text
stringlengths
0
2.05k
ඔයා හිතන් ඉන්න තරම් සුවිශේෂි කෙනෙක් නෙවෙයි, පැටියෝ,
ඒත් ඔයා තාමත් කලාත්මකව වැඩ කරනවා.
මම කලාව අගය කරනවා.
මට කරන්න පුලුවන්මොනවද ..
මම කරන්නේ...
...ඔයාට රිද්දවන එකයි.
මම මීට කලින් කරාට වඩා නරක විදිහට.
මම නිර්මාණාත්මක දේවල් වෙන් කරලයි තියෙන්නේ.
මම තාම තට්ටු කරන්න පටන් ගත්තෙවත් නෑ.
ඉතින් කරුණාකරලා...
ඔයාගෙම යහපත වෙනුවෙන්...
...මට දිනන්න දෙන්න.
වොට්සන්, ඔයා මෙහේ.
විශිෂ්ඨයි.
ඔයාට කියන්න ඕන දේවල් ගොඩක් තියෙනවා.
මේක මෝඩකමක්.
ඔයා මේ වෙලාවෙ ඉස්පිරිතාලෙකයි ඉන්න තිබුනේ.
ඔයාට කිව්වනේ ඒකට වෙලාවක් තිබුනෙ නෑ කියලා.
ඒ හැරත්, හිටපු ශල්‍ය වෛද්‍යවරයෙක් එක්ක ඉන්නකොට ඇයට උණ්ඩ හිලක් මහන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද?
ඔයාගෙ උරහිසේ මස්පිඩු තීරු වෙලා තියෙන්නෙ, හරිද?
ඔයා වේදනාවට ප්‍රතිකාර ලබා ගත යුතුයි.
මම ඔයාට මතක් කරන්න ඕනද මම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන එකෙනුත් සුව උනා කියලා?
මම ඔයාට මතක් කරන්න ඕනද ඇබ්බැහි නොවන වේදනා නාශක කියලා දෙයක් තියෙනවා කියලා?
ඇබ්බැහි නොවන ඒවනම් ඒවා කොච්චර හොඳ වෙන්න පුළුවන්ද?
කොහොම උනත්....
අයිරීන් නිව්යෝක් වල කරන්නෙ මොකක්ද කියලා මම නිගමනය කරන්න යනවනම්,
මට මගේ හැම ඉන්ද්‍රියක්ම භාවිතා කරන්න වෙනවා.
මට අයිරීන් ගැන කණගාටුයි.
නැත්නම්... මොරියාටි--
ඇගේ නම මොකක් උනත්.
මම ඇත්තටම හොයා ගත්තා සත්‍යය දැන ගැනීමෙන් හරිම නිදහසක් දැනෙනවා කියලා.
මට අයිරීන්ගෙ මරණය සම්බන්ධයෙන් සෑහෙන්න කාලෙක ඉඳලා පිළිතුරු අවශ්‍ය උනා.
දැන් මට ඒවා තියෙනවා.
ඒ වගේම ඇය වරද්දගත්තා, අද උදේ මට ඇය විහින්ම හෙළිදරව් වීමෙන්.
ඇයට ස්තූතිවන්ත වෙන්න,
දැන් මට පරිපූර්ණ පැහැදිලිබවක් තියෙනවා.
ඔයා කවදාවත් මාව පරිපූර්ණ පැහැදිලිබවක් සහිතව දැකලා නෑ.
හරි.
අයිරීන් තමයි මොරියාටි,
ඔයා හිතනවා ඇය මෙහේ ඉන්නේ භයානක දෙයක් කරන්න කියලා.
ඔයාට ඔයාගෙ උරහිසේ හිලක් තියෙනවා,
ඒ වගේම අපේ ගෙදර පොලොවෙ වැතිරිලා මැරිච්ච මිණිමරුවෙකුත් ඉන්නවා.
ඉතින්, ඔයා කොහෙන්ද පටන් ගන්න කැමති?
ඉතින් අයිසැක් ප්‍රොක්ටර් ඔයාට වෙඩි තිබ්බා.
ඊට පස්සෙ ඔයාගෙ කලින් හිටි පෙම්වතිය ඔහුට වෙඩි තිබ්බා.
අයිරීන් ඇත්තම අයිරීන් නෙවෙයි කියන එක ඇරුනම.
ඇය, අහ්, එක්තරා විදිහක...
මොකක්, මහ මොළකාරියක් ද?
බොහොම හොඳයි, කැප්ටන්.
ඔයා ඒක කෙලින්ම තේරුම් ගත්තා.
