text
stringlengths 501
405k
| source
stringclasses 1
value |
---|---|
ගණිත අභ්යුහනය
අභ්යූහන ක්රමය ගණිතයේ එන සාධන ක්රමයකි. මෙයින් දෙන ලද විජීය ප්රකාශනයක් හෝ සමිකරණයක් ප්රකෘති සංඛායා කුලකයට සත්ය බව පෙන්විය හැක. සාධනයේ අදියර දෙකක් පවති . මුල් අදිරයේදි වීජීය ප්රකාශනයක් n=1 අවස්ථාවට සත්ය යැයි සාධනය කරනු ලැබේ. දෙවන අදියරයේදි n=p අවස්ථාවට සත්ය යැයි උපකල්පනය කර n=p+1 අවස්ථාවට සත්ය යැයි සාධනය කෙරේ.
මෙම ක්රමය කුලක වාදයේ එන රුක් සටහන් වැනි ව්යූහ සාධනය කිරිමට යොදා ගැනේ. එට සාමාන්යයෙන් ව්යුහමය අභ්යුහනය ලෙස හඳුන්වයි. එය ගණිත තර්කවලදී හා පරිගණක තාක්ෂණයේදී යොදා ගනී.
ගණිත අභ්යුහනය, අභ්යුහනය තර්කනය ලෙස වරදවා වටහා නොගත යුතුයි. එය ගණිතයේදී ඉතා නිවැරදි ක්රමයක් ලෙස නොගැගේ. (Non – rigorous) ලෙස පවතී. (වැඩිපුර තොරතුරු සඳහා අභ්යුහනය ගැටළු බලන්න.) ඒ අනුව ගණිත අභ්යුහනය යනු ඉතා නිවැරදි ආරෝහණ ක්රමයක් වේ.
ඉතිහාසය[සංස්කරණය]
ගණිත අභ්යුහනයේ සංකල්පය භාවිතා කල මුල්ම අවස්ථාව ලෙස එයුක්ලීඩ් විසින් ඉදිරිපත් කරන ලද ප්රථමක සංඛ්යා අනන්ත ප්රමාණයක් ඇතැයි පවසන සාධනයේ දැක ගත හැක. මෙම ක්රමයෙන් කල මුල්ම සාධනය ලෙස සැලකිය හැක්කේ ඉස්ලාමික ගණිතඥයෙක් වන අල් කාරාජි විසින් ද්වීපද ප්රමේය සහ පැස්කල් ත්රිකෝණයේ ලක්ෂණ සාධන කිරිමට උපයෝගි කර ගැනීමටයි
උදාහරණ[සංස්කරණය]
පහත සමාන්තර ශ්රේණිය සලකන්න
මුලින්ම n=0 අවස්ථාව තෘප්ත කරන බවට පෙන්වමු
- :
දැන් අප ඉහත ප්රකාශනය n=k අවස්ථාවට සත්ය යැයි උප කල්පනය කරමූ
k+1 අවස්ථාව
- ලෙස පෙන්විය යුතු වෙනවා
නමුත් අපට
- ලෙස ලිවිය හැකියි | hplt_2 |
බේස්බෝල්
ක්රීඩකයින් නව දෙනෙකුගෙන් සමන්විත පන්දුව හා පිත්ත භාවිතයෙන් කණ්ඩායම් දෙකක් අතර කෙරෙන ක්රීඩාවක් ලෙස බේස් බෝල් ක්රිඩාව හැඳින්විය හැකිය. අඩි අනූවක චතුරස්රාකාර හෝ දියමන්ති හැඩයට තැනූ පිටියක කඩයිම් (නැවතීම්) හතරක් සම්පූර්ණ කරමින් සිය දිවීම් වාරය සම්පූර්ණ කළ යුතුයි. පන්දුවට පහර දෙන කණ්ඩායම අතර මෙම තරඟයේදී කෙසේ හෝ පිතිකරුවන් දවා ගැනීම පන්දු රකින කණ්ඩායමේ උත්සාහයයි. පිතිකරු කඩයිම් හතරෙන් කොතනක හෝ නැවතිය හැකිය. පිතිකරුවන් තිදෙනෙකු දැවුණු අවස්ථාවේ දී කණ්ඩායම් මාරුවක් සිදු කළ හැකිය. එනම් පිතිකරු පිළ පන්දු රැකීමටත්, පන්දු රකිනා පිළි පිතිකරු පිළ ලෙසටත් ය. වෘත්තීමය බේස් බෝල් තරඟයක දී ඉනිම් නවයක් පවත්වන අතර වැඩිම ලකුණු ලබා ගත් පිළ ජයග්රාහී කණ්ඩායම වේ. අත්දැකීම් බහුල වැඩිහිටි සේම තරුණයන් අතර ඉතා ජනප්රිය ක්රීඩාවක් වන මෙම ක්රීඩාව උතුරු ඇමරිකාව, මධ්යම ඇමරිකාව, දකුණු ඇමරිකාවේ සමහර රටවල්, කැරිබියන් දූපත්, නැගෙනහිර ආසියාව, හා ගිණිකොණ ආසියා යන රටවල් අතර ප්රචලිතව ඇත. 18 වන ශත වර්ෂයෙන් ඇරඹුණු නූතන බේස් බෝල් ක්රීඩාවේ ආරම්භය උතුරු ඇමරිකාවයි. අනෙකුත් පන්දු ක්රීඩා සේම බ්රිතාන්යය සංක්රමනයන්ගෙන් ඇමරිකාවට ලැබුණු දයාදයකි මෙම ක්රීඩාව. 19 වන ශත වර්ෂයේ දී එම ක්රීඩාව එක්සත් ජනපදයේ ජාතික මට්ටම දක්වා නැංවුණු අතර එම ක්රීඩාව උතුරු ඇමරිකානු ප්රධාන පෙළේ බේස් බෝල් කණ්ඩායම් ප්රධාන වශයෙන් කණ්ඩායම් 2කට ඇතුළත් වේ. එනම් National League (NL) සහ American League (AL) යනුවෙනි. මෙම සෑම කණ්ඩායමක්ම නැවත නැගෙනහිර බටහිර හා මධ්යම ලෙස අනු කොටස්වලට බෙදේ. ශූරතා තරඟාවලියේ දී කොට්ඨාශ කණ්ඩායම් තුනක් ද කොට්ඨාශ නොවන කණ්ඩායමක් ද ඇතුළත් වේ. කොට්ඨාශ නොවන තරඟ අතර “wild card” කණ්ඩායම ඉහළ වාර්තා තබා ඇත. ජාතික කණ්ඩායමේ සම්ප්රදායික (league) නීතිරීතිවලට අනුව පන්දු යවන්නා ද පන්දුවට පහර දිය යුතු අතර ඇමරිකන් කණ්ඩායමේ නීතිරීති අනුව දසවැනි ක්රීඩකයකු ඉන්නා අතර ඔහු පන්දු යවන්නා වෙනුවෙන් පන්දුවට පහර දෙයි. ප්රධාන ක්රීඩා සමාජයට අනුගතව ඇති කුඩා කණ්ඩායම් සිය කුඩා ක්රීඩා සමාජවල තරඟකරුවන් ප්රතිවාද කණ්ඩායමට මුහුණ දිය යුතු ආකාරය නියමාකාරයෙන් පුහුණු කරනු ලබයි. | hplt_2 |
2013-05-08
රිසානාලා වෙනුවෙන් කතා කරන රන්ජන් රාමනායකට අපේ ප්රණාමය
දුප්පත්කම නිසා අඩු වයසින් මැදපෙරදිග ගොස් සිටියදී පැටලුණ මිනීමැරුම් චෝදනාවකින් වරදකරු වී එරට රජය විසින් හිස ගසා මරා දමන ලද රිසානා නෆීක්ගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු නොකිරීම ගැන විදේශ රැකියා ප්රවර්ධන ඇමති ඩිලාන් පෙරේරාට එරෙහිව ගෙනෙන ලද විශ්වාස භංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී පරාජය විය.
එහෙත් මේ ඝාතනයට ලංකාවේ ආණ්ඩුව ඉතා පැහැදිලිවම වගකිව යුතුය. රිසානාගේ හිස ගසා දැමීමෙන් පසුව පවා සවුදි රජය ඇය එකී වරද කරන විට බාල වයස්කාරියක බව පිළි ගත්තේ නැත. රිසානා ඝාතනයෙන් පසුව නිකුත් කරන ලද නිවේදනයකින් පවා සවුදි රජය කීවේ ශ්රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ගමන් බලපත්රය අනුව ඇය බාල වයස්කාරියක නොවූ බවයි. ජනාධිපති දක්වාම මැදිහත් වී පවා මේ කරුණ ඔප්පු කිරීමට රජය අසමත් වීම මේ ඝාතනයට මුල් විය.
රිසානාලා වැනි දුප්පත් ගැහැනුන් රට පටවා මෙරටට ගෙන්වා ගන්නා විදේශ විනිමයෙන් ජොලි කරන්නන් සිටින පාර්ලිමේන්තුවේ රිසානා විහිළුවක් වීම ලංකාවේ සමාජ යථාර්ථයේ පිළිබිඹුවක් මිස අන් යමක් නොවේ.
අප මෙහි උපුටා දක්වන්නේ විශ්වාසභංග යෝජනාවේදී රන්ජන් රාමනායක විසින් පවත්වන ලද කතාවේ නෙත් එෆ්.එම්. රේඩියෝවේ පළ වූ කොටසකි. රන්ජන්, ඔබට ස්තුතියි!
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com
12 comments:
මේක මහා කාළකන්නි ආන්ඩුවක්. අපි හිතාගෙන උන්නේ ඩිලාන් කියන්නේ මහා මානවවාදියෙක් කියලයි. දැන් බැලුවම තවත් දේශපාළ්ණ සක්කිලියෙක් විතරයි, විදේශ සේවා එකේ සේවකයෝ ගෙන්නගෙන එයාට පක්ෂව උද්ඝෝෂණය කරන්න තරම් පහත් තත්වයකට වැටිච්ච කෙනෙක්. ඩිලාන් මහත්තයෝ පිලිපීනෙට ගිහින් වෙදස් ශ්රමිකයින් ගැන අධ්යයනයක් කරලා එන්න, අපි නිවාඩු අනුමත කරලා දෙන්නම්. ඔය නම්බර වන් කාළකන්නි විදේශ ඇමතිවත් එක්කගෙන යන්න. එයාගෙන් කොහොමත් වැඩක් නෑනේ.ReplyDelete
රන්ජන්ට මේ කැක්කුම එන්නේ එයා ප්රසංග වලට සහභාගි වෙන්න ගිහින් ඒ මිනිස්සු විඳින දුක දැකපු නිසා, මැද පෙරදිග සේවකයා ගන්න තුට්ටු දෙකට විදින් කළාකාරයෝ කී දෙනෙක් ඉන්නවද. කෝ උන් එකෙක්වත් කටක් අරිනවද?
මේක මහා කාළකන්නි රටක්, අඩුගානේ මරලා දාපු කෙල්ලෙක් ගැන කතා කරන කොට, වියක් ඇතුව නිශ්ශබ්දව ඉඳලා ඉඳලා ඒ මැරිච්ච අහිංසකයට ගෞරවයක් වත් කරන්න ඕන..
කෝඅ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මොරදෙන රෝසිලා... ඔහොම නෙමෙයි තව සීයක් මැරුවත් මුන්ට උත්තර තියෙනවා..Replies
මාතලන්,Delete
සහතික අැත්ත. මැද පෙර දිග වැඩකරන පිලිපීන ජාතිකයින්ට විශේෂ වරප්රසාද තිබෙනවා, අග්නිදිග අාසියාවේ අනෙකුත් රටවල අයට වඩා. කෑම බීම ,නවාතැන් සහ වේතනය වුවත් ලංකාවෙ, ඉන්දියාවෙ, බංගලි දේශයෙ, නේපාලෙ අයට වඩා සමස්තයක් වශයෙන් ගත්තම ඉහල තත්වයක් ගන්නවා.
ගෘහසේවිකාවන් වශයෙන් ( විශේෂයෙන් සව්දි අරාබියට )කාන්තාවන් මැද පෙර දිග ඒවීම ජාතික ව්යසනයක් බවට පත්වෙමින් තියෙන්නේ. අැතැම් අවස්ථාවල ඔවුන් ගැන අසන්නට ලැබෙන අාරංචි නිසා ලංකාවෙ කියලා කියන්නත් ලැජ්ජයි.
Risana marila ivarai..aaye mona magulatada mava avussanne?ReplyDeleteReplies
සුරංග,Delete
ඔබ ඒසේ කියන්නේ අැය මුස්ලිම් ජාතික කාන්තාවක් නිසාද? ඒදා ඒතන සිටියේ ඔබේ සොහොයුරියක් නම් අද ඔබගේ ප්රතිචාරය කෙසේ වේද? ඒ පිලිබද සොයා නොබැලූ අැමති වරයා පමණක් නොව බාල වයස්කාර දැරිවියකට බොරු විදේශ ගමන් බලපත්රයක් නිකුත් කල නිලධාරියා හා වැරදි උපන්දින සහකිකයක් නිකුත් කල නිලධාරියාද මෙහිදී වැරදි කරැවන්ය.
obathuma ai muslim ayata kade yanne? obathuma baudhdhayak kiyana eka hithe thiyaganna.Delete
සුරංග පුතා,Delete
කඩේ යනව කියන්නෙ මොකක්ද කියල ඉස්සෙල්ලම ඉගෙනගන්න.
දෙවැනියට, කීර්ති රටේරාල කියපු කතාව කඩේ යාමක් වෙන්නෙ කොහොමද කියල පැහැදිළි කරන්න.
- AnonymousMay 9, 2013 at 7:18 AM
Thawath manussayekuta wena asadaranayak wenuwen katha karana eka kade yamak nemei. Ekata kiyanne manussakama. Suranga wage kattiya nisa thamai ada ape rata me thathweta path wela thiyenne. Samaharvita me wenath namakin peni sitina bodu bala sena thrasthawadiyek wennath puluwanDelete
රිසනාව බේරා ගන්න තිබුණු එකම ඉඩ ඇය අඩු වයස් කාරියක් බව ඔප්පු කිරීමයි ඒ සදහා ගත හැකිව තිබුනේ ලංකාවේ ජොබ් කාක්කාට එදිරි නඩුවක් පවරා එය සනාත කොට ඉදිරි පත් කිරීමය අපි නොකළේද ඒ ටිකමයි පසුගිය වැරැදී ගැන කතා කරන්නේ ඉදිරියේ දී වත් මොළය මෝරා වී යයි බලාපොරොත්තු වෙනිReplyDeleteReplies
//පසුගිය වැරැදී ගැන කතා කරන්නේ ඉදිරියේ දී වත් මොළය මෝරා වී යයි බලාපොරොත්තු වෙනි// හරියට හරිDelete
ඒ වුනාට රන්ජන් රාමනායකට දොඹෙන් යන්න දීල තිබුන කවුදෝ මන්ත්රී කෙනෙක්. මං මුල ඉඳන් අහගත්තෙ නෑ හඩ්ඩගෙ ප්රෝග්රෑම් එක අද උදේ. රන්ජන් රාමනායක රිසානාගෙ නමින් මුදල් එකතු කරනවලු එයාගෙ පදනම් වලට. තව ගොඩක් මූල්ය වංචා චෝදනා කියෙව්වා මං අහගෙන.ReplyDeleteReplies
- කඩප්පුලියාMay 9, 2013 at 10:02 PM
ආ හඩ්ඩද,ඌ ගැන කතා කරලා වැඩක් නෑ,හඩ්ඩා යනු ඌගේ ගූ ඌම කන මිනිහෙක් නේ.බලංගොඩ මානවයා,පාහියන්ගල මානවයා වගේ තව ඉස්සරහට අවුරුදු 10000 කින් විතර කාට හරි මුගේ ඇට කටු හමු වුනොත් අන්න එදාට තමයි කට්ටිය මූව අඳුරා ගන්නේ හරියට."මේ වලේ නිදන මිනිසා එවකට සිටි රජාගේ ගූ කෑ " පොරක් කියලා.Delete
full speechReplyDelete
https://www.youtube.com/watch?feature=player_embedded&v=vyN8PX7C89s | hplt_2 |
ලංකාවේ නම සඳහන් කිරීමට අකැමති ආරණ්යවාසි වැඩ වාසය කරන භික්ෂුවක් විසින් ඉදිරියේදී සිදුවේ යැයි අපේක්ෂා කරන ලෝක විනාශය පිලිබඳ අනාවැකියක් පලකොට තිබෙනවා.පහත දැක්වෙන්නේ එයයි.
මනුෂ්යයන් විසින් අධික ආශාවන් ස්වාභාව දහමේ සමතුලිත පරිසරය බිද හැරීම නිසාත් අධර්ම මිත්යා ප්රතිපදා හේතුවෙනුත් විකෘති මනුෂ්යය ආසාවන් නිසා පිරුණු අකුසල ධර්ම ඇත්තේ තමා විසින්ම විනාශය ලගා කර ගනී.2011 වර්ෂයෙන් ඇරඹෙන ගංවතුර, අධික හිම පතනය, නියග නිස පෘථිවි වගා බිම් විනාශවීමට පටන්ගන්නා අතර පෘථිවිය කරා පැමිණෙන සූර්ය ගිනිහුල් හේතුවෙන් පෘථිවි උෂ්නත්වය අධික වීමෙන් භූමිකම්පා, සුනාමි, ගිනිකදු පිපිරීම් නොනැවතී පවතිනු ඇත. අධික වියළි කාලගුණය, අධික හිම පතනය, අධික වර්ෂා හේතුවෙන් හා න්යෂ්ටික වායු අම්ල වර්ෂා හේතුවෙන් පෘථිවි වගාබිම් විනාශ වීමෙන් වර්ෂය අවසන් වන විට ලොව සාගත තත්වයක් ඇති වේ.
මනුෂ්ය පැවැත්ම භයානක ලෙස පිරිහේ.2012. 12. 12 වන විට පෘථිවිය කරා පැමිණෙන ග්රාහකයක් වෙත මනුෂ්යයන් විසින් න්යෂ්ටික ප්රහාර එල්ල කිරීමෙන් එහි විශාල කොටසක් සියදහස් ගණන් කැබලි වලටැ කැඩී පෘථිවිය පුරා විසිරී යාමෙන් හා ග්රාහකය කඩා වැටීමෙන් කෝටි සංඛ්යාත මනුෂ්යයන් විනශ වනු ඇත.
මෙලෙස දින 14 පුර පවත්නා ලොව ව්යසන කාලය තුල පාපී මිනිසුන් ස්වභාව දහමේ අදුරු ආගාධයන් කරා රැගෙන යනු ඇත.මෙ විෂමතාව 2012, 2013, 2014 වර්ෂ අවසානය තෙක් ලොව පවතිනු ඇත.ලොව යුධ සභ්යත්වය 100% ක් විනාශ වූ විට ස්වභාව දහමේ පාප හරන ක්රියවලිය සංසිදේ.
ලොව සමතුලිත බවට පැමිණේ.එතන් සිට එලඹෙන කාලය සත්පුරිෂ මනුෂ්යයන්ගේ ස්වර්ණමය යුගයකි.
2011 – 2012 විශේෂ සිදුවීම්
න්යෂ්ටික බලාගාර පිපිරීම හේතුවෙන් විකිරණ ලොව් පුරා පැතිරේ.
අම්ල වැසි හේතුවෙන් ජලය විෂ වේ.
කිරි හා මස් ආහාරයට ගැනීමෙන් විකිරණ ශරිර ගත වේ.
වසංගත රෝග හා විකිරණ ශරිරගත වීමෙන් හටගන්න රෝග බහුල වේ.
අම්ල වැසි හේතුවෙන් වගා බිම් විනශයට.
2011 මැද වන විට හිරු ගිනි දැල් පෘථිවියට.
වර්ෂ අවසාන වන විට ලොව සාගත තත්වයක්.
2012 සිත ලොව අයහපත් වාතාවරණයක්.
2012 මුල සිත පෘථිවි උෂ්ණත්වය අධික වේ.
සුනාමි ගිනිකදු පිපිරීම්, භූමිකම්පා, ගංවතුර වියලි දේශගුණය නොනවතී.
හිරුගේ ක්රියාකාරිත්වය වෙනස් වේ.
2012.11.18 හිරුගේ අධි ක්රියාකාරිත්වය හේතුවෙන් හිරුගේ කොටසක් කැඩී හිරු මඩලින් වෙන් වෙන අතර එය සිකුරු ග්රහ ලෝකයේ ගැටී ඉන් කොටසක් සමග පෘථිවියට ලගා වේ.
න්යෂ්ටික මිසයිල අභ්යවකාශ ගත කෙරේ.
උල්කාෂ්මයත හා ග්රාහකයට මිසයිල ප්රහාර ග්රාහකයේ විශාල කොටසක් සියදහස් ගණනකට කැබලිවී පෘථිවියට කඩා වැටේ.
විශාල ග්රාහක කොටස් හා උල්කාෂ්ම කොටස් මහාද්වීප වලට.
කුඩා කැබලි සද මතට කඩා වෙටීම හෙතුවෙන් සද ගිනි බෝලයක් සේ දිස් වේ.
සුවිශාල උල්කා හා ග්රාහක කොටස් කැබලි ඇමරිකා, අරාබි, ඉන්දියා ප්රදේශ වලට කඩා වැටේ.
ඕස්ට්රේලියා මහාද්වීපය අසල සාගරයට කඩා වැටෙන සුවිශාල ග්රාහක කොටසක් නිසා සාගර ජලය ගොඩබිමට කඩා වදී
ආක්ටික් ,ඇන්ටාක්ටික් ප්රදේශ වලට කඩා වැටෙන උල්කාෂ්ම කොටස් හේතුවෙන් හිම කදු දිය වී සාගරයට පැමිණේ. ඉන් හට ගන්නා සුවිශාල ජල තරංග ගොඩබ්ම් වලට කඩා වදී.
උල්කාෂ්ම හා ග්රාහක වැටීමෙන් ද සුනාමි රළ හේතුවෙන්ද සුවිශාල භූමිකම්පා හේතුවෙන්ද සමහර ගොඩබිම් කැඩී යන අතර සමහර ගොඩබිම් සාගරයේ ගිලී අතුරුදහන් වේ.
න්යෂ්ටික ආවි ගබඩා හා න්යෂ්ටික බලාගාර හා අනෙකුත් යුධ ගබඩා පිපිරීමෙන් මනුෂ්යයන් කෝටි ගණනක් විනාශ වේ.
උල්කාෂ්ම වැටීමෙන් ඇති වන කම්පනයෙන් මනුෂ්ය ශරීර පුපුරා විනාශ වේ.
දුම් හා දූවිලි වලාවන්ගෙන් දින නවයක් පුරා ලොව අහස වැසී යයි.ලොවම අන්ධකාර වේ.
මුහුදු ජීවීහු ආරක්ෂාව පතා වෙරළ තීරයත පැමිණේ.
මෙම ව්යසනයෙන් සත් පුරුෂ ගුණධර්මඇති සිතේ දියුනුවට පැමිණි කිසිදු මනුෂ්යයෙකුත හානි නොවේ. සති දෙකක් පුරා ව්යසන කාලය පවතී.
අමනුෂ්යයන්ගෙන් ලොව පිරී යයි.
ලෝක ජනග්රහනයෙන් 2/3 කට ආසන්නව මිය යයි.
මිය යන මනුෂ්යයන් විශ්වයේ අදුරු අගාධ වල උපදින අතර ගිනිගෙන දිලිසෙන ශරීර ඇති.
ආයුෂ අවුරුදු කෝටි සිය ගණනකි.අකුසල කර්ම අවසන් වනතුරු කැකෑරෙන් උනු ලෝධියේ මැරි මැරී උපදී.
මෙය ලෝක විනාශයක් නොවන අතර කෲර යුධ සභ්යත්වයෙ මිනිසුන්ගේ විනාශයකි.
2013-14 දෙසැම්බර් 22 වන තෙක් ව්යසන කාලය පවතී.
2014. 12.22 විශ්වයේ විෂම ක්රියකාරිත්වය සමතුලිත වේ.
අලුත් ඉරක්, අලුත් ලොවක් සත්පුරුෂ අජටාකාශගාමී, පරාර්ථචර්යාවතම පිලිපන් දියුණු අධ්යාත්මික ගුණයෙන් යුත් මනුෂ්ය ප්රජාවකින් ලොව පිරී යයි(2015).
Source : Irida Lankaadepa Sandalla & ucro2012.com (official website of monk) Dhamsara abstraction By www.gossip9.com | hplt_2 |
I return to China’s massive environmental woes in my weekend column in Ravaya broadsheet newspaper (in Sinhala).
Last week, we looked at China’s air pollution problems; today, we discuss serious contamination of food and water caused by widespread pollution unchecked by lack of regulation and local level corruption.
We also compare China’s current experience with Japan’s pollution problems in the 1950s and 1960s. The big difference: democratic system in Japan enabled citizens to effective protest industrial excesses, petition courts and force government to enforce strict regulation. Can this happen in China?
Last week’s column: සිවුමංසල කොලූගැටයා #117: පැහැබර අහසක් කිසිදා නොදුටු චීන දරුවෝ
මුදල් වැඩි වූ පමණට රටක් සංවර්ධනය වේද යන්න කලක සිට කැරෙන විවාදයක්. එහෙත් දුගී දුප්පත්කම තව දුරටත් පවතින්නට ඉඩ හැරීම ද ශිෂ්ට සමාජයක් නොකළ යුතු දෙයක් බව අද පිළි ගැනෙනවා.
අධිවේගී ආර්ථික සංවර්ධනය හඹා යන චීනයේ අද මතුව තිබෙන දරුණු වාත දුෂණය ගැන අප ගිය සතියේ කථා කළා. එයට අමතරව ජලය, භූමිය හා ආහාරපාන දුෂණය වීමේ විශාල අභියෝගයන්ට ද අද චීනය මුහුණ දී සිටිනවා.
පාරිසරික ප්රශ්න කෙමෙන් ගොඩ නැගී එන නිසා ඒවා වඩාත් ප්රබලව පෙනෙන්ට පටන් ගත්තේ පසුගිය වසර 10-15 කාලය තුළයි. වාත දුෂණය, ජල දුෂණය, ආහාර වස විසවීම ඇතුඵ මහජන සෞඛ්යයට හා ජන ජීවිතයට කෙලින්ම වින කරන පාරිසරික ප්රශ්න රැසක් ඉතා ප්රබල ලෙසින් චීනයේ මතු වී තිබෙනවා.
2013 වසර චීන පාරිසරික අර්බුදයන් උඩු දුවන, තීරණාත්මක වසරක් විය හැකියි. මීට සති කිහිපයකට පෙර ෂැංහයි නුවර අසබඩ Huangpu ගංගාවේ දහස් ගණනක් මිය ගිය ඌරන් පාවී එන්නට පටන් ගත්තා. ලෝකයට ම සෞඛ්ය තර්ජනයක් එල්ල කිරීමේ හැකියාව ඇති අඵත් කුරුඵ උණ ප්රභේදයක් මේ දිනවල චීනයේ පැතිරෙමින් තිබෙනවා.
මීට පෙර කුරුඵ උණ, සූකර උණ හා SARS රෝගකාරකය ආදිය මතුවී පැතිර ගියේ චීන සත්ත්ව ගොවිපල වලින් බව තහවුරු වී තිබෙනවා. වසංගත රෝග හා පරිසර දුෂණය ද චීනයේ නිපදවා පිටරට යැවීම දැන් මහා පරිමාණයෙන් සිදු වන හැඩයි.
මේවා හුදෙක් තැන තැන සිදු වන හුදකලා පරිසර දුෂණ නොව ක්රමීය මට්ටමෙන් සමස්ත ජන ජීවිතය ගිළ ගන්නා දැවැන්ත අර්බුදයක් බවට පත් වෙලා. මේ ගැන චීන මධ්යම පාන්තික ජනතාව වඩාත් විවෘතව කථා කිරීම හා ප්රශ්න කිරීම එරට ඒක පාක්ෂික, සංවෘත දේශපාලන ක්රමයට අද ලොකු ගැට`ඵවක් බවට පත්ව තිබෙනවා.
චීනයේ පාරිසරික ප්රශ්න යනු වන විනාශය, ජෛව විවිධත්වය හීනවීම ආදී හරිත ප්රශ්නවලට වඩා මහජන සෞඛ්යයට සෘජුව බලපාන, ජීවත්වීමේ හා යහපත් සෞඛ්යයට ඇති මානව අයිතියට තර්ජනය කරන ආකාරයේ ප්රශ්නයි.
චීනයේ බොහෝ ප්රදේශවල ජලය හා ආහාරවලට රසායනික විෂ ද්රව්ය මුසුවීමේ බරපතල තත්ත්වයක් අද මතු වී තිබෙනවා.
ලෝකයේ පාරිභෝගික අවශ්යතා ලාබයට සපයන්නට දිවා රාති දහස් ගණන් භාණ්ඩ නිෂ්පාදනය කරන චීන කර්මාන්ත ශාලා අති විශාල සංඛ්යාවක් තිබෙනවා. මෙයින් සමහරක් රජයට අයත් අතර තවත් ඒවා විදේශ ආයෝජකයන් විසින් පිහිට වූ ඒවා.
හැකි ඉක්මනට, හැකි තරම් ලාබෙට බඩු නිපදවන්නේ සේවකයන්ට ඉතා අඩු වැටුප් ගෙවමින් හා අපද්රව්ය කිසිදු සැළකිල්ලකින් තොරව ඉවත දමමින්. මේ කි්රයා නියාමනය කරන්නට නීති ඇතත් ඒවා හරිහැටි කි්රයාත්මක වන්නේ නැහැ. නැතිනම් ව්යාපාරිකයෝ අදාල නිලධාරීන්ට පගා ගෙවමින් අධීක්ෂණය මොට කරනවා. කෙටි කාලීන ලාබ ලැබුණත් මේ නිසා සිදු වන්නේ මුඵ රට ම වස විසෙන් පිරී යාමයි.
චීනයේ වගා කරන කිසිදු ආහාරයක් බය නැතිව කන්නට බැරි බව එරට උගත් ඉහළ මධ්යම පාන්තිකයන් දැන් හොඳාකාර දන්නවා. ඇති හැකි අය දැන් බොහෝ කොට (වඩාත් දැඩි පාරිසරික නියාමනයක් තිබෙන) යුරෝපීය රටවලින් ගෙන එන ආහාර පාන වැඩි මිළක් ගෙවා පරිභෝජනය කරනවා. එහෙත් මෙසේ කළ හැක්කේ ටික දෙනෙකුට පමණයි.
චීනයේ ආහාරවලට වසවිස එකතු වන්නේ හුදෙක් පරිසර දුෂණය හරහා වක්ර ලෙස පමණක් නොවෙයි. අධික ලාභ ඉපයීමේ තන්හාවෙන් මඩනා ලද ඇතැම් ගොවියෝ හා වෙළෙන්දෝ ඕනෑකමින් ම ආහාරවලට නොයෙක් රසායන ද්රව්ය මුසු කරනවා. ඒවායින් විසවීමට හැකි යයි ඔවුන් දන්නේ හෝ තකන්නේ හෝ නැහැ.
බිළිඳුන්ට දෙන කිරිපිටිවල මෙලමීන් නැමැති රසායනිකයක් හමු වී මහත් කලබැගෑනියක් හටගත්තේ 2008දී. චීනයේ ම කොටසක් වන, එහෙත් නීති කී්රයාත්මක කිරීම හා නියාමනය අතින් වඩාත් දියුණු වූත් දුෂණ අඩු වූත් හොංකොං විශෙෂ ප්රදේශයේ සිට ළදරු කිරිපිටි හැකි තාක් චීනයේ සෙසු ප්රදේශවලට ගෙන යාම ජයට කැරෙනවා. මේ නිසා දැන් එය පාලනය කරන්නට පවා සිදු වෙලා.
ඉසුරුබර හැම චීන පවුලක් ම ජීවත්වීමට වඩාත් හිතකර ඕස්ටේ්රලියාව, නවසීලන්තය, බි්රතාන්යය, හෝ කැනඩාව වැනි රටක අමතර පුරවැසිකම ලබා ගෙන දෙවැනි ගෘහස්ථයක් දැන් සැළසුම් කරනවා යයි පසුගියදා ජාත්යන්තර පුවත් සගරාවක් වන ‘ටයිම්’ හෙළි කළා.
එම සගරාවේ චීන වාර්තාකාරිය හැටියට වසර කිහිපයක් එහි වාසය කරන හැනා බීච් (Hannah Beech) කීවේ: ‘මා දන්නා හැම සුපිරි පැළැන්තියේ චීන පවුලකට ම රට හැර දා යාමේ ක්රමානුකූල සැළැස්මක් තිබෙනවා. එය රටට ද්රෝහිවීමක් නොව තමන්ගේ පවුලේ සෞඛ්යාරක්ෂාව සඳහා කරන මානුෂික තීරණයක්’.
මෑතදී බේජිං නුවර වෙළඳපොළකදී පිරිපුන් බවින් යුතු දොඩම් ගෙඩි කිහිපයක් මිළට ගන්නට තමා උත්සාහ කළ බවත්, ඒවා අදහා ගන්නට බැරි තරම් තැඹිලි පාටින් යුතු වූ නිසා සමීපව පරීක්ෂා කළ බවත් හැනා බීච් වාර්තා කරනවා.
ටිකක් කථා බහා කරද්දී වෙළෙන්දා පිළිගත්තේ මේවාට තැඹිලි පාට ඩයි තවරා ඇති බවයි. ‘බය වෙන්න එපා – කෑවාට හානියක් නැහැ’ ඔහු කියා තිබෙනවා. මෙසේ කීවේ නොදන්නාකමට ද සටකපටකමට ද?
ෂැංඩොං ප්රාන්තයට ගිය ගමනකදී එහි ඇපල් ගොවියකු සමග කළ කථා බහක් ඇය සිහිපත් කරනවා. ඇය සමග සුහද වූ පසු ඔහු අවවාද කළේ ‘ෂැංඩොං සිට එන ඇපල් කන්න එපා. අපි නොයෙක් රසායන යොදා ගෙන ගෙඩි ඉක්මනින් පුෂ්ටිමත් කරනවා. ඒ වගේ ම තත්ත්ව පාලක නිලධාරීන්ටත් ගතමනාවක් දීලා ඔවුන් නිහඩ කරනවා’ කියායි.
හැනා බීච් මේ වාර්තාව ලිව්වේ හුදෙක් පත්රකලාවේදීනියක ලෙස පමණක් නොවෙයි. ලාබාල දරුවන් සිටින මවක් ද හැටියටයි. තමන්ගේ දරුවන්ට නොදැනුවත්ව ම වස විස දීමෙන් වළකින්නේ කෙසේදැයි ඇය නිතිපතා විපරම් කරනවා.
‘මගේ දරුවන්ට හා ඔවුන්ගේ පාසලේ සෙසු දරුවන්ට එළිමහනේ සෙල්ලම් කරන්නට බැහැ. වාත දුෂණය එතරම් ම දරුණු නිසා. අවුරුදු පහේ දරුවෝ වාත දුෂණ දර්ශකයේ අංක ගැන කථා කරන්නට පටන් අරන්. වායු සමනය කළ නිවාස හා පාසල් ගොඩනැගිලි ඇතුලේ කොටු කර ගෙන අප දරුවන් හදනවා. මගේ තුන් හැවිරිදි තවමත් බහ තෝරන දියණිය උගත් මුල් ම චීන වචනයක් වූයේ පරිසර දුෂණයට එම බසෙහි හමු වන යෙදුමයි. කෙතරම් යසඉසුරු තිබුණත් මෙබඳු ජීවන තත්ත්වයක් නිසා පීඩාවට පත් වනවා නම් එහි තේරුමක් ඇත්ද?’
ඇය මෙන් ම මේ ප්රශ්න මතු කරන චීන දෙමව්පියන් ලක්ෂ ගණනක් අද සිටිනවා. ඔවුන්ට දෙන්නට හරිහමන් අවංක උත්තරයක් චීන රජයට නැහැ.
එසේම වඩාත් උගත්, සන්නිවේදන තාක්ෂණ මෙවලම්වලින් සන්නද්ධ වූ චීන මධ්යම පාන්තිකයන් මිලියන් 300කට අධික සංඛ්යාවක් පෙර මෙන් නොදන්නාකමේ අන්ධකාරයේ ගාල් කොට තැබිය නොහැකියි. රටේ ලෝකයේ සිදු වන්නේ කුමක් ද යන්න ගැන දැන් ඔවුන්ට හොඳ අවබෝධයක් තිබෙනවා.
මේ වසරේ ජනවාරියේ නාගරික ප්රදේශවල වාත දුෂණය උග්ර වූ විට ඒ ගැන නිදහසේ තොරතුරු වාර්තා කරන්නට මාධ්යවලට බලධාරීන් විසින් ඉඩ දෙනු ලැබුවා. මෙය චීනයේ අඵත් ප්රවණතාවක්. බොහෝ විට වසංගතයක්, ආපදාවක් හෝ වෙනත් අනතුරක් ගැන සැබෑ තොරතුරු වාර්තාකරණයට චීන කොමියුනිස්ට් පක්ෂය හා රාජ්ය නිලධාරීන් සීමා දමනවා. එහෙත් ජංගම දුරකථන හා ඉන්ටර්නේට් භාවිතය වඩාත් ප්රචලිත වෙත් ම මෙබඳු වාරණයන් සාර්ථක නොවන බව දැන් චීන බලධාරීන් තේරුම් අරන්.
අගනුවර හා වෙනත් ප්රධාන නගරවල පරිසර දුෂණ දත්ත පිළිබඳව සාපේක්ෂව යම් විවෘත භාවයක් හටගෙන ඇතත්, සෙසු නගරවල මේ තත්ත්වය ප්රතිවිරුද්ධ දිසාවට ගමන් කරමින් තිබෙනවා. එනම් තමන්ගේ අකාර්යක්ෂමතාවයන් වසා ගන්නට පිණිස පාරිසරික දත්ත නිකුත් කිරීම ප්රමාද කිරීම හා වසන් කිරීම.
1990 – 2005 වකවානුව තුළ චීනයේ ආර්ථික වර්ධන වේගය සාමාන්යයක් ලෙස 8.7%ක් වූවා. 2013දී 7.5% ක වර්ධනයක් ද 2011 – 2015 පස් අවුරුදු සැළසුම් කාලය තුළ සාමාන්ය ආර්ථික වර්ධනය 7%ක් වනු ඇතැයි ද අනුමාන කැරෙනවා. තරමක් වර්ධන වේගය අඩු වී ඇතත් තවමත් චීන ආර්ථිකය යන්නේ අධිවේගී ධාවනයෙන්. එය හරියට පාලනයකින් තොරව කඩා ගෙන බිඳ ගෙන පෙරට යන මකරකු වගේ.
චීනයේ මෙන් අධිවේගී ආර්ථික වර්ධනයක් 1950 – 1970 වකවානුවේ ජපානයේ ද සිදු වුණා. දෙවන ලෝක යුද්ධයෙන් පසුබෑමට පත් වුණු ජපානය පරම්පරාවක් ඇතුළත ආර්ථික වශයෙන් හිස එසවූවත් එහි දැඩි පාරිසරික විපාක අත්වින්දා. චීනය මෙන් නොව ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයක් පවතින ජපානයේ මේ විපාකවලට එරෙහිව මහජන උද්ඝෝෂණ නැගී ආ විට එයට ඉක්මන් ප්රතිචාර දක්වන්නට එරට දේශාපලකයන්ට හා නිලධාරීන්ට සිදු වුණා.
මේ දෙරටේ අධිවේගී වර්ධනයේ ක්රමවේදයන් සමාන වූවත් පාරිසරික විපාකවලට ප්රතිචාර දැක්වීමේදී නම් ජපානය චීනයට වඩා ඉතා ජනතාවාදී වූ බව කිව යුතුයි. යස ඉසුරු පතා සියල්ල කැප කිරීමේ කෙටි කාලීන ගිජු බවට ජපන් සමාජය යොමු කරන්නට ජපන් සමාගම් තැත් කළත් එරට රාජ්ය නිලධාරීන් හා ස්වාධීන අධිකරණයත්, සැබෑ ජනතා සංවිධානත් එම උත්සාහයට ඉඩ දුන්නේ නැහැ.
Video: Japan’s Lessons on the Economy and the Environment: Our Pollution Experience (Sinhala version) | hplt_2 |
අපිට එක කාලයක් "පංසල් උනක්"
තිබුනා . . . ඒක උනක් කිව්වේ මේ බුද්ධාලම්බන ප්රීතියෙන් ඔදවැඩිලා ගිය ගමනක් නොවන නිසා. එය තනිකරම යෞවනයේ පොපියන චමත්කාරයෙන් ඔකඳ වෙලා මල්සරාගේ දුන්නයි ඊතලයි සොරකම් කරගෙන, නෙත සිත බැඳුනු රූ සපු, හදවත් ආක්රමනය කරන්න යන සොඳුරු දඩයමේ යාමක් වැනි ගමනක් නිසාවෙන්මයි . . . (සියලුම යෞවනයෝත්, යෞවනය පසුකලෝත් මගේ මේ සඳහන් කල "උනට" සාක්ශි දරත්වා . . . )
මා කලින් ලිපි වල සඳහන් කල අක්කගේ මිතුරියන් වූ අචලා චමිලා අක්කලාත් ඔවුන්ගේ සොයුරන්වූ දිලුම් අයියාත් දිලාශ් ත් මාත් චමිලා අක්කලාගේ ඤාති සොයුරු සොයුරින් කීප දෙනෙකුත් සමඟ, අපේ ගමේ ප්රසිද්ධ විශාල හා පුරාන පංසල් දෙකක්ම තිබුනා වුවත් අපේ නිවෙස් වල සිට කි.මී. දෙකක් පමන දුරින් පිහිටි කුඩා පන්සලක් වූ "විවේකාරාමය" පංසලට අපි හැම පෝයටම යන්න පටන් ගත්තේ මේ "පංසල් උනේ"
ප්රතිඵලයක් ලෙසයි . . .
එක පෝයක් නිමා වෙලා ඊලඟ පෝය එනකම් ඇඟිලි ගැන ගැන නොයිවසිල්ලෙන් බලා ඉන්න තරම් මේ "උන" උත්සන්න වෙලා තිබුනු කාල පවා තිබුනා . . .
"ඊලඟ පෝයට පංසල් යනකොට අපි කට්ටිය පාර්ලිමන්ට් බන්ට් එක පැත්තේ එකට ගිහින් ඕලු මල් කඩා එග්න එමුද . .. ?"
"නෑ අපි බෝ මළුවේ බිම එක එක හැඩේට පහන් පත්තු කරමු . . "
"අපිට මල් ගොඩාක් කඩාගන්න පුලුවන් උනොත් පංසල් එන අයට බුදුන් වදින්න නෙලුම් කොල වල දාලා මල් දෙන්නත් පුලුවන් . . "
අපේ ඔය වැනි අනාගත සැලසුම් අප සියලු දෙනාගේම නොයිවසිල්ල නොදනුවත්වම පිට වුනු අවස්ථාවන් වලට උදාහරන . . .
අනෙක් පංසල් වලට වඩා මේ "විවේකාරාමයේ" විශේෂත්වය වුනේ එකල මෙහි වැඩිපුර සිටියේ යෞවන යෞවනියන් හා තරුණ තරුණියන් වීම . . .
කෙසේ හෝ මේ පංසලට යාම් ඊම පටන් ගත් මුල් අවදියේදීම එක් රූබර යෞවනියක් මගේ නෙත් සිත් පැහැර ගත්තා . . .
ඈ මා තරම්ම පුංචි එකියක් . . . පිට මැදට වන්නට තිබූ ටිකක් ලොකු කර්ලි කෙටි කොන්ඩය ඇයට එක් කලේ අමුතුම සුන්දර පෙනුමක් . . . දුටු මුල් දිනයේදීම ඈ මා හා හොඳින් සිනා සුනා . . . ඕනෑ තරම් ගැහනු ළමුන් සමඟ චකිතයක් නැතුව කතා කරන්න බුහුටි කමක් තිබූ මට මේ ගෑනු දරුවා සමඟ කතා කරන්න වචන එකතු කර ගැනීම ඉතාමත්ම අපහසු කාරියක් වුනා . .
තවත් නෙත් හී සර පහර වල් එකක් දෙකක් මා කරා ආවත් ඒ සැම වලක්වා ඈ දෙස පමනක් අවධානය යොමු කරන්න බොහෝ අවස්ථාන් වල්දී පරිස්සම් වූවා කියා කීවොත් එය කෙසේවත් බොරුවක් නම් නොවේ . ..
ඈට තිබුනේ මුස්ලිම් නමක් . . . අපි ඈ ශබීනා කියා හඳුන්වමු . . . ඈ සිංහල මුස්ලිම් මිශ්ර විවාහයක ප්රතිඵලයක් . . මුස්ලිම් නමක් තිබුනා වුවත් ඈ පංසල් ඒම අපට කෙසේ වත් අරුමයක් නොවූයේ අපගේ තවත් ක්රිස්තියානි ආගමික මිතුරි මිතුරියන් පවා පංසල් යෑමත් බෞද්ධ වූ අප සමහර විටෙක පල්ලි යෑමත් වැනි හේතු නිසාවෙන්මයි . . .
දෙනෝ දාහක් සෙනග ගැවසුනු බන ශාලාවේ . . . සිත කුල්මත් කල සිලි සිලි නදින් පිරුනු බෝ මළුවේ . . . ගාම්භීර රජවරු සිටුවරුන්ගේ රූප ඇඳ, ශාන්ත බුද්ධ පිලිම නෙලා තිබූ විහාර ගේ ඇතුලත . . . මර්කරි ලයිට් එලියෙන් කිරි සුදු පාටින් දිදුලන චෛත්ය වටේදී . . මේ සියලුම තැන් වල මා දුටුවේ එකම එක රුවයි . . . ඒ රුව සිනහවක් පා මා අසලින් ගමන් ගන්නා සෑම වෙලාවකම මා සිටියේ පංසලට ඇතුලුවීමේ පඩිපෙල අසල තනා තිබූ මුර ගල තරම්ම ගල් වූ ස්වභාවයකින් . . .
විටෙක ඒ ගල් වූ ස්වභාවයෙන් මිදී වට පිට බැලූ අවස්ථාවක මා දුටුවේ නිතරමා මා ලඟින්ම සිටිනා මගේ මිතුරු දිලාශ් ද ගල් වී සිටි බවයි . . . ඔහුගේ නෙත් ගමන් කරනා දිසාවට නෙත් යොමු කල මට හැඟුනේ ඔහුගේ නෙත් සිත් පවා නතර වී ඇත්තේ ශබීනා අසල බවයි . . . මගේ හිතට දනුනේ හීනි ඉඳි කට්ටකින් මගේ හදවත සිදුරු කරනවා වැනි වේදනාවක් . . . එක් වරම මගේ මිතුරා ගැන මගේ හිතේ ඇති වුනේ ඊර්ෂ්යාවක් . . . වේදනාව ඈ මට නොලබේදෝ කියා ඇති වූ හැඟීමෙන් උපන් එකක් වූ අතර ඊර්ෂ්යාව ඈ මට වඩා දිලාශ්ට කැමති වීමට තරම් සුදුසු කම් දිලාශ්ට ඇති බව මට පසක් වීමෙන් උපන්නක් වුනා . .
"ඒකි මේ මුස්ලිම් කෙල්ලෙක් මචං . . ."
"ඒකි එක විදිහක බඩ්ඩක් වගේ . . . බලපන් හැමෝටම පනාව දාන හටි . . "
"දාංගලේ නම් ටිකක් වැඩී වගේ එයාට . .. "
"එච්චරම ලස්සනක් නෑ නේ බං . . . "
"ඉගෙන ගන්න එහෙම බැරි මැටි ලූක් එකක් තියෙන්නේ එයාට . .. "
ඔය වැනි බොරු හේතු කාරනා මා විසින් දිලාශ්ටත් දිලාශ් විසින් මටත් හුවමාරු වුනේ හිතේ එක් කොටසක් වසාගෙන "අනේ මූට එයාව එපා වෙනවානම් " යන හැඟීමෙන් . . .
එක් දිනක් පංසල් ගිය ගමන් අක්කලා ටික අසල නිවසක මිතුරියක් වූ ගිම්හානි අක්කලගේ නිවසට ගියේ ඉක්මනින් නැවත පැමිනෙන බව අපට පවසා . . . එදින නිදහසේ හිතේ ඇති හැඟීම් කෙසේ හෝ ශබීනා ට පවසනවා යැයි මා මගේ සිතට ශපථ කරගෙන සිටි ලෙසම දිලාශ් ත් ඉන්න ඇති බව ඔහුගේ කතා බහෙන් මට වැටහී ගියා . . .
පැමිනි මොහොතේ සිට සෙව්වේ ඈ තනිවම කතා බහට අල්ලා ගත හැකි ඉඩ හසර ගැන . . . ඈ යන යන පසුපස අප දෙදෙනාද හොරෙන් හොරෙන් පියවර නැගුවේ . . . ඒ මොහොත කොයි වේලාවේ උදා වේදෝ කියා නොයිවසිල්ලකින් . . . අවසන බෝ මළුවේදී ඈ විසින්ම ඒ මොහොත අපට උදාකර දෙනු ලැබුවා . . . වැඩිපුර සෙනඟක් නැති අවස්ථාවක් බලා ඈ හෙමින් හෙමින් අප වෙත් පිය නැඟුවේ මුවේ සිහින් සිනා රැල්ලක් රඳවාගෙන . . .
දෙමෝලෙන් පිටි කොටනවා වැනිව මේ "ඩිග් . .. ඩිග්. . .ඩිග් . . " යනුවෙන් ඇසෙන්නේ මගේ හදවත ගහෙන රිද්මයද දිලාශ්ගේ හදවත ගහෙන රිද්මයද කියා සිතන්න ඉඩ ලබා නොදී අප වෙත පැමිනි ඈ ඇසුවේ . . .
"මල්ලී . . . කෝ මධූල චමිලලා . .. ???"
"ම්ම්ම්ම් . . . . ."
"මේ . . මේ . . මේ . . "
මල්ලී . .. ?????" ඒ මොන හරුපයක් ද . . දිලාශ් ත් මාත් නිරුත්තරයි . . . .
"අද ඔයාල දෙන්න විතරද ආවේ . . ."
නැවත ඇගෙන් ප්රශ්නයක් . ..
"නෑ . . . මේ . . . අක්කලා . . . එහා වත්තේ . . . ගිම්හානි අක්කලාගේ . . . ගෙදර ගියා . .. "අපහසුවෙන් හෝ තටම තටම පිලිතුරක් ලබා දීමට දිලාශ්ට හැකිවුනා . ..
"හා මාත් එහෙනම් එහේට යන්නම් . .. " ඈ ඉක්මන් ගමනින් අපෙන් වෙන් වුනා . . .
දිලාශ් යි මායි එකිනෙකාගේ මූනු දිහා බලා හිටියේ "මේ මොකද්ද බං වුනේ" කියා අසනු වැනිව . ..
පංසල් ගොස් එන ගමනේ දී වීදි පහන් නොමැති එක්තරා කළුවර අඩවියකදී අපගේ කුතුහලය සංසිදුවා ගන්න අප උත්සාහ කලා . . .
"මේ අක්කේ . . . අද මාර වැඩක් වුනානේ හලෝ . . "
"මොකද්ද . . ."
"ශබීනා ඇවිත් අපි දෙන්නට මල්ලී කියලා කතා කලානේ . . . "
"මොකද්ද ඒකේ තියෙන මාර වැඩේ . . . එයා අපේ වයසේ නේ . . . "
. . . .
"මල කෙලියයි . . . . "
"තව පොඩ්ඩෙන් ඇහුවනම් එහෙම උඹයි මායි සුනේ සුං . . "
දිලාශ්යි මායි කනට කර මුමුන ගත්තා . .. | hplt_2 |
28.5.12
අසික්කිත සීඩී තැටිය
අකලට වහින වැස්සට තෙමෙන්න එපා කියලා අම්මා මට කොච්චරවත් කියනවා ඒත් මම මෝඩයෙක් වගේ ගිහින් ඒ වැස්සේ තෙමිලා එනවා . බස් එකේ ෆුඩ් බෝඩ් එකේ යන්න එපා කීවත් , හවස හයෙන් පස්සේ එලියට බහින්න එපා කීවත් ,රෑ දෙගොඩ හරියේ ඇවිත් දොරට තඩිබාන්න එපා කීවත්, බොන්න එපා ! කියලා හැමදාම කීවත් මම කීවේ එකම එක දෙයයි .
"ආයේ එහෙම කරන්නෑ අම්මා "
වැරදි පිට වැරදි කරලා හැමදාමත් මම දෙන ඒ පිලිතුර අම්මා බාර ගන්නේ නැති බව මම හොඳාකාරවම දන්නවා . ඒත් මොනවා කරන්නද .? මේ මම එදා පටන් ජීවත් වෙච්ච හැටි . කණට දෙකක් ගහලා "තෝ ගෙදරින් එලියට බැස්සොතින් අඬු කඩනවා" කියලා බනින්න තාත්තා උන්නා නම් අද මම මීට වඩා දහ ගුණයක් හැදිලා . අම්මගේ කටින් කවදාකවත් බැනුමක්, පරුෂ වචනයක් එලියට ඇවිදිල්ලා නෑ . කවමදාකවත් මට මහ සද්දෙන් කතා කරලත් නෑ . මම වගේ නාහෙට නාහන එකෙක් අයිලේ යන එක නවත්තන්න ඉතින් අම්මට හැකි වුණෙත් නෑ .
*******
දවසක් උදේ ඉස්කෝලේදී ජොන්ටි ගෙනද්දීපු අසික්කිත සීඩී තැටිය මගේ බෑග් එකට දාගන්න කලියෙන් මට මගේ අම්මව මතකෙට ආවා . එයා මම කරන හැම වරදකටම සමාව දෙන හැටිත් මම නිසා කඳුලු හලන හැටිත් මට සීඩී තැටියේ දිලිසෙන පැත්තෙන් මැවිලා පෙන්න වුණා .
"තෝ ඕක රහ කර කර තියාන ඉන්නැතුං දාගිය බෑක්කෙට ”
ජොන්ටිගේ තරවටුව ඇහිච්ච හැටියෙම මගේ දකුණු අත දුන්නක් වගේ ක්රියාත්මක වුණේ ඉබේටමයි . මම හනිකට ඒ අසික්කිත සීඩී තැටිට මගේ බෑග් එකේ තිබුනු පොතක් අස්සේ නිධන් කළා . ඒත් මගෙ හිත තාමත් මට බනිනවා .
"ජොන්ටියා මේක අහුවුණෝතින් නම් අපි කපෝතියි බං ..!”
"පික්සුද මස්ෂිනා. මෙවුවා අපි පුරුදු වෙන්ඩ කරන වැඩයෑ ?”
"තෝ නං කියාවි දැන් මේක තියෙන්නේ මයෙ බෑග් එකේනෙ . මම එපෑ විඳවන්න .”
"සඳරුවා ඉතින් නූල් සූත්තරේ දන්න එකා කියලා අපි දන්නවානේ බං ඒකනේ අපි උඹගේ බෑග් එකේ මේ වගේ වස්තු තැන්පත් කරන්නේ . ”
"අඩෝ මේ කැ* වැඩ කරන්නෙපා . මාව අහුවුණොතින් තොපි ඔක්කොමල්ලාගේ නං ගං ගෙහුං කියනවා මං පිනාට .”
"අඩෝ අඩෝ තොට තරහ ගියාද ? ඕකනේ ඉතින්..... හරි හරි ඉස්කෝලෙ ඇරෙන්න තව පැය හතර හමාරයිනේ බං තියෙන්නේ . .. ! එතකං හොඳ එකා වගේ ඔය ගණ රාජයා පරිස්සං කරහං මයෙ දෙයියා .”
"හ්ම් .” හැමදාමත් වගේ අවසානෙට මගේ කටින් හ්ම් හඩ පිට වුණා .
ඉස්කෝලේ සමිති සමාගම් වලදී , පන්තියේ උගන්වන වෙලාවේදී කවදාවත් මුල් තැනක් ගත්තේ නැති මම දහදුරා වැඩ කරද්දී නම් හැමදාමත් පෙරමුණ ගත්තා . ඇත්තටම කීවොත් ඒක සුදුස්සාට සුදුසු තැන ලැබීම කියලයි මගේ වටේ හිටිය පාප මිත්රයෝ කොයි කවුරුත් කීවේ . හොරෙන් තැඹිලි කඩන්න ගියත් අහල ගෙදරක වත්තට පැනලා අල ගලවන්න ගියත් , ඉස්කෝලෙන් පයින්න ගියත්,මල් ඔතන්න ගියත් අනික් එවුන් ඉන්නේ මම ඉස්සර වෙනකම් .
මදන විසේ ඉහට ගහලා තිබුන කාලේ නිසා වෙන්නැති හරි කොතැනද වැරදි කොතැනද කියලා මම ඒ වෙනකොට දැනං උන්නේ නෑ . ඉතින් එදත් මගේ මිත්රයෙක් රුපියල් තුන්සීයක් දීලා කොහේදෝ මන්දා ඈත දීපංකරේකින් ගෙනාපු අසික්කිත සීඩි එකක් මගේ බෑග් එකේ හංඟාගන්න මට සිද්ද වුණා .
මගෙ මිත්රයා ජොන්ටි කවදාවත් ඉස්කෝලෙ එනකොට බෑග් එකක් ගෙනාවේ නෑ . පුස් බයිසිකලේ පැදං එනකොට ගොයිජන සේවා එක ගාව තියන මහා පල්ලමෙදී බ්රේක් කරන්න අමාරුයි කියලා ඌ හැමදාමත් පොත් ටික ඉස්කෝලේ බංකුවක් අස්සේ හංඟලා ගෙදර ගියා ඉතින් ඌට බෑග් එකක් කවදාවත් උවමනා වුණේ නෑ .
සීඩී එකක් බලන්න හයිය තිබුනත් ඒක හංඟලා තියාගන්න හිත හයිය නැති මගේ ගැන්සියේ හිටි කොල්ලෝ සෙට් එකත් අමුතු අමුතු කතා කියලා සීඩී එක මගේ මල්ලටම පැටෙවුවා . ඒක බලන්න කැමැත්තත් මගේ හිතේ කොනක තටමමින් තිබුණ හන්දා මමත් සීඩී එක මගේ භාරයේ තියනවාට අකමැති වුණේ නෑ . කවුරුවත් එක වරම කඩා පැනලා මගේ බෑග් එක ඇතුලට අත දාලා සීඩි එක මගෙන් උදුරලා ගනීවි කියලා මට බයක් තිබුනෙත් නෑ .
වෙලාව ගත වෙලා ඔරලෝසු කටු කැරකිලා පීරියඩ් එකින් එක ඉවර වුණා . පන්තියට ආපු ගණිත සර් කළු ලෑල්ලේ මොකක්ද මන්දා බයිලයක් කරලා මට හුණු කොට්ටෙනුත් පතබාලා යන්න ගියා . ඉංගිරීසි ටීචර් කලු ලෑල්ලේ ලියාපු එකම වචනයක්වත් මට කියෝගන්න බැරි වෙච්ච නිසා හිත හොඳටම රිදිලා ඒ අසරණීත් පන්තියෙන් යන්න ගියා . විද්යාව උගන්වාපු සෑර් නම් මට පන්තියට ඇතුලු වෙනකොටම ආදරෙන් කතා කරලා "පුතා ඔයාට නිදි මතයි නම් නිදියගන්න" කියපු නිසා ඒ පීරියඩ් එක ගෙවිලා ගිය වග මට දැනුනේ වත් නෑ .
විවේක කාලය ඉවර වෙලා පටන් ගත්තේ සිංහල පීරියඩ් එක . කෑම දිරවන වේලාවට පන්තියේ බොහොමයක් ළමයි ඉගෙන ගන්න අකමැතියි .ඒ වෙලාවට සමහරු වැසිකිලියේ පැලපදියං වෙන අතරේ තව සමහරු ස්වේච්චාවෙන්ම පාසල් වත්ත සුද්ද පවිත්ර කරන්න පටන් ගන්නේ වැටෙන සැර අවුවවත් ගණනකට නොගෙනයි .
එදා සිංහල පීරියඩ් එකේදී කවුරු පන්තියෙන් කට්ටි පැනලා ගියත් මම පන්තියේම රැඳිලා හිටියේ සීඩි එක පරෙස්සම් කරගන්න හිතාගෙන නම් නෙවේ . ඉස්කෝලේදී උගන්නාපු විශයන්ගෙන් මම කැමති වුණ මට තේරුණු එකම විශය සිංහල වෙච්ච හන්දයි .
"කෝ අද මේ පන්තියේ දරුවෝ උන් කොහා පනං වුණාද ?”
සිංහල උගන්වන්න ආපු අශෝක සෑර් පොත් මිටිය මේසේ උඩ අත අරින අතරේ පන්තිය පුරාවටම බැල්මක් දාලා මගෙන් එහෙම ඇහැවුවා .
"වීදි සංචාරයේ ගිහිං වගේ සෑර් !”
"එතකොට මේ දැරිවියෝ ටිකයි සඳරුයි විතරයි පන්තියේ ?”
"ඕ"
"උඹ මේ දැරිවියෝ මුර කරනව වෙන්ටැ ?”
"අනෙ නෑ සෑර් මම ඉතින් හිංඟල මිනිහා නේ"
හඬ නඟා හිනා වෙච්ච අශෝක සර් මගේ පිටට තට්ටුවක් දාලා ලේසුවෙන් අත පිහගත්තා .
මුලු ඉස්කෝලෙන්ම මට වැඩියෙන්ම ආදරේ කරපු ගුරුතුමා වුණේ අශෝක සර් . එතුමා උගන්වන සිංහල වදන් මගේ පපුවේ හිට්ටේ ගලේ කොටාපු අකුරු වගේ .
"ළමයිත් නැති එකේ මම යනවා යන්න . මුන්ට ඉගෙන ගන්න ඕනෙ නැත්තං මං මොනාට මෙහෙට්ට වෙලා කාලෙ කන්නේ ?”
එහෙම කියාපු අශෝක සර් පොත් මිටියත් අරන් පන්තියෙන් එලියට බැහැලා ගුරු විවේකාගාරය දිහාට ඇවිදගෙන ගියා . සිංහල සර් පන්තියෙන් ගියා විතරයි වීදි සංචාරයේ නිරත වෙලා උන්නු කොල්ලෝ හැම එකෙක්ම ආයෙ පන්තියට දුවගෙන ආවා .
"අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ !”
පද්මේ සින්දුවකුත් කියාගෙන ඇවිදින් මගේ මූණ ඉම්බා . මම උගේ අහවල් එකට පා පාරක් දෙන්න හැදුවා විතරයි ඌ ඩෙස් පුටු පෙරලාගෙන මගේ ලඟින් ඈත් වුණා . අද සීඩ් එක බලන නිසා පන්තියේ කොල්ලෝ කවුරුත් හිතේ පුදුම සතුටකින් ඉන්න වග මට හොඳටම තේරුණා . ඒත් කවුද හිතුවේ ඒ සතුට ගෝනි බිල්ලෙක් අරගෙන යාවි කියලා .
තිබහක් හැදුන නිසාම මම කෙල්ලෙකුගේ වතුර බෝතලෙන් වතුර උගුරු දෙකක් බොන්න ලැහැත්ති වුණා විතරයි උසස්පෙළ පන්තියේ ජෙමා කියන නසරාණි ශිෂ්ය නායකයා අපේ පන්තියට කඩා පැන්නේ තවත් ටයි පොලු එල්ලගත්ත සහයක ඩැනීලා දෙදෙනෙකු සමගිනුයි .
"බෑග් පෙන්නහල්ලා හැමෝම !”
ජෙමාගේ හඬට මෙච්චර වෙලා මරිය කඩේ වගේ තිබුණ පන්ති කාමරේ මෝචරිය වගේ නිහඬ වෙලා ගියා .
"බෑග් විතරද ?”
ජොන්ටි එහෙම අහද්දී ජෙමා උගේ මූනට එබුණා
"ඔවු ඩෝ !”
ජොන්ටි පැත්තක වුණා
පන්තිය පුරාම තිබුණ කෙල්ලන්ගේ සහ කොල්ලන්ගේ බෑග් මලු සහ ඩෙස් පියන් අතර සෝදිසි මෙහෙයුමක් දියත් කරපු ත්රිපුද්ගල ශිෂ්ය නායක කණ්ඩායම මගේ බෑග් එක ගාවටත් ආවා . මගේ බෑග් එක ඇවිස්සුවොත් සීඩි එක අහුවෙන බව මම හොඳාකාරවම දැනං උන්නා . ඒ සීඩි එක අහුවුණෝතින් මට මගේ ජීවිතේට අලෝගත හැකි අමුම අමු ජරා නාමය වන වනචරයා කියන නාමය ලැබෙන බවත් ගුරුවරු ගුරුවරියෝ මගේ දිහා බලලා කෙල ගහන තත්වෙට මම වැටෙන බවත් මට තත්පරෙන් තේරුම් යද්දී ජෙමා මා ගාවට කිට්ටු කලා .
"බෑග් එක ඇරහං සඳරු !”
"ඇයි ඒ ? මයෙ බෑග්ගෙට එහෙම අත දැම්මොත් අත කඩනවා .”
"ආ උඹ ලොකු සීන් ද ? මෙහෙ දිය බැග් එක"
ජෙමා මගේ බෑග් එක උදුරන්න හදනකොටම මම මගේ බෑග් එක ජොන්ටි ගාවට වීසි කලේ ආලෝකයේ වේගයෙන් ! . ජොන්ටිත් ඒක වෙන එකෙක් ගාවට පාස් කලා .
"කීවම අහලා බෑග් එක දාපං !”
ජෙමා කෑගෑවේ ඉස්කෝලෙන් බාගයකටම ඇහෙන තරම් මහ හයියෙන් ජෙමාගේ සද්දේ හන්දා අහල පන්තියක උගන්වමින් හිටි ගුණපාල සර් අපේ පන්තියට දුවගෙන ආවා .
"මොකෝ මේ සද්දෙ මම කොහොමද යකුනේ උගන්නන්නේ ?”
"සෑර් මේ පන්තියේ ළමයි බෑග් එකේ සීඩී පීස් තියාන ඉන්නවා කියලා ආරංචියක් ආවා. සඳරු එයාගේ බෑග් එක බලන්න දෙන්නෙ නෑ . අනික් අය සේරමලා බෑග් බලන්න දුන්නා . “
"සඳරු තෝ මහ ඒජන්තද ? දීපිය සුනඛයා තොගේ ඔලොඟුව මෙහෙට්ට !”
ගුණපාල සර් මගේ බෑග් එක උදුරලා අරන් ඒක මුනිං හරෝලා ඒකේ තිබුන දේවල් ගුරු මේසේ මතට හැලුවා . දඩබඩ ගාලා මේසේ උඩට වැටිච්ච බඩු මුට්ටු දිහා මුලු පන්තියම ඇසිපිය නොහෙලා බලාන හිටියා .
"දඩස්" හඬින් මේසේ උඩට වැටිච්ච මගේ නකල් එක සිංහල පොතට යට වුණා , ගිණි කූරක් මේසේ දිගේ රෝල් වුණා , රුපියල් පහට ගන්න මැදැඟිල්ලේ රඳවන පණාවක් මේසේට වැටිලා බම්පර් වෙලා බිමට පැන්නා . ඔය අතරේ මල්ලේ සැඟවිලා තිබ්බ අසික්කිත සීඩී තැටිය මේ බඩු මුට්ටු ගොඩ උඩින්ම වැටිලා නතර වුණා . පන්ති කාමරේ උලු වහලේ හිලකින් වැටිච්ච අවු රැල්ලක් ඒ සීඩී එකේ දිලිසෙන පැත්තට වැටිලා ලස්සනට දිස්නෙ දෙන්න ගත්තා . ඒ දිස්නෙ වැදිලා ගුණපාල සර් ගේ ඇස් දෙක රතු වුණා .
"මොනාද යකෝ මේ තැටියේ ?”
ගුණපාල සර්ගේ ප්රශ්ණයට දෙන්න උත්තරයක් මට තිබුණේ නෑ . ඉතින් මම බිම බලාගත්තා .
"උඹට කියන්න බැරි නම් මම දැන් ගිහින් කෝටස් එකේ තියන මගේ අලුත් ජී එල් සීඩී ප්ලේයර් එක ගෙනල්ලා ප්රින්සිපල් සර්ගේ ඔෆිස් එකේ තියලා මේක දාන්නම් ! මොකෝ කියන්නෙ දාන්නද ?”
"එ . එ. එපා සෑර් ! “
මට කියවුණේ එච්චරයි .
"හ්ම් එපා නේ . එහෙනං හෙට එද්දී අම්මව හරි තාත්තව හරි එක්ක වර ! උඹගේ කැරැට්ටුව කියලා දෙන්න ඕනෙ දෙමවුපියෝ ඉස්සරහා . හැබැයි උඹ හෙට ඉස්කෝලේ නාවොත් මම මේකත් අරං පොලීසි යනවා ”
එදා ගෙදර යද්දී මම පුදුම විදිහට බය වෙලා හිටියා . අම්මා බෙදාපු බත් එක කන්නවත් බැරි තරමට වෙනදා ගෙදර ආ හැටියෙම බලන කාටුන් සීඩී නොබලා ඉන්න තරමට මම නොසන්සුන් වෙලා හිටියා .
"හෙට එද්දී අම්මව හරි තාත්තව හරි එක්ක වර !” ගුණපාල සර් ඒ කියාපු දේ මගේ හිතේ දෝංකාර දෙනවා . තාත්තා දන්නවානම් මිණී වලෙන් නැගිටලා ඇවිත් මට ගහනවා . අම්මට මේක කීවොත් ඒ අසරණ ගෑනි කොයිතරම් අඬාවිද ? ඒත් මම දැන් මොකද කරන්නේ ? ඔලුව බදාගෙන මම පැයක් විතර හිතන්න ඇති .හැබැයි අන්තිමේදී මම තීරණයක් ගත්තා . හිත හයිය කරගෙන අම්මා ගාවට ගියපු මම මහා බේගලයක් ඇදබෑවා !
"අම්මේ හෙට ඔයාව ඉකෝලෙට එක්කං එන්න කියලා ගුණපාල සර් මට කීවා "
"ඒ මොකද ඔයා මොනාද මේ වතාවේ කලේ ?”
"මොකුත් නෑ මේ අපේ පන්තියේ ළමයි හැමෝම කලින් ගෙදර යන්න ගිහින් අහු වුණා ඒක කියන්න ඔය එන්න කියන්නේ !”
"මොකට කරනවාද ඔය මෝඩ වැඩ මොකද කලින් ආවේ ?”
"අනේ අනේ ඔයා හෙට එන්නකෝ "
මම හෙමීට එතනින් ලිස්සලා ගිහින් සාලේ ටීවී එකත් ඔන් කරගෙන බෲස් ලී රඟන හටන් සීඩ් එකක් බලන්න ගත්තා .
"ඔය සීඩී බලන නිසා පුතා ඔයා කිසිම පාඩම් වැඩක් දැන් කරන්නේ නෑ මම ඔය ටීවි එක හෙටම විකුණලා දානවා . “
සාලෙට ආපු අම්මා මට දෝස්මුරේ දාලා යන්න ගියා
පහුවදා මම ඉස්කෝලෙට ගියේ මස් කඩේට දක්කන හරකෙක් වගේ . මුලු පන්තියේම හිටපු කොල්ලෝ කෙල්ලෝ හැමෝම මගේ වටේ වට වෙලා මගේ අවසන් ගමන සංවිධානය කරමින් හිටියා . සමහරු "අනේ මචං අපේ අම්මා නම් වයසයි ඒක හන්දා මගේ නම කියන්න එපා" කියමින් නාහෙන් අඬන්න වුණා. "මැරුවත් පාවා දෙන්නේ නම් නෑ "මම නම් තදින්ම හිතාගෙනයි උන්නේ . ඒක එදා වගේම අදත් මා ගාව තියන ප්රථිපත්තියක් !
උදේ දහය හමාර වෙනකොට ශිෂ්ය නායකයෙක් ඇවිදින් මාව විදුහල්පති තුමාගේ කාමරේට දක්කාගෙන ගියා . කොට බිත්ති උඩින් එබීගෙන උන්නු මගේ මිතුරු මිතුරියෝ සෙට් එක මගේ දිහා බලාන හිටියේ පෝරකේට ගෙනියන ස්ත්රී දූෂකයෙක් දිහා බලන්නා වගෙයි !
විදුහල්පති තුමාගේ කාමරයේ පුටුවක අම්මා ඉඳගෙන හිටියා . විදුහල්පති තුමා රජා වගේ මහ පුටුවේ ඈඳිගෙන හිටියා . කාමරේ කොනක ඉඳන් මගේ දිහා හිනා වෙවී බලාන උන්නේ ප්රධාන ශිෂය නායක ජෙමා සහ ගුණපාල සර් ! මම කාමරයට ආවා විතරයි විදුහල්පති තුමා නඩුව විභාග කරන්න ගත්තා .
"සඳරුගේ අම්මේ සඳරු ඉස්කෝලේ දෙන වැඩ ගෙදර ගිහින් කරනවාද ?”
"ඔවු සර් සමහර දාට නම් කරනවා ඔය රචනා එහෙම රෑ වෙනකම් ලියනවා .”
"හ්ම් හ්ම් මට අශෝක මහත්තයා කීවා මේකා සිංහලේට ආසයි කියලා .”
ඒ කතාවෙන් මගේ හිතට පුදුම හයියක් ආවා . ඒත් ඊලඟට අහපු ප්රශ්ණයට මගේ පපුව නතර වුණා වගේ මොහොතකට මට දැනුනා .
"සඳරුගේ අම්මේ සඳරු ගෙදර ඉන්නකොට වැඩිපුරම මොකද කරන්නේ ?”
"අනේ ඉතින් මෙයා ඉතින් ඔය රස්තියාදුවේ එහෙම වැඩියෙ යන්නේ නෑ සර් ගොඩක් වෙලාවට ඉන්නේ ගෙදරමයි ගෙදර ඉඳන් ඔය සීඩී බලන එක තමා මෙයා වැඩියෙන්ම කරන්නේ !”
"ඈ සීඩී ?”
විදුහල්පති තුමා මේසේ උඩ තිබ්බ වතුර වීදුරුව බීගෙන බීගෙන ගියා . ඊට පස්සේ මොහොතක් එයා ඔලුව කසමින් ඉඳලා මෙහෙම කීවා .
"හරි සඳරුගේ අම්මා ගිහින් එන්න . මෙයාට තව තව පාඩම් කරන්න බල කරන්න . උනන්දුව නම් හොඳටම මදි "
අම්මා ගියාට පස්සේ ප්රින්සිපල් සර් මා ගාවට ආවා .
"ඇත්ත කියාපන් කොල්ලෝ උඹ මේවා බලන විත්තිය අම්මා දන්නවයෑ .”
"අනෙ සර් මම ඕවා එකක්වත් බලලා නෑ සර් "
"එහෙනං අර අම්මා කීවේ ගෙදර ඉඳන්ම බලනවය කියලා "
"ඒ සර් කාටුන් , චිත්තරපටි වගේ සීඩී නේ ! අනික සර් ඕක මගේ නෙවෙයි . වෙන කෙනෙක් දීපු එකක් .”
"උඹ මේවා බලනවා කීවොත් උඹගේ අම්මා ඒක කොහොම ඉවසයිද ? ඒකයි මම මේ ගැන වගක් නොකීවේ අදට මම මේ සීඩී එක කඩා දානවා හැබැයි ඊගාව වතාවේ මම උඹ මේ වාගේ වැඩක් කරලා අහුවුනොත් පොලීසිට බාර දෙනවාමයි "
ලොකු සර් කීප වංඟියක්ම තටමමින් ඒ සීඩි එක කඩන්න හැදුවත් එයාට ඒක කරන්න බැරි වුණා .
"මොනාගෙන් හදලද මන්දා මට කඩන්න බෑ මේව ආ උඹම කඩහං මේක "
මගේ අතින් ඒ සීඩි එක එදා කැඩුනේ බෝංචි කරලක් කැඩෙන්නාක් වගේ .. !
"රං පාල ! රං පාල මේ තැටියේ කෑලි දෙක අරං උදළු බන්ඳෙන් ගහලා කුඩු කරලා කුඩු ටික පුච්චලා දාපං .නැත්තං ඕක ආයේ හදලා අරං ළමයි බලන්න බැරි නෑ “.
ප්රින්සිපල් සර් පාසල් මෙහෙකරු රං පාල අයියට කතා කරලා එහෙම කීයලා මට පන්තියට යන්න අණ කලා .....!
රටක් රාජ්ජයක් දිනාපු එකෙක් වගේ මම විදුහල්පති තුමාගේ කාර්යාලයෙන් එලියට බහිද්දී ජෙමා සහ ගුණපාල සර් මා දිහා පුපුරමින් බලාන හිටියා . විදුහල්පති තුමා එදා නොහිටියා නම් මුන් දෙන්නා මගේ ආත්මෙම ගිනිතියලා දාන්න සූදානමින් හිටි වගත් මම දැනගත්තා . කොහොමින් කොහොම හරි එදත් මම බේරුණා ..
අද මේ කතාව හිනා වෙලා ලීවත් එදා මගේ අම්මා ඉදිරියේ විදුහල්පති තුමා මාව අසරණ කළා නම් මට මොනවා වේවිද, මොනවා හිතේවිද ? කියලා අද නම් මට හිතන්නත් බයයි . යක්ෂයෝ යක්ෂනියෝ වගේ ගුරුවරු අතරේ දෙවියෙක් වගේ විදුහල්පති තුමෙක් ටික කාලෙකට හරි මගේ ඉස්කෝලේ උන්නු හන්දා ජීවිතේදී විඳින්න ගිය මහා අවමානයකින් මම බේරුණා . එදයින් පස්සේ මම කිසිම දාක ඉස්කෝලේදී අසික්කිත සීඩී එකක් අල්ලන්න තියා එයින් එකක් තියන අහලකවත් හිටියේ නෑ. . . !
ප/ලි බෝම කාලෙකට කලින් මට වෙච්ච මේ සිදුවීම හදිසියේම මාව බලන්න ආපු මගේ ඉස්කෝලේ කාලේ පාප මිත්රයෙක් මට මතක් කර දුන්නා . ඉතින් ඒ කතාවත් අකුරු වෙලා බ්ලොග් පිටුවේ ඇලවුණා.
මාව බේරගත්ත මේ රත්තරන් විදුහල්පති තුමා ගැන මීට කලින් වතාවකුත් මම ලීවා මතකයි ...!
ලියනු ලැබුවේ හිස් අහස at 10:16:00 am 99 comments
Labels: මා කල ගවේශන, වැරදුනු තැන්
18.5.12
හූනෙක් නිසා වෙච්චි හදියක්
එදා දවල් වරුවේ යන්තම් වැහිපොදක් වැටුනා මමත් ගෙදර තැපගෙන නොයිඳ උඩහ ගම දිහාවට පොඩ්ඩක් ගෑටුවේ වෙනදා තරම් අවු කූටකයක් එදා නොතිබ්බ නිසයි . මේ තමා වැවුගම්පත්තුවට උපරිමේටම පායන කාලේ . ඉහින් කනින් අනන්ත දඩිය බිංදු බේරිලා කාස්ටක පොලවට වැටෙනකොට ඒ දාඩිය බින්දුව වැටිච්ච තැනින් පොඩි දුම් රැල්ලකුත් උඩට නැගෙනවා . ඉතින් කාලෙකට පස්සේ වැහැපු ඒ පොඩි මල් වැස්ස කාට කාටත් ගෙනාවේ පුදුම සතුටක් .
“හෙට දිහාට වහින්න තමා මලයා මේ තරම් අවු කූටකේ ! .”
කලින් දවසේ අහස දිහෑවේ බලාන උන්නු ජගත් අයියා මට අනාවැකියක් කීවේ ඇළේ බොර වතුරේ කරවටක් එබීගෙන ඉන්න අතරෙයි .
“හෙට දිහාට වැස්සොතින් මොනා හරි කොරමුද ?”
දත් මදිමින් උන්නත් කට පරිස්සම් කරගන්න බැරි මම මහා අකුසල කර්මයකට මුලපිරුවා .
“හ්ම් හෙට වැස්සොතින් සතෙක් බාමු නේ මලේ ? “
“හ්ම් යමු යමු ..!”
ඔන්න ඔයි විදිහට තමා මම ජගත් අයියා එක්ක දඩයමේ යන්න එක්කාසු වුණේ . !
දඩයමේ යාම මට ඒ තරම් අරුමයක් නෙවේ . මගේ මාමලා සීයලා එක්ක මම අනන්ත දඩයමේ ගිහින් ඇති . උන්ගේ අච්චු තුවක්කු මමත් අනන්ත කර තියාන ගිහින් ඇති . මැරිච්චි සත්තු මේ අත් දෙකෙන් වංගියක් දෙවංඟියක් හම ගහන්න උදවු වෙලත් ඇති . ඒත් මම කවදාකවත් සතෙක්ට වෙඩි තියලා නම් නෑ .
සීයගේ අච්චු තුවක්කුවෙන් වත්තේ කොහු අඹ ගහේ උන්නු දඬුලේනෙකුට එක වතාවක් මම කුරුමානම් ඇල්ලුව හැටි නම් මට හීනිවට වගේ මතකයි .අච්චුව උරිහට තියාන මම වැරදියට මානෙ ගනිද්දී මගේ ගාවට ආව ලොකු සීයා මගේ අත හරියට හැදුවේ “ඔහොම ගිනි බ්න්ඳෝතින් තොගෙ උරපත්ත ගැලවිලා යාවි” කියමින් . පවකටද පිනකටද මන්දා එදා මම තියාපු වෙඩිල්ල නම් වැරදුනා .
“උඹට තුවක්කු මානෙ පිහිටන්නේ නෑ . උඹ පවුකාරයෙක් නෙවි .”
එහෙම කියවුව මගෙ සීයා ඊට පස්සේ කවදාකවත් මම තුවක්කුව අතට ගන්නවාට කැමත්තක් දැක්වුවේ නෑ ඒක හන්දා කිසිම දාක මට සතෙක්ට වෙඩි තියන්න ඉඩක් ලැබුනෙත් නෑ . කොලු කමට තුවක්කුවෙන් මානෙ ඇල්ලුවට මම සතුන් මරන්න අකමැතියි . ඒත් කොල්ලොත් එක්ක කැලේ කොලේට වැදිලා දඩයමේ යන්න ලැබෙන අවස්ථාවක් නම් මම ලේසියෙන් මග හැරියේ නෑ .ඉතින් ජගත් අයියා එක්ක දඩයමේ යන්න ලැබුන ආරාධනාවත් මම ඉස් මුදුනින්ම පිළිගත්තා .
ගං තුලානටම උන්න වෙඩික්කාරයෝ අතරින් දෙවනියට දක්ෂයා තමා අපෙ ජගත් අයියා .කිසිම වාදයක් නෑ පලමු වැනියා ඉතින් වනිගෙ අයියා තමා . වනිගෙ අයියා සතුන්ට වෙඩි තැබීම කාලෙකට ඉහත නතර කාලයින් පස්සේ ඒ තැන ගත්තේ මේ කියන ජගත් තමා . පොඩි කාලේ කැටපෝලෙන් ගල් දුන්නෙන් කුරුල්ලොන්ට ලේනුන්ට විදලා පහු කාලෙක බේත් කොටන තුවක්කුවෙන් වෙඩි තියන්න පුරුදු වෙච්ච ජගත් අයියා . අද වෙනකොට අච්චු තුවක්කුවට හොඳ පුරුදු කාරයෙක් ඇස් පියාන වුණත් ඉලක්කෙටම වෙඩි තියන්න පුලුවන් නොම්මර එකේ වෙඩික්කාරයෙක්.
ඌ තුවක්කුවෙන් පාන සුරු විරු කම් මට හොඳට මතකයි . එක වංගිටක් ඈත ගලක් මත්තේ යාන්තමට ගෝනෙකුගේ අං තට්ටුවක් හෙලවෙන හැටි කැලේ අයිනේ උන්නු අපි කවුරුත් දැක්කා . මොහොතකින් එතනට ආපු ජගත් තුවක්කුව ගල් දෙබුක්කාවකට හිර කරගෙන අං දෙක විතරක් පේන ගෝනාට මානෙ ඇල්ලුවා .
“අපරාදේ බොල පතුරම ! ඔච්චර දුරක් වෙඩි තියන්න බැරුවා . !”
ගමේ එවුන් කියන කතා යන්තම්වත් මායිං නොකරවුව ජගත් අයියා කොකා ගැස්සුවා . ගල් තලාව උඩ උන්නු ගෝනා තත්පරේකින් රෝල් වෙලා ඇවිදින් බිමටම පතබෑ වුණා . එදා ගමේ කොයි කවුරුත් ජගත් අයියට පින් දෙමින් දඩමාලූ කෑවේ පවු පින් ගැන හිතීම පැත්තක තියනගමන් .
මම ජගත් අයියලෑ ගෙදර දිහාවට යද්දී වෙලාව හැන්දෑ ජාමේ 4 විතර ඇති. වෙනදාට නම් මේ ඉරගල පයින ජාමෙට වැටෙන රත්තරන් පාට අවුව ඇස් දෙක ඇරං ඉන්න බැරි තරම් සැරක් ගෙන දුන්නත් දවාලේ වැටුන වැස්ස නිසා ඒ වෙලාවේ තිබුනේ තරමක අඳුරක් .
මම ගෙට ගොඩ වෙනකොටත් ජගත් උගේ පන වගේ ආරක්ෂා කරන තුවක්කුව සුද්දකරනවා . මහන මැසින් එකට දාන තෙල් බෝතලයත් අමුඩ ලේන්සුවකුත් ඒ ලඟම වැටිලා තිබුනා .
“සඳරු මලයා අනෙ හොඳ එකා වගේ දුවං ගිහින් පාල මාමලෑ කඩෙන් ගිනිපෙට්ටි අටක් ඇන්න වරකෝ රුපියල් හතරේ ගිනිපෙට්ටි තියෙන්නේ පාල මාමා ගාව විතරයි උගෙන්ම ගනිං.. !”
මමත් ආපහු හැරිලා මීටර් දෙසීයක් විතර එහයින් ඇලට උඩහ පාරේ තිබ්බ පාල මාමලෑ කඩේට ගිහින් ගිනිපෙට්ටි අටකුත් අරං ඉතිරි සල්ලි වලට කැප්ටන් දුම් වැටි දෙකකුත් මිලදී ගත්තේ ගාන සමබර කරන හිතාගෙනයි . මම ගිනිපෙට්ටිත් අරන් ආපහු එද්දී ජගත් උගෙ තුවක්කුව හොඳට පිරිසිදු කරලා මිදුලේ තිබුන බූරු ඇඳ උඩ තියලා තිබුනා .
“ගිනි පෙට්ටි ගත්තද මලේ ?”
“ගත්තා ගත්තා .. ”
“එහෙනම් ඉතින් වෙඩිල්ල හදමු උඹ ගිනිකූරු සුද්දකරහං ..!”
එහෙම කියාපු ජගත් කැප්ටන් එකකුත් පත්තු කරගෙන ගිහින් උගේ කබඩ් එකේ ලාච්චුවක් අවුස්සලා පරණ පතුරං කොපු දෙකක් උස්සගෙන ආවා . ! අලුත් පතුරම් ගන්න අහල පහල තැනක් නැති හන්දම ගමේ කොයි වෙඩික්කාරයත් කරන්නේ හිස් පතුරම් කොපු වලට වෙඩිබේත් පුරෝලා පාවිච්චියට ගන්න එකයි .
ගිනි පෙට්ටි හතරක වෙඩි බේත් එක්ක රෙදි කෑලි සහ තව තවත් මොනාදෝ යකඩ කෑලි කීපයක් එකට ඔබලා හෙමිහිට කොටන ගමන් පතුරම් පුරුවන උදවිය මම අනන්ත දැකලා ඇති . ඒත් මම නම් පතුරම් පුරුවන්න දක්ෂයෙක් නෙවේ .
අහක තිබ්බ පත්තර පිටුවක් ලඟට ඇදගත්ත මමත් ගිනි කූරු වල තිබුන වෙඩිබේත් ඇඟිලි වලින් හූරමින් එකතු කරන්න ගත්තා . මම එකතු කරන වෙඩි බේත් වටකුරු බෝතලයක් රෝල් කරමින් තව තවත් කුඩු කරන කටයුත්ත ජගත් අයියා කරන්න ගත්තා .
හිස් පතුරමක් පුරෝලා ගත්තාම ඒකට වියදම් වෙන්නේ රුපියල් අටක දහයක විතර පොඩි ගණනක් විතරයි . හරිහමං දඩයමක් හොයාගත්ත එකෙක්ට රුපියල් තුන් හාරදාහක් නිකම්ම අතට ගතහැකි. තරබාරු හොටබරියෙක්, ගෝන නාම්බෙක්, මුවෙක් අල්ලගන්න එකා එදාට ගේ ඉස්සරහා රතු රෙදි කෑල්ලක් එල්ලා දානවා එතකොට ගමේ කවුරුත් ඌට මුදල් ගෙවලා මස් අරගෙන යනවා .හේන් කුඹුරු වැඩ නැති කාලෙට සල්ලි හම්බු කරන්න කියලා ගමේ එකෙක්ට ඉතිරි වෙන්නේ දඩයම විතරයි .
ජගත් දඩයමේ යන්න හුරු පුරුදු වුණේ වයස අවුරුදු දාහතරේදී කියලා තමයි ඌ දවසක් මට කීවේ . ඒ ගැන තවදුරටත් අහගෙන හොයාගෙන යද්දී දඩයමට යේතු වුණ ප්රධාන කාරණේ මට ඌ කියාපෑවා .
මීට බෝම කාලෙකට ඉස්සර ගම වටේ තියන බුද්ධංගල කැලේ මහා විසාල මුව රංචුවක් උන්නා.උන් කැලේ තිබුනු පොඩි පොඩි ගස් වල තියන කොල හැම එකක්ම කාලා දාන්න ගත් නියං කාලෙට ගමේ හේන් වතු පිටි වලට වැදිලා ඒවා පාලු කරන්නත් ගත්තා . . අන්තිමේදී වගකිවයුත්තන්ට සිදුවුණා දඩයමේ යන දඩයක්කාරයන්ට ගෙවල් වලට ගිහින් මුව දඩයමේ යන ලෙසට උපදෙස් දෙන්න . ඔන්න ඔයි සන්දියේ තමා අප්පුච්චගේ ගිනිකඳයා අතට ගත්ත ජගත් ජීවිතේ පලවෙනි වතාවට තනියම දඩයමේ ගියේ . ජගත් අයියා කියන විදිහට නම් ඒ වෙනකොට ඌ තුවක්කුව තරමටවත් උස නැහැල්ලු ..
“ඔයි ගිනිකූරු වල තව බේත් ඉතිරියි බං ..! සෝමාරි කම නැතුං හරියට හූරහංකෝ .”
ජගත් අයියාගේ තරවටුවෙන් මම ආයෙමත් වැඩේට බැස්සා . මාපට ඇඟිල්ලෙන් සහ දබරැඟිල්ලෙන් පොඩිකරලා ගිනිකූරු පෙට්ටි හතරක වෙඩිබේත් එක්කාසු කරන්න මට විනාඩි පාලොහක් විතර යන්නැති . මම එකතුකරන වෙඩිබේත් බොහෝම හීනියට පොඩි කරපු ජගත් බූරු ඇඳ මත්තේ හරහට තියාගත්ත ලෑල්ලක් උඩ තියාන පතුරම පුරුවන්න පටන්ගත්තා . ගම්මිරිස් කුඩු වගේ වෙඩිබේත් කුඩු පතුරමට පුරවමින් රෙදි කෑල්ලක් ඒ අතරට තියලා තෙරපන ගමන් කූරකින් හෙමිහිට තලමින් ජගත් පතුරමක් පිරෙවුවා . පොඩි එකෙක් වගේ මමත් ආසාවෙන් ඒ දිහා බලාන හිටියා .
එක පතුරමක් පුරෝලා අහවර කරපු ජගත් ඊලඟ පතුරමත් පුරවන්න පටන්ගත්තා . බූරු ඇඳ මත්තේ එරමිණියා ගොතාන වාඩිවෙලා උන්න මම පොඩියකට එතනින් නැගිටලා බිමට බැස්සේ අතේ ගෑවිලා තිබුනු වෙඩි බේත් හෝදගන්න හිතාගෙනයි .
ජගත්ගේ ගේ පිටිපස්සේ තියන ලිඳ ගාවට ගියපු මම වතුර බාලිදියක් ඇදලා අරං සබන් ගාපු අත බාල්දියේ ඔබලාම හෝදගත්තේ වටේ පිටේ කවුරුහරි දකීවිදෝ කියලා හොරැහින් බලන අතරේදියි . අත හෝදාගෙන ඇඳන් උන්න කමීසෙම පිහදාගත්ත මම ආයෙමත් ජගත් අයියා ඉඳගෙන උන් බූරු ඇඳ ගාවට කිට්ටු වුණා .
මම ජගත් අයියාව පේන මානෙට ආ හැටියෙම ඩෝං ගාගෙන මහා පිපිරුම් හඬක් ඇවිදින් මාව කැරකිලා ගියා කණ ගාවින්ම ඇහිච්ච ඒ පිපිරුම් හඬ නිසා තත්පර කීපයක් යනකම්ම මගේ කණ් දෙක අගුල් වැටුණා . අන්දුන් කුන්දුන් වෙලා උන්නු මම ආයෙමත් හොඳ සිහිය ආපුගමන් හනිකට දුවලා ගියේ ජගත් අයියා උන්න දැහෑවට . මම හිතන්නේ මම පියවි සිහියට එන්න අඩුම ගානේ විනාඩියක්වත් යන්න ඇති
බූරු ඇඳ උඩ උන්න ජගත් අයියා බූරු ඇඳෙන් බිමට බැහැලා හිටගෙන ගල් ගැහිලා බලාන හිටියා . උගෙ කකුල් දෙක පුරාම තිබුන සත විසිපහේ කාසියක ප්රමානයට පුංචි පුචි තුවාළ කැලැල් පනහකින් හැටකින් විතර එක දිගට ලේ ගලනවා . බූරු ඇඳේ ගෝනිය තැනින් තැන පිච්චිලා .
“ජගත් අයියේ !”!
මම කෑගහමින් ජගත් ලඟට කිට්ටු වෙලා වැටෙන්න ඔන්න මෙන්න වගේ වැනෙමින් උන්න ඒකව වත්තං කරගෙන බිම ඉන්ඳුවා . !
“ජගත් ජගත් කතා කරහං කොල්ලෝ !!”
මම උගේ කම්මුලට තට්ටු කරමින් කීප විටක්ම ඌව කතාකරවන්න හැදුවත් ඌ නෙවේ කටක් හෙල්ලුවේ ඒ විතරක් නෙවේ ඌ ඇස් පිය ගැහුවේවත් නෑ . බලගත්ත අතේ බලාගෙන ගල් පිළිමයක් වගේ උන්නා .
“සුමති මාමා . කරුණාපාල මාමෝ !! කවුරුත් නැද්දෝ !!!”
මම අහල පහල ගෙවල් වලට ඇහෙන්න මහ හයියෙන් කෑගැහුවා . ජගත්ගේ තුවාල වලින් එක දිගට ගලා යන ලේ දැක්කාම මට මොහොතකට හිතුනා ජගත් මැරේවි කියලා .
“ඇයි ඇයි මොකද මොකද ?”
කඩුල්ලෙන් ඇතුලු වුනු කීප දෙනෙක් හනි හනිකට වත්තට පැනලා මමයි ජගත් අයියයි වටේ වට වුණා .
“ජගත් පුතේ ජගත් පුතේ උඹට මොනැයි වුණේ මයෙ දෙයියා ?.” ඒ ආපු සෙනග අතරේ උන්න ජගත් අයියාගේ තාත්තා අඬන්න තියාගත්තා .
“බලාගෙන ඉඳලා හරියනවෑ තිලක් ගේ ආටා එක කතාකරගෙන මේකව ඩිස්පෙන්සරියට ගෙනියමු ..”
මොහොතකින් වත්තට පිඹගෙන ආපු තුන්සක් රියට පටවලා ජගත්ව ඩිස්පෙන්සරියට ගෙනියද්දී ඒ තුන්සක් රියේ රියදුරු අසුන ගාව පුංචි ඉඩේ වාඩිගත්ත මමත් උන් එක්ක ඩිස්පෙන්සරියට ගියා . අපි යන අතරතුරේදිත් ජගත් කතාබහ කලේ නෑ . ඇස් දෙක ඇරගෙන බලාගත්ත අතේ බලාන ඉන්නවා .පිපිරුම් හඬ ඇහිච්චි මගේ කණ් දෙකෙනුත් හෝ හෝ ගාලා හඬක් නැගෙනවා .
ඩිස්පෙන්සරියේ තිබුනු ගිලන් ඇඳ මත්තේ ජගත්ව හාන්සි කරවුවාට පස්සේ ජගත් යන්තම් කට ඇරලා වචනයක් කීවා .
“පතුරම කොටාපු කූර කැප් එකට හි .. හි ට්ටා”
ජගත් වෙවුලමින් කියද්දී තමයි වෙච්ච දේ කාට කාටත් තේරුම් ගියේ . වෙඩිබේත් පතුරමට දාලා කොටමින් ඉන්න අතරේ ඒ කොටන කූර තදින් වැදීම නිසා පතුරම පුපුරලා ගිහින් . ! අත හෝදාගන්න අහකට නොගියා නම් අද මටත් ඉන්න වෙන්නේ ජගත් උන්න මේ ඇඳේ අහලකින් නේද ? මට එහෙම හිතුනා .
ඩිස්පෙන්සරියෙන් රෝහලට මාරු කරලා යවාපු ජගත් . දවස් තුනකට පස්සේ සනීප වෙලා ගෙදර ආවා. ඉතින් මමත් විජහට මගේ මිත්රයාගේ සැප දුක් බලන්න ගියේ හෝර්ලික්ස් පිටි පැකට් එකකුත් අරගෙනයි . මම නිසා මේ හැම දෙයක්ම සිද්ද වෙච්ච බව මට හොඳටම තේරුණා එදා මගේ කටින් අර වචනේ පිට වුණේ නැතිනම් මේ කිසිම දෙයක් නෑ නේ ! මට අනේක වාරයක් එහෙම හිතෙන්න ඇති . සමහරවිට ජගත් මගෙත් එක්ක අමනාපෙන් ඇති . උගේ ගේ ගාවට කිට්ටු වෙද්දී මට එහෙමත් හිතුනා
මම ජගත්ගේ කඩුල්ල ලඟටම යද්දී ගමේ තවත් එවුන් කීප දෙනෙක් එක්ක එලියේ කදේ දාගෙන උන්න ජගත් අයියා මාව දැකලා නැගිට්ටා .. !
“අම්මෝ සඳරුවා ! මොනා බං මට ගෙනාවේ . අඩ්ඩඩ්ඩා මෝටමිල්ක් ගෙනල්ලා ! ඔවුවා බිවුවම බඩ වේලනවාලු නේ බං ? කමන්නෑ..! එක්කෝ මම මේක අමුවෙන් කන්නද ?”
උගේ හිතේ කහටක් නෑ . ඌට වෙච්ච දේ ගැන ඒ හැටි ගාණකුත් නෑ . පතුරම පුපුරන්න කලියෙන් ගමේ උන්න ඒ ආතල් කොල්ලම තමා .
“මං නං හිතුවේ උඹ ඉවරයි කියලා ජගත් අයියේ . !”
මොහොතක් සද්ද නැතුං උන්න මම කතාව පටන්ගත්තේ ඒ විදිහට.
“මටනම් හිතාගන්නවත් බැරි වුණා බං . මම හෙමීට කොට කොටා ඉද්දී මගේ අත පොඩ්ඩක් තද වෙලා ගිහින් කොටන කූර කැප් එකටම හිට්ටා කියාපංකෝ !”
“නෑ !”
“නැත්තෙ ? මේං බලාපං මයෙ වමත !”
ජගත් උගේ වම් අත මට පෑවා ! එතකොටයි මම දැක්කේ උගෙ වම් අතත් තරමක් දුරට තුවාළ වෙලා තිබුනු හැටි මට ඒ අතේ තුවාළය හරි හැටි දැකගන්න බැරි වුණේ කිරිපාට වෙලුම් පටි වලින් උගේ අත හොඳ හැටි වෙලලා තිබුණ හන්දයි .
“ඔයිං ගියා මදෑ බං මයෙ මේ කට හන්දා තමා මේ සේරම . !”
“උඹෙ කට හන්දා නෙවේ මලයා මේකට හේරෝම වැරද්ද මේ මයෙ . උඹ බේරිච්ච එකට මම දෙයියන්ට පින් දුන්නා බං . .. !”
“උඹගේ වැරැද්ද කොහේ බං මම නේ දඩයමක් ගැන මතක් කරලා උඹව උසි ගැන්නුවේ ?”
“මලයා උඹ ලිඳ පැත්තට ගියායින් පස්සේ මගෙ අතින් එක වංඟියක් කොටන කූර වීසික්කා වුණා . මම ඒක ආයි ඇහිඳගනිද්දිම හූනෙක් චික් , චික් ගෑවා බං . ඒත් මම ගොබ්බයා වගේ ඒක මායිං නොකර ආයෙත් කොටන්න ගත්තා බං . ! ඔන්න ඕකයි මට වැරදුනේ”
“උඹට ඒම හිතෙනවද ජගත්තයියා ?”
“නැතුං ඉතිං ආයේ මම පතුරං පුරුවන්නේ පුරුදු වෙන්ඩැයි යකෝ තෝ දැනගිය ! මම මේ පතුරං පුරුවන්නේ මම තුවක්කුවටවත් උස නැති කාලේ පටන් .”
ජගත්ගේ කතාව ඇහැවුවායිං පස්සේ මගේ හිතේ තිබ්බ ලොකූ බරක් නිදහස් වෙලා ගියා . හූනු සාස්තරේ හරි හරියටම හරි මගේ හිතේ හැඟිලා තිබුනු මොකද්දෝ හැඟීමක් ආයෙමත් වංඟියක් අලුත් වෙලා කෑමොර දෙන්න ගත්තා . මම මහා ජඩ වැඩක් කලාය කියන හැඟීම මගේ හිතෙන් අහක් වෙලා හූනු සාස්තරේ ගැන හිතේ තිබුන පිළිගැනීම ආයෙත් වංඟියක අලුත් වෙද්දී මම ගෙවල් පැත්තට ගෑටුවේ මේ කතාව ලියා දාන්න හිතාගෙන .
දවස් ගානක් තිස්සේ මගෙ වම් කණෙන් ඇහෙන කීං හඬත් හීන් වේදනාවත් තවම එහෙම්මයි . ටවුමේ මහ ඉස්පිරිතාලේ වම් කණ පිළිබඳ විශේෂඥ දොස්තර මහත්තයා හමුවෙලා මේ වෙච්චි කතාව සේරෝම කියාපාල මම බේත් ටිකකුත් අරගත්තා . සතියක් දෙකක් යනකම් දියේ ගිලිලා නාන්න හෙම එපා කියලා තමා දොස්තර මහත්තයා මට කීවේ . මේ දවස් ටිකේ පොඩ්ඩක් ලියන්න අතපසු වුණේ ඒකයි .
ප/ලි : ඔබා මාමා ගෙන් කමෙන්ට් එකක් ආයේ කවදාවත් නෑ නේදෝ කියලා හිතෙනකොට හිත හීනිවට අඬනවා ..!
ලියනු ලැබුවේ හිස් අහස at 9:51:00 am 107 comments
Labels: ඇසුවෙමි දුටුවෙමි, ගමේ ඩයල්
Subscribe to: Posts (Atom) | hplt_2 |
ඔබගේ ආදරණීය සිංහලෙන් ෆොස් වෙතින් මෙවර ඔබ වෙත ප්රවෘත්ති ලෙස ගෙන එන්නේ.. උබුන්ටු ගෙන එන Canonical සමාගමේ Launch Pad නම් මෘදුකාංග ව්යාපෘති කළමනාකරණ වැඩසටහන නිදහස් විවෘත මෘදුකාංගයක් බවට පත් කිරීම, Microsoft සමාගම Linux වෙත kernel drivers දායක කිරීම (පුදුමයි ඒත් ඇත්තයි), ලයිනස් ටෝර්වාල්ඩස් (කවුද ඒ? ) ගේ Microsoft සම්බන්ධ ප්රකාශය, OSCon සමුළුවේදී පිරිනැමුණු Google-O’reilly Open Source සම්මාන, Microsoft ගෙන එන තවත් *නිදහස්* මෘදුකාංගයක් සහ Miro නව නිකිතුව පිළිබඳ පමණි.
මෙවර විශේෂාංග ලෙස Android Live විචාරණය, Bleachbit මෘදුකාංගය සහ Linux Mint විචාරණය ගෙන එන්නේ විශේෂාංග වලට වැඩි ඉඩක් ලබා දෙමින්.
Standard Podcast: Play Now
| Play in Popup
| Download
Other Media: Download
(ogg version is much smaller)
Part 1
Part 2
යොමු සටහන් [Show Notes]
විශේෂාංග [Features]
පමා වී ආ සිංහලෙන් ෆොස් 28 වන වැඩසටහනින් ඔබ වෙත…
Google Chrome OS කතා බහ, VLC 1.0 වන නිකුතුව පිළිබඳ තොරතුරු, Linux Kernel සඳහා දායකත්වය දක්වන්නන්, kernel 2.6.30 සිදුර :-O , Mono සඳහා Microsoft community promise එක, නිදහස් මාවතට පවිසුණු තවත රටක් සහ ආයතනයක්, Firefox සඳහා multi process පිරික්සුම් පහසුව ඇතුළු තවත් බොහොමයක් තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ Firefox සඳහා වන තවත් සන්ධිස්ථානයක් මතක් කරමින්.
(ogg version is much smaller)
Part 1
Part 2
යොමු සටහන් [Show Notes]
Notice
කවදාවත් වෙලාවට එන්නෙ නැති සිංහලෙන් FOSS වෙතින් මෙවර ඔබ වෙත, ලිනක්ස් – මයික්රොසොෆ්ට් ට්විටර් ආලය, උබුන්ටු මයික්රොසොෆ්ට් නිපැයුමක් වූ හැටි, ෆයර්ෆොක්ස් 3.5 එළිදැක්ම, මොනෝ උණුසුම් බහ, The Pirate Bay විකුණා දැමීම ඇතුළු තවත් බොහෝ ප්රවෘත්ති ඔබ වෙත ගෙන එන්නෙමු. මෙවර ඔබ වෙත පුංචි ඔත්තුවක් ගෙන එන්නේ මනරම් සුමුදු අකුරු මුහුණත් (Fonts) ඔබේ ග්නූ/ලිනක්ස් පද්ධතියට ගෙන ඒම පිළිබඳවයි.
මෙවර වැඩසටහන තුළින් ඔබ වෙත තවත් සුවිශෙෂ ශ්රී ලාංකික මෙහෙවරක් වන digit.lk සඟරාව ඔබ වෙත හඳුන්වා දෙන්නේ Bud විසින් ලියන ලද Media Tomb ලිපිය පිළිබඳවද සඳහන් කරමින්.
Standard Podcast: Play Now
| Play in Popup
| Download
Other Media: Download
යොමු සටහන් (Show Notes)
විශේෂාංග (Features)
මෙවර සිංහලෙන් FOSS වෙතින් ඔබට Linux 2.6.30 kernel එක නිකුත්වීම සහ NILFS වැනි සුචිශේෂ ලක්ෂන ගැනත්, නවතම USB 3.0 සම්මතය මුල්වරට OS එකකට පැමිණි අවස්ථාවක් ගැනත්, මෑතකදී නිකුත් වුනු Fedora 11 සහ OpenSolaris 2009.6 ගැනත්, Ubuntu 10.4 වෙද්දි ත. 10.4 කින් boot වීමට තැත්කරන පුවතක් ගැනත්, දේශපාලන කරලියෙන් Obama (ඔබ මා) සහ Arnold Schwarzenegger (ආනොල්ඩ් සුමනසිරි) FOSS වෙත අවධානය යොමු කිරීම ගැන ද, Open Source කාර් එකක්, JolyCloud නැමති ජොලි OS වැඩක් ඇතුළු තවත් බොහෝ නව ප්රවෘත්ති ඔබ වෙත ගෙන එන්නෙමු.
Standard Podcast [54:41m]: Play Now
| Play in Popup
| Download
Other Media [54:41m]: Download
(Ogg version is much smaller)
Part 1
Part 2
යොමු සටහන් (Show Notes) | hplt_2 |
ශ්රී ලංකාවේ සර්පයෝ
සර්පයින් වසර සියයකටත් පෙර සිට මිහිතලයේ වෙසෙන ජීවී විශේෂයකි.ලොව පුරා විවිධ වර්ගයේ සර්ප විශේෂ රැසකට අයත් සාමාජිකයෝ විශාල ප්රමාණයක් ජීවත් වෙති.ශ්රී ලංකාවේ වෙසෙන සර්ප විශේෂ ගණන අනෙකුත් ආසියානු රටවලට වඩා විශාලය.සර්පයින්ගේ ශරීරය හිස් කබල, කොඳු ඇට පෙළ හා ඉල ඇට වලින් නිර්මාණය වී ඇති අතර වියළි කොරපොතු වලින් වැසී පවතී.බාහිරව ශ්රවණේන්ද්රියක් පිහිටා නොමැති නිසා වාතය හරහා එන ශබ්ද තරංග ග්රහණය කර ගැනීම දුර්වලය.නමුත් ගමන් කරන පෘෂ්ඨය හරහා එන ශබ්ද ග්රහණය කර ගැනීමට සමත්ය.මොවුන්ගේ දිව ඉතා සංවේදී අවයවයකි.අවට වාතයේ ස්වභාවය අවබෝධ කර ගන්නේ උඩු ඇන්දේ නාස් පුඩු හා ඇස් අතර පිහිටි සිදුරක් සහිත ඉන්ද්රියක් ආධාරයෙනි.ඇසි පිය වෙනුවට විනිවිද පෙනෙන කොරපොත්තක් පිහිටා තිබේ.චලතාපී සත්ව විශේෂයකි.
- සම්භවය : මීසොසොයික යුගය ක්රිටේසීය අවධිය
- රාජධානිය (kingdom) : Animalia
- වංශය (phylum): Chordata
- වර්ගය (class): Reptilia
- ගෝත්රය (order): Serpentes
පටුන
- 1 සර්පයින්ගේ පොදු ලක්ෂණ
- 2 දළ
- 3 විෂ දළ වර්ග
- 4 විෂ
- 5 ලංකාවේ සර්පයෝ
- 6 ප්රථමාධාර ලබා දීම
- 7 පින්තූර ගැලරිය
- 8 මූලාශ්ර
- 9 අඩවියෙන් පිටත පිටු
සර්පයින්ගේ පොදු ලක්ෂණ[සංස්කරණය]
- ශරීරයේ එක් කෙළවරක පැතලි වූ හිසක් දැරීම
- කශේරුවක් සහ කපාලයක් සහිත අස්ථි සැකිල්ලක් දැරීම
- සිරුර මතුපිට අපිචර්මීය කොරළ වලින් වැසී තිබීම
- පෘෂ්ඨයට සමීපව ශරීරය තබාගෙන ගමන් කිරීම
- ග්රන්ථි රහිත වියළි සමක් දැරීම
- සංවෘත රුධිර සංසරණයක් හා සම්පූර්ණ ද්විත්ව සංසරණයක් පැවතීම
- කුටීර තුනකින් යුත් හෘදයක් පැවතීම
- ඇස, දිව, නාසය සහ සම යන සංවේදී ඉන්ද්රියයන් පැවතීම
- බාහිර කන් සිදුරු නොමැති නිසා ශබ්ද නොඇසීම
- පංචාංගුලික ගාත්රා පැවතීම
- අභ්යන්තර සංසේචනයක් තිබීම
- කලල පටල විකසනය වීම
- කවච වලින් වටවූ බිත්තර දැමීමෙන් සහ පැටවුන් බිහි කිරීමෙන් වර්ලයා බෝ කිරීම
- චලතාපී සතුන් වීම
- බහිස්රාවී ඵලය යුරික් අම්ලය වීම.එය ඝන ස්වරූපයෙන් මළද්රව්ය සමඟ පිටවීම නිසා මුත්රා ලෙස ජල හානියක් සිදු නොවීම
- හිස් කබලේ අපර කපාල සන්ධාන අග්ර එකක් පිහිටයි.කපාල ස්නායු යුගල් 12ක් පිහිටයි
- පෙනහළු තිබීම
- බහිස්රාවයට වෘක්ක දැරීම
දළ[සංස්කරණය]
සර්පයින්ගේ දත් මුඛය තුළට වක්ර වී පිහිටයි.ගොදුරු රඳවා ගැනීමටත්, ගොදුර ටිකෙන් ටික ගිලීමටත් උඩ හා යටි හනුවේ පිහිටි දත් උපයෝගී වේ.සර්පයින්ගේ විෂ අනුව ඔවුන්ට පිහිටන විෂ දළ ද වෙනස් වේ.
විෂ දළ වර්ග[සංස්කරණය]
- Ophisthoglyphous
මාපිලුන්, ඇහැටුල්ලන් වැනි සුළු විෂ සහිත සර්පයන්ට මෙම දළ පිහිටයි.මුඛයේ මඳක් කෙළවරට වන්නට මෙම දළ පිහිටීමත්, දළයන්හි වූ පීල්ලෙහි ගැඹුර අඩු නිසාත් කාර්යක්ෂම ලෙස මොවුන්ට විෂ ඇතුළු කළ නොහැක.
- Proteroglyphous
උග්ර විෂැති කරවලුන්ට සහ නාගයන්ට මෙම දළ පිහිටයි.මුඛයේ ඉදිරි කෙළවරට වන්නට පිහිටා ඇති මෙම දළ තුළ ඇති පීල්ල ගැඹුරුය.ඒ නිසා දෂ්ඨනයේදී සාර්ථක ලෙස විෂ ශරීරගත වේ.
- Solenoglyphous
තිත් පොළඟා, වැලි පොළඟා වැනි සර්පයන්ට මෙම සිහින් නාලයක් වැනි විෂ දළ පිහිටයි.විෂ ග්රන්ථියේ සිට දිවෙන මෙම නාලය දළය කෙළවරින් විවෘතව දක්වයි.ඒ නිසා මෙය ඉතා කාර්යක්ෂමව විෂ ඇතුළු කරන දියුණුම දළ වර්ගයකි.
විෂ[සංස්කරණය]
සර්පයන් විසින් ගොදුරු අල්ලා ගැනීමට හා ගොදුරු කරගත් ආහාරය දිරවීමට මෙන්ම ආරක්ෂාවට ද විෂ උපයෝගී කර ගනී.සර්ප විෂ බහුලව ප්රෝටීන් අඩංගු ජලීය මිශ්රණයකි.කහ හෝ දුඹුරු වර්ණයන්ගෙන් යුක්ත වේ.ජලයට වඩා ඝනකමින් වැඩිය.ඛේට ග්රන්ථීන් විශේෂණය වීමෙන් විෂ ග්රන්ථි නිර්මාණය වී ඇත.සර්ප විෂෙහි අඩංගු එන්සයිම ප්රභේද 30ක් පමණ වේ.මේ අතර ප්රධාන වන එන්සයිම තුනක් වේ.
- හයලුරොනිඩේස් (සර්ප විෂ ශරීරය පුරා පතුරුවයි.සෛල එකට බැඳ තබන හයලුරොනික් අම්ලය විනාශ කරයි.පටක ලිහිල් වේ.)
- ෆොස්ෆොලිපේස් (විෂ ගමන් ගන්නා මගදී හමුවන දේහ සෛල වල සෛල පටක විනාශ කරයි.)
- ප්රෝටිනේසස් (දෂ්ටනය අවට පටක කුණු වීමත් රුධිර කේශ නාලිකා බිඳ දමමින් ලේ ගැලීමත් සිදු කරයි.)
ලංකාවේ සර්පයෝ[සංස්කරණය]
ශ්රී ලංකාව තුළ සර්ප විශේෂ 94ක් පමණ දැක ගත හැකි වේ.ඔවුන් කුල 8කට සහ ගණ 49කට අයත් වේ.ඔවුන් ජීවත් වන පරිසරය අනුව රුක් වාසීන්, පාංශු වාසීන්,භෞමික හා ජලජ වශයෙන් වර්ග කෙරේ.ලංකාවේ වෙසෙන සර්ප විශේෂ 94න් විශේෂ 35ක් විෂ සහිත වන අතර ඉන් විශ්ෂ 20ක් මාරාන්තික විෂ සහිත වේ.එයින් විශ්ෂ 13ක් මුහුදු සර්පයන් වේ.විශේෂ 59ක් විෂ රහිත සර්පයන් වේ.සර්ප දෂ්ටනය නිසා ලෝකයේ වාර්ෂිකව සිදු වන මරණ සංඛ්යාව 4000ක් පමණ වේ.ලංකාවේ එම සංඛ්යාව 800-1000ක් පමණ වේ.මින් 97%ක් පමණම නාගයා, තිත් පොළඟා, තෙල් කරවලා, මුදු කරවලා සහ වැලි පොළඟා යන සර්පයන් නිසා සිදු වන මරණ වේ.
ලංකාවේ මාරාන්තික විෂ සහිත සර්පයෝ[සංස්කරණය]
- තෙල් කරවලා / මග මරුවා Indian krait blue krait (Bungarus caeruleus)
ලංකාවේ ගොඩබිම වාසය කරන උග්රම විෂ සහිත සර්පයා ලෙස හැඳින්වේ.දේහයේ පෘෂඨිය පැත්ත කළු මිශ්ර දුඹුරු පැහැයක් ගනී.හොඳින් දිලිසෙන සුළුය.දිග අඩි 3-31/2ක් පමණ වේ.රාත්රී කාලයේදී ක්රියාශීලී සර්පයෙකි.මිනිස් වාසස්ථාන අසල, දිරාපත් වූ කොළ රොඩු අතර, ලී, ගල්, වියළි තණකොළ අතර වැඩි වශයෙන් දක්නට ලැබේ.කලබලයට හෝ බියට පත් වූ විට ගුලි ගැසී ඒ තුළ හිස සඟවා ගැනීමට උත්සාහ ගනී.ශ්රී ලංකාවේ වියළි හා ශුෂ්ක කලාප වල බහුලව දක්නට ලැබේ.මෙම සර්පයාගේ විෂ ග්රන්ථි තුළ මිනිස් ස්නායු පද්ධතිය විනාශ කිරීමේ හැකියාවක් ඇති 'ස්නායු විෂ' නිපදවේ.ගැහැණු සතෙකු වරකට බිත්තර 6-8ක් පමණ දමයි.
- නාගයා Cobra (Naja Naja)
පෙණය කිරීමේ සුවිශේෂී හැකියාව ඇත.පෙණය පිටුපස දක්නට ලැබෙන 'ප' හැඩය හඳුනා ගැනීමේ ලක්ෂණයකි.දිවා කාලයේ ඉතා ක්රියාශීලී ලෙස හැසිරේ.දිග අඩි 6-8ත් පමණ වේ.දිවයිනේ මධ්යම කඳුකරයේ උස් කඳු මුදුන් වල හැරුණු විට අන් සෑම ප්රදේශයකම ව්යාප්ත වී සිටී.මිනිස් ස්නායු පද්ධතියේ ක්රියාකාරීත්වය නතර කිරීමට තරම් විෂ සහිත සර්පයෙකි.දෂ්ටනයෙන් පැය 36ක් පමණ ඇතුළත රෝගියා මරණයට පත් වේ.ගැහැණු සතෙකු වරකට බිත්තර 20-30ක් පමණ දමයි.
- වැලි පොළඟා Saw-scaled Viper (Echis carinatus carinatus)
ත්රිකෝණාකාර හිසක් සහිතය.දිග අඩි 1-11/2ක් පමණ වේ.වියළි කලාපයේ වෙරළබඩ තීරයේදී ප්රධාන වශයෙන්ම හමු වේ.රාත්රී කාලයේදී ඉතා ක්රියාශීලී වන අතර දිවා කාලයේදී කොළ රොඩු අතර, පඳුරු .තුළ හෝ බුරුල් වැලි පසේ සැඟවී සිටී.වරකට පැටවුන් 3-6ක් පමණ බිහි කරයි.ලෝකයේ සර්ප විෂ ශරීරගත වීමෙන් සිදු වන මරණ වලින් විශාල ප්රමාණයක් සිදු වන්නේ වැලි පොළඟා දෂ්ඨ කිරීම නිසාය.
- තිත් පොළඟා Russell's Viper (Daboia russelli)
දිග අඩි 4-5ක් පමණ වේ.ලංකාවේ උස් කඳුකර ප්රදේශ හැර අනෙක් සෑම ප්රදේශයකම දක්නට ලැබේ.බහුල වශයෙන් රාත්රියේදී ක්රියාශීලී වන අතර ඇතැම් විට දිවා කාලයේදීද දක්නට ලැබේ.තිත් පොළඟාගේ විෂ ශරීරගත වීමෙන් මිනිස් රුධිර සංසරණ පද්ධතිය විනාශ වීමත්, සෛල විනාශ වීමත්, ක්රමයෙන් හෘදයේ ක්රියාකාරීත්වය නතර වීමත් සිදු විය හැක.ලංකාවේ වාර්ෂිකව සර්ප දෂ්ඨ කිරීම් නිසා සිදු වන මරණ වලින් වැඩි සංඛ්යාවක් සිදු වන්නේ මොහුගෙනි.වරකට පැටවුන් 22-40 අතර සංඛ්යාවක් බිහි කරයි.
- පොළොන් තෙලිස්සා / කුණ කටුවා Merrem's hump-nosed Viper (Hypnale hypnale)
බොහෝ වර්ණ වෙනස්කම් සහිත සාමාජිකයන් දැකිය හැකි වේ.දිග අඩි 1-11/5ක් පමණ වේ.ලංකාවේ සෑම පළාතකම දක්නට ලැබේ.රාත්රියට ක්රියාශීලී වන අතර දිවා කාලයේදී කුණු ගොඩවල්, ගල් ආදිය යට සැඳවී සිටී.ලංකාවේ සර්ප දෂඨන නිසා සිදු වන මරණ වලින් 2%ක්ම සිදු වන්නේ පොළොන් තෙලිස්සා දෂ්ඨ කිරීමෙනි.වරකට පැටවුන් 3-15 අතර සංඛ්යාවක් බිහි කරයි.
- මුදු කරවැලා Ceylon krait (Bungarus ceylonicus)
ලංකාවට ආවේණික සර්පයෙකි.තෙත් කලාපයේ සුලභව ව්යාප්ත වී සිටී.සිරුර තද දම්, කළු පැහැති වන අතර හරස් අතට පළල් තනි, සුදු පැහැති (මුදු වැනි) ඉරි දක්නට ලැබේ.දිග අඩි 3ක් පමණ වේ.මුදු කරවලා දෂ්ඨ කිරීම නිසා මිනිස් ශ්වසන පද්ධතියේ ක්රියාකාරීත්වය අඩපණ වීමෙන් මරණයට පත් වේ.වරකට 25mm ප්රමාණයේ බිත්තර 5ක් පමණ දමයි.
- දෙපත් කළුවා Sri Lanka Coral Snake (Calliphis melanurus sinhaleus)
ශරීරය වැලි පැහැයට හුරු කහ පැහැයක් ගනී.දිග අඟල් 12ක් පමණ වේ.රාත්රී කාලයේදී ක්රියාශීලී වේ.දිවා කාලයේදී කොළ රොඩු, ලී කොටන්, ගල් හා බුරුල් වැලි පසේ ජීවත් වේ.ප්රධාන වශයෙන්ම වියළි කලාපයේ ව්යාප්ත වී සිටී.නමුත් තෙත් කලාපයේ මාතලේ හා බලංගොඩ ප්රදේශ වලදීද දැක ගත හැකිය.උග්ර විෂ සහිත සර්පයෙක් වන නමුත් ප්රමාණයෙන් ඉතා කුඩා නිසා මිනිසුන්ට දෂඨ කළ නොහැක. ප්රධාන වශයෙන් කුඩා සර්පයින් ආහාරයට ගනී.බිත්තර මගින් බෝ වීම සිදු වේ.
මාරාන්තික විෂ සහිත සර්පයන් බහුලව ව්යාප්ත වී සිටින කලාප[සංස්කරණය]
මද සහ සුළු විෂ සර්පයෝ[සංස්කරණය]
- නාග මාපිලා Boiga forsteni
- නිදි මාපිලා Boiga ceylonesis
- පලා පොළඟා Trimeresurus trigonocephalus
- ඇහැටුල්ලා Ahaetulloa nasutus
- නිහලුවා Balanophis ceylonesis
- දඟර දන්ඩා Chrysopelea taprobanica
- රූන් මාපිලා Boiga trigonatus trigonatus
- මල් සරා Chrysopelea ornata sinhaleya
විෂ නැති සර්පයෝ[සංස්කරණය]
- පුල්ලි දත් කැටියා Oligodon sublineatus
- ආහර කුක්කා Amphiesma stolata
- කොට / වැලි පිඹුරා Enx conica brevis
- කට කළුවා Elaphe helena helena
- කුරුන් කරවලා Haplocerecus ceylonesis
- දිය වර්ණ Atretium schistosum
- දෙපත් නයා Chlindrophis maculata
- පිඹුරා Python molurus molurus
- ගැට රදනකයා Dryocalamus nympha
- කබර රදනකයා Lycodon striatus sinhaleyus
- ගැරඬියා Coluber nucosus maximus
- දෙපත් තුඩුල්ලා Rhinophis trevelyana
- වයිරි දත් කැටියා Oligodon taeniolatus ceylonicus
- මහ බිම් උල්ලා Pseudotyphlops philippinus
- දිය බරියා / දිය නයා Xenochrophis piscotor discator
- රත් දණ්ඩා / ලේ මැඩිල්ලා Aspidura brachyorrhos
- පලා බරියා Macrophisthodon
- අරනි දත් කැටියා Oligodon arnesis
- දිය පොළඟා Xenochrophis asperrimus
- රෙදි නයා / දිය ගොයා Acrochordus granulatus
- දුමුටු කණ උල්ලා Ramphotyphlops braminus
- අළු රදනකයා Lycodon aulicus
- ඩුමන්ඩ්හයිගේ වල්ගා ඇබයා Rhinophis dnanmondhavi wall
- තර හාල් දණ්ඩා Dendrelathis tristis
ප්රථමාධාර ලබා දීම[සංස්කරණය]
විෂ සහිත සර්පයෙකු දෂ්ට කළ විට ප්රථමාධාර ලබා දීම[සංස්කරණය]
- රෝගියා සර්පයාගෙන් ඉවත් කරන්න.
- ඇඳුම් ලිහිල් කරන්න.විෂ සහිත සරපයෙකු දෂ්ට කළ ස්ථානය ඉදිමීමට ලක් විය හැකිය.
- ලේ ගමනාගමනය වේගවත් කරන ක්රියාකාරකම් වලින් විෂ ශරීරය පුරා පැතිරවීම වේගවත් කරන නිසා එවැනි ක්රියාකාරකම් වලින් වළකින්න.
- දෂ්ටනයට ලක් වූ ස්ථානය කැපීමෙන් හෝ මුව තබා විෂ ඉරීමෙන් වළකින්න.
- දෂ්ටනයට ලක් වූ ස්ථානය සබන් සහ ජලයෙන් සෝදන්න.
- තුවාලය තදින් වෙලන්න.
- දෂ්ටනයට ලක්වූ අවයවය සෙලවීමෙන් වැළැක්වීම සඳහා පතුරක් තබා වෙලන්න.භාවිතා නරන පතුරේ කෙළවර හදවතේ මට්ටමට වඩා පහළින් තබන්න.
- රෝගියා සන්සුන්ව සහ ආරක්ෂාකාරීව තබන්න.වෛද්ය ප්රතිකාර ලබා දෙන තෙක් විවේක ගැනීමට සලස්වන්න.රෝගියා සිහිසුන් වී නොමැති නම් දියර වර්ග පානය කිරීමට දෙන්න.
විෂ නැති සර්පයෙකු දෂ්ට කළ විට ප්රථමාධාර ලබා දීම[සංස්කරණය]
විෂ නැති සර්පයෙකු සර්පයෙකු දෂ්ට කළ විට ජීවිත අවදානමක් නොමැති වුවද වේදනාව සහ ආසාදන තත්වයන් ඇති විය හැකිය.මේ නිසා,
- තුවාලය ප්රවේශමෙන් පිරිසිදු කරන්න.පිරිසිදු ජලයෙන් සෝදන්න.
- ප්රතිජීවකයක් ආලේප කරන්න.
- තුවාලය වෙලන්න.ආසාදිත ස්ථානය ආරක්ෂා කිරීමට සහ ආසාදනය වැළැක්වීමට මෙය උපකාරී වේ.
පින්තූර ගැලරිය[සංස්කරණය]
මූලාශ්ර[සංස්කරණය]
- 'විජය' පුවත්පත (2005 සැප්තැම්බර්)
- Most venemous snakes in Sri Lanka
- How to Treat a Snake Bite | hplt_2 |
බුදුන් වහන්සේගේ ශාරීරික ලක්ෂණ
බුදුන්වහන්සේගේ ශරීර ලක්ෂණ යන්නෙන් අදහස් වන්නේ, ගෞතම බුදුරජාණන්වහන්සේගේ භෞතික දේහයෙහි සාමාන්ය පෙනුම සහ ලක්ෂණ වෙති.
සිත් ඇද ගන්නා භෞතික ලක්ෂණයන්ට හිමිකම් කියූ බවට සඳහන්ව ඇති මුණිවරයන් කිහිපදෙනා අතුරින් බුදුරජාණන් වහන්සේ එක් අයෙකි. උපතින් ක්ෂත්රීයෙකු වූ ඔහු ළමා කාලයේ දී අවි පුහුණුව ලබා ගත්තේය. එමෙන්ම ශාක්ය සම්ප්රදායට අනුව විවාහ වීම සඳහා, යුධ භටයකු ලෙස ඔහුගේ යෝග්යතාව ප්රදර්ශනය කිරීමට පරීක්ෂණයන්ගෙන් සමත් වීම අවශ්ය විය. ඔහුට ඉතා ශක්තිමත් සිරුරක් තිබූ අතර එය දුටු එක් රජ කෙනෙක් සිය හමුදාවේ සේනාධිපතිවරයකු ලෙස එකතු වීමට ඔහුට ආරාධනා කළේය. එමෙන්ම ඔහුට “දෙතිස් මහා පුරුෂ ලක්ෂණ” ඇති බව බෞද්ධයන්ගේ විශ්වාසයයි..
පටුන
විවිධ විස්තර[සංස්කරණය]
ත්රිපිටකයේ ඇති විස්තර[සංස්කරණය]
සෝනාදන්ද නම් බමුණා විසින් ඔහු “කඩවසම්, ආකර්ශනීය, ඇසට ප්රිය මනාප, ඉතා අලංකාර පැහැයෙන් යුක්තය. ඔහුට දෙවි කෙනෙකුගේ වැනි වූ රූපයක් සහ මුහුණක් පිහිටා ඇති අතර ඔහු සැබැවින්ම ආකර්ෂණීය වන්නේය” යයි විස්තර කර ඇත. (D,I:115)
වක්කාලි නැමැති පසුව අර්හත් භාවයට පැමිණි ශ්රාවකයෙකු බුදුන් වහන්සේගේ භෞතික රූපකාය පිළිබඳ කෙතරම් සිත කලබලයට පත් කර ගත්තේ ද යත්, බුදුන් වහන්සේ ඔහුට නවතින්න යැයි පවසා බුදුන් වහන්සේ දෙස භෞතික රූපකාය තුළින් ධර්මය තුළින් බලන ලෙස මතක් කර දීමට සිදු විය.
ක්රි.ව. 1වන සියවස පමණ වන තෙක් බුදුන් වහන්සේ මනුෂ්ය ස්වරූපයෙන් නිරූපණය කර නොමැති, නමුත්, සම්පූර්ණ වශයෙන් නිර්වාණය අවබෝධය ලැබූ බුදුවරයෙකුගේ භෞතික ලක්ෂණ බුදුන් වහන්සේ විසින් දීඝ නිකායේ ලක්ඛ සූත්රයේ (D,I:142) දේශනා කර ඇත. මීට අමතරව බුදුන් වහන්සේ විසින් බුද්ධත්වයට පැමිණීමෙන් අනතුරුව ප්රථම වරට උන්වහන්සේගේ රජ කළ විසූ මාළිගායට පැමිණි අවස්ථාවේ දී යශෝධරාව විසින් සිය පුතු රාහුල කුමරුට විස්තර කර ඇති බුදුන් වහන්සේගේ භෞතික ලක්ෂණ, ත්රිපිටක නොවන පාලි ගීතිකාවක් වන නරසීහ ගාථා (“පුරුෂයන් අතර සිංහයා”) හි සඳහන් වේ
හේමවත සූත්රයේ විස්තරය[සංස්කරණය]
හේමවත විසින් සාරතාගිරිට මෙසේ කියයි.
- මුවකුගේ මෙන් සිහින් ගාත්රා ඇති, දිරිය ඇති, කෘශ සිරුරැති, අල්පව ආහාරගන්නා... (එණි ජංඝකිසං ධීරං අප්පාහාරං අලොලුපං...)
- මුනිවරයෙක් ආශාවිරහිතව වනවාසීව සිටී... (මුනිං වනස්මිං ඣායතනං..)
- එන්න ගෞතමව බලන්න.. (එහි පස්සාම ගොතම...)
දෙතිස් මහා පුරුෂ ලක්ෂණ[සංස්කරණය]
බුදුන්වහන්සේ මහා පුරුෂ ලක්ෂණ දෙතිසකින් හෙබි යැයි සාම්ප්රදායික ලෙසින් සැලකෙයි.[1] චක්රවර්තී රජුන් වෙතද මෙම මහා පුරුෂ ලක්ෂණ දෙතිස වෙතැයි සැලකෙයි.[2]
ගූඨ බුද්ධාගමෙහි සම්ප්රදායන්ද ඇතුළු, මහායාන බුද්ධාගමෙහිදී වටහාගෙන තිබුණේ , මහා ලක්ෂණ 32 සහ උප ලක්ෂණ 80, බුදුන්වහන්සේගේ සම්භෝගකාය, හෝ පාරිතෝෂ -දේහය තුල පවතින බවයි. [3] මෙයට ප්රතිවිරුද්ධ වශයෙන්, බුදුන්වහන්සේගේ භෞතික ආකාරය වටහාගෙන ඇත්තේ නිර්මාණකාය, හෙවත් රූපාන්තරණ-දේහය ලෙසිනි.[3]
වෙනත් විස්තර[සංස්කරණය]
“එය ආශ්චර්යයකි, සැබැවින්ම අසිරිමත්ය, ගෞතම බුදුන් වහන්සේගේ පෙනුම කෙතරම් ශාන්ත ද, ඔහුගේ පැහැය කෙතරම් පැහැදිලි සහ කාන්තිමත් ද, එය ශරත් සෘතුවේ රන්වන් මසන්වල පැහැදිලි සහ කාන්තිමත් බව වැනිය, නටුවෙන් ගිලිහී ගිය තල් ගෙඩියක පැහැදිලි සහ කාන්තිමත් බව වැනිය, දක්ෂ රන්කරුවකු විසින් කෝවක දමා තනන ලද, දක්ෂ ලෙස තලන ලද රක්තමය ස්වරණාභරණයක් කහ පැහැති රෙදි කැබැල්ලක් මත තැබූ විට දිලිසෙන, මහත් සේ දීප්තියෙන් බබළන සහ කාන්තිය ගෙන දෙන වැනිය, එසේ ද වුවත් ගෝතම බුදුන් වහන්සේගේ ඉන්ද්රියයන් සන්සුන්ය, ඔහුගේ පැහැය පැහැදිලි සහ කාන්තිමත්ය.” (A,I:181)
බුද්ධ ප්රතිමා[සංස්කරණය]
දළ වශයෙන් ක්රිව දෙවන සියවස වන තුරු, බුදුන්වහන්සේ කලාත්මක ආකාරයෙන් නිරූපණය කෙරුණු විද්යාමාන නිරූපණ දක්නට නොලැබෙන්නේ, පාර්ශවික වශයෙන්, ආදිතම විද්යාමාන යුගයෙහිදී, බෞද්ධ ඇදහිලිත්මක මූර්තිකරණය හා අර්ධොන්තක රූප පිළිබඳව ප්රමුඛත්වය ගත් නිර්මූර්තිවාදය නිසා වන්නට පුළුවන. [4] ආදිතම දේශනාවන් කිහිපයක් විසින් බුදුන්වහන්සේගේ පෙනුම විස්තර කර ඇති අතර, ආදිතම නිරූපණ සඳහා ආකෘති ලෙසින් ඒවා සේවා සපයන්නට ඇතැයි විශ්වාස කෙරෙයි. [5] විශේෂිත වශයෙන්, "මහා පුරුෂ ලක්ෂණ 32", පාලි ත්රිපිටකය පුරාවටම විස්තර කෙරෙන අතර, බුදුන්වහන්සේගේ ආදිතම නිරූපණයන් සඳහා පදනම මෙය විසින් සැපැයුණු බව විශ්වාස කෙරෙයි. [5] මෙම මහා ලක්ෂණ 32 ට අතිරේක වශයෙන් තවත් උප ලක්ෂණ 80 ක් පවතියි (පාලි:අනුබ්යඤ්ජන).
ආශ්රිත[සංස්කරණය]
- ↑ ක්රිෂ්නන්, යුවරාජ්. ද බුද්ධා ඉමේජ්: ඉට්ස් ඔරිජින් ඇන්ඩ් ඩිවලප්මන්ට්. 2009. පි. 125
- ↑ ක්රිෂ්නන්, යුවරාජ්. ද බුද්ධා ඉමේජ්: ඉට්ස් ඔරිජින් ඇන්ඩ් ඩිවලප්මන්ට්. 2009. පි. 125
- ↑ 3.0 3.1 සංඝරක්ෂිත. අ සර්වේ ඔෆ් බුඩිසම්: ඉට්ස් ඩොක්ට්රයින්ස් ඇන්ඩ් මෙතඩ්ස් තෲ දි ඒජර්ස්. 2004. පි. 295
- ↑ ක්රිෂ්නන්, යුවරාජ්. ද බුද්ධා ඉමේජ්: ඉට්ස් ඔරිජින් ඇන්ඩ් ඩිවලප්මන්ට්. 2009. පි. 51
- ↑ 5.0 5.1 ෂෝ, සාරා. බුඩිස්ට් මෙඩිටේෂන්: ඇන් ඇන්තොලොජි ඔෆ් ටෙක්ස්ට්ස් ෆ්රොම් ද පාලි කැනන්. 2006. පි. 114 | hplt_2 |
ගල් විහාරය
වර්තමානයේ බොහෝවිට ගල් විහාරය ලෙස හඳුන්වන උත්තරාරාමය පොළොන්නරුවේ පිහිටාඇති පුරාණ පිලිමගෙයකි. ආලාහන පිරිවෙන් සංකීර්ණයට උතුරු දිශාවෙන් පිහිටා ඇති මෙය අතීතයේ උතුරින් ස්ථාපිත ආරාමය යන අර්ථය සහිත උත්තරාරාමය යන නමින් හඳුන්වා ඇත. එහෙත් විශිෂ්ඨ ශිලා බුදු පිළිම රාශියක් මෙහි පෙනෙන්නට තිබුණු හෙයින් 20වන සියවසේදී උත්තරාරාම පිලිමගෙය ගල් විහාරය යන නමින් මහජනතාව අතර ප්රචලිත වන්නට ඇති බව මහැදුරු ආරිය ලගමුව යන්ගේ අදහසයි. (ලගමුව 1999(142) චූලවංශයට අනුව මෙය මහා පැරකුම්බාවන් විසින් ඉදිකරවූ බවට පැහැදිලිවම සඳහන්ව ඇත.
"එසේම නරේෂ්වර තෙමේ (මහා පරාක්රමබාහු) මහා චෛත්යයට ආසන්න තන්හි පර්වතය බිඳුවා, එහි උත්තරාරාමය කරවූයේ ය. සියලු කර්මයන් දක්වා විද්යාධර ගුහාව ද, වැඩහුනු පිළිම ලෙනක් ද හොත් පිළිම ගුහායෙක් දැයි මෙසේ පිළිම ලෙන් තුනක් දක්ෂ වූ ශිල්පීන් ලවා කරවූයේය" යනුවෙන් දැක්වෙන සඳහන පෙන්වා දිය හැකිය. (ම. ව. 1996(157)
පටුන
ඉතිහාසය[සංස්කරණය]
චූලවංශයේ පමණක් නොව නිකාය සංග්රහය, රාජරත්නාකාරය, පූජාවලිය වැනි පශ්චාත්කාලීන ලිඛිත මූලාශ්රවල ද මෙය අවධාරණය කොට ඇත. නමුත් අඩි 80 ක් දිග හා අඩි 30 ක් පළල වූත් සුවිශාල ශෛලමය පර්වතයක් පදනම් කොට ගෙන නිමවා ඇති පන්සලකි. පොලොන්නරුව යුගයේ මූර්ති කලා ශිල්පීන්ගේ දක්ෂතාව පෙන්වන කැඩපතක් බඳු ගල්විහාරයේ ප්රධාන වශයෙන් විශාල කළුගල් කුලකින් නිර්මිත බුද්ධ ප්රතිමා සතරක් ඇතුළත්ව ඇත. එනම් ප්රස්තුත සිද්ධස්ථානයට පැමිණි විට ප්රථමයෙන් ම ඇස ගැටෙන බුද්ධ ප්රතිමාව, හිටි පිළිමය, පර්වතය කැන සකසන ලද පිළිම ගෙයක් තුළ ඇති කුඩා හිඳි බුදු පිළිමය, විහාර ගෙයක් පදනම් කරගෙන නිම වන්නට ඇතැයි සිතිය හැකි විශාල එළිමහන් හිඳි බුදු පිළිමය යනාදී මේවාය.
මෙම ස්ථානය ක්රි. ව. 1820 ලෙෆ්ටිනන්ට් ෆෝගන් නමැති ඉංග්රීසි ජාතිකයා විසින් මුල්වරට බටහිර ජාතීන්ට හඳුන්වා දෙන ලදී. (වික්රමගමගේ 1998(4) වර්තමානයේ මෙම ප්රතිමා හා ඒ හා සබැඳි බෞද්ධ කලා ලක්ෂණ පිළිබඳව ආචාර්ය ආනන්ද කුමාරස්වාමි, මහැදුරු සෙනරත් පරණවිතාන, ආචාර්ය සී. ඊ. ගොඩකුඹුර, මහැදුරු චන්ද්රන් වික්රමගමගේ, ආචාර්ය ඩී. ටී. දේවින්ද්ර, මහැදුරු ලීලානන්ද ප්රේමතිලක, එච්. සී. බී. බෙල් මහැදුරු ආරියලගමුව, මහැදුරු අනුරාධ සෙනෙවිරත්න, මහැදුරු තිරාණගම රත්නසාර ස්ථවිර, මහැදුරු බෙල්ලන්විල විමලරතන හිමි, බෙන්ජමින් රෝලන්ඩ්, මහැදුරු එච්. ටී. බස්නායක, මැදඋයන්ගොඩ විමලකීර්ති ස්ථවිර, මාලිංග අමරසිංහ, ඇස්. ඒ. වික්රමසිංහ ඇතුළු දෙස් විදෙස් විද්වතුන් රාශියක් විසින් අදහස් දක්වා ඇත.
බුදු පිළිම[සංස්කරණය]
සැතපෙන බුදු පිළිමය[සංස්කරණය]
චතුර්බුද්ධ ප්රතිමාවන්ගෙන් ප්රථමයෙන් ම සැතපෙන බුදු පිළිමය පිළිබඳ විමසීමේදී පුරාණයේ නිපන්න පට්මා යන නමින් හඳුන්වා ඇති මෙය වෙනම පිළිම ගෙයක් තුළ ස්ථාපනය කර තිබූ බව පෙනේ. මෙහි ශීර්ෂයේ සිට ශ්රී පතුල තෙක් අඩි 46 ක් (මීටර් 14 ක්) පමණ දිගය. (අමරසිංහ 1998(75) ආනන්ද කුමාරස්වාමි, ආචාර්ය සෙනරත් දිසානායක වැනි විද්වතුන්ගේ මතය වන්නේ මෙය බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පිළිබිඹු කරන මහා පරිනිර්වාණ මුද්රdව සහිත සැතපෙත පිළිමයක් වන බවයි. එහෙත් මීට විපක්ෂව කරුණු දක්වා ඇති මහැදුරු සෙනරත් පරණවිතාණ, ආචාර්ය චාල්ස් ගොඩකුඹුර, මහැදුරු තිරාණගම රතනසාර හිමි ඇතුළු උගතුන් රැසකගේ මතය වන්නේ මෙය බුදුරදුන්ගේ සිංහ සෙයියාවෙන් සැතපෙන ආකාරයක් ප්රකාශ කරන සයන මුද්රdව සහිත සැතපෙන පිළිමයක් වන බවයි. (රතනසාර 1985(15) විශේෂයෙන් ම කුසිනාරා වැනි සෙසු ආසියාතික රටවල මහා පරිනිර්වාණ ලක්ෂණ සහිත සැතපෙන ප්රතිමාවල අන්තර්ගත ජීවය නිරුද්ධ ලක්ෂණ මෙහි නොමැති බව ඔවුන්ගේ අදහසය. මෙම ප්රතිමාවේ අනෙකුත් කලාංගයන් පිළිබඳව විමසන විට වම් බාහුව සහ වම් පාදය ස්ථුල ලෙස නිරූපණය කර ඇති අතර දකුණු බාහුව සහ දකුණු පාදය කුඩාවට නෙළා ඇත. ශ්රී පතුල්වල පද්ම සංකේතය කැටයම් කර ඇත. (අමරසිංහ 1998(75) එමෙන්ම බුදුරදුන්ගේ හිසේ බරට කොට්ටය එබී ඇති ආකාරයට නිර්මිතය. ඉහත කී සිලින්ඩරාකාර කොට්ටය කෙතරම් තාත්වික ද කිවහොත් එය තම දැසට පුළුන්වලින් පිරවූවක් සේ දිස් වන බව ආචාර්ය ගොඩකුඹුර මහතා පවසා ඇත. (ලගමුව 1999(150) සිවුරේ රැළි ඉහළ සිට පහළට වන්නට සයනයට තෙරපී ගිය ලක්ෂණ පෙන්නුම් කෙරේ. මේ නිසා පිළිමයේ වැතිර සිටින ඉරියව්ව ඉතා මැනවින් තාත්වික ලෙස ඉදිරිපත් කිරීමෙහි ලා පොලොන්නරු මූර්ති ශිල්පියා සාර්ථක වී ඇති බව පැවසීම සාධාරණය.
හිටි පිළිමය[සංස්කරණය]
මීට වම් පසින් ත්රිභංග ඉරියව්වකින් යුත් අඩි 22 යි අඟල් 9 ක් උසැති හිටි පිළිමයකි. විශ්මයකට මෙන් ගල් විහාරය පිළිබඳව චූලංශයෙහි අන්තර්ගත විස්තරවල මෙම ප්රතිමාව ගැන වචනයකුදු සඳහන් කර නැත. එබැවින් මැද උයන්ගොඩ විමලකීර්ති හිමියන්ගේ මතය වන්නේ මෙය පශ්චාත්කාලීන කෘතියක් විය හැකි බවයි. මෙමඟින් පිළිබිඹු වන්නේ බුදුරදුන් හෝ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් විය හැකි බවට විවාදයක් කලක් මෙරට උගතුන් අතර පැවතින. ප්රදේශයේ ප්රචලිතව තිබෙන ඇතැම් ජනකතාවල සඳහන් වන ආකාරයට මෙය ආනන්ද හිමියන්ගේ ප්රතිමාවකි. ආචාර්ය ඩී. ටී. දේවේන්ද්ර, එස්. එම්. බාරෝස්, ඒ. ඩී. ටී. ඊ. පෙරේරා යන විද්වතුන්ගේ මතය වූයේ ද එයයි. (දේවේන්ද්ර 2007(58) නමුත් පරණවිතාන, ප්රේමතිලක, ගොඩකුඹුර, රතනසාර හිමි සහ විමලකීර්ති හිමි ප්රමුඛ විද්වතුන් රැසකගේ නිගමනය වූයේ නිසැකවම මෙය බුදු හිමියන්ගේ ප්රතිමාවක් විය හැකි බවය. විශේෂයෙන් ම මෙහි දෙඅත් පසුවට තබා වැඳ ඇති ආකාරයක් පෙන්නුම් කරන දුර්ලභ මුද්රdවක් අන්තර්ගතය. එය බුදුරදුන් මහා කරුණාවෙන් ලොව දෙස නිරීක්ෂණය කරන ආකාරය සිහිපත් කරවන පරදුක්ඛ දුක්ඛන මුද්රdව බව උගතුන්ගේ අදහසයි. (ලගමුව 1999(149) ක්රි. ව. 1955 දී සෙනරත් පරණවිතානයන් කළ දේශනයකට අනුව පරදුක්ඛ දුක්ඛන මුද්රdව සහිත පිළිම නෙළීම ලංකාවට ආවේණික කලා සම්ප්රදායකි. නිදසුන් ලෙස රුහුණේ යටාල චෛත්ය ආශ්රිතව කළ කැනීමකින් පුරාවිද්යාඥයන්ට උක්ත සම්ප්රදායට අයත් බුදු පිළිමයක් හමුවී ඇත. මීට අමතරව දඹුලු විහාරය, යාපහුව ලෙන් විහාරය යනාදී වෙනත් සිද්ධස්ථාන කීපයකින් ද මෙවැනි ප්රතිමා දක්නට ඇත. එහෙත් මෙය ලක්දිවට පමණක් අනන්ය වූ සම්ප්රදායක් නොවන බව කිව යුතුය. තායිලන්තය (සියම) ලාඔqසය, කාම්බෝජය වැනි අග්නිදිග ආසියාතික බෞද්ධ රටවලින් ද පරදුක්ඛ ප්රතිමා හමුවේ. තමන් අත් බැඳගත් ලෝහ බුදුපිළිම කීපයක් තායි ජාතික කෞතුකාගාරයේදී දුටු බවට රතනසාර හිමියන් ද ප්රකාශ කරයි (රතනසාර 1985(75) ඇස්. ඒ. වික්රමසිංහයන් පවසන්නේ යමක ශාලා මූල ආසය පනවන තෙක් උදරයේ වේදනාවකින් පෙළෙන ආකාරයක් දැක්වෙන බුද්ධ ප්රතිමාවක් කුසිනාරාවේ තිබෙන බවත්, එහි මුහුණෙහි ප්රකාශිත දුක්බර ස්වරූපයට සමාන ස්වරූපයක් ගල් විහාරයේ සෘජු පිළිමයේ දක්නට ලැබෙන බවත්, එබැවින් මෙය පරිනිර්වාණයට පෙර බුදුරදුන් වැටින අවස්ථාවක් නිරූපණය කරන බවයි. තවත් උගතෙකුගේ මතයක් වන්නේ සත් සතිය සමයේ දෙවන දින බුදුරදුන් ශ්රී මහා බෝධියට කළ අනිමිස ලෝචන පූජාව මෙහි ප්රකාශිත බවය. (ලගමුව 1999(149) මෙම නිගමනය කෙරෙහි ප්රස්තුත වන්නට ඇත්තේ විහාර භූමිය ඉදිරිපස පිහිටි ඉපැරැණි බෝධිඝරයක් දක්නට ලැබීම බව කිව හැක.
උපකල්පනය[සංස්කරණය]
එසේම සමහරකු උපකල්පනය කරන ආකාරයට මෙහි වැඩ සිටින්නේ ආනන්ද හිමියෝ නම් එතුමා බුද්ධ ශීර්ෂයට ඉදිරිපසින් පද්මාසනයක් මත වැඩ සිටීම අනුචිත වන අතර ආසියාවේ බොහෝ බෞද්ධ රටවල බුද්ධ චරිතය හා සබැඳි මූර්ති, කැටයම්, බිතුසිතුවම්වල ආනන්ද තෙරුන් සම්බුද්ධ ශ්රී පතුල අසල ශෝකානුකූලව වැඩ සිටිනවා මිස බුද්ධ ශීර්ෂයට ඉදිරියෙන් පද්මාසනයක් මත සෘජු ඉරියව්වකින් වැඩ සිටින අවස්ථාවන් කිසි විටෙක නිරූපණය කර නොමැත. (රතනසාර 1985(75) අනෙක නෙළුම් මලෙන් අලංකෘත කවාකාර ශිලා වේදිකාවක් හෙවත් පද්මාසනය ථෙරවාදී හෝ මහායාන ප්රතිමා කලා රීතීන්ට අනුව යොදාගන්නේ බුද්ධ ප්රතිමාවට මිස සංඝ ප්රතිමාවලට නොවේ. (වික්රමගමගේ 1998(33) තවද මෙහි කන් පෙති බුදුරදුන්ගේ ඥානවන්ත භාවය පිළිබිඹු කරන ලෙසට දිගටිය දක්වා ඇති ශීර්ෂයේ හිසකෙස් දිවයිනේ අනෙකුත් පැරැණි ප්රතිමාවල මෙන් වක ගැසුණු ආකාරයට නෙළා ඇත. උක්ත නිදසුන්වලට අනුව මෙය පැහැදිලිවම හිටි බුද්ධ ප්රතිමාවක් බව නිගමනය කළ හැක. මුහුණෙහි හැඟීම් තාත්විකව නිරූපණය කිරීමේදී මධ්යකාලීන මූර්ති ශිල්පියා දැක්වූ සංයමය, ප්රවීනත්වය මොනවට පිළිබිඹු කරන මෙම පිළිමයේ මුහුණ දෙස වරක් බැලූ විට ශෝකී විලාසයක් දිසු වුවද, වඩාත් ගැඹුරින් පරීක්ෂා කළ විට මානසික ඒකාග්රතාවයෙන් යුතුව ගැඹුරු කල්පනාවක නිමග්නව සිටින ආකාරයක් පෙන්නුම් කරන බව කිව හැකිය. මීට අමතරව සම්පූර්ණ ප්රතිමාවම ප්රාමාණික සමතුලිත භාවය මනාව ආරක්ෂා කරමින් නිමවා ඇත. එසේම මෙහි බුද්ධ ධීවරය, සිරුරට ඇලී යන පරිදි නෙළා ඇත. පොලොන්නරු යුගයේ අවසාන කාල පරිච්ඡේදයේ හෝ දඹදෙණි යුගයේ මුල් භාගයේදී මෙය ඉදි කරන්නට ඇති බව පෙනේ.
