text
stringlengths
0
2.05k
මම සමාව අයැදිනවා, හෝම්ස් මහත්තයා.
ඔයා ඒක පැමිණෙනවා දැකිය යුතුව තිබුනෙ නැහැ.
ප්‍රොක්ටර් මහත්තයා.
මම හිතුවේ මම ඔයාව අඳුනගන්න යනවා කියලා.
ඇත්තටම,
අපි කලින් එක වතාවක් මුණගැහුනා...
ඔයා අනිවාර්යයෙන් විය යුතු දේ දිග්ගස්සනවා.
ඔයා කිව්වා අපි කලින් මුණගැහුනා කියලා, ඒත්...
මට කවදාවත් මූනක් අමතක වෙන්නෙ නෑ.
මට ඔයාව හමු උනේ අවාසිසහගත තත්වයකදී.
මම ඔයා දිහා බලාගෙන හිටියේ
ස්නයිපර් තුවක්කු දුරදක්නය තුලින්.
එහෙනම් ඇයි දැන් මාව මරන්නේ?
එදා නැතිව?
මම එදා නියෝග යටතේ හිටියේ.
මොරියාටි කිව්වා ඔයාට හාණියක් කරන්න එපා කියලා.
ඒත් ඊටපස්සෙ, පැය කිහිපයකින්,
ඇය මාව මරන්න උත්සාහ කරා.
"ඇය"?
ඔට්ටුයි ඔයා ප්‍රාර්ථනා කරා ඔයාට අවස්ථාවක් ලැබුනම මාත් එක්ක පලා යන්න ඕන කියලා.
මොරියාටි.
මෙහෙම නෙවෙයි කොහොමද-- හෝ කවදාද--
මගේ ගැන ඔයාට හෙලි කරන්න මට ඕන උනේ.
ඒත් ප්‍රොක්ටර් මහත්තයා බලෙන් ප්‍රතිඵල ඇති කරා.
මේක ප්‍රයෝගයක්.
ඔයා...
එහෙනම් කවුද මාත් එක්ක දුරකථනයෙන් කතා කරපු මිනිහා,
කවුද, අහ්...
ඔහු මොරියාටි කියලයි කිව්වේ?
ඔයා කතා කරේ මගේ ලුතිනන්වරයට.
ඔහු, අවුරුද්දකට වඩා වැඩි කාලයක්, පිට පිටම ඒ චරිතය හොඳ වැටහීමකින් රඟපෑවා.
බොහෝවිට ඔහු මගේ හැඳුනුම ආරක්ෂා කරන්න ක්‍රියා කලා.
අනිත් වෙලාවල් වලදි, මම සැක කරා
ශක්ති සම්පන්න ගණුදෙනු කරුවන් මගේ ස්ත්‍රී භාවය නිසා අරගල කරාවි කියලා.
මිනිහෙකුට මිනී මැරුමකට තනි අයිතිවාසිකම් කියන්න පුළුවන් විදිහට.
මම ඔයාව විශ්වාස කරේ නැත්නම්?
ඔයා මාව විශ්වාස කරන්න ඕන නෑ.
ඒ වගේම තාමත් ඔයාගෙ පුරාවෘතගත නිරීක්ෂණ බලය
කෑ ගහලා කියනවා මම දැන් කියන්නෙ ඇත්ත කියලා.
ඇයි ඔයා මේ දේවල් කරන්නේ?
මාව නොමග යවලා, ඒ වගේම...
ඔයාව මරලා දැම්මා කියලා මාව විශ්වාස කරන්න පෙළඹෙව්වේ?
ඔයා තමයි රහස් පරීක්ෂකයා, ෂර්ලොක්.
ඔයා මට කියන්න.
හොඳයි, මම ස්කොට්ලන්ඩ් යාඩ් එකේ වැඩ කරද්දි ඔයාගෙ සැලසුමකට බාධා කරන්න ඇති.
සැලසුම් කිහිපයක් කියන්න.
මම ඉතා සූක්ෂමව සැලසුම් කරපු ඝාතන රැල්ලක්ම.
දඬුවම් කිරීමක්, එහෙනම්.
මගේ පළමු සිතුවිල්ල උනේ ඔයාව මරලා දාන්නයි.