මට විශ්වාස කරන්න බෑ
මම මේක කියනවා කියලා,
ඒත් මම අපේ මිනිස්සුන්ට කියනවා
සෝදිසි කරන්න කියලා-- මම හිතන්නෙ
අයිරින් ඇඩ්ලර් තමයි අන්වර්ථ නාමය.
හොඳයි, ඇය මොරියාටි වෙලා ගියේ,
ඒත් අපිට විශ්වාස නැහැ මේක ඇගේ ඇත්තම නමද කියලා.
ඒ හැම දෙයක් ගැනම හොඳ සෝදිසියකින් ඉන්නවා,
ඒත් ඔයා ගණුදෙනු කරන්නේ
අති සූක්ෂමව සැලසුම් කිරීමේ හැකියාවක් ඇති කෙනෙක් එක්ක
ඒ වගේම අතිශය ස්ව-සංයමයක් තියෙන කෙනෙක් එක්ක.
ඔයා ඇයව හොයා ගත්තොත්,
ඇය කරපු එකම වරද තමයි අර මිනිහට වෙඩි තියපු එක,
මට වෙඩි තියපු කෙනා‍ට.
ඉතින් ඔයා කොහෙන්ද හොයන්න පටන් ගන්නේ?
මම දන්නෙ නැහැ.
ඒත් අපි හොයාගන්නනම් යන්‍‍නේ,
අපි නිශ්චය කරන්නයි යන්නේ
ඇය පහුගිය සති කිහිපයේ නිව්යෝක් වල කරේ මොනවද කියලා.
මේ‍ මොහොතේ, අපිට තියෙන්නේ ලොකු සැලසුමක් ලෙස පේන දෙයක කෑලි කිහිපයක් විතරයි.
ටැගාට් හොර මත්පැන්හල අත් කර ගැනීමේ ක්‍රියාවලියෙදි,
සටර් ආපදා කලමණාකරණ ආයතනයේ අයිතිකාරයා මිනීමැරුමකට අත්අඩංගුවට පත් උනා,
ඒත් බොහෝ දුරට ඒ දෙක ගැලපෙන්නෙ නැති උනා.
අපිට අයිසැක් ප්‍රොක්ටර්ගෙ මල සිරුරෙන් වැඩි දෙයක් දැනගන්න බෑ.
අයිරීන්-- ඔහ්--
මම හිතනවා මම ඇයට මොරියාටි කියලා කියන්න පුරුදු උනොත් හොඳයි කියලා--
ඇය ඔහුගෙ දුරකථනයයි පසුම්බියයි අරගෙන ගියා.
හ්ම්..
ඔයා මොනව හරි හොයා ගත්තද?
කාගෙ- මේවා කාගෙ භාණ්ඩ ද?
ඊයෙ රෑ මිණිමැරුම් සැකකරුවන් දෙන්නෙක්ව ගෙනාවා.
අහ්, එයින් එක්කෙනෙක්ගෙ සිරිලික් පච්ච තිබුනා.
අපි හිතනවා ඒක කල්ලියකට සම්බන්ධයි කියලා.
ඇයි.
මේ ජංගම දුරකථන.
ඒවා වෙනස් කරලා,
එතකොට ඒවට ස්ථාපනය කරන්න පුළුවන්
විවෘත මූලාශ්‍ර මෙහෙයුම් පද්ධතියක්
මේ දුරකථන වලට මුලින් ස්ථාපනය කරලා තියෙන එක වෙනුවට.
අපි මේ වගේ වෙනස් කිරීම්, මේ ලඟදි දෙපාරක් දැක්කා.
සෙබස්තියන් මොරාන්,
ඩැනියෙල් ගොට්ලිබ්.
අපි මොරියාටිගෙ මිනිස්සු එක්ක ගණුදෙනු කරපු හැම වතාවකදිම,
කවුරුහරි අර විදිහෙම හිරෙන් පැනීමක් සිදු කරලා තියෙනවා ඔවුන්ගෙ දුරකථන හරහා.
මම හිතන්නෙ නැහැ මේ මරණ කල්ලියකට සම්බන්ධ ඒවා කියලා.
මම හිතනවා මේ මිනිහා මොරියාටි සමග විවෘත රණකාමයක් ඇති කරගෙන හිටියා කියලා.
ඔහු තමයි ඔයාගෙ මිණිමරුවා.
ඔහ්, ඔහොම ඉන්න.
අපිට ලැබුනේ ජංගම දුරකථන දෙකක් විතරයි.
අපි ගාව කිසිම සාක්ෂියක් නෑ මේ හාදයෝ මොරියාටිට වැඩ කරා කියලා කියන්න.