හිඳි බුද්ධ ප්රතිමාව[සංස්කරණය]
චූලවංශයේ නිසින්න පටිමා නමින් හඳුන්වා ඇති අඩි 15 ක් පමණ හිඳි බුද්ධ ප්රතිමාව තොරණක් සහිතව විහාර ගෘහයක් පදනම් කොට නිර්මාණය කර ඇත. විද්යාධර ගුහාවට බටහිරින් නෙළා ඇති මෙම ප්රතිමාව වීරාසන ඉරියව්වකින් යුක්ත වන අතර ධ්යානි මුද්රdව නිරූපිතය. ඒකාංශ පාරූපණයෙන් යුත් සිවුර ඉතා මටසිළිටිව පරීක්ෂේපිතය. මෙහි දැත් සහ පාද තාත්විකව කැටයම් කර තිබෙන බවත් සෘජු ශරීරය හා එරමිණිය ගොතාගෙන සිටින ආකාරය නිසා මෙහි කඩවසම් භාවයක් දිස් වන බව මාලිංග අමරසිංහ පවසයි (අමරසිංහ 1998(75) මෙහි ඇති සුවිශේෂත්වය නම් දිවයිනේ කිසිදු හිඳ බුදු පිළිමයක දක්නට නොලැබෙන ආකාරයට බුදුරදුන් වැඩ සිටින ආසනයේ පසුපස ඇන්ද නිරූපණය කර තිබීමයි. එය පිළිමය වටා ගලේ අල්පොන්නතම ආරුක්කුවක හැඩය ගත තොරණ සැරසිල්ලක් ලෙස සකසා ඇත. මෙම දුර්ලභ තොරණේ ගරාදි කෙළවර, මුඛයෙන් සිංහ රූප දරා සිටින මකර රූ කැටයම් අන්තර්ගතය. (ලගමුව 1999(145) තොරණේ හිඳි පිළිමයට පහළින් නිර්මිත වියන් සැරසිල්ලෙහි විමාණ චතුර්වයක බුද්ධ රූප සියුම්ව කැටයම් කර ඇත. වැඩහුන් ප්රතිමාව අවට ක්ෂුද්ර ප්රතිමා ගල් විහාරයේ පමණක් නොව තන්sරිමලේ හිඳි පිළිමය අවටින් ද දක්වට ලැබෙන බව කිව යුතුය. පිළිමය පද්මාසනයක් මත වැඩ සිටින අතර එයට පහලින් පිහිටි මනස්කාන්ත සිංහ, අශ්ව රූප මෙන්ම මල් මෝස්තර කැටයමින් අලංකාරවත් කර ඇති බව පෙනේ.
විඡ්ජාධර නැතහොත් විද්යාධර[සංස්කරණය]
මීළඟට වංශ කථාවල විඡ්ජාධර නැතහොත් විද්යාධර නම් කළුගල් පර්වතයක් ඇතුළට හාරා ජන්තාවරණය සහ කුළුණු දෙකක් සහිත ගුහාවක් තුළ වැඩ හිඳි පිළිමය පිළිබඳව විමසීම වැදගත් වේ. උස අඩි 4 යි අඟල් 4 ක් වන මෙම පිළිමය ද වීරාසන ඉරියව්වකින් සහ ධ්යාන මුද්රdවකින් යුක්තය. පද්මාසනයක සහිත ශෛලමය ආසනයේ කුඩා ස්ථම්භ අතර සිංහ හා වජ්ර කැටයම් අන්තර්ගතය. බුද්ධ ශීර්ශයට ඉහළින් සිත්ගන්නා සුළු ඡත්රයකි. හිඳි පිළිමයට පිටුපස පිහිටි තොරණෙහි හා ඒ දෙපස සිංහ, දොරටුපාල, දේවා හා බ්රාහ්ම රූපවලින් පරීක්ෂිප්තය. මීට අමතරව පිළිමය දෙපස බුදුරදුන් පවන් සලන ඉරියව්වක් ගත් චාමරධාරී රූප ද්විත්වයකි. පොදුවේ ඉහත කී කැටයම් මගින් බුදුරජාණන් වහන්සේගේ දශබලධාරීත්වය මූර්තිමහත් වන අතර එතුමන් ශාක්යසිංහ බව බැතිමතාට පෙන්වාදීම සඳහා සිංහ කැටයම් නෙළා ඇති බව රතනසාර හිමියන්ගේ අදහසයි. (රතනසාර 1985(75) තවද මෙහි ද සිවුර ඒකාංශ පාරූපණයෙන් නිරූපිතය. අතීතයේ මෙම තොරණේ වර්ණ ආලේප කර තිබූ බවත් ප්රතිමගෘහය ද ෆේරස්කෝ ක්රමයට අනුව බදාම හා බිතු සිතුවම් ඇඳ තිබූ බවට සාධක හමු වී ඇත. විශේෂයෙන් ම මෙම සිතුවම්වලින් බෞද්ධ කතාවල ප්රකාශිත ඉන්ද්රසාල ගුහාව සංකේතවත් වන බව මහැදුරු චJද්රd වික්රමගමගේ සූරීන් පවසයි. ඒ වගේම මෙහි සිත්තම් කර ඇති මහල්ලෙකුගේ රූපයෙන් ශක්ර දේව්න්ද්රයා නිරූපිත බවත් හෙතෙම තරුණ දේවිවරු පිරිවරා සිටින ආකාරයක් දිස්වන බව ඒ මහතා වැඩිදුරටත් ප්රකාශ කරයි. නමුත් මීට විපක්ෂව කරුණු දක්වා ඇති මහැදුරු ලගමුවයන්ගේ මතයට අනුව මෙම චිත්රයෙන් මහා බ්රහ්මයා නිරූපිතය. (ගමුව 1999.147) මහියංගන විහාර ගර්භයේ තිබී මෙවැනි මහල්ලෙකුගේ බිතුසිතුවමක් හමුවීම ද සුවිශේෂී කරුණක් බව කිව යුතුය. ඒ වගේම දකුණු ආර්කෝට්හි පානමලයහි පල්ලව චිත්ර වලට ද මේවා සමානය. කෙසේ වෙතත් ක්රි. ව. 12 දී පමණ නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැකි මෙම චිත්ර සම්බන්ධව ක්රි. ව. 1907 විශේෂ ප5කාශනයක් කළ එච්. සී. පී. බෙල් මහතා පැවසුවේ විද්යාධර ලෙන් සිතුවම් අජන්තා ලෙස් චිත්රවලට වඩා අග්රගන්ය වන බවයි (ලගමුව 1999(147)
ශෛලමය කුළුණු[සංස්කරණය]
මීට අමතරව හිටි පිළිමයට ඊසාන දිගින්, නැතහොත් සැතපෙන පිළිමයට පිටුපස ශෛලමය කුළුණු කිහිපයක් සහිත හිස් අවකාශමය ගල් ගුහාවක් හමුවෙයි. බැලූ බැල්මට මෙහි ද කිසියම් ආගමිකමය කලා කෘතියක් තිබෙන්නට ඇති බව විචාරකයන්ගේ අදහසයි. මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන්ගේ මතය වන්නේ එකල මෙහි බුදු හිමියන්ගේ ප්රදක්ෂිනා පිළිමයක් පවතින්නට ඇති බවත්, ඒ සමස්ත විහාරස්ථානයෙහි බුදුරදුන්ගේ චතුර්ඉරියව්වෙන් යුත් ප්රතිමා තැන්පත් කර තිබූ බවට අනුමාන කළ හැකි බවයි. මෙම පිළිමවල අන්තර්ගත සෙසු කලා ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරන විට ඒවායේ සිවුරේ
රැළි සියුම්ව සමාන්තරව විහිදෙන ආකාරයට නිමා තිබෙන අතර, විශේෂයෙන්ම විශාල හිඳි පිළිමයේ චීවරය රැළි ද්විත්වාකාරව නිමවා ඇත. තවද සාහිත්ය මූලාශ්රවලට අනුව පැකුම්බාවන් විසින් මෙම බුද්ධ ප්රතිමා සියල්ලෙහිම රන් ආලේප කොට තිබිණි. මහැදුරු සෙනරත් පරණවිතාරණයන් විසින් මධ්ය කාලීන අවධියට අයත් ගල් විහාර ප්රතිමා සහ පුරාතන අවධියට අයත් අනුරපුර ප්රතිමා පිළිබඳව ඉදිරිපත් කර ඇති තුලනාත්මක විග්රහයක් මෙහිදී උපුටා දැක්වීම වඩාත් උචිතය. එය පහත දැක්වේ.
"ඉඳුරන් දිනා ගැනීමෙන් අත්පත් කර ගන්නා ලද ලෝකෝත්තර සමාධියත්, එයින් ඇතිවන ලොව්තුරා බලයත්, ආත්ම සංඥාව මුලිනුපුටා ලීමේ ප්රතිඵලය වන සිව් සතුන් වෙත පතළ මහ මෙත්ත ශිල්පියා විසින් ඉතා දක්ෂ ලෙස පිළිබිඹු කොට තිබේ. අනුරාධපුරයේ පිට රවුම් පාරේ පිහිටි අනුපම සමාධි ප්රතිමාව හා සස¹ බලන විට, ආධ්යාත්මික ගුණය පළ කිරීම අතින් ඊට පහත් තැනක් ගන්නා නමුත්, මෙම බුදු පිළිම අතීත ලංකාවේ ප්රතිමා ශිල්පීන් විසින් නිමවන ලද ශ්රේෂ්ඨතම කෘති අතර ලා සැලකීමට සුදුසුය" (පරණවිතාන 1976(251)
පරණවිතාරනයන්ගේ ඉහත කී විවරණයට අනුව පෙනී යන්නේ සමාධි පිළිමය, අවුකන පිළිමය, මහඉලුප්පල්ලම පිළිමය වැනි පුරාතන අනුරාධපුර යුගයේ අග්රගන්ය බුදු පිළිම හා සම කළ නොහැකි වුව ද මේවා පොළොන්නරුව යුගයේ ගොඩනංවන ලද විශිෂ්ඨතම ප්රතිමා වශයෙන් සැලකිය හැකි බවයි. එහෙත් රජ නිමයෙන් මේවා ගොඩවානව ලද්දේ කවර මූර්ති ශිල්පියකු විසින් ද යන ප්රස්තුතය ඉතිරිව ඇත. එහෙත් තන්තිරිමලය ප්රදේශයේ ප්රචලිත ජනප්රවාදයකට අනුව ඉහත කී පුරාස්ථානයෙහි වර්තමානයේ දක්නට ලැබෙන බුද්ධ ප්රතිමා වහන්සේලා නෙලූ ශිල්පියා විසින්ම පශ්චාත් කාලයේ ගල් විහාරයේ බුද්ධ ප්රතිමා සතර නිමවා ඇත. මෙම පුරාවෘත්තයේ කිසියම් සත්යයක් තිබෙන බවට ඒත්තු ගැන්වීම සඳහා සමහර උගතුන් තන්තිරිමලය සහ ගල් විහාරයේ ප්රතිමා අතර සමානතා රාශියක් පෙන්වා දෙති. කෙසේ වෙතත් මෙම සමානතා වලින් වැඩි ප්රමාණයක් හඳුනාගත හැක්කේ ද පුරාස්ථානවල පිහිටි හිඳි පිළිම වහන්සේලා නිරීක්ෂණය කිරීමෙන් පමණි. නිදසුන් ලෙස තන්තිරිමලය හිඳි පිළිමයේ දෙපස චාමරධාරී මිනිස් රූප දෙකක් මූර්තිමත් කර ඇති ආකාරයටම ගල් විහාර විඡ්ජාධාර ගුහාවේ හිඳි පිළිමයේ දෙපස චාමරධාරීන්ගේ රූප ද්විත්වයක් නිරූපිතය. එසේම මෙම ප්රතිමා පිටුපස දර්ශනීය මකර තොරණක් නෙළා ඇති අතර එහි දෙපස හා ප්රතිමාසනයේ පහළ සිංහ රූප මනාව කැටයම් කර තිබේ. මීට අමතරව උක්ත ප්රතිමා පිහිටි ලෙන අවට කුඩා විමාන තුළ සියුම්ව නෙළන ලද ධ්යාන බුද්ධ රූපවලින් පරීක්ෂේපිතය කෙසේ හෝ වේවා ක්රි. ව. 7 - 9 අතර කාල පරිච්ඡේදය තුළ තන්තිරිමලය බුදු පිළිම නෙලූ බවට සැක කෙරෙන අතර ක්රි. ව. 12 වැනි සියවසේදී පමණ ගල් විහාර බුදු පිළිම වහන්සේලා නිර්මාණය කරන්නට ඇති බවට සැලකේ. සැබැවින්ම ක්රි. ව. 7 ත් ක්රි. ව. 12 ත් අතර කාල සමය ලංකා ඉතිහාසයේ ඉතා සංකීර්ණ කාල පරිච්ඡේදයකි. මක්නිසාද යත් මෙලක ඇතැම් දුරදර්ශී පාලකවරු යටතේ සමෘද්ධිමත් පාලන සමයක් ගොඩනැංවුණු බවට සාධක පැවතියද, අභ්යන්තර කැරලි කෝලහල මෙන්ම විනාශකාරී විදේශ ආක්රමණවලින් ද අඩුවක් නොවීය. එබැවින් අවුරුදු 500 ක් වැනි දීර්ඝ කාලයක් පුරාවට ලලිත කලා ගුරු කුලයක් කිසිදු උපද්රවයක් හෝ නොමැතිව දිවයිනේ වයඹදිග කලාපයේ රැඳී සිටි බවට පැවසීම විශ්වාස කළ නොහැකි. එසේ නම් ඉහත කී ප්රතිමා ද්විත්වයේ ම බොහෝ කලාංග සමාන වීම කෙරෙහි බලපෑ බලවේගය කුමක්ද? යන්න විමසා බලමු.
එනම් ක්රි. ව. 1 වැනි සියවසේ සිට ක්රමයෙන් හිස ඔසවමින් පැවත ක්රි. ව. 3 වැනි සියවසේ අනතුරුව ථෙරවාදය හා තරගකාරීව පැතිරී ගිය මහායාන බලපෑම බව උගතුන්ගේ මතයයි. විශේෂයෙන් ම තන්ත්රායනය, වජ්රාසනය, නීලපට දර්ශනය වැනි මහායානික නිකායන් රාශියක් ලක්දිවට ප්රවිශ්ඨ විය. ඒ සමඟම මහායානික සංස්කෘතික බලපෑමට ලක්වීමට මෙරට කලා ශිල්පියාට සිදු වූ අතර එහි ප්රතිඵලයක් වශයෙන් මකර තොරණ, විශ්ව වජ්ර සංකේතය වනාදී මහායානික කලාංගයන් රාශියක් මෙරට බුදු පිළිම කලාව හා ඒකාබද්ද විය. විශේෂයෙන් ම මහාතිත්ත තොටුපළ සිට අනුරාධපුරය දක්වා විහිදී ගිය මාර්ගයේ ප්රධාන වාණිජ හා ආගමික මධ්යස්ථානයක් වශයෙන් පවතින්නට ඇතැයි සිතිය හැකි තන්තිරිමලය තොටුපළ ආශ්රයෙන් මහායානික සංස්කෘතිකාංගයන්වල නියත බලපෑමට ලක්වීමට සිදු වූ බව පැවසීම තර්කානුකූලය. එහෙත් මෙම ආගමික ව්යාකූල තත්ත්වය සමථයට පත්කර ගැනීමෙහිලා අවංකවම සිය කාලය මිඩංගු කළ පැරකුම්බාවන් විසින් තුන් නිකායම සමගි කරවීය. මේ නිසා ඒ ඒ බෞද්ධ නිකායන්ට අයත් කලාශිල්පීන්ට ස්වකීය අභිමතය පරිදි කලා කටයුතුවල නිරත වීමට අවකාශ සැලසිණ. ඒ බව වඩාත් තහවුරු වන්නේ පැරකුම්බා නියමයෙන් ගොඩනංවන ලද ගල් විහාරයන්හි ඇතුළත් නිර්මාණ අතර මකර තොරණ, වජ්ර සංකේතය, රංසිඵලකය, ස්ථූප සංකේත, පංච ධ්යාන බුද්ධ ප්රතිමා වැනි මහායානික කලාංගයන් අන්තර්ගතව තිබීම ය. (වික්රමගමගේ 1998(10) එබැවින් මහැදුරු පී. ඊ. ඊ. ප්රනානදු, මහැදුරු ප්රේමතිලක ඇතුළු විද්වතුන් කිහිපදෙනෙකුගේ මතය වන්නේ ඒවා වජ්රයාන මහායානික මූර්ති ශිල්පීන් විසින් නිර්මාණය කරන්නට ඇති බවයි. (වික්රමගමගේ 1998(10 - 16)
වර්තමානය[සංස්කරණය]
නමුත් වර්තමානය වන විට අපට ගල් විහාරයේ බුදු පිළිම වහන්සේලා දකින්නට ලැබෙන්නේ එළිමහනේදී වුවද අතීතයේ ඒවා දැවයෙන් හෝ ගඩොලින් කරවන ලද පොදු ගොඩනැඟිල්ලකින් හෝ කුඩා ප්රතිමා ගෘහවලින් ආවරණය කර තිබෙන්නට ඇති බවට සාධක විහාරය ඉදිරිපස හමුවන ශකිත්මත් ඝනකම් ගඩොල් අත්තිවාරම් තුනෙන් මෙන්ම ගලෙහි මුහුණතෙහි බිත්තිවල සීමා දක්නට ලැබීමෙන් විශද වේ. (ලගමුව 1999(144) මේවා සමකාලීන තිවංක පිළිමගෙය, ලංකාතිලකය වැනි පිළිම ගෙවල්වල ආකාතියට සමාන බව උගතුන්ගේ අදහසයි (ලගමුව 1999(199) මීට අමතරව විහාරය ඉදිරිපස බෝධිඝරයක නටඹුන් හඳුනාගත හැක. එසේම බද්ධ සීමා ප්රාසාදයෙහි ද ගල් විහාරයේ ප්රතිමා තරම් උසස් නොවූවද එහි ආකෘතියට සමාන කුඩා බුදු පිළිම කීපයක් නෙළා ඇත. දර්ශනීය බුද්ධ ප්රතිමා වහන්සේලාට අමතරව විද්යාධර ගුහාවත් හිටි පිළිමයත් අතර පර්වතයෙහි මහා පැරකුම්බා නියමයෙන් කොටවන ලද පොලොන්නරුව කතිකාවත හෙවත් ගල් විහාර සෙල් ලිපිය හඳුනාගත හැක. අඩි. 13 ං 4 ප්රමාණයෙන් සහ පේළි 51 කින් යුත් මෙම ලිපියෙහි (E.Z. Vol. 2.P 256) අන්තර්ගතය වන්නේ ලංකේෂ්වර පරාක්රමබාහු රජගේ රාජ අනුග්රහය ලද දිඹුලාගල කාශ්යප හිමියන් ප්රධාන සංඝයා රැස් කරවා දුශ්ශීල මහණුන්ගේ සිවුරු හරවා බැහැර කොට සුචරිතවත් භික්ෂූන්ට සිවුපස සලසා තුන් නිකායම සමඟි කොට ශාසන ශුද්ධියක් කරවා ඒ ඒ නිකායන් විසින් අනුගමනය කළ යුතු වත්පිළිවෙත් පිළිබඳව වූ ව්යවස්ථාවන් ය. (ලගමුව 1999(147)
ඉහත කී කරුණු කාරණා සමාලෝචනය බැලූ විට පෙනී යන්නේ උත්තරාරාමය හෙවත් ගල් විහාරය යනු මධ්ය කාලීන ලංකාවේ ශාසනික ඉතිහාසය සහ කලා ශිල්පවල ඉතිහාසයේ සාරය කැටි කොට නූතන ශාස්ත්රඥයාට විශද කරවන උසස් බෞද්ධ ස්මාරකයක් වන බවයි. එබැවින් මෙම කලාගාරය සුරැකීම ලාංකේයයන් වන අපගේ පරම යුතුකමකි.
ආශ්රිත ග්රන්ථ[සංස්කරණය]
- 1. මහාවංසය, 1996 හික්කඩුවේ ශ්රී සුමංගල හිමි, බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඬිතුමා, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, කොළඹ.
- 2. අමරසිංහ මාලිංග, 1998 පොලොන්නරුවේ නටඹුන්, කොළඹ එස්. ගොඩගේ සහ සහෝදරයෝ
- 3. දේවේන්ද්ර ඩී. ටී. 2007 සඳකඩ පහණ සහ වෙනත් ලිපි, කොළඹ එස්. ගොඩගේ සහ සහෝදරයෝ
- 4. රතනසාර, තිරාණගම 1985 බුදු පිළිමය, කොළඹ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව.
- 5. ලගමුව ඒ. 1999, මධ්යකාලීන රාජධානිය පොලොන්නරුව, කොළඹ සරසවි ප්රකාශකයෝ.
- 6. වික්රමගමගේ චJද්රd 1998, ගල් විහාරයේ කලාව හා වාස්තු විද්යාව, කර්තෘ ප්රකාශනයකි.
- 7. පරණවිතාණ 1976 ලංකා ඉතිහාසය, 11 කාණ්ඩය, කොළඹ, විද්යාලංකාර විශ්වවිද්යාල ප්රකාශනයකි. | hplt_2 |
මේක නම් බ්ලොග්ස්පොට් බ්ලොග් සඳහා පමණයි. සමහරු නම් මේ ගැන දන්නවත් ඇති. නොදන්නා අයටයි මේ කතාව.මතකනේ මම දවසක් ලිව්වා බ්ලොග් වල අනිවාර්යෙන් තියෙන්න ඕනේ මොනවද කියලා. එතැනදී ගොඩක් අය කියලා තිබ්බා ගැජට් කෑලි තිබ්බම හරි වදයක් කියලා. දැන් බ්ලොගර් වලින්ම ක්රමයක් තියනවා ගැජට් කෑලි නැතිව බ්ලොග් බලන්න පුළුවන්. දැනට තියනවා ක්රම පහක්. එකින් එක බලමු පොඩ්ඩක්.
Flipcard
- පොස්ට් ටික රූප විදියට පෙන්නනවා.
- පින්තූරයක් උඩට මවුස් එක ගෙනියනකොට පොස්ට් එකේ නම සහ කමෙන්ට් ගාන පේනවා
- පින්තූරයක් උඩ ක්ලික් කළොත් පොස්ට් එක ඕපන් වෙනවා
- ප්රතිචාර දැක්වීමට අවශ්ය නම් සාමාන්ය විදියට ලිපිය ලෝඩ් කරගත යුතුයි (සිංහලෙන් කියනවා නම් post a comment ක්ලික් කළාම වෙන tab එකක සාමාන්ය විදියට පෝස්ට් එක ලෝඩ් වෙනවා)
- රූපයක් උඩ ක්ලික් කළොත් සම්පුර්ණ ලිපිය පෙන්නනවා
- ලෝඩ් වී ඇති ලිපියට කලින් ලියවුනු ලිපි උඩිනුත්, එයට පසුව ලියවුනු ලිපි යටිනුත් පෙන්නනවා
- ලිපි වලට අදාළ රූප මුල පිටුවේ පෙන්වන්නේ අහඹු ආකාරයට
- ප්රතිචාර දැක්වීමේ ලින්ක් එක පෙනෙන්නේ නැහැ
- screen rotation සඳහා සහය දක්වනවා.
- ලිපිවල මාතෘකා, ප්රතිචාර ගණන සහ ලිපියේ අඩංගු වෙලා තියන පින්තුරය පැත්තකින් පෙන්නවා.
- කියවන්න හිතුන ලිපියේ මාතෘකාව උඩ ක්ලික් කළාම ලිපිය පේනවා.
- ප්රතිචාර දැක්වීමට අවශ්ය නම් සාමාන්ය විදියට ලිපිය ලෝඩ් කරගත යුතුයි (සිංහලෙන් කියනවා නම් post a comment ක්ලික් කළාම වෙන tab එකක සාමාන්ය විදියට පෝස්ට් එක ලෝඩ් වෙනවා)
Snapshot
- පින්තුර සහිත පෝස්ට් විතරයි පෙනෙන්නේ
- පින්තුරය උඩට මවුස් පොයින්ටරය ගෙන ගිය විට අදාළ ලිපියේ කුඩා කොටසක් බලාගන්න පුළුවන්
- පින්තූරය උඩ ක්ලික් කලවිට සම්පුර්ණ ලිපිය කියවන්න පුළුවන්.
Timeslide
මේක පොඩ්ඩක් සංකීර්ණයි. බ්ලොග් අඩවිය පෙන්නන්නේ තීරු තුනකට
- වම් තීරුව : පින්තූරයක් සහ ලිපියකින් කුඩා කොටසක්. ලිපි තෝරාගෙන ඇත්තේ අහඹු ආකාරයට. නමුත් ඒවා පෙන්වන්නේ ලියපු දිනය අනුව. ඒ කියන්නේ ළඟදී ලියපු ලිපිය පළවෙනියට සහ ගොඩ කාලෙකට කලින් ලියපු ලිපිය අන්තිමට.
- මැද තීරුව : ලිපියේ මාතෘකාව සහ ලිපියෙන් කුඩා කොටසක්
- දකුණු තීරුව : ලිපියේ මාතෘකාව විතරයි පෙන්නේ, මවුස් එක මාතෘකාව උඩට ගෙනියනකොට ලිපියේ කුඩා කොටසක් සහ ප්රතිචාර ගණන පෙන්නනවා
- බ්ලොග් අඩවිය ඕනෑම කෙනෙකුට බැලිය හැකි පරිදි සකසන්න. එනම් blogger settings වල Who can view this blog යන්න anybody ලෙස තිබිය යුතුයි. වැඩිපුර විස්තර මෙතනින් බලන්න.
- බ්ලොග් ෆීඩ් සකසා තිබිය යුතුයි. settings --> site feed වෙත ගොස් Allow Blog Feeds, full හෝ until jump break ලෙස සකසන්න. වැඩි විස්තර මෙතනින්
- ඉන්පසු settings --> formatting හි enable dynamic views "yes" ලෙස සකසන්න
කොහොමද බ්ලොග් අඩවියක් මේ විදියට බලන්නේ?
- බ්ලොග් අඩවියේ සාමාන්ය ලිපිනය අගට "/view" එකතු කළාම ලැබෙන ලිපිනයෙන් අපිට මේ අළුත් විදියට බ්ලොග් අඩවිය කියවන්න පුළුවන්. උදාහරණයක් විදියට http://deepsgelokaya.blogspot.com/view
- ඒ ලිපිනයට ගියාම අපිට පුළුවන් තිරයේ දකුණු පස උඩින් තියන බොත්තම භාවිතා කරලා තමන්ට කැමති දර්ශන අකාරය තෝරාගන්න.
- බ්ලොග් අඩවියේ නම දැක්වෙන තීරුවේ ක්ලික් කල විට ලැබෙන bar එකට වෙන ඕනෑම blogger බ්ලොග් අඩවියක ලිපිනය ඇතුල් කරලා ඒ බ්ලොග් අපිට මේ විදියට බලන්න පුළුවන්.
එහෙම නැත්තම් එක් එක් දර්ශන ආකාර අනුව වෙනම ලිපින ලබාගන්නත් පුළුවන්
- Flipcard: [blogURL]/view/flipcard
- Mosaic: [blogURL]/view/mosaic
- Sidebar: [blogURL]/view/sidebar
- Snapshot: [blogURL]/view/snapshot
- Timeslide: [blogURL]/view/timeslide
වාසි සහ අවාසි
වාසි අවාසි කියලා ඔක්කොම එකට ලියන්නේ මට වාසියි කියලා හිතෙන දෙයක් තවත් කෙනෙකුට අවාසියක් වෙන්න පුළුවන් නිසා.
- පරණ බ්රව්සර වල ක්රියා නොකිරීම
- ප්රතිචාර දැමීමට අවශ්ය නම් බොහෝ වෙලාවට සාමාන්ය ලෙස ලිපිය ලෝඩ් කිරීමට සිදුවීම
- ලිපි සියල්ල එක තැන පෙන්වන නිසා කියවන්නා බොහෝ කාලයක් අඩවියේ රඳවා ගැනීමට හැකි වීම.
- බ්ලොග් අඩවියට එක් කර ඇති නොයෙකුත් විජට් ආදිය නොපෙන්වීම
- සරල නිමාව
බ්ලොගර් කණ්ඩායම කියන විදියට විජට් එක් කිරීමේ හැකියාව සහ මෙයින් එක් දර්ශන ක්රමයක් default ලෙස බ්ලොග් අඩවියේ භාවිත කිරීමට හැකියාව ඉදිරියේදී ලැබේවි. ඒ වෙනකන් අපිට පුළුවන් මේ ක්රමය ගැන හිතෙන දේවල් සහ තව වැඩි දියුණු කල යුතු දේවල් ගැන බ්ලොගර් වෙත දැනුම් දෙන්න. අපේ අදහසුත් එකතු වෙලා ඉදිරියේදී බ්ලොගර් තවත් ලස්සන වේවි.
භාවිතය ඔබට භාරයිප.ලි. කාටවත් හිතුනේ නැද්ද මේ views වල plus ගතියක් තියනවා කියලා ?
වැඩි විස්තර සඳහා | hplt_2 |
මේ දිනවල පැවැත්වෙන අධ්යාපන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ඊයේ (15) පැවැති රසායන විද්යා පළමු ප්රශ්නය සමඟ ලබා දියයුතු ආවර්ථිතා වගුවේ ආදර්ශ පිටපත් විභාග අපේක්ෂකයන් වෙත ලබාදී නැතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
සාමාන්යයෙන් මීට පෙර පැවැති විභාගවලදී ආවර්ථිතා වගුව සිසුන් සඳහා ලබා දෙන බැවින් සිසුන් මෙම වගුව පාඩම් කර මතකයේ තබා ගන්නේ නැති බවද මේ නිසා ඊට අදාල ප්රශ්න සඳහා පිළිතුරු සැපැයිම බහුතරයක් සිසුන්ට අපහසු වී ඇති බවද ඒ මහතා කීය.
මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව ප්රකාශ කර ඇත්තේ මෙවර විභාගයේදී ආවර්ථිතා වගු ලබා නොදීමට තීරණයක් ගෙන තිබූ බවයි. කෙසේ වෙතත් එවැන්නක් සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කර නොතිබූ බවත් එසේ විභාගයේ වෙනස්වීමක් සිදුවන්නේ නම් ඊට පෙර සිසුන්ට ආදර්ශ ප්රශ්න පත්ර සහ අදාළ විෂය කොටස් සම්බන්ධයෙන් පූර්ව දැනුවත් කිරීමක් සිදුකළයුතු බවද ජෝසප් ස්ටාලින් මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. | hplt_2 |
කාන්තාර
කාන්තාරයක් යනු ඉතා අඩු වර්ෂාපතනයක් ලැබෙන භූමි දර්ශනයක් හෝ ප්රදේශයකි. කාන්තාරයක් වාර්ෂික වර්ෂාපතනය 250 mm ට වඩා අඩු ප්රදේශයක් ලෙස අර්ථ දැක්විය හැකිය. එමෙන්ම එය වර්ෂාව ලෙස ලැබෙන ජල ප්රමාණයට වඩා ජලය අහිමි වී ගිය ප්රදේශයක් ලෙස අර්ථ දැක්විය හැකිය. කූප්පන් කාලගුණ වර්ගීකරණයට අනුව කාන්තාර පන්ති BWH ( ඝර්ම කාන්තාර - hot desert ) BWK ( සමෝෂ්ණ කාන්තාර - Temperate desert) වශයෙන් වර්ග දෙකකි.
පටුන
අර්ථදැක්වීම[සංස්කරණය]
මධ්යනය වාර්ෂීක පදනමක සැලකූ කල තෙතමනය ඌනතාවයක් සහිත (එනම් ඒවාට තෙතමනය ලැබෙනවාට වඩා ඒවායින් තෙතමනය පිටවෙයි) යන පුළුල් වර්ගීකරණයකට අයත් වන ප්රදේශයන්හී එක් කොටසක් ලෙසට කාන්තාර සැලකෙති.
වර්ගීකරණය[සංස්කරණය]
සමහරවිට කාන්තාර "උණුසුම්" සහ "සිසිල්" කාන්තාර ලෙසින් වර්ගීකරණය කෙරෙයි. 1953 දී පෙවැරිල් මිග්ස් විසින් පෘතුවිය මත ඇති කාන්තා ප්රදේශ ප්රධාන කාණ්ඩ තුනකට බෙදා වෙන්කරන ලදී. එසේ සිදු කර ඇත්තේ කාන්තාර වලට ලැබෙන වර්ෂා පතනය මත පදනම්වය. මෙලෙස ඇති කරන ලද මෙම වර්ගිකරණය දැනට පිලිගැනෙන ආකාරයට පුළුල්ව අනුමත කරන ලද වර්ගීකරණයක් වන අතර ඉතාමත්ම ශුෂ්ක බිම් ප්රදේශ වලට අවම වශයෙන් එකලග පවත්නා මාස 12 ක් වත් වර්ෂා පතනය නොලැබි යා හැකිය. ශුෂ්ක කලාප සඳහා වාර්ෂික වර්ෂාපතනය මිලිමිටර් 250 ක් හෝ අගල් 10 කට වඩා අඩුය. අර්ධ ශුෂ්ක බිම් සදහා ලැබෙන මධ්යන්ය වාර්ෂික වර්ෂා පතනය මිලිමීටර් 250 සිට ම්ලිමීටර් 500 ක් අතර වේ. (10-20 අඟල්) ශුෂ්ක සහ ඉතාමත් ශුෂ්ක බිම් ප්රදේශ කාන්තාර ලෙස හදුන්වන අතර අර්ධ ශුෂ්ක තෘණ භූමි පොදු වහරේදී පතන ලෙස හැදින්වේ.
ලැබෙන වර්ෂා පතනය මැනිමෙන් පමණක්ම කාන්තාරයක් යන්න කුමක් ද පිළිබදව ඉතා නිවැරදි අර්ථ කථනයක් ලබාදීම අසිරුවන අතර එසේ වන්නේ ශුෂ්ක වීම්, උෂ්ණත්වය මතද මෙහෙයවන සාධකයක් වන වාශ්පවීම මතද රඳා පවතින බැවිනි. උදාහරණයක් ලෙස ෆීනික්ස් සහ ඇරිසෝනා ප්රදේශ වලට ලැබෙන වර්ෂික වර්ෂා පතනයෙන් මිලිමිටර් 250 ට වඩා අඩු වන අතර එය කාන්තාර භූමියක් ලෙස හඳුනා ගනු ලබන්නේ ශුෂ්ක කලාප වලට අනුවර්තනය වු ශාක වල පිහිටුම හේතුවෙනි. ඇලස්කාවේ උතුරු බැවුමෙහි බෲක්ස් කදු පන්තියටද ලැබෙන වාර්ෂික වර්ෂා පතනය මිලිමීටර් 250 ට වඩා අඩු වන නමුත් එය සාමාන්යයෙන් කාන්තාර භූමියක් ලෙස හඳුනා ගැනීමක් සිදු නොකෙෙර්.
එබැවින් කාන්තාරයක් යන්න අර්ථ දැක්වීම සඳහා විද්යාත්මක මිනුම් මත පදනම්ව වර්ෂා පතනය මැනීම සඳහා වාශ්පවීම මගින් සිදුවන උත්ස්වේදනය යන සංකල්පය භාවිතයට ගැනේ. යම්කිසි ප්රදේශයක ඇති ජලය අයවැය ගණනය කිරීම සඳහා P-PE + S යන සූත්රය භාවිතා කරයි. මෙහි P යනු වර්ෂා පතනය වන අතර, E යනු වාෂ්පවීම මගින් සිදුවන උත්ස්වේදනයයි. S යනු පොලව මත ගබඩාවන ජල ප්රමාණයයි. වාශ්ප වීම මගින් සිදුවන උත්ස්වේදනය යනු වායු ගෝලයෙහි ජල වාශ්ප වීම් සහ ශාක මගින් උත්ස්වේදනය මගින් ජලය වාශ්ප වීම යන දෙකෙහිම එකතුවකි. වාශ්ප වීම මගින් සිදුවන උත්ස්වේදනයෙහි විභවතාවය යනු දෙන ලද ඕනෑම ප්රදේශයක් මගින් වාශ්ප විය හැකි ජලප්රමාණයයි. උදාහරණයක් ලෙස ඇරිසෝනාවේ ටස්කන් ප්රදේශයට වාර්ෂික වර්ෂා පතනය මිලිමීටර් 300 ක් පමණ ලැබෙන අතර වසරක් තුලදී මිලිමීටර් 2500 ක තරම් ජලප්රමාණයක් මෙම ප්රදේශය මගින් වාශ්ප කර හැරිය හැක. වෙනත් ආකාරයකින් කිවහොත් එම ප්රදේශයට සැබවින්ම ලැබෙන වර්ෂා පතනය මෙන් 8 ගුණයක ප්රමාණයක් එම ප්රදේශයෙන් වාශ්ප කර හැරිය හැකිය. ඇලෙස්කාව වැනි වෙනත් ප්රදේශ වලින් සිදුවන වාෂ්ප වීම මගින් වන උත්ස්ත්වේදනය මීට වඩා විශාල ලෙස අඩු අගයක් ගනී.
විවිධ ආකාර වල කාන්තාර වර්ග පවතී. සීත කාන්තාර යනු ශාක ජීවිතය පවත්වා ගැනීම සඳහා ලබාගත නොහැකි ආකාරයට අයිස් හෝ හිම මෙන් ජලය ඝණීභවනය වී පවතින කාන්තාරයි. මේවා වඩාත් පොදුවේ ව්යවහාර කරනුයේ තුන්ද්රා ප්රදේශ ලෙසටයි. මේවායෙහි සෘතුවේ කෙටිකාලයක් තුල පරිසර උෂ්ණත්වය හිම මිදෙන උෂ්ණත්වයට වඩා ඉහළ අගයක පවතින අතර එම උෂ්ණත්වයට වඩා අඩු අගයක පැවතුන හොත් අයිස් තට්ටුවක් ඇති විය හැකිය. මේ හේතුවෙන් එම භූමි ප්රදේශ සම්පුර්ණයෙන්ම ජීවින්ගෙන් තොරව පවති.
බොහොමයක් ධ්රැවිය නොවන කාන්තාර දිවා කාලයේදී උණුසුම් දේශ ගුණයක් ඇති කර ගන්නා අතර රාත්රි කාලයේදී සිසිල් ය. මෙසේ වන්නේ ජලයෙහි වු මධ්යස්ථතාවය අඩුවීම නම් ගුණාංගය හේතුවෙනි. ලෝකයේ ඇතැම් ප්රදේශ වල කාන්තාර ඇති වනුයේ වැහි මුවාවන් නිසා ඇති වන බලපෑම නිසා වන අතර කදුපන්ති හරහා හමායන වායු කදම්භයක ඇති ජලවාශ්ප කඳු පන්තිය හරහා යාමේදී හානි වන අතර අනෙකුත් ප්රදේශ ආසන්නයේම පවත්නා තෙත මනය සහිත ප්රභවයක් නොවීම හේතුවෙන් ශුෂ්ක ප්රදේශ බවට පත්ව ඇත.
කාන්තාර ඒවායෙහි භූ ගෝලිය පිහිටීම සහ ප්රමුඛ කාලගුණික රටාවන් අනුව වර්ගීකරණයට ලක්කර ඇත. ඒවා නම් වෙළද සුළං, මධ්ය අක්ෂාංශ, වැහි මුවාවන්, වෙරළ බඩ ප්රදේශ මොසම් ධ්රැවීය කාන්තාරයි. දැනට ශුෂ්ක නොවු ප්රදේශ වල ආදි යුග වලදී පිහිටා තිබු කාන්තාර වලට පාෂාණ ධාතු කාන්තාර යැයි ව්යවහාර කෙරේ.
කඳුකර කාන්තාර යනු ඉතා ඉහළ අක්ෂාංශයක පිහිටි ශුෂ්ක ප්රදේශයකි. වඩාත්ම ප්රමුඛ උදාහරණය හමුවන්නේ හිමාලයේ උතුරු ප්රදේශයෙහි පිහිටි ජම්බු කාශ්මීර ප්රදේශයේ ලාදක් ප්රදේශයේය. තවද කුන්ලුන් කදු සහ ටිබෙට් තැනිතලා වලට මේ සඳහා උදාහරණ ඇත. මෙම කාණ්ඩ වල පිහිටා ඇති බොහෝ ප්රදේශ මීටර් 3000 කට වැඩි ඉහළ ප්රදේශයකින් පිහිටා ඇති අතර ඒවායෙහි උණුසුම් යාන්ත්රණය අර්ධ උත්තර වේ. මෙම ප්රදේශ සඳහා වඩාත් හොදින් කැපි පෙනෙන ශුෂ්කතාවයක් පවතින (මධ්ය වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර 40 තරම් අඩු අගයක් ගනී)අතර එසේ වන්නේ ඒවා වඩාත් ආසන්නයෙන් පවතින තෙත මනය ලබාදෙන ප්රභවයකට බොහෝ ඈතින පැවතීමයි. කඳුකර කාන්තාරවල සාමාන්යයෙන් ශීත කාලගුණයක් පවති.
වැහි මුවාවෙහි පවතින කාන්තාර ඇති වනුයේ උස්කදු පන්ති මගින් සුළඟ හමායන ප්රදේශයට ගමන් ගන්නා වළාකුළු වල ගමනය වැලැක් වීම හේතුවෙනි. කඳු පන්ති හරහා සුළං ගමන් කිරීමත් සමගම ඒවා සිසිල් වී තෙතමනය ඝණීභූතවීමෙන් සුළං මුහුණතට වර්ෂා පතනය ලැබේ. තෙතමනය කන්දෙහි සුළං මුවාව ඇති ප්රදේශයට නොලබී යාමෙන් එම ප්රදේශයෙහි කාන්තාරයක් ඇති වීම සිදුවේ. මෙලෙස සුළං මුවාව ඇති ප්රදේශයට සුළඟ ලඟාවීමත් සමගම සුළං මුහුණත ප්රදේශයේදී එහි තෙතමනය හානි වීම නිසා සුළං මුවාවට වියළි කාලගුණ තත්ත්වයක් ලැබේ. මෙම සුළග ඉන්පසු රත්වීමට ලක්වීමෙන් ප්රසාරණය වී කාන්තාරය හරහා හමායාම සිදු වේ. මෙසේ වීමෙන් රත්වු වාතය මගින් කාන්තාර ප්රදේශයෙහි ඉතිරිව පැවති තෙත මනය ඉතා සුළු ප්රමාණයද උරාගැනීම සිදුවේ.
ශබ්ද නිරුක්තිය[සංස්කරණය]
භූගෝලය[සංස්කරණය]
කාන්තාර ලෝකවෙයන් 1/3 වසා ගනී. මෙම කලාපයේ දෛනික වශයෙන් හා සෘතු වශයෙන් උෂණ්තවය වෙනස් වේ. ගිම්හනය දී 45 0C හෝ 1130F දවාලටත් රාත්රියේදීත් , ශීත කාලයේදී 0 0C හෝ 320F වේ. වතුර උරා ගැනීම පොළව මාර්ගයේන්ද, හිරැ කිරණ මගින්ද සිදුවන අතර, වාතය නිසා දහවනල් කාලයේ හා රාත්රි කනාලයේ උණුසුම් කිරණ පොළවට පතිත වේ. හිරැ බැස්වත් සමග,කාන්තාය ශිලත ස්වභාවයක් ගනී.
වැහි මුවාව (Rain Shadow) වර්මාව කදුකරය නිසා මුවා වීම නිසා කාන්තාර ඇතිවේ. මෙම කලාප තුල වැලි සහ ගල් ඇත. වැලි කදු (Sand Dunes) අර්ගය (ergs) වන අතර ගල් සහිත බිම හාමාඩා (Hamada) වේ.
ඉහත දැක්වෙන්නේ ඇන්ටාටිකා ප්රදේශයේ හිම තට්ටුවකි.
වායව ක්රියාදාමය (Eolian Process) මගින් භූරැපන ඇති කිරීම සිදුවේ. ශීත කාන්තාරය (Cold deserts) උෂණ්තව කාන්තර සමග සමාන කම් පෙන්වුව් වර්ෂණය (precipitation) සිදු වන්නේ හිම ආකාරයටය. ඇන්ටාටිකාව ලොව විශාලතම ශීත කාන්තාරය වේ. මෙහි ඇති ගල් තලා මතින් හමන සුලග කටබැටික් සුළග (Katabatic wind) හිමද ඉහලට උරා ගැනීමේ ශක්තිය පෙන්වයි.
ලොව තිබෙන ලොකුම උෂ්ණ කාන්තාරය සහාරා කාන්තාරයයි.
මෙම කලාප තුල ඉතා වටිනා ඛනිජ ද්රව්ය තැන්පතු දැකිය හැක්කේ ශුෂ්ක කාලගුණය හා ඛාදනය වැඩි නිසාය. ඉතා දත රස්නයක් ඇති නිසා සර කාන්තා සංරක්ෂණ (Preservation) කටයුතු වලට මා ෙෆාසිල් (Fossil) තැන්පතු ද රැක ගනී.
කාන්තාර වෘක්ෂලතා හා සත්ව වර්ගය[සංස්කරණය]
කාන්තාර ජීවී වාසයට නුසුදුසු ලෙස ප්රසිද්ධියක් ඉසුලුවත් යථාර්ථය වන්නේ ඒවායේ විශාල ජෛව විවිධත්වයක් පවතින බවයි. මෙයට දහවල් කාලයේ සැඟවී ජීවත් වී පර්සර උෂෟණත්වය පාලනය කරන ජීවීන්ද ඉතා සුළු තෙතමනයක් අවශ්ය ජීවීන්ද දායක වේ.සමහරක් මෙවැනි පරිසර වල සත්ව වර්ගය ලෙස කැන්ගරු මීයාද, කැලෑ වෘකයින් (Coyote) ජැක් හාවන් (Jack Rabbits) සහ විවිධ වර්ගවල උරගයින් ඇතුළත් වේ. සමහරක් කාන්තාර වෘක්ෂලතා වලට පඳුරු කටු සහිත පෙයාර්ස්, කටුගස් සහ භූගත පඳුරු ශුෂ්ක ශක වැනි බොහෝ කාන්තාර පැළෑටි නියඟයට හා ලවණ වලට ඔරොත්තු දේ. සමහරක් ශාක ජලය ඒවායේ පත්ර , මුල් හා කඳේ තැන්පත් කරයි.අනෙක් ශාක වලට පිටතින් දිගු මුදුන් මුල් මගින් ගැඹුරටම ගොස් ජලය ලබා ගනී.එසේ නොවන ශාක වලට පවතින පැතිර යන මුළු පද්ධතිය පසේ විශාල ප්රදේශයකින් ශාකයට අවශ්ය ජලය ලබා ගනී.කාන්තාරවාසී ශාකවල තවත් හැඩ ගැසීමක් වන්නේ ඒවායේ වැඩෙන කුඩා ස්කන්ධක පත්රයන්ය. ඒවා විශාල මතුපිට ප්රදේශයක් ඇති පතනශීලී ප්රතයන්යට වඩා අඩුවෙන් තෙතමනය බාහිරයට මුදා හරී. සමහරක් ශාකයන්හි කඳ හා පත්ර මඟින් වැලි රැගෙන යන සුළගේ පෘෂ්ඨය ආවේගය අඩු කර පාංශු ඛාදනය අවම කරයි. මෙම පද්ධතියට පසේ හමු වන තුඩාම දිලීරය සහ ක්ෂද්ර පැළෑටි පවා පාංශු ඛාදනය වලක්වන සහ අනෙකුත් ජීවීන්ට සහය සාධක ඉතා වැදගත් පුරුකක් විය හැක.
ඇරිසෝනාහි සොනොරාත් කාන්තාරයේ පවතින සගුආරෝ ශාක[සංස්කරණය]
කාන්තාර වල සාමාන්යයෙන් පවතින හරිත වැස්ම අතරින් පතර පැවතුනත් ජෛව විවිධත්යෙන් බහුලයි. සොනොරාත් කාන්තාරයේ පවතින සුවිශාල සගුආරෝ පතොක් ශාක කාන්තාර වාසී කුරුල්ලන්ට නිවස්නයක් සපයනවා මෙන්ම කාන්තාරයේ ශාක ලෙසද කටයුතු කරයි. සගුආරෝ ශාක සෙමෙන් වැඩෙන අතර අවුරුදු 2000ක් තරම් කාලයක් ජීවත් වේ.අවුරුදු 9ක් වයස සගුආරෝ ශාකයක් 15Cm ( අඟල් 6)පමණ උස වේ.මෙම පතොක් ගස් වල මුලින්ම අතු ඇති වන්නේ අවුරුදු 75ක් පමණ වයස් ගත වු පසුය. සම්පූර්ණයෙන් වැඩුණු සගුආරෝ ශාකයක් 15Cmක් පමණ උස වන අතර ටොන් 10ක් පමණ බරකින් යුක්ත වේ.ඒවා සොනොරාත් කාන්තාරයේ තිත් ඇති කරන අතර කාන්තාරයෙන් යන පතොක් බහුල ප්රදේශය බවට පවතින සාමාන්ය පිලිගැනීම නැවත ශක්තිමත් කරයි.
පතොක් සාමාන්යයෙන් ලාක්ෂණික කාන්තාර පැළෑටියක් ලෙස පිළිගැනුනත් අනෙක් කාන්තාර ශාක මෙම ශුෂ්ක පරිසර වලට හොඳින් හැඩ ගැසී ඇත. මේවාට මුං ඇට හා සූර්ය කාන්ත පවුල්වලට අයත් ශාක ඇතුළත් වේ.ශීත කාන්තාර වල පඳුරැ සහ තණකොළ ප්රධානතම වෘක්ෂලතාදිය ලෙස පවතී.
අර්ග් සිබිස්. මොරොක්කෝ[සංස්කරණය]
ප්රධාන කාන්තාරයේ ඇති කඳු කාන්තාරයක් යනු සකස් කරන ලද බිම් කඩක් හෝ ඉතා කුඩා වර්ෂාපතනයක් ලබන ප්රදේශයක් වේ. සාමාන්ය වාර්ෂික වර්ෂාපතනය මි. මී. 250 (10 අඟල්) ට වඩා අඩුවෙන් ලැබෙන ප්රදේශ හෝ ජලය අඩු ප්රදේශ, කාන්තාර ලෙස අර්ථ දැක්විය හැකිය. කොපන් දේශගුණික වර්ගීකරණ පද්ධතියට අනුව, කාන්තාර Bwn (වියළි කාන්තාර) හෝ Bwt (උෂ්ණ) කාන්තාර ලෙස වර්ගකළ හැකිය.
කාන්තාර ජලය[සංස්කරණය]
'කැන්බරා හි වැලි මාරැකරණ අනුකාරකය'
වැස්ස ඉදහිට කාන්තාරවලට වැටෙන අතර කාන්තාර කුණාටු බොහෝ විට ප්රචණ්ඩ වේ. සහරා වලට වාර්තාගත 44 මි. මි (1.7 අගල් ) වර්ෂාවක් පැය 3 තුළදී ඇද වැටිණි. සහරා කුණාටු මිනිත්තුවට මි.මි 1 වේගයෙන් හමා යයි. සාමාන්යයෙන් වියළි ගිය විල් වැසි අධික වර්ෂාවෙන් පසු ඉක්මනට පිරෙන අතර එමගින් ක්ෂණික ගංවතුර තත්වයක් ඇති විය හැකිය. කුඩා වැස්සක් කාන්තාරයට ලැබුනහොත් දිනයක් හෝ දෙකක් සැලකිය ප්රමාණයේ අවසාදිත දිය පාරවල් මගින් ලබාගනු ලැබේ. බොහෝ කාන්තාරවල සංකේත හෝ ඇතුළත් ජපබ්රවවාහන දෝණිකාවක් ඇති අතර කාන්තරා කිහිපයක් බාහිර ගංගාවලින් හරස් වන අතර ඒවායේ ජලය කාන්තාරයෙන් පිටතට ගෙන යනු ලබවි. එවැනි ගංගා කාන්තාර හරහා යැමේදි පස ඇතුළට කා වදින අතර විශාල ප්රමාණ ජලය චාෂ්පිකරණය වේ. නමුත් ධාරිතාව වෙනස් නොවන පරිදි තබා ගනි. නයිල් ගග, කොලරාඩෝ ගග සහ කහ ගග යන ගංගා කාන්තරා හරහා ගලන ගංගා වන අතර ඒවායේ අවසාදිත ද්රව්ය මුහුදට යවනු ලබයි. කාන්තාරවල මතුපිට අධික හෝ ගැඹුරු පොළව යට උල්පත් ගංගා හෝ ජලාශ පිහිටා ඇත. කාන්තාර පරිසරයේ වැඩෙන ජල හිඟයට අනුවර්තනය නොවු ශාක පොළව යට ජල මුලාශ්ර මගින් ජලය ලබා ගනී.
කාන්තාර ඇලවල් සාමාන්යයෙන් නොගැඹුරු තාවකාලික සහ ලවණ සහිත ඒවා වේ. මෙම ඇලවල් නොගැඹුරු සහ ඒවාට අඩු පතුල් බෑවුම් ඇති නිසා සුළග මගින් ඒවායේ ජලය වර්ග කිලෝමිටර් විශාල පුමාණයක් ඈතට ගෙන යයි. මෙම කුඩා ඇලවල් වියලුණු විට ඒවායේ ලවණ මතුපිටක් ඇතිවේ. මෙම මැටි රොන් හෝ ලවණ සහිතව වැලි අඩංගු බිම් වියලි තැනිතලා බිම් ලෙස හැදින්වේ. මෙවැනි වියලි තැනිතලා බිම් සියගණනක් උතුරු ඇමරිකානු කාන්තාරයෙ ඇත. බොහෝමයක් වසර 12,000 පෙර පැවති අයිස් යුගයේ තිබු විශාල ඇලවල්ය. අවශේෂ අයිස් යුගයට අයත් Bonneville ඇලේ වර්ගඵලය වර්ග කිලෝමීටර 52,000 පමණ වේ. අද Bonnevill ඇල Grate sait lake Utah lake sevier Lake වලින් සමන්විත වේ. වියලි තැනිතලා බිම් (Playes) ශුප්ත භූ රෑප වන අතර දේශගුණික වෙනස් කිරිම් වඩා වැදගත් වේ.
ඉදහිට වර්ෂාපතනයඉ සිදුවන විට කාන්තාර පාෂාණ ක්ෂණිකව යන කදින්ම ඛාදවයට භාජනය යේ. මෙම පැතලි වියළි බිම් ගුවන් යානා සහ අභ්යවකාශ යානා සදහා පොදුධාවන පථයක් ලෙස භාවිතා කරනු ලැබේ. පොළවේ ගමන් කරන වල වාර්ථා සාමාන්යයෙන් Bonneville Speedway පිහිටුවන ලබන අතර Great Salt lake ධාවන පථයක් ද භාවිතා කරයි. කැලිෆෝනියාවේ Edward Air Faece base Roger lake Plays හි අභයාවකාශ යානා පතිත කරනු ලැබේ | hplt_2 |
Highway On My Plate එකේ ඉදිරිපත් කරන දෙන්න ලංකාවට ආපු එකේ වීඩියෝ තුනක් මෙතන තියෙනවා. 1, 2, 3. මේ වගේ වැඩ සටහන් කලාතුරකින් තමා දකින්න ලැබෙන්නේ. මීට කලින් මන් දැකලා තියෙන්නේ Lonely Planet එකේ ලංකාව සහ මාලදිවයින ගැන ගිය වැඩසටහන විතරයි.
මේ වෙනකොට යුද්දෙත් ඉවර වෙලා නිසා ලංකාවේ සංචාරක කර්මාන්තයට සම්බන්ද අය ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ අපේ සංචාරක ව්යාපාරය දියුණු වෙයි කියලා. ඉතින් අපේ රටට පිට රටවල අය එන්න නම් එයාලට අපේ රට ගැන දැන ගන්න මේ වගේ වැඩ සටහන් ගොඩක් ප්රයෝජනවත් කියලා මන් නම් හිතන්නේ.
ලංකාවෙන් දාස් ගානක් අවුරුද්දකට ඉන්දියාවේ ගියාට ඉන්දියාවෙන් මෙහෙට ඒකෙන් දහයෙන් එකක්වත් පිරිස් එනවද මන්දා ඉතින් එයාලට මේ වගේ ඒවා බැලුවම මෙහෙ එන්න සමහර විට ආසා හිතෙන්න පුළුවන්.
ඉතින් ඔය ඉහල තියෙන දෙවෙනි වීඩියෝ එකේ තියෙනවා මගේ ප්රියතම පානය මේ ඉන්දියානුවෝ දෙන්නත් රස බලනවා. හැබැයි උන් දෙන්න නම් රස බලන්නේ අමුවෙන්ම තමා. ලංකාවේ කෑම බීම ගැනත් මේවායේ තියෙනවා. විවේක වෙලාවක නිකන් බලන්නකෝ.
ලංකාව ගැන මේ (1, 2) වගේ දැන්වීම් ප්රචාරය වෙන කාලෙක අපේ රටට කැමැත්තක් ඇතිකරවන ඒවා හරිම වටිනවා
දැන්වීම් උපුටා ගැනීම w3lanka
Can't read
අයිතිවාසිකම්
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
පැරණි ලිපි
- ▼ 2010 (32)
- ► 2009 (122)
Highway On My Plate එකේ ඉදිරිපත් කරන දෙන්න ලංකාවට ආපු එකේ වීඩියෝ තුනක් මෙතන තියෙනවා. 1, 2, 3. මේ වගේ වැඩ සටහන් කලාතුරකින් තමා දකින්න ලැබෙන්නේ. මීට කලින් මන් දැකලා තියෙන්නේ Lonely Planet එකේ ලංකාව සහ මාලදිවයින ගැන ගිය වැඩසටහන විතරයි.
10 අදහස්:
- ම said...
-
මම නම් කැමතිම දේ තමා මේ නිවේදකයෝ දෙන්න අපේ කෑම බීම ගැන කියන ඒවා. අහන්න වටිනවා. විශේෂ දේවල් නෙමෙයි අපි මේ එදිනෙදා කන බොන ජාති ගැන
- malee_msg said...
-
අනේ තෑන්ක්ස් මරේ... මං මේකේ අර කලින් ඔයාම දාලා තිබ්බ එක විතරයි බලලා තිබ්බේ.. තැන්ක්යූ වේවා ඉතිරි ටිකත් දැම්මට...
- LG said...
-
තෑන්ක්ස් සහෝ..මමත් මේ බලන්න හදන්නේ..
-
ලංකාවේ කෑම වල අගය තේරෙන්න ලංකාවෙන් ඈත්ම වෙන්න ඕනා මචෝ. එතකන් තේරෙන්නේ නැහැ. :)
ස්තූතියි මචෝ මේ වැඩසටහන් ගැන අපිව දැනුවත් කරනවට.
- දුකා said...
-
ela ela mare . . . .
- h said...
-
happa kela purawagena baluwa videos deka.
- දුකා said...
-
මරේ උඹ අර ඔය කමු බොමු එකට මටත් සෙට් වෙන්න කියලා මේල් එකක් එව්ව කිව්වට එහෙම එකක් මට ලැබිලා නෑ නේ . . ආයේ පාරක් එවන්න පුලුවන්ඩ . . ??
[email protected] එකට එවපන් . .
- ම said...
-
තවත් එකක්
http://www.tubaah.com/details.php?video_id=125046
- සරදියල් said...
-
ෆට්ට තෑන්කූ කිව්වා දැම්මට....
- machan said...
-
එල එල අපේ දෙවල් තමයි බන් වටින්නෙ.. | hplt_2 |
තුලනාත්මක මනෝ විද්යාව
මනෝවිද්යාඥයෝ සහ විද්යාඥයෝ සෑම විටම තුලනාත්මක මනෝවිද්යාව හා එකඟ නොවෙති. මෙය පුළුල්ව ගත් කළ මිනිසා හැර අන් සත්වයින්ගේ හැසිරීම් සහ මනස ගැන කරන අධ්යයනයකි. තවද අවධාරණය කළ යුත්තේ සත්ව විශේෂ අතර සංසන්දනයක් තිබිය යුතු බවය. (මිනිසා සහ සත්වයින් අතර සංසන්දනය ඇතුළුව) නමුත් ඇතැම් පර්යේෂණකයින්ගේ මතය වනුයේ මෙලෙස සංසන්දනයට වඩා තනි සත්ව විශේෂයක් ගැන සවිස්තරාත්මක අධ්යයනය වඩා යෝග්ය බවයි. ඩොනල්ඩ් ඩෙස්බරි විවිධ මනෝවිද්යාඥයින් සහ ඔවුන්ගේ අර්ථ දැක්වීම් පුළුල් ලෙස අධ්යයනය කිරීමෙන් පසු තුලනාත්මක මනෝවිද්යාවේ පරමාර්ථය ලෙස ඉතා කිට්ටු සහ මූලික හේතු කාරකයන් ගැන ඒකාග්රතාවය යොමු කිරීම ලෙස හැඳින්විය. මෙය එම විෂය ක්ෂේත්රය ගැන පහදා දීමට අසමත් වුවද ගැළපෙන අර්ථ දැක්වීමක් තවමත් හඳුනාගෙන නොමැත. වඩා යෝග්ය අර්ථ කථනයක් ගැන විමසීමේ දී තුලනාත්මක මනෝවිද්යාව යනු හැසිරීමේ පරිණාමය සහ වර්ධනය ගැන අධ්යයනය ලෙස හැඳින්විය හැක.
තුලනාත්මක ප්රවේශය අනුව කිසියම් හැසිරීමක් විවිධ ආකාර 4ක් මගින් අධ්යයනය කළ හැක. (Niko Tinbergen ට අනුව)
- කිසියම් හැසිරීමක් සත්වයින් තුළ කොතරම් දක්නට ලැබේද?
- එම හැසිරීම ජීවිත කාලය තුළ ප්රජනන ක්රියාවලිය සාර්ථක වීමට බලපා ඇත් ද? (එනම් එම හැසිරීම පෙන්වන සතුන් හැසිරීම නොපෙන්වන සතුන්ට වඩා වැඩි පැටවුන් ප්රමාණයක් බිහි කරයි ද?)
මෙම ප්රධාන සිද්ධාන්ත දෙක මගින් එම හැසිරීම මූලික හේතු කාරකය පහදා ගත හැක.
- එම හැසිරීමට බල පෑ යාන්ත්රණය කුමක්ද? (එනම් කුමන කායික විද්යාත්මක, චර්යාත්මක සහ පාරිසරික සාධක මෙම හැසිරීම උත්පාදනයට අවම ලෙස බලපා ඇත් ද යන්නයි.
- පුද්ගලයෙකුගේ (චර්යා) එම හැසිරීම් වර්ධනය කොපමණ වේද? (එනම් අදාල හැසිරීම දැක්වීමට කුමන් ඉගෙනීමක්, සමාජ අත්දැකීම් සහ පරිණතභාවයක් පුද්ගලයෙකු විසින් ලබා ගත යුතු ද යන්නයි)
මෙම ප්රශ්න දෙක මඟින් අදාල චර්යාවක් සඳහා ආසන්න හේතු කාරක වන සාධක ගැන අවබෝධයක් ගත හැක.
ඉතිහාසය[සංස්කරණය]
චාල්ස් ඩාවින් තුලනාත්මක මනෝ විද්යාවේ මූලික පුරුකක් වෙයි. ඔහුගෙන් ලද දායකත්වයක් නිසා මනෝවිද්යාව පූර්ව සහ පශ්චාත් ඩාවින් ලෙස හැඳින්විය යුතු බවට ද අදහස් විණි. ඩාවින්ගේ සිද්ධාන්ත මත උසස් මානසිකත්වය, ආචාර ධර්මයන්, අධ්යාත්මයන් වැනි මිනිසාගේ පැවැත්මට බලපාන සාධක ද පරිණාමයේ මූලධර්මවලට අනුකූල බවට උපකල්පන බිහි විණි. ඩාවින්වාදයට එරෙහිව නැගී බලගතු ප්රතිමතයක් වන්නේ ජෝර්ජ් රෝමාන්ස්ගේ anecdotal movment මතය වෙයි. ඔහු විසින් සත්වයින්ට අසංවර්ධිත මිනිස් මොළයක් ඇති බව ඔප්පු කර ඇත.
19 වන සියවසේ දී අගභාගයේ දී විවිධ විද්යාඥයින් විසින් මෙයට බලපෑම් කරන ලදී. පළමු ජීව විද්යාත්මක පර්යේෂකයා ලෙස හඳුන්වන ඩග්ලස් ඇලෙක්සැන්ඩර් කුරුල්ලන් ආශ්රීතව කෞශල්යය , ධාරණය සහ ශ්රවණය හා දෘශ්ය වර්ධනයට අදාල පර්යේෂණ කරන ලදී. ජැක්ස් ලියොබ් විසින් හැසිරීම වාස්තවිකව හැදෑරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. සර් ජෝන් ලුබොක් සංකීර්ණ සහ ප්රහේළිකා උපයෝගී කර ගනිමින් ඉගෙනීම අධ්යයන සඳහා ගෞරවය ලබයි. ලුවිස් හෙන්රි මෝර්ගන් අප ලෝකයේ ජීවත්වන ආකාරය විග්රහ කළ ප්රථම මානව ධර්ම විද්යාඥයා වෙයි.
තුලනාත්මක මනෝවිද්යාවේ ඉතිහාසය පුරාවටම විවිධ සත්ව විශේෂ ඇසුරින් අධ්යයනය කරමින් ඒවා ඔවුන්ගේ මනෝ විද්යාත්මක හා පාරිසරික පසුබිම අනුව පහදා දීම මගින් මෙම ක්ෂේත්රයේ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කරයි. චර්යාත්ම පාරිසරික විද්යාවේ 1970 දී එහි මූලික දැනුම මත සැබෑ තුලනාත්මක මනෝ විද්යාවක් බිහි විය. තුලනාත්මක මනෝ විද්යාව සමාජයන් තුළ සහ අධ්යයන සඟරාවන් තුළ සුරක්ෂිතව යොදවා ගැනීම නිසා එම පදය ව්යවහාරයෙන් නැතිවී යාමට ඉඩක් නොමැති තරම්ය.
විවිධ සත්ව විශේෂවල බුද්ධියේ ඇති වෙනසට හේතුව තුලනාත්මක මනෝ විද්යාඥයින්ගේ දිගු කල් පවතින ප්රශ්නයකි. මෙය එතරම් හොඳ ප්රශ්නයක් ලෙස නොසැළකීමට ප්රයත්න දැරුව ද එය එතරම් පහසු නැත. විශේෂයෙන්ම තුලනාත්මක මනෝ විද්යාවේ මුල් කාලවලදී විවිධ සත්ව විශේෂ විවිධ කාර්යයන් ඉගෙන ගන්නා අයුරු අධ්යයනය කර ඇත. ආපසු හැරී බලන කල මෙම අධ්යයනයන් තුළ විවිධ කාර්යයන්වල ඇගයුමේ වෙනස සහ තෝරා ගත් සත්ව විශේෂය නිසා එතරම් සංකීර්ණ ලෙස ගිණිය නොහැක. නමුත් නූතන තුලනාත්මක අධ්යයනයන් වඩාත් සාර්ථක වී ඇත. එනම් චර්යා ධර්ම සහ චර්යා පාරිසරික විද්යාව , සන්සන්දන විද්යාව මත පදනම්ව සත්ව විශේෂ තෝරා ගැනීම සහ පර්යේෂණ සඳහා යොදා ගන්නා කාර්යයන් නිර්ණය කිරීමත් නිසාය. | hplt_2 |
නිලේන්ද්ර දේශප්රිය අධ්යක්ෂණය කළ “තන්හා රතී රඟා”(Between Yesterday & Tomorrow)
චිත්රපටය කේරළ සිනමා උළෙලේ
World Cinema Official Selection
සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් තේරී පත්ව ඇත. මෙවර 18 වැනි කේරළ ජාත්යන්තර සිනමා උළෙල හෙට (06) සිට 13 වැනිදා දක්වා කේරළයේ ත්රිවාන්ද්රම්හිදී පැවැත්වීමට නියමිතය.
තන්හා රතී රඟා, තිස් වසරක් පුරා පැවැති යුදමය වාතාවරණය නිමාවීමත් සමඟ ඇති වූ සාමකාමී වාතාවරණය තුළ චලෙයි ප්රදේශයේ සංචාරයක් සඳහා යන තරුණයන් තිදෙනෙකු වටා ගෙතුන අපුරු කතා පුවතක් රැගෙන එන චිත්රපටයකි.
මෙහි පිටපත සරත් කොතලාවල සහ කුමාර
තිරිමාදුරගේ වන අතර සංගීතය ගයත්රි කේමදාස සහ අනූපා කේමදාස විසිනි. සරත් කොතලාවල,
කුමාර තිරිමාදුර, නාමල් ජයසිංහ, සුලෝචනා වීරසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා
වීරසිංහ, නීටා ප්රනාන්දු, කමල් අද්දරආරච්චි, දයාදේව එදිරිසිංහ ඇතුළු පිරිසක් තන්හා
රතී රඟාහි චරිත මවති.
....සම්පූර්ණයෙන් කියවන්න | hplt_2 |
Friday, July 27, 2012
පුනර්භව පර්යේෂකයෙක් වෙන ආකාරය... (ස්වයං රැකියා අත්වැල - 01 කොටස)
101 comments:
අනේ මන්ද මම ඊයෙ ඔය නිව්ස් එක දැක්ක. මටත් හිතුනේ මුං මොන වගේ බූරු නඩයක්ද කියලා. බුදු දහමේ මම දන්න තරමින් පුනරුත්පත්තියක් ඇත්තේ නැහැ. පුනර්භවයක් නම් තිබෙනවා. ඒ මෙහෙම ගෙඩිය පිටින් ගිහින් වෙන තැනක පහල වෙන දෙයක් නෙමේ. මනෝ කාය, පුනරුත්පත්තිය වගේ දේ කොහෙන් ආවද කියලා හිතන්න අමාරුයි. අනික බුදු දහම තියන රටක.ReplyDelete
ඔබ හරි එළ ගොන්නු ටිකකුයි, එළ හරකෙකුයි, ඔය අනිත් අඩුම කුඩුම ටිකකුයි ඇත්නම මේවත් වැඩද?Replies
- AnonymousJuly 27, 2012 at 12:17 PM
මහත්තයෝ, ආත්මය ගෙඩි පිටින් නෙවෙයි නම් ලෙල්ල ගහලද ඊළඟ "භවයට" යන්නෙ? පොත පතේ ලියල තියෙන දේවලට අමතරව එහෙම වෙනවා කියල එකම සාධකයක් හරි දෙන්න පුළුවන්ද? ඔහෙත් මේ මිථ්යාවෙම කොටසක් තමයි, බොරු "පොර ටෝක්" දුන්නට.Delete
- AnonymousJuly 27, 2012 at 12:21 PM
මචං ඇනෝ මේ වෙදා පුනර්භවය ඇත්ත කිව්වාම එතන ගිහින් ඒකටත් ඔව් කියනවා. මේ වගේ ලිව්වාම මෙතන ඇවිත් මේකට ඔව් කියනවා. අම්මෝ මෙයාගෙන බෙහෙත් ගන්නත් බයයි.Delete
- AnonymousJuly 27, 2012 at 12:27 PM
@AnonymousJuly 27, 2012 12:21 PM,Delete
ඇත්ත තමයි. එයාට ලොකු උවමනාවක් තියෙනවා එයා මහා ලොකු "ශාස්ත්රීය", "විද්යාත්මකව හිතන" පොරක් කියල පෙන්නගන්න. හැබැයි මෙයත් ඒලියන්ත වයිට්, සූරියප්පෙරුම, නලින් ද සිල්වා සෙට් එකේම කෙනෙක් තමයි. "විද්යාත්මක" කියන වචනෙ තේරුම වත් දන්නෙ නෑ. එකම වෙනස අර කලින් කියපු අය මහින්දට කඩේ යනකොට මෙයා නොයෑම.
පොතේ තියන සාධක කියන්නේ... මම නම් දන්න පොත් තමයි ත්රිපිටකය. කැමති නම් බලන්න මජ්ජිම නිකායේ තියන මහා තණ්හාසංඛ සූත්රය. කියවලා තේරුම් ගන්න. එයිට වඩා පොතේ නැති සාධක දෙන්න ගියොත් නම් ඔය පත්තරේ කියලා තියන බූරුවන් ගානටම වැටෙනවා. මහත්තයා මගේ මිත්යාව මම බලා ගන්නම්.Delete
- AnonymousJuly 27, 2012 at 12:34 PM
අමුතුවෙන් වැටෙන්න දෙයක් නෑ මහත්තයෝ, ඔයත් මෙහි සඳහන් අයගේ වර්ගයේම කෙනෙක් තමයි. :-)Delete
ඔයා මිථ්යා විශ්වාස තියා ගත්තාට අපට කමක් නෑ. පඬි ටෝක් දිදී අනුන්ට පොවන්න යන්න එපා. ඔයා වගේ පිරිස් අනිතමට නතර වෙන්නේ පරම්පරා පිරින් මෝඩයින් කරලා.
- AnonymousJuly 27, 2012 at 12:36 PM
මහත්තයෝ. තව එකක් අහන්න තියෙනවා. හැම පොතකම තියෙන හැම දෙයක්ම ඇත්තද? එහෙම නැත්නම් පොත්වල තියෙන දේවල් වලින් ඇත්ත/නැත්ත වෙනස් කරලා හඳුනා ගන්නේ කොහොමද?Delete
- AnonymousJuly 27, 2012 at 12:53 PM
To the ano that has replied:Delete
You are referring to Christianity, Islam, Hinduism and various other "Athma" related religions. Buddhism denies such an "Athma" hence the term "Anathma". Please have your facts right before criticizing someone, even a perv like this Weda.
- AnonymousJuly 27, 2012 at 1:17 PM
@AnonymousJuly 27, 2012 12:53 PM,Delete
Don't get confused with terms. Strictly speaking, any religion that speaks about rebirth of any sort cannot be 'anathma' (soul-less). If there is no soul there cannot be a rebirth. The life ends with death. If that is what Buddhism says (which I don't think) that is perfectly acceptable with science.
"I regard the brain as a computer which will stop working when its components fail. There is no heaven or afterlife for broken down computers; that is a fairy story for people afraid of the dark,"
- Stephen Hawking
This comment has been removed by the author.Delete
- AnonymousJuly 27, 2012 at 3:09 PM
AnonymousJuly 27, 2012 1:17 PM:Delete
I don't agree. The term Anathma in Buddhism is defined in the most detailed manner, so detailed that one can even suspect the influence of Hinduism on the terminology in Buddhism. Anathma can be loosely analogous to something like the set of frames in a film reel you perceive as one continuous video.
Disclaimer: I'm not a Buddhist, and I rely on what you've quoted from Stephen Hawking. I don't believe in afterlife. Just wanted to counter these idiots who use such a valuable set of preaching as Islam.
- AnonymousJuly 27, 2012 at 3:14 PM
*Disclaimer: I'm not a Buddhist, and I rely on what you've quoted from Stephen Hawking. I don't believe in afterlife. Just wanted to counter these idiots who use such a valuable set of preachings as Buddhism, as Islam or Christianity.Delete
- AnonymousJuly 27, 2012 at 3:27 PM
/The term Anathma in Buddhism is defined in the most detailed manner/Delete
May I know that definition?
- AnonymousAugust 8, 2012 at 1:50 AM
AnonymousJuly 27, 2012 12:17 PMDelete
ලත් තැනම ලොප් වුනානේ, බුදු දහමේ කොහෙද කොල්ලො ආත්ම සංකල්පයක්
ඔන්න කරනවානම් විදිය ..ReplyDelete
චාමි මේ වගේ රැකියා හුරු කරන එක හොඳයි. එතකොට සක්විතිලා වෙනුවට මේ වගේ රස්සාවක් හරි කරගෙන ඉඳියිනේ බ්ලොග්කාරයෝ...ReplyDelete
:DReplies
ඒකෙත් මැක්කා :)Delete
- AnonymousJuly 27, 2012 at 4:00 PM
misinussu ithaliyata edala keeyak hari gaaaana kapa ganna eka meeta weiydia sondai neda anee puvera passa?Delete
- AnonymousJuly 27, 2012 at 11:31 AM
බුද්දාගම බොරුයි කියන මැක්ක නං දිලිසි දිලිසි ඉන්නවReplyDeleteReplies
- AnonymousJuly 27, 2012 at 12:31 PM
සියළු ආගම්වල වැඩි හරියක් ඇත්තේ මිථ්යාවන්ය. යම් ආගමකය "බුදු" කියන විශේෂණ පදය එක් වූ පමණින් ඒ ආගම මිථ්යාවන්ගෙන් විනිර්මුක්ත නොවේ.Delete
- AnonymousJuly 27, 2012 at 6:13 PM
patta aththa.Delete
- AnonymousJuly 27, 2012 at 10:10 PM
[සියළු ආගම්වල වැඩි හරියක් ඇත්තේ මිථ්යාවන්ය. යම් ආගමකය "බුදු" කියන විශේෂණ පදය එක් වූ පමණින් ඒ ආගම මිථ්යාවන්ගෙන් විනිර්මුක්ත නොවේ]Delete
විද්යා ආගමේ තලිබාන් භාවය!
- AnonymousJuly 29, 2012 at 2:12 PM
@අන්තිම anoDelete
ෂුවර්ද?
- AnonymousJuly 31, 2012 at 7:54 AM
ඇයි, සුවර් නෑ වගේ ද?Delete
- AnonymousAugust 11, 2012 at 10:50 PM
ෂුවර් කියල පේන්නෑ!Delete
එල! ලෙසටම ලියල තියනව.ReplyDelete
අර අවශ්ය ද්රව්ය ලිස් එකට විද්යාව දන්න කෙනෙක්(බී ඇස් සී උපාධිධාරියෙක් නං වඩා හොඳයි) හිටියනං කවුරු කොහොම ප්රශ්න ඇහුවත් විද්යාවෙන් පැහැදිලි කරන්න තිබුන.Replies
BSC ඕනෙ නෑ රාජ්. දොරමඬලාව සාර සංග්රහයට පිංසිද්ද වෙන්ඩ දැං වෙනකොට කවුරුත් වගේ විද්යාව දන්නවා.Delete
- AnonymousJuly 27, 2012 at 2:59 PM
බහුශෘත බව පෙන්නන ට්රයි කරන ඇනෝ කෙනෙකුත් එක්කහු කරගත්තනම්!Delete
-Gamaya-
- AnonymousJuly 27, 2012 at 3:29 PM
පොර වෙන්ඩ දඟලන ආයුර්වේද වෙදෙකුත් ඕනැ.Delete
- AnonymousJuly 27, 2012 at 11:50 AM
බුදුගුණ ගස් ගල් වලටත් දැනෙනවා. ඒක තිරිසනෙකුට කියල නොදැනී තියෙන්ඩ බැහැ. බුද්ධ දේශනාව මෙහෙම ඇස්පනාපිට සත්ය බවට ඔප්පු වෙද්දි මැවුම්වාදී බොරුකාරයින්ට තමයි කෙලවෙන්නෙ. අන්න එතකොට තමයි උඹලට කැසිල්ල හැදෙන්නෙ.ReplyDeleteReplies
- AnonymousJuly 27, 2012 at 12:42 PM
/බුදුගුණ ගස් ගල් වලටත් දැනෙනවා./Delete
ප්රාථමික හෝ ස්නායු පද්ධතියක් නැති වස්තුවකට "බුදු ගුණ" හෝ වෙන කිසි ගුණයක් හෝ "දැනෙන්නේ" කෙසේදැයි පහදා දුන මැනැවි.
- AnonymousJuly 27, 2012 at 10:11 PM
ස්නියු පද්ධතියෙන් තොර දැනීමක් නැති ඉව පළමුව ඔප්පු කර සිටින්න.Delete
- AnonymousJuly 27, 2012 at 10:38 PM
කතුරක් අරගෙන ඔයාගෙ ඔලුවෙ කෙස්ගස් ටිකක් දෙකටමෑදින් වෙන්වෙන්න කපාගන්න.රිදෙනවද නෑ නේ.ස්නායු නෑති නිසා තමයි සවේදනයක් නෑත්තේ.Delete
ඊට පස්සේ අහවල් ඵකත්, තියනවානම් ඵ් වගේම කපාගෙන බලහන්.ඵතකොට බලගන්න පුලුවන්.
- AnonymousJuly 29, 2012 at 6:33 AM
පැරමීසියම් අල්පෙනෙත්තෙන් අනින විට පනින්නේ කවර ස්නායු බලයකින්ද යන්න පැහැදිලි කරනු මැනවිDelete
- AnonymousJuly 30, 2012 at 1:11 AM
මොනවද බන් පෑරමීසියම් කියන්නේ?Delete
ස්නායු නෑති ගල් වලට බුදුගුණ දෑනෙනව කියලා ඔප්පුකරහන්.
උබට මේ පාර නොබෙල් තෑග්ග ලෑමෙනඵක ශුවර් මචන්.
- AnonymousJuly 30, 2012 at 3:00 PM
පැරමීසියම් දන්නෙ නැත්නම් ඔයා එක්ක කතා කරල වැඩක් නෑ. විද්යාවේ සීමා ගැන පොඩ්ඩක් හරි දැන ගන්න විද්යාව හොදට දැන ගන්න ඕන. එහෙම නොදන්න අතදරුවො එක්ක peek-a-boo වගේ සෙල්ලම් තමා හරියන්නෙ.Delete
ගස් වලට දැනිම් දැනෙන බව සා/පෙළ දැනුමෙන් උනත් විස්තර කරන්න පුළුවන්නේ... ලොල්... දෙයක් භාගෙට ඉගන ගත්තාම වෙන හදිය...Delete
පැරමිසියම් ඔනෑ නෑ... ඇහැට පෙන්නෙ නෑනේ.. ඒත් ගස් කොලන් වල තියෙන ගුරුත්වාවර්තී
චලිතය, ප්රභාවර්තී චලිතය ගැන මොකො කියන්නේ...? එතකොට සීලොමදර සත්තුන්ට ඉස්නායු පද්දතියක් තිබිලද උන්ට දැනිම් දැනෙන්නේ... ස්නායුවක් කියන්නෙ පරිනාමිකව දියුනු ජිවින්ට ලැබුනු ආභරනයක් මිසක් අහවල් එකක් නෙවෙ... ස්නායු නැතිව ජිවත් වෙන සත්තු උනත් කොච්චර ඉන්නවද..
- AnonymousJuly 27, 2012 at 11:57 AM
ඔක් දාල තිබ්බ අඩවියේ තියෙනවා දැක්ක මේ නයා මස්මංසා කෑමෙන් වැළකිලා හිටිය එකෙක් ලු ... මම දන්නා තරමට නය් වෙගිටෙරියන් නෙවි .... මේ වගේ මෝඩ කතා වලට බැනල දාන එකෙන් බුදුදහමට අපහස වෙනවා කියන එවුන්ගේ මොලේ පරික්ෂා කලයුතුයReplyDeleteReplies
මරු මරු..ReplyDelete
දැන් ඉතින් රස්සාවල් ගැන වද වෙන්නේ නෑ..:ඩී
ape paththeth hitiya oya nai lamayek.dewalayak hadala minissungen salli gara gara iddi balumgalin wade dunna.ReplyDeleteReplies
ඔය පැත්තෙම හාදයෙක් නේද 'නොනිමි අහස' කියල බ්ලොග් එකක් ලියන්නෙ? මෑන්ද දන්නෑ. :)Delete
- AnonymousJuly 27, 2012 at 12:14 PM
යුද්දයෙන් පස්සේ අපේ රටේ ජන මාද්ය එක්තරා විදිහක අතරමං වීමකට ලක්වුණා.දැන් එයාලට ලියන්න දේවල් නැහැ.මේ වගේ මෝඩ කතා ලියන්නේ ඒකයි.ReplyDelete
- AnonymousJuly 27, 2012 at 12:25 PM
මේ.. මං වැඩේට අකමැතියි. මගෙ හිට් එක ආපහු දියංReplyDelete
නස්රුදීන් දවසක් එළියට බැහැලා බලනකොට පොඩිඋන් ටිකක් සෙල්ලම් කරකර ඉන්නවලු. අඹරන්නම් හොද ගුලියක් කියලා හිතලා අත්පුඩියක් ගහලා පොඩි උන් ටිනට කතා තළාලු.ReplyDelete
"ළමයිනේ ඔතන නිකත් දගල දගල ඉන්නෙ....දන්නෙ නැද්ද හන්දියේ ටොපී බෙදනවා....."
හරි....! ගුලිය ගිල්ලා, නස්රුදීනුත් ගෙට ගියා.
ටිකකින් මිනිහා ආයෙත් එළියට ඇවිල්ලා බලනකොට හන්දියේ සෙනග පිරිලා...
***.....අම්මටු හුඩු ඇත්තටම ටොපී බෙදනවද දන්නෙ නෑ....*** එහෙම හිතපු නස්රුදීනුත් ගිහින් පෝලිමට රිංගුවාලු.
ඔය පත්තර පඩංගුවල ලියන මාජ්ජිවේදීනුත් නස්රුදීනට වෙනස්වෙන්නෙ නෑ. උනුත් පහුවෙනකොට තමන් ලියපු බොරුවට තමන්ම රැවටෙනවා. එතෙකින් නොනැවතී ඒ බොරුව වෙනුවෙන් පෙනී ඉන්නවා.Replies
- සජීව ධනුද්ධරJuly 27, 2012 at 1:07 PM
නියම උපමාව.Delete
මුගෙ උපමා නං හොඳයි. නයි ඇරල පටංගත්තු බ්ලොගේ නොලියන එකයි ප්රස්නෙ :)Delete
- AnonymousJuly 27, 2012 at 10:12 PM
උදාහරණ, දෙමළාට විශේෂිත වූ ප්රශ්නDelete
එතකොට charmi නමින් දෙවෙනි පොස්ට් එකේ කමෙන්ට් කළේ වෙන කෙනෙක්ද ?Delete
රියර් ගේට් ලින්ක් එක charmi නමින් ලින්ක් කරලා ඇනෝ කමෙන්ට් එකක් දාලා තිබුනා දැනුයි අහුවුනේ, (මාව අන්දලා වගේ ):)
- සජීව ධනුද්ධරJuly 27, 2012 at 11:35 PM
@ CharmiDelete
//මුගෙ උපමා නං හොඳයි. නයි ඇරල පටංගත්තු බ්ලොගේ නොලියන එකයි ප්රස්නෙ :)//
ඒකත් නියම කියමන....
කමෙන්ට් කලේ මම තමා. උඹට ඒක දෙක උනාට අපිට එක හරිය? ඒකෙන්නෙ කතාව පටන්ගන්නවයි කිව්වෙ.Delete
වහාම දෙක දාපං....!!
- AnonymousAugust 17, 2012 at 5:32 AM
Well saidDelete
තාමත් අපේ බොහොමයක් මිනිස්සු හිතාන ඉන්නේ මෝහනය කරලත් පෙර ආත්මයක් ගැන හොයා ගන්න පුළුවං කියලා. ඕන්නං ඒ කෙනුත් චුට්ටං ස්වයං රැකියාවක් කරගන්ට පුළුවං වෙයි!ReplyDelete
නයි අල්ලං නයි ඇරීම! :DReplies
ඕක කොරන්ඩ පුළුවන්නම් ඩොලර් මිලියනයක් දෙන්න සූදානම් සංවිධාන කිහිපයක්ම තියනව.Delete
පුළුවන් කෙනෙක් කරල පෙන්න්ඩ. මෙන්න ලිස්ට් එක http://en.wikipedia.org/wiki/List_of_prizes_for_evidence_of_the_paranormal
නියමයි මචං..ReplyDelete
මම දැකපු හොඳම ලිපියක්ReplyDelete
මට මතක විදිහට 90' ගනන් වල මුල හරියේ, Non-stop කැසට් එකක සිංදුවක් තිබුනා මේ වගේ..ReplyDelete
මැරිච්ච කපුටෙක්, කුකුළෙක් වෙලා ඉපදිලා..
හරි ලස්සන කතා කියනවා..
කැඩිච්ච පුටුවක් උඩ ඌ බලෙන් නග්ගලා..
පත්තරේට පොටෝ ගහනවා..Replies
- AnonymousAugust 6, 2012 at 2:15 PM
අඩෝ මම ඒ නොන් ස්ටොප් කැසට් එක තාම හොයනවා බං.. පට්ට බයිලා සෙට් එකක් තිබ්බේ... මචෝ ඒකේ නම උඔට මතකද ?Delete
අවුරුදු 7-8 කට ඉස්සර අම්පිටියේ මං දන්න ගෙදරක වත්ත පහල සුදු නයෙක් පැලපදියං වෙලා හිටියා. පොඩි උන් තුන් හිටපු නිසා ගෙදර පොර එහෙන් මෙහෙන් වලිය අදින කොට මූ හිමීට මාරු වෙලා ගිහින්.ReplyDelete
මේ කාලෙ හොඳටම මාකට් කරන්න පුළුවන් දේ තමයි දෙන්න ඕන.බෝගස් වලින් මතු වන බුදු රූප,විශ්ව ශක්තියෙන් ලෙඩ හොඳ කරන ඒවා,දේව බලයෙන් ආසනික් හොයන හැටි වගේම පුනුරුප්පත්තියත් හොඳටම මාකට් කරන්න පුළුවන්.ඔය සමහර පත්තර වල සතිපතා යන්නේ පුනුරුප්පති කතා කොලමක්.අර කිව්වහේ කවුද එන්නේ වාද කරන්න “අපි නොදන්න දේවල් එකපාරටම බැහැර කරන්න බෑනෙ මිස්ටර්... මේ ලෝකෙ අපිට ගෝචර නොවන දේවල් කොච්චර තියෙනවද? කියල කිව්වම. අද කාලෙ හොඳම රස්සාව ආධ්යාත්මවේදියා ජොබ් එක.!ReplyDelete
රට හරක්... ඔක්කොම විකෘති කරනවා පත්තරකාරයෝ...ReplyDelete
2012 අගදී ඇතිවන යුග විනාශයෙන් අනතුරුව ශ්රී රාවණා රජතුමා පහළ වූ විට එතුමා නියමාකාරයෙන් පුනරුප්පත්තිය පහදා දෙනු ඇත. එතෙක් බලන් ඉමු.ReplyDeleteReplies
හා...!Delete
:)
- AnonymousOctober 26, 2012 at 9:11 PM
හු*ත තමයි ඉතින්. ඔබතුමාට මෝංගල් බව සැවොම දනී. ඇත්ත වශයෙන්ම ඔබ තුමාගෙ bloගියත් මේ නයි යැවිල්ලේ ගනයටම තමා වැටෙන් නෙ.Delete
- AnonymousJuly 27, 2012 at 4:00 PM
අන්තවාදී කතොලිකයෙක් බුදු දහමට වක්රාකාරව පහර ගසයි. අග මුල නොතේරෙන උන් ඒවාට පෝර දමයි.රාවණවත් වර ඉක්මනටReplyDeleteReplies
- AnonymousJuly 27, 2012 at 6:16 PM
chaatar eka wahaganna ahemawath keyapan.Delete
- AnonymousJuly 27, 2012 at 8:59 PM
ඔන්න ඔතන තමයි අපිට වැරදුන තැන.අපේ මිත්යාව ගැන නෙමෙයි අනිත් එකාගේ අන්තවාදය තමයි අපි හොයන්නේ.අපේ රටේ අපිම පත් කරපු උන් අපිට කෙලිද්දී අපි උන් මවපු විදේශ බලවේග සතුරාට එරෙහිව නොකා නොබී යුද වදින්න හදනවා.රාවණ ඇවිල්ල ආගම බේර ගන්න තුරු දියසේන කුමාරය පහල වෙලා රට බේර ගන්න තුරු බලන් ඉමු!Delete
- AnonymousJuly 30, 2012 at 3:01 PM
රැඩිකල් බෞද්ධයා!Delete
මාත් හෙට ඉඳන්ම පටන් ගන්න ඕනි..:ඩීReplyDelete
- AnonymousJuly 27, 2012 at 7:39 PM
"පුනරුප්පත්තිය" කියන එක නම් මට පරිකල්පනය කර ගත්තෑකි. ඔන්න අපි දවසක මැරෙණව. (නින්ද යනව වගේ) ඊට පස්සෙ අවදි වෙන්නෙ වෙන තැනක. ශරීරයක් තිබුණට බරක් නෑ. සැහැල්ලුයි. ඇඳුම් තියෙනවද නැද්ද දන්නෙ නෑ. සමහරවිට හෙළුවෙන් වෙන්න ඇති. (අපි මැරෙණකොට අපේ ඇඳුමුත් මැරෙන්නෙ නෑනෙ.) සමහර විට දිවිය ලෝකෙ හරි අපායෙ හරි ඇඳුම් වෙන්න ඇති. (ඔය පන්සල් වල තියෙන්නෙ දෙවිවරුන්ගෙ රූප එහෙම.) දිවිය ලෝකෙ නම් ඔන්න ඕනැ තරම් බොන්න තියෙනව. ජොයින්ට් එහෙමත් ඇති. බඩුත් ඉන්නව. ඉතින් අපි උදේ ඉඳන් රෑ වනතුරු මධු බිබී, ජොයින්ට් ඇද ඇද, ලිංගික සංසර්ගයේ යෙදෙමින් ඉන්නවා. අපායෙ නම් ඒකෙ අනික් පැත්ත. ඔන්න යමපල්ලො ඇවිල්ල කටු ඉඹුලෙ නග්ගනව. මේ ටික මට තේරෙනව. වෙනවද නැද්ද කියල බලන්න වෙන්නෙ මැරුණම තමයි. හැබැයි වෙන්නෙ මොනවද කියල අඩු ගානෙ හිතේ මවා ගන්න පුළුවනි.ReplyDelete
මට තේරෙන්නෙ නැත්තෙ මේ "පුනර් භවය" කියන අණ්ඩර දෙමළෙ. ආත්මයක් කියල දෙයක් නැත්නම් මොන කෙහෙල්මලක්ද A ජීවියාගෙ සිට B ජීවියාට යන්නෙ? B ජීවියාට හැඟීමක්වත් නැත්නම් තමන්ගෙ පෙර භවය ගැන ඒක වැඩිය කිට්ටු අළුත් ජීවිතේකට නේද? (උදාහරණයක් හැටියට මම කලින් භවයක කරපු මට මතකත් නැති වරදකට මේ භවයෙදි කර්ම විපාක දීමේ තේරුම මොකද්ද?) අනේ දැනුම් තේරුම් තියෙන කෙනෙක් අර සුදු නයාගේ කේස් එක වගේ උදාහරණකින් මේ "පුනර් භවය" කියන අණ්ඩර දෙමළෙත් තේරුම් කරල දීපල්ලකො.Replies
- AnonymousJuly 27, 2012 at 7:45 PM
තව එකක්. දැන් ඉතින් ඔය මහත්තුරු අර සූත්රය කියවන්න, මේ සූත්රය කියවන්න, රේරුකාණේ හාමුදුරුවන්ගෙ මේ පොත කියවන්න කියන්න එපා. මට ඕවට වෙලාවක් නෑ. මේ වගේ සරල කාරණාවක් කෙටියෙන් කියල දෙන්න ඔය මේකෙ ඉන්න හැට හුටහමාරක් බෞද්ධයින්ගෙන් එක්කෙනෙකුට හරි පුළුවන් වෙන්න එපායැ. නැත්නම් මොකද්ද ඒ ගොල්ලන්ගෙ ධර්මඥානයෙන් ඇති වැඩේ?Delete
අනාත්ම සංකල්පයෙන් කියවෙන්නේ A ජීවියා මැරිලා ඊළඟ භවයට ගිහින් උපදිනකොට උපදින්නේ ඒ A ජීවියාම නොවන වග. ඔහු පෙර භවයේ කරන ලද කර්ම විපාක පමණයි මේ භවයට අදාළ වන්නේ. B ජීවියා ඇවිල්ලා සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ වගේම එය ස්ථීර දෙයකුත් නෙවෙයි. නිවන් අවබෝධ කරගැනීමෙන් සසර ගමන නැවැත්විය හැකියි.Delete
ආත්ම සංකල්පයෙන් අදහස් වෙන්නේ නම් කිසිම විදියකින් වෙනස් නොවන සදාකාලික ස්ථීර ආත්මයක් ජීවියෙක් සතු බවයි.
ප.ලි. මේ මගේ වැටහීම අනුවයි.
- AnonymousAugust 5, 2012 at 6:28 PM
ඇනෝ බුද්ධාගමේ නොවුනට ශක්ති සන්ස්ථිතියයි ස්කන්ධ සන්ස්ථිතියයි ගැන අහලා ඇති නේද? අපි අපේ කියලා දරාගෙන ඉන්න ශක්තිය අපේ මරණින් මතු තරන්ග ලෙස විශ්වයේ පවතිනවා. ඒම ශක්තියට ජීවයක් ලැබීම ජීවියකුගේ උපත්ක් ලෙස ගනණ් ගැනෙනවා. මාගේ මරනින් මතු අතිවන තරන්ග වෙන කෙනෙක්ගෙ මරනින් මතු අතිවන තරන්ග හා මිශ්ර වීමක් සිදුනොවන නිසා අපි මෙම ආත්මයේ කරන කුසලාකුසල කර්මයන් මතු භවයට ගෙනයමක් ලෙස හැදින්වෙනවා.Delete
මෙම සන්සිද්දිය දිගින් දිගට සිතීමේදි ඔබට වටහෙනවා නේද මම කියා පුද්ගලයෙක් නැතිබවත් කලින් කරන ලද කුසලකුසල කර්ම පලදිමක් (100% නොවේ) හා අලුත් කරම ඉපදවිමක් තමා මෙම ජීවිතේ කියන්නේ. අපි මම මාගේ කිය අල්ලගන ඉන්නේ හුදු ආත්මයක් පමණයි.
මෙම සන්ස්ථිති නියමයන් අදහන යුරොපීයන් ධර්මයක් ලෙස නොව දර්ශනයක් ලෙස බුද්ධාගම ඉගෙන ගනිමින් සහ පරීක්ෂණ කරමින් පවතිනවා.
-අම්බි
- AnonymousMarch 1, 2013 at 2:32 PM
ane palayan ban yanna Ambi! Umbai umbe puke tharangai ekathu wela thamai umbata tharanga pissu hedila tiyenne...Delete
මේ සෙල්ලමෙන් මාසේ වියදමට 2500 ට වඩා හොයාගන්නත් පුලුවන් වෙයි. කතාව සුපිරියි :)ReplyDelete
Gossip කියල නම් කරල තියන වෙබ් සයිට් එක්කට වඩා විශ්වාෂවන්ත මූලාශ්රයක් තවත් තියනවද!ReplyDelete
දැං ඕකෙං කීයක් විතර ශුද්ධ ලාභය තියෙනවද?????ReplyDelete
වැඩේ පටං ගන්න ඇහුවේ..
- AnonymousJuly 28, 2012 at 4:42 PM
මේක පනහදසකයෙ විතර වෙච්ච කතාවක්. නම්ගම් ලියවෙන ප්රදාන චරිතවන හිච්චි බප්පාත් ඉන්දරෙත් තවම ඉන්නව. මුලු සිද්දියම තනිකර සත්ය. මම එතකොට හිටියෙ මන්හිතන්නෙ තුනෙ නෙවිනම් හතරෙ පන්තියෙ විතර.ReplyDelete
එදා මමත්, හිච්ච් බාප්පත් ඉස්කොලෙ ගිහිල්ල. මුලු ගමේම ගින්දර වගේ දුවපු ආරන්චියකින් දවල් දහයට විතර ගමම හෙල්ලිලා හිටිය.
"පොල්හේනෙ (අපේ ගන්කිට්ටුව ගමක්) කිට්ටුව තේවත්තක පදින්චිවෙල ඉන්න පව්ලක ඉන්න අවුරුදු හතක විතර එකම කොල්ලට නයෙක් ගහන්න ඉන්නවලු. කොල්ලගෙ අම්මට තමයි ඊයේ රාත්තිරියෙ සුදු රෙද්දක් පෙරව ගත්ත මියගිය පරාන කාරයෙක් හීනෙන් පෙනිල කියල තියෙන්නෙ. උදේ බලනකොට සුදුම සුදුපාට නයෙක් මිදුලෙ කජ්ජු ගහගාව සේපාලිකාගහේ වෙලිලා ඉන්නවලු. මියගිය පරානකාරය හරියට වෙලාවත්දීල. ගහන වෙලාව හරියටම හවස තුනයි පාලහයි තප්පර ගානකුත් එක්ක. පොඩි එකා නයා ලගටම යනවලු. අල්ලනවත්ලු. ඌ නෙමෙයි ගානකටවත්. වෙලාව එනකන් වෙන්න ඈති මයිහිතේ. "
ඒ කිට්ටුව පන්සලක එතකොට හිටිය බොහොම ප්රසිද්ද හාමුදුරුවො කෙනෙක් සර්පයි කෑවහම මිනිස්සු උන්වහන්සෙ ලගට ගේන්නෙ හෑතෑම්ම ගනන් දුරඉදන්. මේක ගෑන උන්වහන්සෙගෙ තීන්දුව මෙච්චරයි.
"ඔයකියන වෙලවට කොල්ලගෙ මරුව ඔලුවෙ. වෙලාව එක තප්පරයක් හරි එහාට මෙහාට පන්නගත්තොත් මන් කොල්ලා ගොඩදාන්නම්."
පස්සෙ ඉතින් අර පව්ලමයි අඩුමකුඩුම ටිකයි දාගෙන බරබාගෙයක් බෑදගෙන කට්ටියම පන්සලට ගිහිල්ල.
කොහොමහරි නයාට වෙලාව පොඩ්ඩක් වරද්දගත්තොත් කොල්ලා ගොඩයිනෙ. නඩේම පන්සලට ඈවිත් බලනකොට මෙන්න එතනත් ඉන්නවලු නයා. දෑන්නම් ඉතින් මෑරිච්ච නෑයත් කියල තියෙන්නෙ ඈත්තම තමයි.
ඔන්න ඕකයි ආරන්චිය.
හිච්චි බාප්පත් ස්කෝලෙ ඈරිච්ච හෑටියෙම ගෙදර ගිහින් කෑව නොකෑව කාගෙදෝ බයිසිකල් කටුවකුත් ඉල්ලගෙන කෙලින්ම අපේ ගෙදර අවා.
"අක්කෙ මන් යනව නයා ගහනව බලන්න. පුතත් එක්ක යන්නෙයි."
හිච්චි බාප්ප අපේ අම්මගෙන් මගේ ගමනටත් පර්මිසන් ඉල්ලුව.
අම්මත් දෙපාරක් හිතුවෙ නෑ.
"අනේ මල්ලියෙ පුතාට ලගට යන්න දෙන්න එපා. හොදෙයි"
මාත් බයිසිකලේ ප්රේම් එකට ගොඩ උනා. බාප්පා මාවත් තියාගෙන පෑද්දා පන්සල කිට්ටුවටම යනකන් හාවක් හුවක් නෑ. දෑන් පිරිසත් ටික ටික එකතුවෙල.
බයිසිකල්වලින්.
පයින්.
පන්සලට යන්න පාරවල් දෙකයි. ලග පාර මඩවගුර. දෑන් තුනටත් කිට්ටුයි. ඔක්කොම කතාවක් නෑ. වඩා ලග මඩ පාරම තෝරගෙන පන්සල ලගටම ආවා.
මාරයි වෑඩේනම්.
එතන ඒ ගමේ කොල්ලො විසිපහක් තිහක් ඒකටම ලේහෙස්තිවෙලා ඉන්නව පිටින් යන කට්ටියට හූ කියන්නම.
"හූ නයා දෑක්කදෝ. හූ.......හූ..........මෙන්න නයා."
අනේ අපිත් ඉතින් වෙනවෑඩකට ආවා වගේ කෑ මඩ ඈති කියල ආයිත් මඩේ දගලන්න යන්නෙ නෑතුව දුරපාරෙන්ම ආව. හොද වෙලාවට අපිට වෑඩේ බලන්න යනකවුරුවත් හමු උනේ නෑ. අලුත් ප්රේක්සකයො ඔක්කොම මඩ කාගෙන කොට පාරෙන්.
ප.ලි.
මේ හිච්චි බප්ප තමයි ඔබාගෙ "තෝර බලයො" කතාවෙ ඉන්නෙ. අක්කගෙ නයිටිය ඈදගෙන බුදියගත්ත යාලුවත් එක්ක ඉන්දරේ ඈදේ බුදියගෙන ගෙන ඉන්නකොට ලගට ආවෙත් එයාමයි.
මෙතන මම කියන්නෙ ඔබාගෙ කතා බොහොමයක රගපෑම් කරපු ඉන්දරේ .
- MatrixJuly 28, 2012 at 6:24 PM
//ReplyDelete
මගේ බබාගේ වයස අවුරුදු දෙකයි. දැන් එයාත් වෙලාවකට කපුටෙක් වගේ කෑගහනවා. බබා කාක්කා එක්ක ගහ උඩ හිටියා කියනවා.
නරියා බබා ගෙන් කේජු කෑල්ල ගත්තා කියනවා.
බබා චුටි කුරුල්ලන්ට ඉගිලිලා ගිහිල්ලා කොටනවා කියනවා.
මම දැන් මොකද කරන්නේ. මෙයා ගිය ආත්මේ කපුටෙක්ද?
පසු වදන
කුඩා ළමයින් පොඩි කාලයේදී මේ වගේ ප්රබන්ධ කතා කියනවා. ඒක ඒ අයගේ නිර්මාණාත්මක හැකියාව එලි දැක්වීමක්. මේ දේවල් ලොකුවට අරන් පුනරුප්පත්තිය කියන වැඩිහිටියන්ට මානසික රෝගයක් තියෙනවද කියලා බලන්න ඕනේ
//
ලංකාවෙ මිනිස්සුන්ව කඩේ යවන්න නියම මාර්කටින් ට්රික් එක තමා මිත්යාව කියන එක.ReplyDelete
බොළඳ ආකල්ප, ගෝත්රික අදහස් තියෙන තාක් කල් රටකට ගොඩ යාමක් නෑ.....
දියුණු වෙච්චි රටවල් කිසිම ආගමක්, මිත්යාවක් නො ඇදහීම සහ එවැනි දේවල් වැඩියෙන් අදහන රටවල් කවදාවත් ගොඩ නොයාම.
ඇයි මෙහෙම වෙන්නෙ?
ප. ලි. - කවුරු හරි මේ බිස්නස් එක පටාන් ගන්නවනම් කියපල්ල මටත් හොඳට හූමිටි තියන්න පුළුවන්.
ප. ප. ලි - මමත් වයිද්ය උපදෙස් මත ගොසිප් කොමෙන්ටු නොබලමි.
//මාධ්යවේදියෙක්. (කලබල වෙන්න එපා. මේක හිමීට කරගත හැකිය)//ReplyDelete
ලීව කෙනාවමත් තෝරා ගත හැකිද? :D:D:DReplies
සිරාවට... :)Delete
ඔය නයි ආටිකල්එක මට ලියන්ඩ දුන්නනං ලියනවා කියෝන උංට නයි වෙන්ඩ හිතෙන ගානට........
දන්නෙ නැති නිසා අහන්නේ එතකොට පුනර්භව, පුනරුප්පත්ති කථා ඔක්කොම බොරුද?ReplyDelete
- AnonymousJuly 30, 2012 at 9:22 PM
100%ක් විශ්වාසයෙන් එහෙම කියන්න බෑ! මොකද අපි දන්නැති නිසා! වෙන්නත් පුලවන් නොවෙන්නත් පුලුවං.ReplyDelete
දැනට දන්න දරවල් වල විදියට නං නැති පැත්තට තමයි ගොඩක්ම කැරකෙන්නෙ.Replies
- AnonymousJuly 30, 2012 at 9:22 PM
*දේවල්Delete
- AnonymousJuly 31, 2012 at 11:27 AM
චාර්මියෝ, උඹ මෙහේ මොනවා කරනවද බං අන්න පෙරමුණේ රාළස් උඹට නෙළලා ඇති වෙන්න.ReplyDeleteReplies
- AnonymousJuly 31, 2012 at 11:31 AM
අපිට නං එහෙව් නෙලිල්ලක් පේන්නෙ නෑ.Delete
"මේ ගැන කතා කොරන්ඩ උත්තේජනයක් දුන්නේ පෑල දොරින් (Rear Gate) එන චාමිගේ “පුනර්භව පර්යේෂකයෙක් වෙන ආකාරය… “, කියන ලිපියත්, රැඩිකල් අදහස් ගේ “ගුරුත්වය දැනෙන අවයවය (නාථ දේවවාදීන්ට අහියෝගයක්)” කියන ලිපියත් නිසා."
අම්බෝ ඇති යාන්තං. මෙදා පාර දාල තියෙන්නෙ 'පෑල දොර' කියලා.... :)Delete
පුනර්භවය, කාලෝ ගේ අභියෝග සහ නාථ දෙවියන් | Rebirth, Carlo’s challenges and god NaathaReplyDelete
විශ්වාස නොකරමිReplyDeleteReplies
- AnonymousAugust 6, 2012 at 4:33 PM
oya wiswasa nokala kiyalaa apita mokada..Delete
- AnonymousAugust 11, 2012 at 10:52 PM
එයා එහෙම කිව්ව කියල ඔයාට මොකද?Delete
- AnonymousSeptember 20, 2012 at 8:38 PM
තරහ ගන්නේ නැතිව ලියනවා නම් නේද හොඳReplyDelete
- AnonymousNovember 30, 2012 at 3:16 PM
මට ඉහත දක්වා තිබෙන අදහස් කියවා බැලීමේදි ඇතිවූ සන්වේගය අති මහත්ය.කීප දෙනෙකු හැරුනු කොට අන් අය උප්පැන්නයට පමනක් බෞද්ධ බවකි හැගී යන්නේ.බුදුන් වහන්සෙ දේසනා කරන ලද ධර්මය හේතු ළුළ ධර්මයකි.බුදුන් වහන්සෙ අනේකවිද ආත්ම(තිරිසන්,දිව්ය,මනුෂ්ය ) භාව වල ඉපිද පුරනලද පාරමී බළයෙන් දිව්ය ලෝකයෙන් චුතවි සිද්ධාර්ත නමින් මනුෂ්ය ලෝකයේ ඉපිද ස්වභාව ධර්මය ඇසුරුකොට සියල්ල අනිත්ය බව සිහියෙන් යුතුව අවබොධ කරමින් සසරේ නැවත නැවත ඉපදීම අවසන් කර සම්මා සම්බුද්ධත්වයට පත්ව අවිද්යා වෙන් මුලාවට පත්ව සන්සාරෙ සතර අපායන් වල ඉපිද ,තිරිසන් ලෝකවල ඉපිද අනේක වද වෙදනා විද යම් කුසලයක් හේතු කොට ගෙන අහබු ලෙස ලබාගත්තා වූ මනුෂ්ය ජීවිතය නැවතත් අවිද්යා වෙන් මුලාව සතර අපාවල ,තිරිසන් ලෝක වල ඉපිද විදිනට වන්නාවු සියලු දුකෙන් මනුෂ්යන් මුදවා ලීමම අරමුන කරගෙනම දේසනා කරාවූ ධර්මයකි.සතර අපායන් ගෙන් මිදීමටත් තිරිසන් ආත්මවල ඉපිද දුකට පත්නොවීම උදෙසා කුසල්ම රැස්කල යුතුබවත්,සන්සාර දුකෙන් අතමිදී නැවත නූපදීමට නිර්වානය අවබොද කරගැනීම සදහා ක්රියාවෙන්ම බුදුන් වහන්සේ දෙසනා කරන ලද ධරම මර්ගයේම ගමන් කරමින් තුරුස්නාව දුරුකරමින් බුද්ධ ,ධම්ම ,සංඝ යන තිසරනය කෙරෙහි සැක නූපදවා ගනිමින් නිවරදිව ගමන්කල යතුවන්නාවු බවත් දෙසනා කර ඇත්තාවු දර්ම මර්ගයක් විනා උප්පැන්යට දමා ගෙන ලේබල් ගසා ගෙන තරක විතර්ක කරකර අකුසල්ම රැස් කරගනිමින් නිරය කරා යන්නට නොවන බව අනුකම්පාවෙන් දන්වනු කැමැත්තෙමි.නයා ළමයෙක් වීම ,ළමයෙකු නයකු වීම සිදු නොවිය යුත්තක් නොව බුදු දහමට අනුව අකුසලයන් ගෙන් මිදී කෙලෙස් නසන තුරුම මෙය සිදුවනු ඇත.මෙ සත්ය පිලිගන්නට මැලිවන්නෙ තර්ක කරන්නෙ අවිද්යෙවන් මුලාවට පත්ව අනේක විද අකුසලයන් වල නිරතවෙමින් මෙ ලබා ඇති උතුම් මනුෂ්ය ජීවිතය මරනෙයෙන් අවසන් කර සතර අපායෙ හො තිරිසන් ලෝකය පටිසන්දියක් සදා ගැනීමට වෙහෙසවන්නන්ම වන්නේය.නමුත් සුදු නාගයෙක්ව නම් උපතක් නොලබන බවනම් පැහැදිලිය.මෙ ලබාගත්තා වූ මනුෂ්ය ජීවිත තරක විතර්ක කරමින් සතර අපායට පාර කපා නොගන සතර අපායෙන් මිදීම උදෙසාම නුවන වැඩේව.සාදූ සිදූ...ReplyDelete
- AnonymousApril 13, 2013 at 3:34 PM
නියමෙට ලියල තියෙනවා.. ලංකාවේ පුනර්භව පරීක්ෂණ ඔය විදියටම තමා කෙරෙන්නේ. මේක නෑ කියනවන්ම ඒ මිනිහා තකතිරැවෙක්..ReplyDelete
අදයි මේක කියෙව්වේ.. හිනා වෙලා මැරෙනවා තව ටිකෙන්..ReplyDelete
පුනර්භවය බොරුවක් කියලවත්, බුදු දහම බොරුවක් කියලවත් මම කියන්නේ නැහැ, හැබැයි මේ කියපු අමුද්රව්ය ටික දාල ඔරිජිනල් ම වගේ පේන්න ලස්සන කොත්තුවක් ගහගන්න පුළුවනි..
පුනර්භවය සහ පුනරුප්පත්තිය කියන්නෙ නිකම් වචන උඩප්පරන් ගැසීමක්.නැවටහ් උපතක් වෙන්න නම් චුති සිත හරි රැස් කරපු කර්ම හරි මොන කෙහෙල්මලක් හරි ශරීරයෙන් ඉවත් වෙන්න ඕන.ඒ කියන්නෙ පරන එකා නොවෙයි කියල අමුතුවෙන් කියන්න ඕන නෑ.අලුත්ම එකෙකුත් නොවෙයි කියල අමුතුවෙන් කියන්න ඕන නෑ.ආත්ම සංකල්පෙයි අනාත්ම සංකල්පෙයි දෙකක් නොවෙයි එකක්.ආත්මවාදය උගන්වන ආගම්වලත් මැරුනම උපදින්නෙ කලින් එකා නොවෙයි.මේක මේ උගත්තුන්ගෙ ඔළු උලුක්කු කරන්න හදපු වචන පටලැවිල්ලක්.හින්දු ආගමේ ආත්මය මෝක්ෂය ලැබීමක් ගැන කියනවා.බුදු දහමේ එය නිවන් ලැබීමෙන් අවසන් වීමත් එම ආගම්වල නිවන් ලැබීමෙන් පසු ස්ථිර වීමක් ගැන කියනවා වෙනස ඒකයි.ReplyDelete
මේක මම තවත් පැහැදිලි කරන්නම්.මනෝකාය,ගන්ධබ්බයා වාගෙ ඒව ථේරවාදයේ නෑ.ඒව මහායාන කතා.මේව ලංකාවට හදුන්වල දුන්නෙ බලන්ගොඩ ආනන්ද මෛත්රිය හාමුදුරුවො.අන්තෝනි මැරිලා ස්වර්ගයට යන්නෙ මෙහෙ හිටපු අන්තෝනිය නොවෙයි,අන්තෝනි ඇසුරින් ඇතිවූ ආත්මයක්.මොහමඩුත් එහෙමයි,රාමචන්ද්රත් එහෙමයි.බුදු දාහමේ සහ වෙනත් ආගම්වල වෙන්ස බුදු දහමේ ආත්මය අහෝසි වෙනවා අනෙක් ආගම්වල එසේ නැහැ.නිකම් බොරු වචන හරබ අවශ්ය නැහැ.තමන්ටත් නොතේරෙන අනුන්ටත් නොතේරෙන දේවල් ගැන බොරු තර්ක දාල වැඩක් නෑ.බුදු දහමත් ආත්මවාදයක් තමයිReplyDelete
මේක උඹ ලියපු එකක් ද ? මරුවට ලියල තියනව. පට්ටReplyDelete
සිරාවටම ලන්කාවෙ ඉන්න අති පන්ඩිත ගොන් හරක් පර්යේශන කියලා කරන්නෙ මේ වගෙ ගොන් පාර්ට් තමා. ලන්කාවෙ ඉන්න මැට්ටොන්ට පුනර්භවය, ජෝතිශය, දේවාල කියුවොත් නොකා නොබී බලයි.
ආ මචො.. අර පත්තර වල නම් ලිස්ට් එකෙ මුලින්ම දාපන් මව්බිම පත්තරේ කියල... | hplt_2 |
ඉල්ලුම සහ සැපයුම
ඉල්ලුම සහ සෑපයුම යනු වෙලඳපලක මිල තිරණය කරන අර්ථික අකෘතියකි. තරගකාරී වෙළදපොලක යම් භාණ්ඩයක් හෝ සේවාවක් පාරිභෝගිකයින් විසින් ඉල්ලුම් කරන ප්රමාණය හා සැපයුම්කරුවන් විසින් සපයන ප්රමාණය තුලනය වන අවස්ථාවේදී මිල තීරණය වන අතර එම අවස්තාවේ මිල හා ප්රමාණය අතර වෙළදපොල සමතුලිතයක් ඇතිවෙන බව මෙමගින් දැක්වේ.
පටුන
ඉල්ලුම සහ සැපයුම අතර ප්රස්ථාරික නිරූපණය[සංස්කරණය]
ඉල්ලුම සහ සැපයුම යම් භාණ්ඩයක් ගනුදෙනු වන මිල සහ ප්රමණය තිරණය වන තාවකාලික සමතුලිත අකෘතියකි. සාමාන්යයෙන් ඉල්ලුම් ප්රමාණය සහ සැපයුම් ප්රමාණය භාණ්ඩයයේ මිල මත තිරණය වන ශ්රිතයක් ලෙස සැලකුවද සම්මත ප්රස්ථාරික නිරුපණය අල්ෆ්රඞ් මාෂල්ගේ අකෘතියට අනුකූල වන පරිදි දැක්වේ. මෙහි තිරස් අක්ෂය ලෙස ප්රමාණයත් සිරස් අක්ෂය ලෙස මිලත් දැක්කුවද එය සම්මත ගණිතමය නිරුපණයට පටහැනිය. හාණ්ඩයක මිලට අමතරව ඉල්ලුම සහ සැපයුම තිරණය කරන අනෙකුත් නිර්නායකයන්(උදාහරණ ලෙස පරිභෝගික අයභාර, යෙදවූම් මිල අදි විචල්යයන් ) ඉල්ලුම සහ සැපයුම් ප්රස්ථාරයේ නිශ්චිත ලෙස නිරුපණය නොවන අතර මෙම විචල්යයන් හි වෙනස්වීම වක්රය විතැන්විම මගින් පෙන්වනු ලැබේ. එහෙත් භාණ්ඩයේ මිලෙහි වෙනස්වීම නිරුපණය වන්නේ ඉල්ලුම් සැපයුම වක්රය ඔස්සේ ලක්ෂ්ය චලනයනි.
සැපයුම් ලැයිස්තුව[සංස්කරණය]
සැපයුම් ලැයිස්තුව ප්රස්ථාරිකව දැක්විම සැපයුම් වක්රය ලෙස නිරුපණය වන අතර එමගින් නිෂ්පාදකයා ඒක් ඒක්මිල ගණන්හිදි විකිණීමට කැමති හා හැකි භාණ්ඩ ප්රමාණය දැක්වෙන අතර මෙහිදි භාණ්ඩයේ මිලට අමතරව අනෙකුත් විචල්යයන් නියත බව සැලකේ. සැපයුම ආන්තික පිරිවැය යටතේ තිරණය කරන බව පුර්ණ තරඟකරිත්වයේදි තිරණය කරනු ලැබේ. භාණ්ඩයක අමතර පිරිවැය එය විකිණීමෙන් ලැබෙන අදායමට වඩා අඩුවන්නේ නම් පමණක් අයතනයක විසින් අමතර නිෂ්පාදන සිදුකරයි.
ඉල්ලුම් ලැයිස්තුව[සංස්කරණය]
ඉල්ලුම්ලැයිස්තුව ප්රස්ථාරිකව දැක්විම ඉල්ලුම් වක්රය ලෙස නිරුපණය වන අතර එමගින් ගැනුම්කරුවන් ඒක් ඒක්මිලගණන්හිදි මිලදි කැමති හා හැකි භාණ්ඩ ප්රමාණය දැක්වෙන අතර මෙහිදි භාණ්ඩයේ මිලට අමතරව අනෙකුත් සාධක නියත බව සැලක (උදාහරණයක් ලෙස පරිභෝගික අදායම, පෞද්ගලික රුවිකත්වය, අදේශක භාණ්ඩවල මිල, අනුපුරක භාණ්ඩහි මිලගණන් අදී). ඉල්ලුම් න්යායට අනුකුලව භාණ්ඩ අඩුවිමත් සමග භාණ්ඩයට ඇති පාරිභෝගිකයන් ඉල්ලුම් වැඩිවේයැයි සලකා වක්රය පහලට ගමන්කරනසේ නිරුපණය කෙරේ.
ආන්තික පිරිවැය වක්රය සැපයුම් වක්රය හරහා විදහාපාන්නාසේ ඉල්ලුම් වක්රය ආන්තික උපයෝගිතා වක්රය මගින් නිර්ණය කරයි. පාරිභෝගිකයන් විසින් භාණ්ඩයක් එක්තරා ප්රමාණයට හා මිලකට මිලදිගැනිමට පෙලඹේන්නේ එහි අමතර පරිභෝජනය සදහා වැයවන ආන්තික පිරිවැය, මිලෙන් එලඹේන ආවස්ථීක පිරිවැය නැතහොත් විකල්ප පාරිභෝගික තේරිමෙහි ආන්තික උපයෝගිතවයට සමාන වන්නේනම් පමනි.
එක්තරා කාලයකදී එක්තරා භාණ්ඩයක් මිලදී ගැනීමට පාරීභෝගිකයකුගේ ඇති හැකියාව හා කැමත්ත ලෙස ඉල්ලුම් ලැයිස්තුව අර්ථ දැක්විය හැක. ඉහත සදහන් පරිදි ඉල්ලුම් වක්රය සාමාන්යයෙන් නිරූපණය වන්නේ පහලට ගමන් කරන්නා සේය. කලාතුරකින් දැක්වෙන ඉහළට ගමන් කරන ඉල්ලුම් වක්ර සහිත සමහර භාණ්ඩද ඇත. මේ සදහා උපකල්පිත උදාහරණ දෙකක් ලෙස ගිෆන් භාණ්ඩ (බාල භාණ්ඩ ), වෙබ්ලන් භාණ්ඩ (විලාසිතාකාරී ඉහළ මිලක් සහිත භාණ්ඩ ) දැක්විය හැක.
සමතුලිතතාවය[සංස්කරණය]
ඉල්ලුම් වක්රය හා සැපයුම් වක්රය ඡේදනය වන ලක්ෂ්යය සමතුලිතතාවය ලෙස අර්ථකතනය කල හැකිවන අතර මෙහිදී ඉල්ලුම් ප්රමාණය හා සැපයුම් ප්රමාණය සමාන වේ.
ඉල්ලුම් වක්රය විතැන් වීම[සංස්කරණය]
පාරිභෝගිකයින් නියත මිලකදී ඉල්ලුම් කරන ප්රමාණයෙහි වැඩිවීමක් ඉල්ලුමෙහි වැඩිවීමක් ලෙස හදුන්වයි. මෙය ප්රාස්ථාරිකවද නිරූපණය වන්නේ ඉල්ලුම් වක්රය දකුණට විතැන් වීමක් ලෙසය. මෙහිදී මූලික ඉල්ලුම් වක්රයට (ඉ1) සාපේක්ෂව නව ඉල්ලුම් වක්රය (ඉ2) මගින් එක් එක් මිලගණන් වලදී ඉහළ ප්රමාණයන් ඉල්ලුම් කරන බව නිරූපණය වේ. (උදාහරණයක් ලෙස අධික උෂ්ණ කාලවලදී අයිස්ක්රීම් සදහා ඉල්ලුමෙහි වැඩිවීමක් දක්නට ලබේ ). මෙහිදී සමතුලිත මිල (මි1) සිට (මි2) දක්වාද සමතුලිත ප්රමාණය (ප්ර1) සිට (ප්ර2) දක්වාද වැඩිවී ඇත.
ඉල්ලුම් වක්රය ඔස්සේ සිදුවන වෙනස්වීම ඉල්ලුම් ප්රමාණයේ වෙනස් වීමක් ලෙසද වක්රය විතැන් වීම ඉල්ලුමෙහි වෙනසක් ලෙසද අර්ථකතනය කල හැක. ඉහත උදාහරණයේදී ඉල්ලුමෙහි වැඩිවීම නිසා සමතුලිත ප්රමාණයෙහිද වැඩිවීමක් සිදුවී ඇත.
මීට අමතරව පාරිභෝගික රුචිකත්වය හා අදායම වෙනස් වීම, අනුපූරක හා අදේශ භාණ්ඩයන්හි මිලෙහි වෙනස් වීම, වෙළදපොල අපේක්ෂාවන් හා ගැණුම්කරුවන් ප්රමාණය, ඉල්ලුම් වක්රය විතැන් වීම සදහා බලපාන තවත් සාධකයන් වේ.
මෙයට ප්රතිවිරුද්ධ ලෙස ඉල්ලුමෙහි අඩුවීම ඉල්ලුම් වක්රය වමට විතැන් වීම ලෙස පෙන්නුම් කරයි. මෙහිදී පලමු වක්රය (ඉ2) ලෙස සැලකූවිට ඉල්ලුම (ඉ1) දක්වා අඩුවීම හරහා මිල හා ප්රමාණයෙහි අඩුවීම පෙන්නුම් කරන්නේ යැයි සැලකිය හැක. මෙය ඉල්ලුමෙහි වෙනස්වීමකි.
මිලට අමතරව වෙනත් විචල්යන්ගේ වෙනස්වීමක් නිසා ඉල්ලුම් වක්රයේ විතැන්වීමක් සිදුවේ. ප්රස්ථාරයන්හි මෙය x අක්ෂයේ වෙනස්වීමක් ලෙස දැක්වේ.
මිලට අමතරවූ වෙනත් විචල්යන්ගේ වෙනස්වීමක් හරහා ඉල්ලුමෙහි වෙනසක් ඇතිවීමෙන් වෙළඳපොල අසමතුලිතතාවයක් නිර්මාණය වේ. එනම් ඉල්ලුම් වක්රය දකුණට විතැන් වීමෙන් අධි ඉල්ලුමක් ජනනය වන අතර එමගින් යම් මිලකදී සැපයුමේ ඌනතාවයක්ඇතිවේ. ඉල්ලුම් වක්රය වම්පසට විතැන් වුවහොත් යම් මිලකදී ඉල්ලුමට සාපේක්ෂව සැපයුමේ අතිරික්තයක් ඇතිවේ.
සැපයුම් වක්රය විතැන් වීම[සංස්කරණය]
සැපයුම් වක්රය විතැන් වීම යනුවෙන් අදහස් වනුයේ සැපයුම් වක්රය වමට හෝ දකුණට වෙනස් වීමයි. උදාහරණයක් ලෙස යල හෝ මහ කන්න වලදී සැපයුම්කරුවන් හා දේශගුණික විපර්යාස ආදී සාධක හේතුවෙන් සැපයුම ඉහළ යන අතර සැපයුම් වක්රය දකුණට විතැන් වීමක් සිදුවේ. එනම් (සැ1) සිට (සැ2) දක්වා සැපයුම ඉහළ යෑමෙන් සමතුලිත මිල (මි1) සිට (මි2) දක්වාත් සමතුලිත ප්රමාණය (ප්ර1) සිට (ප්ර2) දක්වාත් වැඩිවේ. සැපයුම් වක්රය විතැන් වීමකදී මිල වෙනස්වීමට ප්රතිවිරුද්ධව ප්රමාණයෙහි වෙනස් වීම සිදුවේ. යම් මිලකදී සැපයුම අඩුවීම ඉහත තත්වයට ප්රතිවිරුද්ධ හැසිරීමක් ලෙස නිරීක්ෂණය කල හැක. මුල් සැපයුම් වක්රය (සැ2) නම් (සැ2) සිට (සැ1) දක්වා වෙනස් වීමකදී ඉල්ලුම සංකෝචනය වීමත්, සමතුලිත මිල වැඩිවීමත් හා සමතුලිත ප්රමාණය අඩුවීමත් සිදුවේ. මෙහිදී සැලකිය යුතු වන්නේ ඉල්ලුම් වක්රයේ වෙනසක් සිදු නොවන බවත් සැපයුම විතැන් වීමෙන් වෙළදපොල සැපයුමෙහි වෙනසක් සිදුවන බවය.
ඉල්ලුම හා සැපයුම විතැන් වීමකදී ඉල්ලුම් වක්රය දකුණට හෝ වමට වෙනස් වීමක් හා සැපයුම් වක්රය වමට හෝ දකුණට වෙනස් වීමක් ලෙස චලන හතරක් නිරීක්ෂණය කල හැකි වේ. | hplt_2 |
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය අභ්යන්තරයේ පවතින අර්බුදය උත්සන්න කරමින් අද (23) එම පක්ෂය නියෝජනය කරන මඩකලපුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී බෂීර් සේගුදාවුද් මහතා තමන් දැරූ සමුපකාර අභ්යන්තර වෙළෙඳ නියෝජ්ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය.
හෙතෙම සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් සමුපකාර හා අභ්යන්තර වෙළෙඳ ඇමැතිවරයාටත්, අමාත්යංශ ලේකම්වරයාටත්, මුස්ලිම් කොංග්රසයේ නායක රවුෆ්හකීම් මහතාටත් යවා තිබේ. රජය සමග කටයුතු කරන්නේ නම් රජයට සම්බන්ධ පක්ෂයකින් මැතිවරණ කටයුතුවල නියෑළිය යුතු බවටත් තනි පක්ෂයකින් මැතිවරණයට මුහුණ දෙන්නේ නම් රජයේ සම්බන්ධයකින් තොරව මුහුණ දිය යුතු බවත් පවසන ඒ මහතා රජයේ සම්පත් භාවිත කරමින් රජයේ කීර්ති නාමය උපයෝගී කර ගනිමින්, නැගෙනහිර පළාත් සභා මැතිවරණ කටයුතුවල නියෑළීමට තමන් කිසිසේත්ම කැමැත්තක් නොදක්වන බවත් තමන් මෙම තීරණය ගනු ලැබුයේ හෘද සාක්ෂියට එකඟව බවත් ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ.
තමා කෙරෙහි දැක්වූ විශ්වාසයත් තම රාජපාක්ෂිකභාවයත් අවංකභාවයත් සැලකිල්ලට ගෙන ජනාධිපති විසින් තමන්ට පැවරූ නියෝජ්ය ඇමැති ධුරයට ස්තුති කරන බෂිර් සේගුදාවුද් මහතා මින් ඉදිරියටත් ජනාධිපතිට තම පූර්ණ සහයෝගය නොකඩවා ලබා දීමට අවංකවම කටයුතු කරන බවද එම ලිපියේ සඳහන් කර තිබේ.
නියෝජ්ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරන බෂිර් සේගුදාවුද් මහතා නියෝජ්ය ඇමැති ධුරයට වඩා කැබිනට් ඇමැති ධුරයක් බලාපොරොත්තුවෙන් කටයුතු කරන බවට තමන් වෙත විවිධ චෝදනා එල්ල වී ඇති බවත් තමන්ට දේශපාලනය කිරීමට බලතල අවශ්ය නැති බව පෙන්වීමට මෙලෙස ඉල්ලා අස්වූ බවත් සඳහන් කරයි.
නැගෙනහිර පළාත් සභාවට තරග කිරීම සම්බන්ධයෙන් පක්ෂ අභ්යන්තරයේ පැවැති සාකච්ඡාවලදී කොංග්රසය තරග කළ යුත්තේ ආණ්ඩුව සමග හෝ විපක්ෂය සමග එක් වී බවට සංවාද කළ බවත් එලෙස තරග කළහොත් මුස්ලිම්වරුන්ගේ ස්ථාවරය පැහැදිලිව දැනගත හැකි බවත් පෙන්වා දුන් බව හෙතෙම පවසයි.
එමෙන්ම තනිව තරග කරනවා නම් ආණ්ඩුව තුළ දරන තනතුරුවලින් ඉවත්වී තනි පක්ෂයක් ලෙස ශක්තිමත්ව ඉදිරිපත්විය යුතු බවට තර්ක කළ බවද පෙන්වා දෙයි.
මේ නිසා තමන්ට විරුද්ධව විවිධ බොරු චෝදනා එල්ල කරන බවත් තමන්ට දේශපාලනය කිරීමට බලය අවශ්ය නොවන බවත් ප්රකාශ කර සිටී. තමන්ට කැබිනට් ඇමැති ධුරයක් අවශ්ය නම් ඉකුත් 2010වර්ෂයේදී තවත් පිරිසක් සමග ආණ්ඩුවට එක්වීමට ආරාධනා කර තිබූ අවස්ථාවේදී ලබාගන්නා බවත් කී ඒ මහතා තමන් එසේ නොකළේ පක්ෂයට ඇති ආදරය හා ලැදියාව නිසා බවද සඳහන් කරයි. | hplt_2 |
විද්යුත් චුම්භක වර්ණාවලිය
සුචිය[සංස්කරණය]
Y ගැමා කිරණ Hx දෘඩ x - කිරණ Sx මෘදු x - කිරණ EUV අධිපාරජම්බුල NUV සමීප පාරජම්බුල (දෘශ්ය ආලෝකය) NIR සමීප අධෝරක්ත MIR සාමාන්ය අධෝරක්ත FIR දුර අධෝරක්ත
රේඩියෝ තරංග[සංස්කරණය]
EHf අධි ඉහළ සංඛ්යාත SHf සුපිරි ඉහළ සංඛ්යාත UHf අති උච්ච සංඛ්යාත VHf ඉතා උස් සංඛ්යාත
HF උච්ච සංඛ්යාත MF මධ්ය සංඛ්යාතය LF අඩු සංඛ්යාත VLF ඉතා අඩු සංඛ්යාත VF කථක සංඛ්යාත ELF අතිශය අඩු සංඛ්යාත
සාමාන්යයෙන් විද්යුත් චුම්භක විකිරණ - විද්යුත් ශක්තිය ගුවන් විදුලි ක්ෂුද්ර තරංග අධෝරක්ත හා දෘෂ්ය පරාසය ලෙස සලකන ආලෝකය පාරජම්බුල, x කිරණ , ගැමා කිරණ ආදී ලෙස තරංග ආයාමය අනුව කාණ්ඩ කෙෙර්.
විද්යුත් චුම්භක විකිරණයේ හැසිරීම එහි තරංග ආයාමය මත රඳා පවතී.ඉහළ සංඛ්යාත තරංගවල තරංග ආයාමය අඩු අගයක් වන අතර පහළ සංඛ්යාතවල තරංග ආයාමය වැඩි අගයක් ගනියි. විද්යුත් චුම්භක විකිරණ ඒක පරමාණූ හා අණු සමග ගැටෙන විට එහි හැසිරීම එමගින් ක්වොන්ටමයකට ගෙන යන ශක්තිය මත රඳා පවතී.විද්යූත් චුම්භක විකිරණ අශ්ඨකවලට බෙදිය හැක. (ශබ්ද තරංග ආකාරයට) - එවිට අශ්ඨක අසු එකක් ලැබේ.
400nm සිට 700nm දක්වා වූ දෘෂ්ය පරාසයට වඩා විද්යුත් චුම්භක වර්ණාවලියේ වඩා පුළුල් පරාසයක් වර්ණාවලීක්ෂණය මගින් අනාවරණය කළ හැක. සාමාන්ය පරීක්ෂණාගාරය වර්ණාවලීක්ෂයකින් 2nm සිට 2500 nm දක්වා තරංග ආයාම ඇති විද්යුත් චුම්භක තරංග අනාවරණය කළ හැක. මෙවැනි උපකරණ ඇසුරෙන් වායූන්, යම් වස්තූන් හෝ තාරකාවන්ගේ පවා භෞතික ලක්ෂණ විස්තරාත්මකව නිරීක්ෂණය කළ හැක. තාරකා භෞතික විද්යාවේ දී මෙය පුළුල්ව යොදා ගැනේ. උදාහරණයක් ලෙස හයිඩ්රජන් පරමාණු 21.12cm ක තරංග ආයාමයක් සහිත ගුවන් විදුලි තරංග මුදාහරී.
ආලෝකය[සංස්කරණය]
මිනිස් ඇසට සන්වේදනය වන 400nm සිට 700nm පරාසයේ තරංග ආයාම සහිත විද්යුත් චුම්බක විකිරණ දෘෂ්ය ආලෝකය වශයෙන් හඳුන්වයි. අනෙකුත් තරංග ආයාමයන් විශේෂයෙන් යාබද අධෝරක්ත කලාපය (700 nm ට වඩා වැඩි) හා පාරජම්බුල (400 nm ට කුඩා) කලාපය මිනිසාට දෘෂ්ය නොවුවත්,(විශේෂයෙන් මිනිස් ඇසේ සංවේදී බව අදාල නොවන විට) ආලෝකය වශයෙන් හඳුන්වයි.
යම් විකිරණයක සංඛ්යාතය විද්යුත් චුම්භක වර්ණාවලියේ දෘෂ්ය පරාසයට අයත් වේ නම් එම කිරණ යම් වස්තුවල වැදී (උදාහරණයක් ලෙස පළතුරු භාජනයක්) පරාවර්තනය වී අප ඇසට පතිත වූ විට අපට එම වස්තූන් දර්ශනය වේ. මෙම පරාවර්තිත සංඛ්යාත සමූහය අපගේ මොළයේ දෘෂ්ටි පද්ධතිය මගින් විවිධ වර්ණ හා තීව්රතාවලට වෙන්කරනු ලබයි. මේ ඔස්සේ අපට පළතුරු බඳුනක් දැකිය හැකි වුවත් එසේ වීමට හේතු වන කායික - මානසික සංසිද්ධිය මේ වන තෙක් නිවැරදිව තේරුම්ගෙන නොමැත.
කෙසේ වෙතත් බොහොමයක් තරංග ආයාමයන්හි අන්තර්ගත විද්යුත් චුම්භක විකිරණවල තොරතුරු මිනිසාට කෙළින්ම හඳුනාගත නොහැක. වර්ණාවලිය පුරා විහිදුණූ විද්යුත් චුම්භක විකිරණ ස්වභාවික ප්රභව මගින් නිපදවන අතර තාක්ෂණික ක්රම ඔස්සේ ද පුළුල් පරාසයක වූ තරංග ආයාමයන් නිපදවිය හැක. ප්රකාශ තන්තු මගින් ශබ්ද හෝ රූප බවට පත් කළ හැකි එහෙත් සෘජුවම බලා තේරුම්ගත නොහැකි ආලෝක සංඥා සම්ප්රේෂණය කරයි. මෙවැනි සම්ප්රේෂණයන් සඳහා යොදාගන්නා කේතනය ගුවන් විදුලි තරංග සඳහා වූ කේතනයට සමාන වේ.......................
References[සංස්කරණය]
http://en.wikipedia.org/wiki/Electromagnetic_waves#Electromagnetic_spectrum | hplt_2 |
your knowledge to escalate the country
We are doing something big...
Await...
If it's not working Press Ctrl+D
ශ්රී ලාංකිකයන්ට පිදෙන ස්වර්ණමය තිළිණය,
ෆේස්බුක් ගෲපයක් බ්ලොග් අඩවියකින් එහා මායිමකට "අන්තර්ජාලයේ නැණ නුවණ තෝතැන්න " A/L උදව් අධ්යාපන තෝතැන්න දැන් වෙබ් අඩවියක.ස්වර්ණමය භූමියෙන් එහා ඉලෙක්ට්රෝනික් අවකාශයේ දැයේ බුද්ධියේ තර්කාන්විත අනාගත පරපුරක් උදෙසා මෙසේ අඬහැර පාන්නට සුදානම් වන්නේය.
"සූදානම් කරගන්න ඔබගේ දැනුම, තර්කානුකූලව සටන් කරන්න, බුද්ධියේ මහිම කියා පාන්නට" - ඔබ ඔබම වන්න.
බුද්ධියේ, තර්කයේ, දැනුමේ යුද ගිනි අවුලන්නට අප සුදානම්.
© 2013 A/L උදව් අධ්යාපන තෝතැන්න . | hplt_2 |
ම්…. ටික දවසකට පස්සේ…! ඉතිං ඔන්න මේ ලඟදී දවසක ඔෆිස් එකේදී මට එනවා කෝල් එකක් බොස්ගේ සෙක්රටි අක්කගෙන්. ලිෆ්ට් එක තිබුනේ තුන් වෙනි තට්ටුවේ. ඒක පහලට එනකොට මට හතරවෙනි තට්ටුවට පඩිපෙලේ නගින්න පුළුවන් නිසා දිව්වා පඩි පෙලේම උඩට. අක්කා කෙනෙක් කතා කලාම පරක්කු වෙන්න හොඳ නෑනේ… අනිත් එක මේ නත්තල් කාලේ මොන තෑග්ගක් දෙන්න කතා කරනවද කව්ද දන්නේ…
පස්සේ ඉතිං ගිහිං බලද්දී සෙක්රටි අක්කා ඔලුවේ අතගහගෙන එක එක සයිස් එකේ කොල කෑලි ගොඩක් ප්රින්ටරේ වටේ දා ගෙන දහ අතේ කල්පනා කරනවා. දැන් අත්දැකීමෙන් දන්නවා ඒ වගේ වෙලාවක කරන්න ඕනේ දේ…!
ප්රින්ටර් ඉෂූ එකක් නේද….?
හ්ම්… ඔව් බං… මට මෙන්න මේ සයිස් එකට ලියුම් කවර වල ඇඩ්රස් ටික ප්රින්ට් කරගන්න ඕනේ.
ඒක සූටි වැඩක්. අක්කට නම් මහා ලොකු දෙයක්. ආයතනයෙන් නත්තලට සුභ පතලා යවන සුභ පැතුම් පත් දාලා යවන කවරවල පිට පැත්තේ ඇඩ්රස් ප්රින්ට් කරන එක තමා වැඩේ. පේපර් සයිස් එක කස්ටමයිස් කරලා ඒක ලේසියෙන්ම කරා. පස්සේ ඔන්න වැඩේ කරලා ඉවර කරන්න කලින් අක්කා ගියා බොස් ගාවට ලියුම් කවරේ ප්රගති සාමාලෝචනයට. එතකොට තමා මං දැක්කේ අපේ දන්න කියන ආයතන වලට යවන්න ගෙනැල්ලා තිබුන නත්තල් කාඩ් එක….
ඈක්කා…. ඒක නිකං අපි පොඩි කාලේ හොම්රන් පැස් වලින් ඇඳපු බලි කුරුට්ටක් වගේ. ඒකේ තිබුනේ කොල පාටින් පාට කරපු මොකද්දෝ මන්දා ගහක් වගේ එකකුයි, රතුයි කහයි ඩොට් වගේකුයි, තරුවක් වගේ එකකුයි විතරයි. ඇයි දෙයියනේ මෙච්චර ලස්සන කාඩ් ඕනේ තරම් තියෙද්දි මොකද්ද මේ ගෙනැල්ලා තියෙන කාඩ් එක කියලා මගේ හිතින්ම මං හිතනවා. මහ ගොඩක් ලස්සන නැති වුනත් යම් තරමකට ලස්සන කාඩ් එක්ක කඩෙන් ගන්න බැරිනම් අපිටම උනත් හදාගන්න පුළුවන් කම තිබුනනේ. ඇයි මන්දා මේවා තෝරන මිනිස්සු මෙච්චර ලෝභ… හරියට උන්ගේ අතින් පයින් යනවා වගේනේ…
එහෙම හිතන ගමන්… හ්ම්… ඇතුලෙත් ඉතිං බලන්න දෙයක් නැතුව ඇති මේ වගේම ඇති… කියාගෙනම පෙරලුවා මැද පිටුවට. ඒකේ තිබුනේ Peace & Joy කියලා විතරයි. ඊට යටින් අපේ ආයතනයේ නම තිබුනා. එච්චරයි. ඉතිං ඔන්න ඔහේ නිකංමට වගේ අනිත් පිටුවත් පෙරලුවා. ඒ කියන්නේ කාඩ් එකේ අවසන් පිට. හ්ම්… මං එහෙම දෙයක් බලාපොරොත්තු වුනානම් හරි, මීට කලින් එහෙම දෙයක් දැකලා තිබුනා නම් හරි කලින් වගේ කුහක සිතුවිල්ලක් ඇති නොවෙන්න තිබුනා…!
ඒ කාඩ් එකේ ඉස්සරහා තිබුන කැතම කැත නත්තල් ගහ ඇඳලා තිබුනේ කතාකරන්න බැරි, කන් ඇහෙන්නෙ නැති විශේෂ අධ්යාපන අංශයක ඉගෙන ගන්න පොඩි දරුවෙක්..!!! එයාගේ විස්තර ටිකකුයි, ඒ කාඩ් එකෙන් ලැබෙන ආදායමයි ඔක්කොම යෙදවෙන්නෙ ඒ වගේ විශේෂ අවශ්යතා තියෙන දරුවන්ට කියලාත් තිබුනා…!!!
නත්තලට කාගෙන බීගෙන යකා නටන දෙමව්පියන් වැඩිහිටියන් අතර අපි දකින පරාසයට වැඩිය ගැඹුරින් දකින වැඩිහිටියෝත් අපි අතර ඉන්න එක ගැන, මට නත්තල් නැති වුනත් මං සන්තෝස වෙනවා…! අපි ගත්ත නත්තල් කාඩ් වලින් ලැබුන මුදලින් එක දරුවෙකුට හරි යහපතක් වේවි…! | hplt_2 |
වැලිවේරියේදී මාධ්යවේදීන්ට ප්රහාර 'හමුදා රාජ්යයක ලකුණු'
පිරිසිදු ජලය ඉල්ලා වැලිවේරිය රතුපස්වල දී උද්ඝෝෂණය කළ ජනතාවට හමුදාව ප්රහාර එල්ල කළ අවස්ථාවේ එය වාර්තා කළ මාධ්යවේදීන්ට හමුදා පැහැර දීම පැහැදිලිවම හමුදා රාජ්යයක ලක්ෂණ ප්රදර්ශනය කරන්නක් බව නිදහස් මාධ්ය ව්යාපාරය පවසයි.
උද්ඝෝෂණයේ යෙදී සිටි රතුපස්වල ජනතාවට හමුදාවේ ප්රහාර එල්ලවීමට ප්රථම පොලීසිය සහ හමුදාව විසින් ප්රදේශයෙන් මාධ්යවේදීන් පලවා හැර තිබෙන බව පවසන මාධ්ය සංවිධානය, මාධ්යවේදීන් කිහිපදෙනකුට පහර දී කැමරා විනාශ කොට තිබෙන බව ද පවසයි.
එම ප්රහාරවල දී එක් මාධ්යවේදිනියක තුවාල ලබා තිබෙන නමුත්, හමුදාව විසින් ගම්මානය වට කොට සිටි බැවින් ඇයට මුළු රාත්රියම නිවසක කොටු වී සිටීමට සිදු වී ඇති බව ද නිදහස් මාධ්ය ව්යාපාරය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
දේවස්ථානයට ප්රහාර
වහලක් උඩ සිට උද්ඝ්ෂණයේ ඡායාරූප ගත් 'අද' පුවත්පතේ මාධ්යවේදියාට වහලෙන් බසින් ලෙස අණ කොට, පහර දී, තුවාල කොට, කැමරා විනාශ කොට තිබෙන බව ද නිවේදනය පවසයි.
උද්ඝෝෂකයන්ට ප්රහාරය එල්ල කළ අවස්ථාවේ තවත් කැමරා මාධ්යවේදීන් පිරිසක් නිවසකට කොටු කොට රැකවල් ලා තිබූ බව ද එහි සඳහන්.
මේ අතර රතුපස්වල ජනතාවට එල්ල කළ ප්රහාරය සමස්ත ලාංකීය කතෝලික ප්රජාවම හෙලා දකින බවයි, 'කිතුහඬ' කතෝලික දහම රැක ගැනීමේ ජාතික ව්යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
ප්රහාරයේදී තුවාල ලැබූ භික්ෂූන් වහන්සේට ඉක්මන් නිරෝගී සුවය පතන එම නිවේදනය, ප්රහාරයේදී වැලිවේරිය දේවස්ථානයටද වෙඩි පහර වැදී හානි සිදු වී තිබෙන බව ද සඳහන් කරයි. | hplt_2 |
පුංචි කතාවක් මතක් වුනා... මේකට ආගමික ආයතනයකුත්, පුද්ගලයිනුත් සම්බන්ධ වුනාට ඒ ආගමට කිසිම ආකාරයක පහරගැසීමක් නම් නොවන බව මුලින්ම කියන්නම් :) මේකෙ කථානායකයා තමයි අපේ පිළිමතලාවෙ බාප්පා. කොළඹ-නුවර පාරෙ නිතර යන අයට නම් සමහරවිට මතක ඇති, පිළිමතලාව ටවුම පහුකරලා නුවර පැත්තට යනකොට තියෙනවා සෙමනේරියක්. සෙමනේරියක් කියන්නේ ක්රිස්තියානි හෝ කතෝලික ආගමේ පූජකවරුන් පුහුණුකරන පාසල්වලට බව දන්නවා ඇතිනේ... මේ තියෙන සෙමනේරියෙ ...
ඔන්න ඉතිං අන්තිම සටහන ලියලා මාස 10 කට විතර පස්සේ මට ආපහු සටහනක් ලියන්න හිතුනා. කොහොම වුනත් ලියන්න යන්නේ ඒ සටහනේදි කියපු විදියටම සංචාරක සටහනක් තමා... අපි එක සතිඅන්තයක් ස්වීඩනයේ අගනුවර වෙන ස්ටොක්හෝම් නගරයේ ගතකලා. ඔන්න ඔය වෙලාවේ දැකපු කියපු දේවල් ටිකක් තමයි ලියන්න යන්නෙ. ලියනවා කිව්වට වැඩි ඉඩක් පින්තූර වලට වෙන් වේවි... මේ සටහන පටන් ගන්න කලින් මතක් ...
මම අන්තිම සටහනේදි පොරොන්දු උනානෙ අලුත් සෙල්ලමක් කාරිය ගැන ලියනවා කියලා. ඔන්න ඒ පොරොන්දුව ප්රකාරව අද 'කර්ලිං' (Curling) කියන සෙල්ලම ගැන ලියන්නයි යන්නෙ. මේ සෙල්ලම සිසිර ක්රීඩාවක් විදියට තමා කෙරෙන්නෙ... ඒ වගේම මේ සෙල්ලම කරන්නෙත් සීමිත රටවල් ගණනක් විතරයි. කොහොම වුනත් 'සිසිර ඔලිම්පික්' (Winter Olympics) තරඟ වලටත් ඇතුලත් මේ සෙල්ලමේ කාන්තා ශූරතාවය 2010 දි ස්වීඩන් කණ්ඩායම දිනාගෙන තියෙන බව ...
