text
stringlengths
501
405k
source
stringclasses
1 value
පසුගිය පෙබරවාරි 4 වැනි දින සිට පුරා දින 7ක් බුත්තල දී පැවැත්වුණු දැයට කිරුළ 2011 අධ්යාපනික සහ වෙළඳ ප්රදර්ශනයේ දී අධ්යාපන අමාත්යාංශයේ තොරතුරු තාක්ෂණ ඒකකය විසින් හන්තාන ලිනක්ස් හදුන්වා දීම සිදු කරන ලදි. අධ්යාපන අමාත්යාංශයේ ප්රදර්ශන කුටි වෙත පැමිණි අධ්යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාට තොරතුරු තාක්ෂණ ඒකකයේ ප්රධානී අධ්යාපන අධ්යක්ෂක නීල් ගුණදාස මහතා විසින් හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය අධ්යාපන කටයුතු සඳහා වැදගත් වන අයුරු පැහැදිලි කෙරුණු අතර සහකාර අධ්යාපන අධ්යක්ෂක එම්.ඩි.ආර්. අමරනායක මහතා සමග නිදහස් සහ විවෘත මෘදුකාංගවල අවශ්යතාව පිළිබඳ ඉතා දීර්ඝ සංවාදයක නියැළී සිටි අධ්යාපන අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ උපදේශක ඔමාරේ කස්සප හිමියෝ ද මෙම ව්යාපෘතිය කෙරෙහි අවධානය යොමු විය යුතු බව ප්රකාශ කළහ. මෙම ප්රදර්ශන කුටිය අධ්යාපන අමාත්යාංශයේ තොරතුරු තාක්ෂණ එකකය මඟින් ඉදිරිපත් කෙරුණු අතර ඊට ප්රාථමික අංශයේ දරුවන්ට ලබා දෙන OLPC (One Laptop Per Child) ලැප්ටොප් පරිගණකය, අන්තර්ක්රියාකාරි සුදු තිරය, පරිගණක දෘඪාංග එකතුවක් මෙන් ම රැහැන් රහිත ජාලයක් ඇතුළු පාසැල් දරුවන් සහ ගුරුවරුන්ට අවශ්ය වටිනා තොරතුරු රැසක් ද එක් කොට තිබිණි. එහි දී අධ්යාපනික, ඉංජිනේරු, කෘෂිකර්ම, නාවික සහ කළමණාකරන වැනි විවිධ ක්ෂේත්රවලට අයත් පිරිස් හන්තාන ලිනක්ස් කෙරෙහි අවධානය යොමු කළහ. තවත් විශේෂත්වයක් වන්නේ සිය මිතුරන්ට හන්තාන ලිනක්ස් හදුන්වා දීමට සහ DVD iso ගොනුව ගෙනයාමට සමහර පිරිස් පසු දින දෙවැනි වරටත් මේ කුටියට පිවිසීම යි. මෙම ප්රදර්ශන කුටියේදි හන්තාන ලිනක්ස් 14.5.2 බෙදාහරින ලඳි. මීට අමතරව බුත්තල සහ මොණරාගල අධ්යාපන කලාපවල තොරතුරු තාක්ෂණ ගුරුවරුන් සඳහා ප්රායෝගික වැඩසටහන් ඉදිරි දිනවල දී සිදු කිරීමට නියමිතයි.
hplt_2
සීමිත ඕවර් ක්රිකට් සීමිත ඕවර් ක්රිකට් එක් දින ක්රිකට් ලෙසද හඳුන්වන අතර ඉතා සුළු වෙනසකින් පමණක් එය ක්රිකට් ක්රීඩාවෙන් වෙනස් වේ. ටෙස්ට් සහ පළමු පන්තියේ ක්රිකට් තරඟ සඳහා දින පහක් පමණ ගත වේ. නමින් සඳහන් වන පරිදිම එක් කණ්ඩායමකට බෝලය පිරිනමනු ලබන්නේ සීමිත පන්දු වාර ගණනකි. කෙටි හෝ දීර්ඝ වශයෙන් එය ක්රීඩා කිරීමේදී පන්දු වාර ගණන 20 ත් 50 ත් අතර වේ. වැදගත් එක්දින තරඟ අන්තර්ජාතික සහ ගෘහස්ථ ක්රිකට් දින 2 ක් පවත්වයි. දෙවන දින අමතර දිනයක් වන අතර එදින තරඟ වාරය සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබා දෙනුයේ පළමු දින ප්රතිඵල නිකුත් කිරීමට නොහැකිවුව හොත්ය. ඉතිහාසය[සංස්කරණය] එක් දින ක්රිකට් 1962 මාර්තු දෙවන දින ඉංග්රීසි රටවල කණ්ඩායම් අතර ආරම්භ විය. ‘ලෙසෙස්ටෂයර්’ , කණ්ඩායම විසින් ‘ඩ’ බිෂයර් කණ්ඩායම පරාජය කොට ම්ඩ්ලන්ඩ් නොක් අවුට් කප් තරගයේදී පන්දු වාර 65 දී ‘නෝර්දැම්ප්ටන්ෂයර්’ කණ්ඩායම විසින් නොටිගේ ‘හැම්ෂයර්’ කණ්ඩායම පරාජය කොට, ඉන්පසු ‘නෝර්දැම්ප්ටන්ෂයර්’ කණ්ඩායම විසින් සතියකට පසුව ජයග්රහණය කරන ලදී. ඊළඟ අවුරුද්දේදී මුල් පන්තියේ කණ්ඩායම් අතර ප්රථම පූර්ණ පරිමාණ එක්දින තරගය පැවැත්වුණ අතර නොක් අවුට් ජිලට් කුසලානය ‘සසෙක්ස්’ කණ්ඩායම විසින් ජයග්රහණය කරන ලදී. 1969 දී ක්රීඩක ජෝන් ‘සන්ඩේ ලීග්’ ආරම්භ කරමින් ලීග් එක් දින ක්රිකට් එංගලන්තයේදී ආරම්භ විය. අනුග්රාහකත්වය මාරුවුවත් මෙම තරග දෙකම මූලාරම්භයේ සිට සෑම තරග වාරයක්ම නොනවත්වා පවත්වා ඇත. ‘ නොක් අවුට් කුසලානය දැන් ‘ෆෙන්ඩිස් ප්රෝවිඩන්ඩ්’ කුසලානය ලෙස හැඳින්වේ. ලීග් තරගය ඉරිදා දිනවලට පමණක් සීමා වී නොමැති අතර පන්දු වාර 40 ට වැඩි තරගයක් වන මෙය වර්තමානයේදී ‘නැටිවෙස්ට් ප්රෝ 40’ ලෙස හඳුන්වනු ලැබේ. පළමුවන සීමිත පන්දුවාර ජාත්යන්තර තරගය (LOI) හෝ එක්දින ජාත්යන්තර තරගය (ODI) 1971 දී මෙල්බර්න් හිදී පවත්වන ලද අතර සිවු වාර්ෂික ක්රිකට් ලෝක කුසලාන තරගාවලිය 1975 දී ආරම්භ විය. ලෝක ක්රිකට් තරගාවලියේ ප්රතිඵලයක් ලෙස වර්ණවත් ඇඳුම් වැනි බොහෝ නව්යකරණයන් එකතු විය. ඕස්ට්රේලියානු ජාතික ව්යවසායක කෙරී පැකර් විසින් ක්රිකට් සංස්ථාවෙන් පිටත “rebel” ශ්රේණියක් ද පවත්වන ලදී. වැඩි විස්තර සඳහා ‘ක්රිකට් ඉතිහාසය බලන්න. ‘Twenty 20’ ලෙස හැඳින්වෙන එක් කණ්ඩායමකට පන්දුවාර 20 බැගින් ලැබෙන එක් දින ක්රිකට් තරගාවලිය ප්රථම වරට 2003 වර්ෂයේදී එංගලන්තයේදී පවත්වන ලදී. එය බොහෝ සෙයින් ජනප්රිය වූ අතර, ‘Twenty 20’ තරග කිහිපයක්ම ජාතික කණ්ඩායම් අතර පවත්වන ලදී.මෙය සාමාන්යය ක්රිකට් නීති රීතිවලට වෙනස්කම් කීපයක්ම සිදු කොට ඇත. ඒ අතර සමාන ලකුණු ලැබූ තරගවල ප්රථිඵල තීරණය කිරීම සඳහා එකතු කළ ‘බෝල් අවුට්’ නීතිය (පාපන්දු ක්රීඩාවේ දඬුවම් පහරට සමාන වේ) දැක්විය හැක.
hplt_2
“අම්මෙ … ඇයි මට අර .. (ඇය නිකටෙන් පෙන්වූවාය) කාමරේට යන්න එපා කිව්වෙ.” තාත්තාට බත් ගුලි කරමින් කවන අම්මා වෙතින් ලීලා ඇහුවේ තොරතුරු සෙවීම තවත් කල් දාන්නට බැහැ යැයි තීරණයක් ගත් නිසයි. අම්මා අත වූ බත් පිඟාන වෙව්ලා ගිහින් තාත්තාගේ ඔඩොක්කුවට ද බත් හොදි වැටිණ. “මට තියෙන වැඩ කන්දරාව මදි කියල හිතුවා ද ලීලා?” “ඉතින් අම්මෙ ..” “අනේ දරුවෝ .. තාත්තට මේ බත් ඩිංග කවන්න දීලා මට කරදර නොකර ඉන්න හොඳ ළමයා වගේ.” ලීලා නිහඬ වූයේ වෙනදා තමන් කරන්නේ කියන්නේ කුමක් දැයි නිතර සොයමින් අවවාද, අනුශාසනා, නිරීක්ෂණ හා මැසිවිලි තමාට කියන්නට පැකිළෙන්නේ නැති අම්මා මේ දිනවල වැඩි කතාබහෙන් තොර බව සිහි වූ නිසයි. අම්මා නාන්නට යන තෙක් බලා සිට ලීලා ගෙදර මෙහෙකාරිය සොයා ගියාය. “අර ඉස්තෝප්පු කාමරේට කවුරුත් යන්නෙ නැත්තෙ ඇයි?” “ඉතින් බේබි ගිහින් බලන්නකෝ .. හැබැයි බලාගෙන ආයේ බේබිවත් ඉස්පිරිතාලේ එක්කන් යන්න වේවි ද දන්නෑ,” ඇය කීවේ සිනාවකින්. “ඇයි ඒ?” “ඔයාලැයි තාත්තාට විතරයි ඒ කාමරේට යන්න පුළුවන්,” ඇය හට්ටියක පතුලක් තදින් සූරයි. අවධානය එයට යොමු වී තිබුනෙන් එය සුද්ද කරගන්නා තෙක් මෙහෙකාරිය කිසිත් කීවේ නැත. “බේබි ඉපදෙන්න කළින් දවසක නෝනා යන්න හැදුවා ඇතුලට. දොරේ වැදිලා ඉස්තෝප්පුවේ බිම වැටිලා තව පොඩ්ඩෙන් නාහේටත් මැහුම් දාන්න වෙනවා. මට ඇහුණ එදා බේබිලැයි තාත්තා හොඳට ම විහිළු කරනවා. ඒත් නෝනා නම් හිනා වුනේ නැහැ.” “ඔයා ඇතුලට යන්න බැලුවේ නැත් ද?” ලීලා ඇසුවේ ඇසෙන නොඇසෙන තරම් හෙමින්. මෙහෙකාරිය සෝදා අවසන් කළ හට්ටි වතුර බේරෙන්නට පේලියට මුනින් අත නවයි. ඇය අත් පිස්නයක් අඹරමින් ලීලා දෙස බලා මුළුතැන්ගෙයි දොර වෙතට ඉක්මනින් ගියාය. කිසිවෙක් අවට ඇත්දැයි සොයා බැලූ ඇය ඔළුවෙන් ඉඟි කළේ තමන් ද ඊට උත්සාහයක් ගත් බවයි. ඇය අසලට දිව ගිය ලීලා “ඉතින් මොකද වුනේ?” යැයි රහසින් විමසුවාය. “හරියට කවුදෝ තල්ලු කළා වගේ .. පුටුවකුත් පෙරලා ගෙන මාව වැටිච්චි.” “ඉතින්?” “ඉස්තොප්පුවෙනුත් එළියට විසිවුනේ නැතිවා විතරයි.” “ඊට පස්සෙ?” “දොරේ අගුල හෙලවුනේ වත් නැහැ ඒ වුනාට.” “එතකොට?” “එච්චරයි.” “කවුද අතුගාන්නේ?” “ඔයාලැයි තාත්තා වෙන්නැති .. ඒත් මං දැකලා නැහැ මහත්තයා කවදාවත් කොස්සක් අල්ලනවා නම්,” ඇයගේ මුහුණේ නැවතත් සිනාවක් මතුවිය. “ආයි ඇරලා බලන්න හිතුනේ ම නැද්ද?” ලීලා ඇසුවාය. “නිකං මොකට පස්ස බිම ඇන ගන්නවා ද බේබි මේ කරන්න වැඩ ඕන තරම් තියෙද්දී,” මෙහෙකාරිය ලීලාට පිටුපා ගොස් කොස්සක් අරගෙන මුළුතැන්ගෙය අතුගාන්නට පටන් ගත්තේ එය නොකළ බව හදිසියේ මතක් වූ ලෙසිනි. තමන් එහි ඇතුල් වූ බව මෙහෙකාරියට කියනවා දැයි නැද්දැයි ඇය බිම අතු ගාන දිහා බලාගෙන ලීලා කල්පනා කළාය. තමන් එය ඇයට කිව්වොත් ඇය අම්මාගේ කණ නොතබා ඉන්නේ නැත. තාත්තා අම්මාට කිසිත් විස්තර කියා නැතිවා වෙන්නට පුළුවන. ඒ නිසා වෙන්නැති තාත්තාගේ අසනීපයත් ඒ හා කිසියම් සම්බන්ධයක් ඇත්දැයි අම්මා නිකමට වත් සෙව්වේ නැත්තේ. තාත්තාට හා තමාට පමණක් දොර හැරෙන්නේ ඇයි? තම ප්රශ්න වලට උත්තර සහ තාත්තා නිරෝගී බවට හැරවීමේ පිළියම ඇත්තේ එහිම බව ලීලා තරයේ ම විශ්වාස කළාය. එදින රූ හැමෝම නින්දට ගිය පසු එහි ගොස් සොයා බලන්නට කාලයක් ගත යුතු යැයි ලීලා අදිටන් කරගත්තා ය.
hplt_2
මහා ඇලෙක්සැන්ඩ' රජ මහා ඇලෙක්සැන්ඩර්, 3 වැනි ඇලෙක්සැන්ඩර් ලෙසද හැඳින්වේ. මැසිඩෝනියාව පාලනය කළ පුරාණ ග්රීක රජෙකි. ඔහු යුද්ධයේ දී අනභිභවනීය මෙන්ම අති සාර්ථක රණ ශූර සෙන්පතියෙකුලෙස ඉතිහාසගත වී ඇත. ඔහුගේ මරණය සිදුවන විට පුරාණ ග්රීසීය විසින් හඳුනාගැනුණු ලෝකයේ අති විශාල ප්රදේශයක් ඔහු යටත් කර ගෙන සිටියේය. ඔහුගේ පියා වූ මැසිඩෝනියාවේ II පිලිප් රජුගේ මරණයෙන් පසු ඇලෙක්සැන්ඩර් මැසිඩෝනීයාවේ රජු බවට පත් විය. II පිලිප් රජු ග්රීසීය සතු ප්රධාන භූමියේ තිබූ නාගරික රාජ්යයන් (League of Corinth) මැසිඩෝනියන් පාලනය යටතේ ඵක්සත් කළේය. ඔහු දකුණු ග්රීක නගර රාජ්යයන්හි ඇතිවූ කැරළි මැඩ පවත්වා ඉන් පසු උතුරු මැසිඩෝනියාවේ අසල්වැසි පෙදෙස්වලට දරුණු ආක්රමණයක් ඵල්ල කොට ඵම පෙදෙස් ද යටත්කර ගත්තේය. ඵසේ කිරීමෙන් මැසිඩෝනියාවේ බලය තහවුරු කරගත් පසු නැගෙනහිර බලා ගමන් ගත්තේය. ඵහිදී ආකිමෙනිඩ් පර්සියානු අධිරාජ්යය යටත් කර ගත්තේය. ඔහු ඇනටෝලීයාව, සිරියාව, ටිනීෂියාව, ජුදේ, ගාසා, ඊජිප්තුව, බැක්ට්රියාව සහ මෙසපොතේමියාව යනාදී රටවල් ජයගෙන අවසානයේ ඔහුගේ අධිරාජ්යයේ සීමාව ඉන්දියාවේ පන්ජාබය දක්වා පුළුල් කළේය. ඔහුගේ මරණයට ප්රථම සංග්රාමිකව හා වාණිජ අංශවලින් ඔහුගේ බලය අරාබි අර්ධද්වීපය දක්වා පුළුල් කිරීමේ සැලසුම් ඔහු සකස් කර තිබුණේය. ඉන් පසුව ඔහු බටහිර දෙසට හමුදාවක් (කාර්තේජ්, රෝමය සහ අයිබීරියන් අර්ධද්වීපය කරා) මෙහෙයවූයේය. ඔහු මුලින් අදහස් කර සිටියේ පෙර දිගට යාමටයි. ඵහෙත් ඔහුගේ ළමා කාලයේ ගුරුවරයා ඵය විස්තර කර තිබුණේ “ලෝකයේ අවසානය දක්වා සහ සයුරෙනුත් ඔබ්බට” ලෙසිනි. ඇලෙක්සැන්ඩර් තම හමුදාවට විදේශිකයන් ද ඵක් කළේය. සමහර උගත්තු ඔහුට මෙම “මිශ්ර කිරීමේ පිළිවෙත” සම්බන්ධයෙන් ප්රසංශා කළේය. ඔහු තම සෙබළුන්ට විදේශීය කාන්තාවන් හා විවාහ වීමට දිරි දුන්ණේය. ඔහුද විදේශීය කුමරියන් දෙදෙනකු සරණ කර ගත්තේය. ඇලෙක්සැන්ඩර් දොළොස් අවුරුද්දක් පුරා කළ අනවරත යුද්ධ ව්යපාරයකින් පසුව මිය ගියේය. මරණයට හේතුව මැලේරියාව, වසදීම, උණ සන්නිපාතය, මොළය ඉදිමීම හෝ මත්පැන්වලින් ඇතිවූ අහිතකර තත්වය යනාදී කරුණක් විය හැකිය. ඔහුගේ උරුමයන් හා විජයග්රහණවල ප්රතිඵල ඔහුගේ මරණයෙන් පසුව ද බොහෝ කාළයක් පැවතුණේය. ග්රීක ජනාවස තුළ ශත වර්ෂ ගණනාවක් පුරා පැතිරුණේය. මේවායින් ඇතිවූ සංස්කෘතික බලපෑම දුර බැහැර පෙදෙස්වලට ද බලපෑවේය. මෙම යුගය ‘හෙලනිස්තික යුගය’ යනුවෙන් හැඳින්වෙන අතර එහි ග්රීක, මැදපෙරදිග සහ ඉන්දියානු සංස්කෘතික ගුණාංග විදහා දැක්වීය. ඇලෙක්සැන්ඩර් චරිතය ග්රීක හා ග්රීක නොවන සංස්කෘතීන් තුළ පවා ඵෙතිහාසික මෙන්ම මිත්යා කථාවල ද ප්රධාන චරිතයක් විය. ඔහුගේ වික්රමයන් පරම්පරාගත සාහිත්යය ප්රබෝධමත් කළේය. ඵ් තුළ ඔහු දර්ශනය වන්නේ ඇචිලස් (පුරාණ ග්රීක වීරයෙකි-ඔහුට හානි කිරීමට අපහසුය) සම්ප්රදායේ පුරාණ කථාවල ඵන වීරයෙකු ලෙසිනි.
hplt_2
රටේ බැබළෙනනවට වඩා මම ගමේ බැබලෙන්න කැමතියි . ඒත් මෙතුවක් කල් නොවුණෙත් ඒකමයි . බ්ලොග් එක නිසා මා ගැන ගොඩක් හොඳ දේවල් අන්තර් ජාලයේ හිංගල ඒරියා එකේ යන්තම් පැතිරිලා තිබ්බත් ගමේ එවුං නම් මාව හැමදාමත් හැඳින්නුවේ රස්තියාදු ගසන්නෙක් හෙවත් වීදි සංචාරයේ යෙදෙන්නෙක් විදිහටයි . ඉතින් එහෙවු මම රටේ උසස් පුද්ගලයෙක් හමුවට යනවා කියන එක ගමේ එවුං කොහොමට දරාගනීවිද ? . ඒ ගැන හිතට නැගෙද්දී මට නොදැනීම හිනාවක් ගියා . එදා මම ගෙදර යන්න කලින් හන්දියේ තේ කඩේට පොඩ්ඩක් ගොඩ වුණේ තේකෝප්පයක් බොන ගමන් මගේ මේ හමුව ගැන පොඩි පම්පෝරියකුත් ගමේ එවුන්ට ඇද බාන්න ඕනෙයි කියලා හිතේ යටි අරමුණකුත් රඳවාගෙනයි . අද නම් ගමේ එවුන් දැන ගනීවි මේ සඳරුවා කියන්නේ කවුද කියලා ! මගේ යටි හිත මට චියර් කරන්න ගත්තා . මමත් කඩේ ඇතුළට ආවේ පුදුම ආවේගෙකින් . “නැන්දේ මම රොටියක් ගත්තා මට තේකකකුත් දාන්ඩකොයි ! සල්ලි ලබන සතියේ දෙන්නම්” “ඇයි උඹ මහ ඒජන්තද ණයට ගිලින්න ආවේ ?” කඩේ නැන්දා මුකුත් නොකියා ඉඳිද්දී කොහෙන්ද ආපු ගමේ එකක් මගෙන් හරස් ප්රශ්නයක් ඇහුවා “උඹලා වගේ නෙවෙයි මම පඩි ගත්ත දාට ගානට හීන් හිරුවේ ණය බේරනවා” “අපොයි ඉතින් අපි නොදන්නවැයි සඳරු මල්ලියේ උඹ ගැන !” “උඹලා මම ගැන නොදන්න දේවල් ගොඩක් තියේ බං . ?” මමත් ලැබුණු අවස්ථාවෙන් ප්රයෝජනයක් අරගෙන මගේ ගැන ගමේ එවුන්ට පාරම්බාන්න උපරිමේට ට්රයි එකක් දුන්නා . “ඔවු වොවු අපිට හොරෙන් උඹ කල මගෝඩි වැඩ තව එමට ඇති !” “කෙහෙම් මල් මගෝඩි වැඩක් නෙවෙයි බං මට ඔන්න ලබන සතියේ කොළඹ යන්ඩ වෙලා !” මම පුළුවන් තරම් උජාරුවෙන් කීවා “පුතේ උඹ පෝන් බිල් එක ගෙවන්නේ නැතුං උන්නා නේද ? ඒකට නඩු වැටිලා උඹට අලුත් කඩේ උසාවියට එන්න කියලා ලියුං එවලා ඇති .. මයෙ නඟාගේ ලොකු කොල්ලටත් ඕකමයි වුණේ !” ප්ලේන්ටි බිබී උන්නු ජයතිලක මාමා එහෙම කියද්දී ගමේ එවුන් හීනියට හිනා වෙන්න පටන් ගත්තා .මගෙත් ඉවසීමේ සීමාව පැනගෙන එන්නයි හදන්නේ .. ! “නෑ නෑ මට ජනාධිපති ලේකම් තුමාව හම්බෙන්න තියනවා . ! ඒකයි මම කොළඹ යන්නේ” කඩේ හිටපු එවුංගෙන් වැඩි දෙනෙක් හප හපා උන්නු බුලත් හප විහික් කරලා දාලා මහ හඬින් හිනා වෙන්න ගත්තා . සමහරු උණු ප්ලේන්ටි ඇඟේ හලා ගද්දි . තවත් ඒකෙක් දෙනෙක් සැරේට හූවකුත් තිබ්බා . “දැං උඹලා හිතන්නේ මම කියන්නේ බොරු කියලද ?” මම තරහින් එහෙම අහද්දී . කඩේ මාමා ඒකට උත්තර බැන්ඳා ! “පුතේ ළඟ ළඟම පෝයත් එන එකේ බොරු කියන්ඩෙපා !” “බොරු නෙවේ මාමා මම කීවේ සහතික ඇත්ත මේ මයෙ වැදූ අම්මා පල්ල ! මට ලලිත් වීරතුංඟ මහත්තයා හම්බෙන්ඩ දින දීලා තියේ .” “අනේ පල පල සඳරු මෙතන අම්ම අරං බොරුවට දිවුරන්නේ නැතුං ! තොට බොරුවට දිවුරව්වොත් සහ ගහනවා . !” මම මෙතන මැරීගෙන කීවත් එකෙක්වත් මාව විශ්වාස නොකරන විත්තිය මම හොඳට දැනගෙන උන්නා . ඒක නිසා තේ කෝප්පේ ඉවර වෙනවාත් එක්කම මමත් කඩෙන් එළියට බැහැලා යන්ඩ ගියේ ටිකක් කලකිරීමෙන් . එදා රෑ නින්දට යද්දිත් මට හිතුණේ මේ ගැන . ඔය උසස් ඇත්තන්ට නොයෙක් වැඩ වැටෙනවා . මට දීලා තියන චෑන්ස් එක ඒ උදවියට අමතක වේවිද ? සැහ් එහෙම වුනෝතින් මම ගමේ වසලත් හමාරයි . අපරාදේ මම පම්පෝරි ගැහුවේ ! අනේක වාර ගණනක් මට එහෙම හිතෙන්න ඇති . අපට බඩ පිරෙන්න කන්න බොන්නත් දෙන්නත් එතුමා අමතක කළේ නෑ . හැඳි ගෑරුප්පු වලින් කන්ඩ වේවි කියලා හිතේ බයෙන් වෙවුල වෙවුල ගිය මට යන්තම් සැනසුමක් දැනුණේ . ඇවිදින් හිටි කවුරුත් අතින් කෑම කනවා දැක්කට පස්සෙයි . වැරදිලාවත් එදා ඒ ආපු උදවිය බටහිර පන්නෙට කෑම කෑවා නම් . . .! ඉතින් නැගෙනහිර හිස් අහස යට උපන්න මට බස්නාහිරට ගිහින් මේ වගේ ලොක්ක්කෝ කීප දෙනෙක් හමුවෙන්න ලැබේවි කියලා මම උපන්තේකට හිතුවේ නෑ . කොහොමින් කොහොම හරි ආයෙත් පැය 10 ගෙවාගෙන මම ගෙදර ආවා . ෆේස් බුක් එකේ තැන තැන තිබුණු මම ජනාධිපති ලේකම් තුමා එක්ක කතා බහ කරන රූපය මට සාක්කියක් විදිහට ඉදිරිපත් කරලා ගමේ එවුන්ගේ හිත් වල අමතක නොවෙන චරිතයක් වෙන්නත් මට අද හැකි වුණා . “අනේ පුතේ අපේ ගමටත් මොනා හරි දෙයක් කරමු නේද ?” අද දවස තිස්සෙම මගෙන් ගමේ වැඩිහිටියෝ බොහෝම දෙනෙක් ඔය ඉහත ප්රශ්නය ඇහුවා . මම මුකුත් නොකියා මුනිවත රැක්කා . මොකද තවමත් ගමට යමක් කර දෙන්න තරම් මට හයියක් නෑ . මට විශ්වාසයි එකෝමත් දවසකදී මම මේ බ්ලොග් එකේ නිතරම ලියන මගේ ගමට මගේ පළාතට වැඩක් කර දෙන්න මට පුළුවන් වෙයි කියලා .මට කොණ්ඩ කඩල ඇටේක තරම්වත් දෙයක් එපා ! .මගෙ ගමට මගෙ පළාතට යමක් වෙනවා නම් මට ඒක මහ මෙරක් තරම් .
hplt_2
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සංවර්ධන ලොතරැයිය 1983 ජනවාරි 19 දා පටන් ශ්රී ලාංකික ජනතාවගේ ජිවිත සරුසාර කිරීමට මහෝපකාරී වී ඇත. ත්යාග මුදල් වශයෙන් රුපියල් මිලියන ගනන් පිරිනමමින් හා ලාභ වශයෙන් උපයන මුදල් මිලියන ගනන් ජනාධිපති අරමුදලට දායක කරමින්, ආරම්භයේ පටන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලය ශ්රි ලංකා දේශයට ලබා දී ඇත්තේ අතිවිශාල දායකත්වයකි. සංවර්ධන ලොතරැයි මණ්ඩලය නවාංගීකරණය අතින් මෙන්ම, පෙර ගමන් කරුවකු වශයෙන්ද ශ්රී ලංකාවේ උසස්තම ලොතරැයි සංවිධානය වන්නේය. ආරම්භයේ පටන්ම ලොතරැයිපත් මුද්රණය කිරීම සඳහාත්, මහජනයා වෙත කරන සියලුම ත්යාග මුදල් ප්රදානයන් සඳහාත් සංවර්ධන ලොතරැයිය උපයෝගී කරගෙන ඇත්තේ නවතමතාක්ෂණයයි තවද සංවර්ධන ලොතරැයි මණ්ඩලය සංස්ථාපිත පුරවැසියෙකු වශයෙන් ශ්රී ලංකාවේ ලොතරැයි ප්රවර්ධනය, කළමනාකරණය හා පරිපාලනය සම්බන්ධයෙන් අවංක භාවයෙන් හා විශ්වාසනීය භාවයෙන් මෙන්ම, වගකීමකින් යුක්තව සිය ලොතරැයි මෙහෙයුම් කටයුතුවල යෙදි සිටියි.
hplt_2
4/17/2010 09:54:00 PM කැම්පස් එකේ පලමු වසර ගැන ලියන්න ඕනේ කියල තමයි ඉඳගත්තේ. ඒත් මගේ පරන බ්ලොග් එකක් මතක් උනා. ඒකේ තියෙන්නේ කවිම නොවුනත් කැම්පස් එකේ අහපු දැකපු ඒවා. ඉතින් මට හිතුනා ඒකෙන් දෙක තුනක් අරගෙන මෙතන දාන්න ඕනේ කියලා. මගේ විශේෂ ඉල්ලීම මේ දේවල් (මේවා කවි නෙමෙයි හොඳේ) කියවලා ඒ දවස් වලදී මම දැක්ක දේවල් ගැන පොඩි රූපයක් ... මගේ පරන බ්ලොග් අඩවියෙන් (iv) - සමුගන්නට මොහොතකට පෙර (i) එක්තරා සටහන් ටිකක්මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මුලින්ම කියන්න ඕනෑ මේ පොත මගේ නෙමෙයි. (හැබැයි කාගෙද කියල අහන්න එපා, ඔයාලට තේරුම් ගන්න පුලුවන්). හැබැයි මේ පොතේ මෙහෙම දේවල් තියෙන්න ඕනෑ කියන අදහස මගේ. පොතේ අරමුන උනේ; යාළුවෝ කැම්පස් එකෙන් අයින් උනාම ආගිය අතක් නැති වෙනවනේ. ඉතින් මට ඕනෑ උනේ ඒ අයගෙ ගෙවල් වලට යන පාරවල්, විස්තර එකතු කරවන එකයි. T මගෙන් ඇහුවා ගැලපෙන ක්රමයක්. මම පොතක් T ... මගේ පරන බ්ලොග් අඩවියෙන් (ii) - කැම්පස් එකේ ජීවිතයෙන් ටිකක් (කෙටියෙන්) ...මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය 4/22/2010 09:21:00 PM මම ගියේ කැලනිය කැම්පස් එකට. කලින් දවසක ඇවිත් වේවැල්දූවෙන් ඇනෙක්ස් එකක් කුලියට ගත්තා. මුල්ම දවසේ තාත්තත් එක්ක වාහනයෙන් ඇවිත් කැම්පස් එක ඉස්සරහින් බැස්සා. බැහැලා වාහනය යවලා පාර අයිනට වෙලා ටිකක් බලාගෙන හිටියා. කට්ටිය මාර ඇක්ටිව්. මම ඩෙනිම්/ ටී ෂර්ට්/ ඩෙක් ෂූෂ් විදිහෙ කෙනෙක්. මම දැක්කා ගම්පහ ගෙල්ට් එකට ආපු අය කාන්ඩ පිටින් එනවා. මම ඒ අයත් ... Published on 2010-04-15 21:47 කලින් ලිපියට ලැබුන ප්රතිචාර ඉහලයි. ඒ නිසාම නොවුනත් තවත් කවි ටිකක් ඇතුලත් කරන්න ඕනෑ කියලා හිතුනා. කුරුටු ගී උපුටා ගත් ස්ථාන නාමත් සමගින් තවත් පොතක තිබී හමුවුනා. ඉතින් දැන් ඕනෑම කෙනෙකුට පුලුවනි මේ තැන් වලට ගිහිල්ලා ඒවා තවමත් තියෙනවද කියලා බලන්න. මේ තියෙන්නේ මම තෝරා ගත්ත තවත් කවි කීපයක්. පොත හොයාගෙන කියවන්න බලන්න. එතකොට සරසවි ජීවිතය ... 4/13/2010 10:21:00 PM අලුත් අවුරුද්ද ලං වෙද්දි පරන පොත් කබඩ් එක අස් කරනකොට පොඩි පොතක් හම්බ උනා. ඉතින් මේ බ්ලොග් එකේ තියෙන කවි ඒ පොතෙන් උපුටා ගැනීමක්. අයිති කාරයෝ කවුද දන්නෙ නැහැ. ඒත් මේ පොත හදල තියෙන්නෙ කැලනිය විශ්ව විද්යාලයේ කලා පීඨයේ 97/98 අධ්යයන වසර (ප්රථම වසර ) කට්ටියක්. මේ මම තෝරාගත් කවි කීපයක් ... කැන්ටිමේ පෝලිමක් දවල්ට බත් ... ඕන්න එකමත් එක රටක රජෙක් හිටියා. එයා එක දවසක අල්ලපු රටේ මොනවද කරන්න ගිහිල්ලා අහුවෙලා හිරේ වැටුනා. ඒත් රජාගෙ තරුන කම ගැන හිතපු ඒ රටේ රජා, මේ රජාව මරන්නෙ නැතුව නිදහස් කලා. හැබැයි කොන්දේසියක් පිට. අවුරුද්දක් ඇතුලත අමාරු ප්රශ්නයකට උත්තරයක් දෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඇවිත් බාර වෙන්න වෙනවා. රජා උත්තරය දන්නෙ නැති උනත් රාජධානියේ ඉන්න උගත්තු දන්නව ඇතිනෙ කියල ... එක දවසක් බස් එකේ යනකොට මිනිහෙක් පොත් විකුනනවා. ඉතින් එයා කියනවා ලංකාවෙ ඔළු දහයක නයෙක් ඉන්නවා, ආමි එකේ කෙනෙක් ගත්ත ෆොටෝ එකක් කියලා ඔළු දහයක නයෙකුගෙ පින්තූරයක් විකුනනවා. ඉතින් අද අන්තර්ජාලයේ සැරිසරනකොට ඔළු වැඩි නයි ගොඩක් දැක්කා. කාලෙකින් ලියන්න බැරිඋන බ්ලොග් එක මේකෙන් වත් ගොඩ දාගන්න කියල හිතල තමයි ලිව්වේ. මම නයා අරිනව කියලනම් හිතන්න එපා මෙන්න ඒ ඔළු පහේ ... මේක ඉතින් පොඩි කථාවක්. මම දන්න කියන නෝන කෙනෙක්, එයාට වෙච්ච ඇබැද්දියක් තමයි. අර නෝනට කොහෙදෝ තිබිල ලාම්පුවක් හම්බ වෙලා තියෙනවා. ඉතින් එයා ඒක අතුල්ලනකොට ඒ ලාම්පුවෙන් භූතයෙක් මතුවෙලා තියෙනවා. "ඔබ හොඳ කරුනාවන්ත කෙනෙක් බව මට පේනවා. ඉතින් මාව නිදහස් කලාට මගෙන් ඔබට තෑග්ගක් හැටියට එක් වරයක් දෙන්නම්..... "ඌ නෝනට කිව්වා. නෝනත් ඉතින් යන එන මං නැතුව හිටපු කෙනෙක් නේ. ඉතින් පැන්න ගමන් ... මගෙ කැම්පස් එකේ යාලුවො ටිකක් ගාල්ලෙත් ඉන්නවා. කාලෙකින් මේ අයව හම්බවෙන්න බැරිඋන නිසා අපි තීරනය කලා නත්තල් දවසේ කට්ටියම හම්බ වෙන්න. අපි කියන්නෙ, අපි දෙන්න කසාද බැන්දෙ 2004 අවුරුද්දෙම නිසා යාලුවොත් බලාගෙනම නෑදෑ ගෙවල් වලත් ගිහිල්ල එන්න කියල තමයි පිට උනේ. වයිෆ් ගෙ ගෙවල් මාතර. ඉතින් කොළඹ ඉඳන් 24 වෙනිදා මාතර ගියා. 25 (සෙනසුරාදා) කැම්පස් එකේ යාලුවො කට්ටිය උදේ 9.30ට ... කැම්පස් එකට ගියාම ඉස්සරනම් මුලින්ම දුන්නෙ ඉංගිරිසි පාඩම් මාලාවක්. (දැන්නම් නායකත්ව හැසිරීම් ගැනනෙ දෙන්නෙ). ඉතින් ඔය පන්ති වලට ගියාට ඉගෙන ගන්න දෙයක් නැහැනෙ. රැග් දෙන දිහා බලන් ඉන්නවයි, කෙල්ලො දිහා බලන් ඉන්නවයි විතරයි කරන්නෙ. අලුත් අලුත් කට්ටියත් එකා දෙන්නා හම්බ වෙනවා, අපිත් පම්පෝරි ගහනවා, උනුත් පම්පෝරි ගහනවා. ඔය අය අතරින් අපි දහ දොලොස් දෙනෙක් සෙට් උනා. ඉතින් කට්ටිය කථා උනේ ... මාස ගානකට පස්සෙ තමයි ආයෙමත් මේ බ්ලොග් එක පැත්තෙ ආවෙ. ලියන්න ඕනෑ කියල හැමදාමත් හිත හිත හිටියට ලියන්න හිත දුන්නෙම නැහැ. මම මුලින්ම බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තෙ සිංහල අලුත් අවුරුද්දක් දවසක. ඒ නිසා අද ආයෙමත් ලියන්න ගන්න එක හොඳයි කියල හිතුනා. බ්ලොග් ලියන එක පරක්කු වෙන්නත් හේතුවක් තිබුනා. මම දැන් ඒක කියන්නම්. අපේ තාත්තා ගහක් ගලක් වගේ හිටියේ. මම සාමාන්යයෙන් (ගමේ) ... ගණිත සෙල්ලම් වලට අහුවෙන ලාංකිකයෝ හෙවත් පිරමිඩාකාර ගිරිහිම අනුපාතයමහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකය මේ වගේ දැන්වීමක් කොහේ හරි දැකල නැත්නම් කවද හරි දකී. "අලුත්ම ලැප්ටොප් එකක් රු. 20,000/- යි !රු. 20,000/-ක් පමනක් ගෙවීමෙන් හැමෝටම රු. 100,000/-ක් වටිනා ලැප්ටොප් එකක් ලබාගත හැකිය. වෙනත් ගෙවීම් නැත. විකිනීම පිලිබඳ විස්තර ලබා ගන්න"ඉතින් කවුද අකමැති අඩු ගානකට වටිනා ලැප්ටොප් එකක් ගන්න. ඉතින් වැඩිපුර හිතන්නෙ නැතුව අපිත් යනවා මේ තැන හොයාගෙන. ගිය ගමන්ම අපිට ඒ ගොල්ලො දෙන්නෙ ලැප්ටොප් එකක් ... එක දවසක් මම කැම්පස් එකට යනකොට තෙල් බැම්මට මෙහා කට්ටිය රොක් වෙලා. ගොඩාක් වෙලාවට එහෙම වෙන්නෙ වලියක් වගෙ එකක් උනොත් තමයි. කසු කුසු අතරින් ආරංචි උනා කොල්ලෙක් කෙල්ලෙකුට පිහියෙන් ඇනලා කියලා. කෙල්ල ඉස්පිරිතාලෙ ගෙනිච්චලු, කොල්ලා හොයාගන්න නැතිලු. පස්සෙ ආරංචි උනා කොල්ල පඳුරක් අස්සෙ ඉඳල සෙකියුරිටි එකට හම්බවෙලා කියලා. කොල්ලා වහ බීලා. දෙන්නම ඉස්පිරිතාලේ. පස්සෙ බැලින්නම් මේ කපල් එක අපි දන්නවා. ඒ කියන්නෙ ... අද දිවයින පත්තරේ තිබුන මේ කවිය දැක්කම හිතට අදහස් ගොඩාක් ගලාගෙන ආවා. ඒ එකක්වත් ලියන්නෙ නැතිව පත්තරේ තිබුන කවිය එහෙම්මම මෙතන දැම්මා. මේ කවිය හොඳට කියවන්න කියලා කැම්පස් ගිය, නොගිය, යන්න ඉන්න හැමෝගෙන්ම ඉල්ලනවා. මගේ පුතා හොරු අරගෙන ගියාදෝ ඇහේ බබා මෙන් උන් පුත් කුමරාන ගසේ පිපුන එක මල රොන් පුරවාන ඇසේ නොයෙක් බස් හැම කසු කුසු ගාන පැසේ පපුව තුළ දරු දුක මුරගාන කුරා කුහුඹුවෙකුටත් ... වත්තෙ පස් අස්සෙ තිබිල සුරයක් හම්බ උනා. ඒක අපි දාපු එකක් නෙමෙයි. අපිට කලින් මේ ඉඩම අයිති අයගෙ වැඩක් වෙන්න ඇති. ඉතින් ඒකෙ ඇතුලෙ යකෙක් ඉන්නවනම් ඌ එලියට දාන එක පිනක් නෙ. ඒ නිසා මම සුරය ඇරල බැලුවා. මේන්න මේකයි ඇතුලෙ තිබුනෙ. කවුරු හරි දන්න කෙනෙක් මේක තේරුම් කරල දෙනවනම් ලොකු උදව්වක් ..... මහසෙන්ගේ අංශක 23 හමාරක් ඇලවුනු ලෝකයෙන් අනං මනං ... පොඩි අමාරුවක් තිබිලා ගත්තනෙ Credit Card තුනක්ම. ටික කලකින් තමයි මේවයෙ රඟේ තේරුනේ. හැබැයි මේකෙ හොඳ පැත්තකුත් තියෙනවා. අප්සෙට් එක තියෙන්නෙ Credit Card වල නෙමෙයි. ඒව පාවිච්චි කරන අපෙයි, ලංකාවෙ බැංකුවලයි. ඉතින් යන එන මං නැති උනාම අමාරුවෙන්ම සල්ලි හොයාගෙන මේ තුනම ගෙවලා වහලා දැම්මා. ඔහොම සන්තෝෂෙන් මාස 9 ක් ඉන්න කොට ආව call එකක්. "Mr. මහසෙන් ඔයාගෙ Seylan credit card එකේ limit ... මුලින්ම කියන්න ඕනැ මේක මම අහපු කථාවක්. උපන් ගෙයි අන්ධයෙකුට සහයට කොල්ලෙක් හිටියා. දෙන්න හිඟමනේ ගිහිල්ල හොයන දෙවල් වලින් වැඩිදේ ගසාකන්නෙ අර කොල්ලා. හැබැයි අන්ධයගෙ වැඩේ හැම තිස්සෙම ප්රශ්න අහන එක. දවසක් දෙන්න කිරි බිව්වා. අන්ධය එදාතමයි මුලින්ම ඒ රස කල කිරි බිව්වේ. "හරිම රසයි. මොකද්ද මල්ලි ඒ බීම ජාතිය ? ""ඒ තමයි කිරි, ඇයි කලින් බීල නැද්ද ? " "ඇත්තද ? ඉතින් ... මේ බ්ලොග් එක මම ලියන්නෙ නිකං. ඒ කියන්නෙ ඉන්න බැරුවට. මම කොම්පියුටර් වලින් වැඩ පටන් ගත්තෙ 1997 දි (මට මතක හැටියට) . මුලින්ම ඕවා ඉගෙන ගන්න ගියේ මීගමුවට. මීගමුවෙ තිබුනා IDM කියල කොම්පියුටර් කඩයක් (මගේ Batch 196). ඉගෙන ගත්තෙ DOS වලින්. ඒ දවස් වල තිබුනෙ win 3.1 කියල එකක්. ඒකත් run උනේ DOS වල. ඇත්තටම DOS වලින් පටන් ගත්තා කියන්නෙ එතනින් එහාට ... ඔබේ පරිඝනකය කෙතරම් ආරක්ෂාකාරීව ඇතිදැයි ඔබ දන්නවාද ? ?? ඔහොම ඇහුවම සමහර අයට තරහ යනවත් ඇති. ඒත් ඔයාගේ කොම්පියුටර් එකට පාස්වර්ඩ් එහෙම දාලා හරි අගේට හිතාගෙන ඇති දැන් හරි කියලා. එහෙම නේද ? සමහර අය තමන්ගෙ නමින් එකවුන්ට් එකක් හදලා, ඒක ඇඩ්මින් කරලා පාස්වර්ඩ් දාගෙන ඉන්නවා. ඒත් දැනගන්න windows වල ඔරිජිනල් ඇඩ්මින් කෙනෙකුත් ඉන්නවා. බලන්න user log වෙන තැන Alt + Ctrl + Delete ... අපේ හිතවල සමහර දේවල් තියෙනව කාටවත් කියාගන්න බැරුව. ඒව රහස් මත් නෙවෙයි. ඒත් කියාගන්න අමාරුයි. නොකියත් බැහැ. ඒක නිසා ඒ අය ඒවා internet වල දානවා. මට සමහර වෙලාවලට හුස්ම ගන්න අමාරුයි. ඒ මගේ හදවතත් පෙනහලුත් අතර සිදුරක් තිබෙන හින්දා.මම ආදරය කරන්න බයයි. මට බයයි මගේ හදවත ඉතා ඉක්මනින් ගැහෙයි කියලා. එතකොට මම ලඟ ඉන්න කෙනාට, මගේ පපුවෙන් එන ජරබර සද්දය ඇහේවිමම බය මගෙ ...
hplt_2
Oct21 Hiru Gossip Call - නිසි ගෙවීමක් තිබුණොත් ආයෙත් නිරුවතින් රඟපානවා ! - අනෝමා ජනාදරී උත්තර දෙයි. (2 වන කොටස) ඇයට දැන් මේ ලෝකෙන් හංගන්න කිසිම දෙයක් නෑ. නැතිවෙන්න දේකුත් නැහැ. ඒ හින්දද මන්දා තමන්ට සිද්ධ වුණ අතවර, අකටයුතුකම් හැමදේම දුරකථනයෙන් වුනත් අපිට කියන්න ඇය දෙපාරක් හිතුවෙ නෑ . . මතකනේ, ගිය සතියේ Hiru Gossip Callකරේ අනෝමා ජනාදරීට. හැමදෙයක් දිහාම වපර ඇහින් බලන අපේ රටේ අයට ඇය කෙලින්ම ඇගිල්ල දික්කරා. ඇයි ගණිකා වෘත්තිය නීතිගත කරොත් ඇය ගණිකාවක් වෙනවා කියලත් කිව්වේ. මෙච්චර කලක් හිතේ කැකෑරුණ දේවල් පළවෙනි වතාවට ප්රසිද්ධ මාධ්යක ඇය කිව්වෙ එහෙමයි. ශ්රී ලාංකිය ප්රේක්ෂකයින්ගේ ආදරය දිනාගනිමින් චිත්රපට මෙන්න ටෙලිනාට්යවල රංගනයේ යෙදුණු ඉන්දීය සම්භවයක් ඇති ජනප්රිය නිළියක වන පූජා උමාශංකර් විවාහ ගිවිසගෙන ඇති බවත් ළඟදීම විවාහ මංගල්යය සිදුවන බවත් හිරු ගොසිප් වෙත වාර්තාවුනා. ඒ අනුව පූජාගේ සිත්ගත් ඒ තරුණයා ලංකාවේ වෙසෙන්නෙකු බවත් ඔහු දීපක් ෂන්මුගනාදන් බවත් නිළනොලත් ආරංචි මාර්ග අනුව හිරු ගොසිප් වෙත වාර්තාවනවා. පාපන්දු ක්රීඩාව යනු ලෝකයේ වැඩිම පිරිසක් ආදරය කරන ක්රීඩාවක් බව අපි දනිමු. ඒ එම ක්රීඩාවේ ඇති සුන්දරත්වය නිසාමයි. කෙසේ නමුත් එවන්වූ සුන්දර ක්රීඩාවක සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව ඉන්දියාවෙන් වාර්තාවනවා. ඒ Mizoram Premier League තරඟාවලියේදීයි. Watch Video » පසුගිය කාලවකවානුව තුල මහත් ආන්දෝලනාත්මකව කතාබහට ලක්වූ ලෝකප්රකට පැරාලිම්පික් රන් පදක්කම්ලාභී ක්රීඩකයෙකු වූ ඔස්කා පිස්ටෝරියස්ට සිය පෙම්වතිය වූ රීවා සිටීන්කෑම්ප් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද දඬුවම් නියම කිරීම සිදුවිය. ඒ අනුව ප්රිටෝරියා අධිකරණය නියෝග කළේ, ඔහුට වසර 5 ක සිර දඬුවමක් පැනවීමට ය. ඔස්කා පිස්ටෝරියස් ඔහුගේ පෙම්වතිය සමඟ අවියක් අතැතිව කථාබහක නිරතව සිටියදී එම අවිය පත්තුවීමෙන් අවාසනාවන්ත ලෙස පෙම්වතිය මරු වැළඳගත්තාය. අවුරුදු 40ක් පමණ වයසැති කාන්තාවකට දුම්රියක් තුලදී ගිනි තැබූ පුද්ගලයෙක් පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වේ. ඇලියස් නැමති මෙම කාන්තාව පුරුෂයෙක් සමඟින් දුම්රිය ස්ථානයට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේදී දෙදෙනා දුම්රිය වේදිකාවේ බහින්බස් වී රණ්ඩුවකට මුලපුරා ඇත. කේරලා කන්නූර් නැමති ප්රදේශයේදී පිහිටි දුම්රිය ස්ථානයක මෙම සිදුවීම සිදුවී ඇති අතර මියගිය කාන්තාවට පුරුෂයා විසින් ගිනිතබා ඇත්තේ දුම්රියක් තුලදීය. ගිනිගත් ශරීරය පිටින්ම ඇය දුම්රියෙන් එළියට පැමිණ දිව ගොස් ඇති බවද සිද්ධිය ඇසින් දුටුවන් පවසයි. ලෝකයේ නන්දෙසින් මේ වන විට තවමත් සොයාගැනීමට නොහැකිවූ අත්භූත සිඳුවීම් පිළිබඳව වාර්තාවනවා. ඒ ආකාරයේම පුවතක් මේවන විට අපේ රටෙන්ද වාර්තා වෙනවා. ඒ පොළොන්නරුව බැදිවැව හා ආසන්න ප්රදේශවල අහසේ හඳුනා නොගත් නූල් විශේෂයක් පාවෙමින් පැවතීමයි. මේ පිළිබඳව ප්රදේශවාසීන්ගේ සැකයට භාජනයවී ඇති අතර ඔවුන් පවසන්නේ මේවා කිලෝමීටර දෙකක් හෝ තුනක් ඉහල අහසේ පාවෙමින් පොළවට එනබවයි. පසුගිය දිනෙක පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් සිදුකල වැටලීමකදී කොළඹ කොල්ලුපිටියේ සුපිරි ගණිකා නිවාසයක් හසුකරගැනීමට හැකිවුනා. කොල්ලුපිටියේ ජුලියානා හෝටලයේ තුන්වැනි මහලේ පවත්වාගෙන ගිය මෙම සුපිරි ගණිකා නිවාසයේ සේවය කල තායි කාන්තාවන්ද මෙහිදී අත්අඩංගුවට ගැනීමට හැකිවුනා. කෙසේ නමුත් මේවන විට වාර්තාවන්නේ එහි සේවය කල තායි කාන්තාවන් සේවයේ යොදවා ඇත්තේ මාස තුනක වැටුප් රහිත පුහුණු කාලසීමාවක් යටතේ බවයි. මේ පිළිබඳ අනාවරණය වී ඇත්තේ පොලිස් පරීක්ෂණ තුලින්ය. වැඩිදුරටත් අනාවරණය වී ඇති තොරතුරු අනුව අදාල කාන්තාවන් පුහුණු කාලසීමාවෙන් පසුව රුපියල් 5000ක වැටුපක් ලබමින් සේවය කර ඇත. පසුගිය 18 වන දා කොළඹ සිට පුත්තලම බලා ධාවනය වූ ගිලන් රථයක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුර සම්බන්ධයෙන් සෞඛ්ය අමාත්ය මෛත්රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ අනතුර සිදුවී කෙටි වේලාවක් තුළම අදාළ ලොරි රථයේ රියදුරාට ඇප ලබාදීමට ප්රදේශය භාර වැඩ බලන මහේස්ත්රාත්වරයා කටයුතු කිරීම සම්බන්ධයෙන් සෞඛ්ය ක්ෂේත්රයේ සියලූ දෙනා විමතියට පත්ව සිටින බවයි. එලෙස ඇප ලබා දීම මගින් මහජන කැළඹිලි ඇති විය හැකි බවට පොලීසිය විසින් මහේස්ත්රාත්වරයාට දන්වා තිබූ පසුබිමක බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා. අදාළ රියදුරාට ඇප ලබාදීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන සෞඛ්ය අමාත්යවරයා වගකිව යුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස සහ එම ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගන්නා ලෙසයි. කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය මහ ලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (20) දිනයේ උත්තරා විජේනායක මෙනෙවිය සමග ගල්කිස්ස මහා හෝටලයේ දී යුග දිවියට පිවිසියේ ය. මෙහිදී දෙපාර්ශ්වයේ සාක්කිකරුවන් ලෙස විපක්ෂ නායක රනිල් වික්රමසිංහ සහ එක්සත් නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය යන මහත්වරුන් අත්සන් තබා තිබේ. තරුණ වයසේ ඉන්න අයට තියෙන ලොකුම ප්රශ්නවලින් එකක් තමයි කුරුලෑ කියන්නේ. රෑට හොඳට තියෙන මූණේ උදේට නැගිටලා බලනකොට කුරුලෑ ඇවිත්. මේවා දැක්කම සමහර අය කඩලා දානවා. එතකොට තවත් කුරුලෑ වැඩිවෙන්න ගන්නවා. මේ කරදරෙන් මිදෙන හැටි ගැන තමයි අපි අද කියන්නේ. හැබැයි මේ දේවල් අනුගමනය කරන්න කලින් වෛද්යවරයෙකුගේ උපදෙස් ලබාගන්නත් අමතක කරන්න එපා. ලංකාදීප පුවත්පතෙන්අද පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්දිවයින පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්රිවිර පුවත්පතෙන්රිවිර පුවත්පතෙන් බහුදින ධීවර යාත්රා හිමියන් පිරිසක් ධීවර අමාත්යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයකට අමාත්යාංශය දෙසින් ගල් ප්රහාරයක් එල්ලවී තිබෙනවා. විරෝධතාවට එක්වූ ධීවර යාත්රා හිමියන් සඳහන් කළේ මෙම ප්රහාරයට ලක්වූ තුන්දෙනෙකු තුවාල ලබා ඇති බවයි. Watch Video » අපේ සමහර යාලුවෝ ඉන්නවා මොකක් හරි විහිළුවක් කලාම තේරුම්ගන්න පොඩ්ඩක් වෙලා යනවා. ඒ අයට අපේ භාෂාවෙන් කියන්නේ ටියුබ් ලයිට් කියලනේ. අන්න ඒ වගේ ටියුබ් ලයිට් වැඩක් අපි කවුරුත් දන්න නෙහාරා පීරීස්ට වෙලා තියෙනවා. කතාවේ හැටියට නම් දවසක් නෙහාරයි මේනකයි තවත් කට්ටියකුයි පාර්ටියකදී රස කතා වගයක් කිය කිය ඉන්නකොට බුද්ධික රඹුක්වැල්ලක් ඒ අතරට එකතු වෙලා බීපු මනුස්සයෝ දෙන්නෙක් පාරේ යන සිදුවීමක් ගැන ගෙතුණු කතාවක් කියන්න පටන්ගත්තලු. බුද්ධික කියන විදියට මේ බීපු මනුස්සයෝ දෙන්නා බිම වැටිලා තිබුණු පාර්සලයක් අහුලාගත්තලු. දෙන්නා කතා වෙලා පාර්සලේ ඇරලා බලනකොට මෙන්න ඒක ඇතුලේ බෝම්බ 3ක්ලු. Watch Video » අප රටතුල මේ වන විට සියදිවි නසාගැනීම් පිළිබඳ පුවත් බොහෝ සෙයින් වාර්තා වේ. මේවා බොහොමයකට හේතු වී ඇත්තේ සුළු සුළු ප්රශ්නවලට පවා හදිසි තීරණ ගැනීමයි. එවැනිම හේතුවක් නිසාවෙන් ගෙලවැලලාගෙන මියගිය මවක් පිළිබඳව මේවන විට වාර්තා වේ. මෙම සිදුවීමට හේතුවී ඇත්තේ අදාළ කාන්තාව තම සැමියා සමඟින් බහින්බස්වීම බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ. මියගිය තරුණ කාන්තාව දංකොටුව - තාමරකුළිය පදිංචිව සිටි හෙට්ටිආරච්චිගේ දීපිකා දිල්රුක්ෂි (අවු:26) නම් වූ දෙදරු මවකි. තරඟ මුදල් ගෙවීමේ ප්රමාදයක් නිසා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තම ඉන්දීය සංචාරය අතරමඟ නවතා දැමීමත් සමඟ ශ්රී ලංකාවට ඉන්දියාවේ තරඟ සංචාරයක යෙදීමේ ආරාධනාවක් ලැබුණා. මේ සඳහා ක්රිකට් බලධාරීන්ගෙන් යහපත් ප්රතිචාරයක් හිමිවුනා. කෙසේ නමුත් ලබන මස පළවැනිදා සිට ශ්රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට හදිසියේ තීරණය කළ එක්දින තරගාවලිය සම්බන්ධයෙන් කුමාර් සංගක්කාර සිය කනස්සල්ල පළකර ඇති බවයි වාර්තා වන්නේ Oct20 ජනප්රිය නිළියකගේ සැමියා මුදල් වංචාකලා යැයි කියමින් පුද්ගලයෙක් නුගේගොඩ ගුවන් පාළමෙන් පැන දිවිනසාගැනීමේ තැතක අපේ රටේ කා අතරත් කතාබහට ලක්වන ජනප්රිය රංගන ශිල්පිණියකගේ සැමියා විසින් තමන්ට ලැබිය යුතු මුදලක් නොගෙවීම නිසාවෙන් නුගේගොඩ පිහිටි ගුවන් පාලමෙන් පැන සියදිවි හානිකරගැනීමට උත්සාහ දරා ඇති පුවතක් වාර්තා වේ. කෙසේ නමුත් මෙම අවස්ථාවේ පොලිසිය මැදිහත්වී ඔහුව නවත්වා ඇති බවයි වැඩි දුරටත් වාර්තාවන්නේ. දෙමාපියන් කියන්නේ දරුවන්ට තමන්ගේ පණටත් වඩා ආදරය කරන පිරිසක් කියලා අපි හැමෝම දන්නවනේ. මොකද අම්මාගේ කුසට අපි ආව දවසේ ඉදන් අපේ ආරක්ෂාව, සෞඛ්ය ගැන වගේම අපිව ඇහැක් වගේ බලාගන්නේ ඒ අය. අපිට කන්න බොන්න දීලා, උස් මහත් කරලා, අකුරු උගන්වන්න පාසලට යවලා, ලෝකෙට තවත් උතුම් පුද්ගලයෙක් බිහිකරන්න ඒ අය දිවා රෑ නොබලා ලේ දහඩිය කැපකරනවා. ඒත් අවාසනාවට මේ තරම් කැපකිරීම් කරන දෙමාපියන්ව උස් මහත් වුනාට පස්සේ පාරට ඇදලා දාන දරුවන් ඕනි තරම් අපේ රටේ වගේම ලෝකේ හැමතැනකමත් ඉන්නවා. මැලේසියාවේ සිට මෙරට සංචාරයකට පැමිණි අවිවාහක මාධ්යවේදිනියකට අනුරාධපුර පැරණි පූජා නගරයේදී බරපතල ලිංගික අතවරයක් සිදු කළ බවට හා ඊට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තරුණයන් සිව් දෙනකුගෙන් එක් අයකු මේ මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් අතිරේක දිසා විනිසුරු යුරේෂා ද සිල්වා මෙනෙවිය නියෝග කර තිබේ. සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු එදිනට හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා අධීකරණයට යොමු කරන ලෙස මහේස්ත්රාත්වරිය අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝග කර තිබේ. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ලෝලුගස්වැව අනුරාධපුර ලිපිනයේ පදිංචි කේ.ඒ. ලසන්ත දුලාන් කුමාර යන සැකකරුය. පසුගිය දිනක දේවස්ථානයක් තුළදී දැරියන් දෙදෙනෙකු දූෂණය කළ බවට චෝදනා එල්ලවූ දේවගැතිවරයෙක් පිළිබඳ හිරු ගොසිප් අපි තොරතුරු ගෙනආවා. එහි අලුත්ම වාර්තාව අනුව අදාලා දේවගැතිවරයා වස පානය කිරීම නිසා රෝහල් ගතකර සිටි අතර 18 වනදා රාත්රියේ ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවට මේ වන විට වාර්තා වෙනවා. හලාවත පොලීසිය සඳහන් කළේ හලාවත මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. 30 හැවිරිදි මාදම්පේ - ඉරට්ටකුලම ප්රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම දේවගැතිවරයා හලාවත - පම්බල ප්රදේශයේ දේවස්ථානයක් පවත්වාගෙන ගොස් තිබෙනවා. අපි හැමෝම වගේ දන්නවා යාළුවෝ කියන්නෙ අපිට නැතුවම බැරි කට්ටියක්. එහෙම නේද? මොකද යාළුවෝ කියන අය අපේ ජීවිතවලට සතුට ගේනවා. අපිට උදවු කරනවා. අපි ගැන හිතනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. යාළුවො අතරත් ඉන්නවා, හොඳ යාළුවො සහ නරක යාළුවො කියලා දෙගොල්ලක්. අපි අඳුරගෙන ඉන්න ඕනෙ හොඳ යාළුවො කවුද, නරක යාළුවො කවුද කියලා. ඔන්න මේ කියන්න නම් යන්නෙ එහෙම හොඳ නරක යාළුවො කවුද කියලා හොයාගන්න හැටි ගැන නම් නෙමෙයි. ලෝකයේ විවිධ කාලයන් වලදී විවිධාකරයේ හඳුනානොගත් ආකාශ වස්තූන් මෙන්න ජීවීන් පිළිබඳවද වාර්තාවනවා.. ඔවුන් පිළිබඳව ඇති කුතුහලය නිසාම පර්යේෂකයින් මේ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින්නේ හඳුනානොගත් පිටසක්වල ජීවීන් පිළිබඳ විශ්වාස කල හැකි යමක් ලෝකයට ගෙන ඒමටයි. එවැනි හඳුනානොගත් පියාසර වස්තූන් පිළිබඳ නවතම තොරතුරක් වාර්තාවන්නේ ලෝකයට තවත් කුතුහලයක් එක්කල පුවතක් නිර්මාණය කරමින්ය. Airbus 320 වර්ගයේ මගී ගුවන් යානයක නියමුවන් දෙදෙනෙකු විසින් අහසේ පියාඹන මිනිසෙකුට සමාන රුවක් ඇති වස්තුවක් දැක ඇති බවට විදෙස් මාධ්ය වාර්තාකරනවා. අද පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් විදෙස් රටවල්වල පමණක් නොව මේ වන විට ශ්රී ලංකාව පුරාද සිදුවන මංකොල්ලකෑම් මෙන්න දරුණු ගණයේ අපරාධ රාශියක සුලමුල සොයාගැනීමට CCTV දර්ශන උපකාරී වුනා. ඒ අයුරින්ම පසුගිය දිනෙක වෙළදසැල් වෙත ගොස් සූක්ෂම ලෙස ජංගම දුරකථන සොරාගන්නා තරුණියක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට මෙම CCTV දර්ශන උපකාරී වුනා. මේ සිදුවීම වාර්තා වන්නේ වේයන්ගොඩ ප්රදේශයේ ජංගම දුරකතන අලෙවි සැලකිනුයි. ඉන්දියාව කියන්නේ අපූරු පුවත් ලෝකයට මවන තැනක් කියලා අපි හැමෝම දන්නවනේ. එහෙ ඉන්න මිනිස්සු හරිම විවිධාකාරයි. සමහර පළාත්වල ඉන්න අය පිරිසිදුවට ලස්සනට ජීවත් වෙනකොට තවත් පිරිසක් බලන්නවත් බැරි විදියේ කැත විදියට ජීවත් වෙනවා. සමහරවිට ඒ රටේ ඉන්න මිනිස්සු වැඩි නිසා වෙන්නත් පුලුවන්. ඒ අතරේ ඉන්න අය කරපු අපූරු වැඩ ටිකක් තමයි මේ... ලංකාදීප පුවත්පතෙන්සිළුමිණ පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් රිවිරි පුවත්පතෙන් දේශය පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් සිළුමිණ පුවත්පතෙන් තම පෙම්වතා පිහියකින් සිදුකළ පහරදීමකින් ගල්ගමුව ප්රදේශයේ 16 හැවිරිදි පාසල් ශිෂ්යාවක් මියගොස් ඇති බවට වාර්තා වේ. මේ ඝාතනයට හේතුව පෙම් සම්බන්ධය බිඳී යාමක්දැයි තවමත් තොරතුරු අනාවරණය වී නැත. කෙසේ නමුත් සිද්ධිය සිදුවන විට එම ස්ථානයේ සිටි වෙනත් තරුණියක් පවසා සිටියේ පිහියෙන් පහරදීමට ප්රථම අදාල තරුණියට ලියුමක් කියවීමට දී ඇති බවයි. එම අවස්ථාවේ ඇය හිඳගෙන සිටි පුටුවෙන් නැගිට යන්නට තැත්කිරීමේදී පිහියක් ගෙන ඇයගේ ගෙලට ඇන ඇති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ. 1978 සිට දශක 03 ක් තිස්සේ කුර්දි සටන්කරුවන් වෙන ම රාජ්යයක් ඉල්ලා සටන් වදියි. තුර්කියෙන් වෙන් වී වෙන ම රාජ්යයක් උදෙසා සටන් කරන PKK හෙවත් කුර්දිෂ් ගරිල්ලන් අතර කුර්දි ජාතික කාන්තාවන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරන බවයි වැඩිදුරටත් වාර්තාවෙන්නේ. තමන්ගේ පෙම්වතුන්, දෙමාපියන් මෙන්ම විවාහ ජීවිතය පවා අමතක කරමිනුයි මෙම කාන්තාවන් රටක් වෙනුවෙන් දිවි පුදන්නට සටන් බිමට ගොස් සිටින්නේ.. කුසට අහරක් නොමැතිව, සුන්දර යෞවනයේ අවිය අතට ගෙන සටන් කරන මෙම කාන්තාවන්ගේ ඡායාරූප පෙළක් පහත දැක්වෙයි. අපි හැමෝම අපේ ශරීරය ගැන සැලකිලිමත් වෙනවා. මොකද කවුරු වුනත් ආසයිනේ ලස්සනට ඉන්න වගේම හැමෝම අතරේ කැපී පෙනෙන්න. ඉතිං ඒ වෙනුවෙන් සමහරු ලොකු ලොකු ගණන් දීලා සැත්කම් පවා කරනවා. ඒ දේවල් වලට ගොඩක් අයට සල්ලි නැති නිසා අපි අද කියන්නේ අපේ එදිනෙදා කරන ක්රියාකාරකම් වලින්ම ලස්සන, කාටත් ප්රිය මනාප මුහුණක් ලබාගන්න විදිය ගැන. හැබැයි මෙහිදී භාවිතා කරන්නේ ඔයාලම කැමති ක්රීම් වර්ග නිසා ඒවා භාවිතා කරන්න කලින් වෛද්ය උපදෙස් අනුගමනය කරන්න මතක තියාගන්න.
hplt_2
චිත්රපට, ගීත හෝ කියවූ පොත් අතරින් තමන් කැමතිම දේවල් ගැන කථා කිරීම, ඒවා ලැයිස්තුවකට සකස් කිරීම වගේ දේවල් ආස්වාදනීය අත්දැකීමක්. තමන් කැමතිම, තමන් වඩාත් වින්දනය කළ නිර්මාණ තේරීම ඒ විඳීම් ඇනලයිස් කිරීමේ තෘප්තිය, ආස්වාදය අපට ලබාදෙනවා.සිංහල චිත්රපට රසිකයෙක් විදිහට මා කල්පනා කළා මා මෙතෙක් නරඹා ඇති සිංහල චිත්රපටවලින් මා වඩාත් ප්රියකරන, වඩාත් වින්දනය කළ නිර්මාණ අනුපිළිවෙකට පෙළගස්වන්න.ඒ අදහස් ඔබත් එක්ක ... දයාසිරි තීරණය ගන්න ඇත්තේ අනිවාර්යෙන්ම තමන්ගේ දේශපාලන ගමන, දේශපාලන අනාගතය ගැන හිතලා. බලයට එන්නේ නැති විපක්ෂයක තව දුරටත් කාලය නාස්ති කරනවාද කියන ගැටළුව තමයි ඔහුට විසඳා ගන්න තිබුනේ.මේ ඔහුගේ ජනතා ප්රසාදයේ හොඳම කාලය. එයින් ප්රයෝජනය අරගෙන, වැඩක් කරලා නමක් තියන්න වයඹ මහ ඇමතිකම හොඳ තැනක්.ඒ නිසා ඔහු ගත්ත තීරණය ගැන දොසක් කියන්න බැහැ. නමුත් රට ගැන හිතලා මේ සිදුවීම ගැන ... බුදු දහම නිදහස් චින්තනය අගය කරන දර්ශනයක්.විශ්වාසයෙන් යුතුව ඇදහීමකට වඩා කරුණු නුවණින් විමසා බැලීමට මඟ පෙන්වන්නක්.නමුත් බෞද්ධ වූ පමණින් සෑම කෙනෙක්ම මේ නිදහස් චින්තනයට හුරුවක් නැහැ. සාම්ප්රදායිකව එන දෙය ඒ ලෙසටම බාරගන්න අය වැඩියි, තමන් විසින්ම නුවණින් විමසා බලන්න පෙළඹෙන අයට වඩා.සිදුහත් චරිතය සහ බුද්ධ චරිතය හැදෑරීම කෙනෙකුට විශාල බුද්ධිමය ආස්වාදයක්,ජීවිත අවබෝධයක්, ආදර්ශයක් ගෙනදෙන කාර්යයක්.නමුත් පොත් පත්වල ඇති මේ චරිත ... විශ්ව විද්යාල කියන්නේ නායකයන් බිහිවෙන්නට හොඳ තෝතැන්නක්.තරුණ වයසේ සිටින, දහස් ගණනක් ඒකරාශී වී සිටින තැනක නායකයෙක් ලෙස මතුවන්නටත්, තම සහෝදර සගයන් අතරේ පිළිගත් නායකයෙක් වන්නටත් කෙනෙකුට හොඳ පෞර්ෂයක් තිබිය යුතු වෙනවා. විශ්ව විද්යාලවල දේශපාලනය යන්න බොහෝවිට විවේචනයට ලක්වන්නක් වුණත් බොහෝ සිසුන් තම නායකත්ව ගුණාංග ඔප මට්ටම් කරගන්නේ මේ ක්රියාකාරකම් හරහා.ලාංකේය ශිෂ්ය ව්යාපාරය තුළින් ඉහළ නායකත්ව කුසලතා ඇති නායකයන් බොහෝ ගණනක් ... රියැලිටි ප්රෝග්රෑම්ස් බලන එක නැවතිලා තිබුණත් පසුගිය සෙනසුරාදා පැවැත්වුණු දෙරණ ඩ්රීම් ස්ටාර් සීසන් 4 අවසන් තරඟය අහම්බයෙන් වගේ බලන්නට ලැබුණා.මාතලන් ලිපියක් ලියා තිබුණා ඒ අවසන් තරඟය ගැන. දෙරණින් බිහිවූ/බිහිවන "සිහින තරු" වලට මොකද වෙන්නේ? ස්වකීය අනන්යතාවයන් ගොඩ නඟා ගත් කෙනෙක් දකින්නට නැහැ.මොන විවේචන තිබුණා වුණත් සිරස සුපර් ස්ටාර් ගායකයන් කීප දෙනෙක් යම් මට්ටමකින් හෝ තමන්ගේ අනන්යතාවන් ගොඩ නඟා ගන්නට ... අරවින්ද කියන නම ඇහෙන කොට මට මතකයට එන චරිත දෙකක් තියෙනවා. එක්කෙනෙක් "අරා" හෙවත් අරවින්ද ද සිල්වා;සුපිරි ක්රිකට් ක්රීඩකයා. අනෙත් කෙනා විරාගයේ අරවින්ද.. නවකථාවක චරිතයක් උනත්,අරවින්ද ද සිල්වා තරම්ම නොවුනා වුනත්, විරාගයේ අරවින්ද කිව්වාම ලාංකේය සමාජයේ බොහෝ දෙනෙක් ඔහුව හඳුනනවා.විරාගය ලියවෙන්නේ 1956 දී. එය සිංහලෙන් බිහිවූ විශිෂ්ඨතම නවකථාවක් බව බොහෝ දෙනෙක් පිළිගන්නවා.-------------------------------"ඇතුළු හදටම ඇරුණු සිත් ඇත්තකු වූ අරවින්ද ස්වයං විවේචනයෙන් ... පෝය දවසේ බුදුන් වහන්සේ ගැන කල්පනා වුණා.එතුමන්ගේ ඉගැන්වීම් තියරටිකලි ගත්තාම ඉතාම ඉහළයි විතරක් නෙමෙයි; බුද්ධ චරිතය හදාරණ කොට අර තියරි ඔක්කෝම ප්රැක්ටිකලි ඔප්පු වෙනවා. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අතරින් මා කැමතිම ඉගැන්වීම තමයි "අටලෝ දහමින් කම්පා නොවන්න" කියන එක.මේක ඉගෙන ගත්තේ පොඩි කාලේ දහම් පාසලෙන් සහ ඉස්කෝලේ බුද්ධාගම පාඩමෙන්. ඒ කාලේනම් මේවා ඉගෙන ගෙන මතකයට ගත්තේ බුද්ධාගම විෂයට ඉහළ ලකුණු ගන්න.නමුත් ... ප්රසන්න ජයකොඩිගේ අලුත් සිනමා පටය පිළිබඳව ප්රචාරක පෝස්ටරයක් හදිස්සියේ නෙත ගැටුණි. ඉතින් "සංකාරා" මතකයට ඒම පිළිබඳව අමුතුවෙන් කිව යුතුද? අපූර්ව වූ රසයක් විඳි "සංකාරා" නිර්මාණය කළ ප්රසන්න ජයකොඩිගේ චිත්රපටයක් නම් නැරඹීමට දෙවරක් සිතිය යුතුද? එනිසාවෙන් අද හවස රීගල් සිනමා හලට ගොඩ වැදුනේ "කර්ම" විඳ ගන්නටය.ප්රේක්ෂක සහභාගීත්වය ඉතා ඉහළය."හොඳ සිංහල චිත්රපට" නරඹන්නට ඇත්තටම ලංකාවේ විශාල ප්රේක්ෂක පිරිසක් සිටිති."සංකාරා" තුළින් ප්රසන්න ජයකොඩි ... ලලිත් ඇතුලත්මුදලි කියන්නේ මේ රටේ හිටපු ප්රබල දේශපාලන නායකයෙක්. ඕනෑම දේශපාලඥයෙකුට වාගේම ලලිත් කෙරෙහිත් දේශපාලන විවේචන තිබෙනවා උනත්, සාපේක්ෂව ගත්තාම ඔහු සැබැවින්ම උගත්, බුද්ධිමත්, දක්ෂ, විශිෂ්ට නායකයෙක් කියන එක බොහෝ දෙනා පිළිගන්නා කාරණයක්.ලලිත්ගේ නම බැබළෙන්නේ "මහපොළ" නිසා. සැබෑ උගතෙකු වුණු, උගත්කමේ වටිනාකම හඳුනාගත් දේශපාලන නායකයෙකු ලෙස ලලිත් රටට උගතුන් බිහිකිරීමේ ක්රියාවලියට විශිෂ්ට මෙහෙවරක් කරමින් මහපොළ ශිෂ්යත්වය ආරම්භ කළා.ඔහු එංගලන්තයේ ... 1983 ජූලි 31 වෙනිදා ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන විසින් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළා. 87-89 භීෂණ යුගයට අතිගරු ජනාධිපතිතුමාගේ සුරතින් මුල් ගල තිබ්බේ එදා කියලත් කෙනෙකුට කියන්න පුළුවන්. දේශපාලනය අත හරින්න; එහෙම නැත්නම් සැඟවුණු දේශපාලනයක නියැලෙන්න විජේවීරට බල කෙරුණේ එතනදී.විජේවීර වගේ මිනිහෙක්, ඒ වගේ වෙලාවක දේශපාලනය අත හරිනවා කියන්නේ නොවිය හැකි දෙයක්. ඒ අර්ථයෙන් රහසිගත දේශපාලනයක නියැලෙන්නට JVP යට බල කෙරුණු ... කලින් ලිපිය මා ලිව්වේ විජය කුමාරතුංගයන්ගේ ගීත ගැන. විශේෂයෙන්ම ඔහුගේ "වේදනා" නම් වූ සුවිශේෂි කැසට් පටය ගැන. මේ ගැන රාජ්ගේ නවාතැන ලියන රාජ් සහෝදරයාත් ලිපියක් ලියා තිබුනා මගේ ලිපිය ගැනත් සඳහන් කරමින්. ඒ වෙනුවෙන් රාජ් ට මගේ ස්තූතිය.විජය කුමාරතුංග කියන්නේ සුවිශේෂි චරිතයක්. නළුවෙක්, ගායකයෙක්, දේශපාලඥයෙක් විතරක් නෙමෙයි සැබෑ මිනිස්කම්වලින් පිරි සුන්දර මිනිසෙක් ලෙසත්. ඒ මිනිස්කම හුදු මාධ්ය ප්රතිරූපයක් නොවෙන බව ... දවසක් ගොම්මන් වෙලාවේ...මං අහුවුණා නා කපන වරුසාවකට...දර කෝටු ටිකකුත් ඉනේ තියන්...ළිඳක් ගාව තනිවුණු අම්මා කෙනෙක් මං දැක්කා..ඇගේ මූණේ තිබුණා මහා දුක්බර ගතියක්.....මොනවද ඈ හිතන්නේ...මේ ඈ හිතන දේවල් වෙන්න ඇති කියලා මට හිතිච්ච හැටි...වියූ පැදුර ගෙයි මිදුලේ....ළිඳ ගාවයි වතුර කළේ...තවම කැළේ දර උකුළේ...වහිනවා වැහී...පුතා ගෙයි නිදී....පැල තෙමෙනවා ඇතී...අහස ගුගුරුවා....වහිනවා වැහී.... ගීතය මෙතනින්.එය අපූරු කටහඬක්. අතිශයින් විරල මෙන්ම පෞර්ෂයෙන් පිරුණක්; එහි අයිතිකරු ... උන්මාද වූ ප්රේමාදරේ....සමනල වසන්ත යව්වනයේ.....සංසාරයේ සුභ ප්රාර්ථනා...ඉඳුනිල් දෙනයන සටහන් වේ......සංගීතා වීරරත්න රඟන්නී ඔහු සමඟිනි. දමයන්ති ජයසූරිය ගයන්නී ද ඔහු සමඟිනි."සප්ත කන්යා" චිත්රපටයේ අතිශය ජනප්රිය වූ මේ ගීය සිය ආකර්ශනීය රංගනයෙන් හා හැඟීම්බර කටහඬෙන් රස ගැන්වූයේ ඔහුයි. එච්.ඩී.ප්රේමරත්නගේ "සප්ත කන්යා" 90 දශකයේ ලාංකේය සිනමාවේ ආකර්ශනීයම චිත්රපටයක්.එහි අනෙක් ගීතය, රූකාන්ත ගයන "සුවඳ දැනී දැනී දැනෙනවා" හි ජනප්රියතාව ද අදට ද අඩුවී නැහැ. ... වර්ෂය 1992........එය රණසිංහ ප්රේමදාස විසින් මේ රට පාලනය කළ යුගයයි. තමන් "වන් මෑන් ෂෝ" පාලකයෙක් බව ප්රසිද්ධියේ පැවසූ ප්රේමදාස අනෙකුත් සියළු මැති ඇමැත්තන් නිකමුන් ලෙස තබාගෙන ඒකාධිපති, අත්තනෝමතික සහ මර්දනකාරී පාලනයක් පවත්වාගෙන ගියේය.ජේවීපී භීෂණය අවසන් වී තිබුනද, රාජ්ය භීෂණය නැවතී නොතිබුණි.ආණ්ඩුවට විරුද්ධව කට ඇරීමට පවා මිනිසුන් බියවූහ. නිල නොලත් රාජ්ය මැර හමුදාවලින් පැහැර ගැනීමට හෝ ඝාතනයට ලක්වීම විරෝධය පෑම්වලට ... පරණ හිංදි ෆිල්ම් වල සුලභ කථා තේමාවක් තමයි තම පියා මැරූ දුෂ්ටයාගෙන් පළිගැනීමට සටන් වදින වීරයාගේ කථාව. ඒ උනත් වීරයෙක් වෙනුවට වීරවරියක් ඉන්න කථානම් මට බලන්න ලැබිලා නැහැ. ඒත් ලංකාවේ දේශපාලනයේ වර්තමානයේ රඟ දැක්වෙන හිරුණිකා-දුමින්ද කථාන්දරෙන් ඒ අඩුව යම් තරමකට මඟ හැරෙන බවක් පේන්න තියෙනවා. ධන බලය, මැර බලය, දේශපාලන බලය හැම එකක්ම තියෙන දුමින්ද සිල්වාට දුෂ්ටයාගේ චරිතය සඳහා හැම ... "ප්රේමදාස මහත්තයා" ගැන මට දැනෙන්නේ එක්තරා විදිහක අනුකම්පාවක්. ඔහු දේශපාලන ගමන අරඹන්න ඇත්තේ මොන තරම් බලාපොරොත්තු තියාගෙන වෙන්න ඇත්ද? ඔහුගේ වැනි පසුබිමකින් ආව කෙනෙක් රටේ ඉහළම තැනට පත්වීමේ ඉලක්කයක් තියාගන්නවා කියන එකම කොයි තරම් ධෛර්යවන්ත සිහිනයක්ද?ඒ වගේම එයා තමන් තනතුරින් ඉහළ නැඟීම ගැන විතරක් සිහින මැව්වේ නැහැ.මේ රට දියුණු කරන්න, දුප්පත්, අහිංසක මිනිස්සුන්ට ඇත්තටම සේවයක් කරන්න ඔහු සිහින මැව්වා. ඒ ... ශෘංගාරය සහ කාන්තා නිරුවත ජීවිතයේ සුන්දර විඳීමක්. ඉදින් සිනමාව මේ විඳීමෙන් බැහැර වන්නේ කෙලෙසද? ගැටළුව මතුවන්නේ සංස්කෘතික සීමා ඇතුලේය. විශේෂයෙන්ම පෙරදිග, ආසියානු සිනමාවේදී මේ ගැටළුවක්ව මතුවෙයි.විශේෂයෙන්ම මේ නිරූපනයට එක්වන නිරූපිකාවට/නිළියට සමාජීය විවේචන වලට මුහුණ දීමට සෑහෙන මට්ටමක ධෛර්යක් අවශ්ය වෙයි.බොලිවුඩ් සිනමාවේ ජනප්රිය නිළියක් වීමේ සිහිනයෙන් සිය නිරුවත පෙන්වීමට නොපැකිළෙන නිරූපිකාවන් බොහෝය.පසු කලෙක අතිශය ජනප්රිය තලයන්ට පැමිණි බොහෝ නිළියන් ක්ෂේත්රයට පිවිසි ... මේ කථාව ඇරඹෙන්නේ "පුංචි බබා" ගෙන්...ඒ 1968 වසර. ඒ කාලයේ වේදිකා නාට්යවල රඟපාන සුන්දර යුවතියක් හිටියා. ඇය "අකල් වැස්ස" නම් වේදිකා නාට්යයේ රංගනය වෙනුවෙන් "හොඳම වේදිකා නාට්ය නිළිය" සම්මානය ලබා තිබුනා."පුංචි බබා" නම් තමන්ගේ අලුත් චිත්රපටයට නවක නිළියක් සොයමින් සිටි තිස්ස ලියනසූරිය නම් චිත්රපට අධ්යක්ෂවරයා විසි එක් වියැති මේ තරුණියට අවස්ථාවක් දෙන්නට තීරණයක් ගන්නවා.මේ තීරණයේ ප්රථිඵලයක් විදිහට පරම්පරා ගණනක සුවහසක් ... ෂාරුක්, ඉන්දියාවේ පමණක් නොව ආසියාවේද, ලෝකයේද ආකර්ශනය දිනාගත් මිනිසෙක්...සැබෑ දක්ෂයෙක්..අපේ කාලයේ Bollywood Super Star ඔහුයි. ඔහු සිනමාවට පිවිසෙන්නේ 1992 දී Deewana චිත්රපටයෙන්.ඔහුගේ පළමු චිත්රපටයෙන්ම ඔහු "හොඳම නැඟී එන නළුවා" සඳහා ෆිල්ම්ෆෙයා(Filmfare) සම්මානය දිනා ගන්නවා. ඉන්පසුව ඔහු යොමුවෙනවා දුෂ්ටයාගේ චරිතය රඟපෑමේ අභියෝගයට..ඒ Darr(1993) සහ Baazigar(1993) චිත්රපටවල. ඒ අභියෝගය ඔහු ජයගන්නේ Baazigar චිත්රපටයේ රංගනය වෙනුවෙන් ඔහුගේ පළමු "හොඳම නළුවා" (Filmfare)සම්මානය දිනා ... හැත්තෑව දශකයේ සිංහල සිනමාව අතිශයින් සුන්දරයි.එම යුගයේ සිංහල සිනමාවේ තාරකාවිය..දඟකාර, සුන්දර, සුරූපි මාලිනිය....සැබෑ පෞර්ෂයෙන් පිරිපුන් ආකර්ශනීය පෙම්වතා ; අයුක්තියට, අසාධාරණයට එරෙහිවන වීරයා..ගාමිණි ..(මේ දෙදෙනාගේම වාසගම "ෆොන්සේකා" වූයේ කවර නම් අහම්බයකින්ද :-) ).ඔවුන් දෙදෙනා එක්ව මැවූ සිනමා සෞන්දර්ය "ගාමිණි-මාලිනි යුගය" ලෙසින් සිංහල සිනමා රසිකයාගේ මතකයේ සදා බැබළෙනවා.විනෝදාත්මක සිනමාව පමණක්ද? ඇයි "නිධානයේ" විලී අබේනායක සහ අයිරින්..නිධානයකට බැඳි ලොබින් සිය අහිංසක බිරිඳ මරාදමන ...
hplt_2
8 ක් අදහස් දක්වලා.: - SRIshanu - පුංචි කතාවක්, ජීවන සත්යක්, ටක්කෙට අඹරල! තවත් දෙයක්... මේ කයිය කියවද්දි මට හුණුවටේ කතාවෙ පූරක කියන කවි මතක් වුණා. අබෂ්විල්ලි රජු ගැන මුලදිම කරන වර්ණනාව එහෙම. :) - November 7, 2011 at 10:47 PM - Pasan - නිර්මාණය ගැන නන් අමුතුවෙන් කියන්න ඕනි නෑනේ මචං.. ඒක සුපිරියි.. අකුරු ටිකක් ලොකු කරපං මචං.. මට මේ දවස් වල ඇස් රිදෙනවා.. කණ්නාඩියක් ගන්නකන් වත් අකුරු ටිකක් ලොකුවට දාපං ඇ.. මං පවුනේ.. :-D - November 8, 2011 at 8:23 AM - Mahesh Wickramasinghe - සිරා......!!! - November 8, 2011 at 11:10 AM - malee_msg - සිරාවටම මචං ප්රියංකටත් වචන වලින් නොකිව්වට ඔය ටික හිතෙන්න ඇති. එයාට විතරක් නෙවෙයි හැම රූ රැජිනකටම ඕක හිතෙන්න ඇති. අනිත් අතට ගත්තම එයාලට විතරක් නෙවෙයි මේ ලොකේ හැමෝටම එක එක අවස්ථාවලදි ඔය හැඟීම විවිද විඳියට දැනිලත් ඇති. - November 14, 2011 at 7:03 PM - දුකා - තමන්ට අයිති දෙයක් තව කෙනෙක්ට හොඳ හිතින් දීලා අයින් වෙන්න හැමෝටම බෑ බන් . . . මගේ වාරේ ඉවරයි . . දැන් තව කෙනෙක්ට කියලා හිතන්න පලල් හිතක් තියෙන්නත් ඕන . . - November 21, 2011 at 11:48 PM - ඕනයා - කැපකිරීමක් කරල ගත්තදෙයක් තව කෙනෙක්ට දෙන්න තියන අකමැත්ත මනුස්ස හිතේ හැටියක් වෙන්නැති බං - December 12, 2011 at 12:51 AM - gayandinusha - Priyanka Chopra ගේ කට නේ? - December 28, 2011 at 9:12 PM - gayandinusha - Priyanka Chopra ගේ කට නේ? - December 28, 2011 at 9:13 PM
hplt_2
ඩොලරයේ අගය වැඩිවීම, රුපියල අව ප්රමාණ වීම හා ලෝක වෙළඳ පොලේ කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් කිරිපිටි ආනයනය, නිෂ්පාදනය හා බෙදා හැරීමට අධික පිරිවැයක් වැයවන බව දක්වමින් කිරිපිටි මිල සංශෝධනයක් කළයුතු බවට කිරිපිටි සමාගම් කිහිපයක් විසින් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. 2012 අයවැයේ දි රජය විසින් රුපියල අවප්රමාණ කිරීම, ඩොලර් සහ රුපියලේ හුවමාරු අගය වැඩිවීම මෙන්ම ඉන්ධන මිල ඉහළ යාම ද තම කර්මාන්තයට අහිතකර ලෙස බලපා ඇති බව පවසන මෙම සමාගම් වල ඉල්ලීමට අනුව කිරිපිටි මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තවම තීරණයක් ගෙන නොමැති බව ද වැඩිදුරටත් වාර්තා වේ. - සිංහලයා පුවත් Shortlink:
hplt_2
පොදු පරිගණක පොදු පරිගණකයක් (හෝ මහජන ප්රවේශ පරිගණකය) යනු පොදු ස්ථානයක පවතින ඕනෑම විවිධාකාර පරිගණකයන් අතරින් එකක් වේ. පොදු පරිගණක තිබෙන ස්ථානයන් කිහිපයක් නම් පුස්තකාල , පාසැල් හෝ රජය විසින් මෙහෙයවන පහසුකම් සේවා සහිත ස්ථාන වේ. පොදු පරිගණකවල පෞද්ගලික පරිගණකවලට සමාන මෘදුකාංග හා දෘඩාංග කොටස් ඇත. කෙසේ නමුත් , එසේ නමුත් ඒවායේ කාර්යය භාර්යය හා ක්රියාව සම්පුර්ණයෙන් වෙනස් වේ. පොදු ප්රවේශ පරිගණකයක් දවස පුරාම විවිධ විශ්වාස කටයුතු නොවන තනි පුද්ගලයන් විසින් භාවිතා කරයි. මෙම පරිගණක දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවන අපයෝජන ද වලට එරෙහිව අගුළු ලෑම හා සුරක්ෂිත කිරීම කළ යුතුය. සාමාන්යයෙන් පරිශීලකයාට මෘදුකාංග පිහිටුවීමට හෝ සැකසුම වෙනස් කිරීමට බලතල නොමැත. පෞද්ගලික පරිගණකයක් වෙනස් වන්නේ එය තනි වගකිව හැකි පරිශීලකයෙක් භාවිතා කරන අතර ඔහුට තම කැමැත්ත අනුව පරිගණකයේ මෘදුකාංග හා සැකසුම හැඩගසැගත හැකි නිසාය. තව දුරටත් පොදු ප්රවේශ පරිගණක පාලිත ප්රවේශයකට වූ PC වෙන්කිරීමේ පද්ධතිය (Pc Reservation System) වැනි මෙවලම් සමග සැපයේ. ලෝකයේ පළමු පොදු ප්රවේශ පරිගණක මධ්යස්ථානය වන්නේ කැලිෆෝනියාවේ මැරින් පරිගණක මධ්යස්ථානය වන අතර එය 1977 දී ඩේවිඩ් හා ඇනීෆෝක්ස් යුවල සාමූහිකව ආරම්භ කරන ලද්දකි.
hplt_2
උඹ හිත්නව නම් තාමත් මම උඹ එනකම් අඬ අඬ රිළවෙක් වගේ බලන් ඇති කියලා උඹට ආයෙත් වැරදිලා! එක පාරක් මදිවට තව පාරක්! මම ගිය හකුරට අඬන එකෙක් නෙමෙයි කියලා උඹත් දැනං හිටියා මාත් දැනං හිටියා! අමරදේවගෙ “විකසිත පෙම් පොකුරු පියුම්” උඹත් අහලා තියනවා මාත් අහලා තියනවා ඇනා කැරනිනා උඹත් කියෙව්වා මාත් කියෙව්වා දැන් ඉතින්, උඹ දන්නවා මං කවුද උඹ කවුද කියලා… (උපුටා ගැනීමකි ) ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිදුන් වෙත ලියා දන්වන වග නම්… ගරු ජනාධිපතිතුමනි , පෙර රජ දවස සිට ශ්රී ලංකාවේ බුදු දහම සුරක්ෂිත පෝෂණය කිරීම රජයේ වගකීමක් වූ බවත් වර්තමාන ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුවද එම වගකීම නොපිරිහෙලා ඉටු කල යුතු නීතියක් බවත් ඔබතුමාට අවබෝධයක් ඇතැයි අපි සිතමු .එහෙත් පහුගිය කාලයේ දිගින් දිගටම සිදු වූ යම් යම් සිදුවීම් අනුව එම කාර්යය ඉටු වුවාදැයි රටේ බහුතර පිරිස වන අපට ගැටළුවක් ඇත.ඒ අතරින් පහත කරුණු පිළිබද ඔබතුමාගේ දැඩි අවධානය යොමු කරවීමට කැමැත්තෙමු . 1.උතුරු නැගෙනහිර බොදු පුද බිම් අන්තවාදී ආක්රමණයට ලක්වීම සහ විනාශ වීම . 2.එකම රටේ විවිධ ජනවර්ගවලට වෙනම නීතීන් සම්මත කිරීම සැමට පොදු නීතියක් ක්රියාත්මක නොකිරීම . 3.මහනාහිමිවරුන් ඇතුළු රට ජාතිය ආගම රැකීමට පෙරට එන භික්ෂුන් වහන්සේලාගේ උපදෙස් පිළිනොපැදීම . 4.උසාවි නියෝග නොතකා වහාබ්වාදී තව්හිඩ් ජමාඩ් සංවිධානයේ ඉල්ලීම්වලට ඉඩ දී රැළියක් පැවැත්වීමට ඉඩ දීම බෞද්ධයන්ට එම අයිතිය අහිමි කිරීම. 5.රජරට ප්රදේශයේ ජනතාව නියගයෙන් වකුගඩු රෝගයෙන් පීඩා විදිද්දී ඒ බව නොතකා පලස්තීනයේ අන්තවාදී හමාස් ත්රස්තවාදීන්ට ඩොලර් මිලියනයක් පරිත්යාග කිරීම . 6.රටත් රටේ ජනතාවත් රටේ අනාගතයත් අනතුරකට හෙලමින් රට ණය උගුලක සිර කිරීම . ඉහත කාරණා ඇතුළු බෞද්ධයින් මුහුණ දෙන ගැටලුවලට ස්ථිරසාර විසදුම් ලබාදීමට ඉක්මනින් කටයුතු නොකලොත් බහුතර සිංහල බෞද්ධයන්ගේ විශ්වාසය ඔබතුමාට අහිමි වන බවත් එය ඉදිරි පරාජයට ප්රබලව බලපෑ හැකි බවත් සඳහන් කරනු වටී . බුදු සසුනත් මව්බිමත් රැකගැනීමට ඔබතුමාට නැණ නුවණ පහළවේවා ! රට සමෘද්ධිමත් වේවා ! තෙරුවන් සරණයි ! මීට කලකිරීමට පත් බොදු පුරවැසියෝ උපුටාගැනීමකී ජීවිතය ගැන , ජීවිතේ ගොඩක් දේවල් අහිමි උන කෙනෙක්, ජීවිතය තනියම ගොඩනගාගත් කෙනෙක්, ජීවිතය ගැන පර්යේෂණ කල කෙනෙක්, ජීවිත ගණනකට ජීවිතය ගැන කියා දුන්න කෙනෙක්, ජීවිත ගණනක් ජීවත් කරවපු කෙනෙක්, ජීවිතය පුරාවටම තාමත්, ජීවත් වෙන්න වෙරදරනවා, ඒ වෙන කවුරුවත් නෙවෙයි, ඒ……………………මම රජරට වකුගඩු රෝගීන් සංඛ්යාව:- 20 000 එම රෝගීන්ගේ ලේ පිරිසිදු කිරීමේ යන්ත්ර ගණන:- 2යි එම යන්ත්රයක මිල :- ලක්ෂ 27යි. පොලීසියට ගෙන්වූ යතුරු පැදි ගණන:- 315යි එකක යතුරුපැදියක මිල:- ලක්ෂ 36යි කාර් රේස් වැලි කොට්ට මිල:- කෝටි 3යි (හමුදා වහල් සේවය හැර ) ගෙනා කාර් වල කුලිය:- රුපියල් නවකෝටි තුන් ලක්ෂ හැටහය දහස් දෙසිය හැත්තෑ දෙකයි දුකසේ උපයාගත් මුදලින් ගෙනා බගුටියේ මිල :- කෝටි 52යි. ගෙනා මෝටර් රථ 19ට එකකට බදු සහනය:- කෝටි 18යි. අය විය යුතුව තිබූ රේගු බදු මුදල:- කෝටි 342යි මහනුවර රෝහලට පරිත්යාග කිරීමට ගෙන්වූ ඇඳන් ගණන :62 ඒ ඇඳන් වලට ගෙවූ රේගු බදු මුදල: ලක්ෂ 12යි අස්ගිරි පන්සලෙන් දුප්පත් පාසැල් ළමුන්ට බෙදන්න ගෙනා සපත්තු බෑග් තොගයට ගෙවූ බදු මුදල:- ලක්ෂ 20යි (කොටසක් රේගුවේ ) ජනතා දුක දකින අපගේ නායකයින්ට සහ වෙන්ට නායකයින්ට අපගේ කෘතඤතාවය සහ කළගුණ දැක්වීමට රට ඔවුන්ට ලියා දෙමු. 30 වසරක බිහිසුණු යුද්ධය අවසන් කළ ඔවුන්ට අපගේ කළගුණ දක්වමු. හැමදාම ඡන්දය විතරක් ඔවුනට භාවිත කරන්න වෙන මොනවා අමතක කළත් සිදු කළ යුතු යුතුකමකි. උපුටා ගැනීම : Chanaka Perera ලෝක තරුණ සමුළුව පසුගියදා මහා උත්කර්ශවත් අන්දමින් පැවැත්වුනා. රටවල් 190කට වැඩි ගණනකින් 1500ක් තරුණ නියෝජිතයින් පැමිණෙනවායි ආණ්ඩුව සහ ආණ්ඩුවේ මාධ්ය පම්පෝරි ගසා ජනතාව රවටන්නට හැදුවද එතනට පැමිනි සියළු දෙනා දුටු සත්යය රටපුරා මෙන්ම ලොවපුරාද දැන් ප්රචලිතවී අවසානය. 1500ක් එනවායැයි කියු සමුළුවට ආවේ සැබෑවටම 375 යි, ඒත් රටවල් 78 කින් විතරයි. ලංකාවෙන් 100ක් එකතු වුනාම ඔක්කෝම 475යි. ඒ 475ට උදව් කරන්න ලංකාවෙන් 500කට වැඩි ස්වෙච්චා තරුණ පිරිසක් පැමිණ සිටියා. ඒ 500න් 350ක් විතර හරි හරියට රට ගැන කැක්කුමකින් වැඩ කරත්දි ඉතිරි 150 තමන්ගේ විනෝදය සදහා හතර අත ඇවිද්දා පමණයි. රෑ වෙනකොට ඒ අයගේ හොදම වැඩ බලාගන්නටත් අපිට පුළුවන් උනා. දින දෙක තුනකින් පෙම්වතුන් වුන තරුණ යුවල් කාටත් නොපෙනෙන තාප්ප පදුරු අසල ලිංගිකව හැසිරුණු හැටි ආරක්ෂක අංශ දුටු අතර දැඩි අවවාද කරන්නටද සිදුවිනි. ඒත් සමහර අවස්ථාවලදී එම තරුණ යුවල් නිසි පරිදි ඇදුම් ඇදගන්නා තුළු පසෙකට වී ඉන්නට වීමද ඔවුන්ට සිදුවිය. තරුණ සමුළුවේ ස්වේච්චා සේවයට පැමිණි තරුණ පිරිසෙන් අතලොස්සක් එසේ ලිංගික උත්තේජනය ලබද්දී පිටරට සිට පැමිණි තරුණ පිරිසට මේ සමුළුවෙන් වැඩක් උනාදැයි මට මහත් ගැටළුවක් ඇතිවිනි. මන්ද යත් නිසි කාලසටහනකට කිසිම දෙයක් සිදුනොවුන නිසා එම තරුණ පිරිසට කලකිරීමක් ඇතිවුන බව මා හට හමුවූ බහුතරයක් පවසනු ලැබූනිසා මටත් එය පිලිගන්නවා හැර වෙන මොනවා කරන්නද? ඒ කලකිරීම නිසාදෝ වැඩිහරියක් දෙනා සම්මන්ත්රනශාලා භුමිය පුරා රිසිසේ ඇවිතිමින් කාලය කාදැමූ අතර තවත් සමහරෙක් සමුළුවට සහභාගී නොවී කොළබ නගරයේ සිරි නරබන්නට ගියහ. අන්තිමට 150ක් පමණ පිරිසක් සමුළුවේ කොළබ ප්රකාශය හදන්නට සහභාගිවූහ. අන්තිමට මහා වියදමක් දරා කළ මේ සංදර්ශණයෙන් පසු සංගීත සංදර්ශණයක් පවත්වා ඒ උත්සවය අවසානවිය. නමුත් පැමිනි අතලොස්සක් විදේශ තරුණ පිරිස සහ ලාංකික තරුණ පිරිස සමග දැඩි මිත්රත්වයක් ඇතිවීම නිසා ලංකාවේ තොරොතුරු ලොවට ගලායාම වේගවත්වී ඇත. ආණ්ඩුව සමුළුව පැවති දිනවල උද්ගෝෂණ තහනම් කර ලංකාවේ තරුණ ප්රජාවට ගැටළු නැතැයි ලොවට පෙන්වන්නට ගියාට ආණ්ඩුවට වැරදුන තැනත් එතනම තිබෙන බව ආණ්ඩුව දැනගන්නකොට පරක්කු වැඩිබව කිවයුතුය. අන්තර්ජාලය හරහා ලංකාවේ තරැණ පිරිස් සහ ලෝකයේ අන්රටවල තරුණ පිරිස් ලංකාවේ ගැටලු කතකරන්නට පටන් අරන් ඇති බව ඔබ නොදන්නවා විය හැක. නමුත් එය එසේ වනබවට සාක්ශී මා මෙම ලිපියෙන් පෙන්වන්නම්. ලෝකයට කොලේ වසන්නට ගොස් පස්ස බිම ඇනගන්නා තුරු ආණ්ඩුව දන්නේම නැත. සියළු සමාජ ජාල තහනම් කලත් නව තරුණ පරපුර ඒ තාකෂණික බැමි වලින් මිදීමට තරම් දක්ෂ පිරිසක් නිසා ඒ වාරණවලින් පලක් වන්නේද නැත. ඒ අහිංසක සිසුන් මාස ගණනක සිට ඉල්ලනේ තමන්ට පඩි වැඩිකරන්නට කියා නොවෙයි, තම්න්ගේ අධ්යාපන අයිතිය සුරකින ලෙසයි. හරි අධ්යාපනයක් නොමැතිව මොවුන් අනාගතයේ ජනතාවට සේවය කරන්නේ කෙසේද? රෝගියෙකු මැරෙන තුරු බලාසිට වරද නිවැරදි කරගන්නට යනවාය වඩා හරි අධ්යාපනයල් ලබාදීම වැදගත්. සමහර විටක ඔබට මෙය සංවේදි විය නොහැකියි, නමුත් ඔබ කෙදිනකහෝ රෝහල් ගතවූ දිනකදී මෙය ඔබටද දැනේවි. එදාට ඔබ පසුතැවිලි වන්නේ රෝගය නිසා නොව ඔබට සේවය කරන්නට ඉන්න පිරිසට තමන් සහයෝගයක් අද නොදුන් නිසා ඔබ පත්ව ඇති තත්වය ගැනයි.
hplt_2
යසුෂි අකෂි යසුෂි අකෂි (明石 康 Akashi Yasushi, උපත ජනවාරි 19, 1931 අකිතා ප්රාන්තයේ හිනයි නගරය) ජ්යෙෂ්ඨ ජපාන රාජ්යතාන්ත්රිකයෙක් සහ එක්සත් ජාතීන්ගේ පරිපාලකයෙකි. හෙතෙම එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ නිව්යෝක් නුවර මූලස්ථානය මගින් දේශපාලනිකව අන්තර්ජාතික සිවිල් සේවකයෙක් ලෙස පත් කරන ලදී. මහජන තොරතුරු පිළිබඳ උප-ලේකම්-ජනරාල්, නිරායුධකරණය තොරතුරු පිළිබඳ උප-ලේකම්-ජනරාල් සහ මානවවාදී කටයුතු හා හදිසි සහන පිළිබඳ උප-ලේකම්-ජනරාල් යන පදවි උසුලන ලදී. නොයෙක් අන්ය අතිරේක නියමයන් අතර යුද්ධයට පෙර යුගෝස්ලෝවියාවේ ලේකම්-ජනරාල්වරයාගේ පෞද්ගලික නියෝජිත ලෙස කටයුතුකරන ලදී. එසේම ඔහු 1993 කාම්බෝජියානු මැතිවරණයටපසු සාම සාකච්ජා අධීක්ෂණය කරනලදී. එතැනදී ඔහුගේ සාර්ථකත්වය ගැන නොසලකා බෝල්කනයේ පසුකාලීන ක්රියාකලාපය පිලිබඳව ඔහුව තරයේ විවේචනය කරන ලදී. ප්රධාන වශයෙන් ඊට හේතු වූයේ සර්බිනියානු සමූලඝාතනය වැලැක්වීමට නොහැකි වීමයි. ශ්රීලංකා රජය හා දෙමළ කොටි ත්රස්තවාදීන් අතර ගිවිසුමට පහසුකම් සැලසීම සඳහා 2006 සැප්තැම්බර් මස ශ්රීලංකාවට පැමිණියේය.
hplt_2
ශිෂ්ටාචාරය ශිෂ්ඨාචාරය යන පදය භාවිතා වන්නේ මානව සමාජයක කිසියම් ආකාරයක සංවර්ධනයක් විස්තර කිරීමටය.[1] ශිෂ්ටසම්පන්න සමාජයක් බොහෝවිට ලක්ෂණනය කෙරෙන්නේ දියුණු කෘෂිකර්මය, දිගු-දුර වෙළෙඳාම, වෘත්තිය විශේෂීකරණය, සහ නාගරිකත්වය වෙතිනි. මෙම ප්රධාන වස්තුමාත්රයන්ට අමතරව, ශිෂ්ඨාචාරය පිළිබඳ අගැයිම් සිදුකිරීමෙහිලා, ප්රවර්ධිත ප්රවාහන පද්ධතිය, ලේඛනය, මිනුම් හි ප්රමිතීන් (මුදල් ආදිය), කොන්ත්රාත් සහ තෝරතය-පදනම් කරගත් අධිකරණ පද්ධතියක්, උසස් කලා ශෛලීයක්, ස්මරණීය ගෘහ නිර්මාණ ශිල්පය, ගණිතය, විදග්ධ ලෝහ විද්යාව, සහ තාරකා විද්යාව ඇතුළු, ද්විතියික වස්තුමාත්රයන් කිහිපයක සම්මිශ්රනයන්ද උපයෝගී කර ගැනේ.
hplt_2
පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ අරමුණ කෙළෙහි ගුණ දන්නා ජනතාවක් රටේ සිටින බව ලෝකයාට පෙන්වීම යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, අනුරාධපුර සල්ගාදු පිටියේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ රැලියකට එක් වෙමිනි. එක්සත් ජාතික පක්ෂයේ පිරිස් සන්ධානයට බැඳෙන්නේ මුදල්ද දෙමින් යැයි ජනාධිපතිවරයා පැවසීය. “දැන් එතුමන්ලා බැඳෙනකොට මට ලිපි කවරයක් දුන්නා. මම එහි මොනවද තියෙන්නේ කියලා බලපුවම රුපියල් දහස බැගින් මට දෙන්නේ මැතිවරණ ව්යාපාරයට යොදවන්න කියලා. මේ සල්ලි දීලා බැඳෙන යුගයක්. මෙයින් පෙනෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෙරෙහි විශ්වාසයක් නැති බව. මේ දියාරු වෙලා තිබෙන විපක්ෂයක්. රටට වැඩක් කරන්න බැරිව සමහරු සුළු කාරණා නිසා බොරුවට කෑ ගසමින්, පෙළපාලි යනවා. අද ජනතා විමුක්ති පෙරමුණේ ප්රාදේශීය මන්තී්රවරුන් එනවා.“ යැයිද ඔහු සඳහන් කළේය. දුටුගැමුණු රජතුමා ඉගැන් වූ ලෙස තමන් සතුරාටවත් වෛර නොකරන බවද මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
hplt_2
මාවෙත් ඔබ එවූ පත රැස් විරි ඉන්ද... ඒ සිත් මහද සර රැඳි සිරි පිරි කුන්ද.... පෑපත් කලේ හමුවට තත් එක බන්ද.... මනහර නුඹෙ පවර සිරි පිරි වත තඹර.... බොහො වරෙකින් නුදුටුයෙන් මා නෙත් ඹමර... කරදර කර හඬන විට නලවන අයුර... නොවිසිර මට වහා දන්වන්නේ විතර.... පෝසත් නෙක සතර සිරි නැණ ගුණ කන්ද... බෝසත් කිවි බසින් තොස කල මැති සන්ද.... ඒ සිත් මවෙත එවූ පත බස් බැඳි නන්ද.... මා සිත් අරම තුල විය දිවි එක බන්ද... ඔබ දැන්වූ විලස මා වෙත දිනෙක පෙර... එන මෙන් සිත සිතා පසුවෙමි දැන් නිතර.... නැතියෙන් අවසරක් වැඩි බැවිණි කරදර.... සතුටින් දැනුම් දෙමි යලි ඉඩ ලැබුණු වර.... එහෙනම් ටික දිනක් යන්නට පෙර යෙහෙල... අවුදින් මෙහි යතොත් ඉන් සිදුවන සඵල.... මුවකින් මට කියා ලිය නොහැකිය මෙකල... අමවන් එබස් සිහිකර වැඩ කලොත් දුල... එන සෙනසුරු දිනෙහි ඇලපාතට පවර... එන මෙන මහද පවතී අදහසක් තිර.... පිනවන සොබන මැති සඳ සිටියොත් මැදුර... මන මෙන සතුටු වෙණු හැකි සැම කුකුස් හැර... ගීතය අහන්න... ඕන්නම් බාගන්න [download]... ගායනය එඩ්වඩ් ජයකොඩි හා නන්දා මාලිනී...
hplt_2
ශ්රී ලාංකික බෞද්ධ භික්ෂුන් වහන්සේලා දෙනමක් දකුණු ඉන්දීය තමිල්නාඩු ප්රාන්තයේ ස්ථාන දෙකකදී පහර කෑමට ලක්වීමට විරෝධය පාන ජාතික සංඝ සම්මේලනය තමිල්නාඩුවට තහංචි පැනවිය යුතු යයි ශ්රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. චෙන්නායි අගනුවරදී සහ ත්රිචි නගරයේදී දින තුනක් ඇතුලත එම ප්රහාර එල්ල වූ අතර, එක් ප්රහාරයක් සම්බන්ධයෙන් චෝදනා ලබන තිදෙනෙකු මේ වනවිට පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කොට තිබේ. සංචාරක ශ්රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව ප්රමාණවත් පියවර නොගන්නා බවට චෝදනා කරන ජාතික සංඝ සම්මේලනය, ශ්රී ලංකාව ඉන්දියාවේ යටත් විජිතයක් හෝ ප්රාන්ත රාජ්යයක් නොවන බව ද ප්රකාශ කරයි. 'අධිරාජ්යවාදී රටවල් සමඟ' එහි සභාපති රජවත්තේ වප්ප හිමියන් කොළඹ පැවති මාධ්ය හමුවකදී වැඩිදුරටත් කියා සිටියේ, තමිල්නාඩුවේ සිට ශ්රී ලංකාවට ගෙනෙන සියලුම භාණ්ඩ ද නතර කළ යුතු බවයි. කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ඉන්දීය ජාතිකයන් මේ දක්වාම ශ්රී ලංකාවට සංක්රමණය වෙමින් සිටින බව පවසන ජාතික සංඝ සම්මේලනය ජාතික සංවිධායක බත්තරමුල්ලේ දයාවංශ හිමියෝ, ඒ කවුරුන් හෝ ශ්රී ලංකාවේ ස්වාධීනත්වයට හෝ අනන්යතාවයට බාධා කරන්නේ නම් එයට එරෙහිව හඬ නැගීමට නොපකිලෙන බව ද පැවසූහ. කෙසේ නමුත් බෞද්ධයන්ට දඹදිව වන්දනා කිරීම අත් හැර දැමිය නොහැකි බව එහිමියෝ අවධාරණය කරති. සම්මේලනයේ ලේකම් දොඩන්ගොඩ සාරානන්ද හිමියෝ අදහස් දක්වමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම "ලංකාවට විරුද්ධව" ඉදිරිපත් කිරීමට සැරසෙන අවස්ථාවේ "අධිරාජ්යවාදී රටවල්" සමඟ එක් වී ශ්රී ලංකාවට එරෙහිව කටයුතු කරන බවට ඉන්දීය මධ්යම ආණ්ඩුවට චෝදනා කළහ.
hplt_2
Featured Articles වෙලේ රජුන් වැල් ඇඳ උඩ…! රට පුරා පැතිරගත් ගොවිබිම් අද විෂ කැවී අවසන් ය. එ් වනාහී, යුග යුග ගණනින් ඉපැරණි දැහැමි හෙළ ගොවිතැනට පහර දෙමින් දශක පහකට අධික කාලයක් මුළුල්ලේ හෙළ ගොවිබිම් ආක්රමණය කළා වූ හරිත විප්ලවයේ කඳුළු කතාවයි. එ් කඳුළු අතරේ දියව යන්නේ රටට බත සරි කළ අහිංසක මිනිසුන්ගේ ජීවිත වීම කවර නම් සරදමක් ද?තව කියවන්න » දස වසරකින් රට හදමු! සමාජ සංවර්ධනය යනු තනි තනි ව අත්පත් කර ගත හැක්කක් නො වේ. එ් තුළ සමස්ත සමාජය ම ආවරණය වන සුවිසල් මෙහෙයුම් ජාලයක් අන්තර්ගත ය. ජාතික ප්රතිපත්ති සැකසීමේ දී එ් සියලූ සමාජයීය මෙහෙයුම් ආමන්ත්රණය වන පරිදි මේ සැබෑ දියුණුවේ සිද්ධාන්ත ක්රියාවේ යෙදවීම රට කරවන්නන් විසින් මඟ නො හැරිය යුතු මහඟු කාර්යභාරයක් ය.තව කියවන්න » යහපත් දේශයක හෙට දවස උදෙසා ජනමාධ්ය කෙසේ ක්රියා කළ යුතු ද? මිනිසාට නිතර දකින්නට අසන්නට ලැබෙන දේවල් ඔස්සේ තමයි සිතිවිලි ක්රියාත්මක වන්නෙ. ඊට අනුව තමයි කයින් වචනයෙන් ක්රියාත්මක වන්නෙ. ඉතින් ජනමාධ්ය තුළින් සමාජයට නිතර ම අනුබල ලැබෙන්නෙ පිරිහීම කරා නම් එ්ක රටකට හා සමාජයකට මහත් ඛේදජනක ඉරණමක්.තව කියවන්න » ඉතිහාසයට අමතකව ගිය බෞද්ධ ඉන්දියාව ඉන්දියානු ඉතිහාසයෙන් අතීතයේ ස්වර්ණමය යුගයන් අමතක කරද්දී වැඩියෙන් ම පහර වැදුණේ බෞද්ධ දර්ශනයට සහ බෞද්ධ රජවරුන්ට ය. බුදු දහම ඉන්දියාවෙන් තුරන් කරන ලද්දේ නම් ‘‘බෞද්ධ රජවරු හා සම්බන්ධ ඉතිහාසය වළලා දැමී ය” යන කාරණය ගැන පුදුම වන්නට දෙයක් නැත.තව කියවන්න » දුප්පත්කමේ විෂම චක්රය ද? ස්ටීවන් අවුරුදු 15 වයස තරම් වෙද්දී කොළඹට පැමිණියේ රක්ෂාවක් සොයා ගැනීමට ය. පිටකොටුවේ සිල්ලර කඩ කිහිපයක ම ගෝලකමට සිටි ඔහු පසු ව නාට්ටාමි කෙනෙකු ලෙස බඩු එහා මෙහා ගෙනියන කරත්තයක් තල්ලූ කරන්නට විය.තව කියවන්න » All Time Favourites හීන වීරිය හරි භයානකයි ගොඩාක් මනුෂ්යයන් ධර්මයේ හැසිරෙන්න ආසයි. ගොඩක් අය ධර්මය සිහිකරන්න, සිල්පද රකින්න, සතිපට්ඨානය වඩන්න ආසයි. නමුත් වෙලා තියෙන ප්රශ්නය තමයි ටික දවසක් කරනවා, ඔන්න මොකක් හරි වෙලා වැටෙනවා.තව කියවන්න » ඔබත් සැබෑ භාග්යවන්තයෙකු වන්න අපි හැමෝගෙ ම මොකක්දෝ ලොකු වාසනාවකට මේ අපි ඉපදිලා ඉන්න යුගයෙ දි නැවතත් එ් ශ්රී සද්ධර්මය පිරිසිදුව ම අර්ථ සහිතව අහන්න අපට අවකාශ ලැබිල තියෙනවා. පුරුදු කරන්න අවකාශ ලැබිල තියෙනවා.තව කියවන්න » භාවනාව කුමක් පිණිස ද? මේ වෙද්දි ලෝකයේ බටහිර රටවල භාවනාව කියලා එක එක දේවල් පුරුදු කරනවා. නමුත් අපට හරි පැහැදිලියි, එ් වාගේ බොහෝ විට තියෙන්නේ බොහෝ ම ළඟ ඉලක්ක. චූටි චූටි විජ්ජාවලට තමයි එ් දේවල් ඉලක්ක කරගෙන තියෙන්නේ. එහෙම නැතුව ජීවිතාවබෝධයක් පිණිස නෙවෙයි.තව කියවන්න » අත්හැරීම ලේසි දෙයක් නෙවෙයි…. පිනෙන් තමයි සිහිය පිහිටුවන්න පුළුවන්කම ලැබෙන්නේ. පිනෙන් තමයි හොඳ නරක වහා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එ් ඔක්කෝම පිනෙන් වෙන්නේ. එ්වා අපට කෘති්රම විදිහට ඇදලා ගන්න පුළුවන් දේවල් නෙවෙයි.තව කියවන්න »
hplt_2
වසන්තය අග - ගිම්හානයට පෙර පිපුණු කුසුම් වල වස මුසු ව ඇත මකරන්ද සුළඟේ එතෙන විට සුවැති මද නල නුඹ නසනු ඇත සබඳ, මතක ද අඳ කුඹුර ළඟ මොට්ටැක්කිළියෙන් වසාගෙන හිස අහිංසක සිනාවෙන් සිත් නිවූ ඇය ඇගේ දෑස මිස,... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]] ... උණා සළු පිළි සේද - මුදා රන් හසගන නිරුවත් විණි ළමැද - එද' හද වසාගෙන දඟකාර රළු තඹර - රඟත තිසර තුඩු මත පොපියන රතදර - තැවරූ සුසුම් තොල් අග ඕ නොදන්නී ය - කවියක් වන වග මිහිරි මතකය - එක් සොඳුරු... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]] ... දෙවන වේදිකාවට දැන් පැමිණි දුම්රිය අලුත්ගම බලා පිටත් වේ... මෙම දුම්රිය නවත්වන්නේ,... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]] අරුණැල්ලේ, මේ කියන්න යන කතාව මීට දශක කිහිපයකට පෙර සිදු වුණු එකක්.. අනුරාධපුර දිස්ත්රික්කයේ මිහින්තලේ ට ආසන්නකොහේ හෝ ගමක. හරියට ම ඒ ගමේ නම කියන්න නම් මා දන්නේ නැහැ. මේ ගමේ වන්නිහාමි කියලා එක්තරා... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]] ... තෝමර අරගෙන - රන් අසිපත් අරගෙන සුදු අසු පිට නැගලා පවුරු වළලු බිඳ - සිංහ නාද කර වීර විකුම් දක්වා තෙදැති බලැති නව - යොවුන් වියෙහි වන කුමාරයෙක් එන්නා සිහින ලොවක මතු - සැබෑ ලොවක නැති කුමාරයෙක්... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]] ... කවි සිතක නැගී දුක් හැඬුම් සිඳිමි බිඳ ලමි නිය පිටින් රිදෙන නෙත් යුග සනසමින් කඳුළු පිසලමි වී සඳ කැළුම්.. නුඹ ලියන කවි කියවමින් දෙතත් විවරණ මදහසින් අරුත මා මිස අනෙක් නොව බව දතත් නො විමසමි... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]] ... සමනල තටු වල නෙක නෙක පාට සොරා ගත් වෛවර්ණ මකුළුවා දැල වියන්නට පටන් ගත්තේ ය. හිමිදිරියේ මීදුම් අතරින් දේදුනු පාට පෙති අතර... [[ This is a content summary only. Visit my website for full links, other content, and more! ]] ... Serandibsoft විසින් පැන්සල නවතම සංස්කරණය වන Version 2.13.7.1 (Redefined) එළි දක්වන්නේ හදපිරි සතුටෙනි .මෙහි කළින් නොතිබුනාටත් වඩා ඉතා උසස් මට්ටමේ නවමු අංග රැසක් අන්තර්ගත කොට තිබේ.මෙය මෙතෙක් දුරට දියුණු කිරීමට බෙහෙවින්ම හේතු වූයේ පාඨක ඔබෙන් ලැබුණු ප්රතිචාර වේ. දැන් කාලය එළඹ තිබෙන්නේ Google IME, Singreesi, realtime Singlish වැනි මෘදුකාංග ඉවත ලෑමටයි. පැන්සල නවතම සංස්කරණයට එක්කොට ඇති විශේෂ අංග කීපයක් ... අරුණැල්ලේ අද ලියවෙන්නේ එක්තරා කතාවක්. මේ කතාව කොතැනින් කොහොම අරඹන්න ද කියලා මට වැටහීමක් නැහැ. කතාව අහන්න ලැබුණු තැනින් ම ආරම්භ කරන එක වඩාත් සුදුසු යි කියලා හැඟෙනවා. මීට වසර කිහිපයකට පෙර දවසක, එක්තරා පුද්ගලයෙක්, කිසියම් රාජකාරි කටයුත්තක් සඳහා ශ්රී ලංකාවේ නැගෙනහිර ප්රදේශයේ චාරිකා කරනවා. හරියට ම කියනවා නම්, මඩකලපුව දිස්ත්රික්කයේ, ඔලුවිල් දිහාවටටයි ඔහුගේ ගමන් මාර්ගය යොමු වී තිබෙන්නේ. දුෂ්කර, ... අරුණැල්ලේ අද ලියවෙන්නේ එක්තරා කතාවක්. මේ කතාව කොතැනින් කොහොම අරඹන්න ද කියලා මට වැටහීමක් නැහැ. කතාව අහන්න ලැබුණු තැනින් ම ආරම්භ කරන එක වඩාත් සුදුසු යි කියලා හැඟෙනවා. මීට වසර කිහිපයකට පෙර දවසක, එක්තරා පුද්ගලයෙක්, කිසියම් රාජකාරි කටයුත්තක් සඳහා ශ්රී ලංකාවේ නැගෙනහිර ප්රදේශයේ චාරිකා කරනවා. හරියට ම කියනවා නම්, මඩකලපුව දිස්ත්රික්කයේ, ඔලුවිල් දිහාවටටයි ඔහුගේ ගමන් මාර්ගය යොමු වී තිබෙන්නේ. දුෂ්කර, ... තවත් යන්තම් - පාට වැටෙන්නටවත දොවනානුඹ , දුහුවිලි යන්නටදෝතට පුරවා - මලකඩ කිරි ගෙනක්ලියෝපැට්රා නුඹ - සීසර් වෙමි මමහෙමෙන් පිහපන් - චීත්ත අත ගෙන එළලු කෙලවර - හොරෙන් සඟවගෙනමැහුම් දිරා ගිය - යළි නොලිහෙන ලෙසමලකඩ පාටින් - නුඹ වෙයි ලස්සනප්රේම යාත්රාව - නැංගුරම් ලන තැනබස් තොටේ අපෙ - පුරුදු තැන වෙතඇවිත් හිටපන් - හැකි නම් මට පෙරදිනා ගනිමු අපි - ... ජීවිතය නම් කෙටියි ආ මග යා යුතුව ඇත තව බොහෝ දුර කටු කොහොල් මැද - ගල් ගොඩැලි වල තවත් සිර වෙයි - අපේ ජීවිත.. තරඟයක් මැ යි අපේ ජීවිත අරමුණක් වෙත ඇදෙන ගමනක තියුණු වන විට අපේ තරඟය තවත් නැති වෙයි නුඹට කාලය..පටන් හසරක් දැනෙන දා සිටඊයේ වාගේම අදත්, තව හෙටවැටෙන උන් දැක - නොදැක්කවුන් ලෙසදුවමු අපි - සිතිජය දිහාවට...එකෙක් ... සහසක් සතන් සුව සදවන වරම් ලබා පහනක් සේ ම දැල් වී නුඹ එලිය වුණා පියුමක් සේ ම පිපිලා ලොව සුවඳ කළා කාටත් හොරෙන් සැඟවී නුඹ මිලින වුණා.. මී මැසි කැලක් වී ගුම් ගුම් නද දුන්නු නිල් දිය දහර වී එක ගඟකට වැටුණු සිනහව නුඹ ම විය තොල් පෙති අග රැඳුණු ඒ සිනහව ම නෙතු අග කඳුලක් රැන්දු.. සසර සරන තුරු ... ඕනෑම සන්නිවේදන මාධ්යයක මෙන් ම ගීතය නමැති ප්රකාශන මාධ්යය මගින් කෙරෙන භාව ප්රකාශනය පිළිබඳව ද වඩාත් හොඳ අවබෝධයක් සහ වින්දනයක් ලබන්නේ එහි ශ්රාවකයා ය. නමුත් එම සංවේදනය කෙරෙහි රචකයාගේ අදහස් ප්රකාශ කිරීමේ හැකියාව බෙහෙවින් බලපායි. නමුත් සමහර අවස්ථා වලදී ගීතයක ව්යංගය මගින් කියැවෙන අර්ථය ශ්රාවකයා වෙත යන්නේ බොහෝ ප්රමාද වී ය. ඒ අනුව සලකද්දී ගීතයක් පිලිබඳ වඩාත් නිවැරදි සහ සාධාරණ ... දෑත බිම ඔබා, පස්සට වාරු වී ගං ඉවුර අසල, නොගැඹුරු දිය ළඟ නුඹ නිහඬව හුන් තැන, අද මම තනිවම සුපුරුදු සුවඳයි, මුළු ගං ඉවුර ම.. වක්කඩ ළඟ, දිය බොර කර නටාපු තිත්තයෝ අද නැත, උනුත් මියැදිලා වාගෙයි තටු අකුලාගෙන,කඳුළු දරාගෙන, මා සමුගෙන ගිය, නුඹ ගැන හිතනවා වාගෙයි ඉවුරේ සිල්ගත්, කණ කොක් රෑන ම.. රතු රෝස මල් වෙනුවට දෑතේ, සුදු ... හෙල ගැඹුරුයි පුත නොබලන් සෙලවෙන කොට වැල් පාලම දෑස බයෙන් බිම නොබලන් අපට පුතේ මගක් නැතේ මේ මග මිස යමන පුතේ දෙවියෝ බලයි මුණ නුඹේ නුඹව රකියි යමන් පුතේ සිංහල වේදිකා නාට්ය ගැන සියුම් හෝ අවබෝධයක් ඇති, මේ ගීතය අසා නැත්තෙක් වේ නම්, එය මහා පුදුමයකි. ඒ තරම් ම එය අපට සමීප ය. මෙය ජර්මානු නාට්යයකි. එවැන්නක පරිවර්තනයකි. නමුත් ... ජීවිතයේ තිබෙන්නේ හමු වීම් සහ වෙන්වීම් පමණයි කියලා කවුදෝ කියනවා අහලා තිබුණත්, බොහොම කාලෙකට පස්සේ, හිතට තදින් ම දැනෙන විදියේ වෙන්වීමක් අත්විඳින්න සිදු වෙලා. ඉදිරියට ඉගෙන ගන්නා ක්ෂේත්රය තීරණය කරන, මෙතෙක් කළ විභාග අතරින් වැදගත් ම විභාගයට තව දවස් 3ක් වත් නැති නිසා බොහොම කාර්යය බහුල වෙලා ඉන්න මොහොතකයි මේ සටහන ලියන්න ගත්තේ. සටහනක් පල කරන විදියේ මානසිකත්වයක් නොතිබුණත් ... මුහුදු රැල්ලක් ඇතුලේ සැඟවුණු පෙණ කැටි අහුරක සිර වුණු ඉකියක් හැඬවුණු මොහොතක නුඹ හා මා හුන් වෙරළ පසු කළ තුන්වෙනි පන්තියේ දුම්රිය මැදිරිය දෙදරා වැළපෙනු අසා උන්නෙමි මම සැන්දෑ මොහොතක.. පෙර එක් දවසක සැන්දෑ මොහොතක මා තුරුලෙහි හිඳ නුඹ කල් ගෙවූ ඒ ගල් කුළු මත වෙන වෙන අය අද.. ඒ අප නොව බව නොම දැන මහ සිඳු රිද්මය නංවයි පෙර ... මේ ලියවෙන්නේ අරුණැල්ලට ලියන සියවන සටහනයි. ඒ, අරුණැල්ල ඒ නමින් අරඹා වසරක් ගෙවෙන තැන දී යි. මේ දක්වා ආ ගමනේ බ්ලොග් ලෝකය සහ සයිබරය තුළ, රැංගෝ ට ගුරුහරුකම් දෙමින් රැඳී වුන් රැසකි. මා අල්තීනායි විණි නම්, උහූ දුයිෂෙන් වැන්නෝ වුහ. එවැන්නවුන්ට ප්රණාමය පුද කරනු වස්, මෙතෙක් මා හා බ්ලොග් කරණයේ යෙදුණු පිරිසෙන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වය ඇතිව 'චිංගීස් අයිත්මාතව්' විසින් රචිත ... සැහැල්ලු ය සුදු ය, මුදු ය සුමුදු ය පුළුන්.. අසා උන් තෙපුල ගියෙමි සොයා මම පුළුන්.. රූස්ස ගසක හිස රැඳී ගෙඩියක් පුපුරා පාවී ආවේ ය මහා ගොඩක් පුළුන්.. අල්ලා ගන්නට නොහැකිව සියුමැලි ද බලන්නට පසුපසින් ගියෙමි පා වී යන පුළුන්.. කපු කටින තැන නූල් වී එතෙන ඒ නූල් වලින් කම්බා වියෙන තැනට වී අතගා බැලුවෙමි පුළුන්.. මතුපිට නම් රළු ය ...
hplt_2
ක්ෂේත්ර ගැඹුර ප්රකාශ විද්යාවේ දී (විශේෂයෙන් එය චිත්රපට හා ඡායාරූප ශිල්පයට සම්බන්ධ වන විට) ක්ෂේත්ර ගැඹුර (DOF) යනු රූපයේ තියුණු ලෙස පෙනෙන දර්ශන කොටසයි. කාචයකට නියමාකාරයෙන් නාභිගත කළ හැක්කේ යම් එක් දුරක් පමණක් වුවත් නාභිගත කළ දුරෙන් දෙපසට වන දුරවල්වලදී තියුණු බව ක්රමයෙන් අඩු වේ. එමනිසා DOF තුළ දී සාමාන්ය දර්ශන තත්ත්ව යටතේ දී තියුණු නොවීම අදෘශ්යමාන වේ. භූ දර්ශන වැනි සමහරක් රූපවලදී විශාල DOF සුදුසු වන අතර අනෙක් කාර්යයන්හි දී ආලේඛ වැනි කුඩා DOF යොදා ගැනීම වඩාත් යෝග්ය වේ. DOF නිර්ණය කරනු ලබන්නේ වස්තු දුර, කාචයේ නාභීය දුර හා කාචයේ f අංකය (සාපේක්ෂ විවරය) මතය. සමීප දුරවලදී හැර DOF දළ වශයෙන් නිර්ණය කරනු ලබන්නේ වස්තු විශාලනය හා කාචයේ නාභීය දුර මතය. දී ඇති නාභීය දුරක් සඳහා වස්තුව සමීපයට චලනය කිරීමෙන් හෝ වැඩි නාභීය දුරක් සහිත කාචයක් යොදා ගැනීමෙන් විශාලනය ඉහළ නැංවීමෙන් DOF අඩු වන අතර විශාලනය අඩු කිරීමෙන් DOF වැඩි වේ. දී ඇති වස්තු විශාලනයක් සඳහා f අංකය ඉහළ නැංවීම (විවර විෂ්කම්භය අඩු කිරීම) DOF වැඩි කරයි. f අංකය පහළ දැමීම DOF ද පහළ දමයි. නාභිගත කිරීම අති නාභි දුරකට සකස් කළ විට අති නාභි දුරෙන් අර්ධයක සිට අනන්තය දක්වා DOF ව්යාප්ත වේ. මෙය දී ඇති f අංකයක් සඳහා තිබිය හැකි විශාලම DOF වේ. ඡායාරූපකරණයේ ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීම මඟින් රූපයේ තියුණු බව පාලනය කිරීමට අතිරේක ක්රම සපයා දී තිබේ. සමහරක් ක්රම සාම්ප්රදායික ක්රමවලින් කිසිසේත් කළ නොහැකි DOF සඳහා ඉඩ ලබා දෙන අතර සමහරක් රූපය නිපදවීමෙන් පසු DOF තීරණය කිරීමට ඉඩ ලබා දේ.
hplt_2
. පහුගිය කාලෙ ආන්දෝලනාත්මක මාතෘකාවක් වෙලා තිබ්බෙ විශ්ව විද්යාල වලට සුදුසුකම් ලබපු අයට ලබා දීපු නායකත්ව පුහුණුව. මේ තියෙන්නෙ ඒ පුහුණුව ලබපු පළවෙනි කණ්ඩායමේ දෙන්නෙක් ඒ ගැන ලියපු ලිපි . මධුශාන් සහ මාලන් කියන විදිහට එයාල ලබල තියෙන පුහුණුව හොඳ එකක්ලු. ඒ සති තුන සෑහෙන සතුටින් හිටියා කියලයි ලියල තියෙන්නෙ. හැබැයි තවත් සමහර අයටනම් මේ පුහුණුව වේදනාකාරී අත්දැකීමක් වෙලා. මේ තියෙන්නෙ ඒ වගේ දෙයක් 1. නායකත්ව පුහුණුවෙන් අසරණ වූ සෙව්වන්දි කල් වෙලාව අරගෙන නිසි පරිදි සංවිධානය කරලා කළානම් මේ නායකත්ව පුහුණුව මීටත් වඩා හොඳට හොඳට කරන ගමන් සෙව්වන්දිට වෙච්ච දේ වගේ දේවල් මඟ ඇරගන්නත් තිබුණා කියලයි මට හිතෙන්නෙ. නායකත්ව පුහුණුව කියන මාතෘකාව කරළියට එනකොට ඒත් එක්කම ආපු අනිත් මාතෘකාව තමයි විශ්ව විද්යාල වල අමානුෂික නවක වධය. විවිධ බ්ලොග් , බස් සහ ෆෝරම් වල නවක වධය ගැන තිබ්බ සංවාදවලදි නවකවධයට පක්ෂපාතීව අදහස් දක්වපු අය පොදුවේ විවිධ ආකාර වලින් දක්වපු අදහස් 3ක් මම දැක්කා - නවක වධය හින්දා තමයි බැච් ෆිට් එක ඇති වෙන්නෙ - නවක වධය දුන්නෙ නැත්තම් විශ්ව විද්යාලත් ඉස්කෝල වගේ වෙනවා - නවක වධය දෙන්න විවිධ තරාතිරම් වල අය සම මට්ටම් කරන්න මෙන්න ඔය කියන දේවල් ගැන මගේ අදහස 1. නවක වධය හින්දා තමයි බැච් ෆිට් එක ඇති වෙන්නෙ ------------------------ අපි ඉස්කෝලෙ යාලුවොත් එක්ක ෆිට් වුණේ නවක වධයක් හින්දාද ? මමනම් හිතන්නෙ කොල්ලො කෙල්ලො අවුරුදු 4ක් එක තැනක ඉගෙන ගන්නකොට ෆිට්වීම නිරායාසයෙන්ම ඇති වෙනවා. අවුරුදු 4ක් ඕනෙ නෑ. මාසයක් යනකොට ෆිට් වෙන අය ෆිට් වෙලා 2. නවක වධය දුන්නෙ නැත්තම් විශ්ව විද්යාලත් ඉස්කෝල වගේ වෙනවා ----------------------- ඉස්කෝල කියන්නෙ නරක තැනක්ද ? කොහොම වුණත් දැනටමත් විශ්ව විද්යාල ඉස්කෝල වලින් වෙනස් වෙලා තියෙන්නෙ. විශ්ව විද්යාල තුළ ගුරු සිසු සම්බන්ධතාවය ඉස්කෝල වල ගුරු සිසු සම්බන්ධතාවලට වඩා ඉතාම දුර්වල මට්ටමක තියෙන්නෙ. ඒ තත්වය ඇති වෙලා තියෙන්නෙ නවක වධයෙ අතුරු ප්රතිපලයක් විදිහටයි. නවක වධය දෙන කාලය තුලදී සිසුන්ට ආචාර්යවරුන් සමඟ කතාබහ කිරීම තහනම් කිරීමෙන් තමයි ඒක පටන් ගන්නෙ. නවක වධය ගැන මම මේ කියන දේවල් කාගෙන්වත් ඕපාදූප විදිහට අහපු දේවල් නෙවෙයි. පේරාදෙණිය විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨයේ අවුරුදු 4ක ශිෂ්යයෙක් විදිහට සහ තවත් අවුරුදු 2ක් සහාය කථිකාචාර්යවරයෙකු විදිහට හිටපු හින්දා නවක වධයේ ඇත්ත ස්වරූපය මම අවුරුදු 6ක් තිස්සේ එකිනෙකට වෙනස් කෝණ වලින් දැක්කා. ඒ අත්දැකීම් ඇසුරෙනුයි මම කියන්නෙ විශ්ව විද්යාල වල ගුරු සිසු සම්බන්ධතා දුර්වල වෙන්න ප්රධානම හේතුවක් නවක වධය. 3. නවක වධය දෙන්න විවිධ තරාතිරම් වල අය සම මට්ටම් කරන්න ------------------------ දත් තිස්දෙක සමමට්ටම් නෑ. බැරි වෙලාවත් දත් 32ම සම මට්ටම් වුණොත් ? =================== විශ්ව විද්යාල වලින් නවක වධය තුරන් කරන බවයි කියන්නෙ. හැබැයි නවක වධය කෙසේ වෙතත් විශ්ව විද්යාල පද්ධතියම තුරන් වෙයිද දන්නෙ නෑ. විශ්ව විද්යාල ආචාර්ය වරුන්ගේ වැටුප් ප්රශ්නයට විසඳුමක් නැති වීමත්, වැටුප් වැඩි කිරීමක් කෙසේ වෙතත් දැනට තියෙන වැටුපත් නොගෙවා මර්ධනකාරී ලෙස ක්රියා කිරීමත් ඔවුන්ගේ උගත්කමට අපහාස වෙන ආකාරයෙන් විවිධ දේවල් කිරීමත් නිසා කළකිරුණු විශ්ව විද්යාල ආචාර්යවරුන් පවුල් පිටින් රට අතහැර යන ප්රවණතාවයක් මේ දවස් වල ඇති වෙලා තියෙන්නෙ. දැනටමත් සැළකිය යුතු තරම් පිරිසක් රට අතඇරල ගිහින්. මේ ප්රශ්නය තව දුරදිග ගියොත් ලංකාවෙ විශ්ව විද්යාල පද්ධතිය අඩපණ වෙලා ලංකාවත් විශ්ව විද්යාල නැති ලෝකයේ අතලොස්සක් රටවල් වලට එකතු වේවි. එහෙම වුණොත් ? දරු දැරියන්ගේ අපේක්ෂාව ? [ 12 - Jun - 2011 ]
hplt_2
කට්ටියම වෙසක් කාලෙට ජාතක කතා නිරූපණය කරන වෙසක් තොරණ් දැකලා ඇති නේ. මේ මම් දැකපු තොරණක් ! මේ තොරණ විෂේෂත්වයකට තියෙන්නේ මේ තොරණේ පුරාම තියෙන්නේ තැඹිලි ! මේ තැඹිලි තොරණ, ගමේ පල්ලියේ මංගල්ලෙට හදපු තොරණක් ! කට්ටියට දැන් හිතනවා ඇතිනේ මේ තැඹිලි වලට මොනවද කලේ කියලා.මංගල්ලේ පූජාව ඉවර වෙච්ච හැටියේ ආගම් භේද ජාති බේද අමතක කරලා දාලා තැඹිලි තොරණෙන් තැඹිලි ගන්න පොර කෑවා ! මාත් කොහොමහරි රිංගලා තැඹිලි අරන් ආවා. :) මේ තියෙන්නේ තැඹිලි තොරණේ පින්තූරු !!! 07 February 2012 තැඹිලි තොරණ කට්ටියම වෙසක් කාලෙට ජාතක කතා නිරූපණය කරන වෙසක් තොරණ් දැකලා ඇති නේ. මේ මම් දැකපු තොරණක් ! මේ තොරණ විෂේෂත්වයකට තියෙන්නේ මේ තොරණේ පුරාම තියෙන්නේ තැඹිලි ! 51 දෙනෙක් අදහස් පලකලා .: - තාරා said... - මේක දැක්කාම මට තැඹිලි තිබහකුයි, ලොඳ බඩගින්නකුයි ආවා... - February 7, 2012 at 7:53 PM - බීටා said... - එක ගෙඩියද ගත්තේ.. නැත්තම් ඉත්තක්මද.....? - February 7, 2012 at 8:02 PM - sAm (සෑම්) said... - මමත් දැකල තියෙනව මචං.. පන්සල්වල නම් අපි තොරන් ගහන්නෙ නැහැ නොවැ. මකර තොරන් තමයි තියෙන්නේ.. අපි දාන ශාලාවට රිංගන හැටි මතක් වුනා බොල.. - February 7, 2012 at 8:07 PM - Observer said... - ඉන්දියාවෙ දොඩම් තොරණක පින්තුර එක්ක ඊයක් ආව ටික දවසකට ඉස්සෙල්ල, ඒකෙ හැබැයි ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති වෙන්න දොඩම්. තැඹිලි සල්ලි වලටද, නිකන්ද හම්බුනේ? - February 7, 2012 at 8:10 PM - හිතහොඳ පිස්සා said... - තැඹිලි බිව්ව වගේ නෙවෙයි හැබැයි ටික වෙලාවකට පස්සෙ........:D - February 7, 2012 at 8:12 PM - ලහිරු said... - මම අහලා තියෙන්නේ පොල් තොරණ් ගැන, ඒත් ඔය මීගමුව, හලාවත පැත්තේ තමයි. අද තමයි තැඹිලි තොරණ දැක්කේ! සෑහෙන ෆයිට් එකක් තියෙන්න ඇති තැඹිලි ගෙඩියක් ගන්න නේද? - February 7, 2012 at 8:24 PM - සයුරි said... - හැබැයි සමහර තැඹිලි වර්ග විතරයි රහ..නේද - February 7, 2012 at 8:26 PM - මකුළුවා..... said... - මරුනේ....හි හි හි.... තැඹිලි කීයක් විතර තිබ්බද ඔක්කොම.... - February 7, 2012 at 8:50 PM - රූ.... said... - ම්..තැඹිලි එල්ලලා තියෙන්නෙ නිකම් කනා මුට්ටි ගහන්න වගේ.. ජාති බේද අමතක කරලා තැඹිලි බොන්න පොරකාපු එක නම් ජාතික සමගියේ ලක්ෂනයක්..!! - February 7, 2012 at 8:51 PM - නදීර සඳරුවන් ලියනගේ said... - අපේ ගමේ තියෙන සල්පිල් වලට පොල් තොරණක් ගහනවා.සල්පිල අවසානයේදී ඒකත් වෙන්දේසි කරනවා. - February 7, 2012 at 9:18 PM - Dinesh said... - මමත් කලින් මේ තොරණක පින්තූරයක් දැක්ක්.. ඒත් කොහේද කියලා මතක නෑ.. - February 7, 2012 at 9:22 PM - - ඔය එඩේරමුල්ලෙ පල්ලියෙ නෙ. ඔබත් ඉන්නෙ එඩෙරමුල්ලෙද. ඕක ලොකු ඉතිහාසයක් තියෙන තොරනක්. මුලු ගමේම සෙනග තැඹ්ලි දෙනව ඕක ගහන්න.ඕක දානයක් හැටියට තමා අන්තිමට බෙදලා දෙන්නෙ. ඕක ඉස්සරට වඩා දැන් උසින් අඩු වෙලා. හේතුව උස පුවක් ගස් සොයා ගැනීමේ අපහසුව. කොහොමත් එඩේරමුල්ල කියන්නෙ තොරන් වලට ප්රසිද්ද ගමක්. මේ පාර මන්ගල්ලෙට තිබ්බා තනකොල වලින් ගහපු තොරනකුයි අන්නසි වලින් ගහපු තොරන්කුයි. - February 7, 2012 at 9:39 PM - සකි said... - මේ තොරණ දැක්කහම මට මතක් වුණේ අපි තොරම් ගහපු කාලෙ.. මංගල්ලෙට පොල් තොරණ ගහන්න ප්ලෑන් කරපු දවසෙ ඉදල හදල ඉවර වෙනකම් දවස් ටික හරිම සුන්දරයි.... - February 7, 2012 at 10:26 PM - - ලස්සන වැඩක් තමා මේවා ලොකු වෙනකම් ගස්වල තිබුනානම් ඊට වැඩ ප්රයෝජනවත් වෙන්න ඉඩ තිබුන කියලත් හිතෙනවා - February 7, 2012 at 10:42 PM - දිනිති දීපිකා said... - තැඹිලි වලින් වුනත් තොරණ හරිම ලස්සනයි... මධුරංග එක තැඹිලි ගෙඩියක් අර ගත්ත එකයි පුදුමෙ... :-) - February 8, 2012 at 12:00 AM - හරී said... - සෙබස්තියාම් පල්ලියක් නේද?.. ඒ පල්ලි තියෙන අය නත්තල් පාටි අවුරුදු පාටි ගන්නේ නෑලු නේද? පල්ලියෙ මංගල්යය තමයි ගන්නෙ ඔක්කොටම හරියන්න..පාටි එහෙම සෙට් වුනේ නැද්ද? තොරණ නම් සිරා..හොඳ බැක්ග්රවුන්ඩ් එකක් නැති නිසා පැහැදිලිව පේන්නෙ නෑ..පියවි ඇහැට නම් පට්ට ඇති.. - February 8, 2012 at 12:16 AM - වින්චැට්කිරිල්ලි. said... - මම තැඹිලි තොරනක් දැක්ක ලංකාවෙදි ඒත් කොහෙදිද කියල මතක නැහැ.....අනේ ඇත්තටම අමුතුම අපේ ගතියක් දැනෙනවා....... - February 8, 2012 at 3:21 AM - Praveena Palipana said... - තැඹිලි අපරාදේ කියලා හිතුනා...:D - February 8, 2012 at 7:57 AM - හිතුවක්කාරි said... - මාත් දැකලා තියෙනවා මෙහෙම තොරණක්:) අම්මෝ අයියා පොරකන්න ගිහින් ඔතන කාටවත් තුවාල එහෙම නෑනෙ..?? - February 8, 2012 at 9:46 AM - රාජ් said... - අපේ ගමේ තියන දේවාලේ වාර්ෂික උස්සවේටත් ගහනව පොල් තොරණක්. - February 8, 2012 at 11:36 AM - සිත්රූ සිහින said... - මම මුහුද අයිනෙ අලුත් සොහොන් වල තැඹිලි තොරන් තියෙනවානම් දැකල තියෙනවා..පන්සල් වලනම් දැකල නැහැ.. - February 8, 2012 at 12:51 PM - දයානන්ද රත්නායක said... - කවුරුත් ඇහැ ගහගෙන ඉන්නේ පල්ලියේ මංගල්ලෙ ඉවර වෙනතෙක් තමයි. ගිය අවුරුද්දේ කිඹුලාපිටිය පල්ලියේ මංගල්ලෙ තිබුණා තොරණ සරසලා තිබුනේ "ටිපිටිප්" පැකට් වලින්. දක්න දකින වෙලාව් පොඩි උන් තොරණ දිහා බලාගෙන කෙල ගිලිනවා.මංගල්ලෙ ඉවර වුණාට පස්සෙ ළමයි පුවක් කඳන්ටිකත් කෑවද මංදා - February 8, 2012 at 1:04 PM - හරී said... - අපේ ගමේ නම් නිකන් බෙදන්නෙ නෑ..තොරණේ එල්ලන එව්වා වෙන්දේසි කිරීමක් තමයි කරන්නෙ..මේක දැක්කම් මට හිතුනා ලබන මංගල්යයට පල්ලියෙ තොරණ් ටික දාලා පෝස්ට් එකක් ලියන්න.. @හිතුවක්කාරි : යන්නකො කොඩිගහක් උස්සන තැනකට පොරකන හැටි බලන්න.. - February 8, 2012 at 2:22 PM - පිණිබිඳු... said... - පොල් තොරණ් නම් දැකල තියෙනවා. තැඹිලි තොරණක් මේ දැක්කමයි. - February 8, 2012 at 2:35 PM - Kasun said... - අයියෝ තැඹිලි කිව්වලු! වැඩේ ලස්සනටම කරලා තියනවා. මාත් කලින් එකක් දැකලා තියනවා, හැබැයි ඔච්චර නම් ලොකු නෑ ඒක. දැන් උඹ කොච්චර උස්සගෙන ආවද? - February 8, 2012 at 3:47 PM - - තොරණ නිර්මාණය කරන්න ගතකරන වෙලාවානම් හරිම වටිනවා, මාත් මීට අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ල අපේ පල්ලියේ මංගල්ය වලට හදපු පොල්කොළ සහ ගොක් කොළ තෝරන් හදන්න සහබාගි වුණා.ඒ මතකය හැමදාටම සුන්දරයි.දැන් ඒ හිටපු හැමදෙනාම එක්කෝ රටෙත් නැ නැත්නම් වෙන වෙන තැන්වල - February 8, 2012 at 4:57 PM - ක්සැන්ඩර් | Xander said... - මම මේ මෙහෙම තොරණක් දැක්කමයි. කට්ටිය තොරණේ තැඹිලි වලට දෙන්න ඇති නේද පාර ලෙසටම ? - February 8, 2012 at 5:12 PM - පිස්සා පලාමල්ල said... - තැඹිලි ගෙඩියක් බොන්නත් ආසයි අප්පා... මෙහේ තියෙනවා තැඹිලි කෑන් හික් හික්... මෙලෝ රහක් නෑ. - February 8, 2012 at 5:26 PM - prasanna86k said... - නියමයි බං. මේ වගේම පොල් වලින්, කෙසෙල් ගස් වලිනුත් ලස්සනට තොරන් හදනවා... - February 8, 2012 at 7:12 PM - Ice (අයේෂා කුලතුංග) said... - මෙහෙම තොරණක් දැක්කමයි.. කලින් අහලවත් තිබුණේ නෑ... නියමයි.. :D - February 8, 2012 at 9:49 PM - Shani said... - අපේ පැත්තෙ පල්ලියෙත් ගහන්නෙ පොල් තොරණ්ම තමා.... ලස්සනයි...තැඹිලි තොරණක් මම දැකලත් නෑ... තැඹිලි පාටත් ලස්සනයිනේ... ලස්සනට පේනවා ඇති පියවි ඇහැට... - February 8, 2012 at 11:11 PM - මහි said... - හි හී... නියම තොරණ.... ~~**දඟ මල්ල**~~~ - February 9, 2012 at 12:26 AM - ChammA said... - මම නම් ඔහොම දෙයක් ඇහුවෙත් අදමනේ අයියේ... - February 9, 2012 at 5:40 AM - ප්රාර්ථනා said... - අම්මෝ.. මරු.. මටත් තැඹිලි බොන්න ආසාවක් ආවා මේ තොරණ දැක්කම - February 9, 2012 at 8:59 AM - ~~තරූගේ ලෝකය~~; said... - අදමයි දැක්කේ... - February 9, 2012 at 7:15 PM - න දී said... - මරු නේ අලො.දැයට කිරුලෙ තිබ්බා බඩඉරිගු තොරනක්.ඒකත් මාරඉ. - February 9, 2012 at 9:44 PM - අසරණයා said... - සමහර පැතිවල මළගෙවල්වල තැඹිලි තෝරන තියෙනවා.ඒවාට එල්ලන්නේ වේද තැඹිලි කියන ලබු ගෙඩියක් වගේ දිග තැඹිලි. - February 11, 2012 at 2:40 AM - නිකමා said... - අඩේ මේ එඩේරමුල්ල පල්ලියේ තොරණ නේද?.මාත් එදා පොඩි ගේමක් ගහලා බොහොම අමාරුවෙන් ගෙඩි 3කට වග කිව්වා.:P - February 11, 2012 at 9:01 PM - මධුරංග said... - @තාරා : ඉතින් දරුවෝ අප්පච්චිට කිව්වා නම් ගෙනත් දෙයි නේ ! @බීටා : වල්ලක් කරේ තියාන යන්න හදනකොටම කවුද එකෙක් "මල්ලි !!! මල්ලි !! වලු පිටින් උස්සන් යන්න දෙන්නේ නෑ !!" කියලා කෑ ගැහුවා. ඊට පස්සේ වල්ලෙම තිබ්බ ගෙඩි ටික කඩලා බිමට දැම්මා. පස්සේ කොහොමහරි බලද්දි වල්ලම තිබ්බ ගෙඩි ගොඩක් අපේ මාමෑ වාහනේ පුරෝලා ! @sAm (සෑම්) : කොල්ලන්ටත් පුදුම දේවල් නේ මතක් වෙන්නේ ! - February 12, 2012 at 11:22 AM - මධුරංග said... - @Observer : මම නම් එහෙම තොරණක් දැකලා නෑ මාමා ! පුලුවන් නම් ඒ ඊය මට ෆෝවර්ඩ් කරන්න !!! [email protected] @හිතහොඳ පිස්සා : ඒ මොකෑ ?? @ලහිරු : ෆයිට් එකක් දුන්නේ වල්ලක් කරේ තියාගෙන එන්ඩ ! නැත්නම් තැබිලි ගෙඩියක් ගන්න එච්චර අමාරු නෑ බං ! - February 12, 2012 at 12:38 PM - මධුරංග said... - @සයුරි : රන් තැඹිලි එහෙම ගොඩක් රහයි. තව මොනාද මන්දා සමහර කවියෝ රන් තැඹිලි වලට උපමා කරලා තියෙනවා. ම්ම්ම්ම්... හරියටම මතක් වෙන්නේ නෑ ! @මකුළුවා..... : එහෙම ගානක් කියලා නම් දන්නේ නෑ. තොරණේ ගහලා තිබ්බ ටිකයි. ඒකේ එල්ලන්නේ නැත්හුව ඉතුරු ටික බිම තියලා තිබ්බා ! @රූ.... : අනිවාර්යෙන්ම අපේ අක්කා ! ජාතික සමගිය නේන්නම් ! - February 12, 2012 at 12:42 PM - මධුරංග said... - @නදීර සඳරුවන් ලියනගේ : මේවා නම් නොමිලේම දෙන තැඹිලි !! ඕන කෙනෙක්ට ගත්තෑකි ! @Dinesh : ඒ කියන්නේ මල්ලිත් කලින් දැකලා තියෙනවා. මරු නේ ! @Ruwan : ඔවු !!! මම එඩේරමුල්ලේ තමා ! සහෝදරයාත් එඩේරමුල්ලේද ? අදුනා ගන්න ලැබීමත් සතුටක් ! ඒ තොරන් දෙම ෆොටෝ ගහගන්න බැරි උනා නෙව. අපරාදේ කියලා හිතෙනවා - February 12, 2012 at 12:47 PM - මධුරංග said... - @සකි : සකිත් තොරන් ගහලා තියෙනවද ? එල කොල්ලෙක් නේ ! තොරන් ගහන්න උදවු වෙන්ඩ වෙලාවක් නැති උනාට අපි නම් තොරන් ගලවන්න උදවු වෙනවා. මොකද තොරන් ගලවන්නේ නිවාඩු දවසක නේ ! @Anonymous : ඒ මොකද්ද ඒ වැඩේ ??? @දිනිති දීපිකා : අපෝ එක ගෙඩියක් ගත්තේ නෑ. එක වල්ලක් පද්දලා පද්දලා අරගෙන කරේ තියාගෙන දුවන්න තියා ගත්තා. !!! බීටා මල්ලිට දාපු රිප්ලයි එක බලන්ට ! - February 12, 2012 at 12:53 PM - මධුරංග said... - @හරී : "පාටි සෙට් උනේ නැද්ද ??" හික්ස් :) උඩින් කියලා තියෙන කතාව නම් ඇත්ත. නත්තල් පාර්ටි වලට වඩා පල්ලියේ මංගල්ලෙත් ජයටම ගන්නවා. මට කාලා නැගිටගන්න බැරුව හිටියේ !! :) @වින්චැට්කිරිල්ලි. : එහෙනම් හොදා ! අපිට අපේ දේවල් තරම් වටින වෙන දෙයක් තියෙනවැයි නේද කිරිල්ලි? @Praveena Palipana : ඇයි ඒ අපරාදේ කියන්නේ ? නාස්ති උනේ නෑ අක්කා. ඔක්කෝම කට්ටිය බීවා ! - February 12, 2012 at 1:07 PM - මධුරංග said... - @හිතුවක්කාරි : එච්චර පොරකන්න ඕන උනේ නෑ නංගි. කට්ටිය ගොඩ්ක්ම ට්රයි කරන්නේ තොරණ උඩට නගින්න ! ඒ නිසා බිම කලබලයක් නෑ. @රාජ් : ඒ කාලෙට ෆොටෝ කෑල්ලක් දෙකක් දැම්මා නම්... @සිත්රූ සිහින : සොහොන්වලත් පොල් තොරන් ගහනවද ? හෑ... අඩේ මරු නේ - February 12, 2012 at 1:10 PM - මධුරංග said... - @දයානන්ද රත්නායක : කිඹුලාපිටියේ පල්ලියේ මංගල්ලේ කවද්ද ? යන්ඩ වටිනවා එහෙනම් !!! @හරී : අනිවාර්යෙන්ම ලියන්ඩ !!! මුලින්ම පල්ලියේ මංගල්ලෙට උස්සන කොඩි ගහෙන් පටන් ගන්න !!! අපෝ අපේ නම් වෙන්දේසි කරන්නේ නෑ. ඔහේ බෙදලා දානවා !! @පිණිබිඳු... : පොල් වගේද තැඹිලි ?? - February 12, 2012 at 1:13 PM - මධුරංග said... - @Kasun : තැඹිලි වල්ලක් උස්සන් ආවා !!! බීටා මලයට දාපු කමෙන්ට් එක බලන්ඩ ! @වසිලිස්සා : මොන දේ උනත් අන්තිමේදි ඉතුරු වෙන්නේ මතකයන් ටිකක් විතරයි වසිලිස්සා !! තැන් තැන් වල වසිලිස්සාගේ කමෙන්ට් දැකලා තිබුනට මගේ බ්ලොග් එකේ පලවෙනිම කමෙන්ට් එක !! වසිලිස්සාව සාදරයෙන් පිලිගනිමි ! @ක්සැන්ඩර් | Xander : අනිවාර්යෙන්ම අන්තිමේදි පොල් කොටන් ටිකත් ගලවගෙන ගිහින් ! - February 12, 2012 at 1:17 PM - මධුරංග said... - @පිස්සා පලාමල්ල : මෙහෙත් කියලා කිව්වේ කොයි යහා ද ? @prasanna86k : එහෙම එකක් හම්බ උනොත් අනිවාර්යෙන්ම පෝස්ට් එකක් දාන්ඩෝ ! @Ice (අයේෂා කුලතුංග) : අමාරුවෙන් ඡායාරූප ගත කලාට පාඩු නෑ මහිතේ !!! - February 12, 2012 at 1:21 PM - මධුරංග said... - @Shani : පියවි ඇහැට දකින ලස්සන කොහෙන්ද කැමරා කාචයට !!! ඔයාලත් යන්නේ නැද්ද තැබිලි ගන්ඩ ! @මහි : ස්තුතියි මහී ! @ChammA : එහෙනම් ඒ ක්රෙඩිට් ටිකත් මට ! - February 12, 2012 at 1:24 PM - මධුරංග said... - @ප්රාර්ථනා : අපරාදේ ඔයාලෑ අම්මෑ ඉස්කෝලේ ගාවනේ පල්ලිය තියෙන්නේ. ඔයාටත් එන්ඩ තිබ්බේ ! @~~තරූගේ ලෝකය~~; : සතුටුයි සතුටුයි !! @න දී : ඒකේ පින්තූරත් දාන්ඩ !! - February 12, 2012 at 1:26 PM - මධුරංග said... - @අසරණයා : වේද තැඹිලි නම් මං දැකලා නෑ බං !! @නිකමා : හරියට හරි මල්ලි !!! මල්ලිත් එඩේරමුල්ලෙද ? මම නම් අඩේරමුල්ලේ හන්දියේමයි ඉන්නේ ! - February 12, 2012 at 1:31 PM
hplt_2
-අට්ටාල වල සිටින උන් මැස්සන්, කූඹින් තරමට වත් දැනෙන්නේ නැති බව පැවසූ ජනතා මනාපයෙන් පත් වූ SB ඇතුළු ඇමතිවරුනි, -ඔවුන්ව පත් කළ සිසු ගැටලු නොදුටු, නෑසුනු මෙන් සිටි මහ රජතුමනි, -කිසිම ඉල්ලීමක් නොදෙන බව පැවසූ උපකුලපතිතුමනි, -අට්ටාලයට තම ප්රාදේශිය බල පුලුවන්කාරකම් පෙන්වූ ප්රාදේශිය දේශපාලකයිනි, -සුළු මුදලකට සිසුන්ගේ ඡායාරූප, තොරතුරු පාලකයින්ට සපයන ඔත්තුකාරවරුනි, -ජන මනස වෙනස් කරන්නට ආණ්ඩුවේ මාධ්යවලින් අසත්ය ... පරමාණුවට වඩා කුඩා අංශු 150ක් (150 Particles smaller than an atom) පරමාණුවක පරිමාවෙන් 99.999999999999%ක් පමණ හිස් අවකාශය වන අතර 0.000000000001%ක් උප පරමාණුක අංශු වලින් යුක්ත වේ. පරමාණුවට වඩා කුඩා අංශු වර්ග අනන්ත ගණනක් තිබිය හැකි අතර මෙහිදී දක්වා ඇත්තේ 150ක් පමණි. Fermions ෆර්මියෝන වල බැමුම(spin) 1/2 වේ. බැමුම යනු නැවත මුල් අවස්ථාවට පත් වීමට භ්රමණය විය යුතු වට ගණනයි. ... පරමාණුවට වඩා කුඩා අංශු 150ක් (150 Particles smaller than an atom) පරමාණුවක පරිමාවෙන් 99.999999999999%ක් පමණ හිස් අවකාශය වන අතර 0.000000000001%ක් උප පරමාණුක අංශු වලින් යුක්ත වේ. පරමාණුවට වඩා කුඩා අංශු වර්ග අනන්ත ගණනක් තිබිය හැකි අතර මෙහිදී දක්වා ඇත්තේ 150ක් පමණි. Fermions ෆර්මියෝන වල බැමුම(spin) 1/2 වේ. බැමුම යනු නැවත මුල් අවස්ථාවට පත් වීමට භ්රමණය විය යුතු වට ගණනයි. ... කවුද ඕයි කියන්නෙ.. මහින්දට පුළුවන්..! මහින්දට කොච්චර දේවල් පුළුවන් ද..? මහින්දට පුළුවන් සුනාමි සහන මණ්ඩලේට විවේචන එල්ල වුණාම සරත් එන්. ද සිල්වා ව සාක්කුවෙ දා ගන්න.. මහින්දට පුළුවන් හලාවත ධීවර උද්ඝෝෂණේදි වෙඩි කාපු කොල්ලගෙ මළගෙදර ගිහිං සංවේදීව අඬන්න.. මහින්දට පුළුවන් මර්වින් දම්මලා රූපවාහිනියෙ පෝද්දල ජයන්තට ගස්සවලා ඒ මනුස්සයගෙ රවුළ කපලා ඌටම කවන්න.. මහින්දට පුළුවන් රතුපස්වල උද්ඝෝෂණේදි වෙඩිකාලා මැරුණු ඕලෙවල් කොල්ලා, ... කවුද ඕයි කියන්නෙ.. මහින්දට පුළුවන්..! මහින්දට කොච්චර දේවල් පුළුවන් ද..? මහින්දට පුළුවන් සුනාමි සහන මණ්ඩලේට විවේචන එල්ල වුණාම සරත් එන්. ද සිල්වා ව සාක්කුවෙ දා ගන්න.. මහින්දට පුළුවන් හලාවත ධීවර උද්ඝෝෂණේදි වෙඩි කාපු කොල්ලගෙ මළගෙදර ගිහිං සංවේදීව අඬන්න.. මහින්දට පුළුවන් මර්වින් දම්මලා රූපවාහිනියෙ පෝද්දල ජයන්තට ගස්සවලා ඒ මනුස්සයගෙ රවුළ කපලා ඌටම කවන්න.. මහින්දට පුළුවන් රතුපස්වල උද්ඝෝෂණේදි වෙඩිකාලා මැරුණු ඕලෙවල් කොල්ලා, ... උඹ හිත්නව නම් තාමත් මම උඹ එනකම් අඬ අඬ රිළවෙක් වගේ බලන් ඇති කියලා උඹට ආයෙත් වැරදිලා! එක පාරක් මදිවට තව පාරක්! මම ගිය හකුරට අඬන එකෙක් නෙමෙයි කියලා උඹත් දැනං හිටියා මාත් දැනං හිටියා! අමරදේවගෙ “විකසිත පෙම් පොකුරු පියුම්” උඹත් අහලා තියනවා මාත් අහලා තියනවා ඇනා කැරනිනා උඹත් කියෙව්වා මාත් කියෙව්වා දැන් ඉතින්, උඹ දන්නවා මං කවුද උඹ කවුද ... උඹ හිත්නව නම් තාමත් මම උඹ එනකම් අඬ අඬ රිළවෙක් වගේ බලන් ඇති කියලා උඹට ආයෙත් වැරදිලා! එක පාරක් මදිවට තව පාරක්! මම ගිය හකුරට අඬන එකෙක් නෙමෙයි කියලා උඹත් දැනං හිටියා මාත් දැනං හිටියා! අමරදේවගෙ “විකසිත පෙම් පොකුරු පියුම්” උඹත් අහලා තියනවා මාත් අහලා තියනවා ඇනා කැරනිනා උඹත් කියෙව්වා මාත් කියෙව්වා දැන් ඉතින්, උඹ දන්නවා මං කවුද උඹ කවුද ... ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිදුන් වෙත ලියා දන්වන වග නම්… ගරු ජනාධිපතිතුමනි , පෙර රජ දවස සිට ශ්රී ලංකාවේ බුදු දහම සුරක්ෂිත පෝෂණය කිරීම රජයේ වගකීමක් වූ බවත් වර්තමාන ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුවද එම වගකීම නොපිරිහෙලා ඉටු කල යුතු නීතියක් බවත් ඔබතුමාට අවබෝධයක් ඇතැයි අපි සිතමු .එහෙත් පහුගිය කාලයේ දිගින් දිගටම සිදු වූ යම් යම් සිදුවීම් ... ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිදුන් වෙත ලියා දන්වන වග නම්… ගරු ජනාධිපතිතුමනි , පෙර රජ දවස සිට ශ්රී ලංකාවේ බුදු දහම සුරක්ෂිත පෝෂණය කිරීම රජයේ වගකීමක් වූ බවත් වර්තමාන ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුවද එම වගකීම නොපිරිහෙලා ඉටු කල යුතු නීතියක් බවත් ඔබතුමාට අවබෝධයක් ඇතැයි අපි සිතමු .එහෙත් පහුගිය කාලයේ දිගින් දිගටම සිදු වූ යම් යම් සිදුවීම් ... ජීවිතය ගැන , ජීවිතේ ගොඩක් දේවල් අහිමි උන කෙනෙක්, ජීවිතය තනියම ගොඩනගාගත් කෙනෙක්, ජීවිතය ගැන පර්යේෂණ කල කෙනෙක්, ජීවිත ගණනකට ජීවිතය ගැන කියා දුන්න කෙනෙක්, ජීවිත ගණනක් ජීවත් කරවපු කෙනෙක්, ජීවිතය පුරාවටම තාමත්, ජීවත් වෙන්න වෙරදරනවා, ඒ වෙන කවුරුවත් නෙවෙයි, ඒ……………………මම ... ජීවිතය ගැන , ජීවිතේ ගොඩක් දේවල් අහිමි උන කෙනෙක්, ජීවිතය තනියම ගොඩනගාගත් කෙනෙක්, ජීවිතය ගැන පර්යේෂණ කල කෙනෙක්, ජීවිත ගණනකට ජීවිතය ගැන කියා දුන්න කෙනෙක්, ජීවිත ගණනක් ජීවත් කරවපු කෙනෙක්, ජීවිතය පුරාවටම තාමත්, ජීවත් වෙන්න වෙරදරනවා, ඒ වෙන කවුරුවත් නෙවෙයි, ඒ……………………මම ... ජීවිතය ගැන , ජීවිතේ ගොඩක් දේවල් අහිමි උන කෙනෙක්, ජීවිතය තනියම ගොඩනගාගත් කෙනෙක්, ජීවිතය ගැන පර්යේෂණ කල කෙනෙක්, ජීවිත ගණනකට ජීවිතය ගැන කියා දුන්න කෙනෙක්, ජීවිත ගණනක් ජීවත් කරවපු කෙනෙක්, ජීවිතය පුරාවටම තාමත්, ජීවත් වෙන්න වෙරදරනවා, ඒ වෙන කවුරුවත් නෙවෙයි, ඒ…….මම ... රටක් හිනැස්සවූ සුනිල් හෙට්ටිආරච්චි කලාකරුවා මේවනවිට සිටින්නේ රෝගාතුරවය. වසර හතරකට ආසන්න කාලයක් පාකින්සන් රෝගී තත්ත්වයෙන් සුනිල් හෙට්ටිආරච්චි පෙළුණු බව ඔහුගේ දූ දරුවන් මාධ්යයට පවසා තිබුණි. බෙහෙවින්ම මතකය අඩු මට්ටමක සිටින සුනිල් හෙට්ටිආරච්චිට පෙර මෙන් අතීතය ගැන බොහෝ දේ ආවර්ජනය කිරීමට හෝ එය වචනවලට පෙරැළීමේ හැකියාවක් නැත. ඒ පාකින්සන් රෝගයේ ස්වභාවයයි. සුනිල් කලකට ඉහතදී ඇනස්ලි, සැමුවෙල්, බර්ටි සමඟ එක්ව “විනෝද සමය” ... රටක් හිනැස්සවූ සුනිල් හෙට්ටිආරච්චි කලාකරුවා මේවනවිට සිටින්නේ රෝගාතුරවය. වසර හතරකට ආසන්න කාලයක් පාකින්සන් රෝගී තත්ත්වයෙන් සුනිල් හෙට්ටිආරච්චි පෙළුණු බව ඔහුගේ දූ දරුවන් මාධ්යයට පවසා තිබුණි. බෙහෙවින්ම මතකය අඩු මට්ටමක සිටින සුනිල් හෙට්ටිආරච්චිට පෙර මෙන් අතීතය ගැන බොහෝ දේ ආවර්ජනය කිරීමට හෝ එය වචනවලට පෙරැළීමේ හැකියාවක් නැත. ඒ පාකින්සන් රෝගයේ ස්වභාවයයි. සුනිල් කලකට ඉහතදී ඇනස්ලි, සැමුවෙල්, බර්ටි සමඟ එක්ව “විනෝද සමය” ...
