවා වැසි ජලය, හිම හෝ පිණි වල දිය වී අම්ල වැසි ඇති වේ. අම්ල වැසි වල බලපෑම වනාන්තර විනාශ වීම. පස ආම්ලික වීම. Ca, Mg වැනි ලෝහ ක්ෂීරණයට ලක් වේ. මේ නිසා ශාක වලට මුල ද්‍රව්‍ය ඌන වී වර්ධනය බාල වේ. බැර ලෝහ දිය වී ශාක මගින් අවශෝෂණය කරයි. ක්ෂීරණය වන ලෝහ අයන ජල මාර්ග ඔස්සේ මිරිදිය ජලාශ වලට එකතු වේ. ජලාශ ආම්ලික වීම නිසා මිරිදිය ජීවීන් මරණයට පත් වේ. මත්ස්‍ය බිත්තර විනාශ වේ. ජෛව විවිධත්වය අඩු වේ. පාංශු ක්ෂුද්‍ර ජීවීන් ගේ වියෝජන ක්‍රියා වලියට බාධා ඇති වේ. (ඛනිජ චක්‍රීකරණයට බාධා ඇති වී පස නිසරු වේ.) ලෝහමය ප්‍රතිමා, කිරිගරුඬ ප්‍රතිමා, හිරිගල් ප්‍රතිමා ඛාදනයට ලක් වෙමින් පවතී. ඕසෝන් ස්ථරය ක්ෂය වීම අපවර්තී ගෝලය තුළ ඕසෝන් ස්ථරය පිහිටයි. ඔසොන්ස්තරය මගින් සුර්යාලෝකයේ කෙටි තරංග ආයාම සහිත UV කිරණ වලින් 97% - 99% ප්‍රමාණයක් අවශෝෂණය කර ගනී. මේ නිසා පොළොවට ලැබෙන UV කිරණ වලින් 99% ක් ම දිගු තරංග ආයාම සහිත UV කිරණ වේ. මේවා කෙටි තරංග ආයාම සහිත UV කිරණ තරම්ම හානිකර නොවේ. මිනිසා ඇතුළු අනෙකුත් ජීවීන්ට ඕසෝන් ස්ථරය නිසා ආරක්ෂාවක් ලැබේ. මෙම ස්ථරයට හානිදායක වන ප්‍රධානම වායු දුෂකය CFC වේ. වායු සමීකරණ යන්ත්‍ර, ශීතකරණ අලුත්වැඩියා වේදී හා ඉසින සුවඳ විලවුන් ආදියෙන් ලැබෙන CFC ක්‍රමයෙන් ඉහළ අවකාශයට ගමන් කර ඕසෝන් ස්ථරය බිඳ දමයි. එවිට කෙටි තරංග ආයාම සහිත UV කිරණ වැඩි ප්‍රමාන වලින් පෘථිවියට ලැබේ. ඕසෝන් ස්ථරය ක්ෂය වීම නිසා ඇති වන බලපෑම් චර්ම පිළිකා ඇති වීම. ඇසේ සුද ඇති වීම. ජලාශ වල ශාක ප්ලවාංග ප්‍රමාණය අඩු කරයි. භෞමික ශාක වල ප්‍රභාසංස්ලේෂණය අඩු කරයි. හරිතාගාර ආචරණය පෘථිවියට ලැබෙන සුර්යයාලෝකය කෙටි තරංග ආයාම සහිත කිරණ වලින් ලැබේ. මෙයින් 50% ක් පමණ වලාකුළු මගින් පරාවර්තනය කර නැවත අභ්‍යවකාශයට නිදහස් කරයි. ඉතිරි 50% පෘථිවි පෘෂ්ටය සහ එහි ඇති දේවල් මගින් අවශෝෂණය කරයි. මේ නිසා පෘථිවි පෘෂ්ටය සහ එහි ඇති දේ උණුසුම් වේ. උණුසුම් වු පෘථිවි පෘෂ්ටය හා එහි ඇති දේ වලින් දිගු තරඟ ආයාම සහිත IR කිරණ නිදහස් කරයි. මෙම IR කිරණ H2O, CO2, CH4, O3, N2O සහ CFC යන වායූන් මගින් අවශෝෂණය කරයි. මේ නිසා වායුගෝලය උණුසුම් වේ. මෙම වායු හරිතාගාර වායු නම් වේ. මෙම වායූන් මගින් අවශෝෂණය කරන IR කිරණ නැවත සාම දිශාවකටම නිදහස් කරයි. ඉහලට නිදහස් කරන කිරණ අභ්‍යවකාශයට ගමන් කරයි. පහලට නිදහස් කරන කිරණ නිසා වායුගෝලයේ පහල කොටස් උණුසුම් වේ. මෙම සංසිද්ධිය හරිතාගාර ආචරණයයි. මේ නිසා ගෝලීය උණුසුම වැඩි වේ. ගෝලීය උණුසුම වැඩි වීම නිසා ඇති වන අහිතකර බලපෑම් ධ්‍රැව ප්‍රදේශ වල අයිස් කඳු හා ග්ලැසියර දිය වීම. සාගර ජාල මට්ටම ඉහළ යාම. මුහුද ආසන්නයේ පහත බිම්, වෙරළ ජලයෙන් යාට වීම. ජෛව විවිධත්වයට හානි වීම. වෙරළාසන්න ධීවර කරමාන්තයට බලපෑම් ඇති වීම. වර්ෂාපතන රටාව, සුළං රටාව වෙනස් වීම. සුළි සුළං ආදී තත්ත්ව ඇති වීම. (විවිධ දේශගුණික සාධක වෙනස් වීම.) නියං තත්ත්ව වැඩි වීම, වාරි මාර්ග ඉල්ලුම වැඩි වීම. ලැව් ගිනි ඇති වීම. මිනිසාගේ සෞක්‍යය කෙරෙහි උෂ්ණත්වය නිසා ඇති වන රෝග මගින් කරන බලපෑම වැඩි වීම. නිවර්තන කලාප වල ඇති රෝග සෞම්‍ය කලාප වලට පැතිරී යාම. වැඩි වන උෂ්ණත්වයට අනුවර්තනය විය නොහැකි ජීව විශේෂ නෂ්ට වීම. වෘක්ෂ ලතා වල සංයුතිය හා ව්‍යාප්තිය වෙනස් වීම. ප්‍රකාශ රසායනික ධුමිකාව දුම් සහ මීදුම එකතු වීම නිසා ධුමිකා ඇති වේ. වාහන වල පොසිල ඉන්ධන අසම්පුර්ණව දහනය වීම නිසා කුඩා අංශු නිදහස් වේ. තවද වායුගෝලයේ උෂ්ණත්වය අඩු වීම නිසා මීදුම ඇති වේ. මෙම කුඩා අංශු සහ මීදුම එකට එකතු වී ධුමිකා ඇති වේ. මෙය ප්‍රභා රසායනික ධුමාරයයි. මෙය කර්මාන්ත අධික සෞම්‍ය කලාපික ප්‍රදේශ වල බහුලය. ප්‍රකාශ b රසායනික ධුමිකා නිසා ඇති වන අහිතකර බලපෑම් ශ්වසන අපහසුතා ශ්වසන රෝග පිළිකා තත්ත්ව ජල දූෂණය පරිසරය තුළ ජලයේ පැවතීම විවිධාකාර වේ.මතුපිට ජලය,භූගත ජලය,ජල වශ්ප හා මිදුනු ජලය ලෙස පවතියි.මීට අමතරව ජලය කරදිය ,මිරිදිය,කිවුල් දිය වශයෙන් තුන් ආකාරයක‍ට බෙදා දැක්විය හැක. කරදිය -ලවණ ප්‍රතිශතය ඉහළ අගයක් ගනී. මිරිදිය -සුළු ලවණ ප්‍රතිශතයක් ඇත. කිවුල් දිය -මැග්නීසියම් සල්පේට්,කැල්සියම් සල්පේට් ,අඩංගු වේ.අමුතු රසයකින් යුක්ත වේ.මෙහි දැක්වෙන ජලය ආකාර තුනෙන් එකක හෝ සංයුතියෙහි සිදුවන වෙනස්වීම් ජල දූෂණය ලෙස හැඳින් වේ. ජලය දූෂණය වූ විට හදුනා ගත හැකි ආකාරය ජලයේ අනවශ්‍ය රසායනික කොටස් අඩංගු වීම උදා-ක්රෝමියම් ,තෙල් හා ග්‍රීස් ,රසදිය. ජලයේ වර්ණය වෙනස් වීම ගන්ධයක් ඇති වීම රසය වෙනස් විම ජල දූෂණයට හේතු වන කරුණු කර්මාන්තශාලා වලින් පිටකරන අපද්‍රව්‍ය ජල මාර්ග වලට යොමු කිරීම. කාබනික අපද්‍රව්‍ය ජලයට එකතුවීම. සුපෝෂණය ඇති වීම නිසා ජලාශ දූෂණය වීම. කෘෂි රසායනික ද්‍රව්‍ය වගාබිම් හරහා ජලයට එකතුවීම. තෙත්බිම් වල කුණු කසල පිරවීම නිසා වන ජල දූෂණය. පොලිතින් ආදී දිරා නොයන අපද්‍රව්‍ය ජලයට එකතු වීම නිසා වන දූෂණය. හදිසි අනතුරු නිසා වන ජල දූෂණය. උදා-කොළඹ වරාය අවට තෙල් නැව් වලින් ඇති වන අනතුරු රෝග කාරක විෂ බීජ එකතු වීම වන ජල දූෂණය. කඳු හා උස් බිම් සෝදා පාලුව නිසා ජලයේ බොරතාවය ඉහළයාම. සතුන්ගේ මල පහ ආදිය ජලයට එකතු වීම මගින්ද ජලය දූෂණය වීම සිදු වේ. මිනිසුන් විසින් ඇළ මාර්ග වලට මුහුදු වලට දමා යන කැළි කසල මගින්ද ජලය දූෂණය වීම සිදු වේ. ජල දූෂක, ඒවායේ ප්‍රභව සහ ජල දූෂක වල බලපෑම් ජල දූෂණයේ ප්‍රතිවිපාක ලෙඩ රෝග ඇති වීම. මිනිසුන්ගේ අවශ්‍යතාවලට යොදා ගැනීමට නොහැකිවීම. ජලාශ වලින් ආහාර කෙරෙහි මිනිසාට ලැබෙන පිටිවහල අවම වීම. නිසි ජල සැපයුමක් නොමැති වීම, පිරිසිදු පානීය ජලය නොමැතිවීම. ගංගා දූෂණය වීම නිසා උදරාබාධ වලින් ලෝක ජනතාව වසරකට මිලියන 5ක් පමණ මිය යති. සුපෝෂීකරණයශාක වර්ධනයට අවශ්‍ය නයිට්රේට් හා පොස්ෆේට් වැනි ඛනිජ පෝෂක ජලාශයේ අධික සාන්ද්‍රණ වලින් එක රැස් වීම සුපෝෂීකරණයයි. ජලාශයක් තුළ අධික ලෙස මෙම ඛනිජ පෝෂක එක් රැස් වීම නිසා සයනොබැක්ටිරියා සහ බැක්ටීරියා ජලාශයේ මතුපිට ඇල්ගී උඩු මණ්ඩි ලෙස පාවේ. ජලාශය කොළ පැහැයට දිස් වේ. මෙහිදී බහුල වන්නේ Mycrocystis නම් බැක්ටීරියාවයි. ජලාශ වල වර්ධනය වන ඇල්ගී මගින් O2 භාවිතයට ගනී. මේ නිසා රාත්‍රී කාලයේදී ජලාශයේ O2 ඌණතාවයක් ඇති වේ. මෙය ස්වායු ජලජ ජීවීන්ට බලපායි. තවද නිර්වායු වියෝජනයක් සිදු වීම නිසා දුර්ගන්ධයක් ඇති විය හැකිය. වර්ෂාව අඩු කාල වල දී ජලාශ වල මෙවැනි තාවකාලික සුපෝෂීකරණ තත්ත්ව ඇති වේ. ජලාශ වලට නයිට්රේට්, පොස්ෆේට් වැනි ඛනිජ පෝෂක එකතු වන ක්‍රම නයිට්රේට්, පොස්ෆේට් අඩංගු රසායනික පොහොර මළ ද්‍රව්‍ය ක්ෂාලක කාර්මික අපසන්දන ගොඩබිම දූෂණය මෙහිදී විශේෂයෙන්ම කතා කරන්නේ පස දූෂණය වීම සම්බන්ධවයි.පසේ ව්‍යුහය හා රසායනික ද්‍රව්‍යවල ඇතිවන වෙනස පස දූෂණය වීම ලෙස හැඳින්වේ.පස දූෂණය වන ක්‍රම පසේ ලවණතාවය වෙනස් වීම නොදිරන කොටස් පසට එකතු වීම උදා-පොලිතීන්,ප්ලාස්ටික් විෂ රසායන පසේ එක්රැස් වීම පසේ ජල පරිමාව වෙනස් වීම පාංශු ඛාදනය අපද්‍රව්‍ය එකතු වීම කැටායන හුවමාරුව බිඳ වැටීම පස දූෂණයේ ප්‍රති විපාක පසේ සාරවත් බව අඩු වීම හා අස්වැන්න අඩු වීම. විෂ රසායනික ද්‍රව්‍ය ආහාර තුළට එකතු වීම. පස තුළ අපද්‍රව්‍ය එකතු වීම නිසා පාංශු ජීවි විනාශ වීම. ජලාශ තුළ රොන් මඩ එකතු වීම හේතුවෙන් රඳවාගත හැකි ජල ප්‍රමාණය අඩු වීම. නියං කාල වලදී ජල උල්පත් සිඳීයාම. ශබ්ද දූෂණය සාමාන්‍ය පරිසරයේ ඇති වන ශබ්දයන් නිසා ජීවින්ට අපහසුතාවක් ඇති නොකරයි.නමුත් මිනිසා මැදිහත් වීමෙන් මිනිසා විසින් ඇතිකරන ශබිද දරා ගැනීම‍ට අපහසුතාවයක් ඇති වේ.මෙය ශබ්ද දූෂණය ලෙස හැඳිනිවේ. ශබ්ද දූෂණය ඇති වීමට හේතු කර්මාන්ත ශාලා ක්‍රියාකාරිත්වය වාහන අධික ශබ්දය නිස ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය. ශබ්ද දූෂණයේ ප්‍රතිවිපාක මානසික කරදරකාරි වටපිටාවක් ඇති වීම ශ්‍රවනාබාධ ඇති වීම වමනය හා හිසරදය අස්ථායිභාවය ශබ්ද දූෂණය වැලැක්වීම වෙනුවෙන් දැනට පවත්නා පනත් සහ රෙගුලාසි පනත් 1980 අංක 47 දරන ජාතික පරිසර පනත 1988 අංක 56 දරන ජාතික පරිසර (සංශෝධිත) පනත 2000 අංක 53 දරන ජාතික පරිසර (සංශෝධිත) පනත රෙගුලාසි ( ශබ්දය ) 1996.05.23 දින අංක 924/12 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව (සටහන- කර්මාන්ත මගින් සිදු කෙරෙන ශබ්ද දූෂණය) 1997.04.30 දින අංක 973/7 දරන ගැසට් නිවේදනය යටතේ පල කරන ලද ආඥාව (සටහන - 1996.05.23 දින අංක 924/12 දරන ගැසට් නිවේදනයට සිදු කරන ලද සංශෝධනය) 2011.12.29 දින අංක 1738/37 දරන ගැසට් නිවේදනය'' යටතේ පල කරන ලද ආඥාව (සටහන - ජාතික පාරිසරික (රථ වාහන නළා හැඬවීම) රෙගුලාසි) 2. ශබ්ද විකාශන බලපත්‍ර විස්තර චක්‍රලේඛය''' ව්‍යාපෘති උදෙසා ඉඩකඩ අවශ්‍ය වීම නිසාද වනාන්තර අහිමි වේ. වනාන්තර විනාශයෙන් වන පරිසර හානි. කාලගුණය වෙනස් වීම උදා-ගෝලීය උෂ්ණත්වය වැඩි වීම,ඍතු කාල සීමාව වෙනස් වීම ජෛව විවිධත්වය විකාශ වීම වෙරළ දූෂණය වෙරළ සංරක්ෂණ පනතේ වෙරළ කළාපය ලෙස දක්වා ඇත්තේ මධ්‍ය වඩදිය ඉම සිට ගොඩබිම දෙසට මීටර 300 ක සීමාවක් හා මධ්‍ය බාදිය ඉම සිට මුහුද දෙසට කිලෝමීටර ‍2 ක සීමාව ඇතුළත පිහිටි ප්‍රදේශයයි.තවද ගංගා, කලපු, දියපාරවල්ද ඊට අයත් වේ.මේ ආශ්‍රිතව ඇති වෙන යම් යම් අහිතකර බලපෑම් වෙරළ දූෂණය යන්නේ අදහස් වේ. වෙරළ දූෂණය වන ක්‍රම වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් කැලි කසල බැහැර කිරීම ඉස්සන් වගාව කොරල් පර විනාශය වෙරළ කලාපයේ සංවර්ධනය නිසා ඇතිවන අහිතකර බලපෑම් මහජනයාට වෙරළට යාමට ඇති අයිතිය උල්ලංඝනයවීම. වෙරළ කලාපයට අහිතකර බලපෑම් ඇතිවීම. ධීවර කටයුතු වලට බාධා වීම. විෂ හෝ අප ද්‍රව්‍ය ප්‍රමිතීන් ඉක්මවා යාම. ඉස්සන් වගාව නිසා වෙරළ කලාපයේ ඇති වන ගැටළු කඩොලාන විනාශවීම. නව ඇළ මාර්ග තැනීම නිසා පසෙහි ලවණ තාවය වැඩිවීම. භූගත ජල සම්පත අඩු වීම. ඉස්සන් වගාවේ අපවිත්‍ර ජලය කෙලින්ම කලපුවට මුදාහැරීම. ගංවතුර තර්ජන ඇති වීම. කොරල් පර විනාශය නිසා වෙරළ කලාපයේ ඇති වන ගැටළු වෙරළ ඛාදනය ඉහළයාම. වෙරළ සුන්දරත්වය නැතිවීම. සංචාරක කර්මාන්තයට බාධා ඇති වීම. ආශ්‍රිත ග්‍රන්ථ ඔබේ පරිසර අයිතිය පරිසර පදනම ශබ්ද දූෂණය අඩු කිරීමට දායක වෙමු ශබ්ද විකාශන යන්ත්‍ර අවසර පත්‍ර ලබාගැනීම ශබ්ද විකාශන බලපත්‍ර විස්තර චක්‍රලේඛය ශබ්ද දූෂණය ගැන අවධානයක් ලවුඩ්ස්‌පීකර් බුද්ධාගම - Divaina මේවාද බලන්න කාන්තාරීකරණය පරිසර දූෂණය
8,042
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%20%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA
වර්ග සංහාරය
විසි වන ශත වර්ෂය තුළ මෙම "වර්ග සංහාරය" ප්‍රබල ප්‍රශ්නයක් බවට පත් විය. එය අද ලෝකය පිළිගනු ලබන්නා වූ ශිෂ්ට සම්පන්න සමාජයකට පටහැනි වන්නා වූ අපරාධයකි. රුවන්ඩාවේ ටුට්සි ජාතිකයන් ඝාතනය මෑත කාලිනව සිදු වූ එවැනි එක් ඛේදවාදකයක් පමණි. අනෙකුත් යුධමය තත්වයන් මෙන් නොව වර්ග GENOCIDE පදයේ මූලාරම්භය Raphael Lemkin(1900- 1959) නම් පෝලන්ත - යුදෙව් ජාතික නීති විශාරද විසින් "Genicide" යන පදය මුල් වරට ප්‍රකාශ කරන ලදී. "genos" යන ග්‍රීක වචනයෙන්ද (ග්‍රීක භාෂාවෙන් එහි අර්ථය පවුල, ගෝත්‍රය,ජාතිය වේ.) "cide" යන ලතින් වචනයෙන්ද (ලතින් භාෂාවෙන් cide යනු යනු සමූල ඝාතනයයි.) සෑදුන ලද්දකි. මෙය යුදෙව් ජන සංහාරය සමයේ නිර්මාණය කරන ලද්දක් බැවින් ඔහුගේ අර්ථ නිරූපණය පටු එකකි. නට්සීන්ගේ යුදෙව් ජන සංහාරය හා ආමේනියානු ජන සංහාරය යන සිද්ධීන්ට පමණක් සිමා වූවකි. නමුත්වර්ග සංහාරය යන්න භෞතික වශයෙන් සිදු වන හානියට පමණක් සීමා නොවේ. යම් ජන සමූහයකගේ සංස්කෘතිය,ජීවන පැවැත්ම අහිමි කිරීමද ඊට අයත් වේ. ස්විට්සර්ලන්ත ජාතික මහාචාර්යය Julia Fribourg අනුව වර්ග සංහාරය යන්නට යම් ජන කොට්ඨාශයකගේ සංස්කෘතිය වාසස්ථාන භූමි අහිමි කිරිමේ අරමුණින් ඔවුන් අවතැන්භාවයට පත් කිරිමද ඇතුළත් වේ. වර්ග සංහාරය යන්නෙහි අදහස වර්ග සංහාරය යනු කුමක්ද යන්න සළකා බැලීමේදී වර්ග සංහාරය යන අපරාධය වැළැක්වීමේ හා දඬුවම් පැමිණවීම පිළිබඳ සම්මුතියේ දෙවන ව්‍යවස්ථාව දක්වන ලෙසට යම් ජන වර්ගයක් ,ජාතියක් ,ආගමික කණ්ඩායමකට අයත් පිරිසක් මරා දැමීම, බරපතළ ලෙස ශාරීරික හා මානසික හානි සිදු කිරීම, හිතාමතාම ඔවුන්ගේ ජීවන තත්ත්වයට හානි කිරීම,ශාරීරික වශයෙන් දුබලතාවයට පත් කිරීම,උපත් පාලනය කිරීම, බලහත්කාරයෙන් ළමුන් එක් ජන කොට්ඨාශයකින් තවත් ජන කොට්ඨාශයකට මාරු කිරීමයි. මෙහිදි එක් ජන කොට්ඨාශයක් යන්නෙහිදි මුළුමනින්ම ජන කොටස හෝ එහි කොටසක්ද සංහාරයට ලක් කිරිම අදහස් වේ. Rome statute of the International Criminal Court හි 06 වන ව්‍යවස්ථාව මඟින්ද මේ හා සමාන අර්ථ නිරූපණයක් ඉදිරිපත් කර තිබේ. Helen Fein අර්ථ දක්වන ආකාරයට ජන සංහාරය යන්න තුළ ජීව විද්‍යාත්මක වශයෙන් මෙන්ම සමාජමය වශයෙන්ද අදාළ පුද්ගල කොට්ඨාශය නැවත බිහි කිරිම වළක්වාලනු ලබයි.Lemkin නම් නීති විශාරදයා දක්වන පරිදි වර්ග සංහාරයේදි ක්ෂණිකව යම් ජාතියක් විනාශ වීම අදහස් වන්නේ නැත. එය අදාළ පුද්ගල කොට්ඨාශයේ පදනම විනාශ කිරිම අරමුණු කර ගත් යම් සැකැස්මක් සේම ඒ තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය විනාශ කර දැමීමක් ද සිදු විය හැකිය. වර්ග සංහාරය තුළ දේශපාලන, සමාජීය ආයතන තුළ සංස්කෘතිය, භාෂාව, ජාතික හැඟීම්,ආගම, ආර්ථික තත්ත්වයන් බිඳී යාමද පුද්ගල ආරක්ෂාව, නිදහස, ගෞරවය මෙන්ම තනි පුද්ගල ජීවිත විනාශ වී යාමද එම සැළැස්ම තුළ අන්තර්ගත විය හැකිය. ජන කොටසක් යන්න පිළිබඳව සළකා බැලීමේදී International Tribunal for the Former Yugoslovia මඟින් තීරණය කරන ලද prosecuter v Radislav Kristic හිදී "කොටස"(part)යන්න අර්ථ නිරූපණය කරයි. ඒ අනුව "කොටසක්" යන්න අදාළ ජන කොට්ඨාශවයන් සැළකිය යුතු කොටසක් විය යුතු බව තීරණය කරන ලදි. වර්ග සංහාරය යනු අපරාධයකි මනුෂ්‍යන් උත්පත්තියෙන්ම යම් අයිතිවාසිකම් සමූහයකට උරුමකම් කියයි. එම අයිතිවාසිකම් අද වන විට ලෝකයේ විවිධ සම්මුති මඟින් තව දුරටත් සුරක්ෂිත කර තිබේ.නමුත් වර්ග ඝාතනය තුළින් මිනිසුන්ගේ ජීවිතයට ඇති අයිතිය, ජාතිකත්වයට ඇති අයිතිය, කෲර හා අමානුෂික වධ හිංසාවන්ට ලක් නොවි සිටිමේ අයිතිය ද බරපතළ ලෙස උල්ලංඝනය කරයි. අප සියල්ලෝම මනුෂ්‍යන් වශයෙන් උපත ලබා ඇත්තෙමු. ජාතිය,වර්ගය, ආගම, කුලය අනුව කිසිම අයෙක් වෙනස් කොට නොසැළකිය යුතුය.වර්ග සංහාරයේදී යම් ජන කොට්ඨාශයක ඉදිරි පැවැත්ම අහිමි කරනු ලබයි. ළමුන්ගේ ජීවිත පවා විනාශ කර දැමීම ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය, අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රඥප්තිය මඟින්ද බැහැර කර තිබේ. එම අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට සියළු රාජ්‍යයන් බැඳී සිටී. ජාත්‍යන්තර නීතිය තුළ වර්ග සංහාරය වැළැක්වීම ජාත්‍යන්තර සම්මුති නීතිය මෑත කාලීන ලෝක ප්‍රවණතාව අනුව පෙනී යන්නේ ජාත්‍යන්තර ප්‍රජාව අමානුෂික ගණයේ අපරාධයක් ලෙස සළකන වර්ග සංහාරය විවිධ සම්මුති ඔස්සේ ප්‍රකාශිතවම ප්‍රතික්ෂේප කර ඇති බවයි. convention on the prevention and punishment of the crime genocide 1948 ජන සංහාරය මනුෂ්‍යත්වයට එරෙහි වු අපරාධයක් ලෙස දක්වා තිබේ. එහි පළමු වගන්තිය මඟින් ජන සංහාරය යන්න යුධ සමයේ සිදු වුවත් සාමකාමි කාලයක සිදු වුවත් අන්තර්ජාතික නීතිය යටතේ අපරාධයක් බව දක්වා ඇත. එහි දෙවන වගන්තිය මඟින් දක්වා ඇති පරිදි එය ජාතියක, ජන වර්ගයක හෝ ආගමික කොට්ඨාශයක් වැනි ජන සමූහයක් හෝ කොටසක් විනාශ කිරීමේ අරමුණින් සිදු කරන ලද්දක් විය යුතුය. මෙම සම්මුතිය 1951 සිට ක්‍රියාත්මක කිරීම ආරම්භ විය. මෙම සම්මුතියේ දුර්වලතා මෙහිදි ජන සංහාරය යන්නට ලබා දි ඇති අර්ථ නිරූපණය ප්‍රමාණවත් වන්නේ නැතැයි චෝදනා නැඟේ. M.Hassan Kakar ඔහුගේ The Soviet Invasion and the Afghan Response (1979- 1982) ග්‍රන්ථයේ තර්ක කරන පරිදි වර්ග සංහාරය සඳහා වූ අර්ථ නිරූපණය තුළට දේශපාලන කණ්ඩායමක් යන්න ඇතුළත් නොවීම අඩුපාඩුවකි. Rome Statute of International Criminal Court දෙවන වගන්තිය: වර්ග සංහාරය මනුෂයත්වයට එරෙහි අපරාධයක් බව පිළිගනී. මෑතකාලීන ඉතිහාසය තුළ අත්දැකීම් The Aghet : 1914 - 1923 කාලයේ ආමේනියානුවන්ට එරෙහි තුර්කි වර්ග සංහාරය The Holocaust : 1933 - 1945 කාලයේ ජර්මනියේ ඒකාධිපති පාලක ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසි හමුදාව යුදෙව්වන්,රෝම, රුසියානුවන් හා වහල් ජනයාටත් විරුද්ධ දේශපාලන මතධාරීන්ටත් එරෙහිව සිදු කරන ලද වර්ග සංහාරය The Kluner Rouge Genocide : 1975 - 1979 කාලයේ කාම්පූචියාවේ වියට්නාම, මුස්ලිම්, චීන සුළුතරයට එරෙහිව සිදු කරන ලද ජනසංහාරය යුරෝපීයන් අැමෙරිකාවෙි සිදුකරන ලද දේශීය ජනතාව ඝාතනය කිරීම The Hutu : 1994 රුවන්ඩාවේ ටුට්සි (Tutsi) සුළුතරයට හා හුටු (Hutu) විරෝධීන්ට එරෙහිව සිදු කරන ලද වර්ග සංහාරය 20 වන ශත වර්ෂය තුළ ප්‍රධාන වශයෙන් සිදු වු මෙම ජන සංහාරයන්ට අමතරව මෑත කාලීන ඉතිහාසය තුළ තවත් උදාහරණ කිපයකි. 1971 බංගලාදේශ (නැගෙනහිර පාකිස්ථාන) බෞද්ධ හින්දු ජනතාව සමූල ඝාතනය සෝවියට් කොමියුනිස්ට් රජය දේශපාලන,ආර්ථික හේතු මත කොමියුනිස්ට් විරෝධි ජාතික හා ආගමික කොටස් ඝාතනය චින කොමියුනිස්ට් රජය විසින් කරන ලද ටිබෙට් ජාතින් ඇතුළු සුළුතර කොටස් ඝාතනය නැමීබියාවේ හෙරෝරෝ ඝාතන බොස්නියාවේ මුස්ලිම් ඝාතන ඩාෆූර්හි කළු අප්‍රිකානු ඝාතන ඉරාකයේ කුර්දි ජනයා ඝාතනය ඇතමුන් ඕස්ට්‍රේලියානු රජය විසින් ඇබොර්ජියන් පවුල් වෙතින් ඔවුන්ගේ ළමුන් ඉවත් කිරීමට පියවර ගැනීමද සමූල ඝාතනයක් ලෙස දකී. වර්ග සංහාරය අපරාධයක් ලෙස ජාත්‍යන්තර අධිකරණය තුළ සාකච්ඡා වීම අද වර්ග සංහාරය හුදෙක් අන්තර්ජාතික නීතිය යටතේ වූ අපරාධයක් ලෙස සළකා බලන්නේ නැත. එය අද අනුලංඝනීය නියමයක් ලෙස ( jus cogens) සැවොම අනිවාර්යයෙන්අනුගමනය කළ යුතු "erga omnes" වගකීමක් බවට පත්ව තිබේ. ඒ අනුව සම්මුති නීතිය මඟින් පමණක් නොව චාරිත්‍රානුකූල නීතිය යටතේ පවා වර්ග සංහාරය ප්‍රතික්ෂේප කරනු ලැබේ. මේ අනුව අධිකරණ පර්ශද මඟින් මෙන්ම ජාත්‍යන්තර අධිකරණය යටතේ පවා ජන සංහාරය පිළිබඳ සළතා බැලූ අවස්ථා ඇත. අධිකරණ පර්ශද ( ad hoc tribunals) නියුරම්බර්ග් අධිකරණ පර්ශදය දෙවන ලෝක යුද්ධ සමයේ නාසි හමුදාව විසින් ජර්මනියේ සිදු කරන ලද වර්ග සංහාරය පිළිබඳ කරුණු විමර්ශනය කර දඬුවම් පැමිණවීම සිදු කරන ලදී. පැරණි යුගෝස්ලෝවියානු අධිකරණ පර්ශදය 1991 සිට බොස්නියාවේ සිදු කරන ලද ජන සංහාරය පිළිබඳ දඬුවම් නියම කරන ලදී. Republic Srpska Krajma හි අගමැති ඇතුළු පිරිසකට වසර 13 සිර දඬුවම් ද බොස්නියාවේ Serb හමුදා නිලධාරියෙකු වූ Vidoje Blagojevic වසර 18 සිර දඬුවම් සමඟ වර්ග සංහාරය පිළිබඳ දඬුවම් නියම කරන ලදී. රුවන්ඩා අධිකරණ පර්ශදය 1994 රුවන්ඩාවේ සිදු වූ සමූල ඝාතන පිළිබඳ නඩු විභාග කරන ලදී.Prosecutor v Jean Paul Akayesu හිදි පර්ශදය මඟින් අන්තර්ජාතික නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම පිළිබඳ වගකීම පවරන ලදී. අන්තර්ජාතික අධිකරණය අධිකරණ පර්ශද මඟින් පමණක් නොව අන්තර්ජාතික අධිකරණය පිහිටුවීමෙන් පසු වර්ග සංහාරය බරපතළ ගණයේ අපරාධයක් ලෙස සළකා එමඟින්ද මේ පිළිබඳ නඩු පැවරීමේ හැකියාව ඇත. Reservation to the Convention on the Prevention and Punishment of Genocide Case වර්ග ඝාතනය යන්න අද අන්තර්ජාතික නිතිය යටතේ අපරාධයක් වශයෙන් පමණක් නොව අනිවාර්යෙන් අනුගමනය කළ යුතු යයි බැඳීමක් ඇති කරවන ලද අනුලංඝනීය නියමයක් වශයෙන්ද පිළිගන්නා ලදි. Genocide in Dafur සුඩානය තුළ මනුෂ්‍යත්වයට එරෙහි වු අපරාධයන්, යුධ අපරාධයන් ආදිය සිදු වු බවට තීරණය කළ නමුත් වර්ග සංහාරය සිදු වූ බව ඔප්පු කළ නොහැකි විය. Bosnian Genocide Case සර්බියානු හමුදා විසින් අටදහසක් පමණ වු බොස්නියානු ජනයා ඝාතනය කිරිම, කෲර වධහිංසා පැමිණවීම ආදි අපරාධ අපරාධ රැසක් සිදු කර තිබුණි. නමුත් අවාසනාවන්ත ලෙස අධිකරණය ප්‍රකාශ කර සිටියේ වර්ග සංහාරය කිරීමට තරම් අවශ්‍ය වූ චේතනාව පෙන්විමට මෙහිදි හැකියාවක් ලැබි නොමැති බවයි. දේශීය නීති තත්ත්වයන් යටතේ වර්ග සංහාරය යන්න අපරාධයක් ලෙස කැනඩාව War Crimes against Humanity Act මඟින් වර්ග සංහාරය යන්න කැනඩාව තුළ සිදු කරනු ලැබුවද (කැනඩා දේශ සීමාවට පැමිණි පිටස්තරයෙකු සිදු කළද) කැනඩා දේශ සිමාවෙන් පිටතදී සිදු කරනු ලැබුවද කැනේඩියානු ජාතිකයෙක් විසින් සිදු කරනු ලැබුවද ඔහුට එරෙහිව නඩු පැවරීමේ හැකියාව ඇති බව පිළිගනී. නෙදර්ලන්තය 2005 දෙසැම්බර් මස ඕලන්ද අධිකරණය මඟින් Frans Van Anraut ට එරෙහිව ඉරාකයේ කුර්දි ජනයා ඝාතනය වූ සමයේ ඉරාකයට රසායනික අවි සැපයීම පිළිබඳ නඩු පවරන ලදී. නමුත් ඔහුට වර්ග සංහාරය යටතේ නොව යුධ අපරාධයක් ලෙස සළකා ඒ පිළිබඳ වගකීම පවරන ලදි. ස්පාඤ්ඤය 2005 වර්ෂයේ චීන ජාතිකයන් පිරිසකට එරෙහිව ටිබෙටයෙහි වර්ග ඝාතනය කිරීමට සහභාගි වීම පිළිබඳ නඩු පවරන ලද්දේ වර්ග ඝාතනය පිළිබඳ විශ්වමය අධිකරණ බලය තිබූ බැවිනි. ඇමරිකා එක්සත් ජනපදය ඇමරිකාවේ ෆෙඩරල් නිතිය තුළ ඇමරිකානුවකු කරන ලද වර්ග සංහාරයක් අපරාධයක් ලෙස හඳුනා ගනී. ඊට වරදකරුවකු වන වන අයකුට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ හැකිය. එක්සත් රාජධානිය International Criminal Court Act මෙහිදී බලපැවැත්වේ. එංගලන්ත සාමි මන්ත්‍රී මණ්ඩලය විසින් තීරණය කරන ලද පිනෝචේ නඩු තීන්දුව (pinochet case) වැදගත් සංදිස්ථානයකි. චිලි දේශයේ පිනෝචේ රාජ්‍ය සමයේ සිදු කරන ලද වර්ග සංහාරයන් හා අනෙකුත් යුධ අපරාධ පිළිබඳ පිනෝචේ උදර්පණය කරන ලෙස ඉල්ලා ස්පාඤ්ඤය නඩු පවරන ලදී. සාමි මන්ත්‍රී මණ්ඩලය තිරණය කරන ලද්දේ රාජ්‍යය නායකයෙකු වුවත් මනුෂයත්වයට එරෙහි අපරාධයක් වන වර්ග සංහාරය යන්නේ නායකයෙක්ට වගකීමෙන් මිදිය නොහැකි බවයි.මීට අමතරව බෙල්ජියම,ෆිජී ඇතුළු රටවල් වර්ග සංහාරය පිළිබඳව විශ්වමය අධිකරණ බලය පිළිගනී. වර්ග සංහාරය වැළැක්විමේ අභියෝග ජාත්‍යන්තර නීතිය බලාත්මක කිරිමේදී මතුවන ප්‍රායෝගික ගැටළු නිරන්තර අවධියෙන් සිටීමේ හැකියාව අඩු වීම දේශීය නීතිය මෙන්ම ජාත්‍යන්තර නීතියේ අර්ථ නිරූපණයේ පවතින දුර්වලතා Stages of Genocide and efforts to prevent 1996 හිදී "Genocide Watch" හි නිර්මාතෘ Gregory Stanton වර්ග සංහාරය පිළිබඳ පියවර 8ක් යෝජනා කර තිබේ(at United States Department of state). ඔහු යෝජනා කරන පරිදි වර්ග සංහාරය පියවර 8ක් ඔස්සේ වර්ධනය වන අතර එය කළින් අනාවැකි පළ කරන්නක් මිස ස්ථිර එකක් නොවේ. පරිශීලනය කළ මූලාශ්‍ර www.wekipedia.com www.preventgenocide.com Sri Lanka Journal of International Law (2006 - vol 18) මේ අඩවිත් බලන්න ජාත්‍යන්තර අපරාධ අධිකරණය වර්ග ඝාතනය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ විවිධ රටවල් තුළ සිදු වූ වර්ග සංහාරයන් ජාත්‍යන්තර අපරාධ නීතිය සමූහ ඝාතන Racism මිනීමැරීම් අපරාධ
8,043
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%20%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%20%E0%B6%8B%E0%B6%B4%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B7%80
විශ්වවිද්‍යාල සිංහල උපභාෂාව
එදා මෙදා තුර මානවයා සත්ත්වයාගෙන් වෙනස් වීමටත්, විශිෂ්ටත්වයට පත්වීමටත් මූලික හේතුව මානවයා සතු භාෂා හැකියාව යි. ඒ අනුව මානව සංස්කෘතියේ මූලිකාංගය වන්නේ භාෂාවයි. සොබා දහමින් ලැබුනු දේට පටහැනි ව මිනිසා විසින් එකතු කරන ලද,වෙනස් කරන ලද, භෞතික ආධ්‍යාත්මික දේවල් අපි සමස්තය යැයි කියමු. මෙම මහ සංස්කෘතිය යටතේ යම් යම් උප සංස්කෘති දක්නට ලැබේ. "උප සංස්කෘතියක් යනු පොදු සංස්කෘතිය පිළිගන්නා අතර ම එයින් පැහැදිලි ව වෙනස් වූ සිරිත් විරිත් හා සම්ප්‍රදායන්ගෙන් යුක්ත වූ ජන කණ්ඩායමක හැසිරීම යි." ප්‍රාදේශිකත්වය, භූගෝලීය විවිධතාව, රැකියාව, වයස, ජනවාර්ගිකත්වය, ආදී හේතු නිසා මෙම උප සංස්කෘති ඇතිවේ.මෙම උප සංස්කෘති යටතේ උප භාෂා ඇතිවේ. ප්‍රාදේශීය විවිධතාව අනුව ලංකාවේ මාතර උපභාෂාව දිගාමඩුළු, මොනරාගල, බස්නාහිර ආදී වශයෙන් උපභාෂා දක්නට ලැබේ. මීට අමතර ව රැකියාව, වයස, ස්ත්‍රී පුරුෂ බව, කුලය,වාර්ගිකත්වය ආදී හේතු නිසා විශ්ව විද්‍යාල උප සංස්කෘතිය භික්‍ෂු උප සංස්කෘතිය යාචක උප සංස්කෘතිය රොඩී උප සංස්කෘතිය බන්ධනාගාර උප සංස්කෘතිය ත්‍රීරෝද රථ රියදුරු උප සංස්කෘතිය ආදී උප සංස්කෘතීන් ඇතිවේ. විශ්ව විද්‍යාලය හා ඒ තුළ වෙසෙන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බාහිර ලෝකයෙන් වෙන් වූ උප සංස්කෘතියකට අයත් පිරිසක් ලෙස ඒකරාශි වී සිටිති. විශ්ව විද්‍යාලය ගත් කල එහි භාෂා විලාසය හා සිරිත් විරිත් සෙසු තැන්වලට වඩා වෙනස් ස්වරූපයක් ගනී. මෙම විශ්ව විද්‍යාල උප සංස්කෘතිය සමාජයේ වැඩි දෙනාගේ අවධානයට ලක් වූවකි.මෙහිදී මූලික වශයෙන් මහා සංස්කෘතියෙන් වෙනස් වූ උප සංස්කෘතියක් ඇතිවීම කෙරේ බලපෑ හේතු කීපයකි. බාහිර සමාජයෙන් වෙන් ව පැවතීම. එකම භූමියක වාසය කිරීම. එකම වයස් පරාසයක පිරිසක් වීම. සමාන අධ්‍යාපන සුදුසුකම් ලැබූ පිරිසක් වීම. සමාන කාර්‍යයන් වල නියැලීම. සමාන ගැටළු වලට මුහණ දීම. විශ්ව විද්‍යාල භාෂාව පිළිබඳ හැදින්වීමේ දී එය මහා සංස්කෘතියේ භාෂාවෙන් පැහැදිලිව වෙනස් වූවකි. විශ්ව විද්‍යාලය තුල පරිමිත භාෂා ව්‍යවහාරයකි.එනම් සමාජයේ විශේෂ වූ කාර්‍යයන් කීපයක් සඳහා පමණක් යෙදෙන්නකි.බොහෝවිට ප්‍රාදේශීය විවිධත්වය ආරක්‍ෂා වීමටත්,බාහිර සමාජයෙන් වෙන්වීමේ අවශ්‍යතාවත් නිසා මෙම විශ්ව විද්‍යාල භාෂාව ඇතිවී තිබේ. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය කොළඹ විශ්වවිද්‍යාලය පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය මොරටුව විශ්ව විද්‍යාලය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කැළණිය විශ්වවිද්‍යාලය රුහුණ විශ්වවිද්‍යාලයය යාපනය විශ්වවිද්‍යාලය අග්නිදිග විශ්වවිද්‍යාලය රජරට විශ්වවිද්‍යාලය නැගෙනහිර විශ්වවිද්‍යාලය වයඹ විශ්වවිද්‍යාලය සබරගමු විශ්වවිද්‍යාලය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය ආදිය මගින් නියෝජනය කෙරේ. ඒ අනුව විශ්ව විද්‍යාල තුළ ව්‍යවහාර වන භාෂාව පිළිබඳ අධ්‍යනය කිරීමේ දී ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියටම ඇතැම් වචන පොදුවේ. සමහර වචන විශ්ව විද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට වෙනස් වේ. උප භාෂාව පුද්ගලයින් හැඳින්වීමට විශ්ව විද්‍යාලයන්හි උප භාෂාව තුල පොදුවේ ව්‍යවහාර වන වචන: උප කුලපති - වීසි කාරයා, වී සී මහප්පා උප කුලපතිනි - ලොකු අම්මා මහාචාර්යවරයා - ප්‍රොෆා දේශකයා - ලෙචා ජ්‍යෙෂ්ඨ සිසුවා - සින්නා (සුපර් සින්නා, අඹ සින්නා, කරවල සින්නා) කණිෂ්ඨ සිසුවා - ජුන්නා නවක සිසුවා - ෆ්‍රෙෂා නවක සිසුවිය - ෆ්‍රෙෂී පෙම්වතා හෝ පෙම්වතිය - කොක්ක නිතරම පාඩම් කරන්නා - ක්‍රෑමා තමන්ගේ වසරේ සිටින සිසුවා හෝ සිසුවිය - බැචා හෝ බැචී බෝඩිමේ හෝ නේවාසිකාගාරයේ තමා සමඟ එක කාමරයේ සිටින්නා - රූමා විරූපී තරුණියන්ට වෙනම නම් භාවිතා කරයි. යකා - මදක් විරූපී තරුණිය සොමි යකා - එයට වඩා විරූපී වූ ඒත් "සොමියක්" ලැබෙන තරුණිය සිරා යකා - එයටත් වඩා විරූපී වූ තරුණිය අම්බ යකා - හොඳටම විරූපී තරුණිය අම්බානක් යකා - අතිශයින්ම විරූපී වූ යකෙක් හා සමාන භයානක පෙනුමක් ඇති තරුණිය අධ්‍යයන කටයුතු සම්බන්ධ ව්‍යවහාර වන වචන. ගිරවා දැමීම - කටපාඩම් කිරීම. ක්‍රෑම - පාඩම් කිරීම. කැලණිය විශ්ව විද්‍යාලයේ ක්‍රෑම වර්ග 5කි ජංගම ක්‍රෑම - ඇවිදිමින් එක් තැනක නොසිට පාඩම් කිරීම බොග ක්‍රෑම - වැසිකිලියට වී පාඩම් කිරීම ජංගල් ක්‍රෑම - එළිමහනේ ගස් යටට වී පාඩම් කිරීම ගරිල්ලා ක්‍රෑම - අන් අයගේ සටහන් සොරකම් කර පාඩම් කිරීම මෙන්ඩිස් ක්‍රෑම - ආත්මාර්ථකාමීලෙස අන් අයට උදව් නොකරමින් පාඩම් කිරීම කුප්පි දැමීම - විභාග ආසන්නයේදී දක්‍ෂ සිසුන් අනෙක් සිසුන්ට කරුණු කියාදීම "කුප්පි දානවා" නම් වේ. මෙහි උපවර්ගයක් නම් "කුප්පියේ" ප්‍රයෝජන ලබන්නෝ සියල්ල ශිෂ්‍යාවන් නම් එය "මල් පාත්තියකි". විෂයයන් සඳහා ව්‍යවහාර නම්: පේරාදෙණිය‍ සරසවියේ එක් එක් විෂයන්ටද නම් පවතී සමාජ විද්‍යාව - සමාජ රෝග මනෝ විද්‍යාව - පිස්සු විද්‍යාව දේශපාලන විද්‍යාව - බෙල්ල කැපීම ගණිතය - මීටරය අවුල් කිරීම ඉංග්‍රීසි - කඩ්ඩ දර්ශනය - පිස්සු දැකීම ආර්ථික විද්‍යාව - සූරා කෑම සහජ දක්‍ෂතා මත විභාග පාස් වන්නේ මීටරය සහිත පුද්ගලයෝය. කටපාඩම් කර විභාග සමත් වන්නේ "මෝටරය" මගිනි. විභාගය අසමත් වීම ඇණ ගැනීම යි. එවිට "රිපීට්" වීමට සිදුවේ. එනම් ඊ ළඟ වසරේ නැවත ලිවීමට සිදු වේ. තවත් ආකාරයක ඇණ ගැනීමක් ඇත එනම් පෙම්වතා හෝ පෙම්වතිය තමා අතහැරීම යි. දේශපාලනය සම්බන්‍ධ උප භාෂාව විශ්ව විද්‍යාලය තුල ක්‍රියාත්මක වන සිසු දේශපාලනය මගින් ද යම් සුවිශේෂී වචන ප්‍රමාණයක් නිර්මාණය වී තිබේ. විශ්ව විද්‍යාලයේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සිසුන් "ජෙප්පෝ" වේ. විශ්ව විද්‍යාලයේ සාරධර්ම කඩකරන පුද්ගලයා "අල වැඩ කරන්නෙකි". මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා හැඳින්වෙන්නේ මහා ශිෂ්‍යයා නමිනි. පේරාදෙණිය‍ විශ්ව විද්‍යාලයේ පැවිදි වී සිට සිවුර හල පුද්ගලයා "ලටෙක්" යනුවෙන් හැදින්වේ. විශ්ව විද්‍යාලය හැදින්වීමටද නම් සබරගමුව - බෙලිහුල්ඔය මහා විද්‍යාලය රෑහුණු - හුලං කන්ද මහා විද්‍යාලය කැලණිය - උණ පඳුර මධ්‍ය මහා විද්‍යාලය පේරාදෙණිය‍ සරසවියේ විවිධ පීඨයන් හැදින්වීම සඳහාත් නම් පින්තූර කඩේ - ශාස්ත්‍ර පීඨය මස් කඩේ - වෛද්‍ය පීඨය දත් කඩේ - දන්ත වෛද්‍ය පීඨය බලු මස් කඩේ - පශුවෛද්‍ය පීඨය සයිකල් පයිසයිකල් කඩේ - විද්‍යා පීඨය කම්මල් කඩේ - ඉන්ජිනේරු පීඨය මඩ කඩේ - කෘෂි විද්‍යා පීඨය සාත්තු කඩේ - සම සෞඛ්‍ය විද්‍යා පීඨය "හැන්ඩියට කෙල්ලො නෑ රූමන්ට ඇඳන් නෑ බ්‍රයිටන්ට ක්ලාස් නෑ" සරසවිය තුල ඇති කියමනකි. සිසුන් නේවාසිකාගාර තුල හා විශ්ව විද්‍යාල තුල පොදුවේ යම් යම් භාණ්ඩ පරිහරණය කිරීම හැඳින්වෙන්නේ "ගජේ දැමීම" නමිනි.ආර්ථික දුෂ්කරතා නිසා ඇදුම් පැළදුම් නිතර "ගජේ ගහන" භාණ්ඩ වේ. සිසුන් බස් හා දුම්රිය ගමන් වලදී මුදල් නොගෙවා යාම "ඉබ්බට යාම" වේ. මුදල් ද නොගෙවා ඉතිරි මුදල් ඉල්ලා සිටීම "කැස්බෑවාට යනවා" ලෙස හඳුන්වයි. පේරාදෙණිය‍ සරසවිය තුල සිසුන්ගේ මරණ ගෙදරකට සහභාගී වීම "කපකට යනවා" ලෙස හැඳින්වේ. මළ ගෙදරත් ඔවුන්ට ආහාර පාන ලබා දෙන කප්රුකකි. මේ නිසා එය " කප" ලෙස හැඳින්වේ. සිසුන් කරන බරපතල වැරදි වලට සැඟවී සිට පහර දීම "යකා ගහනවා" යනුවෙන් හැඳින්වේ. විශ්ව විද්‍යාලය තුල "බකට් කිරීම" ද සුලඹ දෙයකි. ෆ්‍රෙෂ් බකට්,මල් බකට්,කුණු බකට්,යනුවෙන් බකට් වර්ග තුනකි.සමහර සරසවි තුල මෙය "පොන්ඩ් කිරීම" ලෙස හැඳින්වේ. අන් අයගේ වැඩ කිරීම පේරාදෙණිය‍ සරසවිස තුල "ජෝන් වැඩ කරනවා" නම් වුවත් අනෙක් සරසවි වල මෙය කඩේ යාමකි. තරුණ තරුණියන් අන් අය සමඟ කතා නොකර ආඩම්බරයට සිටීම "ගැට්ට" ලෙස හැඳින්වේ. "ලොකු එක දෙනවා" ලෙස මෙය සමහර සරසවි වල භාවිතා වේ. සිනහ වීම විශ්ව විද්‍යාල භාෂාව තුල "පනාව දානවා" නම් වේ. තමා පැමිණි ප්‍රදේශ වල අය සමඟ පමණක් ඇසුරෑ කිරීම "කඩ දානවා" නම් වේ. ගාලු කඩේ, මාතර කඩේ, වැනි ඒ ඒ ප්‍රදේශ වලට සීමා වූ කඩ ඇත. විශ්ව විද්‍යාලය තුල නිදහසේ ප්‍රේම කිරීමට වෙන්වූ ස්ථාන පූජා බූමිය - රුහුණ සරසවිය ලවර්ස් ලේන් - පේරාදෙණිය‍ සරසවිය සිරීපාදේ - කොළඹ සරසවිය කජු කැලේ - මොරටුව සරසවිය සයිබීරියාව - කැලණිය සරසවිය හන්ටින් ඒරියා - රජරට සරසවිය බරණැස - ජයවර්ධනපුර සරසවිය ජුරාසික් පාක් - දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය, රාජගිරිය මීට අමතරව කලා පීඨයේ ආටා හා ආටිලා ඇත. ඉංජිනේරු පීඨයේ ඉංජා හා ඉංජිලා සිටී. වෛද්‍ය ශිෂ්‍යය ශිෂ්‍යාවන් මෙඩ්ඩා හා මෙඩ්ඩී වන අතර වෛද්‍යවරයා ඩොකා හා ඩොකී වේ. විද්‍යා පීඨයේ සිටින අය සයනා හා සයනී වේ. දන්ත වෛද්‍ය පීඨයේ සිටින්නේ ඩෙන්ටා හා ඩෙන්ටී වේ. මීට අමතරව විභාගයෙන් ඉහළින්ම සමත් වන පුද්ගලයා බැජ් ටොප් ලෙස හැඳින්වේ. විශ්ව විද්‍යාලයට පැමිණෙන සමහර සිසුන්ට "කාඩ් එකක්" මඩයා අම්බුජා හිච්චා ෂෝටා ලෙන්නා ඇටිලා ගොකුවා ආදී වශයෙනි. අන් අයගේ හාස්‍යයට ලක්වෙන ලෙස හැසිරෙන්නා "ගොන් පාට්" වේ. සාමූහික කාර්‍යයන්ගෙන් මගහැර තම පුද්ගලික කරෑණු පමණක් ඉටුකර ගන්නා පුද්ගලයන් "අපතයා/ අලයා"ලෙස හඳුන්වයි. සරසවි ආපන ශාලාවෙන් අඩු මුදලක් ගෙවා කෑම පිගානක් ගැනීම "අඩු කෑම" නම් වේ. සරසවියේ ඇති උප සංස්කෘතියට විරෝධය පාන සිසුන් මැඩ පැවැත්වීමට, මඩ පෝස්ටර් ගැසීම, බ්‍රහ්ම දණ්ඩනය, කුණු බකට් ආදී දේ ප්‍රධාන වේ. විශ්ව විද්‍යාලය තුල අභ්‍යාස පංති භාරව සිටින්නා "ටියුටා"ලෙස හැදින්වේ.මීට අමතරව සෙම් අලයෝ හා සෙම් ජෙප්පෝ ද සරසවිය තුල වෙසේ. එනම් ඔවුන් එකම දේශපාලන පක්‍ෂයකටවත් නිවැරදිව සම්බන්‍ධ නොවූ අයයි. ප්‍රේමය සම්බන්‍ධ උපභාෂාව තරුණයෙක් හා තරුණියක් ප්‍රේම සම්බන්‍ධයක් ඇතිකර ගැනීමට "කොක්කක් දාගන්නවා"යැයි කියනු ලැබේ. මෙය කොළඹ විශ්ව විද්‍යාලයේ "ගොඩ යාම" ලෙසද පේරාදෙණිය‍ විශ්ව විද්‍යාලයේ "හිච් වෙනවා" ලෙසද හදුන්වයි. පේරාදෙණිය‍ විශ්ව විද්‍යාලයේ පෙම්වතා පොර ලෙස හැදින්වේ. අනෙකුත් විශ්ව විද්‍යාල වල පෙම්වතිය "කොක්ක" ලෙස හැසින්වේ. දෙදෙනා එක්ව පෙම්බස් දෙඩීම කොළඹ විශ්ව විද්‍යාලයේදී "කැරට් කෑම" ලෙස හඳුන්වන අතර ඔවුනට බාධා කිරීම "උදැල්ල දැමීම" ලෙසද හැඳින්වේ. කණිෂ්ඨ සිසුවෙක් ජ්‍යේෂ්ඨ සිසුවියක් හා ප්‍රේම සම්බන්‍ධයක් ඇතිකර ගැනීම "ලැම්බට් වීම" වන අතර ප්‍රේමයෙන් පරාජය වීම හෝ අසාර්ථක වීම "ඇන ගැනීමකි". මේ ආකාරයට විශ්ව විද්‍යාල පද්ධතිය තුල වෙනම භාෂා ව්‍යවහාරයක් දක්නට ලැබේ. ආශ්‍රිත ග්‍රන්ථ තෙල් බැම්මෙන් ඔබ්බට - සමාජවාදී ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාල උපසංස්කෘතිය,සම්ප්‍රදාය යථාර්ථය හා වෙනස්වීම - එස්. ඩබ්. කපිල හේමන්ත සිංහල භාෂාව
8,044
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%20%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වෛද්‍යක්‍රම
ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පෙර පැවති වෛද්‍ය ක්‍රමය වූයේ පාරම්පරිකව පැවත ආ "දේශීය චිකිත්සාව" හෙවත් සිංහල වෙදකමයි. ශ්‍රී ලංකාව වෙත බුදු දහම සම්ප්‍රාප්ත වීමේ ප්‍රතිඵලයක් ලෙස ආයුර්වේදයද දායාද විය. ආයුර්වේදය ශ්‍රී ලංකාවට ලැබුනේ අවුරුදු තුන්දහසකටත් අධික කාලයක් තිස්සේ එය වැඩී වර්ධනය වූ ඉන්දියාව වෙතිනි.කෙසේ නමුත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය උතුරු ඉන්දීය ආයුර්වේද වෛද්‍ය සම්ප්‍රදාය, දකුණු ඉන්දීය සිද්ධ වෛද්‍ය සම්ප්‍රදාය, අරාබි යුනානි වෛද්‍ය සම්ප්‍රදාය, සහ ශ්‍රී ලංකාවේ පාරම්පරික දේශීය චිකිත්සා ක්‍රමය යන සියල්ලෙහි සංකලනයක් ලෙසින් පවතින්නකි. එසේ වුවද ශ්‍රී ලංකාව ස්වකීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ආවේනික සම්ප්‍රදායක් තුළ පවත්වා ගෙන යන අනන්‍ය වෛද්‍ය විද්‍යාවක් ලෙස පිළිගෙන තිබේ. ආයුර්වේදය යන්නෙහි අදහස ආයුෂ පවත්වා ගෙන යාමේ විද්‍යාව යනු ආයුර්වේදය යන්නෙහි අදහසයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය නිවාරණය පදනම් කර ගත්තකි. එහි ප්‍රතිකාර ක්‍රම මෙන්ම ඇවතුම් - පැවතුම් ක්‍රම හා වත් පිළිවෙත් ද පවතී. හුදෙක් රෝගයකට ප්‍රතිකාර කිරීමට වඩා රෝගයන්ට ගොදුරු නොවන පරිදි කායික - මානසික දෙ අංශයෙන්ම සුවදායී සෞඛ්‍යමත් ජීවිතයක් පවත්වා ගෙන යාම ආයුර්වේදය මගින් අදහස් කෙරේ. आयु़्रश्मिन् विद्य तेनेनवा आयुर् विन्दतिति आयुर्वेद: ආයුෂ පිළිබද ඉගැන්වන බැව්න් ආයුර්වෙදය නම් වේ. ශ්‍රී ලංකාවේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳ මූලාශ්‍ර ඓතිහාසික ග්‍රන්ථ හා පුරා විද්‍යාත්මක සාධක යනාදිය ඉපැරණි ශ්‍රී ලංකාවේ දියුණු,ව්‍යාප්ත එමෙන්ම විධිමත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක් පැවති බව සනාථ කරයි. ඓතිහාසික ග්‍රන්ථ - මහාවංශය ආරෝග්‍යශාලා ඉදිකිරීම, ඖෂධ හා ආහාර පාන වැනි දෑ සම්පාදනය කිරීම පිළිබඳ ව මහාවංශයෙහි තොරතුරු දැක්වේ. පුරාවිද්‍යාත්මක සාධක සිංහල ශිලා ලේඛන මුල් කාලීන බ්‍රාහ්මී ශිලා ලේඛන වල මේ පිළිබඳ ව සඳහන් නොවේ. නමුත් සෞඛ්‍යාරක්ෂාව පවත්වා ගෙන යාම,නිරෝගී සම්පත ආදී කරුණු පිළිබඳ ව මෙන්ම ආරෝග්‍යශාලා පිහිටුවීම හා සම්බන්ධ කරුණු ද සිංහල ශිලා ලේඛන මගින් දක්වයි. උදාහරණ මැදිරිගිරිය ආරාම සංකීර්ණයේ පිහිටි ආරෝග්‍යශාලාව සම්බන්ධ නීති රීති දක්වන vi මිහිඳු රජුගේ මැදිරිගිරිය පුවරු ලිපිය iv වන දප්පුල රජු විසින් ප්‍රධාන වෛද්‍යවරයෙකු වෙත ගම්වරයක් ප්‍රදානය කිරීම පිළිබඳ ව දැක්වෙන දෙවන දොරබාවිල ටැම් ලිපිය පැරණි ආරෝග්‍යශාලාවන්හි සහ වෛද්‍ය මෙවලම් හා උපකරණ වල නටඹුන් මිහින්තලේ,මැදිරිගිරිය,ආළාහණ පිරිවෙණ, ආදී ස්ථාන වලින් මෙම නෂ්ටාවශේෂ හමුවී තිබේ. ආරෝග්‍යශාලා මහාවංශය දක්වන පරිදි ශ්‍රී ලංකාවේ ආරෝග්‍යශාලා ඉදි කිරීම ක්‍රි.පූ.4 වන සියවසේ පණ්ඩුකාභය රජ සමය තරම් ඈත අතීතයකට දිවෙයි. ආරෝග්‍යශාලා ඉදි කිරීම පිළිබඳ අදහස පැහැදිලිවම බෞද්ධ සංකල්පයකි. මිහින්තලේ ආරාම සංකීර්ණයෙහි පිහිටුවා තිබූ ආරෝග්‍යශාලාවෙහි නටඹුන් වලට අනුව එය ලෝකයේ ප්‍රථම විධිමත් ආරෝග්‍යශාලාව වන බවට විශ්වාස කරයි. ශ්‍රී ලංකාවේ ආරෝග්‍යශාලා පිළිබඳ තොරතුරු ලබා ගත හැකි වැදගත්ම මූලාශ්‍රය වන්නේ මහාවංශයයි. පැරණි ශ්‍රී ලංකාවේ ආරෝග්‍යශාලා 1.ගෘහස්ථයන් සඳහා වන ආරෝග්‍යශාලා 2.ආරාමිකයන් සඳහා වන ආරෝග්‍යශාලා වශයෙන් දෙවර්ගයක් යටතේ හඳුනා ගත හැකිය. මහාවංශයෙහි තොරතුරු දක්වන්නේ ගෘහස්ථයන් සඳහා වන ආරෝග්‍යශාලා පිහිටුවීම සම්බන්ධයෙන් පමණි. ආරාමිකයන් සඳහා ඉදි කළ ආරෝග්‍යශාලා පිළිබඳ තොරතුරු ටැම් ලිපි ආදී ශිලා ලේඛන මගින් ද අනුරාධපුර, පොළෙනේනරුව වැනි ප්‍රදේශයන් වලින් හමුවූ නටඹුන් මගින් ද හෙළිදරව් වේ. ගෘහස්ථයන් සඳහා වන ආරෝග්‍යශාලා රටේ ප්‍රධාන පුරවැසියා වූ රජුගේ මාළිඟාවට යාව "බෙහෙත් ගේ " නමින් ස්ථිර වෛද්‍යාගාරයක් පිහිටුවා තිබිණි. මේ පිළිවෙත මහනුවර රාජධානි සමය වන තුරු පැවතිණි. පොදු ජනතාවගේ ප්‍රයේජනය පිණිස ආරෝග්‍යශාලා පිහිටුවීම රාජානුග්‍රහය මත සිදුවිය. ඒවා රෝගීන්ට නැවතී ප්‍රතිකාර ලැබීමට සුදුසු පරිදි සැළසුම් කර තිබිණි. එනම් නැවතී සිටීම පිණිස සාදන ලද්දේ යයි සැළකෙන කුටි වටේට මැද මිදුලක් හා ඊට යාබද ව පිහිටි පොදු පහසුකම් සහිත කාමර වලින් වටවූ දෙවන මිදුලක් ලෙස සැළසුම් කර ඇත. විශේෂ සේවා ආරෝග්‍යශාලා ගණනාවක් ද පැරණි ශ්‍රී ලංකාවෙහි ඉදිකොට තිබිණි.මින් බොහොමයක් ඉදිකොට තිබුණේ අනුරාධපුර නගරයේය. බුද්ධදාස රජු (ක්‍රි.ව. 362-409) ධාතුසේන රජු (ක්‍රි.ව. 460-478) ii උපතිස්ස රජු (ක්‍රි.ව. 522-524) i උදය රජ (ක්‍රි.ව. 790-792) යන රජවරුන් ආබාධිත සහ කොර තැනැත්තන් සඳහා රෝහල් පිහිටුවා තිබේ. බුද්ධදාස ii උපතිස්ස යන රජවරුන් අන්ධ තැනැත්තන් සඳහා විශේෂ රෝහල් පිහිටුවා තිබේ. මුල්ම මාතෘ නිවාසය ඉදිකරන ලද්දේ ii උපතිස්ස රජු විසිනැයි සෙල් ලිපියක සඳහන් වේ. ආරාමිකයන් සඳහා වන ආරෝග්‍යශාලා අනුරාධපුර, පොළොන්නරුව යන නගර ආශ්‍රිතව භික්ෂුන් වහන්සේ දෙදහසකට පමණ වාසය කළ හැකි ආරාම සංකීර්ණ පිහිටුවා තිබූ අතර ඒවායේ ආරෝග්‍යශාලා ද ඉදි කර තිබිණ. පැරණි ආරෝග්‍යශාලා වල නටඹුන් මෙතෙක් මතු කර ගැනීමට හැකිවී ඇත්තේ මිහින්තලේ,මැදිරිගිරිය,ආළාහණ පිරිවෙණ, ආදී ආරාම භූමි ප්‍රදේශ වලින් පමණි. මේ ස්ථාන වල තිබී සෙල් මුවා(ගලින් කරන ලද)‍ බෙහෙත් ඔරු සහ වෛද්‍ය උපකරණ හමුවී තිබේ. මීට අමතරව මැදිරිගිරිය ආරාම සංකීර්ණයේ පිහිටි ආරෝග්‍යශාලාව සම්බන්ධ නීති රීති දක්වන සෙල් ලිපියක් ද එම භූමි ප්‍රදේශයෙන් හමු වී තිබේ. බෙහෙත් ඔරු සහ වෛද්‍ය උපකරණ බෙහෙත් ඔරුව පැරණි වෛද්‍ය ක්‍රමයේ අපූර්ව නිර්මාණයකි. බෙහෙත් ඔරුවක් මුල් වරට සොයා ගත්තේ ඉතිහාසඥ එච්. සී. පී.බෙල් මහතා විසිනි. ඒ 1886 දී ථූපාරාම විහාර භූමිය ආශ්‍රිත නටඹුන් වලිනි. එහිදී ඖෂධීය දියර බෙහෙත් ඔරුවෙහි බහා ඒ මත රෝගී පුද්ගලයා ගිල්වා කරන ප්‍රතිකාර විධිය "අවගාහන කායික චිකිත්සාව" ලෙස හැඳින්වේ. අනුරාධපුර,මිහින්තලේ,මැදිරිගිරිය,දීඝවාපිය ආදී ස්ථාන වලින් මෙම බෙහෙත් ඔරු හමුවී තිබේ. ඒවා නව වන සියවස තරම් ඈත අතීතයකට හිමිකම් කියයි. තවද බුද්ධඝෝෂ හිමියන් විසින් පස් වන සියවසේ දී සිංහලෙන් පාලි බසට පරිවර්තනය කරන ලද අටුවා ග්‍රන්ථයකට අනුව උණු දිය පුරවන ලද භාජනයක රෝගියෙකු බස්සවා එම උණු දියෙන් තවා කරන චිකිත්සා ක්‍රමයක් ගැන සඳහන් වේ. එනම් "නිමර්ජන චිකිත්සාව "ක්‍රි.පූ. 5 වන සියවස තරම් අතීතයේ සිට භාවිතා වී ඇත. තනි ගල් කුට්ටියකින් නිර්මාණය කරන ලද බෙහෙත් ඔරුව වූකලී,ශරීරයේ හැඩය හා අනුරූප වන පරිදි හෑරීමෙන් සකස් කර ඇත.ඔසු දියර ෑපරිම ලෙස පිරිමසා ගැනීම සඳහා අවම ඔසු දියර ප්‍රමාණයක මුළු සිරුරම ගිල්විය හැකි පරිදි ඔරුවේ ඇතුළු පැත්ත සකස් කර තිබේ. ශාක යුෂ,කිරි,ගිතෙල්,තෙල් වර්ග,විනාකිරි ආදිය යොදා ගනිමින් ඒ ඒ රෝගී තත්වයන් අනුව වෙනස් සංයෝග වලින් යුතු ඖෂධීය දියරයන් තනාගෙන තිබේ. මෙම චිකිත්සා ක්‍රමය චර්ම රෝග,වාත රක්තය,අර්ශස් සහ උණ වැනි රෝගී තත්ත්වයන් වලට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගෙන තිබේ. බෙහෙත් ඔරු වලට අමතරව බෙහෙත් ඇඹරුම් ගල්, ගලින් සහ වානේ වලින් සෑදු කතුරු හා පිහි වැනි ශල්‍ය වෛද්‍ය උපකරණද නටඹුන් අතර තිබී හමුවී ඇත. ඖෂධ වර්ග සහ චිකිත්සා ක්‍රම ආයුර්වේදයේ භාවිතා වන ඖෂධ වර්ග වැඩි ගණනක ම මූලාශ්‍රය වන්නේ ශාකමය කොටස් ය. ඖෂධීය වටිනාකමක් ඇති ශාකයක පංචාංගය (මුල්,කොළ,පොතු,මල්,ඵල ) ඇසුරින් ඔෂධ නිපදවා තිබේ. ඔසු පැන්,යුෂ,තෛල,බෙහෙත් ගුලි,කල්ක,ආසව,කෂාය,අරිෂ්ඨ ආදී වශයෙන් ආයුර්වේදයේ ඖෂධ මාධ්‍යයන් භාවිතා වී තිබේ. ශාක ඖෂධ වලට අමතරව මී පැණි, සත්ව මූලාශ්‍ර වලින් නිපදවෙන ඖෂධ මෙන්ම විවිධ පාෂාණ වර්ගද ඖෂධ වශයෙන් භාවිතා කර තිබේ. ශ්‍රී ලංකාවේ ද ඔසු උයන් පවත්වා ගෙන ගොස් ඇති අතර මෙරට නොවැඩෙන ඖෂධ වර්ග ආනයනය කර තිබේ. සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව,චිකිත්සා ක්‍රම,ස්වස්ථතාව පවත්වා ගෙන යාමේ ක්‍රම,සහ ඖෂධ නිෂ්පාදනය සම්බන්ධ මධ්‍යස්ථානයක් තිබූ බව රිටිගල නටඹුන් ඇසුරින් පෙනේ. චිකිත්සා ක්‍රම සළකා බලන විට ඖෂධ පානය කිරීම පමණක් නොව ඖෂධීය තෙල් ගැල්වීම,සම්බාහනය,නස්‍ය කිරීම,සැත්කම් ආදිය සිදු කර තිබේ. මීට අමතරව දෛනික ව්‍යායාම්,යෝග හා භාවනා ක්‍රම ද ආහාර චර්යාවන් ද ප්‍රතිකාර ක්‍රම සමඟ බැඳී පැවතිණි. වෛද්‍යවරු දුරාතීතයේ වෛද්‍යවරු සමාජයේ සම්භාවනාවට හා ගෞරවාදරයට පත් වෘත්තිකයන් ලෙස පිළිගෙන ඇත. සිංහල රජවරුන් අතර වෛද්‍යවරුන් ලෙසද කටයුතු කර ඇත්තාහ. මේ නිසාම "රජ කෙනෙකු විය නොහැකි නම් වෙදැදුරෙකු වන්න" යනුවෙන් කියමනක් සිංහලයන් අතර ප්‍රචලිතව පවතී. බුද්ධදාස රජු (ක්‍රි.ව. 362-409) එසේ වෙදකම් කළ රජවරුන් අතර පුරෝගාමී වේ. ඔහු අති දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙකි. "සාරාර්ථ සංග්‍රහය" නම් වෛද්‍ය ග්‍රන්ථය රචනා කළේ එතුමාය. සතුන් ට පවා ඔහු වෙදකම් කර ඇත. vii වන අග්බෝ, මහා පරාක්‍රමබාහු වැනි රජවරුන්ද වෛද්‍යවරුන් ලෙස සේවය කර ඇත. රජවරුන්ට අමතරව භික්ෂූන් වහන්සේලා ද වෛද්‍ය කර්මයෙහි නිරත වූහ. වෛද්‍ය අධ්‍යාපනය ලබා දීමේ පුරෝගාමීන් වූයේද භික්ෂූන් වහන්සේය. වෛද්‍ය ග්‍රන්ථ වෛද්‍ය ග්‍රන්ථ ලිවීම සඳහා වැඩි වශයෙන් යොදා ගෙන තිබුනේ සංස්කෘත භාෂාවයි. මුල් කාලීන ව උගතුන්ගේ භාෂාවන් වූයේ ද පාලි සහ සංස්කෘත භාෂාවන්ය. මේ භාෂා දෙකෙහිම නිපුණත්වය ලැබූ බහුතරය වූ භික්ෂූන් වහන්සේ ලා විසින් වෛද්‍ය ග්‍රන්ථ ලියූ අතරම සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථ සිංහලයට පරිවර්තනය කර තිබේ. මුල් කාලීනව ග්‍රන්ථකරණයට යොදා ගත්තේ තල් පත් ඉරු වලින් තැනූ පුස්කොළ පොත්ය. ඒවායේ ලිවීම ඉතා දුෂ්කර සහ විශාල කාලයක් වැය වන්නක් වූ නිසා බොහෝ වෛද්‍යවරු දැනුම රැස් කර තබා ගත්තේ සිත් හි ධාරණය කර ගැනීමෙනි. ගද්‍යයට වඩා පද්‍යය පහසුවෙන් ධාරණය කර ගත හැකි වූ නිසා ඇතැම් වෛද්‍ය ක්‍රම සහ ඖෂධ වට්ටෝරු ආදිය පද්‍යයට නංවා මුඛ පරම්පරාගතව පවත්වා ගෙනැවිත්තිබේ. වර්තමානයේ දක්නට ලැබෙන පුස්කොළ පොත් වලින් බොහොමයක් ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය අළලා ලියනු ලැබ ඇති අතර ඒවා දෙවන ස්ථානය ගන්නේ ධර්මය සම්බන්ධයෙන් ලියැවී ඇති පුස්කොළ පොත් වලට පමණි. වෛද්‍ය අධ්‍යාපනය වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙනීම භික්ෂූන් වහන්සේලාගේ සහ ප්‍රභූ පවුල් වල උපත ලැබූවන්ගේ වරප්‍රසාදයක් විය. පැරණි වෛද්‍ය අධ්‍යාපනයෙහි මුල් බිම වූයේ බෞද්ධ පන්සලයි. එසේම පැරණි පුස්කොළ පොත් එක් රැස් කර තිබුණේද එහිය. වෛද්‍ය විද්‍යාව හැදෑරීමට අපේක්ෂා කරන්නන් විසින් එහි නිපුණ ආචාර්යවරයෙකු සොයා ගත යුතු විය. භික්ෂූන් වහන්සේ නමක් හෝ ගිහි වෛද්‍යාචාර්යවරයෙක් ගුරුවරයා විය.ශිෂ්‍යයා තුළ වෛද්‍ය විද්‍යාව ඉගෙනීමෙහි ලා සහජ දක්ෂතාවයක් පැවතීම සහ ශිෂ්‍යයා කෙරේ ආචාර්යවරයා තුළ ගොඩ නැඟෙන විශ්වසනීයත්වය වෙදකම පිළිබඳ ශාස්ත්‍රය පවරා දීමේදී වැදගත් වශයෙන් සළකා තිබේ. බොහෝ විට පන්සලේ හෝ වෙදැදුරුතුමාගේ නිවසේ හෝ වසර ගණනක් වෙසෙමින් ශාස්ත්‍රය හදාළ යුතු විය. නමුත් අද වන විට ආයුර්වේද වෛද්‍ය අධ්‍යාපනය විශ්ව විද්‍යාල මට්ටමින් පුළුල් වී තිබේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හා විදේශීන් ගේ බලපෑම අනුරාධපුර සහ පොළොන්නරු රාජධානි සමයන් හි ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉතා දියුණු මට්ටමක පැවතියද පොළොන්නරු රාජධානිය බිඳ වැටීමත් සමඟඉ එය පසුබෑමට ලක්විය. කෝට්ටේ යුගයෙහි දී පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය යම් පමණකින් හෝ නඟා සිටුවීමට උත්සාහ ගන්නා ලද්දේ 1707 දී රජකමට පත් නරේන්ද්‍රසිංහ රජු විසිනි. එතුමාගේ ආරාධනාව පරිදි වැලිවිට සරණංකර සඟරජ හිමිපාණන් විසින් " භේසජ්ජ මඤ්ජුසා" නම් පාලි වෛද්‍ය ග්‍රන්ථය සිංහලයට පරිවර්තනය කරන ලදි. සියවස් ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකීය ජනතාව සිය සෞඛ්‍යය පවත්වා ගෙන යාම සඳහා භාවිතා කළ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය1505 දී පෘතුගීසින් ගේ ආක්‍රමණයත් සමඟ සැළකිය යුතු ලෙස අභියෝගයට ලක් විය. පෘතුගීසි පාලන සමයේ කොළඹ, යාපනය සහ මන්නාරම යන නගරයන්හි රෝහල් පිහිටුවන ලදි. ලන්දේසින් විසින් එක් එක් ආරෝග්‍යශාලාවට දේශීය වෛද්‍යවරයෙකු බැගින් පත්කරනු ලැබීය. ඒ ලන්දේසි වෛද්‍යවරයාට සහය වීම පිණිසය. පෘතුගීසි හෝ ලන්දේසි මෙන් නොව බ්‍රිතාන්‍ය පාලකයෝ රට වැසියාට සෞඛ්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වූහ. මේ කාලයේ විවිධ වසංගත රෝග පැගිර යාම සුලභ කරුණක් විය. ඒ නිසා ගම් මට්ටමින් ජංගම බෙහෙත් ශාලා පිහිටුවීමට බ්‍රිතාන්‍ය ජාතිකයෝ පියවර ගත් අතර බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ප්‍රචලිත කරවූහ. 1858දී මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පිහිටු වූ බ්‍රිතාන්‍ය පාලකයෝ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය රජයේ වෛද්‍ය ක්‍රමය ලෙස දියුණු කළහ. මේ නිසා රට වැසියන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වෙතින් ඈත් වීමට පටන් ගත්හ. ශ්‍රී ලංකාවේ වර්තමාන ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවා පුළුල් වශයෙන් ක්‍රියාත්මක වන්නේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයයි. නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ද නව පිබිදීමක් දක්නට ඇත. විශෞෂයෙන් ශ්‍රී ලංකාව සංචාරකයන ආකර්ෂණය කරන තෝතැන්නක් බවට පත් වීමට ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය හේතු වී තිබේ. ඒ හැර ශ්‍රී ලාංකිකයන් ද පෙරට වඩා වැඩි උනන්දුවක් ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම සහ වත් පිළිවෛත් කෙරේ දක්වති. වර්තමානයේ ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයන් පුහුණු කිරීම විවිධ ආකාරයෙන් සිදුවේ. ඇතැම් විට බටහිර වෛද්‍ය සම්ප්‍රදායයන් අනුව ද වෛද්‍යවරු සහ හෙදියන් පුහුණු කෙරෙති. දේශීය වෛද්‍ය අමාත්‍යාංශයත් ඒ යටතේ පිහිටුවා ඇති ආයුර්වේද දෙපාර්තමේන්තුවත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සංවර්ධනය කිරීම හා ව්‍යාප්ත කිරීමෙහි ලා ප්‍රධාන කාර්යයක් ඉටු කරයි. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඉගැන්වීම හා පුහුණු කිරීම විධිමත් අන්දමින් සිදු කෙරේ. ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයන් ලියාපදිංචි කිරීම මගින් පිළිගැනීමක්,ප්‍රමිතියක් සහ ආරක්ෂණයක් සපයා ඇත. 1961 අංක 31 ආයුර්වේද පනත යටතේ ආයුර්වේද වෛද්‍ය සභාව පිහිටුවා ඇති අතර එමගින් සහ පනත මගින් දක්වන සුදුසුකම් සපුරාලන තැනැත්තන් වෛද්‍ය වෘත්තිකයන් ලෙස ලියාපදිංචි කෙරෙනු ලැබේ. එසේ ලියාපදිංචිය ලබා ගත් වෛද්‍යවරුන්ට පමණක් "වෛද්‍යාචාර්ය" යන නාමය භාවිතා කිරීමට අවසර තිබේ. ආයුර්වේද වෛද්‍ය අධ්‍යාපනය උපාධි මට්ටමින් පිළිගැනීම දේශීය වෛද්‍ය විද්‍යායතනය මගින් සහ ආයුර්වේද වෛද්‍ය සභාව මගින් සිදු කරයි. ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ දේශිය වෛද්‍ය විද්‍යාතනය හා කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ ගම්පහ වික්‍රමාරච්චි විද්‍යායතනය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සහ යුනානි වෛද්‍ය ක්‍රමය පිළිබඳ උපාධි පාඨමාලා පවත්වා ගෙන යයි. පින්තූර ගැලරිය මේවාත් බලන්න ආයුර්වේදය සිංහල වෙදකම මූලාශ්‍ර අපේ සංස්කෘතික උරුමය. ද්වීතීය කාණ්ඩය,සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය.1998 අඩවියෙන් පිටත පිටු Department of Ayurveda ආයුර්වේදය භෙ සජ්ජ්‍ය මංජුසාව