සෑහෙන දවසකින් බ්ලොග් එකේ මොකවත් කොටාගන්න බැරි උනා විවිධ හේතු නිසා... ඒ විතරක් නෙවෙයි අනිත් බ්ලොග් කියවන්නවත් වෙලාවක් වුනේ නෑ! ඒ අතරේ සමහරු නං හොයල බලලා තිබුනා මම අන්තිමට ලියපු 'මකුණා සහ දුමින්ද' සටහනෙන් පස්සේ මම යහතින් ඉන්නවද කියලත්... බි.පෙ.සි. කොහොම වුනත් මේ දවස්වල මම ඉන්නේ ලංකාවෙ නෙවෙයි, රැකියාස්ථානෙ වැඩසටහනකට ගිහින් ස්වීඩන් වල ලින්ෂොපිං (Linköping) කියන ප්රදේශයේ! මේ දවස්වල ...
මම පේරා කම්මලේ ඉන්න කාලේ නේවාසිකව හිටියේ අක්බාර් ශාලාවෙ බව කලින් කියලා තියෙනවනේ. මේ අක්බාර් ශාලාව විශ්වවිද්යාලේ තිබිච්ච අනිත් ශාලා වලට වඩා ටිකක් වෙනස් විදියට තමා හදලා තියෙන්නේ. කාමර තියෙන්නේ එකම කොරිඩෝවක දෙපැත්තෙ නිසා වාතාශ්රය එහෙම ටිකක් මදි බව තමයි මගේ හැඟීම. ඊට අමතරව ඔය ගොඩක් නේවාසික ශාලා වල තිබුනු ගැටළුවක් අපිටත් තිබුනා. ඒ තමා මකුණු ගැටළුව!!! අක්බාර් කාමරවල ...
මම මේ ලඟදි දවසක ෆොටෝ වගයක් ප්රින්ට් කරගන්න කළුබෝවිල 'සේයා කලර්' එකට ගියා. මගේ වැඩේ කරගන්න පොඩ්ඩක් වෙලා ඉන්න වුනා. ඔන්න ඔහොම ඉන්න අතරේ තමා මම අහම්බෙන් වගේ ජනාධිපතිතුමාගේ වෙඩින් ඇල්බම් එක දැක්කේ... මට පොඩ්ඩක් එහා පැත්තේ හිටපු පුද්ගලයෙක් විශාල කරලා ප්රින්ට් කරලා තිබ්බ වෙඩින් ඇල්බම් එකක පින්තූර වාගයක් බලමින් හිටියා. මගේ ඇහැ ...
සෑහෙන දවසකින් මේ පැත්තෙ එන්න බැරිවුනා... කාගෙවත් බ්ලොග් කියවන්නත් වෙලාවක් ලැබුනේ නෑ! හේතුව තමා මගේ රෝද හතර හදිස්සියේ ලෙඩ වීම :( ලෙඩ වුන එක නම් මදෑ, පුදුම චාටරයක් කන්න වුනා වැඩේ ගොඩදාගන්න... ඔන්න පහුගිය ඉරිදා උදේ වැඩපොලේ මිත්රයො දෙන්නෙකුත් එක්ක පොඩි වැඩකට ගිහින් හවස්වෙලා ආපහු එද්දි තමා ඉස්සෙල්ලම පොඩි අවුලක් වුනේ. එකපාරටම මොකක් හරි වැදෙනවා වගේ සද්දයක් ඇහුනත් මං එච්චර ...
පේරා කම්මලට අල්ලපු වත්තේ තියෙන අක්බාර් ශාලාවේ භෝජනාගාරයට අපි කවුරුත් පුරුද්දට කිව්වේ 'අක්බාර් කැන්ටිම' කියලා තමයි. හැබැයි දැන් ටික කාලෙකට කලින් කතන්දරකාරයා දාපු පෝස්ට් එකක තිබුනු විදියට මේවා 'කැන්ටින්' නෙවෙයි 'කැෆටේරියා'. බලාගෙන ගියාම ඒ කතාව හරි තමයි... ඒ කොහොම වුනත් ගොඩක් දෙනෙක් අහලා නැතිව ඇති ඔය කියන භෝජනාගාරය හෝටලයක් වෙච්ච කතාව! අපි කම්මලට ඇතුල් වුනු 2001 වසරේ ඔක්තෝබර් මාසෙ
හැමදාමත් වගේ මේ අවුරුද්දෙත් පොත් ප්රදර්ශනේ පටන් ගන්නකන් මමයි අපේ බිරින්දෑයි හිටියේ ඇඟිලි ගැන ගැන. මොකද අපි දෙන්නම ඒ කාලේ ඉඳන්ම පොත් ගුල්ලෝ දෙන්නෙක් කිව්වොත් වැරදි නෑ. 2008, 2009, 2010 අවුරුදුවල කොළඹ පොත් ප්රදර්ශනේ බලන්න අපි දෙන්නා ජෝඩු දාගෙන ගියත් මේ වතාවෙ ඕය වැඩේ කරන්න බැරි වුනේ දැන් මාස කීපයකට කලින් අපේ පවුලට එකතුවුනු කොළු පැංචා නිසා... අපේ බිරින්දෑට ඉතිං ...
ඔන්න දවසක් අපේ කොල්ලො කට්ටියක් ගියාලු ෆිල්ම් එකක් බලන්න. ගිහින් තියෙන්න කටුගස්තොට සීගිරි හෝල් එකේ පෙන්නපු හොරර් (Horror) ෆිල්ම් එකක් බලන්න. චිත්රපටයේ නම නම් මතක නැති වුනාට මේකේ තිබිලා තියෙන්නේ දැවැන්ත බූවල්ලෙක් නැවක ඉන්න මිනිස්සු බිලිගන්න කතාවක්! ඔන්න කොහොමහරි එක තැනකදි අර කියපු බූවල්ලා මනුස්සයෙක් අල්ලගන්න හදන ජවනිකාවකදි චිත්රපටයේ විවේක කාලය ආවා. ඔය වෙලාවට එනවනේ අර රටකජු, කඩල,
"උත්සාහවන්තයා ජයගනී!" කියලා කියමනක් තියෙනවා අහලා ඇතිනේ... මේක ඉතින් චිරාත් කාලයක ඉඳන් පට්ට ගහපු එකක් බව අමුතුවෙන් නොකීවට, පොඩි කාලේ ඉඳන් දහස් වතාවක් ඕක වැඩිහිටියන්ගෙන් අහගෙන තියෙන අපි කවුරුත් දන්නවා. ඒ වුනාට මට වෙලාවකට හිතෙනවා ඔය කතාවෙ පොඩි දෝසයක් තියෙනවා කියලා... යම්කිසි අරමුණක් වෙනුවෙන් උත්සාහ කරලා ජයගන්නවා කියන්නේ ඒ ඉලක්කය සපුරාගන්න එක තමා.. ඒක හරි! ඒ වුනත් ලබාගත්ත ජයග්රහණයේ
මම අන්තිමට ලියපු සටහන ගැන දක්වපු අදහසක කතන්දර කාරයා කියලා තිබුනනේ හුඟදෙනෙක් තමන් ඉගෙනගත්තු ඉස්කෝලෙ හෙලිකරන්න බයයි, ඒ වගේම ඒකට හේතුවකුත් තියෙනවා කියලා... මට නම් තාමත් හිතාගන්න බෑ ඔය කියපු හේතුව මොකක්ද කියලා. අනෙක් අතට මට නම් කිසිම බයක් නෑ මං ගිය ඉස්කෝලේ මොකක්ද කියලා කියන්න! ඒ සමහරවිට අර කියපු හේතුව මං නොදන්න නිසාම වෙන්නත් පුලුවන්... සමහරවිට කතන්දර කාරයා මේ ...
මේ සිද්ධිය මීට අවුරුදු 13 - 14 කට කලින් කොළොම්පුරේ ප්රධාන පිරිමි පාසලක වෙච්ච එකක්... උසස් පෙළ ගණිත පංතියකට එදා ෆ්රී පීරියඩ් එකක්! මේ වගේ චාන්ස් ඉතිං හැමදාම හම්බවෙන එකක්යැ, අනික ඉතිං සද්දයක් බද්දයක් නැතුව ඉන්න පුළුවන්ද ඒ වයසෙ කොල්ලො සෙට් එකකට? පංතියේ මුල්ලක හෙමින් පටන්ගත්ත සිංදුවෙ සද්දෙ වැඩිවෙලා ටික වෙලාවක් යනකොට කට්ටිය බජව්වක් දාන්න පටන් ගත්තා! ඔය වගේ හදිස්සියකට ගන්න සංගීත ...
පහුගිය දවස් ටිකේ ලියපු සටහන් දිග වැඩිදෝ කියලත් වෙලාවකට හිතෙනවා... කියවන්න ගියාම එපා වුනාද දන්නෙ නෑ! ඒක නිසාම අද උත්සාහ කරන්නම් සටහන කෙටි කරන්න. හැබැයි ලියලා ඉවරවෙනකොට තමයි හරියටම බලාගන්න වෙන්නේ... හික්ස්! ඕගොල්ලො මේ බ්ලොග් එක ගැන හිතනදේ මට වැදගත් බව දන්නවනේ. ඒ නිසා මං ඔන්න පොඩි අදහස් විමසීමක් දැම්මා... දකුණු පැත්තෙ තීරුවෙ උඩින්ම තියෙන්නෙ ඒක තමයි. මේ පැත්තෙ ඇවිත් යනවනම් එතනට ...
යමක් කමක් තේරෙන කාලේ ඉඳන්ම අවමංගල උත්සවයන්ට සහභාගී වෙද්දී හරි මහමඟදී දකිද්දී හරි මට හිතෙන දෙයක් තමා, මොනතරම් හිස් දේවල්ද මේ සිද්ධවෙන්නෙ කියන එක! මනුස්සයෙක් මළාම නෑසියෝ ඉස්සෙල්ලම මළකඳ තමන්ට පුලුවන් තරම් හොඳ මල් ශාලාවකට ගෙනියනවා එම්බාම් කරගන්න. ඊට පස්සේ දවස් ගානක් තියාගන්න පුලුවන් විදියට රසායනික ද්රව්ය ගල්වපු මිනිය අරන් එනවා ගෙදරට. කොලොම්පුරේ පොෂ් තැන්වල නම් දැන් දැන් ගෙවල්වලට ගේන්නේ නෑ ...
ඉන්ජෙක්සන් ගහනවට චුට්ටං කාලෙ ඉඳලම මට තිබුන මහා බයක්... මට මතක හැටියට ඔය බය ඇතිවෙන්න හේතුවුනේ අවුරුදු 4 - 5 ක් වගේ කාලෙදි වෙච්ච සිද්ධියක්. අපේ අම්මලාට සූටි පැටියා කාලෙ මට විදින්න තිබ්බ බෙහෙතක් මඟ හැරිලා තිබිලා ඔය කියන චුට්ටං පැටියා කාලෙදි එක්ක ගියා ඒක විදින්න. එච්චර තේරුමක් නැති නිසා ඔහේ ගියා. ක්ලිනික් එකේ හිටපු සෙනඟෙ හැටියට නර්ස් ඇන්ටිලාට වෙලාවක් ...
මේ කතාව මට මතක් වුනේ කතන්දරගෙ "නුගේගොඩ දී චූ බරක් හැදුනෙමි - You gotta go when you gotta go!" කතන්දරේ කියවද්දි බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මේක ඉතින් මම ලියපු පළවෙනි චූ කතාව කියල කියන්නත් බෑ, මොකද කලින් ලියපු "බාල්දි වැසිකිලි" සටහනත් චූ වලට සම්බන්ධ නිසා. කොහොම නමුත් චූ කතා වලට ආස නැති අය ඔන්න මෙතනින්ම නැවතුනොත් හොඳයි, පස්සෙ මාත් ...
විවාහ මංගල්ලයක් කරනකොට ඉතිං අපේ රටේ නම් ඔක්කෝටම කලින් මුලට එන්නෙ නැකැත් කෙරුවාවනේ. කොහොම වුනත් මමයි අපේ බිරින්දෑයි නම් ඒ කාලේ ඉඳන්ම ඕවට නැමියාවක් තිබුනේ නෑ. ඒ අතින් අපි දෙන්නා ජාඩියට මූඩිය වගේ කියලා මං "මී පාසානම්" කතාවෙදිත් කිව්වනේ... කොහොමෙන් හරි පේරාදෙණිය සරසවියේ කම්මලේදී හදි ගැහුනු අපි දෙන්නා හන්තානේ කඳු පාමුළ, මහවැලි ගං ඉවුර එහෙම තරණය කරලා කම්මල් වැඩ ටිකත් ඉගෙනගෙන ...
Image: Sujin Jetkasettakorn / FreeDigitalPhotos.net පහුගිය දවස් ටිකේ එක දිගටම ලියපු නිසා ඔන්න පොඩි විවේකයක් ගත්තා. අද ඉතිං වැඩ ඇරිලා ගෙදර ඇවිත් ඉන්න ගමන් මට අලුත් අදහසක් ආවා. ඒ තමයි 'අතීතයෙන් කතාවක්' ලියන්න. මම ලියන්න බලාපොරොත්තු වෙන්නෙ අපි නොදන්න ටිකක් ඈත අතීතයේ සමහර කරුණු කාරණා සිද්ධවෙච්ච හැටි ඒවා දුටු කෙනෙකුගෙන් දැනගෙන. ඉතිං ඔහොම කිව්වම අපිට මතක් වෙන්නෙ ආච්චිලා, සීයලා, අම්මලා, තාත්තලා ...
ඔන්න එකෝමත් එක කාලෙක එක මිනිසෙක් මහා ඝන කැලයක් මැදින් ගමනක් යනවා. හැන්දෑව වෙනකොට ඇවිදීමෙන්ම හොඳටම විඩාවට පත්වී සිටි මිනිසාට තේරුනා රෑ වෙන්නට කලින් මේ වනාන්තරය පහුකරන්නට බැරිබව. කෙසේ නමුත් ගිමන් හැරීමට හෝ නැවතීමට සුදුසු තැනක් අසලක හොයාගන්නට නැති බව දන්නා මිනිසා තම ගමන දිගටම යාමට තීරණය කලා. හිරු අවරගිරින් බැස යද්දී වනන්තරය ටිකෙන් ටික අඳුරේ ගිලෙන්නට වුනා. දහවල් කාලයේ දසත ... | hplt_2 |
නන්දාවතී උදෑසනම අවදි වූවේ සිය දියණියගේ අටමස් වියැති පුතුට බැඳි හාල් කැඳ පිළියෙල කිරීමටය.ඒ පෙර දින රාත්රියේ දී දරුවාට හිස ගිණියම් වන්නට උණ ගැනී තිබූ බැවිනි.මොහොතකින් ඇයට ගේ තුලින් දියණිය බෙරිහන් දෙනු ඇසිණි,"අනේ අම්මේ ඉක්මණට එන්නකෝ පුතාට මොකක්ද වෙලා"හණික ගෙය වෙත දිව ගිය නන්දාවතීට දැකිය හැකි වූවේ ඇස් උඩ තබා ගෙන ගැහෙමින් සිටින දරු සිඟිත්තාය. කලබල වූ ඇයද කෑගසන්නට විය.ඒ ...
ඔන්න කාලයක සිට බලා සිටි සීමාවාසික සේවා කාලය හෙටින් ආරම්භ වෙනවා.වසරකට ආසන්න කාලයක් බ්ලොග් ලිවීමෙන් හා කියවීමෙන් විශාල සතුටක් හා දැනුමක් මෙන්ම අගනා මිතුරන් රැසක් හඳුනා ගන්නට ලැබුනා.ඉතින් ඉදිරියට ලිවීමට මෙන්ම කියවීමටද කාලයක් ලැබේවි කියල හිතන්න අමාරුයි.හැකියාවක් ලැබුනොත් කෙටියෙන් හෝ යමක් ලියන්නම්.කලාතුරකින් හෝ බ්ලොග් කියවීමට පැමිණියත් යමක් පවසා යන්නට නම් නොහැකි වේවි. ඒ ගැන අමනාප නොවන්න.සීමාවාසික කාලයෙන් පසු නැවතත් සුපුරුදු ...
"මහත්තයව හම්බවෙන්නෙ කවුද ඇවිත්""කවුද මේ වෙලාවෙ?කියවමින් සිටි ලිපියෙන් ඇස් ඉවතට ගනිමින් ජයදේව ඇසීය. "අනේ මන්දා, ටයිකෝට් දා ගත්ත කට්ටියක්""හොඳයි මම එන්නම් කියන්න""ගෙදරකට එන වෙලාවක්ද මේක, රෑ 12ටත් වෙලා" ඔහු හනික අමුත්තන් ඉදිරියට යාමට සුදුසු ඇඳුමක් හැඳ ගනිමින් සිතීය.සාලයට පැමිණි ඔහුට දැකගත හැකි වූවේ හොඳින් හැඳ පැලඳ ගත් විදේශිකයන් දෙදෙනෙක් හා ශ්රී ලාංකිකයෙකි."සමාවෙන්න මහාචාර්යතුමා මේ වෙලාවෙ කරදර කරන්න වුනාට, මම රාජ්ය ...
දෑස මානේ නැඟූ හසරැල්ගොලු වෙලා අද හැංගිලා ..නොපෙනෙනා දුරකට යවා හිතඇයිද නුඹ මෙහි තනි වෙලා ..නිහඞ අරණක කෙළි දෙලෙන් අපිගෙවූ යාමය පහු වෙලා ..ඉදින් යනු මැන නුඹේ ලොව වෙතසොයුරු පෙම නිමලව තියා .. ...
"ඒයි අන්න අරූ එනවා""මේ ඌ මෙතනින් යද්දිම ඔක්කොම එකට කියමු""මෙන්න කුණු සමිතය එනෝ... අපෝ මුගේ ලඟ ගඳ.."සමිත කෝපයෙන් ඔවුන් දෙස බලත්ම ඔවුන් සිනා සෙමින් දිව ගියේය. සමිත කරබාගෙන යලි පන්තිය වෙත පා නැඟීය."එයාගේ තාත්ත පාරෙ කුණු අදින එකලු රස්සාවට කරන්නෙ"අසල සිටි යුවතියන්ගේ කතාවෙන් මදක් ඔහුගේ කන වැකින. කෝපයෙන් ඔවුන් දෙස රවා බැලූ ඔහු පංති කාමරයට ඇතිලු විය.මෙවැනි සිදුවීම් සමිතට අරුමයක් ...
දින කීපයකට කලින් සාමාන්ය පෙල විභාග ප්රතිඵල ආවා. ඔයාලත් මේ ගැන සැලකිලිමත් වෙන්න ඇතිනේ. කොහොමද අහන්න ලැබුන ප්රතිඵල?ටිකක් ගම්පලාතකට වෙන්න ඉන්න මට නම් අහන්න ලැබුන ප්රතිඵල වලින් ගොඩක් දුර්වල ප්රතිඵල පෙන්වලා තිබුනේ ඉංග්රීසි විෂයට. මෙවර විතරක් නෙවෙයි හැම වසරෙම දක්නට ලැබෙන්නෙ මේ ප්රතිඵලයම තමයි.මොකක්ද මේකට හේතුව? ඇත්තටම ඉංග්රීසි අමාරුද?නමුත් නගරබදට වෙන්නට නම් තත්වය ටිකක් වෙනස්. වෙනත් විෂයන් වලට අඩු ලකුණු ...
ශීලා අතුගෑම නවත්වා කඩුල්ල වෙත නෙත යොමු කලේ මඳක් වෙහෙස නිවෙන තෙක්ය, අසල්වැසි නිවසේ කුමාරි කඩිමුඩියේ පාසැල වෙත දුවයි. ඇය ගුරුවරියකි."අද නම් හොඳටම පරක්කු වුනා අක්කෙ""ඒක තමයි මාත් බැලුවේ, ටිකක් අඩිය ඉක්මන් කලා නම් හරි"කුමාරි සිනාවක් පාමින් ශීලා පසු කලාය. ශීලාගේ නෙත ගියේ ඇය ඇඳ සිටි සාරිය වෙතයි."අලුත් එකක් වගේ"එහි වර්ණය හා කුඩා මල් මෝස්තරය ඇගේ සිත් ගත්තේය."තව ටිකක් තද ...
මා කලින් ඉදිරිපත් කල දැවෙන ජීවිත හා නිවුණ ජීවිත කියන ලිපි දෙක කියවන්න ඇතැයි හිතනවා. එහි ප්රධාන චරිතය වූ ජයතිස්ස ඇසුරෙන් පෙන්නුම් කිරීමට උත්සාහ කලේ මානසික පීඩනය (Stress) ජීවිතයට කෙතරම් තදින් බලපානවාද යන්නයි.අප සියලු දෙනාම මේ මානසික පීඩනය කියන්නේ මොකක්ද, එය වලක්වා ගන්නේ කෙසේද කියන එක ගැන දැනුවත් වීම ගොඩක් වැදගත්.මානසික පීඩනය අද කාලේ හැමෝම අත්විදින දෙයක්.කොහොමද මනසට පීඩනයක් ඇති ...
ජයතිස්සට සිද්ද වූ දේ නොදන්නා අය මෙතනින් ( දැවුන ජීවිත ) ගිහින් කියවලා ආවොත් මේ කතාව ගොඩක් රසවත් වේවි.තර්ජනාත්මක ලෙස බලා සිටි නිලධාරී දෙපල කාමරයෙන් පිටත්ව යනු ජයතිස්ස අන්දමන්ද වී බලා සිටියේය. සිදු වූ දෙය සිහි කල්පනාවට ඒමට මද වේලාවක් ගත විය. "මෙච්චර අයිස් ගහන එවුන් කන්තෝරුවෙ ඉඳිද්දි, මටමනෙ ඒ හෙණහුරත් පාත් වුනේ" ලේන්සුව ගෙන වැක්කෙරෙන දහඩිය පිස දමා වතුර ...
ශීලා කෝ මෙතන තිබ්බ කොළපාට ෆ්යිල් එක? අනෙ අම්මප මේ ගෙදර කිසි දෙයක් පිලිවෙලට තියා ගන්න බැහැනෙ!"මොකද අනේ කෑ ගහන්නෙ! මේ හොද්ද ලිපෙන් බාල මම ඇවිත් හොයල දෙන්නම්, ඔයා ලෑස්ති වෙන්නකො" ශීලා කුස්සියේ සිටම කෑ ගැසුවාය. සෑමදාම උදෑසනට ජයතිස්සගේ මේ කලබලය දැන් ඇයට පුරුදුය."මේ තියෙන්නෙ අනේ, ඔයාම ඒක තව ෆයිල් එකක් ඇතුලට දාල වහලා""හරි හරි ඔන්න ඔය ෆයිල් ඔක්කොම බෑග් ...
අධික සීතල පරදමින් නැගෙන දාබිඳු නලලතින් සූරා දැමූ ඔහු වෙහෙස නොබලා යලි ගිරි හිස තරණය කරන්නට විය. තිස් එක් වියැති හැඩි දැඩි සිරුර, ඉදිරියෙන් ඇති හිමාල කඳුවැටියට අභියෝග කරන්නට අපූරුවට සුදුසුකම් කියාපෑවේය. ගතේ සවියට වඩා ඔහුගේ සිතේ වූ සවියට හා අධිශ්ඨානයට නම් හිමාලයත් දෙවෙනි වනු නිසැකය.අඩි හාරසියක් පමණ එක හුස්මට නැග ගත් ඔහු මඳ විවේකයකට නතර වූයේ ඈත කඳු වැටි ...
කලින් ලිපියෙන්......නදීශා..! බණ්ඩාර..! කාන්ති..! මේ කවුද? මෙයාලට මොකද වෙලා තියෙන්නෙ?මේ අය ගැන කියෙව්වෙ නැත්නම් මෙතනින් ගිහින් කියවලා එන්න.කවුද මේ..? මොකද මෙයාලට වෙලා තියෙන්නෙ..?නදීශා - පවුලෙ එකම දරුවා මුරණ්ඩු ලමයෙක් නෙවෙයි. වැඩි කතා බහක් නෑ නිවිච්ච ලමය,තනියම තමා හැදුනේ. වැඩි යාලුවො ආශ්රයකුත් නැහැ, තනිව සිනාසේ, ඇයටම පමණක් පෙනෙන පෙම්වතෙක් සිටී, ඇයගේ ලෝකය ඔහුයි...බණ්ඩාර - යකෙකුට මෙන් කේන්ති යයි, නින්ද අඩුය, තනිවම ...
නදීශා"මට නම් තව බලා ඉන්න බෑ බං, මම ගෙදරට ගිහින් මේ ගැන කතා කරනවා"දිගු කල්පනාවක ගිලී සිටි ගයාන් සිය රූමා සමඟ පැවසූවේ ස්ථීර තීරණයකට පැමිණෙමිනි. "ඒකි කියන්නෙ බොරුවක් කියල හිතනවා නම් එහෙම කරන එක හොඳයි, මොකක් හරි ගෙදර අවුලක්ද දන්නෙ නැහැනෙ""ඔව් මම හෙටම යනවා"..........නදීශාගේ නිවස.."මේ ලමය එතකොට අපේ දුවගෙ කැම්පස් එකේම කිව්ව නේද, ඉතින් දැන් කාරණේ කිව්වා නම්"ගයාන් මදක් පැකිලෙමින් ...
ගොඩක් කාලෙකින් අන්තර්ජාලය සම්බන්ධයෙන් මුකුත් ලියන්න බැරි වුනානෙ.ඉතින් අද ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නෙ ඉතාමත් පහසුවෙන් උපරිම වේගයෙන් ඕනෑම දෙයක් ඩවුන්ලෝඩ් කර ගන්න උදව් ලබාදෙන වෙබ් අඩවියක් (Furk.net) ගැන.මෙය ක්රියාත්මක වෙන්නෙ ටොරන්ට් ( Torrent ) යන ක්රමය උපයෝගී කරගෙන. ටොරන්ට් ගැන නොදන්න අයත් ඉන්න නිසා ඒ ගැනත් ටිකක් කියන්නම්.ටොරන්ට් කියන්නෙ අන්තර්ජාලය තුල විවිධ දේවල් බෙදා හදා ගන්නා ක්රමයක්. මෙහිදී බොහෝ වෙලාවට ...
සෙමෙන් සෙමෙන් විවර කල දෙනෙතට අයුබෝවන් කී උදෑසන සෞම්ය හිරු එළිය සහන්ට ඇති කලේ ප්රමෝදයකි. "හප්පා එලාම් සද්දයක් නැතිව නැගිට්ටහම තියන සනීපෙ"අතපය දිග හැරි සහන් ජනේලය දෙස හැරී යලි ගුලි වූවේ කල්පනාවකට වැටෙමිනි.ඊයේ දින ලියූ සාමාන්ය දැනීම ප්රශ්න පත්රයෙන් උසස් පෙළ විභාගය හමාර විය. ඒ සමඟම අතිශය අවිවේකී වසර දෙකක නිමාවද ලැබුවේ සහන්ගේ සිතට ඉගිලී යන තරමේ නිදහසක් මෝදු කරවමිනි.විභාගය ...
ඔන්න මීට අවුරුදු ගානකට ඉස්සර හද්ද පිටිසර ගමක මනුස්සයෙක් හිටියා මහතුන් කියල. මිනිහා අහිංසකය. රස්සාවකට කියල කලේ බයිසිකලේ හයි කරපු පෙට්ටියක ඔය දිලිසෙන මාල පෙති, කරාඹු, මුදු වගේ සුකුරුත්තන් මොනව හරි එල්ලගෙන ගම වටේ ගිහින් කොල්ලො කුරුට්ටන්ට විකුණන එක. කොල්ලො කුරුට්ටො කිව්වට ඉතින් ගමේ ඉන්න ගැටිස්සියො ටික තමා වැඩියෙන්ම ඔය සුකුරුත්තන් වලට වහ වැටිල හිටියෙ.ඔන්න ඔය සුකුරුත්තන් ගේන්න මාසෙකට විතර ...
ලිවීම නවත්වලා ගත්ත මාස දෙකක පමණ විරාමයට නැවතීමක් තියන්නත් එක්ක ඔබේ ජීවිතේට අලුත් යෝජනාවක් අරගෙන පොඩි ලිපියක් ලියන්නයි යන්නෙ.නව වසරක් උදාවත් එක්ක හැමෝම වගේ තමන්ගෙ ජීවිත අලුත් කර ගන්නවා. අවුරුද්ද සාර්ථක කර ගන්නවා කියන බලාපොරොත්තුව ඔයාල හැමදෙනාම අවුරුද්ද මුලම ඇති කර ගන්න ඇති. එහෙම බලාපොරොත්තුවක් ඇති කර ගන්න එක ඇත්තටම වටින දෙයක්. නමුත් ගොඩක් දෙනෙක් අවුරුද්ද පටන් අරගෙන මාසයක් යන්නත් ...
කන් බිහිරි කරවන තරමේ යෝධ යන්ත්රයේ ගෝසාව නිසා ජානක වැඩ සීමාවෙන් පිටත සිට කියූ කිසිවක් සුමාල්ට නෑසින.ඔහු යන්ත්රය නවතා ජානක දෙස බැලීය."මචං ගමෙන් කෝල් එකක් ආවා. පොඩි නරක ආරංචියක්"ජානක එය පැවසූ අයුරින් සුමාල්ගේ හද ගැස්ම මදක් වැඩි විය. ඔහුගේ තීව්ර බැල්ම දුටු ජානක"කලබල වෙන්න එපා, ඊයේ රෑ කුසුම් නැන්දා එල්ලිලා මැරිලලු"නෑ!! දෙයියනේ! ඒ අහවල් පිස්සුවකටද? සුමාල් ක්ශණිකව ඇතිවූ දහසකුත් සිතුවිලි ...
සරත් කියවමින් සිටි පත්තරය පහත් කර කඩුල්ලෙන් එපිට ගුරුපාර දෙස බැලුවේය. ඒ කුස්සියේ සිටිය ශීලා කඩාගෙන බිඳගෙන ඉස්තෝප්පුවට විත් මෙතරම් උවමනාවෙන් පාර වෙත ඇස් යොමා සිටීමට හේතුව දැකීමට.මඳ වේලාවකින් දුහුවිලි නඟමින් නිවස ඉදිරියෙන් ඇඳී ගිය සිල්ව ලාගේ අලුතින් ගත් කාරය දුටුවිට සරත්ට කාරණය පැහැදිලි විය. ශීලා තවමත් ඇඟිලි වලින්ද ඉස්සෙමින් ඈත ඇදී යන කාරය දෙස බලයි. "සුදු පාට නැතුව රතු ...
පළමු හා දෙවන කොටස් කියවුයේ නැත්නම් මෙතනින් ගොස් කියවන්න.සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් - 1සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් 2 - කට පරෙස්සම් කර ගැනීමඅද එතැන් සිට ලිපියේ තුන්වන (අවසාන ) කොටස....දුම්පානය හා මත්පැන් භාවිතයදුම්පානයදුම්පානය යනු දැනට වලක්වා ගත හැකි ප්රධානතම රෝගී හා මරණ සඳහා බලපාන්නාවූ සාධකයකි. ලොව පුරා වසරකට මිනිසුන් හාරලක්ෂයකට අධික සංඛ්යාවක් අඩු වයසින් දුම්පානයට සම්බන්ධ රෝගී තත්ව වලින් මියයයි. ... | hplt_2 |
ජනපති හුළුගල්ලට දෙහි කපලා
දෙසැ.10 දා සිට DIG 8කට ස්ථාන මාරු
අමාත්යවරුන්ගේ සංචාරක වියදම්වලට අයවැයෙන් වැඩි ඉඩක්
මාසයක් තුල අනුමැතිය නැත්නම් කැසිනෝ ව්යාපෘතිය වෙන රටකට ගෙනියනවා - ජේම්ස් පැකර්
රැහැන් රහිත දුරකථන ළග තබා ගැනීමට දඬුවම්
රාජ්ය භාෂා කොමසාරිස් රාජකාරි වෙලාවේ බීමතින්
භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර ඝාතනයේ ආනන්ද සමරසේකර භූමිකාව
රජයේ මාධ්ය ආයතන රැසක ප්රධාන තනතුරු රැසක වෙනසක්
විදේශ කටයුතු අමාත්යංශයේ ලේකම්ධූරය ක්ෂෙනුකාටද?
ජනාධිපති උපන් ගමේ පුංචි ඡන්දෙත් ආණ්ඩුව පරාදයි
නාමල්ගේ නයිට් රේස්වලට වැලිගෝනි අතුරන්න මිලියන 20 ක්
Video: අමුණුගම දුන්නේ ගොං උත්තරයක් - බන්දුල
අති විශේෂ
විදේශ කටයුතු අමාත්යංශයේ ලේකම්ධූරය ක්ෂෙනුකාටද?
අප කලින් වාර්තා කළ අන්දම රාජපක්ෂ ආණ්ඩුව විසින් විදේශ අමාත්යංශයේ කටයුතු...
සජින් වාස්ගෙන් Pan Asia බැංකුවට කෝටි 400ක පොල්ලක්!
ජනාධිපතිගේ රහස්ය මූල්ය උපදේශක විදේශ අමාත්යංශයේ අධීක්ෂණ මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතා...
පුතාගේ ප්රතිඵල විශිෂ්ඨ වීම නිසා තාත්තාගේ ජොබ් එකට කෙලවේ!
ශ්රී ලංකා නීති විද්යාලයේ විදුහල්පති ආචාර්ය වෙදගේ දන්ත රොද්රිගු මහතා...
නවතම පුවත්
ලලිත් කුහන් වහා නිදහස් කරණු – ඉතාලියේ උද්ඝෝෂණ
ලෝක මානව හිමිකම් දිනයේ රජයේ හමුදා විසින් පැහැරගත් මෙතෙක් කිසිදු තොරතුරක් නැති ලලිත් කුමාර වීරාජ් හා කුහන් මුරුගානන්දන් සොයුරන් වහා නිදහස් කරන ලෙසට බල කෙරෙන විරෝධතාවයක් ඉතාලියේ බ්රෙෂියා නගරයේදී පසුගිය...
18 වන තරුණ උළෙල ඉක්වදෝරයේදි ඇරඹිණ
ලෝක ප්රජාතන්ත්රවාදී තරුණ සම්මේලනය විසින් සූදානම් කරන 18 වන ලෝක තරුණ හා ශිෂ්ය උළෙල පසුගිය 7වනදා ඉක්වදෝරයේදී ආරම්භ කෙරිණ. 17වන ලෝක තරුණ හා ශිෂ්ය උළෙල දකුණු අප්රිකාවේදී පැවැත්වූ අතර...
හමුදාව සඳහා ආහාර සැපයුම්කරුවන්ට පොල්ලක්
ත්රිවිධ හමුදාවේ ආහාර සැපයුම්කරුවන්ගේ මුදල් මේ දක්වා ගෙවා නොමැති අතර එම හිග මුදල රුපියල් බිලියන 13.5 ක් පමණ වෙතැයි හමුදා ආරංචි මාර්ග පෙන්වා දෙයි.
වයි පංතියේ දුම්රිය එන්ජින් පමණක් නොව දුම්රිය දෙපාර්තමේන්තුවම දුවන්නේ නිසි රියදුරෙක් නොමැතිවයි.
දුම්රිය රියදුරු සහ රියදුරු සහායක නොමැතිව, අභ්යන්තර දුම්රිය කටයුතු සඳහා යොදා ගනු ලබන වයි පංතියේ දුම්රිය එන්ජිමක් මරදාන සිට රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නය දක්වා ධාවනය වීම පිළිබඳව පසුගිය දින වල...
බස්නාහිර පළාත් සභා මැතිවරණය වෙනුවෙන් 50000 ක තරුණ බලකායක්
එළඹෙන පළාත් සභා මැතිවරණයේදී තරුණ කොටස් ඒකරාශි කරගනිමින් ඔවුන්ගෙන් උපරිම සහාය ලබාගෙන පක්ෂය ජයග්රාහී මාවතට ගෙනඒම සඳහා 50000 ක තරුණ බලඇණියක් ඉදිරි මාස දෙක ඇතුළත සාදන බව එක්සත් ජාතික...
බැසිල්ට පොත මාරුවෙයි
ආර්ථික සංවර්ධන අමාත්යාංශයේ වැය ශීර්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු විවාදයට සහභාගිවීමට බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා පැමිණ සිටියේ පොත් රැසක් රැගෙනය. විවිධ සලකුණු දමාගෙන පොත් රැසක් සිය මේසය මත තබාගෙන ඇමැතිවරයා කතාව ආරම්භ කළේය....
ලලිත් -කූගන් පැහැරගෙන අදට වසර දෙකයි
ආණ්ඩුවේ හමුදාව විසින් පැහැර ගෙන යන ලද ලලිත් කුමාර් වීරරාජ් මහතා සහ කුගන් මුරුගානන්දන් මහතා ඇතුළු සියලු දෙනා නිදහස් කරන ලෙසත් පැහැර ගැනීම්, අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් වහාම නතර කරන...
ජනපති හුළුගල්ලට දෙහි කපලා
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්ය මධ්යස්ථානයේ අධ්යක්ෂක ජෙනරාල්ව සිටි ලක්ෂ්මන් හුළුගල්ල කැඳවා රාජකාරී කටයුතු පසෙක ලා තනතුරේ බලය පාවිච්චි කරමින් අයුතු ප්රයෝජන ගැනීම සම්බන්ධයෙන් තදබල ලෙස අවවාද කොට ඇතැයි...
එක්සත් ජාතික පක්ෂය ගමට ගෙනයාම ඇරඹේ !
කරු ජයසුරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලය පක්ෂයේ දේශපාලන පණිවුඩය ගමට ගෙනයාමේ කටයුතු අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත්රික්කයන්ගෙන් ආරම්භ කළේය.
දෙසැ.10 දා සිට DIG 8කට ස්ථාන මාරු
පොලිස් අධිකාරි එන්.කේ ඉලංගකෝන් මහතා විසින් දෙසැම්බර් 10 වෙනි දිනට බලපැවැත්වෙන පරිදි සහකාර පොලිස් අධිකාරීවරු 08 දෙනෙකු හට ස්ථාන මාරු ලබා දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙයි.
විශේෂාංග
ශ්රී ලංකාව: ණයගැතිබව, හමුදාකරණය, සහ සකල මානව හිමිකම්වලට එරෙහි තර්ජනය - AHRC
අන්තර්ජාතික මානව හිමිකම් දිනය මානව අභිමානය සමරන දිනයකි. එහිදී, ශ්රී ලංකාවේ මානව හිමිකම් ප්රවර්ධනය...
අවනීතිය රජ වීම
හිංසනය දිගින් දිගට වර්ධනය වෙද්දී ඇති විය හැකි තත්වය ගැන බර්ටෝල්ට් බ්රෙෂ්ට් වරක් ලීවේය. මුලදී...
පොලිසිය කුමට?
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගියදා පැවැත්වූ මාධ්ය හමුවකදී හෙළිදරව් කළේ ලංකාවේ...
අසාධාරණ දෝෂාභියෝගය – ‘පැය හයකින්’ - යුක්තිය සඳහා වන නීතිඥයෝ
විපක්ෂ සාමාජිකයන් හතර දෙනා නොමැති, ‘පක්ෂග්රාහී කමිටුවක’ සොයා ගැනීම් මත පදනම්ව, නිදහසට කරුණු දැක්වීමට...
හෙටක් නොදන්නා පුරවැසියෝ - කුසල් පෙරේරා
වැසියෙකු යනු කොහේ හෝ රටක ජීවත් වන්නෙකි. එවැන්නකු රට වැසියෙකි. ලංකාවේ වෙසෙන්නේ නම් ලක් වැසියෙකි....
සාමාන්ය මිනිසාට (සහ සාමාන්ය බල්ලාට) රටක් නැත) - තිසරණී ගුණසේකර
හුරතල් සත්ව ආහාර ආනයනය, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 2014 අයවැය තුළ බදු සහන ලැබුණු අතලොස්සක් අංශවලින්...
මැරිල්ල, පොලීසිය සහ ආණ්ඩුව - සුනන්ද දේශප්රිය
නොවැම්බර් 16 දින කඹුරුපිටිය මාස්මුල්ල ප්රදේශයේ දී හද කම්පා කරවන සාහසික ඝාතනයක් සිදු විය. කඹුරුපිටිය...
ශී්ර ලංකාවේ නීතිය කැඩීමේ ආධිපත්යය - කිෂාලි පින්තු ජයවර්ධන
කොළඹ පොදුරාජ්ය මණ්ඩලීය නායක සමුළුවේ දී ඔස්ටේ්රලියානු අගමැති ටෝනි ඇබොට් කළ ප්රකාශය අතිශය කණගාටුදායක සරළකරණයකි....
කාන්තාවන්ගේ ප්රධාන රැකියාව වහල් මෙහෙයද? - එච්.එම්. නවරත්න බණ්ඩා
සුද්දාගේ කාලයේ ඔවුන්ගේ සපත්තු පිස දැමූ වකවානුවක් ගැන තවමත් මහා හඬින් දෙසාබාන අපගේ බොහෝ බංකොලොත්...
අපගේ විරුවන් හැමදාමත් ආණ්ඩුවට ත්රස්තවාදීන්ය
ජාතිය රඳවා ඇත්තේ ජාතික හෙළ උරුමයේ නායකයින් ගේ පස්සා පැත්තේ බැවින් විවේකයකට ඉඳහිට වාඩි වන...
මානව හිමිකම්
ඉන්දීය ලේඛිකාව ඇෆ්ගනිස්තානයේ දී වෙඩි තබා මරුට
තාලිබාන් වරුන්ගෙන් ගැලවී ආ ආකාරය පිලිබඳව ජනප්රිය පොතක් ලියූ ඉන්දීය...
උඩුගම පොලිසියේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය (වීඩියෝ සාක්ෂි සහිතයි)
හොර හරක් ප්රවාහනය නිති විරෝධී ක්රියාවකි. හෙරොයින් ප්රවාහනයද නිති විරෝධී...
ව්යාපාරික
මාසයක් තුල අනුමැතිය නැත්නම් කැසිනෝ ව්යාපෘතිය වෙන රටකට ගෙනියනවා - ජේම්ස් පැකර්
කොළඹ පිහිටුවීමට යන කැසිනෝ ව්යපෘතිය සම්බන්ධයෙන් අදාළ අනුමැතිය හා බදු...
නෙත්තිකුමාර ගේ කතාවෙන් කොමාර්ෂල් බැංකුවත් හෙල්ලෙයි
සලාකා සෙංකඩ අධිපති ගාමිණි නෙත්තිකුමාර මහතා අද ඉරිදා දිවයින පුවත්පතින්...
විදෙස්
දිල්ලි මැතිවරණයෙන් ඉන්දීය ආණ්ඩුව පරාදයි
දිල්ලි අගනුවර ප්රාන්ත සභාවට සභිකයන් තෝරා ගැනීම පිණිස පැවැත්වුණු මැතිවරණයේදී...
තායිලන්ත අර්බුදය උග්ර අතට හැරෙන ළකුණු
විරෝධතා ව්යාපාරයක් ගෙනයමින් සිටින තායිලන්ත ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ බැංකොක් අගනුවර...
සිරියාවේ සිවිල් යුද්ධයෙන් දරුවන් එකොලොස් දහසක් මරුට
දමස්කස් අගනුවර අසල ප්රදේශයක ආණ්ඩුවේ හමුදා විසින් අටවනු ලැබ තිබෙන...
එදා කී කතා
යුගයට තව බොහෝ "මදීබලා" අවශ්ය කර තිබේ
"මදීබා" ගොස් තිබේ. ඔහු නික්ම යන්නේ යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන්...
අභිමන් ගමනක නොමියන මතකය සුනිලා – සමරු උත්සවය
මානව අයිතීන් ප්රවර්ධනයෙහි ලා ප්රභල ක්රියාකාරිණියක මෙන්ම ජනතාවාදී කලාකාරිණියක ලෙසින්...
ධනේශ්වරයේ නිරුවත හෙළි කරන ‘‘මුහුදු සුසානයේ සැතපෙනු පිණිස’’
හිරු නොබසින අධිරාජ්යයට යටත්ව තිබු බොහොමයක් රටවල්වල විසූ ජනයාගේ සංස්කෘතිය,...
‘‘ඉසිරි විසිරි දේ’’ බටහිර ආක්රමණික ම්ලේච්ඡත්වයේ එක් පැතිකඩක් පමණි
වසර 1505 දී දිවයිනට ගොඩබට ලොරෙන්සෝ ද අල්මේදා නමැති... | hplt_2 |
එන්යා
එන්යා (Enya) [Eithne Patricia Ní Bhraonáin, උපත 1961 මැයි 17, අයර්ලන්තයේ ඩොනෙගල් හි ග්වීඩෝර් හිදී][1] අයර්ලන්ත ජාතික ගායිකාවක් හා ගීත රචිකාවියකි. ඇය අයර්ලන්තයේ වැඩියෙන්ම අලෙවි වන ජනප්රියම ගීත ගායනා කරන තැනැත්තියයි. ඈ ග්රැමී සම්මාන හතරක් දිනා ඇති අතර ඇකඩමි සම්මාන සඳහාද තෝරාගෙන ඇත. ඇගේ සංගීත කන්ඩායමේ අනෙක් විශේෂතම පුද්ගලයන් වන්නේ සංගීත ඇල්බම නිශ්පාදනය කරන නිකී රයන් හා විවිධ භාෂා වලින් පද වැල් ලියන රෝමා රයන් ය.
පටුන
[සංස්කරණය]
ඇය නවදෙනෙක් වූ සහෝදර සහෝදරියන්ගෙන් යුත් පවුලේ සය වැනියාය (ඇයට සහෝදරයන් සතරදෙනෙක් හා සොහෝදරියන්ද සතරදෙනෙක් සිටිති). ඇගේ ආච්චී සහ සීයාද අයර්ලන්තය පුරා සංදර්ශන පැවත්වූ සංගීත කලා කරුවෝය. ඔවුන්ගේ පවුලේ බොහෝ දෙනෙක් එක්ව 1968 දී An Clann As Dobhar නමින් සංගීත කන්ඩායමක් පිහිටවූහ, එය නැවත 1970 දී Clanned නමින් නම් කරගන්නා ලදී.
සම්මාන[සංස්කරණය]
- 1993 ග්රැමී සම්මාන - හොඳම New Age ඇල්බමය (Shepherd Moons සඳහා)
- 1997 ග්රැමී සම්මාන - හොඳම New Age ඇල්බමය (The Memory of Trees සඳහා)
- 2002 ග්රැමී සම්මාන - හොඳම New Age ඇල්බමය (A Day Without Rain සඳහා)
- 2007 ග්රැමී සම්මාන - හොඳම New Age ඇල්බමය (Amarantine සඳහා)
තවද, May It Be ගීතය 2002 දී හොඳම ගීතය ලෙස ඇකඩමි සම්මානය සඳහා යෝජනා කර තිබින. | hplt_2 |
දුනු තරාදි
දුනු තරාදි යනු සරල වශයෙන් එක් පසකින් අචල ලෙස සවි කොට ඇති හා අනෙක් පසින් වස්තුවක් එල්ලීමට කොක්කක් සහිත දුන්නකි. එය ක්රියාකරන මූල ධර්මය හුක්ගේ නියමය අනුව පහදාදිය හැක. එම නියමය පවසන්නේ දුන්නක් විස්තීරණය කිරීමට අවශ්ය වන බලය එහි නිශ්චල අවස්ථාවෙහි සිට දුන්න විස්තීරණය වන දුරට සමානුපාතික වන බවය. එබැවින් දුනු තරාදියක් මත පරිමාණ සලකුණු සම අන්තරයන් සහිත වෙති.
එය භාවිතා කරන ස්ථානයෙහිදී නිවැරදි මිනුම් ලබා ගැනීම සඳහා දුනු තරාදියක් ක්රමාංකනය කල හැකි වුවද, බොහෝ දුනු තරාදි වල මුහුණතේ "වෙළෙඳාම සඳහා භාවිතය නීත්යානුකූල නොවේ" හෝ එයට කිට්ටු සමානකමක් දරන වදන් පෙළක් සඳහන් කර ඇත්තේ, තරාදිය සලකුණු කිරීම සඳහා භාවිතා කරන සිද්ධාන්තයේ සන්නිකර්ෂණ ස්වරූපය නිසාය. මෙයට අමතරව, නැවත නැවත භාවියේදී තරාදියේ දුන්න ස්ථීර ලෙසින් ඇදීමට ලක් විය හැක.
දුනු තරාදි දෙකක්, එකකට යටින් තවෙකක් ලෙසින් ශ්රේණිගතව පිහිටන ලෙසින් එල්ලා තැබුවොත්, පහළ තරාදිය වෙතින් එල්ලා ඇති වස්තුවේ බර, එක් එක් දුනු තරාදිය විසින් කියවනු ලැබේ. ඉහළ ඇති තරාදිය විසින් ස්වල්පයක් වැඩි බරක් කියවනු ලබන අතර එසේ වන්නේ පහළ තරාදියේ බර විසින් එය ඇදීමකට ලක් වන නිසාය.
දුනු තරාදි විවිධ ප්රමාණ වලින් වෙළෙඳපොලෙහි දක්නට ඇත. සාමාන්යයෙන් ගත් කල, නිවුටන මනින කුඩා තරාදි සතුව ඇත්තේ නිවුටන දහයේ ඒවා, සියයේ ඒවා හෝ දාහේ ඒවා මනින ඒවායේ දුන්න තරම් දැඩි නොවන (කුඩා දුනු නියතය සහිත වූවක්) දුන්නකි.
භාවිතා[සංස්කරණය]
භෞතික විද්යාවෙහි සහ අධ්යාපනයෙහිදී මූලික ත්වරණමානයක් ලෙසින් දුනු තරාදිය භාවිතා කල හැකි වුවද, එහි ප්රධාන භාවිතාවන් වන්නේ කර්මාන්ත ක්ෂේත්රෙයහිදී වන අතර විශේෂයෙන්ම ට්රක් රථ, ගබඩා සයිලෝ, සහ වාහක පටියක රැගෙන යන ද්රව්යය ආශ්රිත විශාල (බැර) භාරයන්හී බර මැනීම සඳහාය. සරල බව, මිල අඩු බව, හා හැඩිදැඩි බව සඳහා අනෙකුත් වර්ගයන්හී තරාදි වලින් ලබා දෙන නිරවද්යතාවය කැපකල හැකි තැන් වලදී දුනු තරාදි භාවිතා වෙයි.
දුනු තරාදියක් විසින් වස්තුවක බර මනින්නේ විස්තීරණය කෙරුණු දුන්නක බලය මගින් ගුරුත්වයේ බලය හා විරුද්ධ වීමෙනි. දුනු තරාදි විසින් නිවුටන වලින් මෙන්ම ග්රෑම් වලින්ද බර මනිනු ලැබේ
ඉතිහාසය[සංස්කරණය]
බ්රිතාන්යයේ පළමු දුනු තරාදිය 1770දී පමණ තැනුනේ බටහිර බ්රොමිච් අසල බිල්ස්ටන් හී රිචඩ් සෝල්ටර් විසිනි. | hplt_2 |
Microsoft Office Language Interface Pack 2007 – සිංහල, බොහෝ Microsoft Office 2007 ක්රමලේඛ සඳහා සිංහල පරිශීලක අතුරු මුහුණතක් සපයයි.
-
Microsoft Office Language Interface Pack 2007 – සිංහල, පරිශීලක අතුරු මුහුණතක් පහත සඳහන් ඒවා සඳහා සපයයි:
- Microsoft Office Excel 2007
- Microsoft Office Outlook 2007
- Microsoft Office PowerPoint 2007
- Microsoft Office Word 2007
-
සහායක මෙහෙයුම් පද්ධති:
Windows Vista
-
අවශ්ය මෘදුකාංග: Microsoft Office 2007හි Excel, Outlook, Powerpoint හෝ Word අඩංගු ඕනෑමඉංග්රීසි සංස්කරණයක් සුදුසු වෙයි.
- ඩිස්ක ඉඩ අවශ්යතා: දැනට ස්ථාපිත Office 2007 ක්රමලේඛය භාවිත කරන දෘඪ ඩිස්ක ඉඩට අමතරව, මෙගාබයිට(MB) 20ක හිස් දෘඪ ඩිස්ක ඉඩක් අවශ්ය වෙයි.
-
මෙම බාගතය ස්ථාපනය කිරීමට:
- 'බාගන්න' බොත්තම (ඉහත) ක්ලික් කිරීමෙන් LanguageInterfacePack.exe ගොනුව, ඔබේ දෘඪ ඩිස්කයට සුරකින්න.
- ක්රමලේඛ සිටුවීම ඇරඹීම සඳහා ඔබේ දෘඪ ඩිස්කයෙහි ඇති LanguageInterfacePack.exe ක්රමලේඛ ගොනුව ද්වි-ක්ලික් කරන්න.
- ස්ථාපනය සම්පූර්ණ කිරීමට තිරයෙහි ඇති උපදෙස් අනුගමනය කරන්න.
- Microsoft Office 2007 Language Interface Pack ස්ථාපනය කළ විට READ ME ගොනුව සොයාගත හැකි වන්නේ C:\Program Files\Common Files\microsoft shared\OFFICE12\LCID\LIPread.htm හිදීය
- Office 2003 Language Interface Pack සහිත Office 2003, Office 2007 Language Interface Pack සහිත Office 2007 කරා උත්ශ්රේණි කිරීමට සහාය නොදක්වයි. ඔබේ Office 2003 හි මූලික ස්ථාපනය, Office 2007 Language Interface Pack සහිත Office 2007 කරා උත්ශ්රේණි කිරීමට ඔබ අදහස් කරන්නේ නම් පහත පියවර අනුගමනය කරන්න :
- Office 2003 Language Interface Pack අස්ථාපනය කළ යුතුය
- Office 2007 සිටුවීම ක්රියාත්මකකර උත්ශ්රේණි කිරීම් අභිරුචිය තෝරන්න.
- Office 2007 සිටුවීම සම්පූර්ණවූ විට, Office 2007 Language
Interface Pack ස්ථාපනය කර වින්යාස කරන්න
ඔබගේ Office නිෂ්පාදනය සක්රිය කිරීම
- "Microsoft Office Activation Wizard" සංවාදයෙහි ඇති සමස්ත ස්ථාපන කේතය කියවීමේදී හෝ ඔබේ Microsoft® Office Language Interface Pack 2007 භාවිතයේදී සමස්ථ ස්ථාපන කේතය නිවැරදිව දර්ශනය නොවේ නම් කරුණාකර විශාරදය අවලංගු කර Microsoft Office නිෂ්පාදනය සක්රිය කිරීම සඳහා ඔබගේ ඉංග්රීසි නිෂ්පාදනයට මාරු කරන්න.
භාවිතය සඳහා උපදෙස්:
Microsoft Office Language Interface Pack 2007 - සිංහල ඇති භාෂාවට ඔබගේ පරිශීලක අතුරු මුහුණත මාරු කිරීමට, මෙම පියවර අනුගමනය කරන්න:
ඔබ තෝරා ඇති භාෂා සිටුවම් ඔබ Office යෙදුම් අරඹන ඊළඟ අවස්ථාවේදී සක්රීය වේ.
- ඇරඹුම\සියලු ක්රමලේඛ\Microsoft Office\Microsoft Office Tools මෙනුවෙන්. Microsoft Office 2007 භාෂා සිටුවීම් ආරම්භ කරන්න
- දැක්වුම් භාෂා පටිත්ත තෝරා දැක්වුම් Microsoft Office මෙනුවල සහ සංවාද කොටුවෙහි පතන ලැයිස්තුවෙහි: ඔබට දැක්වීමට අවශ්ය භාෂාව තෝරන්න. ඔබ තෝරාගත් භාෂාව දැන් පෙරනිමි දසුන විය යුතුය.
- දැක්වුම් භාෂා පටිත්ත තුළ, ඔබේ Windows දසුනට Office දසුන ගැළපීමේ විකල්පය ඇත. ඔබේ වත්මන් Windows භාෂාව ලැයිස්තුගත කෙරෙනු ඇත. ඔබේ Windows දසුන සමග Office දසුන ගැළපීම අවශ්ය නම් Windows දැක්වුම් භාෂා සලකුණු කොටුව හා ගැළපීමට Microsoft Office දැක්වුම් භාෂාව සිටුවන්න සලකුණු කොටුව තෝරන්න. මෙම සිටුවම දැක්වුම් Microsoft Office මෙනු සහ සංවාද කොටුවෙහිහි ඔබ කළ තේරීම් අභිබවා යනු ඇත.
- භාෂා සැකසීම් පටිත්ත තුළ, ඔබට සක්රීය කිරීමට අවශ්ය භාෂාව තෝරා පවතින සැකසීමේ භාෂා ලැයිස්තුවෙන්, 'එක් කරන්න'ක්ලික් කරන්න. ඔබ තෝරාගත් භාෂාව දැන් සක්රීය කළ සැකසීම් භාෂා ලැයිස්තුවෙහි තිබිය යුතුය .
- සැකසීමේ භාෂා,පටිත්තෙහි,ප්රාථමික සැකසීමේ භාෂා ලැයිස්තුවෙන් ඔබට අවශ්ය භාෂාව, ප්රාථමික සැකසීම් භාෂාව ලෙස තෝරන්න.
- හරි බොත්තම ක්ලික් කරන්න .
සටහන: Microsoft Office Language Interface Pack 2007හි 'උදව්' – සිංහල භාෂාවෙන් ලබා ගත නොහැකිය. 'උදව්' සැමවිටම ඔබේ මුල් ස්ථාපන භාෂාවෙන් පවතිනු ඇත.
පතන ලැයිස්තුවෙහි උදව් දැක්වීම සෑමවිටම පාදක භාෂාවට සිටුවන්න.
මෙම බාගතය ඉවත් කිරීමට:
Windows XP Home හෝ Professional Edition හි මෙම පියවර අනුගමනය කරන්න:
- සියලු ක්රමලේඛවලින් ඉවත් වන්න.
- Windows පාලක පුවරුවෙහි ඇති ක්රමලේඛ එක් කිරීමේ නැතහොත් ඉවත් කිරීමේ අයිකනය ද්වි-ක්ලික් කරන්න.
- දැනට ස්ථාපනයකර ඇති ක්රමලේඛ කොටුව තුළ Microsoft Office Language Interface Pack 2007 ක්ලික් කරන්න. ඉන්පසු 'ඉවත් කරන්න' බොත්තම ක්ලික් කරන්න.
- තිරයෙහි ඇති උපදෙස් අනුගමනය කරන්න.
Windows Vista හි මෙම පියවර අනුගමනය කරන්න:
- සියලු ක්රමලේඛවලින් ඉවත් වන්න.
- Windows පාලක පුවරුවෙ හි ඇතික්රමලේඛ සහ විශේෂාංග අයිකනය ද්වි-ක්ලික් කරන්න.
- ක්රමලේඛයක් අස්ථාපනය කිරීමේ නැතහොත් වෙනස් කිරීමේ අභිරුචියෙහිදැනට ස්ථාපනයකර ඇති ක්රමලේඛ කොටුව තුළMicrosoft Office Language Interface Pack 2007 – සිංහල ක්ලික් කරන්න. ඉන් පසු 'අස්ථාපනය කිරීමේ' අභිරුචිය තෝරන්න .
- තිරයෙහි ඇති උපදෙස් අනුගමනය කරන්න.
ජනප්රිය බාගැනීම් | hplt_2 |
අපි මෙහේ (ඩුබායි - අබුඩබි ) ඉන්න පිලිපීන් ජාතිකයින්ට හිනාවෙනවා මුන් උපයන ගාන වගේ දෙගුනයක් තුන්ගුනයක් ජීවත් වෙන්න වියදම් කරනවා ඇති කියලා. මුන්ට කිසිම බරපතලක් නැති දියුනු වෙන්න කිසිම උනන්දුවක් නැති ෂෝ එක විතරක් තියෙන සෙල්ලක්කාර ජාතියක් කියලා.
උන් අඳින්නේ ලකොස්ටේ, ලී කූපර්, ජෝර්ඩානෝ වගේ බ්රෑන්ඩඩ් ඇඳුම්මයි. දාන්නේ නයිකි, ඇඩිඩාස්, මෙරිල්, කොන්වර්ස් වගේ බ්රෑන්ඩ්ස් වල සපත්තු තමයි. ගාන්නේ සිමියාකි, ක්රිස්ටියන් ඩියෝර්, ඩන්හිල් වගේ සුවඳ විලවුන්. මැක්ඩොනල්ඩ්, කේඑෆ්සී, සබ්වේ වලින් කාලා ස්ටාර්බක්ස් වලින් කෝපි බීලා ෆුල්ම ෆන් එකේ(ෆන්ද ශෝද කියලා හරියටම කියන්න බෑ) ඉන්න ජාතියක්.
අපි සමහර වෙලාවට කියනවා පිල්ලෝ-පිල්ලියෝ මේ වගේ ජාතියක් නිසා ෆර්ඩිනන්ඩ් මාකෝස් - ඉමෙල්ඩා මාකෝස් වගේ මහජන මුදල් උඩ පිනුම් ගහන දේශපාලකයෝ බිහිවෙන්නේ නැතිනම් තමයි පුදුමේ කියලා.
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
"සුළැඟිල්ලට කිරි එරෙන මාමා" කියලා මම දාපු පෝස්ට් එක කිවපු අයට මතක ඇති මම කිව්වා ඒ ලිපිය අපේ අක්කගේ ලොකු දූ අඩු වයසින් කසාද බඳින නිසා ඇති වුනු දුකට ලියවුනු එකක් වග.
මගේ අබුඩාබි රැකියාව නැති උනාට පස්සේ අපේ ගෙදර උන්දැයි සොඳුරු ත්රස්තවාදියයි ලංකාවේ ගිහින් පදිංචි වුනානේ. සතියකට පස්සේ ඩුබායි වලින් රැකියාවක් ලැබුනත් කොලුවව එහේ මොන්ටිසෝරියකට එහෙම දාලා කොලුවා ආසාවෙන් මොන්ටිසෝරි යන නිසා අපේ ගෙදර උන්දෑ කියන්නෙම තව ටික කාලයක් එහේ ඉන්නම් කියලමයි.
මේ මාසේ (අගෝස්තු මාසේ) නිවාඩු නිසා අපි කතාවුනා එහෙනම් මේ මාසේ වත් ආපහු ඩුබායි ඇවිත් ඉස්කෝලේ පටන් ගනිද්දී ආපහු කොල්ලයි අම්මයි යමු කියලා.
මෙහේ වසන්තයේදී උෂ්ණත්වය අම්බානකට ඉහල යන නිසා ඉස්කෝල වල වසන්තය නිවාඩුව මාස තුනක විතර දිගයි. දුමීගේ දුව ජනදිගෙයි පුතා තරුකගෙයි පාසැල් නිවාඩුව නිසා දුමීගේ ගමහාමිනෙයි දරුවෝ තුන්දෙනයි මේ දවස් ටිකේ ලංකාවේ.
අපේ ගෙදර උන්දෑවයි සොඳුරු ත්රස්තවාදියවයි මාසෙකට ආපහු ගෙන්න ගන්න ප්ලෑන් ගහද්දී තමයි දුමී කිව්වේ මාසෙකට ගෙවල් ගන්න ඕන නෑ අපේ ගෙදර අයත් නිවාඩු ගිහින් ඉන්න එකේ අපේ ගෙදර හිටපන් කියලා.
. . . .. . . . . . . . . . . . . . . . . . . . . . . . .
ගිය මාසේ දවසක් මමයි ලොක්කයි ව්යාපෘති රැස්වීමකට යන ගමන් මම ලොක්කට කිව්වා අක්කගේ දුවගේ මගුල් ගෙදරට සහභාගී වෙලා එන ගමන් මගේ ගෙදර උන්දෑවයි කොල්ලවයිත් එක්ක ඕන නිසා මට ලබන සතියේ සතියකට නිවාඩු යන්න ඕන බව.
"ලංකාවෙත් වසන්ත නිවාඩුවද" ලොක්කා ඇහුවා.
"මේ නිවාඩුවට අපි ඉස්සර කියන්නේ "සරුංගල් නිවාඩුව" මම කිව්වා.
"මගේ ගල්ෆ් ජීවිතයේ අත්දැකීම අනුව, පිලිපීන් ජාතිකයෝ හැරුනු කොට උන් වගේ ජොලියේ ඉන්න අනිත් ජාතිය තමයි ශ්රී ලාංකිකයෝ" ලොක්කා කිව්වා.
ඒක අගය කිරීමක්ද නැතිනම් අපි පිල්ලෝ ගැන කියනවා වගේ අපහාසයට කියපු ඇනුම්පදයක්ද තෝර බේර ගන්න බැරි උනු මම “හ්හ්ම්ම්ම් අපි ශ්රී ලාංකිකයෝ සතුටින් ජීවත් වෙන්න කැමති සරල මනුස්සයෝ" කියලා ලාවට කියල දාල මාතෘකාව වෙනස් කලා.
. . . .. . . . . . . . . . . . . . . . . . . . . . . . .
සතියක් නිවාඩුව ගතකරලා ගිය 27වෙනිදා ආපහු ඇවිත් ඔෆිස් ගිය ගමන් මට එහා පැත්තේ මේසේ ඉන්න නගා ඇහුවේ "කොහොමද අයියේ ඡන්දේ" කියලා.
මට එතකොටයි මතක් උනේ චන්දයක් තිබ්බ බව. (ඡන්දේ දවසේ රස බර සිදුවීම් ටිකක් තියෙනවා. ඒවා පස්සේ වෙලාවක ලියන්නම්) අනේ නංගී ඡන්දයක් තිබ්බ බව නම් දන්නවා . . මොකා දින්නද මොකා පරාදද කියල නම් දන්නේ නෑ" කියලා
අපි රටින් පිට ඉන්න කොට රටේ සුලු සිදුවීමක් වුනත් මහා ලොකු දෙයක් වගේ පේනවා ඒත් රටේ ඉන්නකොට රට ඇතුලේ මහා ලොකු දෙයක් උනත් සුලු දෙයක් තරම් වත් දැනෙන්නේ නැති එක මාර දෙයක්නේ කියලයි මට හිතුනේ.
අපි මෙහේ ඉඳන් බනිනවා රටේ ඉන්නේ කිසිම හැඟීමක් දැනීමක් නැති, ඕනම ගොන් පාර්ට් එකක් එහෙයි කියලා හුරේ දාන මෝඩයෝ කියලා.
ලංකාවේ ඉන්න සාමාන්ය මිනිස්සුන්ට ජීවිතේ ගැටගන්න ගන්න මහන්සියත් එක්ක රටේ ප්රශ්න ගැන සංවේදී වෙන්න බෑ කියලා කට්ටියක් කියනවා.
ඒත් ජීවිතේ ගැටගහගැනීම ලොකු ප්රශ්නයක් නොවන, දේශපාලනයට අම්බානක උනන්දුවක් තියෙන මමත් ලංකාවට ගියාම දෙනදේ කාලා වෙනදේ බලං දිහා බකන් නිලාගෙන ඉන්න එකෙක් වෙනවා.
එහෙම හිතුවාම මතක් උනේ අපේ ලොක්කගේ ඇනුම්පදේ වැරදිම නෑ නේද කියලා.
කවුරුහරි මට කිව්වොත් මගේ ගති ලක්ෂණ අනුව අනිත් සිරි ලාංකිකයොත් මම වගේ ම අය කියලා හිතලා සිරි දේසේ ගැන මක්කයි කියන්න පුලුවන් කියලා . . .
අම්මපා වෙඩි තිව්වත්, දේස දොරෝහියා කිව්වත් මට කියන්න හිතෙන්නේ "ලෝකෙන් උතුම රට ලංකාවයි . . .. ලංකාවයි සිරි ලංකාවයි" කියලා නම් නෙමේ ඕන් . . .
"ඒ රටේ මිනිස්සු . . . තනිකර කෙලින්නේ පිස්සූ . . .
අම්මපා ඕයි ඒ රටේ මිනිස්සු . . . තනිකර කෙලින්නේ පිස්සු . . . " කියලා තමයි . . . | hplt_2 |
ශ්රී ලංකාවේ මධ්යම කඳුකරයට අයත් අති දුෂ්කර ස්ථානයක වැඩ වාසය කරන අප්රකට භාවනානූයෝගියකු හෙළි කල තොරතුරු මීට පෙර අවස්ථා දෙකකදී අපි ඔබ වෙතට ගෙන ආවෙමු. ලෝකයේ, විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ උද්ගතවෙමින් ඇති යුධ උණුසුම හමුවේ ඉතා දුෂ්කර වූත් වෙහෙසකර වූත් ගමනකින් පසු නැවත වතාවක් එම අප්රකට භාවනානූයෝගියා සම්බන්ධ කර ගැනීමට “ලංකා සී නිවුස්“ සමත් විය. මෙහි පහතින් දැක්වෙන්නේ අප ඔහු සමඟ කළ නවතම සාකච්ඡාවේ විස්තරයි.
1. අවසරයි, ඔබතුමා මීට පෙර අවස්ථා දෙකකදී පැවසූ කරුණු බොහෝ දුරට සත්යවේගෙන එන බව පෙනෙනවා. ඒකයි ඔබතුමාට අප තුන්වෙනි වතාවෙත් කරදර කරන්න හිතුවේ.
පුතා, අප සත්යම මිස අසත්යයක් පවසන්නේ නැහැ. අසත්යයක් පවසා අපට ලබාගන්නට දෙයක් නැහැ. මේ මහා කැලයට වෙලා බණ භාවනා කරන්නේ සියළු ලෞකික බැදීම් අත් හැරි නිසයි. මේ විදිහට හරි පුතාට කරුණු කියන්නේ අපට සම්බන්ධ වන දෙවිවරුන්ගේ අකමැත්තක් ඊට නොමැති නිසයි. ඒ වගේම, මේ කියන දෙයින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට අඹමල් රේණුවක හරි සේවයක් වෙයි කියා හිතන නිසායි.
2. ඔබතුමාට සම්බන්ධ වෙන දෙවිවරු ඇත්තටම කවුද? කෙහොමද එය සිද්ධ වෙන්නේ?
එය, ඉස්සර මෙන්ම නැවතත් සරලව පැහැඳිළි කිරීමට අසීරු කාරණයක්. එහෙත්, පුතාට අවබෝධ කරගන්න පුළුවන් හැටියට තේරුම් කරන්නම්. හිත දියුණු කරන, හරියට භාවනා කරන කෙනෙක්ට දෙවිවරු සම්බන්ධ වෙනවාය කියන එක පුදුමයක් නෙමෙයි. ඒ අය බොහොම සියුම් ශරීර ඇති ජීව කොථඨාශයක්. සාමxන්ය මිනිස්සුන්ට පේන්නේ නැත්තේ මනස ගොරහැඬි නිසයි. මට සම්බන්ධ වෙන්නේ සමන් දේව මණ්ඩලයට අයත් සම්යක් දෘෂ්ඨික දෙවිවරු පිරිසක්. ඒ අයගෙන් තමයි මම මේ තොරතුරු ලබාගන්නේ. පුතාට පේනවනේ මෙතන කිසිම බඩු භාණ්ඩයක් නෑ. අවට ලෝකයත් සමඟ මගෙ කිසිම සම්බන්ධයකුත් නැහැ.
3.ඔබතුමාට ඒ දෙවිවරු හරහා අළුතින් දැනගන්න ලැබුණු කරුණු සහ තොරතුරු මොනවද?
කලින් වතාවල කියපු දේවල්ම තමයි. මම කිව්වනෙ ගිය අවුරුද්දේ සැප්තැම්බර් 23 න් පස්සේ මනුස්ස ලෝකය පරිහාණිය දිශාවට යනවා කියලා. ඒක ඇත්ත කියලා පුතාටම තේරෙනවා ඇතිනේ. මට දැනගන්න ලැබුණු විදිහට මාර්තු-අප්රේල් වෙනකොට මේ විනාශය බොහෝ අයට දැනෙන විදිහටම ඇති වෙන්න පටන් ගන්නවා. මේ ලෝකෙ මිනිස්සු අද වැඩ කරන්නේ ඛනිජ තෙල් මතනේ. තෙල් ලැබීම හිඟවීමත් සමඟ මුළු ලෝකයම අර්බුධයකට යයි. කලකෝලාහල කැරළි ඇති වෙලා යුද්ධ ඇති වෙලා කෝටි ගණනින් මිනිස්සු මිය යාවි. මේ ලෝකයේ අකුසල් ශක්තිය වැඩිම ප්රදේශ තමයි ඇමරිකාව, යුරෝපය, මැදපෙරදිග කලාපය. මේ ප්රෙද්ශ තුනම ගොඩාක් දුරට විනාශ වෙනවා කියලා තමයි මේ දෙවිවරු කියන්නේ. අවුරුදු තුන් හාරසියයක් ප්රාණ ඝාතය, කාම මිත්යාචාරය, සුරාව රජකරපු ද්ශ නේද මේ? මුළු ලෝකෙටම ලොකු ආහාර අහේනියක් ඒවි. කන්න බොන්න නැතිව හීතලට රස්නෙට ඔරොත්තු දෙන්නෙ නැතිව ලක්ෂ ගණනින් මිනිස්සු මිය යාවී.
4.න්යෂ්ඨික අවි පාවිච්චි කරන යුද්ධයක් ඒවිද?
මනුෂ්ය වර්ගය නිපදවපු භායානක ආයුධ හැම දෙයක්ම පාවිච්චි වේවි පුතා. මහා විනාශයක් තමයි පේන්නේ. ඇමෙරිකාව, යුරෝපය නොහිතන විදිහට දරුණු ආයුධ වෙනත් රටවල තියෙන වගක් තමයි දෙවිවරු පවසන්නේ.
5.අපේ රටට ඇතිවන බවපෑම ඔබතුමා හිතන්නේ කොයි වගේ වේවිද?
ලොකු රටවල් ගහමරා ගන්න කොට අපිටත් ගැලවිලා ඉන්න බෑ. ගහ මරාගන්න අපේ රටත් ඇදගන්න ලොකු උත්සාහයක් දරයි. බැරි වුනොත් පාලකයොන්ට විවිධ බලපෑම් කරයි. රටේ නායකයට ගොඩාක් තර්ජන අමාරුකම් ඒවි. ඒ අතරේ රට ඇතුලේ ඉන්න පාපකාරී පිරිස් ආයෙත් හැත්තෑ, අසූ ගණන්වල වුණා වගේ සිද්ධි ඇති කරන්න උතසාහ දරයි. බලයට කෑදර පිරිස් බලය අරගන්න විදේශ රටවල් එක්ක යටිකූට්ටු වැඩ කරන්න ගොඩාක් ඉඩ තියෙනවා. යුද්ධයක් ඇති නොවුනත් කැරලි කෝලාහල රටපුරා ඇති වෙන්න පුළුවන්. කොහොම වෙතත් අවුරුදු 3 ක් විතර කාලයක් හොදක් කියල දෙයක් නම් පේන්නෙම නෑ පුතා.
6.එහෙම විනාශයක් වෙනව නම් දෙවිවරුන්ට බැරිද අපිව ඒ විනාශයෙන් ගලවගන්න උදව් කරන්න.
උදව් නේන්නම් පුතේ මේ කරන්නේ. වෙන්න තියෙන දේවල් වෙන්න ඉස්සරවෙලා කියන එක තරම් උදව්වක් තවත් තියෙනව ද? මේ ටික මම මුලින්ම කියල දැන් මාස 6 ක් විතර වෙනවනේ පුතේ. මට සම්බන්ධ වෙන දෙවිවරු කියන විදිහට නාථ දෙවියෝ මේ අනතුර දැකල අවුරුදු 6 ක විතර ඉදන් මනුස්ස ලෝකෙට සම්බන්ධ වෙනවා. අපේ රටේ තිබුණු කොටි යුද්දෙ හමාර කරන්න උන්වහන්සෙලා බොහොම මහන්සි වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙයි කියලා බෙහෙත් හේත් නැති වෙයි කියලා අළුත් ගොවිතැනක්, වෙදකමක් මේ රටට හදුන්වලා දීලා තියෙනවලු. පුතේ මේ දෙවිවරු කියන්නේ වැඩිකල් යන්න කලින් අපට ඉන්ධන ලැබෙන එක අඩු වෙනවාය කියලා. මුළු රටම අර්බුදයට යයිලු. පිටරටින් එන තෙල් පොහොර නවතීලූ. මිනිස්සුන්ට ගොවිතැන් කරගන්න බැරි වෙයිලු. පිටරටින් බෙහෙත් හේත් එන එක නවතිලූ, ඉස්පිරිතාලවල වැඩ කටයුතු ඇණහිටීලූ. ඒක කල් ඇතිව දැකපු නිසා තමයි නාථ දෙවියෝ මේ පොළවට සම්බන්ධ වෙලා අපේ ගොවිතැනක්, වෙදකමක් කියල දීල තියෙන්නෙ. මුළු දිව්ය ලෝකෙම දණ්ඩ නමස්කාර කරන නාථ දෙවියන්ට අපේ රටේ ඇතැම් මිනිස්සු අපහාස කල බවකුත් මට මේ දෙවිවරු පවසලා තියෙනවා. මේ රට ගැන සම්බුද්ධ ශාසනය ගැන තියෙන කැක්කුම නිසා උන්වහන්සේ පහලට බැහැලා මේ විනාසෙන් රට මුදවා ගන්න කටයුතු කරන කොට ඒ වැඩවලට අකුසල් පිරුණු ඇතැම් මිනිස්සු තදින් බාධා කරන බවත් ඔවුන් දන්නවා. එත් පුතේ, උන්වහන්සේ බෝධිසත්ව වරයෙක් නිසා අටලෝ දහම දරාගෙන ශාසනය රැකගන්න අපහාස උපහාස විද දරාගෙනම ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව වෙසෙනවා. කෙසේ හෝ පුතේ මේ දෙවිවරු පවසන ආකාරයට නම්, වැඩිකල් යන්න කලින් මුළු රටටම තෙල් පොහොර නැති ගොවිතැනකට පිටරට බෙහෙත් නැති වෙදකමකට ඉබේම යන්න සිද්ධ වෙයි කියල නම් පැහැඳිළිව නැවතත් කියන්න පුළුවන්. ඕවා අපේ රටට ගෙන්වන කොම්පැණි ඒවයෙ මව් සමාගම් විනාශ වෙද්දි රට ඇරලා යයිලූ. කෘමිනාශක සමාගම් මේ රටෙන් තුරන් වෙන්න කියලා දෙවිවරු අධිෂ්ඨාන අරන් තියෙන්නේ ගිය වෙසක් පෝයට. උන්වහන්සේලාගේ අධිෂ්ඨානයක් කවදාවක් ඉෂ්ඨ නොවි තියෙන්නේ නැහැ. මේ කෘමිනාශක ගහල කෝටි සංඛ්යාත සත්තු සංඛ්යාවක් මරලා අන්තිමට ඒවා මිනිස්සුත් කාලා මහා විනාශයක් අකුසලයක්නෙ කර ගන්නේ. අද ගොවියෝ කියන්නේ මහා පවුකාරයෝ පිරිසක් බවට පත්කරපු පිරිසක් නේද?
7.තව මොනවද අපේ රටට වෙන්න පුළුවන්?
මේ කියන ටික හොඳින් තේරුම් කර ගත්ත නම් ඉතිං ඉතිරි ටික අවබෝධ කරගන්න එක අමාරු නෑනේ. ඩීසල්, පෙට්රල් වැනි දේවල් වල මිල ගණන් මිනිස්සුන්ට මිලදී ගන්න බැරි විදිහටම ඉහළ යයි. පාරවල්වල බරකරත්ත ආයේ දකිනට ලැබෙයි. පොල්තෙල්වලට , කැකුණ තෙල් වලට පන්දම් වලට හොඳ කාලයක් එයි. විදුලිබලය, වායුසමීකරණ, ශීතකරණ නැතිව ජීවත් වෙන්න මිනිස්සුන්ට පුරුදු වෙන්න වෙයි. මුලින් මුලින් පෞද්ගලික බැංකු කඩා වැටෙයි. අවසානයේ දී ආණ්ඩුවේ ඒවත් බිඳ වැටෙයි. කොටින්ම නැවතත් මිනිස්සු ස්වභාවධර්මයට පුරුදු වේවී. ඒත් පව්කාර රටවල් විනාශම වෙලා යයි. කොහේ හිටියත් මිනිස්සුනේ. අපට ධර්ම සංවේගයක් තමයි ඇතිවෙන්නෙ.
8.තත්වය එහෙම නම් ඔබතුමා අපට දෙන අවවාදය මොකද්ද?
ඉස්සෙල්ල දෙවතාවෙදිත් කිව්ව වගේ පංචශිලයවත් රකින්න පුතේ. පන්සිල්වත් රකින්න කියල මේ මිනිස්සුන්ට කියන්න. දැන් කකුලුවා හැලියෙ ඉන්නෙ. ගින්නත් අවුළුවලා තියෙන්නේ. නැහෙනකන්ද බලාගෙන ඉන්නේ. මේ විනාසෙ රට කරවන ඇත්තන්ටත් ඉස්සරට තදින්ම දැනෙන්න පටන් ගනිවී. පාලකයෝ මුළු රටම ධර්මයට ගේන්න ඕනේ. ප්රාණ ඝාතය, සත්තු මරන එක නවත්වලා, සුරාව නවත්වලා මිනිස්සුන්ව පින් දහම් මාර්ගයට ගන්න ඕනේ. ප්රාණ ඝාතයෙන් තොර අපේ ගොවිතැනට රටේ ගොවියන්ව යොමුකරවන්න ඕනේ. නැත්නම් රටත් ශාසනයත් විනාසයි. මිනිස්සුන්ට හාමතේ මැරෙන්න වෙන්නේ. ශාසනය රැකෙන්නෙ මේ පොළවෙ විතරයි. මේ අමාරුම කාලේ. ඒක තමයි බෝධිසත්වයන් වහන්සේ බිමට බැස්සේ. මෝඩ මිනිස්සුන්ට කියන්න උන්වහන්සෙට අපහාස කරන්න එපාය කියලා. හැම කෙනෙක්වම දැනුවත් කරන්න මේ මහා දුර්භාග්යසම්පන්න වසර දෙක තුන අපේ රටට ශක්තිය ලැබෙන්නය කියල අධිෂ්ඨාන කරන්න කියලා.
“මෛත්රී බෝධිකාරක පුරෙන්තු පාරමි ආනුභාවාය
ගෞතම බුද්ධ ශාසනම් රක්ඛන්තු ආදිත්යම්
ත්රිත්ව ලෝකං ශක්තිම් ස්වාගතම්
ඉෂ්ඨ සිද්ධම් ආනුභාවම්
ආරාධිතම් ලංකා මාතෘ භූමි රක්ඛන්තු ත්වම්සදා
නාමං නාමං උත්පාදිතම් ශක්තී
සම්බන්ධිතම් ලක්මෑණී තුම්හේ අනුරක්ඛන්තු
සදා සොත්ති භවන් තුතේ“
පෙර ලිපි
ලෞකික සැප පිටුපස ගිය ලෝකයක විනාශය ඇරඹේ
මෝඩ සිංහල හැතිකරේ මැරිලා සැබෑ මුස්ලිම් රටක් බිහිවෙනකන් මේ රට හදන්න බෑ. සිංහලයන් භංග වේවා
:O
මේ භාවනානු යෝගියෙක් නෙමේ,
තනිකර පිස්සෙක් ,
මෙයා මායාකාරී විඤ්ඤානයට අහුවෙලා ඉන්නේ ,
පව් ඉතින් .
ඇත්තටම කිව්වොත් මේ ලිපියේ සැගවිච්ච දේශපාලනයක් තියෙනවා. කොහොම නමුත් මේ ලෝකේ දවසින් දවස පරි හානියට යන බව තේරුම් ගන්න මනුස්සයෙකුට කැලේ වේදීල භාවනා කරන්න ඕන නෑ. අපේ ඇස් පනාපිට පෙන්න තියෙන්නේ / වෙන්නේ එක තමයි.
බළලා මල්ලෙන් ඵලීයට පනි sureda oya Nalin desilva nemai kiyala
Meka lap top ekak hangagena innnawa wage !
This is the new method of fooling big bulls ….Then those corrupted animals in power won't have any problem .., every one follow the damma and MR & gang will follow the terrorism , corruption etc
වීරා
ජපානේ විනාසය ගැන ඊට අවු 2 කලින් යෝගියෙක් මාසමග කීවා
ඔහු කිව්වේ ජපන් මිනිස්සු ගොඩක් මැරෙන වග දැනෙනවා කියල
මම විස්වාස කලේ නෑ නමුත් හරිගියා
ඒවගේම තව මම ගොඩක් පර්යේෂණ කලා ඔහු ගැන
එහැම එකකින්ම මම පරාදයි මොනවා උනත්
ධාර්මික වෙනතරමට ගොඩක් හොදයි
තෙරුවන් සරණයි !
හොඳින් හිටියොත් හොඳින් ගොඩයන්න පුළුවන්.
නරකින් හිටියොත් නරකාදියේ නාන්න පුළුවන්.
හැම ආගමකටම පොදු ලෝක ධර්මය ඒකයි.
Map එකේ ඊ තල වලින් කියන්නෙ මොකක්ද?
පෙරදිග සුළං හමායන දිශාවන්ය…
මමනම් මෙහෙම දෙයක් වෙයි කියල විශ්වාස කරනවා අනේ ජුල්ය් මාසෙන් පස්සේ පටන් ගන්න යුද්දයක් ඒ කලේ වෙද්දී මම ලංකාවේ :p
මම ඇමෙරිකාවේ ජීවත්වන බෞදයෙක්මි .මව් ලිපියේ පරිදි එම බාවනා යෝගියා කර ඇත්තේ බොළඳ ප්රකාශයකි.ඔහුට අනුව ලෝකයේ ජාරම රට ඇමෙරිකාවයි , හොඳම රට ලංකාවයි.මට මේ රටවල් දෙකෙන් එකකටවත් වැඩි නම්ය තාවයක් නැත.ඉහත යෝගියා කෙසේ කියුවද එහෙත් යථාර්තය නම් ඊට ගොඩක් වෙනස්ය.ලංකාවේ සිදුවන අපරාද ලෝකයේ තවත් රටක සිදුවෙයි කියා සිතිය නොහැකිය.ඒවා එතරම් පහත්ය.අනික් අතට ඇමෙරිකාවේ පුරවැසියන් කොතරම් පිරිසක් බෝඋදයන්ද යන්න යෝගියා නොදනී.
ela reply eka
honda karana aya ithiri wei anith un yai, koheth eeka wenawa, habay wadiyen naraka un langa inna honda unuth marei, oya narakayange mandeere indagana honda aya inne kiyanawa
1.) චමිලා ඔය ඇමෙරික ගිහින් එක නගරයක කොටු වෙලා. කියවන්න එපා ඔය liberty city ගැන අහල තියෙනවද ?බ්රොන්ෂ පැත්ත ඉල්ලිනොඉස් පැත්ත redlight area ?
ඇමෙරිකාවේ ඕනෑම චිවිල් වැසියෙකුට පිස්තෝල තුවක්කු මිලට අරන් ළඟ තබාගන්න පුළුවන්. ඉතින් උන් පොඩ්ඩ බැරි වෙද්දී bang bang , ට පස්සේ පොලිසිය එනවා අල්ලනවා හිරේ දානවා.
එකයි ඇමෙරිකාවේ routine එක. ලංකාවේ දිනපතා ඔහේ 100 අල්ලදී 2 3 අල්ලයි.
2.) ඔහේ බහුතරයක් බෞද්දයෝ නමට බෞද්ද එක ඒගොල්ලන්ගේ වැරද්දක් නෙමේ බුද්දාගම විකුනනවනේ ඔහේ භාවනා class etc ….
අනික භාවනා කරලා සිත දිඋනු කරපු යට කරන්න පුළුවන් දේවල් අප්රමානයි මේ කියන කතාව මම විශ්වාස කරනවා. ලෝකේ විනාශේ කෙසේ වෙතත් 1/3 වත් විනාස වෙනවා.
kathawe hatiyata me baawanaanuyogiya c news ekeda koheda wada karanne. ……
According to this the sinners will die first. That means most of the politicians will be the first to die. Great. I am not bothered to die after them
Me lipiya kiyuwama ena adahas prakasa karanna kamathi naha..karala wadak naha..
මෙකත් පොඩ්ඩක් කියවලා බලපල්ලා. මේකෙ කියන්නෙත් ඔය ටිකමයි. හැබැයි මේ අපට මුණ ගැහිලා කතාකරන්න පුලුවන් ස්වාමින් වහන්සේ නමක්.
http://2012newera.blogspot.com/
ela article eka
oba harai
පළමුව රටේ පාලකයා සහ ඔහුගේ ඇමති මණ්ඩලය ධාර්මික විය යුතුය .ඔහුන්ගේ තණ්හාව නිසා රටේ දැන් සිදු වෙමින් යන දුෂණ සහ අවනීතිය රජ වීම නැවත විය යුතුය .කිසි දිනක නොමැරෙන මිනිසුන් මෙන් රටේ ධනය සුරා කමින් තමුන්ගේ ගිණුම් තර කිරීම නතර කල යුතුය .එවිට රටේ අසරණ ජනතාවට පහසුකම් සැලසීමට රජයට හැකි වෙනවා ඇත .දාසක් ප්රශ්න වලින් දැවෙන අසරණ මිනිසුන්ට ධාර්මික වෙන්න කියා නාථ දෙවියෝ නෙවයි ශක්ර දෙවියෝ කිව්වත් එය කල හැකිද ?අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ බඩගින්නේ සිටන මිනිසෙකුට ධර්මය දේශනා නොකර පළමුව ඔහුගේ බඩගින්න නිවා පසුව ධර්මය දේශනා කල බව අප විසින් අසා ඇත .අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දුන් ආදර්ශය අනුව පාලකයා රටේ අසරණ ජනතාවගේ මුලික ප්රශ්න විසදා දෙන ආකාරයේ රජ්ජිය පාලන ක්රමයක් රටේ ස්ථාපිත කල යුතිය .එවිට නාථ හෝ ශක්ර හෝ දෙවියන්ගේ උපදෙස් ඇතිව හෝ නැතිව අසරණ මිනිසුන්ගේ සිත්සතන් ඉබේම යහපත් ක්රියාකාරකම් වලට පෙලබෙනවා ඇත . නැත්නම් මෙවැනි ලිපි ලක්ෂ ගනනක් පල කලත් ඒවා සියල්ලම ගගට කපන ඉනි මෙන් නිෂ්ප්රයෝජන වනවා ඇත . අවරුදු දෙදහස් ගනනකට ප්රථම කොසොල් රජතුමා දුටු සිහින සියල්ලම සබැ වී ඇති යුගයක රටේ විනාශය අනිවාර්යියයි .( සියලු ලෞකික සැප සම්පත් අත හැර ලෝකෝත්තර මාර්ගයට ප්රවිෂ්ට වී ඇති ධ්යාන ලාබි යෝගාවචර භික්ෂුන් වහන්සේ නමක් මෙවැනි අදහස් වදාරා ඇතයි යන්න කිසිසේත්ම විශ්වාස කල නොහැකි බව අපගේ පුද්ගලික අදහසයි )
රාජා භවතු ධම්මිකෝ
Ubata waradila… me loke inna jarama jara kaalakanni hathikara jathiya thamai muslim kiyanna… Un thamai me loke winasa karanne. Thopi innakam me lankawa witharak newei. Me lokewath hadanna baha. Thopi wage wal hathikara jathiyak me loketa bihiwune me loke awasanawantha kamatai…
Aai aluthan winasha wena deyak neha petrol,diesal.busgasthuheta anidata light bila, gas,kiripiti,………….. hama deyakma wadi wenakota podi miniha badaginna innawela marenawai, oya kiyana winashaya enna ehemai,Maha eun podiunge salli tax eka…. idanma huuragena rajasepa widie,podi miniha badagina marila yai.
පල කොනකපාල ගෙරි හමිබය තොපිලගෙ පොන්න බහරේනයත් ආං කෙලගන්න පටන්ගෙන මෙ හදන්න කලින් සුක්නි ශියා කොලගනිල්ල නවත්තල හිටපල්ල මොඩ වල් උලමා හමිබයෝ
SINHALA BALLONGEY KULAYATA MARAGANNA EKA LANGADEEMA GOIGAMA,,,,,, HALAGAMA,,,,,HINNAWO,,,, KEWULLU ,,,,,DOBIRIYO,,,,,,BERAWAYOO,,, MUN OKKOMA MARAGANILLA
Yeah! The Muslim country, which then contains only retards.
Kohomada meyawa contact kare? by phone or ?
mamanam visvasa karanava.anivaraynama ma yana vidiyata mahama dayak vana puluvan ..
මේකේ කොමෙන්ට් දාන උන් බලන්නෙම වැරදි විදියටමයි. ලිපියේ කියල තියෙන දේ පැත්තකට දාන්න. විනාඩි 5 හිත එක තෙනක තියන් පොඩ්ඩක් භාවනා කරලා බලන්න. තමන්ටම තේරේවි වෙනස. මේ මනුස්සය පිස්සෙක් වත් මානසික ලෙඩෙක් වත් නෙවේ. මේ මනුස්සය අපිට වඩා මනස දියුණු කරපු පුද්ගලයෙක්. භාවනා කරපු කෙනා බුදුන් වදින කෙනා දන්නවා මේ කියන්නේ ඇත්ත කියල. නිකන් මෝඩයෝ වගේ කොමෙන්ට් දාල පව් පුරවගන්න එපා.
මේ බවනනු යෝගිය ගැන හා දෙවිවරු ගැන අමතක කරන්න , කියල තියන දේ හරිද වැරදිද කියල හිතන්න , යම් හෙයකින් යුද්ධ ඇති උනොත් අපිට මෙටික වෙනවා නේද ? ලෝකේ දැන් දෙකකට බෙදිලා ඇමරිකාව හරි ඉරානය හරි යුද්ධය පටන් ගතහොත් ලෝකෙම තුන්වන ලෝක යුද්ධයකට පැටලෙනවා , එහෙම උනොත් අපිට තෙල් නැති වේවි , මොකද නාවික මාර්ග වසේවි ගුවන් මාර්ග වසේවි , එදාට අපිට වාහන දුවන්න බැරිවෙනවා , බණ්ඩාරවෙලා වැවෙන එළවලු රටේ අනෙත් පළාත් වලට ප්රවාහනය කරන්න බැරිවේවි , මලු ටික රට මැදට ප්රවාහනය කරන්න බැරිවේවි , බෙහෙත් ටික ලංකාවට ගෙන්න බැරිවෙනවා වගේම ප්රවාහනය කරන්න බැරිවේවි , ස්වයන්පෝෂි ආර්ථික රටාවකට ගම පිටින් යන්න වෙනවා , බැංකු කරණයේ වැඩක් නැහැ එතකොට , මොකද මුදලේ වටිනාකමක් නැතිවෙන හින්ද , මෙටික නොවේවි කියල කාටද කියන්න පුළුවන් ?
මේ ලිපියේ සත්යතාවයක් තියෙනවා……….
ලංකාදීපයේ මෙවැනි දෙයක් කිවු තරුණයෙක් මානසික රෝගියකු විදිහට අන්යාඅගමික මනසික වෙදදුරෙක් විසින් හංවඩු ගසා තිබුනා.එම පුවත පල වී තිබුනේ ආසනික් සිද්ධිය ඇති වීමට කලින්.ලිපියේ සඳහන් වන අකාරයට ව තරුණයා භවනා කරන් කෙනෙක්.
මෝඩ තම්බියා තොපි සනුහරේම හැදිගැවිලා පලයව් මේක සිංහල රටක් යකෝ ***********
මේ භාවනානු යෝගියෙක් නෙමේ,
තනිකර පිස්සෙක් ,
මෙයා මායාකාරී විඤ්ඤානයට අහුවෙලා ඉන්නේ ,
පව් ඉතින් .
සිත දියුණු කල කෙනා වැඩ පෙන්නන යන්නේ නැහැ .
මෙයා කියන විදියට මේ දෙවිවරු ඔක්කොම රාජපක්සේ පරම්පරවේද කොහෙද?
දළදා මාලිගාවට බෝම්බ ගහපු එක චාබිනෙට් එකේ, දියවඩන නිලමේ මාලිගාවේ ඉඩම් හොරෙන් විකුනනවා, සිරි පාදෙටත් කුලල් කාගන්නවා.
උන්ට අවුලක් නැහැ, අපි තමි පන්සිල් රකින්න ඕන..
රටේ පාලකයට උදව් කරන්න ඕන..
මචං (අ )නිමල්… මේකෙ කියල නැහැනේද එහෙම කථාවක්. දළදා මාලිගාව කොයි තරම් දුරට බුදුන් ගේ දෙසුමට සම්බන්ධද? මාළිගාව කෙසේ වෙතත් එකෙ ඉඩම් විකුණුවම එක කරපු එකාට ඒ පව එකතු වෙයි. පලදෙන කොට නිළමෙටත් පලදෙයි. එහෙම නැහැයි කියල මේ ලිපියෙ කියා නැත. බෞද්ධයන්ට දළදා වැන්දීම වැදගත් බුදුගුණ සිහිකිරීමට පමණි. ශ්රී පාදයත් එසේය. දෙවිවරුන්ට වැදගත් වන්නේ සිතින් බෞද්ධ වීමය. නැතුව නිළමේ යනු එහි කොටසක් නොවේ. එවා පසුකාලීනව රජුන් විසින් මවාගත් දේයි. පව් කරපු එකා මොකා උනත් පවු ඉතුරු උනොත් ඒකට ප්රතිචාර ලැබෙයි. කලින් නිළමේට, පාලකයන්ට එසේ දඬුවම් නොලැබුනේද..>? නිකං පච නොකියා ඉඳින්න
TIKKA,
Methuwak kal danduwam lebune weradi nokarapu untamai.Me wage hora dewiyo hemathenama.Unge redde anaweki.Yudden laksha gananak ahinsakayo meruna.Oya dewiyo beragaththada? Sunamiyen dahas ganan meruna.Oya dwiyo pihita unada? denuth aparadawala kelawarak nehe.Me horunwa adahana modayo thawath me rate inna thuru me dharmayama geniyana anith horuntath wasiy.
මෙමුළු දිව්ය ලෝකෙම දණ්ඩ නමස්කාර කරන නාථ දෙවියන්ට අපේ රටේ ඇතැම් මිනිස්සු අපහාස කල බවකුත් මට මේ දෙවිවරු පවසලා තියෙනවා. මේ රට ගැන සම්බුද්ධ ශාසනය ගැන තියෙන කැක්කුම නිසා උන්වහන්සේ පහලට බැහැලා මේ විනාසෙන් රට මුදවා ගන්න කටයුතු කරන කොට ඒ වැඩවලට අකුසල් පිරුණු ඇතැම් මිනිස්සු තදින් බාධා කරන බවත් ඔවුන් දන්නවා. එත් පුතේ, උන්වහන්සේ බෝධිසත්ව වරයෙක් නිසා අටලෝ දහම දරාගෙන ශාසනය රැකගන්න අපහාස උපහාස විද දරාගෙනම ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව වෙසෙනවා
ඕක නිරිත දිග මෝසම් නෙමෙයිද?
එතකොට ස්ත්රී දූෂකයෝ, මිනි මරුවෝ, මංකොල්ලකාරයෝ තාම යහතින් ඉන්නේ කොහොමද?
මම නම් හිතන්නේ මේකේ තියෙන්නේ අමූලික බොරුවක් කියල. මොකද මගේ කේන්දරේ බලපු දෙවඥයෙක් කිව්වා ඉදිරි කාලය මට ඉතාම හොඳයි කියල. ගෙයක් දොරක් හදාගෙන, වාහනයක් දෙකක් අරගෙන, කසාදයක් දෙකක් බැඳලා ෆුල් ෆන් එකේ ඉන්න පුළුවන් කාලයක් එනවා කියල තමයි මට කිව්වේ. ඉතින් මම අහන්නේ මෙහෙම ලෝක විනාසයක් එනවනම් මට විතරක් කොහොමද හොඳ කාලයක් එන්නේ?
මේක මාර සීන් එකක් නේ . කලින් අනාවැකි වල තෙල් මිල ගැන කියල තිබ්බේ නැනේ . මම හිතන්නේ තෙල් මිල වැඩි කලහම වෙන්න ඇති මේක හිතෙන්න ඇත්තේ .
අනේ මගේ අසරණ බෞද්ධ ජනතාව !, දෙවියන්ටත් මාට්ටු වෙනවනේ .
Totally agree with you Mr., No need to worry about the reliability of the source ,but one day we all have to face this kind of a situation .Any one can not go against the nature.
මේ ඉන්නේ මේ ආටිකල් එක ලියපු එකා . අද අහු උන හොරේ.
පිස්සෝ මන් කියනවට අද ගෙදර ගියාම විනාඩි 5 භාවනා කරන්න. පිස්සෝ ඔබට තේරේවි ඔබට ඔබේ හිත එක තත්පර 3 එක තෙනක තියන් ඉන්න බැ කියල. උත්සහ කරන්න. හුස්ම ගන්න හුස්ම වෙටෙනකොට ඔබේ නහයට දැනේවි. එක ගෙන හිත යොමු කරලා විනාඩි 5 ඉන්න. එහෙම දවස ගානෙම ප්රගුණ කරන්න. ඔබට ඔබව ඔබේ ශරීරයෙන් තත්පර කීපයකට එලියට ගන්න පුළුවන්. කරලා බලන්න. ඔබේ චංචල වනචර හිත නිසල වෙයි.
මේ ලිපිය ලියපු කෙනාට පින්.
ඔයත් රැවටිලා රටත් රවටනවා පුතා
කතාව සහතික එත්ත. මටත් රටවල් ගනනක ජීවත්වෙලා අත්දකීම් තියනව, හබඉ අපේ රටේ තරම් පන්ච දුශ්චරිත වඩි රටක් තවම දක්කෙ නේ. පරපන/සියපන නසීම හින්සාව, සොරකම වන්චාව, ලින්ගික හින්සනය දරුවන් කාන්තාවන් විදේශිකයින් දූශනය, බොරුව රවටිල්ල, සුරාව අපිට වඩිය තවත් රටක් ලෝකෙ කොහෙද තියෙන්නෙ
My dear Chamila.. im your Chaminda..! This article doesnt say that USA or EUROPE will endup lifeless isnt it. If you have a honoust heart and good brain it is easy to realise that what it means is the ruling mechanisam and all those involved in the centuries of killing sin in those countries will get distroyed. eventually, even in USA the remaining good people will survive. I wish you will be one of them. I am surprised you being a frog in the well claiming Sri Lanka has the worst crimes!! A simple example against women is keeping and raping young girls for 10-15 years as slaves after being kidnapped. It had not happened in SL but happened many times in the USA!. what about the 1000s of porn sites and related american actors on all those acts with Animals, children, grannys etc. Even SL people get bad ideas from the USA and the WEST. They are the innovators of SIN. I wish you new strength to jump of the well and see the reality for yourself….errr. also make sure your son or daughter doesnt endup involving with a gay or lesbian.!! bcos in USA we all know its legal..!!! take care chamila!!
Dear Chaminda,
Chamila also gay.thats why he need to respect USA things…
උබ කියන්නේ ඇත්ත මචං… භාවනානු යෝගියෙක් ගැන විශ්වාස කරන්න බැරි නම් ලෝකේ වෙන දේවල් පොඩ්ඩක් බලන්න. අද වෙද්දී තෙල් මිල වැඩි වෙලා නේද ඕක තව තවත් වැඩි වෙයි..
පුදුමයට දේ ච news කාලයක සිට ගොඩනගන මතවාදය සමග මේ කියන භාවනා යෝගියාගේ මතවාදය මුළුමනින්ම සමාන වීමයි. අනිත් දේ තම ඉරානයට තම බැරි උන වෛරස් එක නිසා අප්සෙට් උන සිස්ටම් එක හදාගන්න. එහෙව් උන් කොහොමද නොහිතන ආයුධ තියාගන්නේ
weerabahu i agree with u.
නාථ දෙවියෝ මෙ ලිපිය කියෙව්ව බව මතක තියා ගන්න.
completly true ,follow the advice,there will be a disaster near future!
දෙවියන්වත් අන්දන තුමා දැනුවත් කිරීමටයි, සුද්දෝ 1400 ගණන්වල මිනිසු පුච්චලා මැරුවා, අපිත් ඒකාලේ කරා තාමත් කරනවා ඊයෙත් එකෙක්ව කරා. දෙයියෝ දන්නේ නෑ?
කමක් නෑ බැංකු වැටෙයි තමා, මොකෝ මුන් ණය අරන් ගෙවන්නේ නෑ කියලා දෙවියන් කීවද? පලිබෝධ නාශක, ඔව් ඉතින් ස්භාවික රසායනික වැඩිදියුණු කරලා සුද්දෝ කෘතීම කාරක්ෂම ඒවා හැදුවා, සමහර ඒවා හොදයි, සමහර ඒවා අතුරු ප්රතිපල හනිදායකයි, කැකුණ ඇට තලලා ලක්ෂ 10 කට කන්ඩ දෙන්ඩ වවන්ඩ් පුළුවන් එත් 200 කට එහෙම බෑ, අඩුමගානේ කකුන ඇට දේශීය පලිබෝධනාශක පර්යේෂණ ආයතනක අවශ්යතාව ඔයාට කීවේ නැද්ද? මේ දෙවියන් ඉස්සරහට දාලා තියෙන්නේ, ගම්වල ගොයියෝ කාට බය නැතිවුනත් දෙයියන් පෙන්නලා බය කරලා රටේ කෘෂි ආර්ථිකය වට්ටන්ඩ්. කාම මිතියාචාර එල එල, තාත්තලා දුවලා කෙලසන, ගෑනියකට පාරේ බැහැල නිදහහසේ යන්න බැරි ඇමෙරිකාවේ නොවේ සිරිලංකාවේ කියලා දෙයිදන්නේ නැතිවුනාට ද්වියන්ගනාවෝ දන්නවා එයාලටත් කතා කරලා බලන්ඩ. අතවර කොරන්ඩ බැරිනම් මිරිකන්ඩ් හරි බලාගෙන ඉන්න හතිකරයක් සිරිලක ඉන්නේ දෙවියෝ ඔවා බලන්ඩ ඕනේ.
පස්වෙනි පිළිතුරෙන් නම් පෙනෙන්නේ සියුම් ශරීර අරලිය උධ්යනය පැත්තේ ගිහින් ඇවිත් මෙයා හම්බවෙනවද කොහෙද, හරි කැලෙන් එලියට නොගියට චින්තන පොත බලලා ද කොහෙද? 70 80 ගණන්වල සිද්ධි, ඊයෙත් උනේ…නාරාහේන්පිට……7 තෙන් පෙන්නේ පව් කාර රටවල් විනාශ වෙයි ලු, වෙයි උනාම දැනගතහැකි. මටනම් හොදටම ෂුවර් මෙයා කැලණියේ උපාධිධාරියෙක් හරි චුට්ටක් හරි කැලණියේ ප්රොෆෙසර් හැමබවෙලා තියනවා (මර්වින් නෙවේ). මොහුන්ගෙන් ගත හැක්කේ දේශීය පර්යේෂණ නැවුම් මාවතකට ගෙන එන්ඩ කියන නොකියනු පණිවුඩය පමණි. දෙවියන් නොරටවන්ඩ්.
යෝගිය කියන්නෙ පාලකයො පංච සීලය රකින්නෙ නෑකියල ඇත්ත. රටේ නීතියක් නෑ..දූෂිතයන්ට දඩුවම් නෑ.උන් තමයි වැදගත් තනතුරැ වල ඉන්නෙ..ඒ උනාට මහනායක හිමිවරැ කියනව පාලකයො දසරාඡ ධර්මයෙන් රාඡ්ය පාලනය කරනව කියල.තවද දැන් දැන් වන සිද්ධීන් අනුව පේනනෙ සංඝ සමාඡයේ පිරිහීමකි.ඹවුන්ට ද විනයක් නැත,එහෙනම් වහාම මහනායක හිම්වරැ ඇතුලු එම සංඝයා වහන්සේලා පළමුව බුදු සසුනේ සරණ යා යුතු වෙයි .මන්ද ඹවුන් දැනට ධර්මයේ දක්වා ඇති පරිදි භික්ෂුන් නොවන බැවිනි.
ඊට පසු පාලකයන් පිලිබද කතා කල යුතුය.
2012මාර්තු-අප්රේල් වෙනකොට මේ විනාශය > බොහෝ අයට දැනෙන විදිහටම ඇති වෙන්න පටන් ගන්නවා > . තෙල් ලැබීම හිඟවීම > මුළු ලෝකයම අර්බුධයකට > කලකෝලාහල කැරළි ඇති වෙලා යුද්ධ ඇති වෙලා කෝටි ගණනින් මිනිස්සු මිය යාවි. > ඇමරිකාව, යුරෝපය, මැදපෙරදිග කලාපය. > මේ ප්රෙද්ශ තුනම විනාශ වෙනවා > මුළු ලෝකෙටම ලොකු ආහාර අහේනියක් > . කන්න බොන්න නැතිව හීතලට රස්නෙට ඔරොත්තු දෙන්නෙ නැතිව ලක්ෂ ගණනින් මිනිස්සු මිය යාවී….
මම හිත දියුණු කරපු කෙනෙක් නම් නොවේ . මේ කියන බොහෝ දේවල් මම මිට බොහෝකලකට පෙර දැනුනු බව නිහතමානිව කියමි. ඉන් සිත දියුණු කල අය ගැන මගේ හිතේ තිබු තත්වය තවත් පිරිසිඳු උසස් තැනකට වන බව පමණක් ලියමි.
සියලු දෙනාටම කියමි මේ රටවල අත්දැකීම් ඇති අය ගෙන් අසා දැනගන්න. මේ රටේ ඉපදුනු දුගී යාද පින්වන්ත යෙක් ම වේ . යුරෝපයේ ඇමෙරිකාවේ හෝ අරබියෙකු ලෙසට ඔබට සිතේ නම් ඔබ ඉහත එවැනි රටවල ඉපදී ඇතුව විය හැක.අදටද ඔබ පල්ලි යන්නේ,
මස් වලට වඩා ගිජු,
ඔබ ළඟ අන් යට වැඩ ගඳ ,
වැඩි පන්සල් යාමට අකමැති .
හේතුව ගැන හිතන්න. ලංකාවේ මිනිසුන් සුවඳ විලවුන් පාවිච්චිය අවම හේතුව සොයන්න .
මොන ආගමක හිටියත් අවිහිංසක ජේසු සමිදාණන් හෝ පරණ තෙස්තමේන්තුව ගේබ්රියල් කාදිනල් තුමාගෙන් කටපාඩම් කරගත් අහිංසක මොහොම්මඩ් තුමා වන්නන් ගැන හිතන්න . හිංසනයෙන් බුදුදහම කෙලසන වචන වලින් ඈත වෙන්න .
ඔබලාට අස් වලට දුටු සුනාමි දිනවල වූ සත්ය දේවල් දෙවියන් ගේ මග පෙන්වීම් ලෙස වටහාගන්න .
මම එම දිනවල ලක් පොලවේ නොසිටියෙක්මි .
මේ පින් බිම අහසට ගොස් ගුවන් යානයකින් වත් හිරු එලිය එතිවිටක බලන්න .
දවසකටවත් මුහුදෙන් එතෙර ගොස් මේ පින් බිම ගැන දකින්න.
මෙත් සිතින් ඔබ ඉදිරියේ ඉන්න අය දිහා බලන්න .
ඔවුන්ට ඔබ පෙනෙන්නේ කඩවසම් ලස්සන කෙනෙක් ලෙසම
හිරු එලියට
ගහ කොළට
සතුන්ට
එකසේ ආදරය කරමු .
බුදු දහම අඩුතරමින් අවබෝධ කර ගන්න වත් බලමු.
මේ පාර රජාව සහ ආණ්ඩුව බේරා ගැනීමේ උත්සහයක්…..ඔය කියන භාවනා යෝගී තුමාට ….පාලකයන්ගේ…වැරදි සැලසුම්…නාස්තිය…වංචාව…ගැන කථා නොකරන්නේ ඇයි ???
Oya kiyana ewa kiyanna bhawana karanna oneda? Ada Lankawe inna one gon wahanse kenekuta oya tika eeta wada hondin kiyanna puluwan.
By mouth my darling, in other words by mouth talking in Sinhala. Are there any other questions darling?
හොඳ රචනාවක්. ලකුණු 100% යි
මට දැනෙනදේ මමෙච්චරයි. වර්ථමාන ලෝක තථවයන්ට අනුව මේ කතාව සත්යක්මයි. මේකට දෙවියන් ලංකර නොගත්තනම් වඩා හොඳයි.
Grade 3 rachanawak, 100/100 marks
niyameta kade yannat dannawa wage
ubalage bawudda kama katin witarai.weda walin ne.yako mehema loka winasayak wena bawa ona minihekuta penawa nam ai pinguttarayo wage meke comment danne.mona hari pin athe wedak karapallako.ubalata terena sinhalen me bawananuyogiya kiyala tienne.denwat hitata aran weda karapalla.netnam winase enakamma api me gena dena gena hitiya kiyakiya idapalla.වෙන්න තියෙන දේවල් වෙන්න ඉස්සරවෙලා කියන එක තරම් උදව්වක් තවත් තියෙනව ද? Pina balen denna be.taman wisinma pin karaganna one.aka nisa denwat oya teruna kiyapu minissu tika pansil rakinna patan gattot hodai!!!!!!!!!!!
23. සීනිව්ස්:- පංචශීලය රැකීම භාවනා කිරීම, පිරිත් සඤ්ඤායනා කිරීම හැරෙන්න තවත් දෙයක් තියෙනවාද අපට කරන්න.
භාවනානුයෝගීයා:- ඔව්; අප ආහාර සුරක්ෂිතභාවය ඇතිකරගත යුතුයි. පිටරටින් ආහාර පාන, කෘෂී රසායන, බීජ පැමිණීම වැඩිකල් යන්න ඉස්සර නවතිනවා. ඒකට ජාතිය සූදානම් වෙන්න ඕන. මම හිතන්නේ කුසල ශක්තියක් තියෙන කෙනකුට මේ කියපු කාරණා හොඳටම ප්රමාණයත් වෙන්න යන දේ වටහා ගන්න. මේ කියපු දේවල් වෙනස් නොකර පළ කරන්න. මුළු රටටම තෙරුවන් සරණයි.
ඇයි පිස්සෝ මේ තියෙන්නේ ඒක නෙමෙයිද?
මේවත් විශ්වාස කරන මෝඩ ජාතියක්? මිනිහගේ කතාවම මිනිහ බොරුකාරයෙක් බව පෙන්නනවා.
uba neda ara chat room wala chat karana arabikaraye inna eka nodannadeyak katha nokara hitapan.
OHoma Yamu…Mithya Drustikaya…
katawa..atha wena puluwam..eth me map ekanam ..hinahawata karanayak..mama nam kiane wadien ma pawo karana ratawal atarata china..mokada onama satek anubawa karana ratak..ex .balo,puso,sarpayo,ali, ewagema viatnam,japan,coriya..wage ratawal sathwa gatana karna ratawal..ewagema brzil,ajantin,mexyco,chili wage ratawaluth godakma pawo karana ratawal ..USA,uropa ,madaperadiga aya mass kawata eyala miladi gane wenath ratawalin …me lipiya bageyak atha bagayak ??
kaworu wonath adhas pala kirima ..istuti..
Can anybody explain me what is the above image is?
සහතික ඇත්ත මචන්.
රජරට කුඩා ජනගහනයෙන්,
අවුරුද්දකට 600 ක් විතර,
වැඩි අස්වැන්නක් ගන්න ගහපු
කෘතීම රසායනික පොර වලින් හදුනය කියන,
වකුගඩු රෝගයෙන්
මිය යනවලු.
මරාගෙන මැරෙන LTTE ත්රස්තවාදයෙන්
අවුරුද්දකට
මෙච්චර මලාද?
දඬුවම් නිකන් මැගී නූඩ්ල්ස් වගේ විනාඩි දෙකෙන් හැම එකාටම පලිසන් දෙන්නෙ නෑ දෙමලො.. සමහරක් ඒව එවෙලෙම, සමහරක් ඊළඟ ආත්ම වල. තොත්ත බබා උඹ
පස්වාන් දහසකට බුදුවන්ඩ භාවනානුයෝගී උත්තමයාණෙනි, කාට හානියක් වුණත් යුරෝපීය සුද්දටයි ඇමරිකන් සුද්දටයි සහ අනෙකුත් ලොව වසන් සුද්දන්ටයි හැර තම්බියන්ට පමණක් කෙල වෙන විදියට භාවනා කරන්ඩ බැරිද ?
ලෝකේ කවුරු විනාශ වුණත් සුද්දන් නම් විනාශ නොවේවා !
Nice article to think, Those things will definetely happen…no doubt about it??? Keep your mind clean,you can see and discuss with other worlds…
Theruvan Saranai…
meka aththtama athtamai mata hithenne
meka ithin deviyo kiyanna oni na .. hamotama therena deyak ne.. mata thiyena prash ne Deviyo petrol walata Petrol kiyalama kiwwada.. nikan deviyek 'Petrol' kiyanakota nikan kichi kichi wage.. ane manda mage hithe doshayak wath da?
මචන්ලා , භාවනානුයෝගීයා හා දෙවිවරු ගැන අමතක කරපන් , කියල තියන දේ වෙන්න පුලුවන්ද බැරිද කියල හිතපල්ලා ,
@ Aruna, they are showing a the possible places that war can happen. Seems like especially in the Middle-east(red) and Europe. Dont believe in Political Leaders. Dont believe in Mass Media(TV,NewsPapers)
උඹේ කටේ මසුරන් කිලෝ එකක් දාන්න වටිනවා !!! නියම කතාව. මමත් කියන්න හැදුවේ ඔය ටිකමයි !!
අය්යෝ… දැන් අපට පණු සිදුරෙන් සන්කස්සයට ගිහින් තමයි බේරෙන්න වෙන්නේ…!
මට එකක් විතරක් කියන්න…මේ යෝගිය පැන්සොන් ගිය ප්රොෆෙසර් කෙනෙක්ද ?
mama dewiyan kerehi wiswasayak thiyenawa me lipiye thiyena widihata ekthara sathyak thiyenawa balangoda mithree hamuduruwange poth path kiyawapu udawiya dannawa ethi manasa diunu karagaththu ayata dewiyan samaga sambanda wiya haki bawa ema nisa methuma mme kiyana kathawe sathyak thibenawa ema nisa darmanuyogiwa sitimen e ena karadara walin beriya haki bawa ma tharaye wiswasa karami
සින්හලෙන් ලියපන් ගෙම්බො… ඉඳා http://www.ucsc.lk/ltrl/services/feconverter/t1.h…
ඇමෙරිකාවේ ඕනෑම චිවිල් වැසියෙකුට පිස්තෝල තුවක්කු මිලට අරන් ළඟ තබාගන්න පුළුවන්. ඉතින් උන් පොඩ්ඩ බැරි වෙද්දී bang bang” ……..
මොකද ඊයෙ රැ උඹ cowboy ෆිල්ම් එකක් බැලුවද ? අනේ නිකන් නොදන්නා දේවල් ගැන මෝඩ කතා කියන්න එපා. ඇමෙරිකාවේ හැම කෙනෙකුටම වගේ ගිනි අවි තියෙනවා. ඒත් උඹ ඔය කියන විදියට ඒ මිනිස්සු මරාගන්නේ නැ. එහෙ ගිනි අවි තියෙන්න ඕනේ හැම මිනිහ ලඟම ඒව තියෙනවා. ලංකාවේ ඒකෙ අනිත් පැත්ත. ගිනි අවි නොතිබියයුතු හැම එකා ලඟම ඒවා තියෙනවා. හැබැයි නීතිගරුක සාමාන්යන වැසියා නිරායුධයි.
‘දිනපතා ඔහේ 100 අල්ලදී 2 3 අල්ලයි’
මේ කතාව කියන්න කලින් රටේ ජනගහනයත් එක්ක අපරාධකාරයෝ කීයක් ඉන්නවද කියල බලපන්. අනික ලංකාවේ එහෙම එවුන් අහුවෙන්නේ නැත්තේ අපරාධ අඩු නිසා නෙමේ. පොලිසියට අල්ලගන්න බැරි නිසා !
පුතා, පොඩ්ඩක් අහපන්කො stock market එකට මුකක් වෙයිද කියලා..පොඩ්ඩක් අහලා කියපන් කොල්ලො හොඳෙ.. හම්බානෙක වැටිලා තියෙන්නෙ මෙ දවස්වල..
යකෝ කැකුණ ඇට වලින් කෘමිනාශක හදන්නේ නැහැ. ඒකෙන කරන්නේ පන්දම් පත්තු කරන එක. නොදන්න බම්බු ගැන කතා කරන්න ගිහිල්ල උඹේ ඇට දෙක තලගන්නේ නැතුව ඉන්නවද.
යකෝ කැකුණ ඇට වලින් කෘමිනාශක හදන්නේ නැහැ. ඒකෙන කරන්නේ පන්දම් පත්තු කරන්න තෙල් ගන්න එක. නොදන්න බම්බු ගැන කතා කරන්න ගිහිල්ල උඹේ ඇට දෙක තලගන්නේ නැතුව ඉන්නවද.
I think those are Naatha Deiyaa's flight paths..
americawe kochchara bauddayo hitiyath wadak na pansil wath rakinnaththan. ehe inna godak denekta thamange rata, agama, jathiye wath mathaka na. rataka bauddayo jewath una paliyeta erata sudda wenne naaaaaaaaaaaaaaa.
මේ වගේ ලියුම් වලට අපහාස කරන උන් අවජාතකයෝ දෑන් වත් ටිකක් හිතපල්ලා
Kakuna nemei Kohomba wiya yuthui..
නැහැ.
පැන්සොන් ගිය ප්රොපිසර් පත්තරේට ලියන ඒවා කියවලා චූන් වෙච්ච එක්කෙනෙක්
ane me eyage ata deka ehema thiyenawada danne na neda? Oya dewiware methek kal koheda hitiye?????
api kauruth epadena, jeewath wena,marena minissi aka mathaka thiya ganna, (ada lankawata wahinawa nada?) kauruth hoyana try karana danaya thamae oya wetenna.
Ane api Habayounta mithya dustikayao kiyanwa…ethkota munta monwada kiyanne
මෑප් එකෙ ඊතල වලින් පෙන්නන්නෙ දෙවියො වඩින රූට් එක.. ඒ ඒ දෙව සභාවල පාටින් තමය් දාල තියෙන්නෙ.
මට සම්බන්ධ වෙන දෙවිවරු කියන විදිහට නාථ දෙවියෝ මේ අනතුර දැකල අවුරුදු 6 ක විතර ඉදන් මනුස්ස ලෝකෙට සම්බන්ධ වෙනවා. අපේ රටේ තිබුණු කොටි යුද්දෙ හමාර කරන්න උන්වහන්සෙලා බොහොම මහන්සි වෙලා තියෙනවා…..Mare maru…ethakota Hamudawa nemaie udae kale..
ane chuttak ahala kiyannako ehaagedhara shashikaa dhamith ayyath ekka yaaludha kiyala… damith ayya hari hondha kenek eyata shashikaa maech wen nae kohomath..
Buddan Saranan Gachchami
Dhamman Saranan Gachchami
Sangan Saranan Gachchami
Dear Editor,
Please remove God Natha name in future latters, in similar nature topic.
Gauthama Buddhusaranae!
Meya dawasata ganja kilo kiyak gahanawada????
මෙ දක්වා ඈත්තෙ ඉහත ලිපියෙ වෑදගත් කොටස් කිහිපයකි. "මට සම්බන්ධ වෙන දෙවිවරු කියන විදිහට නාථ දෙවියෝ මේ අනතුර දැකල අවුරුදු 6 ක විතර ඉදන් මනුස්ස ලෝකෙට සම්බන්ධ වෙනවා. අපේ රටේ තිබුණු කොටි යුද්දෙ හමාර කරන්න උන්වහන්සෙලා බොහොම මහන්සි වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙයි කියලා බෙහෙත් හේත් නැති වෙයි කියලා අළුත් ගොවිතැනක්, වෙදකමක් මේ රටට හදුන්වලා දීලා තියෙනවලු."පිටරටින් බෙහෙත් හේත් එන එක නවතිලූ, ඉස්පිරිතාලවල වැඩ කටයුතු ඇණහිටීලූ. ඒක කල් ඇතිව දැකපු නිසා තමයි නාථ දෙවියෝ මේ පොළවට සම්බන්ධ වෙලා අපේ ගොවිතැනක්, වෙදකමක් කියල දීල තියෙන්නෙ. මුළු දිව්ය ලෝකෙම දණ්ඩ නමස්කාර කරන නාථ දෙවියන්ට අපේ රටේ ඇතැම් මිනිස්සු අපහාස කල බවකුත් මට මේ දෙවිවරු පවසලා තියෙනවා. මේ රට ගැන සම්බුද්ධ ශාසනය ගැන තියෙන කැක්කුම නිසා උන්වහන්සේ පහලට බැහැලා මේ විනාසෙන් රට මුදවා ගන්න කටයුතු කරන කොට ඒ වැඩවලට අකුසල් පිරුණු ඇතැම් මිනිස්සු තදින් බාධා කරන බවත් ඔවුන් දන්නවා. එත් පුතේ, උන්වහන්සේ බෝධිසත්ව වරයෙක් නිසා අටලෝ දහම දරාගෙන ශාසනය රැකගන්න අපහාස උපහාස විද දරාගෙනම ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව වෙසෙනවා."මේ අමාරුම කාලේ. ඒක තමයි බෝධිසත්වයන් වහන්සේ බිමට බැස්සේ. මෝඩ මිනිස්සුන්ට කියන්න උන්වහන්සෙට අපහාස කරන්න එපාය කියලා. හැම කෙනෙක්වම දැනුවත් කරන්න මේ මහා දුර්භාග්යසම්පන්න වසර දෙක තුන අපේ රටට ශක්තිය ලැබෙන්නය කියල අධිෂ්ඨාන කරන්න කියලා." ආන්න දෑක්කද?මෙ lcn එකෙ ඉන්න කොච්චර අය(shan@paris වගෙ අය) පසුගිය කාලෙ පිටිදුවෙ හිමි ඉලක්ක කර ගෙන උන්වහන්සෙටයි උන්වහන්සෙ පුද පුජා පවත්වන මඉත්ර බොදිසත්වයන් වහන්සෙටයි(නාත දෙවියන්)කොච්චරනම් මඩ ගෑහුවද?කියන්න පුලුවන් සින්හල බසෙ තියන ඔක්කොම ජරා වචන වලින් බෑන්න.ඔව කියල අපහාස කරපු අය මෙ ලිපියටත් කොමෙන්ට් දාල තියනව මම දෑක්ක.හෑබයි දාල තියෙන්නෙ එගොල්ලො අතින් මුකුත් නොඋන විදිහට.ඔන්නම් මට පරන lcn දත්ත උපයොගි කර ගෙන මෙගොල්ලො කිව්ව කතා මෙතන පෙන්නන්නත් පුලුවන්. දෑන්වත් ඔය අන් තට්ටුව බිමට දමා සත්යය දකිනවලා.බලා ගත්තනෙ මෙ ලිපියෙන්ම.
දෙමලෝ ලියපන් කෝ බන් සිංහල අකුරු වලින්. ඉදා ගනින්. http://www.google.com/transliterate/sinhalese
උබට දෙමලලෙන් ලියන්න ඕනෙනම් මේකෙන් ලියපන්.
http://www.google.com/transliterate/tamil
අනේ යාලුවනේ අනුන්ගේ වැරදි නොසොයා තම තමන් හරිදේ කලානම් මේ සංවාද අවශ්ය නැහැ.බෞද්ධ,ක්රිස්තියානි,මුස්ලිම් හැම ආගමකම කියලා තියෙන්නේ හොදින් ජීවත් වන ආකාරයයි.
ෂඩ්දර්මය ස්වනයට මෙ ලින්ක් එකට යන්න. නියම දහර්මය අසන්න. සොවන් වෙන්න පමා නොවෙන්න
http://sites.google.com/site/hiddenbuddhism/Home/…
http://www.aaryadharma.org/Shrawya/Shrawya.htm
Budu Saranai.
ela !!!
පුතා: අපෙ කොටස් වෙලඳ පොලට මුකක් වෙයිද?
භාවනායොගියා : ඔන්න ඔන්න ඉතින් මල පනිනව මට දැන්. මගෙත් මිලියන දෙකක් විතර ඕකෙ දාලා කෙල වෙලා තමා මෙ කැලේට වෙලා ඉන්නෙ මෝඩ පුතෝ…
hak hak
/*පළමුව රටේ පාලකයා සහ ඔහුගේ ඇමති මණ්ඩලය ධාර්මික විය යුතුය */
මෙය ඉතා ජනප්රිය එනමුත් ප්රයෝගික නොවන බොරු අදහසකි. වත්මන් ලොව දියුණු වූ කිසිම රටක පාලකයා ධාර්මික වී නැත.
උද: මලයාසියා, සින්ගපුර් .
ලි ක්වාන් යු පටන් ගත්තේ වැඩ වර්ජකයෝන්ට මැෂින් ගන් වලින් වෙඩි තියල .
ur funny man..ai Pakistan, Afghanistan, Bangladesh, Iran, Iraq saha African muslim ratawal hedila thiyenawane lassanata.me rata muslim ratak karana eka kisima dawasaka heba nowana heenayak witharai machang..nikank pacha wela kelo ganne nathuwa thamang paduwe agama adahagena hitapan
Ane manda sarath.
I dont know much about this Yoga stuff, But I know for a fact that Sri Lanka is not so great as he describe. Yes it is great in many ways considering the climate, resources, wild life etc, but I dont think that majority of people are so good. I know as a fact that people in modern western countries are well civilised and they have great values than most sri lankans. No one can argue that, example: equality, law, democracy etc. Thats because those western european's genetic structure is different to south asians, and I consider we cant be like that for many centuries (Im not talking about skin color etc). Its not all about technology, sciences etc, but the human values, consideration about others and discipline. (again Im not talking about politicos of any country).
Just look at the nature of crimes happening in sri lanka and how citizens are fooled by governing bodies!. Remember Mervin tied a man to a tree. If that happened in a country like US of UK (according to the yogi, evil countries), mervyn will be fined heavily or sent to jail. But can we expect such fairness here in this Dharmadveepa. I prefer if Yogis do not confuse these things with buddhism. He might be seeing gods in a deep trance but I know nothing about those things as im not a meditator as such.
ලංකාවෙ මුදල් දුශැණැයැ,ස්ත්රි දුශනය,නිතිය,අදිකරනයෙ සාදරනත්වය,ප්රජාතන්ත්රවාදය,සුදු වෑන්,මත් කුඩු,කප්පම් ඒව ටික නවත්වන්න මහ තෑන ක්රියා කල යුතුඉ කියල කියවිලා නද්ද බොල.ඒව ටික එහෙම තියෙද්දි මමඉ අපි යි පන්සිල් ගත්තහම හරි!!
Dear All,
Please study "Sustainability",Sustainability is defined as ability live long term with the resources that are available to us.
Kind regards,
Janaka Dandeniya
Further to my comment,
Today in a news website thare are tamils in the north holding boards against so called abductions. But do they remember what kind of life they had during the LTTE era? I consider now they have much freedom then before. I mean, those are the unfairness and stupid evil things in this dharmadveepaya, so unfair and insults commonsense. Did yogis take these into account? before we condemn western civilisations.
ඔව් ඔව්. අපේ ජෙප්පන්ගේ දේව මණ්ඩලේ කචල් එක රතු පාටින් තියෙන්නේ. ඊශායලයේ යුදෙව් චින්තනයනේ අපි නියෝජනය කරන්නේ.
මම කියෙවිවා මේක හරිම ජොලියක් දැනුනා හිතට ඔය කස්ටියගෙ සංවාදෙ කියවලාග…
මොනවා උනත් දැන් ඇවිත් තියෙන්නේ විනාශයම තමයි….
සද්ධර්මය සොයමින් ගිය මම නැවතුනේද මෙතනින්…
නිවනින් නිවී සැනසේවා!!!
උඹ කැකුණ දන්නෙත් නැහැ කොහොඹ දන්නෙත් නැහැ. පල පල
අනේ පලයන් යන්ඩ නොදන්නා බම්බුවක් කියවන්නේ නැතුව. ඉස්ලාම් ආගමේ කොහෙද හොඳක් තියෙන්නේ. මිනී මැරිල්ල තමයි උගන්නල තියෙන ධර්මය. උඹ නිකන් නොදන්නා දේවල් ගැන කතා නොකර හිටපිය.
සල්ලි හම්බ කරන්න පුළුවන් සාස්තරේ මිනිහ දියුණු කරලා තියෙනවා හරියට පිට්ටදුවේ කෙබරදම්ම වගේ මේ වගේ බල තියන උන් කොවුර් දැකල පැන කඩාගෙන ගියා පුලුවන්නම් කොවුර්ගේ ඉගැන්වෙම් වලට අබියෝග කරපන් ඊට පස්සේ අපිට පුළුවන් හරි කවුද කියල තේරුම ගන්න බුධාම නැති රටවල් මිට වැඩ ශිෂ්ට සම්පන්නය් අන්න ඒක දැනගනිල්ලා.
කිව්වට තරහ වෙන්න එපා , මම මේ හාමුදුරුවන්ගේ බන අහල තියනවා . හැබැයි අනිත්ය , දුක්ක , අනාත්ම විග්රහ කරන තැන ගැටළුවක් මතු වෙනවා ට්රිපිටක විග්රහය අනුව . පොඩ්ඩක් පිටිගල ගුණරතන හාමුදුරුවන්ගෙයි
මාන්කඩවල සුදස්සන හාමුදුරුවන්ගෙයි , ගලිගමුවේ හමුදුරුවන්ගෙයි බන ටිකකුට් අහල බලනවද . මෙය කිසිවෙකුට අපහාසයක් නොවේවා ! නිර්මල සත් ධර්මය මතු වීමට හේතුවක් ම වේවා !!
http://venerablesudassana.org/
http://sites.google.com/site/dharmadaana/dhamma-t…
Budun desanakalai maddyama prathipadawa api dan in ehata gihin, man uday hawasa bhawana karana kenek. mata danenawa may maseta pera may loke maha vinasayak wena bawa, lankawata uhulanna bari desagunika viparyasayak wenawa, eka aniwarryai. lokaya uddayakata patelenawa, buduguna shikaran jeewath wenna, tharamak durata apita berila inna puluwan.
E W අදිකාරම් උතුමන් 1950 ගණන් වල හිට කිව්වනේ,
වැඩි අස්වැන්න ගැනුමට,
කෘතීම රසායනික වස පෝර-කෘමි සහ වල පැල නාශක දාල,
මේ ලක් පොළොවේ පස විනාශ කරන්න එපල්ල,
අහිතකර ප්රතිපල ලැබෙන කොට,පරක්කු වැඩිය කියල.
කවුරුවත් ගණන් ගත්තය.නෑනේ.
දැන් අපේ නාථ සහ සමන් දේව මණ්ඩලෙන් එන පණිවිඩේ වත්
හිතට ගනිල්ලා.
තමන්ගේ පොඩි ගෙවතුවල ඇති පස වත්
මේවයින් විස නොකරන කට්ටිය
LCN අඩවියේ ඉන්නවද?
එළවලු නිකන් වුනත් කන්න පුළුවන් සුවඳ එන්නේ එතකොටයි.
පට්ට ටෝක් එක මචෝ නියම කොමෙන්ටුව. මට හිනාව නවත්ත ගන්න බැරි උනා මචෝ. thanks
මොන කුහකයා මොනවා කිව්වත් මොලේ තියෙන මිනිහෙක්ට තේරෙනවා පහු ගිය ලිපි දෙක බැලුවම මේ කෙනා කියන එක ඇත්ත කියල.අද මේ ලිපියට බනිනවා වගේ තමයි එදා මුල් ලිපි දෙකට බැනල තියෙන්නෙත්.එත් එදා බැනපු අය අද පේන්න නෑ. මොකද ඒ අයටම තේරිලා කියපු දේ ඇත්තක් වෙලා කියල.මම හිතන්නේ මේ ලිපිය කියවන අය මුල් ලිපි දෙකයි එකේ comments කියවන්න ඕන.එදා අද ලෝකේ මේ වගේ තත්වයක් උදා වෙයි කියල හිතන්නවත් බැරි දවස් වලනේ මුලින්ම මේ කතාව කියල තියෙන්නේ.බැරි වෙලාවත් මේ කියන දෙය උනා කියල හිතමුකෝ.එතකොට මේ අය සද්ද නොකර උගුඩුවො වගේ ඉදිවී.මේකට බැනල තියෙන හැම comment එකක්ම වගේ වෛරෙන් ලියපුවා එකක්වත් නෑ විචාර බුද්ධියකින් ලියපුවා.
to Real Man-ඔබ හරි.ප්රශ්නය තියෙන්නෙ වර්තමානය වනවිට වර්තමාන බුදුදහමටත් වඩා දරුනුවට බොහො ආගම් වල මුලික අදහස කාලයත් සමග විකුර්ති වී තිබිමයි.
මේවා භාවනානු යෝගීව නැතත් විචාරන බුද්ධියෙන් විමසන්නකුටද සිදුවේයයි අනුමාන කල හැකිදේවල්ය
ලෝකය අවුරුදු පන්සිය ගණනක් එක් දිසාවකට දෝලනයවිය දැන් මෙය වෙනස්වෙමින් පවතී
කාලයක් යටත් විජිත කරනය තුලින් ලෝකයේ ධනය සහ දැනුම යුරෝපයේ ඒක්රැස් විය මේ තුලින් අධිපති වාදී රටවල් බිහිවිය මේ අධිපති වාධින් අතර ඇතිවූ තරඟයෙන් ඇතිවූ යුද්ද තුලින් විශාල දේපල සහ ජීවිත විනාශයක් සිදුවිවූ අතර
පැරනි යටත් විජිත කරනයද වෙනස්විය ඒ අතරම අදිපති වාදයට පරිබාහිරව බිහිව වැඩුනු සමාජ වාදී රුසියාව නැගෙන හිර යුරෝපයමවාගේ එක්කර ගනිමින් වෙනම කඳවුරක් වශයෙන් ව්යයාප්ත විය එහි ප්රතිඵලයක් වශයෙන් තවත් බල අරගලයකට එක්වෙමින් සමාජවාදී චීනය බිහිවිය.
මේ යුද්ද හා බලඅරගල තුලින් ලොවට අලුත් ක්රමවේදයක් බිහි විය ඇමරිකාව ඇතුලු බටහිර රටවල් නව යටත් විජිත ක්රමය තුලින් දුබල රටවල් තමන්ට අවශ්ය අමුද්රව්ය ලබාගන්නිමින් සහ ඒවායෙන් කරනනිපැයුම් අදික මිල ගණන් වලට විකුණනමින් සූරාකෑමට ලක්කල අතර මෙය පවත්වාගෙන යාම සඳහා ඹවන් විසින් ඒකාබදධ ක්රම වේදයක් දියත් කරවන ලදී
මේ සඳහා ඔවුන්ගේ පැරනි යටත් විජිත වලට තමන් විසින් එම රටවල්වල එම රටවල්වලට ස්වාධීනව නැගීසිටීමට නොහැකිවනසේ සකස්කල රාජ්ය යන්ත්රය දිගින් දිගටම පවත්වාගෙන යාම
(මෙහිදී රාජ්යයන්ත්රය දුම්රියකක් නම් ආන්ඩුව එහි රියැදුරුනම් ජනතා ඡන්දයෙන් වෙනස් කල හැකි වනුයේ ආන්ඩුව
පමනි එවිට එම රාජ්ය ගමන්කරනුයේ තමන් නිර්මානය කල පීල්ල දිගේ පමනි)
මේ ආන්ඩු තුලින් ඒ රටවල් වල රාජ්ය යනත්රයට කරන බලපෑම වැක්වීමට ජනකා විඤඥානය විසභබීජ වලින් පුරවන ලදී එය අධ්යාපන ක්රමයේ සිටම පටන් ගෙන සමාජය විනාස කරන වැරදි සමාජ පිලිගැනීම් සහිත සමාජ ක්රමයක් පවත්වාගෙන යාම
ආගමික දේශපාලන සහ ජාතිවාදී අන්තවාදය මේවලම් ලෙස යොදාගැනීම
ඉතා දක්ශ සහ කුරිරු රහස් ඔත්තු සේවා පවත්වාගෙන යාම
ලොකයවටා හමුදා කඳවුරු පවත්වගෙන යාම
තම අධිපතිවාදය තුලින් තම රටේ මුද්රණය කරන මුදල් වලට ලෝකයේ ඹ්නතැනකදී ගණුදෙණු කල හැකි යන්ත්රනයක් බිහිකිරීම
තමක්රමය පිලිගැන්වීම හා සාධාරනකරනය සඳහා ඉතා දියුනු හා සංවිධානයවූ මාද්ය ක්රම භාවිතා කිරීම එමගින් තමන්ව පිලි නොගන්නා ඹ්නෑම රාජ්යයක් අවුල් කිරීම හා විනාශ කිරීමට මගපාදා ගැනීම
තමන්ගේ භාන්ඩ සඳහා කෘතීම වෙලඳ පොලක් නිර්මානය කරගැනීම
මෙවැනි බොහෝ නිගමනයන්ට පැමිනෙමින් මවුන්ට අවශය ආකාරයට ලෝකය හසුරවමින් ලෝකයේ සම්පත් වලින් %95 බුක්ති විඳිමින් සුර සැප විඳිමින් ආගමන අද නතර වෙමින් පවතී
ලොව විශාලතම ජනගහණය සහිත රටවන චීනය ඔවුන්ගේ සමාජවාදී ක්රමය තුලින් ලැබූ දැවැන්ත නැගීසිටීම හා දනේශ්වර වෙළඳපොළ දනේශවර ක්රමවේදයන් මැනවින් හදාරා කරන ආක්රමනයත් යුදමයවශයෙන් බලවත්වීමත් නිසා මෙන්ම ඉන්දියාව කොරියාව ජපානය මෙන්ම අලුතින් වෙළඳ පොලට එකතුවන නැගෙනහිර යුරොපයත්
නිසාත් මෙතෙක්කලක් තමන්ට අවනතව පැවති ලෝකය තවදුරටත් එසේ පවත්වාගෙන යා නොහැකි තත්වයකට
ඇමරිකාව ඇතුලු යුරෝපය ඇදවැටෙමින්පවතී
තම රටවල් තුල ඇතිවන ධනපති ක්රමයේ අර්බුදය මෙතෙක් කලක් නවතාගෙන සිටියේ තුන්වනලොකය සූරා කෑම තුලිනි එම තත්වය තව දුරටත් පවත්වාගෙන යාම අසීරු කටයුත්තක් වීමට තවත් නිෂේධ බලය හිමි රුසියාව හා චීනය බාදාවක් වී ඇත
ඉන්දියාව පකිස්තානය උතුරු කොරියාව ඉරානය න්යෂ්ටික දැනුම ලබා ගැනීමෙ තවත් අභියෝගයකි
මෙතක්කලක් මැදපෙරදිග තෙල් සම්පත් වල වැඩි හරියක් ලාබය බුක්ති වින්දේ ඇමරිකාව ඇතුලු යුරෝපයයි
අරාබිකරයේ ක්ෂයවන තෙල් සම්පත වැඩිකල් නොපවතී ඉරානයේ හා කැස්පියන් මුහුද අවට තවකලක් තෙල් සම්පත පවතී ලංකාව ඇතුලු තවත් බොහෝ තැන්වලද තවමත් අත නොගැසූ තෙල්නිධි ඇතැයි පැවසේ මේවාද ඇමරිකාව ඇතුලු යුරෝපා රටවලට ලබා නොගතහොත් තවදුරටත් ඔවුන්ගේ රටවල් දේශපාලන හා ආර්ථික අර්බුද උග්රවනු ඇත
එපමනක්නොව ලෝකය පුරා පිහිටුවා ඇති හමුදා කවුරු සුවිශාල නාවික හමුදා නඩත්තුකල නොහැකිවනුඇත
මේවායේ ඇදවැටීමත් සමගම මෙතෙක් ලොව පෙරමුනේ පසුවු ඩොලරය යූරෝව පවුම තුන්වන ලෝකයේ මුදල් තත්වයට වැටෙනු ඇත මේ පැහැදිලිව පෙනෙන අනාගත තත්වයට ඔවුන් කෙසේනම් ප්රතිචාර දක්වයිද?
තවමත් ලෝකයේ යුදමය අතින් නේටෝව බලවත්ය ඔවුන්ගේ මේ ශක්තිය ඹවුන්ගේ පැවැත්ම උදෙසා මුදා නොහරීද
චීනය රුසියාව උතුරු කොරියාව ඉරානය ඉන්දියාව නේටෝවට යටවෙයිද?
ඉරානයට පහරදීමට ඇමරිකාව සිටින්නේ දෙගිඩියාවෙනි ඉරානයට පහරදුනහොත් ඔවුන් පෙරලා පලමුවෙන් පහර දෙන්නේ සවුදි අරාබිය ඇතුලු අරාබි රටවලටය මේවායේ තෙල් සම්පතින් තවමත් වැඩි කොටස බුක්ති විඳින්නේ ඇමරිකාවයි ඉරානය පරදවා තම මායිමට ඇමරිකාවේ පැමිනීම රැසියාව ඉවසයිද?
මේ තත්වය සසඳා බලන්න ලෝකය පැවත්මට තන්හාව කෙතරම් තර්ජනයක්ද
මොනව දෙවිවරු ඉන්නවා !!!!!!!!!!!!!!!!!!!!
දෙවිවරු නැහැයි කියන බුද්ධ දර්ශනය මිත්යාවක් ????????????????????
මිරිගුවක් පසුපස යන්නනද ????????????
දෙවිවරු බුද්ධාගමට අනුව ඉන්නවා. මැවුම් වාදයයි බුදුසමය ප්රත්ක්ශේප කරන්නේ සහෝදරයි
අයියෝ මට ලංකාවට එන්න තව අවුරුද්දක් තියෙනවා.
මම නම් දන්න බෞද්ධ ආනා පාන භාවනා කමටහන ඕක නෙවෙයි . එකේ ශරීරයෙන් තත්පර කීපයකට එලියට ගන්න පුළුවන් බඩුවක් ගැන කියන්නේ නෑ. නුවර දොරටු පාලයෙක් නගරෙට ඇතුල් වෙන හා පිට වෙන අය ගැන බලන විදිහට බලන්න කියල තියෙන්නේ .අනික අනාපානය සති කමටහනක් ( මූල කමටහනක් ) , ඒක සිහිය පිහිටුවාගන්න කරන උපකාරයක් . හින්දු භාවනාවක් නෙමෙයි .
ලොකු විස්ටරයක් තියනවා කියනවනම් . ZIP කරලා ලියන්නම් , EXTRACT කරලා ගන්න
උජුන් කායන් පනිදාය
පරිමුකන් සතින් උපට්ට පෙත්වා ,
සෝ සතෝ අස්සසති ,
සෝ සතෝ පස්සසති,
දිග්ගන්වා අස්සසන්තෝ අස්සසාමිචි සික්කති .
දිග්ගන්වා පස්සසන්තෝ පස්සසිස්සමි සික්කති ,
පසසන් බයන් කාය සංකාර අස්සසිසමි සිකති ,
පසසන් බයන් කයසන්කරන් පස්සසිස්සාමි සික්කති ,
සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමි සික්කති .
මේ ලියපු බුද්ධ දෙසනාවේ වරදක් තිබ්බොත් කව්රු හරි අපි කෙරෙහි අනුකම්පාවෙන් හරි ගස්සල ලියනවද , ඒක මගේ දැනගැනීමටත් උපකාරයක් වෙයි .
මේ කොමෙන්ට් ඒක කියෝලා හිනාවෙලා වැඩිවෙලා විනාඩි ගානක් යනකම් මට කඳුලුත් ආවා.Office එකේ මට එහා පැත්තෙ ඉන්න සුද්දි අන්දුන් කුන්දුන්….
අමාරුවෙන් තමයි මේකත් ටයිප් කලේ
එලම එල
මචන් , උබ ජීවිතේට පණු බෙහෙත් බීල නැතුව ඇති නේද , එහෙම කලොත් බඩේ ඉන්න පනුවෝ විනාස වෙනවනේ . අනේ උබල වගේ REAL බෞධයෝ
සාදු සාදු සාදු !
මේ ලිපිය වැදගත් තමුන්ගෙ බුද්ධියට වැටහෙන්නැති කරැනු ගැන කෑ නොගහ ඉන්නවනම් හොදයි .අනික් ඉගැන්වීම් වල භාවනා වගේ දේ නැති හින්දා සම හරක්ට මේව අන්ඩර දෙමල වගේ.හොයා ගත් දේට වඩා නොගත් දේ වැඩි බව කව්රැත් නිහතමානීව පිලිගන්න .දෙවියෝ කියන්නෙ අපේ රටේ හැම ආගමකම පිලිගන්න කරැණක් දෙවියෝ කියන්නෙ හොද කොටසක් කියල හැමෝම පිලිගන්නව ආගම් භේදෙන් තොරව. එහෙම හොද අය සත්තු මරන වගේ කාලකන්නි පව් කාරකම් වලට නිදහස දෙනවනම් පොඩි සැකයකට කරැණක් දෙවියොද නැත්තම් යක්කුද කියල…
අපි දන්නව උබෙ තත්තා ලOකවෙ එකෙක් හරි තම්බියෙක් නොවන බව.. උබලයි අම්ම වත් දන්නෙ නෑ මොන රටෙ සුද්දෙක් කියලවත්.., එකයි උබ ඔච්චර නහින්නෙ
සින්
ඔබ නම් මචන් නියම කොල්ලෙක්
තෑන්ක් යු
LOL! Somehow in the middle of the dog fight i laughed..
Umbata witharak nemei , mata kiwwa mama kootaipathiyek wenawa kiyala. eka mage kendare balapu hemoma kiyapu deyak. Hmm mama mahana wei kiyalath kiwwa. eth mama mahana welath nehe, kootipathiyek welath nehe.. lol. Kendarayak allan udu buranne nethiwa mole pawichchi karapan. internet thiyena eke poddak hoyala balapan loke wenne mokada kiyala. TV bala bala inna epa, ewaye amuulika boru saha Rewateem withrai thiyenne.
Lankawe inne Maha meti mool set ekak. umbalata internet thiyenawa neda? Poddak hoyala balanna. Minissuta jobs nethuwa paarata behela. Palakayanta erehiwa negi sitina ayata hinsa hirihera karanawa. unta gahanawa, maranawa. Loke thel mila ihala yanawa. Batahira ratawal loke allanna try karanawa. Ape rata hondata ahu wela thiyenne. Umbalage modakam methana pradharshanaya karanne nethuwa karunakarala etta kiyana dee thaniyen hoyaganna try karanna. Loke wishala washayen Swabhawika saha Jaatheeya Arbudha eti wela thiyenne. Minissu boru aagam waadayak alla ekinekawa maraganna try karanawa. Sinhayani! Den wath negitiyaw!!
Budu hamuduruwo Dewiyo nehe kiwwe nehe manussayo. modakama metana pradharshanaya karanna epa. Prathama Dharma Deshanawe Dewiwaru Atalos Kootiyak Dharmaya asa niwan dekka kiyala ahala nedda?? Sutra gananaawakama tiyenawa buduradun dewiwarunta Dharmaya desu bawa. Buddhagama igenagena waren.
Budhu Hamuduruwo #Sarwa Baladhariyek# innawa kiyala piligatte nethi eka witharai.
@Test – Umba wage gon meeharak innakam meloka winasaya aniwarayenma wenawa.
සුද්දිත් අන්දුන් කුන්දුන් ද!
Dan lankawata enna visa ganna one nisa dewiwaru enne neha. Hora ganayalata meka honda chance ekakk. Me miniha kiyala thiyena dewal onema podi ekek kiyai. Ape lankawe gon haththata therenne neha
මෙයා මේ ආණ්ඩුවේ තාපසයෙක් බවයි මගේ හැගිම? ඔහු කියන්නේ අමුලික බොරු දැනට ලෝකයේ සිදු වෙමින් තිබෙන දේවල් අනුමානයෙන්.මේ රටේ මිනිසුන් මොඩ නෑ හුගක් බුද්ධිමත් වැඩි දෙනෙක් අනුන් ගැන හිතන දාන මාන දෙන පිංවත් පිරිසක්."මට වඩා උතුම් අයකු මට දෙවියකි"
මේ ලිපිය නම් ගොඩක් මට උදව් වුනා. අඩංඟු දේ වලට වඩා මම හොයන දෙයක් හම්බ වුනා. මම LCN ආවේ උදව්වක් බලාපොරොත්තුවෙන්. ඒක මේකෙන් ඉෂ්ඨ වුනා. දෙවියන් ගැන සුනඛයන් සමඟ කතා නොකල යුතුය කිව්වත් මේ ලිපියට කියපු ප්රතිචාර දැක්කම තේරුම් ගන්න පුළුවන් අය ඇතැයි සිතමි. අඩු තරමින් LCN අයටවත් මෙය ලියමි.
මෙම භාවානායෝගීයා දැනගත්තෙ ඉතා සුළුවෙන් බව පෙනේ. මෙයා මලයාලි ගුරුන්නාන්සෙ ලෙස මම හඳුන්වමි. මෙයාට සෘජූවම ලොකු අය සමඟ ගණුදෙනු නැත. මෙයාට හිතවත් සබඳකම මත යම් යම් තොරතුරු ලැබෙන බව පෙනේ. යථා අවබෝධය නැති කමත්, වැරදි මගක යමින් වැරදි අර්ථකථනයක් දුන්නත්, ආගමික අන්ධභාවය අත් හල විට කියන්නෙ සැබෑවකි. වෙන දෙයින් ගැලවීමට පාලියෙන් යාතිකා කීම නිශ්ඵල, ආගමට ගැති බොළඳ උත්සාහයකි. දෙවියන් දෙවියන් මිස සම්යයක්ධෘෂ්ඨික කියා වර්ගයක් නැත.