කලබලයක් නැතිවම.
විචක්ෂණ නුවණින්.
ඒත් ඊට පස්සේ, මම ඔයා ගැන ගොඩක් ඉගෙන ගත්තා,
මම සෑහෙන්න කුතුහලයට පත් උනා.
මෙහේ, අන්තිමේදි,
මගේම මනසට හුඟක් සමාන මනසක් කියලා මට පෙනුනා,
විනාශ කරන්න තරම් සොඳුරු වැඩි සහ සංකීර්ණ දෙයක්..
අඩුම තරමේ වැඩිදුර විශ්ලේෂණයකින් තොරව.
ඉතින් මම ඔයාව අධ්‍යයනය කරන්න මාර්ගයක් සොයා ගත්තා‍...
ඔයාගෙම වටපිටාවෙදි.
ඔයා අයිරීන් බවට පත් උනා.
මම තේරුම් ගත්තම අපි දෙන්නගෙ සමානකම් කොච්චරක් තියෙනවද කියලා මම පුදුම උන තරම හිතා ගන්න.
මම අපකීර්තිමත් දේවල් කරනවනම් විතරයි මගෙයි ඔයාගෙයි සමාන දේවල් තියෙන්නේ.
මට තේරුම් ගන්න පුළුවන් ඔයා ඇයි එහෙම හිතන්නෙ කියලා.
ඔයා ඔයාගෙම විශේෂත්ව නිසා කොච්චරක් ආඩම්බර උනාද කියලා මම දන්නවා.
ඒත් ඇත්ත නම්,
ඔයා කරන හැම දේම මට පේනවා.
මට ඒක දැනෙනවා.
ලෝකය සෑහෙන්න උදාසීන තැනක් කරනවා, නේද?
මිනිහෙක් දිහා බලාගෙන,
ඔහුගෙ හැම රහසක්ම දැන ගන්න එක.
ඔයා කියන්නේ අපි සමානයි කියලා.
මම කියන්නෙ මම වඩා හොඳයි කියලා.
ඒ නිසයි මම ඔයාට ජීවත් වෙන්න දුන්නේ,
එදා ලන්ඩනයේදි.
ඔයා වෙන්න හිතාගෙන හිටිය තරම් තර්ජනයක් උනේ නෑ.
ඒ නිසා මම මගේ පර්යේෂණය අවසන් කරලා මගේ ව්‍යාපාර නැවත පටන් ගත්තා.
ඔයා පහත් කෙනෙක් කියලා ඔප්පු කරන්න පටන් ගත්තා
සිරින්ජරයක් තුල අතුරු දහන් වෙමින්.
හ්ම්..
ඇයි ආපහු නිව්යෝක් වලින් මතු උනේ?
මට අහන්න ලැබුනා ඔයාගෙ...
ඔයාගෙ ආශ්චර්යමත් සුවවීම පිළිබඳව,
ඉතින් මම...
මට කුතුහලයක් ඇති උනා ඔයා කොච්චර දුර ආවද කියලා දැනගන්න.
ඒක තරවටුවක්.
මට නැවත ලැබුනේ අවධානමක්,
ඒ වගේම ඔයාට තමයි ඒක බලපෑවේ
මම ඔයාගෙ තවත් කුමන්ත්‍රණයකට අකුල් හෙලන්න ලං වෙලා හිටියනම්.
ඒ නිසයි ඔයාට ඕන උනේ මාත් එක්ක රටින් පිට වෙන්න, එහෙම නෙවෙයිද?
පරණ ෂර්ලොක්මයි.
ඔයා මිනිස්සු දිහා බැලුවම ඔයාට පේන්නේ ප්‍රහේලිකා.
මට පේන්නෙ සෙල්ලම්.
ඔයා?
ඔයත් සෙල්ලමක්,
මට නිතරම දිනන්න පුළුවන් එකක්.
ඔයා දැන් මාව මරලා දාන එක හොඳයි, හේතුව...
ඔයා මෙහෙට ආවේ මොකක් කරන්න උනත්...
මම ඔයාව නවත්තනවා
මම කවදාවත් ඔයාව මරන්නෙ නෑ.
අවුරුදු මිලියනයකටවත්.