hplt_2
"කොටි සැකකරුවන්ගේ ප්රාණ ඇපයේ සිටි බන්ධනාගාර නිලධාරීන් තිදෙනා මුදා ගනියි - STF විනාඩි 10ක් ඇතුළත මෙහෙයුම අවසන් කරයි" මේ පසුගිය ජුනි 30 වැනිදා දිනමිණ පුවත්පතේ පළවු ප්රවෘත්තියකි. මීට වසර තුනකට පමණ පෙර පැවැති යුද්ධයේ මෙහෙයුමක් විස්තර කරන ආකාරයෙන් අදාළ පුවත දිනමිණ පුවත්පත වාර්තා කර තිබේ. දිවයින, ලංකාසීනිවුස්, ආදී ආණ්ඩුවේ සරණ යන මාධ්ය හොරණෑද මෙම සිදුවීම වාර්තාකර තිබුණේ ඊට නොදෙවෙනි ආකාරයටය. කෙසේවෙතත් මේවන විට එක් දෙමළ දේශපාලන සිරකරුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් දේශපාලන සිරකරුවන් රාශියක් බරපතළ ලෙස ප්රහාරයන්ට ලක්ව ඇති බවද වාර්තාවේ. එබැවින් මෙය තවත් සිදුවීමකට ලඝු නොකොට ඒ සම්බන්ධයෙන් පුළුල් කතිකාවක් මතු විය යුතුව ඇත. ඒ සඳහා ප්රවිශ්ඨවීමේදී වවුනියාව බන්ධනාගාරය තුළ සැබෑවටම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව සැකෙවින් විමසා බැලීම වැදගත්ය. යුද්ධයෙන් පසු දේශපාලන සිරකරුවන් ලෙස (නැතහොත් ආණ්ඩුව කියන ආකාරයට එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ලෙස) ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ බන්ධනාගාරගත කොට සිටින දෙමළ රැදවියන් 30 දෙනෙකු පමණ වවුනියාව බන්ධනාගාරය තුළද රඳවා තිබිණි. යුද්ධය නිමාවී වසර 3කට වඩා ගතවී ඇති තත්වයක් තුළ තමන්ට එරෙහිව කිසිදු චෝදනා විභාගයකින් තොරව රඳවා තබා ගැනීමට එරෙහිව ඔවුන් පසුගිය මැයි 17 වැනිදා මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලදි. එම උපවාසයට දිවයින පුරා බන්ධනාගාරවල දේශපාලන සිරකරුවන් 234ක් පමණ පසුව සම්බන්ධ විය. දෙමළ ජාතික සන්ධානයේ සහ ආණ්ඩුවේ මැදිහත්වීමෙන් මසක් තුළ දෙමළ දේශපාලන සිරකරුවන්ට එරෙහි චෝදනා විභාග කිරීම සදහා අධිකරණ පිහිටුවන බවට පොරොන්දුවීමෙන් අනතුරුව එම දේශපාලන සිරකරුවන් මැයි 24 වන දින සිය උපවාසය අත්හරිනු ලැබීය. රැඳවියන් උපවාසහ අත්හැරීමෙන් පසු ඔවුන්ගේ ඉල්ලීම් ලබා දෙනු වෙනුවට ආණ්ඩුව සිදුකළේ උපවාසය ආරම්භ කළ වවුනියාව රැදවියන්ගෙන් පළි ගැනීමයි. උපවාසයට මැදිහත්වූ සරවනභවන් නැමැති රැදවියාට පසුගිය 25 වැනිදා ඔහු අධිකරණ කටයුත්තක් සඳහා අනුරාධපුර අධිකරණය වෙත රැගෙන යමින් සිටි අතරතුර අනුරාධපුර බන්ධනාගාරය තුළදී ඉතා අමානුෂික ලෙස පහරදී ඇත. අනතුරුව ඔහුට වවුනියාව බන්ධනාගාරය තුළදී මල මුත්රා ආදියෙන්ද පහරදී ඇති අතර පහරදීම් හේතුවෙන් ඔහු දැඩි අසාධ්ය තත්ත්වයෙන් සිට තිබේ. පසුව 26 වැනිදා එම සිරකරුවා වවුනියාව බන්ධනාගාරයෙන් පිටතට රැගෙනගොස් තිබේ. ඉන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් කිසිවක් වාර්තාවී නොමැත. ඊට සමගාමීව තවත් රැදවියන් දෙදෙනෙකු ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග මත බූස්ස කඳවුර වෙත රැගෙන ගොස් තිබේ. එම තත්ත්වය යටතේ බන්ධනාගාරය තුළ ඉතිරිව සිටි දේශපාලන සිරකරුවන් 27 දෙනා විසින් සරවනභවන්ට සිදුවූයේ කුමක්දැයි හෙළිකරන ලෙසද, වහාම ඔහු නැවතත් වවුනියාව බන්ධනාගාරය තුළට රැගෙන එන ලෙසද බලකරමින් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු රදවා තබා ගනිමින් උද්ඝෝෂණයක නිරතවිය. ආණ්ඩුවට තවත් පුංචි යුද්ධයකට අවස්ථාවක් සලසා දෙමින් පසුගිය ජුනි 29 වැනිදා විශේෂ කාර්ය බලකා සෙබළුන් පිරිසක් පැමිණ බන්ධනාගාර නිලධාරීන් මුදා ගැනීමෙන් නිමා වන්නේ එම උද්ඝෝෂණයයි. එම මෙහෙයුමෙන් අනතුරුව රැඳවියන් සියලු දෙනා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළත් කොට ඇත. අනතුරුව ඔවුන්ට පහරදීම සඳහා කොළඹින් විශේෂ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් තිබේ. එලෙස පහරදීමට කොළඹින් ගිය නිලධාරීන් බමණ මතින් තම සඟයන්ට පවසා ඇත්තේ "සූර පප්පා එකේ රෝමන් කාරයන්ට ගහනවා වගේ උන් ටිකට නෙළුවා" යනුවෙනි. එබැවින් අනුරාධපුර බන්ධනාගාරයේදී දැඩි පහරකෑමකට ලක්ව ඇති බව පැහැදිළිය. අනතුරුව ඔවුන් මහර සහ බෝගම්බර බන්ධනාගාරවලට ඇතුළත් කොට තිබේ. එම බන්ධනාගාරවලදීද ඔවුන් අමානුෂික වධබන්ධනවලට ලක්කර ඇත. මෙලෙස පහරකෑමට ලක්වූ නිමලරූබන් නැමැති රැදවියා මහර බන්ධනාගාරය තුළදී පසුගිය ජුලි 04 වැනිදා අලුයම මියයන්නේ මෙම තත්ත්වය යටතේය. එම පුවත ජුලි 05 වැනිදා තිනකුරල් පුවත්පත වාර්තා කළේ මේ ආකාරයටය: නිමලරූබන් නැමැති පුද්ගලයා මහර සිරකඳවුරු රෝහලේ දීම මිය ගිය බවත් රාගම රෝහලට මාරු කර ඇත්තේ ඔහුගේ මළ සිරුර බවත්, මහර සිරකඳවුරු රෝහලේ සිටි දේශපාලන සිරකරුවන් තමා සමග පැවසූ බව මන්ත්රී සෙල්වම් අඩෙයික්කලනාදන් ප්රකාශ කර සිටියේය. මේ පිළිබඳව වැඩි දුර අදහස් දක්වමින් මන්ත්රීවරයා පවසා සිටියේ,“වව්නියාව සිට අනුරාධපුර බන්ධනාගාරයට රැගෙන ගිය සිරකරුවන්ට එදින රාත්රියේ 11 සිට පාන්දර 02 දක්වා පොලු, වයර්, චේන් භාවිතා කරමින් බන්ධනාගාර නිළධාරීන් විසින් දරුණු ලෙස පහර දීලා තියෙනවා. මෙහිදී බරපතල තුවාල ලැබූ නිමල්රූබන් මහර සිරකඳවුර රෝහලට ඇතුළත් කරලා තියෙනවා. පසුගිය අඟහරුවාදා (03) රාත්රියේ තමන්ට වැඩිදුර ප්රතිකාර අවශ්ය බවත්, තමන්ව මෙම ස්ථානයේ සිට වෙනත් ස්ථානයකට මාරු කරන ලෙසත් ඉල්ලමින් නිමල්රූබන් වේදනාවෙන් කෑගහලා තියෙනවා. නමුත් පසු දින (04) පාන්දර 5.20 ට පමණ ඔහු මිය ගියා. ඔහුගේ මළසිරුර රාගම රෝහලට මාරු කරලා තියෙන්නේ ඊට පස්සෙ බව සිරකරුවන් කියනවා.” "රාගම රෝහලේ ප්රතිකාර ලබන දේශපාලන සිරකරුවන් හතරදෙනෙකුගෙන් එක් අයෙකු ‛කෝමා’ තත්ත්වයේ ඉන්නවා. තවත් එක් අයෙකුගේ කකුල් දෙකම බිඳීලා. තවත් අයෙකුගේ එක් කකුලක් බිඳිලා. තමන්ට ඉදිරියේදී කොයි ආකාරයේ තර්ජනයක් එල්ල වේ දැයි බයෙන් දේශපාලන සිරකරුවන් කල් ගෙවනවා.” මෙම දේශපාලන සිරකරුවාගේ මරණය හෙලා දකිමින් මේ පිළිබඳව නිසි පරීක්ෂණයක් පවත්වන ලෙස මන්ත්රී එම්.ඒ.සුමන්තිරන් ඊයේ පාර්ලිමේන්තුවේදී ප්රකාශයක් කර තිබේ. (උපුටා ගැනීම තිනක්කුරල් – 2012 ජූලි 05) එමෙන්ම මහර බන්ධනාගාර රෝහලේදී නිමලරූබන් පරීක්ෂා කළ වෛද්යවරයා ඔහුගේ ඇද ඉහපත් වාර්තාවේ ඔහු වහාම රාගම රෝහල වෙත යොමුකරන ලෙසත් සටහන්කර තිබී ඇත. නමුත් බන්ධනාගාර නිලධාරීන් අත්තනෝමතික ලෙස එය නොසලකා හැර තිබේ. ඒ අනුව තත්ත්වය පැහැදිලිය, පුනුරුත්ථාපනයවූ දෙමළ තරුණියක සහ හමුදා සෙබළකු විවාහ කර දීමේ මාධ්ය සංදර්ශනවලින් ජාතික සමගිය ගොඩනැගීමේ පුරසාරම් දොඩන ආණ්ඩුවේ සැබෑ අරමුණ තවත් වටයකින් ජාතිවාදය වැපිරීම මිස අන්යමක් නොවේ. ආණ්ඩුව සිය න්යාය පත්රයට අවනතවූ කේ.පී. , කරුණා, පිල්ලෙයාන් වැනි එල්.ටී.ටී.ඊ. නායකයින්ට සුර සැප ලබාදී සුරතල් කරමින් සිටින අතර එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ලෙස අත්අඩංගුවට පත් දෙමළ දේශපාලන සිරකරුවන් කිසිදු චෝදනාවක් නොමැතිව වසර ගණනාවක් තිස්සේ සිරකඳවුරු තුළ රඳවාගෙන සිටී. ඊට නොදෙවෙනිව ඔවුන් තමන්ට චෝදනා තිබේ නම් ඒවා විභාග කරන ලෙස කළ ඉල්ලීම කුඩුපට්ටම් කිරීමටද ආණ්ඩුව උත්සාහ දරමින් සිටී. අවසානයේදී දෙමළ රැදවියන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන, දේශපාලන පක්ෂ සියල්ලට "ත්රස්තවාදී" ලේබල් ඇලවීමටද ආණ්ඩුව සැදී පැහැදී සිටී. යුද්ධය නිමාවී වසර තුනක් ගතව ඇති නමුදු උතුර තවමත් සාමාන්ය තත්වයට පත්ව නැත. මිලිටරි කඳවුරු සහ පොලිස් මුරපොල පෙනෙන මානයේ මිනිස් ඝාතන, පැහැර ගැනීම් සහ කායික පහරදීම් දෛනිකව සිදු වෙමින් පවතී. එමෙන්ම ආර්ථික පීඩනය හමුවේ ජනිත කෙරෙන දරුණු ජීවන කොන්දේසිවලට හා ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී පියවරයන්ට එරෙහිව මතුවන කවර හෝ සමාජ-දේශපාලනික නොසන්සුන්තාවක් ලෙයින් මැඩීම වත්මන් ආණ්ඩුවේ අරමුණ බවට පත්ව තිබේ. නිමලරූබන්ගේ ඝාතනය, කටුනායක කම්කරු ඝාතනය හා හලාවත ධීවර ඝාතනය හරහා ඔප්පුකර පෙන්වූයේ එම සත්යයයි. මෙය වත්මන් නවලිබරල් ධනවාදයේ කඩා වැටීමේ ලාංකීය ප්රකාශනය මිස අන් යමක් නොවේ. ධනවාදය සිය ගමන් මගේ මරණාසන්නයට පත්ව තිබෙන මොහොතක ඊට ජාතික සමගිය ගොඩනැගීම තබා පාසල් දරුවාට නිසි අධ්යාපනයක් ලබාදිය නොහැකි තත්ත්වයට අද පත්ව තිබේ. කෙසේ වුවද දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් සහ උතුරේ ජනතාව සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරමින් සිටින ක්රියාකලාපය හරහා සිදුවන්නේ දශක තුනක් පුරාවට පැවැති යුද්ධයට මූල ධාතු සැපයූ බීජයන් යළිත් වටයකින් දළුලා වැඩීම පමණකි. - දිළුම් තේජන
hplt_2
කෝවක්කා කෝවක්කා යනු ඖෂධීමය අගයක් ඇති වැල් වර්ගයකි. මෙය Coccinia grandis යන උද්භිද විද්යාත්මක නාමයෙන් හඳුන්වනු ලැබේ දකුණු ආසියානු රටවල වියළි කලාපය තුළ බහුලව දක්නට ලැබේ. කෝවක්කා ගෙඩි ලපටි කාලයේදී කොළ පැහැයෙන් දිස්වන අතර ඉදුණ ගෙඩි අලංකාර රතු පැහැයක් ගනී. කෙම් ගෙඩිය ලෙසින් ද කෝවක්කා ගෙඩිය පැරණි පොතපතෙහි හඳුන්වා තිබේ. භාවිතය[සංස්කරණය] ආහාරමය ප්රයෝජන ලෙස කෝවක්කා මැල්ලුම, කෝවක්කා කැඳ, හා කොවක්කා ව්යංජනය භාවිතා වන අතර කෝවක්කා වැලෙහි ලපටි කොළ මැල්ලූම් සෑදීම සදහා භාවිතා කරයි. ඖෂධීය ගුණ[සංස්කරණය] කෝවක්කා කොළ මැල්ලූම දියවැඩියා රෝගීන්ට හොද ඔසුවක් ලෙස සිංහල වෙදකමේ දී හැඳින්වේ. හේන් ගොවිතැන් කිරීමට කැලය කපන අවස්ථා වලදී කෝවක්කා වැල්ද කැපී යයි, එවිට කොවක්කා වැලෙන් වෑස්සෙන ජලය එකතු කර පානය කිරීමෙන් පිපාසය ඉක්මණින් සංසිදෙන බව ගොවීන්ගේ විශ්වාසය වේ. සාහිත්යය[සංස්කරණය] කෝවක්කා ගෙඩියේ පැහැය ගිරවාගේ හොටෙහි පැහැයට සමාන වීම නිසා ගිරා සංදේශයේද කෝවක්කා ගෙඩිය පිළිබඳව සඳහන් වන අතර මහා කවි කාලිදාසයන් කාන්තාවන්ගේ තොලෙහි පැහැය වර්ණනා කිරීම සහාද කෝවක්කා ගෙඩියේ පැහැය යොදාගෙන තිබේ.
hplt_2
පසුගිය ලිපියෙන් අපි හයිබ්රිඩ් කියන්නේ මොකක්ද, හයිබ්රිඩ් වාහනයක අඩංගු කොටස් සහ ඒ කොටස් එකිනෙක හා ගනුදෙනු කරන ආකාරය ගැන සරලව කතා කලා. මම කලින් කිව්වා වගේ පූර්ණ හයිබ්රිඩ් රථයක අඩංගු විදුලි මෝටරය සහ අභ්යන්තර දහන එන්ජිම ආකාර 4 කට රථයේ ධාවනයට උදව් වෙනවා. ඒ ආකාර 4 ගැන අද අපි පොඩ්ඩක් හොයල බලමු. ලංකාවේ දැනට තියෙන Toyota Prius රථය පූර්ණ හයිබ්රිඩ් රථයක වුනත්, Honda Insight පූර්ණ හයිබ්රිඩ් රථයක් නොවේ. එක වැඩ කරන විදිය මම දැන් විස්තර කරන ක්රමයට වඩා ටිකක් වෙනස්. 1. රථය පණගැන්වීම Prius රථයක් පනගැන්වීමේදී එයට අවශ්ය ශක්තිය ලබා දෙන්නේ එහි අඩංගු බැටරිය සහ විදුලි මොටරයයි. ඒ නිසා මේ ජාතියේ වාහනයක් පන ගන්වනකොට සද්දයක් ඇහෙන්නේ නෑ! 2. ධාවනය ආරම්භ කිරීම රථය ඉදිරියට ඇදෙන්න පටන් ගද්දි එයට අවශ්ය බලය සපයන්නෙත් විදුලි මෝටරය පමණයි. රථය 20-25 km/h පමණ වේගයක් ලබාගන්නකම් රථයේ එන්ජිම ක්රියාත්මක වෙන්නේ නෑ. 3. රථය වේගයෙන් ධාවනය කිරීම ( තැනිතලා පෙදෙසක ) මෙහිදී ධාවනයට ආධාර වෙන්නේ අභ්යන්තර දහන එන්ජිම පමණයි. මොකද තරමක් වේගයෙන් යද්දී එන්ජිමත් ඉහල කාර්යෂමතාවකින් බලය සපයන්න සමත්. වාහනයේ මොටරයට බලය සපයන ගමන්ම , වාහනයේ අඩංගු Generator එකක ආධාරයෙන් වාහනයේ බැටරිය නැවත ආරෝපණය කිරීමත් ( බැටරිය බැහැල වගේ නම්.....) මේ අවස්ථාවේදී සිදු වෙනවා. 4. කන්දක ඉහලට ධාවනය කිරීම වාහනය කන්දක ඉහලට ධාවනය කරද්දී, එයට අධික ත්වරණයක් ලබාදෙන්න වෙනවනේ ( ඇක්සලරේටරේ පාගන්න එපැයි) එතකොට එන්ජිමේ සහයට විදුලි මෝටරයත් එකතු වෙනවා. ඔය ප්රභව දෙකෙන්ම එක සැරේ සපයන බලය එකතු කරලා හරියට රෝද වලට සපයන්නේ Power Split Tramsmisson Sytem ( බලය බෙදීමේ සහ එකතු කිරීම තමා මෙහිදී වෙන්නේ) එකක් හරහායි. 5. වාහනය මන්දනය කිරීම සහ තිරිංග තද කිරීම වේගයෙන් යන වාහනයේ වේගය අදාළ කරද්දී හෝ තිරිංග පාගා සම්පූර්ණයෙන්ම නවත්තද්දී Prius හයිබ්රිඩ් රථය එහි ඇති " නැවත ජනනය කල හැකි තිරිංග පද්ධතිය " (Regenarative Braking System) භාවිතයට ගන්නවා. මෙහිදී සිදු වෙන්නේ මේ වගේ දෙයක්. රථයේ වේගය අදාළ වෙනකොට හරි තිරිංග පාගනකොට රෝද සමග එන්ජිම / විදුලි මෝටරය ඇති කරගෙන තිබූ සම්බන්ධතාවෙන් ඒවා වෙන වෙනවා. දැන් නිදහසේ කැරකෙමින් තිබෙන එන්ජිමේ බලය වාහනයේ තියෙන ජෙනරේටරයට සපයල ඒ හරහා බැටරිය නැවත ආරෝපණය කරනවා. මේ නිසා ලොකු ශක්ති හානියක් සිදු වීම වලකිනවා. ඔන්න ඔය 5 වැදෑරුම් ක්රම වලින් තමයි Toyota Prius රථයක් වැඩ කරන්නේ. මෙහිදී ඉන්ධන ඉතුරු වන ආකාර මොනවද කියල දැන් අපි බලමු. ඉන්ධන ඉතුරු වන ආකාරය 1. නැවත ජනනය කරන තිරිංග පද්ධතිය නිසා සාමාන්ය වාහනයක් නවත්තවන්වාට වඩා බොහොම අඩු ශක්ති හානියකින් හයිබ්රිඩ් රථයක් නවත්තන්න පුළුවන්. 2. වාහනය නවත්තල තියෙන වෙලාවට ( වාහන තද බදයකදී වගේ) අභ්යන්තර දහන එන්ජිම ක්රියාත්මක වෙන්නේ නෑ. සියල්ල සිදු වෙන්නේ බැටරි බලයෙන්. මේ නිසා එතනත් ශක්තිය ඉතුරු වෙනවා ( මොකද ශබ්ද හානිය, තාප හානිය, දෙදරුම් (Vibrations) නැති නිසා ) 3. වාහනය වේගයෙන් ධාවනය වන විට අභ්යන්තර දහන එන්ජිමේ ධාරිතාවට හිතකර පරිදි රථය ධාවනය වන නිසා එන්ජිමේ කාර්යක්ෂමතාව වැඩියි. ඔන්න ඔය විදියට තමයි ඉන්ධන ලීටරයකින් සාමාන්ය වාහනයකට වැඩ වැඩි දුරක් හයිබ්රිඩ් රථයක් ධාවනය කරන්නේ. තේරුනා නේද...? හයිබ්රිඩ් වාහන ගැන ඔයාලටත් ඇති වෙන ගැටළු අපිට යොමු කරන්න පැකිලෙන්න එපා! එහෙනං ගිහින් එන්නම්. බ්රූරූරූම්...!!!! පලමු කොටස සහ දෙවන කොටස උපුටා ගැනීම ටෙක්නිකල් හංදිය බ්ලොගයෙනි
hplt_2
මෝල්ටාව මෝල්ටාව යනු, සිසිලියට 80 කිමී[convert: unknown unit] දකුණින්ද, ටියුනීසියාවට 284 කිමී[convert: unknown unit] නැගෙනහිරින්ද සහ, ලිබියාවට 333 කිමී[convert: unknown unit] උතුරින්ද, මධ්යධරණි මුහුදේ පිහිටි දකුණු යුරෝපියානු රටකි. යම්තම් 316 කිමී2[convert: unknown unit] භූමි ප්රමාණයක් ආවරණය කිරීම නිසා, ලොව කුඩාතම[4][5][6] රටවල් අතුරින් එකක් සහ වඩාත් ජනගහණ ඝණත්වය සහිත රටවල් අතුරින් එකක් බවට මෝල්ටාව පත්කරයි. මෝල්ටාවේ අගනුවර වැලෙටා වෙයි. නිල භාෂා දෙකක් එය සතු වෙයි: මෝල්ටීසියානු සහ ඉංග්රීසි. ඉතිහාසය පුරාම මොල්ටාව පිහිටා තිබෙන ස්ථානය ප්රබල යුද්ධෝපායන් ක්රියාත්මක කිරීමෙහි ලා ඉතා වැදගත් ඉඩ ප්රස්තා සලසා දී තිබුණත්, ෆනීෂියන්වරු, ග්රීකයන්, රෝමන්වරු, ෆැටිමිඩ්ස් (Fatimids), සිසිලියන්වරු , ශාන්ත ජෝන් නයිට්වරු, ප්රංශ හා බ්රිතාන්ය යන ජාතීන්ට මෙම දූපත් පාලනය කිරීමේ බලය අනුපිළිවෙලින් ලබා දී තිබිණි. මොල්ටාව, වසර 1964 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස ලබාගත් අතර පොදු රාජ්ය මණ්ඩලයේ සාමාජිකත්වයෙහි තවදුරටත් රැදී සිටීමේ නිදහස තබාගනිමින්, 1974 දී ජනරජයක් බවට පත්විය. 1964 සිට මොල්ටාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටකි. යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාගත්තේ වර්ෂ 2004 දීය. මෙම රාජ්යය 2007 සිට ෂෙනගන් (Schengen) ගිවිසුමහි පාර්ශවකරුවෙකුද, 2008 සිට යුරෝසෝන්හි (eurozone) සාමාජිකයකු ද වන්නේ ය. මල්ටා රාජ්යයට දීර්ඝ කාලින ක්රිස්තියානි උරුමයක් තිබේ. එය, පුරෝගාමී ක්රිස්තියානු ධර්මදූතයින්ගේ නිල පෙදෙසක් ද වන්නේ ය. 'අපෝස්තල්' (Apostle) පනතට අනුව පෝල් ශාන්තුවරයාගේ යාත්රාව 'මෙලිටේ' (melite) හිදි මුහුදුබත් විය. ඉන්පසු මෙම සාන්තුවරයා පූජකවරයකු ලෙස 'මෙලිටේ' හි විසීය. බයිබලය උගතුන් බොහෝ දෙනෙකු 'මෙලිටේ' යනුවෙන් දක්වන්නේ මල්ටාව බවට හඳුනා ගනිති. කතෝලික ධර්මය, මොල්ටාවේ නිල ආගම ලෙස නොකඩවා පවතින අතර, එය එරටෙහි ප්රමුඛ ආගම ද වන්නේ ය. මොල්ටාව ප්රචලිත වන්නේ එහි දක්නා ලැබෙන ලෝක උරුමයන් හේතු කොටගෙනය. මේවා අතරින් කැපී පෙනන වැදගත් ස්ථානය වන්නේ යුරෝපයේ දක්නට ලැබෙන ඉතා පෞරාණික කිසිදු කලා ශිල්පයක් හා නොඈදුනු තනිව තිබෙන්නා වූ නිර්මාණයක් වන මොල්ටාවේ ශිලාමය සිද්ධස්ථානයන් ය. ආශ්රිත[සංස්කරණය] - ↑ 1.0 1.1 1.2 1.3 "මෝල්ටා". ජාත්යන්තර මූල්ය අරමුදල. සම්ප්රවේශය 17 අප්රේල් 2013. - ↑ "Gini නොයිෆිෂියන්ට් ඔෆ් ඉක්වලයිස්ඩ් ඩිස්පෝසබල් ඉන්කම් (මූලාශ්රය: SILC)". යුරෝස්ටැට් ඩේටා එක්ස්ප්ලෝරර්. සම්ප්රවේශය 13 අගෝස්තු 2013. - ↑ "2013 හියුමන් ඩිවලප්මන්ට් රිපෝට්". 14 මාර්තු 2013. සම්ප්රවේශය 14 මාර්තු 2013. - ↑ "යුරෝපියන් මයික්රොස්ටේට්ස්". Traveltips24.com. 22 දෙසැම්බර් 2008. සම්ප්රවේශය 31 මාර්තු 2009. - ↑ "කරියර් ගයිඩන්ස් ඉන් මෝල්ටා: අ මඩිටරේනියන් මයික්රොස්ටේට් ඉව් ට්රාන්සිටෝ". Ingentaconnect.com. 16 ජූනි 2006. සම්ප්රවේශය 31 මාර්තු 2009. - ↑ "ද මයික්රොස්ටේට් එන්වයරමෙන්ටල් වර්ල්ඩ් කප්: මෝල්ටා වර්සස් සැන් මරිනෝ". Environmentalgraffiti.com. 15 දෙසැම්බර් 2007. සම්ප්රවේශය 31 මාර්තු 2009.
hplt_2
දැයට කිරුළ 2012 අධ්යාපන සහ වෙළඳ ප්රදර්ශනයට සමගාමීව ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සහ හන්තාන ලිනක්ස් ප්රජාව එක්ව සංවිධානය කළ නිදහස් සහ විවෘත මෘදුකාංග පිළිබඳ දැණුවත් කිරිමේ වැඩසටහන් මාලාව පෙබරවාරි මස 7 සහ 8 දෙදෙන තුළ ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ප්රදර්ශන කුටිය තුළ දි සිදු කරන ලඳි. මේ සඳහා අති විශාල පිරිසක් එක් වූ අතර සහභාගි වුවන්ගෙන් උණුසුම් ප්රතිචාර ලැබුණි. පාසල් ළමුන්, ගුරුවරු, දෙමාපියන් මෙන්ම රාජ්ය සහ පුද්ගලික අංශවල රැකියාවන්හි නියුතු කොටස් මෙම වැඩසටහන සමඟ එක් විය. මෙම වැඩසටහන අතර තුළ දි පාසැල් ගුරුවරුන් සඳහා හන්තාන ලිනක්ස් පද්ධතියේ ඇති අධ්යාපනික මෘදුකාංග භාවිතයෙන් කෙටි පාඩමක් තම පාසැල් දරුවන්ට කිරීමටද අවකාශ ලබා දීම විශේෂත්වයකි. එහිදි එම මොහොතේ විනාඩි 2ක් පමණ කාලයකදි අදාල මෘදුකාංගය භාවිතයට හුරුවීම මඟින් පාසැල් දරුවන්ට කෙටි පාඩමක් කිරීමට පාසැල් ගුරුවරු සමත් වූහ. ප්රදර්ශනකුටියට පැමිණි පාසැල් ගුරුවරයෙක් පැමිණ සිටි පාසල් ළමුන් ඇතුලු පිරිසට Kalzium මෘදුකාංගය භාවිතයෙන් රසායන විද්යාව පිළිබඳ කෙටි පාඩමක් කරමින්… පාසැල් දරුවන් සඳහා පාසැල් පොත් බෑග්, පෑන් වැනි තිලිණ මෙන්ම කෙටි සංග්රහයක් ලබා දීම ද ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් සිදු කරන ලදි. එමෙන්ම හන්තාන ලිනක්ස් 15.5 DVD තැටි නොමිලේ බෙදා දීමද ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් සිදු කරන ලදි. දිනකට වැඩසටහන් 3 ක් පමණ කළ හැකි යැයි මුලින් සැලසුම් කළ ද, එක් වැඩසටහනක් අවසන් වෙත්ම තවත් වැඩසටහනක් ඇරඹීමට සිදු වුයේ පසල් සිසුන් සහ ප්රදර්ශනයට පැමිණි දෙමාපියන්ගේ නිදහස් සහ විවෘත මෘදුකාංග පිළිබඳ හදුන්වා දුන් වැඩසටහන් සඳහා තිබූ උනන්දුව නිසා වෙනි. ගණිතමය ගැටලු ඇසුරෙන් නිමවා ඇති TuxMath ක්රීඩාවෙන් ජයගත් පාසල් සිසුන් දෙදෙනෙක්.. තවද, අධ්යාපන අමාත්යාංශයේ තොරතුරු තාක්ෂණ ශාඛාවද තම ප්රදර්ශනය කුටිය හරහා දෙවන වරටත් නිදහස් සහ විවෘත මෘදුකාංග හදුන්වා දීම මුළු ප්රදර්ශන කාලය පුරාම සිදු කරන ලදි. දැයට කිරුළ ප්රදර්ශනය සඳහා එක් වීමට මූලික අවදියේදි සහාය දුන් බන්දුල රණතුංග මහතාටත්, තොරතුරු තාක්ෂණ අමාත්යාංශයටත්, මෙම සියලු කාර්යයන් සාරථක කර ගැනීම උදෙසා උරදුන් ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ අතුල පුෂ්පකුමාර, වසන්ත දේශප්රිය, මහේෂ් කූරගම, මලිත්, කසුන්, ප්රියන්ක සහ හන්තාන කණ්ඩායමට අවශ්ය සියලු සම්බන්ධීකරණ කටයුතු කරමින් හන්තාන ලිනක්ස් කණ්ඩායමෙ සහායට එක් වූ සුජිත් ජයසූරිය මිතුරාටත් හන්තාන ප්රජාවේ නොමද ස්තුතිය පිරි නැමේ. රැයක් දවාලක් නොමැතිව නිදහස් සහ විවෘත කේත මෘදුකාංග පිළිබඳ වැඩසටහන් සඳහා අති විශාල ඉරිසක් එක් ව සිටි අයුරු
hplt_2
මේක මේ මාළු ටැංකියක බැහැලා නානවා වගේ වැඩක් නම් නෙවෙයි. ඊට වැඩිය සුපිරි නෑමක්. ගිය ඉරිදා මට නිවාඩු…! හ්ම්… මාස තුනකින් විතර. ඉතිං ගෙදර ඉන්න කම්මැලි හිතුන නිසා අම්බලම බ්ලොග් එක ලියන මනූජ එක්ක සෙට් වුනා මූදේ නාන්න. වැඩිය දුර නෙමේ… ගෙදර ඉඳන් කිලෝමීටර් 43ක් විතර දුරින් අම්බලන්ගොඩ. ඇයි ඉතිං අපේ හරියේ තියෙන්නේ අම්බලන්ගොඩ තියෙන මුහුද නෙවෙයිනේ ඒකයි. ඉතිං ඔන්න උදේ පාන්දරම අටට විතර බස් එකේ නැගලා බෘම් ගාලා 9.30 වෙද්දි අම්බලන්ගොඩ. පස්සේ ඉතිං ඔය යන එන ගමන් තිබ්බ මෙව්වා එකකින් දුඹුරු පාට බෝතල් දෙකක් එපා කියද්දිම මුදලාලි දුන්න නිසා බෑග් එකේ දාගෙන ගියා අම්බලන්ගොඩ බීච් එකට. හ්ම්… එතෙන තමා මෙතෙන. වැඩිය සෙනග එහෙම හිටියේ නෑ උදේ පාන්දර නිසා. දවල් වෙද්දිනම් අක්කලා, නංගිලා එහෙමත් ආවා. කොල්ලොනම් ඉතිං කොහොමත් නිතර දෙවේලේ ගැවසෙන එකේ උං ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතිං අපි දෙන්නත් ඇඳුම් මාරු කරගෙන එහෙම බැස්සා මේ පුංචි වතුර වලට. මම ඇත්තටම හිතුවේ මේකේ කොහේ නාන්නද කියලා… හැබැයි ඉතිං ගියාම තමා තේරෙන්නේ නාන්න මේ තරම් හොඳ වෙන තැනක් නෑ කියලා. අපි ඉතිං එහාට මෙහොට නැලවෙවි ඉද්දි ආවා කෙනෙක් මාස්ක් එකක් එහෙම දාගෙන. පොරගේ වැඩේ වතුර යට ගිහිං ටිකක් වෙලා එහාට මෙහාට කැරකැවිලා ආයේ උඩ එන එක. අපිත් ඉතිං විචක්ෂනශීලි කොල්ලෝ නිසා මාත් ඉල්ල ගත්තා මාස්ක් එක. අරගෙන…. ගැඹූඹූඹූඹූඹූඹූරු හුස්මක් අරගෙන ගියා වතුර යටට. ෆුහ්… වතුර උඩින් පේන්නේ මොන මගුලක්ද…. යටින් එපැයි බලන්න…. එතෙන වෙනම ලෝකයක්. හැමතැනම චූටි චූටි මාළු රංචු. ගල් අයින් වල වැඩියි… ලොකු එවුනුත් ඉඳියා. ඇත්තටම මං නිකමටවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ. කව්ද දෙයියනේ මාළු එක්ක මූදේ නාන්න හිතුවේ. අපි ලඟට යන කොට කකුල වටේ කැරකිලා උං දුවනවා ගල් අයින් වල හැංගෙන්න. ඇත්තටම හරිම ලස්සනයි. එක එක ජාතියේ එවුන්. මට ඉතිං වතුර යටින් ෆොටෝ ගන්න බැරි නිසා වතුර උඩින් ගත්තා දෙක තුනක්. ඇත්තටම මං ඇස් දෙකින් දැකපුවා මතකයෙන් ඇදලා අරං කන්වර්ට් කරගන්න විදියක් නැහැනේ…. ඊට පස්සේ ඔන්න තව පොඩි කොලු රැලක් ආවා. එයාලා වයසිනුයි, ඇඟෙනුයි පොඩි වුනාට මට වඩා ටැලන්ට් එකෙන් නම් සෑහෙන ලොකුයි. පේනවනේ සෙට් එක වතුරට සම්ප්රාප්ත වෙන ලස්සන. මාත් ආසාවට එකෝම එක පාරක් පැන්නා… ඒ පැනපු පැනිල්ල ගැන කාගෙන් වත් විසිල් එකක් හූවක් එහෙම දීලා ධෛර්යමත් කරේ නැති නිසා ආයේ පැන්නේ නෑ. ඊට පස්සේ මනූජ මාස්ක් එක දාගෙන යට ගිහිං, මං මෙතුවක් කාලෙකට එක එක ආටිකල් වලින් විතරක් දැකලා තිබුන “ඉකිරියා“ කියලා හඳුන්වන ඉත්තෑවෙක් වගේ කටු බෝලයක් පෙන්නුවා වතුර යට ඉන්න. ඇත්තටම ඌව නම් දැක්කමත් ටිකක් විතර බය හිතෙනවා. කකුලේ ඇනුනම එහෙම ගොඩක් විසයිලු. ඌට නෙමේ… අපිට හරිද… ඒ වගේ කලුපාට කටු බෝල ගොඩක් ඉන්න තැනකුත් ඊට එහායින් තිබුනා. හරියට නිකං රඹුටන් වල කලුපාට ගාලා වගේ. පස්සේ ඉතිං හිමීට ඔය කලු ගල් දෙක උඩට නැග්ගම එතෙනට පෙන්නේ තවත් ලස්සන දර්ශනයක්. වතුර උඩ එකයි, වතුර යට එකයි, ගල් උඩට නැග්ගම තවත් එකක්…! එතෙන අව්වයි තමා, ඒත් ඒ බවක් නම් තේරුනේ නෑ… පොඩි කට්ටියත් එක්ක නාන්න එන්න කියාපු තැනක් මේක. මොකද අපි ඉද්දිත් පුංචි පැටවු ටිකක් එයාලගේ තාත්තලාගේ සහයෙන් ලස්සනට නෑවා. රැල්ලේ සැරක් නැති නිසා වගේම, මුහුදට ගහගෙන යයි කියලා බයකුත් නැති නිසා ආරක්ෂා සහිතව නාන්න හොඳ තැනක්. හැබැයි ඉතිං ඔයාලත් එහෙම යන්න ආසාවෙන් ඉන්නවනම්, අනිවාර්යෙන් ගොගල් එකක් හරි නහයත් එක්ක වැහෙන්න මාස්ක් එකක් හරි ගෙනියන්න… වතුර උඩින් දකින ලස්සනට වැඩිය වතුර යට මාර ලස්සනයි. මුහුදේ අනිත් තැන් වල රැල්ලත් එක්ක වතුර යට මාළු බලන්න අමාරු වුනත් මෙතෙන රැල්ලක් නැති නිසා කිසිම අමාරුවක් නෑ… හැබැයි එක මාළුවෙක්වෙත් දැලක් නැතුව අල්ලන්නනම් බෑමයි… මොකද ඉතිං මමත් ට්රයි නොකලැයි…!!! හරියටම නාන තැන ගැන දැනගන්න ඕනේ නම් අම්බලන්ගොඩ නගරයේ කොහෙන් හරි “රෙස්ට් හවුස් එක ගාව පූල්“ එකට යන්නේ කොහෙන්ද කියලා ඇහුවනම් පාර දැනගන්න පුළුවන්. ලොකු වාහන නම් වුනත් මුහුද පේන මානෙටම ගියෑකි. ට්රයි ෂෝ, මෝටර් බාසිකල් එහෙමනම් මුහුද ගාවටම ගියෑකි…! ආයෙත් කියන්නේ යන කෙනෙක් ඉන්නවනම් අනිවා මාස්ක් එකක් අරගෙන යන්න. (මට මේක මැජික් වගේ වුනාට අනිත් අයට එහෙම නැතිද දන්නෙත් නෑ)
hplt_2
ඇමරිකානු විප්ලවීය යුද්ධය ඇමෙරිකන් විප්ලවීය යුද්ධය (1775-1783), නොහෙත් ඇමෙරිකන් නිදහස් අරගලය නොහොත් සරල ව විප්ලවීය යුද්ධය යනුවෙන් හැඳින්වෙන්නේ ඇමෙරිකාව සහ මහා බ්රිතාන්ය අධිරාජ්යය අතර පටන් ගැනුණකි. එය අවසානය වෙද්දී බ්රිතාන්ය එක පැත්තක ද, ඇමෙරිකාව, ප්රංශය, නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤය අනෙත් පැත්තේ ද සටන් වැදුනහ. ඇමෙරිකාවට ජය අත් විය. මෙය සාමජයීය පෙරළියක් නොව දේශපාලන සටනකි. ඇමෙරිකාවේ නිදහස වෙනුවෙන් සටන් වැදි මේ යුද්ධය තුලින් දිව යන්නේ පැරණි සහ නව දේශපාලන අදහස් වෙති. එසේම නව හමුදාමය සංකල්ප ඵල ගැනීමකි. බ්රිතාන්ය පාර්ලිමේන්තුවේ නියෝජනයක් නැතිව, උපනිවේෂ ඇමෙරිකානුවන්ගෙන් අදහස් විමසන්නේ නැතිව ඔවුන් වෙත බදු පැනවිය හැකි ද යන්න බ්රිතාන්ය අධිරාජ්යයේ තුන්වැනි ජෝර්ජ් රජුට උත්තර දෙන්නට සිද්ධ වූ ගැටළුව යුද්ධයක් ලෙසින් දියත් වී බදු ගැන විමසූවන් වෙන් වී ගොස් රටක් ලෙසින් ලෝකයට බිහි වී නිමා වූවකි.[1] උපනිවේෂයන් හි පාලකයන් යැයි කියාගත් බ්රිතාන්ය එහි ආරක්ෂාවට මුදල් වැය කරන්නට අකමැති වූහ. උපනිවේෂයන් හි මිලීෂීයාවට තම ආරක්ෂාව සලසා ගැනීමට තරම් යුදමය දැනුමක් සතු නොවිණ. බ්රිතාන්යයන් ස්වදේශී ඉන්දියානුවන් වෙත දැක් වූ සැලකිලි වලට ද උපනිවේෂ වැසියන් අකමැති වූහ. එසේම රටේ බටහිර පළාත් වලට උපනිවේෂ වැසියන් සංක්රමණය වීමට බ්රිතාන්ය අකමැත්ත දැක්විය. ඒ නිසා තමන් කමැති උපනිවේෂ වැසියන් අකමැති ප්රතිපත්ති ක්රියාත්මක කරවීමට ඔවුනට හමුදා බලය හා මුදල් අවශ්ය විණ. එහෙත් බ්රිතාන්යයේ මතය වූයේ තම ආරක්ෂාව පිණිස උපනිවේෂ වැසියන් මුදල් වැය දැරිය යුතු යැයි කියාය. තමන් කැමැත්තට ඉඩ නැත්නම් ආරක්ෂාව සලසන නාමයෙන් ගෙනෙන අනිකුත් බදු පිළිවෙත් වලට තමන් විරෝධ වෙන්නේ යැයි උපනිවේෂ වැසියන් බ්රිතාන්යයට කියා සිටියහ. අකමැති දෙයක් සඳහා වැය කරන්නට තමන් වෙතින් බදු මුදල් අය කර ගැනීම උපනිවේෂ වැසියන් දුටුවේ ඒකීය පුද්ගල අයිතිය ආක්රමණය කරන පීඩකයෙකුගේ හැදියාවක් ලෙසිනි.[2] 1764 දී මුද්දර බද්දට[3] කෙමෙන් කෙමෙන් අප්රසාදය වැඩි වුණි. අනතුරුව වෙනත් අපනයන භාණ්ඩ වලට, විශේෂයෙන් ම තේ සඳහා බද්දක් පැනවීම ඔවුනට රිස්සුවේ නැත. 1773 දී බොස්ටන් වරායේ දී ස්වදේශී ඉන්දියානුවන් මෙන් වෙස්වළා ගත් දේශප්රේමී උපනිවේෂ වැසියන් "තේ සාදයක්" පැවැත්වූහ. ඔවුන් ඊස්ට් ඉන්දියා කොම්පැණිය විසින් අපනයනය කරන ලද තේ පෙට්ටි නැව් වලින් ඇද මුහුදට හෙලූහ. ඊ ළඟ සැප්තැම්බරයේ දී මහාද්වීප කොංග්රසය ෆිලඩෙල්ෆියාවේ දී හමු වූහ. මුල් වෙඩි හඬ වැදුනේ 1775 අප්රේල් මාසයේ දී බ්රිතාන්ය හමුදාව අවි ගබඩා සොයන්නට සහ දේශප්රේමීන් අත් අඩංගුවට ගන්නට ගිය ලෙක්සින්ග්ටන් හා කොන්කෝර්ඩ් සටන් වල දී ය. සටන් පැතිර යන්නට පටන් ගැනිණ. 1776 ජූලි මාසයේ දී බ්රිතාන්යයට එරෙහිව නිදහස් ප්රකාශනය ලියා උපනිවේෂ වැසියන් විසින් සම්මත කරගන්නා ලදි. නිදහස නම් සංකල්පය මත පදනම් වූ යුද්ධය බ්රිතාන්යය උපනිවේෂ 13 ක වැසියන් අතර ජනප්රිය විය. යුද්ධය ආරම්භයේ දී ඇමෙරිකාවේ නිර්මාතෘවරුන් විසින් නිදහස් ප්රකාශනයෙන් කියූ දෑ සාක්ෂාත් කරගන්නට හැකි වේ යැයි සිතු අය නොවූහ. ඔවුන්ට මහා බ්රිතාන්ය අධිරාජ්යය හා සටන් වැදීමෙන් ලැබෙනුයේ ජයග්රහණයක් නොව අපකීර්තියක් යැයි සිතූ අය වැඩි වූහ. කෙසේ වුව ද, 1783 දී පැරීසියේ සාම ගිවිසුම අත්සන් කරද්දී ඒ අනාවැකි එසේ වේ යැයි සිතූ අය බහුතරය විය.[4] ඇමෙරිකන් විප්ලවීය හමුදාවේ නායකත්ව තනතුරු දරනා අයගේ යුද දැනුම හා හමුදා පුහුණුවක් නැතිකම යුද්ධයේ එතෙක් දැඩි අඩුපාඩුවකින් වූවකි. 1775 ජූනි මාසයේ දී කොන්ටිනෙන්ටල් හමුදාවේ අණ දෙන නායකයා ලෙස පත් කරන ලද ජෝර්ජ් වොෂින්ටන් ඊට පත්වූයේ වර්ජීනියා මිලීෂීයාවේ ඔහු දැක් වූ දස්කම් නිසාය. එහෙත් ඔහු වෘත්තියෙන් මිනින්දෝරුවෙකු වූ වැවිලි වගාවේ යෙදි ගම්බද මහත්තෙයක් ලෙසින් සැලකෙන ලද්දෙකි. ඔහු වෘත්තිමය සොල්දාදුවෙක් නොවීය. අනෙකුත් අය අතර හොරේෂියෝ ගේට්ස් සහ චාල්ස් ලී යන දෙදෙනා අවම යුද අත්දැකීම් වලින් යුතු අය වූහ. නැතානියෙල් ග්රීන් නැමැත්තා යකඩ තලන්නෙකි. හෙන්රි නොක්ස් පොත්කඩ අයිතිකාරයෙකි. බෙනඩික්ට් ආර්නෝල්ඩ් ඇපොතකරියේ අත් උදව්වට සිටියෙකි. ඔහු පසුකලෙක බ්රිතාන්යයට පක්ෂපාතී වූවෙක් වෙයි. මේ හමුදාපතිවරුන් හත් අවුරුදු යුද්ධයක් දිනාගත් මහා අධිරාජ්යයක් සොලවන්නට සමත් වේ යැයි කිසිවෙකු සිතුවේ නැත. උපනිවේෂ ප්රාන්ත ආණ්ඩු සහ අලුතින් පිහිටුවා ගත් කොංග්රසය ස්ථිර හමුදාවක වැය දරන්නට ද පසුබෑමකින් යුතු වූහ. දේශපාලනඥයන් සිතුවේ ස්ථිර හමුදාවක් නඩත්තු කිරීමෙන් ප්රජා පීඩක ආඥාදායකයෙකුගේ වැඩීමකට අත දීමක් සිද්ධ වේ යැයි කියාය. ප්රාන්ත ආණ්ඩු කල්පනා කළේ රටේ ආරක්ෂාවට යන වැය ගැන ය. 1776 දී මුල් රෙජිමේන්තු වලට එකතු වූ ස්වේච්ඡා හමුදා භටයන් වේතන නොමැතිව සටන් කරනු නොහැකි යැයි කියා නිවෙස් බලා ගියහ. එවිට කොංග්රසය කලබල වී වහාම වසර තුනක සේවයට හෝ යුද්ධය අවසන් වෙන තෙක් පමණක් සටන් කරන්නට යැයි හමුදාවට එකතුවෙන්න යැයි ඔවුන් ව යළි කැඳවීමයි. රටේ ඇති තරම් පිරිමි ජනගහණයක් සිටියත් හමුදාවට බැඳෙන පිරිමි මඳ වූහ. එවිට කොංග්රසය මාස නමයක අනිවාර්ය සේවයක් නියම කළේය. ඒ 1777 මුල් කාලයේ දී ය. එහෙත් ඊට ද වැසියන් සවන් නොදුන්හ. මන්ද ප්රාන්ත බලය තුල ඒ අනිවාර්ය කිරීම බලපෑවේ කරකියා ගන්නට නොහැකි වූවන්ට පමණයි. හමුදාවට බැඳෙන අයට අතට මුදල් හා ඉඩම් කෑලි ලබාදෙනවා යැයි කොංග්රසය කියා සිටියේය. එහෙත් ජනතාව ඊට රැවටුනේ නැත. මන්ද අතට මුදල් දෙනවා කිව්ව ද, $750 ගෙවුනේ මුදල් අගය වේගයෙන් බහින කරදහි කොළ වලිනි. සොල්දාදුවෙකුගේ දවසේ වේතනයට වඩා තිස් ගුණයක් සිවිල් කම්කරුවෙකුට දිනක දී උපයත හැකියාව තිබිණ. ඒ නිසා ජෝර්ජ් වොෂින්ටන්ගේ හමුදාවේ සිටියේ තුනෙන් දෙකක ප්රමාණයක හමුදාවක සටන් වදින්නට නුසුදුසු අයයි.[5] එහෙත් වොෂින්ටන්ගේ මූලිකත්වයෙන්, ප්රංශයෙන් එන මාර්කි ඩ ලාෆායෙට්[6] නම් වූ තරුණයා ස්වේච්ඡාවෙන් ම 1777 අගෝස්තුවේ දී මහාද්වීප හමුදාවට එක් වූයේය. 1778 පෙබරවාරියේ දී පෲසියන් (ජර්මන්) සරඹ ප්රවීනයෙක් සේ සැලකෙන ෆෙඩ්රික් වොන් ස්ටූබන් ඔවුන්ට එකතු වෙයි. මහා ද්වීප හමුදාවේ මිලීෂීයාව, ගොවියන් සහ රන් රදී වැඩකරැවන්ව[7] සාමාන්ය පුහුණු සොල්දාදුවෙකුගේ තත්වයකට ගෙන එන්නට ඔවුන් දෙදෙනා සමත් වෙති. හමුදාව හැර දා පැන ගිය අය බොහෝ විය. 1780 වෙද්දී හමුදාවට බැඳෙන අයගෙන් කාලක් පමණක් මාස නවයක අනිවාර්ය සේවය නිම කළ අය වූහ. කළු ඇමෙරිකානුවන් විශාල සංඛ්යාවක් ද යුද්ධයට එකතු වූහ. දකුණු ප්රාන්ත වල වහල් සේවයේ වූ කළු අයට හමුදාවට එකතු වීම තහනම් ව තිබියේය. ඔවුන් අතරන් සමහරු බ්රිතාන්යයට පක්ෂව සටන් කළහ. එහෙත් උතුරේ වැඩි කළු ඇමෙරිකානු ජනගහණය මහා ද්වීප හමුදාවට එකතු වී සටන් වැදුනේ වහල් සේවය අහෝසි කරන්නට ජය හේතු වේ යැයි යටි බලාපොරොත්තු වෙනි. නොයෙක් දක්ෂතා වලින් යුතු වූවන් හමුදාවට සිටිය ද, උසස්වීම් සඳහා නියමිත ක්රමයක් නොවීය. සියළු ජනරාල්වරු පත්වුනේ කොංග්රසයේ අනුමැතියෙනි. ප්රාන්ත ආණ්ඩු වලින් අතුරු නිලධාරීන් පත් කෙරිණ. එහෙත් පක්ෂපාතීත්වය හා ඥාති අනුග්රහයන් නිසා තනතුරු හා උසස්වීම් ලැබි අය වැඩි වූහ. තනතුරු වලට සුදුසු වූ ජෝර්ජ් වොෂින්ටන් නිර්දේශ කළ අය නොසලකා හැරිණ. නිලධාරීන් විශ්රාම පඩි හැටියට වේතනයෙන් බාගයක් ජීවිතය තිබෙන තුරු ලබා ගැනීමට ඉල්ලා සිටියහ. ජෝර්ජ් වොෂිංටන් හමුදාපති වශයෙන් වේතනයක් නොමැතිව ස්වේච්ඡාවෙන් හමුදාවට බැඳී සිටියෙකි. ඔහු තම නිලධාරීන්ගේ ඉල්ලීමට සහයෝගය දැක්වූයේය. හමුදාවෙන් ඉල්ලා අස් වී යන සංඛ්යාව වැඩි වෙන්නට පටන් ගනිද්දී 1780 දී ඒ ඉල්ලීම අනුමත විය. එහෙත් නායකත්වය, පුහුණුව හා වේතන පමණක් නොව ඔවුනට තිබි තවත් මහත් හිඟයක් විය. ඒ අවි ආයුධ, යුද උපකරණ හා ආහාර පාන යනාදිය කෘෂිකාර්මික රටාවක් පැවති සමාජයකින් පහසුවෙන් ලබාගත නොහැකි වීමයි. කාර්මික නිෂ්පාදන බොහොමයක් ආවේ යුරෝපයෙනි. අවි හා වෙඩි බෙහෙත් ගෙන්වා ගැනීම පහසු වෙන්නේ බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් තනාපතිවරයෙක් ලෙසින් ප්රංශයට ගිය පසුය. ප්රංශ හා ඕලන්ද අවි හා වෙඩි බෙහෙත් නැව් මඟින් ඇමෙරිකන් පුද්ගලික අංශයේ වෙළඳ මාර්ග වලින් ගෙන්වා ගන්නට මාර්ග පෑදිණ. ඔවුන් අතර යුද්ධය නිසා පොහොසත් වන්නට හැකි වූ අය වැඩි විය. කෘෂිකාර්මික සමාජයක ආහාර බෙහෙවින් තිබිය ද ඒවා බෙදා හැරීම පාරවල් එතරම් නොතිබි විශාල පෙදෙසකින් යුතු රටක් තුල පහසු නොවීය. සීතල කාලයේ දී ලුණු දමා කල්තබා ගත හැකි මස් ආදිය නිසියාකාරව කරන්නට නොහැකි වූ අවස්ථා වල දී නරක් වී විසි කිරීම නිසා සොල්දාදුවන්ට හාමතෙන් ඉන්නට ද සිද්ධ විය. කොංග්රසය මඟින් අගය අඩු කරමින් යහමින් අච්චු ගැසූ කරදහි මුදල් පාවිච්චිය බොහෝ ගැටළු වලට මුල් විය. උපනිවේෂ 13 ආණ්ඩු ද තම තම ප්රාන්තය ගැන මිසෙක ෆෙඩරල් රජය ගැන දක්වන අවධානය හා සහයෝගය මඳ විය. බද්දක් පැනවීම ගැන කතා කරන්නට ඔවුනට නොහැකි වුණි. මන්ද සටන් වදින්නේ බදු වලින් ගැලවෙන්නට නිසාය. ණයට ගන්නා මුදල් වල පොලී ඉහළ ගියේය. 1776 දී ප්රංශ භාණ්ඩාගාරයෙන් මිලියන ලීව්ර ණය මුදලක් ගෙන තිබුණු ඇමෙරිකාව ප්රංශයෙන් තවත් ණය ඉල්ලා ගති. ලෝක ඉතිහාසයේ මුල් වරට ජාතික උත්සාහයකින් හැදි මහා ද්වීප හමුදාව කිසිසේත්ම සූක්ෂම වූයේ නැත. දක්ෂ වූයේ නැත. එහෙත් කෙසේ හෝ ඔවුන් යුද්ධය දිනන්නට සමත් වූහ. මූලාශ්ර[සංස්කරණය] - ↑ David Chandler, General Editor, The Dictionary of Battles, New York: Henry Holt and Company, 1987 - ↑ Thomas Fleming, Liberty! The American Revolution, Viking Penguin, 1997 - ↑ Robert Middlekauff, The Glorious Cause: The American Revoluiton, 1763-1789, Oxford University Press, 2002 - ↑ Justin Winsor, The American Revolution, New York: Bicentennial Sons of Liberty Publication, 1972 - ↑ Robert Leckie, George Washington's War, The Saga of the American Revolution, Haper Collins, 1992 - ↑ John Anthony Scott, The Diary of the American Revolution 1775-1781, New York: Washington Square Press, 1967 - ↑ Bruce Lancaster and Bruce Canton, The American Heritage History of The American Revolution, New York: American Heritage Publishing Co., 1971
hplt_2
”පුතා අවුරුදු පහකට ඇතුලට දානවා. ආයේ බලන්න හම්බවෙන්නේ නෑ.” සරසවි සිසුන්ගේ දෙමාපියන්ට තර්ජන සබරගමු විශ්ව විද්යාලෙය් දෙමළ සිසුන්ට පහරදී, පසුව තර්ජනය කරමින් විශ්ව විද්යාලය තුළ පෝස්ටර් පවා අලවමින් තිබුනේ ගෝඨාබයගේ යැයි කියැවෙන ආරක්ෂක අංශය බලා සිටිය දීය. පසුව දිගින් දිගටම විශ්ව විද්යාලයේ ශිෂ්ය නායකයින්ට තර්ජනය කරමින්, චන්ද්රකුමාර් සුදර්ශන් නම් ශිෂ්යයාට, ඔහු සිටි නේවාසිකාගාරයට පැමිණ නාදුනන පිරිසක් විසින් අත් පා බැද දමා පහර දී තුවාල කර තිබුණි. මෙසේ පහර දී තිබුනේ රක්නා ලංකා ආරක්ෂක නිලධාරින් සිටියදී ය. මෙයින් පැහැදිලි වන්නේ අනෙක් සෑම තැන් හී ලෙසම ජාතිවාදයත්, ආගම්වාදයත් විශ්ව විද්යාල තුළ දමා එහි ඇති සැබෑ ගැටලු වෙනතකට යොමු කිරීමයි. සබරගමුවේ මෙතෙක් සිදුකල පාදඩ ක්රියා සියල්ල තුළින්ල පැහැදිලි වන්නේ එයයි. එහි බියකරැ සිදුවීම් පෙළ පිටුපස සැබැවින්ම මේ පාලකයින් සිටින බවටත් සිදු කර ඇති සියලු දේවල් පාලකයින්ගේ කුමන්ත්රණ වල කොටස් බවටත් ශිෂ්ය සංවිධාන පවසයි. සබරගමු සරසවි ශිෂ්යාට පහර දීම හා ඒ පිටුපස ආණ්ඩුවේ දේශපාලන න්යාය පත්රය හෙළි වේ. පසුගිය අගෝස්තු 03 වෙනිදා අලූයම 3ට පමණ සබරගමුව විශ්ව විද්යාලයේ බණ්ඩාර නේවාසිකාගාරයට පැමිණ නාදුනන පිරිසක් විසින් එහි නේවාසිකව සිටි කිළිනොච්චි, මුහමලේ පදිංචි චන්ද්රකුමාර් සුදර්ශන් නම් ශිෂ්යයාට අත් පා බැද දමා පහර දී තුවාල කර තිබුණි. මොහු සමාජ විද්යා හා භාෂා පීඨයේ පළමු වසර සිසුවෙකි. මෙසේ පහර දී තිබුනේ රක්නා ලංකා ආරක්ෂක නිලධාරින් සිටියදී ය. මෙම පහර දීමත් සමග එහි දමිළ සිසුන්ට දින 10ක් තුළ සරසවියෙන් ඉවත් වන ලෙසටත් දමිළ සහෝදරියන් දුෂණය කර මරා දමන බවටත් තර්ජනය කර දැන්වීම් අලවා තිබුණි. මේ සම්බන්ධයෙන් සරසවිය තුළටත් බාහිර සමාජයේත් එය ශිෂ්යයන් විසින්ම කරගනු ලැබුවක් බවට මතයක් ගොඩනැගීමට මහත් පරිශ්රමයක් දරමින් තිබුණි. සිසුන්ටද මෙය සැක සහිත බවක් අගවමින් තිබුණි. නමුත් පසුව සිදු වූ සිද්ධීන්ට අනුව සබරගමුව සරසවිය තුළ සිසුන් ජාති පදනම් බෙදා වෙන් කිරීමේ උත්සහයක් ලෙස අනාවරණය වෙමින් තිබේ. පසුගිය අගෝස්තු 05 වෙනිදා සමාජ විද්යා හා භාෂා පීඨයේ 3 වන වසරේ ඉගෙනුම ලබන යෝගරාසා නිරෝෂන් ශිෂ්යාගේ විභාගය අතරතුරදී (පෙ:9-12 පමණ) විශ්වවිද්යාල මැදිහත් වීමෙන් පොලිස් අත්අඩංගුවට ගැනුණි. මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ කිසිදු පැමිණිල්ලක් හෝ නොමැතිවය. පසුව ඒ පිළිබදව විශ්වවිද්යාල පරිපාලනයේ විනය ආරක්ෂක නිළධාරියාගෙන් විමසීම සදහා එම සිසුවාගේ කාමරයේ සිටි සහෝදර ශිෂ්යයන් දෙදෙනෙකු වු කජිදන් හා මනෝජ් ගිය විට ඔවුන්ගේ හැදුනුම්පත් ලබාගෙන තර්ජනාත්මකව බැන වැදීමට එම විනයාරක්ෂක නිළධාරියා කටයුතු කර ඇත. පසුව සිසුන් කණ්ඩායමක් විසින් සමනල වැව පොලිසියෙන් කළ විමසුමකදී එම පොලිසියේ නිලධාරීන් පවසා ඇත්තේ එම ශිෂ්යයා යළි කිසි දිනක ඔවුන්ට බැලීමට නොහැකි බවය. තත්ත්වය මෙසේ තිබිය දී අගෝස්තු 06වනදා සබරගමුව සරසවි ශිෂ්ය එකමුතුව විසින් මෙම පහර දීමට හා පොලිසිය විසින් කරන ලද පැහැර ගැනීමට එරෙහිව මාධ්ය හමුවක් කැදවා තිබුණි. මාධ්ය හමුවෙන් අනතුරුව ශිෂ්ය නායකයන් බලංගොඩ පොලිසියෙන් පැහැරගත් සිසුවා පිළිබදව විමසීම් කළේ ය. එවිට බලංගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා දුරකථනයෙන් කතාකොට ස්ථානාධිපති වෙනුවට රාජකාරියේ යෙදි සිටි නිළධාරිනියට පැවසුවේ එම සිසුන් පොලිස් අත්අඩංගුවේ නොවන බවත් ඔහු රැගෙන ගියේ ත්රස්ත විමර්ශන ඒකකය මගින් බවත් හා තවත් සිසුන් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ය. මෙහි ඇති බරපතලකම නම් මෙම ශිෂ්යයා අත්අඩංගුවට(පැහැරගැනීමට ලක්ව)ගෙන පැය 24කට වැඩි කාලයක් ගත වන තුරු විශ්වවිද්යාල පරිපාලනය හෝ පොලිසිය දෙමාපියන්ට එ් බව දන්වා නොතිබීමයි. මෙම අත්අඩංගුවට ගැනිම,පහරදිම සම්බන්දයෙන් ශිෂ්යයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවට සම්බන්ධ වූ කළමනාකරණ පීඨයේ දමයන්ත සම්පත් කුමාර ශිෂ්යයාගේ මවට දුරකතනයෙන් කතාකොට ත්රස්ත විමර්ශන ඒකකයෙන් යැයි හදුන්වා තර්ජනාත්මකව පවසා ඇත්තේ ‘‘පුතා අවුරුදු පහකට ඇතුලට දානවා. ආයේ බලන්න හම්බවෙන්නේ නෑ. පුතාව ගෙන්නගන්න නැත්තම් කණගාටු වෙන්න වෙයි.’’ලෙසටය. තවද මෙම පීඨයේම තවත් සිසුවෙකුගේ දෙමාපියන්ට කතාකොට මෙලෙසම තර්ජනය කර ඇත. මෙයින් පැහැදිලි වන්නේ මෙම පහරදීම හුදකලා සිදුවීමක් නොවන බවත් එය ආණ්ඩුවේ සැලසුමක කොටසක් බවත්ය. මෙම පහරදීම අත්අඩංගුවට ගැනීම්වලට විරෝධය දක්වමින් සබරගමුව සරසවි ශිෂ්ය එකමුතුව විසින් උද්ඝෝෂණ ව්යාපාරයක් සංවිධානය කරමින් ප්රකාශ කර සිටියේ අත්අඩංගුවට ගත් යෝගරාසා වහා නිදහස් කරන ලෙසත් ආණ්ඩුවේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් සරසවි තුළ ජාතිවාදය වැපිරීම නවතන ලෙසත්ය. එහිදී අදහස් දක්වමින් ශිෂ්යයන් තවදුරටත් ප්රකාශ කර සිටියේ මීට ඉහත අවස්ථා ගණනාවකදීම සරසවියේ ශිෂ්ය නායකයන්ට පහර දීම,සරසවි ඉදිරිපිට වෙඩි තැබීම,ශිෂ්ය නායකයන්ගේ නිවෙස් වෙත ගොස් කරන තර්ජන කිරීම්, බිය වැද්දීම්, ආණ්ඩුවේ හා පොලිසියේ මැදිහත් වීමෙන් සිදුවන බව පැහැදිලිව තිබියදීත් මෙම පහරදීම සම්බන්ධයෙන් සිදුකරන පොලිස් පරීක්ෂණ හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් වැනි ක්රියාවක් බවය. මෙම ක්රියාදාමයම ආණ්ඩුවේ සැලසුමක් බව තවදුරටත් අනාවරණය කරමින් අගෝස්තු 8 වෙනිදා උදෑසන ශිෂ්ය නායකයින් රැදී සිටි කුලී නිවාසයේ හිමිකාරියට රත්නපුර පොලීසියෙන් යැයි සදහන් කරමින් තර්ජනය කර ඇත්තේ නිවසේ සිටින සිසුන් වහාම ඉවත් කරගන්නා ලෙසටය. මේ වනවිට සබරගමු සරසවි ශිෂ්ය නායකයින් ඉලක්ක කරගනිමින් තර්ජනය කිරීම්, බිය වැද්දීම් මෙන්ම ශිෂ්ය නායකයන්ගේ දෙමාපියන් ඉලක්ක කරගනිමින් ද මර්දනය ගලා එන්නට පටන් ගෙන ඇත. ගොඩනැගී ඇති අයුක්තිය අසාධාරණය හමුවේ සමස්ත සමාජයේම එකමුතුව සංවිධානව සටන් කළ යුතු බව ශිෂ්යයන්ගේ අදහසයි. අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය නිකුත් කළ නිවේදනයක් අැසුරිනි.
hplt_2
අභ්යවකාශ ගමන් අභ්යවකාශ චාරිකා යනු අභ්යවකාශ තාක්ෂණයේ මහිමයෙන් අභ්යවකාශ යානා බාහිර අවකාශයට ගමන් කිරීමකි. අභ්යවකාශ චාරිකා, අභ්යවකාශ ගවේෂණයට මෙන්ම අභ්යවකාශ විනෝද ගමන් සහ චන්ද්රිකා සන්නිවේදනය වැනි වාණිජ කටයුතුවලට ද යොදා ගනී. මේ හැර අතිරේක වාණිජමය නොවන අභ්යවකාශ ගමන්වලට ද යොදා ගනී. අතිරේක වාණිජමය නොවන අභ්යවකාශ ගමන්වලට අභ්යවකාශ ගවේෂණය චන්ද්රිකා සෝදිසි කරබැලීම් සහ අනෙකුත් පෘථිවි නිරීක්ෂණ චන්ද්රිකා ද ඇතුළත් වේ. අභ්යවකාශ ගමනක් රොකට් ගුවන්ගත කිරීමකින් ආරම්භ වේ. එමගින් අභ්යවකාශ යානයට පෘථිවි ගුරුත්වය අභිබවා අභ්යවකාශයට ප්රචාලනය වීමට අවශ්ය ආරම්භක තෙරපුම ලබාදේ. අභ්යවකාශ යානයක චලිතය ( ප්රචාලනය සිදු නොවන අවස්ථාවේදී සහ සිදුවන අවස්ථාවේදී ) ගැන අධ්යයනය කිරීම තාරකා ගති විද්යාව මගින් සිදු වේ. සමහර අභ්යවකාශ යානා දින වකවානු වලින් තොරව අභ්යවකාශයේ රැඳී පවතී. සමහරක් පෘථිවි වායුගෝලයට නැවත ඇතුළු වීමේදී කොටස්වලට කැඩී යයි. අනෙක්වා ග්රහලෝකයක් මතට හෝ චන්ද්රයෙක් මතට ගොඩබැස්සවීම හෝ ගැටීම සිදුවේ.
hplt_2
පීනිෂියාව පීනිෂියාව පුරාණ කැතෑන්හි උතුරු කොටසේ වු පුරාණ ශිෂ්ටාචාරයක් විය. එහි අගනගරය තිබුණේ මුහුදු බඩ ප්රාන්ත දිගේය. (වර්තමානයේ ලෙබනනය, සිරියාව සහ ඊශ්රයලය) පීනිෂියානු ශිෂ්ටාචාරය වෙරළ බඩ වෙළෙඳ සංස්කෘතියකින් යුක්ත වු අතර එහි වෙළෙඳාම ක්රි.පු. 1200 – 900 දී මධ්යධරණි මුහුද අවට පැතිර තිබුණි. එවන් නගර කේන්ද්රකර ගත් සංස්කෘතින්හි මායිම්වල උච්ඡාවචනය වීම් දක්නට තිබුණ ද ටයර් නගරයේ දකුණු දිගට වන්නට ස්ථාවරව තිබු බව දක්නට ලැබේ. සයිඩන් හා ටයර් අතර පිහිටි සරෙප්ටා (දැනට සරා ෆන්ඩ්) නගරය පීනිෂියා නිජබිමේ වැඩියෙන්ම කැණීම්වලට ලක්වු නගරයයි. පීනිෂීයානු වරුන් වැඩියෙන්ම වෙළෙඳාම් කටයුතු කළේ ශ්රම බලය යෙදවු ඔරු වර්ගයක් වු හම්බානාවලිනි. බයරිම නිර්මාණය කළ ප්රථම ශිෂ්ටාචාරය වන්නේ මෙයයි. පීනිෂීයන්වරු තමුන් තනි ජන වර්ගයක් ලෙස කොතරම් දුරට සිතුවේද යන්න අවිනිෂ්චිතය. ඔවුන්ගේ ශිෂ්ටාචාරය පාලනය කළේ ග්රීසියේ මෙන් නගරාණ්ඩුය. සෑම නගරාණ්ඩුවක්ම දේශපාලනික වශයෙන් නිදහස් ඒකකයක් වූයේය. එසේ වුවත් ඔවුන්ට ගැටුම් ඇති කර ගැනීමට නිදහස තිබුණි. වෙනත් නගරාණ්ඩුවකට ප්රධානත්වය ගත හැකිව තිබුණි. ගිවිසුම් ඇති කර ගනිමින් සහයෝගයෙන් ක්රියාකිරීමේ නිදහස තිබුණි. ලෙවන්ට්හි වු පීනිසීයානු ප්රාන්ත අතරින් වඩාත්ම බලවත් වුයේ ටයර් සහ සයිඩන්ය.පීනිෂීයන්වරු හීබෲවරුන් සමග කුළුපගව සිටිය අතර සොලමන්ගේ එක්සත් රාජාණ්ඩුවේ ආරම්භය වන විට ද පීනිෂියන්වරු හා හීබෲවරුන් අතර විවාහ සිදුවී තිබුණි. පුරාණ ඊශ්රායලයේ ගෘහ නිර්මාණ ශිල්පයට ප්රධාන වශයෙන් ඔවුන් බලපෑ බව සැලකේ. හෝඩියේ පුළුල් භාවිතයක් සිදුකළ මුල්ම ජන කොට්ඨාශය වන්නේ ද පීනිෂීන්වරුය. සියලුම නවීන හෝඩි වල පුරෝගාමියා ලෙස සැලකෙන්නේද කැනනයිට් - ෂීනිෂියානු හෝඩියයි. පීනිෂියන්වරු පීනිෂියානු භාෂාව කතා කළහ. කැනැනයිට් භාෂාව හීබ්රෑ සමග පරස්පර ලෙස තේරුම් ගත හැකිය. පීනීෂියන්වරු වෙරළ බඩ වෙළදාම හරහා තම භාෂා භාවිතය උතුරු අප්රිකාවේ හා යුරෝපයේ පැතිරවූහ. ශිලා ලේඛනවලට අමතරව ඔවුන් බොහෝ පොත් ලියුහ. (දැනට ඒවා විනාශ වී ගොස්ය) සිසේරියා බයුස්බියස් ලියු ‘ක්රිස්තු ධර්මය සම්මිශ්රණය’ නම් ග්රන්ථයේ පිලෝ ඔප් බයිබ්ලොස් සහ ‘සැන්චුනිඒතන්’ ග්රන්ථවලින් උපුටා ගත් කොටස් විශාල ලෙස දැක්වේ. උතුරු අප්රිකානු පීනිෂියානු කුඩා ජනපද පීනිෂියන්වරු විශාල ලෙස දැක්වේ. උතුරු අප්රිකානු පීනිෂියානු කුඩා ජනපද සීනිෂියන් වරු ගැන වඩ වඩාත් දැන ගැනීමට උත්සුක වූහ. ශාන්ත ඕගස්ටීන් හීබෲ භාෂාවේද ෂීනිෂියානු භාෂාවේද යෙදෙන සමජාතීය වචන විස්තර කිරීමට හැකි අයෙක් විය. ඔහුගේ මව ශාන්ත මොනිකාද මෙම කුඩා ජනපදවල සම්භවයක් වූ ඇත්තියක් බව කියවේ.
hplt_2
භාෂා ප්රාදේශීයකරණය "භාෂා ප්රාදේශීයකරණය"("locale" යන ඉංග්රීසි පදය අනුව ,දෙයක් සිදුවන හෝ පිහිටුවන ) යනු ජාත්යන්තරීකරණය සහ ප්රාදේශීයකරණය ලෙස හැඳින්වෙන, වෙන් වෙන්ව පවත්නා වෙළඳ පොලෙහි විෂමතා විස්තර කරන්නට නිෂ්පාදන පරිවර්තන සහ සංස්කෘතික අනුරූපනයේ වඩා විශාල ක්රියවලියෙහි දෙවැනි අදියරයි. දේශීය අවශ්යතාවන්ට නිෂ්පාදන නිවැරදිව අනුවර්තනය කිරීම සඳහා ඉලක්ක කරගත් සංස්කෘතියේ පරිපූර්ණ අධ්යනයක යෙදෙන බැවින්, භාෂා ප්රාදේශීයකරණය යනු හුදෙක් පරිවර්තන ක්රියාකාරකමක් නොවේ.ප්රාදේශීයකරණය ඇතැම් විට සංඛ්යාත්මක "L10N" ලෙස සදහන් වේ.("L" සිට අක්ෂර දහයකට පසු "N" ලෙස ) ප්රාදේශීයකරණ ක්රියාවලිය,සංස්කෘතික අනුරූපනයට සහ මෘදුකාංග, වීඩියෝ ක්රීඩා සහ වෙබ් අඩවි පරිවර්තනයට වැඩි වශයෙන්ද ලිඛිත පරිවර්තනය සඳහා මද වශයෙන්ද සබැඳි වේ.(සංස්කෘතික අනුරූපන ක්රියාවලි සදහා ද යෙදේ.) වෙනස් භාෂාවන් හෝ සමාන භාෂාවන් කතා කරන මිනිසුන් සිටින ප්රදේශ හෝ රටවල් වල ප්රාදේශීයකරණය යෙදිය හැක.උදාහරණයක් වශයෙන් විෂම වාග් සම්ප්රදායන් සහිත විවිද වූ ස්පාඥ භාෂාවන්, ලතින් ඇමරිකානු භාෂාවට වඩා ස්පාඥ භාෂාවෙන් කතා කරනු ලැබේ.එසේම ඉංග්රීසි භාෂාව නිල භාෂාව වන රටවල වචන තේරීම සහ වාග් ව්යවහාරය විවිධ වේ.(උදා:- එක්සත් ජනපදයේ, එක්සත් රාජදානියේ සහ පිලිපීනයේ) පටුන සමස්ත ක්රියාවලිය : ජාත්යන්තරීකරණය, ගෝලීයකරණය, ප්රාදේශීයකරණය[සංස්කරණය] දේශීයකරණ කර්මාන්ත ප්රමිති සමාගම ( Localisation Industry Standard Association-LISA ) කරුණු දක්වන අන්දමට, ගෝලීයකරණය, "තනි ක්රියාවලියකට වඩා චක්රීයව සිතීම" වඩා උචිත වේ. ගෝලීයකරණයට ලක් කිරීමේදී වියදම් වැඩි වීම් සහ තත්වය පිලිබඳ ගැටලු මගහැරීමට, කාලය සුරැකීමට සහ දේශීයකරණ පරිශ්රමය පිරිමැඳුට, සෑම කලාපයකම හෝ දේශයකම බහු සංස්කෘතික සහභාගීත්වය සලකමින් නිෂ්පාදිත නිර්මාණ හා ප්රවර්දන ක්රම කලින් සැලසුම් කරයි.ප්රාදේශීයකරණය යනු ගෝලීයකරණය යන සමස්ත ක්රියාවලියෙහි අනුකල කොටසකි. ගෝලීයකරණය, ජාත්යන්තරීකරණය සහ ප්රාදේශීයකරණයෙන් සැදුම් ලත් ප්රාථමික තාක්ෂණ ක්රියාවලීන් දෙකකින් සමන්විත වේ.පළමු අදියර, ලෝක ව්යාප්ත වෙළඳ පොලට සහය වීමට නිර්මාණය වී ඇති නිෂ්පාදනයක ක්රම සම්පාදන හා සම්මිශ්රණ අදියරයන්ගෙන් සැදුම් ලත් ජාත්යන්තරීකරණයයි.මෙම ක්රියාවලිය සියලුම සංස්කෘතික උපකල්පන ඉවත් කරන අතර ඕනෑම ප්රාදේශීය හෝ භාෂා විශේෂී අන්තර්ගතයක් අඩංගු කර ඇති බැවින් එය පහසුවෙන් යොදා ගත හැක. මෙම අන්තර්ගතය මෙම අදියරේදී නොකරන්නේනම් ව්යාපෘතියට කාල වකවානු සහ වියදම් එකතු කරමින් දේශීයකරණ අදියරේදී එය ස්ථාපිත කල යුතු වේ.සීමාන්තී අවස්ථා වල දී ජාත්යන්තරීකරණය නොවූයේ නම් නිපැයුම් ප්රාදේශීයකරණය නොවනු ඇත. දෙවැනි අදියර, සුවිශේෂී වෙළඳපොළකට නිෂ්පාදිතයේ සැබෑ අනුරූපණය වන ප්රාදේශීයකරණයයි. LISA පෙන්වාදෙන ආකාරයට ප්රාදේශීයකරණය අනෙකුත් දේවල් අතර භාෂාමය, භෞතික, ව්යාපාරික හා සංස්කෘතික සහ තාක්ෂණික යන ගෙටලු සමඟ සම්බන්ධ වේ. සෑම අදියරකදීම අවසානයේදී නිෂ්පදිතය නියම ලෙස ක්රියා කරන්නේදැයි බැලීමට සහ සේවාදායකයාගේ තත්ත්ව අපේක්ෂාවන් සහතික කිරීමට "පරීක්ෂාව" සහ " තත්ත්ව ආරක්ෂණය" සිදු කරනු ලැබේ. පරිවර්තනයට එදිරිව දේශියකරණය[සංස්කරණය] ප්රාදේශීයකරණය බොහෝ විට හුදු "අධි තාක්ෂණයෙන් යුත් පරිවර්තනය" ලෙස හඳුන්වනු ලැබුවත් මෙම දර්ශනය එහි වැදගත්කම ,සංකීර්ණතාව හෝ එහි අඩංගු දෙය හසුකර නොගනී. පරිවර්තනය හා ප්රාදේශීයකරණය අතර සීමා සලකුණු කිරීම ඇතැම් විට දුෂ්කර වුවත් සාමාන්යයෙන් ප්රාදේශීයකරණය නිෂ්පාදන සහ සේවාවන්හි සැලකිය යුතු, වාග්-රහිත සංරචකයන් ආමන්ත්රණය කරයි. පරිවර්තනයට අමතරව (සහ,එමනිසා,සමාන භාෂාවක් කතාකරන, ස්ථානයෙන් ස්ථානයට වෙනස් වූ ව්යාකරණ සහ අක්ෂර ගැටළු ) දේශියකරණ ක්රියාවලිය ග්රාපික අනුහුරු කිරීම , දේශීය මුදල් අනුහුරු කිරීම, දින, ලිපින සහ දුරකථන අංක සඳහා නියම ආකාර භාවිතා කිරීම ,වර්ණ තේරීම සහ නිෂ්පාදිතයේ භෞතික ව්යුහය නැවත සිතීම ඇතුළුව වෙනත් තොරතුරු වලින් සමන්විත වේ. මෙම සියලු වෙනස්කම් දේශීය සංවේදීතාවයන් හඳුනා ගෙනිමට, දේශීය සංස්කෘතිය සහ පුරුදු අතර ගැටුම් ඉවත් කිරීමට සහ දේශීය වෙළඳපොල අවශ්යතා හා අපේක්ෂාවන්ට සංයුක්ත වෙමින් ඊට ඇතුළුවීමට අපේක්ෂා කරයි.උදාහරණයක් වශයෙන් ප්රාදේශීයකරණය අනන්ය වෙළඳ සමාගම් ප්රදේශ-නිර්දිෂ්ට වෙබ් අඩවි ඉදිරිපත් කිරීම හෝ පොතක් ප්රකාශිත ස්ථානය මත රඳාපවතින එහි විවිද සංස්කරණයන් ඉදිරිපත් කිරීම අරමුණු කරගනී. ගෝලීයකරණයට එදිරිව ප්රාදේශීයකරණය[සංස්කරණය] ප්රාදේශීයකරණය යනු එක් නිෂ්පාදිතයක් යම් පෙදෙසකට අනුහුරු කිරීමේ ක්රියාවලිය වන නමුත් ගෝලීයකරණය සෑම ප්රාදේශීයකරණයකදීම අවශ්ය අමතර කාර්ය අවම කිරීමට එම නිෂ්පාදිතය නිර්මාණය කරනු ලබයි. පුද්ගලයෙක් එක්සත් ජනපදය තුල අනන්යව ක්රියාත්මක වන වෙළඳ සමාගමක මේ දක්වා සේවය කරමින් සිටින්නේ යැයි උපකල්පනය කරමු. කෙසේ වෙතත් සමාගමේ ප්රධාන කාර්යාලය දැන් චීනයේ විවෘත වෙමින් පවතින අතර චීන භාෂා වෙබ් අඩවියක් වුවමනා කර තිබේ. සමාගම මෙම රටවල් දෙකෙහෙදීම ඇතැම් සුළු වෙනස්කම් සමග එක හා සමාන නිෂ්පාදන හා සේවාවන් සපයන නමුත් එක්සත් ජනපදය ඉලක්ක කොටගත් ප්රධාන වෙබ් අඩවියේ දිස්වන ඇතැම් අංග ආක්රමණික ලෙස හෝ අවුල් සහගත ලෙස චීන වෙබ් අඩවියේ දිස්වේ.(ධජ,වර්ණ,දේශාභිමානී අනුරූ,ගීත ආදියෙහි භාවිතය) මෙලෙස සුළු විස්තර ගෙනහැර දැක්වීම හේතුවෙන් එම වෙළඳ සමාගමට භව්ය වෙළඳපොළ අහිමි වනු ඇත. මෙම සමාගමට නව ගැනුම්කරුවන්ට සුදුසු සේ නිෂ්පාදන සකස් කිරීමට අවශ්යවනු ඇත; වීඩියෝ ක්රීඩා ඉතාම හොඳ උදාහරණයකි. මීට අමතරව මෙම සමාගමට රටවල් දොළහක ප්රධාන කාර්යාල පවතින අතර ඒ සෑම රටක් සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන වෙබ් අඩවි අවශ්ය යැයි සිතමු. නියමිත වෙබ් අඩවිය සහ එහි සපයා ඇති නිෂ්පාදන ප්රාදේශීයකරණය කරන ආකාරය තීරණය කිරීමට පෙර සමාගම ව්යාපාර සිදුකරන ආකාරය, ගෝලීයකරණය කිරීමේදී සමස්ත කටයුතු නිර්මාණය කිරීම සඳහා වෘත්තිකයෙකු විසින් උපදෙස් ලබාදෙනු ලැබේ.මෙම ලෝක ව්යාප්ත කටයුතු මෙහෙයුම සම්පාදනය කිරීමට සහ සහය දීමට සමාගම විසින් රාමුවක් නිර්මාණය කිරීම අවශ්ය වේ. ගෝලීයකරණ කටයුතු මෙහෙයුම සහ ගෝලීයකරණ රාමුව, විවික්ත දේශියකරණ ප්රයත්නයන් 12 සඳහා සමානුගාමී මග පෙන්වීමක් සපයයි. භාෂා ඇමුණුම් සහ කේත[සංස්කරණය] නිෂ්පාදන පරිවර්තනය සහ අනුරුපණයේ යෙදුනු ස්ථාන පෙන්වා දෙන පරිදි භාෂා කේත දේශියකරණ ක්රියාවලියට ඉතා ආසන්නව සබැඳිව පවතී. ඒවා විවිධ සන්දර්භයන්හි යෙදේ.උදාහරණයක් ලෙස යුරෝපියානු සමූහය විසින් ප්රකාශිත ලේඛනයක අවිධිමත් ලෙස ඒවා යෙදිය හැක. එසේ නැතහොත් lang ගුණාංගය යටතේ HTML සම්බන්ධකයක හඳුන්වාදිය හැක. European Union Style Guide අනුව භාෂා ඇමුණුමේ ISO 639-1 alpha-2 කේතය මත පදනම් වේ. HTML හිදී Internet Engineering Task Force හි දැනට පවතින විශිෂ්ඨ පරිචය(Best Current Practise - BCP 47) මගින් භාෂා කේත අර්ථ දැක්වේ. එක් කේත වර්ගයකට හෝ ඇමුනුමකට එරෙහිව වෙනත් එකක් භාවිතා කිරීමට ගන්නා තීරණය ව්යාපෘතියේ ස්වභාවය මත සහ දේශියකරණ විශේෂඥයා සඳහා පිහිටුවන ලද අවශ්යතාවයන් මත රඳවා පවතියි. බොහෝවිට භාෂාව හඳුනා ගැනීමේ ප්රාථමික උප-කේතයක්(උදා :- "en") සහ ජාතික විවිධත්ව විශේෂණය කිරීමේ වෛකල්පිත උප-කේතයක් පවතී. ඇතැම් අවස්ථාවන්හිදී මෙය underscore සමග ආදේශනය කිරීම අත්යවශ්ය වුවත් නියමානුකූලව උපකේත හයිපනයක් සමඟ සම්බන්ධ වී පවතී. භාෂා සංග්රහ ගත කිරීම සඳහා විවිධ භාෂා ඇමුණුම් ක්රම පවතී. උදාහරණයක් ලෙස ප්රමිතිකරණය සඳහා වූ ජාත්යන්තර සංවිධානය (International Organization for Standardization - ISO) ද්විත්ව සහ ත්රිත්ව අක්ෂර කේත පිලිවෙලින් ISO 639-1 සහ ISO - 639-2 ප්රමිතීන්ට අදාලව භාෂා නියෝජනයට විශේෂණය කර ඇත. සටහන්[සංස්කරණය] දැනට පවතින විශිෂ්ඨ පරිචය(Best Current Practise - BCP) යනු IETF හි විවේචන අයැදුමෙහි(Request for Comments-RFCs) ප්රස්ථිතික නමකි.එහි අංක යාවත්කාලීන කරන විට වෙනස් වේ.නවතම නම වනුයේ භාෂා හඳුනා ගැනීමේ ඇමුණුම වන RFC 5646 යි. මේ ලිපිත් බලන්න[සංස්කරණය] යොමුව[සංස්කරණය] - මෙම විකිය Language Localisation යන ඉංග්රීසි විකියේ සිංහල පරිවර්තනයකි.
hplt_2
වැලිවේරියෙන් තුන්නානට යළිත් පොලිසිය වැඩ ඇරඹුවේය. ඒ ඊයේ(16) පෝය දිනයේදීය. මෙවර ඔවුන්ට තම පාදඩ ව්යාපෘතිය සාධාරනීකරණය කිරීම සඳහා සිදුවීමක් වී ඇත. ඒ ගසකට යට වී බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා මිය යාමය. එම කණගාටුදායක සිද්ධිය පොලිසියට තම අශිෂ්ඨ කර්තව්ය සාධාරනීකරණය කරගැනීමට ඉඩ සලසා දී තිබේ. නීතීඥයෙකු වන පොලිස් මාධ්ය ප්රකාශකයා, තම නිතී අධ්යාපනය සියලුම දෙනාගේම සැකයට භාජනය කරමින්, මේල් ගුණසේකර මිනී මැරුමේදී කතාකළ ආකාරයටම තුන්නාන සිද්ධිය ගැනද කතා කළේය. ඔහුට අනුව, තුන්නානේ ඇති වී ඇත්තේ ජිනීවා මානව හිමිකම් කවුන්සලය මූලික කරගනිමින් එයට පසුබිම සකස් කිරීම සඳහා හිතා මතාම සිදුකරනු ලැබූ කුමන්ත්රණයකි. අහෝ ඛේදයකි. එම කුමන්ත්රණකරුවන් අල්ලා ගැනීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් රැසක් ප්රදේශය පීරමින් සිටින බව ඔහුගේ අදහසය. අහෝ වාසනාවකි, කුමන්ත්රණ කරුවන් හසුවීමට නියමිතය. ඉන් පසු ජිනීවාහී සම්මත කිරීමට නියමිත යෝජනාවලීයද පරාජය වනු ඇත. අදාළ ප්රදේශයේ කුමන්ත්රණයක් සිදු වූයේනම් අදාළ කුමන්ත්රණය සිදු වීමෙන් පසු එම කුමන්ත්රණකරුවන් එම ප්රදේශයේම ලැඟුම් ගෙන සිටින්නේද යන්න ඕනෑම අයෙකුට තේරෙන නමුත් මෙම නීතීඥ පොලිස් ප්රකාශකයාට නොතේරෙණ තුනේ පන්තියේ පාඩමකි. එසේම මෙම පොලිස් ප්රකාශකයාට ප්රදේශයේ සිදු වූ සිද්ධියට වඩා වැදගත් කුමන්ත්රණය ගැන කතා කිරීමය. ඇත්ත සිදුවීම වසා ගැනීම සඳහා රටේ ඇති සියලුම කතා ඕපා දූප වලට ඇලුම් කරන ස්ත්රීයක් මෙන් විඩාව හෝ තම කෝපය නිදහස් කිරීම සඳහා වචන නිදහස් කිරීම හෙතමගේ පුරුද්ද වී ඇති සැටියෙකි. මෙය සරලව, හතර වරං ගැසීම ලෙස හැඳින්වේ. අදාළ සිදු වීම ගැන විමසා බැලීමට පෙර වැදගත් වන්නේ, මෙම නීතීඥ පොලිස් ප්රකාශකයා ද, නිතී විද්යාලයේ අහවලාගේ පුත්රයා මෙන් හොරට විභාගය සමත් වූවෙක්ද යන්න ඔහුටම සිතාබැලීම සඳහා අවදානය යොමුකිරීමය. දෙවැන්න, රටේ වගකිව යුතු ක්ෂේත්රවල නිලධාරීන්, රටටම පිළිකුලක් සහ ශාපයක් වී ඇති “දේශ හිතෛෂී දේශපාලඥයින්” මෙන් හැසිරීම ගැන දශමයක හෝ පෞද්ගලික විලිලැජ්ජාවක් නොමැත්තේද යන්න ඔහුට සිතීමට කාලය පැමිණ තිබේ. තුන්නානේ ඇති වූ සිද්ධියද වැලිවේරියේ සිද්ධිය සහ සාමානය. වාසනාවට සිවිල් වැසියන් මිය ගිය බවක් තවමත් වාර්තා වී නැත. එහිදී හටගෙන ඇත්තේ බීමට ඇති ජලයට එක්තරා කර්මාන්ත ශාලාවක වැරදි භාවිතය නිසා අම්ල එකතු වීම නිසා ඊට එරෙහි උද්ඝෝෂනයකි. එම සිද්ධිය කාලාන්තරයක් තිස්සේ පැවති අර්බුධයකි. එය නිවැරදිව විසඳනු වෙනුවට වැලිවේරියේ වැනි සිද්ධියක් ඇති වේ යන බිය අදාළ කර්මාන්තශාලාව කළමනාකරණයට ඇති වූවා විය හැකිය. ඊට පිළියම වූයේ තම දේශපාලන සම්බන්ධතා නිරුවත් ලෙස ප්රයෝජනයට ගනිමින් අදාළ කර්මාන්ත ශාලාව ඉදිරියේ උද්ගෝෂණ පැවැත්වීම වැලැක්වීම සඳහා “අධිකරණ නියෝගයක්” ගැනීමය. මෙය කිසිඳු ප්රජාතන්ත්රවාදය ඇතැයි පිළිගැනෙන ක්රමයක් හෝ නීතීය පසිඳලීමක් නොවේ. රටේ පුරවැසියන්ට උද්ඝෝෂණ කිරීමට ඇති නිදහස වූකලී මුලික අයිතියකි. ජනතාවගේ කැමැත්තෙන් රටේ පාලකයින් තෝරාගන්නා තෙක් එම අයිතිය පැහැරගැනීම කිසිවෙකුට කළ නොහැකිය. නමුත් පසුගිය කාලය පුරාවටම, ලංකාවේ පොලිසිය විසින් අසාධාරණයට එරෙහිව සාමකාමී උද්ගෝෂණ පවත්වනු ලැබූ සෑම විටම ඒවාහී නිරත වූවනට වෙඩි තබා මහ මඟ මරා දමා, ඔහුන්ගේ මළගම සිදු කෙරුණ දිනයට “උසාවියෙන්” වාරණ නියෝගයක් ගෙන විරෝධය පෑමට ඇති නිදහස නැති කළේය. නීතීඥ පොලිස් ප්රකාශකයා ඇදබාන මුසාවන් අභ්යන්තරයේ ඇති සත්ය කුමන්ත්රණය වන්නේ මෙයයි. මෙය පොලිසිය අහිංසක සිවිල් වැසියන් මරා දැමූ සියලුම අවස්ථාවලදී භාවිතා කළ ක්රමෝපායයි. කටුනායකදීත්, හලාවතදීත්, මෙන්ම වැලිවේරියේදීත් මෙය මේ ආකාරයෙන්ම දක්නට ලැබුණි. තුන්නානේ ඇති වූ සිද්ධියද මේ දක්වා සිදු වූ සිදුවීම් වල තවත් එක් සිදු වීමක් පමණි. පොලිස් ප්රකාශකයාට අනුව සිදු වී ඇත්තේ කුමන්ත්රණයක් නම්, පොලිස් නිල ඇඳුමින් සැරසී ප්රදේශයේ නිවසකට ඇතුළු වී මාස තුනක් වයසැති බිලිඳාට බැටන් පොලු පහරදී, ඔහුව රැක බලාගත් මහලු කන්තාවටද පහරදුන් එම කුමන්ත්රණ කරුවා ගැන රෙදි ඇඳගෙන නොහැකි නම් නිරුවතින් හෝ මාධ්ය ඉදිරියට විත් පොලිස් ප්රකාශකයා හෙළි කළ යුතුය. එසේම සිදුවීමට පෙර එම ප්රදේශයේම සිටි තරුණයින් සමඟ මිත්රශීලීව කතා කොට පිරිස අඩුවන තෙක් බලා සිට එම තරුණයින්ට පහරදුන් අශිෂ්ඨ වානරයින් ගැන හෙළි කළ යුත්තේය. එපමණක් නොව, පෝය දිනයක් වූ ඊයේ දිනයේදී ප්රදේශයේ පන්සලට වී සිල් සමාදන් වූ උපාසිකාවන්ට බැටන් පොලු පහර දුන් අමනුෂ්යයින් ගැන මෙම කුමන්ත්රණ ගැන හිස්බස් දොඩවන නීතීඥ පොලීස් ප්රකාශකයා මුනිවත රකින්නේ මන්ද? මෙහිදී පැන නගින ගැටලුව, කැරලි මර්ධනයට යැයි කියමින් යොදවන මෙම මෙගලමේනියානුවන් පිරිස එක්කෝ බේබද්දන් විය යුතුය. නැත්තම් මානසික රෝගීන් විය යුතුය. එය එසේ නොවන්නේ නම්ෙ, මාස තුනක් වයසැති බිළිඳෙකුට තඩි බෑමට නොහැකිය. සැබවින්ම තුන්නානේ මිනිසුන් පිටුපස තිබෙනවා යැයි කියන කුමන්ත්රණයට පෙර මෙම පොලිස් ප්රකාශකයා ඇතුළු ඉහළ පෙළේ අයවලුන් කළ යුත්තේ, අමනුෂ්යයින් ලෙස හැසිරෙන මෙම බේබදු නිලධාරීන් පිටුපස කුමන හෝ කුමන්ත්රණයක් තිබෙන්නේද යන්න සොයා බැලීමය. කෙසේ වෙතත් අදාළ කාරණය සම්බන්ධයෙන් වැදගත් වන්නේ, ප්රදේශයේ ජනතාවගේ සෞඛ්ය ආරක්ෂා වන පරිදි නිවැරදි වැඩපිළිවෙලක් වෙතට යොමු වීමය. එය එසේ නොවන තාක් දුරට, නීතියෙන් මෙන්ම සමාජයෙන් කිසිඳු සරණක් නැති ජනතාවට සිදු වන්නේ උද්ඝෝෂණය කිරීමට සහ තම විරෝධය පෑම සඳහා නව ක්රම සොයා ගැනීමටය. පොලිසියට මෙන්ම රටේ ‘‘දේශප්රේමී කල්ලියට” තේරෙන බාසවෙන් කතා කිරීමටය. තම පෞද්ගලික දේශපාලන අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට ජිනීවාහී පැවැත්වෙන මානව හිමිකම් සැසිය ආයුධයක් කරගැනීමට උත්සහ කළ රාජපක්ෂ එය නොහැකි තැන රටේ සියලුම සැබෑ ප්රශ්න ජිනීවා වලට බැර කිරීම කදිම විහිළුවකි. තුන්නානේ මිනිසුන් තම දරුවන් සමඟ පාරට බැස සටන් කරනු ලබන්නේ බීමට ඇති ජල අයිතිය වෙනුවෙනි. එම අයිතිය ගැන කතා කිරීමට ගොස් වැලිවේරියේදී නිරායුධ වැසියන් මරා දමා පොලු පහර දී බරපතල තුවාල සිදුකළ අයවලුන් ගැන මේ දකවා කිසිඳු වැඩපිළිවෙලක් නොගත්තේය. එම පර්යේෂණ වාර්තාවද හමුදාපතිවරයාට භාරදීමෙන් පසු කිසිඳු ආරංචියක් නැත. රටේ දැවෙන ප්රශ්න රාජපක්ෂ විසින් විසඳනු ලබන්නේ මෙසේය. මොළය වැඩකිරීම සඳහා එක සෛලයක් පමණක් ඇති මිනිසෙකුට හෝ තේරෙන සත්යනම්, ජිනීවා සහ මෙම කාරණා අතර කිසිඳු සම්බන්ධයක් නැති බව මෙන්ම රාජ්ය පාලනයේ ඇති අසමත් භාවය සහ රටේ සැබෑ ප්රශ්න ඔහුන්ට වැදගත් නොවීමයි. මෙය සමාජ අසමත් භාවය හමුවේ තවත් පැය කිහිපයකින්, පොලිස් ප්රකාශකයා මාධ්ය ඉදිරියට පැමිණ , තුන්නානේ කුමන්ත්රණ කරුවන් ඇල්ලු බවත්, ඔවුහු අහවල් දෙය කියූබවත්, ප්රකාශ කළහොත් පුදුම විය යුතු නොවේ. එසේම ඔහුන් ගොතනු ලැබූ කුමන්ත්රණයට සම්බන්ධ යැයි, උද්ඝෝෂණයට හවුල් වූ පිරිසෙන් කිහිපදෙනෙකු කුදලාගෙන ගොස් ඔවුන්ගේ ඇටකටු කැඩෙන තෙක් පහර දුන්නොත් ඒ ගැනද පුදුම විය යුතු නොවේ. ආයුධ පෙන්වීමට ගොස් ඔහු අත තිබූ අත්බෝම්බයකින් දමා ගැසීමට උත්සහ කිරීමේදී අහවල් පාතාල නායකයා පොලිස් වෙඩිපහරින් මියගියේය, නමැති පොලිස් බොරුවේ තවත් දිගුවක් ලෙස පමණක් මෙම පොලිස් ප්රකාශකයාගේ කුමන්ත්රණය විස්තර කළ නොහැකිය. මේ ආකාරයෙන්, ඇත්ත වසා දැමීම සඳහා සිදුකරන මවාපෑම්, “දේශහිතෛශී” මතින් බීමත් වී මත්වී සිටින විට දකින සිහිනයේම කොටස් පමණි. තුන්නානේ ජනතාවගේ ගැටලුව බීමට ඇති ජලය මිස වෙන කිසිවක් නොවේ. නිලන්ත ඉලංගමුව | Nilantha Illangamuwa [Image Credit: Lankadeepa]
hplt_2
කෘෂ්ණ වස්තු කෘෂ්ණ වස්තුවක් යනු එය මත පතිත සියළු විද්යුත්චුම්බක විකිරණ, ඒවායේ සංඛ්යාතය හෝ පතන කෝණය නොසලකමින්, අවශෝෂණය කරන පරිපූර්ණ භෞතික වස්තුවකි. තාජන සමතුලිතතාවයක (එනම්, නියත උෂ්ණත්වයක පැවතීම) පවතින කෘෂ්ණ වස්තූන්, කෘෂ්ණ වස්තු විකිරණ නම්වූ විද්යුත්චුම්බක විකිරණ විමෝචනය කරයි. මෙම විකිරණ විමෝචනය සිදුවන්නේ ප්ලෑන්ක්ගේ නියමය අනුව වන අතර, එයින් ගම්ය වන්නේ, වස්තුවෙහි හැඩය හෝ සංයුතිය අනුව නොව, එහි උෂ්ණත්වය අනුව පමණක් තීරණය වන වර්ණාවලියක් සහිතව (දකුණෙහි ඇති රූපය බලන්න) බවයි. තාපජ සමතුලිතතාවයෙහි පවතින කෘෂ්ණ වස්තුවක් සතුව සංගණ්ය ගුණාංග දෙකක් ඇත:[1] - එය පරිපූර්ණ විමෝචකයකි: එම උෂ්ණත්වයෙහිම පවතින වෙනත් කිසියම් වස්තුවකට වඩා, සෑම සංඛ්යාතයකදීම, වඩාත් ප්රමාණයක ශක්තිය එය විසින් විමෝචනය කරයි. - එය විසිරි විමෝචකයකි: ශක්ති විකිරණය සිදු වන්නේ සමාවර්තනිකව වන අතර, දිශාවෙන් ස්වායත්තව වෙයි. ආශ්රිත[සංස්කරණය] උපන්යාස[සංස්කරණය] - ↑ මහමුඩ් මසූඩ් (2005). "§2.1 බ්ලැක්ඩොඩි රේඩියේෂන්". ඉන්ජිනියරිං තර්මොෆ්ලුයිඩ්ස්: තර්මොඩයිනමික්ස්, ෆ්ලුයිඩ් මිකැනික්ස්, ඇන්ඩ් හීට් ට්රාන්ස්ෆර්. ස්ප්රින්ගර්. පිටුව. 568. ISBN 3-540-22292-8. http://books.google.com/books?id=9KIp_fmC9A0C&pg=PA568.