මම දැනුමේ ආරම්භය, ඒ කියන්නෙ තිරිසන් සතාගෙන් අප වෙනස් වන කාරණය සොයන කෙනෙක්. දැනුම සිංහල බසින් ආවා කියා සොයාගත්තා. ඒක (සිංහල බස) ඇත්තටම දෙවියන් හදපු එකක්. කරපු හැම හැදැරීමක්ම අවසන් වුනේ එක පුද්ගලයෙක් ගෙන් දැනුම ආව කියලයි. ගිය අගෝස්තු මස දියසේන කුමාරයා ගැන මාතර පැත්තෙ තිබෙන විශ්වාසය පසු පස ගොස් ඒ කෙනාවත් සොයා ගත්තා. සොයන්නාට හම්බවෙනවා යයි කියනවා වගේ මේ ළිපියත් සමඟ තව දෙයක් දැනගත්තා. ඒ තමයි මනු, විශ්ණු (විශ්වමනු), සමන්, මහාසේන (කතරගම) හා නාථ දෙවියන් කියන අය ගැන. මේ නම් ඔක්කොම එකම කෙනෙක් ගැන විවිධ ජන කොටස් කියපු උච්චාරණයෙන් වෙනස් වුනු නම් වැලක්. කාලයත් සමඟ ඔක්කොම අවුල් සහගත වෙලා.
මනු කියන්නෙ මාතර පැත්තෙ කෙනෙක්. අපි අරයගෙ මෙයාගේ කිව්වට එයා තමයි අද අභාවයට යන, ආරම්භයේදී ශ්රේෂ්ඨ වූ අපේ දිවි පෙවත බිහි කලේ. මනුෂ්යයා කියන නමත් මේ "මනු" කියන නමෙන් බිහි වුනේ. විශ්ණු (විශ්වමනු) කියන්නෙ ළඟ ඥාතීන් නොව දඹදිව වැනි දුරසිටි ඥාතීන්ගෙ හැඳින්වීමක්. සරලව ඔක්කොගෙම මනු කියන එකයි. මේ වචනය මනස කියන එකත් සම්බන්ධ කරනවා. "සමන්" වුනේ, ස…ස…. යන ආකාරයෙන් වචන උච්චාරණය කරන අය "මනු" කියන වචනය උච්චාරනය කිරීමෙන් බිහිවෙච්ච එකක්. (දේව භාෂාව පුදුම අමාරුවකින් තමයි මිනිසුන් ඉගෙන ගත්තෙ. විවිධ ජන කොටස් ලෙස බෙදී යාමටත් මෙම නොහැකියාව හේතු වුනා). "මහාසේන" කියන්නෙ මහා කෙනා (සෙනා) කියන එක. ඉස්සර 'කෙනා" කිව්වෙ නායකයට. දෙමළෙන් "කෝන්" හා ඉංග්රීසියෙන් "කින්(කිං) ලෙස රටේ නායකයා හඳුන්වනවා. මහාසේන කියන්නෙ මහා කෙනා. කිව්වෙ දුරින් හිටපු අය. අදත් මහ එකා, මහ රජා වගෙ වචන දුරින් ඉන්න අය කියනවා. ඇත්තටම මහාසේන (මහා කෙනා) කියන්නෙත් මනුට. දැන් බලමු නාථ දෙයියන් කියන්න කව්ද කියල. මේ විදියට අමතන්නෙ සමාජයේ පහලම තලයෙ ඉන්න අය. මම ගොඩක් වෙලාවට මලයාලි කියන්නෙ එයාලට. හිටපු හරියත් කියන්න පුළුවන්. මේ තලයේ මිනිසුන් ඇත්තටම ඕක කිව්වෙ නායක දෙයියෝ කියල කියන්න. මනු තමයි මේ මිනිසුන් ජීවත් කෙරෙව්වෙ. ඒ කාලේ තමයි තියෙන අයගෙන් අරන් මලයාලින්ට දීල උන්ගෙ දිවි රැක්කෙ. උච්චාරණය බැරි කම නිසා "නායක" කියන වචනය "නාථ" හා "නාග" කියන උච්චාරණයන් බිහි වුනේ. "නාථ" කියන්නෙ පිහිට වෙන කියන එක. ඒකෙ විරුද්ධාර්තය "අනාථ" කියන එක කවුරුත් දන්න එකක්. ඔය "නාථ" දෙයියෝ හා "නාග" දෙයියෝ කියන්නෙත් කියන්නෙත් "මනු" ටමයි. "නාග" දෙයියෝ දැනුම දුන්න කියන්නෙත් ඒ නිසායි. අර "නාග" දෙයියෝ හා නයා පටලවා ගත් අය මේක තේරුම් ගත්ත නම් හොඳයි.
මේ මලයාලි ගුරුන්නාන්සෙ, යම් ඇත්තක් කියනවා කිව්වෙ එයාට හුඟක් දුරින් ලැබුනු ආරංචියක් නිසයි. එයා කියනවා නායක දෙයියෝ ("නාථ" දෙයියෝ) මනුෂ්යලෝකයත් එක්ක සම්බන්ධ වුනේ මීට වසර හයකට කලින් කියල. මම දන්න තරමින් අද දියසේන (දිය කෙනා හෙවත් ජීවිත කෙනා) තමයි මෙයාල දුරින් ඉඳන් නායක දෙයියෝ කියන්නෙ. ඇත්තටම දියසේන හා අදාල දේවල් දන්නෙ ළඟම උරුමෙ තියෙන අයයි. ඒකයි මම කිහිප සැරයක් ඇහුවෙ දියසේන ගැන දන්න කෙනෙක් ඉන්නවද කියල. මම ඔය ගැන ගොඩක් තොරතුරු දන්නවා. ඒවා මේ නායක දෙයියෝ කියන අවශ්යතා කදිමෙට සපුරනවා. දැනුම තියෙනව නම් එවැනි කෙනෙකුට තිබිය යුතු ගතිගුණ මොනවද කියන්න පුළුවන්. ඇත්තටම මෙයා කියන කාලය තුල තමයි ලෝකයා සමඟ ප්රතික්රියා කරන්න පටන් ගත්තෙ. මේ මලයාලි ගුරුන්නාන්සෙ නොදන්න තව ගොඩක් දේවල් තියෙනවා. දැන් නම් කියන එක හරි නැහැ. මේ කාල පරාසය ස්ථිරවම දන්න අය එක්කෙනයි ඉන්නෙ. ඒක නිසා මේ කතාව තහවුරු වෙනවා. ඒත් මනුෂ්යයකු වෙලා හුඟක් කල්. කියපු දවසෙ කියපු වෙලාවට කියපු තැනට ආවා. ඒවා රහස් ලෙස පැවතුනෙ. මෙයත් දැන් තමයි දන්නෙ. ඒක පවතින අමුතුම සන්නිවේදනයකින් ලැබෙන්න ඇත්තෙ.
මෙයා දෙන තොරතුරු විකෘති වෙලා. ඒකට හේතුව මෙයා හරිදේ යයි බදාගෙන ඉන්න ව්යාජ ඇදහීම නිසා මුලා වෙලා. ඔය කියන නායක දෙයියෝ ("නාථ" දෙයියෝ) මිනිසුන්ට දැනුම දුන්නා. බුද්ධ හෙවත් බුද, දැනුම සංකේතමත් කරන ග්රහයට සම්බන්ධයි. ඒ ගැන මම ගොඩක් කලින් කිව්ව. හැම දෙයක්ම අත් දැකීමෙන් දන්න කෙනෙක් රැවටීමට තැත් කිරීම නිශ්ඵල දෙයක්. මෙයා කියපුව ගොඩක් මගේ ප්රතිචාර වල තිබුනා.
අද මෝඩයෝ බුද්ධිමතුන් කරන අධ්යාපනයක් තියෙන්නෙ. නොදැනුම නොමග යවන සුළුයි. ඔය කියන නායක දෙයියෝ ("නාථ" දෙයියෝ) මෙයාල හිතනවා වගෙ අනුන්ට නටවන්නවත් අනුන්ගෙ පදේට නටන කෙනෙක්වත් නොවෙයි. එහෙම නම් නායක දෙයියෝ වෙන්න බෑ. අර කිව්ව අළුත් ගොවි දැනුමයි, වෙදකමයි තාම දුන්නෙ නෑ. දෙන්න හදනවා විතරයි. දියසේන කියන්නෙ ජීවිතයට අධිපති නායකයා. ඒ කියන්නෙ එයාගෙන් ඉල්ලන්න ඕන ජීවිතය. මරණය ඉල්ලන අය ඔක්කොම ජීවත් වීමෙන් අයින් කරනවා කියන එකයි ඔය කියන විනාශය. ඇත්තටම කුණු කසල ඉවත් කිරීමක්.
ඔය ජූවෝ (ඉස්සර දඹදිව ඉඳල කුලී වැඩ සොයාගෙන ගිය මලයාලියෝ) එකම දෙවිය කියන්නෙත් ඔය නායක (මනු) දෙයියන්ටම තමයි. නැවත ඇවිල්ල විනිශ්චය කරනවා කියන්නෙත් ඔය කුණුකසල ඉවත් කරන එකටයි. බටහිර තියෙන මතයක් තමයි මේ ලෝකෙ ගලවගන්න කෙනෙක් පහළ වෙනවා කියන එක. ඒ කෙනා නිරපේක්ෂකවම (absolutely) අවංක කෙනෙක්ලු. බ්රහස්පතින්දා තමන්ගෙ වැඩ අරඹන දිනයලු. ලෝකෙ දැනුමෙන් ඉහලම තලයකට ගෙනියනවලු. මේක ගැලපෙන්නෙ කාටද? අර මායා කාරයෝ කිව්වෙත් ඔය ටිකමයි. ඒ වුනාට දෙයියන්ට මුවා වෙලා මිනී මරණ, මිනීකන කුරස කාරයන්ටයි, තිරිසන් ම්ලේච්ඡයෝ වගේ ස්ත්රීන්ට තලා පෙලා පාගන තම්බින්ටයි, මනුෂ්යයකම පිළිකුල් කරන නා නා ප්රකාර වෙස් මූණු දාගත් හින්දු ගැතියන්ටයි, සුද්දන් දෙමළුන් වැනි මිනීමරණ මංකොල්ල කන එවුන්ටයි, මිනිසත් බව ලැබී තිරිසනුන් වගෙ හැසිරෙන දේශපාලන, ජාතික හා ලබ්ධික එවුන්ටයි කිසිම ගැලවුමක් නෑ. විනාශය උන් සොයා ඉන්න තැන්වලට එනවා. දැන් බැළුවම මගේ ප්රහේලිකාව සම්පූර්ණයි. LCN ට මල් මිටක්. ජීවත් වෙන්න ඕන අය මිරිඟු පස්සෙ නොගොස් ජීවිතය අයිති කෙනා (නායකයා) සොයා යන්න. ඒක තමයි මුලාව අයින් කලාම මේ කියන කතාවල තේරුම. හැබැයි අර කිව්ව වගේ නින්දා අපහාස කලොත් විඳවන්න වෙයි. එක අතකින් දිය (ජීවිතය) දරණ කෙනාගෙ අනෙක් අතේ තියෙන්නෙ ගින්න (මරණය).
මේ මලයාලි ගුරුන්නාන්සෙ කිව්ව වගෙ භයානක අවි වලින් තමයි ජීවත් වීම වෙනුවට මරණය තෝරගන්න අය නැහෙන්නෙ. හැබැයි ඉතින් නායක දෙයියන්ට ඕන නම් අපට ලෝකයත් නැති කරන්න පුළුවන් දැනුමෙ ඉමක් නැති කෙනෙක්.
පසුවදන: මෙය ලිව්වෙ පියවි ඇසෙන් ලොව බලන කෙනෙක්.
ඔබ බෞද්දයෙක් නම් ලොකු ලැජ්ජාවක් , ප්රාණ ගාථ යක් වෙන විදිය දහම් පාසල් යන පොදිදරුවෙක්ගෙන්වත් අස දැනගන්න .
ඔය link එක දෙපාරක් ලියන්න ඕන උනාම එ තැන හොයා ගන්න අවුරුද්දක් විතර යනවා. පොඩි comment එකකට ඔය link එක හොදයි. හැබැයි දීර්ඝ ලිපියකට සුදුසු නැහැ. එ නිසා http://www.google.com/transliterate/sinhalese link එක for දීර්ඝ ලිපි සඳහායි.
ethakota giya awrudeth kiwwe anumanenda?
පියවි ඇසින් ලොව බලන, උදේට පෙත්ත ගන්න අමතක වෙච්ච කෙනෙක්.
meharaka umbayi…. TEST kiyanne aththa .. Umbe as potta welada Kurane kiyawala nadda???? eka thrasthawadi athpotha..
Oba meka denagaththe kohomada kiyanna.. mokada pena widhiyata obath den internet eka Anthwaadiyek wage thamai peenne.
මාතර ආතර,
ඔබ හා 100% ක් එකඟයි.
මගේ ගෙවත්තේ හදන එළවලු වලට කිසිම පොහොරක්,කෘමි නාශයක් නොයොදමි.
ඔබ කියූ අයුරෙන්ම ඒවා බොහෝ සුවඳවත්,රසවත්,අමුවෙන් කන්න පුළුවන්.
රස කරන්නට කියා ලෝකේ තියෙන විවිධ වූ රසකාරක කිසිත් යෙදිය යුතු නොවේ.
මිරිස් ගස් 3-4 ක් ,බටු ගස් දෙක තුනක් ,ගොටුකොල,මුකුණුවැන්න,සාරන,වැල් පෙනෙල ,නිවිති ටික හදා ගන්නට පහසුවෙන් හැකි අතර මොන කාරණයක් නිසා එය නොකරන්නේද යන්න ගැටලුවකි.
මයියොක්ක,බතල හදන්නට උඩ පනින්නට දෙයක් නැත,අපුරුවට හැදේ.
කොස් දෙල් ගහක් හදා ගෙන අඹ ගහක් පැපොල් ගහක් තිබුනම ප්රමාණවත්.
අපිට හෙන ගැහුවේ මේ 'නැවෙන් කටට' එන ආකල්පයේ පිහිටු නිසා නේද?
නැතිනම් 'හැම් බේකන්,යටින් පුඩින් හැලෙන සංස්කෘතියේ' අනුකාරකයෝ වූ නිසාද?
ඔබ වැන්නවුන් මෙලෙස මුණ ගැහීමත් වාසනාවකි.
ඔබට සැප බෝ ලැබේවා!
ඔයාට සිංහල අකුරු වලින් ලියන්න වෙලාවක් නැත්තං, කරුණාකරල නිකං ඉන්නවද, ඉන්ගිරිස් අකුරුවලින් සිංහල මාගල් ලියලා වෙලාව නාස්ති කරගන්නෙ නැතුව?
කොවූර් කාලෝ ෆොන්කො එදා මැවුම් වාදය හා හින්දු ඉගැන්වීම් ඉදිරියේ සාර්තක එරෙහි සටනක්කලත් බුදුදහම ඉදිරියේ අසාර්ථකයි ලෝකය ගෝලාකාර බවත් මේලොව හැර තවත් ලෝක ඇති බවත් විශ්වයේ අපිරිමිත බවත් ඇලිම හා ගැටීම තුලින් ලොව සියල්ල වෙනස්වෙමින් පවතින බවත් තව බොහෝ බුදු දහමෙහි අඩංගු දේ ගැන එදා පැවති යථාර්ථ වාදීන්ගෙ සංගමය අභියෝගකොට ජයගත් තැන් පෙන්වන්න
කුඩු විකුනලත් කෂිප්පුපෙරලත් සල්ලි හම්බ කරනවා
http://www.google.com/transliterate/Sinhalese
මෙන්න සිංහල අකුරු ලෙහෙසියෙන් ලියන්න ඕන නම්.
ගොරවන්නේ නැතිව මේක දුන්න නම් නොව හොඳ නිස්සංක
උඹ ලියපන් මේකෙන් සජ්!
යාන්ත්රිකව ගහපු උඩ කරනම් බිම කරනම් දැන් නම් හොඳටම ඇති.
යන්ත්ර හැටහුට හමාරක් එක්ක 'බටහිරයාගේ දියුණුව'කියල ඒ පස්සේ ගිහින් ගිහින්,ආපහු හැරිලා බලන කොට තවත්
අසුඅට කෝටියක් විතර ප්රශ්න විතරයි තනියට ඉන්නේ.
මිනිස් හිත කොයි වෙලේකවත් සැනසීම ලබන්නේ නැහැ,කොපමණ තිබුනත් මදි! ඉතින් තව යන්ත්ර හොයනවා.
තියෙන දෙයින් සතුටු වෙන්න පුළුවන් කම තියෙද්දී දකින දකින දේ පස්සේ යන්න ඕනද?
ඔළුව නිසි ලෙස හරි දෙය වෙත යොමන්න කාලය ඇවිත්.
මම නම් භාවනා කරනවා,ඒ වයසට ගිය නිසා නම් නෙවෙයි,හිත නිස්කලංක කර ගන්න ඕන නිසා.
මම දැන් ගෙදරට කන්න ප්රමාණවත් තරමට එළවලු පලතුරු ටිකත් ඔය වල්/කෘමි නාශක නොදා,කඩෙන් ගෙන පොහොරත් නොදා යස අගේට හදනවා.
ඉන්න ටික කාලේ හිත සැනසිල්ලේ,පුළුවන් තරමින් උදව්වක් පදව්වක් කරමින්,කාටවත් කරදරයක් නැතිව ඉන්නයි බලන්නේ.
අල්ලපු ගෙදර ඉන්න උන්දැලා ලෝකේම තියෙන පොෂ් කාර් දෙකක් තුනක් අරන් සමයං නටන වෙලේ,
මම රුන් ගාල සයිකල් කට්ටෙන් ගොහින් එනවා.
මගේ බඩ ගෙඩියත් අඩු වෙලා දියවැඩියාව/හර්දයබාධ/කොලේස්ට්රෝල් ඔය මුකුත් නැහැ!
මේ ලෝකේ පේන නොපෙනෙන දේවල් තියෙනවා.පෙනුනේ නැහැ කියල යමක්/යමෙක් නැහැ කියල හිතන එක වැරදියි.
මේ ලිපියෙන් කියන දේවල් ගැන උපහාසයෙන් බලන්න එපා,
උත්සහ කරන්න ජීවිතේ සංකීර්ණ නොකර ගෙන සරලව ජීවත් වෙන්න.
@ThinkTwice
උඹට නම් මේ කපේට පණු සිදුරෙන් පණු සිදුරකට තියා
බින්කුන්ඩෙක්ගේ වලකට වත් යන්න ලැබෙන්නේ නැහැ!
@ cha1976,
උඹ හරියට හරි.
අඩුගානේ එහෙමවත් හිතල තන්හාදික නොවී ඉන්න බලන්න පුළුවන් නම් එච්චරයි!
Those ara 'worm hole' pathes you idiot!
I am entirely with you.
premasiri,
උඹේ ඔළුව බලො ගනින් ඉක්මනට,මීහරක් කතා නොකිය.
ඉහත ලිපියෙ කතව සම්පූර්ණ ඇත්ත.මොකද දන්නවද ? USA & ඉරනෙ ඇවිලුනොත් එහෙම ඔය කියන දේ අනිවර්යෙන්ම වෙනවා.මොකද?ලොකයේ ලාබාලම නයශ්ටික විදයාවෙදියා ඉන්නෙත් ඉරන් වල එතින් උන් බය නැතුව පර්ට් දන්නෙ එකැයි උන් ගාව තියන එවා මොනද දන්නෙ නැ. ඇමරිකාව නිකන් එන්නෙත් නැ.උනුත් කෙලගනිවි.පිටරට දෙම ලෙවකන අපි වගෙගෙ රටවල් වලට ඔක හොදින් දැනෙවි.අපෙ රට ට bomba නොවෙටුනාට. economy එක බහිනවා .77 open අර්ථිකය මෙකට වග කියන්න ඔනේ.දැන් වත් අපි අපෙ දෙයක් කරන්න පටන් ගමු.දෙශිය නිශ්පදන වැඩි කරමු.Grament karana ,ape dayak karana ape wyawasakayan api raka ganna one.un thamae ape economy eka Nathuwa Ratata Hambuwena NAya Neme.tourist la gen maha loku adayamak ratakata ganna ba.eka hinda owata boru project walata wiyadam karana Money ape deyak nishpadanaya Karanna yodawanna One.ape campous wala Enna batch top la aragena UNTA Rata Yanna nodi UNTA reasearch Karanna MOney Denna one.Ape RATA Ape kama Gana hithanawanam Apita goda enna puluwan Oyala Hamotama JAYA APE Sri LAnkawata JAYA…
දෙවියන්ගැන මමනොදනිමි ආවාට ගියාට විස්වාස කිරීමද කලනොහැක ඒත් සිදුවෙමින් පවතින්නේ මේයයි කාලෙක සිටම
මටද සිතේ
An escapee from Angoda! Gandayek!
thuh witharak…nidagandawath nah munge adoadiyawanisa…gon hathikare.
Gandaya PISSEK….!!
Uoota pissu…just ignore the dog!
I can't beleive it………He is like a Hindu yogi.
He is like Hindu meditator.Not Budhist meditator.
බයිසිකලේ බටහිර දියුණුවේ ප්රතිපලයක් නෙවෙයි ද?
අධික සුඛ විහරණය නං හොඳ නැහැ තමයි.
එතකොට අපේ රාවන ගේ
දඬු මොනරේ?
I think we should learn their technology and use it to make money.
Use the technology as a tool,instead of a addicting it.
Technology should work for us, not the other way around.
බූරුවා, උඹ තුන් හතර සැරයක් කිව්වම ඒක මිනිස්සු පිළිගනියි කියල හිතුවද? අන්තිමට උඹේ ලෙඩේ මිනිසුන් දැන ගන්නවා. උඹ පසු ගිය ටිකේ ගිහිල්ල රෝහලේ හිටපු එක වහගන්නද මේ අවලාද කියන්නෙ. මේ සැරේ උඹ ශීත කාමරෙන් තමයි කෙළවර වෙන්නෙ.
ඇයි යෝදයෝ මතක නැද්ද අපි ඒක දරට ගත්ත
කව්ද බන් LCN ට මේ සිතියම දුන්නේ ???
මැකුණද? මැකුවද? ඇත්ත මැකුවම ඒක හරියට වලකට වැටෙනකොට ඇස් පියා ගන්නවා වගෙයි. මම මෙතෙක් කියපුව බොහොම දීර්ඝව විග්රහ කරලයි ලිව්වෙ. ඔයාලගෙ ගුරුන්නාන්සෙ කියපුවම විස්තර නොදි කිව්වෙ හුඟක් කලින්. එයා දුන්න විස්තර වලින් කියන්න පුළුවන් එයාට යම් තරමක් තොරතුරු ලැබෙනවා කියල. ඒත් සම්පූර්ණ විස්තරෙන් බොහොම සුළු දෙයක් තමයි ඔය කියවුනේ. ඔයාලගෙ අනාගතේ ලියවිල තියෙන්නෙ. වසන් කරන්න බෑ. සමහර විට මේ ටික කීපදෙනෙකුට හරි යහපතක් වෙයි කියලයි ලිව්වෙ. වෙන දේවල් වෙන්න කලින් ගැලවීමට දැනුවත් කෙරෙනවා. ඒක සිංහල ගතියක්. ඔළුවෙන් හිටගෙන කෙලින් ඉන්නවා කියන අයට තමයි මම කියන එක වැරදියට පෙනෙන්නෙ. හොඳයි හිරුද බුදද ග්රහ මණ්ඩලේ වැදගත් කම වැඩි. හිරුට වඩා බුද ලොකුයි කිව්වම පිළිගන්නෙ නොදන්න අමනයෝ විතරයි. ඔය ග්රහයන් සංකේත විදියට යෙදුවට බොහොම දියුණු දැනුමක් ඕක පිටිපස්සෙ තියෙනවා. කේතු රාහු ග්රහයන් නොවේ. ඔතන තියෙන දැනුම මිනිසා කියන්නෙ මොනවගෙ දෙයක්ද/කෙනෙක්ද කියලත් කියනවා. සිංහලයන්ට ගරු කිරීම වගකීමක් බව මතක් කරමි. මම ලියන ඒවා පියවි ලෝකෙ වෙන සිඳුවම් මත ගොඩ නැගී ඇත.
Anonymous One orig says:
Your comment is awaiting moderation.
February 17, 2012 at 1:18 pm
මේක මගේ කලින් ප්රතිචාරෙ ඉතිරි කොටස. සිංහයන් කියල හිතාගෙන අසිංහලයන් ලියපුව අමතක කර මේක කියවන්න. මම සැබෑ දේ මිස මිථ්යාවට පණ දෙන කෙනෙක් නොවෙයි. මේවා ලිව්වෙ ඉතා වැදගත් සොයාගැනීමක් බෙදා ගැනීමටයි.
“8. ….ඒක තමයි බෝධිසත්වයන් වහන්සේ බිමට බැස්සේ…”
මම මලයාලි ගුරුන්නාන්සෙ කියපු මේ ටික නම් දකින්නෙ අන්ධ භක්තිය හා නොමග යාම නිසා විශ්වාස කරන මෝඩ කතාවක් විදියටයි. සරලව කියනව නම්, ලංකාවේ ජනාධිපති තුමා කියල කියන කෙනෙකු, ප්රාදේශීය සභාවක නියෝජිතයෙක් වගෙ හඳුන්වාගෙන මෝඩ මිනිසුන් රවටන වංචාකාරයකුට, නැත්නම් ඒ වංචාකාරයා පසුපස යන ගෝලයකුට සමාන කරනවා වගෙ කියපු නුගත් කෙනෙක්ගෙ කතාවක් ලෙසයි. බුදල, ගුරුල කියන්නෙ නායක (හිරු) දෙයියන්ගෙ දැනුමෙන් අල්පයක් පුරුදු පුහුණු කර ලබා දුන් අයටයි. මේ දෙකේ වෙනස ග්රහ තාරක විදියෙ අර්ථ දක්වල තියෙන්නෙ. ඕනම කෙනෙකුට හිරුයි බුදයි අතර වෙනස තේරෙනවා. මෙයාගෙ කතාවත් හරියට හිරුට වඩා බුද ග්රහය ප්රබලයි කියනව වගෙ ගොන් කතාවක්.
ඇත්තටම දැන් බුද කියල කියන්නෙ ප්රෝඪාකාරයකුට. එහෙන් මෙහෙන් අහුල ගත් දැනුම මිනිසුන් නැති කිරීමට යොදාගත් අය බුදල වෙන්නෙ කොහොමද? ඒ වගේ අයට අන්තිමට කියපු බොරු වමාරන්න වෙනවා. තමන්ගෙ සංහතියම විනාශ වෙනවා. ළඟදි වෙන්න යන්නෙත් දුන්න දැනුම විනාශ කරන්න යොදාගත් අයට ගැලපෙන ප්රතිවිපාක ලැබීමයි. මෙයාල පන්සිල් පද පහට මුල් වුනු දැනුම නොදැන ගිරව් වගේ පාලියෙන් සින්දු තාලෙට කියනවා. එතකොට ඔක්කොම හරි යාවිද?
බුදල ගුරාල අනන්තයක් ගත්තත් සමාන කරන්න බැරි එකේ, ඊළඟට බුදු වෙන අරය මෙයා කීම වස් වැටෙන විදියෙ නින්දාවක්. කියන දේ හරියට නොදකින්න හේතුවත් ඒක වෙන්න පුළුවන්. කියපු කතාවෙ මේ කොටස මලයාලි ගුරුන්නාන්සෙට ඇසුණු දෙයක් නොව, අතරමැදට පැනපු සිතේ දරාගෙන පැසවන මනස්ගාතයක්. බුදලට රහතන් බව ලබාගන්න හැටි කියල දුන්න කෙනාට නේද ඒකවත් හරියට නොදන්න බොරුකාරයෙක් කියපු බොරු බේගලයක් මේ සම්බන්ධ කරල තියෙන්නෙ. ඔය ටිකම තමයි ඔය දෙයියන්ගෙ පුතා, තාත්ත, බාප්ප, නියෝජිතයා, පනිවිඩකාරයා කියන වංචනිකයන්ට කියන්න තියන්නෙත්. නායක දෙයියන් අහලටවත් වෙන දෙවි කෙනෙක් නොයන එකේ ඒ වගෙ මෝඩ නෑ කම් කියන්නෙ ගැලවීමට බොරු කියන ශාපලත් අපරාධ කාරයන්ය.
මේ විග්රහයෙන් පසුයි මට වැටහුනේ ඇයි සිංහල මිනිසුන් මේ තරම් පහළට වැටුනෙ කියන එකත්. සිංහල මිනිසුන් හොඳටම රැවටිලා තමන්ගෙ වටින ඒවා වීසි කරල තරහකාරයෝ දෙන කුණු කසල බදාගෙන. සිංහල මිනිසුන්ගෙ නායක දෙයියො කියපු කෙනාට නම් හතරක් දාගෙන කොන් හතරට දාල, බුද වෙස් ගත් මනුෂ්යකම පිළිකුල් කරන අමනුෂ්යයෙකු මැදින් තියාගෙන පුද සත්කාර කරනවා. ඒ අනුවර්ත නම් හතරෙන් එකක් කන්දසාමි කියල වඩිගෙන් ආපු මලයාලි හිඟන්නෙකු උදුරගෙන වැඳුම් පිදුම් ලබනවා. ඕවට ඉතින් විඳවන්නම ඕන. ඒ මදිවට ගල් වලින් මැටි වලින් රූප හදලා ඒවාට, නාථ, විශ්ණු, සමන්, කතරගම (මහාසේන) කියල කියනවා. පුදුම අපහාසයක් නේ කරල තියෙන්නෙ.
සිංහල මිනිසුනේ ඔය කෝවිල්, පන්සල්, පල්ලි, මොස්කු කියන්නෙ විනාශයේ දොරටු. ඕවා තමන් ජීවත්වෙන පැත්ත පළාතක තියෙන්න දෙන්න එපා. ඕවා තමයි සිංහල ජාතියම රවටලා අද වැටිච්ච නරා වලට තල්ලු කලේ. මම එහෙම කිව්වෙ මේ හැමෝම මිනිසුන්ගෙ ජීවිත විනාශ කරන ඒවා නිසයි. මිනිසුන් මෙතෙක් කල් පැවතුනෙ කලින් කලට කරන සුද්ද කිරීම නිසයි. දැනුදු වෙන්නෙ කලින් නියම වුනු සුද්දයක් (pre-ordered clean up). This kind of clean up of the undesirables has happened many times before. If you can read your conscience it is recorded there in detail.
සුද්දිට කිචි ඇති මුගේ හිනාව දැකලා නේද බං
දෙවන ප්රතිචාරය දැමුවට LCN ට මල් මිටක්. මගේ එකම පරමාර්ථය මනුෂ්යකම අගයන දිගුකලක් ජීවත් වෙන්න පතන අය (උන්ට තමයි සිංහලයෝ කියන්නෙත්) රැක ගැනීමයි.
මේක ලිව්වෙ මාතර ආතරයට:
මම දෙවියන් ගැන පර්යේෂණ කරන කෙනෙක්. මේකෙ ආයේ ඇලෙව්වෙ මාතරයා මගේ පර්යේෂණට භාජනය වෙච්ච වඳුරෙක් නිසයි.
"උඹ හරියට දියසේනට අපහාස කරනවා. පොඩ්ඩක් ඉවසපන්. දැන් නම් එළිවෙන්න ළඟයි. උඹට දෙවියෝ කවුද කියල දැනගන්න පොඩි අවස්ථාවක් ඒවි. උඹට හිතාගන්න බැරි අමුතු දෙයක් වුනොත් LCN පාඨකයන්ට කියපන්. උඹ ඒකෙන් කප් එක ගැහුවොත් ඒ ගැන LCN වල ඇත්ත විස්තර දාන්න කාට හරි කියපන්. මොකද මේ වෙනකොට උඹ කියපුවට වන්දි ගෙවන්න කාලෙ හරි. ඒ තොරතුරු මගේ පර්යේෂණයටත් වැදගත්. උඹ හිතන් ඉන්නව නම් තුණුරුවන් හරි උඹ අදහන දෙවි කෙනෙක් හරි උඹ බේර ගනී කියල බලන් හිටපන්. මොකද උඹට වඩා බෞද්ධ පාරමිතා පුරපු එවුනුත් දසදුක් විඳලා මැරෙනවා. මිථ්යාවන්ට බෑ සත්යයය වසන් කරන්න."
Gandayata PISSU…!
A bole apatath meyava hamba wenna barida? mamath dushkaragaman walata asayi kandu naginava wage. ane kiyapank vimale thana.
ගොනෝ , "න තෙන ධම්මෙන සමට්ඨි කින්චින්" දේශනා කලේ බුදුහාමුදුරුවෝ , ඒ කිව්වේ මෙම ධර්මය හා සමාන කිසිවක් නැත. කියල ; අපි බුදු හාමුදුරුවන්ගේ කියමන අහක දාල උඹ වගේ ගොනෙක් කියන දෙයක් අහන්නේ මොන කෙන් ගෙඩියකටද?
@Anonymous one orig
ක්රිස්තියානි සහ මුස්ලිම් ලෝකේ මවපු දෙවියන්ගේ යි,
උඹේ -ක අස්සේ හන්ගන් ඉන්න පිස්සු දියසේන කුමරයගෙයි
වෙනස මොකක්ද බන්?
මේ යොමුවට උඹෙන් ඔව්ද නෑද කියා තවමත් උත්තර නැත.
http://www.lankacnews.com/sinhala/main-news/44850…
Oaka pissu Gandayek!
blamu mokada wenne kiyala
මේ සිසිර කේ ගමගේ කියන්නෙ කලින් "පූච්චමා" කියල මුඩුක්කු භාෂාවෙන් කුණුහරුප ලිව්ව එකාය. සිසිර කියන ගඳයා මෑතක් වනතුරු ප්රතිකාර ගෙන රෝහලෙන් මුදා හැරියත් මුඩුක්කු ගතිය සනීප කිරීමට බෙහෙත් නැත. මේ ගඳයා මෙවැනි ගඳ වැකි ලියන්නෙ තමන්ගෙ පෞද්ගලික තොරතුරු දන්නා අයෙකුටය.
මාතරයෝ මම කියන එකට උත්තර දීපන්. ඒක විහිළුවක් නොවෙයි. මේ සිසිර ගඳයා උඹ ඉන්න මුඩුක්කුවෙ ලගින සුනඛයක්යෙක්ද? දෙන්නම එක වගෙයි. ඵලක් ඇති දෙයක් ලියන්නෙ කවද්ද?
8(*!*)8
මහා බ්රහ්ම කියන අභූත පොර ලොව මැව්වා කිව්වෙ හින්දූන්ය. එය කොපි කල ජේසුස් හින්දුවාදය සරල කර ක්රිස්තියානි ආගම මැව්වා. මැදපෙරදිග පැල් අටවගෙන ඉන්න එවුන් ඉස්ලාම් කියන්නෙ ක්රිස්තියානි ආගමේ පල් හොරුන්ගෙ අනුකොපියටය. හින්දුන් ගේ අන්තවාදයක් දැනුම (බුද හෝ බුද්ධ) ලෙස දකින ආතර මාතර, තම ආගම වර්ණනා කරන අයට, බිරිය, දරුවන් පමණක් නොව ළඟ පාත සිටින අයගේද බිරියන්, දරුවන් දන් දීමට සුදානම් නිසා අසල්වාසීන් ප්රවේශම් විය යුතුය.
මෙය මාතර ආතුරයාගෙ දැකුමට එකතු කරමි.
අවාසනාවට, සිංහල දැනම සනිටුහන් කරමින් දියසේන කුමාරයා කියන පියවි මූළධර්ම මත පදනම් වූ, පියවි සිහියෙන් අවබෝධ කරගත හැකි, ස්වාභාවික හා ප්රති-ස්වාභාවික ක්රියාවලියනුත් එමගින් බිහි වූ සැම දෙයකමත් තොරතුරු තේරුම් ගැනීමට තරම් මාතර ආතරට මානසික සමබරතාවයක් නැත. එනම් මනුෂ්යයත්වය දරාගත නොහැකි අමනුෂ්යයකුට ඒ සඳහා අවශ්ය හැකියාවන් නැත.
@Anonymous One orig,
උඹ හඳුන්වා දුන් අර මනුෂ්ය ගුණාංග 11මතක් වෙන කොට,උඹේ දියසේන ගැන කියනුම කවරේද!
ගිහින් වතුර පනිට්ටු 7-8 ක් ඔළුවට හලාගෙන නාල,කැකිරි ගෙඩි බාගයක් කාල නිදා ගනින්.
මේ ළඟදිද ඇස් පෙනීම දුර්වල වුනේ. උඹල ඉතින් පිං බත් ගිල්ලට ඒවා හම්බ කරන්න දුප්පත් එවුන් විඳින මහන්සිය දන්නෙ නෑනේ. නැත්නම් LCN දෙන පහසුකම් මේ විදියට අයථා පරිහරණයට ලක් කරයිද? උඹලට වඩා දේශපාළුවන් හොඳයි වගේ.
http://www.lankacnews.com/sinhala/main-news/47445…
උඹ දන්නේ මොනවද බන්?
Gandayata pissu….!
anonymous one pimpiyek….
Huh Haaa Gandayata kipilaa……!
උඹ දන්න දේමයි. මොකද "මාතර ආතරන්" උඹ "සිරිබිරිස්" කියල ගොන් නමක් දාගෙන ලියන්නෙ? උඹට තනිකම දැනෙන නිසාද? ඕං උඹට "සිසිර ඩී කුමාර" කියල උඹේ ජාතියෙම පිස්සු පොන්නයෙක් එකතු වෙලා. ඌ ඉතින් උගේ ගඳයි පිස්සුවයි ලෝකෙටම දෙන්න හදනවා. හැබැයි ඉතින් ඌ උඹ වගේම එකම දේ අලවනවා. නොදන්න දේවල් තේරුනා වගෙ ප්රතිචාර ලිව්වට උඹේ නොදන්නකම වහගන්න බෑ. බූරුවට බූරුකම තේරෙන්නෙ නැහැනෙ.
සිසිර ගඳ පිම්පියෝ දන්න දෙයක් ගැන කියපන්.
"කාටත් පිළිගත හැකි සාක්කි.." – ඒත් උඹ වගෙ මී හරකුන්ටයි සිසිර වගෙ මුඩුක්කු ගඳ පිම්පියන්ටයි තේරෙයිද මන්ද? උඹට හොඳ උත්තරයක් ලියන්නම්. ඒකට පණු සිදුර අස්සෙ ලිපිය බලපන්. ඊට කලින් මහාවම්ෂෙ ඉංග්රීසියට හරවපු එකා ලියපුව කියවපන්. ඒකෙත් අංක 1ට උත්තරේ තියෙනවා. උඹ මේ සිසිර ගඳයට කැමතිද? ඒකට උත්තරේ දීල හිටපන්.
Anonymous ONE pimpiyata Kipila….hik hik hik…lol
Sisira, Well said. The dog has gone mad. keep it up. Expose the origin of the mad dog anonymous one. The dog is a paaray upan ballek!
Anonymous One paaray upan ballo, get a life!
@Anonymous one orig
NGO ගතමනා
ලබා ගැනුම සඳහා,
ලක් ථෙරවාදී සිංහල-බුදු දහම ට ඉතිහාසයෙන් හිමි තැන
නැති කිරීමට,
මුල් පියවර ලෙස
අනාගමික අත්තිවාරම් දැමීමට
සිමෙන්ති අනන
උඹ,
සුද්දට බොරුවට බැන බැන
සුද්දගේ බාසාවෙන් ලියමින්,
පිස්සු දියසේන කුමාරයව -ක අස්සේ හංග ගෙන,
ප්රශ්නවලට උත්තර දී ගන්න බැරුව ලිස්සල යමින්,
රිලා නැටුම් දිගටම LCN එකේ රඟපාන්.
නැතුව, නැතුව. උඹනෙ දන්නෙ. ඵලක් නැතිව කාලෙ කන වල් බූරුව.
Bohoma Pin!
Budu Saranai
අනේ බූරුවෝ උඹ Saman D කියල ලිව්වට උඹ තනියම මුඩුක්කුවක ලගින Sisira K Gamage කියන පිස්සු ගඳයා බව ඉව තියෙන බල්ලෙකුට වුනත් තේරෙනවා.
උඹ අර Saman D කියල අනිත් ලිපියෙ ලිව්වෙත් ඔය ටිකනෙ. මූට නම් පිස්සු තදවෙලා.
Finally, Gandaya admits that he is a DOG….lol
Pimpi Anonymous One kipilaaaaa………lol
මම මේක ලියන්නෙ ප්රසිද්ධ කැලෑ පත්තරේක තිබුනු අළුත්ම අනාවැකියක තිබූ ටොන් පච දැක්ක නිසයි.
"…මට සම්බන්ධ වෙන දෙවිවරු කියන විදිහට නාථ දෙවියෝ මේ අනතුර දැකල අවුරුදු 6 ක විතර ඉදන් මනුස්ස ලෝකෙට සම්බන්ධ වෙනවා…" -
මට තාමත් අදහා ගැනීමට අපහසු දෙයක් තමයි හරියටම "6" කියන එක. මම දියසේන කුමාරයා ගැන සෑහෙන තොරතුරු රැස් කරගෙන තියෙන්නෙ. මේ නායක (නාක/නාථ – මලයාලි උච්චාරණය) දෙයියො, විශ්ණු (විශ්ව මනු) දෙයියො, මනු දෙයියො හා මායාවරුන් මෙන්ම ආදි සිංහලයන්ගෙන් පැවතෙන හිරු දෙවියන් එකම අයෙකු ලෙස දකිමි. අපේ පැවැත්ම ස්වභාවික පරිසරයට අනුව ගියා නම් අපි මෙතෙක් කල් නොපවතින බව ඔප්පු කරන්න පුළුවන්. අපි අතරෙම අපට වඩා ප්රබල හැකියාවන්ගෙන් අණූන අය සිටින බවත් ඔප්පු කරන්න පුළුවන්. හිරු (පියා), සඳු (මව), බුද, ගුරු වැනි ග්රහ නාම වලට පිටුපසින් අපේ ජීවිතය යනු කුමක්දැයි අරුත් දක්වන ප්රබල දැනුමක් තියෙනවා. සමහරුන් වාසි තකා බුදල (බුද්ධල) මහ මෙරක් කිව්වත් ඉහලින්ම ඉන්නෙ මෙම හිරු දෙවියන් යයි හඳුන්වන කෙනා බව පැහැදිලියි.
හිරු දෙවියන් හිරු හා සම්බන්ධ බවට කිසිම සැකයක් නෑ. මම කියපු දියසේන කුමාරය හිරු සම්බන්ධ කරගෙනයි උපත ලැබුවෙ. ඒ කියන්නෙ සිංහල ක්රමයට 1959 අප්රේල් මාසෙ පස් වෙනිදා උදේ හයයි හයට මාතර දිස්ත්රික්කයෙ කියපු තැන ඉපදුනා. ඒ තැනට තියෙන නම ඉතා වැදගත් වගේම අනෙක් වැදගත් තැන්වලටද සම්බන්ධ වන නමක්. ඔය දවසෙ තමයි හිර එතැනට මුදුන් වුනේ. ඒ කියපු වෙලාවටමයි හිරු උදා වුනෙත්. එම සිදුවීම හිරු හා සම්බන්ධ වීම විශේෂ දෙයක්. ඇත්තම කියනව නම් එම දින ඉපැදුන දියසේන පොදු කටයුතු වලට සම්බන්ධ වුනේ මීට වසර හයකට කලින්. ඒක දැනගන්න තියෙන්නෙ එකම විදියටයි.
මට සිංහල මිනිසුන්ට කියන්න තියෙන්නෙ තමන්ගෙ දේවල්, විශ්වාස, සිරිත් විරත් මොනම හේතුවකින්වත් බැහැර කරන්න එපා. විශේෂයෙන්ම සිංහල ජාතිය විනාශ කරන්න ස්වයංඝාතක අරමුණු ඇතුව සිංහල වෙස් ගත්ත එවුන් බටහිර අධ්යාපනය හෝ පර ආගමික හෝ දේශපාලන මත වලින් ඒවා වැරදියි කිව්වට පිළිගන්න එපා. සිංහල විශ්වාස සැබෑ කියල ඔප්පු කරන්න පුළුවන් නිසයි එහෙම කිව්වෙ. ඔය දියසේන කියන්නෙත් හිරු වගෙ අභිමානවත්, රශ්ණෙ තියෙන කෙනෙක්. ඒ වගෙ අයට කාගෙවත් පස්සෙ යන්නවත් ප්රසිද්ධ වෙන්නවත් ඕන නෑ. තමන්ට කරන්න ඕන දේ කරන හැකියාවල් තියෙන අයට කාටවත් පිංසෙන්ඬු වෙන්නත් ඕන නෑ. ඒ නිසා හරි අමාරුයි ප්රසිද්ධියෙ විස්තර සැපයීමට.
මම ඔය විනාශය කරන දෙයක් මිස ඉබේ කෙරෙන දෙයක් නොවෙයි කිව්වෙ හේතු ඇතුවයි. අප දන්න ශිල්ප ඔක්කොම දාල අනාගන්න කොට සමහරු සිතිවිල්ලෙන් ඒක කරන්න තරම් දක්ෂ බවත් සිංහල අයට අමුත්තක් නොවේ.
ඇත්තටම සිංහල ක්රමයෙන් බිහි වූ තාරකා විද්යාවට අනුව සිංහල වසර පටන් ගන්නෙ අප්රේල් මැද වුවද, ක්රිස්තියානි ක්රමයට දින මාස වෙනස් නොවුවද වසර පටන් ගැනෙන්නෙ ජනවාරි 1 දාය. ඊට සමාන්තර සිංහල වසර පටන් ගන්නෙ අප්රේල් මැද නිසා ක්රිස්තියානි ක්රමයට 1959 අප්රේල් 5 යනු අනුරූපව සිංහල ක්රමයෙන් කලින් වසරට, ඒ කියන්නෙ සිංහල ක්රමයට 1958 අප්රේල් 5ය. නියම දිනය සිංහල ක්රමයට 1959 අප්රේල් 5 යනු ක්රිස්තියානි ලිතට අනුව 1960 අප්රේල් 5ය. මෙම දීන ලිත් ක්රමය නොවන්නට, දියසේන යනු උපන් වෙලාවෙ සිට සිංහලයන් දන්නා කෙනෙකු වීමට ඉඩ තිබුනා. එසේ වුවා නම් අද රට කවර මුහුණුවරක් ගනීදැයි සිතීම, විනාශය ගැන කියන දේ වැනි නිසා නවතමි. සිංහල මිනිසුනේ සිංහලකම තමන්ගෙ ආරක්ෂාවයි. ඔබ නොමග යවන බෞද්ධ, ක්රිස්තියානි, ඉස්ලාම්, හින්දු, තිරිසන් මත දරන වෙස් මුහුණු කාරයන්ට නොරැවටෙන්න. උන් ඔබේ දේ මිථ්යාවයි කියන විට නොසැලෙන්න. උන් කියන ඔබේ උරුමයට පයින් ගසන්න. නින්දා කරන විට අභිමානයෙන් සිත පුරවන්න. අන්තිමට ඔබ දිනන බවද කියා ඇත්තේ හුඟක් ඉස්සරය.
@Anonymous one orig
දියසේන කුමාරයා වගේ
රෙදි ඇඳපන්,
කලිසන් අඳින්න එපල්ල,
ඇට දෙකට හොඳ නැති නිසා තම වර්ගයා බෝ කරන්න අමාරුය කියපු
උඹෙන්
මේ ප්රශ්නෙට උත්තර නැති නිසයි
ආයෙත් අහන්නේ.
උඹේ
-ක
අස්සේ
හන්ගන් ඉන්න
පිස්සු දියසේන කුමාරයා
දන්නවද,
ලංකාවේ කොල්ලොයි,
(සුද්දොයි),
චීන්නුයි
එදා සිට අද දක්වා
කලිසම් ඇන්දට,
උන්ගේ ඇට දෙක
යස අගේට රැක ගෙන,
බුදුබනත් පිළිපදිමින්,
තම වර්ගයා බෝ කිරීම
අගේට
සිදු කරන බව?
oba hariyatama hari, mamath hoyanne ape anaagatha naayakayawa, ma danna kaarana oba prakaasha kara thibe, namuth apa dedenaage danuma ekeneka sambanda naa, ema nisa me kathaawa atta, diyasena thamai dan inne , eeth eelangata enna inna kenaa eeta wadiya honda paalakayek , 20 awurudu palanaya ohuta himiy,kohomath lankawe anagathaya anduru na, eeka atta, eeth kawadaada ohu karaliyata enne,
ඔබේ පිළිතුර අගය කරමි.
මම දියසේන ගැන කියපුව ඇත්තටම හැම සිංහල කෙනෙක්ම දැන ගෙන ඉන්න ඕන. ඇත්තටම දියසේනල ගොඩක් නෑ. ඒ හරියෙ ඉන්න වෙන කිසිම කෙනෙක් එයා ළඟින් තියන්නවත් බෑ. ඒ වගේ පරිසරයක බිහිවෙච්ච එකම පුද්ගලයෙක් බව ස්ථීරවම කියන්න පුළුවන්. ඒත් බාහිර බලපෑම්, තෙරපීම් හා නොමග යැවීම් නිසා අපි අතරමන් වෙලා. අපි කවුද කියලවත් නොදන්න තරමට වැටිල. උදාහරන ලෙස සිංහල කියන වචනයේ අර්ථයත් ගිලිහිල. ඒ වචනය අපේ ජීවන රටාව සංකේත කරනවා. ඒකෙන් අපේ අගයන් බිහිවුන හැටිත් කියනවා. මේ දියසේන කියන වචනයත් ප්රබල අර්ථයක් දෙනවා. සිංහලෙන් දිය (වතුර) කියන්නෙ ජීවිතය. ගිනි කියන්නෙ මරණය. මේ දෙක ස්වාභාවික පරිසරය තුල ප්රබල දේවල්. අදත් එහෙමයි. සේන කියන එක හැදිල තියෙන්නෙ කෙනා කියන මුල් වචනෙන්. කෝන් (දෙමළ) හා කිං (ඉංග්රීසී) හැදුනෙත් මේ වචනයෙන්මයි. ඒ අතින් බැළුවම කෙනා කියන එකෙන් බිඳුන වචනයක් තමයි නායක කියන එකත්. ජීවිත කෙනා (King of Life) කියන එක ප්රබල දෙයක් අදහස් කරනවා.
කරලියට එන දිනයක් ගැන ඇහුව නිසයි මේක ලියන්නෙ. මෑතකදි ලෝකය ඉදිරියේ මිනිසුන් අසරණ වුනු සිද්ධියක් වුනා. දන්නවා කියල හිතන් හිටපු ඔක්කොම ඇන ගත්ත. කාගෙවත් පිළිසරණක් නැතිව අසරණ වුන මිනිසුන් දෙවියන් යදින කොට උදව් කරල තියෙනවා. ඇත්තටම ඊට පස්සෙ මිනිසුන් දෙවියන්ට පින් දුන්නා. දැන් යන විදියට, සිංහල මිනිසුන් හාමතෙන් ලෙඩෙන් දුකෙන් මැරෙණ කොට, මැරෙණ දරුවන් බදාගෙන අසරණ වෙලා කිසි කෙනෙකුගෙ පිහිටක් නැතිව දෙවියන් යදින කොට එන බව මම විශ්වාස කරනවා. අද සිංහල මිනිසුන් අත පාන්නෙ, විශ්වාස කරන්නෙ තමන්ගෙ ඒවාට නොවෙයි පිට ඒවාට. තමන්ගෙ දේවල් වලට නිග්රහ කරනවා. ඇත්තටම සිංහල මිනිසුන්ට උරුම වෙලා තියෙන ජීවන රටාව, දැනුම හිරු දෙවියන් දුන්න කියල ඉපැරණි ජනවහරෙ එන්නෙ. මම සොයා ගත් දේවල් ගත්තම දැනුම එකම කෙනෙකුගෙ කියල ඔප්පු වෙනවා. ඉතින් තේජස්වන්ත හිරු වගේ චරිතයක් තියෙන කෙනෙක් තමන්ගෙ දේට නිගා කරන කෙනෙකුට පිහිටට එයිද? අද වෙන කොට පිටරටින් එන විසඳුම් අපට එපා කියන දේශපාලකයෝ ඉන්නවා. ඊ ළඟට, අපටත් අපේ ප්රශ්ණ වලට විසඳුම් නැත්නම්, දෙවියන් යදින්න වෙනවනෙ. අද මනුෂ්ය ජීවිතය තුට්ටුවක් වටින්නෙ නෑ. සමහර හිරිකිතයක් නැතුව මනුෂ්යකම පිළිකුල් කරන එවුනුත් සිංහල කියල කියා ගන්නවා. මනුෂ්ය ජීවිතය ඇස් ඉදිරිපිට නැති වෙනකොට, ඕවා වෙනස් වෙලා මනුෂ්ය ජීවිතය උතුම් කියල දැනෙන කොට තමයි එන්නෙ. මේ ලිපියෙ කියනවා වගේ තව තුන් වසරක් යනව ඔය කියන තත්ත්වය එන්න. ඒත් ඊට කලින් සිංහල මිනිසුන්ට ඕන නම් ඒවි. මේක සහමුලින්ම මිනිසුන්ට ඕන දෙයක් මිස අනෙක් පැත්තට වැඩ කරන්නෙ නෑ. අපි කතා කරන්නෙ ලෝක නීති රීති වලට උඩින් ඉන්න කෙනෙක් ගැන. කේන්දරේ බලපු කෙනෙක් ලස්සන කතාවක් කියල තියෙනවා. ඵලාපල ඇහුවම, දැන ගත්තොත් ඕන අඵලයක් වෙනස් කරන සහජ හැකියාව තියෙනවා කියල. එතැනම උත්තරේ තියෙනවා.
මායා වරුන් කියපු කතාව ඇත්ත බව පෙනෙනවා. මායා වරු කියන්නෙ අපේ රටෙන් අරං ගිහිල්ල පදිංචි කරපු අය කියල පෙනෙනවා. ඒ මිනිසුන්ගෙ හැසිරීම සිංහල විදියට හුඟක් සමයි. ඔය මායා කියන වචනයත් අපේ රටේ පෙදෙසකට දාපු එකක්. මායා වරුන්ට අනුව හිරු දෙවියන් ඇවිල්ල නැවත පටන් ගැන්මක් ඇති කරනවා කියලයි කියන්නෙ. කාලය මැනීමේදි ග්රහ පිහිටීම් යොදාගත්තෙ බොහොම ඉස්සර ඉඳල. ළඟදි වෙන සුවිශේෂ ග්රහ පිහිටීම මතයි මායා වරු මේ කතාව කියන්නෙ. ඒ මිනිසුන් දේශපාලකයන් නොවන නිසා බොරු කීමට කිසිම හේතුවක් නෑ. මෙතනත් ඉතා වැදගත් දෙයක් කියනවා. අද තියෙන සමාජ රටාවෙ ආරම්භය, නැගීම හා අද තියෙන මරණය අබියසට පැමිණීම, ඉන් ගැලවීමට කලයුතු දේ දන්න කෙනෙක් ඉන්නව නම් ඒ දියසේන විතරයි. දියසේන කියන්නෙ අපි අතරෙ ඉන්න මිනිසුන් කෙනෙක්. කවුරුවත් නොදන්නවා වුනාට දන්න සුළු දෙනා දන්නවා ලෝකයේ ඉහලම තලයෙ ඉන්න කෙනෙක් කියල. සාමාන්ය මනසකට තේරුම් ගන්න පුළුවන් දේවල්ම ඇති අසාමාන්ය බව තහවුරු කරගන්න. සමහර හැකියාවන් සිංහල මිනිසුන් අද බැහැර කරන තාලේ අද්භුත ඒවා. ඒවා ගැන කිව්වත් ඉතා සුළු දෙනෙකුටයි ඒවා වැටහෙන්නෙ.
මම ඔබ කිව්ව ඊ ළඟ නායකයෙක් ගැන සිතලා නෑ. මම දන්න තරමින් මායා වරුන් කිව්ව වගෙ අළුත් ආරම්භයක් වෙනවා. ඒක ජීවත් වීමට තිබෙන හොඳම ජීවන රටාව විය යුතුයි. නායකත්වය වුනත් තනියම බදාගෙන කන වර්තමාන ක්රමය නොවෙයි. මිනිසුන්ට මෙන්ම සතුන්ටත් ජීවත් වීම බොහොම සරල දෙයක් වෙනවා. දැනුම මත ලොව ඉදිරියට යාවි. මිනිසා නොව දැනුම ලොව පාලනය කරාවි. ඒත් ඔබ කිව්ව වගේ දියසේන කියන්නෙ අතකින් ජීවිතය දෙන, ගිනි (හිරු) දැල් විහිදුවන කෙනෙක්. ඒ කියන්නෙ ජීවිතයත් මරණයත් දෑතේ තියාගෙන ඉන්න කෙනෙක්. මම දන්න තරමමින් එදිරිවාදිකම් කරපු අයට ගිය කල නම් සුභ නෑ. ඊ ළඟට එන අය අනිවාර්යයෙන්ම කරගෙන යන අය මිසක් ඉදි කරන අය නොවෙයි. මම හිතන හැටියට අපි අතරෙම සිට ඇරඹූ දේවල් වලින් ජීවීන්ට නිසි ඵල ලබා දීමට වෙන නිසා අප අතරෙ සෑහෙන කාලයක් ඉන්න ඕන කියල හිතෙනවා. මොකද ඒ වගෙ ආරම්භයක් ඉදිරියට ගෙන යන්න පරම්පරා 20 කට වඩා යන බව බැලුවම පෙනෙනවා.
මීට අවුරුදු 60,000කට විතර කලින් මිනිසුන් වඳ වෙන්න ගියා. ඒ වෙලාවෙත් බඩ ගින්න, ලෙඩ රෝග වගේම දරුඵල වැඩිවෙලා පසුව හීන වුනා. අදත් ඊට සමාන වූ කාලයක්. අභියෝග වැඩි වුනාම ඕන සතෙක් දිවි හරිනවා. සමහරු වෙන ස්වරූපයකින් නැවත එනවා. කොහොම වුනත් අපේ අනාගතය එක් කෙනෙක් මත තීරණය වීම මෙතෙක් වෙච්ච දේවල් වලට අණුකූලයි. අපි කතා කරන්නෙ, කිව්වම අහන, කිව්වම කරන, සුවච ගෝලයෙක් ගැන නොවන නිසා හැම දේම අපේ බලපෑමට වඩා ඉහලින් තියෙන්නෙ. මම දන්න තරමින් තවම කවුරුවක් කියපු දෙයක් අහපු, කියපු දෙයක් කරපු කෙනෙක් නොවෙයි. ළගින් ඇසුරු කරන කෙනෙකු ගරුසරු ඇතුව කිව්වෙ කාටවත් බැරි දෙයක් මිස පුළුවන් දෙයක් කවද්ද කලේ කියල. ඒ වචන ටිකම ඇති කෙනාව තේරුම් ගන්න. ඒ වගෙ අයට නින්දා අපහාස කලාම බොහොම දුක් වෙන්න වෙනවා. ඒ වගෙ රටේ වැදගත් යයි කියා ගන්න අය නොහැසුරුනා නම් අද තත්ත්වය වෙනස් වෙන්න තිබුනා. ඒත් අපේ පොදු පැවැත්ම තනි ජීවිතයකට වඩා බොහොම වැදගත් නිසා, හැම දේම වෙන්නෙ වෙන කිසිම දෙයක් වීමට අවස්ථාව නැති වුනාමයි. වැරදි සහගත දින වකවානු නිසාත්, තනි මතයට වෙන දේවල් නිසාත් නියම වෙලාවට කරලියට ඒවි යයි මම සිතමි. ඇත්තටම මිනිසුන් තුල දෙවියන් ගැන තියෙන විශ්වාසය වගේම භය සාධාරණ හේතූන් මත ගොඩ නැගුන දේවල් බව පෙනෙනවා.
මෙතන කතාවෙන දෙවල් නිකම් "යන්න කොහෙද මල්ලේ පොල් වගේ"
අහෝ දැන් කව්රු මොනවා කිව්වත් නාථ කියන ඒවා ඇත්ත වෙන බව ශ්රී ලන්කවාසීහු පිළිගෙන ඇති සැටකි.
ඔබගේ අදහස් අනුව තීරණාත්මක කාරණා කිහිපයක් ගැන පුද්ගලිකව සාකච්චා කිරිමට බලාපොරොත්තු වෙමි. කරුණාකර dasunranawaka AT yahoo.com ලිපිනයෙන් සම්බන්ධ වෙන්න.
සුර්ය යොග වෙත:
ඔබේ ඉල්ලීම අගයමි. මම ඔබේ ලිපිනයට සම්බන්ධ වෙන්නම්. ඒ සඳහා වඩාත්ම සුදුසු උඳු වපුරන මාසය බව කියන්න ඕන. විශේෂයෙන්ම ලංකාවෙ ඉන්න අයට ඒක අදාලයි. මට පුළුවන් ඉක්මනින් සම්බන්ධ වෙන්නම්. ප්රශ්ණයකට තියෙන්නෙ ඊයේ ඉඳල ගූගල් කරපු වෙනස්කම් නිසා ගණුදෙනු සීමා කිරීමයි.
සිංහලයන්ට පොදු දෙයක් නම් LCN වල දාන එක කාටත් කරන සේවයක්. ප්රසිද්ධියෙ කිවහැකි දේ එහෙම කලොත් කාටත් යහපතක් වෙනවා නේද?
පසුවදන: මේ ටික අමුණන්නෙ මම කලින් කී දේවලට අමතරව කාගෙත් පොදු දැනගැනීම සඳහායි.
උපුටා ගැනීම:
"…
වතුරසේන says: March 1, 2012 at 1:55 pm
ඇති යන්තම් එකඟ වෙන්න පුළුවන් එකක් ලිව්වා අවුරුදු ගානකට පස්සේ.
පිළිතුර: Anonymous One orig says: March 2, 2012 at 9:25 am
පොඩි එකාගෙ අපූරු කතාව. මම මෙතන ලිව්වෙ එක වැකියයි. ඒක තේරුනා. අනිත් ඒවා නොතේරුනේ වැකි ගොඩක් තිබුනු නිසයි. පේන හැටියට “අසූහාරලක්ෂයක් කල්ප වල පෙරුම් පුරනවා” කියන්නෙ ඉතිරි ටික තේරුම් ගන්න කාලයටයි. ගණන් ගන්න එපා ජීවිතේ කියන එක නොනවතින එකක්. තව ඕන තරම් කල් තියෙනවා ඉගෙන ගන්න.
මම මේක ලිව්වේ “වතුරසේන” කියල දාගත් එකේ වටිනකම කියන්නයි. අද වෙන කොට, උයන්න බැරි එවුන් හදපු කෑම කාල එපාවෙච්ච එවුන්ට “දියසේන” කියන නම ඇහුනු හැටියෙම මතක් වෙන්නෙ “වතුරසේන” කියන වචනය නිසා මම කියපු කෙනාගෙ නියම නම ඒකට ඉතාමත්ම ආසන්න වචනයකින් හඳුන්වන්නෙ කේන්දරේ හදපු මනුෂ්යය දැකපු අනෙක් ප්රබල ගුණයක් ඉස්මතු කරන්නයි. තමුන්ට එයාව හමු වුනොත් ඒ ගතිය උතුරායන කෙනෙක් බව පෙනේවි. “හැම දරුවෙක්ම තමන්ගෙ දරුවෙක් විදියට සලකන කෙනෙකු”ට තියන සිංහල නම දන්නවද? වචන දෙකේ වෙනස මුලකුරේ ශබ්දය පමණයි. “අසූහාරලක්ෂයක් කල්ප වල පෙරුම් පුරල” හරි ඒක කියනවද? උඹ විතරක් නොවෙයි ඒ කේන්දරේ හදපු මනුෂ්යයත් දැන ගෙන ඉඳල තියෙනවා කලියුග කාලෙ වෙච්ච නස්පැත්තිය…"
පුරුක: http://www.lankacnews.com/sinhala/news/49801/#com…
@Anonymous one orig
දියසේන කුමාරයා වගේ
රෙදි ඇඳපන්,
කලිසන් අඳින්න එපල්ල,
ඇට දෙකට හොඳ නැති නිසා
තම වර්ගයා බෝ කරන්න අමාරුය කියපු
උඹෙන්
මේ ප්රශ්නෙට උත්තර නැති නිසයි
ආයෙත් අහන්නේ.
උඹේ
-ක
අස්සේ
හන්ගන් ඉන්න
පිස්සු දියසේන කුමාරයා
දන්නවද,
ලංකාවේ කොල්ලොයි,
(සුද්දොයි),
චීන්නුයි
එදා සිට අද දක්වා
කලිසම් ඇන්දට,
උන්ගේ ඇට දෙක
යස අගේට රැක ගෙන,
බුදුබනත් පිළිපදිමින්,
තම වර්ගයා බෝ කිරීම
අගේට
සිදු කරන බව?
මා වසර ගණනාවක සිට නියම සිංහල ඉතිහාසය ගැන , බලි තරු රවන පෙළපත් ගැන , සීගිරියේ ගල තුල වූ මාලිගය ගැන (මහාවංස (දෙමල වංස )විහිලු කතන්දර පොත් නොව ) සෙල්ලිපි ඇසුරින් හොයන , පර්යේෂණ කරන පුද්ගලයෙක්. ඔබේ ඉගි හැමවිටම පිටිවහලක් වුණා.. කරුණාකර දිගටම ඔබේ කරුණු ඉදිරිපත් කරන්න ..ඔබට පින්
අනාගතය ගැන දැන ගැනීමට උනන්දුවන අයට පොඩි ඉඟියක් දෙන්නයි මේ ටික උපුටා ගත්තෙ. ප්රයෝජනවත් නම් කියන්න.
"….
සිංහල මිනිසුන් ගැන හොයන මට හැසිරීම ගැනත් අවබෝධයක් තියෙනවා. ඒ මිනිසුන් කෙලින් කතා කරනවා. තම හැඟීම් කියනවා. අර ක්රිස්තියානි කාරයෝ ලෝක විනාශෙ ගැන කියන කොටත්, කලින් ම දෙයියෝ මිනිසුන්ට කියල බැරි තැනලු ලෝක විනාශෙ කරන්නෙ. බැලුවම උන් Almighty දෙවියෝ කියන්නෙත් සිංහල මිනිසුන්ගෙ ලොක්කටනෙ. මම කලින් කිව්ව වගේ, සිංහල මිනිසුන් ජීවත් වීම ගැන කිව්ව දැනුමෙන් සොච්චමක් අරං හින්දුකාරයෝ මනුෂ්යයකම නැතිකරන්න අනිත් අතට යොදවනවා. දැන් බැලුවම සිංහල මිනිසුන් දෙවියන් ගැන කියපු දැනුමෙන් සොච්චමක් අරං, ඉන්දියාවෙන් සංක්රමණය කරපු, අද ජූවෝ කියල කියාගන්න එවුන්, දෙවියන් තබා ම්ලේච්ඡ තිරිසන් සතෙක්වත් නොකරන වැඩ මනුෂ්යයන් බියගන්වල කරවනවා. ඒකත් හරියට හින්දුකාරයෝ මනුෂ්යකම පිළිකුල් කරන්න මිනිසුන් රැවටුව වගේමයි. උන් Almighty දෙවියන් කියන්නෙත්, හින්දුකාරයෝ බ්රහ්ම කියන්නෙත්, මලයාලියෝ නාථ (නායක) දෙවියන් කියන්නෙත්, මුලින්ම සිංහල මිනිසුන් බිහිකල හිරු දෙවියන් ගැනනෙ. ඒකයි මේ උන්ගෙ ලෝක විනාශයයි, මායා වරුන්ගෙ නැවත ඇරඹීමයි, සිංහලයන්ගෙ හිරු දෙවියන්ගෙ පැමිණීමයි එකම වෙලාවට යෙදිල තියෙන්නෙ. මුන් මේ දේවරාජ්යයක් කියන්නෙ සිංහල දෙවියන් ලෝකෙ පාලනය කරන එකටමනෙ. ඇත්තටම සිංහල දෙවියන් ලෝකෙ පාලනය කරල මිනිසුන්ට ඕන විදියට කරගන්න අත හැරිය. බැරිකම අද ඔක්කොම දන්නවා. බැලුවම සිංහල මිනිසුන් කියපු දේවල් මුන් කොපි කරලනෙ. හැබැයි ඉතින් දැනුම වැරදියට යෙදුවොත් වෙන දේ හින්දු කාරයන්ටයි, ජූවන්ටයි යන කල බැලුවම හොඳට පේනවා.
ඉන්දියාවෙන් සංක්රමණය කරපු අද ජූවෝ කියල කියාගන්න එවුන් දෙවියෝ බිහිකරපු කතාව දාන්නෙ විරුද්ධාර්ථයෙන්. උන් ඒකෙ මුවාවෙන් සත්ව ලෝකය විනාශ කරනවා. ඇත්තටම සත්වයෝ බිහිවුනෙත් මිනිසුන් වගෙමයි. එතකොට සහෝදරකමයි ඇතිවෙන්නෙ. උන් විතරයි දෙවියන්ගෙ දරුවෝ කියලා මුසාවෙන් මිනිසුන් නොමග යවල ගිනි දුන්න නිසා තමයි උන් අද වෙනකොට නින්දාවට කරදරවලට උපතින් උරුමකම් කියන්නෙ. මේව දැක්කම මගේ පර්යේෂණ ගැන සෑහෙන සතුටක් දැනෙනවා. මේ ටික ඇලෙව්වෙ පොදු යහපතටයි…"
කරුණාකර ඔබ තුමා බලි තරු රාවණ රජ පරම්පරා ගැන සොයාගත් යමක් වේනම් හෙළිකරන්න . සිගිරිය හා රාවණ අතර ඇති සම්බන්දය කුමක්ද ..
@Anonymous one orig
මේ ප්රශ්නෙට
උඹෙන් උත්තර
නැති නිසයි
ආයෙත් අහන්නේ.
දියසේන කුමාරයා වගේ
රෙදි ඇඳපන්,
කලිසන් අඳින්න එපල්ල,
ඇට දෙකට හොඳ නැති නිසා
තම වර්ගයා බෝ කරන්න අමාරුය කියපු,
උඹේ
-ක
අස්සේ
හන්ගන් ඉන්න
පිස්සු දියසේන කුමාරයා
දන්නවද,
ලංකාවේ කොල්ලොයි,
(සුද්දොයි),
චීන්නුයි
එදා සිට අද දක්වා
කලිසම් ඇන්දට,
උන්ගේ ඇට දෙක
යස අගේට රැක ගෙන,
බුදුබනත් පිළිපදිමින්,
තම වර්ගයා බෝ කිරීම
අගේට
සිදු කරන බව?
@Lokka, @ Sira,
මගේ උත්සාහය උඩම තලයෙ ඉන්නෙ කවුද කියල සොයන එකයි. ඉස්සර හිටපු නායකයො ගැන හොඳම තොරතුරු දැන ගන්න නම් එයාල මිනිසුන් වෙලා ඉපදුනාම එයාලගෙන්ම අහන්න ඕන. එයාල මිනිසුන් වෙලා ඉපදුනාම, ඒකත් සොයාගන්න විදියකුත් තියෙනවා. එයාලගෙන් පැවතෙන අය එයාලව නියෝජනය කරනවා. මොකද අපි ඉපදුනාට අපි කොහොමද හැදුනෙ කියලවත් දන්නෙ නෑ. ඒත් අපි අතරෙ දන්න එක්කෙනෙක් හරි ඉන්න ඕන නේද?
මම බලි අධිරාජයා ගැන චුට්ටක් කියන්නම්. එයා තමයි අත්තගහ මැතිරීම මිනිසුන්ගෙ ආයුෂ වැඩි කරන්න යොදා ගත්තේ. ඒක බොහොම ඉහළ බුද්ධිමය ක්රියාවක්. ඒක වැඩ කරන්නෙ එම තත්වයට සරිලන මට්ටමක ඉන්න අය කලොත් විතරයි. එයාගේ අතපසුවීමක් නිසා වුන ප්රශ්ණයක් නිසා අද වෙන තෙක් එයාගෙ ඥාතීන් පීඩා විඳිනවා. තාරක කියන නමින්ම එයා තාරකා විද්යාව ගැන විශේෂ ත්ත්ත්වයක් දැරූ කෙනෙක් විය යුතුයි. බුද ගුරු කියන ඒවත් ප්රබල නම් නේද?
රාවණ කියන එක කීප දෙනෙක්ම යොදා ගත් පොදු නමක්. ඒත් ප්රබලම කෙනා පළමුවැනියා විය යුතුයි. ඉන්දීය ජනවහරේ එන රාවණ, සක්විති (ශක්ර) රජ පරම්පරාවේ අන්තිමයා. අද වෙනකොට ශක්ර වර්ෂ දහතුන්දහස් ගණනකුත්, මනු වර්ෂ තිස් දහස් ගණනකුත් වෙනවා. මේවා මාතර පැත්තෙ සිංහල අවුරුදු නැකැත් පතේ දින ගණන් යෙදීමට මෑතක් වෙනකම් යොදාගත්තා.
ඉන්දීය ජනවහරේ එන රාවණ යුගයේ හින්දු දෙමළ කියල කෙනෙක් හිටියෙ නෑ. ඉන්දියාව, ඇත්තටම සිංහල නම දූව හෙවත් දඹදිව (රන් දූව) පුරා සම්පූර්ණයෙන් සිටියේ සිංහල මිනිසුන්. ඒ කාලෙ ප්රදේශ නම් සිංහල විදියට වර නැගුනේ. පසුගිය වසර 4000 තුල නාම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඒක සංක්රමණිකයන් වැදිල වෙච්ච විනාශයක්. මෑතකදි උතුරෙත් ඒකම වෙලා.
අන්තිම රාවණ සිංහල විදියට බැලුවොත් එච්චරම ප්රබල කෙනෙක් නොවෙයි. බලය උදුරාගත් කෙනෙක්. දඬුමොනරයත් අනුන්ගෙන් ඉල්ල ගත් කෙනෙක්. ඒ තාක්ෂණෙ ගැන සොයාගත් දේවල් පරිසරය තුලිනුත් තහවුරු වෙනවා. වටිනවා වැඩි නිසා මෙතන ලියන්න බෑ.
මේ අය අද මිනිසුන් අතරෙ ඉපදිලා නෑ. හිරු දෙවියො එන්න හේතුවත් ඒකමයි. අපි අද ඉන්න තැනට ගෙනාපු අය උදව් නොකලොත් අපට අනාගතයක් නැති බව ඉතා පැහැදිලියි. ඒක තමයි මේ ලෝක විනාශය කියන දෙයින් පෙන්වන්නෙ.
මම සෙල්ලිපි දකින්නෙ නූතන ඉතිහාසය විදියට. ඔය වගේ ඒවා සිංහල විදියට කරන්නෙ නෑ. ගොඩක් වෙලාවට ඕව කලේ බාහිර බලපෑම් වලින් අනෙක් අයගෙ සිතට කා වැදීමට ගත් උත්සාහයක්. දැකීම නිසා මතකයේ රැඳවීමට කරපු උපක්රමයක්. නියම නායකයෝ ගැන පිහිට ලැබූ අය මිසක්, තමන් බලෙන් මතකයට දාන වැඩ කරන්නෙ නෑ.
අපේ මුළු අතීතයම අප ලඟ එකතු වෙනවා. ඒක තමයි අපි කරන හැම දේම තීරණය කරන්නෙ. ඒක කියවන්න ඉගෙන ගත්තොත් ඉතා පහසුවෙන් අතීතය සොයා ගන්න පුළුවන්. අපි අතරේ එවැනි නායකයන් ඉන්නවා නම් සුවිශේෂ ලක්ෂණ පෙන්වනවා. ඒක අවබෝධය තියෙනවා නම් ඉතා පහසුයි සොයා ගන්න.
අර අටවිසි බුදුන් කියනවා වගේම සිංහල නායක නාමාවලියක් ගැන කියනවා. විදේශික දේවල් දේශීය කරන්න හදපු නිසා ගොඩාක් දේශීය දේවල් අද විදේශිකයන්ගෙ උරුම කරගෙන. මේවා ගැන ගොඩක් කරුණු තියෙනවා. ළඟදි සිංහල අය ඉදිරියේ තබනවා. විමසිලිමත් වුනොත් නුදුරු අනාගතේ ඔබටත් වැඩි විස්තර ලබාගැනීමට අවස්ථාවක් යෙදේවි. අතීතය සොයන ස්වාභාවික විදියක් තියෙනවා. නටබුන් ලිපි ලේඛණ යොදාගන්න බටහිර ක්රමය හිදැස් ගහන, අසම්පූර්ණ, පැටළුනු ප්රබන්ධ බිහි කරනවා. සමහර විට මිථ්යාවත් ඊට වඩා වැදගත් තොරතුරු දෙනවා.
අතීතය තියෙන තැන් ගැන තොරතුරු දීම වැරදියි කියල සිතමි.උදා: මනු රජ මාළිගාව පිහිටි තැන දැනටත් දෙමළට ගිය සිංහල නමකින් හැඳින්වෙනවා. ලංකාව කෘතීමව හදපු රටක්. ඒක දෙවියන්ගෙ ලෝකය කියලත් මුලදිම කිව්වෙ ඒක නිර්මාණය කල නිසයි. ඒ නිසා වුනු හොඳ මෙන්ම නරකත් තවම සාක්ෂි විදියට තියෙනවා.
අ10120307
@Anonymous orig one
උඹ ඇතුළු,
උඹේ
-ක අස්සේ තවමත් හැංගි ඉන්නා වූ
දියසේන කුමරා ඇතුළු
මැට්ටන්ට
Raavana
විසින්
පහල දෙනලද පිළිතුර නම්
ඉතාමත් කදිමය.
Raavna says:
March 8, 2012 at 9:50 pm
මට පෙනෙන විදිහට උබට විජයට (විජය සිටි බවට සාක්කි සොයා ගැනීමට නැත) පෙර ඉතිහාසයෙන් මොලේ විකුර්ති වෙලා වගේ. නේපාලයේ උපත ලද බුදුන් විසින් එහෙ මෙහෙ තිබු කැලි එකතු කොට, අලුතින්ද යමක් එකතු කරමින් බුදු දහම නමින් ක්රමානුකුලව සකස් කල දර්ශනයක් ලොවට හදුන්වදුන්නත්,
– උබ කොහොමද කියන්නේ එයට විජයට පෙර පුරාණ ලංකාවේ වාරි ඇතුළු අනෙකුත් කර්මාන්ත ඉහලම තත්වයෙන්ම තිබුනත්, තිබුණු සුළු ජිවන දර්ශනයේ කොටස් බුදු දහමට එකතු වී නැති බව. එනම් බුදු දහම අපගේ අතීත උරුමයක් නොවන බවට උබගේ කුණුහරප වලින් පිරුණ සාක්කි ප්රමාණවත් නොවේ.
– උබ දන්නවද සුවිඩනයේ මන්දබුද්දිකයින්ගේ ප්රමාණය අසාමාන්ය ලෙස වැඩි වනවිට එරට විසින් ඉදිරිපත් කල විදේශිකයින් සමග මිශ්ර වීමේ සංකල්පයෙන් එය විසදා ගත් බව.
– උබ දන්නවද විදේශිකයින් සමග මුසු නොවීම, විදෙස් තාක්ෂණ දැඩි ලෙස ප්රත්ක්ෂේප කල රතු ඉන්දියානුවන්ට වූ දෙය.
උපගේ ඉතා විශිෂ්ට වූ අතීත උරුමයන් තිබුණු බව සැබෑය. වර්ධනයකින් තොරව ඒකම බදාගෙන සිංහල, සිංහල, … ගගා කෑගසමින් සිටියොත් අපටත් වෙන්නේ රතු ඉන්දියානුවන්ට වූ දෙයම තමා.
හොද වෙලාවට උබ වගේ කොහේ හරි තිබු පොතක් කියවා, සියලු දේ දන්නේයි සිතා සිටින බුද්දිමතුන් (නොහොත් බුදු දහම සිංහලයින්ගේ ඈත් කිරීමට වලි කන කතෝලිකයින්) ලංකාවේ ඉතාම විරලය.
@Lokka, @ Sira,
"ප්රශ්ණය: කව්ද ඔබට උපදෙස් දුන්නේ?
උත්තරය: හැමදේම හෙළිකරන්න පුළුවන් කමක් නැහැ.සමහර දේවල් රහස්. නමුත් මෙහෙම කියන්න පුළුවන්. මා සමග රාවනා රජු සිහිනයෙන් කතා කරනවා.
ප්රශ්ණය: රාවනා රජු ඔබ සමග කතා කරන්නේ කොපමණ කල් සිටද?
උත්තරය: මා සෙල් ලිපි හෝ පුරා විද්යාව පිලිබඳ කිසිදු විශ්ව විද්යාලයකින් ඉගෙන ගෙන නැහැ. නමුත් මා මේ පිළිබඳව කැලණිය විශ්ව විස්යාලයේ දේශනා පවත්වා තිබෙනවා. විශ්ව බලය තුලින් මට ඒ හැකියාව ලැබී තිබෙනවා.
මට මේ තුන් ලෝකයේම සිටින සියලුම … ගෝත්ර සමග කතා කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. රාත්රියේදී සිහිනයෙන් අහවල් සෙල් ලිපිය අහවල් තැන තිබෙනවා කියා එතෙක් හදුනා නොගත් සෙල් ලිපි වරින් වර මට පෙන්වා දුන්නා."
ගොසිප්9 (gossip.com) එකේ තිබුන ජයරත්න පතිආරච්චි කියන අය සම්බන්ධව තිබුනු ලිපියක මේ කතාව තිබුනා. ටිකක් එයත් එක්ක කතා කලා නම් රාවනා ගැන අහන්න පුළුවන්. මම නම් මෝහනය කිරීම්, ගාථා සිය දහස් වර කියවීම් ගැන සම්බන්ධ නෑ. මම ස්වාභාවික ලෝකෙ තියෙන සාමාන්ය දැක්ම මිසක් උත්තේජක භාවිතා කිරීමෙන් කියන දැ ගණන් ගන්නෙ නෑ. ඒ වගේ දේවල් තමාගෙ වුවමනාවෙ ප්රබලතාවය පෙන්වනවා වෙන්නත් පුළුවන්. කොහොම වෙතත් මම කලින් කිව්ව වගෙ යම් සැබෑ තොරතුරු කීපයක් කතාවෙ තියෙනවා දැක්ක. LCN මේ වගේ ප්රබන්ධ දානව නම් කොච්චර වටිනවාද? අ12120309
ලෝක විනාසේ අත ළඟ කියල විස්වාස කරන කට්ටිය ට කරන්න පුළුවන් ලොකු පින් අතේ වැඩක් තියනවා.
දානේ දෙන්නේ දැන් වත් ප්රමාද නැහැ.
ඔබතුමන් ලා සතු ගෙවල් දොරවල් වතු පිටි කරණාකර මගේ නමට පවරන්න. ලෝක විනාසෙන් පස්සේ ඔව් වැඩක් තියනවද! මේ කර ගන්න පිනෙන් ඔබ තුමාලට මේ භාවනා යෝගියා සමඟ දෙව් ලොව යාමට ඉවහල් වේ.
Anonymous One orig ඔබට බොහෝ පින් .
ඩීමන් ආනන්ද මහතා සිගිරිය හා රවන රජු ගැන දක්වන අදහස් පිලිබඳ ඔබේ අදහස් දැනගැනීමට කැමතියි ???
http://www.youtube.com/watch?v=k-KAL9ixFHU
http://www.divaina.com/2010/03/08/feature01.html
NASA එකෙන් කියනවා “ලෝක විනාසේ ලඟයි” කියන එක එයාල පිලි ගන්නේ නැහැ කියලා.
කෝ මේ භාවනා යෝගී උත්තමය හරියට කාල වකවානුවක් කියන්නේ නැහැ නේ. හැමදාම කියන්න විනාසය අත ලඟයි කියලා.
අත ලඟයි කියන එක දවස්-සති-මාස-අවුරුදු වලට හරවන්න දන්නා කෙනෙක් ඉන්නවද?
balan idapan nasena giya aun karana winase
පමා වුවාට සමාවන්න. මම වීඩියෝ එකත් බැලුවා. ලිපියත් කියෙව්වා. සීගිරිය කියන්නෙ ඉතා පැරණි තැනක්. ඒක ස්වාභාවිකව නොව කෘතීමව හැදූ බවට ඒත්තු යන සාධක වැඩියි. එවැනි හැකියාවන් සහිත දැනුම තිබුනු අය සිටි බව තහවුරු වෙනවා. දෙමළ ආධිපත්යය හා ආගමික ආක්රමණය නිසා අතීතය වල දමා අළුත් ඔප්පු ලියාගෙන. දඬුමොණරය, නිදන් වැනි දේවල් තියෙන තැනක් ලෙස හැඳින්වීම සැබෑවක් හෝ ස්ථානයේ වැදගත් කම කියා පෑමට ගෙතුවක් විය හැකියි. ඒත් රට කරන පල්හොරුන්ට මේවා කීම ඉල්ලගෙන කෑමක්. මෑතකදී JVP කාරයෝ වැව් ප්රතිසංස්කරණය කරන මුවාවෙන් වැව් හෑරුවෙත් ඔය වගෙ නිදන් ගන්නළු. නුවර වැවත් හාරල නිදන් ගන්න හදනවළු. සමහරු ඔය වගෙ නිදන් සොයාගෙනත් තියෙනවා. අනුන්ගෙ දේවල් ගත්තම ගෙවන්න වෙනවා. ඒක වෙන හැටි ගොඩක් අය නොදන්නවා වගෙයි.
අතීතයෙත් දැකුම්කලු පරිසරයක ජීවත් වීමට දැරු උත්සාහයේ ප්රථිඵලයක් තමයි ඔය සීගිරියත්. කාලයක් දෙවියන් ඉන්නෙ උඩ කියල කතාවක් තිබුනෙත් මේ වගේ නිර්මාණ කරපු අය උඩ තැන්වල සිටිය නිසා වෙන්න පුළුවන්. සිංහල උරුමය සොයා ගන්න සිංහල මිනිසුන් උනන්දු වෙනවා නම් හොඳයි. ඔය වගේ තව වැදගත් තැන් වල තොරතුරු තියෙන්න ඕන. මමත් බලන්නෙ දඬුමොණරෙ හදන්න ගත් එක ලෝහයක් ගැන. සමහර විට දිරාපත් වෙච්ච තියෙන්න පුළුවන්. අද දිව්යලලෝක ගිනුමට බැර කරපු ගොඩක් දේවල් ඉපැරණි සිංහල දැකුම්කලු දේවල් කියල පෙනෙනවා.
සීගිරිය රාවණා (දැනට පොදුවෙ දන්න කෙනා) යුගයටත් කලින් මහ සම්මත මනු යුගයටත් සම්බන්ධ එකක්. සීගිරියට ගියපු වෙලාවක ඒකෙ නිර්මානය කරපු විදිය ගැන අදහසක් ආව. ඒ කියන්නෙ මානව හැකියාවන්ගෙන් පිරිපුන් නිර්මාණයක් මිස ස්වාභාවික නොවන පරිසරයක් බවයි.
බඹරු වගේ සතුන්ගෙ හැසිරීම සරලයි. හඳුනාගන්න ලේසියි. ඒ දැනුම අණුකරණයෙන් අද වෙන කොට මී මැස්සන් හරක් වගෙ තත්වයට වැටිලා. මමත් පුංචිකාලේ මී මැස්සො කලයකට ගන්න උපක්රම දාපු කෙනෙක්. බඹරු දෙබරු වුනත් ඒ වගෙ යැපෙන තත්වයට දාගන්න පුළුවන්. සුපුරුදු උපක්රම තමයි උන් සමඟ ගැවසීම, උන්ට කෑමබීම සැලසීම, උන් ආරක්ෂා කිරීම වගේ දේවල්. තව උපක්රම තියෙනවා. බඹරු දෙබරු පොදි ගැහිල ඉන්නෙ ආවට ගියාවට නොවෙයි. ඒ විදිය අණුකරණය කරල උන්ව පාලනය කරන්න පුළුවන්. අද මිනිසා කියන්නෙ හැම සතෙක්ගෙම හතුරෙක්. ඒ නිසා උන් පහර දෙනවා. ඒත් අනෙක් සතුන්ට හිරහැර කරන්නෙ නැතුව ජීවත් වෙනවා.
සිංහල මිනිසුන්ගෙ වැදගත් තැන් සියල්ලම පාළුවට ගිහිල්ල. ගොඩක් තැන් දෙමළු, තම්බි අල්ලගන්න හදනවා. ඉතිරි ටික මලයාලි ආණ්ඩුව ගණිකා වෘත්ත්තියෙ යොදවල. සීගිරිය පිහිටි තැනත් එහි හැඩරුවත් හුඟක් පැරණි අතීතයකට යන උරුමයක් කියා පානවා. ඒ ගැන හින්දු ඉතිහාසයෙන් තොරතුරු බිඳක් ගන්න පුළුවන්. අද වැඩි අවධානය යොදා තිබෙන්නෙ පොතපතින් පිටපත් කරන ආකාරයෙ අතීතයක් ගොඩ නැගීමයි. සමහර විට ඒක මුල් බැස ගත් ඉංග්රීසි අධ්යාපන පිළිකාවෙ රෝග ලක්ෂණයක් විය හැකියි. සීගිරිය රාවණ යුගයට වඩා හුඟක් ආපස්සට යන අතීතයක් තිබෙන තැනක්. එය බිහි කලේ කටුක පරිසරයක සොඳුරු තැනක් හදා ගැනීමේ අවශ්යතාවය සපුරාලීමටයි. ඒ කියන්නෙ සොඳුරු පරිසරයක සිට කටුක තැනකට ගිය නිසයි. ඒ කාලය නිර්ණය කිරීමට සීගිරිය මුල් කොට බිහි වුනු සිංහල ජනගහනය විසිරී තිබු යුගය ගත යුතුයි. ඒ කාලේ සිංහල නායකයන් ජන සමාජයේ මැද සිටීම විශේෂ ලක්ෂණයක්. (එය අණුකරණය කරපු ආක්රමණිකයන් අද හැම සිංහල ගමකම මැද සොහොන් පලක් අටවාගෙන ඇත. ඒ ශාපය ජාතියම දිළිඳු කරයි.)
පෙරේතසිරි උන්නැහෙ මොනව කරන්නද ඔයා අනුන්ගෙ දේවල් පිනට ඉල්ලුවේ? මේකෙ දින මාස ගණන් තමන්ගෙ හැකියාව අනුව කියලයි තියෙන්නෙ. ඒක දන්න අය එක්කෙනෙයි ඉන්නෙ. එයා දැනටම ගොඩක් දේවල් කරල. මේක කැලෑ කපල කරන තාලෙ විනාශයක් නොවේ. ටිකෙන් ටික සැර වැඩිවෙන එකක්. නියම පරමාර්ථය විනාශ කිරීම නොව විනාශ කිරීමේ හැකියාව පෙන්වීමයි. හරියට බස් එකේ යන කොට ඇතුළට නගින්න, නැත්නම් ඵූට් බෝර්ඩ් එකෙන් බහින්න කියනවා වගෙයි. ඒක මොන හේතුවකට හරි නොකරනවා නම්, අන්න ඒ වෙලාවෙ තමයි පා සංග්රහයකින් බස් එකෙන් එළියට දාන්නෙ. ඒ වගෙයි ඔය කියන විනාශෙත්.
කයිවාරු ගැහුවට ඔයා හරි දිනේ දැනගන්න ඕන. ඔයාට පරාණ භය සිතට තදින් වැදිල ඔයා අදහන්නෙ නෑ කියන විශ්වාස බදාගන්න දවස තමයි ඕක වෙන දවස. ඒක වැඩි ඈත නොවෙයි. චුට්ටක් ඉවසන්න. ඔයාට කඩි කුලප්පුව හැදිල නම් ඔයා පෙරහැරේ ඉස්සෙල්ලම යන කෙනෙක්. Nasa එකට මොනවද පුළුවන්?
අ16120322+22
dan wath therennadda mokada wenna kiyala
කවුරු මොනවා කිව්වත් මේ දවස්වල ඉර බහින්න කලිං 5.30 ට විතර බටහිර දිශාවේ (ඒක සිකුරු තරුවනම් නෙවෙයි)තරුවක් වගේ දෙයක් පේනවා එක තමයි ලෝකයට කඩාවැටෙන්න තියන උල්කාපාතය තව මස දෙකතුනකින් හඳ වගේ ලොකුවෙලා පේනවා කියල මට දැනගන්න ලැබුන.ඒක ෆැසිෆික් සාගරයට වෙටෙනකොට පෘථිවියට පැය 8 ක භුමි කම්පාවක් එති වෙනවලු .ඒක නිසා දර්මයේ හැසිරීමම තමයි හොඳ.
ma katawa attak tiyanna puluwan.wanna tiyana da way.mokada misail akak awath apita awa allanna bana americawata waga.wadunoth kuda kudu tama.issara japannuth lankawata bomba dammalu na.
Allah the worst!!! Today Makkama has the tomb which houses all hindu statues. People worship hindu statues. Lord Buddha’s sacred places too are found in Middle East. (Yonaka Pura). Sri Lankans who work in ME say that the basements in big houses have liquor. Both men and women drink. Men go to hotels and enjoy with foriegn prostitutes. They rape house maids and push them out of windows. Kings and Princes are all uneducated rich people who do not follow humanity. Poverty increases. Allah is just a name. If Allah created all of us, then who created Allah? The answer is foolish terrorists created Allah in their minds.
Prophet Mohammed raped and married a 9 year old girl. So, he allowed muslims to marry several wives. Unfair to other wives!!! These people are bafoons. They are quietly conquer lands like in Asia. Everywhere in the world they spread. They breed like mosquitoes. Mosques are also built. Allah’s moon is today man’s satellite. Allah has been chased. He is in the sea like a big turtle!!!
muslim un adahannay dewudathwa bawa oyaala dannawada?unta pilimayak unge dewinata roopayak neththay dewu dath polowa t gilaa behapu nis bawai heli wela thiyennay…budunt hema athinam wirudda bawak penwannay a nisai…thambiyo mooda bawa lookema dannawa..unt thiyenna parinamayen pahathma buddiyak lu,a buddhiya waradanaya anik jathinta anuwa beluwama 0.96k lu
MEA KATA VISWASA KALATH NOKALATH, MAMA ATHDAKEEMEN DANNAWA,HONDA VADA KALOT5H SITHATA SAHANAYAK DANENAQWA. NARAKA VADA KALOTH ANITH PATHTA. ENISA, MARENAKAN HONDIN JEEWATH VANNA. | hplt_2 |
Now You can Post classified ads free with dhamsara news paper.
-
දම්සර වෙතින් ඔබට දැන් ඔබගේ වෙලද දැන්වීම නෙමිලේ ප්රචාරය කරවාගැනීමට පුලුවන්.ඒ සදහා ඔබ කල යුත්තේ දැන්වීම නිර්මානය කර අප වෙත එවීම පමනයි.
-
A1, C1,B2,B3, යන දැන්වීම් සදහා සතියක කාලයක් නොමිලේ හිමිවේ.සතියකින් පසු ඔබට අවශය නම් අදාල මාසය සදහා ගෙවිය යුතු මුදල ගෙවා දැන්වීම යාවත් කාලීන කරගැනීමට හැකියාව තිබේ.
-
B 1, A2, C2, A3, C3, යන දැන්වීම් සදහා මාසයකින් පසු අමතර සතියක් නොමිලේ දැන්වීම ප්රචාරය වනු ඇති.
ඔබත් දම්සරින් ලැබෙන මෙම අනගි අවස්ථාවෙන් මෙම අනගි අවස්ථාවෙන් ඔබත් උපරිම පල නෙලාගන්න
Online Advertising Rates
Advertising Banners Dummy - ඹබගේ දැන්වීම පලකරනුයේ පහත ආකාරයට වේ
ඹබගේ දැන්වීම අපවෙත එවීම සදහා පහත පෝරමය බාවිතා කරන්න
-
ඔබගේ දැන්වීම යාවත් කාලීන කරන්නේනම් ඒසදහා ඊමේල් මාර්ගයෙන් අපවෙත දැනුම් දියයුතුය.
-
ඉන්පසු දැන්වීම සදහා මුදල් ගෙවන ආකරය ඔබ වෙත දන්වනු ඇත.
-
ඔබ විසින් දැන්වීම සදහා මුදල් ගෙවීමෙන් පසු නැවත දැන්වීම යාවත් කාලීන වනු ඇත.
E mail : [email protected] | hplt_2 |
නවසීලන්ත සාහිත්යය
ලේඛකයෝ[සංස්කරණය]
නවසීලන්තය වෙනත් රටවලින් පැමිණි සංචාරකයන් (දකුණු අප්රිකාවේ උපත ලද රොබින් හයිඩි) හෝ වෙනත් රටවලට ගොස් නවසීලන්තය ගැන ලියු ඩෑන් ඩෙවිට් හා කැතරින් මෑන්ක්ස් ෆීල් වැනි බොහෝමයක් ලේඛකයන් ඔවුන්ගේ ලේඛකයන් යැයි ප්රකාශ කරයි.
අන්තර්ජාතිකව වඩා සුප්රසිද්ධ නවසීලන්ත ලේඛකයා වන්නේ කෙරී හුල්මේ වන අතර ඇය ඇයගේ නව කථාවක් වන The Bone People සදහා බුකර් ත්යාගයක් දිනා ඇත.
විශේෂතා ලෙස සැමුවෙල් බට්ලර්ගේ Erewhon හැදින්විය හැක. එය නවසීලන්තයේදීත් නිර්මාණය වී නවසීලන්තයේ ඉදීමේ ප්රතිඵලයක් ලෙස ලයවු අතර තාර්කිකව මූලික වශයෙන් ඉංග්රීසි සාහිත්යයට අයත් වෙයි. කාල් වෝල්ෆ් ෂේකර් තවත් විශේෂතාවක් ඇති කරයි. ඕක්ලන්තයේදී ලියන ලද ඔහුගේ Sojourn අයත් වන්නේ ජර්මානු සාහිත්යයටයි.
බොහෝමයක් නවසීලන්ත සාහිතයයන් ඉංග්රීසි භාෂාවෙන් ලිය වුණු නමුත් මඕරි ප්රකාශන ඉක්මනින් වර්ධනය විය. | hplt_2 |
ශ්රී ලංකා ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග චෝදනා සියල්ලට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක නිවැරදිකාරිය බව එංගලන්තය සහ වේල්සයේ නීතිවේදීන්ගේ සංගමය විසින් පවත්වන ලද පරීක්ෂණයක නිගමණය වී තිබේ.
අගවිනිසුරුවරිය පදවියෙන් පහ කිරීමට ශ්රී ලංකා ආණ්ඩුව කටයුතු කළේ දිවි නැගුම පණත් කෙටුම්පත ව්යවස්ථානුකූල නොවන බවට ඇගේ සභාපතිත්වයෙන් යුත් විනිසුරු මඬුල්ලක් දුන් තීන්දුව සම්බන්ධයෙන් පලි ගැනීමේ අරමුණින් බව ද පරීක්ෂණ වාර්තාව සඳහන් කරයි.
මේ තත්ත්වය යටතේ දෝෂාභියෝග චෝදනා විභාග කළ අමාත්යවරුන් හත් දෙනා සහ දෝෂාභියෝග චෝදනාවලට අත්සන් තැබූ මන්ත්රීවරුන් 117 දෙනාට බ්රිතාන්යයේ සංචාරය කිරීම සඳහා වීසා බලපත්ර නිකුත් කිරීමෙන් වලකින මෙන් රාජ නීතිඥ ජෙෆ්රි රොබට්සන් විසින් පවත්වන ලද පරීක්ෂණ වාර්තාව බ්රිතාන්ය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.
'බැංකු ගිණුම් තහනම් කරන්න'
එමෙන්ම එම ඇමතිවරුන් සහ මන්ත්රීවරුන්ගේ නමින් බ්රිතාන්යයේ පවතින බැංකු ගිණුම් තහනම් කිරීම පරීක්ෂණ වාර්තාවේ තවත් යෝජනාවක්.
රාජ නීතිඥ ජෙෆ්රි රොබට්සන් මානව හිමිකම් ක්ෂේත්රයේ ජාත්යන්තර කීර්තියට පත් ජ්යෙෂ්ඨ නීතිවේදියෙක්.
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය, ඇගේ සාධාරණ තීන්දු හේතුවෙන් කෝපයට පත් ආණ්ඩුව සහ ජනාධිපති රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන් අයගෙන් පලි ගැනීමේ අරමුණින් කරන ලද සම්පූර්ණ දෝෂ සහගත ක්රියාදාමයක් බව රාජ නීතිඥවරයාගේ නිගමණයයි.
එය විභාග කළ ආණ්ඩුවේ අමාත්යවරුන් හත් දෙනාම පක්ෂග්රාහී බව ද වාර්තාවේ සඳහන්.
මේ තත්ත්වය යටතේ ශ්රී ලංකාව පොදු රාජ්ය මණ්ඩලයෙන් නෙරපා හරින ලෙස නිර්දේශ කරන රාජ නීතිඥ ජෙෆ්රි රොබට්සන්, ශ්රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්ය මණ්ඩලීය සමුළුවට සහභාගි වීමෙන් බ්රිතාන්යයේ එලිසබෙත් රැජින වැළකිය යුතු බව ද අවධාරණය කරයි.
බ්රිතාන්ය රැජින සමුළුවට සහභාගි වුවහොත් එමගින් රාජපක්ෂ ආණ්ඩුවේ ප්රචාරක ව්යාපාරයට රාජකීය අනුග්රහයද ලැබෙනු ඇති බවයි, මානව හිමිකම් පිලිබඳ ජ්යෙෂ්ට නීතිවේදීවරයාගේ වාර්තාව සඳහන් කරන්නේ. | hplt_2 |
ඡායාරූප උඩුගත කිරීමේදී මේ ගැන සැලකිලිමත් වුනාද? | On the Ownership Issue of Uploaded Photos in Social NetworksOut In The Open
ඡායාරූපකරනය හදාරන්න පටන් ගෙන ගන්න ඡායාරූප ගැන හොඳ නරක අහගන්න මොකක් හරි සමාජ ජාලයකට උඩුගත කිරීම ඕනෙම ආධුනික ඡායාරූප ශිල්පියෙකුගෙ (මාත් ඇතුළුව) පුරුද්දක්. රට පුරා සහ විවිධ වයස් සීමා පුරා අන්තර්ජාලය ව්යාප්ත වෙන අතරෙදි මේ පහසුකම, නැතිනම් තමන්ගෙ portfolio එකක් පහසුවෙන්ම වඩාත් විශාල ප්රේක්ෂකයින් ප්රමාණයකට මුදාහරින්න පුළුවන් වීම, ඉතාමත් ජනප්රිය වෙනව. නමුත් බොහෝ සමාජ ජාල [...] No related posts. ... | hplt_2 |
ෆෝබෝස්ගේ සූර්යග්රහණය දැක්වෙන පින්තූරයේ පෙනෙන්නේ හරියට සූර්යයාගෙන් කොටසක් ගිලලා වාගෙයි. ඒත් කුඩා චන්ද්රයා වූ ඞීමෝස්ගේ සූර්ය ග්රහණය සූර්යයා මත තද කළු ලපයක් ලෙස පැහැදිලිව පෙනෙනවා.
ෆෝබෝස් චන්ද්රයාගේ විශ්කම්භය සැතැපුම් 14ක් වන අතර ඞීමෝස්ගේ විශ්කම්භය සැතැපුම් අටක් විතරයි. එහෙත් ලොකු චන්ද්රයා අඟහරු මත සිට බලන විට වඩාත් ලොකුවට පෙනෙනවා. ඒ එය අඟහරුට වඩාත් ළංව පිහිටා ඇති නිසයි.
ෆෝබෝස්ගේ කක්ෂයක දුර සැතැපුම් 5,800ක් වන අතර ඞීමෝස්ගේ කක්ෂයක දුර සැතැපුම් 14,580ක් වෙනවා.
ෆෝබෝස් හා ඞීමෝස් අපේ පෘථිවියේ චන්ද්රයාට වඩා අඟහරුට ආසන්නවයි, පිහිටා තියෙන්නෙ. ඒ නිසා ඒවා ඉක්මනින් අහස සිසාරා යනු දැකිය හැකියි. ෆෝබෝස්ට අඟහරු වටා වරක් යන්නට ගත වන්නේ පැය අටකටත් අඩු කාලයක් විතරයි. ඞීමෝස්ට ඒ එක් ගමනක් සඳහා පැය 30ක් ගත වෙනවා.
අඟහරු අපේ පෘථිවියට වඩා සූර්යයාට මඳක් ඈතින් පිහිටියත්, රතුග්රහයා මත සිට වුනත් සූර්යයා දෙස කෙළින් ම බැලීම හානිකරයි. ඒ නිසා ‘කුතුහලයා’ වුනත් මේ පින්තූර ගන්න කැමරාවට පෙරණයක් පාවිච්චි කළා. ඒ පෙරණයට සූර්ය කිරණ 1000 ගුණයකින් පංගුවකට අඩු කරන්න පුළුවන්.
මේ සූර්ය ග්රහණවලට අමතරව කුතුහලයා අවධානය යොමු කළා අඟහරු බිම මතුපිට හමු වූ පාෂාණවලට. එයාට හමු වුණා, පිරමීඩ හැඩයක් ඇති පාෂාණයක්, පාපන්දුවක් විතර ලොකු. ඒ පාෂාණය තමයි මුලින් ම විමර්ශනයට ලක්වුණේ.
ඒ පිරමීඩ හැඩයේ පාෂාණය හමු වූ ස්ථානය ‘ග්ලෙනෙල්ග්’ කියා නම් කර තියෙනවා. පොළොවේ මෙහෙයුම් මැදිරියේ ඉන්නා අය බලාපොරොත්තු වෙනවා, ඒ පාෂාණයේ මූල ද්රව්ය සංයුතිය ගැන සොයන්න ස්පෙක්ට්රොමීටරයක් යොදා ගෙන. එහි රොබෝ අතේ සවි කර ඇති කැමරාවෙන් එහි වඩාත් සමීප ඡායාරූප ගන්නත් ඔවුන් සූදානම් වෙනවා.
මේ පාෂාණය ‘ජේක් මැටිජෙවික්’ කියා නම් කර තියෙන්නේ මෑත දී මියගිය නාසා සේවකයකු සිහි වෙන්නයි.
මේ රොබෝ අතේ සවිකර ඇති ඇල්ෆා අංශු එක්ස් කිරණ ස්පෙක්ට්රොමීටරය හා කුඹ ගසෙහි සවිකර ඇති ලේසර් ධාරාවක් මගින් රාසායනික සංයුතිය විශ්ලේෂණය කළ හැකි කැමරා උපකරණය යොදා ගෙන තමයි, පාෂාණයේ මූල ද්රව්ය හඳුනා ගන්නට බලාපොරොත්තු වන්නේ.
මේ විමසුමෙන් රතු ග්රහයාගේ ව්යුහය පිළිබඳ නව දැක්මක් ලැබේයැයි ඔවුන් අපේක්ෂා කරනවා. ඒ අතරම ඔවුනට ඒ උපකරණවල කි්රයාකාරිත්වය ගැනත් අවබෝධයක් ලබා ගන්නත් හැකි වෙනවා.
අඟහරු ග්රහයාගේ සිට එවන ලද අලූත්ම පින්තූර අතර ඇමරිකානු ජාතික ධජයේ අනුරුවක් ඇතුළත් පදක්කමක රූපයක් හා ජනාධිපති අත්සන් සහිත ඵලකයක රූපයක්ද වෙනවා.
--සම්බන්ධිත පුවත් --
- පෘතුවියෙන් ගිය ‘කුතුහලය’ රතු ග්රහයාට බසින්න සූදානම්!
- නාසා ආයතනයේ ‘කුතුහලය’ අඟහරුට ගොඩ බසියි. අඟහරු හා සම්බන්ධව මෙතෙක් තබා ඇති ලෝක වාර්තා මෙන්න!
- අනාගතයේ අඟහරු වෙත යන රෝවර් යානාවලට ‘බලූ පුරුද්දක්’ එක් වේවි!
- අඟහරු ගිය නාසා යානයට පෙනුණු ‘අබිරහස් ආලෝකය’ සහ ‘සපත්තුව’!
- අඟහරු යානය දැන් බරට වැඩ! පස් පුළුස්සා තොරතුරු එවයි!
- අඟහරු වෙත ගිය කියුරියෝසිටි යානය අඟහරු මත වායුව ආඝ්රාණය කර බලයි!
Facebook සමග එක්වන්න. මේ ලිපිය වෙන අය සමගත් බෙදා ගන්න. | hplt_2 |
ඇමැතිවරුන් ඉන්නේ ජනතාවට සේවය කරන්න ය. වචනයේ කිසිදු තේරුමක් නැතැත් ඔවුන්ට මහජන නියෝජිතයන් යැයි කියන්නේ ඒ නිසා ය. අපේ රටේ සෞඛ්ය සේවයක් තිබේ. රෝහල් තිබේ. වාහනයක් නම් ඇන්ජිමක් ඕනෑ සේ ම රෝහලක් නම් බෙහෙත් ඕනෑ ය. අද අපේ බොහෝ රෝහල්වල නැත්තේ ද බෙහෙත් මය. මේ බෙහෙත් නොමැති වීම මත පෞද්ගලික බෙහෙත්හල්, ලේ මුත්රා පරීක්ෂා කරන තැන් තට්ටු පිට තට්ටු නගී.
මේ මාගේ පෞද්ගලික අත් දැකීමක් ය. බිරිඳ රෝහල් ගත කර සිටිය දී ලේ සාම්පලක් පරීක්ෂා කර ගෙන එන ලෙස වෛiවරයා මට පැවසුවේ ය. එය රෝහලේ දිවා කාලයේ රෝගීන්් බලන වේලාව වූ බැවින් මට අදාළ වාර්තාව ලබා ගත හැකි වූයේ සවස රෝහල වෙත යාමේ දීය. එහෙත් මම ලේ සාම්පලය පෞද්ගලික වෛi මධ්යස්ථානය වෙත ලබා දුන් විට එහි සේවිකාව මා ගෙන් විමසා සිටියේ මෙය නේවාසික රෝගියකුගේ ලේ සාම්පලයක් ද යන්නයි. එය එසේ බව කී විට ඇය රෝහලේ වාට්ටුවේ අංකය සහ බිරිඳගේ නම සටහන් කර ගෙන කියා සිටියේ ලේ වාර්තාවේ ගැටලූවක් ඇත්නම් සවස් වන්නට පෙර තමන්ට අදාළ වාට්ටුව වෙත එය දැනුම් දිය හැකි බවයි. ඇත්තට ම එය මට ද පහසුවක් විය.
එහෙත් රෝහල්වල අවශ්ය පහසුකම් නොමැති තත්ත්වයක් තුළ පෞද්ගලික අංශය නමැති බූවල්ලා සිය අඩු විහිදා ඇති අන්දම සිතන්න. වාට්ටුව ආණ්ඩුවේ. බෙහෙත් පෞද්ලික අංශයේ ය. එපමණක් නොව ඔවුන් දැන් ඒකාබද්ධ මෙහෙයුම්වල ද නිරත වීම ඊටත් වඩා භයානක තත්ත්වයකි.
මේ සිදු වීම ලියන්නට සිතා සිටින විට ඊයේ තවත් අපූරු දෙයක් සිදු විය. සෞඛ්ය අමාත්ය මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ තමන්ගේ ගම් ප්රදේශය වන පොළොන්නරුවේ පෞද්ගලික වෛi මධ්යස්ථානයක් විවෘත කළේ ය. විවෘත කිරීම් ඇමැතිවරුන්ට සාමාන්ය දෙයක් වුවත් ඔහු එහි දී කී කතාව බොහෝ දේ අපට කියයි. සෑම නගරයකම පෞද්ගලික රෝහල් සහ වෛi මධ්යස්ථාන බිහිවනවා නම් ඊට වඩාත් ම කැමැති පුද්ගලයා තමන් බව ඔහු කීය. ඊට හේතුව ලෙස ඔහු කීවේ ආණ්ඩුව සෞඛ්යයට වැය කරන මුදල ඉන් අඩු කරගත හැකිය යන තර්කය මත ය. මෙය කීවේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා කියා ගන්නා දේශපාලනඥයා නොව ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ සෞඛ්ය අමාත්ය මෛත්රීපාල සිරිසේන මහතා වීම දුප්පත් රෝගීන්ගේ අවාසනාව නොවේ ද? | hplt_2 |
නුඹේත්, අපි හැමෝගෙමත් හිත්වල, පුංචිකාලෙ ඉඳල ලොකු හීනයක් තිබුණා. ඒ තමයි ”මහන්සිවෙලා ඉගෙනගෙන කවදා හරි හොඳ මනුස්සයෙක් වෙනවා” කියල. අපි මේ ලෝකෙ එළිය දකින්නටත් මාස දහයකට කලිං ඉඳලා, අපි වෙනුවෙන් මහපොළොව එක්ක පොර බදපු, වැසි දිය තරමටම පොළොව පොඟවන්නට දාඩිය හෙළලා වැඩ කරපු, අපේ අහිංසක අම්මගෙ තාත්තගෙ හිත් ඇතුළෙත් ඒ හීනය වෙනස් වචන වලින් ලියවිලා තිබුණා. ”මගේ පුතා කවදාහරි ලොකු මිනිහෙක් වෙන්න ඕනෑ”. ඉතිං වසර විසිපහකට වැඩි අපේ ජීවිතයේ, අහස තරම් උස මහා විභාග කඩුලූ උඩිං, පැනගෙන පැනගෙන එන්නට අපිට හයිය වුණේ, අම්ම පොවපු තන කිරි බිඳත්, තාත්ත කවපු බත්කටත් විතරක් නෙවෙයි. උංගෙ අපේ හිත් ඇතුලෙ ලියල තිබුණු ඒ අහිංසක ”හීනය”ත් හයියක් වුණා.
ඉතිං අපිට ලැබුණු සොච්චම් නිදහස් අධ්යාපනයේ මහිමයෙන්, අපි අපේ හීන වලට ළං වුණා. මහ මහුදෙ වතුර ලූණු රහ වුණේ, මේ විභාග කඩඉම පහු කරන්න, අපේම අම්ම තාත්ත එක්ක අපිත් එකතුවෙලා වගුරවපු ලූණු රසැති දහඩිය කඳුලූ බිංදු වලින්ද කියල හිතෙන තරමටම, අපි ඒ වෙනුවෙන් මහන්සි වුණා. වේලක් නොකා, වේලක් කාල ලියපු විභාග වල තිත්ත රසය යන්තම් හරි මැකුණෙ ”මේ කට්ට හැමදාමත් නැතෙයි” කියලා හිත හදාගත්ත නිසා. කොහොම හරි අන්තිමට කළු පාට ලෝගුව උරයට දාගෙන සතුටු කඳුළින් තෙමුණු දෑසින් ගෙදර ආවෙ දාහක් බලාපොරොත්තු හිතේ තියාගෙන කියල අපි හැමෝම දන්නවා. එතනින් එහාට අපිට තිබුණෙ ලොකු වගකීම් ගොඩක්. එක පැත්තකින් අපේම ලෝකයක් ගැන බලාපොරොත්තුව. අනෙක් පැත්තෙන් අපේම අම්මගෙ තාත්තගෙ දුක නිවන බලාපොරොත්තුව. මේ දෙකම අපේ දෙපා පාමුලටම ඇවිල්ල. ඒත් ”රැුකියාව” ඒ විදියටම අපේ දෙපා පාමුලට අවෙනම් නැහැ.
අපිත් එක්කම උපාධිය ගත්ත සහෝදර සගයින් රැුකියාවට යද්දි අපිට වෙන බාධාවක් ඇවිත් තිබුණා. ඉතිහාසය පුරාවටම අපේ රටට උපාධිධාරීන් බරක් වෙලා තිබුණා. 2004 වසරේදි අපේ සහෝදර අයියලා අක්කලාට (දැවැන්ත අරගලයකින් පසු) රැුකියා දුන්නට පස්සෙ සොච්චම් වැටුපකට හරි බඳවාගැනීමක් සිදු කළේ මේ වසරේදියි. හතලිස් දාහකට අධික ප්රමාණයකට රැුකියා දුන්නට පස්සෙත්, රැුකියා විරහිත උපාධිධාරී ගැටළුව තවමත් විසඳිලා නැහැ. දහස් ගණනක් අපි වගේ සහෝදර සහෝදරියො, ලංකාව පුරාවටම හැම දිස්ත්රික්කයකම ඉතිරි වෙලා ඉන්නවා. ආරම්භයේදී අවිධිමත් දේශපාලන පත්වීම් ලෙස ලබාදුන්නු උපාධිධාරී පත්වීම්, සමස්ථ උපාධිධාරීන්ගේ බලපෑම මත විධිමත් ලෙස සිදු කිරීමට පාලකයින්ට සිදු වුණා. ඉන් පසු දාහකුත් එකක් බලාපොරොත්තු තියාගෙන අභ්යාසලාභී පත්වීම් සඳහා සම්මුඛ පරීක්ෂණවලට ගියපු, පත්වීම් ලිපි ගැනීම සඳහා කැඳවීම් ලැබුණු හැමෝගෙම බඳවාගැනීම් පහුගිය ජුලි 4 වෙනිදා ආණ්ඩුව විසින් නිකුත් කරපු චක්රලේඛයක් හරහා උන්හිටිගමන් නවත්තලා.
මේ චක්රලේක කතාවේ ඇත්ත දැනගන්න ”ඒකාබද්ධ රැුකියා විරහිත උපාධිධාරී සංගමය” ලෙස අපි ඒ ඒ දිස්ත්රික්කවල දිස්ත්රික් ලේකම්වරු මුණගැහෙන්න උද්ඝෝෂණයකින් ගියා. ඒ හැම දිස්ත්රික්කයකම අපිට කිවුවෙ ”ඔයාලගෙ පත්වීම් ලිපි හදල තියෙන්නෙ - නමුත් චක්රලේකය නිසා අපිට කරන්න දෙයක් නැහැ - ඔයාලට අසාධාරණයක් වෙලා තියෙනවා - නමුත් කණගාටුයි” කියන එකයි. ඊට පස්සෙ අපි පසුගිය 18 වෙනිදා පරිපාලන අමාත්යාංශය ඉදිරිපිටට ගිහින් විසඳුමක් ගැන ඇහුවා. ගේට්ටු වසා දමමින් ඇතුල්වීම වැළැක්වුවා. අපි අපේ ප්රශ්නය උද්ඝෝෂණයකින් රටට කියල ආපහු ආව. දැං ඉතිං අපි මොකද කරන්නෙ? නිකංම නිකං ගෙදර ඉන්න එකේ පීඩනය දන්නෙ අපි. ”දැං මොකද කරන්නෙ?” කියල රට්ටු ඇහුවාම දෙන්න උත්තරයක් නැතිව ආත්මාභිමානය දෙපා පාමුල වැටෙද්දී ගොලූ වෙන්නෙ අපි. අම්මගෙ තාත්තගෙ හීනය තව තවත් දුරයි කියල හිතෙනකොට ඒ පීඩනය දැනෙන්නෙ අපිට. මේ හැම එකකින්ම පරිපීඩනයට ලක්වෙන්නෙ අපි.
ඒ නිසා සගයිනේ... දෑත දෙපය හකුලාගෙන නිවසේ ගුලි වෙන්නෙ නැතිව... පාරට බහිමු. අපේ දුක, අපේ වේදනාව, අපේ පීඩනය රටට කියමු. ජනතාවගේ සහය ජනතාවගේ අවධානය අපේ ප්රශ්නය වෙත ගනිමු. එවිට අප නැගූ පුංචි හ`ඩ- මහ දැවැන්ත එකක් බවට පත් වේවි. ඒ වෙනුවෙන් හැමෝම එක් වෙමු. උසස්පෙළ සිසුවාගේ සිට සරසවි ඇදුරා දක්වා සියලූ පීඩිතයින් සාකච්ඡුා මාර්ගික ක්රියාමාර්ග වලින් හෙම්බත් වෙලා, පාලක බොරු පොරොන්දු වලට රැුවටිලා එයින් හෙම්බත් වෙලා පාරට බැහැලා ඉදිද්දි... අපි තවදුරටත් පාලකයින් විශ්වාස කරන්නේ කොහොමද?.
පාලකයින් සරසවි ඇදුරන්ට කිවුවෙත් ”දෙනව දෙනවා.. ඉන්න” කියලා. එහෙම කියලා අවුරුද්දකුුත් ගිහින් නොලැබුණ නිසා ආචාර්යවරු පාරට බැස්සා. අද ආණ්ඩුව අපිට කියනවා... ” සතියෙන් දෙන්නම් - දෙකෙන් දෙන්නම් - ඉන්න” කියලා. ”මං ඔයාලගෙ ගාල්ලෙ ඇමතිතුමා. මං පොරොන්දු වෙනවා - ඇප වෙනවා - දෙන්නම්” ”නිකං බොරුවට කලබල වෙන්න එපා - කලබල වෙලා නම කපාගන්න එපා (තර්ජනාත්මකව)” කියනවා. නාමල් බේබිගේ මූණ බලන්න අවස්ථාවක් ලැබුණු නිසා ගැටලූව අමතක කරමුද? අපිත් රැුවටෙමුද?
මතක තියාගන්න මිරිගුව තියෙන්නෙ කාන්තාරෙ මැද්දෙ. කෙම්බිමක් සොයාගෙන කාන්තාරයෙන් පිටවිය යුතු අපි, මිරිගුවට රැුවටුණොත් මොකද වෙන්නෙ? කාන්තාරෙ මැද්දටම ගිහින් ”මිරිගුව තව ඈතයි... අපි රැුවටුණා” කියල හිතෙනකොට ගොඩක් ප්රමාද වෙලා තියේවි. තව එක අඩියක්වත් ආපස්සට උස්සගන්න බැරි තරමටම, ඔලූව වත් ආපස්සට හරවගන්න බැරි තරමට අපි වෙහෙස වෙලා තියෙයි. ඒ නිසා මිරිගුවට පිටුපාලා ගමන් කරමු.
ධම්මික මුණසිංහ | hplt_2 |
‘අපි මොනවා කිව්වත් යූඑන්පී එකට අවශ්ය මංගල වගේ අය ' - බුද්ධික පතිරණ
'මට කොන්ඩම් තියරිය දාන්න ආවොත් ඒක රාජපක්ෂලාගේ අවසානයයි '- හුලා කියයි
කුරාම් ෂයික් ඝාතනය: පෙම්වතියට නොතීසි
‘පැණි හුලා ' සලාකා කැසිනෝවේ මිලියන 200 ක් ආයෝජනය කරලා!
ගෝඨා රහසේම ඉන්දීය සංචාරයක
පොල් හිඟය නිසා පොල් 'ආනයනය කිරීමට සිදු වෙලා'
විදේශ අමාත්යංශ ලේකම් ධූරය අමුණුගමගෙන් ෂෙනුකාට!
කොළඹ කෝටිපතියන් කතරගම දිළිදු ගොවීන්වීමේ රහස
උතුරේ කාන්තාවන් ලිංගික අතවරයන්ට ලක්වෙමින් සිටිති - විග්නේශ්වරන්
රනිල්, චන්ද්රිකා, ෆොන්සේකා, සම්බන්ධන් එක පෙරමුණක
‘දහතුන් වැනි සංශෝධනය මකා දැමීමට ඉඩ දෙන්නේ නැහැ’- චිදම්බරම්
මුදල් අමාත්යාංශයේ අයිරාව නගී
අති විශේෂ
සජින් වාස්ගෙන් Pan Asia බැංකුවට කෝටි 400ක පොල්ලක්!
ජනාධිපතිගේ රහස්ය මූල්ය උපදේශක විදේශ අමාත්යංශයේ අධීක්ෂණ මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතා...
පුතාගේ ප්රතිඵල විශිෂ්ඨ වීම නිසා තාත්තාගේ ජොබ් එකට කෙලවේ!
ශ්රී ලංකා නීති විද්යාලයේ විදුහල්පති ආචාර්ය වෙදගේ දන්ත රොද්රිගු මහතා...
CHOGM සමුළුවෙන් පසුව විදේශ අමාත්යංශය සහ විදේශ සේවා විසිරුවා හැරීමේ සැලසුමක්
කොළඹදී පැවැත්වීමට නියමිත පොදු රාජ්ය මණ්ඩලීය නායක සමුළුවෙන් අනතුරුව විදේශ...
නවතම පුවත්
ආණ්ඩුව වත්තලත් පරාදයි.
ආණ්ඩු පක්ෂයට බලය හිමි වත්තල ප්රාදේශීය සභාවේ අයවැය යෝජනාවද වැඩි ඡන්ද 03 කින් පරාජය වී ඇතැයි වාර්තා වේ.
හුලුගල්ලගේ යට ඇදුම සෙවීමට ගොස් මාධ්යයේ ඇදුම් ගැලවීම
ජාතික ආරක්ෂාව සම්බන්ධව මාධ්ය මධ්යස්ථානයේ අධ්යක්ෂක ජෙනරාල් සහ ඔහුගේ පෙම්වතිය (අනියම් හෝ විකල්ප) සම්බන්ධව මාධ්ය හැසිරෙන්නේ නිල් චිත්රපටයක දර්ශණයක් සිය පාඨකයන්ට විස්තර කරන්නාක් මෙනි.
'අඩෝ එල්ටන් ජෝන් දැනගනින් තෝ..' කියල එරට ඇමතිවරයෙක් තුන හතරක් අනිනවා දැකල තියෙනවද - සුනිල් පෙරේරා
"කවදාහරි එල්ටන් ජෝන්ට දකින්න ලැබෙනවද ඒ රටේ ඇමතිවරයෙක් මන්ත්රීවරයෙක් වේදිකාවට නැගල 'අඩෝ එල්ටන් ජෝන් දැනගනින් තෝ..' කියල මූණට තුන හතරක් අනිනවා ? ඒත් ලංකාවේ එහෙම නෙවෙයි. මන්ත්රීවරු ඇමැතිවරු ඇවිත්...
ආණ්ඩුව තවමත් උතුරු නැගෙනහිර ගැටුම් ඇතිකරමින් බෙදුම්වාදයට පාර කපනවා - ජවිපෙ
‘යුද්ධය අවසන් වෙලා වසර 05ක සම්පූර්ණ වෙන ආසන්නයි. අදටත් ආණ්ඩුව උතුරු නැගෙනහිර ජනතාවගේ සාමය, සංහිඳියාව, සමගිය ඇතිකරන්න අසමත්වෙලා.
ඩෙල්ෆ් සභාපති ඝාතනය ඊපීඩීපී අභ්යන්තර අර්බුදයක්
පසුගියදා ඝාතනයට ලක්වූ ඩෙල්ෆ් ප්රාදේශීය සභාවේ සභාපති රෙක්සින් රජීව් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊ.පී.ඩී.පී. යාපනය දිස්ත්රික් සංවිධායක කමල් නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව ග්රෝබල් ටැමිල් පුවත් සේවය වාර්තා කර සිටී. ඝාතනයට...
හුලාගේ කාමරයේ ඉන්වෙන්ට්රිය කම්කරුවන් පොලීසියට භාර දෙයි!
අතීතයට බලපාන පරිදි ඊයේ විසිරුවා හරින ලද ජාතික ආරක්ෂාව පිලිබඳ මාධ්ය මධ්යස්ථානය මෙතෙක් කලක් පවත්වාගෙන ගිය කොල්ලුපිටියේ ගොඩනැගිල්ල වහාම ක්රියාත්මක වන පරිදි ජනාධිපති මාධ්ය ඒකකයට භාර දෙන ලෙස ජනාධිපතිවරයා නියෝග...
උතුරේ සේනා අඩු කිරීමට ලෝක නායක බලපෑම් ඉල්ලයි
උතුරේ රඳවා සිටින සන්නද්ධ සේනා අඩු කිරීම සඳහා ශ්රී ලංකාවේ ආණ්ඩුවට බලපෑම් කරන මෙන් මහ ඇමැති සී වී විග්නේස්වරන් ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටී.
ජ'පුර සරසවියේ සත්යග්රහයක්
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ පරිපාලනය විසින් මේ මොහොත වන විට කරගෙන යනු ලබන දැවැන්ත ශිෂ්ය මර්දනයට එරෙහිව මහා ශිෂ්ය සංගමය විසින් සංවිධානය කරනු ලබන උද්ඝෝෂණයක් හා සංකේත සත්යග්රහයක් ඊයේ (2013.12.03) දින...
අභිමන් ගමනක නොමියන මතකය සුනිලා – සමරු උත්සවය
මානව අයිතීන් ප්රවර්ධනයෙහි ලා ප්රභල ක්රියාකාරිණියක මෙන්ම ජනතාවාදී කලාකාරිණියක ලෙසින් සිනමාව. වේදිකා නාට්ය ඇතුළු විවිධ කලා මාධ්යයන් තුල සුනිලා අබේසේකර නම් වූ ස්ත්රීවාදිනිය විසින් සිදු කරන ලද අනුපමේය සමාජ මෙහෙවර...
හුලාගෙන් ‘බ්ලූ වෝටර්' හෝටලයට ලක්ෂ 20 ක පොල්ලක්!
මේ දිනවල රාජපක්ෂවරුන්ටත් වඩා ශ්රී ලංකාවේ මාධ්ය තුල ප්රකටම පුද්ගලයා වන ලක්ෂ්මන් හුළුගල්ල නොහොත් ‘පැණි හුලා' වාද්දුව තල්පිටියේ ‘The Blue water hotel ' වෙත රුපියල් දහනම ලක්ෂ අසුතුන් දහස් අටසිය හැට...
විශේෂාංග
ශී්ර ලංකාවේ නීතිය කැඩීමේ ආධිපත්යය - කිෂාලි පින්තු ජයවර්ධන
කොළඹ පොදුරාජ්ය මණ්ඩලීය නායක සමුළුවේ දී ඔස්ටේ්රලියානු අගමැති ටෝනි ඇබොට් කළ ප්රකාශය අතිශය කණගාටුදායක සරළකරණයකි....
කාන්තාවන්ගේ ප්රධාන රැකියාව වහල් මෙහෙයද? - එච්.එම්. නවරත්න බණ්ඩා
සුද්දාගේ කාලයේ ඔවුන්ගේ සපත්තු පිස දැමූ වකවානුවක් ගැන තවමත් මහා හඬින් දෙසාබාන අපගේ බොහෝ බංකොලොත්...
අපගේ විරුවන් හැමදාමත් ආණ්ඩුවට ත්රස්තවාදීන්ය
ජාතිය රඳවා ඇත්තේ ජාතික හෙළ උරුමයේ නායකයින් ගේ පස්සා පැත්තේ බැවින් විවේකයකට ඉඳහිට වාඩි වන...
ලංකාවේ පොලීසිය මාව මරන්නයි හැදුවේ - ජෙයපාලන්
තමාව අත් අඩංගුවට ගත් ශ්රී ලංකා පොලිසියේ නිළධාරීන්ට තමාව මරා දැමිමට උවමනා වු බව ශ්රී...
ෆෙඩරල් ක්රමය සහ බලය බෙදාහැරීමේ දීර්ඝ අතීතය දෙස ආපසු හැරී බැලීමක් - සී. වී. විවේකානන්දන්
2013 ඔක්තෝබර් 11 වැනි දා පැවති උතුරු පළාත් සභා මැතිවරණයේ දී ‘දෙමළ ජාතික සන්ධානය’ ස්වකීය...
පශ්චාත් යුද්ධ ජන මනස ගැන සෙවීමක් - සුනන්ද දේශප්රිය
පශ්චාත් යුද්ධ ප්රජාතන්ත්රවාදය මැය ලෙස ගෙන පවත්වන ලද ජනමත සමීක්ෂණයක ප්රතිපළ පසුගියදා එළි දැක්විණි. මෙම...
‘‘ලැජ්ජ නැද්ද යකෝ දෙමලුන්ට කඩේ යන්න?” - සම්පත් සමරකෝන්
කාලෙකින් මා ඇමතූ නැති මාගේ මිතුරෙක් ඊයේ රාත්රී හදිස්සියේම මා අමතා “ලැජ්ජ නැද්ද යකෝ දෙමලුන්ට...
විකාරයක් වූ පොදුරාජ්ය මණ්ඩලීය සමුළුව - ෂ්යාමන් ජයසිංහ
පොදුරාජ්ය මණ්ඩලීය නායක සමුළුව ලංකාවේ නොපවත්වන්නැ යි කළ විවිධ බලපෑම් තිබියදීත් එය ලංකාවේ පැවැත්වීමට...
විපක්ෂයේ සිහින සිනාරියෝව(Scenario) සහ ලංකාවේ අනාගත දේශපාලනය - උදය ආර්. තෙන්නකෝන්
දෙවන කොටස (පසු ගිය කලාපයෙන් සිනාරියෝ (Scenario) යන්න කුමක්ද පිළිබඳවත් ලංකා දේශපාලනයේ විය හැකි සිනාරියෝවක්...
සරණාගතයන් සහ මානව හිමිකම් අපහරණ: අපට නොදැක්කා සේ සිටිය නොහැක - ජෙෆ් ස්පැරෝ
ටෝනි ඇබොට් ශ්රී ලංකා නාවුක හමුදාවේ නැවක් නැරඹීමට ගියේය. ලංකාවෙන් ඕස්ටේ්රලියාවට මිනිසුන් පැටවීමේ ජාවාරම...
මානව හිමිකම්
ඉන්දීය ලේඛිකාව ඇෆ්ගනිස්තානයේ දී වෙඩි තබා මරුට
තාලිබාන් වරුන්ගෙන් ගැලවී ආ ආකාරය පිලිබඳව ජනප්රිය පොතක් ලියූ ඉන්දීය...
උඩුගම පොලිසියේ මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය (වීඩියෝ සාක්ෂි සහිතයි)
හොර හරක් ප්රවාහනය නිති විරෝධී ක්රියාවකි. හෙරොයින් ප්රවාහනයද නිති විරෝධී...
ව්යාපාරික
දුෂිතයෝ MBSL බැංකුව අවුල් කරන්නේ මෙහෙමයි!
රක්ෂණ සමාගමේ දූෂණ චෝදනා ලත් කළමණාකාර අධ්යක්ෂ සිඩ්නි ගජනායක නැමැත්තා...
විදෙස්
තායිලන්ත අර්බුදය උග්ර අතට හැරෙන ළකුණු
විරෝධතා ව්යාපාරයක් ගෙනයමින් සිටින තායිලන්ත ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ බැංකොක් අගනුවර...
සිරියාවේ සිවිල් යුද්ධයෙන් දරුවන් එකොලොස් දහසක් මරුට
දමස්කස් අගනුවර අසල ප්රදේශයක ආණ්ඩුවේ හමුදා විසින් අටවනු ලැබ තිබෙන...
හෙලන් ඇවිත් ඉන්දියාවේ 11,000ක් අවතැන් කරයි
පැයට කිලෝමීටර් 120ක වේගයෙන් ඊයේ ඉන්දියාවේ නැගෙනහිර ප්රදේශයට කඩා වැදුණු...
එදා කී කතා
අපි අපේ යෝධයා ඇහැරවා ගනිමු!
පූර්විකාව මතු දැක්වෙන්නේ මීට විසි වසරකට ඉහත ලියැවුණ ලිපියකි. මෙම ලිපියට...
ධනේශ්වරයේ නිරුවත හෙළි කරන ‘‘මුහුදු සුසානයේ සැතපෙනු පිණිස’’
හිරු නොබසින අධිරාජ්යයට යටත්ව තිබු බොහොමයක් රටවල්වල විසූ ජනයාගේ සංස්කෘතිය,...
‘‘ඉසිරි විසිරි දේ’’ බටහිර ආක්රමණික ම්ලේච්ඡත්වයේ එක් පැතිකඩක් පමණි
වසර 1505 දී දිවයිනට ගොඩබට ලොරෙන්සෝ ද අල්මේදා නමැති...
ජෙයපාලන්, අපිට සමාවෙයන් ලොකු අයියේ !
බඩට ගහන්න එපායැයි කියූසෝමපාලගේපමණක් නොව අඹු දරැවන්ගේත්බඩට මරණීය පහරමෙයයි කලියුගයේ...
ආරියවංශ රණවීරගෙන් ගුණදාස අමරසේකරට අභියෝගයක්
ගුණදාස අමරසේකර මහත්මය කියනව: ‘මේ හයිකු, මේ ඇමරිකන් කවි, මොනවද... | hplt_2 |
2012 දෙරණ වීට් මිස් ශ්රී ලංකා තරගාවලිය අවසන් වූයේ සුමුදු ප්රසාදිනී හා විනූ උදානි සිරිවර්ධනට සම කිරුළු හිමිකරදෙමිනි.
එසේ ජයග්රහණය හිමිකරගත් විනූ උදානි සිරිවර්ධන මිස් ශ්රී ලංකා තරගාවලියේ දී මිස් ටැලන්ට් හා සන්ඩේ ඔබ්සවර් මිස් පොපියුලර් යන අනු කිරුළු හිමිකරගැනීමට ද සමත්විය. . .
*මිස් ශ්රී ලංකා කිරුළ හිමිකරගැනීමත් සමග මුළු රටක් ඔබට හඳුනාගත්තා. ඔබ ලබපු ඒ ජනප්රියත්වය ඔබට දැනෙන්නේ කොහොමද?
මිස් ශ්රී ලංකා තරගාවලිය තුළින් තමයි මම ජනතාව අතරට ආවේ. ඉතින් මට ජනතාවගෙන් ගොඩක් ප්රතිචාර ලැබෙනවා. ඒ ප්රතිචාර ගැන මට ගොඩක් සතුටුයි.
*ඒ ජයග්රහණයත් එක්ක ඔබේ ඉදිරි ගමන සකස්වෙන්නේ කොහොමද?
දැනට මම අධ්යාපන කටයුතු තවම අවසන් කර නෑ. අධ්යාපන කටයුතු හදාරමින් නිරූපණය ඇතුළු ඉදිරි කටයුතු කරගෙන යාමයි මගේ බලාපොරොත්තුව.
*ඔබේ ඒ අධ්යාපන කටයුතු ගැනත් කතාකළොත්?
මම උසස් අධ්යාපනය දක්වා අධ්යාපනය හැදෑරුවේ නුගේගොඩ අනුලා විද්යාලයෙන්. උසස් පෙළ හැදෑරුවේ වාණිජ අංශයෙන්. මම දැන් විශ්ව විද්යාල ප්රවේශය බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඉදිරියේ දී දිගටම අධ්යාපන කටයුතු හදාරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අධ්යාපනය විවිධ ක්ෂේත්ර හරහා වැඩිදියුණු කරගන්නත් බලාපොරොත්තු වෙනවා.
*කලා ක්ෂේත්රයට සම්බන්ධවෙන්න අදහසක් නැද්ද?
මට රංගන ක්ෂේත්රය සඳහා ආරාධනා ලැබිලා තිබෙනවා. ඉදිරියේදී ඒ සඳහා දායකවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
*මිස් ශ්රී ලංකා කිරුළ හිමිකරගැනීමෙන් පසු ඔබ යම් සමාජ සේවා කටයුතුවලට සම්බන්ධව කටයුතු කරනවාද?
මම දැනටමත් දෙහිවල, කරගම්පිටිය ප්රදේශයේ ධර්මරාජ විහාරස්ථානයේ ළදරු පාසලක ළමුන්ගේ අධ්යාපනය හා පෝෂණය පිළිබඳව කටයුතු කරනවා. මිස් ශ්රී ලංකා තරගයට පෙර සිටම මම ඒ කටයුතු සඳහා සම්බන්ධ වෙලා හිටියා. කිරුළ හිමිකරගැනීමත් සමග මම බලාපොරොත්තු වෙනවා ඒ කටයුතු වඩාත් පුළුල් අන්දමින් කරගෙන යන්න.
*ඔබ මිස් ශ්රී ලංකා තරගාවලියට ඉදිරිපත් වෙන්න තීරණය කළේ?
මගේ පොඩි කාලේ ඉඳන් තිබුණු බලාපොරොත්තුවක් තමයි රට නියෝජනය කිරීම. දෙරණ වීට් මිස් ශ්රී ලංකා තරගාවලිය මගේ ඒ බලාපොරොත්තුව ඉටුකර ගත හැකි එක්තරා අවස්ථාවක්. ඒ තරගය හරහා මට එම භාග්යයත් ලබාගෙන ජාත්යන්තර තරගවලට සහභාගි වෙලා උපරිම ජයග්රහණ මගේ මව්බිමට ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් තමයි මම මිස් ශ්රී ලංකා තරගාවලියට ඉදිරිපත් වුණේ.
*මිස් ශ්රී ලංකා තරගාවලියට ඉදිරිපත් වුණු තරගකාරියන් අතරින් ඔබ සමග වඩා සමීපව කටයුතු කළ තරගකාරියන් කවුද?
තරගාවලිය තුළ අනෙක් තරගකාරියන් 11 දෙනාම මාත් එක්ක හුඟක් සහයෝගයෙන් හිටියා. ඒ අතරින් නම් වශයෙන් මතක් කරන්න කැමතියි ජොආනා මයන්ති, ලසෝදා සිරිවර්ධන, වරුණි සහ ගනේෂා කියන තරගකාරියන් මාත් එක්ක ගොඩක් සමීපව සිටියා. ඊට අමතරව සියලුම තරගකාරියන් සහයෝගයෙන් කටයුතු කළා.
*නිරූපණ ක්ෂේත්රය පිළිබඳව වැඩිදුර හෑදෑරීමක් කරන්න ඔබේ බලාපොරොත්තුවක් තියෙනවද?
මම බලාපොරොත්තු වෙනවා නිරූපණ ක්ෂේත්රය හරහාත් උපාධියක් හදාරන්න.
*විනූ, මේ දක්වා ඔබ පැමිණි ගමන තුළ සහ ඉදිරියේ දී ක්ෂේත්රය තුළ ඔබ යාමට බලාපොරොත්තු වන ගමන තුළ ඔබ විසින් පනවාගත් යම් සීමා මායිම්, කොන්දේසි තිබෙනවාද?
අනිවාර්යයෙන්ම එහෙම සීමා පනවගෙන තිබෙනවා. මම ලබාගත් ජයග්රහණයත් එක්ක සිංහල සිනමාව සහ ටෙලි නාට්ය සඳහා ආරාධනා විශාල ප්රමාණයක් ලැබිලා තියෙනවා. ඒ සඳහා දායකවෙද්දි මගේ සීමාවක් විදිහට මම පනවගෙන තිබෙනවා මම දායකවෙන්නේ කිසියම් ආදර්ශයක් දෙන්න පුළුවන් චරිතයක් සඳහා පමණයි. ඒ වගේම බෞද්ධ චරිතයකට දායකත්වය දීමයි මගේ බලාපොරොත්තුව. එවැනි ආරාධනාවක් මම සතුටින් භාරගන්න කැමතියි.
*ඔබ දක්ෂතා දක්වන්නේ මොනවගේ ක්ෂේත්රවලටද?
මට නර්තනය සම්බන්ධ විශේෂ දක්ෂතාවයක් තියෙනවා. ඊට අමතරව චිත්ර, ක්රීඩා වැනි සෑම ක්ෂේත්රයක් තුළම මම දක්ෂතා දක්වලා තියෙනවා.
*ඔබේ පවුලේ සාමාජිකයින් ගැනත් මතක්කළොත්?
පවුලේ අම්මායි, තාත්තායි, අයියායි, නංගියි, මමයි.
*යොවුන්වියේ සිටින තරුණියක් විදිහට ආදරය සහ විවාහය ඔබ දකින්නේ කොහොමද?
ආදරයක් කියන්නේ විඳිය යුතු දෙයක්. විඳවන්න නෙමෙයි ආදරය තියෙන්නේ විඳින්න. එවැනි සුන්දර ආදරයක් අනාගතයේ දී විවාහයක් බවට පත්වෙන්න පුළුවන්.
*මේ වෙද්දි ඔබ ඒ ආදරයේ සුන්දරත්වය විඳිනවාද?
දැනට නම් මට ඒ ආදරය සම්බන්ධව අත්දැකීම් නෑ.
*ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවගේ සහකරුවෙක්ද?
මගේ අදහස අනුව විවාහය අවුරුදු 22 ත් 26 ත් අතර කාලය තුළ සිදුවෙනවා නම් හොඳයි. මම බලාපොරොත්තු වෙන්නේ මාව හොඳින් විශ්වාස කරන, මාව හොඳින් තේරුම්ගත්, මට හුඟක් ආදරය කරන කෙනෙක්. ඒ වගේම මම සම්බන්ධ වෙන ක්ෂේත්රය පිළිබඳව වැටහීමක් තිබිය යුතුයි. ඒ වගේම ඔහුත් සමාජයේ හොඳ තැනක ඉන්න කෙනෙක් විය යුතුයි. එවැනි පුද්ගලයෙකු තමයි මම බලාපොරොත්තු වෙන්නේ.
*මිස් ශ්රී ලංකා තරගාවලිය හරහා ඔබ ලබාගත් ජනප්රියත්වයත් එක්ක ගොඩනැගුණු ඔබේ රසිකයින්ගෙන් ආදර යෝජනා ලැබිලා නැද්ද?
දැනට නම් නැහැ.
*ඔබ කොහොමද ඔබේ විවේකය විනෝදයෙන් ගතකරන්නේ?
විවේකයක් ලැබුණම ගොඩක් වෙලාවට පවුලේ අයත් එක්ක එළියට යනවා. කොහෙහරි නිදහස් තැනක එකතුවෙනවා. නැත්නම් චිත්රපටයක් බලන්න යනවා. එහෙමත් නැත්නම් දුර පළාතකට යනවා. ඒ වගේ සතුටින් විවේකය ගතකරන්න තමයි ගොඩක් කැමති. දැනට නම් විවේකී අවස්ථාවන් ලැබෙනවා බොහොම අඩුයි. විවේකයක් ලැබුණත් මම ඒ කාලය ළදරු පාසලේ දරුවන් වෙනුවෙන් යොදාගන්නවා.
*මේ දක්වා ඔබ ඔබේ ජීවිතය තුළ දුටු සෑම සිහිනයක්ම සැබෑ කරගන්න ඔබට අවස්ථාව ලැබිලා තියෙනවද?
අද වනවිට මම දැකපු බොහොමයක් හීන සාර්ථක වෙලා තියෙනවා.
*ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?
මගේ අධ්යාපන කටයුතු ඉදිරියවට කරගෙන යන්න. අධ්යාපන කටයුතු සමග රංගනය හා නිරූපණ ක්ෂේත්රයටත් මගේ දායකත්වය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.
*වඩාත් සාර්ථක ආදර විවාහයද? යෝජිත විවාහයද?
ආදර විවාහය.
*ඔබ ක්ෂේත්රයට සම්බන්ධ වුණාට ක්ෂේත්රයේ කිසියම් කෙනෙකුගෙන් ආදර යෝජනාවක් ලැබුණු අවස්ථාවක් තියෙනවාද?
නැහැ.
*එකවර කිහිපදෙනෙකුට ආදරය කළ හැකිද?
බැහැ.
*ජීවිතයේ වැදගත් කටයුතුවලදී ඔබ ජ්යොතිෂයට මුල් තැනක් දෙනවද?
නැහැ.
*ඉහළ මුදලකට කිසියම් දේශපාලන පක්ෂයක ප්රචාරණ කටයුත්තක් වෙනුවෙන් සැකසුණු කලා නිර්මාණයකට සම්බන්ධවෙන්න අවස්ථාවක් ලැබුණොත් භාරගන්නවද?
ඔව්.
*ඔබ කිසියම් තරුණයෙකු පිළිබඳව තබා සිටි බලාපොරොත්තු බිඳවැටුණු අවස්ථාවක් තියෙනවාද?
නැහැ.
*සම්පූර්ණ නම
විනූ උදානි සිරිවර්ධන
*උපන්දිනය
1992. 03. 10
*ලග්නය
සිංහ
*උස
අඩි 05 අඟල් 05
*පදිංචිය
දෙහිවල
*ප්රියතම විලාසිතාව
ගවුම | hplt_2 |
කේන්ද්රය, සාස්තර සහ අනාවැකි
මේ කියන මාතෘකාව තුල ගොඩාක් දෙනා සිරවෙලා හිටියත් ඒ හැම කෙනෙක්ම ඉන්නේ මේ දේවල් පිළිගන්නද නොගන්නද කියන දෙගෙඩියාවෙන්. මුලින්ම කියන්න යන්නේ හැමෝම ගාව තියෙන කේන්ද්රය එහෙමත් නැත්තම් වේලපත්කඩ කියන එක ගැන. මේක නිර්මාණය වෙන්නේ කෙනෙකුගේ උපන් වේලාව හා උපන් ස්ථානය අනුව ඒ ඒ ග්රහයයන්ගේ පිහිටීම් අනුව. මේ ග්රහ පිහිටීම් අනුව කෙනෙකුගේ ගතිගුණ, හැඟීම් හා ඔහුගේ හෝ ඇයගේ අනාගතය තීරණය වෙනවා කියලයි ජෝතිෂ්ය විද්යාවේ කියන්නේ. කේන්ද්ර යේ ඇති දෝෂ හා ගැලපීම් අනුව යමක් කිරීමේ වේලාවන් හා පරිස්සම් වියයුතු දේවල් ගැන පුරෝකථන කරනවා වාගේම කෙනෙකුගේ ජීවිතය තීරණය වෙලා තියෙන විදිහ එහෙම නැතිනම් දෛවය ගැන පුරෝකථන කරනවා.මේ දේවල් ගැන මිනිස්සු විවිධාකාර අදහස් දක්වනවා. කොටසක් මේ දේවල් සම්පූර්ණ බොරුවක් බවත් අනිත් අය මේ දේවල් සම්පූර්ණ සත්ය බවත් පිලිගන්නවා වුවත් මම නම් හිතන්නේ මේ දේවල් වල යම්තාක් සත්යයක් තියෙනවා කියලයි.
ඒ වාගේම තමා සාස්තර හා අනාවැකි. මේ දේ දැන් ගොඩක් නගර වල රොඩී ගෝත්රික කාන්තාවන් රැකියාවක් ලෙස කරතත් ඒ අය අතර ගොඩක් දෙනෙක් බොරුව තම ජීවන වෘත්තිය කරගෙන. ඒ නිසාම මේ දේවල් අමූලික බොරුවක් කියන තත්ත්වයට මිනිස්සු පත්වෙලා තියෙනවා. ඒත් මේ දේවලුත් කේන්ද්රය මෙන්ම දෙයක් යැයි කියන්න පුළුවන්. කෙනෙකුගේ ඇති උපන් ලප, හස්ත රේඛා හා හැසිරීම් විලාසය යන ඒවා උදව්වෙන් තමා ගොඩක් සාස්තර හා අනාවැකි කියන්නේ. හස්ත රේඛා පිහිටීම, අල්ලේ ආකාරය හා වෙනත් ලක්ෂණ අනුව කෙනෙකුගේ චර්යා රටාව හා ඔහුගේ දෛවය තීරණය වුනු ආකාරය කියනවා. මේකත් එක්තරා විශයයක්. නමුත් දැන් මේ ක්ෂේත්රය සඳහා ප්රවීණයන් හෝ ඒ පිළිබඳ අධ්යනයයන් කරන්නන් අඩුයි. ඒ වාගේම මේ දේවල් වලින් කොටසක් පමණක් දැනගෙන සම්පූර්ණ දන්නවා මෙන් බොරුකරන්නන් අධික නිසාවෙන්ම මේ ක්ෂේත්රය ඉගෙන ගන්න කෙනෙකු තුල ඇතිවන කැමැත්ත කියන එකත් ගොඩක්ම අඩුවෙලා තියෙනවා.
නමුත් හොඳින් සිතා බලද්දී අපේ ඉතිහාසයේ රාවණ යුගයේ පටන්ම තාරකා ශාත්රය හෙවත් ජෝතිෂ්ය විද්යාව තිබිල තියෙනවා. එතැන් ඉඳන් මේ තරම් දිගු කාලයක් තිස්සේ නොනැසී පවතින්න තරම් සත්යයක් මේ විශයයේ තිබිල තියෙන බව වටහා ගන්න පුළුවන්.පොත පත කියවද්දී ඒවායේ හමුවන චරිත වලින් හැඟවෙන දෙයක් තමයි මේ විශයයේ කෙළ පැමිණි අය උපන් වේලාවේදී කේන්ද්රය බලා ඔහුගේ ආයුශ හා ඔහු ගතකරන ජීවිතය පිළිබඳ නිවැරදි ලෙසම අනාවැකි පලකර ඇතිබව.