8,045
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%20%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%20%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
කඩොලාන පරිසර පද්ධතිය
කඩොලාන යනු කුමක් ද? කඩොලාන යනු බීජ දරන, අතිශය විශේෂණය වූ,පඳුරුවල සිට උස් ගස් දක්වා ප්‍රමාණයෙන් වෙනස් වන ශාක වේ. මේවා සාමාන්‍යයෙන් ආවරණය සහිත මුහුදු තීරයේ මෝය සහ කලපු ආශ්‍රිතව දක්නට ලැබේ. මිරිදිය ජලය හිඟවිම පස විටින් විට කරදියෙන් යටවුවත් ශාක වර්ධනයට වැදගත් මිරිදිය මෙම පරිසරයේ හිඟ සම්පතකි. මෙම තත්ත්වය පාරිභෝගික නිරුදකත්වය ලෙස හැදින්වේ. පාංශු ජලයේ ලවණතාව ඉහළ මට්ටමක පවතින නිසා ආස්‍රැතිය මගින් ජලය අවශෝෂණයට මෙහි දී බාධා ඇති වේ. මේ අභියෝග ජය ගැනීම සඳහා ශාක විවිධ අනුවර්තන දරයි. ලවණ ජලයෙන් අවශ්‍ය ජලය අවශෝෂණය කිරීමේ හැකියාව උදා: මහ කඩොල් ලුණු සහිත ජලය අවශෝෂණය කර පත්‍ර තුල ලුණු ගබඩා කිරීම හා පසුව පත්‍ර හලා දැමීම. උදා: තෙල ජලයෙන් ලුණු වෙන්කර පිට කිරීමට හැකි ග්‍රන්ථි පිහිටීම. උදා: මල් කඩොල්, හීන් කඩොල්. උත්ස්වේදනයේ දී පිටවන ජල ප්‍රමාණය අවම කර ශාකය තුල ජලය සංචිත කිරීම.මේ සඳහා අනුවර්තන දැකිය හැක. ඝණ උච්චර්මයක් පැවතීම. උදා: මුට්ටි කඩොල්, බෑරිය, පුංකඩ පත්‍ර කටු සහිත වීම. උදා: කටු ඉකිලිය. පත්‍ර මාංශල වීම. උදා: කිරල. පාංශු වාතය හිඟ වීම මුහුදු ජලයෙන් යටවීම නිසා පාංශු අවකාශවල ජලය රැඳීම හේතුවෙන් පාංශු වාතය හිඟ වී ඇත. මෙම අභියෝගය ජය ලැනීමට ද විවිධ අනුවර්තන පවතී. වායුධර මුල් පැවතීම.පොළවෙන් ඉහළට වැඩුණ වායුධර මුල් මගින් මුල්වල ශ්වසනයට අවශ්‍ය වාතය වායුගෝලයෙන් අවශෝෂණය කර දෙනු ලැබේ. උදා: මණ්ඩා, කිරල. දණිස් මුල් පැවතීම. මේවා ද පොළවෙන් ඉහළට වැඩී වායු හුවමාරුව සිදු කරයි. උදා: මල් කඩොල්. උපස්ථරය ලිහිල්, මඩ සහිත ස්වභාවයක් දැරීම පාංශු ජල ප්‍රමාණය අධික වීම නිසා සාමන්‍යයෙන් මෙම පරිසරයේ පොළව මඩ සහිත වේ. මේ නිසා ශාකය ඍජුව පවත්වා ගැනීමට හා හොඳින් පොළවට සවිවීමට අනුවර්තන දක්වයි. කරු මුල් හා කයිරු මුල් පැවතීම. ප්‍රධාන කඳෙන් පැන නගින කයිරු මුල් මෙන් ම අතුවලින් පැන නගින කරු මුල් ශාකයේ සංධාරණ ශක්තිය වැඩි කරයි. බීජ ප්‍රරෝහණයට අහිතකර පරිසරයක් පැවතීම නිර්වායු, ආම්ලික හා මඩ සහිත බිමක් පැවතීම ද වඩදිය බාදිය ඇතිවීම ද නිසා මෙම පරිසර පද්ධතිය තුල බීජ ප්‍රරෝහණයට සුදුසු තත්ත්වයක් නැත. ඒ නිසා ශාක ජලබුජතාව නම් අනුවර්තනය දරයි.එහි දී ප්‍රරෝහණය ආරම්භ වී කළල විකශනයේ පසු අවධිය වන තුරු ම බීජය මාතෘ ශාකයට සම්බන්ධ වී පවතී. මේ කාල සීමාව තුල බීජ ධරය දික් වී, කරලක් ලෙස දර්ශනය වේ.පොළවට වැටුණු පසු බීජය ප්‍රරෝහණයේ ඉතිරි කොටස පහසුවෙන් සම්පූර්ණ කරයි. උදා: මහ කඩොල්, මල් කඩොල්. ලෝකයේ කඩොලාන ව්‍යාප්තිය කඩොලාන සෞම්‍ය කලාපීය රටවල අන්තර් උදම් කලාපය තුළ දක්නට ලැබෙන විශේෂිත ශාක ප්‍රජාවකි.නමුත් ජපානය,ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්ලොරීඩා වෙරළ ආශ්‍රිත නිරක්ෂයට උතුරින් පිහිටි කොටස්වල සිට නවසීලන්තය,ආජන්ටිනාව වැනි නිරක්ෂයට දකුණින් පිහිටි ප්‍රදේශ දක්වා ම කඩොලාන ශාක ප්‍රජාව ව්‍යාප්ත වී ඇත. මෙම ශාක ප්‍රජාව වඩාත් පුළුල්ව ව්‍යාප්තව ඇත්තේ ඝර්ම කලාපීය රටවල පුහුදු ප්‍රදේශවල කලපු සහ බොකු ආශ්‍රිතව ය. ලෝකයේ ඇති කඩොලාන ශාක ප්‍රජාවන්ගේ ප්‍රමාණය හෙක්ටයාර මිලියන 15.9ක් ලෙස ගණනය කර ඇති අතර මින් හෙක්ටයාර මිලියන 4.25ක් එනම්, 27%ක් ඇත්තේ ඉන්දුනීසියාවේ ය. බ්‍රසීලයේ 16%ක් ද ඕස්ට්‍රේලියාවේ 7%ක් පමණ ද දැකිය හැක. ශ්‍රී ලංකාවේ කඩොලාන ව්‍යාප්තිය ශ්‍රී ලංකාවේ ඇති මුළු කඩොලාන ප්‍රමාණය හෙක්ටයාර 12500ක් පමණ වේ. කඩොලාන වඩා විශාල ලෙස ව්‍යාප්තව ඇත්තේ පුත්තලම් දිස්ත්‍රික්කයේ මෝයන් ආශ්‍රිතව ය. ඝනව වැඩුණු කඩොලාන නිරිත දිග, දකුණු ඊසාන ප්‍රදේශයන්හි කලපු ආශ්‍රිතව තැනින් තැන විසිරී ඇත. කඩොලාන ශාක කඩොලාන ශාකවල සුවිශේෂී බවට ප්‍රධානම හේතුව ඒවා වැඩෙන පරිසරයයි. සාමාන්‍යයෙන් කඩොලාන ශාක වර්ධනය වන්නේ අන්තර් උදම් කලාපය තුල මෝය හා කලපු ආශ්‍රිතව ය. මෙම ප්‍රදේශය විටින් විට ජලයෙන් වට වීම හේතුවෙන් මෙහි පස ආම්ලික හා මඩ සහිත වේ. ඒ නිසා මෙම පරිසරයේ නොනැසී පැවතීමට සුවිශේෂී අනුවර්තන අත්‍යවශ්‍ය වන අතර එවැනි අනුවර්තන පැවතීම නිසා කඩොලාන පරිසරයේ අයිතිය කඩොලාන ශාකවලට හිමි වී ඇත. ශ්‍රී ලංකාවේ බහුල කඩොලාන ශාක විශේෂ ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ කලපු හා මෝය ආදී ස්ථාන ආශ්‍රිතව කඩොලාන ශාක විශේෂ 23ක් පමණ දක්නට ලැ මහ කඩොල්- Rhizophro mucronta / Rhizophro apiculata මල් කඩොල්- Bruguera gymnorhiza රතු කඩොල්- Ceriops tagal මණ්ඩා- Avicennia marina බෑරිය- Lumnitzera recemosa තෙල- Excoecarias agallocha හීන් කඩොල්- Aegiceras cornicul කටු ඉකිලිය- Acanthus ilicifolius ගිංපොල් - Nypa fruticans ශ්‍රි ලංකාවේ ක‍ඩොලාන කඩොලාන පරිසරයේ සතුන් ශාක ප්‍රජාව මෙන් ම කඩොලාන පරිසරයේ සත්ත්ව ප්‍රජාව ද සුවිශේෂ වූ අනුවර්තනවලින් යුත් සොබාදහමේ අපූර්ව නිර්මාණයන්ගෙන් අනූන වේ. විශේෂයෙන් කකුළු විශේෂ,මට්ටි විශේෂ, බෙල්ලන් විශේෂ, මත්ස්‍ය විශේෂ හා පක්ෂි විශේෂ මෙම පරිසරයේ බහුලව දක්නට ලැබේ. කඩොලාන පරිසරයේ සත්ත්ව විශේෂ මඩ කකුළුවා තනි අඬු කකුළුවා මුහුදු කකුළුවා (සිනක්කාලි) මඩ පොකිරිස්සා කිරි ඉස්සා කඩොලාන මට්ටි ටෙලස්කෝපියම් බෙල්ලන් සෙරිතිඩිය බෙල්ලන් (ඌරි) ලිටොරාරිය බෙල්ලන් (කඩොල් බෙල්ලන්) කඩොලාන කවාටි දිය හූනා කඩොල් කොකා ඇලි කොකා ගලුවියන් හා මුහුදු ලිහිණියන් සිලි බිල්ලන් ගොඩයා මිරිදිය ජලය හිඟවිම පස විටින් විට කරදියෙන් යටවුවත් ශාක වර්ධනයට වැදගත් මිරිදිය මෙම පරිසරයේ හිඟ සම්පතකි. මෙම තත්ත්වය පාරිභෝගික නිරුදකත්වය ලෙස හැදින්වේ. පාංශු ජලයේ ලවණතාව ඉහළ මට්ටමක පවතින නිසා ආස්‍රැතිය මගින් ජලය අවශෝෂණයට මෙහි දී බාධා ඇති වේ. මේ අභියෝග ජය ගැනීම සඳහා ශාක විවිධ අනුවර්තන දරයි. ලවණ ජලයෙන් අවශ්‍ය ජලය අවශෝෂණය කිරීමේ හැකියාව උදා: මහ කඩොල් ලුණු සහිත ජලය අවශෝෂණය කර පත්‍ර තුල ලුණු ගබඩා කිරීම හා පසුව පත්‍ර හලා දැමීම. උදා: තෙල ජලයෙන් ලුණු වෙන්කර පිට කිරීමට හැකි ග්‍රන්ථි පිහිටීම. උදා: මල් කඩොල්, හීන් කඩොල්. උත්ස්වේදනයේ දී පිටවන ජල ප්‍රමාණය අවම කර ශාකය තුල ජලය සංචිත කිරීම.මේ සඳහා අනුවර්තන දැකිය හැක. ඝණ උච්චර්මයක් පැවතීම. උදා: මුට්ටි කඩොල්, බෑරිය, පුංකඩ පත්‍ර කටු සහිත වීම. උදා: කටු ඉකිලිය. පත්‍ර මාංශල වීම. උදා: කිරල. වඩදිය බාදිය හේතුවෙන් මෙහි ජීවත් වන සතුන්ට වරක දී ජලයෙන් යට වූ පරිසරයක ද තවත් වරක දී වායුගෝලයට නිරාවරණය වූ පරිසරයක ද ජීවත්වීමට සිදු වේ.ඒ නිසා බොහෝ කකුළු විශේෂවලට ජලක්ලෝම කුටීරයේ තෙතමනය දිගු කාල සීමාවක් රඳවා තබා ගැනීමේ හැකියාව ඇත. එමඟින් ඔවුන්ට වැඩි වේලාවක් භෞමික පරිසරයේ ජීවත්වීමේ හැකියාව ලැබී ඇත. දිය හූනා (Mud Skipper) වැනි මසුන්ගේ ලය වරල් හා ශ්‍රෝණි වරල් පැනීමට හා ගස් නැගීමට හැකි වන ලෙස අනුවර්තනය වී ඇති නිසා භෞමික පරිසරය තුල දී ද නොනැසී පැවතීමට ඔවුන්ට හැකි වී ඇත. කඩොලාන පරිසරයේ වැදගත්කම බොහෝ මසුන්, ඉස්සන්, කකුළුවන් වැනි සත්ත්ව විශේෂවල ලාබාල අවධි ගත කරන ස්ථාන මෙන් ම අභිජනන ස්ථානයක් වීම. කුඩා සතුන්ට විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා සැඟවී සිටීමට හැකි වීම හා ආහාර සුලභ වීම. කඩොලාන ශාක මඟින් පත්‍ර හා අනෙකුත් ශාක කොටස් ලෙස කාබනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පරිසරයට එකතු කිරීම. ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය අධික වීම. මෙම පරිසර පද්ධතිය මගින් ජීවීන් විශාල සංඛ්‍යාවකට ආහාර සැපයීම. වෙරළාසන්න ප්‍රදේශවලින් මුහුදට එකතු වන දූෂිත ජලය රඳවා තබා ගනිමින් ඒවායේ විෂ බව පහත හෙළීම මගින් පරිසර දූෂණය අවම කිරිමට දායක වීම. මෝය හා ඉවුරු ඛාදනය වැළැක්වීම. ධීවර කර්මාන්තය සඳහා මසුන් බහුල ස්ථානයක් වීම හා මත්ස්‍ය උගුල් ලබා ගත හැකි ස්ථානයක් වීම. මාළු දැල් සඳහා සායම් ලෙස ද ඔරු සඳහා දැව ද මෙම පරිසරයෙන් ලබා ගත හැක. කඩොලාන ශාක ඉන්ධන, දැව, පොහොර හා ඖෂධ ලෙස ද යොදා ගනි. පරිභෝජනය සඳහා කැරන් කොකු ද පැදුරු හා කූඩා විවීමට පන් වර්ග ද සපයා ගත හැකිවීම. ශාක හා සත්ත්ව විවිධත්වය නිසා ජීව විද්‍යාව හදාරන්නන්ට කඩොලාන පරිසරය එළිමහන් විද්‍යාගාරයක් වීම. කඩොලාන යනු පාරිසරික හා ආර්ථික අංශවලින් ඉතා වැදගත් පරිසර පද්ධතියකි. නමුත් මිනිස් ක්‍රියාකාරකම් හේතු කොට ගෙන මෙම පරිසර පද්ධතිය විනාශවීමේ තර්ජනයට මුහුණ දී තිබේ. එබැවින් අනාගත පරපුරේ පැවැත්ම උදෙසා කඩොලාන පරිසරය ආරක්ෂා කිරීම අද පරපුරේ යුතුකමක් මෙන් ම වගකීමක් ද වේ. ආශ්‍රිත ග්‍රන්ථ සමුද්‍ර දූෂණය වැළැක්වීමේ අධිකාරිය, සමුදුර පුවත්, 2006 - අප්‍රේල් කලාපය - වෙළුම 2. සමාජ අධ්‍යයනය (පැරණි නිර්දේශය) - 9 වසර. සිළුමිණ පුවත්පත (රසඳුන). වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් පත්‍රිකා. මේ අඩවිත් බලන්න ක‍ඩොලාන - ශ්‍රි ලංකා ක‍ඩොලාන ජීව විද්‍යාව
8,046
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B6%B0%20%E0%B7%84%E0%B7%92%E0%B6%82%E0%B7%83%E0%B7%8F%E0%B7%80
වධ හිංසාව
වධ හිංසා උදෙසා දේශියව මෙන්ම ජාත්‍යන්තරවද විවිධ අර්ථනිරුපන ලබා දී තිබේ.ඒ කුමන අර්ථනිරුපනය තුලට වැටෙන වධ හිංසාවක් වුවත් තමනට සිදුවනවාට කිසිවෙකු කැමති නොවන අතර ,එවැනි වධ හිංසාතුලින් වැලකී සිටිමට සැමවිටම ප්‍රයත්න දරනු ලබයි.මෙලෙස යමෙකුට වධ හිංසාවක් වීමේ අවධානමක් තිබේ නම් ඉන් වැළකී සිටීමටත් අයිතියක් ඇත. ජාත්‍යන්තර නීතිය තුල වධ හිංසාව වැලැක්වීමේ ප්‍රතිපාදන 1984 ද් එක්සත් ජාතින් විසින් වධ දීම හා අනෙකුත් කෲර,අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුතිය සම්මත කරන ලදි.මෙම සම්මූතියේ 22 වගන්තිය අනුව රාජ්‍යක යූද්ධයක් වේ යැයි ඇති තර්ජන, අභ්‍යන්තර දේශපාලන අස්ථාවර භාවය ,හදිසිභාවය වැනි කරුණූ මත වධ හිංසාවට ව්‍යතිරේඛ නොවේ.එනම් ජාත්‍යන්තරය තුල වධ හිංසාව මානව වර්ගයාටම එරෙහි අපරාධයක් ලෙස සලකමින් අනුලංගනීය (Jus cogense) (එනම් කිසි ලෙසකින් උල්ලංගනය කළ නොහැකි) අයිතියක් ලෙස දක්වා ඇත.මේනිසා වධ හිංසාව සිදුවන රටට පමණක් නොව වෙත් රටකට වූවද එ පිළිබද විශ්වමය අධිකරණ බලය හිමි වී ඇත.එනම් වධ හිංසාව සිදු කරන්නෙකුට ඒරෙහිව ඕනැම රටකට නඩු පැවරිය හැකිය. නිදසුන් -පිනොචේ නඩුවේදි චිලි රටේ නායකයා වන පිනොචේ කරන ලද වධ හිංසාවන්ට අදාලව ස්පාඤ්ඤ රජයට නඩු පැවරිමට හැකි වූයේ මෙම විශ්වමය අධිකරණ බලය නිසාවෙනි. 1948 මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය 5වන වගන්තිය තුලින් වධ හිංසාව වැලැක්විමට පියවර ගෙන ඇත. 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මූතයේ 7වන වගන්තිය තුලින් වධ හිංසාව වැලැක්විමට පියවර ගෙන ඇත. වධ හිංසා සිදු කිරීමෙ ක්‍රම දණහිස් මගින් එල්ලීම විටින් විට ශරීරයට පහර දීම. පා පහර දීම. අතුල් පහර දීම. නිර්වස්ත්‍ර කොට ශරීරයට උණු වතුර හෙලීම හා විදුලිය ඇල්ලීම වධ හිංසා ලැබීමේ ප්‍රතිඵල කාන්සාව විශාදය(අසහනය) නින්දා සහගතබව ආත්ම ශක්තිය හීන වීම අධික විඩාබර බව අලස බව සමාජ සබදතාවලින් ඈත් වීම ලිංගික බෙලහීනත්වය මරණය වධ හිංසාවට එරෙහිව ක්‍රියාත්මක වන මිණුම් දඩු වධ හිංසක ක්‍රියා හෙලා දැකීම වධ හිංසා පැමිනවීම නීතිමය ලෙස තහනම් කිරීම සිරකරුවන් පිළිගත් ස්ථානවල රදවා තැබීම නඩු පැවරීම වන්දි ගෙවීම අදාල ජාත්‍යන්තර සම්මුති ස්ථිර කිරීම විවිධ රටවල තත්‍වය ශ්‍රී ලංකාව ශ්‍රි ලංකා නීතිය තුල වධ හිංසාව පිළිබඳ ප්‍රතිපාදන වධ හිංසාව පැමිනවීමෙන් මානව අයිතිවාසිකම් උල්ලංගනය කිරිම මානව ඉතිහාසය පුරාම දක්නට ලැබේ.පුරාණ ශ්‍රී ලංකාවේ පැවති වධ හිංසන වර්ග 32 ක් පිළිබද සදහන් වේ.එකල රාජ පුරුෂයින් විසින් වධ හිංසා කිරි‍මේ තත්ත්වය ක්‍රියාත්මක කළ අතර එවි නීත්‍යානූකූල ලෙස සැලකීය.නමුත් ඒවා ඉතා අමානුෂික,අවමන් සහගත ලෙස ක්‍රියාත්මක විය.සිංහල රජ කාලයේ දෙන ලද වධ හිංසා පිළිබද රොබට් නොක්ස් තම "එදා හෙළ දිවයින" නම් ග්‍රන්ථයේ හොදින් නිරුපනය කොට ඇත්තේය. අතීතයේ ලංකවේ සිදුවන වධ හිංසාව වැලැක්විම උදෙසා සකස් කර තිබූ නීතිමය ප්‍රතිපාදන "ටැම් ලිපි" හා "ශිලා ලේඛන" වල සදහන් කොට ඇත.නමුත් මේවා විධිමත් ලෙස සකස් කරන ලද්දේ 1815 බ්‍රිතාන්‍ය විසින් කන්ද උඩරට ප්‍රභූන් අතර අත්සන් කල "කන්ද උඩරට ගිවිසුම" තුල 6 වන වගන්තිය තුල "ගාත්‍රා සන්ධිස්ථාන අයයවයන් කැපීමෙන් කරන නානා ප්‍රකාර වූ ශරීර වධ වේදනා නැති කරන්ඩ සහා තහනම් කරන්ඩ යෙදුනායැ" ලෙස සදහන් කොට ඇත. අද වන විටදි ලංකාව තුල රාජ්‍ය අංශයට අදාලව සිදු කරන වධ හිංසාවන් සම්බන්ධයෙන් විවේචන එල්ල වනුයේ පොලිසිය,බන්ධනාගාරය,පාසල් වලටයි.ඒ අතරින් පොලිසිය උදෙසා වැඩි විවේචන එල්ල වී ඇත්තේය.මන්ද අදාල පුද්ගලයන්ගේන්,එනම් සැකරුවන්ගෙන් තොරතුරු ලබා ගැනීම උදෙසා මෙලෙස වධ හිංසාවට ලක්කරන බවයි.නමුත් මෙවැනි වධ හිංසා වැලැක්විම උදෙසා ලංකා නීතිය තුල පහත පියවර ගෙන ඇත. 1895 අංක 14 දරණ සාක්‍ෂි ආඥා පනත 25 වන වගන්තිය "පොලිස් නිලධාරියෙකුට කරන ලද වරද කියා පැමක් චෝදනා ලැබ සිටින්නකුට විරුද්ධව ඔප්පු නොකල යුතුය."ඉන් අත් අඩංගුවට පත් පුද්ගලයෙකුට බලපැම් කර හෝ වධ හිංසා කර හෝ ප්‍රකාශ ලබා ගැනිම වලක්වා ඇත. 26(1) උප වගන්තිය "පොලිස් නිලධාරියෙකුගේ ආරක්‍ෂාව යටතේ සිටින කාලය තුල යම් තැනැත්තකු විසින් කරනු ලබන වරද කියා පෑම ඔහුට විරුද්ධව ඔප්පු කල නොහැකිය." මෙහිදි මහේස්ත්‍රාත් ඉදිරියේ කරනු ලබන වරද කියා පෑමක් පමනක් ඔහුට විරුද්ධව ඔප්පු කිරිමේ හැකියාව ලබා දී ඇත්තේ ද ඔහුට වධ හිංසා කර ප්‍රකාශ ලබා ගැනීම වැලැක්වීම සදහාය. 1979 අංක 15 දරණ අපරාධ නඩුව්ධාන සංග්‍රහා පනත 28 වන වගන්තිය "සිර භාරයට ගනු ලැබූ තැනැත්තෙකු ඔහු පැනයාම වැලැක්වීමෙහිලා අවශ්‍ය ප්‍රමානයට වැඩි හැඩ පැවත්වීමක් ඔහු සම්බන්ධයෙන් නොකල යුතුය." 38 වන වගන්තිය "වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා සෑම පුද්ගලයකු පිළිබඳව පොලිස් ස්ථාන භාර නිලධාරි විසින් අදාල මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්ථා කළ යුතුය." මෙමගින් සිරභාරයට පත් පුද්ගලයින්ට පොලිසිය හෝ අනෙක් සාම නිලධාරින් අතින් වන වධ බන්ධන වලින් වැලැක්වීමට කටයුතු කරයි. 1994 අංක 22 වධ දීම හා අනෙකුත් කෲර,අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුති පනත ශ්‍රි ලංකාව එක්සත් ජාතින් විසින් සම්මත කළ වධ දීම හා අනෙකුත් කෲර,අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුතිය 1984 දී අත්සන් කිරීම හා පසුව එයි ප්‍රතිපාදනයන් ආශ්‍රයෙන් 1994 අංක 22 හරහා ඉහත පනත ලංකාව තුල වධ හිංසාව වැලැක්විම උදෙසා ප්‍රතිපාදන සැලැස්වීය.එහි 2 වන වගන්තිය වධ දෙන,වධ දීමට තැත්කරන,වධ අනුබල දෙන හෝ වධ දීමට කුමන්ත්‍රනය කරන අයෙකු "මෙම පනත යටතේ වරදකරුවකු වන අතර වසර 7ක සිර දඩුවමකට ලක්වන්නේය. පනත යටතේ වධ හිංසාවට වරදකරුවකු වීමට එම වධ හිංසාව පහත අයුරින් සිදුකල තිබිය යුතුය. අදාල පුද්ගලයා පිලිබද හෝ තුන්වැනි පාර්ශවය පිළිබද තොරතුරක් හෝ පාපොච්චාරනයක් ලබා ගැනීමග අදාල පුද්ගලයා හෝ තුන්වැනි පාර්ශවය විසින් කළ ක්‍රියාවට දඩුවම් කිරීම. අදාල පුද්ගලයාට හෝ තුන්වැනි පාර්ශවීය පුද්ගලයකු තර්ජනය කර බිය වැද්දිමෙන් එකඟ කර ගැනීම සදහා 1996 අංක 21 දරණ ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත මෙම පනත යටතේ වධ හිංසාවක් සිදු වූ හෝ සිදු වීමට අත්‍යාසන්න තත්ත්වයක් පිළිබඳ විමර්ශනය කොට ඒ පිළිබඳ නිර්දේශ නිකුත් කිරිමට බලය ඇත.පනත යටතේ ,ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ හෝ හදිසි රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගයන් හා එකී පුද්ගලයන්ගේ රැදවුම් ස්ථානමාරු කිරිම පීළිබද පැය 48 ඇතුලත ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැන් විය යුතුයැයි(28 වන වගන්තිය) ප්‍රතිපාදන සලසා ඇත. එසේම කොමිෂන් සභා පනත තුල බලතල යටතේ බලයලත් නිලධරීන්ට පොලිසිය,බන්ධනාගාර ඇතුළු රැදවුම් ස්ථාන පරීක්‍ෂා කිරීමට හා එකී කරුණු පරීක්‍ෂා කර ඒ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරිම උදෙසා ප්‍රතිපාදන සලසා ඇත.මෙම ප්‍රතිපාදන හරහා අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට සිදුකරනු ලබන වධ හිංසාවන් නීතිය මගින් තුරන් කිරිමට කටයුතු කර ඇත. පොලිස් ආඥා පනත අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් වධ හිංසාවට ලක් වීම වැලැක්විම උදෙසා පියවර ගෙන ඇත.එනම් පොලිස් දෙපාර්තමේන්තු රෙගුලාසි මගින් රැදවියන්ට සැළකිය යුතු ආකාරය හා උප සේවා නියෝග මගින් ද දක්වා ඇත්තේ රැදවියන් පිළිබද නිරන්තරයෙන් පරීක්‍ෂා කළ යුතු බවත්,ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද සැලකිය යුතු බවත්ය. 2001 අංක 11 දරණ අධ්‍යාපන චක්‍ර ලේඛනය මගින් පාසැල් තුල සිදුකරන ශාරීරික දඩුවම් දීම සම්පූර්නයෙන් තහනම් කරන ලදි. ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල ඇති ප්‍රතිපාදන 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පිළිබද දැක්වෙන 3 වැනි පරිච්ජේදයේ 11 වන ව්‍යවස්ථාව යටතේ දක්වන්නේ "කිසිම තැනැත්තෙකු වධ හිංසාවලට හෝ කෲර,අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට ලක් නොකල යුත්තේය. 17 වන ව්‍යවස්ථාව අනුව එවැනි වධහිංසාවක් රජයේ විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් සිදු වූයේ නම් හානියට පත් වූ පූද්ගලයාට හෝ ඔහුගේ නීතිඥයාට මාස 1 ක් ඇතුළත ශ්‍රේඨාධිකරණයට පැමිණිලි කර සහන ලබා ගත හැකිය.(126 වන ව්‍යවස්ථාව).මෙම 11වන ව්‍යවස්ථාව කිසිදු ලෙස සීමාවට ලක් කළ නොහැකිය.එමගින් තවදුරටත් වධ හිංසාව නවතා ඇත. නඩු තීන්දු නීතිය තුල වධ හිංසාව පිළිබද ප්‍රතිපාදන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව යටතේ හානියට පත් පුද්ගලයාට හෝ ඔහුගේ නීතිඥයාට නඩු පැවරිමට ශ්‍රේඨාධිකරණයට යා හැකි වූව ද මුල්කාලීන නඩු තීරණ තුලදී ඊට ලැබුණු ඉඩ ප්‍රමාණය අවම විය.නිදසුන් ලෙස සෝමාවති එ වීරසිංහ (1990 2 SLR 121) නඩුවේ දි ස්වාමියා සිරගත වී සිටින විට භාර්යාව ගෙන ආ නඩුකරය ප්‍රතික්‍ෂ්ප විය. නමුත් ඉංදියාවේ මහජන සුභසාධක නඩුකර පුළුල් වන විට දී ලංකාවේ 44 වන විටදි ශ්‍රේඨාධිකරණ රීති හරහා හානියට පත් පුද්ගලයා වෙනුයෙන් වෙනත් පාර්ශ්වයකට නියෝජනය වෙමින් පෙරකලාසිය අත්සන් කිරිමට අවසර දී ඇත. මේ අනුව ඇනස්ලීන් ප්‍රනාන්දු එ සරත් පෙරේරා (1992 1SLR 411) හීදී තම පුතා නීතිවිරෝධි ලෙස අත්අඩංගුවට ගෙන ශාරීරික වධ හිංසා කලා යැයි තම මවට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ‍ගෙන ඒම හරහා ඇයට වන්දි ලබාගත හැකි විය.එසේම ශ්‍රියානි සිල්වා එ OIC පයාගල (2003 2SLR 630 ) සැමියා සිර භාරයේ සිටිය දි වධ හිංසාවට ලක්ව මිය යාම ‍වෙනුවෙන් භාර්යාවට හා දරුවන්ට අනුප්‍රාප්තික අයිතිය යටතේ නඩු පැවරීමට හැකි විය. තවද වධ හිංසාව මානසික ලෙස සිදු වූ ඩග්ලස් බණඩාර (2000 1 SLR 225) නඩුවේ දි විදුහල්පතිවරයෙකු සිසුවෙකුට කම්මූල් පහරක් දිම නිසා වූ අවමානය නිසා 11 ව්‍යවස්ථාව යටතේ සහන ලබා ගත හැකි විය. ලංකාවේ වධහිංසා පිළිබද සහන මේ අඩවිත් බලන්න මානව අයිතිවාසිකම් ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය
8,047
https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%8F%E0%B6%AB%E0%B7%92%E0%B6%A2%20%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94
වාණිජ බැංකු
බැංකු යනු විවිධ ආකාරයට නිර්වචනය කොට ඇති ආයතන විශේෂයකි. බැංකුවක ප්‍රාථමික කටයුත්ත වන්නේ මුදල් ණයට ගැනීම හා මුදල් ණයට දීමයි. මේ අනුව බැංකුවක් යනු මුදල් හා ණය පිළිබඳ ගණුදෙනු කරන වෙළෙන්ඳෙකු ලෙස හදුන්වා දීමට පුළුවන. දීර්ඝ කාලයක් පුරා වර්ධනය වීමෙනුත්,විශේෂීකරණය වීමෙනුත් අද වන විට බැංකු විවිධ සේවා සපයන ආයතන බවට පත්ව තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් වාණිජ බැංකු,උකස් බැංකු, ආයෝජන බැංකු,ඉතුරුම් බැංකු, නිවාස බැංකු, අපනයන බැංකු, ග්‍රාමීය බැංකු අදී විශේෂිත බැංකු බිහිවී තිබේ. මේවා අතරින් වැදගත්ම සහ ප්‍රමුඛම මූල්‍ය ආයතන ලෙස වාණිජ බැංකු හැදින්විය හැකිය. ඊට හේතුව බොහොමයක් රටවල පැරණිතම මූල්‍ය සහ රටේ මූල්‍ය ආයතන අතරින් රටේ මූල්‍ය වත්කම්වලින් වැඩිම ප්‍රමාණයක් හිමිකර ගෙන සිටින ආයතන බවට වාණිජ බැංකු පත්ව තිබීමයි. මීට අමතරව පොදු ජනතාව හා ව්‍යාපාරික ප්‍රජාව සමඟ වැඩි වශයෙන් සමීපව කටයුතු කරන වාණිජ බැංකු වෙළඳ හා වාණිජ කටයුතු වලත් මුදල් ආර්ථිකයේත් ජීව රුධිරය බවට පත්ව තිබේ. වාණිජ බැංකු වාණිජ බැංකු යනු මූලික වශයෙන් ලාභ ඉපයීමේ පරමාර්ථය සහිතව මූල්‍ය අතරමැදිකරණ කාර්යයේ නිරත සංවිධිත කොටස් සමාගම් ක්‍රමයකි.වාණිජ බැංකුවක් ඉතුරුම්,ස්ථාවර,ජංගම තැන්පතු යන ඕනෑම තැන්පතු වර්ගයක් භාරගනු ලැබුවද, වාණිජ බැංකුවක් පිළිබඳ නිර්වචනය සපයනු ලබන්නේ ජංගම තැන්පතු මඟිනි. මේ අනුව, "චෙක්පතකින් හෝ විධානයකින් හෝ අන්‍ය ආකාරයකින් හෝ ඉල්ලූ විටෙක ආපසු ගෙවීමේ පොරොන්දුවට යටත්ව මහජනයාගෙන් මුදල් තැන්පතු භාරගැනීම සිය ප්‍රධාන කාර්යය කර ගත් මූල්‍ය ආයතන විශේෂය වාණිජ බැංකු ලෙස හදුන්වයි." ඒ අනුව වෙනත් මූල්‍ය ආයතන හා වෙනත් බැංකු සහ වාණිජ බැංකු අතර ප්‍රධානතම වෙනස්කම වන්නේ වාණිජ බැංකු පොලී රහිත ජංගම පවත්වා ගනිමින් චෙක්පත් භාවිතයෙන් ගණුදෙනු කටයුතු කිරීමයි. මීට අමතරව තවත් ප්‍රධාන ලක්‍ෂණයක් වන්නේ ආර්ථිකයක මුදල් මැවීමේ ක්‍රියාවලියට හා විදේශ විනිමය ගණුදෙනුවලට වාණිජ බැංකු සම්බන්ධ වීමයි. ඒ අනුව, "වාණිජ බැංකුවක් යනු ඉල්ලුම් තැන්පතු හෙවත් ජංගම ගිණුම් පවත්වා ගෙන යමින් මදල් මැවීමට හැකියාව ඇති, විදේශ විනිමය ගණුදෙනුවල යෙදෙන මූල්‍යායතන විශේෂයකි." වාණිජ බැංකු කටයුතු නෛතික වශයෙන් ද හදුනාගෙන තිබේ. ඒ අනුව 1988 අංක 30 දරන බැංකු පනතෙහි 86 වන වගන්තියට අනුව බැංකු ව්‍යාපාරය පොදුවේ හදුන්වා ඇත්තේ මෙලෙසිනි. "බැංකු ව්‍යාපාරය යන්නේ ඉල්ලු විට චෙක්පත්, අණකර, ඇණවුම් මඟින් හෝ අන්‍යාකාරයෙන් ගෙවිය යුතු මුදල් තැන්පතු පිළිගැනීමේ මාර්ගයෙන් මහජනයාගෙන් අරමුදල් ලබාගැනීමේ ව්‍යාපාරය සහ ඒ අරමුදල් සම්පූර්ණයෙන් හෝ කොටස්වලින් අත්තිකාරම්, ආයෝජන හෝ නීතියෙන් හෝ සාම්ප්‍රදායික බැංකු පිළිවෙත්වලින් බලය ලැබුණු වෙනත් යම් මෙහෙයුම් සඳහා යෙදවීම අදහස් වේ." වාණිජ බැංකුවල ප්‍රධාන අරමුණු 1.ද්‍රවශීලතාව ආරක්ෂා කිරීම වාණිජ බැංකු එදිනෙදා ගණුදෙනු සඳහා මුහුණ දීමේ හැකියාව මින් අදහස් වේ. ගණුදෙනුකරුවන් තුල බැංකුව පිළිබඳ ඇති විශ්වාශය තහවුරු කිරීම සඳහා තැන්පතු ඉල්ලූ විටෙක ආපසු ගෙවීමට ප්‍රමාණවත් මුදල් සංචිතයක් පවත්වා ගෙන යා යුතුය.මේ සඳහා ඕනෑම වාණිජ බැංකුවක් තම වත්කම් වලින් කොටසක් ද්‍රවශීල වත්කම් ලෙස තබා ගනී. ඒ අනුව ද්‍රවශීලතාව වාණිජ බැංකුවක පැවැත්ම තීරණය කරනු ලබන ප්‍රධානම සාධකයකි. 2.ලාභදායීත්වය වර්ධනය වාණිජ බැංකු ආයෝජනයට ප්‍රමාණවත් ඉපයුමක් ලැබීමට ඇති හැකියාව මින් අදහස් වේ. කොටස්කරුවන්ට ප්‍රමාණවත් ගෙවීමක් කිරීමටත්, අනාගත වර්ධනයටත්, තරඟයට සාර්ථකව මුහුණ දීමටත් ප්‍රමාණවත් ලාභයක් ඉපැයිය යුතුය. මේ සඳහා වාණිජ බැංකු සිය වත්කම් වලින් කොටසක් ද්‍රවශීල නොවන වත්කම් ලෙස තබා ගනී. වාණිජ බැංකු ලාභ උපයන ආයතන වේ. මෙම ආයතන එදිනෙදා කටයුතු කරගෙන යාමේදී තැන්පතු මුදල් ඉල්ලූ විට ආපසු ගෙවීමට ඇති හැකියාව පවත්වා ගත යුතුය. මේ නිසා බැංකු සිය වත්කම් වලින් කොටසක් ද්‍රවහිල වත්ක් ලෙස තබා ගනී. එහෙත් ඒවායේ ආදායම් ඉපැයීමේ හැකියාව අඩුය. ද්‍රවශීල නොවන අනෙකුත් වත්කම්වල ආදායම් ඉපැයීමේ ශක්තිය වැඩිය. නමුත් ද්‍රවශලතාව අඩුය. මේ අනුව ද්‍රවශීලතාවය හා ලාභදායීත්වය අකර ඇත්තේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ සම්බන්ධතාවයකි. එබැවින් වාණිජ බැංකු තම වත්කම් ව්‍යුහය සකස් කර ගැනීමේදී ලාභ ඉපැයීම හා ද්‍රවශීලතාව පවත්වා ගැනීම යන අරමුණු අතර තුලනයක් ඇති කර ගනී. වාණිජ බැංකුවල කාර්යයන් වාණිජ බැංකු ප්‍රධාන වශයෙන් සිදුකරන්නේ මූල්‍ය අතරමැදිකරණයකි. එනම් ආර්ථිකයේ අතිරික්ත ඉතුරුම් ඒකකයන්හි සිට හිඟ ඉතුරුම් ඒකක දක්වා අරමුදග් ප්‍රවාහ ගලායාම සඳහා පහසුකම් සැලසිමකි. වාණිජ බැංකුවේ ප්‍රමුඛ කාර්යය ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය. තැන්පතු භාර ගැනීම ණය සම්පාදනය තැන්පතු භාර ගැනීම පහත සඳහන් ඕනෑම ආකාරයක තැන්පතු භාර ගැනීමට වාණිජ බැංකුවකට හැකිය. i.ඉල්ලුම් තැන්පතු ii.ඉතුරුම් තැන්පතු බාල වයස්කාර තැන්පතු ධන ආයෝජන ගිණුම් නිර්නේවාසික විදේශීය ව්‍යවහාර මුදල් ගිණුම් නේවාසික විදේශීය ව්‍යවහාර මුදල් ගිණුම් iii.ස්ථාවර තැන්පතු ණය සම්පාදනය බැංකුවක පවතින තැන්පතු අරමුදල් වලින් ණය ලබා ගැනීමට අපේක්ෂා කරන ඒකකයන්ට ණය සම්පාදනය කරනු ලැබේ. බොහෝවිට ණයදීම සිදුකෙරෙන්නේ සුදුසු සුරැකුම් ඇප හෝ පුද්ගල ඇප මත වේ. අයකර ගැනීමේ කාලය අනුව ණය දෙවර්ගයකි. i.කෙටි කාලීන ණය අයිරා ණය කෙටි කාලීන ණය යෝජන ක්‍රම අන්තර් බැංකු දෛනික රුපියල් ණය ii.දිගු කාලීන ණය ප්‍රාග්ධන වත්කම් මිලදී ගැනීම් ව්‍යාපාර ආරම්භ කිරීම්/ දියුණු කිරීම් වාණිජ අවශ්‍යතා කර්මාන්ත ආරම්භ කිරීම වාණිජ බැංකු පවත්වාගෙන යන සෙසු කාර්යයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය. නියෝජිත සේවා වාණිජ බැංකු විසින් ඉතා පුළුල් පරාසයක ආයෝජන සේවා සපයනු ලැබේ. ගණුදෙනුකරුවන්ගේ නමින් ලාභාංශ සහ ප්‍රාග්ධන ලාභ රැස්කිරීම, බැඳුම්කර කූපන් ගැනීම්-විකිණීම් සේවා, නව ව්‍යාපාර කොටස් අයදුම්පත් පිළිබඳ කටයුතු කිරීම යනාදී ආයෝජන සේවා සපයයි. වාණිජ බැංකු සිය ගණුදෙනුකරුවන් වෙනුවෙන් චෙක්පත්, බිල්පත්, පොරොන්දු නෝට්ටු රැස්කිරීම සහ විවිධාකාර ගෙවීම් සිදුකරයි. භාරකාරත්වය ඉසිලීම, උපදේශන සේවා සැපයීමද, වෙනත් බැංකු සහ මූල්‍ය ආයතන සඳහා ගණුදෙනුකරුවන් වෙනුවෙන් පෙනී සිටීම වාණිජ බැංකු සපයන තවත් නියෝජිත සේවාවන්ය. පොදු උපයෝගීතා සේවා බැංකු අණකර, ණයවර ලිපි හා සංචාරක චෙක්පත් නිකුත් කිරීම, විනිමය බිල්පත් භාර ගැනීම, සුරැකුම්පත්, ස්වර්ණාභරණ, ලියකියවිලි, ඔප්පු, අන්තිම කැමති පත්‍ර, යනාදී වටිනා ද්‍රව්‍ය හා ලියවිලි ආරක්ෂා කරදීම, උකස් ණය සැපයීම හා ණය කාඩ්පත්, හර කාඩ්පත් යනාදිය නිකුත් කිරීම අයත් වේ. මීට අමතරව විදේශ විනිමය ගණුදෙනුවලට අදාල පහසුකම් සැපයීම, විදේශ වෙළඳ කටයුතු වලදී අවශ්‍ය පහසුකම් සැපයීම, තොරතුරු සේවා සැපයීමද ඉතා වැදගත් උපයෝගීතා සේවාවන් වේ. වාණිජ බැංකු ශේෂ පත්‍රය වාණිජ බැංකුවක කටයුතු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට වාණිජ බැංකුවේ ශේෂ පත්‍රය පරීක්‍ෂා කළ යුතුය. වාණිජ බැංකු තනිව තම බැංකුවට අදාල ශේෂ පත්‍රය පිළියෙල කරන අතර වාණිජ බැංකු පද්ධතියේම ශේෂ පත්‍ර සියල්ල එකට එකතු කිරීමෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රයෝජනය සඳහා ඒකාබද්ධ ශේෂ පත්‍රයක් පිළියෙල කරයි. ශේෂ පත්‍රය පිරික්සීමෙන් ලාභදායීතාව රැකගැනීමට වාණිජ බැංකු ක්‍රියා කර ඇති අන්දම, මුදල් සැපයුම, මුදල් මැවීමේ හැකියාව, ද්‍රවශීලතාව ආදී කරුණු රැසක් විශ්ලේෂණය කළ හැකිය. එනම් බැංකුවේ මූල්‍ය තත්වය අවබෝධ කර ගත හැකිය. වාණිජ බැංකු ශේෂ පත්‍රය වත්කම් සහ වගකීම් ව්‍යුහයකින් සමන්විතය. මේ අනුව ශේස පත්‍රයෙහි ප්‍රධාන අයිතම දෙකකි. වත්කම් වගකීම් වාණිජ බැංකුවක් මූලික වශයෙන් කොටස් හිමියන්, තැන්පත්කරුවන්, සහ වෙනත් අරමුදල් සපයන්නන් ඇසුරින් අරමුදල් සම්පාදනය කර ගනී. මෙම අරමුදල් සම්පාදන ප්‍රභව සියල්ල බැංකුවේ වගකීම් වේ. එකී වගකීම් තුලින් බැංකුව ණය සැපයීම, සුරැකුම්පත් හා සංචිත රැස්කිරීම හා විවිධ වත්කම් අත්කර ගැනීම සිදුකරයි. වාණිජ බැංකු වගකීම් බැංකුවක් සතු වගකීම් හෙවත් බැරකම් ලෙස හැඳින්වෙන්නේ බැංකුවේ ගණුදෙනුකරුවන්ට බැංකුව වෙතින් අයවිය යුතු දේ හෙවත් බැංකුව විසින් සිය ගණුදෙනුකරුවන්ට ගෙවීමට-පියවීමට ඇති දේ පිළිබඳවය.බැංකුවක මුළු වගකිම් යටතට අයත් දිගු හා කෙටිකාලීන ණය, අයිරා වැනි වගකීම් සහ කොටස් ප්‍රාග්ධනය, සංචිත වැනි හිමිකම් වගකීම් වන්නේ කෙදිනක හෝ කුමන අවස්ථාවක හෝ ඒවා හිමිකරුවන්ට සහ බාහිර පාර්ශවයන්ට ගෙවීමට සිදුවන බැවිනි. වාණිජ බැංකුවේ වගකීම් ව්‍යුහය මගින් වාණිජ බැංකුවේ අරමුදල් ප්‍රභව දැක්වේ. වාණිජ බැංකුවේ වගකීම් ව්‍යුහයෙහි ප්‍රධාන අයිතම පහත පරිදිය. ඉල්ලුම් තැන්පතු ඉතුරුම් හා කාලීන තැන්පතු වෙනත් ණය ගැනීම් හිමිකරුවනගේ ප්‍රාග්ධනය වෙනත් ව්‍යාපාර ආයතන සමඟ සසඳන විට වාණිජ බැංකුවක වැදගත්ම ලක්‍ෂණය ප්‍රාග්ධනයට සාපේක්‍ෂව ණය වගකීම් ඉතාම ඉහළ වීමයි. බොහෝවිට එය 90% ද ඉක්මවා සිටී. වාණිජ බැංකු වත්කම් වත්කම් ලෙස හැඳින්වෙන්නේ මුදල්, ගොඩනැගිලි, කාර්යාල උපකරණ හා යන්ත්‍ර-කර්මාන්තශාලා යනාදී ව්‍යාපාර ආයතනයක් සතු ඕනෑම දෙයකි. වාණිජ බැංකුවේ වත්කම් ව්‍යුහය ඉහළ ද්‍රවශීලතා වත්කමේ සිට පහළ ද්‍රවශීලතා වත්කම දක්වා පෙළ ගස්වන ලද අයිතමයන්ගෙන් සමන්විත වන අතර වාණජ බැංකු වත්කම් මගින් අරමුදල් භාවිතය දැක්වේ. වත්කම් පෙළ ගස්වා ඇත්තේ පහත ආකාරයෙනි. 1.මුදල් අයිතම අතැති මුදල් මහ බැංකුවේ ඇති මුදල් ශේෂ(සංචිත) දේශීය බැංකුවලින් අයවිය යුතු මුදල් එකතු වෙමින් පවතින මුදල් ශේෂ අතැති සහ පිටරට බැංකුවලින් අයවිය යුතු විදේශීය මුදල් ශේෂ 2.ආයෝජන සුරැකුම්පත් රජයේ සුරැකුම්පත් අනෙකුත් සුරැකුම්පත් අනෙකුත් ආයෝජන 3.ණය මිලට ගත් හා වට්ටම් කළ බිල්පත් ණය අයිරා ණය මුදල් 4.ස්ථාවර හා අනෙකුත් වත්කම් වාණිජ බැංකුවක් ආරම්භ කිරීමට සපුරා ලියයුතු මූලික අවශ්‍යතා මහබැංකුවේ මුදල් මණ්ඩලයෙන් බලපත්‍රයක් ලබාගත යුතු වීම.(1988 අංක 30 දරන බැංකු පනත අනුව ) සමාගම් පනත යටතේ සී/ස පොදු සමාගමක් ලෙස හෝ පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටුවන ආයතනයක් වීම. ගෙවා නිමි ප්‍රාග්ධනය රුපියල් මිලියන 20000 කට නොඅඩු වීම. විදේශ සමාගමක් නම් ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේ නැවත ලියාපදිංචි කළ යුතු වීම. ලියාපදිංචි ලියවිලිවල සමාගමේ මූලික පරමාර්ථය ලෙස බැංකු ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහන් වීම. ආශ්‍රිත මූලාශ්‍ර-"ස‍ටහන" ශ්‍රී ලංකා මහ බැංකුවේ සමාජ හා ආර්ථික විද්‍යා මාසිකය
8,049
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B6%B8%E0%B6%AD
කමත
ගොයම් කැපීම කළ කුඹු‍රේ උස පෙදස කමත ලෙසින් යොදා ගැනේ.කමත යන වචනය "කලතේ" යන හෙළ වදනින් බිඳී ආවකි. "කළවිට"ලෙස ද කමත හදුන්වයි. ගොවීන් සාම්ප්‍රදායිකව භාවිත කළ කමත් වර්ග තුනක් දක්නට ලැබේ. එනම්, 1. බිම් කමත 2. ගල් කමත 3. වෙල් කමත් යනුවෙනි. කමත් වර්ග බිම් කමත - බිත්තර වී වෙන්කර ගැනීමට හොඳම බිම් කමතයි. මීට මූලිකත්වය හිමිවේ ගල් කමත - ස්වභාවිකව පිහිට තිබෙන කළු ගල් තලාව ගල් කමත ලෙස හැදින්වේ. වෙල් කමත - වෙල් කමත යොදාගනු ලබන්නේ හදිසි අවස්ථාවන්හිදීය.උදාහරණ ලෙස වසංගත රෝග,කුර ලෙඩ ,බෝවෙන රෝග පැතිරී යාම් තිබෙන විටය. කමත තුළ කටයුතු සිදුවන ආකාරය 1.නිමිති බැලීම 2.කමත කැපීම 3.අරක්වස්තු තැන්පත් කිරීම * කටු හක්බෙල්ලෙක් * යකඩයක් * කොහොඹ පෝරුවක් * තොළබෝ , හීරැස්ස,දිවි කදුරු,නික,දෙහි කොළවලින් එකකින් කොළ හත බැගින් . 4.අළුහන් වැඩීම කමතේ වට ඇඳීමෙන් පසුව කොටස් හතරකට හෝ අටකට දිග අතට පාද බෙදා රූප සටහන් ඇදීම.එනම් යතුර ,උකුණු දැත්ත,කෙවිට ,බෝලත්ත, කටුමානත්ත,උදැල්ල,නගුල ,ලාහ,කටු හක්ගෙඩිය ආදී කමතේ දී භාවිතා කරන උපකරණවල රූප සටහන් ඇදීම .ඉලක්කම් හා විවිධ දේවා‍‍‍‍‍‍‍‍‍‍‍ක‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍්‍ෂර ද සටහන් කරයි. 5.කමතට ගොයම් දැමීම. 6.ගොයම් මැඩීම. 7.කාටුව ගැසීම හා බැත රාහි කිරීම.කමත මැදට බැත ඵකතු කිරීම. 8.බැත ගැරීමේ චාරිත්‍රය.බැතයට වැඳ දෝතින් බැත අහුරු තුනක් කුල්ලට දමා අනතුරුව තුන් පැත්තකට වැඳ දෝත් නවයක් කුල්ලට දමා ඵය බැත කන්දට හැළීමය. 9.බැත කන්ද වැඩීමේ චාරිත්‍රය 10.වෙනිය කැපිල්ලේ චාරිත්‍රය.කුල්ල ගෙන අරක්වළ සමීපයට ගොස් අරක් වළේ වු ද්‍රව්‍ය ගෙන කුල්ලටදමා ගනී.පසුව පිදුරු වෙනිය ගැට ගසා තිබූ තැනට පැමිණ වෙනිය හා පොළව අතරින් කුල්ල රිංගවා කුල්ල වෙනිය වටා තුන් වරක් ගෙන ගොස් බිම තබා වෙනියේ ගැටය ලිහා වෙනිය කුල්ලට දමා ගනී. ඵයට වැඳ වෙනිය ලිහා මැඩුහන් ඉවතට දැමීම සිදු කිරීම වෙනිය කැපීමේ චාරිත්‍රයයි.(කහඳගමගේ පියසේන - 1999- "රන්වන් කරල්") 11.යාල්ලීම (මැනීම) ආරම්භයේදී ලා‍හ පුරවා "ලාහයි" කියමින් ගෝනියට දමා ගනී. ඵසේ අටදක්වා ගණන් කරමින් මැනීම කරයි.නමුත් නව වැන්න පුරවා ගත්පසු නවය නොකියා "අට හොදයි" කියා දමා ගනී. කමතේදී නවය නපුරු ලෙස සලකයි.දහ වැනිය ලාහ ගෝනියට දැමූ පසු "පෑලයි" කියන අතර තල් කොළ පෙට්ටියෙන් ගල් කැටයක් ගෙන කමතෙහි තබා නැවත වතාවක් ලාහයි,දෙකයි,තුනයි, ආදී වශයෙන් මැනීම සිදු කරයි. අවසානයේදී ගල් කැට සංඛ්‍යාව අනුව අස්වැන්න කොපමණද කියා තීරණය කරයි. [[රූපය:Kamatha[1].jpg]] 12.කිරි ඉතිරුම් මංගල්ලේ උදෑසන ඉර පෑයු වේලාවේ සිට ඉර මුදුන් වන වේලාව දක්වා කාලය මීට යොදා ගනී. මෙහිදී අයියනායක,කඩවර,පුල්ලෙයාර,ගලේබණ්ඩාර,ගොපල්ලා කියන දෙවිවරුන් පස් දෙනා ප්‍රධාන වේ. 13.තටු තැබීම ගොවියා යුතුකම් ඉෂ්ට කරන අවස්ථාවක් ලෙස ‍මෙය ගැනේ. හත් ගොල්ලක් සඳහා තටු තැබේ.ගමේ වෙදරාල ,ගමේ කපුරාල , ගමේ ප්‍රධානියා ,වෙල් මුලාදෑනියා, ගුරුවරයා යන පස් දෙනාද ඉතිරි ගොටු දෙක මව්පියන් හා භාර්යාව දරුවන් වෙනුවෙන්ය.ඉන් පසුව සියලු දෙනා ඵක්ව කිරිබත් ආහාරයට ගනී. 14.ඉස්මලු පෙරහැර (බැත ගෙනයාම) මෙසේ ගෙනයන බැත වී බිස්සට දමන්නේ කට්ටකුමංඡල් අල්ලා "සබ්බ පාපස්ස අකරණං "යන ගාථාවද කියමිනි. 15.පැන් වැඩිල්ල කමතේ සියලු කටයුතු අවසන් වන්නේ පැන් වැඩිල්ලෙන් පසුවය. නැවුම් වළදකට පොල් වතුර දමා, පසුව පොල්කිරි ස්වල්පයක්ද මිශ්‍ර කර ගනී.සුදුහදුන් කැබැල්ලක් ඵම දියරයෙන් උරච්චි කර අත් කහද මිශ්‍ර කරගනී.පසුව අරක් වල හාරා ආරම්භයේදී ඵහි තැන්පත් කළ අරක් වස්තු සියල්ල කුල්ලට දමාගෙන කමත වටා තුන් වරක් ගමන් කරයි.පසුව කොහොඹ කොළ ඉත්තක් ගෙන නැවුම් වළදට දමා සාදාගත් මිශ්‍රණය කමත පුරා ඉසීම සිදු කිරීම පැන් වැඩීමයි. කමත් භාෂාව 1.බරු ඇට -වී ඇට 2.ඵළවෙනවා -පොත්ත ඉවත්වෙනවා 3.අත්තම -ශ්‍රමය හුවමාරුව 4.නඩලං කෙළීම -කිසිදු අර්ථයක් නැතිව දුව පැන සෙල්ලම් කිරීම 5.බෝල් අත්ත -කමත අතුගෑමට ගන්නා මෙවලම 6.බෝල් තියනවා -අතුගෑම 7.අරක් මුත්තා - ගෝලාකාර කළු ගලකි 8.උකුණු දැත්ත - පිදුරු ගස් පාදා ගන්නා රිට 9.ලාහ - වී මැනීමට ගත් ‍මෙවලමකි 10. කලප්පන්න - මෙවලම් හෙවත් උපකරණ 11.අතලය -කුඩා කළය 12.මැඬුවම් -හොදින් මඬීනා ලද ගොයම් ගස් 13.රාහි කරනවා -ඵක්තැන් කිරීම 14.කරත්ත මල්ල -වී දමන විශාල මල්ල 15.පට මල්ල - කට පළල් උසින් අඩු පං මල්ල 16.කුඩිල්ල - කමතේ වැඩ කරන විට සිටීමට හදන පැල .මෙය මාතර -ගුබ්බෙ , උඩරට - යාල අත්ත , පානම - ලැගුම් පොළ , වන්නියෙ - වාඩිය, වෙල්ලස්සෙ -පුරන්නාව , මොරවක් කෝරලේ - කුස්සි බෝය 17.උප්පිඩ - ගොයම් කපනා විට අතට ගන්නා ප්‍රමාණය 18.මහප්පිඩ - උප්පිඩ කිහිපයක ඵකතුව 19.පැඟිරි - බුලත් (පැඟිරි බෝයක් - බුලත් විටක්) 20.කටුවන - හුණු 21.සේදැරි කමත් තහංචි සහ පිළිවෙත් ශබ්ද නගා කතා කිරීම තහංචිය. කමත් භාෂාවෙන් පමණක් කතා කළ යුතුය. ගැහැණුන් කමතට නොපැමිණිය යුතුය. පාවහන් හා හිස් වැසුම් පැළදීම නොකළ යුතුය. රංඩු දබර වීම, ඇණ කොටා ගැනීම , ණය තුරහ වී ඉල්ලා ගැනීම හෝ ණය තුරස් ගැන කතා කිරීම ,මගුල් තුලා කතා බස් කිරීම ‍හෝ දීග තීන්දු කිරීම වලංගු නැත. කෙළ ගැසීම නොකළ යුතුය. ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා, කොළ පාගන්නේ නැත. කිල්ලට අසුවෙච්ච කිසිවෙකුට කමත් භූමියට ඇතුළු වීමට තහංචිය.(උපත් කිල්ල, මරණ කිල්ල,වැදුම් කිල්ල පමණක් නොවේ මාස් කිල්ලට හසුවු කිසිම අයෙකුටවත් පැමිණීම තහංචිය.) වසංගත වැළැදුනු ඇත්තන්ට ,බෝවන රෝග හෝ දෙවියන්ගේ ලෙඩ හැදුණු අය හට කොහොඹ කොළ හා කහ මිශ්‍ර ස්නානයට පෙ‍ර ඵ්ම තහංචය. කමත් භූමිය උඩින් මළ මිනියක් ගෙනයාම තහංචය. කමත් භූමියේ සිටින කුරගානා බඩගානා සත්ත්වයන් මැරීම තහංචිය. කමතේ සිට මස් , මාළු හෝ කිළි ජාති අනුභවය තහංචිය. රා ,අරක්කු බීම හෝ ගෙන ඒම තහංචිය. කමතේ බැත පයින් එකතු කිරීමද නොකළ යුතුය. බුලත් විට හැපීම තහංචි නැතත් බුලත් කෙළ ගැසීම තහdf ඈණුම් ඇරීම ,ඇග මැලි කැඩීම තහංචිය. පරිශීලන ග්‍රන්ථ නාමාවලිය මඩකුඹුරේ නෝමන් සිරිපාල - (1994) '' කමත් හෑල්ල '' , ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ 675, පී. ද ඇස්. කුලරත්න මාවත, කොළඹ 10. 1.කහඳගමගේ පියසේන - (1999) " රන්වන් කරල්" , චතුර මුද්‍රණ ශිල්පියෝ, 142,අවිස්සාවෙල්ල පාර, වැල්ලම් පිටිය. 2.දළුපොත කුමාර මහින්ද - (2002) " කමතේ වගතුග" , ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ,675,මරදාන පාර ,කොළඹ 10.