hplt_2
කන්දක් විළිලා මී පැටවකු ප්රසූත කළේය. ඌ ද විකලාංගයෙකි. හාස්යය නම් විකලාංග වූ මී පැටවා පෙන්න පෙන්නා ‘Super’ යැයි කීමය. අප මේ කතා කරන්නෙ ‘Z’ ස්කෝර් ගැනය. පසුගිය වසරේ අගෝස්තුවේ උසස් පෙළ විභාගය පැවැත්වීය. දෙසැම්බර් 26 වැනි දින ප්රථම වරට විභාග ප්රතිඵල නිකුත් කළේය. ගැටලූව මතුවන්නේ මෙතැන් පටන්ය. පළමුව නිකුත් කරන ලද ප්රතිඵල ද විකෘතිතා සහිතය. ඊට එල්ල වූ විරෝධය හමුවේ ප්රතිඵල හකුළා ගත්තේය. දෙවැනි වරටත් ප්රතිඵල නිකුත් විය. එය තවදුරටත් විකෘතිතා සහිත වූවකි. අවසානයේ ශ්රේෂ්ඨාධිකරණයට මැදිහත් වීමට සිදුවිය. නියෝගය ලැබිණි. සති දෙකකට අධික කාලයක් තොඳොල් වෙමින් සිට නැවතත් ප්රතිඵල නිකුත් කළේය. දැන් එය ද විකෘති ප්රතිඵලයක් වී තිබේ. ‘Z’ ස්කෝර් ගැටලූව අර්බුදයක් දක්වා වර්ධනය වී තිබේ. එහි ප්රතිඵලයක් ලෙස දැන් සිසුන්ට කබලෙන් ළිපට වැටී ලිප් ගල්වලට ද යටවීමට සිදුව ඇත. මේ දරුවන්ට වගකියන්නේ කවුද? උසස් අධ්යාපන ඇමැතිවරයාගේ කටට මසුරන් දැමීමට තරම් වටින්නේය. මන්ද ඇමැතිවරයා පැවැසූ පරිදිම නව ‘Z’ ක්රමය යටතේ ඉහළ ‘Z’ අගයක් පැවැති දරුවන්ගේ ‘Z’ අගය පහළ ගොස් ඇති අතර පහළ ‘Z’ අගයක් පැවැති දරුවන්ගේ ‘Z’ අගය ඉහළ ගොස් තිබේ. මේ, ‘Z’ ස්කෝර් ගැටලූවට විසඳුමක්ද? ප්රතිඵල නැවතත් වැරැදී ඇති බව ප්රකාශ කිරීම ශ්රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමක් බව එස්.බී. දිසානායක ඇමැතිවරයා පවසයි. ඇමැතිවරයාගේ ප්රකාශයේ සත්ය අසත්ය කෙසේ වුවද එය මේ රටේ උසස් පෙළ විභාගයට පැරණි විෂය නිර්දේශය යටතේ පෙනී සිටි ළමයින් 99,535 ට අදාළ නැත. තෙවැනි වර ප්රතිඵල නිකුත් වීම මගින් විශාල අසාධාරණයකටත් මානසික පීඩනයකටත් ගොදුරු වී ඇත්තේ පැරණි විෂය නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටි දරුවන්ය. මෙය ඛේදවාචකයක් නොවේ නම් එයට තවත් අර්ථ දැක්වීමක් තිබේද? ”මම විභාගයට ලිව්වේ කලා අංශයෙන්. ගම්පහ දිස්ති්රක්කයෙන් තමයි ඉල්ලූම් කළේ. තර්ක ශාස්ත්රය, සිංහල, දේශපාලන විද්යාව කියන විෂයන් තුනටම මට ‘A’ සාමාර්ථ තියෙනවා. මුලින් District rankඑක තිබුණෙ 112. Island rank 2180. මේ resultඑකට මට කැම්පස් යන්න පුළුවන්. ඒත් මේ වතාවේ ප්රතිඵල සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. District rankඑක 460 වෙලා. Island rankඑක 7591 වෙලා. මුලින් ‘Z’ Scoreඑක 1.6413 යි. දැන් 1.2659යි. මම විභාගයට ලිව්වේ තුන්වැනි වතාවට. මට කැම්පස් යන්න තිබුණ උවමනාව නිසාම තමයි මම විභාගයට ලිව්වේ. මම A3ක් ගත්තා. විභාගෙ පාස් වුණා. මුලින් කැම්පස් තේරුණු මම මේ පාර අසමත් වෙලා. කොහොමද එහෙම වෙන්නෙ? මට ආපහු විභාගයට ලියන්නත් බැහැ. මම ෆේල් වුණෙත් නැහැ. result sheetඑකේ ‘A’ 3ක් තියෙනවා. ඒත්....” ඔහුගේ දෑස් කඳුළින් තෙත් වී තිබේ. තවදුරටත් කතා කරගත නොහැකි තැනටම ‘Z’ ස්කෝර් මගඩිය විසින් ඔහුව හෙම්බත් කර ඇත. දහසක් පීඩා මැද නෙළාගත් අස්වැන්න සොරාකෑමට පාලකයන් කටයුතු කර හමාරය. නමුත් සොරාගන්නට ඉඩහැර බලාසිටිය හැකිද? ”මම විද්යා අංශයෙන් විභාගයට ලිව්වේ. කොළඹින් ඉල්ලූම් කළේ. මුලින් තිබුණ resultඑකට අනුව මම වෛද්ය විද්යාලයට තේරිලා හිටියෙ. දැන් වෛද්ය විද්යාලයට තියා මොන පීඨයකටවත් යන්න බැහැ. මේ මගේ අන්තිම අවස්ථාව. මම දෙවැනි වතාවේ පශු වෛද්ය අංශයට තේරුණා. ඒත් ගියෙ නැත්තෙ වෛද්ය පීඨයට යන්න ඕන නිසා. මම උදේ හවස දැක්කෙ වෛද්යවරයෙක් වෙන හීනය. මගේ හැම පොතකම මුල් පිටුවේ වෛද්යවරයෙක්ගෙ පින්තූරයක් ඇඳලා තියෙනවා. දැන් ඒවා දිහා බලාගෙන මම විතරක් නෙවෙයි අම්මයි, තාත්තයි, අක්කයි හැමෝම අඬනවා.” වසර දහතුනක පාසල් ජීවිතයෙ අග්ර ඵලය කඳුළට දියකර හරින්නට අද දරුවන්ට සිදුවී තිබේ. ”මම කලා අංශයෙන් විභාගයට ලිව්වේ. කුරුණෑගල දිස්ත්රික්කයෙන් තමයි ලිව්වේ. ප්රතිඵල Aදෙකයි Bඑකයි. කැම්පස් තේරිලා හිටියෙ. ඒත් දැන් මට කැම්පස් යන්න බැරි විදිහට ප්රතිඵල වෙනස් වෙලා. දෙවැනි වතාවට තමයි විභාගයට ලිව්වේ. මට උගන්වන්න අම්මයි, තාත්තයි දෙන්නම කුලී වැඩ කළා. ගෙදරට කරන්ට් එක වත් නැහැ. ඒත් මම හොඳට විභාගෙ පාස් වුණා. මුලින් ප්රතිඵල දැක්ක වෙලාවේ ගෙදර හැමෝම සතුටු වුණා. ඒත් දැන් හැමෝම අඬනවා. අම්මත් ලෙඩ වෙලා. පොත් පත් ටික පවා ගන්න ගොඩක් දුක් විඳින්න වුණා. ඇයි මෙහෙම අපේ අනාගතය එක්ක සෙල්ලම් කරන්නෙ? අපිට අයිති ප්රතිඵල කොහොමද මෙහෙම උදුරගන්නෙ?” කුසට හරි හමන් අහරක් නොමැතිව, සිරුරට හරිහමන් වස්ත්රයක් නොමැතිව, පයට මිරිවැඩි සඟලක් නොමැතිව ඔවුන් තමන්ගෙ අරමුණ කරා දිවවිත් තිබේ. නමුත් අද පාලකයන් ඔවුන්ගේ ජීවිතයට ද අලගු තබා ඇත. ”මම කෑගල්ලෙ. මගෙ දුව විද්යා අංශයෙන් විභාගයට ලිව්වේ. එයාට කැම්පස් යන්න පුළුවන්කම තිබුණා. එයා A3 ක්ම ගත්තා. මගේ දරුවා පුංචි කාලේ ඉඳලම දක්ෂයි. ඒත් මේ පාර ප්රතිඵලවලින් කැම්පස් යන්න බැහැ. දරුවා හරියකට කන්නෙ බොන්නෙවත් නැහැ. ඉකි ගගහා අඬනවා. අද මගෙ දරුවා විතරක් නෙවෙයි දහස් ගාණක් දරුවො අඬනවා. අම්මලා තාත්තලා හූල්ලනවා. අපි කාටද මේවා කියන්නෙ? වගකියන්න ඕන මිනිස්සුමනෙ හැමදේම විනාශ කරන්නෙ. අපේ දරුවන්ගෙ ජීවිතවලට මොනවහරි හානියක් වුණොත් ඔය මැති ඇමැතිවරු හැමෝම වගකියන්න ඕන.” දවසින් දවස සිය දරුවන් අකුරු කළ සැටි බලා ඔවුහු සැනසුම් සුසුම් හෙළූහ. සිහින මාළිගා බැන්දාහ. දරුවන්ගේ අනාගතය සරි කරනු පිණිස දර දිය ඇද්දෝය. සාර්ථකය. නැත. අතිසාර්ථකය. නමුත් මොහොතකින් සියල්ල අළු දුලී බවට පත්ව තිබේ. අනාගතය ගැන පමණක් නොව අද දවස වන විට තම දරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් ද ඔවුන්ට ඇත්තේ ප්රශ්නාර්ථයකි. මාතර තෙරේෂා දිශානි කලා අංශයෙන් ‘A’ සාමාර්ථ 3ක් ලබාගෙන තිබුණි. ඇගේ දිස්ත්රික් කුසලතාව 232 විය. ප්රතිඵල වෙනසත් සමග දිස්ත්රික් කුසලතාව 523 බවට පත්ව ඇත. දැන් ඇයටත් සරසවි වරම් අහිමි වී ඇත. හම්බන්තොටින් වාණිජ අංශයෙන් විභාගයට පෙනී සිටි කපිල කුමාර ‘A’ සාමාර්ථ 2ක් සහ ‘B’ සාමාර්ථයක් ලබාගෙන දිස්ත්රික්කයේ 97 වැනි ස්ථානයට තේරී පත් වී සිටියේය. නව ප්රතිඵලයට අනුව එය 120 දක්වා පහළ ගොසිනි. කපිලගේ සිහිනය ද බොඳ වී ඇත. විද්යා අංශයෙන් විභාගයට පෙනී සිටි පියුමි වත්සලා ‘A’ සාමාර්ථයක් සහ ‘B’ සාමාර්ථ දෙකක් ලබාගෙන නුවරින් 35 වැනි ස්ථානයට පත්වී විශ්වවිද්යාලයට වරම් ලබා සිටියාය. දැන් ඇගේ දිස්ත්රික් කුසලතාව 42 බවට පත්ව තිබේ. පෙර දිස්ත්රික් කුසලතාවට අනුව වෛද්ය පීඨයට තේරීපත් වී සිටි ඇයට දැන් එම අවස්ථාව අහිමිකර ඇත. ගම්පහ දිස්ත්රික්කයේ කලා අංශයෙන් විභාගයට පෙනී සිටි ධනංජය ලක්ෂාන් ‘A’ සාමාර්ථ 2ක් සහ ‘B’ සාමාර්ථයක් සහිතව දිස්ත්රික්කයේ 240 වැනි ස්ථානයට තේරී පත් විය. ඒ අනුව ඔහුට සරසවියේ දොරගුළු හැරිණි. නව ප්රතිඵලයට අනුව ඔහු දැන් 656 වැනි ස්ථානයේ ය. සරසවියේ ඔහුට හැරුණු දොරගුළුවලට දැන් ඉබි යතුරු දමා ඇත. මේ ප්රතිඵල විකෘතිතා අතරින් අතළොස්සක් පමණි. ප්රශ්නයෙන් පැන යන්නට ආණ්ඩුව දැන් අපූරු උත්තරයක් හොයාගෙන තිබේ. එනම් නව ප්රතිඵලයට අනුව විශ්වවිද්යාලයට ප්රවේශ වීමට නොහැකි සිසුන්ට විභාගයට අයදුම් කිරීම සඳහා දින පහක් ලබාදීමය. එයත් ෆැක්ස් ක්රමයට ඉල්ලූම් කළ හැක. එසේ කළ පමණින් ප්රශ්නය විසඳේද? නමුත් මෙවර විභාගය අගෝස්තු මස 06 වැනි දිනයේ දී ආරම්භ වීමට නියමිතය. දින 10 කටත් අඩු කාලයකදී උසස් පෙළ වැනි අතිධාවනකාරී, තරගකාරී විභාගයකට ශිෂ්යයකුට සූදානම් විය හැකිද? පසුගිය දෙසැම්බරයේ සිට මෙම වසරේ විභාගය පැවැත්වීමට නියමිත කාලය වනතුරු ප්රතිඵල ගැටලූව විසඳීමට නොහැකි වූයේ ශිෂ්යයන්ගේ වරදින්ද? අද විශ්වවිද්යාල වරම අහිමිකර ඇත්තේ ද ඉහළම ප්රතිඵල ලබාගත් සිසුන්ගේ වීමද මෙහි විශේෂ තත්වයකි. වරෙක ආණ්ඩුවේ නිල ලේඛන මගින්ම සරසවියේ දොරගුළු හරිද්දී ඊළඟ නිමේෂයේ එම දොරගුළුවලට ඉබි යතුරු දමන්නේය. මේ වගකිව යුතු, වගකීමට බැඳී සිටින පාලකයන්ගේ දූරදර්ශී ක්රියාකලාපයද? පාලකයන් අද සෙල්ලම් කරමින් ඉන්නේ මේ රටේ අනාගතය සමගය. මෙය ඇස් රතු වීමෙන් පමණක්ම නතර වන සෙල්ලමක් නොවන බවද පාලකයන් දත යුතුය. වසර දහතුනකට අධික කාලයක් පුරාවට දරුවන්, මව්පියන්, ගුරුවරුන් එක්ව කළ අරගලය මෙසේ ආපස්සට හැරවිය හැකිද? ඒ අරගලයේ නියමුවන් මෙන්ම එම ජයග්රහණයේ හිමිකරුවන් ද ඔවුන්මය. මේ ජයග්රාහකයන් පාලකයන්ගේ උවමනාව මත පරාජය භාරගත යුතුද? පාලකයන් අසමත් වන්න, අසමත් වන්න එහි පන්නරය ජනතාව ලබාගත යුතුය. වානේ පන්නරය ලබන්නේ ද ගින්නට අසුවී තැළෙන තරමටය. මේ වන විට 2011 උසස් පෙළ විභාගය අර්බුදයට ගොස් ඇතිවාක් මෙන්ම මීට පෙර අවස්ථාවලදී මෙවන් ගැටලූවක් මතුවිය. ඒ 2005 වසරේදීය. එහිදී රසායන විද්යාව බහුවරණ ප්රශ්න පත්රය පරීක්ෂා කිරීමේදී මතු වූ දෝෂයක් හේතුවෙන් සිසුන්ට අසාධාරණයට ලක්වීමට සිදුවිය. රජරට වෛද්ය පීඨය ඇරඹෙන්නේ එම අසාධාරණයට පිළිතුරක් වශයෙනි. අද දවසේ ‘’’ ස්කෝර් මගඩිය දහස් ගණනක් දරුවන්ගේ ජීවිත හඹාගෙන ගොස් හමාරය. මොවුන් සියල්ලටම සාධාරණය ඉටුවිය යුතුය. මන්ද ඔවුන් තමන්ගේ කාර්යය වඩාත් හොඳින් අවසන් කර ඇති නිසාවෙනි. පාලකයන්ට දැන් මේ අර්බුදයෙන් පැන යා නොහැකිය. දිව හැරෙන හැරෙන අතට කතා කියමින් අත පිහදාගත නොහැක. මන්ද මෙකී වගඋත්තරකරුවන් ඔවුන්ම වන බැවිනි. පාලකයාට බුද්ධිමත් දරුවා ප්රශ්නයක් වූවාට ඔහු රටට සම්පතකි. එහෙයින් ඔවුන්ගේ ජීවිත මෙන්ම අනාගතය ද සුරක්ෂිත විය යුතුය. අද විශ්වවිද්යාල ශිෂ්යයා සිය අධ්යාපන අයිතිය ඉල්ලා වීදියට බට කල ඔවුන්ට හිමිවන්නේ කඳුළු ගෑස්ය. බැටන් පොලූ ප්රහාරය. පන්ති තහනම් කිරීම්ය. සිරගත කිරීම්ය. එදත් අදත් එකී සුවහසක් කැපකිරීම් නොවන්නට මේ නිදහස් අධ්යාපනයේ මළගමත් සිදුව අවසන්ය. ඉතින් දැන් ‘නොදනිමි කාගේ දොසා’ යනුවෙන් කියා අහක බලා හිඳින්නට අවසර නැත. දොස කාගේදැයි සියල්ලෝම දැන් වඩාත් හොඳින් දන්නෙහිය. එසේ නම් කළ යුත්තේ තමන් අත්පත් කරගත් ජයග්රහණය ගිලිහී යාමට නොදී රැකගැනීම නොවේද? ආශිකා බ්රාහ්මණ
hplt_2
ජනවර්ග මුලිනුපුටාදැමීම් පටුන යටත් විජිත සමය[සංස්කරණය] - කිංග් (king) රාජ වංශය විසින් පනවන ලද ආර්ථික හා සංස්කෘතික ප්රතිසංස්කරණ සීමාවන් යටතේ 18 වෙනි ශත වර්ෂයේදී මියාඕ කණ්ඩායම් සහ අලුතෙන් පැමිණි හන් පදිංචිකරුවන් අතර ආරවුල් වැඩි විය. මේ නිසා ආයුධ සන්නද්ධ අරගල ඇති වූ අතර ඒ හේතුවෙන් ආරම්භ වුනු මහා පරිමාණ විගමනයන් 19 වෙනි ශත වර්ෂය තෙක් නොකඩවා සිදු වුනේය. මෙම කාලය තුල බොහෝ ජනතාව දකුණු ආසියාවට සංක්රමණය වූහ. - 1755 දී සිදු වූ මහා පිටුවහල් කිරීමේදී බ්රිතාන්යයන් විසින් 4000 සිට 5000 දක්වා ප්රංශ ඇකේඩියන් වරු ප්රමාණයක් ඇකේඩියාවෙන් පිටමං කරනු ලැබූහ. මෙම පිරිසෙන් බොහොමයක් ලුයිසියානාවෙහි පදිංචි වූ අතර පසුව කැජුන්ස්වරු ලෙස ඔවුන් හැඳින්වුනේය. - 1791 සිට 1804 දක්වා කාලය තුල හයිටියෙහි විප්ලවය පැවතිකාලයේ ශාන්ත ඩොමිනිග් හි සිටි 40000 ක්වූ සුදු ප්රංශ ජාතිකයින් පිටමං කිරීම සහ ජනවාර්ගිකව ඉවත් කිරීම. ජීන් - ජැකුවේ දෙසොලින් නම් නිදහස් හයිටියේ පළමු පාලකයා හයිටිය සමුපූර්ණ කලු ජාතීන්ගේ රාජ්යයක් බව ප්රකාශ කළ අතතර ඒ වන විට ඉතිරිව සිටි සුදු ජාතිකයින් සියලු දෙනා ඝාතණය කළේය. එමෙන්ම ඉන් පසු කොකේසියන්වරුනට එහි කිසිදු දේපළක් අත් කර ගැනීම තහනම් කළේය. - වෙනිසියුලා නිදහස් සටන ආරම්භ වන විට ස්පාඤ්ඤවරු ලනේරොස් වරු බඳවා ගත්හ. ජොසේ තෝමස් බොව්ස් විසින් මෙහෙයවන ලද ලනේරොස් හමුදාව නිති පතා සුදු වෙනිසියුලා ජාතිකයින් ඝාතනය කළහ. වෙනිසියුලානු සුලු ජනතාවගෙන් භාගයක් පමණ ඝාතනය වුනු අවුරුදු කිපයක් ගත වූ යුද්ධයෙන් පසු 1821 දී වෙනිසියුලාව ස්පාඤ්ඤයෙන් නිදහස ලබා ගත්තේය. - චියොස් සමූල ඝාතණය පැවති 1822 දී චියෝ හි 42000 ක් පමණ ග්රීක දූපත් වාසින් ඝාතණය වුනේය. 45000 ක් වහල් සේවයට එක් කරන ලදි.23000 ක් පිටුවහල් කරනු ලැබූහ. දිවයිනේ සිටි ග්රීකයන්ගෙන් දිවි ගලවා ගැනීමට හැකි වූයේ 2000 ට අඩු පිරිසකට පමණී. - 1831 දී දොම් පේද්රෝ විසින් බලය අත් හරිනු ලැබීමත් සමග කලු දුගී ජනතාව, වහල්ලුද සමග එක්වී බ්රසීලයේ ප්රධාන නගර වල වීදි කෝලාහල ආරම්භ කළහ. - 1835 නොවැම්බර් 19 දින, මඔරි ප්රධාන භූමිය විසින් චැතම් දිවයින ආක්රමණය කරන ලදි. තුන් සියයක් පමණ මරිඔරි මිනිසුන්, ගැහැණුන්, සහ ළමයින් ඝාතණය වුනේය. ඉතිරි වූ 1300 ක පිරිසක් වහල් සේවයට එක් කරනු ලැබූහ. 1862 වර්ෂය වන විට පණ බේරා ගෙන ඉතිරිව සිටියේ මඔරි 101 දෙනෙකු පමණී. දැනට මෙහි ජීවත් වන්නේ 1835 දී මෙම දූපත් සමුහය ආක්රමණය කර ගෙන බලය අල්ලා ගත් අයගෙන් පැවතෙන අයයි. - යුකැටන් වර්ණ භේදවාදී යුද්ධය කාලයේ නැගෙනහිර යුකැටන් සහ ක්වින්ටානාරු ප්රදේශයේ මායා වරු විසින් ස්පාඤ්ඤ ජාතිකයින් සහ මෙස්මිසෝ ජනතාව ජනවාර්ගික වශයෙන් පිරිසිදු කිරීම. මායාවරුන්ගේ කැරැල්ලේ විශාලතම ප්රථිඵලය නම් 1848 වසන්ත ඍතුවේදී එම අර්ධ ද්වීපයේ බොහෝ පෙදෙස් වලින් යුරෝපීයයන් සහ මෙස්ටිසෝ වරුන් පලවාහැරීමයි. මෙහිදී තාප්ප වලින් වට වී තිබුණු කැම්පෙචෙ (Campeche) නම් නගරයද මෙරිඩා සහ නිරිත දිග වෙරළ පමණක් ගැලවුනේය. - 19 වෙනි සියවසේ එක්සත් ජනපදයෙහි මුල් පදිංචිකරුවන් රටේ කොතැනක හෝ නැවත පදිංචි කරවීමට ගත් උත්සාහයන් පිළිබඳ බොහෝ තොරතුරු තිබේ. රතු ඉන්දියන්වරු ඔවුන්ගේ සාම්ප්රදායික ඉඩ කඩම් වලින් ඉවත් කිරීමේ (ඉන්ඩියන් රිමූවල් පොලිසි) “ඉන්දියන්වරු ඉවත් කිරීමේ ප්රතිපත්තිය” නම් 1830 දී ඇති කර ගත් ප්රතිපත්තිය මෙහිදී විශේෂ වේ. (The trail of tears නොහොත්) කඳුලෙන් සටහන් වූ ගමන නම් දුක් මුසු ඉවත් වී යාමේදී චෙරොකීස් නම් ස්වදේශික ජනයා 2000 සිට 8000 ක් දක්වා ලෙඩ රෝග වලින් මිය ගියහ. තවත් උදාහරණයක් නම් (Long walk of the Navajo) නවාජෝ ගේ දීර්ඝ ගමනයි. - 1803 වන විට 8000 ක් සිටි තස්මේනියානු ජනතාව 1833 වන විට 300 දක්වා අඩු විය. මෙයට බොහෝ විට හේතු වූයේ ලෙඩ රෝග වසංගත යනාදියයි. වසූරිය, සහ සිෆිලිස් වැනි මෙම රෝග සඳහා ඔවුනට ස්වාභාවික ප්රතිශක්තීකරණය නොතිබුනි මත් පැන් භාවිතය තවත් හේතුවක් විය. - අයිනු නම් ජනතාවහොකයිඩො, උතුරු හොන්ෂු, කුරිල් දිවයින් වල ස්වදේශික ජනතාවකි. ජපාන ජාතිකයින්ගේ ජනාවාස පුළුල් වන විට අයිනුවරුන් උතුරට තල්ලු විය. මෙයිජි පාලනය දක්වා රජය විසින් ඔවුන් හොකයිඩෝ හි සුලු පෙදෙනකට කොටු කර තබා ගෙන සිටියහ. මෙය හරියට එ.ජනපදයේ ස්වදේශික ජනතාව වෙන් කළ බිම් වලට සීමා කිරීම හා සමාන විය. - බෝල්කන් රටවල් (උදා. සර්බියා, ග්රීසිය, බල්ගේරියා) ඔටෝමන් අධිරාජ්යයෙන් නිදහස ලබා ගත් පසු 1800 සිට 1900 දක්වා කාලය තුල තුර්කි, මුස්ලිම් සහ යුදෙව් ජනගහණය බෝල්කන් ප්රදේශයෙන් පිටමං කිරීම. - 19 වෙනි ශත වර්ෂය පුරාම රුසියානු අධිරාජ්යය විසින් උතුරු කොකේසස් පෙදෙසින් මුස්ලිම් ජනතාව පලවා හැරීම. 1864 දී ඇනටෝලියාවට යැවූ සිර්කාසියන්වරු මෙහිදී විශේෂිතයි. 20 වෙනි සියවසේ ජනවාර්ගික පිරිසිදු කිරීම් පිළිබඳ උදාහරණයන්[සංස්කරණය] - 1913 දී ත්රේස් හි ඔටෝමන් කොටස තුල තරුණ තුර්කීන් විසින් ත්රෙෂියන් බල්ගේරියානු ජන කොටස නැති කිරීම. - ග්රෙකෝ - තුර්කි යුද්ධයේ පරාජයෙන් පසු ග්රීක් හමුදා විසින් තුර්කි ජනයා සමූහ වශයෙන් ඝාතණය කිරීම. - 1923 ලවුසන්නෙ (Lausanne) සම්මුතියේ ප්රතිඵලයක් ලෙස ග්රෙකො - තුර්කි යුද්ධයෙන් පසු (1919 – 1922) ග්රීකයන් තුර්කියෙනුත්, තුර්කිවරුන් ග්රීසියෙනුත් වශයෙන් දෙපිරිස රටවල් දෙක අතර මාරු කර ගැනීම. - 1919 – 1920 සිවිල් යුද්ධය පැවති කාලයේ බෝල්ෂේවික් පාලනය විසින් 300,000 සිට 500,000 දක්වා ඩොන් කොසැක්වරු පලවා හැරීම හෝ ඝාතණය කිරීම. - 1934 – 38 කාලයේ සෝවියට් සංගමය විසින් බෙලෝරුසියාවෙන්, යුක්රේනයෙන්, සහ යුරෝපීය රුසියාවෙන් පෝලන්ත ජාතිකයින් කසක්ස්ථානයට පලවා හැරීම. - සෝවියට් සංගමය විසින් රුසියානු ඈත පෙරදිගින් කොරියන් ජාතිකයින් සෝවියට් මධ්යම ආසියාවට පලවා හැරීම. 1937 සැප්තැම්බර් සිට ඔක්තෝබර් කාලය තුලදී සිදු වූ මෙම සිද්ධියෙන් 172,000 කොරියන් ජාතිකයින් පිටුවහල් කෙරුනි. - ජර්මනිය, ඕස්ට්රියාව සහ නාසි පාලනය තිබූ අනෙක් ප්රදේශ වලින් යුදෙව්වන් පන්නා දැමීම සහ වධ බන්ධනයට ලක් කිරීම - මෙය සිදු වූයේ මිලියන 6 ක යුදෙව්වන් සමූලඝාතණය කිරීම ආරම්භ වීමට කලිනි. - II ලෝක සංග්රාමය පැවති කාලයේ ෆින්ලන්ත ජාතිකයින් විසින් අල්ලා ගෙන සිටි නැගෙනහිර කරෙලියාවේ පෙට්රොසැවොඩ්ස්ක් නගරයෙහි සිටි රුසියන් බස කථා කරන ජනතාව දේශපාලන හිර කඳවුරක රඳවා තබා ගනු ලැබූහ. - ජර්මනිය විසින් පෝලන්ත ජාතිකයින් පලවා හැරීම. දෙවැනි ලෝක සංග්රාමය පැවති කාලයේ නාසි වරු සම්පූර්ණ පෝලන්ත ජනතාව පලවා හැරීම පිණිස සැලසුම් කළහ. මෙහි ප්රතිඵලයක් ලෙස නාසි ආධිපත්යය පැවති කාලයේ මිලියන 1.6 සිට 2 දක්වා පෝලන්ත ජාතිකයින් පලවා හරිනු ලැබූහ. මෙයට පෝලන්තයෙන් පිටුවහල් කරනු ලැබූ මිලියන ගණනක වහල් කම්කරුවන් ඇතුලත් නොවේ. - 1941 – 1945 කාලය තුල සර්බියානු ජනසංහාරය සිදු වූ කාලය තුල අන්තවාදී උස්ටාෂේ (Ustashe) ජාති වාදීන්ගේ පාලනය විසින් ක්රොඒෂියාවෙන් 2,50,000 කට වඩා සර්බිවරුන් පිටුවහල් කිරීම. - දෙවැනි ලෝක සංග්රාමය පැවති කාලයේ ජපන් අමෙරිකන් වරු සහ ජපන් - කැනේඩියානුවන් කඳවුරු වල කොටු කර තබන ලදහ. මෙසේ කරන ලද්දේ සංක්රමණික ජපනුන් සතුරාට සහයෝගය දක්වන කණ්ඩායමක් වේ යයි ඇති වුනු බිය හේතුවෙනි. - දෙවැනි ලෝක සංග්රාමය පැවති කාලයේ කොසවෝ සහ මෙටොහිජා හි සර්බිවරුන් 10000 කගේ ජීවිත අහිමි විය. 100,000 ක් හෝ ඊට වැඩි පිරිසක් එකී ජනවර්ගය නිසා පිටමං කරනු ලැබූහ. ඉදිරි දශකවලදී ලක්ෂ ගණනක් ජනතාව ප්රදේශය අතහැර යනු ඇත. - 1941 – 42 කාලයේදී සෝවියට් සංගමය විසින් වොල්ගා ජර්මන්වරුන් කසාක්ස්තානයට, අල්තායි ක්රායි, සයිබීරියාවට සහ වෙනත් බොහෝ දුර බැහැර ප්රදේශ වලට පලවා හරිනු ලැබූහ. - 1943 – 1944 කාල සීමාවේදී සෝවියට් සංගමය විසින් ක්රිමියන්, ටාටර්, කැල්මික්ස්, චෙචන්ස්, ඉන්ගුෂ්, බෝල්කර්ස්, කරචෙස් සහ මෙෂ්කේෂන් තුර්කි ආදී ජන වර්ගයන් මවධ්යම ආසියාවට සහ සයිබීරියාවට නෙරපීම. - පෝලන්තජාතිකයින් ඝාතණය හා වාර්ගික වශයෙන් පිරිසිදු කිරිම - ජාතිකවාදී UPA සංවිධානය විසින් 1944 සහ 1945 කාලයේදී මෙය සිදු කරන ලදි. - 1944 සහ 45 කාලය තුල ග්රීකයන් විසින් දකුණු එපිරස් ප්රදේශයෙන් චම් ඇල්බේනියානුවන් තුරන් කිරීම. 18000 – 35000 ක පමණ දෙනා ඇල්බේනියාවට පලා ගියහ. සිය ගණනක සිට දෙදාස් අටසියයක් දක්වා පිරිසක් ඝාතණය කරනු ලැබූහ. - දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජර්මන් ජාතිකයින් පිටමං කිරීම. 1944 සිට 1948 දක්වා මිලියන 13.5 සිට 16.5 ක ජර්මන්වරුන් නැගෙනහිර සහ මධ්යම යුරෝපයෙන් පලවා හරිනු ලැබූහ. නැතහොත් පලා ගියහ. මෙහිදී මැරුණු සංඛ්යාව පිළිබඳව ඉතිහාසඥයින් අතරේ පවතින කරුණු විවාදාත්මකය. පන්ලක්ෂයේ සිට තිස් ලක්ෂය දක්වා සංඛ්යාවක් මිය යන්නට ඇතැයි ගණන් බලා තිබේ. - දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සහ එය පැවති කාලයේදී ඉස්ට්රියන්වරුන්ගේ පලා යාම. ඉතාලියේ ෆැසිස්ට් පාලනය බිඳ වැටීමෙන් පසු ඉස්ට්රියා පෙදෙසින් සහ යුගෝස්ලාවියාවේ මධ්ය වෙරළ ප්රදේශයේ සාරා පෙදෙසින් ඉතාලි ජාතිකයින් 3,50,000 ක් පමණ එළවා දැමීම. - දෙවෙනි ලෝක සංග්රාමයෙන් පසු යුක්රේන් බස කථා කරන සුලු ජාතික පිරිස පෝලන්තයෙන් පිටුවහල් කිරීම. විස්ලා මෙහෙයුමෙන් ආරම්භ වූ මෙය 1947 දී එහි උච්ච ස්ථානයට පැමිණියේය. සෝවියට් සංගමය විසින් එහි බටහිර දේශ සීමාවට යා කර ගනු ලැබූ නැගෙනහිර භූමි පෙදෙසින් පෝලන්ත ජාතිකයින් දශ ලක්ෂ ගණනක් ඒ සමග ඉවත් කරනු ලැබූහ. මෙම බටහිර පෙදෙසට යා කර ගනු ලැබූ ප්රදේශය ජර්මනියෙන් පෝලන්තයට පවරන ලදි. - පකිස්තානයේ සිට අති විශාල හින්දු සහ සීක් ජනතාවක් නෙරපීම. මෙම සිදු වීම මුල් කර ගෙන පසුව සිදු වූ කැරළි කෝලාහල වලදී හින්දූන්, මුස්ලිම්වරුන් සහ සීක් ජාතිකයින් මරුමුවට පත් වූහ. මෙය 1947 දී බ්රිතාන්ය ඉන්දියාව දෙකට බෙදීම ලෙස හැඳින්වුනේය. දශ ලක්ෂයක ජනතාව ප්රචණ්ඩකාරී ක්රියා මගින් අවතැන් කරනු ලැබූහ. මෙය ජනවාර්ගික වශයෙන් සුද්ද කරනු ලැබූ විශාලතම තනි සිද්ධියක් ලෙස ඉතිහාසයේ වාර්තා වී ඇත. - 1948 දී ඉන්දියාව විසින් මුස්ලිම් පාලනය යටතේ තිබූ හයිද්රාබාද් ප්රාන්තය යා කර ගැනීමෙන් පසු 7000 ක් පමණ හද්රාමි අරාබිවරුන් හිරබාරයේ තැබීම් සහ ඉන්දියවෙන් පිටමං කිරීම. - පලස්තීනුවන් නික්ම යාම. පසුව ඊශ්රායලයේ කොටසක් වූ බ්රිතාන්යය විසින් ප්රකාශිත පලස්තීනයේ සිටි අරාබි පලස්තීනුවන් ට පිටවී යන ලෙසට අරාබි හමුදාව විසින් ප්රකාශයක් කරන ලදි. මෙම ප්රදේශ යුදෙව්වන් විසින් මිළ දී ගත් අතර 1948 අරාබි ඊශ්රායල් යුද්ධයෙන් පසුව බලය සහ ප්රචණ්ඩත්වය යොදා එහි සිටි පලස්තීනුවන් ඉවත් කරනු ලැබූහ. අවුරුදු 60 කට පසුවද අසල්වැසි රටවල අනාථ කඳවුරු වල මෙම පලස්තිනුවන් දශලක්ෂ ගණනක් සිටිති. - අරාබි ප්රදේශ වලින් යුදෙව්වන් පිටමං වීම. මෙහිදී අරාබි රටවල සිටි යුදෙව්වන්ගෙන් 99% ක් පමණ ඉවත් වූහ. බොහෝ අය කැමැත්තෙන් ඉවත් වූ අතර සමහර රටවල් වලින් කරනු ලැබූ නොසැලකීම් හේතුවෙන් ඉවත් වන්නට සිදු විය. 1948 අරාබි - ඊශ්රායල් යුද්ධයෙන් සහ 1967 සය දින යුද්ධයෙන් පසුවද මෙය සිදු වූ අතර, මෙම අවස්ථාවන්හිදී ඉරාකය, සිරියාව, යේමන්, ඊජිප්තුව, ලිබියාව, ඇල්ජීරියාව, ටියුනීසියාව සහ මොරොක්කෝවේ සිටි යුදෙව්වන් විශාල ප්රමාණයක් ඊට අයත් වූහ. - 1949 දී නෙදර්ලන්තයෙන් ඉන්දුනීසියාව නිදහස ලබා ගත් පසු 300,000 ක් පමණ ජනතාව (වැඩි වශයෙන් ඉන්ඩොස් නොහොත් ලන්දේසි ඉන්දුනීසියානුවන් පිරිසක්) ඉන්දුනීසියාවෙන් පලවා හරිනු ලැබූහ. - එවකට පැවතුනු ඉන්දියන් විරෝධී ත්රස්තවාදය හේතු කොට ගෙන කාශ්මීරයේ ජීවත් වූ කාශ්මීර හින්දූන් එහි සිදු වූ ප්රචණ්ඩකාරී ක්රියා හේතුවෙන් එම ප්රදේශය තුලම අවතැන් වූහ. - 1955 සැප්තැම්බර් 5 සහ 6 දින වල කොන්ස්තන්තිනෝපල් හි සිටි ග්රීකවරුනට එරෙහිව හිංසා කිරීම් කරනු ලැබිනි. මෙයට තුර්කි රජයෙන් රහසෙන් උදව් ලැබුනි. කැරළිකරුවන් විසින් ඇතැම් යුදෙව්වනට සහ ආර්මේනියන්වරුනටද පහර දෙනු ලැබූහ. 1924 දී 100,000 ක් පමණ වූ මෙම ග්රීක සුලු ජාතීන් පසුව තුර්කි - ග්රීක ජනගහණ හුමමාරු ගිවිසුමෙන් පසු 2007 දි 5000 ක් දක්වා අඩු විය. - 1960 ජූලි 5 වැනි දින, එනම් කොංගෝව බෙල්ජියම් පාලනයෙන් නිදහස ලබා දින 5 ක් ගත වූ තැන නොර්ත් පබ්ලික් නම් හමුදාව, එහි සිටි සුදු නිලධාරින් ඉලක්ක කරමින් කලබල ඇති කළහ. ඔවුනගේ දේපළ වලට පහර දුන්හ. මෙයින් බියට පත් වූ 100,000 ක් පමණ සුදු ජාතිකයින් එම රටෙන් විශාල වශයෙන් ඉවත් වූහ. - 1948 දී දකුණු අප්රිකාවේ ඇරඹුනු වර්ණ භේද වාදය 1960 සහ 1970 දශක වලදී උච්ච අවස්ථාවට පත් විය. මෙහිදී කලු ජාතින් වෙන් කර තබන ලදි. සුදු නොවන අය ඉවත් කරනු ලැබූහ. - යුරෝපීයයන්ගෙන් පැවත එන පීඩ් - නුවා ජනගහණය සහ යුදෙව්වන් ඇල්ජීරියාවේ සිට ප්රංශයට යැවීම. 1962 වර්ෂයේ මාස කිහිපයක් තුල මෙය සිදු විය. මෙහිදී 900,000 යුරෝපීයයන් සහ ස්වදේශික යුදෙව්වන් රට හැර ගියහ. - 1964 දී සැන්සිබාරයේ අරාබීන් සහ ඉන්දියන් ජාතිකයින් ජනවාර්ගික වශයෙන් ඉවත් කිරීම. - 1971 දී සිදු වූ බංග්ලාදේශ් නිදහස් සටනේදී මිලියන 10 ක් පමණ බෙංගාලි ජනතාව රටින් පලා ගියේ පකිස්තාන හමුදාවන් විසින් කෙරුනු ඝාතණ හා හිරිහැර කිරීම් වලින් වැළකීම පිණිසයි. - ඉඩි අමින් පාලනය විසින් උගන්ඩාවෙන් සියලුම ආසියානුවන් බලයෙන් රටින් පිට කිරීම. - 1963 – 1974 කාලය තුල ග්රීක හමුදාව සහ ග්රීක් සයිප්රස්වරුන් විසින් තුර්කි සයිප්රස්වරුන් ඉවත් කිරීම. - තුර්කිය විසින් සයිප්රස් රට ආක්රමණය කිරීමෙන් පසු සයිප්රසයේ තුර්කි හමුදාව යටතේ තිබූ ප්රදේශ වල ග්රීක ජනතාව ඉවත් කිරීම (1974 – 76 කාලය තුල) - 1986 – 1989 කාලයේ අල් - අන්ෆල් යුධ මෙහෙයුමෙන් අඩු වශයෙන් දස ලක්ෂයක් පමණ ඉරාක කුර්දිවරුන් අවතැන් වූ අතර 100,000 – 200,000 කුර්දිවරුන් ඝාතණය කෙරුනේය. - 80 දශකය අවසානයේ එක්වීම සඳහා බල කෙරුනු ක්රියාවලියේදී බල්ගේරියානු තුර්කීන් 300,000 ක් 1986 – 89 කාලය තුල තුර්කියට පැමිණියහ. - නගර්නෝ - කරබක් අර්බුද හේතුවෙන් දෙපැත්තේම ජනගහණය අවතැන් වූහ. ආර්මේනියානු පාලනය යටතේ තිබෙන (නගර්නෝ කරබක් ඇතුලු) භූමියෙන් අසර්බයිජාන්වරුන් 528,000 ක්ද, 185,000 සිට 220,000 දක්වා අසෙරියස්වරුද, කුර්දිවරු 18000 ක්ද, රුසියානුවන් 3500 ක්ද, 1988 – 89 කාලය තුල ආර්මේනියාවේ සිට අසර්බයිජානයට පලා ගියහ. - 1989 අප්රේල් සිට පයුල්, වොලොෆ් සොනින්කේ සහ බම්බරා ජනවාර්ගික කණ්ඩායම් වල සාමජිකයින් වූ කලු මොරිටානියන්වරු, මොරිටානියන් රජය විසින් මොරිටානියාවෙන් පලවා හරිනු ලැබූහ.1989 දී මධ්යම ආසියාවේ ෆර්සානා නිම්නයේ උස්බෙක්වරු විසින් මෙෂ්කේෂන් තුර්කිවරුනට වද හිංසා කිරීමෙන් මෙෂ්කේෂන් තුර්කිවරුන් 90000 ක් පමණ උස්බෙකිස්ථානය අත හැර ගියහ. - 1993 දී සහ 1998 දී සටන් පැවති කාලය තුලදී සහ ඉන් පසුව ජෝර්ජියන්වරු 250,000 ක් බලෙන් අවතැන් කිරීම සහ ඇබකාසියාවෙන් එළවා දැමීම. - රුවන්ඩා සමූලඝාතන ලෙසින් හැඳින්වුනු හුටු ගෝත්රිකයින් විසින් දශලක්ෂයක් පමණ ටුට්සි ගෝත්රිකයින් 1994 දී සමූලඝාතණය කිරීම. - නේපාල සම්භවයක් ඇති භූතාන වැසියන් වූ දකුණු ලොත් පැම්පාස් වරුන් පලවා හැරීම. 1990 දී සිදුවුනු මෙම සිද්ධියේදී භූතාන් මහජාතිය වූ උතුරු දෲක්වරුන් විසින් ඉහත කී ජන කොටස පලවා හරින ලදි. අනාථ වූ සංඛ්යාව 103,000 කි. - 1994 – 1996 පැවති පළමු චෙච්නියා යුද්ධයේදී චෙච්නියාවේ වාසය කළ රුසියානු වැසියන් සහ චෙච්නියානුවන් 500,000 ක් අවතැන් වීම. - 1998 – 99 පැවති කොසොවෝ යුද්ධයේදී පහර දීම් හේතුවෙන් කොසොවෝ ඇල්බේනියන්වරුන් 800,000 කට වඩා පිරිසකට ඔවුන්ගේ වාස භූමි අතහැර පලා යාමට සිදු විය. 21 වෙන ශත වර්ෂයේ ජන වාර්ගික පිරිසිදු කිරීම්[සංස්කරණය] - 1990 දශකයේ අවසාන භාගයේදී සහ 2000 මුල් භාගයේ ඉන්දුනීසියානු හමුදාව සහ පොලිසිය විසින් ආයුධ සන්නද්ධ කරනු ලැබූ හා සංවිධානය කරනු ලැබූ සන්නද්ධ බාහිර කණ්ඩායම් නැගෙනහිර ටිමෝරයේ සිවිල් ජනයා විශාල සංඛ්යාවක් ඝාතනය කළහ. - 1990 දශකයේ පටන් බොට්ස්වානා මධ්යම රජය, මධ්යම කලහාරි දඩබිම් රක්ෂිතයෙන් බුෂ්මන් ගෝත්රිකයින් පිටමං කිරීමට උත්සාහ කළහ. 2005 ඔක්තෝබර් වන විට, බුෂ්මන් ගෝත්රිකයින් ඔවුන්ගේ ඉඩම් වලින් බලහත්කාරයන් එළවා දැමීමේ රජයේ ප්රතිපත්තිය නැවත ආරම්භ කෙරුනේය. මෙහිදී ඔවුනට ආයුධ සන්නද්ධ පොලිසිය මගින් මරණ බවටද හිරිහැර කරන බවටද තර්ජනය කෙරුනේය. මේ නිසා අකමැත්තෙන් පිට වූ බොහෝ බුෂ්මන්වරු අපිරිසිදු කඳවුරු වල ජීවත් වූ අතර ඇතැම් පිරිස් වෛශ්යා වෘත්තියේ පිහිට සෙවූහ. ඇතැමෙක් මත් පැන් වලට පුරුදු වූහ. ඒ අතර 250 ක පමණ තවත් පිරිසක් ඔවුන්ගේ පුරුදු නිදහස් ජීවන රටාව සොයා හොර රහසින් නැවතත් කලහාරි වෙත ගියහ. “මෙම පරිඝණක යුගයේ අපි තවදුරටත් ගල් යුගයේ පිරිසක් තබා ගන්නේ මන්ද?” යනුවෙන් බොට්ස්වානා ජනාධිපති ෆෙස්ටස් මොහාඒ කීවේය. - සිම්බාබ්වේ ජනාධිපති මුගාබේ විසින් සුදු ජාතික ගොවීන් පිටුවහල් කිරීම. කලින් රොඩේෂියාව නමින් හැඳින්වුනු සිම්බාබ්වේ රටෙහි 1970 වර්ෂය වන විට සුදු ජාතිකයින් 2,70,000 ක් සිටියහ. එහෙත් අද වන විට එහි සිටින්නේ සුදු ජාතිකයින් ස්වල්ප දෙනෙකු පමනී. - 2005 දී ඊශ්රායලයේ ඒක පාර්ශවික සැලසුමකට අනුව ගාසා තීරයෙන් යුදෙව්වන් 8500 ක්ද, බටහිර ඉවුරේ කුඩා ජනාවාස හතරකින් 660 ක පමන පිරිසක්ද මුදා ගැනිම. - බටහිර සුඩානයේ ඩාර්ෆූර් ප්රදේශයේ අප්රිකානු ජනගහණය වෙත සුඩානයේ ජන්ජවීඩ් නම් සන්නද්ධ කණ්ඩායමේ ප්රහාරයන් එල්ල වීම. ඒ වන විට ගත වී තිබුනු දෙමස තුල චැඩ් සහ නයිජර් සිට 75000 ක් දක්වා අරාබීන් ප්රමාණයක් දේශ සීමා පැන ඩාර්ෆූර් වෙත පැමිණි බව 2007 ජූලි 4 දිනැති ලිපියකින් වාර්තා කර තිබුනේය. මෙයින් බොහෝ දෙනෙක් අවතැන් වුනු අරාබි නොවූ ජනතාව කලින් සිටි පෙදෙස් වලට සුඩාන රජය මගින් යවනු ලැබූහ. ජන්ජවීඩ් සන්නද්ධ කණ්ඩායම සහ සුඩාන හමුදාව විසින් එල්ල කළ ප්රහාර වලින් පසු මිලියන 2.5 ක පිරිසකට ඔවුන්ගේ නිවෙස් වලින් පලා යාමේ තර්ජනයට මුහුණ පාන්නට සිදු වී ඇත. - දැනට පවතින ඉරාක සිවිල් යුද්ධයේදී (2003 සිට මේ දක්වා) බැග්ඩෑඩය අවට ප්රදේශ සම්පූර්ණයෙන්ම වාගේ ෂියා සහ සුන්නි සටන්කාමින් විසින් ජන වාර්ගික වශයෙන් ශුද්ධ කරන ලදි. ඇතැම් ප්රදේශ එක්තරා විශේෂ (ආකමික නොවන)කණ්ඩායමක සියලු සාමාජිකයින් විසින් අත හැර දමනු ලැබුවේ ඔවුන් පළිගැනීමට ලක් වේ යයි යන බියෙනි. අනාථයින් සඳහා එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් ගණන් බැලූ ආකාරයට 2007 ජූනි 21 දින වන විට මිලියන 2.2 ක ඉරාක ජාතිකයින් යාබද රටවල් වෙත ගොස් ඇත. මිලියන 2 ක් රට තුලම අවතැන් වී ඇත. ලක්ෂයකට ආසන්න ඉරාක ජාතිකයින් පිරිසක් සෑම මසකම සිරියාවට හා ජෝර්දානයට පලා යති. - UNCHR ට අනුව ඉරාක මුලු ජනගහණයෙන් ක්රිස්තියානි ලබ්ධිකයින් සිටින්නේ 5% ක් වුවද අසල්වැසි රටවල ජීවත්වන අනාථයින්ගෙන් 40% ක පිරිසක් වන්නේ මේ අයයි. 16 වෙනි සියවසේ ඉරාක ජනගහණයෙන් භාගයක් වූයේ ක්රිස්තියානි ලබිධිකයින්ය. 1987 දී පැවැත්වූ අන්තිම ජන සංගණනයේදී ක්රිස්තියානීහු මිලියන 1.4 ක් වුහ. එහෙත් 2003 ආක්රමණයෙන් පසු ඉස්ලාම් ලබ්ධිය කෙරේ ප්රබෝධයක් ඇති විය. ක්රිස්තියානින්ගේ මුලු සංඛ්යාව 500,000 දක්වා පහත බැස්සේය. මෙයින් 250,000 ක් සිටියේ බැග්ඩෑඩ් නුවරයි. තවදුරටත් කිවහොත් ඒ වන විට ඉස්ලාම් අන්තවාදීන් විසින් කර ගෙන ගිය දාමරික ක්රියා නිසා මැන්ඩේඉයන් සහ යසිඩ් ප්රජාවන්ට පිටමං වීමේ අවදානමකට මුහුණ පාන්නට වෙතැයි ඔව්හු බියෙන් පසු වූහ. 2007 මැයි 25 පළ වූ ලිපියක සඳහන් වන්නේ ගත වූ මාස 7 ක කාලය තුල එක්සත් ජනපදයෙහි අනාථ රැකවරණ තත්වය ලබා ගැනීමට අවසර ලැබී ඇත්තේ 69 දෙනෙකුට පමණක් බවයි. - මැක්සිකානු වීදි කණ්ඩායම් විසින් ජාතීන් වශයෙන් මිශ්ර ලොස් ඇන්ජලීස් නුවරට යාබද පෙදෙස් වල අප්රිකානු ඇමෙරිකානුන් ඉවත් කිරීම. - 2006 ඔක්තෝබරයේදී නයිජීරියා රජය එහි ඩිෆ්ෆා ප්රදේශයේ සිටින අරාබීන් චැඩ් දේශයට පිටුවහල් කරන බව ප්රකාශ කළේය. මෙම ප්රමාණය සංඛ්යාත්මකව ගත් කල 150,000 කි. මෙම අරාබි පිරිස යැවීම සඳහා එක්රැස් කරන අවස්ථාවේ ගැහැණු ළමයින් දෙදෙනෙකු මිය ගියහ. වාර්තා වුනේ රජයේ හමුදා වලට බියෙන් පලා යාමේදී එය සිදුවුනු බවයි. එසේම කාන්තාවන් තිදෙනෙකු ගබ්සා වීම් වලට භාජනය වූහ. අවසානයේදී රජය මෙම ක්රියාව නතර කළේය. - 2007 දෙසැම්බරයේදී කෙන්යාවේ මහජන කැළඹිල්ලක් ඇති විය. 2008 ජනවාරි 28 දින වන විට ප්රචණ්ඩ ක්රියා හේතුවෙන් මිය ගිය ගණන 800 ක් දක්වා ඉහළ නැග්ගේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ගණන් බැලූ ආකාරයට එම සිද්ධියෙන් අවතැන් වූ සංඛ්යාව 600,000 ක් තරම් විය. රජයේ ප්රකාශකයෙකු “ඔඩින්ගාගේ ආධාරකරුවන් මෙම ජනවාර්ගික ශුද්ධ කිරීමට හවුල් වූහ” යනුවෙන් ප්රකාශ කළේය. References[සංස්කරණය] http://en.wikipedia.org/wiki/Ethnic_cleansing#Colonial_period
hplt_2
මේ ඇත්ත කතාවේ පලමු කොටස නොබැලුව කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් ඒකත් කියෝලම දෙවනි කොටසට එන එක හොඳයි "මම කුමාරකන්ද ගමට පය ගහනකොටත් ආච්චිලාගේ ගෙදරට අපේ නෑදෑයෝ සෙට් එක කෝල් කරලා කියලා තිබුණා මට තනිවම ගෙයින් එළියට පයගහන්නවත් දෙන්න එපා කියලා . ඒ මිනිස්සුත් මට යන්තම්වත් ගෙදරින් පිටට යන්න දුන්නේ නෑ. උඹට කියන්න මම හුජ්ජ කරන්න යනකොටත් එකෙක් පස්සෙන් එනවා නේ . අනික තමයි සාස්තර කාරයා කියාපු විදිහට අම්මාගේ හිටපු ගම බූස්ස . මම එහේ යන්න හදද්දී මේ ආච්චිලාගේ ගෙදර එවුං මාව බය කරා . බූස්ස පැත්තේ මිනිස්සු ළමයින්ව අල්ලගෙන බැලමෙහෙවර කමට තියාගන්නවා කියලා .” "උඹ ඉතින් බය වුණාද ?” "ඒ කාලේ මම පොඩි එකානේ බං මමත් ඔවුවා විශ්වාස කළා . අන්තිමේ දවස් තුනක් එහේ ඉඳලා හිස් අතින්ම ආපහු ගමට ආවා . හැම දේම අමතක කරලා දානවා කියලා හිතාගෙන මම ගමේ ටික කාලයක් ඔහේ නිකම්ම හිටියා .ඔන්න ඔය අතරේ ඒ ලෙවල් රිසල්ට් ආවා . උඹට මගේ රිසල්ට් එක අමුතුවෙන් කියන්ඩ ඕනෙ නෑනේ" "ඕනෙ නෑ බං අපි දෙන්නම ෆේල් නේ .” "ඔන්න ඉතින් මම ආයෙමත් දවසක මගේ කෙල්ලගේ ගෙදරට ගියා . ගිහින් අර සාස්තර කාරයාවත් පොඩියකට එහේට ගෙන්නගත්තා . ගෙන්නගෙන මම කීවා මම දකුණට ගිය බවත් මට අම්මව හොයාගන්න බැරි වුණ බවත් . ඒක අහලා ඌ හොඳටම හිනා වුණා . ඌ කීවා ඒක තමා කීවේ යන්ඩ කලින් මාව හමුවෙලා යන්ඩ කියලා . ඉතින් බං මම හොඳටම පසු තැවුණා . මුගෙන් සාස්තරයක් අහලා ගියානම් මට අනිවා අම්මව හමුවෙනවා කියලා මම හිතුවා . ඉතින් මම එදා ඒ සාස්තර කාරයාට රු100 දුන්නා . ඊට අමතරව දෙවියන්ට පලතුරු වට්ටියක් සහ තිරයක් පූජා කලා . ඔය සේරම කරලා මම බලාන හිටියා අම්මා මට හමුවෙයි කියලා“ "ඉතින් සාස්තරෙන් වැඩක් වුණාද බං ?” මම අහපු ප්රශ්නෙට උත්තර නොදීපු කිතුලා පහළින් ගලාගෙන යන කුණු ඇලේ වතුර පාර දිහා බලාගෙන හිටියා . ඌට තව තව කරුණු කාරණා මතකෙට ගන්න ඉඩ දීලා මමත් සද්ද නොකර ඒ කොළපාට ජල තලය දිහාම බලාගෙන හිටියා .මොහොතකින් කිතුලා ආයෙමත් කටහඬ අවදි කලා . "ඒකි ඒ සල්ලි ගත්තද ?” "මචං ගිය අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්දට කලින් දවසේ මම කෙල්ලගේ ගෙදර ගිහින් මම ඉතුරු කරගෙන හිටි සල්ලි වලින් රු 2000 ඒකිට දුන්නා . අවුරුද්දට මොනවා හරි ගන්ඩ කියලා . උඹට කියන්න මම අම්මටත් ඒ කෙල්ලටත් දෙන්නටම ආදරේ කලා හිත පිරෙන්නම .දවසක අම්මයි ඒ කෙල්ලවයි දෙන්නවම එක වහලක් යටට ගෙනල්ලා මගේ අත පයේ හයිය තියනකම් බලාගන්නම් කියලයි මම හිතාන හිටියේ . ඒකයි මමවත් අවුරුද්දට කිසිම දෙයක් නොගෙන ඒකිට මගෙ සේරම සල්ලි ටික දීලා දැම්මේ .” "අපොයි ඒකි සල්ලි ගත්තා . ඉතින් මම හිත සතුටෙන් ගෙදර ගියා .ඔන්න ඉතින් අනිත් පහුවදා තමයි බං සිංහල අලුත් අවුරුද්ද. ඉතින් මම ගෙදර හදාපු කැවිලි මල්ලකුත් බයිසිකලේ බැඳගෙන කිලෝ මීටර 30 දුර ෂුගර් එක පැත්තට බයිසිකලෙන්ම ඇද්දා .” "එදා මට කෙල්ලගේ වෙනසක් පෙනුණා . මට එයා එදා වතුර එකක්වත් දුන්නේ නෑ . ටිකක් නිහඬව හිටි එයා මට ටිකකින් කීවා" මම කිතුලා ආපු බයිසිකලේ දිහා බැලුවා. ඒක සාමාන්ය පාපැදියක් තමයි ඒ වුණත් කිතුලා ඒ බයිසිකලය ඌට හැකි උපරිමෙන්ම අලුත් වැඩියා කරලා තිබුණ නිසා ඒක නිකම් යතුරු පැදියකට සමානකම් දැක්වුවා . ඒක පදිනකොට ඒ තරම් වෙහෙසක් වැය කරන්න ඕනෙ නැති වග මම අද්දැකීමෙන්ම දන්නේ මමත් නිතර එහේ මෙහේ ගියේ ඒ බයිසිකලේ නැගිලා නිසයි . "එරන්ද ආයේ ඔයා මෙහේ එන්ඩ එපා අම්මා මට වෙන කසාදයක් ලැහැත්ති කරලයි තියෙන්නේ කියලා . අවුරුද්ද දවසෙම මට නිකම් හෙන ගැහුවා වගේ වුණා බං . ඉතින් මම ආයේ හැරිලා ගෙදර ආවා .මම ගෙදර නැති විත්තියත් මම කෙල්ලගේ ගෙදර ගිහින් ඇති විත්තියත් ඔන්න ඔය වෙලාවේ මගේ නෑදෑයොන්ට ආරංචි වෙලා තිබුණා" "නෑ ..! එහෙනං පුතෝ උඹට හම්බුවෙන්ඩ ඇති බඩ පිරෙන්න .” මම එහම කීවේ කිතුලාගේ නෑදෑයන්ගේ හැටි හොඳට දන්න නිසාමයි . ඒ අය හොඳට හොඳයි නරකට නරකයි . එපා කී දෙයක් කෙරුවොත් ආයේ ඒ වරද කල එකාට ලැබෙන දඬුවම නම් ආයේ සුලු පටු එකක් නෙවේ . "මම ගෙදර යනකොටම මුලින්ම මගෙ මූණටම හමුවුණේ මයෙ පුංචි තාත්තව . එයා මගේ බෙල්ලෙන් අල්ලලා කොහේද යකෝ තෝ රිංගුවේ කියලා අහලා මට දෙක තුනක් දීලා මාව කළුවර කාමරේකට දාලා වහලා දවස් තුනක් තිබ්බා . හැබැයි බං මට කන්න බොන්න නම් හොඳටම දුන්නා . කාමරේ ටීවී එහෙකුත් තියලයි තිබුණේ .” කිතුලා ඒ කොටස කියද්දී මගේ මූණේ ලාවට හිනාවක් ඇඳුණා . ඌත් යන්තම් හිනා වුණා . "ඉතින් බං මම ඒ කාමරේ ඉන්න අතරේ තීරණයක් ගත්තා . මේ කොහේවත් යන කෙල්ලක් මට නැති වුණාට කමක් නෑ ඒත් අම්මව නැති කරගන්න බෑ ඒක නිසා මම කොයි දීපංකරෙන් හරි අම්මව හොයාගන්නවා කියලා . කොහොම වුණත් බං මගේ ගාව අම්මගේ පින්තූරයක් තිබුණා .” "කොයින්ද උඹට පින්තූරයක් . ?” "දවසක් මම නැන්දලාගේ ගෙදර අස් කරද්දී මට පෙට්ටගමක තිබිලා ෆොටෝ එකක් හම්බ වුණා . ඒ මගේ අම්මා තරුණ කාලේ ගත්ත එකක් . නැන්දත් මට කීවා මේ පින්තූරේ ඉන්නේ මගේ අම්මා බව ඉතින් මම ඒ පින්තූරෙත් හොරකම් කරගෙන ලැමිනේටිං කරලා අරං තියාගත්තා . ඒ විතරක් නෙවේ . මම කොමියුනිකේෂන් එකකට ගිහිං ඒ පින්තූරේ ස්කෑන් කරලා මගේ ෆෝන් එකටත් දාලා තියාගත්තා . “කිතුලා උගේ ෆෝන් එකේ මෙනු එක ඇතුළේ සැරිසරලා කාන්තාවකගේ රූපයක් ඕපන් කරගෙන මට පෙන්නුවා . හ්ම් ඒ තමා කිතුලාගේ අම්මා ! ඇරපු අතක් නෑ එයා කිතුලා වගේමයි . "දවස් තුනකින් පස්සේ මම ඒ කළුවර කාමරෙන් නිදහස් වුණා . ඊට පස්සේ මම ආයේ අම්මව හොයන්න යන්න සල්ලි එකතු කරන්න පටන් ගත්තා . ඔන්න ඔය අතරේ තමයි බං මට දෙයියෝ බැලුවා වාගේ සල්ලි ටිකක් හම්බ වුණේ . මම හිතන්නේ මගේ ගමනට හයියක් වෙන්න දෙයියෝ දීපු තෑග්ගක් වෙන්නැති .” "කෝමද සල්ලි හම්බුනේ ?” "එක දවසක් රෑ මම තැන්නෙ ගෙදර රුවන් එක්ක උගේ කෙල්ලව හම්බ වෙන්න ගියා. රුවනයයි කෙල්ලයි කතා කරන අතරේ බං මම කළේ ගේට්ටුව ළඟට වෙලා ඔත්තු බලපු එක . ඔය අතරේ ඉස්සරහා වැලි පාර දිගේ බයික් එකක් ගියා ඒ බයික් එකේ එළියෙන් මම දැක්කා පාරේ මැද යමක් වැටිලා තියන හැටි. මම ළඟටම ගිහින් බැලුවා. ඒ ෆෝන් එකක් !. මම ඒක අතට ගත්තා ඒක නොකියා 6230 ෆෝන් එකක්. මම ඒ ෆෝන් එකේ නම්බර් වලට කතා කරලා ඒ ෆෝන් එකේ අයිතිකාරයා හොයාගන්න ට්රයි කලා . ඒත් ඒකේ සල්ලි තිබුණෙ නෑ බං .ඉතින් ඒක මම තියාගත්තා .” "කමක් නෑ ඒක උඹගේ වාසනාවට උඹටම ලැබෙන්න තිබුණු දෙයක් බං .” මම එහෙම කීවේ කිතුලාව සනසන්න නම් නෙවෙයි දවසක් ඌට සල්ලි පිරුණු පසුම්බියක් හමුවෙලත් ඌ ඒක අයිතිකාරයා හොයාගෙනම ගිහිං ආපහු දීලා ආපු එකෙක් බව දන්න නිසාමයි . අන්තෙටම දුප්පතා වුණත් උගේ හිතේ ජරා ගති නෑ .! "මම ඒ ෆෝන් එක විකුණලා 4500 හොයාගත්තා , සිමෙන්ති ගල් හදලා තව 5000 හොයාගත්තා . දැන් ඉතින් සල්ලි තියන නිසා මම බය වුණේ නෑ ..” "ඉතින් දැන් අම්මා හොයාන යන්ඩ උඹ එයා ඉන්න තැන හරියට දන්නේ නෑ නේ .” "මචං උඹට කියන්න මම ඔන්න දවසක් බස්ටෑන්ඩ් එකේ ඇවිදිනකොට ජයන්ත කියලා කෙනෙක් හම්බුනා . පොර අපේ නෑදෑයන්ව හොඳට අඳුනනවා . ඉතින් පොර දැනං හිටියා කාලෙකට කලින් අම්මා හිටි ගෙදර . ඉතින් මිනිහා මට ගෙදරට යන පාර කොළේක ඇඳලා දුන්නා .” "කොහේද ඒ. දකුණෙමද ?” "ඔවු බං සාස්තර කාරයා හරියටම හරි. ජයන්ත කියාපු ගම තමා එදා සාත්තර කාරයා මට ඇඳලා පෙන්නුවේ .” කිතුලා එහෙම කීවේ තරමක පුදුමෙන් . මම මේ සාස්තර ගැන විශ්වාස කරන කෙනෙක් නිසා මට ඒ ගැන වැඩි පුදුමයක් හිතුණේ නෑ "දැන් සේරම හරි දැන් ඉතිරි වෙලා තියෙන්නේ ගෙදරින් පැනගන්න එක සහ දකුණු පළාත ගැන හොඳින් දන්න කෙනෙක්ව සෙට් කරගන්න එක . උඹ දන්නවානේ ගැලාව" "මොකද මං නොදන්නේ ?” "ඉතින් මම ගැලාට සේරම කතාව කියලා ඌත් එක්ක ගමන යන්න පිටත් වුණා . ගැලාගේ ගම ගාල්ල ඉතින් ඌ ඔය පළාත ගැන නියමෙට විස්තර දන්නවා . හැබැයි මචෝ මම ගෙදර හොරෙන් තමා ඒ ගමන ගියේ .” "උඹට මටවත් කියන්න තිබුණා නේද ?” . මෙච්චර වෙලා කතාව අහං හිටි මම එහෙම කියද්දී කිතුලාගේ මූණ අඳුරු වලාකුළකින් වැහුණා . "කාටවත් කියන්න වෙලාවක් තිබුණේ නෑ බං. මගෙ ෆෝන් එකට සල්ලි දාගන්නවත් බැරි තරමට මම හිඟන්නෙක් වෙලා හිටියේ එතකොට හැම සතයක්ම මම ගමනට වියදම් කරලයි තිබුණේ ඉතින් හැම දෙයක්ම ඉවර වුණායින් පස්සේ මම මේ කතාව මුලින්ම කියන්න ආවේ උඹට”. "කමක් නෑ බං උඹ කතාව කියපංකෝ ..” "ගැලාට ගමන් ගාස්තු දුන්නෙත් මම . කොහොමින් කොහොම හරි අපි ගිය අවුරුද්දේ පෙඹරවාරි 13 වෙනිදා හවස 5.30ට විතර ගැලාගේ නැන්දාලාගේ ගෙදරට යන්න මෙහෙන් බස් එකකට නැග්ගා . අපි ගැලාලෑ නෑදෑ ගෙදරට යනකොට පාන්දර 5.00 විතර ඇති . ටිකක් විවේක අරගෙන අපි උදේ දහයට විතර අම්මව හොයාන යන්ඩ කියලා පිටත් වුණා .. “ "එතකොට එදා වැලන්ටයින් දවස නේද බං ? මම එහෙම ඇහුවේ මගේ පපුව ඇතුළේ උතුරන අමුතුම සතුටකින් .” "ඔවු ඔවු බං අන්න ඒකයි මට ඒ දවස කවදාකවත් අමතක වෙන්නේ නැත්තේ !. ඉතින් එදා වැලන්ටයින් දවසේ මමයි ගැලයි දෙන්නම අර මගේ ගාව තිබුණු කොලේ බලාගෙන අම්මා ඉන්න ගෙදර හොයාගෙන ගියා . මම සමහරුන්ට අම්මගේ ෆොටෝ එක පෙන්නලා ඇහුවා මෙයාව දන්නවද ? කියලා . ඒත් සමහරු මට මොකුත් නොකියා යන්න ගියා. සමහරු නම් අතට අරං ඕනෑවට එපාවට බලලා දන්නේ නෑ කියලා යන්ඩ ගියා . “ "ඒ ගාල්ලේ අයගේ හැටි නේ බං . ඒ පැත්තේ උදවිය ඉන්නේ නිකම් කැත්තට පොල්ල වගේ නේ" "ඒකනම් ඇත්ත . සමහරු මගෙන් ඇහුවා මොකටද හොයන්නේ කියලත් ! මම ඉතින් එතනදී සේරම කතාව කියලා බේරුණා . ඉතින් බං කොහොම හරි අර කොලේ තිබුණු පාරත් අපි හොයාගත්තා . ඒ පාර දිගේ ඉදිරියට යද්දී මට මුලින්ම හමුවුණේ දර කඩමින් හිටිය ඇන්ටි කෙනෙක්ව . මම අම්මගේ පින්තූරේ පෙන්නලා ඒ ඇන්ටිගෙන් අම්මව දන්නවාද කියලා ඇහුවත් ෆොටෝ එක ගොඩාක් ඉස්සර ගත්ත එකක් නිසා එයාට අඳුනගන්න හැකි වුණේ නෑ .ඒත් ඉතින් මමත් අතහැරියේ නෑ ! මම තව ඉස්සරහට ගියා . ඔහොම යනකොට අපිට පොඩි කඩයක් හමු වුණා. ගොඩක් දුර ආපු මහන්සියටත් එක්ක අපි හිතුවා මේ කඩෙන් බීම එකක් බීලා ගියොත් හොඳයි කියලා . “ "ඒ මොකටද ?” "මමත් මුලින් හිතුවේ මොක් හරි ගේමකටද දන්නේ නෑ කියලා . ඒත් ඒ ඇන්ටි ත්රීවීලර් එකේ අයියට කීවා මාව අහවල් ගෙදරට එක්ක යන්න කියලා ඉතින් අපිත් ත්රීවීලර් එකේ නැගලා එහේ ගියා . ටික දුරක් යනකොට පාර ත්රීවීලර් එකට යන්න බැරි තරම් පටු වුණා . ඔන්න ඔය වෙලේ ඒ අයියා ත්රීවීලර් එක නතර කරලා අපිට මග පෙන්වමින් ඉස්සර වුණා .එහෙම ටිකක් දුර ගිහිං අපි පොඩි ගෙයක් ඉස්සරහට ආවා .” "ඉතින් ඉතින් ?” "ගේ ගාවට ගිය ත්රීවීලර් එකේ අයියා අම්මගේ නම කියලා කීප වරක් කතාකළා . එතකොට ගේ පිටිපස්සේ ඉඳලා අම්මා අපි ගාවට ආවා බං. මම එක තත්පරෙන් මගේ අම්මව අඳුන ගත්තා බං" ඒ මොහොතේ සියඹලා ගහ යට තිබුණේ ලොකූ නිහඬතාවයක් කිතුලා කතාව කියන අතරේ ඈත පේන කුඹුරු යායෙන් එහා අපේ කොල්ලෝ කට්ටිය සීමිත ඕවර් ක්රිකට් තරඟයකට ලකලැහැත්ති වෙන බව මට පෙනුණා . වෙනදා නම් මම මොන වැඩේ තිබුණත් ඒක දාලා ක්රිකට් ගහන්න දුවනවා ඒත් අද ?. අද මම කිතුලාගේ කතාව අහගෙන මිසක් ගෙදර යන්නේ නෑ කියලා හිතාගෙන ඉවරයි . "මචං ඔය අතරේ මම කඩේ හිටි ඇන්ටිට අම්මගේ ෆොටෝ එක පෙන්නලා ඇහුවා මෙයාව දන්නවද කියලා . ඒ ඇන්ටි එකවරම මගේ අම්මව අඳුනගත්තා බං . එයා ඉක්මනට එළියට බැහැලා පරණ ගෙයක් පෙන්නුවා .ඒ ගෙදර පාළුවට ගිහිං ජරාවාස වෙලයි තිබුණේ . මගේ හිත අමුතු බයකින් පිරෙද්දී ඒ ඇන්ටි කිවුවා මේ තමයි මෙයා ඉස්සර හිටි මහ ගෙදර දැන් මෙයා ඉන්නේ ටිකක් උඩහට වෙන්න කියලා . මම එවෙලෙම කාපු බීපුවගේ සල්ලි ගෙවලා එළියට බැස්සේ ඒ පැත්තට දුවන්න හිතාගෙන . ඒත් ඒ කඩේ ඇන්ටි ත්රීවීලර් එහෙකට කතා කළා . “ . මෙච්චර වෙලා කෑමොර දුන්නු රැහැයියෝ කොරවක්කෝ , තාරාවෝ පවා නිහඬයි ! . උනුත් මේ කතාව අහං ඉන්නවද කොහෙද ? ඒ නිහඬ බව බිඳලා ආයෙමත් කිතුලා කතා කරන්න ගත්තා . "මචං මම එදා තමයි ජීවිතේ පළමුවෙනි වතාවට අම්මව දැක්කේ . ත්රීවීලර් එකේ අයියා මාව පෙන්නලා අම්මගෙන් ඇහුවා මෙයාව අඳුනනවද ? කියලා" "ඉතින් බං අම්මා අඳුනගත්තද උඹව ?” මටත් ඉවසුමක් නෑ "අම්මා එකවරම කීවේ හපොයි මේ මගේ ලොකු පුතා කියලා ! . ඊට පස්සේ අම්මා ඇඬුවා . මටත් ඇඬුණා බං . “ මම කිතුලාව පොඩි කාලේ ඉඳන් දන්නවා මට මතක විදියට ඌ කවදාකවත් අඬලා නෑ . මවු සෙනෙහස ඉදිරියේ ඕනෙ කෙනෙක් පොඩි එවුන් වෙන එකේ . ඒක එච්චර දෙයක් නෙවෙයි . "මචං මම අම්මා ළඟ නතර වෙන්න ගාලු යනවා බං ?” හෙණ ගැහුවා වගේ කිතුලා එහෙම කියද්දී මගේ බඩ පපුව දාල ගියා . එදා ඉඳන් මාව බලා කියගත්ත මගෙත් එක්කම හිටි මගේ හොඳම මිත්රයා මාව දාල යනන්නයි හදන්නේ .. "එතකොට උඹ ගාල්ලේ යනවද ?” "ඔවු බං මම මොනවා හරි වැඩක් කරලා අම්මව බලාගන්න ඕනෙ . ආයේ කවදාකවත් මම අම්මව තනි කරන්නේ නෑ . මම කෝම හරි රස්සාවක් හොයාගෙන අම්මව බලාගන්නවා . මට දුකයි බං උඹලව දාලා යන්න . ඒත් මොනවා කරන්නද ? . මම ආවේ මේක උඹට කියලා යන්ඩ . මම අනිද්දා උදේම පිටත් වෙනවා බං .” මගෙ හිත ඇතුළේ මොකක්දෝ මන්දා මහා අමුතු දුක් ගින්දරක් ඇවිලෙනවා . කිතුලා මට අඹ යාළුවෙක් , සහෝදරයෙක් . මට තව කොතෙකුත් යාළුවෝ හිටියත් ඒ එකෙක්වත් කිතුලා හා සසඳන්න මට කොහෙත්ම පුළුවන් කමක් නෑ . සිංහයෙක් වගේ ඔළුව උස්සගෙන සීයක් එක්ක හරි පැටලෙන්න යන්න මට හයිය දුන්නේ කිතුලා . ඌ මගේ පෞද්ගලික ආරක්ෂකයා . ඇත්ත ..! කිතුලා මාව ආරක්ෂා කලා . කොයි වෙලත් ඉනේ ගහගෙන උන්නු නංචක්කුවෙන් සටන් කරලා යකඩ බජාර් එකේ බේබදු චණ්ඩි කීප දෙනෙකුගෙන් මාව ආරක්ෂා කල හැටි එයින් එක සිදුවීමක් විතරයි .ඒත් දැන් ඒවා හැම දෙයක්ම පරණ මතක සටහන් විතරයි . මම වම් පැත්තට හැරිලා කිතුලා දිහා බැලුවා . ඌ මහපට ඇඟිල්ලෙන් වළක් හාරනවා . මම දන්නවා ඌට මේ ගම , ගමේ අපිව අතහැරලා දාලා යන්ඩ කොයිතරම් අමාරු ඇද්ද ? මට ඒ දුක තේරුම් ගන්න පුළුවන් . ඒත් අම්මා නැතිව වසර විසි දෙකක් ඌ වින්ද දුක නම් මට හිතාගන්නවත් බෑ . ඌට ආයේ ඒ දුක ඇති වෙන්න දෙන්න බෑ !. කිතුලට අහිමි වුණු මවු සෙනෙහස ඌට ආයෙ ලබා දෙන්න දෛවය කාරුණික වෙලා තියෙද්දී මම මොකටද ඒකට දුක්වෙන්නේ ? ,ඇයි මා හරස් කපන්නේ ?. මමත් ඌට හිතින් සුබ පැතුවා ඉන්න තැනක සතුටින් ඉන්න ලැබෙන්ඩ !! කියලත් පැතුවා . හැන්දෑ කළුවට ටික ටික අපිව වෙලා ගන්න උත්සහ කරනවා . මෙච්චර වෙලා සුන්දරව නිස්කලංකව තිබුණ සියඹලා ගහත්, කුණු ඇළත්, වෙල් යායත් හෙමිහිට පැතිරුණු අන්ධකාරේ එක්ක මහ අමුතු ගුප්ත බවකට හැරුණා . අපි දෙන්නත් බයිසිකලේ තල්ලු කරගෙන පාර පැත්තට ගියේ එතන ආපු මදුරු , හෝ හපුටු සේනාවගේ දෂ්ට කිරීම් වලින් බේරිලා ඉන්න බැරි නිසාමයි . ඔහොම ටික දුරක් ඉදිරියට ගියපු අපි තාර පාර ගාවදි වෙන් වෙන්න සූදානම් වුණා . වෙනදත් අපි මෙතනදී වෙන් වෙනවා අනික් පහුවදාට හමුවෙන්න බලාපොරොත්තුවෙන් සමුගන්නවා . ඒත් අද ? අපි ආයේ වසර ගණනාවකට හමු නොවෙන්නම සමුගන්නයි හදන්නේ . "එහෙනම් මචෝ මම යන්නම් ..” කිතුලා උගේ කරගැට පිරුණු හැඩිදැඩි අත මගේ දිහාවට දිගුකළා . කීබෝඩ් එකේ යතුරු එක්ක නිතර ඔට්ටුවෙන මගේ අතයි , මේ ගම් පළාතට උරුම අනේක දුක් ගැහට එක්ක ඔට්ටුවුණු උගේ අතයි අතර වෙනස නම් හරියටම අහසට පොළව වගේ . කිතුලට මේ ලෝකේ කොහේ ගියත් නොවැටී ඉන්න පුළුවන්. මම හොඳටම දන්නවා ගිනියම් අවු කූටකේට පිච්චෙමින් මේ නැගෙනහිර හිස් අහස යට අවුරුදු විසි දෙකක්ම කට්ට කාලා ජීවිතේ ගැටගහගත්තු කිතුලට දකුණේ මූදු හුළඟ එච්චර සැරට දැනෙන එකක් නෑ . කෙල්ල දාලා ගියා කියලා වස කුප්පියක් සල්ලිවලට අරං ඒකෙන් ඇබිත්තක් බොන, ළිඳේ පනින, බෙල්ලේ වැල දාගන්න සෝබන පෙම්වතුන්ට කිතුලා ආදර්ශයක් . කාගෙන් ලැබෙන ආදරේටත් වඩා අම්මගෙන් ලැබෙන ආදරේ වටින බව කිතුලා වැලන්ටයින් දවසේදී ඔප්පු කරලා පෙන්නුවා . කිතුලා මේ කතාව මට කීවේ මීට මාස හතකට අටකට විතර කලින්. අද වෙද්දී කිතුලා මේ ගමේ නෑ. ඒත් අදටත් මගේ යටි හිත මට නිතර හඬගා කියන කරුණක් තමයි කිතුලා වගේ මිතුරෙක් ආයේ මට මේ ජීවිතේදී හමු නොවෙයි කියන එක . ජීවිතේ ඌට නියම මග පෙන්නුවා , නියම ආදරේ , නියම සෙනෙහස තියන තැන පෙන්නුවා . දැන් ඌ තමන්ගේ අම්මවත් බලා කියාගෙන ගාල්ලට වෙලා ජීවත් වෙනවා . මතක් වෙන මතක් වෙන වාරයක් පාසා මම ඌට හිතින් සුබ පතනවා .! ප/ලි .. 2012ජනවාරි මාසේ 15 වැනිදා තමයි කිතුලාගේ 23 වැනි උපන්දිනේ . ඉතින් ඔය පහළ තියන සබැඳිය හරහා කිතුලාව දැන හැඳිනගෙන ඌට සුබ උපන්දිනයකුත් කීවොත් ඌට ඒක ලොකු සතුටක් වේවි . අනික කිතුලා නිතරම මට ෆෝන් කරලා කියන දෙයක් තමයි ගාල්ලේදී ඌට වැඩිය යාළුවෝ හමුවුණේ නෑ කියන එක . ඉතින් මම හිතනවා මේ පෝස්ට් එකෙන් පස්සේ කිතුලට දකුණෙන් හොඳ යාළුවෝ සෙට් එකක් හමුවේවි කියලා . ප/ප/ලි = කිතුලා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ "එරන්ද ලක්මාල්" නැමති මාගේ මිත්රයාගෙන් මෙම කතාව, පින්තූර සහ නම් ගම් ආදිය පළකිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ අවසරය ලබාගත් බවත් දන්වා සිටිමි
hplt_2
ප්රථමාධාර යනු පුද්ගලයන්ට සිදුවන හදිසි අනතුරකදී හෝ අසනීපයකදී, වෛද්ය ආධාර ලබාදීමට පෙර අවට ඇති ද්රව්ය උපයෝගී කරගෙන පිළිගත් මූලධර්ම වලට අනුකූලව මනා නිපුණත්වයකින් යුතුව ලබා ... චීන බහුජාතික සමාගමක් වන ලෙනොවෝ සමාගම 1984 දී ආරම්භ කල පරිගණක තාක්ෂණය ආශ්රිත නිෂ්පාදන සමාගමකි. ප්රසිද්ධ වෙළඳ නාමයක් වන Lenovo යටතේ නිෂ්පාදන රාශියක් වෙළඳපොළට ඉදිරිපත් ... ඇපල් iphone 6, ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කරන iphone ජංගම දුරකථන මාලාවේ 2014 දී වෙළඳ පොලට නිකුත් කල මාදිලියයි. 2014 සැප්තැම්බර් 19 ඇපල් සමාගම විසින් ... ග්රන්ථියක් යනු සත්ව දේහයක ඇති විශේෂිත රසායනික සංයෝගයක් හෝ සංයෝග කිහිපයක් නිපදවන ව්යුහයක් වෙයි. ග්රන්ථි ප්රධාන වශයෙන් වර්ග දෙකකි. අන්තරාසර්ග ග්රන්ථි හා බහාහිරාසර්ග ලෙසයි. බාහිරාසර්ග ... මිනිස් දේහයේ උදර කුහරය හා උරස් කුහරය(පපුව ප්රදේශය) වෙන්කරන බිත්තිය මහා ප්රාචීරයයි. කංකාල පේශි වලින් සෑදුනු මහා ප්රාචීරය ඉච්චානුගව හෙවත් හිතාමතා පාලනය කල හැකි ව්යුහයකි. ... න්යෂ්ටික ශක්තය නැතහොත් න්යෂ්ටික බලය පරමාණු වල න්යෂ්ටික ප්රතික්රියා මගින් ලබා ගන්නා ශක්තිය ලෙස සරලව හැඳින්විය හැක. න්යෂ්ටික ප්රතික්රියා මගින් පිටවන ශක්තිය තාපය හෝ විද්යුත් ... අනුරාධපුර රාජධානියේ ක්රි:ව:35 සිට ක්රි:ව:38 දක්වා කාලය තුල පාලනය ගෙනගිය රැජිණියයි. අනුරාධපුර රාජධානියේ ඇයට පෙර රජකම් කල ඇයගේ සහෝදරයා වන චුලාභය(Chulabhaya) රජුගෙන් පසු බලයට පත්වන්නීය. ... චුලාභය රජු ක්රි:ව: 33 සිට 35 දක්වා කාලය තුල අනුරාධපුර රාජධානිය පාලනය කල රජුය. ඔහුගේ මාමා වන කනිරජුන තිස්ස (Kanirajanu Tissa) රජතුමා ගෙන් පසු රජකම ... කනිර්ජුන තිස්ස රජු අනුරාධපුර රාජධානියේ ක්රි:ව: 30 සිට 33 දක්වා කාලය තුල පාලනය කල රජු වන අතර මහා ධාතික මහානාග(Mahadathika Mahanaga) රජුගේ පුතෙකි. මොහුගේ සහෝදරයා ... ක්රි:ව: 21 සිට 30 දක්වා කාලය තුල අනුරාධපුර රාජධානිය පාලනය කල මොහු මහධාතික මහානාග(Mahadhathika Mahanagana) රජුගේ පුතෙකු වන අතර පියාගෙන් පසු රජකම ලබා වසර 9 ...
hplt_2
මෝටාර් මෝටාරයක් යනු තුවක්කු කටෙන්-උණ්ඩ ඇතුළු කරන වක් අයුරින් එල්ලය ගන්නාවූ අවියක් වන අතර, එය අඩු ප්රවේගයකින් ෂෙල් උණ්ඩ නිකුත් කරනුයේ කෙටි පරාසයකට, සහ දිගු-චාප හැඩැති ප්රක්ෂේප පථයකින් ගමන් කරන අයුරිනි. එය සාමාන්යයෙන් එහි තුවක්කු කටෙහි විෂ්කම්භය මෙන් 25 ගුණයකට වඩා අඩු දිගකින් යුතු තුවක්කු කාණුවක් සහිතයි. ක්රියාකාරිත්වය[සංස්කරණය] අනෙකුත් අවි වලට සාපේක්ෂව මෝටාර සරල හා ක්රියාකාරිත්වය පහසු අවියකි. සහායක කාලතුවක්කුකරුවන් විසින් අවශ්යතාවට-සැලසුම්කෙරුණු බෝම්බයක් බහාලනු ලබන බටයකින් නවීන මෝටාරයක් සමන්විත වෙයි. මෙම බටය සාමාන්යයෙන් පොළොවට අංශක 45 ක් සහ 85 ක් අතර කෝණයකින් සකස් කොට තිබෙන අතර, ඉහළ ආනත කෝණයන් විසින් කෙටි වෙඩිමුර දිග ලබා දෙයි. බෝම්බය සතුව පතොරම් කසුවක් නොමැත; චලශක්තිකරය සම්බන්ධකරන්නේ බෝම්බයේ වල්පත වෙතය. එය බටයෙහි පාදම වෙත පැමිණෙත්ම එය දල්වන ඇණයක් වෙත ගැටෙන අතර, එය විසින් චලශක්තිකරය පිපීරවීම තුලින් ප්රක්ෂිප්තය නිකුත් කෙරේ. සමහරක් විශාල පරිමාණ මෝටාර සතුව දුන්නෙන්-ක්රියාත්මක වන දල්වන ඇණයක් ඇත. මෙම ලක්ෂණ මෝටාරයේ විශාල සමාජිකයන් වන හොවිස්ටරය (Howitzer) හා ක්ෂෙත්ර තුවක්කුව (field guns) වලට වඩා වෙනස්ය. මේවා ඉතා ඉහළ ප්රවේගයකින්, විශාල පරාසයක, Flatter arcs හා සමහර අවස්තාවල සෘජුව වෙඩි තැබීමට හැකියාව ඇත. 19වන හා 20වන සියවස් වලදී බර අධික, විශ්කම්භය 1m පමණ වන තෙක් විශ්කම්භය ඇති මෝටාර් භාවිතා කර ඇත. මෝටාර්, ගිනිකෙළි, ආදිය රදවන්නක් ලෙසත් ෂෙල් හෝ.................................. සැහැල්ලු මධ්යම ප්රමාණයේ මෝටාර් අතේ ගෙන යා හැකි අතර පාබල සේනාවන් වලදී බොහෝ විට යොදා ගනී. මෝටාර් අංශයක් සතුව කාලතුවක්කු බැටරි පැවතීමේ ප්රධාන වාසිය වන්නේ ඒවා ප්රමාණයෙන් එහා මෙහා ගෙන යා හැකි වීමත් හමුදාව, භට පිරිසක් හෝ ස්ථානයක් හදිසි ගින්නකින් රැක ගැනීමට හැකි වීමත් නිසාය. එමෙන්ම අගලකට මුවා වී හෝ කපොල්ලකට මුවා වී සිට ප්රහාර එල්ල කළ හැකි වේ. මේ අනු ව බලන කළ මෝටාරය යනු පාබල හමුදාවකට ඉතා උපකාරි වන ආයුධයක් වන්නේ එය ඔනෑම පොළොවක / බිමක ප්රවාහනය කළ හැකි වීමත් කාලතුවක්කු සදහා වන සවිස්තරාත්මක උපකාරය අවශ්ය නොවීමයි. මීට අමතරව මි.මි 120 – 300 ත් අතර විශ්කම්භය ඇති බර අධික මෝටාර් ද පවති. මේවා බොහෝ විට ඇදගෙන යාම හෝ රථයක් මත සවිකර ඇති ඒවා වන අතර සේනාංක මට්ටමෙන් පාබල හමුදාවේ භාවිතා කරයි. මේ මට්ටමේ වුවද මෝටාර් Howitzer හෝ ක්ෂෙත්ර තුවක්කු වලට වඩා සරල හා අඩු වියදම් වේ. මෝටාරයත් පුද්ගලයන් එක් කෙනෙකු හෝ කිහිප දෙනෙකුට ඔසවා ගෙන යාමට හැකිය. (විශාල මෝටාර් කෑලි කිහිපයකට වෙන් කොට ගෙන යා යුතුය. පාබල මෝටාරයක් මෝටාර් රැගෙන යන වාහනයක එහා මෙහා ගෙන යා හැකි අතර එහි රදවා තබා වෙඩි තැබිමද සිදු කළ හැකිය. බර මෝටාර් ඇද ගෙන යන වාහනයක තැබීම හෝ ස්වයංක්රියව ක්රියාත්මක වන මෝටාර් රදවා තබන ස්ථිර වාහනයක් අත රදවන ලද්දක් ලෙසත් මෙය භාවිතා කළ හැකිය. උදා වශයෙන් යනු Patria Amos PTI මෙම බර මෝටාර් වල ඉතා මෑත කාලීන නිර්මාණයකි.
hplt_2
Quattro Pro හැඳින්වීම[සංස්කරණය] Quattro Pro යනු Borland ආයතනය විසින් නිපදනු ලදුව දැන් Corel ආයතනය විසින් විකුණනු ලබන පැතුරුම්පත් ගණයට අයත් මෘදුකාංගයකි. Lotus 1-2-3 වල මෙන්ම යතුරු ක්රියාත්මක කළ හැකි වූ මෙය අද වන විට Windows මත වැඩ කරන මෘදුකාංගයාකි. එසේම Word Perfect Office නම් මෘදුකාංග කට්ටලයේ පැතුරුම්පත ද මෙයයි. 1988 දී මෙය ලෝකයට ඉදිරිපත් කරන විට එය Quattro වශයෙන් නම් කිරීමට තීරණය කළේ ඉතාලි බසින් Quattro යනු 4 නිසා හා එය Lotus 1-2-3 වලට එක් පියවරක් ඉදිරියෙන් සිටිනා බව හැඟවීමටයි. එසේම 2007ට කලින් අ පැතුරුම්පත්වල ප්රමාණය වූ තීරු 256 හා පේළි 65536 ප්රතික්ෂේප කළ Quattro Pro ඒ වෙනුවට තීරු 18276කින් හා පේළි මිලියනකින් යුක්ත දැවැන්ත පැතුරුම්පතක් බවට පත් විය. Quattro Pro වල පොදු Extension එක .qpw යි. එහෙත් පැරණි Versions වල wb3, wb2, wb1, wq2 හා wq1 යන ඒවා ද විය. ආරම්භය[සංස්කරණය] මුලින්ම Borland ආයතනය Quattro Pro මෘදුකාංගය DOS මත වැඩ කරන ලෙසයි ඉදිරිපත් කළේ. මෙම නිර්මාණයට Adam Bosworth, Lajos Frank හා Chuck Battermanයන යන අය දායක විය. මෙය Assembly Language හා Turbo C භාවිතා කරමින් නිර්මාණය කළ අතර එහි තිබූ අති විශිෂ්ඨ ග්රැෆික්ස් නිසා ම එය ප්රසිද්ධියට පත් විය. Windows සඳහා Quattro Pro[සංස්කරණය] Quattro Pro මුලින් DOS මත වැඩ කරන මෘදුකාංගයක් ලෙස නිර්මාණය වුවත් Windows කෙමෙන් කෙමෙන් වැඩිවන ජනප්රියත්වයක් හිමි කර ගත් බැවින් Windows මත වැඩ කරන Version එකක අවශ්යතාවය දැඩි විය. DOS මත කළ නිර්මාණයෙන් කිසිවක් Windows මත කෙරෙන නිර්මාණය සඳහා භාවිතා කල හැකි නොවූයෙන් මුල සිටම අළුත්ම නිර්මාණයක් වශයෙන් මෙය නිපදවීමට Borland ආයතනයට සිදුවිය. Borland ආයතනය සතු වූ දත්ත ගොනු සඳහා වූ මෘදුකාංගයක් වන Paradox ද මෙසේම අළුතින් ම Windows මත ට ගෙන ඒමට සිදු විය. මේ මෘදුකාංග දෙකම මුලින් C යොදා ගනිමින් නිපදවීම ඇරඹුවත් පසුව එය C++ වලින් නිපදවීම ට මාරු කෙරිණි. මෙම මෘදුකාංගය එවකට C++ වලින් Windows සඳහා කෙරුණු දැවැන්තම ම ව්යාපෘතිය විය. Borland ආයතනයේ C++ Compiler එක විශිෂ්ඨතම නිර්මාණයක් වූයේ Quattro Pro හි සංකීර්ණ අවශ්යතා සඳහා නියෝග ලිවීමට හැකි වන සේ එය දියුණු කළ යුතු වූ බැවිනි. QPW හි ලක්ෂණ[සංස්කරණය] QPW යනු Windows මත වැඩකරන Quattro Pro සඳහා වූ කෙටි නාමයයි. Windows සඳහා පිටු බොහෝ ගණනක් සහිතව කිසිදු කරදරයක් නොමැතිව ඕනෑම පිටුවක කොටුවක් තවත් ඕනෑම පිටුවක කොටුවක්ට සම්බන්ධ කළ හැකි වන සේ තැනූ පළමු පැතුරුම්පත මෙයයි. එසේම Paradox නම් මෘදුකාංගය හා Quattro Pro සඳහා එකම Object Model එකක් භාවිතා වීම ද තවත් විශේෂත්වයක් විය.
hplt_2
එදා හැන්දෑ වරුවේදී මම ගෙදර දිහාවට එද්දී තිලකේ මාමා අපේ ගෙදර සාලේ පුටුවක වාඩිගෙන ටීපෝ එක උඩ තිබුණ පත්තරයක් කියවමින් උන්නා . උන්දැගේ කකුල් දෙක ලඟ වැටිච්ච බිස්කට් කුඩු කන්න ඕනෑ හන්දම අපේ ගෙදර උන්නු පූස් තඩියත් ඒ ලඟම දවටෙමින් උන්නා . “මේ යකා අවේලාවේ මොකට කඩා පාත් වුණාද මන්දා” හිතෙන් හිතන දේවල් පිටට ඇහෙන්නේ නැති නිසාම හිතෙන් බනිමිනුයි මමත් ගේ ඇතුලට ඇතුළු වුණේ . “ආ සඳරු පුතා මම මේ උඹ හම්බෙන්ඩ කියලාමයි ආවේ” මම ගෙදරට ඇතුල් වෙච්ච හැටියෙම තිලකේ මාමා මගේ ඇඟේ එල්ලෙන්න ගත්තු එකට නම් මට ටිකක් කේන්ති ගියා මොකද කීවොත් දවසෙම නැහිලා නැහිලා ගෙදර එන වෙලාවෙත් ටිකක් නිදාගන්න තියන චෑන්ස් එක මම පොඩ්ඩක්වත් නැති කරගන්න මම අකමැතියි . “මාමා ගොඩක් වෙලාද ඇවිදින්” ගෙදෙට්ට ආපු එකා යකා වුණත් ඒකව ආයේ යවන සිරිතක් නෑ නේ. ඒක නිසා මමත් යාප්පුවෙන් එහෙම ඇහුවා . “නෑ මම දැන් මේ ටිහකට කලියෙන් ආවේ” ටිකකට කලින් ආවා වුණත් ක්රීම් ක්රැකර් පැකට් එකෙන් බාගෙකටම වැඩේ දීලා තියන හැටි දැක්කාම මගෙ බඩ පපුව හීතල වෙලා ගියා. ගෙයි සාලේ තිබුනු මේසේ උඩට අතේ තිබුණ බෑග් එක විසි කරපු මම කකුලේ තිබුනු සෙරෙප්පු දෙක මේසේ යටට විහික් කලා . “ඉතින් මාම” මම කෙලිම කාරණේට බැස්සේ මේ කතාබහ අහවර කර දාලා හනිකට ඇඳට පැනලා නින්දක් දාන්න කියලා හිතාගෙනයි. අම්මා ගෙනාපු තේ කෝප්පෙන් උගුරක් හෙම ඇදලා කමිස කරේ කට පිහගෙන තිලකේ මාමා කතාව පටන්ගද්දී මට හිතුණා හඳ පායයි කියලා . ! “පුතා දන්නවානේ අපෙ ලොකු කොල්ලා රුවන් ?” තිලකේ ගොයියා ආයෙ ඉතින් මගෙන් ප්රශ්න අහනවා ! ගෙවල් හතරකට පහකට උඩහින් ඉන්න මේ තිකකේ ගොයියගේ මුලු හත්මුතු පරම් පරාව ගැනම මට කීව හැකි ජාතකෙත් එක්කම . “මම මොකෝ නොදන්නේ රුවන් මල්ලියාව ! ඇයි පොරට මක් වෙලාද ?” “ඌට වෙන්න තියන හොඳම වැඩේ වෙලා පුතේ ඌ දැන් නිවාඩුවට ගෙදර ඇවිල්ලා අන්න ඌ දැන් බෙර කොටයක් වගේ මහත් වෙලා” “නෑ! ගිය වංඟියේ දකිද්දිත් මේකා මහතයි නේ දැන් දැන් තව මහත් වෙලාද ?” “නැතුං බෝඩිමෙන් දෙන කෑම කාලා කාලා මේකා දැන් ඌරෙක් වගේ .ඒ මදිවට ඇඟ වෙහෙසලා වැඩක් පලක් කරන්නෙම නෑ සෝමාරිකම ඇඟ පුරාම . ඉස්සර නම් නිදි මරාගෙන පාඩම් හරි කොලා දැන් කොහෙද කොයි වෙලේත් නිදන්නමයි තනන්නේ . වෙද මහත්තයත් කීවේ ඇඟ පොඩ්ඩක් අඩු කරගත්තා නම් හරි කියලයි .” මට රුවන් මල්ලියා ගැන පවු කියලා හිතුනා . ඌ මට වඩා අවුරුදු කීපයකට බාලයි හරියටම කීවොතින් ඌ මයෙ නඟාගේ වයසේ . අපි ඉස්සර පිට්ටනියේ බෝල ගහද්දී ඌත් අපිත් එක්ක හරි හරියට සෙල්ල්මේ වැටිලා හිටියා . ඒ දවස් වළ කොහු මිටක් තරම් ඇට කෝටු කොල්ලෙක් වෙච්ච රුවන් අද වෙනකොට බතල ගෙඩියෙක් වෙලා . අපි එක්ක රැහේ වැටිලා උන්නත් රුවන් අපි වගේ කාලකන්ණි වුණේ නම් නෑ. පහේ සිස්සත්ත විභාගෙදී ගමේ පුංචි ඉස්කෝලෙන් වැඩිම ළකුනු ගත්ත ඒකා කන්ද උඩරට තියන හොඳම ඉස්කෝලෙකට යන්න තරම් වාසනාවන්ත වුණා . මේ පට්ට පදිරි පලාතේ ඉඳන් වේලිලා කරකුට්ටං වෙච්ච මහ පොලවට වෛර කරමින් ඉන්න ජාතියේ එකෙක් නොවී සීතල කාමරේක ටයි දාගෙන කරන රස්සාවක් කවදා හරි ඌට හම්බු වෙයි කියලා මම හිතෙන් සතුටු වුණා . මම විතරක් නෙවේ ගමේ එකෙක් දෙන්නෙක් ඇරෙන්න බොහොමයක් උන් රුවන් මලයා නගරෙට යන දවසේ සුබ පතපු, කඳුලු හලපු හැටි මට තවම මතකයි . නුවර ඉස්කෝලේ බෝඩිං කාමරේට වෙලා ඒකෙන් දෙන කෑම කකා එක තැනටම වෙලා තැපගෙන උන්නු රුවන් මල්ලියා පුස් ඌරෙක් වගේ මහත් වෙලා ඉන්න හැටි දැක්කාම මට ඌ ගැන හොඳටෝම දුක හිතුණා . ගමේම උන්නා නම් ඌට මෙහෙම දෙයක් වෙන්නේ නෑ කීයටවත් . “පුතා උඹ මට උදවුවක් කරන්න ඕනෙ .” තිලකේ මාමා එහෙම කියද්දී තමා මම රුවන් ගැන හිතන එක නතර කරවුවේ . “මොකක්ද මාමා මගෙන් වෙන්න ඕනෙ . ? මම මාමට හැකි උදවුවක් කරන්නම් .” තිලකේ මාමා මගෙන් ඉල්ලන්න හදන උදවුව ගැන කුතුහලයක් හිතේ තද කරන් මම එහෙම ඇහුවා . “සඳරු පුතේ අපෙ රුවන්ව පොඩියක් මේ හැන්දෑ වරුවේ පිට්ටනිය පැත්තට එක්ක ගිහිං උගෙ ඈඟ ටිකක් වෙහෙස කරලා ගනිංකෝ .. !” “අප්පට සිරි !” මට බකස් ගාලා හිනාවක් ගියා සාලේ කොනක ඉඳන් අපේ කතාව අහගෙන උන්නු මගේ අම්මා මට රවන හැටි දැක්කාම මගේ හිනාව හෙමින් හෙමින් මැකිලා ගියා . බැලින්නං මේක එක්සයිස් කෝස් එකක් . මගේ හිත ඇතුලට ගොඩක් සිතිවිලි ගලාගෙන එන්න වුණා . ඉස්සර රුවන් පොඩි කාලේ ඌව සෙල්ලමට අඬගහගෙන ගියා කියලා තිලකේ මාමා මට පලු යන්න බැන්න හැටි මට ආයෙත් මතකෙට ආවා . තිලකේ ගොයියට එහෙනම් මාව ආයෙත් ඔනෑ වුණා ..! “අනෙ බෑ කියලා නම් කියන්න එපා පුතේ මම උඹගේ මාන්සිය හෑල්ලු කරන්නේ නෑ මම දන්නවා උඹ දවසෙම නැහිලා නැහිලා මෙතනට එන්නේ කියලා . මම උඹට ගානක් කාරිය ගෙවන්නම් .” තිලකේ මාමා එහෙම කියද්දී මගේ හිත ඇතුලෙන් තවත් හිනාවක් ගියා . ඒ අදහස නම් නරකම නෑ මොකද මේ දවස් වළ මගේ අතේ පිච්චිය නෑ . ඉතින් සම්තින් එකක් හොයාගන්න ගූ වුණත් එක්කාසු කරන්න මම සූදානමින් තමා උන්නේ . “සල්ලි නං නැතත් මොකෝ මාමා !” මම එහෙම කීවත් මගෙ හිත තිලකේ මාමට තේරුණා . “නෑ නෑ මගෙ ගාව ලොස් නෑ පුතා මම උඹට දවසට 100 ක්ම ගෙවන්නම් .” “ඉතින් තිලකේ මාමේ රුවන් මල්ලියාට පිට්ටනියට ගිහින් වටයක් දෙකක් දුවලා කරලා එන්න බැරිද ඔය තනි නොතනියට ඉතින් මාමට වුණත් යන්න බැරියැ ?” “අනේ මම ඕකව වංගියක් වදෙන් පොරෙන් වැවු පිට්ටනියට එක්කරගෙන ගියා විනාඩියක් ඌ වියායාම කරනකොට ගමේ ඉන්න කුපාඩි කොල්ලෝ හැත්ත වරිගෙන එතනට පැනලා මැජික් බලනවා වගේ බලන්න ගත්තා . ඒ විතරක් නම් මදෑ මුං හූ කියන්නත් ගත්තා . දැං රුවන් ගෙදරින් එලියට බහින්න බෑ කියලා ගෙටම වෙලා ඉන්නවා . ඒකයි මම මේ වැඩේ උඹටම බාර දුන්නේ .” “ඔය ගමේ එකාලට ඕනෙ විදියට අපිට ඉන බෑනේ මාමා . මම රුවන්ව එක්ක ගිහින් ව්යායාම කරවන්නම් .” “අනේ උඹට පින් සිද්ද වෙනවා පුතේ . උඹ ඒනං හෙට හැන්දෑවේ එනව නේ අපේ ගෙවල් දිහා ?” “ඕ ඕ මං ඒ පැත්තේ එන්නම් .” එපා කියද්දිම කුස්සියට ගෙහුං උන්දෑ තේ බීපු කෝප්පේ හෝදලා තියවුව තිලකේ මාමා ගෙයිං එලියට බැස්සේ රටක් අල්ලපු රජෙක් වගෙයි . ගෙයි දොරකඩට ගියපු තිලකේ මාම ආයිමත් වංඟියක් මට කතා කලා . “ආ මේ තව එකක් සඳරු පුතා . අපෙ එකා දැන් වස කම්මැලියා වෙලා ඌ වියායාම කොරන්න බෑ කීවොතින් උඹ බැනලා හරි ගහලා හරි ඌව එක්ක පල දැං උඹට ඔනෑ හැටියට ඕකව ආම්බං කරගන්න ඕනෙ මම වචනයක් කියන්නෑ උඹට .” “මාම බයගන්න එපා මං රුවන්ව මාසෙන් හදලා ගන්නවා බැරි වුණොතින් මකලා හරි ගන්නවා !!” “හෙහ් හෙහ් .. යන්නං ඒනං මං” තිලකේ මාමා පිටිපස්ස ගේට්ටුවෙන් පැනලා උගෙ පරන පුට් සයිකලේ පාගමින් ගෙදර පැත්තට ගියා . අතට ගානක් ලැබෙන නිසා හිතේ ඇතිවෙච්ච සතුටෙන් මමත් ඇඳට පැනලා පෙරලුනේ පොඩි නින්දක් දාන්න හිතාගෙනයි .” ***** පහුවදා මම වැඩ ඇරිලා ගෙදර එන්න බස් කියලා හිතාගෙන බස් පොලට ආවා . බස් එකක් එනකල් මේ බස් නැවතුමේ වරු ගනං තැපලා මට හොඳට හුරුයි . ඒත් හිටගෙන ඉන්න ගියාම තමා සසර කළ කිරිලා හිත හුදකලා වෙන්නේ . සුං ! ගාලා ආපු ආටා එකක් මගෙ කකුල් දෙක ගාව “බ්රාස්” ගාලා බ්රේක් ගහද්දී මම පොඩ්ඩක් ඈතට වුණේ මගෙත් එක්ක කොක්ක දාගත්තු යකඩ බජාර් එකේ ගැන්සියක්වත් මට සලකන්න ඇවිදින්ද කියලා හිතන ගමන් . “ආ සඳරු පුතා නගින්ඩ .” ආටා එකේ ඇතුලෙන් තිලකේ මාමාගේ කටහඬ ඇහුනු ගමන් තමා මගෙ ඇඟට ආයේ ජීව ශක්තියක් ලැබුණේ . “මාමා මොකෝ මේ වෙලාවේ ?” “උඹ නැගහං මමත් ගෙදෙට්ට තමා යන්නේ ! උඹව ගේ ගාව බස්සලා යන්නං” ඉතින් මමත් හනි හනිකට ඒ ආටා එකේ එල්ලුනේ නිකං දෙනවා නං මොකද්ද එක වුණත් ගනිං කියලා අපෙ ගමේ පඬියෙක් කියාපු කියුමක් මතකෙට ආ හන්දයි . “මම මේ අපෙ රුවන්ට වියායාමෙට අඳින්න ජම්පරයක් ගත්තා . තව ඌට දුවන සපද්දෙකකුත් ගත්තා . ඇඟ බහින කිරි පිටි එකකුත් ගත්තා බං මේ ! ඒක නෙවේ උඹ අද හවස එනවා නේද ?” “අනිවා එනවා” අතින් කටිං බඩු එල්ලාගෙන ආටා එකේ උන්නු තිලකේ මාමා ගැන මට ඇත්තටම දුක හිතුණා . තමන්ගේ පුතාගේ යහපත ගැන හිතන මුං කොච්චර උතුම් තාත්තලාද? කියලා මට ආයෙ ආයේ හිතුණා . මම බාරගත්ත වැඩේ හරියට නොකෙරුවොතින් මේ අසරණ මනුස්සයා මටත් එක්ක සාප කරාවි අන්තිමේදී ලබන ආත්මේ මට මේ තිලකේ මාමාගේ ගොන්නාම්බෙක් වෙලා උගෙ බර අදිමින් ණය ගෙවන්නත් වේවි . ඒක හන්දා මම මුගෙන් ගන්න සල්ලිවලට හරියන්න මම මුගේ පුතන්ඩියාගේ බර කොහොම හරි අඩු කරන්න ඕනෙ කියලා මම තදින්ම හිතාගත්තා . එදා හැන්දෑ වරුවේ මම තිලකේ මාමාගේ ගෙවල් පැද්දට පැද්දුවේ රුවන් මලයාව අඬගහගෙන පොඩ්ඩක් ඇඟ වෙහෙස කරන වියායාමයක් කරන්න හිතාගෙනයි . ගෙදර දොරකොඩටම ගියපු මම ගේ ඇතුලට පොඩ්ඩක් ඇහැදාලා බැලුවා . රුවන් ගේ ඇතුලේ වාඩිගෙන උගේ හෑන්ඩ් ෆෝන් එක මිරිකමින් ඉන්නවා. “අඩෝ රුවන් මල්ලී !” මම කතා කළ සද්දෙට රුවන් ගැස්සිලා ගියා . ඌ හනිකට ඇඳන් උන්නු සරමත් ගැටගහමින් මා ගාවට ආවා . අප්පා එහෙමත් මස් පරුවතයක් මං මයෙ ජීවිතේට දැකලා තිබුනේ නෑ . උගෙ එක ගාතයක් ගැඹුරු තෙලේ බැදලා මාසයක් කෑහැකි . පස්ස පැත්තේ තට්ටමේ එල්ලේ පිට්ටනියක් හැදුව හැකි . ඒ තරම් ඌ ජොල් වෙලා . “ආ සඳරු අයියේ ඉතින් එන්න ගෙට” “ගෙට වෙලා ඉඳලා හරියන්නෑ වර අපි යමු පොඩ්ඩක් සෙල්ලං කරන්න .” “අනේ සඳරු අයියේ අපෙ තාත්තා ඔයාව කුලියට ගත්තාට මට කරන්න දෙයක් නෑ . ඔයයි එයයි ඔයාලගේ වැඩක් බලාගන්න මට මගේ පාඩුවේ ඉන්නදීලා මෙතනින් යන්ඩ .” මුගෙ කතාව බලකෝ ! ඇටෙං පොත්තෙන් එලියට ආවා විතරයි ඇඟ පත මහත් වුණා කියලා මූ මටත් සද්දේ දාන්න පටන් අරං . මගෙ ඇඟේ මාලු නටන්න ගත්තා . මම පැන්න ගමන් උගෙ බෙල්ලෙන් අල්ලාගෙන ඇදගෙන යන්න කියලා හිතුවත් උගෙ බෙල්ල මට පෙනුනේ නෑ . ඔලුව කෙලින්ම උගේ කඳට සවිවෙලා වගෙයි මට පෙනුනේ . ඉතින් මම පැන්න ගමන් උගෙ අතේ තිබුනු ෆෝන් කට්ට උදුරලා ගත්තා . “අනෙ සඳරු අයියේ බලු වැඩ කරන්න එපා ! ෆෝන් එක දියන්” “ෆෝන් එක හම්බෙයි උඹ වැව පැත්තට ආවොත් .” “මට එපා උඹම තියාගනිං ඒනං .” “හා මම මේක තලලා වැවට දාන්නං . ආ ඊට කලින් මේකේ තියන ඇස් ඇම් ඇස් ටික බලලා ඉන්ඩත් එපෑය හිකි හිකි .. !” “අනේ මගෙ මැසේජ් කියවන්ඩ එපා සඳරු අයියේ .” “එහෙනං අර අලුත් එක්සයිස් ජම්පරේ දාකියාගෙන වර මං යනවා .” ෆෝන් එක සාක්කුවේ දමාගත්තු මම වැව පැත්තට අඩිය ඉක්මන් කලේ රුවන් මලයා කුප්පමේනියා පැලයකට දැපනේ වැටුනු බලලෙක් වගේ මේ ෆෝන් එක පස්සෙන් එන බව ඉර හඳ වගේ දැනගෙනයි . පායන පෑවිල්ලට වැව හිඳිලා වැව මැද පොලවේ හෙන සයිස් ගසුත් වැවිලා . හැන්දෑ වරුව ඉරගල පැන්නාම මේ හිඳිච්ච වැවු පිටිය ඇඟට පතට දෙන සැප නං කියලා ලියලා නිම කරන්න බෑ . මම ගිහින් හොඳ හෙවන තියන තැනක් බලලා ඉඳගත්තා . සාක්කුවේ තිබුනු රුවන් මල්ලියාගේ ෆෝන් එකට එස් එම් එස් ගලා එන්නේ නිකං වක්කඩ කැඩුවා වගේ . මූට කෙල්ලෙක් වත් ඉන්නවාද ? හිතේ උපන්න ඒ සැකේ නිසාම මම ෆෝන් එක අතට අරන් ඒකේ තිබුනු කෙටි පනිවිඩ එකින් එක කියවන්න වුණා . අනුන්ගේ කෙටි පණිවිඩ තියා මයිලක් දිහාවත් හොරෙන් බලන එක වැරදියි . ඒත් දැන් රුවන් ගැන මට වගකිමක් තියනවා . සල්ලි සාගරයක් වියදම් කරලා තිලකේ මාමා මේකට උගන්වන්න හදද්දී මූ කෙල්ලෝ පස්සේ ගිහින් ඉගනීම හාල් කරගත්තොත් තිලකෙයා ගේ පපුව පැලෙයි ඒක හන්දම මම උඩින්ම තිබුනු කෙටි පනිවිඩේ අමාරුවෙන් කියවන්න වුණා . “මේ හලෝ අපෙ අයිය දැනගත්තොත් ඔයාගේ කෑලිවත් හොයන්ඩ වෙන්නෑ” උඩම තිබුනු කෙටි පනිවිඩේ කියෙවුවා විතරයි මගෙ බඩ පපුවයි අනික් හැම තැනක්මයි කූල් වෙලා ගියා . මූ මේ කා එක්කද මැසේජ් කරගන්නේ ?. නමක් ගමක් නොතිබ්බ ඒ කෙටි පනිවිඩේ කාගෙද ? හිතේ උපන්න කුතුහලේ නිසාම මම ෆෝන් එකේ sent masg ගොඩට පැන්නා .
hplt_2
රොකට් යානය ඉතිහාසය[සංස්කරණය] රොකට් යානය කවර දාක කවරෙකු විසින් නිපදවන ල්ද්දේ යැයි නිශ්චය වශයෙන් කීමට සමත් කිසිවෙකු නැත්තේය.චීන ජාතිකයන් විසින් 13 ව්න් සියවසේදී චීනයේ නිපදවන ලද අහස් වෙඩිල්ල රොකටයේ පියා ලෙස සැලකිය හැක.චීනයේ දී මොංගෝලියානු ආක්රමණිකයන් පලවා හරින ලද අහස් වෙඩිල්ල රොකට් යානය ලෙස වැඩීමට නොයෙක් ජාතීන් උපකාර කරන ලදී. සර් අයිසෙක් නිව්ටන් හා රොකටයේ ක්රියාත්මක මූලධර්ම එංගලන්තයේ ජීවත් වූ සර් අයිසැක් නිව්ටන් විසින් සොයා ගත් නියම අතර රොකට් යානයට වැදගත් වන්නේ "චලනය" පිළිබද නියමනු යි. නූතන රොකට් යානය හා රුසියානු දායකත්වය[සංස්කරණය] නිකොලයි අයිවනොච්චි කිබල්චි -(1881)- වෙඩි බෙහෙත් සාදන්නෙකි.දෙවෙනි ඇලෙකෙසැන්ඩ්ර් සාර් මැරීමට තෙත් කිරීම යන චෝදනාව යටතේ සිර ගත විය.එහිදී වෙඩි බෙහෙත් කරල් එකිනෙක පිපිරවීමෙන් ක්රියා කරන රොකට් අහස් යානයක් පිළිබද සැලැස්මක් ඉදිරිපත් කරන ලදී. කොන්ස්ටන්ටයින් සියැල්කොවිස්කි -(1891)- රොකටයේ ඉතිහාස කතාව අතර රුසියානු නම සදා රැදවූ දෙදෙනාගෙන් කෙනෙකි.1895 දී ග්රහලෝක කරා ගමන් කිරීම පිළිබද තම ප්රථම ලිපිය පල කලේය.එමගින් වෙඩි බෙහෙත් දැවීම වෙනුවට ද්රව ඉන්ධන භාවිතා කරමින් එහි වේගය බොහෝ සෙයින් වැඩි කල හැකි බව පෙන්වා දුන්නේය.ද්රව ඉන්ධන සංකල්පය හදුන්වා දුන් ඔහු එය ප්රායෝගිකව ක්රියාත්මක කර ද පෙන්වීය.නමුත් අප විස්මයට පත් විය යුතු වන්නේ ඔහු බිහිරි පුද්ගලයෙකු වීමයි.
hplt_2
ශ්රී ලංකාවේ වාර්ෂිකව අලි ඇතුන් 250ක් පමණ ව්විධ හේතු නිසා මිය යනවා.අලි-මිනිස් ගැටුම හා බැඳුනු වෙඩි තැබීම් හා කඳන් බැඳීම්, වස දීම්, හක්ක පටස් හා දුම්රිය අනතුරු,වගා ලිං වලට සහ පතල් වලට වැටීම් මේ හේතු අතර ප්රධානයි. මීට අමතරව, අලි-මිනිස් ගැටුම නිසා වසරකට අලි පැටවුන් 40ක් පමණ අනාථ වනවා. ඒ විතරක්ද? ගෘහාශ්රිතකරණයට හා ලාංකීය සංස්කෘතිය රකින්නට යැයි කියමින්, කිරි නොවැරූ අලි පැටවුන් ඔවුන්ගේ රංචු වලින් පැහැරගෙන විත්, ඔවුන්ව පීඩාවට පත්කොට ‘හීලෑ’ කිරීමත් සිදුවීම කණගාටුවට කරුණක්. අපි අලි ඇතුන් ගැන කතා කළ යුත්තේ ඇයි? ගොඩබිම වසන විශාලතම ශාකභක්ෂක සත්ත්ව විශේෂය වන අලි ඇතුන් ඔවුන් සිටින පරිසර පද්ධතිය විද්යාත්මකව කළමනාකරණය කරන ඉංජිනේරුවන්. ඒ පරිසර පද්ධතියේ වැඩෙන සමහර ශාක වර්ගවල බීජ ප්රචාරනයට වගේම ඒවායේ ප්රරෝහණය සාර්ථක වන්නට නම් අදාළ බීජ අලි ඇතුන්ගේ ආහාර මාර්ගය හරහා යා යුතුයි. ලොකු කුඩා ශාක ආහාරයට ගැනීම, අතු සහ කඳන් කඩාබිඳ දැමීම වැනි චර්යාවන් මගින් ඔවුන් සිය වාසස්ථානයේ භෞතික ස්වභාවය වෙනස් කරනවා. සිය පැවැත්ම උදෙසා මේ වෙනස්කම් වෙනුවෙන් ම බලා සිටින සත්ත්වයින්ට හා ශාක වලට අලි ඇතුන්ගේ සේවය අත්යවශ්යයි. පරිසර පද්ධතියක සිටින ජීවී විශේෂ වල අන්තර්ක්රියාවන් හරියට මකුළු දැලක රැහැන් වගේ; එකිනෙකට සමබරව බැඳී තිබෙනවා. මකුළු දැල හානි නොවී පවත්වා ගන්නට සෑම ජීවියෙක්ම සහාය වෙනවා. සිය වාසස්ථානයේ අලි ඇතුන් අනිවාර්ය සංඝටකයක් වන්නේ මේ නිසා. මොවුන් සමාජශීලී සතුන්. පරිණාමිකව ඉතා ඉහල මට්ටමක සිටින නිසා, ඔවුනොවුන් අතර සන්නිවේදනය හා අන්තර් සබඳතා ඉතා සංකීර්ණයි. ගැහැණු සතුන් බොහෝ විට සිය ජීවිත කාලය පුරාම තමන් උපන් රංචුවේ රැඳී සිටිනවා. නමුත්, තරුණ වියට එළැඹෙන පිරිමි සතුන් රංචුව හැර ගොස් තනිවම ජීවත් වෙනවා. ඔවුන් යළිත් රංචුවකට එක් වන්නේ ප්රජනන ක්රියාවලියට සුදුසු ගැහැණු සතුන් සොයා උන් සමග එක් වීමටයි. අලි රංචුවක හැසිරීම් බොහෝ විට තීරණය වන්නේ එහි සිටින කුඩා පැටවුන්ගේ ආරක්ෂාව සහ පැවැත්ම අරමුණු කරගෙනයි. පැටවුන් ආරක්ෂා කර ගැනීමට රංචුවේ සියළුම සාමාජිකයන් කැපවීමෙන් කටයුතු කරනවා. ඔබ ජාතික උද්යානයක සංචාරය කරද්දී අලි රංචුවක් කලබල වී ඔබගේ ගමන් මග අවුරා සිටියා ඔබට මතකද? යළි සිහි කළොත්, ඒ රංචුවේ කුඩා පැටවුන් සිටිය වග ඔබට මතක් වේවි. දවසේ වැඩි වේලාවක් ශාක කොටස් බුදිමින් ඇවිදින අලි ඇතුන් උදයේ හෝ සවස් කාලයේ ජල පානයට හා ජලස්නානයට බොහෝ වේලාවක් වැය කරනවා. ඔවුන්ගේ සමාජ ජීවිතයේ අන්තර්ක්රියාවන් අඛණ්ඩව හා සවිමත්ව තබා ගැනීමට මේ චර්යා රටා ඉතා වැදගත්. අප්රිකානු අලින්ගේ ගැහැණු, පිරිමි දෙවර්ගයටම දළ තිබුනත්, ආසියාතික අලින්ගේ දළ දරන්නේ පිරිමි සතුන් පමණයි. සෑම ආසියාතික පිරිමි අලියෙක්ම දළ ඇතෙකු වන්නේත් නැහැ. ශ්රී ලංකාවේ දළ දරන අලින් සංඛ්යාව මුළු අලි ගහනයෙන් සියයට පහකටත් (5%) අඩුයි. අලි ඇතුන්ගේ පැවැත්මට එල්ල වී තිබෙන තර්ජන නිසා ඔවුන්ගේ ස්වභාවික ජීවන රටාව බොහෝ අවුල් වී තිබෙනවා. 20 වන ශතවර්ෂය ආරම්භයේදී 12,000ක් පමණ වූයේයැයි සැලකෙන ලාංකීය අලි ගහනය, 2011 වසරේ සිදු කළ සංගණනයට අනුව ආසන්න වශයෙන් එයින් හරි අඩක්. පාරිසරික වශයෙන් මනා දුර දැක්මක් නැති, නොනවතින සංවර්ධන ක්රියාවලි නිසා ඔවුන්ගේ වාසස්ථාන හානියට පත් වෙනවා. නීතිප්රකාර ප්රකාශයට පත් කර ඇති ජාතික රක්ෂිත ප්රදේශතුළ රැඳී සිටින්නේ රටේ අලි ගහනයෙන් සියයට තිහකට අඩු සංඛ්යාවක්. වැඩි ප්රමාණයක් ගැවසෙන්නේ රක්ෂිත ප්රදේශ වලින් පිටත මිනිස් වාසස්ථාන අවට. ගොවීන් වගා කරන බෝග වර්ග අලි ඇතුන්ගේ ස්වභාවික ආහාර වර්ග වලට වඩ ආකර්ශනීයයි; පෝෂණ ගුණයෙන් යුක්තයි, එවගේම දිනය පුරා වනයේ බොහෝ දුරක් ගමන් කිරීමෙන් තොරව ඉතා පහසුවෙන් ලැබෙන මේ පෝෂණයෙන් යුත් ආහාර වලට ලොල් වී අලි ඇතුන් ගම් වැදීම විශාල ගැටුමකට මුළ පුරලා. දැනට ඉතිරි වී ඇති වියලි සහ අතරමැදි කලාපීය වනාන්තර මායිම් එළි කරමින් කෘෂිබිම් ව්යාප්ත කරන ගොවි මහතුන් මේ ප්රශ්නයේ අනිත් කොටස් කරුවන්. සංස්කෘතික ක්රියාකාරකම් වලට යොදා ගන්නැයි පවසමින් සමාජයේ එක් ස්ථරයකට සීමාවූ අලි අයිතිකරුවන්, වල් අලින් ගෘහාශ්රිත කරන්නට කැප වී ක්රියා කරනවා. නමුත්, ඒ සතුන්ගේ සුබසාධනය පිළිබඳව අලි අයිතිකරුවන්වත්, නීතිය බලගන්වන රාජ්ය නිළධාරීන්වත් සැළකිලිමත් වන්නේ නැහැ. මිනිස් අවශ්යතා සඳහා දුරබැහැර පෙදෙස් කරා තැනෙන මහාමාර්ග, දුම්රිය මාර්ග මඟින් සතුන්ගෙ සාමාන්ය ජීවන රටාවටද තර්ජනයක් තියෙනව. උදාහරණයක් ලෙස වනාන්තර හරහා ඉදිරිකර ඇති දුම්රිය මාර්ග නිසා සමහර අවස්ථාවලදි අලි ඇතුන් තුන් හතර දෙනා එකවර රාත්රී දුම්රියන්ට අසු වීම මෙයට කදිම උදාහරණයක්. තවද වනයේ නිදහස්ව ජීවත්විය යුතු සතුන් දම්වැල්වලට කැපුණු ගැඹුරු තුවාල සහිතව, තද අවුවේ ඇවිද්දවමින්, නිසි ලෙස ආහාර, වතුර සහ විවේකය නොමැතිව සංචාරක කර්මාන්තයේ යොදවයි. රටේ සංස්කෘතියට ඉන් ලබා දෙන දායකත්වය කුමක්දැයි විදෙස් සංචාරකයන් මේ වන විටත් ප්රශ්න කරන්නට පටන් අරන්. එපමණක් නොව, සිය රංචුවේ රැකවරණය මැද, මවගේ පෝෂණය ලබන අලි පැටවුන් කැළෙන් උස්සාගෙන අවුත් (මෙය නීති විරෝධී යැයි අමුතුවෙන් කිව යුතු නැත) සිරකර තබන්නේ ඔවුන්ව පීඩාවට පත් කොට හීලෑ කර ගන්නා අදහසින්. අලි ඇතුන් වඩා ලස්සනට පෙනෙන්නේ ඔවුන් වනන්තරයේ නිදහස්ව සැරිසරන විට පමණි. සිංහල ජන සාහිත්යය දුටු චමත්කාරයෙන් උන්ව දකින්නට නම් උන්ගේ නිදහස් පැවැත්ම අප විසින් මනා කොට තහවුරු කළයුතු වෙනවා. මේ උදාහරණය ගජගා වන්නමෙන්, දෙව්පුර ඇතෙකි – කුඹු දහසයකි දිග දළ අටකි – සත් ගැබකි අලි ඇතුන්ගේ පාරිසරික වටිනාකමත්, උන්ට ශ්රී ලංකාවේ මතු වෙමින් ඇති නොනවතින තර්ජන ගැනත් අප හැමෝම දැනුවත් වී සිටීම වැදගත්. හන්තාන ලිනක්ස් නවතම නිකුතුව “Tusker ටස්කර්” තේමාව භාවිත කරමින් තාක්ෂණික ප්රජාව වටා කතිකාවතක් ගොඩ නැගෙන අවකාශයක අලි ඇතුන් ගැන සාකච්ඡාවට ගැනීම ඔබ ඒ සතුන් සංරක්ෂණයට ගත් පළමු සාර්ථක පියවර වෙනවා. ස්තුතිය: චන්දන වීරතුංග මහතා සහ පශු වෛද්ය දීපානි ජයන්තා මිය.
hplt_2
පසුගිය සතියේ අප ඊතනෙට් යනු කුමක්ද සහ නෙට්වර්ක් කේබල් ගැන සාකච්චා කලා ඔබට මතක ඇති .පරිගණක එකිනෙකට සම්භන්ද කිරීමේදී මෙම කේබල යොදාගන්නා ආකාරය ප්රයෝගික නිදසුනක් සමග ඔබට අද විස්තර කරන්නම් . කිසිදු අමතර උපාංගයකින් තොරව පරිගණක 2 ක් අතර දත්ත හුවමාරුව සඳහා යොදාගතහැකි ක්රමයක් ඔබට මම මෙහිදී විස්තර කරන්නම් . පරිගණක ජාල කරණයේදී යොදාගන්නා කේබලයක කේබලයට අමතරව සම්භන්දක එනම් RJ45 Connectors සහ රබර් කවර Rubber Boots අඩංගුව ඇත .පහත රූපවලින් ඒ එකින එක දක්වා ඇත . 1.RJ45 සම්භන්දක RJ45 Connectors 2.රබර් කවර Rubber Boots බොහෝ ස්ථානවලදී මෙම රබර් කවරය එහෙමත් නැත්තම් රබර් බූට් නොසලකා හැර තිබෙනු මා දැක ඇත්තෙමි .මාගේ මතය නම් මෙම කොටස ඉතාවැදගත් කොටසක් බවයි .ඔබට ඉහත රුපයේ එයින් ආවරණය වූ .RJ45 සම්භන්දක RJ45 Connectors යේ ලීවරය(locking Lever) පෙනෙනු ඇත .මෙම කේබලය යම්කිසි උපකරනයකට සම්භන්ද කිරීමේදී මෙම ලීවරය එම උපකරණයෙන් නොගැලවෙන පරිදි තබාගැනීමට උපකාරීවේ .ඇත්තෙන්ම එය අගුලක් එනම් ලොක් එකක් ලෙස ක්රියා කාරී වේ.යම්ලෙසකින් එම ලිවරයට හානි උවහොත් සම්බන්ධතා බුරුල් වීමට බොහෝ ඉඩකඩ ඇත .එම නිසා කේබලයක කල්පැවැත්ම තබාගැනීමට මෙමෙ රබර් බූටය ඉතා වැදගත් වෙයි . පරිගණක ජාල රැහැන් ආකාර Types of Network Cables . CAT 5, CAT 5e ,CAT 6 වර්ගයේ කේබල්ස් වර්තමාන පරිගණක ජාලවලදී භාවිත කරනබව මම කලින් ලිපියේදී සඳහන් කල ඔබට මතක ඇති .මෙම 3 අතරිනුත් වර්තමානයේ CAT 5e ,CAT 6 බහුලව භාවිතා කෙරේ .පරිගණක ජාලයකදී තෝරාගන්නා කේබලයේ ගුණාත්මක භාවය එම ජාලයේ කාර්යක්ෂමතාව කෙරෙහි සෘජු බලපෑම් ඇති කරයි .කේබලයේ ඇතුලත ඇති කම්බි වල ගනකම , එහි ඇති තඹ ප්රතිශතය , හා පිටත කවරය ,යන සාධක කෙරෙහි මෙමෙ කේබල තෝරාගැනීමේදී අවධානය යොමු කල යුතුය . මෙම ට්විස්ටඩ් පෙයාර් කේබල .RJ45 සම්භන්දක RJ45 Connectors සමග සම්භන්ද කිරීමේ ක්රමය අනුව ප්රධාන කේබල ආකාර දෙකකි . එනම් 1.Cross Over Cable 2.Patch Cable/Straight Through Cable දැන් අප මෙම එක් එක්\ කේබල සාදාගන්නා ආකාරය විමසා බලමු 1,ක්රොස් ඕවර කේබලය (Cross Over Cable) ඉහත රුපයෙන් ක්රොස් ඕවර කේබලය (Cross Over Cable) තැනීමේදී ඇතුලත ඇති වයර තිබියයුතු ආකාරය දක්වා ඇත .කේබලයක් තැනීමේදී ඉහත උපාංග වලට අමතරව ඔබසතුව කුඩා පිහියක් , කටර් අඬුවක් සහ RJ45 Crimping (or Clipping) ක්රිම්පින්ග් ටූල් එකක් තිබිය යුතුය . - Using an cat5 cutter and crimping tool, strip about 1/3"of the out jacket of the cat-5 cable. Be sure not to strip or damage any of the pairs of inner cables. - Assemble the pairs of wires in the following order for network cables (EAI standard / TIA-568B). - Insert the wires into the RJ45 jack as seen below. Be sure to keep the wires in the correct order. - Insert the RJ45 connector into the crimping tool (again carefully make sure the wires stay inserted in the correct order). Crimp down firmly on the crimping tool to permanently attach the RJ45 to the CAT5 cable. මා ඉහතදී සඳහන් කල පරිදි මෙහිදීද රබර් බුට් යොදාගෙන නැතිබවක් පෙනී යයි .එහෙත් මා ඔබට දෙන උපදේශය නම් හැකි සම විටක දීම එය පාවිච්චි කරන ලෙසයි . 2.Patch Cable/Straight Through Cable (පැච් කේබලය ) මෙය සැදීමට ඉතා පහසුය ඉහත කේබලය සකස් කිරීමේදී ඇතුලත ඇති වයර යුගල දෙකක් එකිනෙක මාරු කර ඇති බව ඔබ දකින්නට ඇතිබව විශ්වාස කරමි .මෙහිදී එවැන්නක් නොකර කෙලින්ම අදාල වයර සම්භන්ද කිරීම සිදු කරනු ලබයි .පහත එම කේබල දෙක අතර ඇති වෙනස්කම් පැහැදිලිව දක්වා ඇත . මීළඟ ට බොහෝදෙනෙකුට පැනනැගෙන ගැටලුවනම් මෙම ක්රිම්පින්ග් ටූලය කුමක්ද යන්නයි , ආර්.ජේ 45 කනේක්ටරයට වයර ඇතුල් කලපසු එම කනේක්ටරයේ ඇති පින් වලට වයර සම්භන්ද කිරීමේ කර්ර්යය කරවාගනු ලබන්නේ මෙම උපකරණය මගිනුයි .මෙය ආසන්න වශයෙන් රුපියල් දහසකට වැඩි නොවේ .නමුත් එයට වඩා මිල අධික ඒවාද වෙළඳපොලේ දක්නට ලැබේ . දැන් අප සරලව කේබලයක් සාදාගන්නා ආකාරය ඉගෙනගත්තා .මෙසම්භාන්දයෙන් ගැටළු අත්තම් ඉදිරිපත් කරන්න ඊළඟ ලිපියෙන් Windows XP , Windows 7 මෙහෙයුම් පද්දති වලදී පරිගණක දෙකක් එකිනෙක සම්භන්ද කර දත්ත හුවමාරු කරන අන්දම පෙන්වා දෙන්නම් .
hplt_2
Monday, January 31, 2011 මුලින්ම මං කියන්න කැමතියි. [ කවුද යකෝ ගඩොල් ගෙඩියක් තිබ්බේ මං ඉස්සෙන කොට.] මේ මහා බස් බ්ලොග් සතිය කොහොමද පටන් ගත්තේ කියලා කරුණු දක්වන්න. මේකට මූලික හේතුව තමයි බස් කරුවෝ එන්න එන්න වැඩි වි ගොසින් බ්ලොග් කරුවෝ නැත්තට නැතවී යාමේ චෝදනවා. මේක ඉතා බරපල චෝදනාවක් මෙන්ම සත්යයක්. ඉතින් ඔන්න මං ගිය ඉරිදා බස් එකක් පැද පැද ඉන්නකොට මට මේ වටිනා [ අම්බෝ කියලා වැඩක් නැහැ කූජිත අදහස] අදහස මගේ චිත්ත සන්තානයට පහල උනා. පහළ වෙච්ච ගමන්ම මේක කියන්න කියලා කතා කලේ මගේ මරණය උත්තමයාට [ කතා කලා කිව්වේ චැට් එකේ ]. මූට චැට් එකේ මේ අදහස ලියලා යැව්වට කිසිම රිප්ලයි එකක් අවේ නැහැ. දෙවෙනියාට මේක කිව්වේ, ඔබ කවුරුත් හොඳින් අඳුරන, පත්තර වලට ඉන්ටවිව් දෙන කණීයා මලයට. කිව්වා ගමන් මේකා කියාපී, "ඌ බිසි කියලා". ඒ පාර අනේ තොට එපා නම් මට මොකෑ කියලා. මේ අදහස ඉදිරිපත් කලා අපේ ෆොටෝ මල්ලි හෙවත් අනුරාධධධ අයියට, ඒකා නම් කිව්වා කරමු කියලා. ඒකත් කිව්වේ නිකන් ඕනාවට එපාවට. මට ඉතින් දිට්ඨ දම්මවේදනීය ඥාණය තියන හින්දා [ හරිද මන්දා පරචිත්ත විඥ්ඤාණය නේද? ] මං බස් එක පාරට දානකොට ටිකක් සැකෙන් වගේ දැම්මේ. සැකේට හරි බස් එක දැම්මේ ............. මං තනියෙන් හරි ලියනවා කියලා. කොහොමින් හරි ඔන්න ඒ බස් එකත් දාලා. ඉරිදා රත්රියේ සඳුදා උදැහනක්කේ පලවෙන්නට කියලා ලිපියකුත් ලියලා තිබ්බා. අර මං මහා බස් බ්ලොග් සතිය කියලා දාපු බස් එකට සහායට ප්රතිචාර වැටෙන්න පටන් ගත්තා. කොහොම හරි පහුවදා මං උදේ නැගිටලා බලද්දි අපේ මරණයා මල්ලි බස් එකක් පාරට දාලා සියලු විස්තරත් එක්ක. මේන් ඒ බස් එක ගිය පාර. ඔය විදිහට සෑහෙන ප්රතිචාරත් එක්ක දිනකට බ්ලොග් ලිපි 20 ත් 30 අතර ගානක් ලියවුනා. සමහරු නම් කිව්වා මං කලින් ලිපි ටික ලැහැස්ති කරන් හිටියා කියලා. හැබැයි ඉතින් කාට උනත් තේරෙනවා මං ලියපු ලිපි වල තිබ්බ සාරභාර ගතිය. [ මොකද ඒක කිව්වාම හිනාවෙන්නේ ඈ :D ]. ඔන්න ඔය විදිහට දැන් දවස් හතක් කට්ටිය බ්ලොග් ලිපි ලිව්වා. එයට සහභාගි වූ සියලු දෙනාටම මුලින්ම ස්තුති වන්ත වෙනවා. ඒ වගේම මුල්ම ප්රචාරක බස් රථය දාපු මරණයා ඇතුලු අනික් සෑම සියලු දේනාටමත් මා අතුලු අප බස් කණ්ඩායමේම ස්තුතිය පුදකරනවා [ කණ්ඩායම කිව්වට එකෙක් වත් කිව්වේ නැහැ ස්තුති කරන්න කියලා :D]. ඒ වගේම, ලිපි ටික ප්රදර්ශණය වන බස් රථය සෑම විටම ඉස්සරහින් පැද යාමට ශක්තියක් වූ බස් මගී ඔබ සැමටත් අපේ කෘත වේදිත්වය මේ මොහොතේ පිරිනමමු. අද දිනයේ අපි සැවෝම එක්ව ඉලංදාරියා වෙනුවෙන් ලිපි ලිවිමට සිතුවත්, පිස්සා විසින් බස් රථයක දමන ලද කමෙන්ටුවක් නිසා මං ඒ අදහස මදකට ප්රමාද කලා. එනම් සියලු දෙනා එකම දවසේ ලිපි නොලියා, කණ්ඩායම් වශයෙන් දිනකට එකක් බැගින් වනසේ. අවසාන වශයෙන් නැවතත් කියනවා මහා බස් බ්ලොග් සතිය සාර්ථකර කරගැනිම සඳහා ඔබ දැක්වූ සහායට අතිමහත්ය. එයට මා අතුලු කණ්ඩායමේ ස්තුතිය මේ සමග පල කරමු. එලෙසම ඔබද යම් කිසි හෝ ප්රතිලාභයක් ලැබුවේ යයි අනුමාන කරමු. වැප් 15 comments: වැප්නි සාතන් භංග (නො)වේවා!!!!! යන්තම් ඇති ලියන්න මෙලෝ දෙයක් නැතුව ඉන්නේ.ReplyDelete අනේ දන්නෑනේ අපි අද ඉළංදාරි අයියගේ පෝස්ට් එක දැම්මේ.........:( සාරවත් ලිපියක්...... මම ඇතුළු කණ්ඩායම කියන එකේ උඹ හැර තවත් අය සිටීද මචන්...ReplyDelete පිස්සාගේ කතාවට එකඟ වෙනවා..අද වැඩි දෙනෙක් ඉලංදාරිය වෙනුවෙන් පෝස්ට් එක වෙන් කල ඇති බව තමයි පේන්නේ නම්..මගේ පෝස්ට් එක ඉදිරියේ දී දැමීමට බලාපොරොත්තු වනවා ඇත.. :D :DReplyDelete ඇයි බොල අභීතයෝ ඌ හැර මන් හිටියේ? :-ReplyDelete දවස් හතට බ්ලොග් බස් දැමීමට සහය වූ ප්රියන්ත ගල උඩ මඩට, සෝරෝට (ගූගල් වල බ්ලැක් ලිස්ට් වෙමින් පවා ) සහ හා පැටික්කීට අපගේ විසේස ස්තූතිය මෙයින් පුදකර සිටිමු අනේ පව් කවුරුත්ම අත්පුඩියක් වත් ගහලා නෑනේ මේ සාර ගර්භ ඉස්තූති කතාවට :-)ReplyDelete චැහ් ! කිව්වත් වගේ බොහෝම සාරගර්භ ලිපියක් නොවැ කොටල තියෙන්නෙ. මේකෙන් අපි වගේ හිච්චි කොල්ලන්ට ගන්න ආදුරුස බොහෝමයි. ඔහොම දිගටම කොරං යන්ටයි තියෙන්නෙ. ඔන්න උදැනැක්කෙ මං ඔපීසියෙ දොරකොඩ බීම බෝතල් දෙකක් එහෙම තියං පොඩි පිළිගැනීමේ උත්සවයකුත් සූජානං කොලා.ReplyDelete වැපාට ජය වේවා. ! අනේ මුගේ සාර්ගර්භේ හිහ් හිහ් අෆි නොදන්නවැයි ඒක ;)ReplyDelete මේවගේ (කූජිත) අදහස් ඉස්සරහටත් අෆේ වැෆානිස් අයියාගේ පොල්ගෙඩියක් තරම් වූ ඔලුගෙඩිය ඇතුලේ තියෙන අලගෙඩියක් තරම් වූ මොලයට පහලවෙවාzzzzzzz :D අෆිට කියවන්න බ්ලොග් ලිවූ, අපිව දැනුවත් කොරන්න බස් දාපු, අපේ ලිපි ෂෙයා කොරපු හැමකෙනාටම ස්තූතියිzzzzzzzzzz :D ජයවේවාzzzzz මට මේ වැඩේට සම්භන්ද වෙන්න බැරිවීම ගැනනම් සෑහෙන්න දුකයි !ReplyDelete මුලින්ම මෙවැනි බස් සතියක් ක්රියාත්මක කරපු වැප්නි සාන්ත මහත්මයාට මගේ හදපිරි ස්තුතියි පිරි නමනවා. ඉතින් මේ අවස්ථාවේ හිටිවන කිවි කිහිපයක් කියන්න අවසරයි.(කවුරුත් කන් වහගන්න නම් එපා)ReplyDelete උදේ ඉදන් හැම දාමත් බස් යනවා විහිළු තහළු මඩ ටික ටික ගෑවෙනවා වැඩිමඩ ටික වැපාගේ ගිණුමට බැර වෙනවා මුවින් නොබැනි වැපාත් බස් එකේ යනවා. ගූගල් ගේ මහ ගෙදරත් ගිය බස් කොල්ලෝ චීනුත් එක්ක බස් පැද්දෙත් අපේ කොල්ලෝ බ්ලොග් සතියකුත් කරපු අපේ බස් කොල්ලෝ දිනෙන් දිනම ඉදිරියට පල බස් කොල්ලෝ අනේ බොල.... මන් කොහේද යකෝ ඕනවට එපාවට කිව්වෙ.... මගේ තිබුනු දැඩි කැපවීම නැත්නම් උඹේ ඔය උදහස උපන් ගෙයිම මියැදෙනවා. මම උඹව මොන තරම් උනන්දු කලාද මේ වැඩේ කරවන්න. ඒ දිරි දීම නැත්නම් උඹට පුලුවන්ද මේ තරම් දුරක් එන්න. :DReplyDelete කෝ අසා සිටි ඔබ සැමට ස්තුතියි කියල නෑනෙ.ReplyDelete ඕඕඕඕඕ කමොන් වැප්නි සාන්ත අයියා....හුරේ..... (ඇයි හත්තිලව්වේ එකෙක් වත් විසුල් පාරක් ගහලා අත්පුඩියක් ගැහුවේ නැති නිසා මං හරි කොරන්න....)ReplyDelete කොහොම හරි අමාරුවෙන් පෝස්ට් දෙකක්ද කොහෙද දාගත්ත ඕන් මාත්....ආයෙත් එකක් තියමු...හැබැයි ඊට මාසෙකට විතර ඉස්සෙල්ලා කිව්වොත් පුළුහන් ලිපි ටිකක් සැට්ල් ඩවුන් කොරන්ම වැඩේට ඇන්ටොර් වෙන්න.....හික්ස්.... හික්.. මේක මෙහෙම නැගලා යනවා කියලා දන්නව නං එවෙලෙ මොනවා හරි කරනවා :DReplyDelete අයියො... මට මඟ ඇරුණා.. :( මරු ලිපිය හැබයි...ReplyDelete
hplt_2
FUTA - SL Wednesday, August 10, 2011 Foreign University Bill in House soon The much anticipated, Foreign University Bill would be presented to Parliament within the next two months after going through the Legal Draftsman. Cabinet has sanctioned the Bill and it has been sent to the Legal Draftsman, Higher Education Ministry Secretary Dr. Sunil Jayantha Navaratne told the Daily News. "Legal drafts and translation of the Bill are currently under preparation and would be shortly presented to Parliament", he said. The new Bill which regulates and monitors foreign universities has been titled "Quality Assurance, Accreditation and Qualification Framework Bill". He further said that up to now the ministry has received applications from 10 universities expressing their interest to set up foreign universities in Sri Lanka. Universities from USA, Japan, UK, Russia, China, India and Australia have shown a keen interest in setting up Medical, IT, Engineering and Management Universities in Sri Lanka. Several institutions are already under construction and these universities will launch their academic activities once the Bill is passed. Those universities are planning to set up universities in areas such as Colombo, Kandy, Jaffna and Puttalam he said. Every year, around 10,000 students from Sri Lanka migrate to foreign countries spending over 12 billion. The ministry has taken measures to offer local students 20 percent of the slots in those foreign universities. Teachers threaten to boycott A/L script evaluation by Dasun Edirisinghe School teachers belonging to three major trade unions decided to boycott the GCE (A/L) answer script evaluation, scheduled to begin on August 30, unless the government met their demands within the next three weeks. The Education Professionals’ Association, All Ceylon United Teachers’ Union and Ceylon Teachers’ Union announced their decision at a press conference in Colombo yesterday. The teacher unions demand that, the interim salary proposals made by the Education Ministry be implemented, the salary anomalies of the trained teachers and the graduate teachers be rectified in accordance with the 2008/45 circular, talks on the proposed constitutions for principals and teaching professions, which have been submitted to the Cabinet without discussing with the unions be resumed, payment of salary arrears and much delayed promotions be made immediately. "We discussed the issue with the Education Ministry Secretary H. M. Gunasekera few weeks ago and he invited us for another round of talks. When we went there he did not come for the meeting," Secretary of the Education Professionals Association Wasantha Dharmasiri said. He said that the ministry officials did not take the issue seriously, but this time they would show them their strength. Dharmasiri said that they don’t want to put students in trouble, but there was nothing left to do other than resort to trade union action. Meanwhile, addressing a separate press conference, the JVP-led Ceylon Teachers Service Union (CTSU) also threatened trade union action if the authorities failed to provide a solution to the teachers’ problems before August 30. CTSU General Secretary Mahinda Jayasinghe said Education Minister Bandula Gunawardena and other high ranking officials agreed to meet their demands, at a discussion held on July 06, but nothing had happened after that. He said that every government promised to fulfill their grievances during last 14 years but all of them did not honour their promises. When contacted by The Island, Examinations Commissioner General Anura Edirisinghe said that he hadn’t been informed about such trade union action. "Unionists can say anything, but this time teachers will not fall into their trap," he said. Edirisinghe said that a majority of teachers were with the government and they had already agreed to mark answer scripts. The GCE (A/L) examination commenced on August 08 and it would end on August 23. The examinations department plans to hold answer script evaluation in 54 schools island wide. University teachers salary issue - FUTA demands appointment of salary rectification committee this week by Dasun Edirisinghe University teachers, who suspended their trade union action demanding a salary hike, urged the Higher Education Ministry yesterday to appoint a committee to look into the matter, as promised, without further delay. University teachers withdrew from the voluntary posts they held as a protest against the government’s delay in increasing their salaries and they suspended the trade union action on three promises being made by the authorities, out of which one has still not been honoured. "Appointing a committee to find a long term solution to university teachers salaries is one of the promises given by the ministry and treasury officials, but it has yet to be appointed," President of the Federation of University Teachers Associations (FUTA) Dr. Nirmal Ranjith Devasiri told The Island. He said that the salary hike would have to be decided before the budget and therefore the committee had to be appointed immediately. The committee would include representatives from the Higher Education Ministry, University Grants Commission (UGC), Treasury, National Salaries and Cadre Commission and four members from the FUTA, according to the agreement. "It must be appointed within this week," Dr. Devasiri said adding they have already reminded the ministry to do so. According to him, the ministry has promised to rectify the anomalies in the academic allowance and the UGC has already issued a circular to pay it with effect from July 01. He said the third promise was to cancel a circular issued by the UGC preventing university dons from resigning from the voluntary posts held by them without giving three-months notice. "The UGC Vice Chairman issued a circular cancelling the previous one, but we are still in doubt about its validity as the UGC Chairman had issued the previous circular," Dr. Devasiri said. Secretary to the Higher Education Ministry Dr. Sunil Jayantha Navaratne, when contacted for comment, said that they are in the process of appointing the committee. "We will appoint it within this week," he said. Tuesday, August 9, 2011 Comm. Circular 961 : Change of Rate of Academic Allowance of the University Academic Staff Comm. Circular 961 Universities return to normal With academics resuming duties at their voluntary administrative posts from Monday, normalcy has now returned to universities after the two-month long protest and the tug-o-war between academics and Vice Chancellors. Federation of University Teachers Association (FUTA) President Nirmal Dewasiri said they decided to resume duties following a request from the university administration. “Some issues concerning the validity of the resignation letters we tendered are still to be clarified and solved. But, sswe decided that minor technicalities should not stand in the way of restoring normalcy in the country’s higher education system,” he added. Dr. Dewasiri said they were awaiting the University Grants Commission (UGC) circular on the academics’ salary revision, which would be implemented from the August salary. “We received information that the treasury and the Higher Education Ministry have sent the letters to the UGC regarding the salary revision,” he said. Dr. Dewasiri said they were also expecting the appointment of the committee to look into the full resolution of the salary anomaly of the academics. “We were informed that the committee will be appointed this week. We hope that the committee will be appointed soon,” he added. Monday, August 8, 2011 සරසවි ආචාර්යවරුන්ගේ සටනට පසුවදනක් University teachers’ exam. duty allowance up By Ranjan Kasthuri The examinations duty allowance of university teachers has been increased fivefold by the government, officials said yesterday. Treasury approval has already been obtained for the change. This increase in the allowance has been granted following a demand made by the Federation of University Teachers Associations, said a senior Treasury official. A university teacher is paid Rs 20 for each answer script marked and Rs.200 for a three hour supervision of any exam. Besides these, a university teacher is paid Rs.500 for a visiting lecture and Rs 1000 for the evaluation of a post graduate thesis at present. Saturday, August 6, 2011 අරගලය පාවාදුන්නා කියන්නේ තොරතුරු දන්නෙ නැති අය ආචාර්ය ප්රභාත් ජයසිංහ විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ උප ලේකම් විශ්වවිද්යාල ආචාර්ය වරුන්ගේ වෘත්තීය අරගලය පළාත් පාලන ඡන්දයට දින දෙකකට කලින් හදිසියේ නැවැත්වීම සැක සහිත බවත්, ජයග්රාහී ලෙස අවසන් කළ හැකිව තිබූ අරගලය මේ අයුරින් හොර රහසේ අවසන් කිරීම අදහාගත නොහැකි බවත් බොහෝ ආචාර්යවරු අදහස් පළ කළා? මේක ඒ වෙලාවෙ නවත්වනවාද නැද්ද කියල මම දැනගෙන හිටියෙ නෑ. අපි මේක නවත්වන්න තීරණය කළේ අවශ්ය ලියකියවිලි ඔක්කොම අපිට ලැබුණට පස්සේ. මේ අරගලය නවත්වන දවසේ උදේ අපි කාටවත් කියන්න පුළුවන් කමක් තිබුණෙ නෑ අපි මේක නවත්වනවා කියලා. හවස විධායක සභාව රැස්වෙලා එතනින් තීරණය අරගෙන තමයි අපි මේක නැවැත්තුවෙ. මෙම එකඟතාවට දිනකට පෙර විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්ය ප්රකාශකවරයා කියන්නේ අදාළ යෝජනාවලිය කිසිදු වටිනාකමක් නැති එකක් බවයි? ඒක එතුමාගේ පෞද්ගලික කරුණක්. මාධ්ය ප්රකාශකවරයෙක් කියන්න ඕනෙ සංගමය හදල දීපු දේවල්. නමුත් අපි එහෙම දෙයක් හදල දීලා නෑ. මේ යෝජනාවලිය වැඩකට නැති එකක් කියලා කියන කරුණ පිළිගන්න පුළුවන් එකක් නෙමෙයි. මේ යෝජනාවලිය තුළ පිළිගන්න පුළුවන් දේවල් තියෙන නිසා තමයි අපි සංගමයක් විදියට ඒක පිළිගත්තේ. මේ අරගලය නැවැත්වීමට නම් තම ඉල්ලීම් ඒ අයුරින් ඉටුවිය යුතුයි යන සෘජු මතයක සිටි සහ රජය සෘජුව විවේචනය කළ විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ඇතැම් නිලධාරීන් තම සාකච්ඡාවලදී ක්රම ක්රමයෙන් ඉවත් කර රජයේ හිත දිනා ගැනීමට ආචාර්යවරුන්ගේ සංගමය (තමඒ) උත්සාහ කළ බව චෝදනාවක් තියෙනවා? එහෙම කියන්න බෑ. අපි කිසිම සාකච්ඡාවකදී කිසි කෙනෙක් හිතා මතා මග ඇරලා නෑ. උදාහරණයක් විදිහට ජනාධිපතිවරයා හම්බවෙන්න අපි යනවා කියලා හිතමුකො. එතකොට ෆුටා එකේ ඉන්න හැමෝටම ඒකට යන්න බෑනෙ. ඒවගේ අවස්ථාවක යන්න වෙන්නෙ සීමිත පිරිසකට විතරයි. මේ සම්බන්ධයෙන් විවේචන එල්ල කරන බොහෝ දෙනාගෙ අදහස තමයි, විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අරගලයේ අවසන් අදියර තුළ වෘත්තීය සමිතියක් ලෙස තමන්ම තීරණයක් නොගෙන රජය සමග කරන ගනුදෙනුවලදී රාජ්ය හිතවාදී වෙනත් ආචාර්යවරුන් කිහිප දෙනෙකු මත යැපුණු බව? තමඒ එක විදියට අපි තීන්දු තීරණ ගන්න වෙනම යාන්ත්රණයක් තිබුණා. විවිධ ගනුදෙනු සම්බන්ධයෙන් රජය පාර්ශ්වයන් එක්ක කවුරුහරි පිරිසක් සාකච්ඡා කරනවානම් ඒ යාන්ත්රණය තුළ සිදුවුණු දේ තමයි ඒ සාකච්ඡා කළ දේවල් පසුව විධායක සභාව ඉදිරියේ සාකච්ඡාවට බඳුන් කළ එක. ඒ සාකච්ඡාව තුළ තමයි අපි ගන්න තීන්දු තීරණ මොනවාද කියලා අවසන් වශයෙන් තීරණය කරන්නේ. ඕනෑම ගනුදෙනුවක් තුළ ඔබ කිව්වා වගේ අතරමැදියන් ඉන්න පුළුවන්නෙ. අපි මේ අරගලය මෙතනින් නවත්වනවා කියන තීරණය පවා විධායක සභාව තුළ තීරණය කරලා අන්තිමට එක එක විශ්වවිද්යාලවල නියෝජිතයන්ට කතා කරලා ඇහුවා. එතනදි විශ්වවිද්යාල තුනක් විතරයි කිව්වෙ මේක නවත්වන්න එපා මේ වෙලාවෙ කියලා. අනික් ඔක්කොම නියෝජිතයෝ මේ තීන්දු තීරණවලට එකඟ වුණා. මෙතනදි වැදගත් වෙන්නේ මේකට කවුද සම්බන්ධ වුණේ ඔවුන්ගෙ දේශපාලන සම්බන්ධතා මොකක්ද කියන එක නෙමෙයි. ඒ පිරිස දිවා රෑ මහන්සිවෙලා සමස්ත විශ්වවිද්යාල ආචාර්යවරුන් වෙනුවෙන් කොච්චර දුක් වින්දද, කොච්චර කැපවීමක් කළාද කියන එක. මේ අරගලය නවත්වද්දි ආචාර්යරුන්ගේ සංගමය ප්රකාශ කරන්නේ මේක තාවතාලිකව නවත්වනවා කියන එකනෙ? මොකක්ද මේ තාවකාලිකව නවත්වනවා කියන එක? අපි මේ වැටුප් වැඩිකිරීම් ඉල්ලුවේ අධියර තුනකින්. ඒ අදියර තුන තමයි දැන් එකක් වැඩිකරන්න, ලබන අයවැයෙන් සහ ඊළඟ අයවැයෙන් ඉතුරු දෙක වැඩිකරන්න කියලා. තාවකාලිකව නවත්වනවා කියන එකේ තේරුම තමයි අපේ ඉල්ලීම් ඉෂ්ට නොවුණොත් මේ එන්න තියන අයවැයෙන් පස්සෙ අපි ආයෙත් අරගලයට යනවා කියන එක. නමුත් මේ විදියට වැටුප් වැඩි කරන බවට රජය පාර්ශ්වයෙන් මාර්ග සිතියමක් දෙන්නෙ නෑ නේද? ඒක හරි. අපි රජයෙන් ඉල්ලලා තිබුණා ඒවගේ ලිඛිත මාර්ග සිතියමක්. නමුත් ඇත්ත කරුණ, රජයක් එහෙම දෙන්නෙ නෑනෙ, ඊළඟ අයවැය ගැනවත් තව අවුරුදු ගණනකට පස්සෙ එන අයවැයක් ගැනවත් ලිඛිත පොරොන්දු අදම. ඒ නිසා තමයි අපි කිව්වේ අපිට කමිටුවක් දෙන්න කියලා මේ ගැන හොයා බලන්න. ඒ කමිටුවට තමඒ එකේ නිලධාරීන් සහ රජයේ නිලධාරීන් කිහිප දෙනෙක් අයිති වෙනවා. එතකොට මේ ගැන බලන්නේ ඒ අය. මේක තාවකාලිකව නැවැත්තුවා කියන තැන ඉඳන් බැලුවොත්, අපොස උසස්පෙළ විභාගය, විශ්වවිද්යාලවලට නවකයන් බඳවා ගැනීම වැනි අරගලයේ මූලික ආයුධ විශ්වවිද්යාල ආචාර්යවරයාගෙන් අහිමිවුණු කාලයක මහජන සහයෝගය ඇතිව නැවතත් මේ අරගලය පටන්ගන්න පුළුවන් වෙයි කියල හිතනවාද? ඒක කාර් එකක් ස්ටාර්ට් කරනවා වගේ වැඩක් නෙමෙයි. ඒක ඒ ඒ තත්ත්වය යටතේ බලන්න ඕන. මම හිතනවා අපි එකඟ වෙලා තියෙන විදිහට අපේ ඉල්ලීම් ලැබෙයි කියලා. එහෙම නැත්නම් අපිට තිබුණ වගේම අරගලයක් අරඹන්න පුළුවන් කියලා තමයි මගේ විශ්වාසය. අපි කරලා තිබුණ සාකච්ඡා එක්ක අපිට තිබුණේ පරීකෂණ දීමනාවට කොන්දේසි ඇතුල් කිරීම කියන කාරණය විතරයි රජයත් එක්ක විසඳගන්න. මොකද වැටුප් වැඩිකිරීමේ චක්රලේඛය ඒ වෙනකොට අපිට ලැබිලා තිබුණා. අංශාධිපතිවරුන් ඉල්ලා අස්වීම වළක්වන්න 956 චක්රලේඛයත් ඒ වෙනකොට අහෝසි කරලයි තිබුණේ. ඉතින් එහෙම තියෙද්දි පර්යේෂණ දීමනාව කියන කරුණ විතරක් අරගෙන අපි ඉස්සරහට යන්න ඕනෙද? සමහරු කියනවා වගේ ඡන්දෙට දවස් දෙකකට කළිං මේක නවතිනවා. මං අහන්නේ ඡන්දෙට ඉස්සෙල්ලා නැවැත්තුවාම අපි පරාද වෙනවාද? ඡන්දයට ඉස්සෙල්ලා නවත්වපු එක ප්රශ්නයක්ද කියලා. ඒ වෙලේ අපි සලකා බැලුවේ ඡන්දෙන් පස්සේ වෙනකම් මේ අරගලය ගෙනිච්චොත් මීට වඩා ලැබෙනවාද සහ ඡන්දය දිනන ආණ්ඩුවක කේවල් කිරීමේ බලය ඡන්දයට කලින්ට වඩා ඡන්දයට පස්සෙ අඩුද වැඩිද කියලා. මේක ඡන්දෙන් පස්සේ වුණානම් ඒ දෙකම අපට අවාසි සහගත වෙන්න තිබුණා. උසස් පෙළ ප්රශ්නය අනිත් එක. උසස් පෙළ ප්රශ්නයත් එක්ක කේවල් කරන්නනම් අපි තව මාස එකහමාරක් මේ අරගලය ඇදගෙන යන්න වෙනවා. නමුත් එහෙම වුණොත් ජනතාව මොනව කියන්නේ? ජනමාධ්ය මොකද කියන්නේ? ශිෂ්යයන් මොකද කියන්නේ? අරගලයේ මූලික සටන්පාඨ අරගලය අවසන් වීමත් එක්ක තිබුණෙ නෑනෙ. අරගලයේ මූලික සටන් පාඨයක් වුණේ විශ්වවිද්යාලයෙන් ඉවත් වෙන දකෂ ශිෂ්යයන් ආධුනික කථිකාචාර්යවරුන් විදිහට විශ්වවිද්යාලයට බඳවාගන්න බෑ. ඔවුන්ට ලැබෙන්නෙ ඉතා සුළු වැටුපක් නිසා ඔවුන් වෙනත් රැකියාවලට යනවා කියන එක. නමුත් නව වැටුප් ව්යුහය තුළ ආධුනික කථාකාචාර්යවරුන්ගේ වැටුප් වර්ධනයට ප්රමුඛත්වයක් ලැබිලා නෑ. එවන් තත්ත්වයක් තුළ මේ වගේ එකඟතාවට ඒම අරගලයේ මූලික අරමුණුත් එක්ක අපි තේරුම් ගන්න ඕන කොහොමද? අපි මේ වැටුප් වැඩිවීම ඉල්ලුවෙ මලික් ජෙෆ්රි කියන 2008 දී නිර්මාණය වුණු වාර්තාව අනුව. ඒ වාර්තාවෙ තියන එක දෙයක් තමයි ආධුනික කථීකාචාර්යවරුන්ගේ වැටුප් වර්ධනය මන්දගාමී වීම. උදාහරණයක් විදිහට ජ්යෙෂ්ඨ මහාචාර්යවරයෙකුගේ සහ ආචාර්යවරයෙකුගේ වැටුප ඊට අනුව වැඩිවෙන්න ඕනෙ සියයට 133 කින්. එහෙම නමුත් ආධුනික කථීකාචාර්යවරුන්ගේ විතරක් වැටුප් වැඩිවෙන්න ඕනෙ 65% කින්. අපි ඒ වාර්තාව මත ඉඳලා තමයි ගනුදෙනු ඔක්කොම කළේ. ඒක හරිද වරදිද කියන එක වෙනම කාරණයක්. මේ එකඟතාවන්වල කොතන හරි තියෙනවාද රජයේ සමස්ත වියදමින් 6%ක් අධ්යාපනය සඳහා වෙන් කළ යුතුයි කියන මූලික සටන් පාඨය වෙනුවෙන් ගත් කිසියම් හෝ කොන්දේසියක්? ඒක අපේ සටන්පාඨයක් තමයි. ඒක තවමත් අපේ සටන් පාඨයක්. අධ්යාපනය සඳහා රජයේ වියදමින් 6% ක් වැයකරනවා කියන එක රජය අවුරුද්දකින් කරන්නේ නෑනෙ. එම වියදම 6%ක් වැඩිකරනකම් අපි රැකියාවලට නොගිහින් ඉන්න එක යථාර්ථවාදීත් නෑනෙ. අපි කියන්නේ 2015 විතර වෙද්දි මේ ගාන වැඩිවෙන් ඕන කියලා. මේ දේවල් විවේචනය කරන අය බලන්න ඕනෙ කොයි වගේ ප්රති මල්ලවයෙක්ට විරුද්ධවද අපි මේ තීරණය ගන්නේ කියලා. තමන්ගේ ඔළුවට උඩින් කාක්කෙක්වත් යන්න බෑ කියන නායකයෙක් ඉන්න රටක අපි මේ අරගලය පටන්ගද්දි බොහෝ අය කිව්වේ ඔයාලට සත පහක්වත් ගන්න බෑ කියලා. ඒවගේ තත්ත්වයක් තුළ අපි මේ ලබාගත්ත දේ සතුටුවෙන්න කාරණාවක්. මේක පාවාදුන්නු බව කියන අය කියන්නේ මේ වෙනකොට අපි සිටි තත්ත්වය දන්නේ නැතිව. මීට වඩා ජයග්රාහී ලෙස මේ අරගලය අවසන් කරන්න තිබුණා කියන අයගෙන් මං අහන්නේ එක ප්රශ්නයයි. ඒ තමයි මොකක්ද මීට වඩා ජයග්රාහී තැන කියලා. Leadership training expanded - All higher educational institutions to be covered *Number of requests from parents, students *Sixteen higher educational institutions in country The leadership training programme introduced to new university entrants would be extended to the students of the Sri Lanka Institute of Advanced Technology (SLIATE) and other higher educational institutions. The Higher Education Ministry has decided to extend this programme to higher educational institutions with the successful completion of leadership training programme for university entrants. According to Higher Education Ministry Additional Secretary P.G. Jayasinghe, the ministry has received a number of requests from parents and students that this programme be introduced to other higher educational institutions. The ministry will introduce this programme to students who would be recruited to higher educational institutions, including Technical Colleges under the purview of the Higher Education Ministry. There are 16 higher educational institutes in the country and over 3,500 students are recruited to these institutes annually. From next year number of the students are to be increased to 4,500-5,000 and they are to follow the leadership training programme from next year. The leadership training programme which is to be given to the students entering higher educational institutes would be similar to the programme followed by university entrants and the programme for them would also be carried out in military camps, he added. ජ,පුර, රුහුණ හා වයඹ සරසවිවල අංශ ප්රධානීන් අස්වීමේ තීරණයට එරෙහිව සිසුන් ගොනුකළ රිට් පෙත්සම් අස්කර ගනිති සරත් ධර්මසේන ශ්රී ජයවර්ධනපුර, රුහුණ හා වයඹ විශ්වවිද්යාල අංශ ප්රධානීන් සිය තනතුරු වලින් ඉවත්වීමට ගත් තීරණයට එරෙහිව එම ආයතන තුනේ සිසුන් තිදෙනකු විසින් අභියාචනාධිකරණයට ගොනු කරන ලැබූ 'රිට්' පෙත්සම් පෙරේදා (04 වැනිදා) ඉල්ලා අස්කර ගන්නා ලදී. අංශ ප්රධානින් තනතුරුවලින් ඉවත්වීමට හේතුවූ ඔවුන්ගේ වැටුප් විෂමතා පිළිබඳ ප්රශ්නය විශ්වවිද්යාල බලධාරින් සහ ආචාර්යවරු අතර උසාවියෙන් පිටතදී ඇති කරගත් එකඟතාවයකට අනුව සමථයකට පත්කර ගෙන ඇති බැවින් මෙම නඩු කටයුත්ත තවදුරටත් ඉදිරියට ගෙන නොයැමට පෙත්සම්කරුවන් තීරණය කර ඇතැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා උසාවියට දැනුම් දුන්නේය. අභියාචනාධිකරණයේ සභාපති ශ්රී ස්කන්ධ රාජා හා විනිසුරු නලීන් පෙරේරා යන මහත්වරු හමුවේ මෙම පෙත්සම් කැඳවන ලදී. පේරාදෙනිය විශ්වවිද්යාලයේ අංශ ප්රධානීන්ට එරෙහිව පැවරූ නඩුවද ඉකුත් සතියේ ඉල්ලා අස්කර ගෙන ඇත.
hplt_2
සීසර් කේතාංකය ගුප්ත කේතකරණයේ (cryptography) එන ඉතාම ප්රසිද්ධ හා පහසුම ක්රමයක් ලෙස සීසර් කේතාංකය හෙවත් සීසර්ගේ කේතාංකය හැඳින්විය හැක . මෙහිදි හුදු පෙළෙ ඇති සෑම අකුරක්ම නියත අකුරු ගණනකට පසුව හෝඩියෙ ඇති වෙනත් අකුරකින් ප්රතිස්ථාපනය කරනු ලැබේ. උදාහරණයක් ලෙස, ප්රතිස්ථාපනය ඉදිරියේ ඇති තුන්වන අකුර මගින් නම් සිදුවන්නේ A අකුර Dමගින් ද B අකුර E මගින් ද ප්රතිස්ථාපනය වේ. ජුලියස් සීසර්, ඔහුගේ සේනාධිපතිවරු සමඟ සන්නිවේදනය කිරීම සඳහා මෙම ක්රමය යොදා ගෙන ඇති නිසා එම නමින් හඳුන්වනු ලැබේ. සීසර්-කේතාංකයේ භාවිතා වන ක්රමය ඉතාම පහසුවෙන් බිඳ දැමිය හැකි නිසා, වර්තමානයේ මෙමගින් ලබාදෙන සන්නිවේදන සුරක්ෂිත බාවය ඉතා අල්පය. නමුත් මෙහි ඇති පියවර විජනර-කේතාංකය වැනි වෙනත් සංකීර්ණ ක්රමවල අන්තර්ගතකර ඇත. වර්තමානයේ ROT13 පද්ධතියේ ඇතුලත් කර තිබේ. උදාහරණ[සංස්කරණය] අක්ෂර මාලාවන් දෙකක් පෙළට ගන්නවා අකුරු පරිවර්තනය වන ආකාරය පැහැදිලි කිරිය හැක. සාමාන්ය අක්ෂර මාලාව නියමිත ස්ථාන ගණනකින් වම් හෝ දකුණු පසට ඇති අකුරක් ප්රතිස්ථාපනය කිරීමෙන් කේතාංක අක්ෂර මාලාව සාදා ගත හැක. සරල පාඨය: ABCDEFGHIJKLMNOPQRSTUVWXYZ කේතනය: DEFGHIJKLMNOPQRSTUVWXYZABC සාමාන්ය අකුරු පෙළේ ඇති සෑම අකුරක්ම අදාළ අක්ෂරය මගින් ප්රතිස්ථාපනය කිරීමෙන් කේතාංක පෙළ සෑදිය හැක. කේතාංකය කියවා තේරුම් ගැනීම මෙහි විරුද්ධ ක්රියාවයි. කේතාංක අක්ෂර පෙළ: WKH TXLFN EURZQ IRA MXPSV RYHU WKH ODCB GRJ සරල අක්ෂර පෙළ: the quick brown fox jumps over the lazy dog මාපාංක ගණිතය භාවිතයෙන් ද කේතාංකනය කිරිය හැක. පළමුව අක්ෂර, ඉලක්කම් මගින් ප්රතිස්ථාපනය වේ (A = 0, B = 1, ..., Z = 25). [1] x අක්ෂරය n මගින් ප්රතිස්ථාපනය වී කේතාංකනය වන අයුරු පහත පෙන්වා ඇත. [2] ප්රතිකේතනය වන අයුරු, (ඉහත පිළිතුර 0...25 යන පරාසය තුළ පිහිටයි. x+n හෝ x-n එම පරාසයේ නොපවතී නම් එයට 26 ක් එකතු හෝ අඩු කිරිය යුතුයි. මෙම මාපාංකය සෙවීම සඳහා විවිධ අර්ථ දැක්වීම් ඇත.) ඉහත දැක්වූ ප්රතිස්ථාපන ක්රමය සම්පූර්ණ පණිවුඩය පුරාම එලෙසම පවතී. එම නිසා සීසර් කේතාංකනය ඒකීය අක්ෂර මාලා ආදේෂනය ලෙස හඳුන්වයි. බහු අක්ෂර මාලා ආදේෂනය මෙහි විරුද්ධ ක්රියාපටිපාටිය වේ. ඉතිහාසය සහ භාවිතය[සංස්කරණය] සීසර් කේතාංකය යන නාමය ලැබී ඇත්තේ ජුලියස් සීසර්ට ගෞරවයක් වශයෙනි. ඔහු විසින් මෙය ප්රතිස්ථාපනය ස්ථාන තුනක් මගින් සිදුකර යුධ හමුදා බට පිරිස් වලට පණිවුඩ යැවීම සඳහා භාවිතා කරන ලදි. ප්රථම වාර්තාගත කේතාංක ක්රමය මෙය වූවත් මීට පෙර ද වෙනත් ආදේශන කේතාංක ක්රම භාවිතා කර ඇත. ඔහුගේ බෑනා ඕගස්ටස්ද මෙම ක්රමය දකුණු පැත්තට එක් ප්රතිස්ථාපනයක් යොදගෙන භාවිතා කර ඇත (අක්ෂර මාලාවේ ආරම්භයට නොපැමිණේ ). කේතාංකනය කිරීමේදී A වෙනුවට B, B වෙනුවට C ලෙසටද X වෙනුවට AA ද යොදා ගැනේ. එම දිනවල සීසර් කේතාංකය කොතරම් දුරට බලවත්ව තිබුනාදැයි පැවසීමට අපහසු වූවත් සීසර්ගේ බොහෝ එදිරිකාරයන් අකුරු නොදත් අය නිසත්, සමහරුන් එම පණිවුඩය වෙනත් නුපුරුදු බසකින් ලියා ඇති බවට අනුමාන කළ නිසත් සෑහෙන දුරට සුරක්ෂිතව තිබූ බවට සිතිය හැක. කිසිම වාර්තාවක මෙම සරල ප්රතිස්ථාපන කේතාංකන ක්රමයට විසඳුමක් සඳහන් නොවේ. දැනට හමු වී ඇති පුරාණතම වාර්තාව වන්නේ නව වන සිවසේ අල්-කින්ඩි නම් අරාබි ජාතිකකු විසින් සංඛ්යාත විශ්ලේෂණය සොයා ගැනීමේදී ඉදිරිපත් කර වාර්තාවයි.[3] මෙසූසාහි පිටුපස, දේවතාවන්ගේ නම් කේතාංකනය කිරීම සඳහා එක් ප්රතිස්ථාපනයක් සහිත සීසර් කේතාංකය භාවිතා කර ඇත. ජූස් පුද්ගලයින්ට මෙසූසා තබා ගැනීමට අවසර නොතිබූ කාලයේ සිට පැවත ආ දෙයක් ලෙසට මෙය සැලකිය හැක. 19 වන සියවසේ සරල කේතාංක ක්රම ආශ්රයෙන් පණිවුඩ හුවමාරු කිරීම සඳහා පුවත්පත් වල පුද්ගලික දැන්වීම් කොටස යොදා ගෙන ඇත. කාන් (1967) ද ටයිම්ස් [4] සඟරාවේ පෙම්වතුන් සන්නිවේදනය කරනවිට මෙම කේතාංක ක්රමය යොදාගන්නා බවට නිදර්ශන දක්වා ඇත. 1915 කාල වකවානුවේදී රුසියානු යුධබටයින්ට පුහුණු කිරීමට අපහසු ඉතා සංකීර්ණ කේතාංක ක්රම සඳහා විකල්පයක් ලෙසට යොදා ගෙන තිබේ. ජර්මානු හා ඔස්ට්රේලියානු වන්ට මෙය කියවා තේරුම් ගැනීම අසීරු කටයුත්තක් විය.[5] වර්තමානයේ කුඩා ළමුන්ගේ කෙළිබඩු වල රහස් විකේතන වළලුවල සීසර් කේතාංකය දැක ගැනීමට පුළුවන. ROT13 ඇල්ගොරිදමේ ( වචන කියවා තේරුම් ගැනීමට නොහැකිවන ආකාරයට පත් කිරීම. බොහෝ විට Usenet වල භාවිතා වේ. බරපතළ ලෙස කේතාංක ක්රමයක් මෙන් යොදා නොගනී. ) ප්රතිස්ථාපන 13කින් සිදුවන සීසර් කේතාංකය යොදාගෙන තිබේ.[6] සීසර් ක්රමයම විවිධ අකුරු සඳහා විවිධ ප්රතිස්ථාපන අගයන් යෙදූ විට විජනර කේතාංකය ලෙස හඳුන්වයි. එම අගය පුනරාවර්තන මූලික පදය මගින් සොයා ගනී. අහඹු ලෙස තෝරා ගන්නා එම වචනය නැවත භාවිතයට නොගැනේ. එමෙන්ම එය මුල් පණිවුඩය තරම්ම විශාල එකක් වූ විට කිසිවෙකුට සොයා ගැනීමට ද බිඳ දැමීමට ද නොහැකි වේ. ප්රායෝගිකව අවශ්ය කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි තරම් අපහසුය. පණිවුඩයට වඩා කුඩා මූලික පදයක් ගත් විට එහි චක්රීය රටාව දියුණු සංඛ්යාත විශ්ලේෂණය මගින් සොයා ගත හැකි වේ.[7] 2006 අප්රේල් මාසයේ මාෆියා නායක ' බර්නාඩෝ ප්රොවෙන්සානො ' අල්ලා ගැනීමට හැකි වූයේ ඔහුගේ සීසර් කේතාංකය මගින් ලියා තිබූ පණිවුඩ බිඳ දැමීමට හැකි වූ නිසයි ( A වෙනුවට 4, B වෙනුවට 5 ආකාරයෙන් ).[8] 2011 වසරේදී රජීබ් කරීම් එක්සත් රාජ්ය්යෙදී ත්රස්තවාද අපරාධ සඳහා වරදකරු බවට පත් විය. වරද වූයේ බංගලාදේශයේ ඉස්ලාමික ක්රියාකාරීන් පිරිසක් සමඟ බ්රිතාන්ය්ය ගුවන් තොටුපළ පුපුරා විනාශ කිරීමට හා එහි තොරතුරු තාක්ෂණ ජාලය කඩාකප්පල් කිරීමට සාකච්ඡා කිරීමය. ඔවුන්ට මීට වඩා දියුණු කේතාංක ක්රම භාවිතා කළ හැකි වූවත් ඒවායේ ආරක්ෂාව අඩුයි සිතා ඔවුන් ඔවුන්ගේ ක්රමයම යොදා ගෙන ඇත.[9] කේතාංකය බිඳදැමීම[සංස්කරණය] කේතාංක පෙළ පමණක් ඇති අවස්ථාවේ වූවත්, මෙම සීසර් කේතාංකය බිඳ දැමීම පහසු වේ. මෙය ආකාර දෙකකින් විය හැක: - හරියාකාරයෙන්ම සීසර් රීතිය යොදා ඇති බව නොදැන, නමුත් කිසියම් ආකරයේ සරල ප්රතිස්ථාපන කේතාංක ක්රමයක් යොදා ඇති බව දැන හෝ අනුමාන කර පද්ධතියට පහර දීම. - සීසර් කේතාංකය භාවිතා කර ඇති බව දන්නා වූවත් එහි ප්රතිස්ථාපන අගය නොදැන පත්ධතියට පහර දීම. පළමු අවස්ථාවේදී, සංඛ්යාත විශ්ලේෂණය හෝ රටා වචන වැනි ප්රතිස්ථාපන කේතාංකයක යොදා ගන්නා සාමාන්ය සරල ක්රමයක් භාවිතයෙන් බිඳ දැමිය හැක.[10] බොහෝ විට පහර දෙන්නා විසින් මෙහි ඇති සවිධිතාව බව ඉක්මණින් හඳුනා ගෙන, එහි සීසර් කේතාංකය යොදා ඇති බවට අනුමාන කරයි. දෙවන අවස්ථාවේදී බිඳ දැමීම ඉහත අවස්ථාවට වඩා පහසු වේ. බෘට් ෆෝස් පහර දීමක්[11] මගින් විය හැකි සීමා සහිත ප්රතිස්ථාපන අවස්ථා(ඉංග්රිසි හෝඩියේ 26 යි ) හඳුනා ගත හැක. විය හැකි අවස්ථා සියල්ලටම කේතාංකයේ කුඩා කොටසක් වගු ගත කිරීමෙන් ද මෙය කළ හැක.[12] එම ක්රමය සාමාන්ය කොටස සම්පූර්ණ කිරීම ලෙස හැඳින්වේ.[13] මෙහි දක්වා ඇති කේතාංක පෙළේ කොටසේ "EXXEGOEXSRGI"; සාමාන්ය අක්ෂර පෙළ (ක්ෂණිකව ප්රතිස්ථාපන හතරක් මගින්) හඳුනාගත හැකි වේ. කේතාංක පෙළේ සෑම අකුරක් යටින්, එම අකුරින් පටන් ගන්නා ලෙසට මුළු අක්ෂර මාලාවම ආපසු අතට ලිවීමෙන් ද මෙය සිදු කර ගත හැකි වේ. පෙර කියූ පරිදි අක්ෂර මාලාව ආපසු අතට ලියූ තීරු භාවිතාකර මෙම ක්රමය ඉක්මන් කර ගත හැකි වේ. කේතාංකයේ පිළිවෙලට එම තීරු තැබූ විට, පණිවුඩය වෙනත් පෙළක දැකගත හැකි වේ. අක්ෂරවල සංඛ්යාත ව්යාප්තිය ගැලපීම තවත් බ්රෘට් ෆෝස් ප්රවේශයක් ලෙස හඳුනා ගත හැක. සාමාන්ය පුද්ගලයෙකුට ඉතා පහසුවෙන් කේතාංකයේ අක්ෂරවල සංඛ්යාත වගුගත කිරීමෙන් සහ සාමාන්ය අක්ෂර පෙළේ එම අකුරුවල අපේක්ෂිත ව්යාප්තිය දන්නේ නම් වගුවේ සුවිශේෂ ලක්ෂණවල වෙනස් වීම් අධ්යයනයෙන් ද ප්රතිස්ථාපන අගය සොයාගත හැකි වේ. මෙය සංඛ්යාත විශ්ලේෂණය ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස ඉංග්රීසි භාෂාවේ E, T (ඉතා බහුල ) සහ Q, Z(ඉතා අඩුවෙන්ම ) ව්යාප්තිය එකිනෙකට වෙනස් වේ.[14] කොතරම් දුරට අපෙක්ෂිත ව්යාප්තිය සහ සැබෑ ව්යාප්තිය ගැලපෙනවා දැයි සෙවීමෙන් පරිඝනකයකට වූවද මෙය සිදුකර හැක.උදාහරණයක් ලෙස 'කයි වර්ග ව්යාප්තියක්' මේ සඳහා යොදාගත හැක.[15] ස්වභාවික භාෂාවේ හුදු පෙළේ විය හැකි සෑම අවස්ථාවකටම වාගේ ඇත්තේ පිළිගත හැකි එක විකේතන ක්රමයයි. නමුත් අතිශයින් කුඩා හුදු පෙළ සඳහා ක්රම බොහෝ ගණනක් ඇත. උදාහරණයක් වශයෙන් MPQY කේතාංක පෙළ "aden" හෝ "know"(සාමාන්ය අක්ෂර පෙළ ඉංග්රීසි ලෙස උපකල්පනය කිරීමෙන් ) ලෙසටද "ALIIP" "dolls" හෝ "wheel" ලෙසටද "AFCCP" "jolly" හෝ "cheer" ලෙසටද පැහැදිලිව තේරුම්ගත හැකිවේ. විවිධ කේතාංක හෝ විකේතන ක්රම භාවිතායෙන් අමතර ආරක්ෂාවක් සැලසිය නොහැකි වේ. එයට හේතුවනම් ප්රතිස්ථාපනය A අගයකින් ඉන්පසුව B අගයකින් ලැබෙන පිළිතුර A + B ප්රතිස්ථාපනයට සමාන වීමය. කේතාංකය විවිධ අගයන් මගින් ලබාගත් විට එම අගයන් සමූහව කණ්ඩායම් සාදයි.[16] සටහන[සංස්කරණය] - ↑ Luciano, Dennis; Gordon Prichett (January 1987). "Cryptology: From Caesar Ciphers to Public-Key Cryptosystems". The College Mathematics Journal 18 (1): 2–17. doi:10.2307/2686311. - ↑ Wobst, Reinhard (2001). Cryptology Unlocked. Wiley. pp. 19. ISBN 978-0-470-06064-3. - ↑ Pieprzyk, Josef; Thomas Hardjono, Jennifer Seberry (2003). Fundamentals of Computer Security. Springer. pp. 6. ISBN 3-540-43101-2. - ↑ Kahn, David (1967). The Codebreakers. pp. 775–6. ISBN 978-0-684-83130-5). - ↑ Kahn, David (1967). The Codebreakers. pp. 631–2. ISBN 978-0-684-83130-5). - ↑ Wobst, Reinhard (2001). Cryptology Unlocked. Wiley. pp. 20. ISBN 978-0-470-06064-3. - ↑ Kahn, David (1967). The Codebreakers. ISBN 978-0-684-83130-5). - ↑ Leyden, John (2006-04-19). "Mafia boss undone by clumsy crypto". The Register. http://www.theregister.co.uk/2006/04/19/mafia_don_clueless_crypto/. Retrieved 2008-06-13. - ↑ "BA jihadist relied on Jesus-era encryption". The Register. 2011-03-22. http://www.theregister.co.uk/2011/03/22/ba_jihadist_trial_sentencing/. Retrieved 2011-04-01. - ↑ Beutelspacher, Albrecht (1994). Cryptology. Mathematical Association of America. pp. 9–11. ISBN 0-88385-504-6. - ↑ Beutelspacher, Albrecht (1994). Cryptology. Mathematical Association of America. pp. 8–9. ISBN 0-88385-504-6. - ↑ Leighton, Albert C. (April 1969). "Secret Communication among the Greeks and Romans". Technology and Culture 10 (2): 139–154. doi:10.2307/3101474. - ↑ Sinkov, Abraham; Paul L. Irwin (1966). Elementary Cryptanalysis: A Mathematical Approach. Mathematical Association of America. pp. 13–15. ISBN 0-88385-622-0. - ↑ Singh, Simon (2000). The Code Book. Anchor. pp. 72–77. ISBN 0-385-49532-3. - ↑ Savarese, Chris; Brian Hart (2002-07-15). "The Caesar Cipher". සම්ප්රවේශය 2008-07-16. - ↑ Wobst, Reinhard (2001). Cryptology Unlocked. Wiley. pp. 31. ISBN 978-0-470-06064-3. ග්රන්ථ නාමාවලිය[සංස්කරණය] - David Kahn, The Codebreakers — The Story of Secret Writing, 1967. ISBN 0-684-83130-9. - F.L. Bauer, Decrypted Secrets, 2nd edition, 2000, Springer. ISBN 3-540-66871-3. - Chris Savarese and Brian Hart, The Caesar Cipher, 1999 බාහිර සම්බන්ධක[සංස්කරණය] - සැකිල්ල:MathWorld - The Caesar Shift discussed on The Beginner's Guide to Cryptography - A simple approach to crack a Caesar cipher
hplt_2
දෙමුහුම් වාහන "දෙමුහුම් වාහන" යනු වාහනයේ බල සැපයුම සදහා බල මූලශ්ර දෙකක් හෝ ඊට වැඩි ගනනක් යොදා ගන්නා වාහනයි[1] . මේ යෙදුම බොහෝ අවස්ථාවන්හිදී යොදා ගන්නේ "දෙමුහුම් විද්යුත් වාහන(hybrid electric vehicles ,HEV), හෙවත් අභයන්තර දහන එන්ජිමක් සහ එකක් හෝ ඊට වැඩි විදුලි මෝටර ගනනක් ධාවනය සදහා යොදා ගන්නා වහන වෙනුවෙනි. බලසැපයුම[සංස්කරණය] දෙමුහුම් වාහන සදහා සමාන්යෙන් භවිතා වන බල සැපයුම් වන්නේ - වාහනය තුල /පිටත සවිකර ඇති නැවත ආරොපණය කල හැකි බල සැපයුම( බැටරිය) - සම්පීඩිත වායු - ගල් අගුරු හො දර ( හො අනෙත් ඝන ගිනිගන්නා දේවල්) - විද්යුත්ය - චුමභක ක්ෂේත්ර - සම්පීඩිත හෝ ද්රවීය ස්වාභවික වායු - මිනිස් බලය: උදා. පැඩල් කිරීම හෝ හබල් ගෑම - හයිඩ්රජන් - ද්රවීය නයිට්රජන් - පෙට්රල් හෝ ඩීසල් - සූර්ය ශක්තිය - සුලං බලය - අභයන්තර දහන එන්ජිමෙන් හානිවන තාපය වාහන වර්ග[සංස්කරණය] රෝද දෙකේ සහ බයිසිකල් වගේ වාහන වර්ග[සංස්කරණය] මෝපෙඩ්ස්, මෝටරයක් සවිකරනලද බයිසිකල්, විද්යුත් බයිසිකල් සරල දෙමුහුම් වාහන ඝනයේ ලා සැලකිය හැක, එ මන්ද යත්, ඒවා බල සැපයුම ලෙස අභයන්තර දහන එන්ජිමක්, විදුලි මෝටරයක් සමග පදවන්නාගේ බහු බලය යොදා ගන්නා නිසාවෙනි. බර වාහන[සංස්කරණය] ඩීසල්-විද්යුත් හෝ ට්රබෝ-විද්යුත් පද්ධති භාවිතයට ගන්නා දෙමුහුම් බල පද්ධති දුම් රියයන්,බස්,භාණ්ඩ ප්රවාහන රථ, ද්රවසම්පීඩිත ජංගම රථ, සහ නැව් වැනි විශාල වාහන බලගැන්වීමට යොදා ගනී. මූලාශ්ර[සංස්කරණය] - ↑ "දෙමුහුම් වාහන යනු කුමක්ද?". සම්ප්රවේශය 21 මාර්තු 2011.