මේ ක්ෂේත්රයේ නිවැරදි ලෙස යෙදෙන්නෙකුගෙන් ශුභ වේලාවන් ගෙන ඒ ඒ වේලාවන්හිදි ශුභ කාර්යයන්හි යෙදීමෙන් ඉතා සාර්ථක ලෙසකාර්යය කරගැනීමේ හැකියාවක් ඇති බවයි කියන්නේ. ඒ වාගේම සතුරු උවදුරු වලින්ද බේරීමේ හැකියාවක් තියෙනවා. නමුත් විශේෂිතව කියන්න ඕන දෙයක් තමයි මේ සියල්ල අඅනාවැකි මේ දේවල් අප කියන කරන දේවල් අනුව වෙනස් කරගන්න පුළුවන්. අපි මේ අනාවැකි කීම කරන්නේ ඒ ඇතිවන උවදුරු වලින් ආරක්ෂාකාරී වෙලා ජීවිතය ගෙවන්න හැකි වෙන්න. අපේ අධිෂ්ඨානය අනුව අපිට මේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඒ නිසා හොඳින් හිතට ගන්න ඕන දෙයක් තමා මේ දේවල් වුවමනාවට වඩා හිතන්නේ නැතිව තමන්ගේ ජීවිතය ගෙවන එක තමා හොඳම දෙය. මේ දේවල් අහන්න බලන්න දකින්න. ඒත් ඒ මතම ඉන්නේ නැතිව ආරක්ෂාකාරී වියයුතු තැන් මඳක් සිතේ තබාගන්න. ඒ ඇති.
ලිපිය දැම්මේ Sula (සුලා) @ 7/04/2012 02:08:00 pm නම් කිරීම්: මගෙන්....
Subscribe to: Posts (Atom) | hplt_2 |
In this week’s Ravaya column (in Sinhala), I reflect on my recent visit to Pakistan, after 15 years.
When I last visited, in 1997, there were only state owned radio and TV channels. That changed in 2002 when private ownership was allowed. In a decade, private broadcasting has grown and expanded — especially in news and current affairs TV channels, which are now a dominant factor in Pakistan’s everyday life.
What does this mean for media pluralism, governance and social order in a country as complex as Pakistan? Are 24/7 news channels part of the problem or part of the solution? Since the genie cannot be sent back into the lamp, how best can its powers be harnessed for the public interest?
“ඇෆ්ගනිස්ථානයට යාබදව තිබෙන විකාර දේශය” හැටියට මගේ මිය ගිය පාකිස්ථානු මිතුරිය සනියා හුසේන් ඇගේ උපන් බිම හදුන්වා දෙන්නට පුරුදුව සිටියා. එය වඩාත් තිව්ර ලෙස දැනුනේ ඉංගී්රසියෙන් කී විටයි. ‘I live in Absurdistan, located next to Afghanistan!’
සනියා තමාගේ මවු රටට ඇලූම් කළ, එරට පොදු ජන උන්නතියට මාධ්යවේදිනියක හා සමාජ ක්රියාකාරිනියක ලෙස විශාල සේවයක් කළ අයෙක්. එහෙත් සිය රටේ දැවෙන ප්රශ්න හා දැඩි සමාජ විසමතා ගැන නොවලහා කථා කිරීමටත්, සමාජ සාධාරණත්වය හා ප්රජතාන්ත්රවාදය උදෙසා උද්ඝෝෂණ කරන්නටත් ඇය පසුබට වූයේ නැහැ.
පාකිස්ථානය අද ලෝකයේ දැඩි අවධානයට ලක් වූ රටක්. ඉස්ලාමීය මූලධර්මවාදය ප්රවර්ධනය කොට පිටරට පටවන බවට බටහිර රටවල් පාකිස්ථානයට චෝදනා නගනවා. මෙය එරට රජය හා ජන සමාජය එක එල්ලේ පිලි ගත්තේ නැතත්, නීතිය හා සාමය රැක ගැනීම පිළිබද බරපතල ගැටළු මතුවී ඇති බවට නම් ඔවුන් හැම කෙනකු ම එකග වනවා.
වසර 15කට පසු මා මෑතදී යළිත් පාකිස්ථානයට ගියා. එහි වඩාත් ම ජනාකීර්ණ වූත්, වානිජමය කේන්ද්රස්ථානය වූත් කරච්චි නගරයේ දින කිහිපයක් මා ගත කළේ එරට ටෙලිවිෂන් වාර්තාකරුවන් හා නිෂ්පාදකයන් සඳහා පුහුණු වැඩමුළුවක ප්රධාන පුහුණුකරුවා හැටියටයි. මේ නිසා කෙටි කාලයක් තුල එරට ජන සමාජය හා දේශපාලන ප්රවාහයන් ගැන මාධ්යවේදී මිතුරන් රැසක් සමග කථා බහ කරන්නට ඉඩ ලැබුණා. ඊට අමතරව මගේ පැරණි පාකිස්ථානු මිතුරු මිතුරියන් කිහිප දෙනකු ද හමුවුණා.
පාකිස්ථානය වැනි සංකීර්ණ රටක ප්රශ්න ගැන කෙටි සංචාරයකින් තේරුම් ගත නොහැකියි. එහෙත් මා ඇසූ දුටු ඇතැම් දේ අපටත් අදාල යැයි සිතෙනවා.
පාකිස්ථානය වෙන ම රටක් ලෙස බිහිවූයේ 1947 අගෝස්තුවේදී බි්රතාන්ය පාලකයන් නික්ම යද්දී ඔවුන් පාලනය කළ භාරතය, ඉන්දියාව හා පාකිස්ථානය ලෙස බෙදීමත් සමගයි. එදා මෙදා තුර ගෙවී ගිය වසර 65 තුළ ඉන්දියාව දිගට ම ප්රජාතන්ත්රික රටක් ලෙස පැවතුනත් පාකිස්ථානය කිහිප වාරයක් හමුදා ආඥාදායකත්වයට නතු වූවා. (නිදහසෙන් පසු වසර 32ක් පාකිස්ථානය පාලනය කර ඇත්තේ හමුදා පාලකයන්.)පාකිස්ථානයේ හා ඉන්දියාවේ මුල සිට ම ස්ථාපිත වූ එක් ප්රබල සමාජ සංස්ථාවක් නම් ජනමාධ්යයි. මුළුමනින් ස්වාධීන වූ ජනමාධ්ය ලෝකයේ කිසි රටක නැහැ. එහෙත් බලයේ සිිටින රජයට, හමුදා හා ආගමික නායකයන්ට හෝ වෙනත් බලාධිකාරයන්ට දැඩි සේ නතු නොවූ, අදීන මාධ්ය සම්ප්රදායක් මේ දෙරටේ තිබෙනවා. සමහර මාධ්ය ආයතන තම සීමා ඉක්මවා ජනමතය හසුරුවන බවට චෝදනා ඇතත්, එයින් පෙනෙන්නේ රූකඩ ලෙස නැටවෙන මාධ්යවලට වඩා ඔබ්බට පරිනාමය වූ සංකීර්ණ මාධ්ය පද්ධතියක් එහි ඇති බවයි.
පාකිස්ථානයේදී මා හමු වූ පුවත්පත් කතුවරුන්, ටෙලිවිෂන් ප්රවෘත්ති ප්රධානීන් හා මාධ්ය හිමිකරුවන් අතර විවිධ දේශපාලන මත දරණ අය සිටියා. ඇතැම් දෙනා ජාතිකවාදී වන අතර සමහරුන් ලිබරල්වාදීන්. එරට ඇති මහා ප්රශ්නවල මූලයන් ගැන ඔවුන්ට ඇත්තේ වෙනස් වූ විග්රහයන්. ඇතැමුන් බොහෝ ප්රශ්නවලට මුල ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් යයි තර්ක කරන අතරේ තවත් පිරිසක් විශ්වාස කරන්නේ ඉන්දියාව විවිධ කූඨ උපක්රම මගින් පාකිස්ථානයට හිරිහැර කරන බවයි.
එහෙත් ප්රතිවිරුද්ධ මත දරණ මාධ්යවේදීන් එක් හඩින් එකග වන තනි සාධකයක් තිබෙනවා. එනම් කාගේවත් පටු අරමුණු සඳහා තමන්ගේ මාධ්ය කලාව හා කර්මාන්තය පාවා නොදෙන බවයි.
අපේ රටේ මෙන් ම පාකිස්ථානයේත් රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්ය මුල් යුගයේ පැවතුණේ රාජ්ය ඒකාධිකාරයන් හැටියටයි. 1990දී මා මුල් වරට පාකිස්ථානයට ගියේ එරට රාජ්ය ටෙලිවිෂන් ආයතනය වූ PTVහි ආරාධිතයෙකු ලෙස. එවිට සියා උල් හක් ඒකාධිපති පාලනය අවසන් වී, බෙනාසීර් භූතෝ අගමැතිනිය ලෙස සිය ප්රථම ධුර කාලය අරඹා තිබුණා. එහෙත් සියාගේ අනුගාමිකයන් වෙනුවට ඇගේ දේශපාලන හිතවතුන්ට රාජ්ය මාධ්ය ආයතන තනතුරු දීමට එහා යන ප්රතිසංවිධානයක් ඇය කළේ නැහැ. ඇයට පසුව බලයට ආ නවාස් ෂරීෆ් කළේත් නැහැ. (එරට මුද්රිත මාධ්ය නම් රාජ්ය ග්රහණයෙන් පිටත වඩාත් ස්වාධීනව කි්රයා කරනවා.)
අන්තිමේදී 2002දී පෞද්ගලික අංශයට පාකිස්ථාන විද්යුත් මාධ්ය කේෂත්රයට එන්නට ඉඩ සලසා දුන්නේ මහජන ඡුන්දයෙන් බලයට ආ නායකයෙකු නොව හමුදා පාලක පාර්වේස් මුෂාරෆ් (Pervez Musharraf). ඒ කාර්යයට මූලික වූයේ පාකිස්ථානයේ මාධ්ය පර්යේෂණ හා ප්රතිපත්ති මට්ටමින් ඉහළ දැනුමක් හා දැක්මක් ඇති ජාවෙඞ් ජබාර් (Javed Jabbar). කලක් මුෂාරෆ්ගේ සන්නිවේදන අමාත්යවරයා ලෙස ක්රියා කළ ඔහු, රටේ විශාලත්වය නිසා පණිවුඩ චන්ද්රිකා හරහා මේ නාලිකාවල සංඥා විකාශය කළ යුතු යයි නිර්දේශ කළා.
ගෙවී ගිය දශකයක කාලය තුල ටෙලිවිෂන් හා FM නාලිකා විශාල සංඛ්යාවක් බිහි වී පාකිස්ථානු සමාජයේ ප්රචලිත වී තිබෙනවා. මේවා නාගරික ප්රදේශවලට සීමා වී නැහැ. රටට ම දැනෙන්න, රට ම ආවරණය කරන්නට ප්රධාන පෙලේ පෞද්ගලික නාලිකා දැන් සමත්. Geo TV, Aaj TV වැනි නාලිකා ප්රවෘත්ති ආවරණය හරහා තමන්ට ආවේණික අනන්යතාවයක් ගොඩ නගා ගෙන තිබෙනවා. අද පාකිස්ථානයේ ප්රබල ම සමාජ සංස්ථාව කුමක්දැයි ඇසුවහොත් බොහෝ දෙනා කියන්නේ ප්රවෘත්ති ටෙලිවිෂන් නාලිකා බවයි.
තරගකාරීත්වය නිසා එරට රාජ්ය මාධ්ය ආයතන ද පෙරට වඩා විවෘත, ජනතාවාදී මුහුණුවරක් ගෙන තිබෙනවා. රට තුළ දේශපාලනය හා වෙනත් කරුණු ගැන බහුවිධ හා ප්රතිවිරුද්ධ මත දැරුවත් මේ සියළු නාලිකා නොවැරදී ම එකග වන කාරණා ද තිබෙනවා. තමන්ගේ ප්රතිවාදියා ලෙස බොහෝ පාකිස්ථානුවන් හදුනා ගන්නා ඉන්දියාව ගැන නාලිකා විග්රහය බොහෝ විට එක සමානයි.
පෞද්ගලික හිමිකාරිත්වයට ටෙලිවිෂන් කේෂත්රයට පිවිසෙන්නට ඉඩ සළසා දුන් මුෂාරෆ් ජනාධිපතිවරයාට අන්තිමේදී බලය හැර දමා යන්නට පාර කැපුවෙත් ඒ ටෙලිවිෂන් නාලිකා සමහරක් වීම දෛවයේ සරදමක්. එහෙත් 2002දී විද්යුත් මාධ්ය කේෂත්රය පුළුල් නොකර සිටියා නම් පාකිස්ථානුවන් හොර රහසේ ඉන්දියාවේ පෞද්ගලික ටෙලිවිෂන් නාලිකා බැලීමට යොමු වෙනවා. ජාවඞ් ජබාර් සූක්ෂම ලෙසින් කලේ දේශීයත්වය මතු කරන පෞද්ගලික නාලිකාවලට ඉඩ දීමයි.
එහෙත් අද ඇතැම් පුවත් නාලිකා උවමනාවට වඩා බලවත් වී ඇත් ද? මේ ගැන එරට මාධ්ය හා සමාජ පර්යේෂකයන් අතර ලොකු විවාදයක් තිබෙනවා.
බටහිර රටවල ඇත්තේ කලක් තිස්සේ සෙමින් පරිනාමය වූ ටෙලිවිෂන් සංස්කෘතියක්. ලෝකයේ මුල් ම පැය විසි හතරේ පුවත් ටෙලිවිෂන් නාලිකාව CNN බිහි වූයේ 1980දී. ඒ වන විට අඩ සියවසකට වඩා පැරණි ටෙලිවිෂන් සංස්කෘතියක් ඇමෙරිකාවේ තිබුණා. එහෙත් සියල්ල සීඝ්රගාමීව සිදු වන අද කාලයේ, ඉන්දියාව හා පාකිස්ථානය වැනි රටවල එබදු පරිනත බවක් ලබන්නට කලින් පැය විසි හතරේ පුවත් නාලිකා බිහි වුණා.
ප්රවෘත්තියක් උවමනාවට වඩා පුම්බමින් දිගට ඇද ගෙන යාම දකින්නට හැක්කේ මේ නිසයි. මේ Breaking News කලාව හොඳට මෙන් ම නරකටත් සිටින, දෙපැත්ත කැපෙන දැලි පිහියක්. එය අතට ගෙන ඇති මාධ්යවේදීන්ගේ සංවරබව හා ආචාර ධර්ම ගරු කිරීමේ නැඹුරුව මත පුවත් ටෙලිවිෂන්වල සමාජ මෙහෙවර තීරණය වනවා.
පාකිස්ථානයේ උද්ගතව ඇති ප්රශ්නවලට පැලැස්තර විසදුම් වෙනුවට ක්රමීය විසදුම් සෙවිය යුතු බව එරට විද්වතුන් පිළි ගන්නවා. එහෙත් ඒ විසදුම් ගැන එකගත්වයක් නැහැ. රටේ බහුතරයක් ජනයා දැඩි දුප්පත්කමින්, නූගත්කමින් හා වැඩවසම් සම්ප්රදායන්ගෙන් මිරිකී සිටිනවා. බොහෝ දියුණුවන රටවල මේ සමාජ විසමතා ඇතත් පාකිස්ථානයේ ඒවා ඉතා තීව්ර මට්ටමක තිබෙනවා.
පාරම්පරිකව ධනය හා බලය නතු කර ගත් සුළුතරයක්, සෙසු ජනයා බලහත්කාරයෙන් තලා පෙලා ගෙන සිටිනවා. අධ්යාපනය, සෞඛ්ය හා රැකියා අවස්ථා වැනි මූලික මානව අවශ්යතා සඳහාවත් මේ පීඩිතයන්ට සාධාරණ අවස්ථා ලැබෙන්නේ නැහැ. රදල ඉඩම් හිමියන් මුළු පළාතක් ම හිමි කර ගෙන එහි ජනයා වහලූන් සේ පාගා ගෙන සිටීම සුලබ දෙයක්. මෙබදු ප්රදේශවල ගැහැණු දරුවන් පාසල් යැවීමට හෝ සමාජ සුබසාධන සේවා සැපයීමට හෝ රදලයන් රජයට ඉඩ දෙන්නේ නැහැ.
මේ අසාධාරණකම් සොයා යමින් බිම් මට්ටමේ වාර්තාකරණය ඔස්සේ ඒවා මතු කිරීමට පාකිස්ථාන පුවත් ටෙලිවිෂන් නාලිකා ක්රියා කරනවා. මේ නිසා එරට සමාජ කලබගෑනියක් ඇති වෙලා. වාර්තාකරුවන් හා කැමරා කණ්ඩායම් ගම් දනවුවල සැරිසැරීම නිසා රදලයන්ට, දේශපාලකයන්ට හා නිලධාරින්ට වංචනික හා අසාධාරණ ක්රියා කරන්නට බැරි වී තිබෙනවා.
2010 මැද දී පාකිස්ථානයේ ඉන්දුස් ගංගාව පිටාර ගැලීම නිසා මහ ගංවතුරක් ඇති වුණා. මිලියන් 20ක් ජනයා අවතැන් කල මේ ගංවතුර දින සති ගණන් අල්ලා සිටින විට එරට සිවිල් හා හමුදා නිළධාරීන් ගංවතුර බස්වන්නට විවිධ අසම්මත උපක්රම භාවිත කළා. මේ අසීරු අවස්ථාවේ පවා පුවත් නාලිකා ප්රධාන නගරවලින් දුර බැහැර ප්රදේශවල ගංවතුර තත්ත්වය ගැන හරවත්ව හා සංයමයෙන් වාර්තා කළා.
වාර්තාකරණයේදී ලිහිල්ව නැතිනම් ගෞරවාන්විතව ආවරණය වන සුපිරි පැලැන්තියක් (sacred cows) ඇත්දැයි මා විමසුවා. ආගමික නායකයන්ට හා විනිසුරුකරුවන්ට තනතුරේ ගෞරවය රැකෙන පරිදි වාර්තාකරණය කළත්, ඔවුන්ගේ අක්රමිකතා හෝ දුෂණ හෝ ගැන තොරතුරු ලැබුණොත් දෙගිඩියාවකින් තොරව එය හඹා යන බව ඔවුන් කියනවා.
දේශපාලකයන් හා හමුදාව නිරතුරු මාධ්ය අවධානයට හා විවේචනයට ලක් වන බවත්, දරදඩු හමුදා පාලනයන් පවතින විටදී පවා පාලකයින්ට තමන් දණ නැමුවේ නැති බවත් එරට මාධ්ය සිහිපත් කරන්නේ අභිමානයෙන්.
මෙතරම් පිටකොන්දක් පාකිස්ථානු මාධ්යවලට ලැබුනේ කොහොම ද? එය ගැඹුරින් විග්රහ කල යුතුයි. කෙටි පිළිතුර නම් වෙනත් ව්යාපාරික අරමුණුවලට වඩා මාධ්ය ව්යාපාරයෙන් ම සාධාරණ ලෙස මුදල් උපයා ගන්නා හිමිකරුවන් සිටීමත්, සමාජයේ වෙනත් වෘත්තිකයන් හා උගතුන් මාධ්යවලට සහය දැක්වීමත්. මෑත කාලයේ පාකිස්ථානයේ මාධ්ය නිදහසට තර්ජන එල්ල වූ සෑම විට ම පාහේ වීදි උද්ඝෝෂණවලට මාධ්යවේදීන් පමණක් නොව නීතිඥයන්, සරසවි ඇදුරන්, විද්යාඥයන් හා වෛද්යවරුන් පවා එක් වුණා.
පාකිස්ථානයේ පුවත් ටෙලිවිෂන් නාලිකාවලට ඇත්තේ දශකයක අත්දැකීම්. ඒ මත වඩාත් ජනතාවට වග කියන, බලපෑම්වලට නතු නොවන ටෙලිවිෂන් මාධ්ය කලාවක් සාදා ගත යුතු බව එරට ටෙලිවිෂන් පරිපාලකයන් හා මාධ්යවේදීන් පිළි ගන්නවා.
මැජික් ලාම්පුවෙන් එළියට පැමිණ ලොකු වැඩ කරන පුවත් ටෙලිවිෂන් යෝධයාව ආයෙත් ලාම්පු ඇතුලේ සිර කරන්නට බැරි බව එරට පාලකයන් දන්නවා. ඔවුන් කවුරුත් දැන් තැත් කරන්නේ යෝධයාගේ ජවය හා උද්යෝගය පොදු උන්නතියට වඩාත් ප්රශස්ත ලෙසින් යොදා ගන්නටයි. | hplt_2 |
මොනාහරි දෙයක් පටන්ගන්න කොට, කරන්නේ මොකක්ද? කාත් එක්කද කරන්නේ? මොන අවදානම් මතද කරන්නේ කියලා දැනගෙන කරන එක තමයි හොඳ. විශේෂයෙන්ම ව්යාපාරයක් පටන්ගනිද්දි ඒ දේවල් ගැන හොයලා බලලා ඉන්න ඕනා. මොකද, ඒ දේවල් නොබැලුවොත් ඔයා කොච්චර හොඳට Plan කලත් ඒ Business එක වැඩි කාලයක් තියෙන්නේ නෑ. වෙනත් විදිහකින් කිව්වොත් අර කිව්ව ප්රශ්ණ වලට උත්තර නොදැන කරන්න යන Business, Short-Term Business කියලා කියන්න පුලුවන්.
මේක අන්තර්ජාල අලෙවිකරණයට නැත්නම් අන්තර්ජාලයෙන් මුදල් හොයන එකටත් අදාළයි. ඒ නිසා මේ ලිපියෙන් Fiverr Privacy Policy එක සිංහලෙන් ලියන්නම්.
Fiverr.com එකේදී අපි ඔබගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරනවා. අපි ඔබගේ තොරතුරු තුන්වෙනි පාර්ශවයන්ට විකුණන්නේ නෑ. ඔබට Fiverr.com එකේ සේවය ලබාදෙන්න හැර, ඒ දේවල් අපි අනිත් පුද්ගලයන්ට ප්රදර්ශණය කරන්නේ නෑ. තේරුම – ඔබට මිලදී ගන්න, විකුණන්න, වෙබඩවියෙදී ඔබට යවන්න ඕන තොරතුරු යවන්න, භාණ්ඩයක් මිලදී ගන්න වගේම මිලදී ගත් භාණ්ඩය හෝ සේවාව විවේචනය කිරීමට.
අප ඔබගේ පුද්ගලික තොරතුරු රැස්කරන්නේ විවිධ ක්රම වලින්. ඒ ඔබ අපිට දැනගන්න සලස්වන තොරතුරු, ඔබ විසින් පාවිච්චි කරන්නෙකුට ඔබගේ කැමැත්තෙන් යවන තොරතුරු හා තවත් සාමාන්ය තාක්ෂණික තොරතුරු වන IP Address එක, ඔබගේ Web Browser එකේ තොරතුරු හා ඔබට වෙබඩවිය භාවිතා කිරීමේදී පෞත්ගලික අත්දැකීමක් ලබා දීමට Cookies මගිනි.
ලියාපදිංචි වීමේදී ඔබ විසින් අප වෙත ලබාදෙන සියළුම තොරතුරු රහසිගතව තැන්පත් කර ඇත. – ඔබව සම්බන්ධ කරගැනීමේ තොරතුරුත් මෙයට ඇතුලත්.
ඔබ වෙබ් අඩවියෙහි පළකිරීමට තීරණය කරන සියලුම තොරතුරු (පින්තූර, වීඩියෝ, පාඨ, සංගීත ඛණ්ඩ, විවේච්නය කිරීම් හා යවන අනෙකුත් දෑ) රහසිගත නොවේ.
අපගේ පරිගණක පද්ධති මගින් හෝ තුන්වෙනි පාර්ශවයන්ගේ පද්ධති මගින් ඉබේම ලබාගන්න තාක්ෂණික තොරතුරු වෙබ් අඩවිය ක්රියාකිරීමට, ප්රශස්තකරණයට, වෙබ් අඩවිය භාවිතයේ තොරතුරු දැනගැනීමට, අන්තර්ගත ප්රවර්ධනයට හා භාවිත කරන්නාගේ අත්දැකීම් ඉහල තලයකට ගැනීමට පාවිච්චි කෙරේ.
අප ඔබව සම්බන්ධ කරගැනීමට ඔබගේ තොරතුරු පාවිච්චි කරන – (ඔබගේ ගිණුමේ ක්රියාකාරකම් ගැන දැන්වීමට හෝ පිරිනැමීම් හා සාමාන්ය තොරතුරු දැන්වීමට) අතර, අන් කිසිවෙකුට ඔබව ඔබගේ Fiverr.com ගිණුමෙන් හැර වෙන ක්රමයකින් සම්බන්ධ කරගැනීමට අප ඉඩ නොතබයි.
අප රැස්කරන තොරතුරු, අප විසින් එම තොරතුරු පාවිච්චි කරන ආකාරය වගේම Cookie(නෑ, ඔයාට ඒක කන්න බැහැ..!) එකක් කියන්නේ මොකක්ද කියලත් ඔබට දැනගන්න පුලුවන් අපෙ කම්මැලි හා දිග පෞත්ගලිකත්වය ආරක්ෂකිරීමේ ප්රතිපත්තියෙන්.(Long Privacy Policy)
Fiverr Long Privacy Policy එකේ දැනගන්නම ඕන දේවල් ටික තමයි දැන් ලියන්නේ, ඒ නිසා හැම වචනයක්ම සිංහලෙන්ම ලියලා නෑ.
Sharing Personal Information with third parties
අපි ඔබගේ තොරතුරු ඔබගේ වචනය නැතුව වෙනත් කිසිම තුන්වෙනි පාර්ශවයකට විකුණන්නේ නෑ.
අප විසින් රැස්කරන තොරතුරු හා වෙනත් Company වලින් අප ලබාගන්න තොරතුරු එක් කොට පෞත්ගලිකත්වයෙන් පිරි සේවයක් ලබාදීමට හා දැන්වීම පෙන්වීමට කටයුතු කරමු. කෙසේවෙතත් ඔබ අපගේ අලෙවිකරණ තොරතුරු දැනගැනීමට අකමැති නම් ඔබට එයින් ඉවත් විය හැක.(UnSubsribe)
අප ඔබගේ පෞත්ගලික තොරතුරු තුන්වෙනි පාර්ශවයන්ට ලබාදෙන්නේ වෙබ් අඩ්විය ක්රියාකිරීමට, වංචාවන් හා නීත්යානුකූල නොවන ක්රියාකාරකම් නැවැත්වීමට පමණයි.
- සේවාවන් ප්රතිපාදකයාට, විවෘත කිරීම් හා ක්රියාකිරීමේ අරමුණින්.
(example – payment vendors, CRM systems, mailing systems or technical consultants)
- සිතාසියකට, උසාවි නියෝගයකට, නීතිමය පියවරකට ප්රතිචාර දැක්වීමට.
- වංචාවලින්, බලය නොලත් ගණුදෙනු වලින් හා අනිකුත් වගකීම් වලින් ආරක්ෂා වීමට. අප විසින් ඔබගේ Credit Card/Debit Card තොරතුරු රැස්නොකරන අතර ඒවා අපට දැනගැනීමට නොහැක.
Security
අපි ගතයුතු සෑම ක්රියාමාර්ගයක් වගේම ගන්නවා වෙබ් අඩවියේ ආරක්ෂාවට, ඔබගේ පෞද්ගලික තොරතුරු වල ආරක්ෂාවට. නමුත් අපට සහතික වෙන්න බැහැ, කවදාවත්ම බල නොලත් ඇතුලත්වීමක්(Unauthorized Access) නොවෙයි කියලා.
වෙබ් අඩවි පාවිචිකරන්නා ගිණුමේ රහස්පදය තුන්වෙනි පාර්ශවයන් සමග බෙදා නොගැනීමට එකඟ වී ඇත.
මේකේනම් ඇත්තටම දැනගන්න වැද්ගත් ගොඩක් දේවල් නැහැ Fiverr Terms of Service(TOS) එකේ වගේ. Terms of Service එකේ සිංහල පරිවර්තනය නම් සම්පූර්ණයෙන් ඒ විදිහටම තව ටිකකින් දාන්නම්. එතකොට English Version එක කියවලා නොතේරුණ අයට හොඳටම තෙරුම් යයි.
ඒ වගේම මේක Fiverr Ultimate Post Series එකේ ලිපියක් නෙමෙයි. මං මේකේ ලියන හැම අතිශය වැදගත් දෙයක්ම කවදාවත් වචන 500න් ඉවර වෙන්නේ නෑ. මේක English අවුල් අයට කරන පුන්චි උදව්වක් විතරයි. අනිත් ලිපියටත් මේ ටිකම තමයි කියන්නේ. හරි එහෙනම් දැන් හොඳට තේරෙන්න ඇතිනේ, තව පැය කිහිපයකින් Fiverr Terms of Service එකේ සිංහළ පරිවර්ථනයත් එක්ක හමුවෙමු. | hplt_2 |
මෙවර උසස් පෙළ විභාගය සඳහා ගණිත අංශයෙන් ඉල්ලුම් කළ කල්මුනේ සිසුවියකට ප්රවේශ පත්රය ලැබී ඇත්තේ විද්යා අංශයෙන් බව වාර්තාවේ.
මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ කල්මුනේ කාර්මෙල් ෆාතිමා විදුහලේ පී. පවිත්රා නමැති සිසුවියයි. ගණිත අංශයෙන් විභාගයට පෙනී සිටීමට අයදුම් කළ ඇයට, විද්යා අංශයේ විෂයන් වන ජීව විද්යාව, රසායන විද්යාව හා භෞතික විද්යාව ආදි විෂයන්වලට පෙනී සිටීමට අදාළ විභාග ප්රවේශ පත්රයක් විභාග දෙපාර්තමේන්තුව විසින් එවා ඇත.
කෙසේ වෙතත් මෙම ගැටලුව විසදා ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුවට දුරකථනයෙන් කතාකළ බවත්, මේ පිළිබඳ ෆැක්ස් මගින් දැනුම්දෙන ලෙසට එහිදී පැවසූ බවත්, ඉන් පසු මේ පිළිබඳ සොයා බලන බව දැනුම්දුන් බවත් මෙම සිද්ධියට මුහුණ දුන් සිසුවිය පැවසුවාය. එහෙත් ඇයට විභාග දෙපාර්තමේන්තුවෙන් මෙතෙක් කිසිදු පිළිතුරක් ලැබී නොමැත. | hplt_2 |
රේඩාර් කියන්නෙ සිංහලෙන් ෆොස් අසන්නන්ට ලැබෙන තවත් එක් විශේෂාංගයක්. රේඩාර් එකෙන් මොකද වෙන්නෙ කියන්න කලින්, ඒක ඇති වුනේ ඇයි කියල කිව්වොත් වඩා හොඳයි.
අපේ අසන්නන් අපෙන් forum එකක් ඉල්ලන්නෙ ගොඩක් කලක ඉඳන්. ඒත් ඉතින් අපට ඒක ඉටු කරන්න ටිකෙන් ටික පමා වුනා. ඒත් ඉතින් forum එකක අවශ්යතාව නැති වුනේ නෑ නෙ.
වැඩසටහනේ අපි කියන කරුණු ගැන සංවාදය කරන්න, ඔබේ අදහස් එකතු කරන්න වගේම අපි නොදන්නා දෙයක් කියල දෙන්න, ඔබට ඇති වන ගැටලු ඉදිරිපත කරන්න forum එකක් කොතරම් වැදගත වේවිද?
සිංහලෙන් ෆොස් අපි කොහොම හරි රසවත් වගේම ප්රවෘත්ති ගුණයෙන් වැඩි ප්රවෘත්ති ඔබ වෙත ගෙන එනවා කියල අපි විශ්වාස කරනවා. ඒත් ඔබට හමු වුන, ඔබ ඉතා වැදගත් යයි සිතූ පුවතක් මීට පෙර අප අතින් ගිලිහී ගියාද? ඉතින් එවන් වැදගත් පුවත් ඔබේ සහෝදර අසන්නන්ටත් අහන්න දෙන්න පුලුවන්නම් කොච්චර හොඳද?
හැම වැඩසටහනක් අවසානයේම ඔබට අහන්න ලැබෙන ගීත ඛණ්ඩයට ඔබත් ඇලුම් කරනවාද? එසේ නම් වෙනත් ඔබ ඇලුම් කරන, සිංහලෙන් ෆොස් තුළ භාවිත කළ හැකි ගීයක් අපට ලබා දීමට ඔබ කැමතිද? ඒ වගේම වැඩ සටහන ආරම්භයේදී ඔබ වෙත ගෙන එන විනෝද බර හෝ අර්ථවත් කොටසට ඔබත් කැමතිද? එම ස්ථානයේ වාදනයට සුදුසු ශබ්ද ඛණ්දයක් ඔබ සතුද? ඒක බෙදා හදා ගන්න කැමතිද?
ඉතින් මෙකී නොකී විවිධාකාර අවශ්යතාවන් විශාල ප්රමාණයකට පිළිතුරක් විදියට තමයි සිංහලෙන් ෆොස් රේඩාර් අරම්භ වන්නෙ.
දැන් ඉතින් කියන්න ඕනෙ නෑනෙ මේකෙන් කරන්න පුලුවන් වැඩ මොනවද කියලා. ඒත් ඔය ටික කර ගන්න හැටි මම පොඩ්ඩක් කියන්නම්.
මුලින්ම forum එකක් විදියට භාවිතය.
ඕනම දෙයක් රේඩාර් එකට දාන්න නම් යන්න තියන සරලම තැන තමයි Submit tab එක. එතනට ගියාම පහත පෙනෙන අකාරයේ form එකක් ඔබට හමු වෙයි.
ඔබට අවශ්ය රේඩාර් එක forum එකක් විදියට පාවිච්චි කරන්න නම්, Title කියන කොටසේ ඔබට අවශ්ය මාතෘකාව ලියා සුදුසු Category එකක් තොරන්න (විස්තර පසුව). Description කොටසේ සවිස්තරව ඔබේ අදහස, ගැටලුව හෝ ඔබ කැමති ඕනෑ දෙයක් ලියන්න. අවසානයේ Your Name කියන තැන ඔබේ නම ලියන්න. නැති නම් ඔබ register වී ඇත් නම් signin වෙන්නත් පුලුවන්.
ඉහත පියවර වලදි අපි URL කියන කොටස පිරෙව්වෙ නෑ නේද? ඔව්, ඒක තියෙන්නෙ ඔබ අප වෙත කිසියම් යොමුවක් (link) එවනවා නම් ඒ යොමුව ලියන්න. යොමුවක් එවන විට කැමති නම් Description කොටසේ ඔබේ අදහස් ලියන්නත් පුලුවන්.
දැන් ඉතින් Categories ගැන කියන්නම්. දැනට අපේ Categories තුනක් තියනවා. ඉන් Discussion යන්න, forum තුළ යම් කතා බහක් අරම්භ කරන විට යොද ගන්න පුලුවන්. එමන්ම News භාවිත කළ යුත්තේ ඔබ ඇප වෙත ප්රවෘත්ති යොමුවක් එවන විටයි. Tidbits කියන්නෙ ඉතින් අර කලින් කිව්ව සංගීත ඛණ්ඩ, ආරම්භක ශබ්ද ඛණ්ඩ එවන විට යොදා ගත යුතු Category එක.
ඔබ යොමු කරන ඕනෑම දෙයක් Radar හි Recent පිටුවට එනවා. සහෝදර අසන්නන්ට පුලුවන් ඒවාට ඡන්ද ලබා දෙන්න. වැඩිම ඡන්ද ලබා ගන්න ඒවා මුල් පිටුවට එනවා. මේ ටික නම් හරියට Digg, Reddit වගේ ඔබ දන්න කියන අඩවි වල තියන ලක්ෂණ.
ඒ වගේම ඔබට යොමුවක් එහෙම නැත්තම් ප්රවෘතියක් අපිට දෙන්න හැම විටම radar එකට එන එක කරදරයි නෙ. ඒ නිසා Submit පිටුවේ යටම ඇති අපේ Bookmarklet එක ඔබේ Browser එකට එක් කර ගත හැකියි. එවිට පහසුවෙන්ම ඔබ රසවත් FOSS ප්රවෘත්තියක් කියවන විට Bookmarklet එක මගින් එය Radar වෙත යොමු කළ හැකියි. ආසයි නේ
“Bookmarklet එක නම් හොඳයි. ඒත් අපි ගෙදර වගේ ඉන්න Twitter එකෙනුත් ඔය radar එකට links දාන්න තිබ්බ නම් මරු මචං”. යාලුවොත් එක්ක මෙහෙම කියන්න ඕන නෑ. ඒ වැඩෙත් කරන්න පුලුවන්. ඒකට කරන්න තියෙන්නෙ පහත විදියට Tweet කරන්නයි.
මෙහෙම එවද්දි හොඳ විස්තරයක් වගේම එක ලින්ක් එකක් එවන්න. Retweet කරද්දි #sifo එකතු කරත් හරි.
දැන් ඉතින් ඔබට තියෙනනෙ අපේ මේ පුංචි උත්සාහයට ඔබේ දායකත්වය දෙන්න. ඔබේ ප්රතිචාර වලටත් අපි හර ආසයි . | hplt_2 |
පලාලි ඇතුළු හමුදා කඳවුරු වල සිටින භට සේනා වෙනත් තැන් වලට ගෙන ගොස් මුල් අයිති කරුවන් සිය ජන්ම භුමියේ පදිංචි කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බව ශ්රී ලංකා ආණ්ඩුව පවසයි.
ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ ප්රකාශයක් කළ ජිනීවා නුවර සිටින එක්සත් ජාතීන්ගේ ශ්රී ලංකාවේ නිත්ය නියෝජිත රවිනාථ ආර්යසිංහ පලාලි ගුවන් තොටුපල හා කන්කසන්තුරේ වරාය පුළුල් කිරීම සඳහා ඉඩම් ලකුණු කොට ඇතැයි දැනුම් දුන්නේය.
ඉඩම් අහිමි වන්නන් වෙනුවෙන් වන්දි සහ යාබද ප්රදේශයෙන් විකල්ප ඉඩම් ලබා දෙන බවද සඳුදා ආරම්භ වූ මානව හිමිකම් මණ්ඩලයේ විසි තුන් වැනි සැසි වාරය අමතමින් ඔහු කියා සිටියේය.
යුද්ධයෙන් උන්හිටි තැන් අහිමිවූ සියලුම දෙනා මුළුමනින්ම පදිංචි කරවා හමාර බවත් ශ්රී ලංකා රජය එක්සත් ජාතීන් හමුවේ ප්රකාශ කොට සිටියේය.
ඉකුත් වසරේ සැප්තැම්බරය වනවිට යුද අනාථයන් අතුරින් අවසාන කණ්ඩායම මුලතිව් හි යළි පදිංචි කරවූ අතර විසි හතර දහසකට අධික පිරිසක් අනුග්රාහක නිවාස වලට ගොස් ඇති බවයි රවිනාථ ආර්යසිහ ප්රකාශ කළේ.
ඒ අනුව සමාජගත කොට ඇති මුළු පිරිස 295,873 ක් බවද, ශ්රී ලංකා දුත මණ්ඩලයේ ප්රධානී ආරියසිංහ මානව හිමිකම් මණ්ඩලය ට දැනුම් දුන්නේය.
යුද්ධය හමාර වූ බව රජය විසින් ප්රකාශයට පත් කරන අවස්ථාවේ වර්ග කිලෝමීටර දෙදහසකට වැඩි භුමි ප්රමාණයක වලලා තිබු බිම් බෝම්බ දැන් ඇත්තේ වර්ග කිලෝ මීටර සියයකටත් අඩු ඉඩක යැයිද ඔහු තව දුරටත් කියා සිටියේය. | hplt_2 |
ප්රංශ මැතිවරණයේ බහුතර බලය සමාජවාදී පක්ෂයට
-
2012 ජූනි 18 වෙනි සදුදා, 20:55
පසුගිය දා පැවති ප්රංශ මැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගැනීමට ජනාධිපති ෆරන්සොයිස් හොලන්ඩේ නියෝජනය කරන සමාජවාදී පක්ෂය සමත් වේ.
එරට පාර්ලිමේන්තුවේ ආසන 577 න් ආසන 313 ත් 315 ත් අතර ප්රමාණයක් සමාජවාදී පක්ෂය ලබා ගනිතැයි අපේක්ෂිත ය.
ප්රංශ ජනතාව සමාජවාදී පාර්ලීමේන්තුවක් පිහිටුවීම සඳහා ගත් තීරණය වෙනුවෙන් එරට අගමැති ජීන් මාර්ක් සිය ඡන්දදායකයින්ට ස්තූතිය පළ කර ඇති අතර ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තුවක් වෙනුවෙන් පොරොන්දු වූ බව ද වාර්තා වේ.
අවසන් යාවත්කාලීන කිරීම 2012 ජූනි 19 වෙනි අඟහරුවාදා, 22:30 | hplt_2 |
බ්ලොග් එකක් තුළින් පකිස්තානයේ දරුවන් හා ඔවුන්ගේ අධ්යාපනය ගැනත් තලේබාන්වරුන් කි්රයාකලාපය නිසා ඔවුන්ට ඉගෙනීමට ඇති වූ බාධක ගැනත් ලොවට හෙළි කළ නිසා තලේබාන් අවිදැරූවකුගේ වෙඩි පහරට ලක් වූ මලාලාගේ ශෝචනීය කතාව ‘මල්කැකුළු’ තුළින් කියෙව්වා ඔබට මතක ඇති.
බීබීසි බ්ලොග් අඩවියට උර්දු බසින් ලියූ ඇගේ ලියමන් තලේබාන්වරුන්ගේ කෝපය ඇවිස්සීමට සමත් වුණා. අවුරුදු 11 දී සිටම ඇය මේ ලිවීම දිගටම කර ගෙන ගියා. මුලින් ලීවේ බොරු නමකින් වුනත් පසුව මිතුරින් ඒ අය බව දැනගත් පසු ඇය තම නමින් ම ලියන්න පටන් ගත්තා. ඇයට තර්ජන එන්නට පටන් ගත්තේ එයින් පසුවයි. එහෙත් ඇය ඒ තර්ජනවලට බය වුණේ නැහැ. වසර තුනක් ම ඇය සිය මිතුරියන්ගේ හඬ සෙසු ලෝකයට ගෙන ගියා. තලේබාන්වරුන්ගේ තාඩන පීඩන හිරිහැර ගැන ලිව්වා.
ඇගේ ලියවිලි ලෝකයාගේ ඇස් අරවන්නක් වුණා. ඉගෙන ගන්නට පකිස්තාන දරුවන් තුළ ඇති කැමැත්ත ඇගේ ලිපිවල තේමාව වුණා. ඒ නිසා ම ගැහැනු ළමයින් ඉගෙන ගන්නවාට එරෙහි මූලධර්මවාදීන්ට ඒවා නයාට අඳුකොළ මෙන් වුණා. අවසානයේ දී ඔවුන් ඇය සොයා ආවා. පාසල් බස් රථයට ගොඩ වී ‘නුඹ මලාලාදැ’යි අසා ඇගේ හිසටත් ගෙලටත් වෙඩි තිබ්බා. ඇය සමග සිටිය මිතුරියන් දෙදෙනකුත් තුවාල ලැබුවා.
බටහිර සංකල්ප පැතිර වීමට අනුබලදීමට දඬුවමක් ලෙස ඇයට වෙඩි තැබූ බව තලේබාන් සංවිධානය පිළිගත්තා. ඇය නොමැරුණොත් කෙසේ හෝ මරා දමන බවට ඔවුන් ශපථ කරලා තියෙනවා.
වහාම පකිස්තාන රජයේ හමුදා මැදිහත් වී ඇය රාවල්පින්ඩි හමුදා රෝහලට ගෙන ගියා. හිස් කබලෙන් එක් උණ්ඩයක් ඉවත් කළා. හිස් කබලේත් ගෙලේත් වෙඩි උණුඩ නිසා වූ දරුණු තුවාල තියෙනවා. ඇගේ තත්වය අසාධ්ය බවට වෛද්යවරුන් දුන් උපදෙස් මත ඇය බි්රතාන්යයට ගෙන යන්නට පකිස්තාන රජය තීරණය කළා.
එක්සත් අරාබි එමිරේට් රාජ්යයෙන් වෛද්ය සහය සහිත විශේෂ ගුවන්යානයක් ලබාදීලා තියෙනවා, ඇය එංගලන්තයේ බර්මින්හැම් ක්වීන් එලිසැබත් රෝහලට ගෙන ගියේ ඒ විශේෂ ගුවන් යානයෙනුයි. ඇය සමග ඇගේ දෙමාපියන් හා මල්ලිලා දෙදෙනාද ඒ ගමනට එක් වුණා.
ගැහැනු ළමයින්ගේ අධ්යාපනය ගැන මලාලා නැඟූ හඬ අද ලොව පුරා රැුව්පිළිරැුව් දෙනවා. ඒක පකිස්තානයේ පමණක් නොව ලොවපුරා ඇති දැවෙන ප්රශ්නයක් බවට ඒත්තු ගොස් තියෙනවා. ඇගේ හඬට සුවිශේෂ තැනක් හිමි වන්නේ ඒ නිසයි. එක්සත් ජාතීන්ගේ ආයතනයත් විශේෂ අවධානයක් ඇගේ හඬට යොමු කර තියෙනවා.
ලෝක අධ්යාපනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා වශයෙන් කටයුතු කරන හිටපු බි්රතාන්ය අගමැති ගෝඞ්න් බ්රවුන් කියන්නේ, ගැහැනු ළමුන්ගේ අධ්යාපනය පිළිබඳව මලාලාගේ මෙහෙවර ගැන පකිස්තාන ජනාධිපති සර්දාරි හමු වී සාකච්ඡුා කරන්නට තමා ලබන මාසයේ පාකිස්තානයට යන බවයි.
”මලාලාට බි්රතාන්යයේදී වෛද්ය ප්රතිකාර ඉහළින් ම ලැබෙනවා. බි්රතාන්ය ජනතාව ඇයව සාදරයෙන් පිළිගත්තා. අපි හැමෝම ඇයට ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා.
”අද අපි අපේ වෙබ් අඩවියේ (www.educationenvoy.org) පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කළා, ‘අයි ඈම් මලාලා’ (I am Malala) කියන සිරස්තලය යටතේ. මලාලා ආරම්භ කළ උද්ඝෝණය ‘හැම ගැහැනු ළමයකුටම පාසල් යාමට අවස්ථාව දියයුතුයි’ යන්න අපේ තේමාව කර ගෙන තියෙනවා.” ඔහු පවසනවා.
”අවාසානාවකට අද මිලියන 32ක් ගැහැනු ළමයින් පාසල් යන්නේ නෑ. මලලාගේ සිහිනය සැබෑ කිරීමට අපි දැඩි ලෙස සටන් කරමු” ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.
Facebook සමග එක්වන්න. මේ ලිපිය වෙන අය සමගත් බෙදා ගන්න. | hplt_2 |
කල්පිටියට ඔබ්බෙන් පිහිටි බත්තලන් ගුණ්ඩුව, පල්ලියවත්ත ඇතුළු දූපත් 13ම දැනටමත් විදේශිකයන්ට විකුණා දමා ඇති බව පවසන දූපත්වාසීහු සිය පාරම්පරික නිජබිම හැර දමා නොයන බව සපථ කරති.
මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්රියාත්මක කළයුතුය
අලුත්ම Flash player පිටපත මෙතැනින් ලබාගත හැකිය
කල්පිටියට ඔබ්බෙන් පිහිටි බත්තලන් ගුණ්ඩුව, පල්ලියවත්ත ඇතුළු දූපත් දහතුනම දැනටමත් විදේශිකයන්ට විකුණා දමා ඇති බව පවසන දූපත්වාසීහු සිය පාරම්පරික නිජබිම හැර දමා නොයන බව සපථ කරති.
ඩෙජ්වේ හෙවත් උච්චිමුනි දූපතේ ධීවර සමිතියේ නායක ගීත් සුමිත් ශ්රී ලංකා ආණ්ඩුවට එම චෝදනාව එල්ල කළේ මා පසුගියදා කල්පිටිය දූපත් සමූහයේ සංචාරය කළ අවස්ථාවේදී.
"මේ ඔක්කොමත් විකුණලා තියෙන්නේ දැනටම. දැනටමත් ඇවිල්ල ප්රශ්න කරනවා. දැන් අපි ෆාදර්ල එක්ක තමයි මේකට විරුද්ධව සටන් කරමින් ඉන්නේ," ඔහු පවසයි.
"ඒ කාලේ ඉඳල ලංකාවේ හිටපු මිනිස්සුන්ට අයිතියක් නෑ මේ ලංකාව."
වසර තුන්සියයකට ආසන්න කාලයක් මුළුල්ලේ සිය මුතුන් මිත්තන් මෙම දූපත්වල වාසය කොට තිබෙන බව පවසන ගීත් සුමිත්, දැනට වසර විස්සකට ආසන්න කාලයක සිට මෙම දූපත් ඉඩම් සඳහා ඔප්පු ලබා ගැනීමට උත්සාහ දරන නමුත් ඒ කිසිදු උත්සාහයක් ඵල දරා නැති බවද මා සමඟ කියා සිටියේය.
"මේ ඔක්කොම අක්කර 460 ක් ද කොහෙද මෙහෙ ඉඳල කන්දකුලි යනකම් විකුණලා තියෙන්නේ දැන් හෝටල්වලට."
"මැරුනොත් මෙහෙම මැරෙනවා අපිට වෙන පලාත්වල ගිහිල්ල වැඩක් නෑ," ඔහු වැඩිදුරටත් පැවසීය.
ධීවර පවුල් 350-400 කට පමණ සෙවන දෙන ඩෙජ්වේ දූපතේ ඇතැම් ස්ථානවල පළල වෙරළ තීරුව පමණයි.
2000 කට ආසන්න දූපත්වාසීන් වෙනුවෙන් එක් පාසලක් තිබෙන නමුත් වෛද්යවරයෙක් හෝ රෝහලක් නොමැතිවීම ප්රධානම අඩුපාඩුවක්.
දූපතේ එක් කොනක සිට අනෙක් කොන දක්වා කිලෝමීටර 15 ගමන් කිරීමට ඔවුන්ට තිබෙන එකම ප්රවාහන මාර්ගය බෝට්ටුව.
"අසනීපයක් වුනොත් පැය දෙකක් විතර බෝට්ටුවේ කල්පිටියට යන්න වෙනවා. එක පාරක් මගේ යාලුවෙක් එක්ක ගෙන යනකොට මගේ උකුල උඩම නැතිවුනා," යනුවෙන් පවසද්දී තරුණ ධීවර නායකගේ මුහුණේ ශෝකය හෝ සන්තාපය සටහන් වූ බවක් මා දුටුවේ නැහැ.
අප සංවාදයේ යෙදී සිටියදී මුහුදු යන්නට සැරසී සිටි ලක්ෂ්මන් කටහඬ අවදි කළේ ඔහුගේ ජීවිතයට බලපාන ප්රධානම ප්රශ්නයක් ගැන ආණ්ඩුවේ අවධානය පල කිරීම පිණිස.
"කාට හරි අසනීපයක් වුනොත් සමහර වෙලාවට බෝට්ටුවත් නෑ, ගොඩට යන්න වාහනේකුත් නෑ. ඒ නිසා ඩිස්පෙන්සරියක් හරි දොස්තර කෙනෙක් හරි අනිවාර්යයෙන් අවශ්යයි," ඔහු පැවසීය.
දූපත්වාසීන් සියලුදෙනාම සිංහල ජාතිකයන් වන නමුත් ඔවුන් සියලු දෙනාම දෙමළ භාෂාවෙන් කථා බහ කිරීම ගැන විශ්මය පත්වූ මම ඒ ගැන ගීත් සුමිත් විමසීමි.
"ඔක්කොමල සිංහල ඒත් සමහර කට්ටියට සිංහල කතා කරන්න බෑ. දෙමළම කථා කරලා හුරුවෙලා."
(පුත්තලම සංදේශය වාර්තාකරු ප්රසාද් පූර්ණිමාල් ජයමාන්න ද කල්පිටිය දූපත් සමූහයේ සංචාරය සඳහා සමඟ එක්විය.)
BBC © 2013 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ
මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම් style sheets (CSS) ක්රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න. | hplt_2 |
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයට විරුද්ධව හඬ නැගූ නීතිවේදීන්ට එල්ල වෙමින් තිබෙන මරණ තර්ජන පිළිබඳව වහාම පරීක්ෂණ ආරම්භ කරන්නැයි නීතිවේදී එකමුතුව ශ්රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
රොමේෂ් ද සිල්වා සහ ජයම්පති වික්රමරත්න ජනාධිපති නීතිඥයන්ට හා ක්රිශාන්ත වැලිඅමුණ සහ පාර්ලිමේන්තු මන්ත්රී එම් ඒ සුමන්තිරන් නීතිවේදීන්ට මරණ තර්ජන එල්ල කරමින් ලිපි එවා තිබෙන බව පවසන නීතිවේදී එකමුතුව මෙය සම්පූර්ණයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය රැක ගැනීම උදෙසා තමන් ගෙන යන සටන අඩාල කිරීමේ ප්රයත්නයක් බව ද පවසයි.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක වෙනුවෙන් පෙනී සිටි ජ්යෙෂ්ට නීතිවේදියා වූ අතර, අනෙක් නීතිවේදීන් තිදෙනා දෝෂාභියෝගයට එරෙහිව පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් ප්රසිද්ධියේ හඬ නැඟූහ.
'ඝාතනය කිරීමේ සැලසුමක්'
"දිගින් දිගටම රාජ්ය මාධ්ය මගින් මේ කියන නම් සඳහන් වුනා. විවිධ මඩ ප්රචාර අරං ගියා. අපි විශ්වාස කරන්නේ අන්න ඒ මඩ ප්රචාර අරන් ගිය පාර්ශ්වයන්ගේ වැඩක් කියල," බවයි, නීතිවේදී එකමුතුවේ නීතිවේදී සුනිල් වටගල බීබීසී සංදේශයට කියා සිටියේ.
"දිගින් දිගටම රාජ්ය මාධ්ය මගින් මේ කියන නම් සඳහන් වුනා. විවිධ මඩ ප්රචාර අරං ගියා. අපි විශ්වාස කරන්නේ අන්න ඒ මඩ ප්රචාර අරන් ගිය පාර්ශ්වයන්ගේ වැඩක් කියල"
නීතිවේදී එකමුතුවේ නීතිවේදී සුනිල් වටගල
"දේශප්රේමී පෙරමුණ" නමින් හඳුන්වා ගන්නා ලද කණ්ඩායමක් විසින් මෙම මරණ තර්ජන ඒවා ඇති බවයි, ආසියානු මානව හිමිකම් කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වෙන්නේ.
විශේෂයෙන්ම ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාව දිනපතාම උදෑසන ජනමාධ්ය කලාවේ සියලු රීතින් උල්ලංඝණය කරමින් විවිධ පුද්ගලයන් දේශද්රෝහීන් ලෙසින් නම් කරමින් කෙරෙන මඩ ගැසීම් ඔවුන්ට ප්රහාර එල්ල කිරීම සඳහා කෙරෙන උසිගැන්වීම් බව ද ආසියානු මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.
මුලින්ම මෙවැනි බිය ගැන්වීම් සහ තර්ජන එල්ල වූයේ මාධ්යවේදීන්ට බව පෙන්වා දෙන ආසියානු මානව හිමිකම් කොමිසම, ඉන් අනතුරුව දැන් එම තර්ජන නීතිවේදීන් සහ විනිසුරුවන් ඇතුළු නීති ක්ෂේත්රයේ ප්රධානීන් කෙරෙහි එල්ල වෙමින් තිබෙන බවද පෙන්වා දෙයි.
මේ අතර ඊයේ මාධ්ය හමුවක් ඇමතූ එක්සත් ජාතික පක්ෂයේ මාධ්ය ප්රකාශක මංගල සමරවීර මන්ත්රීවරයා, ක්රිශාන්ත වැලිඅමුණ නීතිවේදියා ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව තමන්ට දැනගන්නට ලැබී තිබෙන බවත්, ඒ සඳහා නම් දැරූ අපරාධකරුවෙකු බලධාරීන් විසින් බන්ධනාගාරයෙන් නිදහස් කොට ඇති බවත් පැවසීය.
වහාම පරීක්ෂණ ආරම්භ කරන මෙන් තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින නමුත්, විශේෂයෙන්ම මංජුල තිලකරත්න අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට පහර දීම පිළිබඳව හෝ විජේදාස රාජපක්ෂ සහ ගුණරත්න වන්නිනායක නීතිවේදීන්ට පහර දීමේ ප්රයත්නයන් පිළිබඳව තවමත් කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නොමැති බැවින් මේ පිළිබඳවත් කිසිදු පරීක්ෂණයක් පැවැත්වෙනු නැති බව ද නීතිවේදී එකමුතුවේ නීතිවේදී සුනිල් වටගල සංදේශයට පැවසීය. | hplt_2 |
මේ තවත් මිල්ලනිය පොලිසිය පැවරු බෝරු නඩුවකට අදාල සිද්දියකි. එය ළමයකු පැහැර ගෙන යාමට අදාල බොරු නඩුවකි. ශ්රී ලංකා පොලිසිය වදහිංසා පැමිණවීමේ අපරාදය හා සමානවම බොරු නඩු දැමීමේ අපරාදයද සුලබව සිදූ කරයි. මෙම බොරු නඩු දැමීමෙන් පිඩාවට පත් චමින්ද සිසිර කුමාර පහත සදහන් ලිකිත පැමිණිල්ල ජනසන්සදයේ සහය ඇතිව 2013.07.19 දින මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත යොමු කළේය. ඔහු 38 හැවිරිදි විවාහක රැකියාව වෙළදාම කරගත් කහටගහහෙන, මානාන ,ගලපාත හි පදිංචිකරුවෙක් වේ.
01. සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ 08.
02. පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.
03. ජේ්යෂ්ඨ පොලිස් අධිකාරී,
ජේ්ය.පො.අ.කාර්යාලය,
පානදුර.
ලිඛිත පැමිණිල්ල
තිත්බොටුගේ චමින්ද සිසිර කුමාර, අවු: 38යි, විවාහක, රැුකියාව: වෙළඳාම
ලිපිනය : කහටගහහේන, මානාන, ගල්පාත.
2013.07.19 දිනදීය.
අප ප්රදේශයේ පදිංචි රාජා නමින් හඳුන්වන අයෙකු ගේ කුඩා දරුවකු පැහැරගෙන හමුවූ බවට මීට මාසයකට පෙර අපට ආරංචි විය.
මෙම සිද්ධිය අදාලව ගමේ තරුණයින් තිදෙනෙක් කිහිපවතාවක් පොලිසියට කැඳවා ප්රශ්න කර ප්රකාශ සටහන් කරගෙන තිබුනා.
තව කසුන් නැමැති තරුණයෙකුවද අත්අඩංගුවට ගෙන වධහිංසා කර ප්රකාශ සටහන් කරගෙන තිබුනා.
ඊට පසු 2013.07.16 දින උදේ මා ගෙදර වත්ත පිරිසදු කරමින් සිටින විට, මිල්ලනිය පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් යතුරු පැදියකින් මාගේ ගෙදරට පැමිණියා. ඉන් එක් අයෙක් සුනිල් ශාන්ත නමින් හඳුන්වන නිලධාරියාය. මොහු මට කියා සිටියා මහතුන් ඔයාට ලොකු මහත්තයා එන්න කිව්වා ගෑණු කෙනෙකුට ගහලා කියලා පැමිණිල්ලක් දාලා කියලා යනුවෙන් පැවසුවා. මම කිව්වා මහත්තයා මම එහෙම ගෑණු අයට ගහන්න කරදර කරන්න යන අයෙක් නොවෙයි කියා. ඊට පසු මාගේ මවද පැමිණ කිව්වා මේ ළමයා එහෙම යන කෙනෙක් නොවෙයි කියා කිව්වා.
නමුත් ඔහුත් එය ප්රතික්ෂේප කරමින්, මට පොලිසියට යාමට කතා කලා. ඊට පස්සේ මම ඉන්න මහත්තයා මඩ ටික සෝදගෙන එන්නම් කියා කිව්වා. පසුව මා මගේ යතුරු පැදියෙන් ගියා. එ් දෙන්නා එයාලා ආපු යතුරු පැදියෙන් පිටුපසින් ආවා.
පසුව පොලිසියට රැුගෙන ගොස් බංකුවක වාඩි කෙරෙව්වා. ටික වේලාවකින් මාව පොලිසියට ගෙනා නිලධාරීන්ගෙන් එක් අයෙක් මාව කාමරයකට ගෙන ගියා. එම කාමරයේ රාජ් නමින් හඳුන්වන ලද පුද්ගලයාගේ බිරිඳයි දරුවයි හිටියා.
එම කාමරයේ කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙක් හිටියා. මාව කාමරයට අරගෙන ගිය නිලධාරියාද සිටියා. එහි සිටි කාන්තා නිලධාරිනියන් මාගෙන් ඇහුව්වා මේ දෙන්නව හඳුනනාවද කියා. මම කිව්වා ඔව් කියලා. කොහොමද හඳුනන්නේ කියා ඇහුව්වා. මේ ගොල්ලන්ගේ ගෙවල් තියෙන්නේ අපේ ගෙදරට ගෙවල් 3-4කට එහායින් කිව්වා. මෙයාගේ මහත්තයාවත් අඳුරනවාද ඇහුව්වා. මම කිව්වා ඔව් අඳුරනවා කියා. නැවතත් ඇහුව්වා මෙයාගේ ගෙවල් තියෙන තැන හරියට කියන්න කියා. මම කිව්වා අපේ ගෙවල් ලඟ ඉඳලා ගෙවල් 3-4කට එහා එලව`ඵ කඩයක් තියෙනවා, එ්ක ළඟයි මෙයාගේ ගෙවල් තියෙන්නේ කියා. මගෙන් ඇහුව්වා එ් එළව`ඵ කඩයට යනවාද කියා. මම කිව්වා සමහර දාට යනවා කියලා.
ඊට පසුව එම දරුවාට මාව පෙන්වලා ඇහුව්වා බාබා ඔයා මේ මාමාව අඳුරනවාද කියා. දරුවා එයාගේ අම්මාගේ ඇගේ වෙලෙමින් හිටියා, කිසිවක් කිව්වේ නැහැ. එ් විදිහට දෙතුන් පාරක් ඇහුව්වා. දරුවා මුකුත් කිව්වේ නැහැ. ඊට පස්සේ පොලිසියට එ් වෙලාවේ පැමිණ සිටි පුද්ගලයින් දෙදෙනෙකුව පොලිස් නිලධාරියෙක් එක්කගෙන ආවා. දරුවාගෙන් ඇහුව්වා මේ මාමාලා දෙන්නාව ඔයා අඳුරනවාද කියලා. දරුවා එ් වෙලාවේත් මුකුත් ප්රකාශ නොකර අම්මාගේ ඇෙඟ් වෙලෙමින් සිටියා. එ් ආකාරයට නැවතත් කිහිප සැරයක්ම ඇහුව්වා. දරුවා පිළිතුරු දුන්නේ නැත. පසුව එ් දෙන්නාව යැව්වා. ඊට පසු එ් වෙලාවේ පොලිස් කාන්තාව මාව පෙන්වලා නැවතත් දරුවාගෙන් ඇහුව්වා බබා ඔයාව ගෙනිච්චේ මේ මාමා නේද කියලා. දරුවා එ්ත් මුකත් කිව්වේ නැහැ. පසුව පොලිස් කාන්තාව මට කිව්වා දරුවාගෙන් අහන්න කියලා බබා ඔයාව ගෙනිච්චේ මමද කියලා. එ් විදිහට මම දරුවාගෙන් ඇහුව්වා. එ්ත් දරුවා මුකුත් කිව්වේ නැහැ.
ඊට පස්සේ සැරින් සැරේට කිහිප විටක්ම දරුවාගෙන් අර කාන්තා පොලිස් නිලධාරිනිය බබාව ගෙනිච්චේ මේ මාමා නේද කියා ප්රශ්ණ කලා. හතර පස් සැරයක්ම ඇහුව්වා. එහෙම අහන විට එක සැරයක් දරුවා ඔලූව වැනුවා. එතකොට මාව කාමරයට ගෙනිච්ච රාලහාමි කිව්වා අපිට උවමනා කළේ උඹව තමයි, අපි උඹට නඩුවක් දානවා කිව්වා. මම ඇහුව්වා මොකටද මට නඩු දාන්නේ මම වරදක් කරලා නැහැනේ කියා. නැත්තේ මොකෝ උඹ වරදක් කරලා තියෙනවා, මීට අවුරුදු තුන හතරකට කලින් කිව්වා. මම ඇහුව්වා මොකක්ද කියා. එතකොට රාජාගේ බිරිඳ කිව්වා මහත්තයා මෙයා අපේ මහත්තයා නැති දවසක ? අපේ ගෙදරට ඇවිල්ලා ෙදාරට තට්ටු කරලා මට කතා කලා. මහත්තයා ඔයාට ගහනවානම්, එයත් එක්ක ඉන්න බැරිනම් එන්න මාත් එකක් යන්න, ඔයාට සල්ලි දෙන්නම්, ගෙවල් ෙදාරවල් හදලා දෙන්නම් යන්න එන්න කියලා කතා කලා, මම බැහැ කිව්වා, එ් තරහා තමයි මේ ළමයාගෙන් අරගෙන තියෙන්නේ කිව්වා.
එවිට අර පොලිස් නිලධාරියා කිව්වා අපිට එ්කත් ඇති උඹට නඩු දාන්න කියා. ප්රශ්ණ කරපු කාන්තා පොලිස් නිලධාරිනිය හා පොලිස් නිලධාරියා කිව්වා උඹ දන්න දෙයක් තියෙනවානම් ඇත්ත කියලා දැන්ම කතාකරලා, බේරගනින් කිව්වා. මම කිව්වා මට කියන්න දෙයක් නැහැ, මම මේවාට සම්බන්ධයක් නැහැ, මේ ගෑණු කෙනා කියන්නේ බොරු කියා. නමුත් පොලිසිය එ්ක පිළිගත්තේ නැහැ, මට නඩු දාන බව කිව්වා. මම කිව්වා මහත්තයලා ගිහිල්ලා ගමේ අයගෙන් හා මගේ ගෙදර අයගෙන් අහන්න මම එ් වගේ වැරදි වැඩ කරන කෙනෙක්ද කියලා. එවිට පොලිසියෙන් කිව්වා අපිට එ්වයින් වැඩක් නැහැ, උඹට අපි නඩු දානවා කියලා. මාව කලින් වාඩි කරවලා තිබුනු බංකුව ලඟ තිබුනු පුටුවක් පෙන්වා වාඩි වෙලා හිටපන් කිව්වා. රාජාගේ බිරිඳටත් දරුවාටත් කිව්වා ඕගොල්ලෝ යන්න කියලා.
ඊට ටික වේලාවකට පස්සේ මගේ අම්මයි ඥතිවරුනුයි මාව බලන්න ආවා. මම අම්මලාට මේ සිද්ධිය කිව්වා. අම්මලා මාව ගෙනාපු නිලධාරියාව හම්බවෙලා ඇයි මෙහෙම කරන්නේ, මෙයා එහෙම වැරදිවැඩ කරන ළමයෙක් නෙවෙයි, ගමේ අයගෙන් අහලා බලන්න කියා කිව්වාලූ. නමුත් පොලිස් නිලධාරියා අම්මලාට කියා ඇත්තේ ළමයා කියනවා එයාව ගෙනිච්චේ මෙයා බවත්, එ්ක නිසා නඩු දාන්න සිද්ධ වෙනවා, හෙට උදේ උසාවියට ඉදිරිපත් කරනවා, එ්ක නිසා දැන් ගිහින් හෙට උසාවියට එන්න කියලා තිබුනා.
ඊට පසු අම්මලා ලොකු මහත්තයා හම්බවෙන්න කියා සිටියා. එ් වන විට දහවල් 2.00 පමණ වී තිබුනා. ඊට ටික වේලාවකට පසුව ලොකු මහත්තයා ආවා. අම්මලා ගිහින් ලොකු මහත්තයා හම්බවෙලා මේ කතාව කියලා තිබුනා. එවිට ලොකු මහත්තයා අම්මලාට බැණ තර්ජණය කරමින් ගොරකා පැණි රස කරන්නත්, පැණි රස ගොරකා කරන්නත් මට පුලූවන්, වැඩිය දඟලන්න ආවොත් උඹලටත් නඩුවක් දානවා කියා අසභ්ය වචනයෙන් බැණ අම්මලාව එලාවගෙන තිබුනා.
ඊට පසුව මාව කූඩුවට ගෙනගොස් දැම්මා. අම්මලා නැවතත් හැන්දෑවේ මට කෑමත් රැුගෙන පොලිසියට ආවා. එ් අවස්ථාවෙත් අම්මලා පොලිස් නිලධාරීන් සමග කතාකොට බොරුවට මට නඩුචදාන්න එපා කියා ඉල්ලා සිටියා. නමුත් ඔවුන් එය ප්රතික්ෂේප කලා. එදින එළිවෙනතුරු මා කූඩුවේ සිටියා. පසුදින උදේ නිලධාරියෙක් මාව එළියට ගෙන, මගේ පෞද්ගලික තොරතුරු අහලා පොතක මොනවද ලියා ගත්තා. මට එය කියවීමට නොදී, අත්සන් ගත්තා. තවත් මොනවද ලියා තිබූ කොළයකට මගෙන් අත්සන් ගත්තා. නැවතත් මාව කූඩුවට ගත්තා. දහවල් 12ට පමණ මාව කූඩුවෙන් එළියට ගෙන අල්විස් නැමැති නිළධාරියායි, පොලිස් කාන්තාවකුයි, රාජාගේ බිරිඳයි දරුවයි, තවත් කූඩුවේ සිටි සැකකරුවකුවයි අධිකරණයට රැුගෙන ගියා. මාව අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී පොලිසියෙන් කිව්වා මෙයා ළමයාව ගෙනිච්ච බවට ළමයා කියන බව. එවිට මගේ නීතිඥ මහතා අධිකරණයට කරුණු දක්වා සිටියා. එහිදී මහේස්ත්රාත්වරයා පොලිසියට අවවාද කරමින්, මේ විදිහට ළමයා ඔලූව වනන පළියට මිනිස්සු රැුගෙන ඇවිත් නඩු දාන්න එපා, හරියට කරුණූ වාර්තාකරගෙන ඉදරිපත් කරන්න, මීට පෙරත් පුද්ගලයන් මේ ආකාරයට ඉදිරිපත් කර තිබෙනවා නේද කියා ප්රකාශ කලා.
පසුව මාව ඇප මත නිදහස් කලා. නැවත එම නඩුව 2013.10.08 වන දින කැඳවීමට නියමිතව ඇත.
මා ඉල්ලා සිටින්නේ, නීති විරෝධී ලෙස ව්යාජ චෝදනා මත මා අත්අඩංගුවට ගෙන, නඩු පවරා පීඩාවට පත් කල, මිල්ලනිය පොලිසියේ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටය.
චමින්ද සිසිර කුමාර
Like this:
Like පුරණය වෙමින්... | hplt_2 |
ප්රභාකරන් මැරුණු නන්දිකඩාල් කළපුවේ රු: 15,000ක් ගෙවලා රැයක් ඉන්න කැමැතිද?
'මව්බිම' ගවේෂණයට මෙවර මුල් වූයේ පුවත්පත් දැන්වීමකි. 'නන්දිකඩාල් කළපුවේ සුවය විඳීමට එන්න' නන්දිකඩාල් කළපුවේ ඉදි කළ නිවාඩු නිකේතනය පිළිබඳ එම දැන්වීම මෙවර 'මව්බිම' ගවේෂණයට පාර කියන්නට විය.
මීට අවුරුදු හතරකට පෙර ත්රිවිධ හමුදාව විසින් ක්රියාත්මක කරන ලද මානුෂීය මෙහෙයුමේ විජයග්රාහී භූමිය වූයේ නන්දිකඩාල් කළපුවයි. නන්දිකඩාල් කළපුවේ එහා ඉවුරේ ත්රස්තවාදීන් විසින් ප්රාණ ඇපකරුවන් ලෙස තබාගන්නා ලද දහස් සංඛ්යාත දමිළ වැසියන්ගේ ජීවිත යුද හමුදාවේ මානුෂීය දෑත් මතින් මෙගොඩ කළේ නන්දිකඩාල් කළපුවේ දිය කඳ මැද්දෙනි. ධීවර කර්මාන්තයෙනුත් බිජුවට වපුරා මහා අස්වැන්නෙන් ස්වයංපෝෂිත වූ නන්දිකඩාල් කළපුවෙන් එහා ඉමේ ජීවත් වූ දමිළ වැසියන්ගේ ජීවිත පිරී ඉතිරී තිබුණු යුගයක කඳුළු නටබුන් හමුවේ මම මෙහා ඉමේ බලා සිටිමි.
මුලතිව් යුද හමුදා ප්රධාන මූලස්ථානය යටත් පාලනය වන 'Lagoons Edge' නිවාඩු නිකේතනයේ නැවුම් තේක්ක ලී සුවඳිනුත් නන්දිකඩාල් කළපුවේ සිහිල් සුළඟෙනුත් මට ඇති වූයේ නැවුම් බවකි.
'Lagoons Edge' නිවාඩු නිකේතනයේ සිට මම කතාවට මුල පුරමි.
වසර 30ක යුද්ධයේ ඓතිහාසික විජයග්රාහී භූමිය වන නන්දිකඩාල් කරුණු කාරණා කිහිපයකට මුල්වෙයි. වේළුපිල්ලේ ප්රභාකරන් අවසන් හුස්ම හෙළුවේ මෙම කළපුව යාබද වීම, L.T.T.E. නායකයන් විශාල ප්රමාණයකගේ නිවෙස් පිහිටා තිබීම, L.T.T.E. සංවිධානයේ මහවිරු පවුල් පිහිටා තිබීම, එම සංවිධානයේ අවසානය දක්වා සටන් කර පරාජයට පත් L.T.T.E. ත්රස්තවාදීන් විශාල ප්රමාණයක් රජයේ හමුදාවට බාර වූ ස්ථානය වීම වැනි විශාල ජයග්රාහී කාරණා රැසකට මුල්වූ නන්දිකඩාල් කළපුව යුද්ධය පැවැති සමයේ ජීවිත විශාල ප්රමාණයක් සඟවාගෙන ඇති ස්ථානයකි. දැන් එම භූමියේ නිවාඩු නිකේතනයක් ඉදි වී ඇත. මෙම නිකේතනයේ සුවිශේෂීතාව වනුයේ සියලුම ඉදිකිරීම් තේක්ක ලීයෙන් නිම කර තිබීමයි.
එපමණක් නොව බිත්ති සැරසිලි, ඇඳ, පුටු, මේස සියලුම දේ තේත්ක ලීයෙන් පමණක්ම නිම කර තිබේ. එක්වර අට දෙනකුට ලැගුම් ගත හැකි මෙම නිවාඩු නිකේතනයේ සුවපහසුකම් ගැන කියාවත්, ලියාවත් නිමකිරීමට නොහැකි තරමට අතිශය අලංකාරය.
= කොච්චර කාලයක් ගියාද මේක හදන්න?
මාස හතක් විතර.
= කවුද මේකෙ නිර්මාණ ශිල්පියා?
සියලුම දේ සිදුවූයේ යුද හමුදාවේ සොල්දාදුවන් අතින්. සැලසුම්, ඉදිකිරීම් මේ හැම දෙයක්ම.
= ඔය ඉස්සරහ තියෙන පරණ කාර්එක කාගෙද?
L.T.T.E. එකේ.
= ඒ කිව්වේ?
එයාලා පාවිච්චි කරපුවා. දවසක් මෙතැනට ආපු සුද්දියක් මේක දැකලා ලක්ෂ පහකට ඉල්ලුවා.
නිකේතනය බාර නිලධාරියාගේ කතාබහත් සමඟම 'Lagoons Edge' දින දෙකකට අපේ ලැගුම් නවාතැන්පොළ විය.
ජීවිතේ කවදාම හෝ දවසක ඔබද මේ අත්දැකීම විඳිය යුතුය. එය එතරම්ම අපූර්ව අත්දැකීමකි. ශ්රී ලංකා යුද හමුදාවේ ඇති විනය මෙන්ම එම නවාතැන්පොළේ ඇති පිළිවෙළත්, පිරිසුදුකමත් අති විශිෂ්ටය.
අපි මෙතැනට එන හැමෝම නන්දිකඩාල් කළපුවත්, මුලතිව් කැලේ තියෙන L.T.T.E. සංවිධානයේ ගොඩක් දේවල් බලන්න එක්කරන් යනවා.
අපි රාත්රියට ඉඩ දුන්නෙමු.
මේ කළපුව කවදා හරි හිඳුණොත්, පතුලේ මොනතරම් ජීවිත ඇත්ද. ත්රස්තවාදී වෙඩි උණ්ඩයෙන් පසාරු වූ රණවිරුවන්ගේ හදවත් මෙන්ම, ත්රස්තවාදීන්ගේ ජීවිතද මෙම දිය කඳ පතුලේ ඇටසැකිලි වී එකට වැතිර ඇති බව නිසැකය. සඳඑළියට නළියන දියරළ ජීවිතයේ නිස්සාර බව පසක් කරයි.
ප්රභාකරනුත්, සුසේයිත්, ප්රභාකරන්ගේ දරුවනුත් මියැදුණේත් ත්රස්තවාදීන්ගේ රුදුරු වෙඩි උණ්ඩයෙන් අපේ රණවිරුවන්ගේ රුධිර ධාරා ගලා ගියේත්, මේ ජලකඳේම විය හැකිය. තවමත් අවුරුද්දකට නොවැඩි මෙම අලංකාර නිකේතනය විවෘත කර ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතිනි. මුලතිව් සංචාරයේ නිරත වන බොහෝ අයට ඇති ගැටලුව වන්නේ නවාතැන් ප්රශ්නයයි. ඒ සඳහා 'Lagoons Edge' නිවාඩු නිකේතනයට අමතරව ගී්රන් හවුස් නමින් තවත් නිකේතනයක් මුලතිව් යුද හමුදා මූලස්ථානය මඟින් පාලනය වෙයි. නවාතැන් ගන්න අයගේ රුචිකත්වය මත ආහාරපානද, මුලතිව් කැලය මැද්දේ ෆාරා නැව, ත්රස්තවාදීන්ගේ පිහිනුම් තටාකය, මුහුදු කොටි නායක සුසේයිගේ නිවෙස, ත්රස්තවාදීන්ගේ ආයුධ, ප්රභාකරන් මැරුණු තැන, ප්රභාට අයිති පලතුරු වත්ත මේ හැම දෙයක්ම බලන්න පුළුවන.
ඇත්තටම මුලතිව් සංචාරය කරන බොහෝදෙනා මෙම නවාතැන්පොළ පිළිබඳ නොදන්නවා විය හැකිය. එක්වර අට දෙනකුට නවාතැන් ගත හැකි මෙම නිකේතනය සඳහා දැනට මිල ගණන් නියම කර ඇති ආකාරයට දිනකට ගාස්තුව වෙන්නේ රුපියල් 15,000කි.
අඩු මුදලකට ලැබෙන අධිසුඛෝපභෝගී මෙම අත්දැකීම තුළ මමත් ඡායාරූප ශිල්පි ප්රියන්තත්, රාත්රියට සූදානම් වෙමින් සිටියෙමු.
ලී දඬුවලින් නිමාකර ඇති අතිශය සුන්දර රාත්රි සාද පවත්වන ස්ථානයද නවාතැන් ගන්න අයට ලැබෙන විශේෂ පහසුකමකි.
රාත්රිය මැදියම් වෙමින් පවතියි. වෙඩිවරුසා නතර වූ බිමක තරු වැස්සක් මෙන් කළපු දිය මතට සඳ එළිය දියවී ඇත. මියැදුණු ලක්ෂ සංඛ්යාත මිනිස් ජීවිතවල කඳුළත්, සුසුමත් මරළතෝනිත් නිහඬ වී හමාරය. එතරම්ම මේ රාත්රිය නිහඬය. සීතලය. කළපුවෙන් එහා ඉමේ මියැදුණු ජීවිත කතාත් ජීවත්වන මිනිසුන්ගේ බලාපොරොත්තුත් සොයා හෙට උදේම පිටත්විය යුතුය. ඔබ ලබන සතියේ හමුවන්නේ ඒ අත්දැකීම් සමූහයේ අකුරු වියමන ළඟිනි.
ලබන සතියට...
සංජක ප්රසාද් ෙදාලේවත්ත | hplt_2 |
පොදු රාජ්ය මණ්ඩල රාජ්ය නායකයන්ගේ භාර්යාවන්ට සංචාරක පැකේජයක්
May 27, 2013 at 1:46 pm | lanka C news
නොවැම්බර් මාසයේදී මෙරට පැවැත්වෙන පොදු රාජ්ය මණ්ඩලීය සමුළුවට සහභාගීවීම සඳහා පැමිණෙන රාජ්ය නායකයින්ගේ භාර්යාවන්ට මෙරට තුළ සංචාරය කිරීම සඳහා විශේෂ චාරිකා පැකේජයක් සංවිධානය කිරීමට සැලසුම් කෙරෙන බව ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්යක්ෂ රූමි ජවුෆර් මහතා පැවසීය.
‘Spouse Tourism’ නම් වූ විශේෂිත සංචාරක නිෂ්පාදිතයක් ලෙස මෙය ඉදිරිපත් කෙරෙන බව හෙතෙම සඳහන් කළේය.
‘ගාල්ල, මහනුවර වැනි නගර කිහිපයක් යොදාගනිමින් මෙම විශේෂිත චාරිකා සූදානම් කෙරෙනවා. මෙම සමුළුව සඳහා රටවල් 54 ක් පැමිණෙනවා. එම බහුතරයක් රටවල සිටින්නේ රාජ්ය නායකයින්, ඔවුන්ගේ භාර්යාවන් වෙත මෙවන් චාරිකාවක් ලබාදීම පොදු රාජ්ය මණ්ඩල සමුළුවට අලංකාරයක් එක් කරනවා වගේම එම රටවලට ශ්රී ලංකා සංචාරණය ගෙන යාමටත් විශාල සහායක් වේවි. විශේෂයෙන්ම රාජ්ය නායිකාවන්ගෙන් භාර්යාවන් එක් කරගත් මෙවැනි කටයුත්තකට විශාල ජාත්යන්තර අවධානයක් මාධ්ය හරහා ලැබෙනවා. එයත් අපේ සංචාරක කර්මාන්තයට විශාල පිටිවහලක් වේවි’ යයි හෙතෙම විස්තර කළේය.
2 Comments to “පොදු රාජ්ය මණ්ඩල රාජ්ය නායකයන්ගේ භාර්යාවන්ට සංචාරක පැකේජයක්”
-
අඩු ගානේ ශ්රී ලංකා ටුවරිස්ම් කියන ආයතනයේ ප්රචාරණ අංශයේ දුරකතනයවත් ආන්සර් කරන්නේ නැහැ
-
මම සංචාරක මණ්ඩලයට කතා කරලා ලංකාවේ මාර්ග සිතියමක් ඉල්ලුවම පොත්හලකට ගිහින් ගනින් කියල ෆොන් එක කට් කරා | hplt_2 |
Indian filmmaker Satyajit Ray (1921-1992) was keen to make India’s first science fiction movie, and in 1967 wrote a script for a film to be called The Alien, based on his own short story “Bankubabur Bandhu” (“Banku Babu’s Friend”). The story was about an alien spaceship that landed in rural Bengal, carrying a highly intelligent and friendly alien being with magical powers.
Ray’s friend Arthur C Clarke recommended and introduced him to Hollywood, but the film never reached production. In this week’s Ravaya column (in Sinhala), I continue the story of what happened to The Alien.
Thanks to writer and film historian Richard Boyle for sharing excerpts from his as-yet unpublished manuscript on this topic, which is one of the greatest might-have-beens in the history of the cinema.
See Part 1: සිවුමංසල කොලූගැටයා #150: සත්යජිත් රේගේ එළි නොදුටු සිනමා සිහිනය – පිටසක්වලයා
ලෝක පූජිත ඉන්දියානු සිනමාකරු සත්යජිත් රේ (1921 – 1992) දශක ගණනක් සිහින මැවුවත් හදන්නට බැරි වූ පිටසක්වලයා (The Alien) චිත්රපටය ගැන අප ගිය සතියේ කථා කළා. (1979දී රිඞ්ලි ස්කොට් නම් බි්රතාන්ය සිනමාකරුවා තැනූ Alien චිත්රපටය හා එහි අනුගාමී කෘතීන් අපේ කථාවට කිසිසේත් සම්බන්ධයක් නැහැ.)
1961දී ළමා සඟරාවකට ප්රබන්ධ කථාවක් ලියමින් පිටසක්වලින් පිටිසර බෙංගාලි ගමකට පැමිණෙන අහිංසක හා මිත්රශීලී ජීවියකු ගැන සත්යජිත් රේ පරිකල්පනය කළා. සම්භාවනීය විද්යා ප්රබන්ධ රචක ආතර් සී. ක්ලාක්ගේ යෝජනාවකට අනුව 1967දී ඔහු එය චිත්රපට තිර රචනයක් ලෙස කෙටුම්පත් කළා. එය ජාත්යන්තර නිෂ්පාදනයක් ලෙස කිරීමට හොලිවුඞ් චිත්රාගාර ආයෝජක මට්ටමින් සම්බන්ධ කරන්නට ක්ලාක්ගේ නිර්දේශය මත මැදිහත් වූයේ ඔහුගේ මිතුරා මයික් විල්සන් (1934-1995).
එහෙත් රේ හා විල්සන් සහයෝගිතාව සාර්ථක නොවූ සැටිත්, පිටසක්වලයා චිත්රපටය කිසි දිනෙක බිහි නොවූ වගත් අප විස්තර කළා.
1967දී තිර රචනය කළ The Alien කථාව, 1982දී ස්ටීවන් ස්පිල්බර්ග් අධ්යක්ෂණය කළ E.T. the Extra-Terrestrial චිත්රපටයේ කථාවට බොහෝ සෙයින් සමාන වීම අහම්බයක් ද?
ප්රබන්ධ සාහිත්යයේ මෙන් ම චිත්රපට ඉතිහාසයේත් එක සමාන කථා වස්තූන් රැගත් නිර්මාණ එකිනෙකා නොහඳුනන නිර්මාණකරුවන් විසින් ස්වාධීනව බිහි කළ තවත් අවස්ථා හා උදාහරණ තිබෙනවා. එහිදී සැබැවින් ම අදහස් කාන්දුවීමක් සිදු වූවා යයි තහවුරු කිරීම ඉතා අසීරුයි.
‘නිර්මාණ කොල්ලය’ බඳු චෝදනාත්මක යෙදුමක් මෙබඳු සිද්ධීන්ට යොදා ගන්නට තරම් ප්රබල සාක්ෂි නැහැ. සත්යජිත් රේ පවා කිසි විටෙක ස්පිල්බර්ග්ට සෘජුව අභියෝග කළේ නැහැ. එහෙත් එබන්දක් සිදු වුණා දෝ කියන සැකය 1992දී මිය යන තුරු ම රේ ගේ සිතේ තිබූ බව ඔහුගේ සමීපතයෝ වාර්තා කරනවා.
බොහෝ චිත්රපටවල වීරයකු හා දුෂ්ටයකු හමුවනවා. එහෙත් සැබෑ ජීවිතයේ සිද්ධීන් ඊට වඩා සංකීර්ණයි. මේ සිදුවීම් මාලාවේ ‘දුෂ්ටයා’ මයික් විල්සන් ද?
මේ ප්රශ්නය මා බි්රතාන්ය ජාතික ලේඛක රිචඞ් බොයිල්ට යොමු කළා. 1974 සිට මෙරට පදිංචිව සිටින රිචඞ් කලක් (බි්රතාන්ය) චිත්රපට කර්මාන්තයේ නියැලී සිට දැන් පර්යේෂණාත්මක ලේඛකයකු ලෙස කි්රයා කරනවා. සිනමා ඉතිහාසය ගැන විශෙෂ උනන්දුවක් දක්වන ඔහු මයික් විල්සන් සමීපව ඇසුරු කළා පමණක් නොව මයික්ගේ පෞද්ගලික ලිපි ලේඛන සියල්ලේ වත්මන් භාරකරු ද වනවා.
රේ – ක්ලාක් – විල්සන් ති්රත්වය අතර හුවමාරු වූ ලියුම් හා වෙනත් මූලාශ්ර රැසක් මත පදනම් වී The Alien චිත්රපටය බිහි නොවීමේ පසුබිම් කථාව ඔහු කෙටුම්පත් කර තිබෙනවා. තවමත් ප්රකාශිත නොවූ ඒ පොතේ උධෘතයන් ගණනාවක් රිචඞ් මට කියැවීමට ලබා දුන්නා. සිද්ධිදාමය ගැන මැදහත්ව විමර්ශනය කරන්නට ඔහු වෙර දරා ඇති බව පෙනෙනවා.
රේ මුලින් සැළසුම් කර තිබුණේ පිටසක්වලයා චිත්රපටය ඉන්දියානු පේ්රක්ෂකයන්ට පමණක් ඉලක්ක කොට බෙංගාලි බසින් නිර්මාණය කරන්න. ඔහු එකල ඉතා සීමිත මුදල් ආයෝජනයකින් කලාත්මක සිනමා නිර්මාණ කිරීම ප්රගුණ කොට සිටියා. විද්යා ප්රබන්ධ කියැවීමට හා ලිවීමට ලැදි ඔහුට ඉන්දියාවේ මුල් ම විද්යා ප්රබන්ධ චිත්රපටය බිහි කිරීමේ අරමුණ ද තිබුණා.
ආතර් සී. ක්ලාක් ගැන රේට ඉමහත් ගෞරවයක් හා ලැදියාවක් තිබුණා. ක්ලාක්ගේ යෝජනාව පිළි ගනිමින් මෙය ජාත්යන්තර චිත්රපට නිෂ්පාදනයක් බවට පත් කිරීමට රේ ඉතසිතින් කැමති වූයේ එනිසායි. එසේ ම අමුතු චරිතගති තිබුණත් මයික් විල්සන් සමඟ දෙතුන් වසරක් රේ ගනුදෙනු කළේ ද මයික්ව හඳුන්වා දුන්නේ ක්ලාක් නිසායි.
‘මයික් විල්සන්ට චිත්තාකර්ෂණීය පෞරුෂයක් තිබුණා. ඔහු නිර්මාණශීලීයි. කාර්යශූරයි. එහෙත් ඔහුට ම ආවේණික කි්රයා කලාපයක් තිබුණා. සමහර වෙලාවට සුහදව දැඩි බලපෑම් කරන්නට ඔහු සමතෙක්’’ යයි රේ ලියා තිබෙනවා.
තම චිත්රපටයට අවශ්ය හොලිවුඞ් සම්බන්ධීකරණයත්, නම දිනූ අමෙරිකානු හා බි්රතාන්ය නඵවන් සොයා යාමේ කාර්යයන් කළෙ මයික් බව රේ නොවලහා කියනවා. එහෙත් අද මෙන් ඊමේල් හා ක්ෂණික සන්නිවේදන නොතිබූ ඒ යුගයේ ටෙලෙක්ස් කේබල් හා ගුවන් තැපැල් මගින් රටවල් අතර සහයෝගිතා ව්යාපෘති කරද්දී වැරදි වැටහීම් හා මතගැටුම් ඇති වීම පුදුමයක් නොවෙයි.
1967 සති කිහිපයක් පුරා රේ විසින් රචිත පිටසක්වලයා දළ තිර රචනය රැගෙන මයික් හොලිවුඞ්පුරයට ගියා. ඔවුන් දෙදෙනා ම වෙනුවෙන් ව්යාපාරික මට්ටමින් ආයෝජනයන් ගැන සාකච්ඡා කරන්නට රේ තමාට නීතිමය බලය පැවරූ බව මයික් කීව ද පසු කලෙක රේ එය සනාථ කළේ නැහැ.
රිචඞ් බොයිල් කියන හැටියට The Alien තිරරචනය ඉන්දියාවේ දී බුද්ධිමය අයිතිය ලියාපදිංචි කිරීම රේට අතපසු වී තිබෙනවා. එය හොලිවුඞ් ගෙන ගිය මයික්, තමන් දෙදෙනාගේ ම නමින් එහි බුද්ධිමය අයිතිය අමෙරිකාවේ ලියාපදිංචි කළා. එසේ කළේ වැඩි හොඳට බවත්, වෙනත් කිසිවකු ඒ අදහස් යොදා චිත්රපටයක් හැදීම වැළැක්වීමට බවත් මයික් කියා සිටියා. එහෙත් තිර රචනයේ 90%ක් තමාගේ දායකත්වය තිබූ නිසා මේ හවුල් අයිතිය අසාධාරණ හා වැරදි බව රේ ගේ මතය වූවා. දෙදෙනා අතර විරසකයට මූලික සාධකයක් වූයේ මෙයයි.
ස්ටැන්ලි කුබ්රික් චිත්රපට අධ්යක්ෂවරයාගේ නීතිඥයා වූ ලූයී බ්ලාවු (Louis Blau) හරහා ඉන්දුස් චිත්රපට (Indus Productions) නම් නව සමාගමක් ඇරැඹූ මයික්, කොලම්බියා සමාගම සමග සියඵ ගනුදෙනු එම සමාගම හරහා කිරීමට උපදෙස් දුන්නා. මේ විධිවිධානය ද රේ ගේ නොසතුටට හේතු වූ බව පෙනෙනවා.
රේ ඊට පෙර හොලිවුඞ් සමග එතරම් ගනුදෙනු කර තිබුණේ නැහැ. 1958දී පාතර් පංචාලි අමෙරිකාවේ පෙන්වන විට කෙටි සංචාරයකට හොලිවුඞ් ගියත් එහි සටකපටකම් හා අන්තරායන් ගැන ඔහුට අත්දැකීම් තිබුණේ ද නැහැ. රිචඞ් බොයිල් කියන්නේ හොලිවුඞ් අරභයා සත්යජිත් රේ අහිංසකයකු වූ බවයි.
පිටසක්වලයා ගැන සැළසුම් කරද්දී කොලම්බියා සමාගමේ වියදමෙන් හොලිවුඞ්, නිව්යෝර්ක් හා ලන්ඩන් නුවර සංචාරය කරන්නත්, ඉහළම පෙළේ හෝටල්වල නවාතැන් ගන්නත් රේ හා මයික්ට හැකි වුණා. රේ මේ අමුතු ලෝකය දෙස බැලූවේ උපේක්ෂා සහගතවයි.
1967 ජූනි 12දා හොලිවූඞ් පුවත් සඟරාව වන Vanity Fair මහ ඉහළින් වාර්තා කළේ සම්මානනීය ඉන්දීය සිනමාකරු සත්යජිත් රේ හා නිෂ්පාදක මයිකල් විල්සන් පිටසක්වල ජීවියකු ගැන ජාත්යන්තර චිත්රපට නිෂ්පාදනයක් අරඹන බවයි. පීටර් සෙලර්ස් ප්රධාන චරිතය රඟන එහි රූ ගත කිරීම් බහුතරයක් බෙංගලායේ සිදුවනූ ඇති බවත්, ඇස්තමේන්තුගත වියදම ඩොලර් මිලියන් 1.3ක් බවත් එහි කියැවුණා. මෙය ඒ දක්වා රේට තිබුණු චිත්රපට අරමුදල්වලට වඩා බෙහෙවින් වැඩි මුදලක්.
එහෙත් රේ හා මයික් නොපෑහීම නිසා චිත්රපටය කිසි දිනෙක රූ ගත කිරීම් අදිරයට ළගා වුණේ නැහැ. මේ අවාසනාවන්ත තත්වය ගැන ඇසූ ආතර් සී. ක්ලාක්, රේ හා මයික් අතර සංහිදියාවක් ඇති කරන්නට බොහෝ උත්සාහ කළත් එය අසාර්ථක වුණා.
‘මයික් හා මා එකට වැඩ කරද්දී ඔහුගේ ශෛලිය මට ඇල්ලූවේ නැහැ. ලන්ඩනයේ අප සිටි එක් අවස්ථාවක චිත්රපට සමාගම සමඟ අප කරන සියඵ කථාබහ හීන්සීරුවේ පටිගත කරන්නට මයික් කි්රයා කළා. මේ කර්මාන්තයේ කිසිවකු කට වචනයට විශ්වාස කළ නොහැකි යයි මයික් තර්ක කළා’’ රේ ආවර්ජනය කොට තිබෙනවා.
රේ ඉතා ඉවසිලිමත් වූ චරිතයක්. ලෙහෙසියෙන් කලබල නොවන හා තරහා නොයන කෙනෙක්. එහෙත් මයික් සමග වැඩ කරන්නට අමාරු වූ විට ටිකෙන් ටික ඔහු දුරස්ථ වුණා. මේ කාලයේ රේ තව දුරටත් තමාගේ බෙංගාලි චිත්රපට අධ්යක්ෂණය කිරීම නතර කළෙ නැහැ. 1967දී චිරියාකානා Chiriyakhana චිත්රපටය නිකුත් වූ අතර ඊළඟ බෙංගාලි චිත්රපයට මුදල් සෙවීමට ද ඔහු වෙහෙසෙමින් සිටියා.
1968 අගෝස්තු 15දා රේ ක්ලාක්ට ලියුමක් ලියමින් The Alien ව්යාපෘතිය ඉදිරියට යන්නට නම් මයික් එයින් ගෞරවනීය ලෙස ඉවත් විය යුතු යයි කාරුණික ඉල්ලීමක් කළා. ‘‘මයික් දක්ෂයෙක්. එමෙන්ම උද්යොගශීලීයි. එහෙත් අප දෙදෙනා බෙහෙවින් වෙනස් චරිත. ඔහු නිෂ්පාදකයා ලෙස තබා ගෙන මේ චිත්රපටය අධ්යක්ෂණය කරන්නට මට බැහැ. මා චිත්රපටය තැනූ පසු මයික්ට විධායක නිෂ්පාදක ලෙස නාමාවලියේ පිළිගැනීමක් දීමට මා සූදානම්. එහෙත් මගේ පාඩුවේ මේ චිත්රපටය හදන්නට නම් මයික් නැතිව වැඬේ පටන්ගත යුතුයි.’’
දෙපාර්ශවය එකඟ කර ගෙන ව්යාපෘතිය ද බේරා ගන්නට ක්ලාක්ටත් නොහැකි වුණා. 1968 අගෝස්තු 28දා ක්ලාක් රේට ලියුමක් ලියමින් කීවේ: ‘කවුද හරි කවුද වැරදි කියා වාද කරමින් නොසිට මේ අසිරිමත් කථාව චිත්රපටයකට නැංවිය හැකි නම් කෙතරම් අපූරු ද? එයට සුදුසු පසුබිමක් ඇති කරන්නට මා තවමත් උත්සාහ කරනවා. එහෙත් මට කළ හැකි දේ සීමිතයි.’
සත්යජිත් රේ චරිතාපදානයක් ලියූ බි්රතාන්ය ලේඛක ඇන්ඩෘ රොබින්සන් කියන්නේ පිටසක්වලයා කථාව චිත්රපටයකට නැගීමේ අදහස 1970 දශකය පුරා ම පාහේ රේගේ හිතේ තිබුණු බවයි. ඒ ගැන විටින් විට ඔහු කොලම්බියා චිත්රපට සමාගම සමග කථා කළත් අදහස යළි පණ ගැන්වීමට නොහැකි වුවා. ඔහු එය අත්හැර දැම්මේ Close Encounters of the Third Kind (1977) හා ET (1982) නම් ස්ටීවන් ස්පිල්බර්ග් චිත්රපට දෙක ලෝකය කුල්මත් කළ පසුවයි.
සත්යජිත් රේ මෙන් ම ස්ටීවන් ස්පිල්බර්ග් ද ඇසුරු කළ ක්ලාක්, මේ දෙදෙනා අතර නිර්මාණ කොල්ලයක් වී යයි පිළි ගත්තේ නැහැ. පිටසක්වල ජීවීන් මොලොව ඒම විද්යා ප්රබන්ධ සාහිත්යයේ ප්රබල තේමාවක් බැවින් මෙබඳු අවිහිංසක පිටසක්වලයකු ගැන කථාවක් ස්වාධීනව මේ නිර්මාණකරුවන් දෙදෙනාට පරිකල්පනය වීම පුදුමයක් නොවේ යයි ක්ලාක් ලියා තිබෙනවා.
ක්ලාක් හා රේ මිතුදම දිගට ම පැවතුණා. The Alien ගැන ශෝකබරිතව ආවර්ජනා ලියන විට පවා රේ කිසි විටෙක ක්ලාක්ට දොශාරෝපණයක් කළේ නැහැ.
කල්කතාවෙන් පළ කැරෙන The Statesman පත්රයේ 1980 ඔක්තෝබර් 5 වනදා ‘පිටසක්වලයාගේ අකරතැබ්බය’ (Ordeals of the Alien) නමින් ලිපියක් ලියූ රේ තමාගේ අමිහිරි අත්දැකීම ලේඛනගත කළා. ඒ වන විට ස්වාමි සිවකල්කි නමින් හින්දු පූජකයකු බවට පත්ව සිටි මයික් විල්සන් එය කියවා කර්තෘට ලියුමක් ලියමින් තමාගේ පැත්ත විස්තර කළා.
එම ලියුම හරහා මයික් කීවේ තමා නිර්මාණ හොරකු නොවූ බවත්, චිත්රපටය නිපදවීමේ නොතින් ආසාව හා උද්යොගය මත කටයුතු කළ බවත්. එසේ ම මහා සිනමාකරුවාව හොලිවුඞ් කපටියන්ගෙන් බේරා ගන්නට තමා යම් ආරක්ෂණ පියවර ගත් බවට මයික් තර්ක කළා.
මයික් සිය ලියුම අවසන් කළේ මෙසේයි: ‘රේ හා මා අතර මතභේද තිබූ බව සැබෑ නමුත් ඔහු ලෝකයේ ශෙෂ්ඨතම සිනමාකරුවෙක්. මා ඉන්දියාවට උදක් ම කියන්නේ ඔහුට රිසි පරිදි චිත්රපට නිර්මාණය කරන්නට දේශීය මට්ටමින් සියඵ සම්පත් හා පහසුකම් ලබා දෙන්න කියායි.’
රේගේ සිනමා විශිෂ්ඨත්වය ලොවට පෙන්නුම් කරන්නට හොලිවුඞ් සමාගමක පිහිට අවශ්ය වූයේ නැහැ. බටහිර චිත්රපට නිෂ්පාදනයට වෙන් කැරෙන මුදල් හා තාක්ෂණ පහසුකම් නැතිවත් සදාදරණීය සිනමා කෘති රැසක් (වෘතාන්ත චිත්රපට 29ක්, වාර්තා චිත්රපට 5ක් හා කෙටි චිත්රපට 2ක්) ඔහු අධ්යක්ෂණය කළා.
(විශෙෂ ස්තූතිය: රිචඞ් බොයිල්) | hplt_2 |
මම මෙන්න මේ පෝස්ට් එකේදි කිවුව නේ ඉස්කෝල වල IT Days අනං මනං වලට යන්නම සෙට් වුනු කස්ටියක් අපේ ඉස්කෝලෙ ඉන්නව කියල, ඔන්න අපේ ඒ සෙට් එක මේ පාරත් වැඩට බැස්සා. ඒ සෙට් එක කිවුවට, ඇත්තටම මේ පාර වැඩිපුර ගියේ ටිකක් අළුත් මල්ලි බබාල කස්ටියක්. මොකද පහුගිය අවුරුදු වල පිස්සු නටපු කස්ටිය දැං 2009 අපෝ!උපේ! ට පණ දමාගෙන කොලාස් යනවා, පාඩං කරනවා එක කෙළිය යි !
සාපෙ ඉවර නිසා දැං අපේ කස්ටිය ඉස්කෝලෙ යන්නෙ නැති වුනාට, ඔන්න ඔහේ ICT Unit එකට ගිහිං ෆයිල්ස් එහෙම බාන්න බලාගෙන මම ඉඳල හිටල ඉස්කෝලෙ යනවා. ඉතිං ඒක නිසා මේ ICT Exhibition එකට ඔළුව දමාගන්න චෑන්ස් එකක් මටත් හම්බවුනා. ටක් ගාලා සර් ට කියල නම දමාගත්තා, දැං වැඩේ හරි. මේකට සහභාගි වෙන්න ය කියල අපි ට ආරාධනා එවල තිබුනෙ පහු ගිය මාසෙ. ඉතිං එදා ඉඳං අපි කස්ටිය එක එකා සෙට් උනා මේකට යන්න.
මම ඉතිං වෙබ් බුවා නේ, මම හැදුවා PHP ගැන PowerPoint ඉදිරිපත් කිරීමක්. මොකද OpenOffice Impress වලින් හැදුවොත් අපි ගෙනියන පරිගණක වල ඒක දමල පෙන්නගන්න පුළුවන් වෙයි ද කියන සැකේ තිබුනු නිසා. PHP ගැන WikiPedia එකේ තියන ලිපිය බලාගෙන presentation එක හැදුවා.
අපේ කස්ටිය 20ක් විතර මේ වැඩේට ගියා. අපි ඉදිරිපත් කිරීම් 5ක් කරලා තිබුනා.
- නිනිතිතාක්ෂණය (Nanotechnology).
- පරිගණක දෘඩාංග.
- ජාලකරණය.
- ද්වාර ක්රමලේඛනය (Port programming).
- PHP.
ඕවායින්, 2010 අපෝ!උපේ! කරන අයියලා තුන් දෙනෙක් දාපු නිනිතිතාක්ෂණේ ඉදිරිපත් කිරීම යි මම දාපු PHP ඉදිරිපත් කිරීම ඇරුනම, අනිත් ඔක්කොම වැඩමන්ට් දුන්නේ අපේ 10-11 වසර වල තොරතුරු තාක්ෂණේ කරන මල්ලිලා ගැන්සියක්.
16 වෙනිදා ඉස්කෝලෙ ගිහිං Computers, UPS අරවා මේවා හොයා ගත්තා. දැං වැඩේ රෙඩි. හවස කස්ටියක් ගිහිං අපේ ඉස්කෝලේට හම්බවෙලා තිබුනු පන්ති කාමරේ ගානට හදා ගත්තා. අපි ඉතිං කරන දෙයක් පිළිවෙලට කරන මිනිස්සු නේ !
17 වෙනිදා උදේ පාන්දර අපි ඉස්කෝලෙට ගිහිං අර බඩු ටිකත් අරගෙන ගියා යන්න ගර්ල්ස්කූල් – එහෙම තමයි අපි “ශාන්ත තෝමස් උසස් බාලිකා විද්යාලය”ට නිකමට කියන්නේ – එකට ! අපේ සමහර කස්ටිය නං මාර ආතල් එකේ තමයි හිටියේ. computers ටික සෙට් කරලා, projector එක focus කරලා, hardware collection එක ගානට මෙව්වා කරගත්තා. Port programing මල්ලිලා car එක දුවවන්නත් ගානට surface එකක් හදාගත්තා.
10 විතර වෙනකොට මෙන්න කස්ටිය එනවා අපේ ප්රදර්ශන කුටිය බලන්න. හම්මා… අපේ එවුන් ටික හිටු කියල රෙඩ් වෙලා දැං නරඹන්නන්ට කියල දෙන්න සූදානම. මාර සෙනගක්. ඉස්සෙල්ලම ආවෙ ගර්ල්ස්කූල් එකේ නංගිලා කස්ටියක්. ඒ අතරේ මාර සීන් එක… අපේ port programming බුවාලා 5ක් විතර හිටිය ට, මුං ට බැරිලු මේ නංගිලා ට වැඩේ සිද්ධවෙන system එක කියගල දෙන්න. ඒ අතරේ මාත් කල්පනා කර කර හිටියේ මම PHP ගැන presentation එකක් හදන් ආවට, ඒක කියල දෙන්න තරං පසුබිමක් අතන තිබුනෙ නෑ. බලන්න එන කස්ටියට ඕන ටක් ගාලා සෙන්ටර් වෙලා
යන ගැජමැටික්ස් ටිකක් දැක බලාගෙන යන්න. ඉතිං ඔය අතරේ මම PHP එක පැත්තකට දාලා බාරගත්තා port programing විස්තර කර දීමේ වැඩමන්ට් එක. හප්පා… මම අතිනුත් දාලා කස්ටියට port programming ගැන කියල දුන්නා. අර සෙල්ලං කාරෙක පොඩ්ඩක් run කරල පෙන්නුවට පස්සේ කට්ටිය හොඳට අහං ඉන්නවා. අංතිමට මං කිවුව මොනව හරි ප්රශ්න තියේ නං අහන්න කියල… හැබැයි කවුරුවත් ප්රශ්න නං ඇහුවෙ නෑ… මම හිතන්නෙ මම කියපු ඔක්කොම ඒ කට්ටියට හොඳට තේරෙන්න ඇති. ඒත් මම කම්පනා කළේ, මම කියපු දේ මටවත් හරියට තේරුනේ නැති කොට, ඒ අයට තේරුනේ කෝමද කියලා !
ම් ම් ම්… ආ… අපිත් එක්ක බුදු ෆිට් වෙච්ච ගර්ල්ස්කූල් එකේ prefects board එකේ යි ICT Exhibition එකේ organizing committee එකේයි නංගිල අක්කල කස්ටිය ගැන නොකියම බෑ කියල වැඩක් නෑ… ඒ වුනාට කියනවා… අපිට කන්නද, බොන්නද, අරවද – මේවද ඔක්කොම අපිට සෙට් කරල දුන්නා. එවුව ඉතිං ඇවිල්ලම බලන්න ඕන.
ඉස්සෙල්ලා දවසේ හවස 3.45 විතර වෙනකං අපි ගර්ල්ස්කූල් එකේ හිටියා. මොකද අපි හිතවේ judges ලා ඇවිත් එදා හවස අපේ stall එක judge කරයි කියල. එතකං අපි සින්දු ටිකක් දාගෙන dance කලා. ඒ වුනාට judges ල එන්නෙ ඊට පහුවෙනිද කියල පස්සෙ එක්කෙනෙක් ඇවිත් කිවුවා. ඉතිං අපි අපේ stall එක වහල දාල ගෙදර ගියා.
පහුවෙනිද මම ඉස්කෝලෙ යන්නෙ නැතිව කෙලිං ම ගියේ ගර්ල්ස්කූල් එකට… හාහ්… කෝමද සැප… වෙන කාටද ඔහොම girls’ schools වලට පනින්න හම්බවෙන්නේ… ආහ් ? IT වලට පිං සිද්ධවෙන්න තමයි !
මම යනකොට අපේ මල්ලි බබාලා කස්ටියක් ඇවිල්ලා ඒ වෙනකොටත් වැඩ පටන්ගෙන. කෝම හරි උදේ පාන්දර ආවා judges ලා… අපේ එවුන් දන්නෙ නැද්ද ආ… nanotechnology කස්ටිය, hardware කස්ටිය, networking කස්ටිය, port programming වෙනුවෙන් මම සහ මම අපහු සැරයක් PHP ඉදිරිපත් කිරීම් ටික කොලා. දැං නිකං judges ලා කොරවෙලා ! උං ජීවිතේට මෙහෙව් ITයක් ඉගන ගන්නෙ නැතිව ඇති !!! අංතිමට උං ටික යන්න ගියා. අපි ඉතිං ඊට පස්සෙ සුපුරුදු විදියට ගර්ල්ස්කූල් එකෙයි අනිත් ආරාධිත ඉස්කෝල වලයි කස්ටිය ට IT ඉගැන්නුවා.
ප්රදර්ශනේට අපි, ශාන්ත තෝමස් විද්යාලය, මාතර මහා වද්යාලය, වැලිගම ඉස්ලාම් විද්යාලය ත් දෙවැනි දවසේ සුජාතා විද්යාලයත් සෙට් වුනා. පළමුවැනි දවසේ සුජාතෙන් ආවෙ නැතෙයි කියන්නේ උන්ගේ ශිෂ්ය නායිකා දිව්රුම් දීම නිසාලු. ඔය girls’ schools අතරේ තියන වලි අපි දන්නව ද නේ ?
කොහොම හරි මේ පාරත් ප්රතිඵල වල අමුත්තක් නෑ. යන යන තැන කප් ගහන රාහුලේට මේකෙනුත් පළමු වැනි ස්ථානේ හම්බවුනා. එක ඉතිං කියන්නත් දෙයක් ද ?
Like this:
Like Loading... | hplt_2 |
විදුලිබල ශක්ති ව්යාප්තිය
විදුලිබල ශක්ති ව්යාප්තිය යනු රටක් තුල විදුලිබල ශක්තිය ජනනය කිරීමේ හා සම්ප්රේෂණය කිරීමේ ප්රවර්ධනය තුලින් විදුලිබල ශක්තිය මුළු රට පුරා දිවිගෙවන සමස්ත ජනයාගේ පරිභෝජනය සඳහා උපයෝජ්ය වන පරිදී ව්යාප්ත කිරීම වන අතර 1880 ගණන් වල මැද භාගයේ සිට 1940 දක්වා කාලය තුලදී එක්සත් ජනපදය, එංගලන්තය හා අනෙකුත් රටවල මෙය සිදුකර නිමා කර ඇති අතර සංවර්ධනය වෙමින් පවතින රටවල මෙය සිදු වෙමින් පවතියි.
විද්යුත් ග්රිඩය[සංස්කරණය]
මෙම වදන වඩාත් විශේෂිතව භාවිතා කරන ලද්දේ නිවාස හා ව්යාපාර සඳහා විද්යුත් ජවය සැපයීමට අවශ්ය යටිතල පහසුකම් සහිත ක්රියාවලි හැඳින්වීමටය. විද්යුතනය සඳහා අවශ්ය යටිතල පහසුකම්වලට ජව බලාගාර, දිගු සම්ප්රේෂණ රැහැන්, උපපොළවල් හා අවසාන පරිශීලකයන්ට වූ කෙටි බෙදා හැරීම් රැහැන් ඇතුළත් වේ.
රටවල්
විශාලතම විද්යුතන ව්යාපෘතිවලින් එකක් වූයේ 1920 ආරම්භ වී 1931 දී අවසාන වූ රුසියාවෙහි ක්රියාත්මක වූ GOELRO සැලසුමයි.
එක්සත් ජනපදයේ දී 1935 ග්රාමීය විද්යුත් පරිපාලනය ආරම්භ වීමත් සමඟ පුළුල්ව පැතිරුණු ග්රාමීය විද්යුතනය ආරම්භ වූ අතර එය දේශීය ග්රාමීය විද්යුත් සමූපකාරයන් සමඟ සම්බන්ධ විය.
විද්යුතන පුරෝගාමී[සංස්කරණය]
- සිඩ්නි මැක්මත්
- ටෙන්සි නිම්න අධිකාරිය
ප්රවාහනයේ විද්යුතනය[සංස්කරණය]
ප්රවාහනයේ විද්යුතනය යනු සම්පූර්ණයෙන්ම පෙට්රෝලියම් වාහන වෙනුවට දෙමුහුම් (Hybrid) හෝ විද්යුත් වාහන භාවිතයයි. | hplt_2 |
මේ දිනවල ලෝකයේ බොහෝ රටවල් වලින් එක එක විදියේ කතා අපිට දැනගන්න ලැබෙනවා. මේ කතාවත් ඒ වගේ එකක් තමයි. කාන්තාවක් එක් දිනයක් තුළදී පිරිමින් 919ක් සමඟ ලිංගිකව එකතු වී තැබූ ලෝක වාර්තාවක් පිළිබඳව වාර්තා වෙනවා.එක් දිනයක් තුළදී ඇය මෙසේ පිරිමින් 919 ක් සමඟ සන්වාසයේ සිට ඇති අතර ඇය මේ වන විටත් ඇයගේ වාර්තාව බිඳීමට නොහැකි වී තිබේ. වසරේදීද මෙවන් වු ...
දුම්රියවලට කාන්තා නම් දාන්නේ ලැසි ගමනින් පැද්දිලා තාලෙට යන නිසා යයි ප්රවාහන අමාත්ය කුමාර වෙල්ගම මහතා පවසයි.ඒ මහතා එසේ සඳහන් කලේ මතුගම ආසනයේ ශ්රී ලංකා නිදහස් පක්ෂ කාන්තා බලමණ්ඩල නිලවරණය පැවැත්වීම සදහා මතුගම ශ්රවණාගාරයේ පැවැති ජනහමුව අමතමිනි.ඇමතිවරයා එහිදී මෙසේද කීව.‘මම කැමතිම, ප්රියතම, විෂය තමයි මේ අද සමරන කාන්තා සම්මේලනය. කුමාර වෙල්ගම කාන්තාවන්ට බොහෝම කැමතියි. ආදරයට කැමතියි. ඕවිටිගල ඉපදුන මම පස්දුන් ...
කොළඹ, කොල්ලුපිටිය ප්රදේශයේ සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් මාධ්ය ඒකකය සඳහන් කළේ, සංවිධානාත්මක අපරාධ දූෂණ කොට්ඨාසය මගින් ඔවුන් අත්අඩංගුවට ගත් බව ය.ඊට අනුබල දුන් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.සැකකාරියන් අද කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.fld<U" fld,a¨msáh m%foaYfha iïNdyk uOHia:dkhla uqjdfjka mj;ajdf.k .sh .‚ld ksjdihla jg,d ielldßhka 10 fofkl= w;awvx.=jg ...
දියණියට අවවාද කලේ යයි හිටපු වයඹ පළාත් සභා මන්ත්රී ආනන්ද සරත් කුමාර විසින් දණ ගැස්වූ නවගත්තේගම නවෝද්යා විදුහලේ සුසිලා හේරත් ගුරුවරියයට මරණීය තර්ජන එල්ල කර ඇතැයි ඇය විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.මරණීය එල්ල තර්ජනය කරමින් ලැබුණු ලිපියක්ද ඇය පොලීසියට ඉදිරිපත් කර තිබින. නවගත්තේගම නවෝද්යා පාසලේ විනය බාර ගුරුතුමිය පළාත් සභා මන්ත්රීවරයෙකු විසින් මිට ඉහතදී දන ගස්වනු ලැබුණු අතර මෙම සිද්ධිය ...
මාරාන්තික ඩෙංගු රෝගය සහමුලින්ම සුව කරන දිව ඔසුවක් සොයාගත් විශේෂඥ ආයුර්වේද වෛද්ය තරංගා කුමාරි වික්රමසූරිය තවත් නව සොයා ගැනීමකින් මාරාන්තික වකුගඩු රෝගයට විසඳුම් ලබා දීමට සූදානමින් සිටී.ඇය මේ වන විටත් දීර්ඝ කාලීන වකුගඩු අකරණිය සඳහා සුදුසු ඖෂධ පිළිබඳ අධ්යනය කර පර්යේෂණ සිදු කර සොයා ගත් ඖෂධය වකුගඩු රෝගීන් වෙත ලබා දෙමින් සිටින්නීය.udrdka;sl fvx.= frda.h iyuq,skau iqj lrk Èj Tiqjla fidhd.;a ...
සිවු හැවිරිදි දිනිදු යෂේන් දරුවා පැහැර ගැනීමේ සිද්ධියට එහි සැකකරුවන් භාවිත කොට ඇති දුරකතන සබඳතා අයිති සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය පියවර ගන්නා බව පොලිස් මාධ්ය ප්රකාශක අජිත් රෝහණ මහතා පවසයි.ඒ මහතා කොළඹදී මාධ්ය අමතමින් කියා සිටියේ එම සිම්පත් සියල්ල එකම ජාලයේ සිම්පත් බවත් ඒවා නියෝජිතයන් මගින් පාරිභෝගියන් වෙත අලෙවියේදී අන්යතාව තහවුරු කර නොගෙන එක් පුද්ගලයකුගේ ජාතික හැදුනුම්පත් පිටපත් ...
ගල්ගමුව - මීගලෑව ප්රදේශයේදී පැහැරගැනීමට ලක්වී සොයාගන්නා ලද දිනිඳු යශේන් දරුවා සිය දෙමව්පියන් සමඟ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.ඊයේ (03) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී මෙම හමුවීම සිදුවී ඇති බව ජනාධිපති මාධ්ය අංශය සඳහන් කළේය.ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා මෙම අවස්ථාවට සහභාගී වී ඇති බව වාර්තා වෙයි..,a.uqj - ó.,Ej m%foaYfha§ meyer.ekSug ,laù fidhd.kakd ,o Èks÷ hfYaka ...
මත්කුඩු ජාවාරම්කරුවන් ගැන තොරතුරු දන්නා බව කී පළාත් සභා මන්ත්රීනී හිරුණිකා පේ්රමචන්ද්ර මෙනවිය එම තොරතුරු පොලීසිය වෙත ලබාදෙන්නේ නම් එම ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලිසිය සූදානම් බව පොලීසිය කියයි.පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසන්නේ කොළඹ ප්රදේශයේ මත්කුඩු ජාවාරම් කරන පුද්ගලයන් දන්නා බව පළාත් සභා මන්ත්රීවරිය මාධ්යයට කරන ප්රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට නම් ඇය ඊට අදාළ පුද්ගලයන් ...
කොටුව හික්කඩුව නයනකුමාරි දුම්රියේ ප්රවේශපත් නොමැතිව ගමන් ගත් 50 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඔවුන්ගෙන් 37 දෙනෙකුගෙන් රුපියල් 96350/⋆ ක දඩමුදලක් (24) දින සවස අය කරගෙන තිබේ.මොවුන් අතර කාන්තාවන් 20 ක් හා පිරිමි 30 ක් සිටින බව දුම්රිය ආරක්ෂක අංශ සඳහන් කරයි. මෙම දුම්රිය පොළ ඊට පෙර දින (23) පරීක්ෂාවට ලක්කොට 17 දෙනෙකු අත් අඩංගුවට ගෙන රුපියල් රු. 40840/⋆ දඩයක් අයකරගෙන ...
17 හැවිරිදි ශිෂ්යයෙකුගේ මුඛයෙහි පිහිටා තිබූ දත් 232ක් වෛද්යවරුන් පිරිසක් විසින් ඉවත් කරනු ලැබූ පුවතක් වාර්තා වේ. ඔහු මාස 18ක පමණ කාලයක් එම තත්ත්වයෙන් පීඩා විඳ ඇත.ඔහුට ශල්යකර්මය සිදු කළ වෛද්යවරුන් පවසන්නේ, මෙය ලෝක වාර්තාවක් ලෙස සැලකිය යුතු දුර්ලභ තත්ත්වයක් බව ය.විදෙස් මාධ්ය වාර්තා කළේ, මෙම සුවිශේෂී ශල්යකර්මය සඳහා පැය 7ක කාලයක් ගතවූ බව ය.ආෂික් ගවායි නමැති අදාළ ශිෂ්යයා ඉන්දියාවේ ...
වනවාසල දුම්රිය ස්ථානය අසළදී අවමංගල්ය රථයක් දුම්රියක ගැටීම හේතුවෙන් ප්රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.අද (24) ප.ව 1.25 ට පමණ පලෙයි සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති නගරාන්තර සීඝ්රගාමී දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.ඒ අනුව කොළඹ දෙසට ධාවනය වන දුම්රිය එක් මංතීරුවකට පමණක් සීමා වී ඇති බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් ...
වෛරීය ප්රකාශ හා සංකේත අන්තර්ගත බැවින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ෆේස් බුක් ගිණුම ඉවත්කිරීමට තීරණය කළ බව ෆේස් බුක් බලධාරීන් විසින් නිවේදනය කර තිබේ.ඥානසාර හිමියන්ගේ එකී ක්රියාකලාපය ෆේස් බුක් සමාගමේ ප්රජා ප්රමිති උල්ලංඝණය කරන බැවින් ඒ පිළිබඳ බොහෝ දෙනා වාර්තා කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එකී නිවේදනයේ සඳහන්ය.කෙසේ වෙතත් මේ පිළිබඳ අද දෙරණ කළ විමසීමකට ...
ජැකලීන් ෆර්ඩිනැන්ඩි විසින් ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ්හිදී පසුගියදා විවෘත කරන ලද “කෑම සූත්ර” අවන්හලේ ආහාර ඉතා විශාල මුදලක් වන බව අපට වාර්තා වෙනවා.“කෑම සූත්ර” අවනහලේ බිත්තර ආප්පයක මිල රු. 200ක් බව දෙරණ වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා.බිත්තර ආප්පයක් රුපියල් 200ක් වෙද්දි ප්ලේන් ආප්පයක් – රු. 100/- ට ලබා දෙයි.එමෙන්ම පොල් රොටියක මිල රුපියල් 200ක් වන බවද අපට වාර්තා වෙනවා.cel,Ska *¾äkekaä úiska bkaäfmkavkaia ...
මත්පැන් පානය අධෛර්ය කරවීම සම්බන්ධවද වම් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමටතමන් සූදානම් බව සෞඛ්ය අමාත්ය මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු සඳහන් කලේ දුම්වැටි වල අඩංගු කරන රූපමය අවවාද සහිත ඡයාරූප කටවුට් ප්රදර්ශනය කිරීමට අවධානය යොමුකළ බවත්, මේ වනවිට ඒ සදහා ටෙන්ඩර් කැදවා එක් ආයතනයකට එම කාර්යය භාර දී තිබෙන බවත්ය.පාර්ලිමේන්තුවේදී මන්ත්රීවරුන් සියලූ දෙනා දුම්වැටි ඇසුරුම්වල 80% ක් ආවරණය ...
තමන් සතුව කොලොන්නාවේ කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගත හැති සාක්ෂි ඇතැයි බස්නාහිර පළාත් සභා මන්ත්රීනී හිරුණිකා පේ්රමදන්ද්ර මෙනවිය පවසයි.ඊයේ රේගු අත්අඩංගුවට පත් හෙරොයින් තොගය දැක තමන් මහත් සේ කම්පාවට පත් වූ බවද ඇය සඳහන් කරයි.‘මට හිතාගන්න බැරි මෙච්චර මේ කිලෝ සියක් කියන්නේ හිතාගන්න බැරි ප්රමාණයක්. මේ කාවද මේ විනාශ කරන්න හදන්නේ. මේ විනාශ කරන්න හදන්නේ රටේ ඉන්න තරුණ පරපුර. මේ රටට ...
අන්තවාදීන් මූලධර්මවාදීන් කොනිත්තන්ට එන්නේ නම් ඊට බෙහෙත් ඇතැයි රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.උන් වහන්සේ මෙසේ පැවසුවේ පොළොන්නරුව ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡවකට එක්වෙමින් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමිනි.උන්වහන්සේ එහිදී මෙසේද ප්රකාශ කළහ.‘අද විශේෂයෙන් පොළොන්නරුව ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා ගාවට ආවා.හේතුව තමයි,දිඹුලාගල නාමල් පොකුණ, මනම්පිටිය ආදී ප්රදේශ වල ක්රිස්තියානි ආගමට පටහැනිව,ක්රියාත්මක කරන මූලධර්මවාදීන් කරගෙන යන අපරාධය ...
බ්රිතාන්ය ජාතික සහන සේවකයෙකු වූ කුරාම් ෂෙයික් මරා දමා ඔහුගේ පෙම්වතිය වූ වික්ටෝරියා සමූහ දූෂණයට ලක් කල බවට එල්ල වූ චෝදනාවලට තංගල්ල ප්රාදේශීය සභාව් හිටපු සභාපති සම්පත් චන්ද්රපුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර ඇත.කුරාම් ෂෙයික් ඝාතනයට වසර 20ක් සහ වික්ටෝරියා දුෂණය කිරීමට වසර 20ක් ලෙස වසර දඬුවම් දෙකම එකවර ගෙවී යන සේ සිර ...
අතුරුදහන්ව සිට අද උදැසන නැවත සොයා ගනු ලැබූ දෙහිවල සත්වෝද්යානයේ සුදු නාගයා ගල්කිස්ස දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නැවත දෙහිවල සත්වෝද්යානයට භාර දෙන ලෙස නියෝග කළේය.ගල්කිස්ස දිසා විනිසුරු ගිහාන් රණවක මහතා වෙත ඉදිරිපත් කල පසු නාගයාගේ ඡායා රූප ගෙන නැවත සත්වයා සත්වෝද්යානයට භාර දෙන ලෙස දෙහිවල පොලිසියට නියෝග කරනු ලැබිය.එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරනු ලබන සත්වෝද්යාන සේවකයින් දෙදෙනෙකුගේ දුරකථන ඇමතුම් ...
තමනට වෙඩි තබා මරා දමන ලෙස මරනීය දණ්ඩනය නියම වූ යුක්රේන ජාතික අඹුසැමි යුවළක් ඊයේ දිනයේ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.රාජගිරිය සිය නිවසේ මෙහෙකාරිය සහ බාල වයස්කාර අසල්වැසි පිරිමි දරුවකු 2010 වසරේ පෙබරවාරි මස 23 වන දා මරා දැමීම සම්බන්ධයෙන් වූ මිනීමැරීමේ චෝදනාවට වරදකරුවන් වූ මෙම යුක්රේන යුවලට අධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කිරීමෙන් පසු ඔවුන් මෙසේ ඉල්ල සිටියහ.තමන්ට මරණීය දණ්ඩනය පනවන්නේ ... | hplt_2 |
භූ-දේශපාලනය
භූ-දේශපාලනය යනු කිසියම් දේශභූමියක් පුරා දේශපාලන බලය භාවිතා කිරීමේ කලාව හා පිළිවෙතයි. සාම්ප්රදායික ලෙසින්, මෙම පදය භාවිත වී ඇත්තේ දේශපාලනය වෙත භූගෝලයෙහි බලපෑම විස්තර කෙරුම සඳහා වුවද, පසුගිය සියවස තුළදී එහි භාවිතය පරිණාමයට ලක්ව පුළුල් ලක්ෂණාර්ථයක් පෙන්නුම් කිරීම දක්වා පැමිණ ඇත.
ශාස්ත්රීය මණ්ඩලයන්හි, භූ-දේශපාලනය පිළිබඳ හැදෑරීම සමන්විත වන්නේ භූගෝලය, ඉතිහාසය සහ සමාජ විද්යාව පිළිබඳව විශ්ලේෂණය කිරීමේදී අවකාශ දේශපාලනය සම්බන්ධයෙන් සහ විවිධ පරිමාණයන් හිදී (රාජ්ය මට්ටමෙහි සිට ජාත්යන්තර මට්ටම දක්වා යන පරාසය තුළ ) එහි රටාවන් ගැන අවධානය යොමු කරමිනි.(භූ-ආර්ථීක විද්යාව)
20වන සියවස ආරම්භයේදී, ස්වීඩන ජාතික දේශපාලන විද්යාඥයෙකු වූ රුඩොල්ෆ් ෂෙලේන් විසින් මෙම පදය මුලින්ම භාවිතයට ගන්නා ලදී. පෙනිසෙල්වේනියා විශ්වවිද්යාලයේ ශාස්ත්ර මණ්ඩල සාමාජීකයෙක් හා ඇමරිකානු රාජ්යතාන්ත්රිකයෙකු වූ රොබට් ස්ටෝස්-හූපෙ විසින් ඉංග්රීසියට පරිවර්තනය කොට ප්රචලිත කරන ලද්දාවූ පොලිටිෂේ ජියොග්රෆි (දේශපාලන භූගෝලය) යන ග්රන්ථය 1897 දී ලියූ ජර්මානු භූගෝලඥ ෆ්රෙඩ්රික් රට්සෙල් වෙතින්, ෂෙලේන් ආභාෂය ලැබ සිටියේය. හැල්ෆර්ඩ් මැක්කින්ඩර් පවා මෙම ක්ෂේත්රයෙහි පුරෝගාමියෙකු වූ මුත්, භූ-දේශපාලනය යන වදන භාවිතා කලේ නැත | hplt_2 |
ජෝර්ජ් වොෂින්ටන් (නව නිපැයුම්කරු)
ජෝර්ජ් කොන්ස්ටන්ට් ලුවිස් වොෂින්ටන්[I] (1871 මැයි – 1946 මාර්තු 29) ඉංග්රීසි-බෙල්ජියමේ උපත ලද ඇමෙරිකානු නව නිපයුම්කරුවෙක් සහ ව්යාපාරිකයෙකි. ඔහුගේ නම මතකයට නැගෙනුයේ ඔහුගේ සොයාගැනීමක් වූ G. වොෂින්ටෝන් කෝපි සමාගම වෙනුවෙන් ක්ෂණික කෝපි සැකසුම් ක්රියාවලිය සොයාගැනීම සහ එය තොග නිෂ්පාදනය වෙනුවෙනි.
ඔහු ඔහුගේ උපන් බිම වූ බෙල්ජියමෙන් නික්මී, 1897 දී නිව්යෝර්ක් ප්රදේශයට පැමිණයේය. ඔහු ක්ෂණික කෝපි නිෂ්පාදනයට යොමු වීමට ප්රථම මධ්යම ඇමෙරිකාවේ තාවකාලිකව පදිංචි වී සිටි කාලය තුල, 1906 හෝ 1907 යම් තාක්ෂණික ක්ෂේත්රයන් කිහිපයක් කෙරේ මුලික දැනුමක් ලබාගත්තේය. ඔහුගේ කෝපි වෙළදාම 1909දී ආරම්භ කල අතර ඒ සඳහා කෝපි නිෂ්පාදනයට සමාගමක් 1910 දී ඔහු විසින් ආරම්භ කළේය. නිව්යෝර්ක් සහ නිව් ජර්සි මුලික කරගනිමින්, ඔහුගේ සමාගමේ දියුණුව ඇති වූ අතර පළමු ලෝක යුද්ධය ඇතිවූ කාලයේ හමුදාවට වැදගත් සැපයුම් කරුවෙක් බවට පත්විය. තවද සමාගමේ නිෂ්පාදන නිව්යෝර්ක්හි පුවත්පත් මගින් සහ ගුවන්විදුලිය මගින් ප්රචාරය කරවීය. ඔහුගේ සමාගමේ සාර්ථකත්වය ඔහුව ඉසුරුමත් කල අතර, බෘක්ලින් හි පිහිටි සුවිසල් මන්දිරයක ඔහු දිවි ගෙවීය. පසුව 1927 දී නිව් ජර්සි ප්රාන්තයට පදිංචිය සඳහා පැමිණියේය. එම වසරේම ඔහු බදු අධිකාරීන් සමග තිබු අරගලය පරාජයට පත්වූයේය. ඔහු විවාහකයෙකු වූ අතර දරුවන් තිදෙනෙකුගේ පියෙකි.
1943 දී සිදුවූ ඔහුගේ මරණයට මද කලකට ප්රථම දී වොෂින්ටන්ගේ සමාගම ඇමෙරිකන් හෝම් ප්රොඩක්ට් වෙත අලෙවි කරන ලදී. කෝපි සන්නාමය 1961 දී අත්හිටවූවද, වොෂින්ටන්ගේ නාමය අදටද G. Washington's Seasoning & Broth නිෂ්පාදනයන් කෙරේ භාවිතා කරයි.
පටුන
පවුල් පසුබිම[සංස්කරණය]
ජෝර්ජ් වොෂින්ටන් ඉංග්රීසි ජාතික පියෙකුට හා බෙල්ජියම් ජාතික මවකට දාව උපත ලද්දේ 1871 මැයි මස බෙල්ජියමේ,[1] කොර්ට්රයික් හිදීය. [1][2] ඉන් අනතුරුව පැවති පුරවැසිභාවය පිලිබඳ නීතිය අනුව පීතෘත්වයට මුල්තැන දෙමින් වොෂින්ටන් බ්රිතාන්ය යටත්වැසියෙක් විය. නමුත් 1918 දී ඔහු ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගත්තේය.[3] අවම වශයෙන් ඔහුගේ සහෝදර සහෝදරියන් හය දෙනෙකු පමණ මධ්යම ඇමෙරිකාවේ සහ එක්සත් ජනපදයේ පදිංචියට පැමිණියේය. වාර්තා කිහිපයකට අනුව ඔහු ඇමෙරිකානු ජනපති ජෝර්ජ් වොෂින්ටන් හට නෑකම් කියන අතර, එම වාර්තා කිසිවක ඒ පිළිබඳව පැහැදිලි දත්ත නොමැත.[4]
වොෂින්ටන් නැවත බ්රසල්ස් වෙත පැමිණි අතර ජර්මනියේ බොන් විශ්වවිද්යාලයෙන් රසායන විද්යාව පිලිබඳ උපාධියක් ලබා ගත්තේය. .[2] 1895 දෙසැම්බර් මස වොෂින්ටන්, 1876 බෙල්ජියමේම උපත ලද අන්ජෙලින් සෙලින් වර්ජිනි වැන් නියුවෙන්හයිස්ව විවාහ කරගත්තේය(එක්සත් ජනපදයේදී ඇය තමාව "ලීනා" නමින් හදුන්වාදෙන ලදී).[1][5] 1900 ඇමෙරිකානු සංගණනය අනුව ලිනාද ඇයගේ ස්වාමිපුරුෂයා මෙන්ම ඉංග්රීසි හා බෙල්ජියම් සම්භවයකින් පැවත එන්නියකි.(බෙල්ජියම් ජාතික පියෙක් සහ ඉංග්රීසි ජාතික මවක්).[1] වොෂින්ටන්ගේ ඇමෙරිකානු සම්ප්රාප්තිය සිදුවන්නේ 1896 ඔක්තෝම්බර් 6 වන දින බෙල්ජියමේ ඇන්ට්වර්ප් සිට නෞකාවකින් බවට එලිස් අයිලන්ඩ් හි වාර්තාවල සඳහන් වන නමුත්, 1900 ඇමෙරිකානු සංගණන වාර්තාවන්හි සඳහන් වන්නේ ඔවුන් ඇමෙරිකාවට සංක්රමණය වූයේ 1897 දී බවයි.[1] නිව්යෝර්ක් ප්රදේශයේ වොෂින්ටන් සිය වාසස්ථානය සකසා ගත් අතර, ඔහුට සහ ඔහුගේ බිරිඳට දරුවන් තිදෙනෙකු විය.:[1][6] ඒ 1897 මැයි මස දී උපත ලද ලුයිසා වොෂින්ටන්,[1] 1898 මැයි මස දී උපත ලද අයරීන් වොෂින්ටන්,[1] සහ 1899 අගෝස්තු මස දී උපත ලද ජෝර්ජ් වොෂින්ටන් (කණිෂ්ට).[1][7]
වොෂින්ටන් නිව්යෝර්ක් ප්රදේශයට පැමිණි පසු, භූමිතෙල් භාවිතා කර දල්වාගන්නා පහන් සඳහා ගෑස් මැන්ටල නිෂ්පාදනය කරන සමාගමක් ස්ථාපිත කලේය. මෙම කාල සීමාව තුල ඔවුන් ස්ටේටන් අයිලන්ඩ් ආසන්නයේ නිව් බ්රයිටන් හි පදිංචි වී සිටි නමුත්, ඔහුගේ ව්යාපාරය වූ George Washington Lighting සමාගම, නිව් ජර්සි මුලික කරගෙන පිහිටියේය. තාපදීප්ත ආලෝක බල්බ තාක්ෂණය පරිණත වීම හමුවේ මෙම ව්යාපාරය අතහැර දමන්නට ඔහුට සිදුවිය.[2] කලකදී වොෂින්ටන් සතුව කැමරා සමාගමක්ද පැවතිණි. 1900 ඇමෙරිකානු ජන සංගණන කාලයේදී, එම වාර්තාවල වොෂින්ටන් නව නිපයුම්කරුවෙක් ලෙස වාර්තා වෙයි. ඒ වන විට ඔහුගේ වයස අවු. 29ක් වූ අතර, ඔහු සමග ඔහුගේ 23 හැවිරිදි භාර්යාව, ඔවුන්ගේ දරුවන් තිදෙනා, ඔහුගේ නැගණිය(අවු 25), මෙහෙකරුවන් තිදෙනෙක් සහ ඉන් දෙදෙනෙකුගේ දරුවෙකුද ඔවුන් සමග බෘක්ලින්හි කුලී නිවසක වාසය කලහ.[1]
1906 හෝ 1907දී අතරතුර වොෂින්ටන් ග්වතමාලාවේදී එලහරක් යොදාගෙන විශාල ගොවිපලක් පවත්වාගෙන යාමටද කටයුතු කලේය.[2] [8] [2] මේ අතරතුර, ඔහුගේ ක්ෂණික කෝපි සැකසුම් ක්රියාවලිය වැඩිදියුණු කලේය. වොෂින්ටන් වසරකට පමණ පසුව නිව්යෝර්ක් වෙත නැවත පැමිණි අතර, අනතුරුව ඔහුගේ ප්රධාන ජිවන වෘත්තීය වූ කෝපි නිෂ්පාදනය නොනැවතී කරගෙන යාම ආරම්භ කලේය.
පුද්ගලික ජීවිතය[සංස්කරණය]
වොෂින්ටන් 1910 දී ඔහුගේ කෝපි ව්යාපාරය පිහිටුවීමෙන් අනතුරුව බෘක්ලින්හි නො.47, ප්රෝස්පෙක්ට් පාර්ක් වෙස්ට් හි වාසය කරන ලද්දේ, සෆ්ෆොක් ප්රාන්තයෙහි බෙල්පොර්ට්හි පිහිටි නො. 287 සවුත් කන්ට්රි පාරේ දෙවැනි නිවසක්ද සහිතවය. [3][9][IV] 1926–1927 වොෂින්ටන් ඔහුගේ නිවාස දෙකම බෘක්ලින්හි විසු, සමාජ ශාලාවක් ඇරඹීමේ අභිප්රායෙන් සිටි ධනවත් මිනිසුන් කණ්ඩායමකට අලෙවි කලේය (වාර්තාවල ආකාරයට $ මිලියනයකට වඩා වැඩි මිලකට).[10][11] නිව්ජර්සි හිදී ඔහුගේ සමාගම නැවත ස්ථාපනයත් සමග 1927 දී එහි ඉඩමක් මිලදී ගෙන, හිටපු ආණ්ඩුකාරවරයෙකු ෆ්රැන්ක්ලින් මර්ෆිට අයත්ව තිබු මෙන්ඩම් හි පිහිටි "ෆ්රැන්ක්ලින් ගොවිපල" වෙත පැමිණියේය.[12] වොෂින්ටන් විදේශික සතුන් කෙරෙහි ඇල්මක් දැක්වුයෙකු වූ අතර එලෙසම ගෙවතු වගාව කෙරෙහිද උනන්දුවක් දැක්වූයේය.[9] මුල් කාලීනව බෙල්පොර්ට් හි සහ අනතුරුව මෙන්ඩම් හිදී ඔහු පුළුල් ගෙවත්තක් ඔහුගේ ඉඩම තුල වගා කරගත්තේය. ලෝන්ග් අයිලන්ඩ් හිදී ඔහු නිතරම වාගේ ඔහුගේ උරහිස් මත පක්ෂීන් සහ වඳුරන් තබාගෙන සිටි බව වාර්තා වෙයි.[9] ඔහුගේ ගෙවතු දෙකේදීම දුර්ලභ ගණයේ පක්ෂීන් විශේෂිත වූ අතර, [2][10] බෙල්පොර්ට්හි මුවන්, බැටළුවන්, එළුවන් සහ කුරංග මුවන් ද සිටි බවටද, මෙන්ඩම්හි සුවිසල් භුමිය තුල මුවන්[10] ලාමාවන් සහ සීබ්රාවන් ද සිය ගණනක් සතුන් අතරින් සිටි බව වාර්තා වෙයි. සමාජයීය වශයෙන් ඔහු නිව්යෝර්ක් නගරයේ පිහිටි ලෝටස් සමාජයේ සහ උගත් මහත්වරුන්ගේ සමාජයේ ක්රියාශීලී සාමාජිකයෙකුද විය. 1920 ජනාධිපතිවරණයට වොෂින්ටන්ගේ නාමයද ප්රමුඛ ලෙස දකුණු ඩකෝටා ප්රදේශයෙන් ඇමෙරිකානු පක්ෂයෙන් යෝජනා වී තිබු අතර, නමුත් ලියකියවිලි සකස් වී තිබුනේ වලංගු කාල සීමාව ප්රමාද වීමකින් පසුවය.[3] පැහැදිලි සාධක නොතිබුණද, නාමයෝජනා භාරදීම බරපතල ස්වභාවයක් ගත්තේය. ජෝර්ජ් වොෂින්ටන් විදේශිකයෙකු ලෙස උපත ලබා තිබීම ඔහු එම තනතුරට යෝග්ය නොවීමට බලපාන සාධකයක් බවට පත්වීමටද ඉඩ තිබිණ. ඉතිහාසයේ ඇමෙරිකානු පක්ෂ කිහිපයක් සඳහන් වන අතර, ඔහුගේ ජීවන ගමන තුල තුල සිදුවූ සිදුවීම් හා බලන කල මෙම නම යෝජනා භාර දීම ඔහුට කරන ලද උපහාසයක්ද යන්න නොපැහැදිලිය.[III]
ඔහු තමයි මිනිසා, ඔහු අපට ඉහලින් සිටිනවා. මෙම ව්යාපාරය කරදරයකින් තොරව ගෙනයාමට ඔහු සතුව පීප්ප ගණනක මුදල් තිබෙනවා. ඔබට අමතකද ? ඔහු ඇල්බර්ට් ෆෙල්ට්මන්ගෙන් වෙස්ට් ප්රෝස්පෙක්ට් උද්යානයේ පිහිටි ඩොලර් 100,000 ක් වටිනා මන්දිරය මිලට ගත්තා. ඔහුගේ අසල්වැසියන් වන සෙනෙට් සභික කැල්ඩර් සහ ජෝර්ජ් හැම්ලින් චයිල්ඩ්ස් ගෙන් ඔහු දේශපාලනය ගැන විශාල දැනුමක් ලබාගත්තා. ඔබ ඒ ගැන මදක් සිතන්න පෙළඹෙනවානම්, එම ඇමෙරිකන් පක්ෂයේ හොඳ ප්රචාරණ ආරංචියක් මේ වසරේ ගෙනයනවා. ඔක්තෝම්බර් විප්ලවය සහ පළමු රතු බියගැන්වීමත්, ජාතික එක්සත් මණ්ඩලයේ ඇතිවූ තැතිගැන්මත් යන සියල්ලම ගත් විට අපි යම් දෙයක් ගැන ඉතා ඉහලින් බලාපොරොත්තුවෙන් සිටිනවා.—බෘක්ලින්හි දේශපාලනඥයෙක් (නිර්නාමිකයි), .1920 ජනවාරි 4, නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත[3]
නිපදවීම් සහ ව්යාපාර[සංස්කරණය]
හයිඩ්රෝ කාබන් පහන්, කැමරා, සහ ආහාර නිෂ්පාදනය ක්ෂේත්ර කෙරේ ජෝර්ජ් වොෂින්ටන් සතුව පේටන්ට් බලපත්ර 24 කට අධික ප්රමාණයක් ඇත. ක්ෂණික කෝපි නිෂ්පාදනය සොයාගත් පළමුවැන්නා ඔහු නොවූ අතර, අන් සියලු දෙනා අතරින් සටෝරි කටෝගේ මුලික කාර්යන් ඔහු විසින් ඔහුගේ පෙරනිමිත්ත ලෙස යොදා ගත්තේය. නමුත්, වාණිජ නිෂ්පාදනයක් ලෙස මුලින්ම නිෂ්පාදන කටයුතු ඇරඹීමට පුරෝගාමී වූයේ වොෂින්ටන්ගේ සොයාගැනීමයි. කෝපි පෝච්චියේ ගැට්ටේ රැඳෙන වියලි කෝපි කුඩු දැකීමෙන් ඔහු මෙය නිෂ්පාදනයට පෙළඹුනේ යයි ඇඟවුවද,[13] පසුකාලීනව යුරෝපයේ අලෙවි කල ක්ෂණික කෝපි සැකසුමක් මේ කාල සීමාවේදීම, ෆෙඩ්රිකෝ ලෙන්හොෆ් වයිල්ඩ් නම් වූ ජර්මන්-ගෝතමාලා සම්භවයක් සහිත පුද්ගලයෙකු නිපදවූයේය.[8]; වොෂින්ටන්ගේ පුද්ගලික වෙද්යවරයා වුයේ වයිල්ඩ් බැවින්, මෙම සොයාගැනීම් ස්වාධීන නොවන බවටද අදහසක් පැතිර ගියේය.[14]
1909 දී වොෂින්ටන්ගේ නිපැයුම මුලින්ම වෙළඳපොළට පැමිණියේ "රතු ඊ කෝපි" (a pun on "ready") යන නමින්ය. පසුව 1910 දී G. Washington Coffee Refining සමාගම ඇරඹුවේය.[14] වොෂින්ටන්ගේ පළමු නිෂ්පාදන යන්ත්රෝපකරණ බෘක්ලින්හි , 41 වීදියේ, නො.147 දරන ස්ථානයේ කර්මාන්ත සංකීර්ණයක ස්ථාපිත කරන ලදී. පසුකාලීනව 1927 දී සමාගමේ මෙහෙයුම් කටයුතු නිව් ජර්සි වෙත ගෙනයන ලද්දේ, මොරිස් තැනිතලාවේ හි නො 45 නැගෙනහිර හැනොවර් මාවතේ පිහිටි ඉඩම අත්පත් කරගෙන එහි නව යන්ත්රෝපකරණ ස්ථාපිත කරමිනි.[12][IV]
සමාගමේ දැන්වීම් ප්රචාරණයෙදී නිතරම පාහේ නිෂ්පාදනයේ පිරිසිඳු බව, භාවිතයේ පහසුව සහ නවීනතාව ගැන නිතරම අවධාරණය කර සිටියේය. තවද එය ආහාර දිරවීම පහසු කරවන බවත්, එම "පිරිසිඳු" කෝපි වල අවදිකරවා සිටීමේ බලපෑම නොමැති බවත් පවසා තිබිණ (දෙයාකාරයෙන්ම පවතින කැෆේන් නම් රසායනයේ අඩංගු සංඝටක මගින් ඇතිවන සෘජු බලපෑම). පළමු ලෝක යුද්ධය නිමාවීමෙන් පසු, ඇමෙරිකානු හමුදාවේ කෝපි භාවිතය ඔහුගේ කෝපි අලෙවිය සඳහා තවත් පිටුවහලක් විය. 1930 සිට 1935 දක්වා NBC සහ Blue Network ගුවන් විදුලි නාලිකාවන්හි විකාශනය වූ "ෂර්ලොක් හෝම්ස්" නාටක මාලාව සඳහා අනුග්රහය දැක්වීමත් සමග ප්රචාරණය සඳහා තවත් වෙනස් මගක් මුණගැසිනි. .[15]
කෙසේ වෙතත් මුල්කාලීන ක්ෂණික කෝපි නිතරම පාහේ අඩු ගුණාත්මක බවකින්ද, අමුතු රසයකින්ද යුක්ත වූ අතර, නුපුරුදු අලුත් දෙයකට වඩා යමක් නොවීය.[16]
ඔහු සහ ඔහුගේ සමාගම අතර බදු සමග සම්බන්ද මුල්යමය කටයුතු සම්බන්ධයෙන් ෆෙඩරල් බලධාරීන් සමග වොෂින්ටන් යම් ගැටලුකාරී තත්වයක්ද ඇතිකර ගත්තේය. කෝපි නිෂ්පාදනයට ඔහුගේ වෙළඳ රහස් භාවිතයට 1918 නොවැම්බර් මස ඔහු සමාගම සමග සංක්ෂිප්ත ගත විය. මසකට පසුව ඔහුගේ තැන්පතු පහෙන් හතරක් ඔහුගේ පවුල වෙත ලබා දුන්නේය. වොෂින්ටන් උදක්ම කියා සිටියේ පවුලේ සාමාජිකයන්ගේ අදායම වෙනුවෙන් බදු නොගෙවවියයුතු බවයි. මෙය මුලින්ම බදු අභියාචනා මණ්ඩලයට යොමු වූ අතර, පසුව අභියාචනා අධිකරණයට යොමු විය. 1927 දී වොෂින්ටන්ට එරෙහිව තුනෙන් දෙකක තීන්දුවක් ලැබිණි. ශ්රේෂ්ඨාධිකරණයට යොමු කල පෙත්සමද නොසලකා හැරියේය.[17]
වොෂින්ටන්ගේ පුත්රයා වූ ජෝර්ජ් වොෂින්ටන්(කනිෂ්ඨ) ඔහුගේ පියාගේ සමාගමේ භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කල අතර, ඔහුගේ පියා මෙන්ම යම් සොයාගැනීම් කිහිපයකට යොමුවුනේය. 1948 දී හඳුන්වාදුන් පුවත්පත් සඳහා ඉතා විශාල වශයෙන් භාවිතා වූ Fairchild Camera and Instrument භාවිතයෙන් ඡායා උත්කීරණය සැකසුම වෙනුවෙන් පේටන්ට් බලපත්රය ඔහු විසින් හිමිකරගත්තේය.[18]
හමුදා ගිවිසුම්[සංස්කරණය]
එම කාල වකවානුව තුල වොෂින්ටන්ගේ අසමසම නිපදවීම පළමු ලෝක යුද්ධයේ ආහාර සලාකය තුල විශාල වශයෙන් භාවිතා විය. යුද්ධභූමිය තුල කෝපි පරිභෝජනය ඉතා වටිනාකමක් ගත්තේ, එය සොල්දාදුවන්හට කැෆේන් ප්රබෝධයක් ලබා දුන් නිසාය.[16] එවකට ඇමෙරිකානු යුධ දෙපාර්තමේන්තුවේ කෝපි සැපයුම් අංශ ප්රධානී E.F. හෝල්බෘක් පැවසුයේ කෝපි පානය, අබ වායුව මගින් ඇතිවන ව්යකුලත්වයෙන් සුවය ලබා ගැනීමට වැදගත් සාධකයක් වන බවයි.[14] 1917 දී ඇමෙරිකානු කාර්ය සාධක හමුදාව යුද්ධයට අවතීර්ණ වන තුරු, 1914 සිට කැනේඩියානු කාර්ය සාධක හමුදාවේ භාවිතය යටතේ තිබු එහි, ඉන් අනතුරුව සියලුම නිෂ්පාදන ඇමෙරිකානු හමුදාවේ භාවිතය සඳහා භාවිත විය. [4]යුද්ධය අවසාන කාල සීමාවේ ජාතික අවශ්යතාව මෙන් හය ගුණයක් පමණ ඉතා විශාල වූ හමුදාවට සිදුකල කෝපි සැපයුම සපුරාලීමට, නව කුඩා කෝපි නිෂ්පාදකයන්ද ඇතිවූයේය.[8]
ක්ෂණික කෝපි පානය පිලිබඳ සොල්දාදුවන් අතර යම් ජනප්රියත්වයක් හටගත්තේය. ඔවුන් එයට "ජෝර්ජ්ගේ කෝපි කෝප්පය" යන නමද පටබැන්දේය. කෝපි රසයට වඩා කැෆේන් උත්තේජනය මෙහිදී මුල්තැනක් ගත් නිසා යම් අවස්ථාවන්හිදී එය සීතල වුවද පානය කල හි විය.[8]
පළමු ලෝක යුද සමයේ ඇමෙරිකානු හදිසි ආහාර සලාකයේද නා නා වර්ගයේ ආහාර සමග එක් අයෙක් වෙනුවෙන් අවුන්සයකින් (ග්රෑම් 7) හතරෙන් එකක් සහිත ද්විත්ව ශක්ති ක්ෂණික කෝපි පැකට්ටුවක්ද, කන්ටේනර් තුල සිටින මිඉසුන් 24 දෙනෙකුට සපයන ලදි.[4] ක්ෂණික කෝපි අගල් කපන්නන් හා විශේෂිත කණ්ඩායම් වෙනුවෙන් සැපයූ ආහාර වලද අඩංගු විය. දෙවන ලෝක යුද සමයේ ඇමෙරිකානු හමුදාව නැවතත් වොෂින්ටන් මත යැපෙන්නට පටන් ගත්තේය. නමුත් මෙම යුද සමයේ ප්රධාන වශයෙන් ඉස්මතු වූ නෙස්කැෆේ සහ වෙනත් ප්රධාන ක්ෂණික කෝපි නිෂ්පාදකයන්ද වොෂින්ටන් හා සමග උරෙන් උර ගැටී හමුදාවට අවශ්ය සැපයුම ලබා දුන්නේය.[16]
සමාගමේ සහ ඔහුගේ අවසානය[සංස්කරණය]
1943 දී G. Washington Coffee Refining සමාගම American Home Products සමාගම මගින් මිලදී ගත්තේය. ඒ සමගම ජෝර්ජ් වොෂින්ටන් විශ්රාම ගත්තේය. පවුලේ සාමාජිකයන් විසින් පවත්වාගෙන ගිය මෙම සමාගම, ඇමෙරිකන් හෝම් ප්රොඩක්ට් සමාගම මිලදී ගත්තේ ඔවුන්ගේ කොටස් නිකුතුවේ කොටස් 29,860 හුවමාරුව වෙනුවෙනි (දල වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.7). මෙම වකවානුවේ ඇමෙරිකන් හෝම් ප්රොඩක්ට්ස් සමාගම වේගවත් ලෙස සමාගම් මිලට ගත්තේය. ඔවුන් වසර 8 දී සමාගම් 34 ක් මිලට ගත්තේය.[19][20] "ජි.වොෂින්ටන්ගේ" සමාගමේ සාමාන්යාධිකාරී වූ ක්ලැරන්ස් මාර්ක් වොෂින්ටන් වෙනුවෙන් සමාගමේ එකතු කල අංශ පවත්වාගෙන යාමට සමත්වීය.[19]
වොෂින්ටන්ගේ අවසාන කල වකවානුවේදී ඔහු "ෆ්රැන්ක්ලින් ගොවිපල" ද විකුණා දමා, මෙන්ඩම්හි නව වර්නන් පාරේ නිවසක දිවි ගෙවීය.[2] ඔහුගේ සමාගම විකුණා දමා තුන් වසරකට පසුව ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන්, 1946 මාර්තු 29 දින ඔහු මිය ගිය අතර ඒ වන විට ඔහුගේ වයස අවු. 74ක් විය. අවමංගල්ය දින තුනක් පැවතිණි. [21]
1961 දී ජි.වොෂින්ටන් කෝපි සන්නාමය නතර කරනු ලැබුවේය. ඒ ඔහුගේ නිව් ජර්සි ඉඩමද, එවකට කොකාකෝලා සමාගමේ අංශයක් වූ ටෙන්කෝ වෙත අලෙවි කිරීමෙන් අනතුරුවය.[16] ජි.වොෂින්ටන් සන්නාමයේ අවසාන වශයෙන් ඉතිරිව තිබෙන්නේ 1938 දී ආරම්භ කල G. Washington's Seasoning & Broth පමණි. මෙම සන්නාමයද 2000 දී ඇමෙරිකන් හෝම් ප්රොඩක්ට් විසින් අලෙවි කරන ලදී. අතරමැදියන් කිහිප දෙනෙක් අතරේ හුවමාරු වෙමින් තිබු මෙය, අවසානයේ හෝම්ස්ටැට් සමාගම මගින් 2001 දී මිලට ගෙන මේ දක්වා පවත්වාගෙන යයි.[22]
වැඩි විස්තර[සංස්කරණය]
පේටන්ට් බලපත්ර[සංස්කරණය]
- සැකිල්ල:US patent
- සැකිල්ල:US patent
- සැකිල්ල:US patent
- සැකිල්ල:US patent
- සැකිල්ල:US patent
- සැකිල්ල:US patent
- සැකිල්ල:US patent
- සැකිල්ල:US patent
- සැකිල්ල:US patent
- සැකිල්ල:US patent
- සැකිල්ල:US patent
- සැකිල්ල:US patent
- සැකිල්ල:US patent
- සැකිල්ල:US patent
- සැකිල්ල:US patent
- සැකිල්ල:US patent
- සැකිල්ල:US patent
- සැකිල්ල:US patent
- සැකිල්ල:US patent
- සැකිල්ල:US patent
- සැකිල්ල:US patent
- සැකිල්ල:US patent
- සැකිල්ල:US patent
- සැකිල්ල:US patent
- සැකිල්ල:US patent
- සැකිල්ල:US patent
සටහන්[සංස්කරණය]
- I↑ : He does not appear to have used his full name while in the United States—it is absent from census and immigration records, his patent applications and contemporary news articles about him.