8,050
https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A%20%E0%B7%84%E0%B7%8F%20%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%20%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA
බුලත් හා සිංහල සමාජය
සිංහලයාගේ සාම්ප්‍රදායික ජන ජීවිතය සමඟ විවිධ උත්සව සම්බන්ධ වේ. එකී බොහෝ උත්සව වලදී බුලතට වැදගත් ස්ථානයක් හිමි වේ. මංගල අවමංගල උත්සවවලදී පමනක් නොව වැඩිහිටියත්, ගුරුවරුන්, භික්ෂුන් පිදීමේදී. බුලත් භාවිතා වනු පෙනේ සිංහල සංස්කෘතියෙහි පමණක් නොව ඉන්දියාව, බුරුමය, පිලිපිනය, පකිස්ථානය, බංගලාදේශය යන වෙනත් රටවලද බුලත් කැමට පමනක් නොව වෙනත් විවිධ අවස්ථාවලදි ද එය භාවිත කරයි. සිංහල සමාජයේ බුලත් යනු විට කැමට ගන්නා කොළ විශේෂයක් පමනක් නොව ඊට වඩා ගැඹුරු අර්ථ ගෙන දෙන දෙයක් බව පෙන්නුම් කෙරේ. බුලතේ උපත බුලතේ උපත පිළිබදව විමසිමට මේ ලිපිය දිශාගත නොවුන ද ඒ පිළිබදව යම් අදහසක් හෝ දැන සිටිම වැදගත්ය. බුලත් ඉන්දියා සංස්කෘතියෙන් අපට ලැබුනක් සේ සලකති. හින්දු විශ්වාසයට අනුව බුලත් දිව්‍ය ලෝකයෙන් ලැබුනක් වේ. එය මනු ලොවට ගෙන ලද්දේ "අර්ජුන්" නම් දිව්‍ය කුමාරයෙකු විසිනි. නමුත් සිංහලයාගේ විශ්වාසයට අනුව බුලත් නාග ලොවේ සිට ලැබුනකි. එය නාගයන් විසින් මනු ලොවට මුකයෙන් අල්ලා රැගෙනවිත් ඇත. ඒ නිසා බුලත් සැපිමේදි කොළයේ අග්ගිස්ස කඩා දමනු ලබන්නේ නයි විෂ දුරු විම සදහාය. අතිත කැලණි ප්‍රදේශයේ සිංහලයා මෙම ජනප්‍රවාදයට ගරු කරනු බුලත් කොටුවකින් ලබා ගන්නා මුල්ම බුලත් කොළ ටික පුවක් මලක් සමඟ කැලණි වෙහෙරට පුජා කර ඇත. "දළු මුර උපත " නම් ශාන්ති කර්මයේදි ද සිංහල තොවිල් කවි වලින්ද බුලතේ උපත ගැන කියවේ. කෙසේ වෙතත් බුලත් නිවර්තන කලාපීය ශාඛයකි. ලංකාවේ සෑම ප්‍රදේශයකම බුලත් වගා කළ හැකිය. මේ නිසා අතීතයේ සිටම සෑම සිංහල නිවසකම බුලත් වැලක් පුවක් ගස් කිහිපයක් සිටුවා ගැනීම සිදුකෙරේ.ගෙමිදුල මැද සාරවත් බුලත් කොටුවක් තිබීම උතුම් සිංහල කරුණක් ලෙස සලකා ඇත. බුලත් හරුල්ලක් හෙවත් බුලත් අතකට පහත රට ප්‍රදේශවල කොළ 40ක් ගනු ලැබේ. නමුත් උඩරට ප්‍රදේශවලදි ගොන්නක් හෝ මිටියක් වශයෙන් ගෙන බුලත් අත පිළිගැන්වීම සිදුවේ.බුලත් අතට කොළ 40ක් යොදා ගැනීම පිළිබඳව විවිධ මත පවති.චුලෝධර මහෝධර ගැටුම සමථයකට ලත් කිරිමේදි දෙපාර්ශවයම නියෝජනය වන පරිදි බුලත් කොළ 20 බැගින් ගෙන ඇත. එක් පාර්ශවයකින් බුලත් 20ක් ගනු ලැබුවේ නාග රාජයා හා සේනාධිවරු 19දෙනා ගේ එකතුව,පදනම් කරගනිමිනි. ඒ අනුව චුලෝධර මහෝධර යන ප්‍රධානින් දෙදෙනාගේ අත් පාවල ඇඟිලි ගණන බුලත් කොළ 40 මඟින් පෙන්නුම් කරයි. ඒවා එකට තැබීමෙන් සමගිය හා සහජීවනය සංකේතවත් කරයි. බුලත් වර්ග නාගවල්ලී මහ මානේරු (කහ මානේරු) රටදළු බුලත් (රට බුලත්) ගල්දළු බුලත් වැල් බුලත් මැටි පලා බුලත් කහ කීරිය බුලත් ගැට කෝටු බුලත් ගස් බුලත් (ගස් දළු බුලත්) ගැරඬි මානේරු බුලත් හැපීම මහාවංශයට අනුව සිංහල ආහාර රටාවේ අමතක කල නොහැකි අංශයක් වනුයේ බුලත් කෑමය.පෙර පටන් පැවති චාරිත්‍රයක් වු බුලත් කෑම රජුගේ සිට සාමාන්‍ය වැසියා දක්වාම ප්‍රචලිත වුවකි.වැඩෙහි යෙදෙන අතර මෙන්ම විවේකීව සිටින විටෙක සිංහලයා ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව බුලත් නිරතව ඇත. වැඩිහිටියන්ගේ බුලත් කෑමේ සිරිත එවක පරපුරෙන් පරපුරට මෙරට තුළ පැවති ඇත. ආහාර අනුභවයෙන් පසුව බුලත්, පුවක්, හුණු, දුම්කොළ සමඟ කට සුවඳ කරන කුළුබඩු වර්ග ද හැපිමට පුරුදුව වි ඇත. නමුත් මහියංගනය බිම් තැන්න වැනි දුෂ්කර වියළි කළාපීය පදේශවල ජනතාව බුලත් කෑමට අවශ්‍ය දව්‍ය සපයා ගැනීමේ අපහසුතාව නිසා බුලත් කොළ වෙනුවට රට හිගුරු කොළද පුවක් වෙනුවට කහට පොතුද ඊට අමතරව තලා කොළ පන්නන් නැටි ගිනි හැලි දෙමට ගෙඩි යනාදි යත් භාවිතා කර තිබෙ. බුලත් හා සිරිත් විරිත් වැඩිහිටියන්ට ගරු බුහුමන් දැක්වීම, ගුරු දෙගුරුන්ට ආචාර කිරීම, බුලත්දීම, සමාව ඉල්ලීම, සමාව දීම, බොහෝ චාරිතු වාරිත්‍ර අතර ප්‍රධාන තැනක් ගනියි. සිරිත් විරිත් වලදී බුගත් අත ප්‍රබල තැනක් ගන්නා දෙයකි. දුම්කොළයක් සහිත බුලත් දෙවිස්සක් දී ගුරුන් දෙගුරුන් නැමදීම, සමාව ගැනීම, එදා පටන්ම පැවැතුණු සිරිතකි. පින්කමට භික්ෂූන්වහන්සේට ආරාධනා කිරීමට පෙරටු කොට ගන්නේ බුලත් පසයයි. මඟුල්තුලා වලට, ගෙට ගෙවැදීමට, ආරාධනා කිරීමට උපයෝගී කරගත්තේද බුලත් හෙප්පුවයි. බුලතට වෙනත් නම් මල් බුලත්, නාගවල්ලි, ගැටතවාලු, හීන් තවාලු, දලු බුලත්, කොරිකං ආදී නම් වලින් ගැමියෝ බුලත් හඳුන්වති. බුලත් පිළිගැන්විමේ ක්‍රම බුලත් පිළිගැන්විමේ රටාවන් කිහිපයක් දක්නට ලැබේ. බුලත් කොළයේ නැට්ට කොටස පිළිගනු ලබන්නා දෙසට හරවා පිළිගැන්වීම මෙම ක්‍රමය අනුගමනය කරනු ලබන්නනේ උතුමන්ට වියතුන්ට හා වෙනත් ගෞරවනීය පුද්ගලයන්ට බුලත් පිරිනැමිමේදිය.භික්ෂුවක් , වෙදමහතෙක්, මුලාදෑන්වරයෙක් , ගුරුවරයෙක් , වැඩිහිටි ඥාතියෙක් හෝ වෙනත් ප්‍රභූවරයෙකුට බුලත් දිමෙදි මේ ක්‍රමය අනුගමනය කරයි.efe බුලත් කොළය හරහට තබා පිළිගැන්වීම මෙම ක්‍රමයට බුලත් පිළිගන්වනු ලබන්නනේ වයසින් සමකාලීන හෝ වෙනත් කරුණකින් සමාන අය සඳහාය.බුලත් කොළය හරහට තැබිමෙන් සමාන්තර බව කිය වේ. බුලත් කොළයේ වලිගය නැතහොත් සිහින් කොටස පිළිගනු ලබන්නා දෙසට හරවා පිළිගැන්වීම මෙම ක්‍රමයට බුලත් පිළිගන්වනු ලබන්නනේ තමන්ට වඩා කුලයෙන් අඩු අයටය. බුලත් පිළිගැන්විමේ මෙම රටාවන් 3 පිළිබඳ පහත ජන කවියෙන්ද ප්‍රකාශ වේ. බුලත් දීම දෙන් පෙර සිරිත අනුවම මහත්මනට දෙන් නැටි කොණ හරවාම සමත් අයට බුලතේ හරහටම පහත් අයට දෙන් වලිගය හරවාම මංගල ආරාධනාව හා බුලත් සිංහලයා තම ඥාති හිත මිත්‍රාදින්ට විවාහ මංගල්‍යයන්ට ආරාධනා කරනු ලැබුවේද "බුලත් දීම" මඟින්ය. ඇවැස්ස විවාහ හා බුලත් සිංහල සමාජයෙහි ඥාති ක්‍රමය අනුව මස්සිනා නැනා විවාහය සිදුවෙයි.නැනා අයිති මස්සිනාටය.ඒ නිසා පිටස්තර පුද්ගලයෙක් තම නැනා විවාහ කර ගනීනම් මස්සිනාගෙන් කැමැත්ත ගත යුතු වේ. ඒ සඳහා කඩුලු බුලත් වශයෙන් බුලත් ලබා දීම සිදුවෙයි. නාග ලොවේ වද බුලත් උපන්නේ නා රජුහුය ඒ ගෙනවිත් දුන්නේ ඇවැස්ස මස්සිනා මමයි බොලන්නේ කඩුලු බුලත් මට දීලයි යන්නේ බුලත් හා රොබට් නොක්ස් රොබට් නොක්ස් බුලත් මෙසේ හඳුන්වයි. අන් සැම දෙයකටම වඩා ඔවුහූ බුලත් හැපීමට ආශා ඇත්තෝය. නින්දට යන විට බුලත් විටකින් කට පුරවාගන්නා ඔවුහූ අවදි වන විටත් එහි හපය සුරැකිව මුව තුළ අඇත්දැයි පරික්ෂාකාරීව බලති. නොකා නොහැඳ සිටියත් බුලත් විටක් නොකා නම් සිටින්නට නොහැකිය යනු ඔවුන්ගේ කතාවකි. බුලතින් ආ ආම්පන්න බුලත් කෑමට ලාංකිකයන් ඇබ්බැහිවීම නිසා එදා අමුතු උපකරණ නිපදවිණි. බුලත් හෙප්පුව, හුණු කිල්ලෝටය, ගිරය, පඩික්කම, මේ අතර වේ. නිවසක සාමාන්‍යයෙන් තිබෙන බුලත් හෙප්පුව ලීයෙන් තැනූ පෙට්ටියකි. පිත්තලෙන් තැනූ ඉලත් තට්ටුද දැකිය හැකිය. පඩික්කමක් නිර්මාණය වූයේද මේ බුලත්විට කෑම නිසාය. බුලත් විට වර්තමානයේ අංග සම්පූර්ණ බුලත් විටකට බුලත්, පුවක්, හුණු, දුම්කොළ තිබිය යුතුවේ. එහෙත්, පුරාණ සිංහලයෝ දුම්කොළ භාවිතා නොකළහ. ලන්දේසින් මෙරටට දුම්කොළ ගෙන ඒමෙන් පසුව බුලත් විටට දුම්කොළ එකතු විය. පුවක්, කරදමුංගු, ඉඟුරු පියළි, වැල්මී, හුණු, කස්තුරි යන මේවා එදා ආර්‍ය්‍යයන් බුලත් සැපීමේදී භාවිතා කල බව පෙනේ. බුලත් විටට එනතුවූ තවත් විශේෂාංගයක් නම් කයිප්පුය. බුලත් විටක් කෑමෙහිදී උදේ වරුවේ වැඩිපුර පුවක් සමගද, මද්දහනේ කයිප්පු වැඩි කොටසක් සමගද, රාත්‍රී කාලයේදී හුණු වැඩිපුර ද සංයෝගය කොට බුලත් සැපිය යුතු බවට භාව ප්‍රකාශනයේ සඳහන්ව තිබේ. යෝග රත්නකාරයේ සඳහන් වන පරිදි බුලතට එක්වූ පස් පලවන මෙසේය. සාදික්කා, තකුල්, හීන් එනසාල්, අරළු, සහ පුවක්ය. තකුල් යනු කපුකිනිස්සය. කයිප්පු සාදන්නේ රත්කීරිය අරටු කකාරා ගත් ජලය උණු කිරීමෙන්ය. පසුව ඒවා හිඳවනු ලැබේ. මේ අඩවියත් බලන්න මංගල චාරිත්‍ර චාරිත්‍ර - සිංහල
8,051
https://si.wikipedia.org/wiki/%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%20%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%20%E0%B6%94%E0%B7%83%E0%B7%94%20%E0%B6%8B%E0%B6%BA%E0%B6%B1
හල්දුම්මුල්ල ජාතික ඔසු උයන
කොළඹ-බදුල්ල මාර්ගයේ හල්දුම්මුල්ල පසුකර බෙරගල දෙසට ගමන් කරන විට හමුවන බත්ගොඩ ගම්මානයේ මෙම ඔසුඋයන පිහිටා ඇත. එය කොළඹ සිට කි.මී.184ක් දුරින් බෙරගල හන්දිය ආසන්නයේ පිහිටා තිබේ. 1764දී අාරම්භ කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සහ ලෝක වන සත්ව අරමුදලේ ආධාර වලිනි. දැනට මෙය පවත්වාගෙන යනු ලබන්නේ ආයුර්වේද දෙපාර්තමේන්තුව විසිනි. වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂ රැසක් මෙහි ඉතා සාර්ථකව වැඩී ඇති අයුරු දැක ගත හැකිය. වඳ වී ගොස් ඇතැයි සැලකුණු දුහුදු වැල් සහ වඳ වීමේ තර්ජනයට ලක් වූ බිං කොහොඹ ඒ අතර වේ. මෙහි රෝපණය කර ඇත්තේ බලංගොඩ රජවක වනාන්තර වලින් ලැබුණු දුහුදු ශාඛයක් වන අතර ඊට පසුව නිල්ගල ප්‍රදේශයෙන්ද මෙම වටිනා ශාකය වාර්තා වීම සතුටට කරුණකි. හිමාලය කඳු බෑවුම් වලද මෙම ශාඛය වැවේ. පුරාණයේ ජ්‍යොතිෂ්මතී නම් මොළයේ සෛල වර්ධනය කරනා වටිනා තෙල සිඳ ඇත්තේ දුහුදු ඇට වලින් බව සඳහන්වේ. වඳ වී යමින් පවතින ශාඛ විශේෂ ද ඇතුළුව ඔසු විශේෂ 425ක් පමණ මෙහි වගා කර ඇත. ඔසු උයන කලාප 4කට ‍බෙ‍දා ඇත 1)ඒ කලාපය මෙය ස්වභාවික වනාන්තර කොටසකි. එය ඖෂධ ශාඛ වලට පමණක් නොව වන සීපාවන්ට සහ පක්ෂි විශේෂ 112කට අධික සංඛ්‍යාවකට අභය භූමියක් වී ඇත. මේ අතරින් 57ක් පයර්යටනික පක්ෂීහු වෙති. එමෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂි විශේෂ රැසක්ද මෙහි හමු වේ. අලු කෑදැත්තා, වලිකුකුළා, රන් නලල් කොට්ටෝරුවා, ගිරා මලිත්තා පිට රතු බට ගොයා, මහ නීලගොයා වැනි ආයේණික පක්ෂීන් ඒ අතර දැක ගත හැකිය. ඕලු මුවා, කොළ දිවියා, බළල් දිවියා, දිය බල්ලා, හාවා ඇතුළු ක්‍ෂීරපායීහුද මෙහි වසති. අවට බොහෝ ඉඩම් තේ වගාවට එළි කර තිබෙන නිසා ප්‍රදේශයේ වන සීපාවන් හා පක්‍ෂීන් නිදහසේ හැසිරීමට මෙම වනපෙත තෝරාගෙන ඇති බව පෙනේ. එසේම සමනළයන්ටබිත්තර දැමීම සඳහා සුදුසු සප්සඳ වැල් සහ පැගිරි කුලයේ ශාක පැවතීම එයට හේතුවයි. ලාජ් බර්ඩ්, වින්ග් බ්ලූ, බොට්ල් රෙඩ් හෙලන්, බ්ලූ මෝමන් වැනි සමනළයන් ඒ අතර වේ. 2)බී කලාපය තෘණ වගා නර අලංකාරව සකසා ඇති මාවතක් ඔස්සේ ඒ කලාපයේ සිට බීකලාපයට පිවිසිය හැක. බී කලාපයේ අතිවිඩයම්. අති උදයම්, මස් බැද්ද, බක් මී,බදුල්ල, හීන් අරත්ත, කයිප්පු, කනේරු,කතුරුපිල, ලොත් සුඹුල්, මූන මල්,නෙල්ලි,කොස් ගොන්න ඇතුළු ඔසු විශේෂ 61ක් නැරඹීමට පුළුවන. 3)සී කලාපය අහු, අක්මැල්ල, අඳු, අරළු, අශෝක, ඇටඹ, අත්තා, අරූද, සංජීවනී, බාකුවි, හීං බං කොහොඹ, කයිල, කරුවල, කට්ටකුමංජල්, භූමී චම්පා, දැත්ත, දියමිත්ත, දුහුදු,දුටුසතුටු, එළිනිතුල් ගොඩ මානෙල්, ගල් කප්පරවල්ලිය, බිං කොහොඹ, ජයපාල,කහ කරඹු, කරල් හැබ, කටුවැල් බටු, කුඩුදවුලා, කුඩා සුදනා, මලිත, කුකුරු මාන්,මහ නාම්බා, මහ මැඩියා, මයුරපාද, සප්සද, යක්බේරිය ඇතුළු ශාක විශේෂ 157කට නිවහන වේ. 4)ඩී කලාපය ඩී කලාපයේ ඇත්තේ අඔ,අඬනහීරියා,අශ්වගන්ධ,ගස්පුපුල, බටදොඔ,ගස් කයිලා, ගම්මාලු, කලවැල්, රත් හඳුන්, සවුක්කු, තෙලඹු, වා, වල් කොහොඹ,මදටිය ඇතුළු ඔසු විශේෂ 56කි. ඔසු උයනේ වැදගත්කම මෙතෙක් වචනයෙන් පමණක් අසා ඇති බොහෝ ඔසු විශේෂ දැකබලාගෙන අධ්‍යයනය කිරීමට මෙම සුන්දර පර්යේෂණ ඔසු උයන කදිමය. පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන්ට මෙන්ම පර්යේෂකයන්ටත් එය විවෘත වී ඇත. ඔසු වගා වලින් ලැබෙන අස්වැන්න අලෙවි කිරීමෙන් ආදායමක් උපයා ගැනීමටත් අවස්ථාව ලැබී ඇත.මෙහි පිහිටි පැළ තවානෙන් අයශ්‍ය එසු පැල මිලදී ගැනීමටත් පහමුකම් සලසා තිබේ. ඉතා දුර්ලභ බිං කොහොඔ පැළ පවා හරිත ගෘහ වල බෝ කර මෙහි අලෙවියට ඇත.සෙවණ ප්‍රිය කරන ශාකයක් වූ බිං කොහොඔ, ගෘහකරණය කරවිසිතුරු පැළෑටියක් ලෙස වගා කිරීම සඳහා මෙහි සිදු කළ පර්යේෂණ සාර්ථක වී තිබේ. එක් හරිත ගෘහයක් සම්පූර්ණයෙන්ම වෙන් වී ඇත්තේ බිං කොහොඔ පැළසඳහාය. ඔසු උයනට වෙනත් පරිසර වපින් රැගෙන එන ඖෂධ පැළෑටි ක්‍ෂෙත්‍රයේ සිටුවීමට පෙර මෙම පරිමරයට හුරු කරවීම සඳහා දැල් ගෘහ භාවිතා කරයි.පරිසරයට ආදරය කරනා ඒ පිළිබඳ අධ්‍යාපනයක් ලබා ගැනීමට කැමති කාටත් මෙම උද්‍යානයෙන් ලබා ගත හැක්කේ වටිනා අත්දැකිම් සම්භාරයකි. රාජ්‍ය අනුග්‍රහය මෙම ඔසු උයන තුළ පර්යේෂණ සිදු කිරීම් සහ ඉගෙනීමේ කටයුතු සඳහා දේශන ශාලාවක් සහ නවාතැන් පහසුකම් සහිත ශාලාවක් 2006.06.01 දින දේශීය ඖෂධ පිළිබඳ ගරු අමාත්‍ය සහ ආගමික සබඳතා පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය තිස්ස කරලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. මෙම ඡායාරූපයෙන් දර්ශනය වන්නේ එම සමාරම්භක උළෙලට සහභාගි වු,දේශීය ඖෂධ පිළිබඳ ගරු අමාත්‍ය සහ ආගමික සබඳතා පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා,ආයුර්වේද කොමසාරිස් ආර්.පී.ඩබ්.ගුණවර්ධන මහතා සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මල්කාන්ති ඒකනායක මහත්මිය(දකුණ). උපුටා ගැනීම් නවයුගය 2007 නොවැම්බර් කලාපය. මේ අඩවියත් බලන්න www.ayurweda.gov.lk
8,052
https://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%20%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%20%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%BA
අන්තර්ජාතික පරිසර නීතීය
මිනිසා හා පරිසරය අතර පවතින්නේ අන්‍යොන්‍ය සබඳතාවයකි.මෙම සබඳතාවය හේතුවෙන්ම මිනිස් ජීවිතයේ පැවැත්ම රඳා පවතින මූලික පදනමක් ලෙස පරිසරය හඳුන්වා දිය හැකිය.එහෙයින් පරිසරය කෙරෙහි සිදුවන අහිතකර බලපෑම් ඍජුව හෝ වක්‍රව මිනිසා කෙරෙහිද නැවත බලපෑම් ඇති කරයි.ඒ අනුව සළකා බැලීමේදි පරිසරය සුරක්‍ෂිත කිරිම මානව වර්ගයාගේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් බෙහෙවින් වැදගත් වේ. පරිසරය යනු මුලික වශයෙන්ම පරිසරය යනුවෙන් හඳුන්වන්නේ වාසස්ථාන,ගොඩනැගිලි ,ඉඩම්,පස ,ජලය,වායුගෝලය,දේශගුණය,ශබ්දය ,ගඳ,රස,හා සෑම විස්තරයකම සතුන්ගේ හා ශාකවල ජෛවි සාධක ඇතුළුව මනුෂ්‍යයන්ගේ වටපිටාවන්හි පවතින භෞතික සාධකයන්ය. පරිසර නීතීය යනු මුල්කාලීනව පරිසරය සම්බන්ධයෙන් ඍජුවම අදාල වන නීතී නොපැවති අතර වෙනත් නීතී ,ප්‍රතිකර්ම ආදිය හරහා පරිසරය ආරක්‍ෂා කිරිම සිදුවිය.එහෙත් කාර්මික විප්ලවය වැනි ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් ලෙස ස්වාභාවික පරිසරය විනාශ වන්නට විය.ඒ අනුව තම සංකීර්න අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මිනිසා විසින් පරිසරය යොදා ගැනීමේදි සිදුවන හානිය වළකා පරිසරය ආරක්‍ෂා කරනු වස් පරිසර නීතීය බිහිවිය. පරිසර නීතීය පිළිබඳව නිශ්චිත නිර්වචනයක් දීම අසීරු වේ.නමුත් දළ වශයෙන් සඳහන් කරන්නේ නම් පාරිසරික තත්‍වයන්ට අදාළ කරුණක් පිළිබඳව ඕනෑම නීතීමය පැතිකඩක් පරිසර නීතීය ලෙස සැළකිය හැකිය.ඒ අනුව පරිසර නීතීය වෙනත් බොහෝ නීතීන් හා සම්බන්‍ධ වන අතර එකී නීතී මගින් පාරිසරික ගැටළු සඳහා පිළියම් යෙදීම සිදුවේ.උදාහරණ ලෙස මානව හිමිකම් නීතීය,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතීය,දීලික්ත නීතීය,පරිපාලන නීතීය,පාරිභෝගික නීතීය ආදිය දැක්විය හැකිය. පරිසර නීතීය පිළිබඳව සාකච්ඡා කිරිමේදී එය අන්තර්ජාතික හා දේශීය පරිසර නීතීය වශයෙන් හඳුනාගත හැකිය.පරිසර ගැටළුවක් ලොව කොතැනක ඇති වුවත් එය මුළු ලොවටම බලපාන කරුණක් විය හැකිය.ඒ අනුව සියලු මනුෂ්‍ය වර්ගයා තමා අවට පරිසරය පමණක් නොව ලෝක පරිසරය කෙරෙහිද අවධානය යොමු කළ යුතු වේ.ඒ අනුව මුලික වශයෙන් මෙහිදි අන්තර්ජාතික පරිසර නීතීය කෙරෙහි අවධානය යොමු කරයි. අන්තර්ජාතික පරිසර නීතීයේ මුලාශ්‍ර අන්තර්ජාතික පරිසර නීතීයේදි වැදගත් වන මුලාශ්‍රයන් අන්තර්ජාතික සම්මුති සිරිත් විරිත් සාමාන්‍ය මූලධර්ම අධිකරණ තීරණ ගත්කතුවරුන්ගේ ග්‍රන්ථ හා මත මෙම මුලාශ්‍රයන් මගින් වර්ධනය වෙමින් බිහිවු අන්තර්ජාතික පරිසර නීතී මූලධර්ම ලෙස වැදගත් මූලධර්මයන් කිහිපයක් හඳුනාගත හැක. අන්තර්ජාතික පරිසර නීතී මූලධර්ම ලෝක පරිසරය සම්බන්ධයෙන් සියලු දෙනාම ඇපකැප විය යුතු බව පරිසරය ආරක්‍ෂා කිරිම සංවර්ධනයෙන් වෙන්කළ නොහැකි කොටසක් බව තිරසාර සංවර්ධනය පරිසරයට හානි නොකිරීමේ යුතුකම දූෂිතයා විසින් වන්දි ගෙවිමේ මූලධර්මය නිවාරණ මූලධර්මය පොදු වූත් වෙනස් වූත් වගකීම පරම්පරා අතර හා ඒ පරම්පරා තුළම සාධාරණත්‍වය සංවර්ධනය වීමට ඇති අයිතිය පරිසර අයිතිවාසිකම් හා මානව අයිතිවාසිකම් එකිනෙකට සමාන බව මහජන සහභාගිත්‍වය හා ඒ හා බැඳුණු අයීතීන් පොදු භාර සිද්ධාන්තය අන්තර්ජාතික පරිසර නීතීයේ වර්ධනීය අවස්ථා 1972 ස්ටෝක්හෝම් ප්‍රකාශනය 1982 පරිසරය පිළිබඳ ලෝක න්‍යාය පත්‍රය 1987 අපේ පොදු අනාගතය ලෙස බෘන්ට්ලන්ඩ් වාර්තාව එළිදැක්වීම 1992 රියෝ ප්‍රකාශනය 2002 ජොහැන්නස්බර්ග් ප්‍රකාශනය ස්ටෝක්හෝම් ප්‍රකාශනය මෙය මනුෂ්‍ය පරිසරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනය නම් වේ.පරිසරය රැකීම හා දියුණු කිරිමට ජාත්‍යන්තර නීතීයේ පැවති උත්සහයන් ඒකරාශි කිරීමකි.මෙමගිත් මූලික වශයෙන් අවධානය යොමු කළේ දේශසීමා අතර සිදුවන දුෂණය,සාගර දුෂණය,ජල දුෂණය,වඳවී යාමේ තර්ජනයට ලක්වූ සත්‍ව කොට්ඨාශ රැක ගැනීමේ අවශ්‍යතාවය,පරිසර කළමනාකරණය සඳහා වූ අවශ්‍යතාවය ආදී කරුණු පිළිබඳවය.තිරසාර සංවර්ධනයේ වැදගත් අවස්ථාවක් ලෙස ස්ටෝක්හෝම් ප්‍රකාශනය හැඳින්විය හැකිය.මූලධර්ම 26 ප්‍රකාශනයේ අන්තර්ගතව ඇත. 1.මූලධර්මය මිනිසාට තම නිදහසට හා සමානාත්මතාවයට ගැලපෙන පරිදි යහපත් හා ගෞරවාන්විත පරිසරයක ජීවත් වීමට අයිතිය ඇත.එසේම වර්තමාන හා අනාගත පරම්පරාවන් වෙත පරිසරය රැකීමේ හා වර්ධනය කිරීමේ බැරෑරුම් සහගත වගකීම මානවයාට ඇත. 2.මූලධර්මය ශාක හා ජීවීන් උභය පරම්පරාවන්ගේම යහපත තකා මිහිමඩලේ වාතය ජලය පොළව සුරැකිය යුතුය. 5.මූලධර්මය නැවත ඇතිනොවන ස්වාභාවික සම්පත් පරිහරණයේදි අතිශයින් ප්‍රවේසම් විය යුතුය. 21.මූලධර්මය රාජ්‍යයන් තමන්ගේ බල ප්‍රදේශ තුළ කෙරෙන ක්‍රියාකාරකම් වලින් වෙනත් රාජ්‍යයන්ගේ දේපලවලට හානියක් නොවන බවට වගබලා ගතයුතුය. 22.මූලධර්මය රාජ්‍යයන් තමන්ගේ බල ප්‍රදේශ තුළ කෙරෙන ක්‍රියාකාරකම් වලින් බලසීමාවට පිටත ප්‍රදේශවලට ඇතිවන බලපෑම් සඳහා එනම් පරිසර දුෂණයට හා පරිසර හානිවලට පාත්‍ර වූවන්ට වගකීම් හා වන්දි ලබාදීම පිළිබඳව ජාත්‍යන්තර නීතීය වර්ධනය කළයුතුය. 1992 රියෝ ප්‍රකාශනය එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ වැඩසටහන නම් වේ.බෘන්ට්ලන්ඩ් කොමිසම මගින් එළිදැක්වු අපේ පොදු අනාගතය යන වාර්තාව මීට ප්‍රබල ලෙස දායක විය.පරිසරය විනාශ නොකරමින් අත් කර ගන්නා සැබෑ සංවර්ධනය පිළිබඳ සංකල්පය හා තිරසාර සංවර්ධනය පිළිබඳ සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතු ආකාරය කෙරෙහි අවධානය යොමු කරන ලදි.21වන සියවසේ පරිසර ආරක්‍ෂාව සංවර්ධනය සඳහා යෝජනාවන් ඉදිරිපත් කර ඇත.මේ යෝජනා අතර සමාජ ආර්ථික කරුණු,සංවර්ධනය සඳහා සම්පත් සංරක්‍ෂණය හා කළමනාකරණය,ප්‍රධාන කණ්ඩායම් ශක්තිමත් කිරීම හා ක්‍රියාවේ යෙදවීමේ උපාය මාර්ග යනාදිය වේ.මූලධර්ම 27 ප්‍රකාශනයේ අන්තර්ගතව ඇත. 1.මූලධර්මය මානවයා ස්වාභාව ධර්මයා සමග සහජීවනයෙන් යුත් නීරෝගි හා ඵලදායි ජීවිතයකට හිමිකම් දරයි. 2.මූලධර්මය රාජ්‍යයන්ට ස්වාභාවික සම්පත් භාවිත කීරීමේ පරමාධිපත්‍යය බලය ඇති බව පිළිගන්නා අතර එකි බලතල භාවිතයේදි දේශයෙන් පිටත පරිසරයට හානි සිදු නොවීමට වගබලා ගතයුතුය. 3.මූලධර්මය සංවර්ධනයට ඇති අයිතිය ක්‍රියාත්මක විය යුත්තේ පරම්පරා අතර සමානාත්මතාවය පිළිබඳව මූලධර්මය සුරැකෙන ලෙසයි. 4.මූලධර්මය පරිසරය හා සංවර්ධනය එකිනෙකින් වෙන්කළ නොහැක. 5.මූලධර්මය දරිද්‍රතාව තුරන් කිරීම තිරසාර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය කරුණකි. 8.මූලධර්මය රාජ්‍යයන් තමන්ගේ දැරිය නොහැකි අනවශ්‍ය නිෂ්පාදන හා පාරිභෝජන රටා පිටුදැකිය යුතුය. 9.මූලධර්මය පරිසරයට හිතදායි වූ නවීන විද්‍යාත්මක හා තාක්‍ෂණික දැනුම එකිනෙකා සමග නිර්ලෝභීව හුවමාරු කර ගැනීමට රජයන් කටයුතු කළයුතුය. 10.මූලධර්මය ජාතික මට්ටමෙන් පරිසර නීති හඳුන්වා දීම ,පරිපාලන හා අධිකරණ ක්ෂේත්‍ර දියුණු කිරීමට කටයුතු කළයුතුය. 18.මූලධර්මය දේශසීමාවෙන් ඔබ්බට විහිද යන ස්වාභාවික හෝ වෙනත් පරිසර ව්‍යසනයකදි අසල්වැසි රටවල් දැනුවත් කිරීම. 20,21.මූලධර්මය තිරසාර සංවර්ධනය උදෙසා කාන්තාවන් හා තරුණ පරපුර සහභාගි කරගත යුතුය. 22.මූලධර්මය ආදිවාසික ස්වදේශික ජනතාවද ඔවුන්ගේ පාරම්පරික දැනුම හා වැදගත් සම්ප්‍රදායන්ද තිරසාර සංවර්ධනය ඇතිකිරීමට ඉවහල් වේ. 2002 ජොහැන්නස්බර්ග් ප්‍රකාශනය පරිසරය හා සමාජීය අවශ්‍යතා පිළිබඳව අවධානය යොමු කරන ඇත.ඒ අනුව ප්‍රධාන අංග 5 වැදගත් ලෙස සළකා ඇත.එනම් ජලය හා සනීපාරක්‍ෂාව,ශක්ති පරිභෝජනය හා නිෂ්පාදනය,කෘෂිකාර්මික ඵලදායිතාව,ජෛව විවිධත්‍වය හා පරිසර ප්‍රඥප්ති හා කළමනාකරණය යන කරුණුය. වැදගත් පරිසර ප්‍රඥප්තින් කිහිපයක් ජෛව විවිධත්‍ව ප්‍රඥප්තිය ජෛව විවිධත්‍වයත් ජානමය සම්පත් විශේෂයන් හා ජීවින්ගේ අවට පරිසරය අධ්‍යයනය කිරීමත් ඒවා සංරක්‍ෂණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමත් මෙහි අරමුණ වේ.මෙමගින් රටවල් විසින් තම අනාගත සංවර්ධනයට යොදාගන්නා ක්‍රියාකාරකම් මගින් ජෛව විවිධත්‍ව සංරක්‍ෂණයට දායකත්‍වයක් ලබාගැනීම තහවුරු කිරීමට අවශ්‍ය පියවරයන් හඳුනාගැනීමට අපේක්‍ෂිතය. ප්‍රඥප්තිය යටතේ ඉටුකළ යුතු අනෙකුත් කාර්යයන් අතර සංරක්‍ෂණය කළයුතු හා තිරසාර ලෙස භාවිත කළයුතු ජෛව විවිධත්‍වයේ වැදගත් කොටස් හඳුනාගැනීම හා අධීක්‍ෂණය,ජෛව විවිධත්‍වයෙන් පොහොසත් ප්‍රදේශ ආරක්‍ෂිත ප්‍රදේශ වශයෙන් සංරක්‍ෂණය කිරීම,තර්ජනයට ලක්වූ ජීවීන් ආරක්‍ෂා කිරිම,ජෛව විවිධත්‍වය තිරසාර ලෙස භාවිත කිරීමට අතීතයේ සිටම ඉවහල් වුනු පාරම්පරික දැනුමට ගරු කිරීම,එම දැනුම ආරක්‍ෂා කිරිම හා පවත්වා ගැනීම,සංරක්‍ෂණ කටයුතු සඳහා ජනතා සහයෝගය ලබා ගැනීම,ජෛව විවිධත්‍වය හා එය රැකගැනීමේ වැදගත්කම පිළිබඳ ජනතාවට අවබෝධය ලබාදීම යන කාර්යයන් ප්‍රමුඛතාවයෙහි ලා සැලකේ. දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය හරිතාගර වායු සාන්ද්‍රණය අධික වීම හේතුකොටගෙන ගෝලීය උණුසුම වැඩිවීම හා මුහුදු මට්ටම ඉහළ යාම පිළිබඳව හා එමගින් වන බලපෑම අවම කිරිමට කටයුතු කිරිම මේ සම්මුතියේ අරමුණ වේ.1991 දී බ්‍රසීලයේ රියෝ සමුළුවේදි රටවල් 150 වැඩි ගණනක් මෙම ප්‍රඥප්තියට අත්සන් කරනලදි. තර්ජනයට ලක්වූ සත්‍ව හා ශාක විශේෂවල අන්තර්ජාතික වෙළදාම පිළිබඳ ප්‍රඥප්තිය මෙහි ප්‍රඥප්තිය ක්‍රියාත්මක වන්නේ තෝරාගත් සත්‍ව හා ශාක විශේෂවල වෙළදාම පාලනයට යටත් කිරීම මගිනි.මෙවැනි විශේෂයන් ආනයනය,අපනයනය, ප්‍රතිඅපනයනය,පාලනය කිරීම යන සියළු කටයුතු ප්‍රඥප්තියට අනුකූලව බලපත්‍ර ලබාදීමේ ක්‍රමයකට භාජනය කිරීම මගිනි.ප්‍රඥප්තියෙන් ආවරණය වන ජීවීන්ට සැලසිය යුතු ආරක්‍ෂාවේ ප්‍රමාණය අනුව ඔවුන් උප ලේඛන තුනකින් එකකට ඇතුලත් කෙරේ.පළමු උප ලේඛනයට ඇතුලත් වන්නේ වඳවීමේ තර්ජනයට ලක්වි සිටින ජීවීන්ය.මොවුන්ගේ වෙළදාමට අවසර ලැබෙන්නේ ඉතා සුළු වශයෙනි.දෙවැනි උප ලේඛනයට ඇතුලත් වන්නේ වඳවීමේ තර්ජනයට මුහුණ දී නැතිමුත් ඔවුන්ට වෙළදාම නිසා විය හැකි තර්ජනයන් වැලැක්වීම සඳහා වෙළදාම යම් සීමාවන්ට යටත් කළ යුතු ජීවින්ය.තුන්වැනි උප ලේඛනයට ඇතුලත් වන්නේ ප්‍රඥප්තියේ එක් සාමාජීක රටක ආරක්‍ෂිත ජීවියෙකුගේ වෙළදාම පාලනය කිරීමට අනෙකුත් රටවල සහය අවශ්‍ය බවට එම රටින් කරන ඉල්ලීමක් මත ආරක්‍ෂා කරනු ලැබු ජීවියෙකි. තෙත් බිම් රැක ගැනීමේ සම්මුතිය මේ සම්මුතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ තෙත් බිම්වල ඇති මූලික ආර්ථිකමය සංස්කෘතිමය ,විද්‍යාත්මක,හා විනෝදාත්මක අගයන් හඳුනාගැනීමත් ඒවා සංරක්‍ෂණයට කටයුතු කිරීමත් තෙත් බිම් විනාශ වීමෙන් සදහටම තුරන් වීම වැළැක්වීමත්ය. ලෝක ස්වාභාවික හා සංස්කෘතික උරුමයන් ආරක්‍ෂා කිරිමේ සම්මුතිය තම දේශසීමාවේ වු ජාතික වශයෙන් වැදගත් වන්නාවු ස්වාභාවික හා සංස්කෘතික උරුමයන් නිරතුරුව ආරක්‍ෂා කිරිමට මෙමගින් සෑම රටක්ම බැඳි සිටියි.
8,053
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92%20%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%94%20%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
ශ්‍රී ලංකාවේ පැරණි බිතු සිතුවම්
ශ්‍රී ලංකාවේ පැරණි බිතු සිතුවම් පිළිබඳ සාකච්ඡා කිරීමේදී එහි අතීතය පිළිබඳව විමසීම වැදගත් වේ.මූලිකව ශ්‍රී ලංකාවේ පැරණිම බිතු සිතුවම් ලෙස සලකනු ලබන්නේ දැනට වැදි ජනතාව චිත්‍ර ලෙස සළකනු ලබන චිත්‍ර වේ.මෙකී චිත්‍ර ප්‍රාග් ඓතිහාසික චිත්‍ර ලෙස ද හැඳින්වෙන අතර ප්‍රධාන වශයෙන් මේවා දිවයින පුරා විහිදී පවතී. තන්තිරිමලේ , බිල්ලෑව මඩකලපු දිස්ත්‍රික්කයේ කදුරු පොකුණ, කිරි පොකුණ අරංගොඩගල ගමකන්ද ගල්ගේ කුඩුම්බිගල ලේනම බඹරගස්තලාව ගනේගම රජගල වැනි ස්ථාන රාශියකින්ම මෙවන් සිතුවම් හමු වී ඇත. මීට අමතරව පුරාණ යුගයට අයත් චිත්‍ර පිළිබඳව ඉතිහාසඥයන් සැලකීමේදී විශේෂයෙන්ම ක්‍රි.වර්ෂයෙන් පසු කාලීන සීතුවම් මත පදනම් වී සිතුවම් අධ්‍යයනය කරනු ලබයි.එහිදී පොළොන්නරු අවධිය දක්වා වන සිතුවම් පැරණි සිතුවම් ‍ලෙස සලකනු ලබයි.මෙවන් පැරණි බිතුසිතුවම් හමු වන ස්ථාන ලෙස පහත ස්ථාන සලකනු ලබයි. කරඹගල බිතුසිතුවම් 5 වන ශත වර්ෂයෙහි විසුද්ධි මාර්ගය ලියු බුද්ධඝෝෂ හිමියන් එහි ශීල නිර්දේශයෙහි කුරන්දක ලෙන් සිතුවම් ගැන විස්තර සඳහන් කරයි.එය පිහිටා ඇත්තේ අම්බලන්තොට රිදියගමය.තද බදාමයක් මත රතු රේඛාවෙන් අඳින ලද මේ චිත්‍රයෙහි බෝධිසත්ව රූපයක මුහුණක් හා අප්සරාවක්ගේ මුහුණක් ද කලා කුලය සළකුණු අඩි කැබැලි කිහිපයක් අසුන් පිට යෙදු පලස් සටහන් හා තවත් රේඛා කොටස් කිහිපයක් පැහැදිලිව පෙනේ. රුහුණේ වනගතව ඇති එළිපෙහෙලි නොවු පැරණි චිත්‍ර සහිත තැන් කිහිපයක් මෑත සොයා ගෙන ඇත. කුඩුම්බිගල ගල් ලෙනෙහි වු පැරණි බිතුසිතුවම් ආචාර්ය පී.ඊ.පී දැරණියගල මහතා විසින් සොයා ගෙන ඇත.ශාස්ත්‍රවල පිළිම ගෙහිත් ලාහුගල අසළ නීලගිරි විහාරයේත් පැරණි චිත්‍රයන් සොයා ගෙන ඇත. ලාහුගල නුදුරු නීලගිරි විහාරයේ පිළිම ගෙහි පසුකඩ බිත්තියේ මැටි රතු පැහැයෙන් අඳින ලද රේඛා සටහන් කොටස් දැකිය හැකිය. සිතුල් පව්ව බිතුසිතුවම් තිස්සමහාරාමයේ සිට සැතපුම් 18 ක් දුරින් යාල අභය භූමියට නුදුරින් සිතුල්පව්ව පිහිටියේය.එහි කොරවක් ගල් ලෙනේ ඉතිරි වී ඇති චිත්‍රයන් අතර කටින් නෙළුම් මල් ගත් හංස රූප පංතියක් ඇත. මේවා ඝන බදාමයක් මත රතු රේඛාවෙන් ඇඳි චිත්‍රයන්ය. මහලෙන් විහාරයෙහි කටාරම උඩ කොටසේ හංස රූප පෙළක් ද මුව හිසක් බුද්ධ රූප කිහිපයක කොටස් බීරළු පොලු 3 ක් සහිත ජනේලයක් හා තවත් හදුනා ගත නොහැකි තරමේ චිත්‍ර කොටස් කිහිපයක් පැහැදිලිව දැකිය හැකිය. වාහල්කඩේ ගෑ තුනී සුදු බදාමයක් මත මැලවී ගිය කොළ පාට,රතු පාට හා කහ පාටත් මේ චිත්‍රයන් ඇඳීම සඳහා යොදා ගෙන ඇත. වෙස්සගිරියේ බිතුසිතුවම් වෙස්සගිරියට නගින පියගැට කිහිපය පසු කර ගුහාවට ඇතුලු වු හැටියේ ම දකුණු පැත්තේ ගලේ බොහෝ දෙනෙකුගේ සැළකිල්ලට භාජනය නොවුණු කාල දෙකකට අයත් බිතුසිතුවම් කිහිපයක කොටස් දැකිය හැකිය. වම් පස පිහිටි කුඩා ගුහාවේ ද විශාල චිත්‍ර කිහිපයක කොටස් ආරක්ෂා වී ඇත. පළමුව චිත්‍ර පිහිටි බදාමය මත ගොරෝසුවට තුනී බදාමයක් ගා ඒ මත දෙවැනි වර චිත්‍ර කර ඇත. දෙවැනිව යෙදු බදාම තට්ටුව තැනින් තැන ගැලවී යාම නිසා යට තට්ටුවේ ඇති ඉතා පැරණි චිත්‍රයන් ද හඳුනා ගත හැක. දෙවැනි බදාමයේ මත අඳින ලද දේව රූප කිහිපයක් හඳුනා ගත හැක.ඒවා කහ,රතු හා නිල් පැහැයෙන් ඇඳ ඇත. වඳින අභිනයෙන් යුත් දේව රූපය හඳුනා ගත හැකි වේ. මේවා සීගිරි චිත්‍ර සම්ප්‍රදායට නෑකම් කියයි. කොළ, රඹ, කහ හා රතු පැහැය මේ චිත්‍රයන් ඇඳීම සඳහා යොදා ගෙන ඇත. චිත්‍ර ඇඳීමේ පෘෂ්ඨය සීගිරිය මෙන් වර්ණ යොදා ඇත. මෙහි යොදා ඇති වර්ණයන් සීගිරියේ මෙනි.සිත් ගන්නා සුළුය. මිහින්තලේ චිත්‍ර මිහින්තලා ගල මහ පඩි පෙළ වම් පස විශාල දාගැබක් විය.මේ දාගැබේ ගර්භය අඩි 12 ක් හරි හතරැස්ය. චිත්‍ර කලාවේ පරිණාමය අතින් විශාල වැදගත්කමක් ඇති චිත්‍ර කිහිපයක් එහි විය.යටි කය වලාකුළෙන් වැසී ගිය දේව රූප මේ චිත්‍රයෙන් පිළපිඹු වේ.සමහර දේව රූප අතින් නෙළුම් මල් ගෙන සිටී. තවත් සමහර රූප දෙඅත් එක් කොට වඳින ආකාරයෙන් දැක්වේ. දියුණු වු චිත්‍ර ශිල්පය ඉගැන්වීමේ නව ක්‍රමයක් අනුගමනය කරමින් සිත්තම් සටහන් කිරීමේදී රූපයන්ගේ කඩවසම් ප්‍රමාණය හා වින්‍යාසය සළස්වා ගැනීම සඳහා ශිල්පියා යොදා ගන්නා මූල රේඛාවන් මේ සිත්තම්හි හොඳින් පෙනේ. ශිල්පි න්‍යාය සීගිරියටත් වඩා පැරණි විය හැකිය. මිහින්තලා දාගැබේ චිත්‍රයන් දාගැබ තැනු මුල් කාලයට අයත් ඒවා ලෙස පුරාවිද්‍යා අධිකාරින්ගේ පිළිගැනීම වේ.ධාතු ගර්භයේ සුන් බුන් අතර වු අටැස් ථූපයේ එක් මුහුණතක යෙදු "පෙ" යන සිංහල අකුර සටහන් කර තිබුණි. එය අක්ෂර විලාශය අනුව 8 වන ශත වර්ෂයට අයත් ලෙස සළකන නිසා එහි වු චිත්‍රයක් 8 වන ශත වර්ෂයට අයත් ලෙස පුරාවිද්‍යා අධිකාරින් විසින් සළකනු ලබයි. හිඳගල බිතුසිතුවම් දැන් බොහෝ සෙයින්ම විනාශ වී ගිය මේ චිත්‍රයේ පැහැදිලි පිටපතක් කොළඹ කෞතුකාගාරයේ බිතුසිතුවම් අංශයේ ප්‍රදර්ශනය වේ.කටාරම් කෙටූ ගල්ගෙයි පියස්සේ ඇඳ ඇති බුද්ධ රූප දෙක මිනිස් ප්‍රමාණයට මදක් වැඩි බද්ධ පර්යංකයෙන් වැඩ සිටිනා රූපයෝය.සිද්ධීන් කිහිපයක් එක් චිත්‍රයක් තුළ ගලපා ඇති බව හොඳින් පෙනේ.ගලේ චිත්‍ර ඇඳ තිබු විශාල ප්‍රදේශය ගැන කල්පනා කරන විට මේ ඉතිරි වී ඇති චිත්‍ර කොටස ඉන් ඉතා ස්වල්පයකි.රුවන්වැලිසෑයෙහි වාහල්කඩෙහි මෙන් ඉතා තුනී බදාමයක් මත මෙම සිතුවම් ඇඳ ඇති බව පෙනී යයි. ගල්ඔය ගොණාගොල්ල බිතුසිතුවම් පැරණි දිගාමඩුල්ලේ ගල් ලෙනක අඳින ලද බිතුසිතුවම් කැබෙල්ලක නෂ්ඨාවශේෂ මෑතදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයා ගෙන ඇත. මේ චිත්‍ර කැබැල්ලේ පැහැදිලි රූප 2 ක් ඇත.එකක් දේව රූපයකි.අනෙක නිලියකගේ රූපයකි. චිත්‍ර ශෛලියෙන් මේ චිත්‍ර පොළොන්නරු සමයට වඩා පැරණි බව හොඳින් පෙනේ. දිඹුලාගල චිත්‍ර දිඹුලාගල මාරවීදිය ගල්ගෙයි රඹ පාටට හුරු කහ පැහැයක් බිත්තියේ යොදා දුඹුරු රතු පැහැයෙන් රූප සටහන් කර ඇත. ඊට පසු රූපවල රඹ පැහැය ඇඟට යොදා ඇත. මහියංගනයේ බිතුසිතුවම් මහියංගන චෛත්‍යයේ ධාතු ගර්භයේ කලාත්මක බවින් උසස් තැනක් ගන්නා මේ චිත්‍රයන් ඇඳීමට උපයෝගි කර ගත් අංගයන් වර්ණ රේඛා හා ගැලපීම් බොහෝ සෙයින් බැලු බැල්මට පොළොන්නරුවට සමාන වෙතත් මේවා එයට වඩා බොහෝ සෙයින් පැරණි දියුණු චිත්‍ර ශෛලියක් අනුගමනය කළ චිත්‍ර ශිල්පියෙකුගේ කෘතීන්ය. මේ චිත්‍රයන් හැඩය හොඳින් පෙනීම සඳහා යෙදු රේඛා මෙන්ම ඇස් කන් නාසා ආදිය ඇඳීමේදී ද රේඛා නිදහස්ව ඇඳ ඇත. රේඛා සඳහා යොදා ඇත්තේ ගුරුගල් පැහැය බඳු රතු හා ලා කළු පැහැයයි.සිහින් රේඛා භාවිතයට ගෙන ඇත්තේ පොළොන්නරුවේ මෙනි. මේ චිත්‍රයන් අතර බුදු රූ තුනකි.එක් චිත්‍රයක් බොහෝ සෙයින් විනාශ වී ගොස් ඇත.අනෙක් දෙක ඇඳ ඇත්තේ බෝධි මූලයෙහි වැඩ සිටිනා විලාශයෙනි. මේ එක් වෘක්ෂයක අතු අග සපු මල් වැනි මල් ඇත. දිඹුලාගල මාරා වීදියේ ගල්ගෙයි වූ චිත්‍රයෙහි වූ තොරණ සිහියට නංවයි. අනෙක්වා දේව රූප හා භික්ෂු රූපයෝය. සීගිරි චිත්‍ර සීගිරි කැටපත් පවුරේ සඳහන් ගීතයකින් නියැවෙන අයුරු අප්සරා රූප පන්සියයක් වු බව පෙනේ. පැරණි ශිල්පීන් වර්ණ යෙදු හැටි, රේඛා යෙදු හැටි, චිත්‍ර ගැලපූ හැටි සීගිරි චිත්‍රයන්ගෙන් මැනවින් පෙනේ. ශිල්පියා තෙළිතුඩ ඔහුට අවනත කරගෙන ඉතා සීඝ්‍රව ඉක්මනට ඇඳ ඇත.ඇස්,ඇඟිලි හා අත් ඇඳ ඇත්තේ විශේෂ සැළකිල්ලෙනි. මේවා ඇත්ත වශයෙන්ම විශේෂඥ භාවයෙන්ම කළ දේ බව මිනිස් රුව ගැලපීමෙන්ම පෙනේ. මේ චිත්‍රයන් ඇඳ ඇත්තේ වළ ගොඩැලි සහිත ගලෙහි ඝණකමට යෙදු බදාමයක් මතය. වර්ණ සංයෝගයත් වර්ණ මිශ්‍රනයත් අතින් සීගිරි ශිල්පීන් සූරකම් පෙන්වූවා පමණක් නොව උසස් ප්‍රතිඵල ද දක්වා ඇත. කහ දුඹුරු පැහැයට හුරු රතු, කළු, සුදු සහ කොළ පැහැය මේ චිත්‍ර ඇඳීමට ගෙන ඇත. සීගිරියේ චිත්‍ර පවත්නා තවත් ස්ථාන ලෙස පහළ ගුහාවේ චිත්‍ර හා නයි පෙන ගුහාවේ චිත්‍ර දැක්විය හැක. පොළොන්නරු තිවංක පිළිමගෙයි බිතුසිතුවම් සිංහල චිත්‍ර කලාවේ උසස් දියුණුවක් පැවති සමයට මෙම සිතුවම් අයත් වේ.වර්තමානයේ පවා හඳුනාගත හැකි පරිදි විශාල බිතුසිතුවම් ප්‍රමාණයක් තිවංක පිළිමගෙයි ඉතිරි වී පවතී. ස්වභාව ධර්මයෙන් හානියට පත් වුවද මේවා නොනැසී පැවතීම වැදගත් වේ.මීට අමතරව පොළොන්නරුවේ බිතුසිතුවම් උතුරු වෙහෙර, ගල් විහාර ලෙන්වල මැකී ගිය චිත්‍ර ලංකාතිලකයේ බිතු සිතුවම්, පොත්ගුල් විහාරයේ බිතු සිතුවම් සහ ශිව දේවාලයේ බිතු සිතුවම් පැවතී ඇති බව පුරාවිද්‍යාඥයන් දැනට අවශේෂව ඇති චිත්‍ර කොටස් සාධක තුළින් පෙන්වා දේ. අනුරාධපුරය පැරණි යුගයට අයත් බිතුසිතුවම් අනුරාධපුර අවට සිද්ධස්ථාන රාශියකින්ම හමු වේ.උතුරු වෙහෙර, රුවන්වැලිසෑයේ නැගෙනහිර වාහල්කඩ, මිරිසවැටිය දාගැබ, අභයගිරි දාගැබේ මැදුරුවල චිත්‍ර සේම වෙස්සගිරියේ සිතුවම් මේ අතර වැදගත් වේ. ආශ්‍රිත ග්‍රන්ථ . විජේසේකර, නන්දදේව 1964.පැරණි සිංහල බිතුසිතුවම්,කොළඹඃරාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව. . චාර්ලිස්,එස්.පී 2000.පාරම්පරික සිංහල සිතුවම්,කොළඹඃමධ්‍යම සංස්කෘතික අරමුදල. . සෝමතිලක,එම්2004.පුරාතන ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාව,කොළඹඃඇස්.ගොඩගේ සහ සහෝදරයෝ.
8,054
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92%20%E0%B6%AF%E0%B6%94%E0%B6%AF%E0%B7%92%E0%B7%80
පුංචි දඔදිව
පිහිටීම රත්නපුර සිට සිරිපාගම පාරේ මල්වලට පැමිණ දකුණට හැරී වේවැල්වත්ත පාරේ ගලබඩ හන්දිය දක්වා ගමන් කොට වමට ඇති පාරේ කි.මී.8ක් ගිය විට "පුංචි දඔදිව විහාරය" හමුවේ. පුංචි දඹදිව පුදබිමේ බිහිවීම වර්ෂ 1981ක් වූ අප්‍රියෙල් මස 14 වන දින ගලබඩ රාජ්‍ය වැව්ල්ලේ ලදුකැළෑ බිමකට වැඩම කළ පූජ්‍ය ගරු ගිලීමලේ චන්ද්‍රාලෝක ස්වාමීන් වහන්සේ අවට ගම්වාසීන්ගේ සහය ඇතිව වල් සෙවිලි කරන ලද ඉටි රෙදි වලින් වටකල කුඩා පැල්පතක් තනාගෙන පදිංචි වූ අතර ඒ සමගම ආගමික වතාවත් ඉටුකිරීම සඳහා කොළ අතු සෙවිලි කළ ධර්ම ශාලාවක් තනා එහි ප්‍රථම පින්කම් උත්සවය වර්ෂ 1981ක් වූ වෙසක් මස පුර පසළොස්වක පොහෝ දින සිදු කරන ලදී. පළමු පිංකමට විශාල පිංවතුන් පිරිසක් එක්රැස් වූ අතර දිනෙන් දින පොදු මහජනතාවගේ ඇල්ම බැල්ම වැඩිවෙමින් පවතින මේ පුංචි විහාරස්ථානයේ ස්ථිර ධර්මශාලා මන්දිරයක් ගොඩනැඟීම ආරම්භ කරන ලදී. එම ධර්මශාලා මන්දිරය අඩි 70ක් දිග අඩි 30ක් පළල ගොඩනැඟිල්ලක් වූ අතර එහි කාමර කීහිපයක් සංඝාවාසයට වෙන් කරන ලදී. වර්ෂ 1982ක් වූ ජුනි මස 03 වෙනි දින ආරම්භ කළ මෙම ධර්මශාලා මන්දිරයේ වැඩ ඉතා ඉක්මනින් අවසන් විය. කාලයාගේ ඇවෑමෙන් මෙම පුදබිම ඉතා වේගයෙන් දියුණු වූ අතර ලක් වැසියන්ගේ හා ලෝ වැසියන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නා ස්ථානයක් බවට පත් විය. මෙම සිද්ධස්ථානය ඉදිවීමේ මූලික අරමුණ වූයේ දඹදිව පුදබිම වන්දනා කරගැනීමට ඇති අපහසුව මතය. මේ අඩුපාඩුව දුරලීම සඳහා පුංචි දඹදිව විහාරස්ථානයේ වැඩ කටයුතු කෙරුණු අතර මේ වනවිටත් එහි ඉදිරි ගොඩනැඟීම් කටයුතු සිදුවෙමින් පවතී. මේ සියලු නිර්මාණයන් අවසන් වූ පසු දඹදිව යාමට නොහැකි අයටද "පුංචි දඹදිව" පුදබිමට පැමිණ සතර සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට හැකිවනු ඇත. ලෝකයේ ප්‍රථම අසූමහ ශ්‍රාවක පස්විසි බුදු රජ මහා විහාරය 1986 ජුනි මස 20 වෙනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ප්‍රථම විධායක ජනාධිපති ජේ ආර් ජයවර්ධන ශ්‍රීමතානන් අතින් විවෘත වුණු මෙම විහාර මන්දිරය අවුරුදු 2යි, මාස 10ක් වැනි කෙටි කලක් තුළදී ඉතා උසස් විස්කම් නිර්මාණයක් බවට පත්විය. තිලොවට තිලක වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ එදා දඹදිව ජේතවනාරාමයේ තනතුරුලාභී අසූමහා ශ්‍රාවක මහ රහතන් වහන්සේලා පිරිවරාගෙන ධර්ම සාකච්ඡා පැවැත්වූ අයුරු විදහා දැක්වෙන අනඟිභවනීය දම්සභා මණ්ඩපයක් ඇතුළුව සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තුළ මෙලොවට පහළ වී වදාළ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පටන් කාශ්‍යප නම් වූ බුදුරජාණන් වහන්සේ දක්වා බුදුරජාණන් වහන්සේලාගේ පිළිරූ ඉදිකර, මෙම විහාර මන්දිරය ඉදිකර ඇත. මෙම මහා විහාර මන්දිරය මෙසේ හඳුන්වනු ලබන්නේ ගෞතම මහා බෝසතාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තුළ මෙලොව පහළ වී වදාළ දීපංකර නම් වූ බුදුරජාණන් වහන්සේලා විසි හතර නමකගේ නියත විවරණ ලබන අවස්ථා දැක්වෙන සූවිසි විවරණය විහාර මන්දිරයේ පිට මාලයේ නිරූපණය කර ඇති නිසාය. මෙහි ප්‍රධාන මැද මාලයේ ඇත්තේ තනතුරුලාභී අසූමහ ශ්‍රාවක මහ රහතන් වහන්සේලා පිරිවරාගෙන දඹදිව ජේතවනාරාමයේ දම්සභා මණ්ඩපයේ ධර්ම සාකච්ඡා පවත්වනු ලැබූ අනඟිභවනීය නිර්මාණයයි. ඒ අනුව සූවිසි බුදුන්ගේ ප්‍රතිමාවන් 24ක් අසූමහ ශ්‍රාවක මහ රහතන් වහන්සේලාගේ ප්‍රතිමා 80ක් යන මේ සියලු ප්‍රතිමා එකම වහලක් යට එකම ස්ථානයක එකම විහාර මන්දිරයක් තුළ නිර්මාණය කර තිබෙන එකම ස්ථානය ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ථ ලෝකයේම ඇත්තේ මේ ස්ථානයේ පමණක් නිසාත් "ලෝකයේ ප්‍රථම අසූමහා ශ්‍රාවක පස්විසි බුදු රජ මහා විහාරය" නමින් මෙය හඳුන්වයි. ශ්‍රී ලංකාවේ විශාලතම ධර්මශාලා මන්දිරය තම ගුරු දේවයන් වහන්සේට උපහාරයක් වශයෙන් කුඩාවේ ශ්‍රී අභිනවාරාමාධිපති අතිපූජ්‍ය කුඩාවේ විනයනංශ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමින් නම් කරන ලද අතර "ශ්‍රී විනයවංශ ධර්මශාලා මන්දිරය" නමින් මෙයට නම් තබන ලදී. වාර්ෂික මුරදානය පැවැත්වීම සඳහාත් පෙහෙවත් සමාදන් වීම සඳහාත් වන්දනාමාන කටයුතු කිරීම සඳහාත් මෙම දිවයින පුරා ජීවත් වන ජනතාව අති විශාල වශයෙන් දිනපතා විහාරස්ථානයට පැමිණෙන බැවින් ඒ අයට නවාතැන් පහසුකම් සැලැස්වීමට ක්‍රියාමාර්ගයක් ලෙස මෙම ධර්මශාලා මන්දිරය ඉදි විය.එහි ප්‍රතිඵලයක් වශයෙන් අඩි 203ක් දිග අඩි 62ක් පළල සුවිශාල ධර්මශාලා මන්දිරයක් ගොඩනැඟීමට වර්ෂ 1987 ජනවාරි මස 13 වෙනි දින ඒ සඳහා මුල්ගල තැබූ අතර විවිධ ගැටලු මැද වුවද වසර තුනක් වැනි කෙටි කලක් තුළ තනා නිම කරන ලදී 1990-04-21 දින ශ්‍රී ලංකා ජනරජයේ විධායක ජනාධිපති වන ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අතින් විවෟත විය. ශ්‍රී ලංකාවේ එකම දෙමහල් සෑය 1993ක් වූ නොවැම්බර් මස 11 වෙනි දින මෙයට මුල්ගල තැබූ අතර 2003 ජූලි මස 06 වෙනි දින ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතින් මෙම බුදු රජ විහාර භූමියේ චෛත්‍ය රාජයාණන් වහන්සේ විවෘත කරන ලදී.මේ සුවිශාල චෛත්‍ය නිර්මාණය සිංහල රජ දවසේ සිට මේ දක්වා සබරගමු පළාත තුළ ඉදි වූ සුවිශාලම චෛත්‍ය වන අතර ශ්‍රී ලංකාව තුළ ඉදිවූ එකම දෙමහල් මහා සෑය බවට පත්වී ඇත මේ සෑ රදුන්ගේ ගර්භය දෙමහල්ය.පහත් බිම් මාලයේ සම්බුදු පියාණන් වහන්සේගේ දස පාරමිතා පුවත් නිර්මාණය කර ඇති අතර ජාතක කතා වස්තු රාශියක් නිර්මාණය කර ඇත.මෙහි උඩු මාලයේ මහා භද්‍රකල්පය තුළ ලොවට පහළ වී වදාළ කකුසඳ බුදුරජාණන් වහන්සේ,කෝනාගම බුදුරජාණන් වහන්සේ,ගෞතම බුදුරජාණන් වහන්සේ, යන සතර බුදුවරයින් වහන්සේලාගේ ප්‍රතිමා සතර ද සධාතුක ධාතු නිදන් කළ චෛත්‍යයද නිර්මාණය කර ඇත.මෙහි වැඩ නිම කිරීමට කෝටි දෙකක් පමණ වැය වී ඇති අතර මෙම දෙමහල් සෑය සිත්ගන්නා සුලු අංගයක් බවට "පුංචි දඔදිව" සිද්ධස්ථානය තුල පත් වී ඇත. ජය ශ්‍රී බෝධීන් වහන්සේ දඔදිව ඉන්දියාවේ මධ්‍ය දේශයේ වැඩ වසන උතුම් වූ විජ ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව පිණිස රන් වැටක් හා උතුම් වූ වජ්‍රාසනයට ආවරණය පිණිස රන් වියනක්ද ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් පූජා කරන ලදී.2003ක් වූ ඔක්තෝම්බර් මස 28 වෙනි දින දුර්වර්ණ වූ රන් වියන හා රන් වැට රත් ගඟ පුංචි දඔදිව මහා විහාරාධිපති අති පූජ්‍ය ගරු ගිලීමලේ චන්ද්‍රාලෝක මහා හිමියන් වහන්සේගේ මූලිකත්වයෙන් අලුත්වැඩියා කටයුතු සිදු කර උත්සවශ්‍රීයෙන් විවෘත කෙරිණි.මෙම පිංකම සිහිපත් වීම පිණිස යම්කිසි සිහිවටනයක් මෙන් පිංකම් සංවිධායක කමිටුව කරන ලද ඉල්ලීම අනුව බෝධිකාරක මණ්ඩලය මහා බෝධි සමාගම බිහාර් ප්‍රාන්ත රාජ්‍යය යන ආයතන මඟින් ගත් තීරණය මත බෝධීන් වහන්සේගේ ශාඛාවක් ලබා දෙන ලදී.මෙම බෝධි අංකුරය ශ්‍රී ලංකාද්වීපයට වැඩමකොට යේ වඩා හිඳුවා රෝපණය කිරීමට සුදුසු බව එහි නිලධාරීන් විසින් තීරණය කිරීමෙන් අනතුරුව වර්ෂ 2006ක් වූ මාර්තු මස 27 වෙනි දින රෝපණය කරන ලදී.පසුව විශේෂිත වූ බෝධි මණ්ඩපයක් සාදා එහි බෝධීන් වහන්සේ රෝපණය කරන ලදී.මෙම බෝධි ශාඛා රෝපණය දේවානම්පියතිස්ස මහ රජු දවස සංඝමිත්තා තෙරණිය විසින් වැඩමවා අනුරාධපුර මහමෙව්නාවේ රෝපණය කරන ලද ශ්‍රී මහ බෝධි ශාඛාවෙන් පසු මෙරටට වැඩමවා පුංචි දඔදිව රෝපණය කරන ලද දෙවන බෝධි ශාඛා වහන්සේ ලෙස ඉතිහාසයට මතු දින එක්වනු ඇත. පුංචි දඔදිව පුදබිමේ ඇති අනෙකුත් සිද්ධස්ථාන හා ඉදිරි කටයුතු දඔදිව බුද්ධ භූමි මෙන්ම දඔදිව සතර සිද්ධස්ථාන වැඳ පුදා ගැනීම පිණිස බෞද්ධයන් තුළ ඇති අභිරුචිය ඉතා ඉහළ වුවද ඒ සඳහා වැය වන මුදල විශාල වන බැවින් එය අසීරු කටයුත්තකි. මෙම අඩුපාඩුව දුටු විහාරාධිපති පූජ්‍ය ගරු නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ තබන ප්‍රථම පියවර වශයෙන් පිරිනිවන් මංචකය සෑදීමේ කටයුත්තට 2002.05.28 වෙනි දින මුල්ගල තබන ලදී. දඔදිව කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් උයනේදී නිර්මිත පරිවාර විහාරයේදී අනුරූ ප්‍රතිමා වහන්සේ ලෝකයේ දෙවන වරට මෙම පුදබිමේ ඉදි විය. පසුව මෙම පිරිනිවන් මංචක ප්‍රතිමාවේ සිරස් ධාතූන් වහන්සේ නිදන් කිරීම සිදු වූ අතර මෙම පිරිනිවන් මංචක විහාරස්ථානය ඇති වීමෙන් පසු අසූ මහා ශ්‍රාවක බුද්ධ විහාරය, "පුංචි දඔදිව" නමින් භාවිතා කරන්නට විය. එසේම මෙම විහාරස්ථානයට බුරුම දේශයෙන් වැඩම කරවන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ වඩා හිඳුවීම පිණිස නව බුද්ධ මන්දිරයක් සාදවන ලදී. මෙම පින් බිමේ ප්‍රධාන විහාර මන්දිරයට ඉදිරියෙන් ශ්‍රී පාදස්ථානය, දිවාගුහා විහාරස්ථානය සහ මෙම ප්‍රදේශය ආරක්ෂා කොට රැකබලා ගැනීමේ කාර්යභාරය දරන දහසක් නයින් සෝවාන් ඵලයෙහි පිහිටුවා ශ්‍රීමත් සුමන් සමන් දෙවියන් වැඩ සිටින දේව මන්දිරය පිහිටා ඇත. දෙමහල් සෑ රදුන් වෙත පිවිසෙන ආරම්භක ස්ථානයේ ඉදිකර ඇති දොළොස්මහේ පහන් ගෙය මුළු පරිසරයම ආලෝකවත් කරමින් නොකඩවා නොනිමී දැල්වෙනු ඇත. මෙම දොළොස්මහේ පහන් ගෙය වටා සිසිල් ජලයෙන් පිරී පොකුණ සිත් ඇදගන්නා සුළුය. මෙම පුණ්‍ය භූමිය වන්දනා කර ගැනීම සඳහා පැමිණෙන සංඝ රත්නය සඳහා නේවාසික පහසුව පිණිස සිව්මහල් සංඝාවාස ගොඩනැඟිල්ලක් තැනීම දැනට නිමවෙමින් පවතී. එසේම දඹදිව සතර සිද්ධස්ථාන ද ඉදිවෙමින් පවතී. පිරිනිවන් මංචක ප්‍රතිමා වහන්සේගේ අනුරූ ප්‍රතිමා වහන්සේ ඉදිකර අවසන් කර ඇත. බුදුන් වහන්සේගේ උත්පත්තිය සිදු වූ ලුම්බිණි විහාරය, බුද්ධත්වයට පත් වූ බුද්ධගයා විහාරය, මංගල ධර්ම දේශනා පැවැත්වූ දඔදිව මිගාදය ඉදිකිරීමේ කටයුතු දැනට නිමවෙමින් පවතී. ශ්‍රී ලාංකික බෞද්ධයන් වන අපට "පුංචි දඔදිව" පූජා භූමිය ඉතා වටිනා සිද්ධස්ථානයකි. උපුටා ගැනීම් "විස්කම් නිර්මාණයක වගතුග" ගිලීමලේ නුගවෙල
8,055
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%A2%E0%B6%B1%E0%B6%9A%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%20%E0%B6%A1%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA
ස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනය
ස්ත්‍රී ප්‍රජනකාංග කැපීම සහ ස්ත්‍රී ලිංග පරිඡේදනය ලෙසින්ද හැඳින්වෙන, ස්ත්‍රී ප්‍රජනකාංග ඡේදනය (FGM) යනු, බාහිර ස්ත්‍රී ලිංගේන්ද්‍රිය කොටසක් හෝ සම්පූර්ණයෙන් හෝ අභිචාරාත්මක ලෙසින් ඉවත් කිරීමයි. යුනිසෙෆ් සංවිධානය විසින් ඇස්තමේන්තු කරන පරිදී 2016 වසරෙහිදී, අප්‍රිකාවේ රටවල් 27 කද, ඉන්දුනීසියාවෙහි, ඉරාක කුර්දිස්තානයෙහි සහ යෙමනයෙහිද මිලියන 200 කාන්තාවෝ මෙම පිළිවෙතට ලක් වී ඇති අතර, මෙයින් ජිබුටි, ඊජිප්තුව, එරිට්‍රියාව, ගිනි, මාලි, සියෙරා ලියෝන්, සෝමාලියාව සහ සුඩානය යන රටවල 15–49 වයස් කාණ්ඩයන්හී 80–98 ප්‍රතිශතයක අනුපාතිකයක් මෙයට භාජනය වී ඇත. මෙයට අමතර වශයෙන් ආසියාවෙහි, මැද පෙරදිග තුල සහ, ලොව පුරා වෙසෙන මෙම ප්‍රදේශ වලට අයත් ප්‍රජාව තුලද මෙම පිළිවෙත දක්නට ඇත. ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය සංස්කෘතිමය හා වෛද්‍යමය නොවන හේතුන් සඳහා ස්ත්‍රියකගේ ලිංගික අවයව සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කිරීම් හෝ ස්ත්‍රීන්ගේ ලිංගික අවයව වලට සිදු කරන අනෙකුත් තුවාල කිරීම් හා සම්බන්ධ සියලුම ක්‍රියාදාමයන් ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය / කැපීම ලෙස හඳුන්වනු ලැබේ. ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ජේදනය ලෝකය පුරා විවිධ ප්‍රදේශ වල විවිධ ජනවර්ග අතර විවිධාකාරයෙන් සිදුවේ. මේ සඳහා කාන්තාවන් මිලියන 100 - 140 ක ප්‍රමාණයක් භාජනය වී තිබේ. සෑම වසරකම මිලියන 2 ක ප්‍රමාණයක ගැහැණු ළමයි මෙම අවධානමට මුහුණ දෙති. ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ජේදනය බොහෝ වශයෙන් ව්‍යාප්ත වී තිබෙන්නේ අප්‍රිකාවේ නැගෙනහිර , බටහිර හා වයඹ ප්‍රදේශවල වේ. මැත කාලයේ ආසියා හා මැදපෙරදිග රටවල මෙන්ම ඇමරිකාවේ හා බටහිර රටවල පදිංචියට පැමිණි සංක්‍රමණිකයන් අතරද මෙම තත්ත්වය දක්නට ලැබේ. ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනයේ ආරම්භය අපැහැදිලිය. ක්‍රිස්තියානි හා ඉස්ලාම් භක්තිකයන් අතර හට ගෙන තිබේ. ඊජිප්තියානු මමීවල ස්ත්‍රී ලිංගික අවයව ජේදනය සිදු කර ඇති බවට පැහැදිලි ලක්‍ෂණ දක්නට ලැබේ. ඉතිහාසඥයන් දක්වන්නේ 15 වැනි ශතවර්ෂයේදී ඉතියෝපියාවේද මෙය පැවති බවයි. මීට අමතරව අප්‍රිකාව , පිලිපීනය , ඇමේසන් , ඕස්ට්‍රේලියාව , රෝමය හා අරාබිය යන රටවලද මෙම ක්‍රියාදාමය පැතිරී තිබී ඇත. මෙම කාර්යය , ගැහැණු ළමයකුගේ වයස අවුරුදු 7 -10 අතර කාලයේදී බොහෝ විට සිදු කරනු ලබයි. ඔවුන්ගේ ළමා කාලයේදී , වැඩිවියට පත් වූ පසු හෝ ඇතැම් විට විවාහක කාලයේදී , පළමු ගර්භනී කාලය අතර තුර , පළමු දරු උපතට පසුව මෙසේ ලිංගික අවයව ජේදනය සිදුකරයි. ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ජේදනය සිදු කරන ආකාර ඒ ඒ ජන වර්ග වල සම්ප්‍රදායන් අනුව වෙනස් වේ. ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ජේදනය විවිධ කාරණා හේතු කොට ගෙන සිදුවේ. එනම්, කාන්තාවන් ලිංගිකව හැසිරීම , තෘප්තිය , සීමා කිරීම , ලිංගිකව එක් වීමේදී පුරුෂයාට උපරීම ලිංගික තෘප්තියක් ලබා ගැනීම යනාදිය සඳහාය. එසේම සමාජය හා සංස්කෘතිය හා බැඳුණු මිත්‍යා මතවාදයන් මුල්කරගෙනද (එනම්, කාන්තාවන්ගේ භගමණිය නොකැපුවොත් පුරුෂ ලිංගය වර්ධනය වීම , ලිංගික අවයව කැපීම මගින් ළමයින්ට නොමැරී ජීවත් වීමට හැකියාව ලැබීම වැනි දේ.... ) පිරිසිදු බව , ආරක්‍ෂාව හා සුන්දරත්වය වැනි හේතුන්ද ( එනම්, කාන්තාවන්ගේ බාහිර ලිංගික අවයව අපිරිසිදු හා කැත ලෙස සළකා ආරක්‍ෂාව හා සුන්දරත්වය සඳහා ඉවත් කළ යුතු ලෙස සළකයි.) ආගමික බලපෑම් හා සමාජයයීය හා ආර්ථික හේතුන්ද බලපානු ලැබේ. ගැහැණු ළමයකුගේ ලිංගික අවයව ජේදනය කිරීම ඇගේ විවාහය සදහා පූර්ව සුදුසුකමක් ලෙස සළකන අතර ගැහැණු දරුවන් සිටිනා දෙමව්පියෝ තම දරුවන්ගේ ලිංගික අවයව ජේදනය කරති. මෙම කර්තව්‍ය සඳහා ඒ ඒ ජනවර්ග අතර තෝරා ගත් පුද්ගලයෝ සිටිති. වින්නඹු කාන්තාවන් , සාම්ප්‍රදායිකව සෞඛ්‍ය පිළිබඳව ක්‍රියාකරන්නන් , කරණවෑමියන් , ඒ සඳහා සිටින්නාවූ රහසිගත සාමාජිකයින් , කාන්තා නෑදෑයින් , ජනවර්ග අතර සිටින්නාවූ සාම්ප්‍රදායික වෛද්‍යවරුන් , අහිගුන්ඨක ගැහැණුන් විසින් සිදු කරනු ලබයි. ලිංගික අවයව ජේදනය කිරීම සඳහා කිසිදු වෛද්‍ය උපකරණයක් භාවිතා නොකරයි. ඒ සදහා විශේෂ පිහි , කතුරු , කුඩා පිහි , වීදුරු කැබලි , බ්ලේඩ් , දැලි පිහි , තියුණු ගල් පතුරු ආදිය භාවිතා කරන අතර කිසිදු විෂබීජ හරණයක් හෝ නිර්වින්දනයක් සිදු නොකර ස්ත්‍රියව සජීවීව මෙම ක්‍රියාදාමයට යොමු කරනු ලබයි. මෙම ක්‍රියාවලියේ දැඩි බව අඩු හෝ වැඩි වශයෙන් තීරණය වන්නේ භූගෝලීය වෙනස්කම් වලට අනුව සහ ඒ ඒ ප්‍රාන්තවල පවතින සංස්කෘතික ක්‍රියාදාමයන් අනුවය. අනතුරුව සති 10- 14 කාලයක් කකුල් එකට එක් කර සෙලවීමට නොහැකි වන පරිදි ගැට ගසනු ලබයි. මෙසේ කරන්නේ ඇයට සිදුවී තිබෙන තුවාල සුව වීම සඳහා බව දක්වයි. ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ජේදනය මෙවැනි පසුබිමක් තුළ සිදු වීම නිසා අධික රුධිර වහනය , කම්පනය ,පිළිකා ඇති වීම , පිටගැස්ම , කැලැල් හට ගැනීම , මුත්‍රා හා ඔසප් රුධිරය පිටවීමේදී ඇතිවන අක්‍රමිකතා , වඳභාවය (සුඩානයේ චර්ම ජේදනය හේතුවෙන් කාන්තාවන් 25% ක් වඳභාවයට පත් වී ඇති බව දක්වයි. ) , මුත්‍ර මාර්ගයේ තදබල ආසාදන , මුත්‍රා ගල් ඇති වීම , වකුගඩු වලට හානි සිදු වීම ,ඒඩ්ස් වැළඳීම, පළමු ලිංගික එක් විමේදී අධික වේදනාව වැනි තත්ත්වයන් ඇතිවේ. Infibulated කාන්තාවන්ට ලිංගිකව එකතු වීමේදී මසා තිබෙන Labia majora විවෘත කිරීමට සිදු වන අතර බොහෝවිට පුරුෂයා විසින් පිහියකින් කපා දමනු ලබයි. මෙම තත්ත්වය නැවත විවිධාකාර රෝගී තත්ත්වයන් ඇති කිරීමට හේතු වේ. දරු උපතකට පසු නැවත මසා දමනු ලැබේ. එසේම මෙම නිසා මාතෘ හා ළමා මරණ සිදුවීමේ ප්‍රවණතාවක් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය කරන ලද විමර්ශනයකට අනුව අවයව ජේදනය සිදු කරන ආකාර වලින් (මෙම ක්‍රම පසුවට විස්තර කරනු ලැබේ.) පළමු ක්‍රමයේදී 15% ද දෙවන ක්‍රමයේදී 32% ද තෙවන ක්‍රමයේදී 55% ද ළමා මරණ ඇති වීමේ අවධානමක් පවතී. තෙවන ක්‍රමයට මුහුණදුන් කාන්තාවන් 30% කටම ශල්‍යකර්ම මාර්ගයෙන් දරුවන් බිහි කිරීමට සිදු වී තිබේ. ලිංගික අවයව ජේදනය නොකරපු අය සමග සැසඳීමේදී රුධිර වහනය 70% කින් වැඩිය. කාන්තාවන්ගේ ලිංගික අවයව කැපීම නිසා අප්‍රිකාවේ මව්වරු සහ දරුවන් දාහකට 10 - 12 අතර ප්‍රමාණයක් උපතේදීම මිය යන බවට තක්සේරු කර ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ඊට අනුබද්ධ ආයතන දක්වන්නේ ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ජේදනය හේතුවෙන් කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ මානව හිමිකම් උල්ලංගනය වන බවයි. ජීවිතයට ඇති අයිතිය, කෲර වධහිංසා වලින් නිදහස් වීමට ඇති අයිතිය , සෞඛ්‍යට හා ආරක්‍ෂාවට ඇති අයිතිය , ළමා අයිතීවාසිකම් වැනි මූලික හා මානව හිමිකම් උල්ලංගනය වේ. මෙවැනි හේතුන් නිසා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනයට එරෙහි ජාත්‍යන්තර දිනය වශයෙන් දෙසැම්බර් 06 නම් කරන ලදී. ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය සිදු කරන ආකාරය ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් කොපමණ ජේදනය කරනවාද යන්න එක් එක් ජනවර්ගවල සම්ප්‍රදායන් හා සංස්කෘතීන් මත පදනම් වේ. ජනනේන්ද්‍රිය කොටස් ඉවත් කරන්නාවූ ප්‍රමාණය අනුව විවිධ වර්ගීකරණයන්ට මෙම ක්‍රියාදාමය බෙදා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳව විමර්ශනයන් සිදු කර ජේදනය කරන ආකාර කිහිපයක් පෙන්වා දේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්ගීකරණය ලෝක සෞඛ්‍ය සංවිධානය ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය සිදු කරන ප්‍රධාන ආකාර හතරක් පෙන්වා දෙයි. පළමු ක්‍රමය භගමණිය (Clitoris) සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කිරීම සහ / හෝ භගමණියේ වැස්ම (clitoral hood) ඉවත් කිරීම සිදු වේ. මෙහි අනු කොටස් දෙකකි. එනම්, 1. හගමණියේ වැස්ම හෝ prepuce පමණක් ඉවත් කිරීම. 2. prepuce සමඟ භගමණිය ඉවත් කිරීම. මෙය ඉතාමත් වේදනාකාරී එකක් වෙයි දෙවන ක්‍රමය labia majora ජේදනය කර හෝ නැතිව, භගමණිය සම්පූර්ණයෙන්ම හෝ කොටසක් සහ labia minora ඉවත් කිරීම සිදු වේ. මෙම අවස්ථාව "ජේදනය කිරීම" ලෙස හඳුන්වයි. මෙහි අනු කොටස් තුනකි. එනම්, 1. labia minora පමණක් ඉවත් කිරීම. 2. භගමණිය සම්පූර්ණයෙන්ම හෝ කොටසක් සහ labia minora ඉවත් කිරීම. 3. භගමණිය, labia minora සහ labia majora සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කිරීම. තෙවන ක්‍රමය යෝනි විවරය පටු වන පරිදි එය වැසී තිබෙන කොටස් කපා, භගමණිය ජේදනය කර හෝ නැතිව, labia minora සහ / හෝ labia majora එක්කර මසනු ලබයි. මෙය "INFIBULATION" ලෙස හඳුන්වයි. මෙම ක්‍රමය ජනනේන්ද්‍රිය කොටස් ඉවත් කිරීමේ ඉතා අමානුෂික මෙන් බරපතලම ක්‍රමය වේ. මෙහිදී labia majora හි අතුළත සහ සම්පූර්ණ labia minora ද ඇතුළත්ව බාහිර ජනනේන්ද්‍රිය කොටස් විශාල ලෙස ඉවත් කෙරෙයි. අනතුරුව මුත්‍රා හා ඔසප් රුධිරය වහනයට පමණක් කුඩා සිදුරක් තබා labia majora කටු ගැසීමෙන් හෝ මැසීමෙන් එකට යා කර යෝනි විවරය වසා දමනු ලබයි. ඉන්පසු ස්ත්‍රියගේ කකුල් එකට එක් කර ගැට ගසා සති 10 - 14 නොසෙල්වන සේ තබනු ලබයි. මෙසේ කරනු ලබන්නේ ඇය සෙලවීමෙන් වැලැක්වීමට හා යෝනි මුඛයේ තුවාල සුව වීම සඳහාය. මෙම ක්‍රමය ගැහැණු දරුවකු වැඩිවියට පත් වීමට පෙර සිදු කරනු ලබයි.වින්නඹු කාන්තාවෝ මේ සඳහා කිසිදු නිර්වින්දන ක්‍රමයක් භාවිතා නොකරති. ඔවුහු සෑම සතියකටම වරක් පරික්‍ෂා කරන අතර අවශ්‍ය අවස්ථා වලදී මැසූ යෝනි විවරය විවෘත කරති. de - infibulation මෙහිදී ලිංගිකව එක් වීමට හා දරු ප්‍රසූතියට බාධාවක් ඇති කරනු ලබයි. Infibulated කාන්තාවන්ට ඇගේ පළමු විවාහ රාත්‍රියේදී මසා දමනු ලැබූ යෝනි විවරය විවෘත කිරීමට සිදු වන අතර එය සැමියා හෝ ඒ සඳහා වගකීමක් ඇති කෙනෙකු විසින් සිදු කරනු ලබයි. මෙහිදී අධික රුධිර වහනය , කම්පනය , අධික වේදනාව, රෝග ඇති වීම යනාදියට මුහුණ දීමට සිදුවේ. දරු ප්‍රසූතියේදී දරුවා බිහි වීමට මසන ලද යෝනි විවරය කුඩා හෙයින් නැවත යෝනි විවරය විවෘත කිරීමට සිදුවේ. re - infibulation දරු ප්‍රසූතිය සඳහා විවෘත කරන ලද යෝනි විවරය දරු ප්‍රසූතියෙන් පසු නැවත යෝනි විවරය කුඩා වන පරිදි වසා දමනු ලබයි. නැවත කකුල් ගැට ගසා සුව වීමට ඉඩ හරියි. දරු ප්‍රසූතිය රෝහලකදී සිදු වුවොත් වෛද්‍යවරු ප්‍රසූතියට සරිලන සේ යෝනි විවරය කපා විවෘත කරන අතර නැවත එය වසා දමන ලෙස රෝගියා විසින්ම ඉල්ලා සිටිනු ලබයි. සිව්වන ක්‍රමය අනෙකුත් විවිධාකාරයෙන් සිදු වන ලිංගික අවයව ජේදනය කිරීම් මීට අයත් වේ. මෙහිදී යෝනියේ අවයව ඉවත් කිරීමක් සිදු නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සිව්වන ක්‍රමය ලෙස නිර්වචනය කරන්නේ, වෛද්‍ය අරමුණක් සඳහා නොවන ස්ත්‍රියකගේ ලිංගික අවයව වලට සිදු කරන සියලුම ආකාරයේ හිංසනීය ක්‍රියාවන් ලෙසයි. එනම් ,භගමණියට ඉදිකටු හෝ කූරු වලින් ඇනීම , හිල් කිරීම , යෝනිය කැපීම , ඇදීම ,යෝනි විවරය අවට සම සීරීම , ගිනියම් කළ ආයුධ වලින් පිළිස්සීම , යෝනිය ඉරීම ,ලේ ගැලීමට හා විවෘත වීමට ඉඩක් නැති වීම සඳහා යෝනිය තුළට විවිධ දේවල් ඇතුළත් කිරීම ආදිය වේ. මෙය හුදකලාවූ ජනවර්ග අතර දක්නට ලැබෙන අතර ඇතැම් විට අනෙකුත් ක්‍රම හා සම්බන්ධ වී භාවිතා වීමක්ද දක්නට ලැබේ. ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය කිරීම හඳුන්වන විවිධ නම් Incision ස්ත්‍රියගේ භගමණිය , clitoral prepuce කැපීම සඳහා භාවිතා කරන නමකි. Clitoridectomy භගමණිය සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කිරීම සඳහා භාවිතා කරන නමකි. Excision භගමණිය ඉවත් කිරීම සහ labia minora සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කිරීම සඳහා භාවිතා කරන නමකි. Infibulation භගමණිය ඉවත් කර labia minora සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කර labia majora එක්කර මැසීම සඳහා භාවිතා කරන නමකි. Circumcision ස්ත්‍රියකගේ ජනනේන්ද්‍රිය කොටස් කැපීම සම්බන්ධයෙන් පොදුවේ භාවිතා කරන නමකි. මෙම වචනය බොහෝ විට පළමු ක්‍රමය යටතේ ජනනේන්ද්‍රිය කොටස් කැපීම සඳහා භාවිතා කරයි. මෙම වචනය භාවිතා කිරීම තුළ ස්ත්‍රීන් හා පිරිමි සුන්නත් කිරීම් සම්බන්ධව භාවිතා කරන වචන පිළිබඳව පැටලිලි සහගත බවක් ඇති වී තිබේ. Female genital mutilation සංස්කෘතිමය හා වෛද්‍යමය නොවන හේතුන් සඳහා ස්ත්‍රියකගේ ජනනේන්ද්‍රිය කොටස් සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කිරීම් හෝ ජනනේන්ද්‍රිය කොටස් වලට සිදු කරන අනෙකුත් තුවාල කිරීම් හා සම්බන්ධ සියලුම ක්‍රියාදාමයන් හැඳින්වීම සඳහා භාවිතා කරන නමකි. 1970 දී පමණ මෙම වචනය භාවිතා වීම ඇරඹුණි. "ජේදනය" යන වචනය පිරිමි සුන්නත් කිරීම යන්න සමඟ පැහැදිලි සම්බන්ධතාවක් පෙන්නුම් නොකරයි. මෙම වචනය බොහෝ කාන්තා සෞඛ්‍ය හා මානව හිමිකම් සංවිධාන භාවිතා කරයි. 1994 සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම වචනය භාවිතා කරයි. Female genital cutting ඇතැම් කණ්ඩායම් "ජේදනය කිරීම" යන වචනය වෙනුවට "කැපීම" යන වචනය භාවිතා කරනු ලබයි. මෙම වචනය භාවිතා කරන්නේ මෙම ක්‍රියාදාමයේ පවතින කෲර හා අමානුෂිකත්වය වටහා දීමක් වශයෙනි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මෙම වචනය භාවිතා කරයි. ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය කිරීම ව්‍යාප්ත වූ රටවල් AUSTRALIA Pitta - patta නම් ඕස්ට්‍රේලියානු මුල් පදිංචිකරුවන් අතර දක්නට ලැබේ. මීට අමතරව පදිංචියට පැමිණි සංක්‍රමණිකයන් අතරද දක්නට ලැබේ. 1991 දී Australian Bureau of Statistics Censue විසින් කරන ලද විමර්ශනයකට අනුව චර්ම ජේදනයට ලක්වූ 76000 ක පිරිසක් ජීවත් වන බවට ගණනය කර ඇති අතර එය 1996 වන විට 87 000ඉක්මවා ඇත. AUSTRIA The African Women' Organization of Austria විසින් කරන ලද පර්යේෂණයකට අනුව ඔස්ට්‍රියාවේ සිටින අප්‍රිකානු සංක්‍රමණිකයන් අතර 30% කට වැඩි ප්‍රමාණයක පවුල් වල ගැහැණු දරුවන් චර්ම ජේදනයට ලක් කර ඇත. ඇතැම් අය ඔස්ට්‍රියාවට ඒමටපෙර අප්‍රිකාවේදී සිදු කර ඇත. BELGIUM ඇතැම් සංක්‍රමණික කාන්තාවන් හා ගැහැණු ළමයින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයට ලක් වී තිබේ. ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය හා ඒ ආශ්‍රිත ක්‍රියාවන් සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස නීති පද්ධතියට ඇතුළත් කර තිබේ. BENIN 1993 දී National Committee om Harmful Traditions Practice විසින් කරන ලද අධ්‍යනයකට අනුව 50% ක ව්‍යාප්තියක් දක්නට ලැබේ. උතුරු පළාත්වල බහුල වශයෙන් දක්නට ලැබෙන අතර Boko , Nago , Peul ,Wama යන ජනවාර්ගික කණ්ඩායම් මේ සඳහා ප්‍රධාන වේ. වයස අවුරුදු 5 -10 අතරේ දී සිදුවේ. නමුත් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය හා ඒ ආශ්‍රිත ක්‍රියාවන් සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස නීති පද්ධතියට ඇතුළත් කර තිබේ. BURKINA FASO 1996 දී කරන ලද විමර්ශනයකට අනුව 66.35% ක ව්‍යාප්තියක් ඇස්තමේන්තු කර ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1998 /1999 දී 72% බවට පත් වී තිබේ. kenedougou,Yatenga,Sanmatenga,Comoe,Bougouriba,Ponio,Bam,Soum,Ganzourgou,Gnagna,Kouritenga, Namentenga,Sourou,Zoundweogo යන පළාත් 14 හි බහුල වශයෙන් සිදුවේ. වැඩි වශයෙන්, ජේදනය කිරීමේ දෙවන ක්‍රමය ක්‍රියාත්මක වේ. වයස අවුරුදු 0 -7 අතරේ දී බොහෝ විට සිදුවේ. නමුත් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය හා ඒ ආශ්‍රිත ක්‍රියාවන් සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කර තිබේ. CAMEROON නිරිත හා උතුරු පළාත්වල ජේදනය කිරීමේ දෙවන ක්‍රමය ක්‍රියාත්මක වේ. මුස්ලිම් ගැහැණු ළමයි 100% ද ක්‍රිස්තියානි ගැහැණු ළමයි 63.6% ද බලපෑමට ලක් වී ඇත. CANADA ඇතැම් සංක්‍රමණික කාන්තාවන් හා ගැහැණු ළමයින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයට ලක් වී තිබේ. ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය හා ඒ ආශ්‍රිත ක්‍රියාවන් සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස අපරාධ සංග්‍රහයට ඇතුළත් කර තිබේ. CENTRAL AFRICAN REPUBLIC ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම ක්‍රියාත්මක වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1994/95 වන විට 43% ව්‍යාප්තියක් තිබී ඇත. ජනවාර්ගික කණ්ඩායම් අතරින් Banda ජන වර්ගයේ 84% ද Mandjia ජන වර්ගයේ 71% ද ව්‍යාප්තියක් පවතී. ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය වැළැක්වීමට 1966 දී නීති පනවා තිබේ. CHAD ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම රටේ සෑම පළාතකම ක්‍රියාත්මක වේ. තෙවන ක්‍රමය නැගෙනහිර පළාතේ බහුල වශයෙන් සිදුවේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1991 දී 60% ක ව්‍යාප්තියක් තිබී ඇත. ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය වැළැක්වීමට 1995 දී නීති පනවා තිබේ. COTE D ' IVOIRE ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම ක්‍රියාත්මක වේ. 1994 දී National Demographic And Health Survey The Prevalence Of FGM විසින් කරන ලද පර්යේෂණයකට අනුව 43% ක ව්‍යාප්තියක් තිබී ඇත. මුස්ලිම් ගැහැණු ළමයි 80% ද ක්‍රිස්තියානි ගැහැණු ළමයි 16% ද බලපෑමට ලක් වී ඇත. බොහෝ විට වයස අවුරුදු 10 ට පෙර මුහුණ දීමට සිදුවේ. 1998 දී ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය වැළැක්වීමට නීති පනවා තිබේ. DEMOCRATIC REPUBLIC OF THE CONGO ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය කිරීම දක්නට ලැබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 5% ව්‍යාප්තියක් ඇත. DENMARK ඇතැම් සංක්‍රමණික කාන්තාවන් හා ගැහැණු ළමයින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයට ලක් වී තිබේ. සෝමාලියානු කාන්තාවන් ප්‍රධාන වේ. DJIBOUTI ජේදනය කිරීමේ දෙවන හා තෙවන ක්‍රම ක්‍රියාත්මක වේ. 98% ක ව්‍යාප්තියක් දක්නට ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ප්‍රධාන ක්‍රමය ලෙස දක්වන්නේ තෙවන ක්‍රමයයි. දෙවන ක්‍රමය 15% කද තෙවන ක්‍රමය 86% කද ව්‍යාප්තියක් පවතී. නමුත් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය හා ඒ ආශ්‍රිත ක්‍රියාවන් සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කර තිබේ. EGYPT ඊජිප්තුව පුරාම මුස්ලිම් හා ක්‍රිස්තියානි පිරිස් අතර දක්නට ලැබේ. ජේදනය කිරීමේ සියලු ක්‍රම ක්‍රියාත්මක වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1995 දී 97% ක ව්‍යාප්තියක් තිබී ඇත. දකුණු ඊජිප්තුවේ තෙවන ක්‍රමය බහුල ලෙස ක්‍රියාත්මක වේ. නමුත් 2007 දී ඊජිප්තුවේ සෞඛ්‍ය හා ජනගහන අමාත්‍යාංශය විසින් ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය කිරීම තහනම් කර තිබේ. ERITREA ජේදනය කිරීමේ සියලු ක්‍රම මුස්ලිම් හා ක්‍රිස්තියානි පිරිස් අතර ක්‍රියාත්මක වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1995 දී 97% ක ව්‍යාප්තියක් තිබී ඇත. 2007 දී ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය කිරීම තහනම් කරන ලදී. ETHIOPIA ඉතියෝපියාව පුරාම ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය කිරීම දක්නට ලැබේ. 73.6% ක ව්‍යාප්තියක් පවතී. ජනවාර්ගික කණ්ඩායම් 46 කම දක්නට ලැබෙන අතර ඇතැම් කණ්ඩායම් අතර 75%ක ව්‍යාප්තියක් පවතී. National Committee on Traditional Practice of Ethiopia විසින් පවසන පරිදි රටෙහි, පළමු ක්‍රමය 52% ද දෙවන ක්‍රමය 19% ද තෙවන ක්‍රමය 3%ද දක්නට ඇත. FRANCE ඇතැම් සංක්‍රමණික කාන්තාවන් හා ගැහැණු ළමයින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයට ලක් වී තිබේ. 1992 දී Women's Group for the Abolition of Sexual Mutilation විසින් දක්වනු ලබන්නේ 27 000ක කාන්තාවන් හා ගැහැණු ළමයින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයෙන් පීඩා විඳින බවයි. ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය හා ඒ ආශ්‍රිත ක්‍රියාවන් සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දණ්ඩ නීති සංග්‍රහය තුළ දක්වයි. GAMBIA ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම වැඩි වශයෙන්ද හා තෙවන ක්‍රමය සුළු වශයෙන්ද ක්‍රියාත්මක වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1985 දී 80% ක ව්‍යාප්තියක් තිබී ඇත. විවිධ ජනවර්ග අතර විවිධ වූ ප්‍රතිශතයන් දක්නට ලැබේ. එනම්, Mandinga හා Serehule 100% ද , Fula 93% ද , Jola 65.7% ද , Wollof 1.9% ද ලෙසයි. GERMANY ඇතැම් සංක්‍රමණික කාන්තාවන් හා ගැහැණු ළමයින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයට ලක් වී තිබේ. ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය හා ඒ ආශ්‍රිත ක්‍රියාවන් සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දණ්ඩ නීති සංග්‍රහය තුළ දක්වයි. GHANA ජේදනය කිරීමේ දෙවන ක්‍රමය නැගෙනහිර හා බටහිර පළාත් වල දක්නට ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1986/87 දී 30% ක ව්‍යාප්තියක් තිබී ඇත. අපරාධ සංග්‍රහයේ දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දක්වයි. GUINEA ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම දක්නට ඇත. 1998 දී 98% ක කාන්තාවන් පීඩාවට ලක් වී ඇත. දණ්ඩ නීති සංග්‍රහය තුළ තහනම් කර තිබේ. රජය මෙම ක්‍රියාදාමයන් ඉවත් කිරීමට අවුරුදු 20 ක (1996 - 2015) ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. GUINEA - BISSAU ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම දක්නට ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 50% ක ව්‍යාප්තියක් පවතී. ඉන් 100% ක් මුස්ලිම් කාන්තාවන් වේ. Fula සහ Mandigne කාන්තාවන් 70 -80% ද නාගරික ස්ත්‍රීන් 20 - 30% ජේදනය කිරීමට ලක් වී තිබේ. ITALY ඇතැම් සංක්‍රමණික හා ගැහැණු ළමයින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයට ලක් වී තිබේ. ඉන් සෝමාලියා හා ඉතියෝපියා කාන්තාවන් ප්‍රධාන වේ. KENYA ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම දක්නට ඇත. 1998 දී වයස 15 - 19 අතර 38%ක ව්‍යාප්තියක් පැවතී ඇත. විවාහය සදහා සුදුසුකමක් ලෙස සළකයි. ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය නීතිය මගින් තහනම් කර තිබේ. LIBERIA ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම දක්නට ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1984 දී 50 - 70% ක ව්‍යාප්තියක් පැවතී ඇත. MALI National Demographic and Health Survey දක්වන පරිදි 1995 / 96 දී 94% ක ව්‍යාප්තියක් රට පුරාම පැවතී ඇත. ජේදනය කිරීමේ පළමු ක්‍රමයෙන් 52% ද දෙවන ක්‍රමයෙන් 47% ද තෙවන ක්‍රමයෙන් 1% ද දක්නට තිබේ. මුස්ලිම් ගැහැණු ළමයි 94% ද ක්‍රිස්තියානි ගැහැණු ළමයි 85% ද පීඩාවට ලක් වී ඇත. MAURITANIA සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වන්නේ ජේදනය කිරීමේ පළමු ක්‍රමයෙන් 25% ද දෙවන ක්‍රමයෙන් 20% ද පවතින බවයි. Soninke ජනවර්ගයේ 92% ද Halpulaar ජනවර්ගයේ 95.5% ද ව්‍යාප්තියක් පවතී. NEW ZEALAND ඇතැම් සංක්‍රමණික හා ගැහැණු ළමයින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයට ලක් වී තිබේ. 2002 වසරේදී ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය වැළැක්වීමට නිතී පනවා තිබේ. NIGER ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම දක්නට ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1998 දී 5% ක ව්‍යාප්තියක් පැවතී ඇත. Peul ජනවර්ගයේ 30% ද Zarma ජනවර්ගයේ 9% ද දක්නට ඇත. 2003 දී දණ්ඩ නීති සංග්‍රහයට ගෙනා නව වගන්තියක් මගින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය හා ඒ ආශ්‍රිත ක්‍රියාවන් සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දක්වයි. NIGERIA ජේදනය කිරීමේ සියලු ක්‍රම දක්නට ලැබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය දක්වන්නේ ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයට සෑම දවසකම කාන්තාවන් හා ගැහැණු ළමයින් 6000 ක් පමණ ලක් වන බවයි. 50% හෝ ඊට වැඩි ප්‍රතිශතයක් දක්නට ලැබේ. NORWAY ඇතැම් සංක්‍රමණික හා ගැහැණු ළමයින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයට ලක් වී තිබේ. ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය වැළැක්වීමට නිතී පනවා තිබේ. SENAGAL ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම දක්නට ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1990 දී 20% ක ව්‍යාප්තියක් පැවතී ඇත. 1999 දී දණ්ඩ නීති සංග්‍රහයට ගෙනා නව වගන්තියක් මගින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය හා ඒ ආශ්‍රිත ක්‍රියාවන් සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස දක්වයි. SIERRA LEONE ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම සියලුම ක්‍රිස්තියානි හා මුස්ලිම් ජනවර්ග අතර දක්නට ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1997 දී 90% ක ව්‍යාප්තියක් පැවතී ඇත. SOMALIA ජේදනය කිරීමේ සියලු ක්‍රම බහුලව දක්නට ලැබේ. ව්‍යාප්තිය 98% කි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1982 හා 1993 අතර කාලයේදී 96 - 100% ක ව්‍යාප්තියක් පැවතී ඇත. තෙවන ක්‍රමය 80% ක් භාවිතා කරයි. SUDAN 1990 දී Demographic and Healyh Survey දක්වන පරිදි 89% කටත් වඩා විවාහක කාන්තාවන් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයට ලක් වී ඇත. උතුර , නැගෙනහිර හා බටහිර පළාත් වල කාන්තාවන් මීට ලක්වී ඇතත් දකුණු පළාතේ ක්‍රියාත්මක වීමක් දක්නට නොලැබේ. ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය නීතිය මගින් තහනම් කර තිබේ. TANZANIA ජේදනය කිරීමේ දෙවන හා තෙවන ක්‍රම පවතින අතර 17.6% ව්‍යාප්තියක් පවතී. 1998 Sexual Offences Provision Act මගින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය තහනම් කරනු ලබයි. TOGO ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 1996 දී 12% ක ව්‍යාප්තියක් පැවතී ඇත. 1998 දි ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය නීතිය මගින් තහනම් කර තිබේ. UGANDA ජේදනය කිරීමේ පළමු හා දෙවන ක්‍රම පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම් වලට අනුව 5% ක ව්‍යාප්තියක් පවතී. UNITED KINGDOM ඇතැම් සංක්‍රමණික කාන්තාවන් හා ගැහැණු ළමයින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයට ලක් වී තිබේ. ඉතියෝපියානු, ඊජිප්තියානු, නයිජීරියානු, සෝමාලියානු, සුඩාන් ස්ත්‍රීන් ප්‍රධාන වේ. 2003 Female Genital Mutilation Act මගින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය තහනම් කර තිබේ. UNITED STATE OF AMERICA ඇතැම් සංක්‍රමණික කාන්තාවන් හා ගැහැණු ළමයින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනයට ලක් වී තිබේ. ඉතියෝපියානු, ඊජිප්තියානු,නයිජීරියානු, සෝමාලියානු, සුඩාන් ,ගහනා, කෙන්යා, ලයිබීරියා, උගන්ඩා, ටැන්සානියා, සියරා ලියෝන් හි ස්ත්‍රීන් ප්‍රධාන වේ. 1995 Fedaral Prohibition of Female Genital Mutilation Act මගින් ස්ත්‍රී ජනනේන්ද්‍රිය ජේදනය තහනම් කර තිබේ. ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය කිරීමට එරෙහිව පවතින ප්‍රධාන ජාත්‍යන්තර හා ප්‍රාදේශීය සම්මුතීන් හා ආයතන ජාත්‍යන්තර සම්මුතීන් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය (1948) සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (1966) ආර්ථික, සමාජයයීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (1966) කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් පිටු දැකීමේ සම්මුතිය (1979) කෲර, අමානුෂික අවමන් සහගත සැළකිලි හා දඬුවම් වලට එරෙහි සම්මුතිය (1984) ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (1989) මානව හිමිකම් පිළිබඳ විශ්ව සම්මේලනයේ වියානා ප්‍රකාශනය (1993) කාන්තාවන්ට එරෙහි හිංසන පිටු දැකීමේ ප්‍රකාශනය (1993) ප්‍රාදේශීය සම්මුතීන් මානව හිමිකම් හා මූලික නිදහස සුරැකීමේ යුරෝපියානු සම්මුතිය (1950) මානව හිමිකම් පිළිබඳ ඇමරිකානු සම්මුතිය (1978) මානව හා මිනිස් අයිතිවාසිකම් පිළිබඳ අප්‍රිකානු ප්‍රඥප්තිය (1981) ළමා අයිතිවාසිකම් හා සුභසාධනය පිළිබඳ අප්‍රිකානු ප්‍රඥප්තිය (1990) අප්‍රිකානු කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රොටකෝලය (2003) ආයතන කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් පිටු දැකීමේ කමිටුව මානව හිමිකම් කමිටුව ආර්ථික, සමාජයයීය , සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ කමිටුව ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව ක්‍රියාකාරිත්වය සඳහා වූ කයිරෝ සම්මේලනය Beijing Declaration and Platform for Action of the Forth World Conference on Women,Beijing,Chaina,4-15September 1995 UNESCO Universal Declaration on Cultural Diversity,adopted 2 November 2001 Convention on the Protection of the Diversity of Cultural Expressions,adopted October 2005 United Nations Economic and Social Council(ECOSOC),Commission on the Status of Women.Resolution on the Ending of Female Genital Mutilation (March 2007) වාරිස් ඩයිරි 1965 දී සෝමාලියානු කාන්තාරයක එඬේර පවුලක උපත ලද වාරිස් ඩයිරි, වයස අවුරුදු 5 දී ඇගේ ජනනේන්ද්‍රිය කොටස් ඉවත් කිරීමේ ක්‍රියාවලියට මුහුණ දුන්නාය. එහිදී අහිගුණ්ඨක ගැහැණියක් විසින් ඇගේ යෝනි තොල් කපා යෝනි විවරය කුඩා වන පරිදි මසන ලදී. තෙවන ක්‍රමය අනුගමනය කර ඇත. පියා විසින් අවුරුදු 61ක මිනිසකුට විවාහ කර දීමට යාම නිසා අවුරුදු 13 දී නිවසින් පැන ගියාය. පසුව ඇය ජගත් මෝස්තර නිරූපිකාවක් වූවාය. පසු කලකදී වාරිස් ඩයිරි ශල්‍යකර්මයක් මගින් මසන ලද යෝනි විවරය විවෘත කර ගත්තාය. ඩනා නම් පුද්ගලයකු සමඟ විවාහ වන වාරිස් 1997 දී අලීකී නම් පුතකු ලැබුවාය. ඇගේ ජීවිත කතාව රැගත් "A Healing Journey" නම් වාර්තා චිත්‍රපටය විකාශනය වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස් Kofi Annan විසින් වාරිස් ඩයිරි කාන්තා ජනනේනද්‍රිය කොටස් සුන්නත් කිරීම තුරන් කරලීම සඳහා ක්‍රියාකාරී වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ විශේෂ තානාපතිවරියක ලෙස පත්කරන ලදී. එසේම ඇය කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන් දුරුකරලීම සඳහා වන සටනේ නායිකාවද වන්නීය. 2007 වසරේදී ඇගේ මානුෂීය කාර්යයන් වෙනුවෙන් "Chevalier de la Legion d'honneur" නම් සම්මානය ලැබුවාය. පින්තූර ගැලරිය මුලාශ්‍ර Female genital cutting Female Circumcision as a Public Health Issue Eliminating Female Genital Mutilation Female Genital Mutilation Legislation and Other National Provision Waris Dirie Images (Female Genital Mutilation) Images (Waris Dirie)
8,056
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%20%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA
මුට්ටි මංගල්ලය
යල මහ දෙකන්නයේ වපුරන කෙත සාරවත් කරගැනිම පිණිස දෙවි දේවතාවුන්ගෙන් පිහිට, ආරක්ෂාව පැතීම හෙළ ගොවිතැනේ සම්ප්‍රදායක් වේ. " ...කලට-කන්නට-කතාවට වී ගොවිතැනේ නිරත වු අතීත හත්කෝරළයේ වැව් ගම්මානවල ගොවීන් යල මහ දෙකන්නයේ අස්වනු සාර වේවා යි ප්‍රාර්ථනා කරමින් ඒ උදෙසාම වෙන් කරන ලද ස්ථානයක භාර හාර වීම "මුට්ටි මංගල්ලය හෙවත් මුට්ටි නැමීම "යනුවෙන් අදහස් වේ". අදින් වසර සීයයකට ඉහත පුරාතන සමයක සිට චාරිත්‍රානුකූලව පවත්වා ගෙන එනු ලබන මුට්ටි මංගල්ලය නම් උත්තම හෙළ සිරිත හත්කෝරළේ වැව් ගම්මානවල සුවිශේෂි වූ සංස්කෘතික අංගයකි. "කමතේදී රැස් කර ගත් නැවුම් වී අස්වැන්න හෙවත් බැත කන්දෙන් හාහාපුරා කියා දෙවියන් උදෙසා ‍වෙන් කරන කොටස " අක්යාල"වශයෙන් හඳුන්වයි. " ...මෙහිදි ලැබෙන්නා වූ නැවුම් අක්යාල හෙවත් අස්වැන්න වෙන්කරනු ලබන්නේ "ගම්භාර,දයියණ්ඩ,වීරමුණ්ඩ,දැඩිමුණ්ඩ,අයියනායක,කතරගම,සුමන සමන්,ආදී දෙවි දේවතාවුන් හත් කට්ටුවක් වෙතයි..." එම අක්යාල පුජා කිරිමේ කෘතවේදී මුහුරත් මංගල්ලය, මුට්ටි මංගල්ලය නම් වේ.එමඟින් සිදු කරන්නේ මුට්ටි ගහ අද්දරදී හෝ ගංකරයේ තෝරා ගත් සම්මත ස්ථානයකදී සියලුම ගොවීන් සාමූහිකව එකරාශි වි කිරි ඉතිරවිමේ මංගල්ලයට දායක විමයි. " හත්කෝරළයේ වැව් ගම්මානවල ගොවිතැන හා බැඳුණු අතිමහත් පුජනීය පුද පුජාවක් ලෙසද මුට්ටි මංගල්ලය හැඳින්විය හැකිය.මෙම වැව් ගම්මානවල භාවිතා වන්නාවු සුවි‍ශේෂි බස් වහරද මෙම සුවිශේෂි මංගල්ලයේ ගාම්භාරත්වය ප්‍රකට කරවයි... " *(මහේෂා සුභාෂිණි පැල්පොළ-1999 " අපේ සංස්කෘතික උරැමයන් ", 3) කමත් භූමියේදී දෙවියන් උදෙසා වෙන් කරන වී මුරය බහාලන්නේ ඊටම වෙන් කර තිබෙන ප්‍රමාණයෙන් තරමක් කුඩා වූ ගල්ලැහැ හෝ හැවැං පන් වර්ග වලින් වියන ලබන්නාවූ "හුනු මල්ල"වෙතයි.මෙහිදි අක්යාල වෙන් කිරිමේදි එම බැත කන්දේ හිමිකරු හෝ අත්වාසිය ඇතැයි ගංකරයේ ගොවීන් අතර සම්මත අයෙක් ලවා හෝ හුනු මල්ලට පුරවා ගනී.එම පුද්ගලයාගේ විශේෂත්වය වනුයේ උපත,මරණ හෝ වැඳුම් යන කිසිදු කිල්ලකට හසු නොවූ නීරෝගි අයෙක් වීමයි.දේව ආශිර්වාදය ලබා ගෙන "සබ්බ පාපස්ස අකරණං......." ගාථාව කියමින් බැත කන්දේ මුදුනෙන්ම එම අක්යාල කොටස හුනු මල්ලට පුරවා ගනි.මුට්ටි මංගල්ලයේ දී සුවිශේෂි,සිත්කළු‍ අංග මෙන්ම යම් යම් තහංචි අංගයන රාශියක් ද දැක ගත හැකිවේ.ඒවා මුට්ටි නැමීමේ සිට කිරි ඉතිරවීමේ මංගල්ලය දක්වා ම දක්නට හැකි වේ. අක්යාල පිරවු හුනු මල්ල බිම තැබීම මෙන්ම බවලත් අයෙකුට හෝ කුඩා දරුවෙකුට අල්ලා ගැනිමට දීම එක් තහංචියකි. කමත් භූමියේ දී බැත මැනීමේ කටයුතු අහවර වන තෙක් අක්යාල දැමු හුනු මල්ල කිරි ගහක අත්තක එල්ලීම සිදු කළ යුතු ප්‍රධාන චාරිත්‍රයකි. " ...සියලුම ගෝවීන්ගේ හුනු මල්ලේ තැන්පත්ව ඇති අක්යාලවල් වෙල් විදානේ උන්දෑගේ හෝ මහ ගමරාළ උන්දෑගේ නිවෙස් හි තැන්පත් නොකර,ඒ වෙනුවෙන් ම තනා ගත් "වී බිස්සක"තැන්පත් කරනුයේ ගං ගෙවල්වල ඇති "කිළි"වලින් ආරක්ෂා කර ගැනිමටය ". *(මහින්ද කුමාර දළුපොත-2003 " වී බිස්ස " 4) යල මහ දෙකන්නයේ කුඹුරු ගොවිතැන් කටයුතු ආරම්භ විමට ප්‍රථමයෙන් කෙම්මුර දිනයක නැකත් රාළ උන්දෑගේ අභිමතය පරිදි දේවතා හත් කට්ටුවක් වෙත භාර හාර වී මුට්ටි නැමිම සිදුවේ.මෙහිදි එළඹෙන දෙකන්නයේ ස්වකීය කුඹුරු ගොවිතැන් කටයුතු වලට දේව ආශිර්වාදය ලබාගැනිමත් ,පණු රෝග, මැහි රෝග,අව් වැහි උපද්‍රව වලින් වගාවන් ආරක්ෂා කර ගැනිමත් අභිමතාර්ථ වේ. බිනර මහ ගෙවි වප් මහ උදා වී "අක්වැහි" ආරම්භ වීමට පුර්වයෙන් මුට්ටි මංගල්ලය පැවැත්වීම සම්මත චාරිත්‍රයකි. මෙහිදි වැදගත් වන්නා වූ ප්‍රධාන පුද්ගලයන් රාශියකි. ගංකරයේ ගොවීන්,වෙල් විදානේ ,මහ ගමරාළ ,නැකැත් රාළ ,අන්නඩි රාළ, මා හේනේ මාමා, වාද්දියක්කාරයින් ,මහි පණ්ක්කි රාළ වැනි අය මෙහිදි වැදගත් වේ. වසර සීයයකට ඉහත හත්කෝරළයේ හෙළ චාරිත්‍ර-වාරිත්‍ර අනුගමනය කරමින් ද ඊට යෝග්‍ය නොවන යමක් දුටු විට ඊට විරුද්ධව නැගී සිටිමට මෙහි ගොවියෝ වගබලා ගනිති.එසේ විරුද්ධ යමක් දුටු විට "වරිග සභාව" රැස්ව කටයුතු විමසා දඩුවම් නියම කිරිම සිරිත වේ. මුට්ටි මංගල්ලයේ දී පුරුෂ පක්ෂයේ සාමුහිකභාවය වැදගත් වන අතර කිරි දෙනුන්ගෙන් කිරි දෙවිම, ආහාර පාන සැකසිම,ආහාර පාන වලින් සංග්‍රහ කිරිම...,ආදී වූ සියලුම කර්තව්‍යයන් සිදු කරන්නේ පුරුෂ පක්ෂය විසිනි. කිළි,පිළා පිළිහුඩු,ලෙඩ රෝග වලින් මිදී සිටින පුරුෂ පක්ෂයේ අය පමණක් මේ සදහා දායක කර ගැනිමට සියල්ලෝම වග බලා ගනිති. නමුත් "පිළ හොඳ නොවූ දැරිවියන් හෙවත් මල්වර නොවූ දැරිවියන්ට" පමණක් මේ සදහා සහභාගි වීමේ හැකියාව පවති. දෙවියන් සදහා වූ අක්යාල පුජාවෙන් අනතුරුව කිරිබත ගංකරයේ මෙන්ම පිට ගංකරවල "ගැබ්බර සිරියාවන්ට හා කිරි දෙන මව්වරුන්ට" ගිහියන් සදහා වූ ප්‍රථම ආහාර අනුභවය දීම සිදුවේ. " එසේ කිරිබත් කොටස් ගංගෙවල්වල සිටින බවලත් උදවියට "දෝතින්ම" ගෙන ගොස් භාර දීමේ යුතුකම හිමි වනුයේ ඔවුන්ගේම ස්වාමිවරුන්ටය. " *(සංජීව ලක්මාල් විජේවීර-2000 " හෙළ දිව අතීත විත්ති " 5) ඊට පෙර ගංකරයේ හාමුදුරුවන් වෙත කිරිබත් කොටස් පිළිගැන්වීමෙන් අනතුරුව සෙසු ගිහි පිරිසටද ආහාරය කැප වේ. ඇතැම් වැව් ගම්මානවල පංසල උදෙසා "ඉඹුල් කිරිබත් පුජාව"පිරි නැමිම සිදුවේ. මුට්ටි මංගල්ලයේ අංග මුට්ටි ගහ තේරීම මුට්ටි නැමිමට සුදුසු "මුට්ටි ගහ"තේරීමේදී බොහෝවිට වැව අද්දර හෝ වැව් බැම්මේ තිබෙන තරමක් විශාල එමෙන්ම පැරණි ඇටුවම් බැහැපු ගහක් මේ උතුම් කාර්යයට තෝරා ගනී. යල මහ දෙක්නයේ කුඹුරු ගොවිතැන් කටයුතු ආරම්භ වීමට ප්‍රථමයෙන් කෙම්මුර දිනයක ගංකරයේ සියලුම ගොවීන් මුට්ටි ගහ අද්දරට රැස්වේ.ඒ සමඟම ගං ගෙවල් වලින් නැවුම් මුට්ටියක්ද රැගෙන ඒමද සිදුවේ.ගංකරයේ නැකැත් රාළ හා කපු රාළ පැමිණ යාතිකා කිරිමද මෙහිදි සිදුවේ. මුට්ටි නැමිමට පේවීමමුට්ටි නැමිමට පෙර ඇඹුල් ජාති ගා ගෙන වැවෙන් ස්නානය කිරිම මෙහිදි සිදුවේ.පිළා පිළිහුඩු ආහාර වලින් වැළකීමද ,අක්යාල වැහි ආරම්භ වීමට ප්‍රථමයෙන් මෙම උතුම් මංගල්ලය අවසන් කිරිමද කළ යුතු වේ.එසේ නොවුනහොත් ස්වකීය අස්වැන්න "අසානාසී වීම" සිදුවන බවට ගොවීන් අතර මතයක් වේ. දේව රාජකාරි කටයුතු ආරම්භ වීම මේ කටයුතු භාරව ඇත්තේ "කපු රාළ" වෙතයි.ඔහුට "ආරාධනා බුලත්" දීමෙන් පසුව සියලු දෙනාම ඉතා ඕනැකමින් මෙම මංගල්ලයට දායක වේ. ආහාර පිළියෙල කිරිම ගංකරයේ වැසියන්ට අවශ්‍ය මුළු කිරිබත් ප්‍රමාණය,කැවුම් ප්‍රමාණය නැකැත් රාළ සිය අත්දැකීමෙන් තීරණය කරයි.පාන්දර සමයේ කාක් නාදයටත් ප්‍රථම පළමු පිටි මුරය කොටා ඒ සියල්ලත්,අවශ්‍යවන්නා වූ කලප්පන්නත් මුට්ටි ගහ පාමුල ඇති පැඳුරු,මාගල් මත තබයි.පිරිසිදු දියෙන් ආහාර පිළියෙල වීම මෙහිදි සිදු වන්නේ පුරුෂ පක්ෂයේම දායකත්වයෙනි. මුට්ටි මංගල්ලය පැවැත්වීම '''ගංකරයේ ගෝවීන්ගේ නැවුම් අක්යාල ප්‍රධාන දේව හත්කට්ටුවක් වෙත පිරි නැමිම මෙහිදි සිදුවේ. ඉන් පසුව ඉතා කුළුදුල් මෙම ආහාරය සම්මත පුද්ගලයන්ට ප්‍රධානය වීම සිදුවේ.ඊට පෙර උදෑසන බුද්ධ පුජාව පිළි ගැන්වීම සිදුවේ.බලු-කපුටු සතුන්ට මේ ආහාරය කිසිදු විටෙක කෑමට දීම තහංචියකි. අවසානයේ මුට්ටි ගහ සමීපයට ගොස් මුට්ටි නැවීම සිදුවේ.මෙසේ අක්යාල පුජාව කොට සම්මත චාරිත්‍ර අනුගමනයෙන් පසුව මුට්ටි මංගල්ලය නිමාවට පත්වේ. " කුමන බාධක මධ්‍යයේ වුවද සෑම වසරක් පාසාම හත්කෝරළයේ වැව් ගම්මානවල සිදු වන්නා වූ මෙම අති උතුම් මංගල කර්තව්‍යයේ දී මූලික අභිමතාර්ථය වනුයේ ගංකරයේ වැව් ගම්මානවල ගෝවීන්ගේ ගොවිතැන්කටයුතු වලදී දේව ආශීර්වාදය ලබා ගැනීමයි...." (අභය හේවාවසම්-1989 " හත්කෝරළයේ විත්ති " 6 ) මූලාශ්‍ර 3.මහේෂා සුභාෂිණි පැල්පොළ-1999 මාර්තු , " අපේ සංස්කෘතික උරුමයන් " චතුර මුද්‍රණය ,අවිස්සාවේල්ල පාර ,වැල්ලම්පිටිය. 4.මහින්ද කුමාර දළු‍පොත-2003 මැයි , " වී බිස්ස " ඇස් ගොඩගේ සහ සහෝදරයෝ ,675 ,මරදාන පාර ,කොළඹ. 5.සංජීව ලක්මාල් විජේවීර-2000 අගෝස්තු , "‍ හෙළදිව අතීත විත්ති " සීමාසහිත තිසර ප්‍රකාශකයෝ ,දුටුගැමුණු වීදීය ,දෙහිවල. 6.අභය හේවාවසම් -1989 අප්‍රියෙල් , "හත්කෝරළයේ විත්ති " විමල ප්‍රකාශක‍යෝ ,හොරගොල්ල ,ගණේමුල්ල. ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ හත්කෝරළේ
8,057
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%9A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB
සෙන් කතන්දර
සෙන් කතා හෙවත් සෙන් කතන්දර (zen stories) වත්මන් කාලය වන විට ‍ලෝක ප‍්‍රකට ආගමික නිර්මාණාංගයකි.චීන සහ ජපන් බසින් කියැවී පසුව ලියැවී තිබෙන ඒ කතා පුද්ගලයන් ගණනාවක් විසින් ඉංග්‍රීසි බසට පෙරලා තිබීම අ‍‍පේ භාග්‍යයකි. සෙන් කතන්දර කියවන කල එක් එක් පුද්ගලයන්ගේ මනෝභාවයන්ට අනුව එහි අර්ථය, අගය, දැනීම වෙනස් වේ. යමෙකුට සෙන් කතන්දරයක් කියවූ විට හුදු කතා රසයක් හෝ ජීවන අත්දැකීමක් පමණක් දැනෙනු ඇත. තවත් කෙනෙකුට ඒ ඉම ඉක්මවු අධ්‍යාත්මික හරයක් ලැබෙනු ඇත. වි‍ටෙක අතිශය සියුම් ලෙස මනැස ක්‍රියාත්මක කරවන හෝ පුබුදු කරවන තේමාවක් හමුවෙනු ඇති.හිටි ගමන් එසේ සිදුවීම 'ක්ෂණික අවබෝධය' යන අර්ථය දෙන 'ස‍තෝරි'(satori)යැයි ජපන් බසින් හදුන්වයි. ඉංග්‍රීසි බසින් එය අර්ථවත් වන්නේ 'sudden Awaking' යනුවෙනි. සෙන් අරුත :- "සෙන් "යන්නෙහි ආදි අරුත ලෙස සලකනුයේ 'ධ්‍යාන' හෙවත් දැහැන යන්නයි. එය චීන බසින් ලියැවී ඇත්තේ චාන් (chan) යනුවෙනි. සංස්කෘතීත බසින් 'ධ්‍යාන'(dyana)වී ඇති බවත් පසුව කටට හුරුවන අයුරින් සෙන් (zen) වී ඇති බවත් ‍පෙනේ. මෙසේ බලන කල සෙන් යන්නෙහි 'ප්‍රබුද්ධත්වය', 'ආත්මාවබෝධය', 'හදුනා ගැනීම', 'දැහැන' යන සකල විධ අරුත් ගබඩා වී ඇති බව හැඟේ. සෙන් නියමුවා:- 'සෙන්' පිළිබඳ ලියැවී තිබෙන පොත පත අනුව ප්‍රථම සෙන් නියමුවා ලෙස පිළිගනු ලබන්නේ හයවන සියවසේදී ඉන්දියාවේ සිට චීනයට පැමිණියා යැයි සැලකෙන ‍බෝධිධර්මතුමාය,(Bodhidharma). චීන ගුරුතුමෙකු වන ඩොගෙන් (Dogen) විසින් 1043 දී ලියන ලදැයී කියන චරිතාපදානයට අනුව ‍බෝධිධර්මතුමා චිනයේ නව අවුරුද්දක් පමණ වූ කාලයක් ගත කර ඇති බව පෙනේ. තවත් සමහරුන්ගේ මතය වන්නේ සෙන් යනු බුද්ධ කාලය වන ක්‍රි.පු 500ටත් ඉහත පටන්ම පැව‍තෙන ඉගැන්වීමක් බවයි. සෙන් ඉගැන්වීමේදී ප්‍රධාන සෙන් කතන්දර වන්නේ මනැසයි. සෙන් කතාවකදී හැම විටකම පාහේ අපට සංවාදාත්මක සිද්ධියක් හෝ අනපේක්ෂිත සිද්ධියක් හමුවෙනවා ඇති. බොහෝ අවස්ථාවලදී එම අවස්ථාව වටහා ගත යුත්තේ සෙන් ගුරුතුමෙකුගේ හෙවත් සෙන්ආචාර්යවරයෙකුගේ අත්දැකීමක් වශයෙනි. සෙන් කථා වලදී අපට විටෙක මුණ ගැසෙන්නේ පූජකවරයෙකි. තවත් විටෙක සමාන්‍ය මිනිසෙකි. තවත් විටෙක ‍‍‍‍බේබද්දෙකු, සෙබළෙකු, සොරදෙටුවෙකු හෝ රජතුමෙකු ආදී විවිධාකාර චරිත මුණ ගැසේ. සමහරු සෙන් ගුරුවරුන් හමුවට එන්නේ ඔවුන්ට සරදම් කොට යන්නට ය. එහෙත් ඔවුන් පෙරලා යන්නේ කිසියම් ජිවිතාවබෝධයක් ලැබගෙනයි. සෙන් කියවා නිහඬ බව විඳගත් කෙනෙකුට පෙරලා තවත් අයටද කියා දිය හැකියි. ඒ අතින් බලන කල සෙන් කතා සදාතනිත 'බණ කතා' විශේෂයක් වශයෙන්ද සලකන්නට පුළුවන. සෙන් කතන්දර දෙකක් පහත දක්වා ඇති අතර ඉන් සෙන් කථාවල සුවි‍ශේෂී බව අපට වටහා ගත හැකියි. 1.‍ තේ කෝප්පය:- 'මෙයි ජි' සමයේදී (1868-1912) ජීවත් වූ ජපන් සෙන් ගුරුවරයෙකු වූ නාන් ඉන් (Nan in) හමුවට විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් පැමිණියා. එසේ එතුමා පැමිණියේ සෙන් ධර්මය පිළිබඳව ඉගෙන ගැනී‍‍මේ අරමුණ ඇතිවයි. නාන් ඉන් ගුරුතුමා මේ මහාචාර්යතුමාට තේ පිළිගැන්නුවා. එතුමා තේ පිළියෙල කර ‍තේ වත්කර ගෙන ගියා. තේ කෝප්පය උතුරා යන්නට පටන් ගත්තා. මේ දෙස තව දුරටත් බලා සිටීමට ඉවසිල්ලක් නොතිබුණු මහාචාර්යතුමා මොකක්ද කිව්වේ? "තේ කෝප්පය තේ වලින් ඉතිරිලා ගිහිල්ලා තවත් පුරවන්න බැහැ නේද?" ඊට පිළිතුරු වශයෙන් සෙන් ගුරුතුමා කිසිම චකිතයක් නොමැතිව මොකක්ද කිව්වේ? "මේ තේ කෝප්පය වාගේම ඔබතුමාත්‍, ඔබතුමාගේ යම් යම් මත වලින් අදහස් වලින් ඔළුව පුරවා ගෙන ඉන්නේ. දැන් මේ තේ කෝප්පය සම්පූර්ණයෙන්ම හිස් නොකර අලුත් තේ බොන්නට බැරිවා වාගේම ඔබත් ඔබේ හිස් කුහරය හිස් කර ගන්ට වෙනවා සෙන් ඉගැන්මට." 2. හඳ හොරා ගත නොහැකියි:- සෙන් ගුරුතුමකු වූ රියොකාන් (Ryoken) කඳු පාමුලක කුඩා පැල්පතක බොහෝම චාම් ව්දියට ජීවත් වුණා. එක් හැන්දෑවක එක් හොරෙක් පැල්පතට ඇතුලු වුණා. ඔහු යමක් හොරා ගන්නට බලද්දී එසේ කිරීමට කිසි වැදගත් දෙයක් නැති බව දැන ගත්තා. රියොකාන් ගුරුතුමා පැමිණ හොරා අල්ලා ගත්තා."ඔබ හුඟක් දුර ඉඳන් එන්නට ඇති නේද?"ඇසූ සෙන් ගුරුතුමා තව දුරටත් මෙහෙම කිව්වා."ඔබ හිස් අතින් යන්ට හොඳ නැහැ. මගේ මේ අඳින ඇදුම අරන් යන්න තෑග්ගක් වශයෙන්".තමන්ගේ ඇඳුම හොරාට බාර දුන් රියොකාන් ගුරුතුමා නිරුවත්ව සිටියා. හොරාට මහ පුදුමයි. හොරා ඇඳුම් අරන් පැන දිව්වා. රියොකාන් ගුරුතුමා නිරුවත්ව හඳ දිහා බලා සිටියා. "දුප්පතා" ඔහු කල්පනා කළා."මට පුළුවන් කමක් තිබුණා නම් මේ සුන්දර හඳ ඔහුට දෙන්න!".''' මුලාශ්‍රය සෙන් කතන්දර, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර.
8,058
https://si.wikipedia.org/wiki/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%20%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A%20%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA
ශ්‍රී ලංකාවේ ඉඩම් ලියාපදිංචිය
ඉඩම් ලියාපදිංචිය පිළිබඳ හැඳින්වීමක් ලොව සියලු ශිෂ්ටාචාර ගොඩනැගුනේ භූමිය මුල්කරගෙනයි.අවශ්‍ය පරිදි ඉඩම් සැපයීම කළ නොහැකි වුවත් ජනාවාස සංවර්ධනයත් සමග ඇතිවූ සමාජ,ආර්ථික සංවර්ධනය නිසා ඉඩම පිළිබඳ ඉතා හොඳ කළමනාකරණයක් තිබිය යුතු විය. නීති පද්ධතීන්හි ක්‍රමික සංවර්ධනයට මූලාරම්භය වූ රෝම නීතියෙහි මේ සම්බන්ධයෙන් විවිධ ප්‍රතිපාදන දක්නට ලැබේ.පැහැදිලිව දක්නට ලැබෙන පරිදි රෝම නීතියේ Res Mancipi නම් දේපල Mncipatio නම් ක්‍රමයටද Res nec Mancipi නම් දේපල Traditio හෙවත් හිමිකම භාරදීම නම් ක්‍රමයටද පවරා දේ. ලෝකයේ දැනට ප්‍රධාන වශයෙන් ලියාපදිංචි කිරීම් තුනක් භාවිතා වන බව කිව හැක.එනම් පුද්ගලික හුවමාරුව,ඔප්පු ලියාපදිංචි කිරීම හා හිමිකම් ලියාපදිංචි කිරීමයි. ලේඛන ලියාපදිංචිය පිළිබඳ හැඳින්වීමක් ඉඩම් ලියාපදිංචියේදි ශ්‍රී ලංකාව වැනි රටවල බහුලව සිදුවන්නේ ලේඛන ලියාපදිංචියයි.මෙහිදී සිදුවනනේ ඉඩම් වලට සම්බන්ධ ගනු‍දෙනු වලදී ඇතිකරගනු ලබන සාධන පත්‍ර හෙවත් ඉඩම් වලට බලපාන ඔප්පු එම ඉඩම පිහිටි ප්‍රදේශයේ ඇති ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ රෙජිස්ටරයෙහි (ලේඛනයෙහි)අදාල ඉඩම සඳහා වෙන් කළ පිටුවේ සටහන් කිරීමයි.එය පොදු ලේඛනයක් වන අතර අවශ්‍ය ඕනාම පුද්ගලයකුට එම ගනුදෙනු පිළිබඳ තොරතුරු ඉඩම් ලියාපදිංචි කාර්යාලයෙන් ලබාගත හැක.ඉඩමේ සත්‍ය හිමිකම පවතින්නේ කාටද යන්න අව‍බෝධ කර ගැනීමට ඕනාම පුද්ගලයකුට හැකියාව ලැබේ.අනෙක් අතට එම ඉඩම් සම්බන්ධව පවතින්නා වූ අවහිරතා සහ බැඳීම් අවබෝධ කර ගැනීමට හැකිවීමෙන් යම් ගනුදෙනුවකට එළඹීමට පෙර අදාළ ඉඩමේ නෛතික තත්වය අවබෝධ කර ගැනීම සඳහා මෙකී ක්‍රමය ‍උපකාරී වේ. හිමිකම් ලියාපදිංචිය පිළිබඳ හැඳින්වීමක් ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ ඉතිහාසය 17 වන ශතවර්ශය දක්වා දිව යක්කන් බව හඳුන්වා දිය හැක.මේ ක්‍රමය ප්‍රථමයෙන් ලොවට හඳුන්වා දී ඇත්තේ 1852 සිට 1865 දක්වා ඕස්ට්‍රේලියාවේ රෙජිස්ටාර් ජනරාල් ධූරය හෙබවූ සර් රොබාට් රිචඩ් ටොරන්ස් විසිනි.ඒ නිසා මෙම ක්‍රමය ටොරන්ස් ක්‍රමය ලෙස හඳුන්වයි.මේ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී ඒ ඒ රටවල විශේෂිත වූ සීමා කිරීම් සහ වෙනස් ක්රීම් පැවතිය හැකිය. හිමිකම් ලියාපදිංචිය සාමාන්‍යයෙන් අදියර තුනකින් සිදු කරනු ලබයි.ඉඩමක අනන්‍යතාවය තහවුරු කිරීම,ඉඩම හා ඉඩමේ අයිතිය රාජ්‍ය ආයතනයක් මගින් ලියාපදිංචි කිරීම මෙම අදියර තුන වේ.මනා ඉඩම කළමනාකරණයක් තිබෙන දියුණු රටවල අද අනුගමනය කරනු ලබන්නේ ඉඩම් පිළිබඳ හිමකම් ලියාපදිංචි කිරීමේ ක්‍රමයයි.දියුණු රටවල පමනක් නොව සංවර්ධනය වෙමින් පවතින ‍බොහොමයක් රටවලටද අද හිමිකම් ලියාපදිංචි කිරීමේ ක්‍රමය හඳුන්වා දීමට කටයුතු කර ඇත.මලයාසියාව,නේපාලය,පිළිපීනය,කෙන්යාව,ඉතියෝපියාව,ටැන්සානියාව,උගන්ඩාව හා ඝානාව ආදී රටවල් ඒ යටතට වැටේ. ශ්‍රී ලංකාවේ ඉඩම් ලියාපදිංචි කිරීම පිළිබඳ තත්වය ශ්‍රී ලංකාවේ ඉඩම් කටයුතු පිළිබඳව පරීක්‍ෂා කොට වාර්තා කිරීමට පත් කරන ලද සියලුම ඉඩම් කොමිෂන් සභා වාර්තා වලින් හිමිකම් ලියාපදිංචි කිරීමේ ක්‍රමයක ඇති වැදගත්කම හා ඉක්මණින් පටන් ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දී ඇත.1985 ඉඩම් කොමිෂන් සභා වාර්තාවෙන්ද මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරන අතර ප්‍රමාද නොකර වහාම හිමිකම් ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් ආරම්භ කළ යුතු බවට තදබල නිර්දේශයක් කර ඇත. 1864 දී ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥා පනත ඇති කරන ලද්දේ අවශ්‍යයෙන්ම ඉඩම් වල හිමිකම් ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් ඇති කරන තෙක් අතුරු පියවරක් ලෙසිනි.එහෙත් එය මේ රටේ බලපැවැත්වෙන ඉඩම් ලියාපදිංචි කිරීමේ එකම ක්‍රමය බවට පත්ව ඇත.නමුත් අවුරුදු 14 කට පසුව ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම සඳහා වඩා හොඳ විධිවිධාන සැලසීම පිණිස 1877 දී ඉඩම් ලියාපදිංචි කිරීමේ ආඥා පනත පනවනු ලැබීය.ඒ අනුව 1877 අංක 05 දරන ආඥා පනත මගින් හිමිකම් ලියාපදිංචි කිරීමේ නීති පද්ධතියක් හඳුන්වාදීමට උත්සාහ ගෙන ඇත. මේ අනුව ප්‍රකාශිත ප්‍රදේශ ලෙස හඳුනවා දුන් දෙහිවල,වැල්ලවත්ත,කිරුළපන යන ප්‍රදේශ වල කැඩැස්තර මිනුම් පවා කර ඇති බව ඉහත තොරතුරෙන් පැහැදිළි වේ.නමුත් ප්‍රධාන වශයෙන් මේ සඳහා දැරිය යුතු වියදම හේතු කොටගෙන ආන්ඩුකාරවරයා විසින් 1981 මාර්තු මාසයේ දී එය අත් හිටවටනු ලැබීය.ඒ අනුව ලයිරිස් අප්පු එ. තෙන්නකෝන් කුමාරිහාමි දී සින්නතම්බි විනිසුරු ප්‍රකාශ කළේ අපේ ලියාපදිංචි කිරීමේ ආඥා පනත සපයන්නේ ලේඛන ලියාපදිංචි කිරිම මිස හිමිකම් ලියාපදිංචිය නොවන බවයි. හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතින් පැනනගින සුවිශේෂ වූ අයිතිවාසිකම් පනකත් 29 වගන්තියෙන් දක්වා ඇත.එනම් ලියාපදිංචිය පිළිබඳ අතෘප්තියට පත් තැනැත්තෙකුට දිසා අධිකරණය වෙත ඉල්ලුම් කිරීමට හැකියාව තිබීමයි.පනත තව දුරටත් ප්‍රකාශ කරන්නේ එකී ඉඩම උපරිම ඵලදාව ලබාගත හැකි පරිදි සංවර්ධනය කිරීමටත්,සම අයිතිය අර්ථලාභී අයිතිය අනුව බෙදා හැරීමටත් එතුළින් කළමනාකරුවකු පත්කළ හැකි බවත්ය.හර්ශ ප්‍රනාන්දු මහතා සිය "Registration of title to Land" නම් ලිපියේ දක්වන පරිදි මෙම පනත මගින් තවදුරටත් හිමිකම් පරීක්‍ෂා කරන්නෙකුට එම ලේඛන සියුම් ලෙස පරීක්‍ෂා කිරීමෙන් හෝ ඔප්පු පරීක්‍ෂා කිරීමෙන් එය හොඳ හිමිකමක් ද යන්න නිගමනයකට එළඹීමේ හැකියාව ඇත.එසේම මෙතුළින් ලේඛනයක විකාශනය පිළිබඳව පැහැදිලිව දක්වා ඇති නිසා එහිදි ලැබෙන ආරක්‍ෂාව සේම ඒ පිළිබඳව පූර්ණ විශ්වාසය ද තැබිය හැක. මේ අනුව ශ්‍රී ලංකාවේ හිමිකම් ලියාපදංචිය සම්බන්ධයෙන් ඇති දෝෂ අවම කිරීම සඳහා 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත සම්මත කරගෙන ඇත. පරිශීලිත ග්‍රන්ථ මේ අඩවිත් බලන්න ඉඩම් නීතිය නීතිය - ශ්‍රී ලංකා
8,059
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B6%AB
පාෂාණ
පෘථිවි පෘෂ්ඨය සෑදි තිබෙන්නේ විවිධ වු පාෂාණ වර්ග මඟින්ය. එමෙන්ම මතුපිට ඇති ඝන පෘෂ්ඨයට යටින් ඉතා අධික උෂ්ණත්වයේ පවා අධික පීඩනය යටතේ පාෂාණ ද්‍රව්‍ය ඇති බව පිළිගැනේ. භූ විද්‍යාත්මක වශයෙන් පුලුල් අදහසක් ගන්නා පාෂාණ වල වැලිමෙන් සියුමි වුවත් හුණුගල් මෙන් දිය උරාගන්නා සුළු වුවත් ග්‍රැනයිට් මෙන් තද වුවත් ඝන ද්‍රව්‍ය එහි අන්තර්ගත වේ. මේ අනුව පාෂාණ වල විශේෂත්වය වන්නේ එහි ස්ඵඨික ස්වාභාවයයි. පාෂාණ නිර්මාණය වන ආකාරය පාෂාණයක් ඛනිජ වර්ග රාශියක් එකතු වීමෙන් නිර්මාණය විය හැකිය. තිරුවානා (ක්වෝට්ස් ) , ෆෙල්ස්පාර් , මයිකා , මිනිරන් , කැල්සියම් කාබනේට්, හෝන්බ්ලෙන්ඩ් , යකඩ ඔක්සයිඩ, ආදි ඛනිජ වර්ගද එහි වේ. ඛනිජ සෑදි තිබෙන්නේ මුලද්‍රව්‍ය 2ක් හෝ ඊට වැඩි ගණනක් සංයෝග වීමෙනි. සිලිකා , කැල්සියම් , කාබන් , ඔක්සිජන් , ඇලුමිනියම් , මැග්නිසියම් , නයිට්ට්‍රජන් , එබඳු මුලද්‍රව්‍ය වලින් කිහිපයකි .ග්‍රැනිට් , ෆෙල්ස්පාර් , ක්වෝට්ස් හා මයිකා වැනි ඛනිජ වර්ග මඟින් නිර්මාණය වු පාෂාණයකි. මීට අමතරව පාෂාණයක් මුළුමනින්ම එක් ඛනිජයකින් සෑදි තිබිමටද හැකිය.මාබල් මෙලෙස නිර්මාණය වු පාෂාණය වර්ගයකි.මෙම පාෂාණය කැල්සයිට් හෝ ඩොලමයිට් ප්‍රතිස්ඵඨිකරණය වීමෙන් නිර්මාණය වේ. මෙලෙස නිර්මාණය වන පාෂාණ වර්ග අතර පවතින සම්බන්ධතාවය විස්තර කිරීම සඳහා භූ විද්‍යාඥයින් විසින් පාෂාණ චක්‍රය( Rock Cycle) භාවිතා කරනු ලැබේ.මේ චක්‍රයට අනුව එක් පාෂාණ වර්ගයකින් තවත් පාෂාණ වර්ගයක් නිර්මාණය වේ.මෙම චක්‍රය පෘථිවිය පවතින තාක්කල් ක්‍රියාත්මක වේ.ඛනිජ වර්ග 3000ට වැඩි ප්‍රමාණයක් දැනට හඳුනාගෙන ඇතත් පාෂාණ නිර්මාණය ව් ඇත්තේ ප්‍රධාන වශයෙන් බහුලව දක්නට ඇති ඛනිජ වර්ග 12 ක් පමණ වු සුඵ ප්‍රමාණයකිනි. පාෂාණ වල අඩංගු ප්‍රධාන ඛනිජ වර්ග පාෂාණ වර්ග පාෂාණ නිර්මාණය වන ආකාරය අනුව ප්‍රධාන පාෂාණ වර්ග 3කි 1.ආග්නේය පාෂාණ( Igneous Rocks) 2.අවසාදිත පාෂාණ (Sendimentary Rocks) 3.විපරීත පාෂාණ (Metamorphic Rocks) ආග්නේය පාෂාණ පෘථිවි අභ්‍යන්තරයේ පාෂාණ ඇත්තේ අධික උෂ්ත්වණයකින් යුත් ද්‍රව ස්වාභාවයෙනි. ඒවා "මැග්මා" ලෙස හඳුන්වනු ලැබේ. මෙම මැග්මා අධික පීඩනය නිසා ඝන වු පෘෂ්ඨය හරහා දුර්වල ස්ථර ඔස්සේ මතුපිටට පැමිණේ. එම මැග්මා නැතහොත් ලාවා ඝනීභවනය වීමෙන් සෑදෙන පාෂාණ ආග්නේය පාෂාණ වේ. ආග්නේය පාෂාණ වර්ග ග්‍රැනයිට් පෘථිවි අභ්‍යන්තරයේ බහුලව දක්නට ලැබෙන පාෂාණ වර්ගයකි.තිරුවානා (ක්වෝට්ස් ) , ෆෙල්ස්පාර් හා මයිකා , වලින් සෑදි ඇත.ග්‍රැනිට් වල දක්නට ලැබෙන කළු පැහැය ගන්නේ එහි මිශ්‍ර වී ඇති මයිකා කැබලි නිසාය. රතු , දුඹුරු , රෝස , සහ කහ පැහැයෙන් ග්‍රැනිට් ලබා ගත හැක. ෆෙල්සයිට් ලා පැහැති ලාවා මඟින් මෙම පාෂාණය නිර්මාණය වේ.මෙම පාෂාණ බොහෝ විට අළු , කොළ , රතු , හෝ ලා පාට රුගත් පාෂාණයෝ වෙති. ඉක්මනින් සිසිල් වන ලාවා මඟින් මෙම පාෂාණය නිර්මාණය වේ. ඹබිසීඩියන් මෙම පාෂාණ වර්ගය යමහල් වලින් ගලා යන ලාවා ධාරාව ශීඝ්‍රයෙන් සිසිල් වීමෙන් නිර්මාණය වේ. මෙය ස්වාභාවික විදුරු වර්ගයකි. විවිධ වර්ණ වලින් යුක්ත වේ.රතු ඉන්දියානුවරුන්ගේ හී හා හෙල්ල වල තුඩු මේවායින් තනා ඇත. හෙල්ලතුඩු වශයෙන් හැඩ වැඩ කිරිමට පහසු වන්නේ මෙම පාෂාණය පතුරු වශයෙන් බිඳෙන හෙයිනි. බැසොල්ට් යමහල් වලින් පිටවන කළු ලාවා ක්‍රමයෙන් සිසිල් වීමෙන් මෙම පාෂාණය නිර්මාණය වේ.මෙම පාෂාණය පැති 6කින් යුක්ත ටැම් ආකාරයට සාමාන්‍යයෙන් පිහිටයි. ගොඩනැගිලි හා පාරවල් තැනීමට මෙම පාෂාණය උපයෝගි වේ.මෙම පාෂාණය යෝධ තට්ටු වලින් නිර්මාණය වී ඇත.සිලිකා අතින් හීන නිසා භාෂ්මික පාෂාණ ගණයට අයත් වේ.මෙම පාෂාණයේ ප්‍රධාන ඛනිජ වර්ග ලෙස " ප්ලෙජියෝක්ලේස් පයිරොක්සීන් " හා " ඔලිවින් " දැක්විය හැක. අවසාදිත පාෂාණ ආග්නේය පාෂාණ පොලව මතුපිටට පැමිණි පසු ගංඟා ඛාදන කාරකයන්ට හසු වීමෙන් බිඳි වැලි , මැටි හා මඩ බවට පත් වි වෘක්ෂ හා සත්ව ද්‍රව්‍ය සමඟද තිබු ස්ථානයෙන් බැහැරව ගෙන ගොස් තැන්පත් වීමෙන් මෙම පාෂාණය නිර්මාණය වේ. අවසාදිත පාෂාණ වර්ග හුණුගල් මෙම පාෂාණ ජලය යට නිර්මාණය වේ.මේවා නිර්මාණය වීමට බොහෝ කාලයක් එනම් වර්ෂ ලක්ෂ ගණනක් ගත වේ.මේවා තට්ටු අඩි දහස් ගණනක් ඝනකමින් යුක්ත වේ. වැලිගල් ඉතා ප්‍රයෝජනවත් ශක්තිමත් පාෂාණයකි.විවිධ වර්ණයෙන් යුතු වැලිගල් ඇති අතර දුඹුරු වර්ණයෙන් යුතු වැලිගල් සුලභ වේ.කහ , අළු , හා රතු පාට රැගත් වැලිගල් ද ඇත. ෂේල් මෙයත් අවසාදිත පාෂාණ විශේෂයකි.ෂේල් යනු මෘදු පාෂාණ විශේෂයකි.මෙම අවසාදිත පාෂාණ නිර්මාණය සඳහා බන්ධනකාරක ලෙස හුනු,යකඩ ඔක්සයිඩ්,සිලිකා උපයෝගී වේ. ගල්අඟුරු මෙය දැවෙන සුඑ අවසාදිත පාෂාණයකි.වර්ෂ ලක්ෂ ගණනකට පෙර වැවුණු ගස් කොලන් හා පැළැටි දිරායාමෙන් ගල්අඟුරු නිර්මාණය වේ.මෙම වෘක්ෂලතා පොසිල ලෙස පොළවේ තැන්පත් වී ඇත.ගල්අඟුරු දැව පොසිලයක් ලෙස සැලකිය හැක. ඩොලමයිට් මහ මුහුදු පත්ලෙහි නිර්මාණය වන පාෂාණ වර්ගයකි.මෙම පාෂාණය සාමාන්‍යයෙන් සුදු වර්ණයෙන් නැතහොත් ලා පැහැයෙන් යුක්ත වේ. විපරීත පාෂාණ කිසියම් පාෂාණ වර්ගයක් පෘථිවි අභ්‍යන්තරයේ අධික උෂ්ත්වණයට හෝ අධික පීඩනයට හෝ ලක් වීමෙන් එය භෞතික හෝ රසායනික විපර්යාසයකට ලක් වීමෙන් විපරීත පාෂාණ නිර්මාණය වේ. විපරීත පාෂාණ වර්ග කිරිගරුඬ තාපය හා පීඩනය මඟින් විපරීත වු හුණුගලින් එය නිර්මිතය.මෙම පාෂාණය හුණුගල් මත නිර්මාණය වේ.විවිධ වර්ණ වලින් යුක්ත වේ. කළු හෝ සුදු කිරිගරුඬ පාෂාණ මෙන්ම එම වර්ණ 2කින් සම්ම්‍රිශණය වු කිරිගරුඬ පාෂාණද ඇත. තිරුවාන තද වැලිගලින් නිර්මාණය වු තද විපරීත පාෂාණයකි. පීඩනය හා අධික තාපය නිසා වැලිගල් තද තිරුවාන පාෂාණ බවට පත් වේ.කහ , දුඹුරු , රතු හා ලා රතු පාට තිරුවාන පාෂාණ ඇත. ශිෂ්ට් මඩ ගල් හෝ ශල්ක වලින් නිර්මාණය වු පාෂාණයකි.පාෂාණයක් වාර ගණනක් විපර්යාස වීමෙන් අනතුරුව මෙම පාෂාණය නිර්මාණය වේ.ශිෂ්ට් පාෂාණ දිලිසේ.ඊට හේතුව එහි අඩංගු මයිකා හෙවත් තලාතු මිනිරන් කැබලි හේතු වීමයි. සර්පන්ටයින් කොළ පැහැයෙන් යුතු පාෂාණයකි. සබන් හෝ ඉටි වලින් තැනුනාක් මෙන් ලිස්සන සුළු පාෂාණ වර්ගයකි. මේ අඩවියත් බලන්න ශ්‍රී ලංකාවේ පාංශු වර්ගීකරණය අඩවියෙන් බැහැර පිටු Rocks Rock Cycle Igneous Rocks පාෂාණ
8,060
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%20%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD%E0%B6%B1
සංචාරක නිකේතන
හැඳින්වීම නූතනයේ සීඝ්‍රයෙන්ම දියුණු වන කර්මාන්තයකි සංචාරක කර්මාන්තය. සංචාරය කිරීමට මිනිසා දක්වන සහජ ආශය නිසාම සංචාරක කර්මාන්තය අද වන විට සීඝ්‍ර දියුණුවක් අත්කරගෙන ඇති බව ඒ පිළිබඳ ඇති දත්ත විමසීමේදී පෙනීයයි. රට වටා මෙන්ම ලොව වටා සංචාරය කරන සංචාරකයන්ගේ ප්‍රමාණය දිනෙන් දිනම ඉහළ යමින් තිබේ. මේ හේතුව නිසාම සංචාරකයන්ගේ අවශතා තෘප්තිමත් කිරීම සඳහා සංචාරක නිකේතන සංචාරක පුරවරයන් තුළ ඉදිව තිබේ. සංචාරක නිකේතන පිළිබඳ විමසීමේදී දේශීය සංචාරකයන් මෙන්ම විදේශීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ ඉදිව තිබෙන සංචාරක නිකේතන සංඛ්‍යාව අතිවිශාලය.මේ නිබන්ධනයේ මූලික අරමුණ වන්නේ දේශීය සංචාරකයන්ගේ පහසුව සඳහා එවැනි සංචාරක නිකේතන කිහිපයක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමයි. විශේෂයෙන්ම විදේශීය සංචාරකයන් වෙනුවෙන් ම ඉදිවුණු තරු පංතියේ සංචාරක නිකේතන පිළිබඳ තොරතුරු අන්තර් ජාලය හරහා ඕනෑ තරම් ලබා ගත හැකිවුව ද දේශීය සංචාරකයන්ගේ ආර්ථික තත්ත්වයන්ට ගැළපෙන පරිදි වෙන්කර ගත හැකි සංචාරක නිකේතන පිළිබඳ තොරතුරු අන්තර් ජාලය හරහා ලබා ගැනීම අසීරුය. මෙ‍ම ගැටළුවට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක නිකේතන කිහිපයක් පිළිබඳ කෙටි විමසුමක් මෙම නිබන්ධනය තුළින් සිදුවන තවත් සංචාරක නිකේතන කිහිපයක් පිළිබඳ මූලික තොරතුරු මෙහි ඇතුළත් කෙරේ. කැප්ටන් ඩෝසන්ගේ බංගලාව ලංකාවේ ප්‍රධානම මාර්ගය වන A1, කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ හරි අඩක පිහිටා ඇති අඹේපුස්ස නගරයේ කැප්ටන් ඩෝසන්ගේ බංගලාව පිහිටා තිබේ. සැබවින්ම කැප්ටන් ඩෝසන්ගේ බංගලාව අද දවසේ හඳුන්වනනේ අඹේපුස්ස තානායම ලෙසයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට මෙරට යටත්ව පැවති සමයේ කොළඹ - නුවර දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු පැවරී තිබුණේ කැප්ටන් ඩෝසන් නම් ඉංජිනේරුවරයාට ය. කැප්ටන් ඩෝසන්ට නවාතැන් ගැනීම සඳහා එවකට ඉදිකරන ලද නිවහන අද දින අඹේපුස්ස තානායම නමින් හැඳිනවේ. 1860 දශකයේ දී ඉදිකරන ලද කැප්ටන් ඩෝසන්ගේ බංගලාව පසු කලකදී රාජ්‍ය නිලධාරීන්ගේ සංචාරක නවාතැනක් ලෙස යොදා ගන්නා ලදී. නමුත් 1967 වසරේදී එය ලංකා හෝටල් සංස්ථාවට පවරා ගත් අතර වර්තමානයේ ගෝල්ෆේස් හෝටල් සමාගම යටතේ අඹේපුස්ස තානායම පාලනය වේ.අක්කර 3 1/2 ක භූමි භාගයක පිහිටා තිබෙන අඹේපුස්ස තානායම පිහිටා තිබෙන්නේ සුව පහසු කාමර හතක් පමණි. තානායමේ කළමණාකාරිත්වය පවසන්නේ සංචාරකයන්ට නිදහසේ පරිසරයේ සුන්දරත්වය අත්විඳීමට හැකිවන පරිදි අවස්ථාව ලබාදිය යුතු නිසා කාමර සංඛ්‍යාව අනවශ්‍ය ලෙස වැඩි නොකරන බවයි. අමුත්තන් එකසිය පනහකට පමණ එකවර ආහාර - පාන ලබාගත හැකි පරිදි ඉදිකර තිබෙන ශාලාව එක් පසෙකින් පරිසරයට විවෘත කරමින් සකසා තිබේ. දේශීය ආහාර මෙන්ම ඉන්දියානු හා බටහිර ආහාර - පාන ද අඹේපුස්ස තානායමේදී සංචාරකයන්ට ලබා ගැනීමට අවස්ථාව උදාවෙයි. එසේම සති අන්තයේ තානායමට පැමිණෙන සංචාරකයන්ට මිහිරි කැලිප්සෝ සංගීතයේ රස විඳීමට ද අවස්ථාව උදාකර තිබේ. මෙහි නවාතැන් ගන්නා සංචාරකයන්ට දේවගිරි ලෙන් විහාරය, අල්ගම ඇල්ල, මා ඔය වැනි ස්ථාන නැරඹීමේ අවස්ථාව උදාවෙයි. ද ලව්ලි බීච් හොටෙල් වයික්කාල, කම්මල (දකුණ) ප්‍රදේශයේ ද ලව්ලි බීච් හොටෙල් පිහිටා තිබේ. ලංකා සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත මෙම සංචාරක නිකේතනය 2005 වසරේදී ඉදිකරන ලද්දකි.මුහුදු වෙරළේ සුන්දරත්වය අත්විඳීමට කැමති ඕනෑම අයෙකුට තම හෝටලයේ අවශ්‍ය පහසුනම් සපයා තිබෙන බව කළමණාකාරිත්වය පවසයි.හෝටලයේ ඉදිරිපසින් සුන්දර මුහුදු වෙරළ පිහිටා තිබෙන අතර අනෙක් පසින් සුන්දර වන ලැහැබක් පිහිටා තිබේ.හෝටලය සතුව විශාල ක්‍රීඩා පිටියක්ද තිබෙන අතර බීච් වොලිබෝල්, ක්‍රිකට්, පාපන්දු වැනි තරඟ ක්‍රීඩා කිරීමේ අවස්ථාවද සංචාරකයන්ට උදාකර තිබේ. හෝටලය සතුව කබානා දහයක් තිබෙන අතර හෝටලයේ උඩු මහලේ සුවිශේෂී නැරඹුම් කබානාවක් ද පිහිටා තිබේ. ඇතැම් කබානා වායු සමනය කර ඇති අතර වායු සමනය නොකරන ලද කබානා ද සංචාරකයන්ට වෙන්කර ගත හැකිය. දේශීය සංචාරකයන් වෙනුවෙන් ම වෙන්වුණු සුවිශේෂී පැකේජයන් කිහිපයක් ම හෝටලය සතුව තිබෙන බව කළමණාකාරවරයා පවසයි. වැඩිදුර තොරතුරු බලන්න අඹ සෙවන වලව්ව මාවනැල්ල - අරනායක මාර්ගයේ උස්සපිටිය ප්‍රදේශයේ අඹ සෙවන වලව්ව පිහිටා තිබේ. දේශීය සංචාරකයන් වෙනුවෙන් ම නිමැවුණු මෙම සංචාරක නිකේතනය සොබා දහමේ සුන්දරත්වය විඳගැනීමට හැකිවන පරිදි අවශ්‍ය පහසුකම් සපයා තිබේ. ලංකා හෝටල් සංස්ථාවේ අනුමත මෙම මෙම සංචාරක නිකේතනය ආගන්තුක සත්කාර සඳහා නිබඳවම සූදානම්ව සිටී.වැඩිදුර තොරතුරු : දුරකතන / ෆැක්ස් : 035 2247769 : ලක් නිවස ටුවරිස්ට් ඉන් පින්නවල අලි අනාථාගාරය නැරඹීමට යන සංචාරකයන් වෙනුවෙන් ඉදිකරන ලද ලක් නිවස ටුවරිස්ට් ඉන් රඹුක්කන - පින්නවල මාර්ගයේ පිහිටා තිබේ. දෙස්, විදෙස් ආහාර - පාන, නවාතැන් පහසුකම් මෙහිදී ලබාගත හැකිය. දුරකතන / ෆැක්ස් : 035 2265186 සොරබොර විලේජ් ඉන් හොටෙල් ශ්‍රී ලංකාවේ ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ සංචාරය කරන සංචාරකයන් නිබඳවම පිය නගන ස්ථානයක් වන්නේ දඹානේ ආදීවාසී ගම්මානය යි. ආදීවාසී සිරිත් විරිත් ඔවුනගේ සංස්කෘතිය නරඹන සංචාරකයන්ට වෙහෙස නිවාගැනීම සඳහා සුදුසු ස්ථානයක් ලෙස සොරබොර විලේජ් ඉන් හොටෙල් ආරම්භ කළ බව කළමණාකාරවරයා පවසයි. මහියංගනය - සොරබොර වැව මාර්ගයේ පිහිටා තිබෙන මෙම සංචාරක නිකේතනය දෙස්, විදෙස් සියලුම සංචාරකයන් සඳහා පහසුකම් සළසයි.වායු සමීකරණය කරන ලද කාමර පහසුකම් මෙන්ම වායු සමනය නොකරන ලද කාමර පහසුකම් ද සංචාරකයන්ට සළසා තිබේ. දෙස්, විදෙස් ඕනෑම ආහාර - පාන වර්ගයක් ද මෙහිදී ලබාගත හැකිය. ලංකා හෝටල් සංස්ථාවේ අනුමත මෙම හෝටලය සියයට සියයක් ම සංචාරකයන්ගේ අවශ්‍යතා සපුරාලන බව කළමණාකාරවරයා පවසයි. තවත් සංචාරක නිකේතන කිහිපයක් රීෆ්රෙෂ් හොලිඩේ රෙසෝට් නො. 211, රිවර් රෝඩ්, ඉහළ තල්දූව, අවිස්සාවේල්ල. 036 2233182 / 0716825579 ශාලිකා ඉන්, නො. 27/1, රජ පිහිල්ල මාවත, මහ නුවර. 087 2223655 www.බලන්න සන්ෆලවර් රෙසෝට් නො.111, කිඹුලාවල, හඟුරක්ගොඩ. 060 2276032
8,077
https://si.wikipedia.org/wiki/%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%20%E0%B7%85%E0%B6%B8%E0%B7%8F%20%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
ලංකාවේ ළමා ශ්‍රමිකයන්
පෙළගැස්ම. ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමිකයන්ට අදාළ නීති තත්වය 1. හැඳින්වීම 2. රෙගුලාසීන් මඟින් ළමා ශ්‍රමිකයන් සම්බන්ධව පනවා ඇති සීමා කිරීම් ෙදර දොර මෙහෙකාර සේවය 3. 1956 කාන්තාවන්, යෞවනයන් හා ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ පනත තුළ ඇති නීතිමය ප්‍රතිපාදන . කර්මාන්ත ආයතන වල ළමයින් සේවයෙහි යෙදවිම සම්බන්ධ නීති තත්වය . යෞවනයින් කර්මාන්ත ආයතනයක සේවයේ යෙදවීම . කර්මාන්තමය නොවන ආයතන වල ‍ළමුන් හා යෞවනයින් සේවයේ යෙදවීම ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමිකයන්ට අදාළ නිති තත්වය හැඳින්වීම 1956 දී පනවන ලද කාන්තාවන්. යෞවනයන් හා ළමයින් සේවයේ යෙදවීම පිළිබඳ පනත විසින් මෙන්ම, එම පනත යටතේ පනවා ඇති රෙගුලාසීන් විසින් ළමා ශ්‍රමිකයන්ට අදාළ නිතිය දැක්වේ. 1956 පනත පනවා ඇත්තේ කාන්තාවන්. යෞවනයන් හා ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳව විධි විධාන සැළැස්වීම සඳහාය. ළමයින් සේවයෙහි යෙදවිම තහනම් කරන විධි විධානයක් හෝ ළමයින් හා යෞවනයින් සේවයෙහි යෙදවිම සඳහා අලවි කිරීම පිළිබඳ විධි විධාන කිසිවක් ඒ අනුව පනතෙහි ඇතුළත් නොවේ. ළමයින් හා යෞවනයින් සේවයෙහි යෙදවීම සම්බන්ධ සීමාවන් ප්‍රධාන වශයෙන් අඩංගු වන්නේ පනත යටතේ පනවා ඇති රෙගුලාසි වලය. පනත යටතේ ඇමතිවරයා විසින් පනවන ලද රෙගුලාසි මාලාවන් 04 කි. 01. 1957 ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ රෙගුලාසි 02. 1957 යෞවනයින් සේවයෙහි යෙදවීම පිළිබඳ රෙගුලාසි 03. 1957 යෞවනයින් කර්මාන්ත ආයතනයන්හි රාත්‍රී කාලයේ සේවයෙහි යෙදවීම පිළිබඳ රෙගුලාසි 03. 1957 යෞවනයින් මුහුදු සේවයෙහි යෙදවීම පිළිබඳ රෙගුලාසි මෙහි 'ළමයා' යනු වයස අවුරුදු 14 ට අඩු පුද්ගලයින්ය. 'යෞවනයා' යන්නේ අදහස් කෙරෙන්නේ, අවුරුදු 14 සම්පූර්ණ වී ඇති වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ය. රෙගුලාසීන් මඟින් ළමා ශ්‍රමිකයන් සම්බන්ධව පනවා ඇති සීමා කිරීම් අ) වයස අවුරුදු 12 ට අඩු ළමයින් සේවයේ යෙදවීම තහනම්ය. - 2 වන රෙගුලාසිය අවුරැදු 12 ට අඩු ළමුන් බෙහෝ විට සේවයේ යොදවා ගනු ලබන්නේ, නිවෙස් වල මෙහෙකාර සේවයේය. ගෙදර දොර වැඩ කටයුතු කිරීම රැකියාවක් නොවේය යන්න මත තර්ක කිරිමට " වයස අවුරුදු 12 ට අඩු පුද්ගලයකු කිසිම 'රැකියාවක' යෙදවීම තහනම් වන්නේය " ලෙස දැක්වීම තුළින් අවකාශ සැළසේ. ආ) වයස අවුරුදු 14 ට අඩු පුද්ගලයින් 3 න් වන රෙගුලාසියට අමුණා අති උපලේඛණයේ සඳහන් රැකියා 26 හි සේවයෙහි යෙදවිය නොහැක. මෙහි අර්ථය වන්නේ, අවුරුදු 12 ත් 14 ත් අතර ළමයින් ඉහත රැකියා 26 ට නොගැනෙන, එහෙත් ළමයින්ට අනතුරැදායක හෝ ඔවුන්ගේ සදාචාරයට හානිකර එවැනිම වෙනත් රැකියාවල යෙදවීම කළ හැකි බවයි. නිදසුනක් වශයෙන් ගත හොත් 1957 යෞවනයින් කර්මාන්ත ආයතනයන්හි රාත්‍රී කාලයේ සේවයේ යෙදවීම පිළීබඳ රෙගුලාසිවල උපලේඛණයන්හි සදහන් යම් යම් කර්මාන්ත වල යෙදවීමට මෙමඟින් අවකාශ ලැබෙනු ඇත. ඇ) කම්කරු කොමසාරිස්වරයාගේ ලිඛිත අවසරය නොමැතිව ළමයකු සිනමා චිත්‍රපටියක හා ටෙලි නාට්‍යයක රඟපෑමෙහි යෙදවිය නොහැක. 4.1 රෙගුලාසිය නමුත් චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිෂ්පාදකයන් මෙම රෙගුලාසියට අනුව කටයුතු කරන්නේද යන්න ගැටළු සහගතය. . ගෙදර දොර මෙහෙකාර සේවය ළමයෙක් කිසිම දිනයක උදේ 6.00 සහ රාත්‍රී 8.00 අතර කාලය තුළ පැය 4 ක වත් විවේකයක් නොලැබෙන ආකාරයට ගෘහ සේවයේ නොයෙදවිය යුතුය. (5(අ) වගන්තිය) මෙයින් අදහස් වන්නේ සෑම ළමා ගෘහ සේවයෙකුටම උදෑසන 6.00 හා රාත්‍රී 8.00 අතර පැය 4 ක විවේකයකට අවකාශ ඇති බවයි. යෞවනයෙකුගේ නම් විවේක කාලය පැය 3 කි. ඈ) ගෘහ සේවයේ යෙදෙන ළමයෙකුට රාත්‍රී 8.00 සිට උදෑසන 6.00 දක්වා නොකඩවා පැය 10 ක විවේකයක් ලැබීමේ අයිතිය ඇත. ( 6 වන රෙගුලාසිය) නමුත් මෙම තත්වය නිරීක්ෂණය කරන්නේ කෙසේද යන ප්‍රශ්ණය මතුවේ. ඉ) සෑම තුන් මසක කාලයක් තුළම අවම වශයෙන් පිට පිට දින 7 ක් නිවාඩු ලබා ගැනීමේ අයිතිය සෑම ළමා ගෘහ සේවකයෙකුටම ඇත. යෞවනයකුට එසේ නිවාඩු ලබා ගත හැකි වන්නේ සිව් මසකට වරක් පමණි. මෙම විවක කාලය ගත කළ යුත්කත් ළමයාගේ පවුලේ සාමාජිකයින් සමඟද නැත්නම් වෙනත් කෙනෙකු සමගද යන්න පැහැදිලි නැත. මේ නිසාම මෙම රෙගුලාසිය ක්‍රියාත්මක කිරීම ප්‍රශ්ණයක්ව පවතී. රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ පිළිවෙළ හෝ රෙගුලාසි කඩ කිරිම පිළිබඳ දඬුවම් හෝ රෙගුලාසි වල දක්වා නැත. නමුත් රෙගුලාසි කඩ කරමින් ළමයකු සේවයේ යෙදවීම, රුපියල් දහසකට නොවැඩි දඩයකින් හෝ හය මසකට නොවැඩි සිර දඬුවමකින් හෝ ඒ දෙකම මඟින් දඬුවම් කළ හැකි වරදක් බව පනතේ 14 (බී) වගන්තින මඟින් දක්වයි. කාන්තාවන්, යෞවනයින් හා ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ පනත ඉහත දක්වන ලද්දේ ළමයින් හා යෞවනයින් සේවයේ යෙදවීම සම්බන්ධ සීමාවන් දැක්වෙන රෙගුලාසීන් පිළීබඳවය. මෙම රෙගුලාසීන් වලට අමතරව 'කාන්තාවන්, යෞවනයින් හා ළමයින් සේවයේ යෙදවීම පිළිබඳ පනතේද ළමුන් හා යෞවනයින් සේවයේ යොදවා ගැනීමට අදාළ නීති තත්වයන් දක්වයි. මෙම ප්‍රතිපාදන දක්වන්නේ, කොටස් 2 ක් යටතේය. එනම්, 1) කර්මාන්ත ආයතන වල සේවයෙහි යෙදවීම සම්බන්ධ නීති තත්වය 2) කර්මාන්තමය නොවන ආයතන වල සේවයේ යෙදවීම සම්බන්ධ නීති තත්වය වශයෙනි. . කර්මාන්ත ආයතන වල ළමයින් සේවයෙහි යෙදවීම සම්බන්ධ නීති තත්වය. අ) කිසිම පොදු හෝ පෞද්ගලික කර්මාන්ත ආයතනයක ශාඛාවන්හි කිසිම ළමයකු සේවයෙහි යෙදවිය නොහැකිය. (7.1 වගන්තිය) ආ) කර්මාන්ත ආයතනයක ළමයකු සේවයෙහි යෙදවිය හැක්කේ එම ආයතනය එකම පවුලේ සාමාජිකයන් පමණක් සේවය කරන ආයතනයක් වන්නේ නම් පමණකි. ( 7.2 (අ) වගන්තිය ) . යෞවනයන් කර්මාන්ත ආයතනයක සේවයේ යෙදවීම. ඇ) යෞවනයෙක් කර්මාන්ත ආයතනයක සේවයේ යෙදවිය හැකිය. වයස අවුරුදු 16 ට අඩු යෞවනයෙක් කිසිම දිනයක ( අතිකාල සහ විවේකය හෝ ආහාර විවේකය ඇතුළුව) පැය 8 ට වැඩි කාලයක් හෝ කිසිම සතියක් තුළ පැය 50 කුත් අඩ පැයකට වැඩි කාලයක් සේවයෙහි යෙදවිය නොහැකිය. වයස අවුරුදු 16 ට වැඩි යෞවනයකු නම් කිසියම් දිනකදී වැඩ කළ යුතු කාලය පැය 10 කටද, සතියක් තුළ වැඩ කළ යුතු පැය ගණන පැය 55 1/2 කටද වැඩි නොවිය යුතුය. (කෘෂි කර්මය හෝ ගෘහ සේවය හැර ) වෙනත් කිසියම් රැකියාවක නියුතු යෞවනයෙකුට ඔහු වැඩ කරන කාල සීමාව උදෑසන 11 සිට සවස 2.00 හෝ රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 අතර යෙදෙන්නේ නම් විවේකය හෝ ආහාර පාන ගැනීම වෙනුනවන් අඩුම වශයෙන් පැයක විවේකයක් ගැනීමේ අයිතිය ඇත. ඔහුගේ සේවා කාලය සවස 4.00 හා 6.00 අතර හෝ උදෑසන 7.00 සහ 9.00 අතර වන්නේ නම් පැය 1/2 ක විවේකයක් ගැනීමේ අයිතිය ඇත. ඈ) කර්මාන්ත ආයතන වල සේවයේ නියුතු සියලු යෞවනයන්ගේ නම් සහ උපන් දින සඳහන් වන රෙජිස්ටර් පවත්වා ගෙන යාමේ වගකීමෙන් සේවා යෝජකයෝ බැඳී සිටිති. මෙම වගන්තිය කඩ කරනු ලැබුවහොත් රු. 50 කට නොවැඩි දඩයකින් දඬුවම් කිරීමකට ලක් කළ හැකිය. ( 8.1 වගන්තිය ) ඉ) වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයකු රාත්‍රී කාලය ඇතුළත පොදු හෝ පෞද්ගලික කර්මාන්ත ආයතනයක සේවයේ යෙදවිය නොහැකිය. ඊ) වයස අවුරුදු 14 හා 18 අතර වන යෞවනයන්, ' 1958 කර්මාන්ත ආයතන වල රාත්‍රී කාලයෙහි සේවයේ යෞවනයන් සේවයේ යෙදවීම' පිළිබඳ රෙගුලාසි වලට අයත් උප ලේඛණයන්හි නියමිතව සදහන් කර ඇති කර්මාන්ත ව්‍යාපාර 20 හි, එම ව්‍යාපාර පවුලේ අය වැඩ කරන ආයතන වන්නේ නම්, සේවයෙහි යෙදවිය හැකිය. උ) වයස අවුරුදු 16 හා 18 අතර යෞවනයින් හදිසි අවස්ථාවකදී කර්මාන්ත ආයතනයක රාත්‍රී කාලයේ සේවයේ යෙදවිය හැකිය. එම හදිසි අවශ්‍යතාවයන් මතු වීමට දින 76 කට පෙර කම්කරැ කොමසාරිස් තුමා වෙත ඒ පිළිබඳව දැනුම් දිය යුතුය. .කර්මාන්තමය නොවන ආයතන වල සේවයෙහි යෙදවීම ළමයින් හා යෞවනයින් කර්මාන්තමය ආයතන වල හා මුහුදු සේවය හැර වෙනත් රැකියාවන්හි යෙදවීමේදී මතු දැක්වෙන නීතීන් බලපවත්වයි. වැඩ කරන කාලය. 1. කිසිම ළමයකු, අ) ඔහු පාසල් යා යුතු දිනයක පාසල් වේලාව අවසන් වීමට පොරොතුව හෝ, ආ) රාත්‍රී 8.00 සහ උදෑසන 6.00 අතර කාලය තුළ හෝ ඈ) ඔහු පාසල් යා යුතු කිසියම් දිනයක පැය 2 කට වැඩි කාලයක් හෝ කිසියම් ඉරැ දිනෙක පැය 2 කට වැඩි කාලයක් හෝ, ඉ) ඔහුගේ කායික තත්වය සැළකිල්ලට ගැනීමේදී ඔහුගේ ජීවිතයට සෞඛ්‍යට හෝ අධ්‍යාපනයට හානිකර විය හැකි අන්දමේ රැකියාවක හෝ සේවයෙහි නොයෙදවිය යුතුය. ( 13.1 වගන්තිය ) 2. කිසිම ළමයකු මඟතොට වෙළඳාමෙහි යෙදීම හෝ යෙදවීම නොකළ යුතුය. ( 13.2 වගන්තිය ) 3. වයස අවුරුදු 16 ට අඩු යෞවනයකු කිසියම් දිනයක (අතිකාල සහ විවේකය හෝ කෑම වේලාව ඇතුළුව) පැය 9 කට වැඩි කාල සීමාවක් සහ කිසියම් සතියක් තුළ පැය 50 කුත් අඩ පැයකට වැඩි කාල සීමාවක් හෝ සේවයේ නොයෙදවිය යුතුය. අවුරුදු 16 ට වැඩි යෞවනයකු නම් දවසක් තුළ වැඩ කරන කාලය පැය 10 කට නොවැඩි ද, සතියක් තුළ වැඩ කරන කාලය පැය 55 1/2 කටද නොවැඩි ද විය යුතුය. 4. වැඩ කරන කාලයට අදාළ මෙම සීමා කිරීම් කෘෂිකර්මාන්.යෙහි හෝ බඩු හෝ මගී ප්‍රවාහනයේදී හෝ චිත්‍රපට ප්‍රදර්ශනයේදී හෝ ගෘහ සේවයෙහි නියුතු යෙවනයන්ට බල නොපවත්වයි. 5. (කෘෂිකර්මාන්තය හෝ ගෘහ සේවය හැර) වෙනත් කිසියම් කර්මාන්තයක සේවයෙහි නියුතු යෞවනයකුට ඔහුගේ සේවා කාලයට උදෑසන 11.00 සිට සවස 2.00 දක්වා හෝ රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා හෝ අයත් වන්නේ නම්, අවම වශයෙන් විවේකයක් හෝ ආහාර ගැනීමේ කාලයක්ද, ඔහුගේ සේවා කාලයට සවස 4.00 සිට 6.00 සක්වා අයත් වන්නේ නම් පැය 1/2 ක විවේක කාලයක්ද ලැබීමට හිමිකම ඇත. 6. තවත් රෙගුලාසි මාලාවකින් කෘෂිකර්මාන්තයෙන්, වාණිජ කර්මාන්තයෙන් හා වෙනත් කර්මාන්ත නොවන රැකියාවන්ගෙන් කර්මාන්ත වෙන් කොට දක්වයි. 1958 දී පනවන ලද මෙම රෙගුලාසි එවක පැවති ප්‍රධාන කර්මාන්ත 3 වූ තේ, පොල්, රබර් යන කර්මාන්තයන්ට අදාළ විධි විධාන සළස්වයි. වැඩ කිරීමේ කාල සීමාව පිළිබඳ සීමා කිරීම කර්මාන්තමය නොවන රැකියාවන්හි සේවයේ නියුතු ළමයින්ට හා යෞවනයින්ට බල නොපවත්වන හෙයින් මේ බෙදීම වැදගත් වේ.