hplt_2
Sunday, January 22, 2012 මුණු පොතේ අවදානම වත්මන් ලෝකයේ අති බහුතරයක් දෙනාට ඒ කුමක්දැයි විස්තර කිරීමටත් අවශ්ය නොවේ. කාලයෙන් කාලයට ලෝකය පුරා විවිධ උන්මාදයන් පැතිර යයි. වර්තමාන ලෝකයේද ඉතා වේගයෙන් එක්තරා උන්මාදයක් ව්යාප්තවෙමින් පවතින බවට සමාජ විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබේ. එය වෙන කිසිවක් නොව “Face Book වබේ අඩවියට පිවිසීමේ උන්දමාදයයි” මේ තත්ත්වයට (fad) ලෙස සමාජ විශ්ලේෂකයින් විසින් නමක්ද ලබාදී තිබේ. මෙය සිංහලට හරවා ගතහොත් “Face Book වෙත ඇබ්බැහිවීමේ ආබාධය” ලෙස කිව හැක. මෙය මානසික රෝගයක් යැයි තවමත් නිසැකව තීරණය කර නැතත්, පොදුවේ මෙම තත්ත්වය “උන්මාදයක්” නැතිනම් “ඇබ්බැහියක්” ලෙස පිළිගනු ලැබේ. සමාජ ජාල වබේ අඩවියක් වන “Face Book” යකෙක් හෝ රකුසෙක් හෝ නොවේ. එනමුත්, “වැඩි සෙනේ දබරයටයි” කියන්නාක් මෙන්, අනවශ්ය ආකාරයට නිරතුරුවම Face Book වෙත යොමුවීම, ඔබේ ජීවිතය පසුගාමී කරලීමටත්, ජීවිතයේ නොයෙක් ආකාරයේ ගැටුම් ඇතිකරලීමටත් හේතුවනු ඇත. ඇමරිකානු මනෝ වෛද්ය විශ්ලේෂකයින් පවසන්නේ නිරතුරුවම Face Book සමග බැඳී සිටීම, එක්තරා ආකාරයකින් “සයිබර් මත්ද්රව්යක්” ලබා ගැනීමට සමාන බවයි. ඇබ්බැහියක් ඇතිවීමට ගතවන්නේ සුළු කාල සීමාවකි. ඇතැම් පුද්ගලයින් උදෑසන අවදි වූ සැනින් තම Face Book ගිණුම පරීක්ෂාකර එය යාවත්කාලීන කරති. ඉන්පසු දිනකට 5-6 වතාවක්වත් නැවත නැවතත් තම ගිණුම පරීක්ෂා කරති. දිනකට පැය 4-5 අතර කාලයක් Face Book වෙනුවෙන් “මරාදමති” මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීම යනු අනිවාර්යයෙන්ම “Facebook Addication Disorder” තත්ත්වයයි. එනම් “Face Book උන්මාදය” යි. “ෆේස්බුක් උන්මාදය” හඳුනාගැනීමට මනෝවෛද්ය චිකිත්සකයින්ම අවශ්ය නොවේ. ඔබ මතෛක් “Face Book උන්මාදය” හෙවත් “Facebook Addication Disorder” පිළිබඳව දැනසිටියේ නැත. නමුත් දැන් ඔබ දනී. පහත සරල කරුණු කාරණා හොඳින් විමසා බැලීමෙන් ඔබත් අවදානම් තත්ත්වයේ පසුවන්නෙක් දැයි පහසුවෙන් වටහාගත හැකිවනු ඇත. • ඔබේ එදිනෙදා වැඩකටයුතු, අධ්යාපනයට වෙන්ව ඇති කාලය, සමාජ ස්වේච්ඡා කටයුතු, ඔබේ විනෝදාංශය, ඔබේ ප්රියතම ටෙලි නාට්යය ආදිය අමතක කරදමා, Face Book වබේ අඩවිය පරීක්ෂා කිරීමටත්, ඔබේ සහ ඔබේ පවුලේ ඡායාරූප එහි පළ කිරීමටත් (අප්ලෝඩ් කිරීමට) පෙළඹී සිටිනවාද ? • ඔබේ ජංගම දුරකථනය හරහා දිනකට කිහිපවරක් Face Book වෙත පිවිසෙනවාද? එසේ නැතිනම් ඔබේ සහ ඔබේ ෆේස්බුක් මිතුරන්ගේ ගිණුම් පිළිබඳව නිරතුරුවම තොරතුරු දැනගැනීමේ “දොළදුකක්” ඔබට තිබෙනවාද? • ඔබේ සහකරුගෙ, සහකාරියගේ හෝ ඔබේ දෙමාපියන්ගේ, පක්ෂ විපක්ෂ කරුණු දැක්වීම්, තර්ක විතර්ක හා එකඟ නොවීම් මධ්යයේත් ඔබ වෙනදා මෙන්ම Face Book පරිහරණය කරනවාද.? • කිසිම ආකාරයකින් දන්නේ, හඳුනන්නේ නැති පුද්ගලයන් පවා ඔබේ මිතුරු මිතුරියන් ලෙස ඇතුළුකර ගනිමින් ඔබගේ Face Book ගිණුම විශාල කරගනීමේ “පිස්සුවකින්” පෙළෙනවාද? ප්රවේසම්වන්න, මෙය “fad” තත්ත්වයේ ප්රධානතම ලක්ෂණයක් ලෙස සැලකෙයි. • Face Book තුළින් යම් පුද්ගලයෙකු සොයාගත නොහැකිවූ විට ඔබ ඒ පිළිබඳව ඉච්ඡාභංගත්වට පත්වෙනවාද..? අවම වශයෙන් දිනකට තුන්වතාවක්වත්, Face Book ගිණුම පරීක්ෂා කරනවාද? දිනයේ පළමු කාර්යය වශයෙන් Face Book පිරික්සීමත්, ඔබේ විවේක කාලයෙන් වැඩි ප්රමාණයක් Face Book වෙත වැයකිරීමත් ඔබේ පුරුද්දක් ද? • ඔබේ සහ ඔබේ පවුලේ ඕනෑම ඡායාරූපයක් Face Book වෙත ඇතුළු කිරීමට ඔබ පෙළඹෙනවාද..? ඉහත කරුණුවලින් පහකට හෝ ඊට වැඩි ප්රමාණයකට ඔබේ පිළිතුර “ඔව්” යන්න නම් වහාම Face Book වෙතින් ඉවත්වන්න. එය ඔබේ ජීවිතයට පමණක් නොව ඔබ වටා සිටින අන්යයන්ගේ ජීවිතවලටද වඩා හොඳ වතාවරණයක් ලබාදෙනු ඇත. අනෙක් අතට “Face Book උන්මාදය” තීරණය වන්නේ ඔබ Face Book තුළ රැඳී සිටින කාලය මතම නොවේ. එදිනෙදා ජීවිතයේ ඔබගේ රාජකාරි, යුතුකම් , වගකීම් පැහැරහරිමින් Face Book තුළ කාලය ගත කරයිද යන්න මතයි. නමුත් යමෙකු Face Bookඋන්මාදයට යොමුකරවන ප්රධාන සාධකය ඔහු Face Book තුළ ගතකරන කාලය බව අමතක නොකළ යුතුය. පාසල්වියේ සොඳුරු මතක අවදි-කරගැනීමටත්, රට රටවල යහළුවන් හඳුනා ගැනීමටත්, දුරස්වෙමින් පවතින හිතවත්කම් අලුත් කරගැනීමටත් වර්තමාන සයිබර් අවකාශයේ ඇති හොඳම සේවාවක් ලෙස “Face Book” හැඳින්විය හැක “ඕනෑම දෙයක් ඕනෑවට වඩා එපා” යැයි කටවහරේ කියන්නාක් මෙන්ම, Face Book වුවද භාවිතා කළ යුත්තේ සීමාවක් තබා ගනිමිනි. එවිට ගැටලුවක් ඇත්තේ නැත. මේ වදන්පෙළ තිබුණේද Face Book තුළමය. ඒ තුළ සිතන්නට යමක් තිබේ. “මිනිසා Face Book අප්ලෝඩ් කරයි; Face Book මිනිසා ඩවුන්ලෝඩ් කරයි” 2012 ජනවාරි 21 වෙනි සෙනසුරාදා ලක්බිම පුවත්පතේ පල වූ ලිපියක් ඇසුරිනි කජුවත්ත එක්සත් Cricket සමාජය තුලින් උපුටාගන්න ලදී Subscribe to: Post Comments (Atom)
hplt_2
ඉංග්රීසි භාෂාව ඉංග්රීසි භාෂාව යනු එංගලන්තයත් ගිණිකොනදිග ස්කොට්ලන්තයත් මුල්කොට ගෙන, අන්ග්ලෝ-සැක්සන් යුගයේ ගොඩනැගුණු භාෂාවකි. 18 වන සියවස තුළ එක්සත් රාජධානිය අත් කරගත් ආර්ථිකමය, විද්යාත්මක, දේශපාලනික, සංස්කෘතිකමය හා යුධමය දියුණුව හේතු කොට ගෙනත්, 20 වන සියවස තුළ ඇමෙරිකා එක්සත් ජනපදය අත් කරගත් එවැනිම ආකාරයේ දියුණුව හේතු කොටගෙනත් එය නූතනයේ ජාත්යන්තර බසක් බවට පත් වී තිබේ. එමෙන්ම, ලෝක ව්යාපාරික කටයුතු, විද්යාත්මක කටයුතු ආදියේදී ප්රධාන භාෂාව වශයෙන් ගැනෙනුයේ ඉංග්රීසි භාෂාවයි. යුරෝපා සංගමය තුළ දෙවන බසක් ලෙසත්, සම්මත භාෂාවක් ලෙසත් භාවිත වන එය පොදුරාජ්ය මණ්ඩලීය රටවලත්, ලොව පුරා සංවිධාන බොහොමයකත් නිළ භාෂාව ලෙස භාවිතයට ගැනේ. පටුන ඉතිහාසය[සංස්කරණය] ඉංග්රීසි භාෂාවේ විකාශනය ආරම්භ වී ඇත්තේ විවිධ ආකාර වූ ප්රාදේශීය වහර කීපයකිනි. නූතනයේදී 'පැරණි ඉංග්රීසි බස' (Old English) ලෙස හැඳින්වෙන මෙය, ක්රි.ව. 5 වන සියවසේ දී මහා බ්රිතාන්ය දූපත් වල නැගෙනහිර වෙරළ තීරයේ වාසය කළ අන්ග්ලෝ-සැක්සන්වරුන්ගේ බස විය. පසුකාලීනව සිදු වූ වයිකිංවරුන්ගේ ආක්රමණ හේතුවෙන් ඉංග්රීසි බස තුළ නෝර්වීජියානු භාෂා ලක්ෂණද දක්නට ලැබේ. 1066 දී ප්රංශයේ නෝමැන්ඩි ප්රදේශයෙන් එංගලන්තයට එල්ල වූ නෝමන් ආක්රමණයෙන් පසුව පැරණි ඉංග්රීසි බස, නෝමන්-ප්රංශ වචන සහ අක්ෂර රීති විශාල වශයෙන් උකහා ගනිමින්, 'මධ්යතන ඉංග්රීසි බස' (Middle English) නමින් හැඳින්වෙන තත්වයට විකාශනය විය. ඉංග්රීසි භාෂාව හැඳින්වෙන 'English' වචනය බිඳී විත් ඇත්තේ 12 වැනි සියවසේදී ඇංගල්වරුන් (the Angles) භාවිතා කළ පැරණි ඉංග්රීසියේ 'englisc' යන්නෙනි. 'නූතන ඉංග්රීසි බස' (Modern English) මතු වූයේ 15 වැනි සියවසේ එංගලන්තයේ ඇති වූ 'the Great Vowel Shift' (මහා ස්වර විපර්යාසය) ලෙස නම් කෙරෙන විශාල උච්චාරණ වෙනස්කම් සමගය. ඉංග්රීසි බස අදටත් විවිධ විදේශ භාෂාවලින් වචන උපුටා ගන්නා අතර නව වචනද එයට එකතු වෙමින් පවතී. ඉංග්රීසියේ වචන ගණනාවක් - විශේෂයෙන් පාරිභාෂික වදන් - ලතින් හා ග්රීක මූලයන් පදනම් කරගෙන නිර්මාණය වී ඇත්තේය. ඇතැම් අය ලොව ප්රථම ජාත්යන්තර සම්බන්ධීකරණ භාෂාව ලෙස හඳුන්වන නූතන ඉංග්රීසිය, අදහස් හුවමාරුව, විද්යාව, ව්යාපාර, ගුවන් ගමන්, විනෝදාස්වාදය, ජනමාධ්ය හා රාජ්ය තාන්ත්රික කටයුතු යන සියළු අංශවල ප්රධාන මෙන්ම ඇතැම් විට අත්යවශ්ය ජාත්යන්තර බස වේ. බ්රිතාන්ය අධිරාජ්යයේ වර්ධනයත් සමග එහි බ්රිතාන්ය දූපත්වලින් ඔබ්බට ව්යාප්ත වීම ඇරඹි අතර, 19 වැනි සියවසේ අවසාන කාලය වන විට එය සැබෑ වශයෙන්ම ලොව පුරා පැතිරී තිබිණි. බ්රිතාන්යය විසින් උතුරු ඇමරිකාව අත්පත් කර ගැනීමෙන් අනතුරුව එය ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ප්රධාන භාෂාව බවට පත් විය. ඇමරිකා එක්සත් ජනපදයේ තව දුරටත් වර්ධනය වෙමින් පවතින ආර්ථික හා සංස්කෘතික බලපෑම සහ දෙවන ලෝක සංග්රාමයෙන් පසු එය ලොව සුපිරි බලවතෙක් (global superpower) බවට පත් වීම ඉංග්රීසි බසේ ලොව පුරා ව්යාප්තිය වඩාත් වේගවත් කිරීමට මහත් සේ ඉවහල් වී ඇත. ප්රමාණවත් ඉංග්රීසි දැනුමක් තිබීම වෛද්ය විද්යාව, පරිගණක තාක්ෂණය වැනි අංශ හා වෘත්තීන් ගණනාවක අත්යවශ්ය සාධකයක් බවට පත් වී ඇති අතර එහි ප්රතිඵලයක් ලෙස බිලියනයකට අධික පිරිසක් මූලික මට්ටමෙන් හෝ ඉංග්රීසි කතා කිරීමේ හැකියාව ලබා ඇත. එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිළ භාෂා හයෙන්ද එකක් වේ. ඇතැම් භාෂා විශාරදයන් පවසන පරිදි - අනෙක් ලෝක භාෂා සම්බන්ධයෙන් මෙන්ම - ඉංග්රීසියේ අති විශාල වර්ධනයේ එක් ප්රතිඵලයක් වී ඇත්තේ ලොව බොහෝ ප්රදේශවල, විශේෂයෙන් ඕස්ට්රේලියා-ආසියා කලාපයේ හා උතුරු ඇමරිකාවේ, දේශීය භාෂා විවිධත්වය අඩු වීමය. එහි ප්රබල බලපෑම ඇතැම් භාෂා හෝ ඒවාගේ යම් අංග ක්රමයෙන් භාවිතයෙන් ඉවත් වීමටද තව දුරටත් ඉවහල් වෙමින් පවතී. එසේම, භාෂා විපර්යාසයන්හි සංකීර්ණ හා වෙනස්වනසුළු රටා හඳුනන ඉතිහාසමය භාෂා විශාරදයන්ගේ (historical linguists) අවබෝධය වී ඇත්තේ, ඉංග්රීසිය භාවිතා කරන ප්රජාවන්ගේ විශාලත්වය සහ පැතිරීම මෙන්ම නොයෙකුත් උප භාෂාවලින් සමන්විත ඉංග්රීසියේ ස්වභාවයෙන්ම ඇති අභ්යන්තර විවිධත්වය නිසා ඒ තුළින් කාලයත් සමග එකිනෙකට වෙනස් වූ භාෂා සමූහයක් පැන නැගීමටද ඉඩ ඇති බවය. ජාත්යන්තර ඉංග්රීසි භාවිතය තුළ ඇති විවිධත්වය[සංස්කරණය] ශ්රී ලංකාව 1815 දී සම්පූර්ණයෙන්ම බ්රිතාන්ය ආධිපත්යයට යටත් වීමෙන් පසුව ඉංග්රීසි ලංකාවේ පරිපාලන භාෂාව බවට පත් විය. එතැන් පටන් 1948 වන තුරුම ලංකාව ඔවුන්ගේ පාලනයට සෘජුවම ලක් වී සිටි නිසා ඒ වන විට මෙරටට ඔවුන්ගේ බසේ ආභාෂයත් සෑහෙන දුරට ලැබී තිබිණි. ඒ අවධියේ ජාත්යන්තර තලයේ ඉංග්රීසි භාෂාවේ ප්රමිතිය හැටියට සැලකුණේද බ්රිතාන්ය ඉංග්රීසි භාවිතයයි (British English usage). ඊට හේතුව වුණේ බ්රිතාන්ය අධිරාජ්යය ලොව පුරා පැතිරුණ යටත් විජිත ඇතිව ඉතා බලවත් තත්වයක පැවතීමයි. කොතරම් ව්යාප්ත වී තිබුණාද කියතොත් එය 'හිරු නොබසින අධිරාජ්යය (the Empire on which the sun never sets)' ලෙසද හැඳින්විණි. (එනම් ඕනෑම වෙලාවක එයට අයත් වූ කිසියම් කොටසකට හිරු පායා තිබිණි.) නමුත් 1939-1945 දී පැවති දෙවන ලෝක සංග්රාමයේදී (Second World War, World War II) බ්රිතාන්යයට විශාල පාඩු විඳීමට සිදු විය. එමෙන්ම ඒ වන විට බොහෝ යටත් විජිතවල නිදහස ලැබීමේ ව්යාපාර දියත් වී තිබූ නිසා, ලෝක යුද්ධයේදී එම රටවලින් උදව් ලබා සිටි බ්රිතාන්යයට ක්රම ක්රමයෙන් ඒවාට නිදහස ලබා දීමට සිදු වූවේය. ඔවුන්ගේ අධිරාජ්යයේ බලය මෙසේ පිරිහී ගියේය. මේ කාලය වන විට ඇමරිකා එක්සත් ජනපදය (United States of America, U.S.A.) ආර්ථික වශයෙන් බල සම්පන්න රාජ්යයක් බවට පත් වී සිටියේය. බ්රිතාන්යය මෙන්ම යුරෝපයේ (Europe) අනෙකුත් රටවල්ද යුද්ධයෙන් විනාශයට පත් වී තිබීම ඇමරිකාවේ කැපී පෙනීමට තවත් හේතු විය. ඇමරිකාවත් බ්රිතාන්යට යටත්ව තිබී කලින්ම නිදහස ලබා තිබූ ජනපදවල එකතුවක් වූ නිසා එහි රාජ්ය භාෂාව වී තිබුණේද ඉංග්රීසියය. නමුත් ඔවුන් ඉංග්රීසි භාෂාව භාවිතා කළේ බ්රිතාන්ය සම්මතයට අනුවම නොවේ. ඇමරිකාවේ නැගීමත් සමග ඔවුන්ගේ භාෂා ව්යවහාරයත් (American usage) ලොව තුළ පුමිතියක් ලෙස පිළිගැනීමට ලක් විණි. ඉංග්රීසි භාෂාව ඉගෙන ගන්නා සමහර රටවල බ්රීතාන්ය සම්ප්රදායද, එනෙක් රටවල ඇමරිකානු සම්ප්රදායද අනුගමනය කෙරෙන්නට ගැනිනි. ශ්රී ලංකාවේ නම් අදටත් යොදා ගැනෙන්නේ මූලික වශයෙන් බ්රිතාන්ය ඉංග්රීසියය. නමුත් ආර්ථික බලයත් සමග ඇමරිකාව විවිධ මාධ්ය ඔස්සේ අද ලෝකයේ ලබා තිබෙන සංස්කෘතික ආධිපත්යය (cultural dominance) නිසා ඔවුන්ගේ ව්යවහාරය ශ්රී ලංකාවටද දැන් - අඩු තරමින් විදේශීය මාධ්ය ඔසසේ - වැඩි වැඩියෙන් අත් දකින්නට ලැබේ. මේ සම්ප්රදායයන් දෙක අතර ඇති වෙනස්කම් විවිධාකාරය. [පහත දැක්වෙන උදාහරණ කිහිපයේ මුලින් බ්රිතාන්ය සම්ප්රදායත් (British form), - ලකුණට පසුව ඇමරිකානු සම්ප්රදායත් (American form) දක්වා ඇත.] වචන (vocabulary)[සංස්කරණය] - lift– elevator විදුලි සෝපානය - note / banknote – bill මුදල් නෝට්ටුව - bonnet – hood (of a car) බොනට් එක (මෝටර් රථයක) - boot – trunk (of a car) ඩිකිය (මෝටර් රථයක) - windscreen – windshield වාහනයක ඉස්සරහ වීදුරුව - lorry – truck ලොරිය - car park – parking lot රථ ගාල - roundabout - traffic circle / rotary මාර්ග වටරවුම - merry-go-round / roundabout – carousel මෙරි ගෝ රවුම - roundabout - merry-go-round බඹර ඔන්චිල්ලාව (ළමා උයන්වල ළමයි නැගී කැරකෙන රෝදය) - Ferris wheel – big wheel කතුරු ඔන්චිල්ලාව - railway – railroad රේල් පාර - railway carriage / coach – railcar / car දුම්රිය මැදිරිය - postman – mailman / postman ලියුම් බෙදන්නා - flat - apartment මහල් නිවාසය - ground floor – ground floor / first floor (ගොඩනැගිල්ලක) බිම් මහල - first floor – second floor පළමු මහල (බිම් මහලට ඉහළ මහල) - aluminium - aluminum ඇලුමිනියම් - aeroplane - airplane ගුවන් යානය - petrol - gasoline/gas පෙට්රල් - pavement - sidewalk පදික වේදිකාව (ඇමරිකානුවන් pavement කියන්නේ පාරේ වාහන යන කොටසටයි) ව්යවහාරය (usage)[සංස්කරණය] - I have just read that article – I just read that article මම මේ දැන් ඒ ලිපිය කියෙව්වා - He is in hospital – He is in the hospital එයා (අසනීප වෙලා) ඉස්පිරිතාලෙ. - They like their studies at university - They like their studies at the university ඒ අය විශ්ව විද්යාලෙ තමන්ගෙ ඉගනීම් කටයුතුවලට කැමතියි. - She wants to stay at home – She wants to stay home එයාට ගෙදර නවතින්න ඕනැ. - Come and take a look – Come take a look ඇවිත් බලන්න - Go and take a bath - Go take a bath ගිහින් නාගන්න - He suggested that we should postpone the project – He suggested that we postpone the project ව්යාපෘතිය කල් දාන්න එයා යෝජනා කළා. - They agreed a price / They agreed on a price – They agreed on a price ඔවුන් මිලකට එකඟ උනා. - The workers protested against the decision - The workers protested the decision සේවකයන් තීරණයට විරෝධය ප්රකාශ කළා. - We wrote her a letter / We wrote to her - We wrote her a letter / We wrote her අපි එයාට ලියුමක් ලිව්වා. උච්චාරණය (pronunciation)[සංස්කරණය] - fast /fɑːst/ - /fæst/ , dance / dɑːns/ - / dæns/ , class /klɑːs/ - /klæs/... වේගවත්/ව, නටනවා, පංතිය ... - card /kɑːd/ - /kɑrd/ , part /pɑːt/ - /pɑrt/ , farm /fɑːm/ - /fɑrm/… කාඩ් පත, කොටස, ගොවිපොළ… - fort /ˈfɔːt/- /fɔrt/ , form /fɔːm/ - /fɔrm/ , cord /kɔːd/ - /kɔrd/… බල කොටුව, පෝර්මය/ස්වරූපය, රැහැන... - schedule /ˈʃɛdjuːl/ - /ˈskɛdʒʊəl/ කාර්ය සටහන/වැඩ පිළිවෙල - leisure /ˈlɛʒə/ - /ˈliːʒər/ විවේකය - secretary /ˈsɛkrətrɪ/ - /ˈsɛkrɪˌtɛri/ ලේකම් - primary /ˈpraɪmərɪ/ - /ˈpraɪmɛri/ මූලික, ප්රධාන - preparatory /prɪˈpærətərɪ -trɪ/ - /prɪˈpærəˌtɔri, -ˌtoʊri, ˈprɛpərə-/ සූදානමක් වශයෙන් කෙරෙන - laboratory /ləˈbɒrətəri, -ətri/ - /ˈlæbrəˌtɔri, -ˌtoʊri/ පරීක්ෂණාගාරය - glacier / ˈglæsɪə/ - /ˈgleɪʃər/ ග්ලැසියරය (චලනය වන අයිස් කන්ද) අක්ෂර වින්යාසය (spelling)[සංස්කරණය] - colour, harbour, neighbour… – color, harbor, neighbor… පැහැය, වරාය, අසල් වැසියා - centre, litre, goitre… - center, liter, goiter කේන්ද්රය/මධ්යස්ථානය, ලීටරය, බෙල්ලේ වායු ගෙඩිය - travelling, travelled, traveller – traveling, traveled, traveler සංචාරය කිරීම, සංචාරය කළා, සංචාරය කරන්නා [quarrel(රන්ඩු කරනවා), model(නිරූපනය කරනවා), signal(සංඥා කරනවා) ආදියත් මෙසේයි] - fulfil, distil, enrol... – fulfill, distill, enroll... ඉටු කරනවා / සඵල කර ගන්නවා (කැමැත්තක්, බලාපොරොත්තුවක්), ආසවනය කරනවා (උදා: අරක්කු පෙරනවා), බැඳෙනවා (පාඨමාලාවකට) - licence, defence, offence... – license, defense, offense... බල පත්රය, ආරක්ෂාව, වරද - practise – practice පුහුණු වෙනවා (ක්රියා පදය) - organize/organise, realize/realise, legalize/legalise… - organize, realize,legalize... සංවිධානය කරනවා, අවබෝධ කර ගන්නවා / සැබෑ කර ගන්නවා, නීත්යානුකූල කරනවා... - analyse, paralyse, catalyse... – analyze, paralyze, catalyze... විශ්ලේෂණය කරනවා, අඩපණ කරනවා (අංශභාග රෝගය වැනි), (රසායනික ප්රතික්රියාවක්) ඉක්මන් කරනවා - instalment, skilful, wilful... - installment, skillful, willful... ගෙවීම් වාරිකය, නිපුණ, වරදක් බව දැනත් කරන - storey – story ගොඩනැගිල්ලක මහල - jewellery - jewelry ආභරණ තවත් මෙවැනි වෙනස්කම් ගණනාවක් තිබේ. BBC News වැනි වෙබ් අඩවියකට ගිය විට බ්රිතාන්ය සම්ප්රදාය හමු වේ. නමුත් වෙබ් අඩවි විශාල සංඛ්යාවක් ඇමරිකානු ඒවා වන නිසා අන්තර්ජාලයේ බහුලව දක්නට ලැබෙන්නේ එම සම්ප්රදායය. අනෙකුත් මාධ්යවලත් බොහෝ විට එසේය. කෙසේ වෙතත් ශ්රී ලාංකික මාධ්යවල නම් තවමත් වැඩි වශයෙන් ඇත්තේ බ්රිතාන්ය ඉංග්රීසියේ ආභාෂයය. ව්යාකරණ ශාස්ත්රය (Grammar)[සංස්කරණය] Parts of Speech All words are divided in to eight classes called, Parts of Speech. 1. Noun : a word used as the name of a person , animal, Place or a thing. Proper Nouns : Saman / Kelaniya Common Nouns : Sea/ Bird / Dog Collective Noun : Team/ Family / Nation Abstract Noun : Quality (honesty/strength), Action(movement/judgment),State(youth/death/sickness) Countable Noun: Names of objects/ppl we can count (pen/mango/house) Uncountable Nouns : Water/Milk/Oil – they do not have a plural form Formation of Plural a) Adding “s” to the singular girl girls dog dogs house houses train trains b) Adding “es” to the singular (for nouns ending in ss, sh, ch, or x) Kiss kisses brush brushes watch watches tax taxes c) Most nouns ending in -o also make plural by adding “es” Hero heroes tomato tomatoes volcano volcanoes mango mangoes d) Some nouns ending in –o will make plural by ending “s” to end Dynamo dynamos ratio ratios piano pianos photo photos e) Nouns ending in – y preceded by a consonant form their plural by changing –y to – i and adding –es baby - babies, country-countries, city-cities f) Nouns ending in –y preceded by a vowel form their plural by adding –s Monkey-monkeys, boy-boys, toy-toys g) Only few ending in –f or –fe form their plural by changing –f or –fe to –v and adding –es Wife-wives, knife-knives, thief-thieves, h) Some changing the inside vowel Man-men, mouse-mice, foot-feet 2. Adjective : a word used with a noun to add something to its meaning (Adjective=Added to) a) Quality : He has a large house. The foolish man spent his savings on liquor. b) Quantity: He has much experience , Is there any water in the tank? c) Number: I have ten pens, You have made several mistakes d) Demonstrative: That table is very small, Those mangoes are ripe. e) Interrogative: Whose books are these? , which shirt is better? f) Comparison : large, larger, the largest Articles: A, an and the are called articles 3. Pronouns : a word used instead of a noun (I , we you, they, he , she , it) Indefinite Pronouns: One, None, all, Many, some, somebody had stolen my pen. Distributive Pronouns: Each, Either, Neither, Each of the students gets prizes. Relative Pronouns: Who, whose, whom, which, that , the teacher has punished Kamal who came late. 4. Verbs : A Verb is a thing that tells something about a person or thing, it may tell us • What a person or thing does • What is done to a person or thing • What a person or thing is a) The Simple Present Tense He goes to temple every Poya day / the earth moves round the earth/ The Berlin Trade Fair opens today. He drinks a cup of tea every morning/ The President goes to USA next week. b) The Present Continuous Tense I am doing my homework, My brother is reading for his Master Degree, I am sitting for the examination next week c) The Present Perfect Tense (To describe completed activities in the immediate past) I have done my home work, He has eaten the cake, The teacher has left the office. d) The Present Perfect Continuous Tense (Action begun in the past and still continuing) My friends have been playing cricket since 8 o’ clock. Samantha has been sleeping for six hours e) The Simple Past Tense (To describe an action completed in the past) Aloka left the school last year, I met your brother last Friday f) The Past Continuous Tense ( Noun + V(ing)… ) –action going on at some time past The light went out when I was watching TV show, when I saw him, he was playing cricket g) The Past Perfect Tense – action completed before a certain moment or action in the past When I go to the station, the train to Badulla had left, I had finished my homework before father comes home h) The Past Perfect Continuous Tense: Action that begun before a certain point in the past and continued up to that time. Ramani had been saving money for her dowry before she married last year. i) Simple Future Tense I shall go to Galle tomorrow/ He will sit for GCE AL next year j) The Future Continuous Tense : an action as going on at some time in the future I shall be listening to news at 8 o’ clock. k) The Future Perfect Tense: to show the completion of an action by a certain future time I shall have finished my home work by 5 o’clock today. l) The future perfect continuous tense : action as being in progress over a period of time that will end in the future By next year, I shall have been working in this office for twenty years When Kamal passes A/L this year, he will have been studying at KMV for nine years. Active Voice and Passive Voice Active Voice : The cat killed the rat Passive Voice: The rat was killed by the cat The Child eats an apple every day An apple is eaten by the child every day Ranjith will answer the question The question will be answered by Ranjith The tree was cut down yesterday
hplt_2
මන්තර පටුන මන්ත්රවල ඉතිහාසය[සංස්කරණය] මන්ත්ර පළමුවෙන්ම සටහන් කර ඇත්තේ වේද නමින් හඳුන්වන හින්දු ග්රන්ථ වලය. සෑම හින්දු ධර්ම ග්රන්ථයකම පාහේ මහත් වෙහෙස දරා පේළි 2 ක් සහිතව ලියන ලද ශ්ලෝක වශයෙන් සියලුම ලියවිලි පවතින අතර බොහෝ මන්ත්රද මෙම ස්වරූපයෙන් හෝ තනි පේළියක් හෝ තනි වචනයක් ලෙසද පවතී. හින්දු ආගමේ මුලිකම මන්ත්රය වන්නේ ප්රාණවත් මන්ත්රය ලෙස හඳුන්වන ‘ඕම්’ මන්ත්රයයි. එය සෑම මන්ත්රයකම මුලාශ්රයයි. මෙය පිටුපස පවතින්නේ හින්දුන්ගේ නාම රූප පිළිබඳ අදහසයි. මෙහිදි ද්රව්ය අදහස් වැනි දැනට පවතින සියළුම දේ තමන් හා රූපයක් සහිතව සංකල්පිත විශ්වයක් තුළ පවතින බවයි. මෙයින් ප්රාථමික නාමරූප වන්නේ ආදිකල්පිත ඕම් නම් කම්පනය වන අතර බ්රහ්මණයාගේ විද්යාමාන පළමුවන නාමරූපයයි. මෙම හේතුන් නිසා ඕම් යනු හින්දු දහමේ පවතින මුලිකම හා බලවත්ම මන්ත්රය ලෙස සැලකේ. එම සියළුම හින්දු යාඥා වල පෙර හා අවසාන පදයයි. සමහර මන්ත්ර යම් දෙවියෙක් උදෙසා ගායනා කළද, ඕම් ශාන්ති මන්ත්රය හා ගයත්රි වැනි මුලික මන්ත්ර සදාතනික යථාර්ථය උදෙසා ලියවි ඇත. හින්දු තන්ත්ර වලට අනුව විශ්වය යනු ශබ්දයයි. උතුම් දේ හටගන්නේ වචන හෙවත් ශබ්දයෙනි. මැවීම විවිධ විස්තර හා සංඛ්යා වලට අයත් කම්පන වලින් යුක්ත වන අතර එමඟින් ලෝකය නම් සංකල්පය හටගනී. ඉතාමත් සුපිරිසිදු ශබ්ද වන්නේ වර්න(Var.nas) හෙවත් සදාතනික අපට ශබ්ද මඟින් හෝ ඇසට පෙනෙන ලෙස පවතින ශබ්දයයි. වර්න(Var.nas) යනු ශබ්දයේ මුල ධාතුවයි. මුලද්රව්ය, දෙවියන්, ලග්න, මිනිස් සිරුරේ කොටස් සංකේතවත් කිරිම සඳහා සංඛේත පද්ධතියක් ලෙස අකුරු බිහිවිය. ඉන්පසු අක්ෂර, මන්ත්ර බවට පත්වුන අතර සංස්කෘත හෙවත් වේදය ලියවුනු භාෂාව ද්රව්ය වල ස්වභාවයට අනුව ගොඩනැගුණි. එමනිසා වේදය යථාර්ථය පිළිබිඹු කරයි. ඕම් නම් මුල අක්ෂරය සියළුම දේවල් වල යථාර්ථය වන මහ බ්රහ්මයා නිරූපනය කරයි. මන්ත්ර[සංස්කරණය] මන්ත්ර නැතිනම් දේවනාග යනු ආගමික කාව්ය වේ. ඒවා සංස්කෘත භාෂාවෙන් නිර්මාණය වී තිබේ. ඒ ඒ මන්ත්ර සම්බන්ධ නිකායන් සහ ඔවුන්ගේ දර්ශන අනුව මන්ත්ර භාවිතයෙන් ලබන ප්රයෝජන ද විවිධ වේ. ආරම්භයේදී මේවා භක්තිකයින්ගේ අරමුණු එක් අරමුණක් කෙරෙහි යොමු කිරීම සඳහා අධ්යාත්මික සම්ප්රේෂණ ක්රමයක් වශයෙන් යොදා ගැනුණි. එසේම බලවත් වචන හෝ කම්පනය නැතිනම් විලෝපනයන් කිරීම සඳහා යොදාගෙන ඇති බව පෙනේ. සොරසතුරන් හා අපද්රව්ය දුරු කිරීම හෝ ධනය වැඩි කරගැනීමට හැකි, සෞභාග්ය ලඟා කර ගැනීම සඳහා කළ ආගමික උත්සව වලදී ද මන්ත්ර භාවිත කෙරිණි. ඉන්දියාවේ වෛදික ආගම මඟින් පළමුව හඳුන්වා දුන් මන්ත්ර පසුව හින්දු සම්ප්රදායේ අත්යාවශ්ය අංගයක් බවටත් පත්විය. බෞද්ධ, ෂික් හා ජෛන ආගම් වල චාරිත්ර විධියක් ලෙසද එය භාවිත වේ. අද වනවිට පෙර දිග අධ්යාත්මික ව්යාපාර බොහෝ පවතී. පුරාතනයේ සිට දියුණු තත්වයක පවතින වාග් විද්යාත්මක දැනුමේ ආභාෂය අනුව මන්ත්ර නිසි ලෙස උච්චාරණය කිරීම වඩා ඵලදායි වන බව මන්ත්ර පිළිබඳව හැදෑරීමේදී දක්නට ලැබෙන කරුණකි. සිත මායාවන්ගෙන් විමුක්ත කර ගැනීම සහ භෞතික බැඳීම් වලින් ලිහිල් කර ගැනීම සඳහා මන්ත්ර ප්රයෝජනවත් වන බව පිළිගැනේ. මන්ත්ර ජප කිරීම යනු ඒවා නැවත නැවත ක්රමවත්ම උච්චාරණය කිරීමකි. හින්දු මන්ත්ර සමහරක්[සංස්කරණය] ගයත්රි මන්ත්රය[සංස්කරණය] ගයත්රි මන්ත්රය සියලු හින්දු මන්ත්ර අතර වඩාත් විශ්ව මන්ත්රයක් ලෙස සලකනු ලැබේ. මෙහිදි දැනුමට මූලික වු සහ ප්රදීපයට මූලික වු සුර්යා සම්බන්ධ වු බ්රහ්මයාගෙන් පිහිට පතනු ලැබේ. "ඕම් බුහූර් භුව සොහා තත් ස වීතූර් වරේනියම් බර්ගෝ දේවශ්ය දී මහී ද්යයෝ යෝනා ප්රචෝ දයාත්" ඕම් සක්වළහී නිර්මාතෟනී, අපගේ භාවනාව ඔබ වයන්සේගේ උත්තරීතර තේඡෝ විභූතිය වේ. ඔබ වහන්සේගේ තේඡස්වී ප්රභාවයෙන් අපගේ අපගේ අන්ධකාර බුද්ධිය ආලොක කරවා, දයාවෙන් යුතුව අපගේ පාපයන් හරන ධාර්මිශ්ට මාර්ගයට යොමුකරනු මැන" (ස්වාමි සිවනන්දයන් ගේ චරිවර්තනය) විදැවෙන් සත්ය කරා මෙහෙය වන්න ආවි අසතෝ මා සද් ගමාය තතමසෝ මා ජෙහතීර් ගමාය ඔස්ට්රමයෝවා අමර්තම් ගමයා අම් සසාන්ති සාන්ති සාන්තීන් (බර්ගද්රාවනයන උපතිනිෂ්ද් 1 28) අවිදැවෙන් මා සත්ය කරා මෙහෙය වන්න අදුරෙන් මා අලෝකය කරා මෙහෙය වන්න මරණයෙන් මා අමරණියත්වය කරා මෙහෙය වන්න හරේ ක්රිෂ්ණ මන්ත්රය[සංස්කරණය] මෙම මන්ත්රණයෙහි පාරේ ක්රිෂ්ණා සහ රාම යන නම් අන්තර්ගත එය මුලික ලස කාලි සන්ද්රාරත උපනිෂද් වල සදහන් නෙ පාරේ ක්රිලෂ්ණා හරේ ක්රිිෂ්ණා ක්රි ක්රිෂ්ණා ක්රිෂ්ණා හරේ හරේ හරේ රාමා හරේ රාමා රාමා රමා හරේ හරේ 16 වන සියවසේදී චෙත්යිතයා මහාප්රබානු සහ ඔහුගේ අනුගාමිකයන් මෙම මන්ත්රය මහජන පර්ෂදයන්ට මගින් ඉන්දියාව පුරා සජ්ගායනා කරන ලදී. චෛත්යාඑතිපති සහ ඔහුගේ අනුගාමිකයන් මන්ත්රන ගායන කරමින් නගරයෙන් නගරයට ගමන් කල අතර එහිදි ඒවා සවන්දෙන අයට ක්රිිෂ්නගේ (භක්ති) ආදරය ලැබෙන බව පිළිගන්නා ලදි. එය භාවිතා කරන අය මහා මනත්රෂයක් ලෙස සලකන ලදී. 1966 දී ඒ. සී බක්ටිවේදන්ත ස්වාමි ප්රභූපාද බ්රකන්ධ - මාධ්යල ගව්දියා බෙශ්රවණය සම්ප්රදායේ ශාඛාවන් ලෙස ISKCOW (ක්රිෂ්ණ විදාඥනය පිළිබද ජාත්යන්තර සංවිධානය) පිහිටුවන ලද අතර පාරේ ක්රිෂ්ණ මන්ත්රය බටහිර හදුවන ලදි. එය කාලි (යක්ෂයා) ගේ වයසෙන් නිදහස් විමේ පහසුව උත්කපේව මග ලෙස විස්තර කරන ලදි. ශාන්ති මන්ත්රය[සංස්කරණය] ආමි සහනවචාවතු සහනාවු බුහුතනකු සහ වරයන් කාරවවපවහයි තේජස් වි නවව කි මට්සු ම විද්පිස්භවත්ති අපි එට ආරක්ෂා කර දෙන්න අපි එකට පෝෂණය කර දෙන්න අපිට මහත් ප්රාණවත් ලෙස එට වැඩ කිරිමට ඉඩ දෙන්න අපගේ අධ්යාපපන කටයුතු පුබුදුනා දෙන්න අප අත කිසිදු බාධාවක් ඇති නොවන්න ආම් ශාව්ති ශාන්ති ශාන්ති ආම් සාමය, සය, සමාය කාලි මන්ත්රය[සංස්කරණය] ආම් හිරම් සීරම් ක්ලිම් අද්යා කාලිකා පරම් එස්වරි වාහා මෙම මන්ත්රය කාලි දෙවගන විසින් අධ්යාසත්මික සංවර්ධනය බලපොරොත්තුවෙන් මෙහෙයවන ලදි. කාලි දේවත්වයේ ප්රචණ්ඩ පැවත්ත සම්බන්ධව ප්රසිද්ධ වේ. ඇය විසින් සියලුම ඝණ දේවල් විනාශ කර ධන දිශාවට මාර්ගය සකස් කර දෙනු ලබයි. මෙම මන්ත්රය අතිශයින් බලවත් වන අතර එය මහ පහොලසේ මාතා මන්ත්රයයක් ලෙස ප්රිසිද්ධ වේ. ආව් ක්ලිම් කාලිකා - යේ නමාහ මෙම මන්ත්ර ය මගින් දුෂ්කර අවස්ථාවන්හිදී සහනය සහ ගැලවිම උදාකරන නමුත් සමහර විට දැඩි ප්රතිවිපාක ලබා දේ. ලක්මි මන්ත්රය[සංස්කරණය] ආම් ශ්රික මහා ලක්ෂ්මි යැයි ස්වාහා ලාක්ෂි සදහා වන මන්ත්ර වන අතර ලක්ෂිමි සෞභාග්යනයේ දවගන වන අතර සම්පත් මන්ත්ර දවන්දරී මන්ත්ර[සංස්කරණය] ඇම් ශ්රික දවන්දරි නාමාහ දවන්දරී දිවිගමය සුවරකන්නා වේ. දෙවියන්ගේ කායික වෛද රාම් ඔහු දෙවියන්ට අමරණිය වන අමෘතය ලබා දෙයි. ඔහු තමගේ පැවැත්ම ලක්ෂ්මිගේ ප්රසන්න බවට පවරා දෙනු ලබයි ඔහුගේ න්ත1 වලට පාවිච්චියට ගත හැකි හැකියාවක් දෙකක් ඇත. එය සුවකරන්නකු ලෙස කෙනෙකුගේ හැකියාව වැඩි දියුණු කිරිමට යොදා ගැනීම හෝ ආවේගි ගැටලු ඇතුලත් ඕනෑම සෞඛ්යග ගැටවුලකට මග පෙන්විම සදහා යොදාගත හැක. සරස්වතී මන්ත්ර[සංස්කරණය] ඇම් රිම් සරස්වතී ස්වාහා සරස්වතී දැනුම, කථනය, ඉගෙනීම යන සංගීතය පිලිබද දෙවගන වේ. මෙම මන්ත්රය ඉගෙනිම අධ්යාතපනය සහ සංගීතය හැකියාවන් වැඩිදියුණු කරනු ලබයි. දුර්ගා මන්ත්රි[සංස්කරණය] ඇම් දුම් දුර්ගායි නවාවන දුර්ගා යනු මහ මෑණි - දෙවගන ලෙස සලකනු ලබයි. ඇය මාතෘත්වය සහ කාන්තාව මුලික වු ආරක්ෂිත මුලාංග නියෝජනය කරයි. මෙ මන්ත්රය මගින් සාමාන්යසයෙන් දුෂ්කර අවස්ථාවන් වල ආරක්ෂාව ගෙන එනු ලබයි. ඇම් ඊම්, හරිම් ක්ලිම් චවුන්දායේ විචි නවමානා මෙම මත්රය දුෂ්කර හෝ ඝනාත්මක තතත්වය යටතේ හාර ආරක්ෂායන් අවශ්ය වු විට යොදා ගනු ලැබේ. මෙම මන්ත්රය මගින් හොද වාසාවන් සහ නිර්මාණත්වයක් පවා දෙනු ලබයි. විශ්ව යැදීම[සංස්කරණය] සාර්විසාම් සවිද්තීර්භවතු සාර්විසාම් සන්තීර් භවතු සාර්විසාව් පුර්නාම් භවතු සාර්විසාම් මංගපම් භවතු සැමටම හොද ලබා දෙන්න සැමටම සාමය ලබා දෙන්න සැමටම හොද පරිපුර්ණත්වය ලබ දෙන්න සියලු දෙනා පලපුරුද්ද සහ වාසනාව ලබා දෙන්න. සර්වේ භවන්තු සුඛිත්තා/ සර්වේ සන්තු නිරාවයා සර්වේ තද්රාුනි පසයන්තු/ මා කැසිට් දුක්ඛ භවන් ඔම් සියලු දෙනාම ප්රීතියෙන් සිටිත්ව. සියලු දෙනාම නිරෝගි වෙත්වා අපි සියලු දෙනම හොද අත්දැකිම් ලැබේවා. දුකක් ඇති නෝවේවා. ජපවල විවිධත්වය[සංස්කරණය] ජපකල හෝ විලවැල ජප මුගානින් 108 කින් සමන්විත ප්රරවාහන බුබුල ජප වැල බොහෝ ආකාර අතරින් පඉලු ඇමුණු නුලකින් සමන්විත එකිනෙක නැවත නැවතත් ගනනක් කරනු ලැබේ. පබලු වලින් සමන්විත වේ. හින්දු චාරිත්රැ වලට අනුකූලව වයිසන්තා බැතිමතුන් මකුනු ලබන පොදු පබළු මුලයි ශාකයෙන් (ශුද්ධ බැසිල්) සකස් කරනු ලබයි. මේවා ශුද්ධ වු මුලසිදේවිට විද්යාලමාන වේ. තවද සයිවිට් ජාද්රක්ෂා පබලු භාවිතා කරයි. මෙ සම්ප්ර දායන් දෙකට වැදගත්වන ජපමාලාවකි සාමාන්යි ලබලු ඇත 108 ඇති ජප මාලාව පුද්ගලපයන්ගේ බෙල්ල වටා පැලදිම පොදු නොවුවවත් සමහර බැතිමතුන් (ගව්දියා වයිසාවාස්) ජප මාලාව ශුද්ධෂ කිරිමේ පහසුව සදහා බෑගයක තබා ගැනීමට කැමැත්ත දක්වයි. සියලු පඉලු වලට හෝ යාඥා උපංග යලට ස්වාධිනව බොහෝ හින්දු දිනයේ එක් වේලාවක ඔවුන්ගේ ආශ්වාස ප්ර ශ්වාස කරන අවස්ථා නෛහි කරමින් හෝ මානසික අන්තරාව මගින් මන්ත්රේ සඡ්ඡායනා කරනු ලබයි.
hplt_2
One Laptop Per Child = OLPC"සෑම දරුවෙකුට ම ලැප්ටොප් පරිගණකයක්"XO පරිගණකයXO පරිගණකයදෘඩාංග ලක්ෂණ7.5” (කර්ණය හරහා) පරිගණක තිරය.වර්ණ ප්රකාරයේදී 800X600 ප්රනිධියඒකවර්ණ ප්රකාරයේදී 1200X900 (200 dpi) ප්රනිධියදැඬි හිරු එළියේ දී වුව ද පහසුවෙන් දර්ශණය වේපාදමේ ඇත්තේ යතුරු පුවරුව හා බැටරිය පමණි (සාමාන්ය ලැප්ටොප් පරිගණකයක බොහොමයක් උපාංග පිහිටන්නේ පාදමේය)ජල ප්රතිරෝධී යතුරු පුවරුවහුරුබුහුටි ඇන්ටනා යුගලක් (රැහැන් රහිත සම්බන්ධතාව සඳහා)වීඩියෝ කැමරාවක්, මයික්රොපෝනයක්, ස්පීකර යුගලක්විශේෂ ක්රීඩා බොත්තම් හා දත්ත සම්ප්රේෂණ විධි (උදා USB, SD)ඉතා රළු භාවිතයකට වුව ඔරොත්තු දෙන නිමාවද්විත්ව ක්රියාකාරී ආදාන පුවරුවදෘඩාංග ලක්ෂණ ...වැඩි දියුණු කරන ලද බැටරි රසායනයක් (LiFePO4)දැනට පවතින වඩාත්ම ආරාක්ෂාකාරී මෙන්ම පරිසර හිතකාමී සංයෝගයයිපූර්ණ අරෝපණයකින් පසු සාමාන්යයෙන් පැය 5ක් වත් පරිගණකයට බලය සපයයිසාපේක්ෂව වැඩි වාර ගණනක් අරෝපණය කළ හැකAMD ජියෝඩ් 433MHz සකසනය හා 256 MB මතකයසුවිශේෂී දැලැස් රැහැන් රහිත තාක්ෂණය (802.11s)පරිගණකය නිවා දමා ඇති විටත් අන් පරිගණක වෙත සේවය සපයයිඉතා අවම විදුලි බලයකින් ක්රියා කිරීමඋපරිම පරිභෝජනය 5W පමණ වන අතර සාමාන්ය පරිභෝජනය 1 W පමණ වේ (සාමාන්ය ලැප්ටොප් පරිගණකයක් සඳහා 10 ගුණයක පමණ බලශක්තියක් අවශ්ය වේ).XO පරිගණකය භාවිතයපරිගණකය විවෘත කිරීමපරිගණකයේ XO නිරූපකය පෙනෙන පරිදි හා එහි හැඬලය ප්රතිවිරුද්ධ දිශාවට මුහුණුලා තිබෙන පරිදි පිහිටුවන්න.අගුල නිදහස් වීම සඳහා පරිගණකයේ කන් යුවල (ඇන්ටෙනා) ඔසවන්න.පරිගණකය විවෘත කිරීම...දාරය දිගේ තිරය යතුරු පුවරුවෙන් ඉහළට ඔසවන්න.පරිගණකය ආරම්භ කිරීම සඳහා බලගැන්වීමේ බොත්තම ඔබන්න (හදිසි අවස්ථාවන්හී දී මෙම බොත්තම තත්පර 10ක් පමණ ඔබා සිටීමෙන් පරිගණකය නිවා දැමීමට පුළුවන)ඉ-පොත් ප්රකාරයපරිගණකය හරහා කිසියම් අන්තර්ගතයක් පහසුවෙන් කියවීම සඳහා එය පොතක් ලෙස හැකිළිය හැක. අදාල බොත්තම් මඟින් අවශ්ය පරිදි තිරයේ දීප්තිය සකසන්නතිරය පාදමට සෘජුව පිහිටන සේ සකසන්නතිරය, යතුරු පුවරුවෙන් ඉවතට වන සේ 180* කරකවන්නඇන්ටෙනා යුගල හකුළුවමින් තිරය පාදමේ ස්පර්ශ වන සේ එය පහළට ගෙන එන්නXO යතුරු පුවරුවයතුරු පුවරුව...Esc යතුර: ක්රියාකාරකම් වලින් ඉවත් වීම සඳහා බහුලව භාවිතා වේ (පාලක යතුර සමඟින් - Ctrl + esc)TAB යතුර: වම හා දකුණ නිරූපිත ඊතල දෙකකින් ලකුණු කර ඇත. ඡේදයන්හි එබුම් සඳහා භාවිතා වේ. Ctrl යතුර: වෙනත් යතුරු සමඟ එබීමෙන් විවිධ විධානයන් ලබා දිය හැකSHIFT යතුර: වෙනත් යතුරු සමඟ එබීමෙන් වෙනස් ප්රතිඵල ලබා දේ (උදා: ලතින් මහකුරු)Fn යතුර: වෙනත් යතුරු සමඟ යෙදීමෙන් විවිධ විධානයන් ලබා දිය හැකAlt යතුර: වෙනත් යතුරු සමඟ යෙදීමෙන් විවිධ විධානයන් ලබා දිය හැකSPACEBAR: හිස්තැන් ඇතුලත් කිරීමට භාවිතා වේAlt Gr යතුර: වෙනත් යතුරු සමඟ යෙදීමෙන් විකල්ප අක්ෂර ඇතුලත් කළ හැකසර (Arrow) යතුරු: සංචාලනය සඳහා භාවිතා වේවැඩි කිරීමේ/ බෙදීමේ යතුර (ඇතැම් පරිගණක වල මෙය භාෂා මාරු කිරීමේ විශේෂ යතුරකි)Enter යතුර: කිසියම් විධානයක් ස්ථීර කිරීම, නව පේලියක් එක් කිරීමමකන යතුර: කිසිවක් මකා දැමීමට භාවිතා වේරාමු යතුර: දැනට ක්රියාත්මක වන ක්රියාකාරකම්, බැටරරියේ තත්ත්වය, ජාල තොරතුරු ආදිය දැක්වෙන 'රාමුව' පෙන්වයිශබ්ද පාලකතිරයේ දීප්තිය පාලනය කරන යතුරුදර්ශන යතුරු: ිට දකුණට පිළිවෙලින්, වටපිට දසුන,සමූහ දසුන, නිවෙසි දසුන හා ක්රියාකාරකම් දසුනසෙවුම් යතුර: ජ'නලයේ සෙවුම් කොටුව වෙතට ගෙන යයියතුරු පුවරු කෙටිමංCtrl + esc – ක්රියාකාරකමෙන් පිටවීමAlt +TAB – දැනට ක්රියාත්මක වන ක්රියාකාරකම් එකින් එකට මාරු වීමCtrl + c – පසුරු පුවරුවට පිටපත් කිරීමCtrl + v – පසුරු පුවරුවට පිටපත් කළ දෙයක් ඇලවීමFn + Erase - ඉදිරියෙන් ඇති දේ මකා දැමීමAlt + enter – පූර්ණ තිරය වෙතට/ඉවතට යාමAlt Gr + j – යූරෝ සංඛේතය ජනිත කරයි (යුරෝපයේ මුදල් ඒකකය)ක්රියාකාරකම: මෙවැනි තවත් කෙටිමං තෝරා ලියන්න
hplt_2
මීගමුව නගාරාධිපතිවරයාගේ තෙවන ධුරය කාලය පසුගිය දා නිමාවිය. දැන් ඇරඹි ඇත්තේ අවසන් වසරය. මේ නිසාම අවසන් වසරේ හෝ මීගමුව නගරාධපතිධුරය දැරිමේ නොනිත් අශාවෙන් පසුවන නාගරික මන්ත්රිවරයෙකු නගර සභාව ුතුල සිටි. පසුගිය කාලය තුල ඇන්ටන් ජයවීර නගරාධිපතිවරයාව කෙසේ හෝ ධුරයෙන් පහකිරිම අරමුණු කොටගත් මෙහෙයුම් රැසැක්ම දියත්ව තිබුණි. ඉන් ප්රධාන එක ුවුයේ පසුගිය වසරේ අයවැය පරාජයට පත් කිරිමයි. කෙසේ හෝ ඒ තත්වය ... Read More » Category Archives: NewsFeed Subscription< නගරාධිපතිගෙන් පාසල් සිසුන්ට දේශපාලන පාඩමක් මීගමුව නගරාධිපතිවරයාගේ පත්වීමට වසර 3ක් පිරීම නිමිතිකොටගෙන ඔක්තෝම්බර් 27 වනදා දින මීගමුවේදී පැවති ශිෂ්යත්ව ප්රධානෝත්සවයට පාසල් සිසු සිසුවියන් ද සහභාගී වී සිටියහ. එමෙන්ම දේශපාලඥයන් මෙන්ම මාධ්යෙව්දීන් ද එම අවස්ථාවට සහභාගී වී සිටිනු දක්නට ලැබුණි. මෙම අවස්ථාවේදී නගරාධිපතිවරයා විසින් සිදුකරන ලද කතාව තම දේශපාලන ජීවිතයේ කටුක අත්දැකීමක් බව එම කතාවෙන් පැහැදිලි වන අතර එම ස්ථානයේ වැඩිපුරම සිටියේ පාසල් සිසුන් බැවින් නගරාධිපතිවරා ... Read More » බ්රිටෝ ප්රනාන්දුගේ නිවසට අද අළුයම ප්රහාරයක් ? අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්රිටෝ ප්රනාන්දු මහතාගේ මීගමුව පෙරියමුල්ලේ නිවසට අද අළුයම 2 ට පමණ ප්රහාරයක් එල්ලව ඇතැයි එම සංවිධානයේ ක්රියාධරයෙකු විසින් හිතවතුන් වෙත යවා තිබුන කෙටි පණිවිඩයක සදහන් බව මීපුරට වාර්ථා වේ. මේ හේතුවෙන් නිවසේ ජනේලයක වීදුරුවක්ද බිදි ගොස් ඇත. 24 වෙනි වරටත් වාර්ෂිකව පැවැත්වෙන අතුරුදහන්වුවන්ගේ ජාතික දිනය අද රද්දොළුවේදි සැමරෙන අතර මේ සමරුවට එරෙහිව කිසියම් පිරිසක් විසින් මඩ ... Read More » අතුරුදහන්වුවන්ගේ ජාතික දිනයට එරෙහිව වර්ගවාදිහු වීදි බසිති? ඔක්තෝබර් 27 වන දිනට යෙදි ඇති අතුරුදහන්වුවන්ගේ ජාතික දිනය මෙවරත් සිදුව රද්දොළුව මංසන්ධියේදි පැවැත්විමට සියළු කටයුතු සුදානම්ව පවති. මේ සැමරුමට එරෙහිව අද ( ඔක් 26)අළුයම් කාලයේ කටුනායක සහ අවට ප්රදේශවල මඩ පෝස්ටර් ව්යාපාරයක් ක්රියාත්මකව ඇත. පසුගිය දිනක අතුරුදහන්වුවන් පවුල්වල ඥාතින් පිරිසක් සිය දුක දකුණේ සමාජ ක්රියාකාරින් හා බෙදාගැනිමට පැමිණ සිටි අවස්ථාවේදි එම රැස්විම පැවති මරදාන සමාජ හා සාමයික කේන්ද්රිය රැස්විම් ... Read More » මීගමුව ආණ්ඩුපක්ෂ සංවිධායකගේ රැස්විම් ආණ්ඩුවේ නාගරික මන්ත්රිලාට තහනම්? ඇමති සරත් ගුණරත්න සහ පළාත් සභා ඇමති නිමල් ලංසා අතර ඇතිව තිබෙන ආරවුල දැන් තවත් තිව්ර වි ඇත. එහි ප්රථිපලයක් ලෙසින් මීගමුවේ ආසන සංවිධායකයා විසින් කැදවනු ලබන කිසිදු රැස්විමකට මීගමුව මහනගර සභාවේ කිසිදු මන්ත්රිවරයෙක් සහභාගි නොවිය යුතු යැයි ඇමති ලංසා නියෝගයක් පනවා ඇතැයි සැලය. එහෙත් මේ නියෝගය නොතකා පක්ෂයේ ජේෂ්ඨ මන්ත්රිවරුන් පිරිසක් පසුගිය දිනක ඇමති සරත් ගුණරත්න විසින් කැදවා තිබුන ... Read More » කොටුව පිට්ටනියේ මාළු වෙළද සැල ලංසාගේ පියාට අහිමිවෙයි? මීගමුව මහජනයාගේ සුබසාධනය වෙනුවෙන් මහනගර සභාව වෙත ලබාදි තිබුන බොහොමයක් විදේශාධාර වල එකම භුක්තිකරු විමට තරම් වාසනා වන්ත වු ඇමති ලංසාගේ පියාට මෙවර කොටුව පිට්ටනිය අසල පිහිටි මාළු වෙළද සැල නොලැබිමට බොහෝ සේ ඉඩ ඇතැයි ඉතා විශ්වාසකටයුතු ආරංචිමාර්ග විසින් දැනටමත් සනාථ කර සිටි. එසේ නම් එහි අයිතිය නිත්යාණුකූලව පවරා ගත යුතුව ඇත්තේ මීගමුව මහනගර සභාව වුවත් පුරපති ඇන්ටනි ජයවීරද මේ ... Read More » ඇමති ලංසා මීගමුව පැරදවිමට කටයුතු කරන්නට යයි? පළාත් සභා ඇමති නිමල් ලංසා සහ මීගමුව ආසන සංවිධායක සහ ධිවර නියෝජ්ය ඇමති සරත් ගුණරත්න අතර කලක පටන් ඇතිව තිබෙන දැවැන්ත අවුලේ ප්රථිපලයක් ලෙසින් මීගමුව ආසන සංවිධාකයාව ආමාරුවේ දැමිම අරමුණු කොට ගෙන ඉදිරි මැතිවරණ වලදි මීගමුව ආසනය පැරදවිමට කටයුතු කිරිමට ඇමැති ලංසා බොහෝ විට කටයුතු කරනු ඇතැයි මීගමුව ජේෂ්ඨ ශ්රිලනිප නායකයන් කිපදෙනෙකුගේම විග්රහය බවට පත්ව තිබේ. මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදි ... Read More » වැඩ වෙලාවේ මීගමුව රෝහලේ නොසිටි වෛද්යවරු 5 ක් මාට්ටු? මීගමුව රෝහලේ බාහිර රෝගි ප්රතිකාර අංශයේ සේවයේ නියුතු වෛද්යරුවන් 5 දෙනෙකු අදාල බලධාරින් විසින් සිදුකරන්නට යෙදුන හදිසි විමර්ශන අවස්ථාවකදි රාජකාරියේ නියැලි නොසිටිම හේතුවෙන් දැන් මාට්ටු වි ඇතැයි වාර්ථා වේ. එහෙත් මේ බරපතල වැරැද්ද නිවරදි කරගැනිම සදහා රෝහලේ වෛද්යවරුන් විශාල මහන්සියක් ගනිමින් සිටිතැයිද සැලැය. කෙසේ වෙතත් මේ වෛද්යවරුන් 5 දෙනා අතරට රාජකාරිමය වශයෙන් රෝහලේ ඉහල තනතුරක් දරන්නියකද සිටින බව කියැවේ. Read More » මීගමුවේ ද්රවිඩ කතුන් බියගන්වා මාල කඩන කොල්ල කල්ලිය හෙළිවෙයි? මෑතක සිට මීගමුවේ වෙසෙන ද්රවිඩ කතුන් බියගන්වා මාල කඩාගන්නා සංවිධානාත්මක කල්ලියක් ගැන විස්තරාත්මක පුවතක් අප විසින් පළකෙලෙමු. මේ පිරිස කිසියම් සංවිධානාත්මක කල්ලියක් ලෙසින් ක්රියාත්මක බැව් මේ මංකොල්ල කෑම් සිදුකර ඇති අන්දම ගැන සලකා බැලිමේදි පෙනි යයි. මේ කල්ලිය මෙහෙය වන්නේ කව්ද යන්න ගැන පැහැදිලි ඉඟියක් ඊයේ දිවයින පුවත්පතේ පළව ඇති එක්තරා විශේෂ ලිපියක් මගින් දක්වා තිබේ. එයට අනුව මේ කල්ලිය ... Read More » තම දේශපාලන හෙංචයියන්ගේ වැඩතහනම් කළා යැයි දයාන් ලංසා කෝපවෙයි? මීගමුව මහනගර සභාවේ සෞඛ්ය කාරක සභාවේ සභාපතිත්වය දරන දායන් ලංසා නාගරික මන්ත්රිවරයා පසුගිය දිනක මහනගර සභාවේ නියෝජ්ය කොමසාරිස්වරිය හමුවේ කෝපයෙන් යුතුව චෝදනා කර ඇත්තේ තමන්ගේ මිනිස්සුන්ගේ වැඩතහනමට ලක් කර තිබෙන්නේ ඇයිද යනුවෙනි. මෙහිදි ඔහු සිද්ධිමය වශයෙන් විමසා ඇත්තේ මීගමුව මහනගර සභාවේ ප්රධාන බේබදු රියදුරෙකුවන පියල් නැමැත්තා ගැනය. පසුගිය දිනක ඔහු බිමතින් සිය පුද්ගලික ගමනක් සදහා නගර සභාවේ වාහනයක් රැගෙන යමින් ... Read More »
hplt_2
භාෂාවේ සම්භවය භාෂාවේ ප්රභවය කෙසේ වීද යන ප්රශ්නය මානව ඉතිහාසය තුළ සැළකියයුතු මතිමතාන්තර රැසක් බිහිවීමට තුඩුදුන් එකකි. හෝමෝසේපියන්ස් යන නමින් හඳුන්වන මානවයා සෙසු විශේෂයන්ගෙන් වෙන්කර හඳුනාගතහැකි කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස භාෂා භාවිතය හඳුන්වා දිය හැකිය. කෙසේවුව ද ලිඛිත භාෂාව මෙන් නොව කථික භාෂාව කිසිදු ශේෂයක් නොතබයි. මේ හේතුව නිසා භාෂාවේ ප්රභවය සොයාගැනීම පිණිස උත්සාහයන් හි නිරත වාග්විද්යාඥයින්ට ඒ සඳහා වක්රක්රම උපයෝගී කර ගැනීමට සිදුව ඇත. ප්රාථමික භාෂාවන්ගෙන් කිසිවක් දැන් ඉතිරිව නැති බවත්, නූතන මිනිසා කථා කරනුයේ සාපේක්ෂකව සංකීර්ණ භාෂා බවත් යන අදහසට වාග්විද්යාඥයෝ එකඟ වෙති. අද පවත්නා භාෂා, ප්රමාණයෙන් ද ඒවායේ වාග් මාලාවෙන්ද ආවරණය වන විෂයයෙන් ද වෙනස් වන අතර ඒ සියල්ල ම ව්යාකරණයකින් ද පද ඝටනාවකින් ද සමන්විතය. එමෙන් ම එම භාෂාව කථාකරන පුද්ගලයාගේ සංකල්ප මැනැවින් ප්රකාශකිරීමට අවශ්ය වාග්මාලාවෙන් ද ඒවා සමන්විතය. සියලූම මනුෂ්යයෝ එක හා සමාන භාෂා හැකියාවන්ගෙන් යුක්ත වේ. කිසිදු සුවිශේෂ භාෂාවක් භාවිත කිරීමේ සහජ ජෛවවිද්යාත්මක හැකියාවකින් යුතුව මෙලොව කිසිදු දරුවෙක් උපත නොලබති.
hplt_2
රාහුල විද්යාලය රාහුල විද්යාලය යනු ශ්රී ලංකාවේ ප්රමුඛ පාසලකි. එය ශ්රී ලංකාවේ දකුණින්ම පිහිටි දිස්ත්රික්කය වන මාතර දිස්ත්රික්කයේ පිහිටා ඇත. 1923 මැයි මස පළමු වැනි දින ශ්රීමත් R.S.S. ගුණවර්ධන කුලතුංගගේ මෙහෙයුමෙන් මාතර බෞද්ධ සංගමය විසින් පෞද්ගලික බෞද්ධ පාඨශාලාවක් ලෙස පරාක්රමබාහු විද්යාලය යන නමැතිව විද්යාලයක් අරඹන ලදී. රාහුල විද්යාලය ශ්රී ලංකාවේ දීර්ඝතම ඉතිහාසයක් ඇති පාසල් බෞද්ධ පාසල් වලින් එකකි. රාහුල විද්යාලය මේ වන විට රජයේ මෙහෙයවීමට අනුගත ජාතික පාසලක් වන්නේ ය. ශ්රී ලංකාවේ ජාතික පාසල් ඇති කිරීමේදී පළමුවෙන්ම ජාතික පාසල් තත්වයට පත් කරන ලද පාසල් කිහිපය අතර රාහුලය ද එකකි. ප්රාථමික සහ ද්විතීයක ලෙස පාසල සතු අංශ ද්විත්වයෙකි. පටුන - 1 අතීතය - 2 වත්මන් රාහුලය - 3 ප්රාථමික අංශය - 4 RahulaTV - 5 විද්යාලයාධිපතිවරු - 6 විද්යාලයීය ගීතය - 7 විද්යාලයීය නිවාස - 8 රාහුල විද්යාලයීය වෙබ් කණ්ඩායම →[Team|RCMweb] - 9 විභව ප්රශ්ණපත්ර බැංකුව - 10 රහල් රන්දරු ශිෂ්යත්ව අරමුදල - 11 ක්රීඩා - 12 මහා ක්රිකට් තරග - 13 බාහිර සබැඳි අතීතය[සංස්කරණය] 1921 දී එවකට ගාල්ල මහින්ද විද්යාලයාධිපති එෆ්. ගෝර්ඩන් පියර්ස්, ඩී.ටී.ඩබ්. රාජපක්ෂ රාළහාමි සහ ශ්රීමත් ආර්. ඒ. ඩී. ගුණවර්ධන මහා කුලතුංග මාතර බෞද්ධ සංගමය ආරම්භ කළහ. 1923 වසරේ මැයි මස 1 වන දින මාතර මහ වීදියේ කුලියට ගත් ගොඩනැගිල්ලක මෙකී බෞද්ධ සංගමය විසින් පරාක්රමබාහු විද්යාලය නම් විදුහලක් ආරම්භ කරන ලදි. එම විද්යාලයේ ආදර්ශ පාඨය වූයේ මම සැබෑ බෞද්ධයෙක් වෙමි යන්නයි. පරාක්රමබාහු විද්යාලයේ ප්රථම සිසුවා වූයේ හේවාබෝවලගේ යසපාල නැමැත්තා ය. මඳ කලක් ඇවෑමෙන් ප්රදේශයේ දානපති වරයෙකු වූ සී. ඒ. ඕදිරිස් ද සිල්වා විසින් පරාක්රමබාහු විද්යාලය වෙත පරිත්යාග කරන්නට යෙදුනු, වර්තමානයේ පුරාවිද්යා උරුමයක් ලෙසින් සංරක්ෂිත සරම් මුදලි වලව්ව වෙතට පාසල ගෙනයන ලදී. එතැන් පටන් පරාක්රමබාහු විද්යාලය රාහුල විද්යාලය යන නමින් හඳුන්වයි. වත්මන් රාහුලය[සංස්කරණය] අද දින වන විට රාහුල විද්යාලය, විද්යාලයාධිපති නිමල් දිසානායක විසින් මග පෙන්වන 200 කට වැඩි ගුරු මණ්ඩලයකින් හා 6000 කට වැඩි සිසුන් පිරිසකගෙන් සමන්විත වන්නේ ය. ශ්රී ලංකා වේ ජාතික පාසල් අතුරින් ඉදිරියෙන්ම සිටින රාහුලය දිවයිනේ පාසල් අතුරින් විශිෂ්ඨතමයන්ගේ විශිෂ්ඨතමයෙක් ලෙස සැලකෙන්නේ ය. රාහුලය විසින් වාර්ෂිකව ඉහළ ශ්රේණිගත කිරීම් සහිත රාහුලයන් රාශියක් ශ්රී ලංකා ජාතික විශ්ව විද්යාල පද්ධතිය වෙත දායාද කරනු ලබයි. ප්රාථමික අංශය[සංස්කරණය] රාහුල විද්යාලයීය ප්රාථමික අංශය සුදර්ශන ආදර්ශ විද්යාලය ප්රතිස්ථාපනය කෙරෙමින් ක්රි.ව. 1991 දී ආරම්භ කරන ලද්දකි. RahulaTV[සංස්කරණය] RahulaTV යනු රාහුල විදයාලයීය නිල ෙවබ් කණ්ඩායම වන Team|RCMweb විසින් නිපදවනු ලැබූ ෙවබ් රූපවාහිනී නාලිකාවයි. ෙමම ෙවබ් නාලිකාව ගාල්ල ශාන්ත ඇලෙව්ශීයස් විදයාලය සමඟ පැවති ෙදනුවර මහා සටන 2011 දී ප්රථම වරට නිකුත් ෙකරිණි. එතැන් පටන් විදයාලෙය් සෑම විෙශ්ෂ අවස්ථාවක්ම ෙමම ෙවබ් නාලිකාව මගින් ප්රචාරය ෙකෙර්. ෙමමගින් ෙලාව වටා සිටින රාහුල විදයාලයට හිතැති ෙප්ර්ක්ෂකයින් රාහුල විදයාලෙය සිදුවන යම් යම් අවස්ථා තම නිවෙස් සිටන නැරඹිට හැකියාව ලැබිනි. විද්යාලයාධිපතිවරු[සංස්කරණය] විද්යාලයීය ගීතය[සංස්කරණය] ශ්රී ලක නිළඹරයේ හි තරිඳු ලෙසා වේ මනහාරා මාතා සොඳුරු ගුණ ධාරී දිනේවා සැමදා හෙල දීපේ ශිල්ප සතර දෙන සාරා සිසු සෑමා ගුණ නුවණ වඩන අප මාතා ශ්රී සාරා සදා ආලෝකේ සෑම වෙසේහි පානා ශාන්ති වේවා වේවා ශ්රී වේවා අප රාහුල මාතා හටා නේ දන සෑම පසස්නා තුති කරනා උඉඔඋඉඔනිති ගුණ සෝබා මාතා සොඳුරු ගුණ ධාරී දිනේවා සැමදා හෙල දීපේ // විද්යාලයීය නිවාස[සංස්කරණය] විද්යාලයීය නිවාස නාම අකාරාදී පිළිවෙලට පෙළ ගස්වා ඇත. - අශෝක පැහැය : රතු - ගැමුණු පැහැය : නිල් - පරාක්රම පැහැය : කහ - විජය පැහැය : කොළ රාහුල විද්යාලයීය වෙබ් කණ්ඩායම →[Team|RCMweb][සංස්කරණය] රාහුල විද්යාලයීය නිල වෙබ් අඩවිය ආරම්භ කරන ලද්දේ 2005 වසරේ උසස් පෙළ ව්යාපෘතියක් ලෙසිනි. ඒ සමගම රාහුල විද්යාලයීය වෙබ් කණ්ඩායම (Team|RCM Web) ඇරැඹිනි. එම ව්යාපෘතිය විද්යාලයීය ආචාර්යවරුන් වන පූජ්ය බෝගොඩ විමලඥාන ස්වාමීන් වහන්සේ සහ ජයවර්ධන මහතා අතින් අධීක්ෂණයට ලක්විය. ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්යාලය සමග පවත්වන දෙනුවර සටන ක්රිකට් මහ තරගය සජීවීව අන්තර්ජාලය හරහා ප්රචාරය කිරීම රාහුල විද්යාලයීය වෙබ් කණ්ඩායමේ ප්රධාන කාර්යයකි. විභව ප්රශ්ණපත්ර බැංකුව[සංස්කරණය] 2012 වර්ෂයේ ඇරැඹි උසස් පෙළ ශිෂ්යයන් සඳහා විවිධ විෂයයන්ගෙන් යුත් පසුගිය විභාග ප්රශ්ණෝත්තර අන්තර්ජාලය හරහා මෙන් ම පාසලේ එක් අංශයක් ලෙස ග්රන්ථ ගබඩාවක් ලෙස ද පවතින සේවාවකි. 2012. 7. 14 වනවිට විභව පරිශීලකයන් 55000 පනස්පන්දහස ඉක්මවා ඇත. රහල් රන්දරු ශිෂ්යත්ව අරමුදල[සංස්කරණය] අඩු ආදායම්ලාභී දක්ෂ උසස් පෙළ විෂය ධාරාව හදාරන සිසුන්ට මෙන් ම විශ්වවිද්යාලයට සුදුසුකම් ලබන සිසුන් වෙනුවෙන් ඇරඹි මෙම ශිෂ්යත්ව අරමුදලෙන් දැනට සිසුන් 95කට පමණ ශිෂ්යාධාර ලබාදීමට අපට හැකියාව ලැබී ඇත. දැනට පාසලේ අධ්යාපනය ලැබීමට දුෂ්කරතා ඇති සිසුවෙක් ඉදිරිපත් වුවහොත් ඔහුගේ සත්ය තොරතුරු සොයාබලා ඔහුට උසස්පෙළ පන්තියේ ඉගෙනීමට අවශ්ය ආධාර ලබාදීමට මෙන් ම දැනට විශ්වවිද්යාලයේ ඉගෙනුම ලබන දරුවන්ට පොත්පත් ගැනීමේදී යම් අගහිඟතාවක් ඇතිවූවිට ඒ සඳහා උදව් කිරීමට ද මේ මගින් හැකියාව ලැබී ඇත.2012ගුරුදින උදෑසන ඉතාමත් චාම් උත්සවයක් මගින් රහල් සිසුදරුවන් 46 කට 2,10000 මුදලක් පරත්යාග කිර්ම විදුහල්පති නිමල් දිසානායක මැතිතුමා ගේ ප්රධානත්වයෙන් සහ මුල්ය ආධාර ලබාදුන් පරිත්යාගශීලීන් කිහිප මදනෙකුගේ සහභාගිත්වයෙන්, රහල් විදුබිමේ ප්රධානශාලාවේදී සිදුවුනි. ක්රීඩා[සංස්කරණය] මහා ක්රිකට් තරග[සංස්කරණය] දෙනුවර සටන[සංස්කරණය] ශාන්ත ඇලෝසියස් විද්යාලය සමග 2011 වනතෙක් මෙය පැවැත්විණි. පළමු “දෙනුවර සටන” (Battle of Two Cities) පැවතියේ ක්රි.ව. 2004 මාර්තු මස ගාල්ල අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගණයේ ය. ඉරට්ටේ අංකයක් සහිත වසර වල ඇලෝසියානුවන් තරගයේ සත්කාරකත්වය උසුලන අතර, ඔත්තේ අංකයක් සහිත වසර වල සත්කාරකත්වය උසුලන්නේ රාහුලයන් විසිනි. ඇලෝසියානුවන් සත්කාරකත්වය උසුලන විට තරගය ගාල්ල අන්තර්ජාතික ක්රිකට් ක්රීඩාංගනයේ ද රාහුලයන් සත්කාරකත්වය උසුලන විට තරගය මාතර උයන්වත්ත ක්රිකට් ක්රීඩාංගනයේද පැවැත්වීම සම්ප්රදායය යි. රුහුණු මායා හටන[සංස්කරණය] පන්නිපිටිය ධර්මපාල විද්යාලය විද්යාලය සමග 2012 වර්ෂයේ සිට රාහුල විද්යාලය තරග වදින අතර ප්රථම තරගය උයන්වත්ත ක්රීඩාංගනයේදී අප්රේල් මස පැවැත්විණි. රාහුල විද්යාලය සත්කාරක පාර්ශවය වූ අතර රාහුලටීවී ඔස්සේ මෙය සජීවීව විකාශය කෙරිණි.
hplt_2
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී යාපනයේදී පැහැරගැනීමට ලක්වූ ජනඅරගල ව්යාපාරයේ යාපනය දිස්ත්රික් සම්බන්ධීකාරක ලලිත් කුමාර් වීරරාජු මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නියෝගයක් රැගෙන පොලිස් නිලධාරීන් පිරිසක් අවිස්සාවේල්ලේ පිහිටි ඔහුගේ නිවසට පැමිණ තිබේ. පසුගිය අගහරුවාදා (11 දා) පොලීසියෙන් මෙලෙස නිවසට පැමිණ ඇත්තේ පොලොන්නරුව අධිකරණයේ විභාගවන නඩුවක වරෙන්තු නියෝගයකට අනුවය. ජාත්යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව යාපනයේ පැවැති උද්ඝෝෂණයක් සංවිධානය කිරීම සඳහා යමින් සිටියදී ලලිත් කුමාර් වීරරාජු මහතා සහ කුගන් මුරුගානන්දන් මහතා පැහැර ගැනීමට ලක්විය. ඉන් අනතුරුව එම පැහැරගැනීමට එරෙහිව රට තුළ දැවැන්ත විරෝධතාවයක්ද මතුවූ අතර නීතිමය ක්රියාමාර්ග රැසක්ද ගන්නා ලදි. කෙසේ වෙතත් මේවන තෙක් ඔවුන් දෙදෙනා පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව නැත.
hplt_2
Monday, April 5, 2010 සුරංගනා කතාවක් නොවූ ප්රේමයක කතාවක් . . . හෙවත් If you Love Something Set it Free . . ! මේ කතාව මා කිව යුතුමද . . . ???? මා මගෙන් යලි යලිත් අසා ගනිමි . . ! මේ කතාව කීමෙන් මා කෙතරම් අන්වර්ථ නාමයන් භාවිතා කලද ඒ සිදුවීම් අසුරින් ඔවුන්ගේ අන්න්යතාවයන් හෙලිවීමේ ව්යසනය හැර සිදුවිය හැකි වෙන කිසියම් සමාජ මෙහෙවරක් තිබේද . . .? "මේක කාටවත් කියන්න එපා" යි හෝ "මම මේක කාටවත් කියන්නේ නෑ" යි යනුවෙන් වූ වාචික පොරොන්දු නොමැති කමින් මේ කතාව ඔබ සැමට කීම සාධාරණීකරනය කිරීම නම්වූ ආත්ම වංචාව කිරීම පහසු වුවත් . . . හර්දසාක්ෂිය නගන චෝදනාවලින් බැහැර වීම කල හැකි වේද . . .? If you Love Something Set it Free . . . if it comes back, it's yours . . .. if it does't, it never was . . .. ! (ඔබ යමකට ආදරය කරයි නම් එයට නිදහස දෙන්න.., එය සැබෑවට ම ඔබේ නම් ඔබ වෙතම රැඳේවි.., එසේ නොමැති නම් එය කවදාවත් ඔබ ළඟට නො ඒවි...!) මේ කතාව කොතෙක් අසා තිබුනත් සැබෑ ජීවිතයේ මා දැක ඇත්තේ එවැනි කතා දෙකක් පමනි. ඉතිරි සියල්ල නිමල් ගුණසේකර මහතා ගීතයෙන් පවනස පරිදි "හිත වටේ වැටක් බැඳලා මා ඔබේම යයි කියලා කොටු කර ලන්නෙපා සිර කරලන්නෙපා මුලු ජීවිතය මා ගේ . . ආදරේ නිසා කියලා" කියනවා වගේ ආදරේ නාමයෙන් . . . අනිත් කෙනාත් තමා සතුටු වන ලෙසම නැතිනම් තමාට සතුටු ලෙස ජීවත් වීම අනිවාර්යක් ලෙස සලකා පෙලීමක් . . ආදරේ නාමයෙන් දඬුවමකට යටත් කිරීමක් ලෙස තමයි මා දැක තිබුනේ . . . ! තමන් ආදරය කරන කෙනාගේ සතුට තමන්ගේ සතුටයි කියලා සිතන්නවුන් ඇතැයි සිතීමත් සුරංගනා කතාවක් මෙන් වූ ලෝකයේ සැබෑ ලෝකයේ මා ඇසූ එකම හැබෑ වූ සුරංගනා කතාව වූ මෙය ඔබ හමුවේ තබන්නේ කාරනා දෙකක් හේතුකොටගෙන. . .. එකක් ඕනෑම කෙනෙක් තමන් විසින් කිසියම් වරදක් කරයි නම් නම් තමාට ඒ වරද කිරීමට හේතු ඇතැයි තමා විසින්ම එය සාධාරණීයකරන කිරීම සාමාන්යයෙන් සිදුවන දෙයයි. නමුත් ඒ තමාගේම වරද දෙස තමා ට තුන්වෙනි පාර්ෂව කරුවෙකු ලෙස බැල්මක් හෙලීමට අවස්තාවක් ලැබුනහොත් තමාගේ වරදේ තරම තමාට ම වැටහී යා හැකියි යන මගේ උපකල්පනය . . අනෙක් හේතුව කතාව අවසන ලියා තබන්නම් . .. . අසන්න මේ ඒ සුරංගනා කතාවක් නොවූ තමන් ආදරය කරන කෙනාගේ සතුට තමන්ගේ සතුටයි ලෙස සැලකූ ඒයට වන්දි ලෙස වේදනාව උරුම කරගත් මානවිකාවකගේ කතාවයි . . .. ! "විහඟ නුවන් විජේසේකර" එක වසරේ සිටම එකට සිටි ඔහු හා මා එකල නිකම්ම නිකම් කලාස්මේට්ලා පමනක් වීමු. නිවසේ සිට කිලෝ මීටරයක් පමන දුරින් තිබූ මගේ නිවසේ සිට මා පයින් එන විට ඊට අඩු දුරකින් තිබුනු ඔහුගේ නිවසේ සිට ඔහු පසැල් ආවේ පියාගේ කාරයෙනි. ඔහුගේ පියා ඉතා ඉහල රැකියාවක් කල අයෙක් බවත් මවත් ගරු කටයුතු රැකියාවක් කල බවත්, පවුලේ නෑදෑයින් සියල්ලෝ ඉතා ඉහල රැකියා හෝ ව්යාපාර කරන ඉහල පංතියේ බව මා දැන ගත්තේ තෙවෙනිවර අප මුන ගැසුනාට පසු මිතුරු කම් අලුත් වූවාට පසුවයි. තෙවෙනි වර කියා කීවේ මුලින්ම එක වසරේ සිට එකට සිටි අප හත වසරේදී ඔහු අපේ පාසැලින් අස්වී කොලඹ ප්රධාන ජාතික පාසැලකට යනතුරු තිබුනු අපේ මිතුරු කම පලමු හමුවීමයි . . දහය වසරේදී මගේ පාසලේ මිතුරන් නිදහස තිබූ උපකාරක පන්තියකට ගියා වුවත් අක්කාගේ අනුදැනුමෙන් තද විනය නීති තිබූ උපකාරක පංතියට යාම පටන් ගත් අවදියේ ඇති වූ පෙර තිබූ මිතුරු කම අලුත් වීම අපගේ දෙවෙනි හමුවීම් වටයයි . . . කෙතරම් තද විනය නීති තිබුනා වුවත් ගුරුවරුන්ගේ කනින් රිංගා පෙම් කල අපි සියල්ලෝ අතුරින් මූලිකයා ඔහුයි. ඔහුගේ ප්රේමයට උදව් කරන්නා වූ මාත් ඒ ගොඩටම වැටී, ඔහුගේ සබඳකම් ශක්තිමත් වෙද්දී මගේ පෙම් සබඳකම් නරුමයෙක් මෙන් බිඳ හෙලීමේ වරදට ඔහු මා සමඟ අමනාප වී උසස් පෙළින් වසර හයකට පසු අහම්බයෙන් එකම බස් රියේදී මුනගැසී නැවත් අලුත් වුනු මිතුරුකම අපේ තෙවෙනි හමුවීම් වටයයි .. "අම්මෝ උඹව දැක්ක කල්" "ඔව් නේ බං . . අවුරුදු කීයක්ද?" "මම උඹව හිටපු ගමන් දකිනවා ඒත් අර පරන තරහට කතා නොකර ඉන්න හිතුවා. හැබැයි මම බස් එකේ ඉන්නකොට උඹ හෝල්ට් එකේ ඉන්නවා තමයි මම දැක්කේ" "ඒකට කමක් නෑ. මොකෝ මේ බස්වල?" "තාත්තලට වාහන තිබ්බට මට නෑ නේ බං. මගේ ගමන දැන් බස් එකේ" "කොහොමද චමිදි? උඹල බැන්දද? දැං අවුරුදු 10ක් විතරනේ උඹලගේ ලව් එකට" "ම් ම් ම් අපි ලඟදී එෆෙයාර් එක නැවැත්තුවා බං" "මොක . . .. ක්? ඔච්චර ස්ට්රොග් රිලේෂන්ශිප් එකක්?" "ගෙවල් වලින් කැමති වෙලා හිටියා. ඒත් පස්සේ කිසි තේරුමක් නැති ප්රශ්නයක් නිසා එයාලගේ ගෙදරින් කචල් දැම්මා. චමිදි ත් එකපාටම නවත්තමු කිව්වා" "අයියෝ හරි අපාරදයක් නේ . . උඹ හෙන අප්සට් යන්න අති නේද? දැං ෂේප්ද" "අවුරුදු 10ක් නේ බන්. මුලින් හෙන අමාරු උනා හිත හදා ගන්න ඒත් දැන් ගොඩක් ෂේප්" ඒ විදිහට අලුත් වුනු අපේ මිතුරු කම ඔහු මගේ නිවසට නිතර යන්න එනන් ගත් හා මා ඔහුගේ නිවසට නිතරයන්න එන්න ගත් පසු දැඩි මිතුරු කමක් වෙන්න බලපෑ හේතුවක් ලෙසට මගේ විනෝදශීලී හැසිරීම ඔහුගේ පවුලේ නෑදෑයන් ඇතුලු සියලු දෙනාටම අතහැරිය නොහැකි තරමට දැනෙන්න වීම කියා කීවොත් එය බොරුවක් නොවේ. . . එකම වත්තේ ගෙවල් කීපයක ජීවත් වූ ඔහුගේ නෑදෑ පිරිසත් ඔහුගේ පවුලේ අයත් ඇත්තෙන්ම බොහෝ දිනවල සවස 6න් 7න් පසු මා එනතුරු මඟ බලා සිටින තරමට මගේ ඇසුර ඔවුන් ප්රියකලා. බොහෝ දිනවල ඔහු මා ඔහුගේ මිතුරියකගේ නිවසට කැඳවාගෙන ගියා. ඈ "විහඟි" කඳුරට ගම් පලාත වුවත් පවුලේ බාලයන් වූ ඇගේත් නංගීගේත් මල්ලීගේත් ඉගෙනීමේ පහසුව තකා ඇගේ පවුලේ අය කොලඹ අවට තාවකාලික පදිංචියට පැමින එතරම්ම කාලයක් ගත වී නෑ. කන්ද උඩරට වැදගත් ව්යාපාරික පවුලකින් පැවත එන්නෝ. ගමේ හැදුනු අය නිසා කුලෑටි අය කියා අප සිතුවත් කොලඹ අය තරම්ම සමාජශීලී ලෙස ඔවුන් වටපිටාවේ අය ඇසුරු කලේ . . ඇගේ වැඩිමහල් සොයුරා ඉතා තද අයෙක් බවත් නපුරු අයෙක් බවත් ඈ කීප වර පැවසූ අයුරු මට මතකයි. මෙසේ කාලයක් යන විට ඔවුන් අතර ඇත්තේ මිතුරු කමක් පමනක්ද කියා මට ඇති වූ සැකය ඔහුගේ නිවැසියන්ටත් තිබුනා. "පුතා ඔයා විහඟ ගෙන අහන්න විහඟි එක්ක එෆෙයර් එකක් තියෙනවද කියලා . . . ඒ කෙල්ල නම් හරි හොඳයි . . මෙයා චමිදි ගේ සීන් එකෙන් අප්සෙට් ගියාට පස්සේ හරිම නපුරු වුනා පුතා. අපි හිතුවේ ආයි කාටවත් ලව් කරන එකක් නෑ කියලා" විහඟගේ අම්මා නිතර මා උනන්දු කලා ඒ ගැන ඔහුගෙන් අසා දැන ගන්නට. "මචං රෑ දොලහයි . . උඹට හෙට වැඩ නේද? මම උඹව අම්මගේ කාර් එකේ ගිහින් දාන්නම්" "කමක් නෑ විහඟ, මම ට්රයිශෝ එකක යන්නම්. අද මට බයික් එකේ එන්න කම්මැලි හිතුනා" "පිස්සුද හිටපන් මම උඹව ගිහින් දාල එන්නම්" "හරි උඹ මට තාම කිව්වේ නෑ නේ උඹයි විහඟියි අතරේ තියෙන්නේ මොනවගේ ෆිට් එකක්ද කියලා" "නිකම් ප්රෙන්ඩ්ෂිප් එකක් විතරයි බං" "උඹට ෂුවර් ද" "ඔව් මචං ඔව්. චමිලි හිංදා බිඳුනු හිත හැදුවේ විහඟි. එයා තමයි මට මගේ දුක කියන්න පුලුවන් වුනු, මගේ දුක අහපු, ඒ දුකින් මිදෙන්න මට පාර පෙනන්පු කෙනා. අපි හොඳ යාලුවෝ" "හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්" පහුවදා සවස 2ට පමන මගේ කාර්යාලයේ පියන් පැවසුවේ කිසිවෙක් මා මුනගැසෙන්න පැමින ඇති වගයි "විහඟ. . මොකෝ සීන් එක" "බලපන් අර කැබ් එක ඇතුලේ ඉන්නේ කවුද කියලා" "විහඟි . . . හායි නංගී. . . මොකෝ මේ අලි බෑග් එකකුත් කැබ් එකේ දාගෙන" "නුවන් අයියගෙන්ම අහන්නකෝ" "මොකෝ බන්. . උඹල පැනලා යනවද?" "මචං, අපි දෙන්න කසාද බඳින්න යන්නේ. උඹ එන්න ඕන සාක්කියට අත්සන් කරන්න" "මොකා . . .. . ක්?? ඇයි යකෝ ඊයේ රෑ 12ටත් මම ඇහුවාම උඹ කිව්වේ උඹලා අතරේ එෆෙයා නෑ කියල . . දැන් මොකෝ මේ??" හරි කතාව කියන්නම් උඹ ෂෝර්ට් ලීව් දාලා වරෙන් කෝ. මා පහලට එන විට ම මගේ තවත් මිතුරෙක් මා මුන ගැසෙන්න ඇවිත්. "මචන් වරෙන් පොඩි ගමනක් යන්න" "හරි විහඟ . .දැං කියපන් මොකෝ මේ හදිස්සිය කියලා" "මෙහෙමයි අපි අතරේ කාලෙක ඉඳන් එෆෙයාර් එකක් තිබුනා. චමිලිගේ සීන් එකෙන් මාස ගානකට පස්සේ තමයි ඒක පටන් ගත්තේ. ඊයේ විහඟි ලගේ අම්මා අපි දෙන්නගේ හඳහන් බලලා, මේක කොහොමත් කරන්න දෙන්න එපා කියලා කිව්වලු. පස්සේ විහඟිට අම්මා ආදරෙන් කිව්වලු මාව අමතක කරන්න කියලා" "මම කියලම හිටියා අයියා නුවන් අයියව අමතක කරන්න බෑ කියලම. අපේ අම්මා මට ගැහුවේ බැන්නේ නෑ ආදරෙන් කිව්වේ." "තව පාරක් කියලා තේරුම් කරල දුන්නොත් මොකද? "අපෝ අපේ අයියට කිව්වොත් එයා මාව ගමේ එකක්ගෙන යනවා ෂුවර්. ඊට පස්සේ නුවන් අයියට ආයේ පාරක් පරන වේදනවාම විඳින්න වෙන්නේ. මට බෑ ඒ දේ කරන්න ඉතිං මම අකමැත්තෙන් වුනත් මේ තීරනේ ගත්තා" කෙසේ හෝ පවුල් දෙකේම බලවත් ඉල්ලීම මත කීප දිනකට පසු පැමිනි ඔවුන් පවුලේ දෙකේම නෑදෑ හිතමිතුරන් මැද විවාහ උත්සවයක් පවත්වා පවුල් දෙකටම සිදුවිය හැකි අවමානයෙන් ගලවා ගත්තා . . . ඉන් පසු සියල්ලෝ සතුටින් ජීවත් වුනා යැයි කීමට ම සතුටු වුවත් එය එසේ නොවීම කෙසේ නම් අදහන්නද . .. ? ඔවුන්ගේ විවාහයෙන් වසර හතරකට පමන පසු දිනක මට නුපුරුදු අංකයකින් ලැබුනු දුරකතන ඇමතුමක් . . . "අයියා මම විහඟි" "හලෝ . . කොහොමද ඉතිං . . කොහෙන්ද මගේ මේ නම්බර් එක හොයා ගත්තේ" "නුවන් අයියගේ පොතක අහම්බෙන් දැකලා මම ලියා ගත්තේ. ඒක නෙමෙයි අයියා කවදද ආපහු ලංකාවට එන්නේ?" "ලබන මාසේ එනවා ඇයි නංගී" "අයියා මට අයියට කතා කරන්න ඕන . . මට මේක කියන්න වෙන කිසි කෙනෙක් නෑ අයියා. ඔයා ලංකාවට ආපු ගමන්ම නැතත් පුලුවන් ඉක්මනට මාව මීට් වෙන්න අනේ ලොකු පිනක් " "හරි මම අපු ගමන් කතා කරන්නම්කෝ මේ ඔයාගේ මොබයිල් න්ම්බර් එකනේ. . ? "ඔව් අයියා" ඒ වෙනකොට විහඟ ඔහුගේම ව්යාපාරයක් හිමි වාහන දෙකක් හා ඉහල සමාජ සම්බන්ධකම් ඇති මධ්යම ප්රමානයේ නමුත් සාර්ථක ව්යාපාරිකයෙක්. නිවාඩුවේ මුල් දින කීපයෙන් පසු මා විහඟ ලගේ නිවසට ගිය විටෙක එහි සිටියේ ඔහුගේ මව පමනයි . . "අනේ පුතා බලන්න මේ අපේ බූරුවා කරන වැඩ. මට නම් මූ මගේ දරුවෙක් කියන්නත් ලැජ්ජයි" "ඇයි ඇන්ටි මොකද්ද සීන් එක?" "මූ මුගේ සෙකට්රි එක්ක යාලු වෙලානේ. ඒ ගෑනි දනන්වා මූ බැඳපු එකෙක් කියලා ඒකි මූව රවට්ටගෙන මුගේ සල්ලි වලට ද කොහෙද" "මොකක් . . මට නම් හිතා ගන්නවත් බෑ. විහඟ ඒ ජාතියේ එකෙක් නෙමෙයි ආන්ටි කාගේ හරි බොරුවක් වෙන්න ඇති "නෑ පුතා මූ මයි විහඟි දූට කියලා තියෙන්නෙ කෙල්ල රන්ඩු කරද්දී . . .එහෙම එකක් තියෙනවා ඉන්න පුලුවන් නම් හිටපන් බැරි නම් පලයන් කියලා." "අයියෝ" "ඒකනේ පුතා දැන් දරුවො දෙන්නෙක්. අනික මේ කෙල්ල වගේ කෙල්ලෙක් මම හිතන්නේ නෑ අපේ රටෙන් හොයන්න වත් පුලුවන් කියලා.හරිම අන්ඩර්ස්ටෑන්ඩබල්, ඒ වගේම ජොලි යෙ ඉන්න කැමති කෙල්ල . . ඕන දෙකට ඕන වෙලාවක . . . අපේ පවුලේ හැමෝම මූට වැඩිය අදරෙයි මේ කෙල්ලට" “අන්න විහඟි ආවා ලමයින්ව ටියුෂන් අරන් ගිහින්. මම ළමයින්ව මේ ලඟ පාර්ක් එකට එකක්ගෙන යන්නම් පුතා එයා එක්ක කතා කරන්නකෝ” "හලෝ හලෝ කොහොමද?" "අනේ හරිම දුකෙන් ඉන්නේ අයියා. අම්මා කිව්වද සීන් එක?" "ඔව්" "මම මුලින්ම අම්මට වත් කිව්වේ නෑ ඒත් නුවන් අයියා නිතර නිතර මාත් එක්ක රන්ඩු කරද්දී අම්මල තේරිලා ඇහුවා" "ඒක නෙමේ කෝ ගෙදර අනිත් අය" "හැමෝම යුරෝප් වල සිටිසන් ලැබිලා ගියා. අම්මා ගිහින් ආවා මාව දාල යන්න බෑ කියලා" "ෂා හොඳයිනේ" "මම හැම දේම තනියෙන් විඳ ගත්තා අයියා මෙහේ අම්මට වත් කිව්වේ නෑ එයාල නුවන් අයියත් එක්ක තරහ වෙයි කියලා." “ඇත්තෙන්ම මට මෙහේ අම්මට කියන්න වුනේ එක පාරක් නුවන් අයියා මත් එකක් රන්ඩු වෙලා මම මට ගෙදරින් යන්න කිව්වා. මම කැබ් එකක් ගෙන්නගෙන, බෑග් දෙකකට මගේයි ළමයි දෙනන්ගෙයි ඇඳුම් ටිකක් දාගෙන අම්මලගේ ගෙදර ගියා (මේ වන විට ඔවුන් තාවකාලික පදිංචිය විහඟ ලගේ නිවසේ සිට කි.මී. 10කට පමන දුකකට වෙනස් කරගෙන තිබිණ )අපේ අම්මල ඇහුවට මම කිව්වේ නෑ විස්තරේ. ගෙදර ගියා වුනත් මම බෑග් දෙක දොර ගාව තියාගෙන බලං හිටියේ නුවන් අයියා කොයි වෙලාවේ එයිද කියලා" "ඉතිං" "මම දන්නවා මෙහේ අම්මා ආපු ගමන් නුවන් අයියට බැනලා මාව එකක් යන්න එනවා කියලා. මෙහේ අම්මා මට හරිම ආදරෙයි. මමත් මගේ අම්මට තරම්ම මෙහේ අමම්ටත් ආදරෙන් සලකන්නේ. අම්මා වැඩ ඇරිලා ආපු ගමන් නුවන් අයියා එක්ක ආවා. මම වෑන් එක නතර කරපු ගමන් ගිහින් නැග්ගා අපේ අම්මලා එයාගෙන් මොකුත් අහන්න කලින්." "ඔයා නම් මාර ගෑනියෙක් නංගී" "ගියා වුනත් මගේ හිත මෙහෙමයි. අයිය කිසිම වැඩක් තනියෙන් කර ගන්නෙ නෑ. මට ඉතිං දුකේ බෑ තරහට යන්න කිව්වට එයා තනියෙම කොහොම කනව බොනව ඇත්ද කියලා හිතෙනකොට" "ඔයාට නම් පිස්සු ද කොහෙද විහඟී" "නෑ අයියා මම නුවන් අයියා අඳුන ගත්තු දවසේ ඉඳන් ප්රර්ථනා කලේ එයාගේ සතුට. මම එයාට ආදරේ නිසා තමයි එයගේ සතුටට කවදාවත් බාදා කලේ නැත්තේ" "අයියෝ මට නම් හිතන්නත් බෑ විහඟ ඔය වගේ වැඩක් කරයි කියලා." "ඒකනේ අයියා මටයි ළමයි දෙනන්ටයි හරිම ආදරෙන් හිටියේ. ඒත් දැන් ගෙදර ඉන්නේ බෝඩින් කාරයෙක් වගේ. ගොඩක් රෑ වෙලා එනවා, කනවා, නිදා ගනන්වා. අනිත් අය එක්ක කතා කලත් මාත් එක්ක වචනයක් වත් කතා කරනෙන නෑ" "මට හිතා ගන්නවත් බෑ නංගී මොනා කරනන්ද කියලා" "එයා එක්ක තරහා වෙන්න එපා අයියා . . මට මේවා අපේ අම්මලට වත් අයියලට නංගිලට මල්ලිලට කියන්න බෑ. අපි බැඳපු දවසේ ඉඳන් අයියා මට මගේ ම අයියා කෙනෙකුට වැඩිය හිතවත්කමින් සැලකුවා. අනික අපේ කසාදේ සාක්කියටත් අත්සන් කලේ අයියා. ඉතිං මට ඕන මේක කාට හරි කියන්න. . පංසලකට පල්ලියකට ගිහින් කියනවා වගේ කියනවට වැඩිය මගේ දුක, ආදරේ තේරුම් ගන්න පුලුවන් පන තියෙන කෙනෙකුට කියන්න . . . අයියා අහං හිටපු එකට පිං . .” දැනට වසර ගානකට කලින් සිදුවූ මේ සිදුවීමේ කම්පනය තාමත් මගේ හිතේ රැව් දෙන්නේ "අනේ මට ඒ වෙනුවෙන් කල හැකි කිසිවක් තිබුනේ නෑ නේද" කියමින් . . . . ! මුලින් සඳහන් කල ආකාරයට මේ කතාව කීමේ දෙවෙනි පරමාර්ථය අහම්බෙන් හෝ විහඟට මේ කතාව කියවන්න ලැබී විහඟිගේ ආදරයේ තරම ඔහුට වැටහී ඔහු ඈට කලේ කෙතරම් සාහසික කමක්දැයි වැටහී යලි පෙර පරිදි හෝ පෙරටත් වඩා ආදරයෙන් ඈ කෙරෙහි බැඳේවා කියා මා හදේ ඇති පිරිසිදු ප්රාර්ථයන යි. 77 comments: ඔය "විහඟ"ද මොකාද එකා මහ කාලකණ්නියෙක් නේ! :/ Grrr!ReplyDelete - AnonymousApril 5, 2010 at 11:01 AM අපි ආදරෙ අය අපිට ආදරෙ නොකළත් අපිට බෑ ඒ අයට ආදරෙ නොකර ඉන්න. මං නම් එහෙමයි...සුභ පැතුම් අයියා තවත් අලුත් දේකටReplyDelete Dinithi දිනිති ගෙ කතාවට මාත් එකගයි. අපි ආදරේ කරන්නෙ හිතකට. ඒ හිත එක තප්පරයෙන් වෙනස් වෙලා ඔය විහග වගේ වෙන්නත් පුළුවන්නෙ......ReplyDelete ඒත් ඉතින් සැබෑවට ආදරය කරද්දී අවිශ්වාසයක් තියාගෙන ආදරය කරන්නත් බෑ. මොනා උනත් විහග වැරදියි. හුගාක් වැරදියි ඇත්ත දුකා අයියෙ.... ආදරේ නම් නිදහස දෙන්න ඕනෙ...... උරුමයි නම් ලඟ රැදෙයි....... 'විහඟි' හැබෑවටම ආදරේ කරන කෙනෙක්........ හැබෑ ආදරේදි කෙනෙක්ට සතුටක් ලැබෙන්නෙ අනිත් කෙනාගෙ සතුට තුලින් විතරයි..... ඒත් මේ තරම් ආදරේ කරලත් විහඟිට ඒ සතුට නොලැබීම අවාසනාවක්.... විහඟිටත් වඩා 'විහඟ' අවාසනාවන්තයි..... මෙහෙම ආදරයකට පයින් ගහන්න තරම් මෝඩයෙක් වුන නිසාම.....නමුත් දෙයක් විය යුතුව ඇත්නම් නොසිනත විදියට සිද්ධවෙනවා........උරුම වුනත් නොවුනත් සැබෑ ආදරේ වෙනස් වෙන්නෙ නෑ.....ReplyDelete අවංකව ම කියනවා නම් මට කියන්න තියෙන්නේත් බුධාජීව මල්ලි කියපු දේම තමා...!ReplyDelete ඒකනේ මම කියන්නේ ... කසාදය තිත්තයි කියල... මේව දැක දැක කොහොමද විවාහ වෙන්නෙ..ReplyDelete ලූෂන් බුලත්සිංහල මහත්තයා කිව දේ කොයි තරම් ඇත්තද.... හැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ එක් වූ කිසිවකුත් හැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවේ වෙන් වී ගියවුන් සදාකල් පෙම්වතුන් ලෙසට ජීවත් වෙයි අපි හැම තිස්සෙම කියනවා ගැහැනු චපලයි කියලා ! නමුත් ඒ කතාවෙ තවත් පැත්තකුත් තියෙනවා කියල මේ වගේ කතා වලින් හොඳටම තේරුම් යනවා.ReplyDelete - උබ පොඩි ට්රයි එකක් දුන්නෙ නැද්ද මෑන්ට තේරුම් කරලා දෙන්න. නැත්තන් අර සෙකට්රි කෙල්ලට හරි තේරුම් කරලා දෙන්න ! mekay lokkaa. ehema eka parama aru weradi kiyanne nee mama. meke monawahari api nodanna kelit athi. balamuko mokada wenne kiyalaReplyDelete සම්පූර්ණ වැරද්ද උඹේ...ReplyDelete ඔක්කොම දැනගෙනත්... 1. අරූගේ හොම්බට දෙකක් නො ඇන්නට... 2. විහඟිට හොඳවයින් දෙකක් කියලා කසාදේයි ආදරෙයි කියන්නේ පරිත්යාගය නෙවෙයි කියන එක කියලා නොදුන්නට ඊට අමතරව... 3. මෙතන ඉන්න උන්ටත් ආදරේ කියන්නේ තමන් ආදරේ අයගේ සතුට යන අමූලික බොරු කියාදීම... 4. කඩුවක් ඇවැසි තැන කඩුවක් ගෙන කොටනු යන ගීතය ප්රචලිත නොකිරීම... 5. ආදරේ යනු තමන් ආදරේ කරන දේ හොඳින් හරි නරකින් හරි තමන් ලඟ තබා ගැනීම යන දේව භාෂිතය ප්රචලිත නොකිරීම තව නං එමට ...දැනට ඔය මදෑ නොමග ගිය සිත් නිවැරදි මගට දාන්න... @budhajeewa, LishWish !ReplyDelete අනේ මන්දා . . මම කෙල්ලෙක්ට බූට් එක තිබ්බා කියලා මාත් එක්ක අවුරුදු ගානක් තරහා වෙලා හිටපු එකා . . . @දිනිති! ඒත් ඒ අදරෙන් දෙන්නටම වැඩක් වෙන්නේ නැත්නම් ඒ ආදරේ නොකර ඉන්න එකමයි හොඳ . . . මේකේදී විහඟි ආදරේ කරන එකෙන් අඩු තරමින් දරුවන්ගේ අනාගතේ වත් සුරක්ෂිතයි නේ . . @දිල් ! මම නම් තාම්ත් හිතන්නේ විහඟට හා විහඟිට පූර්ව ජන්ම අකුසලයක් පලදෙනවා කියලයි . . . ඒක නිමා වුනාම දෙන්නම පෙර පරිදි සතුටින් ඉඳීවී කියලයි මම හිතන්නේ. @විශ්මි ! මගේ හැඟීමත් විහඟ අවාසනාවන්තයෙක් නිසා කියන එකයි විහඟිගේ ආදරේ නොතේරෙන්නේ . . . ඒත් අනේ මන්දා මට නම් මේ කතාව මතක් වෙන කොටත් හිතා ගන්න බෑ කාගේ වරදද මොකක් කියන්නද මොකක් කරන්නද කියලා . .. @වත් !ReplyDelete ඔයාගේ කසාදය පෝස්ට් එකට දාපු කමන්ට් එකම මෙතන මම දානන්ම් . . ඒක තමයි නියම පිලිතුර ඔයාට දෙන්න ඕන . . හැම කසාදයක්ම තිත්ත කසායක් වගේ නෙමෙයි . . . කසාදය තිත්ත කසයක් නොවෙන්න නම් සිදු විය යුත්තේ අවබෝදය ස්වාමියා කැමති බිරිඳ මම කැමති දේවල් වලට කැමති වෙනවා නම් බිරිඳ කැමති ස්වමියා තමන් කැමති විදිහට ඉන්නවානම් If you love something set it Free කියන එක අහලා තිබුනට කරන්නේ ආදරේ නාමයෙන් අනිත් කෙනාට විලංගු දාන්න හදන එක. (මම මේ ඔයාට ආදරේට කියන්නේ කියලා) එතකොට ඇති වෙන්නේ ආදරයක් නෙමේ තරහක්. ඒත් ඔයා අර කිව්ව බැමි නිසා තරහා හිරකරගෙන ඉන්නවා. තොටිල්ල පදවන අත ලොවක් පාලනය කරයි කියලනේ කියන්නේ. . . (කසාද නොබැඳ දරුවන් වැදීම නොහොබිනා කමක් කියා සිතන නිසා)ගෑනු ඔක්කෝම කසාදය කසායක් කියලා හිතාගෙන කසාද නොබැඳ හිටියොත් . . . අපේ රටේ හෙට දවස බාර දෙන්නේ කාටද . . .? @රොකියා | Udara!ReplyDelete නෑ මචන් විහඟි එයා එක්ක මේ ගැන කතා කරන්න එපා කිව්ව නිසා මම මොකුත් ඇහුවේ නෑ . . . මගේ නිවාඩුව සීමා සහිත නිසා මට වැඩි දෙයක් කරන්න ලැබුනෙත් නෑ අඩු තරමින් විහඟ ව මීට් වෙන්න වත් පුලුවන් වුනේ නෑ. මගේ වෙඩින් එකට උන් දෙන්න ළමයි එකක් ආවා (දනට අවුරුදු තුනාමාරකට කලින්). ඒ වෙලාවේ මම ශේප් එකේ විහඟි ගෙන් ඇහුවාම කිව්වේ දැන් ගොඩක් ශේප් කියලා. දැන් නම් කාලෙකින් විස්තර අහන්නත් බැරි උනා . . @බිඟුවා...!ReplyDelete අනේ මන්දා බන් . . . වෙලාවක විස්තර අහන්න ඕන. කාලෙකේන් කතා කරන්න බැරි උනා . . මගේ ෆෝන් එකේ කන්ටෑක්ට්ස් ඔක්කොම ඩිලීට් වෙලා දැන් ආපහු හොයා ගන්න වෙනවා කොහෙන් හරි උන්ගේ කන්ටෑක්ස්. අනේ මන්ද බන්. මටනම් තෙරෙන්නෑ. මට ඔහොම කෙල්ලෙක් හිටියනම් කියල හිතුනා. ඒත් අපිට කාටවත් වරද පටවන්න පුලුවන්ද කියල මට තෙරෙන්නෑ. මගේ 3න් අවුරුදු ප්රෙමයක් තිබ්බා. එක දවසක් උදේ පාන්දර එයා කතා කරල මට කිව්වා...ReplyDelete "xxxx අයියෙ, මට සමාවෙන්න. මම කසාද බැන්දා" කියල... එදා ඉදන් මම අවුරුදු2ක් විතර යනකම් බඩදරු අම්මකෙනෙක්ටවත් සීට්1ක් දුන්නෙනෑ...මට ඒ තරම් මට ගෑනු සංහතියම එපාවුනා... දැන්නම් ටිකක් ඒක හරි... මම ඒක පොස්ට්1ක් විදියටම දන්නම්කො... මොන රෙද්දක්ද ඌට @#$@$$$ කියල අම්මත් එක්ක රට ගිහින් ලමයින්වත් අරන් අලුත් ජීවිතයක් පටන් ගන්න තියෙන්නෙ. මිනිස්සු මුලින්ම ආදරේ කරන්න ඕනෙ තමන්ටම. අනිත් ඔක්කොටම ඊට පස්සෙ. රෙද්දෙ ආදරේ මම නම් කියන්නෙ මෝඩ කම. තිස්ස අයියා කියල තියෙන දේවල් වලට සම්පූර්ණයෙන්ම එකඟයි.ReplyDelete තිසා!ReplyDelete කෙලා හුටා ! සම්පූර්ණ වැරද්ද උඹේ... මොකක් . . ??? 1. අනුන්ගේ පවුල් ප්රශ්න වලට කොහොමෙයි බන් එහෙම කඩා පනින්නෙ? අනික උගෙන් අහනන්වත් එපා කියල තියෙද්දී?? 2. ඒක නම් මම කියන්න පුලුවන් විදිහකින් කිව්වා . . . ඔය තරම් ම ආදරේ කරන්න එපා . . ඕක නිකම් අන්ධ භක්තියක් වගේ කියලා . . 3. මාල ගිරවා ව තටු කපලා කූඩුවක හිර කරලා ඌට පියාඹන්න නොදී තියා ගන්න එක ඌට තියෙන ආදරේද මම මාල ගිරවුන්ට ආස නිසාද කියලා මට නම් තාම හිතා ගන්න බෑ . . . 4. ඒ කියන්නේ තමන් ගේ ආගම නො අදහන එකා මිත්යාදෘෂ්ටිකයා නිසා ඌව මගේ ආගමට ගන්න ඕන නැති නම් ඌව විනාශ කරන්න ඕන . . .ඒකද මචං . . ? 5. හඃ හඃ හා . . . ඔන්න උඹේ බළලා මල්ලෙන් එලිය පැන්නා . . . ඕකට කියන්නේ ආදරේ නෙමෙයි බං කෑදරකම . .. හික් හික් හික් . .. "තව නං එමට ...දැනට ඔය මදෑ නොමග ගිය සිත් නිවැරදි මගට දාන්න..." අනේ ඉතුරු ටිකත් කියපන් බං . . . @Buddy --බඩී !ReplyDelete මටත් හිතා ගන්න බෑ කාගේ වරදද කියලා . . . හැබැයි මචං එක මකුනෙක් කාපු එකට ඔක්කෝම මකුනෝ මරන එක නම් අනුමත කරන්න බෑ . . . හරි හරි ලියන්නකෝ අපි බලමු . .. සමහර විට අර ඉන්දික්ගේ කතාවේ වගේ උඹේ වැරදිත් තිබුනා වෙන්න පුලුවන් . . .ඒත් තමන්ට තමන්ගේ වැරදි පෙන්නේ අඩුවෙන්නේ බන් . . @තරිඳු!ReplyDelete ඈ බං බන කියපු කටකින් නේද උඹ මේ කුනුහරුප කියන්නේ . . හික් හික් . .. වෛරය අවෛරයෙන් ජය ගන්න බැරිද එතකොට . . ?? තරහව මෛත්රියෙන් ජය ගන්න බැරිද . . ?? ඉන්නකෝ ඒ කෙල්ල ජය ගත්තද පරාද වුනාද කියලා මම හියලා බලා කියන්න . .. මතක තියා ගන්න හැමෝම එකම සාහසික විදිහට ආදරේ කරන්නේ නෑ . . මම අත්දැකීමෙන් කියන්නේ . .. ඒ උනත් දුකා අයියේ කතාවක් තියෙනවනෙ වඳින්න වඳින්න ගහන මිනිහයි, ගහන්න ගහන්න වඳින මිනිහයි දෙන්නම මෝඩයෝ කියල.ReplyDelete හිහ් හිහ් හිහ්... මට තනියම හිනා...උඹේ මූණ මට මැවිලා පේනවා...ReplyDelete 1. උඹ ඇසූපිරූ තැන් ඇති මිනිහ වෙච්චි...උඹට තිබ්බ සක්රීයව මැදිහත් වෙන්න... මමනම් කඩා පනිනවා, දැන දැන මගේ හිතවතෙක් බුලක් කෙලිනවනම්... යාලු කං යකාට ගියාදෙං කියලා... අර පොඩිඋන් ගැන හිතලා... 2. No Arguments... both agree... 3. උඹට හිතාගන්න බැරිනම් උඹේ වරද... උන්ට හිතෙන්නැත්නම් උන්ගේ වරද... උඹ ගිරවට ආදරෙයි.. එච්චරයි... වැඩේ complex කරන්න එපා... "ලස්සන ගීත කියන... සොම්නස සතුට ගෙනෙන පෙම්බර ගිරවිය ගැන මොනවද දැන් කියන්නේ මම..." 4. ඕං.. ඕං... යෝගියා කිව්වා ආගම, ජාතිය, දේශපාලනය බ්ලොග් වලට ගන්න එපා කියලා... මම යොගී අනුගාමිකයෙකි... 5. මං දන්නේ නෑ බං... මට ඕනෑ දේ, මට ඕනෑ... වචනේ මක්ක උනහම මොකද...? වෙලාවක එන්නං ඔය පැත්තේ ...ඉතිරි ටික කියන්න..හෙහ් හෙහ් හෙහ්... අනේ මන්දා මොනා කියන්නද කියලා.ReplyDelete තමන් කැමති තැන් වල මිනිස්සු රැදෙනවා. අකමැති තැන් වලින් ඈත් වෙනවා. ඒවට සාධාරණ හේතු කියල දෙයක් ඒ අයට අවශ්ය වෙන්නෙත් නෑ.එක අතකට සාධාරණයි අසාධාරණයි කියල බෙදල වෙන් කරන්න සීමාවනුත් අපිට නෑ. හිත් ගැන හිතා ගන්න බෑ.. @තරිඳු, තිසා!ReplyDelete ඇති යාන්තම් . . දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ . . මම හිතුවේ මගේ කමෙන්ට් එක හින්දා මගේ ආදරණීය යාලුවෝ දෙනෙන්ක් තරහ වුනා වත්දෝ කියලා . . . මිටින් මුදා හැර බැලුවෙමි සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී... කියන සිංදුව අහල තියෙනවද ?ReplyDelete සොරි වෙන්න කියල මට මේකට ඊමේල් එකක් පෝස්ට් කරන්න වෙලා තියෙනව ඒත් කෑලි දෙකකට දාන්න වෙයි වගේ.. අවුලක් නම් මකල දාන්න.. To those who are married, .. Not married .. and soon to be married When I got home that night as my wife served dinner, I held her hand and said, I've got something to tell you. She sat down and ate quietly. Again I observed the hurt in her eyes. Suddenly I didn't know how to open my mouth. But I had to lether know what I was thinking. I want a divorce.. I raised the topic calmly. She didn't seem to be annoyed by my words, instead she asked me softly, why? I avoided her question. This made her angry. She threw away the chopsticks and shouted at me, you are not a man! That night, we didn't talk to each other. She was weeping. I knew she wanted to findout what had happened to our marriage. But I could hardly give her a satisfactory answer; she had lost my heart to Dew. I didn't love her anymore. I just pitied her! With a deep sense of guilt, I drafted a divorce agreement which stated that she could own our house, our car, and 30% stake of my company. She glanced at it and then tore it into pieces. The woman whohad spent ten years of her life with me had become a stranger. I felt sorry for her wasted time, resources and energy but I could not takeback what I had said for I loved Dew so dearly. Finally she cried loudlyin front of me, which was what I had expected to see. To me her cry was actually a kind of release. The idea of divorce which had obsessed mefor several weeks seemed to be firmer and clearer now. The next day, I came back home very late and found her writingsomething at the table. I didn't have supper but went straight to sleep and fell asleep very fast because I was tired after an eventful day with Dew. When I woke up, she was still there at the table writing. I justdid not care so I turned over and was asleep again. In the morning she presented her divorce conditions: she didn'twant anything from me, but needed a month's notice before the divorce. She requested that in that one month we both struggle to live as normala life as possible. Her reasons were simple: our son had his exams in amonth's time and she didn't want to disrupt him with our broken marriage. This was agreeable to me. But she had something more, she askedme to recall how I had carried her into out bridal room on our wedding day. She requested that everyday for the month's duration I carry herout of our bedroom to the front door ever morning. I thought she was going crazy.. Just to make our last days together bearable I accepted herodd request.ReplyDelete I told Dew about my wife's divorce conditions.. . She laughedloudly and thought it was absurd. No matter what tricks she applies, she has to face the divorce, she said scornfully.. My wife and I hadn't had any body contact since my divorce intention was explicitly expressed. So when I carried her out on the first day, we both appeared clumsy. Our son clapped behind us, daddy isholding mummy in his arms. His words brought me a sense of pain. >From the bedroom to the sitting room, then to the door, I walked over ten meters with her in my arms. She closed her eyes and said softly; don't tell our son about the divorce. I nodded, feeling somewhat upset. I puther down outside the door. She went to wait for the bus to work. I drove alone to the office. On the second day, both of us acted much more easily. She leaned on my chest. I could smell the fragrance of her blouse. I realized thatI hadn't looked at this woman carefully for a long time.. I realized she was not young any more. There were fine wrinkles on her face, her hair was graying! Our marriage had taken its toll on her. For a minute I wondered what I had done to her. On the fourth day, when I lifted her up, I felt a sense of intimacy returning. This was the woman who had given ten years of her life to me. On the fifth and sixth day, I realized that our sense ofintimacy was growing again. I didn't tell Dew about this. It became easier to carry her as the month slipped by. Perhaps the everydayworkout made me stronger. She was choosing what to wear one morning. She tried on quite afew dresses but could not find a suitable one. Then she sighed, all my dresses have grown bigger. I suddenly realized that she had grown sothin, that was the reason why I could carry her more easily. Suddenly it hit me... she had buried so much pain and bitternessin her heart. Subconsciously I reached out and touched her head. Our son came in at the moment and said, Dad, it's time to carry mum out. To him, seeing his father carrying his mother out had become anessential part of his life. My wife gestured to our son to come closerand hugged him tightly. I turned my face away because I was afraid I might change my mind at this last minute. I then held her in my arms,walking from the bedroom, through the sitting room, to the hallway. Her hand surrounded my neck softly and naturally. I held her body tightly;it was just like our wedding day.ReplyDelete But her much lighter weight made me sad. On the last day,when I held her in my arms I could hardly move a step. Our son had gone toschool. I held her tightly and said, I hadn't noticed that our life lacked intimacy. I drove to office.... jumped out of the car swiftly withoutlocking the door. I was afraid any delay would make me change my mind... I walked upstairs. Dew opened the door and I said to her, Sorry, Dew, Ido not want the divorce anymore. She looked at me, astonished, and then touched my forehead. Doyou have a fever? She said. Imoved her hand off my head. Sorry, Dew, I said, I won't divorce. My marriage life was boring probably because she and I didn't value the details of our lives, not because we didn't loveeach other any more. Now I realize that since I carried her into my home on our wedding day I am supposed to hold her until death do us apart. Dew seemed to suddenly wake up. She gave me a loud slap and thenslammed the door and burst into tears. I walked downstairs and drove away. At the floral shop on the way, I ordered a bouquet of flowersfor my wife. The salesgirl asked me what to write on the card. I smiled and wrote, I'll carry you out every morning until death do us apart. That evening I arrived home, flowers in my hands, a smile on my face, I ran up stairs, only to find my wife in the bed - dead......I cried and cried uncontrollably and carried her for the last time from the room to the hall with tears streaming down my face and gazing at my only son, his tears rolling from his eyes, they made me cry even more. I had lost my love, my wife and a loving and caring mother and nothing I could do now to put the clock backward. I had all the time now to look at her motionless body in detail but I knew it was going to be only for a short while until she made her last journey to the Lord.....I held my son and wept again and again thinking of all the things I did not do for her when she was still alive....... ..and placed gently the flowers in her hands with my tears trickling on them.......she was gone forever, all my tears would not bring her back . The small details of your lives are what really matter in arelationship. It is not the mansion, the car, property, the money in the bank, blah..blah.. blah. These create an environment conducive for happiness but cannot give happiness in themselves. So find time to beyour spouse's friend and do those little things for each other that build intimacy. Do have a real happy marriage! If you don't share this, nothing will happen to you. If you do, you might just save a marriage. තරහ වෙන්නෙ අහවල් එක බෙදා ගන්න බැරුවද ? හිකිස් :DReplyDelete @සු෴ !ReplyDelete it is so touching story and this story really made me cry . . . ! what to say . . .. ! I hope he may read this post and this comments as well and realize how much she loves him, before her death . . . ! @සු෴ !ReplyDelete "I hope he may read this post and this comments as well and realize how much she loves him, before her death . . . !" i mean my friend "Vihanga" විහග මේ තරම්ම් ලොකු වැරද්දක් කරද්දිත් ඒ හැමදේම ඉවසගෙන ඉන්න තරම් විහගිගෙ හිත ශක්තිමත්.ReplyDelete ඒ පිළිබද මගේ ප්රසාදය. අනික තමන්ගෙ පවුල රැකගන්න ඕන කියන අදහසත් හුගාක් උතුම්. එත් අර තරිදු කියන්න වගේ ගහන්න ගහන්න වදින එකත් මෝඩය, වදින්න වදින්න ගහන එකාත් මෝඩයා කියන කාරනෙ විහගිට පැහැදිලි කරල දෙනව නම් තමයි වටින්නේ ......... දුකා හනේ බං...උඹ තාමත් හිතනවද ඌ මෙව්වා කියවලා හැදෙන එකෙක් කියලා...?ReplyDelete පිස්සුද බං... මට නම් හිතෙන්නෙම දෙකක් අන්නවන්නමයි... උඹ ලව්වා හැබැයි ඈ.. @ දුකාReplyDelete කෙලෙස් පර්වත පොත බැලුවනම්, ඒකෙ ඉන් සුභාට වුනදේ මතකද. එතකොට අර දරුව සනීප කරගන්න සත්ය ක්රියා කරපු ගැහැණිය මතකද? බොරුවෙන් වැහුණ විවාහායක්..??? අපොයි එපා මට නම්.... නිමලවංශලා වැඩි ලෝකේ.. උපතිස්සලා හිඟයි දුකා.. දුකාReplyDelete මම ඒ කෙල්ල වුනානම්. අර සෙක්ක්රටි කෙල්ලත් එක්ක එයාට ඔන දෙයක් කරගන්න කියල දරුවනුත් අරන් නොපෙනෙන දුරකට යනව. කවදහරි මට හරියන ආදරයක් හමුවුනොත් (නාකි වෙලා හරි) ඕන දේයක් කියල එයත් එක්ක ජීවත් වෙනව. හැබැයි විවාහ වෙන්නෙ නැහැ. විවාහය ආදරය විනාශ කරනව......... @දුකා,ReplyDelete පේගන් කතංදර වලට අනුව ඉස්සර මිනිස්සුන්ට ඔලු දෙකයි අත් හතරයි, කකුල් හතරයි තිබුනලුනෙ. ඒ අයට තිබුනු ශක්තිය ගැන බයවුනු 'සූස්' (දෙයියංගෙ ලොකු බුවා) මිනිස්සුන්ව දෙකඩ කරලා අද තියන තත්වෙන් හැදුවලු. නමුත් හිත එකයිලු. එදා ඉදලා මිනිස්සු තමංගෙ අනිත් කොටස හොය හොය ඉන්නවලු. තමංගෙ සහකාරයා (පරණ). හොයාගන්න එක ලේසි නෑලු තවත් මොකද්ද සාපයක සීන් එකක් නිසා. කතංදර කොහොම කිව්වත් අරූට හොම්බට දෙකක් ඇනපු නැති එකනම් ලොකු අපරාධයක්. @සු෴, that's the best story i read since the one about 'the boy who scratched dad's car'. විහඟ ද මොකක්දෝ එකාට පින නෑ. ඔය වගේ උන්ට කියන්නේ පිංගුත්තරයෝ කියලා.ReplyDelete ඔයාට තිබුණේ අර ගල් බමුණට දෙකක් කියලා මතක් කරල දෙන්න. කතාව කියවද්දි ලොකූ දුකක් හිතේ ඇතිල්ලීගෙන ගියා.. දුක දැනුනේ විහඟලා, විහඟිලා ගැන විතරක්ම නෙමෙයි දුකා අයියේ... සමස්ත ලෝකය ගැනම..ReplyDelete ආදරය ජීවිතයේ අපරිමිත උත්තරීතර ආත්මය කර ගන්නා අහිංසක විහඟිලා ගැන කෑ ගහලා අඬන්න තරම් දුකයි. අපේ ජීවිත වලත් අඩු හෝ වැඩි වශයෙන් විහඟිලා ජීවත් වෙනවා අයියේ... මුලු හදවතින්ම අවංකව ආදරය කරන අහිංසක ආදරනීය ගැහැනුන්ට 99%ක්ම අවස්ථා වලදී මුණ ගැහෙන්නේ, හිත යන්නේ විහඟලා කෙරෙහිම වීම මට නම් දිග හැර ගන්න බැරි ප්රශ්නයක්..බොහෝ උතුම් විහඟිලා දෙවිවරුන් මගහරිමින් ගොස් නවතින්නේ විහඟලා ගාව. හිතා ගන්නවත් බැහැ. එක අතකින් විහඟට උනත් දොස් කියන්නේ කොහොමද? කෙනෙක් ජීවිතයේ අලුත් අරමුනක් සොයා යන්නේ වර්තමාන අරමුණු වල අඩුවක් දැනෙන නිසාදැයි කවුද දන්නේ... මම මෙහෙම ලිව්වට සමා වෙන්න.. මෙහිදී මා මතු කරන්නේ සාධාරණ සමබර තත්ත්වය මිසක් ඔබ ලියූ කතාවේම පසුබිමම නෙමෙයි.කෙසේ වෙතත් අඩුව පිරිමසා ගන්නට , තමුන්ගේ ජීවිතය තුල විසාල කැප කිරීමක් කල අයෙකුට එවන් දුකක් දීම කිසි සේත්ම අනුමත කල නොහැකියි. මිනිස් සිත විවිධාකාරයි. විෂමයි. එය ඉන්ද්රජාලයක් මෙන් මොහොතින් මොහොත වෙනස් වෙනවා. මොහොතකට පෙර වෛර කල දේට මොහොතකින් ආදරය කරනවා. එයයි මනෝ භාවය... සිතෙහි ස්වභාවය.. මිනිස්කම හඳුනන අපි, සිතට පාට වෙනස් කරන්නට ඉඩ ගන්නා විට, සිත දෙසම මොහොතක් හැරී බැලිය යුතුයි. කරන්නට යනදේ විවරණය කල යුතුයි. එසේ නොවෙද්දී විහඟලා අතින් මග හැරී යන විහඟිලා තව තවත් මේ සමාජයේදී අපට හමුවේවි. විහඟිලා ඉන් නොනැවතේවි. අනාගතයට ඔවුන් ගෙන යන්නේ මිනිසුන්ට වෛර කරන , මිනිසුන් විස්වාස නොකරන දරුවන්. අම්මෙකුගේ කඳුලු, තාත්තෙකුගෙ ලෙන්ගතු පවුල් බැඳියාව නොදකින දරුවන් කෙසේ නම් කුටුම්භයට ගරු කරාවිද? ආදරය අහිමි වීමම පමණක් නෙමෙයි මෙහි ව්යසනය.. එයින් බිඳ වැටෙන හදවත් දරන්නේ විහඟලා, විහඟිලා පමණක් නෙමෙයි, විහඟ පැටවුනුත්... @ සු෴ReplyDelete i cried.... cried and cried... hope this story will make a few 'divorce minded' fools look back what they are going to do... i pray ..and pray.... thanks a lot su for sharing this.. it was such a message to the whole world.. about love.. what actually missed in human lives.. its very very true.. and sometimes we are 'too late' ...hmmmm මම දවල් මෙක කියෙව්වෙ, කියවන ගමන් හැමතැනම හිත දුවොලා බැලුවා විහඟගෙ ඔලුව ගැන, එයාගෙ වැඩ කිඩ ගැන.ReplyDelete දුකා අයියා කෙනෙකු දුකකින් ඉන්න විට අපිට පුළුවන් වචන වලින් කෙනෙක්ගෙ හිතකට අවශ්ය ශක්තිය දෙන්න.. විහඟ සාර්ථක ව්යාපරිකයෙක් කියන්නෙ, එයා ගෙ ගතිගුණ අනුව ඔයා එහෙම පුද්ගලික සීමාවන් ඇතුලට ගියොත් ගැටුමක් ඇතිවෙන්න ඉඩතියනවා කොච්චර පිට් එක තිබුනත් ඔයගෙ සමාජ පන්තියෙ තිබෙන ස්භාවය අනුව.. නමුත් ඔයාගෙ ගති ගුන අනුව ගැටුමට පෙර ඔයා අයින් වෙන්න පුළුවන් නමුත් එතනින් තවත් විහඟි ට බලපැම වැඩිවෙනවා. එයා යි ඔයයි දෙන්නම පිරිමි අය හින්දා ඔයාට එයගෙ ඇතුලට දැන්නන යමක් කරන්න අමාරුයි.. හැබැයි ඔයාට විහඟි ගෙ හිතට හැදෙන්න වචන ටිකක් දෙන්න පුළුවන්...මෙතනදි විහඟි නිශ්ශබ්දව දරුවන් දිහැ බලලා, දරුවන් වෙනුවෙන් කැපවෙලා, උන් කෙරෙහි සම්පුර්න අවධානය දක්වන එක තමයි විහඟිගෙ සම්පුර්නත්වය.. හැබැයි ඔයගෙ යහලුවා කොච්චර සෙල්ලම් දැම්මත් එයා තැනකදි ගොඩාක් අසරණ වෙනවා.. ඔයාට පුළුවන්නම් එයාට එතන ගැන මතක් කරන්න... එක වටිනවා..යහලුවා නිසා යහලුවගෙ බිරිද වෙදනාවෙන්.. නමුත් යහලුවා අන්ධ වෙලා.. කොහොම උනත් යහලුවගෙ බිරිද දරුවො දෙන්නවත් අරන් කොහෙවත් නොයන එක.. දුකා අයියා මෙතන දාල තියන පොස්ට් එක කියවන්නකො.. නමුත් මෙ ප්රශ්නයට මැදිහත් වෙන්න කවුරු හරි ඔනා.. එ දෙන්නගෙ තාත්තාලා තමයි හොදම මිනිස්සු. තව දෙයක් හොයන් යන්නෙ වර්ථමාන ව ලැබෙන දෙ අඩුවක් නිසා කියන එක මම පිළිගන්නෙ නැහැ..(ජිවිතෙ මල්). මිනිස්සු කොහොමත් ආසයි.. නමුත් බුද්ධියක් , හදවතක්, හෘදසාක්ෂියක් තියන මනුස්සයෙක් කවදාවත් තමුන්ගෙ බිරිදව ඈත් කරන්නෙ නැහැ කිසිම හෙතුවක් නිසා.. දැන් මෙතන මම දකින විදියට ලිංගික ජිවිතෙ ගැටලුවක් තිබෙවා වෙන්න පුළුවන්. නමුත් දරුවො දෙදෙනෙක් වදාපු ගැහැණු කෙනෙකුගෙන් වයස 25 ක තරුණියෙකුගෙ ලැබෙන ලිංගික සතුට බලාපොරොත්තු වෙනවා නම්.. එ මනුස්සයා මන්ද බුද්ධිකයෙක් වෙනවා. කසාද බැන්දට පස්සෙ වෘතිය ජිවිතයයි, ගෘහ ජිවිතයයි, ලිංගික ජිවිතයයි, ආධ්යාත්මික ජිවිතයයි... පටලවගන්නෙ නැහැ..හොද හැගිම් තියන මිනිස්සු.. මෙතන ප්රශ්නයක් තියන්නෙ පිරිමි කෙනාගෙ හිතෙ, හදවතෙ .. අම්මලා තාත්තාලා දරුවන්ව කිසිම තෙතමනයක් නැතුව හදලා.. මෙතන තියන්නෙ පිරිමි කෙනාගෙ හදවතෙ අවුලක්. මෙ මනුස්සයාට යමක් ලැබිලා තියනවා.. දැන් කරන දෙවල් වලින් එවා නැතිකරගන්නවා.. මම හිතනවා යහලුවා වයස 38 ක් , 40 ක විතර කෙනෙක් කියලා.. යහලුවට හොද යහලුවෙක් නැතිවෙලා මෙවා කියලා දෙන්න..යහලුවා ගොඩාක් ලොකු අමාරුවක වැටෙනවා..ධනය අතින් නොවෙ. මෝඩ කොල්ලෙක්.ඒත් විහඟ ගෙ පැත්තෙන් එයාට කියන්න තියෙන කතාව මොකක්ද දන්නෙ නෑ...හ්ම්...ReplyDelete @සු෴,-ඇත්තෙන්ම හරිම දුක්බර කතාවක්.බඳින්නත් එපා වෙනව මේව කියෙව්වම.divorce වෙන්න බඳින්නෙ ඇයි?hmmmm I'll rather live together! @සු෴ !ReplyDelete some one can say your story is collection of some one thoughts.. but i belive this is the reality.. impact is the most important thing affect for realationship. if some one forget her/his partner fragrance of affection he/she will be worry oneday. thanks for sharing sensitive story among us.. මේක දැක්කහම ලඟදි බලපු මෙක්සිකානු චිත්රපටියක් මතක් වුනා...Carlos Reygadas ගෙ Silent Light.. මේකේ කතා නායකයා Johan ලමයි ඉන්න පියෙක්... ආදරණීය බිරිඳක් ඉන්න සැමියෙක්....දේව භක්තිකයෙක්.. ඒත් මෙයාට වෙන සම්බන්දයක් තියනව තවත් කාන්තාවක් එක්ක...ඒක මෙයාගෙ බිරිඳ, තාත්ත, හොඳම යාලුව දන්නව.... ජොහාන්ගේ අදහස තම අනියම් පෙම්වතිය තමාට මේ ලෝකේ ගැලපෙන හොඳම ගැහැනිය කියලා. ඒත් එයා තමාගේ බිරිඳ ගැන හරිම දුකකින් ඉන්නෙ... චිත්රපටිය පුරාම තියෙන්නෙ ජොහාන්ගේ guilty එක... මේ අනියම් පෙම්වතුන් දෙන්න ලිංගිකව එක්වන ජවනිකාවකදි පවා මතු වෙන්නෙ ඔවුන් දෙන්නගෙම තියන පසුතැවිම.... ඒත් මේකෙදි ඔහු තමන්ගේ බිරින්දෑට රළු විදිහට සලකන්නෙ නැහැ....ReplyDelete දුකාගේ කතාව කියවද්දි මට මෙහෙම හිතුන... මට මනෝ විද්යාව ගැන ලොකු දැනුමක් නැහැ..ඒත් මේක මම දැකපු දේවල් වලින් ගොඩනගා ගත්ත අදහසක්. සමහර වෙලාවට මිනිස්සු තමන්ගෙ guilty එකට ප්රතික්රියා දක්වන්නෙ හරිම වෙනස් විදිහට. තමන් කාට හරි වරදක් කලා කියල හිතුනහම ඒ guilty එක පිටකරන්නෙ ඒ වරදට ලක් වෙච්ච පුද්ගලයට රළු විදිහට සැලකීමෙන්. මේක මම දැකල තියන දෙයක්. සමහර විට තමන්ට මේ වරදකාරි හැගීම ඇතිවුනේ (තමන්ගෙ වරද නිසා උනත්) අර මනුස්සයා නිසා කියල තමන්ගෙ selfish යටිහිතෙන් එන අදහස නිසා ඇති වෙන කෝපයක් වෙන්ඩත් පුලුවන්...එක හරි කියන එක නෙවි කියන්නෙ...ඒත් එහෙම දේකුත් තියනව කියන එකයි මට කියන්ඩ ඕනෙ..ඒක හරිම දුක්බර තත්වයක් මට හිතෙන්නේ විහඟ පිට කරන්නේ එයගේ guilty එක... විහඟ හිතින් සෑහෙන්ඩ විඳවනව ඇති කියලා හිතෙනවා... මොනව වුනත් විහඟි ගැන මට දුකයි.. දෙන්න ගැනම දුකයි.... චමිල ටReplyDelete විහඟ එහෙම guilty එක පිට කරද්දි එයා යම් තැනක් ඉතුරු කරන්න ඔනා තමුන්ගෙ අත්මයට ගැලවිම පිණිස, එයාට හොදම තැන තමයි එක්කො දෙමව්පියො නැත්නම් හොදම යහලුවෙක්.. නමුත් දුකා අයියා පොස්ට් එකෙ දලා තිබුණු විදියට විහඟ ඇතුලෙ තිබෙන දෙ පිට කාටවත් බිරිදටවත් දැනෙන්න දිලා තිබලා නැහැ. විහඟ එ වෙලාවෙ එහෙම විදවන්නෙ නැතුව ඇති.. එයා පසුතැවිලිවිමක්, වරදකාරි ස්භාවයක් එහෙම පිට කරයි කියලා හිතන්න අමාරුයි සාර්ථක බිස්නස් එකක් කරගෙන යන කෙනෙක්, අවුරුදු 10 ක් ආදරය කරපු කෙනෙකුව ලෙහෙසියෙන් අතහැරපු කෙනෙක්, දුකා අයියා මෙ විහඟ ගෙ චරිත ලක්ෂන පෙන්නුම් කරලා තියන විදියට මට එහෙම හිතන්න අමාරුයි... @චමිල: මෙන්න හොඳ සමබර දැක්මක්... මාත්, දුකාත් අතරට...ReplyDelete මෙහෙම තමයි කල්පනාව එක් එක් කෙනා වෙන් වෙන්ව යොමු කලයුත්තේ... (හැබැයි මගේ විසඳුම තාමත් දත් නැතුව බත්...විහඟට..!!!) නියමයි චමිල...නිකං චිත්රපටියක් බලලා ආතල් ගන්නවට වඩා... හිතන්න පුලුවන් පරාසය පුලුල් කර ගන්න එක... රවා ට... හොඳ පොයින්ට් එකක්...!!! හැබැයි මට හිතෙන දේ තමයි කොච්චර ලොකු සාර්ථක මිනිහෙක්ගෙ උනත් guilty කියන එක තියෙන්ඩ පුලුවන්. ලොකයට හරිම සතුටු මුනක් පෙන්නගෙන, ඒත් ඇතුලෙන් තැවි තැවි ඉන්න මිනිස්සු ඕනෙ තරං. අනික විහඟ කාටවත් ඒක කිව්වෙ නෑ කියන එකෙන් කියන්ඩ බෑ එහෙම දෙයක් නෑ කියලා. එහෙම කාටවත් නොකිය ඉන්න එකෙ ආතතිය විගඟි හරහ පිටවෙනව වෙන්ඩත් පුලුවන්... රවා කියනව වගේ ඇත්තටම මිනිහගෙ හිතේ එහෙම guilty එකක් නැත්තන් එහෙම වෙන්ඩ හේතුව විදිහට මට පේන්නෙ විහඟ විහඟිව දකින්නේ අපි බලන කෝණයෙන් නෙවේ. අපට අනුව විහඟි හරිම ආදරණීය, යහපත් බිරිඳක්. දේවතාවියක් වගේ... ඒත් විහඟගෙ විහඟි ගැන චිත්රය මීට වඩා සම්පුර්නයෙන්ම වෙනස් ඇති. මිනිහට අනුව මේක වරදක් නෙවේ... එහෙම නැතුව අපි බලන කෝණයෙන්ම බලලා, guilty එකකුත් නැතිව ඉන්ඩනන් විදිහක් නෑ මට හිතෙන විදිහට.ReplyDelete තිස්ස අය්යට...ස්තුතියි ප්රශසාවට...!!! සමහර දේවල් වලදි අයියගේ දත් නැතුව බත් තියරිය හරියටම හරි යන, බොහොම ප්රැක්ටිකල් විසඳුමක්. ඒත් මේ ප්රශ්නෙදිනන් ඒ විසඳුමට යන්ඩ දත්ත මදි කියල හිතෙන්නෙ... :D චමිල අයියා..ReplyDelete මමත් විහඟගෙ දරුවෙක් වගෙ කෙනෙක්.. මෙතනදි විහඟගෙ ලක්ෂන වලට සමානව තමයි මගෙ පියා හැසිරුනෙ. මුලදි හංගා ගෙන අනියම් සම්බන්දය ගෙනිච්චත්, දිනෙක අම්මා ඉදිරියෙ පිළිගන්න සිදු උනා. මව ඉට පස්සෙ බොහොම නිශ්ශබ්ද උනා. මිනිස්සු තමුන්ගෙ වරදකාරි ස්භාවය පිට කරන විදියක් තමයි ලක් වුනු කෙනාට රළු විදියට සැලකීම. එහෙම වෙන්නෙ මානසික විකෘතිතාවයක් නිසා. නමුත් එවැනි විකෘතියක් පෙන්නන්නෙ නැහැ විහඟ. එහෙමනම් එයා එක විහඟිගෙ මුණට කියන්නෙ නැහැ. බිස්නස් කරන අය බොහොම සියුම් මොලවල් තියන අය. මෙ අය පසුතැවිලිවිම්, වරදකාරි හැගිම් ඉතාම සුලු මොහොතකට පමණයි තබා ගන්නෙ.. හිත ඇතුලෙන්ම කරුණු කාරනා මතු කරන් එයාල තමුන් කරන දෙ නිවැරදි යන්න හදවතට දන්වනවා...විහගි රන්ඩු කරනවා කියන දෙයින් පෙනෙන්නෙ විහඟිත් උත්සහයක් දරනවා විහඟගෙ වෙනස්විමට ප්රතිරොදයක් දක්වන්න. මගෙ අත්දැකිම් වලට අනුව නම් විහඟ ගෙ දරුවන් දෙස බලන විට විහඟට කෙදිනක හො එම වරදකාරි හැගිම කැලලක් ලෙස හිටින්න පුළුවන්.. මාරම සංවේදි කතාවක් . . හැමදේම හොදින් විසදෙයි.ReplyDelete මතකයිනේ මුලින්මත් මම කිව්ව මම මේ කතාව ලියන්නේ දෙගිඩියාවකින් මොකද ඒකෙන් මේ චරිතවල නියම අනන්යතාවය හෙලිවීම හැර වෙන සිදුවිය හැකි යමක් වේදෝ කියල මට සැකයි කියලා .. . .ඒත් දැං මට දැන්න්නේ මම කලේ හරි දෙයක් කියලා. .ReplyDelete මේ කතාව කියවපු කිසිම කෙනෙක් අනාගතයේදී "විහඟ" කෙනෙක් නොවන බව මට විස්වාසයි. ඒකෙන් අනාගතයේ විහඟිලා වෙලා දුක් විඳින්න සිදුවෙන කාන්තාවන් කීපයක් හෝ එයින් මුදවා ගන්න ලැබුනා කියන සතුට මට බොහෝම වටිනවා. මම හිතනවා විහඟ හරි විහඟි හරි මේක දැක්කත් මා එක්ක තරහ වෙන එකක් නෑ ඒ හේතු නිසාවෙන්ම. මම හිතන්නේ චමිල කියපු දේ තමයි ගොඩක් වෙලාවට වෙන්න ඇත්තේ. මගේ වෙඩින් එක වෙලාවේදී විහඟ මම දැක්කා විහඟගේ ඇස් වල ලොකූ වේදනාවක් . . ඒක අර චමිල කිව්ව ගිල්ටි ෆීලින්ග් එක කියලා මම හිතනවා. එයා දන්නවා කවදාවත් ඒ වගේ කෙල්ලෙක් එයාට ලැබෙන්නේ නෑ කියලා. විහඟත් පාසැල් යන කාලේ ඊට පසු අපි ඇසුරු කල කාලේ හරිම සංවේදී කෙනෙක්. මම වගේම ඌත් ඉස්සර ෆිල්ම් බලලා පොත් බලලා අඬන කෙනෙක්. සල්ලි තිබුනා කියලා පොඩ්ඩක් වත් ආඩම්බර වුනු එකෙක් නෙමෙයි. අපි ක්ලාස් ඇරිලා එලියෙන් කෑම කන්න යන කොට මගේ දවසෙදි ඌ හොඳටම දන්න නිසා ඒ කාලේ මගේ ලඟ සල්ලි නෑ කියලා මාව අනිත් අය ඉස්සරහා නෝන්ඩි වෙයි කියලා බයට අද මගේ ගානේ කියලා පැනලා කියනවා. හැබැයි මට අඟවන්නේ නෑ ඌ මගේ ලඟ සල්ලි නෑ කියලා දනන්ව කියල වත්. දෛවයේ මොකද්දෝ සරදමකට වෙන්න ඇති ඌට ඔය විදිහට වෙන්න ඇත්තේ . . . මගේ නම් හැඟීම ගොඩක් වෙලාවට ලිංගික ආකර්ශයනක් වෙන්න ඇති . . . අධ්යාත්මික බැඳීමක් නම් ඌ විහඟි හැර වෙන කා එක්ක වත් ඇතිකර ගන්න එකක් නෑ කියලා මට ෆුල් ෂුවර්. අනික විහඟි දන්නවා ඌ කොයිතරම් ලව්ලි එකෙක්ද කියලා . . මම හිතන්නේ එයාගේ ඉවසීම ත් ඒ නිසාම වෙන්න ඇති . . මොකද ඒ කෙල්ල හරිම හොඳ ජීවිතාවබෝධයක් තියෙන කෙනෙක්. උන් බැදපු කාලේ ඉඳන් සෑහෙන කාලයක් වෙනකම් . හිටපු හැටි මට මතකයි. ඒ ගෙදර අය අතරේ ලොකූ බැඳීමක් ඇති කලේ විහඟි අරූ පිට අයට ගොඩාක් හොඳ උනාට ගෙදර අය එක්ක තරහකින් හිටියේ. ඒකට නම් ඌට සාධාරන හේතු තිබුනා. ඒත් විහඟි ආවහම ඒ හැම දේම නැතිවුනා. . . මට තාම මතකයි අපි කට්ටිය මහ රෑ වෙනකම් ඇවිදපු හැටි . . පාර්ටි වලට ගිය හැටි . . . සෙල්ලම් කල හැටි . . . සමහර විට මම රටෙන් පිට ගියාට පස්සේ ටිකක් දුරස් වෙන්න හේතු වෙන්න ඇත්තෙත් එයාලගේ කතාව හැපි එවර් ආෆ්ටර් එකක් වෙන ලකුනු මම දැකපු නිසා වෙන්න ඇති . .. මම හැම දෙනාටම පොරොන්දු වෙන්නම් ටික කාලයක් (මේ පෝස්ට් එකේ උනුසුම ගිහින් - මොකෝ බැරි වෙලාවත් බලපු කවුරු හරිගෙන් නම් මම කන්ටෑක්ට්ස් ඉල්ලන්නේ එයාල සැක හිතයි ) ගියාට පසු මම අද තත්වේ හොයලා බලලා කියන්නම් කියලා . .. හව දෙයක්, අග පිපි මල් කතාව බලපු හරි ටෙලිය බලපු හරි කෙනෙකුට හිතෙන්න පුලුවන් මේ වගේ සිදුවීම් වෙන්න පුලුවන් බව. මම පුද්ගලික ව මේ වගේ සිදුවීම් 3ක් හෝ 4ක් දන්නවා (මම ඉතිං දුකා නිසා මට කියනවා කියලා කියන්න පුලුවන්) කිසිම හේතුවක් නැතුව පෙරාපු රත්තරන් වගේ 100% පර්ෆෙක්ට් නැතත් හොඳ සැමියන්ව / බිරිඳව එපා වුනු පවුල් කීපයක් ගන මම දන්නවා. මට ඒ කතා කීමෙන් එයාලා බලාපොරොත්තු වෙන්නේ උපදෙස් නෙමෙයි. තමන්ගේ හිත සනස ගන්න විස්වාස කල හැකි ඒ විස්තර අනවශ්ය ලෙසට යොදා නොගනී කියල විස්වාස කෙනෙකුට කියන එක. රවා අහල තිබුන විහඟ ගේ වයස . . ඔයා කියපු තරම් වයසක එකෙක් නීම්යි . . . මේ සිදුවීම වෙනකොට ඌට 30යි. තිසා කියල තිබුන දත් න්යායට මට යන්න බැරි උනේ මම නඩු ඇහුවේ එක පාර්ශවයකින්නේ . . . එහ්ම කොහොමද විත්තිකරුගෙන් ප්රශ්න කරන්නේ වත් නැතුව ඌට දඬුවම් කරන්නේ . .. කොහොම උනත් කමෙන්ට් කරපු හැම දෙනාටම ස්තූතියි . .. වෙන වෙනම පිලිතුරු දෙන්න ඕන අයට (විශේශයෙන් වත් ට ) වෙන වෙලවක පිලිතුරු දෙන්නම් . . . මිනිස් හිත කාට නම් හඳුනා ගත හැකිද...ReplyDelete @ දුකා: Damn good concluding remark mucho...! I bow to your most humble nature my dear friend... Truly glad to have a friend like you....ReplyDelete @Raven!ReplyDelete ඒ අතරෙම මිනිස්සු අතින් වැරදි වෙනවා ඒ වැරදි අඳුන ගත්තු සමහරු යලි ජීවිත කාලයකටම ඒ වැරදි නොකර ඉන්නවා . . . සමාහරු තමන් කරන්නේ වරද්දක් බව දැන දැනම ඒ වැරද්ද යලි යලිත් කරනවා . . . මනෝ විද්යාවෙන් පිලිතුරු දිය යුතු ප්රශ්නයක් වගේ නේද මලේ . . ! @පබලු ! ඇත්ත ඒත් කලින් සුන්දර මිනිසෙක්ව සිටි බව ඈ දන්න නිසා සමාව දුන්න විය හැකියි. . අනික ඔහුගේ වරද හඳුනාගෙන ඔහුට ඒ වරද නිවරදි කර ගන්න කාලයත් ලබා දෙන්න ඈ හිත හදා ගන්න ඇති කියලා මම හිතනවා @änthräX ! ඔය බොරු සුරංගනා කතා බං . . . හරි ඌට හොම්බට අනින්න ඕන නෑ අනාගතේ උඹ ඒ වගේ වැරද්දක් නොකර හිටපන්කෝ . . ඒ හොඳටෝම ඇති . . . නැත්නම් උඹේ වියෝලා පවුනේ . . @වත්!ReplyDelete වත් කෙලෙස් පර්වත එකේ සුභාගේ දුර්වල පෞරුෂය නෙමෙයිද එයාට ඒ දුක උරුම කරලා දුන්නේ. කන්යාභාවය කියන්නේ ගෑනියෙක්ට මුලු ජීවිතේමද ??? පිස්සු විකාර !! සුභා නිමලවංශගෙන් පලිගන්නනේ ඌව බඳින්නේ . . . ! චේතනා හම් භික්කවේ කම්මං වදාමි . . . (හරිද මංදා කෝ මේ තරිඳු . .!) සුභාගේ චේතනාව හොඳ එකක් නෙමෙයි නේ ඉතිං ඊට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද . . . ? මිනිහෙක් නිමලවංශ කෙනෙක් කරන්නෙත් උපතිස්ස කෙනෙක් කරන්නේත් සුභා ල . . මතක තියා ගන්න . . මම ආයේ අයේ කියනවා තොටිලල් පදවන අත ලොවක් පාලනය කරයි . .. ගෑනු මාතෘත්වයට කාන්තාවන්ට ලැබිය යුතු නියම ගෞරවය ලැබිය යුතු ලෙස ඉන්නවා නම් උපතිස්සලා බිහිවෙන එක ඉබේ සිදුවෙනවා. එහෙම නැතුව ගෑනු හිට්ලර්ලා කාලි අම්මලා වෙන්න ගියාම නිමලවංශලා උඩපැන පැන පිනුම් ගහනවා . . . කලාතුරකින් අර මම කිව්ව වගේ දෛවයේ සරදමින් සිදුවෙන දේවල වලක්වන්න කාටවත් බෑ . . . ඉතිහාසයේ හැම සාර්ථක හෝ අසාර්තක පිරිමි කෙනෙක් ගැන හොයලා බලන්න . . පිටි පස්සේ ඉන්නේ ගෑනු කෙනෙක් නෙමෙයිද කියලා . . . විවාහ වෙන්න ඕන . . ගෑනු පිරිමින්ට වඩා අවබෝදයෙන් (පරිකල්පන ශක්තිය හා පිරිමි වැඩේන ලෝක වල බලපෙමෙන් පිරිමි අයව කල්පනාකාරී ලෙස පාලනය කල යුතුයි - ගහැනු ලොව පිරිමි ලොව පොත කියවන්න ) හැමෝගෙම ජීවිත පාලනය කරන්න ඕන . . දරුවෝ හදන්න ඕන . . . කල්පනාවෙන් උන් යහමගට ගන්න ඕන . . මේ හැම දේම තියෙන්නේ ගෑනු අතේ . . ඉතිං ඔයාලා බඳින්නේ නෑ කිව්වම කවුද මේවා කරන්නේ . . . අනේ මේ පිස්සු කරන්නෙපා වත් . . @මිස්සක !ReplyDelete ඒ පිංගුත්තරයා මේ වෙන කොට තේරුම් අරන් ඇති කියලා හිතනවා බං . . මට මගේ තිබුනු අනෙක් දේවල් එක්ක මේ සීන් එකට ගැඹුරින් ඉන්වෝල්ව් වෙන්න බැරි උනා මචන් . .. @ජීවිතේමල්! ඒක තමයි . . . විහඟ පැටව් ගැන සිතීමෙනුත් . . අතීතයේ ජීවත් වූ සුන්දර විහඟේ ගේ මතකයනුත් එකපාරටම වලදමානු බැරි නිසාවෙනුත් කාලයට ඉඩදීලා ඉවසගෙන ඉන්න (හිටි ) විහඟිගේ මාතෘත්වයටත් ප්රේමනීය හිතටත් මම ඇත්තෙන්ම ගරු කරන්නේ ඒ නිසාමයි . . . @දුකා: to ජීවිතේමල්... "...... ප්රේමනීය හිතටත් මම ඇත්තෙන්ම ගරු කරන්නේ ඒ නිසාමයි . . ."ReplyDelete දැන් තේරෙනවා මෙතන ප්රස්නෙට මුල... උඹ අපිව නියමෙට කඩේ යැව්වා නේ...? @තිසා!ReplyDelete මගුලක් කතා කරනවා . .යකෝ ප්රේමනීය හිත කිව්වේ ඌට පෙම් කරපු හිතට . . . හිටු තෝ හම්බුවෙනකම් මේ බ්රහස්පතින්දාට ඕවට රිටර්න් එක දෙන්න . . . Grrrrrrr දුකා ,වත් ට ලියුව කතාව නම් හරියටම හරි. ගැහැනිය කියන්නේ ලොවක් තැනිය හෝ නැසිය හැකි ආකර්ශනීය බලවේගයක්. පවුලක්, මිනිසෙක් හෝ රටක්. ඇත්ත... ගැහැනු තම ගැහැනු ගතිය , සුන්දරත්වය රැක ගන්නා අතරම තම බුද්ධිය වඩවා ගත යුතුයි. මේ දෙයම emphasise කරන කතනදරයක් මා අතිනුත් ලඟදි ලියවුනා .ReplyDelete දුකා ඔබ කියන ගැහැනු ලොව-පිරිමි ලොව පොත මාත් දුටුවා. අපූරුම පොතක් . නියමාකාර විවරණයක් දෙනවා ගැහැනු සහ පිරිමි මනස ගැන. ලෝකය තැනෙන්නේ මවකගේ බලපෑමෙනැයි මම කියනවා. මගේ පෝස්ට් එකක(http://sansaare.blogspot.com/2010/04/blog-post.html) මෙයම කියවෙන නිසා එය උධෘත කරන්නම් "දුවෙක් තුල සිටින අනාගත ගැහැනිය තීරණය වන්නේ අම්මාගේ පෞරුෂයෙන්. පුතෙක් ගැහැනිය කෙබඳු සත්වයෙක්දැයි මුලින්ම නිගමන වලට එලඹෙන්නේ අම්මගේ ප්රතිරූපයෙන්. ඒ නිගමන දුවෙකුගේ -පුතෙකුගේ හිතේ මියෙන තුරාවටම තිබෙන ආකල්ප බවට පත් වෙනවා. අම්මා තාත්තට කතා කරන විදිය, භාවිත කරන වචන, දෙයකට ප්රතිචාර දක්වන විදියේ පටන් අම්ම සමාජයේ හැසිරෙන විදිය දක්වා හැම දෙයක්ම දුවෙකුට ක්ලෝනීකරණය වෙනවා.එය කොතරම් අවැසි උනත් යටිහිතෙන් ඉන් පසු ඉවත් කරන්න බොහොම අපහසුයි. පුතෙක් ගැහැනිය නිර්වචනය කරන්නේ අම්මාගේ ස්වභාවය විශ්ලේෂණය කිරීමෙන්. ඒ නිසාම අම්මලා- බොහොම පරිස්සමෙන්. ඔබ තමයි දරුවන්ගෙ හැම ආකල්පයකම ආරම්භය.!" විහඟ පැටවුන් ගැන සිතන විහඟි ඉවසිලිමත් උදාර මවක්. එවන් ගැහැනුන් දුක් වින්දවීම විහඟ වැන්නවුන් කර ගන්නා පාපයක්... එහෙත් මෙය එක් පැත්තකින් ඇසෙන කතාවක් නිසා විහඟ ගැන වැඩි දෙයක් කතා කරන එක සුදුසුද මන්දා. ඒත් දරුවන්, අවබෝදයෙන් යුතු වටිනා බිරිඳ ගැන හිතලා විහඟ සත්යය දැකිය යුතුයි. ලාබාල වයසේම විහඟිට තනිවී ඉන්න වුනොත් විහඟ කර ගන්නා ලොකූ පාපයක්. දුකා අයියා .. ඔයා පොස්ට් එකෙ විහඟට අසාධාරණයක් කරලා තියන්නෙ.. විහඟගෙ න් බිරිදට ආපු වචන ටිකෙන් තමයි.. මම විහඟව එහෙම නිර්ණය කරෙ.... ඔයා විගඟට පොඩි සද්දයක් දැම්මෙ නැද්ද...?ReplyDelete බොහොම ස්තූතියි. "ගැහැණු ලොව පිරිමි ලොව" අර තඩි පොත කියවා ඇත්තෙමි. අපේ අම්මා කියනව වගේ " පොත් තමයි මාව පිස්සු වට්ටල තියෙන්නෙ,"...ReplyDelete තරහ වෙන්න එපා දුකා. ඔයා මගේ හිත රිද්දුවා. බොහොම ස්තූතියි. @වත්!ReplyDelete හැමදේටම කලින් සමාවෙන්න මට, මම ඒ වගේ ෆ්රී ස්ටයිල් එකකින් පිලිතුරු දුන්නේ ඔයාත් තිසා වගේම මට ගොඩක් ලඟයි වගේ හිතට දැනුනු නිසා . . නැතිනම් කවදාවත් මම ඒ විදිහට කෙලින්ම කියන්නේ නෑ විස්වාස කරන්න . . . ! මම හිතනවා ඔයා ඒක තේරුම් ගනී කියලා . . . . දුකා සහෝ,ReplyDelete මේකෙදි තව පැත්තක් තියෙනවා අපි බලනන් ඕන.විවාහයකදි ආදරය විතරක් නෙමේ ලිංගික සතුටත් ගොඩාක් වැදගත්. ඒ කියන්නෙ දෙන්නටම දෙන්නගෙන් පූර්න ලිංගික තෘප්තිය ලබාගන්න පුලුවන් වෙන්න ඕනි. කවුද දන්නෙ විහඟිට ඒක ලැබුනට විහඟට ඒක ලැබුන්නැද්ද කියලා......... දුක්බර කතාවක්.ReplyDelete මෙය හොඳ උදාහරණයක් විවාහ සංස්ථාව යහපත්ව පවත්වා ගන්න ගොඩාක් කැප කිරීම් කලයුතු වෙනවා, අවබෝධයෙන් කටයුතු කරන්න වෙනවා යන්න තෙරුම් ගන්න. එය සම සමව දෙදෙනාගෙන් සිදුවිය යුතු වගකීමක්. එහෙම නොවෙන්න තරාදියෙ එක පැත්තක් බරවෙන්න ගත්තාම... හරියට මෙතැනදී විහඟිය වගේ අසරණ වෙනවා. තරාදියේ දෙපැත්ත සම්බන්ධ කරන දණ්ඩ (බැඳීම) පවා කැඩෙන්න පුලුවනි. ඉන් දරුවන් මොනතරම් අවාසනාවන්ත තත්වයකට පත්වේවිද? විවාහ ජීවිතය ලොකු ෂොක් අබ්සෝබර් උඩ දිවෙන, දිවිය යුතු වගකීමෙන් පිරි වාහනයක්. වින්ඩ් ෂීල්ඩ් තියෙන්නේ සුලං පාර වලකන්න විතරක් නෙවේ, පැහැදිලිව දුර බලන්න පුලුවන් වෙන්නත් එක්කයි. මග අපහැදිලි වෙන වෙලාවට වයිපර්ස් ද පාවිච්චි කරන්න වෙනවා. එත් ඉතිං සුක්කානම අත ඇති ඇත්තෝ හොයලා බලලා වතුර පුරවන්නේ නැතිනම් ඝන වීදුරුව උනත් සීරෙනවා. කෙසේ නමුත් වාහනය පරිස්සමෙන් ඉදිරියට ගෙන යාම එකම අරමුණ විය යුතු වන්නේය. මෙවන් ලිපියක් ගෙනෙමින් කල සේවයට ඔබට තුති සොයුර. (අකුරු කෙටීමේ දෝෂය පමාවට හේතුවිය) විහග කියන්නෙත් හුදෙක් common ෙපාදු පුරුෂයෙක් තමයි..ReplyDelete භය හිතෙනවා... - AnonymousApril 6, 2010 at 9:19 PM දුකෝ....ReplyDelete මුලින්ම කියන්න ඔනෙ මේ කතාන්දරය වනාහි සුරoගනා කතාවක් නම් නොවේ....මෙය ඛේදාන්තයක්...හිතේ ඇතිවන සිතිවිලිවල ස්වාභාවයන් ගැන වැටහීමක් නැතිව අතොරක් නැති ආශාවන් සහිත සිතිවිලිවලට ඉඩදීමෙන් ඇතිවන අතුරු ඵලයක්...සමහරවිට දුකා කියන්න ඇත්තේ අපි දකින ඇතැම් නවකතාවල සිදුවීමක් හැබෑවටම අත් දකින්නට සිදු වූ නිසා වෙන්න ඕන... කොහොම නමුත් උක්ත කතානායකයා දෙවන වර ආදරය කළත් ඔහුගේ පළමු පෙම ගැන කළකිරීමක් වත් හිතේ තියෙන්න ඇති....දුකාට අතපසුවීමක් වෙලා තියෙන බව පේනවා....ඇය දුක් ගන්නා රාළව සොයාන එන්න ඇත්තේ...යමක් බලා පොරොත්තුවෙන්නේ...ඉතින් උඹට තිබුණා එකම එක සැරයක් හෝ මේ බිඳුණු සිත් ගැට ගහන්න උත්සහයක් ගන්න...එය අන් ජීවිතවලට අත පෙවීමක් නෙවි.... මම දුකාට යෝජනා කරණවා "දැන්ම සොයා බලාපන්" යමක් කළ හැකිද කියා....සමහරවිට උඹේ එක වචනයක් ඇතිවේවි... අවසාන වශයෙන් අපි ප්රාර්ථනා කරමු මේ කුරුළු කූඩුව ඉක්මනින් පෑහේවායි කියා... මේ සුලා... මිනිසාව තේරුම් ගන්න එක තමයි මේ ලෝකේ කරන්න අමාරුම දේ. මොකද කාලයත් සමග මිනිසා වෙනස් වෙනවා (බොහෝවිට)ReplyDelete @හුටපටයා!ReplyDelete ම් ම් ම් බලමු මොනා හරි දුකාට මේ වෙනුවෙන් කරන්න පුලුවන් වෙයිද කියලා . . @- නිල් අහස -! හිතත් වෙලාවකට අහස වගේ කියලා කියනේ එක නිසා වෙන්න ඇති නේද . .. ? @ජීවිතේමල් ! ඔයාගේ ඒ ලිපිය හරිම වටිනා ලිපියක් ඒක මම මූනු පොතේ ශෙයාර් කලා. හොඳ දේවල හැමෝටම කියවන්න අපි මග පාදල දෙන්න ඕන නේ . . @Rosha ! ඒක තමයි මට මේ සිදුවීමට බලපෑමක් කල හැකි විදිහේ තත්වයක් තිබුනේ නෑ. එකක් මට විහඟ ගෙන් අහන්නවත් එපා කියලා කියපු එක. අනික මම මගේ කෙටි කාලීන නිවාඩුවේදී (මාසයක නිවාඩුවේදී අවුරුද්දක ඒවා කරගෙන එන්නයි අපි ප්ලේන් කරන්නේ.. පිට රට ඉන්න අය ඒක දනන්වා ඇති) මට වැඩි කාලවේලාවක් ලැබුනේ නෑ. තව දෙයක් විහඟ ගේ කාල වේලා වල් වලට සෙට් වෙන්න පුලුවන් කමක් තිබුනේ නෑ මට මොකද අපි ඒ වෙන්කොට ටිකක් දුරකට පදින්චිය වෙනස් කරලා තිබුනේ. @රවා!ReplyDelete නෑ මම විහඟට මේ පෝස්ට් එකේ අසාධාරණයක් කලා කියලා හිතෙන්නේ නෑ. ඌ කරපු වැඩේ 100% වැරදියි කියන මතේ තමයි මම ඉන්නේ. ඒත් ඒක අනුමත කරන්න බැරි මට උගෙන් ඒ ගැන වචනයක් වත් අහන්න බැරි උනු නිසා. සමහර වෙලාවට ඌටත් කියන්න දේවල් තියෙනවද දන්නේ නෑනේ. බලමු මම හොයලා බලනවා මේ දිනවල එයාලව සම්බන්ධ කර ගන්න විදිහක් ගැන @ගල්මල්-Coral !ReplyDelete මචන් ඩීන් , මම හිතන්නේ ත් මේක ලියපු එකෙන් ඒ අය වෙනුවෙන් මට කල හැකි කිසිවක් නැති උනා වුනත් (එහෙම වෙන එකක් නෑ මම හොයලා බලන්නම් මට කල හැකි දෙයක් තියෙනවද කියලා) අනාගතයේ ඒ වගේ පටු තීරන ගන්න විහඟ කෙනෙක් බිහිකරන එක මගහරවන්න හැකි ආකල්පමය වෙනසක් කරන්න මේ ලිපිය හේතු වුනා වෙන්න පුලුවන් කියලා මට හිතෙනවා. @ireshasy ! එක මකුනෙක් කෑවට මකුනෝ ඔක්කෝම මරන එක හරිද . . .? එක අනුලා කෙනෙක් නිසා ඔක්කෝම ගෑනු අනුලා බිසෝලා කියලා කියන්න පුලුවන්ද? පුරුෂයා / කාන්තාවගේ නෙමේ ප්රශ්නේ . . මනුශ්ෂ්යත්වයේ . . . @සුලා! මචන් ඒ නංගී මට පැහැදිලිව කිව්වා මට කරන්න තියෙන්නේ අහගෙන ඉන්න එක විතරයි කියලා . . . මාව පොරොන්දු කර ගත්තා අරූගෙන් අහන්න වත් එපා කියලා . . . ඒක මම අහන්න ගිහින් ප්රශ්නේ තව වැඩි වෙයි කියලා එයා හිතපු නිසාද දන්නේ නෑ. අනික මගේ සීමිත නිවාඩු කාලේදී වැඩි ලොකු දෙයක් කරන්න පුලුවන් කමක් තිබුනෙත් නෑ. ඊට පස්සේ මගේ Wedding එකේ වැඩ, ගෙවල් හදන වැඩ, පුතාගේ වැඩ, පවුලේම අනෙක් අයගේ වැඩ, බ්ලා බ්ලා බ්ලා ඕවා මේවා නිසා මට ඒකට හොට පොවන්න ම බැරි වෙලා ගියා . . . මම දැනටම ඒකට පසුබිම සකස් කලා මචන් (හොයලා බලන්න සහ කරන්න පුලුවන් දෙයක් කරන්න ) . . . මම හිතන්වා මේ ටික ඇති කියලා . . . තව දෙයක් මේ සිදුවීම පාඩමකට අරගෙන මේ විදිහේ ම සිදුවීමකට මම හොට දාන්න ගිහින් ඇන ගත්තු තරම (ඒ කතාවත් ලියනවද කියලා තව තව හිතලා බලන්න ඕන) මතක් වෙද්දී නම් ආයේ ඒ වගේ දෙයක් කරන්නේ නෑ මයි කියලාමයි හිතෙන්නේ . .. උඹ අබුඩාබි ඉන්න එකේ 050-4514671 වලට කෝල් එකක් දුන්න නම් මම තිසා ට කියපු විස්තරත් උඹට කියන්න තිබුනා . .. @Roshan Herath !ReplyDelete ලොකේ වෙනස් නොවන එකම දේ සියලු දේ වෙනස් වෙනවායි කියන ධර්මතාවය යි කියලා මම කොහේ හරි දැක්කා . . . වෙනස්වීම් වලට මූන දෙන්න ශක්තිය ඇති කරගන්න එක හොඳ පිලිතුරක් කියලත් හිතෙනවා හරි වැරැද්ද නෙවෙයි... මේ කතාවේ තියෙන වැදගත්ම දේ මිනිසුන් තුල විවිධ චරිත ජීවත් වෙන බවයි... අපි හිතනවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් සමහර වෙලාවට මිනිස්සු කරන්නේ ඒ නිසයි කියලා තමයි මට හිතෙන්නේ.... අපි දෙබිඩි ජීවිත කියලා කියන්නේ ඒවට... ඒත් මට හිතෙනවා දෙබිඩි කියන වචනය හරියටම ගැලපෙන්නේ නෑ කියලා... මොකද චරිත ගණන 2 කට වැඩි වෙන්නත් පුළුවන් නිසා...ReplyDelete හොඳ ලිපියක් මචං... මාත් පතනවා... ආපහු ඒ අවංක හදවතට සතුට ලැබේවා කියලා.... @Chathura Wijekoon|චතුර විජේකෝන් !ReplyDelete හොඳ විග්රහයක් මචන්. සමහර වෙලාවට මේ දෙබිඩි හෝ ඊට වැඩි චරිත රඟපාන්න වෙන එක රඟපාන එකාගේම වැරද්ද නෙමයි වෙන්න පුලුවන්. සමහර විට සැමියා / බිරිඳ කැමති සමාජශීලී කෙනෙකුට නම් තමන් ඇත්තෙන්ම සමාජශීලී නැතත් සමාජශීලී වගේ පෙන්නගෙන ඉන්නවා වෙන්න ත් පුලුවන්. ඒ වගේම ඕකේ අනිත් පැත්ත ත් වෙන්න පුලුවන්. ඇත්තෙන්ම සමාජශීලී වෙලා සැමියා / බිරිඳ අකමැති නිසා ගීක් වගේ ඉන්නවා වෙන්නත් පුලුවන් . . . ඒ එක උදාහරණයක් මට හරිම සතුටුයි මේ ලිපිය මේ වගේ ලොකු සංවාදයක් දක්වා දිව ගිය එක ගැන.ReplyDelete ඒ වගේම මුලුන් මම හිත හිතා හිටියේ උනත් මේක ලියන එක හරිද වැරදිද කියලා දැන් නම් හිතෙනවා මේක ලියපු එකෙන් ලොකු දෙයක් වුනා කියලා. . . අදහස් දැක්වපු . . කියවපු හැම දෙනාටම ස්තූතියි . . . ඇඩෙනවා ලොක්ක... උඹ මේව කොහොම ලියනවද මන්ද...ReplyDelete @කරුමක්කාරයා !ReplyDelete උඹ මේවා කොහොම ලියනවද මන්දා කියලා උඹ ලියලා තිබුනාට . . . උබත් උඹේ බ්ලොග් එකේ ලියාලා තියෙන්නේ බලන අයට ඇඬෙන්නම . . . This comment has been removed by the author.ReplyDelete ජීවිතෙ හැටි.මෙ දවස්වල මටත් මොකක්දො හොද කර ගන්න බැරි ලෙඩක් තියනව වගෙ දනෙනව මෙක කියවනකොට මොකද මන්ද.........ReplyDelete 'කරුමක්කාරය' කිව්වදේ මයි මටත් කියන්න තියෙන්නෙ දුකා අයියෙ....ReplyDelete "ඇඩෙනවා ලොක්ක... උඹ මේව කොහොම ලියනවද මන්ද..." දුකා අයිය, කතාව ගොඩක් සංවේදී. ඒත් මම හිතන්නෙත් අයියට ඔයිට වඩා දෙයක් කරන්න තිබ්බ. මොකද විහඟ අයියගෙ යාළුව. අනික කසාදෙට අත්සන් කලෙත් අයිය.ReplyDelete ඕනෙ කෙනෙක් කියන්නෙ අනිත් කෙනාට කියන්න එපා, කතාකරන්න එපා කියල. ඒත් එයාගෙම හොඳ වෙනුවෙන් ඒකට මැදිහත් උනාට වරදක් නැහැ නේද? ආදරය නිසා ගොඩක් දුක් විඳපු නිසාද මන්ද මමනම් ඕනෙම කෙනෙකුගෙ ආදරය වෙනුවෙන් මට කරන්න පුළුවන් හැමදේම කරනව. මම විඳපු දුක තවත් කෙනෙකුට විඳින්න දීල නිකම් බලන් ඉන්න මටනම් බැහැ... පලවෙනි වතාවටයි බ්ලොග් එක බලන්න ආවෙ.ඉස්සෙල්ලම බලපු පෝස්ට් එකෙන් හුගක් හිත රිදුනා.ඒක කියන්න ඕනි.ඔය තරම් බරපතල නෑතත් (මම කසාද බෑදලා නෑති නිසා සහ බෑදපු යාලුවෝ අඩු නිසා) මාත් ඔය වගේ දේවල් දෑකලා සහ විදලා තියෙනවා.මේ කතාව ගෑන කියනවා නම් ඔබට මීට වඩා යමක් ඒ වෙනුවෙන් කරන්න තිබුනා.පොදුවේ ගත්තොත් හුගක් පිරිමි වගේම ගෑනුත් හරි ආදරය හදුනා ගන්නේ නෑ හුගක් වෙලාවට.ReplyDelete සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම් මෙතනට යන්න..