- II↑ : The New York Times gives the place of birth as Kortrijk, while The New York Herald Tribune gives Brussels. It is presumed that the more obscure city would be the less likely error. Belgian records clearly indicate that he was at least married in Kortrijk.
- III↑ : In 1920, former Texas governor James E. Ferguson actually ran under an "American Party" label.
- IV↑ : The Bellport home is currently known as "Washington Lodge". The Morris Plains address at 45 Hanover Avenue is given in a 1928 ad;[23] the plant is described in the New York Times as adjoining the Morristown Line, so the address must be 45 East Hanover Avenue.
References[සංස්කරණය]
- ↑ 1.0 1.1 1.2 1.3 1.4 1.5 1.6 1.7 1.8 1.9 Image of census page containing George Washington; 1900 US Census; Staten Island; New York City
- ↑ 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 "G. Washington Is Dead, Made Instant Coffee", The New York Herald Tribune, March 29, 1946.
- ↑ 3.0 3.1 3.2 3.3 "Presidency Candidate Found in Brooklyn", The New York Times, January 4, 1920.
- ↑ 4.0 4.1 4.2 The Story of a Pantry Shelf: An Outline History of Grocery Specialties. New York: Butterick Publishing Company.. 1925. http://memory.loc.gov/cgi-bin/query/r?ammem/cool:@field(DOCID+@lit(lg0571).
- ↑ "Mrs. George Washington" (1876–1952), obituary, The New York Times, October 30, 1952.
- ↑ 1897 මැයි මස දී උපත ලද ඔහුගේ වැඩිමහල් දියණියගේ උපන් ස්ථානය වශයෙන් 1900 ඇමෙරිකානු සංගණන වාර්තාවන්හි සඳහන් වන්නේ බෙල්ජියමේ බවය. මෙය එලිස් අයිලන්ඩ් වාර්තා අනුව පරස්පර විරෝධීය. The US Census also records the year of their emigration to the USA as 1897. The other two children are recorded in the census as being born in New York.
- ↑ George Washington, Jr. was born on August 6, 1899 and died on December 1, 1966 in Morristown, New Jersey; Social Security Death Index.
- ↑ 8.0 8.1 8.2 8.3 8.4 Pendergrast, Mark (1999). Uncommon Grounds: The history of coffee and how it transformed our world. Basic Books. ISBN 0-465-05467-6.
- ↑ 9.0 9.1 9.2 Principe, Victor (2002). Bellport Village & Brookhaven Hamlet, NY. Arcadia Publishing. ISBN 0-7385-0968-X.
- ↑ 10.0 10.1 10.2 "Big Bellport Sale", The New York Times, May 23, 1926.
- ↑ "Brooklyn Club Buys", The New York Times, February 25, 1927.
- ↑ 12.0 12.1 "Coffee Company Builds New Plant", The New York Times, May 26, 1927.
- ↑ History of Instant Coffee. Nestlé UK. Retrieved on March 31, 2007. සැකිල්ල:Wayback
- ↑ 14.0 14.1 14.2 Ukers, William H. (1922). All about Coffee. The Tea and Coffee Trade Journal Co.
- ↑ Haendiges, Jerry. "Sherlock Holmes episodic log". The Vintage Radio Place. Retrieved on March 27, 2007.
- ↑ 16.0 16.1 16.2 16.3 Talbot, John M. (1997). "The Struggle for Control of a Commodity Chain: Instant Coffee from Latin America". Latin American Research Review 32 (2), 117–135.
- ↑ "George Washington Sues", The New York Times, May 26, 1927.
- ↑ "George Washington Jr. is Dead; Invented an Engraving Device", The New York Times, December 27, 1966.
- ↑ 19.0 19.1 "To Buy Coffee Company", The New York Times, April 8, 1943.
- ↑ "Buy, Buy, Buy", Time, December 6, 1943.
- ↑ "Deaths", The New York Times, March 30, 1946.
- ↑ "History – G. Washington's Seasoning & Broth". Homestatfarm.com. සම්ප්රවේශය 2012-06-10.
- ↑ "George Washington's Instant Coffee - picture of advert". සම්ප්රවේශය 2012-06-10.
අතිරේක සබැඳුම්[සංස්කරණය]
- Coffee on the Instant - chapter in The Story of a Pantry Shelf: An Outline History of Grocery Specialties
- Official site of G. Washington's Seasoning & Broth | hplt_2 |
‘‘ඔබට බලය අවශ්ය වන්නේ කිසියම් හිංසාකාරී දෙයක් කිරීම සඳහා පමණ ය. අනෙක් සියලූ දේ කර ගැනීම සඳහා ආදරය පමණක් ප්රමාණවත් ය.’’ - චාලි චැප්ලින්
2011-03-10
ටැබූ සබ්ජෙක්ට්ස් හැක් කිරීම හා සිංහල ජාතිවාදය | Hacking Taboo subjects and Sinhala nationalism
ටැබූ සබ්ජෙක්ට්ස් හැක් කර බ්ලොගය මකා දැමීම පිළිබඳව අප මුලින් ම සිතුවේ ටැබූ සබ්ජෙක්ට්ස් කරන්නේ කවුරුද යන්න අනාවරණය වීමක් සමග සිය බ්ලොග් අතීතයෙන් පෞද්ගලික වර්තමානය බේරා ගැනීම පිණිස මෙම නිර්නාමික බ්ලොග්කරුවා/කාරිය/කරුවෝ/කාරියෝ තමන් ම එය මකා දමන්නට ඇති බවයි.
මහින්ද අබේසුන්දර පිළිබඳ තැබූ සටහනක වැනි තැනත මෙම බ්ලොගය කරන්නන්ගේ අනන්යතාව හඳුනා ගත හැකි යයි සිතිය හැකි යම් කරුණු තිබිණි.
ටැබූ සබ්ජෙක්ට්ස් කළ අය සිය අදහස් ප්රකාශනයෙන් ඇති කළ හරවත් සංවාදවලට අමතරව පුංචි කාලයේ හැංගිමුත්තන් සෙල්ලම් කිරීමෙන් හා අවුරුදු උත්සවවල කරන සැඟවුණු අමුත්තා සෙවීම වැනි ක්රීඩාවකින් ලබන වින්දනය වැනි මානසික සතුටක් ද ලැබූ බව පෙනේ. මන්ද, සෙසු නිර්නාමික බ්ලොග්කරුවන්ට වඩා මේ අය සිය නිර්නාමිකභාවය පිළිබඳව කතා කළ බැවිනි.
නිර්නාමිකභාවය, ආරූඪ නම්වලින් පෙනී සිටීම හා ඇත්ත නම සමග ක්රීඩා කිරීම එක්තරා කුහුල දනවන මනෝභාවයකි. ලේඛකයාට මෙවැනි අය රාශියක් වමේ ක්රියාකාරිකයන් අතර හමු වී තිබේ. ඔහු දන්නා එක් වාම කණ්ඩායම් නායකයෙක් විවිධ අවස්ථාවලදී විවිධ නම් 25ක් පමණ භාවිතා කර ඇති බව ඔහු නිරීක්ෂණය කර ඇත. ඒ අතර විශේෂත්වය වන්නේ ඒ නම් සියල්ලම පාහේ සිංහල ගොවිගම පෙනුමක් ඇති පිරිමි නම් වීමයි. අන්වර්ථ නම්වලින් පෙනී සිටින ගමන් හේ හැම විට ම සිය කණ්ඩායම තුළ ඒ නම තමන්ගේ ය යන අනන්යතාව ද ලකුණු කරයි.
අපට වැටහෙන අන්දමට නම් නිර්නාමිකභාවය තුළ නමින් පෙනී සිටිනවාටත් වඩා අනන්යතාව පිළිබඳ සංකීර්ණ ගැටලුවක් තිබේ.
ටැබූ සබ්ජෙක්ට්ස් මේ අනන්යතා ගැටලුව ප්රදර්ශනය කළ නිදර්ශකයකි. W3Lanka සංස්කාරක ලියූ ශාස්තෲ නවකතාව විෂය කර ගත්තේ මෙවැනි මනෝභාවයන් සමග කිට්ටුවෙන් යන ෂිසොෆ්රීනියා මානසික තත්වයයි. ඒ නිසාදෝ, තමන්ගේ සතුරු පාර්ශ්වයක් වන වම පතුරු ගසන්නට යොදා ගත හැකිව තිබුණු ශාස්තෲ කතාව එක රැයින් කියවා නිම කර ඔහු පසුදා ම සටහනක් තබමින් පොත නො කියවන ලෙස නිර්දේශ කළේ ය. ඔහු නො දන්නා කරුණක් වන්නේ මේ නවකතාව සම්බන්ධයෙන් ගතානුගතික වාමාංශිකයන්ගේ ප්රතිචාරය ද එය ම වීමයි.
ධනවාදය ප්රවර්ධනය කිරීම භාර ගත් ධනපතීන් නො වන මධ්යම පංතිකයන්ගේ ගණයට අයත් ලේඛකයන්ට පහසුවෙන් ගොදුරු කර ගත නො හැකි ගතානුගතික නො වන නව වාම ධාරාවක් වෙනුවෙන් පෙනී සිටි අප සමග ඇති වූ සංවාදවලින් සිදු වූ එක් දෙයක් නම් ටැබූ සබ්ජෙක්ට්ස් මනසේ අප අනෙකෙකු ලෙස සටහන් වීමයි. ලියූ බොහෝ දේවල්වලදී මැක්කාගේ කතාවේ මෙන් අප පටලා ගත් ටැබූ සබ්ජෙක්ට්ස් සම්බන්ධයෙන් අප ඉන් පසු තල්ලු වූයේ එය අපේ අනෙකෙකු බවට පත් කර නො ගැනීමේ උත්සාහයටයි. ටැබූ සබ්ජෙක්ට්ස් ඉලංදාරියාට පිහිට වුණේ ද ධනවාදයට විරුද්ධ වෙමින් සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින අයට බැන බැනයි.
ධනේශ්වර වෙළඳපොලකරණයෙහි මේ වන විට ප්රධාන ඉලක්ක අතරින් එකක් වන්නේ සෞඛ්ය අංශයයි. සිය මතවාදය අනුව, නිදහස් සෞඛ්ය සේවා පෞද්ගලීකරණය වෙනුවෙන් පෙනී සිටින ටැබූ සබ්ජෙක්ට්ස් ඉලංදාරියාගේ ප්රශ්නයේදී කළ මැදිහත්වීම පිළිබඳ සටහනක් තබන්නට අවශ්ය වූ මුත් අපි එය නො කළේ එයින් ඒ ව්යාපාරයට අවැඩක් වනු ඇතැයි සිතූ හෙයිනි. අපට ලියන්නට අවශ්ය වුණේ මෙයයි. සියල්ල වෙළඳපොළකරණය කර, වෙළඳපොළ ප්රවේශය අහිමි වීම නිසා අසරණ වී සිටින්නන් ලක්ෂ ගණනක් අතරින් තෝරා ගත් අයට සත්කාර කිරීමේ ධනේශ්වර ෆිලැන්ත්රොෆි යනු තවත් ප්රෝඩාවක් බවයි.
ටැබූ සබ්ජෙක්ට්ස් ධනේශ්වර ෆිලැන්ත්රොෆිවලට මධ්යම පංතික ප්රචණ්ඩත්වය ද එක් කළේ ය. ඉලංදාරියගේ ගිනුමට මුදල් බැර කළ කතන්දරකාරයාට ඒ බව ටැබූගේ බ්ලොගයේ ලියා තබන්නට සිදු වන්නේ එසේ නො කළහොත් ටැබූ යම් දිනෙක ආඩාපාලි කියනු ඇතැයි කතන්දරකාරයා බිය වූ නිසා වන්නට ඇත.
අප මේ කරුණු ටික ලියුවේ, ටැබූ සබ්ජෙක්ට්ස් සම්බන්ධයෙන් අපේ ස්ථාවරය කුමක්ද යන්න කීමටයි. එහෙත්, හැක් කිරීමේ සිද්ධියෙන් පසු ටැබූ විසින් දක්වන අදහස් අනුව ටැබූ විසින් ම සිය බ්ලොගය මකා දමන්නට ඇතැයි කියා අපි තවදුරටත් නො සිතන්නෙමු.
ඔහුගේ මුරපදය සොරකම් කර ගත් කිසිවෙක් මෙම බ්ලොගය මකා දමන්නට ඇතැයි සිතිය හැකි ය. එසේ කළ අය දැන් වහසි බස් දොඩන සිංහල ජාතිවාදීන් වේ නම් ඇත්තට ම ජාතිවාදය විසින් සිංහල ජාතියට කරන හානිය පිළිබඳ මෙම සිද්ධිය හොඳ ම නිදසුනකි.
ඔවුන් විනාශ කර දමා තිබෙන්නේ සිංහල ඊ අන්තර්ගතයන් අතර තිබූ සාහිත්යමය හා සමාජමය වශයෙන් වැදගත්, හරවත් ලිපි මාලාවක් හා ඒ ඔස්සේ මතු වූ වටිනා සංවාද පෙළකි. ඒ සංවාද මතු කිරීම සඳහා ටැබූ නම් ගණනාවකින් පෙනී සිටිමින් මැදිහත් වූයේ ය. ටැබූ සබ්ජෙක්ට්ස් කළ අය විවිධ ස්වරූපයන්ගෙන් පෙනී සිටිමින් බ්ලොග් අවකාශයට විශාල බලපෑමක් කළේ ය.
සිංහල ඊ අන්තර්ගතයන් අතරට කුණුහරුප ගොන්නක් හැර හරවත් කිසිදු දෙයක් එකතු කර නැති මේ ඊනියා සිංහල ජාතිවාදීන් කිසියම් ආකාරයකින් අභයගිරිය ගිනි තැබූ මහා විහාරික පාර්ශ්වයේ අමනයන්ට සමාන වේ. මහා විහාරික පාර්ශ්වයේ මුග්ධයන් විසින් සතුරු පාර්ශ්වයේ ඒ වටිනා දැනුම් සම්භාරය විනාශ නො කර ඉතිරි කළා නම් සිංහල බස කතා කරන මෙවන් ජාතිවාදී මෝඩ රැළක් කිතු වසින් දෙවන සහශ්රකයේදී ලංකාවේ බලවත් නො වන්නට බෙහෙවින් ඉඩ තිබිණි.
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න
24 comments:
oba samaga mama ekaga vemi boho avastha valadee taboo ha ekagaviya nohaki vuvath ohu me web avakashaye redee sitina hboho hal paruvanta vada sanvadasheelee sitiya uthuma prapanchayaki.ReplyDelete
/*ReplyDelete
ඉලංදාරියගේ ගිනුමට මුදල් බැර කළ කතන්දරකාරයාට ඒ බව ටැබූගේ බ්ලොගයේ ලියා තබන්නට සිදු වන්නේ එසේ නො කළහොත් ටැබූ යම් දිනෙක ආඩාපාලි කියනු ඇතැයි කතන්දරකාරයා බිය වූ නිසා වන්නට ඇත.
*/
පැරා, මා එසේ කලේ, අන් අයව උනන්දු කරන්නයි.
දුකා ගේ අඩවියේත් සටහනක් දැම්මා මතකයි.
/*ReplyDelete
ශාස්තෲ කතාව එක රැයින් කියවා නිම කර ඔහු පසුදා ම සටහනක් තබමින් පොත නො කියවන ලෙස නිර්දේශ කළේ ය. ඔහු නො දන්නා කරුණක් වන්නේ මේ නවකතාව සම්බන්ධයෙන් ගතානුගතික වාමාංශිකයන්ගේ ප්රතිචාරය ද එය ම ....
*/
වාමාංශිකයින් සම්බන්ධයෙන මගේ නිරීක්ෂණය නම් ඔවුන් ගේ ප්රධාන හතුරා වන්නේ පොදු හතුරා නොව තමාට තරමක් හෝ සමාන වූ මතයක් දරන නමුත් වෙනත් කණ්ඩායම සිටින අනෙක් වාමාංශිකයින් වීමයි.
ගම්ලත් මෙහි මහැදුරා යි.
- AnonymousMarch 10, 2011 at 2:50 PM
W3Lanka ටොකු ඇනලා ඔලුවත් අතගානවා !!ReplyDelete
සංවේදී , බුධිමත් පුද්ගලයින්ට බොක්කටම වදින්න ලියපු බ්ලොග් එකක් තමයි (Taboo subjects) අද අපිට මේ විදිහට අමනයින්ගේ වැඩ නිසා අහිමි වෙලා තියෙන්නේ. ( i will rate Kolu , W3lanka , BF next in the line).මතවාදීව පහරදී පරාජය කරනු වෙනුවට මරා දැමීමේ ප්රභාකරන්ගේ ක්රමවේදය අනුගමනය කරමින් "සිoහලයින් "ය කියා කියා ගන්නා අමනයින් පිරිසක් Taboo බ්ලොග් අඩවිය hack කොට එයින් නතර නොවී වටිනා ලිපි පෙළ ( අතලොස්සක් ඇරෙන්න) මකා දමා ඇත.දැන් ඉතින් උදෙන්ම ඇවිත් කාර්යාලයේ පරිගණකය දාපු ගමන්ම අසාවෙන් කියවන්න දෙයක් නැත.
මොනවා උනත් "මතවාදීව" ටැබුගේ විරුද්ධවාදීන් (ගොත්රවාදීන් නොවේ)මේ වෙලාවේ කෝන්තර අමතක කරලා දාල ටැබුට උන අසාධාරණය වෙනුවෙන් කතා කරන එක පැසසිය යුතුමයි.. එහෙම නැතුව ඉතින් අන්ය මත ගරහමින් විවාදයන්හිදී ටැබූ කල පහරදීම් වලට එකට එක කරන්න මේ වෙලාවේ W3Lanka, BF, කතන්තර " ඕකට හොදම වැඩේ" කියල කට පියාගෙන හිටියනම් මේ ඊනියා සිංහල ජාතිවාදීන් සිදු කල අපරාදයට තවත් උඩ ගෙඩි දීමක් වෙනවා.. අපි හැමෝම අනෙකාගේ මතය ප්රකාශකිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිය යුතු වෙලාවක් මේක. හැබැයි ටැබුත් ඉතින් තමන්ම විතරක් පොර කියන සංකල්පයෙන් ඈත් වෙන්න මේක පාඩම් කර ගනීවි කියල හිතනවා !!
ගඩාපි
1. ටැබූ ගැන කිඹුල් කඳුලු හෙලන බ්ලොග් අවකාශයේ නවකයන්ට ටැබූ ගේ කියුම් කෙරුම් දැන ගැන්මට නැවත “පන්හිඳ සමග” විවෘත කරමි. නමුත් ඒ ටික කලකට පමණි. දේශපාලන බ්ලොග් ලිවීමට මට කිසිදු කැමැත්තක් නැත. මේ යොමුවෙන් ටැබූ සබ්ජෙක්ට්ස් සම්බන්ධ ලිපි බලා ගත හැකිය.ReplyDelete
2. ජාතික චින්තන ප්රවාහය හා පුලස්ති විසින් මගේ අනන්යතාව හෙළි කර ඡායා රූප පවා පළ කල මොහොතේ දී ටැබූ සබ්ජෙක්ට්ස් සිටියේ මල බද්ධය සෑදුනු අයෙකු වැසිකිළියට වැදුණ කලෙක් මෙනි. එයම ඔහු වෙත පාරා වළල්ලක් වී කැරකී විත් තිබෙනු දුටු විට මට ඇති වන්නේ කාලකන්ණි සතුටකි.
3. ටැබූ සබ්ජෙක්ට්ස් hack වීම ගැන මගේ කිසිම සහයෝගයක් නැත. නමුත් ටැබූ සබ්ජෙක්ට්ස් ට සුදු හුණු ගාන එහෙයියන් නඩය, ටැබූ සබ්ජෙක්ට්ස් යනු ද එලෙසම අදහස් පැවසීමේ නිදහස සීමා කළ අයෙක් බව දත යුතු ය.
- AnonymousMarch 10, 2011 at 6:28 PM
Taboo CID ekata bayen blog eka makala thiyenne. wena hethuwak newei. Taboo ta kade yanna epa miniho.ReplyDelete
මතවාදීව විරුද්ධ අයෙකු වෙනුවෙන් ඔබගේ මේ පෙනිසීටීම සැබැවින්ම අගය කල යුත්තකි , මහින්ද අබේසුන්දර ටැබුගේ තමන් ගැන ලිපිය කියෙව්වා නම් , ඔහුට අදාල සිද්ධිය මතක නම් , ටැබුගේ නිර්ණාමිකත්වය එතනින් අවසන්ය .ටැබූට නැවතත් ලියන්නට ආරාධනා තිබුනත් ඔහු එයට සූදානම් බවක් පේන්නට නැත , එනිසා හැක් කිරීමට එහා ගිය යමක් මෙහි තිබිය හැකReplyDelete
මිගාර;ReplyDelete
ඔබේ මෙය දැකිය යුතුමයි. කොපි කලේ ප්රේමේ ගේ අඩවියේ කොමෙන්ටුවකින්.
--------------------------
අනිවාර්යයෙන්ම බැලිය යුතු ලිපියක්. කමෙන්ට්සුත් එක්කම බලන්න.
Dr. Ranga Migara Weerakkody, the most patriotic blogger requests to ban 10 anti-Sinhalese Buddhist blogs
http://jathikachinthana.blogspot.com/2009/09/dr-ranga-migara-weerakkody-most.html
-------------------------
මේ සඳහා මගේ පිළිතුර:
බූන්දියේ මාධ්ය භාවිතාව ගැන වැඩියෙන් ම කෑ ගහන කෙනෙක් මම. එහෙත් තහනම් කලයුතුයි කියා නම හිතන්නේ නැහැ. හැබැයි බුන්දිය තුල කොටි වාදය පතුරන්නන් ඉන්න බවයි මගේ අදහස.
එතකොට කොටි වැඩේට විරුද්ධ ව ලියපු ටැබූ තහනම් කරලා බුන්දිය තවම පවත්වා ගෙන යන්නේ කොහොමද? ඔය කිව්වා දහයෙන් ටැබූ විතරනේ නැත්තේ?
එ නිසා ඔබේ සබැඳිය මට විශ්වාස නැහැ. මේක මිගාරයාටම ගහපු මඩක් ද දන්නෙත් නැහැ.
මිගාර;ReplyDelete
ඔබේ මෙය දැකිය යුතුමයි. කොපි කලේ ප්රේමේ ගේ අඩවියේ කොමෙන්ටුවකින්.
--------------------------
අනිවාර්යයෙන්ම බැලිය යුතු ලිපියක්. කමෙන්ට්සුත් එක්කම බලන්න.
Dr. Ranga Migara Weerakkody, the most patriotic blogger requests to ban 10 anti-Sinhalese Buddhist blogs
http://jathikachinthana.blogspot.com/2009/09/dr-ranga-migara-weerakkody-most.html
-------------------------
මේ සඳහා මගේ පිළිතුර:
බූන්දියේ මාධ්ය භාවිතාව ගැන වැඩියෙන් ම කෑ ගහන කෙනෙක් මම. එහෙත් තහනම් කලයුතුයි කියා නම හිතන්නේ නැහැ. හැබැයි බුන්දිය තුල කොටි වාදය පතුරන්නන් ඉන්න බවයි මගේ අදහස.
එතකොට කොටි වැඩේට විරුද්ධ ව ලියපු ටැබූ තහනම් කරලා බුන්දිය තවම පවත්වා ගෙන යන්නේ කොහොමද? ඔය කිව්වා දහයෙන් ටැබූ විතරනේ නැත්තේ?
එ නිසා ඔබේ සබැඳිය මට විශ්වාස නැහැ. මේක මිගාරයාටම ගහපු මඩක් ද දන්නෙත් නැහැ.
- AnonymousMarch 10, 2011 at 10:06 PM
අදහස් ප්රකාශ කිරීමේ අයිතිය අතිශය වැදගත්ය. අද මෙම බ්ලොගයට වූ දේ ඔබගේ බ්ලොගයටද සිදුවිය හැක. එයට එරෙහි විය යුත්තේ එබැවිනි.ReplyDelete
මොන පිස්සුද ඹ්කුන් එකෙක්ගෙවත් සයිටි හැක් කරල නැහැ ඒ වගේමයිReplyDelete
එකෙකගෙවත් ඊමේල් හැක් කරලත් නැහැ.
උදාහරණයක් කියනවනම් ටැබූ බ්ලොග් එක ගනිමුකෝ ඒක හැක් කරලලු.! ඒ වගේම එයාලගෙ ඊමේල් එකත් හැක් කරලලු.!
ඒ දෙකම බොරු.....!
දැනගත්ත විදිය කියන්නද?
ඕනනම් බලන්න, ටැබූගෙ ඊමේල් එක Gmail එකක්.හරිද.ජීමේල් වල ලොගින් එකට ගිහින් Can't access your account? යන්න.ගිහිං ටැබූගෙ ඊමේල් එක වන [email protected] දීල Continue යන්න.ඊළගට කැප්චා එකක් එනවා ඒක Fill කරල Continue යන්න දැන් බලාගන්නකො ටැබූගේ එකවුන්ට් එක රිකවර් කරන්න දීපු Option ටික.
ඉතිං ටැබූගෙ ඊමේල් එක වන [email protected] වක රිකවර් කරන්න දීල තියෙන්නෙ [email protected] කියන Account ඉතිං ටැබූට පුළුවන් ඇත්තටම ජීමේල් හැක් ඔතනින් රිකවර් කරන්න.(මොකද හැක් කලා නම් ඒ ඌරට මේවා වෙනස් කරන්න අමතක වෙලා) එහෙම නැත්තම් ඩයලොග් වන (මම අංකෙ නොදා ඉන්නම්කො) ටැබූගෙ මොබයිල් එකට password reset code එක ගෙන්න ගන්න පුළුවන්.
අනිත් දේ ගැන නොකිය ඉන්නම්.මොකද නැත්තම් ඒක වැරදයට පාවිච්චි කරයි.
ඒ ටැබූගෙ ජීමේල් හැක් කරලනම් නේ.මොන බොරුද ඒක හොදට ටැබූ පාවිච්චි කරනවා.අනුනුගේ පුද්ගලික දේවල් මොනාටද ඒ නිසා මම මේල් 60 කට වඩා කියෙව්වෙ නැහැ. :P අප්පා මගේ ඔලුව කැක්කුමත් හැදුනා ඒවා බලල.දැන් හිතයි මම ඒක හැක් කලා කියල.නැහැ අනේ මම එහෙම වැඩ කරන්නේ නැහැ මම කලේ මේ වේදිකා නාට්යයේ තිරය පිටුපස පැත්ත ටිකක් බලපු එක විතරයි.මොකුත් වෙනස් කලේ ගත්තෙ නෑ ඒවා එහෙම්ම තියෙද්ද මම ආවා.මට මක්කටෙයි ඕවා.
++ ටැබූ මෙක බලනවනම් ++ ඔයාට කියන්නේ ඹයාගෙ යාහු එකවුන්ට් එක රිකවරි කරන්න දීල තියෙන බර්ත්ඩේ එක විශේෂ දවසක් නේ. :P අනේ අනේ :D ටැබූ ඒක වෙනස් කරන්න නැත්තම් ජීමේල් කෙසේ වෙතත් යාහුටනම් බබා හම්බුවෙයි.එහෙම වුනොත් මල කෙලියක් තමා මොකද ඒකෙ තියෙන කොටු දාන ඒවා ලීක් වුනොත් :P අනික තමා ටැබූ ඔයා මේ දවස් වලයි කලිනුයි එක්කෙනෙක්ට අම්බානට මඩ ගහනවා, බනිනවා සහ හෙන සීන් නේ.ඒත් මොකද එයත් එක්ක අර විදියට ඊමේල් හුවමාරු කරගන්නේ? :P ඔයා දන්නවනේ මොන විදියටද කියල.
ඒ වගේමයි අර කණිෂ්කද මොකාද කියන එකා මහ බොරුකාරයෙක් ඌ කරපු අටමගලයක් නැහැ.දැන් හිතයි මම කණිෂ්ක කියල..! :( නැහැ නැහැ මම ඌ වගේ චාටර් කෙනෙක් සහ චාටර් බ්ලොග්කරුවෙක් නෙමෙයි.මම මගේ පාඩුවෙ 100% ක්ම එක්තරා විශයක් ගැන විතරක් බ්ලොග් ලියන කෙනෙක්.ඒත් මේ ජෝක් දැකල මටම හිනා.ඒකයි මම මෙහෙම Comment එකක් දැම්මෙ.
තවත් එකක් අර සූස්ති ගුණේ කියන එකයි මොහොමඩ්ගේ බ්ලොග් එකයි 90% අප්ඩේට් වෙලා තියෙන්නේ එකම IP එකකින් (Static තමා ඒත් ඒ ඔක්කොම එකම DATA Account එකකට ලැබුන ඒවා).ඒ වගේමයි ඒ IP සහ Taboo Subject බ්ලොග් අඩව්යේ ටැබූ ලෙස ලිපි පළ කිරීම් සහ Comment කිරීම් සිදු කරන ලද IP ද ඉහත ඒවා සමග 100% ගැලපෙනවා.ඒ කියන්නේ සූස්ති ගුණේ, මොහොමඩ් සහ ටැබූ යන බ්ලොග් අඩවි එකම පරිගණකයකින් පාලනයවූවා.!
ඒ වගේමයි මොහොමඩ් බ්ලොග් එකේ පලවූ ලිපි සහ Comment සියල්ල Draft එකේ තියෙනවා.ඒ වගේමයි මොහොමඩ් බ්ලොග් එකේ බැකප් XML පිටපත් පෙර සදහන් කර පරිගණකය සහ තවත් පරිගණකයක් විසින් නිතර නිතර ලබාගෙනත් තිබෙනවා.
ආ තවත් එකක් ටැබූගෙ බ්ලොග් එක මකලම දාල තියෙන්නේ.!
සමහරු කියනවා වගේ Privet කරල නෙමෙයි.
Wordpress බ්ලොග් එකක් Privet කලාම එන්නේ >> “The blog http://taboosubject.wordpress.com was marked private by its owner. You need to be invited to view this blog. For more information about blog privacy settings, please visit our support site.“ වගේ error එකක්.
ඒත් ටැබූගෙ මකපුම නිසා එන්නේ >> taboosubject.wordpress.com is no longer available.The authors have deleted this blog.“ කියන error එක.
ඒත් මකන්න කලින් ඒ බ්ලොග් එකේ XML එක Download කරගෙන තියෙනවා.ඒකත් පෙර සදහන් කල පරිගණකයටම තමයි.ඒ කියන්නේ බ්ලොග් එක කරපු, අප්ඩේට් කරපු සහ කමෙන්ට් දාපු පරිගණකය භාවිතයෙන්ම තමා බ්ලොග් එක Delete කරලත් තියෙන්නේ.
දැන් ඉතිං රෙදි ගැලවිච්ච අය සහ වයර්මාරුවෙච්ච ටෙක්නොලජි කාරයෙ මෙකට දාහක් දේවල් කියයි.
හිට් ඕනනම් මේ Comment එක Post එකක් විදියට දැම්මත් කාරි නැ.
**** හැක් කරන්න පොඩි Tric එකක් ඕනද? මෙහෙම හිතන්නකො.ප්ලේන්ටියක් බීල කලුපාට කොටුවයි ජෙට් එකයි පාවිච්චි කරන කෙනෙක්ට ඕන එකක් හැක් කරන්න පුළුවන්.
- AnonymousMarch 11, 2011 at 8:01 AM
me sanwada me lipi hondai wikaren inna ayata.thaman hondai thamange lipi hondai kiyala thamanma kiyaganna unu dahadura sanskruthiya wathayak neweida?tikak serious hithala me rogee manasika awakasaya wenas karaganna hithamu.ReplyDelete
- NilupulMarch 11, 2011 at 9:52 AM
I don't think even for a second, it was hacked. If it had been hacked, the hacker will not just delete the content of such a well-known blog, rather manipulate in way to gain something out of it or even to discredit the original author.ReplyDelete
Therefore, the reason for this is not clear (so far), But the most logical answer is, that the author him (more likely) or her self removed it for an unknown reason.
- AnonymousMarch 11, 2011 at 11:06 AM
මේක හැක් කරලා නම් එකෙ වැරද්ද පොර ටොක් දිදි තමන්ගේ පාස්වඩ් එක පරිස්සන් නොකරගත් එකනේ...ReplyDelete
ලොකේ පෙරලිලා වගේ ඇයි දගලන්නේ
- Taboo SubjectsMarch 11, 2011 at 10:16 PM
හොඳ උත්සාහයක්. ඒත් මෙයින්ම යම් යම් දේ පැහැදිළියි. මේ සම්බන්ධව කීමට ඇත්තේ මෙපමණෙකි.ReplyDelete
1. ටැබූ කලින්ද ප්රකාශ කළ පරිදි Taboo Subjects හා swimfanlk අනන්යතාව සඳහන් සියළු දේ සඳහා භාවිතා කරන ලද්දේ එකම මුරපදයකි. Yahoo සඳහාද භාවිතා කරන්ට ඇත්තේ එය විය හැකිය. (හරියටම මතක නැත.) කෙසේ වෙතත් ඒ මුරපදය තව දුරටත් Yahoo ගිණුම වෙනුවෙන් වැඩ නොකරයි. එය වෙනස් කිරීම හෝ (වීමට වඩාත් ඉඩ ඇති පරිදි) ගිණුම දීර්ඝ කාලයක් (වසර දෙකකට වැඩි කාලයක්) භාවිතා නොකිරීම නිසා විය හැකිය.
2. අග ඉලක්කම් පෙන්වන දුරකථන අංකය මේ බ්ලොග් අඩවිය හා සම්බන්ධ පුද්ගලයකුගේ පැරැණි අංකයයි. (ඇත්තටම මේ ඔප්ෂන් එක සලකා බැලීමක් වත් සිදු නොකරන ලදී. හේතුව පහත දැක්වේ.)
3. අනෙක් අතට මේ ගිණුම් දෙකම නැවත ලබා ගැනීම සඳහා ටැබූට කිසිම වෙහෙසක් දරන්ට අවශ්ය නොවීය. මේවායේ තිබුණේ පෞද්ගලික තොරතුරු නොව මේ බ්ලොග් අවවියටම සම්බන්ධ පාඨක ලිපිත් spam mail ගොඩකුත් පමණෙකි. මේ සිද්ධියෙන් පසු නැවත බ්ලොග් අඩවිය පටන් ගැනීමට කිසිසේත් නොසිතූ හෙයින් මේ ලිපින නැවත ලබා ගැනීම අවශ්ය නොවීය. ඒ සඳහා කිසිම උත්සාහයක් නොදැරෙණු ඇත.
4. ඊ-මේල් ගිණුම් තුළ ඇති දේවලුත් බ්ලොග් අවඩි තුළ ඇති දේවලුත් කිව හැක්කේ හැක් කර ඒවා ඇතුළට ගිය කෙනෙකුට පමණකි. එසේ නම් මේ කමෙන්ටුවේ රචකයාද බ්ලොග් එක හැක් කළ පුද්ගලයාම විය හැකිය. — සීරියස්ලි අපි එසේ නොසිතමු. මේ මනඃ කල්පිත යාං හෑල්ලකි.
5. ටැබූ, සූස්ති ගුණේ හා මොහොමඩ් එක් අයෙකුය කීමෙන් මේ බොරුව සම්පූර්ණයෙන්ම හෙළිවේ. කොට්ටෝරුවා කෙහෙල් ගසට ඇණ ඇත. මොහොමඩ් ගැන මම නොදනිමි. එහෙත් සූස්ති ගුණේ අපේ අඩවියෙහි කමෙන්ට් කළ නිසා දනිමි. ඔහුට තුබුණේ විදේශීය රටක IP address එකකි. (මෙය සූස්ති ගුණේ කමෙන්ට් කළ අනෙක් අඩවි වල බ්ලොග් කරුවන්ටද පරීක්ෂා කර බැලිය හැකිය.)
6. මේ සිද්ධියෙන් පසු තමන් මුහුණ දෙන පෞද්ගලික අවදානම ගැන තක්සේරුවක් කළ ටැබූ බ්ලොග් එක කිරීමෙන් ලබන මානසික තෘප්තිය ඒ අවදානම සාධාරණීකරණය නොකරන බව වටහා ගත්තේය. බ්ලොග් එක තව දුරටත් නොපවත්වාගෙන යාම තුළ නැතිවූ කිසිවක් යළි ලබා ගැනීම පිණිස උත්සාහ නොදරණ ලදී. ඉදිරියේදී උත්සාහ නොදැරෙණු ඇත.
වර්ගවාදීන් මේ බොරුව තව දුරටත් ගෙන යන්නේ මන්ද?
- Taboo
- AnonymousMarch 12, 2011 at 6:54 AM
හිරු මල්ලි : ගොංපාර්ට් එපා. අපිත් IT තමා කරන්නෙ. ඕව ගිහින් කියපන් කලු කොට කැත චීනුන්ට.ReplyDelete
ඒක නෙමේ, උඹ කොහෙන්ද "ඔය විදියට" හැක් කරන්න පුරුදු උනේ? ඔය වගේ බූරු කතා කියන / උගන්නන එකම එකයි මම ලංකාවටම දන්නේ.
ටැබූගේ එහෙයියන්(වඳුරු) රැල තනිවෙලා නෑ! මෙන්න ටැබූගෙ අලුත් බ්ලොග් එක!ReplyDelete
http://eyugaya.blogspot.com/2011/03/blog-post_12.html
ටැබූ;ReplyDelete
මා කී ලෙසම හිරු මල්ලි හරි හෝ වැරදි කියා කීම නොවේ මගේ අවශ්යතාවය. ඔහු කල් ඉකුත් වූ පොස්ටයක ලියා ගිය කතාව දැක ගැනීම හා ඊට ඔබේ මතය එක් කිරීමට ඉඩක් දීම සාධාරණ කියා සිතුවා.
හිරු මල්ලි ඔබ ගැන කෙළක් නැතිව විස්තර කිව්වට ඔබ කවුරුන්දැයි නොදන්නා අපට ඒවා සාධක නොවේ. එමෙන්ම හිරු මල්ලි මේ කරුණු දැන ගත්තේ ඔහු කියන ලෙසට සේවා දායකයා තුලින් [මට තේරෙන හැටියට] ඇවිදින් ද, නැත්නම් ඔබේ පාස්වර්ඩ් හොරකම් කල හැකර් ඔහු ම වීමෙන් ද කියා අපට වෙන් කර ගත නොහේ. විචල්ය අතිරික්තය හා පිළිතුරු මැට්රික්ස් එකේ කතාව තවමත් එහෙමමයි. එහෙම්ම තිබ්බදෙන්. ඒක පැත්තකින්වත් කිසිවක් විශ්වාස කිරීම මගේ ස්වභාවය නොවේ.
ඔබට තාවකාලික සමු දීමක්. නැවත හමුවෙමු.
- AnonymousMarch 12, 2011 at 6:07 PM
ෆේස් බුක් වලින් ඔහුගේ අගට 86 ඇති ෆොන් නොම්බරය අයින් කලේ ඇයි?ReplyDelete
- AnonymousMarch 13, 2011 at 11:44 AM
http://www.youtube.com/watch?v=03tVUfYyqXo&feature=relatedReplyDelete
1. ආයි පාරක් බ්ලොග් එක පටන් ගන්න බැරි හේතුව විදියට Taboo කිව්වේ මුල ඉඳන්ම, ඊමේල් ගිණුමේ ඉඳන්ම පටන් ගන්න වෙනවා, සින්ඩි නැතුව ප්රචාරය කරන්න වෙනවා වගේ කතා. ("ඊ-මේල් ගිණුමෙහි සිට අප පටන් ගත යුතුය. එසේම පැරණි, කාටත් මතක තිබුණු ලිපිනය වෙනුවට නව ලිපිනයක් තෝරා එය සින්ඩි වලින් ලබන අනුග්රහයක් නැතිව ජනප්රිය කරවිය යුතුය"). ඊට අමතරව bakup බ්ලොග් එකකුත් තියන බව කනිෂ්ක පෙන්නුවා. ඊ නිසා recovery එක හරිම ලේසිය්!ReplyDelete
ඊ නිසා, Taboo ගේ කලින් excuse එක බොරුවක් බව දැන් වත් Taboo පිලි ගන්නවද? අවශ්ය නං ලේසියෙන්ම පරණ ඊමේල් ගිනුමත්, බ්ලොග් එකත් recover කර ගන්න පුළුවන්.
එක වහන්න දැන් Taboo කියන්නේ හැක් වෙච්ච නිසා ආයිත් බ්ලොග් නොකරන්න හිතා ගත්ත කියලා. එහෙම වුනා නං ඔය "මුල ඉඳන් අලුතෙන් ඊමේල්, සයිට් හදහන එක අමාරු නිසා, වැඩේ ඇත හැරලා දැම්මා" කියල ඉස්සරවෙලා කියන්න හේතුවක් නැහැ නේ.
2. Taboo ගේ ඊමේල් එකයි බ්ලොග් එකයි හැක් කරපු කට්ටිය දැන් වත් Taboo දාපු recovery emai /phone no වෙනස් කරන්නේ නැහැ. Taboo ට ඕන වෙලාවක recover කරන්න ඉඩ දීල තියෙන්නේ එයාල. බලන්න හරි කරුණා වන්ත හැකර් ලා. :-) :-) Taboo ට ඕන නං ආයි පාරක් බ්ලොග් එකයි, ඊ මේල් එකයි recover කර ගන්න ඉඩ දීල ඉන්න හකෙර් ලා. ටබෝඕ ට ඔච්චර ආදරේ හැකර් Taboo ම නිසා නේද?
Anonymous (March 12, 2011 6:07 PM),ReplyDelete
"ෆේස් බුක් වලින් ඔහුගේ අගට 86 ඇති ෆොන් නොම්බරය අයින් කලේ ඇයි?"
What do you mean? Can you explain? Who had listed a ***86 number on facebook?
- AnonymousMarch 16, 2011 at 9:06 AM
pOSTED BY pukkusathi in the PERAMUNE RALA BLOGReplyDelete
Taboo තමාවම හැක් කරගෙන මේ පණපොවමින් සිටින්නේ ටෙලි චරිතයකට බව මේවන විට සැකයක් තිබිය නොහැක. එවන් සැකයක් කාට හෝ තවමත් ඇත්නම් ඒ Tabooගේ රංගනයට ආලෝකකරණයෙන් (හෙවත් පහන ඇල්ලීමෙන්) දායක වූවකුටම විය යුතුය. Tabooගේ රංගනය ප්රබලය. එහෙත් ඔහුගේ අවාසනාවකට මෙන් තිර රචනය දුර්වලය. ඒ ඇතැම්විට පිටපතද ඔහුගේම නිසා විය හැක (මහින්ද අබේසුන්දර වුවද මීට සාර්ථක තිර රචනයක යෙදෙනු නොඅනුමානය). තිර රචකයා ටෙලිය අධ්යක්ෂණය කරමින් එහි ප්රධාන චරිතයද රඟපෑමට ගිය විට මෙවන් අකරතැබ්බයන්ට ලක්වීම ස්වාභාවිකය.
කෙසේ වෙතත් මේ ‘කෙටි’ සන්නයේ අරමුණ තවදුරටත් Tabooව විග්රහ කර ගැනීම නම් නොවේ (සරත් ෆොන්සේකා නම් දක්ෂ යුධ හමුදා නිළදාරියා ඔහුටු දැමුණු හුරේ අසා අවාසනාවන්ත ලෙස දේශපාලඥයකු වන්නට තීරණය කරන්නේ යම් සේද, Taboo නම් දක්ෂ කුණුහරප රචකයා ඔහුට දැමුණු හුරේ අසා තමාට සමාජ විශ්ලේෂකයකු විය හැකියැයි සිතනුයේද එසේමය. සරළ ට්රැජි-කොමඩියක් වන මෙහි අමුතුවෙන් විග්රහ කිරීමට යමක් නැත). Tabooගෙ රඟපෑම පසෙක තිබියේවා, මේ සන්නයේ අරමුණ මේ ටෙලිය අතර මග විකාෂය වුණු ‘ටියුශන් ක්ලාස් ඇඩ්ස්’ කිහිපයක කියැවුණු ටියුශන් මාස්ටර්ලා දෙදෙනෙකු ගැන අවධානය යොමුකිරීමයි.
සිතුමිණි රත්නමලල පුක්කුසාතී හඳුනයි. ඒ ලඟින්ම නොවේ. නමුත් එපමණ දුරින්ද නොවේ. ශ්යාමන් හේමකොඩිවද පුක්කුසාතී හඳුනයි. ඒ දුරින් නොවේ. නමුත් සිතුමිණි තරම් ලඟින් නම් නොවේ. මින් සිතුමිණිගේ නම ඉතාමත් සැක කටයුතු ලෙස මේ නාටකයට ඈඳුවේ Taboo විසින්මය. ශ්යාමන්ගේ නම කෙසේ කොතැනකදී ඈඳුනාදැයි පුක්කුසාතීට නම් නිච්චියක් නැත. මේ වන විට විවිධ පුද්ගලයන් (රාළද ඇතුළුව) මේ චරිත දෙක Tabooට අන්දවාගෙන නොයෙක් ප්රවාද ගොතනු දැකිය හැක. කිසිවක් නිෂ්චිත නොවන මේ මොහොතේ එහි වරදක් කිව නොහැක. නමුත් පුක්කුසාතීගේ නම් අදහස Taboo සිතුමිණිවත් ශ්යාමන්වත් නොවන බවය. එපමණක් නොව කොහේවත් සිටි සිතුමිණිගේ ඇඩ් එකක් මේ ටෙලිය අතර තුර හීන් නූලෙන් විකාෂය කිරීම Tabooගේ තවත් කුපාඩිකමක් විය හැකි බවද ඔහුගේ විශ්වාසයයිි. Tabooගේ ස්වයං හැක්වීම කෙසේ වතුදු ඔහුගේ නිර්නාමිකත්වයට යම් තර්ජනයක් තිබූ බවට සැකයක් නැත. Taboo සිතුමිණිව ගෑවීම හරහා මේ ගසනුයේ red herring වර්ගයේ ගැටයක් බව පුක්කුසාතිගේ අනුමානයයි.
අවාසනාවකට මෙන් සිතුමිණිට Tabooගේ ගැටය තේරුම් ගනීමට තරම් විචක්ෂණබවක් නැත. Taboo වැනි වෘත්තීය ටෙලි නලුවකුගේ අභිනයන් තේරුම් ගැනීමට තරම් විවේකී බුද්ධියක්ද සිතුමිණිට නැත. ලෙනින් වර්ගයේ තොප්පි පැළඳ දිගු හිම කබා ඇඳ බෙල්ල වටා සීතළට අඳින සාටක ඔතාගෙන ලෙනින්ට ඇඳ මුහුණුපොතේ පිංතූර දමා දේශපාලනයේ හය හතර නොදන්නා නංගිලා (සහ වේලි වේලි සිටිනා අක්කලා) ඉදිරියේ සිඟිති වාමාංශික ආතල් දීමට වළිකන සිතුමිණිට වඩා Taboo යනු සංකීර්ණ තෙම්පරාදු චරිතයකි. ඒ කිසිත් නොදන්නා සිතුමිණි තව තවත් w3lanka වැනි බ්ලොග් වලින් තම status updates පුරවමින් තමුන්ට නොතේරෙන දේශපාලනයක් ආරූඩ කර ගැනීමට ගොස් එම උගුලේම පැටලෙයි. Tabooට නොදෙවෙනිව තමුන්ටද තර්ජන ඇතැයි පෙන්වීමටදෝ හෙතෙමේද ‘මනෝරාජික සිංහල ගෝත්රවාදීන් රොත්තකට’ පලු යන්න නෙළයි. Taboo තමුන්ගේ ගිණුම් හැක් කර ඇතැයි කියන විට සිතුමිණිද තමුන්ව හැක් කිරීමට උත්සාහා ගෙන ඇතයි ආඩම්බරයෙන් පවසයි.
ශ්යාමන් ගැන මෙපමණක්වත් කීමට දෙයක් නැත. සරළ සමීකරණයකින් කියන්නේ නම් ශ්යාමන් මේ වනවිට සපුරමින් සිටින්නේ සිතුමිණි විසින් Tabooට කරන සේවයයි. සිතුමිණි කඩේ යන්නේ Tabooට නම් ශ්යාමන් කඩේ යන්නේ සිතුමිණිටයි. වෙනසකට ඇත්තේ තම සේවා දායකයා (එනම් සිතුමිණි) වෙනුවෙන් කුණුහරුප කීමට වුව ශ්යාමන් නොපැකිළීම පමණි (එම කුණුහරුප ශ්යාමන් හෝ සිතුමිණි විසින් පසුව ඉවත් කරන ලද බවත්, කුණුහරප ලියා ශ්යාමන් නෝන්ඩි වූ බව වහා තේරුම් ගත් සිතුමිණි ඒවා ශ්යාමන් ලියූ ඒවා නොවන බව හැඟවීමට ශ්යාමන්ගේ ගිණුමද හැක් කර ඇතයි කියා නැවත වටයකින් ‘සිංහල ගෝත්රවාදීන්ට නෙළූ බවත් වෙනම කරුණකි).
දැං මෙය කියවා ‘සිංහල ගෝත්රවාදීන්’ තමුන්ගෙ friends list එකටද රිංගා ගෙන ඇතැයිද තමුන්ගේ ජීවිතවලටද තර්ජනයක් ඇතැයිද යනුවෙන් පාරම්බෑමට උවමානවක් නැත. මෙයින් සිතුමිණි සහ ශ්යාමන් උගත යුතු වැදගත්ම පාඩම නම් (මෙය කියවන්නේ නම්) තමුන් පොරවල් නොවන බවය. ඔබලාට කාගෙන්වත් තර්ජනයක් තිබිය නොහැක. යමෙක් ඔබලාට තර්ජනාත්මකව හැසිරෙන්නේ නම් ඒ ඔබලා බයිට් කිරීමට මිසක ඔබලා සීරියස් පොරවල් නොවන බැවිනි. ‘සිංහල ගෝත්රවාදීන්’ වුවද සරළ ෆන් වලට ආසය. ඒ ඔවුන්ගේ හැටිය. ඒවා දැක අනවශ්ය ලෙස පාරම්බෑමට ගොස් Tabooගේ උගුල්වලට හසුවීම නම් කණගාටුදායකය.
- AnonymousMay 30, 2011 at 11:15 PM
Taboo is not anyone you think he is.ReplyDelete
To uncover taboo think you should read Dr Jekyll and Mr Hyde :)
Why is that ?
Well because Taboo had successfully fooled all of us
Taboo- If you are reading this - I know who you are . Sleep well. Cos I'm not gonna tell any one | hplt_2 |
බි්රතාන්යය සහ ප්රන්සය ලිබියාවට එරෙහි විජිතවාදී ප්රහාරයෙහි පෙරමුන ගනී
Britain and France lead the colonial charge into Libya
බි්රතාන්ය අගමැති ඩේවිඩ් කැමරන් සහ ප්රන්ස ජනාධිපති නිකොලස් සර්කොසි බ්රහස්පතින්දා ලිබියාවට කල සංචාරය අධිරාජ්යවාදයේ සකලවිධ අධම සහ ලේ වැකි සම්ප්රදායන් යලි සිහියට නංවයි: එනම්, අත්යධික කුහකත්වය, ආර්ථික කොල්ලය සහ සිය අරමුනු සපුරා ගැනීම සඳහා අනුකම්පා විරහිත ලෙස බලය යොදා ගැනීම යි.
ටි්රපොලිහි දී දැඩි ආරක්ෂාව යටතේ නේටෝවේ දේශීය අනුග්රාහකයා වන ජාතික අන්තර්වාර මන්ඩලයේ (ටීඑන්සී) නායකයන්ගෙන් නොමසුරුව ගරු බුහුමන් ලද කැමරන් සහ සර්කොසි අනතුරුව වහා ම ටීඑන්සී බල මධ්යස්ථානය වන බෙන්ගාසියට රැගෙන යන ලදහ. රැස්ව සිටි පිරිසේ ප්රීති ඝෝෂාවට පිලිතුරු වශයෙන් කැමරන් "නිදහස් ලිබියාවක්” යැයි හඬ නැගී ය. "ප්රන්සය, මහා බි්රතාන්යය, යුරෝපය හැම විට ම ලිබියානු ජනතාවගේ පැත්තේ ඉඳීවි,” යි සර්කොසි කියා සිටියේ ය.
නේටෝවේ නව විජිතවාදී වික්රමයට-මුවම්මර් ගඩාෆි තන්ත්රයෙන් ලිබියානුවන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට-ව්යාජ හේතුව වී ඇත්තේ අත් හැර දැමීමේ වුවමනාව විනා අන් යමක් නො වේ. ටීඑන්සීය ද එහි නේටෝ සහායකයන් ද මුලු රට ම සිය පාලනය යටතට ගැනීමට දැඩි ප්රයත්නයක යෙදී සිටිය දී සිර්ටේ සහ බානි වාලිඩ් යන ඉතිරි ගඩාෆි හිතෛෂී නගර වටා ඉලක්කවලට නේටෝ යුද ගුවන් යානා අඛන්ඩව පහර දෙන්නේ සිවිල් වැසියන්ගේ ජීවිත තඹයකට නොතකමිනි. ගඩාෆි තන්ත්රය කරන්නට යතැයි කියන ජන සංහාර ගැන අනතුරු අඟවමින් අධිරාජ්යවාදී මැදිහත් වීමට අනුබල දුන් බටහිර මාධ්යය නේටෝවේ බෝම්බ ප්රහාරවලින් සිවිල් වැසියන් දහස් ගනන් නො වේ නම් සිය ගනන් ඝාතනයට ලක් වෙද්දී හිතාමතා නිහඬව සිටී.
"ආඥාදායකයෙකු ඉවත දමා නිදහස තෝරා ගත් බැවින්” බෙන්ගාසිය "ලෝකයට අනුප්රානයක් වුනා” යි කැමරන් කියා සිටියේ ය. වේදිකාවේ ඔහු ලඟින් ම සිටියේ ගඩාෆිගේ හිටපු අධිකරන ඇමති, එන්ටීසී සභාපති මුස්තාෆා ජලීල් සහ ගඩාෆිගේ ජාතික ආර්ථික සංවර්ධන මන්ඩලයේ ප්රධානියාව සිටි, එන්ටීසී "අගමැති” මහ්මූද් ජබ්රිල් ය. මේ දෙදෙනා ම ගඩාෆි තන්ත්රය කල අපරාධවල වගකීම දරා සිටින්නෝ ය. නේටෝවෙන් නිර්මානය කෙරෙන නව පටිපාටියට එරෙහිව මතු වන ඕනෑ ම දේශපාලන විරුද්ධත්වයකට මුහුන දීමේ දී ඔවුන්ගේ අනුකම්පා විරහිත භාවය ඊට අඩු නොවනු ඇත.
තම ලිබියානු සංචාරය කුලී හේවාකම් සැපයීමේ අවශ්යතා සමග බැඳී ඇති බව අඟවන සියලු ප්රකාශයන්, කැමරන් සහ සර්කොසි විය යුතු ලෙස ම ප්රතික්ෂේප කලහ. කිසිදු ප්රතිඥාවක් හෝ බලාපොරොත්තුවක් දෙනු නොලැබින. ප්රන්ස ජනාධිපතිවරයා වාර්තාකරුවන් හමුවේ මෙසේ ද පැවසී ය: "අපි කල දේ කලේ මානුෂීය හේතූන් නිසා. න්යාය පත්රයක් තිබුනේ නැහැ.” එහෙත් ප්රන්සය සහ බි්රතාන්යය "අනාගතයේ දී බලපෑමක් කරනු ඇතැ”යි සහතික වීමට ජලීල් ඉක්මන් විය. ඔහු තව දුරටත් මෙසේ ද කී ය: "කලින් ඇති කර ගත් සියලු කොන්ත්රාත්තුවලට අප ඉදිරියටත් ගරු කරනවා. ඒත් ලිබියාවට සහාය දීමේ දී අපේ මිතුරන් දරන පරිශ්රමයන් හේතුවෙන් ඔවුන්ට ප්රමුඛ කාර්ය භාරයක් පැවරේවි.” වෙනත් වචනවලින් කිව හොත්, කොල්ල කා ගන්නා තෙල් අයිති වන්නේ දිනූ අයට ය.
එතරම් ම නග්නව පෙනී යන දෙය නම් නව විජිතවාදීන් ලිබියාවට කඩා වැදීම සංස්ථාපිත පුවත්පත්වල විවෘත පිලිගැනීමට ලක්ව තිබෙන්නේ ය යන්න යි. මේ සතියේ සංචාරය ගැන අදහස් දක්වමින් ගාඩියන් පුවත්පතේ සයිමන් ටිස්ඩාල් මෙසේ සඳහන් කලේ ය: "ඇත්තට ම ඉතිහාසය පුරා තමන්ගේ ම යැයි කියා ගත් ක්රමයකට ජය ගත් වීරයන් මෙන් බි්රතාන්ය සහ ප්රන්ස නායකයන් ද සේන්දු වූයේ-මෙකල නම් මූල්යමය ත්යාගයක් විය හැකි-ජයග්රාහකයාගේ කිරුල හඹා යාමේ ප්රබල වුවමනාවෙනි. ඩේව් සහ සර්කෝ යුද චාරිකාවේ ප්රමුඛ වාසිය එම කිරුල විය.”
කැමරන් සහ සර්කොසිගේ සංචාරය සලකුනු කරන්නේ ලිබියාව තුල දේශපාලන ආනුභාවය, මූලෝපායාත්මක තත්ත්වය සහ ලාභ උදෙසා වන බිහිසුනු තරගයක ආරම්භය යි. තුර්කි අගමැති රිසෙප් ටායිප් එර්ඩොගන් ඊයේ ටි්රපොලියට ලඟා වූයේ "මර්දනකාරී තන්ත්රවල යුගය හමාර වී ඇතැ”යි නිවේදනය කිරීමට ය. පෙබරවාරියේ දී සිවිල් යුද්ධය පුපුරා යාමට කලින් තුර්කිය ඩොලර් බිලියන 15කට ආසන්න මුදලක් ලිබියාවෙහි ආයෝජනය කර තිබින. එර්ඩොගන් උනන්දු වූයේ එම ආයෝජන සුරක්ෂිත කර ගැනීම ගැන ය.
මේ සතිය මුල හරියේ දී ඉතාලි බලශක්ති දැවැන්තයෙකු වන ඊඑන්අයි සංගතයේ ප්රධාන විධායක නිලධාරි පාඔලෝ ස්කැරෝනි ටි්රපොලියෙහි පෙනී සිටියේ ලිබියානු ගෑස් අපනයන යලි මිල දී ගැනීම පිලිබඳව සාකච්ඡා කිරීමට ය. යුද්ධයට පෙර ලිබියාවේ විශාලතම බලශක්ති නිෂ්පාදකයා වූයේ ඊඑන්අයි සංගතය යි. තම අධිපති තත්ත්වය ආරක්ෂා කර ගැනීමට එය නිසැකව ම උනන්දු වනු ඇත. අප්රිකාවෙහි තිබෙන විශාලතම බලශක්ති සංචිත බවට සනාථ වී ඇති නිධි-තෙල් බැරල් බිලියන 46.4ක් සහ ස්වාභාවික ගෑස් ඝන අඩි ටි්රලියන 55ක්-ලිබියාව සතු ය. සැප්තැම්බර් 2 දා පැරිසියෙහි පැවැත්වුනු "ලිබියාවේ මිතුරෝ” හමුවට ලිබියානු නිලධාරීන් වාර්තා කලේ ප්රධානතම විදේශීය බලශක්ති සංගත පහක් යලි රට වෙත පැමින සිටින බව යි.
යුද්ධය කරන්නේ ලිබියාව තුල "තන්ත්රය වෙනස් කිරීම” සඳහා බවට කල කුහක ප්රකාශ සියල්ලෙහි ම සාරය නම් මිනිස් ජීවිතවල ආරක්ෂාව නොතකා හැරීම යි. ලිබියාව, උතුරු අප්රිකාව සහ මැද පෙරදිග සම්බන්ධයෙන් බි්රතාන්ය සහ ප්රන්ස අධිරාජ්යවාදයේ අරමුනු පසු ගිය 200 වසරේ දී මෙන් අද ද මානුෂීය නො වේ.
ලිබියාවේ සහ එහි සමීප අසල්වැසියන්ගේ ඉතිහාසය කෙටියෙන් සලකා බැලීම වුව මෙහි ලා ප්රමානවත් ය. 1882 දී ඊජිප්තුවෙහි හැත්තෑ වසරක බි්රතාන්ය විජිතවාදී ආධිපත්යය ඇරඹුනේ නාවික හමුදාව ඇලෙක්සැන්ඩි්රයාවට එල්ල කල කාල තුවක්කු ප්රහාරයකින් සහ කාර්ය සාධක බලකායක් හරහා ජාතිකවාදී විරෝධය මර්දනය කිරීමෙනි. බි්රතාන්යය අසල්වැසි සුඩානය ආක්රමනය කලේ රට පුරා පැතිර පැවති වහල් වෙලඳාම මැඩ පැවැත්වීමේ මානුෂීය ධජය යටතේ ය.
ඇල්ජීරියාව, චැඩ්, නයිජර් සහ ටියුනීසියාව තුල ක්රෑර විජිතවාදී පාලනයක් ගෙන යාමේ දිගු ඉතිහාසයක් ප්රන්සය සතු ය. 1940 ගනන්වල දී සහ 1950 ගනන්වල දී ඇල්ජීරියාවේ පාලන බලය රැක ගනු වස් එය දිගු, ලේ වැකි යුද්ධයක් ගෙන ගියේ ය. වධබන්ධන පැමිනවීම, පලි ගැනීම සහ තොග ගනනින් ඝාතනය කිරීම පිලිබඳව ප්රන්ස හමුදා අපකීර්තියට පත් වූයේ එසමයෙහි ය. ප්රන්ස පාලනයට එරෙහි අරගලයේ දී ඇල්ජීරියානුවන් මිලියන 1.5ක් තරම් විශාල සංඛ්යාවක් ඝාතනය වුනු බවට පශ්චාත් විජිතවාදී ආන්ඩුව තක්සේරු කලේ ය.
ඉතාලිය ලිබියාව ද යටත් කර ගත්තේ ය. එය සිය ආක්රමනය යුක්ති සහගත කලේ "ශිෂ්ටාචාරවත් කිරීමේ” මෙහෙයුමක් යැයි කියමිනි. ඉතාලි පාලනය ඇරඹුනු තැන් සිට දෙවන ලෝක යුද්ධයේ දී ඉතාලි හමුදාව අන්ත පරාජයට පත් වීම දක්වා කාලය තුල දී ලිබියානු ජනගහනයෙන් අඩක් ඝාතනය කෙරුනහ, සාගතයෙන් මිය ගියහ, නැත හොත් පිටුවාහල් කෙරින. ඉතාලි පාලනයට පෑ ප්රතිරෝධය ක්රමානුකූල ගුවන් බෝම්බ ප්රහාරවලට මුහුන දුන්නේ ය. 1930 දී 100,000ක් ජනයා-මොවුන්ගෙන් වැඩි දෙනා එඬේර ජීවිතයක් ගත කල අය ය-රැඳවුම් කඳවුරුවල කොටු කෙරුනහ. යටත් පිරිසෙයින් ඔවුන්ගෙන් අඩක් වත් ඒවායේ දී මිය ගියහ.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව මේ රටවල් සියල්ල ම නාමිකව නිදහස ලැබුව ද කලින් සිටි විජිතවාදී බලවත්තු මතු වී ආ විවිධ ජාතිකවාදී තන්ත්ර හරහා වක්රව සිය ආර්ථික සහ මූලෝපායාත්මක අවශ්යතා රැක ගත්හ. නව විජිතවාදී මැදිහත් වීම්වලට දොර හැර ඇත්තේ අධිරාජ්යවාදී ආධිපත්යය අවසන් කිරීමට හෝ මහජනතාවන්ගේ දැවෙන සමාජ අවශ්යතාවන් සහ ප්රජාතන්ත්රවාදී ප්රාර්ථනාවන් සපුරා ලීමට අධම ධනේශ්වර ජාතිකවාදයේ අසමත් වීම හේතු කොට ගෙන ම ය. 1930 ගනන්වලින් මෙපිට දරුනු ම ආර්ථික අර්බුදයට මුහුන දී සිටින එක්සත් ජනපද, යුරෝපා බලවතුන් හා චීනය, රුසියාව වැනි නැගී එන බලවතුන් යන මේ සියලු දෙනා යෙදී ගෙන සිටින්නේ අප්රිකාවෙහි, මැද පෙරදිග සහ ජාත්යන්තරව ආධිපත්යය තකා තම සතුරන්ට එරෙහිව කරන වියරු නව තරගයක ය.
ලිබියානු චාරිකාව අතරතුර දී සර්කොසි ප්රන්සයේ ඊලඟ "මානුෂීය මෙහෙයුම” පිලිබඳව පවා ඉඟි කලේ ය. "සිරියාවටත් යම් දිනක නිදහස් රටක් විය හැකි යි ප්රාර්ථනා කරන අයට” තම සංචාරය කැප කිරීමට කැමති බව ඔහු කියා සිටියේ ය. බි්රතාන්යය සමග රහසේ ඇති කර ගත් සයික්ස්-පිකොට් ගිවිසුමේ කොටසක් ලෙස පලමු වන ලෝක යුද්ධයෙන් පසුව සිරියාවේ සහ ලෙබනනයේ පාලනය ප්රන්සයට වෙන් කෙරින. එම ගිවිසුම යටතේ කලින් පැවති ඔටෝමන් අධිරාජ්යය අධිරාජ්යවාදී බලවතුන් දෙදෙනා අතර කැබලි කෙරින. "සිරියාවේ ජනයා පීඩාවට පත් කරන අය” තම කාලය අවසන් වී ඇති බව වටහා ගත යුතු යැයි ප්රකාශ කරමින් තුර්කි අගමැති එර්ඩොගන් පසු දා තරවටුවක් කල බව අමතක නොකල යුතු ය.
පීටර් සිමන්ඩ්ස් | hplt_2 |
මෝටර් රථ
මෝටර් රථය හෙවත් “ඔටෝමොබිල්” ( ප්රංශ හා ශ්රීක භාෂා මගින් ඔටෝ යන්නෙන් ස්වයංක්රීය යන්නද ලතින් භාෂාවෙන් මොබිලයිස් යන්නෙන් වෙනත් රථයක් හෝ සතෙකු මගින් චලනය නොවී එය මගින්ම චලනය වීම වේ. ) යනු රෝද සහිත මගී රථයක් වන අතර එයට ස්වකීය එන්ජිමක් හෝ මෝටරයක් අඩංගු වේ. බෙහෝමයක් අර්ථ දැක්වීම්වලට අනුව මෝටර්රථ මූලික වශයෙන් මාර්ගවල ධාවනයට නිපදවා ඇති අතර එයට එහි පුද්ගලයෙකු සිට 8 දෙනෙකු දක්වා අසුන් ගැනීමේ හැකියාවක් පවතී. සාමන්යයෙන් රෝද හතරකින් සමන්විත අතර මූලික වශයෙන් භාණ්ඩ ප්රවාහනය කිරීමට නොව මගීන් ප්රවාහනය කිරීමට නිපදවා ඇත. නමුත් මෙම යෙදුම යාථාර්ථයෙන් බොහෝ ඈත්ව පවතී. මක්නිසාදයත් මෙම ක්රියාව කරන විවිධ වර්ගයේ රථ දැනට දක්නට ඇති බැවිනි.
2002 වර්ෂය වන විට මිලියන 590 මගී මෝටර් රථ ලොව පුරා තිබුණි. ( දල වශයෙන් පුද්ගලයන් 11 දෙනෙකුට රථයක් වන පරිදි) | hplt_2 |
ජනගහණ භූ විද්යාව
ජනගහණ භූගෝල විද්යාව, මනුෂ්ය භූ විද්යාවේ අංගයකි. එය යම් ස්ථානයක ස්වභාවය අනුව ජනගහණ වර්ධනය, ව්යාප්තිය, සංයුතිය හා සංක්රමණය පිළිබඳ අධ්යයනයකි. එය ජනවිකාශ විද්යාව දෙස භූගෝලීය දාෂ්ටිකෝණයකින් අධ්යයනය කරයි. එය අවකාශීය මට්ටමෙන් ජනගහණයක ලක්ෂණ ව්යාප්තියේ වෙනස්කම් අධ්යයනය කරයි. මෙය සඳහා උදාහරණයක් ලෙසජනගහණ සිතියම් දැක්විය හැක. ක්ලෝරොප්ලෙන්, අයිසෝලයින් හා තිත් සිතියම් මෙවැනි ජනගහණයක අවකාශීය පැතිරීම පෙන්වන සිතියම් වර්ථා කිහිපයකි. ජන විකාශන විද්යාවේ අංග,
- අවකාශිය ව්යාප්තිය හා ඝනත්වය අනුව පුද්ගලයින් අධ්යයනය
- ජනගහණයේ වර්ධනය හා අඩුවීම
- ජනගහණයේ චලනය හා ජංගමතාවය
- ජනාවාසවල මිනිස් කණ්ඩායම
- ස්ථානයක භූවිද්යාත්මක ලක්ෂණ අනුව උදා:- ජනාවාස රටා
- ජනගහණ සිද්ධි වෙත ස්ථානවාසින් දක්වන ප්රතිචාර උදා:- සංක්රමණ
ඉහත සියළු කරුණු අධ්යයනය කරන්නේ අවකාශය හා කාලය පදනම් කරගෙනය. සැලකිය යුතුයි :- ජනගහණ භූවිද්යාව හා ජනවිකාශ විද්යාවේ වෙනස ක්රමයෙන් අඩු වෙමින් පවතී. | hplt_2 |
දෙමසකට වැඩි දිගු නිහැඬියාව බිඳිමින් සිංහලෙන් ෆොස් නැවතත් ඔබේ සවන් පත් අතරට.
ශාස්ත්රීය වැඩි උනාද මන්දා . කොහොම නමුත් ඉතිං ඔන්න ආයෙත් අපි ආවා. අලුත් ප්රවෘත්ති ගොඩක් එක්ක.
ලිනක්ස් කර්නල් එකෙන් වැඩි හරියක් දැන් ලියවෙන්නෙ මුදල් ගෙවලා?, Symbian OS එක ඔන්න කලින්ම විවෘත මෘදුකාංගයක් වෙලා. Google සමාගමේ file system මාරුව වගේම ඔවුන් Apple සමාගම අභිබවා ගිය අවස්ථාවක් ගැනත් කියනවා.
ඒවගේම Ubuntu ගැන, Lucid Lynx හෙවත් මීළඟ උබුන්ටු නිකුතුවේ එන විශේෂ වෙනස් කම් කිහිපයක් වගේම, UbuntuOne ගැන අලුත්ම විස්තරයකුත් තියනවා.
Samsung සමාගමේ විවෘත ජංගම මෙහෙයුම් පද්ධතිය, KDE වල පොඩි වෙනසක් සහ Facebook වෙතින් PHPට ලැබුනු HipHop ගැන කතා කරන්නෙ හැමදාම වගේ අමතර විස්තර ගොඩක් එක්කයි (Linusගෙ අලුත් phone එක ගැනත් ඕපාදූපයක් කියනවා :D).
Update: HipHop for PHP facebook project එක මම JIT (Just in Time) Compiler එකක් බව කිව්වේ කලින් කියවා තිබුණු තොරතුරක් අනුවයි. නමුත් එය JIT compiler එකක් නොවන බවද සටහනක් කියවන්නට ලැබුණා
එහෙනම් ඉතින් අහලම බලන්න .
යොමු සටහන් (Show Notes)
- Google Overtakes Apple – But where?
- 75% of linux code is now written by paid coders
- Ubuntu One goes windows
- MS drops support for Enterprise Search Products
- Microsofts Linux business is booming
- Symbian OS goes open prior to schedules
- Mozilla to fund GNOME accesibilty efforts
- Google switches to EXT4
- Oracle – Sun deal done
- Ubuntu
- KDE Branding to face changes
- Samsung comes in mob OS battlefield with bada
- Skype will get an OpenSource client
- PHP gets hiphop from facebook
- Gossip | hplt_2 |
ගව කිරි ආශ්රිත නිෂ්පාදන
කිරිවලින් ඉතා ජනප්රය වෙනත් නිෂ්පාදනයන් රාශියක්ම සාදාගත හැක. එය සෑම රටකම සිටින විවිධ ජාතීන් පරිභෝජනය කරනු ලබන පොදු ආහාරයක් වී ඇත. වෙනත් බොහෝ ආහාරද්රව්ය වලට තිඛෙන තහංචි කිසිවක් කිරිවලට නැත. ලෝකයේ පරිභෝජනය කරන කිරි වැඩි ප්රමාණයක් ගනු ලබන්නේ වමාරා කන සතුන් “වන ගව, මී ගව,එළු, බැටළු ගව හා ඔටුවන්ගෙන් ය”. මෙම වමාරා කන සතුන්ට අද්භූතජනක කෑම දිරවීමේ පද්ධතියක් ඇත. එමගින් උන් කෑමට ගන්නා රළු සත්ව ආහාර නිරායාසයෙන් කිරි බවට පත්කරන බැවින් අඩු සම්පත් ප්රමාණයක් ඇතිව කටයුතු කරන ගම්බද ගොවියාට පවා කිරි නිෂ්පාදනයට පහසුවෙන් හවුල් වියහැක. පසුගිය දශක කිහිපය තුළ කිරි හා මස් පරිබෝජනයත් ඒ සඳහා ඉල්ලූමත් සීඝ්රයෙන් වර්ධනය වී ඇත. මෙම තත්වය දියුණු වෙමින් පවතින රටවලටම විශේෂිත වන අතර එය පශු සම්පත් විප්ලවය ලෙස හඳුන්වන මට්ටමට වර්ධනය වී ඇත.
පටුන
- 1 පෝෂණ සංඝටක
- 2 ලෝකයේ කිරි නිෂ්පාදනයේ ස්වභාවය.
- 3 ලෝකයේ කිරි නිෂ්පාදිතයන්ගේ විවිධ ස්වරූපයන්
- 4 ශ්රී ලංකාවේ කිරි නිෂ්පාදනයේ සාම්ප්රදායක පසුබිම.
- 5 පශ්චාත් යටත් විජිත අවධිය තුළ ශ්රී ලංකාවේ කිරි හා කිරි ආශ්රීත නිෂ්පාදන පරිභෝජනය.
- 6 ශ්රී ලංකාවේ කිරි නිෂ්පාදනය පිළිබඳ ආර්ථික විශ්ලේෂණයක්.
- 7 ආශ්රිත ලිපි
- 8 ආශ්රිත ග්රන්ථ නාමාවලිය
පෝෂණ සංඝටක[සංස්කරණය]
විටමින,ප්රෝටීන්, මේද, කාබෝහයිඩ්රේට් හා ඛණිජ ප්රභවයන් සහිත පෝෂ්ය අදායක ආහාරයකි.
වඩාත් පුළුල් ලෙස පරිභෝජනය වන කිරි වර්ගය එළකිරි ය. ප්රයෝජනයට ගනු ලබන අනෙකුත් කිරි වර්ග නම් මී කිරි සහ එළු කිරි ය. පරිභෝජනයට පෙර කිරි පැස්චරීකරණය, ජීවානුහරණය හෝ අති උච්ච තාප පිරියම වැනි යම් ආකාරයක තාපමය ක්රිකයාවලියකට භාජනය කළ යුතුය. මෙය මෙසේ සිදු කළ යුත්තේ කිරි පරිබෝජනයට පෙර එහි විය හැකි යම් ක්ෂුයද්ර ඓන්ද්රිෙකයන් විනාශවන බවට සහ එය කල් තබාගත හැකි ගුණාංගයන්ගෙන් දියුණුවන බවට වගබලා ගැනීම උදෙසා ය.කිරි හා කිරි ආශ්රීත නිෂ්පාදන මවගේ කිරි ඉතාම යෝග්ය වන වයසින් 12ස් මසකට අඩු ළමුන් සඳහා හැරෙන්නට සෑම වයස් කාණ්ඩයක් සඳයාම සුදුසු සුවදායක භෝජනයක වැදගත් කොටසක් වේ.අප දිනකට යටත් පිරිසෙයින් කිරි නිෂ්පාදන වේල් 1-2 ක් (වේලක 200මිලි.ලීටර ) පරිබෝජනය කළ යුතු බව ශ්රී ලංකාව සඳහා ආහාරමය පදනම් සහිතව පරිබෝජනය සම්බන්ධ මඟපෙන්නීම් වලට අනුව නිර්දේශිතය. දෛනික පරිබෝජනයේදී පෝෂක ලබා ගැනීම කෙරෙහි ඊට ඇතුළත් කිරි හෝ කිරි නිෂ්පාදන ප්රබධාන වශයෙන් දායකවන අතර ඒවා සමතුලිත පරිභෝජනයක් සඳහා අවශ්ය මූලික ආහාර ගණ අතරෙහි වේ.පෝෂණාත්මක දෘෂ්ටිකෝණයෙන් කිරි වැඩි වශයෙන්ම එහි ප්රෝටීන හා කැල්සියම් අන්තර්ගත වීම මත වැදගත් ආහාරයක් වේ.බොහෝ විට කිරි සීනි යනුවෙන් හඳුන්වනු ලබන ලැක්ටෝස් කිරිවල මූලික වශයෙන් පවතී’ ගව වර්ගයේ සතුන්ගේ කිරිවල ලැක්ටෝස් මට්ටම 5% ක් පමණ වේ.මෙය සාපේක්ෂක වශයෙන් ඉහළ සාන්ද්ර්ණයක් වේ. කිරි,අයිස් ක්රීිම් හා පැසවා ගැනීමක් නොමැති කිරි වලින් සාදාගනු ලබන වෙනත් නිෂ්පාදනවල ලැක්ටෝස් සාපේක්ෂ වශයෙන් විශාල ප්රලමාණයන්ගෙන් ඇත.පැසවා ඇති චීස්වල මෙය සාමාන්ය යෙන් නොමැත. යෝගට් සහ කොටේජ් හෝ ක්රී්ම් චීස් වැනි නොවියළි චීස් වර්ගවල ඉතා කුඩා ප්රනමාණයන්ගෙන් මෙය තිබිය හැක. සියවස් ගණනාවක් තිස්සේ කිරි නොයෙකුත් ක්ෂීයරපායී වර්ගයන්ගෙන් ලබා ගනිමින් විවිධ ප්රියෝජන සඳහා යොදාගනිමින් පැවතී තිබේ. විශාල සංඛ්යාෙවක කිරි නිෂ්පාදන ඇති වීමට මෙය තුඩු දී තිබේ. විවිධ අයුරේ කිරි පිටි වර්ග හැරෙන්නට බටර්, චීස්, ක්රීනම් සහ යෝගට් මේ අතර වේ. කිරිවල ඉහළ මට්ටමක ජල අන්තර්ගතය සහ ඉතා පහළ මට්ටමක චය අගය හේතු කොටගෙන කිරි ක්ෂුද්ර ජීවීන්ගෙන් නරක්වීමේ අවකාශය තිබේ.
කිරි පෝෂ්යදායී ආහාරයකි. ක්ෂීරපායී සතුන්ගේ ගැහැනු සතුන්ගේ ක්ෂීර ග්රන්ථි වල නිපදවෙන කිරිවල, ඇයගේ පැටවුන්ගේ ළදරු අවධියේ අවශ්ය සියලූම පෝෂණයන් නියමිත ප්රමාණයෙන් පවතී. ඒවා පහසුවෙන් ශරීරගත වී ජීර්ණ කරගැනීමේ හැකියාවෙන්ද යුක්තය.කිරිවලින් වෙනත් ආහාරමය නිෂ්පාදනයන් රාශියක්ම සාදාගත හැක. එය බොහෝ රටවල සිටින විවිධ ජාතීන් පරිභෝජනය කරනු ලබන පොදු ආහාරයක් වී ඇත. වෙනත් බොහෝ ආහාරද්රව්ය වලට තිඛෙන තහංචි කිසිවක් කිරිවලට නැත. ලෝකයේ පරිභෝජනය කරන කිරි වැඩි ප්රමාණයක් ගනු ලබන්නේ වමාරා කන සතුන් “වන ගව, මී ගව,එළු, බැටළු ගව හා ඔටුවන්ගෙන්ය. මෙම වමාරා කන සතුන්ට අද්භූතජනක කෑම දිරවීමේ පද්ධතියක් ඇත. එමගින් උන් කෑමට ගන්නා රළු සත්ව ආහාර නිරායාසයෙන් කිරි බවට පත්කරන බැවින්අඩු සම්පත් ප්රමාණයක් ඇතිව කටයුතු කරන ගම්බද ගොවියාට පවා කිරි නිෂ්පාදනයට පහසුවෙන් හවුල් වියහැක. පසුගිය දශක කිහිපය තුළ කිරි හා මස්පරිබෝජනයත් ඒ සඳහා ඉල්ලූමත් සීඝ්රයෙන් වර්ධනය වී ඇත. මෙම තත්වය දියුණු වෙමින් පවතින රටවලටම විශේෂිත වන අතර එය පශු සම්පත් විප්ලවයලෙස හඳුන්වන මට්ටමට වර්ධනය වී ඇත.අගනා ශක්ති, විටමින,ප්රෝටීන්, මේද, කාබෝහයිඩ්රේට් හා ඛණිජ ප්රභවයන් සහිත කිරි පෝෂ්ය අදායකආහාරයකි. වඩාත් පුළුල් ලෙස පරිභෝජනය වන කිරි වර්ගය එළකිරි ය. ප්රයෝජනයට ගනු ලබන අනෙකුත් කිරි වර්ග නම් මී කිරි සහ එළු කිරි ය. පරිභෝජනයට පෙර කිරි පැස්චරීකරණය, ජීවානුහරණය හෝ අති උච්ච තාප පිරියම වැනි යම් ආකාරයක තාපමය ක්රිකයාවලියකට භාජනය කළ යුතුය. මෙය මෙසේ සිදු කළ යුත්තේ කිරි පරිබෝජනයට පෙර එහි විය හැකි යම් ක්ෂුයද්ර ඓන්ද්රිෙකයන් විනාශවන බවට සහ එය කල් තබාගත හැකි ගුණාංගයන්ගෙන් දියුණුවන බවට වගබලා ගැනීම උදෙසා ය.කිරි හා කිරි ආශ්රීත නිෂ්පාදන මවගේ කිරි ඉතාම යෝග්ය වන වයසින් 12ස් මසකට අඩු ළමුන් සඳහා හැරෙන්නට සෑම වයස් කාණ්ඩයක් සඳයාම සුදුසු සුවදායක භෝජනයක වැදගත් කොටසක් වේ.අප දිනකට යටත් පිරිසෙයින් කිරි නිෂ්පාදන වේල් 1-2 ක් (වේලක 200මිලි.ලීටර) පරිබෝජනය කළ යුතු බව ශ්රී ලංකාව සඳහා ආහාරමය පදනම් සහිතව පරිබෝජනය සම්බන්ධ මඟපෙන්නීම් වලට අනුව නිර්දේශිතය. දෛනික පරිබෝජනයේදී පෝෂක ලබා ගැනීම කෙරෙහි ඊට ඇතුළත් කිරි හෝ කිරි නිෂ්පාදන ප්රබධාන වශයෙන් දායකවන අතර ඒවා සමතුලිත පරිභෝජනයක් සඳහා අවශ්ය මූලික ආහාර ගණ අතරෙහි වේ.පෝෂණාත්මක දෘෂ්ටිකෝණයෙන් කිරි වැඩි වශයෙන්ම එහි ප්රෝටීන හා කැල්සියම් අන්තර්ගත වීම මත වැදගත් ආහාරයක් වේ.
බොහෝ විට කිරි සීනි යනුවෙන් හඳුන්වනු ලබන ලැක්ටෝස් කිරිවල මූලික වශයෙන් පවතී’ ගව වර්ගයේ සතුන්ගේ කිරිවල ලැක්ටෝස් මට්ටම 5% ක් පමණ වේ.මෙය සාපේක්ෂක වශයෙන් ඉහළ සාන්ද්ර්ණයක් වේ. කිරි,අයිස් ක්රීිම් හා පැසවා ගැනීමක් නොමැති කිරි වලින් සාදාගනු ලබන වෙනත් නිෂ්පාදනවල ලැක්ටෝස් සාපේක්ෂ වශයෙන් විශාල ප්රලමාණයන්ගෙන් ඇත.පැසවා ඇති චීස්වල මෙය සාමාන්ය යෙන් නොමැත. යෝගට් සහ කොටේජ් හෝ ක්රී්ම් චීස් වැනි නොවියළි චීස් වර්ගවල ඉතා කුඩා ප්රනමාණයන්ගෙන් මෙය තිබිය හැක. සියවස් ගණනාවක් තිස්සේ කිරි නොයෙකුත් ක්ෂීයරපායී වර්ගයන්ගෙන් ලබා ගනිමින් විවිධ ප්රියෝජන සඳහා යොදාගනිමින් පැවතී තිබේ. විශාල සංඛ්යාෙවක කිරි නිෂ්පාදන ඇති වීමට මෙය තුඩු දී තිබේ. විවිධ අයුරේ කිරි පිටි වර්ග හැරෙන්නට බටර්, චීස්, ක්රීනම් සහ යෝගට් මේ අතර වේ. කිරිවල ඉහළ මට්ටමක ජල අන්තර්ගතය සහ ඉතා පහළ මට්ටමක චය අගය හේතු කොටගෙන කිරි ක්ෂුද්ර ජීවීන්ගෙන් නරක්වීමේ අවකාශය තිබේ.
ලෝකයේ කිරි නිෂ්පාදනයේ ස්වභාවය.[සංස්කරණය]
ලෝකයේ දැනට ඇති කිරි නිෂ්පාදනය වර්ෂයකට මෙට්රි ක් ටොන් මිලියන 600 ක් පමණ වේ. මෙයින් වැඩි ප්රිමාණයක් නිපදවනු ලබනනේ යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ ය. කිරි නිෂ්පාදනය වැඩිම තනි රට ඉන්දියාව යි. එය මෙට්රික් ටොන් 80% කි. දෙවෙනි තැන ඇමරිකා එක්සත් ජනපදයට හිමිවන අතර ඊළග ස්ථානය ප්රංශය, එක්සත් රාජධානිය හා ජර්මනිය වැනි රටවලට හිමි වේ. මෙම රටවල කිරි නිෂ්පාදනය කරනු ලබන්නේ එම රටවල පරිබෝජනය පිණිසයි. අපනයනය සඳහා කිරි නිපදවනු ලබන්නේ නවසීලන්තය, ඕස්ට්රේලියාව වැනි රටවල් කිහිපයක පමණි.මේ නිසා ලෝකයේ මුළු කිරි නිෂ්පාදනයන් ජාත්යයන්තර වෙළඳාමට ඉදිරිපත් වන්නේ 5%ක පමණ ප්රමාණයකි. ශ්රී ලංකාව ඇතුළු රටවල් විශාල සංඛ්යාවක රට තුළ කිරි නිෂ්පාදනය එම රටවල ඉල්ලූම සැපයීමට ප්රමාණවත් නැත. එම නිසා මෙම රටවලට කිරි ආනයනය කිරීමට සංවර්ධිත හා සංවර්ධනය වන රටවල කිරි නආනයන ප්රමාණය (1000 මෙ’ටොන්) 2006'
රටවල කාණ්ඩය වෙඩරු කේජු යොදය රහිත කරිපිටි පූර්ණ යොදය සහිත කිරිපිටි සංවර්ධිත රටවල 707.77(62.20) 99.08 (8.28) 43016(37.80) 1097.12(91.72) සංවර්ධනය වෙමින් පවතින රටවල 869.79(59.62) 57.49 (3’63) 589.18 (40.38) 124.76(96.37) (සම්පූර්ණ ගෝලීය ආනයනයට අදාළ ප්රපතිශත අගයන් වරහන් තුළ දක්වා ඇත.) මූලාශ්ර3ය-ආ.ස.සහ සං.සදහා සංවිධානය (ශ්රේණි, 2008)
කිරි නිෂ්පාදිතයන් සඳහා ඉහළ යන ඉල්ලූම සපුරාලීමේදී ශ්රී ලංකාව වඩ වඩාත් ලෝක කිරි වෙළඳපොළ මත යැපෙමින් සිටින තත්වයකට පත්ව ඇත. ආහාර හා කෘෂිකර්මාන්ත සංවිධානයට අනුව ආනයනයන් මත පදනම් වූ ඒක ශීර්ෂ දෛනික කිරි හා කිරි නිෂ්පාදිත සැපයුම් 1990 වර්ෂයේ ග්රෑම් 32.67 සිට 2005 වර්ෂයේ දී ග්රෑම් 81 දක්වා වැඩි වී ඇත. මේ අනුව මෙම කාලය තුළ ආනයන මත රඳා පැවැත්ම 45% සිට 77% දක්වා වැඩි වී ඇත.මෙහි ප්රතිඵලයක් ලෙස ලෝක කිරි වෙළඳපොළේ උච්ඡාවචනයන් ශ්රී ලංකාවට දැඩිව බලපා ඇත. වර්තමානයේ ලෝක කිරි වෙළඳ පොළේ පෙර නොවු විරූ විපර්යාසයන් නිරීක්ෂවණයට ලක් වී ඇත. විශේෂයෙන් ලෝක කිරි නිෂ්පාදිත මිල ගණන් 2002 සිට 2007 දක්වා හතර ගුණයකින් වැඩි වී ඇති අතර බොහෝ විද්වතුන් අපේක්ෂා කරන පරිදි කිරි නිෂ්පාදිත මිල ගණන් අඛණ්ඩව ඉහළ යනු ඇත.
ලෝක කිරි වෙළඳපොළ ඇතැම් සුවිෂේශී ලක්ෂිණයන්ගෙන් සමන්විත වේ. ලෝකයේ ප්රධාන කිරි නිෂ්පාදන රටවල් පහ එනම් යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ඕස්ට්රේලියාව, නවසීලන්තය සහ ආජන්ට්නාව ලෝක කිරි නිෂ්පාදනයෙන් 40%කට පමණක් හිමිකම් කියන නමුදු ලෝක අපනයනයන්ගෙන් 80% කට වැඩි ප්රමාණයකට දායක වෙයි. එම නිසා ජාත්යන්තර කිරි වෙළඳාමේ ප්රධාන අපනයනකරුවන් එනම් නවසිලන්තය, ඕස්ට්රේලියාව හා යුරෝපා සංගමය අවශ්යයෙන්ම විශාලතම නිෂ්පාදකයන් නොවේ.උදාහරණයක් ලෙස නවසීලන්තය සාපේක්ෂව කුඩා පරිමාණයේ නිෂ්පාදකයෙකු වන නමුදු ප්රධාන අපනයනකරුවෙකි.2004-2006 කාලය තුළ සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල කිරි නිෂ්පාදනයේ වාර්ෂික වර්ධන වේගය පිළිවෙළින් 0.3% හා 4.0% විය.
2003 වර්ෂයේදී සංවර්ධිත රටවල හා සංවර්ධනය වෙමින් පැවති රටවල ඒක පුද්ගල කිරි නිෂ්පාදන පරිභෝජනය පිළිවෙලින් 204.42 හා 49.29 විය. සංවර්ධනය වෙමින් පවත්නා බොහෝ රටවල පසුගිය දශකයේ ඇතිවු වේගවත් ආර්ථික සංවර්ධනය මගින් කිරි නිෂ්පාදිතයන් වැනි ඉහළ අගයක් ගන්නා ආහාර සම්බන්ධයෙන් විශාල ඉල්ලූමක් ජනිත කරනු ලැබ ඇත. 1990-2005 අතර කාලය තුළ ඉන්දියාව, බ්රසීලය, නයිජීරියාව හා චීනය යන රටවල කිරි හා කිරි නිෂ්පාදිත ඒක පුද්ගල පරිභෝජනය පිළිවෙළින් 20% හා 300% ප්රමාණයන්ගෙන් ඉහළ ගොස් ඇත. ජාත්යන්තර වෙළඳාම හා සම්බන්ධ ප්රධාන කිරි නිෂ්පාදිතයන්ට බටර්, චීස් යොදය රහිත කිරිපිටි හා සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ඇතුළත් වේ. කිරි වෙළඳපොළෙහි සැපයුමෙන් සුළු ප්රමාණයක් වන යොදය රහිත කිරිපිටි හා සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ප්රසධාන වශයෙන් සංවර්ධනය වෙමින් පවත්නා රටවලට අලෙවි කෙරේ. ප්රධාන කිරි නිෂ්පාදිත අපනයනකරුවන් වනුයේ යුරෝපා සංගමය, නවසිලන්තය හා ඕස්ට්රේලියාවයි. 2007 වසරේ ලෝක කිරි අලෙවියේ ප්රමුඛයා වූයේ යුරෝපා සංගමයයි.ආසියානු වෙළඳපොළට කේජු සහ වියළි නිෂ්පාදිත සපයන ප්රධාන සැපයුම්කරුවන් වනුයේ ඕස්ට්රේලියාවේ හා නවසීලන්තයේ අඩු පිරිවැයක් යටතේ කිරි නිපදවන්නන්ය.
ලෝකයේ කිරි නිෂ්පාදිතයන්ගේ විවිධ ස්වරූපයන්[සංස්කරණය]
- පූර්ණ කිරි
- අඩු මේද සහ යොදය ඉවත් කළ කිරි
- පිටි කිරි
- මෝල්ටඩ් කිරි පිටි
- රස කැවූ කිරි
- යෝගට්
- කේජු
- මුදවන ලද මී කිරි
- චීස්
- ගිතෙල
- මෝරු
ශ්රී ලංකාවේ කිරි නිෂ්පාදනයේ සාම්ප්රදායක පසුබිම.[සංස්කරණය]
අතීත කාලයේ සිට මුදවන ලද කිරි සහ වෙනත් කිරි නිපැයුම් සඳහා කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් රුහුණ කීර්තියක් උසුලනු ලැබීය. කෙසේ වෙතත් දශක දෙක තුනක කාල පරාසය තුළ දකුණේ එළ හා මී ගව ගොවීන් කෙරේ මහත් අහිතකර බලපෑම් ඇති කරමින් දකුණු ශ්රී ලංකාවේ කිරි නිෂ්පාදනය නොයෙකුත් හේතූන් නිසා පරිහානියට පත්වෙමින් පවතී. රටේ ගොවි ආර්ථිකයට ඉමහත් ලෙස දායක වන මිලියන හතරක් පමණ වන සුළු පරිමාණයේ ගොවීන් මත දකුණේ කිරි නිෂ්පාදනය රඳා පවතී. හම්බන්තොට දිස්ත්රික්කයේ සිදුකරන ලද සමීක්ෂවණයකින් හෙලිවූයේ සතුන් ඇති කිරීමේ යෙදී සිටින පවුල් අතරින් 76% ක් සතුව එළ ගවයන් ද 33% සතුව මී ගවයන්ද ඇත. එළ ගව පට්ටි අතරින් 90% ක පමණ එක් පට්ටියක සතුන් දහයකට අඩු ප්රීමාණයක් ඇති අතර 46% ක පමණ එක් පට්ටියක සතුන් පස්දෙනෙකුට වඩා අඩුවෙන් සිටී.දකුණු පළාතේ එළ හා මී ගවයන් ඉතා අඩු පහසුකම් යටතේ ඇති කරනු ලැබේ. දේශීය සතුන්ගෙන් ලැඛෙන කිරි ප්රමාණය ඉතා අඩු වීම හේතුවෙන් පියස්සක් සහිත කිරි මඩු සහ සෙසු අත්යවශය පහසුකම් සහිත ගව මඩු දැක ගැනීම ඉතා දුෂ්කරය. අඩු පහසුකම් ඇති නිදැල්ලේ තණ කැවීමේ ක්රමයට ේශීය සතුන් හැඩගැසී ඇති බැවින් අසල පිහිටි ලඳු කැලෑ, වනපෙත් සහ පුරන් බිම් තුළ සතුන් තණ කවමින් නිතරම පිරිවැය හා දුක්ගැහැට අවම කරගැනීමට ගොවීහු වෙර දරති. සාම්ප්රදායක කිරි කර්මාන්තයට අදාලව තණ කැවීමේ ක්රම කිහිපයක් ඇත.
- වනපෙත් තුළ තණ කැවීම
- ගම පදනම්ව තණ කැවීම
- වනපෙත් හා ගම පදනම්ව තණකැවීම
වන පෙත් තුළ තණ කැව විශාල එළ හා මී ගව පට්ටි හිමි ගොවීහු ජනාවාසයන්ගෙන් දූරස්ථව පිහිටි රක්ෂිදත වන භූමි තුළ සතුන් ඇති කරති. ස්වභාවික තෘණ භූමි තුළ සතුන් තණ කවන අතර උදෑසන කරි දෙනුන්ගෙන් දොවාගන්නා කිරි ගවගාල් වෙත පැමිණෙන කිරි එකතු කරන්නන්ට ගොවීන් විසින් අලෙවි කරනු ලබයි. ස්වභාවික වන රක්ෂිතයන් පිහිටා ඇති හම්බන්තොට දිස්ත්රික්කයේ උඩවලව, සූරිය වැව සහ කිරි ඉබ්බන් ආර වැනි ප්රදේශයන්හි මෙම ක්රමය පොදුවේ භාවිතා වේ. උඩවලව හා බුන්දල වන රක්ෂි තයන්හි විශාල එළ හා මී ගව පට්ටි තණ බුදිනු දැක ගත හැකිය.
ගම පදනම්ව තණ කැවීම' කුඩා හා මධ්යම පරිමාණයේ එළ හා මී ගව පට්ටි ඇති ගොවීහු තම සතුන් තණ කැවීම පිණිස වන රක්ෂිතයන් වෙත ගෙන නොයති. ගම තුළ පිහිටි මාර්ග දෙපස සහ ලඳූ කැලෑ හා පුරන් බිම් තුළ දිවා කාලයේ තණ කැවීමෙන් අනතුරුව රාත්රී කාලයේ සතුන් ගාල්කර තැබීමට තම නිවෙස් ආසන්නයේ ඉදිකළ ගව ගාල් මොවුන් සතුය.
වනපෙත් හා ගම පදනම්ව තණ කැවීම මධ්යතම හා විශාල ප්රණමාණයේ ගව පට්ටි හිමි ගොවීහු මෙම ක්ර මය භාවිතා කරති. කුඹුරු පුරන්ව ඇති කාලයට වී අවිශිෂ්ටයන් සහිත කුඹුරුවල සතුන් මුදාහරින අතර වගා කන්නය තුළ තණ කෑම සඳහා සතුන් අසල පිහිටි වන රක්ෂිතතයන් කරා ගෙන යති. හම්බන්තොට දිස්ත්රිඳක්කයේ සූරියවැව සහ කිරි ඉබ්බන්ආරප්ර්දේශයේ විවිධ පෝෂණ ක්රමයන්හි ව්යාප්තිය.
පෝෂණ ක්රමය එළ ගව පට්ටි ප්රතිශතය මී ගව පට්ටි ප්රතිශත
වනය පදනම් කරගත්. 0.0% 21.2%
ගම පදනම් කරගත්. 82.8% 21.2%
වනය හා ගම පදනම් කරගත්. 17.2% 51.6%
මූලාශ්රය-රුහුණු විශ්වවිද්යාලයේ ක්ෂේත්ර සමීක්ෂණ . එළ ගව පට්ටි ගම මත පදනම්ව තිබිම සමග සසදා බැලීමේදී වනය පදනම් කරගෙන තණ කැවිමේ ක්රමය මූලික වශයෙන් මී ගව පට්ටි සම්බන්ධයෙන් භාවිතාවන බව.
පශ්චාත් යටත් විජිත අවධිය තුළ ශ්රී ලංකාවේ කිරි හා කිරි ආශ්රීත නිෂ්පාදන පරිභෝජනය.[සංස්කරණය]
ශ්රී ලංකාව තුළ ඇති කිරි නිෂ්පාදනය මෙරට ඉල්ලුම සැපයීමට ප්රණමාණවත් නොවේ. 2007 වර්ෂයේ ශ්රී ලංකාවේ කිරි පරිභෝජනය මෙට්රික් ටොන් 612000ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එය එක් පුද්ගලයෙකුට කිලෝ ග්රෑම්.32 කි. 2007 වර්ෂයේ ශ්රී ලංකාව පරිභෝජනය කරන ලද කිරි වලින් නිපදවන ලද්දේ මෙට්රික් ටොන් 202000ක් පමණි. ඉතිරි මෙට්රික් ටොන් 410000ක් ආනයනය කීරීමට සිදූවිය. ශ්රී ලංකාවේ නිපදවනූ ලබන කිරි වලින් 56% ක්ම සැකසූම් කරුවන් විසින් එකතු කර ආනයනය කරන ලද කිරි සමඟ වෙළඳපොළට ඉදිරිපත් කරනු ලබයි. ඉතිරි 44% ක්වූ මෙට්රික් ටොන් 88000ක් කිරි නිපදවන්නන් ස්වකීය පරිභෝජනය සඳහාත් අසල්වැසියන්ට අලෙවිකිරීම සඳහාත් යොදාගෙන ඇත. ශ්රී ලංකාවේ පරිභෝජනය කරන කිරි වලින් 67% ක් හා වෙළඳපොළට ඉදිරිපත් කරන කිරි හා කිරි නිෂ්පාදන වලින් ආසන්න වශයෙන් 80% ක්ම සමන්විත වන්නේ ආනයනය කරන ලද කිරි වලිනි.දැනට මෙරට නිෂ්පාදනය කරන්නේ කිරි අවශ්යතාවෙන් 20% ක් පමණි. 2015 වන විට මෙය 50% ක් දක්වා වැඩි කර ගැනිමට අරමුණු කරගෙන ඇති නමුත් එය ළගා කර ගත නොහැකි බව පොදූ මතයයි.ශ්රී ලංකාවේ කිරි නිෂ්පාදනය සමිපූර්ණයෙන්ම සිදූවන්නේ මිශ්ර කුඩා ගොවිපොළ වලය. මෙයින් සමහරක් ගෙවතු වශයෙන් සැලකිය හැක.1981 ජන හා සංඛ්යාලේඛන දෙපාර්තෙමින්තුව විසින් කරනලද සංගණනයට අනුව රටතුළ ඇති 17,91500 ක් වූ කුඩා ගොවිබිම් වලින් 22% ක්ම එළගවයින් හෝ මී ගවයින් හෝ එම දෙවර්ගයම හෝ ඇතිකර ඇත. ගොවිබිම් වලින් වැඩිප්රටමාණයක් මිශ්ර ගොවිබිම් ය. කිරි ගවයින් පමණක් ඇති කළ ගොවිබිම් තිබුණේ ස්වල්පයකි. 1980 දී වසරකට පුද්ගලයෙකු සදහා 1.59% ක් වූ ඒකපුද්ගල කිරි පරිභෝජනය 2006 දී 3.63% ක් දක්වා වැඩිවුණි. එම වැඩි වූ නිෂ්පාදනය සැපයීමට දේශීය කිරි ගොවියාට නොහැකි විය. මෙම කිරි අවශ්ය තාවයෙන් 25%ක් රටතුළ නිපදවන අතර ඉතිරි 75% පරිභෝජන අවශ්යතාව සපුරාලීම සදහා කිරිපිටි ආනයනය කරයි.ඒ සදහා රුපියල් මිලියන 11ක් වැය වේ. 2005-2006 වසරේ රටේ මුළු කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 193 ක් හා 196.5 ක් විය. මෙම ප්රමාණය එළකිරි වලින් මිලියන 162 සහ හා 164.9 ක් හා මීගව කිරි වලින් ලීටර් මිලියන 31 සහ 31.65ක් වේ.කිරි පානය කිරිම හා මුදවා ගැනීමට අමතරව සැකසිය හැකි කිරි නිෂ්පාදන රැසකි. ඊට බටර්, චීස්,ක්රිම්, යෝගටි, වෙඩරු,ගිතෙල්, පැණිරස කළ සම්පූර්ණ යොදය සහිත උකුකිරි වාෂ්පීකෘත කළ කිරි, සකසන ලද චීස්, චීස් තැවරුම හා අයිස්ක්රීම් වේ. පරිභෝජනයට ගන්නා ප්රධාන කිරි ආහාරය කිරි පිටි වීම නිසා කිරි වල වැදගත්කම වර්තමානයේ අඩුවෙන්මින් පවතී. කිරි පිටිමිල වැඩිවීම නිසා එයට ප්රතිචාරයක් වශයෙන් නැවුම් කිරි වෙත යොමුවී ඇත්තේ නාගරික පරිසරයේ පාරිභෝගිකයන්ගෙන් කුඩා ප්රතිශතයකි. අගනා ශක්ති ප්රෝටීන හා මේද කාබෝහයිට්රේඩ් විටමින් හා ඛනිජ ප්රභවයන් සහිත කිරි පෝෂ්යදායී ආහාරයකි.වඩාත් පුළුල් ලෙස පරිභෝජනය වන්නේ එළකිරිය. නොයෙකුත් සමාජ ආර්ථික ප්රඡාවිද්යාත්මක සංස්කෘතික හා ආගමික සාධක හේතුකොටගෙන ශ්රී ලංකාවේ ඒකපුද්ගල කිරි පරිභෝජනය වෙනස් වෙයි. කිරි හා කිරි නිෂ්පාදනයන්හි ස්වාභාවික තත්වය කෙරෙහි නිසි සැලකිල්ලක් ඇතිව නව තාක්ෂණික ශිල්ප ක්රමයන්ඇතිකරමින් දේශීය කිරි නිෂ්පාදනයන්හි තිරසාර සංවර්ධනයක් ඇතිකරගැනීම වැදගත් ය. ආනයනයට වාර්ෂිකව රුපියල් බිලියන 18 ක් වැය වේ.දේශීය වශයෙන් නිෂ්පාදිත කිරි පරිභෝජනය කිරිම. පිටිවල සිට නැවුමිකිරි පරිභෝජනය කිරිම.කිරි පිටි වල සිට නැවුමි දියරකිරි දක්වා හා වෙනත් වටිනාකමි එක්කළ නිෂ්පාදිත ලෙස කිරි නිෂ්පාදනය විවිධාංගීකරණය කිරිම යනාදී විවිධ මානයන් ඔස්සේ කිරි පරිභෝජනය කිරිම සදහා යොමුවිමට අපේ ආකල්පයන් වෙනස්කර ගනිම්න් දේශීය කිරි කර්මාන්තය සංවර්ධනය කළ යුතුය. මේ නිසා කිරි පරිභෝජනයට අප ආකල්ප වෙනස් කරමින් දේශීය කිරි කර්මාන්තය සංවර්ධනය කිරිම අවශ්යිය වේ.
ශ්රී ලංකාවේ කිරි නිෂ්පාදනය පිළිබඳ ආර්ථික විශ්ලේෂණයක්.[සංස්කරණය]
ශ්රී ලංකාව ඇතුළු රටවල් විශාල සංඛ්යාවක රටතුළ ඇති කිරි නිෂ්පාදනය එම රටවල ඉල්ලුම සැපයීමට ප්රමාණවත් නොවේ. එම නිසා එම රටවලට කිරි හා කිරි ආශ්රිත නිෂ්පාදන ආනයනය කිරීමට සිදූව ඇත. සංවර්ධිත රටවල වාර්ෂික ඒකපුද්ගල කිරි පරිභෝජනය අතිශයින් අධිකය. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල ඒකපුද්ගල කිරි පරිභෝජනය දළ වශයෙන් කිලෝ ග්රෑම්.40 කි. යුරෝපය තුළ හා යුරෝපීයයන් සංක්රමණය වූ උතුරු ඇමෙරිකාව ඕස්ට්රේලියාව හා දකුණූ ආසියාව වැනි රටවලත් කිරි ඉතා ජනප්රි ය ආහාරයකි. මස් පරිභෝජනය අධිකව කරන නැගෙනහිර ආසියානු රටවල කිරි පරිභෝජනය අඩු නමුත් දැනට එම රටවල කිරි සඳහා ඇති ඉල්ලුම වැඩිවෙමින් පවතී. 2007 වර්ෂයේ ශ්රී ලංකාවේ කිරි පරිභෝජනය මෙට්රික් ටොන් 612000ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.එය ඒක පුද්ගලයෙකුට කිලෝ ගෑ.32 කි. ඉන්දියාවේ ඒකපුද්ගල කිරි පරිභෝජනය දළ වශයෙන් කිලෝ ග්රෑම්.72කි. නේපාලයේ කිලෝ.ග්රෑම්.40කි. පකිස්ථානයේ කිලෝග්රෑම්.180කි. ඇමෙරිකාඑක්සත් ජනපදයේ කිලෝ ග්රෑම්.234කි. මේ අනුව ශ්රී ලංකාව ලෝකයේ අඩුවෙන්ම කිරි පරිභෝජනය කරන රටක් බව පෙන්නුම් කරයි. එය සංවර්ධනය වෙමින් පවතින රටවල ඒකපුද්ගල කිරි පරිභෝජනය වන කිලෝ ගෑ.40ටත් වඩා අඩුයි. 2007 වර්ෂයේ ශ්රී ලංකාව පරිභෝජනය කරන ලද කිරි වලින් නිපදවන ලද්දේ මෙට්රික් ටොන් 202000ක් පමණි. ඉතිරි මෙට්රික් ටොන් 410000ක් ආනයනය කීරීමට සිදූවිය. ශ්රී ලංකවේ නිපදවනූ ලබන කිරි වලින් 56% ක්ම සැකසූම් කරුවන් විසින් එකතු කර ආනයනය කරන ලද කිරි සමඟ වෙළඳපොළට ඉදිරිපත් කරනු ලබයි. ඉතිරි 44%ක්වූ මෙට්රික් ටොන් 88000ක් කිරි නිපදවන්නන් ස්වකීය පරිභෝජනය සඳහාත් අසල්වැසියන්ට අලෙවිකිරීම සඳහාත් යොදාගෙන ඇත. ශ්රී ලංකාවේ පරිභෝජනය කරන කිරි වලින් 67% ක් හා වෙළඳපොළට ඉදිරිපත් කරන කිරි හා කිරි නිෂ්පාදන වලින් ආසන්න වශයෙන් 80%ක්ම සමන්විත වන්නේ ආනයනය කරන ලද කිරි වලිනි.
වගුව 01 සමිපූර්ණ යොදය සහිත කිරිපිටි වල ජාත්යයන්තර මිල ගණන් ටොන්: ඇ.ඩො: 2000 -2007 දක්වා. වර්ෂය ජනවාරි ජුනි -ජූලි
2000 1625 1900 2001 2075 1637 2002 1637 1238 2003 1637 1772 2004 1825 2100 2005 2222 2250 2006 2175 2100 2007 2850 4650
මූලාශ්රය -කෟෂිකාර්ම්ක අලෙවි සේවය එක්සත් ජනපදයේ කෟෂිකර්ම දෙපාර්තමේන්තුව
2007 වර්ෂයේ ආනයනය කරන ලද කිරි වල වටිනාකම රුපියල් බිලියන 19 කි.මේ අනුව පැහැදිළි වන්නේ අප විසින් කරනු ලබන අවම කිරි පරිභෝජනය සඳහාත් අපට කිරි ආනයනය කිරීමට සිදූවි ඇති බවයි. පසුගිය දශකය තුළ කිරි හා කිරි නිෂ්පාදන සඳහා රටතුළ 5%ක පමණ ප්රමාණයකින් වාර්ෂිකව ඉල්ලුම වැඩිවී ඇති නමුත් නිෂ්පාදනය වැඩිවීමේ වේගය 1.5% ක් විය විදේශීය උපදේශක ආයතනයක් වන භ්රෑපධ ආයතනය විසින් 2007 වර්ෂයේ නිකුත් කරඇති වාර්තාවකින් පෙන්නුම් කරන පරිදි මෙම තත්වය වෙනස් කිරීමට අප අපොහොසත් වූවොත් 2015 වනවිට මෙරටට කිරි හා කිරි නිෂ්පාදන ආනයනය කිරීමට රුපියල් බිලියන 30 ක් පමණ වියදමක් දැරීමට සිදූවිය හැක. ශ්රී ලංකාවේ කිරි එකතු කිරීම හා කිරි සැකසුම් කිරිම සම්බන්ධව රාජ්ය ප්රතිපත්තියක් විධිමත්ව ක්රියාත්මක කිරීම දැකිය නොහැක. කිරි ගොවියෝ සිය නිෂ්පාදනයන් සෘජුවම නිවාස වලට විකුණති. එමෙන්ම අසල්වැසි කඩවලටත් යෝගටි මුදවපු කිරි හා රසකැවිලි නිෂ්පාදනය කරන සුළු ව්යාපාරිකයන්ටත් මෙම කිරි සෘජුවම සපයනු ලබන්නේ කිරි ගොවියන් විසිනි. මෙම අසංවිධානාත්මක කිරි වෙළදාම මුළු දේශීය කිරි නිෂ්පාදනයෙන් 45% කි. දෛනිකව ඉතිරි වන ලීටර් 300000 ක් පමණ ප්රමාණය මධ්ය පරිමාණයේ හා මහා පරිමාණයේ සැකසුම් කරුවන් විසින් රටපුරා ඇති එකතු කිරීමේ මධ්යස්ථාන හා ශීතකරණ මධ්ය ස්ථාන මගින් එකතු කරනු ලැබේ. කිරි ආහාර ආනයනය කරන්නන් විසින් මූලික වශයෙන් සම්පූර්ණ යොදය සහිත කිරි හා කිරි නිෂ්පාදන ආනයනය කර විකුණනු ලබයි. වැඩි දෙනකු කිරි පිටි ආනයනය කරනු ලබන්නේ තොග වශයෙනි. පසුව ශ්රී ලංකාවේ දී එම තොග නැවත ඇසුරුම් කොට විකුණනු ලැබේ. මෙරට කිරි පරිභෝගිකයන්ට කිරි නිෂ්පාදන ලබාගතහැකි ක්ර ම කීපයකි. එනම් අසල්වැසි කිරි ගොවියන් හා කිරි නිෂ්පාදන සමාගම්ය.මෙම සමාගම් කිරි පිටි හා බටර් වැනි ද්රව්යයන නිපදවීමට දේශිය කිරි මෙන්ම ආනයනික කිරි ද උපයෝගී කරගනී. දැනට ශ්රී ලංකාවේ නිපදවනුයේ කිරි අවශ්යයතාවයෙන් 20% කි.2015 වන විට මෙය 50% දක්වා වැඩිකර ගැනීමට අරමුණු කරගෙන ඇති නමුත් එය ළගා කරගත නොහැකි බව පොදූ මතයයි. නමුත් කිරි නිෂ්පාදනය වැඩිකර ගැනීමට නව ඉලක්ක ගොඩනගාගෙන ඇත. මෙමගින් දෛනිකව එකතු කරන කිරි ප්රිමාණය ලීටර් 300000 සිට 650000 දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂා කරයි.එමගින් ඒක පුද්ගල කිරි පරිභෝජනය වැඩි කර ගැනීමට වඩා ආනයන කිරි ප්රමාණ අඩු කර ගැනීමට කටයුතු කරයි. 1970 ගණන්වල මැද භාගයේදී ශ්රී ලංකාවට විවෘත ආර්ථික ප්රතිපත්තිය හදූන්වා දිමට පෙර කිරි ආහාර ආනයනය කරන ලද්දේ ඉතා මඳ වශවෙනි. නමුත් 1970 ගණන්වල ආර්ථිකය විවෘත කිරීමත් සමඟ මෙම තත්වය වෙනස් විය. සම්පූර්ණ යොදය සහිත හා රහිත කිරිපිටි ප්රධාන කොට වූ කිරි වර්ග ආනයනය කිරීමට බහුජාතික සමාගම් ඇතුළුව නව ව්යාපාරිකයන් කිහිප දෙනෙකුම ඉදිරිපත් විය. මෙම නිර්භාධිත කිරි ආනයනය නිසා දේශිය කිරි වෙළදපොළ සංයුතිය ඉක්මනින් වෙනස්විය. 63%ක් වූ දේශිය කිරි නිෂ්පාදනය24% ක් දක්වා අඩු වූ අතර ආනයන කිරි වෙළඳපොළ කිරි අවශ්යදතාව සැපයීමේ ප්රබල සාධකය බවට පත්ව ඇත.මේ අන්දමින් කිරි පිටි අලෙවිය අතිශයින් ලාභදායී ව්යාපාරයක් බවට පත්විය.කිරි පිටි ඇසුරුමි කරුවන් විසින් තමතමන්ගේ කිරිපිටි ප්රදචාරණය කිරීමට පටන්ගන්නා ලදී. දරුවන් සදහා කිරි වීදූරුවක් දීමත් වැඩිහිටියන් කිරි තේ පානයට යොමුවීමත් සාමාන්යද පවුලක දෛනික පුරුද්දක් බවට පත් විය. මේ නිසා ශ්රී ලාංකිකයන්ට කිරි වැදගත් පරිභෝජන භාණ්ඩයක් බවට පත්විය. වෙළදාම විනිමය පාලනය නිර්බාධ කිරිමත් සමග කිරිපිටි ආනයනය වාර්ෂිකව 5% කින් වැඩිවී ඇත. එහෙත් ජාතික කිරි නිෂ්පාදනය පසුගිය කාලය තුළ 1% කින් වැඩිවී ඇත. මෙම පසුගිය දත්තයන් පදනම් කරගෙන කරඇති ඉල්ලුම් පුරෝකථන අනුව කිරි නිෂ්පාදනය සඳහා ඇති ඉල්ලුම් හා දේශිය වශයෙන් නිපදවන දියර කිරි ප්රමාණයත් අතර දැඩි පරතරයක් ඇත. මෙය අඩුකර ගත නොහැකි වුවහොත් ඉදිරි වර්ෂ 3-5 අතර කාලය තුළ කිරි ආනයනයට විශාල විදේශ විනිමය ප්රමාණයක් අවශ්ය වේ 1982 සංගණනයට අනුව රටතුළ සිටි එළගවයින් ලක්ෂ 1350000 සහ මී ගවයින් ලක්ෂ 555000 ක ප්රමාණය 2002 සංගණනය වනවිට පිළිවෙළින් ලක්ෂ 12 හා ලක්ෂ 3 දක්වා අඩුවෙමින් පවතී. ගවයින්ගේ සංඛ්යාරව අඩුවීම බරපතල ගැටළුවක් නොවේ. ගැටළුව වන්නේ වැඩිදියුණු කළ ගවයින් හිඟවීම හා ඵලදායීතාවය අඩුවීමයි 1978 ආර්ථිකය නිදහස් කරන විට ශ්රී ලංකාව රුපියල් මිලියන 319ක කිරිපිටි ආනයනය කරමින් තිබුණි.ආර්ථිකය වර්ධනයත් සමඟ කිරිපිටි ආනයනය ඉහළ ගොස් ඇත. 2007 වන විට ආනයන වියදමින් 14% ක් කිරිපිටි ආනයනය සඳහායි. 2007 ඔක්තෝම්බර් වන විට කිරිපිටි ටොන් එකක මිල ඇ.ඩො.5300ක් ඉහළ මිලකට නැගි ඇත. නමුත් 2008 ජනවාරි වල එය ඇ.ඩො. 4800 සිට 4400 දක්වා පහත වැටුණි කිරි පානය කිරිම හා මුදවා ගැනීමට අමතරව සැකසිය හැකි කිරි නිෂ්පාදන රැසකි.ඊට බටර්, චීස් , යෝගට්, වෙඩරු, ගිතෙල්, පැණිරස කළ සම්පූර්ණ යොදය සහිත උකුකිරි, වාෂ්පීකෘත කළ කිරි, සකසන ලද චීස්, චීස් තැවරුම හා අයිස්ක්රීම් වේ. මෙරට සත්ව පාලන අංශය ද.දේ.නි. 1. 20%කට දායකවන අතර රටේ කිරි ඉල්ලුම විශාල වශයෙන් ආනයනය මත යැපේ. ශ්රී ලංකාව තුළ කිරි ගොවීන් මිලියන 400000 ක් ඇත.තවද මිලියන 2.45%කගේ ජීවන වෘත්තිය මෙය වේ. ශ්රී ලංකාව කිරි නිෂ්පාදනය ආශ්රිතව විවිධ ගැටළු වලට මුහුණ දේ ඊට කිරි එකතු කිරිම හා කිරි සැකසුමි කිරීම පිළිබද ගැටළුව. කිරි ගොවියන් ප්රමාණවත් නොවීම හා සතුන් ප්රමාණවත් නොවීම අධික පිරිවැය ආහාර පිළිබද ගැටළුව.මහා පරිමාණ වශයෙන් ව්යාප්ත නොවීම කිරි නිෂ්පාදන කර්මාන්ත වර්ධනය නොවීම පශුවෛද්ය ගැටළුව ආදිය දැක්විය හැක.මෙම ගැටළු විසදාගැනීමට ගෙන ඇති ක්රියාමාර්ගයන් අතර සැපයුම් වැඩිකර ගැනීමේ ප්රතිපත්ති ගත හැක. එහිදි කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සදහා කිරි නිෂ්පාදන ආයතන ශක්තිමත් කළ යුතුය.එහදී කෘතිම ජනන ක්රම භාවිතය අභිජනන මධ්යස්ථාන ඇතිකිරීම ගොවින්ගේ තාක්ෂණික දැනුම වර්ධනය කිරිම පශු වෛද්ය මධ්යස්ථාන ඇතිකිරිම වැනි ක්රයාමාර්ග ගත හැක. මේ වනවිට පශු වෛද්ය මධ්යස්ථාන 111 ක් දිවයින තුළ ස්ථාපිත වි ඇත. තවද කිරි නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සදහා රාජ්ය මූල්ය ප්රතිපත්තිය යටතේ ණය වැඩසටහන් ක්රියාවට නංවයි.මෙයට අමතරව අමුකිරි මිල ප්රපතිපත්තිය කිරි නිෂ්පාදන තරගකාරීව පවත්වාගෙන යාම නිෂ්පාදන අලෙවිය සඳහා නව ක්රමවේද භාවිතය වැනි දෑ මගින් අනාගත නැවුම් කිරි පරිභෝජනය දේශිය වශයෙන් සපුරාගත හැක.
ආශ්රිත ලිපි[සංස්කරණය]
ආශ්රිත ග්රන්ථ නාමාවලිය[සංස්කරණය]
- ආර්ථික විමසුම, වෙළුම 34, 2008 අගෝස්තු සැප්තැම්බර්, මහජන බැංකුව.
- ඒ.බණ්ඩාරණායක (1970) ගව කර්මාන්තය සහ ආශ්රිත ගැටළු සදහා ජාතික වැඩසටහන් කෘෂීකර්ම හා අහාර අමාත්යාංශයේ සහයෝගයෙන් පේරාදෙණිය විශ්වවිද්යාලයේ සත්වපාලන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ ලංකාවේ ගව කර්මාන්තය සංවර්ධනය පිළිබද සම්මන්ත්රණ වාර්තාවෙ සටහන්. 19-27
- වී.බුවනේන්ද්රන්. සහ පී. මහාදේවන්, (1975) ලංකාවේ කිරි නිෂ්පාදනය සදහා දෙමුහුන් අභිජනනය ලෝක සත්ව සගරාව. (ආ.හා.කෘ.ෂ. )15. 7-13
- දාස් ගුප්තා (1975) කිරි සතුන් ලෙස මී ගව අභිජනනය සත්ව නිෂ්පාදන හා සෞඛ්ය සඟරාව, 93-97
- ශ්රී ලංකා මහ බැංකු වර්තාව. (2007) ශ්රී ලංකා සමාජ ආර්ථික දත්ත, ශ්රී ලංකා මහ බැංකුව, කොළඹ.
- ඒ.එස්. බී.රාජගුරු,(1997) වර්තමාන තත්වයන් හා කිරි කර්මාන්තයේ අනාගත සංවර්ධනය ආර්ථික විමසුම (ඉංග්රිසි සංස්කරණය) වෙළුම22” මහජන බැංකුව, ශ්රී ලංකා මහ බැංකුව” කොළඔ. 19-21.
- ආර්.අල්විස්හේවා,(1997) රුහුණේ කිරිපටිටි පාලනය ආර්ථික විමසුම (ඉංග්රිසි සංස්කරණය) වෙළුම 22/6/12, මහජන බැංකුව, ශ්රී ලංකාව.
- ඕ.එස්.පී. යාලහල (1997) ශ්රී ලංකාවේ කිරි අලෙවිකරණයේ වර්තමාන තත්වය, ආර්ථික විමසුම (ඉංග්රිසි සංස්කරණය) වෙළුම22/6, මහජන බැංකුව, ශ්රී ලංකාව. 32-35
- ආර්.රණසිංහ හා ටි.සෙල්වරජ් ,(1986) කිරිපටිටි සංවර්ධනය ව්යාපෘතිය 11 ශ්රී ලංකාවේ සත්ව අභිජනනය පිළිබදව කිරි සංවර්ධන පදනම මගින් සංවිධානය කොට ජූලි 14-17 දක්වා පැවැත්වූ වැඩමුළුවට ඉදිරිපත් කළ සංක්ෂිප්ත පත්රකාව. | hplt_2 |
පයිතගරස් ප්රමේයය
ගණිතයේ දී පයිතගරස් ප්රමේයය යනු යුක්ලීඩ් ජ්යාමිතියේ සෘජුකෝණී ත්රිකෝණයක පාද තුන අතර සම්බන්ධයකි. සාම්ප්රදායිකව මෙම ප්රමේයය සොයා ගෙන සාධනය කළා යැයි සැලකෙන ග්රීක ජාතික ගණිතඥයකු වන පයිතගරස් හට ගෞරවයක් ලෙස පයිතගරස් ප්රමේය ලෙස නම් කළ ද ඔහුට ප්රථමයෙන් මෙම ප්රමේයය භාවිතයේ තිබී ඇත.
පටුන
ප්රමේයය පහත පරිදි ද ඉදිරිපත් කළ හැක.[සංස්කරණය]
සෘජුකෝණී ත්රිකෝණයක කර්ණය (සෘජු කෝණයට සම්මුඛ පාදය) පාදයක් වන සමචතුරස්රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක (සෘජු කෝණයේ දී හමුවන පාද) පාද වශයෙන් වූ සමචතුරස්ර දෙකෙහි වර්ගඵලවල ඓක්යයට සමාන වේ. එය පහත පරිදි සැකෙවින් දැක්විය හැක. කර්ණයේ වර්ගය ඉතිරි පාද දෙකෙහි වර්ගවල ඓක්යයට සමාන වේ. කර්ණයේ දිග c ලෙස ද ඉතිරි පාද දෙකෙහි දිගවල් a හා b ලෙස ද ගත් විට පයිතගරස් ප්රමේයය පහත පරිදි සමීකරණයකින් ප්රකාශ කළ හැක.
හෝ c සඳහා විසඳුම ලෙස,
මෙම සමීකරණය මගින් සෘජුකෝණී ත්රිකෝණයක පාදවල දිග අතර සම්බන්ධයක් ලබා දේ. එනම් සෘජුකෝණී ත්රිකෝණයක පාද දෙකක දිග දන්නේ නම් ඉතිරි පාදයේ දිග සොයාගත හැක. ඕනෑම ත්රිකෝණයක පාද දෙකක දිග හා එම පාද දෙක අතර කෝණය දන්නේ නම් ඉතිරි පාදයේ දිග සොයා ගැනීමට භාවිතා කරන කෝසයින නීතිය පයිතගරස් ප්රමේයයේ සාධාරණීකරනයකි. පාද අතර කෝණය සෘජු කෝණයක් වූ විට කොසයින නීතිය පයිතගරස් ප්රමේයය බවට ඌනනය වේ.
ප්රමේයයෙහි ප්රතිවිපාක සහ ප්රයෝජන[සංස්කරණය]
පයිතගර ත්රිත්ව[සංස්කරණය]
පයිතගර ත්රිත්වය ලෙස වන a, b, සහ c යන ධන නිඛිල තුනකින් සමන්විත වේ. වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් පයිතගරස් ත්රිත්වය මගින් සියලු පාදවල දිග ධන නිඛිලවන සෘජුකෝණී ත්රිකෝණයක පාදයන්හි දිග නිරූපණය කරයි. උතුරු යුරෝපයේ විශාල ශිලා ස්මාරකවල සාක්ෂි මගින් ලිවීම සොයා ගැනීමටත් පෙර මෙවැනි ත්රිත්ව දැන සිටි බවට සාක්ෂි දක්නට ලැබේ. මෙවැනි ත්රිත්වයක් පොදුවේ (a, b, c) ලෙස ලියනු ලැබේ. (3, 4, 5) හා (5, 12, 13) ඉතා හොඳින් හඳුනන නිදසුන් වේ.
100 දක්වා වූ මූලික පයිතගරස් ත්රිත්ව ලැයිස්තුව පහත පරිදි වේ.
( 3, 4, 5), ( 5, 12, 13), ( 7, 24, 25), ( 8, 15, 17), ( 9, 40, 41), (11, 60, 61), (12, 35, 37), (13, 84, 85), (16, 63, 65), (20, 21, 29), (28, 45, 53), (33, 56, 65), (36, 77, 85), (39, 80, 89), (48, 55, 73), (65, 72, 97)
අපරිමේය සංඛ්යාවල පැවැත්ම[සංස්කරණය]
පයිතගරස් ප්රමේයයෙහි එක් ප්රතිඵලයක් වන්නේ දෙකෙහි වර්ග මූලය () වැනි අපරිමේය සංඛ්යා ගොඩනැගිය හැකි වීමයි. බද්ධ පාද දෙකෙහිම දිග ඒකක එකක් වන සෘජු කෝණී ත්රිකෝණයක ක දිගක් ඇති විකර්ණයක් ඇත. පයිතගරස් හා ඔහුගේ අනුගාමිකයන් අපරිමේය බව සාධනය කළ අතර අද එය අප අතරට ද පැමිණ තිබේ. නමුත් ඔවුන්ගේම දැඩි විශ්වාසයට මෙය පටහැනි විය. පුරා වෘත්තාන්තවලට අනුව ප්රථමයෙන්ම වර්ගමූල දෙක අපරිමේය යැයි සාධනය කළ හිපාසස් (Hippasus) කළ වරදට දඬුවම් ලෙස මුහුදේ ගිල්වා මරා දමන ලදී
කාටිසීය ඛණ්ඩාංකවල දුර[සංස්කරණය]
කාටිසීය ඛණ්ඩාංකවල දුර පයිතගරස් ප්රමේයයෙන් ව්යුත්පන්න කරයි. (x0, y0) හා (x1, y1) යනු තලයක වූ ලක්ෂ්ය නම් එවිට එම ලක්ෂ්ය දෙක අතර දුර එසේත් නැති නම් යුක්ලීඩ් දුර
- මගින් දෙනු ලබයි.
පොදු වශයෙන් ගත් කල, යුක්ලිඩියානු n-අවකාශයෙහිදී, සහ යන ලක්ෂ්යය දෙකක් අතර යුක්ලිඩියානු දුර අර්ථදැක්වෙන්නේ, පහත අයුරු පයිතගරස් ප්රමේයය සාධාරණීකරණය කිරීමෙනි: | hplt_2 |
ඒ බුදු දහමෙ කියල කිවිවොත් ඔබ සමහරක් විට පුදුම වෙන්නත් පුලුවන්. ඒ සත්ත්වයින් ගැන කියන්න කලින් තව පොඩි දෙයක්, දැනට අවුරුදු 50 කට කලින් අතිතයේ අපේ මෙ ලංකාවෙ හිටිය කෙනෙක්ට කවුරු හරි ඇවිල්ල කියනවා, මොබයිල් පොන් කියල මෙන්න මෙහෙම කථා කරන යන්ත්ර වර්ගයක් තියෙනවා, එහෙමත් නැත්නමි කොමිපියුටර් කියල දෙයක් තියෙනවා, එහෙමත් නැත්නමි ඉන්ටර්නෙටි කියල එකක් තියෙනවා කියල, මොනවගේ ප්රතිචාරයක් ඒ මනුස්සයාට ලැබෙයිද? එක්කො මුන්දැට පිස්සු කියල කියයි. එහෙමත් නැත්නමි සමහරවිට ගුටිකන්නත් වෙයි. කවුරුහරි මෙ කථාව විශ්වාස කලාමයි කියමුකෝ. මෙ මනුස්සයාට මෙක තෙරුමිකරල දෙන්න ගියාම කියන මනුස්සයාට සියදිවිනසාගන්න හිතෙයි. නමුත් අද මෙ හැම දෙයක්ම සැබැවක් වෙලා.
තවදුරටත් අපි ඒ දේවල් ගැන ප්රශ්ණ කරන්න යන්නේ නැ. බුදු දහමෙ මෙ ලෝක විස්තරයත් අන්න ඒ වගේ. මෙයින් දැනටමත් සැබැ වු තොරතුරු බොහොමයක් තියෙනවා. ඉදිරියට මෙ කරුණු තවත් තහවුරු වෙයි. මෙ කථාව කිවිවෙ ප්රවෙශයක් විදියට, දැන් සත්ත්වයින් ජිවත් වෙන පෘතුවියට වඩා වෙනස් ලෝක ගැන බුදු දහමෙ කියල තියෙන්නේ මොනවද කියල බලමු.
බුදු දහමෙ වර්ගිකරණයට අනුව එක් සක්වලක් (මෙක ලෝක ධාතුවක් කියලයි හදුන්වන්නේ) හෙවත් එක් ඉරකින් හා හදකින් එලිය වෙන එක ලෝකධාතුවක සත්ත්වයින් ජීවත් වන භුමි 31 ක් ඇති බව කියල තියෙනවා. ඒ කියන්නේ අපේ මෙ ඉරින් හා හදින් අපේ ලෝකය ආලෝකමත් වෙනවා වගේ තවත් ජිවින් ජිවත් වන භුමි 31 ක් අපේ මෙ ඉරෙන් හදෙන් ආලෝකය ලබනවා කියන එකයි.
ඒවා වන්නේ නරකය, තිරිසන්යොනිය, ප්රේතවිශය, අසුරකාය කියා අපාය ලෝක 04 යි.(දුගති භූමි 04)
මනුෂ්ය භූමිය, චතුර්මහාරාජික භුමිය, තාවතිංස භුමිය, යාම භුමිය, තුෂිත භුමිය, නිර්මාණ රති භුමිය, පරනිර්මිත වශවර්තිභුමිය යනුවෙන් කාම සුගති භුමි හතයි.(07)
බ්රහ්මපාරිසජ්ජය, බ්රහ්මපුරෝහිතය, මහාබ්රහ්මය යැයි ප්රථම ධ්යාන භුමි 03 යි.
පරිත්තාභය, අප්පමාණභය, ආභස්සරය යැයි ද්ව්තිය ධ්යාන භුමි 03 කි.
පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්ණය යැයි තෘතිය ධ්යාන භුමි 03 යි.
වෙහප්ඵලය, අසඤ්ඤසත්තය යැයි චතුර්ථ ධ්යාන භුමි 02 කි.
අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිටිඨ යනුවෙන් සුද්ධාවාස භුමි 05 කි.
ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යනුවෙන් අරුපාවචර භුමි 04 කි
කලින් ලිපියේ පුනරුප්පත්තිය සිදුවෙන විදය ගැන කිවිව මතක ඇති. එහෙම පුනරුප්පත්තිය සිද්ධවිමෙදි අවසන් මොහොතේ ඉදිරිපත්වන, කර්මය , කර්මනිමිත්ත හෝ ගතිනිමිත්ත නිසා කුසලමුල හෝ අකුසල මුල සිතක් උපදින බව කිවිවා මතක ඇති මෙ උපදින කුසල මුල හෝ අකුසල මුල සිතේ ප්රභලත්වය හා තෘශ්ණාවෙ ස්වරුපය අනුව තමයි සත්ත්වයින් මෙ භුමි 31 කේ උපත ලබන්නේ. ඒ අනුව අවසන් මොහොතේ ඉදිරිපත්වන සිත අකුසල මුල සිතක් විම මත අපාය භුමි 04 හිද, කාමාවචර කුසල සිතක් විම මත කාම සුගති භුමි සතින් එකකද, මරණ මොහොත වන විට ධ්යානයක් ලබා සිටියේ නමි හා එයින් නොපිරිහි සිටියේ නමි ඒ රුපාවචර හෝ අරුපාවචර ධ්යානයන්ට අනුරුප වන පරිදි ධ්යාන භුමි 16 යින් 01 කද උපත ලබයි. අනාගාමී මාර්ගඵලයන් ලබා සිටියේ නමි, සුද්ධාවාස භුමි 05 න් එකක උපත ලබයි. සොවාන්, සකදාගාමී මාර්ග ඵල ලාභි වී සිටියා නමි, කාම සුගති භූමි 07 න් 01 ක හෝ මාර්ග-ඵල ලාභිව හා ධ්යානයන්ගෙන් නොපිරිහී සිටියා නමි භ්සුදාවාස භ්රහ්ම ලෝක හැර සෙසු භ්රරහ්ම ලෝකයන්හි ධ්යානයට හා එහි වශිතාවයට අනුරූපවඋපත ලබන්නට පුළුවන්. මෙ කර්මානුරූපවසත්ත්වයින් උපත ලබන ආකාරයයි. මෙතනදි කර්මය පිළිබදව විස්තරයක් කල යුතු වුවත් එය පසු සලකා බලමු.
ලෝකයේ විශාලත්වය කොපමණද?
ලෝකය යන්නෙහි විශාලත්වය පිළිබදව හොද විස්තරයක් අංගුත්තර නිකායේ, නිකනිපාතයේ, ද්විතීය පන්නාසකයේ, ආනන්ද වග්ගයේ 10 වන සුත්රයේ දක්වලා තියෙනවා. එහි සදහන් වන ආකාරයට, එක ඉරකින් හා හදකින් ආලෝකමත් වන ඉහතින් විස්තර කරපු භුමි 31 කින් යුක්ත වන ස්ථානයක් එක ලෝක ධාතුවක් යනුවෙන් හදුන්වනු ලබනවා. ඒ අනුව පැහැදිලි වන්නේ අපාය ලෝක හා දිව්ය ලෝක සියල්ල අපේ මෙ පෘථිවි පෘශ්ඨය අවටම පිහිටලා තියෙනවා කියන එකයි. එබදු ලෝක ධාතු 1000 ක් සහශ්රී ලෝක ධාතුවක් යනුවෙන් දක්වලා තියෙනවා චුලනි ලෝක ධාතු යනුවෙන් හදුන්වන්නේත් මෙයයි. චුලනි ලෝක ධාතු 1000ක් 1000 සින් වැඩිකල විට (ලෝක ධාතු දසලක්ෂයක්) එය ද්වි සහශ්රි ලෝක ධාතු යනුවෙන් දක්වා ඇත මධ්යම ලෝක ධාතු යනුවෙන් හැදින්වෙන්නේ මෙයයි. මෙ මධ්යම ලෝක ධාතුව 1000 සින් වැඩි කල විට ලැබෙන ලෝක ධාතු (කොටි ලක්ෂය) ත්රිසහශ්රී ලෝකධාතුව නමි වෙ. මහා සහශ්රී ලෝකධාතුව යනුද මෙයයි.
අපගේ මෙම සක්වල (ලෝකධාතුව) හා ඒ වටා පිහිටි 999 ක් වු සක්වලයන් එනමි සහශ්රී ලෝක ධාතුව නැත්නමි චුලනි ලෝකධාතුව, යන්න සෘධිමත් ස්රාවකයන්වහන්සේලාටද විශයවන බව දක්වා ඇත. උන්වහන්සේලාට, ඒ සක්වල 1000 ට ඇසෙන සේ කථාකිරිමට ඒ සක්වල 1000ට ආලොකය අන්ධකාරය පැතිරවිමට හැක.
මධ්යම ලෝකධාතුව හෙවත් ද්වි සහශ්රි ලෝකධාතුව
මෙය බුදුවරුන්ගේ ජාතික්ෂේත්රය වශයෙන් දක්වා ඇත. මහාබෝධිසත්ත්වයින් මවිකුස පිළිසිදගැනිමෙදි, බිහිවිමෙදී, මහාභිනිෂ්ක්රමණයකිරිමෙදී, බුදුවිමෙදී, දමිසක්පැවැත්විමෙදී, ආයු සංස්කාරයහැරිමෙදි හා, මහාපරිණිර්වාණයේ දී මෙ මධ්යම ලෝක ධාතුව කමිපාවන බව දක්වා තිබෙ.
ත්රිසහස්ශ්රි හෙවත් මහා සහශ්රී ලෝක ධාතුව මෙය තථාගතවන් වහන්සේගේ ආඥාක්ෂේත්රය වශයෙන් දක්වලා තියෙනවා. ඒ ලෝකධාතුවට අයත් සියලු ලෝකයන්හි ආටානාටි පිරිත, ඉසිගිලිය පිරිත, ධජග්ග පිරිත, බොජ්ජංගපිරිත, ඛන්ධපිරිත, මොරපරිත්තය, රතනපරිත්තය, මෙත්තපරිත්තය යන පිරිත්හි බලය පිහිටන බව දක්වා තියෙනවා. මෙ පිරිත් තේරුමි සමග ඔබ දන්නවා නමි, එයින් බොහෝ පිරිත්හි සදහන් වන්නේ තුරුනුවන්ගේ ගුණ බව ඔබ දන්නවා ඇති. එසේ නමි එයින් අපිට තේරුමි යන්නේ අපේ තථාගතයන් වහන්සේ සාරාසංඛ්ය කල්ප ලක්ෂයක් පෙරුමිපුරා මෙලොව පහල වුයේ අපට පමණක් ධර්මය දේශණාකිරිමට නොවන බව නෙවෙයිද? උන්වහන්සේ අපේ මෙන්ම ඒ මහා සහශ්රි ලෝක ධාතුවෙ වසනා සත්ත්වයින්ගේද සාස්තෘන්වහන්සේ බව අපට මෙයින් පැහැදිලියි. බුදුපියානන් වහන්සේ පරිනිර්වාණය ගැන දැක්වෙන මහාපරිනිර්වාන සුත්රයේ දක්වා ඇති පරිදි තථාගතයන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසු ශේෂ වු රෝම ධාතු 10,000 ක් සක්වල බ්රහ්මයන් විසින් දසදහසක් චක්රාවාට වෙත පිලිවලින් ගෙනගිය බව දක්වා තිබෙනවා. එසේනමි ඒ ඇයි? උන්වහන්සේ පහලවුයේ මෙ සියලු සක්වලයන්ටමය. සැබවින්ම උන්වහන්සේ කෙතරමි ආස්චර්යජනකද යන්න අප වැන්නකුට සිතාගැනිම පවා කල නොහැක්කක් යැයි මම සිතමි.
මෙ මහා සහශ්රි ලෝකධාතුවෙන් පිටත් තවත් අනන්ත අප්රමාණ ලෝකයන් ඇත. මෙහි ප්රමාණය උපමාවකින් දක්වා ඇත. කෝටි ලක්ෂයක් සක්වල බ්රහ්මලොව තෙක් පිරවිමට තරමි අඹ ඇට ගෙන යමිකිසි අයෙක් හමුවෙන හමුවෙන සක්වලට එක් අඹ ඇටය බැගින් දමමින් එක් දිශාවකට ගමන් ගතහොත් අඹ ඇට ඉවරවනවා මිස, ඒ දිශාවෙ සක්වල ඉවරවිමක් සිදුනොවෙ. ලෙස එය දක්වා ඇත. මෙ සියලුම සක්වලයන්ද, තථාගතයන්වහන්සේගේ විශයක්ෂේත්රයයි. එහි ප්රමාණයක් නැත. ඒ සියලු සක්වලයන්ට අප බුදුපියානන්ට ආලෝකය අන්ධකාරය පැතිරවිය හැක. සැමතැන වෙසෙන සත්ත්වයිනට ඇසෙන පරිදි කථාකල හැක. බදුවරයෙකු ආශ්චර්යමත් වන්නේ ඇයිද යන්න යමෙක්ට දැන් තේරුමිගත හැකි වනු ඇත. සමහරුන් නොදැනුවත්කම නිසා සිතා සිටිනුයේ බුදුපියානන්වහන්සේ යනු තවත් එක් මනුෂ්යයෙක් වශයෙනි. උන්වහන්සේ මනුෂ්යයෙක් වශයෙන් උපත ලද බව සත්යයකි. නමුත් මඩෙ පිපි නෙලුමක් මඩනොතැවරි ජලයේ නොගැටි පිපි සිටින්නාක් මෙන් උන්වහන්සේ මනුෂ්යත්වය ඉක්මවු උත්තමයකි. උන්වහන්සේ විසින්ම ඒ බව දක්වා ඇත. වරක් බමුණෙකු උන්වහන්සේ වෙත පැමින " ස්වාමිනි ඔබවහන්සේ දෙවියෙක්ද?, ගාන්ධර්වයෙක්ද?, මනුෂ්යයෙක්ද?, යක්ෂයෙක්ද? යනාදි වශයෙන් අසන ලද ප්රශ්ණ වලදි උන්වහන්සේ ඒ සියල්ලටම දෙන ලද පිළිතුර වුයේ නැත යන්නය. ඒසේ නමි උන්වහන්සේ කවරෙක්ද? උන්වහන්සේ දුන් පිළිතුර වුයේ "බ්රාහ්මණය මම බුද්ධ වෙමි" යන්නයි. මෙ සියලු සක්වලයන්ට එක් වරකට පහල වනුයේ එක් බුදුවරයෙක් පමණි. නමුත් මහාසහශ්රි ලෝකධාතුවෙන් මත්තෙහි වෙනත් බුදුවරුන් පහලව සිටිනවා විය හැක.
මෙ ලෝකයේ හා විශ්වයේ ප්රමාණය ගැන බුදු දහමෙ සදහන් කරුණුය.
මිලඟ ලිපියෙන් මෙ එක් එක් භුමියක් පිළිබදව හා එහි සැපදුක් පිළිබදව සලකා බලමු. | hplt_2 |
Showing Visitor Messages 101 to 110 of 578
-
03-01-2013 04:36 AM
DAMER
-
02-25-2013 09:25 AM
rcccc
-
එක රටක අපි ඉන්නෙ. එක කොඩියක් යට අපි ඉන්නෙ. එක මවකගෙ තුරුලේ අපි ඉන්නෙ. මේ අපේ මාතෘ භූමිය. මේ අම්මගේ කුසේ අපි ඉපදුනේ. මැරෙන්නෙත් මේ සදා අමරණීය අම්මගෙ තුරුලේ. අපි අපේ රටට ආදරෙයී. රටට කරදරයක් කරන්න ආවොත් අපිට කරදරයක් කරන්න ආවා වගේ තමයි. උපක්රමශීලීව ජය ගන්නව අපි ඒ දේවල් වලින්. මොකද අපේ අම්මට සිරීමක්වත් කැලලක්වත් වෙන්න ඉඩ තියන්න බෑ අපි දරුණු වැඩ කරල.