8,289
https://si.wikipedia.org/wiki/%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%20%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C
හරිශ්චන්ද්‍ර විජයතුංග
විජයතුංග මුදලිගේ හරිශ්චන්ද්‍ර විජයතුංග (ඉංග්‍රීසි: Harischandra Wijayatunga) ශ්‍රී ලාංකික ලේඛකයකු, පරිවර්තකයකු, ශබ්දකෝෂ සම්පාදකයකු, ගුරුවරයකු, නීතිඥයකු මෙන් ම දේශපාලඥයකු වෙයි. විවිධ රාජ්‍ය ආයතනවල තනතුරු දරා ඇති ඔහු වර්තමානයේ සිංහලයේ මහසම්මත භූමිපුත්‍ර පක්ෂයේ නායක ධුරය උසුලයි. 1994 සහ 1999 යන වර්ෂවල පැවති ජනාධිපතිවරණ දෙකේ දී එම පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඔහු ඉදිරිපත් විය. වර්ෂ 2005 දී එළි දක්වන ලද පිටු 2000 ක ට අධික ප්‍රමාණයකින් යුක්ත ගුණසේන මහා සිංහල ශබ්දකෝෂයේ සම්පාදකවරයා ඔහු ය. එමෙන්ම ඔහු සිංහල ශබ්දකෝෂ සම්පාදනය සහ සිංහල අකුරු ප්‍රමිතිකරණය පිළිබඳ වියත් අදහස් ඉදිරිපත් කර ඇත්තෙකි. ප්‍රජාතන්ත්‍රවාදයෙනුත් ඔබ්බට ගිය මහා සම්මතවාදය හෙවත් සියළු දෙනාගේම කැමැත්ත මත ක්‍රියාකරන පාලන තන්ත්‍රය ඔහුගේ දේශපාලන දර්ශනය යි. එමෙන් ම ශ්‍රී ලංකාවේ වෙසෙන සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මැතිවරණවල දී සහ තව නොයෙකුත් අවස්ථාවල පෙනී සිට ඇත. පූර්ව අවධිය හරිශ්චන්ද්‍ර විජයතුංග උපන්නේ 1931 ඔක්තෝබර් 25 වන දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ මැඩෑමුල්ල ගමෙහි ය. දේශීය අක්ෂි වෛද්‍යවරයකු වූ ඩබ්ලිව්. එම්. ඩී. බී. විජයතුංග ඔහුගේ පියා යි. මව අමරාවතී ජයසිංහ වූවා ය. දූ දරුවන් අට දෙනෙකුගෙන් යුතු වූ පවුලේ හතරවැන්නා හරිශ්චන්ද්‍ර විජයතුංග යි. දෙවන ලෝක යුද්ධ සමයේ ආරක්ෂක පියවරක් ලෙස කොළඹ පැවති පාසල් කොළඹින් පිටතට ගෙන යාමට තීරණය විය. ඒ අනුව කොළඹ නාලන්දා විද්‍යාලය මිනුවන්ගොඩට ගෙන එන ලදි. ඒ වන විට මිනුවන්ගොඩ ආණ්ඩුවේ ද්වී භාෂා පාඨශාලාවෙහි ශාස්ත්‍රෝද්ග්‍රහණය කරමින් සිටි හරිශ්චන්ද්‍ර සිසුවා මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයට ඇතුළත් කිරීමට දෙමව්පියෝ කටයුතු කළහ. යුද්ධය අවසන් වීමෙන් පසුව කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වූ ඔහු එහි දී විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගය සමත් වී 1952 දී එකල ලංකා විශ්ව විද්‍යාලය යනුවෙන් හැඳින්වුණු කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. 1955 දී බී. ඇස්. සී. විද්‍යාවේදී උපාධිය ලැබීමට ඔහු සමත් විය. ආරම්භක සභාපති ලෝක අක්ෂි දාන සංගමය දේශබන්දු වෛද්‍ය හඩ්සන් සිල්වා, කරුණාරත්න අබේසේකර, හිටපු දේශිය වෛද්‍ය ඇමති ගෞරවණීය (වෛද්‍ය) ධර්මසේන ආටිගල, හිටපු වැවිලි ඇමති ගෞරවණීය රුපා කරුණාතිලක, ප්‍රවීන චිත්‍රපට නළු සහ වේදිකා නළු, නාටක කර්තෘ ආචාර්ය හෙන්රි ජයසේන, හිටපු සිලෝන් ක්‍රිකට් ක්‍රීඩක හා එන්ගලන්ත ලැන්කශයර් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ, වෛද්‍ය ගුණදාස අමරසේකර හරිශ්චන්ද්‍ර විජයතුංගයන්ගේ නොළඹ නාලන්දා විද්‍යාලයයේ සමකාලීනයෝය. වර්ෂ 1990 දී Legal Philosophy in Medieval Sinhale යන නිබන්ධනය කැලණිය විශ්ව විද්‍යාලයට ඉදිරිපත් කිරීමෙන් ඔහු ආචාර්ය උපාධිය ලබා ගත්තේ ය. වෘත්තීය දිවිය විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කළ විජයතුංග මහනුවර ධර්මරාජ විද්‍යාලයයේ විද්‍යා ගුරුවරයෙකු ලෙස සේවයට බැඳුණේය. ඊට අමතරව ඔහු මහනුවර මහමායා බාලිකා විද්‍යාලයයේ රසායන විද්‍යා ගුරුවරයා ලෙස ද කටයුතු කළේය. ඔහුගේ ප්‍රථම කෘතිය වන “මිරිදිය ජීවීහු” ප්‍රකාශයට පත් කරන ලද්දේ මේ කාලයේදී යි. ඉන්පසු ඔහු සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් 1956 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයයෙහි පිහිටු වන ලද සිංහල විශ්ව කෝෂ සම්පාදන කාර්යාලයයේ විද්‍යා අංශයේ ප්‍රධාන සම්පාදක ධූරයට පත් විය. කලක් එහි සේවය කිරීමෙන් පසු ඔහු නැවත ධර්මරාජ විද්‍යාලයයේ ම උප විදුහල්පති ධුරය භාර ගත්තේ ය. ඔහුගේ ඊළඟ පත් වීම ලැබුණේ 1965 දී වැඩ කටයුතු ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රථම මහා මණ්ඩලයේ ලේකම් ධුරයට යි. අනතුරුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයයට ශිෂ්‍යයකු වශයෙන් ඇතුළු වූ හෙතෙම 1973 දී අධිනීතිඥයකු වශයෙන් දිවුරුම් දුන්නේය. තම නීතිඥ දිවියේ ඔහු විසින් කරන ලද සේවාවන් අතර 1971 කැරැල්ලට හසු වූවන් වෙනුවෙන් අපරාධ යුක්ති කොමිසම ඉදිරියෙහි සහ 1977 අගෝස්තු මස රට පුරා ඇවිළී ගිය කෝලාහලය පිළිබඳ ව හිටපු අග්‍ර විනිශ්චයකාර එම්. සී. සන්සෝනි ප්‍රමුඛ ජනාධිපති කොමිසම ඉදිරියෙහි නිස්සරණාධ්‍යාශයෙන් පෙනී සිටීම කැපී පෙනෙයි. ඉන් අනතුරුව එළැඹුණු 1980 දශකයේ සිංහල බෞද්ධයා පත්‍රයේ ප්‍රධාන කර්තෘ, ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අධ්‍යක්ෂ සහ ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලයයේ පාලක සභා සාමාජික යන තනතුරු දැරූ හෙතෙම 1984 – 1990 කාලය තුළ සිංහල විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ ලෙස ද කටයුතු කළේය. දේශපාලන දිවිය විජයතුංග සිය දේශපාලන කටයුතු ආරම්භ කළේ විශ්ව ව්ද්‍යාල සිසුවකුව සිටි අවධියේ ය. එකල පැවති සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ ව්‍යාපාරයට ඔහු පළමුව හවුල් වූයේ විශ්ව විද්‍යාලීය සිංහල සංගමය පිහිටුවා ගැනීමෙනි. පසුව, මහනුවර වාසය කරන කාලයේ, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන කටයුතුවලට සහාය පළ කළේ ය. තම පරමාර්ථය වන සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් සුරැකීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් නොකෙරෙන්නක් බව තීරණය කළ ඔහු විද්වතුන් පිරිසක් සමඟ 1990 දී සිංහලයේ මහසම්මත භූමිපුත්‍ර පක්ෂය පිහිටුවා ගත්තේ ය. එහි නායක ධුරයට පත් වූ ඔහු මේ දක්වාම එම ධුරය හොබවයි. 1994 නොවැම්බර් 4 දා පැවති ශ්‍රී ලංකාවේ තුන්වන ජනාධිපතිවරණයට අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වූ විජයතුංග ඡන්ද 32,651 ක් ලබා ගත්තේය. ඉන් සය වසරකට පසු, 1999 දෙසැම්බර් 21 දා පැවැත්වුණු ජනාධිපතිවරණයට ද තම පක්ෂයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ ඔහු ඡන්ද 35,854 ක් ලබා ගැනීමට සමත් විය. මීට අමතරව 2000, 2001 සහ 2004 යන වසරවල පැවති මහා මැතිවරණවලට ද ඔහු අපේක්ෂකයෙකු වශයෙන් තරඟ කළේ ය. පුද්ගලික දිවිය විජයතුංග 1964 දී එකල පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ අධ්‍යාපනය ලබමින් සිටි කරුණා පෙරේරා මෙනෙවිය සමඟ විවා විය. ඈ වර්ෂ 2000 දී අභාවප්‍රාප්ත වූවා ය. එම දෙපළ පුතුන් තුන්දෙනෙකු හා එක් දියණියකගේ මවුපියෝ ය. ප්‍රසිද්ධ විද්‍යා ලේඛක අතුල මංචනායක, විජයතුංග ගේ බාල සහෝදරිය ගේ සැමියා වෙයි. ආසියානු, අප්‍රිකා, යුරෝපීය රටවල් රාශියක මෙන්ම ඕස්ට්‍රේලියාවේ ද සංචාරය කොට අත්දැකීම් ලබා ඇති විජයතුංග ඉන්දියාව, ජපානය, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල විද්වතුන්ගේ මණ්ඩල ඉදිරියේ දේශන පවත්වා තිබේ. හරිශ්චන්ද්‍ර විජයතුංග ලේඛනාවලිය විද්‍යා ග්‍රන්ථ මිරිදිය ජීවිහු (1955) ජ්‍යේෂ්ඨ රසායන විද්‍යාව (1956) පොළොවේ කථාන්තරය (1959) පරිවර්තන ග්‍රන්ථ බ්‍රව්නිං සහ ජෝසෆ් ලියූ ප්‍රායෝගික රසායන විද්‍යාව (1958) ඩරන්ට් ගේ කාබනික රසායනය (1963) මාඕ සේතුං ගේ කලාව හා සාහිත්‍යය (1963) සාහිත්‍ය ග්‍රන්ථ පහන් වන දා (1961) කුමාරතුංගගේ සමාජ දර්ශනය (1962) සිංහල ශබ්දකෝෂ සම්පාදනයට අලුත් ආකල්පයක් (1977) සිංහල අකුරු අකාරාදී කිරීම සහ ප්‍රමිත කිරීම (2003) හෙවිසි එපා (2007) ශබ්දකෝෂ නූතන සිංහල පාරිභාෂික ශබ්දකෝෂය (1978) පරිපාලන ශබ්දකෝෂය (1982) ප්‍රායෝගික සිංහල ශබ්දකෝෂය, කාණ්ඩ I සහ II (1982/84) ගුණසේන මහා සිංහල ශබ්දකෝෂය (2005) ආගමික ඉතිහාස ග්‍රන්ථ ආගමික නිදහස හා මූලික අයිතිය (2003) ඊර්ෂ්‍යාකාරයා‍ ගේ අණ (2006) දේශපාලන ග්‍රන්ථ ජාතික සටන (1960) ජනතා ජයග්‍රහණයේ අනාගතය (1963) ලෝකය රක්නා රාජ්‍යතන්ත්‍රය - මහසම්මතවාදය (1991) ව්‍යවස්ථාවත් වැරදියි, ඒ යටතේ කළ වැඩත් වැරදියි (1991) ජාතික අනන්‍යතාවේ න්‍යායික පසුබිම (1992) නේරු-කොතලාවල ගිවිසුම ක්‍රියාත්මක කරමු (1993) වෙනසක පෙරනිමිති (1995) මූලික අයිතිය පෙන්වා උත්තරීතර අයිතිය පැහැර ගැනීම (1996) භීෂණයෙන් තොර සමාජයක් (1999) මාර සෙනඟ ගේ හා දේවදත්තයන්ගේ වැඩ (2003) පෙරලියක නිර්මාතෘ - මහාචාර්ය ඇෆ්. ආර්. ජයසූරිය (2007) නීති ග්‍රන්ථ නීති නිඝණ්ඩුව (1998) ඉතිහාස ග්‍රන්ථ යක්කු සහ කුවේණිය (2008) දේශාටන විස්තර සුන්දර කෙන්යාව හෙවත් මාසෛයන් ගේ රට (2002) මූලාශ්‍ර සිංහල බෞද්ධ චින්තනය ට බලපෑ විජයතුංග සාධකය, උදය රාජපක්ෂ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2007 (ISBN 955-20-9519-0) Dr. Harischandra Wijayatunga: Multifaceted Colossal Literary Genius චරිත කතා ශ්‍රී ලාංකික ලේඛකයෝ ලංකික දේශපාලනඥයෝ ආදි නාලන්දියයෝ ශ්‍රී ලාංකික බෞද්ධයෝ ලාංකික සිංහලයෝ 1931 උපත් ශ්‍රී ලාංකික දේශපාලනඥයෝ
8,313
https://si.wikipedia.org/wiki/%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%20%E0%B6%B4%E0%B6%AF%E0%B6%B1%E0%B6%B8
ජාතික විද්‍යා පදනම
ජාතික විද්‍යා පදනම 1998 දී ( No.11 of 1994 පනත යටතේ) පිහිටුවන ලදී.
8,346
https://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%81%E0%B6%82%E0%B6%9A%20%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1
නිශ්ශංක විජයරත්න
‍දේශමාන්‍ය ආචාර්ය නිශ්ශංක පරාක්‍රම විජයරත්න (1924 ජුනි 14 – 2007 ජනවාරි 7) ශ්‍රී ලාංකික සිවිල් සේවකයකු, තානාපතිවරයෙකු හා දේශපාලඥයකු විය. හෙතෙම 1975 – 1985 කාලය තුළ ශ්‍රී දළඳා මාළිගයේ දියවඩන නිලමේ තනතුර ද දැරී ය. පූර්ව අවධිය හා අධ්‍යාපනය නිශ්ශංක විජයරත්න වර්ෂ 1924 ජූනි 14 දා සබරගමු පළාතේ ප්‍රභූ පවුලක දෙවන දරුවා වශයෙන් උපත ලැබී ය. ඔහු ගේ පියා වූයේ ඩී.ඈස්. සේනානායක රජයේ ස්වදේශ හා ග්‍රාම සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරන්ධර කෑගල්ලේ බුද්දෙනිපොල වලව්වේ ශ්‍රීමත් එඩ්වින් විජයරත්න ය. මව ලීලා විජයරත්න වූවා ය. කොළඹ රාජකීය විද්‍යාලයේ තම මූලික හා ද්විතියික අධ්‍යාපනය ලැබූ නිශ්ශංක විජයරත්න ඉන්පසු එකල ලංකා විශ්ව විද්‍යාලය යනුවෙන් හැඳින්වුණු කොළඹ විශ්ව විද්‍යාලය ට ඇතුළත් විය. එහිදී ශ්‍රී ලාංකික සමාජ විද්‍යාව සහ ආගමික දර්ශනය සම්බන්ධයෙන් ශාස්ත්‍රීය උනන්දුවක් දැක් වූ ඔහු ඉතිහාසය විෂයයෙන් බී.ඒ. ගෞරව උපාධිය දිනා ගැනීම ට සමත් විය. වෘත්තීය දිවිය විශ්ව විද්‍යාල අධ්‍යාපනය හමාර කළ විජයරත්න ලංකා සිවිල් සේවය ට බැඳුණේ ය. එහි සේවය කළ කාල පරිච්ඡේදය තුළ ඔහු විවිධ නිලතල ඉසිළීය. ඒවා අතර ගාල්ලේ උප දිසාපති, අනුරාධපුර, මන්නාරම හා යාපනය දිසාපති මෙන් ම සංස්කෘතික කටයුතු, ප්‍රවාහන, ප්‍රවෘත්ති හා ගුවන්විදුලි අමාත්‍යාංශවල ස්ථිර ලේකම් යන තනතුරු වෙයි. අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලයේ සභාපති ධුරය ද දැරූ ඔහු වර්ෂ 1987 සිට 1989 තෙක් යුනෙස්කෝ (UNESCO) විධායක මණ්ඩලයේ සාමාජිකයෙක් ද විය. අනුරාධපුර ශුද්ධ නගරය ඇතිකිරීමේ වැඩ කඩිනමින් කළේ විජයරත්න අනුරාධපුර දිසාපති ලෙස කටයුතු කළ කාලයෙහිය. අනුරාධපුර පූජා නගරය හා අනුරාධපුර නව නගරය නිශ්ශංක විජයරත්න 1958 සිට 1962 දක්වා සේවය කළේ අනුරාධපුරය දිසාපතිවරයා ලෙසය. ඒ අනුරාධපුර නව නගරය ඉදි වෙමින් තිබූ කලබලකාරී අවධියයි. අනුරාධපුර සංරක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා වූ විජයරත්න මහතා පූජා නගරය ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කළේය. පූජා නගරය තුළ ඉදි කර තිබූ අන්‍යාගමික ගොඩනැගිලි සාකච්ඡා මාර්ගයෙන් ඉන් ඉවතට ගෙන ගොස් ඉදි කිරීමට පියවර ගත්තේය. නටබුන් සහිත පූජා භූමියේ පදිංචිකරුවන් නව නගරයේ පදිංචි කරවා පූජා භූමිය තුළ නිදහසේ වන්දනා කිරීමට අවශ්‍ය පරිසරය සකස් කළේය. එනිසා අදටත් අනුරාධපුරය අටමස්ථානය වන්දනා කරනන්ට යන බැතිමතුන්ට අවහිරයකින් තොරව වතාවත් කිරීමට අවකාශ ලැබී ඇත්තේ ඒ හේතුවෙනි. එපමණක් නොව 25000ක් පමණ දෙනාට සැලසුම කර තිබූ නව නගර සැලැස්ම ලක්ෂයක් ජනතාව වෙනුවෙන් පුළුල් කිරීමට ද ඔහු කටයුතු කළේය. අනුරාධපුරයට ඇතුළුවීම සඳහා පාලම් දෙකක් ඉදි කළේය. ඇතැම් විරෝධතා නොතකා අනුරාධපුර ගුවන් තොටුපළ ඉදි කිරීමේ වගකීම ද ඉටු කළේය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ 1972 දිය. එවකට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් හා රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කල විජයරත්න ගේ මග පෙන්විම හා උපදේස් මත නිර්මාණය අතිපූජ්‍ය මාපලගම විපුලසාර හිමියන් ගේය. ශ්‍රී ලංකා ජාතික කොඩිය අවසන් වරට වෙනස් කිරිමකට ලක් කලේ 1972 දිය. මුලු හතරේ බංකු කකුල් වෙනුවට බෝපත් හදූන්වා දූන්නේ විජයරත්න විසින් වන අතර මෙත්තා, කරුණා, උපේක්ෂා හා මුදිතා ඵයින් නිරූපනය කරයි. දේශපාලන දිවිය නිශ්ශංක විජයරත්න දිගු කලක සිට ම එක්සත් ජාතික පක්ෂය ට හිතැත්තෙක් විය. 1973 දී ඔහු රජයේ පරිපාලන සේවයෙන් විශ්‍රාම ලැබූ පසු එම පක්ෂයේ දැදිගම ආසනයේ ප්‍රධාන සංවිධායක තනතුර ලැබී ය. වර්ෂ 1977 පැවති මහමැතිවරණයේදී එම අසුන දිනා ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසුණු හෙතෙම ජේ. ආර්. ජයවර්ධන රජයේ අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා අධිකරණ කැබිනට් අමාත්‍ය ධුරය ට ත් පත් විය. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍යවරයා වශයෙන් ඔහු 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනත පාර්ලිමේන්තුව ට ඉදිරිපත් කළේය. ඒ අනුව, එතෙක් ශ්‍රී ලංකාවේ පැවති එකම විශ්ව විද්‍යාලය වන ලංකා විශ්ව විද්‍යාලය එකිනෙකෙන් ස්වායත්ත වූ විශ්ව විද්‍යාල හයක ට විසංයුක්ත කරන ලදි. එතෙක් ලංකා විශ්ව විද්‍යාලයේ මණ්ඩප වශයෙන් පැවති කොළඹ, පේරාදෙණිය, විද්‍යාලංකාර (කැලණිය), විද්‍යෝදය (ශ්‍රී ජයවර්ධනපුර), කටුබැද්ද (මොරටුව) සහ යාපනය යන අධ්‍යාපන පීඨ විශ්ව විද්‍යාල බව ට පත් විය. තවද, රුහුණ විශ්වවිද්‍යාලයය සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ඔහු ගේ අදහසක් අනුව පිහිටුවන ලදි. මහජන චීන සමූහාණ්ඩුවේ ආධාර ඇතිව ගොඩ නඟන ලද කොළඹ අළුත්කඩේ නව ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල ඉදි කරන ලද්දේ නිශ්ශංක විජයරත්න අධිකරණ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයෙහි ය. යුනෙස්කෝ (UNESCO) ආධාර ඇතිව ශ්‍රී ලංකාවේ ජාතික උරුමයන් රැකීම සඳහා ඔහු‍ ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ අරමුදල පිහිටුවන ලදි. එමෙන්ම, සමාජයේ අඩු වරප්‍රසාදලාභීන් ට අධ්‍යාපන හා සෞඛ්‍ය කටයුතුවලට පිහිට වීම සඳහා ජනාධිපති අරමුදල පිහිටුවන ලද්දේ ද ඔහුගේ යෝජනාවකිනි. දේශපාලන විශ්‍රාම ගත් පසු නිශ්ශංක විජයරත්න සෝවියට් දේශයේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත් විය. දියවඩන නිළමේ තනතුර නිශ්ශංක විජයරත්න 1975 සිට 1985 තෙක් දස වසරක් මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ දියවඩන නිලමේ තනතුර දැරී ය. පහත රට ගොවි වංශිකයෙකු වශයෙන් උඩරට රදළ වංශිකයන් සමඟ මෙම තනතුර සඳහා අභියෝග කළ ප්‍රථමයා ඔහු විය. ඔහු ගේ නිල කාලය තුළ මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ පරිපාලන කටයුතු විධිමත් කෙරුණු අතර මහනුවර ඇසළ පෙරහැර අරමුදල ද පිහිටුවන ලදි. ඔහුගෙන් පසු එම තනතුර ට පත් වූයේ ඔහුගේ පුත් නේරන්ජන් විජයරත්න යි. ඉංග්‍රීසි කවීත්වය දශක දෙකක පමණ කාලයක් තිස්සේ නිශ්ශංක විජයරත්න විසින් ඉංග්‍රීසියෙන් රචිත කවි එකතුවක් 2001 වසරේ දී අපේ අප්පච්චි යන නමින් පොතක් වශයෙන් එළි දක්වන ලදි (අපේ අප්පච්චි, විජිත යාපා ප්‍රකාශන - ISBN 9789558095065). ඔහුගේ සමහර කවි ඉඳුරාම දේශපාලනික මුහුණුවරක් ගන්නා අතර මහජන කටයුතුවල යෙදුණු පුමුඛ පෙළේ පුද්ගලයෙකු වශයෙන් ඔහු දුටු විවිධ චරිත, සිද්ධීන් හා මතභේද එම කවි මඟින් ඔහු ග්‍රහණය කර ගනි යි. පුද්ගලික දිවිය නිශ්ශංක විජයරත්න විවාහ වූයේ රඹුක්කන මිදුම වලව්වේ නිටා දූල්ලෑව මෙනවිය සමඟ ය. එම දෙපළ ට දූදරුවන් පස් දෙනෙකි. ජ්‍යේෂ්ඪ පුත් නෙරංජන් විජයරත්න 1985 සිට 2005 තෙක් මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ දියවඩන නිලමේ තනතුර දැරූ අතරමහනුවර මහනගර සභාවේ විපක්‍ෂ නායක ධුරය තනතුර දැරූ ඔහු දැනට එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කරයි. දෙවැනි පුතු මනෝ විජයරත්න කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුර දැරූ අතර 2007 සිට 2010 තෙක් මහින්ද රාජපක්ෂ රජයේ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය වශයෙන් ඔහු කටයුතු කර ඇත. ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයකු හා මාර්ග අනතුරු වළක්‌වා ගැනීමේ අධිකාරියේ සභාපතිවරයා ලෙස හා දැදිගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය තනතුර ද ඔහු දැරී ය. ඩිංගිරි බණ්ඩා විජේතුංග රජයේ යටතේ මනෝ විජයරත්න 1993 සිට 1994 තෙක් වැවිලි සේවා අමාත්‍ය තනතුර දැරී ය. තුන්වෙනි පුතු අනුරාධ දූල්ලෑව විජයරත්න එක්සත් ජාතික පක්ෂයේ ජාතික විධායක කමිටුවේ සාමාජිකයකි. ඔහු සබරගමු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් 1988 දි පත් වු අතර මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ වැඩබලන දියවඩන නිලමේ තනතුර 1975 සිට 2005 තෙක් කිහිප වරක් හොබවා ඇත. ලංකේෂ් පුතු හා එකම දියණිය නිශාංගනි ද වේ.නිශ්ශංක විජයරත්න ගේ වැඩිමහළු සොහොයුරා වූ තිස්ස විජයරත්න වෘත්තියෙන් අධි නීතිඥවරයෙක් වූ අතර ප්‍රංශයේ සහ ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ද විදේශ කටයුතු හා ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස ද කටයුතු කර ඇත. බාල සොහොයුරු කුඩා විජයරත්න වෛද්‍යවරයෙකි. මේවාද බලන්න ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය රුහුණ විශ්වවිද්‍යාලයය ආශ්‍රිත බාහිර සබැඳි විජයරත්න පරපුර රත්වත්තේ පරපුර ආචාර්ය නිශ්ශංක විජයරත්න ශෝක ප්‍රකාශය - ශ්‍රී ලංකා පාර්ලිෙම්න්තු විවාද 2011 ජුනි 10 වන සිකුරාදා චරිත කතා ලංකික දේශපාලනඥයෝ දියවඩන නිලමේවරු ශ්‍රී ලාංකික බෞද්ධයෝ ලාංකික සිංහලයෝ ශ්‍රී ලාංකික දේශපාලනඥයෝ එක්සත් ජාතික පක්ෂයෙහි දේශපාලනඥයන්
8,350
https://si.wikipedia.org/wiki/%E0%B6%91%E0%B6%A9%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%20%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B6%BA%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1
එඩ්වින් විජයරත්න
ශ්‍රීමත් එඩ්වින් ඇලෝසියස් පෙරේරා විජයරත්න (ඉංග්‍රීසි:Sir Edwin Aloysius Perera Wijeyeratne) (8 ජනවාරි 1889 - 19 ඔක්තෝබර් 1968) යනු ශ්‍රී ලාංකීක දේශපාලනඥයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වූ ඔහු 1915 දී සිංහල මුස්ලිම් කෝලාහල සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගන්නා ලද අතර නිදහස් සටනේ පුරෝගාමියෙකු ද විය. 1931 වසරේදී පැවති ප්‍රථම මැතිවරණයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෑගල්ල කොට්ඨාශයෙ ප්‍රථම මන්ත්‍රීවරවරයා ලෙසින් තේරී පත් විය. ලංකා ජාතික සංගමයේ සභාපති ලෙස වරක් කටයුතු කල අතර එක්සත් ජාතික පක්ෂයෙහි ආරම්භක සාමාජිකයෙක් හා සෙනෙට් සභිකයෙක් ද විය. ශ්‍රීමත් එඩ්වින් විජයරත්න යන් ඩී. එස්. සේනානායක රජයේ ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කර පසුව එක්සත් රාජධානියේ සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් ධූරයට පත් විය. පූර්ව අවධිය හා අධ්‍යාපනය 1889 ජනවාරි 8 වන දින රඹුක්කන ප්‍රභූ පවුලක උපත ලැබූ අතර. ඔහුගේ පියා නොතාරිස්වරයෙකු වූ ගේබ්‍රියල් පෙරේරා විජයරත්න වූ අතර මව කෑගල්ලේ කෑගල්ලේ හතර කෝරළේ නොතාරිස්වරයෙකු වූ ජයසේකර තෙන්නකෝන් ගේ දියණිය වන කැතරින් වික්‍රමසිංහ ජයසේකර තෙන්නකෝන්ය. පවුලේ වැඩිමලා වූ ඔහු හැදී වැඩුණේ රඹුක්කන හා කෑගල්ල ය. විජයරත්න මූලික අධ්‍යාපනය ලැබුවේ රඹුක්කන ගමේ පාසලෙන්. නව හැවිරිදි වියේදී ඔහු ගම්පොල හන්දෙස්ස ගම්මානයේ පාසලට මාරු වී එහි තම අනාගත බිරිඳ ලීලා පෙතියාගොඩ මෙනවිය ගේ ගම්පොළ හන්දෙස්ස මීවලදෙණිය වලව්වේ නැවතී සිටියේය. පසුව ඔහු කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට පෙර ඔහු කේම්බ්‍රිජ් ජ්‍යෙෂ්ඨ විභාගය ගෞරව සහිතව සමත් විය. ඔහුගේ අවසන් පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ඔහු ත්‍යාග 15ක් දිනා ගත්තේය. මුල් කාලීන වෘත්තිය දිවිය හා නීති වෘත්තිය පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ඔහු කොළඹ ලොරෙන්ස් විද්‍යාලයේ හි ගුරුවරයකු ලෙස ද කලක් මාධ්‍යවේදියෙකු ලෙස ද සේවය කළේය. එහිදී ඔහු ප්‍රවීණ මාධ්‍යවේදියෙකු හා හිටපු පුවත්පත් ජ්‍යෙෂ්ඨ කතෘ වරයකු වූ ආර්මන්ඩ් ද සූසා (Armand de Souza) යටතේ විජයරත්න සේවය කළේය. මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරමින් සිටියදී, 1929 දී ලංකා නීති විද්‍යාලයේ නීතිය හදාරා වයස අවුරුදු 30 දී නීතීඥවරයෙකු ලෙස සුදුසුකම් ලබා ගත්හ. සිවිල් නීතිය සහ උඩරට නීතිය පිළිබඳ විශේෂඥයෙකු වූ ඔහු තම උපන් නගරය වන කෑගල්ලේ නීතිඥ වෘත්තිය ආරම්භ කළේය. ඔහු සිවිල් සහ උඩරට නීතිය සහ බෞද්ධ පැවිද්දන් පිළිබඳ වූ නීතිය පිළිබඳ විජයරත්න විශේෂඥයෙක් විය. දේශපාලන ජීවිතය 1915 කැරැල්ල පුවත්පත් කලාවේ මාධ්‍යවේදියෙකු ලෙස මුල් අවදියේදී, විජයරත්න ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් ගේ දේශපාලන ලේකම් බවට පත් වූ අතර, තරුණ ලංකා මණ්ඩලය නම් දේශපාලන කණ්ඩායමක සම නිර්මාතෘවරයෙකු විය. 1915 කැරලි සමයේදී බ්‍රිතාන්‍ය යටත් විජිත බලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබූ අතර, ස්වයං පාලනය සඳහා වූ ඔහුගේ උද්ඝෝෂණ හේතුවෙන් කඩාකප්පල්කාරී ලේඛන සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අතර චෝදනා නොමැතිව සිරගත කිරීමට මුහුණ දුන් අනෙක් අය අතර එෆ්.ආර්. සේනානායක, ඩී.සී. සේනානායක, ඩී.එස්. සේනානායක, දොන් බාරොන් ජයතිලක ඇතුළත් වේ. ආචාර්ය සී.ඒ. හේවාවිතාරණ, ඩබ්ලිව්.ඒ.ද සිල්වා, ආතර් වී. දියෙස්, ජෝන් සිල්වා, පියදාස සිරිසේන, ඒ.ඊ.ගුණසිංහ යන අය නිදහස් ව්‍යාපාරයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළහ. ලංකා ජාතික සංගමය හා රාජ්‍ය මන්ත්‍රණ සභාව විජයරත්න 1919 දී ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්ශ්‍ සහ ශ්‍රීමත් ජේම්ස් පීරිස් විසින් ආරම්භ කරන ලද ලංකා ජාතික සංගමයේ ආරම්භක සාමාජිකයෙකි. ඔහු 1931 දී කෑගල්ලෙන් ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ අතර එහිදී ඔහු 1935 දෙසැම්බර් 7 දක්වා සේවය කළේය. 1940 දෙසැම්බර් 21 දින විජයරත්න ලංකා ජාතික සංගමයේ සභාපති ලෙස පත් කරන ලදී. ඔහුගේ සම ලේකම්වරුන් වූයේ ඩඩ්ලි සේනානායක සහ ජේ.ආර්. ජයවර්ධන යි. මෙම කාලය තුළ ඔහු ලන්ඩනයට ගිය ලංකා ජාතික සංගමයේ නියෝජිත කණ්ඩායමට නායකත්වය දීමට තෝරා ගන්නා ලදී. එකල ප්‍රසිද්ධ කතාවක් වූයේ 1944 සෝල්බරි කොමිසම මහනුවරට යන විට ඩී.එස්. සේනානායක විසින් විජයරත්න කෑගල්ලේ වෙල්යායක ස්ථානගත කර තිබීමයි. එහිදී, ඔහු සාමාන්‍ය සිංහල ගොවියෙකු ලෙස කොමසාරිස්වරුන්ට හඳුන්වා දුන් අතර, ඔහු කොමසාරිස්වරුන්ට ඉංග්‍රීසියෙන් කතා කළ අතර, ලංකාවට ස්වයං පාලනයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය ඔවුන් තුළ කාවැද්දුවේය. එමගින් ලංකාවේ ස්වාධීනත්වය පිළිබඳ සාකච්ඡාවක් සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙස ජවහර්ලාල් නේරු සහ ඉන්දීය ජාතික සංගමයේ විසින් ලංකාවට විශේෂ ආරාධනාවක් එවන ලදී. විජයරත්න, ඩී.එස්.සේනානායක, ජෝර්ජ් ඊ.ද සිල්වා, ජේ.ආර්.ජයවර්ධන, ශ්‍රීමත් ක්ලෝඩ් කොරයා සහ එච්.ඩබ්ලිව්.අමරසූරිය යන මහත්වරු නියෝජිත පිරිස අතර වූහ. එක්සත් ජාතික පක්ෂය හා ස්වදේශ කටයුතු හා ග්‍රාම සංවර්ධන කැබිනට් අමාත්‍ය 1947 දී, විජයරත්න එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු බවට පත් වූ අතර, පාර්ලිමේන්තුවේ තේරී පත් නොවූ ඉහළ මන්ත්‍රී මණ්ඩලයක් වූ ලංකාවේ සෙනෙට් සභාවට පත් කරන ලදී. එහිදී ඔහු සෙනෙට් සභාවේ වැඩ බලන නායකයා ලෙස කටයුතු කළේය. ඔහු පසුව 1948 ජූලි මාසයේදී ඩී.එස්. සේනානායක ගේ කැබිනට් මණ්ඩලයේ ස්වදේශ කටයුතු හා ග්‍රාමීය සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක ගෙන් පසු පත් විය. ඔහු ලංකාවෙන් මරණ දඬුවම අහෝසි කරන ලෙස ප්‍රථම වරට නිර්දේශ කළ මරණ දඬුවම පිළිබඳ කොමිසමේ සාමාජිකයෙකු විය. ශ්‍රී ලංකාව සඳහා ජාතික ගීය තේරීමේ තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. නමෝ, නමෝ, මාතා පසුව රටේ ජාතික ගීය ලෙස තෝරා ගන්නා ලදී. ඔහු 1951 පෙබරවාරි මාසයේදී අමාත්‍ය සහ සෙනෙට් සභික ධූරයෙන් ඉල්ලා අස් වුහ. ශ්‍රී ලංකාවේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා යනු ශ්‍රී ලංකාවේ ජාතික ගීයයි. 1940 දී සිංහල භාෂාවෙන් එහි පද හා තනුව ලියැවුනේ ආනන්ද සමරකෝන් විසින් වන අතර, 1951, නොවැම්බර 22 දිනදී නිල වශයෙන් එය ජාතික ගීය වශයෙන් පිළිගැනුනේ එවකට ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන කැබිනට් අමාත්‍ය ශ්‍රීමත් එඩ්වින් විජයරත්න මුලසුන හෙබවූ කමිටුවක නිර්දේශ මතය. රාජ්යතාන්ත්රික භූමිකාව 1952 දී, ශ්‍රීමත් ඔලිවර් ගුණතිලකගේ අනුප්‍රාප්තිකයා ලෙස එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස විජයරත්න පත් කරන ලද අතර, 1953 අලුත් අවුරුදු ගෞරව ප්‍රදානයේදී එලිසබෙත් රැජින විසින් ඕඩර් ඔෆ් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නයිට් කමාන්ඩර් (සිවිල් අංශය) ලෙස ශ්‍රීමත් පදවිය ට පත් කරනු ලැබුවේ බකිංහැම් මාලිගයේ දිය. ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සම්බන්ධ විය. දෙවන එලිසබෙත් රැජින සහ පිලිප් කුමරු අවස්ථා තුනකදී ලන්ඩනයේ පිහිටි විජයරත්න ගේ නිවසට පැමිණියහ. 1954 දී විජයරත්න නැවත ලංකාවට කැඳවන ලද අතර ඔහුගෙන් පසුව ශ්‍රීමත් ක්ලෝඩ් කොරයා එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ලෙස පත් විය. 1955 දී, ඔහු ඉන්දියාවේ ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කරන ලද අතර 1957 දක්වා සේවය කලේය. පුද්ගලික දිවිය විජයරත්න ගම්පොළ හන්දෙස්ස මීවලදෙණිය වලව්වේ ලීලා පෙතියාගොඩ මෙනවිය සමඟ විවාහ වූ අතර ඔහුට පුතුන් තිදෙනෙකු සහ දියණියක සිටියේය. වැඩිමලා, තිස්ස විජයරත්න නීතිඥවරයෙකු වූ අතර විදේශ කටයුතු සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙසද, ප්‍රංශයේ සහ ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද, අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ විදේශ කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙසද කටයුතු කර ඇත. ඔහුගේ දෙවන පුත් නිශ්ශංක විජයරත්න, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා අධිකරණ අමාත්‍ය තනතුර ද දළදා මාලිගාවේ දියවඩන නිලමේ (ප්‍රධාන ගිහි භාරකරු) වූ අතර පසුව රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති සහ යුනෙස්කෝ පාලක මණ්ඩලයේ හිටපු සාමාජිකයෙකු ද විය. දියනිය, මානෙල් විජයරත්න මෙනවිය (අඩු වයසින් මිය ගියේය) හා බාල පුතා වෛද්‍ය කුඩා විජයරත්න ය. ජීවිතයෙන් සමු ගැනිම ශ්‍රීමත් එඩ්වින් විජයරත්න, 1968 ඔක්තෝබර් 19 දින කෑගල්ලේ දි අභාවප්‍රාප්ත වන විට 79 හැවිරිදි වියේ පසු විය මේවාද බලන්න විජයරත්න පරපුර ශ්‍රීමත් එඩ්වින් විජයරත්න යන් ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල් ආශ්‍රිත බාහිර සබැදි J.R. Jayewardene of Sri Lanka: a political biography by De Silva, K. M., & Wriggins, W. H. 1988, University of Hawaii Press ISBN 0824811836The Break-up of Sri Lanka: the Sinhalese-Tamil conflict''' - Google Books Resultby Alfred Jeyaratnam Wilson - 1988 - History - 256 pages books.google.lk/books ISBN 1850650330... Chelvanayakam showed this writer a letter from one of Senanayake's close political collaborators, Edwin Aloysius Perera Wijeyeratne. 1889 උපත් 1968 මරණ ශ්‍රී ලාංකික බෞද්ධයෝ ලාංකික සිංහලයෝ ලංකික දේශපාලනඥයෝ එක්සත් ජාතික පක්ෂයෙහි දේශපාලනඥයන් චරිත කතා
8,383
https://si.wikipedia.org/wiki/X-15
X-15
රොකට් ජවයෙන් ගුවන්ගත වූ X-15 වූ කලි අමෙරිකානු අධිවේගී පර්යේෂණ ගුවන් යානයකි. 1959 – 1968 අතර කාලය තුළ වාර 199 ක් ගුවන් ගැන්වුණු එය ඉතා ඉහළ වේගයන් හා උන්නතාංශයන් අත්කරගත්තේ ය. මිනිසකු රැගත් මිසයිලයක් බඳු වූ මෙම යානය ගුවන් ගැන්වුණේ එය B-52 ගුවන් යානයකින් අඩි 45,000 ක, එනම් කිලෝමීටර් 14 ක පමණ උසක ට ගෙන ගොස් මුදා හැරීමෙනි. ඉන් පසු විනාඩි 15 ක පමණ පියාසර කාලයක් තුළ එය කිලෝමීටර් 100 පමණ උන්නතාංශයක ට නංවා ආපසු ගොඩ බස්සවන ලදි. මෙවන් පරීක්ෂණ පියාසැරියකින් ප්‍රධාන වශයෙන් අපේක්ෂා කළේ අධිධ්වනික වේගයෙන් ගමන් ගන්නා ගුවන් යානයක ට ඉතා ඉහළ වායුගෝලයේ ප්‍රවර්තනය වීමට ඇති හැකියාව යි. මේ පර්යේෂණ මඟින් ලැබුණු දත්ත අමෙරිකා එක්සත් ජනපදයේ පසුකාලීන ගුවන් හා අභ්‍යවකාශ යානා නිර්මාණය සඳහා යොදා ගන්නා ලදි. X-15 න් තැනුණේ යානා තුනක් පමණි. ඒවා සියල්ල ම ලොස් ඇන්ජලීස් හි පිහිටි නෝර්ත් අමෙරිකන් ඒවියේෂන් සමාගමේ නිෂ්පානදයෝ වෙති. නිර්මාණය මෙම ගුවන් යානය සැලසුම් කෙරුණේ සීමාන්තික තත්ත්වයන් යටතේ පියාසර කිරීම ට ය. ඒ අනුව එය සතුව තාක්ෂණික විශේෂතා රැසක් තිබුණි. වායුගෝලය තුළ සාමාන්‍ය වායුගතික පෘෂ්ඨ මඟිනුත් වායුගෝලයෙන් පිට දී රොකට් මෝටර් මඟිනුත් මෙම ගුවන් යානය හැසිරවිණි. එහි බඳ නිමවා තිබුණේ ඉන්කොනෙල්-X නමින් හැඳින්වෙන අධික තාපය ට ඔරොත්තු දෙන නිකල් (Ni) පාදක කරගත් මිශ්‍රලෝහයෙනි. මෙමඟින් යානය වායුගෝලයේ ගහන ස්ථරවල ට නැවත ඇතුළු වන විට ජනිත වන තාපයෙන් එය සුරැකිණි. අභ්‍යවකාශ ගවේෂණය
8,410
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BD
සුරනිමල
සුරනිමල යනු දුටුගැමුණු රජුගේ සේනාවේ දෙවන සේනාධිනායක වූ අතර, ඔහුගේ සෙබළුන් අතුරින් විශිෂ්ඨතම දස දෙනා වශයෙන් සැලකෙන දස මහා යෝධයන් අතුරින් එක් අයෙකි. එළාර රජුට එරෙහිව දුටුගැමුණු රජුගේ යුද්ධයෙහි විජයග්‍රහණය අරභයා ඔහුගේ කාර්යභාරය ඉමහත් විය. ඔහු කඩුහරඹයෙහි අති මහත් නිපුණතාවයක් දැක්වූ බව පැවසෙන අතර ඔහු හට රිසිවූ අවිය මහා කඩුව බවද එය ඔහු විසින් උත්කෘෂ්ඨ කුසලතාවයකින් ලෙලවු බවද කියැවේ. මුල් අවදිය තම දෙමව්පියන් විසින් නිමල යන නම ලද හේ, සත් දරු පවුලක බාලයා වූයේය. ඔහුගේ පියා සම්හ නම් වූ අතර, කොට්ටිවාල හි කණ්ඩකවිත්තික ගමෙහි ප්‍රධානියා විය. ඇතුන් දස දෙනෙකුට සමාන ශක්තියක් සතුවූ බව පැවසුනත්, ඔහුගේ සෙහොයුරන් පවුලේ කුඹුරු වල වැඩෙහි යෙදෙද්දී ළමා අවදියෙහිදී නිමල නිවසට වී නිකරුණේ කල් ගත කිරීමට බොහෝ රිසි වූයේය. එක් පවුලකින් එක් පිරිමියෙකු යුධ සේවය සඳහා අනිවාර්යයයෙන් සම්බන්ධ විය යුතු බවට රාජාඥාව පැනවුනු කල, නිමලගේ සොහොයුරන් එකහෙලා තීරණය කලේ නිවසට කිසිම උපකාරයක් හෝ ප්‍රයෝජනයක් නොමැති නිමල ඒ සඳහා තෝරාගත යුතු බවය. දීඝාභය නම් කුමරකු යටතේ මහාවැලි නදියට දකුණෙන් කඳවුරු ලා සිටි සේනාංකයකට බැඳුනු නිමල, බ්‍රාහ්මණයෙකු හට සන්දේශයක් භාරදීමෙහි දූත කාර්යයක් සඳහා යවන ලදි. අළුයම පිටත්ව ඇති නිමල, ගවු තිස් සතරක් පමණ දුර ගෙවා, පැය කිහිපයකින් මුළු ගමන කෙලවර කල බැව් පැවසේ. මෙම වික්‍රමය පිළිබඳ මවිතයට පත්වූ බ්‍රාහ්මණයා, කාවන්තිස්ස රජු යටතේ සෘජු සේවය උදෙසා ඔහු යැව්වේලු. රජු අභිමුඛයට පත් කරන ලද නිමලගේ, දක්ෂතා උරගා බලනු වස් කඩු කිහිපයක් මුවහත් කිරීමට පැවරූ කල, ඉතා හොඳින් එය ඉටු කළේලු. ඔහුගේ නිපුණතාවයන් පිළිබඳ පැහැදුනු රජු, තමා යටතේ සේවයට ඔහු බඳවා ගෙන, රජුගේ හමුදාවෙහි ප්‍රධාන සෙන්පති වරුන් හා රණ ශූරයන් වන දස මහා යෝධයන් අතුරින් එකෙකු බවට පත් කෙරිණි. සුරනිමල ලෙස නම් ලැබීමf කාවන්තිස්ස රජුගේ අභාවයෙන් පසුව, ඔහුගේ අනුප්‍රාප්තික හා පුත්‍රයා වූ දුටුගැමුණු විසින් එවකට අනුරාධපුර රාජධානිය පාලනය කරමින් සිටි දකුණු ඉන්දීය එළාර රජු හට එරෙහිව යුද්ධයක් අරඹන ලදි. එළාරගේ බල සේනා ක්‍රමයෙන් පරාජයට පත්කරමින් දුටුගැමුණුගේ සේනා ලඟාවෙමින් සිටියේ අවසාන සටන සිදුවීමට නියමිතව තිබූ අනුරාධපුරය වෙතටයි. අවසාන සටනට පෙර විවේකශීලීව තම සේනාව ඇමතූ රජු ඔවුනට විවෘත අභියෝගයක් කලේ විශාල ගුදමකින් රා පානය කරන ලෙසටයි. අභියෝගය පිළිගැනීමට කිසිවකු සමත් නොවූ බව දුටු නිමල, ඉදිරියට පැමිණ මුළු ගුදම මුව තබා බී සිස් කළේලු. මෙම සිද්ධියෙන් පසුව ඔහු හැඳින්වුනේ ලෙස වුවද, වඩා සුදුසු නාමය සුරානිමල වනුයේ, සුරා යන නාමය මත්පැන් සඳහා ව්‍යවහාර වූ බැවිනි. විජිතපුර සංග්‍රාමය එළාර රජුගේ අවසන් මර්මස්ථානයක් වූ විජිතපුර බළකොටුව අත්පත් කර ගැනීම සඳහා වූ සටනෙහිදී තීරනාත්මක කාර්ය භාරයක් ඉටු කිරීමට සුරනිමල සමත් විය. රජුගේ හස්ති රාජයා පණ්ඩුල හා මිතුරු නන්දිමිත්‍ර සමග, හේ බලකොටුවේ දකුණු ද්වාරය ආක්‍රමණය කලේය. ඇතෙකු විසින් පවුරෙහි බිඳ දැමූ සිදුරකින් බලකොටුව තුලට පිවිසීම තම ගර්වයට හානියක් යැයි සිතූ හේ කොටු පවුරට උඩින් අහස් පිම්මක් මගින් බලකොටුවට පිවිසියේලු. බලකොටුව තුලට පිවිසි වහාම මහා කඩුව සුරතට ගත් හේ සතුරා සමග සටන් කළේලු. ඔහු විසින් එළාර රජුගේ රණශූර දීඝජන්තු පරාජය කිරීම නිසා, දුටුගැමුණු ඝාතනය කිරීමේ දීඝජන්තුගේ සැලැස්ම වියැකී ගිය බවක් පැවසේ. මෙම සිද්ධිය අවසන එළාරගේ සේනාවෙහි පසුබැස්මටද දුටුගැමුණු අතින් එළාරගේ මරණයටද හේතු සාධක වූ බව කියැවේ. මෙම අවසන් සටනෙහිදී, සුරනිමල දුටුගැමුණුගේ වම්පස සිටිමින් රජු ආරක්ෂා කල බව පැවසේ. එළාර පැරදවීමෙන් පසුව, එළාරගේ ඥාති සොහොයුරෙක් වූ භල්ලුක හා සමග තවත් සටනක යෙදීමට දුටුගැමුණුගේ සේනාවට සිදු විය. අනෙකුත් දස මහා යෝධයන් හා සමග සුරනිමල මෙහිදී ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කල බව කියැවේ. ආශ්‍රිත ශ්‍රී ලංකාවේ ඉතිහාසය සිංහල ජනයා දස මහ යෝධයෝ
8,430
https://si.wikipedia.org/wiki/%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1
හොරොවුපොතාන
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා නගරයකි. අනුරාධපුර දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන
8,496
https://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B7%83%20%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%20%E0%B6%BA%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B7%9D
දස මහා යෝධයෝ
දසමහා යෝධයෝ ලෙස සැළකෙන්නේ කාවන්තිස්ස රජතුමා සහ දුටුගැමුණු රජතුමා ළග සිටි සෙනිපතිවරුන් දස දෙනා ය. මොවුන් දුටුගැමුණු රජතුමා හා දකුණු ඉන්දියානු ආක්‍රමණිකයෙකු වන එළාර රජු අතර පැවති යුද්ධයේ දී වැදගත් කාර්‍යභාරයක් ඉටු කරයි. දුටුගැමුණු රජතුමාගේ පියා කාවන්තිස්ස රජතුමාගේ රාජ්‍ය සමයෙහි දී, අනාගතයේදී තරුණ කුමරු හට සේවය කිරීම සඳහා මෙම සෙනිපතිවරුන් දස දෙනා රාජ්‍ය සේවයට තෝරා ගනු ලැබ ඇත. තම කණිටු සොහොයුරු තිස්ස හා සමග දුටුගැමුණුගේ සටන් අතරතුරදී, දස රණශූරයන් මධ්‍යස්ථ හා අපක්ෂපාතී පිළිවෙතක් අනුගමනය කර ඇත්තේ දෙබෑයන් අතර හටගැනෙන එවන් වියවුලකදී එසේ අපක්ෂපාතීව සිටින බවට කාවන්තිස්ස රජු හට දිවුරා පොරොන්දු වීම නිසාවෙනි. රජුන් දෙදෙන (එනම් දුටුගැමුණු හා එළාර) අතර විජිතපුර හිදී වූ තීරණාත්මක සංග්‍රාමයෙහිදී නන්දිමිත්‍ර සමග නිර්මලයා (සුරනිමල), පුරයෙහි දක්ෂිණ ද්වාරය අත්පත් කර ගැනීම සඳහා සටන් මෙහෙය වූහ. මහාසෝණ (රිටිගල ජයසේන), ගෝඨයිම්බර හා ථෙරපුත්තාභය පූර්වදිශා ද්වාරය අත්පත් කරගනු වස්ද, අනෙකුත් රණශූරයින් සතර දෙන උත්තර හා පෑළදිග ද්වාර ගනු වස්ද සටන් වැදුනහ. නන්දිමිත්‍ර දස මහා යෝධයන්ගෙන් ප්‍රධාන සෙන්පතියෙකි නන්දිමිත්‍ර. ඔහු එළාර රජුගේ සේනාවෙහි සෙන්පතියෙකු වූ මිත්ත ගේ බෑණනුවන් ය. මොහු රාක්ෂස අංගම් රණශූරයෙකි. සැම තැන දණගා බඩගා යෑම වලක්වනු වස් කුඩා කළ මොහුව කුරහන්ගලකට බැඳ දමා තිබුනද, ඔහුගේ මහත් ශක්තියෙහි බල මහිමයෙන් මහ බරැති කුරහන් ගලද ඇදගෙන තැන තැන යෑමට සමත් වීම ඔහු හට නන්දිමිත්‍ර යන නම පටබැඳීමට හේතු කාරක වීය. සුරනිමල මහාවංශයට අනුව සුරනිමල, කොට්ටිවාල ප්‍රදේශයෙහි කණ්ඩකවිත්තික ග්‍රාමයෙහි සම්හ නමැති ගම් ප්‍රධානියෙකුගේ සත්වැනි පුත්‍රයා විය. තුරුණු වියෙහි වූ නිමල, කාවන්තිස්ස රජුගේ සුළු රැජිනකගේ පුත්‍රයෙකු වූ දීඝාභය කුමරුගේ සේවය සඳහා යවනු ලැබීය. කච්චකතිත්ථ නමැති තොටු‍පළ ප්‍රදේශය පාලනය කල දීඝාභය, ද්වාරමණ්ඩල ග්‍රාමයේ චේතිය කන්ද අසල විසූ කුණ්ඩලි නම් බ්‍රාහ්මණයෙකු වෙත දූත මෙහෙවරක් සඳහා නිමල යැව්වේය. කච්චකතිත්ථ සිට ද්වාරමණ්ඩල දක්වා වූ යොදුන් දහඅටකට වැඩි මෙම විශාල දුර තරණය කොට, ඉන් පසු තිසා වැවේ ස්නානය කරනු වස් අනුරාධපුරයටද ගොස් බ්‍රාහ්මණයා විසින් ත්‍යාග කල බොහෝ වටිනා පුණ්ණවද්දන වස්ත්‍රද අතැතිව නැවත කච්චකතිත්ථ හි තම ස්වාමී වූ කුමරු වෙත පැමිණීමට නිමල හට ගතවූයේ එක් දිනක් පමණි. නිමල මින් ඉක්බිතිව, සුර-නිමල යන නම් ලැබීය. කාශ්‍යප බුදුන් සමයේ සතුන් මරමින් පවුකාර ජීවිතයක් ගත කළ මොහු රහත් නමකට දනක් දී උන්වහන්සේගේ බණ අසා යහපත් ජීවිතයක් ගතකොට නොයෙකුත් කුසල් කොට දෙව්ලොව බොහෝ සැප විඳ කාවන්තිස්ස රජුගේ පුතෙකු වන දීඝාභය රාජ කුමාරයාගේ ජනපදයක උපත ලැබීය. ඇතුන් දස දෙනෙකුට බල ඇතත් කිසි වැඩක් නොකරණ කම්මැලියෙක් නිසා රාජ කුමාරයා ළඟ සේවයට පිටත් කරන ළදී. අධික වේගයෙන් ඇවිද ගිය ඔහු ඉතා කෙටි කාලයකදී එතැනට ළඟා විය. දීඝාභය කුමරු නොයෙකුත් ක්‍රම වලින් ඔහුගේ ශක්තිය පරීක්ෂා කර කාවන්තිස්ස රජු වෙත පිටත් කළේය. දොළොස් හැවිරිදි තරුණයා දුටු රජතුමා මෙතරම් ලාබාල කෙනෙකුට යෝධයෙක් විය හැකිදැයි සිතා කඩුවක් මුවහත් කිරීමට බාර දුන්නේය. ඉතා සුළු කාලයකින් මේ කටයුත්ත නිම කරණ ලදී. පසුව ගැමුණු රජු කාලයේ කඩු ශිල්පයේ කෙළ පැමිණි රණශූරයෙකු ලෙස ප්‍රකට වූ ඔහු එළාර රජුගේ ප්‍රබලම කඩු ශිල්පියා වූ දීඝජන්තු නම් පාතාක යෝධයා පරදවා මරා දැමීය. අහසේ කරනම් හැසීමේ හපනෙකු වූ දීඝජන්තු සාධාරණ සටනකින් මරා දැමීම කළ නොහැකි බව දුටු බුද්ධිමත් විහාර මහ දේවිය උපක්‍රමයකින් ඔහු පැරදවීමට සිතා කුඩා කඳවුරු තිස් දෙකක් ඉදිකර ඒවායේ දුටුගැමුණු රජුගේ ස්වරූපයට සමාන ලෙස සකසන ළද පිළිරූ තැබීය. සත්‍ය වශයෙන් රජු සිටියේ 33වන බලකොටුවේය. එළාර රජුගේ අවසාන ආරක්ෂක වලල්ලේ සිටි දීඝජන්තු, ගැමුණු රජු මැරීමට සිතා එක හුස්මට අහසේ කරණම් ගසමින් ඉහත දෙතිස් බලකොටු වල දෙතිස් පිළිරූ වල හිස් කපමින් අවසාන බලකොටුවට ළඟා වෙත්ම සුරනිමල ඔහුට අපහාසාත්මක ලෙස අභියෝග කළේය. දැඩි වෙහෙසට හා කෝපයට පත්ව සිටියද දීඝජන්තු අභියෝගයෙන් පලා නොගොස් සුරනිමල වෙත අහසින් පාත් විය. සුරනිමල කළේ තමන්ගේ පළිහ ඔසවා ශරීරය ආවරණය කර ගැනීමයි. පළිහ සමඟම සුරනිමල දෙපළු කිරීමට තරම් පහරක් දීඝජන්තු එල්ල කළත් අවසාන මොහොතේ පළිහ අතහැර සසෙකට පැනීමට සුරනිමල සමත් විය. දීඝජන්තු පළිහ සමඟම බිම පතිත විය. නැවත නැගිටීමට පෙර සුරනිමල විසින් ඔහු මරා දමන ලදී. තවත් ජනප්‍රවාදයක් කියන්නේ කාන්තාවන්ට ලොල් වූ දීඝජන්තුගේ අවධානය බිඳීමට විහාර මහා දේවිය ඇමක් වශයෙන් යොදා ගත් බවයි. කෙසේ වෙතත් දීඝජන්තු මිය ගිය පසු යුද්ධය පිළිබඳ බලාපොරොත්තු අත්හැරි දෙමළ සේනාව පසුබැස ගිය බව කියවේ. මෙසේ සුරනිමල අධික වේගය හා කඩු ශිල්පය පිළබඳ නමක් දිනා සිටීය. තවත් එක් කාරණයක් සඳහා ඔහු ප්‍රකටය. එනම් රා බීමයි. විජිතපුර සටනට පෙර පැවති යෝධබල පරීක්ෂණයේදී විශාල රා මඩමක් තනිවම බී අවසාන කිරීමට නියෝග කරන ලදී. අන්‍ය යෝධයෝ මේ කටයුත්ත තමන්ට නුසුදුසු බව පවසා සිටියහ. සුරනිමල මේ කාර්යය ඉටු කළේය. පසු කාලයේ සුරනිමල බොහෝ පින්කම් කළ බව කියවේ. මහාසෝණ මොහුව රිටිගල ජයසේන යන නමින්ද හදුන්වයි. රිටිගල දැනට උගන්වන රිටිගල විශුද්ධි අංගම් ශාස්ත්‍රය නැත්නම් අපි අහලා පුරුදු සුදලිය අංගම් පොර පරම්පරාවේ ද උරුමක්කාරයා වන්නේ මොහුය. එය රිටිගල පරපුරට ලබා දී ඇත්තේ මේ මහාසෝණ හෙවත් රිටිගල ජයසේන සේනාධිපතියායි. එය අදටත් එම ප්‍රදේශයේ උගන්වනු ලබයි. මහාවංශයට අනුව මහාසෝන යෝධයා, කුළුම්බරී ප්‍රදේශයේ හුන්දරිවාපි ග්‍රාමයේ තිස්ස නමැත්තාට දාව අටවැනි පුතු ලෙස උපත ලබා ඇත. මහාසෝණ යෝධයා පිළිබඳව මූලාශ්‍ර වල දැක්වෙන තොරතුරු ද ඉතාම අල්පය. ලක්දිව රෝහණ ජනපදයෙහි කුටුම්බරිකන්නිකාවෙහි උපන් බව සහස්සවත්තුප්පකරණයේ වාර්තා කරයි. රසවාහිනිය දක්වන්නේ රෝහණයේ කදලුම්කන්නිකාවෙහි හුන්දරිවාපිගම උපන් බවයි. මොහු සත් හැවිරිදි කල විසල් තල්ගස් මුලින් උදුරා දැමීමට තරම් ශක්තිමත් වූ බවත්, දස හැවිරිදි කල මහත් බල ඇති බවත්, පසුව ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය දැරූ බවද කියැවේ. දුටුගැමුණු රජුට යුද්ධය සඳහා සහය දුන් යක්ක සේනාවේ නායකයා මොහුයි. දුටුගැමුණු - එළාර යුද්ධයේදී, විජිතපුර බලකොටුව අල්ලා ගැනිම සඳහා සිදු වූ යුද්ධයේදී, මහාසෝණ යෝධයා පවුර කඩා වෙනම විවරයක් සදා ඉන් ඇතුළුව තල් රුකක් ගෙන සටන් කළ බව සඳහන් වේ. ගෝඨයිම්බර දස මහා යෝධයන් අතරින් මේ ආත්මයේම නිවන් දුටු අය දෙදෙනෙකි. ගෝඨයිම්බර යෝධයා ඉන් එක් අයෙකි. කාශ්‍යප බුදුන් සමයේ සඟරුවනට දන්දුන් කුසලයෙන් දෙව්ලොව සම්පත් විඳ පසුව ලක්දිව බොහෝ සම්පත් ඇති පවුලක ඉපදිනි. ඇතුන් දස දෙනෙකුගේ බල ඇතිවද කම්මැලියෙකි. ශරීරයෙන් කොට නිසා නම සෑදිණි. කාවන්තිස්ස රජු මොහුගේ බල අසා ගෙන්වා ගත්තේය. පසුව මහාජත්‍ර නම් දෙමළ නායකයා මරණ ලද්දේ මොහු විසිනි. රා බීමට මෙන්ම උත්සව ශ්‍රීයෙන් ගත කිරීමට කැමති අයෙකි. මෙවන් උත්සවයකදී මහාසෝණ හෙවත් රිටිගල ජයසේන මත් වී සිටි අවස්ථාවකදී ගෝඨයිම්බර යෝධයාගේ බිරිඳව වැළඳගෙන තිබේ. එයින් කිපුණු ගෝඨයිම්බර, මහාසෝණට බැණවැදී ඇති අතර එයින් තමාට ඇතිවූ ලැජ්ජාව ඉවසාගත නොහැකි වූ මහාසෝණ තමා හා ද්වන්ධ සටනකට එන ලෙස ගෝඨයිම්බරට අභියෝග කර ඇත. පසු දා තම්මැන්නා සොහොනේදී පැවැත්වෙන සටනේදී ගෝඨයිම්බර යෝධයා එල්ල කරන පා පහරින් මහාසෝණගේ හිස ගැළවී ගොස් කරඹ ගහක මුදුනේ රැදුනු බව සඳහන් වේ. මෙම ජයග්‍රණයෙන් උදම් වූ යෝධයා සුරාවෙන් මත්ව රාජ මාලිගාවට ඇතුල් වීමට තැත් කළ අතර ගැමුණු රජුගේ නියෝගයෙන් එය වැලකිණි. මෙයින් ලජ්ජාවට හා කළකිරීමට පත් යෝධයා එදිනම ලංකාද්වීපය හැරදමා භාරත දේශය බලා පිටත්ව ගියේය. රහතන්වහන්සේලා සොයමින් ගමන් කළ ඔහුට හිමාලයට යන ලෙස උපදෙස් ලැබිණි. හිමාලය පාමුල ගමකින් දැනගන්නට ලැබුනේ රහතන් වහන්සේලා පර්වත මුදුනේ වාසය කරන බවත් පිඬු සිඟා ගැනීමට පමණක් ගමට එන බවත්ය. මෙසේ මඟ විමසමින් ගමන් කරන විට ඔහු දුටුවේ ඍද්ධි බලයෙන් පමණක් යා හැකි උසකින් තිබූ විහාරයකි. මෙතෙක් වෙහෙස වීමෙන්ද රහතන්වහන්සේලා නොදුටු නිසා ශෝකයට පත් ඔහු පර්වත පාමුල තිබූ මහා හෙළකට පැන්නේය. ඔහුගේ පින් බලයෙන් මෙය දුටු රහත් නමක් ඍද්ධි බලයෙන් ඔහු අල්වා ඔහුගේ කථාවට සවන් දී මහණ කළ සේක. එතුමා සුළු කලකින් රහත් බවට පත් විය අභය (පසුව ථෙරපුත්තාභය) කොට කන්ද අසබඩ කිට්ටි ග්‍රාමයේ රම්පති වූ රෝහණ නමැති ගෘහපතියාට දාව උපන් ගෝඨාභය, දස වස් හෝ දොළොස් වස් වන විට, පැසුණු මිනිසුන් සතර හෝ පස් දෙනෙකුට එසවිය නොහැකි මහා පාෂාණ ඔසවා වීසි කිරීමට සමත් වී ඇත. අභයගේ පියාණන් වූ රෝහණ, මහාසුම්ම නමැති තෙරණුවන්ගේ අනුග්‍රාහකයාව සිට තෙරණුවන්ගේ දහම් දෙසුමකට සවන් දී සෝවාන් නම් පළමු ඵලයට පත්වීලු. රෝහණ පසු කලෙක භික්ෂුවක ලෙස පැවදි බව ලැබ පසුව අරහත් ඵලයට පත් වීම නිසා, අභය ඉන්ඉක්බිතිව තෙරණුවන්ගේ පුතු ලෙස අරුත් දෙන ථෙර-පුත්-අභය ලෙස හැඳින්වීණි.. මහාභරණ මහාවංශයට අනුව භරණ උපත ලැබ ඇත්තේ කෝපකන්දර ග්‍රාමයේ කුමාර නමැත්තෙකුට දාවය. අවුරුදු දහයක හෝ දොළසක කොළුවෙකුව සිටියදී, වනයේ සාවුන් එලවාගෙන ගොස් උන් අල්වා පයින් මැඬීමට සමත් වූ බවද, පසුව දහසය විය වූ විට දිව ගොස් කුරුමුවන්, ගෝනුන් හා වල්-හූරන් දඩයම් කිරීමට සමත් වූ බැවින්, මහත් යෝධයෙකු බවට පිළිගැනුමට ලක් වූ බව කියැවේ. වේළුසුමන කාශ්‍යප බුදුන් සමයේ මොහු රහතන් වහන්සේ කෙනෙකුට දන් දීමේ විපාකයෙන් දෙව් සැපත් විඳ කාවන්තිස්ස රජුගේ කාලයේ මෙරට උපන්නේය. ඔහුගේ පියාගේ මිත්‍රයන් දෙදෙනෙකුගේ නම් එකතු කොට වේළුසුමන යනුවෙන් නම් තබන ලදී. මෙම වේළු නම් මිත්‍රයාගේ එක් මෙල්ල කළ නොහැකි යයි සැලකුණු අශ්ව පැටියෙක් මෙල්ල කිරීමෙන් ඔහුගේ බලය ප්‍රකට විය. වේළු නැමැත්තා 'මොහු රාජ්‍ය සේවයට සුදුසුය' සිතා රජු සමීපයට පිටත් කරන ලදී. ගැමුණු කුමරා උපදින්නට සිටින් විට මවට දොළදුක් හතරක් පමණ උපන් බව දක්වා තිබේ. රියන් සියයක් දිග මී වදයක් සංඝයාට දී තමාද කෑම ඉන් එකකි. මෙය කුමරාගේ පින් බලයෙන්ම ඉටු විය. ඉතිරි දොළදුක් (තිසා වැවෙන් පැන් නෑමට හා බීමට, එළාර රජුගේ නායක යෝධයාගේ හිස කැපූ කඩුව සෝදා ජලය බීම, එළාර රජුගේ මහනෙල් මල් පැළදීම ) සංසිඳුවීමට වේළුසුමන ක්‍රියා කළේය. මේ සඳහා ඔහු තමා එළාර රජුට පක්ෂපාතී අයෙකු ළෙස හඟවා එළාර රජුගේ අස්ගාල රැක බලා ගැනීමේ කාර්යය බාර ගත්තේය. ඉන්පසු එහි සිටින ශක්තිමත්ම අසෙකු වන රණමද්දව නම් අසෙකු හොඳින් හික්මවා තබා ගත් ඔහු එක් දිනක තිසා වැවෙන් පැන් කළයක්, මහනෙල් මල් ආදිය සකස් කොට අශ්වයා සොරාගෙන තමා වේළුසුමන බව පවසා පළා ගියේය. ඔහු මරා දැමීමට සොලී රජු විසින් එවන ලද යෝධයන් දෙදෙනා ඔහු විසින් මරන ලදී. පසුව ඔහුගේ ගමන නැවැත්වීමට තැත් කළ මහවැලි ගඟේ වඩමන්න නම් තොට රැකවල් සිටි දහසක් පමණ දෙමළ සෙබළුන්ද ගඟේ අනක් පස රැකවල් සිටි ව්ඩ්ඨමාන නම් දෙමළ යෝධයා ඇතුළු දහසක් දෙනාද තනිවම සටන් කොට මරා දැමීමට ඔහු සමත් විය (මේ ස්ථාන දෙකට පිළිවෙලින් දහස්තොට හා දහස්මඬලාතොට යනුවෙන් ව්‍යවහාර විය). ගැමුණු කුමරු රජවන විට මොහු මැදිවියේ සිටින්නට ඇතැයි සිතිය හැක. මොහු සටන් කළේ බොහෝ විට අසු පිටය. ලක්දිව එක් සේසත් කිරීමෙන් පසු කුසල් කොට දෙව්ලොව උපන් බව දක්වා තිබේ. ඛංචදේව නකුලනාග පුදේශයෙහි මාහිසදෝනික ග්‍රාමයෙහි අභය නමැත්තාගේ බාලම පුතු ලෙස උපතේදී දේව යන නම් ලැබීය. මදක් කොරගැසීම නිසා කච්චදේව යන නම පටබැඳී ඇත. විශාල කුළුහරකුන් හඹා ගොස්, උන් වලගයෙන් අල්වා, ඔහුගේ හිසට උඩින් කරකවා පොළොවට ගසා දැමීමට මෙම තරුණ කොළුවා සමත් වී ඇත. ඵුස්සදේව මහාවංශයට අනුව සිට්ඨලපබ්බත විහාරය අසබඩ ගවිට නම් ග්‍රාමයේ උප්පල නමැත්තාගේ පුතු ලෙස ඵුස්සදේව මෙලොව එළිය දැක ඇත. කොළුවෙකු ලෙස විහාරය වෙත ගිය ඵුස්සදේව හට හක්ගෙඩිය හෙණ හඬ තරම් ශබ්දයකින් ලෙස පිඹීමට හැකිවීම නිසා උම්මාදඵුස්සදේව ලෙස නම් ලැබීය. පසුව ඵුස්සදේව, කිසිදා ඉලක්කය නොවරදන දුනුවායෙක් බවට පත් විය. දුටුගැමුණු රජතුමා හා එළාර රජුගේ සෙබලුන් සමග කල එක් සටනකදී මොහු එළාර රජුගේ ඉතා විශිෂ්ට සෙන්පතියකු දුනු ඊතල විදා මරා දමා ඇත. ලභියවසභ ථුලධර කන්ද අසල, විහාරවාපි ග්‍රාමයෙහි ගෘහපති මත්තගේ පුතු ලෙස උපන් වසභ, ලභියවසභ – (දක්ෂකම්) ලාභි වසභ – ලෙස නම් ලැබුවේ ඔහුගේ මහත් ශරීර ශක්තිය හේතුවෙනි. විසිවන වියෙහි පසුවුනු වසභ මිනිසුන් දොළොසකු විසින් පවා ගෙනගිය නොහැකි පස් කන්දරාවක් කිසිදු වෙහෙසක් නොදරමින්ම තනිවම ගෙනගොස් වසභ වැව තැනීමට දායක වී ඇත. මේවාද බලන්න දසමහා යෝධයෝ මහාසෝණ රිටිගල ජයසේන මූලාශ්‍ර ශ්‍රී ලංකාවේ ඉතිහාසය දස මහ යෝධයෝ
8,507
https://si.wikipedia.org/wiki/%E0%B6%B6%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%A2%E0%B7%92%E0%B6%82
බෙයිජිං
බෙයිජිං යනු උතුරු චීනයේ පිහිටි විශාල නගරයක් වන අතර මෙය මහජන චීන ජනරජයේ අගනුවර ද වේ. මෙය පීකිං යන නමින් ද හඳුන්වනු ලැබේ. මධ්‍යම රජය යටතේ නගර සභාවක් ලෙස පාලනය වන බෙයිජිං, උතුරින්, බටහිරින්, දකුණින් සහ නැගෙනහිර කුඩා කොටසකින් හෙබෙයි පළාතට ද ගිනිකොණින් ටියාංජිං නගරයට ද මායිම් වේ. චීනයේ ඉපැරණි අගනගර හතර අතරින් එකක් ලෙස ද බෙයිජිං සැළකේ. මහා මාර්ග හා දුම්රිය මාර්ග රාශියක් හරහා වැටී ඇති බෙයිජිං නගරය චීනයේ ප්‍රවාහන සන්ධිස්ථානයකි. චීනයට ඇතුළු වන බොහෝ අන්තර්ජාතික ගුවන් ගමන් පැමිණෙන්නේ ද බෙයිජිං වෙතය. තව ද මහජන චීන ජනරජයේ දේශපාලනික, අධ්‍යාපනික සහ සංස්කෘතික මධ්‍යස්ථානය වශයෙන් බෙයිජිං සැළකේ. ආර්ථික මධ්‍යස්ථාන ලෙස සැළකෙන්නේ ෂැංහයි සහ හොං කොං නගර ය. 2008 වසරේ ඔලිම්පික් තරග පැවැත්වුණේ ද බෙයිජිං නගරයේය. "බෙයිජිං" යන්නෙහි තේරුම "උතුරු අගනුවර" යන්නයි. මේ ආකාරයට දිශාවන් මගින් අගනගර නම් කිරීම බොහෝ නැගෙනහිර ආසියානු රටවල සිරිතක් ව පැවතිණි. පීකිං යන නම පසුව චීනයට පැමිණි ප්‍රංශ මිෂනාරීන් විසින් නිර්මාණය කරන ලද්දකි. මූලාශ්‍ර චීනය
8,509
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%20%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%20%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80
සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව
හැඳින්වීම ලංකාවේ තිබූ පැරණිතම සහ විශිෂ්ඨතම දෙපාර්තමේන්තුවකි. දැනට එයට වෙලා තියනදේ දෙයියා තමයි දන්නෙ තනතුරු අධ්‍යක්‌ෂ ජනරාල් අතිරේක අධ්‍යක්‌ෂ ජනරාල් ලේකම් සඹදතා දුරකතන +94 2694033 ලිපිනය බද්දේගම විමලවංශ මාවත කොළඹ ශ්‍රී ලංකාව
8,510
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%20%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%20%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%20%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%20-%20%E0%B7%80%E0%B6%BA%E0%B6%B9
පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව - වයඹ
හැඳින්වීම ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම පළාත් දෙපාර්තමේන්තුවකි. තනතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක - වෛද්‍ය එස්. ද අල්විස් ප්‍රාදේශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක - කුරුණෑගල ප්‍රාදේශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක - පුත්තලම සඹඳතා
8,511
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%20%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A%20%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
1968 අංක 32 දරණ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ විධිවිධාන පරිදි ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව පදිංචි අවුරුදු 16 සම්පූර්ණ කල පුද්ගලයින් ලියාපදිංචි කිරීම හා නව හැඳුනුම්පත් නිකුත්කිරීම. එම අඥා පනතේ 16 වන වගන්තිය අනුව සංශෝධන හැඳුනුම්පත් හා 17 වන වගන්තිය අනුව අනු පිටපත් හැඳුනුම්පත් නිකුත් කිරීම. එම සියඵ ජාතික හැඳුනුම්පත් අදාල පුද්ගලයින් වෙත අප්‍රමාදව නිකුත් කිරීම. ශ්‍රී ලංකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු
8,553
https://si.wikipedia.org/wiki/%E0%B6%A2%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%20%28SI%20%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%29
ජූල් (SI ඒකකය)
ජූලය (කුඩාකුරු වලින් ලියැවෙන කල, හෝ) (සංකේතය: J''') තාපය, විද්‍යුතය ශක්තිය සහ යාන්ත්‍රික ක්‍රියාව මැනීමේ SI ඒකකය වේ. එය ඉංග්‍රීසි ජාතික ජේම්ස් ප්‍රෙස්කොට් ජූල් නමැති භෞතික විද්‍යාඥයා වෙනුවෙන් නම් කරන ලදී. හැදින්වීම නිවුටන එකක බලයක් මගින් බලයේ දිශාවට මීටර එකක විස්ථාපනයක් සිදුකලවිට ජූල් එකක ක්‍රියාවක් සිදුකලේ යැයි හදුන්වනු ලැබේ.මෙය නිවුටන් මීටරයක් (සංකේතය N·m)ලෙසද හදුන්වනු ලැබේ.මූලික ඒකකය මගින්: එසේම ජූලය යනු: වෝල්ට් එකක විභව අන්තරයක් හරහා කූලෝම් එකක විද්‍යුත් ආරෝපණයක් ගමන් කරවීම සදහා අවශ්‍ය කරන කාර්‍යය; හෝ කූලෝම් වෝල්ට් , සංකේතය (C·V) තත්පරයක් තුලදී අඛණ්ඩව වොට් එකක බලයක් නිපදවීමය අවශ්‍ය කරන කාර්‍යය; හෝ වොට් තත්පර, සංකේතය (W·s) හෝ (කිලෝවොට් පැය). 3,600,000 ජූල් = 1 කිලෝවොට් පැය The kinetic energy of a 2 kg mass moving at a velocity of 1 m/sec. The energy is linear in the mass but quadratic in the velocity, being given by E = ½mv''². The potential energy of a 1 kg mass at an elevation of 1 m above a reference point in a gravitational field of 1 m/s². Earth's gravity being 9.81 m/s² at sea level, 1 kg at 1 m above the Earth's surface has a potential energy of 9.8 joules relative to that surface. When dropped the potential energy gradually becomes kinetic energy, with the conversion being complete at the instant the mass passes the reference point. Whereas kinetic energy is relative to an inertial frame, in this case that of the earth, potential energy is relative to a position, in this case the Earth's surface. පරිවර්තන එක් ජූලයක් ආසන්න වශයෙන් 107 ergs. 1 එක් ජූලයක් ආසන්න වශයෙන් : 6.2415 eV (ඉලේට්‍රෝනවෝල්ට්) 0.2390 cal (කැලරි) (කුඩා කැලරි අගයන්, කුඩා c අක්‍ෂරය) 2.3901 කිලෝකැලරි, කැලරි (ආහාර වල ශක්තිය, විශාල C අක්‍ෂරය) 9.4782 BTU (බ්‍රිතාන්‍ය තාප ඒකකය) 0.7376 ft·lbf (අඩි-රාත්තල් බලය) 23.7 ft·pdl (අඩි පවුන්ඩල) 2.7778 කිලොවොට් පැය 2.7778 වොට් පැය 9.8692 ලීටරය-වායුගෝලය ට සමාන වේ ජූලයේ අර්ථදැක්වීම අඩංගු වන ඒකක: 1 තාපරසායන කැලරිය = 4.184 J 1 අන්තර්ජාතික මේස කැලරිය = 4.1868 J 1 වොට් පැය = 3600 J 1 කිලොවොට් පැය = 3.6 J (or 3.6 MJ) 1 ටොන් TNT = 4.184 GJ මතක තබාගැනීමට: 1 ජූල් = 1 නිව්ටන් මීටර = 1 වොට් තත්පර ප්‍රායෝගික නිදර්ශන එදිනෙදා ජීවිතයේදී ජූලයක් ආසන්න වශයෙන්: ඇපල් ගෙඩියක් මීටර 1ක උසක් ඉහලට එසැවීමට අවශ්‍ය ශක්තිය. මීටර 1ක උසකින් ඇති ඇපල් ගෙඩියක් බිමට වැටීමේදී නිදහස් වන ශක්තිය. තත්පරයෙන් සියයෙන් පංගුවකදී සාමාන්‍ය පුද්ගලයෙකු විසින් තාපය ලෙස නිපදවනු ලබන ශක්ති ප්‍රමාණය. වියළි, සිසිල් තත්වයේ පවතන වාතය ග්‍රෑම් 1ක් සෙල්සියස් අංශක 1කින් ඉහළ දැමීමට අවශ්‍ය ශක්ති ප්‍රමාණය. බීර එක් බින්දුවක් පානයෙන් පුද්ගලයෙකුට ලැබෙන ශක්තියෙන් සියයෙන් එකක ශක්ති ප්‍රමාණය. වැඩුනු මිනිසෙකු වියතක දුරක් තත්පරයකදී ගමන් කිරීම සඳහා වැයවන චාලක ශක්තිය. SI ව්‍ය්‍රත්පන්න ඒකකයන් ශක්තිය සඳහා ඒකක
8,564
https://si.wikipedia.org/wiki/%E0%B6%86%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A
ආදිවාසීන්