hplt_2
දේශපාලකයන්ට නොපෙනේ. ඒ අපව අමතක කර ඇති නිසාය. ආබාධිත සොල්දාදුවන් වෙනුවෙන් හඬ නඟන අපට ද හෙට මරණ තර්ජන එල්ලවනු ඇත.-ආබාධිත සොල්දාදුවන් මුලතිව්වල අක්කර දහස් ගණනක් ඉඩම් හමුදාව අල්ලාගෙන. අද මහපාරවල්වල, ගස්යට, අනාථ කඳවුරුවලට අපි ගාල් වෙලා.-මුලතිව් වැසියෙක් වව්නියා බන්ධනාගාරයේ සිදු වූ පහරදීමෙන් දෙමළ සැකකරුවෙක් මියයයි.-ජාතික පුවත්පත් ඇමැතිවරුන්ගේ ලිපි පෙන්වමින් යුද්ධයේ අබලි යකඩ ටොන් ලක්ෂ ගණනක් ඇතැම් පුද්ගලයන් රැගෙන යනවා-ඉරණමඩු කඳවුරේ සෙබළෙක් මේ වසර තුනකට පෙර අවසන් වූ යුද්ධයේ විලාප හඬ අතරින් ඇසෙන දෙබස් කණ්ඩ කිහිපයක් පමණකි. 2009මැයි 18දා යුද්ධය අවසන් කර අදට වසර 03කි. පශ්චාත් යුද වාතාවරණය තුළ සමාජය මුහුණ දෙන ගැටලූවලට පිළිතුරු ලබාදීමට ආණ්ඩුව සමත් වී නැතැයි කීම පරණ කතාවකි. ආබාධිත සොල්දාදුවන් මුහුණ දෙන තත්වය ඊට අලූත් උදාහරණයක් පමණකි. මේ වන විටත් ආබාධිත සෙබළුන් 1,500කගේ පමණ ආබාධිත දීමනාව කපා හැරීමට ලක්ව ඇති අතර ඉදිරියේදී ආබාධිත සෙබළුන් 15,000කගේ පමණ ආබාධිත දීමනාව ඇතුළු දීමනා කපා හැරීමට නියමිතය. වසර 30ක් තුළ පැවති යුද්ධයේදී කි්රයාන්විතවල ආබාධිත වූ යුද හමුදාවේ ආබාධිත සෙබළුන් විශේෂ වෛද්යමණ්ඩලයක් හමුවට පමුණුවා අවස්ථා 04ක් යටතේ වර්ගීකරණය කර එසේ වර්ගීකරණයට ලක්වන කොටස් 85%ක විශ්රාම වැටුප් ලබාදීමේ සුදුසුකම මත විශ්රාම ගන්වනු ලබයි. එම කි්රයාමාර්ගය, 1998වසර දක්වා කි්රයාත්මක කෙරිණි. ඉහත සඳහන් මෙම වර්ගීකරණයට අනුව, 1. තම බළඇණිය සමග රාජකාරී කිරීමට හැකි අයවලූන් මෙම වර්ගීකරණයට අයත් වේ. රෙජිමේන්තුවේ අවශ්යතාමත මොවුන්ගේ උසස්වීම් සිදු කෙරේ. 2. මව් ඒකකය සමග රාජකාරි කිරීමට නොහැකි, එහෙත් වෙනත් ඒකකයක රාජකාරි කිරීමට හැකි පුද්ගලයන්. 3. 12/86හමුදා චර්යා නියෝග ප්රකාරව වෛද්යමණ්ඩලය හමුවට පමුණුවා තවදුරටත් හමුදා රාජකාරියේ රැදී සිටීමට හැකි පුද්ගලයන්. 4. 12/86හමුදා චර්යා නියෝගය ප්රකාරව වෛද්යමණ්ඩලයට ඉදිරිපත්කොට සේවය සඳහා නුසුදුසු, විශ්රාමයාමට කැමැති පුද්ගලයන්. වශයෙන් මෙලෙස වර්ගීකරණයට ලක්කරති. මෙම පුද්ගලයන්ගේ ආබාධිත බව 20%-100%දක්වා ප්රතිශතාත්මක ලෙස තීරණය කෙරේ. මීට අනුව ඉහත වර්ගීකරණය යටතේ විශ්රාම ගන්වනු ලබයි. මෙම විශ්රාම ගැන්වීමේදී අවුරුදු 10ට වැඩි නිලයන් සඳහා සියලූ හිමිකම්වලට අනුව විශ්රාම වැටුප් ලබාගැනීමේ අයිතිය හිමි වේ. එමෙන්ම ඉවත්ව යන සෙසු නිලයන් සඳහා ද ආබාධිත බව හා දුබලතාවයේ ප්රතිශතය මත වන්දි මුදල් හිමිවිය යුතුය. එහෙත් මේ වන විටත් කපා හැර ඇත්තේ ආබාධිත සොල්දාදුවන්ට හිමිවිය යුතු වන්දි මුදල් හා විශ්රාම වැටුප්ය. රාජ්ය පරිපාලන අමාත්යාංශය මගින් චක්රලේඛ අංක 21/88අනුව නිකුත් කර ඇති 12/86යුද හමුදා චර්යා නියෝගයට අනුව 98වසර දක්වාම මෙම වන්දි හා දීමනා ලබා දීමට ආරක්ෂක අමාත්යාංශය කටයුතු කර ඇත. එම තත්වය තුළ යුද හමුදා වෛද්යමණ්ඩලය මගින් 98වසර දක්වා 20%-40%දක්වා වූ අඩු ප්රතිශතයක් සහිත ආබාධිත පුද්ගලයන්ට ද එම නියෝගය 98වසර දක්වා කි්රයාත්මක කර තිබේ. එහෙත් යුද හමුදා වෛද්යමණ්ඩලය මගින්, 1998වසරේ සිට ආරක්ෂක අමාත්යාංශයට කරුණු ඉදිරිපත් කරමින් අතිරේක ලේකම්වරයෙකුගේ මාර්ගයෙන් මෙම චක්රලේඛය කි්රයාත්මක කිරීම අත්හිටුවා ඇත. ඒ ආබාධිත සොල්දාදුවන් තවදුරටත් පුනරුත්ථාපනය කළයුතු බවට දැනුම් දෙමිනි. එහෙත් සිදුව ඇත්තේ වෙනත් පිරිසකගේ ‘පුනරුත්ථාපනයකි’. එනම් ඉහත සඳහන් චර්යා නියෝගය අත්හිටුවා පසුගිය යුද සමයේ ආබාධිතයන් යුද්ධයට යොදාගැනීමය. එහි දී අල්ලාගනු ලැබූ ප්රදේශ ආවරණය කිරීමට ආබාධිත සෙබළුන්ට සිදුව තිබේ. සැලකිය යුතු ආබාධිත සෙබළුන් පිරිසක් එහි දී එල්.ටී.ටී.ඊ. ප්රහාර තුළින් මරණයට පත්වී ඇත. එම තත්වය තුළ ආබාධිතයන්ට වැටුප් දීමනා ගෙවීම සැලකිය යුතු ප්රමාණයකින් ‘විසඳා ගැනීමට’ සමත් වී ඇත. 12/86චර්යා නියෝගය අත්හිටුවීම තුළ ආරක්ෂක අමාත්යාංශයේ ඇතැම් පිරිස් ගසාකෑම්වල නිරත වන බව අබාධිත සොල්දාදුවෝ සඳහන් කරති. ඔවුන් සඳහන් කරන්නේ සෙබළුන් පුනරුත්ථාපනය සඳහා වෙන්කරන ඖෂධ හා මුදල් මෙලෙස ගසාකෑම්වලට ලක්කරන බවයි. ආබාධිතයන් විශ්රාම නොගන්වා තබා ගැනීමත්, විශ්රාම ගිය පිරිසේ දීමනා කපා හැරීමත් පිටුපස ඇති රහස මෙම ගසාකෑම බව ඔවුහු පවසති. මෙම තත්වය තුළ වසර 55දක්වා වූ වැටුප් ලැබීම, සේවා විශ්රාම වැටුප, දුබලතා විශ්රාම වැටුප, ඉපයීමේ ශක්තියේ ප්රතිශතය මත ආබාධිතයන්ට ගෙවනු ලබන වන්දි මුදල වෛද්යමණ්ඩලය මගින් මෙලෙස කපා හැරීම සිදුකර ඇත. මෙම තත්වය තුළ කි්රයාන්විත රාජකාරිවල නියැළී සිටි සැලකිය යුතු පිරිසකට මෙම ඉරණම අත්ව තිබේ. ඉදිරියේදී තවත් පිරිසකට එම ඉරණම අත්වීමට නියමිතය. ඊට අනුව උතුරේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් අනුගමනය කරන පිළිවෙත හා යුද්ධයෙන් ආබාධිත වූ සෙබළුන් වෙනුවෙන් අනුගමනය කරන පිළිවෙත අතර බරපතළ පරස්පරයක් නැත. ආබාධිත විශ්රාම වැටුප කපාහරිමින් ‘රණවිරුවන්ට’ ‘දේශපේ්රමී’ ආණ්ඩුව කොකා පෙන්වා ඇත. රණවිරුවා යැයි ‘අන්දවා’ යුද්ධයට යොදාගෙන ඉන් ආබාධිත වූ පසු එම දීමනා කපා හැරීම තරම් සරදමක් සොල්දාදුවෙකුට සිය ජීවිතයේ හමුවිය නොහැකිය. එම පාඩමේ වැදගත් පරිච්ෙඡ්දය අද ජනතාවට තළන දූෂිත දේශපාලකයන් රකින්නන්ටය. ජනතාවට එරෙහිව පුද්ගලයන් යොදාගැනීමේ ඛේදවාචකයේ ඓතිහාසික සංකේතය නිල, නොනිල සොල්දාදුවා හැර අන් කවරෙක් ද? ධනූ රාමවික්රම
hplt_2
ජොක්කු ගැන විතරක් ලියල මදි.. අපි අනෙක් පාර්ශ්වය ගැනත් හිතන්න එපායැ… ඇමරිකන් කාරයන්ට අපේ නම් – ගම් දුරකතනයෙන් කියන කොට බොහෝ විට අර මිලිටරි ක්රමේට තමයි කියන්න වෙන්නේ. නැත්නම් උන්ට තේරෙන්නෙ නෑ. මගේ නම Nihal කියන්නේ මෙහෙමයි. N for නැන්සි… I for ඉන්ඩියා… H for හෙන්රි…. A for ඇපල්… L for ලයනල් වගේ.. අපිටත් එහෙමයි. උන්ගේ නම් සමහර වෙලාවට මීටර් වෙන්නෙ නෑ. එහෙම වෙලාවට අර මිලිටරි ක්රමය යොදා ගන්නවා. මේ ළඟදි මගෙ වයිෆ් මට කොම්පනියක නම කීවා දුරකතනයෙන්. ඒ නම “පැනෆොටො ” එයා වැඩි හොඳට ඒක මිලිටරි ක්රමේට කීවේ මෙහෙමයි. P for පෑන්ටි… ( මේ ගෑනිටත් පිස්සු මාත් එක්ක ඉඳලම ) ජොකා මෙන්ම පෑන්ටියත් පරිණාමය වෙලා තියෙන්නෙ අමුඩයෙන්මයි. ජොකා නම් පරිණාමයේ ඉහළම තැනට ගිහිල්ලා නැවතුනා. ඒත් පෑන්ටිය , අමුඩෙන් පටන් ගෙන ඉහළම තැනට ගිහින් දැන් ආපස්සට අමුඩෙ තිබුණු තැනටම ඇවිල්ලා. මීට වසර 50 කට පෙර තිබුනු පෑන්ටි මහ විශාලයි. වස කැතයි. පළාතක්ම වසා ගන්නවා. ඒව දකින කොට මට සිහියට එන්නේ ; ඉස්සර අපේ තාත්තා වත්තේ කෙහෙල් ගහක සරුවට කෙහෙල් කැණක් හැදුනම ඇස් වහ කාරයන්ගෙන් , වවුලන් ගෙන් , ලේන්නුන් ගෙන් බේර ගන්න පොහොර ගෝනියකින් ආවරණයක් හදනව. ආං ඒක වාගෙයි. ඒත් දැන් ඒක ටිකෙන් ටික ආ පස්සට ගිහින් ආයෙමත් හීන් පටියක් ගානටම ඇවිල්ල. ඒ ” thongs ” පුදුමේ කියන්නේ පුංචි වෙන්ට , වෙන්ට මිළ ඉහල යනව. bi කියන්නේ දෙකට. උදා : bi – sexual bicycle bicarbonate bi-weekly වගේ. එතකොට skinny කියන්නේ ඇඟටම ඇළුණු කෙටි නාන ඇඳුම්. bi- skinny කියන එකෙන් තමා ඔය කෑලි දෙකේ නාන ඇඳුම හෙවත් බිකිනිය හැදුනේ. බිකිනියත් පෑන්ටියක්. සමහර තැන් වල වාර්ෂිකව පැවැත්වෙනව කෙටිම බිකිනිය තෝරන තරඟ. බොරු කියන්නෙ මොකටද මා නම් දන්නෙ නැහැ ඒවා පැවැත්වෙන තැන්. අහල තියෙනවා විතරයි, warning :suitable for adults මේ වීඩියෝ එකේ ඉන්න මරිස්සා තමයි මෙදා පාර දිනුවේ. ඇය වෘත්තියෙන් ප්රාතමික පාඨශාලා ගුරුවරියක්. ඈ උගන්වන පන්තියේ බංකුවක් – පුටුවක් වෙලා හරි ඉපදෙන්න ඇත්නම් කියල ඔහෙලට හිතෙන්නෙ නැද්ද ? ජොක්කු ගැන වගේ නෙවි , පෑන්ටි ගැන එක දිගට ලියා ගෙන යන්න අමාරුයි. හිත හීලෑ නෑ. හිත කැලේ යනව. එහෙන් මෙහෙන් තමයි ලියන්න වෙන්නෙ. අපි , පිරිමි කොහොමටත් ආසයි මේ පෑන්ටි වලට. යුද්ධෙට යන හමුදා භටයො තම බිරිඳගේ හෝ පෙම්වතියගේ පෑන්ටිය හෙල්මට් අස්සෙ දමා ගෙන යනවළු. ලංකාවෙත් ඉන්නේ ඔය පෑන්ටිස් අප්පුහාමිලා, පෑන්ටිස් සිඤ්ඤොලා එහෙම. ඒ පෑන්ටිවලට ආදරේ අය. කුඩා ගැහැණු ළමයෙක් ගහක් උඩ නැග ගෙන සෙල්ලම් කරමින් හිටිය. ඔය වෙලාවට ඔතනින් ගියා ගමේ ග්රාමසේවක. මිනිහ උඩ බලන කොට දැක්ක කෙල්ල පෑන්ටියක් ඇඳල නැති වග. මිනිහට දුක හිතිල රුපියල් දහයක් දුන්නලු අම්මට කියල පෑන්ටියක් මහ ගන්න කියල. මේක දැන ගත්ත කෙල්ලගෙ අක්ක. අක්කා මොකද කළේ … පහුවදා ග්රාම සේවක එතනින් යන වෙලාව අල්ලල නැග්ග ගහට. ග්රාම සේවක ඒ ළමයට ගහෙන් බහින්න කියල රුපියල් 2.50 ක් දුන්නලු.. ( bic රෙසර් එකක් ගන්න කියල.) මේ තවත් පෑන්ටි කතාවක්. ප්රේමදාස ජනාධිපති කාලේ කවට ඇමැත්තෙක් හිටිය ඒ. ජේ. රණසිංහ කියල .ඔය දැනුත් ඉන්නෙ මර්වින් , වීරවංශ වගේ කවටයන්.. මිනිහ ඒ . ජේ රණසිංහ දවසක් කියල තියෙනව ප්රසිද්ධියේ…. ප්රේමදාස මහත්තයගේ සෙරෙප්පු හෝදපු වතුර උනත් තම්න් බොන්න ලෑස්තියි කියල. මිනිහ ඉන් අදහස් කරන්නේ තමන්ගෙ තියෙන හිතවත්කම. ඕකට අපේ කොල්ලෙක් කියල තිබුණ පත්තරේට , සෙරෙප්පු වතුර නෙවෙයි ,ආර්යාවගේ ජංගිය තම්බපු වතුර බිව්වත් අපට මොකද කියල….. ලංකාවෙ වගේම මෙහෙත් ඉන්නව ඔහොම අසහන කාරයෝ. උන්ට තමා මේ වගේ දැන්වීම් වල් පත්තරවල පළ වෙන්නේ.. ” පාවිච්චි කළ පෑන්ටි විකිණීමට ඇත ” කියල ඔය වගේම දැන්වීමක් කලකට පෙර ලංකාවෙ ඉන්ගිරිසි පත්තරෙක තිබුණ. “panty cupboard for sale , main street , Hanwella ” කියල. පහුවදා ගෑණු පෝලිමේ එනවලු. ඒ මුද්රණ දෝෂයක්. එය pantry cupboard for sale කියා නිවැරදි විය යුතුය. ඔහොම පටි පෑන්ටි අඳින කෙල්ලක් මගේ ඔෆීස් එකෙත් ඉන්නව. ළඟදි ආවෙ. කෙල්ලගෙ නම ජුලියට්. ජුලියට් දවසක් බිම වාඩිවෙලා ෆයිලින් කැබිනට් එකක යට ලාච්චුව ඇරගෙන මොනවද හොයනව. මම ඔතනින් යන කොට දැක්ක රෝස පාට පටිය. කෝකටත් මම ආයෙ සැරයක් බැලුව. කෙල්ලට ලැජ්ජ හිතිල ඒක අතින් වහ ගන්න හැදුව. අනෙ…හ්.. අපි දැකල නැති මොණරතැන්න..
hplt_2
මෙම මාර්තු මාසය තුළදී උද්ධමනය දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තා අනාවරණය කරයි. ඒ අනුව පසුගිය පෙබරවාරි මාසයේදී 2.7% දක්වා පහළ වැටුනු උද්ධමනය මේ මාසය අවසන් වනවිට 5.5% දක්වා ඉහළ ගොස් තිබිණි. ජනවාරි මාසයේදී උද්ධමනය 3.8%ක් වූ අතර පෙබරවාරියේදී එලෙස උද්ධමනය අඩුවීමට හේතුව ආහාර මිල ගණන් පහත වැටීම බව මහ බැංකුව විසින් පෙන්වා දී තිබිණි. එමෙන්ම මෙවර දෙගුණයකට ආසන්න ප්රමාණයකින් උද්ධමනය ඉහළ යාමට හේතුව ඛනිජ තෙල් මිල ඉහළ දමමින්, බස්ගාස්තු හා විදුලි ගාස්තු ඉහළ නංවමින් සිදුකළ සංශෝධන බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි. ආහාර මිළ ගණන් මෙවර ඉහළ ගොස් ඇත්තේ 0.1%ක් පමණ සුළු ප්රමාණයකින් බවත් ඉහත සංශෝධන හේතුවෙන් නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන උප කාණ්ඩය 4.3%කින් ඉහළ ගොස් ඇති අතර බස් ගාස්තු ඉහළ යාම හේතුවෙන් ප්රවාහන උප කාණ්ඩයේ වියදම් 9.6%කින් ඉහළ ගොස් ඇති බවද මහ බැංකුව පවසයි. කෙසේවුවද සෞඛ්ය, සන්නිවේදන, විනෝදාත්මක හා සංස්කෘතික සහ අධ්යාපන යන උපකාණ්ඩයේ වියදම් කිසිදු වෙනසක් සිදුව නැතැයිද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.
hplt_2
කැට්වෝක් කැට් වෝක් එකක් යනු විලාසිතා සංදර්ශණයක් අතරතුර දී ඇඳුම් පැලඳුම් නිරූපණය කිරීම සඳහා නිරූපිකාවන් විසින් භාවිතා කරන සාමාන්යයෙන් ඔසවන ලද පටු වේදිකාවකි. මෙම වදන ව්යුත්පන්න වන්නට ඇත්තේ යාබදව පිහිටා ඇති ගොඩනැඟිලි යා කරන කැට් වෝක් මඟිනි. මෙම වදන වඩා සාහිත්යමය අරුතකින් ද ව්යුත්පන්න විය හැක. ඒ මේ මත නිරූපණය කිරීම් කරන නිරූපිකාවන් සාමාන්යයෙන් එක් පාදයකට සෘජුවම ඉදිරියෙන් අනෙක් පාදය තබමින් පූසෙකුට ඉතා සමාන වන ගමනක යෙදෙන බැවින් විය හැක. එහිදී ඔවුන් විසින් ආකර්ශනීය හැසිරීමක් නිර්මාණය කරන අතර එහිදී ඔවුන්ගේ ඉඟ වඩාත් වැඩි චලිතයක් දක්වයි. විලාසිතා ව්යවහාරයේ දී “What’s on the catwalk” හෝ ඒ හා සමාන වදන් විලාසිතා ක්ෂේත්රයේ නව හා ජනප්රිය දේ හැඳින්වීමට යෙදිය හැක. කැට්වෝක් එක ධාවන මාර්ගය ලෙස ද හඳුන්වයි. විශේෂයෙන් එසේ හඳුන්වන්නේ එය ඉහලට ඔසවා නොමැති විටය. මෙම ආකාරය භාවිතා කිරීමට උදාහරණ ලෙස Project Runway රූපවාහිනී නාට්ය මාලාවේ නම ගත හැක.
hplt_2
සූම කාච විශාලක කාචයක් යනු නාභියේ දුර වෙනස් කල හැකි ආකාරයට (ඒ අනුව නිරීක්ෂක කෝණයද වෙනස් වෙයි) එකලස් කර ඇති යාන්ත්රික කාච උපාංග එකතුවකි. මෙය නිශ්චිත නාභීය දුරක් සහිත කාචවලින් වෙනස් වෙයි. මෙම කාච නිශ්චල කැමරා, වීඩියෝ කැමරා, චිත්රපට කැමරා, ප්රක්ෂේපක ආදියේ බහුලව භාවිතා කරයි. භාවිතය[සංස්කරණය] විශාලක කාච ඒවායේ දිගම නාභි දුර හා කෙටිම නාභිදුර අතර අනුපාතයෙන් විස්තර කරනු ලැබේ. උදාහරණයක් ලෙස නාභි දුර පරාසය 100 mm සිට 400 mm දක්වා වන කාච 4 :1 ලෙස හෝ "4x" විශාලනයක් ලෙස හැඳින්විය හැකිය. විශාල නාභිදුරවල් ඇති කාච සුපිරි විශාලක හෝ අති විශාලක ලෙස හැඳින්වේ. මේවා සාමාන්යයෙන් "4x" සිට "10x" පරාසයේ වන අතර "14 x" පවා විය හැකිය. වෘත්තීය රූපවාහිනි කැමරාවක මෙය '100x' තරම් විශාල විය හැකිය. මෙම ඡායාරූප විශාල කාච, පටු පරාසයක් ඇති ටෙලිෆෝටෝ කාච නොවේ. සමහර විශාලක කාච ටෙලිෆොටෝ කාච වන අතර ඇතැම් ඒවා පුළුල් පරාස කාච වේ. ඇතැම් සංඛ්යාංක ( Digital) කැමරා හසුකර ගත් රූපයේ කොටසක් තෝරාගෙන එය විශාල කර දක්වනු ලැබේ. මෙය සංඛ්යාංක විශාලනය ලෙස හැඳින්වෙන අතර මෙමඟින් ඡායාරූපයේ තත්ත්වය බාල වේ. බොහෝ සංඛ්යාංක කැමරා ප්රකාශ විශාලනය සහ සංඛ්යාංක විශාලනය යනු දෙකම අන්තර්ගත කොට ඇත. Cannon Power Shot A7201S ද මෙවැන්නකි. මෙහි '6x' ප්රකාශ විශාලනයක් ඇති අතර "4x" සංඛ්යාංක විශාලනයක් ඇත. මේ අනුව සම්පුර්ණ විශාලනය "24x" වේ. කැමරාවේ කාචයේ සඳහන් කර ඇති 34.8/5.8 යන්නෙන් ප්රකාශ විශාලනය ගණනය කළ හැකිය. මෙහි ඡායාරූපකරණය භාවිතයට අමතරව විශාලන කාච විචල්ය නාභිය දුරකින් යුක්ත දුරේක්ෂයක් ලෙසද භාවිතා කළ හැකිය. මෙය ලේසර් කිරණ කදම්බයක ප්රමාණය වෙනස් කිරීමටද යොදා ගත හැකිය. නිර්මාණය[සංස්කරණය] විශාලන කාච සඳහා සුදුසු නිර්මාණ රාශියක් ඇත. ඉතාම සංකීර්ණ පද්ධතියේ සිරස් අතට තනි කාච 30 ක් පමණ අන්තර්ගත වන අතර, එහා මෙහා කළ හැකි කොටස්ද එකකට වඩා ඇත. නමුත් බොහෝ ඒවායෙහි මුලික නිර්මාණ දක්නට ලැබේ. සාමාන්යයෙන් මේවා ස්ථායි තනි කාච ගණනාවකින් යුක්තවන, හෝ කාචයේ අක්ෂය දිගේ චලනය විය හැකි අයුරින් හෝ නිර්මාණය කර ඇත. විශාලනයෙහි වෙනස් වීමට අනුරූපව තියුණු ප්රතිබිම්බයක් තිරය මත ලබා ගැනීම සඳහා නාභිය තලයද චලනය වීමට සැලැස්වීම අවශ්ය වේ. මෙම ප්රකාශ අනුපුරක විශාලන කාච පද්ධතියක් තුළ, සමාන නාභිදුරක් ඇති උත්තල කාච 2 ක් අන්තර්ගත වෙයි. එම කාච දෙකෙහි මධ්යයෙහි උත්තල කාචයේ නාභිදුරෙන් අඩක් වන අවතල කාචයක් ඇත. L3 කාචය ස්ථායි වන අතර L1 හා L2 කාච වලට අක්ෂය ඔස්සේ එහා මෙහා විය හැකිය. යාන්ත්රික උපක්රමයක් මඟින් මෙය එහා මෙහා කරනු ලබයි. L2 කාචයේ ඉදිරියේ සිට පසුපසට චලනය වන විට L1 කාචයද පරාවලයක ඉදිරියට හා පසුපසට චලනය වේ. මෙසේ කාච පද්ධතියේ සම්ප්රයුක්ත නාභි දුර වෙනස් කිරීමෙන් සම්ප්රයුක්ත කෝණික විශාලනය වෙනස් වේ. රූපයේ දක්වා ඇති අවස්ථා තුනේදීම කාචය සමාන්තර ආලෝක කදම්බයක් නිපදවයි. නාභිය තලයේ පිහිටීම වෙනස් නොකරයි. විශාලන කාච නිර්මාණයේදී සැලකිලිමත් විය යුතු එක් වැදගත් කරුණක් නම් කාචය ක්රියාකරන පරාසය තුල සිදුවන ප්රකාශ දෝෂයයි. ස්ථායි කාච වලට සාපේක්ෂව විශාලන කාච වලද ප්රකාශ දෝෂ මගහැරවීම අසීරු කාර්යයකි. නුතන ප්රකාශ නිර්මාණ තාක්ෂණය මගින්, විචල්ය නාභිදුරවල් සහ ප්රකාශ දෝෂ නිවැරදි කිරීමේ ක්රම සහ සිදුරු ප්රවාහ සහිත විශාලන කාච නිපදවීමටද සමත් වී ඇත. සිනමාකරණයේදි සහ වීඩියෝ භාවිතයේදි නාභිදුර වෙනස් වන විටද, ප්රතිබිම්බයද නාභිගත වීම වැදගත් වේ.
hplt_2
Adobe Photoshop CS 6 හි මිල 699$. එය රුපියල් වලින් සදහන් කරනවානම් රුපියල් 90000ක් පමණය. එවැනි මුදලක් දී Software එකක් මිලදී ගැනීම බොහෝ දෙනෙක්ට අපහසු වැඩක්ය. මේ සදහා බොහෝ දෙනා කරනු ලබන්නේ Crack වැනි දේ යොදගෙන නොමිලේ මෙවැනි Software භාවිතා කිරීමයි. නමුත් එය නීති විරෝධී දෙයක් වගේම Crack භාවිතා කිරීමට අකමැති පිරිසකුත් ලංකාවේ ඉන්නවා. ඉතින් එවැනි අයට පුළුවන් පහලින් දීලා ... Photoshop කියන්නේ ලෝකයේ තියන හොදම Raster Graphics Editor එක විදියට හදුන්වන්න පුළුවන්. Photoshop කරන්න පුළුවන් වැඩ ගණන අසීමිතය. අපි මීට පෙර පල කරන ලද Photoshop වලින් ඇඟ හදාගන්නේ කොහමද? කියන ලිපිය බැලුවනම් ඔබට තේරෙයි මේ වගේ දේවලුත් Photoshop වලින් කරනන් පුළුවන් නේද කියලා. ඔබට සරල Graphic Design සම්බන්ධ දෙයක් කරගන්න නම් කිසිම Software එකක් නැතිව ඕනෑම Photo එකක් Edit කරන්න ... තිස්ස තිස්සඕ ? මේ කිසි දින හමු නොවෙන රේල් පීලි මත කුමක්නම් ගමන් කරයිද ?උඩරට මැණිකේ , පොඩි මැණිකේ , රුහුණු කුමාරි වැනි දුම්රියම ගමන් කරන්නෝය මැණිකෙලා කුමාරිලා පමණක්ද ?කිලිනොච්චියට යනකං යාල් දේවි ද යන්නීය මැණිකෙලා , කුමාරිලා , දේවිලා හැර වෙන කිසිවෙක් ගමන් කරන්නේද ?අනේක ජිවන බර පොදි කරේ තියං , බඩු දුම්රියද , කාටත් නොපෙනී මෙන් ගමන් කරන්නේය ... ඇපල් සමාගම විසින් පසුගියදා නවතම iPhone 6 ජංගම දුරකථනය නිකුත් කලා. එහි විශේෂත්ව අතර තත්පරයට රූපරාමු 240ක් දක්වා රූගත කල හැකි කැමරාව හඳුන්වන්න පුළුවන්. මේ නිසා මීට පෙර ජංගම දුරකථනයකින් කල නොහැකි වූ තරම් Slow Motion වීඩියෝ රූගත කරන්නට හැකියාව ලැබී තියෙනවා. SEE ALSO: නව iPhone 6 හා Apple Watch ගැන ඔබ දැනගත යුතුම දේ ! සාමාන්යෙයන් තත්පරයට රූපරාමු වැඩි ... කාලයක් තිබුනා නුඹ දාන්ගලේට පොල් කොටන් පාලම දිගේ එක පිම්මට මේ ඉවුරට දිව ආපු මම හිටියේ මේ ඉවුරේ පැත්තකට වෙලා උඹේ විසේට ඉඩ දී කාලයක් තිබුනා නුඹ බිම බලාන, හෙමින් හෙමින් සුදු ගවුමේ රැලි සුළගේ නොයන් අතකින් අල්ලන් පිය නගාපු යකඩ පාලම දිගේ මාත් ගියා විටෙක වැරදිලා වගේ මුණට මුලිච්චි වෙන්න එකම එක මොහොතකටවත් කාලයක් ඇවිත් දැන් කොන්ක්රීට් පාලම උඩින් ... මෙතැන ස්ථිරවම කතාවක් ඇත . "මුදූ හුලන් " , ඒ නිවසේ නම . පඩි පෙළ උඩ හදිසියෙන් මෙන් ගලවා තැබූ පාවහන් යුගලක් . අඩවන් කළ දොර පලුව . වැඩිය ඈතට නොවිහිදිනු , ඉර පැල්ලම , ඕපා දුප සොයන සිතකට නොදෙන්නේය කිසිත් තොරතුරක් .සුළඟ එනු පිණිස (ෆිල්ම් එකක් නේද ) යාන්තම් ඇරුණු ජනේලය . ... කවුරුත් කතා නොකරන එළියේ බිත්තියට කළ ... මේ එකම අහස යට වෙන වෙනම ලෝක වල ආකල්ප සංකල්ප සබන් පෙණ බුබුළු සිත් දරා අප තනිවෙලා පලි මේ පින්තුරය ගත්තේ ගාල්ල කොටුවේදී . මේ කොල්ලෝ හතර දෙනා එකට හිටියට , උන් උන්ගේ මනෝ ලෝකවල . පින්තුරය පස්සේ හදන කොට තමයි පෙනුනේ පොලව පොඩ්ඩක් ඇදයි කියලා . ඒක එහෙන්මම තිබ්බේ , කොහොමත් අපි ජීවත් වෙන්නේ ඇලවුණු ලෝකයක නේද කියලා හිතලා ... එලඹෙන ජූලි 31 වන දා ඡායාරූප ශිල්පීන්ට අලුත් අත්දැකීමක් විඳගැනීමට දොරටු විවර වන දවසකි. ඒ වෘත්තීය මට්ටමේ ප්රථම Light Field Camera ව වන Lytro Illum වෙළඳ පළට නිකුත් වන නිසායි. දැන් බොහෝ දෙනා ඡායාරූප ගැනීම සඳහා යොදාගන්න DSLR කැමරා මෙන් නොව Lytro Illum මඟින් “ජීව මාන ඡායාරූප / Living Pictures” ඡායාරූප ගැනීමට හැකියාව ඇත. එනම් කැමරාවේ Lenses, Sensors, විශේෂිත මෘදුකාංග හා 3D ... අලුත් විදියකට ටයි එක දාමු. (ක්රම අටක් ගැන පාඩම් මාලාවේ සිව්වැනි ක්රමය) - How to wear a tie (Part 04) - Double Cross Knot method with PicturesLesson In Short අද අපි කතාකරන්න යන්නේ තවත් අලුත් විදියකට ටයි එක දාන විදිය ගැනයි. දැනට අපි ක්රම තුනක් ගැන කතා කරලා ඉවරයි. මේ ක්රමය නම් එතරම් ප්රසිද්ධ නෑ. ඒකට හේතුව පෙනුමෙන් මේ ටයි ගැටය ටිකක් අමාරුයි වගේ පේන නිසා වෙන්න ඇති. ඒත් දැන් අපි කතා කරන විධියට රූපසටහන් බලාගෙන උනත් මේ ටයි ගැටේ ගහන්න පුලුවන්. අද කතා කරන්නේ “Double Cross Knot” ක්රමය ... අලුත් විදියකට ටයි එක දාමු. (ක්රම අටක් ගැන පාඩම් මාලාවේ තෙවැනි ක්රමය) - How to wear a tie (Part 03) - Double Knot method with PicturesLesson In Short අද අපි කතාකරන්න යන්නේ තවත් අලුත් විදියකට ටයි එක දාන විදිය ගැනයි. කලින් කතා කරපු විධි දෙකටම වඩා වෙනස් ආකාරයකට තමයි මේ ටයි ගැටේ ගහන්නේ. ටයි එකක් දාන්න ඉගෙනගෙන ඉන්න එක හොදයිනේ. කවදාහරි දවසක ඕන වුන වෙලාවට කාටවත් කරදර කරන්නේ මොකටද? අනිත් එක අපිට පුලුවන් නම් අලුත් විදියකට ටයි එක දාන්න අපි කැපිලා පේනවා විතරක් නෙවෙයි, අනිත් අය ඇවිල්ලා අහනවත් ... අලුත් විදියකට ටයි එක දාමු. (ක්රම අටක පාඩම් මාලාවේ දෙවන ක්රමය) - How to wear a tie (Part 02) Cross knot method with PicturesLesson In Short ටයි එකක් දාන්න ඉගෙනගෙන ඉන්න එක හොදයිනේ. කවදාහරි දවසක ඕන වුන වෙලාවට කාටවත් කරදර කරන්නේ මොකටද? අනිත් එක අපිට පුලුවන් නම් අලුත් විදියකට ටයි එක දාන්න අපි කැපිලා පේනවා විතරක් නෙවෙයි, අනිත් අය ඇවිල්ලා අහනවත් එක්කනේ. හැමදාම දාන ටයි ගැටේට සමුදීලා අලුත් විදියක් ගැන හිතමු. සාමාන්යයෙන් ටයි දාන විදි අටක් විතර තියෙනවා ඒ හැම එකක්ම දාන විදිය ගැන අපි කතා ... වර්තමානයේ මඩකළපුව කියන්නේ සංචාරක ආකර්ශනය නොමඳව දිනා ගත් දිස්ත්රික්කයක්. ඉතින් ඒ නිසාම මඩකළපුව සීඝ්රයෙන් සංවර්ධනය වන දිස්ත්රික්කයක් බවට පත්වෙලා තියෙනවා අද වෙනකොට. මඩකළපුවේ සංචාරයේ යෙදෙන්නෙකුට ඉස්සෙල්ලම හිත යන්නේ පාසිකුඩා වෙරළ තීරයට. ඒකට ඒ වෙරළ තීරයේ තියෙන සුන්දරත්වය විශේෂ හේතුවක් වෙලා තියෙනවා. ඉතාමත් සියුම් වැල්ලකින් යුක්ත වන මේ වෙරළ තීරය සොදුරු කළාත්මක බවක් මවන්න සමත් වෙලා තියෙනවා. උදෑසන ... කාලෙන් කාලෙට ලෝකයේ විවිධාකාර නිර්මාණයන් බිහිකිරීමට මිනිසුන් උත්සාහ ගන්නවා. මේ තියෙන්නේ ඒ වගේ විවිධ රටවල් වලින් බිහිවූ අරුම පුදුම නිර්මාණ එකතුවක්. 1. Oxford, UK - තල්මසා 2. Reykjavik, Iceland - හදුනා නොගත් නිලධාරියා 3. Adelaide, Australia - ඌරන් 4. Grangemouth, UK - අශ්ව හිස් 5. Prague, Czech Republic - අතින් එල්ලී සිටින මිනිසා 6. Eceabat, Turkey - ලෝක ... කැළෑ ගිනි තැබීම , ඇස් වසා ටොකු ඇනීම , අල්ලේ මැද ඇඳපු ලංකා සිතියම හා වෙනත් කතා // The week in reviewPinchpoint මා මේ සටහන පටන් ගත්තේ ඉහත චායාරූපය ගැන ලියන්න හිතා ගෙන . කළ හොඳ හා නොකළ නොහොඳ ගැන ලියන්න . ඒ දෙකේ ඇති වෙනස ගැන ලියන්න මා කටු සටහන ගහල තිබ්බේ . ඒත් පහුගිය සතියේ ඇති උන සිද්ධිනුත් එක්ක වෙන වෙන කතා මේ සටහනට එකතු උනා . කතා අංක 1හේන් ගිනි තියන්නේ , කැලෑවෙන් කොටසක් එලි කර ගන්න . මොනවා ... ආයෙත් පින්තුර කතාවක් .පහුගිය දවස් වල එහෙ මෙහෙ ඇවිදිනකොට මේ යුවළ දුටුවෙමි. කොල්ලා කැමරාව සෙට් කරලා දුව ගෙන ගිහින් , ගෑණු ළමයාගේ කරට අතක් දාලා පින්තුරේට හිට ගන්නවා . ඔව් ගෑනු ළමයා සුදු ගවුමක් ඇඳලා , මල් කලඹක් අතට අරන් . මල් කලඹ ප්ලාස්ටික් !මට එක පාරටම නන්දා මාලිනි ගේ "යනවා නම් අනේ මං අරන් " සින්දුව මතක් උනා . ... ඔබේ සිහින නිවසට අලුත් පෙනුමක් ගේන්න මේ දේවල් එකතුකරන්න - It’s for your dream home, add those 24 ideasLesson In Short 1. AQUARIUM OVER YOUR BED 2. LIGHT FITTING THAT TRANSFORMS YOUR ROOM INTO A FOREST 3. OUTDOOR POOL THAT RUNS INDOORS 4. SWING TABLE SET 5. SAND PIT OFFICE 6. SPIRAL STAIRCASE SLIDE 7. GLASS BOTTOM TOILET 8. DINING TABLE - POOL TABLE 9. CLEVER UNDER STAIRS STRORAGE 10. HOUSE THAT PLAYS MUSIC WHEN IT RAINS 11. CLEAR BATH TUB 12. INDOOR HERB GARDEN 13. BOOKCASE නිශ්චල කැමරාව යනු එක් කාලයකදී එක් මිනිසෙක් විසින් කරන ලද පර්යේෂණ වල ප්රතිඵලයක් ලෙස බිහිවූවක් නොව බොහෝ දෙනෙකු විසින් විවිධ කාලවල කරන ලද පර්යේෂණ රැසක අවසාන ප්රතිඵලයයි. ක්රි.ව. 1100දී කැමරාව පිළිබඳ මුල්ම සාක්ෂිය හමුවන්නේ, අරාබි ජාතික “අල් හසන්” ගේ සටහන් වලිනි. ඔහුගේ සටහන් වල කැමරාව පිළිබඳ මූලික කරුණු ඇතුළත් වේ. ක්රික.ව.1267 විසූ රොජර් බේකර් නම් ඉංග්රීසි ජාතිකයාගේ සටහන් වලද, කැමරාව ... කාලෙකට පස්සේ ඔන්න කතා කරන පින්තුර (කවක් ).වෙලාවකට කැමරාවත් එක්ක පාරේ ඔහේ ඇවිද ගෙන යන කොට නිකන් භාවනාවක් වගේ . ඇහින් ඇතුලුවෙන රූප , හිතේ කවි, කතන්දර ලියනවා . කැමරාවෙන් ලියා ගන්න කතන්දරේ කොච්චර ලඟට සමපාත වෙනවද මන්දා ඒ කතාවට .Some times walking through the streets with the camera in your hand is like a meditation . The images that ... 43. දිඹුලාගල රජ මහා විහාරය පොළොන්නරුව නගරයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරකින් පිහිටා ඇති මෙය දුම්රග්ගල, දූමරක්ඛ පබ්බත ආදී නම් වලින්ද හදුන්වා ඇත. ඉතිහාසය විජය රජුගේ සමය තෙක් දිව යයි. විජය කුවේණී පලවා දැමීමෙන් පසු පැමිණියේ තම නෑදෑයන් ජීවත් වූ මෙම ප්රදේශයටයි. 44. පුල්ලිගොඩ ගල්ගේ සිතුවම් දිඹුලාගල රජ මහා විහාරයේ සිට කිලෝමීටර් 3ක් පමණ එම මාර්ගයේ යන විට මෙම ස්ථානයට ... 41. මැදිරිගිරිය වටදාගෙය පොළොන්නරුවේ සිට කිලෝමීටර් 25ක් පමණ ඈතින් පිහිටා තිබෙන මැදිරිගිරියේ වටදාගෙය තවත් එක් වටිනා කළා කෘතියකි. මැදිරිගිරිය වටදාගෙය වාස්තු විද්යාත්මකව සලකා බලන කල අගනා මාණික්යයක් බදු බව බෙල් මහතා පවසා ඇත. මැදිරිගිරිය වටදාගෙය ගල් තලාවක් මත පිහිටි නිසා සම බිම් වල පිහිටි අන් වටදාගෙවල් වලට වඩා තේජස්වී ගතියකින් යුක්ත වේ. 42. පොළොන්නරු සෝමාවතිය පොළොන්නරුව රෝහල හන්දියේ සිට ...
hplt_2
ඉසුරුමුණිය ඉතිහාසය[සංස්කරණය] පැරණි ශ්රී ලංකාවේ අනුරාධපුර නම් අග නගරයේ රජ කළ දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉසුරුමුණි විහාරය ගොඩ නංවන ලදී. උසස් කුලදරුවන් 500ක් මහණ කොට ඔවුනට වැඩ වාසය කිරීම පිණිස එය තනවන ලදී. කාශ්යප රජු විසින් (473 - 491) මෙම විහාරය පිළිසකර කොට "බෝඋපුල්වන් කසුබ්ගිරි රද්මහවෙහෙර" නමින් නම් කළේය. ඔහුගේ දියණියන් දෙදෙනාගේ නම් සහ ඔහුගේ නම් එක් කොට එම නම නිර්මාණය කර ඇත. ගල් ලෙනකට සම්බන්ධ වූ විහාරයක් එහි තිබෙන අතර, උඩින් ඇත්තේ ගල් පර්වතයකි. එහි කුඩා ස්ථූපයක් තනා ඇත. එම ස්ථූපය ගොඩනගන්නට ඇත්තේ වර්තමානයේ බව පෙනෙන්නට තිබේ. වඩාත් පහළින් විවරයක දෙපැත්තෙන්ම පොකුණක සිට මතු වන ආකාරයක් නිරූපණය වන ඇත් රූප නෙළා ඇත. ගල් පර්වතය මත අශ්වයෙකුගේ රූපයක්ද නෙළා ඇත. ගල් පුවරුවක නෙළන ලද ඉසුරුමුණි පෙම් යුවල සහිත කැටයම වෙනත් තැනක නෙළා පසුව එම ස්ථානයේ සවි කරන්නට ඇත. විහාරයට නුදුරෙන් මගුල් උයන දක්නට ඇත. පුරා විද්යාත්මක නටබුන්[සංස්කරණය] ඉසුරුමුණි පෙම්වතුන් 6 වැනි සියවසෙහි ගුප්ත කලාවට අයිති කැටයමකි. කාන්තාවක් පුරුෂයාගේ උකුලෙහි වාඩි වී සිටී. ඇය ඇඟිල්ලක් ඔසවා සිටින්නීය. ඒ ඇගේ කෝල බව ප්රකාශ කරන්නට විය හැක. එහෙත් පුරුෂයා අනවධානයෙන් සිටී. මෙම කැටයමෙහි නිරූපණය වන්නේ දුටු ගැමුණු රජුගේ පුත් සාලිය කුමරු සහ ඔහුගේ පෙම්වතිය වූ අශෝකමාලා නම් සැඩොල් තරුණිය යන දෙදෙනා යයි සිතිය හැකිය. ඇය නිසා තමනට උරුම වන්නට තිබූ රජකම සාලිය විසින් අත්හරින ලදැයි කියැවේ.
hplt_2
මීගමුව කලපුවේ කඩොලාන විනාශ කර නිවාස ව්යාපෘතියක් ක්රියාත්මක කිරීමට නැවතත් සැරසෙයි Tuesday, 01 July 2014 02:17 මීගමුව කලපුවේ මෝය ආශ්රිත ව පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන විශාල කඩොලාන පද්ධතියකට අයත් අක්කර අටක කඩොලාන භූමි ප්රදේශයක් නිවාස ව්යාපෘතියක් ඇතුළු සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්ය අමාත්ය සරත් කුමාර ගුණරත්න මහතා විසින් නැවත වරක් ක්රියා කරමින් සිටී. 2014 ජුනි මස 9 වන දින මීගමුව, කඩොල් කැලේ, කලපු කළමනාකරණ කමිටු රැුස්වීමට සහභාගී වෙමින් නියෝජ්ය අමාත්යවරයා විසින් මහජනතාවගේ අදහස් විමසමින්් මෙම ව්යාපෘතිය නැවතත් ක්රියාත්මක කිරීමට ධීවර ජනතාවගේ අදහස් ලබා ගෙන තිබේ. 2009 වසරේ දී පළමු ව මෙම ව්යාපෘතිය ක්රියාත්මක කිරීම සඳහා කඩොල් කැලේ, කඩොලාන වනාන්තරය එළි කළ අවස්ථාවේ දී ඊට එරෙහි ව ජනතාව හා පරිසර සංවිධාන ක්රියාත්මක වීමේ ප්රතිඵලයක් ලෙස එම ව්යාපෘතිය තාවකාලිකව නවතා දැමින. ඉන් පසුව 2012 වසරේ දී නැවත වරක් මෙම ව්යාපෘතිය ක්රියාත්මක කිරීම සඳහා උත්සාහ කළ අතර එම අවස්ථාවේ දී ද පරිසර සංවිධාන ක්රියාත්මක වීමේ ප්රතිඵලයක් ලෙස එ් උත්සාහය ද ව්යර්ථ විය. එසේ තිබිය දී නැවත වරක් මෙම ව්යාපෘතිය නීති විරෝධී ලෙස ක්රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කරමින් තිබේ. නියෝජ්ය අමාත්යතුමන්ගේ මෙහෙයවීම මත මීගමුව නගර සභාව ම`ගින් ක්රියාත්මක කිරීමට නියමිත මේ ව්යාපෘතිය සඳහා වෙන් කර ඇති කඩොලාන වනාන්තරය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අක්කර 36ක ප්රදේශයක් පුරා ව්යාප්ත ව පවතින මීගමුව කලපුවේ මෝය ආශ්රිත ව පිහිටන එක ම විශාල කඩොලාන වනාන්තරය යි. මේ කඩොලාන වනාන්තරය මීගමු මෝය ආශ්රිත ව තලා¥ව ග්රාම නිලධාරී වසමේ මීටර 100ක් පමණ පළල, කිලෝමීටර භාගයක් පමණ දිග වනාන්තර තීරයක් ලෙස ව්යාප්ත ව තිබේ. පරිසර අමාත්යංශයේ ලේකම් විසින් නිකුත් කළ 2001.08.10 දින හා අංක 05/2001 දරන අමාත්යංශ චක්රලේඛනයට අනුව මේ ඉඩම්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට යටත් කිරීම සිදු කර තිබේ. ඒ අනුව මේ කඩොලාන වනාන්තරය 2009 අංක 65 දරන පනතින් සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනත යටතේ පාලනය වේ. ඒ පනතේ 20 වන වගන්තියට අනුව මේ කඩොලාන වනාන්තරයේ ශාක කපා ඉවත් කිරීම, එළි පෙහෙළි කිරීම, ස්ථිර හෝ තාවකාලික ගොඩනැඟිලි ඉදි කිරීම, පාරවල් තැනීම හා ගොඩකිරීම ඇතුළු සියලූ ම ක්රියා තහනම් වේ. එවන් තහනම් ක්රියාවල නිරත වන තැනැත්තෙකු, වරදකරුවකු වන අතර, අවුරුදු දෙකක් නොඉක්මවන්නා වූ කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් පන්දහසකට නොඅඩු සහ රුපියල් පනස් දහසකට නොවැඩි දඩයකට හෝ ඒ දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතු ය. ඉහත සඳහන් දඬුවමට අතිරේකව, එම වනයට කරන ලද හානිය සඳහා අධිකරණය විසින් නියම කරන ලද දඩ මුදලක් ගෙවීම ද කළ යුතු ය. එපමණක් නො ව එම වරද කිරීමෙහි ලා ආධාර අනුබල දෙන හෝ එවැනි යම් වරදක් කිරීමට සලස්වන යම් තැනැත්තකු ද වරදකරුවකු වන අතර, ඔහු ද එම දඬුවමට ම යටත් විය යුතු ය. එවන් තත්ත්වයක් පවතිද් දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර දේශපාලන බලපෑම් මත විවිධ ව්යාපෘති සඳහා ලබා දීමට වෙන් කිරීම නීති විරෝධී ක්රියාවකි. එසේ සිදුවෙද් දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිහ`ඩ ව සිටීම කණගාටුවට කරුනකි. ජාතික පාරිසරික පනත යටතේ ප්රකාශිත 1993 ජූනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකක වැඩි ඉඩම් ප්රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ්රිත නොවන ප්රයෝජනයක් සඳහා යොදා ගැනීමට ප්රථම පරිසර බලපෑම් ඇගයීම් කි්රයාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. එසේ තිබිය දී අක්කර අටක කඩොලාන වනාන්තරයක් විනාශ කර, කලපුව ගොඩ කිරීමට ලක්කර ක්රියාත්මක කිරීමට නියමිත නිවාස ව්යාපෘතියක් සඳහා පළමු ව ඉඩම් වෙන් කර දීම නීති විරෝධී ක්රියාවකි. ඊට ප්රථම මේ ව්යාපෘතිය සඳහා පරිසර බලපෑම් ඇගයීමක් සිදු කර මේ ප්රදේශය එවන් ව්යාපෘතියක් සඳහා යෝග්යතාව හදුනාගෙන ඒ සඳහා පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු ව ඇත. එවන් පියවරයන් පවතිද් දී නියෝජ්ය අමාත්යවරයා විසින් තම හිතුමනාපය පරිදි සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක කිරීම සඳහා පියවර ගැනීම පවතින අනපනත් උල්ලංඝනය කිරීමකි. එපමණක් නොව රටේ ස්වාභාවික සම්පත් වැනසීමට දායක වීමක් සහ සමාජීය හා පාරිසරික ප්රශ්න අලූතින් නිර්මාණය කිරීමට දායක වීමකි. සාගරයේ හා කලපුවේ ජීවත්වන මත්ස්යයින්, කකුළුවන්, ඉස්සන් වැනි සතුන් බෝවීම හා පැටවුන් වර්ධනය සිදුවන්නේ මෙම කඩොලාන පද්ධතිය තුළ ය. යෝජිත නිවාස ව්යාපෘතිය සඳහා මෙම කඩොලාන වනාන්තර ප්රදේශ එළි පෙහෙළි කර ගොඩ කිරීමට ලක් කර යොදා ගැනීමෙන් මෙම සතුන්ගේ බෝවීමේ ක්රියාවලිය සම්පූර්ණයෙන් ම නතර වේ. එහි ප්රතිඵලයක් ලෙස නූතන කලපුව හා එ් ආශ්රිත නොගැඹුරු මුහුදු තීරයේ සිදු කරන සුළුකර්ම ධීවර කර්මාන්තය විශාල බිඳ වැටීමකට ලක් වේ. එපමණක් නොව මේ හේතුවෙන් කලපුවේ ජෛව ප්රජාවගේ රැුකවරණය සම්පූර්ණයෙන් ම අහිමි වී යයි. මෙම කලපුව හා එ් ආශ්රිත ව පිහිටන මුතුරාජවෙල තෙත් බිම් පද්ධතිය සංක්රමණික හා නේවාසික තෙත් බිම් වාසි විශාල පක්ෂි ගහණයකට වාසස්ථාන සපයයි. මෙම ව්යාපෘතිය මඟින් එ් තත්ත්වය ද දැවැන්ත බිඳ වැටීමකට ලක් වේ. යෝජිත නිවාස ව්යාපෘතියක් සමඟ ම මෙම වනාන්තර පද්ධතියට සිදුවන හානිය මින් නතර නොවේ. නිවාස ව්යාපෘතිය ක්රියාත්මක කිරීමෙන් අනතුරුව ඉදිරියේ දී ද තව දුරටත් ඉතිරි කඩොලාන වනාන්තර ප්රදේශ ගොඩ කරමින් ජනාවාස ව්යාප්ත කිරීම සිදු කරනු ඇත. අවසානයේ මෙම කඩොලාන පද්ධතිය ම මීගමු කලපුවට අහිමි වී යනු ඇත. අ¥රදර්ශී දේශපාලකයන් විසින් ගනු ලබන මෙවැනි අනුවණ තීරණ හේතුවෙන් මීගමු කලපුවේ ජෛව ප්රජාවත් ධීවර කර්මාන්තයත් අවසානයේ දැවැන්ත බිඳ වැටීමකට ලක් වනු ඇත. අදාළ විෂය භාර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්ය අමාත්යවරයා විසින් ම මෙම දැවැන්ත විනාශය සිදු කිරීමට පෙරමුණ ගැනීමෙන් පෙනී යන්නේ අ`දබාල දේශපාලකයින් රට පාලනය කිරීමෙන් රටට අත්වන ඉරණම ය. එබැවින් අප වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ පටු දේශපාලන උවමනාවන් මත රජයට අයත් මේ කඩොලාන වනාන්තර විනාශ කර නිවාස ව්යාපෘතියක් ක්රියාත්මක කිරීමට එරෙහි ව කඩිනමින් ක්රියාමාර්ග ගන්නා ලෙස ය. එපමණක් නොව මේ වනාන්තරය මැනීම් කර 2002.05.24 දින අංක 3243 දරන පිඹුර සකස් කර ඇත. එය ශ්රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් සකස් කර අත්තේ මේ කඩොලාන වනාන්තරය රක්ෂිත ප්රදේශයක් ලෙස ප්රකාශයට පත් කිරීම සඳහා ය. නමුත් අද වන විට එය කොටස් දෙකක ට සකස් කර ඇත. එක් කොටසක් නිවාස ව්යාපෘතිය සඳහා සහ අනෙක් කොටස වන රක්ෂිතය සඳහා ය. මෙය සිදුවෙද් දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිහඩව සිටීම කණගාටුවට කරුනකි. අප වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ එම කඩොලාන වනාන්තර පද්ධතිය ගැසට් නිවේදනයක් මඟින් කඩිනමින් රක්ෂිතයක් ලෙස ප්රකාශයට පත් කිරීමට පියවර ගන්නා ලෙස ය. මේ කඩොලාන වනාන්තර පද්ධතිය මැනීම් කර වසර 14ක් ගත වී ඇති මේ මොහොතේ වත් එය රක්ෂිතයක් කිරීමට කඩිනම් නොවුනහොත් මේ කඩොලාන පද්ධතියේ අනාගත පැවැත්මට පමණක් නොව මීගමු කලපුවේ ජෛව ප්රජාව ගේ හා ධීවර ජනතාව ගේ අනාගත පැවැත්මට විශාල අහිතකර බලපෑම් එල්ල විය හැකි ය. [සජීව චාමිකර - පරිසර සංරක්ෂණ භාරය]
hplt_2
බියර් බියර් හෙවත් බීර යනු මද්යසාරමය පාන වර්ගයකි. බාර්ලි වැනි ධාන්ය පැසවා නිපදවා ගනී. ඉතිහාසය[සංස්කරණය] ලෝකයේ සකස් කරන ලද පැරණිතම පානවර්ග වලින් එකක් ලෙස බියර් සැළකේ. මුලින්ම බියර් නිපදවීම, ධාන්ය වගාකිරීම ඇරඹූ ක්රිස්තු පූර්ව 9500 පමණ කාලය දක්වා අතීතයට ඇදී යන බැව් විශ්වාස කෙරේ.[1] බියර් සම්බන්ධ ලිඛිත සාධක පැරණි ඉරාක හා පැරණි ඊජිප්තු ශිෂ්ඨාචාරවලින් හමුවී තිබෙයි.[2] ශිෂ්ඨාචාර විකරණය වීම පිණිස, බියර්ද හේතුකාරක වන්නට ඇතැයි පුරාවිද්යාඥයින් විසින් අනුමාන කෙරෙති. [3] බියර් නිෂ්පාදනය[සංස්කරණය] එකතු කිරීම පැසවීම ඇසිරීම බියර් නිෂ්පාදනයේදී උපස්ථරය වශයෙන් යොදා ගන්නේ බාර්ලි බීජ වෙයි. ඒවායේ සංචිත ආහාරය වන්නේ, පිෂ්ඨයයි. පළමුව බාර්ලි බීජ දින 2-3 ක් පමණ කාලයක් ජලයේ පොඟවා ප්රරෝහණ ක්රියාවලියට අවස්ථාව සලසනු ලැබෙයි. එමගින් නිපදවෙන ඇමයිලේස් එන්සයිමය මගින් එහි වූ පිෂ්ඨය, මෝල්ටෝස් සීනි බවට පත්වෙයි. මෙසේ අර්ධ වශයෙන් ප්රරෝහණයට ලක්වූ බාර්ලි බීජ සෙල්සියස් අංශක 80 ක පමණ උෂ්ණත්වයකදී වියලා ගන්නා (වියලා ගැනීමේ මෙම ක්රියාවලිය Malting නමින් හඳුන්වයි.) අතර, එසේ වියලූ බාර්ලි බීජ ඉන්පසු 'මෝල්ට්' (Malt) ලෙස හඳුන්වයි. මෙම මෝල්ට් ඉන්පසුව උණු ජලය සමග මිශ්රකර හොඳින් අඹරා (mashing) ගනු ලබයි. මෙසේ අඹරාගන්නා ද්රාවණය ඉන්පසු 'වර්ට්' (wort) නමින් හඳුන්වයි. මෙම වර්ට් ද්රාවණයට ඉන්පසුව Humulas lupulus ශාකයේ පුෂ්ප මංජරියේ මල් පොහොට්ටු (බීර මල්) එකතු කරනු ලැබේ. එම මල් පොහොට්ටු වාණිජව 'Hops' යන නමින් හඳුන්වයි. Hops එකතු කිරීමෙන් බියර් වලට ආවේණික තිත්ත රසයක් ලබා දෙන අතරම, අහිතකර ක්ෂුද්ර ජීවී වර්ධනයද වළකයි. Hops එකතු කරන ලද 'වර්ට්' මිශ්රණය නටවා, සිසිල් කොට ඊට යීස්ට් එකතු කර නිර්වායු තත්ව යටතේ පැසීමට ඉඩ හරිනු ලැබේ. එමගින් දින 2-5 ත් අතර කාලයකදී, ද්රාවණයේ මධ්යසාර ප්රතිශතය 8% පමණ දක්වා වැඩිකර ගනියි. මෙසේ පැසවා ගන්නා ලද ද්රාවණය පැස්ටරීකරණය කොට බෝතල් වලට අසුරණු ලැබේ. (පැස්ටරීකරණය මගින් යීස්ට් සෛල විනාශ වී යාම නිසා තවදුරටත් පැසීම සිදු නොවේ.) නිෂ්පාදනය හා වෙළඳාම[සංස්කරණය] ආශ්රිත[සංස්කරණය] - ↑ "ලයිෆ්'ස් ලිට්ල් මිස්ටරීස්.com – වෙන් වෝස් බියර් ඉන්වෙන්ටඩ්?". lifeslittlemysteries.com. සම්ප්රවේශය 3 මැයි 2011. - ↑ "බියර්". බ්රිටැනිකා.කොම්.; Michael M. Homan, බියර් ඇන්ඩ් ඉට්ස් ඩ්රින්කර්ස්: ඇන් ඒන්ෂියන්ට් නියර්ස් ඊස්ටර්න් ලවු ස්ටෝරි, නියර් ඊස්ටර්න් ආකියෝලොජි, Vol. 67, No. 2 (ජුනි, 2004), pp. 84–95. - ↑ "ආකියෝලොජිස්ට්ස් ලින්ක රයිස් ඔෆ් සිවිලයිසේෂන් ඇන්ඩ් බියර්'ස් ඉන්වෙන්ෂන්". CBS News. 8 November 2010. http://www.cbsnews.com/news/archeologists-link-rise-of-civilization-and-beers-invention/. Retrieved 10 November 2010.
hplt_2
කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැරගත්තේ එකම ස්ථානයකින් බව තමන් වෙත කී “ආරක්ෂක අංශ“ රට හමුවේ හෙළිදරව් කිරීම අදාළ මාධ්යයේ වගකීම බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම්, පුබුදු ජයගොඩ මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් පළවන මාධ්ය වාර්තා පිළිබඳව අප වෙත අදහස් දක්වමින් ඔහු එසේ පැවසීය. එහිදී අදහස් දැක්වූ ජයගොඩ මහතා, “කුමාර ගුණරත්නම් සහෝදරයා සහ දිමුතු ආටිගල සහෝදරිය පැහැරගත්තේ එක ස්ථානයකද, ස්ථාන දෙකක සිටද කියලා මාධ්ය වලින් සංවාදයක් හැදීමට උත්සාහ කරනවා. මාධ්ය පවසා තිබුණේ මේ පිළිබඳ ආරක්ෂක අංශ පැවසූ බවයි. නමුත් පොලිස් මාධ්ය ප්රකාශකවරයා පොලීසිය එවැනි දෙයක් නොකී බව පවසනවා. එසේ නම් මේ ආරක්ෂ අංශ නමින් හදුන්වන්නේ කවරෙක්ද යන්න අපට ප්රශ්නයකි. එහෙමනම් ඔවුන් සුදුවෑන් වලින් පැහැර ගන්නා රජයට සම්බන්ධ සන්නද්ධ කල්ලි විය යුතුයි. මාධ්යවලට ඔවුන් සමග ගනුදෙනුවක් තිබෙනවා නම්, මාධ්ය ඔවුන් ගැන දන්නවා නම් වගකිවයුතු පුරවැසියන් ලෙස මාධ්යෙව්දීන් කළයුත්තේ ඒ කල්ලි ගැන අනාවරණය කිරීමයි. එසේ නොකිරීම සමාජ වගකීම පැහැර හැරීමකි. ඒ නිසා අපි එම මාධ්යවලින් ඉල්ලා සිටිනවා තමන්ට තොරතුරු දුන් රජයේ ආරක්ෂක අංශ මොනවාදැයි හෙළිදරව් කරන ලෙස. “ යැයි පැවසීය. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “කුමාර් ගුණරත්නම් සහෝදරයාව ශාරීරිකව විනාශ කර ඔහු අපේ රටට කරන දේශපාලන දායකත්වය නැති කරන්න මුලින් සැලසුමක් තිබුණා. එව ව්යර්ථ වුනාට පසුව ඔහුට ලංකාවට එන්න දෙන්නේ නැහැ කියලා ලංකාව තුළ ඔහුගේ දේශපාලන ක්රියාකාරීත්ව නැතිකරන්න උත්සාහ කළා. දැන් සමාජමය වශයෙන් ඔහුව විනාශ කිරීම සඳහා කුමන්ත්රණයක් දියත්වෙමින් පවතින බව අපට මේ මාධ්ය මෙහෙයුම් දකින විට හැගෙනවා. කොහොම වුණත් කුමාර් සහෝදරයාත් දිමුතු සහෝදරියත් ඇතුළු පක්ෂයේ සියලු සාමාජිකත්වයේ දායකත්වය ලබා ගෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉදිරියට යාම කාටවත් වලක්වන්න බැහැ. මේ කුමන්ත්රණ වෙනුවෙන් සියලු ප්රතිගාමීත්වය අශුද්ධ සංධානයක් ගොඩ නගා තිබෙනවා. ඒ කුමන්ත්රණ ඉදිරියේදී තව තව අය අතිනුත් ඉදිරිපත් වේවි. මේ ගැන අවධානයෙන් සිට මේ දුෂ්ඨ ප්රයත්න පරාජය කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
hplt_2
I return to China’s massive environmental woes in my weekend column in Ravaya broadsheet newspaper (in Sinhala). Last week, we looked at China’s air pollution problems; today, we discuss serious contamination of food and water caused by widespread pollution unchecked by lack of regulation and local level corruption. We also compare China’s current experience with Japan’s pollution problems in the 1950s and 1960s. The big difference: democratic system in Japan enabled citizens to effective protest industrial excesses, petition courts and force government to enforce strict regulation. Can this happen in China? Last week’s column: සිවුමංසල කොලූගැටයා #117: පැහැබර අහසක් කිසිදා නොදුටු චීන දරුවෝ මුදල් වැඩි වූ පමණට රටක් සංවර්ධනය වේද යන්න කලක සිට කැරෙන විවාදයක්. එහෙත් දුගී දුප්පත්කම තව දුරටත් පවතින්නට ඉඩ හැරීම ද ශිෂ්ට සමාජයක් නොකළ යුතු දෙයක් බව අද පිළි ගැනෙනවා. අධිවේගී ආර්ථික සංවර්ධනය හඹා යන චීනයේ අද මතුව තිබෙන දරුණු වාත දුෂණය ගැන අප ගිය සතියේ කථා කළා. එයට අමතරව ජලය, භූමිය හා ආහාරපාන දුෂණය වීමේ විශාල අභියෝගයන්ට ද අද චීනය මුහුණ දී සිටිනවා. පාරිසරික ප්රශ්න කෙමෙන් ගොඩ නැගී එන නිසා ඒවා වඩාත් ප්රබලව පෙනෙන්ට පටන් ගත්තේ පසුගිය වසර 10-15 කාලය තුළයි. වාත දුෂණය, ජල දුෂණය, ආහාර වස විසවීම ඇතුඵ මහජන සෞඛ්යයට හා ජන ජීවිතයට කෙලින්ම වින කරන පාරිසරික ප්රශ්න රැසක් ඉතා ප්රබල ලෙසින් චීනයේ මතු වී තිබෙනවා. 2013 වසර චීන පාරිසරික අර්බුදයන් උඩු දුවන, තීරණාත්මක වසරක් විය හැකියි. මීට සති කිහිපයකට පෙර ෂැංහයි නුවර අසබඩ Huangpu ගංගාවේ දහස් ගණනක් මිය ගිය ඌරන් පාවී එන්නට පටන් ගත්තා. ලෝකයට ම සෞඛ්ය තර්ජනයක් එල්ල කිරීමේ හැකියාව ඇති අඵත් කුරුඵ උණ ප්රභේදයක් මේ දිනවල චීනයේ පැතිරෙමින් තිබෙනවා. මීට පෙර කුරුඵ උණ, සූකර උණ හා SARS රෝගකාරකය ආදිය මතුවී පැතිර ගියේ චීන සත්ත්ව ගොවිපල වලින් බව තහවුරු වී තිබෙනවා. වසංගත රෝග හා පරිසර දුෂණය ද චීනයේ නිපදවා පිටරට යැවීම දැන් මහා පරිමාණයෙන් සිදු වන හැඩයි. මේවා හුදෙක් තැන තැන සිදු වන හුදකලා පරිසර දුෂණ නොව ක්රමීය මට්ටමෙන් සමස්ත ජන ජීවිතය ගිළ ගන්නා දැවැන්ත අර්බුදයක් බවට පත් වෙලා. මේ ගැන චීන මධ්යම පාන්තික ජනතාව වඩාත් විවෘතව කථා කිරීම හා ප්රශ්න කිරීම එරට ඒක පාක්ෂික, සංවෘත දේශපාලන ක්රමයට අද ලොකු ගැට`ඵවක් බවට පත්ව තිබෙනවා. චීනයේ පාරිසරික ප්රශ්න යනු වන විනාශය, ජෛව විවිධත්වය හීනවීම ආදී හරිත ප්රශ්නවලට වඩා මහජන සෞඛ්යයට සෘජුව බලපාන, ජීවත්වීමේ හා යහපත් සෞඛ්යයට ඇති මානව අයිතියට තර්ජනය කරන ආකාරයේ ප්රශ්නයි. චීනයේ බොහෝ ප්රදේශවල ජලය හා ආහාරවලට රසායනික විෂ ද්රව්ය මුසුවීමේ බරපතල තත්ත්වයක් අද මතු වී තිබෙනවා. ලෝකයේ පාරිභෝගික අවශ්යතා ලාබයට සපයන්නට දිවා රාති දහස් ගණන් භාණ්ඩ නිෂ්පාදනය කරන චීන කර්මාන්ත ශාලා අති විශාල සංඛ්යාවක් තිබෙනවා. මෙයින් සමහරක් රජයට අයත් අතර තවත් ඒවා විදේශ ආයෝජකයන් විසින් පිහිට වූ ඒවා. හැකි ඉක්මනට, හැකි තරම් ලාබෙට බඩු නිපදවන්නේ සේවකයන්ට ඉතා අඩු වැටුප් ගෙවමින් හා අපද්රව්ය කිසිදු සැළකිල්ලකින් තොරව ඉවත දමමින්. මේ කි්රයා නියාමනය කරන්නට නීති ඇතත් ඒවා හරිහැටි කි්රයාත්මක වන්නේ නැහැ. නැතිනම් ව්යාපාරිකයෝ අදාල නිලධාරීන්ට පගා ගෙවමින් අධීක්ෂණය මොට කරනවා. කෙටි කාලීන ලාබ ලැබුණත් මේ නිසා සිදු වන්නේ මුඵ රට ම වස විසෙන් පිරී යාමයි. චීනයේ වගා කරන කිසිදු ආහාරයක් බය නැතිව කන්නට බැරි බව එරට උගත් ඉහළ මධ්යම පාන්තිකයන් දැන් හොඳාකාර දන්නවා. ඇති හැකි අය දැන් බොහෝ කොට (වඩාත් දැඩි පාරිසරික නියාමනයක් තිබෙන) යුරෝපීය රටවලින් ගෙන එන ආහාර පාන වැඩි මිළක් ගෙවා පරිභෝජනය කරනවා. එහෙත් මෙසේ කළ හැක්කේ ටික දෙනෙකුට පමණයි. චීනයේ ආහාරවලට වසවිස එකතු වන්නේ හුදෙක් පරිසර දුෂණය හරහා වක්ර ලෙස පමණක් නොවෙයි. අධික ලාභ ඉපයීමේ තන්හාවෙන් මඩනා ලද ඇතැම් ගොවියෝ හා වෙළෙන්දෝ ඕනෑකමින් ම ආහාරවලට නොයෙක් රසායන ද්රව්ය මුසු කරනවා. ඒවායින් විසවීමට හැකි යයි ඔවුන් දන්නේ හෝ තකන්නේ හෝ නැහැ. බිළිඳුන්ට දෙන කිරිපිටිවල මෙලමීන් නැමැති රසායනිකයක් හමු වී මහත් කලබැගෑනියක් හටගත්තේ 2008දී. චීනයේ ම කොටසක් වන, එහෙත් නීති කී්රයාත්මක කිරීම හා නියාමනය අතින් වඩාත් දියුණු වූත් දුෂණ අඩු වූත් හොංකොං විශෙෂ ප්රදේශයේ සිට ළදරු කිරිපිටි හැකි තාක් චීනයේ සෙසු ප්රදේශවලට ගෙන යාම ජයට කැරෙනවා. මේ නිසා දැන් එය පාලනය කරන්නට පවා සිදු වෙලා. ඉසුරුබර හැම චීන පවුලක් ම ජීවත්වීමට වඩාත් හිතකර ඕස්ටේ්රලියාව, නවසීලන්තය, බි්රතාන්යය, හෝ කැනඩාව වැනි රටක අමතර පුරවැසිකම ලබා ගෙන දෙවැනි ගෘහස්ථයක් දැන් සැළසුම් කරනවා යයි පසුගියදා ජාත්යන්තර පුවත් සගරාවක් වන ‘ටයිම්’ හෙළි කළා. එම සගරාවේ චීන වාර්තාකාරිය හැටියට වසර කිහිපයක් එහි වාසය කරන හැනා බීච් (Hannah Beech) කීවේ: ‘මා දන්නා හැම සුපිරි පැළැන්තියේ චීන පවුලකට ම රට හැර දා යාමේ ක්රමානුකූල සැළැස්මක් තිබෙනවා. එය රටට ද්රෝහිවීමක් නොව තමන්ගේ පවුලේ සෞඛ්යාරක්ෂාව සඳහා කරන මානුෂික තීරණයක්’. මෑතදී බේජිං නුවර වෙළඳපොළකදී පිරිපුන් බවින් යුතු දොඩම් ගෙඩි කිහිපයක් මිළට ගන්නට තමා උත්සාහ කළ බවත්, ඒවා අදහා ගන්නට බැරි තරම් තැඹිලි පාටින් යුතු වූ නිසා සමීපව පරීක්ෂා කළ බවත් හැනා බීච් වාර්තා කරනවා. ටිකක් කථා බහා කරද්දී වෙළෙන්දා පිළිගත්තේ මේවාට තැඹිලි පාට ඩයි තවරා ඇති බවයි. ‘බය වෙන්න එපා – කෑවාට හානියක් නැහැ’ ඔහු කියා තිබෙනවා. මෙසේ කීවේ නොදන්නාකමට ද සටකපටකමට ද? ෂැංඩොං ප්රාන්තයට ගිය ගමනකදී එහි ඇපල් ගොවියකු සමග කළ කථා බහක් ඇය සිහිපත් කරනවා. ඇය සමග සුහද වූ පසු ඔහු අවවාද කළේ ‘ෂැංඩොං සිට එන ඇපල් කන්න එපා. අපි නොයෙක් රසායන යොදා ගෙන ගෙඩි ඉක්මනින් පුෂ්ටිමත් කරනවා. ඒ වගේ ම තත්ත්ව පාලක නිලධාරීන්ටත් ගතමනාවක් දීලා ඔවුන් නිහඩ කරනවා’ කියායි. හැනා බීච් මේ වාර්තාව ලිව්වේ හුදෙක් පත්රකලාවේදීනියක ලෙස පමණක් නොවෙයි. ලාබාල දරුවන් සිටින මවක් ද හැටියටයි. තමන්ගේ දරුවන්ට නොදැනුවත්ව ම වස විස දීමෙන් වළකින්නේ කෙසේදැයි ඇය නිතිපතා විපරම් කරනවා. ‘මගේ දරුවන්ට හා ඔවුන්ගේ පාසලේ සෙසු දරුවන්ට එළිමහනේ සෙල්ලම් කරන්නට බැහැ. වාත දුෂණය එතරම් ම දරුණු නිසා. අවුරුදු පහේ දරුවෝ වාත දුෂණ දර්ශකයේ අංක ගැන කථා කරන්නට පටන් අරන්. වායු සමනය කළ නිවාස හා පාසල් ගොඩනැගිලි ඇතුලේ කොටු කර ගෙන අප දරුවන් හදනවා. මගේ තුන් හැවිරිදි තවමත් බහ තෝරන දියණිය උගත් මුල් ම චීන වචනයක් වූයේ පරිසර දුෂණයට එම බසෙහි හමු වන යෙදුමයි. කෙතරම් යසඉසුරු තිබුණත් මෙබඳු ජීවන තත්ත්වයක් නිසා පීඩාවට පත් වනවා නම් එහි තේරුමක් ඇත්ද?’ ඇය මෙන් ම මේ ප්රශ්න මතු කරන චීන දෙමව්පියන් ලක්ෂ ගණනක් අද සිටිනවා. ඔවුන්ට දෙන්නට හරිහමන් අවංක උත්තරයක් චීන රජයට නැහැ. එසේම වඩාත් උගත්, සන්නිවේදන තාක්ෂණ මෙවලම්වලින් සන්නද්ධ වූ චීන මධ්යම පාන්තිකයන් මිලියන් 300කට අධික සංඛ්යාවක් පෙර මෙන් නොදන්නාකමේ අන්ධකාරයේ ගාල් කොට තැබිය නොහැකියි. රටේ ලෝකයේ සිදු වන්නේ කුමක් ද යන්න ගැන දැන් ඔවුන්ට හොඳ අවබෝධයක් තිබෙනවා. මේ වසරේ ජනවාරියේ නාගරික ප්රදේශවල වාත දුෂණය උග්ර වූ විට ඒ ගැන නිදහසේ තොරතුරු වාර්තා කරන්නට මාධ්යවලට බලධාරීන් විසින් ඉඩ දෙනු ලැබුවා. මෙය චීනයේ අඵත් ප්රවණතාවක්. බොහෝ විට වසංගතයක්, ආපදාවක් හෝ වෙනත් අනතුරක් ගැන සැබෑ තොරතුරු වාර්තාකරණයට චීන කොමියුනිස්ට් පක්ෂය හා රාජ්ය නිලධාරීන් සීමා දමනවා. එහෙත් ජංගම දුරකථන හා ඉන්ටර්නේට් භාවිතය වඩාත් ප්රචලිත වෙත් ම මෙබඳු වාරණයන් සාර්ථක නොවන බව දැන් චීන බලධාරීන් තේරුම් අරන්. අගනුවර හා වෙනත් ප්රධාන නගරවල පරිසර දුෂණ දත්ත පිළිබඳව සාපේක්ෂව යම් විවෘත භාවයක් හටගෙන ඇතත්, සෙසු නගරවල මේ තත්ත්වය ප්රතිවිරුද්ධ දිසාවට ගමන් කරමින් තිබෙනවා. එනම් තමන්ගේ අකාර්යක්ෂමතාවයන් වසා ගන්නට පිණිස පාරිසරික දත්ත නිකුත් කිරීම ප්රමාද කිරීම හා වසන් කිරීම. 1990 – 2005 වකවානුව තුළ චීනයේ ආර්ථික වර්ධන වේගය සාමාන්යයක් ලෙස 8.7%ක් වූවා. 2013දී 7.5% ක වර්ධනයක් ද 2011 – 2015 පස් අවුරුදු සැළසුම් කාලය තුළ සාමාන්ය ආර්ථික වර්ධනය 7%ක් වනු ඇතැයි ද අනුමාන කැරෙනවා. තරමක් වර්ධන වේගය අඩු වී ඇතත් තවමත් චීන ආර්ථිකය යන්නේ අධිවේගී ධාවනයෙන්. එය හරියට පාලනයකින් තොරව කඩා ගෙන බිඳ ගෙන පෙරට යන මකරකු වගේ. චීනයේ මෙන් අධිවේගී ආර්ථික වර්ධනයක් 1950 – 1970 වකවානුවේ ජපානයේ ද සිදු වුණා. දෙවන ලෝක යුද්ධයෙන් පසුබෑමට පත් වුණු ජපානය පරම්පරාවක් ඇතුළත ආර්ථික වශයෙන් හිස එසවූවත් එහි දැඩි පාරිසරික විපාක අත්වින්දා. චීනය මෙන් නොව ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයක් පවතින ජපානයේ මේ විපාකවලට එරෙහිව මහජන උද්ඝෝෂණ නැගී ආ විට එයට ඉක්මන් ප්රතිචාර දක්වන්නට එරට දේශාපලකයන්ට හා නිලධාරීන්ට සිදු වුණා. මේ දෙරටේ අධිවේගී වර්ධනයේ ක්රමවේදයන් සමාන වූවත් පාරිසරික විපාකවලට ප්රතිචාර දැක්වීමේදී නම් ජපානය චීනයට වඩා ඉතා ජනතාවාදී වූ බව කිව යුතුයි. යස ඉසුරු පතා සියල්ල කැප කිරීමේ කෙටි කාලීන ගිජු බවට ජපන් සමාජය යොමු කරන්නට ජපන් සමාගම් තැත් කළත් එරට රාජ්ය නිලධාරීන් හා ස්වාධීන අධිකරණයත්, සැබෑ ජනතා සංවිධානත් එම උත්සාහයට ඉඩ දුන්නේ නැහැ. Video: Japan’s Lessons on the Economy and the Environment: Our Pollution Experience (Sinhala version)
hplt_2
මගෙ පුංචි සන්දියේදී මම උන්නු ගමේ කෙළවරකට වෙන්න මහා සද්දන්ත නුග ගහක් තිබුණා . ඔය ගහේ වයස හරියටම මට කියන්න බැරිවුනත් මගේ ගමේ උන්නු පරණ මිනිස්සු බොහොමයක් දෙනා තමන්ගේ ළමා කාලේ ගැන සඳහන් කරද්දී ඔය මහා ගහ ගැන නිතරම කීව හැටි මට මතකයි . දන්න කියන හැමෝම ඒ මහ ගහ හැඳින්නුවේ "මහ නුඟේ" කියලයි පහළට එල්ලි එල්ලී තිබිච්චි දිගම දිග මුල් නිසා ඒ ගහට තිබුණේ හරියට වයසක රැවුල තියන මන්තර කාරයකුගේ පෙනුමක් .හැන්දෑ කළුවර වැටුණාම හිත හයිය මිනිහෙක් ඔය නුඟේ ගාවින් ගියේ නොගිහින්ම බැරි ගමනක්ම වෙතොත් විතරමයි . ඒ ගියෙත් "ඉතිපිසෝ" ගාථාව සද්ද නගා කියන ගමන් .ඒ වගේම නුගේ දිහෑ යන්තම්වත් නොබලා ඉවත බලන් . සත්තු සෑහෙන ගාණනකට නිවහන වෙලා තිබුණු මේ විසල් නුඟේ පෙන්වන්න අපි පුංචි සන්දියේදී ඉස්කෝලෙනුත් එක්කරගෙන ගියා මතකයි . ඒ දවස් වල එක වසර අච්චු පොතේ තිවුණු අප හා පරිසරය පාඩම ගැන කියාදෙද්දී මේ මහ නුගේ ගැන නිතර කියන්නත් අපේ චීචර් අමතක කළේ නැහැ. සත්තුන්ට සරපයින්ට අයිති වෙච්චි ඔය මහ නුඟේට අරක්ගෙන මනුෂ්යයෙක් නොවන තවකෙක් උන්නා ! ඒ උත්තමයගේ නම රතු අප්පු ! රතු අප්පු. දෙවියෙක්ද , යක්ෂයෙක්ද කියලා මම නම් හරියට දන්නෑ . සමහරු කියන විදිහට රතු අප්පු කරදර දෙන යක්ෂයෙක් . ගමේ සමහරුන්ට නම් ගමට සෙත ගේන දෙයියෙක් ! මහ නුඟේ යට සිමෙන්තියෙන් බඳවලා තිබුණු පුංචි දේවලයක හැඩ හුරුකම් කියපු කුටිය ඇතුළේ . සමහර දින වල බිං කරුවල වැටුණහම පොල්තෙල් පහනක් දැල්වෙනවා . තවත් දින වල සුවඳ දුම් ගලා යනවා. එහෙමත් දිනක කෙසෙල් කොළේක තියාපු, නුගේට පුදකරාපු කැවිලි පෙවීලි ගහේ ජීවත් වුණු දඬුලේනුන්ගේ, මයිනන්ගේ, පලා ගිරවුන්ගේ, බෝදිලිං කටුස්සන්ගේ බඩගෝස්තර පිරෙවුවා! පොල්තෙලින් පෙඟිච්චි නිච්චි පහන් තිර බෙදාගන්න කපුටු හැතිකරේ පොර කෑවා ! කෙම්මුර දාට මහ නුඟේ දිහාවින් අලෝක ගුලි විසි වෙන හැටි ගැන ගමේ හිටපු සීයලා කතා කළේ හරිම ගෞරවයෙන් . කවදාකවත් ඒ ආලෝක ගුලි මම දැකලා නොතිබුණත් මම මගේ ඒ වැඩිහිටියන්ගේ කතා ඉස් මුදුණෙන්ම විශ්වාස කළා . ඒ "දේවතා එළි" හිටි ගමන් අහසට නගින දේවතා එළි දකින්න මම සෑහෙන්න ආස කළා . ඒත් ඒව දකින්නත් පින තියෙන්න ඕන කියලයි මගේ සීයා නම් නිතර කීවේ . ජනේලයෙන් එපිට ඈත මහ නුගේ දිහා බලාගෙන පැයගණන් ගත කළත් මම කිසිම දවසක දේවතා එළියක් නම් දැකලා නැහැ . මට යාන්තමට මතකයි .මහ නුඟේ පාත් වුණු අතු අතරේ නුග ගෙඩි කන්න මීත්තෝ නිතරම පොරකනවා. ඒ නුග ගෙඩි අතරේ කපු රෙදි කෑලි වලින් ගැටගහපු පඬුරු ගොන්නකුත් ඒ නැමුණු නුග අතුවල එල්ලිලා තිවුණ හැටි මට තාම මතකයි . හරිහමං මතකයක් නැත්තේ තාත්තගේ අතේ එල්ලිලා මහ නුගේ ගාවින් යනකොට මම ඒ දිහා නොබලා ඇස් තදකරලා පියාගන්න නිසාමයි . එක වැහි දවසක පාන්දර ජාමේ ගම දෙවනත් කරගෙන මහා "හූ" හඬක් ඇහුණා ! අසල්වැසි ගෙවල් වල උදවිය ඇඳන් හිටි ඇඳුම් පිටින්ම ඒ දිහාට දීවේ ගමේ කෙනෙකුට කරදරයක් වුණාම නෑහුණා වගේ ඇස් කන් පියාන ඉඳලා පුරුද්දක් නැති නිසාමයි . ග්රාම සේවක වෙච්ච මගේ තාත්තත් කඩිමුඩියේ ඒ පැත්තට දිවුවා . අම්මත් මමත් තාත්තා එනතුරු බලාන් හිටියේ පුදුම කුතුහලයකින් .ගම් වැදුණු අලියෙක් කාව හරි පාගලා මරා දාලා වත්ද ?, වැස්ට කාගේ හරි ගෙදරක් කඩාන වැටිලා වත්ද ? , රණ්ඩුවක් වත්ද ? හිතින් හිත හිතා මමත් ජනේලෙන් එපිට හීනිවට වැටෙන වැහි බින්දු දිහා බලාන හිටියා . තාත්තා එනතුරු ! "සුසිරිපාලට රතු අප්පු වැහිලාලු ! අන්න බෙරිහන් දෙනවා. පිස්සු යක්කු !” තාත්තා එහම කියාගෙන ඔළුවට වැටිච්ච වතුර අතින් පිහදන ගමන් ගෙට ගොඩ වුණා . මගේ තාත්තා කවදාවත් ඔය අමනුෂ්ය කතා විස්වාස කළේ නෑ "දැන් මොකද කරන්නේ ?” එහෙම ඇහුවේ මගේ අම්මා ! "පේදුරු සීයට එන්න කියනවාය කීවේ ! පුතා එක්ක මමත් තව ටිකකින් ඒ පැත්තේ යන්න ඕන" මගෙ හිතට දැනුණේ පුදුම සතුටක් ! "පුතා එක්කරගෙන යන්න එපා මේ මහ වැස්සේ ! “ "ඔය පොඩ්ඩ තෙමුණට කාරි නෑ කොල්ලත් ඕව දැකගන්න ඕන" "පේදුරු" මගේ සීයගේ තාත්තා . මගේ මුත්තා. හරිම ආඩම්බරෙන් මම අදටත් සිහිපත් කරන මගේ ගමේ හිටි මගේම නෑදෑයෙක් . වයසට ගිහින්ම කොන්ද ටිකක් නැමිලා කුදු බවක් පෙනුණත් .කිසිම දවසක කෙනෙකුට නැමිච්ච කෙනෙක් නම් නෙවේ පේදුරු මුත්තා. මනුෂ්යයෙකුටවත් අමනුඅෂ්යයෙකුටවත් . පේදුරු මුත්තා නෙවේ බය වුණේ. දිෂ්ටියක් වැහුණාම , බැල්මක් වැටුණාම , නූල්බඳින්න වුණාම පේදුරු මුත්තා ඇරුණහම වෙන සමතෙක් ඒ වැඩේට හිටියේ නැහැ . නිදන් කැඹුරුමකින් හොයාගත්තු රිදී පුස්කොළ පොත් ගණනාවක් පේදුරු මුත්තා ගාව තියනවාය . උන්දෑ බය නැතුව යක්ෂයින් සමඟ ගනු දෙනු කරන්නේ ඒකය කියලා .මගේ තාත්තත් සීයත් නිතර කතා කරනවා මම අහලා දැකලා තිවුණා . අපි සුසිරිපාල ලෑ ගෙදරට යනකොට උදේ දහයත් පහු වෙලා . වටේම තිබුණු වැහි අඳුර නිසා කැලේට වට වෙච්ච ගමේ තිබුණේ මහම මහා මූසල මුස්පේන්තු ගතියක් .වෙනදා වගේ ක්රියාශීලී බවක් නොපෙන්වාපු ගමේ උදවියත් . තැම්බුම් හොඳි බීලා ආපු එවුන් වගේ කම්මුල් වල අත ගහගෙන තැන් තැන් වල ඇන තියාන උන්නා . ගේ ඇතුළෙන් එකපාරටම ඇහෙන මහ හූ හඬ සහ ගෙරවීම් හඬ එන්න එන්නම වැඩි වුණා ! . සුසිරිපාල අයියා මර හඬ දෙනවා ඒත් ඒ ඇහුණ හඬ එයාගේ නෙවේ ! . අහස ගොරවන හඬට සමාන වූ දරුණු හඬක් එදා මෙදා තුර කිසිම දවසක මම මිනිහෙකුගේ උගුරකින් ඒ වගේ හඬක් පිට වෙනවා නම් අහලා නෑ ! . යන්තම් සුසිරිපාලයියාගේ කාමරේට මම එබිලා බැලුවේ තාත්තගේ අත අත නොහැරම තදින් අල්ලං ඉන්න අතරේදී. සුසිරිපාලව ඇඳට තියලා ගැටහලා තිබුණු හැටි මම යාන්තමට දැක්කා එකපාරටම ගං හබරල කොළයක් ඉහලාගෙන අමුත්තෝ දෙන්නෙක් වත්තට ඇතුළු වුණා ! එක්කෙනෙක් පේදුරු මුත්තා . ආනිකා මුතූ මුදලාලි කඩුල්ල පැනලා වත්තට ආපු පේදුරු මුත්තා වත්තේ තිබුණු කෙහෙල් ගහක මුදුනට කොටලා ඒ ගහ දෙපළු කළා . ගෙට ඇතුළු වෙද්දිම උළුවස්සට ඇණයකුත් ගැහුවා ගහලා මොන මොනාදෝ මැතිරුවා !. ඒ ඇයි කියලා කියන්න මම තවම දන්නෑ . ඒත් මම ඒ දේවල් දිහා බලාන උන්නේ පුදුම කැමැත්තකින් , ගෞරවයකින් . "පේදුරු එනකොට අමනුෂ්යයෝ දුවනවා !!“ ගේ ඇතුළේ හිටි උදවිය එහෙම කතා කරද්දී මටත් ඕන වුණේ පේදුරු මුත්තා වගේ වීරයෙක් වෙන්න . මගේ තාත්තා නම් ඒ ඇහුණු හැම වචනයකටම ඔලොක්කුවට හිනා වෙච්ච හැටි මට තාම මතකයි . කුප්පි ලාම්පුවකුත් අරගෙන සුසිරිපාල හිටි කාමරේට පේදුරු මුත්තා ඇතුළු වෙනකොට ගේ ඇතුළේ හිටි හැමෝම පොද වැස්ස නොසලකා එළියට බැස්සා . කුඩෙ ඉහළගත්ත තාත්තත් මමත් ඒ අය පිටිපස්සෙන් එළියටම ඇවිදින් බලාන හිටියා . ගේ ඇතුළෙන් මට ඇහුණේ විලාපයකුත් ඒ විලාප හඩට වඩා උස් හඬින් මන්තර මතුරන හඬකුත් විතරමයි . පළාතම හීතල කරගෙන මහා හුළඟක් ආවා වැහි පොදත් කැටි කරගෙන ආ ඒ හුළඟේ හීතල ගතිය මට මේ දැනුත් දැනෙනවා වාගේ ! . විලාපයයි හීතලයි පොඩි එකෙක් වෙච්ච මාව හිරි වැට්ටුවා ! "ඕං නමෝ .”. කියමින් පේදුරු මුත්තා මතුරන හඬ ටික ටික වැඩි වෙනවා . මොහොතකින් හැම දේම ආයෙත් සාමාන්ය අතට හැරුණා .කුප්පියක් අත්ල මැද හිර කරගෙන රටක් රාජ්ජයක් දිනුවා වගේ ආඩම්බරෙන් ගෙදරින් එළියට බැස්සේ පේදුරු මුත්තා ! වත්ත පිටියේ හිටි හැමෝම මුමුණන්න වුණා . උළුවස්සේ ඇනපු යකඩ ඇනේ ගලවාගත්තු පේදුරු මුත්තා . අත්ලේ සඟ්වාගෙන හිටපු පුංචි කුප්පියක් අතට අරගෙන ඒ යකඩ ඇනේ බෝතල කටේ ගැට ගැහුවා .වත්ත පිටියේ හිටි අපි හැමෝම ඒ කුප්පිය බලන්න එක් වුණේ සීනි බෝතලේට වහන කූඹි වගේ ! ඔන්න ඔය විදිහට රතු අප්පු කියන අමනුෂ්යයා මගේ ගමෙන් පිටුවහල් වුණා බෝතලේ ඇතුළේ හිරවෙච්ච රතු අප්පු යක්ෂයාව දැකගන්න මමත් බෝතලේ ගාවට එබුණා ඒත් හිස් බෝතලේ ඇතුළේ හිරවුණු ගැට දාපු නූල් කෑල්ලක් විතරමයි මම දැක්කේ . "ගැට දොලකින් මම රතු අප්පුවාව ඇල්ලුවා ! හෙහ් හෙහ්..! මෙන්න මේ කුප්පිය ගැඹුරක වළලනවා හොඳයි ! ඕක බිඳගෙන හෙම ආයේ මට කරදර කරනවා නෙවෙයි ! “ ! ආයේ මම කිසිම දවසක ඒ උත්තමයා ගැන අහුවේ නෑ .මාස කීපයකට පස්සේ මහ නුඟ ගහත් කොල හැලිලා හැලිලා ගිහින් මැරිලා ගියා ! පුදුම හිතෙන විදිහට ! ඒකාලේ පේදුරු මුත්තා නිසා මගේ පවුලට ලැබිලා තිබුණු පිළිගැනීම නම් උපරිමයි .! "අපේ මුත්තා තමයි පේදුරු " මම එක වසර පන්තියේදී නිතරම එහෙම කියනවා මට මතකයි . පන්තියේ හැමෝම එතකොට මගෙ දිහා බලන්නේ බයකින් වගේ පේදුරු මුත්තාට . මගේ තාත්තා වුණත් සීයේ කියලා කට ඇරලා ගෞරවයෙන් කතා බහ කළා , යනකොටත් කකුල් දෙක අල්ලලා පේදුරු මුත්තට වැඳ වැටුණා . ඒත් එයාගේ මන්තර ගැන තාත්තා කතා කළේ හරිම විහිළුවෙන් . තාත්තා ඒවා තඹ දොහිතුවකට වත් මායිං නොකරන බව දන්න පේදුරු මුත්තත් අපේ ගෙදර ආපු වෙලාවට වැඩිය කතා බහ කළේ නෑ "මේ ගෙදර භූමි දෝෂයක් තියනවා ! ගෘහ මූලිකයට තමා ඒකෙන් බලපෑම . බලපල්ලා මේ ගෙදර ඉස්සරහා දොරින් බලාපුවාම පිටිපස්ස දොරින් මිදුල පේනවා මෙහෙම උළුවහු තියන්නේ කොයි රටේද ? ” සිය පාරකට වැඩිය පේදුරු මුත්තා එහම කියන්න ඇති අපි එතකොට උන්නේ තාත්තට රජයෙන් දීපු කෝටස් එකේ අපිට උවමනා විදිහට ඒ ගෙවල් දොරවල් හදන්න බැරි බව අම්මත් දන්න වචන පාවිච්චි කරලා මුත්තට පැහැදිලි කළා . "මට මල ගෙදරක එන්න උඹලා ඉඩ ඉඩ තියන්න විතරක් එපා ! ” පේදුරු මුත්තා දබරඟිල්ල උරුක් කරලා අන්තිමට කීවේ එච්චරයි ! ඔය කතාව කියලා ටික කලකට පස්සේ තාත්තා නොඑන ගමන් ගියා . ගල් හිතක් තිබුණු පේදුරු මුත්තත් එදා නම් පොඩි එකෙක් වගේ තාත්තගේ මිනී පෙට්ටිය ගාව වැටිලා ඇඬුවා . ඒක දැකලා ගමම ඇඬුවා . තාත්තගේ හත් දවසේ දානේ ඉවර වෙච්ච දවසෙම පේදුරු මුත්තත් නිදි පැදුරේම අවසන් ගමන් ගිහින් තිබුණා . මරන පරීක්ෂණයට කියැවුණේ හර්ධයේ ලේ කැටියක් හිරවීම කියලයි ! අද මට නිකමට හිතෙනවා පේදුරු මුත්තගේ ශාස්තරේ හරි කියලා . එයා කියපු දෙයක් වැරදිලා නැහැයි කියලා ! එයා කියාපු දේ එදා පිළිගත්තානම් කියලා ! පොඩ්ඩකට හරි හිත හදාගන්න මට පුළුවන් එතකොටයි .පේදුරු මුත්තගේ පුතා වෙච්ච මගේ සීයා අදටත් අපි ගාව ඉන්නවා .එයාට අවුරුදු 88ක් පේදුරු මුත්තා ගාව තිබුණු පෙත්පත් සේරම මගේ සීයට හිමිවුණා . ඒත් සීයා කවදවත් ඒවයින් වැඩක් කළේ නෑ . "මොකෝ සියේ අර පේදුරු මුත්තගේ මන්තර පොත්, වෙද පොත් අල්ලන්නෙවත් නැත්තේ ! ඇයි ඒවා ට්රන්ක පෙට්ටියේ දාලා තියෙන්නේ ?” මම දවසක් එහෙම අහද්දී "අවි ගත්තෝ අවියෙන්ම නසිති" කියලයි සීයා මට කීවේ පේදුරු මුත්තා ගැන මුල් මතක සටහන මගේ හිතට වැදුණු පළමු දවස වගේම අද දවසත් වැහි බරයි ! . වියළි කාල ගුණයක් හිමි අපේ පළාතම සීතල බවින් පිරිලා ගිහින් . සීයාගේ ට්රන්කා පෙට්ටිය ඇතුළේ තිබුණු බොහෝම පැරණි පොත්පත් කීපයක් හා පණ වාගේ ආරක්ෂා කරපු පුංචි පිළිමයක් වැඩට නොගිහින් ගෙදර හිටි අද දවසේ මගේ අතට පත් වුණා . අද මම මේ හැම දේකම උරුමක්කාරයා වුණා . ! "අද ඉඳන් උඹ මෙවුවා තියාගනිං උඹට දවසක මෙවුවා දෙන්න කෙනෙක් ලැබුනොත් දීපං නැත්තං ලිපේ දාපං !" පොත් ටික මගෙ අතට දීලා එහෙම කියද්දී සීයගේ කටහඬ වෙවුලුවා ! "මොකද සීයේ මේ හදිස්සියේ මෙවුවා මට දුන්නේ ?” "මට තව වැඩි කාලයක් නෑ .” වෙවුලන හඬින් මගෙ සීයා එහෙම කියද්දී එදා තාත්තගේ මරණය දවසේ පවා නොදැනුණ අමුතු වේදනාවක් මට දැනුණා . ඒ දුන්න පොත් වල එකම එක වචනයක් පමණ මට කියවන්න බෑ . ඒත් මගේ වයසක සීයා ඒ තිබුණු හැම වචනයක්ම ලොකු සී ආර් පොතක පිරිසිදු සිංහලෙන් ලියා තිබුණා . අද මේවා මගේ අල්මාරියේ තැන්පත් වේවි .! දවසක මේවා තව කෙනෙකුගේ අතට පත් වේවි ! ඔය විදිහට අතින් අත ගිහිං, ගිහිං දවසක නැති වෙලා යාවි. හරියට ගම් හතකට පේන්න නැගී හිටි මහ නුගේ අද තිබුණු තැනක්වත් හොයාගන්න බැරිවා වාගේ නැත්තටම නැති වෙලා යාවි .!. කොච්චර ලොකු සද්දන්තයෙක් වුණත් හැමදාටම ඉන්නේ නෑ .! මේ අස්ථිර ලෝකෙක කොහෙද ඉස්තිර දේවල් ?
hplt_2
දේශානුකුලනය ජීව විද්යාවේ දී , දේශානුකුලනය යනු යම් දේශීය නොවන ජීවියෙකු ස්වභාවික පරිසරයෙහි පැතිර යාමෙන් දේශානුකුලකෘත වීමේ ක්රියාවලියයි. ගහනයක් දේශානුකුලකෘත වුවා යැයි සැලකෙන්නේ එම ගහනය පවත්වාගෙන යාමට තරම් ප්රමාණවත් ප්රජනක හැකියාවක් එම ගහනය තුල පවතින විටය. ඇතැම් ගහන නොනැසී පවතින්නේ ප්රජනක හැකියාව නිසා නොව,භාහිරයෙන් නොනවත්තා ආගමනය වීම නිසාය.එවන් ගහන , හෝ එම ගහනය තුල සිටින එකෛකයන්, ආගන්තුකයන් වේ. [1] වගාගත කරනු ලබන ශාක ආගන්තුක ශාක සඳහා ප්රධාන ප්රභවයකි. දේශානුකුලකෘත විශේෂ දේශීය ශාක හා සතුන් මත අහිතකර ආචරණ ඇති කිරීමට තරම් බහුල වුවහොත් එම විශේෂ ආක්රමණික විශේෂ බවට පත්විය හැක. මූලාශ්ර[සංස්කරණය] - ↑ Warren L. Wagner, Derral R. Herbst, and Sy H. Sohmer. Manual of the Flowering Plants of Hawaii, Revised Edition, 1999. Bishop Museum Press: Hololulu
hplt_2
ඉස්ලාම් හී මානව හිත සුව පිණිස වූ මූලික අයිතිවාසිකම් රැසක් දැක්වේ. සෑම මොහොතකදීම ඊට ගරු කළ යුතුය. ඒවා පිළිපැදිය යුතුය. යථෝක්ත අයිතිවාසිකම් අත්කර ගැනීම උදෙසා නීත්යානුකූල රැකවරණය පමණක් නොව ඵලදායි සදාචාරාත්මක සැලැස්මක්ද ඉස්ලාමය ඉදිරිපත් කරයි. මෙසේ පෞද්ගලික හා පොදු යහපත පිණිස සිදු කරන්නා වූ සියල්ලක්ම සදාචාරාත්මක වශයෙන් යහපත් වේ. අල්ලාහ් කෙරේ දක්වන භක්තියට අතිශය වැදගත්කමක් හිමිකර දෙන ඉස්ලාමය ගතානුගතිකත්වයට වහල්ව සිටීමේ ක්රියාවට එරෙහිව අනතුරු හඟවයි. පෙරදිගට හෝ බටහිරට මුහුණ හැරවීම ශීලයක් නොවේ. ශීලය වන්නේ අල්ලාහ්, කියාමත් දවස (ලොව අවසන් දිනය) හා මලාධිකාවරු ආගම් හා නබිවරුන් කෙරේ විශ්වාසය පිහිටුවීම, අල්ලාහ් කෙරේ ස්නේහයෙන් ලේ ඥාතීන්, අනාථයින් දිළින්දන්, මගීන් හා යාචකයින් වෙනුවෙන් ස්වකීය වස්තුවෙන් විය පැහැදම් කිරීම, වහලුන් නිදහස් කරවීම, අදාළ වතාවත් කිරීම සකාත් ගෙවීම පොරොන්දු ඉටුකිරීම හා දුක් පීඩා හිදී ඉවසා සිටීම යනාදියයි. මෙවැන්නෝ සැදැහැවත්හු වෙති. මෙවැන්නෝ අල්ලාහ්ට බිය ගැත්තෝ වෙති. (අල්කුරානය 2:177) ඉස්ලාමයට අනුව මිනිසා විනයානුකූ®ල ධර්ම පිළිපැදිය යුතු අතරම අල්ලාහ්ට හා හුදී ජනතාවට සෙනෙහෙවන්ත වීමෙහිලා නිරතුරු සැළකිළිමත් විය යුතුය. මෙහිලා අවශ්යතා සතරක් ඉදිරිපත් කෙර්. 1. අපේ ඊමාන් භක්තිව අව්යාජ විය යුතුය. අවංක විය යුතුය. 2. සහෝදර ජනතාව වෙනුවෙන් දාන පරිත්යාග කළ යුතුය. 3. සමාජ සංවිධාන යනාදියට ඇප උපකාර කරමින් හොඳ පුරවැසියන් විය යුතුය. 4. සෑම විටකම සෑම මොහොතකම චිත්ත ස්ථාවරත්වය පවත්වා ගත යුතුය. කිසියම් හැසිරීමක් කල් ක්රියාවක් යහපත් හෝ අයහපත් යැයි තීරණය කෙරෙන්නේ ඉහත කී කරුණු පදනම් කර ගනිමිනි. සෑම සදාචාරාත්මක පැවැත්මක්ම මෙකී විනිශ්චය ක්රමය වටා භ්රමණය වේ. මිනිසකු කෙරෙහි සදාචාරාත්මක අණපනත් පැනවීමට පෙරාතුව ඔහුගේ සෑම කටයුත්තක් ක්රියාවක්ම මෙන්ම සෑම තැනකදීම සෑම මොහොතකදීම අල්ලාහ් ඔහු දෙස ඥෂ්ටිය හෙලමින් සිටින බව මුලු ලෝකයෙන්ම සැඟවුවත් අල්ලාහ්ගෙන් සැඟවිය නොහැකි බව අන් සියල්ල මුලාවට පත්කළත් අල්ලාහ් මුලා කිරීමට නොහැකි බව, කවරකුගේ ග්රහහණයෙන් මිදුනත් අල්ලාහ්ගේ ග්රහණයෙන් මිදිය නොහැකි බව යනාදිය මිනිසාගේ සිතෙහි තහවුරු කිරීමට ඉස්ලාමය වෙර දරයි. මෙසේ අල්ලාහ්ගේ ප්රසාදයට ඉවහල් වූ දේ මිනිස් ජීවිතයක පරමාර්ථය විය යුතු බව නිර්ණය කොට සදාචාරාත්මක වශයෙන් වූ උසස් තත්ත්වය ද ඉස්ලාමය මගින් සලසා දෙනු ලැබේ. මානව සදාචාරාත්මක සංවර්ධයෙහි අසීමිත අගයන් ඇති කිරීමෙහිලා මෙය ඉවහල් වේ. දිව්යමය හෙළිකිරීම් (‘වහී) යනු ඥානයේ මූලහරය වශයෙන් සළකා මේ සදාචාරාත්මක තතත්ත්වයට නොසැලෙන ස්ථාවරත්වයක් ලබා දෙයි. සාධාරණ හෝ හේතු සහගත ලෙස චර්යාවේ හැඩ ගැස්වීම් අභාසය කිරීම සහ වෙනස් කිරීම් කරගත හැක. එහෙත් හිතාමතා සිදු කරන වරදක් වශයෙන් බැරෑරුම් වෙනස් කිරීමක් හෝ සදාචාරව ලිහිල් කරවීමක් හෝ පවතින අඛණ්ඩ භාවය කඩකිරීමක් වශයෙන් එබඳු වෙනසක් කළ නොහැකිව අල්ලාහ් කෙරෙහි ඇල්ම සහ බිය හේතුවෙන් වූ සදාචාරයනට මේ මගින් අනුමැතිය ලැබේ. මේ නිසා බාහිර බලපෑමකින් තොරව මිනිසා සදාචාරය ඔස්සේ යවනු ලැබේ. අල්ලාහ් සහ කියමන් දවස පිළිබඳව ඇදහිලි සහිතව ඉතා ඕනෑකමින් හා උනන්දුවත් අවංකව මෙන්ම හෘදයාංගමව සදාචාරාත්මක පැවැතුම් සකසා ගනු පිනිස මිනිසාට හැකියාවක් ඇතිවේ. මේ සදාචාර නීතිරීතින් හා ව්යාජ ස්වභාවයක් නැත. අමුතු ආටෝප ද නැත. සාමාන්ය සදාචාර පැවැතුම් වලින් ඈත් කිරීමක්ද නැත. හේතු විරහිත ලෙස හෝ අතිශයෝක්තියෙන් කිසියම් අංශුවක් හෝ අමතක කොට හැර දමානැත. ව්යවහාරයේ ඇති සියලුම සදාචාර විනයන් ගැන මෙහි සළකා ඇත. ඒ ඒ තැන් හී එකිනෙකට උචිත ලෙස පිහිටුවා ජීවන සැලැස්මක් තුල සමස්ථයක් වශයෙන් සපුරා ක්රියාත්මක වන අන්දමින් සැකසී ඇත. මෙමගින් මිනිසාගේ පෞද්ගලික හා සාමුහික ජීවන අරමුණු පුළුල් කරවනු ලැබේ. මිනිසාගේ ගෘහස්ත හැසිරීම්, පෘථග්ජන පැවැතුම් මෙන්ම දේශපාලනික, ආර්ථික, අධිකරණ, අධ්යාපනික හා සමාජයීය කටයුතුවලදී පිළිපැදිය යුතු සදාචාරාත්මක විනය ධර්මයන් ඉස්ලාමයේ මෙලෙස විග්රහ කර තිබේ. ඉස්ලාමීය සදාචාරයෙන් මිනිස් ජීවිතය, නිවසත් සමාජය දක්වාත් කෑම මේසයේ සිට යුද පිටිය හා සාම සම්මේලන දක්වාත් කෙටියෙන්ම කිවහොත් තොටිල්ලේ සිට සොහොන් බිම දක්වා සකස්විය යුතු ආකාරය ඉගැන්වේ. ඉස්ලාමීය සදාචාරය තුළින් කිසිදු අංශුවක් ගිලිහී නැත. කිසිදු ක්ෂේත්රයක් මගහැරී නැත. එය අවබෝධය ද පහසුය. එමගින් ජීවිතය උතුම් පරමාර්ථ සහිතව හැඩ ගස්වා ගත හැකිය. මෙහිලා ආත්මාර්ථකාමී හෝ පහත් ලාභාපේක්ෂාවෙන් ගෙවන ජීවිතයකට ඉඩක් ද නැත. හෘද සාක්ෂියට එකඟ වූ ද්වි පෙවතක් සකසා ගැනීමත් කවර අවස්ථාවක් යටතේ වුවද වරදට යොමුවීමෙන් වැලකී සිටීමටත් මිනිසා පෙළඹවීම ඉස්ලාමීය සදාචාරයේ අරමුණ වේ. ෆවුස් මොහොමඩ්
hplt_2
සීතාවක රජවරුන්ට රැකවරණය දුන් රහස් මාලිගය -මැද්දේගම් නුවර ඇත්තටම මෙහෙම පුරාණ නගරයක් තිබුණ ද? උග්ගල් අලුත්නුවර ඉතිහාස තොරතුරු වල කියවෙන “මැද්දෙගම් නුවර” මේ දක්වා සැඟව පවතින්නේද ? එය පිහිටි ඉසව්ව කොහේද ? යන්න නිවැරදිව නිශ්චය කරගතයුතු වෙයි. මැදගම හෝ මැද්දෙගම යනුවෙන් හැඳින්වෙන ස්ථාන කීපයක්ම දිවයිනේ විවිධ තැන්වල පවතී. පුරාණ ලියවිලි වල ද ඒ බව හමුවේ. එකක් සබරගමුවේ අටකලන් කෝරළේ පිහිටි ඓතිහාසික විහාරයක්ද පිහිටි මැද්දේගම ය. ඌවේ බිබිල ප්රදේශයේ ඇති මැදගම තවත් ස්ථානයකි. බළන්ගොඩ පින්නවලට උතුරින් ඇති මැද්දේගම තවත් ස්ථානයකි. උග්ගල් අලුත්නුවර දේවාලයේ ලේකම් මිටිය හෙවත් පුරාණ ලේඛනයේ සඳහන් මැද්දේගම් නුවර යනු මෙයින් එකක්ද නැතහොත් වෙනම ම ස්ථානයක් ද ? පුරාණ ලේඛනයේ සඳහන් උග්ගල් අලුත්නුවර මෙන්ම මැද්දේගම්නුවර ද පිහිටියේ සබරගමුව පළාතේ දැනට භාවිතයේ නැති “එතරවා කෝරළය” නම් වෙනත් කෝරළයක් තුළ බව පෙනී යයි. එවැනි කෝරලයක් දැනට භාවිතයේ නොමැත. එහෙයින් මේ කියන මැද්දේගම් නුවර කුමක්දැයි තෝරා ගැනීම වඩා ගැටළු සහගත වෙයි. රාජකීය පණ්ඩිත පූජ්ය කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන් වහන්සේ ගේ “සපරගමුවේ පැරණි ලියවිලි” කෘතියේ උපුටා දක්වන ලියවිලි කීපයකම එතරවා කෝරළය ගැන සටහන්වන පැරණි ලිපි කීපයක්ම වන්නේය. ඒවා සලකා බලා උන්වහන්සේ එහි මායිම් ලෙස දක්වන්නේ ලෙසිනි. කන්දපල්ල කෝරළය හා කඩවත කෝරළයේ කොටසක් ද එක්ව එය සකස් වී තිබී ඇති බව පෙනීයයි. එහෙයින් එතරවා කෝරළයේ මැද්දේගම් නුවර යනු ඉහත පළමු ඡේදයේ කියන ස්ථාන අතරින් අවසන් වරට දැක් වූ බළන්ගොඩ පින්නවලට උතුරින් පිහිටි මැද්දේගම බව පෙනේ. දෙවන රාජසිංහයන් විසින් මොරහැල අලහකෝන් මුදලිට දී ඇති තඹ සන්නසේ ද එතරවා කෝරළය ගැන කියවේ. මොරහැල පිහිටියේ උග්ගල් අලුත්නුවර ආසන්නයේ ඊට උතුරු දෙසිනි. පරංගි හටන හා කුස්තන්තීනු හටන කාව්ය වලද එතරවා කෝරළය ගැන කියවේ. එතරවා කෝරලයේ පිහිටි මැද්දේගම් නුවරට පෘතුගීසීන් පැමිණ වැසියා සමූල ඝාතනය කර විනාශ කළ ආකාරය ගැන ද කියවේ. එතරවා කෝරළය මැකී ගොස් ඇත්තේ 2 රාජසිංහ අවදියේ කන්දපල්ල කෝරළය වෙන්ව ඌවට යාවීමෙන් හා කඩවත කෝරලය වෙන්වීමෙන් බව තවදුරටත් තොරතුරු හදාරන විට පෙනී යයි.a බළන්ගොඩ පින්නවල ආසන්නයේ පිහිටි මැද්දේගම ඇති ප්රාථමික පාසල මැද්දේගම මායාදුන්නේ විද්යාලය නම් විය. මේ පාසලට මායාදුන්නේ විද්යාලය කියන්නේ ඇයි දැයි විදුහල්පති තුමා විග්රහ කළේ පහත සඳහන් අන්දමිනි. “මේ ගම මායාදුන්නේ රජතුමාට පෘතුගීසි උවදුරෙන් බේරී රැකවරණය පිණිස මාලිගයක් තිබූ නුවරක්. එතුමාගේ “රහස්මාලිගාවක්” තිබූ පුරාණ නගරයක්.” යන විශ්වාසය ගමේ මුල් බැසගත් මතයක්. ඒ නිසයි “මේ නම පාසලට තැබිය යුතුය” යන සම්මතය ඇතිවෙලා තියෙන්නෙ. මැද්දේගම මායාදුන්න ප්රාථමික පාසලට ආසන්නයේ පිහිටි ඇටවක්වෙල රතනපාල විද්යාලය, කීරපත්දෙනිය විද්යාලය හා මැද්දේගම පියරතන විද්යාලය යන කණිෂ්ඨ ද්විතියක මට්ටමේ පාසල්වල සමාජ අධ්යයන විෂය භාර ගුරුතුමන්ලාගේ අනුග්රහයෙන් සිසුන් ලවා තම ගම්මානයේ ඇති පුරාණ තොරතුරු පිළිබඳ කතා කවි ආදිය සොයා ගැනීමට උත්සාහ කළෙමි. පුරාණ විහාරස්ථාන, සහ විශේෂිත ගොඩනැගිලි, වලව් වැනි විශේෂිත ස්ථාන නාම ඇතිවීම පිළිබඳ කතා, නටබුන් ආදිය ගැන පැරැන්නන් විමසා තොරතුරු සොයා ලියන ලෙස දරුවන්ට දන්වන ලදී. විශ්මයකි. ! ඉතා ඉක්මනින්ම උපකල්පනය කළ මතය තහවුරු කරන අන්දමේ තවත් තොරතුරු රාශියක් ලැබිණි. එමගින් ලැබී ඇති විස්තර සාරාංශ කර පහත දක්වා ඇත. රන්මුදු ඇල්ල පිළිබඳ කතා – - රන්මුදු ඇල්ලෙන් තමයි පත්තිනි දේවීයගේ රන් මුදු හෙවත් රන්හළඹ පහල වෙලා තියෙන්නේ . ඒවා තැන්පත් කර හැදූ පත්තිනි දේවාල කීපයක් අවට තියනව. අලුත්නුවර තියෙන්නේත් ඒවා තැන්පත් කළ දේවාලයක්. කෝට්ටයාකන්ද මේ ළඟමයි තියෙන්නේ එහෙ හිටපු වන්නිරාල තමයි රජ්ජුරුවන්ට රන් හළඹ ගිහින් දීල තියෙන්නේ. ඇල්ල වැටෙන වලේ හිටපු ආඳා ගෙන් තමයි මේ රන් හළඹ කෝට්ටයා කන්දේ වන්නිරාලට ලැබිල තියෙන්නෙ. - රන්මුදු ඇල්ල කියල නම හැදිල තියෙන්නේත් මේ විදිහට පහළ වුන රන් හළඹ නැතිනම් රන්මුදු පහළ වීම නිසායි. රන්මුදු ඇල්ලේ මුදුනේ කුරුවිට රාලගේ වලව්ව තිබිල තියනවා. එතන තවමත් ගල්වලින් හදාපු ගඩොල් කොටස් තියනව. - රන්මුදු ඇල්ල වැටෙන දිය ඇල්ලට මුවා වෙලා තියෙන්නේ විශාල ගල් දොරටුවක්. එහි පුරාණ යේ අකුරු කොටල තියනව. ඒව කියවන්න හොඳ නෑ. වස් වදිනවා. කාලෙකට උඩදි ගොවියන්ට ගොයම් කපන කාලෙට ඕනි දෑකැති රන්මුදු ඇල්ලෙන් ලැබුණ. ගොවියොත් ගොයම් වැඩ ඉවර වුනාම දෑ කැති ආපසු රන්මුදු ඇල්ලේ පහළ වුන තැනින් ගිහින් තිව්ව. පස්සෙ කාලෙකදි එක් කෙනෙක් මේ විදිහට ලැබුණ දෑකැති ආපසු ගෙන ගිහින් තියල නෑ. ඊට පස්සෙ ඒ විදිහට දෑ කැති ලැබෙන එක නතර වුනා. ඇටවක්වෙල ගම පිළිබඳ කතා- - මේ ගමේ තියන වෙල් යාය ලොකූ 8 (අටක) හැඩයට තියෙන්නේ. ඒ නිසයි අටවක්වෙල කියන්නෙ. මේ වෙල්යායෙ එක කුඹුරක නම “කොටවීදියෙකුඹුර” දිගම කුඹුරෙ නම “දික්වීදියේකුඹුර” මේවට නිකංම කොටවීදිය, දික්වීදය කියලත් කියනව. එහෙම කියන්නේ ඒ කුඹුරු අස්වද්දල තියෙන්නේ පුරාණ නගරයෙ තිබුණ වීදි වල නිසයි. එක කුඹුරක නම “දාලවලෙ”. ඒකේ මැටි තවමත් කළු පාටයි. එතන තමා පුරාණ විශාල මාලිගාවක් තිබිල තියෙන්නේ. පරංගි කාරයො මේව සේරම ගිනිතිව්වලු. දවස්ගානක් තිබුණු ගින්න නිසා පොළවත් යටටම පිලිස්සීමෙන් මේ විදිහට අදත් කළුපාට මඩ පස් ඇති වෙලා තියෙන්නෙ. - අටවක්වෙල අපේ විද්යාලෙ ළඟම ලොකු ගල්පර්වතයක් තිබුණ. කව්රුත් ඒකට කිව්වෙ හඳගල කියල. ඒකේ ඉරයි හඳයි කොටල තිබුණ. 1978 වෙනකම්ම ඒ ගල තිබුණලු. ඒ කාලෙ නිවාඩු ඉවර වෙලා එන විට ඒ ගල්පර්වතය නෑ. ඒක නිදන් හොරුන් ගෙනිහින් කියල අපේ වැඩිහිටියො කියනව. 3. ගෙපල් කපද්දි දැනුත් පුරාණ වළං වල කොටස් ලැබෙනව දිරාගිය ඊතල, පෙති පිළිම, වගේ දේවලුත් සමහරුන්ට ලැබිල තියනව, හැඩයට කපාපු ගල් මැටි බට වගේ ඒව මේතැන්වල ලැබිල තියනව. කණතිරියන්වෙල කොට බෝධිය පිළිබඳ කතා - - මෙය ශ්රී මහා බෝධියේ අෂ්ඨ ඵල රූහ ශාඛාවක්. දැනුත් අපට බොහොම පිහිට තියනව. විභාගෙට යද්දි අපේ ලොකුහාමුදුරුවො බෝධිපූජා තියල අපට ආශීර්වාද කරනව. හාස්කම් ගොඩක් තියන බෝධීන් වහන්සේ. බෝධිය වැඳල කියා හිටල යන ඔනිම යහපත් දේකට බෝධීන් වහන්සේගේ පිහිට ලැබෙනව කියල ප්රසිද්ධයි. ඒ නිසා කවුරුත් එතනට එනව. - මේ බෝධීන්වහන්සෙ පරංගි ඇවිත් ගිනතියල තියනව. එයින් පසුව ඉතිරිවුන කොටය නැවත දළුදාල පැලවෙලා තමයි මේ විදිහට හැදුනෙ. මෙතනට කුවුරුත් වැඳුම් පිදුම් කරන්නේ ශ්රීමහා බෝධීය හැටියටමයි. මේ බෝධීන් වහන්සේගේ අතු ඉති ලියලා ගිය පුරාණ විශාල බෝධියේ කොටස තවමත් දැකිය හැකිය. මෑතදී එය දිරාපත්වන ලකුණු පෙන්වූ බැවින් උද්භිද විද්යාඥ උපදෙස් පරිදි සිමෙන්ති ආවරණයක් යොදවා දිලීරනාශක බෙහෙත්ගල්වා බේරාගත් බව ස්වාමීන්ද්රයන් වහන්සේගෙන් දැනගන්ට ලැබිණි. උන්වහන්සේද දරුවන් කියන ලද පුවත් සනාථ කරති. - පෘතුගීසි ආක්රමණ මගින් විහාරය පුළුස්සා දමා වැනසුව ද පසු කාලයක නැවතත් ප්රතිසංස්කරණය කර පූජනීය සිද්ධස්ථානයක් වශයෙන් පවත්වා ගනිමින් බැතිමතුන්ට පිහිටවීමට ස්වාමීන්ද්රයන් වහන්සේ කැපවී සිටිති. ප්රදේශවාසීන් මෙන්ම වන්දනා කරුවන්ගේද නොමඳ වැදුම් පිදුම් ලබන ස්ථානයකි. එළුගාල පන්සල - - මෙය ලංකාවේ මධ්යකාලීන සමයට ගැනෙන පුරාණ ටැම්පිට විහාරයකි. ඒ සම්බන්ධ සලකුණු තවමත් පෙන්වයි. ඊට අදාල ගල් කුළුණු තවමත් විද්යමානය. පොල්වත්තක් ඇති ගොඩැල්ල – - ආසන්නයේ දක්නට ඇති උස්බිමක් මත පිහිටි පොල්වවා ඇති ප්රදේශය පුරාණ රජමාලිගාව තිබූ ස්ථානය සේ ජනශ්රැතියේ පවතින බව දරුවන් සොයාගත් කතා මගින් පැහැදිලි වෙයි. ආසන්යේ ගලා යන දෙනගං ඔයට බැසීම සදහා එහි පුරාණ පඩි පෙලක් ඇති බව ද මේ කතාවලින් පැවසේ. පුරාණයේ ගමන් යන අයට ගව්වෙන් ගව්ව දිවමාලිග පහළ වනවාක් මෙන් වැඩහිටින බෝධීන් වහන්සේලා- - මැද්දේගම සිට ගව්වෙන් ගව්ව බෝධීන් වහන්සේලා සිටුවල තියනව. ඒව ළඟ පුරාණ වලව් වාගෙම අම්බලනුත් තිබුණ. දෙනගං ඔය අයින දිගේ පස්සරමුල්ල හරහා දෙතනගල කන්දේත් එතනින් එහාටත් තිබුණ. ඒ මග දිගේ රජ්ජුරුවන්ට පෙනුම් කත් ගෙන එද්දි, පස්සරමුල්ලේ තියන බෝධිය ළඟ තමයි බත්මුල් ලිහාගෙන කාල සෑහෙන වෙලාවක් ගිමන් හැරියෙ. ඒකට “හත්බෑව බෝධිය” කියල දැන් කිව්වට, ඒ නම “කත් බෑව බෝධිය” යි. එහෙම කියන්නෙ කත් කරුවො කත් බිමින් තියල සෑහෙන වෙලාවක් ගිමන් ඇරල තියෙන ස්ථානය නිසයි. - පුරාණ යේ පාරවල් සොයාගන්න උදව් උනේ මේ බෝධීන් වහන්සේලා. ගව්වෙන් ගව්ව දිව්ය මාලිගා පහළ වෙන්න වාගෙ තමයි, අමාරුවෙන් මග ගෙවන අයට මේ බෝධීන් වහන්සේලා හමුවෙන එක. ඒවට වැඳුම් පිදුම් කරල පිනුත් රැස්කරගෙන තමයි කවුරුත් ගමන් බිමන් ගියේ. - හත්බෑව බෝධිය ළඟ වාගෙම අනෙක් බෝධීන් වහන්සේලා ළඟත් වලව් තිබුණ. දැනටත් කීපයක්ම තියනව. බොල්තුඹය සමන් දේවාලය - - මෙය මැද්දේගමට උතුරින් පිහිටි දැනටත් තරණය කීරීමට දුෂ්කර ගිරි පර්වත අතර දෙතනගල කදු පාමල පිහිටි හාස්කම් ඇති පූජනීය ස්ථානයකි. මේ දේවාලය විශාල කර නැවත ගොඩ නගා ඇත්තේ පලමුවන රාජසිංහයන් විසිනි. එසේ කර ඇත්තේ සබරගමු සමන් දේවාලයට සතුරු උවදුරක් පැමිණිය හොත් ආභරණ හා වස්තුවට රැකවරණය පිණිස බව කියවේ. එතුමා අනුමාන කළ පරිදිම පසු කලක පෘතුගීසි ආක්රමණ වලදී සබරගමු සමන් දේවාල ආභරණ ඇතුළු වටිනා වස්තුව රැක දී ඇත්තේද මෙහි බව මේ ජනපවාදයන් හා ලේඛන ගත සාක්ෂී අනුවද තහවුරු වේ. මෙලෙස දක්වන ලද ලේඛනගත තොරතුරු, ජනකතා සහ දැනට අනාවරණය වී ඇති සහ තවමත් කැණිම්වලට ලක් නොවී සැඟව පවතින පුරාවිද්යාත්මක සාධක ගණනාවක්ම ඇති බව පෙනෙන හෙයින් පැහැදිලිවන්නේ උග්ගල් අලුත්නුවර දේවාලයේ පුරාණ ලේඛනයේ සඳහන් මැද්දේගම් නුවර මෙය බවය.b පසු සටහන් a. මෙහිදී සොරගුණය පවා ඌවට අයත් විය. මේ වෙනස්කර සොරගුණය පෙදෙස නැවත යා කර දෙන මෙන් 1818 උඩරට මහකැරැල්ල නිමවීමෙන් පසුව රදලවරුන් ඉල්ලා සිටියද ඉංග්රීසීන්ගේ පරිපාලන පහසුව තකා එය ඉටු කර නැති බව පෙනේ.(උඩරට මහකැරැල්ල මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද බලන්න) b.මේ කතා මිස හමුවූයේ යයි කියවෙන මෙවලම් පිළිබඳ ආදර්ශයක් ලේඛකයා වෙත ලැබී නැත. Like this: Like පුරණය වෙමින්... Related
hplt_2
වෙසෙස් සිතෙන් මිදෙන සිතුම්....වලින් පහන් වැට සරසමි.... පහන් සිලෙන් ගලන කැලුම්....පසන් සිතින් විඳ තුටු වෙමි... Thursday, August 16, 2012 එල්ලෙන හොල්මන එදා හොඳට හඳ පායපු දවසක්. ලොකු තාත්තා භූමදානය කරපු දවස. ඒ වගේ දවසක ලඟම නෑයෝ ටික ගෙවල්වල යන්නේ නැහැ නේ. එදා එහෙ නතර වෙලා අස් පස් කරන ඒවටත් උදව් වෙලා පහුවදා යන්න තමයි දුරින් ආපු නෑයින්ගෙත් කල්පනාව. අපිත් ඉතින් එහෙ නවතින්න තීරණය කරා. අපේ ලොකු අම්මලාගේ ගෙදර තියෙන්නේ වෙල් යායකින් වට වුණු පුංචි කඳු ගැටයක් උඩ. තදින් වහින කාලෙට ඔය වෙල ගංවතුර ට යට වෙනවා කඳු ගැටේ දූපතක් විදියට ඉතිරි කරලා. ලොකු තාත්තා නැති උනේ ඔන්න ඔය වගේ වැහි කාලෙක. ඉතින් හදිසියෙවත් වෙල යට උනොත් කියලා මළ ගෙදර තිබුණේ වෙලෙන් මෙපිට තිබුණු ලොකු අයියගේ ගෙදර. ඉතින් එදා වැඩ කටයුතු ඔක්කොම ඉවර වෙලා කට්ටිය නිදා ගන්න ලේස්ති උනා. හැමෝටම ඇති වෙන්න කාමර තිබුණේ නැති නිසා කීප දෙනෙක් සාලේ පැදුරු දාගෙන නිදාගන්න සෙට් උණා. ඔය අස්සේ ලොකු අම්මා කිව්වා ටික දෙනෙකුට ලොකු අම්මලාගේ ගෙදර යන්න පුළුවන් කියලා. මොකද සමහර පොඩි එවුන්ට එහෙම බිම නිදාගන්න දෙන එක පවු නේ. ඉතින් ලොකු අම්මලාගේ ගෙදර යන්න තීරණය කරේ මෙන්න මේ කණ්ඩායම. සුදු අයියා සහ ඔහුගේ ප්රිය බිරිඳ, රසී අක්කා. චූටි අයියා සහ බිරිඳ, මහී අක්කා රාජ් අයියා (මෙයා මේ වෙද්දී නෙලූ අක්කව බැඳලා නැහැ) දැන් මේගොල්ලන්ට යන්න වෙන්නේ තුන් රෝද රථ වලින්. මොකද වෙල හරහා තියන වේල්ලේ රෝද හතරේ වාහන යන්න බැහැ. රෑ හින්දා වේල්ලේ පයින් යන එකත් සුබ නැහැ. ඉතින් ත්රී වීල් දෙකකට කට්ටිය සෙට් උණා. එක ත්රීවිල් එකක ඩ්රයිවර් හැටියට ලොකු අයියත් ගියා. අනිත් එක එලෙව්වේ සුදු අයියා. ඉතින් මේ කණ්ඩායම පිටත් වෙලා ගිහින් පැය බාගෙකට විතර පස්සේ ත්රීවිල් දෙකක් පිඹගෙන ඇවිත් ලොකු අයියලාගේ ගේට්ටුවෙන් ඇතුලට හැරෙව්වා. ඒවායින් බැස්සේ කවුද දන්නවද? දාඩියෙන් මුළු ඇඟම පෙන්ගිච්ච, ඇස් නළලේ තියාගත්තු, සුදු අයියයි රසී අක්කයි මහී අක්කයි රාජ් අයියයි ලොකු අයියයි. කෝ චූටි අයියා? මොකක් හරි ලොකු සන්තෑසියක් වෙලා තියන බව අපිට තේරුණා. ඉතින් කට්ටියව ගෙට අරගෙන, වතුර එහෙම බොන්න දීලා, හොඳ සිහියට එනකන් ඉඳලා තමයි සිද්ධිය අහගන්න පුළුවන් උනේ. ~~~~~~~~~~~~~~~~~ මේ ගොල්ලෝ ත්රී වීල් දෙකෙන් පිටත් වෙද්දී මැදියම් රාත්රියටත් ලං වෙලා තිබුණේ. මළ ගෙදර නිසා පාර දෙපැත්තේ එල්ලලා තිබුණු සුදු කොඩි සට සට ගාලා හුළඟට සෙලවෙනවා. ගස් අතරින් පෙරිලා එන මලානික හඳ එළියත් ත්රී වීල් වල ලාම්පු එලිත් ඇරෙන්න වෙන කිසිම එළියක් ඒ හරියේ නැහැ. පොඩි චකිතයක් දැනුනත් කට්ටිය ඉදිරියටම ගිහින්. සුදු කොඩි එල්ලපු, ගස් තියන සීමාව පැනලා වෙල අද්දරට ආවම කට්ටිය දැක්කලු මලානික හඳ එළියේ නෑවෙන වෙල් යාය. පොඩ්ඩක්වත් වේගේ අඩු නොකර තුන් රෝද රථ දෙක එකා පස්සේ එකා ඇදෙන්න ගත්තේ පුළුවන් ඉක්මනින් වේල්ල තරණය කරලා කඳු ගැටේ නැගලා ගෙදරට යන අදහසින්. වේල්ලේ මැද හරියක් එද්දී ඉස්සරහින් ගියපු ලොකු අයියා එලවපු රථය ඉද්ද ගැහුවා වගේ එක පාරටම නතර උනාලු. ඒකෙ පිටි පස්සේ වාඩි වෙලා ඉඳල තියෙන්නේ චූටි අයියයි අක්කයි. පස්සෙන් ආපු සුදු අයියලත් ත්රීවිල් එක නතර කරගෙන. ඉස්සරහ එකේ ඉන්න එක්කෙනෙක්වත් බිමට බහින්නේ නෑ ලු. නවත්තගෙන එහෙමම ඉන්නවලු. ඉවසලා බැරිම තැන සුදු අයියා බැහැලා ඉස්සරහ බලලා. වේල්ල ඉවර වෙලා කඳු ගැටේ නැග්ම පටන් ගන්න තැනම තියෙන්නේ තඩි ගොරක ගහක්. හඳ එළිය තිබුණත් ඒ හරිය කළුවරයි. එදා හවස ලොකු තාත්තා භූමදානය කරලා තිබුණේ ඒ ගහට ටිකක් එහායින්. සුදු අයියා දැක්කලු "සුදු සරමක් ඇඳගත්ත මිනිහෙක් ගොරක ගහේ එල්ලිලා ඉන්න හැටි". ඔලුව පල්ලෙහාට හිටින්න. ඒ මදිවට හුලන් හමනකොට හයියෙන් එහාට මෙහාට පැද්දෙනවා ලු. මේක දැකලා කකුල් දෙක කිටි කිටියේ වෙවුලන්න ගතිපු හින්දා සුදු අයියා ආපහු ත්රී වීල් එකේ රියදුරු ආසනේට පැනලා. දැන් කට්ටියම මේක දිහා එබි එබි බලනවලු. ඉස්සරහ රථයෙන් කිසිම හාවක් හූවක් නෑ. ටික වෙලාවකින් ඔන්න චූටි අයියා එලියට බැහැලා ගොරක ගහ දිහාවට යන්න පටන් ගත්තලු. මහී අක්කා එපා කියලා කෑ ගහද්දීත් මෙයා පොර වගේ ගිහින් මොකද වෙන්නේ බලන්න. චූටි අයියා ගොරක ගහට ලං වෙන අඩියක් අඩියක් ගානේ වේල්ල මැද ඉන්න කට්ටියගේ හාට් බීට් එක දෙගුණ උනාලු. මෙහෙම හෙමින් හෙමින් ගිහින් චූටි අයියා ගොරක ගහ යටට එනකොටම... ...පළාතම දෙදරන්න චූටි අයියා කෑ ගහද්දි අර එල්ලිලා හිටපු මිනිහා ගහෙන් බිමට පනිනවා දැක්කලු. ඊට වඩා දහ ගුණයක් සද්දෙන් විලාප දීපු අපේ අනිත් කට්ටිය හිස හැරුණු අතේ දුවන්න ගත්තලු. ඒ වෙනකොට බබෙක් ලැබෙන්නත් ඉඳපු රසී අක්කාව ත්රී වීල් එකේ එහෙමම දාලා සුදු අයියා දුවලා තිබුණේ මෙලෝ සිහියක් නැතුව. සමහරු දුවලා තිබුණේ ගොරක ගහ පැත්තටමයි. ඒක මීටර් වෙලා ආපහු හැරිලා එන්න හැදුවට එන්න බැහැලු. එක තැන දිවවෙනවා වගේ තමයි දැනිලා තියෙන්නේ. අන්තිමේදී ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ, දුවපු කට්ටියව ත්රී වීල් වලට දමාගෙන මේ ගොල්ලෝ උපරිම වේගෙන් ආපහු ලොකු අයියලාගේ ගෙදරට ඇවිත්. චූටි අයියට වෙච්ච දෙයක් ගැන කාටවත් හරි අදහසක් නෑ. කට්ටියට ඒ ගැන මතක උනෙත් අපි ඇහුවට පස්සේ. කෑ ගහගෙන චූටි අයියා කන්ද උඩට දුවන හැටි කට්ටිය යන්තම් දැකලා තිබුණා. එයාගේ ෆෝන් එකට දීපු කෝල් වලින් අන්තිම එකට යන්තම් උත්තරයක් ආවා. කරදරයක් නැතුව ලොකු අම්මලාගේ ගෙදරට දුව ගත්තා කියලා කිව්වා. ඊට පස්සේ තමයි ඉතින් හැමෝම සැනසුම් සුසුමක් හෙළුවේ. පහුවදා උදේ අපේ නෑයෝ සෙට් එක ගියා සිද්ධිය වෙච්ච තැනට, පශ්චාත් අධ්යයනයක් දාන්න. කලින් දා රෑ බය වෙලා ආපු අයියලත් වැඩර් ලා වගේ ගියා. වේල්ල හරියට යනකොට මෙන්න තියනවලු කට්ටියගේ පටි කැඩිච්ච සෙරෙප්පු එහෙම. ඒවා හතර අතේ විසි වෙලා. වේල්ලේ ඒ හරිය නිකන් හරක් දාලා මඩවලා වගේ ලු. කට්ටිය එච්චරට දුවලා තියනවා. ඉතින් ගොරක ගහ යටට යද්දී අමුතු දෙයක්නම් එතන තිබුණේ නැහැ ලු. ගොරක අත්තක වනලා තිබුණු, ලොකු අම්මා ගොරක කඩන්න පාවිච්චි කරන සුදු පාට පෝර කොට්ට උරේ හුළඟට බිම වැටිලා තිබුණලු. චූටි අයියා ගහ යටට එනකොටම ඒක හුළඟට බිම වැටිච්ච එක තමයි සිරාම වැඩේ. ඔන්න ඔහොමලු ඉතින් උනේ... 82 comments: හුගක් හොල්මන් ඔය ජාතිය තමා.. හරියට ගිහින් හොයලා බැලුවොත් මොකක් හරි අපි දන්න දෙයක් තමා... වැඩේ ඉතින් ඔය වගේ පශ්චාත් පරීක්ශන කෙරෙනවා අඩුයි....එතකොට ඉතින් ඔන්න ගොරක ගහ යට හොල්මනක් තියනවා කියලා ප්රසිද්ධ වෙනවා...ReplyDeleteReplies කතාව ඇත්ත...ගොඩක් හොල්මන් කතාවල මුල මෙහෙම සිද්ධියක් වෙන්න ඇති. දුර දිග හොයල බලන්නේ නැතුව මේවා වැඩිය විශ්වාස කරන්න නරකයි.Delete මදැයි කියවපු ගමන්ම කොමන්ට් කරල එක ගන්න ආව ඒකටවත් ඉඩ දෙන්නේ නැති හැටියක් යකෝ මේක යකාගේ වැඩක්නේ. කමක් නෑ ඉතිං සෙන්නා එක වෙලා. සුබ පැතුම් අපෙන්.ReplyDelete දැන් ඉතිං සයුරිට ලියන්න ඕනේ ඔක්කෝම නම් ලියන්න බෑ, ආසාවට කියල පහන් යාය පොස්ට් එකක් දාල කියල දැක්කම මහ රෑ කියල බලන්නැතිව ගොඩ වුනා කියවන්න අනේ මෙහෙමත් එව්වො දාලනේ හොල්මන් කතාවක් දැන් ඉතිං කොහොමෙයි අපි නිදාගන්නේ ආ. අනේ ඇත්තටම මෙහෙමත් මගෝඩි වැඩ කරනවද. ලියල නම් තියෙනවා හොල්මන්ලත් හොල්මන් වෙන තාලෙට. ඒත් ඉතිං මේ බය කරපු එකට සමාවක් නම් දෙන්න බෑ ඕංReplies ඉතින් ඔයා දෙකනේ මියදුන සිත... රනර්ස් අප් :) හේ හේ...මේකනේ ඉතින්.. මේක කියවලා බය වෙන්න ඔට්ටු නෑ. කරදරයක් නැතුව පහුවදා උදේ නැගිට්ටා නේද? ඕකට කරන්න තියෙන්නේ ඔයා හොඳ හොල්මන් කතාවක් ලියලා බ්ලොග් එකේ දාන එක. එතකොට කිසිම හොල්මනක බැල්මක් ඔයාට වැටෙන්නේ නැහැ. සියලු වස් දොස් යනවා...:)Delete මම මේක කියවපු වෙලාව හරි නැද්ද මන්දා.. 11.30 අනේ... තනියම ඉන්නෙත්..ReplyDeleteReplies බුදු අම්මෝ...ReplyDeleteReplies ඒස්වා හඃ !!!!Delete වෙන්ට ඇත්තේ මේ වගේ දෙයක් කියලා හිතුනත්, අර දිනේශ් කීවා වගේ තනියම , උදේ පාන්දර බලපු හන්දද කොහෙද බය හිතුනා. පුටුවෙන් නැගිටින්ට බලාගෙන තමයි කියෙව්වේ. ඒ මදිවට මූන ඉස්සරහම කණ්ණාඩියක්. කෝකටත්ම කියලා ඒක දිහා බැලුවෙත් නෑ. කවුරු හරි පිටිපස්සෙන් ඇවිත් එබෙනවා දැක්කොත් කියලා...හී හී...ReplyDelete හොල්මන් දැක්කත් කමක් නෑ. කවුරු හරි මළ ගෙදරක් ගැනයි, හොල්මන් ගැනයි කතා කලාම බය දෙගුන, තෙගුන වෙනවා.Replies අම්මෝ ඔය කන්නාඩි සීන් එකටනං මමත් බයයි. ඕක මට අහු උනේ ඩ්රැකියුලා පොතේ තිබිලා. මනුස්සයා කන්නාඩිය බලාගෙන රැවුල කප කප ඉද්දී එක පාරට උරහිස උඩින් අතක් තිව්වලු. කන්නාඩියේ කවුරුත් පෙනුනේ නැතිලු. හැරිලා බැලුවම මෙන්න ඉන්නවලු කවුන්ට් නොහොත් ඩ්රැකියුලා.Delete මළ ගෙදර දවසෙම ඒක උන නිසා වෙන්න ඇති එයාලත් එච්චර බය වෙන්න ඇත්තේ. හොල්මන් වලට ළිහිණි බයයි. බොරු මොකටද..ඒත් ඉතින් හොල්මන් දැකලා තියෙන එකක්යෑ. ඒත් ඉතින් මේ වගේ කතා අහපුවාම මාරම බයයි..ඔන්න ඉතින් ළිහිණිට හිනා වෙන්න එපා. මේ කට්ටියත් බය උන එකේ ළිහිණි මොකෙද්ද ?ReplyDelete ඇත්තටම හොල්මන් තියෙනවද ? මේ ලඟදී discovery channel එකේ පෙන්නපු හොල්මන් ගැන තියෙන documentary එකක් බලලා මට හරි වැඩක් උනා. ඒක පස්සෙ කියන්නම්කෝ.. කතාව නියමෙට ලියලා තියෙනවා සයුරිReplies අනේ අපිටත් කියන්නකෝ ලිහිණි ඒ කතාව. ඒ documentary එක හොයාගන්න විදියක් තියනවනම් කියන්ඩ හොඳේ. මටත් ඉතින් ඔහොම වැඩක් උනොත්නම් බය හිතෙනවා...දැන් පොර ටෝක්ස් දුන්නට..Delete පෝර කොට්ට උරේ?? කොට්ට උරේ මොකටද ගහේ එල්ලුවේ?? සයුරි දකුණෙද? දකුණෙ අයනෙ පෝර උරේට පෝර කොට්ට උරේ කියන්නෙ...ReplyDeleteReplies හරී හරියට හරි. අපි තමයි ඔහොම කියන්නෙ.Delete @ රාජ්,Delete මගේ යාලුවො කීපදෙනෙක් මාතර.. ඒ හින්දා ඔය වගේ වචන ගොඩක් අහුවෙනවා.. @ සයුරි, ගොරක ගස්වල යක්කු ඉන්නවාලු නේද? @ හරීDelete ගොරක ගස්වල යක්කු ඉන්නව නේන්නං....හර්යට ඇස්දෙක නිකං ගොරක මද වගේ..... :D ඕ යැස්..මම දකුණේ තමා හරිය :)Delete හරී ලගේ පැත්තේ නැද්ද ඔය වගේ ආවේණික වචන? ආ ගොරක යක්කු ගැන මාත් අහල තියනවා. පෝර කොට්ට උරේ නෙමෙයි පෝර උරේ කියලා තමයි අපි කියන්නෙ..... හික්ස් :)ReplyDelete ඒවයින් කාරි නෑ කට්ටියම බය උනා නෙව... ! මේ කතාව කියවගෙන යනකොට මටත් කතාවක් මතක් උනා.Replies මධූලගේ පැත්තේ නේද අලවංගුව ට "නාරාසනේ" කියන්නේ? හික් :)Delete ඔයාට මතක් වෙච්ච කතාවත් කිව්වනම් එහෙනම්... හිහ් පව් රසී අක්ක, ... මොනා හිතෙන්න ඇතිද ප්රිය ස්වාමියා ගැන...ReplyDeleteReplies හිහි...අක්කා "සුදූ සුදූ" කියලා කෑ ගහද්දීත් මේ මනුස්සයා දුවලනේ :)Delete සිරා කතාව.... තව ලියන්න... ජයවේවා!!ReplyDeleteReplies ස්තුතියි නිපුන...ඔයාව සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට.Delete මට නම් ඕන් බය හිතුනෙ නෑ. :D අක්කා පටන් අරගෙන තියෙන්නෙත් ජෝක් එකක් විදිහට නිසා හිතුනා බය නැති එකක් තමා කියලා.ReplyDeleteReplies ඔව් ඔව් නිසූ...බය වෙන්න දෙයක් නෑ කියන්නයි මේක ලිව්වේ :)Delete oka oya aita ohoma keewata wena kenek tawa kenekuta kiyanne ohomna nowei attatma holmanak hitapu ganataReplyDeleteReplies ඇත්ත තමා රන්සකු. හොල්මන් කතා ප්රසිද්ධ වෙන්නේ ඒ විදියට තමයි. ඔයාවත් සාදරයෙන් පිලිගන්නවා පහන්යාය ට.Delete සෙන්න කියපු කතාව ඇත්ත තමා, හුඟක් හොල්මන්වල උත්පත්තිය ඔය වගේ සීන් එකක්.ReplyDelete හොල්මන = හෙලවෙන මනස කියලත් කියනව නෙව. ඇති ඔයින් ගියා, තොයිල් නටන්න තියාගන්නෙ නැතුව.Replies අයියා අක්කවත් දාලා දිව්ව එක තමයි වැඩේ... හොල්මනක් කරපු හරිය...ReplyDeleteReplies අනේ ඇත්තට...තමන් වැඩියෙන්ම ආදරේ තමන්ට කියන්නේ ඒක නිසා වෙන්න ඇති.Delete හික් හික් අපි නම් බය නෑ හොල්මන් වලට..... හා හෑ හූ.... :)))ReplyDeleteReplies අපිට වඩා හොල්මන් කොයින්ද අනේ :)Delete හි හි......නියම කතාව :)ReplyDeleteReplies ස්තුතියි හිරු :)Delete මගේ අමියෝ....මන් මේ ලගදි ඉදන් හොල්මන් වලට සැහෙන්න බයයිනේ අප්පා.. කියවන්න ආවම මුලින්ම හිතුනේ මට රෑට මේක හීනෙන පෙනෙයිද දන්නේ නැ කියලයි...ReplyDelete අපි හුගක් වෙලාවට බය වෙන්නේ ඔය වගේ දේවල වලට තමා..අයි ඉතින් හිතින් මවාගෙන් හොල්මනක් කියලා හිතලා ඉවරනේ...:)Replies හානේ..මේ ප්රදී කවුද කියලා මතක් කරගන්න ටිකක් වෙලා ගියානේ :) ඔව් අනේ හිත තමයි හැම දේකටම මුල. ඕනවට වඩා හිතුවම බොරු දේත් ඇත්ත වෙලා පේන්නේDelete - araliyaAugust 17, 2012 at 2:30 AM shoi kathawa...... :):)ReplyDeleteReplies ස්තුතියි අරලියා...මේ පැත්තේ ආවටත් ස්තුතියි :)Delete පෝර උරේ හොල්මන බලන්න අපිත් ආවා ඔන්න..ReplyDelete බෝම්බයක් පුපුරපුවාම ඒ පැත්තට දුවන අය හොල්මන් දැක්කාම පණ එපා කියලා අනිත් පැත්තට දුවන්නෙ ඇයි දන්නෑ.. :)Replies හිහි...බෝම්බෙ පිපිරුනාම කට්ටිය දුවන්නේ ඒ පැත්තටද රූ? බෝම්බෙට අහු උන අයට උදව් කරන්න වෙන්න ඇති නේදDelete කතාව පටන් ගන්නෙ ඉතාමත් රසවත් , සිත්ගන්නා සුළු භාසාවකින්, ඒ නිසාම කුතුහලය සමස්ත සිද්දිය පුරාම දිවයන්නේ ඒ සදහා යෙදූ භාෂාව නිසා.සිද්ධිය විස්තර කරන්නේ සිනමාරූපිව. කියවනකොට හරියටම සිද්ධිය හිතේ ඇදනනවා.ReplyDelete ඇත්තටම අඩුම තරමේ හය දෙනෙක් විතර ගියපු ගමන වාහන දෙකකුත් තියෙද්දි මොකට බයවුණාද මංදා.. ගොරක ගස් යට යක්කු ඉන්න බව නම් මමත් අහල තියෙනවා.ඒනිසානේ අපේ අත්තලා අත්තම්මලා හැන්දැවට කියන්නේ"කොහෙද උඹ ඔය ගොම්මනේ ගොරක ගස් යට ඇවිද්න්නේ කියලා" මේවගේ සිද්ධියක් මමත් අත්විඳල තියෙනවා.අපේ ගම් පන්සල් වත්තේ තාප්පයක් වැහැ. ඒනිසා ඕනෙම තැනකින් පන්සල් වත්තට ඇතුළ්වෙන්න පුළුවන් . පන්සලේ එක මායිමකි වැවේ වාන පටන්ගන්න වා. ඔය පන්සල් වත්තේ තිබුණා ලොකු දිවුල් ගහක්.දිවුල් හැදෙන කාලෙට බල්බ් එල්ලුවා වාගේ දිවුල් හැදෙනවා. ඒ දිවුල් මාර රහයි. අපි දිවුල් අහුලන්න වත්තට පනින්නේ එකාට එකා ඉස්සරවෙලා.මෙන්න මේ වගේ දිවුල් හිදුන කාලෙක ඒ වැව පාමුල නිවසක තරුණියක් වස බී සිය දිවි හානි කරගත්තා. ඔන්න ඔය තරුනිය මියගිය දිනයට පසුදා පාන්දරම පන්සල් වත්තට පැනගත්තා කවුරුත් එන්න කලින්.ඒ එක්කමමට කලින් එතුනට ගිය මගේ වයසේම හිටපු යාලුවෙක් අඳුරේම දුවගෙන ඇවිත් කිව්වා.දිවුල්ගහ ගාවට යන්න එපා දිවුල් ගහේ කවුද එල්ලිලා මැරිලා කියා. ඔන්න අතපය වෙවුලන්න ගත්හැටි. ඒත් ආව එකේ කවුද එල්ලුනේ කියලා යාලුවගේ සහයත් ඇතිය කිට්ටුකලා දිවුල් ගහ ගාවට . ඇත්ත නේන්නම්. කවුද එල්ලිලා මැරිලා. පණ එපා කියලා දිව්වේ ගෙදරට.බබ බය වෙච්ච තරමට අසල්වාසි අයත් එක්ක ගෙදර කට්ටිය ගියේ නැතෑ පන්සල් වත්තට. ඊට කළින් දවසේ රෑ මළගෙදර හිටපු එකෙක් කුඹුරේ හිටි පඹයෙක් අරන් ඌට පෝර උරයක් අන්දලා ඇවිත් දිවුල් ගහේ එල්ලලා. වස විලිලැජ්ජාව කියන්නේ මාසයක් දෙකක් යනකල් පාරෙ බැහැල යන්නත් බැරිවුණා.Replies බොහොම ස්තුතියි ඔබේ හරවත් කමෙන්ටුවට. කොච්චර පිරිස් බලය තිබුනත් මේ වගේ අහේතුක දේවල් වලට මිනිස්සු බයයි මම හිතන්නේ. ත්රී වීල් වල දොරවල් නැති නිසා ඇතුලට අත දාවි කියලා හිතුවද දන්නෙත් නෑ :)Delete අයියෝ..දිවුල් ගහේ කතාවනම් නියමයි. පඹයා එල්ලපු කෙනා තනියම හිනා වේවි ඉන්න ඇති..පොඩි කාලේ ඔයවගේ දේවල් වලට බය උනොත් ලොකු වෙලත් බය යන්නේ නැහැ සමහරුන්ට. හිහිහී.. ඊයෙ රෑ කියෙව්වට ඕන් උදේ තමා කමෙන්ට් එකක් දාන්නෙ.. (බයට හෙම නෙවේ ඕන්..) :DReplyDelete මදැයි.. හොල්මනක් කල හරියක්..! :D අක්කත් ලියලා තියෙනවා චිත්තරූප මැවෙන්නම..Replies ස්තුතියි නන්දු නගා...නෑ නෑ ඔයා බය නැති බව අපි දන්නවා :)Delete මළ ගෙයක් වෙලා, වෙලාව රෑ දොළහයි, ගොරක ගහක්...ReplyDelete හට් වළාමයි... තොවිල් නටන්න නූනා පුදුමයිReplies එකකට එකක් ගැලපෙනවා නේද..හ්ම්ම්Delete හපොයි හොල්මන් සීන් නම් කතා කරලා වැඩක් නෑ. දැකලත් තියනවා බයවෙලත් තියනවා, බොරුවට බය වෙලත් තියනවා.ReplyDelete දවසක් අපි ට්රිප් එකක් ගියා පොළොන්නරු. ඉතින් පරාක්රම සමුද්රේ ළඟම තියන විශ්රාම ශාලාවක නවාතැන් ගත්ත. වැඩිහිට්යෝ ටික රෑට කන්න උයද්දී මමයි තව කොල්ලෝ තුන් දෙනෙකුයි කට්ටියට හොරෙන් වැව පැත්තට ගියා. අඳුරුම අඳුරු ගස් හෙවනත් හීතල හුළඟත් එක්ක වැවේ පිලි ගඳ වටපිටාවේ ගුප්තකමින් පිරිලා. අපි එතනට වෙලා දැන් කතා කරන්නෙත් හොල්මන් කතා. එක එකා කොච්චර බයෙන් හිටියත් කාටවත් ඇඟවුවේ නෑ. වැව් වල, ගංගා අයිනේ හොල්මන් ඉන්නවා කියන එක ගැනහෙම තමයි කතා වුනේ. ඔන්න එක පාරටම බිම දිගේ මොකක් හරි ඇදීගෙන එන සද්දේ නිකන් කොළ රොඩු පෙරලෙන සද්දේ ඇහෙන්න ගත්තා. වීරයෝ ටික පණ එපා කියල දුවල ගිහින් නැවතුනේ ට්රිප් එක ආව බස් එකේ ඇතුලේ. දවල් එළියේ ගිහින් බලපුහාම එතන එහැටි බය වෙන්න තරම් දෙයක් තිබිලා නෑ.Replies ම්ම් දැකලා තියනවා කිව්වේ ඇත්තම හොල්මන් දැකලා තියනවද? නියමයිනේ. හා හා එහෙම තමයි වීරයෝ...පොඩ්ඩ ඇත්තන් පන කඩාගෙන දුවන්නේ :) කළුවරත් එක්ක මිනිස්සු නිකරුනේ බය වෙනවා මම හිතන්නේ..Delete බලනකොට ඉඳලා තියෙන්නේ ගොරකා යකෙක්නේ... මමත් මුලදිම හිතුවා මේ වගේ සීන් එකක් තමා කියලා... ඔන්න අපි නම් බය වුනේ නෑ ඕන්....ReplyDeleteReplies ඒක තමයි...ගොරක යක්කුන්ට බය වෙන්න අපිට පිස්සුවක් ඇතෑ :)Delete මුල ටික කියෙව්වෙ සූජානම් සරීරෙන්... දුවන්නවත් වෙයිද දන්නෑනෙ...ReplyDelete අන්තිම ටික කියවනකොට නම් හිනාවෙලා පණ ගියා... අයියෝ සුදු අයියා... නෝනට මොනව හිතුනද දන්නෑ... :DReplies අයියෝ ඔය හරිය කියද්දී අපිටත් හිනා වෙලා පණ ගියා අප්පා...ඔන්න නෝනලට පණටත් වඩා ආදරේ කරන මහත්තුරුන්ගේ කල්කිරියාව :ඩිDelete හික්ස්..ReplyDelete මං මුලදි හිතුවා අර මැරුණ කෙනා තමා කීලා.. පට්ට සිද්ධිය..Replies තව පොඩ්ඩෙන් අච්චර වැදගත් ලොකු තාත්තත් ගෑවෙනවා මේවට..Delete ලස්සන කතාවක්.....ReplyDelete කොයි හොල්මන් කතාවත් ඔහොම තමයි...... අන්තිමට වෙලා තියෙන්නෙ සුන්දර, එහෙත් මහා රැවටීමක්......Replies ඇත්ත කතාව. රැවටීමක් බව දැනගත්තට පස්සේ ඒක සුන්දරයි. දැනගත්තේ නැත්තම් එහෙම...අම්මෝ :0Delete වෙලාව 12.20, බය කරන්න එපා බොල මම තනියම :/ :(ReplyDeleteReplies හලේ...ඔයත් තනියමද අප්පා :\. ඒක මෙතන ලියපු එකනම් හරි නෑ. හොල්මන මේක බලලා ඔයා තනියම බව දැනගෙන, එන්න ඉඩ තියනවා :0Delete එක හුස්මට කියවගෙන ගියා.. ඔයත් ඉන්න තිබ්බේ එතන වැඩේ බලන්න.එහෙනම් තුන්රෝද රථ එන්න කලින් ඔයා ගෙදර ෂුවර් එකටම... ලස්සන කාටුන් ටිකකුත් දාලා තියෙන්නේ?ReplyDeleteReplies //එහෙනම් තුන්රෝද රථ එන්න කලින් ඔයා ගෙදර ෂුවර් එකටම//Delete ඒක ඉතින් අහන්නත් දෙයක්ද අප්පා :) හිනා යන තරමට බය හිතුන. නියමයි !!ReplyDeleteReplies හිහි...එහෙනම් හොඳයි...:)Delete පස්සේ ඇවිත් ලිපි ටික කියවන්නම්.ගොඩක් ලස්සනයි බ්ලොග් එකReplyDeleteReplies ස්තුතියි ධම්මික...ආපහු එන්නකෝ.Delete මමත් එක හුස්මට කියෙව්වා...දැන් නම් හිනා යනවා.. ඒත් ඔහොම වුනොත් නම්..ReplyDelete බුදු අම්මෝ... ආයේ ඉතින් ඕනේ නැ..Replies හිහි...අපිටත් මේක අහද්දී හිනා ගියාට එතන හිටියනම් ඇඬේයි අප්පා..Delete හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්..... :D මරු කතාව තමා.. පෝර උරයක් කරපු දෙයක්...ReplyDeleteReplies ඒකනේ අනේ බලන්නකෝ :))Delete - ela kollekAugust 20, 2012 at 10:43 AM මම නම් කියන්නෙ මේකෙ අන්තිම වෙන එක්කෙනාටත් තෑග්ගක් දෙන්න ඔනි!!!ReplyDeleteReplies ඒක නම් හැබෑ තමයි. ඒත් ඉතින් අන්තිම එකා තෝරන එක හරිම අමාරුයිනේ...දැන් බලන්න ඔයාට පස්සේ තව එක්කෙනෙක් ඇවිල්ලනේ :)Delete හහ් හහ් මරු වැඩේ. ඒ ගානට බය උනාම හොඳටම ඇති.ReplyDeleteReplies අනිවා අනිවා :)Delete අනේ සයුරි..., මට මග හැරුනා..පහුගිය ටිකේ වැඩ ගොඩ ගැහිල තිබුන නිසා........ReplyDelete අම්මෝ ඇඟ කිලිපොලා ගියා..ඉස්සර මලගෙවල් වල ගිහිල්ලා මහරෑ 12ත් පහුවෙලා අනන්ත ඇවිල්ල තියෙනව..අම්මෝ ඔය වගේ වැඩක් උනානම්..!!!Replies මදෑ මං හිතුවා හරිම තමා මේක නම් ඇත්තම හොල්මනක් කියලා... මට හරි ආසයි අප්පා ඔහොම කවුරු හරි එද්දි පැනලා බය කරන්න...ReplyDelete මම මේක කියවන්න ගොඩාක් කාලයක් උත්සහ කළා එත්. ඒ හැම වෙලාවේදීම අපිට මහා රෑ.. මේක මේ කියවන්නේ දවාලක.එත් බැලින්නම් හිනයාමක් නේ තියෙන්නේ. චික්..ReplyDeleteReplies හිහි...අපරාදෙනේ ඔයා බයේ හිටියේDelete
hplt_2
සංසර්ගය වේදනාකාරී වීම (Pain During Intercourse) හැඳින්වීම හා හේතු (Introduction & Causes) මෙය බහුලව දැකිය හැක්කේ කාන්තාවන් අතරය. එකිනෙකට වෙනස් හේතු ගණනාවක් නිසා මෙය ඇතිවිය හැක. 1. ප්රමාණවත් ලිංගික උත්තේජනයක් නොමැති වීමලිංගික උත්තේජනයේදී යෝනි මාර්ගය ස්රාවයන්ගෙන් තෙත් වන අතර එය පුරුෂ ලිංෙග්න්ද්රිය ඇතුළු කිරීමේදී ලිහිසි ද්රව්යයක් ලෙස ක්රියා කරයි. එබැවින් කාන්තාව ප්රමාණවත් තරම් ලිංගිකව උත්තේජනය නොවූ අවස්ථාවක, එනම් කාන්තාවගේ අකමැත්තෙන් සිදුවන ලිංගික ක්රියාවකදී හෝ පූර්ව ලිංගික ක්රියාකාරකම් (එනම් සිපගැනීම, ස්පර්ශය ආදිය) ප්රමාණවත් නොවූ විට පුරුෂ ලිංෙග්න්ද්රිය යෝනි මාර්ගයට ඇතුළු කිරීම වේදනාකාරී විය හැක.නමුත් ආර්තවභාවය මෙන්ම දියවැඩියාව ආදී ඇතැම් රෝගී තත්වයන්ද යෝනි මාර්ගයේ ස්රාවයන් අඩු වීමට හේතු වේ. 2. යෝනි මාර්ගයේ මාංශපේෂි සංකෝචනය (Vaginismus)සංසර්ගයේ යෙදීමට තැත් කරන විට යෝනි මාර්ගයේ පහළ කොටස් මාංශපේෂි වේදනාකාරී ලෙස සංකෝචනය වීම නිසා පුරුෂ ලිංෙග්න්ද්රිය ඇතුළු කිරීම අපහසු විය හැක.බොහෝවිට මෙයට හේතුව සංසර්ගයේ යෙදීමට ඇති අස්ථාන බියයි. ඊට අමතරව දරුප්රසූතියේදී විටපයේ ඇතිවන තුවාල හෝ ශල්යකර්ම නිසා ඇති වූ තුවාල නිසා ද මෙය ඇති විය හැක. සහකරුගේ අවබෝධය හෝ සැලකිලිමත් බව අඩු වූ විට මෙම තත්වය තවත් දරුණු විය හැක. 3. පීඩාකාරී සංසර්ගය (Dyspareunia)සංසර්ගයේ යෙදීමේදී වේදනාවක් ඇතිවීම මේ නම් වේ. පුරුෂ ලිංෙග්න්ද්රිය අර්ධ වශයෙන් ඇතුළු කල විට පවා වේදනාවක් ඇතිවේ නම් එය ලිංගික උත්තේජනය මඳ වීම නිසා හෝ විටපයේ තුවාල කැලැල් නිසා විය හැක.පුරුෂ ලිංෙග්න්ද්රිය සම්පූර්ණයෙන් ඇතුළු කල විට වේදනාව ඇති වේ නම් එය බොහෝ විට අභ්යන්තර රෝගී තත්වයක් නිසා විය හැක. සංසර්ගය වේදනාකාරී වීම සඳහා කුමක් කල යුතුද? (Treatment for Pain During Intercourse) මෙහිදී වඩාත් වැදගත් වන්නේ සහකරු හා සහකාරිය අතර ඇති අන්යොන්ය අවබෝධය මෙන්ම ලිංගික කාර්යය පිළිබඳ දෙදෙනා තුළ ඇති අවබෝධයයි.ඒ සඳහා ‘යුගල ප්රතිකාර ක්රම’ (Couple Therapy) හා ‘ලිංගික උපදේශනය’ (Sexual Counseling) උපකාරී වේ.යෝනි මාර්ග සංසර්ගයේ යෙදීමට පෙර පූර්ව ලිංගික ක්රියාකාරකම් වල යෙදීම මඟින් ලිංගික සංසර්ගය සඳහා අවශ්ය කායික හා මානසික වාතාවරණය සකස් වේ. යෝනි මාර්ග ස්රාවයන්ගෙන් තෙත්වීම හා ඒ ආශ්රිත මස්පිඬු ඉහිල් වීම මඟින් සංසර්ගය වේදනාකාරී නොවන පහසු තත්වයට පත් වේ.ලිංගික ස්රාවයන් අඩුවීමට හේතුව වෙනත් කායික රෝගයක් නම් ඊට ප්රතිකාර ලබා ගත යුතුය. ඊට අමතරව, විශේෂයෙන් ආර්ථවභාවයට පත්වූ කාන්තාවන් සඳහා වෛද්ය උපදෙස් මත කෘත්රිම ලිහිසි ආලේපන භාවිතා කල හැක.සංසර්ගයට ඇති බිය නිසා ඇතිවන වේදනාකාරී මස්පිඬු හැකිලීම් සඳහා ‘අනුක්රමික චර්යා ප්රතිකාර විධි’ යොදා ගත හැක. ඊට අමතරව උපදේශනය මගින්ද ලිංගික ක්රියාවට ඇති බිය හා අකමැත්ත සම්බන්ධ ගැටළු වලට සහනයක් ලබා ගත හැක. එම ප්රතිකාර විධි වලින් සහනයක් නොලැබේ නම් වෙනත් රෝගී තත්වයක් ඇත්දැයි සොයා බැලීම සඳහා කාන්තා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්යවරයෙකු වෙත යොමු වීම වැදගත් වේ.