එකදහස් නමසිය හතලිස් අටේ පෙබරවාරි හතර එක පාරක් අපි නිදහස් උනා. ඒ නිදහස උපරිම විදියට භුක්ති විඳින්න අපි අපේ රටට ආදරේ කරමු.
මම මොන ජාතිකයෙක්වත් නෙමේ. මොන ආගමක වත් නෙමේ. හැබැයි මම ඉපදුනේ මගෙ ශ්රී ලංකා අම්මගෙන්.
මම ඉන්නෙ මේ ශ්රී ලංකා අම්මගේ තුරුලේ.
අපි සේරම එකතු වෙලා සමරමු නිදහස හැමදාමත්. අද සමරමු එදා ලබපු නිදහස.
අපි සේරටම අති විශිෂ්ඨ, ඉතා සතුටෙන් පිරුණු ගාම්භීර නිදහස් දිනයක්!!!
ශ්රී ලාංකිකයෙකු වීම මට මහත් ආඩම්බරයකි.
මෙහෙම කිව්වෙ පූසෙක් උනත් හදවතින්ම, මුළු ශරීරයෙන්ම ශ්රී ලාංකික පූසෙක්.
-
-
Wish You a Very Happy New Year!!!
-
-
-
01-01-2013 01:38 AM
DAMER
-
- | hplt_2 |
තිරසාර සංවර්ධනය
තිරසාර (ධරණීය) සංවර්ධනය යනු මුලිකවම පරිසරයේ පවත්නා සම්පත් වලින් ප්රයෝජනය ගන්නා අතරම අනාගතය සඳහා ද ඒවා සුරැකීමයි.මේ අනුව ධරණීය සංවර්ධනය යන්නෙන් පවත්නා සම්පත් වර්තමානයේ ප්රයෝජන ගැනීම, එවා සංවර්ධනය කිරීම මෙන්ම,අනාගත පරපුරේ අවශ්යතාවයන් සඳහාද ඒ සම්පත් යම් ප්රමාණයකට ආරක්ෂා කිරීමත් අදහස් වේ.අනාගතය සඳහා සම්පත් සුරකීමේදි යම් ප්රමාණයකට හෝ වර්තමාන අවශ්යතා කැප කිරීමට සිදුවිය හැකිය.
ධරණීය සංවර්ධනය පිළිබද සංකල්පය සකස් වි ඇත්තේ චිරාත් කාලයක් තුළ එකිනෙකට ප්රතිවිරැද්ධ දෙසට ඇදි ගිය ධාරා දෙකක් එක් පොදු දිශාවකට යොමු වීම මගිනි.එවා නම් මානව කේන්ද්ර ගත භෞතික සංවර්ධනය පිළිබද චින්තන ධාරාව හා ජෛව කේන්ද්රගත වු පරිසරය සංරක්ෂණය පිළිබඳ චින්තන ධාරාවන්ය.පශ්චාත් යුධ සමයේදි ඌන සංවර්ධිත ලෝකය යනුවෙන් හැදින්වුණු වත්මන් තුන්වන ලොව රටවල් කාර්මිකරණය කිරිම පිළිබඳ ප්රශ්නය සංවර්ධනය යනුවෙන් හදුන්වන ලදි.එහිදි කැපි පෙනුන මුලික ලක්ෂණය නම් උණ සංවර්ධිත ලෝකය සංවර්ධනය කිරිම යනු සංවර්ධිත රටවලටම ආවේනික කාර්මිකරණයේ අනුරුවක් බවට පත් විය යුතු බව විනා තෙවන රටවල පරිසර, සමාජ, ආර්ථික හා සංස්කෘතික තත්වයන්ට ගැලපෙන සංවර්ධනයක් විය යුතු බව අදහස් නොවීමයි. සංවර්ධිත රටවල් අනුගමනය කෙරුනු දේශපාලන මතවාද සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපෑවේ විවිධාකාර ලෙස වුවද සංවර්ධනය පිළිබඳ සමස්ත චින්තනයම හුදු ආර්ථික පාරාමිතින්ම පදනම් කර ගත් එකක් බව පොදුවේ දක්නට ලැබේ.අනෙක් අතට පාරිසරික චින්තනය ඇසුරින් මතුවී ආ ප්රධාන කරුණ වුයේ සංවර්ධිත රටවල කාර්මිකරණය තුල ඇති වු විපත් පිළිබඳව කතා කිරීමයි.එබදු තත්වයක් සංවර්ධනය විරෝධි එකකි.මේ තත්වය යටතේ මෙම චින්තන ධරා දෙක එකිනෙකට ප්රතිවිරුද්ධ විය.සංරක්ෂණ වාදින් ගත් කළ සංවර්ධනය විරෝධින් වශයෙන් සංවර්ධනය පරිසරයේ සතුරෙකු ලෙසද සිතිමට තරම් අන්තගාමි තත්වයකට ඹවුන්ගේ එම චින්තනයන් සකස් වී තිබුණි.මෙම අන්තගාමි තත්වයන් දෙකෙහිම සාරය මුසු කොට ගත් විසදුමක් කරා යොමු විමට ධරණීය සංවර්ධනය නම් සංකල්පය බිහිවින.
පටුන
ස්ටොක්හෝම් ප්රකාශනයේ වැදගත්කම.[සංස්කරණය]
1972 දී ස්විඩනයේ ස්ටොක්හෝම් නුවර පැවැති එක්සත් ජාතින්ගේ මානව පරිසරය පිළිබඳ සමුළුවේදි පරිසරය ආරක්ෂා කර ගැනිම ගැන මුලු ලෝකයේම අවධානය යොමු විය.එම සමුළුවෙන් එළි දැක්වු [[ස්ටොක්හෝම් ප්රකා hueles a culo de monoන්ති 26 කින් සමන්විත විය. මෙහි 1 වන වගන්තිය මගින් අනාගත පරපුර වෙනුවෙන් පරිසරය රැක ගැනීම පිළිබඳව අදහස් දක්වා තිබේ.නමුත් මෙහිදි ධරණීය සංවර්ධනය පිළිබඳ ඍඡුවම දක්වා නොමැති අතර මානව පරිසරය පිළිබඳ අවධානය යොමු කොට තිබේ.
රියෝ ප්රකාශනයේ අදාලත්වය.[සංස්කරණය]
ධරණීය සංවර්ධනය යන සංකල්පය ක්රමානුකූලව ලොව තුල ප්රතිස්ථාපිත වුයේ 1992 වර්ෂයේදී එක්සත් ජාතින්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ සමුළුව තුලිනි. මෙය රියෝ ද ජැනයිරෝ නගරය්දි ජුනී මස 3 සිට 14 දක්වා පවත් වමින් තිරසාර සංවර්ධනය සඳහා රාජ්යමය ආකල්ප යම් තරමකට වෙනස් කිරිමට උත්සාහ දරණ ලදි. මෙය මිහිතල සමුළුව ලෙසද නම් කරන අතර ආර්ථිකය ජිවිතයේ සෑම අංශයකම ප්රතිපත්ති සෑදීම හා ක්රියාත්මක කිරිමට මුල්වන ප්රධාන කරුණ බවට තහවුරු කරන ලදි.සෑම මිනිසකුටම ස්ථාවර අනාගතයකට මුහුණ දිය හැකිවන සේ පෘථිවි පරිසරය රැක ගැනීමේ අවශ්යතාවයත්, පරිසරය හා ආර්ථික කටයුතු අතර ගැලපීමක් ඇති කිරිමටත් අවශ්ය ස්ථාර පියවර පිළිබඳ තීරණ සෙවීමට මෙය පදනම විය.මානව සංහතියේ අනාගතය අළුත් මඟකට යෙමු කිරිම සඳහා මිනිසුන් ඒකරාශි කිරිමේ මෙතෙක් නොවූ විරෑ ප්රයත්නයක් ලෙස සැලකිය හැකි මෙම සමුළුවට රාජ්යන්ට අමතරව ජාත්යන්තර සංවිධාන, රාජ්ය නොවන සංවිධාන හා පුද්ගලික අංශද සහභාගී විය.මෙහිදි පරිසරයට හානි නෙකරමින් ඉදිරියට ගමන් කරමින් තමන්ද රැකෙමින් පරිසරයද රැකගතයුතු අදහස ලොවට හෙලි කලේය.රියෝ ප්රකාශනයේ පුරිචිකාවෙන්ම දක්වා තිබෙන්නේ ගෝලිය පාරිසරික හා සංවර්ධන පද්ධතියේ අඛණ්ඩතාව අරක්ෂා කරන්නාවූ ජාත්යන්තර ගිවිසුම් සදහා ක්රියා කරන රාජ්යන්ද, සමාජ වල සහ ජනතාවගේ ප්රධාන අංශ අතර නව මට්ටමේ සහයෝගීතාවයන් ඇති කිරිම තුලින් අලුත් සහ සාධාරණ ලෝක හවුලක් පිහිටුවීමේ පරමාර්ථයෙන් යුතුව ඒ මත විශ්වාසය තැබිම අපේක්ෂා කරමින්ද, අපගේ වාස භුමීය වන පෘථිවියේ අකණ්ඩ සහ අන්යෝන්ය වශයෙන් රැදි පවත්නා ස්වභාවය පිළි ගැනිම තුලින් ධරණීය සංවර්ධනය පිළිබඳ අඳහස දක්වා තිබේ.මෙම සමුලුවේදි පරිසරය හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතින්ගේ කොමිසමේ වාර්තා වු "අපේ පොදු අනාගතය" තහවුරු කිරිම සඳහා මිනිස් වර්ගයාගේ හා ඒ ඒ රටවල ආර්ථික මෙන්ම පාරිසරික රටාව පාලනය විය යුතු ආකාරය පිළිබඳ මුලික කරුණු අඩංගු පෘථිවි තලය පිළිබඳ නීති පද්ධතියක් ඇති කර ගැනීම අරමුණු විය.
21 වන න්යාය පත්රය[සංස්කරණය]
පරිසරය හා ආර්ථිකය අතර සම්බන්ධතාවයට හානි කරන සියළුම ප්රධාන අංශයන් පිළිබඳව ක්රියා කිරිමට සැලැස්මක් ගොඩනංවන අතර එය 21 වන සියවස සඳහා න්යාය පත්රය ලෙස හදුන්වන ලැබේ.තවද ලෝක පරිසරය සුරැකීම සඳහා සාමූහිකව කටයුතු කිරිමට හා තම රටවල සංවර්ධිත ප්රතිපත්ති සැකසිමේදිත්, ක්රියාත්මක කිරිමේදීත්, ඒ සඳහා මූල්යමය හා තාක්ෂණික අධාර සංවර්ධනය වෙමින් පවත්නා රටවලට ලබා දීමේදීත්, කාලගුණ විපර්යාස, ජීව විද්යාත්මක වෙනස්වීම් හා වන සංරක්ෂණය පිළිබඳ ගිවිසුම් බිහිකිරිම අරමුණු ලෙස හදුනාගත හැකිය.තිරසාර සංවර්ධනය ඉටුකර ගැනීමට අපේක්ෂිත ප්රධාන අරමුණක් නම් සංවර්ධනයේ ඵල සර්ව භෞම හා සර්වකාලීන බවට පත් කරලීමයි.සංවර්ධන හා සංවර්ධනය වන රටවල් වශවෙන් ලෝකය බෙදී ඇති අතර එම දෙවර්ගයටම අයත් රටවල් අතර සංවර්ධන අරමුණු හා එවා මූණ පාන ගැටළු එකිනෙකට වෙනස් වේ.සංවර්ධිත ලෝකයට ඇත්තේ දැනටමත් ලබාගෙන ඇති සංවර්ධන තත්වයන් පාරිසරික වශයෙන් තිරසාර කරගැනීම වන අතර සංවර්ධනය වන රටවලට ඇත්තේ තවමත් ලබා නොගෙත් සංවර්ධනය ලබා ගන්නා අතරම එය පාරිසරික වශයෙන් තිරසාර කරගැනීමටද ඇති එකිනෙකට වෙනස් වූ අභියෝගයන්ය. මේ අනුව මිනිසා මිහිතලය මත ජීවත් වීමට අපහසු තරමටම පාරිසරික හානි සිදු කරන අතර පාරිසරික වශයෙන් විශාල ගුණාත්මක පරිහානියක් සිදු වන විට එය වැලැක් වීම සඳහා පාරිසරික වශයෙන් සවිඥාණික සමාජයක් තුලින් සම්පත් සංවර්ධනය හා පාරිසරික සංරක්ෂණය තුලනාත්මක ලෙස පවත්වා ගෙන යා යුතු බව වැදගත් වේ.ධරණීය සංවර්ධණයේ අවසාන ඉලක්කය එය වේ.
අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]
අශ්රිත ග්රන්ථ[සංස්කරණය]
- පරිසර සම්පත් කළමනාකරණය හා තිරසාර සංවර්ධනය භූගෝල විද්යා ප්රවේශය- ඒ.එච් ධනපාල,
- ශ්රි ලංකාවේ පරිසරය හා සංරක්ෂණ විධි - උපාලි වීරක්කොඩි,
- ගෝලීය පරිසර අර්බුදය -අමරසේන සඳපාල,
- සිංහරජ සංරක්ෂණය - හර්ෂ ප්රනාන්දු, | hplt_2 |
Friday, February 15, 2013
21 මමයි වැරදි...
21 comments:
අනේ මන්දා බං! ජිවිතේට අරමුණක් තියා ගනින්! ඔක්කොම හරි යයි!ReplyDeleteReplies
ප්රතිචාරෙට ස්තුතියි මචෝ... අරමුණක හිත පිහිටන් නෑ බං.ඒකයි අවුල...Delete
මටත් අරමුණක් හොයලා දියංකෝ පුළුවංනං....ReplyDeleteReplies
එක කාලෙකට ඔය වගේ හැගිම් ඇතිවෙනවා තමා. ජීවිතේ කියන්නේ මේකට තමා...ReplyDelete
මම සමකය වටේ ලියන නලීන්Replies
ඔව් නලින් අයියා .ගලන ගගකි ජිවිතේ කියනවනේ....Delete
තමන්ගෙ හිත තමන්ගෙ පාලනේට ගන්න පුළුවන්නම් ඒකත් ලොකු ජයග්රහනයක්!!ReplyDeleteReplies
ඔව් ශම්මියෝ...එහෙම පුළුවන් වෙලාවකට.සමහර වෙලාවට මොකක් වෙලාද කියල හිතාගන්න බැරිතරම් මනස අවුල්.Delete
මචන් පුළුවන් නම් [email protected] එකට මේල්ReplyDelete
එකක් දාන්න ..
ඔහොම හිතන්න එපා..අපි කොහොම හරි යමු බැරි මර ගාතේ..
උබ හිතෙන ඕන දෙයක් කියපන් , මට පුළුවන් අහන් ඉන්න ..මචෝ.Replies
ගොඩක් ස්තුතියි මචෝ ඔයාට.දැන් ඒ මානසිකත්වය ඉවරයි.මේ වචන ටික වටිනවා බං සෑහෙන්න.Delete
ධනාත්මක චින්තනය ගැන මම වෙලාවක කියලා දෙන්නම්කො. :)ReplyDeleteReplies
ධනාත්මක චින්තනය ගැන නම් දන්නවා බං.එත් ප්රයෝගිකව මම සමහර ගැටලුවලට මුහුණ දෙද්දි මම ඒ ගැටළු වලට මුහුණ දෙන කෙනෙක්ට දුන්න උපදෙස් මටම පිළිපදින්න අමාරුයි.කලෙත් එක්ක හැමදේම හරිගියා.Delete
එක මොහොතකට මට මාවම කියවනවා වගේ දැනුනා.ReplyDeleteReplies
අහ්... හරිම කටුක,ජිවිතේ හිස් උන හැගීමක් දැනෙනවා නේද...Delete
කාලය හැමදේම විසදනවා.
අහෝ ..ජිවිතය ,ReplyDelete
අනේ මන්ද බන් මටත් ඔහොම හිතෙනවාReplyDeleteReplies
කාලයත් එක්ක හැමදේම හරියනවා බං.Delete
මොනවා කිව්වත් සමහර දේවල් කල් යන්න යන්න මතක් වෙනවා වැඩි බං.......එත් අපිට අතීතකාමියෙක් වෙන්න බැහැ බං....අතීතය තියෙන්නේ ඒ ගැන හිතලා වර්තමානය ගැන සතුටු වෙන්න........ReplyDelete
රස්තේ පාරක් ගහමුදReplies
ඔව් බං.නව ගිලුනත් බෑන් චුන් වගේ ඉන්න ඕනේ...හික්ස්....Delete
හෝව්.... හෝව්.... යන්න එපා ඔහොම පොඩ්ඩක් ඉන්න.මේක කියවපු එකේ...ඔයාලගේ හිතට දැනෙන ඕනෑම දෙයක් ලියල යන්න...ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා... | hplt_2 |
හදිසි අනතුරු
හදිසි අනතුරක් යනු විශේෂ, හදුනාගත නොහැකි, බලාපොරොත්තු නොවු අසාමාන්ය, අපේක්ෂා නොකල බාහිර ක්රියාවකි. එය හටගන්නේ සාමාන්ය නොවු වේලාවක හා ස්ථානයකදීය. එය පෙනෙන්නට තිබෙන හේතුවක් නිසා හට නොගත්තත් සැලකිය යුතු පතිථලයක් දෙයි. එයින් ගම්ය වන්නේ සාමාන්යයෙන් එය ඝෘන නඩුතර හේතුවක් ප්රතිඵලය ලෙස දෙනමුත් වළක්වා ගත හැකි අනතුර හදුනා ගත හැකි බවයි.
කෙටිව විස්තර කරන්නේ නම් අනතුරක් යනු බලාපොරොත්තු නොවු හේතුවක් නිසා ඇතිවන සිද්ධියකි.
පොදු අනතුරු ඇතිවන අවස්ථා ලෙස ස්වයං ගිනි, හදිසි අනතුරු හැදින්විය හැක. එවැනි අනතුරු පිළිබද අධ්යනයකින් අනාගතයේ ඇතිවන අනතුරු වලක්වාගත හැකිය. මෙය අනතුරක ර්මුල්සිද්ධි අධ්යනයම ලෙසද හැදින්වේ. නමුත් අසාමාන්ය හා සම්පුර්ණ අහඹු අනතුරුවල මුල්සිද්ධියක් හදුනාගත නොහැකිය.
භෞතික අනතුරු සදහා උිහරන ලෙස අපේක්ෂා නොකල ගැටීම් (ඝට්ටන) හා වැටීම් හැදින්විය හැක. තවද වැරදි ලෙස තියුනු, රත්වු, විදුලි හෝ වස සහිත දෙයකට අත තැබීමෙන්ද අනතුරුවේ. භෞතික නොවන උිහරන, රහසක් අපේක්ෂා නොකල ලෙස හෙලිවීම, යමක් වැරදි ලෙස කියවීම හෝ යමක් අමතක වීම දැක්විය හැක. | hplt_2 |
මීට වසර දෙකකට පෙර නිල වශයෙන් ආරම්භ කෙරුණු හන්තාන ලිනක්ස් ව්යාපෘතිය සිය මූලික අරමුණු කරා දැන් ළඟා වෙමින් සිටී. මේ සම්බන්ධ විශේෂ සිදුවීමක් මැතකදි සිදු විය. මෙතෙක් අප රටේ පාසල් පද්ධතිය තුළ පරිගණක මෙහෙයුම් පද්ධති ලෙස භාවිත කරනු ලැබුවේ බලපත්ර ලබා ගත යුතු මෙහෙයුම් පද්ධති වූ අතර බහුතරයක් පරිගණක තුළ ස්ථාපනය කොට තිබුණේ එවැනි බලපත්රවලින් තොර ව්යාජ පිටපත් ය.
මෑතක දී අධ්යාපන අමාත්යාංශය ලබා දුන් පරිගණක විද්යාගාර 9 තුළ හුදෙක් හන්තාන ලිනක්ස් පමණක් භාවිත කරමින් පාසල් අධ්යාපන කටයුතු ආරම්භ කර ඇත. නියමු ව්යාපෘතියක් ලෙස ක්රියාත්මක වන මෙම කාර්යය සඳහා පරිගණක 200කට අධික සංඛ්යාවක් භාවිත වේ. තව ද පාසල්වල පරිගණක විද්යාගාර සඳහා අවශ්ය උපකරණ ලබා ගැනීමට ලෝක බැංකු ආධාර මත ප්රතිපාදන ලද තවත් පාසල් කිහිපයක්ම ඉහත දැක්වූ ආකාරයටම පරිගණක විද්යාගාර සඳහා ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය භාවිත කිරීමට තීරණය කර ඇත. මෙලෙස මෙහෙයුම් පද්ධතියට සහ අනෙකුත් මෘදුකාංග සඳහා යන මුදල් ඉතිරි කර ගැනීමෙන් අදාළ පාසල් කිහිපයට තවත් අමතර වාසියක් අත් වී ඇත. එනම් අනවශ්ය ලෙස බලපත්ර සහිත මෘදුකාංග මිලදි ගැනීමට වැය කෙරෙන මුදල් ඉතිරි කරගනිමින් පාසල් පරිගණක විද්යාගාරයේ පරිගණක ජාලය ද මනාව නිම කරගැනීමට හැකියාව ලැබීමයි.
අම්බලන්ගොඩ ධර්මාශෝක, ගාල්ල රිච්මන්ඩ්, මාතර සුජාතා බාලිකා, ගම්පහ බණ්ඩාරනායක, රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා, ගම්පොල සහිරා, අම්පාර උදයගිරි සහ මැදවච්චිය මෛත්රිපාල සිරිසේන යන විද්යාල සඳහා අධ්යාපන අමාත්යාංශය මගින් හන්තාන ලිනක්ස් පමණක් භාවිත වන පරිගණක ලබා දී ඇත. එමෙන්ම ගම්පොල වික්රමබාහු පාසල ඇතුළු තවත් පාසල් කිහිපයක්ම මෙලෙස හන්තාන භාවිත කිරීම ආරම්භ කර තිබේ.
දැනට මෙලෙස හන්තාන ලිනක්ස් පමණක් තම පරිගණක මත භාවිත කරන පාසල් පරිගණක සංඛ්යාව 250කටත් වඩා වැඩි වේ.
මෙම මෙහෙයුම් පද්ධතිය යොදාගනිමින් පාසැල් අධ්යයන කටයුතු කරගැනීම සඳහා අවශ්ය ගුරු පුහුණු වැඩසටහන් මේ වන විට ආරම්භ කර ඇත. අදාළ පුහුණු වැඩසටහන් සම්බන්ධීකරණය අධ්යාපන අමාත්යාංශයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ශාඛාව මගින් සිදු කරනු ලැබේ. එම වැඩපිළිවෙලේ කොටසක් වශයෙන් අධ්යාපන කලාපවලින් තෝරාගත් පාසල්වල ගුරු භවතුන්ට ජාතික අධ්යාපන ආයතනය තුළ දි පුහුණුව ලබාදෙන ලදී.
රත්නපුර ෆර්ගසන් උසස් බාලිකා විද්යාලීය නව පරිගණක විද්යාගාරය හන්තාන ලිනක්ස් මඟින් බල ගැන්වීම, එම විද්යාලයේ තොරතුරු තාක්ෂණ විශය හදාරන පාසැල් සිසුවියන් විසින්ම සිදු කෙරිණි.
මෙම මෙහෙයුම් පද්ධතිය යොදාගනිමින් පාසැල් අධ්යයන කටයුතු කරගැනීම සඳහා අවශ්ය ගුරු පුහුණු වැඩසටහන් මේ වන විට ආරම්භ කර ඇත. අදාළ පුහුණු වැඩසටහන් සම්බන්ධීකරණය අධ්යාපන අමාත්යාංශයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ශාඛාව මගින් සිදු කරනු ලැබේ. එම වැඩපිළිවෙලේ කොටසක් වශයෙන් අධ්යාපන කලාපවලින් තෝරාගත් පාසල්වල ගුරු භවතුන්ට ජාතික අධ්යාපන ආයතනය තුළ දි පුහුණුව ලබාදෙන ලදී.
ලිනක්ස් නිසා විසඳෙන අපේ ගැටලු
ඇතැම් විට කිසියම් ආයතනයක් වෙතින් පරිත්යාග වශයෙන් නොමිලේම නිසි බලපත්ර සහිත මෙහෙයුම් පද්ධති ලැබුණ ද පසු කලෙක එම පද්ධතිය අලුත් වෙද්දී එහි නව වෙළුමක් ස්ථාපනයට ඉඩක් නොලැබේ. මන්ද අදාළ නව වෙළුම මිල දී ගැනීමට අවශ්ය මුදල් අදාළ පාසැල සතුව නොමැති වීමයි.
එමෙන්ම බලපත්ර සහිත මෘදුකාංග මිල දී ගත්තද වෛරස වැනි හානිකර මෘදුකාංගවලින් වන ආපදා එලෙසම පවතී. ඒවායින් මිදීමට නම් තවත් මෘදුකාංග මිල දී ගත යුතු ය. එහෙත් ලිනක්ස් පද්ධති තුළ වෛරස වැනි හානිකර මෘදුකාංගවලින් හටගන්නා අපදා ඉතා අවම බැවින් ද නවතම ආරක්ෂණ විධිවිධාන (security updates) නොමිලේ අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකි බැවින් ද සුරක්ෂිත බව තවත් තහවුරු වෙයි.
සාමාන්ය ලිනක්ස් පද්ධතියක් සමග මෘදුකාංග ඉතා විශාල ප්රමාණයක් ලැබෙන අතර ඒ සියල්ල විනාඩි 30කට අඩු කාලයකදි එකවර ස්ථාපනය කරගත හැකි ය.
පාසල් සඳහා ලැබෙන බහුතරක් පරිගණක විද්යාගාර සඳහා අවශ්ය මූල්ය ප්රතිපාදන ලැබෙන්නේ විදේශ ණය ආධාර මගිනි. නමුත් බලපත්ර සහිත මෘදුකාංග සඳහා අප යොමුවිමෙන් සිදුවන්නේ අප ණයට මුදල් ගෙන යළිත් එම මුදල් බහුජාතික සමාගම් වෙත පූජා කිරීමයි. එපමණක් නොවේ. නොමිලේ ලැබෙන ලිනක්ස් මෙහෙයුම් පද්ධති හරහා ලබදෙන මෘදුකාංගවල ගුණාත්මකභාවය ද ඉතා ඉහළ මට්ටමක පවතී .
සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්රී ලංකාවට විදේශ ණය ආධාර මගින් ලැබෙන මුදල් බහුජාතික සමාගම් වෙත යළිත් ලබා දීමෙන් තොරව, ගුණාත්මක හා සකසුරුවම් දේ තෝරාගනිමින් රටේ මුදල් ඉතිරි කිරීම සඳහා මෙවැනි ප්රායෝගික මාර්ග පාදාගැනීම ජාතික වැදගත්කමක් උසුළන කරුණකි. | hplt_2 |
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට වසන්තය උදා වුනේ හිම වැස්සකුත් එක්කමයි. මේ කතාව පටන්ගන්නේ වසන්ත සමය උදාවී සතියකට පසු එක් සීතල රාත්රියකිනුයි. දවස හරියටම කිවුවොත් මාර්තු 21. තිබුන දැඩි සීතල බව නිසාම නගරයේ සිනමා හල්, බොජුන් ශාලා, වගේ බොහෝම ජනාකීර්ණ තැන් හිස්ව ගොස් තිබුණා.
නගරයේ ලින්කන් ආරෝග්ය ශාලාවේ දින කිහිපයක් තිස්සේ දරු ප්රසූතියකට සූදානමින් සිටි කළු ස්ත්රියක් ඒ රාත්රිෙය්දී දරුවෙකු බිහි කළා. මේ දරු උපත සිදුවූයේ නියමිත කාලයට නොවෙයි. අකාලයේයි. උපදින කොට දරුවාගේ බර අවුන්ස 35කට වඩා වැඩි වූයේ නැත. එවේලේම දරුවා විශේෂ උණුසුම් යන්ත්රයක තැබුවා.
මේ උපතෙන් දින නවයකට පස්සේ මාර්තු 30 වෙනි දිනත් බොහෝම තද සීතල රාත්රියක් වුණා. ලින්කන් රෝහලේ රාත්රි සේවයේ යෙදී සිටි හෙදිය අකාලයේ උපන් දරුවන් කෙසේ කල් ගෙවන්නේදැයි සොයා බැලීම සදහා , ඔවුන් සදහා විශේෂයෙන් වෙන් කර තිබූ රෝහල් කාමරය වෙත ගියා. මෙසේ නියමිත කාලයට පෙර බිහිවූ දරුවන් බහාලූ විශේෂ උණුසුම් යන්ත්ර 10ක් පමණ ඒ කාමරය පුරා තිබුණා. සුපුරුදු ලෙස එක් එක් උණුසුම් යන්ත්රය දෙස එබී බැලූ හෙදිය ඉන් පසු ඔවුන්ගේ වෛදච්ය සටහන්ද කියෙව්වා. දරුයන් තිදෙනෙකුගේ වෛද්ය සටහන් පරික්ෂා කළ ඈ සිව් වැනි උණුසුම් යන්ත්රය ලග නතරවුනේ විමතියෙනුයි. ඇගේ දෑස් විශාල වුනා. ඒ උණුසුම් යන්ත්රය තුළ දරුවෙක් සිටියේ නැහැ.
ඇය වහාම වාට්ටුව බාර මෙහෙකරු කැදෙව්වා. රාත්රි සේවයෙහි යෙදී සිටි වෛද්යවරයාට දුරකතන ඇමතුමක්ද දුන්නා. පැය භාගයක් යන්නට පෙර මුළු රෝහලම පරික්ෂා කලා. නමුත් අතුරුදන් වුනු දරුවා පිළිබද සලකුණක් හෝ තිබුණේ නැහැ.
පසු දින දරුවා බලන්නට දෙමව්පියන් රෝහලට පැමිණි විට ඔවුහු මහත් විමතියට හා ශෝකයට පත් වුනා. වෛද්යවරුනට දුක් සහගත වුනත් ඇත්ත පවසන්නට සිදුවුනා. වයසේ තරමට දරුවා නිරෝගීව හා ශක්තිමත්ව සිටියත් එවැනි රාත්රියක ඒ බිළිදා උණුසුම් යන්ත්රයෙන් ඉවත්කලහොත් දෙපැයකට වඩා ජිවත් නොවන බව ඔවුහු පැවසුවා. වෛද්ය වාර්තා වල සටහන් කර තිබුණ අන්දමට අතුරුදහන් වන විට දරුවාගේ බර අවුන්ස 13ක්.
දෙමාපියන් ශෝකයෙන් පුරවාගත් හදවතින් යුතුව රෝහලෙන් පිටව ගියා. හෙදියක් උණුසුම් යන්ත්රයේ එල්වා තිබුණ දරුවාගේ වෛද්ය සටහන එතැනින් ඉවත් කලා.
පසු දින පුවත් පත් ලින්කන් රෝහලේ දී සිදුවූ මේ දරු සොරකම පිළිබදව වාර්තා කර තිබුනා. පොලීසිය මේ සිදුවීමත් සමගම ක්රියාත්මක වුනා. නමුත් මේ සිදුවීමේ අවසානයත් එය ම බව පෙනෙන්නට තිබුනා.
තවත් සති තුනකට විතර පස්සේ එක් උදයක එක් ගෘහණියක් සිය ගෙදර වැඩ කරමින් ඒ අතර තුර ගවන් විදුලි යන්ත්රයට සවන් දෙමින් සිටියා. ඈ සවන් දුන්නේ ජනප්රිය ගීත වැඩසටහනකටයි. එයින් එක් ගීතයක් ඇගේ සිත බෙහෙවින් ඇද ගත්තා. සිය වැඩකටයුතු ඉක්මනින් අවසන් කල ඇය වහාම වීථියට ගියේ එම ගීතයේ තැටිය මිලට ගැනීමටයි. වීථියේ වෙළද සලේදී එම ගී තැටිය දෙවන වරට වාදනය කරන විට කළු යුවතියක් එම ගීයට සවන් දෙන්නට වෙළද සැලට ගොඩවුනා. ඉහතකී ගෘහණිය මේ කළු යුවතිය දෙස වරක් දෙවරක් නොව කිහිප සැරයක්ම බැලුවේ ඇය හොදින් දැක පුරුදු කෙනෙකු සේ දැනුන නිසයි. තවත් ටික වෙලාවකින් ඇය මේ කළු යුවතිය කවුරුන්දැයි හදුනාගත්තා. ගෘහණිය සති කිහිපයකට පෙර දිනක් ඇයව දැක තිබුණා. ඈ නැවතත් කළු යුවතිය දෙස හැරී බැලුවා. සති කිහිපයකට පෙර එක් සීතල රැයක බිළිදකු අතින් ගත් කළු යුවතිය මැයම බව ඇය වටහා ගත්තා.
පුවත්පත් වල පලව තිබුණ වාර්තා අනුව සති තුනකට පෙර සීතල රැයෙකු දරුවකු වඩාගෙන තනිවම ගිය මවක වූ මේ යුවතිය දැන් පොලීසිටියට උවමනා වී සිටින තැනැත්තියක බව යි ඇයට දැනුනේ.
කළු යුවතිය ඒ මිහිරි ගීයට සවන් දෙමින් සිටින අතර, ඈ වෙළද සැලෙන් පිටවී පොලිස් භටයෙක් සොයාගෙන දිවුවා. ඇය පොලිස් භටයාට කරුණු පැහැදිලි කොට ඔහුත් සමග වෙළද සැළ වෙත එනවිට ඒ යුවතිය අතුරුදහන්ව ගොස් සිටියා. එහෙත් ඒ ගෘහණිය කළු යුවතිය ගැන පොලීසියට පැවසූ විස්තර එහස් පොලීසියේ නිලධාරීන් වෙත යවනු ලැබුවා.
මේ සිද්ධියෙන් සතියකට පමණ පසු පොලීසියට උවමනා වී සිටින තැනැත්තියගේ හැඩහුරුකම් ඇති කළු යුවතියක් ඒ අසලම විථියක බස් නැවතුම් පලට පැමිණියා. පුදුමයට කරුණ නම් ඇය ගියේ පොලිස් නිලධාරියෙකු වෙතයි. ඇයට හාර්ලම්හි වෙළද පොලකදී කරදරයක් වූ බව ඈ එම පොලිස් භටයාට කිවුවා. පොලිස් භටයා ඇගේ පැමිණිල්ල ගැන වැඩි සැලකිල්ලක් ගත්තේ නැහැ. ඔහු ඇගේ හැඩහුරුකම් හදුනාගන්නා විට ඇය ඔහුගෙන් වෙන්ව ගොස් ටික වෙලාවක් ගතව තිබුනා. පොලිස් නිලධාරියා නැවතත් මේ යුවතිය ගැන ප්රධාන පොලිස් කාර්යාලයට හා රහස් පොලීසියට දැනුම් දුන්නා. තවත් මොහොතකට පසු පොලීසියේ රේඩියෝ රථවලින් උවමනා වීසිටින කළු දැරියක් 42 වන වීථියේ බස් නැවතුමකින් දකුණු දෙස බලා යන බස් රියකට ගොඩවන්නට ඇති බව දැනුම් දුන්නා.
නමුත් ඇය බසයකට නැග තිබුනේ නැහැ. ඇයව දෙදිනකට පසු කුඩා හෝටලයක කාමරයක සිටියදී සොයා ගන්නා ලදී. ඈ විවාහ වී සිටියේ එම හෝටලයේ සේවකයෙකු සමගයි. ඈ හඩමින් සිය කතාව කිවුවා. ඇය කිසි වරදක් කර තිබුනේ නැහැ. ඈ දුක් වූයේ නොබෝදා ලැබුනු නිවුන් දරුවන් මළ නිසායි. අහිංසක ඇයට තමන්ගේ පාඩුවේ ඉන්නට ඉඩදී ඉවත්ව යන්නැයි ඇය පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.
නමුත් අවසානයේදී ඈ ඉකිබිදිමින් තමන් එම දරුවා සොරාගත් බව පිළිගත්තා. දරුවා දෙදිනකට පසු මියගිය බව ද ඇය පැවසුවා. ඈ කී ආකාරයට පොලීසියටත් බිළිදා මළ පුවත විශ්වාස කරන්නට සිදුවුනා. නමුත් හෝටලයේ කාමරයේ බිත්ති පවා ඉරා දරුවා සෙව්වා.
පොලිස් භටයෝ ඇය අත්අඩංගුවට ගෙන යන්නට පිටත් වුනා. දොරට ලගාවත්ම එක් පොලිස් භටයෙක් කිසියම් ශබ්දයක් ඇසී ආපසු හැරුනා. කුඩා ළදරුවෙකුගේ හැඩීමක් කාමරයෙන් ඇසුනා. එම පොලිස් භටයා ශාලාව හරහා දුවගොස් කුඩා දොරක අගුල් කඩා හැරියා. ඒ කාමරයෙන් තද උණුසුම් වාතය පිටවුනා. එය ඇදුම් පෙට්ටගමක් වැනි කුඩා කාමරයක්. ඒ තුළ බිළිදෙක් සිටියා.
දහඅට හැවිරිදි මේ කළු යුවතිය ප්රසුත කල නිවුන් දරුවන් දෙදෙනා මාසයකට පමණ පෙර මිය ගියා. ශෝකයට පත් ඇය දරුවෙකු ලබා ගැනීමට සිතුවා. එදින රැයේ දී ඈ කෙසේ හෝ ලින්කන් ආරෝග්යශාලාවට ඇතුළු වුනා. සාත්තු සේවිකාවන් හා වෛද්යවරයින් ඈ මෙහෙකාරියකැයි සිතන්නට ඇති. කළුවර වැටෙන විට රෝහලට ඇතුළු වූ ඈ මුළු රෝහල පුරාම ඇවිද්දා. ඉන්පසු ඈ නියමිත කාලයට පෙර උපදින දරුවන් සිටින කාමරයට ඇතුළු වුනා. ඉන්පසු එහි සිවුවැනි යන්ත්රය තුල සිටි දරුවා සිය කබාය තුල සගවාගෙන සියල්ලන්ටම හොරෙන් රෝහලෙන් පිටවුනා. ඇය පොළව යට දුවන උමං දුම්රිය පොළට ගොස් කාන්තාවන්ගේ විවේකාගාරයේ දී , ඇගේ ලොකු රතු ගවුම ගලවා දරුවා එහි ඔතා ගත්තා. උමං දුම්රිය ආ පසු ඇය එයට නගින්නට යනවිට දුම්රියේ කොන්දොස්තර තැන කීවේ මෙවන් සීත රැයක දරුවා තබාගන්නට නම් ලෝම කබායක් ගෙ එන ලෙසයි.
ඉතින් ඇය දුම්රියපොලෙන් පිටව ගොස් වෙළද සැලකින් පොරෝනාවක් ගෙන ඉන් පසු ආ කුලී රියක් නවත්වා එහි පසුපස ආසනයේ දරුවා තබා නැවත ඇගේ ගවුම ඇද ගන්නට තැත් කලා.
“කනගාටුයි නෝනා. මගේ කාර් එකේ ඇදුම් මාරුකරගන්නට දෙන්න බැහැ. රියදුරු කිවුවා. නමුත් ඇයට ඇදුම් ඇදගන්නට ඉඩ ලබා දුන් රියදුරාඒ අසල නිවසකට ඈ ගෙනගියා. තැටිය ගැනීමට වෙළද පොලට ගියේ මේ ගෙදර කාන්තාවයි. එහිදි ඇදුම් මාරුකරගත් මේ කාන්තාව ඒ කුලී රියෙන්ම බස් නැවතුම් පොලට ගියා. සති කිහිපයකට පසු රහස් පොලීසිය බස් නැවතුම්පොලේදී ප්රශ්ණ නගන විට මේ සිද්ධිය මතක තිබූ කෙනෙකු එය කීවා.
නමුත් ප්රශ්ණය වුනේ එය නොවෙයි. ඇය මේ දරුවා ජීවත් කලේ කෙසේද යන්නයි. ආරෝග්ය ශාලාවට දරුවා නැවත බාරදෙනවිට ඔහුගේ බර අවුන්ස හතලිස් නවයකි. දරුවාගේ බර අවුන්ස හයක් වැඩිවී තිබුනා. වෛද්යවරු මහත්සේ පුදුමයට පත්වුනා.
මේ අහිංසක බිලිදා රැකගැනීමට මේ රළු කලු කෙල්ල කලේ මොනවාද? ඈ සාත්තු සේවිකාවන් ඇසුරු කොට පුරුදු කෙනෙකි. වෛද්යවරයෙකු වෙතින් ගත් දරුවන් තැනීමේ විස්තර ඇති පොතක් ගෙන ඈ නිතර කියෙව්වාය. පොලිස් නිලධාරීන් ඇගේ කාමරයට පැමිණි විට එහි තවත් පොත් ස්වල්පයක් ද තිබුනි. ඒවා නම් නියම ආදරය , ආදරය සිනහව විය යුතුය, නව ගෘහඔෂධ විදි, හා සූප ශාස්ත්ර පොත් කිහිපයකි. විදුලි පොරෝනාවක් සහිත පොඩි තොටිල්ලක්ද විය.
දරුවන් තැනීම පිළිබදව රෝහලකින් නිකුත් කරන ලද වෛද්ය සටහන් කිහිපයක්ද විය. අතින් නොඅල්ලාම පුඩුව පැන නගින කිරි පොවන බෝතල් දොළහක් ඒ අසල තිබුනි. වතුර පනිට්ටුවක්, නොයෙකුත් විටමින් වර්ග හා කපු පුළුන් තෙල් ආදියත් එහි තිබුනා.
ආරෝග්ය ශාලාවේදී මේ කතාව අසා මහත් පුදුමයකට පත්වුනු දොස්තරෙකු නැති තරම්ය.
ඇය කෙසේ අනෙකුත් දේ දැනගත්තාද? මෙවැනි දරුවෙකු හැදීමට අවශ්ය කරුණු දෙකක් ඇත. කාමරයේ වායුවේ තෙතමනය තිබෙන්නට ඕනෑ. අනෙක උණුසුම අංශක 96ට තිබෙන්නට ඕනෑ. ඈ මෙම කරුණු දැනගත්තේ කෙසේද?
නමුත් පොලිස් නිලධාරියෙක් එයට පිළිතුරු දුන්නා. විදුලි ලිපේ නටන උණුවතුර බදුනක් තිබුනා. බිත්තියක තාප මානයක් එල්ලා තිබුනා. පොලිස් භටයා එම තාප මානයේ උෂ්ණත්වය සටහන් කරගෙන තිබුනා. සටහන නැවත කියවූ ඔහු උෂ්ණත්වය අංශක 96 බව පැවසුවා.
මාසයකට පමණ පසු ඇය උසාවියට ඉදිරිපත් කරනු ලැබුවා.
මානසික වෛද්යවරු පැවසුවේ ඇය උන්මාදයෙන් පෙලෙන කාන්තාවක් බවයි. එහෙයින් ඇයව නිදහස් කරනු ලැබුවා.
(වසර ගණනාවකට පෙර සිදුවූ සත්ය සිදුවීමක් මුල්කරගෙන ලියු ලිපියක් ඇසුරිනි) | hplt_2 |
Google සමාගමේ අළුත්ම සේවාව තමයි Google + මටත් අද මේ සේවාව සක්රීය වෙලා තිබුනා. මෙතෙක් පර්යේෂණ මට්ටමේ තිබූ සේවාව දැන් සියළුම දෙනා සදහා සක්රීය කරලා වෙන්න ඕන. කොහොම හරි දවසක් පුරා මෙම Google + භාවිතා කරලා මටත් හිතුනා මේ ගැන පොඩි සටහනක් තියන්න. මුලින්ම කියන්න තියෙන්නේ මේ යන විදියට නුදුරු අනාගතයේදීම “ internet නම් Google. [...] ...
ශ්රී ලංකාව කියන්නේ ඉතාම සුන්දර රටක්. මේ පුංචි රටේ සංචාරය කරන අපේ ඇස දුටු සුන්දර ස්ථානයන් අපමණයි. මේ ස්ථාන පිළිබදව කෙටි ඡායාරූපමය වාර්තාකරණයක් සමග එන මාගේ අළුත්ම වෙබ් අඩවිය තමයි “අපේ උරුමය“. මෙහි ඇති සියළු ස්ථාන මම පෞද්ගලිකව නරඹන ලද ස්ථානයන්. ඒ වගේම මෙහි සියළු ඡායාරූප මා විසින්ම ගන්නා ලද ඒවා. සාමාන්යයෙන් මම ගමනක් [...] ...
මම අද mail open කරලා බලද්දී wordpress.com එකෙන් mail එකක් තිබුනා. ඒ mail එකේ තිබුනේ මගේ බ්ලොග් කරණය පසුගිය වසර පිළිබදව වූ සාරාංශයක්. මෙන්න මේ විදියට තමයි ඒ විස්තර සදහන් උනේ…. The stats helper monkeys at WordPress.com mulled over how this blog did in 2010, and here’s a high level summary of its overall blog [...] ...
මම අද mail open කරලා බලද්දී wordpress.com එකෙන් mail එකක් තිබුනා. ඒ mail එකේ තිබුනේ මගේ බ්ලොග් කරණය පසුගිය වසර පිළිබදව වූ සාරාංශයක්. මෙන්න මේ විදියට තමයි ඒ විස්තර සදහන් උනේ…. The stats helper monkeys at WordPress.com mulled over how this blog did in 2010, and here’s a high level summary of its overall blog [...] ...
මම අළුත් වැඩක් පටන් ගත්තා. අන්තර්ජාලය තුළින් IT සහ වෙනත් විෂයන් වලට අදාල විභාග වල ආදර්ශ ප්රශ්න පත්ර සදහා නොමිලේ මුහුන දිය හැකි web site එකක් නිර්මාණය කිරීම. මෙහි මූලික වැඩකටයුතු අවසන් කර මගේ domain එක තුළ වූ sub domain එකක දැනට host කරලා තියෙනවා. පසුව ඩොමේනයක් අරගෙන මේ සදහාම park කරන්න තමයි හිතාගෙන ඉන්නේ. [...] ...
Sun Microsystems සමාගම Oracle සමාගම විසින් මිලදී ගැනීමෙත් සමග Sun සමාගම විසින් open-source ව්යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද OpenOffice.org – The Free and Open Productivity Suite ද Oracle සමාගම වෙත පැවරෙන ලද අතර, එම සමාගම විසින්ද අදාල ව්යාපෘතිය එම පදනමෙන්ම ඉදිරියට ක්රියාත්මක කරන ලදී. ප්රජාව විසින් සංවර්ධනය කරන ලද නිදහස් හා විවෘත මෘදුකාගංයක් ලෙස (Open [...] ...
සැප්. 18 මෘදුකාංග නිදහස් දින වැඩසටහන කල් දැමීමට සිදුවීම පිළිබදව දැනුම් දීම.Rajeen's Blog : රජීන්ගේ සටහන
සැප්තැම්බර් 18 දින ඇඹිලිපිටිය ජනාධිපති විද්යාලීය ශ්රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබූ මෘදුකාංග නිදහස් දින සම්මන්ත්රණය නොවැලැක්විය හැකි හේතුවක් නිසා කල් දැමීමට සිදු උනා. මේ පිළිබදව ඔබ පත්වූ අපහසුතාවය සම්බන්ධයෙන් මාගේ බලවත් කණගාටුව ප්රකාශ කරනවා. ඇත්තවශයෙන්ම මෙම මාසය මුල සිට අනපේක්ෂිතව සිදුවූ කරදර හේතුවෙන් මෙම වැඩසටහන සාර්ථකව සිදු කිරීම සදහා වූ සංවිධාන කටයුතු සිදු කර ගැනීමට නොහැකි [...] ...
සැප්. 18 මෘදුකාංග නිදහස් දින වැඩසටහන කල් දැමීමට සිදුවීම පිළිබදව දැනුම් දීම.Rajeen's Blog : රජීන්ගේ සටහන
සැප්තැම්බර් 18 දින ඇඹිලිපිටිය ජනාධිපති විද්යාලීය ශ්රවණාගාරයේදී පැවැත්වීමට නියමිතව තිබූ මෘදුකාංග නිදහස් දින සම්මන්ත්රණය නොවැලැක්විය හැකි හේතුවක් නිසා කල් දැමීමට සිදු උනා. මේ පිළිබදව ඔබ පත්වූ අපහසුතාවය සම්බන්ධයෙන් මාගේ බලවත් කණගාටුව ප්රකාශ කරනවා. ඇත්තවශයෙන්ම මෙම මාසය මුල සිට අනපේක්ෂිතව සිදුවූ කරදර හේතුවෙන් මෙම වැඩසටහන සාර්ථකව සිදු කිරීම සදහා වූ සංවිධාන කටයුතු සිදු කර ගැනීමට නොහැකි [...] ...
ජගත් විවෘත හා නිදහස් මෘදුකාංග සැමරීමේ දිනය වන මෘදුකාංග නිදහස් දිනය 2010 වසරේ සැප්තැම්බර් 18 දිනට යෙදී ඇත. http://softwarefreedomday.org/ මේ සදහා ලෝකයේ රටවල් 100 ක කණ්ඩායම් 800 කට අධික පිරිසක් විවිධ වැඩසටහන් පවත්වති. ඒ අනුව එක් වැඩසටහනක් ඇඹිලිපිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ලංකාව නිත්යානුකූල නොවන මෘදුකාංග භාවිතා කරන ලෝකයේ රටවල් අතුරින් ඉතා ඉහල ස්ථානයක සිටින [...] ...
ජගත් විවෘත හා නිදහස් මෘදුකාංග සැමරීමේ දිනය වන මෘදුකාංග නිදහස් දිනය 2010 වසරේ සැප්තැම්බර් 18 දිනට යෙදී ඇත. http://softwarefreedomday.org/ මේ සදහා ලෝකයේ රටවල් 100 ක කණ්ඩායම් 800 කට අධික පිරිසක් විවිධ වැඩසටහන් පවත්වති. ඒ අනුව එක් වැඩසටහනක් ඇඹිලිපිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ලංකාව නිත්යානුකූල නොවන මෘදුකාංග භාවිතා කරන ලෝකයේ රටවල් අතුරින් ඉතා ඉහල ස්ථානයක සිටින [...] ...
Pentium 1 හෝ Pentium 2 වගේ පරිගණකයකින් Dual core පරිගණකයක වගේ වැඩ කරන්න පුළුවන්ද? පුළුවන්. අපිට ඒ සදහා LTSP (Linux Terminal Server Project) වගේ ක්රමයක් යොදා ගන්න පුළුවන්. මේ විදියට ඔයාලා ලග තියෙන පැරණිම පරිගණක වලට නැවත පණ දෙන්න පුළුවන්. ඒ පරිගණක වලින් අළුත් පරිගණකයක වේගයෙන්ම වැඩ කරන්න පුළුවන්. මේ සදහා අපි යොදාගන්න පරිගණක පද්ධතිය [...] ...
Pentium 1 හෝ Pentium 2 වගේ පරිගණකයකින් Dual core පරිගණකයක වගේ වැඩ කරන්න පුළුවන්ද? පුළුවන්. අපිට ඒ සදහා LTSP (Linux Terminal Server Project) වගේ ක්රමයක් යොදා ගන්න පුළුවන්. මේ විදියට ඔයාලා ලග තියෙන පැරණිම පරිගණක වලට නැවත පණ දෙන්න පුළුවන්. ඒ පරිගණක වලින් අළුත් පරිගණකයක වේගයෙන්ම වැඩ කරන්න පුළුවන්. මේ සදහා අපි යොදාගන්න පරිගණක පද්ධතිය [...] ...
ඇඹිලිපිටිය කලාපයේ තොරතුරු තාක්ෂණ ගුරුවරුන් සදහා පවත්වනු ලැබූ දින 03 ක විවෘත කේතක මෘදුකාංග පිළිබදව වැඩමුළුව සාර්ථක ලෙස අවසන් වූවා. 2010 ජූනි මස 04, 05, 06 යන දින වල ඇඹිලිපිටිය මහා විද්යාලයේ පරිගණක අංශයේදී පවත්වනු ලැබූ මෙම වැඩමුළුව සදහා ගුරුවරුන් 40 කට අධික පිරිසක් සහභාගී වූවා. ඇඹිලිපිටිය කලාප අධයාපන කාර්යාලයේ තොරතුරු තාක්ෂණ ගුරු උපදේශක තුෂාර [...] ...
ඇඹිලිපිටිය කලාපයේ තොරතුරු තාක්ෂණ ගුරුවරුන් සදහා විවෘත කේතක මෘදුකාංග පිළිබදව පුහුණු වැඩමුළුවක්.Rajeen's Blog : රජීන්ගේ සටහන
ඇඹිලිපිටිය අධ්යාපන කලාපයේ ඇති පාසල් වල තොරතුරු තාක්ෂණ ගුරුවරුන් සදහා විවෘත කේතක මෘදුකාංග (Free and Open Source Software) පිළිබදව තෙදින පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඇඹිලිපිටිය කලාප අධ්යාපන කාර්යාලයේ මෙහෙයවීමෙන් අපගේ සම්පත් දායකත්වයෙන් සිදුකරන මෙම පුහුණු වැඩමුළුව 2010 ජුනි 4,5,6 යන දින වලදී ඇඹිලිපිටිය උඩගම මහා විද්යාලයේ පරිගණක විද්යාගාරයේදී පැවැත්වීමට නියමිතයි. අප විසින් [...] ...
ඇඹිලිපිටිය කලාපයේ තොරතුරු තාක්ෂණ ගුරුවරුන් සදහා විවෘත කේතක මෘදුකාංග පිළිබදව පුහුණු වැඩමුළුවක්.Rajeen's Blog : රජීන්ගේ සටහන
ඇඹිලිපිටිය අධ්යාපන කලාපයේ ඇති පාසල් වල තොරතුරු තාක්ෂණ ගුරුවරුන් සදහා විවෘත කේතක මෘදුකාංග (Free and Open Source Software) පිළිබදව තෙදින පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ඇඹිලිපිටිය කලාප අධ්යාපන කාර්යාලයේ මෙහෙයවීමෙන් අපගේ සම්පත් දායකත්වයෙන් සිදුකරන මෙම පුහුණු වැඩමුළුව 2010 ජුනි 4,5,6 යන දින වලදී ඇඹිලිපිටිය උඩගම මහා විද්යාලයේ පරිගණක විද්යාගාරයේදී පැවැත්වීමට නියමිතයි. අප විසින් [...] ... | hplt_2 |
නැවත ශ්රී ලංකාවට පැමිණීම
ආගමනය සහ නැවත සමාජයට සංඛලනය වීම
1. පහත සඳහන් හේතු නිසා ඔබ නැවත පැමිණ ඇතිනම් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන්ගේ සහයෝගය ලබාගත හැක.
2. ගුවන් තොටුපොළේ සිටින ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් ඔබට පහත සඳහන් සේවා ඇතුලු සේවා රාශියක් ඉටු කිරීමට සූදානම්ව සිටිති.
- රෝගාතුර වීම
- ආබාධයකට ලක්වීම
- හිරිහැර කිරීම්වලට ලක්වීම
- අපචාරයකට ලක්වීම
3. ඔබ පහත සඳහන් දේ ද මතක තබාගත යුතුය
- නැවත නිවෙස් බලායාමට මුදල් ලබාදීම
- තාවකාලික නවාතැනෙහි ආහාර සහ ඉඳුම් හිටුම් සැපයීම
4. පහත සඳහන් හේතු නිසා ඔබ ගිවිසුම සම්පුර්ණ නොකර නැවත පැමිණ ඇතිනම් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුභසාධන අංශයේ සහයෝගය ලබාගත හැක.
- ගුවන් තොටුපොළේ ලියාපදිංචි වී ඇති කැබ් රථ පමණක් භාවිතා කරන්න
- අතරමැදියන් / තැරැව්කරැවන්ගේ උදව් ලබානොගන්න
5. ගිවිසුම් කාලය සම්පුර්ණ කර නැවත ශ්රී ලංකාවට නොපැමිණ එම රටෙහිම ව්යාපාරයක් ආරම්භ කිරීමට අදහසක් ඔබට ඇතිනම්, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුභසාධන අංශයේ සහයෝගය / ණය සහන ආදිය ලබාගත හැක.
- රෝගාතුර වීම
- හදිසි අනතුරකට ලක්වීම
- ආබාධිත වීම
- හිරිහැර කිරීම්වලට හෝ අපචාරවලට ලක්වීම | hplt_2 |
රැග් එක, එහෙම නැත්තම් නවක වධය කියන එක ශ්රී ලංකාවේ විශ්ව විද්යාල හා අනෙකුත් අධ්යාපන ආයතන වල පැතිරී ගිය දරුණු රෝගයක්. විකිපීඩියාවේ සඳහන් වන ආකාරයට නවක වධය වඩාත්ම දරුණු රට ශ්රී ලංකාව . [Wikipedia link
]
සිංගප්පූරු ජාතික විශ්ව විද්යාලයේත් හැම අධ්යයන වර්ෂයක් ආරම්භයේදීම රැග් කාලයක් තියෙනවා. මේ රැග් එකට විශ්ව විද්යාල පාලන අධිකාරියේත් සම්පූර්ණ සහයෝගය හම්බ වෙනවා. විශ්ව විද්යාලයේ ආචර්යවරුන් පවා නවක සිසුන්ට රැග් එකට සහභාගි වීමට පොළඹවනවා. රැග් එකට සහභාගි විය යුතු ආකාරය, ස්ථාන, දින සහ වෙලාවන් ප්රසිද්ධියේ දැන්වීම් පුවරු වලත් සඳහන් වෙනවා.
මෙන්න විශ්ව විද්යාලයේ ප්රධාන පුස්තකාලය ඉස්සරහ රැග් දර්ශන කීපයක්. ලංකාවෙ වගේ අහු මුළු වල හැංගිලා නෙවෙයි රැග් කරන්නෙ.
මේ ළමයින්ව කූඩුවකට දාලා
හැබැයි මේ රැග් එක අමානුෂික නවක වධයක් නෙවෙයි. අධ්යයන වර්ෂයේ පළවෙනි සතිය තුළ නවක සිසුන්ගේ හැඩගැස්වීමේ සහ පිළිගැනීමේ වැඩසටහන් පැවැත්වෙනවා. විශ්වවිද්යාලයේ සාම්ප්රදායික කොඩි දිනය එන්නේ පළවෙනි සතිය අවසානයේදී. එදාට පැරණි සිසුන් සහ නවක සිසුන් කණ්ඩායම් වශයෙන් රට පුරාම ගිහින් කැට හොල්ල හොල්ල ආධාර එකතු කරනවා.
ලංකාවෙත් විශ්ව විද්යාල ශිෂ්යයො කැට හොල්ල හොල්ල ආධාර එකතු කරනවා දැකලා ඇතිනෙ. හැබැයි ඒ ආධාර වගේ මේවා එකතු කරන්නේ දේශපාලන පක්ෂ වල අරමුදල් වලටනම් නෙවෙයි. මේ එකතු වෙන ආධාර මුදල් යෙදවෙන්නේ වැඩිහිටි නිවාස, රෝහල් ආදී තැන් වල සුභසාධන කටයුතු වලට.
ඊට පස්සේ දවසක මේ කොඩි දිනයට ආධාර දීපු සියළුම දෙනාට ස්තූති කිරීමක් හැටියට සිසුන් විසින් විවිධාකාර සංදර්ශන පවත්වනවා. ඒකට තමයි රැග් දිනය කියන්නේ. මේ රැග් දිනය සඳහා සිසුන් විසින් අලංකාර සංදර්ශන රථ හා සංදර්ශන භාණ්ඩ හදනවා. අර උඩින් තියෙන්නේ රැග් දිනයට පෙර පුහුණු වීමක්.
ඇතෙක් ආකාරයට සැරසූ සංදර්ශන රථයක්
කලා සිසුන් හදපු කාල තුවක්කුවක්
ඇතාගෙ දළ සරසලා තියෙන්නේ
ඉවත දාන බීම බෝතල් වලින්
මේ අවුරුද්දේ NUS කොඩි දිනය හෙට. රැග් දිනය 11 වෙනිදා. වැඩි විස්තර සඳහා NUSSU Rag and Flag Day නිල වෙබ් අඩවිය
ට යන්න.
[ 06 - Aug - 2010 ] | hplt_2 |
කැනඩාවේ දේශපාලනය
කැනඩාවේ දේශපාලනය ව්යවස්ථානුකූල රාජ්යත්වයකින් වූ රාමුවක් තුළ හා බලවත් ප්රජාතාන්ත්රික සම්ප්රදායක් ඇතුළත් සන්ධීය ක්රමයේ පාර්ලිමේන්තු ආණ්ඩුවකින් ක්රියාත්මක වේ. බොහෝ ව්යවස්ථාදායක භාවිත, එක්සත් රාජධානියේ වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේනතුවේ ලිඛිත නොවූ සම්මතයන් අනුව යමින් ක්රියාත්මක වේ. කෙසේ නමුත් කැනඩාව එක්කර ගත් වෙනස්කම් ද එහි ඇත. උදාහරණ වශයෙන් ගතහොත් පක්ෂ විනය, එක්සත් රාජධානියට වඩා තදින් ක්රියාත්මක වේ. පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද, විශ්වාසය පළ කිරීමේ යෝජනා හැටියට සැලකෙන අතර පාර්ලිමේන්තුවේ කැබිනට් නොවන මන්ත්රීවරුන්ගේ බලතල ඒ මඟින් අඩු කිරීමට ද යොමු වේ. ආණ්ඩු පක්ෂයේ සිටින එවැනි පක්ෂ කණ්ඩායම් හා විරුද්ධ පක්ෂයේ සිටින කණිෂ්ඨ හෝ පහල එක් අංශයකට පමණක් වූ මන්ත්රී කොටස් පසු පෙළ මන්ත්රීවරු වශයෙන් හැඳින්වේ. පසු පෙළ මන්ත්රීවරුට පොදු ගිණුම් කාරක සභාවේ හෝ ජාතික ආරක්ෂක කමිටු වැනි කමිටුවල නියෝජිතයන් වාඩි වීම මඟින් ඔවුන්ට පාර්ලිමේන්තුවේ බලපෑම් කළ හැකි වේ. | hplt_2 |
හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය නිකුත් වී මේ වන විට ගතව ඇත්තේ වසර දෙකක් වැනි ඉතා කෙටි කාලයකි. එම කාලය තුල බොහෝ පරිශීලකයින් පිරිසක් අතරට යාමට හන්තාන ලිනක්ස් සමත් විය. මෙහෙයුම් පද්ධතියක් නිකුත් කිරීමෙන් පමණක් නොනැවතුණු හන්තාන ලිනක්ස් එය පරිශීලනය කරන්නන් සඳහා තවත් සේවාවන් සමූහයක් එක් කිරීමට සමත් විය. හන්තාන ලිනක්ස් වෙබ් අඩවිය, හන්තාන ලිනක්ස් පුහුණු වැඩසටහන්, හන්තාන පරිශීලක සමූහය (User Group/Forum ), පුවත් සමූහය (News Group) ආදිය ඒ සඳහා උදාහරණ වෙයි. මේ හරහා නව දැනුම ලබා දීම මෙන්ම පරිශීලකයින්ට ඇතිවන ගැටළු නිරාකරණය කර ගැනීමට මහත් රුකුලක් විය.
එයින් නොනැවතුණු හන්තාන ලිනක්ස් කණ්ඩායම විවෘත කේත මෘදුකාංග (FOSS) භාවිතා කරන්නන් වෙනුවෙන් නිකුත් කරන ඉ-සඟරාවක් “Freedom+” නමින් එළි දැක්වීමට පසුගියදා සමත් විය. අලුතින්ම ලිනක්ස් භාවිතා කිරීමට එක්වූ අයට හා දැනටමත් ලිනක්ස් භාවිතා කරන අයට වැදගත් වන ලිපි රාශියකින් Freedom+ සමන්විත වෙයි. FOSS පිළිබඳ හදාරන අයටද පාසැල් සිසුන්ට, ගුරුවරුන්ට, වෘත්තිකයින්ට, මෙන්ම බාල මහලු වැඩිහිටි කොයි කාටත් එකසේ වැදගත් වන සාර සංග්රහයක් ලෙස Freedom+ හදුන්වා දුන හොත් නිවැරදි ය. සිංහල, දෙමළ ඉංග්රීසි යන භාෂා තුනෙන්ම ලිපි පළවීම මෙහි ඇති තවත් විශේෂයකි. කෙසේ නමුත් Freedom+ යනු හන්තාන ලිනක්ස් යන දැවැන්ත සමාජ ව්යාපෘතියේ එක් අංගයක් පමණි. සෑම සමාජ ව්යාපෘතියකම මෙන්ම මෙම ව්යාපෘතිය ද සිදු කරනු ලබන්නේ ආර්ථික ලාභ අපේක්ෂාවෙන් තොරවය. මේ සඳහා දායක වන සැම දෙනාම එවැනි මහා සත්කාරයක කොටස් කරුවෝය. ඔබටද මේ සඳහා විවිධ අයුරින් දායකත්වය සපයා දිය හැකිය. සඟරාව සදහා ලිපි ලබාදීම, සඟරාව සැකසීමට දායක වීමත් හා එය බෙදාහැරීමට දායක වීමත් ආදියෙනි. ඔබට අද Freedom+ කියවීමට අවස්ථාව ලැබුණ හොත් හෙට දිනයේදී තවත් පාඨක පිරිසක් වෙත එය ගෙනයාවි යැයි හන්තාන ලිනක්ස් කණ්ඩායම බලාපොරොත්තු වෙයි. එසේම මෙම ඉ සඟරාව ත්රෛයිමාසිකව ඔබ අතට පතත් කිරීමටද හන්තාන ලිනක්ස් කණ්ඩායම සැලසුම් කර ඇත. Freedom+ පිළිබඳ ඔබගේ අදහස් ඒ සඳහා ඉතා ප්රයෝජනවත් වන අතර ඔබගේ නිර්ව්යාජ අදහස් feedback AT hanthana DOT org යන විද්යුත් ලිපිනයට යොමු කිරීමට කාරුණික වන ලෙස ඉල්ලමු.
මෙතැනින් Freedom+ නොමිලේ ලබා ගන්න.
Freedom+ සඟරාව වෙත ඔබටත් ලිපි ඉදිරිපත් කිරීමට හැකියාව ඇත. ඒ සඳහා info AT hanthana DOT org විද්යුත් ලිපිනයට ලිවීමට කාරුණික වන්න. තවද සෝදුපත් බැලීම සහ ලිපි පරිවර්තනය කටයුතු සඳහා ද දායක විය හැක.
හන්තාන ප්රජා සඟරාවේ සියලු නිර්මාණ කටයුතු ලිෂාන් පුවක්ඔවිට විසින් සිදු කරන ලදි. | hplt_2 |
‘‘ඔබට බලය අවශ්ය වන්නේ කිසියම් හිංසාකාරී දෙයක් කිරීම සඳහා පමණ ය. අනෙක් සියලූ දේ කර ගැනීම සඳහා ආදරය පමණක් ප්රමාණවත් ය.’’ - චාලි චැප්ලින්
2011-12-04
අතේ පත්තු වුන අනෝමා නෝනාගේ මොරටුවේ ළමා මඩමේ මෙහෙයුම
ලේඛකයා මීට දස වසරකට පමණ පෙර මෙම ස්ථානය වෙත ගොස් ඇත. එය වනාහි බොහෝ දෙනා දන්නා ප්රසිද්ධ ස්ථානයක් මිස හොර තිප්පලක් නො වේ. එතැනින් දරුකමට හදා ගැනීම සඳහා දරුවකු ලබා ගැනීම පහසු කාර්යයක් නො වේ. ඒ සඳහා නියමිත ක්රියාමාර්ගය අනුගමනය කළ යුතු ය. දරුවන් ඉල්ලා සිටින යුවලේ පියා වයස 45ට වැඩි නම් පවා එතැනින් දරුවකු ලබා ගත නො හැකි ය. එහි ක්රියාත්මක වූයේ ද වෙනත් ඕනෑම ළමා නිවාසයකට අදාළ නීති රීති ය.
මෙම ස්ථානයෙන් සිදු වන විශිෂ්ට ම සේවය අනවශ්ය පිළිසිඳ ගැනීම් නිසා කරදරයට පත් වී සිටින කාන්තාවන්ට සිය ගැබ් කාලය ගත කිරීමට ආරක්ෂිත තැනක් ලබා දීම, රහස්යභාවය ආරක්ෂා කිරීම හා දරුවාට සුරක්ෂිත අනාගතයක් තහවුරු කර දීමයි.
අප නිරීක්ෂණය කළ දෙයක් වූයේ එතරම් සේවයක් සපයන මෙම ආයතනයේ තිබුණු පහසුකම් මඳකමයි.
ලියාපදිංචි ළමා නිවාසයක් වූ එය නිබඳව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයට ලක් විය. රජයට අයත් එන්ජීඕ පන්නයේ ආයතනයක් වන ළමාරක්ෂක අධිකාරිය එතැනට කඩා වදින්නේ ළමාරක්ෂණ අධිකාරියේ ළමා උපකාරක දුරකතන සේවා අංකය 1929 වෙත ලැබුණු දුරකථන ඇමැතුමක් අනුව මෙම ස්ථානයේ දරුවන් විකිණීමේ ජාවාරමක් පවත්වාගෙන යන බවට තොරතුරු ලැබුණු බව කියමිනි.
එවැනි තොරතුරක් ලැබුණා නම් මෙම ආයතනය විසින් කළ යුතුව තිබුණේ පොලිසියේ සහයෝගය ලබාගෙන සූක්ෂම අන්දමින් එම ජාවාරම සාක්කි සහිත්ව කොටු කර ගැනීමයි.
එහෙත් සිදු වුණේ අනෙකකි. එනම්, අනෝමා දිසානයක මාධ්ය මගින් ප්රචාරය ලබා ගැනීමේ හා සිංහල-බෞද්ධ අන්තවාදීන් කතෝලික භීතිකාවක් නිර්මානය කිරීමේ මාධ්ය මෙහෙයුමකි.
මෙම ස්ථානය වැටලූ ළමාරක්ෂක අධිකාරියේ ළමයින් හා එතැනට උඩ පැන පැන පහර දුන් මාධ්යයන්ගේ පිරිමි ළමයින් මේ කරුණු සොයා බලා නැති බව පැහැදිලි ය.
මේ රටේ ඇති සාමාන්ය තත්වයක් වන්නේ තමන්ට නො තේරෙන ඕනෑම දෙයක් කුමන්ත්රණයක් ලෙස සැලකීමයි. පෞද්ගලික ප්රතිලාභයක් නොමැතිව කිසිවෙකු යම් සේවයක් කරන්නේ මන්දැයි තේරුම් ගැනීම මේ සමාජයට දුෂ්කර ය.
ප්රේම් හවුස් කන්යා සොහොයුරියන් කළ සේවය මේ සමාජයට කොහෙත් ම තේරුම් ගැනීමට බැරි ය. ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් හා ළමයින් විකුණන ජාවාරම්කරුවන් පිරිසක් ලෙස හංවඩු ගැසීමෙන් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදියෝ මාර ආතල් එකක් ගත්ත හ.
මේ පිරිමි අතින් දූෂණය වන අසරණ ගැහැනුන්ට සරණ වන තැනක් ඇත්තේ කොයි පන්සලේ ද? සිය දිවි නසා ගන්නට සිටි ගැහැනුන් කී දෙනෙක් නම් මෙම නිවස නිසා අදත් ජීවත් වෙනවා ද?
බොරු කතෝලික කුමන්ත්රණ මවා පාමින් මේ අන්තවාදීන් කරන්නේ ලංකාව තව, තවත් ලෝකයෙන් හුදකලා වන තත්වයක් නිර්මානය කිරීමයි.
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න
29 comments:
- AnonymousDecember 5, 2011 at 7:06 PM
Thank you for your article. I am having the feeling that this lady (Anoma Disanayake) is do all for publicity. I can recall an incident when a young pregnant girl admitted to Ridgeway hospital for delievery, this woman created a story without respecting that innocent girl's privacy. The cheif doctor of the hospital (I think her name is Rani Adhikari) too was crazy for publicity and all our medias publish photos showing Rani Adikari and Anoma Disanayake exchanging flowers for the "good job". Unfortunately, nothing good has done for that innocent girl (or family) but Rani Adikari and Anoma Disanayake recieved publicity.ReplyDelete
- AnonymousDecember 5, 2011 at 8:03 PM
මේ ලිපියෙ වටිනාකම තියෙන්නේ වැටළීම කළ දවසෙම දැම්ම නම් තමයි... දැන් ඉතින් ඔය බයිල කාටත් කියන්න පුළුවන්...ReplyDelete
- AnonymousDecember 5, 2011 at 9:37 PM
මේ කේස් එකෙන් පේනවා අපේ රටේ වගකිවයුතු පුද්ගලයෝ යැයි කියාගන්නා අය කොතරම් බුද්ධියෙන් හීන නොදියුනු මානසිකත්වයක් ඇති අයද කියලා. විශේෂයෙන්ම රැකවරණය ලැබිය යුතු ලමුන් සහ කාන්තාවන්ගේ අනන්යතාවය රැකගැනීම වගකිවයුතන්ගේ වගකීමක්. එය පැහැර හැර ඇතිබවයි පේන්නේ.ReplyDelete
-Kumar-
- AnonymousDecember 5, 2011 at 11:31 PM
Pitarat dollar walata kahina vamanshiyako...Thuk...ReplyDelete
සමහර අනෝල කහින්නෙ මොනවටද කියලවත් හිතා ගන්න බැහැ, කාලකන්නි *ක ලේවකන්නෝReplyDelete
- AnonymousDecember 6, 2011 at 6:54 AM
*ක ලේවකන ඕනයා,ReplyDelete
balapam prem niwase loku ammage weda.
http://www.youtube.com/watch?v=l8Z7AI1J9Z0
Thopi wage gobbyantama honda nun thamai me...
බටහිර කුමන්ත්රණ කේස් නැත්නම් නින්ද යන්නේ නැති සයිස් එකක් තියෙන්නේ. දැන් නම් මේක වෙනම ලෙඩක්. වෙස්ටන්මේනියා වගේ නමක් දාන්න වෙයි වගේ.ReplyDelete
උන්ගේ අතල් උන්ට අතල්. මුන්ට අතල් ගන්න අනිත් යට කරදර කරන්නම ඕනිද? ඔව්වට කඩේයන එවුන් ඉන්නවනේ.ReplyDelete
මේ ලිපියෙ දි ළමයින් විකුනුවේ නෑ කියලා කියන්නේ නෑ නේද!ReplyDelete
ළමයින් විකුනා එයින් ආදායම් ඉපැයීම නීති විරෝධී නොවෙන්නේ කොහොම ද!
- වසිලිස්සාDecember 6, 2011 at 10:53 AM
ප්රමාදවෙලා හරි ඇත්ත ඇති සැටියට පල කිරීම ගැන මාගේ ප්රණාමය ඔබට!ReplyDelete
මේ වගේ තැනක් ගැන මෙච්චර අපහාසාත්මක දේවල් නිර්මාණය කල සුනක හැතිකරය ,මෙහි ජීවත්වන පිරිස සමග එකම එක දවසක් ගතකරානම් තේරේවි මේ විදෙස කන්යා සොහොයුරියන් අප රටට කරන්නේ කොපමණ සේවයක්ද කියල.ගැහැණුන්ව අනාත කරපු එවුන්ම තමයි මේවට විරුද්දව කහින්නේ.
මෙවන් තත්ත්වයන් හමුවේ නිර්බයව මුහුණ දීමට එම කන්යා සොහොයුරියන්ට දේව ආශීර්වාදය නොඅඩුව ලැබේවා!
- AnonymousDecember 6, 2011 at 3:27 PM
සමාජයට යහපතක් තමන්ගෙන් ඉටු නොවුනත් යම් මෙහෙවරක් කරන අයටවත් බාද නොකරන ඒකතමයි මනුස්සකම කියන්නේ. මෙතන සේවය හැම අගමිකයකුටම බාදාවකින් තොරව ලබාදීල තියනවා. වාචාල කතා කියන අය බෞද්ධ ලේබලයක් ප්රදර්සනය කිරීම, බෞද්ධයකු වසයෙන් ඉතා කණගාටු වෙනවා. එංගලන්තයේ පන්සල්වල ක්රියාකාරීත්වය මෙහි සිටින හැම කෙනෙකුම මනාව දන්නවා. නමුත් එංගලන්ත රජය විසින් හැම පන්සලකටම දේවාලයකටම සෑම පහසුකමක්ම සපයන අතරම වාර්ෂිකව මුදල් ආදාරද නොමසුරුව සපයනවා. එම නිසාම මෙහි දේවස්ථාන අලුතින් බිහිවීමේ ප්රවනතාවයක්ද පෙනෙන්නට තිබෙනවා. මේවාට කිසිම කෙනෙකු බාද කරන්නෙත් නැහැ, උදව් කරනවා හැරෙන්නට . මිනිසකු උසස් වන්නේ ක්රියාවෙන් මිස වචනයෙන් නොවේ.ReplyDelete
- AnonymousDecember 6, 2011 at 7:08 PM
Thank you very much for this article.ReplyDelete
(I beg all of you to see this with a fundamentalist religious mind, see with an open mind. One has put a youtube video saying that Mother Theresa liked to see the poor suffer. Have those Penn & Teller done anything to the poor. Please don't make BAILA without knowing.)
TRUTH WILL ALWAYS WIN.
-Gihan-
වසිලිස්සාගේ සමහර කතාව වලට මන් එකග වෙනවා.මොකද ඔය ගොඩක්ම කැගහන්නේ ගැණු දූශණය කරන පහත් තත්වයේ මහත්තුරුය.උන්ගේ පහත් ක්රියා හේතුවෙන් අන්තිමට අච්චර සේවයක් කරන කන්්යා සොහොයුරියන් හා කතෝලිකයන්ය.ReplyDelete
- AnonymousDecember 7, 2011 at 5:30 AM
GihanReplyDelete
Didn't you see that your so Holly Mother Theresa took money from dictators and use that to "facilitate the poor people to die as Catholics" not to save them. I think you should take your own advice to see thinks as it is not with out religious bias.
- AnonymousDecember 7, 2011 at 5:33 AM
"ගැහැණුන්ව අනාත කරපු එවුන්ම තමයි මේවට විරුද්දව කහින්නේ.ReplyDelete
මෙවන් තත්ත්වයන් හමුවේ නිර්බයව මුහුණ දීමට එම කන්යා සොහොයුරියන්ට දේව ආශීර්වාදය නොඅඩුව ලැබේවා!"
So selling babies is not a sin?
- AnonymousDecember 7, 2011 at 9:53 AM
මට තියෙන ප්රශ්ණය ඇයි මෙතන සිංහල බෞද්ධ කියලා කරන්නේ කියලා...... මම දන්න විදියට පංසල් වල හාමුදුරුවරු එහෙමත් නැත්නම් බෞද්ධ සංවිධාන පාරට බැහැලා උද්ඝෝෂණ කලේ නෑ, නිවේදන නිකුත් කලේ නෑ....ReplyDelete
කරපු එව්වා කලේ ළමාරක්ෂක අධිකාරියේ මිනිස්සු, ප්රචාරය අරන්ගියේ ආණ්ඩුවේ මාධ්ය... ඒකයි අගරදගුරු හිමි කිව්වේ ආණ්ඩුවේ උත්සව වර්ජනය කරනව කියලා.......
එහෙම එකේ කවුරු හරි මේක " සිංහල-බෞද්ධ අන්තවාදීන් කතෝලික භීතිකාවක් නිර්මානය කිරීමේ මාධ්ය මෙහෙයුමක්" කියලා කියනවනම් මේක කියන ඇත්තොම තමා ලොකුම "අන්තවාදීන්" වෙන්නේ......මොකද නැති දේවල් ඇතිකරනවනේ.....
ඔව්වට තමා කතාවට කියනවනේ බළලා මල්ලෙන් එලියට පනිනවා කියලා.....
- AnonymousDecember 7, 2011 at 9:56 AM
මට තියෙන ප්රශ්ණය ඇයි මෙතන සිංහල බෞද්ධ කියලා highlight කරන්නේ කියලා...... මම දන්න විදියට පංසල් වල හාමුදුරුවරු එහෙමත් නැත්නම් බෞද්ධ සංවිධාන පාරට බැහැලා උද්ඝෝෂණ කලේ නෑ, නිවේදන නිකුත් කලේ නෑ....ReplyDelete
කරපු එව්වා කලේ ළමාරක්ෂක අධිකාරියේ මිනිස්සු, ප්රචාරය අරන්ගියේ ආණ්ඩුවේ මාධ්ය... ඒකයි අගරදගුරු හිමි කිව්වේ ආණ්ඩුවේ උත්සව වර්ජනය කරනව කියලා.......
එහෙම එකේ කවුරු හරි මේක " සිංහල-බෞද්ධ අන්තවාදීන් කතෝලික භීතිකාවක් නිර්මානය කිරීමේ මාධ්ය මෙහෙයුමක්" කියලා කියනවනම් මේක කියන ඇත්තොම තමා ලොකුම "අන්තවාදීන්" වෙන්නේ......මොකද නැති දේවල් ඇතිකරනවනේ.....
ඔව්වට තමා කතාවට කියන්නේ බළලා මල්ලෙන් එලියට පනිනවා කියලා.....
- AnonymousDecember 8, 2011 at 5:06 AM
ළමාරක්ෂක අධිකාරිය වගකීමකින් යුතුව ක්රියා කළ යුතු ආයතනයක්, ඔවුන් මේ විධියට අවිචාරමත් වුනොත්, ඉන් පීඩාවට පත් වෙන්නේ ඒ සම්බන්ධව පීඩනයට ලක්වෙමින සිටින, කාන්තාවන් සහ නිසි පිහිටක් නොලබමින් සිටින, අසරණ අහිංසක දරු දැරියන් ය.ReplyDelete
මේ සඳහා පළවෙන comments බලන කොට සමාජය ගැන යම්තාක් දුරට අවබෝධයක් ලබා ගන්න පුළුවන්.
ඇත්තටම මෙතන " සිංහල බෞද්ධ" කියල hilight කරපු එක සාධාරණයි.මොකද සිංහල බෞද්ධයෝ මේ සිද්ධියට " මහාධිකරනයටත්" කලින් ඉතාමත් පහත් නින්දිත තීන්දු තීරණ ලබා දීල බෞද්ධයන් අතර "කතෝලික භීතිකාවක් " ඇති කරන්න උත්සහ කල. මෙන්න සාක්ෂි , " සිංහල රාවය" කියන්නේ "සිංහල බෞද්ධ " වෙබ් අඩවියක් නේ.එහෙනම් "සිංහල බෞද්ධ" කියන එක hilight කරන එකේ වරදක් නැහැ.ReplyDelete
දරැවන් මස් කර විකුණන කතෝලික පල්ලියේ මිලේඡ්චයෝ
http://sinhalaravaya.com/?p=1247
මදර් තෙරේසාගේ ළමා ජාවාරම…
http://sinhalaravaya.com/?p=1186
ළමා ජාවාරම වහන්න පල්ලියේ ලොක්කෝ කරලියට බසී
http://sinhalaravaya.com/?p=1252#comment-2283
එතකොට මාධ්ය ආවරණය කල දිනයේ විදේශිකයින් පැමිණ සිටියේ අහවල් දෙයක් බලන්නද?ReplyDelete
අනාත නිවාස බටහිර රටවල නැත්ද?
මෙහේ තියන එහේ නැති දේ මොකක්ද බලන්න එන්න?
අනාත නිවාසයකට හැර සර්කස් සංදර්ශනයක් පෙන්වනවාද විදේශිකයන්ට?
- AnonymousDecember 9, 2011 at 9:14 AM
Onna ape Buddhist Monkla meka dakala monawada kiyanne balamu ? Philippine walata dan Visa oneth nehaReplyDelete
http://www.youtube.com/watch?v=4A5_dtzgLk8
- AnonymousDecember 9, 2011 at 10:55 AM
මේක ලියපු එකාට තියෙන්නේ සිංහල බවුද්ද විරෝදයක්. එතන වැරද්දක් වෙලා තියෙනවද නැද්ද කියලා නීතිය තීරනය කරයි. මේ රටේ නීතිය ක්රියාත්මක වෙන්නේ ආගම් අනුවවත් වාර්ගිකත්වය අනුව වත් නෙමේ. සිංහල බවුද්දයාට පහර පිට පහර ගහන NGO කාරයන් සහ බංකොලොත් මාක්ස්වාදීන් මෙතනටත් ඇදලා ගත්තේ සිංහල බවුද්ද කම. සිංහල බවුද්දයට සිදුවෙන අසාදාරන වලට කට නොඇර අදෝමුඛයෙන් හිනාවෙන මේ නරුමයන් දෙමල, මුස්ලිම්, කතෝලිකයට සිදුවෙන දෙයකදී “සිංහල බවුද්ද ස්වෝත්තමවාදී” මුව හමක් බිම එලාගෙන පහර පිට පහර දෙනවා. සිංහල බවුද්දයා වෙනුවෙන් කෙල බිදක් නොහෙල්ලන මේ ඊනියා ජාත්යාන්තරවාදී, මානව හිතවාදී නරුමයන් සිංහල බවුද්ද නොවන කෙනෙකුගේ ගැටලුවකදී කිබුල් කදුලු බේර බේර ඇවිත් “සිංහල බවුද්දයා” නැමති මුව හමට බිම දමා ගෙන පහර පිට පහර දෙමින් තමන් ගේ මුග්දකම ලෝකයටම පෙන්වයි.ReplyDelete
- AnonymousDecember 9, 2011 at 11:49 AM
W3 Lanka Blog අපක්ෂපාති සත්යයට සාක්ෂි දැරීම නිවැරදි මාධ්ය මෙහෙයුමට බොහොම ස්තුති... ඔබ වැනි අන්තවාදීන්ට උඩ ගෙඩි නොදෙන බ්ලොග් අඩවියකට අපේ ගොව්රවය ........ Sahana Fardinando & ISHAN කතෝලිකයන් වෙනුවෙන් බ්ලොග් අඩවි වල අදහස් දක්වන ඔබට ද කතෝලික අපගේ උත්තමාචාරය ...හැකිනම් අපව අමතන්න.....ReplyDelete
[email protected]
"කිතු හඬ" කතෝලික දහම රැක ගැනීමේ ජාතික වියාපාරය
- AnonymousDecember 9, 2011 at 11:59 AM
I'm comletely ashamed of my own country... please, without any evidence don't create news to shed blood again on our mother country. one war is over, we don't need another one. As catholics we should stay calm and let lord decide what's best.....ReplyDelete
- AnonymousDecember 11, 2011 at 11:02 PM
ආ... කාදිනල් උන්දැ වර්ජනය කරන්නෙ මේකය එහෙනන්. ඇයි ඉතින් මෙව්වා හොරෙන් කොලේ?ReplyDelete
@ Anonymous who thinks babies were sold - Where's the proof that babies were sold? This is nothing but a big mediasupported fabricated story which Madam Anoma so cunnigly and shrewdly created to create a religious rift. Have you even visited this plave once?ReplyDelete
- AnonymousDecember 15, 2011 at 10:36 AM
ළදරු සොරකම් හා විකිණුම් චෝදනා සාගරයක් නිසා ස්පාඤ්ඤය මහත් කැළඹීමට පත්වී ඇති බව BBC ය කියා සිටීReplyDelete
http://www.bbc.co.uk/news/magazine-15335899 BBC වාර්ථාවට අනුව 2011 ඔක්. 18 වන විට ස්පාඤ්ඤය සිසාරා ජනතාව ජාන පරීක්ෂණ වලට පෝලිම් ගැසී සිටි අතර දහස් ගනන් ස්පාඤ්ඤ ජාතිකයෝ “මා කවරෙක්දැයි?” යන පැනය අසමින් සිටිති.
ළදරුවන්ගේ මිනී වලවල් යැයි හැඳින්වූ ස්ථාන හෑරීමෙන් හා ජාන පරීක්ෂා ප්රතිඵල ඔප්පු කලේ ලක්ෂ 3ක් හෙවත් 1960, 1990 අතර කාලය තුල සිදු වූ මුළු හදා වඩා ගැනීම් වලින් 15% ක ප්රමාණයක් ළදරු ජාවාරමේ යෙදුනු කන්යා සොයුරියන්, කතෝලික පූජකයන් හා වෛද්යවරුන් දශක ගණනාවක් තිස්සේ කල නින්දිත අපචාරවලට කේන්ද්ර වන බවයි.
දැනට ස්පාඤ්ඤය පුරා මෙවන් සිද්ධි 900 පිළිබඳ පළාත් නීතිඥ්ඥයන් විසින් සොයාබලමින් සිටින අතර ගනන් හිලව් මාස්පතා ඉහල යමින් පවතී. සොයාගන්නා කරුණු වලට අනුව කතෝලික පල්ලිය මෙම අපචාර වලට ඉතා ලඟින් සම්බන්ධ වී ඇති බව සැකයෙන් තොරව පැහැදිළි වේ. මේ පිළිබඳ එරටේ පල්ලි පිළිලයෙන් විමසා සිටි කල, සිදුවෙමින් පවතින පරීක්ෂන මතක් කරමින් ඔවුන් පිළිතුරු දීමෙන් වැලකී සිටීමේ ප්රතිපත්තියක සිටී.
කොහොම නමුත් BBC යේ ඇඩ්ලර් නම් වාර්ථාකාරිණිය මේ ගැටළුව සම්බන්ධයෙන් Dr Vella නම් කතෝලික දොස්තරයෙක් කොටුකරගත් කල වූ සිදුවීම ඇගේ වචනයෙන් මෙසේයි. ඔහු නැගිට මේසය මත තිබූ කුරුසියක් අතට ගත්තා, ඉන්පසු මා වෙතට ආවා, මගේ මුහුණ මත එයින් කුරුසය අඳිමින් මෙය කුමක් ද කියා දන්නවාදැයි ඇසුවා. “මම හැමවිටම ඔහුගේ නාමය වෙනුවෙන් ක්රියාකලා, සෑමවිටම ළදරුවන්ගේ යහපත හා මවගේ ආරක්ෂාව වෙනුවෙන්….. දැන් ඇති!”
වාර්ථාවන ආකාරයට ළදරු ජාවාරමේ යෙදුනු Dr Vella පවසා ඇත්තේ කන්යා සොයුරියන් හා දොස්තරයන් මව් වරුන්ට පවසන්නේ ඔවුන්ට මළ දරු උපත් සිදූවූ බවයි. නැතිනම් ළදරුවා ඉපිද සුළු මොහොතකින් මියගිය බවයි. සැබැවින්ම සිදුවී තිබුණේ අළුත උපන් ළදරුවා කතෝලික පල්ලියට මුදල්ගෙවා පෝලිමේ සිටි දෙමව්පියන්ට බාර දීමයි. මෙම හදා ගැනීමේ ලැයිස්තුව සාතන්ගේ පූජකයන් හා කන්යා දූවරුන් විසින් දෙමව්පියන්ගෙන් මුදල් ලබාගෙන පිළියෙල කරයි. දරුවාගේ මළසිරුර බැලීමට මවක් ඉල්ලාසිටි කල ඔවුන්ව අධෛර්ය කිරීමට හා එය වැළකීමට වින්නඹුවන් හා දොස්තරයන් සැදී පැහැදී සිට ඇත.
ලංකාවේ මෙන්ම අති බලවන්ත සාතන්ගේ ස්පාඤ්ඤ කතෝලික පල්ලිය මෙම අපරාධය “මනුෂත් බවට එරෙහි ජාතික අපරාධයක්” ලෙස සැලකීමට එරටේ නීති පද්ධතියට ඉඩ තැබුවේ නැත. එය නීති පද්ධතියෙන් පමණක් නොව දේශපාළුවන් ලවා ද ප්රතික්ෂේප කරවීමට තරම් කුරුසයට මුවාවූ සාතන් ගේ බල පරාක්රමය ඉහල විය. ඒවා කෙසේ වෙතත් නීතිඥ්ඥයන් නොනැවතී සිය පරීක්ෂන සිදු කරමින් යයි. ස්පාඥ්ඥය තවමත් යන්තමින් හෝ වාසනාවන්ත බව ඒ අනුව පෙනී යයි.
දැන් අපි ලංකාවේ කතෝලික පල්ලියේ නායක වන රදාගුරු මැල්කම් සාතන්ගේ ක්රියාකලාපය ඉහත සිද්ධිය හා ගලපමු. ස්පාඤ්ඤ පල්ලිය මාධ්යන්ට ප්රකාශ නිකුත්කිරීමේන් වැළකී සිටියේ සිදු වූ අපරාධය හෙළිවූ කල කට උත්තර නැති වීම නිසාය, රදා ගුරු මැලකම් සාතන් නම් එසේ නොවේ. ඇස් පනාපිට ඔප්පුවූ ළදරු ජාවාරම එකහෙලා ප්රතික්ශේප කලේ අවලම් අවජාතක පාහරයෙක් ලඟ ඇති තරම්වත් ලැජ්ජාවක් නැති එකෙක් මෙනි. අති විශාල මුදල් කන්දරාවක් සමඟ ප්රෙම් නිවස නම් තෙරේසා ගුබ්බෑයමෙ සිට හසුවූ විජාතික යුවල පවසා සිටියේ එම මුදල් දරුවා මිළට ගැනීමට ගෙනා බවයි. විළි ලජ්ජාවක් නැති පාහර මැල්කම් සාතන් කියන්නේ ඒවා මිළට ගැනීමට නොව, දරුවා ගේ අනාගතය වෙනුවෙන් බැංකුවේ දැමීමට ගෙනා මුදල් බවයි. තෙරේසාගේ ගුබ්බෑයම බැංකුවක් නොවන බව කොටි මැල්කම් අමතක කලේය. පාරිභෝගිකයාගේ කට උත්තරය පවා විකෘති කල සාතන්ගේ බලය එසේයි. කොටි මැල්කම් මොන නාඩගම නැටුවත් සිදුවූ සියල්ල සැකයකින් තොරව පල්ලියේ ළදරු ජාවාරම හෙළි කලේය. එය මැල්කම් සාතන්ගේ වහල් කතෝලික ආගමිකයාටත්, මෙරටේ බෞද්ධයාටත් එක සේම හෙළිවිය. කවුරු ප්රතිෂේප කලත් ඔවුන්ම හිත යටින් වැරැද්ද පිළිගන්නා බව අපි හොඳින් දනිමු.
නින්දිත තෙරේසා මැහැල්ල මෙන්ම සුදු පිරුවට යටින් කොටි පුල්ලි සඟවාගෙන ක්රියාකල මේ පාහර ආගමික නායකයා කෙසේ හෝ ස්පාඤ්ඤ කතෝලික පල්ලිය සේම රටේ නීති පද්ධතියට හා දේශපාළුවන්ට කණ හරහා ඇස් රතුවෙන්නට දුන්නේය. නීතිය වල් වැදුනි. කොටි සාතන් ජය ධජ බැන්දේය.
කෙසේ නමුත් කර්ම නියාමයට අනුව කොටි මැල්කම්ටත් මේ අපරාධ දැක දැකත් නින්දිත කතෝලික මිසදිටු ආගම අත් නොහරින උගේ අනුගාමික කතෝලික හැතිකරයටත් අවීචිය නම් බියකරුම අපායෙන් මෙහා කිසිම සුදුසු ස්ථානයක් නැති බවත් අපි කණගාටුවෙන් ප්රකාශ කර සිටින්නෙමු. කොටි මැල්කම්, තොපගේ ජය ධජ එක ආත්මයකට පමණයි. සසරින් පැරදුන තොප ගැන අපිට බොහෝම කණගාටුයි.
http://dharmadveepayeiranama.blogspot.com/2011/12/spinning-spain-and-sl.html
- AnonymousDecember 15, 2011 at 1:25 PM
Sinhala buddhist la mekata waga kiyanna one kiyanne meka pitipasse inne "HELU URUMAYA" kiyala danna nisa....mokata Pitiduwe Sumangala la ewagema thawath "Cheewaradhariyo" karapu balu weda walalin wechcha lejjawa waha ganna thamai mehema deyak plan karala kerewwe. Suddo awe magic balanna nemei lama niwasa walata "KALAYA" gihilla nethnang, gihilla balanna e missu inne kohomada e missu wenuwen thamanta karanna puluwan de monawada kiyala..nikan karana minissunta nodanna magul kiyanne nethuwa..ReplyDelete
- AnonymousDecember 22, 2011 at 7:52 PM
http://www.thesundayleader.lk/2011/11/27/a-baby-shop-in-rawatawatte/ReplyDelete | hplt_2 |
විලාසිතා බ්ලොග්
විලාසිතා බ්ලොග් යනු ඇඟලුම්කරණයේ විලාසිතා හා විලාසිතා උපකරණ ආවරණය කරන බ්ලොග් වර්ගයකි.
විලාසිතා බ්ලොග් මුලිකවම කැප වී තිබෙන්නේ ඇඟලුම්කරණයේ විලාසිතා හා විලාසිතා උපකරණ ආවරණය කිරීමටයි. මේ සඳහා පහත ක්ෂේත්ර පිළිබඳව වූ බ්ලොග් ඇතුලත් වේ.
- රන්වේ (Runway) ප්රවණතා
- විලාසිතා අංග උදා - පාවහන්, අත් බෑග්
- කීර්තිමත් (celebrity) විලාසිතා
- සාමාන්ය මිනිසුන් විසින් පළඳිනු ලබන සාමාන්ය ඇඟලුම්
බ්ලොග් විසින් සියලු විලාසිතා මට්ටම් ආවරණය කරනු ලබයි. ඒ විශාල වෙළඳ නාම හා සුවිසල් නිර්මාණකරුවන්ගේ සිට මහමඟ හමුවන ඇඟලුම් දක්වාය.
බොහොමයක් විලාසිතා බ්ලොග් සාප්පු සවාරි බ්ලොග් ලෙස ද වෙන් කර දැක්විය හැකිය. මන්ද යත් ඒවායේ දී වැඩිපුර සාකච්ඡාවට බඳුන් වන්නේ සාප්පු සවාරි යාම පිළිබඳ උපදේශ, පාරිභෝජක නිර්දේශ වන බැවිනි. සමහරක් විලාසිතා වෙළෙඳුන් ඔවුන්ගේම ව්යාපාරය නඟා සිටුවීම සඳහා ඔවුන්ගේම බ්ලොග් ආරම්භ කර ඇත.
"තරුණයන්ගේ පුද්ගලික දින පොත්" වැනි ඉද හිට විලාසිතා ගැන සඳහන් කරන බ්ලොග් විලාසිතා බ්ලොග් ලෙස වර්ගීකරණය නොකරයි.
පටුන
විලාසිතා කර්මාන්තය සිදු මත ඇති කරන බලපෑම[සංස්කරණය]
විලාසිතා යනු බහු බිලියන ඩොලර් කර්මාන්තයක් වන අතර එය සාමාන්ය මිනිසුන් අඳින පළිදින ආකාරයට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. විලාසිතාවක් ප්රවණතාවයක් බවට පත් වු විට හා එම ප්රවනතා අනුගමනය කිරීමට විලාසිතා බ්ලෝග් මගින් නව ක්රම හදුන්වා දෙයි.එවිට ඒවා කර්මාන්තය කෙරෙහි සැලකිය යුතු මට්ටමේ දීර්ඝ කාලීන බලපෑමක් ඇති කළ හැකිවේ.
විලාසිතා ජනමාධ්ය කරුවන් විසින් විලාසිතා බ්ලෝග් හා කර්මාන්තය මත ඒවා මගින් ඇති කරන බලපෑම ගැන සදහන් කරන වාක්ය කිහිපයක් පහත දැක්වේ.
- මෙම දිනවලදී විලාසිතා ස්පන්ධය මත එක් ඇඟිල්ලක් තබා ගැනීමට නම් ඔබට ඔබගේ අනිත් ඇඟිල්ල පරිගණක මවුසය මත තබා නවතම බ්ලෝග් කියවීම (හෝ ලිවීම) සිදු කළ යුතුවේ.
- නිර්මාණකරුවෙකුගේ විලාසිතා සන්දර්ශණයක් අවසාන වීමටත් ප්රථම ප්රේක්ෂකාගාරයේ හෝ වේදිකාව පිටුපස සිටින යම්කිසි පුද්ගලයෙක් අදාල සියළු ඇදුම් පැළදුම් හා විලාසිතා තොරතුරු හා සුපිරි *නිරූපිකාවන් පටිගත කර ලොවපුරා සිටින විලාසිතා නරඹන්නන්ගේ විනෝදය උදෙසා එය අන්තර් ජාලයට යවා ඇතැයි ඔබගේ අන්තිම ඩොලරය දක්වා වුවත් ඔට්ටු දැමිය හැකිය.
විලාසිතා බ්ලොග් වර්ග[සංස්කරණය]
විලාසිතා බ්ලොග් විදි කිහිපයකට වර්ගීකරණය කළ හැකිය .
ලියන්නාගේ විශිෂ්ටත්වය අනුව[සංස්කරණය]
විලාසිතා බ්ලොග් අභ්යන්තරයෙහි වූවන් හෝ බාහිරෙහි වූවන් හෝ අභ්යන්තරයෙහි වූ බලාපොරොත්තු සහගත අය විසින් ලියනු ලැබේ.
අභ්යන්තරෙහි වූ අය යනු විලාසිතා කර්මාන්තය තුළ කටයුතු කරන (හෝ කටයුතු කර ඇති) හෝ සාම්ප්රදායික විලාසිතා මාධ්ය සඳහා කටයුතු කරන පුද්ගලයන්ය. මීට අමතරව සමහරක් විලාසිතා හි අභ්යන්තරයේ වූ අය විශාල අඩවි තුළ දී අමුත්තන් ලෙස බ්ලොග් ලිවීම සිදු කරයි. උදාහරණයක් ලෙස විලාසිතා නිර්මාණකරුවෙකු වන නැනට් ලෙපෝරේ glam.com සඳහා දායක වී ඇත.
බාහිර පුද්ගලයන් යනු සාමාන්යයෙන් විලාසිතාවලට ඉතාමත් කැප වූ පාරිභෝජකයන් වීම තුළින් විලාසිතා පිළිබඳ හසල දැනුමක් (හෝ අඩුම තරමින් ශක්තිමත් ආකල්ප) ඇති පුද්ගලයන්ය.
අභ්යන්තරයෙහි වූ බලාපොරොත්තු සහගත පුද්ගලයන් විලාසිතා කර්මාන්තයේ හෝ මාධ්යයෙහි කටයුතු කරන අතර ඔවුන් බ්ලොග් විලාසිතා, ලිවීම මඟින් රැකියා අවස්ථාවක් විවර කර දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන්ය. ඔවුන්ගේ බ්ලොග්වල ශක්තිමත්භාවය නිසා විලාසිතා කර්මාන්තය තුළ සේවයෙහි යෙදී සිටින පුද්ගලයන්ගේ නිදසුන් අතරට පහත අය ඇතුළත් වේ.
- Manolo The Shoe Blogger, මොහුට දැන් වොෂින්ටන් පෝස්ට් ප්රකාශනවල සතියකට වරක් තීරුවක් හිමි වේ.
- Go Fug Yourself හි හෙදර් හා ජෙසිකා නිව්යෝර්ක් සඟරාව සඳහා විලාසිතා සතිය ආවරණය කිරීම සිදු කරයි.
- කැතරින් ෆනී විසින් “How to be a Budget fashionista” යනුවෙන් ග්රන්ථයක් ලියූ අතර එය වැලන්ටයින් පොත් මඟින් ප්රකාශයට පත් කරන ලදී.
විලාසිතා බ්ලොක්වල හිමිකාරීත්වය[සංස්කරණය]
විලාසිතා බ්ලොග් තනි පුද්ගලයන්ට හෝ සමාගමවලට අයත් විය හැකිය.
තනි පුද්ගලයන් මඟින් සිදු කරගෙන යන විලාසිතා බ්ලොග් ඉහත ලැයිස්තුගත කර ඇත.
දැනට විලාසිතා බ්ලොග් පවත්වාගෙන යන සමාගම් වර්ගවලට විශාල මාධ්ය සංවිධාන හා විලාසිතා විකිණුම්කරුවන් ඇතුළත් වේ. විලාසිතා බ්ලොග් අයිති මාධ්ය සංවිධාන අතරට ද ටයිම්ස් (UK) කොන්ඩේ නාස්ට් ප්රකාශකයන් (US), වරයිටි (US) හා සිඩ්නි මෝර්නිං හෙරල්ඩ් (ඕස්ට්රේලියා) ඇතුළත් වේ. ෆැෂන් බ්ලොග් අයත් විකුණුම්කරුවන් අතරට බටර්ෆලයි හා ස්ලෙන්ඩෝරා ඇතුළත් වේ.
විලාසිතා බ්ලොක්වල තේමාව[සංස්කරණය]
බොහෝමයක් සාර්ථක විලාසිතා බ්ලොග් යම් නිශ්චිත තේමාවක් හෝ කෝණයක් අනුගමනය කරයි. සමහරක් ඔවුන්ගේ පථය එක් විලාසිතා වර්ගයකට සීමා කර ඇත. උදාහරණ පාවහන්, අත් බෑග් හෝ ඩෙනිම්. සමහරක් ඒවා යම් මිළ මට්ටමක් සඳහා විශේෂිත වේ. සාමාන්යයෙන් ඉතා ඉහළ මට්ටමේ හෝ ආර්ථික මට්ටමට ගැලපෙන මිළ මට්ටම් විශේෂිත වේ. සමහරක් ප්රසිද්ධ විලාසිතා පමණක් ආවරණය කරන අතර අනෙක්වා එදිනෙදා හමුවන විලාසිතා ආවරණය කරයි. සමහරක් මෙම මාතෘකාවලින් දෙකක හෝ කිහිපයක එකතුවක් ආවරණය කරයි. | hplt_2 |
ගොනුව:125px-Flag of Eritrea.svg.png
කොඩිය
එරිත්රියා නිල වශයෙන් හඳුන්වන්නේ එරිත්රියා රාජ්යය නමිනි. එරිත්රියාව අප්රිකාවේ කෙළවර පිහිටි රාජ්යයකි. එය බටහිරින් සුඩානයෙන්ද, දකුණින් ඉතියෝපියාවට සහ ඩිජිබෝට් ප්රදේශයෙන්ද, දකුණු ගිණිකොණට ද මායිම් වේ. නැගෙනහිර හා ඊසාන වයඹ රටෙහි සහ රතු මුහුදෙහි විශාල වෙරළ තීරයක් පවතී. එය කෙළින්ම සවුදි අරාබියට හා යේම නය දක්වා පැතිරේ. දාලන්, ආචිපෙලාගෝ සහ සමහර හාතිෂ් දූපත් එරිත්රියාවේ කොටස්ය. එහි විශාලත්වය 118,000 වර්ග කිලෝමීටර (45,560 වර්ග සැතපුම්) හා ජනගහනය මිලියන පහකි. අගනගරය අස්මාරා වේ. | hplt_2 |
වෙසෙස් සිතෙන් මිදෙන සිතුම්....වලින් පහන් වැට සරසමි....
පහන් සිලෙන් ගලන කැලුම්....පසන් සිතින් විඳ තුටු වෙමි...
Thursday, June 28, 2012
වස්තුව ඉල්ලන කාශ්යප පුතුනේ - රාජාවලිය XIX
ගියවර රාජාවලිය ලිපිය අපි නතර කළේ ධාතුසේන රජතුමා (ක්රි. ව. 453 - 479) ලඟින්. ඔහුගේ අවසාන කාලය ඒ තරම් මිහිරි එකක් නෙවෙයි කියලත් අපි කිව්වනේ. අද අපි බලමු ඇයි එහෙම උනේ කියලා.
ධාතුසේන රජතුමාට හිටියා පුතුන් දෙදෙනෙක් සහ රූමත් දුවක්. මෙයින් වැඩිමල් කුමාරයා තමයි "කාශ්යප". ඒත් කාශ්යපගේ මව අග මෙහෙසිය නමෙයි. අග මෙහෙසියගෙන් ලැබුන පුතා තමයි "මුගලන්" කුමරු. (ධාතුසේන රජතුමාගේ මුල් බිසව ගෙන් කාශ්යප කුමරු ලැබුන බවත් ඇගේ මරණින් පසු සරණපාවා ගත් බිසව ගෙන් මුගලන් කුමරු ලැබුණු බවටත් මතයක් තියනවා. ඒවා ඉතින් එකිනෙකට වෙනස් මත). කොහොම උනත් රජකම නීත්යානුකුලව හිමි වෙන ලකුණු තිබුනේ මුගලන් කුමරුට.
මේ අතරේ ධාතුසේන රජතුමාගේ දියණිය සරණපාවා දෙනවා රජතුමාගේ සොයුරියගේ පුත් "මිගාර" ට. මිගාරත් ඔහුගේ මවත් රජ දියණියත් අතර ඇති වෙන ගැටුමක් නිසා මිගාර විසින් රජුගේ දියණියට දඬුවම් කරනවා. මේ නිසා කුපිත වුනු ධාතුසේන රජතුමා මිගාරගේ මව එනම් තමන්ගේ සොයුරිය, වීදියක නිරුවත් කරලා ගිනි තබා මැරුව ලු. ඒකෙන් වෙන්නේ මිගාර, රජතුමා සමඟ වෛර බැඳ ගන්න එක. රජතුමාගෙන් පළිගන්න අවස්ථාවක් හොය හොයා ඉඳපු මිගාර දකිනවා රජ පවුලේ දුර්වල තැනක්...
ඒ තමයි කාශ්යප කුමාරයා. නීත්යානුකුලව රජකම හිමි වෙන්න තිබුනේ මුගලන් ට නිසා කාශ්යප හරියට ඇවිලෙන්න බලාගෙන ඉන්න පිදුරු ගොඩක් වගේ කියලා මිගාරට තේරුණා. ඔහු කළේ පුංචි ගිනි සිළුවක් පිදුරු ගොඩට ලං කරන එක විතරයි. ධාතුසේන රජතුමා ළඟ අති විශාල ධනයක් සඟවලා තියනවා කියලා කාශ්යප උසි ගන්වපු මිගාර, කාශ්යපට රජ කම ලබාගන්න උදව් කරන්නත් පොරොන්දු උනා.
ඉතින් කාශ්යප මොකද කළේ, සම්පුර්ණයෙන්ම මිගාරගේ බසට අවනත වෙලා සඟවපු වස්තුව ඉල්ලමින් රජතුමාට කරදර කරපු එක. මේ අතරෙදි මුගලන් කුමාරයාත් ආරක්ෂාව පතා ඉන්දියාවට යනවා. අන්තිමේදී ධාතුසේන රජතුමා කියනවා කාශ්යපට, වස්තුව දෙන්න කලා වැව ලඟට එක්ක යන්න කියලා. එතනට ගියාම කලා වැවට නැඹුරු වෙලා දිය දෝතක් අරගෙන රජතුමා කියනවා "මේ තමයි මගේ ළඟ තියන එකම වස්තුව" කියලා.
"බලන්න දෙටු පුත මේ දිය තලයම කෙත්වතු සාර කරන්නේ...
මට ඇති වස්තුව මට ඇති සම්පත මේ නිල් දිය කඳ වන්නේ"
මේක අහලා හොඳටම කුපිත වෙන කාශ්යප, රජතුමා ව වැව් බැම්මේ තියලා මැටි ගසා මරා දමන්න නියෝග කරනවා.
"සිටුවා පස් ගස්වා මා මැරුමට කවුරුද පුත සිත බින්දේ...
මගේ කලා වැව සදා රකිනු මැන අවුකන පිළිම සමින්දේ"
ඉතින් ධාතුසේන රජතුමාගේ මරණය ඔහුගේම පුතා අතින් සිද්ධ වෙන්නේ හරිම ශෝචනීය ආකාරයට. රජතුමා කලා වැව හදද්දී භාවනානුයෝගීව ඉඳපු රහතන් වහන්සේ කෙනෙක් සමාධිය බිඳලා එතනින් අයින් නොවුණු නිසා රහතුන් යට කර පස් දැමීමේ විපාකය පල දුන්නේ මේ විදියට කියලත් මතයක් තියනවා. කොහොම හරි රජකමත් කාශ්යප කුමාරයා විසින්ම පවරා ගන්නවා. ඉතින් මේ පීතෘඝාතක කාශ්යප රජතුමා කොයි මොහොතේ හෝ මුගලන් ගෙන් ඇති වෙන්න පුළුවන් ආක්රමණයක් ගැන සැකයෙන් තමයි ඉන්නේ.
ඒ නිසා කාශ්යප රජතුමා (ක්රි. ව. 479 - 497) සීගිරි පර්වතය (මේ වෙද්දීත් සීගිරිය බලකොටුවක් ව තිබුනා කියල තමයි කියන්නේ) වෙත ගොස් එහි සකලාංග සම්පූර්ණ රජ මාලිගාවක් සහ බලකොටුවක් කරවලා එහි වාසය කරනවා. මේ වෙලාවේදී සීගිරිය ගැනත් පොඩ්ඩක් නොකිව්වොත් හොඳ නැහැ නේ.
සීගිරියේ ඉතිහාසය රාවණා රජ දවස තරම් ඈතට විහිදෙන බව හුඟ දෙනෙක් විශ්වාස කරනවා. ඒ කාලයේ සීගිරිය හඳුන්වලා තියෙන්නේ "ආලකමන්දාව" යන නමින්. රාවණා රජු ගේ අර්ධ සොහොයුරෙකු වූ "කුවේර", ආලකමන්දාව වාස භවන කර ගත්තා ලු. ඉතින් ඊට ගොඩක් පස්සේ කාලෙක තමයි කාශ්යප රජතුමා ඒක වාස භවන කරගෙන තියෙන්නේ. සීගිරි චිත්ර, කුරුටු ගී, කැටපත් පවුර සහ ජල පද්ධතිය වගේ සීගිරිය ගැන කතා කරන්න ගොඩක් දේවල් තිබුනත් මේ රාජාවලිය ලිපි පෙළ පුරාවිද්යාත්මක පැත්තට වැඩි නැඹුරුවක් නැති නිසා ඒ ගැන වැඩි දුර කතා නොකර ඉන්නම්. ඒ ගැන තොරතුරු ඕනෑ තරම් ජාලගත වෙලා තියනවා කියලා හිතනවා.
ආපහු කතාවට එමුකො. ඉන්දියාවට ගියපු මුගලන් කුමාරයා සේනාවක් අරගෙන ආපහු එනවා කාශ්යප රජුට විරුද්ධව සටන් කරන්න. කාශ්යප රජතුමාත් සේනාව අරගෙන ඇතා පිටේ නැගලා පෙරමුණට ගියාලු. මේ ගමන් මාර්ගයේ තිබුණු විශාල මඩ වලක් හින්දා කාශ්යප රජතුමාගේ ඇතා ආපසු හැරෙනවා දැකපු සේනාව, රජු සටනින් පළා යනවා කියලා හිතලා ඔවුනුත් පළා යන්න ගත්තලු. සටනින් පරදින්න වෙන බව දැකපු කාශ්යප රජතුමා තමන් විසින්ම දිවි තොර කර ගත්තා කියල තමයි කියන්නේ.
ඉන් පස්සේ මුගලන් රජතුමා නැවත අනුරාධපුරයට රාජධානිය ගෙන ගොස් තම පියා මැරීමට හවුල් වූ අයට දඬුවම් දී, අවුරුදු 18 ක් (ක්රි. ව. 497 - 515) රට පාලනය කරනවා.
102 comments:
අද ලිපිය ගැන ගිය පාර ඉස්සෙල්ලම කිවුවේ මම.. මම තමා පන්තියේ හොද ළමයා.. ඉස්සෙල්ලම එන්නෙත් මම..ReplyDelete
මේ අපේ ඉතිහාසයේ ගොඩක් වැදහත් සංදිස්ථානයක්නේ.. තව කාලාන්තරයකට පවතින ඉතිහාසයේ වැදගත් මතකයක්...Replies
අපෝ දිනේෂ් මල්ලි අද 1 වෙන එක්කෙනාට දෙන තෑග්ග නොදැනද 1 වුනේ...Delete
දෙන්නේ තෑග්ග මේකලූ.. වැව් බැම්මේ තියලා මැටි ගසා මරා දමන්න නියෝග කරනවා ආයෙ එක නොවෙන්න...හිකිස්....
(සිතමින්..හොද වෙලාවට මම පස්වෙනියා වුනේ)
ආ මේ හොඳම ළමයා කලින්ම ඇවිත් ඉන්නේ :) හි හි බට්ටි යෝජනා කරලා තියෙන්නේ මරු තෑග්ගක්. එච්චර එකක් දරුණු වැඩි නැද්ද ඈ?Delete
//තව කාලාන්තරයකට පවතින ඉතිහාසයේ වැදගත් මතකයක්//
බොහොම හරි
හැමදාම පලවෙනියට තෑගි දෙන හන්දා අද තෑග්ග දෙන්නේ පස් වෙනියට ලූ.Delete
හ්ම්ම්ම්ම්...තෑග්ග නම් බට්ටි දූ කියලා තියෙනවා නේ.. ඒත් කවුද වාසනාවන්තයා...... ???
" සිටුවා පස් ගස්වා මා මැරුමට කවුරුද බට්ටිගේ සිත බින්දේ...Delete
ලබන වතාවේ එකම වනු මැන බට්ටි අක්කියේ මගේ.."
අප්පා කමෙන්ටුව ලබනට මං අද ආවේDelete
විහිළුවටයි කොල්ලෝ මම එය කීවේ....
රාවණා රජු ගේ අර්ධ සොහොයුරෙකු වූ "කුවේර", ඒකිව්වෙ?ReplyDeleteReplies
සීගිරිය ගැන නම් කතා අහලා තියනවා. 'ආලකමන්දාව' කියලා අතීතයේ සීගිරියට කීව බවක් අහලා තිබුනේ නෑ.ReplyDelete
ධාතුසේන රජතුමාගේ අර රූමත් දියණියගේ නම දන්නවාද?
ඉතිහාස පාඩම නම් හරිම රසවත් ටීචර්....:)Replies
බලන් ගියාම සයුරි අක්කට හොදට ඉතිහාසය කියල දෙන්නත් දන්නවනේReplyDeleteReplies
අම්මෝ මේ රජතුමාලා කරපු දේවල් බලද්දි දැන් ඉන්න රජා හොදයිද මන්දා? දේන ටීචර්?ReplyDelete
ටීචර් අද ඉස්කෝලෙ එද්දි ලොකු ට්රැෆික් එකකට අහුවුනා. මම කිව්වා අපේ ඉතිහාසය ටීචර් බනීකියලා. ඒත් ඉතිං කරන්න දෙයක් නෑනේ...බට්ටි අද 5ලූ..අදත් තෑගි නැතිලූ..හී හී....Replies
//දැන් ඉන්න රජා හොදයිද මන්දා?// හිහි ඇත්ත තමා. අඩුගානේ පවුලටවත් සලකනවනේ නේද? 5 කියන්නේ නරක ගානක්යෑ අනේ....Delete
අම්මෝ මාර ජජ්ජුරුවොනේ මෙයාලා :/ReplyDeleteReplies
මාරදත් අහලා....Delete
විශ්මිත නිර්මාණයක් ලෝකෙට දායාද කරපු කෙනෙක් මේ විදියට ආනන්තරීය පාපකර්මයකට හසුවීමනම් හරිම් ඛේදනීය කාරනයක්.ReplyDelete
//මේ අතරේ ධාතුසේන රජතුමාගේ දියණිය සරණපාවා දෙනවා රජතුමාගේ සොයුරියගේ පුත් "මිගාර" ට. මිගාරත් ඔහුගේ මවත් රජ දියණියත් අතර ඇති වෙන ගැටුමක් නිසා මිගාර විසින් රජුගේ දියණියට දඬුවම් කරනවා. මේ නිසා කුපිත වුනු ධාතුසේන රජතුමා මිගාරගේ මව එනම් තමන්ගේ සොයුරිය, වීදියක නිරුවත් කරලා ගිනි තබා මැරුව ලු//
මේක දැනගත්තෙ අදයි අක්ක. බොහෝම ස්තූතියි
සීගිරියෙ චිත්ර, වාරි තාක්ෂනය වගේ දේවල් ගැනත් මතක් නොකරම බෑනෙ මේ ගැන කතා කරනකොටReplies
ඇත්තටම ඛේදනීයයි තමා සඳු මල්ලි. සීගිරියේ තාක්ෂණය ගැන ගොඩක් දේවල් තියනවා තමා කතා කරන්න. කලාව, සාහිත්ය, ඉතිහාසය, තාක්ෂණය මේ හැම පැත්තෙන්ම වැදගත් තැනක් තමා සීගිරිය. මගේ ප්රියතම තැනක් :)Delete
මේ මිගාර සෙනෙවියා සහ කාශ්යප රජතුමා ගැන කියවෙන තවත් මතයක් තමා මේ දෙදෙනා ක්රිස්තු භක්තිකයන් වුණා කියන එක.ReplyDeleteReplies
හෑ...?Delete
මේකනම් ඇහුවමයි හසිත.
මේ දෙවල් වෙන්නෙ අනුරාධපුර යුගයෙදි නේද?
ල්oකාවට ක්රිතුදහම ලැබුනෙ අධිරාජ්යවාධීන්ගෙ ආගමනයත් එක්ක නේද?
ඒ නිසා මට ඒක ටිකක් පැටලිලි සහගතයි.
@ සඳDelete
1913 දී අනුරාධපුර ඇතුල් නුවර කැණීමකින් එවකට පුරාවිද්යා කොමසාරිස් අයර්ටන් විසින් කුරුසයක කැටයමක් තියෙන ගල් පුවරුවක් හොයාගෙන තියෙනවා.
ඒ කුරුසය අයත් වෙන්නේ නෙස්ටෝරියන් සම්ප්රදායට. ක්රි.ව 386 - 451 අතර කාලයේ කොන්තන්තිනෝපලයේ ජීවත් වුණු නෙස්ටොරියස් කියන ආච් බිෂොප්වරයාගේ මූලිකත්වයෙන් ගොඩනැගුණු නෙස්ටෝරියන් නිකාය භාවිතා කළා කියන්නේ මේ කුරුසය.
ශ්රී ලංකාවෙන් හමුවුණු මේ නෙස්ටෝරියන් කුරුස සටහන ක්රි.ව 9 වැනි සියවසට අයිති කියලා තමා කාල නිර්ණය කරලා තියෙන්නේ.
https://inkbeauty.files.wordpress.com/2012/05/nestorian20cross20-20002331.jpg
ආහ් මට කියන්න අමතක වුනා රාගම තේවත්ත බැසිලිකාවේ අනුරාධපුරයේ ඉදන්ම කිතුණුවන් ලංකාවේ හිටිය හැටි මූර්තිමත් කරලා තියෙන බව අහලා තියෙනවා වගේම ෆොටෝස් කීපයක් දවසක් දැක්කා. කවුරු හරි අපේ කිතුණු සහෘදයෙක්ට ඒක පැහැදිලි කරන්න පුලුවන් නම් හොඳයිDelete
@ හසිතDelete
හ්ම්ම්... බොහෝම ස්තූතියි. මේව ඉතින් වෙන කාගෙන් අහගන්නද?
ඉතිහාසය ගැනත් මටනම් ලොකු දැනීමක් නෑ. මුල් කාලෙ ඒ ප්රදේශ සමඟ වෙළඳ සබඳතා පැවැත්තුවට ලOකාවෙ කිතුනු දහම අදහපු අයත් හිටිය කියල දැනගෙන හිටියෙ නෑ
අජසත්ත වගේම කාෂ්යපත් ආනන්තරීය පාපකර්මය නිසා ඇතිවෙච්ච කම්පනයෙන් එහෙම කරන්න ඇති නේද?
@ සඳDelete
"අජසත්ත වගේම කාෂ්යපත් ආනන්තරීය පාපකර්මය නිසා ඇතිවෙච්ච කම්පනයෙන් එහෙම කරන්න ඇති නේද?"
මොකක් ගැනද මේ කියන්නේ ??
//රාගම තේවත්ත බැසිලිකාවේ අනුරාධපුරයේ ඉදන්ම කිතුණුවන් ලංකාවේ හිටිය හැටි මූර්තිමත් කරලා තියෙන බව අහලා තියෙනවා //Delete
මේ ගැන සෑහෙන්න වාද විවාද ඇතිවුනා.මම දැක්කා බුකියෙ ෂෙයාර් වුනු පොටෝ කීපයකුත් මම හිතන්නේ ඒ මූර්ති මෑත කාලීනව හදපුවා කියලා....
//1913 දී අනුරාධපුර ඇතුල් නුවර කැණීමකින් එවකට පුරාවිද්යා කොමසාරිස් අයර්ටන් විසින් කුරුසයක කැටයමක් තියෙන ගල් පුවරුවක් හොයාගෙන තියෙනවා. //
මෙහෙම දෙයක් මම අහලා නෑ.හැබැයි මේ දේ ගැන හොයන්න ආසා හිතුනා.1913 කියන්නේ සුද්දො රට අල්ලන් හිටිය කාලෙ නිසා ඒ කාලේ පුරාවිද්යාඥයෝ ගැන කතා කරලා වැඩක් නෑ කියලයි මම හිතන්නේ...
බොහෝම ස්තූතියි තොරතුරුවලට.අද තමයි ඔයාගේ බ්ලොග් එකට අඩිය තිබ්බේ...
බුද්ධ කාළයේදි අජාසත්ත රජතුමා පීතෘඝාතකයෙක් උනාට පස්සෙ, බුදුන් වහන්සේ කියනවනෙ "සෝවන් වෙන්න තරම් හේතු සම්පත් අතිව හිටි අජාසත්ත පියා මැරීම නිසා ක්ෂණ සම්පත්තිය අහිමි කරගත්ත කියල". ඒකෙන් කම්පාවෙලා හිත හදාගන්න බැරිව අජාසත්ත වෙනත් ශාස්තෲන්වහන්සේ කෙනෙකුට (නිගන්ටනාතපුත්ත ද කියල හරියටම මතක නෑ) ලoවෙනව නේද?Delete
එවකට බුදුදහම හොඳින්ම මුල්බැසගෙන තිබුණු ලoකාවෙ රජු වෙලත් කාෂ්යපත් පීතෲඝාතකයෙක් උනාට පස්සෙත්, එහෙම කම්පා වෙල ක්රිස්තු ධර්මය වැලඳගත්තද දන්නෙ නෑ කියල කීවෙ. (ඒක මගෙ පුද්ගලික අදහසක් ඉදිරිපත් කිරීමක් පමණයී) ඇත්තම හේතුව දන්නෙ නැහැ
ඔහ් එහෙමත් කතාවක් තියනවද? මටත් ඒක ටිකක් විශ්වාස කරන්න අමාරුයි. වෙන්න බැරිත් නෑ.Delete
//.1913 කියන්නේ සුද්දො රට අල්ලන් හිටිය කාලෙ නිසා ඒ කාලේ පුරාවිද්යාඥයෝ ගැන කතා කරලා වැඩක් නෑ කියලයි මම හිතන්නේ...//
මේ තියෙන්නේ පොයින්ට් එකක්. මේකනම් ඇත්ත තමා :) සුද්දන්ට ඕන විදියට පුරා විද්යාවත් වෙනස් කරන්න කිසිම බැරි කමක් තිබුනේ නැහැ නේ.
අන්තිමට සඳු කියල තියන තර්කෙත් වැදගත් එකක්. බුද්ධාගම අනුව එයාට ගැලවීමක් නෑ කියලා පෙනුණාම එහෙම වෙන ආගමක් වැළඳ ගන්න එකත් ස්වාභාවිකයි.
//බුද්ධාගම අනුව එයාට ගැලවීමක් නෑ කියලා පෙනුණාම එහෙම වෙන ආගමක් වැළඳ ගන්න එකත් ස්වාභාවිකයි.// වෙනත් ආගම වලත් දන්නා විදියට ගලවිමක් නැහැ නේ ද?Delete
@ ගැමියාගේ පත් ඉරුව, සයුරිDelete
මේ කාලේ සුද්දෝ අපේ රට අල්ලගෙන හිටිය නිසා විශ්වාස කරන්න බැහැ කියලා කිව්වත් හැමදේටම ඒක අදාළ කරගන්න එක නම් අපරාධයක්. සුද්දෝ අතින් හැමදේම නිවැරදිව සිදු නොවුණා වෙන්න පුලුවන්.
ඒත් හැමදේම වැරදියට සිදු වුණේ නැහැ. ඒ වගේමයි පුරාවිද්යා ක්ෂේත්රයට පුරෝගාමී මෙහෙවර ඉටු කළේ ඔවුන් [දැන් කාට හරි කියන්න පුලුවන් සුද්දෝ එහෙම කළේ නිදන් හාරන්නත් කියලා :D] ඒ වගේමයි ජාතික කෞතුකාගාරයක් ආරම්භ කළෙත් ඔවුන්.
සුද්දන් අතින් වැරදියට අර්ථ කතනය කරපු තිබුණා නම් ඒවා නිවැරදි කරන්න පුලුවන්කම තිබුණානේ 1950 දශකයේ ඉදන් පුරාවිද්යා දෙපාර්තමේන්තුව ලාංකිකයන් අතේ නොවැ තිබුණේ.
ක්රිස්තියානි දහම රෝම අධිරාජ්යය පිළි ගැනීමකට ලක්වෙලා ක්රි.ව 393 ප්රධාන ආගම බවටත් පත්වුණත් ක්රි.ව ආරම්භයේ ඉදන්ම විවිධ බාධා මධ්යයේ කිතුණු දහම රෝම ප්රදේශවලින් පැතිර යමින් තිබුණේ.
ශ්රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටා තිබීමත් එක්ක මුහුදු සේද මාර්ගය පවා ලංකාව හරහා වැටිලා තිබුණා. ඒකේ එක කොනක් වුණේ කොන්ස්තන්තිනෝපලය. මුස්ලිම් ආක්රමණ වනතෙක්ම එහි හිටියේ ක්රිස්තියානීන්.
ශ්රී ලංකාව පවත්වපු ජාත්යන්තර වෙළෙඳ සබඳතාත් එක්ක සේද මාවතේ ඉදන් ආපු වෙළෙඳුන්ගෙන් බොහෝ දෙනා කිතුණුවන් කියලා හිතන්න පුලුවන්. ඒ අනුව මුහුදු බඩ ප්රදේශවල වගේම අනික් ප්රදේශවලත් කිසියම් ආකාරයකට කිතු දහම පැතිර තිබුණා වෙන්න පුලුවන්.
රටේ පාලකයා බෞද්ධ නිසා රටවැසියන් බෞද්ධ විය යුතුයි කියලා සම්ප්රදායක් ලංකාවේ තිබුනේ නැහැනේ. පණ්ඩුකාභය සමයේ ගොඩනගපු ගිරි කියන නිඝණ්ඨාරාමය බිඳ දමන්නේ දෙවනපෑතිස් සමයටත් වසර 200 කට පමණ පස්සේ.
ඒකෙන් පැහැදිලියි ලංකාවේ තිබුණු ආගමික සහනශීලීතාවය. ඒක නිසා අනුරාධපුර යුගයේ පටන් ලංකාවේ කිතුණු දහම තිබුණා කියන එක පසුකාලීන ඉංග්රීසින් විසින් එබ්බුව මතයක්ද කියලා නැවත වරක් හිතලා බලන්න ඕනේ.
@ සඳDelete
අජාසත් රජතුමා ඊට පස්සේ බුදු දහම අත හැරියේ නම් නැහැ. තමන්ට හැකි පමණින් බුදු දහමට අනුග්රහ කළා. පලවෙනි ධර්ම සංගායනාවට රජතුමා කරපු අනුග්රහය වගේම සර්වඥ ධාතු ආරක්ෂාවට රජතුමා කරපු මෙහෙම විශිෂ්ටයි. ඒ කොහොම නමුත් අජාසත් රජතුමාගෙන් වුණු පීතෲඝාතක පරපුර අවසන් වුණේ මුණ්ඩ රජතුමාගෙන්. ඒ හැමෝම පීතෲඝාතකයෝ.
කාශ්යප රජතුමාගේ සිද්ධියට ඔයා කරපු පැහැදිලි කිරීමෙන් මට මතක් වුනේ සීතාවක රාජසිංහ රජතුමා ශිව භක්තිකයෙක් වුණු කතාව. ඔබ ඉදිරිපත් කරපු අදහසත් වෙන්න බැරිකමක් නැහැ. ඒත් කිතුණු දහම තුළ මේ වගේ පව් සමාකිරීමක් කරන්න පුලුවන්ද කියලා හරී අයියාගෙන්වත් අහලා බලන්න ඕනේ.
//ඒකෙන් කම්පාවෙලා හිත හදාගන්න බැරිව අජාසත්ත වෙනත් ශාස්තෲන්වහන්සේ කෙනෙකුට (නිගන්ටනාතපුත්ත ද කියල හරියටම මතක නෑ) ලඔවෙනව නේද?//Delete
ඔහ්. පහන් යායෙ පාඨකයො හැමෝම මට දහස් වතාවක් සමාවෙන්න ඕනෙ.
අජාසත්ත රජතුමා බුදුදහම අත් හැරියේ නෑ කියලනම් දැනගෙන හිටිය. ගොඩක් ලොකු සේවයක් කලා කියලත් දැනගෙන හිටිය. ඒත් මට ලොකු පටැලැවීමක් වෙලා. සීතාවක රාජසිOහ රජුගෙ කතාව තමයි හරි එක.
@ හසිත,
ඔබට අනේක වාරයක් පින් ඒක නිවැරදි කලාට
@ සයුරි අක්ක අථුලු පහන් යාය පාඨකයන්
මා අතින් ඉහත සිදුවී ඇති පටලැවීම පිළිබඳ අතිශයින්ම කනගාටු වෙමි. සමාව අයදිමි. වරද නිවැරදි කරමි. එයින් කිසිවෙකු නොමඟ නොයත්වා!!!
- AnonymousJuly 2, 2012 at 5:39 AM
http://dreamsofharee.blogspot.com/2012/04/blog-post_25.htmlDelete
- AnonymousJuly 2, 2012 at 5:43 AM
ඕං පවු සමාව ගැන හරී ලියලා තියෙන දේවල්Delete
http://dreamsofharee.blogspot.com/2012/04/blog-post_25.html
හපොයි මෙහෙමවත් මේ කරුණු කාරණා කියවන්ට සැලැස්වීමම ලොකු දෙයක්.. ඉතිහාසය තමා මගේ අකමැතිම විශය ඒ කාලෙ, ඒ කාලෙ ඔන්න ඔය විදියට කතන්දරයක් වගේ කියල දුන්නනම් ඒ සබ්ජක්ට් එකටත් මං ඩී එකක් ගන්නවනෙ... :)ReplyDeleteReplies
හිහි...ඇත්තම කිව්වොත් ඉස්සර මටත් පේන්න බෑ නේ ඉතිහාසය. :) ඒ පොත් ටික නැති එකේ අඩුව දැන්නම් දැනෙනවා...Delete
මේක බොහොම ප්රසිද්ධ ඉතිහාස කතාවක් නේද ? ධාතුසේන රජතුමාට දුවෙක් හිටි බවක් මම අහලම තිබුන්නෑ.. මම හිතන් හිටියේ අර අයියා මලෝ ඩබල විතරයි කියලා..ReplyDelete
අර සින්දුවටනම් මාත් හරිම මනාපයි..
සීගිරිය කියන්නෙ තවමත් නොවිසඳුනු අභිරහස් තියන තැනක් මම හිතන්නෙ..
ස්තූතියි සයුරිඔ මිස්..Replies
ඒකනේ සෙන්නයියා....ඔන්න පේනවා නේද දුවලට තියන තැන. හිහිDelete
ඔව්, සීගිරියේ අබිරහස් ගැන මේ ළඟදිත් පත්තර වල එහෙම ලිපි පල වෙලා තිබුනා. ඒවා ගැන වගකිව යුතු අය හොයනවනම් ගොඩක් හොඳයි...
//ධාතුසේන රජතුමා මිගාරගේ මව එනම් තමන්ගේ සොයුරිය, වීදියක නිරුවත් කරලා ගිනි තබා මැරුව ලු// බලන් ගියාම ධාතුසේන රජතුමත් එච්ච්රම හොඳ කෙනෙක් නෙවිනෙ..ReplyDelete
//රජතුමා කලා වැව හදද්දී භාවනානුයෝගීව ඉඳපු රහතන් වහන්සේ කෙනෙක් සමාධිය බිඳලා එතනින් අයින් නොවුණු නිසා රහතුන් යට කර පස් දැමීමේ විපාකය //මතක හැටියට රහතුන් මැරීම කියන්නේ ආනන්තරීය පාප කර්මයක් නේද?Replies
අදත් නොදැනගෙන හිටි ගොඩක් දේවල් දැනගත්තා..ReplyDelete
ස්තුතියි සයු..
එදත් අදත් රජවරුන්ගේ වෙනසක් නෑ..ඉතිහාසය ප්රතිනිර්මාණය වීම පමණයි..Replies
ඔව් රූ....හිස්ට්රි රිපීට්ස් කියනවනේ. වෙනසකට තියෙන්නේ දැන් රජවරු ඕවා කරන්නේ හීන් නූලෙන්Delete
ධාතුසේන රජතුමාට දුවෙක් හිටිය කියල ඇහුවමයි....ReplyDeleteReplies
දැන් දන්නවනේ :)Delete
//මේ නිසා කුපිත වුනු ධාතුසේන රජතුමා මිගාරගේ මව එනම් තමන්ගේ සොයුරිය, වීදියක නිරුවත් කරලා ගිනි තබා මැරුව ලු. //ReplyDelete
මෙන්න මේ ටික ඇහුවම පුදුම තරහක් ඇතිවුනා.තමන්ගේ සහෝදරියට මෙහෙම කරන්න තරම් දරුණු හිතක් තිබිලා තියෙනවනේ.මේ කතාව අදමයි ඇහුවේ අක්කේ
//ඔහු කළේ පුංචි ගිනි සිළුවක් පිදුරු ගොඩට ලං කරන එක විතරයි. ධාතුසේන රජතුමා ළඟ අති විශාල ධනයක් සඟවලා තියනවා කියලා කාශ්යප උසි ගන්වපු මිගාර, කාශ්යපට රජ කම ලබාගන්න උදව් කරන්නත් පොරොන්දු උනා. //
මිගාරගෙ බලපෑම ගැනත් මම දැනගත්තේ අද.බොහෝම වටිනවා සයුරි අක්කේ මේ ලිපි පෙල.... ඉතිහාසයේ වුනත් අපි නොදන්නා කොයිතරම් දේවල් තියෙනවද.... ජය වේවා අක්කේ... ඉතිහාසය විද්යාව කලාව ගැන ලස්සනට මේ බ්ලොග් එකේ ලියවෙනවා හරිම රසවත් විදියටReplies
බොහොම ස්තුතියි ගැමි මල්ලියෝ.Delete
ඔව්, ධාතුසේන රජතුමාත් දරුණු වැඩ කරලා තියනවා. රජතුමා ගේ දුවගේ ඇඳුම් වල ලේ තිබුනලු මිගාර පහර දීපු නිසා. ඒක දැකලා රජතුමා මෙහෙම කරලා තියෙන්නේ. ඒකට මුල් වෙලා තියෙන්නේ මිගාර ගේ අම්මා ලු. මොනවා උනත් ඔහොම දඬුවමක් නම් දරුණු වැඩියි.
හැමදාමත් වගෙ සයුරි ටීචර්ගෙ දන්න ඉතිහාසයේ නොදන්න තැන් ස්පර්ශ කරපු පෝස්ටුවක්....ReplyDelete
හසිතගෙයි සයුරිගෙයි පෝස්ට් පාසැල් ළමුන් අතරට ගෙනියන්න ක්රමයක් තියෙනවනම් හොඳයි කියලමයි හිතෙන්නේReplies
ස්තුතියි මී ගොඩයෝ :) පාසල් ලමයිනම් මේවට ආස වෙයිද කියලා මම දන්නේ නැහැ..Delete
සා මේකනං නියම ඉතිහාස පෝස්ට් එකක්...ReplyDelete
රසවත් විදිහට ඉතිහාස කතාව ඉදිරිපත් කරාම කාටද කියවන්න අකමැති හිතෙන්නේ...
ජයවේවා!!!!!!!!!Replies
ස්තුතියි අබේ...:) මේ කමෙන්ට්ස් ලොකු හයියක් මට...ජය වේවාDelete
ධාතුසේන රජතුමා ගැන වගේම රාවණා රජතුමා ගැන කථා කරද්දිත් අමතක කරන්නම බැරි තැනක් තමයි සීගිරිය.මේ ලිපිය රජ කෙනෙක් ගැන විතරක් නෙවෙයි ලස්සන පරණ සින්දුවක් ගැනත් මතකය අළුත් කරලා තියනවා.ReplyDeleteReplies
හ්ම්ම් මමත් ඒ සින්දුවට ආසයි වර්ණ. දුක හිතෙන සින්දුවක්. ස්තුතියිDelete
කාශ්යප රජතුමාට බනින්න එපා අනේ.මගෙ පා සටහන් වල "මේඝයන් මැද" නවකතාවෙ වීරයානෙ ඒ. ඉන්නකො මම මහාවංශෙට අභියෝග කරනව නවකතාවෙන්.ReplyDelete
(දැන් කට්ටිය මට බනින්න පටන් ගනීද දන්නෙ නෑ.)
මම අහන්නෙ අසිත මල්ලි, සයුරි, සඳ, ඇයි මේ අපිට බැරි මහාවංශය ටිකක් අමතක කරලා කාශ්යප රජතුමා දිහා බලන්න??Replies
ඒකනෙ සිඳු.Delete
කාශ්යප ගැන හොඳ ටිකක් කතා කරන්නත් පුලුවන් ඉතිO සීගිරියෙ තියන දියුණු ජලමාර්ග පද්ධතිය ඇතුලු අනෙකුත් ඉදිකිරීම් ගැන කතාකලොත්.
ඒත් ඉතිO ටීචර් බනී පාඩම වෙලාවෙ මාතෘකාවට පිටින් කයියගහනව කියල. සීගිරිය ගැන උගන්නන දාට ටීචර්ගෙනුයි, හසිත සර්ගෙනුයි තව මොනවහරි අහගමු කාශ්යප ගැන සතුටුදායක දේවල් ටිකක්.
~~~
ඔයාට කාශ්යප කෙනෙක් ගැන හොඳක් කතා කරන්නෙ නැතුව නින්ද යන්නෙ නෑ නෑ වගෙනම් මෙන්න තියෙනව තවත් උණු උණු සාකච්චාවක් හසිත සර්ගෙන් කාශ්යප කෙනෙක් ගැනම.(හැබැයි රජෙක් ගැනනම් නෙවෙයී
@ සිඳුDelete
අනිවාර්යයෙන්ම හිතන්න පුලුවන්. පීතෲඝාතක කියන කරුණ අමත කළොත් කාශ්යප කියන්නේ දක්ෂ පුද්ගලයෙක් බව පැහැදිලියි සීගිරිය වගේ ශේෂ කන්දක් තෝරගෙන ඒක තමන්ට ගැලපෙන විදිහට සකස් කරගත්තු එකෙන්
හරි හරි සිඳු කියන හින්දම අපි කාශ්යප රජතුමා දිහාත් බලමුකෝ. කාශ්යප වීරයෙක් තමා ඉතින්. හරියට ගොම බින්දුවක් වැටුණු කිරි කළයක් වගේ නේද? මාතෘකාවට පිටින් ඕන දෙයක් කතා කරන්ඩ ළමයිනේ :) හිහිDelete
සීගිරියට "ආලකමන්දාව" කියලා කිව්ව බවක් මම දැනගෙන උන්නෙත් නෑ... ඉතින් බලන්නකෝ එච්චර දේවල් කරපු ධාතුසේන රජතුමාටත් එයාගෙම පුතෙක් අතින් මැරෙන්න සිද්ධ වුනානෙ..ReplyDeleteReplies
ඒක තමා. ධාතුසේන රජතුමාත් ලොකු පාප කර්ම කරලා තියනවනේ. ඉතින් ඒවා මේ අත්මෙදීම පල දුන්නද දන්නේ නෑ..Delete
ඉතිහාසයේ පටන් රජකම ගත්තාම හැම රජෙකුටම අසීමිත බල පරාක්රමයක් ගොඩනැගෙනවා. ඒක අදටත් වලංගුයි. ඒ අසීමිත බලය සහ එය රැක ගැනීමේ ආහාව නිසා රජකම ආරක්ෂාකර ගැනිමට තමා අසල ඉන්න හොඳම මිතුරා වුණත් ඝාතනය කරන්න පෙළඹෙනවා. ඒක එදත් අදත් හෙටත් එහෙමයි.ReplyDelete
මොනව ළුුනත් ආනන්තරීය පාපකර්මයකට දඬුවම ඒ ආත්මයේදී ම පලදෙනවා.ඒක වලක්වන්න බැහැ. ඉතින් ධාතුසේන රජතුමාටත් ඒ ඓතිහාසික කර්මය පලදෙනවා. අන්තිමේදි තවත් ආනනතරීය පාපකර්මයක් කරගත්ත කාශ්යප කුමාරයත් ඒ විපාකයෙන්ම මිය යනවා.
අසිමිත බලය පිළිබඳ ඇතිවන තන්හාව කාගෙ කාගේත් විනාශයට මුලයි.
මම මේ කතාව දැනගෙන හිටියා. ඒත් මිගාරත් ඔහුගේ මවත් පිලිබඳ කතා පුවතත් කාශ්යප කුමාරයාගේ මරනය සිදුවුනු ආකාරයත් දැනගෙන හිටියේ නැහැ.
මේ සමය වෙනකොට ලංකාවෙ බුදු දහම ටිකක් පසුබෑමක තිබුන නේද කියලත් මට පුද්ගලිකවම හිතෙනවා.හැබැයි ඒත් ධාතු සේන රජුගේ සමයේම ගල්වඩුවෙකු විසින් කලාවැව පා මුල අවුකන පිළිම වහන්සේ නෙළනවා.හැබැයි එතැනදිත් රජු පිලිබඳව සඳහන් වෙන්නෙ නැහැ. ගල්වඩුවා ගැන විතරයි සඳහන් වෙන්නේ.
කොහොම වුණත් සයුරි මේ ඓතිහාසික මූලාශ්ර තෝරා බේරා වර්තමානයට ගෙනෙන එක නම් මහත්ඵල මහානිංසස ගෙන දෙන කාරණයක්. ඒවා සයුරි උපයාගන්නා පුණ්ය ශක්තීන් ලෙස රැස්වේවි.
ඓතිහාසික රජරට "නුවර කලාවිය" මගේ පුණ්ය භූමිය ගැන මට වඩා හොඳට සයුරි දැනගෙන තියෙන එක නම් මටත් සතුටුයි.
සයුරි මේ දරන වෙහෙස අපතේ යන්නෙ නෑ කිසිදිනෙක එයයි වටින්නෙ.Replies
//අසිමිත බලය පිළිබඳ ඇතිවන තන්හාව කාගෙ කාගේත් විනාශයට මුලයි.//Delete
මේ කතාවනම් ඇත්තම ඇත්ත.
එහෙම බලනකොට ධාතුසේන, කාශ්යප දෙන්නටම ආනන්තරිය පාප කර්ම පල දීලා තියනවා.
//ඒවා සයුරි උපයාගන්නා පුණ්ය ශක්තීන් ලෙස රැස්වේවි.//
මේක ඇහුවම පුදුම සැනසීමක් දැනුනා :) මේකෙන් මට මොකක් හරි පිනක් ලැබෙනවානම් ඒ පින ඔබ හැමෝටමත් අයිතියි. මේවා ලියන්න මට හැමදාම වගේ දිරි දෙන ඔබ වගේ අය නැත්නම් මම මේවා ලියන එකකුත් නැහැ නේ.
බොහොම ස්තුතියි :)
හැමදාම වගේ ලස්සන වටිනා ලිපියක් අක්කේ ;)))ReplyDeleteReplies
බොහොම ස්තුතියි පුබුදු මල්ලි :)Delete
සිගිරිය ගැන වගේම කාශ්යප රජතුමා ගැන කතා කරන්නත් ගොඩක් දේවල් තියනවා. සංවාදයක් ගොඩනැගුවනම් නියමයි.මම පුර්ණ සහයෝගය දෙනවා එහෙම උනොත් නම්. :)ReplyDeleteReplies
ඔව් ඇපල් මල්ලී....ගොඩක් කරුණු නම් තියනවා. වැඩේ තියෙන්නේ වැඩි හරියක් සංවාද අන්තිම හරියට එද්දී "සං" කෑල්ල කැපිලා වාදයක් වෙන එක නේ :))Delete
කිරියම්මේ .....ධාතුසේන රජතුමාට දූ කුමාරියක් හිටියැයි කියලා මම් අදමයි ඇහුවේ. ඔය දූ පොඩ්ඩ ගැන එච්චර සදහන් වෙන් නෑ මහිතේ..ReplyDelete
ධාතුසේන රජතුමා ගන කිව්වම මතක් උනේ ඉස්සර හතර වසරේ සිංහල පොතේ තිබ්බ මිගාර සෙනවියාගේ කතාව !!!
ඔබතුමියට මතක ද ? ඔන්න අමතකයි කිව්වොත් දෙනවා ටොක්කක් හිල් වෙන්ට !!! :)Replies
@ මධුරංගDelete
4 පොතේ කතාවේ නම් හුඟක් තිබුණේ කාල කියන දරුවා වැව රැකගන්න කරපු වීර ක්රියාව ගැන නේද ??
හෝව් හෝව් ටොක්ක අනින්න කලින් කියල ඉන්නකෝ බලන්න ඒ කතාව...Delete
මටනම් මතක නෑ එහෙම එකක් මධුවෝ..
ඔය කියන්නෙ මිගාර සෙනෙවියගෙ පුතා කාල වැවේ සිදුරක් තියනවා දැකලා මුලු රැයක්ම සිදුර අතින් වහගෙන වැව් බැම්ම බේර ගත්තා කියන කථාව.මේ හින්දා මේ වැව මුලින්ම කාල වැව වෙලා පස්සෙ කලා වැව වුනා කියලයි කියන්නෙ.Delete
හරියට හරි වර්ණDelete
ඔය හසිත මලයයි වර්ණ මලයයි කියලා තියෙන්නේ කතාව !!!Delete
ඒ කියන්නේ අක්කට කතාව මතක නෑ....
ඔහොම හිටු !!! කොහෙද දුවන්නේ !! මගෙන් දුවලා බේරෙන්ඩ හිතුවා මදී !!!
මල්ලි !!! මේ පැත්තෙන් වරෝ... ආං සයුරි අක්කා දුවනෝ .... !!!
ඒ කියලා තියෙන්නේ කාල ගේ වීර ක්රියාව ගැන නේ. මිගාර සෙනෙවියා එහෙම නිර්භීත වැඩක් කරපු කෙනෙක් නෙමයි. හූ හූ මධූ ට පැටලිලා...හිහ් හිහ්Delete
යන්ඩ යන්ඩ !!!Delete
කතාවත් මතක නෑ. හු හු :)
ඉතින් අනේ එහෙනම් ඔයාම කියන්නකෝ 4 වසර පොතේ තිබුණු මිගාර සෙනෙවියාගේ කතාව? :ඩිDelete
කලාවැව හැදුවේ ධාතුසේන රජතුමා කියල දන්නවා, කාශ්යප රජතුමා සිගිරිය ගොඩනැගුව කියල දන්නවා. ඒත් ඒ දෙන්නා තාත්තයි පුථෞඉ කියන ඒක හරියටම මතක තිබුනේ නැහැ.ReplyDelete
කාශ්යප රජතුමා කරපු තවත් සේවා මොනවද රටේ දියුණුවට.Replies
// ඒත් ඒ දෙන්නා තාත්තයි පුථෞඉ කියන ඒක හරියටම මතක තිබුනේ නැහැ. //Delete
අනේ අනේ මේක දන්නේ නැති අයත් ඉන්නවා එහෙනම් :0 කමක් නෑ අද දැනගත්තා නේ :)
තාත්තගේ නම ධාතුසේන කියල අහල තිබුනත් කළා වැව හදපු ධාතුසේන රජතුමාම කියල දැනගෙන හිටියේ නැහැ. එක වගේ නම ගොඩාක් තිබුනා නේ.Delete
කාශ්යප රජතුමා කරපු තවත් සේවා මොනවද රටේ දියුණුවට.
රටේ දියුණුවට? ඇයි අප්පා, සීගිරිය හදලා ලෝකේ නමක් තියන්න උදව් දීපු එකම ඇති නේද? ඒ බලකොටුව හදලා තවත් මහා ලොකු දේවල් කරන්න එතුමාට වෙලාවක් තියෙන්න නැතුව ඇති :)Delete
එදා ඉදලා අද දක්වාම රජවරු "බුද්ධාගමට" මුවාවුනා මිසක් "බුදුදහම" අන්තර්ග්රහණය කරගත්තෙ නෑ.(එක්කෙනෙක් දෙන්නෙක් හැර)ReplyDelete
දසරාජධර්මය යනු ඔවුන්ගේ පුස්තකාලවල පුස්කන පුස්ථකයක් විතරයි.Replies
ඒකනම් ඇත්ත කියලා මටත් හිතෙනවා...සිරි සඟ බෝ රජතුමා නම් එහෙම කලා නේද..Delete
ධාතුසේන රජතුමාගි දෝණියැන්දා ගැන කියලා නෑනේ! මම මේ ඒ ගැන කියනකල් බලාගෙන හිටියෙ! නියමයි අක්කේ හොඳ සටහනක්!ReplyDeleteReplies
එයා ගැනත් ටිකක් ලිව්වා මල්ලි. දන්න විස්තර ටික තමයි ඒ. කොහොමත් දුවලා ගැන එච්චර ලියවිලා නෑ නේ ඉතිහාසේ...Delete
කාශ්යයප රජතුමා දිහා බලන්න විදි දෙකක් තියනව. එකක් පීතෘ ඝාතක රජෙක් විදියට අනික ලෝකයේ අටවන පුදුමය ලංකාවේ බිහිකල කලා කාමී රජෙක් විදියට. මම කැමතියි දෙවන විදියට බලන්න. සයුරි ඔන්න ඔහෙ සීගිරි චිත්ර ගැනත් පෝස්ට් එකක් ලියන්න අනේ.ReplyDeleteReplies
දෙවැනි විදියට බලන්න මාත් කැමතියි රෝස කුමාරි. ඒත් ඉතින් ඉතිහාසේ කතාවක් විදියට කියද්දී මේ කැළල මග අරින්න බැරි වෙනවනේ. අපි ලියන්න බලමුකෝ සීගිරිය ගැනත්..Delete
අදත් ගොඩාක් අලුත් කරුණු ඉගෙන ගත්තා...මම හරි ආසයි මේ පාඩම් වලට...ReplyDelete
ආ..මැටි ගහපු කතාව කීවාම මත් වුනේ....