ආදිවාසී ජනයා යනු යම්කිසි ශිෂ්ටාචාරයකට නිරාවරණය වීමට පෙර වාසය කළ, දැනට පවතින හෝ වඳවීගිය ඓතිහාසික සන්තතියකින් යුතු සංස්කෘතිකමය කණ්ඩායමක් හෝ එවැන්නන්ගෙන් පැවත එන අයයි. මොවුන් එම ප්‍රදේශය බටහිර ජාතීන් විසින් ආක්‍රමණය කිරීමට පෙර සිටම සිටින අතර බටහිර ජාතීන් විසින් සමූල ඝාතනයට ලක්වී හෝ රාජ්‍ය පාලනයට සම්බන්ධ නොවී හුදෙකලාව ජීවත්විය හැක. එසේම අනෙකුත් ජනවර්ගවලින් වෙනස් වු භාෂාවන්, සංස්කෘතීන් හා සමාජ සංවිධාන තත්ත්වයන් පවත්නා ජන කොටස් ‍වේ.ආදිව් ලක්‍ෂණ ලොව ආදිවාසී ජනසංඛ්‍යාව මිලියන 300 - 350ක් අතර වේ. මුළු ලෝක ජනසංඛ්‍යාවෙන් 6%ක් වන අතර රාජ්‍යයන් 72 වාර්ගික කොට්ඨාස අවම වශයෙන් 5000කින් සැදුම්ලබා ඇත. ප්‍රාථමික ආර්ථික කටයුතු වලින් යුත් ආදිවාසී ජනයා ලොව පුරා රටවල් ගණනාවක ව්‍යාප්ත වී ඇති අතර ඔවුන්ගේ කැපීපෙනෙන පොදු ලක්ෂණ පවතී. තාක්ෂණික ක්‍රම, උපකරණ ඉපැරණි වීම. සංස්කෘතික මට්ටම පහත් තත්ත්වයක පැවතීම. ගෝත්‍රික ලෙස හැඩගැසීම . එක් ආර්ථික කටයුත්තකට වි‍‍ශේෂ ප්‍රාගුණ්‍යයක් දැක්වීම. අවට පරිසරයට දැඩිලෙස අවනතවීම. කටුක පරිසරයන්ට සීමාවීම අද වනවිට ලෝක ආදිවාසීන්බොහෝ ප්‍රදේශවලින් අඩුවිමට හා වඳවීමට ලක්වී ඇත. ඔවුන් සාම්ප්‍රදායික භූමියෙන් ඉවත්කිරීම, සංක්‍රමණය, නැවත පදිංචිය හා බලෙන් ජනාවාස ගතකිරීම 18වන සියවසෙන් පසු ඇති වූ යුරෝපීය අධිරාජ්‍යය හරහා සහ දේශසීමා, සංස්කෘතිකමය ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස සිදුවිය. ප්‍රධාන ආදිවාසී ජන කණ්ඩායම් පිග්මිවරු - කොංගෝ වනාන්තරයේ ද්‍රව්‍ය එක්රැස් කරන්නෝ බුෂ්මන්වරු - අප්‍රිකාවේ කලහාරි කාන්තාරයේ දඩයක්කාරයෝ සැමි ප්‍රජාව - සප්මි දේශයේ ආදිවාසීන් ජරවා ප්‍රජාව - අන්දමන් දූපත් ආදිවාසීන් ඇබරන්ජියානුවන් - ද්‍රව්‍ය එක්කාසු කරන්නන් මසායිවරු - එඩේර ගෝත්‍රිකයෝ යොරුබාවරු - අප්‍රිකාවේ ගිනි වෙරළබඩ සල ගොවිතැන් කරන්නෝ කොචින්වරු - ඉන්දියාවේ මලබාර් වෙරළ ආශ්‍රිතව සියුම් ගොවිතැන් කරන්නෝ බෝරෝ ජාතීන් - ඇමසන් වනාන්තර ආශ්‍රිතව ගොවිතැන් කරන්නෝ හෝපි හා යුමාවරු - කොලරාඩෝ ඩෙල්ටාවේ ස්වභාවික ජලගැල්මෙන් වගා කරන්නෝ එස්කිමෝවරු - උතුරු ආක්ටික් ප්‍රදේශයේ සීල් හා කැරිබු දඩයම් කරන්නෝ ප්‍රධාන ආදිවාසී ජන කණ්ඩායම් 5ක් පිළිබඳ පහත විස්තර කර ඇත. පිග්මිවරු (කොංගෝ වනාන්තරයේ ද්‍රව්‍ය එක්රැස් කරන්නෝ ) "පිග්මිවරු" යනු මධ්‍යම අප්‍රිකාවේ වාසයකරන අඩි 5කට වඩා උසින් අඩු සිරුරකින් යුත් කුරු ජනකොටසකි. මොවුන් මධ්‍යම අප්‍රිකාවේ වැසි වනාන්තරවල ප්‍රථමයෙන් වාසය කර ඇත. දඩයම් සහ ද්‍රව්‍ය එක්රැස් කරන්නන් ලෙස මධ්‍යම අප්‍රිකාවේ වැසි වනාන්තර වන කොංගෝවේ වාසය කරයි. පිග්මිවරු බන්ටු සහ අඩමාවා - උබන්ගි කතාකරන ජනයාගෙන් පැවත එන බව අදහස් කරයි. ක්‍රි.පූ.8වන සියවසේ හෝමර්ගේ ලේඛනවලට අනුව පිග්මිවරු ගැන දැනසිටි අතර පුරාණ ඊජිප්තු ජාතිකයන් පිග්මිවරු සමඟ සම්බන්ධතා පැවතිබව පැරණි වාර්තාවලින් හෙළිවේ. පිග්මි සමාජයේ කාන්තාව ගෝත්‍රික ප්‍රජාවගේ සාමාන්‍ය සුබසාධනයට කටයුතු කරයි. කාන්තාවගේ ප්‍රධාන කාර්යය වූයේ කණ්ඩායමේ පැවැත්මට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වනාන්තරයෙන් සොයා ගැනීමයි. කැලෑ ගෙඩි වර්ග, ගඩාගෙඩි, බිම්හතු, එළවළු, කෘමීන්, දළඹුවන්, ගොළු බෙල්ලන් ආහාර වූ අතර රැස්කරගන්නා ආහාර ප්‍රජාව අතර සමසේ බෙදා දෙයි. වියළි කාලයේදී කාන්තාවන් ගෝත්‍රිකයන්ගේ ආහාරවේල සඳහා මසුන් අල්ලයි. පිග්මිවරු ජීවත් වූ පැල Mongulus කාන්තාවන් විසින් ගස්වල අතු සහ කොළවලින් තනාගන්නා ලදී .දරුවන් බලාගැනීම දෙමාපියන් මෙන්ම වැඩිහිටි ගෝත්‍රික සාමාජිකයන් සිදුකරයි. දරුවන් තරුණවියට පාතබත්ම දඩයම සහ ද්‍රව්‍ය එක්රැස්කිරීම උගන්වා ගෝත්‍රික කණ්ඩායමට සහ‍යවීමට උගන්වයි. පිග්මි සමාජයේ පුරුෂයා දඩයම සහ පුදපූජා සහ පිළිවෙත් පැවැත්වීම ප්‍රධානවේ. පැල තැනීමට අවශ්‍ය බිම් ප්‍රදේශය එළිකොට සතුන්ගෙන්ආරක්ෂාව සලසයි. විවිධ සංගීත උපකරණ භාවිතාකර පූජා වත්පිළිවෙත් සඳහා ගායනා පවත්වමින් නැටීම සිදුකරයි. වර්තමානයේ පිග්මිවරු අප්‍රිකානු ජනසමාජය තුළ කොන්කිරීමට, සෞඛ්‍ය පහසුකම් ඌනතාවට, වැසි වනාන්තර විනාශය නිසා සිදුවන ගැටළුවලට, හිමිකම් උල්ලංඝනය කිරීම් වලට, නූගත්කම සහ හුදෙකලාබවට පත්වී ඇත. බුෂ්මන්වරු (අප්‍රිකාවේ කලහාරි කාන්තාරයේ දඩයක්කාරයෝ) මානව ලක්ෂණ නීග්‍රොයිඩ් ලෙස හදුන්වන නීග්‍රෝවරුන්ට සමානය. ශරීරයෙන් නීග්‍රෝවරුන්ට සමානකම් ඇති අතර මුහු‍ණේ නීග්‍රෝ ලක්ෂණ ඇත. නෙරාගිය කට, පෙරළුණු මහත තොල්, පළල් විවෘත ඇස් නොමැත. ස්ත්‍රීන්ගේ නිතඹ ස්ථුලතාවය කැපීපෙනයි. වැසි අඩු , දේශගුණික වශයෙන් කටුක නිරිතදිග අප්‍රිකාවේ උතුරු දිගින් පිහිටි ප්‍රදේශවල සහ අප්‍රිකානු සංගමයේ වයඹ කොටසේජීවත් වෙති.වර්තමානයේ නැමීබියාව, සිම්බාබ්වේ, දකුණු අප්‍රිකානු කලාපයට අයත්වේ. ඔරේන්ජ් ගංඟාවට උතුරින් කාන්තාර පරිසරයේ වර්ෂාව අගල් 1-8 අතර කටුක පරිසරයේ ජීවත්වේ. ජල ප්‍රශ්නය උග්‍රවන අතර ගං පතුල් සහ වගුරුබිම් ආශ්‍රිතව ‍ජලය රඳාපවතී. බුෂ්මන්වරු දඩයමට විශේ‍ෂ නිපුණතාවක් දක්වන අතර ජිරාෆ්, පැස්බරා, අලි, රයිනෝසිරස්, හිපපොටේමස්, මුව, ගෝන්නු, කොටි, දිවි, සිංහ -සිංහයා, සිවල්, මැඩියෝ, මීමැස්සෝ, පළගැටියෝ දඩයම් කරයි. 20 - 100 අතර කණ්ඩායමක් ලෙස දඩයමේ යෙදෙයි. ආහාර වස්ත්‍ර ඇතුළු මූලික අවශ්‍යතා දඩයමෙන් සපයාගනී. ආහාරද්‍රව්‍ය අඩුවීම මත වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණයවේ. පදිංචිය, කූඩාරම් ආදිය කණ්ඩායමේ වැඩිමහල් තැනැත්තා විසින් තේරීම, තීරණය කිරීම සිදුවේ. කාන්තාවන් කුඩා කණ්ඩායම් ලෙස සුළු දඩයමේ යෙදේ. ඉබ්බන්, තලගොයි, මැඩියව්, කටුස්සන් ඔවුන්ලග් දඩයමට අයත්වේ. පිරිමින් දඩයම් බල්ලන් ගෙනයන අතර ඊතල තුඩට විෂපොවා ඇත. සත්තු එකතුවන ලවන බිම්, ජලාශ වැනි ස්ථානවල දඩයම් කරයි. ඇඳුම් භාවිතය ඉතාම අඩු අතර පිරිමි ත්‍රිකෝණාකාර අමුඩ රෙද්දක් සහ ස්ත්‍රිය ඉදිරිපස පෙර වැස්මක් වැනි හතරැස් රෙදි කැබැල්ලක් ඉන ළඟින් එල්ලාගනී. ස්ත්‍රියගේ ප්‍රධාන වස්ත්‍රය වන්නේ "කැරස්" නම් සාටකයයි. මෙය ද්‍රව්‍ය ගෙනයාමට භාවිතා කරන අතර දකුණු උරහිස සහ ඉනවටා ගැටගසන මෙහි දරුවා, ජලය, ආහාර වර්ග ගෙනයයි. බුෂ්මන්වරු භාණ්ඩ හුවමාරුවට සම්බන්ධ අතර ඇතැම්විට බලෙන් වෙනත් ප්‍රදේශවලට ඇතුළුවීම හෝ අන්අය මැරීම නිසා ගෝත්‍රික සටන් ඇතිවේ. දඩයමේ සාර්ථකතාවයට ඇදහිලි, පැරණි විශ්වාස පවත්වති. සැමි ප්‍රජාව( සප්මි දේශයේ ආදිවාසීන්) සැමි ප්‍රජාව, සප්මි දේශයේ ආදිවාසී ජනතාව වන අතර උතුරු ස්වීඩනය, නෝර්වේ, පින්ලන්තය, රුසියාවේ කෝලා අර්ධද්වීපය වැනි පුළුල් ප්‍රදේශයක පැතිරසිටියි. සැමි ප්‍රජාව යුරෝපනයේ විශාලම ආදිවාසී ජන කො‍ටසයි. භාෂාව sami වන අතර එය Finno - urgic ලෙස වර්ග කරයි. මුළු ජනසංඛ්‍යාව 8500 පමණවේ. වෙරළබඩ සහ අභ්‍යන්තරයේ මසුන් දඩයම, සත්ව ලෝම සඳහා සතුන් දඩයම, බැටළු පාලනය වැනි ජීවනෝපායන් ඇති අතර පිනිමුවන් රංචු පාලනය ඒ අතරින් ප්‍රධානවේ. පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව ඔනිගා විල සහ ලැඩෝගා විල වටා දකුණු වෙරළේ ක්‍රි.පූ.8000 සිට ජීවත් වූ බව එක් අදහසක් වන අතර සමහරු සැමිවරුන්ගේ ඉතිහාසය වසර 2500 නොඉක්මවන බව දක්වයි. ඓතිහාසික ලේඛනවල සැමිවරු වනාන්තර සැමි, කඳු සැමි, ගංඟා සැමි, නැගෙනහිර සැමි ලෙස වර්ග කර තිබුණි. රැකියාවන් අනුව ඔවුන්ව වර්ග කර ඇත. පිනිමුවන් සැමිවරු- 10%ප්‍රමාණයක් මෙම රැකියාවේ යෙදෙයි. මුහුදු සැමිවරු -මසුන් ඇල්ලීම සහ සුළු ප්‍රමාණයෙන් ගොවිතැන් කරයි. පිනිමුවන් රංචු පාලනයේ නොයෙදෙන සැමිවරු - මුහුද ආශ්‍රිතව ජීවත් නොවේ.බහුතරයක් සිටී. අතීතයේදී සැමිවරුන්ට සැප්මි ප්‍රදේශයට වඩා විශාල ප්‍රදේශයක පිනිමුවන් රංචු පාලනයට, මසුන් මැරීමට, දඩයමට රාජ්‍යයන් ඉඩ දී තිබුණු අතර ස්ථාවර ජනාවාස සහ නිවාස පිහිටුවීමටත්, ආරක්ෂක සහ ආර්ථික කටයුතු නිසාද දේශසීමා සහ මායිම් ගැටළු ඇතිවී තිබේ. ස්වීඩනය හා නෝර්වේ අතර 1751දී දේශසීමා තීරණය වුවත් සැමිවරුන්ගේ සාම්ප්‍රදායික අයිතිය අයිතිය ආරක්ෂා කිරීමට ඔවුන් බැඳීසිටියි. නූතනයේ මස් සහ සම් ලබාගැනී‍මට පිනිමු‍වන් ඇතිකරයි. සම් ඇසුරින් විවිධ අත්කම් භාණ්ඩ නිෂ්පාදන‍ය කරයි. තාක්ෂණික දියුණුව සමඟ හිමමත යාහැකි ස්කූටර්, සමහරවිට හෙලිකොප්ටර් පිනිමුවන් ඇතිකිරීමට යොදාගනී. යාන්ත්‍රීකරණය වූ වන විද්‍යාව, ජල විදුලි බලාගාර, කැණීම් මධ්‍යස්ථාන සාම්ප්‍රදායික සැමි ජීවනෝපායන් වන පිනිමුවන් රංචු පාලනයට, මසුන් මැරීමට, දඩයමට තර්ජනයකි. සැමි ප්‍රජාවට වෙන්වූ පාර්ලිමේන්තුවක් නෝර්වේ, ස්වීඩන් වල ඇති අතර භාෂා අයිතිය, විවිධ සංස්කෘතික කටයුතු සඳහා රජයේ අනුග්‍රහය සැමි ප්‍රජාවට හිමි අතර නවින රැකියා සඳහා නගරයට යොමුවන පිරිස වැඩිය. ජරවා ප්‍රජාව (අන්දමන් දූපත් ආදිවාසීන්) right|200px|thumb|අන්දමන් දූපත්වල ජරවා ආදිවාසීන්ගේ ව්‍යාප්තිය ජරවා (Jarawa) හෙවත් ජර්වා (Jarwa) ආදිවාසීන්යනු බෙංගා‍ල බොක්කට 200 KM පමණ දකුණට වන්නට පිහිටා ඇති අන්දමන් දූපත්වල වාසය කරන්නන්ය. පුද්ගලයින් 350ක් පමණ මෙම ගෝත්‍රයට අයත්ය. ලෝකය සමඟ ගනු‍දෙනු වලින් ඉවත්ව හුදෙකලාව ජීවත්වන අතර සමාජීය සහ සංස්කෘතික දැනුම අඩුය. බාහිර ලෝකය සමඟ අඩු සබඳතා පැවැත්වීම තුළ හුදෙකලාව, එතරම් වෙනස් නොවූ ප්‍රජාවක් ලෙස සලකයි. දඩයම සහ මාළු ඇල්ලීම ජරවා ආදිවාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන අතර මුවන් සහ පක්ෂීන් ඇල්ලීම සිදුනොකරයි. කෙසෙල් ප්‍රධාන ආහාරයකි. ජරවා පැල ඉතාම කුඩා අතර උණ බම්බු සහ වියළි පොල් අතුවලින් ගොඩනැගූවකි. පැල මධ්‍යයේ සාම්ප්‍රදායික ලෙස මැටි සහ පස් වලින් තැනූ Chulha හෙවත් ලිප තනා ඇති අතර ආහාර සකස්කර ගැනීම ඒමඟින් සිදුවේ. කෙසෙල් කැන් වහලේ තැනින් තැන එල්ලා ඇති අතර වල් ඌරන්ගේ හිස්කබල් වහලේ එල්ලා තිබීම විශේෂ ලක්ෂණයකි. වල් ඌරන් දඩයම මත සමාජ ස්ථරය තුළ ඉහළ ස්ථානයක් ලබාගැනීම එහි අරමුණයි. අන්දමන් දූපත් ඉන්දියාව යටතේ පාලනය වන අතර ඉන්දියානු රජය ජරවා ප්‍රජාවට ව. කි.700ක රක්ෂිතයක් වෙන්කර ඇතත් සංවර්න සහ සංක්‍රමණික පදිංචිකරවීම් නිසා වනාන්තර තුළට ජරවා ප්‍රජාව ‍‍යොමුවන ලදී. ඔවුන්ට වෙන්කර දී තිබූ මුල් භූමියද ක්‍රමයෙන් අඩුවිය. ඉන්දියානු රජය නොදියුණු ජරවා ආදිවාසීන්ට සංවර්ධනයක් අවශ්‍ය නැතිබවත්, සංක්‍රමණිකයන් සමඟ ජනාවාසවල පදිංචි වන ලෙසටත් බලකරන ලදී. ‍ජනාවාස ගතකළ ජරවා ගෝත්‍රිකයන් ලෙඩ රෝගවලට නිරාවරණය වූ අතර 1999 පැතිරීගිය සරම්ප රෝගයෙන් 10%ක් ජන සංඛ්‍යාවෙන් විනාශයට පත්විය. අළුත් සංස්කෘතික පරිසරය තුළ තරබාරුකම, මත්පැන් පානය, දියවැඩියාව, මානසික ආතතිය, සෞඛ්‍ය ප්‍රශ්න වැනි ගැටළු වලට මුහුණ දී ඇත. ජරවාවාසීන්ගේ ඉඩම් සංක්‍රමණිකයන් කොටුකර ගැනීම නිසා ජනතාව කම්කරුවන් බවට පත්වීම, සතුන් සොරකම් කිරී‍ම, දුම්කොළ සහ සුරාපානයට පෙළඹවීම, කාන්තාවන් ලිංගික අතවර වලට ලක්කරවීම සිදුවිය. 1970දී ඔවුන්ගේ වාසභූමි හරහා මාර්ගයක් ඉදිකිරී‍ම මෙයට හේතු වූ අතර 1972දී එම මාර්ගය තැනීම අත්හිටවූවත් මාර්ගය තවමත් විවෘතව පවතී. sex ඕස්ට්‍රේලියානු ආදිවාසීන් වන ඇබරින්ජියානුවන් පෘථි‍වියේ පැරණිම ජනයා ලෙස සලකයි. ලෝකයේ ඉපැරණිම සංස්‍කෘතිය ඔවුන් සතු වියහැකි අතර සිරිත් විරිත්, ඇදහිලි සහ වත්පිළිවෙත්, විශ්වාස ඔවුන්ගේ ජීවිත හා බැදීපවතී. දඩ‍යම සහ ද්‍රව්‍ය එක් රැස්කිරීම ප්‍රධාන ජී‍වනෝපාය විය. ගිණිකොණදිග ඕස්ට්‍රේලියාවේ මරේඩාලින් ගංඟා පද්ධතිය ආශ්‍රිතව ඇබරින්ජියානුවන්ගේ විශාලතම වාසභූමිය පැතිර තිබූ අතර ක්‍රමානුකූල‍ව මිහිදන් කළ මිනිස් සිරුරුවලින් යුත් සුසාන භූමි ගණනාවක් ඒ ආශ්‍රිත‍ව සොයාගෙන ඇත. සුසාන භූමි ආශ්‍රිතව ලැබී ඇති සාක්ෂි අනුව සිරුරු ‍දහස් ගණනක් වළලා ඇතැයි විශ්වාස කරයි. යුරෝපීයන් ඕස්ට්‍රේලියාවේ මුල්පදිංචිකරුවන් වඳකර දැමූ බ‍ව සඳහන් වේ. ඇබරින්ජියානුවන් ගණන ඕස්ට්‍රේලියාවේ මුළු ජන සංඛ්‍යාවෙන් 1% හෙවත් 200000 පමණ වේ. ඇබරින්ජියානුවන් දඩයම සහ ද්‍රව්‍ය රැස්කරන්නන් අතර සිටි බුද්ධිමතුන් බව අදහස් පළවී ඇත්තේ භූමි පරිහරණය සහ කළමනාකරණය පිළිබඳ දියුණු අදහස් පැවති නිසයි. ඇබරින්ජියානුවන්ගේ සමාජ සංවිධානය ඉතා සරල අතර ඔවුන්ගේ වත්කම් ඉතාම සුළුය.ගමන් බිමන් පා ගමනින් වන අතර පිරිමි හෙල්ලයද කාන්තාවන් පොළව හාරන ලීයක්ද, ආහාර රැස්කරන මල්ලක්ද සහිතව සිටී. පිරිමි දඩයම්කරුවන් වන අතර කාන්තාවන් ද්‍රව්‍ය රැස්කරන්නන් වේ. ජනාවාස ජල උල්පත් ආශ්‍රිතව විසිරී ඇත. ජනාවාස මායිම් ලෙස ගංඟා, ඇළ දොළ, කඳුවැටි පවතී. වෙනත් ග්‍රෝත්‍රික ප්‍රදේශයකට අවසර නැතිව ඇතුළුවීම වරදකි. යහපත් කාළගුණික තත්ත්වය තුළ එළිමහනේ ජීවත්වූ අතර ශීත හෝ වැසි කාළගුණික තත්ත්වයන් වල "මියා මියා" නම් ගුහා වැනි නිවාස තනාගනී. යුරෝපීය ආක්‍රමණ මඟින් ඇබරින්ජියානුවන් සමූල ඝාතනයවීමත් සමඟ අනෙක‍් පිරිස් රට අභ්‍යන්තරයට සහ උස්බිම්වලට පැනයන ලදී. මේ නිසා ඔවුන්ගේ සංස්කෘතියේ බොහෝ ලක්ෂණ විනාශවිය. මූලාශ්‍රය ධනපාල එච්.ඒ.,2007,"මානුෂ ආර්ථික කටයුතු",සරසවි ප්‍රකාශකයෝ,නුගේගොඩ. අඩවියෙන් බැහැර පිටු ලෝක ආදිවාසීන් ලංකාව ලංකාවේ සමෘද්ධිමත්ම යුගය ලෙස ඉන්දියානු වංශ කතාවල පවා සඳහන් රාවණා බලි තාරක යුගයන් ඇරඹෙන්නේ මීට වසර පන් දහසකට පමණ පෙරාතුවය. බලංගොඩ මානවයා අපට කියන ඉතිහාසය නම් වසර තිස් දහසකට වඩා පැරණිය. මීට වසර 2500කට පෙර විජය කුමරු පැමිණෙන විටත් මෙරට දියුණු සංස්කෘතියක් තිබුණු බව කුවේණි කුමරිය කපු කටිමින් සිටීමෙන් පැහැදිලි වේ. සිරිවස්තු මෙන්ම කැළණිය ද එවකට මෙරට තිබු ප්රකධාන නගරය. විවිධ ගෝත්රිලකයින්ගෙන් සැදුම්ලත් මෙරට වැසියන් පොදුවේ හැඳින්වුයේ හෙළයින් යන නමිනි. කුවේණි හෙළ කුමරියගේ පිහිටෙන් මෙරට රාජ්යයත්වය ලබාගත් ආර්යයෙකු වු විජය කුමරු හෙළයින් දුටුවේ ආක්ර මණිකයෙකු ලෙසය. එබැවින් කුවේණිය ජාතිද්රෝතහියක වුවාය. සිය ඥාතීන්ගේ වෛරයෙන් බේරීම සඳහා කුවේණියගේ දරුවන්ට කැලෑ වැදීමට සිදුවිය. ඒ නුතන වැදි පරපුරේ ආරම්භයයි. මෙය හුදෙක් මහවංශයේ කතාව පමණක් නොව වැදි ජනප්රකවාදයන් හිද ඇති කතාවයි. එමෙන්ම මානව විද්යාෙඥයෝ ද සිංහලයින් සහ වැද්දන් අතර ඇති ඥතිත්වය පිළිගනිති. විජයාගමනයෙන් ඇරඹි හෙළ-ආර්ය ගැටුම අවසන් වී ආර්යයන් හෙළයින් සමග මුසු වන්නේ පණ්ඩුකාභය රජ සමයේ දී ය. මහවංශයට අනුව පණ්ඩුකාභය රජුගේ මවු වුයේ පඬුවස්දෙව් රජුගේ එකම දියණිය වු උන්මාද චිත්‍රා දේවියයි. ඔහුගේ පියා වුයේ දීඝගාමිණී ය. ඔහු පඬුවස්දෙව් රජුගේ බිසව වු භද්දකච්චනාගේ සොයුරෙකු වු දිඝායුගේ පුත්ය. නමුත් වෙනත් මුලාශ්රඝයන්ට අනුව නම් දීඝ ගාමිණි හෙළයකි . එබැවින් පණ්ඩුකාභය කුමරුගේ මව ආර්යයෙක් වන විට පියා හෙළයකි. එබැවින් ඔහු හෙළයන් ට හෙළයෙක් ද ආර්යයන් ට ආර්යයෙක් ද විය. මේ නිසාම ආර්යය ආධිපත්ය යට එරෙහිව හෙළයින් පණ්ඩුකාභය වටා රොක් වන විට ආර්යයන් ද ඔහුගේ නායකත්වය පිළිගත්තේය. ඉන් පසු ආර්යයෝ හෙළයින් සමග මුසු වුහ. ඉන් පසුව විවිධ යුගයන් හි ඉන්දියාවේ විවිධ පළාත් සිට පැමිණි ආර්යයෝ මෙන්ම ද්රගවිඩයෝ ද සිංහල ජාතියට මුසු වුහ. එසේ මුසු වු වන් අතර අරාබි , චීන සහ මැලේ ජාතිකයෝ ද වුහ. මෙම මුසු වීම බටහිර ජාතීන් මෙරටට පැමිණීම තෙක් ම අඛණ්ඩව සිදුවිය. සිංහල ජාතිය සංක්රටමණිකයින්ගෙන් පෝෂණය වුණු අයුරින්ම කැලයේ සිටි වැදි ජනතාවද විවිධ කැලෑ වැදීම් තුළින් පෝෂණය විය. සිංහලයේ කිරුළ පතා කෙරුණු අභ්යකන්තර අරගලයන් හි පරාජයට පත් පිරිස් වසර දහස් ගණනාවක් පුරා සිදු කළේ එක්කෝ ඉන්දියාවට පලා යෑමයි. නැතහොත් කැලෑ වැදී වැදි ජනතාවට එක් වීමයි. අවසන් වරට එසේ වැදි ජනතාව සමඟ මුසු වුයේ 1848 නිදහස් අරගලයට එක් වි සුදු ආක්රමමණිකයාගේ උදහසට ලක් වු වෙල්ලස්ස ජනතාවයි. මේ අනුව පෙනි යන්නේ සිංහල ජනතාව මෙරට වසර දස දහස් ගණනාවක් ජීවත් වු බවත් පසු ගිය වසර දෙදහස් පන්සිය තුළ වරින් වර සිංහලයන්ගෙන් වෙන්වී කැලෑ වැදුණු පිරිසගෙන් වැදි ජනතාව බිහිවු බවත්ය. එබැවින් වැදි ජනතාව ආදිවාසීන් ලෙස හැදින්වීම ඔවුන්ට වඩා දිගු ඉතිහාසයක් ලක් පොලවේ ඇති සිංහලයින්ට කරන අවමානයකි. එපමණක් නොව සිංහලයන්ට ලක් පොලවට ඇති අද්විතීය අයිතිය අභියෝගයට ලක් කිරීමකි. සිංහලයා මෙරය අනන්ය වු ජන කොටසක් පමණක් නොව මෙරට ආදිවාසීහුය. එබැවින් සිංහලයාගේ ආදිවාසිකම සොරාගෙන වැදි ජනයාට පැලැන්දීමෙන් සිංහලයා තවත් එක් සංක්රවමණික ජන කොටසක් බවට පත්වේ. සමාජ විද්‍යාව සමාජ විද්‍යාව
8,565
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%94%E0%B6%A7%E0%B7%83%E0%B7%93%E0%B7%80%20%E0%B6%BB%E0%B6%A2%E0%B7%94
මුටසීව රජු
පණ්ඩුකාභය රජුට දාව ස්වර්ණපාලී මෙහෙසිය කුසින් උපන් මුටසීව නම් කුමරු පණ්ඩුකාභය රජුගේ ඇවෑමෙන් පසු රජකමට පත් වේ. මහාවංශයෙහි මෙසේ සටහන් වුවත් රාජාවලිය නමැති ග‍්‍රන්ථයේ සදහන් වන ආකාරයට පණ්ඩුකාභය රජුට අනතුරුව රාජ්‍යය භාරගන්නේ ඔහුගේ පුත් ගණතිස්ස කුමරුය. පුත් මුටසීව රාජ්‍යයට පැමිණෙන්නේ ඊට වසර දහතුනකට පසුවය. අනුරාධපුරයේ මහමෙව්නා උයන කරවන ලද්දේ මුටසීව රජු විසිනි. එම උයන සදහා භූමිය වෙන් කරන දිනයේ අකල් මහා වැස්සක් ඇති වූ නිසා මහාමේඝවන හෙවත් මහමෙව්නා යන නාමය යෙදුණි. මුටසීව රජතුමා යුද්ධ කෝලාහල කිසිවක් නැතිව අනුරාධපුරයෙහි වසර හැටක් පමණ රාජ්‍යය කළේය ශ්‍රී ලංකාවේ රජවරු
8,566
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA%20%E0%B6%BB%E0%B6%A2
පණ්ඩුකාභය රජ
පණ්ඩුකාභය ( ක්‍රි:පූ 437 - 367 ) යනු, ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ රජකෙනෙකි. ඔහු ආර්යයන් සහ යක්ෂ ගෝත්‍රිකයන් එක් සෙසත් කළ මුල්ම ස්වදෙශික පාලකයාය. එතුමා විසින් අනුරාධපුරය අගනුවරක් ලෙසින් දියුණු කළේය. ප්‍රවේණිය එතුමාගේ ප්‍රවේණිය පිලිබදව මතවාද තුනක් පවතී . මහාවංශයට අනුව එතුමාගේ මව්පියන් දෙදෙනාම ආර්යයන් වන අතර මව උන්මාද චිත්‍රා කුමරිය සහ පියා දීඝගාමිණී කුමරු වේ. කුමාරතුංග මුනිදාස ශුරින්ගේ මතයට අනුව එතුමාගේ පියා චිත්‍රරාජ වේ. ආර්යයන් සමග කිසිම සම්බන්දයක් එතුමාට නොමති අතර ස්වදේශික වීරවරයෙකි. මහාවංශ කතාව මහාවංශයට අනුව පණ්ඩුවාසුදේව රජුට සහ භද්දකච්චායනා බිසවට දාව පුතුන් දසදෙනෙකු සහ දියණියක මෙළොවට බිහිවිය. වැඩිමහල් පුතු අභය වූ අතර බාලම දියණිය චිත්‍රා විය. අනාගතයෙ රාජ්‍යය නිසා චිත්‍රා කුමරියගේ පුත්‍රයා ඔහුගේ මාමාවරු මරාදමන බවට නෙයිමිත්තක කරුවන් ප‍‍්‍රකාශ කළේය. ඒ අසා නැගනියන් මරන්නෙමුයි චිත්‍රා කුමරියගේ සොහොයුරන් තීරණය කළහ. නමුත් වැඩිමහල් අභය කුමරු එය වැළකිය. ඉන්පසු ඔවුන් එක්ටැම් ගෙයක් තනවා සියලූ රැකවල් යොදා දාසියක සමග චිත්‍රා කුමරියව බොහෝ කලක් රදවා තබන ලදී. දුටුවන් උමතු කරවන තරම් රුවක් චිත්‍රා හ‍ට තිබූ නිසා ඇය උන්මාද චිත්‍රා ලෙසද හදුන්වන ලදී. භද්දකච්චායනා කුමරිය ලක්දිවට පැමිණි බව අසා ඇගේ සොයුරන් හයදෙනා වු රාම, උරුවෙල, අනුරාධ, විජිත, දීඝායු සහ රෝහණ ද ලක්දිවට පැමිණයහ. ඔවුන් පැමිණ ලංකාවේ නොයෙක් තැන්වල ජනාවාස පිහිටුවීය. රාම කුමරු විසූ තැන රාමගොණයයි කියනු ලැබේ. උරුවෙල හා අනුරාධ යන දෙදෙනාගේ වාසස්ථාන උරුවෙලය, අනුරාධ යැයි කියනු ලැබේ. එසේම විජිත, දිර්ඝායු සහ රොහණ යන මොවුන්ගේ වාසස්ථානද විජිතග්‍රාම, දිර්ඝායුග්‍රාම සහ රොහණයයි කියනු ලැබේ. අනුරාධ කුමරු දකුණු දිගින් වැවක් කරවිය. ඉන් ඉක්බිතිව රජගෙයක් කරවා එහි වාසය කළේය. පඬුවස්දෙව් මහරජ සිය දෙටු පිත් අභය කුමරු සුදුසු කල උපරජ තනතුරෙහි අභිෂේක කෙළේය. දීඝායු කුමරුගේ පුත්‍රයා වන්නේ දීඝගාමිණී කුමරුය. දීඝගාමිණී කුමරු චිත්‍රා කුමරිය ගැන අසා ඇය ගැන කැමැත්තක් ඇතිවී උපතිස්ස ග්‍රාමයට ගියහ. ඉන්පසු දීඝගාමිණී කුමරු හා චිත්‍රා කුමරිය අප්‍රසිද්ධව ප්‍රේම සම්බන්ධයක් ගොඩනගා ගනියි. එහි ප්‍රතිඵලයක් ලෙසින් චිත්‍රා කුමරිය ගැබ් ගත්තාය. චිත්‍රා කුමරියගේ දාසිය මේ බව මවුබිසවට කීවාය. මවුබිසව රජුහට මේ බව සැල කළහ. රජු තම පුත්‍රයන් කැඳවා, චිත්‍රා කුමරියව අප විසින් රැකිය යුතුය. එමනිසා දීඝගාමිණී කුමරුටම ඇය දෙමුයි කීයේය. පුතෙක් ඉපදුණොත් මරමුයි සිතා දීඝගාමිණී කුමරුට චිත්‍රා කුමරියව විවාහ කර දුන්හ. චිත්‍රා කුමරිය දරුවා බිහි කිරීමට ආසන්න කාලයේදී,‍ රාජ කුමාරවරුන්ට රහසින් වෙනත් ගර්භනී කාන්තාවක්ව රැගෙනවිත් චිත්‍රා කුමරිය සමීපයේ තැබීය. සුදුසු කාලයේදී චිත්‍රා කුමරිය පුතෙකු වැදුවාය. අනෙක් කාන්තාව දුවෙකු වැදුවාය. ඒ කුමරුව පණ්ඩුකාභය යැයි නම් කළෝය. චිත්‍රා කුමරිය විසින් ඒ කාන්තාවට මසු දහසක් හා සිය පුතු දී, ඒ දියණියව රැගෙන ළඟ හොවාගත්තීය. චිත්‍රා කුමරියට දුවෙක් ඉපදුණායි සිතා රාජ කුමාරවරු සතුටු වූහ. චිත්‍රා කුමරියගේ නියමයෙන් එක් දාසියක් ළදරු කුමරහු කරඬුවක බහාගෙණ දොරමඩල නම් ගමට ගියාය. පණ්ඩුකාභය කුමරු පිළිබද තොරතුරු දැනගත් මාමාවරු කුමරු මැරීමට කිහිපවරක්ම උත්සාහ කළහ. නමුත් බල සම්පන්න දෛවයකට උරුමකම් කියූ පණ්ඩුකාභය කුමරු සියලු අනතුරු වලින් දිවි ගලවා ගත්‍හ. පසුව සොළොස් හැවරදි වූ කුමරු ශිල්ප හැදැරීම සදහා දකුණුදිග පණ්ඩුල නම් ගම විසූ පණ්ඩුල නම් බ්‍රාහ්මණයා වෙත යැවුයේය. කුමරු එහි ගොස් පණ්ඩුල බමුණ මුණගැසිණ. “දරුව ‍තෝ පණ්ඩුකාභය කුමරු දැයි” යි විචාරා “ඒසේය” යි කීකල ඔහුට සත්කාරකොට “දරුව තෝ රජ වන්නීය. සමසැත්තැවසක් රජය කරන්නෙහිය. ශිල්ප උගණුව.” යි කියා ශිල්ප ඉගැන්විය. පණ්ඩුල නම් බ්‍රාහ්මණයාගේ චන්දන නම් පුතු හා පණ්ඩුකාභය කුමරු වහා සිප් නිමවා පන්සියයක් පිරිවර සමග පණ්ඩුල ග්‍රාමයෙන් නික්ම කසගලට පැමිණියහ. එතැනින් සත්සියයක පිරිවර සමග ඉක්බිතිව එක්දහස් දෙසියයකින් සමන්විත පිරිවර ගිරිකණ්ඬසිව නම් කුමරුගේ දේශය වෙත ගියහ. ඉක්බිතිව පාණ්ඩුකාභය කුමරු ගඟින් එතර දොළුගලට ගියේය. එහි සතර අවුරුද්දක් වාසය කෙළේය. මාමාවරුන් එපවත් අසා පාණ්ඩුකාභය කුමරු සමඟ යුද පිණිස එළඹියෝය. මාමාවරුන් දුම්රක්ගල කඳවුරු පිහිටුවා බෑණ සමඟ යුධ කළෝය. මාමාවරුන්ව ගඟින් එතරට පළවා හැරි පණ්ඩුකාභය කුමරු ඒ කඳවුරෙහි දැවුරුද්දක් විසිය. දුම්රක්ගල වසන චෙතියා නම් යකින්න තිඹිරසඟන විලෙහි වෙළඹරුවින් ඇවිදින්නීය. සුදු සිරුර හා රන්පැහැති සිත්කලු ඒ වෙළඹ එකෙක් දැක “මෙහි මෙබඳු වෙළඹක් වසන්නීය” යි කුමරු හට දැන්විය. කුමරු රැහැණ ගෙණ ඇය අල්වා ගන්ට එළඹියේය. පසුපසින් ආවහු කුමරු දැක ඕතොමෝ භයවී අතුරුදහන්නොවි ඒ විල සිසාරා දිව්වාය. ඈහට “ති මරමි” කියා කඩුවු එසවිය. “ස්වාමිනි, ඔබට රජය ගෙණ දෙමි. මා නොමැරුව මැනව” යි ඇය කීවාය. ඔවුන් දුම්රක්ගලට ගොස් එහි සතර අවුරද්දක් වාසය කළේය. භටසේනා රිටිගලට අවුදින් යුධකාලය බලමින් එහි සත්අවුරුද්දක් වාසය කළේය. මාමාවරුන් දෙදෙනෙකු හැර ඔහුගේ සෙසු මාමාවරුන් අටදෙනා යුදයට සැරසුණෝය. ඔවුන් රිටිගල එළඹ (එහි පෙර පිහිටි) කුඩානුවර කඳවුරු පිහිටුවා ගෙණ සිවුරගසෙන් දි සෙනෙවියා යවා හාත්පසින් රිටිගල වට කළහ. පණ්ඩුකාභය කුමරු චෙතියා යකිනිය හා මන්ත්‍රණය කොට පණ්ඩුකාභය කුමරු යක්වෙළඹ පිට නැගි කුමාරයාගේ සේනාව මාමාවරුන් සමග යුද්ධයට එළඹුණාය. පණ්ඩුකාභය කුමාරයාගේ සේනාව, සියලුම පරසෙනාද මාමාවරුන් අටදෙනාද මරා යුද්ධය ජයග්‍රහණය කළෝය. ඉනපසු පණ්ඩුකාභය කුමාරු රාජ්‍යත්වයට පත්ව හැත්තෑ වසරක් රාජ්‍යය කළේය. මේවාද බලන්න අභය වැව අසල දේවාලය දීඝගාමිණී අනුරාධපුරය යක්කයින් මූලාශ්‍ර සිංහලේ රජවරු
8,586
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A-1
ස්පුට්නික්-1
ස්පුට්නික්-1 (රුසියානු බසින්: "Спутник-1") වූ කලී ප්‍රථම කෘත්‍රිම පෘථිවි උපග්‍රහයා යි. වර්ෂ 1957 ඔක්තෝබර් 4 දා සෝවියට් සංගමය විසින් මෙය පෘථිවිය වටා කක්ෂගත කිරීමත් සමඟ මනුෂ්‍ය ඉතිහාසයේ අභ්‍යවකාශ යුගය ලෙස හැඳින්වෙන නව අවධියක උදාව සනිටුහන් විය. R-7 නමැති වාහක රොකට්ටුවක ආධාරයෙන් ගුවන් ගත කරන ලද මෙම කෘත්‍රිම උපග්‍රහයා (චන්ද්‍රිකාව) මාස තුනක පමණ කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටි අතර මුල් දින 22 දී ලොව පුරා රමක රේඩියෝ ක්‍රියාකරුවන්ට පවා ග්‍රහණය කරගත හැකි වූ අනවරත රේඩියෝ සංඥාවක් නිකුත් කළේ ය. එමෙන්ම ඉතා ඉහළ වායුගෝලයේ ඝනත්වය, උෂ්ණත්වය සහ උල්කා දූලි පිළිබඳ විද්‍යාත්මක කරුණු රැසක් අනාවරණය කරගැනීමට එය දායක විය. ස්පුට්නික්-1 ගුවන්ගත කෙරුණේ වර්තමාන කසක්ස්තානයේ එකල ත්‍යුරතම් මිසයිල විහිදුම් යාය හෙවත් මෙකල බයිකොනූර් අභ්‍යවකාශ තොට යනුවෙන් හැඳින්වෙන ස්ථානයෙනි. පෘථිවි කක්ෂයට ඇතුළු වීමට එය පැයට කිලෝමීටර් 29,000 ක වේගයකින් ගමන් ගත් අතර මිනිස් අතින් තැනූ යමක් එතරම් ඉහළ වේගයකින් ගමන්ගත් ප්‍රථම අවස්ථාව එය විය. ස්පුට්නික්-1 හි අනපේක්ෂිත සාර්ථකත්වය අමෙරිකානු එක්සත් ජනපද රජය මවිතයට පත් කරමින් එරට දේශපාලනය ස්පුට්නික් අර්බුදය නමින් හැඳින්වුණු අවුලට ඇද දැම්මා පමණක් නොව අමෙරිකාව සහ රුසියාව අතර අභ්‍යවකාශ තරඟයක් ද ඇවිලවී ය. “ස්පුට්නික්” යන්නෙහි අරුත පෘථිවියේ අනුචරයා යන්න යි. ස්පුට්නික් ච්‍යාපෘතිය නමින් හැඳින්වුණු වන්ද්‍රිකා පෙළක පළමුවැන්න වූයේ ස්පුට්නික්-1 යි. නිමැවුම බාහිර හැඩය ස්පුට්නික්-1 චන්ද්‍රිකාව හැඩයෙන් ගෝලාකාර වූවකි. එහි විෂ්කම්භය මිලිමීටර් 585 ක් වූ අතර බර කිලෝග්රෑම් 83.6 ක් විය. චන්ද්‍රිකාවේ කබොල්ල වායුරෝධිත ලෙස සංමුද්‍රිත මිලිමීටර් 2 ක් ඝනකමැති ඇලුමිනියම් අර්ධගෝල දෙකක් එකලස් කිරීමෙන් තැනුවක් විය. ඒවායෙහි පිට පැත්ත මිලිමීටර් 1 ක් ඝනකමැති AMG6T නමින් හැඳින්වෙන ඇලුමිනියම්-මැග්නීසියම්-ටයිටේනියම් මිශ්‍රලෝහ තට්ටුවකින් ආවරණය කර තිබුණු අතර එය හොඳින් ඔප දමා තිබුණි. ඒ අභ්‍යවකාශයෙහි පවතින දැඩි හිරු රශ්මිය පරාවර්තනය කිරීම පිණිස ය. එමඟින් චන්ද්‍රිකාවේ අභ්‍යන්තර උපකරණ ආරක්ෂා විණි. තවද, වියළි නයිට්‍රජන් වායුවෙන් චන්ද්‍රිකා කබොල්ල පුරවා තිබිණ. පසු අතට විහිදුණු රිටි ආකාර ඈසි (ගුවන් කම්බි) යුගල දෙකක් චන්ද්‍රිකාවට සවිකර තිබූ අතර ඉන් එක යුගලක ඈසියක් දිගින් මීටර් 29 ක් ද අනෙකේ එය මීටර් 24 ක් ද දිගු විය. මෙම ඈසි හතර චන්ද්‍රිකාවේ අන්වායාම අක්ෂයට 35° ක් ආනතව පිහිටා තිබුණි. මේවායේ සම්ප්‍රේෂණ රටාව ගෝලාකාර වූ නිසා ඒවායින් නිකුත් වූ සංඥා චන්ද්‍රිකාවේ භ්‍රමණයෙන් ස්වායත්තව ග්‍රහණය කර ගැනීමට හැකිවිණි. ජව සැපයුම චන්ද්‍රිකාවේ විද්‍යුත් උපකරණ බල ගැන්වුණේ කිලෝග්රෑම් 51 ක් බරැති සිල්වර්-ඔක්සයිඩ් බැටරි තුනකිනි. ඉන් දෙකක් රේඩියෝ සම්ප්‍රේෂකය සඳහාත් අනෙක චන්ද්‍රිකාවේ උෂ්ණත්ව යාමකය සඳහාත් යෙදැවිණි. මේ බැටරි තුන එකට සම්බන්ධකර තිබුණේ අෂ්ටාශ්‍රාකාර මුරිච්චියක හැඩයකට ය. එම කුහරය තුළ රේඩියෝ සම්ප්‍රේෂකය රඳවා තිබිණ. පෘථිවි කක්ෂයට ඇතුළු වූ පසු, චන්ද්‍රිකාව දෙවන පියවර රොකටයෙන් වෙන් වීමත් සමඟ ම ස්වයංක්‍රීයව විදුලි සැපයුම ඇරඹිණි. මෙම බැටරිවල බලය සති දෙකක් පමණක් පවතිනු ඇතැයි අපේක්ෂා කළත් ඒවා දින 22 ක් පුරා සක්‍රියව පැවතිණ. රේඩියෝ සම්ප්‍රේෂකය මෙය කිලෝග්රෑම් 35 ක් බරැති වොට් 1 ක බලයකින් යුත් කෙටි තරංග සම්ප්‍රේෂකයක් විය. එයින් නිකුත් වූයේ 20.005 MHz සහ 40.002 MHz යන සංඛ්‍යාතවලින් යුක්ත වාහක තරංග දෙකකි. මින් පළමුවැන්නෙන් විසුරුවා හැරුණු සංඥා, චන්ද්‍රිකාව තුළ සාමාන්‍ය උෂ්ණත්ව හා පීඩන තත්ත්ව යටතේ තත්පර 0.3 ක ප්‍රවර්තන කාලයකින් යුත් ස්පන්දන වූ අතර ස්පන්දන දෙකක් අතර විරාමය පිරැවුණේ අනෙක් සංඛ්‍යාතයෙන් විසුරුවා හැරුණු ස්පන්දනවලිනි. මේ රේඩියෝ සංඥාවලට චන්ද්‍රිකාව තුළ එය පුරවා තිබූ නයිට්‍රජන් වායුවේ පීඩනය සහ එතුළ උෂ්ණත්වය පිළිබඳ දත්ත කේතනය කොට තිබුණි. මීට අමතරව, අජටාකාශයේ සිට පොළොව කරා එන රේඩියෝ තරංග ඉතා ඉහළ වායුගෝලයේ විසිරෙන ආකාරය මෙන්ම අයනගෝලයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට එම සංඥා විශ්ලේෂණයට භාජනය කිරීමෙන් හැකිවිය. උෂ්ණත්ව යාමනය චන්ද්‍රිකාවේ උෂ්ණත්ව යාමන පද්ධතිය පංකාවකින්, ද්විත්ව තාපජ ස්විච්චියකින් සහ පාලන තාපජ ස්විච්චියකින් සමන්විත විය. චන්ද්‍රිකාව තුළ උෂ්ණත්වය 36° C ට වඩා වැඩි වන අවස්ථාවලදී පංකාව ක්‍රියාත්මක කරවීමටත් 20° C ට වඩා අඩුවන අවස්ථාවලදී එය නතර කරවීමටත් ද්විත්ව තාපජ ස්විච්චිය යොදා ගැනිණ. එසේම, එතුළ උෂ්ණත්වය 50° C ට වැඩි වුවහොත් හෝ 0° C ට අඩු වුවහොත් හෝ පාලන තාපජ ස්විච්චිය ක්‍රියාකාරි වී චන්ද්‍රිකාවෙන් නිකුත් වූ රේඩියෝ සංඥා ස්පන්දනයේ ප්‍රවර්තන කාලය වෙනස් කළේ ය. වායු පීඩනමානය යට විස්තර කළ පරිදි ස්පුට්නික්-1 චන්ද්‍රිකාවේ කබොල්ල වායුගෝල 1.3 ක පීඩනයක් යටතේ වියළි නයිට්‍රජන් වායුවෙන් පුරවා තිබිණ. මෙම පීඩනය නිරීක්ෂණය කිරීම සඳහා වායුපීඩන ස්විච්චියක් සවිකර තිබුණි. යම් හෙයකින් උල්කාවක් චන්ද්‍රිකාව හා ගැටීම හේතුවෙන් එය සිදුරු වී වායුව කාන්දු වූවා නම් කබොල්ල තුළ පීඩනය වායුගෝල 0.34 ක ට වඩා අඩුවන අවස්ථාවේදී මෙම ස්විච්චිය සක්‍රිය තත්ත්වයට පත්වී රේඩියෝ සංඥා ස්පන්දනයේ ප්‍රවර්තන කාලය වෙනස් කිරීමට සැලසුම් කර තිබුණි. කක්ෂය ස්පුට්නික්-1 හි කක්ෂය පිහිටියේ ක්‍රාන්තිවලීය තලයට 65.1° ක් ආනතව ය. එහි භූසමීපකය කි.මී. 215 ක උසකින් ද භූදුරකය කි.මී. 939 ක උසකින් ද විය. කක්ෂීය ආවර්ත කාලය විනාඩි 96 යි තත්පර 10.2 ක් විය. චන්ද්‍රිකාවේ කක්ෂය විකේන්ද්‍රිකතාවෙන් එතරම් ඉහළ අගයක් ගත්තේ කරුණු දෙකක් නිසා ය. එකල රොකට් මෙහෙයුම් තාක්ෂණය ළදරු අවස්ථාවක පැවතීම නිසා අභ්‍යවකාශ ගන්වන ලද චන්ද්‍රිකාව වෘත්තාකාර කක්ෂයකට ගෙන ඒමට අපහසු කාර්යයක්ව තිබිණ. ඉහළ වායුගෝලය පිළිබඳ තොරතුරු එකල විද්‍යාඥයෝ දැන සිටියේ ඉතා මඳ වශයෙනි. එබැවින් පෘථිවි තලයෙන් ඉහළ විශාල උන්නතාංශ පරාසයක ගවේෂණ කටයුතු කිරීමට ඔවුනට අවශ්‍ය වී තිබිණ. ඉහළ වායුගෝලයේ වායු අණු සමඟ නිරන්තර ගැටීම නිසා චන්ද්‍රිකාවේ වේගය ක්‍රමයෙන් හීන වී දින 92 ක ට පසු, එනම් 1958 ජනවාරි 4 වන දා එය පෘථිවි වායුගෝලයට නැවත ඇතුළු වීමෙන් දැවී ගියේ ය. ඒ වන විට ස්පුට්නික්-1 පෘථිවිය වටා පරිභ්‍රමණ වාර 1440 ක් පූර්ණය කොට තිබුණි. එමෙන්ම එය ගමන් කොට තිබූ සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝමීටර් හය කෝටියක් පමණ විය. ඉතිහාසය ස්පුට්නික්-1 හි ඉතිහාසය වර්ෂ 1947 තරම් දුරට දිව යයි. ඒ වසරේදී සෝවියට් සංගමයේ රොකට් ප්‍රචාලන විද්‍යා පුරෝගාමියකු වූ මිහයිල් ක්ලව්ඩ්‍යේවිච් පෘථිවි උපග්‍රහයෙක් අභ්‍යවකාශ ගැන්වීමේ ශක්‍යතාව පිළිබඳව සොයා බැලීම සඳහා පර්යේෂකයන් කණ්ඩායමක් පත් කළේ ය. ඔවුන් විසින් කරන ලද අධ්‍යයන වට රාශියකින් පසු කෘත්‍රිම පෘථිවි උපග්‍රහයෙක් අභ්‍යවකාශ ගැන්වීම බහු-අවස්ථා රොකටයක් මඟින් සිදු කිරීම යෝග්‍ය යැයි තීරණය විය. 1954 දී මෙම ශක්‍යතා අධ්‍යයනයේ වාර්තාව සෝවියට් සංගමයේ ප්‍රමුඛ පෙළේ රොකට් ප්‍රචාලන ඉංජිනේරුවකු වූ සෙර්ගෙයි කොරොල්‍යොව් හට ඉදිරිපත් කරන ලදුව ඒ සඳහා ඔහුගේ අනුමැතිය ලැබී ඒ වසරේ මැයි 27 වන දා සෝවියට් රජය වෙත පිළිගන්වන ලදි. මේ අතරතුර 1957 ජූලි 1 වන දා සිට 1958 දෙසැම්බර් 31 දා තෙක් මාස 18 ක කාලය අන්තර්ජාතික භූභෞතික විද්‍යා වර්ෂය ලෙස නම් කර තිබුණි. මෙම වැඩ සටහනේ කොටසක් ලෙස අභ්‍යවකාශය අද්දර වායුගෝලීය තත්ත්වයන් - විශේෂයෙන් ම අන්තරීක්ෂ කිරණ, ඉහළ අයන ගෝලය හා පෘථිවි චුම්බක ක්ෂේත්‍රය - පිළිබඳ කරුණු හැදෑරීමට සැලසුම් කොට තිබුණි. මේ කාර්යය ඉෂ්ට කරගැනීම සඳහා කෘත්‍රිම උපග්‍රහයෙක් ගුවන් ගැන්වීම අනිවාර්ය බව පැහැදිලි කරුණක් විය. ඒ අනුව අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුව 1955 ජූලි 29 දා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ අන්තර්ජාතික භූභෞතික විද්‍යා වර්ෂය තුළ උපග්‍රහයෙක් අභ්‍යවකාශ ගන්වන බව යි. සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය ද 1955 අගෝස්තු 8 වන දා කෘත්‍රිම චන්ද්‍රිකාවක් තැනීමේ කර්තව්‍යයට අනුමැතිය දුන්නේ ය. එය අභ්‍යවකාශ ගැන්වීම සඳහා ඒ වන විට වැඩිදියුණු කරමින් පැවති R-7 නම් මිසයිලය සුදුසු යැයි තීරණය විය. 1956 ජනවාරි 30 වන දා “D වස්තුව” නමින් හඳුන්වනු ලැබූ චන්ද්‍රිකාවක සැලැස්මට සෝවියට් රජයේ අනුමැතිය ලැබිණ. මේ සැලැස්මට අනුව උපග්‍රහයා තනා නිම වූ විට එහි ස්කන්ධය කිලෝග්රෑම් 1000 ත් 1400 ත් අතර අගයක පැවතීම අපේක්ෂා කෙරිණ. රැගෙන යාමට නියමිත වූ විද්‍යා උපකරණවල ස්කන්ධය කිලෝග්රෑම් 200 – 300 විය. එසේම, “D වස්තුව” 1957 වර්ෂය තුළ ගුවන් ගැන්වීමට සැලසුම් කොට තිබුණි. කෙසේ වෙතත්, “D වස්තුව” එකලස් කිරීම සහ ටොන් 1 ½ ක චන්ද්‍රිකාවක් ගුවන් ගැන්වීම පිණිස වාහක රොකටයේ එන්ජින්වල කාර්යක්ෂමතාව වැඩි කිරීම යන කටයුතු ඉංජිනේරුවන් අපේක්ෂා කළාට වඩා සංකීර්ණ කාර්යයෝ වූහ. එහෙයින් සැලසුම් කළ කාලසටහනට අනුව “D වස්තුව” අභ්‍යවකාශ ගැන්වීම නොකළ හැක්කක් බව කොරොල්‍යොව් හට ක්‍රමයෙන් ප්‍රත්‍යක්ෂ විය. මේ අතර, 1956 සැප්තැම්බර් 20 වන දා අමෙරිකා එක්සත් ජනපද යුද්ධ හමුදාව ජුපිටර්-C නම් රොකට්ටුවක් කිලෝමීටර් 5300 ක පරාසයකින් යුක්ත ප්‍රක්ෂේප පථයක සාර්ථකව ගුවන් ගැන්වී ය. කොරොල්‍යොව් මෙය දුටුවේ එක්සත් ජනපදයේ චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගැන්වීමේ අසාර්ථක, රහස්‍ය උත්සාහයක් ලෙස ය. තම දේශය ලොව ප්‍රථම කෘත්‍රිම චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගැන්විය යුතු යයි තරයේ විශ්වාස කළ ඔහු 1956 නොවැම්බර් මාසයේදී “D වස්තුව” තැනීමේ කටයුතුවලට සමගාමීව, හැකි ඉක්මනින් සරල උපග්‍රහයෙක් ගුවන් ගැන්වීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කළේ ය. ඒ අනුව 1957 ජනවාරි 5 වන දා කොරොල්‍යොව් සෝවියට් රජයට ලිපියක් යොමු කරමින් කුඩා චන්ද්‍රිකා දෙකක් නිර්මාණය කිරීමට අනුමැතිය ඉල්ලා සිටියේ ය. තවද, එකක් කිලෝග්රෑම් 100 ක පමණ ස්කන්ධයකින් යුක්ත මේවා ජාත්‍යන්තර භූභෞතික විද්‍යා වර්ෂය නිල වශයෙන් ආරම්භ වීමට පෙර ගුවන් ගැන්වීමට අදහස් කරන බැව් ද හෙතෙම දන්වා සිටියේ ය. ඉතා ඉක්මනින් ඒ සඳහා අනුමැතිය ලැබුණු අතර යෝජිත “ප්‍රාථමික චන්ද්‍රිකා” (රුසියානු බසින්: Простейший Спутник [Prosteyshyy Sputnik හෙවත් PS]) ද්වය PS-1 හා PS-2 ලෙස නම් කෙරිණි. ස්පුට්නික්-1 වශයෙන් අභ්‍යවකාශ ගැන්වුණේ PS-1 චන්ද්‍රිකාව යි. ඒ වන විට නිර්මාණය වෙමින් පැවති “D වස්තුව” පසුව, එනම් 1958 මැයි 15 වන දා, ස්පුට්නික්-3 වශයෙන් අභ්‍යවකාශ ගැන්විණි. වැඩිදුර කියවීම සඳහා Cosmonautics: A Colorful History, Edited by Dr. Wayne R. Matson, Cosmos Books, Washington, D.C., USA, 1994 (ISBN 978-1-885609-01-4 අඩවියෙන් බැහැර පිටු ස්පුට්නික් ව්‍යාපෘතිය (ඉංග්‍රීසියෙන්) 50 වසරකට පෙර ස්පුට්නික් (ඉංග්‍රීසියෙන්) අභ්‍යවකාශ ගවේෂණය අභ්‍යවකාශ යානා සෝවියට් අභ්‍යවකාශ යානා
8,610
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F
ප්ලාස්මා
ප්ලාස්මා වචනයේ තේරුම් අතරින් ඔබට අවශ්‍ය දේ තෝරාගන්න: ප්ලාස්මා (භෞතික විද්‍යාව), an ionized gas, the fourth state of matter රුධිර ප්ලාස්මා, the yellow-colored liquid component of blood, in which blood cells are suspended ප්ලාස්මා තිරය, a common application of plasma (physics), a flat-panel electronic visual display technology. Milk plasma or whey, the liquid remaining after milk has been curdled and strained Plasma (KDE), a reimplementation and redesign of the KDE free desktop environment for Linux Plasma (mineral), bright green chalcedony, sometimes found with small spots of jasper resembling blood drops Plasma effect, a computer-based animated visual effect, used in graphics demonstrations Plasma (album), the 2003 live album by Trey Anastasio In cell biology: Cytoplasm, a water-like substance that fills cells Germplasm, describes a collection of genetic resources for an organism Germ plasm, a zone in the cytoplasm determining germ cells Nucleoplasm, a highly viscous liquid that surrounds the chromosomes and nucleoli Protoplasm, the living substance inside the cell See also Plasma cannon, further disambiguation
8,611
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%20%28%E0%B6%B7%E0%B7%9E%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%20%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%29
ප්ලාස්මා (භෞතික විද්‍යාව)
භෞතික විද්‍යාවෙහි සහ රසායන විද්‍යාවෙහි, ප්ලාස්මා යනු වායුවක අංශු කිසියම් ප්‍රමාණයක් අයනීකෘත වූ විට නිමැවෙන පදාර්ථයේ අවස්ථාවකි. ප්ලාස්මා අවස්ථාවේදී අයනීකෘත වායුවක් වන අතර ඉලෙක්ට්රෝනයක යම් අනුපාතයක් නිදහස් වන අතර ඒවා පරමාණුවකට හෝ අණුවක් වෙතට බැඳී ඇත. ධනාත්මක හා සෘණ ආරෝපණ තරමක් ස්වාධීනව ගමන් කිරීමට හැකියාව ඇති විද්යුත් චුම්බක ක්ෂේත්රයට දැඩි ලෙස ප්රතිචාර දැක්වීමට ප්ලාස්මා විදුලිය සන්නායක වේ. එබැවින් ප්ලාස්මා ඝන ද්රව්ය, ද්රව හෝ වායූන් මෙන් නොව එහි ද්රව්යමය තත්වයක් ලෙස සැලකේ. ප්ලාස්මා සාමාන්යයෙන් උදාසීන වායු වළාකුළු ආකාරයක් (උදා. තරු) උදා වේ. ඉතිහාසය මෙම පදාර්ථය පළමු වරට ක්ෲක්ස් නලයක් තුළ මුලින්ම හදුනාගත් අතර 1879 දී ශ්රීමත් විලියම් ක්රූකොස් විසින් විස්තර කරන ලදී (ඔහු එය "විකිරණමය පදාර්ථයයි" ලෙස හැඳින්වේ.) [1] ක්රූකොස් නාලය "කැතෝඩ කිරණ" යන පදාර්ථයේ ස්වභාවය බ්රිතාන්ය විද්යාඥ ශ්රීමත් ජේ. ජේ. 1897 දී තොම්සන් [2] සහ 1928 දී අර්වින්ග් ලන්ග්මීර් විසින් "ප්ලාස්මා" ලෙස නම් කරන ලදී. සමහරවිට එය රුධිර ප්ලාස්මා මත ඔහුට මතක් කළ නිසාය. ලන්ග්මියර් මෙසේ ලිවීය: ඉලෙක්ට්රෝන කිහිපයක් අඩංගු කොපුවල ඇති ඉලෙක්ට්රෝඩයන් ආසන්නයේ හැරුණු විට, අයනීකෘත වායුව නිසා සමාන අයුරින් අයන සහ ඉලෙක්ට්රෝන අඩංගු වන අතර එහි ප්රතිඵලයක් ලෙස අභ්යවකාශ ආරෝපණ ඉතා කුඩා වේ. අයන සහ ඉලෙක්ට්රෝන වල සමබර ආරෝපනයක් සහිත මෙම කලාපය විස්තර කිරීමට නම් ප්ලාස්මා නාමය භාවිතා කළ යුතුය. "[1] ප්ලාස්මා යනු ස්කන්ධය හා පරිමාව අනුවය. විශ්වයේ බහුලම දෙය වන්නේ සංයුතියයි. [1] තාරකා සියල්ලම ප්ලාස්මා වලින් සෑදූ අතර තාරකා අතර අවකාශය පවා ප්ලාස්මා සමග පිරවිය හැකි නමුත් ඉතා විරල වේ (තාරකාභෞතික ප්ලාස්මා, අන්තර්ගෝලීය මාධ්ය සහ අන්තර්ගෝලීය අවකාශය බලන්න). සූර්ය පද්ධතියේ දී ග්රහ මණ්ඩලයේ නොවන බොහෝ ප්ලූටෝ ග්රහයන්ගෙන් ග්රහයන්ගෙන් සියයට 0.1 ක් හා ප්ලූටෝ කක්ෂය තුල පරිමාව 10-15% ක් පමණ වේ. වායුමය ප්ලාස්මා ඇතුලත ඉතා කුඩා ධාන්ය වර්ගයක් ද සෘණ ආරෝපණ ආරෝපණයක් ලබා ගනී. එසේ කිරීමෙන් ප්ලාස්මා හි ඉතා විශාල සෘණ අයන සංරචකයක් ලෙස ක්රියා කළ හැකි නිසා (ධූලි ප්ලාස්මා බලන්න). ප්ලාස්මා ගුණ හා පැරාමිතිය අර්ථ දැක්වීම Although a plasma is loosely described as an electrically neutral medium of positive and negative particles, a definition can have three criteria: The plasma approximation: Charged particles must be close enough together that each particle influences many nearby charged particles, rather than just interacting with the closest particle (these collective effects are a distinguishing feature of a plasma). The plasma approximation is valid when the number of charge carriers within the sphere of influence (called the Debye sphere whose radius is the Debye screening length) of a particular particle are higher than unity to provide collective behavior of the charged particles. The average number of particles in the Debye sphere is given by the plasma parameter, "Λ" (the Greek letter Lambda). Bulk interactions: The Debye screening length (defined above) is short compared to the physical size of the plasma. This criterion means that interactions in the bulk of the plasma are more important than those at its edges, where boundary effects may take place. When this criterion is satisfied, the plasma is quasineutral. Plasma frequency: The electron plasma frequency (measuring plasma oscillations of the electrons) is large compared to the electron-neutral collision frequency (measuring frequency of collisions between electrons and neutral particles). When this condition is valid, electrostatic interactions dominate over the processes of ordinary gas kinetics. Ranges of plasma parameters Plasma parameters can take on values varying by many orders of magnitude, but the properties of plasmas with apparently disparate parameters may be very similar (see plasma scaling). The following chart considers only conventional atomic plasmas and not exotic phenomena like quark gluon plasmas: Degree of ionization For plasma to exist, ionization is necessary. The term "plasma density" by itself usually refers to the "electron density", that is, the number of free electrons per unit volume. The degree of ionization of a plasma is the proportion of atoms which have lost (or gained) electrons, and is controlled mostly by the temperature. Even a partially ionized gas in which as little as 1% of the particles are ionized can have the characteristics of a plasma (i.e. respond to magnetic fields and be highly electrically conductive). The degree of ionization, α is defined as α = ni/(ni + na) where ni is the number density of ions and na is the number density of neutral atoms. The electron density is related to this by the average charge state <Z> of the ions through ne=<Z> ni where ne is the number density of electrons. උෂ්ණත්වය ප්ලාස්මා උෂ්ණත්වය සාමාන්‍යයෙන් මනිනු ලබන්නේ [[[]] හෝ ඉලෙක්ට්‍රෝන වෝල්ට් වල වන අතර එය අංශුවකට තාප චාලක ශක්තියේ අවිධිමත් මිනුමකි. මැක්ස්වෙලියන් ශක්තියෙන් [[බෙදා හැරීමේ කාර්යය] සැලකිය යුතු ලෙස අපගමනය වූ විට පවා ඉලෙක්ට්‍රෝන තාප සමතුලිතතාවයට ආසන්නව පිහිටා ඇත. ]], උදාහරණයක් ලෙස පාරජම්බුල කිරණ, ශක්තිජනක අංශු හෝ ශක්තිමත් විද්‍යුත් ක්ෂේත්‍ර හේතුවෙන්. ස්කන්ධයේ විශාල වෙනස නිසා ඉලෙක්ට්‍රෝන අයන හෝ උදාසීන පරමාණු සමඟ සමතුලිතතාවයට පැමිණීමට වඩා වේගයෙන් තාප ගතික සමතුලිතතාවයට පැමිණේ. මේ හේතුව නිසා "අයන උෂ්ණත්වය" "ඉලෙක්ට්‍රෝන උෂ්ණත්වය ට වඩා බෙහෙවින් වෙනස් විය හැකිය. දුර්වල අයනීකෘත තාක්‍ෂණික ප්ලාස්මා වල මෙය විශේෂයෙන් සුලභ වේ, අයන බොහෝ විට පරිසර උෂ්ණත්වය අසල ඇත. ඉලෙක්ට්රෝන, අයන සහ උදාසීන වල සාපේක්ෂ උෂ්ණත්වය මත පදනම්ව, ප්ලාස්මා "තාප" හෝ "තාප නොවන" ලෙස වර්ගීකරණය කර ඇත. තාප ප්ලාස්මා වල ඉලෙක්ට්‍රෝන හා බර අංශු එකම උෂ්ණත්වයේ පවතී, එනම් ඒවා එකිනෙකා සමඟ තාප සමතුලිතතාවයේ පවතී. අනෙක් අතට තාප නොවන ප්ලාස්මා වලට අයන හා උදාසීන වඩා අඩු උෂ්ණත්වයක (සාමාන්‍යයෙන් කාමර උෂ්ණත්වය) ඇති අතර ඉලෙක්ට්‍රෝන බොහෝ “උණුසුම්” වේ. උෂ්ණත්වය ප්ලාස්මා අයනීකරණයේ මට්ටම පාලනය කරයි. විශේෂයෙන්, සහා සමීකරණය නමින් හැඳින්වෙන සම්බන්ධතාවයක අයනීකරණ ශක්තිය (හා වඩා දුර්වල ලෙස ity නත්වය අනුව) සාපේක්ෂව “ඉලෙක්ට්‍රෝන උෂ්ණත්වය” මගින් ප්ලාස්මා අයනීකරණය තීරණය වේ. ප්ලාස්මා සමහර විට සම්පූර්ණයෙන්ම අයනීකරණය වී ඇත්නම් එය "උණුසුම්" හෝ වායු අණු වලින් කුඩා කොටසක් (උදාහරණයක් ලෙස 1%) අයනීකරණය වී ඇත්නම් "සීතල" ලෙස හැඳින්වේ (නමුත් "උණුසුම් ප්ලාස්මා" යන යෙදුම්වල වෙනත් අර්ථ දැක්වීම් සහ "සීතල ප්ලාස්මා" පොදු වේ). “සීතල” ප්ලාස්මා වල වුවද ඉලෙක්ට්‍රෝන උෂ්ණත්වය තවමත් සෙල්සියස් අංශක දහස් ගණනකි. "ප්ලාස්මා තාක්‍ෂණය" ("තාක්‍ෂණික ප්ලාස්මා") සඳහා භාවිතා කරන ප්ලාස්මා සාමාන්‍යයෙන් මෙම අර්ථයෙන් සීතල වේ. Potentials Since plasmas are very good conductors, electric potentials play an important role. The potential as it exists on average in the space between charged particles, independent of the question of how it can be measured, is called the "plasma potential" or the "space potential". If an electrode is inserted into a plasma, its potential will generally lie considerably below the plasma potential due to what is termed a Debye sheath. The good electrical conductivity of plasmas causes their electric fields to be very small. This results in the important concept of "quasineutrality", which says the density of negative charges is approximately equal to the density of positive charges over large volumes of the plasma (), but on the scale of the Debye length there can be charge imbalance. In the special case that double layers are formed, the charge separation can extend some tens of Debye lengths. The magnitude of the potentials and electric fields must be determined by means other than simply finding the net charge density. A common example is to assume that the electrons satisfy the "Boltzmann relation": . Differentiating this relation provides a means to calculate the electric field from the density: . It is possible to produce a plasma which is not quasineutral. An electron beam, for example, has only negative charges. The density of a non-neutral plasma must generally be very low, or it must be very small, otherwise it will be dissipated by the repulsive electrostatic force. In astrophysical plasmas, Debye screening prevents electric fields from directly affecting the plasma over large distances (ie. greater than the Debye length). But the existence of charged particles causes the plasma to generate and be affected by magnetic fields. This can and does cause extremely complex behavior, such as the generation of plasma double layers, an object which separates charge over a few tens of Debye lengths. The dynamics of plasmas interacting with external and self-generated magnetic fields are studied in the academic discipline of magnetohydrodynamics. චුම්භකනය A plasma in which the magnetic field is strong enough to influence the motion of the charged particles is said to be magnetized. A common quantitative criterion is that a particle on average completes at least one gyration around the magnetic field before making a collision (ie. where is the "electron gyrofrequency" and is the "electron collision rate"). It is often the case that the electrons are magnetized while the ions are not. Magnetized plasmas are anisotropic, meaning that their properties in the direction parallel to the magnetic field are different from those perpendicular to it. While electric fields in plasmas are usually small due to the high conductivity, the electric field associated with a plasma moving in a magnetic field is given by E = -v x B (where E is the electric field, v is the velocity, and B is the magnetic field), and is not affected by Debye shielding. Comparison of plasma and gas phases Plasma is often called the fourth state of matter. It is distinct from other lower-energy states of matter; most commonly solid, liquid, and gas, although it is closely related to the gas phase in that it also has no definite form or volume. Physicists consider a plasma to be more than a gas because of a number of distinct properties including the following: Complex plasma phenomena Although the underlying equations governing plasmas are relatively simple, plasma behaviour is extraordinarily varied and subtle: the emergence of unexpected behaviour from a simple model is a typical feature of a complex system. Such systems lie in some sense on the boundary between ordered and disordered behaviour, and cannot typically be described either by simple, smooth, mathematical functions, or by pure randomness. The spontaneous formation of interesting spatial features on a wide range of length scales is one manifestation of plasma complexity. The features are interesting, for example, because they are very sharp, spatially intermittent (the distance between features is much larger than the features themselves), or have a fractal form. Many of these features were first studied in the laboratory, and have subsequently been recognised throughout the universe. Examples of complexity and complex structures in plasmas include: Filamentation Striations or string-like structures are seen in many plasmas, like the plasma ball (image above), the aurora, lightning, electric arcs, solar flares, and supernova remnants. They are sometimes associated with larger current densities, and the interaction with the magnetic field can form a magnetic rope structure. (See also Plasma pinch) Shocks or double layers Plasma properties change rapidly (within a few Debye lengths) across a two-dimensional sheet in the presence of a (moving) shock or (stationary) double layer. Double layers involve localised charge separation, which causes a large potential difference across the layer, but does not generate an electric field outside the layer. Double layers separate adjacent plasma regions with different physical characteristics, and are often found in current carrying plasmas. They accelerate both ions and electrons. Electric fields and circuits Quasineutrality of a plasma requires that plasma currents close on themselves in electric circuits. Such circuits follow Kirchhoff's circuit laws, and possess a resistance and inductance. These circuits must generally be treated as a strongly coupled system, with the behaviour in each plasma region dependent on the entire circuit. It is this strong coupling between system elements, together with nonlinearity, which may lead to complex behaviour. Electrical circuits in plasmas store inductive (magnetic) energy, and should the circuit be disrupted, for example, by a plasma instability, the inductive energy will be released as plasma heating and acceleration. This is a common explanation for the heating which takes place in the solar corona. Electric currents, and in particular, magnetic-field-aligned electric currents (which are sometimes generically referred to as "Birkeland currents"), are also observed in the Earth's aurora, and in plasma filaments. Cellular structure Narrow sheets with sharp gradients may separate regions with different properties such as magnetization, density, and temperature, resulting in cell-like regions. Examples include the magnetosphere, heliosphere, and heliospheric current sheet. Hannes Alfvén wrote: "From the cosmological point of view, the most important new space research discovery is probably the cellular structure of space. As has been seen, in every region of space which is accessible to in situ measurements, there are a number of 'cell walls', sheets of electric currents, which divide space into compartments with different magnetization, temperature, density, etc ." Critical ionization velocity The Critical ionization velocity is the relative velocity between an (magnetized) ionized plasma and a neutral gas above which a runaway ionization process takes place. The critical ionization process is a quite general mechanism for the conversion of the kinetic energy of a rapidly streaming gas into ionization and plasma thermal energy. Critical phenomena in general are typical of complex systems, and may lead to sharp spatial or temporal features. Ultracold plasma It is possible to create ultracold plasmas, by using lasers to trap and cool neutral atoms to temperatures of 1 mK or lower. Another laser then ionizes the atoms by giving each of the outermost electrons just enough energy to escape the electrical attraction of its parent ion. The key point about ultracold plasmas is that by manipulating the atoms with lasers, the kinetic energy of the liberated electrons can be controlled. Using standard pulsed lasers, the electron energy can be made to correspond to a temperature of as low as 0.1 K,­ a limit set by the frequency bandwidth of the laser pulse. The ions, however, retain the millikelvin temperatures of the neutral atoms. This type of non-equilibrium ultracold plasma evolves rapidly, and many fundamental questions about its behaviour remain unanswered. Experiments conducted so far have revealed surprising dynamics and recombination behavior which are pushing the limits of our knowledge of plasma physics. One of the metastable states of strongly nonideal plasma is Rydberg matter which forms upon condensation of excited atoms. ආරෝපිත ප්ලැස්මා The strength and range of the electric force and the good conductivity of plasmas usually ensure that the density of positive and negative charges in any sizeable region are equal ("quasineutrality"). A plasma which has a significant excess of charge density or which is, in the extreme case, composed of only a single species, is called a non-neutral plasma. In such a plasma, electric fields play a dominant role. Examples are charged particle beams, an electron cloud in a Penning trap, and positron plasmas. Dusty plasma and grain plasma A dusty plasma is one containing tiny charged particles of dust (typically found in space) which also behaves like a plasma. A plasma containing larger particles is called a grain plasma. Mathematical descriptions [[Image:Magnetic rope.svg|thumb|256px|The complex self-constricting magnetic field lines and current paths in a field-aligned Birkeland current which may develop in a plasma<ref>See Evolution of the Solar System, 1976)</ref> ]] To completely describe the state of a plasma, we would need to write down all the particle locations and velocities, and describe the electromagnetic field in the plasma region. However, it is generally not practical or necessary to keep track of all the particles in a plasma. Therefore, plasma physicists commonly use less detailed descriptions known as models, of which there are two main types: ද්‍රව ආකාතිය Fluid models describe plasmas in terms of smoothed quantities like density and averaged velocity around each position (see Plasma parameters). One simple fluid model, magnetohydrodynamics, treats the plasma as a single fluid governed by a combination of Maxwell's equations and the Navier–Stokes equations. A more general description is the two-fluid picture, where the ions and electrons are described separately. Fluid models are often accurate when collisionality is sufficiently high to keep the plasma velocity distribution close to a Maxwell–Boltzmann distribution. Because fluid models usually describe the plasma in terms of a single flow at a certain temperature at each spatial location, they can neither capture velocity space structures like beams or double layers nor resolve wave-particle effects. ගතික ප්ලැස්මා Kinetic models describe the particle velocity distribution function at each point in the plasma, and therefore do not need to assume a Maxwell–Boltzmann distribution. A kinetic description is often necessary for collisionless plasmas. There are two common approaches to kinetic description of a plasma. One is based on representing the smoothed distribution function on a grid in velocity and position. The other, known as the particle-in-cell (PIC) technique, includes kinetic information by following the trajectories of a large number of individual particles. Kinetic models are generally more computationally intensive than fluid models. The Vlasov equation may be used to describe the dynamics of a system of charged particles interacting with an electromagnetic field. කෘතිම ප්ලැස්මා Most artificial plasmas are generated by the application of electric and/or magnetic fields. Plasma generated in a laboratory setting and for industrial use can be generally categorized by: The type of power source used to generate the plasma; DC, RF and microwave. The pressure at which they operate; vacuum pressure (< 10 mTorr), moderate pressure (~ 1 Torr), and atmospheric pressure (760 Torr). The degree of ionization within the plasma; fully ionized, partially ionized, weakly ionized. The temperature relationships within the plasma; Thermal plasma (Te = Tion = Tgas), Non-Thermal or "cold" plasma (Te >> Tion = Tgas) The electrode configuration used to generate the plasma. The magnetization of the particles within the plasma; Magnetized (both ion and electrons are trapped in Larmor orbits by the magnetic field), partially magnetized (the electrons but not the ions are trapped by the magnetic field), non-magnetized (the magnetic field is too weak to trap the particles in orbits but may generate Lorentz forces). Its application Examples of industrial/commercial plasma Low-pressure dischargesGlow discharge plasmas: non-thermal plasmas generated by the application of DC or low frequency RF (<100 kHz) electric field to the gap between two metal electrodes. Probably the most common plasma; this is the type of plasma generated within fluorescent light tubes. Capacitively coupled plasma (CCP): similar to glow discharge plasmas, but generated with high frequency RF electric fields, typically 13.56 MHz. These differ from glow discharges in that the sheaths are much less intense. These are widely used in the microfabrication and integrated circuit manufacturing industries for plasma etching and plasma enhanced chemical vapor deposition.Inductively coupled plasma (ICP): similar to a CCP and with similar applications but the electrode consists of a coil wrapped around the discharge volume which inductively excites the plasma.Wave heated plasma: similar to CCP and ICP in that it is typically RF (or microwave), but is heated by both electrostatic and electromagnetic means. Examples are helicon discharge, electron cyclotron resonance (ECR), and ion cyclotron resonance (ICR). These typically require a coaxial magnetic field for wave propagation. Atmospheric pressureArc discharge: this is a high power thermal discharge of very high temperature ~10,000 K. It can be generated using various power supplies. It is commonly used in metallurgical processes. For example it is used to melt rocks containing Al2O3 to produce aluminium.Corona discharge: this is a non-thermal discharge generated by the application of high voltage to sharp electrode tips. It is commonly used in ozone generators and particle precipitators.Dielectric barrier discharge (DBD):'' this is a non-thermal discharge generated by the application of high voltages across small gaps wherein a non-conducting coating prevents the transition of the plasma discharge into an arc. It is often mislabeled 'Corona' discharge in industry and has similar application to corona discharges. It is also widely used in the web treatment of fabrics. The application of the discharge to synthetic fabrics and plastics functionalizes the surface and allows for paints, glues and similar materials to adhere. Fields of active research This is just a partial list of topics. A more complete and organized list can be found on the Web site for Plasma science and technology. මේවාත් බලන්න Plasma channel Plasma parameters Plasma nitriding Magnetohydrodynamics Electric field screening List of plasma physicists Important publications in plasma physics IEEE Nuclear and Plasma Sciences Society Free space plasma generator සටහන් බාහිරට යොමු Plasmas: the Fourth State of Matter Animation on the plasma excitation Plasma Science and Technology Plasma on the Internet comprehensive list of plasma related links. Introduction to Plasma Physics: Graduate course given by Richard Fitzpatrick | M.I.T. Introduction by I.H.Hutchinson NRL Plasma Formulary online (or an html version ) Plasma Coalition page Plasma Material Interaction How to make a glowing ball of plasma in your microwave with a grape | More (Video) How to make plasma in your microwave with only one match (video) Plasma Ignition How to make a plasma ignition system (Video) U.S. Dept of Agriculture research project "Decontamination of Fresh Produce with Cold Plasma" CNRS LAEPT "Electric Arc Thermal Plasmas (french) Astrophysics භෞතික විද්‍යාව තුළ සංකල්ප Electrical conductors Phases of matter භෞතික විද්‍යාව
8,615
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A
ක්‍රිකට්