hplt_2
මේ මැතකදි ලොව පුරාම හිට් වුණ කොළවරි , ගන්ගම් ස්ටයිල් වගේ ගිත වලින් පසුව එවැනිම ආකාරයේ ගිත වලට ගොඩක් ලොකු trend එකක් ගොඩනැගුනු බවට ඔබ දන්නවා. මේ වගේම තමා අන්තර්ජාලයේ විවිධ වෙබ් අඩවිත්. ඔබ අන්තර්ජාලය අවුරුදු ගණනක සිට භාවිත කරන කෙනෙක් නම් අන්තර්ජාලය තුල කාලෙන් කාලෙට එන විවිධ ‘රැළි’ එහෙමත් නැත්නම් trends ගැන දැනුවත් ඇති. තව කියවන්න- Facebook වල ඔබ ... චානුක වත්තේගමවත්පොතේ (ෆේස්බුක්) තරම් සිරා ගෝත්රවාදීන් පිරිසක් ලංකාවේ වෙන කොහේවත් නැතිය හෝ සමාන ප්රකාශයක් මෑතක උපුල් ශාන්ත සන්නස්ගල විසින් කර තිබෙණු දිටිමි. මේ ඇත්තය. සමාජ ජාලයන්හි හොඳ හා නරක ගැන වසරකට වරක් පශ්චාත් උපාධි විද්යාර්ථීන්ට දේශන දෙකක් පවත්වන මා වැන්නකුට වුව, තරමක ලජ්ජාවකින් හෝ, පිළිගන්ට වන තිත්ත ඇත්තය. ලජ්ජාව වත්පොතේ භූගෝලීය, දේශපාලනික, ජාතික සීමාවන් බිඳින්ට වන හැකියාව ගැන මා කාලයක ... පෙලි :සමහර වෙලාවට සමහරෙක් කියන කතාවක් තමයි, අපි නම් පොලිටික්ස් වලට නෑ කියන එක. ඒත්...ඔන්න මං නම් පොලිටික්ස් වලට නෑඒ උනාටඑහෙම බෑපොලිටික්ස් වලට මා ඕනෑබේගල් තර්ක ගුලි ගිලින්නසිල් රෙදි, උදලු තල ,ටකරන් සහන හිරිපොද වරුසාවට තෙමෙන්නමහා බල ජනතා පරමාධිපත්යදන්සල් දොරෙහි පෙළ ගැහෙන්නඑ මහතුන් හිත් පිරෙන්නමහජන කැමෑත්ත මලු පිරෙන්නදසන් පෙන්වා සවන් දක්වාඇලවුනු මුහුනු පවුරු පුරාසිහි කරත් මටමේ ප්රජාතන්ත්රවාදී රාජ්ජේමගේ කැමැත්තට ඉඩක් ... Facebook වෙබ් අඩවිය නිර්මාණය කරේ 2004 වසරේදීය. එදා සිට අද දක්වා Facebook ඉතාමත් වේගයෙන් ජනප්රිය උනා. අද වෙනකොට ලෝකයේ මිනිස්සු බිලියනයකට පමණ නැතිවම බැරි අඩවියක් වෙලා තියනවා Facebook. Facebook භාවිතා කරන මිනිස්සුන් ගණන, දිනකට ලැබෙන Facebook Likes ප්රමාණය, දැනට ඇති Facebook Apps ප්රමාණය වගේම Facebook ගැන තවත් බොහෝ දෑ 2013 වසරේ Facebook වල වැඩ කිඩ යනුවෙන් අපි පල කර ලිපියේ ... කෙටිම කෙටි ලොල් කතා අංක 37 : ගණිකාවන් දෙදෙනාගේ රත්තරන් වලිය ...... Two prostitutes who battles for a Goldඇවිද්ද පය මේ කතාව මට අහන්න ලැබිලා සෑහෙන කාලයක් වුණත්, මේ ගැන සටහනක් ලියනවද නැත්ද කියන දෙගිඩියාව මගේ හිතේ තිබුණා. මොකද ගණිකාවන් දෙදෙනෙකුගේ රණ්ඩුවක් ගැන විස්තර කරන්න ගියාම ඒකෙ රසය නැති වෙනවා ඔවුන් දෙදෙනා කතා කරපු භාෂාවෙන්ම එම සටහන නොතිබ්බොත්. ඉතිං මම බොහොම කාලයක් කල්පනා කරා මේක කරන්න හොඳ මොන විදියකටද කියලා. අන්තිමේදී මට ක්රමයක් හිතට ආවා.පින්තූරය ගත්තේ: http://thunpathrana7.blogspot.comමේක සිද්ධ වුණේ ලංකාවේ ... ඔන්න එකමත් එක රටක බොස් කෙනෙක් හිටියාලු.( සත්තයි අපේ කන්තෝරුවේ නම් නෙමෙයි). ඉතින් එයා යටතේ වැඩ කරන ව්යාපෘති කලමනා කරුවන්ට පොඩි ( කිව්වට ටිකක් විතර ලොකු) ප්රශ්නයක් තිබුනා. කොහෙත් වගේ චුටි එලකිරිස් ගෑනු ලමයෙක් ලොක්කව අන්දගෙන , අනික් කට්ටියටත් ගෑස් පෙන්නගෙන, වැඩෙත් නාගෙන .. දැන් ඔබට තේරෙනවා ඇතිනේ. ඔන්න මේ කට්ටියත් අපේ කන්තෝරුවේ නෙමෙයි.ඉතින් මේ පලපුරුදු කලමනාකරුවෝ ආයතනයට තියෙන ලැදි ... ෆේස්බුක් ගැන කථා කරද්දී අපි ඔබෙන් මෙන්න මේ වගේ ප්රකාශ දෙකක් ඉදිරිපත් කලොත් ඔබ පිළිගන්නේ කුමන ප්රකාශයද? 1. මට ෆේස්බුක් නැතුව ජීවිතයක් නෑ. ඒ තරමට මම ෆේස්බුක් වලට කැමතියි. 2. අපෝ මට නම් දැන් ෆේස්බුක් එපා වෙලා. දැන් ෆේස්බුක් වැඩක් නෑ ලෝකයේ ෆේස්බුක් භාවිතා කරන පුද්ගලයින් ප්රධාන වශයෙන් වෙන් කලොත් ඔවුන්ගේ ෆේස්බුක් පිළිබද මතය වන්නේ ෆේස්බුක් යන්න කැමතියි හෝ ෆේස්බුක් ... ඔන්න අද පලවෙනි කතාව හැටියට තේරවිලි කවියක් ගැල් පිට බර දන්නේ කවුරුන්දොදරුවන් බර දන්නේ කවුරුන්දොරාලගේ බර දන්නේ කවුරුන්දොරජුන්ගේ බර දන්නේ කවුරුන්දොගැල්පිට බර ගොනුන් විනා කවුරුන් දන්නේදරුවන් බර මවක් විනා කවුරුන් දන්නේරාල ගේ බර(රාල ගේ බර නේද ?)රාලගේ බර එතනා විනා කවුරුන් දන්නේරජුන්ගේ බර දනා විනා කවුරුන් දන්නේමෙන්න බෝනස් ප්රශ්නය චී ණයේ බර දන්නේ කවුරුන්දෝ--------------------------------------ලොක්කට තුන් සැරයක් බෑ කියලා හැම තැනම ... මෙන්න පහුගිය සතියේ ජයග්රාහකයෝ , මොණරාගල ශෂී , බදුල්ලෙන් ප්රනාන්දු මහතා සහ හම්බන්තොට ප්රේම් . ඔබ සියලු දෙනාටම අපේ සුභ පැතුම් . ඔබට හිමි ත්යාග කොළඹ ගිරිගොරිස් මාවතේ අපේ කාර්යාලයට පැමිණ ලබා ගන්න .මෙන්න මිහිඳු පපඩම් , මිහිඳු කුරක්කන් බිස්කට් , මිහිඳු ගැමි සුවඳ සබන් , මිහිඳු වැසිකිළි පෝච්චි , මිහිඳු පානීය ජලය ඇතුළු දහසින් බැඳී පියල්ලේ වටිනා තෑගී මල්ලක් ... නිවසක් ඕනෑ කර තිබේ....!!!වස්සාන කාළයේ...කනක් ඇහිලා,නිදහසේ වසන්නට.පන්සලක්..පැත්ත පලාතක නොමැති,පෙදෙසකින්....නිවසක්ඕනෑ කර තිබේ....!!!-x- සරම ඇඳලා කොණ්ඩෙ බැඳලා ප්ලේන් පැදපු අත්තනගල්ලේ පදිංචිව සිටි පවුලිස් අප්පුහාමි නොහොත් උක්කු මහත්තයා එදා රත්මලාන ගුවන් තොටුපොළට ගියේ ගුවන් යානා ඉහළට නංවන හා පහත බස්සවන හැටි දැකබලාගැනීමට කැමැත්තෙන් සිටි ලොකු පුතා විජිත කුමාරට ඒවා පෙන්වීමටය. එහෙත් ගුවන්යානා සමීපව දුටු වනම ඒවා කෙරෙහි දැඩි ලෙස ආසක්ත වූ පවුලිස් අප්පුහාමිට ෙදාළක් ඇතිවූයේ ගුවන් යානා පැදවීමටය. 1952 අගෝස්තු මාසයේ දිනක් වූ ... බලා සිටිමි නැවතෙන තුරු කාලය සොයා යමි නැවතෙන තැන ලෝකය උමතුවී සොයා යමි ජීවිතය නවතින්නට තවත් එක මෙහොතක රුසිරු බොතේජු Filed under: ජීවිතය, Life බලා සිටිමි නැවතෙන තුරු කාලය සොයා යමි නැවතෙන තැන ලෝකය උමතුවී සොයා යමි ජීවිතය නවතින්නට තවත් එක මෙහොතක රුසිරු බොතේජු Filed under: ජීවිතය, Life This week in my Ravaya column (in Sinhala), I discuss the role o literary translations in connecting cultures – both within Sri Lanka (across different linguistic groups) and linking Lanka with the rest of the world. Inspiration for this column came in part from the Colombo International Book Fair 2014 (Sep 10-16), and the launch […] ඉතින් අද මම මේ ලිපියෙන් කියන්න යන්නේ කාටත් ප්රයෝජනවත් වෙන Online Photo Editor එකක් ගැනයි. ඉතින් මෙහි Adobe Photoshop CS5 හි ඇති බොහොමයක් ගුණාංග ඒ අයුරින්ම තිබෙනවා. ඒ වගේම ඔබේ පරිගණකයේ ඇති පින්තූර විවුර්ථ කරගෙන ඔබට අවශ්ය අයුරින් එම පින්තූර පහසුවෙන් සකසා ගැනීමට පුළුවන්. ඒ වගෙම ඔබ සකසාගන්න පින්තුරයන් ඉතා ඉහල තත්වයකින් යුතුව ඔබේ පරිගණකයට save කරගැනීමට ඔබට පුළුවන්. ඉතින් ... මා ජීවත් වන හොංකොං නගරය චිනයේම ප්රාන්තයකි . විශේෂ පරිපාලන ඒකකයක් ලෙස ලේබල් කර එය පාලනය වෙනම රජයක් යටතේ වුවද එහි ජනාධිපති කෙනෙක් , අගමැති කෙනෙක් නැත ඇත්තේ ප්රධාන විධායක නිලධාරියෙකි (CEO) . ඔහුව පත් කරන්නේ ජනතාව පත්කළ පළාත් නියෝජිතයන් , පත්කර ගන්නා මණ්ඩලයක චන්දයෙනි . ඒ නාම යෝජනා සහ පත්වීම චීනයේ රජයෙන් අනුමත විය යුතුය . මේ අද තත්වයයි ... Facebook කියන්නේ ලෝකයේ තියන ජනප්රියම Social Network එකයි. මේ වන විට Facebook සම්බන්දව අපි ලිපි 10කට වඩා පලකරලා තියනවා. Facebook සම්බන්දව අප පලකරලා තියන සියලුම ලිපි ඔබට මෙතනින් කියවන්න පුළුවන්. එම ලිපි අතරින් ඔබ නොදන්නා Facebook රහස්(Video) සහ Facebook ගැන ඔබ නොදත් තොරතුරු රැසක් කියන ලිපි දෙක Facebook සම්බන්දව අප පල කර ලිපි වලින් ජනප්රියම උන ලිපි ලෙස හදුන්වන්න පුළුවන්. ... ටින් ටින් ටින් ..ටූක් ටූක් වේලාව මධ්යහන දොළහයි . මෙන්න පොලිසියෙන් පුවත් කේතුමතී නුවර අවුරුදු හතරක දැරියක් ඊයේ හවස පැහැර ගෙන ගොස් ඇත . මේ අපරාධයට සම්බන්ධ අපරාධ කරුවන් සෙවීමට කේතුමතී නුවර පොලීසිය විශේෂ පරීක්ෂණ අරඹා ඇත . මේ පරීක්ෂණ මෙහෙයවන්නේ රහස් පරීක්ෂක අංජනම් දේවි යයි . ඇයට සහය වීමට හනුමන්තා ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් කැඳවා ඇත . අපරාධයට මුලින් ... ලෝක පූජිත විද්යා ලේඛක හා අනාගතවේදී ශ්රීමත් ආතර් සී. ක්ලාක්ගේ ළමා කාලය ගැන හා අප්රකට හා රසවත් තොරතුරු රැසක් කැටි කර ගත් ‘තරු අතරට ගිය දරුවා’ නම් පොතින්: වෙරළේ හැදුණු දරුවා ශ්රී ලංකාවේ දකුණුදිග වෙරළබඩ ගමක් වූ කොග්ගල උපන් මාටින් වික්රමසිංහ ලේඛකයා කුඩා වියේදී බොහෝ විට තනිවම මුහුදු වෙරළේ කල් ගත කරමින් ජීවීන් හා වෙරළ […] ... Facebook කියන්නේ ලොව වැඩිම ජනප්රියත්වක් හිමි සමාජ ජාලයයි. මසකට බිලියන 1.3කට අධික පිරිසක් පිවිසෙන මේ සමාජවෙබ් අඩවියේ ජනප්රියත්වය නිසාම ව්යාපාර ප්රචාරණ මෙවලමක් විදියටත් ෆේස්බුක් යොදාගැනෙනවා. ඒ වගේම ජංගම දුරකථන හරහා ෆේ්ස්බුක් භාවිත කරන්නන් ප්රමාණය බිලියනකයට අධිකයි. ජංගම දුරකථනය හරහා භාවිතා කරන පිරිසි වැඩිවීමත් සමඟ ජංගම දුරකථන හරහා වෙළඳ දැන්වීම ප්රචාරණ ආදායමත් සීග්රයෙන් වැඩිවෙලා. මෙන්න මේ කරුණු නිසා Facebook සමාගමේ කොටස් වෙළඳපල ...
hplt_2
විකිලීක්ස් සී.අයි.ඒ මෙහෙයුමක්? කණ්ඩුලට පිස්සු හැදිලද? විකිලීක්ස් වෙබ් අඩවිය හා එහි මහජන මුහුණ [public face] වන ජිලියන් ඇසෙන්ජී ගැන මේ දිනවල නිතරම කියැවෙන කතාබහ වලට සවන්දෙන ඔබට සිතෙනවානම් එය පුදුමයක් නොවේ. එහෙත් කුප්රකට අමෙරිකානු රහස් ඔත්තු සේවයේ ක්රියාකාරකම් ගැන අවබෝධයක් ඇති කෙනෙකුට මෙය එතරම්ම පුදුම සහගත චෝදනාවක් නොවනු ඇත. ඇසෙන්ජිගේ විකිලීක්ස් සිය සුප්රකට හෙලිදර්ව් මගින් අමෙරිකානු ආධිපත්යයට මෙතරම් හානියක් කරද්දී ඔහු මෙතෙක් කල් සී.අයි.ඒ ඝාතක කණ්ඩායම්වලින් ගැලිවී සිටියේ කෙසේදැයි මදක් සිතා බලන්න. ඇෆ්ඝන් කාණ්තාරයේ රහසිගත කඳවුරු වල සැඟවී සිටින අල්-ඛයිඩා ත්රස්ත නායකින් සොයමින් ඝාතනය කරන ඇමෙරිකානු ඔත්තු සේවාවලට යුරෝපය පූරා නිදසේ ඇවිදිමින් අමෙරිකාව නැති භංගස්ථාන වන ආකාරයේ හෙලිදර්වු සිදුකරමින් සිටි ඇසෙන්ජී මෙතුවක් කල් නිරුපද්රිතව සිටියේ කෙසේද? අමෙරිකාවෙන් තර්ජන එන්නට පෙර ඇසෙන්ජිට තර්ජන ආවේ අරාබි ත්රස්තාවාදීන්ගෙනි. අරාබි ත්රස්තාවාදී ඝාතනයක් ලෙස හුවා දක්වමින් යුරෝපීය නගරයකදී ඇසෙන්ජිව මකා දැමීමට යුරෝපය පුරා (විශේෂයෙන්ම බ්රිතාන්යයේ) මෙහෙයුම් මධ්යස්ථාන තිබෙන සී.අයි.ඒ සංවිධානයට සුළුදෙයක් විය යුතුය. එහෙත් එසේ නොවූයේ ඇයි? සී.අයි.ඒ කාරයින් මාධ්ය නිදහස අගයන අහිංසකයින් යයි ඔබ සිතනවාද? අමෙරිකාවට තර්ජනයක් වන (හෝ විය හැකියයි සැක කෙරෙන) ඔනෑම පුද්ගලයෙකු හෝ සංවිධානය නිතැතින්ම සී.යි.ඒ රහසිගත මෙහෙයුම්වල [covert operations] ඉලක්කයක් වෙයි.එසේ තිබියදී ඇසෙන්ජි යුරෝපය පුරා ඇවිදිමින් මාධ්ය නිදහස පිලිබඳ සම්මන්ත්රණ අමතමින් එම සම්මණ්ත්රණ සංවිධානය කරණ ආයතනවල සුරූපී ගැහැණුන් සමග සැතපෙමින් නිදහසේ සිටියේ කෙසේද? ඇසෙන්ජී රිමාන්ඩ් භාරයට පත්වුනේත් ඔහුගේ Wikileaks නිසා නොව ඔහු සැතපුනු යුවතියන් අතරින් දෙදෙනෙකු ඔහුට ලිංගික හිංසා චෝදනා ගොනුකිරීම නිසාය. මින් එක් ගැහැණියක් සී.අයි.ඒ ක්ෂේස්ත්ර මෙහෙයුම් කරුවෙකු [CIA field operative]සමග සමීප සබඳතා පැවැත්වූ බව මේ වනවිටත් හෙලිවී ඇත. ඒ පිලිබඳව අප පසුව සලකා බලමු. CIA, UK and Australia ඇසෙන්ජී ඔස්ට්රේලියන් ජාතිකයෙකි. ඔහු අත්ඩංගුවට පත්වුනේ ලන්ඩනයේදීය. බ්රිතාන්ය ආගමන විගමන නිලධාරීන් ලන්ඩන් අධිකරණයට වාර්තාකල ආකාරයට ඔහු බ්රිතාන්යයට ඇතුළුවූයේ කෙසේදැයි සොයාගත නොහැක. සාමාන්යයෙන් ඕනෑම පුද්ගලයෙකු ව්යාජ ගමන් බලපත්රයකින් හෝ රටකට ඇතුලුවිය යුත්තේ එහි ගුවන් හෝ නාවික තොටුපලකිනි. මෙය ලෝක නායකයින්ට පවා පොදුය. රජාපක්ශ ජනපති ලන්ඩනයට ගියේ ඔහු හා ඔහුගේ නඩයේ සියලු සාමාජිකයින්ට විමල් වීරවංශ පිස්සු නැටූ බ්රිතාන්ය මහකොමසාරිස් කාර්යාලයට සිය ගමන් බලපත්ර යවා වීසා සටහන් කරගැනීමෙන් අනතුරුවය. එහෙත් ඇසෙන්ජි ආවේ කෙසේදැයි පැහැදිලි වාර්තා නැත. පොලීස්යෙන් ඒ පිලිබඳව ප්රශණ කරන්නේද නැතිගානය. මේ මිනිහා රට තුලට ආවේ කෙසේදැයි සොයන්නට පොලීසියට හෝ ගමන විගමන නිළධාරින්ට උවමනාවක් නැති ගානය. එකම උනන්දුව කැඩුනු කොන්ඩොමයකට විදේශීය ගැහැනියක දැමූ නඩුවක් නිසා නිකුත් වුනු නිශ්ඵල වරෙන්තුවකට ඔහුව අතඩංගුවට ගැනීමට පමණි. පොලීසිය හෝ විගමන නිළධාරීන් මේ ප්රශ්ණ නාසන්නේ කවුරුන්හෝ අපහසුතාවයට පත්වීම වලක්වන්නට වගේය. ඉහලින් බරපතල නියෝග පැමිණ ඇතිබව පෙනේ. පුදුමයක් නොවේද? ත්රස්තවාදීන්ට බියෙන් වැටකඩොලු බැඳගෙන ඉන්නා බ්රිතාන්යය කිසිවෙකුට නොදැනෙන්නට රටතුලට පැමිණි එකෙක්, එය සිදුකලේ කෙසේදැයි සොයන්නට උනන්දු නොවේ. එහෙමත් නැත්තම් ඇසෙන්ජී ආවේ කෙසේද ඔහුව ගෙනවේ කවුද යන්න බ්රිතාන්යයේ බලවතුන් දන්න රහසක් විය යුතුය. ඕවා සොයන්නට යාමෙන් රහස හෙලිවෙන නිසා පොලීසිය නිශ්ෂබ්දව සිටින බව පෙනේ. බ්රිතාන්යයේදී සී.අයි.ඒ සංවිධානය බ්රිතාන්ය පොලිසියට හා ආගමන විගමන නිළධාරීන්ට වඩා බලසම්පන්නය. බ්රිතාන්යය තුල ඇති අමෙරිකානු ගුවන් කඳවුරු තුලින් සී.අයි.ඒ ගුවන්යානා රහසිගත මෙන්ම නීති විරෝධී ඔත්තු බැලීමේ මෙහෙයුම් සඳහා විදේශීය රටවල් බලා පිටත්වේ. විදේශීය රටවල්වලින් එක් රැස් කරගන්නා තොරතුරු ගබඩා කරගත් සී.අයි.ඒ යානා නිරන්තරව බ්රිතාන්ය ගුවන්සීමාව හරහා එහා මෙහා යයි. එහෙත් මෙමේ යානාවල නියමුවන්ගෙන් කිසිදු ප්රශ්ණයක් නැගීමට, තොරතුරක් ඉල්ලීමට බ්රිතාන්ය ගුවන් හමුදාවට හෝ ගුවන් සීමා රේඩාර් මෙහෙයුම් නිළධාරීන්හට නොහැකිය. උන්ගේ බලපරාක්රමය එසේය. ඇසෙන්ජි එන්නට ඇත්තේත් එසේ විය හැකිය. නැතහොත් ඔහුට ගමන් බලපත්රය වෙනුවට සී.අයි.ඒ ලියකියවිලි තිබෙන්නට ඇත. බ්රිතාන්යයට අමතරව ඔස්ට්රේලියාව යනු අමෙරිකාවෙන් පිට දැවන්තම අමෙරිකානු හමුදාකඳුවුරු ඇති රටයි. ඔස්ට්රේලියාවේ පමණක් ඇති අමෙරිකානු යුධ හා රහස් ඔත්තු කඳවුරු ගණන 68කි. මින් විශාලම කඳුවුරවන්නේ ඔස්ට්රේලියානු මධ්යම කාන්තාරයේ ඇලිස් ස්ප්රිං නගරයට ආසන්නව ඇති පයින් ගැප් [Pine Gap] නම් අතිශය රහසිගත කඳවුරයි (සිතියම හා ගූගල් චන්ද්රිකා ඡායාරූපය බලන්න ). ප්රසිද්ධ කොට ඇති ආකාරයට පයින් ගැප් යනු නාසා ආයතනය හා අමෙරිකානු ගුවන් හමුදා ඔත්තුසේවා භාවිතාකරන අභ්යවකාශ නිරීක්ශණ [Space Surveillance & Tracking] හා ගුවන් විදුලි තරංග මගින් රහස්දත්ත උකහාගන්න සිග්නල් ඉන්ටෙලිජන්ස් [Signal Intelligence-SIGINT]මධ්යස්ථානයකි. නිළවශයෙන් මෙහි සේවය කරන සංඛයාව 800ක් බව පැවසුනත් නිළනොවන වශයෙන් ප්රසිද්ධවී ඇති ආකාරයට පයින් ගැප් කඳවුරේ සී.අයි.ඒ නිළධාරීන් පමණ 2000ක් පමණ සේවය කරයි. එනම් අමෙරිකාවේ වර්ජිනියා ප්රාන්තයේ ලැන්ග්ලි දිස්ත්රික්කයේ [ Langly - Virginia] ඇති සී.අයි.ඒ මූළස්ථානයට වඩා සී.අයි.ඒ නිළධාරීන් පිරිසක් පයින් ගැප් මධ්යස්ථානයේ ඇති භූගත කඳවුරේ [Deep Underground Military Base] සේවය කරයි. මේ මිනිහා රට තුලට ආවේ කෙසේදැයි සොයන්නට පොලීසියට හෝ ගමන විගමන නිළධාරින්ට උවමනාවක් නැති ගානය. එකම උනන්දුව කැඩුනු කොන්ඩොමයකට විදේශීය ගැහැනියක දැමූ නඩුවක් නිසා නිකුත් වුනු නිශ්ඵල වරෙන්තුවකට ඔහුව අතඩංගුවට ගැනීමට පමණි. පොලීසිය හෝ විගමන නිළධාරීන් මේ ප්රශ්ණ නාසන්නේ කවුරුන්හෝ අපහසුතාවයට පත්වීම වලක්වන්නට වගේය. ඉහලින් බරපතල නියෝග පැමිණ ඇතිබව පෙනේ. පුදුමයක් නොවේද? ත්රස්තවාදීන්ට බියෙන් වැටකඩොලු බැඳගෙන ඉන්නා බ්රිතාන්යය කිසිවෙකුට නොදැනෙන්නට රටතුලට පැමිණි එකෙක්, එය සිදුකලේ කෙසේදැයි සොයන්නට උනන්දු නොවේ. එහෙමත් නැත්තම් ඇසෙන්ජී ආවේ කෙසේද ඔහුව ගෙනවේ කවුද යන්න බ්රිතාන්යයේ බලවතුන් දන්න රහසක් විය යුතුය. ඕවා සොයන්නට යාමෙන් රහස හෙලිවෙන නිසා පොලීසිය නිශ්ෂබ්දව සිටින බව පෙනේ. බ්රිතාන්යයේදී සී.අයි.ඒ සංවිධානය බ්රිතාන්ය පොලිසියට හා ආගමන විගමන නිළධාරීන්ට වඩා බලසම්පන්නය. බ්රිතාන්යය තුල ඇති අමෙරිකානු ගුවන් කඳවුරු තුලින් සී.අයි.ඒ ගුවන්යානා රහසිගත මෙන්ම නීති විරෝධී ඔත්තු බැලීමේ මෙහෙයුම් සඳහා විදේශීය රටවල් බලා පිටත්වේ. විදේශීය රටවල්වලින් එක් රැස් කරගන්නා තොරතුරු ගබඩා කරගත් සී.අයි.ඒ යානා නිරන්තරව බ්රිතාන්ය ගුවන්සීමාව හරහා එහා මෙහා යයි. එහෙත් මෙමේ යානාවල නියමුවන්ගෙන් කිසිදු ප්රශ්ණයක් නැගීමට, තොරතුරක් ඉල්ලීමට බ්රිතාන්ය ගුවන් හමුදාවට හෝ ගුවන් සීමා රේඩාර් මෙහෙයුම් නිළධාරීන්හට නොහැකිය. උන්ගේ බලපරාක්රමය එසේය. ඇසෙන්ජි එන්නට ඇත්තේත් එසේ විය හැකිය. නැතහොත් ඔහුට ගමන් බලපත්රය වෙනුවට සී.අයි.ඒ ලියකියවිලි තිබෙන්නට ඇත. බ්රිතාන්යයට අමතරව ඔස්ට්රේලියාව යනු අමෙරිකාවෙන් පිට දැවන්තම අමෙරිකානු හමුදාකඳුවුරු ඇති රටයි. ඔස්ට්රේලියාවේ පමණක් ඇති අමෙරිකානු යුධ හා රහස් ඔත්තු කඳවුරු ගණන 68කි. මින් විශාලම කඳුවුරවන්නේ ඔස්ට්රේලියානු මධ්යම කාන්තාරයේ ඇලිස් ස්ප්රිං නගරයට ආසන්නව ඇති පයින් ගැප් [Pine Gap] නම් අතිශය රහසිගත කඳවුරයි (සිතියම හා ගූගල් චන්ද්රිකා ඡායාරූපය බලන්න ). ප්රසිද්ධ කොට ඇති ආකාරයට පයින් ගැප් යනු නාසා ආයතනය හා අමෙරිකානු ගුවන් හමුදා ඔත්තුසේවා භාවිතාකරන අභ්යවකාශ නිරීක්ශණ [Space Surveillance & Tracking] හා ගුවන් විදුලි තරංග මගින් රහස්දත්ත උකහාගන්න සිග්නල් ඉන්ටෙලිජන්ස් [Signal Intelligence-SIGINT]මධ්යස්ථානයකි. නිළවශයෙන් මෙහි සේවය කරන සංඛයාව 800ක් බව පැවසුනත් නිළනොවන වශයෙන් ප්රසිද්ධවී ඇති ආකාරයට පයින් ගැප් කඳවුරේ සී.අයි.ඒ නිළධාරීන් පමණ 2000ක් පමණ සේවය කරයි. එනම් අමෙරිකාවේ වර්ජිනියා ප්රාන්තයේ ලැන්ග්ලි දිස්ත්රික්කයේ [ Langly - Virginia] ඇති සී.අයි.ඒ මූළස්ථානයට වඩා සී.අයි.ඒ නිළධාරීන් පිරිසක් පයින් ගැප් මධ්යස්ථානයේ ඇති භූගත කඳවුරේ [Deep Underground Military Base] සේවය කරයි. බ්රිතාන්යයේ සිට සිදුවෙන සී.අයි.ඒ රහසිගත ගුවන් මෙහෙයුම් වලට අමතරව බ්රිතාන්යයේ ඇති සී.අයි.ඒ සන්නිවේදන තොරතුරු ජාල මගින් සී.අයි.ඒ සංවිධානය අමෙරිකානුවන්ගේ දුරකථන සංවාද හා විද්යුත් තැපැල් හා අනෙකුත් ඉලෙක්ට්රොනික සංනිවේදන වලට සවන්දෙයි. සී.අයි.ඒ සංවිධානය මෙසේ බ්රිතාන්යයේ ඇති මධ්යස්ථානයක් හරහා ඇමෙරිකානුවන් ගැන ඔත්තු සොයන්නේ සී.අයි.ඒ සංවිධානය බිහිකල අමෙරිකානු රහස් ඔත්තුසේවා පනත මගින් සී.අයි.ඒ සංවිධානයට අමෙරිකාවතුල මෙහෙයුම් කිරීම හා අමෙරිකානුවන්ගේ තොරතුරු එක් රැස් කිරීම තහනම් කොට ඇති නිසාය.ඇමෙරිකාව තුලදී තහනම් නිසා සී.අයි.ඒ එක බ්රිතාන්යයේ සිට ඇමෙරිකානුවන් ගැන ඔත්තු බලයි. ඇමරිකන් නීතිය පිලිබඳවම සී.අයි.ඒ සංවිධානය තුල ඇති ගෞරවය එසේය. සී.අයි.ඒ සංවිධානය අමෙරිකානුවන්හට සලකන්නේ එසේ නම් ඇසෙන්ජී වැනි යුරෝපයේ රස්තියාදු ගහන ඔස්ට්රේලියන් කරදරකාරයෙකු මෙතෙක් කල් ජීවත්වීම පුදුමයක් යයි ඔබට නොසිතෙන්නේද? Anna Ardin & Julian Assengie දැනට වාර්තාවෙන ආකාරයට ඇසෙන්ජි සල්ලාල ගතිපැවතුල් ඇති ස්ත්රී ලෝලියෙකි. ඔහු ආගන්තුක කාන්තාවන් හා පවත්වන ලිංගික සබඳතා නවත්වා දමන ලෙස ඔහුගේ හිතවතුන් හා විකිලීක්ස් කළමණාකරුවන් ඔහුට නිතර අවවාද කරතිබේ. ඇනා ආඩින් යනු ජුලියන් ඇසෙන්ජී ලිංගික සබඳතා පැවතූ එක් කාන්තාවක් වන අතර ඔහුට ලිංගික චෝදනා එල්ලකර ඇති කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකි. ස්වීඩන් ජාතිකයෙකු වන ඇය ස්වීඩන ප්රජතාන්ත්රවාදී පක්ශයට අනුබද්ධ දෙශපාලන සංවිධානයක ක්රියාකාරිණියක් විය. 2010 වසරේ අගෝස්තුවේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී ස්වීඩන ප්රජතාන්ත්රවාදී පක්ශය මගින් සංවිධානය කරන ලද සමුලුවකට ඇසෙන්ජී සහභාගී වුනු අතර ස්ටොක්හෝම් නුවරදී ඇසෙන්ජී නවාතැන් ගෙන ඇත්තේ ඇනාගේ ආරාධනයකට අනුව ඇයගේ නිවසේය. අගෝස්තු 13 වැනි දින (හෝ 14වැනි දින එලිවන ජාමයේ) ඇය සිය කැමැත්තෙන්ම ඇසෙන්ජී සමග යහන් ගත වී ඇති අතර ඇයගේ චෝදනාව වන්නේ මෙම සබඳතාවයේ ඇසෙන්ජී විසින් උවමනාවෙන්ම පැලඳ සිටි කොන්ඩොමය සිදුරුකල බවයි. ස්වීඩ්න නීතියට අනුව මෙවැනි ක්රියා ස්ත්රී දූශනයක් ලෙස අර්ථ දැක්වේ. ඒ අනුව කාන්තාවක් සිය කැමැත්තෙන්ම පිරිමියෙකු හා යහන්ගත වුනත් ලිංගික ක්රියාව අතරතුරදී පිරිමියා විසින් සිදුකරන යම් නොමනා ක්රියාවක් නිසා ඇයට ඉන් ඉවත් වන්නට උවමනාවුව හොත් පිරිමියා විසින් ඒ අවස්ථාව ඇයට ලබාදිය යුතුය. නැතහොත් එය ලිංගික බලහත්කාරකමක් ලෙස අර්ථ දැක්වේ. ඇසෙන්ජීට චෝදනා එල්ලවී ඇත්තේ මෙම වගන්තිය අනුවය. ඇනාගේ ජීවන තොරතුරු සොයා බැලීමේදී ඇය ෆිඩෙල් කැස්ත්රෝ විරෝධියෙකු වන අරතර කැස්ත්රෝ විරෝධී සංවිධානයක සාමාජිකාවක වූ අතර මෙය සී.අයි.එඊ ස\විධානයේ මූල්යමය ආධාරය මත ක්රියාත්මක වන සංවිධානයක් බවට ප්රසිද්ධය. ඇනා ආර්ඩින් මෙම සංවිධානයේ ආරාධනයෙන් ඉතා රහසිගතව කියුබාවේ සංචාරය කොට තිබේ. කියුබාවේදී ඇනා, ලුවී පොසාඩා නම් සී.අයි.ඒ නියෝජිතයා සමග ක්රීයාකොට ඇති අතර ලුවී පොසාඩා ඇනා සබඳකම් පැවතූ කැස්ත්රෝ විරෝධී සංවිධානයේ ප්රධාන ආධාරකරුවෙකු හා එයට අමෙරිකානු මූල්යමය ආධාර ලබාගැනීමේදී මූලිකවී කටයුතුකල තැනැත්තෙකි. ෆිඩෙල් කැස්ත්රෝ විරෝධී සංවිධාන සියල්ලම පාහේ සී.අයි.ඒ අනුග්රහයෙන් ක්රියාත්මක වෙන්නේ කියුබාව අමෙරිකාවේ අංක එකේ හතුරෙකු ලෙස තවමත් සිටින නිසාය. මේ අනුව බලන කල සුරූපී ඇනා සී.අයි.ඒ සංවිධානය මගින් ඇසෙන්ජි ගේ විකිලීක්ස් ව්යාපෘතියට ආධාර කිරීමට මෙන්න ඔහුගේ ස්ත්රී ලොල් භාවය හරහා ඔහුව පාලනය කිරීමටත් අවශ්යවුවහොත් විනාශකිරීමටත් යොදාගත්තා විය හැකිය. Is Wikileaks a part of CIA Cyber intelligence operation? විකිලීක්ස් සී.අයි.ඒ බළල් අතක් බවට මුලින්ම චෝදනා කලේ ජෝන් යං නැමති විකිලීක්ස් ආදීකතෘ වරයෙකි. ජෝන් යංග් විකිලීක්ස් හි ආරම්භක සාමාජිකයෙකු වන අතර විකිලීක්ස් අඩවියට විවිධ රහසිගත තොරතුරු ලබාගැනීමට බෙහෙවින් උපකාරකල තැනැත්තෙකි. විකිලීක්ස් සමාරම්භයට පෙරසිටම cryptome.org නම් වෙබ් අඩවිය හරහා අන්තර්ජාලයතුලට විවිධ රහසිගත තොරතුරු මුදාහරිමින් සිටි ජෝන් යංග් විකිලීක්ස් ආරම්භයේම එහි සාමාජිකයෙකු වුනේ මෙතෙක් කල් ඔහු විසින් අපහසුවෙන් සිදුකරගෙන ගිය කාර්යය විකිලීක්ස් හරහා තවත් වැඩිදියුණු කරගැනීමටයි. එහෙත් 2007 වසරේ ජනවාරියේ ජෝන් විකිලීක්ස් ව්යාපෘතියෙන් ඉවවත්වුනේ එය සී.අයි.ඒ බළල් අතක් බවට පත්වී ඇති බවට චෝදනා කරමිනි. ජෝන් යංග් විසින් හෙලිකරන තොරතුරු අනුව විකිලීක්ස් සංවිධානය සී.අයි.ඒ සයිබර් ක්රියාන්විත සඟවා ක්රියාත්මක කිරීමට උපකාරී වේ. අතිදක්ශ පරිගණක තාක්ශණඥයින් සේවය කරන විකිලීක්ස් පරිගණක ජාල හරහා චීනය වැනි අමෙරිකාවට සතුරු රටවල්වල පරිගණක ජාලවලට රහසිගතව ඇතුලුවී ඒවායේ දත්ත සී.අයි.ඒ මෙහෙයුම් කරුවන් හට ලබාදෙයි. එයට ප්රති උපකාර වශයෙන් සී.අයි.ඒ සංවිධානය විසින් විකිලීක්ස් හට අතිශය රහසිගත, එහෙත් උපායමාර්ගිකව අමෙරිකාවට හානියක් නොවන තොරතුරු විකිලීක්ස් හට ලබාදෙයි. මේ අනුව විකිලීක්ස් නිළවශයෙන්ම අමෙරිකානු හා බටහිට විරෝධී ආයතනයක් ලෙස ලොව පුරා පිලිගැනෙන අතර කිසිවෙකුත් එය අමෙරිකානු ගැති ආයතනයක් ලෙස නොසිතනු ඇත. Anna Ardin & Julian Assengie දැනට වාර්තාවෙන ආකාරයට ඇසෙන්ජි සල්ලාල ගතිපැවතුල් ඇති ස්ත්රී ලෝලියෙකි. ඔහු ආගන්තුක කාන්තාවන් හා පවත්වන ලිංගික සබඳතා නවත්වා දමන ලෙස ඔහුගේ හිතවතුන් හා විකිලීක්ස් කළමණාකරුවන් ඔහුට නිතර අවවාද කරතිබේ. ඇනා ආඩින් යනු ජුලියන් ඇසෙන්ජී ලිංගික සබඳතා පැවතූ එක් කාන්තාවක් වන අතර ඔහුට ලිංගික චෝදනා එල්ලකර ඇති කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකි. ස්වීඩන් ජාතිකයෙකු වන ඇය ස්වීඩන ප්රජතාන්ත්රවාදී පක්ශයට අනුබද්ධ දෙශපාලන සංවිධානයක ක්රියාකාරිණියක් විය. 2010 වසරේ අගෝස්තුවේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී ස්වීඩන ප්රජතාන්ත්රවාදී පක්ශය මගින් සංවිධානය කරන ලද සමුලුවකට ඇසෙන්ජී සහභාගී වුනු අතර ස්ටොක්හෝම් නුවරදී ඇසෙන්ජී නවාතැන් ගෙන ඇත්තේ ඇනාගේ ආරාධනයකට අනුව ඇයගේ නිවසේය. අගෝස්තු 13 වැනි දින (හෝ 14වැනි දින එලිවන ජාමයේ) ඇය සිය කැමැත්තෙන්ම ඇසෙන්ජී සමග යහන් ගත වී ඇති අතර ඇයගේ චෝදනාව වන්නේ මෙම සබඳතාවයේ ඇසෙන්ජී විසින් උවමනාවෙන්ම පැලඳ සිටි කොන්ඩොමය සිදුරුකල බවයි. ස්වීඩ්න නීතියට අනුව මෙවැනි ක්රියා ස්ත්රී දූශනයක් ලෙස අර්ථ දැක්වේ. ඒ අනුව කාන්තාවක් සිය කැමැත්තෙන්ම පිරිමියෙකු හා යහන්ගත වුනත් ලිංගික ක්රියාව අතරතුරදී පිරිමියා විසින් සිදුකරන යම් නොමනා ක්රියාවක් නිසා ඇයට ඉන් ඉවත් වන්නට උවමනාවුව හොත් පිරිමියා විසින් ඒ අවස්ථාව ඇයට ලබාදිය යුතුය. නැතහොත් එය ලිංගික බලහත්කාරකමක් ලෙස අර්ථ දැක්වේ. ඇසෙන්ජීට චෝදනා එල්ලවී ඇත්තේ මෙම වගන්තිය අනුවය. ඇනාගේ ජීවන තොරතුරු සොයා බැලීමේදී ඇය ෆිඩෙල් කැස්ත්රෝ විරෝධියෙකු වන අරතර කැස්ත්රෝ විරෝධී සංවිධානයක සාමාජිකාවක වූ අතර මෙය සී.අයි.එඊ ස\විධානයේ මූල්යමය ආධාරය මත ක්රියාත්මක වන සංවිධානයක් බවට ප්රසිද්ධය. ඇනා ආර්ඩින් මෙම සංවිධානයේ ආරාධනයෙන් ඉතා රහසිගතව කියුබාවේ සංචාරය කොට තිබේ. කියුබාවේදී ඇනා, ලුවී පොසාඩා නම් සී.අයි.ඒ නියෝජිතයා සමග ක්රීයාකොට ඇති අතර ලුවී පොසාඩා ඇනා සබඳකම් පැවතූ කැස්ත්රෝ විරෝධී සංවිධානයේ ප්රධාන ආධාරකරුවෙකු හා එයට අමෙරිකානු මූල්යමය ආධාර ලබාගැනීමේදී මූලිකවී කටයුතුකල තැනැත්තෙකි. ෆිඩෙල් කැස්ත්රෝ විරෝධී සංවිධාන සියල්ලම පාහේ සී.අයි.ඒ අනුග්රහයෙන් ක්රියාත්මක වෙන්නේ කියුබාව අමෙරිකාවේ අංක එකේ හතුරෙකු ලෙස තවමත් සිටින නිසාය. මේ අනුව බලන කල සුරූපී ඇනා සී.අයි.ඒ සංවිධානය මගින් ඇසෙන්ජි ගේ විකිලීක්ස් ව්යාපෘතියට ආධාර කිරීමට මෙන්න ඔහුගේ ස්ත්රී ලොල් භාවය හරහා ඔහුව පාලනය කිරීමටත් අවශ්යවුවහොත් විනාශකිරීමටත් යොදාගත්තා විය හැකිය. Is Wikileaks a part of CIA Cyber intelligence operation? විකිලීක්ස් සී.අයි.ඒ බළල් අතක් බවට මුලින්ම චෝදනා කලේ ජෝන් යං නැමති විකිලීක්ස් ආදීකතෘ වරයෙකි. ජෝන් යංග් විකිලීක්ස් හි ආරම්භක සාමාජිකයෙකු වන අතර විකිලීක්ස් අඩවියට විවිධ රහසිගත තොරතුරු ලබාගැනීමට බෙහෙවින් උපකාරකල තැනැත්තෙකි. විකිලීක්ස් සමාරම්භයට පෙරසිටම cryptome.org නම් වෙබ් අඩවිය හරහා අන්තර්ජාලයතුලට විවිධ රහසිගත තොරතුරු මුදාහරිමින් සිටි ජෝන් යංග් විකිලීක්ස් ආරම්භයේම එහි සාමාජිකයෙකු වුනේ මෙතෙක් කල් ඔහු විසින් අපහසුවෙන් සිදුකරගෙන ගිය කාර්යය විකිලීක්ස් හරහා තවත් වැඩිදියුණු කරගැනීමටයි. එහෙත් 2007 වසරේ ජනවාරියේ ජෝන් විකිලීක්ස් ව්යාපෘතියෙන් ඉවවත්වුනේ එය සී.අයි.ඒ බළල් අතක් බවට පත්වී ඇති බවට චෝදනා කරමිනි. ජෝන් යංග් විසින් හෙලිකරන තොරතුරු අනුව විකිලීක්ස් සංවිධානය සී.අයි.ඒ සයිබර් ක්රියාන්විත සඟවා ක්රියාත්මක කිරීමට උපකාරී වේ. අතිදක්ශ පරිගණක තාක්ශණඥයින් සේවය කරන විකිලීක්ස් පරිගණක ජාල හරහා චීනය වැනි අමෙරිකාවට සතුරු රටවල්වල පරිගණක ජාලවලට රහසිගතව ඇතුලුවී ඒවායේ දත්ත සී.අයි.ඒ මෙහෙයුම් කරුවන් හට ලබාදෙයි. එයට ප්රති උපකාර වශයෙන් සී.අයි.ඒ සංවිධානය විසින් විකිලීක්ස් හට අතිශය රහසිගත, එහෙත් උපායමාර්ගිකව අමෙරිකාවට හානියක් නොවන තොරතුරු විකිලීක්ස් හට ලබාදෙයි. මේ අනුව විකිලීක්ස් නිළවශයෙන්ම අමෙරිකානු හා බටහිට විරෝධී ආයතනයක් ලෙස ලොව පුරා පිලිගැනෙන අතර කිසිවෙකුත් එය අමෙරිකානු ගැති ආයතනයක් ලෙස නොසිතනු ඇත.
hplt_2
නැති බැරිකම මුතුමාල හතක් වී කඩුල්ල පැන එයි නුඹ අත කර ලන දා, කියල සිංදුවක තියනවා... ඒ වාගේමයි නිර්මාණකරනයේදී... පහසුකම් අඩුවෙන්න අඩුවෙන්න මිනිස්සු අතින් සාර්ථක නිර්මාණබිහි වෙනවා... නගර බද ඉස්කෝල වලට ශිෂ්යත්වය සමත් වෙලා එන බහුතරයක්, පහසුකම් වල පල්ල සිඹින දරුවන්... මටත් එහෙමයි පොඩි කාලය... අම්මා පොලේ ගිහින් රටකජු ගේන ගොට්ට පවා, පරිස්සමින් දිගහැර කියවනවා... ඉතාමත් සුගායනීය වදන් වැලකුයි, රබානකුයි, තාලම්පටකුයි අබේවර්ධන බාලසූරියයන්ගේ මනෝරම්ය කටහඬයි මුසු කරලා, මේ කරල තියන නිර්මාණය මොනතරම් සුන්දරද....? ආදරයෙන් මා හද වට එතෙන ලතා... ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා... දිගින් දිගට නිල් වරළස මුදන්නියා...නෙතින් නෙතට ඔමරි බැලුම් හෙලන්නියා... රුවින් රුවට දිලි නෙත් සිත් බඳින්නියා... දුරින් දුරට මා සිත ගෙන, මටත් හොරා ඇදෙන්නියා... පාන්දරින් මල් පිපුනා බඹරු දනී... සීන් තුෂර පිණි වැටුණා අහස දනී... සෙමින් විහඟ ගී ගැයුනා පවන දනී... නුඹට බැඳුනු සිත හන්ඳා, මා විඳි දුක කවුරු දනී... සිංදුව අහන්න... ඕන්නම් බාගන්න ... හිතෙන දේත් ලියලම යන්න...
hplt_2
උපතේ පටන් වයස 13 පමන වෙනකම් කාලයට ජීවිතයේ මල් සමය කියා අප පවසනවා. වයස 13 සිට 19 දක්වා (Teen Age - ටීන් ඒජ්) ජීවිතයේ සමනල් සමය කියා හඳුන්වනවා. වයස 20 දී අප තාරුණ්ය හෙවත් ජීවිතයේ වසත් කාලයට පිය නඟනවා කියා මා පැවසුවොත්, නෑ එය එසේ නොවේ කියා අභියෝග කල හැකි කිසිවෙක් සිටිනවාදැයි සැකයි! වසත් කාලය සතුටින් ගත කරන්න අත්යාවශ්යයි කියා ඔබ සිතා සිටි නැතහොත් මෙතුවක් ඔබේ ජීවිත කාලයටම ඔබට වැඩි වටිනාකමක් ලැබුනේ යම් කිසි ඔබ සතු සුවිශේෂී දෙයකට කියා ඔබ අනුමාන කරගෙන සිටි යමක් ඔබේ වසත් සමයේ ආරම්භයේදීම ඔබෙන් ගිලිහී ගියොත් ඔබට ඔබේ ජීවිතය ගැන කුමක් සිතෙයි කියා ඔබ සිතනාවද? එවන් අයෙක් දිවි තොර කර ගැනීමට තරම් ශක්තියක් ඇති කර නොගනී කියා ඔබ සිතනාවද ? නැතිවූ වටිනාකම් ගැන පසුතැවිලි නොවී . . . "ගිය දේ ගියාවේ - හෙට අලුත් දවසක් - නැතිවූ වටිනාකම වෙනුවට - තවත් වටිනාකමක් ඇති කර ගැනීමට තවත් ඇයි පමා වෙන්නේ ? " කියා සිතා, නැවතත් අලුතින් ජීවිතය පටන් ගැනීමට තරම් ධෛර්යක් ඇති අය මෙලොව සිටිද්ද? ඇත්තෙන්ම ඔව්. එවැනි අය සිටී! මේ ලොව අයිති එවැනි ධනාත්මක චින්තයක් ඇති මිනිසුන්ටයි ! අසන්න, මේ මගේ කතාවයි. මගේ දිවියේ වටිනාම දේ මේ යැයි සිතා සිටිද්දී වයස 21දී හෙවත් තාරුණ්යයට පියනැඟූ මුල්කාලයේදීම ඒ වටිනාම දේ ගිලිහී ගිය පසුත් දිරියෙන් දිවියට මුහුන දී දිවිය ජයගත් තවත් එක් මානවකයෙක් වූ මගේ කතාවයි මේ ! මේ කතාවෙන් පසු කවුද මේ දුකා කියලා ලියන්නේ කියන කුතුහලය ඇති මගේ මිතුරන් බොහේ දෙනෙකුට ඔවුන්ගේ කුතුහලය සංසිදුවාගත හැකිවනවා එසේ වුවත් මේ කතාව නොකියා බැරි බව "මෙය මා ඇත්තෙන්ම ලිවිය යුතුමදැයි ?" මගේ සිතෙන් ඇසූ ප්රශ්නයට පිලිතුරු දුන් මගේ සිත කියා සිටියා . . . මගේ මේ කතාවත් ඔබට බොහෝ ප්රයෝජනවත් විය හැකියි, මට විශ්වාසයි . . . ! මගේ ජාතික හැඳුම්පතේ පින්තූරත්යොවුන් කාලයේ ගත්තු සමහර පින්තූරත් දිහා මැදිහත් සිතකින් බලද්දි මට හැඟෙන දේ තමයි මම ඒ කාලයේ හරිම අවලස්සන කොල්ලෙක් කියන එක. නමුත් මගේ පාසල් සමයේ සමහර මිතුරන්ගෙත්, නෑදෑයන් සමහර දෙනාගෙත් හැඟීම නම් එය එසේ නොවන බවයි ! මගේ මිතුරන්ගේ අම්මලා ඔවුන්ට අවවාද දෙන්නේ "බලන්න මේ ළමයා කොච්චර හොඳද, ඔයාලට බෑනේ මෙයා වගේ හදෙන්න" කියලා පසුව වෙලාවල් වලදී මිතුරෝ මට කියනවා . . . "උඹේ ඉතින් ඩයල් ශේප් නේ මචං මොන චාටර් වැඩේ කලත් මූන දැක්කම හිතෙන්නේ අනේ මූ නම් කීයට වත් මේ වැඩේ කලා කියන්න බෑ කියලා තමයි" "අපිනේ ඉතිං උඹේ තරම දන්නේ, අම්මලට ඒවා කියන්න පුලුවන්ද " තව එකෙක් හොට දානවා "ඔව් ඔව් උඹ වගේ හැදුනොත් ඉතිං අබසරනයි තමයි " තව එකෙක් සාපරාදී කතා කියනවා මමත් හිතුවා මම අවලස්සනයි කියා මා සිතාගෙන සිටියාට එහෙමටම අවලස්සන නැතුව ඇති කියලා . යෞවනයේ ඇරඹුමේ ඉඳලාම මට ප්රේමයට ඇරයුම් එහෙම තිබුනේ කොහේ ගියත් අන් අයට වඩා විශේෂ සැලකිලි මට ලැබෙන්නේ මම ආකර්ශනයක් ඇති කෙනෙක් නිසා වෙන්න ඕන කියලා හිතලා මම මගේ ආකර්ශනීය පෙනීම මගේ විශාලම වටිනාකම කියලා (බොරු මාන්නෙන්)රැවටිලා ඉගෙනීම ගැනවත් වැඩි උනන්දුවක් නොදක්වා විශාල මායාවක හිටියේ! 1994 නොවැම්බර් 1 වෙනිදා අපේ ගෙදරට ඉස්සරහා ගෙදර ඇතිවූ ගින්නක් නිවන්න උදව් කරන්න ගොස් ඇඳ සිටි කොට කලිසමෙන් වැසුනු ප්රදේශය හැර මගේ ආකර්ශනීයයි කියා මා සිතා සිටි මුහුනත් ඇතුලුව මුලු ඇඟම පිලිස්සුනා. මුලින්ම මාව බලන්න රෝහලට ආපු අක්කගේ මහත්තයා මව අඳුන ගත්තේ මා ඔහුට කතා කල නිසා . . . "මල්ලී කියූ ඔහු ආපහු හැරී ගොස් බොහේ වේලාවකට පසුවයි නැවත පැමිනියේ (ඔහුට හිත හදා ගැනීමට ගතවූ කාලය පැයක් පමන මට මතක හැටියට) දකුනු කොළඹ ජාතික රෝහලෙන් රාජගිරිය ආයුර්වේද රෝහලට ගෙනියද්දි රෝද පුටුවේ හිටි මා ලඟින් දන ගසාගෙන ජෙලි කෝප්පක් මට කැවීමට අපමන උත්සාහයක් ගත් මගේ මිතුරු ශාම්ගේ දෙනෙතින් ගලා ගිය කඳුලු මට මගේ තත්වය කොපමන භයංකාර වියහැකිදැයි පසක් කලා ! මාව බලන්න රෝහලට පැමිනි මගේ ඤාති සොහොයුරෙකුත් මගේ ගමේ (නිවාඩුවට ගතකරන්න යන) මා සමග කෙලි සෙල්ලම් කල මිතුරෙකුත් මා දුටු මොහොතේම සිහිමුර්ජාවී වැටුනා ! කෙසේ වුවත් මා සිටියේ "වුන දේ වුනා දැං මොනාද ඊලඟට කරන්න ඕන " කියන මානසිකත්වයෙන් මගේ පොඩි මාමගේ බිරිඳ හෙවත් වල් කටක් තිබුනු ශීලා නැන්දා රෝහලේදී මගේ කනට කර "XXX මුකුත් හානියක් නෑ නේද කොල්ලෝ " කියා ඇසූ වේලේ "නෑ නෑ ඌට කිසිම හානියක් නෑ " කියා අපහසුවෙන් වුවත් කොක් හඬලා සිනාසෙනු දුටු අනෙක් රෝගීන් මා දෙස බලා සිටියේ "මූට අඬන්න ඕන දෙයක්ද, හිනාවෙන්න ඕන දෙයක්ද මේ වෙලා තියෙන්නේ" කියා . . . අසනුවැනි මුනුනු වලින් . . . විශ්වාස කරන්න රෝහල් ගතවෙලා හිටි මාස 3ක පමන කාලයෙන් මා හැඬුවේ එකම එක මොහොතක් පමනයි . . . ! මගේ ආදරණීය අක්කා මා දුටු විගසම "අනේ මල්ලී " කියාගෙන මගේ ලඟට දිව ආ මොහොතේ පමනයි මට හැඬුනේ මා හඬමින් අන් අයගෙන් කල ඉල්ලීම "අනේ මෙයාට අඬන්නේ නැතුව ඉන්න කියන්නකෝ මෙයා ඇවිත් මේ හොඳට ඉන්න මාව අඬවනවා" කියන එකයි රෝහලේ සියලුම දෙනාට මා තවත් රෝගියෙක් පමනයි , අනතුරට සතියකට පමන කලින් ගත් පින්තූර වගයක් මගේ කැමරාවේ තිබී ශාම් ඒවා මුද්රනය කරගෙන ඇවිත් සියලුම දෙනාට පෙන්වූ පසු "අනේ මේ වගේ කෙනෙක්ද මේ ලෙඩා අපි හිතුවේ වයසක කෙනෙක් කියලයි " (මිතුරන්ගේ අත්වාරුවෙන් හා සැරයටියක වාරුවෙන් මා ගමන් කරනු දුටු ඔවුන් අනුමාන කර ඇත්තේ එලෙසයි) කියා එතැන් සිට මා කෙරෙහි විශේෂ අනුකම්පාවකින් සැලකීම මට මහත් මානසික හිරිහැරයක් වූවා තනිවම නැගිට එහා මෙහා යන්න තරමට සුවවූ පසු දවසක කෙලවරේ ඇඳේ නේවාසික රෝගියාගේ ලාච්චුවේ ඇති කන්නාඩිය රාත්රී දෙකට පමන රැගෙන විත් මගේ ස්වරූපය මම නිරීක්ශනය කලා. රෝහලේ සිට පැමිනි මුල් කාලයේ බස් වල ගමන් බිමන් යද්දි මගේ අසල සිටි අය මගේ ලඟින් පිලිකුලෙන් ඉවත් වෙද්දී මා ගැනම මට දැනුනේ මහාම මහා එපා කරපු හැඟීමක්. ඒ වේදනාව කොපමනදැයි එවැනි සිදුවීමකට මුහුනදුන් අයෙක් හැර අන් කිසිවෙක් වටහා නොගනු ඇති කියා මට සිතෙනවා. මෙය බලන ඔබ සැම මට අනුකම්පා කලයුතු නෑ . . !! දැනට මිය පරලොව ගොස් ඇති රාජගිරිය ආයුර්වේද රෝහලේ සේවය කල "රාජරත්න " වෙද මහතාට නිවන් සුව අත්වෙන්න ඔහුගේ තෙල්, කසාය, කල්ක, පත්තු වලට පින්සිදු වෙන්න මා පෙර තරම් නොවුනත් අනුකම්පාවට ලක්නොවිය යුතු තරම් දුරකට යථාතත්වයට පත්වුනු අයෙක් ! රෝහලේ සිට ගෙදර පැමිනි මා මගේ ජීවිතය ගැන කල්පනා කලා ජීවිතයෙන් පලා යාම මෙයට පිලිතුර නොවේ යැයි මා මටම කියා ගත්තා ! මෙතුවක් කලක් මට වටිනාකමක් තිබුනේ මගේ පෙනුමටනම් තවදුරටත් එම වටිනාකම මා ලඟ නැතිනම් සමාජයේ සාමාන්ය අයෙක් ලෙස වැජඹීමට නම් මා වෙනයම් හෝ වටිනාකම්ක් ඇති අයෙක් විය යුතු බව මට පසක් වුනා. එතැන් සිට මා ඉගෙනීමේ වැඩ කටයුතු ඉතා උනන්දුවෙන් හා ඉතා වෙහෙස මහන්සියෙන් කරගෙන ගියා . . . ! බොහේ දේ සඳහා කාලය හරස් වී ඇති සෙයක් දැනුනා ! විශ්ව විද්යාලය මට සිහිනයක් පමනක් ම වූවා . . . ! නමුත් අධෛයමත් වූයේ මා නොවේ. එතැන් සිට මගේ කාල සටහන බොහේ අවිවේකී එකක් වූවා. එක කාලයක සවස 7ට ගෙදරට පැමිනීමේ මගේ සම්භාවිතාවය දවස් 7න් එකක් පමනක් වූවා ! එසේ වූ මගේ ධෛර්ය ඉතා කෙටි කලක් තුල මා රැගෙන ආ දුර ගැන මා ඔසවා තැබූ තැන ගැන නැවත ආපසු හැරී බැලුවෝතින් . . . ! පසුගිය කාලය දෙස හැරී බලද්දී මගේ ජීවිතයට සිදුවූ බරපතලම අකරතැබ්බය මගේ දිවියට සිදුවූ හොඳම සිදුවීම කියා පැවසිය හැකි මා හැර "කොයි දේ වෙන්නේත් හොඳටයි " කියා පැවසිය හැකි වෙන අයෙක් සිටීද ? මේ තියෙන්නේ ඇන්ෂ් කියපු කවුද බෝයි ෆොටෝ එක - මතක හැටියට 2002දි ගත්තු එකක් මේන් දැන් එකක් 2014 අවුරුදු දා ගත්තේ
hplt_2
dancing shows video gallery Monday, November 12, 2012 Posted by Manahara Arts Center at 1:27 PM 0 comments Email This BlogThis! Share to Twitter Share to Facebook dancing shows photo gallery Tuesday, December 6, 2011 Posted by Manahara Arts Center at 1:43 PM 0 comments Email This BlogThis! Share to Twitter Share to Facebook Thursday, August 18, 2011 ගැට බෙරය විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින් උඩරට නැටුම්වලදී බෙහෙවින් භාවිතා කෙරෙන, කොන් දෙකට වඩා මැද මහත බෙරය යනුවෙන් අර්ථකථනය කළ හැකි, උඩරට ප්රදේශයේ චිරාත් කාලයක් ප්රචලිත ව තිබීම නිසා වර්තමානයේ උඩරට බෙරය නමින් ද හැඳින්වෙන ගැටබෙරය නම් වූ ලොව මවිත කළ දෙඅතින් තැලීමෙන් හමින් ශබ්ද උපදවන ශ්රී ලාංකික සිංහල අපට ම උරුම වී තිබෙන මේ අවනධ්ය භාණ්ඩය කවදා කෙසේ ප්රභවය වූවක් ද? විදේශයකින් මෙහි ආදේශ වූවක් ද? එසේ විදේශයකින් ආදේශ වූයේ නම් ලොව වෙනත් කොතනකදී හෝ අනුරුවක් හෝ ඉතිරි ව තිබේ ද? එසේ නැතිනම් අපේ ම මුතුන් මිත්තන්ගේ නිර්මාණයක් ද? ලොව අන් රටවල මෙන් මුල් අවස්ථාවේ සරල ව නිර්මාණය වී ක්රමයෙන් සංවර්ධනය වී මේ තත්ත්වයට පැමිණි හැඳින්වීමඋඩරට බෙරය හෙවත් ගැට බෙරය දීර්ඝ කාලයක සිට ලංකාවේ වාදන භාණ්ඩ අතර ප්රමුඛස්ථානයක් ගත් ආතත භාණ්ඩයක් වේ. උඩරට නර්තනයේදී භාවිතා වන මෙම බෙරය දේශීය සංගීතයේ දී වැදගත් සංගීත භාණ්ඩයකි.උඩරට නැටුම් සම්ප්රදායේ දී සුවිශේෂීව භාවිතා වන නිසාත්, උඩරට නැටුම් ඉතිහාසයට උරුමකම් කියන නිසාත් මෙයට උඩරට බෙරය යන නාමය භාවිතා කරයි. ඉතිහාසය ඉතිහාසයේදී මෙන්ම අද ද උඩරට නැටුම සඳහා ගැටබෙරය මහත් සේවයක් කරයි. ධාතු වංශයේ මෙය "දෙණ්ඩිම" හා සමාන යෑයි කීව ද අද භාවිත වන ගැටබෙරය ඊට වෙනස් ය. ථූපවංශය, දඹදෙණි අස්න, සද්ධර්මාලංකාරය ආදී ග්රන්ථ කීපයක සඳහන් වන බෙර සංඛ්යාව අති විශාලය. සිංහල යුද්ධ හමුදාවේ ගැටබෙරය ද ඇතුළත් වන මෙම බෙර සියල්ලම වාදනය කළ බව ඉහත කී ග්රන්ථ සාක්කි දරයි. අදද හෙළ සටන් කලාව වන අංගම්පොර සටන් කලාව තුළ මෙම ගැට බෙරය භාවිතා වන බව කොරතොට අංගම්පොර සම්ප්රදායේ ශිල්පීන් දක්වයි. ලංකාවේ ඉතිහාස ග්රන්ථවල පවා සඳහන් වන මෙම බෙරය ලංකාවට ආවේණික වූ සුවිශේෂි වූ බෙරයකි. වෙස්සන්තර ජාතක කාව්යයේ එන පහත කවිය එයට හොඳව උදාහරණයයි. - ''ගැට බෙර පනා බෙර - දවුල් තමිමැට්ටම් බෙර - මිහිගුද එකැස් බෙර - මොරහු සක්සින්නන් නලා බෙර'' එපමණක් නොව පහත සඳහන් වන තෙලපත්ත ජාතක කාව්ය තුළ දක්නට ලැබෙන කවිය ද මෙහි ඉතිහාසයට තවත් ප්රභල උදාහරණයකි. - ''එකැස්පනා බෙර ගැට බෙර කාහලද - සතොස්වනා විණා සහ ගිහඬද - නොලස්කනා ලියවෙස් ගෙන වයමින්ද - සුබස්දෙනා යක් අඟනන් ඇතතවද '' ගැටබෙරයේ සැකැස්ම කොහොඹ, ගං සූරිය, දේවදාර, ඇසල වැනි තද අරටු සහිත දැව වර්ග ගැටබෙර සකස් කිරීමේදී කඳ සඳහා යොදා ගනිමින් මෙම ගැටබෙරය නිර්මාණ කෙරේ. දිග සාමාන්යයෙන් අඟල් 28ක් පමණ වන ගැටබෙරයේ වම්පස මුහුණට වඩා දකුණු පස මුහුණත ප්රමාණයෙන් තරමක් කුඩා වනසේ සකස් කරනු ලැබේ. වම් පසට ඝන වූ ගව හම්ද, දකුණු පස බෙර ඇසට වඳුරු හමක් හෝ තලගොයි හමක් යොදා ගනියි. [සංස්කරණය] ගැටබෙරයේ කොටස් - බෙරයේ කඳ "බෙරකඳ" නමින් හැඳින්වේ - බෙරයේ මැද මහත් වූ කොටස "බෙර පුහුල" නම් වේ - බෙරයේ දෙපස ඇති හම තද කිරීම හා බුරුල් කිරීම සඳහා එම තට්ටු බෙර කඳට සවිකර ගැනීම සඳහා උපයෝගී වන්නේ "වරපට" යි - බෙර ඇසට උඩින් එහි ආරක්ෂාවට යොදා ඇති හම් කොටස "කැපුම් හම" වේ - බෙරය වාදනයට ඉනේ බැඳගනු ලබන්නේ "බෙර ලනුවෙනි" - ගැට බෙරයේ දකුණු පස ආවරණය කළ රවුමේ මැද කොටස "දකුණු ඇස" වේ - ගැට බෙරයේ වම් පස ආරණය කළ රවුමේ මැද කොටස "වම් ඇස" වේ - බෙරය ඉනේ බැඳගත් විට ආරණය කළ රවුමේ මැද කොටස "වම් ඇස" වේ. - බෙරය ඉනේ බැඳ ගැනීමට යොදනු ලබන ලනුව බෙරය හා සම්බන්ධ කරන්නේ "කන් වරය" මගිනි - බෙරයේ දකුණු ඇසට සම්බන්ධ කන්වරයට යා කෙරෙන මෙය පිත්තලෙන් සාදන ලද ගිගිරි වලල්ලකි. එය "කයිපුඩි වලල්ල" නමින් හැඳින්වේ - එකට වෙලා ඇති සිහින් හම් එකතුවෙන් බෙරයේ ගැටිය සකස් කරනු ලැබේ. එයට "වෙනිවර කැරැල්ල" යයි කියනු ලැබේ. ශාස්ත්රීය හා සාම්ප්රදායික භාවිතය ගැටබෙරයේ වාදනය කරන පද කිහිපයක් මේ ආකාරයට දැක්විය හැකිය - තක් දොං තකු කිට තක දොං තකු කිට - තෙහිං තකු තෙහිං තකු තෙහිං ජිං - තකු ජිං ජිං තත් ජිං තක ජිං කුඳ මඟුල් බෙර වාදනය සුභ කටයුතු, මංගල අවස්ථාවන්හිදී සහ ත්රිවිත රත්නයේතී, දෙවියන්ගේත්, ආශිර්වාදය පතා කරන වැදගත් වාදන අංගයකි. ගැටබෙරයේ වම් ඇසින් දොං තොං, කුඳ ආදී අකෂරද, දකුණු ඇසින් ජිං තං ජිත්, ආදී අක්ෂර ද වාදනය කරනු ලැබේ. උඩරට පළාත් වලටත් වන්නියටත් සතර කෝරළේ ඇතැම් පෙදෙස් වලටත් සීමාවු ගැමි නාට්ය විශේෂයක් වන සොකරි නාටකය තුළ භාවිතා වන්නේ ගැට බෙරයයි. එසේම උඩරට නැටුමේ ප්රධාන ශාන්තිකර්මය වන කොහොඹා කංකාරියේ දී ගැට බෙරය ප්රධාන වාද්ය භාණ්ඩය වේ. දේශීය සටන් කලාව වන අංගම් ශිල්පයේ දී බෙර රාශියක් භාවිතා වූ බව සඳහන් වන අතර ඒ අතර ගැට බෙරය ද වේ. එසේම පෙර යුද භූමියට හමුදාව පිටත්ව ගියේ බෙර වයමින්, නළා පිඹිමින් ය. යුද ජයග්රහණය බෙර වාදනයෙන් පළ කළ අතර යුද පරාජය ද බෙරයෙන්ම දන්වන ලදී. එනම් බෙර යුද පිටියේ දමා ඒමෙනි. එපමණක් නොව අපරාධකරුවන් වධක භූමිය වෙත කැඳවා ගෙන ගියේ වධ බෙර ගසමින් ය. [සංස්කරණය]ආශ්රිත ලිපි බාහිර යොමු Posted by Manahara Arts Center at 2:40 AM 0 comments Email This BlogThis! Share to Twitter Share to Facebook Subscribe to: Posts (Atom)
hplt_2
මහින්දගේ බලු කපුටු දානය නොහොත් අයවැය - නීතිඥ චන්ද්රසිරි සෙනෙවිරත්න ගල් අඟුරු වංචාවේ ඇත්ත නැත්ත අයවැයට කැරට් ගෙනාවේ 'වෛද්ය උපදෙස් මතයි' 'ෆොන්සේකාට සාධාරණය ඉටුකරනවා' -එජාප ‘බය නැතුව ලංකාවට එන්න. ආරක්ෂාව ගැන මං බලාගන්නම්' - ගෝඨා නෝනිස්ට කියයි! මහින්ද තවදුරටත් ජනාධිපති ධූරයේ සිටිය යුතු බව බෞද්ධ සංවිධාන තීරණය කරයි! ජනාධිපතිට තුන්වරක් බැරිනම් ගෝඨා කරලියට!! එජාප අපේක්ෂකයාට ස්වාධීනව එන්නැයි බලපෑම්! MBBS පේරාදෙණිය, ඒත් වැඩ අජූතයි ! ගල් අඟුරු ගෙන්වීමේ සැටලයිට් මංකොල්ලය රනිල් ආරක්ෂා කර ගැනීමේ අභ්යන්තර මෙහෙයුමක්! හිමව් අරණින් හමා ආ ‘අමර ගී නද' අති විශේෂ ‘මව්-බිම' රනිල්ට ගැසූ බෝම්බය ‘සිළුමිණ' අතේ පත්තුකර ගනී! ‘කොටි තහනම ඉවත්කිරීම පිටුපස සිටි විපක්ෂ දේශපාලඥයා කවුද?' යන මැයෙන්... ඛණිජ තෙල් ඇමතිට ඩොලර් මිලියන 5 ක කොමිස් කුට්ටියක්! ඛණිජ තෙල් අමාත්ය නීතිඥ අනුර ප්රියදර්ශන යාපාට ශ්රී ලංකාවට බොරතෙල් ගෙන්වීමේ කොන්ත්රාත්තුව... ජනාධිපතිවරණයට සල්ලි හොයන්න සපුගස්කන්ද චීනයට විකුණයි! ඉදිරි ජනාධිපතිවරණයට අවශ්ය මුදල් සොයා ගැනීම සඳහා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ... නවතම පුවත් සජිත් අකුරටම කොන්ත්රාත්තුව ඉටු කරලා! එජාප නායක රනිල් වික්රමසිංහ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්කොට එම පක්ෂයේ නායකත්වය ඩැහැ ගැනීමේ කුමන්ත්රණයක යෙදී සිටින එජාප නියෝජ්ය නායක සජිත් ප්රේමදාස මහතා, ආණ්ඩුවෙන් විපක්ෂයට එක්වීමට නියමිතව සිටින මන්ත්රීවරුන් වැලැක්වීම සඳහා බැසිල්... මේ අයවැය තාවකාලික තෘප්තියක් ලබාදෙන මිරිඟුවක්! - මංගල ගොඩනැගිල්ලක පැවැත්ම රදා පවතින්නේ ශක්තිමත් අත්තවාරමක් මත බවත් ඒ ආකාරයෙන්ම විවිධ ජන කොටස් ජීවත්වන අප වැනි රටක ශක්තිමත් අත්තිවාරම විය යුත්තේ ජනවාර්ගික සමගිය සහ සහජීවනය බවත්, එවැනි දිගු කාලීන සමගියක්... රනිල්, දයා, හරින් මීරිය බැද්දට යයි බදුල්ල, කොස්ලන්ද, මීරිය බැද්ද ප්රදේශයේ නාය යෑම් සිදු වූ ප්රදේශයට විපක්ෂ නායක රනිල් වික්රමසිංහ, තීනියාවල පාලිත හිමියෝ, එජාප ජාතික සංවිධායක දයා ගමගේ හා ඌව පලාත් සභාවේ විපක්ෂ නායක හරින්... හෙල උරුමය ආණ්ඩුවෙන් යන එක ස්ථිරයි! - රාජ්ය බුද්ධි අංශය නොබෝ දිනකින් ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත්වන බවට රාජ්ය බුද්ධි සේවය (SIS) අනාවරණය කරගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද දැනුවත් කර ඇති බවත් වාර්තා වේ. ‘මහින්දට තුන්වරක් බැහැ! නීති විරෝධී ජනාධිපතිවරණ එපා! ‘ප්රජාතන්ත්රවාදය සඳහා ජනතා ව්යාපාරය' විසින් ඊයේ (30) නුගේගොඩ ජනතා රැලියක් සංවිධානය කර තිබූ අතර එහි තේමාව වූයේ ‘‘මහින්දට තුන්වරක් බැහැ! නීති විරෝධී ජනාධිපතිවරණ එපා' යනුවෙනි. මෙම රැලියට ජ්යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්ය දඹර... යතුරු පැදිවල හුළං ඉවත් කිරීමට එරෙහිව මහනුවර රෝහලේ වැඩවර්ජනයක්! මහනුවර මහ රෝහලේ සේවය කරන කාර්ය මණ්ඩලයෙන් විශාල ප්රමාණයක් තම ප්රවාහන අවශ්යතාව සපුරා ගැනීම සදහා පුද්ගලික යතුරු පැදි භාවිතා කරති. එසේ කිරීමට සිදුවී ඇත්තේ රටේ පොදු ප්රවාහන සේවාවේ අකාර්යක්ෂමතාවය හේතුවෙන්... නමක් - ගමක් නැති නීති විරෝධී පෝසටර්වල වගකීම පොලිස්පති ගත යුතුයි ! අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බි්රටෝ ප්රනාන්දු මහතා මාධ්ය සාකච්ඡව ආරම්භකරමින් : අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව විධියට මේ මාධ්ය සාකච්ඡව කැඳෙව්වේ විශේෂ කාරණා කිහිපයක් අවධානයට ලක්කිරීමටයි. අපි අවුරුදු 24ක් තිස්සේ සීදුව රද්දොළුවේ අතුරුදහන්වුවන්ගේ සිහිවටනය... මාලබේ වෛද්ය උපාධි ආයතනයේ අනතුර ගැන වෛද්ය සභාව දැනුවත් කරයි! මාලබේ වෛද්ය උපාධි ආයතනය සම්බන්ධයෙන් හා වෛද්ය අධ්යාපනය පෞද්ගලීකරණය සම්බන්ධයෙන් ශ්රී ලංකා වෛද්ය සභාව දැනුවත් කිරීම සඳහා සංදේශයක් භාර දීම ඊයේ (29) වෛද්ය අධ්යාපනය පෞද්ගලීකරණයට එරෙහි පොදු සංවිධාන එකමුතුව මගින්... අයවැයට ඡන්දයෙන් වැලකීමට ජාතික හෙළ උරුමය තීරණය කරයි! 2015 අයවැය සම්බන්ධයෙන් ඡන්ද විමසන පළමු වටයේදී ඡන්දය ලබා නොදීමෙන් වැලකී සිටීමට හෙල උරුමය තීරණය කර ඇති බව වාර්තා වේ. වැළලූණු මිනිසුන් මත වරද පටවා ආණ්ඩුවට පලා යන්න බෑ - ජවිපෙ ‘ආණ්ඩුවේ විවිධ පාර්ශව වෙතින් ප්රකාශයට පත්වන්නේ මෙම ප්රදේශය අනතුරුදායක බැවින් ඔවුන්ට එම ප්රදේශයෙන් ඉවත් වන ලෙසට පූර්වයෙන් දැනුම් දී තිබූ බවය. ඒ අනුව හැඟෙන්නේ, සිදුවූ විනාශයේ වගකීම පස්යට වැළලූණු ජනතාව... විශේෂාංග ඇයි, රටකට හඳහනක් නැද්ද? දැන් බලන්නේ ජනාධිපතිවරයාගේ හඳහනයි. එනම්, ඔහුගේ කලදවස සරු වීමේ සුභ නැකත ගැනයි. මේ ජනාධිපතිවරයා බලයට... අබ සරණ ගිය මඩකලපු දේශනාව - සුනන්ද දේශප්රිය අබ සරණ නිකායේ මඩකලපු දේශනාව සවන් දෙන්නට ඔබට අවාසනාවක් තිබුනේ ද? මෙම දේශනාව පවත්වන ලද්දේ... රනිල් ජනාධිපති වීම වැළැක්වීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය 2005 ජනාධිපතිවරණය වර්ජනය කෙළේ කෙසේද? (3) ශෝක වීමේ දිනයමේ වර්ජනය පසුපස කොටි හස්තය ක්රියාත්මක වූ ආකාරය දැන් කවුරුත් දනිති. ජනාධිපතිවරණ දිනය,... දෙවියන් පවා නොසලකා හරින දෙවියන්ගේ දරුවෝ හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ කොටසක් නාය ගොස් හාරසියයකට ආසන්න ප්රමාණයක් පනපිටින් පස් කඳුවලට යටවීමේ ශෝක... මහින්දගේ බලු කපුටු දානය නොහොත් අයවැය - නීතිඥ චන්ද්රසිරි සෙනෙවිරත්න පසුගිය 23 වෙනි බ්රහස්පතින්දා දිනපතා රිවිර පත්රයේ උරගල දේශපාලන විග්රහයේ මෙසේ සඳහන් විය. ‘‘ රනිල්... ගල් අඟුරු වංචාවේ ඇත්ත නැත්ත ශී්ර ලංකාවට ගල් අඟුරු ගෙන්වීමේදී සිදුවූවා යැයි කියන දූෂණයක් නිසා ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල්... රනිල් ජනාධිපති වීම වැළැක්වීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය 2005 ජනාධිපතිවරණය වර්ජනය කෙළේ කෙසේද? (2) කට්ටිවාදී පර්යාලෝකය කෙසේ වෙතත්, වික්රමසිංහ කෙරෙහි විශේෂයෙන් දෙමළ ජනතාව අතරේත්, පොදුවේ වෙනත් සුළු ජාතික හා සුළු... රනිල් ජනාධිපති වීම වැළැක්වීමට එල්.ටී.ටී.ඊ. සංවිධානය 2005 ජනාධිපතිවරණය වර්ජනය කෙළේ කෙසේද? (1) ‘‘එකම දෙය ඉතිහාසයේ දෙවරක් සිදුවන බව හේගල් යම් තැනක කියා ඇත. එහි දී ඔහුට කීමට... ගල් අඟුරු ගෙන්වීමේ සැටලයිට් මංකොල්ලය ආණ්ඩුව හා ජාතික හෙළ උරුමය අතර ඇතිවී ඇති දේශපාලන අර්බුදය වඩා තීරණාත්මක අදියරකට දැන් එළඔමින්... පොරොන්දු ඉටු කිරීමට කාලයයි දිළිඳු භාවය විසඳීමට ඇති පිළිතුර ධනය නොව, යුක්තියයි. අද ලෝකයේ මේ යථාර්ථය හොඳින් දකින්ට තිබේ.... මානව හිමිකම් [Video]‘අම්මලාට දරුවන් ආරක්ෂා කරන්න වෙලා තියෙන්නේ නීතියෙන්' පහරදී අහිංසකයින් මරා දමන, පොලීසියක් ඇති රටකට හෙටක් තිබිය හැකිද? පොලිස්... ව්යාපාරික මහ බැංකුව 08 වැනි ඇමෙරිකාණු PR ආයතනයෙත් සහාය ගනී ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්රී ලංකා ආර්ථීක,දේශපාලන හා සමාජමය ප්රතිරූපය ගොඩ... Krrish Square ව්යාපෘතිය පණ ගැන්වීමට යයි! ඇමෙරිකාවේ Marriott International, Inc. ආශ්රීත The Ritz-Carlton Hotel Company, L.L.C.... විදෙස් ඉන්දීය අගමැති ලොව ඉහලම යුද පිටියේ ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදී ඉන්දියානු පාලනයේ පවතින කාශ්මීරයේ සියාචෙන් හිම... තමිල්නාඩුවේ නව මහ ඇමති පන්නිර් සෙල්වම් තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනි ජයලලිතා ජෙයරාම් මෙනවියට සිරදඬුවම් ලැබීමත් සමග... එදා කී කතා පුළුල් බලය බෙදීමකට මේ ආණ්ඩුව සූදානම් නැහැ - සුචරිත ගම්ලත් පූර්විකාව ජූලි මාසය යනු ලංකාවේ ඓතිහාසික සංසිද්ධීන් කිහිපයක් සනිටුහන් කළ... අධිපති - විකල්ප මතවාද, තහංචි හා වාරණ - මහාචාර්ය සුනන්ද මහේන්ද්ර පූර්විකාව ‘මතවාදය, අධිපති මතවාදය’ මෙම වදන්වල සැබෑ අරුත කුමක්ද යන්න... සකල කොලම - කව්ඩං කන්නෝ පූර්විකාව සිරිමාවෝ බණ්ඩාරණායක වරක් කීවේ ‘හඳෙන් හරි හාල් ගෙනත් දෙන්නම්’ කියා... පිස්සු කෙළින රටේ මිනිස්සු ගැන ලියූ විදර්ශනගෙ තාත්තා පිස්සු කෙළින .... රටේ මිනිස්සු - උමතුයි. බලලොභියි. දුෂ්ටයි.පිස්සු කෙළින... දියොනිසස් දෙවොල පාමුල ජීවිතය කියවීම ‘‘මා එම කාලය පුරාවට හැසිරුණේ සුරංගනා කතාවක චරිතයක් මෙනි. එකෝමත්... ඉකෙලොසීය සන්ධර්භයක හකාවති කියවීම - මංජුල වෙඩිවර්ධන ඩෝසන් කියූ හැටියේම මුලින්ම අප අබියසටවිත් හිටගනුයේ ස්ථම්භයකි. කොලමීය කුළුණකි.... කොලොම්තොට ලේඛක ප්රතිභා ප්රණාම 2014 ප්රවීණ පරිවර්තක සිරිල් සී පෙරේරා මහතා, ප්රවීණ ඉංග්රීසි ලේඛිකා පුණ්ය... හදවත් උගුල්ලා කුරුල්ලන් ඉගිල්ලවීම - ඉන්දික උඩුගම්පොළ 80 දශකය අවසන් වන්නේ ශ්රී ලාංකීය තාරුණ්යයේ තවත් ඛේදනීය යුගයක... සයිබර් පවුර හෙළ සිනමාවෙන් ජාත්යන්තරයට ගිය ‘ගම්පෙරළිය’ හෙළ සාහිත්යයේ මහා ගත්කරු මාර්ටින් වික්රමසිංහ ශූරීන්ගේ තුන් ඈදුතු නව... නෙළුම් යාය සහෘද සමුහය භික්ෂූන් රජ කර බලාපොරොත්තු වන්නේ මෙවන් සමාජයක්ද...? - If, Sri Lanka Govern by Buddhist Monk... මේ සමාජය ගැන තද බල කළකිරීමක් නැවතත් ඇති වී ඇත.... මහින්දට බෑ නෙමෙයි පුළුවන් | Who says Mahinda can't? "මහින්දට බෑ...!" කවුද ඕයි කියන්නෙ.. මහින්දට පුළුවන්..! මහින්දට කොච්චර දේවල් පුළුවන්... "මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න..." අද කෙටිකතාවක් වගේ ගී සංවේදනාවක් නෙවෙයි ඔබ මේ කියවන්න සූදානම්... සොඳුරු කොට ජීවිතේ (good things always come in small packages) මම එදා මෙදාතුර අහපු වටිනාම පඬි වදන තමයි “වටින දේවල්...
hplt_2
දළදා වහන්සේ දළදා වහන්සේ යනුවෙන් සාමාන්යෙයන් හැඳින්වෙන්කේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වේ. වර්තමානයේ මෙය දළදා මාළිගාවේ තැන්පත්කර ඇත. පටුන අතීතය[සංස්කරණය] ලක්දිවට වැඩමවීම[සංස්කරණය] අනුරාධපුර යුගය[සංස්කරණය] 4 වෙනි සියවසේදි දන්ත ධාතුව ලංකාවට වැඩම කළ තැන් සිට අනුරාධපුර රාජධානිය පොළොන්නරුවට ගෙන ගිය 10 වෙනි ශත වර්ෂය දක්වා අතර තුර කාලය දක්වා මහාවංශයෙහි දළදාව ගැන සඳහන් වන්නේ අවස්ථා කීපයකදී පමණි. එසේ වුවද චීන සංචාරක භික්ෂුවක් වූ ෆාහියැන්, දන්ත ධාතූන් වහන්සේට කළ වැඳුම් පිදුම් සහ ඒ සම්බන්ධ චාරිත්ර වාරිත්ර ගැන බොහෝ විස්තර සඳහන් කර ඇත. එකී භික්ෂුව 5 වැනි සියවසේදී අභයගිරි ආරාමයේ වැඩ වාසය කර ඇත. මෙම භික්ෂුවගේ විස්තරයන්ට අනුව කීර්ති ශ්රී මේඝවන්න රජු විසින් 4 වැනි සියවසේදී ආරම්භ කරන ලද පෙරහැර අති ශ්රී විභූතියෙන් යුතුව නොකඩවා පවත්වාගෙන එන ලදී. දන්ත ධාතුන් වහන්සේ දළදා මන්දිරයේ සිට අභයගිරි විහාරය දක්වා පෙරහැරකින් වඩමවා අලංකාර ලෙස චාරිත්ර විධි පුද පූජා සහිතව මාස තුනක් ප්රදර්ශනය කරන ලදි. මහාවංශයේ තිබෙන ස්වල්පයක් වූ තොරතුරුද දන්ත ධාතු සාහිත්යයේ එන විස්තරද පාදක කර ගෙන බැලු විට රජවරු විසින් දන්ත ධාතුව මනා ලෙස සුරකින ලද බව සහ දන්ත ධාතුව රාජ්ය ආරක්ෂකයා වූ බවත් පැහැදිලි වේ. ඇතැම් රජවරු තම නමේ මුලට “දාඨා” (දත) යන්න එක් කිරීමට තරම් උනන්දුවක් දැක්වූහ. උදාහරණ වශයෙන් දාඨොපතිස්ස, දාඨාප්පභූති, දළ මුගලන් ආදි නම් දැක්වීය හැක. මෙයින් පෙනී යන්නේ එම රජවරු දළදා වහන්සේ සමග තිබුණු සමීප සම්බන්ධතාවයයි. දකුණු ඉන්දියාවෙන් පැමිණි චෝල ආක්රමණ සහ රට අභ්යන්තරයේ තිබුණු භේදකාරි තත්වයන් නිසා දන්තධාතුවේ ආරක්ෂාවට විටින් විට තර්ජන එල්ල විය. එසේ වුවත් ඓතිහාසික වාර්තා වලට අනුව අනුරාධපුර රාජධානියේ 11 වැනි සියවසේදී 1 වැනි විජයබාහු රජු විසින් පොළොන්නරුවට ගෙන යන තෙක් දන්ත ධාතුවේ ආරක්ෂාව සෑම විටම අනුරාධපුර රජවරුන් මගින් සිදු විය. පොළොන්නරු යුගය[සංස්කරණය] පුරාණ පොළොන්නරුව නගරයේ පූජනීය චතුරස්රයේ (දළදා මලුව) තිබෙන අටදාගෙයි දැනට ඉතිරිව තිබෙන නටබුන් විජයබාහු රජු විසින් තනවන ලද දළදා විහාරයට සමාන වෙයි. මෙම මන්දිරය පසෙක තිබෙන වේලෙයික්කාර සෙල්ලිපියෙහි දළදාවේ ඉතිහාසය ගැන බොහෝ විස්තර සඳහන් වේ. දළදාව සහ පාත්ර ධාතුව අභයගිරි විහාරයේ උත්තර මූල - ආයතන ආශ්රමයේ සිට ගෙනවුත් අටදාගෙයි විහාරයේ තැන්පත් කරන ලද බව පෙනී යයි. වේලයික්කාර සෙල්ලිපියට අනුව මෙම මන්දිරය රජු යටතේ සේවය කළ වෙලෙයික්කාරන් කුලී හමුදාවකට පවරා තිබුනේය. නේත්ර මංගල්යය නමැති පූජා විධි පැවැත්වීම සම්බන්ධයෙන් අටදාගේ බොහෝ ප්රසිද්ධ වී තිබුනි. සෙල්ලිපියේ සඳහන් විස්තර වලට අනුව පහත මාලයේ පූජා කාමරය තුළ තිබෙන බුදු පිලිමයෙහි අක්ෂි ගෝල වාර්ෂිකව සුවඳ පැනින් නහවනු ලැබේ. මෙම අටදාගෙයි ගෘහ නිර්මාණ සැලැස්මද සුවිශේෂි එකකි. මෙම දෙමහල් මන්දිරයේ සැළසුම දැනට මහනුවර ශ්රී දළදා මාළිගාව දක්වා පසු කාලය තුළ ඉදිවුනු දළදා මන්දිර සඳහා ආදර්ශයට ගෙන ඇති බව පෙනී යයි. ශාසන වංශයට අනුව පළමුවැනි විජයබාහු රජතුමා සමකාලිනයෙකු වූ බුරුමයේ අනුරුද්ධ රජු සමග මිතුරු සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත. එය කෙතරම් දැයි කිවහොත් ශ්රී ලංකාවේ රජුගෙන් දන්ත ධාතුව ඉල්ලා එවීමට තරම් බුරුමයේ රජුගේ මිත්රත්වය දැඩි එකක් වී ඇත. එහෙත් ඤාණවන්ත රජු බුරුම රජුගේ වුවමනාව සංසිඳවූයේ දළදාවෙහි අනුරුවක් එම රජු වෙත යැවීමෙනි. මෙයට බුරුම ජනතාව විසින් මහත් භක්තියෙන් ගෞරවාදර දක්වා තිබේ. විජයබාහු රජුගේ මරණයෙන් පසුව එළඹි කාලය දේශපාලන ක්ෂේත්රයේ ඛේදජනක යුගයක් විය. රට වෙනස් වෙනස් පාලකයින්ගේ පාලනයට නතුවූ අතර ඔව්හු දුර්වල පාලකයෝ වූහ. මෙහි ප්රථිපලයක් ලෙස බොහෝ බෞද්ධ පූජනීය ස්ථාන විනාශයට පත් විය. මෙවැනි තත්වයක් තුළ දළදාවට හා පාත්ර ධාතුවට අනතුරක් වේ යැයි කල්පනා කළ භික්ෂූණ් වහන්සේලා එම ධාතුන් වහන්සේලා රහසින් ඉවත් කර ගෙන වඩාත් ආරක්ෂා ස්ථානයක් වූ දකුණු ප්රදේශයේ රෝහණ දේශයට ගෙන ගියහ. ක්රි.ව.1153 දී පළමු වැනි පරාක්රමබාහු රාජ ප්රාප්තියත් සමග ශ්රී ලංකාවේ දේශපාලන තත්වය නැවත වරක් ස්ථාවර විය. මහා පරිමාණ වාරි කර්මාන්ත නැවත ප්රතිසංස්කරණය කරමින් කාලය අපතේ නොහැර එම රජතුමා ආගමික පුනර්ජීවනය සඳහාද කැප වූයේය. පොළොන්නරුවේ දැනට ඉතිරිව තිබෙන ආගමික ගොඩනැගිලි ඔහු බෞද්ධාගම සම්බන්ධයෙන් කළ අමිල, අපරිමිත මෙහෙය සිහි කරන ස්මාරක වශයෙන් නටබුන් තත්වයේ පවතී. පළමුවැනි පරාක්රමබාහු රජතුමා දන්ත ධාතුවෙහි සහ පාත්රා ධාතුවේ භාරකාරත්වය තහවුරු කරමින් එකි පූජනීය වස්තුවල ආරක්ෂාව පිණිස නගර මධ්යයෙහි නව මන්දිරයක් කරවූයේය. ජේතවන ආශ්රමයේ කවාකාර සිද්ධස්ථානයක් තුළ දන්ත ධාතුව ප්රදර්ශනය කරවූ පුද්ගලයා මෙම රජතුමා යයි කියනු ලැබේ. මෙම මන්දිරය පුරාණ නගරයේ උතුරු අන්තයේ තිවංක පිළිම ගෙයට ආසන්නයේ තිබෙන නටබුන් වූ මන්දිරය විය හැක. දන්ත ධාතුන් වහන්සේට සහ පාත්රා ධාතුවට විශ්මයජනක මන්දිරයක් ඉදි කළ තවත් රජකෙනෙකු වූයේ නිශ්ශංකමල්ල රජුය (1187 – 1196). ඔහුගේ ශිලා ලේඛණ අනුව මෙම ධාතුන් වහන්සේලා සඳහා ඔහු හැටදාගෙයි නමින් ධාතු මන්දිරයක් තනවා තමන්ගේ දියණිය සහ පුත්රයා එම මන්දිරයට පූජා කොට මන්දිරය තනවා අවසානයේ එම භාරයෙන් නිදහස් කර ගත්තේය. මෙම මන්දිරය අටදාගෙයි සමීපයේ පිහිටා තිබෙන අතර අටදාගෙයිහි විශාල අනුරුවක් ලෙස පෙනෙන්නේය. දඹදෙනි යුගය[සංස්කරණය] 13 වැනි සියවසේද දෙවැනි කාර්තුව ආරම්භයේදී පොලෝන්නරුවේ කීර්තිය පිරිහුනේය. කාලිංග මාඝගේ ආක්රමණය සමග රාජධානිය තෙත් කලාපයේ ගිණිකොන දෙසට ගෙන යන ලදී. ඒ අනුව දඹදෙනි යුගය ආරම්භ විය. මෙම යුගය ශාස්ත්රීය හා සාහිත්ය කටයුතු අතින් ප්රබෝධමත් වූ කාලයක් විය. මෙම කාලයේදී දන්ත ධාතුව හා පාත්රධාතුව නැවත වරක් ආරක්ෂාව පිණිස බෞද්ධ භික්ෂුණ් වහන්සේලා විසින් මධ්ය කඳුකරයේ කොත්මලයට ගෙන යන ලදී. පසුව තුන් වැනි විජයබාහු රජතුමා මෙම ධාතුන් වහන්සේලා දෙනම ආපසු ගෙන්වා ගෙන බෙලිගල කඳු මුදුනේ මනරම් මන්දිරයක් කරවා එහි තැන්පත් කරන ලදැයි වාර්තා වේ. මෙම රජතුමා ධාතුන් වහන්සේලා සම්බන්ධයෙන් පුද පූජා චාරිත්ර වාරිත්ර විධි නැවත ආරම්භ කළේය. ධාතුන් වහන්සේලාගේ භාරකාරත්වය තම පුත්රයා වූ පසුව දෙවැනි පරාක්රමබාහු ලෙසින් (1236 – 1270) රජු බවට පත් වූ තම වැඩි මහල් පුතාට පැවරුවේය. ඔහු බහුශ්රැත පඬිවරයෙකු විය. කව්සිළුමිණ වැනි ශාස්ත්රීය සාහිත්ය කෘති රචනා කළ පුද්ගලයෙකු වශයෙන් ප්රසිද්ධය. මෙම දෙවැනි පරාක්රමබාහු රජතුමා ධාතුන් වහන්සේලා බෙලිගලෙන් නැවත ගෙන්වා ගෙන දඹදෙනිය පර්වතය අසල රජ මාළිගාව කිට්ටුවෙන් මන්දිරයක් සාදා එම ධාතු තැන්පත් කළේය. දළදා පූජාවලිය ග්රන්ථයට අනුව රජතුමා ධාතුන් වහන්සේලා ශ්රී වර්ධනපුර නම් ඔහුගේ උපන් නගරයට ගෙන ගියේය. එහිදී අති උත්කර්ෂවත් ලෙස පුද පූජා පවත්වන ලදී. ඔහු දඹදෙනියේ විජයසුන්දරාරාමයෙහි දළදා මන්දිරයක් තැනුවේය. එහි දළදාව තැන් පත් කර උත්සවාකාරයෙන් පුද පූජා පැවැත්වූයේය. පරාක්රමබාහු රජතුමා යටතේ වූ සමෘද්ධිමත් සහ සාමකාමි යුගය ජාවා රටෙන් පැමිණි ආක්රමණිකයෙකුවූ චන්ද්රභානු නිසා අවුල් සහගත තත්වයට පත් විය. කෙසේ නමුත් රජතුමා මෙම ආක්රමණිකයා පලවා හැර රට නැවත ස්ථාවර තත්වයට ගෙන ඒමට සමත් විය. එක්තරා නියං සමයකදී දළදා වහන්සේ දළදා මන්දිරයෙන් ඉවතට ගෙන පෙරහැරක් පැවැත්වූ බවට වාර්තා වේ. ඔහු දන්ත ධාතුව තම සිහසුනේ වඩා හිඳුවා දින හතක් මුළුල්ලේ එයට පුද පූජා පවත්වමින් සිට තම රාජ්යය දළදා වහන්සේට පූජා කළේය. එයින් පසු නියඟය අවසාන විය. දළදා වහන්සේට ලැබෙන ගෞරවය රාජ්ය උරුමයේ සංකේතයක් බව මෙම සිදු වීමෙන් පෙනී යයි. දෙවැනි පරාක්රමබාහු රජතුමා ජීවත්ව සිටියදී පවා ඔහුගේ පුත් විජයබාහු යුව රජු වශයෙන් දළදා මන්දිරය නවීකරණය කර විශාල කළේය. එමෙන්ම පුද පිළිවෙත් ක්රමයක් පවත්වා ගෙන ගියේය. වංශ කථා වල සඳහන් වන අන්දමට ඔහු පොළොන්නරුවේ නටබුන්ව තිබූ ආගමික ගොඩනැගිලි ප්රතිසංස්කරණය කළේය. මෙයට දළදා මැදුරද ඇතුළත් විය. එසේ දළදා මැදුර ප්රතිසංස්කරණය කිරීමෙන් පසු දළදාව එහි තැන්පත් කර අභිෂේක උත්සවයක් පැවැත්වූයේය. මෙම කාලයේදී යාපහුව (පුරාණ සුභ - පබ්බත) ප්රසිද්ධ ස්ථානයක් බවට පත් වූයේ ඔහුගේ සහෝදරයා වූ බුවනෙකබාහු එම පළාතේ උප පාලකයා ලෙස පත් කිරීමත් සමගය. මෙම ස්ථානය සීගිරිය බලකොටුවට සමාන ස්ථානයක් වූ බැවින් දළදා වහන්සේට ආරක්ෂා සහිත තැනක් ලෙස හඳුනා ගන්නා ලදී. ජාවා රටෙන් පැමිණි චන්ද්රබානු මේ අතරේ දෙවැනි වතාවටත් රට ආක්රමණය කළේය. ඔහු යාපහුවේ යුව රජු පරාජය කරමින් දඹදෙනියේ රජු වූ විජයබාහුගෙන් දන්ත ධාතුව ඉල්ලා සිටියේය. එහෙත් ශ්රී ලංකාවේ රජු චන්ද්රබානු පරාජය කොට නැවත ලක්දිව සාමය උදා කළේය. බුවනෙකබාහු දන්ත ධාතුව වෙනුවෙන් යාපහුවේ මන්දිරයක් තැනුවේය. එයට පිවිසීමට තනවා ඇති ගාම්භීර වූ පියගැට පෙළෙහි නටබුන් 14 වෙනි සියවසේ ශ්රී ලංකාවේ කලා ශිල්ප වල විශිෂ්ඨත්වය විදහා දක්වමින් අද ද දක්නට ලැබේ. වංශකථා වල සඳහන් වන ආකාරයට ඔහු දළදාව වෙත දිනපතා ගොස් වැඳුම් පිදුම් කිරීමේ සම්ප්රදායයක් පවත්වා ගෙන ගොස් ඇත. ඔහුගේ පාලන කාලය අවසන් වීමත් සමග වාගේ ශ්රී ලංකාව නැවතත් දරුණු නියඟයකට මුහුණ පෑවේය. ඒ අතරම ආර්යචක්රවර්තී නම් රණ කාමියෙකු යටතේ දකුණු ඉන්දියාවේ පාන්ඩ්ය දේශයෙන් එල්ල වූ ආක්රමණයට ද ගොදුරු විය. ඔහු රට විනාශ කොට දන්ත ධාතුව සහ පාත්ර ධාතුව ද සමගින් ධනයද කොල්ලකා පාත්ර ධාතුව හා දන්ත ධාතුව පාන්ඩ්ය රජු වූ කුලසේකරට භාර දුන්නේය. ඊළඟට රජ පැමිණි තුන් වැනි පරාක්රමබාහු රජු පාන්ඩ්ය දේශයේ අගනුවරට ගොස් එහි රජු සමග සුහදව සාකච්ඡා කොට ධාතුන් වහන්සේලා ආපසු ලංකාවට රැගෙන අවුත් නැවතත් පුද පූජා පැවැත්වීමේ කටයුතු ආරම්භ කළේය. සඳහන් කළ යුතු සිත් ගන්නා කාරණයක් නම් මෙතරම් කල් ගත වුණු පසුව වුවද පොළොන්නරුවේ දළදා මන්දිරය හොඳින් පැවැතීමයි. රජු ඉන්දියාවේ සිට ධාතුන් වහන්සේලා ලංකාවට වැඩම කර එම ධාතුන් වහන්සේලා පැරණි නගරය වූ පොළොන්නරුවේ පිහිටි ඉහත සඳහන් දළදා මන්දිරයේ තැන්පත් කළේය. ඒ වන විට එය අතහැර දමා තිබුනේය. මාර්කො පෝලෝ නම් සුප්රසිද්ධ සංචාරකයාගේ සටහන් වලට අනුව චීන අධිරාජ්යයෙකු වූ කුබ්ලයි ඛාන් ද දන්ත ධාතුව පාත්ර සහ කේශධාතු ඉල්ලා රජු වෙත දූතයෙකු එවා ඇත. කෙසේ නමුත් රජතුමා සැබැ දන්ත ධාතුව වෙනුවට ව්යාජ දත් දෙකක් යවා කුබ්ලයි ඛාන් සෑහීමට පත් කළේය. කුබ්ලයි ඛාන් අධිරජයා ඒවා මහත් හරසරින් පිළිගෙන පුද පූජා වන්දනා මාන කිරීමට කටයුතු යෙදුවේය. දෙවැනි බුවනෙකබාහු (1293 – 1313) පොළොන්නරුවේ සිට දන්ත ධාතුව ඔහුගේ අගනුවර වූ කුරුණෑගලට වැඩම කරවා එහි තනන ලද මන්දිරයක තැන්පත් කළ බවත් වාර්තා වී ඇත. ඊළඟට රජ වූයේ සිව්වැනි පරාක්රමබාහු රජතුමාය. එතුමාගේ කාලයේ ආගමික පුනර්ජීවනයක් ඇති විය. දළදා සිරිත නම් ග්රන්ථයෙහි සඳහන් වන ආකාරයට දළදාව සම්බන්ධ පූජා විධි එක්තරා ක්රමානුකූල පිළිවෙලකට නැවත සංවිධානය කළේය. තවත් වැදගත් කරුණක් වූයේ පුද පූජා වල පාලනය සහ ආරක්ෂාව පිළිබඳ වගකීම උත්තරමූල ආශ්රමයේ නායක හිමියන් වෙත පැවරීමයි. මෙම උත්තරමූල නම් ආයතනය අනුරාධපුර අභයගිරි විහාරයෙන් බිහිවුවකි. දළදා වහන්සේට අදාළ කථා ප්රවෘත්ති සමග සම්බන්ධවන තවත් රජකෙනෙකු නම් සිව්වැනි බුවනෙකබාහු රජතුමා ය. ඔහු මධ්යම කඳුකරයේ ගම්පොල නම් නගරය අභිනව අගනුවර ලෙස තෝරා ගත්තේය. එතෙකුදු වුවත් දළදා වහන්සේ මෙම අගනුවරට ගෙනයාම පිළිබඳ කිසිදු සඳහනක් දැක ගැනීමට නැත. සමහර විට තුන් වැනි විජයබාහු රජු දන්ත ධාතුව මෙම කඳුකර අගනගරයට ගෙන ගොස් එයට ගරු කිරීම් වස් උත්සව පැවැත්වූවා වන්නට පිළිවන. ගම්පොල, නියංගම්පාය නම් ස්ථානයෙහි දළදා මන්දිරයක් තැනවීම සම්බන්ධයෙන් මෙම රජතුමා ගෞරවයට පාත්ර වන අතර මෙම මන්දිරය 14 වැනි සියවසේ ගඩලාදෙනිය විහාරයේ ඉදිකිරීම් ශිල්පයට නෑකම් කියන ස්ථානයකි. කොට්ටේ යුගය[සංස්කරණය] මෙයින් පසුව පස්වැනි බුවනෙකබාහු (1372-1408) රජු තම අග නගරය කොළඹට ආසන්න ජයවර්ධපුරයට ගෙන ගියේය. ඔහු දළදාව තම අග නගරයට ගෙන නොගිය නමුදු දළදා වහන්සේ වෙත බොහෝ පුද පූජා පැවැත්වූ බව වාර්තාවේ. දළදා වහන්සේ ගම්පොල සිට ජයවර්ධනපුරයට රැගෙන ආවේ ඔහුගේ අනුප්රාප්තිකයා වූ වීරබාහු රජතුමාය. මෙම පාලන සමයේදි චීනය ලංකාවේ දේශපාලන කටයුතු කෙරෙහි මැදිහත් විය. චීන සෙනෙවියෙකු වූ චෙන් හෝ දිවයින ආක්රමණය කර රජු අල්ලා ගත්තේය. ඔහු රජු සහ දන්ත ධාතුව චීනයට රැගෙන ගොස් එවකට චීන අධිරාජ්යයයාට ඉදිරිපත් කළේය. කෙසේ වුවද විවාදයට බඳුන් වුවද වඩාත් විශ්වාසයෙන් යුතු විස්තර වලින් කියැවෙන්නේ චීන සෙන්පතියා දන්ත ධාතුව රැගෙන නොගිය බවයි. ඒ වෙනුවට ඔහු දන්ත ධාතුවට නියමිත චාරිත්ර පූජා විධි පවත්වා දිවයිනෙන් පිටත් වූ බවයි. මධ්යතන යුගයේ විශිෂ්ඨ රජෙකු ලෙස සැළකෙන හයවැනි පරාක්රමබාහු වැනි රජවරුන් විසින් පවත් වන ලද පෙරහැරවල්, උත්සව සහ පුද පූජා වල තොරතුරු වාර්තා වලින් ඉහත අදහස තහවුරු වෙයි. මේ රජතුමා දන්ත ධාතුව සඳහා තෙමහල් මන්දිරයක්ද දන්ත ධාතුව බහා තැබීම සඳහා රත්රන් කරඬු හතරක් ද තනවා දන්ත ධාතුන් වහන්සේගේ සේවය පිණිස අණ පනත් කිහිපයක්ද පැනෙව්වේය. මෙම කාලයෙන් පසුව පළමු යටත් විජිත බලවේගය වූ පෘතුග්රීසීන් 1505 දී පැමිණි අතර බෞද්ධ ක්රියා කාරකම් වල පිරිහීමක් දක්නට ලැබුනි. වැඩි විස්තර කියන්නේ නම් රාජ්ය පාලනයේ ඇති වූ වියවුල් තත්වයන්, පෘතුග්රීසි සහ ලන්දේසින්ගේ මිෂනාරී ක්රියා කාරකම්, සහ වෙනත් ව්යසනකාරි හේතූන් නිසා දළදාවෙහි ආරක්ෂාව පිණිස බෞද්ධ භික්ෂූණ් වහන්සේලා විසින් දළදාව ආරක්ෂිත ස්ථානයට ගෙන යන ලද බව සඳහන් කළ යුතුය. මෙපරිදි දන්ත ධාතුව රැගෙන යන ලද්දේ ඊළඟ රාජධානිය වූ සීතාවකටයි. සීතාවක රාජ්යය පාලනය කරන ලද්දේ මායාදුන්නේ රජු විසිනි. දාඨාදාතු වංශ කෘතියට අනුව දන්ත ධාතුව රත්නපුරයට ගෙන යාමට ප්රථම එය මුල්ගිරිගල තරම් ඈත දකුණේ ප්රදේශයකට ද අනතුරුව කුරුණෑගල දිස්ත්රික්කයේ රිදී විහාරයට ද ගෙන යන ලදී. අවසානයේ දන්ත ධාතුව සඟවන ලද්දේ රත්නපුරයේ දෙල්ගමුව විහාරයේය. 1592 සිට 1603 දක්වා මහනුවර රජ වූ විමලධර්මසූරිය රජතුමා විසින් ඉහත කී දෙල්ගමුව විහාරයේ සිට දැනට දන්ත ධාතුව තැන්පත් කර තිබෙන මහනුවරට දන්ත ධාතූන් වහන්සේ ගෙන එන ලදී.
hplt_2
මේ යන්තම් වදින හිරිකඩ එදත් තිබුණා මතකයි . ජනේලෙන් එහා වැටෙන වැහි වතුර බින්ඳු දිහා බලාගෙන මම පරිගණකය ගාව වාඩි වුණත් මට මතකයි . ජීවිතේ හැටි.....! වෙනදා වගේම පුරුදු විදිහට එදත් බ්ලොග් කියවමින් යන අතරර මටත් හිතුණා බ්ලොග් එකක් ලියන්න නිකම්ම නෙවේ. අමු සිංහලෙන්ම. ඉස්කෝලේ යන කාලේ මොන විෂයට මම අකමැති වුණත් සිංහල විෂයට නම් මම ඉහළින්ම කැමතියි . සිංහල උගන්වපු අශෝක ගුරුතුමාගේ හුරතලා වෙච්ච මම සිංහල පීරියඩ් එකේදී පන්තියේ රජ වෙනවා !. මොන විෂයට ලකුණු අඩු කරගත්තත්, කිසි දවසක ගෙදරදී පාඩම් නොකළත් මම සිංහල වලට නම් ඉහළ ලකුණු අරගන්නවා .ඒක මම නිරායාසයෙන්ම කල දෙයක් .! ගෙදර වැඩ කරන්නේ නැතිව අනික් පීරියඩ් වලදී පන්තියෙන් හැමදාමත් පන්තියෙන් එළියට විසික් වෙච්ච මම සිංහල පීරියඩ් එකේදී නම් අනිවාර්යයෙන්ම පන්තියේ රැඳුණා .මම ගෙදර වැඩ නොකරන බව හොඳටම දන්න සිංහල උගන්වන අශෝක සර් "ඇයි සඳරු වැඩ නොකළේ ?”කියන ප්රශ්නය මගෙන් වැඩිය අහන්නේ නැති බවත් මම දැනගෙන හිට්යා . ඉස්කෝලේ කොට බිත්තියට උඩින් නිතරම පියාඹලා එළියට විසික් වෙන මගේ ගණිතය පොතත් ඉංග්රීසි පොතත් බලන්න අප්පිරියයි .ඒත් මගේ සිංහල පොත නම් කියවන්න ආසා හිතෙන විදිහට පැහැදිලිව තිබුණා .ඒකට හේතුව කෙල්ලෙක් විසින් හැමදාම ඒ පොතේ නෝට් සම්පූර්ණ කරපු හින්දම නොවුණත් . ඒ පොතට මම හදවතින්ම ආදර කරපු නිසා වෙන්නැති . ! වසන්ත කාලේ හැමදාම නෑ ! අශෝක සර් එයාගේ දුෂ්කර කාලය අවසන් කරලා එයාගේ ගමේ ඉස්කෝලෙකට මාරුවක් හදාගෙන යන්න ගියා . ඊට පස්සේ දුෂ්කර කාලය ආවේ මට. අපිට සිංහල උගන්වන්න භාරවුණේ වැනිලා මිසීට.එත් ඒ මිසී මගෙත් එක්ක පුදුම විදිහට අමනාපයි ! වැනිලා මිසීගේ පුතා ඉස්කෝලේ ශිෂය නායකයෙක් ! මගේ වයසමයි .ඒත් අපි දෙන්නා අතර ලොකු කෝනතරයක් තිබුණා . කිසිම දවසක පාසලට සපත්තු දාගෙන ගියපු නැති මම හැමදාමත් පාසල් ගියේ සෙරෙප්පු කුට්ටමක් දමාගෙන. කොතරම් ගුරුවරු බැන්නත්, ගැහුවත් මම නෙවේ හැදුණේ !. සපත්තු ගන්න බැරි තරමට මම දුප්පතෙක් නොවුණත් අස්ප ලාඩම් වගේ ගෙවිච්ච බාටා දෙකකින් කකුල් වලට දැනෙන සනීපය සපත්තු දෙකකින් මට කවදාවත් විඳගන්න බැරි වුණා. කූඬැල්ලව කොහොමෙයි මෙට්ටේ උඩ තියන්නේ ?.අලුත් සපත්තු දෙක ගෙදර තියාගෙන බාටා දෙක දාගෙන මම ඉස්කෝලේ යන්න හේතුව ඒකයි ! දවසක් දා උදයක ඉස්කෝලේ ගේට්ටුව ළඟදී මගේ සෙරෙප්පු දෙකට විරෝධයක් පල කරපු වැනිලා මිසීගේ පුතන්ඩියා සහ මම අතරේ පොඩි ගැටුමක් ඇති වුණා .ඒ ගැටුම අවසන් වුණේ මිසීගේ පුතා තොල පලාගැනීමෙන් සහ මම ඇහැක් තලා ගැනීමෙන් .! ඔන්න ඔය සිදුවීම වෙච්ච දවසේ ඉඳලා වැනිලා මිස් මගෙත් එක්ක කිසිම දවසක කතා කළේ නෑ . මාව දැක්ක තැන "රස්තියාදු කාරයා" කියමින් මට බැණ වැදුණා .! ඉතින් එයා මගේ ප්රියතම විෂය භාර ගැනීමත් එක්ක මගේ පාසල් ජීවිතේ එපාම කරපු කාල සීමාව ආරම්භ වුණා ! අශෝක සර් ගෙන් වෙනදා ප්රසන්සා හිමිවෙච්ච මගේ රචනාවට මගේ විචාරයට වැනිලා මිසීගෙන් නම් ලැබුණේ අමුතුම ප්රතිචාරයක් "මොනාධ යඛෝ මේ ලියාලා ථියෙන්නේ ?” ඊට පස්සේ මම ලියන රචනාව මම ලියන විචාර සුවහසක් කෙල්ලෝ කොල්ලොන්ගේ ප්රතිචාර සහ ඔල්වරසන් හඬ මැද උඩු ගුවනේ පාවෙන්නත් පටන්ගත්තා . සිංහල පීරියඩ් එක වෙලාවෙත් මට එළියේ තපින්න සිද්ධ වුණා . ජීවිතේ එපාවටම එපා වුණා ! "ජීවිතේ තිත්තයි දරුවෝ !” අශෝක සර් මාරු වෙලා යන්න කලින් මගේ සිංහල පොතේ පිටුපස ලියලා තිබුණු පුංචි රුවන් වැකිය දකින් දකින වාරයක් ගානේ මගේ බඩ පපුව දාලා ගියා .ඇස් වලින් කඳුළු නොහළා මම හදවතින් සියක් වාරයක් සිංහලෙන් ඇඬුවා . ඇත්ත. ජීවිතේ තිත්තයි ! ඒත් මේතරම් තිත්තක් ? මෙහෙම තිත්ත රහක් මම කිසිම දවසක බලාපොරොත්තු වුණේ නෑ . අද රචනාවට හොඳක් කියයි ! ,හෙට හොඳක් කියයි, අද මගේ විචාරයට ලකුණක් වැටෙයි, හෙට ලකුණක් වැටෙයි කියලා මම මාස කීයක් බලාන ඉන්න ඇත්ද ? අන්තිමේදී ජීවිතේ තිත්ත නොවුණත් මට සිංහල තිත්ත වුණා ! එදා ඉඳන් ඉකෝලෙන් ඉවත් වෙනකම්ම මම නෙවෙයි සිංහල පොත යන්තම්වත් කියෙවුවේ .සමහර විට මගේ විචාර මහ පල් එවුවා වෙන්නැති. එහෙමත් නැතිනම් මම පුතන්ඩියාට ගහපු තරහා නිසා වැනිලා මිස් මගෙන් පළි ගන්න එහෙම කරන්නැති . කොහෙන් බැලුවත් වරද තිබුණේ මගේම අතේ . අන්තිමේදී උසස්පෙළ විභාගෙදී මම සිංහල විෂයට ගන්න පුළුවන් ඉහළම සාමාර්තේ අරගත්තා ..හැබැයි අනෙක් විෂයන් දෙක උඩින්ම අසමත් වුණා .ඉතින් සමස්තයක් වශයෙන් ගත්කල මම විභාගේ ෆේල් . දැන් ඒ සේරම අතීතෙට එකතු වෙලා වැළලිලා ගිහින් ඉවරයි ..! පිස්සා ලියන "පලාමල්ල" බ්ලොග් එක පළමු වතාවට කියවපු මම අන්තර්ජාලේ සිංහල මිනිස්සුන්ට ඉඩකුත් තියන වග දවසක්දා තේරුම් ගත්තා .ඉංගිරීසිය බැරි නිසාම දන්න සිංහලේට පෙම් බැන්ඳ මට ඒක මහ මෙරක් තරම් . ඉතින් ආයෙමත් මම සිංහලේට ආදරේ කළා .හරිම ආසාවෙන් සිංහල බ්ලොග් කියවන්නත් මම පටන්ගත්තා .එදා ඉඳන් ඩොංගල් එකේ සල්ලි ඉවර වෙනවා දැනුනෙම නෑ. මම හරිම ආසාවෙන් බ්ලොග් පස්සේ ගියා. වෙනදා රුපියල් 100 කාඩ් එකකින් දවස් හතර පහක් අදින්න පුළුවන් වුණත් සිංහල් බ්ලොග් තියන බව දැනගත්තාට පස්සේ දවසින් දවසට දෙකට සල්ලි ඉවර වෙලා ගියා . මාස ගාණක් බ්ලොග් කියෙවුවත් මම කවදාවත් හිතුවේ නෑ මම බ්ලොග් එකක් ලියාවි කියලා . ඒත් එක වැහි බර දවසක මමත් ඒ තීරණය ගත්තා . කාලෙකට ඉස්සර හදාපු පරණ බ්ලොගර් එකවුන්ට් එකට පොඩි තීම් එකකුත් දාලා හිස් අහස කියලා නමකුත් දුන්නා. . . "සභාවෙන් අවසරයි" කියලා මුල්ම ලිපියත් ලිවුවා ඊට පස්සේ හැමදාම හිතට එන දේ අකුරු වලට පෙරළන්න ගත්තා . ඉතින් ඒ පළමු පෝස්ට් එක ලියලා අදට අවුරුද්දක්ම ගත වෙලා ..! ඉතින් හිස් අහස බ්ලොග් එකට අවුරුද්දයි .. මුලින්ම මම ඒතරම් උවමනාවෙන් ලිවුවේ නෑ. පැයෙන් දෙකෙන් ලිපියක් ලියලා පබ්ලිශ් කරලා දැම්මා .අකුරු වල හරි වැරදි අඩු පාඩු කිසිම දෙයක් ගැන හෙවිල්ලක් බැලිල්ලක් මුලදී තිබුණේ නෑ . ඒත් අද තත්වය නම් හාත්පසිනම වෙනස් . ලියාපු ලිපියක් කීප විටක් බලලා හරි වැරදි හොයලා මිසක්ක ඒක මම පබ්ලිශ් කරන්නේ නම් නෑ ..තව ඉදිරියට ලිවීමෙන් වෙන වැරදි අඩු වේවි මම තවම හෙමිහිට ඉගන ගන්නවා . අවුරුද්දක් නම් ගෙවුණා. මටම පුදුමයි. මම බ්ලොග් එක පටගන්නකොට මට මම ගැන කිසිම විශ්වාසයක් තිබුණේ නෑ මම හිතුවා හැම වැඩේම අතරමග නතර කරන මට මේ බ්ලොග් එකත් තවත් එක පොට්ට කාසියක්ම වේවිය කියලා .ඒත් මම මේ බ්ලොග් එක නතර කරන්න කිසිම දවසක හිතලා නෑ . කිසිම දෙයක් ස්ථීර නොවන ලෝකේ මේ බ්ලොග් එකත් දවසක නතරවෙලා යාවි .. පුළුවන් දවසක් එනකම් කියවන්න අයත් එනකම් මම ලියන්නම් ..! අවුරුද්දක් බ්ලොග් එක එක්ක ජීවත් වුණත් මට තවම මට ලිපි සීයක් ලියාගන්න බැරි වුණා ! කමක් නෑ. එකත් හෙමීට ලියවේවි .තත්පරයෙන් තත්පරේ අවසන් වෙන ජීවිතේ මම මුහුණ දෙන සමහර සිදුවීම් මේ හිස් අහසේ පාවේවි .ඒත් සමහර සිදුවීම් කලු කුහරයක් ඇතුළට ඇදිලා යන ආලෝක කදම්බයක් වගේ මගේ ජීවිතේ ඇතුළේ හැංගිලා යාවි හැමදාටම හැම දේම ලියන්නත් බෑනේ ! මම මුලදී බ්ලොග් එකෙන් මගෙ ගමේ කතා බහ කරන බස් වහර , ගමේ සිදුවීම් එළියට දාන්න පුදුම විදිහට ලැජ්ජා වුණා. ඒකට හේතුව නම්. උසස් පෙළ පන්ති වලට මහනුවරට ගිය කාලේ නුවර කොල්ලෙක් මගෙන් අහපු ප්රශ්නයක් . "මචං උඹගේ ගෙවල් කොහෙද ? කොලේජ් එක කොහේද ?” "මම අහවල් දිහෑවේ ! කොලේජියක් නෑ අහවල් මහ විද්දියාලේ ගියේ" "අපෝ බං ඒ වන්නියක්නේ එහේ කොටි ත්රස්තවාදීනුත් ඉන්නවාලු නේද ? උඹ ගිය ඉස්කෝලේ නම නම් මම අහලාවත් නෑ !” මහනුවරින් එනතුරුම මම ආයේ මගේ ගම් පළාත ගැන කියන්න කැමති වුණේ නෑ කාටවත්ම. මේ බ්ලොග් එකේ අනන්යතාව මම හංගන්න හේතුවක් වුණෙත් ඒකයි. ඒත් මේ බ්ලොග් ලියන අයියලත් එක්ක මොන හැංගිලිද ? මුං මාව එළියට ඇදලා ගත්තා . දැං මමත් ආයේ ගුලට රිංගන මීයා වගේ හැංගෙන්න උත්සහ කරන්නේ නෑ . දුර ප්රශ්නේ නිසා ප්රසිද්ධ හමුවීම් වලට සහභාගි වෙලත් නෑ . මම හෙමිහිට මේ පිටිසර පළාතේ ජීවත් වෙනවා . මම දැන් මේ ගෙවෙන ජීවිතේ ගැන ආඩම්බර වෙනවා . හිස් අහස ලියන මේ මම ටිකක් රස්තියාදු කාරයෙක්, පොඩි කළා කාරයෙක් , යන්තම් ආඩම්බර කාරයෙක් ,සිඟිති ලැජ්ජා කාරයෙක් ,සුන්දර සෝබන කාරයෙක්, වගේම අමු ඩෝප් කාරයෙක් ! අනන්ත අප්රමාණ දුක් විඳලා තියන ඒ දුක දරාගන්න තරම් හදවතකුත් තියන වයස අවුරුදු 11 දී අන්තිම වරට අඬපු හිත හයිය දල කාරයෙක් වගේම දකුණු අතේ පච්චයක් ඇඳ ගත්තු සොමි බර පච්ච කාරයෙක් කියලත් හඳුන්වන්න පුළුවන් .! . ඒත් මම බොරු කාරයෙක් නෙවෙයි ! .. සත්තයි !! . පොළවේ පයගහලා ඉන්න අපිට වැලේ වැල් නැති වුණාම, අතේ සතේ නැති වුණාම, හිතේ සතුට නැති වුණාම ,ජීවිතේ එපා වුණාම . අන්තිමට බලන්න ඉතිරි වෙන්නේ එකම තැනයි දුක කියන්න තියන්නේ එකම තැනයි ..ඒ තමයි හිස් අහස .පොළව උඹලව දාලා ගියත් අහස කවදාවත් එහෙම කරන්නෑ නේ!! හිස් අහසට අරක්ගත්තු සඳරු මෙච්ච මම මෙතෙක් කල් මේ බ්ලොග් එකට ආපු ඔබ තමුන්නාන්සේලා හැමෝටම ස්තූති කරනවා .ඒ ස්තුතිය නිකම්ම නිකම් වචනයක් විතරක්ම නෙවෙයි හදවතින්ම පුදන ස්තූතියක් . හිට් කවුන්ටර් කරකවන්න, අනුගාමික ලැයිතුව පුරුවන්න . හිස් අහසට ගොඩ වැදුණු නිහඬ බ්ලොග් කියවන්නෝ හැමෝටම ස්තූතියි .අපේ ගමේ ගෙදරකට කෙනෙක් හිස් අතින් ආවත් බත් කටක් නොදී යවන්නේ නෑ ! ඉතින් කමෙන්ට් එකක් මට ලොකු නෑ. ඇවිල්ලා කියවලා ඕනෙනම් කොපිත් කරගෙන පලයල්ලා මගෙ හිතේ තරහ නෑ..!! "වරෙල්ලා", "පලයල්ලා", "උඹලා" කීවට හිතක් හිතන්නෙපා..! මගේ කමටයි එහෙම කීවේ ඔයා මෙයා කියලා සීනි බෝල පැඟිරි වදන් කියන්න මගේ බොක්ක හැඩගැහිලා නෑ ..! බ්ලොග් එක පටන්ගත්ත දවසේ ඉඳලා ටිකෙන් ටික මගේ වටේ පොඩි පිරිසක් එකතු වෙලා ඉන්න බව මම දන්නවා ඒත් මම කොහොමද උඹලා ඔකෝටම ස්තූති කරන්නේ ? කීව නොකීව හැමෝටම ස්තූතියි . ඉතින් බ්ලොග් එකේ පළවෙනි කමෙන්ට් එක තෑගි දීපු "ගීත්" ටත් , දෙවනි කමෙන්ට් එක දුන්නු "මාරයාටත්" . පළවෙනි අනිගාමිකයා වෙච්ච "හැක්රිෂ්ටත්" ස්තූතියි . බ්ලොග් ලියන්න පාර පෙන්නපු "පිස්සා" උඹටත් ස්තූතියි . දවස ගානේ ඇවිදිල්ලා අමාරුවෙන් කමෙන්ට් එකක් දාලා වටිනා කාලෙන් තත්පරයක් කාගෙන කමෙන්ට් කරලා යන බ්ලොග් ලියන නොලියන හැමෝටම ස්තූතියි සමාවෙයල්ලා මම කෝමද ඔය නම් සේරම ලියන්නේ . දවසක උඹලා අපි හැමෝම හම්බවේවි .එදාට මම මූණටම මුණගැහිලා ස්තූතියි කියන්නම් උඹලා හැමෝටම..! ඉතින් එතකම් සැලියුට් එක ඔබටයි ! සඳරු//
hplt_2
දේශපාලන අශික්ෂිතකම් ගැන කතාකරනවිට නිතැතින්ම සිහියට නැගෙන්නේ අපේ ඉඳුරුවේ ...වැරදුනා කැළණියේ ආචාරියාය. එහෙත් කැළණියේ ආචාරියාට පෙර තවත් දේශපාලන අශික්ෂිතයෙකු මෙරට ගඳගැස්සුවේය. ඒ, ජා ඇල තුඩැල්ල හරියේදි කොටි ක්ලේමෝරයකට අහම්බෙන් දිවිපුදා චුත වුනු ද මූ දසනායකය. ඔහු මියගිය සමයේදී ඉතා නිහඬ චරිතයක් වුනත් කලක් කැළණියේ ආචාරියාට නොදෙවෙනි නැටුමක් සිය ගම් පෙදෙස වුනු ආනමඩුවේ නැටූ ගරා යකෙකු විය. ඒ චෞර රැජිනගේ පාලන සමයේදීය. චෞර රැජිනගේ බොහෝ පක්කලි වැඩ කරදුන් හිලව්වට ආනමඩුවේ කැළෑ ආණ්ඩුවක් ගෙනයාමට නිදහස ලැබූ දමූට ඉහලින් එදා කපුටෙකුවත් ඉගිල නොගිය බව ඔබට දැන් මතක් වෙනවා ඇත. එකල සියලු විපක්ශ ක්රියාකාරින්ට ආනමඩුව හා අවට ප්රදේශ තහනම් විය. විපක්ශ නායකයෙකු එනවිට පාරවල් වල ටයර් පුලුස්සා, කලුකොඩි දම්මවා, තාර බැරල් වරින් පාරවල් අවහිර කරවීම මොහුගේ සාමාන්ය මෙහෙයුම් ක්රියාවලිය විය. විපක්ශ ක්රියාකාරීන්ගේ ගෙවල්, ව්යාපාරික ස්ථාන ගිණිතැබීම, වෙඩි තැබීම්, බෝම්බ ගැසීම එකල සුළභවිය. චන්දකාලයට ආණමඩුව එකම ගිණිවිජ්ජුම්බරයක් විය. පොලිස් සොක්කන් මෙන්ම ලොක්කන්ද පයිසෙකට මායිම් නොකල දමුට රජයේ ඉහල නිළධාරීන්ද දැක්වූයේ ඉමහත් බියකි. දමු විරාජමාන වුනු කාලයේ, මා සමග සේවය කල මිත්රයෙකුගේ මව එක්තරා අමාත්යාංශයක නියෝජ්ය අධ්යක්ශකවරිය වූවාය. දිනක් චන්ද්රිකා ආණමඩුවේ සහභාගීවන උත්සවයක එම අමාත්යාංශය නියෝජනය කිරීමේ වගකීම ඇයට පැවරුණි. ඇය මා සමගම ප්රකාශකල ආකාරයට ඇය ඒ ගමන ගියේ යම් භීතියකිනි. ජ්යෙෂ්ඨ රජයේ නිළධාරිණියක් වුවත් දමු ගේ බල පරාක්රමයට ඇය බිය වූවාය. ඒකල දමූ වෙනුවෙන් ආණ්ඩුවේ ලොක්කන්, පොලිස් ලොක්කන් පෙන්වූ භය පක්ශපාතකමත්, අද කැළණියේ ප්රේතාචාරියා දුටුවන සුලුදිය පහවන්නටම බියවන පොලිස් හා හුන්ඩුවේ ලොක්කන් අතරත් වෙනසක් තිබේද? නැත, ඒ මන්දයත් එදා දමු යකා නැටුවේත්, අද ප්රේතාචාරියා යකා නටන්නේත් විධායකයෙන් කෙලින්ම ලැබෙන අනුබලයෙනි. එනම් දමු මෙන්ම ප්රේතාචාරියාත් සර්වබලධාරී විධායකයේ දශාවතාරයෙන් එක් උමතු අවතාරයකි. කරුණු එසේවුවත් චන්ද්රිකාට යම් සාධාරණත්වයක් ඉටුකල යුත්තේ චන්ද්රිකා හොරකම, වංචාව හා දූශණය සාමාන්යකරණයකොට ආයතනගත කලත්, ඇය රජතුමා තරම්ම අසම්මතය දේශපාලන මෙවලමක් (immorality as a political tool) ලෙස භාවිතා නොකල නිසාය. පාර්ලිමේන්තුවේ එක් චන්දයක් පමණක් තිබෙද්දීත්, කෝටි ගණනින් භාන්ඩාගාර මුදල් විසිකිරීමේ හැකියාව සතුවෙත්දීත් ඇය විපක්ශ මන්ත්රීවරුන් මුදලට බිලිබාගැනීමට දැඩි වෑයමක් නොදැක්වූවාය. ඇය ඒ අරමුණ ඉටුකල ගත්තේ එස්.බී හා මංගලගෙන් ලැබුණු සටකපට දේශපාලන උපදෙස් මත ගොඩනගාගත් උප්පරවැට්ටි උපයෝගීකරගෙනය. ඇයගේ එකොලොස් වසරක පාලන සමයේදී ඇය ආණ්ඩුවට බඳවාගත්තේ රෝහිත බෝගොල්ලාගම, සරත් අමුණුගම වැනි අතලොස්සක් පමණි. තොන්ඩමාන්ලා, අශ්රොෆ්ලා සමග ඇය වෙනම ගේම් ගැසූ බවත් අශ්රොෆ්ගේ මරණින් පසු ඇය මුස්ලිම් කොන්ග්රසය දෙකඩ කලබවත් සැබෑය, එහෙත් ඇය රජපස කරනා තරමටම කරමින් ඒවා සාධාරණීකරනය නොකලාය. අදවනවිට, මහරජතුමෙකු විසින් රාජ්යය විචාරන මේ සිංහල නට්සි රයිකයේ අසම්මත,නොහික්මුණු දේශපාලනක්රියා දේශපාලන සමත්කම හා නායකත්වයේ ජවය පෙන්වන නිර්ණායකයක් තරමටම ආයතනගතකොට ඇත. මිනිසෙකුගේ සියලූම මානව අයිතීන් මෙන්ම ආත්ම ගරුත්වයද විනාශකරමින් ඔහුව ගස් බඳින විට, රටේ ජනප්රිමයයි තමන්ම කියාගන්නා ස්වර්ණවාහිණිය එය මහා වීරකමක් ලෙස තලු මර මරා සමීප රූපරාමු මගින් පෙන්වන්නේත්, එයටම නොදෙවෙනි ජඩ ෆොටෝග්රැෆර්ලා ඒ අහිංසක මිනිහා ගස් බැඳසිටිනවා උඩින් යටින් කිසිදු හිරිකිතයක්, සිත්වේදනාවක් හෝ අඩුම ගණනේ යම් පිළිකුළක් හෝ නොමැතිව ෆොටෝ ගහන්නේත් මේ අසම්මත,නොහික්මුණු දේශපාලන ජඩ ක්රියා මුලුමහත් සමාජයේම ආයතනගතවී, සාමාන්ය දෙයක් බවට පත් වී ඇති නිසා නේද? මේ රයිකය බිහිවුනේ ජවිපේ කරමතින් හා සංවිධාන ශක්තියෙන් බව නොදන්නා කෙනෙකු නැත. හන්දිගානේ ගිරියකඩාගෙන කෑගසමින්, රෑ දෙගොඩ හරියේ රටපුරා පෝස්ටර් ගසමින් එතුමා රජකිරීමට ජවිපෙ උන් මොනතරම් වෙහෙසක් ගත්තාද?ජවිපෙ කළ උදව්වට පයින්ගසා, අළුමතින් නැගීසිටින්නට වෙරදරන ඒ පක්ශය කෑලිවලට කඩා බිමදැම්මේ මොහොතක හෝ පසුතැවීමක් නොමැතිවයි. මොනතරම් තරුණ ජීවිත ඒ පක්ශය වෙනුවෙන් කැපවී දිවි පුදා ඇත්දැයි මොහොතකට හෝ සිතුවානම් එවන්නක් කරන්නේ නැත. ඉහල නැගි ඉණිමග කඩාබිඳ දැමීමේ ඒ ක්රියාව ජවිපේ දුර්වලකමක් හා තුමාගේ සමත්කමක් ලෙස පෙන්වන ලදී, කාටූන් අන්දවන ලදී. මෙයින් අදහස් කෙරෙන්නේ ජවිපය ඉතා හොඳ බව නොවේ. එහෙත් වලෙන් ගොඩ එන්නට උදව්කල මිනිස්සුන්ට මෙලෙස පන්න පන්නා ගසන්නේත්, එය සාධාරණීකරණය කරන්නේත් කොටියාට ගැසුවාටත් වඩා අන්ත ලෙසය. අද මහ කොටියන් මිතුරුවී ඇති බැවද අමතකලයුතු නැත. වෙනසට හේතුව පැහැදිලිය. රනිල් සමග ගිවිසුමක් ගසා හැරෙන තැපෑලෙන් 17දෙනෙකු බිලිබාගත්තේය. එයද රනිල්ගේ නිවටකම හා තුමාගේ සමත්කම, පෞරුශය හා නායකත්ව ලක්ශණලෙස අර්ථ දැක්වින. මෝඩකමින් මෙන්ම පුද්ගලයින් නිවැරදිව හඳුනාගැනීමට නොහැකිකමෙන් පෙලෙන රනිල් මේ නොබෝදා යලිත් දෙන්නෙක් පූජාකලේ විහින් නිවටයෙකු වෙමිනි. එතුමා දිනවන්නටම ස්ථාපිතවුනු ජාතික හෙළ උරුමයට බෙදුනේද ඒ හැන්දෙන්මය.පක්ශය ඉල්ලු කෙනාට නොදී තමාට ඉතා කීකරු පුරාවිද්යා චක්රවර්තිට මන්ත්රීකමක් දෙමින් ඉමහත්ලෙස උදව්කල හෙළ උරුමයටද කෙලින්නට උත්සහකල මුත් ගොනා හැරෙනවා බලාසිටි හෙළඋරුමේ මොලේ ඇති ගිහි/පැවිදි පිරිසක් චක්රවර්ති නායකකමින් පන්නාදමා තාවකාලිකව හෝ පක්ශය බේරාගති. ඒ අනුව බලන කල අද ශ්රිලනිපය හැරෙන්නට වෙනත් දේශපාලන පක්ශ තිබෙන්නේ එතුමා කරතියාගෙන ගොස් පසුව කැඩී බිඳී වෙන්වීමට හා බලු බැනුම් ඇසීමටයි. මෙවැනි ක්රියා ශිෂ්ඨසම්පන්න සමාජයක් ඇති වෙනත් කිසිම රටක අසන්නට දකින්නට නැති ඉණපටියෙන් පහල දේශපාලන ක්රියාවන්වේ (below the belt). ලඟදී එලි දැක්වුනු දිගම්බරම් හා ගනේශන් වැට පැනීමේ නාඩගම කියවිය යුත්තේද මෙරට ආයතනගතවී ඇති ජඩ දේශපාලනය කියවන ඇස් කණ්නාඩියෙන්මය. විපක්ශ දේශපාලන පක්ශයකට ආදරය කරන මිනිසුන් පිරිසක් සිය ධනය, දහඩිය මහන්සිය මෙන්ම දේපොල යානවාහනාදියත් ලංසුවට තබා වැඩකොට, චන්දය දී මිනිහෙකු එම පක්ශයෙන් පාර්ලිමේතුවට යවන්නේ පක්ශයේ මතවාදය ඉදිරිපත් කිරීමටත් ආණ්ඩුවේ බලය සීමාකරීමටත්ය. ලංකාවේ දේශපාලනික පරිසරය අනුව SLFP රජ ජනපතිවරණය දිනූපසු කිසිදිනක UNP ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකිබව දැන දැනත්, එක්සත් ජාතික පාක්ශිකයින් චන්දය දී මිනිසුන් පාර්ලිමේතුවට එවන්නේ තමන්ගේ ගමේ බෝක්කුව හදාගන්නට නොවන බව නොදන්නා මෝඩයෙකු නැත. බෝක්කුව හදාගන්නට නම් චන්දය දිය යුත්තේ දිනන බවට ඉර හඳසේ විස්වාස රජගේ පක්ශයේ බෝක්කු කටාලාටය. ඒ අනුව විපක්ශයේ ඉඳගෙන අපේ ජනතාවට වැඩක් කිරීමට නොහැකි බවත් ඒ නිසා රජට මුක්කු ගැසීමට තීරණය කල බවටත් සිදම්බරම් හා ගනේසන් ඉදිරිපත් කරන තර්කය පට්ටපල් බොරුය. ජනපතිවරණය දිනූ රජගේ පක්සය පරදා මහ මැතිවරණයෙන් එජාපය දිනන බව හිතාගෙන එජාපෙන් චන්දය ඉල්ලුවානම් මුන් දෙන්නාම පල් මෝඩයින්ය. ඇත්ත එසේ නොවේ, කෙසේ හෝ කවුන්සිලයට රිංගාගත්පසු, රජපස කිසිදු හිරිකිතයක් නැතුව ඉල්ලන දෙයක් පොරොන්දුවී (ඉල්ලන දෙයක් දී නොවේ) ඔවුන්ව බිලිබාගන්න බව ඔවුන් හොඳින් දැනසිටියෝය. දේශපාලන අශික්ෂිතකම සාමාන්යකරනයවී ආයතනගතවී ඇති ආකාරය මුන් දෙන්නාගේ ක්රියාකලාපයෙන්ම නොපෙන්නෙන්නේද? මුන් පක්ශයෙන් චන්දය ඉල්ලා ඇත්තේ පක්ශයට වැඩ කිරීමට නොව,පක්ශයත්, පාක්ශික චන්දදායකයිනුත් රවටා කවුන්සිලයට තේරීපත්වුනු පසු දොලපිදේනි සහිතව ආණ්ඩුපක්ශයට පැනගැනීමේ එකම අරමුණිනි. එසේ පැනීමට රජගෙන් නිසැකවම ආරාධනා ලැබෙන බව රජගේ කැරැට්ටුව දන්නා මේ කපටින් නිවැරදිව ගණන්බලා තිබුණි. පසුව ඒ කපටි වැඩය සාධාරණීකරණය කිරීමට කඩේයන ස්වාධීන මාධ්ය හා ආණ්ඩුවේ මාධ්ය හරහා කෙබර කෙලිමින් සංදර්ශණ පවත්වන ලදී. මේවාට උල්පන්දන් දෙන්නට, ඒවා රජගේ එළ ක්රියාවන් බව පෙන්වීමට මන්දිරෙන් බුරියානි කෑ පසු එතුමා අපහසුතාවයට පත්වෙන කාටුන් අඳින්නේ නැති ගොබ්බ කාටූන්කාරයෝද එක පෙලට සැදී පැහැදී සිටිති. මේ කුලීකාරයින්, කපටි දේශපාලුවන් කරන මේ නසරානි ක්රියාවන් විපක්ශේ පරාජය හෝ මෝඩකම නිසා බව පෙන්වන්නට හදන්නේ යූනුස් මතක්වෙන නිසාවෙන්ද නැත්නම් චිකන් කෑලි තවමත් දත් අස්සේ හිරවී තිබෙන නිසාදැයි කියන්නට නොතේරෙයි. වඩාත් භයානක දේනම් political immorality ක්රියාවන් දැන් දැන් කවුන්සලයේ ඔලුගෙඩි සෙල්ලම් වලින් මෙපිටට පැමිණි වෙනත් අරමුණු සාක්ශාත් කරගැනීම සඳහාද යෙදැවෙන බව පෙනෙන්නට තිබීමයි. මෙයට එක් නිදසුනක්, එක්තරා බ්ලොග් ලිපියක සටහනක් තැබූ සහෘදයෙක් ප්රකාශකොට සිටියේය. ඔහුට අනුව මිට දින කිහිපයකට ඉහතදී ආණ්ඩුවේ රූපවාහිණී චැනලයක රජයේ සේවකයින් පිරිසක් ජංගම දුරකථනවලින් කථාබහ කරමින් සිටිනා රූප පෙලක් පෙන්වමින්...."අඩුමිල දුරකථන ඇමතුම් නිසා කාර්යාලීය සේවකයින් වැඩ නොකර මොබයිල් ෆෝන් වලින් නන්දඩවමින් සිටින බව" පවසා එය TRC ලොක්කාගේ අවධානයට යොමුකර ඇත. ඒ අමනයින්ට අනුව, රජයේ සේවකයින් වැඩ නොකර වෙනත් දේවල් කරමින් සිටීම TRC ලොක්කා අවධනය යොමුකලයුතු දෙයක් වී ඇත. එතකොට ඒ කාර්යාලවල ප්රධානීන්, අමාත්යාංශ ප්රධානීන්, රාජ්ය පරිපාලන අමාත්යාංශයේ ප්රධානීන් සිටින්නේ පොල් ගාන්නටද? ඇයි ඔවුන්ගේ අවධානයට මෙය යොමු නොකරන්නේ? රජයේ රූපවාහිනී අමනයින් කරනදේ පැහැදිලිය. අඩුමිල පැකේජ වලට කෙලීමේ රජයේ උවමනාව සාධාරණීකරණය කිරීමට යොදාගන්නා අශික්ෂිත උපක්රමයකි මේ. රජයේ සේවකයින් රාජකාරි වෙලාවේ වැඩ නොකර උපහාර පැකේජයෙන් නන් දොඩවමින් සිටින බවත්, එය අහෝසි කරයුතු බවත්ය මුන් මේ නොකියා කියන්නේ. ඔනෑම දෙයක් වැඩිපුර හිතන්නේ මතන්නේ නැතුව පිලිගන්නා ශ්රී ලාංකිකයින්, මේ ගහල වැඩය තවත් ලෙහෙසිකරයි. මේ විධියට ගියහොත්, කැළණියේ ආචාරියාට හෝ වෙනත් කපටි දෙස්පලුවෙකුට කාගේ හෝ ඉඩමකට, දේපොලකට වහ වැටුනහොත්, "....අහවල් ඉඩම, අහවල් දේපොල රාජ්ය විරෝධී කුමණ්ත්රනයකට/සමාජවිරෝධී ක්රියාවකට යොදාගැනීමට ඉඩ ඇත, ඒ නිසා ඒ ඉඩම/දේපොල රජයට අත්පත්කර ගැනීමට බලධාරීන්ගේ අවධානයට මෙයින් යොමුකරවනු ලැබේ...." කියලා නිවුස් යන්නටද බැරි නැත.