ඉස්සර අපේ කැම්පස් එකේ අක්කෙක් උන්නා...එයාට සාත්තරේකට කියලා ඉහත ආත්මෙක ධාතුසේන රජතුමාට මැටි ගහන්න එයත් හවුල් උනාය කියලා...මේ ආත්මෙ එයා ගිලිලා මැරෙනවාය කියලා...වතුරෙන් පරිස්සම් වෙන්න කීවාලූ...Replies
ඔහ්...ඒ අක්කා හරිම බයෙන් නේද ඇත්තේ? නිකමටවත් වතුරකට බහින්නේ නැතුව ඇති :) ස්තුතියි ධම්මි අක්කේ...Delete
මට රාජාවලිය ලිපි කීපයක් මග ඇරිලා වගේ සයුරි..හෙමීට කියවගෙන ඇවිල්ලම කමෙන්ට් කරන්න ඕන..ඒත් මේකනම් කියෙව්වා..ඒ කාලෙත් දැනුත් රජවරුන්ට තියෙන්නෙ පුදුම බල තණ්හාවක් නෙවැ..ReplyDeleteReplies
සිත් රූ දැක්කේ කාලෙකින්. ලඟදි පෝස්ට් එකක් දැක්කෙත් නෑ. වැඩ වැඩි ඇති නේද. පස්සේ හිමිහිට කියවන්නකෝ..Delete
//ධාතුසේන රජතුමාගේ මුල් බිසව ගෙන් කාශ්යප කුමරු ලැබුන බවත් ඇගේ මරණින් පසු සරණපාවා ගත් බිසව ගෙන් මුගලන් කුමරු ලැබුණු බවටත් මතයක් තියනවා// මමත් දැනගෙන හිටියේ ඔය විදිහට .නොදන්න දේවල් සෑහෙන්න දැනගත්තා මේ ලිපියෙන්ReplyDeleteReplies
ආ ඒ කියන්නේ ඒකත් ටිකක් ප්රසිද්ධ මතයක්...තැන්කු අවතාර මල්ලිDelete
අන්තිම අයියෝ අදත්. :(ReplyDelete
කලා වැවෙන් වතුර ටිකක් බොන්නවත් දැන් වතුර නෑලු.Replies
නෑ නෑ අන්තිම නෙමේ :)Delete
හ්ම්ම් වැව් හිඳිලා ලු නේද? :(
පරක්කු වෙලා ඇවිත් ගොඩක් දේ දැන ගත්ත . ඔයා මේක ලිව්ව එක හොඳයි . හසිතගේ පෝස්ට් එකකට එක කමෙන්ට් එකක් දාල තිබුන .කාශ්යප මහා රහතන් වහන්සේයි කාශ්යප රජතුමයි එක්කෙනෙක්ද කියල . ඒ කලේ කිතුදහම ගැන නම් මටත් අලුත් දෙයක් . ලංකාව තිබුනේ මුහුදු මාර්ගයේ වැදගත් තැනක නිසා මේක වෙන්න බැරිත් නැහැ . හැබැයි රජකෙනෙක් ආගමක් වැළඳ ගත්තම මෙයිට වඩා සාක්කි ඉතුරු කරනවා නේද . අඩු ගානේ සීගිරියේ උඩ ලොකු කුරුසයක් වත් ඉදිකරලා .ReplyDeleteReplies
කිසිම පරක්කුවක් නෑ අනේ :)Delete
//.කාශ්යප මහා රහතන් වහන්සේයි කාශ්යප රජතුමයි එක්කෙනෙක්ද කියල //
හප්පේ :0 සමහර විට විහිලුවට අහන්න ඇති...
- ela kollekJuly 5, 2012 at 11:41 AM
රෑජිනිගෙ රටේ කට්ටිය සීගිරියට කියන්නෙ "සින්හ ගල" කියලා.....ReplyDeleteReplies
ඈ...ඒකත් එහෙමද? එල කොල්ලා ඉන්නේ රැජින ගේ රටේ වගේ :)Delete | hplt_2 |
ඌනෝ
ඌනෝ යනු කාඩ් ක්රීඩාවක් වන අතර ඌනෝ කාඩ් කුට්ටමක කාඩ් 108 අඩංගු වේ. මෙම ක්රීඩාව 1971දී නිර්මාණය කරඇත. 1992 පටන් මෙම කාඩ් කුට්ටම් නිපදවීම මාටෙල් නම් ඇ.එ.ජ. සමාගම මගින් සිදුකරයි. ක්රීඩාව සඳහා ක්රීඩකයින් දෙදෙනෙක් අවම වශයෙන් අවැසි අතර 10දෙනෙකුට පමණ එකවර ක්රීඩා කල හැකි වෙයි. තවද මෙම ක්රීඩාව වයස අවුරුදු 7න් ඉහල අය සඳහා නිර්දේශ කර ඇත.
පටුන
කාඩ් කුට්ටම[සංස්කරණය]
ඌනෝ කාඩ් කුට්ටමක කාඩ් 108 අඩංගු වේ. එය පහත පරිදි වේ.
- රතු පැහැති කාඩ් 19යි.
- කොළ පැහැති කාඩ් 19යි.
- නිල් පැහැති කාඩ් 19යි.
- කහ පැහැති කාඩ් 19යි.
- දෙකක් ගන්න(ඩ්රො-ටූ) යනුවෙන් සඳහන් වුනු කාඩ් 8යි. මෙම කාඩ් 8 ඉහත සඳහන් එක් වර්ණයකින් 2 බැගින් වේ.
- මග හරින්න(ස්කිප්) යනුවෙන් සඳහන් වුනු කාඩ් 8යි. මෙම කාඩ් 8 ඉහත සඳහන් එක් වර්ණයකින් 2 බැගින් වේ.
- ආපසු හැරෙන්න(රිවර්ස්) යනුවෙන් සඳහන් වුනු කාඩ් 8යි. මෙම කාඩ් 8 ඉහත සඳහන් එක් වර්ණයකින් 2 බැගින් වේ.
- වයිල්ඩ් යනුවෙන් සඳහන් වුනු කාඩ් 4යි.
- වයිල්ඩ් හතරක් යනුවෙන් සඳහන් වුනු කාඩ් 4යි.
විශේෂ කාඩ් වල අර්ථයන්[සංස්කරණය]
- දෙකක් ගන්න - මෙම කාඩ් පත ක්රීඩා කල අවස්ථාවේ මීළඟට ක්රීඩා කරන ක්රීඩකයා විසින් සංවෘත ගොඩෙන් කාඩ් දෙකක ගත යුතු වෙයි. එසේම ඔහුගේ ක්රීඩා වාරයද අහිමි වෙයි.
- මග හරින්න - මෙම කාඩ් පත ක්රීඩා කල අවස්ථාවේ මීළඟට ක්රීඩා කරන ක්රීඩකයාසේ ක්රීඩා වාරය අහිමි වෙයි. දෙදෙනෙක් ක්රීඩා කරන අවස්ථාවේදී ක්රීඩා කල තැනැත්තාටම යළි අවස්ථාව ලැබේ.
- ආපසු හැරෙන්න - මෙම කාඩ් පත ක්රීඩා කල අවස්ථාවේ මීළඟට ක්රීඩා කරන පැත්ත මාරු වේ. වාමාවර්ථව ක්රීඩව සිදු වූයේ නම් දක්ෂිණාවර්ථ වේ. මීළඟට ක්රීඩා කිරීමට සිටි ක්රීඩයාගේ අවස්ථාව නොලැබී අනෙක් පැත්තේ සිටි ක්රීඩකයාට අවස්ථාව ලැබේ. දෙදෙනෙක් ක්රීඩා කරන අවස්ථාවේදී මෙය මග හරින්න ලෙසින් ක්රියාත්මක වෙමින් ක්රීඩා කල තැනැත්තාටම යළි අවස්ථාව ලැබේ. මෙය ආරම්භක කාඩ්පත වූයේ වී නම් කාඩ් බෙදූ තැනැතාට අවස්ථාව ලැබේ.
- වයිල්ඩ් - මෙම කාඩ් පත ක්රීඩා කල අවස්ථාවේ එම ක්රීඩකයාට විසින් නව වර්ණයක් නම් කිරීමේ අවථාවක් ලැබේ. ඔහුට කැමති නම් පෙර වර්ණයම උවද පැවසිය හැකිය. ර්ර්ළඟ ක්රීඩකයා අලුතෙන් නම් කරණ වර්ණයෙන් යුතු කාඩ් පතක් ඉතිරිපත් කල යුතු වෙයි. නැතහොත් සංවෘත ගොඩෙන් එකක් ගත යුතු වෙයි. ඕනෑම අවස්ථාවකදී ක්රීඩා කල හැකි කාඩ් පතකි.
- වයිල්ඩ් හතරක් - කාඩ් කුට්ටමේ ඇති වැදගත්ම කාඩ් පත් මෙය වේ. මෙම කාඩ්පත් ක්රීඩා කල විට මීළඟට ක්රීඩා කරන ක්රීඩකයා විසින් සංවෘත ගොඩෙන් කාඩ් 4ක් ගත යුතු වන අතර ඔහුගේ ක්රීඩා වාරයද අහිමි වේ. සාමාන්යයෙන් මෙම කාඩ්පත භාවිතා කරනුයේ පාට ගැලපීම හෝ අංක ගැලපීම කිරීමට නොහැකි අවස්ථාවකදීය. ක්රීඩාව ආරම්භයේදී පෙරලනු ලබන පළමු කාඩ්පත මෙය වී නම් එය නැවතත් සංවෘත ගොඩට එක කර මිශ්ර කර නව කාඩ්පතක් ගනු ලැබේ. ඕනෑම අවස්ථාවකදී ක්රීඩා කල හැකි කාඩ් පතකි.
ක්රීඩාව කරන ආකාරය[සංස්කරණය]
පළමුව එක අයෙකුට කාඩ් 7 බැගින් ක්රීඩකයින් ක්රීඩකයින් සියළු දෙනාටම කාඩ් බෙදනු ලැබේ. ඉතිරි කාඩ් අන් අයට ගත හැකිවන අයුරින් කාඩ්වල අගය නොපෙනෙන පරිදි සංවෘතව මැදින් තබයි. උඩින්ම ඇති කාඩ්පත ගෙන එය අන් අයට පෙනෙන අනාවෘත කරමින් පරිදි පසෙකින් තබයි. මෙය ආරම්භක කාඩ් පත වන අතර එය විවෘත ගොඩ නමින් හැඳින්වේ. පළමුව කාඩ්පත ලැබුණු ක්රීඩකයා විසින් ක්රීඩාව ඇරඹිය යුතු වෙයි. ඔහුගේ අතේ ඇති කාඩ් වල වර්ණය හෝ අංකය ආරම්භක කාඩ්පත එනම් සංවෘත ගොඩේ උඩින්ම ඇති කාඩ් පත හා සසැඳිය යුතුයි. එම කාඩ් පතේ වර්ණය හෝ අංකය ගැලපෙන කාඩ් පතක් තමා සතු නම් එම කාඩ්පත පළමු කාඩ් පත උඩින් තබයි. එනම් විවෘත ගොඩේ උඩින්ම ඇති කාඩ් පත වෙනස් වෙයි. දැන් ඔහුගේ අතේ ඉතිරිව ඇත්තේ කාඩ් 6ක් පමණි. යම් හෙයකින් ඔහුට ගැලපෙන කාඩ්පතක් නොමැති වූයේ නම් සංවෘත ගොඩේ කාඩ්වලින් එකක් ගත යුතු වෙයි. එවිට ඔහුගේ අතේ කාඩ් 8ක් ඉතිරිව ඇත. පලමු කාඩ් පත විශේෂ වර්ගයේ එකක් වී නම් ඊට අදාල ක්රියාවට පළමු ක්රීඩකයා අනුගත යුතු වෙයි. එනම් පළමු කාඩ් පත දෙකක් ගන්න එකක් වී නම් ඔහුට විවෘත කාඩ් ගොඩෙන් උඩින්ම ඇති කාඩ් 2 ලබා ගත් යුතු වන අතර තමා අතේ ඇති කාඩ් සසඳමින් ක්රීඩා ක්රිරීමේ අවස්ථාව මග හැරී යයි. එවිට ඔහු සතුව කාඩ් 9 (7+2) ක් වෙයි. මෙසේ පළමු ක්රීඩකයා ක්රීඩා කිරීමෙන් අනතුරුව දෙවැනි ක්රීකඩයාගේ අවස්ථාව ලැබේ. ඔහුද අතේ ඇති කාඩ් විවෘත ගොඩේ උඩින්ම ඇති කාඩ් පත හා සසඳා බලයි. ගැලපෙන එකක් වෙතොත් එය තබයි. නැත්නම් සංවෘත ගොඩෙන් කාඩ් පතක් ලබා ගනියි. මෙලෙස තුන්වැනි ක්රීඩකයාද ක්රීඩා කරයි. මේ ආකාරයෙන් අවසන් ක්රීඩකයාගෙන් පසුව නැවතත් පළමු ක්රීඩකයා ක්රීඩා කරයි. මෙසේ සංවෘත ගොඩේ කාඩ් අවසන් වූ විට විවෘත ගොඩ මුනින් නවා සංවෘත බවට පත් කරයි. ක්රීඩාව අවසන් වන්නේ එක් ක්රීඩකයෙක් හෝ තමා අතේ ඇති කාඩ් සියල්ලම අවසන් වූ විටදීය. අවසන් කාඩ් 2ක් ඇති අවස්තාවේ එක් කාඩ් පතක් පමණක් ඉතිරිවන පරිදි ක්රීඩා කරන්නේ නම් ඔහු විසින් ඌනෝ යනුවෙන් පැවසිය යුතු වෙයි. නැතහොත් අන් සියළු දෙනාගෙන්ම එක කාඩ් පත් බැගින් ඔහුට දඬුවමක් ලෙසින් ලැබේ.
නීති[සංස්කරණය]
- ඔබ සතුව එක් කාඩ් පතක් පමණක් ඇති අවස්ථාවේදී ඔබ විසින් අන් අයට ඇසෙන් පරිදි ඌනෝ ලෙසින් පැවසිය යුතු වේ.
- අවසන් කාඩ්පත් 2 ඇති අවස්ථාවේ එක් කාඩ්පතක් විවෘත කාඩ් ගොඩේ තබීමට ප්රථම ඌනෝ ලෙසින් පවසිය යුතු වේ. එසේ නොකල අවස්ථාවේ දඬුවමක් ලෙසින් අන් සියළුම ක්රීඩකයින්ගෙන් එක් කාඩ් පත් බැගින් දෙයි.
- විශේෂ කාඩ්වල අගයට අනුව කාඩ් ලබා ගැනීම හෝ නොගැනීම කල යුතු වෙයි.
- ගැලෙපෙන කාඩ්පතක් නොමැති අවස්ථාවේ සංවෘත ගොඩෙන් කාඩ්පතක් ගත් යුතු වෙයි. එම කාඩ්පත ක්රීඩාකල හැකි එකක් නම් එවේලේම ක්රීඩා කල හැකි වෙයි.
- එක් ක්රීඩකයෙන් තමා අතේ ඇති කාඩ් අවසන් වූ විට ඔහු තරඟය ජයග්රහණය කර අතර ඔහුව තරඟයෙන් ඉවත් කරයි.
ප්රයෝගයන්[සංස්කරණය]
- එක් ක්රීඩකයෙක් ඌනෝ යනුවෙන් පැවසුවහොත් ඔහුට තවත් කාඩ් එක්වන පරිදි දෙකක් ගන්න හෝ මග හරින්න හෝ වෙනත් විශේෂ කාඩ් පතක් ක්රීඩා කිරීම
- විශේෂ කාඩ් පත් ඉතුරු කර ගනිමින් ක්රීඩා කිරීම
- එකම පාට සහිත කාඩ් පත් ඉතුරු නොකර ගැනීම
- එකම අංකය සහිත කාඩ් පත් ඉතුරු නොකර ගැනීම
- විවෘත ගොඩේ කලින් තැබූ කාඩ් ගැන යම් අවබෝධයකින් සිටීම.
- අවසන් කාඩ් පත ලෙස ඕනෑම එකක් සඳහා වලංගු කාඩ් පත ඉතුරු කර ගැනීම
ඌනෝ ලෝක ශූරතාව[සංස්කරණය]
වාර්ෂිකව පවත්වන ඌනෝ ලෝක ශූරතාව රුසියාවේ මොස්කව් නගරයේ පැවැත්වේ. මෙම තරඟය සඳහා රටවල් 70 වඩා වැඩි ප්රමාණයක් සහභාගී වේ.[2]
තේමාවන්[සංස්කරණය]
ඌනෝ කාඩ් කුට්ටම් නොයෙකුත් තේමා යටතේ නිපදවා තිබේ. සමහර කුඩ් කුට්ටම්වල විශේෂ කාඩ්පත් එක කර තිබේ.
- බැට් මෑන් ඌනෝ - මෙම කාඩ් කුට්ටමේ ජෝකර් එක කර තිබේ. ඔබ ජෝකර් ක්රීඩා කල විට ක්රීඩකයින් තුන් දෙනෙකුට හෝ අඩු ගණනකට කාඩ් තුනක් හෝ අඩු ගණනක් ගන්න යැයි විදාන කල හැකි වෙයි.
- කාර් ඌනෝ
- කාර්-ගෝ ඌනෝ - මෙම කාඩ්පත් රවුමට සාදා ඇත. එය කිසියම් කෝප්පයක වැනි දෙයක රඳවා තැබිය හැකිය.
- බාබි ඌනෝ- මෙම කාඩ් කුට්ටමේ මිතුදම නමින් කාඩ්පත් ඇත. එය මගින් තවත් ක්රීඩකයෙක් සමග කාඩ් පත් හුවමාරු කිරීම කල හැකිය.
- ස්පයිඩර් මෑන් ඌනෝ
මේවාත් බලන්න[සංස්කරණය]
මූලාශ්ර[සංස්කරණය]
- ↑ 1.0 1.1 UNO instruction sheet, 1983, International Games Ltd.
- ↑ "ඌනෝ ලෝක ශූරතාව". | hplt_2 |
ලෝක ජනගහනය
ඇමරිකා එක්සත් ජනපදයේ ජන සංගණන මණ්ඩලය විසින් 2009 ජනවාරි 27 වන දිනට ලෝක ජනගහනය ඇස්තමේන්තු කර ඇත.
ඇමරිකා එක්සත් ජනපදයේ ජන සංගණන මණ්ඩලය විසින් ප්රකාශිත ලියකියවිලි අනුව 2006 පෙබරවාරි 24 වන දිනට ලෝක ජනගහනය බිලියත 6.5 කි. 1999 ඔක්තෝබර් 12 දිනය ලෝක ජනගහනය බිලියන 6 බවට පත්වූ ආසන්න දිනය ලෙස එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් නම් කරන ලදි. කෙසේ වුවත් නයිජීරියාව,චීනය වැනි ඇතැම් රටවල ජනගහනය ආසන්නතම මිලියන ගනනටවත් හන්දුනගෙන නැත. එබැවින් එම ඇස්තමේන්තු කිරීම්වල සැළකිය යුතු දෝෂයක් ඇත.
2011 ඔක්තෝබර් 31 ලෝක ජනගහණය බිලියන 7 බවට පත්වූ බව එක්සත් ජාතීන් විසින් පිළි ගැනිනි. ඉන්දියාෙව් නාගිස් නම් දැරිය බිලියන 7 වන මානවයා බවට සලකනු ලබයි.
1700 සිට ඉදිරියට ඇතිවූ කාර්මික විප්ලවයත් සමඟ ජනගහන වර්ධනය ශීඝ්ර ලෙස ඉහළ යන ලදි. වෛද්ය විද්යවේ දියුණුව සහ කෘෂිකාර්මික නිෂ්පාදකතාවයේ සැළකිය යුතු ඉහළ යාම නිසා ගතවූ වසර 50 තුළ විශේෂයෙන්ම 1961 සිට 1995 දක්වා කාල පරිච්ඡේදයේදී වඩා ශීඝ්ර ජනගහන වර්ධන අනුපාතයක් දක්නා ලදි. 2055 වන විට ලෝක ජනගහනය බිලියන 10 ඉක්මවා යාහැකි බව 2007 වර්ශයේදී එක්සත් ජාතීන්ගේ ජනගහන අංශය විසින් නිර්ණය කරන ලදි. අනාගතයේ ලෝක ජනගහන වර්ධනයේ උපරිම අවස්ථාවට ළඟා වන බව අපපේක්ෂා කෙරේ. ආර්ථික කරණු, සෞඛ්යය පිළිබඳව සැලකීම, භූමිය හිඟ වීම සහ පාරිසරික උවදුරු හේතුවෙන් එතැන් සිට එය පහත වැටෙනු ඇත. සියවසේ අග භාගයට පෙර ලෝක ජනගහන වර්ධනය අවසන් වීමට 85% ක පමණ අවස්ථාවක් ඇත. වර්ෂ 2010 ට පෙර ලෝක ජනගහන බිලියන 10 නොඉක්මවීය හැකි බවට 60% ක සම්භාවිතාවයක් සහ ශතවර්ෂයේ අග භාගය වන විට ලෝක ජනගහන අදට වඩා අඩු විය හැකි බවට 15% ක පමණ සම්භාවිතාවයකුත් පවතී. විවිධ ප්රදේශ සඳහා උපරිම ජනගහනයේ දිනය සහ ප්රමාණය සැළකිය යුතු ලෙස වෙනස් විය හැක.
ජනගහනය පාලනය කිරීම[සංස්කරණය]
ජනගහන වර්ධනය අඩු කිරීම ජනගහනය පාලනය කිරීම යනුවෙන් හැඳින්වේ. සාමාන්යයෙන්මෙය සිදු කරනුයේ උපත් අනුපාතිකය අඩු කිරීමෙනි. ජනගහනය පාලනය කිරීම පිළිබඳව පළමු උදාහරණ පුරාතන ග්රීසියේ ලේඛන අතර නොනැසී පවතින වාර්තා වල සඳහන්වේ. අතිරික්ත ජනගහනයට ඉඩ සලසා දීම සඳහා මධ්යධරණී හා කළු මුහුද හරහා ග්රීසියේ ප්රත්යන්තයෙහි පිහිටි වාසස්ථාන ඉදි කරන ලද ජනාවාසකරණ ව්යපාරය මෙයට අයත් වේ. ග්රීසියේ ඇතැම් නගර වල ජනගහනය අඩු කිරීම සඳහා ළදරු ඝාතනය සහ ගබ්සාව දිරි ගන්වන ලදි. ජනගහනය පාලනය කිරීමේ නියෝග අතර වැදගත් උදාහරණයක් නම් චීන ජනරජයේ එක් දරු ප්රතිපත්තියයි. මෙහිදී දක්වන ලද්දේ එක් දරුවෙකුට වඩා සිටීම අතිශයින් අශෝභන බවයි. මෙම ප්රතිපත්තියේ ප්රතිඵලයක් ලෙස බලහත්කාරයෙන් ගබ්සා කිරීම, බලහත්කාරයෙන් කිරීමවඳභාවයට පත් කිරීම, ළදරු ඝාතනය වැනි ක්රියා සිදුවන බවට චෝදනා නැගෙන ලදි. ජනපදයේ උපතේදී ස්ත්රී පුරුෂ අනුපාතය පිරිමි ළමුන් 114 කට ගැහැණු ළමුන් 100 ක් වීම, අවසාන භාගයේදී ස්ත්රී පුරුෂ භාවය තෝරාගත් බවට සාක්ෂි වේ.
පුද්ගලිකව තීරණය කිරීමක් ලෙස දරු ඵල පාලනය කිරීම හා ජනගහන වර්ධනය පාලනය කිරීමේ රජයේ ප්රතිපත්තියක් ලෙස ජනගහනය පාලනය කිරීම පැහැදිළිව වටහා ගැනීම ප්රයෝජනවත් වේ. දරු ඵල පාලනය කිරීම සිදුවන්නේ පුද්ගලයින් හෝ අඹු සැමියන් හෝ පවුල් තම දරු ප්රසූතියේ කාල ප්රාන්තරය අඩු කිරීමට හෝ පාලනය කිරීමට පියවර ගත් විටය. ඇනස්ලි කෝලේ ගේ සූත්රයට අනුව දරු ඵල අඩු කරගැනීම පිළිබඳ පූර්වාරෝපණ තුනකි: (1) ගණනය කළ තීරණය දරු ඵල පිළිබඳ වලංගු මූලාවයවයක් ලෙස පිළිගැනීම,(2) දරු ඵල අඩු වීමෙන් ප්රත්යක්ෂ කරගත් වාසි, සහ (3) පාලනය සම්බන්ධ තාක්ෂණික ක්රම පිළිබඳව ඇති දැනුම සහ නිපුණත්වය. ස්වභාවික දරු ඵල ලබන සමාජයකට ප්රතිවිරුද්ධ ලෙස, දරු ඵල අඩු කර ගැනීමට කැමති සහ ඒ සඳහා වත්කමක් ඇති සමාජයක් දරුවන් සෑදීම පමා කිරීම, දරුවන් සෑදීම අතර පරතරයක් තබා ගැනීම හෝ දරුවන් සෑදීම නවතා දැමීම සඳහා එම වත්කම් භාවිතා කරනු ඇත. විවාහය ප්රමාද කිරීම හෝ ගැබ් ගැනීම වැළැක්වීම සඳහා ස්වභාවික හෝ කෘතිම උපක්රම යොදා ගැනීම පුද්ගලික හෝ පවුලේ තීරණයක් මිස රාජ්ය ප්රතිපත්ති හෝ සමාජගත සම්බාධක පිළිබඳ කරුණක් නොවේ. අනෙක් පසින් බැලූ කල තමාගේ දරු ඵල පාලනය කිරීම පිළිබඳව අවබෝධයක් ඇති පුද්ගලයින් හට වාර ගණන ඉක්මන් කර ගැනීම හෝ සැළසුම්කරණය මගින් ගැබ්ගැනීම සාර්ථක කර ගැනීමටද හැකිවේ.
සමාජීය මට්ටමේදී හීන වන දරු ඵල ලැබීම කාන්තා අධ්යපනයෙන් සිදුවන බොහෝ දුරට නොවැළැක්විය භැකි ප්රතිඵලයකි. එසේ වුවත්, දරු ඵල පාලනය කිරීම මධ්යම හෝ ඉහළ මට්ටමක පවත්වා ගැනීමෙන් අනිවාර්යයෙන්ම ළදරු අනුපාතිකය අඩු වන බව අදහස් නොකෙරේ. සැළකිය යුතු දරු ඵල පාලනය කිරීමක් පවත්වාගෙන යන සමාජ අතර වුවත්, දරු ඵල පාලනය කිරීම සම්බන්ධව සමාන හැකියාවක් ඇතත් දරුවන් සංබාව සහ පවුලේ ප්රමාණය පිළිබඳ පුද්ගලික හා සංස්කෘතික අභිරුචි ආශ්රිතව විශාල වෙනසක් පෙන්නුම් කළ හැක.
ප්රධාන වශයෙන් පෞද්ගලික මට්ටමේ තීරණයක් වන දරු ඵල පාලනයට ප්රතිවිරුද්ධව ප්රතිසන්දිරෝධනයේ උපක්රම වලට ප්රවේශය වැඩි කිරීමෙන් හෝ ජනගහන ප්රතිපත්ති හා වැඩසටහන් මඟින් ජනගහන පාලනය භාවිතා කිරීමට රජයන් විසින් උත්සාහ කරනු ඇත. "ජනගහනය පාලනය කිරීම" යන සංකල්පය රාජ්ය හෝ සමාජීය මට්ටමේ නියමයක් ලෙස සැලකූ විට, ඉහත අර්ථ දැක්වූ පරිදි සමාජයේ සුළු දරු ඵල පාලනයකින් වුවද රාජ්යයේ ජනගහන වර්ධනයට බලපෑම් කළහැකි බැවින් ජනගහන වර්ධනයේ දී දරු ඵල පාලනය අවශ්ය නොවේ. වර්ධනය සීමා කිරීමෙන් පමණක් ජනගහනය පාලනය කළ යුතු යැයි උපකල්පනය නොකර, ජනගහනය පාලනයේ අංශයක් ලෙස ජනගහන වර්ධනය සඳහා උපකාර වන ප්රතිපත්ති ද ඇතුළත් කිරීම වැදගත් වේ. ආගමනය ට පමණක් නොව, ජනගහන වර්ධනය උනන්දු කරවීම සඳහා අමතර දරුවන් බිහි කිරීම ධෛර්ය්යමත් කිරීමට බදු ප්රතිලාභ, මූල්ය දීමනා, වැඩ නිවාඩු ගෙවීම් සහ දරුවන් රැකබලා ගැනීම වැනි ජනන පාක්ෂික ප්රතිපත්ති සඳහා ද රජය විසින් අනුබල දිය හැක. උදාහරණ ලෙස මෑත කාලයේදී ප්රංශය සහ ස්වීඩනය වැනි රටවල එවැනි ප්රතිපත්ති ක්රියාත්මක කරන ලදි. ජනගහන වර්ධනය වැඩි කිරීමේ පරමාර්ථය ඇතිව, එම අවස්ථා වලදී ගබ්සාව සහ නවීන උපත් පාලන උපක්රම සීමා කිරීමට රජය ක්රියා කරන ලදි. 1986 දී රොමේනියාවේ ඉල්ලුමට අනුව ප්රතිසන්ධිරෝධනයට ඇති ප්රවේශය සහ ගබ්සාව තහනම් කිරීම මෙයට උදාහරණයකි.
පරිසර විද්යාවේ ගහනය පාලනය සිදුවන අවස්ථා ලෙස සළකනු ලබන්නේ හුදෙක්ම විලෝපිකයින්, රෝග, පරපෝෂිතයින් සහ පාරිසරික සාධක මඟිනි. නියත පරිසරයක ගහනය පාලනය විධිමත් කරනු ලබන්නේ ආහාර, ජලය, සහ ආරක්ෂාව ලැබිය හැකි බව මඟිණි. කිසියම් ප්රදේශයක පැවතිය හැකි උපරිම ඒකක හෝ විශේෂ ප්රමාණය එහි ඉසිලුම් ධාරිතාවයි. බොහෝ අවස්ථා වලදී සත්ව සහ පැළෑටි ගහනයන් කෙරෙහි මිනිසුන්ගේ බලපෑම ද සලකා බලනු ලැබේ. ඇතැම් සෘතු වලදී භූමියේ ආහාර බහුල වීම නිසා සතුන්ගේ සංක්රමණය වීම ගහනය පාලනය කිරීමේ ස්වභාවික ක්රමයක් ලෙස දැකිය හැක. සංක්රමණය වන ප්රදේශ වල ඉක්බිති වාරයේදී විශාල සත්ව රාශිය සඳහා ආහාර ප්රතිනිෂ්පාදනය කිරීම ආරම්භ කෙරේ.
රජය විසින ජනගහනය අඩු කිරීමේ ක්රියාමාර්ග ගෙන ඇති රටකට ඉන්දියාව තවත් උදාහරණයකි. ජනගහනය වර්ධනය වීමේ ශීඝ්ර බව ආර්ථික වර්ධනයට සහ ජීවන තත්වයට විරුද්ධ ලෙස බලපානු ඇතැයි සැලකීම 1950 අගභාගයේ දී සහ 1960 ප්රථමභාගයේ දී ඉන්දියාව විසින් රාජ්ය පවුල් සැලසුම් කිරීමේ වැඩසටහනක් ක්රියාත්මක කිරීමට හේතූ විය.
අමතරව බලන්න[සංස්කරණය]
- ජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුව
- ඡනසංඛ්යා වර්ධනය
- නාගරීකරණය
- වියපත් වීම
- ජන සංගණන
- දළ විශ්ලේෂණය
- පවුල් සෞඛ්ය කාර්යාංශය
- උපත් අනුපාතිකය
බාහිර සබැඳියන්[සංස්කරණය]
- UNFPA, The United Nations Population Fund
- United Nations Population Division
- CICRED homepage a platform for interaction between research centres and international organizations, such as the United Nations Population Division, UNFPA, WHO and FAO.
- Current World Population
- NECSP HomePage
- Overpopulation
- Population and Health InfoShare. Retrieved February 13, 2005.
- Population in the news homepage
- Optimum Population Trust
- Gallery: The World's Ten Most Populous Countries Retrieved May 13, 2009.
- Population Reference Bureau (2005). Retrieved February 13, 2005.
- Population World: Population of World. Retrieved February 13, 2004.
- PopulationData.net - Information and maps about populations around the world. Retrieved March 4, 2005. PopulationData.net (2005).
- SIEDS, Italian Society of Economics Demography and Statistics
- Underpopulation? MercatorNet
- United Nations (2004). Population Division, Department of Economic and Social Affairs. Retrieved February 13, 2004.
- United Nations Economic Commission for Europe - Official Web Site
- United States Census Bureau (2005). Census Bureau - Countries Ranked by Population. Retrieved February 13, 2005.
- World Population Counter, and separate regions.
- WorldPopClock.com. (French)
- Populations du monde. (French)
- OECD population data | hplt_2 |
දුෂිතම අමාත්යංශය, ආරක්ෂක හා නාගරික අමාත්යංශය - එජාප
5 සැප්තැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 17:02 GMT
ශ්රී ලංකාවේ අමාත්යංශ අතරින් දුෂිතම අමාත්යංශය ආරක්ෂක හා නාගරික අමාත්යංශය බව එක්සත් ජාතික පක්ෂය ප්රකාශ කරයි.
එක්සත් ජාතික පක්ෂ මන්ත්රී මංගල සමරවීර මේ බව කියා සිටියේ අද බ්රහස්පතින්දා මාධ්ය හමුවක් අමතමින්.
වරාය සහ මහාමාර්ග අමාත්යංශය සහ ආර්ථික සංවර්ධන අමාත්යංශය ඊළඟට දූෂිත ආයතන දෙක බවයි මන්ත්රීවරයා පැවසුවේ.
පොදු සාධකය
මේ සියලූම අමාත්යංශවල පොදු සාධකය වී ඇත්තේ රාජපක්ෂ සාධකය බවත් මංගල සමරවීර මන්ත්රීවරයා ප්රකාශ කළේය.
ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් දුෂණ වංචා පිළිබඳ කැබිනට් වාර්තා එක්සත් ජාතික පක්ෂය වෙත ලබා දෙන බව පැවසූ මංගල සමරවීර මන්ත්රී මන්ත්රීවරයා ඔවුන් එසේ එම වාර්තා ලබා දෙන්නේ ආණ්ඩුවේ දූෂණ හෙළි දරව් කිරීම සඳහා බවත් සඳහන් කළේය.
පසුගිය වසර හත තුල පමණක් ශ්රී ලංකා ආණ්ඩුවේ වංචා හා දුෂණ නිසා රටට අහිමි වූ මුදල ඩොලර් බිලියන 3.5 ක් බව පවසන මංගල සමරවීර මන්ත්රී වරයා එය ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් සිය තිස් වසරක පාලනය තුල වංචා කළ මුදලට වඩා වැඩි බවයි ප්රකාශ කළේ. | hplt_2 |
එය අද වැනිම මූ අඳුරු දිනයකි. නමුදු මෙතරම් වැස්සක් එදින නොවීය. කඳුකරයට කොහොමත් සුපුරුදු මල් තුහිනයක් පමණක් හාත්පස සිපගනිමින් පැවතිනි. ඒ මීට ටිකක් නුදුරු කුඩා කඳු ගැටයකි. කොටගල මාර්ගයේ ඉතාම මඳ දුරක් ගොස් දකුණු පසට හැරෙන බොරළු පාරකි. පාර දෙපසම තෘණ වර්ගය. නමක් නොදන්නා ඒ තණ පඳුරු අතරෙන් පඳුරකට එක ගනනේ කහ පැහැ සිව් පෙති මලක් ඉහලට නැඟී තිබිණි. එක යායට වැවී තිබුණු ඒ ...
"කොටගල.. කොටගල.. කොටගල......" "මහත්තයා, යනව නං නගින්න. අයේ පැය එක හමාරකට බස් එකක් නෑ..." මා ඔහු ගනන් නොගෙන සිටි නිසාවෙන් මගින් හතර පස් දෙනෙක් පමණක් ජනේල අයිනට බර වී සිටි බසය කන්ද දිගේ පහලට ඇදෙන්නට විය. කෙමෙන් කෙමෙන් වැහි කළුවර ද මෝදු වන්නට විය. කඳුකරේට වහිනවිට දර්ශණය මනරම්ය. එතරම්ම ගුප්තය. එතුල ගැබ්වුනා වූ භයානක කමක්ද දිස්වෙයි. හුදෙකලාව අනෙක් කරුණයි. හුදෙකලාව උපරිමයෙන් අත්විඳින්නට කඳුකරයේ වැස්සකට ...
හොඳටම ඇති දැන් මෙතන හිටියා. තව ටිකකින් කළුවරත් වැටෙන පාටයි. පාක් එකේ සිමෙන්ති බංකුවට බර දීගෙන හිටපු මම එතනින් නැගිටිටටේ යන්න කියලා. ඒත් මට යන්න බෑ. "මේ සිමෙන්ති බංකුව මාව අල්ල ගෙනවත්ද? ඇයි මට යන්න දෙන්නේ නැත්තේ. නැත්නම් මගේ හිත මට යන්න දෙන්නේ නැද්ද? " නෑ හිත නෙමෙයි මේ බංකුව තමයි මට යන්න දෙන්නේ නැත්තේ. මටත් වඩා අපි කරපු කියපු දේවල් දන්නේ ...
නොසංදාලයෙක්, ඩෙනිම අඳින,කවිකතා ලියන,ඔහේ ඇවිදින, කොන්ඩේ වවාගත්ත,කාගේ කවුද දන්නේ නැති,නොසංදාලයෙක්. නොසංදාලයෙක්,මනුස්ස ඟඳක් නැති තප්පරේට,මොනිටරේට මූණ ඔබන,නොසංදාල හිතිවිලි ලියන,නොසංදාලයට පණ පොවන, නොසංදාලයෙක්. නොසංදාලයෙක්,නොසංදාලකමට නොසංදාලකං නොකරන,නොදන්න නොසංදාලකං අකුරුවලට පෙරළන,අකුරුලියන උඹලත් එකක් පෑහෙන්න එන,නොසන්දාලකමට නොසංදාලයෙක් වෙච්ච,නොසංදාලයෙක්. එන්න. ඉඳගන්න. ... | hplt_2 |
අණුක ක්ෂුද්රජීව විද්යාව
අණුක ක්ෂුද්රජීව විද්යාව - බැක්ටීරියා
බැක්ටීරියාවන්ගේ ඇති සාපේක්ෂ සරල බවද , හසුරුවා ගැනීමේ පහසුව හා කෘත්රීම මාධ්යයක රෝපණය කර ගැනීමේ හැකියාව, ඖෂධ සඳහා ඇති වැදගත්කම ද සලකා බැක්ටීරියා අණුක ක්ෂුද්රජීව විද්යාව සංවර්ධනයෙහි ලා උපයෝගී කර ගෙන ඇත.
ඉතා විශාල බැක්ටීරියා විශේෂ සංඛ්යාවක සම්පූර්ණ ජාන අණු පිළිවෙල දැන් සොයා ගෙන ඇත. එසේම ජාන අණුපිළිවෙල සනාථ කරන ලද සූන්යෂ්ටිකයින් ලැයිස්තුවක් ද ඇත. නූතන අණුක ක්ෂුද්ර ජීව විද්යා තාක්ෂණය, ජාන සැකසූ එන්නත් සංවර්ධනයේ දී ද ජෛව හායනය, ජෛව තාක්ෂණය, ආහාර ක්ෂුද්රජීව විද්යාව සහ පරිසර ක්ෂුද්රජීව විද්යාවේ දී ද භාවිතා වේ.
බොහෝ බැක්ටීරියාවන් අණුක විද්යා අධ්යයනයේ දී ආදර්ශ ජීවීන් බවට පත්වී ඇත. අණුක තාක්ෂණය, වෛද්ය ක්ෂුද්ර ජීව විද්යාවේ සායනික ක්රියා මාර්ග මත සෘජුවම බලපෑම් ඇති කිරීමට සමත් වී ඇත.
ක්ෂුද්ර ජීව විද්යාවේ දී රූපීය ලක්ෂණ මගින් ක්ෂුද්ර ජීවී විශේෂ සහ උප විශේෂ හඳුනා ගැනීමට ඇති පරීක්ෂණ අකාර්යක්ෂම සහ බොහෝ කාලයක් ගන්නා නමුත් අණුක තාක්ෂණික ක්රම වඩාති ඉක්මන් සහ නිවැරදි දත්තයන් ලබා දෙමින් සායනික ක්රියා මාර්ග සඳහා ද විශාල පිටු බලයක් සපයයි. උදාහරණ ලෙස -
· බැක්ටීරියා හඳුන ගැනීම සඳහා16s rRNA අනුපිළිවෙල නිර්ණය කිරීම. · කම්පනය වන ජෙලි මාධ්යයක විද්යුතාගමනය (Pulsed Field Gel Electrophoresis) මගින් වසංගතකාරක ක්ෂුද්ර ජීව උප විශේෂයන් වෙන් කර ගැනීම. · ප්රතිරෝධ යාන්ත්රණයට සෘජුව දායක වන ජාන (උදා - Staphylococcus aureus බැක්ටීරියාවේ mec A ජානය සෘජුව අනාවරණය කර ගත හැකි වීම. | hplt_2 |
මන් මේක අහලා තියෙන්නේ ස්වාධීන රූපවාහිනියේ සහ ගුවන් විදුලි සංස්ථාවේ වෙලඳ සේවයේ හරි ලක් හඬේ හරි ස්වදේශීය සේවයේ හරි විතරයි.
මට ලාවට මතක හැටියටනම් මේක කියන්නේ ජයවර්ධන කියලා නම තිබ්බ ටිකක් වයසක ගායකයෙක්. ජනකවියක් කියනවා වගේ සිංදුව කියන්නේ. රුප පෙල තියෙන්නේ ඉර බැහැගෙන යන වෙලාවක ගඟක ඔරුවක් පදින එකක්.
දන්න කෙනෙක් ඉන්නවා නම් මට mp3 එක හරි Youtube එකේ හරි Link එකක් දෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා .
සිංදුවේ මට මතක ටික මේකයි
මහියංගනේ රන් කොත වාසනාවන්...
මහවැලි ගඟේ දියවර වාසනාවන්...
තුන්යම දුටුව සිහිනය වාසනාවන්....
බාල නඟෝ නුඹ මට වාසනාවන්.....
ඉරගල නුවර ඉරගල පවතිනා තුරූ....
සඳ ගල නුවර සඳ ගල පවතිනා තුරූ....
අපහද බැඳුනු සෙනෙහස පවතිනා තුරූ....
මේ ගඟ ගලයි දියවර පවතිනා තුරූ.....
(පද නම් හරියටම හරිද දන්නේ නැහැ මට මතක විදිහට තමා ඔය)
Can't read
අයිතිවාසිකම්
මම ගැන
- ම
- ගම්පහ, බස්නාහිර පළාත, Sri Lanka
- මැරෙණකම් ජීවත් වෙන එකෙක් ගේ ජීවන සටහන්. කියවන්න , ඔබෙ අදහස් මටත් ලියන්න. අපි හමෝම මැරෙන මිනිස්සු
පැරණි ලිපි
-
▼
2010
(31)
- ▼ April (7)
- ► 2009 (122)
මන් මේක අහලා තියෙන්නේ ස්වාධීන රූපවාහිනියේ සහ ගුවන් විදුලි සංස්ථාවේ වෙලඳ සේවයේ හරි ලක් හඬේ හරි ස්වදේශීය සේවයේ හරි විතරයි.
12 අදහස්:
- Raven said...
-
මේක පරණ ගීයක් නම් හද ගී පොතේ තිස්ස අයියා ගාව නම් ඇති මචන්. පොඩ්ඩක් කමෙන්ට් එකක් දාල අහන්න. තිබ්බොත් අනිවා දෙයි.
- Anonymous said...
-
Singer is Piyasiri Wijerathne. No Youtube entries. Visit Miyurugee. There are number of songs by him including very popular awurudu song - Bedda puraa...
http://www.infolanka.com/miyuru_gee/art/piyasiri_wije.html
- ම said...
-
බොහොම ස්තූතියි!!!
- Anonymous said...
-
You are welcome.
Btw you seems have different music taste. I mean it is little bit off-taste compared to so-called popular music! There is another song this type. By TM Jayarathne ..Sanada eliyay paalu makanne.. (cant remember first line)
(Texted in kadda not because of its amba sira. I dont have the font and i dont used to type in Sinhala)
- freedom said...
-
මං මේක කොටන අතරෙ ඔයාට උත්තරේ හම්බවෙලානෙ. කමක් නෑ දැන් ඉතින් ලියපු එකේ ඔහේ දානව. හැබැයි ඉතින් මේක blog post 1ක් තරම් දිගයි.
පියසිරි විජේරත්න කියන්නෙ බොහොම නිහඬ, මං ගොඩක් අගය කරන කලාකරුවෙක්. ඔහුගේ කටහඬේ පුදුමාකාර සෞම්ය ගතියක් තියෙනව. ඔය වගේ කටහඬක් තව තිබුණෙ සෞම්ය කුමාර යාපා බණ්ඩාරට විතරයි මං හිතන්නෙ.
ඒ වගේම පහුගිය කාලෙ හැමෝම කලා කරයො සල්ලි වලට විකිණෙද්දි සල්ලි වලට හොල්ලන්න බැරිඋනු, 'කලාකාරයගෙ අභිමානය' රැක ගත්තු, තවත් එක විරල කලාකාරයෙක් විදියට තමයි මං ඔහු දකින්නෙ. ගමේ ඉස්කෝලෙක සංගීත ගුරුවරයෙක් විදිහට තමයි මට මතක ඇති කාලෙ ඔහු වැඩ කලේ. මීට අවුරුදු කීපයකට කලින් ඒ හඬ නැත්තටම නැතිවෙලා ගියා. ගුවන් විදුලියෙ ප්රවෘත්ති වලට ඔහු මියගියා කිව්ව ඇරෙන්න ඊට වැඩි දෙයක් තිබුණෙ නෑ. ඊට පස්සෙ එක දිගටම අපිට නැති උනු ඔයවගේ වැදගත් කලාකාරයොන්ටත් (එච්. ඒ. පෙරේරා, අබේවර්ධන බාලසූරිය )ලැබුනෙ ඔය සංග්රහයම තමා.
ජනකවි ආරට තමයි ඔහු වැඩිපුරම ගීත ගායනා කරල තියෙන්නෙ. වැඩිපුරම කිව්වට එයා ගයපු ඔක්කොම ගීත 20කටත් අඩුයි. හැබැයි ඒ හැම ගීතයක්ම වගේ ඒ කාලෙ අය අතරෙ හුඟක් ජනප්රිය වෙලා තියෙනව. "බැද්ද පුරා සුදු රෙද්ද වගේ" (අමිතා දළුගම එක්ක කියන්නෙ) නැත්නම් "උඹෙ මූණ පුරා දිලි සීදේවි කම හින්දයි හිත බැඳුණේ ඇහුණාද මුතු මැණිකේ" වගේ ඒව අදටත් අහන්න තියෙනව වෙළඳ සේවේ නැත්නම් ස්වදේශීය සේවෙ.
එයාගෙ හැම ගීතයකම වගේ තියෙනව ඇස් දෙක පියාගෙන රස විඳින්න පුළුවං ගතිය. හදවතට දැනිල හදවත සන්සුන් වෙලා මුළු ශරීරය පුරාමත් විහිදිලා යවන්න පුළුවන්, සන්සුන් ගතියක් ඇතිකරනවා ඒවයින්. ඉස්සර ස්වදේශීය සේවෙ ඔයවගේ සින්දු යනව රෑට. පුදුම සනීපයක් තියෙන්නෙ අහනකොට. මුළු දවසෙම තිබ්බ මහන්සිය නැතිවෙලා යනව.
ඔන්න අකුරක් වත් අඩු නැතුව සම්පූර්ණ පද ටික ඔක්කොම මෙතන තියෙනව.
මහියංගණේ රන් කොත වාසනාවන්
මහවැලි ගඟේ දියවර වාසනාවන්
තුන්යම දුටුව සිහිනය වාසනාවන්
බාල නඟෝ නුඹ මට වාසනාවන්
ඉර බාරයි ඉර වට යන ගිරවුන්ට
සඳ බාරයි සඳ වට යන සාවුන්ට
මල බාරයි මල වට යන බමරුන්ට
නුඹ බාරයි මතු මතුවත් නගෝ මට
මහියංගණේ රන් කොත…..
ඉරගල නුවර ඉරගල පවතිනා තුරු
සඳගල නුවර සඳගල පවතිනා තුරු
අපහද බැඳුණු සෙනෙහස මල් පිපෙන තුරු
මේ ගඟ ගලනු ඇත දුක සැප දෙකම හුරු
මහියංගණේ රන් කොත…..
මෙන්න ලින්ක් එක අහන්න.
http://www.infolanka.com/miyuru_gee/pp/p333.ram
හැබැයි බාන්න බෑ. ඇත්ත ධාවකයෙන් (real player) විතරයි අහන්න පුළුවන්. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් මේක ලියපු කෙනා සහ සංගීතය කාගෙද කියල කියන්න, මට හොයා ගන්න බැරිඋනා.
තිස්ස අයිය වගේ පරණ සින්දු ගැන කිව්වට මට එයාට තරම් වයස නෑ හොඳේ.
;-)
තිස්ස අයිය වගේ ගතියට ලියන්නත් බෑ.
:-(
තිස්ස අයියගෙ සින්දු මේ කාලෙටත් එහා ගිය ඒවනෙ. මේව 90 දශකයෙත් අහන්න තිබුණ ඒවා. (ඇටිකිච්ච කාලෙ තමා මං මේව ඇහුවෙ. ඔන්න ඔයාලට ඕනෙම නම් වයස හොයා ගන්න පුළුවං) අවුරුදු කාලෙට තමා ස්වදේශීය සේවෙන් උනත් මේව එළියට එන්නෙ.
මේ සින්දුව අහල තියෙන දෙන්නෙක් වත් ඉන්න එක ගැන මට මාර සතුටුයි.
- මගේ ජීවිතය said...
-
මේ සිංදුව ස්වාධීන රූපවාහිනියෙ ගියා මටත් මතකයි. මං ගොඩක්ම ආස පියසිරි විජේරත්න මහත්මයගෙ "බැද්දට මල් වරුසාවක් වැහැලද" ගීතයටයි. ඒකනම් පුංචි කාලෙ ඉඳලම ආස සිංදුවක්. මේ අහිංසක ගායකයට මං හරිම කැමතියි.
- freedom said...
-
@ Anonymous
ඔයා කියපු එක ටී. එම්. ගෙ ඔරුව වසා වැලි පුරවා සින්දුව.ඒක ගැනත් මට කියන්න දේවල් එමටයි.
ආයෙ තඩි කමෙන්ට් එකක් ලියන්නත් බෑනෙ. ඒඋනාට නොලියත් බෑ. ඒක හින්ද අකැමැත්තෙන් උනත් මට මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්නම වෙනව. මං ඔය බ්ලොග් එක හැදුවෙ කමෙන්ට් දාන්නමයි. බ්ලොග් ලියන්න හිතල නෙවෙයි. මක් කරන්නද හිතට එනකොට එපා කියන්නයැ. ඕන කෙංගෙඩියක් වෙද්දෙන් කියල ඔන්න 'හා හා පුරා' කියල දැම්ම එහෙනම්. කැමති නම් ගිහින් බලන්නකො.
http://freedomsl.wordpress.com/2010/04/25/%e0%b6%9a%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%9c%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd-%e0%b6%87%e0%b6%af/
- ම said...
-
බෝහෝම ගොඩක් තොරතුරු දුන්නට බෝහෝම ස්තූතියි freedom
කොහොමෙන් හරි බ්ලොග් ලිපියක් ලියපු එක ලොකු දෙයක්. මුල සිංදුව ගැන තියෙන එකත් බ්ලොග් එකටම දැම්මනම් හොඳයිනේ
- හෂිත said...
-
hitapan ada ewannam, gedara athi, naththan ape gedara waren dennam paraNa sindu epaa wenna.
- ම said...
- Arumaya said...
-
මේ ගීතය මගේ ආසම ගීතයක්
වැඩිය හොයා ගන්න නැහැ
ඒත් මම පොඩි කාලේ වෙළෙද සේවයෙන් ඇහුනා
මගේ හිතේ මේ රිද්මය මම මැරෙනා තුරාවටම තියේවි
මේ ගැග හාර ඇවිස්සුවට පිං හැමෝටම
- hasadithya said...
-
mama danna widihata meke music karala thiyenne.. Sarath Fernando kiala mahathmayek. Eya gena wageama piyasiri wijerathna mahthmaya genath honda wistharayak thienwa Thissa Abesekera mahathmayage 'Ayale giya sithaka satahan' kiana pothe..... | hplt_2 |
ශ්රී ලංකාවේ බිහිවූ
එකම දාර්ශනික අධ්යාපන අමාත්යවරයා...
"යම්කිසි
රටක් සමාජයක් වෙනස්කිරීමට නම් එරට අධ්යාපන ක්රමය නිසි
පරිදි සකස්විය යුතුය. එසේ නොවනතාක් කිසිදු වමේ හෝ දකුණේ
බලවේගයකට රටක් හෝ සමාජයක් වෙනස් කළ නොහැක".
ඒ ප්රකට දාර්ශනිකයකු වන ක්රිෂණාමූර්තීන් විසින් පවසන ලද
අදහසකි. අපේ රටට අදාලව මෙම කාරණය විමසා බලන විට ජාතික වශයෙන්
ප්රතිපත්තියක් නොමැති, අධ්යාපන අමාත්යවරයාගෙන්
අමාත්යවරයාට වෙනස්වන, ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස්වන අධ්යාපන
න්යායපත්රයක් ක්රියාත්මකවීම දක්නට ලැබේ. එනිසාම වර්තමානයේ
ශ්රී ලංකාවේ අධ්යාපනයේ අවසන්ඵලය ඉහළින් විභාග සමත් වූ
කිසිවක් කරකියාගත නොහැකි උපාධිධාරීන් සුළු පිරිසක් බවට පත්ව
තිබේ. එමෙන්ම පාසලට ඇතුලත් වන මුළු ශිෂ්ය ප්රමාණයෙන් 90% කට
වැඩි පිරිසක් අ.පො.ස. (සා. පෙළ.) හෝ අ.පො.ස. (උ. පෙළ.) විභාග
වලින් හැලීගොස් අපේක්ෂා භංග තරුණ පිරිසක් බවට පත්ව තිබේ. අද
තත්ත්වය මෙසේ වූවත් 1931 න් පසුව යටත් විජිතවාදීන් විසින්
කාබාසිනියා කොට දමා තිබූ අපේ අධ්යාපනය යළි නඟා සිටුවමින්,
මෙරට ගමන්මග වනමාවතකට යොමු කිරීම සඳහා වන, ඉතා විශිෂ්ට අවසන්
ඉගෙනුම් ඵලයක් සොයා යන මෙහෙයුමක් මෙරට ක්රියාත්මක විය.
වර්තමානයේ රටේ ඉහළ තැන්වල සිටින බොහෝ දෙනෙක් ඒ තැන්වල
සිටින්නේ එම අධ්යාපනයට පින්සිදු වන්නටය. අද බොහෝ දෙනාට අමතකව
ගොස් ඇති, අඩු ගණනේ පින්තූරයක්වත් සොයා ගැනීමට අපහසු
පුද්ගලයෙක් එකී මෙහෙයුමේ පුරෝගාමියා විය. ඒ අන් කිසිවෙක්
නොව, මෙරට එතෙක් මෙතෙක් පහළ වූ එකම දාර්ශනික අධ්යාපන
අමාත්යවරයා සහ නිදහස් අධ්යාපනයේ පියා වන ආචාර්ය සී. ඩබ්.
ඩබ්. කන්නංගර මැතිතුමාය. ඔක්තෝබර් 13 වන දිනට එතුමාගේ 115 වන
ජන්ම දිනය යෙදී තිබුණි. මේ සටහන ලියවෙන්නේ එතුමාට කෘතගුණ
සැළකීමටය.
1884 ඔක්තෝබර් 13 ගාල්ලේ අම්බලන්ගොඩ රන්දොඹේ නම් ග්රාමයේ උපත
ලැබූ කන්නංගර මැතිතුමාගේ පියා දොන් ඩැනියෙල් විෙ-කෝන් මහතා සහ
මව එමලි විෙ-කෝන් මැතිණියයි. එතුමා වෙස්ලියන් උසස් ඉංග්රීසි
පාසලේ මූලික අධ්යාපනය හදාරා ගාල්ල රිච්මන්ඩ් විද්යාලයෙන්
ද්වීයිතීක අධ්යාපනය හැදැරීය. 1923 පැවති මැතිවරණයෙන් ගාල්ල
දිස්ත්රික්කයෙන් ව්යවස්ථාදායක සභාවට තේරී පත්වූ එතුමා
1923 සිට 1931 දක්වා ව්යවස්ථාදායක සභාවේත්, 1931 සිට 1947
දක්වා රාජ්ය මන්ත්රන සභාවේත්, 1952 සිට 1955 දක්වා ශ්රී
ලංකා පාර්ලිමේන්තුවේත් ශ්රී ලංකාවේ ප්රථම අධ්යාපන
අමාත්යවරයා සහ පළාත් පාලන අමාත්ය වරයෙකු වශයෙන් වසර 40 කට
අධික කාලයක් මෙරට දේශපාලනය තුළ සුව්ශේෂී මෙහෙවරක නිරත විය.
මහින්දාගමනයෙන් පසුව මෙරට ඇතිවූ බෞද්ධ අධ්යාපන සම්ප්රදායන්
සමග ලොව පැවති විශිෂ්ට අධ්යාපන ක්රමයක් ශ්රී ලංකාවේ පැවති
බවට අපේ ඉතිහාසය සාක්කි දරයි. එකල මෙරට විශ්වවිද්යාල පවා ඉහළ
මට්ටමක පැවති බව පාහියන් වාර්තා වල සඳහන් වේ.
එකී අධ්යාපන විවිධ හේතූන් නිසා විනාශ වී ගිය ආකාරය අධ්යාපන
පර්යේෂකයින් විසින් පෙන්වා දී තිබේ. එම හේතූන් අතර බටහිර
ජාතීන්ගේ පැමිණීම, ඔවුන්ගේ පාඨශාලා මෙරටට හඳුන්වා දීම, එම
පාඨශාලා සමග තරඟ කිරීමට මෙරට අධ්යාපන ආයතනවලට නොහැකිවීම,
ක්රිස්තියානි මිෂනාරි අධ්යාපන ව්යාප්ත වීම නිසා බෞද්ධ
අධ්යාපනය විනාශවීම, අධ්යාපනයට සිංහල රජවරුන්ගේ ප්රමාණවත්
අනුග්රහයක් නොලැබීම යන හේතූන් ප්රධාන වේ. ඒ ආකාරයට බටහිර
ජාතීන් විසින් මෙරට පැවති විශිෂ්ට අධ්යාපනය විනාශ කොට පිට
රටින් ගෙන්වූ අධ්යාපනයක් මෙරට ස්ථාපිත කළහ. ඒ අනුව 1930
ගණන් වන විට ධනවතුන්ට පමණක් සීමා වූ අධ්යාපනයක් විසින් මෙරට
සමාජය බරපතල විභේධහයකට ලක්කොට තිබුණි. වරප්රසාද ඇති අයට
ගාස්තු ගෙවා අධ්යාපනය ලබා දුන් පාසල් හා ගාස්තු ගෙවීමට
අපහසු දුප්පතුන් සඳහා සිංහල හා දෙමළ ස්වභාෂා පාසල් ලෙස වර්ග 2
ක් විය. මෙම පාසල් වර්ග දෙක අතර විශාල පරතරයක් වූ අතර ඒ හරහා
මෙරට සමාජය පංති දෙකකට බෙදී ගියේය.
"1931 දී තිබුණු 4023 ක් වූ මුළු පාඨශාලා ප්රමාණයෙන් 7% ක්
ඉංග්රීසි පාඨශාලා වූ අතර පාසල් ගිය මුළු සංඛ්යාව 5,53,701
ක් වූ අතර ඉහත ඉංග්රීසි පාඨශාලාවල අධ්යාපනය ලැබූ ශිෂ්ය
ප්රමාණය 62,706 කි. එහෙත් අධ්යාපනය සඳහා රජය වියදම් කළ මුළු
මුදලින් 37% ක්ම වියදම් කොට ඇත්තේ එම 7% ක් තරම් සුළු පිරිසට
වන අතර ඉතිරි 93% සඳහාම වියදම් කර ඇති මුදල මුළු මුදලින් 63%
කි".
- එෆ්. ආර්. ජයසූරිය
ශ්රී ලංකාවේ අධ්යාපනය - සියවස ප්රකාශනය ෂෂ
මේ ආකාරයට පැවති අධ්යාපන ක්රමය තුළින් වඩාත් පීඩා වින්දේ
මෙරට අහිංසක ස්වදේශික ජනතාවයි. එනිසා 1944 දී රාජ්ය මන්ත්රණ
සභාවේ දී මේ තත්ත්වය පෙන්වා දුන් ආචාර්ය කන්නංගර මැතිතුමා
අධ්යාපන ක්රමය වෙනස් කළ යුතු බවට යෝජනා කළේය. "සාධාරණත්වය
කල් දැමීම වූ කලී සාධාරණත්වය නොලැබීයාමකි. මේ රටේ ගම්බද
දිස්ත්රික්කවල වෙසෙන පොදු ජනතාවට සාධාරණත්වය ඉටු කළ යුතු
කාලය දැන් එළඹ ඇත..."
සී. ඩබ්. ඩබ්. කන්නංගර
(හැන්සාඩ් වාර්තාව - 1944)
ආචාර්ය කන්නංගර මැතිතුමා දේශපාලනයට පිවිසෙන විට මෙරට පැවතියේ
අධිරාජ්යවාදී ඕනෑ එපාකම් ඉටු කරන මිෂනාරීන් විසින් පවත්වාගෙන
ගිය අධ්යාපනයකි. ඒ තුළ හුදෙක් ශාස්ත්රීය ජීවිතයට බරවූ සුළු
පිරිසක් පමණක් ඉගෙනුම ලබන, අධ්යාපනයේ සම අවස්ථා ඇහිරීගිය,
ආගම් ප්රචාරය කරන, කොටින්ම කළු සුද්දන් නිර්මාණය කරන
අධ්යාපනයකි. කන්නංගර මැතිතුමා නැවත නැවතත් රාජ්ය මන්ත්රණ
සභාවේ දී මේ කරුණ ඉතා තර්කානුකූලව පෙන්වා දෙනු ලැබීය.
"අප විසින් ජනයා කොටස් දෙකට බෙදා ඇත. එක කොටසක් උසස්ය. අනෙක
පහත්ය. එක් කොටසක් කලිසම් ඇඳී අනෙක් කොටස අඳින්නේ රෙද්දය.
ඉංග්රීසි අධ්යාපනය නිසා අපේ රට සමාජයේ පංති 2 ක් වශයෙන්
බෙදී ඇත. ඉසුරුමත් වූත්, ධනවත් වූත්, බල සම්පන්න වූත්, ගෙවීමට
හැකියාව ඇත්තා වූත් අය විදේශීය භාෂාවකින් උසස් අධ්යාපනයක්
දෙන පාසලකට යති. ඔවුන් ඒ සඳහා ගෙවිය යුතුය. එසේ මුදල් ගෙවීම
ප්රයෝජනවත්ය. කවර හෙයින්ද මේ රටේ රාජ්ය භාෂාව ඉංග්රීසි වන
හෙයිනි. එසේම ඉංග්රීසි නොදන්නා කිසිවෙකුට කිසිදු උසස් නිළයකට
පත්විය නොහැකි හෙයිනි.
- සී. ඩබ්. ඩබ්. කන්නංගර - (හැන්සාඩ් වාර්තාව - 1944)
එවකට පැවති අධ්යාපන ක්රමය මනාව හඳුනාගත් එතුමා එම ක්රමය
පිටු දකිමින් බ්රිතාන්ය යටත් විජිත වාදීන් විසින් කණපිට
හැරවූ ලාංකීය සමාජය නැවත යථා තත්ත්වයට පත් කිරීම උදෙසා විශාල
විප්ලවයක් සිදු කළේය. ඒ අනුව පසු කාලීනව මෙරට සමාජ විප්ලවයකට
හේතු වූ දිගුකාලීන දර්ශණයක් සහිත අධ්යාපන ප්රතිසංස්කරණ
යෝජනා මාලාවක් එතුමා විසින් ඉදිරිපත් කළේය. එම යෝජනා මෙරට
සමාජ, සංස්කෘතික පුනරුදයක මූලාරම්භය නැවත සටහන් කළේය.
ඒ අනුව බාලාංශයේ සිට විශ්ව විද්යාලය දක්වාම අධ්යාපනය රජය
විසින් නොමිලයේ ලබාදීමට කළ යෝජනාව කන්නංගර ප්රතිසංස්කරණවල
අතිශයින් වැදගත්ම යෝජනාවයි. ඊට අමතරව ප්රාථමික පාඨශාලාවේ
ඉගැන්වීම් මාධ්ය මව් භාෂාව කිරීම, ඉංග්රීසි දෙවන භාෂාවක්
ලෙස අනිවාර්ය කිරීම, ග්රාමීය අධ්යාපනය දියුණු කිරීම, ගුරු
විද්යාල ආරම්භ කිරීම, උපාධිධාරි ගුරුවරුන් ලංකා විශ්ව
විද්යාලයෙන් පුහුණු කිරීම, ගුරුවරුන්ට මාසික වැටුපක් ලබාදීම,
අවුරුදු 5-16 ළමුන් පාසල් යැම අනිවාර්ය කිරීම, අධ්යාපන
පර්යේෂණ මණ්ඩලයක් ඇති කිරීම, මධ්ය මහා විද්යාල ඇති කිරීම,
වැඩිහිටි අධ්යාපනය ආරම්භ කිරීම, පාසල හැරයන සිසුන්ට කර්මාන්ත
පුහුණුවක් ලබාදීම, පාසලේ වැඩ ගම් වැසියන්ගේ රැකියා වලට
සම්බන්ධ කිරීම, අධ්යාපන උපයෝගී සේවා ඇති කිරීම, ළමයින්ට දිවා
ආහාරය ලබාදීම, දුප්පත් දක්ෂ ළමුන්ට අධ්යාපන ශිෂ්යත්ව
ලබාදීම, මූලික අධ්යාපන අවස්ථා වැඩි කිරීම යන යෝජනා ඇතුලත්ය.
මෙකී යෝජනා ඇතුලත මෙරට අධ්යාපනය වඩාත් පුළුල් කිරීමටත්,
නිදහස් අධ්යාපනය ව්යාප්ත කිරීමටත් හේතුවන තවත් යෝජනා
බොහොමයක් විග්රහකර තිබේ. ඉතා ඉක්මණින් නැතත් දිගුකාලීනව
මෙරට සමාජය විප්ලවීය වෙනසකට හේතුවනු දුටු දාර්ශනිකයෙකු ලෙස
ආචාර්ය කන්නංගර මැතිතුමා කටයුතු කළ බව පැහැදිළිය.
අධිරාජ්යවාදී පාලනයෙන් හෙම්බත්ව තිබූ ලාංකේය සමාජය එම
ග්රහණයෙන් මුදවා ගැනීම සඳහා ආචාර්ය කන්නංගර මැතිතුමා ගෙනගිය
අරගලය යථාර්තයක් බවට පත්වූ දිනය ලෙස 1945 ඔක්තෝබර් 01 දින
හැඳින්විය හැක. කන්නංගර අධ්යාපන ප්රතිසංස්කරණ යෝජනා
ක්රියාත්මක වීමත් සමග මෙතෙක් සුළුතර පිරිසක් සතුව පැවති
අධ්යාපනය හා එහි ප්රතිලාභ ඈත ගම් දනව් සිසාරා ගමන් කරවීමටත්,
මෙරට සමාජය උඩු යටිකුරු කිරීමටත් හේතු විය.
මෙතෙක් හුදෙක් ශාස්ත්රීය පදනමකින් පැවති අධ්යාපනය වෙනුවට
වඩාත් ප්රායෝගික වූ මිනිස් බලයක් නිර්මාණය වන H - 4 සංකල්පය
(Headල Heaරඑල Haබාල Heaකඑය) එතුමා විසින් හඳුන්වා දෙනු ලැබීය.
එමගින්, පැවැති සමාජය ප්රබල චර්යාත්මක වෙනසකට භාජන විය.
1931-1947 දක්වා කාලය තුළ මෙරට සිදුවූ පෙරළිය සංඛ්යා
ලේඛනවලින් දැක්වීම අපහසුය. එය සුවිසල් සමාජ හා සංස්කෘතික
විප්ලවයක්ම විය. 1931 දී පාසල් යා යුතු වයසේ ළමුන්ගෙන් 88.9%
ක් පමණ පාසල් නොගිය අතර 1947 වන විට එම ප්රමාණය 37% දක්වා
පහත බැසීය. එහි ප්රතිඵලයක් ලෙස 1931 දී 47.9% ක්ව පැවැති
සාක්ෂරතාව 1947 වන විට 58.4% දක්වා වර්ධනය විය. 1931 21.2%
ක් වූ කාන්තා සාක්ෂරතාව 1963 වනවිට 67.3% දක්වා වර්ධනය විය.
ශිෂ්ය ජනගහනය සීග්රයෙන් ඉහළ යැම නිසා ඊට අවශ්ය පාසල් බිහි
කිරීමට රජයට සිදු විය. 1931 දී 2621 ක් වූ ආධාර ලබන පාසල්
සංඛ්යාව 1947 වන විට 2992 දක්වාද, 1498 ක් වූ රජයේ පාසල්
සංඛ්යාව 2906 දක්වාද වර්ධනය විය. "එක් පාසලක් ඇරෙන විට
සිරගෙයක් වැසී යයි" යනුවෙන් මහත්මා ගාන්ධිතුමා වරෙක ප්රකාශ
කළේ පාසලක් තුළින් කොතරම් සමාජ මෙහෙවරක් සිදුවේ දැයි
පැවසීමටය. ඒ අනුව මේ සා විශාල ලෙස මෙරට පාසල් ප්රමාණයක්
වැඩිවීම මෙරට සමාජයට කොතෙක් බලපෑමක් ඇති කළේ දැයි සිතාගත
හැක.
නිදහස් අධ්යාපනය ව්යාප්ත වීමත් සමඟ කිසිදු මුදලක් නොගෙවා
මූලික අධ්යාපනය ලැබීමේ අවස්ථාව සියලුම දරුවන්ට හිමි විය. එහි
පසුකාලීන පියවරක් ලෙස 1960 දී ආධාර ලබන සියලු පාසල් රජයට පවරා
ගැනීමත්, පොත්පත් ලිපිද්රව්ය නොමිලයේ ලබාදීමත් ඇඳුම් ආහාර,
මහපොළ ශිෂ්යත්ව ලබාදීමත් සිදු විය. අදටත් බාලාංශයේ සිට
විශ්වවිද්යාලය දක්වා නොමිලයේ අධ්යාපනය ලැබීමට අවස්ථාව
ඇත්තේ කන්නන්ගර මැතිතුමාට පින්සිදු වන්නටය. එසේ නොවන්නට
දුප්පත් දක්ෂ දරුවන්ට අධ්යාපනය යන්න සිහිනයක්ම වන්නට ඉඩ
තිබිණි. නිදහස් අධ්යාපනයේ ව්යාපෘතියත් සමග ද්විතීයික
අධ්යාපනය නිමකර උසස් අධ්යාපනය ලබන පිරිස සීග්ර්රයෙන් ඉහළ
යැම හේතුවෙන් 1959 දී විෙද්යාදය හා විද්යාලංකාර
විශ්වවිද්යාල හා 1963 දී කොළඹ විශ්වවිද්යාලයත් 1962 දී ලංකා
විශ්වවිද්යාලයට නේවාසික නොවන ශිෂ්යයන් බඳවා ගැනීමත් සිදුවිය.
මධ්ය මහා විද්යාල ආරම්භ කිරීම, පසුකාලීන විප්ලවයකට හේතු විය.
ගම්බද ඉගෙනීමේ දක්ෂතා සහිත ළමුන්ට ඉහළට ඒමේ අවස්ථාව එමගින්
හිමි විය. මෙම පාසල්වලින් ඉගෙනුම ලබන අය ඉහළ තැන්වලට ගොස් තම
ගමට, රටට සේවය කිරීම කන්නන්ගර මැතිතුමාගේ අපේක්ෂාව විය.
පසුකාලීනව මෙරට විශිෂ්ටත්වයට පත්වූ මහාචාර්ය සුචරිත ගම්ලත්,
ආචාර්ය ලීල් ගුණසේකර වැනි පුරවැසියන් බිහි වූයේ මේ මධ්ය මහා
විද්යාල හරහාය. ගමේ තිබූ රැකියා පාසල් විෂය මාලාවට සම්බන්ධ
කරමින් ප්රාදේශීය සම්පත් විෂය මාලාවට ඇතුළත් වීම, විෂය
මාලාවන් ප්රාදේශීයකරණය වීම, වඩුවැඩ, යකඩ වැඩ, රෙදි විවීම,
කුඹල් කර්මාන්තය, කෘෂි කර්මාන්තය වැනි වෘත්තීය විෂයයන් පාසල
තුළ ස්ථාපිත විය. ඒ සමගම අධ්යාපනය ජීවත්වීමට සම්බන්ධව
ක්රියාත්මක වීම සහ ගම්බද දරුවන්ට තම අත්දැකීම් සමග ගලපා
ගනිමින් ඉදිරියට යැමට අවස්ථාව උදා විය. තම අරමුණ වඩත්
යථාර්ථවත් කිරීමේ අරමුණින් මධ්ය මහා විද්යාල සඳහා
විදුහල්පතිවරු තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට පවා වාඩි
වීමට කන්නන්ගර මැතිතුමා කටයුතු කර තිබේ.
මේ තාක් වැටුපක්වත් නොලබන තත්ත්වයේ සිටි ගුරුවරයාගේ තත්ත්වය
උසස් කිරීමට එතුමා කටයුතු කළේය. ගුරුවරයාට වැටුපක් ගෙවීමට,
ගුරු අධ්යාපනය නඟාසිටුවීමට කටයුතු කිරීම, ගුරු විද්යාල ආරම්භ
කිරීම, උපාධිධාරී ගුරුවරුන් විශ්වවිද්යාලවලින් පුහුණු කිරීම,
ගුරුවරුන් වර්ග කිරීම ආදී ගුරු වෘත්තීය සංවර්ධනය කිරීමට අරමුණ
වූයේ ගුරු වෘත්තීය සංවර්ධනය රටේ අධ්යාපනයට ඉතා වැදගත් බව
දාර්ශනිකව එතුමා තේරුම්ගත් නිසාය.
අධ්යාපනයේ උපයෝජන සේවා වශයෙන් පාසල තුළින්ම සිසුන්ගේ සෞඛ්ය,
පෝෂණය, පිළිබඳ කටයුතු කිරීම, පාසල් සෞඛ්ය සේවය, මැලේරියා
මර්දනය ව්යාපාරය, පාසල් දන්aත සෞඛ්ය සේවය, බෝවන රෝගවලට
බෙහෙත් විදීම, සෑම ළමයකුටම කිරි වේලක් ලබාදීම, දිවා ආහාර
සැපයීම වැනි සේවාවන් තුළින් පාසල හා සමාජය වඩාත් ගුණාත්මක
කිරීමට කටයුතු කළේය. සෞඛ්ය සම්බන්ධ සමාජ දැනුවත්භාවය නිසා
ලංකාවේ ළදරු මරණ හා මාතෘ මරණ සංඛ්යාව ඉතා පහළ බැසීමත්, ජනගහන
වර්ධන වේගය අඩුවීමත් සිදුවිය. ශ්රී ලංකාවත් සමග නිදහස ලබාගත්
අනෙකුත් රටවල් සමග බලනවිට ඉතා ඉහළ සමාජ ආර්ථික දර්ශක මෙරට
විද්යමාන වීමට එය හේතු විය. ඒ අනුව සාක්ෂරතාව ළදරු මරණ
අනුපාතය, මාතෘ මරණ අනුපාතය, ආයු අපේක්ෂණය, භෞතික ජීවන තත්ත්ව
දර්ශකය අතිනුත් ලංකාව ඉහළ තත්ත්වයකට පත්විය.
පාසල් පද්ධතිය තුළ ආරම්භ කළ වගා කටයුතු, විද්යාත්මක
කෘෂිකර්මය, ගමට හඳුන්වාදීම, ගැමි ජනතාවට පාසල තුළින් දැනුම
සම්ප්රේෂණය කරවීම, ගුවන්විදුලි සේවා වැනි අවිධිමත් අධ්යාපන
සේවා සැලසුම් කිරීම, වැඩිහිටි පන්ති හා ඉංගී්රසි පන්ති
පැවැත්වීම මගින්, අවිධිමත් අධ්යාපන අවස්ථා පුළුල් කිරීම
සිදුවිය. සර්වජන ඡන්ද බලය ලැබීමත් සමග සියලුදෙනාට අකුරු ලිවීමේ
කියෑවීමේ හැකියාව අවශ්යවූ අතර මෙම නොවිධිමත් හා වැඩිහිටි
අධ්යාපන අවස්ථා ඇතිවීම තුළින් පරගැති මානසිකත්වයකින් යටපත්ව
තිබූ දේශීය චින්තනය හා අනන්යතාව යළි අවදිවීමට පටන් ගැනිණි.
සමස්තයක් වශයෙන් ගෙන බලනවිට ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින
රටවල් අතර වර්තමානය වනවිට ශ්රී ලංකාව බොහෝ අංශවලින් ඉදිරියට
පැමිණ තිබේ. අද වන විට මෙරට සාක්ෂරතාව 93% දක්වා වර්ධනය වී
ඇත. මෑතකදී ලෝකයේ සතුටින්ම සිටින මිනිසුන් පිළිබඳ සිදු කළ
එක්තරා පර්යේෂණයකදී මුළු රටවල් අතුරින් 20 වැනි ස්ථානයට
පත්වීමට ශ්රී ලංකාවට හැකි විය. ඇමරිකා එක්සත් ජනපදය එහිදී
ලබාගෙන ඇති ස්ථානය 150 ඉක්මවයි. එසේවීමට හේතුව අන් කිසිවක්
නොව මව් භාෂාවෙන් අධ්යාපනය ලැබීමත් සමග මෙරට ජනතාවගේ
නිර්මාණාත්මක බව, විභවහ ශක්තීන් සමග ජන විඥණය පෝෂණය වීම ආදී
කරුණුයි. ලොව අතිශයින් දියුණු රටවල් පරදවා මහාචාර්ය සිරිල්
පොන්නම්පෙරුම, ආචාර්ය සරත් ගුණපාල වැන්නන්හට නාසා ආයතනය තුළ
දැවැන්ත පර්යේෂණ සිදු කරමින් විශිෂ්ටත්වයට පත්වීමට හැකි වූයේ
මෙරට අධ්යාපනය පොදු ජනතාවගේ උරුමයක් බවට පත් වූ නිසාය.
ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ අරමුණු මෙරට
සිදුවූ සමාජ විප්ලවයක්ම වීය. එතුමා අධ්යාපනය තුළින් ශාරීරික
මානසික, සදාචාරාත්මක වර්ධනයක් අපේක්ෂා කළ අතර ඒ වෙනුවෙන්
දිගුකාලීනව සකස් කළ අධ්යාපන ප්රතිසංස්කරණ මෙරට සමාජය හා
සංස්කෘතිය යළි ඉපදීමට හේතු විය. අධිරාජ්යවාදීන් විසින් කණපිට
හැරවු සමාජය යළි දේශීය අනන්යතාවක් කරා ගෙන ඒමට සමත් විය.
එතුමන්ගේ මෙම අධ්යාපන ක්රමවේදය නොඉවසූ බටහිර ගැති චින්තකයෝ
එකල එතුමාට බාධා කළහ. ඒ නිසාම එතුමා බලාපොරොත්තු වූ සියල්ල
ඉෂ්ට කර ගැනීමට ඉඩ නොලැබිණි. මතුපිටින් පෙනෙන්නට නිදහස්
අධ්යාපනයක් වර්තමානයේ මෙරට ක්රියාත්මක වුවත් ගැඹුරින් සලකා
බලන විට නිදහස් අධ්යාපනය දැඩි අභියෝගයකට ලක්ව තිබේ. එයට
හේතුව පසුකාලීනව ආණ්ඩුවෙන් ආණ්ඩුවට මෙරට ක්රියාත්මක වන
අධ්යාපන න්යාය පත්රවලින් කන්නන්ගර දර්ශනය පියවරෙන් පියවර
ඉවත් කොට නැවත බටහිර න්යාය පත්රයන් මෙරට අධ්යාපනයට
රිංගවාගෙන තිබීමයි. වර්තමාන පාසල් වර්ගීකරණය දෙස බලන විට
නැවතත් පංති භේදය නිර්මාණය වී ඇත. මෙරට දරුවන්ගෙන් 3/4 ක්ම
නියෝජනය කරන ග්රාමීය පාසල්වල දරුවන්ට විවිධ ගැටලු ඇත. ආර්ථික
අපහසුතා, ගුරු හිඟය, සම්පත් හිඟය, සන්නිවේදන අපහසුතා ඉන්
සමහරකි. එහෙත් අවසානයේ ඔවුන්ට තරග කරන්නට සිදුවන්නේ සුපිsරි
පාසල් හා ජාත්යන්තර පාසල් සමගය. වත්මන් රැකියා වෙළෙඳපොළේදී
දුප්පත් පාසල්වල දරුවන් අතුගෑවී යන තත්ත්වයක් ඇත.
ශ්රී ලංකාවේ
දක්ෂතා සහිත දරුවන් තෝරා ඔවුන්ට ඉදිරියට ඒමට කන්නන්ගර
මැතිතුමා ආරම්භ කළ 05 ශේ්රණියේ ශිෂ්යත්ව විභාගය අද සමාජ
ව්යසනයක් බවට පත්ව ඇත. සුපිරි පාසල්වලට දරුවන් ඇතුළත් කර
ගැනීමේ තරගය හා තම සමාජ මට්ටම පෙන්වීමට ප්රාථමික දරුවා භාවිත
කරන, දරුවාගේ නිදහස අහුරා දමා, නිර්මාණ ශක්තිය මොට කරන
දෙමාපියන්ගේ යුද්ධයක් බවට අද මෙම විභාගය පත්ව ඇත. ඒ නිසාම
සොයාගෙන ඇති පරිදි 05 ශේ්රණියේ ශිෂ්යත්ව විභාගයෙන් සමත් වන
දරුවන්ගෙන් උසස් අධ්යාපනය සඳහා සුදුසුකම් ලබන්නේ අද වනවිට 2%
කට ආසන්න ප්රමාණයකි.
මීට අමතරව අධ්යාපනය ප්රජාතන්ත්රීකරණය නොවීම අද දැකිය හැක.
මුදල් ඇති අය විවිධ වෘත්තීය පාඨමාලා හදාරා රැකියා වෙළෙඳපොළට
සරිලන ලෙස සකස් වේ. එමෙන්ම වෙනත් රටවලට ගොස් විවිධ උපාධි ලබා
ගනී. ජාත්යන්තර පාසල්වල සංකර සංස්කෘතිය මෙරට සංස්කෘතික
පරිහානියකට හේතු වී ඇත. මෙරට පාසල් දරුවාගේ භූමිකාව විකෘති කර
ඇත. මේ සියලු ගැටලුවලට මූල හේතුව ආචාර්ය කන්නන්ගර මැතිතුමාගේ
අධ්යාපන සංකල්පය පසුකාලීන රජයන් විසින් සංවර්ධනය නොකිරීමයි.
තත්ත්වය මෙසේ හෙයින් අනාගතය ඉතා අඳුරු සහගත බවක් පෙනීයයි.
එහෙත් ඒ අඳුර බිඳගෙන අනාගතයට ආලෝකය රැගෙන පෙරට යා යුතු කාලය
එළඹ තිබේ. ඒ සඳහා විසඳුම් කන්නන්ගර මැතිතුමාගෙන්ම සොයාගත හැක.
මෙරට අධ්යාපනය යළි ආරම්භ කළ යුත්තේ එතුමාගෙන්ම බව අවධාරණය කළ
යුතුය. සෑම පාසලකම කාර්යාලයේ කන්නන්ගර මැතිතුමාගේ පින්තූරයක්
හෝ එල්ලා ගැනීමට තරම්වත් එතුමාට කෘතගුණ විය යුතුය. දරුවන්,
ගුරුවරුන්, අධ්යාපන අමාත්යවරුන් නැවත එතුමා සොයාගොස්
එතුමාගේ දර්ශනය නතර වූ තැනින් ආරම්භ කළ යුතුය. එතුමාට කෘතගුණ
සැලකීම වනාහී නැවත මේ රටට ජාතික අධ්යාපන ප්රතිපත්තියක්
සකස් කිරීමය. එසේ නොවන තාක් දකුණේ හෝ වමේ කිsssසිදු බලවේගයකට
රට වෙනස් කළ නොහැක. ඒ නිසා අප උත්සාහ කළ යුතුය. ආරම්භ කළ
යුතුය. එතුමාගේම වචනවලින් ඒ මෙසේය.
"අපි ගම්වලින් ආරම්භ කරමු. එතෙර වනු සඳහා දැඩි ආශාවෙන් තම දෑත්
දිගුකොට තමන්ට කිසිසේත් තරණය කළ නොහැකි ස්ටික්ස් ගංගාවෙන්
තමන් එතෙර කරන්නැයි තමාගෙන් ඉල්ලා සිටින මිනිසුන් සහිතව
ඊනියාස් දුටු පින්තූරය පරිදි, ගැලවීමක් සඳහා අධ්යාපනය සඳහා
බලාපොරොත්තු විරහිත හඬනා අපේම මිනිසුන් සිටින තැනින් පටන්
ගනිමු. අධ්යාපනය සඳහා දැඩි ආශාවක් පවතී.
(හැන්සාඩ් වාර්තාව - 1944) | hplt_2 |
ඉන්ටෙල්
ඛණ්ඩාංක: 37°23′16.54″N 121°57′48.74″W / 37.3879278°N 121.9635389°W
ඉන්ටෙල් කෝපරේෂන් (NASDAQ:INTC,SEHK:4335) ලෝකයේ විශාලතම අර්ධ සන්නායක වෙළඳ සමාගම වන අතර ලෝකයේ පුද්ගලික පරිගණක බොහෝමයක භාවිතා කරන x 86 ශ්රේණියේ මයික්රොප්රොසෙසරවල නිපැයුම්කරුවා වේ. 1968 දී සංයුක්ත ඉලෙක්ට්රොනික වෙළඳ සමාගම(Integrated Eletronics Corporation) ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ සැන්ටාක්ලාරාහි සිය මූලස්ථානය පිහිටවූ Intel ආයතනය මව් පුවරු චිප් සෙට්, ජාල කාඩ්පත් හා IC , ෆ්ලෑෂ් මතක, චිත්රක (graphic) චිප්, කාවැද්දූ සකසූ හා පරිගණක තාක්ෂණයට හා සන්නිවේදනයට සම්බන්ධ අනෙකුත් උපකරණද නිපදවයි. අර්ධ සන්නායක සම්බන්ධයෙන් පුරෝගාමීන් වන, රොබට් නොයිස් සහ ලෝර්ඩන් මෝ සමග රොබට් ග්රූව්ගේ විධායක නායකත්වය සහ දර්ශන මත ලොඩනගනු ලැබූ Intel උසස් චිප් නිර්මාණ හැකියාව සහ නවතම නිෂ්පාදන හැකියාව එකට එක් කරයි. ඉන්ටෙල් SRAM හා DRAM මතක චිප්වල මුල් කාලීන නිෂ්පාදක වූ අතර 1990 මුල් භාගය තෙක් ව්යාපාරයේ විශාල කොටසක් එමගින් ඉදිරිපත් විණි. ඉන්ටෙල් ප්රථම වාණිජ ප්රොසෙසරය1971 දී නිර්මාණය කළත් පුද්ගලික පරිගණක නිර්මාණය තෙක් මෙය ඔවුන්ගේ මූලික ව්යාපාරය නොවීය. 1990 කාලයේ දී ඉන්ටෙල් සමාගම නව ප්රොසෙසර නිර්මාණය හා PC කර්මාන්තයේ වේගවත් වර්ධනය පෝෂණය කිරීමට විශාල වශයෙන් ආයෝජනය කරන ලදී. මෙම කාලයේ දී PC වලට ප්රොසෙසර සැකසීමේ ප්රමුඛයා බවට ඉන්ටෙල් පත්විය.තවද එහි වෙළඳපොළ තත්වය ආරක්ෂාකර ගැනීමට මෙන්ම PC කර්මාන්තයේ පාලනය සතු කර ගැනීමේ මයික්රොසොෆ්ට් සමග සටනේ දී ඔවුන් යොදාගත් ප්රවේගකාරී හා විප්ලවකාරී ප්රයෝග පිළිබඳව ද ප්රසිද්ධියක් උසුලයි. මිල්වර්ඩ් බ්රවුන් ඔප්ටිමර් (Millward Brown Optimor) විසින් 2007 දී ප්රකාශිත ලොව වඩාත්ම බලවත් වෙළඳ නාම 100 ලැයිස්තුවේ සමාගමේ වෙළඳ නාමය 15 ස්ථානයේ සිට 25 ස්ථානය දක්වා ස්ථාන 10 කින් පහළ වැටී තිබුණි.
මූලාශ්ර[සංස්කරණය]
| Intel_Corporation |} | hplt_2 |
ෂැංහයි
ෂැංහයි යනු චීනයේ ජනාකීර්ණම නගරයයි. යැංසි ගඟ මුහුදට වැටෙන්නේ ෂැංහයි වලිනි.
19 වැනි ශතවර්ෂය වන තෙක් ෂැංහයි ප්රධාන නගරයක් ලෙස නොසැළකුණි. නමුත් ෂැංහයි වරාය වෙළෙඳ කටයුතු සඳහා ඉතා වැදගත් ස්ථානයක පිහිටි බැවින් නගරය 19 වැනි ශතවර්ෂයේ මැද භාගයේ පමණ සිට වැදගත් සහ දියුණු නගරයක් බවට පත් විය. ෂැංහයි වරාය ලොව විශාලතම බඩු ප්රවාහන වරාය ලෙස සැළකෙයි[1]. තවද චීනයේ ප්රධාන ආර්ථික මධ්යස්ථානය ෂැංහයි වේ.
මූලාශ්ර[සංස්කරණය]
- ↑ "Shanghai now the world's largest cargo port". Asia Times Online. 2006-01-07. සම්ප්රවේශය 2008-03-20. | hplt_2 |
106 වන ඕල්කට් ගුණසමරු පිංකම
කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමෙහි නිර්මාතෘ සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ 106 වන ගුණානුස්මරණය නිමිති කොට ගෙන නාලන්දා විද්යාලය වාර්ෂිකව සංවිධානය කරනු ලබන පිංකම් මාලාව 2013 පෙබරවාරි 17 වන දින විද්යාලයේදී පැවැත්වේ. එදින මහා සංඝ රත්නය විෂයෙහි අෂ්ට පරිෂ්කාර සහිත දහවල භික්ෂා දානය පූජා කෙරෙන අතර ප.ව.1.00 පටන් රාත්රී 9.00 දක්වා බණවර දේශනා සහිත තිස් පෑ හතේ මහ පිරිත් දේශනාවක් පැවත්වේ.Read the Rest…
නාලන්දා ධර්ම ශාස්ත්රීය සංග්රහය 2013 (Nalanda Journal)
කලකට ඉහතදී වාර්ෂිකව සංගෘහිත කළ නාලන්දා ධර්ම ශාස්ත්රීය සංග්රහය 2012 වසරේදී යළි සංගෘහිත කළ අතර 2013 වසරෙහි පටන් යළිත් වාර්ෂිකව එළි දැක්වීමට විදුහල්පතිතුමා තීරණය කර ඇත. මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමට උනන්දුවක් දක්වන නාලන්දා විද්යාලයේ ආදි/ වර්තමාන ගුරුභවතුන් හා සිසුන් සිංහල /ඉංග්රීසි ගද්ය/පද්ය නිර්මාණ 2013 මාර්තු 05 වන දිනට පෙර මතු ලිපිනයට යොමු කරන්න. පූජ්ය ඇලිකේවෙල සීලානන්ද නාහිමි, ප්රධාන අනුශාසක,Read the Rest… | hplt_2 |
වෙබ්-අඩවිය
වෙබ්-අඩවියක් යනු අන්තර්ජාල මූලලේඛයන්-පදනම් වූ ජාලයක් තුලදී පොදු වසම් ලිපිනයක් හෝ අන්තර්ජාල ලිපිනයක් අනුසාරයෙන් ඇමතෙන, එකිනෙක හා සබැඳී, වෙබ් පිටු, රූප, විදෘශ්ය (වීඩියෝ රූප) හෝ අනෙකුත් සංඛ්යාංක (ඩිජිටල්) සන්තකයන් සමුච්චයකි. අන්තර්ජාලය හෝ පෞද්ගලික පෙදෙසි ජාලය ඔස්සේ ප්රවේශ විය හැකි වෙබ් සේවාදායකයන් අඩුම වශයෙන් එකක් තුල වෙබ් අඩවියක් සත්කාරක කෙරේ.
වෙබ් පිටුවක් යනු, අදිපෙළ සලකුණු බස (HTML, XHTML) භාවිතයෙන් ලිවූ හැඩතල ගැන්වීම් උපදෙස්ද අතරින් පතර යෙදූ, සාමාන්ය වශයෙන් සරල පෙළක් භාවිතයෙන් ලියැවෙන, ලේඛයකි. අනෙකුත් වෙබ් අඩවියන්හී අංගයන්, සුදුසු සලකුණු බරුවන් භාවිතයෙන් වෙබ් පිටුවක් තුල අන්තර්ගත කල හැකිය.
වෙබ් පිටු වෙත ප්රවේශ වීම සහ ඒවා ප්රවාහනය කිරීම සිදුකෙරෙනුයේ අදිපෙළ මාරු මූලලේඛය (HTTP) භාවිතයෙන් වන අතර, වෙබ් පිටු අන්තර්ගතය පරිශීලනය කරන්නා හට ආරක්ෂාව හා පෞද්ගලිකත්වය සැපයීම සඳහා විකල්ප වශයෙන් සංකේතනය (HTTP සුරැකි, HTTPS) භාවිතයද සිදුකල හැකිය. බොහෝවිට වෙබ් බ්රවුසරයක් වන්නාවූ, පරිශීලක යෙදුම විසින් සිදුකෙරෙනුයේ, පිටු අන්තර්ගතය සලකා බලා, එහි HTML සලකුණු උපදෙස් අනුව ආන්ත සංදර්ශකයට විදැහුම් කිරීමයි.
පොදුවේ ප්රවේශ්ය විය හැකි සියළු වෙබ් අඩවි සමස්තය සමුච්චයක් ලෙසින් විශ්ව විසිරි වියමන සදයි.
මුල් පිටුව ලෙසින්ද හැඳින්වෙන, සරල ඒකාකාර සම්පත් නිවේශනයක් (URL) විසින්, සාමාන්ය වශයෙන් වෙබ් අඩවියක පිටු ප්රවේශනය කරනු ලැබේ. ඒවා අතර අඳිබැඳිවීම් විසින් පරිශීලකයාට අඩවි ව්යුහය ක් ප්රත්යක්ෂණය කරමින් කියවන්නා හට අඩවිය සංචාලනය කිරීමට ඉඩ සලසන නමුදු, සත්යවශයෙන්ම පිටු වල (URL)ලිපිනයන් ධුරානුක්රමිකව සකස් වේ.
සමහරක් වෙබ්-අඩවි වල අන්තර්ගතයේ මුළුමනින්ම හෝ එහි කොටසක් හෝ ප්රවේශනය සඳහා දායකත්වයන් අවශ්ය වෙයි. දායකත්වය අවශ්ය වන අඩවි සඳහා නිදසුන් අතර, බොහෝ ව්යාපාරික අඩවි බොහෝ ප්රවෘත්ති අඩවියන් හි කොටස්, ශාස්ත්රීය ජර්නල අඩවියන්, ක්රීඩා අඩවියන්, පණිවුඩ පුවරු, වෙබ්-පදනමැති විද්යුත්-තැපෑල, සේවාවන්, සමාජ ජාලකරණ වෙබ් අඩවියන්, සහ තථ්ය-කාල කොටස් වෙළෙඳ පොළ දත්ත සපයන අඩවියන් වෙති.
වෙබ්-අඩවි ඉතිහාසය[සංස්කරණය]
වෙබය සඳහා මුලික වශයෙන් පදනම් වු අදහස වන්නේ වර්ෂ 1980 දී ස්විට්ස්ටර්ලන්තයේ CERN හි දී ටිම් බර්නස්-ලී විසින් ENQUIRE (ඔහු කුඩා කල පරිහරණය කළ Enquire within upon Everything නමැති පොතට යොමුවක් ලෙස) නිපදවන ලද කාලය දක්වා ඈතක දිව යන්නකි. එකල මෙම අදහස වර්තමානයේ භාවිතා වන ක්රමවේදයෙන් සැලකිය යුතු වෙනසක් පෙන්වුවද එහි හරය තුළ පැවති අදහස් බොහෝදුරට එක හා සමාන විය. (ඉනුදු සමහරක් අදහස් බර්නස්-ලීගේ විශ්ව විසිරි වියමනට පසුව එළඹි අර්ථ විචාරණ (semantic) වෙබ ව්යාපෘතියේ ඒවා විය.
මින් අනනතුරුව 1989 දී ටිම් බර්නස්-ලී විසින් ENQUIRE සඳහා ද, යොමුවක් සහිතව තොරතුරු කළමණාකරණ ක්රමවේදයන් පිළිබඳව වඩාත් විස්තරාත්මක යෝජනා පත්රයක් ලියුවේය. එතෙකින් නොනැවතුණු ඔහු රොබට් කැලියන්ගේ සහයෝගය ද ඇතිව 1990 නොවැම්බර් 12 වැනි දා වඩාත් ක්රමානුකූල යෝජනා පත්රයක් ප්රකාශයට පත් කළේය. මෙහි ආදර්ශ භූමිකාව සපයන ලද්දේ EBT හි (Electronic Book Technology, බ්රවුන් විශ්ව විද්යාලයේ Institute for Research in Information and Scholarship ආයතනයෙන් පමණි) CERN ආයතනයෙන් වරපත් කරනු ලැබු Dynatext කියවනය මඟිනි. කෙසේ වුවත් Dynatext ක්රමවේදය සලකන ලද්දේ තාක්ෂණික වශයෙන් උසස් (HyTime ඇතුලත SGML ISO 8879:1986 අධිමාධ්ය (Hypermedia) දක්වා විස්තීරණය කිරීමේ ප්රධාන කොටස්කරුවෙකි), ඉතා මිල අධික සහ අනුචිත වරපත් කිරීමේ පිළිවෙතක් සහිත අධි ශක්ති භෞතික විද්යා ප්රජාව හා සබැඳි කටයුතු (HEP) සඳහාය. මෙහි එන එක් එක් ලේඛනයකට හා එක් එක් ලේඛනය භාවිතා කළ වාරයක් පාසා කිසියම් මුදලක් අය කරන ලදි.
ටිම් බර්නස්-ලී විසින් තැනූ NEXTcube උපකරණය ලොව ප්රථම වෙබ් සේවාදායකය ලෙස භාවිතා කරනු ලැබු අතරම, එය 1990 දී පළමු වෙබ් බ්රවුසරය වන world wild Web ලිවීම සඳහා ද භාවිතා කෙරිණි. 1990 අග භාගය වන විට බර්නස්-ලී ක්රියාකාරී වෙබයක් සඳහා අවැසි සියලුම උපකරණ නිමවා තිබිණි. පළමු වෙබ් බ්රවුසරය (මෙය වෙබ් සංස්කාරකයක් ද විය), පළමු වෙබ් සේවාදායකය හා පළමු වෙබ් පිටු එම ව්යාපෘතිය පිළිබඳ සියලු විස්තර දරයි.
1991 අගෝස්තු 6 දා ඔහු alt.hypertext පුවත් කණ්ඩායම වෙනුවෙන් වෙබ්-අඩවිය පිළිබඳව සම්පිණ්ඩයනක් ඉදිරිපත් කළේය. යුරෝපයෙන් පරිබාහිර ප්රථම සේවාදායකය 1991 දෙසැම්බරයේ දී SLAC හි දී නිමවන ලදි.
Hypertext හි ආරම්භයට හේතු පාදක වු තීරණාත්මක සංකල්පය ජනිත වුයේ 60 දශකයේ දී බ්රව්න් විශ්ව විද්යාලයේ hypertext Editing system ආදී පැරණි ව්යාපෘති සමඟය. මේ අතර ටෙඩ් නෙල්සන් හා ඇන්ඩ්රිව්ස් වෑන් ඩෑම්, ටෙඩ් නෙල්සන්ගේ Xanadu ව්යාපෘතිය හා ඩග්ලස් එන්ගල්බර්ට්ගේ මාර්ගගත පද්ධතිය (On line system) (NLS) විය. නෙල්සන් සහ එන්ගල්බර්ට් යන දෙදෙනාම පිළිවෙලින් වැන්නේවර් බුෂ්ගේ ක්ෂුද්ර සේයාපට මුලිකව තැනු "memex" හි අදහස් මඟින් පෙළඹවීමට ලක්විණි. මෙය 1945 දී රචිත "As we May Think" නමැති නිබන්ධනය මඟින් විස්තර කෙරී ඇත.
බර්නස්-ලීගේ සුවිශේෂිත වු සොයා ගැනීම වන්නේ අධිපෙළ අන්තර්ජාලය සමඟ සමීපව සම්බන්ධ කරවීමයි. ‘Weaving the Web’ නම් වු ඔහුගේ ග්රන්ථයෙහි ඔහු පැහැදිලි කරන්නේ ඔහු විසින් පුන පුනා යෝජනා කරන ලද අදහසක් වන ඉහත සඳහන් තාක්ෂණ ක්රමවේද 2 අතර සමීප සම්බන්ධතාවක් ගොඩනැඟීමේ හැකියාව ඉතා පහසුවෙන් පවත්නේ ඒවායේ තාක්ෂණික ප්රජාවට බවය. නමුත් කිසිවකු ඔහුගේ ආරාධනය පිළිගැනීමට ඉදිරිපත් නොවු කල එම දුෂ්කර කටයුත්තට මුල පිරීමට ඔහුටම සිදුවිය. මේ අතරවාරයේදී වෙබයේ පවත්නා ඕනෑම සම්පතක් අනන්ය ලෙස හඳුනා ගැනීම සඳහා ක්රමවේදයක් ද ඔහු විසින් සකස් කෙරිණි. එය Uniform Resource Identifier (URI) නම් විය. එකල බහුලව පැවති hypertext ක්රමවේදයන්ට හාත්පසින්ම වෙනස් ලක්ෂණ ගණනාවක් විශ්ව විසිරි වියමන සතුවිය. මෙම වෙබයේ මුලික අවශ්යතාවයක් වුයේ ඉදිරියටත්, ආපස්සටත් ගමන් කළ හැකි සබැඳි වෙනුවට ඒකදිශ සබැඳි පැවතීමයි. මේ ආකාරයට කිසියම් අයකුට කිසියම් සම්පතක් එහි හිමිකරුගේ මැදිහත් වීමකින් තොරවම සබැඳීමේ හැකියාව හිමිවිණ. තවද මෙය වෙබ් සේවාදායක හා බ්රවුසර ක්රියාත්මක කිරීමේ තදබල අපහසුතාව මඟහැරවීමට ද සැලකිය යුතු තරමේ දායකත්වයක් සැපයීය. (ඉන් පෙර පැවති ක්රමවේදයන් හා සසඳන කල්හි). එසේ වුවද මෙම ක්රමය කල් පවත්නා ගැටලුවක් වු සබැඳි කල් ඉකුත්වීම (link rot) සඳහා මඟ පෑදීය. මින් පෙර පැවති Hypercard මෙන් නොව වෙබ් අඩවිය ඕනෑම පරිශීලකයකුට වෙළඳ හිමිකමකින් තොරව නොමිලයේ භාවිතා කළ හැකි විය. මෙය මින් පෙර නොවු විරූ පෙරලියක් ඇති කළේ අනුග්රාහකයා හා සේවාදායකයා එකිනෙකට ස්වාධීන අයුරින් නිමවා ගත හැකි වීමෙන් මෙන්ම, වරපත් අවහිරයකින් තොරව දිගුවක් එක් කළ හැකි වීමෙන්ය.
1993 අප්රේල් 30 වැනිදා CERN ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඉන් මතුවට වෙබ් අඩවිය ඕනෑම අයකුට කවර ආකාරයකට හෝ ගාස්තුවක් ගෙවීමකින් තොරව පරිශීලනය කළ හැකි බවය. දෙමසකට පසු එළිදැක් වු තවත් ප්රකාශනයකින් කියැවුනේ Gopher ප්රොටෝකෝලය තවදුරටත් නොමිලයේ පරිශීලනය කළ නොහැකි බවය. මෙම පියවර පරිශීලකයන් තුල Gopher හි සිට වෙබය කරා ශීග්ර සංක්රමණයක් ඇති කරවීමට සමත් විය. ViolaWWW නමැති පැරණි එමෙන්ම ජනප්රිය වෙබ් බ්රවුසරය ද, Hypercard ක්රමවේදය මුලික කරගනිමින් සකසා තිබිණි.
කෙසේ වුවත් 1993 දී Mosaic වෙබි බ්රවුසරයේ හඳුන්වාදීම යනු වෙබ් අඩවි විකාශනයේ වැදගත්ම පියවර ලෙස ක්ෂේත්රයේ විද්වතුන් සාමාන්යයෙන් එකඟත්වයට පැමිණි කරුණකි. Mosaic වෙබ් බ්රවුසරය වනාහි ඉල්ලිනොයිස් විශ්ව විද්යාලයේ NCSA ආයතනය විසින් (NCSA-UIUC) මෙයා ඇන්ඩ්රීස්සන්ගේ මුලිකත්වයෙන් නිපදවන ලද රූප මාධ්ය වෙබ් බ්රවුසරයකි. Mosaic හි මුල්ය සම්පාදනය සිදුවුයේ ඉහළ ක්රියාකාරී පරිගණක (High-performance computing) සහ සන්නිවේදන මුල් පිරීම (Communications Initiative) නමැති වැඩසටහන මඟිනි. මෙම වැඩසටහනට මුල පිරුණේ ඇමෙරිකානු සෙනෙට් සභික ඇල් ග්රොර් විසින් 1991 දී ඉදිරිපත් කෙරුණු පනතකි. තවද මෙය ග්රොර් බිල් (Gore Bill) නමින් ද ප්රචලිතය. (වැඩිදුර විස්තර සඳහා Al Gore's contributions to the Internet and technology බලන්න) Mosaic හි නිකුතුවට ප්රථම පොදුවේ වෙබ් පිටුවල පෙළ සමඟ චිත්රක මිශ්ර කර ඉදිරිපත් කර නොලැබිණි. තවද එහි ජනප්රියතාවය අන්තර්ජාලයේ භාවිතා කරන ලද පැරණි ප්රොටෝකෝලයක් වන Gopher හා Wide Area Information Servers (WAIS) ට වඩා අඩු මට්ටමක තිබිණි. Mosaic හි චිත්රක අතුරු මුහුණත, වෙබයට අන්තර්ජාලයේ ජනප්රියතම ප්රොටෝකෝලය බවට පත් වීම සඳහා බොහෝ දුරට ඉවහල් විය.
1994 ඔක්තෝබරයේ දී ටිම් බර්නස්-ලී CERN ආතනයෙන් සමුගැනීමෙන් පසු ඔහුගේ කාලය W3C ආයතනය ප්රතිස්ථාපන කිරීමට යෙදවිණි. එය ප්රතිස්ථාපනය කෙරුණේ අන්තර්ජාලය හා යුරෝපීය කොමිසම (European commission)ට පුරෝගාමී වු Defense Advanced Research projects Agency (DARPA) ආයතනයේ පුර්ණ සහයෝගය සහිතව Massachusetts Institute of Technology – Laboratory for computer science (MIT/LCS) ආයතනයේදිය. | hplt_2 |
නිදහස් සහ විවෘත කේත මෘදුකාංග මෙරට ජනතාව අතර ප්රචලිත කිරීමට විශේෂයෙන්ම තාක්ෂණික දැනුම අවම සහ අන්තර්ජාල පහසුකම් නැති හෝ අවම පිරිස් ඉලක්ක කරගනිමින් දියත් කෙරුණු මෙම ව්යාපෘතිය මේ වන විට ලංකාව පුරා පාසල් බෝහෝමයක සහ පුද්ගලික පරිගණක මෙන්ම රාජ්ය අංශය තුළද දැන් හන්තාන ලිනක්ස් භාවිතයට පටන්ගෙන ඇත.
2009 සැප්තැම්බර් මස 19 දින නිලවශයෙන් දියත් කෙරුණු හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය මේ වන විට හන්තාන ලිනක්ස් ව්යාපෘතිය මඟින් සහ විවිධ පුද්ගලයින් විසින් පිටපත් දහස් ගණනක් බෙදා දී ඇත. තවද හන්තාන ලබා ගැනීමට පහසුකම් සලසා ඇති එක් සේවාවක් වන SourceForge අඩවියේ දත්ත අනුව එම සේවාදායකයා හරහා පමණක් ලොව වටා විටින 6000කට ආසන්න පිරිසක් ලබා ගෙන ඇති අතර ඉන් රටවල් 8 (ලංකාව හැර) අවම වශයෙන් පිටපත් 100ක් ලබාගෙන ඇති අතර රටවල් 96කින් පමණ අවම වශයෙන් එක් පිටපතක් වත් ලබාගෙන ඇති බව එම දත්ත තහවුරු කරයි.
http://sourceforge.net/projects/hanthana/files/stats/timeline?dates=2009-09-01+to+2012-12-31
මෙම තොරතුරු සඳහා ශ්රී ලංකිකයෙන් බහුලව භාවිත කරන LEARN සේවාදයක සහ Ibiblio සේවාදායක තොරතුරු අඩංගු නොවන බවද කරුණාවෙන් සලකන්න.
හන්තාන ලිනක්ස් ව්යාපෘතිය 2012 වසරේ දියත් කළ හන්තාන පාසල් ලැබ් ව්යාපෘතිය හරහා ලබා දෙන සේවා දැනට පාසල් දෙකකට ලබා දී ඇති අතර ඉදිරියේදි තවත් පාසල් කිහිපයකට ලබා දීමට නියමිතයි.
නුවර එළිය දිස්ත්රික්කයෙ වලපනෙ අධ්යාපන කලාපය සහ අනුරාධපුර දිස්ත්රික්කයේ කැබැතිගොල්ලැව අධ්යාපන කලාපයට අයත් පාසල් ද මෙම වැඩසටහනේ මීළඟ අදියරට අයත් වේ. පහසුකම් අවම පාසලකට දරුවන්ට පරිගණක දැණුම දෙන්න එක්වෙන්න ඔබටත් පුලුවන්.
හන්තාන ලිනක්ස් හුදෙක් Fedora මෙහෙයුම් පද්ධතිය මත පදනම් වූ මෙහෙයුම් පද්ධතියක් නොව එය ව්යාපෘතියක් ලෙස සාමාන්ය පරිගණක භාවිත කරන්නන් නිදහස් සහ විවෘත මෘදුකාංග භාවිතයට සහ යළි නිදහස් සහ විවෘත මෘදුකාංග ව්යාපෘති සඳහා දායකත්වය ලබා දීමට අවකාශ සලසයි. එලෙස ප්රජා සංවර්ධන ව්යාපෘතියක් ලෙස ක්රියාත්මක වන හන්තාන ලිනක්ස් ව්යපෘතිය මඟින් නිදහස් සහ විවෘත කේත මෘදුකාංග දේශීය කරණය, ප්රලේඛණය ගොඩ නැංවීම, දැණුවත් කිරීමෙ සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම ද සිදුවේ.
හන්තාන ලිනක්ස් යනු ව්යාපාරික අරමුණු ඉලක්ක කරගෙන සිදුකෙරෙන ව්යාපෘතියක් නොව හුදෙක් ප්රජාවේ යහපත වෙනුවෙන් ප්රජාව විසින් ගොඩ නැගෙන ව්යාපෘතිය
හන්තාන ලිනක්ස් 17 (සිතිජ) නිකුත් වේ!
හන්තාන ලිනක්ස් නවතම නිකුතුව වන හන්තාන ලිනක්ස් 17 ( නිකුතුව ව්යාපෘතියෙ තෙවන වාර්ශ පූර්ණයට සමගාමීව නිකුත් විය. මෙම නවතන නිකුතුව සමඟ the Document Foundation මඟින් නිකුත් කර ඇති LibreOffice කාර්යයාලීය යෙදුම් කට්ටලයට අදාල නිළ ප්රලේඛණය එක් කර ඇත.
ඔබත් අදම හන්තාන ලිනක්ස් 17 ලබා ගන්න!
පසුගිය කාලය තුළ හන්තාන වෙනුවෙන් විවිධ අයුරින් කැපවූ ඔබටත් හන්තාන වෙනුවෙන් සුභ පැතු සියල්ලන්ටම හන්තාන ලිනක්ස් ව්යාපෘතියේ හෘදයාංග ස්තුතියිය පුදකර සිටින්නෙමු. | hplt_2 |
ජේම්ස්, සෙබඩීගේ පුත්
සෙබෙත්ගේ පුත් ශාන්ත ජාකොබ් ජේසුස් වහන්සේගේ එක් ශ්රාවකයෙකි. ඔහු සෙබඩි හා සලෝමි යන දෙදෙනාගේ පුත් වු අතර ශුද්ධවර ජොහාන්ගේ සහෝදරයා විය. ධර්ම දූත ජේම්ස් ගෙන් වෙන් කිරීම සඳහා ඔහුව සාන්තුවර මහා ජාකොබ් යන නමින් හැඳින්වේ. ඔහු ජේසුස් වහන්සේගේ ශ්රාවකයන් අතරට පළමුවෙන්ම සම්බන්ධ වු අයෙකි. ජාකොබ් සංක්ෂිප්ත ශුභාරංචිය සඳහන් කරන පරිදි ජේසුස් වහන්සේ ජාකොබ් හා ජොහාන්ට කතාකොට සංචාරය කිරීමට ආරාධනා කළේ ඔවුන් දෙදෙනා තම පියා සමඟ මුහුදු වෙරළේ සිටිය දී ය. මාර්ක්ට අනුව ජේම්ස් හා ජෝන් හඳුන්වන්නේ ගිගිරුමේ පුතණුවන් යනුවෙනි. ධර්ම දූතවරුන්ගේ ක්රියා පොතේ 12:1-2 වර්ථාවන් අනුව හෙරොද් රජු විසින් ජේම්ස්ව කඩුවෙන් ඇණ මරා දමනු ලැබුවේය.
ඔහුගේ මළ සිරුර ගලිසියේ (ස්පාඤ්ඤයේ) සන්තියාගෝ ද කොම්පොස්තලාහි, තැන්පත් කර ඇති බවට තොරතුරු ලැබි ඇත. ඔහුගේ භූමිදාන නගරය, කතෝලික ධර්මයේ තුන්වන ශුද්ධ වු නගරය හැටියට පිළිගෙන ඇත. (ජේරුසලම් හා රෝමය යන නගරයන්ට පසුව). මෙම ශාන්තුවරයාගේ සොහොනට යන වන්දනා ගමන යුරෝපියානු කතෝලිකයන් අතරේ ප්රධාන හා ප්රසිද්ධත්වයකට පත් වු වන්දනා ගමනකි. එම නිසාම මොහුව වන්දනාගමන්වල නියැලෙන්නන්ගේ එක් ආරක්ෂක මුනිවරයෙකු ලෙස පිළිගෙන ඇත. | hplt_2 |
Friday, September 19, 2014
Written on 4:25 PM
Sunday, September 14, 2014
Written on 5:16 PM
අම්මාගේ අලුත් පෙම්වතා ගැන දරුවාට උගන්වන ගේට්වේ පාසල
"Difficult Feeling" යන එම නොගැලපෙන පාඩම යටතේ උගන්වනු ලබන්නේ සිය මවගේ අලුත් පෙම්වතා ගෙදරට පැමිණෙන විට හැසිරිය දරුවා හැසිරිය යුතු ආකාරය පිලිබඳවය.
මේ සම්බන්ධව එම පාසල් ජාලයේ උගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන්ගේ දැඩි විරෝධය එල්ලවුවද ඒ පිළිබඳව කිසිදු පියවරක් ගැනීමට පාලනාධිකාරිය කටයුතු කර නොමැති බව වාර්තා වේ.
එම පෙලපොතේ දහවැනි පාඩම වන Mum's New Boyfriend පාඩම බලන්න පහතින්.
Monday, September 1, 2014
Written on 8:52 PM
පෞද්ගලික උවමනාවලට කලා සංවිධාන නෑ
ජනාධිපති කාර්යාලය තහනම් කර ඇති සමන් දිසානායක වෙනුවෙන් කලා කරුවන් පෙනී සිටින්නට සූදානම් නැතිබව නොබෝදා පිහිටුවාගත් නව කලා සංවිධානයේ සාමාජිකයන් පවසයි.
රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ, ජී ආර් පෙරේරා, බන්දු සමරසිංහ, සරත් ද සිල්වා ආදී ජ්යෙෂ්ඨ කලාකරුවන් මෙහි සමාජිකත්වය දරන අතර ඔවුන් පවසන්නේ මෙම කලා සංගමය පිහිටුවාගත්තේ කලාවේ උන්නතිය සඳහා මිස කාන්තාවන් පැහැරගන ගොස් තර්ජනය කරන නරුමයන් වෙනුවෙන් නොවන බවයි.
රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ, ජී ආර් පෙරේරා, බන්දු සමරසිංහ, සරත් ද සිල්වා ආදී ජ්යෙෂ්ඨ කලාකරුවන් මෙහි සමාජිකත්වය දරන අතර ඔවුන් පවසන්නේ මෙම කලා සංගමය පිහිටුවාගත්තේ කලාවේ උන්නතිය සඳහා මිස කාන්තාවන් පැහැරගන ගොස් තර්ජනය කරන නරුමයන් වෙනුවෙන් නොවන බවයි.
Written on 5:04 PM
ප්රවීණ කලාකරු බන්දුල විතානගේ මහතා අභාවප්රාප්ත වෙයි
Friday, August 29, 2014
Written on 10:38 AM
විපක්ෂයටත් තානාපති වරම්
ආණ්ඩුවේ පන්දම් කාරයන් , ඔවුන්ගේ දූපුතුන් විදේශ රටවල පිහිටි ශ්රීලංකා තානාපති කාර්යාල වල සේවයට පත් කරන්නේ යැයි කියන චෝදනාව වැරදි බව පෙන්වීමට ආණ්ඩුව උත්සාහ දරන බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීනි රෝසි සේනානායකගේ දියනිය ඔස්ට්රේලියාවේ ශ්රීලංකා තානාපති කාර්යාලයේ ඉහළ තනතුරකට පත් කර ඇති අතර එම පක්ෂයේම අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රිනී චන්ද්රනි බණ්ඩාරගේ පුත්රයා ඩුබායි තානාපති කාර්යාලයේ සේවයටද පත් කර ඇති බවට වාර්තාවෙයි.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීනි රෝසි සේනානායකගේ දියනිය ඔස්ට්රේලියාවේ ශ්රීලංකා තානාපති කාර්යාලයේ ඉහළ තනතුරකට පත් කර ඇති අතර එම පක්ෂයේම අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රිනී චන්ද්රනි බණ්ඩාරගේ පුත්රයා ඩුබායි තානාපති කාර්යාලයේ සේවයටද පත් කර ඇති බවට වාර්තාවෙයි.
Wednesday, July 16, 2014
Written on 7:16 AM
කුණුහරුප විකාශය කළ Live@8
ඊයේ ස්වර්ණවාහිනී රාත්රී පුවත් විකාශය තුළින් කුණුහරප කීපයක් අසන්නට ලැබුණා.
ඒ පිටරට රැකියාවකට ගිය සොහොයුරිය ගෙන්වා දෙන ලෙස ඇගේ සොහොයුරන් විසින් විදෙස් රැකියා ඒජන්සියට ගොස් ගැටුමක් ඇතිකරගත් අවස්ථාවේදීය
ගැඋම අතරතුරේ එක් අයෙකු විසින් "ගහපියව් හු@&%ගේ පුතාලට ගහපියව්" ලෙස පවසන අයුරු පුවත් විකාශය තුළින් අසාගත හැකි විය. පහත වීඩියෝවේ තත්පර 13දී කුණුහරුප අසාගත හැකිය.
ඒ පිටරට රැකියාවකට ගිය සොහොයුරිය ගෙන්වා දෙන ලෙස ඇගේ සොහොයුරන් විසින් විදෙස් රැකියා ඒජන්සියට ගොස් ගැටුමක් ඇතිකරගත් අවස්ථාවේදීය
ගැඋම අතරතුරේ එක් අයෙකු විසින් "ගහපියව් හු@&%ගේ පුතාලට ගහපියව්" ලෙස පවසන අයුරු පුවත් විකාශය තුළින් අසාගත හැකි විය. පහත වීඩියෝවේ තත්පර 13දී කුණුහරුප අසාගත හැකිය.
Wednesday, July 9, 2014
Written on 2:01 PM
ජගත් මනුවරණට රූපවාහිනී නාලිකා වලින් තහංචියක්
පසුගියදා පැවැත්වූ රයිගම් ටෙලීස් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය ජැක්සන් ඇත්නනි දිනාගන්නා ලදි. ඒ අප්පච්චි ටෙලි නාට්යයේ රංගනය සඳහාය.
එහෙත් එම තේරීම වැරදි බවත් සම්මානය හිමිවිය යුත්තේ බොරළු පාර නාට්යයේ රංගනය වෙනුවෙන් තමාට බවත් රංගන ශිල්පී ජගත් මනුවර්ණ අභියෝග කර සිටියි.
මෙලෙස අභියෝගය කරමින් ඔහු විනිශ්චය මණ්ඩලයට බැණ වැදුණු බවත් පැවසේ. එම බැණ වැදීම නිසා විනිශ්චය මණ්ඩලය ඔහු කෙරෙහි අප්රසාදයෙන් පසුවන බව නොරහසකි.
එහෙත් එම තේරීම වැරදි බවත් සම්මානය හිමිවිය යුත්තේ බොරළු පාර නාට්යයේ රංගනය වෙනුවෙන් තමාට බවත් රංගන ශිල්පී ජගත් මනුවර්ණ අභියෝග කර සිටියි.
මෙලෙස අභියෝගය කරමින් ඔහු විනිශ්චය මණ්ඩලයට බැණ වැදුණු බවත් පැවසේ. එම බැණ වැදීම නිසා විනිශ්චය මණ්ඩලය ඔහු කෙරෙහි අප්රසාදයෙන් පසුවන බව නොරහසකි.
Wednesday, July 2, 2014
Written on 9:52 AM
චන්ද්රිකාගේ දේශපාලන ගමනට ගෙදරින්ම විරෝධය
Tuesday, July 1, 2014
Written on 11:08 AM
රූපවාහිනියේ අර්බුදය
ශී්ර ලංකා රූපවාහිනි සංස්ථාව ගෙවී ගිය මාස 3 ඇතුළතදී බැංකුවේ සිය ස්ථාවර තැන්පත් මුදලින් රුපියල් මිලියන 100ක් පමණ ආපසු ලබාගෙන තිබේ.
මෙම මුදල ලබාගන තිබෙන්නේ සේවක වැටුප් ගෙවීම හා වෙනත් කාරණ සඳහාය.
සංස්ථාවේ සභාපතිවරයා හා අධ්යක්ෂ ජනරාල්වරයා අතර මතභේද උග්රවී ඇති බවත් එවන් අවස්ථාවන්හිදී ආයතනයේ පරිපාලනය බිඳ වැටෙන බවත් එය මීට පෙර අවස්ථා ගණනාවකදීම සිදු වී ඇති බවත් සේවකයෝ පවසති.
මෙම මුදල ලබාගන තිබෙන්නේ සේවක වැටුප් ගෙවීම හා වෙනත් කාරණ සඳහාය.
සංස්ථාවේ සභාපතිවරයා හා අධ්යක්ෂ ජනරාල්වරයා අතර මතභේද උග්රවී ඇති බවත් එවන් අවස්ථාවන්හිදී ආයතනයේ පරිපාලනය බිඳ වැටෙන බවත් එය මීට පෙර අවස්ථා ගණනාවකදීම සිදු වී ඇති බවත් සේවකයෝ පවසති.
Wednesday, June 25, 2014
Written on 4:29 PM
දමිතා-සේමිනී ගැටුම සමථයකට පත් නොවන ළකුණු
Wednesday, June 18, 2014
Written on 4:40 PM
මර්වින් සිල්වා දර්ගා නගරයට ගොස් මුස්ලිම් ජනතාව හමුවූ අන්දම
පසුගියදා නොසන්සුන්වූ දර්ගා නගරය සන්සුන් කිරීම පැවරුනේ අමාත්යය මර්වින් සිල්වාටය. එහිදී අලුත්ගමට ගිය අමාත්යය මර්වින් සිල්වා එහි මුස්ලිම් ජනතාව සනසවා ඔවුන් අස්වැසීමට කටයුතු යොදා තිබුණි.
මේවනවිට ජනපතිවරයාද අමාත්යය මර්වින් සිල්වාට එකතු වී ඇති අතර බෞද්ධ හා ඉස්ලාම් ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් සමුළුවක් බේරුවල හිදී පැවැත්වේ.
අමාත්යය මර්වින් මුස්ලිම් ජනතාව සමග කල පිළිසඳර බලන්න පහතින්
මේවනවිට ජනපතිවරයාද අමාත්යය මර්වින් සිල්වාට එකතු වී ඇති අතර බෞද්ධ හා ඉස්ලාම් ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් සමුළුවක් බේරුවල හිදී පැවැත්වේ.
අමාත්යය මර්වින් මුස්ලිම් ජනතාව සමග කල පිළිසඳර බලන්න පහතින්
Monday, June 16, 2014
Written on 3:42 PM
චිත්රපට සංස්ථාවේ සභාපති පත්කළ අයටම ඔහු එපාවේ
ඩිජිටල් සිනමා භාවිතයට ඉඩ සැලසීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කර ගනිමින් නොබෝදා ජනමාධ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල හා සිනමාකරුවන් අතර සාකච්ජවක් පැවැත්විණි.
එහිදී ජාතික චිත්රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ එම තනතුරෙන් ඉවත් කළ යුතු බව ප්රවීණ චිත්රපට අධ්යක්ෂ සෝමරත්න දිසානායක ප්රකාශ කර ඇත.
සභාපතිවරයාගේ අත්තනෝමතික කි්රයාකලාපය සිනමා කර්මාන්තයේ අර්බුදයට හේතුවී ඇති බවත්, ඔහු ඉවත් නොකරන්නේ නම් බරපතල තීන්දුවකට යායුතු ඇති බවත් ඔහු පවසා තිබේ.
එහිදී ජාතික චිත්රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ එම තනතුරෙන් ඉවත් කළ යුතු බව ප්රවීණ චිත්රපට අධ්යක්ෂ සෝමරත්න දිසානායක ප්රකාශ කර ඇත.
සභාපතිවරයාගේ අත්තනෝමතික කි්රයාකලාපය සිනමා කර්මාන්තයේ අර්බුදයට හේතුවී ඇති බවත්, ඔහු ඉවත් නොකරන්නේ නම් බරපතල තීන්දුවකට යායුතු ඇති බවත් ඔහු පවසා තිබේ. | hplt_2 |
පියරේ ටිල්හාඩ් ඩී චාර්ඩින්
පියරේ ටිල්හාඩ් ඩී චාර්ඩින් ප්රංශ දාර්ශනිකයෙකි. ජේසු නිකායික පූජකවරයෙකි. පාෂාණභූතවිද්යාව සහ භූගර්භවිද්යාවෙහි ප්රවීණයෙකි. පීකිං මානවයා සොයාගැනීම සඳහා ද දායක වූවන්ගෙන් එතුමා එක් අයෙකි .
ටිල්හාඩ් විසින් ලියන ලද ප්රධානම ග්රන්ථය වන මිනිසා පිළිබඳ ප්රපංචය ප්රසාරණය යන කෘතියෙහි විශ්වය පිළිබඳ පුළුල් විග්රයක කර තිබේ. හෙතෙම බයිබලයේ උත්පත්ති පොතෙහි දැක්වෙන ලෝක නිර්මාණය පිළිබඳ සාම්ප්රදායික අර්ථකථනය බැහැර කළේය. මෙය ශාන්ත ඔගස්ටින් විසින් වර්ධිත මූලික පාපය පිළිබඳ අදහස බිඳ දමන්නක් ලෙස සිතූ බැවින් රෝමයේ වතිකානුවේ ඇතැම් නිලධාරීන්ගේ අප්රසාදයටද හේතුවිය.
ටිල්හාඩ් ගේ ස්ථාවරයට පල්ලියේ බලධාරීන් එරෙහි විය. ඔවුන් විසින් ටිල්හාඩ් ගේ කෘති එතුමාගේ ජීවිත කාලය තුළ ප්රකාශයට පත්කරන්නට අවසර දෙනු නොලැබීය. එතුමාගේ මරණින් පසුව කම්පා වන ජෝන් පාප්තුමා ටිල්හාඩ් පුනරුත්ථාපනයට ලක්කළ නමුත් පරිණාමය පිළිබඳ තත්කාලීන පල්ලියේ ස්ථාවරය කෙරෙහි එතුමාගේ කෘති වැදගත් පලපෑමක් කළ බව සලකනු ලැබේ. | hplt_2 |
“අභිධර්මය පිටකය අබුද්ධ දේශිතය කැයි කියන්නවුන්ට පිළිතුරු”
පූජ්ය රේරුකානේ චන්දවිම්ල මහනායක හිමියන් විසින් රචිත “අභිධර්මයේ මූලික කරුණු” නම් කෘතියෙන් උපුටාගන්නා ලදී.(පිටු අංක 201 සිට 207)
අභිධර්මය බුද්ධ දේශනාවක් ද නැද්ද යන කාරණයද බොහෝ දෙනෙකුගේ විවාදයට ලක් වුයේ බොහෝ කාලයක සිටය.
ඉහත කෘතියේ පලමුවන මුද්රණය වූ 1951 වසරේද අභිධර්මය බෞද්ධ දේශනාවක් නොවේ කියන්නන් සිට ඇති බව මෙම ලිපිය කියවන ඔබට වැටහෙනු ඇත. අද දවසේද මෙවන් මිත්යා මත දරන්නන් බිහිවී ඇති බව අප කවුරුත් දන්නා ප්රකට කරුණකී. මෙවැනි වූ මිත්යා මත දරන්නන්ට මෙම ලිපියෙන් රෙරුකානේ චන්දවිමල මාහිමියන් උදාහරන දක්වා, අභිධර්මය බෞද්ධ දේශනාවක්ම බවට සනාථ කර ඇත. මෙම ලිපිය ඔවුන්ගේ මිත්යා මතයන් ඉවත්කර ගෙන, මේ උතුම් වූ ධර්මය මේ සසරෙන් එගොඩ වීමට පහුරක් ලෙසට භාවිතා කිරීමට ශක්තියක්ම වේවා! සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !
අප භාග්යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා !
ඉහත පිටු කීපය කියවීමට/බා ගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න. | hplt_2 |
short story
Row, Row, Row Y…
Row, Row, Row Your Boat
Row, Row, Row Your Boat
(English language nursery rhyme, and a popular children’s song)
Row, row, row your boat,
Gently down the stream.
Merrily, merrily, merrily, merrily,
Life is but a dream.
Row, row, row your boat,
Gently down the stream.
Merrily, merrily, merrily, merrily,
Life is but a dream.
mary had a little lamp
Mary Had a Little Lamb
(English language nursery rhyme of nineteenth-century American origin)
Mary had a little lamb,
Little lamb, little lamb,
Mary had a little lamb,
Its fleece was white as snow.
And everywhere that Mary went,
Mary went, Mary went,
Everywhere that Mary went
The lamb was sure to go.
It followed her to school one day
School one day, school one day
It followed her to school one day
Which was against the rules.
It made the children laugh and play,
Laugh and play, laugh and play,
It made the children laugh and play
to see a lamb in school.
Mary had a little lamb,
Little lamb, little lamb,
Mary had a little lamb,
Its fleece was white as snow.
Mary Had a Little Lamb on YouTube
ඊසොප් ගේ උපමා කතා
“දිනක් ඊසොප් ගින්දර ටිකක් ලබාගැනීමට නුදුරු නිවෙසකට ගියේය. ගින්දර රැගෙන යාමට වෙනත් ක්රමයක් නැති නිසා ඔහු දැල්වෙන පහනක් ගෙන ගියේය. ටික දුරක් යනවිට පාරේ යන්නෙක් ඔහු දැක මෙසේ විමැසිය. “මේ මහ දවල් පහනක් අරගෙන තමුසේ මොනවද හොයන්නේ?” පිළිතුර වූයේ “මම තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්න කෙනෙකු සොයනවා” යනුවෙනි.
“එක් පැසුණු වෙල්යායක නියරෙහිවූ කූඩුවක කෙවිලියක් පැටවුන් දෙදෙනකු සමග ජීවත්වූවාය. තම පැටවුන් දෙදෙනාට නිසි ලෙස පියඹා යාමට හැකිවීමට පෙර කුඹුරු හිමියා පැමිණ ගොයම් කපා ගනිවීයැයි ඈ බියෙන් පසුවූවාය. “දරුවනේ මං නැති අතරේ කුඹුරට කවුරු හරි ආවොත් ඒ අය මොනවද කතා කරන්නෙ කියලා හොඳට සවන් දීලා ඒ හැම එකක්ම මට නොවරදවාම කියන්න ඕනෑ.”දිනපතාම කෙවිලිය කෑම සොයා යාමට පෙර පැටවුන් දෙදෙනාට උපදෙස් දුන්නාය. කෙවිලි මව කෑම සොයා ගිය එක් උදෑසනක කුඹුරු හිමියා තම පුතු සමග කුඹුරට එනු පැටවු දුටහ. ඔහු කියන්නේ මොනවා දැයි පැටවු හොඳට සවන්දීගෙන සිටියහ.“ගොයම් ටික දැන් හොඳටම පැහිලා. හෙට උදේම ගොයම් කපන්න උදවුවට එන්න කියලා අහලපහළ අයට කියන්න ඕනෑ.”ගොවියාගේ හා පුතාගේ සංවාදය කෙවිලි පැටවු සිය මව පැමිණි විට ඇය සමග පැවැසූහ.
“අනේ අම්මේ ඒ මිනිස්සු හෙට ගොයම් කපන්න ආපුවම අපේ කූඩුව කඩල දමාවි. ඊට ඉස්සර වෙලා අපි කොහාට හරි අරන් යන්න” දරුවෙක් මවගෙන් ඉල්ලා සිටියහ. “ගොවියා අසල්වාසි අයගේ උදවු බලාපොරොත්තු වෙනවා නම් හෙට කොහොමවත් ගොයම් නොකැපෙන වග මට විශ්වාසයි. පුතාලා බය නැතුව ඉන්න” කෙවිලිය දරුවන් අස්වසමින් පැවැසුවාය. පසුදින උදෑසනම ගොවියා කුඹුරට පැමිණ ගොයම් කැපීමට අසල්වාසීන් පැමිණෙනතුරු බලා සිටියේය. ඉරමුදුන්ව ගියද කිසිවෙකුත් පැමිණියේ නැත. “පෙනේද අපේ අහලපහළ උදවියගේ හැටි. උන්ගෙන් කිසිම වැඩක් නැහැ. පුතා ගෙදර ගිහිල්ල මාමලටයි බාප්පලටයි කියන්න හෙට උදේ ගොයම් කපන්න එන්න කියලා. ඒගොල්ල නම් නොවරදවා එයි.” ගොවියා පුතාට පැවසූ වදන් අසා සිටි පැටවු සවස මව පැමිණි පසු ඒ බව ඇය සමග කීහ. හෙට ගොයම් කපාවි යැයි ඔවුහු බියට පත්ව සිටියහ.
“උඹලා බය නැතුව හිටපල්ලා හෙටත් ගොයම් කැපෙන්න නැති බව මට විශ්වාසයි. ඒක එහෙමම තමා” මව දරුවන් අස්වසමින් පැවැසුවාය. පසුදා ගොවියා පුතා සමග කුඹුරට පැමිණ නෑදෑයන් එනතුරු බලා සිටියද ඉර මුදුන්වෙන තුරු කිසිවකුත් පැමිණියේ නැත. කෝපයට පත් පියා පුතාට මෙසේ කියනු පැටවුන් අසාගෙනය. “පුතේ අපේ දේ අපිම කරගන්න එක තමයි වැඩියෙන් හොඳ. දෑකැති දෙකකුත් අරගෙන හෙට උදේට කුඹුරට ඇවිත් අපි දෙන්නා ගොයම් කපන්න පටන් ගනිමු. නැතිනම් මේක කෙරන්නේ නැහැ.” පැටවු මව පැමිණි පසු එම සිද්ධිය සැලකර සිටියහ.
“පැටවුණේ අපි මෙතැනින් ඉවත්විය යුතු හොඳම වෙලාව දැන් ඇවිත්. මිනිහෙක් තමන්ගේ වැඩ තමුන්ම කරගන්න ඉදිරිපත් වුණොත් ඒ දෙය ඒ විදියටම නොවරදවා කෙරෙනවා.” එසේ පැවසූ කෙවිලිය එවෙලේම පැටවුන් රැගෙන වෙනත් සුදුසු ස්ථානයක් බලා පිටත් වූවාය. පසුදා උදෑසනම පුතා සමග කුඹුරට පැමිණි ගොවියා ගොයම් කැපීම ඇරඹුවේය.
ජන හදවත ලැගුම්ගත් උපමා කතා කරු ඊසොප්
ජන හදවත ලැගුම්ගත් උපමා කතා කරු ඊසොප්
උපමා කතාවක් නොඇසුව අයෙකු ඇතැයි කිවහොත් එය පුදුමයට කරුණක් වනු ඇත. අපගේ කතා ව්යවහාරයේදී යම් යම් කරුණු පැහැදිලිකරලීම හා තහවුරු කිරීම පිණිස විවිධ උපමා කතා යොදාගනු ලබයි. මෙම උපමා කතා ලෝක සාහිත්යයෙහි අඳුරු අතීතයක සිට වර්තමානයට වැටුණු සියුම් ආලෝක ධාරාවක් සේ සැලකිය හැකිවේ. මෙම අඳුරු අතීතයේ සිට වැටුණු රිදී රේඛාවේ ආරම්භය ඊසොප් නම් අරුම පුදුම මිනිසකු දක්වා වසර 2500 කටත් ඈත ඉතිහාසයකට දිවයයි.
විශ්වවිද්යාල මහාචාර්යවරයාගේ සිට ඈත දනව්වක නූගත් ගොවියා දක්වා හොඳින් දන්නා පරපුරෙන් පරපුරට කියාදෙන “නරියා සහ මිදිවැල” කපුටා සහ කේජු කෑල්ල, ඉබ්බා සහ හාවාගේ ධාවන තරගය, මස් කැටියට රැවටුණු බල්ලාගේ කතාව වැනි අතිශයින් ජනප්රිය උපමා කතා අපගේ ව්යවහාරයේ පමණක් නොව විවිධ රටවලද භාවිතයේ පවතී. ඒවා ඒ ඒ රටවල දේශජ නිර්මාණ බවට පත්ව තිබේ. පුරාණයේ පටන් ගී්රක හා ලතින් සාහිත්යවල තිබී ප්රචලිතව ගිය මෙබඳු කතාන්තර පන්සියයකට වැඩි ගණනක් දක්නට ලැබේ. මේ හැම කතාවක්ම කුඩා ළමුන්ගේ පවා සිත් තදින් ඇද බැඳගන්නා ආකාරයට ගෙතී ඇති අතර බෙහෙවින්ම උපදේශාත්මක බවකින්ද යුතුවේ.
මේ උපදේශ හා උපමා කතා කරු ඊසොප් වන අතර ඔහු අන්වර්ථ නාමයකින් හැඳින්වුණු පුද්ගලයකුද යන්පපන නිශ්චිතව නිගමනය කළ නොහැක. එවක උපදේශ කතා එල්බ තබන ලද එක්තරා නාම මාත්රයක් සේද සමහරු මොහු සලකනු ලබයි. එබඳු අයකු නොසිටි බවද ජනතාව විවිධ අවස්ථාවලදී ගොතනලදුව ව්යවහාරයේ පැවැති කතා එක්කොට ඒවා ඊසොප්ගේ නාමයෙන් ප්රසිද්ධියට පත්කරන්නට ඇතැයිද අදහස් කෙරේ.
ක්රි.පූ. 8 වන සියවසේ තරම් කාලයක ගී්රසියේ ජීවත් වූ පුද්ගලයකු ලෙස ඊසොප් පිළිබඳ දුර්ලභ ගණයේ තොරතුරු ස්වල්පයක් අනාවරණය වී ඇත. ගී්රසියේ විසූ සප්ත මහා පඬිවරුන් අතර අද්විතීය ගණයෙහිලා ගැනෙන සෝලෝන්, තේලීස් වැනි දාර්ශනිකයන්ගේ ගණයටම සැලකිය හැකි වන කෙනෙකු ලෙස මොහුද ජනප්රවාදයේ සඳහන් වෙයි. හෙරෝඩෝටස් නම් ඉතිහාසකරුගේ සටහන්වල මොහු ගැන දැක්වෙයි. ඒ අනුව ඊසොප් වහලෙකි. කතන්දර ගොතන ඊසොප් යනුවෙන් එහි එන විස්තරයන් අනුව මේ එකම පුද්ගලයකු ලෙස සිතිය හැකිය. වහලෙකු ලෙස ඉයෑඩ්මෝන් නමැත්තකු ළඟ සේවය කොට ඇත. ඇරිස්ටෝටල් විසින් ලියනලද “සේමියන්වරුන්ගේ ආණ්ඩුක්රම ව්යවස්ථාව” නම් කෘතියේ විස්තරවලට අනුවද ඔහු වහලෙකු ලෙස ජීවත්ව ඇති අතර “ගොළු ඉයෑඩ්මෝන්” නමැත්තා විසින් වහල් බවින් මුදාගෙන ඇත. හෙරෝඩෝටස් විසින් ලියනලද කෘතියක “රොඩෝපිස්” නම් අභිසාරිකාවක පිළිබවඳ කෙරෙන විස්තර සමග ඊසොප් ගැනද සඳහන් වෙයි. කතන්දර ගොතන ඊසොප් යනුවෙන් එහි එන අතර ඔහු එවක සමාජය තුළ ජනප්රියව සිටි අයකු බවද කියෑවේ. සමහර තොරතුරු වලට අනුව 6 වන සියවසේ මධ්ය භාගය ඊසොප් ජීවත් වූ යුගය ලෙස සැලකේ.
තවත් විස්තරයකට අනුව ඊසොප් ෙත්රෙයිසියානුවෙකි. මොවුන්ද ගී්රක ජන වර්ගයක්ම වන බැවින් ඊසොප් යනු ගී්රකයෙකු බව අවිවාදයෙන් පිළිගැනේ. ප්ලූටාක් විසින් ලියනලද සමහර සඳහන්වලට අනුව ඊසොප් ලිඩියාවේ ක්රීසස් නමැති රජුළඟ සේවය කළ උපදේශකවරයෙකි. තානාපතිවරයකු සේද විශ්වාස කෙරේ. වහල් බවින් මිදුන පසු ඔහු සතු බුද්ධිමත් භාවය නිසා එම තත්ත්වය ලැබෙන්නට ඇතැයි සැක කළ හැකිය. පසුකාලයේ ඔහු වටා විවිධ ජනප්රවාද ගොඩනැඟෙන්නට ඇත්තේ ජනාදරයටපත් උපමා කතා කීමේ රුසියකු වූ නිසා වන්නට ඇත.
ඊසොප් පිළිබඳව සඳහන් වන බොහෝ තැන්වල ඔහු විරූපී පුද්ගලයකු ලෙස දැක්වේ. එසේම වයෝවෘද්ධ පුද් ගලයකු ලෙස ජීවත් වූ කාලය තුළ ඔහු බෙහෙවින්ම උපහාස කතා කීමේ නිරතව සිටින්නට ඇත. ඔහුගේ බොහෝ කතා දෙස බලන විට ඒවා මහල්ලකු විසින් කුඩා ළමුන් උදෙසා කියන ලද කතාවල ස්වරූපය ඉස්මතුවී දක්නට ලැබේ. පසු කාලයේ ලේඛකයන් විසින් ලියනලද පොත්වල මොහු පිළිබඳව එන යම් යම් සඳහන් දෙස විමසිලිමත් වන විට එවක විසූ අද්විතීය පුද්ගලයකු සේ ඊසොප් සලකා ඇති බව පැහැදිලිවේ. ක්රි.පූ. 5 වන සියවසේ ලියවුණ සමහර පොත පතෙහි ඊසොප් ප්රිජියානුවෙකැයි සඳහන්වේ. හෙරොඩෝටස්ගේ නාට්යයක එන තොරතුරු වලින්ද එය තහවුරු වෙයි. තැනින් තැන ගෙන ගොස් විකුණන ලද වහළෙකුගේ තත්ත්වයට පත්ව සිටි මොහු කීප දෙනෙකු යටතේ සේවය කළ බවද සිතීමට තුඩුදෙන සාධක පවතී.
සරල හා වහා ග්රහණය කරගත හැකි තියුණු සමාජ ප්රහාරයන් ඔහුගේ උපමා කතාවල ඇත. ලොව පුරා ප්රචලිත බොහෝ උපමා කතා මොහුගේය. සතුන් පිළිබඳව ගෙතුන කතා බහුලව දක්නට ඇති අතර ඒවායේ බොළඳ ස්වරූපය ඉක්මවා ගිය දාර්ශනික හරයක් ගැබ්විය. මනුෂ්ය ස්වභාවය පිළිබඳව දැඩි අවබෝධයක් හා බහුශ්රැත බවක් ඔහුට විය. සමාජ දේශපාලනික යථාර්ථය මැනවින් ග්රහණය කොටගත් කතාද මේ අතර ඇත. “ඔහුගේ දේශපාලන කිනිතුල්ලෝ” නමැති කතාව එවැන්නකි.
“…ගඟකින් එතෙර වෙමින් සිටි සිවලෙක් සැඩ පහරකට හසුව දොරුවකට ගසාගෙන ගියේය. ඌට ගොඩට ඒම අසීරු විය. මේ අතර එහි ළඟාවූ ඉත්තෑවෙකු හිවලාගේ ඇඟෙහි සිටින කිනිතුල්ලන් ගලවා දමන්නදැයි ඇසීය. සිවලා ඊට අකමැති විය. එසේ අකමැති වන්නේ කුමක් නිසාදැයි ඉත්තෑවා අසයි. දැනට ඇඟෙහි සිටින කිනිතුල්ලන් ලේ උරාබී බඩවල් පුරවා ගෙන ඇති නිසා උන් ගලවා දැමුවොත් තවත් රංචුවක් පැමිණ ලේ උරාබොනු ඇතැයි සිවලා කීවේය.
මෙම කතාවෙන් ඊසොප් සෝමෝස් වැසියනට කීවේ ඔවුන් විසින් විනිශ්චය කොට එක්තරා දේශ පලානඥයකු මරා දැමීමට සූදානම්ව සිටී නිසා එය නොකරන ලෙසටයි. දැනට එම දේශපානඥයා ධනවත්ව ඇති නිසා ඔහුගෙන් තවත් කරදර සිදුනොවන බවත් ඔහු මරා දැමුවහොත් “බඩගින්නේ” ඉන්නා තවත් පිරිසක් ඒ තැන ගන්නා බවත්ය. එවිට භාණ්ඩාගාරය හිස්වන තුරු ඔවුන් සොරකම් කරන බවත්ය.
මෙබඳු කතා වලින් සමාජ විවරණයෙහිලා ඊසොප් තුළ වූ අපූර්ව කුසලතාව මැනවින් පැහැදිලිවෙයි. පසුකාලය වන විට ඊසොප් ගැනත් ඔහුගේ කතා ගැනත් අද්විතීය කීර්තියක් පැතිර යන්නට විය. ගී්රසියේ සහ ඇතන්ස්හී ඔහු බෙහෙවින් කතාබහට හා සැලකිල්ලට පාත්රවිය. ඔහු විරූපී වුවද ක්රියාකාරකම් වලින් හා කථනයෙන් වහා සිත් ඇදගන්නා පුද්ගලයකු බවට පත්විය. කතා කරන සතුන් යොදා ගනිමින් සිය අන්තර් ඥනයේ තීක්ෂණ භාවය ප්රකට කෙරෙන කතන්තර රාශියක් ඔහු ගොතා ඇත.
ඊසොප් මනුෂ්ය ස්වභාවය මනා පැති කඩක් සේ සැලකිය හැකි යයි විචාරකයෝ දක්වති. විවිධ වූ මානුෂීය ස්වභාවයෙන් ඔහුගේ කතා මගින් කියාපායි. සමහර තත්කාලීන දාර්ශනිකයනට පහර වදින ආකාරයෙන් පොදුජන විඥනය විදහා දක්වන රචනා මේ කතා අතර වෙයි. ඔහු දක්ෂ කථිකයකු වූ බව නිසැකය. ඔහු තුළ වූ චතුර බව මෙම කතා නිර්මාණයට ඉවහල් වන්නට ඇත. සිය අදහස් කියා පෑමේදී ඒවා අන්යයන් තුළ තහවුරු කර ඇත්තේ උපමා කතා මගිනි. මේ සෑම කතාවකින්ම කිසියම් මහඟු ආදර්ශයක් දීමට ඔහු අමතක කොට නැත.
අද අපේ ව්යවහාරයේද පවතින බොහොමයක් කතා ඊසොප්ගේය. සමාජයේ සිටින කපටි, වංචනික පුද්ගලයන් මෙන්ම අහිංසක අසරණයන් පිළිබඳවද සතුන් යොදා ගනිමින් ගොතන ලද කතා රසවත් පමණක් නොව තියුණු ප්රහාරයන් බඳුය. විවිධ සාහිත්යයන්හි කිඳී බැඳීගිය මේ කතා ඊසොප් නමැත්තකු විසින් ගොතන ලදැයි කීම පවා පුදුම සහගත වීමට තරම් දේශජ බවකින් යුතුව තිබේ.
මෙම ලෝක ප්රකට අසහාය උපමා කතාකරුගේ අවසානය අවාසනාවන්ත ලෙස සිදුවී යයි සිතිය හැකි සාධක බොහෝය. ඇරිස්ටෝටල් දෙබරු නමැති සිය නාට්යයෙහි ඊසොප් ඇපලෝ දෙවොලින් රන් කුසලානයක් සොරා ගැනීම නිසා ඩොල්පි වැසියන් කිපී ඔහු මරා දමන්නට උත්සාහ ගත් බව දක්වයි. “රාජාලියා සහ කුරුමිණියා” පිළිබඳ උපමා කතාව ඔවුන්ට කියා ඊසොප් නිදහස ඉල්ලා සිටි බව එහිම දැක්වෙයි. ප්ලුටාක් දක්වන ලෙස ඊසොප් ඩොල්පිවරුන්ගේ සිත් රිදවන ලද බැවින් කන්දකින් පහළට දමා මරණයට පත්කර ඇත. ඔහුගේ අවසන් කාල තොරතුරුවලට අනුව මරණය සිදුව ඇත්තේ අකාලයේ බව පෙනේ.
එසේ වුවද ඊසොප්ගේ උපමා කතා අද ලොව දස දෙස විවිධ තරා තිරමේ පුද්ගලයන් විසින් භාවිත කරනු ලබන අතර ඒ ඒ රටවල ජන සාහිත්යයන්හි සදානුස්මරණීයව ර¹ පවතිනු ඇත. පරපුරින් පරපුරට දායාද වනු ඇත. | hplt_2 |
Subsets and Splits