ක්‍රිකට් යනු,ක්‍රිඩකයන් 11 දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායම් 2 පිටියෙ ක්‍රීඩා කරන ක්‍රිඩාවකි.මෙය මහත්මාවරුන්ගේ ක්‍රීඩාව ලෙසද හදුන්වයි. මෙය ලොව දෙවන ජනප්‍රියම ක්‍රීඩාවයි. ජාත්‍යන්තර පිටියක මැද යාර 22 ක් දිග කොටු හැඩයෙන් යුත් තණතීරුව පිහිටා ඇති අතර පිටියේ අරය අවමය මීටර් 54ක් වේ.ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙයි. ඒ එක්දින තරඟ, විස්සයි විස්ස තරඟ හා ටෙස්ට් තරඟ වශයෙනි.ඊට අමතරව වර්තමානයේ T10,the Hundred,T5 වැනි තරඟ ද ක්‍රීඩා කරයි. සැම කණ්ඩායමකටම පිතිකරණ අවස්ථාව හිමිවනවා එක් කණ්ඩායමක් පන්දුවට පහර දෙන අතර අනෙක් කණ්ඩායම විසින් පන්දු යැවීම හා ප්‍රතිවාදී පිළ ලකුණු රැස් කිරීම නැවැත්වීමට පන්දු රැකීම සිදු කරයි.මෙම එක් අවස්තාවක් ඉනිමක් ලෙස හදුන්වයි. ටෙස්ට් තරඟයකදී පමණක් කණ්ඩායමට ඉනිම් 2ක් හිමිවේ. තරගය පවත්වාගෙන යාමේදී පන්දු රකින පිරිසෙන් එක් අයකු පන්දු යවන්නා(Bowler) ලෙස හදුන්වන අතර ඔහු පිතිකරුවා(Batsman) වෙත තණතීරුව දිගෙ පන්දුව එල්ල කරයි. පිතිකරු ක්‍රිකට් පිත්තෙන් පන්දුවට පහර දෙනු ලබයි. එවිට පන්දුව සීමාව පසුකර හෝ ඔහුට තණතීරුවේ අනෙක් අන්තයට මාරුවී ලකුණු රැස්කර ගැනීමට අවස්තාව සැලසේ. පිතිකරු දැවි යනතුරු පිතිකරණයේ යෙදෙයි. පිතිකරන කණ්ඩායමේ පිතිකරුවන් දස දෙනෙකු දැවි ගිය විට එම කණ්ඩායමේ ඉනිම නිමාවේ. ඉන්පසු කෙටි විවේක කාලයකින් පසු නැවතත් කණ්ඩායම් දෙකේ චරිත (පිතිකරනය,පන්දු රැකීම) මාරුවී සෙල්ලම් කර අනෙක් කණ්ඩායම ලබා ගත් ලකුණු පසුකර ජයග්‍රහනය ලබා ගනී. වෘත්තීමය ක්‍රිකට් ක්‍රිඩාවේ පරාසය පන්දු වාර 20 සිට දින පහක් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් දක්වා දිවයයි. එක් පන්දු වාරයකට පන්දු 6ක් යැවිය යුතුය. ක්‍රිකට් නීති පවත්ගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයයි. ක්‍රිකට් මුලින්ම ක්‍රිඩා කර තිබෙනුයේ ගිනිකොන දිග එංගලන්තයේ 16වන සියවසෙ දීය. 18වන සියවස අවසාන භාගයෙදී එය එංගලන්තයේ ජාතික ක්‍රීඩාව දක්වා දියුනු විය. ඉංග්‍රිසි ආධිපත්‍යය පැතිරීම ක්‍රිකට් ක්‍රිඩාව පිට රටවලට පැතිරීමට හෙතු වූ අතර 19වන සියවස මැද භාගය වන විට මුල්ම ජාත්‍යන්තර තරග පැවැත්වුනි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය(ICC) තරග හැසිරවීම් මණ්ඩලය පූර්ණ සාමාජිකයන් 12 දෙකුගෙන් යුක්ත වේ. මෙම තරග බොහො ජනප්‍රිය ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව , ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව යන රටවල් වලය. ඉතිහාසය දැනට දන්නා තරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය ආරම්භ වන්නේ දහසය වන සියවසේ අග භාගයේ දී ය. ගිනිකොන දිග එංගලන්තයේ දී ආරම්භ වූ එය 18 වැනි සියවසේ දී එංගලන්තයේ ජාතික ක්‍රීඩාව බවට පත්ව 19 වන සියවස වන විට වර්ධනය වී ලෝකය පුරා පැතිරිණි. අන්තරජාතික ක්‍රීඩා තරග ඇරඹි ඇත්තේ 1844 වර්ෂයේ වන අතර ටෙස්ට් ක්‍රිකට් ආරම්භ වී ඇත්තේ 1877 වග ඒ පිලිබඳ අතීතාවලෝකනය කිරීමේ දී පෙනී යයි. ජනප්‍රියත්වය අතින් ලෝකයේ දෙවැනි ස්ථානයට පත් ක්‍රිකට් ක්‍රීඩාව දෙවැනි වී ඇත්තේ පාපන්දු ක්‍රීඩාවට පමණී. ලෝක ක්‍රිකට් ක්‍රීඩා අන්තර්ජාතික ක්‍රිකට් කවුසිලය විසින් පාලනය වන අතර එහි සාමාජික රටවල් සියයක් පමණ සිටිය ද ටෙස්ට් වරම් ලබා ඇත්තේ රටවල් 12ක් පමණකි. එම රටවල් ලෙස එංගලන්තය,ඕස්ට්‍රේලියාව,දකුණු අප්‍රිකාව,බටහිර ඉන්දීය කොදෙව්,ඉන්දියාව,නවසීලන්තය,පාකිස්තානය,ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ,බංග්ලාදේශය,ඇෆ්ගනිස්තානය හා අයර්ලන්තය පෙන්වා දිය හැකිය. ක්‍රිකට් කොතනින් කවදා ආරම්භ වී දැයි නිශ්චිතවම කිව නොහැකිය. මේ පිලිබඳ විශේෂඥයින් පොදුවේ පිළිගන්නා මතය වන්නේ සැක්සන් වරුන්ගේ හෝ නොර්මන් වරුන්ගේ කාලයේ එංගලන්තයේ ගිනිකොන දිග ප්‍රදේශයේ කෙන්ට් හා සසෙක්ස් අතර පිහිටි ‘වීල්ඩ්’ (weald) නම් ප්‍රදේශයේ වන ලඳු වල ක්‍රීඩා කල ළමයින් විසින් මෙය ආරම්භ කොට ඇති බවකි. ක්‍රිකට් ගැන ලිඛිත සටහනක් මුලින්ම හමුවන්නේ 1597 ජනවාරි 17 තරම් අතීතයකය. ජෝන් ඩෙරික් නමැති පනස් නම වන වියේ පසුවූ අයෙකු ඊට අවුරුදු පනහකට පෙර පාසලේ දී තමා ළමයින් හා එක්ව ක්‍රිකට් ක්‍රීඩා කල වගට විස්තරයක් කියා ඇත. පරම්පරා ගණනක් යන තුරු ක්‍රිකට් ක්‍රීඩාව නොනැසී පවත ඇත්තේ ළමයින්ගේ ක්‍රීඩාවක් ලෙසයි. වැඩිහිටියන් එම ක්‍රීඩාවේ නියැලෙන්නට පටන් ගත්තේ 17 වන සියවසේ මුල් කාලය පටන් ය.මුල් කාලයේ බෝල සෙල්ලමක් ලෙස ඇරඹි ඇති ඊට පිත්ත (bat) එකතු වී ඇත්තේ පසුවය. එල්ලයට යන බෝලය වෙනතක හරවා පහර දීම පිණිස මුලින්ම bat එක උපයෝගී කරගෙන ඇති බව පෙනී යයි. පිතිකරුවා බිහිව ඇත්තේ එම කාර්ය නිසා ය. මුලින්ම පන්දුව ලෙස පරිහරණයට ගෙන ඇත්තේ ගලක් හෝ බැටළු වූල් ගුලියකි. කොටුවක් හෝ ගොවිපල වැඩට ගත උපකරණයක් මුලින්ම පිත්ත ලෙස පරිහරණයට ගන්නඇති සැලකේ. මෙම ක්‍රීඩාව ලඳු අතර ඇති බැටළුවන්ට තණ කැවූ පිට්ටනි වල ක්‍රීඩා කරන්නට ඇතැයි සැලකේ. ගේට්ටුවක්, කුඩා බංකුවක් හෝ ගසක් විකට්ටුව ලෙස ගන්නට ඇත. ක්‍රීඩා
8,619
https://si.wikipedia.org/wiki/%E0%B6%A2%E0%B7%90%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80
ජැමෙයිකාව
නිල වශයෙන් ජැමෙයිකා පොදු රාජ්‍ය මණ්ඩලය ලෙස හැඳින්වෙන ජැමෙයිකාව යනු මහා ඇන්ටිලීස් (greater Antilles) නම් කැරිබියානු දිවයින් සමූහයෙහි පිහිටි දිවයි‍නකි. දිගින් කි.‍මී. 234 කින් ද, (සැතපුම් 145) පළලින් කි.මී. 80 කින් ද (සැතපුම් 50), යුත් මෙරටට වර්‍ග කි.මී. 11,000 ක භූමි ප්‍රමාණයක අයත් වේ. ජැමෙයිකාව, දකුණු කියුබාවේ සිට කි.මී. 145 ක් (සැතපුම් 90) ද, හිස් පැනියෝලාහි (Hispaniola) සිට කි.මී. 190 ක් (සැතපුම් 120 ක් ) ද ඈතින් කැරිබියන් මුහුදේ පිහිටා තිබේ. ජැමෙයිකාව, ජාතික රාජ්‍යයන් වන හයිට් රාජ්‍යයට සහ ඩොමිනිකන් ජනරජයට රැකවරණය සපයයි. එහි 'අරවාකන්' (Arawakan) බස කථා කරන ස්වදේශිකයන් වන 'ටයිනෝ' වැසියන් මෙම දිවයින නම් කරන ලද්දේ 'ක්ෂේමැකා' (Xaymaca) යනුවෙන්ය. එහි අර්ථය නම් 'දැව සහ ජලයෙන් සෑදුනු භූමිය" (Land of wood and water) හෝ 'උල්පත් බිම' (Land of Springs) යන්නය. වරක් ස්පාඤ්ඤයට යටත්ව 'සන්ත්‍රියාගෝ " නමින් හඳුන්වන ලද ජැමෙයිකාව, 1655 සිට ඉදිරියට ඉංග්‍රීසින්ට ද, යටත්ව සිටියේ ය. එතැන් පටන් 'බ්‍රිතාන්‍යයේ' ජැමෙයිකා යටත් විජිතය" යනුවෙන් හැඳින්වීම ඇරඹිණී. මෙහි ජනගහනය මිලියන 2.8 කි. ඇමෙරිකා (Americas) මහද්වීපයෙ හි ඇමෙරිකා එක්සත් ජනපදය හා කැනඩාව හැරුණු කොට අධික ජනගහනයෙන් යුත් තෙවන රට වන්නේ ජැමෙයිකාවයි. II වන එලිසබෙත් මහ රැජින රාජ්‍ය නායිකාව වන ජැමෙයිකාව, පොදු රාජ්‍ය මණ්ඩලයේ රැදී සිටින රටක් වේ. රටෙහි විශාලතම නගරය ද අගනුවරද වනුයේ කිංස්ටන් පුරවරයයි. ජාතික සංකේත ජාතික පක්‍ෂියා — Doctor Bird (Green-and-black Streamertail, Trochilus polytmus) ජාතික පුෂ්පය — Lignum Vitae (Guaiacum officinale) ජාතික වෘක්‍ෂය — Blue Mahoe (Hibiscus elatus) ජාතික ආහාරය — Ackee and Saltfish (dried salted Cod) ජාතික පාඨය — "Out of Many, One People." (Unity among many cultures and races.) ක්‍රීඩා References Further reading Chapman, V.J. 1961. The Marine Algae of Jamaica. Part 1. Myxophyceae and Chlorophyceae. Institute of Jamaica. Chapman, V.J. 1963. The Marine Algae of Jamaica. Part 2. Phaeophyceas and Rhodophyceae. Institute of Jamaica. External links Official website of Queen Elizabeth as Queen of Jamaica Official website of the Jamaica Information Service The Cabinet Office of the Government of Jamaica Pictures from Jamaica National Library of Jamaica materials in the Digital Library of the Caribbean detailed Satellite maps on Google States and territories established in 1962 Greater Antilles CARICOM members English-speaking countries and territories Former British colonies Former Spanish colonies දූපත් රටවල් Constitutional monarchies G15 nations Members of the Commonwealth of Nations
8,627
https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F
මණ්ඩුකයා
ගෙම්බා, මැඩියා උභයජීවී සත්ව විශේෂයකි
8,632
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A-2
ස්පුට්නික්-2
right|thumb|300px|ස්පුට්නික්-2 චන්ද්‍රිකාවේ ආකෘතියක් පෘථිවිය වටා කක්ෂ ගැන්වූ දෙවන කෘත්‍රිම උපග්‍රහයා ස්පුට්නික්-2 යී. එමෙන් ම මෙය ජීවියෙකු අභ්‍යවකාශයට රැගෙන ගිය ප්‍රථම අභ්‍යවකාශ යානය ද වෙයි. ඒ ලයිකා නම් බැල්ලකි. ස්පුට්නික්-2 ගුවන් ගැන්වුණේ 1957 නොවැම්බර් 3 දා, එනම් ප්‍රථම කාත්‍රිම උපග්‍රහයා වන ස්පුට්නික්-1 ගුවන් ගන්වා මාසයකට පසු යි. සෝවියට් සංගමය ඒ වන විටත් සුනඛයන් නවදෙනෙක් R-1 හා R-5 වැනි රොකට්ටු ආධාරයෙන් ප්‍රාක්ෂේප පථවල ගුවන් ගන්වා පරීක්ෂණ ගණනාවක් පවත්වා තිබූ බැවින් සමහර අයෙක් විශ්වාස කරන පරිදි ස්පුට්නික්-2 මසක් තුළ නිර්මාණය කර අභ්‍යවකාශගැන්වූවක් නොවේ. ස්පුට්නික්-2 චන්ද්‍රිකාව සිය වාහක රොකට්ටුවේ දෙවන අවස්ථාවෙන් වෙන් වීමට සැලසුම් කර නොතිබිණ. එම නිසා අභ්‍යවකාශයේ රැඳුණු පස් මසක කාලය තුළ ස්පුට්නික්-2 පෘථිවිය වටා පරිභ්‍රමණය වූයේ වාහක රොකට්ටුව හා එකට සම්බන්ධව ය. අවාසනාවකට මෙන් මෙහි ගමන් කළ ජීවියා නැවත නිරුපද්‍රිතව නැවත පොළොවට ගෙන්වා ගැනීමට ක්‍රමවේදයක් සකසා නොතිබුණි. තවද, 2002 වසරේ දී අනාවරණය වූ කරුණු අනුව ස්පුට්නික්-2 ගුවන් ගතකර පැය කිහිපයක් ඇතුළත අධික උණුසුම හා ආතතියත් වාතය අැණහිටිම හේතුවෙන් ලයිකා බැල්ල මිය ගොස් ඇත. අැය ගමන් ගත් ස්පුට්නික් - 2 නම් වු යානය 1958 අප්‍රේල් 14 දින පෘථීවි වායුගොලයට නැවත අැතුලු වී ගිනිගෙන විනාශ විය. මෙසේ අනාරක්ෂිතව ජීවියකු අභ්‍යවකාශ ගැන්වීම එකල මෙන් ම මෑතක දී ද සත්ත්ව හිංසන විරෝධීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. නිමැවුම ස්පුට්නික්-2 කේතුවක හැඩගත් මීටර් 2 ක උච්චයකින් (උසකින්) ද ආධාරක විෂ්කම්භය මීටර් 2 කින් ද යුක්ත වූ චන්ද්‍රිකාවකි. එහි ස්කන්ධය කිලෝග්රෑම් 508.3 ක් විය. මූලික වශයෙන් එකිනෙකින් වෙන්වූ කොටස් තුනකින් එය සමන්විත විය. (1) ජීවි කුටිය: ස්පුට්නික්-2 හි මධ්‍යගතය වූ මෙය වායුරෝධිත ලෙස සංමුද්‍රණය කළ හැකිවූ, ඇලුමිනියම් සිලින්ඩරයකි. එය දිගින් සෙන්ටිමීටර් 80 කින් හා විෂ්කම්භය සෙන්ටිමීටර් 64 කින් යුක්ත විය. මෙම කුටිය චන්ද්‍රිකාවේ පහළින් ම පිහිටි කොටස විය. මෙහි ගමන් ගන්නා සුනඛයා ආසනයක රඳවා, එය මෙම කුටියට ඇතුල් කරන ලදි. කුටි පියනෙහි කුඩා කවුළුවක් ද විය. කුටිය තුළ උෂ්ණත්වය හා පීඩනය මැනීම පිණිස සංවේදක සවි කර තිබුණි. එමෙන් ම සුනඛයාගේ රුධිර පීඩනය, හෘද ස්පන්දනය සහ ශ්වසන සීඝ්‍රතාව මැනීම පිණිස ද සංවේදක යොදා ගැනිණ. මෙමඟින් ජීවියකු අභ්‍යවකාශයේ ක්‍රියාකාරී වන ආකාරය නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයනට හැකිවිය. කුටිය තුළ ඔක්සිජන් වායුව නිපදවීමට සහ කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කරගැනීමට ක්ෂාරීය සංයෝග යොදා ගැනිණ. සංවාතනය සහ සුනඛයාගේ ශරීරය සිසිල්ව තබා ගැනීම පිණිස පංකාවක් ද කුටිය තුළ තිබිණ. සුනඛයාට ආහාර දීම සඳහා පටියක් මෙන් එකට ඈඳුණු කුඩා බන්දේසි පෙළක් තිබිණ. ජල්ලි ආකාරයෙන් වූ ආහාර සහ ජලය ඒවායේ තබා තිබිණ. මේ යන්ත්‍රණය සකසා තිබුණේ සෑම දිනකම සුනඛයා ඉදිරියේ නව බන්දේසියක් විවෘත වන ආකාරයටය. දිනකට ඇවැසි ආහාර හා ජලය මෙසේ සැපයුණු අතර දින 20 කට සෑහෙන ආහාර ප්‍රමාණයක් චන්ද්‍රිකාව තුළ තිබිණ. (2) සම්ප්‍රේෂණ බහාලුම: ජීවි කුටියට ඉහළින් ඇලුමිනියම්වලින් තැනූ ගෝලාකාර බහාලුමක රේඩියෝ සම්ප්‍රේෂකයක් තිබුණි. මෙය අන් කිසිවක් නොව, ස්පුට්නික්-1 සමඟ ම නිර්මාණය කෙරුණු PS-2 නම් අතිරේක චන්ද්‍රිකාව යි. මෙය ද ස්පුට්නික්-1 මෙන් 20.005 MHz සහ 40.002 MHz යන වාහක තරංග නිකුත් කළේ ය. (3) උපකරණ ඇසුරුම: ස්පුට්නික්-2 චන්ද්‍රිකාවේ මුදුනින් ම පිහිටියේ සැටැහුම් උපකරණ කට්ටළයක් අන්තර්ගත ඇසුරුමකි. මෙම උපකරණවලින් හිරුගෙන් නිකුත් වන පාරජම්බූල හා X-කිරණ තීව්‍රතාව මෙන් ම, අභ්‍යවකාශයේ අන්තරීක්ෂ කිරණ තීව්‍රතාව ද මනින ලදි. මෙම කොටස් තුන එක-උඩ-එක පිහිටන ආකාරයට රඳවන ලද්දේ විශේෂ කේතු ආකාර කාප්පයක් ආධාරයෙනි. චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට පිවිසෙන තෙක් එය ආරක්ෂා කිරීමට නාස් කේතුවක් තිබිණ. ඉන්පසු චන්ද්‍රිකාව නිරාවරණය කිරීම පිණිස එය ඉවත ලන ලදි. අභ්‍යවකාශ ගවේෂණය අභ්‍යවකාශ යානා සෝවියට් අභ්‍යවකාශ යානා
8,639
https://si.wikipedia.org/wiki/%E0%B6%AD%E0%B7%99%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92
තෙප්පිලි
හැදින්වීම පළමුවෙන්ම මෙම මත්ස්‍ය වර්ගය ලංකාවට ගෙන එන ලද්දේ 1951 වර්ෂයේදී සිංගප්පූරුවෙනි.
8,643
https://si.wikipedia.org/wiki/%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%84%E0%B7%94%E0%B7%80%20%E0%B6%B6%E0%B6%BD%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80
යාපහුව බලකොටුව
දඹදෙනිය රාජදානිය බිදවැටීමෙන් පසු ආරම්භවූ රාජධානිය යාපහුව රාජධානියයි. ශ්‍රී ලංකාවේ අගනගර රාජධානි සොළී ආක්‍රමණ සහ ස්වභාවික ආපදා තත්ත්වයන් නිසා ක්‍රමයෙන් නිරිත දිගට සංක්‍රමණය විය. එම සංක්‍රාන්තියේ සිවුවන නැවතුම්පොළ වූයේ යාපහුව බලකොටුවයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහව මංසන්දියට 04km ක් පමණ වයඹ දිශාවෙන් පිහිටි යාපහුව 13 වන සියවසේ දශකයක් පමණ කෙටි කාලසීමාවක් සඳහා දිවයිනේ අගනගරය බවට පත්ව තිබූ පර්වත ආශ්‍රිත පැරණි නගරයකි. පොළොන්නරුව රාජධානි සමයෙන් පසුව නිරන්තර ඇතිවූ විදේශීය ආක්‍රමණ හමුවේ වැදගත් ආරක්‍ෂා ස්ථානයක් ලෙස යොදාගත් බවට සාක්ෂි ඇති මෙම පුරාස්ථානය පෞරාණිකත්වය අතින් ද බෙහෙවින් ඈත වකවානුවක පටන් ජනාවාසයක් ලෙස පැවතුණකි. ප්‍රාග් ඓතිහාසික අවධියට අයත් ජනාවාස සාධක සහිත යාපහුව සහ තදාසන්න ප්‍රදේශය පූර්ව ඓතිහාසික සමයේදීත් මූල ඓතිහාසික සමයේදීත් වැදගත් ජනාවාසයක් විය. මේ වගට පුරාවිද්‍යාත්මක සාධක අනුසාරයෙන් සාක්‍ෂි පලවනනේ වුවද යාපහුව පිළිබඳ මුල්ම විශ්වසනීය ලිඛිත මූලාශ්‍රගත සදහන් 13 වන සියවසට බොහෝ දුරට සීමාවෙයි. සුභ නම් ප්‍රාදේශීය පාලකයෙකු කාලිංග මාඝගේ ආක්‍රමණ සමයේ යාපහුවේ බලකොටුවක් සහ නගරයක් ගොඩනංවා එහි සිට එම ප්‍රදේශය පාලනයකළ බවට සාධක ලිඛිත මූලාශ්‍රයන්හි දක්නට ලැබේ. මින් අනතුරුව සිව්වන විජයබාහු යාපහුවේ යම් යම් සංවර්ධන වැඩ සිදුකරන ලද අතර මෙය එම වකවානුවේ වැදගත් ආරක්‍ෂක මධ්‍යස්ථානයක් විය. රාජ්‍යත්වයට පෙරද යාපහුවෙහි විසුම්ගෙන සිටි සිව්වන විජයබාහු රජුගේ සොයුරු බුවනෙකබාහු සිය සොයුරාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත්වීමෙන් ටික කලකට පසු යාපහුව සිය අගනගරය ලෙස තෝරාගනී.යාපහුව රාජධානිය ලංකාවේ සිව්වන රාජධානියයි. භූභෞතික පසුබිම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි යාපහුව පැරණි නගරය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමෙන් අඩි 300 ක් පමණ උස්වූ සමබිමේ සිට අඩි 400 ක් ඉහළට නැගෙන පාෂාණ උන්නතයක් ආශ්‍රිතවයි. සමබිමෙන් අඩි 400 ට කනාවැඩි උසකට නැගෙන කදුවැටි මෙම කලාපයේ දුලබ වශයෙන් දක්නට ලැබෙන අතර මොනරකන්ද, දියටැඹේ. යාපහුව වැනි කදුගැට කිහිපයක් එකී උස පරයා නැගේ. යාපහු පෙදෙස වී ගොවිතැන සඳහා හිතකර වන්නා වූ රතු-දුඹුරු පසෙන් සහ නොමේරූ දුඹුරු ලොම් පසෙන් යුත් පස් සැකැස්මකින් යුතුවේ. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1500-2000 ත් අතර වන අතර සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 25.0-27.5 ත් අතර වේ. ඓතිහාසික පසුබිම මෙකල යාපහුව නමින් දන්නා පව්වෙහි පැරණි නම අප්‍රකටය. යාපහුව පිළිබඳ මුලින්ම අසන්නට ලැබෙනුයේ සුභ නම් සෙනවියා විසින් 13 වන සියවසේ මුල් භාගයේ පැවති කාළිංග මාඝගේ අවිචාරවත් පාලන සමයේ දී ප්‍රදේශ ආරක්ෂාව පිණිස බලකොටුවක් ගොඩනගා එහි විසීම සම්බන්ධයෙනි. මෙම අවස්ථාවේදීත් මීට පසු අවස්ථා කිහිපයකදීත් මෙම පර්වතය හදුන්වනු වස් යාපව්ව, යාපව්ගල යන නම් වංශකතාවල යෙදී තිබේ. සිංහල බෝධිවංසය යාපහුව විෂයෙහි 'සුන්දරගිරි පව්ව' යන නම ආරෝපණය කොට තිබේ. සුභ සෙනවියා විසින් සිය වාසය සඳහා තෝරා ගැනීමෙන් ඉක්බිති මෙම පව්ව සුභවාල, සුභගිරි යන නම් වලින් ද හැදින්වූ බව පෙනේ. දළදා පූජාවලියේ මෙම පව්ව හදුන්වනු වස් අයෝපබ්බත යන්න යොදයි. යාපහුව පුරාස්ථානය සහ තදාසන්න ප්‍රදේශය පිළිබඳ ඉපැරණිම පුරා විද්‍යාත්මක සාධක ප්‍රාග් ඓතිහාසික සමය දක්වා දිවේ. යාපහු පර්වත මස්තකයෙන් ද පර්වත බෑවුමේ ඇති ලෙනකින් ද අවට ප්‍රදේශයෙන් ද ප්‍රාග් ඓතිහාසික ජනාවාස සාධක අනාවරණය කෙරේ. මෙම සාධක අතරට භාවිතකළ සහ නොකළ තිරුවානා වටගල්, භාවිතකළ රත්හිරියල්, කහඳ හා තිරුවානා අපද්‍රව්‍ය සහ දුලබ තිරුවානා ගල් අයත්ය. දඹදෙණියේ රජකල හතරවන විජයබාහු රජුගේ ඇවෑමෙන් රාජ්‍යත්වයටපත් පළමු බුවනෙකබාහු රජුද රාජ්‍යත්වයෙන් පසු වසර කිහිපයක් දඹදෙණියේ වාසයකොට පසුව යාපහුවට පැමින එහි සෞභාග්‍යයෙන් බබලන අතිශය සංකීර්ණ වූ රාජධානියක් කරවීය. පළමු බුවනෙකබාහු රාජ්‍යකාලය වසර 12 කට සීමා වේ. ඔහු රාජ්‍යත්වයට පැමින වසර කිහිපයක් අවසන් දඹදෙණි පාලකයා ලෙස දඹදෙණි නුවරද ගතකල හෙයින් බුවනෙකබාහු රටේ අගරජ ලෙස යාපහුවෙහි කොපමන කලක් ගතකලේ දැයි අපහැදිලිය. යාපහුව දිවයිනේ අගනගරය ලෙස පැවති කෙටි කාලසීමාව රටේ අගනගරය ලෙස පැවති ස්ථාන අතරින් දෙවැනි වන්නේ නම් ඒ දැදිගම රාජධානියට පමණි. එසේ වුවද අගනගරයක් වශයෙන් යාපහුවේ ශේෂව ඇත්තා වූ පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂයන්හි ප්‍රමාණය දෙවැනි වන්නේ අනුරාධපුරය, පොළොන්නනරුව, සීගිරිය සහ ඇතැම් විටෙක මහනුවරට පමණි. ආරක්‍ෂිත බලකොටුවක් වශයෙන් ඇති වැදගත්කම අතින් යාපහුව දෙවැනි වන්නේ සීගිරියට පමණකැයි පරණවිතාන පවසයි. පුරාවිද්‍යාත්මක අවශේෂ සීගිරිය හැරුණුවිට දිවයිනේ ඇති පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වූ බලකොටුව යාපහුව බවට විවාදයක් නැත. උතුරු, නැගෙනහිර සහ බටහිර පාර්ශවයෙන් තරණයකල නොහැකි ප්‍රපාතාකාර පර්වතයක් වූ යාපහුවේ පර්වත මස්තකයට පිවිසිය හැකි පැරණි මග පර්වතයෙහි දකුණු පසින් පිහිටා තිබේ. පර්වත මස්තකයට පිවිසිය හැකි ප්‍රපාතාකාර නොවන පර්වතයේ දකුණු පාර්ශවයේ ආරක්ෂක සංවිධාන කෘත්‍රිම උපාය මාර්ග සැළසීමෙන් ශක්තිමත් කිරීම අවශ්‍ය විය. එකී අරමුණ ශාක්ෂාත් කරගනු පිණිස පර්වතයේ දකුණින් වූ සම බිම පවුරු සහ දිය අගල් වලින් පිරිකෙව් කර ඉන් අනතුරුව බුවනෙකබාහු රජු යාපහුව රාජධානිය ගොඩනගන්නට ඇත. දිය අගල් දෙකකින් සහ ප්‍රාකාර දෙකකින් ආරක්ෂිත වූ ඇතුල් නගරය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වැදගත් වී යැයි සිතිය හැකි ගොඩනැගිලි ගණනාවකින් ද විසිතුරු සෝපානයකින් ද සමන්විත වේ. පර්වත මස්තකයේ රජ මාළිගය සහ තවත් ගොඩනැගිලි ද පනාබැමි සහ පොකුණු ඇතුලු ඉදිකිරීම් ද තිබී ඇත. එදා පළමු බුවනෙකබාහු රජු සමයේකළ ඒ විශ්මිත නිමැවුම්වල අද අපිට දක්නට ඇත්තේ නෂ්ටාවශේෂ පමණි. පිට නගරය පිට දිය අගල සහ පිටනගර ප්‍රාකාරයත් පිට නගරයට සම්බන්ධ ද්වාර මණ්ඩපයත් පිටනගර ප්‍රාකාරයේ සිට ඇතුල් නගර අගල දක්වා වු බිම් ප්‍රදේශයත් පිට නගරය සේ සැලකේ. වපසරිය අතින් පිට නගරයට වඩා ඇතුල් නගරය කිහිපගුණයකින්ම විශාල මුත් මෙම බිම් ප්‍රදේශය තුල පැහැදිලි ගොඩනැගිලි කිසිවක් හදුනාගත නොහැකිය. නමුත් ඇතුල් නගරයේ බටහිර දොරටුවේ සිට මීටර 22 ක් පමණ බටහිර දෙසින් වූ ගල් තලාවක කොටා ඇති පියගැට 03 පිට නගරයට අයත් ගොඩනැගිල්ලක් පිළිබඳ අනුමාන සහගත වූ එකම පුරාවිද්‍යාත්මක සාධකය වේ. මීට අමතරව ඇතුල් නගරයේ දක්නට නොලැබෙන පොකුණු කිහිපයක් පිට නගරයේ දක්නට ලැබෙන බැවින් පිට නගර ප්‍රදේශය රජ මාළිගයක අවශ්‍ය අංගයක් ලෙස සලකන ලද්දාවූත් එහෙත් යාපහුවේ හදුනාගත නොහෙන 'රාජකීය උද්‍යානය' ද යන්න පිළිබඳ පුරාවිද්‍යාඥයින් තුළ සැකයක් මතු වී ඇත. පිට දිය අගල පර්වතයට දකුණින් පර්වත පාදස්ථානයේ පිහිටි ඇතුල් නගරයත් ඒ වටා පිහිටි පිට නගරයත් ඇතුලත් බිම් ප්‍රදේශය පිරිකෙව් වන පරිදි පිට නගර ප්‍රාකාරයත් එහට පිටතින් පිට දිය අගලත් ගොඩනගා තිබේ. දිය අගලෙහි දෙපස යාපහු පර්වතය හා වැදී කෙළවර වේ. අශ්ව ලාඩමක හැඩයට කිලෝමීටරයකට අධික දුරක් ගමන් ගන්නා පිටත දිය අගල මෙකල පුළුලින් මීටර 18 ක් ද ගැඹුරින් මීටර 03 ක් ද වෙයි. පිට ප්‍රාකාරය පිට දිය අගලට ඇතුලතින් පිහිටි පිට නගර ප්‍රාකාරය දිය අගල ගමන් ගන්නා සමස්ථ දුර ප්‍රමාණය ඊට සමාන්තරව ගමන් ගනී. ප්‍රාකාරය මැනවින් ශේෂිත ස්ථානයන් හි උපරිම උස මීටර 04 ක් පමණ ද පළල මීටර 22 ක් පමණ ද වේ. මෙහි පහළ කොටස ගල් කුට්ටිවලින් තනා ඉහළ කොටස ගඩොලින් ඉදිකර ඇති බවට සාධක කිහිප ස්ථානයක දක්නා ලැබේ. පිට නගරය මධ්‍යයෙන් ඇතුල් නගරයට ප්‍රවේශවීම සඳහා දොරටු 03 කි. මින් වඩා සිත්ගන්නා සුළු වනුයේත් වඩා වැඩි ආයාසයකින් තනා ඇත්තේත් දකුණු දොරටුවයි. ද්වාර මණ්ඩපයට ගොඩවීමටත් බැසීමටත් පියගැට 16 ක් සහිත මෙම දොරටුව පාගමනින් යන්නන්ගේ ප්‍රයෝජනයට යොදාගන්නට ඇතැයි සිතිය හැකි අතර එය මෙහි ප්‍රධාන දොරටුව වන්නට ඇත. පියගැට පෙළ සහ ගල් කෙමිය ඇතුල් නගර පව්වේ බටහිර දොරටුවේ සිට මීටර 22 ක් පමණ බටහිර දෙසින් ඇති ගල් තලාවක් මත ගලෙහිකෙටූ පියගැට 03 කි. මෙම පියගැට පෙළට මීටර 06 ක් නැගෙනහිරින් ස්වභාවික ගල් කෙමියක් ඇති අතර එහි ඉවුරු සක්කා ගලින් බැද තිබූ බවට සාක්ෂි දක්නට ඇත. ඇතුල් නගරය ඇතුල් නගරයේ සීමාවන් ලෙස යෙදෙන ඇතුල් නගර ප්‍රාකාරයත් දිය අගලත් පිට දිය අගල සහ පවුර මෙන් ම අශ්ව ලාඩමක හැඩති සැලැස්මකින් යුතුව ගමන් ගනී. ඇතුල් නගර පව්වෙහි සහ දිය අගලෙහි එක් අන්තයක් පුරාවිද්‍යා කෞතුකාගාරය පිටුපසින් පර්වතයට සම්බන්ධවන අතර අනෙක් අන්තය යාපහු පර්වතයේ දකුණු පසට ඇති නෙරුමට පහළින් පර්වතය හා සම්බන්ධ වේ. යාපහු නගරයට අයත් කැපීපෙනෙන ස්මාරක අතරින් බහුතරය දක්නා ලැබෙන්නේ ඇතුල් නගරය තුළයි. ඇතුල් අගල ඇතුල් නගරයේ බාහිර සීමාව ලෙස යෙදෙන ඇතුල් දිය අගලේ පළල තැනින් තැනට වෙනස්වන අතර එය දළ වශයෙන් මීටර 14 ක් පමණ ද දැන් ඇති ගැඹුර 1.7 ක් පමණ ද වේ. ඇතුල් දිය අගලේ සමස්ථ දිග ප්‍රමාණය මීටර 330 කි. ඇතුල් පවුර ඇතුල් දිය අගලත් සමගම ඊට ඇතුලතින් දිවෙන ඇතුල් පවුර මනාසේ සැකසුන ගලින් නිමි චිත්තාකර්ෂණීයවූත් චාම්වූත් නිමැවුමකි. භූ විෂමතාවට අනුරූපීව උසින් විෂම වන මෙම පවුරේ උසම ස්ථානය මීටර් 03 කි. පවුර මුදුනෙහි බොකු පියස්සක හැඩයට නෙලූ තෙප්පි ගල් පෙළක් යොදා තිබේ. පවුර ඔස්සේ ඇතුල් නගරයට පිවිසීමට දොරටු දෙකකි. ඇතුල් නගරයේ එක්රැස්වන ජලය ඇතුල් පවුර තුළින් ඇතුල් දිය අගල කරා බැස්සීමට ඉවහල් වූ ගලින් කල සොරොව් දෙකක් ද මේ පවුරේ දක්නට හැකිය. ප්‍රාකාරයේ සම්පූර්ණ දිග මීටර 440 ක් පමණ වේ. සභා ශාලාව දළදා මාළිගාවට පිවිසෙන විසිතුරු පියගැට පෙළෙහි ආරම්භක පියගැට පංතිය ආරම්භ වන තැන සමබිමේ ඇති සිව්රැස් සැලැස්මෙන් යුත් ගොඩනැගිල්ල සභා ශාලාව නමින් හැදින්වේ. ඊසාන-නිරිත අතට මීටර 17.7 ක් ද වයඹ-ගිනිකොන දෙසට මීටර 11.9 ක් ද බැගින් දිග පළල වූ මෙම ගොඩනැගිල්ලට පිවිසෙනු සඳහා පියගැට පංති 03 ක් එහි ගිනිකොන,වයඹ සහ නිරිත දිසාවන්ගෙන් වේ. රජ මාළිගය සැලැස්මෙන් සිවුරැස් වූ මෙම ගොඩනැගිල්ල රජ මාළිගය බැව් සාමාන්‍ය පිළිගැනීම වුවත් මෙය සහතික කරවනු වස් කිසිදු ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක සාධකයක් හමුනොවේ. දිගු පුළුලින් මීටර් 26.7 ක් බැගින්වන මෙම ගොඩනැගිල්ල ගඩොළුමය ඉවුරෙන් යුත් සිවුරැස් වේදිකාවක් ලෙස දිස් වේ. ගොඩනැගිලි ඇතුල් නගරයේ ප්‍රධාන වශයෙන් ගොඩනැගිලි 03 ක නටඹුන් දක්නට හැකිය. 'සභාශාලාව' නමින් හැදින්වෙන ගොඩනැගිල්ලට බටහිර දෙසින් පිහිටි ආයත චතුරඝ්‍රාකාර පෙනුමෙන්යුත් ගොඩනැගිල්ලක්වන මෙහි අපේක්ෂිත අරමුණ අපහැදිලිය. පැරණි වීථියේ එක් පාර්ශවයක ඇති මෙම ගොඩනැගිල්ල මීටර 66.3 ක් දිගුවන මුත් පළල මීටර 6.6 කි. මෙම ගොඩනැගිල්ලට යාබදව වීථියේ අනෙක් පාර්ශවයේ තවත් එවැනිම ගොඩනැගිල්ලක් වෙයි. දිගින් මීටර් 70 ක් වන මෙය වීථියට විරුද්ධ දිශාවෙන් පර්වතයට මළුවක ආකාරයෙන් සම්බන්ධවන බැවින් බිත්තියක් නොදක්නා ලැබේ. අනෙක් ගොඩනැගිල්ල දළදා මාළිගය නම් ගොඩනැගිල්ල අසල පිහිටා ඇත. ද්වාර මණ්ඩපය සහිත විසිතුරු පියගැට පෙළ යාපහුවේ ඇති වාස්තු විද්‍යාත්මක සහ කලාත්මක අංග සියල්ල 'දළදා මාළිගය' නමින් හැදින්වෙන ගොඩනැගිල්ල සහිත මළුවට පිවිසෙනු සඳහා වූ පියගැට පෙළත් එහි ඉහළ අන්තයේ වූ ද්වාර මණ්පයත් අලංකාරවත් කිරීම මූලික අභිප්‍රාය කොට ගත්තේ වේ. මෙය කෙතරම් විස්තීරණ නිමැවුමක් ද යත් මේ විසිතුරු පියගැට පංතියේ ස්වරූපය විස්තර කිරීම පවා අසීරුය. ගලින්කළ වාමනරූප, නලඟනන්ගේ රූප, කාන්තා රූප, දොරටුපාල රූප, පුන්කලස්, ලියවැල්, කොරවක් ගල්, කූඩ්‍ය ස්ථම්භ, කිඹිහි මුහුණ සහිත තොරණ, ගජසිංහ කොරවක් ගල්, නටන වයන රූප ආදියෙන් සුසැදි පියගැට පෙළ යාපහුවේ විස්මිත නිමැවුම් වන අතර දෙපසෙහි අල්වැල මත නිමවූ 'සිංහ මූර්ති' යුගලය එහි වටිනාකම තවත් වැඩි කරවන්නකි. ( විසිතුරු පියගැට පෙළෙහි ඇති මෙම සිංහ මූර්ති දෙක අතරින් නැගෙනහිර පාර්ශවයේ අත්වැල මත වන සිංහ රුව සම්පූර්ණයෙන්ම නිමකර ඇති අතර දකුණු පාර්ශවයේ සිංහ මූර්තිය සම්පූර්ණ වශයෙන් ඉදිකර නැත.) මීට අමතරව ද්වාර මණ්ඩපයේ උළුවස්සත්, ත්‍රිත්ව කුළුණු සහ මකර තොරණත් යාපහුවේ වාස්තු විද්‍යාව සහ කලාව ලොවට හඩගා කියන්නක් වෙයි. දළදා මාළිගය ද්වාර මණ්ඩපය ඔස්සේ කුඩා සම බිමට පිවිසෙන්නා අභිමුඛ වනුයේ බටහිර-නැගෙනහිර අතට මීටර 30 ක් ද උතුරු-දකුණු අතට මීටර 17.1 ක් ද වන ගඩොළුමය ගොඩනැගිල්ලක් වෙතටයි. දළදා මාළිගය සේ සැලකෙන මෙහි ඉදිරි බිත්තියේ මීටර 3.4 ක් ඉදිරියට ප්‍රක්ෂේපනය වන කොටසින් ගොඩනැගිල්ලට ප්‍රවේශ වීමට පියගැට පේළි දෙකකි. පර්වත මස්තකයේ නටඹුන් පර්වත මස්තකයේ ඇති ඉපැරණි පුරාවිද්‍යාත්මක සාධක වශයෙන් සැලකිය හැක්කේ විශ්වසනීයත්වය සැක සහිත ප්‍රාග් ඓතිහාසික සාධක ස්වල්පයකුත් ක්‍රිස්තු පූර්ව අවසන් සහශ්‍රකයට හෝ ක්‍රිස්තු වර්ෂාරම්භ මුල් සියවස් දෙක තුනට හෝ නිසැක ලෙස දින නියමකළ හැකි කාල රක්ත වර්ණ මැටි බදුන් වලින් හෙලිවන ජනාවාස සාධකත්ය. මේ හැරුනුවිට අක්කර 05 ක් පමණ වන පර්වත මස්තකයෙහි 13,14 වන සියවස් වල ඉදිකලා යැයි සිතිය හැකි පොකුණු සහ පනාබැමි ඇතුළු ඉදිකිරීම් 32 ක් හදුනාගෙන තිබේ. ඇතැම් තැනක ගොඩනැගිලි ඉදිකිරීමට යෝග්‍යවන පරිදි විෂම බිම් පනාබැමි මගින් සමකොට තිබේ. මෙම ගොඩනැගිලි අතරින් විශාලම ගොඩනැගිල්ල වන රජ මාළිගයත් තවත් ගොඩනැගිලි කිහිපයකුත් හැරුනුවිට බොහෝ ගොඩනැගිලිවල අපේක්‍ෂිත අර්ථය මෙකල අපහැදිලිය. පර්වත මස්තකයට ගමන්කල මාර්ගයට අයත් බැව් බොහෝ විට නිසැක සෝපාන පංතියක අවශේෂ පර්වතයේ දකුණු බෑවුමේ කඩින් කඩ දක්නට හැකිය. පර්වත මස්තකයේ විවිධ ප්‍රමාණයෙන් යුත් ස්වභාවික ගල්කෙමි 05 ක් දක්නට හැකි අතර ඉන් සමහරක් ඉවුරු බැද පොකුණු බවට පත්කර ඇත. ප්‍රමාණයෙන් සහ ගණනින්ද වෙනස් කුඩුම්බි සිදුරු සහ ඒහා බැඳි අත්තිවාරම් කාණු සහිත ස්ථාන 03 ක් ද පර්වත මස්තකයේ ඇති අතර කුඩුම්බි සිදුරු පමණක් හමුවන ස්ථාන 02 කි. පිහිටි ගලේ කෙටු කාණුවක් මෙන්ම වෘත්තාකාර පාදම් යුගලයක් ද පර්වත මස්තකයේ නටඹුන් අතර වේ. මීට අමතරව පොකුණු 02 ක් සහ මල්විලක් ද පර්වත මස්තකයේ දැකිය හැකිය. පර්වත මස්තකයේ නටඹුන් අතර විවිධ ප්‍රමාණයෙන් සහ හැඩයෙන් යුත් පනා බැමි 06 ක් ද වේ. මේ හැරුණුවිට ගොඩනැගිලි කිහිපයක නටඹුන් දැකියහැකි පර්වත මස්තකයේ මුර කුටියක නටඹුන් ද ඇත. තවද පර්වත මස්තකයේ උසම ස්ථානයට වන්නට ඇති ස්ථූපයත් ඊට නුදුරුව ඇති බෝධිඝරයත් පර්වත මස්තකයේ නටඹුන් අතර ශේෂව පවතී. ලෙන් සංකීර්ණය යාපහුව පර්වතය ආශ්‍රිත ලෙන් 40 ක් පමණ දක්නා ලැබෙන අතර ඉන් ලෙන් 25 ක් පමණ කටාරම් කොටා සකසන ලද ඒවායි. මෙම ලෙන් පර්වතය ආශ්‍රිතව පැවති ආරාම සංකීර්ණයක් පිළිබඳ සාධක සපයයි. මෙම ලෙන් අතරින් ලෙන් 03 ක පූර්ව බ්‍රාහ්මී ශිලා ලිපි දක්නා ලැබෙන අතර ක්‍රිස්තුවර්ෂාරම්භයේ හෝ ක්‍රිස්තුවර්ෂයට සුළු කළකට පෙරාතුවප පටන්ම මෙම ලෙන් සංඝාවාසයක් ලෙස උපයෝගී කොටගත් බව පෙනේ. කටාරම් නොකෙටූ ස්වභාවික ලෙන් අතරින් ඇතැමක් වාසස්ථාන ලෙස යොදාගත් බවට සාධක වෙයි. ඇතැම් ලෙන් ඇසුරේ ප්‍රාග් ඓතිහාසික යුගය නියෝජනය කරන්නා වූ සාධක ද හමුවන හෙයින් ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මෙම ලෙන් මානව ක්‍රියාකාරකම් වලට හසුවී ඇති බව පෙනේ. පර්වතයේ උතුරු, නැගෙනහිර සහ දකුණු බෑවුම් ප්‍රදේශ ආශ්‍රිතව ලෙන්වල බහුල ව්‍යාප්තියක් දක්නා ලැබේ. විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් මෙම ලෙන් 40 අතරින් විශාලම ලෙනේ දිග මීටර 30 ක් ද ගැඹුර මීටර 08 ක් ද උස මීටර 30 ක් ද වේ. ඡායාරූප එකතුව පිට නගරයේ නටඹුන් ඇතුල් නගරයේ නටඹුන් ද්වාර මන්ඩපය සහිත පියගැට පෙළෙහි කැටයම් සහ මූර්ති පර්වත මස්තකයේ නටඹුන් යාපහුවේ ස්වභාවික ගල් ගුහා ආශ්‍රිත ලිපි සීගිරියේ වාස්තු විද්‍යාව ඉසුරුමුණි කැටයම් යාපහුව ශ්‍රී ලංකාවේ බලකොටු රජරට රාජධානිය ශ්‍රී ලංකාවේ නගර සහ ගම්මාන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක
8,646
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%8F
කාවා
. කාවා Clothing Moth (Tineola bisselliella) යනු පියාපත් සහිත පියාසැරීමට දක්ෂ කෘබියෙකි, මෙම කෘබියා ප්‍රබල පළිබොධකයෙකු ලෙස ප්‍රකටය.කාව කීට අවස්ථාවේදී විශේෂයෙන් ඇඳුම් ආහාරයට ගනී.එහෙත් මොවුන්ගේ එකම ආහාරය ඇඳුම් නොවේ. උප වර්ග දැළ් කාවා(Webbing Clothing Moth) (Tineola bisselliella) බහුලව දක්නට ලැබෙන විශේෂයයි කොෂ සාදන කාවා (Casemaking Clothes Moth) (Tinea pellionella) දැළ් සාදන කාවාට වඩා අඩු වශයෙන් දක්නට ලැබේ.මෙම කාවා අඟල් 1/8 ත් 1/4 අතර ප්‍රමාණයකට විශාලව වැඩේ.කාවා තම කෝෂය සේද වැනි කෙඳි විශේෂයක් යොදාගනිමින් සකසයි.එමගින් මෙම සත්වයා බාහිර උපදුව වලින් මිදී වාසය කරයි. ටැපැස්ට්‍රි කාවා(Tapestry or Carpet Moth) කලින් සදහන් කළ දැළ් කාවා හා කොෂ සාදන කාවා සිටින පරිසරයන්හිම වාසය කාරයි.මෙම කාවා අවුරුද්දක පමණ ජීවන චක්‍රයක් පසුකරයි. මොවුන්ගේ වර්ධන වේගය හා පැතිරීම උෂ්ණත්වය ආද්‍රතාවය සහ ආහාර ප්‍රභවයන් මත තීරණය වෙයි. පෝෂණය The Clothing Moth (Tineola bisselliella) and the Case-bearing Clothes Moth (Tinea pellionella) are notorious for feeding on clothing and natural fibres; they have the ability to turn keratin, a protein present in hair and wool, into food. Clothing moths prefer dirty fabric and are particularly attracted to carpeting and clothing that contain human sweat or other liquids which have been spilled onto them. They are attracted to these areas not for the food but for the moisture. Moth larvae do not drink water; consequently their food must contain moisture. වර්ධනය The Development Cycle of the Clothing Moth. Eggs hatch into larvae, which then begin to feed. Once they get their fill, they pupate and undergo metamorphosis to emerge as adults. Adults do not eat: male adults look for females and adult females look for places to lay eggs. Once their job is done, they die. Contrary to what most people believe, adult clothing moths do not eat or cause any damage to clothing or fabric. It is the larvae which are solely responsible for this, spending their entire time eating and foraging for food. Both adults and larvae prefer low light conditions. Whereas most other moths are drawn to light, clothing moths seem to prefer dim or dark areas. If larvae find themselves in a well-lit room, they will try to relocate under furniture or carpet edges. Hand made rugs are a favorite because it is easy for them to crawl underneath and do their damage from below. They will also crawl under moldings at the edges of rooms in search of darkened areas which hold good food. The most common clothing moth is the Webbing Clothes Moth. It prefers moist conditions, although low humidity will merely slow development. Webbing Clothes Moths are small moths whose adults grow to between 1 and 2 cm. Their eggs are tiny, most being under 1 mm long and barely visible. A female will lay several hundred during her lifetime; egg placement is carefully chosen in locations where they will have the best chance for survival. The eggs are attached with a glue-like substance and can be quite difficult to remove. After the egg hatches, the larva will immediately look for food. Larvae can obtain their required food in less than two months, but if conditions are not favorable they will feed on and off for a long time. Whether it takes two months or two years, each larva will eventually spin a cocoon in which it will change into an adult. Larvae stay in these cocoons for between one and two months and then emerge as adults ready to mate and to lay eggs. Infestation Fabric pests such as clothes moths, although not particularly dangerous, can sometimes cause irreparable damage to personal belongings. These moths are able to digest animal hairs and, therefore, feed on almost any item made of natural fibers, particularly wool and cashmere පාලනය Control measures can include the following: Clothing Moth Traps - This step can help monitor the current infestation and prevent males from mating with females. Vacuuming - Since moths like to hide in carpeting and baseboards, this is an important step towards full eradication. Dry cleaning - This step kills moths on existing clothing and helps remove moisture from clothes. Sunlight - has a limited effect Heat - Extreme high temperatures (120 degrees Fahrenheit or 50 degrees Celsius for 30 minutes plus). These conditions may possibly be achieved by placing infested materials in an attic, or by washing clothes at or above this temperature. Freezing - Freezing the object for several days at temperatures below 32 °F or 0 °C Dry ice fumigation - Fumigating an object with dry ice, that is enclosing an object with dry ice so it is effectively bathed in a high concentration of carbon dioxide, will kill all stages of clothing moths. For details,see:Clothes Moths Management Guidelines, under "Household Furnishings". Permethrin - Typically an aerosol or spray works best here. Nylar - Stops the life cycle. Mothballs - There are two types of mothball. Older types are based on napthalene while more recent ones use paradichlorobenzene. Both decay into a gaseous state. They fall to the lowest point as a gas and need to reach a high concentration to be effective. Cedar is of questionable value as a deterrent. While the volatile oil of eastern red cedar, is able to kill small larvae, it is difficult to maintain sufficient concentrations of it around stored articles to be effective. Also, cedar loses this quality after a few years. Apply the chemical using a sprayer. Be sure to get proper coverage and don't spread it too thinly. Treat once a month for the first three months and then once a quarter for the next year to ensure the infestation is under control. References External links Clothes Moths Management Guidelines Ohio State University Extension Fact Sheet Clothes Moths, Kansas State University No Pests පරිවර්තනය වෙමින් පවතින ලිපි
8,647
https://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B7%90%E0%B7%86%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A
නැෆ්තලීන්
නැප්තලීන් සුදු පැහැයෙන් යුත්, ස්ඵටිකරූපී, ඇරෝමැටික, ඝන හයිඩ්‍රොකාබනයකි. එය නප්තලයින්, නැප්තීන්, තාර කැම්පර්, සුදු තාර, ඇල්බෝකාබන් , ඇන්ටිමයිට් ආදී නම් වලින් හැඳින්වුවද නැප්තා සමඟ පටලවා නොගත යුතුය. Naphthalene (not to be confused with naphtha), also known as naphthalin, naphthaline, napthene, tar camphor, white tar, albocarbon, or antimite' is a crystalline, aromatic, white, solid hydrocarbon, best known as the traditional, primary ingredient of mothballs. It is volatile, forming a flammable vapor, and readily sublimes at room temperature, producing a characteristic odor that is detectable at concentrations as low as 0.08 ppm by mass. History In 1819–1820, at least two chemists reported a white solid with a pungent odor derived from the distillation of coal tar. In 1821, John Kidd described many of this substance's properties and the means of its production, and proposed the name naphthaline, as it had been derived from a kind of naphtha (a broad term encompassing any volatile, flammable liquid hydrocarbon mixture, including coal tar). Naphthaline's chemical formula was determined by Michael Faraday in 1826. The structure of two fused benzene rings was proposed by Emil Erlenmeyer in 1866, and confirmed by Carl Graebe three years later. Structure and reactivity A naphthalene molecule is composed of two fused benzene rings. (In organic chemistry, rings are fused if they share two or more atoms.) Accordingly, naphthalene is classified as a benzenoid polycyclic aromatic hydrocarbon (PAH). There are two sets of equivalent hydrogens: the alpha positions are positions 1, 4, 5, and 8 on the drawing below, and the beta positions are positions 2, 3, 6, and 7. Unlike highly-symmetrical aromatics, such as benzene, the carbon-carbon bonds in naphthalene are not of the same length. The bonds C1–C2, C3–C4, C5–C6 and C7–C8 are about 1.36 Å (136 pm) in length, whereas the other carbon-carbon bonds are about 1.42 Å (142 pm) long. This has been verified by x-ray diffraction, and is consistent with the valence bond model of bonding in napthalene which involves three resonance structures (as shown below); while the bonds C1–C2, C3–C4, C5–C6 and C7–C8 are double in two of the three structures, the others are double in only one. Like benzene, naphthalene can undergo electrophilic aromatic substitution. For many electrophilic aromatic substitution reactions, naphthalene is more reactive than benzene, reacting under milder conditions than does benzene. For example, whereas both benzene and naphthalene react with chlorine in the presence of a ferric chloride or aluminium chloride catalyst, naphthalene and chlorine can react to form 1-chloronaphthalene even without a catalyst. Similarly, while both benzene and naphthalene can be alkylated using Friedel-Crafts reactions, naphthalene can also be alkylated by reaction with alkenes or alcohols, with sulfuric or phosphoric acid as the catalyst. Two isomers are possible for mono-substituted naphthalenes, corresponding to substitution at an alpha or beta position. Usually, electrophiles attack at the alpha position. The selectivity for alpha over beta substitution can be rationalized in terms of the resonance structures of the intermediate: for the alpha substitution intermediate, seven resonance structures can be drawn, of which four preserve an aromatic ring. For beta substitution, the intermediate has only six resonance structures, and only two of these are aromatic. Sulfonation, however, gives a mixture of the "alpha" product 1-naphthalenesulfonic acid and the "beta" product 2-naphthalenesulfonic acid, with the ratio dependent on reaction conditions. The 1-isomer forms predominantly at 25 °C, and the 2-isomer at 160 °C. Naphthalene can be hydrogenated under high pressure with metal catalysts to give 1,2,3,4-tetrahydronaphthalene or tetralin (C10H12). Further hydrogenation yields decahydronaphthalene or decalin (C10H18). Oxidation with chromate or permanganate, or catalytic oxidation with O2 and a vanadium catalyst, gives phthalic acid. Uses Naphthalene's most familiar use is as a household fumigant, such as in mothballs (although 1,4-dichlorobenzene (or p''-dichlorobenzene) is now more widely used). In a sealed container containing naphthalene pellets, naphthalene vapors build up to levels toxic to both the adult and larval forms of many moths that attack textiles. Other fumigant uses of naphthalene include use in soil as a fumigant pesticide, in attic spaces to repel animals and insects, and in museum storage-drawers and cupboards to protect the contents from attack by insect pests. It is used in pyrotechnic special effects such as the generation of black smoke and simulated explosions. It is used to create artificial pores in the manufacture of high-porosity grinding wheels. In the past, naphthalene was administered orally to kill parasitic worms in livestock. Naphthalene vapour can also slow the onset of rust, such as the use of moth balls in a tool box. Naphthalene and its alkyl homologs are the major constituents of creosote. Use as a chemical intermediate Larger volumes of naphthalene are used as a chemical intermediate to produce other chemicals. The single largest use of naphthalene is the industrial production of phthalic anhydride (although more phthalic anhydride is made from o-xylene than from naphthalene). Other naphthalene-derived chemicals include alkyl naphthalene sulfonate surfactants, and the insecticide 1-naphthyl-N-methylcarbamate (carbaryl). Naphthalenes substituted with combinations of strongly electron-donating functional groups, such as alcohols and amines, and strongly electron-withdrawing groups, especially sulfonic acids, are intermediates in the preparation of many synthetic dyes. The hydrogenated naphthalenes tetrahydronaphthalene (tetralin) and decahydronaphthalene (decalin) are used as low-volatility solvents. Naphthalene sulfonic acids are used in the manufacture of naphthalene sulfonate polymer plasticizers which are used to produce concrete and plasterboard (wallboard or drywall). They are also used as dispersants in synthetic and natural rubbers, and as tanning agents in leather industries. Naphthalene sulfonate polymers are produced by reacting naphthalene with sulfuric acid and polymerizing this with formaldehyde, followed by neutralization with sodium hydroxide. Naphthalene is also used in the synthesis of 2-naphthol, and of miscellaneous chemicals and pharmaceuticals. See also Decahydronaphthalene (the fully saturated analog of naphthalene) Naphthol Classic naphthalene synthesis: the Wagner-Jauregg reaction References CRC Handbook of Chemistry and Physics 87th edition External links National Pesticide Information Center - Mothballs Case Profile Naphthalene - EPA Air Toxics Web Site Naphthalene (PIM 363) - mostly on toxicity of naphthalene Koppers Inc. Recochem Inc. Advanced Aromatics, L.P. හයිඩ්‍රොකාබන Simple aromatic rings වාත දූෂක කෘමිනාශක විශබීජනාශක Aromatic compounds
8,653
https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94
පරිප්පු
පොත්ත ඉවත්කොට පියලි කල ඇට පරිප්පු (කොළඹ ඉංග්‍රීසි:dal, Devanagari दाल, Banglaদ্দাল, ඇමරිකාව lentils) යනුවෙන් හැඳින්වේ. ලංකාෙව්, ඉන්දියාෙව්, බංගලිදේශයේ, පාකිස්ථානයේ පරිප්පු පිස ආහාරයට ගනු ලැබේ. the thick, spicy stew prepared therefrom, In South India dal is used to make the dish called sambar. The word Dal derives from the සංස්කෘත term to split. පරිප්පු වර්ග තෝරපරිප්පු (toor dal (Marathi),tuvar dal (Gujarati), arhar dal (in Uttar Pradesh, Orissa & Bengal) or togari bele (Kannada), kandi pappu (Telugu), tuvara parippu (Malayalam) or tuvaram paruppu in (Tamil)) - yellow pigeon peas; available either plain or oily) මසූර් පරිප්පු (Masoor dal - red lentils) කඩල පරිප්‍පු - (chholar dal in Bengali, (Buta daali in Orissa) sanaga pappu (Telugu) or kadale bele (Kannada), or kadalai paruppu (Tamil)) - split chickpeas without seedcoat. Chana dal is produced by removing the skin of Kala chana and then splitting it. Although machines can do this, it can be done at home by soaking the whole chickpeas, and removing the loose skins by placing the chickpeas between two towels and rubbing with a rolling pin.කොණ්‍ඩ කඩල - small chickpeas with brown skins - Kondai kadalai in Tamil. In the US and Canada it is known as desi chickpea and the variety most used is called Myles. It is very disease resistant. Kabuli dal - known for its black coat, it is an average size chickpea. It grows naturally with the black coat (not roasted as some believe) and it is said to be nuttier in flavor. මුං පරිප්පු (pesara or uddhi pappu (Telugu) or paasi paruppu (Tamil)) - mung beans or hesaru bele (Kannada), උඳු පරිප්පු(kolai dal (Bengali) ( Biri daali Orissa) or minapa pappu Telugu or ulutham paruppu (Tamil)) - urad, sometimes referred to as black gram or uddina bele (Kannada),Rajma dal - kidney beansකවුපි (थट्टा पायिर in (Marathi), (అలసంద in Telugu),(വൻപയർ in Malayalam), (बोडी මාංශ සහ රනිල ඇට පරිප්පු වර්ග
8,654
https://si.wikipedia.org/wiki/%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%20%28%E0%B7%81%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%29
තෝර (ශාකය)
තෝර යනු රනිල පැලෑටියකි. මෙහා බීජයෙන් තෝර පරිප්පු සාදා ආහාරයට ගනී වගාව තෝර පරිප්පු ජල හිඟ තත්ව වලට උච්ත වර්ෂාපෝෂිත තත්ව යටතේ මහ කන්නයේදී නිසරු ගොඩ ඉඩම් වල ද, යල කන්නයේදී සීමිත ජල ප්‍රමාණයක් ලැබෙන කුඹුරු වලද සාර්ථකව වගා කළ හැකි බෝගයකි. ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේ වියළි හා අතරමැදි කලාප වල ජල හිගය නිසා විශාල ඉඩම් ප්‍රමාණයක් (ගොඩ හා මඩ) වාර්ෂිකව පුරන්ව පවතී. ලැබෙන සුළු වර්ෂාපතනයෙන් වගා කරන බෝග ද බොහෝ විට අනපේක්ෂිත නියග නිසා පාළු වේ. මෙවැනි පසුබිමක් තුළ නියගයට ඔරොත්තු දෙන විකල්ප බෝගයක අවශ්‍යතාව බොහෝ කලක සිට හදුනාගෙන තිබුණි. ඉතා ගැඹුරට විහිදෙන මූල පද්ධතියක් ඇති මෙම බෝගය රනික කුලයට අයත්වන බැවින්, පස සරු කිරීමේ හැකියාවක් ද මෙයට ඇත. භාවිතා කළ යුතු පොහොර ප්‍රමාණය අනෙකුත් බෝග හා සැසදීමේදී ඉතා අඩු වන අතර, මහ කන්නයේදී අස්වනු නෙලීමෙන් පසු යල කන්නයේදී නිරි වගාවෙන් අමතර ආදායමක්ද ලබාතග හැක. ශ්‍රී ලංකාවේ දෛනික ආහාර වේලේ ජනප්‍රියතම අංගයක් වන මසූර් පරිප්පු ලංකාවේ දේශගුණ තත්ත්ව යටතේ වගා කළ නොහැකි බැවින් වාර්ෂිකව රුපියල් මිලියන 2000ක පමණ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය කොට ආනයනය කරනු ලැබේ. මසූර් පරිප්පු වලට ආසන්නතම ආදේශකයක් ලෙස තෝර පරිප්පු හදුනාගෙන තිබේ. එය ලංකාවේ දේශගුණීක තත්ත්ව යටතේ පහසුවෙන් වගා කළ හැකි බෝගයකි. ආහාර පරිප්පු වර්ග ආහාරයට ගන්නා රනිල ඇට වර්ග
8,664
https://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%20%E0%B6%BB%E0%B6%A2%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%20%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA
දඹුල්ල රජමහා විහාරය
දඹුල්ල රජමහා විහාරය , ශ්‍රී ලංකාවේ මධ්‍යම පෙදෙසෙහි මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රජමහ විහාරයකි. මෙම අඩවිය කොළඹට කි.මී 148ක් ඊසාන දෙසින් හා මහනුවරට කී.මී 72ක් උතුරු දෙසින්, පිහිටා ඇත. මෙය ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණය වෙයි.හාත්පස පිහිටි තැනිතලාවෙන් මතුවන ගිරිශිඛරය මී160 ක් අහස උසට පැන නගියි. මෙහි අවට ප්‍රලේඛගත ලෙන් 80 කට වැඩිගණනක් ඇත. මේ අතුරින් පිළිම හා සිතුවම් අඩංගු ලෙන් 5ක් තුල ප්‍රධාන ආකර්ෂණ අඩංගු වී ඇත. මෙම සිතුවම් හා පිළිම බුදු රජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දිවිය හා බැඳුනු ඒවා වෙති. මුළුමනින් බුදු පිළිම වහන්සේ 153 ක්ද, ශ්‍රී ලාංකික රජවරුන් 3 දෙනෙකුගේ පිළිමද හා දේවතා සහ දේවිතාවන්ගේ පිළිම 4ක්ද මෙහි වෙති. පසුව සඳහන්වූ 4 අතර, විෂ්ණු හා ගණ දෙවි යන හින්දු දෙවිවරුන්ගේ පිළිම දෙකක් ද වෙති. බිතු සිතුවම් 2,100 මී² ක වර්ග ඵලයක් සහිත පෙදෙසක පැතිර පවතී. බිත්ති වල දක්නට ඇති සංවර්ණන අතර මාර යකු විසින් බුදු රදුන් පෙලඹවීමට ගත්තැත හා බුදු රජාණන්ගේ පළමු ධර්ම දේශනාව දැක්වේ. දඹුල්ල ලෙන් සංකීර්ණය අසබඩ ඉබ්බන්කටුව ප්‍රදේශයෙහි වසර 2700 නට වඩා පැරැණි (ක්‍රි.පූ 700) මානව ඇටසැකිලි සහිත සුසාන භූමි සොයාගෙන ඇති බැවින්, බුදුසහම ලංකාවට අවතීර්ණ වීමට පෙරාතුව, මෙම ලෙන් සංකීර්ණ තුල, ප්‍රාග්-ඓතිහාසික ශ්‍රී ලාංකිකයන් දිවි ගෙවූ බව අනුමාන කල හැක. ඉතිහාසය ක්‍රි.පූ 7 වන සියවස තරම් ඈත අතීතයකට හිමි කම් කියන මෙය, ශ්‍රී ලංකාවේ අතිශයින් චමත්කාරජනක ලෙන් විහාරයයි. අති විසල් පර්වත තලයකින් ආවරණයවූ ලෙන් පහ ඇතුළත වියලිව තබා ගනු රිසියෙන් ගලෙහි බිටත ඉහල මායිමෙහි කටාරම් කොටා ඇත. 1938දී මෙම ගෘහ නිර්මාණය ආරුක්කුමය කුළුණු පෙලකින් හා දෙපල වහලින් සැදි ඇතුළුවීම් දොරටු වලින් සරසන ලදි. ලෙන අභ්‍යන්තරයෙහි, සිවිලිම් (වියන) සංකීර්ණ ආගමික රටාවන් උපයෝගී කොට ගනිමින් සිත්තම් කර ඇත්තේ පර්වත ශිඛරයෙහි හැඩය හා සමෝච්චය අනුව යමිනි. මෙහි බුදු රජාණන් වහන්සේගේ සහ බෝධිසත්ත්වයන් වහන්සේලාගේ මෙන්ම බොහෝ දේවතාවුන් හා දේවතාවියන්ගේද රූප ඇත. දඹුල්ල ලෙන් සංඝාවාසය අදටත් කෘත්‍යාත්මකව පවතින අතර, ශ්‍රී ලංකාවේ ඉතාමත් හොඳින් සංරක්ෂිත පුරාතන ප්‍රාසාදය වෙයි. මෙම සංකීර්ණය ක්‍රි.පූ 3වන හා 2වන සියවස් පමණ ඈත අතීතයෙහිදී අති දැවැන්ත හා ඉතා වැදගත් සංඝාවාසයක් ලෙස ස්ථාපනය කරන ලදි. වළගම්බා රජු විසින් ක්‍රි.පූ 1වන සියවසෙහිදී ලෙන් සමූහය විහාරයක් බවට පරිවර්තනය කල බව සාම්ප්‍රදායික විශ්වාසයයි. අනුරාධපුරයෙන් පිටුවහල්ව සිටි ඔහුට, වසර 15ක් තිස්සේ දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන්ගෙන් ගැලවුම සඳහා ආරක්ෂා සැපයුනේ මෙහිදීය. නැවත ඔහුගේ අගනුවර දිග්විජය කල රජතුමා, කෘතඥ ගෞරවසම්ප්‍රයුක්තව මෙහි විහාරයක් කරවීය. පසුකාලීන රජුන්ද මෙහි සංවර්ධනයට දායකව නවාංග එකතු කල අතර 11වන සියවස වන විට ලෙන් සමූහය ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයක් ව වත්මන් තත්ත්වයට පත් වුනි. නිශ්ශංක මල්ල රජ වසර 1190 දී ලෙන් හි රන් ආලේපිත කොට බුදු පිළිම වහන්සේලා 70 නමක් පමණ එකතු කලේය. 18වන සියවසෙහිදී, උඩරට රජවරුන් විසින් මෙම ලෙන් අළුත්වැඩියා කොට පින්තාරු කරවන ලදි. භාරකාරීත්‍වය දඹුල්ල රජමහා විහාරයේ භාරකාරීත්වය පහත සඳහන් පන්සල් 4ට හිමිය. පළමු උයන්වත්ත පන්සල දෙවන උයන්වත්ත පන්සල දඹුල්ල මැද පන්සල දඹුල්ල ඉහල පන්සල රන්ගිරි පිළිම ගෙවල් පහ පිළිම ගෙවල් බවට පරිවර්තනය කරන ලද ලෙන් පහකින්, විහාරය සමන්විත වේ. අනුරාධපුරය (ක්‍රි.පූ1වන සියවස සිට ක්‍රි.ව 993 දක්වා) සහ පොළොන්නරුව අවදීන්හීදී (1073 සිට 1250), මී150 උසැති පර්වතයෙහි පාදමෙහි තනවා ඇති ලෙන්, ශ්‍රී ලංකාව තුල දක්නට ලැබෙන බොහෝ ලෙන් විහාර අතුරින් අතිශය චමත්කාර ජනක වැන්නය. කිමී 19 ඔබ්බෙහි පිහිටි සීගිරිය පර්වත බලකොටුවෙහි හා, අවට තැනිතලා භූමින් හීද සිරි නරඹමින්, දඹුල්ල පර්වතයෙහි මඳ බෑවුම කරණය කිරීමෙන්, මෙයට ප්‍රවිෂ්ඨ විය හැක්කේය. ගොම්මං වේලාව එළඹෙත්ම, සියගණනින් හෙබි, වැහි ලිහිණි කඩා පනින හමුදාව ලෙන් පිවිසුම් දොරටුව වෙත සැපත් වනු දැකිය හැක. විශාලතම ලෙන නැගෙනහිර සිට බටහිරට මී52ක්ද, පිවිසුමෙහි සිට පසුපසට මී23ක්ද ලෙස විශාලත්වයක් දක්වන අතර මෙම මනස්කාන්ත ලෙන එහි මුදුන් තැනෙහිදී මී7ක් උසක් දරයි. වළගම්බා රජු සහ නිශ්ශංක මල්ල රජ යන රජුන්, සහ බුදුන්වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද තෙරණුවන්ට අමතරව, හින්දු දෙවිවරුන්ද මෙහි පෙන්නුම් කර ඇත. රංගිරි දඹුල්ල රජමහ විහාරයේ ලෙන් විහාර කොටස 1991 වසරේ මෙය ලෝක උරුම අඩවියක් ලෙස ප්‍රකාශට පත්කෙරිනි. දේවරාජ ලෙන පළමු ලෙන හැඳින්වෙන්නේ දේවරාජ ලෙන හෙවත්, "දිව්‍යමය රජුගේ ලෙන" ලෙසටය. සංඝාවාසය ස්ථාපනය කිරීම පිළිබඳ විස්තරයක්, පළමු-සියවස් බ්‍රාහ්මී අක්ෂර උපයෝගී කොටගෙන, පළමු ලෙනෙහි පිවිසුමට ඉහලින් කොටා දක්වා ඇත. පිහිටි ගලෙහි අඹා ඇති, මීටර-14 බුද්ධ ප්‍රතිමාව අනෙකුත් සියල්ල අභිබවමින් චිත්තාකර්ෂණීය අයුරින් ලෙන තුල වැජඹෙයි. එහි ඉතිහාසයෙහි ‍නොයෙකුත් අවදීන්හිදී, නොගිනිය හැකි වාර ගණනකදී, මෙය යළි යළිත් පින්තාරැ කොට ඇති බවත්, අවසන් පින්තාරුව බොහෝ විට 20වන සියවසෙහිදී ලබන්නට ඇති බවද පෙනේ. බුදු පිළිමවහන්සේගේ පා මුල වැඩ වසන්නේ, බුදුන් වහන්සේගේ ප්‍රියතම ශිෂ්‍ය, ආනන්ද තෙරණුවන්ය; ශීර්ෂයෙහි දක්වා ඇත්තේ, මෙම ලෙන් තැනවීමෙහිදී සිය දිව්‍යමය බල නොමසුරුව යොදවූ බවට සැලකෙන විෂ්ණු දෙවියන්ය. මහා රජුන්ගේ ලෙන දෙවන හා විශාලතම ලෙනෙහි, හිටි බුදු පිළිම වහන්සේලා 16 නමක් සහ හිඳි බුදු පිළිම වහන්සේලා 40 නමකට අමතරව, මල් මාලා පූජා වලින් වන්දනාකරුවන්ගේ නිරන්තර ප්‍රණාමයට බඳුන් වන සමන් හා විෂ්ණු දෙවිවරුන්ගේ පිළිමද, අවසන, ක්‍රි.පූ පළමු සියවසෙහිදී මෙම විහාරය පූජා කල වළගම්බා රජුගේ හා, විහාර ප්‍රවිෂ්ඨය අබියස පිහිටුවා ඇති ශිලා ලේඛනයෙහිදී දැක්වෙන අයුරු, 12වන සියවසෙහිදී පිළිම වහන්සේලා 50 නමක් රනින් ආලේප කොට පූජා පැවැත්වූ නිශ්ශංක මල්ල රජුගේ පිළිමද පිහිටුවා ඇත. මේ අනුව යමින්, මෙම ලෙන මහාරාජ ලෙන, "මහා රජුන්ගේ ලෙන" යන නම් වලින් හැඳින්වේ. කුටියෙහි වම් පස පිහිටි ගලින් අඹා ඇති බුද්ධ ප්‍රතිමාවට පරිවාර වශයෙන්, මෛත්‍රීය බෝධිසත්ත්වයාණන් වහන්සේ සහ අවලෝකිතේශ්වර හෝ නාථ දැවමුවා පිළිම දක්නට ඇත. මෙහි දාගැබක් හා ශෛලමය පියස්සෙහි පැල්මකින්, රෝ සුවකිරීමේ බල ඇති බවට විශ්වාස කෙරෙන ජල බින්දු වස්සවන ජල බුබුලක්ද පිහිටයි. මෙම ජල බුබුලෙහි දිය, පියස්සෙහි බෑවුම ඉහළට ගමන් කර (සොබා දහමට පටහැනිව), ඉන් පසු පහළට පතිත වන බවක් බැලූ බැල්මට පෙනෙන බැව් දුටු පැරැන්නෝ එදෙසට මසුන්ගේ රූ පින්තාරු කොට එබව හුවා දක්වා ඇති බව පෙනේ. මහමායා දේවියගේ සිහිනයෙහි සිට ‘‘මාර දිව්‍ය පුත්‍රයා විසින් බුදුන් වහන්සේ පෙළඹවීමට තැත් කිරීම දක්වා බුදු සිරිතෙහි විවිධ දර්ශන, 18වන සියවස දක්වා කාල නිර්ණය කරැති සායම් සිතුවම් භාවිතා කරමින්, මනස්කාන්ත අයුරින් මුළු පියස්ස සිසාරා වර්ණවත් කර ඇති අයුරු පෙනේ. රටෙහි ඉතිහාසයෙහි වැදගත් අවස්ථා පිළිඹිබු කෙරෙන් තවද සිතුවම්ද දක්වට ඇත. මහා අළුත් විහාරය තෙවන ලෙන වන, එනම් මහා අළුත් විහාරය'', සමන්විත වන්නේ, බුදු දහමේ පුනරුදයකට පණ පෙවූ වකු ලෙස කීර්තියට පත්, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ (1747-1782) රාජප්‍රාප්තිය අතරතුර, එකතුවූ සිවිලිම (පියස්ස) හා මහනුවර මාදිලියට අයත් බිතු සිතුවම් වලිනි. බුද්ධ ප්‍රතිමා වහන්සේලා 50 නමට අමතරව රජුගේ පිළිමයක්ද මෙහි දක්නට ඇත. සතරවන හා පස්වන ලෙන් සතරවන හා පස්වන ලෙන් කුඩාය; පසු කාලයකට අයත් බවට කාල නිර්ණය කර ඇති මේවා එතරම් උසස් තත්ත්වයක් නොදරයි. පළමු හා දෙවන ලෙන් අතර පිහිටි කුඩා විෂ්ණු දේවාලයක් බොහෝ වන්දනාකරුවන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇත. පිළිම මේ සියළු පිළිම ගෙවල් සිසාරා, බුදු සසුන හා රටේ ඉතිහාසය පිළිඹිබු කෙරෙන පිළිම එකසිය පනහක් පමණ පිහිටුවා තිබෙනු දැකිය හැක. මෙම පිළිම හා සිතුවම් සිංහල මූර්ති ශිල්පයේ හා සිංහල කලාවේ බොහෝ යුග පරිච්ඡේද නිරූපණය කරයි. බුදු පිළිම වහන්සේලා පමණින් හා ඉරියව් අතින් විවිධාකාරය - විශාලතමය මීටර 15ක් දිගුය. එක් ලෙනක ශෛලමය පියස්ස (සිවිලම) සිසාරා බුදු සිරිත දැක්වෙන සිත්තම් 1,500 කට වඩා දක්නට ඇත. විහාරයට අයත් වෙනත් ස්ථාන රංගිරි දඹුළු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අළුත් විහාරගෙය ලෙන්හි සිතුවම් හා පිළිම රංගිරි දඹුළු සංඝ සභ‍ාව ශ්‍රී ලංකාවේ ලෝක උරුම අඩවි ශ්‍රී ලංකාවේ ලෙන් විහාර රජමහා විහාර මාතලේ දිස්ත්‍රික්කයේ බෞද්ධ සිද්ධස්ථාන මාතලේ දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක
8,668
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%9B%E0%B6%BD%20%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA
සෛල වාදය
මෙය මගින් සෛල යක් යනු සෑම ජීවියෙකුගේම මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය. ලෙස හැදින්වේ. 1800 ගණන් තරම් දුර ඈතක සිට දියුණු වෙමින් ආ මෙම වාදය අන්වීක්ෂ අධ්‍යයනය මගින් තවත් තහවුරු කළේය. මෙය ජීව විද්‍යාවේ එක් මූලික පදනමකි. මෙම වාදය මගින් නව සෛලයක් පවතින සෛල වලින් උපදින අතර ජීවින්ගේ ආකෘතියේ කායික ක්‍රමවේද වල හා සංවිධානයේ මූලික ඒකකය ලෙස හඳුන්වයි. සෛලලවාදය ඉදිරිපත් කරන ලද්දේ උද්භිද විද්‍යාඥයෙක් වන මැතියස් ශ්ලයිඩන්‚ සත්ත්ව විද්‍යාඥයෙක් වන තියඩෝර් ශ්වාන් සහ වර්කව් විසිනි.මෙම සෛලවාදයේ සඳහන් ප්‍රධාන මූලධර්ම 3 කි. 1. සියලුම ජීවීන්, සෛල වලින් (එකකින් හෝ කිහිපයකින්) නිර්මාණය වන බව. 2. ජීවයේ මුලිකමය ව්‍යුහයමය හා කෘත්‍යමය ඒකකය සෛලය බව. 3. සියලුම සෛල පෙර පැවති සෛල විභාජනයෙන් පමණක් ඇති වන බව.