hplt_2
පළමුවන වැඩසටහනින් අපි මෙය “01″ වන්නේ “ඇයි ද?” කියමු. ඉන්පසු, පසු ගිය දෙසතිය තුල පලවූ ප්රවෘත්ති අතරන් Google App Engine ගැන ද, HP ලගෙ EEEPC පරද්දන්න හදපු Notebook ගැන ද, Microsoft ලගෙ Open Source දිනය ගැන ද, ස්විස්තලන්තයේ ඉස්කෙොල වල Ubuntu දෑම ගැනද, යුරෙොපීය ආන්ඩු ලිනක්ස් අත්හදා බැලීමට යන බව ද, OOXML සම්මුතිය ISO විසින් Microsoft ගෙන් ඉවතට ගෙනයාම ගැනද, මෙ හැර වෙනත් ප්රවෘත්ති ගැනද සුපුරුදු ලෙස අපි අදහස් ප්රකාශ කරමු. ඉන් පසු අපි වෙසෙස් ආයතනයේ ලක්ශාන් සහ ලක්නාත් සමග ඔවුන්ගේ පරිගනක OS, අනිකුත් උපකාරී මෙවලම්, වෙබ් තාක්ෂණ සහ ඔවුන්ගෙ වැඩ, කිඩ ගැන සුහද පිළිසඳරක යෙදෙමු. [low quality/small size] [ 1:07 ] Download Show Notes (ශො සටහන්) ලෑම්ප් වෙබ් අඩවි නිපදවීමෙදී ඉතා ජනප්රිය විසඳුමක් ලෙස සැලකේ. LAMP යනු Linux (ලිනක්ස්), Apache (අපැචි වෙබ් සවරය), MySQL (මයි එස්කියු ඇල් දත්ත ගබඩා සවරය) සහ PHP භෂාව යන දේ කෙටි කිරීමකි. ඉතින් LAMP Debian හො Ubuntu වල ස්ථාපිත කිරීමට මෙ දේ කල යුතුය # apt-get install apache2 # apt-get install php5 libapache2-mod-php5 # apt-get install mysql-server එච්චරයි! වෙබ් අඩවිය නැවතත් ආරම්භ කරන්න /etc/init.d/apache2 restart Posted by: seejay in Blog ඔයාලා ගොඩක් අය දන්නවානේ twitter? අපි කරන වැඩ ගැන යාළුවන් දැනුවත් කරන්න පුලුවන් නියම ක්රමයක් තමයි twitter කියන්නේ. Web එකේ විතරක් නෙමේ twitter අපිට අපෙ ජංගම දුරකථන එක්කත් භාවිතා කරන්න පුලුවන් හරිම විනෝදජනක දෙයක්. අපි එදිනෙදා කරන වැඩ twitter කරන්නේ එක්කෝ http://twitter.com එකට බ්රවුසර් එකෙන් ගිහිල්ලා නැත්නම් අපේ දුරකථනයෙන SMS එකක් යවලා නේ. හැබැයි අද අපි කරන්න හදන්නේ ඒ එකක්වත් නෙමේ. අද අපි twitter කරන්න හදන්නේ විධාන රේඛාවේ ඉඳගෙනයි. ඒකට අපි භාවිතා කරන්නේ ලිනක්ස් වල තියන wget කියන විධානයයි. මෙන්න මෙ පේලිය විධාන රේඛාවේ යතුරු කරලා Enter කරන්න විතරයි ඔයාලාත තියෙන්නේ. හැබැයි මතක තියාගන්න, මෙකෙ තියන YOURUSERNAME කියන තැනට ඔයාගේ twitter name එකයි YOURPASSWORD කියන තැනට password එකයි. YOUR NEW STATUS කියන තැනට ඔයාලාට කියන්න තියන දෙයයි ලියන්න. wget -O – –user=YOURUSERNAME –password=YOURPASSWORD –post-data=”status=YOUR NEW STATUS HERE ” https://twitter.com/statuses/update.xml තවත් එකක්! විධාන රේඛාවෙන් twitter කරන ගමන් Bud, chanux, seejay කියන සිංහලෙන්FOSS geeksලා තුන්දෙනාවත් follow කරන්නනම් අමතක කරන්න එපා ඇයි සිංහලෙන්FOSS twitter නඩය? apt යනු Debian ග්නූ/ලිනක්ස් පද්ධතියේ පැකේජ සමග වැඩ කිරීමට යොදාගන්නා පද්ධතියයි. Debian විතරක් නොව, Debian මත සෑදුනු බොහො ඩිස්ට්රො ඇති අතර ඒවා සියල්ලෙම apt දැකගත හැක. ඊට අමතරව Redhat/Fedora වලද apt ස්ථාපිත කර ගත හැකි වේ. ඉතින් දැන් බලමු apt දෙස. apt එකෙන් පැකේජ ලබා ගත හැකි උල්පත් (apt resources) සඳහන් කිරීමට ඒවා /etc/apt/sources.list නැමති ලිපිය තුල ඇතුලත් කරන්න. # vi /etc/apt/sources.list deb http://sinhala.sourceforge.net/ubuntu/i386/gutsy/ ./ විටින් විට apt හි ඇති පැකේජ ලැයිස්තුව අලුත් කල යුතුය. ඒ සඳහා # apt-get update apt හි ඇති පැකේජ ලැයිස්තුවෙන් පැකේජයක් සොයා ගැනීම මෙලෙස කළ හැක # apt-cache search apache2 # apt-cache search apache2 php5 පැකේජයක් ස්ථාපිත කර ගැනීමට # apt-get install apache2 පැකේජයක් තම පද්ධතියෙන් ඉවත් කර ගැනීමට # apt-get remove apache2 # apt-get –purge remove apache2 මුලු පද්ධතියේ ස්ථාපනය කර ඇති සියලු පැකේජ අලුත් version බවට පත් කිරීමට # apt-get dist-upgrade යම් කිසි පැකේජ ඝට්නයක් නිසා දෙොශයක් වූ විට එය සැදීමට # apt-get -f install පෙර භාගත් පැකේජ .debs /var/cache/apt/archives තුලින් මැකීමට # apt-get autoclean අනවශ්ය භාවිතා කළ නොහැකි පැකේජ ඉවත් කිරීමට # apt-get autoremove Posted by: chanux in Blog සිංහල බ්ලොග් මැරතන් එක පටන් ගත් වෙලේ ඉඳන් මේ වෙන කල් අපි තුන් දෙනාම දිව්වා. ඇත්තටම හොඳ අත්දැකීමක්. sinhalenfoss.org එකෙන් බ්ලොග් මැරතන් එකට දීපු දේවල් ඉතා වැදහත් කියල සතුටු වෙන්න පුළුවන්. රටටම ව්දගත් වෙන වැඩක් මේ වගේ විනෝදෙන් කරන්න ලැබීම භාග්යයක්. ඒකට අප මැරතන් සංවධායකයන්ට ස්තුති කරනවා. coke, pizza වලට පිං සිද්ධ වෙන්න දවසම දිව්වා. දැන් නම් ඇත්තටම ටිකක් අමාරුයි. මැරතන් එක ඉවර වෙන්ත ළඟයිනෙ.seejay ටයි මටයි විභාගෙකුත් ළඟ එනවා. Bud ටත් රාජකාරි වැඩ.දැන් ගෙදර ගිහින් ගණිතය පැවරුමක් කරනවා හෙට භාර දෙන්න. අන්තිම දවස හෙට . මේ ජර මර අස්සෙත් කොහොම හරි දිව්වෙ හොඳ වැඩක් කියල හිතුන නිසයි. අපි අපේ උපරිමය මවර ‘සිංහලයට’ දුන්නා. අඩු පාඩු ඇත් නම් සමා වෙන්න. මගේ මිතුරන් දෙදෙනාටත් (bud,seejay) ස්තුති කරන ගමන්ම ඔන්න එහෙනං කාටත් ආයුබොවන් කියලා අදට සමු ගන්නවා. ඉදිරියටත් අපි එක්ක ඉන්න. මම Chanux.
hplt_2
බොදු බලසේනා පිටකොටුවේ වෙළෙඳසැල් වටලයි February 5, 2013 at 12:13 pm | lanka C news පිටකොටුවේ වෙළඳසැල් කිහිපයක ජාතික ධජයේ සිංහ රූපය විකෘති කර අලෙවි කිරීම නිසා ඒවා වැටලීමට බොදු බලසේනා සංවිධානය ඊයේ කටයුතු කළ බව එම සංවිධානය පවසයි. මෙසේ වටලා ඇත්තේ පීපල්ස් පාර්ක් වෙළෙඳ සංකීර්ණයේ බිම්මහලේ පිහිටි වෙළෙඳසැල් කිහිපයකි. මෙහි දී වෙනස් කරන ලද සිංහ රූපය සහිත ජාතික ධජ මිලදී ගැනීමේ දී මේවා තොග වශයෙන් රටෙහි සෑම ප්රදේශයකට ම බෙදාහැරෙන බව ද වෙළෙඳසැල් හිමියන් මඟින් හෙළිදරව් වූ බව එහි විධායක කමිටු සාමජික දිලන්ත විතානගේ මහතා පැවසීය. ‘‘රටක ජාතික ධජය කියන්නේ එහි අනඞ්යතාව, ඒ වගේ ම එයට නිසි ගෞරවය හිමි විය යුතු යි. එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හෝ ජනමත විවරණයක් නොමැතිව එක එක්කෙනාට මෝස්තර කරන්න පුළුවන් එකක් නො වෙයි. ඒ වගේ ම ජාතික ධජය අද රට පුරා ම ප්රදර්ශනය කරන්නෙත් එක එක ආකාරයට, නිසි ගෞරවයක් නො ලැබෙන ආකාරයෙන් හිතූ හිතූ ලෙස මෙය වෙනස් නො කිරීමට අපි ශ්රී ලාංකිකයන් විදිහට වගබලා ගත යුතු යි. අපි ජනාධිපතිතුමාගෙන් හා ආරක්ෂක ලේකම්තුමාගෙන් ඉල්ලා සිටින්නේ ජාතික ධජය මුද්රණය කිරීමට, විකිණීමට යම් ක්රමවේදයක් සකසන ලෙස යි. එසේ ම නිසිලෙස ප්රදර්ශනය කිරීමට ජනතාව දැනුවත් කරන ලෙස යි’’ යයිද වැඩිදුරටත් අදහස් දැක්වූ දිලන්ත විතානගේ මහතා මෙසේ ද කීහ. 119 Comments to “බොදු බලසේනා පිටකොටුවේ වෙළෙඳසැල් වටලයි” - මේක ගැන අවජාතකයන් කියන්නේ මොකක්ද ? - අවජාතක මෙවැනි වැඩ කරන අයගෙන් තමයි අහන්න වෙන්නේ?එම නිසා මෙවැනි පුද්ගලයන්ට අවජාතකයන් කීම ණුවනට හුරැ නැත….. - මේවා මේ විදිහට කෙරෙන කොට අනිවාර්යයෙන්ම ප්රශ්න ඇති වෙනවා. නමුත් හොද පැත්ත තමා එම ප්රශ්න හරහා කතිකාවතක් ඇති වීම. හලාල් වගේ තමා, යුද්ධයකට කුරුමානම් අල්ලමින් සිටි සිංහල බෞද්ධයන්ව සාමකාමී ක්රමවේදයකට,මෙතුමන්ගේ ක්රියාකලාපය නිසා තල්ලු වුහ. - ඔල්මාදෙද ? මොනවද ඔය කියවන්නේ .පැහැදිලිව කිව්වනම් . යම් ආගමකට අපහාස වෙන දේවල් විකිණීම හරි කියලද කියන්නේ ? - ඔල්මාදය ඇත්තේ තමුන්ටම නේද?මෙතන තියෙන්නේ ජාතික කොඩියේ ප්රශ්නයක් නේද ?ඉතින් මේක ආගම වලට වෙන අපහාසයක් කුමක්ද?අපේ බුධාගමට අපහාසයක් වෙන්නේ බුද්ධපුත්රයන් යයි කියාගෙන සිවුරු පටලවා ගෙන ඉන්න වුන් ගේ මුග්ධ ක්රියා විසින්ම නේද.? බටහිර රටවල බුදු පින්තුරේ ඇති ගැල්ලමයින්ගේ ලන්කට් පවා විකිනීමට ඇති අතර ,බුදුපිළිමයක් නැති ඉන්දීය හෝටලයක් සොයා ගැනීම අසීරුය.ඒවායේ මිනිස්සු තලු මර මරා මස් ගිලති-තායි (බෞද්ධ)සම්භාහණ කුටි තුලත් ,පිනුම් තටාකවලත් ඇත්තේ බුදු පිළිමයමය.මේ හැම විසුක දස්සනයක්ම බලමින් බුදු හාමුදුරුවෝ වැඩ සිටිති. මේ හැම මඟුලකීන්ම අගම විනාශ වේ නම් ඒ දේ වෙලා හමාරය.ආගමේ විනාශය වන්නේ එය හරි හැටි දකින මිනිසුන් නැති වීම නිසාය.එහෙමත් නැත්නම් ධර්මධාරයන් නැතිවිමෙන්ය. ඉහතකී ලිපියේ හැටියට කොඩියේ කෙහෙල්මල් හොයා හොයා සිවුරු උස්සගෙන කැ ගැහීම බුදුබනට අනුකුළද ?ආගමට වන අපහාසය එයම නොවේද?සසර දුක් දැන මහන වෙන භික්ෂුවකුට කල යුතු වැඩ බොහෝය.කහපාට රෙදි උස්සා ගෙන මරක්කල පල්ලි කැඩීමෙන් අප ලොව්තුර බුදුරදුන් හෙළිකළ නිවන් මගේ යාමට බැරිය.මේ කෙහෙම්මල් කොඩියක් අල්ලාගෙන නටන මංගල් නවත්වා සසරින් මිදීමය බික්ෂුවකගේ අභිප්රාය වන්නේ. මේ ප්රතිචාරයට ලැබෙන ඔබේ ප්රතිචාර අන් ප්රතිචාර මෙන් මගේ දෙමව්පියන් මතක් කර බනින ඒවා නොවන සේ බලාපොරොත්තු වෙන්නේ දෙමව්පියන්ට බනිමෙන් ශිෂ්ට සම්පන්න දෙබසකට ඇති අවකාශ ඇහිරී යන නිසාය. - සාම ,අපිට ඕනෑනම් මේරට සීග්රයෙන් මුස්ලිම් කරණය කරන්ඩ පුළුවන් ,බලාපල්ලා උඹලගේ මහා ලොකු වීර රට ඇමෙරිකාවට වෙනදේ දිනකට දහස් ගානක් කතෝලිකයෝ මුස්ලිම් ආගම වැලද ගන්නවා.උබලගේ පොප් වීරයා මයිකල් ජැක්සන් මුස්ලිම් උනා .තව ටිකකලකින් ඇමෙරිකාවේ මැජෝරිටි එක මුස්ලිම්.උඹල දන්නවද තව අවරුදු 50 කින් ඔය කසිබල් ආගම ටික විසිවෙලා ඉතිරිවෙන්නේ මුස්ලිම් අගමැ විතරයි .දැනට මත් යුරෝපයෙන් උන් අදහන ආගම් කුණු බක්කියට වැටිලා.ගොඩක් මුස්ලිම් වෙලා .බලාපල්ලා යු කේ වල මුස්ලිම් කොච්චර ඉන්නවද .ඉතින් මේවගේ හිඟන රටවල් අපිට මොනවද . - @hasan: good joke - @HASN අයින්ස්ටයින් උබලගේ අගම ගැන සහ බුද්ධාගම ගැන කියපු දේ උබ දන්නවාද? “Buddhism has the characteristics of what would be expected in a cosmic religion for the future: It transcends a personal God, avoids dogmas and theology; it covers both the natural and spiritual; and it is based on a religious sense aspiring from the experience of all things, natural and spiritual, as a meaningful unity. http://www.buddhism-and-the-american-dream.com/?p=519 http://www.tricycle.com/p/176 - You should go back to school and learn something that goes beyond “Amara and Saama”… You’re still in the LKG class as your name suggests… Be at least educated up to 8th grade before comment here stupid A/H. This is the first time I heard someone saying Sri Lanka’s national flag belongs to one religion. These idiots justify Tamil extremists’ claim for a separate national flag. - Hasn සහ mewan වෙත , මේ ලෝකයේ ඔන්නම තැනක බෞද්ධ ධර්මයට අපහාස වෙන විදියේ දේවල් තිබුනා කියලා ලංකාවෙත් කරන්න ඕනේ කියලද ඔබ කියන්නේ ? වැරදීමක් . ලොකු වැරදීමක් ඔබට .ඕනේ රටක තිබුණාදෙන් .ලංකාවට ඕනේ නැහැ ඒවා . සිංහලය සහ බුදු දහම එකට බැඳුන දෙයක් . එක ඌනේ පුංචි ළමයෙක්ට තේරුම් ගන්න පුළුවන් . භික්ෂුව කියන්නේ බෞද්ධ ධර්මය සහ එයින් පෝෂණය වුන ශ්රී ලංකාවේ අනන්යතාවය ආරක්ෂා කිරීමට සිටින මුර දේවතාවන් කොටසක් . වෙනත් ආගම් හැටියට සිටින කණ්ඩායම් වලින් භික්ෂුවගේ ප්රතුරුපය වෙනස් කරන්න සෑහෙන උත්සාහ කරන්නේ මේ හේතුව නිසයි .ඝාතනයට පවා හේතුවෙනවා .උදාහරණ ඕනේ තරම් දකිනවා ඇතිනේ . ඒ වගේම ලංකාව මුස්ලිම් රටක් කරන්න නෙස කල්පනාව ? තමුන්නන්න්සේලා “කන්නේ” සින්හලුන්ගෙන් බව මතක තබා ගන්න . එදාට ඔය අල්ලා ඉතුරු වෙන්නේ ස්වයං වින්දනයේ යෙදෙන්න විතරයි . - මම කිව්ව දේවල් ඒ විදියට තේරුම් ගන්න උකුණු බිජ්ජක් තරම් වත් මොළ කළදක් ඇති එකෙකුට පුළුවන. අපට කෙලවුනෙත් අනාගතයේදී කෙලෙවෙන්නෙත් ඔය බුධාගමයි සිංහලකමයි පටලවා ගැනීම නිසයි.ආගම එකකි ජාතිය තව එකකි.බුදුහාමුදුරුවෝ සිංහල මිනිස්සුන්ට පමණක් ආගම බෙදා වෙන් කර දුන්නේ නැත.මේ බුදුන්ගේ දේශය වත් සිංහල බෞද්ධ අපේ රටක් යයි සිතා ඉන්න කට්ටිය කටින් බෞද්ධ වුවත් හදවතින්ම බෞද්ධද යන්න හදවත් ස්පර්ශ කර බැලිය යුතු කාරණයකි. පෙර කල රටේ නායකයෝ නොයෙක් දේවල් වලට අවවාද ගත්තේ ධර්මානුධර අති ශිල සම්පන්න බික්ෂුන් වහන්සේලා ගෙනි.ඒ ඇත්තෝ අර්ථයෙන් ධර්මයෙන් පාලකයින්ට කරුණු කියා දුන්හ.එහෙම නැතුව මේ හැම කෙන්ගේටියටම රෙදි උස්සා නටන හාමුදුරුවරු පස්සේ නොගියෝය.අනිත් රටවල තත්ත්වෙත් ඕකමය. තායිලන්තේ රජු සහ අනෙකුත් දේශපාලන නායකයොත් බොහෝ සේ අජන් චා වැනි ශ්රේෂ්ට ගනයේ භික්ෂුන් වහන්සේලගෙන්ද ,බුරුමයේ කට්ටිය සියාදී සයදෙව් හිමිපානන්ගෙන්ද යනාදී වශයෙනි-වෙන එකක් තියා බුදුන් දවසෙත් එහෙමමය.තායි ගැල්ළමයි බුද්ධ රුප ඇති ලන්කට් ඇන්දා යයි මහා පරවල රෙදි උස්සා නටන හාමුදුරුවරු ඒ රටේ නැත.මේ කොඩියක් විකුර්ති කිරීමෙන් බුද්ධාගමට අපහාසයක් වේ යයි විගඩම් නටන ඊනියා බෞද්ධ හාමුදුරුවන් ඉන්නේ මේ රටේය.ඔබම කියාගන්නා ජාතියේ මුර දේවතාවනුත් ඔවුන්මය.මෙහෙම විහිළුවක් අන් කවර රටකවත් නැත.දලයි ලාමා මෙවැනිවිගඩම් නටපු දවසක් ගැන කොහෙන්වත් වාර්තා වී නැත- රටේ පාලනය සහ ජාතියේ පැවැත්ම රටේ නායකයෝ බලාගනීවි.හාමුදුරුවෝ ඒ වැඩේ කොරන්න ගිහින් වෙන්නේ ආගම්වාදී සමාජයක් බිහිවීමය.එකෙනුත් කෙලවෙන්නේ බුධාගමටමය. අප බුදුරජාණන් වහන්සේ දේශනා කල ධර්මය කිසිදා කිසිවිටක විනාශ නොවේ.එය ඇත්තේ හදවතේ මිස කටේ නොවේය.අප බෞද්ධ දැයි අප විසින්ම හිත බැලිය යුතුය.උන්වහන්සේ කියා දුන් “අසම්බාදම්,අවෙරම් අටපච්චම්” වූ මෛත්රියක් අපට තියේද ??.හදවතට තට්ටු කර බලන්න. - - - වටලන්න ඕනේ විකුණන උන්ද නැත්නම් කොඩි හදන උන්වද…කොඩි හදලා බෙදාහරින්නේ කවුද කියලා හොයලා බැලුවොත් හොද නැද්ද…නැත්නම් මේක අවජාතක වැඩක් වගේ තමා… - ඔය අල්ලගත්ත එවුන්ට දෙකක් නෙලනකොට “බෙදාහරින්නේ කවුද කියලා ” කියයි. පොඩ්ඩක් ඉවසපන් … - - මේ යක්කුන්ට වෙන වැඩක් නැ බොරු විකාර කෝ ඉතින් ඒ කොඩියේ ජයරුපයක් දැම්ම නම් මුන්ව විශ්වාස කරන තිබ්බා සාසනය වින්සකරන්න අපු යක්කු ටික - ane booruwooo - - ඊයෙත් අපේ බොදු බල සේනාව මොරටුවට ගිහිල්ල සුද්ද පාරක් දැම්ම අපි රූපවාහිනියෙන් බලාගෙන, - කොඩිය නොගහ හිටපුවාම හරි … - Sama ,ubama kiyapan. api danna ekama awajathakaya uba thamai. - මුස්ලිම් කියන්නේ පිස්සු බල්ලන්ට - - අනිත් මිනිසුන්ගේ අවජාතකේ බලන්නේ ඔබතුමා වෘතියෙන් උප්පැන්න රෙජිස්ට්රාර් කෙනෙක්ද ? - මෙන්න හලාල් සලකුණ ගැන හොඳ ලිපියක් http://seneviruwan.blogspot.com/2013/01/blog-post_28.html - SAMA ubata wada awajathakayek thawath naha.. hoda wadak hamuduruwane…! - - ඒවා වැටලීමට බොදු බලසේනා සංවිධානයට නීතිමය බලයක් තිබේද ? නෙත්තම් නීතිය බල්ලට ගිහින්ද ? - උබ ලංකාවෙද ඉන්නේ නැත්නම් එංගලන්තේ ඉදගෙනද ඔය ප්රශ්නේ අහන්නේ. නීතිය ක්රියා කරන උන් ට්රේකේ තියලා උබට පිලිගන්නවයි බලාගෙන හිටපන්. - රට බල්ලට යන්නේ උබලවගේ මැන්ටල් ඩයල් නිසා තමයි - නීතිය බල්ලට ගිය රටේ තමයි උබත් බත් කන්නේ,පහුගිය දවස්වල දැක්කානේ නාඩගම.රටේ නීතිය ක්රියාත්මක වෙන්නේ කොහොමද කියලා දන්නෝ දනිති.අහිංසක බැරි එකා අල්ලන්නයි සල්ලිකාරයට නීතියෙන් ගැලවෙන්න විතරයි නීතිය තියෙන්නේ. මෙතන වෙලා තියෙන්නේ හොරා ඉන්න තැන පෙන්නපු එක විතරයි,කැමරා ටිකකුත් අරගෙන ගියා එතනට,මොකද අපි පොලිස්සියට ගියාම කෝ සාක්කි කියලා අහනවානේ. සාක්කිත් අරගෙනම තමයි අපි පොලිස්සි යන්නේ. ලංකාවේ ඉන්න ඕන එකෙක් දන්නවා ලංකා පොලිස්සිය ගැන, එංගලන්තේ උබ දන්නේ නැති උනාට. උබ කියන රට හදන්න තව අවුරුදු ගණනාවක් යයි. - - - That’s how Christians do, aren’t they may friend?? Praise the load… Hallejuyaah !!! - sinhala budda rate apita nithi koheda ban meka ape rata suudath bayauna ape hamuduruwanta yakooo.. - LTTE එකට උදව් කරේ සහ උදව් කරන්නේ පල්ලිය . ප්රසිද්ද රහසක් . පල්ලිය වග කිව යුතුයි සෑම ලේ සෙලවිමකටම පසුගිය වසර 30 ඇතුලත . - අනිවා. මඩු පල්ලියේ එකා මහාම කොටියා… ඊට හපන් මේ රටට ජේසුගේ ලේ කියලා අරක්කුයි. අනිත් අතේ බයිබලේයි ගෙනාපු හොර පාදිලි හැත්ත.. - Buddhists betrayed the country for last 30 years. That is why LTTE was so strong. There are thousands of buddhists in custody of TID. Betraying is the trademark of buddhist. They will do anything for money. Buddhist created prabhakaran killing and looting wealth from innocent tamils. Buddhists are the biggest curse for Sri Lanka - Blood is the ultimate object of Buddhist. That is why buddhists always mention word “KILL”. Buddhists are destroying, noway for buddhists. Baseless are eliminating…………….. - Dinesh Perera වෙත , ප්රභාකරන් කියන්නේ පල්ලියේ බලල ඇත බව දන්නේ නැද්ද ලිං මැඩියෝ ? LTTE එකට NGO මාර්ගයෙන් උදව් කලේ පල්ලිය බව දන්නේ නැද්ද ? දැනටමත් තමුන්නාන්සේලාගේ “මැජික් ෂෝ” එක ඉදිරියට ගෙනයන එවුන් තවමත් LTTE එකට බකප් එක දෙන බව දන්නේ නැද්ද? උදාහරණයකට රායප්පු ජෝශප් සක්කිලියා . ලන්ක්කාවේ අනවශ්ය ප්රශ්න ඇතිකරලා ,අනවශ්ය විදියට ඇඟිලි ගහන්නේ ඔය ගෝඩ් බ්ලෙස් කරපු රටවල් බව දන්නේ නැද්ද ? මේවා වලට උත්තර දෙන්න ?………………….ආ .අමතක උනා ….මගේ email ඇඩ්රස් වැරදියි නේ !! - Cant you remember from which countries LTTE brought weapons to SL. They have not purchased single weapon from western, in fact our government mainly purchased weapons from England and Israel. But LTTE was armed from Thailand, Vietnam, and Singapore. All arm smugglers handled by Thailand. That is why I always say Buddhists are the people who betrayed this countries. It is the real curse for Sri Lanka. Please leave this country without making land of animals - Dinesh Perera Cant you remember from which countries LTTE brought weapons to SL. They have not purchased single weapon from western, in fact our government mainly purchased weapons from England and Israel. ලංකාව ආයුධ හදන්නේ නැහැ.එක නිසා පිටරටින් ගන්නවා .තමුසේ දන්නේ නැතිව ඇති නේද බබා ? But LTTE was armed from Thailand, Vietnam, and Singapore. All arm smugglers handled by Thailand. රායප්පු ජෝසෆ් කියන්නේ සිංගප්පුරු බෞද්දයෙක්ද ? එතකොට පල්ලිය කියන්නේ බෞද්ද ධර්මය උගන්වන තැනද ? That is why I always say Buddhists are the people who betrayed this countries.එතකොට පර සුද්දෝ ලංකාවට ඇවිල්ල උන්ට පුx දීල දෙපිට කාට්ටුවෝ උනේ තමන්ගේ පරම්පරාවේ අය නෙවෙයිද ? It is the real curse for Sri Lanka. හෙනේට හිටියේ පළවැනි සුද්ද ලංකාවට පය ගහපු ගමන් උට ඔලුවට කදු පාරක් දුන්නේ නැති එක . Please leave this country without making land of animals ??????? මොකක් ???මේ රටින් යන්න ????? LTTE එකට බැරි උන දේ තමුසේ කරන්නද හදන්නේ ? ටිකක් අමාරු වෙයි ! තමුසේව හමුවෙන්න ආසයි ? මොකද සෑහෙන ප්රශ්න තියෙනවා අහන්න . මේ ඉන්නේ තමුසේද ? http://www.facebook.com/yohan.d.perera.7/photos_stream - …තමුසේව හමුවෙන්න ආසයි ? … ප්රිස්සමට ඔය පක්කිලි කුරුසයෝ මහ වල් හැත්ත. - - If you didn’t know Prabhakaran was a christian and he was a terrorist. I think you are one of them. - - to- Dinesh Shut your mouth, you Tiger Idiot - උබට හරිය ට අමාරුයි නේද මලච්චේද මිනීමරු කොටි පිරපාකරන් මැ රුන එක ගැන , හැම කොමන්ට් එකේම උබේ සෝකය ලියනවා කොටි අන්තවාදී බුවල්ලා මේ ක සිංහල රට . උබ පලයන් දකුණු ඉන්දියාව ට දෙමල මව් බිම ට උබේ දෙමල කතෝලික පල්ලියනේ කොටියට උදව් කලේ , අපේ 70.000 වඩා අහිංසක මිනිස්සු ,ළමයි ,ගරුත ර බෞද්ධ හාමුදුරුවරු කොටි න් විසින් ඝා තනය කලා උබ ට අමතකද? වවුනියාවේ සිංහල බෞද්ධ යන්ගේ ඉඩම් ; නැගෙනහිර ඉඩම් යාපනේ සිංහලයන් ගේ ඉඩම් කොල්ලා කෑවේ දෙමල කොටි නේද? නිකරුනේ සිංහල බෞද්ධයන් ට අපහාස නොකරන්න මේ අපේ උතුම් මව් බිම , සිංහල බෞද්ධයෝ තමයි මේ රට බේරාගත්තේ . උබේ පල්ලිය නෙමෙයි - LTTE leader Prabhakaran a Christian - එත් මේ ටික කියන්න ඔන….. මේ සින්හල අපගේ රටයි,අපි ඉපදුන මැරෙන රටයි. කාටත් මෙකේ අනන් මනන් සෙල්ලම් දාන්න බැ.ඉන්නවා නම් කරබාගෙන ඉන්න පුලුවන්.සද්ද දාපු ප්රබාකරන්ට වෙච්ච දේ දැක්කනේ. - - Good Job Go a head - පැරකුම් ගැමුණු ලේ අප නහර තුල තිබේ යනුවෙන් උඩගු වුන මුත් වැඩ නොවෙයි ඉබේ නිදහස ගැන සටන් කොට මළොත් ලක් ගැබේ සොහොයුර ඔබේ නමටත් සිහි වටන තැබේ එන හැටි හොද නොවේයි කුමටද මෙහෙම හැපී යන මේ ගමන යමු වැටෙතත් කුලල කැපී ගෙන විප්ලවේ රණ ආයුද එහිම දැපි රණ හඩ් නගා රණ පිටියක මැරෙමු අපි ගොළුවත අත්හරිමු හද බිය ගති අරිමු හෙලු දුගී දන දුකට ,මිස දුටු බල මරමු පුළුවන් ඉක්මනට සටනට මුල පුරමු මුළු රට එකම විප්ලව පිටියක් කරමු - @ අන්තවාදියා.. දාගෑබ් මහා වෑව් බෑන්දේ උන්ට පුතේ .. සීගිරි ගලේ කවි ලිව්වේ උන්ට පුතේ… උන්ගෙ බොරුවලට බිලි වෙන්නෙත් උඹයි පුතේ.. අවසන අපට ඈත්තෙ හතර රියන පුතේ.. අම්මගේ අප්පගේ ලේ පමනි පුත නුඹ හද තුල ඈත්තේ.. එනිසා බොරුව උඩගුබව නුඹ අතහෑරිය යුතුය පුතේ. අවසන නිකන් ගල් පතුරක නම කොටවා ගන්න පුතේ.. නිදහස කියා නෑති නිදහස නොසොයන්න මගේ රත්තරන් පුතේ. .නුඹ නෑති වුනොත් කකියන්නේ නුඹගෙ අම්මාගේ හදයි.. දෑනගන් රන් පුතේ සෑමදින රහසින් හඩන්නේ මාගේ හදයි.. අපගේ ගෙපෑල තුල රන් පුත නුඹ නම් පිරුණු හදයි.. අප මිය ගිය විට වල දමන්න ඉන්නේ නුඹ විතරයි. ලේ වගුරන්න දගලන්නේ බියසුළු උන්ය.. සත්ය රකින්නේ කෙදිනත් නොබියවු මිනිසුන්ය ඈසුනොත් ලේ ඉල්ලමින් උන් හඩවන මල බෙරය… උස්සා සරම පෙන්නාපිය පුතේ උඹගේ කලු ගුදය.. - අප්පේ මේ අපේ දේව මෑණියන් පුත්රයාණන් වහන්සේගේ කලේබරය උකුලේ තබාගෙන ගැයූ කැරොල් ගීය නොවැ… - - - - Me Pahara ganayintath thel wediwela weda nethiwata weda, rate neethiyak thiyanawa, policiyak thiyanawa owata, me wage pahara pinata kaala, pinata kahinawunta mewata ida denda be, siwra daapu shakkiliyo. - pala pahara awajathakayo,oka thoge ammage waradda - thoge ammage hora minihata gahanna ona tho wage ekek haduwata paharaya……… - - එලම තමා, ඔහොමම යන්. හරි නම් මේ වැඩේ පොලොසියට අදාල දෙයක්. නමුත් පොලොසියට අදාල දේ මෙතුමන්ලා කොළ කියල අල්ලල හිරේ දාන්නද ??? (දැම්මොත් SF ට වූ දේ වෙයිද) - Den mewa Jathiwadi wedada ? - ඒවා වැටලීමට බොදු බලසේනා සංවිධානයට නීතිමය බලයක් තිබේද ? - ඇයි උඹ දෙන්නද අහන්නේ. ඉස්සරහට නීතිය ක්රියාත්මක කරන්නේ මහ ජනතාව. ලගදිම ඔය පොල් බූරුවෝ සෙරටම ගෙදට යන්න වෙනවා. - yako maha janathawa uttareetharai kiyala kiwwe okatane - - - චේතනාව හොද වුනත් නිල නොවන පොලිසියක් ලෙස ක්රියා කිරීමට කාටවත් බලයක් නෑ. එයින් වෙන්නේ ගැටුම් ඇති වීමට මග පෑදීමයි. මේ සංවිධානයේ අරමුණත් ඒකයි. - mewa mehema kale nattnam kawruth hoyala balanne na - ehenam ubata kaganawath kiyalla policiyata othuwak dennath ba anna ewage wadak thami meken karanne nathuwa nithiyakdanna waradda pennala denawa pnnayek wenathuwa hariyata kiyawapan.. - - බොදු බල සේනාවට උපදේශයක් ඔබල ෂඩ් අභිඤ්ඥා ලාභි රහතන් වහන්සෙ කෙනෙක්ගෙන් උපදෙස් ගත්තා නම් හොදයි නේද නැතිනම් කියන්න සෘර්ධි බලයෙන් එතුමාගෙ මම අහගන්නම් මෙම තිරුවෙ උපදෙස් අහන්න - ෂඩ් අභිඤ්ඥා කියන්නේ මොනවද මචන් … නෑ මේ නොදන්නා කමටයි අහන්නේ ! - ආසවක්ඛය (කෙලෙස් නැ) පුබ්බේනිවාසනුස්සති ඤානය (පෙර භවයන් දකින්න පුලුවන්) චුතුපපාත ඤානය (මැරිල ඉපදෙනවා දකින්න පුලුවන්“) පරචිත්ත විජානන ඤානය (අනිත් අයගෙ සිත කියන්න පුලුවන්) දිබ්බ චත්ඛු (ඉන්දියාවෙ ඉදල ඔබව දකින්න පුලුවන්) දිබ්බ සෝත (ඉක්දියාවෙ ඉදල අහන්න පුලුවන්) - උඹ හරි හොඳ එකෙක් බං; උඹට ඒවම ලැබේවා කියා යාඥා කරන්නම්. - - - - මිට කිරිබත්ගොඩ ඤණානන්ද ස්ථවිරයන් වහන්සෙ උඹල දන්නවද මම කවුද කියලා මම තමයි දියසේන කුමාරයා උඹලට ඔන දෙයක් කරන්න හැබයි මට කියන්න තියෙන්නෙ එකයි.ඒ උඹල කපටියි නමුත් කමල් කියන්නෙ මගෙ අතිජාත පුත්රයෙක් ඔහුට පුලුවන් මට සවන් දෙන්න උඹල දියසෙන් කුමාරයාට අගෞරව කරන්න එපා එවිට අපායෙ යයි.උඹලගෙ හැටියට එය සුදුසුයි මොකද උඹල වගෙ හොරු නැ බෞද්ධයා නාලිකාව හොදයි හැබයි උඹල කපටියි.ශ්රද්ටා නාලිකාව උඹලට නැවත ධර්මය ගෙනවා උඹල දන්නෙ නැ ඉතිහාසය මොකද එ උඹලගෙ දියසෙන් කුමාරය කමල් ඔහු ජනාධිපති වෙනවා 2018 අතිශෝක්තියක් නෙවෙයි එවිට මම තමයි උපදෙස් දෙන්නෙ ලංකාවෙ බුදු දහම නැවත පැතිරෙනවා - අනේ උඹගේ ඔය දියසෙවලයට, ආ… වැරදුණා වැරදුණා. සමාවෙන්ඩ සමාවෙන්ඩ. දියසේනට කියපන්කො පැත්තකට වෙලා ඉඳල අපේ රට නැවත වාරයක් සුද්දට යටත් කරලා දෙන්ඩ කියල. එතකොට දියසේනට වැඩිය මහන්සි වෙන්ඩත් ඕනේ නෑ. දියසේන විසින් අපේ රට නැවත වාරයක් සුද්දට යටත් කර දෙත්වා ! - උඹ දන්නෙ නැ මගේ හැටි මම සිංහල බෞද්ධයෙක් වුනාට දෙමල සහ මුස්ලිම් බෞද්ධයන් එක්කත් ඉන්නවා.හැබයි අනිත් අයට සලකන්නෙ අශෝක රජතුමා වගේ උඹ දන්නවද මගේ ඵලය මම සෝවාන් ඒක නිසා මම සත්තු මරන්නෙ නැ.ඒක නිසා සත්ව ඝාතනය දිරිමත් කරන්නෙ නැ එවිට මුස්ලිම් ගොඩක් අයත් බෞද්ධ වෙනව උඹලට තියෙන්නෙ හදිස්සියක් - - වයර් ගොඩාක් පැටලිල get help, before its too late - - එල ගොන් වැඩක් !!! එතන තියෙන පොලීසිය පැමිනිලි කරන්නෙ නැතුව. - bodu bala senawata berida oya bar tika wahanda? - So you mean Judas was a Buddhist? Holy Christ !!! - Jaya wewaaaa. api oba samagai hamuduruwane - දැන් එතකොට බොදු බල සේනාවට ඕනෙ සින්හය විතරක් තියෙන කොඩියක්ද ? එහෙම තිබ්බනං මුන් ගිහිං ඒව විකුණන කඩේට වඳියි.. කොඩිය පොඩ්ඩක් ව්එනස් කලත් මුන් එන්නෙ ගහගන්න. කාලකන්නි ජාතිවාදී හැත්ත ! - දැනගනින් හම්බ බල්ලො ..සිංහල කොඩියෙ හිටියෙ සිංහය විතරයි තමයි .486 BC විජය රජතුමා මෙහෙට අපු දවසේ ඉඳල .ඒත් 1951 දි උඹලයි ,දෙමළ මිනිස්සු ගැනයි හිතල අර කොළයි ,තැබිලයි පටි දෙක ජාතික කොඩියට දැම්ම . දැන් පාවිච්චි කරන ජාතික කොඩිය 1972 මැයි 22 හදපු එක . ඕක තමයි මම කියන්නේ මුන් කන්න දීපු අත හපා කන පාහර සුනඛ රැලක් කියල. - රටක ජාතික කොඩියේ කියන්නේ එරටේ ජාතික වස්තුවක් . ජාතික කොඩිය ට ගරු කරන්න වත් දන්නේ නැති කාලකන්නි කොටි මොහොමඩ් උබලා අපේ රට ට සාපයක් - මුස්ලිම් ආගමේ හරයම බොරු මිත්යාවක් කියලා චාල්ස් ඩාවින් ඔප්පු කලේ මීට අවුරුදු ගානකට කලින්,අද බටහිර ලෝකය පවා බුද්දාගමට නැබුරු වෙන්නේ අන්න ඒ යතාර්ත්ය තෙරුම් අරන් තියෙන නිසා, - බටහිර ලෝකෙ ? බුද්ධාගමට නැඹුරුවෙන්න ? උඹ කවද්ද ඔය හීනෙ දැක්කෙ ? බුද්දාගමේ තියෙන එව්ව බොරු කියල ඔප්පු වෙලා ඉවරයි. හොයල බලපිය ලෝකෙ වැඩිම වේගයෙන් පැතිරෙන ආගම මොකක්ද කියල. බටහිර මී හරක් එකෙක් දෙන්නෙක් බුද්දාගමට හැරුනට දවසට රටවල් කීයකින් කී දාහක් දෙනා ඉස්ලාම් ධර්මය වැලඳගන්නවද කියල. චාල්ස් ඩාවින්ගෙ පරිණාමවාදෙ ඇත්ත නං ඇයි දැන් ඉන්න වඳුරො වඳුරො විදිහටම ඉන්නෙ ? උනුත් පරිණාමය වෙන්න එපැයි. මහ ලොකු බෞද්දයන්ගෙ මොලේ තරම - ඔන්න අයෙත් ගොන් කතාවක් කිව්වා, පරිනාමවදේ දේශනා කොලේ බුදුන් නෙමේයි. තොගේ ගොන් බුරු මොලේට තේරෙන තරම තමා, ඇයි තොගේ ඔය හිගන අල්ලාට කියල තොගේ මරණේ නවත්වගන්නේ නැත්තේ? - - - - neethiyen ma bari deval karanna kawruhari inna oone. - To : Dinesh Perera “I’m so sure baseless buddhists are behind this matter. Buddhists are the biggest betrayals in this land” තමුසේ කියන්නේ , බෞද්ද ධර්මයට අපහාස වෙන විදියට එක එක දේවල් විකුනන්නේ බෞද්දයෝ කියලද ? තමුසෙගෙ පිස්සුව හොඳටම තද වෙලා වගේ . නරකද පල්ලියෙන් වයින් ටිකක් බිල පුපේ ටිකක් වැඩියෙන් කෑවනම් . “Buddhists are the biggest betrayals in this land” ඒ කියන්නේ තමුසේ සහ තමුසෙගෙ පරමපරවේ එවුන් හරියට ප්රතිපත්ති ආරක්ෂා කරගෙන එනවා කියලද ? දන්නවද තමුසේ වගේ එවුන් තමයි එදා දෙපිට කාටුවෝ හැටියට වැඩකලේ . ඔප්පු කරන්න ඕනෙද ? තමුසේ දැන් අදහන ඔය මැජික් වාදය තමයි සාක්ෂි . පර සුද්දෝ ලන්ක්කවට ආවට පස්සේ තමුසෙලගෙ පරම්පරාවේ එවුන් තමයි උන්ගේ “ටොයිලට් පේපර්” හැටියට හිටියේ . දන්නේ නැත්නම් අහගන්න ඉතිහාසය ගැන දන්නා පොඩි ළමයෙක්ගෙන් . # දැන් ඉතින් කියයි “තමුසේ” කියල කියන්නේ “බෙස්ලස්” වචනයක් කියල . - සිරානේ මෙයා.. - සිරානේ මෙයා .. - Dinesh Perera.. ඔය පක්කිලි කුරුසයෝ 99% ක්ම කොටි යුද්ධයේදීත් කොලේ සාම කතා හමුදාව පුර පතුරවපු එක. එක නිසා තමා, ඕකුන්ව ප්රධාන මෙහෙයුම් වලින් අයින් කොලේ, එසේ නැත්නම් පෙරමුණේ ධයිර්ය බිදෙන නිසා. පාවාදෙන්න සේ හොයා ගත්තවුන් විටරක් පෙරමුණේ ඉදිරියෙන්ම ගමන් ගත්හ, උන්ම තමා දන්නේ වෙඩි වැදුනේ මොන පැත්තෙන්ද කියා. සාමෙට පමණක් බෙරිහන්දෙන්නුන් ටික පමණක් කදවුරු වල සේවෙට යෙදවුහ. අනෙක ඔය පක්කිලි කුරුසයෝ,ඔකුන්ගේ පල්ලියක්වත් හදනවද මෙරට කලා ශිල්පවලට අනුරූපව. ඕකුන් සුද්දටම තමා, හරියට තම්බිය අරාබියට වගේ. කුරුසයෝ සහ තම්බි යනු එකම කාසියේ දෙපැත්තයි. - හරියට තම්බිය අරාබියට වගේ. කුරුසයෝ සහ තම්බි යනු එකම කාසියේ දෙපැත්තයි. තොගෙ මහ උන් දෙන්නද තොට මේව කියා දෙන්නෙ ? මුස්ලිම් අය අරාබියට නං අහවල් රෙද්දකටද අහවල් අමාරුවකටද තොපිට කුරුසකාරයන්ගෙනුයි, කොටියගෙනුයි රට බේරගන්න උදව් කලේ ? තොපෙ මහ උනුත් තෝ වගේ කෙලෙහි ගුණයක් නැති කාලකන්නි දෙන්නෙක්ද බොල ? තොපිට යුද්ධෙ කරංයන්න හම්බ වුනෙත් ඉස්ලාම් රටවල් නිසා. තොපිලට දැන් එව්ව මතක නෑ. කාපු පතේ පහරන වල් හැත්ත. - …අහවල් අමාරුවකටද තොපිට කුරුසකාරයන්ගෙනුයි, කොටියගෙනුයි රට බේරගන්න උදව් කලේ … ඕක මේ විදිහට වෙනස් උනා නම් තමා හරි “…අහවල් අමාරුවකටද කුරුසකාරයන්ටයි, කොටියටයි රට බේරල දෙන්න උදව් කලේ… ” …කෙලෙහි ගුණයක් නැති කාලකන්නි… තොපේ හිගන කඩේකින් ගෙවා ඇණ පාර්සලයක් ගත් විට “කෙලෙහි ගුණය” දක්වන්න ඕනේ කොහොමද කියපන්? …යුද්ධෙ කරංයන්න හම්බ වුනෙත් ඉස්ලාම් රටවල් නිසා… යුද්ධයේ අන්තර්ජාතිය සම්පුර්ණයෙන්ම පාලනය කොලේ චීනය හා රුසියාවයි, නිශේධ බලයත් සමග. එසේ වුයේ ඉන්දියාව හා බටහිර, හොර හිගන පිචං තම්බියව තුට්ටු දෙකකටවත් මායිම් නොකළ නිසාය. යුධ හා ආර්ථික ආධාර පැත්තෙන් 70% ක්ම චීනාද, 20% ක් පමණ තොපේ මිතුරු ඊස්රායලයද ලබා දුනි. ඊස්රායලය ලබාදුන් අවි සුළු ප්රීමාණයක් වුවත් යුද්ධයේ වැදගත්ම කාර්යය කොලේ එම අවි මගිනි. පක්කා ලබාදුන්නේ ඉතාම පරණ වුත් අවි ටිකකි ඒවාද වෙළෙද පොලේ මිලට වැඩ ඉතා අධික මිලකටය. එම වැඩකට ගත නොහැකි පරණ අවි අපට විකුණු තොපේ බලු තම්බි පක්කා එම මිලෙන් අලුත් අවි මිලයට ගත්හ. තවම මලකඩ හුරමින් සිටින තොපේ බලු පක්කගේ අවි සුර ඉවර වෙන කල්හි, එම අවි තම්බි ත්රනස්තවාදය මැදීමට යොදාගත හැක. තොපේ මහලොකු හිගන ඉරානේ, මහින්දයව කඩේ යවා දෙනවා කිවූ නය තවම නම් ලැබුනේ නැත.හැබැයි නොගත් නයට පොලි නම් අපි තවම ගෙවති. එනම් අපගේ සබැ මිතුරන් වන්නේ ඊස්රායලය,ච්නය හා රුසියාවයි. - #raavna චීනෙ රුසියාවෙ ඉන්නෙ උඹලෑ මහ උන්ද ? ඕකුන් උබලට දීපු රෙද්දක් නෑ බොල. උන්ගෙ නිශේද බලේ ඇමරිකාව බල්ලෙක් ගානටවත් ගනං ගන්නෑ.. ඉරානය වගේ රටවල් වල බලපෑම් එක්ක තමා උඹලට යුද්දෙ දිගටම කරං යන්න හම්බවුනේ. වුන දේවල් හරියට දැනගෙන කතාකරපිය - මොහොමඩ් ආආහ්, උබට ඕක කියන්න ඇත්තේ පල්ලියට ගොස් කොන් කපපු ඇට වලු බිම අතුල්ලා අතුල්ලා, අල්ලා හුල්ලලා,, යයි තෙපෙර බාන කොටද? තොපේ ඔය හිගන ඉරානේ කියන එක තමා ඇමෙරිකාව අහන්නේ/කොරන්නේ , තුක් විතරක්, මෝඩයෙක් වී ලැබූ උපතට අපි මොනා කොරන්නද බන්. “සිංහල වියාපාරිකයාගේ වියාපාර සරුවේවා. යලිත් සිංහල ජාතිය ධනවත් වේවා. හොර හිගන වලත්ත තම්බිය අරාබියටම යැවේවා. අරාබි රටවල, හිගන තම්බියව ධනවත් කොරමින් වැඩකරන සිංහල මිනිසුනේ තම්බි හැත්ත පසෙකලා යලි රටට පැමිණ, වියාපාර පටන් ගන්න. අනිවාර්යයෙන්ම සරු වනු ඇත. හොර හිගන තම්බිය අරාබින් අතර පක්කිලියන් පිරිසක් බවට පත් වේවා, පත් වේවා, පත් වේවා.” - - - සාම ,අපිට ඕනෑනම් මේරට සීග්රයෙන් මුස්ලිම් කරණය කරන්ඩ පුළුවන් ,බලාපල්ලා උඹලගේ මහා ලොකු වීර රට ඇමෙරිකාවට වෙනදේ දිනකට දහස් ගානක් කතෝලිකයෝ මුස්ලිම් ආගම වැලද ගන්නවා.උබලගේ පොප් වීරයා මයිකල් ජැක්සන් මුස්ලිම් උනා .තව ටිකකලකින් ඇමෙරිකාවේ මැජෝරිටි එක මුස්ලිම්.උඹල දන්නවද තව අවරුදු 50 කින් ඔය කසිබල් ආගම ටික විසිවෙලා ඉතිරිවෙන්නේ මුස්ලිම් අගමැ විතරයි .දැනට මත් යුරෝපයෙන් උන් අදහන ආගම් කුණු බක්කියට වැටිලා.ගොඩක් මුස්ලිම් වෙලා .බලාපල්ලා යු කේ වල මුස්ලිම් කොච්චර ඉන්නවද .ඉතින් මේවගේ හිඟන රටවල් අපිට මොනවද . - HASAN says: …ඇමෙරිකාවට වෙනදේ … ඔබලාගේ හිගන තම්බි හැත්ත තමා තුට්ටු දෙකට රටවල් පිටින් මිතුරු ඇමෙරිකාවට පවා දෙන්නේ. උබලගේ මිතුරු ඇමෙරිකාවට වෙන දේ උබලම බලා ගනින්. අපි නම් ඔකුන්ගෙන් ගැලවෙන්න මාර්ග හොයා හොයා තමා ඉන්නේ. - The World’s Deadliest Book – The Koran - 60 percent of the Koran talks about violence/war/jihad. Go ahead, rape your sex-slaves (Possessions of the Right Hand). (Koran 4:3, :24, 5:89, 23:5, 33:50, 58:3, 70:30) Flying planes into buildings guarantees entrance to heaven. (Koran 9:111) Some will say these verses are taken out of context, unaware that Muslims are allowed to lie (Taqiyaa) to strengthen and spread Islam. (Koran 3:28, 16:106) - මෝඩ තම්බියෝ , කුරුසකාරයෝ උඹලගේ ආගමට එන්නේ උන්ගේ ආගමේ කිසිම හරයක් නැති බව දන්නා නිසාත් ,ගැනු පෙරේතකම නිසාත්. - යූරොප් වල මිනිස්සු උඹලගේ ආගමට හැරෙන එකගැන නම් හරියට දන්නේ නැ .මම දන්නා එකකක් තියෙනවා.උඹලගේ කුරානේ කොළ ඉරල තමා සමහර වෙලාවට සුද්දෝ ටොයිලට් ගිහින් පස්ස පිහින්නේ.ඒ තරමටම උඹලගේ ආගමට ආදරෙයි . - තියෙන ගොන් කම නිසා ඇමෙරිකාවට, ප්රංශයට අධෝමර්ගය පුල් විවර කොරගෙන සිටින හිවල් හිගන තම්බියා, මුස්ලිම් ලෝකයේ ප්රභලයින් සේ වැජබුන ඉරාකය, ලිබියාව බිලි දුන්හ. එම හිවල් හිගන මහා තම්බි හමුදාව මේ දවස්වල සිටිනුයේ සිරියාවේය. ඉරාන මැදිහත් වීම නිසා රුසියානු හමුදාවද ටිකෙන් ටික සිරියාවෙන් ඈත් වෙමින් සිටි. එනම් ලගදීම මහා හිගන තම්බි හමුදාව සිරියාව අත්පත් කොරගනු ඇත. ඉන් පසු උන්ගේ ඉලක්කය වන්නේ ඉරනයයි, මේ බටහිර අලුත්ම ප්රහාරක උපක්රමයයි. එනම් දැන් අරාබියේ පවතින්නේ තම්බි සහ තම්බි යුද්ධයකි, එයින්ම ඕකුන් ක්ෂණිකවම ගල් යුගයට(දැනටමත් සිටිනුයේ??) යනු ඇත. අපි නම් ඔකුන්ගෙන් (ඇමෙරිකාව,…) මිදිය හැකි සෑම උත්සහයක්ම දරමින් සිටි. - උඹල හෙන ආසාවෙන් ඇති නේ ඉරානෙට කෙලවෙනකං.. තොපිලට යුද්ද කරන්න උදව් කරපු රටවල් මතක නැති කාලකන්නි හැත්ත. මුස්ලිම් රටවල් නෙමේ තොපිලයි ගල්යුගේ ඉන්නෙ.. කෙලෙහි ගුණයක් නැති සින්හල හිඟන්නො - “.. තොපිලට යුද්ද කරන්න උදව් කරපු …”, ඕක මෙහෙම ලිව්වා නම් තම හරි “.. තොපිලව සුද්ද කරන්න උදව් කරපු …” - - - - weldone Bodubala sennaaaaaaaaaaa - Guys now these guys are mixing up with Buddhism and Nationalism I am bet these lot are bunch of gangsters - @Dinesh Perera, මොකක්ද බං baseless කියන එකේ තේරුම. “පිටකොටුවේ වෙළඳසැල් කිහිපයක ජාතික ධජයේ සිංහ රූපය විකෘති කර අලෙවි කිරීම” කියන එකද? - Dinesh “?” ලකුණට හරිම බයයි . - - ලන්කවෙත් අරබියෙ මුස්ලිම් පොලිසිය වගෙ බෞදඩ්ද පොලිසියක් හදන්න ඔනෙ - ආණ්ඩුවට උඩින් තව ආණ්ඩුවක් වගේ…..එල එල - මෙවා කරන්ඩ බලු සේනාවෙ බල්ලන්ට ලයිසන් දුන්නේ කවුද …අපෙ ගෙදරට එහෙම හොම්බ දාන්ඩ ආවොත් …මුන්ව දෙකට නමලා ……කරන දේ එවෙලෙට පෙන්නන්නම්. - ජහමනයා වෙත , හොඳයි . කොරනකම් ඉන්නම ඇ ~~~~~~ - - බොක බර සේනාව පොලිසියේ තැන ගනීද…… - Good job by Budo Bala Sena!.. However, there is a serious question of the legality of the conduct of this move which is not akin to this particular organization. Nevertheless and rightly so, there is no surge of up rise from the general masses in Sri Lanka as long as the end result of any action whether leagl or otherwise is beneficial to all in general. - අප හමුවේ ඇති තර්ජනය සුලුපටු නොවේ බොදු බල සේනාව රැස් කරන්නෙ මොකටද කියල සමහරෙක් දන්නෙ නැ එ මහමෙව්නාවට සහ චතුරාර්ය සත්යට විරැද්ධව.ඒ අපට උරුම උපායශිලිත්වය ඔවුන්ටත් තියෙනවා එය අපි ලැබුවෙ අපේ සංස්කෟතියෙන් ඔබල දන්නෙ නැ මම වෙහෙසුන වෙහෙසිල්ල ඒ ඒකිය ලංකාවක් වෙනුවෙන් හැබයි මම මදුරුවෙක්වත් මරන්නෙ නැ.නමුත් එකක් කිවිය යුතුයි අපි නිවට නැ.මම කියන්නෙ ඔබලට හැම දෙයක්ම නෙවෙයි එක දෙයක් කරන්න කියා.සිංහල මිනිස්සු ජාතිවාදය කියන ඔවුන් වපුරන බිජයෙන් බෙරාගන්න.හැබයි ඔවුන්ට බලය සදහා ඇත්තෙ 60% ඒ සිංහල හා දෙමල නමුත් මට ඉන්නවා 68% ඒ සිංහල හා මුස්ලිම් - ahinsaka minisunta keeyak hari hoyaganda deepalla,valentine dawase kuragala yanawalu, kaatada pissu? muntada? apitada? - kale nam hoda wadak, habai rate neetiyata oya wade patahaniy neetiya atata ganna oya koy sanvidanayakatat baha, onenam paminili karanna tibba - චේතනාව හොද වුනත් නිල නොවන පොලිසියක් ලෙස ක්රියා කිරීමට කාටවත් බලයක් නෑ. එයින් වෙන්නේ ගැටුම් ඇති වීමට මග පෑදීමයි. මේ සංවිධානයේ අරමුණත් ඒකයි. - ජාතික කොඩිය විකිනිමට සදහාත් හලාල් සහතිකයක් තිබිය යුතුයි.-පිටකොටුවෙ හම්බයන් - මේ වගේ කාලකන්නි සංවිධාන තහනම් කරන්න පියවර ගන්න ඕනෙ ! - ko me araya?R.Dias kiyana wasalaya.borukaraya.kohoma unath hoda wedak bodu bala senawen kerenne.ape sahaya bodu bala senawata. - muslim sahodaraya nikam boru kiyanna epa saudiye pawamuslim aya kithudahama walada gannawa pakisthanaye eejipthuwe nijeeriyawe wani boho muslim janathawa kithu dahamata enawa borunam anatharajalaya haraha gos dana ganna saudiye kithu dahama walada gath kee denekwa hira kalada kee denekwa mara dammada nikam boru dodawanna epa muslim agame balapam nowunanam ada mada peradiga boho denek kithu dahama waladagen iwarai - sri lankika warathamana kodiyata garu karana obala mulinma bakthimath katholika .e.w.perera mathi thumata nayagathiweya uthui england wala wels rohale thibi soyagath sinhalaye awasana raju wana sri wicrama rajasingha rajathumage kodiyata dakunathin kaduwaka allagena inna anuruwak nirmana kara .1948 nidahas dinayadi oswapu nisa - arabi lokaya amerikawa ekka tharaha israyalwalata sahaya dena nisai amerikawa nothibunanam muslim ayata higa kanna wenne thel hoyala dunne mulu arabi lokayama amerikawata naya gathi kuwait walata gahapu welawe amerikawa udaw nokalanam sadam kiyana thirisan minisa ema rata winasa karala meeta issara iranayai irakayai maragaththa ane obalage samaya puruthugresi karaya noenna lanakawath thawath afgahanistanayak wela - උබට තේරෙන සිංහලෙන් ලියන්ට ඕනේ නම්, http://www.google.lk/intl/si/inputtools/cloud/try/ - - ලංකාවේ ඉන්න හොර ( න් ගී ඔ )ලාව රටින් පන්නන්න මුන් තමඊ මෙවා කර්රන්නේ - උඔල හිතන්නෙ අපි ජාතිවාදියො ආගම් වාදියො කියලද මේ තමයි බෞද්ධ ප්රතිරුපක උඹල හිතන්නෙ නැ අපි සම්බුදු දහම රැක ගන්නවා කියලා උඹලගෙ මනුෂ්යත්වය අඩුයි ඒකයි මිත්යාදෟස්ටියට ආවඩන්නෙ අපි කැමති නැ මේවා share කරන්න.නමුත් උඹල හරි බයයි නමුත් සිංහල කම තියෙන්න ඕනෙ උඹල ලග හොදට සිංහල කම කියන්නෙ බෞද්ධකමට මම කියන්නෙ මම දියසෙන් කියල නෙවෙයි මම කපටි නැ කියලා උඹලගෙ රජ්ජුරුවො මම එකට කැමතිද නමුත් එකක් කියනම් මම අකමැති දේවල් ඒ තමයි ප්රාණඝාතය නුඹල හිකනවා අපි මදුරුවො මරන්න ඕනෙ කියා ඒ උඹල කර්මය ගැන විස්වාස නොකරන නිසා උඹල වගෙ පව් කාරයො නැ කියා මම කියන්නෙ නැ හැබයි පවි කරන්න එපා - මෛත්රි සහගත කාය ක්රියා වල නිරත වෙන්න ඒ වගේම මෛත්රි සහගත වාචික ක්රියා වල සහ මෛත්රි සහගත සිතුවිලි වල නිරත වන්න ජාතිවාදය සහ සෘජු බවේ වෙනස ඒ වගේම අවංක කම සහ වංක කමේ වෙනස හදුනාගන්න.ශ්රද්ධාවෙ සහ සැකයෙ වෙනසත් අදුනාගන්න - බොදු බල සෙනාවෙ චෙතනාව යහපත් උවත් එය ක්රියාත්මක කරන ක්රියාපිලිවෙල ගෑලපෙන්නෙ නෑ..අනික පොලිස්සිය හෑර වෙනත් බලවෙගවලට “වෑටලිම” සිදු කිරිමට නිතිමය අයිතියක් නෑහෑ. බොදු බලෙ මෙම ක්රියාකලාපය නතර නොකලොත් ඔක වෑඩි කාලයක් තිබෙන එකක් නෑ.මොකද කිසිම කෙනෙක් පොලිස්සිය හෑර වෙනත් අය පෑමින තම වෑඩකටයුතුවලට බාදා කරනවාට නවතා දමනවාට පොඩ්ඩක්වත් කෑමති නෑහෑ.බොදු බල සෙනාවම කවදහරි රුදිරයෙන් නෑහෑවියන වෑඩක් සිදු නොවුනොත් එහි පුදුමයක් නෑහෑ.. ඈගිල්ලෙ තරමට ඔනෙ ඉදිමෙන්න.නෑත්තම් ඉතින් පිට ඉන්න මිනිස්සුත් රජයත් වෑඩිකාලයක් ඉවසන එකක් නෑහෑ.අන්තිමට බොදු බලෙ තහනම් වෙන තෑනට වෑඩ කටයුතු සිද්දවෙවි..එකෙන් පාඩුව වෙන්නෙ දෙශහිතයිශි ජනතාවටමයි.බලන්න අනගාරික දර්මපාලතුමා හින්දුන්ගෙන් බෞද්ද සිද්දස්තාන රෑකගෑනිමට මනා සන්යමයකින් යුතුව ගෙන ගිය වෑඩපිලිවෙල?බොදුබලෙ විදිහට එතුමත් හෑසිරුනානම් එතුමගෙ කෑලිත් හොයාගන්න ලෑබෙන්නෙ නෑ.නමුත් එතුමගෙ අරමුන සාර්තක උනා. - මෙතන දාල තියෙන කොම්මෙන්ට් ටික දැක්කම, මට නම් හිතෙන්නෙ අපේ රටේ එවුන්ට කාල තෙල වැඩිවෙලා කියල.මම මේ කියන්නෙ සියලු ආගම් ජාතීන් සියල්ලටම පොදුවෙ. ඇත්තටම අවුරුදු 30 ක් ලේ හලල ජාතික ධනය විනාශ කරල දැන්වත් පිල් වලට බෙදෙන්නෙ නැතුව ඉන්න බෑනේ, මොකක් හරි කුනු ගොඩක් අල්ලගෙන ප්රශණ ඇති කරගන්නයි හදන්නෙ. කොඩියෙ අප්සෙට් එකක් තියෙනෙවන්ම් වැරදිකරුට දන්ඩුවම් කලා නම් හරි එච්චරයි. - Agree, e unata siuru trasdawadaya dang nagala inney… mokada LTTE kale pussi patau wage hitapu ung dan sinha part danawa. -
hplt_2
පාෂාණීය ධාතු විද්යාව පාෂාණීය ධාතූ විද්යාව යනු ශාක හා සත්ත්ව පොසිල පරීක්ෂා කිරීම හරහා පෘතුවිය මත ඇති ප්රාග් ඓතිහාසික ජීවි ආකාර පිළිබද අධ්යයනයයි. මෙයට වස්තු පොසිල, පථ, බෙන, ඉවත් කළ කොටස්, පොසිල ගත වුණු මල හා රසායනික අවශේෂ පිළිබද අධ්යයන ඇතුළත් වෙයි. ප්රාග් ඓතිහාසික මනුෂ්යයන්, ඔවුන්ගේ සංස්කෘතිය හා ඔවුන්ගේ හැසිරීම පිළිබද අධ්යයනය, පුරා විද්යාව හා පාෂාණීය ධාතු මනුෂ්ය විද්යාව යන විෂය පථයන්ට අයත් වෙයි. පාෂාණීය ධාතු විද්යාවේ පසුබිම[සංස්කරණය] නූතන පාෂාණ ධාතු විද්යාව මඟින්, විශ්ව භූ විද්යා පාෂාණ ධාතු විද්යාවේ භෞතික වෙනස්වීම් හා පාෂාණ ධාතු දේශගුණය කොතරම් දුරට ජීවිත පරිණාමනය කෙරෙහි බලපෑම් ඇති කර ඇත්ද යන්න, පරිසර පද්ධති මෙයට මෙම වෙනස්වීම්වලට ප්රතිචාර දක්වා ඇති ආකාරය හා ග්රහලෝක පරිසරය යොදා ගන්නා ආකාරය හා ජෛව විවිධත්වයේ නූතන රටාවට මෙම ප්රතිචාර දැක්වීම කෙසේ බලපා ඇත්ද යන්න අධ්යයනය කිරීම තුළින් ඉපැරණි ජීවිතය එහි සන්ධර්භය තුළ තබයි. මේ නිසා පාෂාණීය ධාතු විද්යාව ජීවී ආකාර සමඟ හා ඒවා අන්තර්ක්රියාකාරී වන ආකාරය අනුව සැලකෙන ක්ෂ්ත්රෙය වන භූ විද්යාව (පාෂාණ හා පාෂාණ නිර්මාණය පිළිබඳ කරන අධ්යයනය), උද්භිද විද්යාව, ජීව විද්යාව, සත්ව විද්යාව හා පරිසර විද්යාව සමඟ අතිච්ඡාදනය වේ. පාෂාණීය ධාතු විද්යාවේ ප්රධාන උප ඒකකවලට පාෂාණීය ධාතු සත්ව විද්යාව (සතුන්) , පාෂාණීය ධාතු උද්භිද විද්යාව (ශාක) හා ක්ෂද්ර පාෂාණීය ධාතු විද්යාව (ක්ෂද්ර පොසිල) ඇතුළත් වේ. පාෂාණීය ධාතු සත්ව විද්යාඥයෙකුගේ මනුජ පොසිල (පාෂාණීය ධාතු මානව විද්යාව) ඇතුළත්ව කොඳු ඇට පෙළක් නැති සතුන් සමඟ කටයුතු කරන හා කොඳු ඇට පෙළක් සහිත සතුන්ගේ පොසිල සමඟ කටයුතු කරන අපෘෂ්ටවංශී පාෂාණීය ධාතු විද්යාවේ විශේෂඥ විය හැක. ක්ෂුද්ර පාෂාණ ධාතු විද්යාඥයින් කාබනික බිත්ති සහිත ක්ෂුද්ර පොසිල ඇතුළත්ව අන්වීක්ෂීය පොසිල අධ්යයනය කරන අතර ඔවුන්ගේ අධ්යයනය පැලිනොලොජි ලෙස හඳුන්වයි. වර්තමානයේ දී පාෂාණීය ධාතු ජීව විද්යාවේ, පාෂාණීය ධාතු පරිසර විද්යාව, ඉච්නොලොජි (අඩි සටහන් හා බෙන පිළිබඳ කරන අධ්යයනයකි.) හා ටැෆොනොමි (පටක කල් ඉකුත් වීමෙන් පසු ඒවාට සිදු වන දේ ගැන කෙරෙන අධ්යයනය) වැනි ක්ෂේත්ර විශේෂඥ වෙමින් පවතී. අධ්යයනයේ ප්රධාන කොටස් අතරට පාෂාණ ස්ථර ඒවායේ භූ විද්යාත්මක අවධිය සමඟ ඇති සහසම්බන්ධය හා ජීවී ආකාරය පරිණාමනය පිළිබඳ අධ්යයනය ඇතුළත් වේ. පාෂාණීය ධාතු විද්යාව භාවිතා කරන්නේ 18 වන සියවසේ මැද භාගයේ ස්වීඩන ජෛව විද්යාඥයෙකු වූ කාලස් ලිනායස් විසින් ගොඩ නංවන ලද ජීවී ද්රව්යවල ජීව විද්යාවේ සඳහා විවිධත්වයට පත් කර ඇති එම සම්භාව්යය, ද්වීමය නාමකරණ ක්රියා පටිපාටියම වන අතර එමඟින් වර්තමානය වන විටත් විවේචනයට බඳුන්වන තාක්ෂණික ක්රමයක් වන සත්ව ලෝක අධයයනය යොදා ගෙන ඔවුන්ගේ එකිනෙකට සැබැඳීමට ඇති කැමැත්තේ ප්රමාණය පෙන්වමින් එම ජීවී විශේෂ ජාන විද්යාත්මක සැකිලි රාමුවක පිහිටුවයි. පාෂාණීය ධාතු විද්යාවේ මූලික ආර්ථික විද්යාත්මක වැදගත්කම රැදී තිබෙන්නේ ඒවා අඩංගු පාෂාණවල හෝ උඩින් පිහිටි ස්ථර හෝ යටින් පිහිටි ස්ථරවල වයස හා ස්වභාවය තීරණය කිරීම සඳහා පොසිල යොදා ගැනීමෙහිය. මෙම තොරතුර පතල් කර්මාන්තයේ දී හා විශේෂයෙන් පෙට්රෝලියම් කර්මාන්තයේ දී අතිශයින් වැදගත් වේ. පාෂාණයක් තුළ අඩංගු පොසිල නිරීක්ෂණය, එම පාෂාණයෙහි වයස පැවසීමේ වඩාත් වේගවත් හා කාර්යක්ෂම ක්රමවලින් එකක් වේ. පොසිල ආදි කාලීන මිනිසුන් විසින් දැන සිටි අතර සමහරක් විට ඉපැරණි ජීවී ආකාරවල අවශේෂ ලෙස නිවැරදිව හඳුනාගනු ලැබීය. පාෂාණීය ධාතු විද්යාව සංවිධානාත්මකව අධ්යයනය කිරීම ආරම්භ කරනු ලැබුවේ 18 වන සියවසේ සිටය. වඩා සම්පූර්ණ ඓතිහාසික දළ විශ්වලේෂණයක් සඳහා පාෂාණීය ධාතු විද්යාවේ ඉතිහාසය යන ලිපිය බලන්න. පාෂාණීය ධාතු විද්යාඥයෝ[සංස්කරණය] ඉතිහාසයේ ප්රසිද්ධ පාෂාණ ධාතු විද්යාඥයින් කිහිපදෙනෙක් සිටියහ. චාල්ස් ඩාවින් විසින් බීගල්හි කළ සවාරියක දී දකුණු ඇමරිකානු ක්ෂීරපායීන්ගේ පොසිල එකතු කළ අතර පැටගෝනියාවේ පාෂාණිගත වූ වනාන්තර පරීක්ෂා කරන ලදී. මැරී ඇනින් ද සැලකිල්ලට භාජනය වන මුල් කාලයේ පාෂාණ ධාතු විද්යාඥයෙකි. ඇය ඇයගේ ඉපදුනු නඟරය වූ ලයිම් රෙගිස් තිබී වැදගත් පොසිල කිහිපයක්ම සොයා ගන්නා ලදී. තනිවම ඉගෙන ගත්තත් ඇය අතිශයින් ක්රමානුකූල ක්රමයකට ඒවා එකතු කර විස්තර කරන ලදී. විලියම් බක්ලන්ඩ්, රිචඩ් ඔවෙන්, ගයිඩියන් මැන්ටල්. ජේජස් කුවියර් හා තෝමස් හක්ස්ලේ පාෂාණ ධාතු විද්යා ක්ෂේත්රයේ වැදගත් මුල්කාලීන නියමුවන් වූහ. තෝමස් ජෙෆර්සන් මැමත්වරුන්ගේ අස්ථි ගැන විශාල උනන්දුවක් දැක්වීය. 19වන සියවසේ දී එඩ්වර්ඩ් ඩ්රින්කර් කෝක් සහ ඔත්නියල් චාල්ස් මාෂ් අතර Bone wars (අස්ථි යුද්ධය) යනුවෙන් හැඳින්වුණු දැඩි තරඟකාරී ස්වභාවයක් හටගත් අතර එහි දී උතුරු ඇමරිකාවේ ස්වභාවික ඉතිහාසය සහ පෘෂ්ටවංශික පාෂාණ ධාතු විද්යාව පිළිබඳ වූ දැනුම විශාල ලෙස වර්ධනය වීම සිදු විය. කෙසේ නමුත් මෙම තරඟකාරී සමය තුළ දී භාවිතා වූ ඇතැම් ක්රමවේද පිළිගත හැකි මට්ටමේ ඒවා නොවීය. වර්තමානයේ ඌටා හි පිහිටා තිබෙන ජාතික ඩයිනසෝර ස්මාරකය මඟින් ආරක්ෂිත පොසිල කැනුම් ස්ථානය ආරම්භ කරන ලද්දේ පෙන්සිල්වේනියාවේ පිට්ස්බර්ග්හි කානවී විශ්ව විද්යාලයේ මහාචාර්ය අර්ල් ඩග්ලස් විසිනි. මහාචාර්ය ඩග්ලස් විසින් මතු කරගන්නා ලද වර්තමානයේ ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාර ගණනාවක දැක ගත හැක. මේ අතර ජෛව පුරා විද්යාවෙහි පුරාගාමියෙකු වූ බැරන් ෆ්රාන්ස් නොප්ස්කා ඉදිරිපත් කළ මතයට අනුව ඩයිනෝසෝරයන් උණුසුම් ලේ ඇති සත්ව කොට්ඨාශයක් වූ අතර පක්ෂීන්ගේ මුතුන්මිත්තන් වේ. ක්ෂීරපායී දත් පිළිබඳ විශ්ලේෂණය කිරීමක් පෙන්ගුයින් සැකිලි සම්බන්ධ කැනීම් කටයුතු සිදු කිරීමත් හැරුණු විට ජෝර්ජ් ගේලෝඩ් සිම්සන් ජීව විද්යාව, පාෂාණ ධාතු විද්යාව සහ ජාන විද්යාව යන ක්ෂේත්රවලින් අදහස් එකතු කොට ජෛව පරිණාම විද්යාවේ නව අදහස් නිර්මාණය සඳහා විශාල දායකත්වයක් දැක්වීය. ඔහු විසින් රචනා කරන ලද “Tempo and Mode” නම් ග්රන්ථය මෙම ක්ෂේත්රයෙහි ඉතා ප්රචලිත ග්රන්ථයක් වේ. අපෘෂ්ටවංශී පාෂාණ ධාතු විද්යාව හා සම්බන්ධ වැදගත් පුද්ගලයින් අතරට ස්ටීවන් M. ස්ටැන්ලි, ස්ටීවන් J. ගෝල් , ඩේවිඩ් රවුප් , රොසී H. ෆ්ලවර් සහ ජැක් සෙප්කොස්කි යන අය අයත් වේ. මොවුහු පෘථිවිය මත ජීවයෙහි පරිණාමෙය් දිගු කාලීන රටාවන් පිළිබඳ අප සතු දැනුම ඉහල නැංවීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කර ඇත. පුරා මානව විද්යා ක්ෂේත්රයෙහි පතාක යෝධයන් අතරට ලුවිස්, මේරි සහ රිචඩ් ලීකි, රේමන්ඩ් ඩාර්ට් , රොබට් බෲම්, C.K. බොබ් බ්රේන්, කෙනෙත් ඕක්ලි, රොබට් ආඩ්රි සහ ඩොනල්ඩ් ජොහැන්සන් යන අය අයත් වේ. වඩාත් නුතනව මොංගෝලියානු පාෂාණ ධාතු විද්යාඥ රින්චන් බාස්බෝල්ඩ් ඩයිනසෝර සහ පක්ෂි පරිණාමය සම්බන්ධව අප සතු දැනුම පුළුල් කිරීම සඳහා දැඩි මෙහෙවරක් ඉටු කරන ලදී. මේ හැරුණු විට චිකාගෝ විශ්ව විද්යාලයේ පෝල් සෙරේනෝ විසින් සහරා කාන්තාරය වැනි පොසිල ගවේෂණ කටයුතු බහුලව සිදු නොවූ ප්රදේශ කිහිපයකින් ඩයිනෝසරයන් සම්බන්ධ වැදගත් සොයා ගැනීම් කිහිපයක් සිදු කර ඇත.
hplt_2
සම්මත අපගමනය සම්භාවිතාවයේ දී හා සංඛ්යානයේ දී සම්භාවිතා ව්යාප්තියක, සසම්භාවී විචල්යයක, ගහනයක හෝ අගයයන් සමූහයක සම්මත අපගමනය යනු අදාල අගයන්ගේ සංඛ්යාන විසිරුම දක්වන මිනුමකි. සම්මත අපගමනය සාමාන්යයෙන් σ අක්ෂරය මඟින් දැක්වෙන අතර විචලතාවයේ වර්ගමූලය ලෙස අර්ථ දැක්වේ. සම්මත අපගමනය තේරුම් ගැනීම සඳහා විචලතාව, දත්ත ලක්ෂ්ය හා මධ්යන්ය අතර ඇති අන්තරයන්ගේ වර්ගයේ මධ්යන්යය සිහියේ තබා ගත යුතුය. විචලතාව වර්ග කළ ඒකක වලින් යුතුව වගු ගත කෙරේ. ඒ අනුව එහි වර්ගමූලය වන සම්මත අපගමනය මඟින් දත්ත අයත් වන ඒකක ඔස්සේම මධ්යන්යය වඩා දත්තවල විසිරුම මනිනු ලැබේ. වඩාත් විධිමත්ව ප්රකාශ කරන්නේ නම්, අගයන් සමූහයක් ඒවායේ අංක ගණිතමය මධ්යන්යයේ සිට දක්වන වර්ග මධ්යන්ය මූල අපගමනය සම්මත අපගමනය නම් වේ. උදාහරණයක් ලෙස {4, 8} ගහණය සඳහා මධ්යන්ය 6ක් වන අතර මධ්යන්යයේ සිට අපගමනය පිළිවෙලින් {−2, 2} වේ. එම අපගමනවල වර්ග අගයන් පිළිවෙලින් {4, 4} වන අතර එහි මධ්යන්ය (එනම් විචලතාව) 4ක් වේ. එබැවින් ඉහත අවස්ථාව සඳහා සම්මත අපගමනය 2කි. මෙම උදාහරණය සඳහා දී ඇති ගහනයේ අගයයන් 100% ක්ම මධ්යන්යයේ සිට එකම නියත සමමත අපගමනයක් සහිතව පිහිටයි. දත්ත සමූහයක අඩංගු අගයයන් කෙතරම් දුරකට විසිරී ඇත්දැයි මැනීමට යොදා ගන්නා සම්මත අපගමනය බහුලවම භාවිතා වන සංඛ්යාන විසිරුම මිනුම් ක්රමය වේ. දත්ත ලක්ෂ්යන් බහුතරයක් මධ්යන්යයට ආසන්න වේ නම් සම්මත අපගමනය කුඩා අගයයක් ගන්නා අතර දත්ත ලක්ෂ්ය බහුතරයක් මධ්යන්යයට ඈතින් පිහිටන විට සම්මත අපගමනය විශාල අගයයක් ගනී. සියළු දත්ත අගයයන් සම වන විට සම්මත අපගමනය ශුන්ය වේ. නියැදියක සම්මත අපගමන/ අපගමනයන් විකරණය කිරීමෙන් නියැදිය ලබාගත් ගහණය සඳහා සම්මත අපගමනය ඇස්තමේන්තු කළ හැක. ඒ සඳහා ගන්නා සමීකරණ පහත දක්වා ඇත.
hplt_2
ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවිය පසු කුසිනාරානුවර මල්ල රජදරුවන්ගේ සල්උයනේ සඳුන් දරසෑය මත සිරුර ආදාහනය කළ පසු උන්වහන්සේගේ දැවෙන සොහොනට අනුගාමික දහසක් දෙනා රන්, රිදී, මුතු, මැණික් ආදී ආභරණ දහස්ගණන් විසිකළේ වාවාගත නුහුණු ශෝකය නිසාය. එම රන් රුවන් උණුවී නිර්මාණය වුනණදඹරන්වලින් හැදුවා යයි කියන පෙති පිළිම අදත් තැනින්තැන පූජාවස්තූන් ලෙසින් හමුවේ. ඒ බුද්ධ පරිනිර්වාණය පිළිබඳ පුරාවෘතවලින් දැක්වෙන කතාය. අප අද බොහෝ භක්ත්යාදරයෙන් වන්දනා කරන මහනුවර දළදා මාළිගයේ වැඩසිටින දළදා වහන්සේ අපට පූජාවස්තුවක් ලෙසින් ලැබුණේ දැඩි අවහිරතා මධ්යයේ බව අපි නොදනිමු. ඒ සඳහා දෙව්ලොව දෙවියන් මෙන්ම මනුෂ්ය ලෝකයේ ප්රභූන්ද අපට බොහෝ සේ උදව් විය. දළදා වහන්සේ ළඟතබාගත් දඹදිව පඬුවස් රජ මිත්යාදෘෂ්ඨික අදහස් වැළඳ එම දළදාවට කළ හිරිහැර බොහෝය. වරක් කිණිහිරියක් මත තබා මිත්යාදෘෂ්ඨිකයන් ලවා දළදාවහන්සේට කුළුගෙඩිවලින් පහරදීමට අණකරද්දී, දළදාවහන්සේ එම කිණිහිරියේ එරී ගොස් නිරුපද්රිතව වැඩසිටි බව බෞද්ධ සාහිත්ය පුරාවෘතවල දැක්වේ. එහිදී දළදාව ප්රාතිහාර්ය පෑ බව කියෑවේ. එහිදී කිසිවෙකුටත් කිණිහිරෙන් මෑත්කොට ගත නොහැකි වූ දළදා වහන්සේ ඉන් මෑත්කොට වඩා හිඳුවාගත්තේ බුදුරජාණන් වහන්සේට ෙ-තවනාරාමය කරවා පූජා කළ අනේපිඬු මහ සිටුගේ සත්වැනි මුණුබුරා වූ සුභද්ර නමැති සිටාණන්ය. මේ සිටාණෝ බුදුරජුන්ගේ දහසක් ගුණගායනා කරමින් වැඳ දොහොත්මුදුන් කළ අවස්ථාවේ රශ්මිකදම්භ විහිදුවමින් ඒ සම්යක්දෘෂ්ටික පිංවතාගේ දෝතට වැඩියහ. එහිදී සුභද්ර සිටාණන් ජාතක වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කළ බව පැවසේ. මෙහිදී ගායනා කළ අලංකාර පද්ය බෞද්ධ ග්රන්ථවල දැක්වෙන අතර ඒවා අත්යලංකාර බව කිව යුතුය. මුනි රාජ වරො - නර රාජ වරො දිවි දෙව වරො - සුචි බ්රහ්මවරො සක පාප හරො - පර පාප හරො සක වුද්ධිකරො - පර වුද්ධි කරො ලෝක ජනී ජනයාගේ පූජාවට පාත්රවූ අනන්ත කරුණා ගුණයෙන් යුත් මහා කාරුණික වූ සියලු ප්රඥවට මුල්වූ, ශාඛ්යවංශයට අයත්, මාරදිව්යයාට බියක් වූ සියලු සත්ත්වයාට ප්රිය උපදන්නාවූ, ලෝක ශිවඞකර වූ පාපභයඞකරවූ සර්වඥ දිවාකරයාණන් වහන්ස. ඔබ වහන්සේගේ ආශ්චර්යය පෙන්වාදුන මැනව. ආදී වශයෙන් උන්වහන්සේගේ ගුණ ගායනාකරන විට ප්රාතිහාර්යය පාමින් ජනී ජනයා විශ්මපත් කර ඇත. මෙහිදී මිත්යාදෘෂ්ටික අදහස් දැරූ පඬුවස් රජ බෞද්ධයකු වූ බව පුරාවෘතවල සඳහන්ය. නමුත් නිගණ්ඨයන් රජුගේ සිත් නැවත නැවතත් පාරමින් දළදාවහන්සේට අවමන් කිරීම සඳහා යොදාගන්නට උත්සාහ කළ බව පැවසේ. එහෙත් පසුව තෙරුවන්සරණ ගිය උපාසකයෙක් වූ එම රජු තම රාජ්යයද දළදා වහන්සේට පූජා කළේ මහත් බැතිසිතිනි. පසුව පඬුවස් රජතුමා සසුනේ පැවිදිව සිට කාලක්රියා කළ බව පැවසේ. ඉන්පසු "ගුහසීව" රජු දළදාව දන්තපුරයට වැඩමවා ගත් අතර පුද පූජා පවත්වමින් එයට ගෞරවාදරය පිරිනැමූ බව කියෑවේ. එම අවධියේ උදේනි රජුගේ පුත්වූ දන්තකුමරු මහත් වූ පින් ඇත්තෙක් වූ අතර කළිඟු පුරයට පැමිණ දළදා වහන්සේට බුහුමන් දක්වමින් එහි වසන්නට විය. දන්තකුමරු යහපත්ය පැහැපත්ය. ප්රියඋපදනා සුලුය. මහපින් ඇතියහ. "ගුහසීව" රජුට මේ තරුණයා හිතට ඇල්ලුවේය. දිනක් රජු දන්තකුමරුට කතාකොට "පුත නුඹ රාජකීයයෙකි. වාසනා ගුණය පුරුදු පුහුණු කළ අයෙකි. හොඳම හොඳ බෞද්ධයෙකි. මම මගේ ඇසවන්· රූපකාය සම්පතින් අගපැමිණි· හේමමාලාවෝ තොපට සරණකර දෙමි. පුත, ඊට කැමැතිදැයි කියව· "ඉන්පසු දන්තකුමරු ගුහසීව රජු අමතා "මහරජ පියාණනි· ඉදින් ඔබවහන්සේගේ කැමැත්ත එයනම් මම ඊට කෙසේ පිටුපාන්නේ වෙම්ද? මම කැමැත්තෙමි." මේ අයුරින් දෙපාර්ශ්වයේ කැමැත්තෙන් ඒ දෙදෙනා අතර විවාහය මහත් උත්සවාකාරයෙන් සිදුවිය. දළදාවහන්සේ රැක්මේ කාර්යභාරය ඉන්පසුව පවරන ලද්දේ මේ දන්ත කුමරුට හා හේමමාලාවන්ටය. පසු කලෙක දන්තධාතූන්වහන්සේ පැහැරගනිමියි සිතූ "ක්ෂීරධාර රජ පුත්වරුන්" ගුහසීව රජු සමඟ යුද්ධ ප්රකාශ කළවිට මහසෙන් රජුගේ අවධියේ සිට තිබූ මිත්රත්වය ප්රයෝජනයට ගනිමින් දළදාවද රැගෙන ලක්දිවට යන ලෙස ගුහසීව රජු කම බෑණා වන දන්ත කුමරුට හා දියණිය හේමමාලාවන්ට ආදරයෙන් කියා සිටියහ. "මම ච පිය සහායො සො මහාසෙන රාජා ජින චරිත සරොප් ද්ව ද්ව සෙවාභි යුත්තො සලිලම පිච පුට්ඨො ධාතුයා පත්ථයන්තො විවිධ රතන ජානං පාභතං පෙසයි තථ" ආදී වශයෙන් මහාසේන රජු පෙරදී තමා වෙතින් දන්තධාතූන් වහන්සේ ඉල්ලූ ආකාරයද සිහිපත් කර දුනි. ඉන්පසු බ්රාහ්මණ වෙස්ගත් දන්ත කුමරු හා හේමමාලා කුමරිය දළදාව සඟවාගෙන මහත් හිරිහැර කරදර මධ්යයේ ලක්දිව බලා ඒමට පිටත්වුනි. තමලිංගමු නුවරින් නැව් නැගි ඔවුන් දළදා වහන්සේගේ ඍද්ධිබලයෙන් කිසිදු ආපදාවක් නොමැතිව ලංකාපටුනට සැපත් වූහ. මොවුන් ලක්දිවට ගොඩබැස්සේ මහසෙන් රජුගේ පුත්වන කීර්ති ශ්රී මේඝවර්ණ රජ දවසය. මෙම රජුගේ රාජ්ය ප්රාප්තියෙන් නවවන වර්ෂය වූ ක්රි.ව. 312 දී. දන්ත කුමරු හා හේමමාලා කුමරිය දළදාව රැගෙන ලක්දිවට ආ වග ඉතිහාසයේ සඳහන් වේ. එදා දෙවනපෑතිස් රජු විසින් බුදුසසුනට පූජා කළ මහමෙව්නාවේ පිහිටි ධම්මචක්ක ගෘහයේ දළදාව තැන්පත්කර රජු ඇතුළු පිරිස් ඊට පුද සත්කාර කළ බව බෞද්ධ සාහිත්යයේ සඳහන්යෑ. අනුරාධපුරයට වැඩම කළ දළදා වහන්සේ එම ශුද්ධ භූමියෙහි වඩා හිඳුවා. මහ පූජාසත්කාර කිරීමට රජු අණකළේය. ඒ සඳහා දෙවියන්ගෙන්ද සහාය ලැබුණ බව බෞද්ධ පොතපතේ සඳහන්ය. කෙසේ වෙතත් බුදුන්වහන්සේ ජීවමානව සිටියදී දෙසා වදාළ ලෙසින් ප්රධාන පූජාමය වස්තුවක් අපට ලැබීම අපේ බෞද්ධ ජනයාගේ භාග්යයක් කොට සැලකිය යුතුය. එදා එම අවස්ථාවේ ශ්රී දන්තධාතූන් වහන්සේ කිත්සිරිමෙවන් රජුට දැකගැනීම පිණිස මහා පෙළහර දැක්වූ අතර රජු පැහැද පස්වනක් ප්රීතියෙන් පිනාගොස් දන්තධාතූන්වහන්සේට පුදසත්කාරාදිය පැවැත්වීම පිණිස නුවරුන් අණවන ලදී. ඒ අතර රජතුමා ශ්රී දන්තධාතූන්වහන්සේ හිස මුදුනේ තබාගෙන සිංහාසනයෙන්ද පූජාකර මහා ශබ්දපූජා පවත්වා දළදාවහන්සේ අනුරාධපුර නගරයේදී පූජ්යත්වයට පත්කරන ලද්දේ දළදා පූජාවන්ටද අණ කරමින්ය. එදා නුවරවැස්සෝ මේ මහා ප්රාතිහාර්යය දැකගැන්ම සඳහා දහස් සංඛ්යාතව පෙළසැදී සිටගත්හ. නැවතද සොළීන් ලක්දිව ආක්රමණය කර දළදාවත්, පාත්රාධාතුවත්, මිණිබෙරයත් රැගෙන සොළීරටට පලාගියහ. මෙයින් කෝපයට පත් සිළු සිරිසඟබෝ රජතුමා මන්නාරම් තොටින් නැව්නැගීගොස් සොළීපුර අවරෝධනය කර දළදාවත්, පාත්රාධාතුවත්, මිණිබෙරයත් ආපසු ලංකාද්වීපයට ගෙන එන ලදී. ඉන්පසු රාජපරම්පරා ලෙසින් ගජබා රජතුමා, මහළු විෙ-බා රජතුමා මහළු පැරකුම්බා මහජතුමා දළදා පුද පූජා පවත්වමින් ඊට නිසි ගෞරව දක්වමින් දළදා වහන්සේගේ කටයුතු පිණිස නිලධරයන් පවා පත්කරමින් කටයුතු කරන ලදී. මේ කාලය අතරතුර පණ්ඩිත විජයබාහු නිශ්ශංක කල්යාණවතී, ධර්මාශෝක, ඇණියංග, ලීලාවතී, මංගල යන රජුන් හා රැජනියන් දළදාවහන්සේට මහා පුදසත්කාර කළ රජුන් හා රැජනියන් අතර විය. එසේම දඹදෙණි පුර රජකළ විෙ-බා පණ්ඩිත පැරකුම්බා බුවනෙකබා, බෝසත් විෙ-බා, වත්හිමි යන රජවරුන් දළදා වහන්සේට ගෞරව පූජා සත්කාර කළ අතර දෙවන පැරකුම්බා හෙවත් පණ්ඩිත පැරකුම්බා රජු දඹදෙණිගල මස්ථකයේත්, විෙ-සුන්දරාරාම විහාර භූමියේත් දළදා මන්දිර කරවා තුන්වේලේ පුදසත්කාර කරන ලදී. දඹදෙණි රජදවස මාළිගාගල මුදුනේ සිට ලෝකඩ තම්මැට්ටම ගසා ඇසුණ දුර ප්රමාණයේ ගොඩ මඩ භූමි දළදා වහන්සේට පූජාකරන ලද අතර හීල හා දිවා දානය නියමිත පරිදි රාජකාරි ලෙස දළදා වහන්සේට පූජාකිරීමට නිලධාරීන් අණවන ලදී. මෙම කාලයේදී දළදා වහන්සේ වෙනුවෙන් වාර්ෂිකව සිදු කෙරෙන ශ්රීවර්ධන පූජාවද පවත්වන්නට කටයුතු යොදන ලද්දේ දෙවන පැරකුම්බා රජ දවසය. එතුමන්ගේ අවධියේම "රිදී හතළිස් දාහකින්" කරඬුවක් සාදා දළදා වහන්සේට පූජාකරන ලද්දේ රන්රිදී මුතු මැණික් ඔබ්බවා සකස් කළ මාලාදාමයකින් කරඬුව වටකොට සරසාය. එදින මහ පුද පූජා දඹදෙණි පුරවරයේදී සිදුකළ බව පුරාවෘතයන්හි සඳහන්ය. ඉන්පසු කෝට්ටේ, සීතාවක, ආදී රාජධානිවල පුදපූජා ලබා වර්තමානයේ වැඩවසන මහනුවර දළදා මාළිගාවට දන්තධාතූන්වහන්සේ වැඩමකළේ කීර්ති ශ්රී රාජසිංහ රජු දවසය. එම රජතුමා පත්තිරිප්පුවක් තනවමින් දළදා වහන්සේට හරසර දැක්වූ අතර වාර්ෂිකව දළදා පෙරහැර ඇසළ මාසයේ සිදු කිරීමටද මූලිකව කටයුතු කළේය. බෞද්ධ ජනයාගේ මුදුන්මල්කඩ බඳු ශ්රී දන්තධාතූන්වහන්සේ අපේ රටට ලැබුණේ ඔය අයුරින්ය. මේ කාලසීමා තුළ බොහෝ ව්යසන හා කැරලි කෝලාහලද ඇතිවිය. ඒ විස්තර එකක් නෑර මෙහි සඳහන් කළ හොත් ලිපිය තවත් දිග්ගැස්සේ හේමමාලා පුණ්යවන්තියගේ කෙස් තුළ සඟවාගෙන බුද්ධාලම්භන ප්රීතියෙන් වැඩම කළ ඒ මහා පුරුෂෝත්තමයාණන්ගේ වාම දළදාව අදත් නිරුපද්රිතව කන්ද උඩරට ශ්රී දළදා මාළිගයේ වැඩසිටින බව අපි දනිමු. ඒ වැඩසිටින අනුහසින් අපට මහවිපත් සිදුනොවන බව කෝටිගණන් ජනතාවගේ විශ්වාසයයි. එම විශ්වාසය තවත් බොහෝකල් බෞද්ධ ජනයාගේ හදවත් තුළ නොනැසී පවතිනු ඇත. ධර්මරත්න තෙන්නකෝන් Divaina 10-07-2011
hplt_2
"අනිත් දවසෙ එද්දි තමන් කැමති මාතෘකාවකින් චිත්රයක් ඇඳගෙන එන්න.............." ඉස්කෝලෙ ඇරෙන වෙලාව නිසා අපි හොඳටම කලබල වෙලා ඉද්දි නිරූපා ටීචර් කිව්වා. ඉතින් මම එදා කෙලින්ම ගෙදර ආවා. ආපු හැටියේ මූණ කට හොඳගෙන අම්මගෙන් කෑම ඉල්ලුවා. "මේ මොකද චූටි මහත්තයා මේ?" අම්මා පුදුම උනා. "අද දැනුම මිනුම තරගයක් තිබ්බා. අදත් අපි පැරදුනානේ! ගැණු ළමයි අපට හොඳටම විහිලු කරනවා....." මම අම්මට ඇත්ත තත්වේ පැහැදිලි කලා. "ඉතිං....." "මම චිත්රයක් අඳින්න යන්නෙ. ටීචර් කිව්වා කැමති මෘතෘකාවක් යටතේ චිත්රයක් ඇඳගෙන එන්න කියලා. මම මේක ලස්සනට ඇඳගෙන යන්නයි හිතාගෙන ඉන්නෙ... එතකොට ටීචර් මේක බලලා මුලු පන්තියටම පෙන්නුවාම ගැණු ලමයිගේ කටවල් වැහිලා යයි...." අම්මා බැරෑරුම් මූණක් හදාගෙන මා දිහා බලාගෙන හිටියා. "එතකොට අද සෙල්ලං කරන්න යන්ඩ ඕනැ නැද්ද?" "අද මම යන්නෙ නෑ.... මේක ඉවරයක් කරලා මිසක් මම අද ගෙයින් එලියට බහින්නෑ....." අම්මා ටිකක් වෙලා පුදුමෙන් මා දිහා බලාගෙන ඉඳලා යන්ඩ හැරුනා. ඇත්තටම විත්ර ඇඳීම කියන්නෙ මම කැමතිම දේවල් වලින් එකක්. මම වැඩිපුරම අඳින්න කැමති වී ගහක් හරි සබ්මැරීන් එකක් හරි. ඒක මම ඕගොල්ලන්ට මීට කලින් කියලත් ඇති. ඒ දෙකෙනුත් එකක් තොරගන්න කිව්වවොත් කතා දෙකක් නෑ සබ්මැරීන් එක දිනනවා. දැන් මට අගේට චිත්ර අඳින්න පුලුවන් උනාට මොකද පුංචි කාලේ දී චිත්ර බෑ. මම එකේ දී හරි දෙකේ දී හරි ටීචර්ට කාන්තාරේ යන ඔටුවෙක්ගෙ චිත්රයක් ඇඳලා පෙන්නුවාම ඒක පෙනිලා තිබුනෙ වතුර තිබහ හැදිච්ච වටුවෙක් වගේ. කොහොමහරි මම චිත්රෙ අඳින්න ලක ලෑස්ති උනා. මුලින්ම සාලේ අතු ගැවා. පස්සෙ චිත්ර පොතයි, පරණ පාට පෙට්ටියයි එතෙන්ට අතඇරියා. මගේ අලුත් පාට පෙට්ටිය පොත් මල්ලෙන් එලියට අරගෙන චිත්ර පොත ගාවට ලිස්සවලා යැව්වා. පැන්සල අරගෙන තුඩ පරික්ෂා කරලා බැලුවා. මීට කලින් චිත්ර දෙක තුනක් ඇන්ද නිසා තුඩ නම් හරි ගානට පදම් වෙලා. හැබැයි පැන්සල පිටිපස්සෙ තිබුනු මකනෙ කතාව නම් ටිකක් දුක්බරයි. සාමාන්යයෙන් මට පැන්සලක් අරගෙන දුන්නම ඒකේ තියෙන මකනෙ මට නිකම්ම කැවෙනවා. බර කල්පනාවක වැටිලා ඉද්දි තමයි ඕක වැඩිපුරම වෙන්නෙ. මේ පැන්සලේ මකනෙත් ඔය විදිහට වේලාසනම මම කාලා තියෙනවා. පැන්සලට මකනෙ සවි කරලා තියෙන රත්තරන් පාට තහඩු කෑල්ලත් ගිය බදාදා අත්වැඩ වලට යන ගමන් දත් අස්සේ දාලා හපලා හපලා "තුක්" ගාලා විසිකලා. මට මතක හැටියට ඒ තුනේ පන්තිය ගාව තියෙන කුණු බක්කියට. ඒක නිසා ටවුමෙන් ගෙනාපු සුවඳ හමන මකනෙ අකමැත්තෙන් උනත් මට පාවිච්චියට ගන්න උනා. මම මකනෙ අරගෙන පොතට එල්ල කරලා අත ඇරියා. ඒක පැන පැන ගිහින් පාට පෙට්ටිය ගාව නැවතුනා. ඔක්කොම ලෑස්තියි. දැන් තියෙන්නෙ අඳින්න විතරයි! ඇත්තටම අදත් මම අඳින්න යන්නෙ සබ්මෑරීන් එකක්. සබ්මැරීන් එකක් මම අඳින්න ගියාට මොකද ඔයින් ඇත්තම වාහනයක් මම ටීවී එකේවත් දැකලා නෑ. මම දැන් උනත් අඳින්නෙ තාත්ත මට විස්තර කරලා දුන්නු මතකෙට. සබ්මෑරීන් එකේ මූලික හැඩය ගත්තම තටු ගලෝපු ප්ලේන් එකක් වගේ. එකේ තියෙන හිත ඇඳගන්නම උපකරණය ඔත්තු බලන කණ්නාඩිය. ඒකෙන් තමා ජාති වැඩ කරන්නෙ. සබ්මැරින් එක මුහුද යටටම ගියත් ඔත්තු බලන කණ්නාඩියෙන් පුලුවනි මුහුද උඩ සිද්ද වෙන දේවල් දැක බලාගන්න. ඕගොල්ලන්ට මතක ද මේ සිංදුව. 01 - මුහුද මගේ ගොඩබිමයි by දොස්තර හොඳහිත සබ්මැරීන් ගැන මම වැඩි විස්තර දැනගත්තෙ ඔය සින්දුව තියෙන දොස්තර හොඳ හිත කාටුන් එකෙන්. දොස්තර හොඳ හිතට කොච්චරවත් අංචි අදින දියරකුස්ගේ වාහනෙත් ඔයින් කණ්නාඩියක් තියෙනවා. ඒකේ ඔත්තු බලන්නෙ එක ඇහැක් වහගෙන ඉන්න "චව්චව්". ඇත්තටම වාහනයක් කිව්වට ඒකත් එක්තරා විදිහක සබ්මැරීන් එකක් තමයි. හැබැයි මතුපිටට පේන්නෙ පොඩි පහේ දූපතක් හැටියට. ඔය ඔක්කොම කල්පනා කරලා මම චිත්රෙ අඳින්න ගත්තා විතරයි, මෙන්න කුමාර එයාගේ කාර් එකේ නැගලා අපේ ගෙවල් පැත්තට ආවා. මිනිහා අපේ ගේ ඉස්සරහා බරසාර බ්රේරේක් පාරක් ගහලා, ලී කොටු කාරෙක බිත්තියට හේත්තු කලා. "ඔයා මොකද කරන්ඩ යන්නෙ" මිනිහා එහෙම අහගෙනම සාලෙට ඇතුල් උනා. "ඇයි! මම චිත්රෙ අඳින්න යන්නෙ...." "එතකොට සෙල්ලං කරන්ඩ යන්නෙ නැද්ද?" "අද යන්නැ... මම මේක අදම ඉවරයක් කරනවා......" "ඕක පස්සෙ කරන්ඩ බැරියැ.. අපි යං දැං කෙහෙල්කොටුව පැත්තෙ... කට්ටිය ඇවිල්ලත් ඇති..." "විකාරද මනුස්සයෝ! මතක නැද්ද අද වෙච්චි දේවල්" "හ්ම්..... එහෙනං මාත් යන්නෑ...... මම ඔයා අඳින දිහා බලාගෙන ඉන්ඩද?" "හා......" "කෝ බලමු දැන් ඇන්ද ටික... ඔය මොකද්ද ඔයා අඳින්ඩ යන්නෙ....?" "සබ්මැරීන් එකක්..... මේ තාම සැකිල්ල විතරයි...." "එතකොට මේ කොටු කොටු තියෙන්නෙ...?' "ඒ සබ්මැරීන් එකේ ජනේල..." "සබ්මැරීන් වලට ජනේලත් තියෙනවද...? මං ඇහැව්වමයි......" "නැත්තං.... ඒ ගොල්ල කොහොමද එලිය බලන්නෙ...!" "ඒකත් ඇත්ත..... දැං ඔය මොකද්ද අඳින්ඩ යන්නෙ....." "ඔත්තු බලන කන්නාඩිය.......!" "ආ......" "ඔයා දන්නවද.... ඒකෙන් මුහුද උඩ වෙන ඕනම දෙයක් බලාගන්න පුලුවන්ලු...... ඒක හදලා තියෙන්නෙ බටේකට කණ්නාඩි ඔබ්බවලලු..... කවදා හරි මමත් තාත්තට කියලා ඔත්තු බලන කණ්නාඩියක් හදාගන්ඩ ඉන්නෙ......." "ඕව්මයි තමා.... ඔයාට නං තාත්තා එකක් හදලා දෙයි නේද?" "ඇයි එහෙම කියන්නෙ?" "ඇයි එදා අපි දොස්තර හොඳහිත බලලා ඇවිල්ලා චව්චව් අර ඔත්තු බලන්නෙ මොකකින්ද කියලා අහද්දිනෙ ඕගොල්ලංගෙ තාත්තා ඔය විස්තර අපිට කිව්වෙ..." "ආ...... ඇත්තද මට මතකත් නෑ......" ඔත්තු බලන කණ්නාඩිය ඇඳිමේ මූලික පියවර විදිහට මම මුලින්ම නියමු කුටිය ඇන්දා. නියමු කුටියෙ හරි මැදින් පුටුවක් ඇඳලා ඔත්තු බලන කණ්නාඩියේ එක කෙලවරක් පුටුවේ ඉඳගෙන ඉන්න නියමුවගේ ඇස් මට්ටමින් ඉවර කලා. අනිත් කෙළවර ඇංජින් කාමරේ හරහා සබ්මැරීන් එක මතුපිටින් ගෙනිහින් මුහුදු මට්ටමෙන් අගලක් දෙකක් උඩට හිටින්න ඇන්දා. එතකොටම අම්මා අපිට තේ දෙකක් අරගෙන සාලේ ඇතුල් දොරෙන් මතුවුනා. "මොකද්ද ඔය.....?" "හා අම්මා කියන්ඩ බලන්ඩ....?" අම්මා ඇස් කිට්ටු කරලා නළල රැලි කලා. සැකේට වගේ මූණ පැත්තට ඇල කරලා බලාගෙන උන්නා. "ම්.........මී වදයක්ද?" "මොකක්....“ “එහෙනං......කුකුල් කොටුවක් වෙන්ඩැති.... මේ දැල් දැල් වගේ තියෙන්නෙ...“ “මොනවා කියනවද මන්දා.... මේ සබ්මැරීන් එකක්...." "ආ ඔව් නේද? බාගෙට ඇඳලා හින්දා මට එක පාරටම හොයාගන්න බැරි උනා...." අම්මා හිනාවෙලා යන්ඩ හැරුනා. "ඉතුරු ටික ඇන්දම ඔහොම වෙන එකක් නෑ....." අම්මා යන දිහා පුදුමෙන් වගේ බලාගෙන හිටපු කුමාර මාව දිරිමත් කලේ එහෙමයි. "දැන් ඕකට ලීවරයක් අඳින්ඩ?" "ඒ කිව්වෙ..." "නියමු කුටියෙ ඉඳලා ඒකෙන් තමා ඔත්තු බලන කණ්නාඩිය හසුරුවන්නෙ......" "මට තේරුන්නෑ......" ම්...... මෙහෙම අඳින්ඩකො.... ඒක හරියට හැඬල් එකක් වගේ.....ඔය බටේට හයි වෙලා තියෙන.... ඇයි එදා ඕගොල්ලන්ගෙ තාත්තා පැහැදිලි කරලා දුන්නෙ..." "දැං හරිද... හැබැයි මේවා මෙච්චරට හීංවට ඇන්දා වගේ නෙමේ.... පාට කරන්න පැස්ටල් කූර රිංගවද්දි තමා පණ යන්නෙ...." "ඔව් නේද..... ශා දැන් මරු......ලස්සනට ආවා නේ...!" "හම්....... ඒත් මේකට තව ඔක්සිජන් ගබඩාවයි, ආයුධ කාමරෙයි අඳින්ඩ ඕනේ......" "ඇයි... රූම් පෙති දෙක... ඒක නැතුව කොහොමද මේක ඉස්සරහට යන්නෙ..." "ඔව්මයි හොඳ වෙලාවට මතක් කලේ......." "දැං හරි නේ...." "යන්තං වැඩේ ඉවරයි..... දැං තියෙන්නෙ පාට ගාන්ඩ" "මේ....... අපි තව පොඩි වැඩක් කරමුද?" "මොකද්ද?" "ඔයාට පුලුවන්ද සබ්මැරීන් එක පස්සෙ මාලු රංචුවක් පන්නගෙන එනවා අඳින්ඩ....." "ඒ මොකටද..... එහෙම ඇත්තටම වෙනවද කියලා අපි හරියටම දන්නෙ නෑනේ..." "ඉතිං මොකද.. මේක චිත්රයක්නෙ... අපිට කැමති දෙයක් ඇන්දැකි....අනික චිත්රෙ ලස්සන උනාම ටීචර් වැඩිපුර හොඳ කියයි. ඉතින් කාටද ආඩම්බර...." "එහෙනං අඳිමු! මොන මාලුද හොඳ, නිකං හුංගො ටිකක් වගේ...." "හෙහ්...හෙහ්....පිස්සුද ඔයාට... මුහුදෙ කොහෙද හුංගො...... අඳින්ඩ කුම්බලාවෝ රෑනක් හරි මීවැටි ටිකක් හරි...." "අපෝ...... උං ඇන්දම චිත්රෙත් එක්ක කැත වෙලා යයි......" "එහෙනං මෙහෙම කරමු.... ඔයා අඳින්ඩ මුහුදු අස්සයෝ රෑනක්... අතරින් පතර මඩු මාලු දෙතුන් දෙනෙකුත් එක්කලා......" "ඔයා නං කියයි. මුහුදු අස්සයෙක් අඳින එක ලේසි වැඩක් කියලද ඔයා හිතන්නෙ...." "ගණං ගන්ඩ එපා.... වෙලාව තියෙනවනේ ඔයා හිමීට අදින්න....." ඉතින් මම සබ්මැරීන් එක පස්සෙ පන්නන මුහුදු අස්සයෝ කාණ්ඩයක් අඳින්න ගත්තා. මුලදී දොලොස් දෙනෙක් අඳින්ඩ හිටියද මොකද මම පස්සේ තීරණය කලා ඒක තුන්දෙනෙකුට බස්සන්ඩ. "අතත් රිදෙනවා.........දැන් කොහොමද.....?" "ශා..... ඔය තියෙන්නෙ නියමෙට....අන්න ඒකනෙ මම කිව්වෙ.....ලස්සනට එයි කියලා." ඉතින් මම හිතපු විදිහට හැමදේම හොඳට උනා. හෙට උදේම ටීචර්ට චිත්රෙ පෙන්නුවාම, ටීචර් ටිකක් වෙලා මේක දිහා බලාගෙන ඉදියි. පස්සෙ කෝටුව අරගෙන ගුරු මේසෙට දෙතුන් පාරක් තලයි. ඒ කොච්චරවත් කලබල වෙලා ඉන්න අපේ පන්තියේ අයගේ අවධානේ අපේ පැත්තට ගන්න. "කෝ...... මෙහෙ බලන්න ළමා....යි..... ඕගොල්ලන්ට කියන්න පුලුවන්ද මේ චිත්රෙන් පෙන්නුම් කරන්නෙ මොකද්ද කියලා?" ඔය විදිහට ටීචරුයි අපේ පන්තියෙ ළමයිනුයි චිත්රෙ ගැන බර කතාවක් පටන් ගනියි. හැබැයි ගෑණු ළමයි නම් කියයි මේක මහ කමකට නැති චිත්රයක්ය කියලා. එතකොට පිරිමි ළමයි ඒගොල්ල එක්ක පැටලෙයි. අන්තිමේ පන්තියම එක ගාලගෝට්ටියක් වෙන්න ඔහොම මෙහෙම තියෙද්දි, ටීචර් ආයිමක් සැරයක් කෝටුවෙන් ගුරු මේසෙට තලලා පන්තිය නිෂ්ශබ්ද කරයි. ඉතින් මේ මුලු වෙලාවෙම මට කරන්න තියෙන්නෙ කීකරු ළමයෙක් වගේ අත්දෙක පිටිපස්සට බැඳගෙන මේ සිද්ධ වෙන දේවල් බලාගෙන ඉන්න විතරයි. අන්තිමේ දී ටීචර් චිත්රෙ දිහා හොඳට බලලා, ඒකේ පාට වැදුනු නැති තැනක් හොයාගෙන මට "A" අකුරක් දීලා "ඉතා හොඳයි" කියලා රතු පෑනෙන් ලියලා පොත ආපහු දෙයි. අන්තිමේ, "දැක්කා නේද? අන්න ඒ විදිහට ඕගොල්ලත් උනන්දුවෙන් ලස්සනට චිත්ර අඳින්න හිතට ගන්න ඕනේ....හොඳද............................?" කියලා චීටර් පොඩි පහේ උපදේසයක් දෙයි. එතකොට නේද, චින්තාමනී ඇතුලු අර ගෑනු ළමයිගේ මූණවල් ඇඹුල් වෙලා යයි. අන්න එහෙමයි අපි ඒ ගොල්ලන්ගෙ කටවල් වහලා, ඒ ගොල්ලන්ට හොඳවයින් පාඩමක් උගන්වන්න යන්නෙ. පහුවදා උදේම මම ඉස්කෝලෙ යන්න නැගිට්ටා. පොත් බෑග් එක දෙවෙනි වතාවටත් පරීක්ෂා කරලා බැලුවා. විශේෂයෙන්ම චිත්ර පොත තියෙනවද කියලා. පස්සෙ මම පාරට බැස්සෙ වීරයෙක් වගේ. මගදී කුමාරත් එකතු උනා. ඉස්කෝලෙ කිට්ටුවට යද්දි අපේ කාණ්ඩෙ හතර පස් දෙනෙක් එකතු වෙලා හිටියා. අපි ඔක්කොමලා කතා උනේ චින්තාමනී ප්රමුඛ ගෑණු ළමයිට හොඳවයින් පාඩමක් උගන්නන හැටි. දැන් විතරක් නෙමේ. ඊයේ රෑත් මට හරියකට නින්දක් තිබුනෙත් නෑ. මහ රෑ වෙනකල් මම කල්පනා කලේ අපේ පන්තියේ ගැණු ළමයිට වෙන්න යන විපත්තිය ගැන. පව් අසරණ ගැණු ළමයි! කොහොමහරි අපි පංති කාමරේට ඇතුල් වෙද්දි ම චින්තාමනී යි තවත් ගෑණු ළමයි හත් අටදෙනෙකුයි පංතියෙ. ඒ ගොල්ල අපිටත් කලින්ම ඇවිල්ලා වගේ. අපි ඒ ගොල්ලන්ට අරියාදුවට වගේ මේසේ උඩට පොත් මලු අතෑරියා. ඒ එක්කම ඒගොල්ල කුටු කුටු ගගා මොනවදෝ කතා උනා. ඊලඟට උනේ අපි නොහිතපු දෙයක්. චින්තාමනී චිත්ර පොතත් උස්සගෙන අපි ඉන්න පැත්තට ආවා. අපි නෙමේ එයාව තඹ සතේකට මායිම් කලේ. “මේ උයාට පුලුවන් ද මට පොඩි හෙල්ප් එකක් දෙන්ඩ...." චින්තාමනී මම ළගටම ඇවිල්ලා ඇහැව්වා. "මොකද්ද?" "මට මේ කඳු පන්තිය අදින්න දැයෙන්නෑ..... ඒක ටිකක් ඇදලා දෙන්න පුලුවන්ද?“ ඒ චින්තාමනී. කව්රු හරි අසරණ වෙලා උදව්වක් ඉල්ලපුවාම මොන හිතකින් කර අරින්න ද? අනික කාට හරි උදව්වක් දෙන්න පුලුවන් නම් අපි මොකදට පස්ස ගහන්නෙ. අනික මේ අපේ පන්තියේ ගැණු ළමයෙක් නේ! ඒක හන්දා මම හැමදේම අමතක කරලා, දෙපාරක් නොහිතම වැඩේ බාර ගත්තා. “අපෝ ඕක මොකද්ද......කෝ......දෙන්ඩ මං නියමෙට ඇඳලා දෙන්නං“ එතකොටම, “පොඩ්ඩක් ඉන්ඩකෝ...... මේ ඇදලා තියෙන එක මකලා දාන්ඩ මං මගේ මක්කෙ අරං එනකල්....“ කියාගෙන කුමාරත් එයාගේ පොත් මල්ල දිහාට දිව්වා. ....................................... - කෙහෙල්කොටුවේ චූටි මහත්තයා. ප/ලි - දොස්තර හොඳහිත කාටුන් එකේ සිංදුව සොයා දුන් වැප්නි සාන්ත ලොකු මාමාටත්, හසී පොඩි නැන්දාටත් චුටි මහත්තයාගේ ස්තුතිය.
hplt_2
ටයිටැනික් (නෞකාව) RMS ටයිටැනික් යනු එක්සත් රාජධානියෙහි සවුත්හැම්ප්ටන් සිට එක්සත් ජනපදයෙහි නිව්යෝර්ක් නගරය දක්වා ඇයගේ මංගල චාරිකාවෙහිදී උතුරු අත්ලාන්තික් සාගරයෙහිදී අයිස් පරයක් හා ගැටීම නිසා 1912 අප්රේල් 15 දිනදී ගිලී ගිය මගී නෞකාවකි. ටයිටැනික් ගිලීයාම නිසා පුද්ගල මරණ 1,514 සිදුවූ අතර ඉතිහාසය පුරාවටම සාමය පැවැති කාලයන්හිදී සිදුවී ඇති සාමුද්රීය ව්යසන අතුරින් වී ඇති මහත් මාරාන්තික ඒවා අතුරින් එකක් විය. ඇයගේ මංගල චාරිකාව සිදුවන විටදී දියත්ව තිබූ විශාලතම නෞකව වීමට ඕ සමත්ව සිටියාය. වයිට් ස්ටාර් ලයින් විසින් යාත්රාකිරීමෙහි යොදවා තිබූ ඔලිම්පික් ශ්රේණියේ සාගර නෞකා තුන අතුරින් එකක් වූ ඇය, 1909–11 අතරතුරදී තනනු ලැබුවේ බෙල්ෆාස්ට්හී හාර්ලන්ඩ් ඇන්ඩ් වුල්ස් නැව්තටාකාංගනයේදීය. අනතුර සිදුවන විට මගීන් 2224ක් නෞකාව මත සිටියහ. එම මගීන් අතර, ඒ වන විට ලෝකයේ කෝටිපතියන්යැයි සැලකූ John Jacob Astor IV, Benjamin Guggenheim සහ Isidor Strauss ද වූහ. එයට අමතරව, බ්රිතාන්යයෙන්, අයර්ලන්තයෙන් සහ ස්කැන්ඩිනේවියානු රටවලින් ඉසුරු සොයා උතුරු ඇමෙරිකාව බලා ගමන් ගත් මගීන් දහස් ගණනක්ද නෞකාව මත වූහ. ටයිටැනික් නැව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුඛෝපභෝගී වූ අතර ව්යායාම ශාලාවක්, පිහිනුම් තටාකයක්, පුස්තකාලයක් සුපිරි පන්තියේ භෝජන ශාලාවක් සහ සුඛෝපභෝගී කාමර, නැව මත පිහිටා තිබුණි. එයට අමතරව ඇය සතුව මගීන්ගේ පහසුව සඳහා සහ මෙහෙයුම් කටයුතු සඳහා අවැසි බලගතු ටෙලිග්රාෆ් පණිවිඩ සනිවේදන හැකියාවද වූවාය. නවීන තාක්ෂණයෙන් හෙබි ජල පරිරෝධක කාමර සහ දුරස්ථව ක්රියා කළ හැකි ජල පරිරෝධක දොරවල් වැනි ආරක්ෂක ක්රියාමාර්ග තිබුණද, නෞකාව එය මත සිටින සියලු දෙනාටම ඇවැසි තරම් ජීවිතාරක්ෂක බෝට්ටු වලින් සමන්විත නොව්වාය. නැව මත ජීවිතාරක්ෂක බෝට්ටු තිබුණේ පුද්ගලයන් 1178 දෙනෙකුට පමණී. එය නැව මත සිටි මගීන් සහ කාර්යය මණ්ඩලයේ එකතුවෙන් තුනෙන් එකකට පමණක් සෑහිනි. 1912 අප්රේල් 10 වන දින, එංගලන්තයේ සදම්ටන් වරායෙන් නික්මුණු නෞකාව, ගමනාන්තය වූ නිව්යෝක් වෙත ගමන් ඇරබීමට ප්රථම, ප්රංශයේ චේබර්ග් සහ අයර්ලන්තයේ ක්වීන්ස්ටවුන් යන වරායන් වෙතද වාර්තා කළාය. ඉන් පසු නිව්යෝක් බලා යන ගමනේදී, 1912 අප්රේල් 14 වන දින රාත්රී 11:40 ට, නැව අයිස් පරයක ගැටුනේ ගමනාන්තයට සේන්දු වීමට දින හතරක් තිබියදීය. එවිට නැව නිව්පවුන්ඩ්ලන්තයට සැතපුම් 375 ක් දකුණට වන්නට විය. ආනතිකව සිදුවූ ඝට්ටනය නැවෙහි දකුණුපසෙහි බඳ කිහිප පලකින්ම ඇතුළට තෙරපූ අතර, ජල ප්රතිරෝධක කුටීර දහසයෙන් පහක්ම මුහුදට නිරාවරණය වූහ.ඊළඟ හෝරා දෙකහාමාර ඇතුළත ජලයෙන් පිරුණ නැව සයුරේ ගිලී ගියාය. මගීන් සහ කාර්යය මණඩලය ජීවිතාරාක්ෂක බෝට්ටු මගින් දිවි ගලවා ගැනීම ඇරබූ අතර බොහොමයක් ජීවිතාරක්ෂක බෝට්ටු අඩක් පිරුණු විට දියත් කරන ලදී. බෝට්ටු වලට පැටවීමේදී " කාන්තාවන් සහ ළමුන් " පළමුවෙන් ප්රතිපත්තිය අනුගමනය කිරීම හේතු කොටගෙන සැළකිය යුතු පිරිමින් පිරිසක් ගිලෙමින් පවතින නැව උඩ ඉතිරි වූහ. අලුයම් 02:20 ට පමණ දෙකට කැඩීගිය නැවෙහි ඇණිය, දහසකට වැඩි පිරිසක් නැව මත සිටියදී පළමුවෙන් මුහුදේ ගිලී ගිය අතර මුදට වැටුණු පිරිස් අධික ශීතල කරනකොටගන මොහොතකින් මිය ගියහ. පැය කිහිපයකට පසුව ජීවිතාරක්ෂක බෝට්ටු වල සිටි 710 දෙනෙක් RMS Carpathia නැව විසින් බේරා ගන්නා ලදී. ජගත් ප්රජාවම කම්පනයට පත්කළ මේ මහා ඛේදවාචකය, එයට මුල්වූ මෙහෙයුම් සහ පාලන ක්රියාදාමයන් හී වූ දුර්වලතා ගැන කතිකාවතක් ඇතිකිරීමට සමත් විය. ඒ පිළිබඳව බ්රිතාන්යය සහ ඇමෙරිකාව විසින් පවත්වන්නට යෙදුණු පරීක්ෂණ, නාවික ක්ෂේත්රයේ ප්රධානම ආරක්ෂක විධිවිධාන සැකසීමේහීලා මුල්විය. මෙයින් බිහිවූ එක් ප්රධානම ආයතනයක් නම්, අදටත් නාවික ආරක්ෂණය කෙරිහි බලපවත්වන්නාවූ, 1914 දී පිහිටුවනු ලැබූ, සයුරේදී ජීවිත ආරක්ෂාව පිළිබඳවූ ජාත්යන්තර සම්මුතියයි. { International Convention for the Safety of Life at Sea (SOLAS) } දිවි ගලවා ගත් අය සන්තකයෙහි වූ සියලු වස්තුව සහ මුදල් අහිමිව අනාථ භාවයට පත්ව සිටියහ. බොහොමයක් පවුල්, විශේෂයෙන්ම සදම්ටන් වලින් කාර්යය මණ්ඩලයට සම්බන්ධ වූවන්ගේ බොහොමයක් පවුල් වලට සිය බත සපයන්නන් අහිමිව ගියහ. ඔවුනට සමාජයේ සහ සහනාධාර වල පිහිට මිස අන් සරණක් නොවූහ. දිවිගලවා ගත් පිරිමින් විශේෂයෙන්ම වයිට් ස්ටාර් සමාගමේ සභාපති J. Bruce Ismay, කාන්තාවන් සහ ළමයින් නෞකාවේ ඉතිරව සිටියදී බියසුලු ලෙස නෞකාව හැර ඒම පිළිබඳව සමාජයේ ගැරහුමටද පාත්ර වූහ. 1985 දී නැවතත් සොයාගන්නා තෙක් , අඩි 12415 ගැඹුරු මුහුදු පත්ලේ තැන්පත්වූ නැවෙහි නෂ්ටාවශේෂ අනුක්රමයෙන් කැඩීබිඳියමින් පැවතුන අතර 1985 සිට ගොඩ ගත් දහස් ගණනක් වූ කොටස් ලොව පුරා කෞතුකාගාර වල ප්රදර්ශණය වෙමින් පවතී. ටයිටැනික්, ඉතිහාසය පුරාවටම අතිශයින් ප්රසිද්දියට පත්වූ නැව් වලින් එකකි. ලොවපුරා ඒ පිළිබඳව නිකුත්වූ දහස් ගණනක් වූ පොත් පත්, චිත්රපට, ප්රදර්ශන, සමරු ඒ පිළිබඳ මතකය පවත්වාගෙන යාමට ඉවහල්වී ඇත. පටුන - 1 පසුබිම - 2 පරිමාණ සහ සැළසුම - 3 ලක්ෂණ - 4 නෞකාව ඉදිකිරීම සහ සූදානම් කිරීම - 5 මුහුදුබත් වීමෙන් පසු සිදුවීම් - 6 උරුමය පසුබිම[සංස්කරණය] අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවර නිපදවූ ටයිටැනික් නෞකාව, වයිට් ස්ටාර් සමාගම සතුවූ ඔලිම්පික් ශ්රේණියේ නෞකා තුනෙන් දෙවෙනි නෞකාව විය. අනෙක් නෞකා දෙක වූයේ RMS Olympic සහ RMS Britannic ය.( මුලින්ම නම් කෙරුණේ Gigantic ලෙසය ). මෙය සමාගම සතුවූ නෞකා 29 කින් විශාලම නෞකා ත්රිත්වය වූහ. මෙම නැවු ත්රිත්වයෙහි මූලාරම්භය 1907 මැදදී වයිට් ස්ටාර් සමාගමේ සභාපති වූ J. Bruce Ismay හා වයිට් ස්ටාර් සමාගමේ මව් සමාගම වූ International Mercantile Marine Co. සමාගම පාලනය කළ අමෙරිකානු මූල්ය සම්පාදකයෙකු වූ J. Pierpont Morgan හා ඇතිවූ සාකච්ඡාවක ප්රතිඵලයකි. එකල වයිට් ස්ටාර් සමාගම, සිය ප්රධානම ප්රතිවාදී තරඟ කරුවකු වූ, ඒ වන විට ලොව වේගවත්ම මඟී නෞකාවන් ලෙස සැලකූ Lusitania හා Mauretania යන නෞකාවන් දියත් කොට තිබූ Cunard සමාගම ඉදිරියේ හා ජර්මානු නැව් සමාගම් වූ Hamburg America හා Norddeutscher Lloyd ඉදිරියේ අභියෝගයට ලක්වෙමින් සිටියහ. එම තරඟයට මුහුණදීම සඳහා White Star සමාගමේ සභාපති වූ J. Bruce Ismay විසින් යෝජනා කළ වේගවත් බව වෙනුවට විශාලත්වය සහ අධි සුඛෝපභෝගීත්වය සහිත නැව් පන්තියක ප්රතිඵලය මෙම නෞකා ත්රිත්වය වේ. නැව ඉදිකරන ලද්දේ 1867 තරම් ඈත කාලයක සිට වයිට් ස්ටාර් සමාගම හා සුහදව කටයුතු කළ උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් හී Harland and Wolff සමාගම වේ. Harland and Wolff සමාගම නැව් සැලසුම් කිරීම පිළිබඳව විශේෂඥ සේවයක් White Star Line සමාගම වෙත සැපයුවේය. සමාගම් දෙක එක්ව නැවක් සැලසුම් කෙරීමේදී පිරිවය සාධකය කෙරෙහි අඩුම සැලකිල්ලක් දැක්වූ අතර Harland and Wolff සමාගමට අවැසි කටයුතු සඳහා මුදල් වැයකිරීමේ නිදහස තිබූ අතර පසුව සියයට පහක ලාභාංශ තීරුවක් එකතු කිරීමටද එකඟතාවයක් විය. ඔලිම්පික් පංතියේ නැව් තැනීමේදී, ප්රථම නැව් දෙක සඳහා බ්රිතාන්යය පවුම් මිලියන තුනක් වියදම් වූ බවට ගණන් බලා ඇත. Harland and Wolff සමාගම ඔලිම්පික් පංතියේ නෞකා සැලසුම් කිරීමේදී සිය ප්රමුඛම සැලසුම කරුවන් ඒ සඳහා යෙදවූහ. Harland and Wolff හා White Star Line යන සමාගම් ද්විත්වයේම අධ්යක්ෂක වරයෙකු වූ Lord Pirrie, Harland and Wolff හී සැලසුම් අංශයේ කළමනාකාර අධ්යක්ෂක Thomas Andrews, ඔහුගේ සහයක ලෙස සහ සැලසුම් ගණනය කිරීම් සහ නැවේ ස්ථායීතාවය ( Stability & trim ) සම්බන්ධයෙන් කටයුතු කළ Edward Wilding සහ නැව් තටාකාංගණයේ සාමාන්යාධිකාරී සහ ප්රධාන සැලසුම් කරු වූ Alexander Carlisle ගේ මූලිකත්වයෙන් එය අධීක්ෂණය වූහ. කාර්යක්ෂම ජීවිතාරක්ෂක බෝට්ටු දියත් කිරීමේ ක්රමවේදයක් සැලසීම Alexander Carlisle ගේ කාර්යයක් විය. 1908 ජූලි 29 වන දින Harland and Wolff සමාගම සිය සැලසුම White Star Line හී සභාපති J. Bruce Ismay සහ අනෙකුත් විධායක ශ්රේණියේ නිලධාරීනට පිළිගැන්වීය. Ismay වෙතින් සැලැස්ම අනුමත් වීමෙන් පසුව එකඟතා ගිවිසුම අත්සන් කළ අතර එයින් දින දෙකකට පසුව ඉඳිකිරීම් ඇරබීමට එකඟ වූහ. මෙම මොහොතේදී මුලින්ම ඉඳිකළ නැවට නමක් නොවූ අතර එය Harland and Wolff හී 400 වන ඉඳිකිරීම වූ බැවින් " අංක 400 " විය. එයට පසුව ඉදිකළ ටයිටැනික් නෞකාව " අංක 401 " විය. පරිමාණ සහ සැළසුම[සංස්කරණය] ටයිටැනික් නෞකාව දිගින් අඩි 882 අගල් 9 කින්ද ( මීටර 269.06 ), පළලින් අඩි 92 යි අඟල් 6 ( මීටර 28.19 ) කි. උස, නැව් පතුලේ සිට පාලන මැදිරියේ ( Bridge ) ඉහළම ස්ථානයට අඩි 104 ( මීටර 32 ) කි. නැවෙහි දළ ලියාපදිංචි පරිමාව ( GRT - Gross Registered tonnage ) ටොන් 46328 කි. ඉපිලුම් ගැඹුර ( Draught ) අඩි 34 අඟල් 7 ( මීටර 10.24 ) කි. නැවෙහි මුළු බර ටොන් 52310 කි. ඔලිම්පික් පන්තියේ මෙම නැව් ත්රිත්වයම තට්ටු 09කින් යුක්ත වූහ. එයින් 08ක් මඟීන් සඳහා වෙන්වී තිබුණි. ඉහල සිට පහළට නැව් තට්ටු පිළිවෙලින් මෙසේය; - The Boat Deck - ජීවිතාරක්ෂක බෝට්ටු රඳවා තිබුණේ මෙහි වූ අතර අනතුර සිදුවූ වේලේ අත්ලන්තික් සාගරය වෙත ජීවිතාරක්ෂක බෝට්ටු දියත් කරනු ලැබුවේ මෙහි සිටය. පාලන ඒකකය සහ සුක්කානම් මැදිරිය, මෙහි ඉදිරි කොටසේ වූහ. ඒ කපිතාන්ගේ සහ නිලධාරින් වාසය කළ කොටසටද ඉදිරියෙනි. පාලන ඒකකය සෑම අතටම විහිදෙන පරිදි මෙම තට්ටුවේ සිට අඩි 8ක් ( මීටර 2.4 ) උසට විහිදී තිබුණි. එම පිහිටීම නැව වරායක නතර කිරීමේදී පාලනය කිරිමට ඉවහල් විය. සුක්කානම් මැදිරිය කෙළින්ම පාලන ඒකකයට පිටුපසට වන්නට ඉහළින් නැගී සිටියේය. ප්රථම පන්තියේ වූ ගාම්භීර පියගැටපෙළට පිවිසුම සහ ව්යායාම ශාලාව, ඉහළට නැඟුණු ප්රථම පන්තියේ විවේකාගාරයෙහි වහලය සමඟ නැව මධ්යයෙහි විය. මෙම තට්ටුවේ පිටුපසින් ප්රථම පන්තිය සඳහා වූ දුම්පානය කරනා කාමරයෙහි වහලය සහ දෙවන පන්තියට පිවිසුම විය. දැවයෙන් ආවරණය වූ මෙම නැව් තට්ටුව සක්මන් තීරු හතරකට වෙන්කොට තිබුණි. ඒ නිලධාරිනට, ප්රථම පන්තියේ මඟීන්ට, ඉන්ජිනේරුවන්ට සහ දෙවන පන්තියේ මඟීන්ට වශයෙනි. ජීවිතාරක්ෂක බෝට්ටු මෙම තට්ටුවේ දෙපසින් සවි කොට තිබුණේ ප්රථම පන්තිය සඳහා වු කොටස අතහැරය. ඒ එම කොටසට හොඳින් අවට දර්ශනය කළහැකි වීම සඳහාය. - A Deck - මෙය Promenade Deck හෙවත් "සක්මන් තට්ටුව" ලෙසද හැඳින්විය. අඩි 546 ( මීටර 166 ) පුරාවට විහීදී තිබුණ අතර සම්පූර්ණයෙන්ම ප්රථම පන්තියේ මඟීන් සඳහා වෙන්කොට තිබුණි. එහි ප්රථම පන්තියේ කාමර, විවේකාගාරය, දුම්පානය සඳහා වෙන්වූ ස්ථානය සහ කියවීම් සහ ලිවීම් කාමරද වූහ. - B Deck - Bridge Deck යනුවෙන්ද හැඳින්වූ මෙම තට්ටුව ප්රධානම බර දරනා තට්ටුව වූ අතර නැව් බඳෙහි ඉහළම කොටස මෙය විය. පුද්ගලික සක්මන් තීරු වලින්ද සමන්විත්වූ ඉතා අලංකාර ප්රථම පන්තියේ කාමර හයක් සමඟින් මෙහි තවත් ප්රථම පන්තියේ කාමර පන්තියක් වූහ. ප්රථම පන්තියේ මඟීන්ට සුපෝකභෝගී භෝජන සැපයූ A La Carte Restaurant සහ Café Parisien යන සුපිරි ආපන ශාලාවන්ද මෙම තට්ටුවේය. දෙවන පන්තියේ දුම්පානය කරණා කාමරය සහ පිවිසුම් ශාලාවද මෙහිම වූහ. විවිධ වර්ගයේ යන්ත්ර සූත්ර හා නැංගුරම් රදවා තැබූ ස්ථානයද වූයේ මෙම තට්ටුවේම ඉදිරි කොටසෙහිය. මෙම කොටස මඟීන්ට සපුරා තහනම් වූ අතර 1997 දී තිරගත කළ ටයිටැනික් චිත්රපටයේ පෙන්වූ ප්රසිද්ධ "ඉගිලෙන" දර්ශනය යථාර්ථයක් නොවු දෙයකි. මෙම තට්ටුවෙහි අවර කොටස අඩි 106 ( මීටර 32 ) ක දිගකින් යුක්තවූ " Poop Deck" යනුවෙන් හැඳින්වූ, තෙවන පන්තියේ මඟීන් සක්මන් තීරුවක් ලෙස භාවිතා කළ කොටසට යොමුවී තිබුණි. මෙය, බොහොමයක් වූ තෙවන පන්තියේ මඟීන් සහ කාර්යය මණඩලය නැව ගිලෙන විට අවසානයට සිටගන සිටි ස්ථානය විය. පෙර සඳහන් නැවෙහි ඉදිරි කොටස සහ "Poop Deck" යනුවෙන් හැඳින්වූ කොටස මෙම තට්ටුවෙන් වෙන් කෙරුනේ " වෙල් ඩෙක් " - Well Deck යනුවෙන් හැඳින්වූ තවත් විශේෂිත තට්ටුවකිනි. - C Deck - Shelter Deck යනුවෙන්ද හැඳින්වූ මෙම තට්ටුව, නැවේ ඉදිරිපස සිට පසුපස දක්වාම පැතිර තිබූ තට්ටු වලින් ඉහළින්ම වූ තට්ටුව වේ. එය පෙර සඳහන් කළ "වෙල් ඩෙක්" යැයි හැඳින්වූ තට්ටු දෙකකින්ද සමන්විත වූ අතර පිටිපස තට්ටුව තෙවන පන්තියේ මඟීන්ගේ සක්මන් ප්රදේශයේ කොටසක් ලෙසද වෙන්වී පැවතුණි. නැවෙහි කාර්යය මණ්ඩලයේ කාමර පිහිටා තිබුණේ මෙම තට්ටුවේ ඉදිරිපසට වන්නටය. තෙවන පන්තියේ පොදු රැස්වීම් ස්ථාන පිටුපසට වන්නට පිහිටා තිබුණි. ඒ අතර මධ්යයේ පළමු පන්තියේ කාමර සහ දෙවන පන්තිය සඳහා වූ පුස්තකාලය විය. - D Deck - Saloon Deck, මෙය ප්රධාන පොදු ශාලා තුනකින් සමන්විත වූ තට්ටුවකි. ඒ ප්රථම පන්තියේ පිළිගැනීමේ උත්සව ශාලාව, ප්රථම පන්තියේ සහ දෙවන පන්තියේ භෝජන ශාලාවන්ය. මෙම තට්ටුවේ, පළමු, දෙවන සහ තෙවන පන්ති සඳහා කාමර තිබූ අතර විවෘත්ත ප්රදේශය තෙවන පන්තියේ මඟීන් සඳහා වෙන්වී පැවතුණි. උදුන් කම්කරුවන් සඳහා ප්රදේශයක්ද මෙම තට්ටුවෙහි වෙන්කොට තිබුණි. - E Deck- මෙම තට්ටුවේ ප්රධාන වශයෙන් සියලුම පන්තිවල මඟීන් සඳහා නේවාසික පහසුකම් වූ අතර යම් යම් කාර්යය මණ්ඩල සඳහා වෙන්වූ ඉඩ පහසුකම්ද වූහ. Scotland Road යනුවෙන් නැවෙහි කාර්යය මණ්ඩලය විසින් හැඳින්වූ, තට්ටුව පුරා විහිදුණු, පටු අන්තර් මාර්ගයක්ද මෙම තට්ටුවෙහි විය. - F Deck - මෙය ප්රධාන වශයෙන් වෙන් වූයේ තෙවන පන්තියේ මඟීන්ගේ කාමර සඳහාය. තෙවන පන්තියේ භෝජන ශාලාව, පිහිනුම් තටාකය සහ සමහර දෙවන පන්තියේ මඟීන් සඳහා වූ කාමරද මෙහි දක්නට ලැබුණි. - G Deck - Lower Deck යනුවෙන්ද හැඳින්වූ මෙය, මඟීන් සඳහා වෙන්වූ අවසාන තට්ටුව වේ. නැවේ පහතින්ම වූ කව්ළු පිහිටා තිබුණේද මෙම තට්ටුවේය. ඒ මුහුදු මට්ටමට මඳක් ඉහළට වන්නටය. සංචාරක තැපැල් කන්තෝරුව සහ ස්කොෂ් ක්රීඩා මණ්ඩපයද මෙහි පිහිටා තිබුණි. මෙය ආහාර ගබඩා කිරීමටද භාවිතා කෙරිණි. - The Orlup Deck සහ Tank Top - මෙම තට්ටු නැවෙහි පහතම මට්ටම වූහ. Orlup තට්ටුව බඩු භාණ්ඩ ගබඩා කිරීම සඳහා භාවිතා කළ අතර, Tank Top යනුවෙන් හැඳින්වූ තට්ටුව බොයිලේරු, එන්ජින්, ටර්බයින් සහ විදුලි ජනක සඳහා වෙන්වී තිබුණි. මෙම තට්ටු, ද්විතව දගර පියගැට පෙළක් මඟින් "D" Deck යනුවෙන් හැඳින්වූ තට්ටුවට සම්බන්ධ වී තිබුණි. ලක්ෂණ[සංස්කරණය] එන්ජින්, බොයිලර් සහ විදුලි ජනක.[සංස්කරණය] ටයිටැනික් නෞකාව ප්රධාන එන්ජින් තුනකින් සමන්විත වූවාය. සිලින්ඩර් හතරේ ත්රිත්ව ප්රසාරණ වාෂ්ප එන්ජින් දෙකකින් සහ මධ්ය ගත වාෂ්ප ටර්බයිනයකින් එය සමන්විත විය. මෙම සෑම එන්ජිමක්ම නැවෙහි අවර පෙත්තක් භ්රමණය කිරීමට දායක විය. සිලින්ඩර් හතරේ වාෂ්ප එන්ජින් ද්විත්වය එක්ව ගත් කළ අශ්ව බල 30000 ක පමණ බලයක් නිපදවීමට හැකියාව තිබුණි. අනෙක් ටර්බයින් යන්ත්රය අශ්ව බල 16000 ක පමණ බලයකින් දායක විය. White Star සමාගම සිය පෙර නිපදවූ නෞකාවක් වූ SS Laurentic නැවෙහි මෙම වාෂ්ප එන්ජින් එකතුකොට යොදාගෙන සාර්ථක ප්රතිඵල නෙලාගන තිබුණි. එය කාර්යක්ෂමතාවය අතින්ද වේගය අතින්ද සාර්ථක විය. එහෙත්, ඔලිම්පික් පන්තියේ විශාල නැව් වලට මෙම සිලින්ඩර් මඟින් ක්රියාත්මක වන එන්ජින් පමණක් යොදා ගැනීම සාර්තක නොවූයේ එයින් අපේක්ෂිත වේගය ලබා ගත නොහැකි බැවිනි. ටර්බයින පමණක්ම යොදාගන මෙය සඵල කරගත හැකි වුවද එමඟින් අපහසු දායක දෙදරීමක් ඇතිකරනු ලැබුවේය. සිලින්ඩර් එන්ජින් සමඟ ටර්බයින් යන්ත්රයක් එකතුව යොදාගැනීම මගින් ඉන්ධන දහනය අඩු කර ගත හැකිවූ අතර නිපදවෙන බලය වැඩිකරගත හැකිවිය. අති විශාල මෙම වාෂ්ප එන්ජින් දෙක දිගින් අඩි 63 ( මීටර 19 ) ක් වූ අතර බර ටොන් 720 කි. ඒවායෙහි පතුල් තහඩු පමණක් තවත් ටොන් 195 පමණ බර වූහ. මෙම එන්ජින් දෙක බොයිලේරු 29කින් බලගැන්වූහ. බොයිලේරුවක විෂ්කම්භය අඩි 15 යි අඟල් 9 ක් (මීටර 4.80 ) වූ අතර දිගින් අඩි 20 කි. ( මීටර 6.1 ) බර ටොන් 91.50 ක් විය. ජලය ටොන් 48.50 ක් රඳවා ගැනීමේ හැකියාව මෙම බොයිලේරුවකට විය. මෙම බොයිලේරු වලට අවැසි බලය සපයා ගනු ලැබුයේ, ගල් අඟුරු දහනය කර ගැනීමෙනි. ඒ සඳහා අවැසි ගල් අඟුරු ටොන් 6611 ගබඩා කර ගැනීමේ පහසුකම් ඉන්ධන ගබඩාවේ වූහ. එයට අමතරව තවත් ටොන් 1092 ක් වෙනම ගබඩා කිරීමේ පහසුකම්ද විය. මෙම ගල් අඟුරු දහනය කළ උදුන් වලට දිනකට ටොන් 600 ක් පමණ ගල් අඟුරු අවැසි වූ අතර ඒ සියල්ල මිනිස් බලයෙන්ම සැපයුවේය. ඒ සඳහා උදුන් සේවකයන් 176 දෙදෙනෙක් දිවා රෑ නොබලා සිය සේවය සැපයූහ. ටොන් 100 ක පමණ අළු මුහුදට මුදා හරීම මඟින් දිනකට ඉවත් කළේය. මෙම උදුන් සේවකයන්ගේ රාජකාරිය නිර්දය, අපිරිසිදු හා අවදානම් සහගත දෙයක් විය. ඔවුන් සාපේකෂව ඉහළ වැටුපකට හිමිකම් කීවද, ඔවුන් අතර සියදිවි නසා ගැනීමේ අනුපාතය ඉහළ අගයක විය. බොයිලේරු මඟින් නිකුත් කරන වාෂ්ප මඟින් එන්ජින් සහ ටර්බයිනය බල ගැන්වීමෙන් පසු, එම වාෂ්ප ශ්රීතක ( Condenser ) හරහා ගමන් කරවා ජලය බවට පත් කොට නැවත භාවිතයට ගැනුණි. සෑම එන්ජිමක්ම තල බමනයන් කැරකවූ දික් දණඩකට සම්බන්ධවී තිබුණි. ටයිටැනික් හී තල බමනයන් තුනක් වූ අතර දෙපසින් වූ තල බමනයන් දෙක ප්රමාණයෙන් විශාල වූහ. විෂ්කම්භය අඩි 23.50 කි ( මීටර 7.20 ). මධ්යයෙහි වූ තල බමනය ප්රමාණයෙන් කුඩා වූ අතර එහි විෂ්කම්භය අඩි 17 ක් ( මීටර 5.2 ) පමණක් විය. එය අනෙක් තලබමන දෙක මෙන් නොව නැවැත්විය හැකි වුවද ප්රතිවිරුද්ධ දිශාවට කැරකැවිය නොහැකිය. ටයිටනික් හී විදුලි බල උත්පාදක පද්ධතිය, සාමාන්ය නඟරයක විදුලි බල උත්පාදකයකට වඩා බලයක් ජනනය කිරීමෙහි සමත් විය. කිලෝ වොට් 400 ජනන යන්ත්ර හතරක් මෙම කාර්යය ඉටු කළ අතර අතිරේකව කිලෝ වොට් 30 ක ජනන යන්ත්ර දෙකක් හදිසියකදී ප්රයෝජනයට ගැනීම සඳහා වූහ. මෙම අතිරේක ජනන යන්ත්ර නැවෙහි පිටිපසට වන්නට වූ බැවින් නැව ගිලෙන මොහොත දක්වාම එම යන්ත්ර ක්රියාත්මක වන්නට ඇතැයි සැලකේ. තාක්ෂණික පහසුකම්[සංස්කරණය] ටයිටැනික් හී අරිත්රය ( Rudder ) ඉතා විශාල එකකි. එහි උස අඩි 78 යි අඟල් 8 ක් ( මීටර 23.98 ) වූ අතර දිග අඩි 15 යි අඟල් 3 ( මීටර 4.65 ) කි. බර ටොන් 100 ක් විය. එහි විශාලත්වය නිසාම එය හැසිරවීමට සුක්කානම් එන්ජින් දෙකක් යොදවා තිබුණි. වාෂ්ප බලයෙන් ක්රියාත්මක වූ මෙම ඇන්ජින් ද්විත්වයෙන් සෑම විටම එකක් ක්රියාකාරි වූ අතර අනෙක අමතර ඇන්ජිමක් ලෙස සූදානම්ව පැවතුණි. මෙම ඇන්ජින් තද දුන්නක් හරහා සවිකෙරුණු විශාල අල්ලුවක් මඟින් අරිත්රය හා සම්බන්ධව පැවතුණි. ඒ රළු මුහුදු තත්ත්වයන් යටතේදී හා ක්ෂණික හැරවීම් වලදී එන්ජිම වෙත එන කම්පනයෙන් ඒවා ඈත් කොට තැබීම උදෙසාය. හදිසියකදී මෙම අල්ලු නැවෙහි නැංගුරම් හසුරුවන යාන්ත්රණය හා කඹ මගින් සම්බන්ධ කොට හැසිරවීමේ හැකියාවද පැවතුණි. නැවෙහි ජල සැපයුම උදෙසා එයටම ආවේණික ජල සැපයුම් පද්ධතියක් විය. නැව පුරා පැතුරුණු නල, කරාම සහ කපාට වලින් මෙම පද්ධතිය සමන්විත විය. සාමාන්යයෙන් නැවට අවශ්යය ජලය වරායන්හීදී ලබාගන්නා අතර හදිසියකදී මුහුදු ජලය පිරිපහදු කොට ලබාගැනීමේ පහසුකමද විය. එහෙත් මෙම පිරිපහදු පද්ධතිය එතරම් කාර්යක්ෂම එකක් නොව්නේ නිතරම එය ලුණු තැන්පත් වීම මඟින් අවහිරවූ බැවිනි. තවද, අවරණය වූ නළ මඟින් නැව පුරා උණුසුම් වායුව බෙදාහැරීමේ ක්රමවේදයක්ද වූ අතර ප්රථම පන්තියේ කාමර සඳහා විදුලි තාපකද සවිකොට තිබුණි. ටයිටැනික් නැව, කිලෝ වොට් 1.5 ක බලගතු, රැහැන් රහිත ටෙලිග්රාෆ් යන්ත්ර දෙකකින්ද සමන්විත වූවාය. එයින් එකක් පණිවිඩ ලබා ගැනීම සඳහාත්, අනෙක පණිවිඩ නිකුත් කිරීම් සඳහාත් භාවිත කෙරිණ. නැවේ කුඹගස් අතර, දුම් නල වලට අඩි 50 ක් පමණ ඉහළින් සමාන්තරව ඇදුණු කම්බි යුගල 2ක් මගින් ඒ සඳහා අවැසි සංඥා සම්ප්රේෂණය කෙරිණ. මෙම යන්ත්ර එවකට ලොව පැවති බලගතුම ටෙලිග්රාෆ් යන්ත්ර වූ අතර සැතපුම් 1000 කට පමණ දුරකට පණිවිඩ නිකුත් කිරීමේ හැකියාව ඒවා සතු වූහ. ඒවා, නැවේ එදිනෙදා මෙහෙයුම් කටයුතු වලට වඩා මූලික වශයෙන් මඟීන් සඳහා භාවිත කෙරිණි. කෙසේ වෙතත්, කාලගුණ තොරතුරු ලබාගැනීම, හිම පර පිළිබඳ තොරතුරු සන්නිවේදනය කිරීම වැනි කාර්යයන්ද ඔවුනට පැවරී තිබුණි. මෙහි අයිතිය සහ නඩත්තුව මාර්කෝනී සමාගම සතු වූ අතර එය 24 පැයේම ක්රියාත්මක කිරීමට ඇවැසි මිනිස් බලයද මාර්කෝනී සමාගමෙන්ම සපයා තිබුණි. මඟීන් සඳහා වූ පහසුකම්[සංස්කරණය] මඟීන්ට අවශ්යය උපරිම සැප පහසුව ලබා දීම ටයිටැනික් හී අරමුණ වූවාය. ඇයට ප්රථම පන්තියේ මඟීන් 739 කටද, දෙවන පන්තියේ මඟීන් 674 කටද, තෙවන පන්තියේ මඟීන් 1026 කටද එකවර පහසුකම් සැපයුව හැකිවූයේ 893 ක්වු සිය කාර්යය මණඩලයද සිටියදීය. සමස්තයක් ලෙස ඇයට එකවර පුද්ගලයන් 3339 රැගෙන යාමේ හැකියාවක් වූවාය. ඇයගේ අභ්යන්තර සැරසිලි ඇයටම ආවේණික වූ අනෙක් මඟී නැව් වල දක්නට නොවූ විශේෂිතතාවයකින් යුක්ත විය. බොහෝදුරට එකල පැවති සුපිරිම හෝටල් වළ ආකාරයට ගොඩනැගී තිබුණාය. අරමුණ වූයේ, මඟීන්ට තමන් නැවක ගමන් කරනවා නොව සුඛෝපභෝගී හෝටලයක සිටිනවායැයි යන හැඟීම ලබාදීමවේ. මඟීනට නැවෙහි වූ දුරකථන පද්ධතිය, පුස්තකාල සහ විශාල කොන්ඩා සැකසුම් ශාලාව භාවිතා කිරීමේ පහසුකම්ද සපයා තිබුනි. ප්රථම පන්තිය සඳහා පිහිනුම් තටාකය, ව්යායාම ශාලාව, ස්කොෂ් ක්රීඩා මණ්ඩපය සහ "ටර්කිශ් බාත්" යැයි හැඳින්වූ විශේෂිත ස්නාන පහසුකම්ද විය. ප්රථම පන්තියේ පොදු ස්ථාන අලකෘත දැවයෙන් නිර්මාණය වී තිබූ අතර මිලාධික ගෘහභාන්ඩයන්ගෙන්ද සමන්විත විය. ප්රථම පන්තිය එසේවන විට තෙවන පන්තියේ කාමර පයින් ලීයෙන් හැඩවී, තේක්ක ලී බඩු වලින් සැරසී තිබුණි. හිරු එළියෙන් ඒකාලෝක වූ බරාඳයේ තිබුණු Café Parisien ආපන ශාලාව, ප්රථම පන්තියේ මඟීන්ට සුපිරි ප්රංශ ආහාර වල රස විඳීම සඳහාම වෙන්වී තිබුණි. තෙවන පන්තියේ මඟීනට, පළමු පන්තියේ තරම් සැප පහසුකම් නොවීය. එහෙත් එකල අනෙකුත් මඟී නෞකාවල තෙවන පන්තීන් හා සසඳා බලන විට ඔවුන් බෙහෙවින්ම ඉදිරියෙන් පසුවූහ. ඔවුනට දෙදෙනෙකුගේ සිට දස දෙනෙකු දක්වා පරාසයක් ඇතුලත විහිදුණු ඇඳන් සහිත කාමර වූහ. තවද " G Deck " හී තනි පුද්ගලයන් 164 දෙනෙකුට වෙන්වූ නිදන මැදිරිද වූහ. කෙසේ වෙතත් ඔවුනට වූ සේදීමේ සහ නෑමේ පහසුකම් ප්රථම හා දෙවන පන්තීන් හා සසඳන විට අල්ප වූහ. සමස්ත තෙවන පන්තිය සඳහාම වූයේ නාන කාමර දෙකක් පමණී. එකක් ගැහැණු අය සඳහා වූ අතර අනෙක පිරිමින් සඳහා වෙන්වී තිබුණි. ප්රථම සහ දෙවන පන්තීන් සඳහා නැවෙහි රෙදි සේදීමේ පහසුකම භාවිතා කළ හැකි වූවත්, තෙවන පන්තියේ අය සේදුම් කාමර වලදී සියතින්ම සෝදාගැනීම අවශ්ය විය. තෙවන පන්තියේ මඟීනට නැවෙහි සැරිසැරීමේ බාධාද විය. ඔවුනට අතුල්විය හැකි සහ නොහැකි ස්ථාන පිළිබඳ සීමා පැවතුණි. එසේම පන්ති තුනම එකිනෙකින් වෙන් කොට පැවතුණි. න්යායාත්මකව ඉහළ පන්ති වල මඟීනට පහළ පන්ති වෙත ගමන් කළ හැකි වුවද බොහෝ දුරට සමාජ සම්මුතීන් රකිමින් ඔවුන් එයින් වැළකී සිටියහ. මෙම පන්ති භේදය නැවෙහි ආම්පන්න වලින්ද පෙන්නුම් කෙරිණ. තෙවන පන්තියේ වැසිකිලි ආම්පන්න යකඩින් සෑදී තිබුණ අතර දෙවන පන්තියේදී ඒවා පිඟන් මැට්ටෙන් විය. සුපිරි ප්රථම පන්තියේදී එය කිරි ගරුඬෙන් නිමවී තිබුණි. විවේකීව කාලය ගත කිරීමට අවැසි පහසුකම් පන්ති තුනටම ලබාදී තිබුණි. පුස්තකාල, දුම්පානය කරන ස්ථාන, ව්යායාමශාලා වැනි දෑ වලින් මෙම පහසුකම් සමන්විත වී තිබුණි. විවෘත්ත තට්ටුව මත සක්මන් කිරීම හෝ අලස සුවය විදීමද සාමන්යය කරුණක් විය. මෙසේ කෙරෙන සමාජගතවීම වලදී, සිය තරුණ දියණියට සුදුසු ධනවත් තරුණයකු සොයා ගැනීමට වලිකන මවුවරුන්ද නැතුවාම නොවේ. නැවෙහි මඟීන්ගේ නාමලේඛණය ප්රසිද්ධ කොට තිබීම ඔවුනගේ කාර්යයට මහඟු පිටිවහලකි. ටයිටැනික් හී විශිෂ්ටත්ත්වය පෙන්වූ අතිවිශේෂ අංගයක් වූයේ එහි ප්රථම පන්තියේ වූ මහා පියගැට පෙළයි(The Grand Staircase). මෙය තට්ටු පහක් පුරා පැතිරී තිබූ අතර " Boat Deck " වෙතින් ඇරඹී " D Deck " හී පිළිගැනීමේ උත්සව ශාලාව දක්වා එය විහිදී තිබුණි. එය ස්වාභාවික ආලෝකය උරාගන්නා බුබ්බුලාකාර යකඩින් සහ වීදුරු වලින් ආවරණය වී තිබුණි. සෑම තට්ටුවකදීම පියගැට පෙළ, රත්තරන් ආලේපිත විදුලි පහන් සවිකොට තිබූ උත්කෘෂ්ට ශාලාවකට විවර විය. ඉහළම කොටසෙහි දැවයෙන් කැටයම් යෙදූ බිත්තියෙහි සවි කොට තිබූ අනර්ඝ ඔරලෝසුවකි. නැව ගිලීයාමේදී මෙම මහා පියගැටපෙළද විනාශ වී ගොස් ඇත. 1997 දී තිරගතවූ ජේම්ස් කැමරන්ගේ ටයිටැනික් චිත්රපටයේදී මෙම පියගැටපෙල කඩාවදින ජල පහරින් පාදමේ සිට ගැලවී යන ලෙස ප්රතිනිර්මාණය වී තිබුණද ඇත්තටම සම්පූර්ණ පඩිපෙළම එකවර ඉහළ සිට ගැලවී ගොස් ඇති බවට සැලකේ. තැපෑල සහ බඩු භාණ්ඩ[සංස්කරණය] ටයිටැනික් ප්රධාන වශයෙන් මඟී නැවක් වුවද, එහි සැලකිය යුතු තරමේ බඩු භාණඩ ප්රමාණයක්ද ප්රවාහනය කෙරිණ. එය " RMS - Royal Mail Ship " ලෙසින් බෞතීස්ම වී තිබුණු නිසාම බ්රිතාන්යය තැපැල් සේවය යටතේ ලිපි ඇතුළු දෑ ප්රවාහනය කිරීමේ වගකීමද පැවරී තිබුණ අතර නැවෙහි බඩු භාණ්ඩ තැන්පත් කරනා ඉඩ ප්රමාණයන්ගෙන් ඝන අඩි 26800 ක් ( ඝන මීටර 760 ක් ) තැපැල් භාණ්ඩ සඳහා වෙන්වී තිබුණි. නැවෙහි වූ තැපැල් කාර්යාලය ඇමෙරිකානු ජාතිකයන් තිදෙනෙකු සහ බ්රිතාන්යා ජාතිකයන් දෙදෙනෙකු සමඟින් දිනකට පැය 13 ක්, සතියේ දින හතේම ක්රියාත්මක විය. ඔවුන් දිනකට 60000 කට ආසන්න ලිපි සංඛ්යාවක් තේරූහ. මඟීන් විසින් රැගෙන ආ ගමන් මලු සංඛ්යාවද අති විශාලය. එයිනුත් ඝන අඩි 19455 ක් ( ඝන මීට 550.90 ක් ) ප්රථම පන්තියේ සහ දෙවන පන්තියේ ගමන්මලු විය. එයට අමතරව සැලකිය යුතු ප්රමාණයක බඩු භාණ්ඩද විය. ඒවා අතර ගෘහ භාණ්ඩ, ආහාර ද්රව්ය සහ මෝටර් රථ පවා විය. නැවෙහි බඩු භාණඩ හැසිරවීම සඳහා විද්යුත් දොඹකර අටක්, විද්යුත් දබර හතරක් සහ වාෂ්ප දොඹකර තුනක් විය. නැව සදම්ටන් වරායේ තිබියදී, දොඹකර ක්රියාකිරීමට, තාපය සහ අලෝකය නිපදවීමට අවැසි වාෂ්ප නිපදවීම සඳහා ගල් අඟුරු ටොන් 415 ක් වැය කොට තිබූ බවට ගණන් බලා ඇත. ජීවිතාරක්ෂක බෝට්ටු[සංස්කරණය] ටයිටැනික් නැව මත ජීවිතාරක්ෂක බෝට්ටු 20ක් විය.ඒවායින් 14ක් Harland and Wolff සමාගම විසින් නිර්මාණය කරන ලද, දැවයෙන් නිපදවූ බෝට්ටුය. මෙම එක බෝට්ටුවක 65 දෙනෙකුට ගමන් කළ හැකි විය. තවත් 04 ක් ඇකිළිය හැකි වර්ගයේ බෝට්ටුය. (මේවා A සිට D දක්වා නම් කොට තිබුණි ) ඒවායෙහි 47 ත් දෙනෙකුට එකවර ගමන් කළ හැකිය. එයට අමතරව, එකක 40 දෙනෙකුට ගමන් කළ හැකිවූ වේග බෝට්ටු දෙකක්ද විය. දෙකක් හැර අන් සියලුම ජීවිතාරක්ෂක බෝට්ටු " Boat Deck " තට්ටුවේ රඳවා තිබුණි. නැවෙහි දකුණු පස වූ බොට්ටු 1 සිට 15 දක්වා වූ ඔත්තේ ඉලක්කම් වළින් නම් කොට තිබූ අතර, වම් පස වූ බෝට්ටු 2 සිට 16 දක්වා වූ ඉරට්ටේ ඉලක්කම් වලින් නම් වී තිබුණි. වේග බෝට්ටු දෙක දියත් තිරිංක වලට සවිකොටම එල්ලා තැබුණේ හදිසියකදී ක්ෂණිකවම දියත් කිරීම සඳහාය. A සහ B බෝට්ටු දෙක නිලධාරින්ගේ කාමර වලට ඉහළින්, චිමිනිය දෙපස සවි කොට තිබුණ අතර ඒවාට දියත් තිරිංක නොවුනි. ඒවායේ බර මඟින්ම දියත් කිරීමේ පහසුකම් සපයා තිබුණි. සෑම බෝට්ටුවකම, ජලය, ආහාර, උණුසුම් ඇඳුම් වූ අතර ජීවිතාරක්ෂක පටි සහ තේඩාද තිබුණේ ජලයේ සිටින අමතර පුද්ගලයන් බේරාගැනීම සඳහාය. නැවෙහි දියත් තිරිංක 16 ක් තිබුණ අතර සෑම එකටම බෝට්ටු 04 ක් හැසිරවීමේ හැකියාව තිබුණි. එය ජීවිතාරක්ෂක බෝට්ටු 64 හැසිරවීම සඳහා ප්රමාණවත් වූ අතර එම බෝට්ටු ප්රමාණය පුද්ගලයන් 4000 ක් ගලවා ගැනීමට සෑහුනි. එය නැවෙහි ගමන් කළ හැකි පුද්ගලයන් ප්රමාණයටත් වැඩි සංඛ්යාවකි. එහෙත්, Harland and Wolff සමාගමේ තීරණය වූයේ ජීවිතාරක්ෂක බෝට්ටු 20 ක් පමණක් රැගෙන යාමටය. එය යන්තමින් නැවේ මඟීන් සංඛ්යාවෙන් තුනෙන් එකකට සෑහුනි. එවකට පැවති නීතිය අනුව ටොන් 10000 කට වැඩි නැවකට ජීවිතාරක්ෂක බෝට්ටු 16 පමණක් තිබීම ප්රමාණවත් විය. ඒ අනුව බලන කළ ටයිටැනික් නැව නීති ප්රකාරව අවශ්යය වූ බෝට්ටු සංඛ්යාවටත් වැඩි ප්රමාණයක් සපයා තිබුණි. නෞකාව ඉදිකිරීම සහ සූදානම් කිරීම[සංස්කරණය] ගොඩනැංවීම, දියත් කිරීම සහ අනෙකුත් සවිකීරීම්[සංස්කරණය] ටයිටැනික් සහ ඇගේ සොයුරියන්ගේ දැවැන්ත බව Harland and Wolff සමාගමට විශාල ඉන්ජිනේරූමය අභියෝගයක් විය. ඒ වන විට ලොව කිසිම නැව් තටාකාංගනයක මෙතරම් විශාල වූ නැවක් තැනීමට අතගසා නොතිබුණි. මෙම නැව් ත්රිත්වය තැනුවේ, බෙල්ෆාස්ට් වරායේ, වර්තමානයේ Titanic Quarter නමින් හඳුන්වන කොටසේය. Harland and Wolff සමාගමට පැවති ළිස්සුම් මං තුනක් කඩා බිඳ දමා අලුතෙන් අති විශාල ළිස්සුම් මං දෙකක් නිර්මාණය කිරීමට සිදු වූයේද මෙම දැවන්ත නෞකා හැසිරවීම පහසු කරනු පිණිසය. මෙම නැව් තැනීමට පහසුකම් සැපයීම පිණිස, Sir William Arrol & Co., සමාගම මඟින් නිපදවූ අති විශාල ගැන්ට්රි දොඹකරක්ද යොදාගන්නා ලදී. එම දොඹකරයේ උස අඩි 228 කි ( මීටර 69 කි ), පළල අඩි 270 කි ( මීටර 82 කි ), දිග අඩි 840 කි ( මීටර 260 කි ). බර ටොන් 6000 කට ඉක්මවූවේය. එයට සහය පිණිස තවත් ජංගම දොඹකර ගණනාවක් සහ ජර්මනියෙන් ගෙන්වූ ටොන් 200 ක් එසවිය හැකි පාවෙන දොඹකරයක්ද විය. ටයිටැනික් සහ ඔලිම්පික් නෞකා තැනීම බොහෝදුරට සමගාමිවම වගේ සිදු විය. ඔලිම්පික් නෞකාව තැනීම 1908 දෙසැම්බර් 16 ඇරඹුණ අතර ටයිටැනික් නැව 1909 මාර්තු 31 ඇරඹුණි. නැව් දෙකම මාස 26කට ආසන්නකාලයක් ගත් අතර බොහෝ දුරට එකම තැනීම් ක්රියා පටිපාටියක් අනුගමනය කෙරිණි. නැවේ ව්යවහය සැකසී තිබුණේ පත්ල ප්රධාන නාරටිය ලෙස ක්රියා කරන විට බඳෙහි සැකිල්ල පාර්ශුකාව ලෙස ක්රියාකරන පරිදිය. නැවෙහි පාදමේ ද්විත්ව පතුල් සහිත අඩි 5 යි අඟල් 3 නේ ( මී 1.6 ක් ) සැකිලි 300 ක් විය. ඒවා B Deck දක්වා පැතිරී තිබුණු අතර නැවෙහි බාහිර ආවරණය කළ යකඩ තහඩු වලින් වැසී තිබුණි. නැව තැනීම සඳහා 2000 ක් පමණ වානේ තහඩු යොදාගන තිබුණ අතර බොහොමයක් තහඩු වල දිග අඩි 30ක් ( මීටර 9.1 ක් ) සහ පළල අඩි 6 කි. ( මීටර 1.8 කි ). බර ටොන් 2.5 සිට 3 දක්වා විය. තහඩු වල ඝනකම අඟල් 1 කේ සිට 1.5 දක්වා පරාසයක විහිදුණි. මෙම තහඩු සවිකිරීම සඳහා වානේ පෑස්සුම් සහ මිලියන තුනකට වැඩි ඇණ යොදාගන තිබුණි. එම ඇණ වල බර පමණක් ටොන් 1200 ක් වූ බවට ගණන් බලා ඇත. ඒවා හයිඩ්රොලික් යන්ත්ර මඟින් සහ අත් මිටි වලින් සවි කරනු ලැබීය. නැවෙහි අභ්යන්තරය කොටස් 15කටත්, උප කොටස් 16කටත් බෙදා තිබුණි. හදිසියකදී සිරස් අතට වැසෙන ජල පරිරෝධක ද්වාර එකොළහක් විය. නැවෙහි විවෘත්ත තට්ටු පයින් සහ තේක්ක දැවයෙන් ආවරණය වූ අතර, සිවිලිම කිරල දැවයෙන් නිර්මාණය වී තිබුණි. නැවෙහි උපරිව්යවහය ( Superstructure ) තට්ටු දෙකක් පුරා පැතිරුණු අතර, සියලුම නිලධාරින්ගේ කාමර, ව්යායාම් ශාලාව, පොදු කාමර ආදි ස්ථාන එහි වූහ. සියලු තට්ටු වලට ඉහළින් දුම් නල හතරක් නැගී සිටි අතර සත්යය වශයෙන්ම එවායින් ක්රියාත්මක වූයේ තුනක් පමණී. අනෙක අලංකාරය උදෙසා වූ ව්යාජ දුම් නලයක් පමණී. එකක් අඩි 155 ක් ( මීටර 47 ක් ) වූ කුඹ ගස් දෙකක්ද වූහ. ඒවා නැවට බඩු පටවන දොඹකර වළට ආධාරක වශයෙන්ද උපයෝගී කරගන්නා ලදී. තවද, ටෙලිග්රාෆ් සංඥා ග්රහණය සඳහා භාවිතා කළ කම්බිද මෙම කුඹ ගස් දෙක අතර ඇද තිබුණි. නැව ගොඩනැංවීම දුෂ්කර සහ අනතුරුදායක කටයුත්තක් විය. 15000 ක් පමණ සේවක පිරිසක් නැව ඉදිකිරීමට සේවය සැපයූ අතර, අනුගමනය කළ ආරක්ෂක විධිවිධාන බෙහෙවින්ම ප්රාථමික තත්ත්වයේ විය. බොහොමයක්ම කාර්යයන් අනතුරුදායක වු අතර එම කාර්යයන් ඉෂ්ට කෙරුණේ නිසි ආරක්ෂක උපාංග නොමැතිවය. එම හේතුව නිසාම නැව ඉදිකරන අතරතුර අනතුරු 246 ක් සිදු වූ අතර එයින් 28 ක් බරපතල තත්ත්වයේ විය. නැව ඉදිකරන අතර තුර සය දෙනෙකු මිය ගිය අතර දියත් කිරීමට ආසන්නයේදී තවත් කෙනෙකු මිය ගියේ හිසට ලීයක් වැටීමෙනි. 1911 මැයි 31 වනදා 12:15 ට, Lord William Pirrie, J. Pierpoint Morgan and J. Bruce Ismay යන අයගේ සහභාගිත්වයෙන් සහ තවත් නරබන්නන් ලක්ෂයක් පමණ ඉදිරියේදී ටයිටැනික් නැව ප්රථම වරට දියත් කෙරුනා. ටොන් 22 ක සබන් සහ සත්ත්ව තෙල් ලිස්සුම් මං වළ ආලේප කෙරුනේ නැව පහසුවෙන් ලගන් නදිය වෙත ගැනීම සඳහාය. White Star Line සමාගමේ සම්ප්රදායට යමින් නැව, කලින් නම් කළේවත්, බෞතීස්ම කළේවත් නොමැත. මෙසේ නැව් තටාකාංගනයෙන් පිටතට ගත් නැව, එන්ජින්, දුම් කවුලු, උපරි ව්යව්හය සහ අභන්තර හැඩ ගැන්වීම් සඳහා වෙනත් ජෙටියක් වෙත රැගෙන යන ලදී. එම කාර්යයන් සඳහා තවත් වසරකට ආසන්න කාලයක් වැයවුනි. ටයිටැනික් සහ ඇගේ සොයුරිය වූ ඔලිම්පික් එකම සැළසුමේ නෞකා වුවද, ටයිටැනික් හී සුලු සුලු වෙනස්කම් විය. එයින් ප්රධානතම වූයේ, A Deck හී ඉදිරි කොටසේ සක්මන් තීරුවේ වූ කවුළු වලට සවි කෙරුනු වානේ තිරයයි. මෙය අවසාන මොහොතේ Bruce Ismay ගේ පුද්ගලික ඉල්ලීමක් මත සිදු කෙරින. මෙම වෙනස්කම් ටයිටැනික් නෞකාවේ බර වැඩිවීමට බලපෑ අතර එවකට සයුරේ සැරිසැරූ විශාලම නෞකාව වීමේ භාග්යයද ඇයට හිමි කර දුනි. නැව සම්පූර්ණ කිරීම, මෙම වෙනස්කම් නිසා හා ඔලිම්පික් නැව 1911 දී මුහුණ දුන් අනතුරෙන් පසුව අලුත්වැඩියා කටයුතු සිදු කිරීම උදෙසා කළ වැඩ නැවැත්වීම් නිසාද බලාපොරුත්තු වූවාට වඩා කල්ගත විය. සමහරවිට නැව සම්පූර්ණ කිරීමේ කටයුතු නිසි පරිධි අවසන් වූවානම්, ඇය අයිස් පරය හමුවීමේ අවාසනාවට මුහුණ නොදෙන්ඩත් ඉඩ තිබුනි. සමුද්ර පෙරහුරුව[සංස්කරණය] ටයිටැනික් හී පෙරහුරුව 1912 අප්රේල් මස 02 වන දින, සඳුදා උදෑසන 06.00 ට ඇරඹිනි. ඒ හරියටම නිමකිරීම් අවසාන වී දින දෙකකට පසු සහ ප්රථම ගමනට යන්තම් දින අටක් තිබියදීය. අයහපත් කාළගුණය නිසා එය දිනකින් ප්රමාද කිරීමට සිදුවුවද සඳුදා කාළගුණය ඉතා යහපත් විය. නැව මත ඉන්ධන සපයන්නන්, ග්රීස් යොදන්නන් සහ උදුන් කම්කරුවන් 78 දෙනෙක් සිටි අතර 41 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක්ද වූහ. විවිධ වූ සමාගම් වලින් පෙරහුරුව නිරීක්ෂණය කිරීමට එකතු වූ පුද්ගලයන්ද වූහ. එයට අමතරව නැව මඟීන් ප්රවාහනයට සුදුසුදැයි පරික්ෂා කොට අනුමත කිරීම සඳහා වෙළද මණ්ඩලයෙන් පත්කෙරුනු පරීක්ෂකයකුද විය. පෙරහුරුවේදී නැවේ විවිද ලක්ශණ පිළිබඳව පරික්ෂා කෙරුන අතර පරීක්ෂණ කටයුතු මුලින්ම බෙල්ෆාස්ට් විලේදී සිදු කළ අතර පසුව නැව අයර්ලන්ත මුහුදට යොමු කරණ ලදී. පැය දොළහකට ආසන්න කාලයක් නැව විවිධ වේගයන්ගෙන් ධාවනය කරමින්, ක්ෂණික හැරවීම් සහ නැවැත්වීම සිදු කරමින් පරික්ෂා කරණ ලදී. ඇන්ජින් සම්පූර්ණයෙන්ම ආපසු කරකවමින් යාර 850 ක් ( මීටර 777 ක් ) ඇතුලත හෝ මිනිත්තු 03 යි තත්පර 15 ක් ඇතුලත නැව සම්පූර්ණයෙන්ම නැවැත්විය හැකි බව මෙම පරීක්ෂණ වළදී නීරීක්ෂණය කරන ලදී. මෙම පෙරහුරුවේදී නැව නාවික සැතපුම් 80 ක් ආවරණය කළ අතර නොට් 21 ක උපරිම වේගයටද ලඟා විය. සවස 07 ට නැව ආපසු බෙල්ෆාස්ට් වෙත ලඟා වූයේ මඟීන් ප්රවාහනය සඳහා නැව සුදුසුයැයි වෙළඳ මණඩලයේ නිරීක්ෂක තැන විසින් වසරක් සඳහා අනුමත කළ සහතිකයක්ද සමඟිනි. මද වේලාවකින් නැව බෙල්ෆාස්ට් වරායට අවසන් වතාවට සමුදෙමින් සදම්ටන් වරාය බලා යත්රා කෙරිණ. පැය 28 ක ගමනකින් පසු සදම්ටන් වරායේ 44 වන ජෙටියේ නැව නතර කරණු ලැබුයේ සිය මංගල ගමනට සහභාගී වන මගීන් සහ ඉතිරි කාර්යය මණ්ඩලය බලාපොරොත්තුවෙනි. මංගල ගමන[සංස්කරණය] ටයිටැනික් හී මංගල ගමන වනාහී එංගලන්තයේ සදම්ටන්, ප්රංශයේ චේබර්ග්, අයර්ලන්තයේ ක්වීන්ස්ටවුන්, එක්සත් ජනපදයේ නිව් යෝර්ක්, සහ නැවත එංගලන්තයේ ප්ලිමත් යන වරායන් සම්බන්ධවන පරිදි අත්ලන්තික් සයුර හරහා ගමන් කිරීමට සැලසුම් කළ ගමන් මාලවක පළමු ගමන විය. White Star Line සමාගම මේ සඳහා නැව් තුනක් අනුයුක්ත කොට තිබූ අතර ඒවානම් ටයිටැනික්, ඔලිම්පික් සහ තවත් කුඩා නැවක් වූ RMS Oceanic ය. සැම නැවක්ම සති තුනකට වතාවක් එංගලන්තයේ සදම්ටන් වරායෙන් නිව්යෝර්ක් බලා යාත්රා කිරීමට සැලසුම් කොට තිබුණි. සෑම බදාදාවකම දහවල් 1200 ට සදම්ටන් වලින් නැවකුත්, සෙනසුරාදා දහවල් 12:00 ට නිව් යෝර්ක් වලින් නැවකුත් යාත්රා කෙරිණ. එමඟින් ඔවුනට සතිපතා සේවයක් පවත්වාගෙන යාමට හැකි වූහ. ලංඩන් සිට සහ පැරිස් සිට විශේෂ දුම්රියන් යොදවා තිබුණේ මඟීන්ට පිළිවලින් සදම්ටන් සහ චේබර්ග් වරායන් වෙත සම්බන්ධ විය හැකි පරිදිය. 1911 දී, ඔලිම්පික් පන්තියේ නැව් සඳහාම, වැඩි ගැඹුරකින් යුක්ත ජෙටියක්ද සදම්ටන් වරායේ ඉඳිකෙරිණ. කාර්යය මණ්ඩලය[සංස්කරණය] ටයිටැනික් හී මංගල ගමනේදී කර්යය මණ්ඩලය ආසන්න වශයෙන් 885 ක් පමණ සිට ඇත.එවකට පැවති බොහොමයක් නැව් මෙන්, ටයිටැනික් සඳහාද ස්ථීර කාර්යය මණඩලයක් නොවූණි. බොහොමයක් සේවකයන් තාවකාලික පදනම යටතේ සේවය කළ අයවලුන් වූ අතර නැව දියත් කිරීමට පැය කිහිපයකට පෙර සම්බන්ධ වූ සේවකයන්ද වූහ. කාර්යය මණ්ඩලය බඳවා ගැනීමේ ක්රියාවලිය මාර්තු 23 වන දින ඇරබුණ අතර එයින් සමහරක් බෙල්ෆාස්ට් වෙත යැව්නේ පෙරහුරුවේදී සහ එංගලන්තය බලා යත්රා කිරීමේදී මූලික කාර්යය මණ්ඩලය ලෙස කටයුතු කිරීමටය. White Star Line සමාගමේ ජේෂ්ඨතම කපිතාන් වරයා වූ කපිතාන් Edward John smith ටයිටැනික් නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස අනුයුක්ත කොට ඔලිම්පික් නෞකාවේ සිට ටයිටැනික් වෙත මාරු කරණ ලදී. Henry Tingle Wilde ඔහුත් සමඟම ඔලිම්පික් සිට පැමිණියේ ප්රධාන නිලධාරී තනතුර භාර ගැනීම සඳහාය. ටයිටැනික් හී ප්රධාන නිලධාරියා ලෙස මුලින්ම නම් කොට තිබුණ William McMaster Murdoch සහ ප්රථම නිලධාරියා ලෙස නම් කොට තිබූ Charles Lightoller යන අයවලුන්ව පිළිවලින් ප්රථම නිලධාරියා සහ දෙවන නිලධාරියා ලෙසට පහත හෙළන ලදී. මුලින්ම දෙවන නිලධාරියා ලෙස නම් කොට තිබූ David Blair සම්පූර්ණයෙන්ම ඉවත් කර දමන ලදී. නැවෙහි කාර්යය මණ්ඩලය ප්රධාන කොටස් තුනකට වෙන් කොට තිබුණි. මහල් වල සේවය කිරීම සඳහා 66 දෙනෙකුද, එන්ජින් කාමරය සඳහා 325 දෙනෙක්ද, ආහාර සැපයීම ආදී අනෙකුත් කටයුතු සඳහා 494 දෙනෙකුද අනුයුක්ත කොට තිබුණි. කාර්යය මණ්ඩලයෙන් බහුතරය යාත්රිකයන් නොවූ අතර ඉන්ජිනේරුවන්ගෙන්, උඳුන් කම්කරුවන්ගෙන්, ඉන්ධන සපයන්නන් ආදී එන්ජින් කාමරය හා සම්බන්ධිත අයවලුන්ගෙන් හා ස්ටුවර්ඩ් වරු වැනි මගීන්ගේ කටයුතු උදෙසා කැපවී සිටි අයවලුන්ගෙන් මෙම බහුතර කාර්යාය මණඩලය සමන්විත වූහ. කාර්යය මණඩලයෙන් 97% ක්ම පිරිමි අයවලුන් වු අතර කාන්තාවන් සිටියේ 23න් දෙනෙකු පමණී. බහුතරයක් අප්රියල් 06 වන දින සදම්ටන් වරායෙන් සම්බන්ධ වූවන්ය. එය සංඛ්යාවක් වශයෙන් 699 ක් වූ අතර එයිනුත් වැඩි පිරිසක් සදම්ටන් ප්රදේශවාසිහු වූහ. විශේෂඥ සේවකයන් කිහිප දෙනෙකුද කාර්යය මණ්ඩලයට එක්වී සිටියහ. ඔවුන් අතර නැවෙහි තැපැල් කර්යාලයේ සේවය කළ පිරිස, ප්රථම පන්තියේ ආපනශාලා වල සේවයේ නියුක්තවූ පිරිස, ටෙලිග්රාෆ් යන්ත්ර ක්රියාකරවීම සඳහා මාකෝනී සමාගමෙන් යොදවා සිටි පිරිස සහ අට දෙනකුගෙන් යුක්තවූ සංගීත කණ්ඩායම ඒ අතර ප්රධාන විය. කාර්යය මණ්ඩලයට කළ ගෙවීම් වළ විශාල විෂමතාවයක් විය. කපිතාන් ස්මිත්ට මසකට පවුම් 105 ක් ( අද වටිනාකම අනුව පවුම් 7704 ක් ) ගෙවන විට ස්ටුවර්ඩ් වරයෙකුට ගෙවුයේ මසකට පවුම් 3කුත් ශත 10ක් පමණී. ( අද වටිනාකම අනුව පවුම් 257 ක් ) කෙසේ වෙතත් මෙම අඩු වැටුප් ලාභී සේවකයන් මඟීන් ගෙන් ලද සන්තෝසම් මගින්ද ආදායමක් ලැබූහ. මඟීන්[සංස්කරණය] ටයිටැනික් මත මඟීන් 1317 ක් වූහ. 324 දෙනෙකු ප්රථම පංතියේ, 284 දෙනෙකු දෙවන පංතියේ සහ 709 දෙනෙකු තෙවන පංතියේ මඟීන් වූහ. 869 දෙනෙකු ( 66% ) පිරිමින් වූ අතර 447 දෙනෙකු ( 34 % ) ගැහැණු මඟීන් වූහ. මංගල ගමනේදී, නැවෙහි රැගෙන යාහැකි මඟීන් සංඛ්යාවෙන් අඩකට ආසන්න සංඛ්යාවක් පමණක් නැව මත විය. මඟීන් 2566 ක් - ප්රථම පංතියේ 1034 ක්, දෙවන පංතියේ 510 ක්, තෙවන පංතියේ 1022 ක් වශයෙන් මඟීන් රැගෙන යාමේ ධාරිතාවයක් නැවට වූ නමුදු එයින් අඩකට මදක් වැඩියෙන් පමණක් මඟීන් වූහ. සාමාන්යයෙන්, ටයිටැනික් වැනි කීර්තිමත් නැවක් සම්පූර්ණයෙන් මඟීන්ගෙන් පිරී යායුතු වුවද, නැවෙහි මංගල ගමනට ආසන්නයේ ඇතිවූ එංගලන්ත ගල් අඟුරු කම්කරුවන්ගේ වැඩ වර්ජනය නිසා කාලසටහනට අපමණ බාධා වූ අතර බොහොමයක් මඟීන් වැඩ වර්ජනය අවසන් වනතුරු සිය ගමන් වාර කල්තැබූහ. වර්ජනය නැව යාත්රා කිරීමට කිහිප දිනකට පෙර අවසන් වුවද එය මඟීන් සංඛ්යාවේ වැඩිවීමට විශාල බලපෑමක් කිරීමට අසමත් විය. ටයිටැනික් සැලසුම් කළ දිනටම යාත්රා කිරීමට සමත්වූයේ අවැසි ගල් අඟුරු ප්රමාණය ඒවන විට සදම්ටන් වරායේ වූ අනෙකුත් නැව් වලින් ලබා ගත හැකිවූ බැවිනි. එවකට ලොව ප්රසිද්ධයැයි පිළිගත් බොහෝ දෙනෙකුද, ප්රථම පංතියේ ගමන් කරමින් මංගල ගමනට එක්වී සිටියහ. ඒ අතර, ඇමෙරිකානු කෝටිපතියකු වූ John Jacob Astor IV සහ ඔහුගේ බිරිඳ Madeleine Force Astor, කර්මාන්ත කරුවකු වූ Benjamin Guggenheim, Macy's දෙපාර්තමේන්තු අලෙවි ජාලයේ හිමිකරු වූ Isidor Straus සහ ඔහුගේ බිරිඳ Ida, ඇමෙරිකානු කෝටිපතිනියක් වූ Margaret "Molly" Brown , ශ්රිමත් Cosmo Duff Gordon සහ ඔහුගේ බිරිඳ වූ මෝස්තර නිර්මාණ ශිල්පිනී Lucy (Lady Duff-Gordon), ක්රිකට් ක්රීඩකයකු සහ ව්යාපාරිකයකු වූ John Borland Thayer සහ සිය පවුල, රෝත්ස් සිටුදේවිය, ලෙඛිකාවක වූ Helen Churchill Candee, ජනමාධ්යවේදියෙකු වූ William Thomas Stead, ලේඛකයෙකු වූ Jacques Futrelle සහ ඔහුගේ බිරිඳ සහ දෙබස් රහිත චිත්රපට අධ්යක්ෂවරියක වූ Dorothy Gibson යන අයවලුන් වූහ. ටයිටැනික් හිමි කරුවූ J. P. Morgan මංගල ගමනට එක්වීමට සිටියද අවසාන මොහොතේදී චාරිකාව අවලංගු කරන ලදී. White Star Line හී කළමනාකාර අධ්යක්ෂක J. Bruce Ismay සහ සැලසුම් ශිල්පී Thomas Andrews යන අයවලුන්ද නැව මත වූහ. නැවෙහි සිටි මඟීන් ගණන කිසි කෙනෙකු නිශ්චිතව කීමට අපොහොසත් වූහ. ඒ ප්රවේශපත් ගත් සියළු මඟීන්ම සංචාරයට එක් නොවූ නිසා හා සමහර මඟින් අතරමග වරායන් වලින් බැස ගිය බැවිනි. ටයිටැනික් හී ප්රවේශපත්ර ගාස්තුද සාපේක්ෂව ඉහළ අගයක විය. ලංඩන්, සදම්ටන් හෝ ක්වීන්ස්ටවුන් සිට ගමන් ගන්නා තෙවන පංතියේ මගියෙකුගේ ප්රවේශපත්ර ගාස්තුව පවුම් 7 යි ශත 5 ක් ( අද වටිනාකම පවුම් 532 ) වන විට ප්රථම පංතියේ අඩුම ගාස්තුව පවුම් 23 ක් ( අද වටිනාකම පවුම් 1688 ) විය. ප්රථම පංතියේ මිලාදිකම ප්රවේශපත්රයක් පවුම් 870 ක් ( අද වටිනාකම පවුම් 63837 ) විය. බටහිර බලා පිටත්වීම[සංස්කරණය] 1912 අප්රේල් මස 10 වන දින ටයිටැනික් හී මංගල ගමන ඇරඹුණි. කාර්යය මණ්ඩලයේ ආගමනයෙන් පසුව නන් දෙසින් පැමිණි මඟීන් නැවට ගොඩවීම 09:30 සිට ඇරඹුණි. සංඛ්යාත්මකව විශාල අගයක් ගත් තෙවන පංතියේ මඟීන් මුලින්ම නැවට ඇතුල් කර ගත්හ. ප්රථම සහ දෙවන පංතියේ මඟීන් ඔවුනට පසුවය. ප්රථම සහ දෙවන පංතියේ මඟීන්ව නැවේ කපිතාන් වරයා විසින් පුද්ගලිකවම පිළිගත් අතර ස්ටුවර්ඩ් වරුන් විසින් ඔවුන්නට සිය කාමර වෙත මග පෙන්වන ලදී. තෙවන පංතියේ මඟීන්ව රෝගාබාධ පරීක්ෂාවකටද ලක් කෙරුණේ, White Star Line සමාගමට ඔවුන්ව අමෙරිකාවට ඇතුල් කරගැනීම ප්රතික්ෂේප කිරීමේ අවහිරයට මුහුණදෙනවාට අමතරව නැවත වතාවක් ඔවුන්ව එංගලන්තයට රැගෙන ඒමට වීමේ මූල්යමය පාඩුවට සහ අවහිරයට මුහුණ දීම වැළැක්වීම උදෙසාය. මගීන් 922 ක් සදම්ටන් වලින් නැවට ගොඩවූ අතර අනෙක් මඟීන් අනෙකුත් වරායන් වලින් සම්බන්ධ වූහ. මංගල ගමන දහවල් 1200 ට ඇරඹුණි. ආරම්භයේදීම සිදුවීමට ගිය විශාල අනතුරක් අනූ නවයෙන් වැළකී ගියේය. ටයිටැනික් නැව, සදම්ටන් වරායේ නවතා තිබුණු තවත් කුඩා නැව් දෙකක් වූ SS City of New York හා Oceanic යන නෞකාවන් අසලින් ගමන් කරනවිට, ටයිටැනික් හී විශාලත්වය කරන කොටගෙන ඇතිවූ ජල කැළබීම නිසා මෙම නැව් දෙක නොසිතූ ලෙස ඉහළට එසවී ඒක්ෂණයෙන් නැවතත් පහතට පැමිනුනි. මෙම පීඩනය දරාගත නොහැකිවූ City of New York නැව ගැටගසා තිබුණු කඹ කැඩීගිය අතර එම නැව ටයිටැනික් නැව ඉදිරියට පැද්දෙමින් ඇදී ගියේය. අසල වූ අදින යාත්රාවක් ( Tug boat ) වහා නිව්යෝර්ක් නැව පාලනය කරගැනීමට ඉදිරිපත් වන අතරතුර කපිතාන ස්මිත්ගේ අණින් ටයිටැනික් නැව පසුපසට ධාවනය විය. අවසානයේදී නැව් දෙකේ ගැටීම වළක්වා ගැනීමට හැකි වූයේ අඩි හතරක් වැනි සුලු පරතරයකින්ය. මෙය, නැවේ ගමන පැයක් පමා කළේය. එලෙස සදම්ටන් වෙතින් නික්මුණු නැව, නාවික සැතපුම් 77 ක් එපිටින් තිබූ ඊළඟ නැවතුම වූ ප්රංශයේ චේබර්ග් වරාය බලා යත්රා කෙරිණ. කාලගුණය මදක් සුළං සහිත, වලාකුළින් බර සීතල තත්ත්වයේ වුවද යහපත් විය. චේර්බර්ග් වරායට ටයිටැනික් වැනි විශාල නැවක් හැසිරවීමේ පහසුකම් නොවූ බැවින්, කුඩා යාත්රා මඟින් මගීන්ව ඔබ මොබ ප්රවාහනය කිරීම අත්යාවශ්යය විය. White Star Line සමාගම චේබර්ග් වරායේදී එවැනි කුඩා යාත්රා යුගලක් භාවිතා කෙරිණි. SS Traffic සහ SS Nomadic ඒවාය. මෙම යාත්රා යුගලයම ඔලිම්පික් පන්තියේ නැව් සඳහාම මඟීන් ප්රවාහනය කිරීමට විශේෂයෙන් සැකසූ ඒවා වූ අතර ටයිටැනික් දියත් කොට කෙටිකලකට පසු එම යත්රා එළිදැක්වුණි. සදම්ටන් වලින් නික්මී පැය හතරකට පසු ටයිටැනික් චේබර්ග් වෙත ළඟා වූ අතර මඟීන් 274 දෙනෙක් කුඩා යාත්රා මගින් නැව වෙත රැගෙන ආවේය. 24 දෙනෙක් නැවෙන් ඉවත්ව යාත්රා මගින් වරාය වෙත පිටත්ව ගියහ. මෙම හුවමාරුව විනාඩි 90ක් වැනි කෙටි කාලයකදී අවසන් වූ අතර රාත්රී 8.00 ට ටයිටැනික් නැව නැංගුරම් ඔසවා ක්වීන්ස්ටවුන් බලා යාත්රා කෙරිණ. කාලගුණය තවමත් පෙරපරිදිය. 1912 අප්රේල් 11 වන දින උදෑසන 11:30 ට නැව ක්වීන්ස්ටවුන් වරායට සේන්දු වූවාය. එය සමාන්යයෙන් උණුසුම්, අර්ධ වශයෙන් වලාකුළින් බර, තදින් සුළඟ හැමූ දිනයකි. නැවතත් නෞකාවට කුඩා යාත්රා වල පිහිට පැතීමට වූයේ මෙහිදීද නැව වරාය වෙත රැගෙනයාමට තරම් වරාය ප්රමාණවත් නොවූ බැවිනි. මෙහිදී මගීන් 120 දෙනෙක් නැවට එකතු වූ අතර 07 දෙනෙකු නැව හැර ගියෝය. මෙලෙස නැවෙන් නික්මී ගිය අයවලුන් අතර සිටි දක්ෂ ඡායාරූප සිලිපියෙකු වූ, ජේසු නිකායික පුහුණුවන්නකු වූ Francis Browne පියතුමා විසින් ඉතා විශාල වශයෙන් නැව ඡායාරූප ගතකොටගෙන තිබුණි. තවද, කාර්යය මණ්ඩල සාමාජිකයකු, ලියුම් මලු තුළ සැඟවී හොර රහසේම නැවෙන් පැනයාමක්ද මෙම වරායේදී වාර්තා වී තිබුණි. සිය දිවියේ අවසාන නැංගුරම් එසවීම 1912 අප්රේල් මස 11වන දින දහවල් 01:30 ට සිදු කළ ටයිටැනික් නෞකාව සිය දෛවෝපගත ඉරණම සොයා, ක්වීන්ස්ටවුන් වරායෙන් නික්මිණි. ක්වීන්ස්ටවුන් වෙතින් නික්මුණ නැව, අයර්ලන්ත වෙරළ තීරයට සමාන්තරව නාවික සැතපුම් 55 ක් පමණ ගමන් කළාය. ඉන්පසු, නාවිකයන් අතර " The Corner " යනුවෙන් ප්රචලිත, නිව් පවුන්ඩ්ලන්තයට ගිණිකොණ දෙසින් පිහිටි ස්ථානයට ළඟාවීමට නාවික සැතපුම් 1620 ක් පසු කළාය. මෙම ස්ථානය සාමාන්යයෙන් බටහිර බලා යාත්රා කරන නාවිකයන්, සිය ගමන් මාර්ගය වෙනස් කරන එසේත් නැත්නම් හරවන ස්ථානය වේ. ටයිටැනික් නැව මෙම ස්ථානය පසු කොට යාත්රා කළේ පැය කිහිපයක් පමණී. ක්වීන්ස්ටවුන් වෙතින් නික්මී පළමු දින තුන යහපත් ලෙස ගෙවී ගියේය. පළමු දින, නෞකාව නාවික සැතපුම් 484 ක් ( කි.මි. 896 ක් ) ආවරණය කළ අතර දෙවන දින එය නාවික සැතපුම් 519 ක් ( කි.මි. 961 ක් ) ලෙස සටහන් විය. අවසාන දින මද්යාහනය වනවිට නාවික සැතපුම් 546 කි.( කි.මි. 1011 කි ). එතන් සිට නැව මුහුදුබත් වන තෙක් තවත් නාවික සැතපුම් 258 ක් (කි.මි. 478 ක් ) යාත්රා කොට තිබුණි. සාමාන්යය පැයට නාවික සැතපුම් 21 ක වේගයකි. (පැ.කි.මි. 39 කි ). කාලගුණය නැව ක්වීන්ස්ටවුන් වෙතින් එන විට තිබූ තත්ත්වයේම විය. අප්රේල් 13 වන දක්වා උෂ්ණත්වය සෞම්යය විය. නමුත් පසු දින නැවට සීතල කාලගුණයකින් යුක්ත, තදින් හුළන් හැමූ, අඩි අටක් පමණ උසට රළ නැගුණු ප්රචණ්ඩ කාලගුණ තත්ත්වයකට මුහුණදීමට සිදුවිය. මෙම තත්ත්වය දිනය තුළදීම ක්රමයෙන් පහව ගිය අතර, එදින සන්ධ්යාව වනවිට පැහැදිලි, නිශ්චල සහ අධික සීතල තත්ත්වයකට හැරුණි. ටයිටැනික් නැවට ප්රදේශයේ තිබිය හැකි අයිස් පර ගැන අනතුරු ඇඟවීම් රාශියක්ම ලැබුණද සියල්ල නොසලකා හරිමින් නැව උපරිම වේගයෙන් යාත්රා කෙරිණ. එයට බොහෝදුරට බලපෑවේ මෙවන් විශාල නැවකට අයිස් පරයකින් විය හැක්කේ බොහෝ සුලු අනතුරක් යැයි පැවති මතයයි. නැවේ නියමුවා වූ කපිතාන් ස්මිත් පවා පවසා සිටියේ නූතන නෞකා ඉඳිකිරීම් තාක්ෂණය බොහෝ දියුණු බැවින්, නැවක් ගිල්විය හැකි තත්ත්වයක් ගැන ඔහුට සිතාගැනීමටවත් නොහැකි බවයි. මුහුදුබත් වීම[සංස්කරණය] රාත්රී 11:40 ට, සෝදිසි රාජකාරියෙහි යෙදී සිටි Frederick Fleet නැව ඉදිරියෙන්ම වූ අයිස් පරයක් නිරීක්ෂණය කළේය. වහා ක්රියාත්මක වූ පළමු නිලධාරියා වූ William Murdoch නැව අයිස් පරය වටෙන් යාත්රා කිරීමට උපදෙස් දෙමින්ම නැව පසුපසට යාත්රා කිරීමටද නියෝග කළේය. එහෙත් එවිට ප්රමාද වැඩිය. නැවෙහි දකුණු පස, අයිස් පරය හා ගැටුණේ ජල මට්ටමට පහළින් විශාල සිදුරු ගණනාවක්ම ඇතිකරවමිනි. ජල පරිරෝධක කුටීර පහක්ම කැඩී ගොස් තිබුණි. කුටීර හතරකට වඩා ජලයෙන් පිරීගියහොත් නැවට බේරිය නොහැකි බැවින් නැවෙහි ඉරණම තීරණය වී ඇතිබව පැහැදිලි විය. කුටීරයෙන් කුටීරයට වතුර පිරෙමින් නැවෙහි ඉදිරිපසින් මුහුදුබත් වීම ඇරබුණි. නැව මත සිටි කිසිවෙක් මෙවන් වූ හදිසි අවස්ථාවකට මනාසේ සූදානම්ව නොසිටියහ. ජීවිතාරක්ෂක බෝට්ටු තිබුණේ නැව මත සිටි පිරිසෙන් අඩකට පමණී. නැව, එහි රැගෙන යාහැකි සම්පූර්න ප්රමාණයෙන්ම පිරී තිබුණේනම් මෙම බොට්ටු ප්රමාණය සැහෙන්නේ තුනෙන් එකකට පමණී. කාර්ය මණඩලය මෙවන් වූ හදිසි තත්ත්වයක් සඳහා කිසිසේත්ම පුහුණුව නොසිටියහ. එක් ජීවිතාරක්ෂක බෝට්ටුවක ආරක්ෂිතව කී දෙනෙකු නැංවිය හැකිද යන්න ගැන පවා ඔවුනට අවබෝධයක් නොව්නි. බොහොමයක් බෝට්ටු අඩක් පිරුණ විට දියත් කළේ එබැවිනි. තෙවන පන්තියේ මඟීන් විශාල වශයෙන් නැව මත ඉතිරි වූ අතර එයින් බොහොමයක් දෙනා නැවෙහි සිරවී නැවත් සමගම මුහුදුබත් වූහ. ජීවිතාරක්ෂක බෝට්ටු මතට පැටවීමේදී " කාන්තාවන් සහ ළමුන් " ප්රථමයෙන් ප්රතිපත්තිය අනුගමනය කළ බැවින් බොහොමයක් වූ පිරිමි මඟීන් සහ කාර්යය මණඩලය නැව මත ඉතිරි වූහ. අනතුරින් පැය දෙහෙකුත් විනාඩි හතළිහකට පසු නැවෙහි මුහුදුබත් වීමේ වේගය වැඩි වුණි. ඉදිරිපස කොටසට ජලය පිරෙමින් ගිලිගිය බැවින් අවරය ඉහළට එසවුණේ නැවෙහි අතිවිශාල අවර පෙති නිරාවරණය වෙමිනි. මොහොතකින් තෙවන සහ සිව්වන දුම් කව්ළු අතරින් නැව කොටස් දෙකකට කැඩී ඇණිය ප්රථමයෙන්ම මුහුදුබත් විය. තවත් ටික වේලාවක් සයුර මත පාවෙමින් තිබූ පසුපස කොටස අලුයම 02:20 ට මුහුදුබත් වූයේ එහි සිරවූ බොහොමයක් පුද්ගලයන්ද සමඟිනි. දිවිගලවා ගැනීම සඳහා මුහුදට පිනූ බොහොමයක් දෙනාම පාහේ ෆැරන්හයිට් අංශක 28 ක් (සෙල්සියහ් අංශක -2 ක් ) තරම් වූ අධික සීතලට ගොදුරුව විනාඩියක් වැනි කෙටිකාලයකින් මරු වැළදගත්හ. සමහරුන් හදවත නතරවීමෙන්ද, ගිලී යාමෙන්ද ජීවිතක්ෂයට පත්වූහ. එලෙස මුහුදෙහි වූ අයගෙන් 13 දෙනෙකු පමණක් නැවත පැමිණි ජීවිතාරක්ෂක බෝට්ටු මඟින් ගලවා ගැනුණි. උදව් ඉල්ලා නිකුත් කළ සංඥාවලට ප්රතිචාර දැක්වූ කිසිදු නෞකාවක්, නැව ගිලී යාමට මත්තෙන් එම ස්ථානයට ළඟා විය හැකි තරමේ ආසන්නයක නොවූහ. අනතුරට කලියෙන් අවසාන වශයෙන් ටයිටැනික් නැව හා සම්බන්ධ වූ Californian නෞකාව, ටයිටැනික් වෙතින් නිකුත් වූ ආලෝක සංඥා දුටු නමුත් උදව් දීමට අපොහොසත් විය. ටයිටැනික් වෙතින් නික්මුණු සංඥාවලට ප්රතිචාර දක්වමින්, අලුයම හතරට RMS Carpathia නැව එම ස්ථානයට ළඟා විය.710 දෙනෙකු Carpathia නැව මඟින් ගලවා ගෙන නිව්යෝර්ක් වරාය වෙත රැගෙන ආ අතර 1517 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබුණි. මුහුදුබත් වීමෙන් පසු සිදුවීම්[සංස්කරණය] RMS Carpathia නිව් යෝර්ක් වරායට ලඟාවීම[සංස්කරණය] Carpathia නිව් යෝර්ක් වරායට සේන්දු වීමට දින තුනක් ගත්තේය. අයිස් පර, අධික මීදුම, වැහි කුණාටු සහ ප්රචණ්ඩ මුහුද මෙම පමාවට හේතු වීය. කෙසේ වෙතත් ඒ අතරතුර, ඇය විසින් බාහිර ලෝකයාට සත්ය සිදුවීම වාර්තා කිරීමට සමත් වූවාය. මුලින්ම නිකුත් වූ වාර්තා ව්යාකූල, පරස්පර විස්තර වලින් ගහන විය. එක්තරා ප්රධාන පෙළේ ඇමෙරිකානු පුවත්පතක් වාර්තා කොට තිබුණේ ටයිටැනික් නෞකාව SSVirginian නෞකාව විසින් වරාය වෙත ඇදගෙන එන බවකි. පසුව, ටයිටැනික් සිය බොහොමයක් වූ මඟීන් සමඟ මුහුදුබත් වූ බවට ස්ථීර කළ වාර්තා ලැබුණි. එම වාර්තා White Star Line සමාගමේ යුරෝපයේ සහ ඇමෙරිකාවේ වූ බොහොමයක් කාර්යයාල වල අවධානය දිනා ගන්නා ලදී. ප්රවෘත්තිය වැඩිම බලපෑමක් එල්ල කළේ සදම්ටන් වාසීන්ටය. නැවේ කාර්යය මණඩලයෙන් පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුම එම නගරයෙනි. ගලවාගැනීමේ හමුදාවේ පුවත්පත වූ "War Cry" සිද්ධිය වාර්තා කරමින් " මෙම ශෝකජනක ආරංචියෙන් නොසැලුණේ ගල් හිත් ඇත්තන් පමණී. අවුලට පත්, සුදුමැලි වූ මුහුණින් යුතු මිනිසුන් දිවා රාත්රී දෙකෙහිම ඒ නොලැබුණු ආරංචිය වෙනුවෙන් බලාසිටියහ. සෑම කෙනෙකුගේම පාහේ ඥාතියකු අනතුරින් නැතිවී තිබුණි." අනතුරින් දිවිගලවා ගත් අයගේ ලේඛනය අප්රේල් 17 වනදා දක්වා ප්රමාද වූයේ දුර්වල සන්නිවේදනය නිසාවෙනි. එයද අසම්පූර්ණ වැරදි වාර්තාවකි. Carpathia අප්රේල් 18 වන දින රාත්රී 09:30 ට පමණ නිව් යෝර්ක් වරායේ ජෙටි අංක 54 නවත්වන ලදී. නැව පිළිගැනීමට 40000 ක් පමණ වූ විශාල ජනකායක් අධික වර්ෂාව මධ්යයේද එක්රොක්ව සිටියහ. ස්වෙච්ඡා සංවිධාන වලින් විපතට පත්වූවනට කෂණික සහන සංවිධානය කොට තිබුණි. බොහොමයක් වූ මඟීන් නිව් යෝර්ක් හී රැඳී නොසිට සිය ඥාතින් වෙත ගියහ. සමහර ධනවත් මඟීන් දුම්රියක් කුලියට ගෙන සිය ගමනාන්තය වෙත ගියහ. ඒ අතර, පෙනිසිල්වේනියා දුම්රිය සමාගම නොමිලේම මඟීනට ෆිලඩෙල්ෆියා වෙත යාමට දුම්රියක්ද සපයන ලදී. දිවිගලවා ගත් 214 ක්වූ කාර්යය මණ්ඩලය, Red Star Line සමාගමේ SS Lapland නැවට නංවන ලදී. මේ සියල්ල මෙසේ සිදුවන අතර Carpathia නැව ලහි ලහියේ ආහාර සහ අනෙකුත් අවැසි කළමනා වලින් පුරවනු ලැබුයේ සම්පූර්ණ නොකළ සිය ගමන් වාරය පිටත්වීම සඳහාය. මෙම කළ මෙහෙය වෙනුවෙන් Carpathia කාර්යය මණඩලය සිය අයිතිකරුවන් වූ Cunarad Line වෙතින් නොමද පැසසුමට ලක් වූ අතර ප්රාසාද දීමනාවක්ද ලැබුණි. ටයිටැනික් මඟීන්ගෙන් කොටසක්ද එකතුව පවුම් 900 ක් තරම් වූ අතිරේක ප්රසාද දීමනාවක් Carpathia කාර්යය මණ්ඩලය වෙත ලබාදීමට කටයුතු කළේය. Carpathia නැවෙහි නිව් යෝර්ක් පැමිණීම පුවත්පත් අතර මහත් කලබලකාරී උනන්දුවක් ඇතිකිරීමට සමත් වූහ. සමහරුන් නැව වරාය වෙත ගෙන ඒමට නැවට ගමන් කළ නියමු යාත්රාවට ( Pilot Boat ) අල්ලස් ගෙවා ගොඩවීමට සමත්වූ අතර එක මාධ්යවේදියෙක් නැව වරායට පැමිණීමට ප්රථම නැවට ගොඩවීමට සමත්වූ බවද කියවේ. සියලුම පුවත්පත් කාර්යාල අසල පිරිස් එක්රොක් වූයේ උණුසුම්ම පුවත් වාර්තා දැනගැනීමේ අටියෙනි. දිවිගලවාගත් වූවන්ගේ සම්පූරණ ලේඛනය පළකිරීමට තවත් සිව්දිනක් ගතවූයේ තොරතුරක් බලාපොරොත්තුවෙන් සිටි මඟීන්ගේ ඥාතීන්ව තව තවත් පීඩාවට පත්කරමිනි. සදම්ටන්හී බොහොමයක් වූ පවුල්වලට බත සපයන්නන් අහිමිව තිබුණි. අසරණසරණ කටයුතු ලහි ලහියේ සංවිධානය කෙරිණ. අප්රේල් 29වන දින ඔපෙරා ශිල්පීන්වූ Enrico Caruso, Mary Garden හා Metropolitan Opera හී සාමාජිකයන් එකව පැවත්වූ ප්රසංගයක් මගින් පවුම් 12,000 ක මුදලක් විපතට පත්වූවන්ට ප්රදානය කරන ලදී. බ්රිතාන්යායේදී ඔවුනට පිහිටවීම සඳහා අරමුදල් පිහිටවූ අතර පවුම් 450,000 ක් ( අද වටිනාකම පවුම් 33,018,954 ක් ) එකතු කොට ප්රදානය කිරීමට සමත්වූහ.එවැනි එක අරමුදලක් හැටේ දශකය දක්වාම ක්රියාත්මක වී ඇත. ව්යසනය පිළිබඳ කෙරුණු පරීක්ෂණ[සංස්කරණය] දිවි ගලවා ගත් අය නිව් යෝර්ක් වෙත පැමිණීමටත් පෙරම පරීක්ෂණ කටයුතු සංවිධානය වී තිබුණි. සිදුවූයේ කුමක්ද සහ අනාගතයේදී මෙවැනි ව්යසනයන් වළක්වා ගන්නේ කෙසේද යන්න සොයා බැලීම එහි අරමුණයි. එක්සත් ජනපද සෙනෙට් මණ්ඩලය, අප්රේල් මස 19වන දින එනම් Carpathia නැව වරායට පැමිණි දිනට පසු දින පරීක්ෂණ කටයුතු වලට මුල පිරීය. පරීක්ෂණ කමිටුවේ සභාපති, සෙනෙට් සභික William Alden Smith හට සිද්ධිය පිළිබඳ විස්තර, එයට මුහුණ දුන් මඟීන්ගෙන්ම දැන ගැනීමට අවැසි විය. එසේම ඔහුට සියලුම දිවිගලවා ගත් බ්රිතාන්යය මඟීන් පරීක්ෂණ කටයුතු නිමවීමට පෙර සියරට යාම වළකාලමින් සිතාසි නිකුත් කිරීමටද අවශ්යය විය. මෙම ක්රියාමාර්ගය නිසා බ්රිතාන්යය පුවත්පත් විසින් ස්මිත්ව, දේශපාලන කීර්තියක් ලබා ගැනීමට වලිකන අවස්ථාවාදියෙක් ලෙස හෙළා දුටුවෝය. කෙසේවෙතත්, ඒවන විටත් ස්මිත් විසින් ඇමෙරිකානු දුම්රිය මර්ග වල ආරක්ෂක විධිවිධාන පිළිබඳව ව්යාපෘති සංවිධානය කිරීම පිළිබඳව ප්රසිද්ධියක් උසුලා සිටි අතර, ටයිටැනික් හී ප්රධානම හිමිකරුවා වූ J P Morgan හිමිකාරිත්වය දරණ දුම්රිය සමාගම්වල සිදුවන අකටයුතු සම්බන්ධයෙන් සෙවීම් කිරීමේ අවශ්යතාවයද ස්මිත් වෙත විය. බ්රිතාන්යය වෙළද මණඩලය විසින් පරීක්ෂණ කටයුතු සඳහා Lord Mersey නම් කරනු ලැබීය. පරික්ෂණ දෙකෙහිදීම, ටයිටැනික් නැවෙහි මඟීන්ගෙන් සහ කාර්යය මණඩලයෙන්ද, Californian නැවෙහි කාර්යය මණ්ඩලයෙන්ද, Carpathia නැවේ කපිතාන්වරයාගෙන් සහ අනෙකුත් අයගෙන්ද කට උත්තර ලබා ගත්හ. පරීක්ෂණ දෙකම ප්රධාන වශයෙන් එකම නිගමන වලට එළබී තිබුණි. නැව මත තිබිය යුතු ජීවිතාරක්ෂක බෝට්ටු පිළිබඳ නීතියෙහි සඳහන් සංඛ්යාව ප්රමාණවත් නොවේ, කපිතාන් ස්මිත් විසින් අයිස් පර පිළිබඳ කෙරුණු අනතුරු හැඟවීම් පිළිබඳව නිසියාකාරව ක්රියාත්මකව නොමැත, ජීවිතාරක්ෂක බෝට්ටු නිසිපරිදි මඟීන්ගෙන් පිරවීම සිදු කොට නොමැත, අනතුරුදායක ප්රදේශයකදී අධික වේගයෙන් නැව යාත්රා කරවීම අනතුරට මුල්වූ ප්රධානම හේතුවය ආදී ප්රධාන නිගමන වලට පරීක්ෂණ දෙකින්ම එළබී තිබුණි. අන්තර්ජාතික නාවික ක්ෂේත්රයේ ප්රධානම ආරක්ෂක විධිවිධාන වෙනස්කම්ද සහිතව පහත සඳහන් යෝජනාවන් නිර්දේශ කෙරිණි; ප්රමාණවත් ජීවිතාරක්ෂක බෝට්ටු නැවමත තිබිය යුතු අතරම ඒවා නිරන්තර පරික්ෂාවන්ට ලක්විය යුතුය. මඟී නෞකා වල ගුවන් විදුලි සන්නිවේදන පද්ධතිය පැය විසි හතර පුරාවටම ක්රියාත්මක විය යුතුය. තවද උතුරු අත්ලන්තික් සයුරේ අයිස් පර නිරීක්ෂණය කිරීමට අයිස් පර නිරීක්ෂණ සංචාර සංවිධානය කළ අතර අදටත් ක්රියාත්මක සයුරේදී ජීවිතාරක්ෂාව පිළිබඳ වූ සම්මුතිය { International Convention for the Safety of Life at Sea } මඟින් ජාත්යන්තරවශයෙන් නාවික ආරක්ෂණ විධිවිධාන පුළුල් කරන ලදී. SS Californian නැවේ භූමිකාව[සංස්කරණය] බොහොමයක්වූ විවාදාත්මක කාරණාවලින් එකක් වූයේ SS Californian නැවෙහි භූමිකාවයි. එම නැව ටයිටැනික් නැවට සැතපුම් කිහිපයක් මෙපිටින් සිටියද, ටයිටැනික් වෙතින් උදව් ඉල්ලා නිකුත් වූ ගුවන් විදුලි පණිවිඩ වලට හෝ ආලෝක සංඥා වලට ප්රතිචාර නොදක්වා තිබුණි. සැබැවින්ම Californian නැව අයිස් පර සහිත තත්ත්වය නිසා නතර කොට තිබූ අතර ටයිටැනික් වෙත, තිබිය හැකි අයිස් පර පිළිබඳව අනතුරු අඟවාද තිබුණි. නමුත් ටයිටැනික් නැවේ ප්රධාන ගුවන් විදුලි පණිවිඩ කරු විසින්, තමනට බාධා නොකරන ලෙසට ඔවුනට තරවටු කොට තිබුණි. Californian නැවෙහි කාර්යය මණ්ඩලය, බ්රිතාන්යය පරික්ෂණය ඉදිරියේ කට උත්තර දෙමින් හෙළිකොට සිටියේ, රාත්රී 10:10 ට පමණ ඔවුන් දකුණට ගමන් කරන නැවක ආලෝකය දුටු බවයි. කපිතාන් Stanley Lord හා තෙවන නිලධාරියා වූ C.V. Groves එය මඟී නෞකාවක් විය හැකි බවට එකඟ වී තිබුණි. 11:50 ට පමණ එම නැවෙහි ආලෝකය නිවී ගිය අතර ටිකකින් වම්පස පහන් දැල්වුනි. කපිතාන්ගේ අණින් 11:30 සිට 01:00 දක්වා මෝස් සංඥා එළි නිකුත් කළද ප්රතිචාරයක් ලැබී නොතිබුණි. කපිතාන් Lord රාත්රී 11:00 ට පමණ නින්දට ගිය අතර එයින් පසු රාජකාරියේ යෙදුණු දෙවන නිලධාරියා අලුයම් 01:10 ට පමණ කපිතාන් වරයාට දැනුම් දුන්නේ අදාල නැවෙන් අහස් වෙඩි පහක් නිකුත්වූ බවය. එහිදී කපිතාන් වරයාට දැන ගැනීමට අවැසි වූයේ එම වෙඩි වෙන් කොට හඳුනා ගත හැකි වර්ණවත් ඒවාද යන වගයි. දෙවන නිලධාරියා එම වෙඩි සුදු පැහැති ඒවා බව සැලකොට සිටියේය. දිගටම එම නැවට මෝස් ආලෝක සංඥා නිකුත් කරන ලෙස උපදෙස් දුන් කපිතාන් වරයා නැවතත් නින්දට ගියේය. අලුයම 05:30 ට පමණ නැවේ ප්රධාන නිලධාරියා, ගුවන් විදුලි පණිවිඩකරුව අවධිකරවමින් අසා සිටියේ රාත්රියේදී අහස් වෙඩි නිරීක්ෂණය කල බවත්, ඔහු විසින් කිසියම් නැවක් හා සන්නිවේදනය කිරීමට උත්සහා කළේද යන වගය. ඔහුට ටයිටැනික් මුහුදුබත් වු ප්රවෘත්තිය ලැබී තිබුණ අතර කපිතාන් වරයාවද දැනුවත් කරන ලදී. නැව වහාම අදාළ ස්ථානයට යොමු කළද Carpathia නැව විසින් සියලුම දිවි ගලවා ගත් වූවන්ව ඒ වන විටත් බේරාගන තිබුණි. මෙහිදී Californian නැවේ කපිතාන් වරයා වෙත, උදව් ඉල්ලා නිකුත් කළ සංඥා වලට ප්රතිචාර දක්වා නිසි පරිදි ක්රියාත්මක නොවීමේ චෝදනාව එල්ල වුවද ඔහු සිය නිර්දෝෂීභාවය වෙනුවෙන් කරුණු දැක්වීය. සංඛ්යාලේඛන[සංස්කරණය] අනතුරින් මියගිය හෝ තුවාල වූවන්ගේ සංඛ්යාලේඛන අවිනිශ්චිතය. මඟීන්ගේ ලේඛනය මුල සිටම ව්යාකූල තත්ත්වයක විය. සමහර ගමන් වාරය අවලංගු කළ මඟීන්ගේ නම් පවා එහි අන්තර්ගත කොට තිබුණි. සමහර මඟීන් විවිධ හේතූන් මත අන්වර්ථ නාමයන්ගෙන්ද ගමන් කොට තිබීම හේතුකොටගෙන ලේඛනයේ ද්විගණන දෝෂයද දක්නට තිබුණි. මියගිය සංඛ්යාව 1490 ත් 1635 ත් අතර සංඛ්යාවක් ලෙස සැලකේ. බ්රිතාන්යය වෙළද මණඩලය මඟින් නිකුත් කළ සංඛ්යාලේඛන පහත පරිදිය. නැව මත සිටි සංඛ්යාවෙන් තුනෙන් එකකට අඩු ප්රමාණයක් පමණක් දිවිගලවා ගන තිබුණි. එසේ දිවිගලවා ගත් සමහරුන්ද විවිධ හේතු නිසා පසුව මරණයට පත්වූහ. ඒ ඒ පංති මට්ටමෙන් දිවිගලවා ගත්වූවන්ගේ සංඛ්යාවල විශාල වෙනස් කම් දකින්නට තිබුණි. ප්රථම පංතියේ කාන්තාවන් 3% ක් පමණක් මිය යනවිට තෙවන පන්තියේ එම අගය 54% කි. එලෙසම පළමු පන්තියේ ළමුන් සය දෙනෙකුගෙන් පස්දෙනෙක්ම සහ දෙවන පන්තියේ ළමුන්ගෙන් සියලු දෙනාම දිවිගලවා ගන්නා විට තෙවන පන්තියේ ළමුන් 79 දෙනෙකුගෙන් 52 දෙනෙකුම මරු වැළඳගන තිබුණි. ජීවතුන් අතර සිටි අවසාන මඟියා වූ එවකට සති තුනක ළදරුවෙකු වූ එංගලන්තයේ Millvina Dean මහත්මිය අවුරුදු 97 ක් ආයු වළඳා 2009 මැයි 31 වන දින අභාවප්ප්රාප්ත විය. මෘත කලේබර එකතු කිරීම සහ භූමදානය[සංස්කරණය] අනතුර දැනගත් සැණින් White Star Line සමාගම මළ සිරුරු එකතු කිරීම සඳහා විශේෂ නැවක් ( CS Mackay-Bennett ) කුලියට ගෙන යොදවන ලදී. තවත් කැනේඩියානු නැව් තුනක් පසුව ඒ හා එකතු විය. සෑම නැවක්ම මිනී කල්තබා ගන්නා රසායන ද්රව්ය වලින්ද, අවමංගල්ය කටයුතු කරන්නන්ගෙන් හා පූජකයන්ගෙන් සමන්විත විය. මළ සිරුරු 333 ක් හමුවූ අතර එයින් 328 ක්ම පෙරකී නැව් වලින් සොයා ගත් අතර 05 ක ප්රදේශය පසු කරමින් තිබූ වෙනත් නැවකින් සොයා ගන්නා ලදී. මුලින්ම අදාළ ස්ථානයට ළඟා වූ CS Mackay-Bennett නැවට මළ සිරුරු ඉතා විශාල වශයෙන් හමු වූ අතර, ඔවුන්ගේ කල්තබා ගැනීමේ රසායන ශීඝ්රයෙන් අවසන් වන්නට විය. සෞඛ්ය රෙගුලාසි වලට අනුකූලව කල්තබා ගැනීමේ රසායන යෙදූ මල සිරුරු පමණක් වරාය වෙත ගෙන ඒමට අවසර තිබුණි. පැවති තත්ත්වය හමුවේ CS Mackay-Bennett නැවේ කපිතාන් වරයා සහ අවමගුල් කටයුතු කරන්නන් තීරණය කෙරුවේ, ප්රථම පන්තියේ මඟීන්ගේ සිරුරු පමණක් ගොඩ බිමට රැගෙන යාමටයි. තම තීරණය සාධාරණී කරණය කරමින් ඔවුන් හේතු දැක්වූයේ ප්රථම පන්තියේ මඟීන් සතුවූ වූ විශාල දේපල වල අයිතිය නිරාකරණය කරගැනීමට ඔවුන්ගේ සිරුරු හඳුනා ගැනීම ඉවහල් වන බවයි. එබැවින් තෙවන පන්තියේ මඟීන්ගේ සහ කාර්යය මණඩලයේ සිරුරු සයුරේ මිහිදන් කරන ලදී. CS Mackay-Bennett නැවේ කපිතාන් Larnder සඳහන් කොට සිටියේ නාවිකයකු වශයෙන් තමන්ද කවදා හෝ සයුරේ මිහිදන් වීමක් බලාපොරොත්තුවන බවයි. එකතු කළ සිරුරු ළඟින්ම පිහිටි නගරය වූ හැලිෆැක්ස් වෙත ගෙනෙන ලද්දේය. හැලිෆැක්ස් හී මරණ පරීක්ෂක වරයා විස්තරාත්මක සිරුරු හඳුනා ගැනීමේ සහ හිමිකම් ආවරණය කිරීමේ පටිපාටියක් සකස් කරන ලදී. උතුරු ඇමරිකාවේ සිටද ඥාතීන් පැමිණ සිරුරු හඳුනා ගැනීම සහ භාර ගැනීම සිදු විය.Curling ක්රීඩා භූමියක තාවකාලික මෝචරියක් සැකසූ අතර නැගෙනහිර කැනඩාවේ සිටි බොහොමයක් වූ අවමංගල අධ්යක්ෂකවරුන්ව සේවයට කැඳවා තිබුණි. සමහර සිරුරු භූමදානය සඳහා උතුරු ඇමෙරිකාවේ සහ යුරෝපයේ ඥාතීන් වෙත නැව්ගත කොට යවන ලදී. සොයාගත් සිරුරු වලින් හඳුනාගැනීමට හැකිවූයේ තුනෙන් දෙකක පමණ ප්රමාණයකි. හඳුනා නොගත් සිරුරු එකතු කිරීමේදි යොදනු ලැබූ අංක පිළිවෙළට මිහිදන් කෙරිණ. එකතු කළ සිරුරු වලින් වැඩි ප්රමාණයක් එනම් 150 ක් පමණ හැලිෆැක්ස් අවට සුසාන භූමි තුනකදී මිහිදන් කෙරුවේය. 1912 මැයි මස මැදදී RMS Oceanic විසින් තවත් සිරුරු තුනක් සොයාගන්න ලදී. ඒ "A" ජීවිතාරක්ෂක බෝට්ටුවට මුලින්ම ගොඩ වූවන්ගෙන් තිදෙනෙකි. ඔවුන්ගේ සිරුරුද මුහුදේ මිහිදන් කරන ලදී. එකතු කළ සිරුරු සංඛ්යාව වූ 333, මියගිය සංඛ්යාවෙන් පහෙන් එකකට ආසන්න විය. නැවත් සමඟම මුහුදු බත් වූ ඇතම් සිරුරු දිය රැළි වලට හසුවී දසත විසිර ගොස් තිබූ බැවින් කිසිසේතම එකතු කළ නොහැකි විය. නෂ්ටාවශේෂ[සංස්කරණය] ටයිටැනික් නැව මුහුදුබත් වී වසර ගණනාවක් යනතුරුම විශ්වාස කෙරුණේ එය තනි ඒකකයක් ලෙස මුහුදුබත් වන්නට ඇති බවයි. එය ගොඩ ගැනීමට නොයෙකුත් උත්සහායන් දැරුවද ඒ එකක්වත් සාර්ථක පල නෙලා ගැනීමට සමත් නොවීය. මූලිකම ගැටලුව වූයේ අඩි 12000 ක් ( මීටර 3700 ක් ) පමණ ගැඹුරෙහි වූ එය සොයාගැනීම සහ එය වෙත ළඟා වීමට තිබු දුෂ්කරතාවයන්ය. එම ස්ථානයේ පීඩනය වර්ග අඟලකට රාත්තල් 6500 ක් තරම් විය. නැව සොයා ගැනීමට ගවේෂණයන් ගණනාවක් කෙරුනද, 1985 සැප්තැම්බර් මස 01 වන දින සාර්ථකත්වය අත්කරගත් Franco-American ගවේෂණය හැරුණු කොට අනෙක් එකදු ගවේශණයක්වත් සාර්ථක නොවුණි. ගවේෂණ කණ්ඩායම, නැව, මුහුද මතුපිටදී හෝ ඒ ආසන්නයේදී දෙකොටසකට වෙන්වී ඇතිබව සොයාගන්න ලදී. සොයාගන්නා විට, වෙන්වූ කොටස් දෙක එකිනෙකට සැතපුම් තුන්කාලක පමණ දුරකින් යුතුව මුහුදු පත්ලේ වැතිරී තිබුණි. නැව ගිලුන රාත්රීයේදී ටයිටැනික් ගුවන් විදුලි පණිවිඩ කරු සැපයු අසම්පූර්ණ ස්ථාන සලකුණුවලට සැතපුම් 13.20 ක් ( කි.මි. 21.20 ක් ) ඈතින් නැවෙහි කොටස් තැන්පත්ව තිබුණි. ඒ දළ වශයෙන් හැලිෆැක්ස් නුවරට සැතපුම් 715 ක් ( කි.මි. 1150 ක් ) හා නිව් යෝර්ක් නුවරට සැතපුම් 1250 ක් ( කි.මි. 2000 ක් ) පමණ දුරකිනි. කොටස් දෙකම සැලකිය යුතු තරම් වේගයකින් මුහුදු පත්ල හා ගැටී තිබුණේ, ඇණියේ නැවීමක් සිදුකරමින් හා අවර කොටස සම්පූර්ණයෙන්ම කඩාවැටීමකට ලක්කරමිනි. ඇණිය සහ එහි ඇතැම් අභ්යන්තර කොටස් මේ දක්වාම එතරම් හානියකට ලක්වී නැති අතර අවරය සම්පූර්ණයෙන්ම පාහේ විනාශව ඇත. එහි තට්ටු එකිනෙක මත කඩා වැටී ඇති අතර බඳෙහි වූ තහඩු ඉරී මුහුදු පත්ලෙහි සී සී කඩ විසිරී තිබුණි. බොහෝදුරට අවරයට සිදුවූ බරපතලම හානිය නැව ගිලීමේදී සිදුවූ ඡේදනය මඟින් වන්නට ඇති අතර එයින් සිදුවූ දුර්වල වීමෙන් පසු මුහුදු පත්ලෙහි වැදීමේදී ඇතිවූ කම්පනයෙන් ඉතිරිය සමතලා වන්නට ඇතැයි සැලකේ. කොටස් දෙකම වර්ග සැතපුම් පහලවක් තරම් වූ වපසරියක් පුරා පැතිරුණු අබලි ද්රව්ය වලින් වටවී ඇත. එහි දහස් ගණන් වූ නැව් කැබලි, ගෘහ භාණ්ඩ, පිගන් බඩු ආදී ද්රව්ය අන්තර්ගතව ඇත. එම ද්රව්ය නැව ගිලීමේදී හෝ මුහුදු පත්ල හා ඝට්ටනය වීමේදී නැවෙන් ඉවතට විසි වන්නට ඇතැයි සැලකේ. තවද, මෙම අබලි ද්රව්ය විසිරුණු ක්ෂේත්රය මඟීන් ගණනාවක් අවසන් නින්දේ සැතපෙන ස්ථානයද වේ. ඔවුන්ගේ සිරුරු හා ඇඳුම් මුහුදු ජීවින් හා බැක්ටීරියාවන් විසින් අනුභව කොට විනාශ කර තිබූනද, ඔවුන් එම ස්ථානයන්හී සැතපුණු බව සංකේතවත් කරමින් අනුභව කළ නොහැකි පාවහන් වැනි දෑ ඉතිරිව පවතී. නැවෙහි නෂ්ටාවශේෂ සොයා ගැන්මේ සිට මේ දක්වා අවස්ථා ගණනාවකදීම, ගවේෂකයන්, විද්යාඥයන්, සිනමා කරුවන්, සංචාරකයන් සහ ගොඩගන්නන් නැවත එහි ගොස් ඇති අතර ඔවුන් විසින් රැගෙන ආ දහස් ගණන් වූ ද්රව්ය සංරක්ෂණයට හෝ මහජන ප්රදර්ශනයට යොමු කොට ඇත. නැවෙහි තත්ත්වය මෑතක සිට ක්රමයෙන් නරක් වෙමින් පවතින අතර ගවේෂණයන්හීදී සිදුවන හදිසි අනතුරු එයට වක්රව බලපා ඇති අතර ප්රධාන වශයෙන්ම යකඩ භක්ෂක බැක්ටීරියාවන්ගේ බලපෑම එයට මුල්වී ඇත. ඉදිරි වසර 50 ඇතුළත නැව සම්පූර්ණයෙන්ම් විනාශ මුඛයට යනු ඇතැයි ගණන් බලා ඇත. ටයිටැනික් හී බොහොමයක් මෙවලම් RMS Titanic Inc., සමාගම විසින් ගොඩ ගෙන ලොව පුරා ජංගම ප්රදර්ශණයන්හීද, Luxor Las Vegas හෝටලයේ හා ලස් වේගාස් හී කැසිනෝ ශාලාවක නිත්ය වශයෙන්ද ප්රදර්ශනය කෙරේ. තවත් කෞතුකාගාර ගණනාවක, දිවිගලවා ගත් මඟීන් ප්රදානය කළ දෑද, එකතු කරනු ලැබූ මල සිරුරු වලින් ලබා ගත් දෑද, ප්රදර්ශනය වේ. උරුමය[සංස්කරණය] ජනප්රිය කලාකෘති[සංස්කරණය] ටයිටැනික් යනු සිය මුහුදුබත් වීමේ සිටම විවිධ වූ ජනප්රිය කළා නිර්මාණ රැසකටම පාදක වූ නෞකාවකි. මෙම සිදුවීම පාදක කොටගෙන බොහොමයක් වූ පොත්පත්, චිත්රපට, ගීත, ක්රීඩා ආදිය එළි දැක්වී ඇත. ප්රථමයෙන්ම ඉතා හැඟීම් බර කාව්ය සංග්රහහක් එළි දැක්වුණු අතර එය The New York Times සඟරාව විසින් කිසිඳු වටිනාකමක් නොමැති, ඉතා නරක නිර්මාණයක් ලෙස ඉවත දමා ඇත. කෙසේ වෙතත් එය ව්යසනය මනා ලෙස එළිදැක්වූ නිර්මාණයක් ලෙසද සැලකේ. දිවිගලවා ගත් කිහිප දෙනෙකු විසින් සිය අත්දැකීම් අළලා ලියවුණු පොත් කිහිපයක්ද විය. අසම්පූර්ණ මාධ්ය වාර්තා වලින් උපුටා ගත් කරුණු මුල් කොටගෙන ලියවුණු " Dollar Books " මගින් ඇතැම් ජනමාධ්යවේදීන් ව්යසනය මුදල් ඉපයීමේ මාධ්යක්ද කොටගත්හ. 1955 දී Walter Lord විසින් රචිත A Night to Remember නම්වූ ග්රන්ථය දිවිගලවා ගත් බොහෝ දෙනෙකුගේ අත්දැකීම් අළලා සැකසී තිබුණු ග්රන්ථයකි. ටයිටැනික් මුහුදුබත් වීම දෘශ්ය මාධ්යකරුවන් අතරද ජනප්රිය වූ විෂයකි. ටයිටැනික් කෙටි වාර්තා චිත්රපට නැව මුහුදුබත් වී ටික දිනකින්ම තිරගත විය. Gaumont Film සමාගම නිකුත් කළ වාර්තා චිත්ර පටය ලොව පුරා ආදයම් වාර්තා තබමින් තිරගත විය. එහි උච්චතම අවස්ථාවේදී ගැයෙන Nearer, My God, to Thee ගීතය, ගායනා කිරීමට බොහෝවිට ප්රේක්ෂකයන්ද එක්වනු දක්නට ලැබීම විශේෂත්ත්වයකි. එමෙන්ම ටයිටැනික් කතාව තේමා කොටගෙන බොහෝ සිනමා නාට්යයන්ද එළි දැක්වී ඇත. එවන්වූ ප්රථම නාට්යය වූයේ සිද්ධියෙන් දින 29 කට පසු තිරගතකළ Saved from the Titanic චිත්රපටයයි. එහි, සත්යවශයෙන්ම සිද්ධියෙන් දිවිගලවා ගත්, දෙබස් රහිත චිත්රපට වල රඟපෑ නිළියක වූ Dorothy Gibson ප්රධාන චරිතය හෙබවූවාය. මුහුදුබත් වීමේ සිද්ධිය නාසි ප්රචාරාත්මක චිත්රපටයක් වූ Titanic ( 1943 ) හා ඇමෙරිකානු උද්වේගකර නාට්යාකටද ( Titanic- 1953 ) යොදාගන තිබුණේ අතිශයින් ප්රබන්ධනාත්මක කරුණු එකතු කරමිනි. බ්රිතාන්ය චිත්රපටයක් වූ A Night to Remember (1958) ඉතාමත්ම නිවරදි ඓතිහාසික නිරූපණයක් ලෙස අදටද පැසසුම් ලබයි. ඔබ සැම හොඳින් දන්නා, James Cameron විසින් නිපදවූ Titanic ( 1997 ) චිත්රපටය මේ සම්බන්ධයෙන් එදා මෙදා තුරා ඉහළම සාර්ථකත්වයක් හා ආදායමක් ඉපයූ චිත්රපටය ලෙසට ඉතිහාස ගතවී ඇත. අති විශාල සිහි වටන සංඛ්යාවක්ද මේ සම්බන්ධයෙන් එළිදැක්වී ඇත. ඉතා විශාල තැපැල්පත් සංඛ්යාවක් විකිණී ඇති අතර එයිනුත් ජනප්රියම වී ඇත්තේ වැලපෙන ගැහැනියක් පිටුපසින් ටයිටැනික් නැව ගිලෙනායුරු දක්වා ඇති තැපැල්පතකි. එහි පසකින් Nearer, My God, to Thee හී පද මාලාවද දක්නට වේ. ව්යසනය, රසකැවිලි පෙට්ටි, සමරු ඵලක, විස්කි ජිගර්ස් යනාදි නිර්මාණ වලින්ද ප්රතිනිර්මාණය වී ඇත. ජනප්රවාද හා මිත්යා මත[සංස්කරණය] ටයිටැනික් කිසිදා ගිල්විය නොහැකි නැවක් ලෙස විශ්වාස කළ බවට ඉතිහාසයේ සඳහන්ව ඇත. නැව මුහුදුබත් වීමෙන් පසු පවා නිමක් නැති පුවත් වාර්තාවල එය ගිල්විය නොහැකි නැවක් ලෙස සඳහන්ව තිබුණි. White Star Line සමාගමද " ගිල්විය නොහැකි ලෙස නිමවා ඇත " යන පදය නැව සඳහා උපයෝගී කොටගෙන ඇත. ආරම්භයේදී නිකුත් වූ බොහෝ ප්රකාශන වල සඳහන්ව තිබුණේ " සැබවින්ම ගිල්විය නොහැකි " ලෙසය. තවත් ප්රසිද්ධ වෘතාන්තයක් වන්නෙ, නැව ගිලෙන විට පවා නිර්භීතව වාදනයේ යෙදුණු නැවෙහි වාද්ය මණඩලයයි. ඔවුන් අවසානයට වාදනය කල ගීතය කුමක්ද යන්න විවාදාත්මක වන නමුදු බොහෝ වාර්තා වලට අනුව එය Nearer, My God, to Thee ලෙස සැලකේ. අප අතර ප්රචලිත " නැව ගිලුණත් බෑන් චූන් " කියමන මේ ආශ්රයෙන් නිර්මාණය වූවක්ද ? තවත් තදින්ම පැතිරුණු මිථ්යා මතයක් වූයේ ජාත්යාන්තරව පිළිගත් Morse code SOS ආපදා සංඥා මුලින්ම නිකුත් කෙරුණේ ටයිටැනික් නැව ගිලීමේදී බවයි. මාකෝර්ණි සංඥා කරුවන් පැරණි CQD සංඥා ක්රමයම භාවිතා කරමින් SOS සංඥා භාවිතා කිරීමට මැලිකමක් දැක්වුවද, SOS ක්රමය 1908 සිට ජත්යන්තරව භාවිතයේ පැවතුණි. ටයිටැනික් හී ගුවන් විදුලි සංඥා කරු CQD හා SOS යන දෙවර්ගයේම සංඥා නිකුත් කොට තිබුණි. ස්මාරක හා සමාධි[සංස්කරණය] ටයිටැනික් ව්යසනය, විවිධ වූ ස්මාරක හා සමාධි මගින් අනුස්මරණය කෙරේ. මෙම ස්මාරක හා සමාධි සැලකිය යුතු තරමේ ජීවිත හානියක් වූ නගරවල ඉදිකර ඇත.එංගලන්තයේ සදම්ටන්, ලිවර්පූල් හා බෙල්ෆාස්ට්, ඇමරිකවේ නිව්යෝර්ක් හා වොෂින්ටන්, අයර්ලන්තයේ ක්වීන්ස්ටවුන් ඒ අතරින් ප්රධාන වේ. අනතුරුන් මිය ගිය ඇතැම් බ්රිතාන්ය ජාතිකයන් වෙන් වෙන් වශයෙන් වෙන් වූ ස්ථාන වලදී අනුස්මරණය කෙරේ. කපිතාන් ස්මිත් Lichfield හීද, ගුවන්විදුලි පණිවිඩ කරුවූ Godalming හීද, සංගීතඥ Wallace Hartley ඔහුගේ නගරය වූ Colne හී ද සැමරේ. අනතුරින් පසු හමුවූ බොහොමයක් සිරුරු හැලිෆැක්ස් හී තනි ග්රැනයිට් ඵලකයක් යට මිහිදන් කොට ඇත. ඕස්ට්රේලියාවේ නගර දෙකක නැවෙහි සංගීතඥයන් වෙනුවෙන් සිහිවටන නිර්මාණය වී ඇත. කෞතුකාගාර[සංස්කරණය] ලොව පුරා කෞතුකාගාර ගණනාවකම ටයිටැනික් හා සම්බන්ධ දෑ ප්රදර්ශනය වෙමින් පවතී. Titanic Belfast යනු 2012 මාර්තු 31 වන දින උතුරු අයර්ලන්තෙයේ, ටයිටැනික් නිපදවූ නැව් තටාකාංගනයේ නැව අනුස්මරණය උදෙසා විවෘත්ත කෙරුණු සමාධියකි. එංගලන්තයේ Ulster Folk and Transport Museum හීද TITANICa යනුවෙන් සැලකිය යුතු තරමේ ටයිටැනික් කෞතුක භාණඩ ප්රදර්ශනයකි. තවද, අනතුර හා සම්බන්ධ විවිධ මෙවලම් සදම්ටන් හී SeaCity Museum කෞතුකාගාරයේද, ලිවර්පූල් හී Merseyside Maritime Museum කෞතුකාගාරයේද සංරක්ෂණය කෙරේ. ලිවර්පූල් කෞතුකාගාරය සතුව අඩි 20ක් දිග නැවෙහි ආකෘතියක්ද වේ. The National Maritime Museum හීද ප්රමාණවත් තරමේ භාණ්ඩ එකතුවක් දක්නට වේ. ඒවා A Night to Remember චිත්රපටයේ නිෂ්පාදක විසින් පරිත්යාග කොට තිබුණි. එක්සත් ජනපදයේද ටයිටැනික් සම්බන්ධ කෞතුකාගාර ගණනාවක්ම ක්රියාත්මක වේ. මැසචුසෙට්ස් හී Indian Orchard කෞතුකාගාරයේ Titanic Historical Society අයත් භාණ්ඩ එකතුවක් ප්රදර්ශනය වේ. ඒවා අතර, නැවෙහි සැලැස්මෙහි පිටපත, John Jacob Astor ගේ ජීවිතාරක්ෂක කබාය ( මෙය ඔහු විසින් වෙන්වීමේදී සිය බිරිඳට බාරදී ඇත ) සහ ටෙලිග්රාෆ් සංඥා වල මුල් පිටපත් වේ. මිසුරිහී ටයිටැනික් කෞතුකාගාරය පිහිටා ඇත්තේ නැවෙන් අඩක් හා අයිස් පරය එකතුව දැක්වෙන අනුරුවක් තුළය. එමගින් නැවෙහි ප්රවේශ ශාලා, කාමර, ගුවන් විදුලි සංඥා කාමර යනාදිය සහ තවත් විවිධ ආම්පන්න ප්රදර්ශනය කෙරේ. එම සමාගම මගින්ම ටෙනසි හී ක්රියාත්මක කෙරෙන කෞතුකාගාරයක නැවෙහි සුප්රසිද්ධ පියගැට පෙළ ප්රතිනිර්මාණය කොට ඇති අතර, ප්රේක්ෂකයන්ට එහිදී නැව ගිලෙන විට සාගරයේ පැවති සීතලත්, බොයිලර් කාමරයේ උණුසුමත් විද ගැනීමට අවස්ථාව සලසා තිබේ. ෆ්ලොරිඩා හී කෞතුකාගාරයකද ටයිටැනික් හී පියගැට පෙළ නිර්මාණය කෙරී තිබෙන අතර, බරාඳයේ වූ කෝපිහල්, ප්රථම පන්තියේ සුපිරි කාමර සහ සක්මන් තට්ටුවේ කොටසක්ද ප්රතිනිර්මාණය වී ඇත. RMS Titanic Inc., නැවෙහි නෂ්ටාවශේෂ ගොඩගැනීම පිළිබඳ වූ වරලත් ආයතනය, ලස් වේගාස් හී හා නෙවාඩා හී ස්ථීර කෞතුකාගාර පවත්වාගන යන අතර ලොව පුරා තැනින් තැන ජංගම ප්රදර්ශනද පවත්වයි. හැලිෆැක්ස් හී Maritime Museum of the Atlantic කෞතුකාගාරයේ, අනතුරින් දින කිහිපයකට පසු එකතු කොට ගත් විවිධ ද්රව්යයන් ප්රදර්ශනය කෙරේ. ඒවා අතර, නැවෙ ප්රථම පන්තියේ කාමර වලින් ගැලවුණු ලී වැඩ, නැව් තට්ටු මත වූ ආසන හා හැලිෆැක්ස් හී මිහිදන් කෙරුණු සිරුරු වලින් ඉවත් කෙරුණු විවිධ ද්රව්යද විය. ශත සංවත්සර අනුස්මරණය[සංස්කරණය] 2011 මැයි මස 31 වන දින 12:13 ට ටයිටැනික් නැව, නැව් තටාකාංගනයෙන් දියත් වී සියවසක් පිරුණ මොහොත අනුස්මරණය කරමින්, නැව් තටාකාංගනයට ඉහළින් ආලෝක වෙඩිල්ලක් පත්තු කරන ලදී. එවිටම රැස්ව සිටි අයගේ අත්පොළසන් හඩ සහ ඒ අවට නවතා තිබුණු සියලුම යාත්රා වලින්, සිය නළා හඬ, තත්පර 62 ක් පුරා පැතිරුණේ නැව දියත් කෙරුණ දින ලිහිසි මාර්ගයෙන් ගංගාව වෙත ලිස්සා යාමට ගතකළ සැබෑ කාලය සිහිපත් කරමිනි. 2012 මාර්තු 12 වන දින BBC හී Songs of Praise වැඩසටහන ටයිටැනික් අනුස්මරණය සඳහා වෙන්විය. එහි නාවික ගීතිකා වල එකතුවක් වූ අතර, නැවෙහි වාද්ය වෘන්දය අවසනට වැයූවයි සැලකෙන Nearer, My God, to Thee මගින් වැඩසටහන අවසන් කෙරිණි. 2012 අප්රේල් 04 වන දින, නැවෙහි සම්පූර්ණ කිරීම සහ මංගල ගමන අනුස්මරණය කරමින් 1997 දී නිකුත් වූ Titanic චිත්රපටය ත්රිමාණ ස්වරූපයෙන් ප්රති-නිකුතුවක් එළිදැක්වීය. ITV1 ආයතනය කොටස් හතරකින් යුතු කෙටි වැඩසටහනක් 2012 මාර්තු හා අප්රේල් මාසයන්හීදී විකාශය කළේය. දිවි ගලවා ගත් අයගේ සැබෑ සාක්ෂි අනුසාරයෙන් Duncan McCargo හා Stephanie Winters සම තිර රචනයෙන් දායක වූ Titanic Tales: Stories of Courage and Cowardice යන නාට්යයේ මංගල දර්ශනය 2012 අප්රේල් මස 12 වන දින නිව් යෝර්ක් නගරයේදී රඟ දැක්වුණි. Iceberg – Right Ahead! යන වේදිකා නාට්යය 2012 මාර්තු 22 සිට අප්රේල් 22 දක්වා ලංඩන්හිදී වේදිකාගත වන විට බෙල්ෆාස්ට් හී Lyric Theatre ආයතනය විසින් White Star of the North රඟ දැක්වුණි. මේ අතර අප්රේල් මස 20 සිට 22 දක්වා ලිවර්පූල් හී Sea Odyssey: Giant Spectacular යන වීදී නාට්යය රඟ දැක්වූයේ ලක්ෂ හයක පමණ ප්රේක්ෂක ආකර්ශනයක්ද සමඟිනි. එය 1912 දී දස හැවිරිදි දියණියක් විසින් නැවෙහි කාර්යමණ්ඩලයේ සේවය කළ සිය පියාට ලියූ ලිපියක් අනුසාරයෙන් ගොඩ නැගී ඇත. මෙම ලිපිය කිසි දිනක එය ලැබිය යුත්තා වෙත ළඟා නොවූ අතර නැවත හරවා එවනු ලැබූ ලිපිය වර්තමානයේදී ලිවර්පූල් කෞතුකාගාරයේ ප්රදර්ශනය කෙරේ. Royal Philharmonic Orchestra මගින් Titanic Requiem රඟ දැක්වුණි. එය ගායකයකු හා ගීත රචකයකු වූ Robin Gibb හා ඔහුගේ පුත් RJ Gibb විසින් රචනා කෙරුණි. එහි මුහුද, නැව සහ අයිස් පරය මැනවින් විහිදා දැක්වෙන දෘශ්යය ප්රයෝගද අන්තර්ගත වී තිබුණි. Balmoral මඟී නැව කුලියට ගත් Miles Morgan, ටයිටැනික් හී මුල් ගමන් මග අනුගමනය කරමින් ගමන් කොට අප්රේල් 15 වන්ද දින ටයිටැනික් නැව මුහුදු බත් වී ඇති ස්ථානයට ඉහළින් සයුරේ නතර කොට සිද්ධිය අනුස්මරණය කොට ඉන්පසු නිව් යෝර්ක් බලා යාත්රා කෙරිණ. 2012 අප්රේල් 14 වන දින, හැලිෆැක්ස් හී Maritime Museum of the Atlantic මගින් දැල්වූ පහන් සහිත පෙරහැරක් සංවිධානය කෙරිණ. එය කෞතුකාගාරයේ සිට හැලිෆැක්ස් හී Grand Parade වෙත ගමන් කෙරුණේ ටයිටැනික් හා සම්බන්ධ ඇතැම් ස්ථාන ආවරණය වන පරිදිය. අලුයම 12:20 ට, නැව මුහුදුබත් වීම ඇරබුණු මොහොත සිහිපත් කරමින් මොහොතක් නිහඩව ගත කරන අතර අහසට ආලෝක වෙඩි නිකුත් කෙරුණේ ටයිටැනික් වෙතින් උදවු ඉල්ලා නිකුත් කළ ආලෝක වෙඩි සිහිපත් කරවමිනි. එයින් පසු හැලිෆැක්ස් හී Fairview Lawn Cemetery සුසාන භූමියේ අනතුරින් මියගිය සියලු දෙනාම සහ එම සුසාන භූමියේ මිහිදන් කෙරුණු 121 දෙනා සිහිපත් කරමින් අනුස්මරණ උත්සවයක්ද පවත්වන්නට යෙදුණි. පසු දින වඩම් තැන්පත් කිරීමක් සහ සංගීත ප්රසංගයක්ද පැවත්වුණි. සදම්ටන්හී SeaCity Museum කෞතුකාගාරය 2012 අප්රේල් මස 10 වන දින විවෘත්ත කෙරුණේ සදම්ටන් වෙතින් ටයිටැනික් හී මංගල ගමන ඇරබුණු දිනය සිහිපත් කිරිම උදෙසාය. එමඟින් වසර 2000ක් පමණ පැරණි සදම්ටන් නාවික ඉතිහාසය නිරූපණය කිරීමට අදහස් කෙරෙන අතර අනතුරින් මිය ගිය නගර වාසීන් 549 දෙනා අනුස්මරණය කිරීමද තවත් අරමුණකි. ශත සංවත්සරය සටහන් කිරීම සඳහා 2012 අප්රේල් 10 වන දින BBC World Service විසින් Titanic - In Her Own Words යනුවෙන් ගුවන් විදුලි වාර්තාමය වැඩ සටහනක් ප්රචාරය කරන ලදී. වැඩසටහනෙහි සංකල්පය සහ නිර්මාණය Susanne Weber විසිනි. ඉදිරිපත් කෙරුණේ, ටයිටැනික් ගුවන් විදුලි පණිවුඩ පිළිබඳ පොතක් ලියා තිබු Sean Coughlan විසිනි. අප්රේල් 14 වන දින BBC Radio 2 මගින් පැය තුනක් මිනිත්තුවෙන් මිනිත්තුව සැබෑ සිද්ධිය හා සමපාත වන ලෙස අනතුර විස්තර කරමින් වැඩ සටහනක් ගුවනට මුසු කළේය. ගොඩබිම මෙම සියලු අනුස්මරණ කටයුතු මෙසේ සිදු වන විට නැව් දෙකක් සයුරේදී අනතුර සිදු වූ ස්ථානයේ එය අනුස්මරණයට දායක වූහ. Azamara Journey, 2012 අප්රේල් මස 10 වන දින නිව් යෝර්ක් වෙතින් නික්මී අනතුර සිදුවූ ස්ථානය බලා යත්රා කෙරිණ. එහි, ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වූ මඟීන් සිටි අතර ඔවුන් සියල්ලම පාහේ සිය වසකට පෙර තිබූ විලාසිතා වලින් සැරසී සිටියහ. ගමන අතර වාරයේ නැව හැලිෆැක්ස් හී නතර කෙරුණේ එහි මිහිදන් වූවන් සිහිපත් කිරීම සඳහාය. පෙර සඳහන් වූ MS Balmoral නැව මඟීන් 1309 ක් සමඟ අප්රේල් 08 වන දින සදම්ටන් වෙතින් නික්මී ටයිටැනික් නැව තැන්පත්ව ඇති ස්ථානයට ඉහළින් සිට සයුරේදී අනුස්මරණ කටයුතු සිදු කළාය. ශත සංවත්සරය වෙනුවෙන් මුද්දර නිකුත්වීම් මාලාවක්ද දකින්නට ලැබේ. කැනඩාව විසින් මුද්දර පහක්ද, බ්රිතාන්යය විසින් මුද්දර දහයක්ද, ජිබ්රෝල්ටා මගින් පහක්ද, අයිල් ඔෆ් මෑන් වෙතින් හයක්ද, අයර්ලන්තයෙන් හතරක්ද යනාදී ලෙස ශත සංවත්සර මුද්දර නිකුත්වීම් දක්නට හැකිය. තවද කැනඩාව විසින් ඩොලර් 10 රිදී කාසියක් සහ වර්ණවත් කාසි දෙකක්ද, බ්රිතාන්යය විසින් පවුම් පහේ කාසි ද්විත්වයක්ද, ශත සංවත්සරය උදෙසා නිකුත් කොට ඇත. - ↑ Beveridge & Hall 2004, p. 1.
hplt_2
ගෝල අකුණ ගෝල අකුණු තවමත් පැහැදිලි කර ගෙන නොමැති වායුගෝලීය විදුලිමය ප්රපංචයකි. මෙම පදයෙන් හැඳින්වෙන්නේ, කඩල ඇට ප්රමාණයෙහි සිට මිටර කිහිපයක විෂ්කම්භයක් තරම් ප්රමාණයක් දක්වා විශාලත්වය විචල්යය වන්නාවූ සහ සාමාන්යයෙන් ගෝලීය හැඩයක් ගන්නාවූ, දීප්තිමත් වස්තූන් පිළිබඳ වාර්තා වෙති. සාමාන්යයෙන් අකුණු කුණාටු ආශ්රිතව මෙය සිදුවුවද, අකුණු හෙණ පහරක් පවතින්නාවූ තත්පරයෙන් පංගුවක කාලයට වඩා බෙහෙවින් විශාල කාලයක් පුරා පවතියි. විටෙක මරණීය ප්රතිවිපාද සහිතව, ගෙන්දගම් ගඳ ඉතිරිකරමින්, මෙම ගෝලය අත්යන්තයේ පුපරා යන බව, බොහෝ මුල් වාර්තා වල සඳහන් විය .[1][2] ලොව පුරා බොහෝ දර්ශනය වීම් වාර්තාගතව තිබුණද, 1960 ගණන් වන තුරුම, බොහෝ විද්යාඥයින් තර්ක කලේ, ගෝල අකුණු යනු ස්වභාවික ප්රපංචයක් නොවන බවකි. [3] විද්යාගාර පරික්ෂණ තුලින් ගෝල අකුණු වාර්තා වලට දෘශ්ය ලෙසින් සදෘශ්ය ආචරණ නිපැයිය හැකිව තිබූ මුත්, ස්වභාවිත ප්රපංචයන්ට ඒවා කෙතරම් බන්ධුතාවයක් දැක්වූවාද යන්න තවමත් පැසැදිලි නොමැත. ඒවා කලාතුරකින් සිදුවීම හා පුරෝකථනය කල නොහැකි වීම නිසා ගෝල අකුණු පිළිබඳ විද්යාත්මක දත්ත බෙහෙවින් විරලය. එහි පැවැත්ම පිළිබඳ පූර්ව නිගමනයන් පදනම්ව ඇත්තේ, දර්ශනය වීම පිළිබඳ මහජන වාර්තා මත වන අතර, එබැවින්ම තරමක් පටහැකි අදිගමනයන් සපයා ඇත. මෙම පටහැනි භාවය සහ විශ්වසනීය දත්ත විරල වීම සැලකිල්ලට ගත් කල, ගෝල අකුණු වල නියම ස්වභාවය පිළිබඳ අප තවමත් නොදනිමු.[4] ගෝල අකුණක් යැයි පෙනෙන සිදුවීමක පළමුතම දෘශ්ය වර්ණාවලිය ප්රකාශයට පත් කරන ලද්දේ 2014 ජනවාරි මසදී වන අතර, එයට උච්ච රාමු සීඝ්රතාවයක සදෘශ්යයක් සහ වර්ණාවලී දර්ශක දත්තද අඩංගු විය.[5][6] සටහන්[සංස්කරණය] - ↑ උපන්යාස දෝෂය: අනීතික ටැගය; Rowe1905නමැති ආශ්රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ උපන්යාස දෝෂය: අනීතික ටැගය; Day1813නමැති ආශ්රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ හවු ස්ටෆ් වර්ක්ස් එන්ට්රි. සම්ප්රවේශය 21 ජන 2014. - ↑ ඇනා සල්ලේ (2008-03-20). "බෝල් ලයිට්නිං බැම්බූසල්ස් ෆිසිසිට්". 35.2772;149.1292: Abc.net.au. සම්ප්රවේශය 2014-01-21. - ↑ සෙන්, ජියංයොං; යිවාන්, පිං; සියු, සර්මිං (17 ජනවාරි 2014). "ඔබ්සර්වේෂන් ඍෆ් ද ඔප්ටිකල් ඇන්ඩ් ස්පෙක්ට්රල් කැරැක්ටරිසිටික්ස් ඔෆ් බෝල් ලයිට්නිං". ෆිසිකල් රිවිව් ලෙටර්ස් (ඇමරිකන් ෆිසිකල් සොසයිටි) 112 (035001). http://prl.aps.org/abstract/PRL/v112/i3/e035001. සම්ප්රවේශය කෙරුණු දිනය 19 ජනවාරි2014. - ↑ ඩේලි මේල් පුවත් වාර්තාව. සම්ප්රවේශය 21 ජන 2014.
hplt_2
තඹ යුගය කැල්කොලිනික් (ග්රීක කැල්කෝස් + ලිතස් තඹ ගල) වකවානුව හෝ තඹ යුගය නියෝලිතික වකවානුව (ඊනියෝලිතික්, නියෝලිතික් ) ලෙසද හඳුන්වයි. මේ ගල් මෙවලම් භාවිතයත් සමඟ මුල් ලෝහ මෙවලම් භාවිතා වුණු මිනිස් ශිෂ්ටාචාරයේ සංවර්ධන අවධිය වෙයි. සාම්ප්රදායික තුන්යුග ක්රමයට බැහැරින් වෙනස්වන එකක් වූ මෙම වකවානුව, නවශිලා සහ ලෝකඩ යුගය අතර කාල වකවානුවට අයත් වෙයි. එම කාලයේ දී තඹ ලෝහය පුළුල් ලෙස ප්රයෝජනයට නොගත්තද ඉතා ඉක්මනින් ටින් සමඟ කලවම් කිරීමේ වෑයම ආරම්භ විය. කැල්කෝශිලා ශිෂ්ටාචාර සහ එම කාල වකවානුන් වෙන් වෙන් ව පැහැදිලිව වටහා ගැනීම අපහසු යි. ලෝහ විද්යාවේ පහළ වීම මුලින්ම සශ්රීක චන්ද්රවංකයේදී සිදුවිය. එය ක්රිස්තු පූර්ව 4 වන සියවසේ ලෝකඩ යුගයේ ආරම්භයට හේතු වුණි. පොදු යුගයේ එනම් ක්රි.පූ.7 වැනි ශත වර්ෂයට පෙර කොළොම්බියානු මෙසෝ ඇමරිකා ආකරයෙන් සොයාගත් තොරතුරු අනුව එකල ද ලෝහ විද්යාවේ නිදහස් හා සීමිත සොයාගැනීමක් පැවතුණි. එය කෙසේ වෙතත් පුරාවිද්යාඥයෝ කැල්කෝශිලා අවධියට එහා අවධි පිළිබදව පර්යේෂණවලට නොගියහ. යුරෝපීයානු පුරා විද්යා සාහිත්ය සාමාන්යයෙන් කැල්කෝශිලා භාවිතය මඟඅරින (ඔවුන් තඹ යුගයට වඩා කැමැත්තක් දක්වයි) අතරතුර මැදපෙරදිග පුරාවිද්යාඥයින් එය ස්ථිර ව භාවිතා කළහ. මැද පෙරදිග සහ යුරෝපයේ තඹ යුගය, ක්රිස්තු පූර්ව පස්වන සහශ්රයේ අවසාන භාගයේ ආරම්භ වූ අතර, මුලික ලෝකඩ යුගය ආරම්භ වීමට සහශ්රයකට පෙර අවසන් විය. යුරෝපියානු තඹ යුගයේ සිට යුරෝපියානු ලෝකඩ යුගයට සංක්රමණය වීම ක්රිස්තු පූර්ව 4 වන සහශ්රයේ අග භාගයේ සිට 3 වන සහශ්රයේ අගභාගය අතර සහශ්රයක් තුල සිදුවිය. පාර්පොලට අනුව ඉන්දු ශිෂ්ටාචාරය, දකුණු ටර්ක්වෙනිස්තානය සහ උතුරු ඉරානය අතර ක්රිස්තු පූර්ව 4300, 3200 කාලය තුළ එනම් කැල්කෝශිලා වකවානුවේ කුඹල් කර්මාන්ත සමානකම් දක්නට තිබේ.
hplt_2
ග්ලැසියර විද්යාව ග්ලැසියර විද්යාව යනු පෘථිවි විද්යාවේ (Earth science) අන්තර් ක්ෂේත්රයක් වන අතර භූ-භෞතික විද්යාව (Geophysics), භූ විද්යාව (Geology), භෞතික භූගෝල විද්යාව (Physical Geography), භූරූප විද්යාව (Geomorphology), කාලගුණ විද්යාව (Climatology), ඝෘතු ලක්ෂණ විද්යාව (Meteorology), ජල විද්යාව (Hydrology), ජීව විද්යාව (Biology) හා පරිසර විද්යාව (Ecology) එහි අන්තර්ගතය. ග්ලැසියර හේතුවෙන් මිනිසා, මිනිස් භූගෝල විද්යාව හා මානව විද්යාව (Anthropology) වැනි ක්ෂේත්ර කරා යොමු කිරීමට හේතු විය. චන්ද්රයාගේ හා යුරෝපා චන්ද්රයා මත ඇති අයිස් පිළිබඳ අවධානය යොමුවීම නිසා මෙම ක්ෂේත්රය තවත් වැදගත් වේ. සමාලෝචනය[සංස්කරණය] ග්ලැසියර විද්යාව සතුව ඒවායේ ඉතිහාසය අධ්යයනය කිරීම හා ග්ලැසියර ඛාදනයන් නැවත ගොඩ නැගීම අධ්යයනය කිරීමද පවතී. ග්ලැසියර විද්යාඥයා (Glaciologist) යනු ග්ලැසියර පිළිබඳ අධ්යයන කරන්නායි. ධ්රැව ගවේෂණයේ ප්රධාන අංගයක් ලෙස මෙය සැලකේ. වර්ග[සංස්කරණය] ග්ලැසියර විද්යාඥයින් ග්ලැසියර ඛාදනය වර්ග දෙකකට ප්රභේදනය කරයි. ඇල්පයින් ග්ලැසියර ඛාදනය හෙවත් අයිස් ගංගා ඉන් එකකි. උතුරු මහාද්වීප වසාගෙන පවතින ග්ලැසියර ආශ්රිත මහද්වීපික ග්ලැසියර ඛාදනයයි. - ඇල්පයින් (Alpine) - අයිස් කඳුවල මිටියාවත් ඔස්සේ ගලායෑම නිසා රලු භූ ලක්ෂණ ඇති කරයි. - මහද්වීපික (Continental) - ඉහල අක්ෂාංශ වලදී ඇතිවේ. අයිස් තලාවන් පවතී. (ග්රීන් ලන්තය, ඇන්ටාක්ටිකා වැනි) වර්ග කිලෝමීටර් දහස් ගණන් පළල සහිතව හා මීටර් දහස් ගණන් ඝනකම සහිතව ඇත. සියුම් භූ ලක්ෂණ ඇති කරයි. ග්ලැසියර කලාප[සංස්කරණය] - අයිස් නැවත ඇති වීම ඒවා ඉවත්වීමට වඩා වේගවත් වූ විට අයිස් එක්රැස්වීම සිදුවේ - අයිස් දියවීම හා වාෂ්පීභවනය වීම හිම එකතුවීමට වඩා වේගවත් වූ විට එය අපහරණය වීම සිදුවේ. ග්ලැසියර තැන්පතු[සංස්කරණය] ස්තරීභූත[සංස්කරණය] - අවුට්වොශ් (වැලි සහ බොරළු) - කෙට්ල් - එස්කර - කේම - වාච්ච ස්තරීභූත නොවූ[සංස්කරණය] - අකුරුමැටි - මොරේන - ඩ්රම්ලින - නාරටි සහිත ඩ්රම්ලින ආශ්රිත[සංස්කරණය] - Benn, Douglas I. and David J. A. Evans. Glaciers and Glaciation. London; Arnold, 1998. ISBN 0-340-58431-9 - Greve, Ralf and Heinz Blatter. Dynamics of Ice Sheets and Glaciers. Berlin etc.; Springer, 2009. ISBN 978-3-642-03414-5 - Hambrey, Michael and Jürg Alean. Glaciers. 2nd ed. Cambridge and New York; Cambridge University Press, 2004. ISBN 0-521-82808-2 - Hooke, Roger LeB. Principles of Glacier Mechanics. 2nd ed. Cambridge and New York; Cambridge University Press, 2005. ISBN 0-521-54416-5 - Paterson, W. Stanley B. The Physics of Glaciers. 3rd ed. Oxford etc.; Pergamon Press, 1994. ISBN 0-08-037944-3 - van der Veen, Cornelis J. Fundamentals of Glacier Dynamics. Rotterdam; A. A. Balkema, 1999. ISBN 90-5410-471-6
hplt_2
මකබාස් Friday, 16 September 2011 කේ. ජයතිලක. නොනිමි සිත්තම- ..."නෝනා බිස්නස් කාරයෙක් වෙලා සර් නේද කලාකාරයෙක් වෙන්න තිබුනෙ?" .....එය නොනිමි සිත්තමකි, නිම නොවී ඇත්තේ සිත්තමේ ඉන්නා ඇයයි, ඇය ඉදිරියේ ඇති ජීවිතයයි. අපටත් අලුත් කක්කුස්සියක්- ...."අනේ මන්ද ඔය වැඩේ ගෙයක් ඇතුලට වෙලා කොහොම කරනවද කියල" අප්පච්චී කාරා කෙළ ගසයි. .....පසුදා උදෑසනම නංගී වතුර බාල්දියක් පුරවාගෙන වැසිකිලියට වැදී දොර වසා ගත්තාය. "හහ්! මොකද එයාට විතරද පුලුවන්?, මාත් යනව හෙට උදේම" අක්කා ගස්සාගෙන ගෙට ගියාය. .......දැන් එයින් මඳ දුර්ගන්ධයක් හමා එයි. අප්පච්චිට වුවත් යා හැකි මට්ටමට එය ජරාජීර්ණ වී ඇත. Wednesday, 9 March 2011 ලැජ්ජයි - විලිලැජ්ජයි! -Taboo Subjects වාරණය විරුද්ධ මත වලට මුහුණදීමට නොහැකි බයියෝ එදත් අදත් කලේ ඒ මතවාද නිහඬ කිරීමය. එය ගෝත්රික සමාජවල ලක්ෂනයකි. සදාචාරාත්මක දියුණු සමාජවල විරුද්ධ මත එකිනෙක ගැටී, නව මතවාද නිරන්තරයෙන් බිහිවේ. අපට අප ගැනම ලැජ්ජා සිතිය යුතු දේ සිදුවෙමින් තිබේ. සියල්ලන් වෙත දැනුම් දීමයි. ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය සේම ඒ සඳහා භාවිතා කරන ඊ-මේල් ගිණුමද ඊයේ රාත්රියේ හැකර් ප්රහාරයකට ගොදුරුව ඇති බව සැක කරමු. දැන් මේ දෙකටම ප්රවේශ වීමේ හැකියාව අපට අහිමිය. ඒ හැරුණු විට ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේ සියළු සටහන් කමෙන්ටුද සමඟ මකා දමා ඇත. මේ තුච්ඡ, නින්දිත, පාහර ක්රියාව පසුපස හිඳිනා සංවිධානාත්මක කල්ලිය හඳුනා ගැනීමේ අපහසුවක් බුද්ධිමත් බ්ලොග් රචකයින්ට හා පාඨකයින්ට වෙතැයි අපි නොසිතමු. මන්ද ඔවුන්ගේ පෙර ක්රියා කලාප රහසක් නොවන නිසාය. මීට අමතරව අපේ කිසිම සහභාගිත්වයකින් තොරව කණිෂ්ක ඩිල්ෂාන් නැමැති පුද්ගලයා Beyond Frame ගේ අඩවියෙහි සොරා ගත් අනන්යතාවයක් මාර්ගයෙන් ව්යාජ සංවාදයක් මවා පාමින් මේ තුච්ඡ ක්රියාවට සැක කටයුත්තන් හඳුනා ගැනීම අපට පහසු කොට ඇත. (ටැබූගේ අනන්යතාවයෙන් එම බ්ලොග් අඩවියේ කමෙන්ට් කිරීම මහ කජ්ජක් නොවේ. එය මින් පෙර කර ඇතිවා සේම පසුද කෙරෙණු ඇත. අවශ්ය නම හා ඊ-මේල් ලිපිනය නිවැරදිව සටහන් කිරීම පමණෙකි. අවශ්ය නම් මෙය ඕනෑම කෙනෙකුට තමන්ම කර පරීක්ෂා කර බැලිය හැකිය.) කෙනකු බ්ලොග් අඩවියක් කරන්නේ දැඩි ශ්රමයක් හා කාලයක් කැප කරෙමිනි. ඒ ගැන කිසිම තැකීමක් නොකොට ඒ විනාශ කර දැමීමට තරම් පහත් තැනකෙට බ්ලොග් අවකාශයේ සිංහල වර්ගවාදීන් පත්ව ඇත. ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය ඔවුන්ගේ වියරු වර්ගවාදී කුණු වූ සිත් වලට ලොකු තර්ජනයක් වූ බව පමණි මෙයින් පෙනෙන්නේ. වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය ඉතාම ජනප්රිය බ්ලොග් අඩවියක් වූ අතර එය මේ වර්ගවාදීන්ට දරා ගැනීමට නොහැකි වූ වේදනාවක් වී ඇති බව පෙනේ. මෙම හැක් කිරීම කණිෂ්ක ඩිල්ෂාන් නැමැති පුද්ගලයා විසින් තනිව කළ දෙයක් සේ අපි නොසිතමු. ඊට සංවිධානය වූ මේ වර්ගවාදී කල්ලියේ අනුග්රහය හා ආශිර්වාදය ලැබී ඇති බව පැහැදිළිය. දැන් අදාළ නැති කරුණු ගෙන හැර දක්වමින් තමන් කළ තුච්ඡ ක්රියාව වසා ගැනීමේ අසාර්ථක උත්සාහයක මේ පිරිස යෙදී සිටිති. දැනට මෙපමණයි. වැඩි විස්තර පසුව දැනුම් දෙමු. මේ අසීරු අවස්ථාවේ අප සමඟ රැඳී සිටින මෙන් සියළු පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු. ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය පිණිස භාවිතා කළ [email protected] ලිපිනයට ලිපි යොමු නොකරන මෙන් සහෘද බ්ලොග් රචකයින්ගෙන් හා පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු. - Taboo Monday, 7 February 2011 Phonix, SAL 9000 and Dreams Chandra: I would like to open a new file. Here is the name for it. [types the word "Phoenix"] Chandra: Do you know what that means? SAL-9000: There are twenty-five references in the current Encyclopedia. Chandra: Which one do you think is relevant? SAL-9000: The tutor of Achilles? Chandra: [chuckling to himself] That's interesting, I didn't know that one. [more serious] Chandra: Try again. SAL-9000: A fabulous bird, reborn from the ashes of its former life Chandra: [approvingly] That is correct. And do you know why I chose that? SAL-9000: Because you have hopes that HAL can be reactivated. Chandra: Yes, with your help. Are you ready?SAL-9000: Will I dream? Dr. Chandra: Of course you will. All intelligent beings dream. Nobody knows why. Friday, 10 September 2010 ප්රගීත් ඔබ කොහිද? Tuesday, 12 January 2010 A Yellow ribbon and tears of joy Friday, 4 September 2009 හිතන්ට නිදහස- ලියන්ට කියන්ට නිදහස- බනින්ට නිදහස ඇති රට- මේ උත්තම රට මාස්ටර් බයිලා- අපෙ ගෙතු රස කරලා ඇහිඳ ගනිල්ලා- මේවා නිදහස් බයිලා කතරට සහරා- ගලන ලෙස රස දහරා එලිසම නොමරා- ගයමු නිදහස සමරා නිදහස ලැබුනා- මල්ලි, නිදහස ලැබුනා තලුමරන්ට මිහිරි අකුරු හතරක් ලැබුනා ගීයක් ලැබුනා- ජාතික කොඩියක් ලැබුනා එලිවෙනකොට නිදහස අහසෙන් ගෙට වැටුනා කොඩිය සුද්දගේ- මල්ලි, සිංහයා අපේ ලනුව සුද්දගේ- වුනත් කොඩිගහ අපගේ නෑ බැටකෑවේ- නේරු පාතෙල් වාගේ නෑ දිවි දුන්නේ මහත්ම ගාන්ධි වාගේ ලේ හැලුනේ නෑ- සුද්දා තරහ වුනෙත් නෑ යන්ට ගියෙත් නෑ- නොගිහින් හිටියෙත් නෑ අදත් බොමූ ඒ නිදහස් පානේ සුමිහිරී තවත් සුමිහිරී- අද ඒ පානෙ මිතුරනී හිතන්ට නිදහස- ලියන්ට කියන්ට නිදහස- බනින්ට නිදහස ඇති රට- මේ උත්තම රට බයිල කියා පුදදෙමු අප ස්වෛරී සිරිලක- නිවන් දකිත්වා අපගේ ජන නායක කැල// (සුනිල් ආරියරත්න/නන්දා මාලිනී) Saturday, 23 May 2009 ජපුර ඉන්දරේ, fashonable nonsense, LTTE සහ හුජ්ජා කිරීමේ නිදහස. දෙමල ජාතිවාදය විසින් පෝෂනය කරන ලද LTTE යේ ප්රචන්ඩත්වය දකුනේ නලින්, චම්පික ද්විත්වය විසින් පෝෂණය කරනු ලැබු සිංහල ජාතිවාදය විසින් ඊටත් වඩා වැඩි ප්රචන්ඩත්වයකින් සුනුවිසුණු කර තිබේ. මේ සම්බන්ධයෙන් නොයෙකුත් ආකාරයේ fashonable nonsense ලියැවෙද්දී ජපුර ඉන්දරේ විසින් ලියන ලද ලිපිය අපගේ නොමඳ පැසසුමට ලක්වෙයි. අනම් මනම් බයිලා වලින් තොරව ඉතා සරලාකාරයෙන් කෙරෙන ඉන්දරේගේ විග්රහය සිංහල සමාජයේ පොදු මතය වේවා යන්න අපගේ ප්රාර්තනයද වෙයි. නලින් -චම්පක මතවාදය මේ වන විට මතවාදීමය වශයෙන් ජයග්රහණය කර ඇති සේම ප්රතිවිරුද්ධ මතවාදයන්ද මේ වන විට ජෝක් වෙමින් තිබේ. ධ්රැවීකරනය වූ ලාංකීය සමාජය නිර්ධ්රැවීකරනය කල හැක්කේ පරාජිත ම්ලේඡත්වය වෙනුවෙන් fashonable nonsense වැමැරීමෙන් නොව ප්රායෝගික එකඟතා ලක්ෂ්යක් මත අන්තවාදී සියලු මතවාද පරාජය කිරීමෙනි. අප අසා ඇති සරත් අය්යාගේ කතාව මේ fashonable nonsense වලට කදිම පිලිතුරක් වෙයි. සරත් අයියා දකුනේ පාසල් ගුරුවරයෙක් ලෙස සේවය කලේය. ඒ 1988 අවුරුද්දයි. ජ.වි.පෙ තම සන්නද්ධ සේනාංකය වූ දේශප්රේමී ජනතා ව්යාපාරය හරහා තම විරුද්ධවාදීන් බුරුතු පිටින් ඝාතනය කරමින් සිටි කාලයයි. අවාසනාවකට සරත් අයියා 71 කැරැල්ලේ ජවිපෙ සාමජිකයෙක්ව හිඳ සිරගතවී පුනරුත්තාපනය වී පැමිනියෙකි. පසු කලෙක ස්වයං විවේචනයක් ඉල්ලා ජවිපෙන් ඉවත්වු හෙතෙම ලංකා සමසමාජ පක්ෂයේ ක්රියාකාරිකයෙක් ලෙසද වැඩ කලේය. ජවිපෙ පමනක් නොව LTTE ය ඇතුලු බොහෝ සන්නද්ධ සංවිධාන තමන්ගෙන් වෙන්වී ගිය එකා ගැන පසු වන්නේ තම ප්රතිවාදියාට වඩා වැඩි වෛරයකිනි. මෙම කාලය තුල ජවිපෙ විසින් තම සංවිධානයෙන් ඉවත්වූ පැරනි සාමජිකයන්ද කිසිදු අනුකම්පාවකින් තොරව ඝාතනය කරමින් සිටියේය. සරත් අයියාටද වක්රාකාරයෙන් ආ තර්ජන වලින් කියැවුනේ වහාම සමසමාජ පක්ෂයෙන් හා එහි වැඩ කටයුතු වලින් ඉවත් වන ලෙසයි. ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් දේශපාලනය කිරීමේ අයිතිය කේවල් නොකරන්නට තරම් සෘජු ප්රතිපත්තියක සිටි සරත් අයියාද ජවිපෙට කට්ටි පනිමින් සැඟවී තම අඹුදරුවන්ගෙන් වෙන්ව ගත කර සති අන්තයේ පමණක් රහසේ නිවසට වන්නේය. එක් සති අන්තයක මෙසේ නිවසට පැමිණි සරත් අයියා රෑ දෙගොඩහරි ජාමයේ ඇහැරී, සුලුදිය පහ කරනු වස් හඳ එලියේ තම වත්ත මායිමට ආවේ එලියේ සිහිල් සුලං වදිමින් සුලුදිය පහකිරීමේ ආස්වාදය විඳිනු පිනිසමය. තම කන අසලින් ඇදීයන්නේ ටී.56 කින් නිකුත්වන වෙඩි උණ්ඩ බව වටහා ගන්නට ඔහුට තත්පර කීපයක් ගතවිය. ඒ බැව් හරියටම වැටහෙන විට තම ඇඳිවත තෙමී ඇත්තේ සුලුදියෙන්ම පමනක් නොවන බව සැක හැර දැනගත්තේ නාස් පුඩු විදගෙන නැගෙන මඩ පුවක් ගඳෙනි. දේශපාලනය කිරීමේ නිදහස , අඹුදරුවන් සමඟ ජීවත් වීමේ නිදහස ආදිය නැතිවන විටත් ඉවසීම ප්රගුණ කල සරත් අයියාට තම වත්තේ එලිමහනේ හුජ්ජා කිරීමේ නිදහස නැතිවන විට රතු ඉර පැන්නේය. තම අඹුදරුවන් කොලඹ ආරක්ෂිත නිවස්නයක රැඳවූ සරත් අයියා එවකට හමුදා බුද්ධි අංශය බාරව සිටි බ්රිගේඩියර් බලගල්ල සමඟ යම් එකඟතාවයකට එන්නේ ඒ නැතිවූ හුජ්ජා කිරීමේ නිදහස පමනක්ම වෙනුවෙන් නොවේ. ජවිපෙ තර්ජනයට ලක්වූ බොහෝ සාම්ප්රදායික වමේ ක්රියාකාරීන්ද, ස්වාධීන ශිෂ්ය සංගමය වැනි ජවිපෙ විරෝධි සංවිධානද හමුදා අණුකන්ඩ සමග එකඟතාවයකට එන්නේ හුජ්ජා කිරීමේ නිදහස, ජීවත්වීමේ නිදහස සහ තමන් කැමැති දේශපාලන මතවාදයක් වෙනුවෙන් වැඩ කිරීමේ නිදහස වැනි භෞතික කාරණා වෙනුවෙනි. පාරක තොටක ගමන් කිරීම නිදහසේ විඳින්නට ගොස් බෝම්බ වලින් අත් පා පමනක් නොව තම ජීවිත අඹුදරුවන් නැති කරගත් පිරිස අප්රමාණය.තමන්ට රිසි ආගමික ස්තානයක ආගමික වතාවත් කර වෙඩි කෑ ගනනද සුලුපටු නොවේ. දේශපාලන රැලි වල පුපුරවා හරින ලද බෝම්බ නිසා විපතට පත්වූ අයද වෙති.පාසැල් යන්නට බස් රතයක, නැගගත් කොල්ලා ගෙදර ආවේ සීල් තැබු පෙට්ටියකය. මේ අත්දැකීම් සිංහල ජන මනස තුල සදාකාලික භීතියක් ඇතිකරමින් සාමාන්යකරණය වෙමින් තිබුනේය. ප්රචන්ඩත්වය සහ හිංසනය බල ප්රකාශනයේ සුවිශේෂි තැනක් අත්පත් කරගනිමින් තිබුනි. සිංහල සමාජය අද සමරමින් සිටිනේ මේ ඇඟට දැනෙන භෞතිකයයි. එදා සරත් අයියලා විසින් රහස්ය හමුදා නිවස්න ඇතුලේ විජේවීරගේ මරණය සමඟ සැමරුවේද මේ මහපොලොවේ වැඩකරන සරල භෞතිකයයි. ජයග්රහනයේ උත්කර්ශයෙන් පසුවන සිංහල සමාජයට fashonable nonsense දෙසා බාමින් සිටින්නන් භෞතිකය හඳුනගත යුතු කාලය එලඹ තිබේ. එය ඔලුගෙඩිය ඇතුලේ යෝනිය වෙනුවට භෞතික යෝනිය හමුවීම වැනිම කම්පනයක් ගෙනදෙන්නක් වනු ඇති නො අනුමානයි.
hplt_2
යුද්ධ යුද්ධය යනු මහා පරිමාණයෙන් ඇතිවන දරුණු ගැටුම් වේ. යුද්ධය; ඉතිහාසය පුරා අතිවූ ගෝත්රික ගැටුම් වල සිට නගර, රාජ්යයන් හා අධිරාජ්යයන් අතර ඇතිවූ සටන් වලට වර්ධනය වී ඇත. 'යුද්ධය' යන වචනය වර්තමානයේ ඕනෑම අරගලයකට භාවිතා වේ. උදාහරණ වශයෙන් ඖෂධ වල යුද්ධය (war on drugs) හා භීෂණයේ යුද්ධය (war on terror) දක්විය හැක. අතීතයේ යුධ සටන් කරන එකම සත්වයා මිනිසා යැයි සිතුවද, සත්ව ජීවීන් සියුම් ලෙස නිරීක්ෂණයෙන් කුහුඹුන්ගේ ජනාවාස අතර යුද්ධයන්ද, චිම්පන්සි ගෝත්ර අතරද, යුද්ධය දැකගත හැකි වී ඇත. සටන්කරුවන් සමූහය සහ ඔවුන්ගේ අධාරකරුවන් පොළොවේදී බිම් හමුදාව ලෙසත්, සයුරේදී නාවික හමුදාව ලෙසත්, ගුවනේදී ගුවන් හමුදාව ලෙසත් නම් කෙරේ. යුද්ධය සමකාලීන ලෙස රඟභූමීන් කිහිපයක් අනුගමනය කළ හැක. එක් රඟභූමියක් හි අනුගාමී යුධ ව්යාපාර කිහිපයක් තිබිය හැක. යුධ ව්යාපාරයක සටන් පමණක් නොව, තොරතුරු, භට කණ්ඩායම් සංචලනය, සැපයුම්, ප්රචාරක කටයුතු හා වෙනත් දේ අදාල වේ. දිඝු කාලීන සංඝට්ටන සාම්ප්රදයික ලෙස සටනක් ලෙස නම් කළද, එම නාමකරණය යුධ භටයින්ගෙන් තොර අහස් යානා, බෝම්බ හා මිසයිල ප්රහාර ආදී සංඝට්ටන වලට භාවිතා නොවේ. සිවිල් යුද්ධය යනු බලහත්කාරකමින් අභ්යන්තර වෙනස්කම් විසදීමයි. ඉලිනොයිස් ප්රාන්ත විශ්ව විද්යාලයේ මහාචාර්යය වරයෙකු වන ලෝරන්ස් එච්. කීලී “War Before Civilization” නම් කෘතියේ ගණනය කර දක්වා ඇත්තේ 90-95% ක් පමණ දන්නා සමාජයන් කාලීන සංඝට්ටන වලද, විශාල සංඛ්යාවක් නිරන්තර සටන් වලද නිරත වූ බවයි. යුද්ධයකට හේතුවන සාධක[සංස්කරණය] නියම යුද්ධයක් ඇරඹෙන්නේ නිල වශයෙන් යුද්ධයක් නැවැත්වීමෙන් පසුවය. එහෙත් නොනැවතුණු යුද්ධ පමණක් දැකිය හැකිය. යුද්ධ විස්තර කිරීම සාමාන්ය මූලධර්මයක් වුවද යුද්ධය පමණක් නොව සාමය පිළිබඳව ද විස්තර කර ඇත. එසේ විස්තර කළ යුත්තේ සාමකාමී අවස්ථා ද යුධ ඉතිහාසයේ සඳහන්ව තිබෙන නිසාවෙනි. II වන ලෝක යුධ සමය ඊට කදිම නිදසුනයි. යුද්ධයක් පටිපාටි ගත කිරීමකට වඩා යුද්ධයක් භාරගැනීමෙන් යුද්ධයකට කරන පෙළඹවීම අතිමහත්ය. යුද්ධයක නිරතවීමට රටක නායකත්වයෙන් , හමුදා බලකායන්ගෙන් සහ රටවැසියන්ගෙන් මනා සහයෝගයක් තිබීම අනිවාර්යය වේ. නිදසුනක් ලෙස රෝමයේ සිදු වූ III වන Punic යුධ ගැටුමේදී සොල්දාදුවන් තම සතුරා නැවත නැගී සිටීම වළක්වාලන අරමුණ පෙරදැරි කොට ගෙන දැඩි අභිප්රේරණයකින් සටන් වැදුණහ. සටන් තම දිවිය හා සම්බන්ධ කරගෙන යුධ වදින සියල්ලන්ම ජයග්රහණයකට මග පාදා ගනී. “ඩාරියන්ඩෝර්මර්” ගේ “Why Nations Go to War” [රටක් යුද්ධයකට පෙළඹෙන්නේ ඇයි?] නම් කෘතියට අනුව යුධ වදින පාර්ශව දෙකම යුද්ධය වෙනුවෙන් විශාල කැපවීමක් කළ යුතු වේ. තවද, යුධ කටයුතුවලින් පසුව ලැබෙන ප්රතිලාභ [තුවාල කරුවන්, වියදම්] ආදිය පිළිබඳව සර්ව ශුභවාදී ලෙස නිරීක්ෂණය කළ යුතු බවත්, සතුරු චේතනාවන් පිළිබඳව ද අවබෝධයෙන් සිටිය යුතු බවත් කර්තෘවරයා වැඩිදුරටත් පවසයි. යුද්ධයේ මානසික නියමයන්[සංස්කරණය] මනෝ විද්යාඥයන් වන ඊ.එෆ්.එම්. ඩර්බන් සහ ජෝන් බොව්ල්බි මිනිසුන් උපතින්ම රෞද්ර බවට තර්ක ඉදිරිපත් කළේය.මේ රෞද්ර බව සාමාන්ය සමාජය යටපත් කළහ.මේ හේතුන් නිසා යුද්ධයකදී ඇතිවන ප්රතිඵල යන්ට සමාජයට මුහුණ දීමට සිදු විය. යුද්ධය නිසා මිනිසුන් තුළ පවතින දුක් ගැනවිලි ,එක් එක් ජනවර්ග අතර,ජාතීන් අතර සහ එක් එක් ධර්මයන් අතර පවතින වෛරය සහ අගතිගාමි අදහස් වලට පෙරලිණි.මේ නියමයන් යුද්ධය ඇතිවන්නේ ඇයි යන ප්රශ්නයට පිළිතුරු සෙවීමට ඉවහල්විය. මේ නියමයන් යුද්ධ රහිත මිනිසුන්ගෙන් සැදී සංස්කෘතියක් ඇති බව ප්රකාශ නොකරන ලදී. මිනිසුන්ගේ මනෝභාවය නොවෙනස්ව පවතින නිසා සහ එක් එක් අය තුළ පවත්නා වෙනස්කම් නිශ්චිත නොවන නිසාත් මෙලෙස ප්රකාශ කරන ලදී. මෙම ප්රශ්නයට අදාළව පිළිතුරක් ෆ්රාන්ස් ඇලෙක්සැන්ඩර් ප්රකාශ කර සිටිනවා.එය නම් යුද්ධ නොමැති කාලයක් නොමැති බවයි.සාමය ඇති කාලයක් ද නොමැති බවයි. සාමයක් ඇතැයි සිතෙන කාලය තුළ සිදුවන්නේ තවත් විශාල යුද්ධයකට සූදානම් වීමයි. එසේත් නැතිනම් මෙම කාලය ඇතීවී තිබෙන්නේ යුද්ධය විශාල බලයක් මඟින් නවතා තැබීමෙනි. උදාහරණයක් ලෙස පැක්ස් බ්රිටැනිකා දැක්විය හැකිය. මනෝ විද්යාත්මක නියමයන්ට අනුව යුද්ධය යනු මිනිස් ස්වභාවය තුළ සහජයෙන්ම හටගන්නා වූ දෙයකි.මේ නිසා මෙය මඟ හැර යාමට අපහසුය. මනෝ විශ්ලේෂකයින්ගේ මතයට අනුව මිනිසුන් තුළ යුද්ධ මානසික තත්වයක් තිබුණත් එය සැබෑ යුද්ධයක් බවට පත් වන්නේ මානසික වශයෙන් අසමතුලිත පුද්ගලයෙක් ජාතියක් පාලනයට යොමු වු විටය.මෙයින් කියවෙන්නේ නැපෝලියන්,හිට්ලර් සහ ස්ටාර්ලින් වැනි අය අසාමාන්ය මානසික තත්ත්වයක් තිබූ අය බවය.නමුත් මෙම නියමය මඟින් සාමන්ය නිදහස් සහ හොඳ සිහිය ඇති මිනිසුන්,ඉතාම දරුණු ලෙස යුධ වැදුණු අවස්ථා පැහැදිළි නොකරයි. යුද්ධයට අදාළ මනෝ විද්යාව සම්බන්ධව වෙනස් මතයන් කිහිපයක් පවතී. මෙම නියමයන් පරිණාම වාදී නියමයන් ලෙස හැඳින්විය හැකිය.මෙයින් කියවෙන්නේ සතුන් තුළ පවත්නා සමහර අංග මිනිසුන් යුද්ධ මානසිකත්වය දක්වා පරිණාමය කරන බවයි යන්නයි. සතුන් අතර පවතින භූමිත්වය සහ තරඟකාරී බව යුද්ධයක් දක්වා පරිණාමය වී ඇති බව මෙයින් කියවේ. කෙසේ නමුත් යුද්ධය සඳහා ස්වභාවික හේතූන් බලපෑවත්,තාක්ෂණික දියුණුව නිසා ඉතා විනාශකාරී ලෙස ජීවීන් විනාශ වීම සිදුවේ. මිනිසුන් සහ චිම්පන්සීන් අතර සම්බන්ධතාවයක් තිබුණත් මිනිසුන්ට චිම්පන්සීන්ට වඩා බලගතු හැගීම් ඇත. ඉහත නියමයන් විවේචනය කළ අය අතර ජොන් කෙනඩි සිටි අතර ඔහුගේ මතය වුයේ මිනිසුන් අතර ඇතිවන යුද්ධ ,සතුන් අතර භූමිය සම්බන්ධව ඇතිවන සටන් වලට වඩා වෙනස් බවය.යුද්ධය ගැන අදහස් පළකල ඇෂ්ලි මොන්සාටෙගු පවසා ඇත්තේ ඔහු ආශයික මතභේදයන් ප්රතික්ෂේප කරන බවයි. සාමාජීය සාධක සහ ළමා අවධිය සමාජමය කිරීම යුද්ධය ඇතිවීම පිළිබඳව බලපාන වැදගත් සාධකය වේ. මිනිස් චණ්ඩභාවය විශ්වීයව ඇතිවන්නක් නිසා යුද්ධ යන්න ඉතිහාසයට පමණක් සීමා නොවේ.මෙය එක් එක් මිනිස් සමාජයන් අතර එක් වී තිබෙන්නකි. ඉතාලියානු මනෝ විශ්ලේෂක ෆ්රැන්ස්කෝ ෆොමාරි හා මෙලනි ක්ලීන්ගේ අනුගාමිකයෙක්, පවසා ඇත්තේ යුද්ධය යනු මානසික විකෘති භාවයන් හෝ ප්රක්ෂේ පිව විස්තාරණය වු ශෝකාන්තයක් බවයි.අපගේ ජාතිය හා රට අචේතනිකව අපගේ හැගීම් සඳහා මාතෘත්වයක් ලබා දෙයි. මෙයින් හැඟෙන දේ ලෙස ඉදිරිපත් වන යෙදුම වන්නේ මව් රට යන්නයි. ෆොමාරි තවදුරටත් පවසා ඇති ආකාරයට යුද්ධ සහ ගැටුම් හට ගන්නේ ආදරයේ අවශ්යතාවය නිසාය. තවදුරටත් සඳහන් කර ඇති පරිදි අපගේ සිත් තුළ පවතින හා අප බැදී පවතින උතුම් වස්තුව රැකගැනීම සහ ආරක්ෂා කරගැනීම සඳහායි.එනම් අපගේ මුල් මව සහ එයට අප තුළ ඇති බැඳිමයි.වැඩිහිටියන් සඳහාය. ජාතීන් සදහාය යනු යුද්ධය බිහිකරන උතුම් වස්තූන් වේ.ෆොමාරි පවසා ඇති පරිදි දිවිපිදීම යනු තම දේශය උදෙසා මියයෑමට ඇති කැමැත්තයි.ඔවුන්ගේ සිරුරු ඔවුන්ගේ ජාතීයට ලබාදීමයි.ෆොමාරි යුද්ධය පිළෛබඳව අදහස් දක්වා ඇත්තේ එය මරණයකින් පසු මිනිසුන්ගේ තත්ත්වය විශිෂ්ට ලෙස තහවුරු කරන සාධකයක් යනුවෙනි බවයි. අපිට විශ්වාසයි අපි මියයන හේතුව සත්යයි කියා, ඒ මන්ද යත් මරණය ආදේශන ක්රියාවලියක් වන නිසාය. යුද්ධයට ඇති සදාචාරය[සංස්කරණය] "යුද්ධයක සාදචාරය" යන්න විශාල ආන්දෝලනයක් ඇතිකළ කරුණකි. අතීතයේ බොහෝ ජාතින් යුධ වැදීම් උතුම් ලෙස සැලකුවේය. කාලයක් සමග එහි ඇති සදාචාර සම්පන්න බව සලකන්නට වු අතර වර්තමානයේ යුද්ධය සදාචාරාත්මක වශයෙන් ගැටලුවක් ලෙස සලකයි. එනමුත් බාහෝමයක් යුධ වැදිම හෝ අඩු වශයෙන් යුද්ධයට සුදානම්ම වීම රටේ ආරක්ෂාවට අවශ්ය ලෙස සලකයි. පැසිස්ට් වාදින් යුද්ධයට පිටු දකින අතර කිසිම යුද්ධයක් නොපැවතිය යුතු බව කියයි. යුද්ධය හා සම්බන්ධ සෘණාත්මක අදහස් පුළුල් වශයෙන් වාර්තාමානයේද සාකච්ඡා නොවේ. Heinrch Von Treitschke ට අනුව යුධ වැදීම යනු මනුෂ්යත්වයේ ගෞරවනීයට හා උත්සහවන්ත ක්රියාව වන අතර, කෞෂල්ය අනෙක් හැම උත්සහයකට ම වඩා වැදගත් වේ. Friedrich Nietxsche යුද්ධය ubermersh සංකල්පය අනුව වීරත්වය ප්රදර්ශනයට අවස්ථාවක Ubermensh සංකල්පය වන්නේ යුද්ධය මිනිසුන්ගේ පරමාර්ථ පිළිබඳ සංකල්පයකි. Georg wilhere Frietrich Hgel සමාජයේ දියුණුවට ඓතිහාසික යුද්ධ අවශ්ය බව ප්රකාශ කරයි. පලමු ලෝක යුද්ධ සමයේ Thorms Menn ලේඛකයා "සාමය යනු ජනතාවගේ දුෂණයන් හා යුද්ධ නැතිකිරීම නිදහස් සමාජයක් ගැන විශාල බලාපොරොත්තුවක් නෝවේද? " යනුවෙන් ප්රශ්න කළේය. මෙම අදහස් රෝමානු යුගයේ පටන්ම ජනතව අතර පවත්වා අදහසකි. ජාත්යන්තර නීතියේ යුද්ධය සම්බන්ධ නීති දෙකක් සලකා ඇත. 1.ආරක්ෂාව පතා කරන යුද්ධ යම් දේශයක් ආක්රමණිකයෙකුගේ ප්රහාරයට ලක්වන විට එම දේශයට තම දේශයේ ආරක්ෂාව පතා ප්රතිහාර එල්ල කිරීම නිත්යානුකූල වේ. එක්සත් ජාතීන් ආරක්ෂක මණ්ඩලයේ යුධ අනුමැතිය 2.එක්සත් ජාතීන් එක් රටකට විරුද්ධ සටන් වැදීම (සාමය පෙරදැරි කොට) ජාත්යන්තර නීතියේ උපකුලක වන මානව අයිතින් පිළිබඳ නීති හා යුධනීති, යුද්ධයන්ට බලපාන අනෙකුත් නීති වේ. එලෙසට ජිනිවා සමුළුවේ නියමුවු යුධ උපකරණ වර්ග, යුධ සිරකරුවන් සැලකීම යන නීති වලංගු වේ. මෙම නිති උල්ලංඝනය යුධ අපාරාධ නම් වන අතර, දෙවන ලෝක යුද්ධයේ Nurembers triel නඩු විභාගයන් පටන් මෙවැනි අපරාධ වලට උසාවි පද්ධති රැසක් ඉදිරිපක් කර ඇත.
hplt_2
රසදිය වසවීම රසදිය වසවීම යනු රසදිය (මර්කරි ) හෝ එහි සංයෝග වෙතට නිරාවරණය වීම නිසා හටගන්නා රෝගයකි. රසදිය (රසායනික සංකේතය Hg) යනු, විවිධ ආකාරයෙහි පවතින බැර ලෝහයක් වන අතර, ඉහළ ප්රමාණයේ මාත්රා සහිතව පරිහරණය කළ විට එම සියළු ආකාර විසින් වසවීමෙහි ප්රතිවිපාක ඇති කර ලිය හැක. එහි ශුන්ය ඔක්සිකරණ අවස්ථාව Hg0 පවතින්නේ වාෂ්ප හෝ ද්රව ලෝහයක් ලෙසින් වන අතර, එහි මර්කියුරස් අවස්ථාව Hg22+ පවතින්නේ අකාබනික ලවණ ලෙසින් වන අතර, එහි මර්කියුරික් අවස්ථාව Hg2+ වෙතින් අකාබනික ලවණ හෝ කාබනිකමර්කරි සංයෝග තැනිය හැක; මෙම කාණ්ඩ තුනෙහි ප්රතිවිපාක විවිධ විය හැක. විසවීමෙහි ප්රතිවිපාක අතර මොළයට, වෘක්ක වලට, සහ පෙනහළු වලට සිදුවන හානිය වෙයි. [1]
hplt_2
X-15 රොකට් ජවයෙන් ගුවන්ගත වූ X-15 වූ කලි අමෙරිකානු අධිවේගී පර්යේෂණ ගුවන් යානයකි. 1959 – 1968 අතර කාලය තුළ වාර 199 ක් ගුවන් ගැන්වුණු එය ඉතා ඉහළ වේගයන් හා උන්නතාංශයන් අත්කරගත්තේ ය. මිනිසකු රැගත් මිසයිලයක් බඳු වූ මෙම යානය ගුවන් ගැන්වුණේ එය B-52 ගුවන් යානයකින් අඩි 45,000 ක, එනම් කිලෝමීටර් 14 ක පමණ උසක ට ගෙන ගොස් මුදා හැරීමෙනි. ඉන් පසු විනාඩි 15 ක පමණ පියාසර කාලයක් තුළ එය කිලෝමීටර් 100 පමණ උන්නතාංශයක ට නංවා ආපසු ගොඩ බස්සවන ලදි. මෙවන් පරීක්ෂණ පියාසැරියකින් ප්රධාන වශයෙන් අපේක්ෂා කළේ අධිධ්වනික වේගයෙන් ගමන් ගන්නා ගුවන් යානයක ට ඉතා ඉහළ වායුගෝලයේ ප්රවර්තනය වීමට ඇති හැකියාව යි. මේ පර්යේෂණ මඟින් ලැබුණු දත්ත අමෙරිකා එක්සත් ජනපදයේ පසුකාලීන ගුවන් හා අභ්යවකාශ යානා නිර්මාණය සඳහා යොදා ගන්නා ලදි. X-15 න් තැනුණේ යානා තුනක් පමණි. ඒවා සියල්ල ම ලොස් ඇන්ජලීස් හි පිහිටි නෝර්ත් අමෙරිකන් ඒවියේෂන් සමාගමේ නිෂ්පානදයෝ වෙති. නිර්මාණය[සංස්කරණය] මෙම ගුවන් යානය සැලසුම් කෙරුණේ සීමාන්තික තත්ත්වයන් යටතේ පියාසර කිරීම ට ය. ඒ අනුව එය සතුව තාක්ෂණික විශේෂතා රැසක් තිබුණි. වායුගෝලය තුළ සාමාන්ය වායුගතික පෘෂ්ඨ මඟිනුත් වායුගෝලයෙන් පිට දී රොකට් මෝටර් මඟිනුත් මෙම ගුවන් යානය හැසිරවිණි. එහි බඳ නිමවා තිබුණේ ඉන්කොනෙල්-X නමින් හැඳින්වෙන අධික තාපය ට ඔරොත්තු දෙන නිකල් (Ni) පාදක කරගත් මිශ්රලෝහයෙනි. මෙමඟින් යානය වායුගෝලයේ ගහන ස්ථරවල ට නැවත ඇතුළු වන විට ජනිත වන තාපයෙන් එය සුරැකිණි.
hplt_2