8,670
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%20%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B7%84%20%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%93%20%E0%B7%80%E0%B6%BD
සූරියකන්ද සමූහ මීනී වල
සූරියකන්ද සමූහ මිනී වල යනු ශ්‍රී ලංකාවේ ඇඹිලිපිටිය මහා විද්‍යාලයයේ සිසු දරුවන් ඝාතනය කොට සමූහ වශයෙන් වල දමා තිබූ මිනී වලයි. මෙම පාසල් සිසු දරුවන් මරා දමා වල දමා තිබූයේ, ශ්‍රී ලංකාවේ දෙවන ජ.වි.පෙ. කැරැල්ල අතරතුරදී, කැරැල්ල මැඩපැවැත්වීමේ පියවරක් ලෙසට හුවා දක්වමිනි. මෙම ස්ථානයේ සිරුරු 300කට වැඩි ප්‍රමාණයක් වල දමා තිබූ බවට කියැවේ. සමූහ මිනී වල සොයා ගන්නා ලද්දේ 1994 දීය. මෙම මීනී වල සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා අනිර්දිෂ්ට (හෙළිනොකල) සංඛ්‍යාවක් සිරුරු ගොඩ ගත් බවට ශ්‍රී ලංකාවේ රජය විසින් අවසන් වරට 1996 දී වාර්තා කොට ඇත. දේශීය මාධ්‍ය, රානොසං කණ්ඩායම් හා එජ රාජ්‍ය දෙපාර්තමේන්තුව එක හෙලා ප්‍රකාශ කොට සිටියේ පරික්ෂණ කටයුතු සාර්ථකව සිදු නොවූ බවයි. පසුබිම 1987 සිට 1989 දක්වා කාල සීමාවෙහිදී, උතුරු කරයෙහි දෙමළ අර්බුදය උග්‍ර අතට හැරී තිබූ කල, ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ (ජ.වි.පෙ.) පක්ෂයෙහි මතවාදයෙහි හා ඉලක්කයන්හි පැහැදිලිව දිස්වූ වෙනස්කම් ඇති විය. මාක්ස්වාදී සංවිධානයක සිට, දෙමළ කැරැල්ල හා සමග කිසිම ආකාරයක සම්මුතිමය විසඳුමකට එ‌ළඹීමකට විරුද්ධ, සිංහල දේශාභිමානී සංවිධානයක් බවට එය සංක්‍රමණය විය. 1983 ජූලි දෙමළ-විරෝධී කෝලහාලයන්හි භූමිකාව පිළිබඳ ඉදිරිපත්වූ චෝදනා හේතුවෙන්, එය තහනම් කරනු ලදුව එහි නායකත්වය පලාගොත් සැඟවී ගත්හ. වාර්ගික අර්බුදය විසඳනු වස්, 1987 දෙවන භාගයෙහිදී ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමට එළඹි සමයෙහි, එකල පැවැති රජයට එරෙහිව මෙම කණ්ඩායමයෙහි ක්‍රියාකාරකම් උත්සන්න කරන ලදි. 1987දී ජ.වි.පෙ. අංකුරයක් ලෙස නව කණ්ඩායමක් පැන නැගුනේ, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය (දේ.ජ.ව්‍යා.) නමිනි. 1987 අගෝස්තු මසදී ජනාධිපති ප්‍රේමදාස හා අගමැති වරයා ඝාතන තැත් පිළිබඳ වගකීම දේ.ජ.ව්‍යා. විසින් භාර ගන්නා ලදි. මෙයට අමතරව, මෙම කණ්ඩායම විසින් පාලක එක්සත් ජාතික පක්ෂය (එ.ජ.පෙ.) ට එරෙහිව භීෂණ ව්‍යාපාරයක් දියත් කරමින්, 1987 ජූලි මස හා නොවැම්බර මස අතර කාලය තුලදී පමණක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැත්තෑ දෙනෙකුට වැඩි ගණනක් මරා දැමීය. ජ.වි.පෙ. එහි බල පරාක්‍රමය අධි-තක්සේරුවකට ලක් කරගනිමින්, හොට බිම ඇණ ගත්තේ, දේ.ජ.ව්‍යා. ඔස්සේ , හමුදා සාමාජීකයන්ගේ පවුල් වල සාමාජීකයන් ඝාතනයට අණ දීමෙනි. එය වෙත හමුදාවන්හී පහළ ස්ථර දිගුකර තිබූ, කුඩා එහෙත් වැදගත් සහයෝගීතා හස්තය මෙයින් විනාශයට පත්වූ අතර, රජය විසින් දියත් කල භීෂණ ව්‍යාපාරයෙහි යුක්තිගරුක බව හුවා දැක්වීමට මෙයින් ඉඩ සැලසිනි. ජ.වි.පෙ. ආධාරකරුවන් යැයි සැලකුණු පාසල් සිසු දරුවන් වෙත, වධහිංසාව හා සමූහ ඝාතන ඇතුළු විවිධාකාර ක්‍රෑරතා, රජය විසින් පමුණුවන ලදි. විමර්ශනය 1994දී , සමූහ මිනී වලවල් පිළිබඳව, එක්සත් ජාතීන් (එ.ජා.) සංවිධානයෙහි විමසීමකින් අනතුරුව රජය වාර්තා කලේ, 1994 සැප්තැම්බර 14 දිනදී, මහාධිකරණයෙහි අධීක්ෂණය යටතේ මිනී වලවල් කැණ, අනිර්දිෂ්ට (හෙළිනොකල) සංඛ්‍යාවක් ඇටසැකිලි නෂ්ටාවශේෂ සොයාගැනීමට කටයුතු කල බවටයි. යථා යෝග්‍ය හා විද්‍යාත්මක කැණීමක් සිදුකෙරෙන බව සහතික කොට, තවදුරටත් මල සිරුරු සොයා‍ගැනීම හා හඳුනාගැනීම සඳහා පිටිවහල් වීමටද, සූරියකන්දෙහි ඔවුන් වල දැමුවේ කුමන වාතාවරණයක් මධ්‍යයෙහිද යන්න සොයා ගැනීමටද, අධිකරණ වෛද්‍ය, විමර්ශන හා නීති ප්‍රවීණයින් කණ්ඩායමක්, අධිකරණයට සහය වූ බවද මෙම වාර්තාව තවදුරටත් දැක්වීය. 1989 දී පොලීසිය විසින් මරා දමන ලද 36 දෙනෙකුගේ සිරුරු අඩංගුව තිබිය හැකි අංකුඹුර ඇතුළු අළුතින් සොයාගත් සොහොන් පිටි පිරික්සා බැලීම ඇරඹූ බවද, රජය වාර්තා කලේය . පසු විපරම දි අයිලන්ඩ් හා සන්ඩේ ටයිම්ස් ඇතුළු සංගණ්‍ය දේශීය පුවත්පත් සිය ලිපි තුලින් හුවා දක්වා සිටියේ, පොදු ජන එක්සත් පෙරමුණු පක්ෂය 1993දී බලයට පත්වීමට පෙර, එක්සත් ජාතික පක්ෂය (එ.ජා.ප.) පාලනයෙහිදී පෙර 18 වසර තුලදී සිදු කලා යැයි පැවසෙන, සූරියකන්ද සමූහ මිනී වල ඇතුළු ප්‍රොක්ත දාමරික ක්‍රියා, විමර්ශනය කරන බවට ප්‍රතිඥා දුන් නමුදු, ගත යුත්තක් ඉටු නොවූ බවය. තවත් වාර්තාවක් පෙන්වා දුන්නේ, මෙම අපරාධය සිදු කිරීම පිලිබඳ අධිචෝදනා ලබා සිටි නිලධාරින්, කැරලිකාර දෙමල ඊලාම් විමුක්ති කොටි (දෙ.ඊ.වි.කො) සංවිධානය සමග එදිරිවාදිකම් ඇරඹුනු සැණින්, ගෞරව බුහුමාන සහිතව නිදහස ලැබූ බවය. විශිෂ්ඨ ජාත්‍යන්තර නීතිවේදී නීලන් තිරුචෙල්වම්, කොළඹ-අයි.සී.ඊ.එස් හිදී දේශනයක් පවත්වමින් කියා සිටියේ, සතුරුකොන්දන්, නැගෙනහිර විශ්වවිද්‍යාලයය, මයිලතන්නි ආදියෙහි බොහෝ දරුවන් ද ඇතුළුව, සිවිල් ජනයා සමූලඝාතන හා අතුරුදහන්වීම් හා සූරියකන්දෙහි පාසල් සිසු දරුවන් සමූහ ඝාතනය හා වල දැමීම පිළිබඳ සුදුසු පරික්ෂණ අඩපණ වී ඇත්තේ හදිසි රෙගුලාසි පරිහරණය කිරීම හේතුවෙන් වරදන්ට නියමාකාරයෙන් දුර්විපාක නොලැබීමේ පටිපාටියක් නිර්මිත වීම නිසා බවයි. මෙම සිද්ධීන් පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය හැකි වන පරිදි හදිසි රෙගුලාසි සම්පූර්ණ වශයෙන් නෙහැකි නම් අඩ වශයෙන් හෝ අහෝසි කිරීම සිදු කරන ලෙස හේ ඉල්ලා සිටියේය. 1996 හා 1998 දී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සටහන් කලේ, සූරියකන්ද, අංකුඹුර හා නිකවැරටිය සමූහ මිනී වලවල් පිළිබඳ විමර්ශනයන්හි, සැලකියයුතු ප්‍රගමනයක් දැක්වීමට, ශ්‍රී ලාංකික රජය විසින් අසමත් වී ඇති බවයි. ආශ්‍රිත මෙයද බලන්න ශ්‍රී ලංකාවෙහි අනෙකුත් සංගණ්‍ය සමූහ මිනී වලවල් චෙම්මනි සමූහ මිනී වල මිරුසුවිල් සමූහ මිනී වල දුරෙයිඅප්පා ක්‍රීඩාංගන සමූහ මිනී වල බාහිර සබැඳි සයිබර්ස්පේස් ග්‍රේව්යාඩ් ෆො ඩිසැපියර්ඩ් පර්සන්ස් ශ්‍රී ලංකා පොලිටිකල් ඇන්ඩ් හියුමන් රයිට්ස් අප්ඩේට් අගෝස්තු 1996 මැනේජ්මන්ට් ඔෆ් ඩෙඩ් බොඩීස් අපරාධ - ශ්‍රී ලංකා මානව අයිතිවාසිකම් පැහැරහැරීම් - ශ්‍රී ලංකා සමූහ මිනී වලවල්
8,722
https://si.wikipedia.org/wiki/%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA
ආදරය
ආදරය යනු ලිංගික ආකර්ශනයට සම්බන්ධ හැඟීම් සහ අත්දැකීම් සමුදායක මිශ්‍රනයකි. ආදරය යනු චිත්තෙව්ගාත්මක භාවාත්මක අන්තර පුද්ගල සම්භන්ධතාවයි.එනම් පුද්ගලයා විසින් තවත් පුද්ගලයකු වෙත දක්වන යහපත් පරාර්තය මුසු සහකම්පනයකි.ආදරය යන වචනය විවිධ දෘෂ්ටි කොණවලින් හා විවිධ අර්ථ දැක්වීම්වලින් ගහනය.මෙහිදී ප්‍රධාන වශයෙන් ස්ත්‍රියක හා පුරුෂයකු අතර ඇතිවන අනුරාගය මුසු භාවාත්මක බන්ධනය ප්‍රධාන වශයෙන් දක්වයි.මීට සමීප ඥාතීන් හිතවතුන් ආදී අනුරාගික නොවූ භාවාත්මක බන්ධනයන්ද ආදරය ලෙස සළකයි.මෙවැනි අන්තර් පුද්ගල සම්බන්ධතා වලට අමතරව පුද්ගලයෙකු හා තවත් මානව නොවන ජීවියකු අතර ඇතිවන භාවාත්මක බන්ධනයද ආදරය ලෙස සළකයි.තවත් අවස්ථාවලදී මානව නොවන ජීවියකුද නොවන වෙනත් ද්‍රව්‍යමය දෙයක් කෙරේද භාවාත්මක බන්ධනයක් ඇතිවිය හැක. ආදරය අර්ථ දැක්වීම් ආදරය යනු අනේකාගේ සතුට වෙනුවෙන් කරන පරිත්‍යාගයයි. ඔබ ආදරය කරන පුද්ගලයා හට ඔබෙන් යමක් නොලැබේනම් එය ලබා ගත හැකි අයෙක් ළගට යෑමට ඔහුට හෝ ඇයට පූර්ණ අයිතියක් ඇත.එය වටහාගෙන ඔබේ සතුට නොව ඔහුගේ හෝ ඇයගේ සතුට වෙනුවෙන් කල හැකි යම් පරිත්‍යාගයයක් වේද එය ආදරය නම් වේ.ඔහු හෝ ඇය ඔබ නැතිව අන් අයෙක් සමග සතුටින් සිටීනම් ඒ දෙස බලා සතුටූ වීම් සබෑ ආදරයේ ප්‍රතිමූර්තියයි. උදාහරණයක් ලෙස මවගේ ආදරය සලකා බලන්න.ඇය තම දරුවන් ගේ සතුට වෙනුවෙන් තම සතුට පරිත්‍යාග කරනු ලබයි. පුද්ගල බද්ධ නොවන ආදරය පුද්ගල බද්ධ නොවන ආදරය නම් යම් භෞතික ප්‍රපංවයක් කෙරේ දක්වන චිත්තවේගාත්මක ඇල්මයි.එනම් හෞතික වස්තුවක් කෙරේ දක්වන අසීමිත ඇල්ම මීට අයත්ය.තමාව වඩාත් උපයෝගීවන භේතික වස්තුවක් හෝ එම භෞතික වස්තුව සතු යම් චිත්තාකර්ෂණීය ගුණයක් නිසා ඇතමෙක් මෙසේ භෞතික වස්තූන්ට ආදරය කරයි.එසේත් නැතිනම් ඇතැම්විය යම් පුද්ගයෙකුට දක්වන ආදරය ඔහු නියොජනය කරන භේතික වස්තුවකට විතැන් වියහැක.උදාහරණ ලෙස තමා ආදරය කරන පුද්ගලයාගේ ඡායාරූපයක් හෝ ඔහු හෝ ඇය භාවිතකළ වස්තුවක් වෙත ආදරය ඇතිවීමට මෙලෙස පුද්ගල බද්ධ ආදරය යම් හේතූන්මත භෞතික වස්තුවක් වෙත විතැන්වෙයි.මනෝ විද්‍යාත්මකව මෙය වියෝග කාන්සාවෙන් මිදීම සදහා අවිඥ්ඥානිකව භාවිතවන සංරක්ෂණ ප්‍රයෝගයන් ලෙස හදුන්වයි.භෞතික වස්තුවක් මෙන්ම සතුන් කෙරේ ඇතිවන ආදරයද පුද්ගල බද්ධ නොවන ආදරයක් ලෙස හදුන්වයි.අදාල සත්වයාගේ දක්නට ලැබෙන යම් ආකර්ශනීය සාධකයක් නිසා හෝ එම සත්වයා හා පුද්ගලයා අතර ඇතිවන භාවාත්මක චිත්තවේගී බැදීම් නිසා සතුන් කෙරේ ආදරය ඇතිවේ. අන්තර්පුද්ගල ආදරය අන්තර් පුද්ගල ආදරය යනු පුද්ගලයන් දෙදෙනකු අතර ඇතිවන භාවාත්මක හා චිත්තවේගී බැදීමකි.මෙහිදී පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු සතු යම් ලක්ෂණයක් මුල්කරගනිමින් ආදරය ඇතිවේ.මෙම ගණයේ ආදරයට උදාහරණ ලෙස පවුලේ සාමාජිකයන් අතර ඇතිවන ආදරය මිතුරු මිතුරියන් අතර ඇතිවන ආදරය හා විරුද්ධ ලිංගික සහකරුවන් අතර ඇතිවන ආදරය දැක්විය හැක.අන්තර් පුද්ගල ආදරය පිළිබද විවිධ ආගම් හා දර්ශනයන් විසින් විවිධ මත පළකර ඇත.20 වන සියවස ආරම්භයත් සමග ඇතිවූ මනෝ විද්‍යාාවේ දියුණුවත් සමග මෙම සංකල්පය විද්‍යාත්මකව අධ්‍යනය කරන්නට හැකිවිය.පසුව මානව විද්‍යාව හා ජීව විද්‍යව මෙයට එක්විය. අදවන විට පුද්ගලබද්ධ ආදරයට විද්‍යාත්මක නිර්වචනයන් ඉදිරිපත් කිරීමට විද්‍යාව සමත්වී ඇත. කවුරුත් නොදත් ඒත් කවුරුත් අතර ඇතිවන ආදරයේ ජීව විද්‍යාත්මක පදනම ජීව විද්‍යාත්මක ව ආදරය යනු කුසගින්න පිපාසය මෙන් ජීව විද්‍යාත්මක ප්‍රේරණයක් බව ජීව විද්‍යාඥයන් තර්ක කරයි.විශේෂයෙන් ක්ෂීරපායී කාණ්ඩයට අයත් සතුන් අතර මෙය සුලබ ය.ආදරය ඇතිවීම කෙරෙහි බලපානු ලබන්නේ සිරුර තුල නිපදවන හෝමෝන මගින් බව විද්‍යාත්මක පර්යේෂණ මගින් සනාත කරගෙන ඇත.සත්ව ලොකය තුල පවතින මාතෘ දාරක ස්නේහයට මූලික වන්නේ ප්‍රොජෙස්ටරෝන් නම් හෝමෝනයයි.මෙම හෝමෝනය විශේෂයෙන් ක්ෂීරපායී සතුන් අතර බහුලය.අන්තර් පුද්ගල ආදරය අතර ප්‍රධානම තැනක් හිමිවන්නේ ස්ත්‍රී පුරුෂ විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන ප්‍රේමයයි.මේ සදහාද හෝමොනවල මැදිහත්වීම බහුලව පවතී.ස්ත්‍රි පුරුෂ සම්භන්දතා පිළිබද වසර 30 පුරා විද්‍යාත්මක පර්යේෂණ වල නිරතවෙමින් ස්ත්‍රී පුරුෂ ප්‍රේමය පිළිබද වඩාත් විද්‍යත්මක සොයාගැනීම් සිදුකළ විද්‍යාඥයින් අතර මහාචාර්‍ය හෙලන් ෆිෂර් නම් මානව විද්‍යාඥවරිය ප්‍රමුඛය.ඇය ස්ත්‍රී පුරුෂ ආදරයේ අවධි 3 දක්වයි. අනුරාගය ආකර්ෂණය බැඳීම අනුරාගය හෙවත් ලිංගික අශාව ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ මූලිකම අවස්තාවයි.සිරුර තුල නිපදවන ලිංගික හෝමොන මගින් ලිංගික පාමේගයන් ඇතිකරයි.මේ සදහා විශේෂයෙන් ටෙස්ටස්ටෙරෝන් හා ඊස්ටුජන් හෝමොන දායකවේ.පුරුෂයන්ගේ දිවීලිංගික ලක්ෂණ පාලනය කරන ප්‍රධාන හෝමොනය වන ටෙස්ටස්ටෙරෝන් හෝමොනය මගින් පුරුෂයන්ගේ ලිංගික අසාවන් වර්ධනය කරයි.මෙම හෝමොනය මගින් පුරුෂයන්ට ස්ත්‍රීන් කෙරේ ලිංගික ආකාර්ෂණය ඇතිකරයි.ටෙස්ටස්ටෙරෝන් වැඩි ප්‍රතිශතයක් නිපදවීම පුරුෂයන් තුල ස්ත්‍රීන් කෙරේ ලිංගික අශාව වැජිවීමටත් අඩුවෙන් නිපවීම මගින් ලිංගික ආශාවන් අඩුවීමතටත් හේතුවේ.මේ ආකාරයෙන්ම ස්ත්‍රීන්ට පුරුෂයන් කෙරේ ලිංගික ආකර්ෂණය ඇතිවීමට ඊස්ට්‍රජන් හෝමොනය දායකවේ.ආකර්ෂණය ඇතිවීම කෙරේ සෙරටීන් ඩොපමීන් නොරිෆිනේෆ්රින් ඔක්සිටොසීන් වැසොප්‍රිසීන් යන හෝමොනවල බලපෑම වැදගත්ය.මෙම හෝමොන මගින් හද ගැස්ම වේගවත් කිරීම නින්ද අඩුවීම කෑම රුචිය අඩුවීම ආදිය සිදුවේ.මෙම හෝමොන මගින් සතුට සංවේදී මොළයේ කොටස් උත්තේජනය කරයි.දුකට අදාල මොළයේ කොටස් වලට අයත් ස්නායු තාවකාලිකව අක්‍රීය කරයි.ආකර්ශන යේදී යම් පුද්ගලයෙකු අනෙක් පුද්ගලයා කෙරේ දැඩි චිත්තවේගී පෙළඹවීමක් ඇති කරයි.අනෙකුත් පුද්ගලයන්ගෙන් විශේෂිතව හදුනා ගනී.මෙයාකාරයෙන් ඉහත සදහන් ඩොපමීන් වැනි හෝමොන ක්‍රියාකාරීත්වය හේතු කොටගෙන පෙම්වතුන් අතර ප්‍රබල බන්ධනයක් ඇති කරයි.නිතර එකිනෙකා දැකීමට ඔවුනොවුන්ගේ හඩ ඇසීමට හා ශාරීරික ස්පර්ෂයන් ලැබීමට පෙළඹවීම මෙම හෝමෝන බලපෑමෙන් සිදුවේ.බොහෝවිට මෙම අවධිය ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ ස්වර්ණමය අවධිය ලෙස සැළකිය හැකිය.මෙම කාලය සාමාන්‍ය වශයෙන් වසර තුනක් දක්වා පවතී.ඉන් පසු උදාවන්නේ බැඳීම අවධියයි.ඇතැම් මනෝ විද්‍යාඥයන් ප්‍රකාශ කරන ආකාරයට ආකාර්ශන අවධිය ස්ත්‍රීන් හා සම්භන්ධව ගත් කල දීර්ඝ කාලයක් වන අතර පුරුෂයින්ට එය කෙටි කාලයකි.මෙම ජීව විද්‍යාත්මක වෙන්කම හේතුවෙන් ස්ත්‍රීන් තුල පුරුෂයන් කෙරේ විශ්වාසය අඩුවී කාංසා තත්වයන්ට පත්වන අවස්ථා ඇත පෙර පරිදී තමා අසල රැදී සිටීමට තමාහා දොඩමළු වීමට ආදරය දැක්වීමට නොපෙළඹෙන්නේ පුරුෂයා වෙනත් සුත්‍රියක කෙරෙහි ආකරශනය වී ඇතැයි ස්ත්‍රීන් විශ්වාස කරති.මෙමයට හේතුව ඩොපමීන් සෙරටීන් වැනි හෝමොන ස්‍රාවය පුරුෂයන්ගේ ක්‍රමයෙන් අඩුවීමයි.මේ ආකාරයට අනුරාගය ආකර්ශන යන අවධි වලින් පසු එකිනෙකා අතර ඇතිවන අනුරක්තිය හෙවත් ලිංගික ආකර්ශනය අඩුවී යයි.මේ නිසා තවදුරටත් ඔවුන්ට තම සම්න්ධතාවය ඉදිරියට ගෙනයාමට සිදුවීමේ දී ලිංගික ආකර්ශනයකින් යුතු අනුරක්ත ප්‍රේමය යටපත්වී එය දයානුකම්පිත ප්‍රේමයක් බවත ක්‍රමයෙන් පරිවර්තනයවේ.මීට කලින් එකිනෙකා මුනගැසීමේ දී කතාබහ කිරීමේ දී සිරුර තුල නිපවන හෝමෝන වෙනදාමෙන් සිදුනොවේ.එසේම ඔවුනොවුන් තවදුරටත් එකිනෙකා නිතර මුණගැසෙමින් නිරන්තර සම්භන්ධතා පැවැත්වීම සිදුවුව හෝත් ඔවුනොවුන් අතර ඇතිවන ජීව විද්‍යාත්මත ආකර්ශනයන් තවදුරටත් දුර්වලවෙයි.මෙම හේතුව නිසා බොහෝ පෙම්වතුන් විවාහයට පෙර ඉතා චිත්තවේගී භාවාත්මක සභදතා පවත්වන අතර විවාහයෙන් පසුව එම ආකර්ශනය අවමවී යයි.පර්යේෂකයන් ප්‍රකාශ කරන පරිදි දීර්ඝ කාලයක් ඉතා සාමකාමී යහපත් විවාහයන් ගතකළ අඹු සැමියන් අතර නිරන්තර අදහස් හුවමාරුව කායික සම්භන්ධතාවයන් අවම ව්ශයෙන් පවතින අතර අනොන්‍ය අවබෝධය ඉහළ මට්ටමක පැවත ඇත.එසේම මෙවන් සාර්ථක පෙම්වතුන් හා අඹු සැමියන් අතර සමාන පෞරුෂ ලක්ෂණ පැවතීම හා සමාන බුද්ධි මට්ටමක් තිබීමත් දක්නට ලැබ‌ෙන බව පර්යේෂකයන් සනාථකර ඇත. සිරුරෙන් නිපදවන හෝමෝන පදනම් කරගෙන පුද්ගලයෙකුගේ පෞරුෂය තීරණය වන බව මනෝ විද්‍යාඥයන් හා ශෞතික මානව විද්‍යාඥයන් පැහැදිළි කරයි. මනෝවිද්‍යාත්මක පදනම මනෝවිශ්ලේෂණවාදයේ දී ප්‍රේමය කෙරේ ලිංගිකත්වයේ ඇති පදනම විස්තර කරයි.මව්පිය දූදරු සබධතාවයටද අවිඥානගත ලිංගික ආකර්ශනය බලපාන බව සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පෙන්වා දෙයි.මනෝ ලිංගික සංවර්ධන අවධීන්ට අයත් ලිංග රූප අවධියේ ඇතිවන මනෝ විද්‍යාත්ම වෙනස්කම් මෙහිදී ප්‍රමුඛව අවධානයට යොමුවේ. පරිණාමවාදී පදනම මානව විද්‍යාඥයන් සදහන් කරන්නේ ස්ත්‍රින් හා පුරුෂයන් එකිනෙකට වෙනස් අයුරින් පරිණාමය වූ බවයි.අතීතයේ පිරිමින් දඩයම් කරමින් කෑමසොයා ගිය අතර ගැහැනුන් ගල් ගුහාවලටවී ආහාර පිසීයˌදරුවන් බලාගත්හˌඵලවැල එකතු කළහ.අතීතයේ සිටම පුරුෂයන් ස්ත්‍රින්ට වඩා කාය ශක්තියෙන් ඉහලින් සිටියහ.මානව පරිණාමයේ එක් අවධියක්වන නිරූපණය කරන ඔස්ට්‍රලෝපිතකස් අර්ධ මානවයාගේ පිරිමි වානරයා ස්ත්‍රී වානරයාට වඩා ශරීර ප්‍රමාණයෙන් දෙගුණයක්විය.ඒ අනුව අතීතයේ සිටම පුරුෂයා ස්ත්‍රියට වඩා ශක්ති සම්පන්නවිය.එබැවින් ප්‍රේමය ලිංගිකත්වය ආදී කරුනු වලදී පුරුෂයා මුල්තැන ගත්හ.අතීතයේ සිටම පිරිම්න්ගේ කැමැත්තට අවනතවීමට ස්ත්‍රියට සිදුවිය.පරිණාමවාදීව ගොඩනැගුන ආකල්ප වර්ධනයට සංස්කෘතියද හේතුවිය.ගැහැණුන් සතු සියුමැලි භාවයටත් පිරිමින් සතු හැඩිදැඩි භාවයටත් හේතුව පරිණාමය බව පැහැදිළිය.මෙසේ ගැහැනු පිරිමි වෙනස්ව පරිනාමයට ලක්වීම නිසා ඇතැම්විට ප්‍රේම සබදතා හා විවාහ දිවිය ගත කිරීමේදි එකිනෙකා හා ගැටුම් ඇතිවන අවස්ථා ඇත.මෙමග්න් ඔවුනොවුන් අතර ඇති ආදරය බිදවැටීම් වලට ලක්වේ.අවසානයේ ආදර සබදතා දුක්බරලෙස අවසන්වේ.ආදර සම්භන්ධතා වලදී ස්ත්‍රී පුරුෂ ප්‍රේමයට හරස්වන පරිණාමයෙන් උරුමවූ ලිංගික වෙනස්කම් කිහිපයක් ඇත.අතීතයේ පිරිමින් තම ආර්ථික කාර්‍ය ලෙස දඩයම් කළ අතර ස්ත්‍රීන් නිවෙස්වල දරුවන් බලා ගත්හ.දඩයක්කරුවකුට ගොදුරක් දෙස එක එල්ලේ බලා සිටීමට සිදුවේ.එබැවින් වර්ථමානයේද පිරිමින් තමා සිත්ගත් ස්ත්‍රියක් අමා අසලින් යනවිට එක එල්ලේ ඇයදෙස බැලීම සිදුකරයි.එබැවින් ඕනෑම අයකුල පුරුෂයෙකු ස්ත්‍රියක් දෙස බලන බව පැහැදිළිව දිස්වේ.එහෙත් එදා ස්ත්‍රීන් සිදුකලේ දරුවන් බලා ගැනීම ආහාර පිසීම වැනි එකිනෙකට වෙනස් කාර්‍ය සමූහයකි.එබැවින් ස්ත්‍රීන්ට එකවර වැඩ කිහිපයක් සිදුකිරීමට හැකියාව ලැබී ඇත.එබැවින් ගැහැණියකට පුරුෂයෙකු දෙස එක එල්ලේ බැලීමට අවශය නොවේ.අවට ඇති කිසි කෙනෙකුට නොදැනෙන ලෙස පුරුෂයෙකු දෙස බැලීමට ඇයට හැකිය.එබැවින් ගැහැනුන් දෙස බලන පුරුෂයන් නිතර තම සහකාරියගේ දෝෂාරෝපණයට ලක්වේ.තවද ගැහැනුන් සතු බහුකාර්‍ය හැහියාව නිසා නිවසේ වැඩ කිහිපයක් එකවර සිදුකරයි එහෙත් පුරුෂයාට කලහැක්කේ එකවරකට එක වැඩක් පමණි.පුරුෂයන් බොහොවිට එක් වැඩක් කරනවිට ඔහුට බාධාවන අනෙකුත් බාධක ඉවත්කර එය සිදුකිරීමට බලන අතර එසේ නොවූවිට කෝපයට පත්වේ.තවද පිරිමින්ට වඩා ගැහැණුන් සංවාදශීලිවෙයි.නිරන්තරයෙන් අන් අයසමග විවිධ දේවල් කතා කරමින් සිටීමට කැමතිය.එහෙත් පුරුෂයන් බොහොවිට නිහඩබව අගය කරයි.ගැහැනුන් තම පෙම්වතා තොරා ගැනීමේදීද ඔහුගැන අන්අය කියන කතා.ඔහුගේ කතා විලාසය ආදිය ගුරුකොට ගනී.එහෙත් පුරුෂයන් බොහොවිට කතාවෙන් නොව ගැහුනුන්ගේ රූපස්වභාවය කෙරේ ආකර්ශනය ඇතිවේ. ප්‍රේමය බිඳවැටීම ප්‍රේමය බිඳවැටීම හෙවත් විරහව පුද්ගලයාට බලවත් මානසික කම්පනයක් ඇති කෙරෙන සිදුවීමයි.කෙසේ වෙතත් ප්‍රේමය බිඳවැටීම ක්ෂණිකව සිදුවන දෙයක් නොව ක්‍රමිකව සිදුවන ක්‍රියාවලියක ප්‍රථිපලයකි.ආදර සබදතාවක් බිඳවැටීම කෙරේ බාහිර බලපෑම් ඍජුවම දායකවේ.මෙසේ බාහිර පුද්ගලයන්ගේ මැදිහත්වීම නිසා පෙම් සබදතා බිඳවැටීම එම පුද්ගලයන්ට බරපතල මානසික කම්පනයන් ඇතීවීමට හේතුවේ.දෙමාපිය වැඩිහිටියන්ගේ අකමැත්ත හා සමාජ සංස්කෘතික බාධක මේ අතර ප්‍රමුඛය.මෙසේ ඇතිවන බිඳවැටීම් හමුවේ මානසික සෞඛ්‍ය දර්වලවීම හා ඇතැම්විට සියදිවි නසාගැනීමටද පෙළඹේ.විශේෂයෙන් ආගමික හා සංස්කෘතික බලපෑම් වැඩි පෙරදිග සංස්කෘතීන් තුල ස්ත්‍රී පුරුෂ ප්‍රේමය කෙරෙහි ප්‍රබල බාධක පැනනගී.එබැවින් එවන් රටවල තරුණ තරුණියන් අතර ඇතිවන සියදිවි නසා ගැනීම් වලට ප්‍රධාන සාධකයවී ඇත්තේ ප්‍රේමය බිඳවැටීම්ය. ප්‍රේමය බිඳවැටීම කෙරේ බලපාන අභ්‍යන්තර සාධක දෙස විමසා බැලීමේදී මූලිකම කාරණය වන්නේ ආකර්ෂණය හීන වීමයි.එනම් එකිනෙකා අතර ඇති අනුරාගික ආකර්ෂණය අඩුවී යයි.ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ පදනම වන්නේ ලිංගික ආකර්ෂණයයි.මේහි ප්‍රථිපලය ලෙස පෙම්වතුන් එකිනෙකාගෙන් දුරස්වීම හා ප්‍රතික්ෂේප කිරීමට ක්‍රමයෙන් පෙළඹේ.මේ සමගම දෙදෙනා අතර ඇති සියුම් භාවාත්මක හැඟීම්ද දුර්වලවේ.මෙසේ දුරස්වීම සමග ප්‍රේමය බිඳවැටීමේ දෙවන පියවර ආරම්භවේ.එනම් ඔවුනොවුන් කලහ කරගැනීම ආරම්භවේ.මෙසේ ඇතිකරගන්නා රණ්ඩු සරුවල් දෝෂාරෝපනය කිරීම් මත තවදුරටත් ඔවුන් අතර ආකර්ෂණය හීනවී යයි.මෙසේ ඇතිවන කලහ කිරීම් හමුවේ ඔවුන් එකිනෙකා අතර ඇති හැඟීම් ආකල්පයන් විශ්වාස අතර ඇති නොගැලපීම් වටහා ගනී.එනම් ඔවුන් එකිනෙකා සන්සන්දනය කිරීමට පෙළඹේ.මෙසේ ඇතිවන සන්සන්දනය කිරීම් හමුවේ එකිනෙකා අතර ඇති නොහැලපීම් වටහාගනී.අවසානයේ මෙම සම්බන්ධය තවදුරටත් පවත්වාගෙනයාමේ වැදගත්කමක් නැතිබව ඔවුන් තීරණය කරයි. ආදරය ප්‍රතික්ෂේප කිරීම ඇතැම් පුද්ගලයන් ආදර සම්බන්ධතා ඇතිකර නොගෙන සිටිනු දක්නට ලැබේ.මනෝ විද්‍යාඥයන්ට අනුව මෙවන් බොහෝ පුද්ගලයින් තුල විවිධ මානසික ගැටළු පවතින බව පෙන්චා දෙයි.මෙවැනි මානසික පීඩනයන් ඇතිවීමට විවිධ හේතු බලපානු ලබයි.ළමා කාලයේදී තම පවුලේ විරුද්ධ ලිංගික සාමාජිකයන්ගේ ඇසුර හරිහැටි නොලැබීම නිසාද තරුණවියේදී විරුද්ධ ලිංගික සාමාජිකයන්ට සමීපවීමට හා ඔවුන් තේරුම් ගැනීමට අපහසුවේ.එසේම තම පවුල තුල මෙන්ම පාසැළ තුලදීද විරුද්ධ ලිංගික යහළු යෙහෙළියන්ගෙ ඇසුර නොලැබීම මෙම තත්වය තවත් වැඩිදියුණු කරයි.එසේම සංස්කෘතිය විසින් පැනවෙන තහංචිද මෙයට බලපායි.තවද සමාජයේ ඇසුරු කරන පුද්ගලයන් විසින් ආදර සබදතා කෙරෙහි ඇතිකරන ඍණාත්මක පෙළඹවීම්ද මේ අතරවේ.එසේම ඇතමුන් තුල පවතින සමාජශීලි ගති ලක්ෂණ අඩුවීම නිසාද තම මතයන් අන් අයට ප්‍රකාශ කිරීමට බියක් චකිතයක් දක්වයි.තවද ඇතමුන් තුල තමා කෙරේ පවතින හීනමානය නිසා මෙන්ම අධි මානය නිසාද සහකරුවකු තෝරා ගැනීමේ ගැටළු ඇතිකර ගනී.මීට ඇතැම් අතීතයේ සිදුවූ අමිහිරි මතකයන් නිසාද ප්‍රේමයට නොපෙළඹේ.විශේෂයෙන් ප්‍රේමයෙන් පරාජයටපත්වීම ප්‍රේමය බිඳවැටීම වැනි කරුණු නිසා යලි ආදර සමදතාවක් ඇතිකර ගැනීමට ඇතැම් පුද්ගලයන් නොපෙළඹේ.මීට අමතරව පෙරදිග රටවල නම් කුඩා අවදියේදී හෝ තරුණ අවදියේදී අතවරයට ලක්වීම කන්‍යාභාවය අහිමිවීම වැනි සාධක නිසා ස්ත්‍රීන් ප්‍රේමයට තොපෙළඹීම සිදුවේ.තවද ඇතමුන් සමලිංගික චර්‍යා වලට පෙළඹීමද ආදර සමබදතා ඇති කරනොගැනීමට හේතුවේ.ඇතමුන් තුල ලිංගික ආබාධ පැවතීම හා ඒ පිළිබඳ ඇතිකරගන්නාලද අස්ථාන බියද මෙයට හේතුවේ. සංස්කෘතික දෘෂ්ටිය බොහෝ සංස්කෘතීන් තුල පුරාණයේ ස්ත්‍රි පුරුෂ ප්‍රේමය කෙරෙහි තහංචි පනවා තිබිණ.අදටත් ඇතැම් සංස්කෘතීන් තුල ප්‍රේමය මුල්කරගත් විවාහ තහනම්ය.අතීත මිනිසා තම ආදරය ලෙංගතුකම තම විරුද්ධ ලිංගිකයන්ට නිදහස්ව ප්‍රකාශ කළහ.එහෙත් මිනිසා ක්‍රමයෙන් ශීෂ්ටාචාරගතවීමත් සමඟ ගොඩනගාගත් සංස්කෘතිය මගින් ස්ත්‍රී පුරුෂ ප්‍රේමයට තහංචි දමාගත්හ.එබැවින් බොහෝ සාම්ප්‍රධායික සමාජවල විවාහ සහකරුවන් තෝරාගනු ලැබුවේ ඔවුන්ගේ දෙමාපියන්ගේ උවමනාව මතය.එහිදී විවාහයට විවාහ අපේක්ෂිතයන්ගේ කැමැත්ත අනිවාර්‍ය නොවීය.තමා කැමති වුවද අකමැති වුවද තම දෙමාපියන් හා වැඩිහිටියන් යෝජනා කරන සහකරු සමග විවාහපත්විය යුතුවිය. පුරාණ ග්‍රීසිය ආගමික මත ස්ත්‍රී පුරුෂ ප්‍රේමයට ප්‍රබල ලෙස තහංචි පැනවීම් සිදුවීමට බලපා ඇත්තේ ආගමික මතයන්ය.බොහෝ ආගම්වල ස්ත්‍රී පුරුෂ ප්‍රේමය සීමා කරන තහංචි දක්නට ලැබේ. බෞද්ධ බුදු දහමට අනුව ස්ත්‍රී පුරුෂයන් අතර ඇතිවන ශෘංගාරාත්මක බැඳීම පරම විමුක්තිය වන නිර්වාණය සාක්ෂාත් කරගැනීමට බාධා පමුණුවයි.ස්ත්‍රී පුරුෂ ප්‍රේමය වැනි ලෞකික සැප සම්පත් බුදු දහම තුල පෙන්වා දෙන්නේ තාවකාලික සැපයක් ලෙසයි.බුදු දහම තුල ආදරයට වඩා මෛත්‍රිය උතුම් බව පෙන්වා දෙයි.බුදු දහම බැඳීම් වලට වඩා අත්හැරීම සුදුසු බව පෙන්වා දෙයි. සැබෑ ආදරය සොයන ඒ වෙනුවෙන් ජීවිතය වුණත් පූජා කරන්නට සූදානම් බොහෝමයක් අප අතර ඉන්නවා. ඒත් ඇත්තටම මේ සැබෑ ආදරය මොකක්ද? ජීවිතය වුණත් පුද කරන්නට සූදානම් වෙන්නේ අවංකවම ජීවිත කාලය පුරාවටම තමන් ලගින්ම ඉන්න තමන්ට පංච කාම ආශ්වාදය ලබාදෙන්නට හැකි සහකාරයෙක් හෝ සහකාරියකුටයි එහෙම නේද? ඒ වගේ කෙනෙක්ව සසර පුරාවටම පතන්නට තමයි අප හැමෝගෙම කැමැත්තත් එහෙම නේද? දැන් ඉතින් ඔබ මේ කියන්නා වූ තමන්ගේ පෙම්වතා, පෙම්වතිය, සැමියා, බිරිඳ ලෙසින් කියන්නා වූ මේ සහකරුවා හෝ සහකාරියට අවංකවම සැබෑවටම ආදරය කරනවා නම් හෝ ඔබ එවැන්නෙක් බලාපොරොත්තු වෙනවා නම් ටිකක් හිතලා බලන්නට කරුණු කාරණා කීපයක් කියන්නම්කෝ. අවංක ආදරයක් තියෙන දුකට සැපට ඔබ ලගින්ම ඉන්න ඔබගේ සහකාරයාව / සහකාරියව නැවත නැවත ඔබ පතනවා නම්... එකිනෙකාව පංච කාම ආශ්වාදයන්ගෙන් මත්කරවමින් සතුටු කරවමින් මොහොතක සුවයක් ලබාදෙනවා නම්... එයම ආදරය යැයි කියමින් සැනසෙනවා නම්... ඒ විතරක් නෙවේ එසේ තමන් ලඟින්ම සිටිමින් තමන්ට ආදරයක් පෙන්වන්නේ නෑ... තමන්ගේ ඇසට ඒ ප්‍රිය රූපයන් ලබාදෙමින් සතුටු කරවන්නේ නෑ, තමන්ට ආදර වදන් කියන්නේ නෑ, තමන්ව ස්පර්ශයෙන් ආදියෙන් සතුටු කරන්නේ නෑ කියලා තැවෙනවා නම්... ඒ අනුව ගැටීමටත් ලක්වෙනවා නම්... ඒවා කරන්නටැයි කියලා පොළඹවනවා නම්... එසේ කරන්නා වූ සහකාරිය හෝ සහකාරයාම තමයි ඉතාමත් වටිනා සහකරුවා සහකාරිය මතු මතුත් එවැන්නෙක්ම ලැබිය යුතුයි ලෙසින් පතනවා නම්... දැන් ඉතින් ඔන්න ගැටලුවක් තියෙනවා. මොකක්ද මේ ගැටලුව? ගැටලුව තමයි ඔබ ඇත්තටම මේ කියන්නා වූ තමන්ගේ සහකාරයාට සහකාරියට ආදරයක් නම් නෑ කියලා තමයි ඉහත දේවල් තුලින් අදහස් වෙන්නේ. ඒ කොහොමද එහෙම වෙන්නේ... පුදුම කථාවක්නේ මේ කියන්නේ කියලා ඔබට හිතේවි. ආදරය ගැන හරි හැටි දන්නේ නැති නිසා තමයි එහෙම කියන්නේ කියලාත් සමහර විට කියාවි. එහෙම නම් පොඩ්ඩක් මෙන්න මේ ගැනත් තම තම නැණ පමණින් හිතලා බලන්නකෝ. මේවගේ අංවක සෑබෑ ආදරයේදී ඔබ හිතලා බලන්න ඔබ ඇත්තටම කෙනෙකුට මුළු හදවතින්ම ආදරය කරනවා නම් තමන්ගේ පෙම්වතා, පෙම්වතිය, සැමියා, බිරිඳ ලෙසින් කියන්නා වූ මේ සහකරුවා හෝ සහකාරිය මිය යනවට ඔබ කැමතිද? ඒ සහකරුවා හෝ සහකාරිය රෝගාතුර වෙනවට කැමතිද? එහෙමත් නැතිනම් අනතුරකට ලක්වෙනවට ඔබ කැමතිද? එහෙමත් නැතිනම් මොනයම් හෝ ජීවිතයේදී හමුවන ගැටලුවක් හමුවේ අසහනයට පත්වෙනවට දුකට පත්වෙලා කම්පාවට පත්වෙලා ඉන්නවට ඔබ කැමතිද? මම නම් කැමති නෑ. ඇයි? තමන් කෙනෙකුට ඇත්තටම ආදරයක් තියෙනවා නම් ඒ අය දුකට පත්වෙනවාට අසහනයට පත්වෙනවාට මරණය හෝ මරණය සමාන දුකකට පත්වෙනවාට කැමති වෙන්න විදියක් නෑනේ නේද? ඒත් ඉහත වැඩපිලිවෙල ඒ කියන්නේ සැබෑම අවංක ආදරය ලෙසින් ලෝකයා පිළිගන්නා වූ ඔබ පිළිගන්නාවූ ඉහත කෙටියෙන් සටහන් තැබූ ආකාරයේ ආදරය ඔබ පණටත් වැඩියෙන් ආදරය කරනවා යැයි කියන්නාවූ ඔබගේ සහකාරයාව සහකාරියව මරණයට පත්කරන්නට මරණය හා සමාන දුකකට පත්කරන්නට හේතුවෙනවා කියලා ඔබ මොහොතකටවත් හිතන්නට නැතිව ඇති නේද? මතු මතුත් පතනවා කියන්නේ අප ප්‍රාර්ථනා කරන්නේ නැවත ඉපදීමක්... ඉපදීමක් තියෙනවා නම් නැවතත් වෙනස්වීමට පත්වෙන්නට සිද්ධ වෙනවා... නැවතත් ලෙඩරෝග වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා... නැවතත් අනතුරු වලට පත්වෙන්නට සිද්ධ වෙනවා... නැවතත් වයසට යෑමේ දුර්වල වීමේ දුකට පත්වෙන්නට සිද්ධ වෙනවා... නැවතත් මරණයට පත්වීමේ දුකට පත්වෙන්නට සිද්ධ වෙනවා... මේ හැමදේකටම වැඩියෙන් මොහොතක් මොහොතක් පාසා ඇතිවන්නා වූ මානසික පීඩාවන් දුක කම්පාවන්ට ලක්වෙන්නට සිද්ධ වෙනවා. දැන් ඉතින් හිතන්න... සැබෑවටම ආදරය කරනවා කියලා ඔබ ඇත්තටම කරන්නේ බොහෝම ආත්මාර්ථකාමීදෙයක් නොවේද? අවංකවම ආදරය කරනවා කියලා පණ වුණත් දෙන්නට කැමැතියි කියලා මොහොතක සුවයක් ලබාදෙන්නා වූ පංච කාම ආශ්වාද ලැබීමේ අරමුණින් යුතුව ඔබ කරන්නේ මහා අසාධාරණයක් නොවේද? ඉතින් ඇයි ඔබ මෙච්චරටම ආත්මාර්ථකාමී පුද්ගලයෙක් වෙලා තියෙන්නේ කියලා හිතලා බලන්න! ක්‍රිස්තියානි ක්‍රිස්තියානි ආගමට අනුව ආදරය යනු දෙවියන් ගේ මැවීමකි.දෙවියන් වහන්සේ විසින් මුල්ම මිනිසා වන අාදම් මවා ඔහුගේ ඉල අැටයකින් ඒව මැවීමෙන් අදහස් කරන්නේ ස්ත්‍රීය පුරුෂයාට සමාන වූ ත් පුරුෂයාට හෘදයාංගම වූ ත් මැවීම ක් බවයි. එවිට මිනිසා කතා කොට, "දැන් ඉතින්, මාගේ අැටවලින් ගත් අැටය වන, මාගේ මාංසයෙන් ගත් මාංසය වන, මැය මිනිසාගෙන් ගත් හෙයින්, අෑට ස්ත්‍රී කියා කියනු අැත".යි පැවසීය.මිනිසෙකු තම පියාද මවද අත්හැර සිය භාර්යාව ය බැදෙන්නේ එබැවින් ය.මෙලෙස ඔවුහූ එක් මාංසයක් වන්නෝය. ශුඬ බයිබලය උත්පත්ති2:23/25 ක්‍රිස්තියානි ධර්මයට අනුව අාදරය කරන දෙදෙනෙක් අාත්මිකව බැදෙන්නේ දේව කැමැත්ත නිසා වන අතර විවාහය දේව වරප්‍රසාදයකි. කතෝලිකයන් පිරිසිදු අාදරයට උදාහරණයක් ලෙස මරිය තුමී හා ජුසේ තුමා අතර අාදරය ගන්නා අතර අනෙකුත් ක්‍රිස්තියානින් එයට උදාහරණයක් ලෙස ජාකොබ් හා රාකෙල් අතර අාදරය ගනී.මරිය තුමී හා ජුසේ තුමා අතර පැවතියේ රාගයෙන් තොර අාදරයක් වන අතර ජාකොබ් අවුරුදු හතක් රාකෙල් වෙනුවෙන් සේවය කර අැත.ඔහු අැයට අාදරය කල නිසා ඔහුට එය ස්වල්ප දවසක්් මෙන්‍ වූ බව බයිබලය පවසයි.බොහෝ රටවල අාදරයේ නාම සාන්තුවරයා ලෙස සාන්ත වැලන්ටයින් සැලකුවත් සැබවින්ම අාදරයේ නාම සාන්තුවරිය සාන්ත ඩිවින්වෙන් හෙවත් ඩොරති වේ. දේශපාලන මත 19 වන සියවසෙන් පසු බටහිර ලෝකයතුල පැවති සාම්ප්‍රධායික ආගමික සංස්කෘතිය අභියෝගයට ලක්කරමින් විද්‍යාත්මක චින්තනය බිහිවිය.ඒ සමග පැවති රාජාණ්ඩු පාලනය බිදවැටී ප්‍රජාතන්ප්‍රවාදී ආණ්ඩු බිහිවිය.ඒ සමග සෑම පුද්ගලයෙකුටම පාලනතන්ත්‍රය කෙරේ බලපෑම් ඇති කිරීමට හැකිවිය.ඒ සමග සමාජයතුල නිදහස් මතදාරීන් බිහිවිය.ඔවුන් විසින් පැවති සාම්ප්‍රධායික මතිමතාන්දර විවේචනය කරමින් නව අදහස් හා යෝජනා ඉදිරිපත් කලහ.එහි ප්‍රථිපලයක් ලෙස පැවති ඇතැම් සංස්කෘතික හා ආගමික තහංචි ඉවත්කර ගැනීමට ඔවුන්ට හැකිවිය.බටහිර සමාජය තුල ගණිකා වෘත්තිය නිතිගත කිරීම සමලිංගික විවාහ නීතිගත කිරීම නිදහස් ආලය නීතිගත කිරීම මෙම අරගලයන්ගේ ප්‍රථිපල ලෙස දැක්විය හැකිය. නිදහස් ආලය නිදහස් ආලය යනු විවාහ වීමේ චේතනාවෙන් තොරව ඇතිකර ගන්නා ප්‍රේම සබදතාය.මෙම පෙම් බැඳුම් තුල ලිංගික සම්බන්දතා බොහෝවිට පවතී.බොහෝ සමාජයන්හි විවාහයෙන් පිට සිදුවන ලිංගික සබඳතා අනුමත නොකරයි.එහෙත් නිදහස් ආලය මගින් අවිවාහකව සිට ලිංගික සබදතා පැවැත්වීමේ නිදහස නීතිමය වශයෙන්ද තහවුරු කර ඇත.මෙහිදී පෙම්වතුන් උපත්පාලන ක්‍රම අනුගමනය කරමින් ලිංගික ක්‍රියාකාරකම්වල නිරතවෙයි.අවිවාහක යුවලකට දරුවන් බිහිකිරීමට නොහැකිවීම මීට හේතුවයි.මෙම සංකල්පය බිහිවීමට 18 වන සියවසයේ බිහිවූ කාන්තාවාදී අරගල හේතුවිය. දාර්ශනික මත ආශ්‍රයන් බාහිර සබැඳි ආදරය ගැන කතිකා කරන ගූගල් කණ්ඩායම මනෝ විද්‍යාව
8,723
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8
කාම
කාම (Skt., Pali; Devanagari: काम) means pleasure, sensual gratification, sexual fulfillment, pleasure of the senses, desire, eros, the aesthetic enjoyment of life. In Hinduism, kāma is regarded as one of the four ends of man (purusharthas): the others are worldly status (artha), duty (dharma) and inner freedom (moksha). Kama-deva is the personification of this, a god equivalent to the Greek Eros and the Roman Cupid. Kama-rupa is a subtle body or aura composed of desire, while Kama-loka is the realm this inhabits, particularly in the afterlife. බෞද්ධ මතය In Buddhism's Pali Canon, the Buddha renounced (Pali: nekkhamma) sensuality (kāma) en route to his Awakening. The Buddhist lay practitioner recites daily the Five Precepts, the third of which is a commitment to abstain from "sexual misconduct" (kāmesu micchācāra). Typical of Pali Canon discourses, the Dhammika Sutta (Sn 2.14) includes a more explicit correlate to this precept when the Buddha enjoins a follower to "observe celibacy or at least do not have sex with another's wife ". The Indian god Kama is the හින්දු god of love. He is represented as young and handsome man, sometimes with wings, who wields a bow and arrows. His bow is made of sugar cane, the season of spring, and the gentle breeze. His epithets include Ragavrinta (Stalk of Passion), Ananga (incorporeal), Kandarpa ("God of amour"), Manmatha (churner of hearts), Manosij (He Who Arises from the Mind; the contraction of the Sanskrit phrase Sah Manasah Jāta), Madana (intoxicating), Ratikānta (lord of the seasons), Pushpavān, Pushpadhanva (one with bow of flowers) or just Kāma ("desire"). According to the Shiva Purāna Kāmadeva is a son of Brahma, creator of the universe. According to the Skanda Purāna Kāmadeva is a brother of Prasuti; they are both the children of Shatarupa. Later interpolations consider him Vishnu's son. Kāmadeva is wed to Ratī, a daughter of Prasuti and Daksha (another son/creation of Brahmā). According to some, Kāmadeva was also once reincarnated as Pradyumna, the son of Krishna and Rukminī. The Stala Purāna indicates that Kamadeva was reduced to ashes after disturbing the meditation of Shiva at Kameshwara temple, Aragalur. This temple has ashta Bhairava (8 bhairava) statues. Theosophy: kama, kamarupa and kamaloka In the Theosophy of Blavatsky, Kama is the fourth principle of the septenary, associated with emotions and desires, attachment to existence, volition, and lust/ The Kamarupa (desire-form) is a "form" or subtle body created of mental and physical desires and thoughts, a form that survives the death of the body. After death three of the seven "principles" or planes of consciousness, the body, its astral prototype and physical vitality, being of no further use, remain on earth. The three higher principles merge into the state of Devachan, in which state the Higher Ego will remain until reincarnation. The eidolon, the "image", the pale copy of the man that was, persists for a period of time determined by the past life. Bereft as of its higher mind, spirit and physical senses it will gradually fade and disintegrate. But if forcibly drawn back from Kamaloka (desire world) into the terrestrial sphere by the passionate desires and appeals of the surviving friends or by necromantic practices the Kamarupa may become a vampire feeding on the vitality of those anxious for its company. In India these eidola, called Pisachas, are much dreaded. Kamaloka is a semi-material plane, subjective and invisible to humans, where disembodied "personalities", the astral forms, called Kamarupa remain until they fade out from it by the complete exhaustion of the effects of the mental impulses that created these eidolons of human and animal passions and desires. It is associated with Hades of ancient Greeks and the Amenti of the Egyptians, the land of Silent Shadows; a division of the first group of the Trailõkya. Sources Ireland, John D. (trans.) (1983). Dhammika Sutta: Dhammika (excerpt) (Sn 2.14). Retrieved 5 Jul 2007 from "Access to Insight" at http://www.accesstoinsight.org/tipitaka/kn/snp/snp.2.14.irel.html. Khantipalo, Bhikkhu (1982, 1995). Lay Buddhist Practice: The Shrine Room, Uposatha Day, Rains Residence (The Wheel No. 206/207). Kandy: Buddhist Publication Society. Retrieved 5 Jul 2007 from "Access to Insight" at http://www.accesstoinsight.org/lib/authors/khantipalo/wheel206.html. Sri Lanka Buddha Jayanti Tipitaka Series (n.d.) (SLTP). (AN 5.1.3.8, in Pali). Retrieved 3 Jul 2007 from "MettaNet-Lanka" at http://mettanet.org/tipitaka/2Sutta-Pitaka/4Anguttara-Nikaya/Anguttara3/5-pancakanipata/003-pancangikavaggo-p.html . Thanissaro Bhikkhu (trans.) (1997a). Dvedhavitakka Sutta: Two Sorts of Thinking (MN 19). Retrieved 3 Jul 2007 from "Access to Insight" at http://www.accesstoinsight.org/tipitaka/mn/mn.019.than.html. Thanissaro Bhikkhu (trans.) (1997b). Samadhanga Sutta: The Factors of Concentration (AN 5.28). Retrieved 3 Jul 2007 from "Access to Insight" at http://www.accesstoinsight.org/tipitaka/an/an05/an05.028.than.html. H. P. Blavatsky, 1892. The Theosophical Glossary. London: The Theosophical Publishing Society See also Cupid Kama sutra References External links About.com page Shiva purānam http://www.webonautics.com/mythology/kamadeva.html Kamadeva's holy sacrifice God Of Desire: Tales Of Kamadeva In Sanskrit Story Literature (book) Theosophical dictionary on Kamadeva ENCYCLOPEDIC THEOSOPHICAL GLOSSARY: A Resource on Theosophy, G. de Purucker Theosophical Glossary, 1892 Geoffrey Farthing, Exploring the Great Beyond, Theosophical Publishing House, Wheaton, 1978, p.210. බුදු දහම හින්දු ආගම Purusharthas Buddhist terms Theosophical philosophical concepts
8,732
https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A-3
ස්පුට්නික්-3
ස්පුට්නික්-3 (රුසියානු බසින්: "Спутник-3") වූ කලි සෝවියට් සංගමය විසින් වර්ෂ 1958 මැයි 15 දා ගුවන් ගැන් වූ කෘත්‍රිම පෘථිවි උපග්‍රහයෙකි. මෙය යොදා ගැනුනේ ඉතා ඉහළ වායුගෝලය පිරික්සීම සඳහා යි. සෝවියට් සංගමයේ ප්‍රථම කෘත්‍රිම උපග්‍රහයා ලෙස ගුවන් ගැන්වීමට කලින් සැලසුම් කර තිබුණද මෙය එකලස් කිරීමේ ප්‍රමාදය නිසා මීට වඩා නිර්මාණයෙන් සරල චන්ද්‍රිකාවක් වූ ස්පුට්නික්-1 ප්‍රථම උපග්‍රහයා ලෙසින් 1957 ඔක්තෝබර් 4 දා අභ්‍යවකාශ ගන්වන ලදි. ඉන්පසු ස්පුට්නික්-2 නම් චන්ද්‍රිකාව ද නිමවා අවසන් වූ හෙයින්, එය ද මෙයට කලින් ගුවන් ගන්වන ලදි. අභ්‍යවකාශ ගවේෂණය අභ්‍යවකාශ යානා සෝවියට් අභ්‍යවකාශ යානා de:Sputnik#Sputnik 3
8,733
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B6%A9%E0%B6%BD
කඩල
කෑමට ගන්නා රනිල ඇට වර්ගයකි. ආහාර ආහාරයට ගන්නා රනිල ඇට වර්ග
8,734
https://si.wikipedia.org/wiki/%E0%B6%9A%E0%B6%A9%E0%B6%BD%20%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94
කඩල පරිප්පු
පරිප්පු වර්ගයකි. ආහාර